instruction
stringlengths
1
4.84k
answer
stringlengths
1
169k
null
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර් එම් සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ ඒ අනුව ආර් එම් සෝභිත රාජකරුණා මහතා ඊයේ 16 දා වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැර වීම හේතුවෙන් ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර ඇත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය
null
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද 17 දා සෙනසුරාදා පස්වරු 651 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ කෙරේ එතැනින් ඇරඹෙන පෙරහැර දළදා වීදිය වෝඩ් වීදිය ඊඑල් සේනානායක කොටුගොඩැල්ල වීදිය හරස් වීදිය කුමාර වීදිය ඩීඑස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගොස් ගෙවැදීමට නියමිතය සමන්තී වීරසේකර
null
රාජ්ය සේවකයන්ගේ වැටුප 2025 වර්ෂයේ සිට රුපියල් 25000 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයෙන් මැතිවරණයේදී රාජ්ය සේවකයන්ට ඍජු බලපෑමක් එල්ල වන බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත මැතිවරණය ප්රකාශයට පත් කිරීමට පෙර රජයේ සේවකයන් රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂණය කළ අවස්ථාවේදී වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති බවට රජය ප්රකාශ කළ බවත් එවැනි අවස්ථාවක ඉල්ලූ මුදලටත් වඩා වැඩි මුදලක් ලබාදීමට රජය තීරණය කිරීම තුළ රාජ්ය සේවකයන්ගේ නිදහස් මනසට බලපෑම් එල්ල වන බවත් එම සංවිධානය පවසයි එම නිසා ආණ්ඩුව ගත් එම තීරණය පිළිබඳ සොයා බලා ඊට සුදුසු ක්රියාමාර්ග ගන්නා ලෙස ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත රනිල් ධර්මසේන
null
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ 16 දා සිට ආරම්භ කර ඇත නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් බඳවා ගැනීමට කටයුතු කර තිබේ ඒ අනුව මූලස්ථාන පොලිසියකට කම්කරුවන් සිව්දෙනකුද ් 1 පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනකුද අනෙකුත් සියලුම පොලිස් ස්ථානවලට කම්කරුවන් දෙදෙනා බැගින්ද බඳවාගැනීමට කටයුතු කර ඇත මෙසේ බඳවා ගන්නා එක් කම්කරුවකුට රුපියල් 1500ක දෛනික දීමනාවක් ලබාදෙන අතර ඔවුන් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් පොලිස් බලප්රදේශයේ ඇති සියලු නීති විරෝධී කටවුට් බැනර් පෝස්ටර් සැරසිලි ඉවත් කිරීමට කටයුතු කරනු ඇත මෙම කටයුත්ත අපක්ෂපාතී අන්දමින් දිවයින පුරා ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව මැතිවරණ භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංක කරවිට මහතා පවසයි හේමන්ත රන්දුණු
null
නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ 16 දා ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්හ මෙහිදී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද සිදු කළහ අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේ අද අනුරාධපුරට පැමිණියේ අප දකින දුටුගැමුණු වන මහින්ද රාජපක්ෂ මහතායි එදා නොදුටු දුටුගැමුණු පිළිරුවට නමස්කාර කරනවාසේම වර්තමානයේ දකින දුටුගැමුණු මහින්ද රාජපක්ෂ මහතාව දැකබලා ගැනීමට බැතිමතුන් විශාල වශයෙන් අද පූජා භූමියට පැමිණ සිටිනවා මේ රටේ අතීතය දන්නා ජනතාව තවදුරටත් රාජපක්ෂවරුන්ට සහ රාජපක්ෂ කඳවුරට ආදරේ කරනවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුද්ධය දිනුවා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා ව්යසනය සමයේ එය සාර්ථකව මැඬපවත්වා රටේ මරණ සංඛ්යාව අඩු කිරීමට කටයුතු කළා බංග්ලාදේශයේ සිදුවූ තත්ත්වය මෙරටට ඇති නොවීමට ඉඩ නොදී ඔහු තනතුරෙන් ඉවත්වීමට කටයුතු කළා මහින්ද රාජපක්ෂ චින්තනය ඉදිරියට ගෙන යෑම සඳහා සුදුසුම පුද්ගලයා නාමල් රාජපක්ෂ මහතා වන නිසා එතුමා රටේ නායකත්වයට පත්කළ යුතුයි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රතිරූපය නාමල් රාජපක්ෂ මහතා තුළින් දැක බලා ගැනීමට හැකියි රෙද්ද බැනියම අඳින රටට ආදරය කරන කඳවුර ටයිකෝට් දාන කඳවුරකට පාවා දීමට පොහොට්ටු මන්ත්රීවරුන් කටයුතු කිරීම පිළිබඳව ප්රතිපත්තිමය ගැටලුවක් පවතිනවා කෙසේ වෙතත් ජනතාව සිටින්නේ පොහොට්ටු පක්ෂය සමගයි එස් එම් චන්ද්රසේන රෝහිත අබේගුණවර්ධන සහ පවිත්රා වන්නිආරච්චි යන මන්ත්රීවරුන් පොහොට්ටු පක්ෂයෙන් රනිල් වික්රමසිංහ ඔඩොක්කුවට වැටී බෝට්ටු පක්ෂය තුළ සිදුවූ සාකච්ඡාව මත සල්ගාදු ක්රීඩාංගණය ලබා නොදීමට එම අය කටයුතු කළ බවත් එම ක්රීඩාංගණය නොමැති වුවද අනුරාධපුර දිස්ත්රික්කයේ පොහොට්ටු මන්ත්රීවරු සිටි සමයේ සිදුකළ රැස්වීම්වලට වඩා වැඩි ජනතාවක් මෙවර සහභාගි කරවීමට කටයුතු කර එම නායකයන්ට අභියෝග කරනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය වර්තමානයේදී නූතන පරම්පරාවේ නව පක්ෂයක් බවට පත්ව තිබෙනවා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පිරිස ඊයේ පස්වරුවේ ඓතිහාසික දළදා වහන්සේ වැඳපුදා ගැනීමටද නියමිතව සිටියහ මිහින්තලේ රංග චතූ
null
වසර 76ක් රට පාලනය කළ සියලු දේශපාලකයන් වත්මන් බංකොලොත් භාවයට සෘජුව වගකිව යුතු බවත් ඉන් රට මුදාගැනීමට සිය ව්යාපාරික දැනුමට සහ පළපුරුද්දට හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බවත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්රකාශ කළේය ඊයේ 16දා පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය ඉදිරි මැතිවරණයේදී දේශපාලනය නොකළ රාජ්ය පාලනය දන්න සාර්ථක ව්යාපාරික ව්යවසායකයකු වන තමන්ට ජනාධිපතිවරයා වීමේ අවස්ථාව ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු කීය අපනයනය වර්ධනය කිරීමට සංචාරක ව්යාපාරය දියුණු කිරීමට සහ විදේශ ආදායම් ආයෝජන ලබාගැනීම වෙනුවෙන් තමන්ට නව සැලසුම් ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය ශ්රී ලාංකික ජනතාවගෙන් 35ත් 40ත් අතර ප්රමාණයක් මේ වනවිට ඡන්දය ප්රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නැතැයි ද පැවසූ රත්නායක මහතා ඔවුන් රට බංකොලොත් කළ දේශපාලකයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් පළකර නැතැයි ද පැවසීය අධ්යාපනය ගොවිතැන සෞඛ්ය යන අංශ වෙත මුල්තැන ලබාදෙන තමන් වැනි අපේක්ෂකයකුට මිස කැපුවත් නිල් කොළ දම් රතු හෝ රට කාබාසිනියා කළ කිසිදු දේශපාලකයකුට නැවත රට භාර නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය සුජීව තත්සර
null
දැන් අපේ රටට අවශ්ය ප්රතිපත්තිගරුක දේශපාලනයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජාතික ජන බලවේගයේ ගම්පහ තිහාරිය ජනහමුව අමතමින් වැඩිදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා 2019 විශාල ජනවරමකින් බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 05ම බලයේ ඉන්න නොදී මේ රටේ ජනතාව විසින් පළවා හැරියේ වෙනසක් අවශ්ය නිසා මන්ත්රීවරු බාර් ලයිසන් බෙදාගෙන එක ලයිසන් එකක් කෝටි තුනකට විකුණනවා ආණ්ඩුවේ මන්ත්රීවරු විතරක් නොවෙයි සජිත් ප්රේමදාසගේ මන්ත්රීවරුන්ටත් රනිල් වික්රමසිංහ බාර් ලයිසන් දුන්නා පෙට්්රල් ෂෙඩ් බෙදා දුන්නා ඒ ලයිසන් විකුණා ගන්නවා විමධ්යගත අරමුදල් කියලා සජබෙ මන්ත්රීවරුන්ට රුපියල් කෝටි 120ක් බෙදා දුන්නා මහින්දගේ ආණ්ඩුවේ නම් බෙදා ගත්තේ මහින්දගේ කට්ටිය පමණයි නමුත් රනිල් වික්රමසිංහ සමගි ජන බලවේගයේ අයටත් බෙදනවා එයා රට යනකොට සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම එක්ක ගෙන ගියා පොළොන්නරුවේ කින්ස් නෙල්සනුත් අරන් ගියා අනුරාධපුරයේ ඉෂාක් රහුමානුත් අරගෙන ගියා වෙනදා එක පැත්තකින් නාස්ති කළේ දැන් දෙගොල්ලෝම එකතු වී වියදම් කරනවා ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන සියල්ලම විකුණමින් යනවා කබීර් හෂීම් මන්ත්රීවරයා රනිල්ගේ පැත්තට යනවා කියලා විශාල සාකච්ඡාවක් ගියා රනිල් වික්රමසිංහ කබීර් හෂීම්ගේ නමට හන්තානයෙන් අක්කර 12කට වැඩි ඉඩමක් දුන්නා නමුත් දැන් රනිල්ගේ පිලට එන්නේ නැහැ වගේ ඒ නිසා දුන්නු ඉඩම කැන්සල් කරන්න උත්සාහ කරනවා මම නැවත නැවත කියන්නේ මේ කැත දේශපාලනය වෙනුවට සැලුන් දොරවල් තිබෙන අම්බලන් වගේ පක්ෂ වෙනුවට ප්රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ අපේ පක්ෂයේ ඉඳලා කට්ටියක් ගියා කවදාවත් අපේ පක්ෂයේ දොරටු ඒ ගොල්ලන්ට විවෘත වෙන්නේ නැහැ සැලුන් දොරවල් වගේ පක්ෂ තියෙන්න බැහැ අපේ රටේ තියෙන එකම ප්රතිපත්තිගරුක පක්ෂය ජාතික ජන බලවේගය පමණයි ප්රතිපත්ති දිනවන ප්රතිපත්තිගරුක ආණ්ඩුවක් ඕනෑ නම් ඒ සඳහා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි ජනතාව අපේක්ෂා කරන වෙනස අපේ ආණ්ඩුවකින් අපි සිදු කරනවා මේ දවස්වල වංචා දූෂණ ගැන යටිගිරියෙන් කෑගහන සජිත් ප්රේමදාසගේ එක පැත්තක ඉන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල අර්ජුන ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් අරගෙන බැඳුම්කර වංචාවක් වුණේ නැති බව කියන සුජීව සේනසිංහ තව පැත්තකින් මහ බැංකු හොරකමෙන් බෙදා ගත්තා විතරක් නොවෙයි පොත් ලියන්නත් සල්ලි ගත්තා හොරකම් නතර කරනවා කියන සජිත් ප්රේමදාස සංස්කෘතික අරමුදල නිවාස සංවර්ධන අරමුදල සහ සමෘද්ධි අරමුදල කියන අරමුදල් කාබාසිනියා කළා හොරකම් නතර කරන්න වගේම වෙනසක් ඕනෑ නම් එය ගේන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි මහජනයාගේ දේපළ හොරකම් කළ අයට දඬුවම් දෙන ඒ දේපළ නැවත පවරා ගන්න පාලනයක් ඕනෑ නම් එය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි ශිරන්ති රාජපක්ෂගේ ජොබ් එක මොන්ටිසෝරි ටීචර් එයා ටොරින්ටර්වල ලක්ෂ 350ක් දීලා ගෙයක් ගත්තා රනිල් වික්රමසිංහගෙ ආණ්ඩුව කාලේ ඒ ගැන පරීක්ෂණයක් ගියා රනිල් වික්රමසිංහ කැබිනට් මණ්ඩලයත් එක්ක එකතු වී ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාවගෙන් කටඋත්තරයක් ගන්න එක රටට අපකීර්තියක් කියලා තීරණය කළා සජිත් ප්රේමදාසගේ නංගි රුපියල් ලක්ෂ 20ක හොර සල්ලි එක්ක අසුවුණා මහින්ද රාජපක්ෂ කියලා තිබුණා හිටපු ජනාධිපතිගේ දුව නිසා ඒ ගැන පරීක්ෂණ කරන එක රටට අපකීර්තියක් කියලා ජොන්ස්ටන් ප්රනාන්දු අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා ඔහුට කෑම අරගෙන ගියේ කබීර් හෂීම් තමන්ගේ ආණ්ඩුව කාලයේ ජොන්ස්ටන් ප්රනාන්දු සිරගත කර සිටියදී ඇමති කෑම අරගෙන ගියා ඒ බව ජොන්ස්ටන් ප්රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවා ඔවුන් කවදාවත් දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ එකිනෙකා ආරක්ෂා කර ගන්නවා මේ දූෂිතයන්ට දඬුවම්දී මහජන දේපළ නැවත පවරා ගන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි මේ මැතිවරණයේදී වැදගත් වෙනස්කම් රැසක් අපට කර ගන්න පුළුවන් එදා පාරට බැහැලා ගෝඨාභය එළවලා ආණ්ඩු ගණනාවක් පිහිටුවලා වසර 76ක් පුරා නායකයෝ ගණනාවක් පත්කර ගෙන කරගන්න බැරි වුණු දේ සැප්තැම්බර් 21දා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගෙන අපට කරගන්න පුළුවන් පරම්පරා ගණනාවක් අපි රැවටුණා පරම්පරා ගණනාවක් අපි අසාර්ථක වුණා ඒ නිසා මේ රටට කළ අපරාධ පාස්කු ප්රහාර හොඳින් මතක තබාගෙන අපි තීරණයක් ගනිමු ඉදිරි කෙටි කාලය තුළ රට වටා ඉන්න ඥාති මිත්රාදීන්ට කතාබහ කරමින් මුස්ලිම් ජනතාව තුළ ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පණිවිඩය ගෙනියන්න අපි මෙහෙම ඇවිත් කතා කර ගියත් දිනපතා එකිනෙකා මුණ ගැසෙන්නේ ඔබ සැමයි මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් අපට ඕනෑ එහෙම නැතිව ආණ්ඩුවක් හදලා වැඩක් නෑ ඉදිරි දින කිහිපයේදී මේ රට වෙනස් කිරීම වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න කියා ඉල්ලා සිටිනවා
null
අපි ජාතික සැලැස්මක් සකස් කරනවා වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන් විසඳුම් ලෙස මේ ආණ්ඩුව ගේන්නෙ හදිසි මිලදී ගැනීම් මෙතන තිබෙන්නේ සේවක හෝ ඉංජිනේරු ප්රශ්නයක් නෙවෙයි දේශපාලන ප්රශ්නයක් යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජනබලවේගයේ විදුලි බල හා බලශක්ති ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඒ මහතා එසේ කීය වර්තමානය වනවිට විසිරී ඇති බලශක්ති ක්ෂේත්රය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එක් අමාත්යාංශයක් තුළට ගෙන එන බව ද ඒ මහතා කීය තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය බලශක්ති ක්ෂේත්රය පුරා පැතිරී තිබෙන කළු කතාව අපි අයින්කරලා දෙන්නම් සුද්ද කරලා දෙන්නම් විදුලි බල මණ්ඩලය අභ්යන්තර ප්රතිව්යූහගත කිරීමක් අවශ්යයි විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අප පක්ෂපාතියි හැබැයි අයුක්ති සහගත ව්යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ අපි මේ ඔක්කොම එක අමාත්යාංශයක් යටතට පිහිටුවනවා ප්රදීප් ප්රසන්න සමරකෝන්
null
දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණය සඳහා අනෙක් අපේක්ෂකයින්ට වඩා වෙනස් උපාය මාර්ගික මැතිවරණ ප්රකාශයක් ඉදිරිපත් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්යවසායක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්රධානි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ 16දා පැවති සර්වජන මාධ්ය හමුවේදීය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය දිලිත් ජයවීර මහතාගේ ජය සහතික කරන ප්රචාරක රැලි මාලාවේ මංගල රැලිය අගෝස්තු 17 වැනිදා සෙනසුරාදා යාපනයේ රක්කා පාර පිට්ටනියේ පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා ජාතික මට්ටමේ දේශපාලන සංධානයක් යාපනයෙන් සිය ජනපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි අපි යාපනයට යන්නේ ජාත්යන්තර බලවේගවලට වුවමනාවට සිංහල දෙමළ ජනතාව අතර භේදය වෛරය වපුරලා මේ රට දෙපළු කරලා යාපනය වෙනත් රටක ප්රධාන නගරය කරන්න දරපු උත්සාහය පරාජය කරන්න දායක වුණු නිසා මේ රට අත්හැර ගිය පිරිසකගේ මුදල්වලින් ජාත්යන්තර බලවේගවල මුදල්වලින් හැමදාමත් ජාතිවාදය වපුරලා පාර්ලිමේන්තු එන දෙමළ ජාතික සංධානයේ ජාතිවාදි දේශපාලනය පරාජය කිරීම අවශ්ය නිසා ඉදිරියේ දී රට පුරා පැවැත්වෙන රැලිවලදී දිලිත් ජයවීර මහතා අනෙකුත් අපේක්ෂකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා දිලිත්ගේ මැතිවරණ ප්රකාශනය වෙනස් ප්රතිපත්ති ප්රකාශයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් විතරයි දිලිත්ගේ වගවීම වෙනස් තමන් දුන් පොරොන්දු ඉටු නොකලොත් නඩු පවරන්න අවස්ථාව ජනතාවට ලබා දෙන බව කියන්නේ දිලිත් විතරයි දිලිත්ගේ රට හදන දැක්ම වෙනස් භෞතික සංවර්ධනයෙන් නොනැවති මානසික සහ අධ්යාත්මික සංවර්ධනයක් ඇති සතුටු දැයක් හදන බව කියන්නේ දිලිත් විතරයි දිලිත්ගේ උපාය වෙනස් ව්යවසායක රාජ්යයක් හරහා රට හදන බව කියන්නේ දිලිත් විතරයි කෙටියෙන් කිව්වොත් අනිත් අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත්ගේ හැමදේම වෙනස් ලෝක ශූරයින්ගේ වැදගත් චරිත ලක්ෂණයක් තමයි තමන්ගේ වාර්තා වෙන කෙනෙකුට බිඳින්න ඉඩ නොතබා තමන්ම අලුත් කරන එක අන්න ඒ වගේ ලෝක ශූරයෙක් තමයි චම්පික රණවක මහතා එතුමාට හිමි ලෝක වාර්තාව වැඩිම වතාවක් පිලෙන් පිලට පැනීමේ ගෙඹි ලෝක වාර්තාව 1987 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර චින්තන පර්ෂදයට පැනීමේ සිට මේ දක්වා 17 වතාවක් පිල් පැනලා තිබුණා නැවත සමගි ජන සන්ධානයට එකතු වීම 18 වන වතාවට පිල් පැනලා තමන්ගේම වාර්තාව අලුත් කිරීමක් මේ වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පිකට විතරයි මේ තරම් දක්ෂ පිල් පැනීමේ ශූරයෙක් සමස්ත ලෝකයේම බිහි වෙලාත් නෑ බිහි වෙන්නෙත් නෑ පසුගිය වසර දෙක තුළම චම්පික කළේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක එතුමාගේ මුහුණු පොතෙන් මකා දාන්න කලින් අපි අපූරු පෝස්ට් සහිත වීඩියෝ කිහිපයක් පිටපත් කර ගත්තා බාල ටිං ටිං උත්තර දෙන නායකයින්ට අහු වෙන්න එපා පාඨලීගෙන් සජිත්ට කනේ පහරක් සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියා ගන්න බෑ රනිල් වික්රමසිංහට අපි අවස්ථාවක් දෙනවා සංකීර්ණ ප්රශ්නවලට සජිත් දෙන ටිං ටිං උත්තර අපේ කතා කැපුවේ වෙන කවුරුත් නොවෙයි සජිත් සජිත් අපේ වෙලාවත් අරගෙන කතා කරනවා සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා පාඨලී සජිත්ගේ රෙදි ගලවයි මේ වෙන කවුරුවත් හදපුව නෙවෙයි රණවකයානෝ විසින්ම සකසා රණවකයානෝගේම සමාජ මාධ්යවල දමා තිබූ වීඩියෝ පට සජිත් ප්රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනේ නම් රටේ ජනතාව රණවකයානෝ පසුගිය වසර දෙක තුළ කී කතා ඇසීමයි චම්පිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැන ගන්න ඕන නම් කළ යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීමයි පාර්ලිමේන්තු මන්ත්රි ගාමිණි වලේබොඩ මහතාද මෙහිදී අදහස් දැක්වීය
null
ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි මේ අනුව ලබන වසරේ 2025 දෙවන මාස හයේදී උද්ධමනය තාවකාලිකව වැඩිවිය හැකි බවත් ඉන් පසු සියයට 5ක ඉලක්කගත මට්ටමේ ක්රමයෙන් ස්ථායි වනු ඇති බවත් මහ බැංකුව කියයි එසේම 2025 වසරේ මුල් කාර්තුව දක්වා උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා අඩු මට්ටමක පැවැතිය හැකි බවද මහ බැංකුව කියයි ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2024 අගෝස්තු මස මුදල් ප්රතිපත්ති වාර්තාවේ මේ බව සඳහන් වේ ශ්යාම් නුවන් ගනේවත්ත
null
ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළිත් දක්නට තිබෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා දිවයිනට ඊයේ 16 වැනිදා පැවැසීය යම් දරුවකු උණ රෝගී තත්ත්වයෙන් පසුවෙන්නේ නම් දරුවා ළඟම වෛද්යවරයා වෙත යොමු කරන ලෙස ද හෙතෙම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය ආයෙමත් දරුවන් අතරේ පැතිරෙමින් තිබෙනවා මේ දිනවල ඒ උණ හැදුණු දරුවන් ළමා රෝහලට ප්රතිකාර සඳහා එනවා මීට මාසයකට පෙර ඉන්ෆ්ලුවෙන්සා උණ හැදුණු දරුවන්ට තාමත් කැස්ස තියෙනව ඒ තත්ත්වය ළමා හතිය වෙන්න පුළුවන් මේ නිසා ඒ සඳහාත් ප්රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් ඒ සඳහා ඉන්හේලර් එකක් දෙනවා මේ තත්ත්වය තුළ දරුවන්ට මුඛ ආවරණයක් පළඳවාගෙන ගමනක් බිමනක් ගියාට කමක් නැහැ ඉන්ෆ්ලුවෙන්සා එක්ක තියෙන කැස්ස වැළඳී තියෙන දරුවන්ට නිසියාකාරව ප්රතිකාර ලබාදෙන්න ගණන් ගන්නෙ නැතුව ඉන්න එපා අනිත් කාරණාව දරුවාට උණ තියෙනව නම් පාසල් හෝ උපකාරක පන්තිවලට යවන්න එපා මේ උණ තත්ත්වය ඉක්මනින් ම පැතිරෙනවා ප්රදීප් ප්රසන්න සමරකෝන්
null
රනිල් වික්රමසිංහල සාමාන්යකරණය කළා කියූ රටේ ජනතාවගෙන් සියයට 46ක් කෑම කන්නෙ දෙවේලක් පමණයි යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ 16 දා පැවසීයමාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය නුවන් බෝපගේ මහතා මෙසේද පැවසීයපොහොට්ටු ගෝල බාලයන් එක්ක සම්මුතියකට ආපු රනිල් වික්රමසිංහ කියනවා එයා මේ රට සාමාන්යකරණයට පත් කළා කියලා අම්මෝ ඒක බැලුවහම ඇත්තකුත් තියෙනවා කලින් අසාමාන්ය දෙයක් තමයි දවසකට වේල් දෙකක් කන එක සාමාන්ය දේ වුණේ වේල් තුනක් කන එක දැන් සමීක්ෂණවලින් වාර්තා වෙලා තියෙනවා රටේ ජනතාවගෙන් සියයට 46ක් දවසකට කන්නෙ වේල් දෙකයි කියල ඔන්න එයාලා හදපු නව සාමාන්යකරණය ඉස්සර මිනිස්සු ලයිට් දාගෙන ෆෑන් එකක් දාගෙන ලස්සනට හිටපු එක තමයි සාමාන්ය තත්ත්වය දැන් මේගොල්ලෝ කියන සාමාන්ය තමයි මිලියනයක ජනතාවට විදුලිය නැති එක අනිත් මිනිස්සුත් යන්තම් එක ලයිට් එකක් දාගෙන දාඩිය පෙරාගෙන ජීවත් වෙන්නෙ ඔන්න එයාලා හදපු සාමාන්ය තත්ත්වය ඉස්සර සාමාන්ය තත්ත්වය තමයි තමන්ට කියලා වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු එවැනි වාහනයක් පාවිච්චි කරපු එක දැන් නව සාමාන්ය තමයි මිනිස්සුන්ට බස් එකේ කෝච්චියේවත් යන්න සල්ලි නැති එක ඉස්සර සාමාන්ය තමයි මිනිස්සුන්ට අධික රුධිර පීඩනය දියවඩියාව හැදුනහම අමාරුවෙන් හරි බෙහෙත් බිව්ව එක දැන් සාමාන්ය තමයි මිනිස්සු බෙහෙත් නොබී ලෙඩත් එක්ක ඔහේ ජීවත් වෙන එකඔන්න එයාලා හදපු නව සාමාන්යයහැබැයි නව අසාමාන්යතාවයකුත් තියෙනවා එළියට බහින්නවත් බැරුව හිටිය පොහොට්ටුවේ මන්ත්රීල ටික දැන් අසාමාන්ය විදිහට එළියට බැහැලා ඉන්නවා රනිල්ලගේ මිතුරන් වන විදෙස් බැඳුම්කර හිමියන්ට බිලියන දෙකකින් තමන්ගේ ලාභය වැඩි වන ලෙස ණය ප්රතිව්යුහගතකරණය කරලා තියනවා ඒ වගේම ශ්රී ලංකාවේ තමන්ගේ න්යාය පත්රයේ ක්රියාත්මක කරගන්න බැරුව හිටිය ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් දැන් අසාමාන්ය විදිහට ඔවුන්ගේ න්යායපත්රය අපේ රටේ ක්රියාත්මක කරන්න පටන් ගෙන තියනවා ඔවැනි රටක් තමයි මේ ආණ්ඩු හැදුවේ මීට එරෙහි එකම දේශපාලන යෝජනාවලිය ගේන්නේ ජන අරගල සන්ධානයයි ඒ නිසා අප සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා අනුරාධ හිරිපිටියගේ
null
ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මාධ්ය හමුවකදී පැවැසීය බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බව ද හෙතෙම කීය මේ ජනාධිපතිවරණ කාලසීමාවේ දී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා මේ කමිටුවේ සභාපති ධුරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්තුමා ඒ අනුව සෑම අපේක්ෂකයකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින් ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න ඒ අනුව තමා සෑම අපේක්ෂකයකුටම ආරක්ෂාව සපයන්නේ ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගි වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්ය ආරක්ෂාව සැපයෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
null
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලිකාර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී 17 දා වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළියථ ගාල්ල මාතර යන දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේදී ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවලට මිලිමීටර් සීයට වැඩි වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි ප්රදීප් ප්රසන්න සමරකෝන්
null
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දීමට තමා තීරණය කර නැති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී එම නිවේදනයේ මෙසේද සඳහන් වේ ඇතැම් මාධ්ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයන් මා පිළිබඳව කරන ප්රකාශවල කිසිදු සත්යයක් නොමැති බවද කාරුණිකව දන්වමි ශ්රී ලංකා නිදහස් පක්ෂ අභ්යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වනවිට අධිකරණයේ පවත්නා බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැත ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂ ව්යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවද කාරුණිකව දන්වමි
null
සිවිල් ආරක්ෂක බළකායේ නිවාස නොමැති සාමාජිකයන්ට නව නිවසක් සාදා ගැනීමට හා තිබෙන නිවාස අලුත්වැඩියා කටයුතු කරගෙන යෑමට සිවිල් ආරක්ෂක බළකායේම ශ්රමදායකත්වය ලබාදීමට රජය තීරණය කර ඇත එහි මුල්ම පියවර ලෙස තෝරාගත් 100 දෙනකු සඳහා ශ්රම දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත ඊට අමතරව සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් සඳහා මෙතෙක් ලබාදුන් රු350 වූ දෛනික සලාක දීමනාව රු500 දක්වා වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බව රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි අරුණ බෝගහවත්ත
null
නව වැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඊයේ 15දා සුදුසුකම් ලැබූහ නාම යෝජනා පත්ර භාර ගැනීම රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ සිදුවිය අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාම යෝජනා පත්ර භාරදී තිබුණේ 39 දෙනකු පමණි ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා නාම යෝජනා පත්ර භාර දීමට පැමිණ සිටියේ නැත නාම යෝජනා පත්ර භාර දීමෙන් පසුව පැවැති විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව තුළ අපේක්ෂකයන් තුන් දෙනකු වෙනුවෙන් විරෝධතා 3 ක් ඉදිරිපත්ව තිබූ නමුත් ඒවා නීතියට අනුකූල නොවන බැවින් ප්රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය මේ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ 22ක් ද වෙනත් පක්ෂයක එක් අපේක්ෂකයෙක් ද ස්වාධීන අපේක්ෂකයෝ 16 දෙනෙක් ද ජනාධිපතිවරණයට තරග කරති රනිල් වික්රමසිංහ ස්වාධීන සරත් කීර්තිරත්න ස්වාධීන ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණ ඒඑස්පී ලියනගේ ශ්රී ලංකා කම්කරු පක්ෂය සජිත් ප්රේමදාස සමගි ජන බලවේගය පීඩබ්ලිව්එස්කේ බණ්ඩාරනායක ජාතික සං පෙරමුණ විජයදාස රාජපක්ෂ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ කේකේ පියදාස ස්වාධීන සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය අජන්ත ද සොයිසා රුහුණු ජනතා පෙරමුණ ආනන්ද කුලරත්න ස්වාධීන සරත් මනමේන්ද්ර නව සිහළ උරුමය බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ අක්මීමන දයාරතන හිමි ස්වාධීන සිරිපාල අමරසිංහ ස්වාධීන කේආර් ක්රිෂාන් අරුණළු ජනතා පෙරමුණ සරත් ෆොන්සේකා ස්වාධීන අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය ඇන්ටනී වික්ටර් පෙරේරා ස්වාධීන මුහම්මද් ඉල්යාස් ස්වාධීන පේමසිරි මානගේ ස්වාධීන සිඩ්නි ජයරත්න ස්වාධීන ඩීඑම් බණ්ඩාරනායක ස්වාධීන ප්රියන්ත පුෂ්පකුමාර නව සම සමාජ පක්ෂය එම් තිලකරාජා ස්වාධීන ජේඩීකේ වික්රමරත්න අපේ ජනබල පක්ෂය රොෂාන් රණසිංහ ස්වාධීන මහින්ද දේවගේ ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය අනෝජ් ද සිල්වා ප්රජාතන්ත්රවාදී එක්සත් ජා පෙරමුණ පී අරියනේත්තිරම් ස්වාධීන මොහොමඩ් ඉන්ෆාස් එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානය දිලිත් ජයවීර ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නුවන් බෝපගේ සමාජවාදී ජනතා සංසදය නාමල් රාජපක්ෂ සමබිම පක්ෂය අනුරුද්ධ පොල්ගම්පොල ස්වාධීන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනක රත්නායක එක්සත් ලංකා පොදුජන පක්ෂය හා ලලිත් ද සිල්වා එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන අපේක්ෂකයෝ මැතිවරණයට තරග කරති නාම යෝජන පත්ර භාර ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ඇමැතූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එල්ඒඑම් රත්නායක මහතා මෙසේ කීය නාම යෝජනා භාරදුන් දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයකු ප්රවර්ධනය හෝ අගතියට පත් කිරීම සඳහා ප්රචාරක පත්රිකා බෙදාහැරීම හා ප්රදර්ශනය කිරීම සඳහා වන නීති ප්රතිපාදන ගැන අවධානය යොමු කරන්න නීති ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇත මැතිවරණ ප්රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්රචාරක ඡායාරූප චිත්ර ඡන්ද ලකුණු ධජ පතාක ප්රදර්ශනය කළ හැක්කේ ප්රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක අසල හෝ විධිමත්ව අවසර ගත් නියෝජිත පක්ෂ කාර්යාලවල පමණි නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් යන තුරු පෙළපාළි පැවැත්වීම තහනම්ය නීති විරෝධී පෙළපාළි පැවැත්වීමට මෙන්ම ඒවා වීඩියෝගත කර අධිකරණයට වාරතා කිරීමට ද පොලිසිය කටයුතු කරනු ඇත ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කළ හැක්කේ පොලිසියේ අවසරය ඇතිව පමණි ඡන්දය ලබාගැනීම සඳහා සංග්රහ කිරීම් අල්ලස් ලබාදීම් අයුතු බලපෑම් දූෂණ ක්රියා සේ සැලකේ ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථානවල පවත්වන රැස්වීම් හරහා පක්ෂ අපේක්ෂක ප්රවර්ධනය අයුතු බලපෑම් ගණයට වැටේ රජයේ අමාත්යාංශ දෙපාර්තමේන්තු මෙන්ම රාජ්ය සංස්ථා බැංකු මණ්ඩල ආදී ව්යවස්ථාපිත ආයතන ද පළාත් සභා හා පළාත් පාලන ආයතන ද රාජ්ය ආයතන වෙයි මෙම ආයතනවල රාජ්ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ හෝ අපේක්ෂක ප්රවර්ධනයට යොදා ගැනීම සපුරා තහනම්ය දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියකුට ජනාධිපතිවරණයට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්රියාවක නිරත විය නොහැකිය දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්ය නිලධාරීන් පවා කාර්යාල වේලාව තුළ දේශපාලන කටයුතු කිරීම තහනම් සෑම රජයේ නිලධාරියකුම මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් පත්රයේ විධානවලට යටත් විය යුතුයි එම විධාන කඩකිරීමට කිසිදු නිලධාරියකු පොලඹවන්න එපා අපේක්ෂකයන් නියෝජිතයන් සාමාජිකයන් කිසිවකු නීති විරෝධී ක්රියා නොකළ යුතුයි ඊට අපේක්ෂකයන් ඉඩ දෙන්න එපා වැරදි හෝ නීති විරෝධී ක්රියාවලට දඬුවම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ හා ව්යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ ඇතැම් වැරදි සඳහා දඬුවම තේරී පත්වීම අවලංගු වීම ප්රජා අයිතිය අහිමි වීම තරම් බරපතළය අපේක්ෂකයන් හා දේශපාලනඥයන්ට ආචාරධර්ම පවතී ඒවා අනුගමනය කිරීම ඔවුන්ගේ වගකීමකි ඒ ආචාරධර්ම මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධියට පත්කර ඇත රාජ්ය මාධ්ය ආයතන අපක්ෂපතීව කටයුතු කිරීමට නීතියෙන්ම බැඳී සිටී මාධ්ය ආයතන සියල්ල උපමාන පිළිපැදිය යුතුයි පෞද්ගලික මාධ්ය ද උපමානවලට සවන් දිය යුතුයි පෞද්ගලික මාධ්ය ද අපේක්ෂකයන් ප්රවර්ධනයට හෝ අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීම ද නොකළ යුතුයි පෞද්ගලික ආයතන ද ජනතාව සතු සංඛ්යාත භාවිතා කරනවා ඒ සංඛ්යාත රජය සතුයි මේ මාධ්ය භාවිතාව අධීක්ෂණය කිරීමට අදාළ රාජ්ය ආයතන වෙත පවරා ඇත රනිල් ධර්මසේන
null
ඡායාරූප නිශාන් එස් ප්රියන්ත කමල් බෝගොඩ ජූඩ් ඩෙන්සිල් පතිරාජ නිමල් දයාරත්න සමන් රණවීර ධර්මසේන වැලිපිටිය තුෂාර අතපත්තු ආයුබෝවන් ජනපති සහ සජිත් අනුරනාමල් සුහදව
null
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවරට පැමිණ ශ්යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නායක හිමිපාණන් හා ශ්යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහ නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය
null
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලා සිටියේය ජනාධිපතිවරණය සඳහා ඊයේ 15දා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමින් ඒ මහතා මේ බව පැවසීය අපේ දේශය සහ ලක්ෂ 220ක් ජනතාව දුකින් මුදා ගන්නා සැමට සෞභාග්යය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක් පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමග ආරම්භ වන බව එහිදී විපක්ෂ නායකවරයා පැවසීය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය පොදු ජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන යන බවත් රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් පැවසූ ඒ මහතා ශ්රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමේ ප්රතිපත්තිය තුළ සියලු දේ කැප කර පොදු ජනතාව ජීවත් කරවන රටේ නීතියට ගරු කරන අහිමි වූ දේපළ සහ සම්පත් ද හොරා කෑ මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් ඒ මහතා පැවසීය
null
වරක් හදිසි සෞඛ්ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය ජාත්යන්තර වශයෙන් හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ බටහිර අප්රිකානු රාජ්යයක් වන කොංගෝ රාජ්යයේ ශීඝ්රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙන් මේ වන විට 450 දෙනකු පමණ මියයෑමෙන් අනතුරුව ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙම පියවර ගෙන තිබේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී කොංගෝ රාජ්යයේ පැතිරීම ඇරැඹි එම්පොක්ස් රෝගයේ නව වෛරස් ප්රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමත් ඉන් සිදුව ඇති මරණ සංඛ්යාව ඉහළ යෑමත් හේතුවෙන් එය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙසේ එම රෝගය හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කර ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ වෛද්ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්රේයේසුස් පවසයි රෝගය අප්රිකානු රටවලත් ඉන් ඔබ්බටත් පැතිර යන ආකාරය කනස්සල්ලට හේතුවක් බව ද වෛද්ය ගෙබ්රේයේසුස් සඳහන් කර තිබේ කොංගෝ රාජ්යය තුළ මෙම එම්පොක්ස් රෝගය පැතිර යෑමෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 13700ක් හා මරණ 450ක් වාර්තා වී ඇති බවත් රෝගය මේ වන විට බුරුන්ඩි මධ්යම අප්රිකානු රාජ්යය කෙන්යාව රුවන්ඩාව ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගොස් ඇති බවත් ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා පවසයි ලෝක සෞඛ්ය සංවිධානයට අනුව එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය උණ රෝගයෙන් ආරම්භ වී සමේ ආසාදන උගුරේ ආසාදනය සමේ පළු මතු වීම හිසරදය කොන්දේ වේදනාව මාංශපේශිවල වේදනාව ශරීර ශක්තිය අඩු වීම වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර පසුව එය මාරාන්තික විය හැක සෑම රෝගීන් 100 කින්ම 4 දෙනෙක් රෝගය නිසා මිය යති මෙම රෝගය කෙනෙකුගෙන් තවත් අයකුට පැතිර යනුයේ ලිංගික ඇසුරකින් ආසාදිතයකුගේ සමෙහි ගැටීමෙන් ආසාදිත පුද්ගලයකු සමග සමීපව කතාබස් කිරීමෙන් හා හුස්ම ගැනීමේදී බව වෛද්යවරු පවසති එම්පොක්ස් රෝගය මුල් වරට ජාත්යන්තර හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කරන ලද්දේ 2022 වසරේදීය එවර මෙම වතාවේ මෙන් රෝගය දරුණුවට පැතිර නොගිය බවත් ජාත්යන්තර මට්ටමෙන් සම්බන්ධීකරණය කිරීමේ ක්රියාදාමයක් හරහා මෙම රෝගය පැතිරීම පාලනය කර මිනිස් ජීවිත රැසක් බේරාගත හැකි බවත් ලෝක සෞඛ්ය සංවිධානය පවසයි ඒමන්ති මාරඹේ
null
බංකොළොත් වූ රටක් භාරගෙන වසර දෙකක් තුළ සාමාන්ය තත්ත්වයට පත් කළ තමා ඉදිරි පස් වසර තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළේ රටේ අනාගතය ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 15 දා ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි සිය පාක්ෂිකයන් අමතා කීවේය නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පෙරටුව සිය පාක්ෂිකයන් හමුවට පැමිණි ජනපතිවරයා මෙසේද කීවේය මුළු රටම ගිනි ගොඩක් වෙලා තියෙද්දී මම රට භාරගත්තේ කව්රුත් හිතුවා ඡන්දයක් තියන්න කෙසේ වෙතත් ආණ්ඩුව ගෙනියන්නවත් බැරිවෙයි කියලා මමත් කථානායකතුමාත් අපි හැමෝම එකතු වෙලා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තා එදා කට්ටිය ලෑස්ති වුණේ පාර්ලිමේන්තුව අල්ල ගන්න එහෙම වුණානම් අපේ රටත් බංගලිදේශයේ තත්වයට පත්වෙනවා අද අපි රට සාමාන්ය තත්ත්වයට පත් කරලා ඡන්දයකුත් තියනවා රට ගිනිගන්න වෙලාවේ විපක්ෂයේ කව්රුත් අපිට සහයෝගය දුන්නේ නැහැ ඒ ගින්න නිවන්න එයාලා කළේ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කියලා පැනලා දුවපු එක දැන් අපිට පිංසිද්ධ වෙන්න එයාලාට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එහෙම බයේ දුවපු අයට පුළුවන්ද ආණ්ඩුවක් භාරගන්න මේ ප්රජාතන්ත්රවාදය දෙන්න ඒ අයට පුළුවන්ද අවුරුදු දෙකක් තුළ රට යථා තත්ත්වයට පත් කරලා සහන දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා තව ප්රශ්න තියෙනවා විසඳන්න මම ඒක දන්නවා අස්වැසුම විශාල පිරිසකට වැඩි කළා ලක්ෂ 20කට ඉඩම් අයිතිය දුන්නා රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ පඩිය ලබන ජනවාරි මාසේ වැඩි කරනවා ඊළඟ අවුරුද්දෙ ජනවාරි මාසේ තව රුපියල් 15000කින් පඩි වැඩි කරනවා මධ්යම පන්තියේ බදු බර අඩු කරනවා ආපසු රජයේ රැකියා දෙනවා ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනිහිල්ලා ශක්තිමත් ආර්ථිකයක් හදනවා ඒ සඳහා දක්ෂයන් කණ්ඩායමක් අපිට ඉන්නවා රට ඉදිරියට ගෙනියන්න මට ඡන්දය දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සැප්තැම්බර් 21වැනිදාට ජනතාව බුද්ධිමත්ව තීරණය ගන්නවා නිසැකයි සැප්තැම්බර් 22 වැනිදා මා රට භාර ගත්තාට පසු රට හදන වැඩපිළිවෙළ ආරම්භ කරනවා ආර්ථීක අර්බුදයෙන් බැටකන ජනතාව මුදාගන්න වැඩපිළිවෙළකට අපි යනවා මා වටා පක්ෂ ගණනාවක් සන්ධානගත වෙලයි ඉන්නේ මේ සැලුන් දොර තවදුරටත් ඕන කෙනකුට විවෘතයි වංචාව දූෂණය නැති කරන රටක් නිර්මාණය කරනවා මේ වෙලාවේ ජනතාව බුද්ධිමත් ඔවුන් හොඳින් වටහාගෙන තියෙන්නේ සියලු දෙනා සූදානම් වෙන්න මාත් එක්ක වැඩ කරන්න පොදු ජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජනබලවේගය හා සමගි ජන සන්ධානය සමග යනවා රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම් ඉන්නේ සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේයි ශ්රී ලංකාව ලොව අංක එකට ගෙනඒමේ ප්රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදු ජනතාව ජීවත් කරවන රටේ නීතියට ගරුකරන අහිමි වූ දේපළ සම්පත සොරාකාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදු ජන යුගයක් මා බිහි කරනවා රට මේ වනවිට අභියෝග රැසකට මුහුණදෙමින් තිබෙනවා ජනතාව දුක් පීඩා රැසකට මුහුණ දෙමින් ඉන්නේ බොහෝ පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්නවා මේ සියලු ප්රශ්න සැප්තැම්බර් 22 වැනිදා විසඳනවා රටේ ජනතාව මා ගැන දැඩි බලාපොරොත්තුවක් තියාගෙනයි ඉන්නේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය ජනතාවට අද වෙනකොට තිත්ත වෙලයි තියෙන්නෙ ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී මගේ ජයග්රහණය විශ්වාසයි සැප්තැම්බර් 21 වැනිදාට ජනතාව නිවැරැදි තීරණය ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 15 වැනිදා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය අසලදී පැවති මාධ්ය හමුවේදී පැවසීය ජනාධිපති ධුර අපේක්ෂකයන් නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගි වී නැවත පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහු එසේ කියා සිටියහ නාමයෝජනා භාරදීම සඳහා ඊයේ දිනයේ ජනාධිපති ධුර අපේක්ෂකයන් 39 දෙනකු පැමිණ සිටි අතර ජනාධිපති ධුර අපේක්ෂක සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීමට පැමිණ සිටියේ නැත මෙහිදී තවදුරටත් කතාකළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය ජාතික ජන බලවේගයේ දොරට හුඟක් කට්ටිය තට්ටු කරනවා නමුත් ඒ තට්ටු කරන අය ගන්න අදහසක් නෑ සන්ධාන ගතවෙන්නත් අදහසක් නෑ අපි පක්ෂයක් හැටියට තනිවම යනවා දැන් මේ රටේ තියෙන්නේ මජර දේශපාලනය මගේ පාලනයක් යටතේ ඒකට තිත තියනවා මේ දිනවල අපිට ජනතාවගෙන් හොඳ ප්රතිචාරයක් තියෙනවා මේ දවස්වල කට්ටිය එහෙට පනිනවා මෙහෙට පනිනවා ගෙඹි දේශපාලනයක් තියෙන්නේ සැප්තැම්බර් 22 වැනිදාට මේ රට හදන වැඩපිළිවෙළට යනවා කටින් නොවෙයි ප්රායෝගිකව අපේ සම්මුතිය තියෙන්නෙ අපේ ගිවිසුම තියෙන්නේ ජනතාවත් එක්ක මේ තමයි මේ රට වෙනස් කරන ඡන්දය මේ රටේ වංචා දූෂණ කරපු සියලු දෙනාට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා තරුණ පරපුර වෙනුවෙන් රැකියා උත්පාදන වැඩපිළිවෙළක් මගේ පාලනය යටතේ ආරම්භ කරනවා රැකියා නැතිකමින් අද බොහෝ තරුණයන් විවිධ වැරැදි වැඩවලට යොමුවෙලා තියෙනවා ඒ පිරිසට රැකියා ලබාදීම තුළින් ඔවුන් වැරැදි ක්රියාවලට යොමුවන එක නතර වේවි මගේ දේශපාලන ගමනේ එක එක දේශපාලකයන් විවේචනය කරන්නෙ නැහැ දැන් මේ පොහොට්ටුව කඩාගෙන වෙන වෙන පක්ෂවලට මුක්කු ගහන්න ගිය අයට ජනතාව නිවැරැදි තීන්දුවක් ලබාදේවි මේ රට නිවැරැදි දිශානනතියක් සඳහා ගෙනාවේ කව්ද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා රට වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙවර ඉටු කරනවා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා මේ රට තරුණයන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා ඒක නිකම්ම නිකම් වැඩ කොටසක් නොවෙයි ඇඟට දැනෙන ප්රායෝගික වැඩපිළිවෙළක් මා ඉදිරිපත් කරනවා මේ රට කුරිරු ත්රස්තවාදයෙන් වෙළී තියෙද්දි රට දිනවා දුන්නා දැන් මම සටනට එක්වුණේ රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන මොහොතක ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන යුගයක් මගේ පාලන කාලය තුළ බිහි කරනවා ඒ සඳහා ජනතාව හරි තීන්දුව ගනීවි කියලා මම විශ්වාස කරනවා අද ඉඳන් ගලඋඩ සටන ආරම්භ කරනවා මේ වෙලාවේ ජනාධිපති ධුර අපේක්ෂක තරුව මමයි ශ්රී ලාංකීය ජනතාවට සලකන සටන අරඹනවා රටේ ජනතාවට දැනෙන වැඩක් කරනවා මගේ පැත්තෙන් කරන්න පුළුවන් ජනතා මෙහෙවර අනිවාර්යෙයන්ම ඉටු කරනවා මට ඕන රටට වැඩක් කරන්න ඒ සඳහා ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ජනතාව මට ඡන්දය දෙනවා අනිවාර්යෙන්ම මම මේ සටන භාර ගත්තේ අභියෝග රැසක් මැද්දේ ඒ අභියෝගවලට මුහුණ දෙන්න මම ශක්තිමත් අද වෙනකොට බොහෝ දෙනෙක් මට සහයෝගය ලබාදෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා ජනතාවගෙන් විශාල ප්රතිචාරයක් ලැබෙනවා ඒක ඒ අය අතරට ගියහම දකින්න ලැබෙනවා ලාංකීය ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම ජනාධිපති වුණහම පස්සෙ සිදු කරනවා ඒ නිසා මම තරුවක් හැටියට ජනතාව වෙනුවෙන් කැප වෙන බවට පොරොන්දු වෙනවා මේ රට හදන්න හොඳ නායකයෙක් ඕන මේ පාරත් මගේ එස්එෆ් මෙහෙයුම අරඹනවා රණවිරුවෝ මේ වෙලාවේ නිවැරැදි තීන්දුව ගනීවි 17 වැනිදා ගම්පහින් මගේ ජනාධිපතිවරණ සටන අරඹනවා මේ රට බේරා ගත්තේ රණවිරුවොයි මගේ පළමුවැනි එස්එෆ් මෙහෙයුම වන රට බේරා ගැනීමේ මෙහෙයුම ජය ගත්තා දැන් මේ රට බේරා ගැනීමේ එස්එෆ් මෙහෙයුම අරඹනවා මේ මෙහෙයුමත් ජය ගන්නවා නියතයි රටක් හදන්න හොඳ නායකත්වයක් තියෙන්න ඕන ඒවගේම පවුල්වාදයට තිත තියන්න ඕන යුද්ධයෙන් බේරගත්තේ යුද හමුදාපතිවරයා වශයෙන් මමයි එදා අභීත රණවිරුවෝ මටත් අති විශාල සහයෝගයක් ලබා දුන්නා ඒක එස්එෆ් මානුෂීය මෙහෙයුම දැන් මේ රට අගාධයට වැටී තිබෙන මොහොතක බේරගන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා ඒ සටනත් මම අරඹන්නේ ශක්තිමත්වයි ඒ සඳහා සියලු දෙනාට පෙළගැහෙන්න කියලා මම ආරාධනා කරනවා මේ රටේ ජනතාව බුද්ධිමත් ඒ අයව අන්දන්න බැහැ 21 වැනිදාට ඒ අය නිවරැදි තීන්දුව ගන්නවාට කිසිදු සැකයක් නෑ මේ රටේ පළමුවැනි පුරවැසියා වෙන්නේ මම ඒක මට විශ්වාසයි අද මේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට රූකඩ අපේක්ෂකයෝ ටිකකුත් එකතුවෙලා තියෙනවා බොහොම කනගාටුයි අනිත් කාරණාව තමයි අද මැතිවරණ ලේකම් කාර්යාලය තුළ විනය පවත්වාගෙන යමේ දුර්වලතාවක් දැක්කා මගේ බොහොම සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ එකම අරමුණ විනයගරුක රටක් බිහිකිරීම ඒ වගේම නීතියට අනුව වැඩකිරීම මගේ තවත් එක වැඩපිළිවෙළක් එක පැත්තකින් සංවර්ධනය අනෙක් පැත්තෙන් මේ රටේ විනය විනයක් නැත්නම් රටක් පවත්වාගෙන යෑමට හැකි වෙන්නේ නෑ මේ නිසා රටේ පුරවැසියෝ බුද්ධිමත් තීරණයක් ගනීවි කියලා මම විශ්වාස කරනවා මගේ මැතිවරණ මෙහෙයුම ශක්තිමත්ව සිදු කරගෙන යෑම එකම අරමුණයි ඒ සඳහා ජනතාව පෙළගැහෙනවා නිසැකයි ප්රදීප් ප්රසන්න සමරකෝන් කමල් බෝගොඩ සහ ධර්මසේන වැලිපිටිය ඡායාරූප නිශාන් එස් ප්රියන්ත
null
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල ජන රැලි හෙට 17දා පැවැත්වෙයි ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මංගල ජන රැලිය හෙට සවස අනුරාධපුර මහජන ක්රීඩාංගණයේදී පැවැත්වෙයි ජනපතිවරයාට සහාය දෙන සන්ධාන හා පක්ෂ රැසක එකමුතුවෙන් එම රැලිය පැවැත්වෙයි විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාගේ මංගල ජන රැලිය හෙට කුරුණෑගල සත්යවාදී ක්රීඩාංගණයේදී පැවැත්වෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පවත්වනු ලබන මංගල ජන රැලි මාලාවේ රැලි තුනක් දකුණු පළාත කේන්ද්ර කරගනිමින් හෙට ගාල්ල මාතර තංගල්ල යන නගරවල පැවැත්වෙයි අරුණ බෝගහවත්ත
null
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා ඊයේ 15දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනපතිවරණයේදී ජනාධිතිවරයාට සහාය දෙන බවට ප්රකාශ කර තිබේ නාමයෝජනා භාරදීමට සුළු මොහොතකට පෙර කොළඹ මල් පාරේ පිහිටි නිවසට පැමිණි මන්ත්රීවරයා ජනාධිපතිවරයා හමුවී මේ බව පවසා ඇත මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත ඒ අනුව හෙට 17දා අකුරැස්සේදී පැවැත්වීමට නියමිත සජිත් ප්රේමදාස මහතාගේ දේශපාලන රැලියට තමා එක්වන බව කොඩිතුවක්කු මහතා දිවයින ට පැවසීය මේ අතර ඉදිරි ජනපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමට කැපවන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගයාශාන් නවනන්දන දිගාමඬුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු ඇමැතිනි ශ්රියානි විජේවික්රම හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගුණසේකරම් ශංගර් එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා හමුවී සහතික වී ඇත මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කරමින් ගිවිසුමකට එළඹීම ඊයේ සිදුවිය චමින්ද සිල්වා
null
පාර්ලිමේන්තුව ලබන සතියේ 21 වැනිදා බදාදා පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි එදින සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට එහිදී තීරණය වී ඇත අනතුරුව වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය සංස්ථාගත කිරීමේ පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට ද නියමිතව තිබේ
null
ලබන වසර 2025 අග වන විට මුළු රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 151ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇතැයි මුදල් අමාත්යාංශය කියයි එසේම වර්ෂ 2027 වන විට මුළු රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 153 ක් දක්වා ද වර්ධනය කර ගැනීමට ද එම අමාත්යාංශය අපේක්ෂා කරයි වර්ෂ 20252027 යන වර්ෂ තුනේ මැදිකාලීන රාජ්ය මූල්ය ඉලක්කවල මේ බව සඳහන් වේ බදු පරිපාලනය ශක්තිමත් කිරීම බදු ජාලය පුළුල් කිරීම බදු අනුකූලතාවය බදු ගෙවීම වර්ධනය කිරීම සහ තාක්ෂණය යොදා ගැනීම යන ක්රියාමාර්ගවලින් මේ බදු ආදායමේ වර්ධනය සිදුකර ගැනීමට මුදල් අමාත්යාංශය ඉලක්ක කර ඇත ශ්යාම් නුවන් ගනේවත්ත
null
අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවන් ප්රාර්ථනයන් වර්ධනය වී ඇති බවත් සාමාන්ය ජනතාව ජයග්රහණය කරන යුගය අතළඟ බවත් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය තුළ ශක්තිමත් ජනතා කේන්ද්රීය ගමනක් ගියත් අනික් කණ්ඩායම් කයිවාරුව පමණක් ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය එසේම සමහර නායකයන් වසර 2030 දේශපාලන පක්ෂයක නායකයාවෙලා ඓතිහාසික දේශපාලන පක්ෂ විනාශ කරලා ස්වාධීන වුවත් සමගි ජන බලවේගයට එවැනි ගැටලු නොමැති බවත් වසර 4ක් පමණ වයසැති සමගි ජන බලවේගය අද මේ තැනට පැමිණ ඇත්තේ ජනතාව නිසා බවත් පසුගිය දශක කිහිපයේ අමනෝඥ පාලකයන් ගත් වැරැදි තීන්දු නිසා පරම්පරා කිහිපයකට හොඳ අනාගතයක් අහිමි වී තරුණ පරපුරේ සිහින නැති වී ඇති බවත් ඒ වැරැදි නිවැරැදි කිරීමේ භාරදූර අභියෝගය තමා සතු බවත් මේ රට නිවැරැදි ගමනක යමින් මේ රටේ නායකයා ලෙස උපරිම කැපකිරීම කර ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම කැප කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ මතුගම අගලවත්තේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත රට වෙනුවෙන් පොදු ජනයා වෙනුවෙන් දැවැන්ත හඬක් නැගු බවත් මෙරට ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් පවා අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් ශ්රේෂ්ඨාධිකරණය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරු ප්රමුඛ කණ්ඩායමම අනාවරණය කළ බවත් මෙහිදී තමා කිසිදා ෆයිල් පෙන්වා බලයට ආවම හොරු අල්ලනවා කියන රගපෑම නොකළ බවත් ලක්ෂ 220 වෙනුවෙන් ඒ මූලික අයිතිවාසිකම් තීන්දුව ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය එමෙන්ම වීසා මගඩිය ගැන රට දැනුවත් කර එය හෙළි කළේද සමගි ජන බලවේගය බවත් රටේ ලාභ ලබන ආයතන විකුණන අදූරදර්ශී ප්රතිපත්තිවලට විරුද්ධව හඬක් නගා ඒවා විකිණීම නවත්වා ගත්තේ සමගි ජන බලවේගය බවත් ජනාධිපතිවරණයක් ක්රියාත්මක වන අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක කරන ලාභ ලබන රාජ්ය සම්පත් හා දේපළ විකුණන කුමන්ත්රණවලට හවුල්වන රාජ්ය සේවකයන්ටද නීතිය හමුවේ දඬුවම් විදීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය රාජ්ය දේපළ හා සම්පත් අවභාවිතය ඉහළින්ම සිදුවන බවත් පසුගිය සති 2 3 සජිත් ප්රේමදාසගේ සක්වළ හා හුස්ම වැඩසටහන තහනම් වුවත් රජයේ මුදල් වැයකර ජනාධිපතිවරයාට විවිධ විවෘත කිරීම් කරන්න කිසිදු තහනමක් නොමැති බවත් මේ මැතිවරණ සමයේ මේ රාජ්ය දේපළ අවභාවිත කළ අය ගැනත් සොයා බලන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය රටේ ලක්ෂ 220 ජනතාව දුක් විඳින විට රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් සුවසේ සිටින බවත් අපේ රටේ නිහඬ බහුතරයට හඬක් නොමැති ජනතාවට හඬක් වී ඔවුන් මේ දුකින් මුදවා ගන්නා බවත් ගම හදා නගරය හදන නගර හදා රට හදන වැඩපිළිවෙළක් තමාට ඇති බවත් මේවා බොරු පොරොන්දු නොව විපක්ෂයේ සිටම ඒවා තමා ක්රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය තමා ළඟ රැවටිලි දේශපාලනය ජනතාව අන්දවන දේශපාලනය නොමැති බවත් කයිවාරු දේශපාලනය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය
null
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති වෛද්ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවලිය සෞඛ්ය අමාත්යාංශය වෙත යොමු කිරීමට ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ එකඟතාව හිමිව තිබේ එම සංගමය ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදය පසුගියදා එහි සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ විශේෂඥ ශ්රේණියේ වෛද්ය නිලධාරීන් සහ අනෙකුත් ශ්රේණිගත වෛද්ය නිලධාරීන් සඳහා රාජකාරි ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වාදීම සහ මෙරට වෛද්ය සේවය සුවිශේෂී සේවා කාණ්ඩයක් ලෙස එයට අදාළ වැටුප් කේතයක් ස්ථාපිත කිරීම සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා අතර ප්රධාන තැනක් ගන්නා බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා දිවයිනට පැවසීය සුජීව තත්සර
null
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා දීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම පක්ෂයේ හිටපු ලේකම් සහ පක්ෂ සාමාජිකයකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ 15 පස්වරුවේ නියෝග කළේය නිහාල් ප්රේමකුමාර සහ රුවන්තිලක පේදුරුආරච්චි යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි සෙසු සැකකරුවන් හා සැකකාරියන් හයදෙනා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද අතිරේක මහෙස්ත්රාත්වරයා නියෝග කළේය එම සැකකරුවන් පිරිස පෙරේදා 14 පස්වරුවේ බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම අල්ලස් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබිණි ඒජේඒ අබේනායක
null
හෙද හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ජන්ද අයිතිය අහිමි වුවහොත් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව අනිවාර්යයෙන්ම සෞඛ්ය ලේකම්වරයාට එරෙහිව අධිකරණ පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්ර කහදවආරච්චි මහතා ඊයේ 15දා පැවසීය මාතලේ පැවැත්වූ මාධ්ය හමුවට එක්වූ ඔහු තවදුරටත් කියාසිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත රෝහල්වල සේවය කරන වැඩි පිරිසකට ඡන්ද වරම් අහිමි වීමේ අවදානමක් මේ වනවිට මතුවී තිබෙන බවයි ජනාධිපතිවරණයේදී සෞඛ්ය කාර්ය මණ්ඩලයට ඡන්ද වරම් අහිමි වුවහොත් සෞඛ්ය ලේකම්වරයාට විරුද්ධව නීතිය හමුවට යෑමට පියවර ගන්නා බව ද ඒ මහතා කීය සේවා ස්ථානයේ සිට ඡන්දය පාවිච්චි කිරීමට ඉතා දුර බැහැර ඡන්ද පොළට යෑමට සිදුවන රෝහල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව සිදු කළ 20200807 දා නිරීක්ෂණ හා නිර්දේශවලට අනුව ආයතන ප්රධානීන්ට වගකීම පවරා තිබෙන බව සභාපතිවරයා පැවසීය රෝහල්වල හෙද හෙදියන්ගේ හිඟය 3600 ඉක්මවා ඇති බවත් සෙසු කාර්ය මණ්ඩලවල ද හිඟයක් පවතින බවත් පෙන්වාදුන් ඔහු සේවා ස්ථානයේ සිට ඉතා දුර බැහැර ඡන්ද මධ්යස්ථානවලට යෑමට සිටින කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා ගැනීමේදී ගැටලු රැසක් උද්ගත වී ඇති බව පැවසීය මැතිවරණ කොමිසමේ නිර්දේශ සහ නිරීක්ෂණ ක්රියාත්මක නොකිරීම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ඡන්දය අයිතිය අහිමි කිරීමේ කුමන්ත්රණයක් බවට සැකයක් ඇතැයි ද සභාපතිවරයා චෝදනා කළේය සේවා ස්ථානයේ සිට ඉතා දුර බැහැර ඡන්ද මධ්යස්ථානවලට ඡන්දය පාවිච්චි කිරීමට යෑමට සිදුව ඇති සෞඛ්ය කාර්ය මණ්ඩලයට තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ හා නිර්දේශවලට අනුව සෞඛ්ය ලේකම්වරයා කටයුතු නොකිරීම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට බවට සැකයක් පවතින බව හෙතෙම පැවසීය ඡන්දය දා රෝගී සත්කාර සේවාවන් අඩාළ නොවන ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා තැපෑලෙන් ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් සැලසීමට පියවර නොගතහොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් අනතුරුව සෞඛ්ය ලේකම්වරයාට විරුද්ධව නඩු පවරන බව සභාපතිවරයා පැවසීය මාතලේ විශේෂ නිමල් ගුණතිලක
null
මෙම ජනාධිපතිවරණයේදී අපි සහාය දෙන්නේ රනිල් වික්රමසිංහ නමැති පුද්ගලයාට නොව වැටුණු රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් තැනැත්තා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙහි ප්රධාන ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය තෙල් පෝලිම් ගෑස් පෝලිම්වලින් ජනතාව හෙම්බත්වී වැටුප් ගෙවා ගන්නවත් බැරිවෙච්ච රට නැඟිට්ටුවේ එතුමා බව අමතක නොකළ යුතු බව ද ඔහු කීය ජනාධිපතිතුමාට අද පාර්ශ්ව රැසක් එකතුවී උදව් කරනවා එතුමා තරග කරන්නේ ස්වාධීනව එතුමා ස්වාධීනව ඉල්ලන නිසා ලංකාවේ ඕනෑම පක්ෂයක අයට එවැනි උදව්වක් කළ හැකිය දේශපාලන පක්ෂයක නම් තම අනන්යතාව රැකගෙන එම සහයෝගය ලබාදීමට හැකියි යැයිද කීය සුසිල් ජයකොඩි