comments
stringlengths 1
1.09k
| labels
int64 0
4
|
---|---|
එජාප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත්ය. | 1 |
එජාපය මූලාක වී පත් කර ගත් ජනාධිපතිවරයකු සිටින බැවින් තම පක්ෂයේ ගමන පිළිබඳ විශ්වාසයක් පවතින බවද පවසසන මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉතා කෙටි කලකින් විපක්ෂයේ සියලු සංදර්ශන නිමා කරමින් පාර්ලිමේන්තුව ස්ථර වශයෙන්ම විසුරුවා හරින බවද සඳහන් කරයි. | 1 |
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. | 1 |
අදාල විශ්වාස භංගය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එම ඡන්ද විමසීම වර්ජනය කිරීම සඳහාද ඔවුන් තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග කියයි. | 1 |
අගමැතිවරයා හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාංශ භංගයකදී එය ජයග‍්‍රහණය කරවීම සඳහා ඡන්ද 113ක් අවශ්‍ය වන අතර වර්ජනය කරන ඒවාද සැලකෙන්නේ විරුද්ද ඒවා ලෙසයි. | 1 |
ජවිපෙ මේ දිනවල දේශපාලන වේදිකාවේ අගමැතිවරයාට බැණවදිමින් හුගේ පාලනය අසාර්ථක බවත්, ඔහුට අගමැති ධුරය දරන්නට අයිතියක් නැති බවත් කියමින් සිටිති. | 1 |
මොස්කව් හා බැග්ඩෑඞ් අතර මිලිටරි සහයෝගිතාවය ඉහළ නංවමින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක හමුදාවට අවශ්‍ය ලබා දීමට රුසියාව සූදානම් වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ. | 1 |
මොස්කව් සංචාරයක නිරත වෙමින් සිටින ඉරාක අගමැති හෙයිදර් අල් අබාඩි හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡවට පෙර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ලැව්රොව් පවසා ඇත්තේ ISIS හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ වලින් ඔවුන් පලවා හැරීම සඳහා අවශ්‍ය මිලිටරි බලය ඉරාක හමුදාව සතුව පැවතීමට වග බලා ගන්නා බවයි. | 1 |
ඇතැම් රටවල් මෙන් නොව ඉරාකයට අවි ලබාදීමේදී ඉරාකය, සිරියාව හා ඊජිප්තුව ත‍්‍රස්තවාදයට එරෙහි අරගලයේ පෙරමුණේ සිටීම යන පදනමින් පූර්ව කොන්දේසි රහිතව එය ඉටුකිරීමට රුසියාව විසින් කටයුතු කරනු ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. | 1 |
මේ අතර ඉරාක අගමැතිවරයා හමුවීමෙන් පසු අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපයේ රුසියාවේ ප‍්‍රධානතම සහකරුවා වන ඉරාකය සමග සිවිල්, මිලිටරි හා තාක්‍ෂණික සහයෝගිතාවය ඉහළ නැංවීම සමග ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපෘති ආරම්භ කරමින් ඇති බවයි. | 1 |
පසුගිය දින කිහිපය තුළ ISIS සටන්කාමීන් විසින් සිරියානු හා ඉරාක රජයන් සතුව පැවති උපායමාර්ගිකව වැදගත් නගර හා ප‍්‍රදේශ ගණනාවක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. | 1 |
වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ. | 1 |
ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී 113ක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි. | 1 |
සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය. | 1 |
මෙම විශ්වාස භංගයට දැනට බන්ධනාගාරගතකර සිටින සන්ධාන මන්ත‍්‍රිවරුන්ගේ අත්සන් අතුලත් නැත. | 1 |
මෙම විශ්වස භංගය භාරදෙන අවස්ථාවට විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ගණනාවක් සහභාගී වී සිටියහ. | 1 |
විශ්වාස භංගය එල්ල වී ඇත්තේ මෙම චෝසනා පදනම් කරගෙනයි. | 1 |
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම | 1 |
මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම | 1 |
ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම | 1 |
ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම | 1 |
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම | 1 |
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම | 1 |
ජාත්‍යන්තර සබඳතා පළුදු වීම | 1 |
පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම | 1 |
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. | 1 |
පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය, එම ගිනි අවිය යුද හමුදාවෙන් පිටතට පැමිණියේ කෙසේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කළේය. | 1 |
ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය. | 1 |
ඒ පිළිබඳව කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ත්‍රිරෝද රථය තමන් භාරයේ තබාගැනීමට අවසර දෙන මෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය. | 1 |
රවිරාජ් ඝාතනය සිදු වූ අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ යාපනයට ගොස් සිටි බව, දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර නාවික හමුදා සෙබළුන් ප්‍රකාශ කරයි. | 1 |
එය තහවුරු කෙරෙන වාර්තා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියේ පවතින බවද ඔවුහු පවසති. | 1 |
එහෙත් එම ප්‍රකාශය තහවුරු කළ හැකි ගුවන් ගමන් පිළිබඳ වාර්තා තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේය. | 1 |
අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය. | 1 |
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බරපතල ලෙස විවේචනය කරමින් ‘මේ ගැනත් සිතන්න.. පක්ෂය රැක ගන්න’ නම් පොත් පිංච ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය නමින් මුද්‍රණය කරවා ඇත්තේ ඇමති එස්.බී. දිසානායක බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා සඳහන් කරයි. | 1 |
පක්ෂ මූලස්ථානයට මෙම පොත බෙදා හරින ලෙස ලබාදී ඇත්තේ එස්.බී. දිසානායක ඇමතිවරයා විසින් යයිද කී මහ ලේකම්වරයා එය බෙදා හැරීම නතර කරන ලෙස තමන් දැනුම්දුන් බවද කියා සිටී. | 1 |
මේ අතර පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. | 1 |
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කිරීමට අහුමුළුවල සාකච්ජා කිරීමෙන් පලක් නැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා බිබිල නගරයේ දී පැවති ජනහමුවකදී කියා සිටියේය. | 1 |
‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කරනවා නම් ඒකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ සමස්ත ලංකා සභාවට හෝ විධායක සභාවට යෝජනාවක් ගෙන ආ යුතුයි. ඒත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පොතේ හැටියට එවැනි යෝජනවක් ගෙනල්ලා සභාපතිවරයා ඉවත් කරන්න බැහැ. එහෙමනම් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. | 1 |
ශ‍්‍රිලනිප ව්‍යස්ථාවට අනුව ශ‍්‍රීලනිප හෝ සන්ධාන පාක්ෂිකයෙක් විධායක ජනාධිපති වුවහොත් ඔහු තමයි පක්ෂ සභාපති. ඒ නිසා ජනාධිපතිවරයා පක්ෂ සභාපති තනතුරෙන් කුමන ආකාරයකින්වත් ඉවත් කරන්න බැහැ’ යයිද ඒ මහතා පෙන්වා දුන්නේය. | 1 |
තමන් මීලඟ දිනයේ කටඋත්තර දෙන්න එන්නේ දත්බෙහෙත් බුරුසුව සබන් ආදියද රැගෙන යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. | 1 |
‘කිසිදු ජනවරමක් නැතිව ආණ්ඩුවක් වික‍්‍රමසිංහ මහතා කරගෙන යනවා. ජනාධිපතිත් නොදන්න අගමැතිගේ පැමිණිලි පමණක් භාරගන්න දඩයම් කොට්ඨාශයක් හදලා. සන්ධානයෙ නායකයන් හා මහින්ද මහතාට හිතවත් පුද්ගලයන් දඩයම් කිරීමයි ඒකෙන් කරන්නේ. ඒකට කටඋත්තර ගන්න කියලා එන්න කියනවා. හිරේ දානවා. | 1 |
මං නැවතත් කැඳෙවුවොත් කට උත්තර දෙන්න යන්නෙ දත් බෙහෙත්, බුරුසුව, සබන් කෑල්ල, පනාව, ඇදුම් දෙකක් තුනක් බෑග් එකක දමාගෙන’ යයිද ඔහු කියා සිටියේ කොළඹදී ඹධ්‍යවේදීන් අමතමිනි. | 1 |
මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. | 1 |
ජවිපෙ ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ යහපාලන දින සියයෙන් පසු රට අස්ථාවර වී ඇති බවයි. | 1 |
‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා. | 1 |
හොරු දුෂිතයන්ට දඩුවම් දෙන්න මැදිහත් වෙනවද කියලා ජනාධිපතිවරයාගෙන් අපි ඇහුවා. මටත් ඕනෑ දඩුවම් දෙන්න අඩුම තරමෙ නාමයෝජනාවත් නොදී ඉන්න කියලා මෛත‍්‍රී මහත්තයා කීවා. ඒත් දැන් සිදුවන්නේ ඒක නොවෙයි. එයා දැන් හොරුන් දුෂිතයන් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. | 1 |
රනිල් එක්ක මෛත‍්‍රී එක්ක ජවිපෙ දීග ගිහින් යයි සමහරු මතයක් ගෙන යන්න හදනවා. ඒක අතිශයින් වැරදි කතාවක්’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. | 1 |
උතුරු පළාතේ ඇති බුදුපිළිම ගලවා දමමින් තිබුණද ඒවා නවතන්නට ආණ්ඩුවේ කටයුතු නොකරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. | 1 |
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ අදහස් පල කලේ මෙසේය. | 1 |
‘ඇතැම් අන්තවාදී සංවිධානවලට ඕනෑ මේ රටේ බෞද්ධයන් විනාශ කර දමන්න. රටේ කොතනකවත් අපේ බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගනවද? නැහැ. අන් ජාතීන්ට යම් ප‍්‍රශ්නයක් මතු වුණොත් ඒ ගැන මහ ලොකුවට කතා කරනවා. කවුරුත් රටේ මේවාට හඩ නගන්නේ නැහැ. අපි ඉදිරි මැතිවරණයේදී පක්ෂයක් හැටියට දේශපාලනයට එන්නේ මේවාට එරෙහිව හඩ නගන්නයි. | 1 |
අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා බෞද්ධයන් රැකගන්න ජාතියක් රැකගන්න කියලා. අද වෙනකොට උතුරේ බුදුපිළිම ඉවත් කරනවා. ආණ්ඩුව ඒවාට නිහඩයි. අපේ අහිංසක සිංහලයන්ට තමයි ඔවුන් පහර දෙන්නේ. හැබැයි අපි රට ජාතිය ආගම වෙනුවෙන් මේ රටේ කරන සටන ඔය යහපාලන ආණ්ඩුවට ක‍්‍රිස්තියානි අන්තවාදීන්ට මුස්ලිම්වරුන්ට නවත්තන්න බැහැ. රට ජාතිය වෙන්නුවෙන් මැරෙන්න හරි අපි සටන් කරනවා’ | 1 |
අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. | 1 |
ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි. | 1 |
පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක හා නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම නිසා සිය ව්‍යාපාර කටයුතු අවුල් වූ බවත් ව්‍යාපාර ලෝකයේ අවමානයට ලක්වීමට සිදුවූ බවත් එහි දැක්වෙයි. | 1 |
සතොස ආයතනයේ අදාල බිල්පත ගෙලවා තිබියදී තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම පෙත්සමේ සඳහන් කර ඇත. | 1 |
බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ. | 1 |
පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද 19ක් හිමිවිය. | 1 |
එයට එරෙහිව ඡන්ද 14ක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය. | 1 |
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ජාතික ශිෂ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ISIS සංවිධානයට එරෙහි සම්බාධක පැණවීමට අසමත්වී වසරක් වත් යන්නට පෙර බවයි. | 1 |
ඊශ‍්‍රායලයට එරෙහිව සම්බාධක පැණවීමටත් ISIS සංවිධානයට එරෙහිව සම්බාධක නොපැණවීමත් විසින් BDS ව්‍යාපාරය පිළිබඳ සියල්ල පැහැදිලි වන බව ඔහුගේ අදහසයි. | 1 |
ඊශ‍්‍රායලය හෙළා දැකීමත් හෙළා නොදැකීමත් විසින් ඔවුන් තමන්වම හෙළා දැක ඇතැයි නෙතන්යාහු පවසා තිබේ. | 1 |
කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. 2014දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්විය. | 1 |
සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ. | 1 |
2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පත්කරනු ලැබූ විද්‍යාර්ථීන්ගේ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකුද වූ බැරට් පවසා ඇත්තේ සිදුවීම පිළිබඳ වාර්තාවෙන් ඉවත් කරනු ලැබූ පිටු 28 තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වන බවයි. | 1 |
මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ. | 1 |
2002දී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු 28 ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී. | 1 |
ආචාර්ය කෙවින් බැරට් පවසන්නේ මෙම කොටස තුළ ඇති තොරතුරු මගින් ගුවන්යානා කොල්ලකරුවන් සවුදි රජය විසින් අනුග‍්‍රහය දැක්වූවන් බව හෙළිවන බවයි. | 1 |
ඔවුන්ගේ පසුබිම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් මගින් එම පුද්ගලයන් FBI ආයතනය සඳහා ඔත්තුකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් බවත් ඔවුන් ඇමරිකාවේ පෙන්සකෝලා නාවික ගුවන් කඳවුර තුළ පුහුණුව ලැබූවන් බවත් හෙළිවනු ඇති බව බැරට් පවසා තිබේ. | 1 |
සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ. | 1 |
පදනමකින් තොරව විවිද පුද්ගලයන්ට එරෙහි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවත් විශේෂයෙන්ම තම රජයේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ කර ගනිමින් සංවිධානාත්මක සිදුවන මඩ ප‍්‍රචාර සම්බන්ධවත් මෙහිදී අවධාරණයකර ඇත. | 1 |
ඒ අකාරයෙන් මඩ ප‍්‍රචාර ගෙන යන වෙඞ් අඩවි සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් දැනටමත් හදුනාගෙන ඇති බව පැමිණිල්ලේ සදහන්ය. | 1 |
අන්තර්ජාලය ඔස්සේ රජය විවේචනය කිරීම කිසිදු ගැටලූවක් නොවන බවද එම පක්ෂය සදහන් කරයි. | 1 |
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි තබන බව තමන් දුටු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇසින් දුටු බව තමන් හා පැවසු බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. | 1 |
ගුවන් විදුලි නාලිකාවක් හා නියෝජ්‍ය ඇමතිවරයා අදහස් පල කලේ මෙසේය. | 1 |
බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි. | 1 |
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි. | 1 |
ඇමති රණවක මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ පාපැදි භාවිතය ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට හා පරිසරයට ද හිතකර බවයි. ජනතාව පාපැදි භාවිතයට යොමු කිරීම සඳහා නවීන පන්නයට සැකසූ පාපැදි හදුන්වාදීම මෙන්ම පා පැදි ධාවන මංතීරු ඉදිකිරීම ට ද කටයුතු කරන බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කරයි. | 1 |
රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත. | 1 |
ඔහු මෙසේ පවසා ඇත්තේ විපක්‍ෂ නායක නිල නිවසේ ඊයේ දිනයේ පැවති විශේෂ හමුවකදීය. | 1 |
ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත්රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි. | 1 |
ශ‍්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද ඊට සහභාගී වී ඇති අතර තමන් උත්සාහය කරන්නේ මේ දෙදෙනා සමඟි කරවීමට වුවත් එය සාර්ථක නොවන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව සඳහන් කර ඇත. | 1 |
තවදුරටත් අදහස් පල කරමින් පේ‍්‍රමජයන්ත් මහතා පවසා ඇත්තේ තමනට ඇතැම්විට පක්‍ෂයේ දරණ තනතුරු අහිමී වීමේ ඉඩක්ද ඇති බවයි. | 1 |
සාකච්චාවට සම්බන්ධ වෙමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ‘කොහොම වුණත් අපි පක්ෂය දාලා යන්නේ නෑ. චම්පිකට, රාජිතට ශ්‍රී.ල.නි.ප.යේ බලය ගන්න ඉඩදෙන්නේ නෑ’ යනුවෙනි. | 1 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. | 1 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට එස්.බී. දිසානායක මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට ෙදාස්තර රාජිත සේනාරත්න මහතාත් ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට නියමිත බව මේ දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ. | 1 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙම වෙනස් කිරීම් සිදු කිරීමට යන බව වාර්තා වේ. | 1 |
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ. | 1 |
තුර්කි බුද්ධි අංශ විසින් සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සූදානම් කළ අවි තොගයක් අනාවරණය වීම පිළිබඳව වාර්තා කළ කම්හරියේ පුවත්පත් කතෘවරයාට තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් විසින් ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ. | 1 |
තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානයට එරෙහිව සිදුකළ මෙම නීතිවිරෝධී මෙහෙයුම එක් අයුරකින් ඔත්තු බැලීමේ අපරාධයක් බවත් කම්හරියේ පුවත්පතද එයට සම්බන්ධ බවත් එර්ඩෝගන් චෝදනා කර තිබේ. | 1 |
තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම වාර්තාව ලියූ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක කෑන් ඩන්ඩර්ට නිසි දඬුවම් ලබාදෙන බවයි. | 1 |
තමන් මෙම සිදුවීම ලෙහෙසියෙන් අතනොහරින බවද එර්ඩෝගන් පවසා ඇත. කම්හරියේ පුවත් වෙබ් අඩවිය තුළ පළ කළ වීඩියෝවකින් තුර්කි පොලිස් නිලධාරීන් විසින් අවි පැටවූ ට‍්‍රක් රථ කිහිපයක් පරීක්‍ෂා කරනු දැක්වෙන අතර එම ට‍්‍රක් රථ තුර්කි බුද්ධි අංශයට අයත් බව දක්නට හැකිය. | 1 |
පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ. | 1 |
තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ මෙම අවි සිරියාවේ සේවය කරන තුර්කි ජාතිකයින්ට යැවීම සඳහා සූදානම් කළ ඒවා බවයි. | 1 |
මෙවැනි වාර්තා මගින් සිදුකරන්නේ තුර්කියේ කීර්ති නාමයට කැළලක් එක්කිරීම බව ඔහුගේ අදහසයි. | 1 |
ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි. | 1 |
මහ ලේකම්වරයා මෙසේ ප‍්‍රසාදය පල කර ඇත්තේ ඊයේ පස්වරුයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත දුරකතන ඇමතුමක් දෙමිනි. | 1 |
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් සියලු ජනයා අතර සංහිඳියාව ගොඩනැගීමට කර ඇති කැපවීම ගැනද ඔහු විසින් ප‍්‍රසංශා කර ඇත. | 1 |
තමන් බෝධි පුජාවලට එද්දීත් මෙතරම් සෙනඟ එන්නේ නම් දේශපාලන වේදිකාවට නැග්ගොත් කොතරම් සෙනඟ ඒවිදැයි හිටපු ජනාධිපති මහින්ද ආරඵක්‍ෂ මහතා අසා සිටියේය. | 1 |
ඔහු මෙසේ අසා සිටියේ ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ පැවැති බෝධි පූජාවක් අවසානයේ මාධ්‍ය අමතමිනි. | 1 |
මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි. අද එම දෙපළම වේදිකාවන් දෙකක සිට නැවත වටයකින් ඉතිහාසයේ විනිශ්චයට මුහුණ දෙමින් ඇත. එදා 2009 දී මහින්ද රාජපක්‍ෂ නමැති සේනාධිනායකයා ගෝඨාභය රාජපක්‍ෂලා සහ සරත් ෆොන්සේකලා වැනි සුවිශේෂී හමුදා නායකයින්ගේ දායකත්වයෙන් නන්දිකඩාල් කළපුව අසල දී අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග එක්ව 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය බව අප මීට පෙර පෙන්වාදී ඇත. විජේවීරයන්ගේ උපාය මාර්ගික පදනම මත නිවැරදිව සිටගනිමින් යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය ජනවරම 2005 දී නිර්මාණය කිරීම සදහා තීරණාත්මක උපාය මාර්ගික දායකත්වය සැපවූයේ සෝමවංශ අමරසිංහයන් විසිනි. ඒ අනුව එදා මහින්ද රාජපක්‍ෂට සහ සෝමවංශ අමරසිංහයන්ට එක්ව වැඩ කිරීමට බලකරන්නේ විජේවීරයන් විසින් බව පිළිගැනීමට සිදුවේ. | 1 |