text
stringlengths 4
969
|
---|
අම්පාර දිස්ත්‍රික්කයේ, ගල්ඔය ව්‍යාපාරය ආරම්භයත් සමග ඉදිකළ අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් “ක්ෂේත්‍ර නිවහන” විනාශයට යමින් පවතින බව එතුමා දන්නෙහිද? |
මෙම ක්ෂේත්‍ර නිවහන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නවාතැන් අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු කරන්නේද; |
ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද; |
එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද; |
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු දයාසිරි ජයසේකර මහතා, |
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත සහල් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; |
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද; |
එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; |
එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සහල් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද; |
යන්න එතුමා සඳහන් කරන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, |
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
“මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, සෑම ගමකටම වර්ෂයකට නිවාස 25 බැගින් ඉදිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? |
ඉහත පොරොන්දුව පරිදි මේ වන විට ඉදිකිරීම් අවසන් කර, ප්‍රතිලාභීන් පදිංචි කර ඇති සමස්ත නිවාස සංඛ්‍යාව කොපමණද; |
එම නිවාස පිහිටි ගම්වල නම් කවරේද යන්න; |
එක් නිවසක් ඉදිකිරීම සඳහා වැය කළ මුදල කොපමණද යන්න; |
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු බුද්ධික පතිරණ මහතා, |
ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
ලෝක කුසළාන ක්‍රිකට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? |
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය ලබා දී තිබෙන සමාගමෙහි නම කුමක්ද යන්න; |
එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පුද්ගලයා කවුරුන්ද යන්න; |
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් සම්භාරයෙන් හම්බන්තොට ක්‍රීඩාංගණය ගොඩනැගීමට සහ අනෙකුත් ක්‍රීඩාංගණ සඳහා වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු රවී කරුණානායක මහතා, |
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂයේදී රජය විසින් ඉතාලිය සහ මැලේසියාව යන රටවලට රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව කොපමණද යන්න; |
ඉතාලියට සහ මැලේසියාවට පුද්ගලයන් යැවීමේදී ඒ සඳහා පාදක කරගත් නිර්ණායකය කවරේද යන්න; |
එම රටවල රැකියාවක් ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරගත් මුදල කොපමණද යන්න; |
ඉහත කී රටවලට රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාලසීමාව කොපමණද යන්න; |
එම රටවල රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප කොපමණද යන්න; |
එතුමා ප්‍රකාශ කරන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු දයාසිරි ජයසේකර මහතා, |
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
වාරියපොල නගරයේ ඉදිකළ වයඹ ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තබන ලද දිනය කවරේද; |
එහි වැඩ නිම කරන ලද දිනය කවරේද; |
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද; |
එහි ඉදිකිරීම් නිම වන විට වැය වූ මුදල කොපමණද; |
යන්න එතුමා සඳහන් කරන්නෙහිද? |
එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු ආරම්භකරන ලද දිනය කවරේද; |
මේ වන විට එහි වෙළඳ කටයුතු සිදු නොකරන්නේ නම්, එයට හේතු කවරේද; |
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
වාරියපොල ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා බලපෑ හේතු කවරේද; |
එම මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ අයිතිකරු කවුරුන්ද; |
ඒ සඳහා මාසිකව හෝ වාර්ෂිකව බදු හෝ කුලී ගෙවීමක් සිදු කරන්නේද; |
යන්න එතුමා සඳහන් කරන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ගරු සජිත් ප්‍රේමදාස මහතා, |
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, |
මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? |
ඉහත පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද යන්න; |
මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද යන්න; |
නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද යන්න; |
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? |
නොඑසේ නම්, ඒ මන්ද? |
ශෝක ප්‍රකාශ යෝජනා |
අභාවප්‍රාප්ත ගරු ඒ. එම්. ඩී. රාජන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී |
ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම |
පාර්ලිමේන්තුවේ සභානායකතුමා, |
පාර්ලිමේන්තුවේ රැස්වීම්, |
ස්ථාවර නියෝග විධිවිධානවල සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. භා. 1 සිට අ. භා. 6 දක්වා විය යුතුය. |
ස්ථාවර නියෝග ක්‍රියාත්මක විය යුතු ය. |
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු |
ගරු රවී කරුණානායක මහතා, |
පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කිරීම, |
දිවයින තුළ ජාතික මමත්වයක් වර්ධනය කිරීමට හැකිවනු වස් පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කිරීමට හා අවසාන කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම, |
ආණ්ඩුවේ ලිපිලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම, |
සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළෙඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මහම්මත් නබිතුමන්ගේ රූප ඇතුලත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම, |
සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වාදීම, |
දිළිඳු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අඩංගු දේ හෝ ඒවායේ බලපෑම, පොදු කටයුතු ඉටු කිරීමට නාගරික අධිකාරයන්ට බලපෑම් කිරීම, ආගමික අයිතිවාසිකම් හෝ අනෙකුත් මුලික අයිතිවාසිකම් කඩවීම සහ අධික මහජන ණය හා පුරවැසියන් අතිරේක වගකීම් වලට යොමු කැරෙන දූෂණය යන කරුණු සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම, |
සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් විගණනයට භාජනය කළ යුතු හා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීම, |
රජයේ උසස් නිලධරයන් තම ස්වාධීන නිලය දේශපාලනීකරණය කරන්නේ නම් හා අයථා ලෙස යොදා ගන්නේ නම්, එයින් වැරදිකරුවන් බව ඔප්පු වූ වහාම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම, |
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටපහ දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු හැත්තෑව දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම, |
වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකා ව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා “තත්ත්ව ආරක්ෂණ සභාවක්” නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |
ගරු රවී කරුණානායක මහතා, |
“විශේෂ නඩු පවරන නිලධාරී” නමැති තනතුරක් ඇති කිරීම, |
රාජ්‍ය සේවය දේශපාලන බලපෑම් වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදු කළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, “විශේෂ නඩු පවරන නිලධාරී” නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. |