Search is not available for this dataset
News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(*** මල්වාන - ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ විශ්වාසය මා ගැන තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට සූදානම් යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.රුවන් විජයවර්ධන මහතා එසේ පැවැසුවේ මෙවර මහා මැතිවරණයේදී තමාට සහාය ලබාදුන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා පෙරේදා (25) දහවල් මල්වානේ වල්ගම පිහිටි රුවන් විජයවර්ධන මහතාගේ ‘ලේක් ක්‍රසන්ට්’ නිවාස පරිශ්‍රයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකදීය.එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.එක්සත් ජාතික පක්ෂයට ජය පරාජය දෙකම පුරුදුයි. ඒ අනුව අප පක්ෂය පරාජයට පත්වූ පළමුවන අවස්ථාව මෙය නෙමෙයි. 1970 වසරේදි අප පක්ෂය අන්ත පරාජයට පත්වුණා. නමුත් 1977 වසරේ පැවැති මහා මැතිවරණයේදී අප පක්ෂය හයෙන් පහක බලයකින් බලයට පත්වුණා. ඒ නිසා දැන් අපි පක්ෂයේ තිබෙන දුර්වලකම් හා අඩුපාඩුකම් සොයා බලා ඒවා මඟ හරවා ගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. එබැවින් මේ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයින් තම මතවාද අමතක කර දමා පක්ෂය වටා ඒකරාශි වන ලෙසට ඉල්ලා සිටිනවා.කවුරු මොනවා කියුවත් අප පක්ෂයේ නායකත්වයේ අර්බුදයක් නැහැ. නායකත්වයට හතර පස් දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නමද ඉදිරිපත්වී තිබෙනවා. මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සාකච්ඡා කර සුදුසු කෙනෙක් තීරණය කරනවා. අපගේ පාක්ෂිකයින්ගේ මා ගැන විශ්වාසයක් තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට මා සූදානම්. අපගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෑම කෙනෙකුට තම අදහස් හා යෝජනා පක්ෂයට ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂය රැකගෙන ඉදිරියට ගෙනියන්න.එක්සත් ජාතික පක්ෂය මේ රටට විශාල සේවයක් කර තිබෙන පක්ෂයක්. පසුගිය යහපාලන රජය කාලයේ රජයේ සේවකයින්ට මෙන්ම ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. රජයේ සේවක වැටුප් දස දහසින් වැඩි කළා. සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. ඉන්ධන හා ගෑස් මිල අඩු කළා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැම්මා. ගම් පෙරළිය වැඩ සටහන යටතේ ගම්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත්තා. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අපගේ යහපාලන රජය කාලයේ ලබාදුන් සහන සියල්ලක්ම නවතා දමලා. රජයේ සේවක වැටුප් වර්ධන නතර කරලා. අත්‍යවශ්‍ය ආහාරවල මිල දෙගුණ තෙගුණ වෙලා. ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා.පාස්කු ප්‍රහාරය ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජනතාවට වගේම අපටත් දැන ගන්නට ඕනෑ. කොතැනද වරද වුණේ කියලා. එහි වාර්තාව නිකුත් වීමෙන් පසුව එහි නියම තත්ත්වය අප කාටත් දැන ගැනීමට හැකිවේවි.බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ.මේ අවස්ථාවට සහභාගිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයේ නව නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගත්තේය.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
1
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
0
නව රජයේ දින සියයේ වැඩපිළිවෙලින් අර්ධයක්, එනම් දින පනහක් පසුගිය සතිය වන විට ගෙවී අවසානය. ජනපතිවරණයේදී තම ප‍්‍රචාරණ උපක‍්‍රමය ලෙස පොදු විපක්ෂය දින සියයක වැඩපිළිවෙලක් යොදාගත් අතර එයින් රටේ ජනතාවට නොයෙකුත් සහන සලසා දෙන බව පැවසුනි. වැඩපිළිවෙලේ වූ ඇතැම් පොරොන්දු නියමිත පරිදි ඉටුකිරීමට රජය සමත්වුවත් බොහෝමයක් තවමත් තිබෙන්නේ පොරොත්තු ලේඛනයේය. මෙය රජයට පාරාවළල්ලක් වෙමින් තිබෙන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. තත්ත්වය තවත් බරපතල වූයේ නව රජයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතාවයන්ට පැමිණීමට ජාතික විධායක කවුන්සිලයේ නියමයෙන් පත් කෙරුණු අනුකමිටුවක කැඳවීමට අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අසමත් වීමත් සමගය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම නිල නිවස ලෙස භාවිතා කළ අරලියගහ මන්දිරය අද දිනයේ නව රජයේ කාර්යාලයක් ලෙස යොදාගැනේ. ජාතික විධායක කවුන්සිලය ජනපතිවරණ සමයේදී පොදු විපක්ෂය ලෙස අත්වැල් බැඳගෙන සිටි දේශපාලන පක්ෂ වල නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන වල කි‍්‍රයාධරයින්ගෙන් සමන්විත වන්නකි. දින සියයේ වැඩපිළිවෙලේ අන්තර්ගත ව්‍යවස්ථාමය වෙනස්කම්, දූෂණ මර්දන කි‍්‍රයාමාර්ග ආදී යෝජනා කි‍්‍රයාවට නැංවීම ඉක්මන් කරවීම සදහා එම අංශ ආවරණය වන පරිදි අනුකමිටු පත්කර තිබෙන අතර එම අනුකමිටු පත්කර තිබෙන්නේ මේ ජාතික විධායක කවුන්සිලයේ නියමයෙනි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක්ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව වන්නේ ව්‍යවස්ථාවට සිදුකරන වෙනස්කම් හා සමගම දැනට රටේ තිබෙන සමානුපාතික ඡන්ද ක‍්‍රමයද වෙනස් කිරීමය. නමුත් දැනට සිදුකළ යුතුව තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.මේ සඳහා වන යෝජනා පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බහුතරය අවැසිය. දැනට පාර්ලිමේන්තු අසුන් බෙදී තිබෙන ආකාරය අනුව ආසන 225 න් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආසන 126 කුත් එක්සත් ජාතික පක්ෂය ආසන 41 කුත් හිමිකරගෙන සිටී. අවසාන වරට එක්සත් ජාතික පක්ෂයේ සිට පැති මාරු කළේ හිටපු පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකය. ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ එය මැතිවරණයෙන් පසුවට කල්දැමිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම රටේ වත්මන් අගමැතිවරයාද වන රනිල් වික‍්‍රමංසිහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙන අතර ඉදිරි මැතිවරණයෙන් පත්වන නව රජය ජාතික රජයක් වනු ඇති බව ඔහු නැවත නැවතත් පවසන්නකි.ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව දෙපාර්ශවය අතර පැවැත්වුනු සාකච්ඡා විසඳුමක් නොමැතිව අවසන් විය. එතැන් සිට දින 52 ක් වයසැති ඒකාබද්ධ රජයේ ඉදිරි පැවැත්ම ගැන නැගෙමින් තිබෙන්නේ සැකසංකාය. රජයේ ඇතැම් පාර්ශවකරුවන් රජයටම එරෙහි ප‍්‍රකාශ නිකුත් කරමින් සිටීම තත්ත්වය තවත් නරක අතට හරවා ඇත. ඇමැතිවරු හා නිලධාරීන් වංචා හා දුෂණ ගැන විමර්ෂණ කටයුතු සිදුකරන්නේ  ගොළුබෙලි ගමනින් බවත් තෝරු මෝරු  ඕනෑ තරම් සිටියදී රජය අල්ලමින් සිටින්නේ හාල්මැස්සන් බවත් ඔවුහු චෝදනා කරති. අනෙක් පසින් රජයේ පිළිතුර වන්නේ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු වන්නේ රටේ නීතියට අනුව හෙයින් ඒ සදහා අවශ්‍ය පරිදි කාලය ලබාදීම වැදගත් බවය. මේ හබයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැත. එමෙන්ම දෙපාර්ශවයම ඔවුන්ගේ කියුම් කෙරුම් නිසා සිටින්නේ වරක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනතාව අතර කොන්වී යමින්ය.ඒ කෙසේවුවත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ගෙන ඒම රජයේ මුල්පෙළ නායකයින්ගේ අරමුණයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ‍්‍රහස්පතින්දා රැයේ ජනපති මෛති‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පැවැත්වුණු අතර එයට අගමැති වික‍්‍රමංසිහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක ආදීහු සහභාගීව සිටියහ. ව්‍යවස්ථාමය වෙනස්කම් හා ඡන්ද ක‍්‍රමයට සිදුකෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය කෙසේ හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතුයැයි හමුවේදී තීරණය විය. ඒ අනුව මාර්තු 2 වැනිදා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් හමුවනු ඇත. සම්පූර්ණයෙන්ම වෙනස් ප‍්‍රතිපත්තීන් ඇති පක්ෂ දෙකක් අතර එකඟතාවක් ඇතිකර ගැනීම කෙසේවෙතත් එම ඇතිකරගත් එකඟතාවය ප‍්‍රකාරව කටයුතු කිරීම නම් කිසිසේත්ම පහසුදෙයක් නොවනු ඇත.පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අනුකමිටු හමුවේදී වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ව්‍යවස්ථා වෙනස්කම් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ලෙස සඳහන්වූ පිටු 4 ක ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ දෙයක් විය. මෙම ලියවිල්ලම පසු අවස්ථාවක පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින් අතර බෙදාහැරීමටත් ද සිල්වා මහතා කටයුතු කළේය. එහි අන්තර්ගත කරුණු කියවා බලා සංශෝධන සිදුකළ යුතුදැයි තීරණය කිරීම සදහා ඔහු කාරකසභා සාමාජිකයින්ට සතියක කාලයක්ද ලබා දුනි. විධායක ජනාධිපතිධූරයට සිදුකෙරෙන වෙනස්කම් සමගම රටේ ඡුන්ද ක‍්‍රමයද  වෙනස්විය යුතුව ඇතැයි යන මතයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය සිටී.මෙය යෝජනා දෙකක් ලෙස නොව එකම යෝජනාවක් ලෙස කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි අපගේ අදහසයි.යැයි එහි සඳහන්ව තිබුණි.විධායක ජනපතිධූරය සංශෝධනය කර මේ දක්වා භාවිතයට ගත් සමානුපාතික ඡුන්ද ක‍්‍රමය එලෙසම පවත්වාගතහොත් රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇත.එනිසා විධායක ජනාධිපතිධූරයට වෙනස්කම් කෙරෙනවා හාම රටේ ඡුන්ද ක‍්‍රමයද වෙනස්විය යුතුය.එහි වැඩිදුරටත් දැක්විනි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මේ හදිසි වෙස් පෙරළිය එක්සත් ජාතික පක්ෂය කෝප  ගැන්වීමට සමත්ව තිබේ.අපි ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සමග ස්ථීර එකගතාවයකට පැමිණුනා.දින 100 යේ වැඩපිළිවෙලේ යෝජනා කි‍්‍රයාත්මක කළායින් පසු මැතිවරණයකට යන්නට අප එකඟවුනා.මෙහිදී අප විශේෂයෙන් සදහන් කළ දෙයක් තමයි මැතිවරණ ක‍්‍රමයට වෙනස්කම් සිදුවෙන්නේ දින 100 වැඩපිළිවෙල අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් පස්සේ පත්වෙන නව රජයේ පාලන කාලයේදී කියන එක.දැන් කාටවත් කියන්න බැහැ ඒකට වෙලාවක් නැහැ ඒ නිසා විධායක ජනාධිපතිධූරයේ සංශෝධනත් එක්කම මැතිවරණ ක‍්‍රමයක් වෙනස් කළ යුතුය කියලා.පාර්ලිමෙන්තුව එළඹෙන අප්‍රෙල් 23 වෙනිදා විසුරුවන්නට අප මුල ඉදන්ම  එකඟ වෙලා ඉන්නේ.ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නේ අපේ මතයේම තමයි.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග  සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹ සිටින බවද ඔහු පැවසීය.අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ.ඔහු අවධාරණය කළේය.ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට ප‍්‍රථමයෙන් මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණට ඇති වුවමනාව තේරුම්ගැනීම පහසුය.නව ඡන්ද ක‍්‍රමයෙන් යෝජිත පරිදි කේවල ක‍්‍රමයෙන් වැඩි නියෝජිතයින් ප‍්‍රමාණයක් පත්කර ගැනීමට ඉඩ සැළසෙන අතර සමානුපාතික ඡුන්ද ක‍්‍රමයෙන් පත්කර ගැනෙන්නේ සුළු පිරිසකි.මෙය දැනට රටේ තත්ත්වය සැළකූ විට එක්සත් ජාතික පක්ෂයට හා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි මැතිවරණයේදී අවාසිදායක තත්ත්වයක් වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව වන්නේ වෙනස්කම් කිහිපයක් සිදුකර විධායක  ජනාධිපතිධූරය එළෙසම පවත්වාගැනීමය.පක්ෂය ඉදිරිපත් කර ඇති ලියැවිල්ලේ මෙසේ සදහන් වේ.ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයාත්මක විය යුතු රජයේ ඇතැම් ආයතනයන් වල කටයුතු වලට  ජනපතිවරයා සතු විධායක බලතල එල්ල කරන්නේ මරු පහරකි.එම බලතල භාවිතා කරමින් අදාළ ආයතනයේ කි‍්‍රයාවලිය තමන්ට වුවමනා පරිදි වෙනස් කිරීමේ හැකියාව  ජනපතිවරයාට ඇත.එනිසා මෙවන් බලතල හඳුනාගෙන ඒවා වෙනස් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.නමුත් ජාතික ආරක්ෂාවට වැදගත් වන විධායක බලතලද ජනාධිපතිවරයා සතුය.එවන් බලතල සංශෝධනය කිරීම නොකළ යුත්තකි.පක්ෂයේ තවත් යෝජනාවක් වන්නේ ජනපතිධූර කාලය අවුරුදු 6 ක සිට අවුරුදු 5 ක් දක්වා අඩු කිරීමය.ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුවේ කටයුතු වලට ඇගිලි ගැසීමේ හැකියාවක් නොතිබීම පිළිගත හැකි වුවත් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කෙරෙන අවස්ථාවලදී වහාම ඒ සදහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබිය යුතුයැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කියන්නේය.අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ  බලය කැබිනට් මණ්ඩලය වෙත ලබාදීම,වරක් ජනාධිපතිධූරය හෙබවූ පසු ඔහුට හෝ ඇයට නැවත වරක් ජනාධිපති පුටුවට තරග කරන්නට හැකිවන සේ එක් පුද්ගලයෙකුට දෙවරක් ජනාධිපතිධූරය දැරීමට අවස්ථාව සළසා දීම,ජනාධිපතිවරයා රජයේ නායකයා බවට පත්කිරීම මගින් ඔහුව අමාත්‍ය මණ්ඩල රැුස්වීම් වල ප‍්‍රධානියා බවට පත්කිරීම,වත්මන් ජනාධිපතිවරයා යටතට ඇතැම් අමාත්‍යංශ පත්කිරීම ආදී යෝජනාද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇත.ඉදිරියේ පත්වෙන ජනාධිපතිවරුන් යටතට පත්විය යුතු අමාත්‍යංශ හා ආයතන  සම්බන්ධයෙන්ද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය තම යෝජනාවලියේ විශේෂයෙන් සදහන් කර  ඇත. පොලිස් දෙපාර්තමෙන්තුව ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය ජනපතිවරයා යටතට පත්විය යුතු බව පක්ෂයේ අදහසයි.මෙය ජාතික හෙළ උරුමයද අනුමත කරන්නකි.බ‍්‍රස්පතින්දා දිනයේ සාකච්ඡා අසාර්ථකවීමට පෙර සිටම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ඔලූ යකාගේ කම්මල මෙන් තිබුණායැයි කීමේ වරදක් නැත.පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමිය යුතුව ඇතැයි රජයේම නොයෙකුත් පාර්ශවයන් එළිපිටම අදහස් දක්වමින් සිටීම ඊට හේතුවයි.කෙසේවෙතත් පාර්ලිමෙන්තු මැතිවරණය කල්දමන්නේදැයි හෝ අප්‍රෙල් 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් සිදුනොවන්නේදැයි සම්බන්ධයෙන් මේ දක්වාම රජය නිල ප‍්‍රකාශයක් නිකුත් කර නොමැත.ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ පෞද්ගලික මතය හෙළිකරමින් මැතිවරණ ක‍්‍රමයට අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු මහ මැතිවරණයකට යෑම යෝග්‍ය බව පැවසීය.කටුනායක ෆුල් මූන් හෝටලේයදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා සංවිධානය කර තිබුණු දෙදින වැඩමුලූවකදී මැතිවරණ පැවැත්වීම පිළිඹදව දීර්ඝ ලෙස සාකච්ඡුාවී තිබේ යැයි අනාවරණය වීමද එක්සත් ජාතික පක්ෂයේ නොසන්සුන්තාව තවත් වර්ධනය කර ඇත.වැඩමුලූවේදී ව්‍යවස්ථාමය වෙනස්කම් හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ශක්තිමක් කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කෙරී තිබෙන බව සඳහන්ය.ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විශේෂ විශ්ලේෂණයකට ලක්කර ඇති බවද පැවසේ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන තවත් යෝජනාවලියකින් (අනුකමිටුවට ඉදිරිපත් කෙරුණු ලියවිල්ල නොවේ) කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ගණන 30 ක උපරිමයකට පත්කිරීමටත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සැලකූ විට එම ප‍්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීමටත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.ජාතික රජයක් පත්කෙරෙන අවස්ථාවකදී නම් කැබිනට් අමාත්‍යවරුන් ගණන 45 ක් දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 55 දක්වාත් ඉහළ නැංවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු රාජපක්ෂ  රජයේ ප‍්‍රබල ඇමතිවරුයෙකු මෙන්ම ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මුල්පෙල සාමාජිකයෙකුද වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු පැවසූයේ මෙහි අරමුණ ජාතික රජයක් පිහිටවූ අවස්ථාවක සාපේක්ෂව විශාල කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම බවයි.මේ සදහා වන යෝජනාව ව්‍යවස්ථාවෙන් සම්මත කර ගත යුතුව ඇතැයිද ඔහු කීය.දින 100 යේ වැඩපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වුනේ නැතිනම් අපට වෙන්නේ ජාතික රජයක් පිහිටුවාගන්න තමයි.වැඩිපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියන්නේ මැතිවරණය කල් යනවාය කියන එක.එතකොට මැතිවරණය එනකන් පාලන කටයුතු කරන්න ජාතික රජයක් අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා. ඔහු පැවසීය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අදහස අනුව රටේ පාලන තන්ත‍්‍රයට සිදුවිය යුතු වෙනස්කම්  අනුසාරයෙන් සකස් කර ඇති යෝජනාවලියට අවශ්‍ය වෙනස්කම් සිදුකර එහි අවසාන පිටපත එළැඹෙන 14 වැනිදා පැවැත්වෙන පක්ෂ මහසමුලූවේදී නිදහස් පක්ෂ සාමාජිකයින් අතර බෙදාදීමට නියමිතය.මැතිවරණය කල්දැමිීමට බහුතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දක්වන්නේ යහපත් ප‍්‍රතිචාරයකි.මැතිවරණය කල්යෑම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂය ශක්තිමක් කිරීමේ කටයුතු වල නියැළීමටද අනගි අවස්ථාවකි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකුම පෙන්වා දුන් පරිදි එසේ මැතිවරණය කල්ගියහොත් හිටපු රජයේ ප‍්‍රබලයින්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයන් කලබලයකින් තොරව විමසිලිමත්ව හා නිරවද්‍යව සිදුකිරීමට අවස්ථාවද ලැබෙනු ඇත.පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික රජයක් පිහිටුවීම සිදුවුනොත් ඇතිවෙන නව ඇමතිධූර වලට නිදහස් පක්ෂයේ තරුණ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් පත්කරන්නට ජනපතිවරයා කටයුතු කරනවානම් හොදයි. ඒකෙන් පක්ෂයට හොද ගැම්මක් ලැබෙනවා.යැයි හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අදහස් දැක්වීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යන නම සංශෝධනය කොට නව නායකයෙකු යටතේ ඉදිරියට යෑම සංකේතවත් කිරීම සදහා නව පක්ෂ නාමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද විමසා බැලිය යුතුව තිබෙන බව ඔහු පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිචාරයමැතිවරණය කල්දැමීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නැගෙන්නට ගත් රාවය වඩ වඩාත් තීව‍්‍රවන්නට ගත් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හා හිමිවරුන් කිහිපනමක් සහභාගීව සිටි විශේෂ රැස්වීමක් ඇමතීමට එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම වත්මන් අගමැතිවරයාද වන රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළේය. මෙම හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදීය. එය අවසානයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුනි. එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර අරලියගහ මන්දිරයේදි පැවැති හමුව අසාර්ථකවී  ඇතැයි ඒ වන විටත් ප‍්‍රචාරයව තිබීම නිසා මෙම රැස්වීම පැවැත්වෙන්නේ ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි බොහෝ දෙනා සිටියේ වැරදි වැටහීමක් ඇතිකරගෙනය. නමුත් එවැනි අරමුණක් මෙම රැස්වීමට නොතිබුණි.මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බැවින් දැන් සිටම මහ මැතිවරණයට සූදානම් වන ලෙස පක්ෂයේ සාමාජිකයින්ට දැනුම්දී ඇතැයි පැවසීය. නිවැරදි ක‍්‍රමය විය යුතුව තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මැතිවරණයකට යෑම වුවත් ජනතාව ගැන සිතා තමන් ඇතුළු රජය දින 100 යේ වැඩපිළිවෙල අනුව කටයුතු කිරීමට තීරණය  කළ බව ඔහු කීය.හරිනම් ඡන්දය තියන්න තිබ්බේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා වැඩි දවසක්  යන්න ඉස්සෙල්ලා.නමුත් අපි එහෙම කළේ නැහැ.අප කාලය ඉල්ලා සිටියේ ජනතාවට අප පොරොන්දුවූ සහන ලබාදෙන්න.අනෙක අපට වුවමනා වුනා විධායක ජනපතිධූරය අහෝසි කරලා දාන්න.මැතිවරණයෙන් පත්වෙන්නේ ජාතික රජයක්.එක් එක් ඡන්ද කොට්ඨාශ වලින් වැඩිම ඡන්ද ලබාගන්නා ජනතා නියෝජිතයින්ව තමයි පාර්ලිමෙන්තුවට ගැනෙන්නේ. අගමැති වික‍්‍රමසිංහ මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම හා පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කරන බව සඳහන් කළ ඔහු තමා හා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊට  නායකත්වය දෙන බව කීය.බිම් මට්ටමේ සංවිධාන ශක්තිය නගා සිටුවීම එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ තිබෙන විශාලම අභියෝගයයි.පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ මෙම දුර්වලතාවට පිටතට  නොපෙනුනේ පැවති මහින්ද රාජපක්ෂ රජය ගැන කළකිරීමෙන් සිටි නිදහස් පක්ෂ  සාමාජිකයින් ඔවුන්ගේ පක්ෂයේ මහලේකම්වරයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති සටනට ඉදිරිපත්වීම දැක ඔහු දිනවීමට බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල වැඩි බරට කරට ගත් නිසාවෙනි.මනා ලෙස සංවිධානය වූ සාමාජිකයින් පිරිසක් සිටින ජනතා විමුක්ති පෙරමුණද මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය.නමුත් එළැඹෙන මැතිවරණයේදී මේ දෙපිරිස හමුවේ එක්සත් ජාතික පක්ෂයට මොහොතකටවත් සැනසුම් සුසුමක් හෙළීමට නොහැකිය.පක්ෂයට ඇති තවත් ගැටලූවක් වන්නේ අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවනු ඇතැයි සිතා සියලූම ආකාරයේ ප‍්‍රතිපාදන වැයකර මැතිවරණ ව්‍යාපාරය දියත් කර තිබියදී අවසාන මොහොතේ මැතිවරණ කල් දැමෙන බවට නිවේදනය කෙරුණහොත් ඒ සියලූ වෙහෙස ගගට කැපූ ඉණි මෙන් වනු ඇති වීමය.අප්‍රේල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට වික‍්‍රමසිංහ මහතා දැඩි ලෙසම  අවධාරණය කළත් ඔහු පවසන ලෙසට පාර්ලිමෙන්තුව එදිනට විසිරුවීමේ හැකියාවක් තිබේදැයි ඇත්තේ සැකයකි.දැනට පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතු බව කියන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණකි.ඒ සදහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ දින 100 යේ වැඩපිළිවෙලට අනුව අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් ගැන සදහන් වන බැවින් එය එසේම පිළිපැදිය යුතු බවයි.නමුත් මේ කියන දින 100 යේ වැඩපිළිවෙල දැනටමත් සැළසුම් කළ කාලයට  වඩා පසුපසින් දිවෙන බව අප මතක තබාගත යුතුය.පාර්ලිමෙන්තුව විසිරුවාහැරෙන බවට සඳහන් වන දිනයටත් එම සෙතම අත්නොවනු ඇතැයි ස්ථීර සහතිකයක් දීමට මේ අනුව කිසිවෙකුටවත් නොහැකිය.පොරොන්දු ඉටු කිරීම පසෙක තබා අදාළ දිනයේදී පාර්ලිමෙන්තු විසිරුවාහැරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළහොත් එජාපය ඉදිරියේ දෙනු ඇති පොරොන්දු වල බර කිරා බැලීමට ජනතාව පෙළඹෙනු ඇත.එය නොවැළැක්විය හැක්කක් සේම පක්ෂයට මහත් අවාසිදායක තත්ත්වවයක්ද වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ.රනිල් වික‍්‍රමසිංහට රහසිගත සැළැස්මක් තිබෙනවාද?  වත්මන් පාර්ලිමෙන්තුවේ බහුතර බලය පැහැදිලිවම රැඳී තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස්  පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතය.අනෙක් අතට පාර්ලිමෙන්තුව විසිරුවීමේ බලතල ව්‍යවස්ථාවෙන්ම පවරා දී තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාටය. අගමැතිවරයාට හැක්කේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට පමණකි.රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනපති සිරිසේන හෝ හිටපු ජනපතිනි  කුමාරතුංග හෝ නියමිත දිනයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට සහතිකයක් දී ඇත්දැයි අපි නොදනිමු. නැතිනම් ඔහු අත තවත් තුරුම්පුවක් තිබෙන්නේදවත් අපි නොදනිමු. ඔහුට ජනපතිවරයා හෝ හිටපු ජනපතිනිය එවන් සහතිකයක් දී ඇතැයි සැලකුවහොත් දේශපාලන ලෝකයේ දෙන ඔවැනි සහතික වල පැවැත්ම කාලයත් සමග වෙනස්වීමට විශාල ඉඩක් තිබෙන බව නම් ස්ථීර වශයෙන්ම කියා සිටීමේ හැකියාව අපට ඇත.1994 වසරේ ජනාධිපතිවරණ සමයේදී එවක ජනපතිනී කුමාරතුංග මහත්මිය තමන් නැවත වරක් බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධූරය ස්ථීරවම අහෝසි කරන බව  සඳහන් කර ඇයම අත්සන් තැබූ ලියවිල්ලක් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නාය.ඇයගේ අරමුණ වූයේ එමගින් ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්තිගේ සිත දිනාගෙන ඔහුගේ හා ඔහුගේ පක්ෂයේ සහය තමන්ට ලබා ගැනීමය.ඇය සටනින් දින්නාය.නමුත් පොරොන්දුව ඉටු නොකළාය.මෙවැනි පොරොන්දු කඩකිරීම් මෑත ඉතිහාසයේ ඇති පදම් දැකගත හැකිය.ඒවායේ පිහිට ලැබූ විධායක ජනාධිපතිධූරය අදටත් කි‍්‍රයාත්මකය.පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමා යැයි රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.නමුත් අවසානයේ පොදු විපක්ෂයක වේදිකාවෙන්  ඉදිරියට ආවේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.වර්තමානයේ උද්ගත වෙමින් තිබෙන තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයයි.එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන හිටපු ඇමතිවරයෙකු සඳහන් කරන ආකාරයට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීම කල් දමා පාර්ලිමෙන්තුව විසිරුවීම ප‍්‍රමාද කළ අවස්ථාවක හෝ පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට පෙරම ඉතාම නුදුරු දිනකදී හෝ ජාතික රජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගීමේ ඉඩ ඇත.මෙය සැබෑ වුවහොත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 17 දෙනෙක් එම ජාතික රජයේ කැබිනට් මණ්ඩලයට එකතු වනු ඇත.මේ හාම දැනට පත්ව  සිටින ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් වෙනත් අමාත්‍යංශ වෙත මාරු කිරීමද,තවත් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන්ම පහ කිරීමද සිදුවනු ඇත.මෙසේ ඉවත් වීමට හෝ වෙනත් අමාත්‍යංශයක් භාරගැනීමට සිදුවනු ඇත්තේ විවිධ චෝදනා ලබා සිටින අමාත්‍යවරුන්ට හා අකාර්යක්ෂමව තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ වැඩකටයුතු වල නියැලෙන අමාත්‍යවරුන්ට බව සැළය.මෙවන් තත්ත්වයක් හමුවේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමේ බලයක් එක්සත් ජාතික පක්ෂයට නොතිබෙනු ඇත.තවද පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ඔවුන් ඉදිරිපත් කරන යෝජනාව කිසිවෙකුත් සැලකිල්ලට නොගන්නා තැන ගෞරවයෙකගෙන සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත්වීම විනා වෙනත්  විකල්පයක් ඔවුන්ට නොමැත.එයින් පසු නැවත වාරයක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ඔවුන්ගේ මෙහෙයවීමෙන් පත්කළ නව රජය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් බවට පත්වනු දකිමින් 2016 වසරේ පාර්ලිමෙන්තුවේ ධූර කාලය අවසන්වන තෙක් ඉවසා සිටින්නට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.එක්සත් ජාතික පක්ෂය මෙසේ ගැටළුකාරී තත්ත්වයකට මැදිවෙමින් සිටියද පසුගිය  ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන් විධායක  ජනාධිපතිධූරය අහෝසි කරන බවද දින 100 යේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවද  ජනපතිවරණ වේදිකාවේදී නැවත නැවතත් පැවසූ බව අමතක කළ යුතු නැත. ශී‍්‍ර ලංකා  නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් පිදුම් ලැබූ දිනයේද ඔහු මෙය නැවත වරක් සඳහන් කරමින් මේ ලද නායකත්වය තමන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මහත් රුකුලක් වනු ඇති බව පැවසීය. නමුත් දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කිරීමට සිදුව ඇති නිසා ඔහුගේ අවධානය වෙනතකට යොමුවෙමින් තිබෙන බවක් පෙනේනන්ට ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් ඇතැම් කණ්ඩායම් පිල් බෙදී සිටින  බව සත්‍යයකි. ගෙවුනු සතියේ එම පක්ෂයට අයත් පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මාතරදී විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුයැයිද,ජාතික රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති යැයිද ආදී එකඟතාවන් ඔවුහු ඇතිකරගත්හ. මෙනිසා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්වද සතුටු කරමින් එක්සත් ජාතික පක්ෂයේ සහයද ලබාගනිමින් මේ යෑමට සිදුව ඇත්තේ පහසු ගමනක් නොවේ.එක්සත් ජාතික පක්ෂයට වැඩි ඇල්මක් දක්වන්නට ගියහොත් ඔහුට තම මව් පක්ෂයේ සහය අහිමිවන අතර එය දේශපාලනමය සියදිවි නසාගැනීමකි. අනෙක් අතට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇගෑලූම් පාන්නට ගොස් එක්සත් ජාතික පක්ෂයේ සහය අහිමිවුවහොත් එම පක්ෂයේ පිහිටෙන් අන්තර්ජාතික තලයේ ගොඩනැගෙමින් තිබෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය විනාශ වේ. දෙපිරිස අතර සබඳතාවය සමබර කර ගැනීමට තම පාක්ෂිකයින්ට පක්ෂපාතී වීමටත් ඒ සමගම අවංක දේශපාලඥයෙකු ලෙස තම ප‍්‍රතිරූපය ආරක්ෂා කරගැනීමටත් ජනපති සිරිසේන  මහතාට සිදුව තිබේ.වර්ධනය වෙමින් තිබෙන ගැටලූකාරී තත්ත්වය මර්දනය කිරීමට ඇත්තේ එක් විසඳුමකි. එය නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එහි හවුල්කාර පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට හිසනමා විධායක ජනපතිධූරය අහෝසි කර අදාළ දිනයේදී  පාර්ලිමේන්තුව විසිරුවා හැර දමා අලූතින් පත්වෙන රජය සමයේදී ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකඟවීමය. නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මානසිකත්වය සැලකූ විට ඔවුන් මෙවැන්නකට කිසිලෙසකින්වත් එකගවේයැයි සිතිය  නොහැක.දින 100 යේ වැඩපිළිවෙලේ ඇතැම් පොරොන්දු නියමිත දින ගතවී තිබියද ඉටුව නොමැති අවස්ථා රැසක් තිබෙන තැන එය තමන්ගේ වාසියට භාවිතා කරනවා විනා එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව වෙනුවෙන් කැපකිරීමක් සිදුකරන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොපෙළඹෙනු ඇත.‘‘දින සියයයේ වැඩසටහන - තොරතුරු සවිස්තරව” ලෙස මුල්පිටුවේම මුද්‍රණය කර තිබූ  නව රජයේ දින සියයයේ වැඩසටහන පිළිඹද ලියවිල්ල ජනාධිපතිවරණය පැවැත්වූ ජනවාරි මස 8 වැනිදාට පෙර සිටම ජනතාව අතර බෙදා හැරීමට එවක පොදු විපක්ෂය කටයුතු කළේය.එහි සදහන්ව තිබුණු අයුරින්,ජනවාරි 28 - පවතින සමානුපාතික ඡන්ද ක‍්‍රමය වෙනස් කර ඒ වෙනුවට කේවල හා සමානුපාතික ඡන්ද ක‍්‍රම වල එකතුවක් ලෙස කි‍්‍රයාවට නැංවිය හැකි නව ඡන්ද ක‍්‍රමයක් ස්ථාපනය කිරීම සදහා සියලූ පක්ෂ නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත්කෙරෙනු ඇත.මෙම නව ක‍්‍රමයෙන් සියලූ ප‍්‍රදේශ නියෝජනය වන පරිදි පාර්ලිමෙන්තුවට ජනතා නියෝජිතයින් පත්කරගැනීමට මෙන්ම සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේද නියෝජිතයින් කිහිපදෙනෙක් පත්කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.අප්‍රෙල් 23 - පාර්ලිමෙන්තුව විසිරුවා වැඩබලන රජයක් යටතේ නිදහස් හා සාධාරණ  මැතිවරණයක් පැවැත්වෙනු ඇත.මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂයට අගමැතිධූරයත් දෙවනුවට වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැතිධූරයත් ප‍්‍රදානය කෙරෙනු ඇත.පාර්ලිමෙන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන අයුරින් පත්කර ගැනෙන ජාතික රජයක් ඉදිරි වසර 2 ක කාලයේදී රට  පාලනය කරනු ඇත.මෙම පාලන සමයේදී රට මුහුණදෙන ප‍්‍රතිපත්තිමය අභියෝග ජයගැනීමට හැකිවන සේ ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කෙරෙනු ඇත.මෙම ප‍්‍රතිපත්ති රාමුවේ පිහිටෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවනු ඇත. එම ලියවිල්ලේ අවසානයට මෙසේ සදහන් වේ,රට පාලනය වන ආකාරය ආඥාදායක පාලන ක‍්‍රමයක් හා සමය.පවුලක සාමාජිකයින්  කිහිපදෙනෙක් රටේ ව්‍යවස්ථාවටද පිටින් යමින් තමන්ට වුවමනා තීන්දු තීරණ ගනිමින් සිටින්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම නොසළකා හරිමිනි.සමාජ සාරධර්ම හා සම්ප‍්‍රදායන් සියල්ල තිබෙනුයේ බිද වැටීය.එයි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවෙමින් තිබෙන මහා පරිමාන දුෂණ,වංචා, හමුවේ රට ගමන් කරමින් සිටින්නේ ආගාධයටය.මෙයට එරෙහිව නැගී සිටිය යුතුය.පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් අප පෙරට පැමිණිය යුතුය.සමාජමය හා ආර්ථිකමය ප‍්‍රතිසංස්කරණය කිරීම් වලින් අපට එය කළ හැකිය.අප වරක් ජීවත්වූ ඒ සමෘද්ධිමත් කාලය නැවත ඇතිකළ හැකිය.පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් රජය පෙරට පැමිණෙමින් සිටියත් එය සිදුවෙමින්  තිනේනේ ඉබි ගමනින් බව සදහන් කළ යුතුය.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික්  සමරවික‍්‍රම පවසන ආකාරයට දුෂිතයන් එක රැයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කිරීමට රජයට හැකියාවක් නොමැත.නීතිය කි‍්‍රයාත්මකවීමට අවශ්‍ය ඉඩ ලබා දියු යුතු බව  ඔහුගේ අදහසයි.දින 100 යෙන් තවත් ගතවීමට තිබෙන්නේ දින 42 කි.එම කෙටි කාලයේදී මේ සා විශාල වැඩකොටසක් කිරීමට රජයට කෙසේ හැකිවේදැයි සිතාගැනීමට පවා නොහැක.අද දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වැදගත්වන්නේ මේ නිසාය.මෙම පක්ෂ දෙකත්,අනෙකුත් දේශපාලන පක්ෂත්, සිවිල් සමාජ කි‍්‍රයාධරයිනුත් එක්ව කටයුතු කළේ හිටපු ජනපතිවරයා බලයෙන් පහකර අලූත් දේශපාලන සංස්කෘතියකට,යහපාලනයට,ශී‍්‍රලංකාව විවර කරදීමේ අරමුණ ඇතිවය. ඡන්ද දායකයින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නේ කිසිදා නොවූ අයුරින් රටේ දේශපාලන පක්ෂ එකම අරමුණකට එක්වූ නිසාය.එසේහෙයින් දැන් බලය ලැබිය යුත්තේ කාහටදැයි විවාද කරමින් නැවත වරක් පක්ෂ පාට මුල් කරගෙන පිල් බෙදීම එම ජනතාවට කරන ද්‍රෝහී කමකට නොඅඩු දෙයකි.අඩුම තරමේ යම් එකඟතාවයකට පැමිණීමට හෝ ප‍්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් සමත්වන්නේ නම් එය රටේ ජනතාවට අස්වැසිල්ලක්ම වනු ඇත.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනා වෙනත් තැනක පළව තිබෙන බව කරුණාවෙන් සලකන්න.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
0
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
0
(මුලටියන එස්. බාලසූරිය සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)මේ ආණ්ඩුව සමග ඉඳල වැඩක් නෑ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.ඔහු මෙසේද කීය.පසුගිය ජනාධිපතිවරණයේදී අප මහින්ද රාජපක්ෂ දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාට අපි ඡන්දය දුන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ආරක්ෂාවක් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවටත් ආරක්ෂාවකුත් නැහැ.මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් අප නැවැත්තුවා. අප නොසිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා. මේ තත්ත්වය පාලනය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප සිටිය නිසයි. අප මේ සටන ආරම්භ කළේ මේ රටේ සියලුම දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. ඊට පස්සෙ අපේම ජනාධිපතිවරයකු පත් කර ගෙන එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා. මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 26 දා මාතර දී පැවසීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණ මාලාවේ මංගල වැඩසටහනේ පළමු වැනි දේශනය පවත්වමිනි.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ඒ මහතා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් විතර වෙනවා. වයස අවුරුදු 15 දී තරුණ සමිතියක ලේකම්වරයෙකු ලෙස දේශපාලන ගමන ආරම්භ කරලා මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස 1988 වර්ෂයේ ඉඳලා ඉන්නවා. මේ සියල්ල මට ලබා දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. ශ්‍රීලනිපයෙන් දේශපාලනය කරලා අප දහසය දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා.අප මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු අනූපස් දෙනාගේ එකඟත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති වුණාම ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ආණ්ඩුවට එකතු වුණා.මා මැරෙනතුරු එජාපයට යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසය මා දන්නවා. අප දේශපාලනය කරන්නේ පොළොවේ පය ගහපු නායකයකු සමගයි. මේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට ආරක්ෂාවක් නැහැ. එජාප පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවට ආරක්ෂාවකුත් නැහැ. රටට සුගතියක් නැහැ. දුගතියක් තමයි තියෙන්නේ. අපට දේශපාලනය හොඳට තේරෙනවා. පක්ෂයේ විනයක් ඇතිව ඉන්න ඕනෑ. අප මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් නැවැත්වූවා. අප නොහිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා ජනතාවට දැනට ලැබෙන සහනයක් නැහැ. මේ තත්ත්වයට වත් පාලනය වුණේ ශ්‍රීලනිපයේ අය හිටිය නිසයි. ඒ නිසා තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට ගහලා එළවන්න හදන්නේ. ආණ්ඩුව තුළ ඉඳගෙන අප සටනක් කළා. මහ බැංකු මහා කොල්ලය සිදුවුණූ වෙලාවේ ඒ පණිවුඩය රටටම දුන්නේ අප. ඒකට විරුද්ධව සටන් කළේ අප.හෘද සාක්ෂියට එකඟව මහජනතාව වෙනුවෙන් අප ඒවා කළේ. මේකට විරුද්ධව අගමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒකාබද්ධය අප මේක ගෙනැවිත් දිනන්න හදා ගත්තා. එහෙත් මේක නැවැත්තුවේ අපේ අයයි. ඒකයි අපට තිබෙන වෛරය. ඒ අයට අප කීවා පක්ෂව ඡන්දය දෙන්න බැරිනම් ඡන්දයෙන් වළකින්න කියලා. ඒක ඒ අයගේ දේශපාලන අනාගතය. හැබැයි අපට තනතුරු අවශ්‍ය නැහැ. අප රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නා. ඇමැතිකම් තියාගෙන විපක්ෂයේ ඉඳලා නොවෙයි අප තනතුරු අත්හැරලා ආවේ සටන් කරන්නයි.ශ්‍රීලනිපයේ ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම හිටියොත් ශ්‍රීලනිපය නැත්තටම නැති වෙනවා. සමහරු අහනවා අප යන්නේ කොතැනටද කියලා. අප යන්නේ ප්‍රගතිශීලී පෙරමුණටයි. අප මේ සටන ආරම්භ කළේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. මේ 16 දෙනා ඒ සඳහා දිවිහිමියෙන් කැප වෙනවා. අප කේක් එකක් හැදුවා. කේක් එකේ අයිසින් එක තමුන්නාන්සේලා. අයිසින් නැතිව කේක් එක රස නැහැ. ජනාධිපතිවරණයක් දිනන්න මේ 16 දෙනාගේ හයිය අවශ්‍යයි. මේ දහසය දෙනාට පුළුවන් සුළුජාතීන් ඒකරාශී කර ගන්න. ඒ නිසා අපේ සටනට ලකුණු කීපයක් තියෙනවා. අත, පුටුව, බුලත්කොළය, අලුතෙන් ආපු පොහොට්ටුව මේ සියල්ල එකතුවෙලා එක ලකුණකින් ජනාධිපතිවරණයට එනවා.මේ රටේ ජනාධිපතිවරයකු පත් කර ගන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍යයි. ජනතාවගේ එකඟත්වයත් අවශ්‍යයි. එහෙම කරලා ජනතාව ඒකරාශී කරලා අපේම ජනාධිපතිවරයෙකු පත් කර ගන්නවා. අප ජයග්‍රහණය කරලා එජාප රජය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-ශ්‍රීලනිපයේ හා එජාපයේ ප්‍රතිපත්ති අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රීලනිපය පක්ෂයක් හැටියට එදා ජනතාව පිළිගන්නේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රගතිශීලි නායකත්වය නිසායි. මේ රටේ ප්‍රගතිශීලී නායකයන් සමග සියළුම ජනකොටස් එකතු කර ගෙන සමාජ ගත කරපු සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නිසායි. ඒ ශක්තිය අරගෙන පොදු මිනිසාගේ දේශපාලන පක්ෂය හැටියට ගමේ දුප්පතුන්ගේ පක්ෂය හැටියට. කම්කරුවන්ගේ පක්ෂය හැටියට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මේ පක්ෂය ගොඩනැගුවේ. ඊට පස්සේ ප්‍රගතිශීලී නායකයන් මේ පක්ෂය ආරම්භ කළා.මේ ආණ්ඩුව ජනතාවට එරෙහිව ගත් තීරණවලදී අප විරුද්ධ වුණා. විවේචනය කළා. හැබැයි ඒ එකකටවත් මේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න කියලා යෝජනා කළේ අප. විශ්වාසභංගයක් ගේන්න කීවේ අප. ඒකේ චෝදනා 15 ක් තිබෙනවා අගමැතිට විරුද්ධව. විශ්වාසභංගයේදී ශ්‍රීලනිප එක්සත් ජනතා නිදහස් සංධානය, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් පක්ෂව ඡන්දය දුන්නා. හෘද සාක්ෂියේ නිදහස අප භාවිතා කළා. මහජන නියෝජිතයකුගේ වගකීම වෙන්නේ රට හා ජනතාව වෙනුවෙන් බරපතළ කාරණවලදි නිවැරදි දෙය ඉටු කරන්නයි. එහෙම නැතිව ඡන්දය නොදී ගෙදර ඉන්න එක නොවේ. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි. මේ රටේ අති බහුතර ජනතාවගේ මතය අනුව විශ්වාසභංගයට පක්ෂව අප ඡන්දය දුන්නා. ඒ සඳහා අපට කොන්දක් තිබුණා.ජාතික වශයෙන් වැදගත් වන විසි වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක සමාජ ගත කරනවා. අනාගතයේදී ගොඩනගන ප්‍රගතිශීලී වැඩ පිළිවෙළ සඳහාම සියළුම දෙනා ඒකරාශී කර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාට අපේ හයියත් දීලා ඒ ප්‍රගතිශීලී වැඩපිළිවෙළ ගොඩ නගනවා. අපි කවදාවත් ශ්‍රීලනිපය හැර ගියේ නැහැ. ප්‍රගතිශීලී කඳවුර හැර ගියේ නැහැ.මේ රට කෘෂිකාර්මිකයි. 70% ක් කෘෂි කර්මාන්තයෙන් යැපෙන්නේ. 2016 දී දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඍණ බින්දුවයි. දශම තුනයි. (-0.3) 2017 දි ඍණ 0.8 යි. 2020 වනවිට සහල් මෙටි්‍රක් ටොන් 7,60,000 ක් ආනයනය කරන්න සිදු වෙනවා. පවුල් ලක්ෂ නවයක් ආහාර හිඟයට මුහුණපානවා. නියඟය නිසා කන්න කීපයක්ම කුඹුරු පාළුවුණා. වැස්ස ආවාම පොහොර සහනාධාරය නැහැ. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට මාසයකට ලක්ෂ 257 ක් ගෙවනවා. මේ ගොල්ලෝ මේවා තියාගෙන තමයි විශ්වාසභංගයට ෂේප් න්‍යාය දැම්මේ. අද ලෝකයේ නිවාස හදන්නේ හරහට නොවේ. නමුත් අපේ රටේ බිම් කට්ටි කඩ කඩ ගෙවල් හදනවා. මෙහෙම කරද්දී වගා කරන්න භූමියක් ඉතුරුවේවිද. රටේ ජනතාව මිලියන 21 යි. ඉදිරියේ ජනගහණය වැඩි වීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. නව ලෝකයට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් අපට නැහැ.සයිටම් අර්බුදයට වසර තුන හමාරක් වෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක පාස්කරලිංගම් කියනවා. එෆ්.සී.අයි.ඩී. එකට යන්න වෙන නිසා කියලා කියනවා.පළාත් පාලන ඡන්දය වසර දෙක හමාරක් කල් දැම්මා. නමුත් ඡන්දය තිබ්බම ජනතාව තොග පිටින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. ඉදිරි මැතිවරණවලදී තොග වශයෙන් නොවෙයි තොග දෙගුණ කරලා ඡන්ද දෙන්න ජනතාව බලා සිටිනවා. ඒ ජයග්‍රහණයට අපගේ ශක්තියත් ලබා දෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:- අප යූ.එන්.පී. ආණ්ඩුවේ වලිගයක් වෙලා හිටියේ නැහැ. එහෙම හිටියා නම් මෙහෙම එළියට බහින්න අපට බැහැ. අප එළියට ආවේ තවදුරටත් ශ්‍රීලනිපය මරාදාන්න ඉඩ දෙන්න බැරි නිසයි. මේ රටේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය තේරුම් ගත්තේ අප තමයි. ආණ්ඩුවේ ඉඳගෙන එජාපයට කත්අදින්න ඕනෑ කියලා ඒ අය හිතනවා. එහෙම නොකරන විට ඒ අයගේ ගෝලබාලයෝ දාලා අපට ගහනවා.1818 දී කැප්පෙටිපොළ ඉංග්‍රීසින් එළවලා දාන්න කැරැල්ල මෙහෙවූවා වාගේ 2018 දී රනිල් ප්‍රමුඛ එජාපය එළවලා දාන්නයි අප මේ කැරැල්ල ගැහුවේ. සමහරු අහනවා අප කොතැනද ඉන්නේ කියලා. අප ඉන්නේ ශ්‍රීලනිපයේ. මේ ආණ්ඩුවට තව මාස 18 යි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් සමග ඒකරාශී වී ප්‍රගතිශීලී බලවේග සමග ඒකාබද්ධ වී මේ ආණ්ඩුව පලවා හැරීමේ ඓතිහාසික කාර්යයට අපගේ මුළු ශක්තියම යොදවනවා. ඊළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රගතිශීලී වාමාංශික නායකයකු පත් කර ගැනීමේ සටනට අප උර දෙනවා.19 වැනි සංශෝධනය නිසා අගමැති ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිට නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සංශෝධනය ගෙනාවේ ඔහුට වාසි වෙන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා 2030 වනතෙක් එජාපයට නායකයකු ඉන්නවා කියලා. අනෙක් පක්ෂවලට එහෙම කෙනෙකු නැහැ කියනවා. එහෙම කිය කියා ජනතාවට බදු පිට බදු ගහනවා.කුංකුනාවේ හාමුදුරුවෝ කියපු විදියට අපේ රටට අලුත් නායකයකු අවශ්‍යයි. එජාපයට රට හදන්න බැහැ. මේ රට ගොඩ නගන්න නම් ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. බැඳුම්කර වංචාව යට ගහන්න ඇලෝසියස් 118 දෙනෙකුට සල්ලි දීලා තිබෙනවා කියලා කියනවා. අප ඇලෝසියස් ආරක්ෂා කරන්න සල්ලි ගත්තේ නැහැ. ඔහු ආරක්ෂා කරන්න කටයුතු කළෙත් නැහැ. හිරේ නොවේ හිර ගෙවල් දාහක දැම්මත් අප දහසය දෙනා නිවැරදි පිරිසිදු පාලනයක් මේ රටේ ගොඩ නැගීම සඳහා මුළු ශක්තියම යොදවනවා. අපේ සටන අප නොබියව ඉදිරියට ගෙන යනවා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා:- අප දහසය දෙනා පසුගිය 8 වැනිදා විපක්ෂයට ගියේ මේ ආණ්ඩුවේ වසර තුනක කාලයේ සිදු කළ වැරදි නිසායි. වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න අප එකතුවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසායි. ජාතික ආණ්ඩුව තුළ අප බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂාවන් ඉටු වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කීවාට ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ.පොහොර සහනාධාර කපා දැමු හින්දා වී ගොවීයන් වාගේ තේ කුරුඳු ඇතුළු අනෙකුත් වගාකරුවන් දුෂ්කරතාවට පත්වුණා. රටේ කෘෂිකර්මාන්තය අඩාල වුණා. 2012 වන විට මේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබුණා. පිටරටටත් සහල් අපනයනය කළා. ඒ කාලයේ මේ රටේ මිනිසුන් තුන්වේලටම බත් කෑවා. එහෙත් දැන් පිටරටින් හාල් ගේන්න සිදුවෙලා. පිටරටින් ගම්මිරිස් ගේන හින්දා ගම්මිරිස් වගාකරුවන් අනාථ වුණා. කෘෂිකර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව අප පෙන්වා දුන්නා. එහෙත් ඒවා ගණන් ගත්තේ නැහැ. එජාපයේ ඇමැතිවරු තමයි ආර්ථීක අංශයේ හැම පැත්තෙන්ම පාලනය කළේ. ඩොලරය දැන් රුපියල් 160 යි. 2015 දී රුපියල් 130 යි. රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550 ක පමණ අමතර මුදලක් ගෙවන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් සමග රට ගොඩනගන්න බැරි නිසයි අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ. ප්‍රගතිශීලී ජනතාවාදී නායකයකු යටතේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපගේ මුළු ශක්තියම යොදවනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා: රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම ගතයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. එජාපය සමග ශ්‍රීලනිපය හිටියොත් අපේ පක්ෂය කුණුවෙනවා. දියවෙනවා. රනිල්ට විරුද්ධව ගෙනා විශ්වාසභංගයේදී අපට දිනන්න බැරි වුණේ අපේ පක්ෂයේ අපේම අය නිසයි. බොහොම අමාරුවෙන් තමයි රනිල්ට පක්ෂව ඡන්දය දෙන එකත් වළක්වා ගත්තේ.වමේ ප්‍රගතිශීලී බලවේග සමග එකතුනොවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ විපාකය අප දැන් අත්විඳිනවා. කුමන මැතිවරණයකදී වුවත් සියළුම ජනකොටස් හා ප්‍රගතිශීලි පක්ෂ සමග එකතුවී කටයුතු නොකළහොත් ජයග්‍රහණයක් ලබා ගන්න අසීරුයි.අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ තවදුරටත් මේ ආණ්ඩුවේ හිටියට රටට ජනතාවට  සෙතක් නොවන නිසයි. ගොඩනැගී තිබුණූ රට දිනෙන් දිනම අගාධයට යනවා. මේ රට යළි ගොඩ නැගීමේ ඓතිහාසික කාර්යභාරයට උරදීම සඳහා මැති ඇමැතිකම් තනතුරු අත්හැර දමලා ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ සඳහා මුළු රටම පිළිගන්නා නායකයකුට අපේ ශක්තිය ලබා දෙනවා.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා: ශ්‍රීලනිපය මරන්න පුළුවන් පක්ෂයක් නොවේ. එදා බණ්ඩාරනායක ඝාතනය කරලා පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලත් බැරිවුණා. චන්ද්‍රිකා මැතිනියවත් මහින්ද රාජපක්ෂ මහතාවත් මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඝාතනය කරන්න හැදුවා. එහෙත් ශ්‍රීලනිපය මරන්න බැරිවුණා. මේ පක්ෂය මේ රටේ මිනිසුන්ගේ ජීවනාලියයි. අද මේ රටේ ස්කෝලේ මහතාගේ පුතෙකුට ඉංජිනේරුවරයකු එන්න ලැබුණේ ගොවියෙකුගේ පුතෙකුට දොස්තර කෙනෙකු වෙන්න ලැබුණේ ඌවේ වැසියකු වූ ඩිලාන්ට නීතිඥයකු වෙන්න ලැබුණේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති නිසයි.අප දහසය දෙනා ශ්‍රීලනිප පෙරටු කරගෙන එජාපය පරාජය කිරීමේ පාලම හදනවා. මේ රටේ ඉතිහාසය දිහා බැලුවාම සියලු බලවේග ඒකරාශී කර නොගෙන ජයග්‍රහණයක් ලබා ගන්න බැරි බව පේනවා. ඒ නිසා සියලු බලවේග එකතු කර ගෙන ප්‍රගතිශීලී ආණ්ඩුවක්, ජනාධිපතිවරයකු මේ රටේ ගොඩ නගන්න තමයි අප කටයුතු කරන්නේ. එජාප ආණ්ඩුවත් යටතේ රට ගොඩ නගන්න බැහැ. පසුගිය වසර තුනක කාලය තුළ රට අගාධයෙන් අගාධයට වැටුණා. ජනතාව පීඩාවට පත්වුණා.අප 16 දෙනා එකතු වෙලා රටපුරා කරගෙන යන හෘද සාක්ෂියේ නිදහස් සම්මන්ත්‍රණ මාලාව එකිනෙකාට මඩ ගහන එකක් නොවෙයි. රටේ තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්නයි අප හදන්නේ.බෙල්ලේ වැල දාගෙන ඉන්න කෙනාගේ සරම ගැලවුණාට ඒක අන්දවන්න කලින් බෙල්ලේ තොණ්ඩුව ගලවන්න ඕනෑ. එහෙම නැතිව සරම අන්දවන්න ගියොත් ඒ මිනිසාගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙලා මැරෙනවා. එතකොට සරම අන්දවලා වැඩක් නැහැ. ඒ වාගේ දෙයක් තමයි අප මේ ඉටු කරන්නේ.මේ සම්මුති ආණ්ඩුව පිරිමි ගැහැනු විවාහයකින් නොවේ. පිරිමි පිරිමි විවාහයක්. ඒ නිසා මේ සම්මුති ආණ්ඩුවෙන් සංවර්ධනයේ දරුවන් ඉපදෙන්නේ නැහැ. නමුත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ.ජාතික චින්තනයක් සහිත නවීන ලෝකයක් සමග ඉදිරියට යා හැකි ප්‍රගතිශීලී නායකයකු රටට අවශ්‍යයි. ඒ සඳහා පක්ෂ පාට ලකුණු අවශ්‍ය නැහැ. සියලු දෙනාටම පිළිගත හැකි ප්‍රගතිශීලී නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරගෙන ඔහු ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණ ගත යුතුයි.ඒ සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග හා සියළු ජාතීන් එකමුතු කර ගෙන පෙළ ගැසිය යුතුයි. ඒ ඓතිහාසික යුතුකම ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අපගේ මුළු ශක්තියම ඒ සඳහා යොදවා මේ රට යළි ගොඩ නැගීම සඳහා දිවිහිමියෙන් කැප වෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක,  විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජයතිලක යන මහත්වරුද අදහස් පළ කළහ.ආණ්ඩුවෙන් ඉවත් වූ සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න, සාරානාත් බස්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව සහභාගි වූහ.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවීමට පෙර මාතර ඓතිහාසික බෝධිය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ. වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. 
අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා
1
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම. ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන්  කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය,  අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා  තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්‍රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:  ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්‍රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා. රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. 
අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා
0
(මුලටියන - එස්. බාලසුරිය හා කඹුරුපිටිය - රසුන් දහනායක)‘‘දෙයියන්ගේ හාල් කැවුණු කට්ටිය වාගේ මේ ආණ්ඩුවේ එක එකා බැණ ගන්නවා. ඒ ඇමැතිවරයා මේ ඇමැතිවරයාට හොරා කියනවා. මේ ඇමැති ඒ ඇමැතිට හොරා කියනවා. උන් ඔක්කොම එකතු වෙලා අපට හොරා තියනවා. අපට හොරාය කියලා උන් එදා ඉඳින් කිය කිය හිටියා. ඒත් දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරනවා යැයි’’ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා මාතර මුලටියනදී පැවසීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මණ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් මුලටියන පස්ගොඩ හා හක්මණ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සහ පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු එක්ව එම රැස්වීම සංවිධානය කර තිබුණි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ සැප්තැම්බර් මස දෙවැනිදාය. දෙවැනිදා බිහිවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය අද (03) වැනිදා කැම්බල් පාක් එකේ පවත්වනවා. දැන් මේකේ වෙනසකට තියෙන්නේ මෙතෙක් කල් ශ්‍රීලනිපය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් හැටියටයි. බණ්ඩාරනායක මහත්තයා, ඞී.ඒ. රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදලා ගියේ ආපසු එජාපයට බලය දෙන්න නොවෙයි.අපි හැමදාම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි. අපියි මේ පක්ෂය ආරක්ෂා කළේ. චන්ද්‍රිකා හා අනුර පක්ෂය කඩාගෙන ගියා. දුවාලා පුතාලා යද්දී මැතිණිය හා ශ්‍රීලනිපය රැකගත්තේ අප හා මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාවයි.ඒත් අද සිදු වී තිබෙන්නේ කුමක්ද? මෙතෙක් කල් අපේ විරුද්ධවාදියා වූ එජාපය සමඟ හවුල්වෙලා ශ්‍රීලනිපය පරදවන්න කටයුතු කරනවා. ජනාධිපතිවරණයේදී ඒක කළා. ඒ විතරත් නොවෙයි පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ පක්ෂයේ ලේකම්, භාණ්ඩාගාරික තනතුරු දර පුඅය පන්නා දමලා, මධ්‍යම කාරක සභාවෙන් භාගයක් විසුරුවා හැරියා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මම මෙහෙයවෙද්දී මෙයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා එයාගේ විධායක ජනාධිපති බලය පාවිච්චි කළා. මැතිවරණයේ අවසාන මොහොතේ එහෙම කියපු හින්දා රටේ ජනතාව නොමඟ ගියා. අපට 117ක් ගන්න තිබුණු අවස්ථාව අහිමි කරලා අපි 95කට බැස්සුවා. ඒකේ ගෞරවය කවුද ගන්නේ. එතුමාම කියනවා පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා තමුසෙලා 95යි ගත්තේ. එහෙම නොවුණා නම් 117කට යනවා කියලා. අන්තිම මොහොතේ වැඬේ දුන්නා. ඒක හින්දා තමයි යූ.එන්.පී. එක දිනුවේ. යූ.එන්.පී. මන්ත‍්‍රීවරුන්ට කියපු රහසක් ඒකයි එතුමා දැන් මොකක්ද කරලා තියෙන්නේ. මෙයාට පුළුවන්ද ශ්‍රීලනිප සම්මේලනය මෙහෙම මෙහෙයවන්න.අද මා අහගෙන හිටියා ෆේස්බුක් එකේ අපි රනිල්ට, රනිල් අපට කියලා තියනවා. ශ්‍රීලනිපයේ අත දාගෙන යන්නේ නිල්පාට ඇඳගෙන. අප අලියට කියලයි කියන්නේ. උඹලා අලිය ළඟට වෙලා හිටපල්ලා. අපි අලියට විරුද්ධව ඉන්නවා. එයාලා එයාලත් එක්ක අත්වැල් බැඳ ගත්තා වේ අපට එයාලත් එක්ක අත්වැල් බැඳ ගන්න බැහැ.ඒකාබද්ධ විපක්ෂය විවෘතයි.  ඕනෑ පක්ෂයකට අපේ සම්මේලනයට එන්න පුළුවන්. ඇවිත් බැඳෙන්න පුළුවන්. අපේ ප‍්‍රතිපත්තිය එදා බණ්ඩාරනායක මහත්තයා ආරම්භ කරපු සටනේ ප‍්‍රතිපත්තියි. මේ රටේ ජනතාවගේ ජනතාවාදී සංස්කෘතිය හා ප‍්‍රතිපත්තිය රැකගන්න, අපේ සම්පත් රැක ගන්න, ඉදිරියට ගෙන යන්න මේවා තමයි අපගේ ප‍්‍රතිපත්තිය.අපේ පක්ෂය පාවා දීලා ඉවරවෙලා තමයි අද මෙහෙම සම්මේලන පවත්වන්නේ. මා නම් හිතන්නේ එතුමාට ඔය සම්මේලන ගැන එතරම් උනන්දුවක් නැහැ. මෙතුමා අදම දාගන්නේ එතුමාගේ උපන් දිනය සැප්තැම්බර් තුන්වැනිදා නිසයි. ඒක සමරන්නයි. සුබ පතන්නයි. ඒක නිසා කියලයි මා හිතන්නේ හාමුදුරුවනේ.මේ කෙටිකාලය තුළ රනිල් හැමදාම කියන්නේ කුමක්ද? ණය බර, ණය බර, ණය බර කියලයි. එයා කතා කරන්නේ හැමදාම බරේ, බරේ ණය බර තමයි කතා කරන්නේ. ඉතින් මේ ණය බර ගැන කතා කරන මිනිහාට පැහැදිලිව අප කියන්න  ඕනෑ අපි අවුරුදු නමයක් හිටියා ඒ කාලය තුළ මේ රටේ අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා. මිනිසුන්ට නිදහසේ ඉන්න, ජීවත්වෙන්න අයිතිය ලබාදුන්නා. ඒක අප ලබාගත් ජයග‍්‍රහණයක්. ඊට පස්සේ රට සංවර්ධනය කළා. අපි හම්බන්තොට වරාය ගුවන් තොටුපළ විතරක් නොවෙයි මුළු පළාතම, මුළු රටම සංවර්ධනය කළා. මේ ප‍්‍රදේශයේ මාර්ග දිහා බලන්න. එදා මේ පාර තිබුණේ කොහොමද? මේකේ යන්න පුළුවන්කම තිබුණද? මා අනන්ත අප‍්‍රමාණ වාරයක් මේ පාරේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. හැබැයි පාරේ යන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපි කාපට් දාලා පාරවල් ටික හදලා දුන්නා. රටේ ජනතාවගෙන් 99% කට විදුලිය ලබා දුන්නා. අද හැම ගමකම, ගෙදරකටම විදුලිය තිබෙනවා. ජනතාවට ජලය ලබාදීමට අප ලෑස්ති වෙලයි හිටියේ.අප ඉස්පිරිතාල ටික හදලා දුන්නා. ඒ විතරක් නොවෙයි පොලිසිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල අලූතෙන් ගොඩනැගුවා. ඒ අතරතුර අර පැත්තේ බෝම්බ ටික ඉවත් කළා. කෘෂිකර්මය දියුණු කළා. වැව් හදලා මහ විශාල ජල යෝජනා ක‍්‍රම හැම දිස්ත‍්‍රික්කයකම හදලා, මහවැලිය උඩහට හරවලා මොරගහ කන්ද යෝජනා ක‍්‍රමය යන මේවා ඔක්කොම කළේ අපේ ආණ්ඩු කාලයේදීය. ඒවා දැන් එයාට අමතක වෙලා. හැමදාම බොරු කතාවක් කියනවා. අප කරපු හොඳ වැඩක් නැහැ.ශ්‍රීලනිපයේ ස්වර්ණමය යුගය තිබුණේ මගේ කාලයේදීය. මේ ඔක්කොම කරදීලා අප මේ රට නිදහස් කර දීලා තිබුණා. එහෙත් දැන් ආපහු පාවාදෙන වැඩ පිළිවෙළකට යනවා. අද එක හමුදාපතිවරයකු කියනවා හිටපු හමුදාපතිට විරුද්ධව සාක්කි දෙන්න  ඕනෑම උසාවියකට යන්න සූදානම්ලූ. මේක තමයි මේ රටට ඇති වී තිබෙන තත්ත්වය හාමුදුරුවනේ. දෙයියන්ගේ හාල් කැවුණම කියලා කතාවක් අපේ ගම්වල තිබෙනවා. එක එකා බැණ ගන්නවා. එක් ඇමැතිවරයකු අනෙක් ඇමැතිට හොරා කියනවා. එයා මූට හොරා කියනවා. උන් ඔක්කොම එකතුවෙලා අපට හොරාය කියලා තියනවා. අපට හොරා කියන එක උන් එදා ඉඳන්ම කියනවා. දැන් සැබෑ හොරු හෙළිවෙලා. අපේ පැත්තේ හොරු හිටිය කියලනෙ කිව්වේ. උන් ටික තමයි ඒ පැත්තට ගිහින් දැන් ඇමැතිකම් කරන්නේ. අපට නොවෙයි ඒ කට්ටියට තිබෙන චෝදනා පැරදිච්ච හාදයෝ ටිකට ඇමැතිකම් දීලා.සහෝදරවරුනි, අපි පැහැදිලිව කියනවා අප සමඟ අත්වැල් බැඳගන්න. අප තමුන්නාන්සේලා සමඟ ඉන්නවා. ජනතාව සමඟ ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛා සමිති හදලා, ඒවා එකතු කරලා ඒකාබද්ධ විපක්ෂය හදන්න පියවරගෙන තිබෙනවා. මේ සියලූ දෙනාම එකතු වී එජාපයේ ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරන්න සූදානම් වන්න කියන එක මතක් කරමින් ඔබ සියලූ දෙනාට ජයවේවා යැයි’’ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- ‘‘මා පොදුජන පෙරමුණේ ආසන 114ක රැස්වීම්වලට සහභාගී වුණා. වැඩිම සෙනඟ හක්මණ මේ රැස්වීමේ ඉන්නේ. මේ ආණ්ඩුවට දැන් අවුරුදු 2යි මාස 7යි දින 26ක් වෙනවා. වෙනස දැන් කොහොමද? මිනිසුන් රැවටුණා. ඒ කාලේ කුඩු ගැහුවේ කන් හැන්දෙන්. දැන් සවලෙන්. පසුගිය මාස හත ඇතුළත කුඩු කිලෝ 650ක් රටට ගෙනත් තියෙනවා. පොඩි දරුවන් පවා කුඩුවලට ඇබ්බැහි වෙලා. දින 100න් අලූත් රටක් ගොඩනගනවා කියලා කීවා. දැන් මාස 60කින් අලූත් රටක් ගොඩ නගනවා කියලා වික‍්‍රමසිංහ මහතා කියනවා. ලක්ෂ 10කට රැකියා දෙනවා කීවා. ඒ අනුව දැනටමත් ලක්ෂ 5 ක් දීලා තිබිය යුතුයි.කුරුණෑගල ෆොක්ස්වාගන් කම්හළෙන් කාර් හදනවා ඇති. මවු සමාගම නොදැන මෙහේ කම්හලක් දැම්මා. හොරණ ටයර් කම්හලක් දැම්මලූ. ඒක කලින් තිබුණු එකක්. ඉතින් මේ යහපාලන ආණ්ඩුව මේ රටට කිසිම දෙයක් තවමත් කරල නැහැ.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු හා රණවිරු යන බලවේග මත ශ්‍රීලනිපය ආරක්ෂා වෙලා තියෙන්නේ. පසුගිය ආණ්ඩු මහා සංඝරත්නය හිරේ දැම්මේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව මේ වනවිට හාමුදුරුවෝ 57 නමක් හිරෝ දාලා. දොස්තරලාට සලකන හැටි කොහොමද. එදා දොස්තරලා වැඩි දෙනකු යහපාලනයට ඡන්දය දුන්නා. ගොවීන් දැන් අනාථයි. කොළොන්නාවේ තෙල් සේවකයන්ට මැරයන් දමා පහර දුන්නා. ත‍්‍රස්ත‍්‍රවාදය නිම කළ රණවිරුවන්ට සලකන හැටි හොඳට පෙනෙනවා. ශ්‍රී ලංකාකාරයන්ට මේ හවුල් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? නියම ශ්‍රී ලංකාකාරයන් ඉන්නේ අප සමඟ යැයි අබේගුණවර්ධන මහතා කීය.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා:- ‘‘ජනවාරි 8ට කලින් රටේ ආණ්ඩුවක් තිබෙන බව දැනුණා. දැන් ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. හැම පැත්තෙන්ම අකර්මණ්‍ය වුණු රටක් දැන් තියෙන්නේ. හැම පැත්තෙන්ම නතර වුණු රටක්. සිහින ලෝකයකට යන්න ජනවාරි 8වැනිදා ඡුන්ද දුන්නා. දැන් ජනතාවගේ සිහින බොඳ වෙලා. අපට දැන් මහා වගකීමක් ඉටු කරන්න තිබෙනවා. මේ පාදඩ ආණ්ඩුව ගෙදර යවන වගකීම ඉටු කරන්න තිබෙනවා. මේ රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්කරන්න අවශ්‍යයි. එතුමා රටේ නායකයා කරලා මිසක් මේ සටන නවත්වන්නේ නැහැ’’.රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා:- ‘‘ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් හැටියට කැම්බල් පිටියේ 66 වැනි සම්මේලනයට සහභාගි නොවී හක්මණ බල මණ්ඩල රැස්වීමට ආවේ ඇයි කියලා කියන්න  ඕනෑ. ශ්‍රීලනිපය හා එජාපය එක් වී මේ හයිබි‍්‍රඞ් ආණ්ඩුව හදල තියෙන්නේ. සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන් හැටියට බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති රකින මිනිසුන් හැටියට අපට ඒ රැස්වීමට යන්න බැහැ. අද ශ්‍රීලනිප ඇමැතිවරු එජාප ආණ්ඩුවේ කුක්කන් වෙලා. ලජ්ජ තියෙන මිනිහකුට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? මේ ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප ඇමැතිවරු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම විකුණලයි දිනුවේ.කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:- ‘‘පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම්වලින් වැඩිම ජන ගඟ ගැලූවේ හක්මණ බලමණ්ඩල රැස්වීමටයි. මේ ජන ගඟ ගලන්නේ මහින්ද රාජපක්‍ෂ කියන ලාංඡුනයටයි. පැරදිලා ගෙදර ගිය නායකයකුට මේ වාගේ ජන ප‍්‍රසාදයක් තිබුණාද? මොන තරම් මඩ ගැහුවත් මහින්ද රාජපක්‍ෂ මහතා තමයි ජනතාවට වැඩියෙන්ම ආදරය කරන නායකයා. ඉතිහාසයේ මෙහෙම නායකයකු ඉඳලා තියෙනවද? ජනවාරි 8 දිනයෙන් පසුවත් මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතාව ආදරෙයි. ඒ රටක් දිනාදුන් නායකයා නිසයි.මහින්ද රාජපක්‍ෂ මහතා වාගේ ජන නායකයකු හඳුන්වා දුන් දකුණේ ජනතාවට පින්දෙනවා. මේ ආණ්ඩුව රටක් වටින හම්බන්තොට වරාය වික්කා. ඒකට සිරිසේන මහතා මුලින් විරුද්ධ වුණා. පසුව කැමැත්ත දුන්නා. මේක චීන්නු නිකම් ගනීවිද? අධිවේගී මාර්ගයත් විකුණන්න හදනවා. හැමදේම විකුණන්න හදනවා. රාජපක්‍ෂ ණය කියලා බැඳුම්කරයෙන් මුළු භාණ්ඩාගාරයම හිස් කළා. ඒත් මහින්ද මහතා ණය අරගෙන රට හැදුවා. මිනිසුන් ණය බරෙන් මිරිකෙව්වෙ නැහැ. දැන් හැම අතින්ම ජනතාව පීඩාවට පත් කරනවා යැයිද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.කැටියපේ සුභද්‍රාරාමාධිපති කැටියපේ පේමසාර හිමියන් රැස්වීමට සහභාගි වී සිටි පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර, මුලටියන ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.පස්ගොඩ හිටපු සභාපති මහින්ද ඊශ්වර, දකුණු පළාත් මන්ත‍්‍රී බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද අදහස් දැක්වූහ.ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, නාමල් රාජපජෂ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද දකුණු පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ, මන්ත‍්‍රීවරුන් වන සරත් යාපා, චන්දන සිරිබද්දන, අරුණ ගුණරත්න, මුලටියන ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ඇල්ලදෙණිය මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.එහිදී මුලටියන, හක්මන හා පස්ගොඩ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ට පොදුජන පෙරමුණේ ලිපිගොනු බාරදීම රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු මන්ත‍්‍රීන් අතින් සිදු කෙරිණි.
අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා
0
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප‍්‍රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න  ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න  ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න  ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්‍ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්‍ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත‍්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත‍්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප‍්‍රශ්න කරනවා.උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න  ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න  ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න  ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත‍්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත‍්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක‍්‍රමයක් අපිට  ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න  ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න  ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප‍්‍රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප‍්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප‍්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න  ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න  ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික‍්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප‍්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප‍්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප‍්‍රහාර එල්ල කරන්න  ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි  ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න  ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න  ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක‍්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික‍්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික‍්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක‍්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික‍්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික‍්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා
0
(*** මුදිතා දයානන්ද)කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින්  සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය.ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහිදී ඔහු මෙසේද පැවසීය.වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවී තිබෙනවා. මේ වන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා. මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1,113,000කට රැකියා අහිමිවී තිබෙනවා.මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුළු වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා.ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩා හරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුළුවන්. සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හා පරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදු වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ලූනු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගැනීමයි.විදුලි බිල ජලබිල පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල් මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ.කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පාරට බැහැලා තමන්ගේ වැඩකරපු ප්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබර පටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් යොදා අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා.එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ එම  ආයතනය පසුගිය විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාව හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවීම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි.එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන තත්ත්වය ගැන ජවිපෙ අදහස?පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙකහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙස මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැඟීම.
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි
1
(මුදිතා දයානන්ද )කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් දේශීය කෘෂි නිෂ්පාදනය රැකගන්න එසේ කළ බව කියන මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය.ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහිදි ඔහු මෙසේද පැවසීය.වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත‍්‍ර‍්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවිමේ අවදානමක් මතුවී තිබෙනවා. මේවන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා.  මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1113000කට රැකියා අහිමිවී තිබෙනවා. මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප‍්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුලූ වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා. ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩාහරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුලූවන්. සෙ සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත‍්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප‍්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හාපරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදුත් වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අතව්‍යශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුලූවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ළුෑණු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූණු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක‍්‍රියාමාර්ග ගැනීමයි.විදුලි බිල ජලබිල පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල්  මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප‍්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ. කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුලූ ක්ෂේත‍්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පරාට බැහැලා තමන්ගේ වැඩකරපු ප‍්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂන කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබරපටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා.ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. දහ ගක්ස තිස්දාහක පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා. එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති  සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දියි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ සෙ ආයතනයපසු විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. සෙ ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත‍්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාවය හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවිම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක‍්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි. එහිදි මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවි තිබෙන තත්ත්වය ගැන මොකක්ද ජවිපෙ අදහස? පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡුන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙෂ මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැගීම. 
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි
0
හර්ෂණ තුෂාර සිල්වා“මෙතෙක් රටට මහා බරක්ව පැවැති ණය ගෙවා දැමීමට හැකි තත්ත්වයට ආර්ථිකය ඉදිරියට ගෙනඒමට ජාතික රජයට හැකිවිණැයි” අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.ආර්ථිකය ඉදිරියට ගෙන ඒමත් සමඟ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා ඉඩ සැකසී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ආර්ථික සංවර්ධනයෙන් තොර යටිතල පහසුකම් සංවර්ධනයකින් පලක් නැතැයි ද කීවේය.සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශ්වකරුවන්   සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ අනාගතය’ මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ්හී  පැවැති සමුළුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල්   වික්‍රමසිංහ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.“තව නොබෝ දිනකින් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ආසියාව වනු ඇතැයි ද ශ්‍රී ලංකාවේඋපායමාර්ගික පිහිටීම එහිදී ඉතාමත් වැදගත් යයි” ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ආසියානු කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් යටිතල පහසුකම්  සංවර්ධනය කරන අතරවාරයේදී වරාය, ගුවන් තොටුපොළ සහ අභ්‍යන්තර මහා මාර්ග පද්ධතිය ඇතුළු සබඳතා ජාල ද ඊට  සමගාමීව සංවර්ධනය කළ යුතුබව ද? අග්‍රාමාත්‍යවරයා එහිදී කීවේය.තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “සමුළුව පැවැත්වෙන්නේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයකදී බව මුලින්ම කිව යුතුයි. වෝක්ටර් ටුවර්ස් වෙත ගිය හැටි මට මතකයි. වසර 45කට කලින්  කොල්ලුපිටියේ එය පිහිටියා. මම වසර දහයකට වැඩි කාලයක් හෝටල් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබුවා.අද වනවිට සංචාරක කර්මාන්තය බොහෝ සෙයින් වෙනස් වෙලා. ලෝකයේ හැම තැනම එය එසේයි.අනෙක් අතට ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ධාවකය බවට ආසියාව පත්ව තිබෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඊට  ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් 1970 පසු ආරම්භවූ ආසියානු කලාපයේ ඇති ආර්ථික සංවර්ධනය. අනෙක් කරුණ නව තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයයි.ආසියානු කලාපයේ රටවල් ශීඝ්‍ර ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනය අත්පත් කරගෙන තිබෙනවා. වසර 2030 වනවිට ආසියා ශාන්තිකර කලාපය සංචාරකයන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නවා. එය සමස්ත කලාපයෙන් සියයට 75කට වැඩි ප්‍රතිශතයක් වනවා. වසර 45කට පෙර අපි ජර්මනියෙන්, ඩෙන්මාර්කයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළා. අද එය හාත්පසින්ම වෙනස් වෙලා. ආසියානු කලාපයේ සියලු රටවල ඒක පුද්ගල ආදායම වැඩිවෙලා. එය යුරෝපයේ ජනගහනයටත් වඩා වැඩියි.යුරෝපය නොසලකා හරින බව එයින් අදහස් වන්නේ නැහැ. එමෙන්ම වැඩිම ඒක පුද්ගල ආදායම තිබෙන සහඅනාගතයේදීත් එසේ වන කලාපය යුරෝපය බව කිව යුතුයි.එමෙන්ම යුරෝපය ඉතාම වැදගත් වෙළෙඳපොළයි. යුරෝපයේ සංඛ්‍යා දත්ත වගේම ආදායමත් ඔබට බලන්න පුළුවනි. අනෙක් අප අවධානය කළ යුතු කරුණ සහස්‍රයේ ජනතාවයි. විසි එක්වැනි සියවසේදී වැඩිවියට පත්වන දරුවෝයි ඔවුන් සංචාරක කර්මාන්තයට ආකර්ෂණය කරගන්නේ කෙසේ ද ? ඔවුන් සංචාරක කර්මාන්තය වෙනස් අතකට යොමු කරනවා.සංචාරක කර්මාන්තය ආරම්භ කරද්දි අපි බැලුවේ දේපළ දිහා. එහෙත් අද සාමාන්‍ය නවාතැන්වලින් එහාට ගිහිල්ලා. අද පරම්පරා ගණනක් සංචාරක කර්මාන්තයේ යෙදෙනවා. ඔවුන්ගේ ක්‍රමවේදවෙනස්වෙලා. රටකට ගියාම දන්න යාලුවෙකුගේ, ඥාතියෙකුගේ ගෙදර නවතිනවා.ඒ නිසා අපට අනෙක් දේවල්වලට වියදම් මුදල් ඉතිරි වෙනවා. විනෝදාස්වාදය සඳහාමුදල් ඉතිරි වෙනවා.අනෙක් කරුණ තාක්ෂණයයි. සංචාරක ආයතන සියලු දේ කර දෙනවා. ගුවන් යානයේ කාලය, ප්‍රවාහන පහසුකම්, හෝටල් පහසුකම් ඔබ යා යුතු හෝටල් පවා ආයතන විසින් සොයා දෙනවා. තාක්ෂණය අද සෑම ක්ෂේත්‍රයකටම බලපා එය බොහෝ දේ වෙනස් කර තිබෙනවා.අද අන්තර්ජාලය ඔස්සේ බොහෝ දේ කළ හැකියි. ඔබටම නවාතැන් ගැනීමට ස්ථාන සොයා ගත හැකියි. අද මැරියට් හෝටල් වෙනුවට එයාර් බීඇන්ඞ් බී ඇවිල්ලා. මා කලින් කිව්වා වගේ අද හෝටල් වෙනුවට නවාතැන් පහසුකම් සපයන ස්ථාන ක්‍රමවේද වෙනස් වෙලා.සියල්ල හමුවේ අභියෝග රැසක් අප හමුවේ තිබෙනවා. අපේ සංචාරක කර්මාන්තය බොහෝ විට මහා පරිමාණ සමාගම් සම්බන්ධ වී තිබුණා. එය වෙනස් විය යුතුයි. සංචාරක කර්මාන්තයේදී අපට අවධානය යොමු කරන්න බොහෝ දේ තිබෙනවා. වෙනස් කළ යුතු බොහෝ දේ තිබෙනවා.මා අගමැති ධුරය හෙබවූ 2001 සහ 2002 වසරවලදී කුඩා හෝටල් (බුටික් හොටෙල්ස්) ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කළා. ඒ කාලේ ඒ ගැන අහලාවත් තිබුණේ නැහැ. අද කාලයත් සමඟ වෙනස් විය යුතුයි.ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වෙනවා. එය ශ්‍රී ලංකාවේ උපයා මාර්ගික පිහිටීමත් සමඟ හොඳින් ගැලපෙනවා. එය ඉතාමත් වැදගත් වෙනවා. ආසියාව සංචාරක කේන්ද්‍රස්ථානය වනවිට ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි අපි ඉන් උපරිම ප්‍රතිලාභ ගත යුතුයි. අප චීනයෙන් පැය හයක දුරින් ඉන්නේ. ඉන්දියාව එහා දොරේ. පාකිස්තානය, බංග්ලාදේශය අපේ ආසන්නයේය. දකුණු අප්‍රිකාවට යා යුත්තේ අප රට පසු කරගෙනයි. ජපානය, නැගෙනහිර ආසියානු රටවල් ඉන්නේ අපට පැය කිහිපයක දුරිනුයි. නැගෙනහිර අප්‍රිකාවටගමන් ගන්නා මාර්ගය අප හරහා වැටී තිබෙනවා.අපේ පිහිටීමෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගැනීමට නම් සබඳතා ජාල ශක්තිමත් කළ යුතුයි. එය ඉතාමවැදගත්වනවා. අපි අපේ වරාය, ගුවන් තොටුපොළ සහ අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කරන්නේ කොහොමද? යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඒ කටයුතු ආරම්භ කරනවා. පසුගිය වසර කිහිපයේදී එය තරමක් වියදම්කාරී වුණා. ණය ගෙවීමටවත් ආදායම් ප්‍රමාණවත් වුණේ නැහැ. අපි කළ යුත්තේ අප සතුව තිබෙන දේ සංවර්ධනය කිරීමයි.වසර 2015 දී රජයේ වියදම් ඉතා විශාල අගයක පැවැතියා. ණය සේවා වගකීම් පියවීමටවත් ආදායම් ප්‍රමාණවත් වුණේ නැහැ. එහෙත් මේ වසරේ ගෙවී ගිය මාස කිහිපයේදී නියං තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද ප්‍රමාණවත් ආදායම් ඉපැයීමට අපට හැකියාව ලැබුණා. අපේ ආර්ථිකය අද වර්ධනය වෙමින් තිබෙනවා.ණය ගැනීමට අවශ්‍ය වූයේ අනෙක් දේවල්වලට පමණයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය නිසා ආර්ථිකය ස්ථාවරතත්ත්වයකට පත් කිරීමටත්, ආර්ථික නැවත පිළියෙළ කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යෑමටත් හැකියාවලැබුණා. ආර්ථික සංවර්ධනය නැතිව කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනයෙන් වැඩක් නැහැ. ආදායම්උපයන්නේ නැති, නැව් නැති වරාය, ගුවන් තොටුපොළවලින් පලක් නැහැ. ආදායම් උපයන්නේ නැති මහා මාර්ග පද්ධතියකින් වැඩක් නැහැ. පසුගිය කාලයේදී රටට වුණේ එයයි.අප ආර්ථිකය අනෙක් පැත්ත හැරෙව්වා. අප නිවාස ඉදිකළා. වැටුප් වැඩි කළා. පෞද්ගලික අංශයට අවස්ථා දුන්නා. අද ආර්ථිකයට පෙරට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ණය ගෙවීමට හැකි තැනට ඇවිත් ඉන්නවා. එහෙත් කළ යුතු දේ තව තිබෙනවා. අප මෙතෙක් කළ දේවල් අපතේ යෑමටද ඉඩ නොතැබිය යුතුයි.අද අප සංචාරක කර්මාන්තයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කලාපය ලෙස දකුණු පළාත කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. දකුණ කියන්නේ කඩිනම් ආර්ථික සංවර්ධනය අවශ්‍ය කරන පළාතයි.ඉන් අනතුරුව කටුනායක කල්පිටිය දක්වා දියුණුවනවා. අපට ප්‍රධාන වරාය දෙකක්, ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් තිබෙනවා. ත්‍රිකුණාමල වරාය තිබෙනවා. මේ සියල්ල කේන්ද්‍ර කරගනිමින් අප සංචාරක කලාප ස්ථාපිත කරනවා. සංවර්ධනය සඳහා විශාල ප්‍රමාණයේ හෝටල් ඉදි කරන්න ආරාධනා කරනවා. ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඔවුන්ට කොළඹ, මත්තල, යාපනය, නුවර, මන්නාරම විවෘතයි. ආයෝජකයන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය අවස්ථා උදා කරනවා. අවස්ථා විවෘත කර දෙනවා. අක්කර 500ක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කිරීමට මා අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. එය අපේ ආරම්භයයි.සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අපට විශේෂ සැලැස්ම තියෙනවා. අප විශාල ප්‍රමාණයේ හෝටල්වලට පමණක් නොව කුඩා හෝටල්කරුවන්ටත් අවස්ථාව උදා කර දෙනවා. දෙවැන්න ඉන්දියානු සාගරයයි. බෙංගාල බොක්කේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා සංචාරක කලාපයයි. විශාල ප්‍රමාණයේ වාණිජ සුඛෝපභෝගී සංචාරක නෞකාව ඉන්දීය සාගර කලාපයට ආකර්ෂණය කර ගැනීම එවැන්නක් වනවා. අපි ඉන්දීය රජය සමග සාකච්ඡා කරනවා.එය ඉලක්ක කරගනිමින් කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට කේන්ද්‍රීය සංචාරක කලාපය ස්ථාපිත කරනවා.සියල්ල කිරීමට මානව සම්පත අවශ්‍යයි. ඒ නිසා මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා අප දැනටමත් කටයුතු ආරම්භ කර ඉන් අනතුරුව ප්‍රවර්ධන කටයුතු අරඹනවා. අනෙක් අතට අවුරුද්දට දවස් 365ක් තිබෙද්දි දවස් 150කට සැලැසුම් කරන්නේ ඇයි ? මුළු අවුරුද්දටම සංචාරක සැලැස්ම හදමු. 2020 වෙද්දි ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.අපේ පොහොසත් රටක් 2025 දැක්ම ඉලක්ක කර ගනිමින් 2020 සිට 2025 දක්වා කටයුතු කිරීමට සැළැසුම් සකස් කරනවා. ඇතැම් ක්‍රියා මාර්ග හා කටයුතු දැනටමත් ආරම්භ වෙලා. මමත් අමාත්‍යවරායත් මැදිහත් වීමෙන් කාර්ය සාධන බළකාය කටයුතු කරමින් සිටිනවා. ඔවුන් වාර්තාව සකසමින් ඉන්නවා.එය ලැබුණු විගස සියලු පාර්ශව සමඟ එක්ව අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඔබට හැකියා රැසක් තිබෙනවා. ඔබට අවස්ථා රැසක් තිබෙනවා. ලෝකයේ සංචාරක කර්මාන්තය රැඳී තිබෙන්නේ ආසියාවේයි.අපේ රටේ පිහිටීම එහිදී ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපට කළ යුතු වැඩ රැසක් තිබෙනවා” යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ සී.එන්.එන් ට්‍රැවල් හි විධායක කර්තෘ බ්‍රෙකි ෆ්ලෙචර් මහත්මිය ද සංචාරක කර්මාන්තයේ අනාගතය සමුළුවේ ප්‍රධාන සැසියේදී අදහස් දැක්වූහ.මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.ඡායාරූප - ශාන්ත රත්නායක
මෙතෙක් රටට මහබරක්ව පැවැති ණය ගෙවාදැමීමට හැකි තත්ත්වයට ගෙනඒමට ජාතික රජයට හැකිවුණා
1
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
මෙතෙක් රටට මහබරක්ව පැවැති ණය ගෙවාදැමීමට හැකි තත්ත්වයට ගෙනඒමට ජාතික රජයට හැකිවුණා
0
(අංජුල මහික වීරරත්න)‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප‍්‍රකාශ කළේය.‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන  ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප‍්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප‍්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.මේ සෙනඟ දුටු විට අප  ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට  ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග‍්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග‍්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප‍්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත‍්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප‍්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත‍්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත‍්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක‍්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත‍්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.ත‍්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප‍්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.වරාය දියුණු වුණාම වරාය ආශ‍්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප‍්‍රදේශය කර්මාන්තපුරය වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත‍්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප‍්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප‍්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප‍්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ.
මෙතෙක් රටට මහබරක්ව පැවැති ණය ගෙවාදැමීමට හැකි තත්ත්වයට ගෙනඒමට ජාතික රජයට හැකිවුණා
0
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. “රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. “රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. “අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. 
මෙතෙක් රටට මහබරක්ව පැවැති ණය ගෙවාදැමීමට හැකි තත්ත්වයට ගෙනඒමට ජාතික රජයට හැකිවුණා
0
(මුදිතා දයානන්ද)ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජාතික සමුළුව අමතමිනි.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විසින් රැකිය යුතු කරුණු දොළහකින් යුත් ආචාර ධර්ම පද්ධතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අපේක්ෂකයෝ සියලු දෙනා එය සුරකින බවට ප්‍රතිඥා දුන්හ.වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහින් තිබෙනවා. එය සභාවක නිල කාලයට ආසන්න කාලයක්. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්පත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවළකට තුවාල වෙන්න ගහලා’, ‘කොළොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්ත්‍රී ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය අප හැමට තිබෙනවා. මේ ප්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ජයග්‍රහණය කර, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර ජයග්‍රහණයක් වුවත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ’භාවිත කරනවා. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි.එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත්, අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්.මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡන්දය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රටේ බලය තිබෙනවා නම් ගම හදන්න වෙනම බලයක් මොකටද? මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. ඔවුන්ට ඉතිරිවී තිබෙන බොරු දේශප්‍රේමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි.ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලු දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියකු බවට පත්කර ගන්නා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාව ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග්‍රහණ ලබාගත හැක්කේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ධ වුණු ප්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලුම ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා.මෙහිදී අදහස් දැක්වු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප්‍රමාද වූ බව. අපි දැවැන්ත සටනක් කළා පැවතුණ මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න. ඒ සටන ජයගෙන මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරාගත හැක, අපේ රටේ ජනගහනයෙන් අඩකට වඩා සිටින කාන්තාවන්ගේ නියෝජනය වැඩි නව මැතිවරණ ක්‍රමයක ලැබි තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයකට අන් කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය මේ රටට අවශ්‍යයි.මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. අපි මේ මැතිවරණයට එන්නේ පළමු වතාවට රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග්‍රාහී පසුබිමක. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයත් ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කරන්න අපිට හැකිවුණා.ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡන්දයේ ප්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. පල්වෙලා ගඳ ගහන, වංචා - දූෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑ වසර පුරා පාදඩකරණය කළ දේශපාලනය තුළ බිහිවූදේශපාලනඥයා, මිත්‍රශීලී මහජන සේවකයෙකු කිරීමට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ ඡන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.1994 මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා තමන්ට ලැබෙන වැටුප රට තමන්ගේ සුඛ විහරණයට ලබානොගෙන පොදු අරමුණකට යොමු කරමින් ඒ ගෞරවනීය ආදර්ශය රටට දුන්නා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්ත්‍රී ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්ත්‍රී අරමුදල වැඩි වුණා. මන්ත්‍රී වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් අරන් දරුවන්ට නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා. රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ආරම්භය වෙනුවෙන් ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා  මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව - දූෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, සාහිත්‍යකරුවෙක්, වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහභාගිවීමට ලැබීම අගයකොට සලකනවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු ලෙස වුවත් මට වඩා දක්ෂ කථිකයින් රැසක්ම මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් තර්කානුකූලව කරුණු සහිතව මහජනතාවට තම මතය ඉදිරිපත් කළත් ඒ මතයට මේ දක්වා මහජනතාවගෙන් අවශ්‍ය වටිනාකම ලැබිල නැති බව අපිට පිළිගන්න වෙනවා.මේ රටේ හරවත් දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. එවැනි පිරිසක් වැඩිපුර පාර්ලිමේන්තුවේ සිටියා නම්, ජනතාව වෙනුවෙන් කළ හැකිව තිබුණු වැඩකොටස ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට යුතුකමක් තියෙනවා ඉතිහාසය උගන්වන වගේම ඉතිහාසය ලියන අය හැටියට මේ රටේ සැබෑ ඉතිහාසය නිර්මාණය කරන මිනිසුන් එක්ක එකතුවී ඒ සුවිශාල කාර්යභාරයේ කොටස්කරුවෙකු වෙන්න. ඒක යුතුකමකට වඩා වගකීමක්. හරවත් ශිෂ්ටත්වයක් පිළිබඳව මානව ගරුත්වය පිළිබඳව දේශපාලනය, අපි ගමෙන් පටන්ගත යුතුව තිබෙනවා.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ නායකයින් හා සාමාජික සාමාජිකාවන් රැසක්ද පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි
1
(ඩයනා උදයංගනී)ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතයින් ගමට නව දේශපාලනයක් ගෙනයාමේ නියෝජිතයින් බවට පත්වන බව කී දිසානායක මහතා එය සාර්ථකව ඉටු නොකර ජනතාව වැටී සිටින මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බවද සඳහන් කළේය.ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව පැවසුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පෙරේදා (3) පැවැති ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගත වී තිබෙනවා. ගෙවුණු කාලයේ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩයයි. සිදුවූ සිදුවීම් සහ  සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ද පැවැත්ම සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිහිමුර්ජා වූ අසරණ තත්ත්වයකට මේ පාලනය පත්වී අවසන්.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප්‍රතික්‍ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි. එයින් ගොඩඒම සඳහා මේ වනවිට  ආණ්ඩුව ගනිමින් සිටින සමහර  ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය  කරමින් තිබූ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව  නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන්  කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම,  දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන්  බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ  ස්වභාවික සම්පත් සහ ගොඩනගන  ලද සම්පත් බහුජාතික සමාගම්වලට  විකිණීමට දරන ප්‍රයත්නය වගේම  ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී  ජනතා විරෝධි ක්‍රියාමාර්ග අනුමත  නොකරන පණිවුඩය මැතිවරණයේදී  ලබාදී තිබෙනවා. ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින්  ගොඩ ඒමට දරන ප්‍රයත්නයක් දකින්න  ලැබෙනවා. පාසල් දරුවන්ට ටැබ්  ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය  තහනමට කටයුතු කරපු අයම තහනම  ඉවත් කිරීමට ප්‍රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැලසුම් හකුළා ගනිමින් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා.මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී  තිබෙන සිහිමුර්ජා තත්ත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කරුවා වන එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්‍ෂයේ සිටියදී පවා ඔවුන් ජයග්‍රහණය කර තිබූ පළාත් පාලන අයතන මෙහිදී බිඳවැටී තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්‍ෂයේ දී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවද්දීම ගැටුම් තත්ත්වයක් මතු වී තිබීමයි.මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 ක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමැතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්ත්වයක්වි ධායක ජනාධිපතිවරයා යටතේ ඇති වී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය  සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමැතිවරුන්  ඊට විරුද්ධව විපක්‍ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්ම කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993 දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත්  සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. ඒ  වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බීජේපී පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මඟත් එක්සත් ජාතික පක්‍ෂයෙන් දැන් අවසන්. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිලියි. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්.මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.ඊට ප්‍රතිපාර්ශ්වවිකව රාජපක්‍ෂ කඳවුර ගොඩනැගෙනමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග්‍රාමාත ධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්ත්වයක්  තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීකයින්  මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත්කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්‍ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන්  කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන්  ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී තීව්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සලසා දීමයි. අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය එට්කා වැනි ගිවිසුම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිධෑම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරීමේ එකඟතාවයන් බිඳ දැමීම වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී  සිටිනවා. මැයි දිනය සැමරීමේ දී අනෙක්  සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත්  අපේ මැයි දින සැමරුම එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා  ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරුන් හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක්ඉටුකරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්දදායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්‍ෂකයන් හැටියට ප්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම පෞරුෂයකින් ඒබව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ ලෙස ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව මහජන සේවයට  කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා. අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගා කරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට  පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත්  ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරු ජයසූරිය මහත්තයත් සමගත්  තවත් විටෙක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ. සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන්  තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව  යුතුයි. ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට්  එක වෙලාවක කියනවා. ‘ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි’ කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත්  අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන්  ගත්තාම ජනතාව වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින්  මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන්  වෙත එහිදී විශේෂ වගකීමක් පැවරීතිබෙනවා.හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත්  මැණික් කැට ටික මේ සභාවේ දකින්න  ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. මැතිවරණයට පෙර පළාත්පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස ලක්‍ෂ එක හමාරකින් පමණ වැඩි වී තිබෙනවා. පැවති තත්ත්වය එක්ක බලනකොට ඔබේ පක්‍ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි.
මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි
0
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“
1
(නාලක සංජීව දහනායක ඇල්ල ප්‍රසාද් රුක්මල් බදුල්ල සිට)අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට තම රජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේ දී ඉකුත්දා පැවසීය.වෙළෙඳ පොළේ පවතින රැකියාවලට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු කීය.බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේ ද පැවසීය.කෘෂිකර්මය ගොඩනැගීමටත් වැවිලි කර්මාන්තය ගොඩනැගීමට අපගේ රජය අවධානය යොමු කරනවා. මේ රටට වසර ගණනාවක්ම විදේශ විනිමය උපයා දුන් ප්‍රධානම වැවිලි බෝගය තේ කර්මාන්තයයි. නමුත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අපගේ තේ සඳහා තිබූ ඉල්ලුම පහළ වැටිලා.එයට ප්‍රධානම හේතුව කසළ තේ පිටරට යැවීමයි. ඒ නිසා අද තේ කර්මාන්තයෙන් ඉහළ මිලක් ලැබෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉහළ විදේශීය වෙළෙඳ පොළට යැවීමෙන් අපට ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගත හැකියි. තේ කර්මාන්තය ඉහළට ගැනීමට අප ඉහළම සහය ලබා දෙනවා. එමෙන්ම වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා.වතු කම්කරුවන්ට නිවාස, අධ්‍යාපනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දෙමළ මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් ඉගෙන ගැනීමට ඔවුන්ට දුර බැහැර යන්න සිදු වෙනවා. අප ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. මේ වන විට දිස්ත්‍රික්ක 9ක පමණ ගම්මිරිස් ගොවීන් අන්ත අසරණ වී සිටිනවා. ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් මෙරටට ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා අද ගම්මිරිස් ආදායම පහළ වැටිලා. අපගේ රජය පිටරටින් ගුණාත්මක බවින් අඩු බෝග ගෙන්වීම නතර කරනවා. ගම්මිරිස් වගාව දියුණු කිරීමට අප මැදිහත් වෙනවා.රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරනවා මෙන්ම ගොවියා සුරකින්නත් ක්‍රියා කරනවා. පොහොර සහනාධාරය සියලුම බෝග සඳහා ලබා දෙන්නත්, ගොවි ණය කපා හැර, ගොවි රක්ෂණ ක්‍රමය හා ගොවි විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි පරිදි ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. එමෙන්ම ගුණාත්මක බවින් උසස් බීජ වර්ග හඳුන්වා දෙනවා. ගොවියා ව්‍යවසායකයකු කිරීමට අප ක්‍රියා කරනවා.එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළා. මේ රජය ඒ සංවර්ධනය ඉදිරියට ගෙන ගියේ නැහැ. එමෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපගේ පළමු වසරේදීම විශාල ආයෝජනයක් කරනවා.විරැකියාව නිසා අද තරුණ පරපුර අසහනයට පත් වෙලා. තොරතුරු තාක්ෂණයට තරුණ පරපුර යොමු කර අපට රැකියා නිර්මාණය කර ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ලක්ෂ තුනක පමණ රැකියා උත්පාදනය කළ හැකියි.අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ඇති කරලා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසු පිරිසගේ තත්ත්වය වැඩි දියුණු කරනවා.කලා අංශයෙන් උපාධිය ලබන අයට රැකියා ලබා ගැනීමට අසීරුය. ඔවුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමෙන් රැකියා ලබා ගත හැකියි. වෙළෙඳ පෙළේ තිබෙන රැකියාවලට ගැළපෙන පරිදි අප අධ්‍යාපනය වෙනස් කළ යුතුයි.ජනවාරි 1 වැනිදා වන විට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. එමෙන්ම රජයේ රැකියා ලක්ෂයක පමණ පුරප්පාඩුවක් තිබෙනවා. ඉන් එක් රැකියාවක් හෝ දුප්පත් පවුල්වලට ලබා දෙනවා. එමෙන්ම සියලුම නගර සභා ප්‍රාදේශීය සභා එකතු කරගෙන කසළ කළමනාකරණ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ආණ්ඩුව කාලේ හාල් කිලෝව රුපියල් 40-45 යි. අද රුපියල් 100යි. යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න වෙනස ඒකයි. ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලම හොරකම් කළා. නමුත් හොරා කියලා චෝදනා කරන්නේ අපිටයි. පික් පොකට්කාරයන් හොරා කියලා චෝදනා කරන්නේ අනිත් අයටයි.එතකොට හොරා කවුද කියලා හොයා ගන්න බැහැ. නමුත් හොරා කවුද කියලා අද හෙළි වෙමින් තිබෙනවා.මහ බැංකුව හොරා කාලා, වරාය ගුවන්තොටුපොළ විකුණනගෙන කෑවේ මේ ආණ්ඩුවයි. පාසල් දරුවන්ට දීපු නිල ඇඳුම වෙනුවට කූපන් පත් දුන්නේ මේ ආණ්ඩුවයි. වැට් බද්ද වැඩි කිරීම ඇතුළු ආණ්ඩුව ගෙනාපු හැම අහිතකර යෝජනාවකටම සජිත් ප්‍රේමදාස අත ඉස්සුවා. නමුත් ඔහු අද කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වගෙයි.ෆෙඩරල්වලට එහා ගිය විසඳුමක් දෙන බව සජිත් තමන්ගේ දෙමළ හා ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරලා තියෙනවා. සිංහල පිටපතේ වෙන එකක් කියනවා. අඩුම තරමේ රනිල් වික්‍රමසිංහවත් මේ වගේ ජනතාව රවට්ටල නැති බව අවංකවම කියන්න ඕන.එක්සත් ජාතික පක්ෂය කවදාවත් තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිංහල, දෙමළ, පිටපත්වල වෙන වෙන දේවල් කියලා නෑ. නමුත් සජිත් සිංහල, දෙමළ අය පමණක් නෙවෙයි ජාත්‍යන්තරයත් රවට්ටලා. වතු ජනතාවගේ වැටුප රුපියල් 1500 ක් කරන බව සජිත් කියනවා. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙන්නේ රුපියල් 1000 ක් දෙනවා කියලයි. තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එකක් කියලා ජනතාවට තවත් එකක් කියන අය ගැන විශ්වාසය තියන්න එපා.දරු ඵල නොමැති මව්වරුන් සඳහා නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන අද මව්වරුන්ට ප්‍රකාශ කළා.එමෙන්ම ජාතියට වින කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අපි ක්‍රියා කරනවා. අප දරුවන් මතින් මුදවා ගන්න ක්‍රියා කරනවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.2015 ජනවාරි 8 වැනිදා වැටුණු රට නැවත ගොඩ ගන්නවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මාසේ 16 වැනිදායි. බොරුවෙන් එකක් කියලා තමන්ව රවට්ටපු ආණ්ඩුවෙන් පලිගන්න ජනතාව බලාගෙන ඉන්නවා.බුද්ධි අංශ 97 ක් අනතුරු හඟවා තිබියදීත් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය නවත්වන්න උත්සාහ ගත්තේ නැහැ. මේ රටේ නොතිබුණු ත්‍රස්තවාදයක් ඇති කළේ මේ ආණ්ඩුවයි.පරාජයේ වේදනාව දැනටමත් දැනෙන නිසා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ආණ්ඩුව මඩ ගහනවා. ඒ මඩ ප්‍රහාරවලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ.අන්තවාදයට විරුද්ධ සියලුම දෙනා මෙවර ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි.පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළි අරගෙන. සජිත්ගේ වේදිකාවේ එ.ජා.ප. ප්‍රබල ඇමතිවරු නැහැ. ඇමැතිවරු දැන් අමාත්‍යාංශවල තම තමන්ගේ ලිපිගොනු අයින් කරනවා.ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව කියමින් ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.   මේ රටේ බෝම්බ පිපිරීම අවසන් කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. බෝම්බ පිපිරීම නවත්තපු අපිට නැවත මේ රටේ බෝම්බ ගහන්න අවශ්‍ය නැහැ. ඉරාන් වික්‍රමරත්න ඇමැතිවරයා වහාම අත්අඩංගුවට අරගෙන මේ බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කළ යුතු යැයි ද ඔහු කීය.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.අපි තීන්දුව හරි අතට ගත්තේ රට ආරක්ෂා කරන නායකයා දිනවන්නයි. නිවට එජාප ආණ්ඩුව පළවා හැර රටට හිතැති ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාව පුල පුලා බලා සිටිනවා. ශ්‍රීලනිපයේ අපි පංගුපේරුවෙන් තොරව ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා. වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නය විසඳා ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දැන් වතු ප්‍රජාවෙන් අලුත් උගත් පරපුරක් බිහි වී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.එමෙන්ම වසර 40ක් තිස්සේ බදුල්ල නගරයේ දැවැන්ත කුණු ගොඩක් තිබෙනවා. මෙය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්න. ඊට අමතරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙසත් ඉල්ලනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ගෝඨාභය රට හදන දැක්ම ඉදිරිපත් කරන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ වේදිකාවේ විකට ජවනිකා රඟපානවා.සජිත් යන්නෙත් තමන්ගේ පියාගේ අඩි පාරෙමයි. සජිත්ගේ පියාගේ කාලයේ දී මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය වුණා. බදුල්ලේ ජනතාවට ඒ බියකරු අතීතය හොඳට මතකයි. හරීන්ගේ මාමා වන වින්සන් ඩයස් මේ ආසනයේ සංවිධායකවරයාව සිටි කාලයේ දී මට තුන්පාරක් වෙඩි තිබ්බා. ඒ කාලයේ දී මරණ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. අපි මේ ජීවත්වෙන්නේ බෝනස් කාලයක්.අද සජිත් ටී.එන්.ඒ. සංවිධානයත් එක්ක එකතුවෙලා ඉන්නවා. ටී.එන්.ඒ. සංවිධානය සජිත්ට සහාය දෙන්නේ ඔවුන්ගේ රට බෙදන ඉල්ලීම්වලට ඔහු එකඟ වී ඇති නිසා යැයි ද ඔහු කීය.ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්, ශ්‍රීලනිප බදුල්ල ආසන සංවිධායක කුමාර් ගුරුබරන් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු මෙන්ම ජවිපෙ බදුල්ල ආසන සංවිධායක රෝහිත තිලකරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කිහිප දෙදෙනෙක් ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් මෙම අවස්ථාවට එක්වූහ.ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්‍රමයන් සකසනවා.කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්‍ෂේත්‍රවලටත් සහන ලබාදෙනවා.එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇතැයි ද තරමක් වැඩි වී ඇත්තේ පොල් මිල පමණකැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) උදේ 10.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මේක ගිලන් රථ සේවාවක් පමණක් නොවෙයි. ක්ෂූද්‍ර රෝහලක්. අපේ රටේ මෙවැනි දෙයක් මීට පෙර තිබී නැහැ. අප මේ සේවය සමග සංවර්ධිත රටක් බවට පත් වෙනවා. ඇමෙරිකාවේ සේවයටත් වඩා ඉහළයි. මේක පටන් ගනිද්දී ලොකු චෝදනා ආවා. සමහරුන් ද්වේෂ සහගතව කතා කළා. මේවාට නගින්න එපා කියලත් කිව්වා. අප මේ ගිලන් රථ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. ඒක තමයි හරි තීරණය. මේ ගිලන් රථවලට දුරකතන ඇමතුම් පන්ලක්‍ෂ අසූ හතර දහස් පන්සිය විස්සක් ලැබිලා තියෙනවා. අද සාමාන්‍ය ජනතාව මේ ගිලන් රථවලට වන්දනාමාන කරන තත්ත්වයක් ඇතිවෙලා. දරුවො 27 දෙනෙක් මේ ගිලන් රථවල බිහිවෙලා තියෙනවා. 1990 සුවසැරිය විශිෂ්ට සේවාවක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න.සුරාබදු ආඥා පනතේ නිවේදන (අංක 1 හා 2) දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කීය.මේ රටේ ආදායම වැඩි කරන්න අප විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපේ ආදායමින් සියයට 82ක්ම ලැබෙන්නේ වක්‍ර බදුවලින්. සෘජු ආදායම් බදු ගහන්නේ සියයට 18ක් පමණයි. මෙහය අසාධාරණ පිළිගත නොහැකි තත්ත්වයක්. සෘජු බදු ප්‍රමාණය වැඩ කරගත යුතුයි. නව බදු ලිපි ගොනු 69,000 ක් අලුතින් විවෘත වී  තිබෙනවා. දැන් තියෙන වැට් බද්ද වැඩියි. ටි්‍රලියන 1.9 ක් මේ අවුරුද්දේ අප ණය ගෙවනවා. වැඩි ප්‍රමාණයක් 2015 ට කලින් ගත්තු ණය. අප අද ණය කළමනාකරණය කරගෙන යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුයි. පරිප්පු අඩුයි. පොල් මිල ටිකක් වැඩි බව පිළිගන්නවා. සියලු පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර දෙනවා. ඖෂධ 48 ක මිල අඩු කළා. නොමිලයේ ගිලන් රථ සේවය ඇරඹුවා. ළමා ගිණුම්වලින් බදු අය කරන්නේ නැහැ. ඒ සංශෝධනයත් අප ගේනවා. නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය. ජාත්‍යන්තර වෙළද හා ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා-ලංකාව රේගු ආඥා පනතට ඇතුළත් වී ඇති රටක් විදියට ඒ නීතිමය තත්ත්වය අනුව කටයුතු කරන්න බැඳී සිටිනවා. රේගු සාමූහික සභාව කාලයක් පුරා කටයුතු කර ඇති ආයතනයක්. මෙම පද්ධතිය තාක්ෂණයට අනුව වෙනස් කර තිබෙනවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිතරන් මහතා. (දෙ.ජා.සං.)තැපැල් වර්ජනය නිසා පින් පඩි ගන්න ජනතාව දුෂ්තරතාවන්ට පත්වෙලා. තැපැල් වර්ජනය විසඳන්නෙ නැත්තේ ඇයි? ආනන්ද සුදාකරන්ගේ දරුවන් පියා එනකම් බලාගෙන ඉන්නවා. ඔහු නිදහස් කරන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. හිටුපු ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කළා. තවම දේශපාලන විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. යුද්ධයක් ඇති නොවන්නේ ඒක කළොත් විතරයි. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා- හර්ෂ ඇමැතිතුමා උතුරට මේ ගිලන් රථය අවශ්‍ය ද නැද්ද කියලා ඇහුවා. මම ඒකට එකඟ නැහැ. ඒ සේවය දෙන්නේ උතුරේ සිරිතරන්ට පමණක් නොවෙයි. උතුරේ වගේම දකුණේ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ)-ගිලන් රථ සේවය ව්‍යාප්ත කිරීම හොඳ දෙයක්. සුවසැරිය 20 වැනි සංශෝධනය යටතේත් ජනාධිපති යටතේ තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාව කන බොන විදිය බලන්න මහ පාරට බහින්න ඕන. 75ට තියෙන පොල් ගෙඩිය හිරමරණයට දාන්න බැහැ. හිරමනේ ළඟ තියාගෙන උරච්චි කරන්න නම් පුළුවන්. අද ජනතාවට කන්න විදියක් නැහැ. හාල්, එළවළු මිල නැගලා. හාල් සියයකට වැඩියි. ජීවන වියදම උහුලන්නම බැහැ. දිවා විවේකය සඳහා සභාව පස්වරු 1.30 දක්වා කල් තැබිණ.දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාව පස්වරු 1.30ට යළි රැස්වීය.වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා- සුවසැරිය ගිලන් රථ ලොකු සේවයක් වෙනවා. එදා මේකට පහර ගහපු අය අද නිහඬයි. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ජනමාධ්‍ය ආයතන පවා මිලදී ගත්තා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාටත් මත්කුඩු චෝදනා තිබුණා. ඔහු වෙලේ සුදාගෙන් මාසයකට ලක්ෂ 25ක් ගත්තා කියලා ප්‍රකාශ වුණා. කුඩු ජාවාරම්වලින් උපයාගත්ත සල්ලිවලින් රුපවාහිනි ආයතන මිලදී ගත්තද කියල හෙව්වේ නැහැ. මෙතැනින් එහාට විමර්ශනය ගියේ නැහැ. මම පොලිස්පතිවරයාගෙනුත් මේ ගැන ඇහුවා. පිළිතුරක් ලැබුණේ නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන අයට මේවා පේන්නේ නැහැ.හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී)-සුවසැරිය තම දෙමළ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට වෙනස් කරලා දෙන්න. මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම ශාන්ත ගුණසේකර මහතා (එජනිස)-ඔබලා මේ පාර කපන්නේ සුපිරිසිදු සෞඛ්‍ය සේවයකටද? මේකට කවදා හරි රෝගීන්ගෙන් මුදල් අය කිරීමක් වෙනවාද? මේ එන්නේ අනාගත පෞද්ගලීකරණයේ දිසාවයි.ඇමැති හර්ෂ ද සිල්වා මහතා-අප කවදාකවත් මුදල් අය කරන්නේ නැහැ. මේක රජයට අයත් සේවාවක්.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්.එච්.එම්. හාරිස් මහතා-මේ සේවය අම්පාර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන වැඩසටහනක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඇතැම් නිලධාරීන් උදව් කරනවා. ඔලුවිල් ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා (එජාප)-විපක්ෂය ගිලන් රථ සේවයෙන් ආණ්ඩුවට ගහන්න බැලුවා. නමුත් වැඬේ වැරදුණා. මේක වැරදි විදියට දකින කුහක මන්ත්‍රීවරුන් තවමත් මේ සභාවේ සිටිනවා. මේකෙ වාසිය එන්නේ දුප්පතුන්ටයි. ගිලන් රථ සේවයෙන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා එදා බොරුවට කෑ ගැහුවා. ගිලන් රථ සේවය පරිත්‍යාගයක්. සුවසැරියේ සේවය කවුරුත් අගය කළ යුතුයි. ගලගොඩඅත්තේ හිමියන් සිරගතවීම ගැන අපටත් දුකක් තියෙනවා. ඒ දුක බුද්ධ චීවරය නිසයි. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස)-මෘත දේහ රැගෙන යෑමට අපේ ප්‍රදේශවල දුෂ්කරතා තියෙනවා. රුපියල් හත් අට දාහක් අවශ්‍ය වෙනවා. මෘත ශරීර නිවෙසට ගෙන යන්නත් මෙවැනිම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා (එජාප)-දරුවෝ 27ක් මේ ගිලන් රථවල ප්‍රසූත කරලා තිබුණා. ඉතින් නරකද සුවසැරියට සමහරු ඔරොප්පුයි. හරිම කැතයි. ඉන්දියාව හදන්නේ අපේ ආයුර්වේදය විනාශ කරන්න කියලා පද්ම උදයශාන්ත මන්ත්‍රීතුමා කිව්වා. ආයුර්වේදය ආවෙත් ඉන්දියාවෙන් කියලා එතුමා නොදන්න එක කනගාටුදායකයි. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප)-අපේ රටේ අධ්‍යාපන තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවයත් හොඳයි. අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගත කරන්නේ ජනතාව වෙනුවෙන් නොව මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ප්‍රශ්න ගැන කතා කරන්නයි. දූෂණ ගැන එක එක්කෙනාට චෝදනා කර ගන්නවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-කිසිම රටක් නිකන් යමක් දෙන්නේ නැහැ. නිකන් දීපූ දේවල් තිබුණා. පරිත්‍යාග ලැබුණා. අප රටක් විදියට සිතිය යුතුයි. පළාත් සභා රෝහල්වල අඩුපාඩු රාශියක් තියෙනවා. අද රෝහල්වල බෙහෙත් පෝලිම් නැහැ. බෙහෙත් මිල අඩු කළා. පැනඩෝල් පෙත්ත අරගෙන බලන්න. ලෙඩාගේ බර මේ රජය බාර ගත්තා. රජය සැලකිය යුතු වැඩ කොටසක් කළා. අප කිසිම රටකට යටත් වන්නේ නැහැ. රට පාවා දෙන්නේ නැහැ. සමහර වැඩ වර්ජන සාධාරණයි. දේශපාලන වුවමනාවලට කරන වැඩ වර්ජනවලට විසඳුම් දෙන්න බැහැ. මේ රජය මිනී මරන්නේ නැහැ.මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාස)-පාසල් දරුවන් අතරේ මත්පැන් පාවිච්චිය වැඩිවෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය කියමින් මඩකළපුවේ මත්පැන් අලෙවි සල් විවෘත වෙනවා. මේක ආක්‍රමණයක්. මහ බැංකු සිද්ධිය කතා කළත් ඇලෝසියස්ගේ මඩකළපුවේ අරක්කු කම්හල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කම්හල ස්ථිරයෙන්ම වැසෙන්න ඕන. වාලච්චේන කඩදාසි කම්හල විවෘත කරන්න.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප)-ඉන්දියාවේ හමුදා භටයෝ 1500ක් අපේ යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඔවුන් කළ සේවය අගය කළ යුතුයි. සුව සැරිය අද ජනප්‍රියයි. දුෂ්කර දිස්ත්‍රික්කවලටත් මේ සේවය ගේන්න.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා (එජනිස)-ඉන්දියාව ගැන අපට ලොකු බයක් නැහැ. නමුත් සිංගප්පූරු ගිවිසුම හොර රහසේ අස්සන් කිරීම ගැන සැකයක් පවතිනවා. එහෙනම් හංගන්නේ මොකටද? මාධ්‍යයටත් හැංගුවා. එට්කා ගිවිසුමෙන් කර ගන්න බැරිවුණු දේ සිංගප්පූරු ගිවිසුමෙන් කර ගත්තා. ගිවිසුම ගැන මේ සභාවේ මන්ත්‍රීවරුන්ටත් කොළේ වැහුවා.වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා (එජාප)-මේ ගිලන් රථ සේවයෙන් රටට රැකියා ප්‍රමාණයක් ලැබුණා. අප මේ සේවය රට පුරා ගෙන යනවා. කඳුකරේ මේ වැඩපිළිවෙළ ඉක්මණින් ආරම්භ කරන්න කියලා ඉල්ලනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප)-ගිලන් රථ සේවය සාර්ථක වැඩ පිළිවෙලක්. ලොකු පුණ්‍ය කර්මයක්. ඒ සඳහා රජයට ස්තූතිය පුද කරනවා. අද රටෙන්ම මේ සේවාව ඉල්ලනවා. සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කළ අවස්ථාවක.් නමුත් මේ ගැන ප්‍රචාරය නම් මදි.පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප)-ගිලන් රථ 88 කින් මේ වැඩපිළිවෙළ ඇරඹුණා. මේකෙන් පන්සිය ගණනකට රැකියා ලැබුණා. දුප්පත් ජනතාවට සෙත සැලසුණා.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප)-පදවිය මූලික රෝහලේ තවම පහසුකම් නැහැ. දොස්තරවරු නැහැ. ගොඩනැගිලි නැහැ. අනුරාධපුර ආසන හතේ අඩුපාඩු තියෙනවා. අප කවුරුත් එකතු නොවුණහොත් ඩොලරය 200ට ගිහින් නවතීවි. නිෂ්පාදනය වැඩි නොකර රුපියල වැටෙන එක පාලනය කරන්න බැහැ.නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා-පාර්ලිමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන්ට සුබ පතනවා. ආහාරපාන අංශයේ සුරේෂ් මැතිතුමා මිය ගියා. එතුමා සිහිපත් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප)-ගිලන් රථ 209 ක් තව ලැබෙන්න තියෙනවා. රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගිලන් රථ යවනවා. අනුරාධපුරයෙන් 36 දෙනකු ගිලන් රථ සේවයට බඳවා ගත්තා.දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එම්.එම්.එම්. මන්සූර් මහතා (එජාප)-රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. සුදුසු තැන්වල ඉඩම් දිය යුතුයි. මේ ප්‍රශ්නවලට සහාය නොදුන්නොත් මුස්ලිම් කොන්ග්‍රසය රජයට දෙන සහාය ඉල්ලා අස්කරගන්න සිදුවෙනවා. මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙජාස)-මත්ද්‍රව්‍ය අපරාධවලට ප්‍රධාන හේතුවයි. මත්ද්‍රව්‍ය නිසා ජනතාව දුප්පත් වෙනවා.විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා-සුවසැරිය වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා. මේ ගිලන් රථවල සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාව ඒ අයට පුහුණුව දෙනවා. මේ වැඩපිළිවෙළ දිගටම යන්න ඕන. එහෙම නොවුණහොත් අනාගතයේදී දිරාගිය ගිලන් රථ ටිකක් ඉතිරි වේවි. ඇතැම් නායක හිමිවරුන් මේ රටට හිට්ලර්වරු ඉල්ලනවා. හිට්ලර්ලාට මේ රට ගොඩනගන්න පුළුවන්ද? මේ රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගොඩනගන්න පුළුවන්. නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)-ගිලන් රථ සේවය වතුකර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියා රජයට ස්තූතිවන්ත වෙනවා.පරසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා-එදා මම දකුණු අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වුණා. ගිලන් රථයක් එන්න විනාඩි 45ක් විතර ගියා. කලින් ආවා නම් මට මගේ කකුල බේරා ගන්න ඉඩ තිබුණා. මෙවැනි වැදගත් සේවාවක් හඳුන්වාදීම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කළේ නුගතුන් නොවෙයි. ඉගෙන ගත්තු වෛද්‍යවරුන් පවා මේක විවේචනය කළා. සුවසැරිය රට ලැබූ ජයග්‍රහණයක්.  පනත් කෙටුම්පත නිවේදන සම්මත විය.පාර්ලිමේන්තුව අද (22) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය. 
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි
1
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.  
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):- අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.නිවේදන සම්මත කෙරිණි.පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. (වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.   
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු 1.00ට රැස්විය.ජාතික පරිසර පනත යටතේ නියමයන් 7ක් ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-“පොලිතින් කළමනාකරණයටත් අද නීති ඉදිරිපත් කරනවා. මයික්‍රෝන 20ට අඩු පොලිතින් තහනම් කෙරෙනවා. අප රටේ දිනකට කෑම දවටන මිලියන 2ක් හා ෂොපිං බෑග් මිලියන 1.5ක් පරිසරයට නිදහස් කෙරෙනවා. ප්ලාස්ටික් විවෘත භූමියේ පුළුස්සන්න බැහැ. සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමත් තහනම්. අද ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් පිට කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණ උෂ්ණත්වය වැඩිවීමට අද අපටත් මුහුණ දෙන්න සිදුවෙලා. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-“මේ නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. රත්නපුර හැම විටෙකම ගංවතුරට ලක්වෙනවා. නමුත් එක බෝට්ටුවක්වත් ඒ ප්‍රදේශවල සූදානම් කරල නැහැ. ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-“අවුරුද්දක් තිස්සේ රත්නපුරයට ඔරු ඉල්ලනවා. ඔරු නැහැ. මිනිස්සු බඩගින්නේ. කෑම ටික බෙදන්න ඔරු නැහැ. නිලධාරීන් කියනවා ඔරු 105ක් ඕනෑලු. ඔරු කුලියට අරගෙන රත්නපුරයට යවන්න. මුදල් වියදම් කරන පම්පෝරි කතා කියලා වැඩක් නැහැ.”ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා:-“අඟුල් 66ක් රත්නපුරයට යැව්වා. අනෙකුත් ප්‍රදේශවලටත් අඟුල් යවනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගොස් සොයලා බලනවා. තවත් අඟුල් 26ක් රත්නපුරයට යවන්න සූදානම් කළා. මම වගකීමෙන් කියන්නේ, අප පෙර සූදානමින් කටයුතු කරනවා. මේ වනවිට මරණ 11ක් වෙලා තියෙනවා. මරණ 4ක් වුණේ අකුණු සැර වැදීමෙන්. අදත් ධීවරයෙක් මියගියා. අප කලාවැවේ වතුර පාලනය කළා.”මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (දෙජාස):- “වන සම්පත රකින්න ඕනෑ. කඳුකරේ වනාන්තර විනාශය දිගටම වෙනවා. අපේ රටේ වල්අලි ප්‍රශ්නයත් තියෙනවා. පොලිතින් භාවිතය අඩුවෙලා නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- “දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ. චෝදනා නැති නඩු විසි කරන්න සිදුවුණා. අවදානමට වඩා සූදානම වැදගත්.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):- “උඩරට ෆයිනස් වගාව ලොකු විනාශයක්. මේ ෆයිනස් ගහේ කුරුල්ලකු කූඩුවක්වත් හදන්නේ නැහැ. මේ රටේ පරිසර ප්‍රශ්න විසඳීමට ජනපති, අගමැති කටයුතු කරනවා. ඒක සතුටට කරුණක්.”යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- “උතුරේ පසේ ලුණු ගතිය නිසා වගාවන් කරන්න බැහැ. ඒ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාව වෙනත් රටක පුරවැසියන් විදියට දකින්න බැහැ. උතුරේ නියඟයට ප්‍රධාන හේතුව පරිසර විනාශයයි. දේශගුණික විපර්යාස තවදුරටත් සිදුවෙමින් පවතිනවා.”කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):-“ගංවතුර ගැන අප විවාදයක් ඉල්ලුවත් දුන්නේ නැහැ. ගෝඨාභය කසළ කළමනාකරණයට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අද කොළඹ කසළවලින් පිරිලා. සියලු කසළ කරදියානට ගෙනත් දානවා.”පත්කළ මන්ත්‍රී ඒ.එල්.එම්. නසීර් මහතා (එජාප):- “අම්පාරට අලි වැටක් ඉදිකිරීමට හැකිවී නැහැ. පොතුවිල් ඉඩම්වල ගොවිතැන් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාවට ඉඩම් දෙන්න.”පත්කළ මන්ත්‍රී තුරේ රත්නසිංහම් මහතා (දෙජාස):- “වන රක්ෂිත විනාශ වෙමින් පවතිනවා. මාර්ග ඉදිකිරීමටත් වන රක්ෂිත විනාශ වෙනවා. විනාශවන වනයට විකල්ප ලෙස ගස් වැවිය යුතුයි. ත්‍රිකුණාමලයේත් කැලය විනාශ වෙනවා. මෙය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. කුඩා ජලාශ වසා දැමීමත් ප්‍රශ්නයක්.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-“රත්නපුරේ ගංවතුර තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. කොළඹ ගංවතුරින් යටවීම වැළැක්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. අද රට බරපතළ ආර්ථික අගාධයකට ඇදී යනවා. අප මේ විපතින් දේශපාලන වාසියක් ගන්නේ නැහැ. හඳුනා නොගත් වෛරසයක් නිසා දරුවන් 13 දෙනකු මැරිලා. ආණ්ඩුවට වැළඳුණු රෝගය වගෙයි. සෞඛ්‍ය ඇමැති කෙනකු ඉන්නවා. ඇමැති වැඬේ ඇරුණහම අනෙක් හැම දෙයක්ම ඔහු කරනවා. ආපදා තත්ත්වයට ක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා:-“අවිධිමත් සංවර්ධන කටයුතු නිසා පරිසරය විනාශ වෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉඩම් ගොඩකිරීම් 3500කට කටයුතු කරනවා. අපි විදේශ සංචිත වැඩි කර ගත්තා. මුහුදෙත් රළු ස්වභාවයක් ඇතිවී තියෙනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරනවා. ලබන වසරේ 5000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කරපු හොඳ වැඩ ටික ප්‍රචාරය කරගන්න බැරිවීම ආණ්ඩුවේ දුර්වලකමක්.”දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩිස්වරන් මහතා (දෙජාස):- “ඉල්මයිනට් කැණීම් වහාම නැවැත්විය යුතුයි. මේ රජය ඊට මැදිහත් විය යුතුයි. ඒ කැණීම් නිසා පස සේදී යනවා. සම්පත්, අපේ කෝවිල් ඔක්කොම මුහුදට සේදී යනවා. තිරික්කෝවිල් ප්‍රදේශයේ මීටර් 200ක් ගොඩබිම සෝදාගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ කළපුවත් විනාශ වෙමින් පවතිනවා. කළපුව ගොඩ කරනවා. පවුල් 12,000ක් කළපුවේත් ජීවත් වෙනවා. කළපුවට පස් පිරවීමත් නතර කළ යුතුයි. ගංවතුර ඇති වන්නේත් මෙවැනි ගොඩකිරීම් නිසයි. වටිනා ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙනවා. ඒ සීමා නිර්ණයන් වැරැදියි.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වේලුකුමාර් මහතා (එජාප):-“හන්තාන වත්තේ කුරුඳු කැලේ අක්කර 20ක් පුද්ගලයකුට විකුණලා තියෙනවා. නමුත් පොඩි මිනිහාට වැසිකිළියක් හදාගන්න ඉඩක් දෙන්නේ නැහැ. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව පාරට බහින්න පුළුවන්.” මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස):-“අපේ ප්‍රදේශවලට ගිනි නිවන අංශයක් නැහැ. පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-“අපිට ගංවතුර ගැන කියන්න එපා. අපි ගිං ගඟත් එක්ක පොර බඳපු මිනිස්සු. එදා අසාර්ථක ව්‍යාපෘති කරල මුදල් කාබාසිනියා කළා. අපි නිල්වලා, ගිං ගඟ ව්‍යාපෘතිවලට අත්පොත් තියනවා. අද දයාසිරි ජයසේකරලා පොරවල් වෙලා.”කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):- “කැලිඩෝ වෙරළ තීරය මුහුදට ගසාගෙන ගියා වගේ කළුතර බෝධියත් කළුතර පාලමත් මුහුදට ගසාගෙන යන්න දෙන්න එපා. ඒවා රැක ගැනීමට කටයුතු කරන්න. ගංවතුර ගලපු මේ වෙලාවේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් පත්තරවලින් අපි දැක්කේ සුරංගනා කතායි. මේ කතා අපි සාලාව පුපුරලා ගිය වෙලාවේත් සාමසර කන්ද නාය ගිය වෙලාවේත් ඇසුවා. වන්දි හානි පූර්ණ කරනවා කිව්වා. තාම ඒවා කරල නැහැ. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ගිය වෙලාවේත් ඔය කතාම කිව්වා.”පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):- “කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගැනීමට ගස් වවා ඇති රටවල්වලට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙනවා. පුළුවන් තරම් වනාන්තර වැවීමේ කාර්ය පෞද්ගලික අංශයට දිය යුතුයි. එය ක්‍රමානුකූලව විධිමත්ව කළ යුතු ක්‍රියාවක්. පරිසරයට ආදරය කරන සියලු දෙනාම වන වගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අනාගත ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් එන බව කියනවා. මේ දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. ඒ ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත්තා ද කියල පළමුවෙන් ජනතාවට කියන්න.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-“අද ගංවතුරෙන් අනාථ වී සිටින ජනතාවට අවශ්‍ය කෑම බීම දෙන්න රාජ්‍ය නිලධාරීන් බයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ විදියේ කටයුතු සිදුවුණේ නැහැ.”චන්දිම ගමගේ මහතා:- “ඔබතුමාට ඔය විදියට කතා කියන්න පුළුවන්. ඕවා සාක්ෂි සහිතව කියන්න.”ජානක වක්කුඹුර මහතා:- “අයගම ග්‍රාමසේවා නිලධාරි මහතාගෙන් අහන්න.”විජේපාල හෙට්ටිආරච්චි මහතා:- “මෙතුමා රටම නොමග යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අනාථයන්ට දුන්නා.” ජානක වක්කුඹුර මහතා:- “ගාල්ලේ දෙන්නැති. මම කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ගැනයි.”අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):-“විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිතින් තහනම ගැන එක වචනයක් කතා කළේ නැහැ. විපක්ෂයට අද කතා කරන්න මාතෘකා නැහැ. ඒ නිසා කාලයකට වැස්ස ගැන කතා කරනවා. තව දවසක නියඟය ගැන කතා කරනවා.”පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිතය. 
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි
0
(අංජුල මහික වීරරත්න)‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප‍්‍රකාශ කළේය.‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන  ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප‍්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප‍්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.මේ සෙනඟ දුටු විට අප  ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට  ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග‍්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග‍්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප‍්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත‍්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප‍්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත‍්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත‍්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක‍්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත‍්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.ත‍්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප‍්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.වරාය දියුණු වුණාම වරාය ආශ‍්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප‍්‍රදේශය කර්මාන්තපුරය වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත‍්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප‍්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප‍්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප‍්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ.
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
1
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
‘‘රාජපක්‍ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්‍ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය.ජාත්‍යන්තරයෙන් එල්ල වූ මානව හිමිකම් ප‍්‍රශ්නයට සහ විදේශීය ණය බර යන රෝග දෙක හඳුනාගෙන නිට්ටාවටම සුවපත් කිරීම සඳහා බෙහෙත් කර ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ කිරිබත්ගොඩ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩ සටහනෙහි ජන රැලියට සහභාගි වෙමිනි.එජාප කැලණි ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රවර්ධන වැඩ සටහන සංවිධාන කර  තිබිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය සංවිධායක ලෙස පත්වීමෙන් පසුව පළමු රැුස්වීම මෙහි පවත්වනවා.සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ අපේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා සිරබත් කන්න වුණා. අවසානයේ ඔහු අප සමග එකතුවී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වා. එතුමා වින්ද දුක අප කවුරුත් දන්නවා. එක්සත් ජාතික පක්‍ෂයට බැඳී කැලණිය සංවිධායක පදවිය ෆොන්සේකා මහතා විසින් බාර ගත්තා.අමාරු කාලයේ කැලණිය බාරගෙන ජයග‍්‍රහණය කරා මෙහෙය වූ බෙවන් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි. එමෙන්ම අමාරු කාලයේ සිටි ජෝර්ජ් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි.වෙසක් උත්සවයට වෙසක් කාඞ් සකස් කිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු කරනවා. ධම්මපදයෙන් හෝ වෙනත් තැනකින් හෝ ඊට කවියක් යොදනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් එතුමලාගේ වෙසක් කාඞ් පතට යොදන්න හොඳ කතාවක් කිව්වා.මේ පොහොය නොව ඊළඟ පොහොයෙන් පසු නැවත ආණ්ඩුව ගන්නා බව ඔහු ප‍්‍රකාශ කළා. මොනවා කරන්නද? මාර දූවරුන් තුන්දෙනත් නැටුවානේ? ජනවාරි මාසයේදීත් ඔය කතාවම කිව්වා. මා රට ගිය පසු ආණ්ඩුව පෙරළන්නැයි මා අභියෝග කළා. ඊට පසුව එතුමා පාර්ලිමේන්තුවේදීවත් දුටුවේ නැහැ.වෙසක් පොහොය දෙකක් යන විට අපේ සංවර්ධන වැඩ සටහනේ මූලික ප‍්‍රතිඵල ලැබෙනවා. මහින්ද රාජපක්‍ෂ රෙජිමයට සුව කළ නොහැකි වූ රාජපක්‍ෂලා විසින් ඇති කරගත් ලෙඩ දෙකක් තිබුණා.එක ලෙඩක් මානව හිමිකම් ප‍්‍රශ්නයයි. එක්සත් ජාතින්ගේ මහලේකම්ව සිටි බැන්කි මූන් සමග ප‍්‍රකාශය අත්සන් කළේ ඒ අයයි. දරුස්මාන් හමුවට ගොස් අප සාක්කි දෙන්නම්. නඩු පවරන්නම් යනුවෙන් කිව්වොත් ඒ අයයි. අවසානයේ ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා. ජාත්‍යන්තර අප‍්‍රසාදයට ලක් වුණා.රාජපක්‍ෂ සමයේ අනෙක් ප‍්‍රශ්නය ණය බරයි. ඔහුගේ සමයේ වසර හතරක් යුද්ධ කර වසර පහක් සාමය තිබුණා. ඩොලර් කෝටි 3600 ක ණයක් අද අපි ගෙවා දැමිය යුතුයි.මේ බව මා මුලින්ම දැනගෙන හිටියා. 2015 දී ආණ්ඩුව මාරු කරන බවට මා ප‍්‍රකාශ කළේ ඒ නිසයි. එදා මා කී කතාව කව්රුවත් පිළිගත්තේ නැහැ. ජාත්‍යන්තර ප‍්‍රශ්න සඳහා ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ විට රාජපක්‍ෂලාට ආණ්ඩු කරන්න බැරි බව අප දැනගෙන හිටියා.එකල මැතිවරණයක් පැමිණි පසුව අප සංවිධානය වී ජයග‍්‍රහණය කරා රට ගෙන ගියා. අපට විසඳන්න බැරි ප‍්‍රශ්න මෛත‍්‍රී - රනිල් කරන්නේ කෙසේදැයි එවිට රාජපක්‍ෂලා සිතුවා. ආණ්ඩුව වැටෙනතුරු කට ඇරගෙන බලා සිටියා. අවසානයේ අප ඒ ප‍්‍රශ්න දෙකම විසඳුවා.මෙරට සංහිදියාව ඇති කිරීම සඳහා ජාත්‍යන්තරය විසින් අපට තව වසර දෙකක කාලයක් දුන්නා. දැන් අපි ඒ සඳහා වැඩ කරමු.අපේ තරුණ කාලය ගත වුණේ යුද්ධය සමගයි. නමුත් වත්මන් තරුණයන්ගේ යොවුන් විය සාමය සමග හොඳ රැකියා කරමින් ගත විය යුතුයි. ඒ වෙනස ඇති කරනවා නම් නැවත ආගම්, ජාති බේද ඇති කළ යුතු නැහැ. බහුතරය සහ සුළුතරයට එකට ජීවත් විය හැකි ශ්‍රී ලංකාව අප නිර්මාණය කරනවා.  තම තමන්ගේ ජාතිය - ආගම ගැන හැමෝටම ආඩම්බර විය හැකියි.අපට කිසිවකුගෙන්වත් පළිගන්න අවශ්‍ය නැහැ. එල්ටීටීඊ සංවිධානය කළ හානිය අප දන්නවා. උතුරේ ජනතාවට තම සැමියා මව, පියා, සහෝදරයා අහිමි වූවා. ඉඩම් - ගෙවල් අහිමි වෙලා. ඒ අයටත් නැවත ජීවිතය - ආර්ථිකය දිය යුතුයි.මොන පැත්තේ හිටියත් දුක් වින්ද ජනතාවට උදව් කර ලාංකිකයන් ලෙස ඉදිරියට යමු. අප අලූත් ව්‍යවස්ථා ඇති කර ගනිමු.සංධානයේම මහ ඇමැතිවරුන් කියන බලය බෙදා හැරීම සමග අපි ඉදිරියට යමු.ඩොලර් කෝටි 3600 ක ණය මුදල 2026 දක්වා ගෙවිය යුතුයි. අන්තිම ණය මුදල ගෙවන්නේ 2038 වසරේදීයි. මගේ උත්සාහය ඊට පෙර ණය ගෙවා දමා අවසන් කිරීමටයි. රාජපක්‍ෂලාගේ පව් ගෙවන්න 2038 දක්වා බලාගෙන ඉන්න හැකියාවක් නැහැ.අපි මෙරට ඉදිරියට ගෙනයන ක‍්‍රමය ගැන කල්පනා කරමු. මැලේසියාව, තායිලන්තය වගේ අපි ඉදිරියට යමු.රට ගොඩගන්න නම් අප එකතු වී වැඩ කළ යුතුයි. සමහර අවස්ථාවලදී අපේ අයට විශාල ප‍්‍රශ්න තිබුණා. අපි  පළමුවෙන්ම රට ගොඩ ගනිමු. දැන් අප ණය ප‍්‍රශ්නයදීත් පාලනය කරගෙන තිබෙනවා. අපේ ආදායම ටිකෙන් ටික වැඩි වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. අප උත්සාහ කරන්නේ ජනතාවට බර නොදී ණය ගෙවා දැමිය හැකි ආර්ථිකය ඇති කිරීමටයි.ඊළඟ වසර පහේදී අපේ සංවර්ධනය පටන් ගන්නවා. බියගම මන්ත‍්‍රී ලෙස මා මෙහි එන විට අප ආසියාවේ දියුණු රට ලෙස ඉදිරියෙන් සිටියා. අද වන විට රටවල් රැසක් අප පසු කරගෙන ගිහිල්ලා. ඇෆ්ගනිස්තානය, කාම්බෝජය, ලා ඕසය, මොංගෝලියාව, පමණක් අප පසුපසින් අද සිටිනවා. බංගලාදේශයත් දැන් අපේ මට්ටමට එනවා.අප දිගටම දුප්පත්කම ගෙනයනවාද නැතිනම් තරුණ - තරුණියන්ට රැකියා සහ හොඳ ආදායම් මාර්ග දෙනවාද?ප‍්‍රශ්නවලට අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. මූලික ප‍්‍රශ්න විසඳූ පසු අපට  පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කළ හැකියි. දේශපාලන පළිගැනීම් ගැන කටයුතු කිරීම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැවරුවා.අපේ පාක්ෂිකයන්ට ක‍්‍රමානුකූලව අවශ්‍ය සහන දෙනවා. ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සොයා දිය යුතුයි.ඉස්සර ගම්පහ කැලයක් නොවේද? මා ඇවිත් කටුනායක, බියගම වෙළෙඳ කලාප ඉදි කළා. අද ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේයි.එදා 1977 කිරිබත්ගොඩ කුඩා නගරයක් පමණයි. ඡන්දවලට අවශ්‍ය බඩු ගන්නත් මට කොළඹට යන්න වුණා. අද කිරිබත්ගොඩ දියුණුව කොහොමද?කිරිබත්ගොඩ, සපුගස්කන්ද, කඩවත, මාවරමණ්ඩිය එකතු වී ඊළඟ වසර 10 තුළ විශාල නගරයක් ඇති කිරීමට නියමිතයි.බියගම පැත්තෙන් තවත් නගරයක් ඇති වෙනවා. වත්තල, ජා ඇල, කටාන, මීගමුව මැතිවරණ කොට්ඨාස අනෙක් පැත්තට හරවන්න අපට හැකි වුණා. අද  මා උත්සාහ කරන්නේ මුළු රටටම ඒ දියුණුව ගෙන එන්නයි.මහනුවර සිට සම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. මහනුවර සංචාරක මධ්‍යස්ථානය බවට පත් කරනවා. වයඹ සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. කුලියාපිටිය කර්මාන්තකරණය ගෙන ආ විට දිවුලපිටිය, කුරුණෑගල, නුවර, කෑගල්ල දියුණු වෙනවා. එවිට ගම්පහත් ශීඝ‍්‍ර දියුණුවකට ලක් වෙනවා. මේ ප‍්‍රදේශය ක‍්‍රමානුකූලව මධ්‍යම පාන්තික ප‍්‍රදේශ බවට පත් කරනවා.බස්නාහිර මහා නගර වැඩ සටහන යටතේ මුළු බස්නාහිර විශාල දියුණුවක් ඇති කරනවා.තායිලන්තයේ ප‍්‍රධාන කර්මාන්ත සමාගම කළුතර කර්මාන්තකරණය කිරීම සඳහා මේ වන විට අධ්‍යයනය කරනවා. ගාල්ල මුදල් ඇති සංචාරකයන් එන කලාපය බවට පත් කරනවා. රුහුණු සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට වරාය ආශ‍්‍රිතව දියුණුවට පත් කරනවා. කොළඹ - ගම්පහ වැනි දියුණුවක් ඒ ප‍්‍රදේශවලත් ඇති වේවි.සිංගප්පූරු සමාගම පැමිණ ත‍්‍රිකුණාමලය ආර්ථික කලාපය සකසනවා. වරාය, සංචාරක කලාපය, කර්මාන්ත කලාපය දියුණු කරනවා.මා මේ මාසයේ ජපානයට සහ ඉන්දියාවට යනවා. ත‍්‍රිකුණාමලය දියුණුවට ඔවුන්ගෙන්ද ආධාර උපකාර ගන්නවා.අනුරාධපුරයද සංචාරක කලාපය බවට පත් කරනවා. අම්පාර දියුණු කරනවා. බදුල්ල - නුවරඑළිය ප‍්‍රදේශත් දියුණුයට පත් කරනවා. නැති වූ ආර්ථිකය මා ගොඩ නඟනවා.මොනරාගල, වැල්ලවාය ප‍්‍රදේශවලටත් වෙළෙඳ කලාප දෙනවා. ඒ ප‍්‍රදේශත් කිරිබත්ගොඩ සේම දියුණු කරන්නම් යයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා කිව්වා. මා ඒ දියුණුව දෙන්නම්.මෙලෙස තරුණ - තරුණියට අනාගතය දෙන්නද? එපාද?සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩිකරගත යුතුයි. මට අවශ්‍ය මුදල් ඇති සංචාරකයන් ගෙන එන්නයි. වතුර බොන සංචාරකයන් ගෙනැවිත් රටට පළක් නැහැ. මෙරට බැංකු මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එදා වරාය නගරය අද දකුණු ආසියාවේ ප‍්‍රධාන මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අප කටයුතු කළා. සිංගප්පූරුව-ඩුබායි යන රටවල් පරිද්දෙන් නීති පද්ධති සකස් කරගෙන යනවා.පාසල් අධ්‍යාපනය වසර 13ක්  අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව වැඩි කරනවා. අලූතින් ගුරුවරුන් බඳවා ගන්නවා.නාගරික නිවාස, මධ්‍යම පාන්තික නිවාස, උතුරේ නිවාස ආදි ලෙස නිවාස ව්‍යාපෘති රැසක් අද ක‍්‍රියාත්මකයි. පාක්ෂිකයා මෙන්ම රටත් බලාගත යුතුයි.අද තරුණයන්ගේ දරුවන්ටත් වසර 20කින් පසු හොඳ රටක් අප නිර්මාණය කළ යුතුයි. මේ යන ගමන අනුව නව වෙසක් පෝය දෙකකින් මහින්ද රාජපක්‍ෂට අඬන්න නම් වේවි.හම්බන්තොට වරාය ගැන දැන්  කෑ ගහනවා. හම්බන්තොට වරාය හදන්න මහින්ද රාජපක්‍ෂ චීනයේ එක්සිම් බැංකුව සමග ගිවිසුම එළැඹුනා. නැවත ණය වෙන්න වසර 20ක කාලයක් වත් එදා ඉල්ලන්න තිබුණා. 2016 සිට ණය ගෙවන බව මහින්ද රාජපක්‍ෂ කිව්වා.දැන් ඩොලර් කෝටි 30ක පමණ වාරිකයක් වසරකට ගෙවිය යුතුයි. මේ සඳහා රජයට මුදල් නැහැ. මුදල් නොගෙව්වොත් ගිවිසුම අනුව වන්නේ කුමක්ද? කෝටි 1400 ම එකවර අපෙන් අයකර ගන්න පුළුවනි. කෝටි 30ක් ගෙවා ගන්න බැරි රටක් එකවර සියල්ල ගෙවන්නේ කෙසේද?රට ණය උගුලක සිරවී ඉන්න බව සත්‍යයි. ඒ මුදල ගෙවන්න බැරිනම් හම්බන්තොට වරායත්, කොළඹ දකුණු වරායත් ඔවුන් ඉල්ලනවා.2014 වසරේ රාජපක්‍ෂ රජය එළැඹි තවත් ගිවිසුමකට අනුව චීන සමාගමකට හම්බන්තොටින් කොටසක් සින්නක්කරවම දුන්නා. ණය ගෙවන්නේ අපියි. චීනය ලාභ ගෙන එයින් කොටසක් අපට දෙනවා. එහෙම බිස්නස් කරන්නේ මොන රටේද? එහෙම බිස්නස් නම් කරන්න මමත් කැමැතියි. අගමැතිකමින් ඉවත්ව ජනතාව ණය ගෙවන්න. මා ලාභ ලබන්නම් කියා ඉන්නම්. ඊට පසුව කොළඹ වරාය නගරය කියා කොටසක් අවුරුදු 99 කට බදු දුන්නා. කොටසක් සින්නක්කරවම විකුණා දැම්මා. දැන් එයා හම්බන්තොට වරාය විකුණනවා කියමින් කෑ ගසනවා.මා ප‍්‍රශ්න තුනක් මහින්දගෙන් අහන්න කැමතියි. මාධ්‍ය ඒ ප‍්‍රශ්න දාන්න අකමැති වේවි. ඒ මාධ්‍ය මහින්දට උදව් කරන නිසයි.වරාය ඉදිකර වසර 20කින් පසු ගෙවීම් කිරීමට එකඟ වුයේ නැත්තේ ඇයි? 2016 දී ණය ගෙවන බවට පොරොන්දු වූයේ ඇයි? හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම් වලට දී ණය ගෙවීම අප බාරගත්තේ ඇයි? වරාය නගරයෙන් කොටසක් විකුණා අනෙක් කොටස වසර 99 කට බදු දුන්නේ ඇයි?මා හතරවැනි ප‍්‍රශ්නයකුත් අසන්නම්. එය මාධ්‍යයේ පළ කරනවාද? හම්බන්තොට විකුණනවා කියා ලැජ්ජා නැතිව අද මහින්ද රාජපක්‍ෂ අඬන්නේ ඇයි? හම්බන්තොට චීන- ලංකා හවුල් ව්‍යාපාරයට බද්දට දී ණය කළමනාකරණය කර ගැනීමට අපට හැකියි.තවත් අපට ගෙවන්න ඉතිරි වී ඇත්තේ කෝටි 3460ක් පමණයි. දැන් අඬන්නේ ණය අඩු කර ගත්තාටද?මේ ප‍්‍රශ්න හැමතැනදීම අහන්න. මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නිකන් අඬන්න ඉඩ දෙන්න බැහැ. ඒ කාලය ඉවරයි. මා හොඳ ලංකාවක් හදනවා. තරුණයන්ට ජීවත් විය හැකි හොඳ රටක් හදනවා යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ප‍්‍රධාන සංවිධායක, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා‘‘අප කළ දේශපාලන පෙරළිය ශක්තිමත් කිරීම මේ රැුලියේ අරමුණයි. කැලණිය අගමැතිතුමාට නුහුරු ප‍්‍රදේශයක් නොවෙයි. අගමැතිතුමන්ද දේශපාලනය ඇරැඹුවේ කැලණියෙනුයි.කැලණියේ ජනතාවගෙන් 50% කට හරියාකාරව නිවෙසක් නැහැ. අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ කරදරවල වගකීම බාරගත යුත්තේ රාජපක්‍ෂ කාලයේ මෙහි සිටි දේශපාලකයන් බව කිව යුතුයි.කැලණිය ජනතාවට විශාල පාසල් ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ප‍්‍රශ්නවලට ඉදිරියේදී විසඳුම් සෙවිය යුතුයි.අපට මහා සංවර්ධන සැලැස්මක් තිබෙනවා. එදා කැලණියේ දේශපාලකයන් රටම දැනගෙන හිටියා. අල්ලස් ගැනීම, කප්පම් ගැනීමේ සංස්කෘතියක් ඇති කළා. අප මේ රැස්වීම පැවැත්වීමට වත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලූවේ නැහැ.කැලණියේ ජනතාවට දේශපාලකයන්ගේ පිහිට නැතිව තනිව නැඟී සිටින්න හැකි පරිසරයක් මා නිර්මාණය කරනවා.අගමැතිතුමන්ගේ ආර්ථික ඥානය නිසා දැවැන්ත ණය බරින් රට මුදා ගැනීමේ  මූලික පියවර ගෙන තිබෙනවා.හැමදාම හිරගෙවල්වල බඩගාන කල්ලියට ගැලපෙන ලකුණ පොහොට්ටුව නොව මාංචු කූට්ටමයි. පොදු ජන මාංචු කූට්ටම් පක්ෂය ඔවුන්ගේ පක්ෂයට හොඳ තමයි.‘‘පාස්පෝට් වංශ’’ වාහන 40ක් නැදෑයන්ට දීලා දැන් හිරේ දාලා. අප දැන් අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. වැරදි කළ අය වන්දි ගෙවිය යුතුයි’’එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා- ‘‘කැලණිය පක්ෂයට මෙන්ම රටටත් ඉතා වැදගත් වනවා. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගියත් ජනතාවට අවශ්‍ය කිසිම දෙයක් වුණේ නැහැ.රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය එක් පිරිසකට පමණක් සීමා වුණා. යුද්ධය අවසන් වුණත් තම දරුවන්ට සපත්තුවක් අරගෙන දීමටවත් නොහැකි තරමට ජනතාවගේ ආර්ථිකය බංකොළොත් වුණා’’රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් බද්දුම බණ්ඩාර මහතා ‘‘මේ අරඹන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රාහී ඇරැඹුමයි. මෙරට යුද්ධයට නායකත්වය දුන් යුද ජයග‍්‍රහණයේ නියමුවා කැලණි පුරවරයට නායකත්වය දෙනවා. එතුමා දේශපාලනයට පිවිසුනේ රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු  කිරීමටයි.ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මෙහි සිටින ජනතාවයි. ආණ්ඩුව හැදුවේ එජාපයේ අයයි.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා‘‘යුද්ධය අවසන් කිරීමට මුල් වූ සරත් ෆොන්සේකා මහතාට එදා අත් වූ ඉරණම මට හොඳට මතකයි. එදා එතුමා දහයයි දහය කාමරයේ ශක්තිමත් මනසින් ජීවත් වුණා. අද කොහොමද? එදා සරත් ෆොන්සේකා
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. “රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. “රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. “අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. 
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(නිමල කොඩිතුවක්කු) කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ  දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක  ගැටලු ඇතුළු  වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාලනයක්  බිහිකිරිමට කැපවෙන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(20) පැවසීය. නාස්තිය, දූෂනය, වංචාව පිටුදකින  සැමට ප්‍රතිලාභ හිමිවන  කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටුකිරීමට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය යොදා ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේය. ප්‍රජාතන්ත්‍රවිරෝධී සියලු බාධක පරාජය කරමින් ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින්  රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ජනතාව දිනවන  බවද ඔහු පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන  කාර්යාලයේදී පැවැති මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ   උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිණි. ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් තේමාවෙන් එලැදැක්වූ  සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල ඇතුළත් වේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.    “ ජනතාවත්  අපත් අතර ඇතිකරගන්නා වු සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට මම හදුන්වන්නට කැමතියි. පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණයකින් ගම්‍ය වන්නේ අනුගමනය කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාවයි. සමගි  ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවත්  අපේ ගමනත් අතර  මනා සම්බන්ධතාවයක් ඇති බව මෙහිදී පැහැදිලි කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී  ඉතිහාසය පුරාවටම සෑම මැතිවරණ සමයකදීම විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලි දක්වනවා  අපි දැකලා තියෙනවා. ඒ ඉදිරිපත්  කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුනයින් පසුව ක්‍රමිකව අමතක කරනවා. සම්ප්‍රදානුකූලව  මෙතක් ක්‍රියාත්මක වූ  ප්‍රතිපත්ති ප්‍රකාශණ එලිදැක්විමත් සමගි  ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ඒ  වැඩපිලිවෙලත් දර්ශණයත්  අතර වෙනසක් තිබෙනවා.  අපි ක්‍රමිකව දිනවකවානු සහිතව සැලැස්මක් අනුව  මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.  මේ රටේ සමස්ථ ජනතාවත්  සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම  එහි සදහන්ව තිබෙන වචනවල පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රයෝගිකවම ක්‍රියාත්මක කිරීමට අපි සැදී පැහැදි සිටිනවා. සමගි  ජනබලවේගය අප රටේ නූතන අභියෝගවලට, ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයන දේශපාලන  ප්‍රවාහයක් වනවා. අපි ප්‍රශ්න විසදන්නන් හැටියටයි ඉදිරිපත්වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහිසය තුළ  රට පාලනය කල විවිධ පක්ෂ, විවිධ නායකයින් රටේ ජනතාවගේ ප්‍රශ්ණ  වලට තිරසර විසදුම් ලබාදුන්නද කියන එක ගැන අපි ප්‍රශ්ණ කළ යුතුයි.  අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ අභියෝග  වලින් ප්‍රශ්ණ වලින් පැන යන්න නෙමෙයි. අපි ඉදිරිපත් වෙලා සිටින්නේ නැවුම් අදහස්වලින්,  ඉදිරිය දකින දර්ශනයක් තුලින් රටට උචිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන්නයි.අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිර්මාණය කලේ ඉතාම පිරිසිදු ක්‍රමාණුකුල ක්‍රමවේද තුලින්. සති ගණනාවක්   තිස්සේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුලු පිරිස් ඒකරාශී කරගනිමින් තමයි අපි  මේ ප්‍රතිපතත්ති ප්‍රකාශණය ඉදිරිපත් කළේ. අපේ රට මුහුන දෙන වර්ථමාන අභියෝගවලට  විසදුම් ලබාදිමේ වැඩසටහන් මෙහි ඇතුලත් වෙනවා. කොරෝනා වසංගතය නිසා ආර්ථික, සමාජිය, ජාතික ආරක්ෂාව ඇතුලු සෑම ක්සේත්‍රයකම  අභියෝග රැසක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණය වූ අලුත් අභියෝග පිලිබඳ  අලුතින් හිතලා නිර්මාණශීලිව අපේ ප්‍රතිපත්ති සකස් කළා. ඒ තුලින් ප්‍රශස්ථ, ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක  කරන්න අපි අපේක්ෂා කරනවා. කොරෝනා වසංගතය විවිධ අය විවිධ ආකාරයට විග්‍රහ කලා. කොරෝනා  වසංගතය අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලවුනු බරපතලම මරු පහරක් විදියට මම සලකන්න කැමතියි. දැන් වර්තමානයේ ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව, සමාජමය ආරක්සාව  බරපතල අනතුරකට පත්වෙලා තිබෙනවා. හැම අතකින්ම අපිට නව අභියෝග එල්ලවෙලා තිබෙනවා. කොරෝනා වසංගතයට  ප්‍රයෝගික විසදුම් ලබාදීමට නොහැකිව  අබල දුබල වි සිටින පාලකයන් පිදුරුගොඩවල්වලට  ගිනිකූරු ගසා රට මහා ගිනිකන්දක් බවට නිර්මාණය කරමින් යනවා.  ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් අන්තවාදයට ශක්තිය ලබාදෙමින් ඔවුන් කටයුතු කරනවා. මේ ආකාරයට කොරෝනා වසංගතය නිසා ජාතික ආරක්සාවට බරපතල  අභියෝග රැසක් එල්ලවෙනවා. මේ අභියෝගවලින් අපිට  පැන යන්න බැහැ. අපි ඒවාට මුහුන දිය යුතුයි. ඒ ශකිතිය සමගි  ජනබලවේගය සතුව තිබෙනවා. මේ උද්ගතව තිබෙන සෑම අභියෝගයකටම මුහුන දීලා තිබුනටත්  වඩා සංවර්ධිත ජවසම්පන්න  සද්ධන්ත මාතෘභූමියක්  බිහිකිරිමට කැපවෙන බවට මම මෙහිදී ප්‍රතිඥා දෙනවා. දුර්වල අවිධිමත් පාලනයක් තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට නොහැකි තතත්වයක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. කොරෝනා වසංගතය  පාලනය කිරීම රටේ ඉදිරි ගමනේ ප්‍රමුඛතාවය විය යුතුයි.  තුන්කල් දකින කණ්ඩායමක් විදියට සමගි ජනබලවේගයේ අපි කොරෝනා වසංගතයෙන් ඇතිවිය හැකි අභියෝග පිලිබඳ කතාකලේ අද ඊයේ නෙමෙයි. කොරෝනා වසංගතයෙන් අතිවිය හැකි බයංකාර  තත්වයන් පාර්ලිමේන්තුවටත්, රජයටත්, රටටත් අපි ඉදිරිපත්කලා.  ඒවට තිරසර විසදුම් ඒ අවස්තාවලදි ලැබුනේ නැහැ. රටේ ජාතික අවශ්‍යතාවයන්, රටේ ජාතික න්‍යායපත්‍රයේ ප්‍රමුඛතාව  ලබාදිය යුතු කාරනා පැත්තකට කරලා  වෙනත් පෞද්ගලික න්‍යායපත්‍ර ඉහලට ඇවිත් තිබෙනවා. කොරොනා වසංගතය පාලනය කිරීමට නොහැකිව සිටින මොහොතක  දෙවැනි තුන්වැනි රැලිවලට  රටක් විදියකට  අපි කොහොමද මුහුන දෙන්නේ. කොහොමද අපි මේ ගැටලුව නිරාකරණය කරන්නේ කියන එක ගැන අපි බැලිය යුතුයි.මිනිසා ජිවත්කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනයාමටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය  රටට මුසුකරගනිමින් ජාතික ආදායම රටේ සියලුම  ජනකොටස්වලට සමසේ ප්‍රිතිලාභ බෙදියන ආර්ථික වර්ධනයක් අපි රටතුළ ක්‍රියාත්මක කරනවා. රටපුරා සෑම ග්‍රාමනිලධාරි කොට්ඨාෂයකම බෙදියන සංවර්දනයක් ගොඩනමින් අපේ රට දියුනු ලෝකය කරා ගෙනයනවා. පුලුල් සමාජ වෙනසක් අපි ඇති කරනවා. රටක් පාලනය විය යුත්තේ විනයානුකූලවයි. මේ විනයානුකූල භාවය තුළ මනුස්කම, සොදුරු බාවය තියෙන්න ඕන. හිතක් පපුවක් ඇතිව  ජනතා ප්‍රශ්ණවලට සංවේදිවෙමින් රට පාලනය කළ යුතුයි.  මේ සංවේදිවීම මාධ්‍ය  සංදර්ශණයකට සීමා නොකට විසදුම් සපයන්නා බවට රටේ රාජය නායකයා පත්විය යුතුයි.අපි  ඇතිකරගන්නා මේ සමාජ ගිවිසුම ජනතාව පිලිගත යුතුයි. සමගි  ජනබලවේග රජයක් තුල අපි නිරන්තරයෙන්ම රට ගොඩනගන,  ජනතා ප්‍රශ්ණවලට සත්‍යවාදි විසදුම් ලබාදෙන විසිහතර පැයේ නොනිදන රජයක් බිහිකරනවා. ශක්තිමත් විනය  පද්ධතියක් තුලින් රටේ ජාතික  සම්පත්, ජාතික ධනය  ජනතාවගේත්, රටේත් සෞභාග්‍යය උදෙසා නිසිලෙස කළමනාකරණය කිරීමට කැපවෙනවා.(ඡායාරූප - ඉෂාන් සංජීව)   
‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘
1
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘
0
(උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප‍්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. සියවස් සැමරුමවට සමගාමීව ඉදි කරන ලද නව තාක්ෂණ පීඨය හා ප‍්‍රදර්ශනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.”නගරයේ තියෙන හොඳම පාසල කියන දෙමව්පියන් තුළ මිථ්‍යාව මේ තරගකාරීත්වයට හේතු වෙලා තියෙනවා. පාසල් පිළිබඳ තරගකාරීත්වයේ මිථ්‍යාව අපි ඉවත් කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට ජනප‍්‍රිය යැයි කියන පාසලට වඩා ගමේ පාසලෙ හොඳින් අධ්‍යාපන කටයුතු කරන බව නම් අපි දන්නවා.බොහෝ වේලාවට ලොකු නමක් තියෙන ජනප‍්‍රියයැයි කියන පාසල්වලට වඩා ග‍්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව කරන බව අපට ලැබෙන තොරතුරු වාර්තා අනුව කියන්න පුළුවන්. ඇයි මේ තරගකාරීත්වය අපි තේරුම් නොගන්නේ. අපේ රටේ පාර්ලිමේන්තුවට පත් වෙන්න මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් වූ ගමන්ම ගොඩක් අය කරන්නේ ගමේ පාසලට ගිය තමන්ගේ දරුවන් කොළඹ පාසලකට දාගන්න එක තමයි. එය සාමාන්‍ය දෙයක් හා සම්ප‍්‍රදායක් බවට පත් වෙලා තියෙනවා.අසූනවය වර්ෂයේ මුල් වරට පාර්ලිමේන්තුවට පත් වනවිට මට දියණියන් දෙදෙනකු හිටියා. මගේ දුවලා දෙන්නා ඒ වනවිට අධ්‍යාපනය ලැබුවේ මගේ දෙමවුපියන්ගේ ගම් ප‍්‍රදේශය වන ගම්පහ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය යැයි කියන පාසලක. අසූනවයේ පාර්ලිමේන්තුවට පත් වූ වහාම මා දරුවන් දෙදෙනා ඒ පාසලෙන් අස් කරගෙන විත් පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඒ කාලයේ ගිහින් මන්ත‍්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනය වඩාත් හොඳ තත්ත්වයක් ඇති කර ගන්න මා ගිය පාසලට යන්න බැරි කියලා.බද්දේගමට පැමිණන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ මීට වසර තිස් තුනකට පෙර ඉතිහාසයක්. අමරසිරි දොඩංගොඩ මහතාගේ අතුරු මැතිවරණයේදී මා බද්දේගමට ඇවිත් ගෙයින් ගෙට ගියා. ඒ විතරක් නෙමෙයි, අක්මීමන අතුරු මැතිවරණයේදීත් මා රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් ඇවිත් මාස එක හමාරක් පමණ බද්දේගම අකමීමන මැතිවරණ කොට්ඨාසවල නතර වී ගෙයින් ගෙට ගියා. සියවසක් පිරෙන ඔබ පාසලේ ගමන් මඟ හා කීර්තිමත් ඉතිහාසය පිළිබඳ විදුහල්පතිතුමා කරුණු පැහැදිලි කළා. මීට වසර සියයකට පෙර මේ පාසල් භූමිය කෙසේ තිබෙන්නට ඇත්ද? එදා හා අද දවසේ බද්දේගමත් මේ ගමත් ගාලූ දිස්ත‍්‍රික්කයත් මේ රටත්, ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වශයෙන් හා දේශපාලන වශයෙන් මොන තරම් වෙනස්වීම්වලට භාජනය වී ඇත්ද?එක් දහස් නවසිය දාහත කියලා කියන්නේ යටත් විජිතයක් වශයෙන් ඉංග‍්‍රීසීන් විසින් මේ රට පාලනය කරපු කාලය. වසර සියයක් ගත වනවිට මේ රටේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා නිදහස් අධ්‍යාපනයක් සමග අපේ රටේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. යටත් විජිත යුගයේ පිරිවෙන් අධ්‍යාපනය මුල් කර ගත් දේශීය පාසල්වල තිබුණු තත්ත්වය ඒ දුන්නු තරගකාරීත්වය, මිෂනාරි අධ්‍යාපනය තුළ වඩාත් මේ රටේ උගතුන් බිහි කරන්න ශක්තියක් ඇති වුණා. ඒ ඉතිහාසය තුළ අධ්‍යාපනයේ එදා මෙදා වෙනස්කම් ගත් විට අපට අද නව ලෝකයත් සමග අධිතාක්ෂණික යුගයේ මේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් සඳහා අභියෝගාත්මක අනාගතයක් සඳහා අපේ දරුවන් සූදානම් කළ යුතු වෙනවා.ගෙවුණු සියවසට වඩා එළඹෙණ සියවස සෑම අයුරින්ම ඔබටත් මටත් සියලූ දෙනාටම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක වූ නව තාක්ෂණික ලෝකය ජයග‍්‍රහණය කරන්නට ගුරු මෑණිවරුන්, පියවරුන්, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, දෙමවුපියන්, ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලූ දෙනාම කැප වී සිටිනවා. දරුවන්ගේ සුන්දර ලෝකය දරුවන්ගේ අභිමානය, දරුවන්ගේ බලාපොරාත්තු ඒ ප‍්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ඇප කැප වී සිටිනවා. දරුවා පාසල් අධ්‍යාපනය ලබා වඩා හොඳ සහතික ලබාගෙන විභාග ප‍්‍රතිඵල පෙන්වලා විභාගයෙන් හොඳ සමතුන් වෙනවා වගේම මම හැමවිටම හැම තැනම කියන දේ තමයි අද අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ස්ථානය තමයි පාසල කියලා.පාසල තුළ දරුවන්ට යම් යම් කරදර පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. මේ රටේ ලක්ෂ හතළිහකට අධික දරු පිරිසක් පාසල්වල ඉගෙන ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේ දකින්නට ඇති සිඟිත්තෙක් සරුංගල් අරින්න ගිහින් ළිඳකට වැටිලා මිය ගියා. පසුගිය කාලයේ මාධ්‍යවල වාර්තා වුණා තරුණ වයසේ දරුවන් මෙන්ම කුඩා වයසේ දරුවන් ජංගම දුරකතනයත් එක්ක කර ගන්නා වූ බොහෝ විනාශකාරී දේවල්. සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් පසුගිය සති කිහිපය තුළ ජීවිත කීයක් විනාශ වූවා ද කියන කාරණාව දන්නවා. අපේ රටේ දරුවන්ට පාසල්වල පැය පහේ තියන ආරක්ෂාව දෙමවුපියන් සමග සිටින කාලය තුළ නොමැති බව ඉතා පැහැදිලිව පේන කාරණයක්.බොහෝ දරුවන් පිළිබඳ ඇති වන ප‍්‍රශ්න හා ගැටලූවලදී දරුවන් අපචාරයට ලක්වීම, හදිසි අනතුරුවලින් සිදුවන කරදර විපත්තිදායක තත්ත්වයන් සමාජයේ අනවශ්‍ය පුද්ගලයන් සමග එකතු වීම මෙවැනි කරුණු සියල්ලම සිදු වන්නේ දරුවා පිළිබඳ ආරක්ෂාව හා වගකීම දෙමව්පියන් සතුව තියෙන කාල සීමාව තුළයි කියන එක ආදරණීය දෙමව්පියන් අමතක කරන්න එපා.අද දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම, ජීවත් වීම සඳහා ජනතාවට තරගකාරීත්වයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳ සටන නිසා එහිදී ප‍්‍රධාන වශයෙන් දෙමව්පියන්ට දරුවන්ව අමතක වන වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් එය සාධාරණ වෙන්න පුළුවන්. තිබෙන ජීවන සටන හා ජීවන අමාරුකම් නිසා ඒ අමාරුකම් තිබෙන පිරිස වගේම ජීවත් වීම පිළිබඳ දැඩි ආර්ථික ප‍්‍රශ්න නොමැති දෙමවුපියන් අවශ්‍ය සම්පත්, ධනය හා ඒ පිළිබඳ තියෙන තරගකාරීත්වය තුළ මනස වැඩ කරන්නේ එකම දිශාවකටයි. මේ නිසා දරුවන් පිළිබඳ තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා දරුවන් පිළිබඳ දෙමවුපියන්ගේ වගකීම මීට වඩා අත්‍යවශ්‍ය බව කිව යුතු වෙනවා.අපි රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමට වගේම, තරගකාරීත්වයට තියෙන හොඳම විසඳුම ලෙස ගමේ තියෙන පාසල සියලූ සම්පත්වලින් සම්පූර්ණ කිරීමට අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කළේ. චන්දිමා රාසපුත‍්‍ර ඇමැතිතුමා කීවා මුදල් ප‍්‍රතිපාදන අඩුවෙන් ලැබීම ගැන. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා හා බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීතුමා මේ පාසලේ තියෙන අඩුපාඩුකම් ගැන හා ප‍්‍රදේශයේ තියෙන අඩු පාඩු ගැන සඳහන් කළා. ඒ අයට මා කීවේ පාසලේ ගොඩනැගිල්ල හා පිට්ටනිය ගැන අවශ්‍ය සැලසුම් හදලා දෙන්න මුදල් ප‍්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් කියලා.බද්දේගම නගරයේ විධිමත් භාවය අලංකාර පිළිබඳ පරිසර සංරක්ෂණය මීට වඩා සැලසුම් සහගත අවශ්‍යතාව ගැන මා මතක් කළා. අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම ප‍්‍රාදේශීය සංවර්ධනයට තියෙන තරගාරීත්වය අපි හැම විටම තේරුම් ගන්න  ඕන.සෑම පාසලකම විදුලහල්පතිවරුන් වගේම ගුරුවරු ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ආචාර්ය මණඩලය කැප වෙනවා. දරුවන්ට අධ්‍යාපනය දීමේදී රාජකාරි සීමාවෙන් එහාට ගිහින් තමයි ඒ අය කැපවෙන්නේ. එය වැටුපට කරන දෙයක් නෙවෙයි. වැටුපට නම් බොහේ සීමාවන් තියෙනවා. යහපත් පුරවැසියන් බිහි කරන්න, හොඳ රටක් හදන්න  ඕන නිසා තමයි ඒ අය මේ විදිහට තම වගකීමක් හා යුතුකමක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. රජයක් විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරිමට අප කටයුතු කරන්වා.”වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා”මාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා. නමුත් පසුගියදා ඇති වූ ගංවතුර නිසා ප‍්‍රමාද වුණා. බද්දේගම ළමයි ජාතික පාසල්වලට දාගන්න මගේ ළඟට එන්නේ නැහැ. මහජන හමුවීම් දිනවල ළමයි දාගන්න පෝලිමේ එනවා අඩුයි. විදුහල්පතිතුමා ඒ තත්ත්වයට වැඩ කරලා.අද කුම්මේ පිට්ටනිය ළඟට ජනතාව ඇවිල්ල හිටිය ජනාධිපතිතුමාට ආචාර කරන්න. මහින්ද මහත්තයටත් එහෙමයි. හැබැයි අද ඊට වඩා ජනතාව ඇවිල්ලා හිටියා ජනධිපතිතුමාට ආචාර කරන්න. බද්දේගමට නගර සැලසුමක් හදලා දීර්ඝ කාලයක් වෙනවා කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්ව හදමු කියලා.”ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා”මේ පාසල මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසලක්. අද වනවිට විදුහලේ චෙස්, කබඩි, කරාටේ ආදිය තිබෙනවා. විදුහලට ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් නැහැ. ඒ නිසා ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ලබා දෙන්න. ඒ වගේම බද්දේගම ක‍්‍රීඩාංගණයට ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ”දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත‍්‍ර මහතා ද කතා කළේය.  විදුහල්පති ඉන්ද්‍රිජිත් ප‍්‍රීයන්ත මහතා පිළිගැනීමේ කතාව කළේය.(ජායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය)
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
1
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
(ජේ.ඒ.එල්. ජයසිංහ)ජාතීන් අතර සහෝදරත්වය ඇතිකර සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට රජය ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක කටයුතු කරද්දී ඊට එරෙහිවන ඇතැම් පිරිස් රට නොසන්සුන් කිරීමේ උත්සාහයක යෙදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (16) මහනුවරදී පැවැසීය.පාසල් නිල ඇඳුම් වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් නිල ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් වසර 23 කට වැඩි කාලයක් එහි මහනායක ධුරය හොබවමින් වැඩ විසූ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ සමරමින් උන්වහන්සේගේ නමින් ආරම්භ කළ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දසවෙනි සමරුව පවත්වන අවස්ථාව වගේම වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.                                                            අපේ රටේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ රට වගේම අපේ රටෙන් පිටස්තර විදේශයන්හි විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිකරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙත් ඊටත් වඩා කීර්තිමත් වූත් විශිෂ්ට වූත් අධ්‍යාපනයක් පිළිබඳව අපේ රටේ සඳහන් වෙන්නේ බෞද්ධ අධ්‍යාපනය, විහාරස්ථානය, ගමේ පන්සල, පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය තුළයි. බොහෝ වෙලාවට අද ත්‍රෛ භාෂා විශාරදයින් පිළිබඳව කතා කරනවා. නමුත් අපේ බෞද්ධ අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනයේදී එදා කතා කළේ ෂඞ් භාෂා විශාරදයින් පිළිබඳවයි. පිරිවෙන මුල්කරගත් පන්සල මුල් කර ගත් අධ්‍යාපනය මේ රටේ යහපත් බව, හැදිච්චකම, විනය, හික්මීම ජාතියේ මුළු ඉතිහාසය පුරා  සටහන් කර තැබූ කීර්තිමත් වූ කතාවක් බවට පත් වෙලා තිබෙනවා.ලෝකයේ තාක්ෂණය තුළ ඉහළම දියුණුවක් තිබෙනවා. සංවර්ධනයේ මහා ප්‍රබල ලෙස විශිෂ්ටත්වයන් පෙන්වුණු ලෝකයේ රටවල්වල ඒ තාක්ෂණයේ දියුණුව කොතෙක් තිබුණත් මිනිසුන්ගේ යහපත් බව, කරුණාව, පරිත්‍යාගශීලීභාවය, මනුස්සකම බොහෝ විට අඩු බව අපි දන්නවා. නමුත් ශ්‍රී ලාංකික සමාජයේ පරිත්‍යාගය, කරුණාව, දයාව සහ මනුස්සකම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනය තුළ වසර දහස් ගණනක ඉතිහාසය පුරා කියවෙන විශේෂයෙන්ම පිරිවෙන මුල් කර ගත් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණය, විනය, හැකියාව කියන එකයි අපි සෑම කෙනෙක්ම දන්නේ. ඒ වගේම විශ්වාස කරන්නේ.ගෞරවණීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ අනුශාසනාවලදී කියවුණු පරිදි අපි යහපත් රටක් හදන්න ගන්නා වූ උත්සාහයේදී අධ්‍යාපනය තමයි මුල් වන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ජාතියේ අනාගතය සඳහා කරන්නා වූ දීර්ඝකාලීන ආයෝජනය රටේ දරුවන්ට දෙන අධ්‍යාපනය යි. අපිට අද දවසේ තිබෙන්නා වූ අභියෝග සැලකිල්ලට ගත්විට ඒ අභියෝගවල පැහැදිලිව කැපීපෙනෙන දෙයක් තමයි සමාජය තුළ හික්මීම, විනය, ශිෂ්ටකම, ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. අද අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් සියල්ල තුළ අද දවසේ කතා වෙන මේ රටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවනේ.එක් පැත්තකින් රටේ ඩෙංගු උවදුර. තවත් පැත්තකින් කැළිකසළ. තවත් පැත්තකින් බෞද්ධ, මුස්ලිම්, හින්දු ජාතීන් අතර තිබිය යුතු සමගිය, එකමුතුව සහ සහෝදරත්වය. මේ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඒ පිළිබඳව සොයා බැලුවොත් එම නැගී ඇති ප්‍රශ්න සහ ගැටලුවලට මූලිකම කාරණයක් තමයි අපේ හැදියාව ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. කවුරුන් වේවා කුමන ආකාරයේ කෙනෙක් වේවා කුමන පාර්ශ්වයක් වේවා කුමන පුද්ගලයෙක් වේවා කුමන සංවිධානයක් වේවා රටක ජීවත් වන ජනතාවගේ දෛනික ජීවිතය, සමාජ ජීවිතය, නිදහස් ජීවිතය ඒ සියල්ලට බාධාවන ආකාරයෙන් කෙනෙක් හැසිරෙනවා නම් ඔහු කුමන භාෂාවක්, කුමන ආගමක්, කුමන ජාතියක් නියෝජනය කළත් ඒ තුළ කියවෙන්නේ සහ පෙන්නුම් කරන්නේ ඔවුන් තුළ තිබෙන්නා වූ ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය යි. අපේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දැනුම මෙන්ම ඒ දැනුම තුළින් මිනිසුන්ට දරුවන්ට ලැබෙන්නේ හැදියාව සහ ශිෂ්ටකම. ඒ නිසා ශිෂ්ටකම, හැදිච්චකම, විනය මේ පිළිබඳව ඉතාමත්ම වැදගත්ම ස්ථානය තමයි පාසල, පන්සල, අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. ඒ නිසා මෙවැනි බෞද්ධ විද්‍යාලයක අපි රටක් විදියට බලාපොරොත්තු වන උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ ක්‍රියාකරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් මග අපි ඉතාමත්ම අගය කරනවා.අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ ශාසනික වශයෙන්, ආගමික වශයෙන්ම වගේම සමාජීය වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් ඉතාමත් පුළුල් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ සේවාවක් ඉටු කළ අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ නමින් නම් කර ඇති මේ බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් ඉතාමත්ම පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් වාසනාවන්ත වූත් දරුවන් ලෙසයි මම දකින්නේ. මේ වගේ පාසලකට ඔබට එන්න හැකියාව ලැබීම ඔබේ ජීවිතයේ වාසනාවක් ලෙසයි මා දකින්නේ.අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ පාසලේ වාර්තාව ඉදිරිපත් කරන ගමන් පාසලේ වාර්තාවේ අදාළ පාසලේ කරුණු වගේම ඉන් බාහිර කරුණු කිහිපයක් පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේ සඳහන් කළා රජය මේ පාසල් දරුවන්ට ටැබ් එකක් දෙනවා කිව්වා. තවම මේ පාසලට නම් ලැබුණේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වාට පස්සේ මම මෙතන ඉඳගෙනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කරලා ඇහුවා මේ ටැබ් එක පිළිබඳව ප්‍රශ්නය කොහොමද? මේක දුන්නද නැද්ද මොකද වුණේ කියලා. එතුමා මාත් සමග දැන් කිව්වා ඒ ටැබ් එක තවම කිසිම ශිෂ්‍යයෙකුට කිසිම පාසලකට දීලා නැහැයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුවේ එක් කොටසක මමත් ඉන්නවා. පසුගිය අයවැය යෝජනාවල තමයි මේ පිළිබඳව සඳහන් කළේ. ඒ අයවැය යෝජනාවල සඳහන් කළාට පසුව මම අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් ඇහුවා මේ ටැබ් එක දරුවන්ට දෙනවා නම් දෙන ක්‍රමය කොහොමද කියලා. ටැබ් එකේ තිබිය යුතු කොටස්, ඒ වගේම අවලංගු කළ යුතු කොටස්. අපි අද දකින අන්තර්ජාලයේ, ෆේස් බුක්, වෙබ් සයිට් අපි කතා කරන දකින ශිෂ්ටත්වය, විනය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. අද මේ රටේ ජාතිවාදය අවුස්සන්න සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒ සෑම ආගමකම ඒ සිටින සෑම කෙනෙක් අතරේම නොසන්සුන්භාවය ඇති කරන්න ගැටුම් ඇති කරන්න අද අන්තර්ජාලය, ෆේස් බුක් ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව අපිට පෙනී යන කාරණයක්.මීට දවස් දෙකකට කලින් අපේ මහ නායක හාමුදුරුවනේ රාජ්‍ය නොවන රූපවාහිනී ආයතනයක සන්ධ්‍යාවේ තිබූ වැඩසටහනක් මම අහගෙන හිටියා. ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ ක්‍රිස්තියානි, කතෝලික, පල්ලි 166 ක පසුගිය මාස කිහිපයේ පහර දීලා තියෙනවා කියලා. ඒ වැඩසටහන අහපු නිවේදකයා ඒ මහත්මයාගෙන් ඇහුවා ඔබ වගකීමකින්ද මේක ප්‍රකාශ කරන්නේ කියලා. එච්චර එවැනි සිද්ධියක් වෙලා තියෙනවද කියලා. ඒ පුද්ගලයා කිව්වා රටටම ඇහෙන්න ලෝකයටම ඇහෙන්න කතෝලික පල්ලි 166 කට පහර දීලා තියෙනවා කියලා. මම ඊයේ අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට දුරකතනයෙන් කතා කරලා එතුමාගෙන් ඇහුවා මෙහෙම කලින් දවසේ රූපවාහිනී සංවාදයක මහත්මයෙක් ගිහින් කිව්වා කතෝලික ක්‍රිස්තියානි පල්ලි මෙච්චර සිය ගණනකට පහර දීලා තියෙනවා කියලා. ඔබ වහන්සේ දන්නවද එවැනි දෙයක්.මට නම් එවැනි දෙයක් වාර්තා වෙලා නැහැ, ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියලා. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ හවස මම දුරකතනයෙන් කතා කරපුවහම උන්වහන්සේ කිව්වා ජනාධිපතිතුමා අපිට නම් එහෙම කිසි දෙයක් වාර්තා වෙලා නැහැයි කියලා. උන්වහන්සේ කිව්වා මම මාධ්‍යයට කැඳවලා කියන්නම් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැයි කියලා. මෙවැනි කාරණා පිළිබඳව ඒ නිසා මේ රටේ සමගිය ජාතීන් අතර සහෝදරත්වය හික්මුණු නිදහස් සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනැගීම සඳහා අපි ජාතික සංහිඳියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීමේදී ඊට එරෙහි වන්නා වූ ඇතැම් පිරිස් විසින් නොයෙක් විදිහේ රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පෙන්නුම් කරනවා.ටැබ් එක පිළිබඳව කතාවේදී ඒ පැත්තට ගියේ ටැබ් එකත් අපි ශිෂ්‍යයින්ට දෙන කොට අධ්‍යාපන ලේකම්ටත් ඇමතිතුමාටත් මම කිව්වා මෙහි ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය කොටස් පමණක් ඒ තුළින් බලා ගත හැකි දැක ගත හැකි ඇසිය හැකි ආකාරයට මේවා සකස් කරලා මිසක් එහෙම නැතිව මේක ළමයින්ට නිකුත් කරන්න එපා කියලා මම පසුගිය දවස්වල කිව්වා. සමහර විට ඒ නිසා වෙන්න ඇති තවම ප්‍රමාදය. ඒ නිසා මම ඒ පිළිබඳව තවදුරටත් සොයා බලනවා. ඒ වගේම අපේ ගෞරවණීය විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේගේ වාර්තාව තුළ කියවුණා වගේම ඉන් බාහිරව උන්වහන්සේ සඳහන් කළා මේ පාසල්වල දරුවන්ගේ ඇඳුම් පිළිබඳව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පාසල්වල දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් දැනට ඇඳගෙන එන ඇඳුමට හැර වෙනස් විදියකට ඇඳිය යුතුයි කියලා නැත්නම් සකස් විය යුතුයි කියලා එහෙම නැත්නම් මෙය වෙනස් විය යුතුයි කියලා. අපි රජය විදියට අමාත්‍ය මණ්ඩලයත් අපි කිසිම තීන්දුවක් එහෙම අරගෙන නැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ නිසා අපේ පාසල්වල දරුවන් ඉතාමත් හික්මුණු විනයගරුකභාවය වගේම ඉතාමත් සුන්දර ලෙස අලංකාර ලෙස ආකර්ෂණීය ලෙස මේ අඳින ඇඳුම කෙසේවත් වෙනස් නොවිය යුතුයි කියන එක මා ඉතා පැහැදිලිවම දරන ස්ථාරවයක්, මතයක් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ.අවසාන වශයෙන් අද මේ වැදගත් උත්සව සභාවට ඇවිල්ලා මම වාඩිවෙලා ඉන්න ගමන් අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ විද්‍යාලය බොහෝම ලස්සනයි. ගොඩනැගිලි හොඳට තිබෙනවා. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හොඳ විභාග ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් අපි ඇවිල්ලා දැන් අපෙන් මොනවත් දෙයක් බලාපොරොත්තු වෙනවද? මොනවද ඕනේ කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා.ඉතින් උන්වහන්සේ මට කිව්වා ජනාධිපතිතුමා මෙතන මේ අල්ලපු වැටේ තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක නිවාසයක් තියන ඉඩම් කැබැල්ල. මේක අපිට පුළුල් කර ගන්න ඒ ඉඩම් කැබැල්ල දෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ මට කිව්වා. මාර්ග සංවර්ධන අධිකාරියත් එහි දේපළවලත් භාරකාරයත් මෙතන ඉන්නවා මේ දිස්ත්‍රික්කයේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාත්. ඒ නිසා මම ඒ භාරකාරයාගෙන් මේ දිස්ත්‍රික්කයේම මව්පියන්ගේම මහජන නියෝජිතයාගෙන් කිරිඇල්ල ඇමතිතුමාගේ කනට කරලා ඇහුවා අපේ හාමුදුරුවෝ කියනවා මේ අල්ලපු වැටේ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙම එකක් තියෙනවා පාසල තව වැඩිදියුණු කරන්න ඉඩම් කැබැල්ල ගන්නවා නම් හොඳයි, ඇමතිතුමා මොකද කියන්නේ කියලා. ඉතින් කිරිඇල්ල ඇමතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කියනවා නම් දෙමු කියලා. ඒ නිසා ඒ ඉඩම් කොටස අපි මේ බෞද්ධ විද්‍යාලය සඳහා දෙන්න තීන්දු කළා. ඒ අනුව එතුමා මේ විද්‍යාලයේ කටයුතු සඳහා එය නිදහස් කරයි.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉතා විශිෂ්ට ලෙස සහ උතුම් ලෙස සාර්ථක වේවා. ඒ වගේම දරුවන් මව්පියන් මේ විශාල සේවයක් කරන විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මීට අනුග්‍රහය දක්වන සෑම කෙනෙකුටම වඩාත් යහපත් වූ සුබවාදී අනාගතයට ආශිර්වාද කරමින් සුබපතමින් මේ අවස්ථාවේදී සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.සම්බුද්ධ දර්ශනය හා උතුම් සම්බුද්ධ දේශනාව අපේ පාසල් දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරවීමේ පරමාර්ථයෙන් තමයි මෙම බෞද්ධ මහා විද්‍යාලය ආරම්භ වූයේ. මේ බෞද්ධ විද්‍යාලය අද ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. මෙම විදුහලේ දරුවන් සෑම පෝය දිනකදීම පංචශීල අටසීල සමාදන් වී ප්‍රතිපත්ති ගරුක වැඩසටහන් ඉටු කරනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකම මේ විදුහලේ දරුවන් නුවණ වඩා ගන්නවා.උදාවන හෙට දවසේ මුහුණ දිය යුතු අභියෝග ගැන ජනාධිපතිතුමා ඉතා මැනවින් දන්නවා. ඒ අභියෝග ජය ගැනීමේ භාරදූර වගකීම අපේ මහා නායක හිමිපාණන් වහන්සේලා මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ සඳහන් කළහ.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලට වර්ෂ 10 ක් සපිරෙන මේ මොහොතේ අපේ දේශීය බෞද්ධ සිරිත් විරිත් සංස්කෘතික සාරධර්ම ආගමික චාරිත්‍ර මේ රට තුළ අර්ථවත් වන සුරක්ෂිත වන අවස්ථාවකටයි අපි පත්ව ඉන්නේ. අපේ දේශීයත්වය අපේ සංස්කෘතික අංශ සුරක්ෂිත කිරීමට ඔබ අප සැමදෙනා බැඳී සිටිනවා. අපේ රටට සංස්කෘතිය ආගමිකත්වය බෞද්ධකම සුරක්ෂිතවන අන්දමටයි අපේ අනාගත පරපුර හැඩගැස්විය යුත්තේ.යහපත් පෞරුෂයක් සහිත දරු කැලක් සමාජයට බිහිකරල යහපත් පුරවැසියන් රටට දායාද කිරීම අපේ අධ්‍යාපනයේ අරමුණ විය යුතුයි. අපේ පාසල් පද්ධතිය තුළ දරුවන්ට මේ රටේ සුදුසු ඇඳුමක් සුදුසු පරිසරයක් සදාචාරාත්මක භාවයක් ගොඩනැංවිය යුතුයි. එය කිසිසේත් වෙනස් නොවන වැඩ පිළිවෙළකට අපේ පාසල් පද්ධතිය හැඩගැසිය යුතුයි. එවැනි තත්ත්වයක් දැන් දැන් වෙනස් වන තත්ත්වයක් ඇතිවන බව කිව යුතු අතර එයට මහා සංඝරත්නයේ බලවත් විරෝධය පළකරනවා.අස්ගිරිය පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති අස්ගිරි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමියෝ විද්‍යාල ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කරවමින් මෙසේ පැවසූහ.රජය අනුමත මේ පෞද්ගලික පාසල 2006 ජනවාරි 4 වැනි දින ආරම්භ කළේ. මේ පාසලේ අද වන විට දරුවන් 3000 ක් ඉගෙනුම ලබනවා. එය 4000 දක්වා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැකසීමට ඉදිරියේදී කටයුතු කරනු ලබනවා. මේ විදුහල ආරම්භ කළේ ගුරු උපහාරයක් ලෙසටයි.අප විදුහලේ දරුවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කර සම්මාන සහතික තිළිණ කුසලාන දිනාගෙන තිබෙනවා. ජාතික ක්‍රීඩා රැසක් ජයග්‍රහණය කළ අපේ විදුහලේ දරුවන් විසින් ජනමාධ්‍ය තරගවලින්ද කෘෂිකර්ම කටයුතුවලින් හා වගා තරගවලින්ද විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙනවා.අද පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටිනවා.සමහරු නගරයේ අන්තර්ජාල පහසුකම් තිබෙන ස්ථානවලට යනවා. ඇතැම් අපේ දරුවන් නගරයේ ලැගුම්හල්වලටත් යොමුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙනවා. අද අපේ සමහර දරුවන් පමණක් නොව වැඩිහිටි කතුන් පවා අඳින ඇඳුම අසංවර වී තිබෙනවා. අද පාසල් පද්ධතිය හෑල්ලුවට ලක්කෙරෙන අවස්ථාද අසන්නට දකින්නට තිබෙනවා.පාසල් දරුවන්ට දෙනවා කියලා කිව්වා අය වැයෙන් ලැප්ටොප් පරිගණක. ඒවා නම් තවමත් ලැබී නැති බව කිව යුතුයි.ඇතැම් පාසල් පද්ධති තුළ සිසු සිසුවියන්ගේ යම් යම් සමාජයට අහිතකර දරුවන්ට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙන විට ඒවා වැළැක්වීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙනවා. එවැනි ක්‍රියාවල් වළක්වාලීමට නොහැකිවන විදුහල්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීම් කළ යුතුයි.ගොවි ගමක ඉපදුණු මඩ නාගත් ගොවියකුගේ පුතෙකු වූ අපේ වත්මන් ජනාධිපතිතුමා අප විදුහල පිළිබඳව විශාල උනන්දුවක් දක්වන විදුහලේ අනාගත අභිවෘද්ධිය දකින්න කැමැති කෙනෙක්. ඒ පිළිබඳව එම ජනාධිපතිතුමාට ප්‍රසංසාව පුද කරනවා.මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියෝද අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩවත්තේ නන්ද යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුද විදුහලේ ගුරු මණ්ඩලය, මව්පියන් සහ විදුහලේ සිසු දරුවෝද සහභාගි වූහ.ජනාධිපතිවරයා අතින් දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට ත්‍යාග සහ තළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. 
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
 කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ, කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොල්තෙල් පහන දල්වමින් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය ඒ අසල වෙයි. (ඡායාරූප ඉෂාන් සංජීව)  (හර්ෂණ තුෂාර සිල්වා)බලාපොරොත්තු රහිතව එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවාට වඩා එකට එක්වී සෙමෙන් සෙමෙන් ඉදිරියට යෑම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් අදහන පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශව එක් ශ්‍රී ලංකාවක් යටතට ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කරන්නේ යැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අනෙකාගේ අයිතිවාසිකම්වලට ගෞරව කළ යුතු යැයි ද අනෙකාගේ සාධාරණ ඉල්ලීම් පිළිගත යුතු යැයි ද කීවේය. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ පැවැති කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවැසීය.සෑම අවස්ථාවකදීම තම ආගම ජාතිය සම්බන්ධයෙන් ආඩම්බර වෙමින් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරේම අන් ආගම්, අන් ජාතීන්ට ගෞරව කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. කිසිදු අවස්ථාවකදී කිසිවකුටත් වෛරය ආයුධයක් කර ගනිමින් තවත් අයෙක් පහත හෙළන්නට ඉඩ නොදෙන්නැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසුන් හමුවේ කීය.    එහිදී සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “වසර ගණනාවක් තිස්සේ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් සහ එක්සත් ජාතීන්ගේ ආදර්ශ සැසිවාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාසලටත්, විදුහල්පතිවරයාටත්, ගුරුවරුන්, කාර්යමණ්ඩලය ඇතුළු සියලු පාර්ශවවලටත් මම කෘතඥ වෙනවා. එය පහසු කටයුත්තක් නෙමෙයි. එම නිසා එය ඇගයිය යුතුයි.අද ඔබ දන්නා පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවිධ චෝදනා එල්ලවී තිබෙනවා. ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙන් දේශපාලනය තුළ සිදුව ඇති වර්ධනය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි වැඩියෙන් චෝදනා එල්ල වෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට සමත්වූ බව අප සැවොම පිළිගත යුතුය. එයයි ප්‍රධාන කරුණ. වසර 1945 සිට ප්‍රධාන යුද්ධයක් නොමැතිව ලෝකය තුළ සාමය පවත්වාගෙන යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වූ බව අප පිළිගත යුතුයි. පසුගිය කාලයේදී ලෝක බලවතුන්ගේ සටන්, නිරවි යුද්ධය, න්‍යෂ්ටික ආයුධ ආදිය මධ්‍යයේ ලෝකයේ සාමය පවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණා. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක්  පිරිනමමින්.අද අපි මුහුණ දෙන ලෝකයත් 1945 තිබූ ලෝකයත් යනු දෙකක්. ජපානය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධව යමින් සටන් කළා. ජර්මනිය, ඉතාලිය සහ ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම් නිසා දෙවැනි ලෝකය යුද්ධය ඇති වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායකයන් පවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රම අනුගමනය කළා. පැසිට්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සටන් කළා. ඊට එරෙහිව ලොව රටවල් එක්වුණා. එවකට ලොව බලවත්ම ආර්ථිකය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදය, එවකට විශාලම රාජධානිය හිමි බි්‍රතාන්‍යය අධිරාජ්‍යය, සෝවියට් සමූහාණ්ඩුව, චීනය එක්ව සටන් කළා. සෝවියට් සමූහාණ්ඩුව එවකට පැවැති විශාලතම සහ ප්‍රධානතම කොමියුනිස්ට් රාජ්‍යය වූවා පමණක් නොව විශාල බලයක් අධිරාජ්‍යයක් පවත්වාගෙන යෑමට ද සමත් වුණා. එවකට කඩා වැටෙමින් පැවැතිය ද චීනය ද ඇමෙරිකාව, රුසියාව හා බි්‍රතාන්‍යය සමඟ එක්ව සටන් කළා. එවකට අපේ රට බි්‍රතාන්‍යය අධිරාජ්‍යය කොලනියක්ව පැවැතියා. එසේ වුවත් 1942 වන විට අපට සර්වජන ඡන්ද බලය හිමිව තිබුණා. මේ වන විට මැලේසියාව, සිංගප්පූරුව කඩා වැටෙද්දී මියන්මාරය පැසිස්ට් කඳවුරට සහාය දුන්නා. ඒ වන විට සර්වජන ඡන්ද බලයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය සභාවක් පත්ව තිබුණු අතර ඇමෙරිකාව, සෝවියට් සමූහාණ්ඩුව සහ බි්‍රතාන්‍යයට සහාය දීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව තීරණය කළා. එවකට ආසියාවේ පාර්ලිමේන්තුවක් හිමි පළමු රට අප වූවා පමණක් නෙවෙයි දෙවැනි ලෝක යුද්ධයේදී පාර්ලිමේන්තුව ඔස්සේ එවැනි තීරණයක් ගත් පළමු රට වූයේත් අපියි. ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයන් සියලු යුද්ධවලට විරුද්ධ බව පවසමින් එම තීරණයට සම්බන්ධ වුණේ නැහැ.කෙසේ වෙතත් නිදහස ලැබුවායින් පසුව අපි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වෙන්න බැරි වුණා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වීම නවතාලීමට සෝවියට් සමූහාණ්ඩුව කටයුතු කළා. අපි දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය සමඟ සම්බන්ධව කටයුතු කළ බව පවසා සෝවියට් සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ ඇතුළත්වීම නවතා දැමුවා. ඊට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය මොංගෝලියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දීම නවතා දැමුවා. ඒ කාලයේදී සර් ජොන් කොතලාවල මහතා මගේ තාත්තා යැව්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කළා. සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෝවියට් සමූහාණ්ඩුව ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ වගේම ඇමෙරිකාව සහ බි්‍රතාන්‍ය ඔවුන්ගේ විරෝධතා ඉවත් කර ගත්තා. ඒ අනුව අපටත් මෝංගෝලියාවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි වුණා. මොන දේ වුණත් එදා සිට අප එක්සත් ජාතීන්ගේ සමීපතම සාමාජිකයෙක් සහ සෑමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය දුන් රටක්. අද වන විට අපිට හිට්ලර්, මුසලෝනි වැනි නායකයෝ දකින්න නැහැ. සදාම් හුසේන් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීම වැනි අවස්ථා කිහිපයක් තිබෙනවා. එහෙත් අපි අද මුහුණ දෙන යුද වැදීම් ඊට හාත්පසින්ම වෙනස්. අද දකින්න තිබෙන්නේ ත්‍රස්තවාදීන් සමඟ කෙරෙන යුද වැදීම්. ත්‍රස්තවාදී සංවිධාන ඇති වීමට හේතුවී තිබෙන්නේ වැරැදි ආගමික හෝ ජාතික හෝ අර්ථකතන. අපිත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ජාතිකත්වය ජාතිය ගැන වැරැදි අර්ථකතන නිසා අපි වසර තිහක යුද්ධයකට මුහුණ දුන්නා.සම්මුතිවාදයෙන් එය විසඳාගන්න කිසිවකුත් උත්සාහ කළේ නැහැ. එවැනි තත්ත්ව තුළ ගැටුම් ඇතිවීම වැඩි වෙනවා. අපේ ප්‍රශ්නය ජාත්‍යන්තරයටත් ගියා. ජාතික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගියාම ප්‍රශ්න තවත් පුළුල් වෙනවා. එහිදී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම තව තවත් දුෂ්කර වෙනවා. එවැනි අවස්ථාවලදීත් ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා. රාජ්‍ය නොවන පාර්ශව මේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙනවා. රාජ්‍ය නොවන පාර්ශවයේ වපසරිය වැඩිය. ඔවුන් පුළුල් පරාසයක පැතිර තිබෙනවා. සමහර අවස්ථාවලදී හඳුනාගැනීම අපහසුයි. රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කිරීම රටක් සමඟ කටයුතු කිරීමට වඩා දුෂ්කරයි. එවැනි අවස්ථාවලදී රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව ලෙස ඔබ සැම නුවණක්කාරී ලෙස කටයුතු කළ යුතුයි. මෙවැනි අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. රාජ්‍යය සමඟත් රාජ්‍ය නොවන පාර්ශව සමඟත් කටයුතු කරන්න වෙනවා. එහිදී දෙපාර්ශවය පාලනය කර ගන්න, කළමනාකරණය කර ගන්න අපි දක්ෂ විය යුතුයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස ඔබ ජාතික නායකයන්, දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නොවන පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. එක්සත් ජාතීන්ගේ මුහුණ දෙන අභියෝගය එයයි. මූලික වශයෙන් ඔබට මිනිස්සු සමඟ කටයුතු කරන්න.එවැනි අවස්ථාවලදී ජාතිකවාදීන් ආදී විවිධ පාර්ශවවල මිනිස්සු විවිධාකාර ආගම්වල, ජාතීන්වල මිනිස්සු සමඟ කටයුතු කරන්න ඔබට සිදුවෙනවා. අප රටට අත තබන්න දෙන්නේ නැහැ කියන පාර්ශව ඉන්නවා. අපේ ආගම අපේ ජාතිය අන් සියල්ලටම වඩා ඉහළින් තිබෙන බව කියන පාර්ශව සිටිනවා. මගේ රට තම උසස්ම රට, මේ භූමිය අපෙන් ගන්න බැහැ කියන පාර්ශව සිටිනවා. අද වන විට ඕනෑම රටකට ගියාම මේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන විවිධතා තිබෙන රටවලදී ඔබට විවිධ පාර්ශව සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය ගැන කතා කරන්න මිනිස්සු, අනෙක් අය නොසලකා හරින වෛරය පතුරුවන සමාජ කොටස් සමඟ කටයුතු කරන්න වෙනවා. වෛරය මත ආගමික, ජාතික, වෛරය පදනම් කර ගෙන කටයුතු කරන දේශපාලකයන් සමඟ කටයුතු කරන්න වෙනවා. මේ තත්ත්වය අපේ රටේ විතරක් නෙමෙයි අනෙක් රටවලත් දකින්නට ලැබෙනවා. දැන් මේ තත්ත්වය මෙය අපේ කලාපයේ පමණක් නෙමෙයි ඇමෙරිකාවේත්, යුරෝපයේ රටවලත් දකින්නට තිබෙනවා.අපි මේ තත්ත්වය නැවැත්විය යුතුයි. පුද්ගලයකුගේ ජාතිය, ආගම, සමාජ තත්ත්වය හෝ අන් යමක් යොදාගෙන වෛරය පතුරුවමින් ඔවුන් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. කිසිවකුත් වෛරය යොදා ගනිමින් පහත් කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔබේ දෛනික කටයුතුවලදී, ලංකාවේ හෝ වෙනත් රටක හෝ සිටියදී වෛරය ආයුදයක් කර ගන්න කිසිවකුටත් ඉඩ දෙන්න එපා. අපි ලංකාවේදී මේ තත්ත්වයට මුහුණ දුන්නා. කැරලි ගැසීම් ඇතිවෙයි කියලා අපි හිතුවේ නැහැ. අපේ රටේ කැරලි ගැසීම්, ආගමික, ජාතික බෙදුම්වාදය ඇති වුණා. ආගම්වලට ජාතීන්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් වුණා. රටේ විවිධ පැතිවල ආගමික සහ ජාතික ප්‍රචණ්ඩත්වය, ජාතිකත්වය, ජාතිවාදී ගැටුම් ඇති වුණා. යුද්ධයෙන් පසු අපේ රටේ මිනිස්සු එකතු වේවි කියලා අපි හිතුවා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. අපි 2015 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දිනා ගනිමින් අපි රට එක්සත් කරන්න, සියලු පාර්ශව එක ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කටයුතු කරමින් සිටිනවා. එය පහසු නැහැ. අද අපේ සමහර දේශපාලකයන් තමන්ගේ වාසිය උදෙසා මිනිසුන් කෝප ගන්වනවා. ලේ වැගිරීම් සිදු කිරීමට උත්සාහ කරනවා. ඔවුන් දිනපතා එය සිදු කරනවා.  අපි අපේ ආගම, ජාතිය ගැන ආඩම්බර විය යුතුයි. තවත් අයෙකුට දෙවැනි විය යුතු නැහැ. එහෙත් අපි අනෙකාගේ ආගමට, අනෙකාගේ ජාතියට ගෞරව කළ යුතුයි. ඔවුන්ගේ අයිතිය පිළිගත යුතුයි. එය සිදු විය යුත්තේ ජාතික එකමුතුකම, ජාතික සංහිඳියාව තුළයි. අද මෙතැන විවිධ රටවල්වල, විවිධ ආගම්වල, විවිධ ජාතීන්වල සිසුන් ඉන්නවා. ඔබ අද මෙතැන ඉගෙන ගන්නා දේවල් ඉතා වැදගත්.අසල්වැසියන්, ඔබේ මිතුරන් සමඟ කටයුතු කිරීමේදී, ඔබේ ප්‍රජාව සමඟ කටයුතු කරද්දි අනෙකාගේ භාෂාව පිළිගත හැකි නම් අනෙකාගේ සාධාරණ ඉල්ලීම් අනුමත කළ හැකි නම් එය ඉතා වැදගත්. ඔබ කොතැනක කටයුතු කළත් පිරිස අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමට හැකි නම් එයින් ප්‍රශ්න රැසක් විසඳෙනවා. පොදු එකඟතාවක් සොයාගැනීමට හැකි නම් ඔබට ඉදිරියට යා හැකියි. එය ඉතා වැදගත්. පුද්ගල වර්ධනයට, ප්‍රජාවේ වර්ධනයට, ජනතාවගේ වර්ධනයට හේතු වෙනවා. ජනාධිපති  සිංහල, බෞද්ධ, මුස්ලිම්, ඉස්ලාම්, ක්‍රිස්තියානි, දෙමළ ආදී අපේ රටේ ආගම් සහ ජාති එකතු කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. සියලු පාර්ශව එක් කර ගත් ප්‍රශ්නවලින් අඩක් විසඳෙනවා. ඒ අතින් බලද්දි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කර ගැනීම ඊටත් වඩා දුෂ්කර කාර්යයක්. එහෙත් පක්ෂ දෙක එකතු කර ගැනීමට අප සමත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අද අපි සෙමෙන් ඉදිරියට යනවා. සමහර අවස්ථාවලදී ඉක්මන් තීරණ ගැනීමටත් අවස්ථාව ලැබෙනවා වගේම සමහර අවස්ථාවලදී තීරණ ගැනීම ප්‍රමාද වෙනවා. ඒ කෙසේ වුවත් අපි ඉදිරියට යනවා. කිසිවක් නොකර, දෙපැත්තකට බෙදී චෝදනා කර ගනිමින් බලාපොරොත්තු රහිතව සිටිනවාට වඩා මෙම ක්‍රමය හොඳයි.එම නිසා ඔබ සැමට කාර්යයක් තිබෙන බව අමතක නොකළ යුතුයි. එක්සත් ජාතීන්ගේ මේ ආදර්ශ ක්‍රමය ඉතා වැදගත්. මෙහිදී සාකච්ඡා කෙරෙන පරිසර, ආර්ථික, දේශපාලන, සෞඛ්‍ය ක්ෂේත්‍ර ආදිය ඉතා වැදගත්. ඔබ ඉගෙනා ගන්නා සමාජ අගනාකම් මේ ප්‍රශ්නවලට අභියෝගවලට ඔබටත් අප සැමටත් ඉදිරි වසර විස්සක කාලයේදී මුහුණ දීමට සිදුවෙනවා. ඒ වන විට මේ අර්බුද සම්බන්ධයෙන් ඔබ අධ්‍යාපනය ලබා තිබෙනවා. ප්‍රශ්න ගැන දැනුමක් තිබෙනවා. ඒ නිසා මේ කාර්යය සම්බන්ධ වූ සියලු පාසල්වලට, සියලු සිසු සිසුවියන්ට මම සුබ පැතුම් එක් කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීය. මෙහිදී ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, ආදර්ශ එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ සභාපතිවරයා, අනෙකුත් ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානවල තනතුරු සඳහා සිසුන් පත් කිරීම සිදු කළ අතර සැසිවාරද පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර ඔහු ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සැසිවාරය ආරම්භ කරමින් සභාව ඇමැතීමද සිදු කෙරිණි. කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ ප්‍රධානි ෆිල් ජොස්ලින් මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබිණි.  මෙම අවස්ථාවට කොළඹ එතෙර (කළම්බු ඕවසීස්) විද්‍යාලයේ ගුරුවරුන්, සිසුවියන්, ඇතුළු පිරිසක් එක්වූහ.  
පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි
1
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි
0
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.
පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි
0
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.” එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.” එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා. සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද? මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.” කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා. ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
1
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය.“ජනතාවගේ දුක පිළිබඳව තමාට කිසිවකුගෙන්වත් ටියුෂන් අනවශ්‍ය බව කී සජිත් ප්‍රේමදාස මහතා ගම හදා - රට හැදීම තම මූලික දර්ශනයක් බවද” කීවේය.ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කටුගම්පොළ පන්නල, නාත්තන්ඩිය කටාන සහ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශවලදී ජනරැලි පැවැත්වුණ අතර පන්නල ජනරැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ කටුගම්පොළ සංවිධායක බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. පන්නල ජනරැලියේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“ගම්උදා සංකල්පය ආරම්භ කළ පුරවරය වන මෙහි ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනය වන්නේ යකාබැඳිඇල්ල වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මා ජනපති වූ සැණින් ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.මෙයින් මෙහි පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම ලැබෙන අතර මාකුඹුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් අදහස් කරනවා.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද විසඳන්න කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ මැටි කර්මාන්තය ද ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානිය නැති පරිදි ඒ කර්මාන්තයේ නියැළී සිටින පවුල්වලට අවශ්‍ය ශක්තිය දෙන්න මා කටයුතු කරනවා. උළු කර්මාන්තකරුවන් සඳහාත් උපරිම දිරිය සහ ශක්තිය දීමටත් අප ක්‍රියා කරනවා.එමෙන්ම බුලත් වගාවේ නියැළි විශාල ගොවි පරපුරක් මෙහි සිටිනවා. බුලත් අපනයනයේදී පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම තුළ බුලත් වගාකරුවා අසරණ බවට පත්ව තිබෙනවා.මගේ රජය ජනතාවාදී රජය බව කිව යුතුයි. සැම විටම පොදු ජනතාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින්න මම සෑම විටකම කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුණ බදු බර ඉවත් කර පීඩනය වෙනුවට සහනය දෙන්න ක්‍රියා කරනවා.මෙරට දුක් විඳින දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහනකට අමතරව ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි දියුණුවත් සමග රටේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය සඳහා දැවැන්ත ශක්තිය දී මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීමටත් මා ක්‍රියා කරනවා.රට මුදවාගෙන වැඩ පෙන්නපු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය කිරීමෙන් මෙරට අන්තවාදී ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන්න කටයුතු කරනවා. එමෙන්ම රටේ අනාගතය වනසන කුඩු වෙළෙන්දන්ටත් අවසන් ඉරණම ළඟා කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්‍ෂක අංශ නවීකරණයට ලක් කර නවීන අභියෝගවලට මුහුණ දීමට හැකි පුහුණුව දෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. බුද්ධි අංශ තිබෙන්නේ රටේ උද්ගතවන ගැටලුකාරී තත්ත්ව, අභියෝග ගැන වේලාසනින් කරුණු සොයා බලා යථාර්ථවාදී උපදෙස් දී විනාශය වැළැක්වීමට කටයුතු කිරීමටයි. ඒ නිසා රටේ බුද්ධි අංශ සහමුලින්ම නිර්දේශපාලනීකරණය කිරීමට මා කටයුතු කරනවා.ලෝකය තරහ කරගෙන අපට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. මම වැදගත් රටවල් සමග සෘජු, විනිවිද බවකින් යුතු සබඳතා ගොඩනගනවා ඒ සබඳතා තුළින් නූතන ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහ වෙනත් කරුණු පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනවා.මන්දිර දේශපාලනය මා ප්‍රතික්ෂේප කරනවා. බදු මුදලින් පෝෂණය වන පාලකයකු බවට මා පත්වන්නේ නැහැ. මෙරටට සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මගේ පෞද්ගලික නිවාසවල සිටයි.මගේ කාලය තුළ දැවැන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. ඒ තුළින් සෑම ග්‍රාමසේවා වසමක්ම ශක්තිමත්  කෙරෙනවා.හැම උප දිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර තලයේ නව තාක්ෂණ විද්‍යාගාරය මා ආරම්භ කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නොමිලේ ලබා දෙන්නට කටයුතු කරනවා.මේ වැඩසටහන් තුළින් ගම හදා - රට හැදෙනවා. අපනයන දැනුම නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් ආර්ථිකය මා නිර්මාණය කරනවා.ජනතාව අධික ජීවන බරක් දරනවා. 2014 වසරේ තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා 2019 වසරේ බොහෝ භාණ්ඩවල මිල අඩු බව කිව යුතුයි. සත්‍ය එයයි. නමුත් ආදායම් මාර්ග සීමාවීම තුළ ජීවත්වීමේ බර ඔබේ කරමත  පැටවිලා. ඒ පීඩනය මා හොඳින්ම දන්නවා. ජනතාවගේ දුක පිළිබඳව කිසිවකුත් මට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැහැ. ඒ සියල්ල පිළිබඳව මට හොඳ අවබෝධය තිබෙනවා.ජාතික නිෂ්පාදනය වර්ධනය කර ජනතා බදු අවම කර  පීඩාකාරී  ජීවන තත්ත්වයෙන් ඔබ මුදාගෙන පොඩි මිනිසාට සෙත සැලසෙන යුගය ආරම්භ කරනවා” යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:“අප මේ සටන කරන්නේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. ජනතා අවශ්‍යතාව ලෙස අප සජිත් ප්‍රේමදාස මහතා පත් කළා.2015 වසරට පෙර රටේ තිබූ තත්ත්වය ඔබට අමතක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදුණු සුදු වෑන් යුගය එකල තිබුණා. ඒ යුගය පරදා අප ලබාගත් ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. රට නැවත භයානක යුගයට තල්ලු කරන්නට අපට හැකියාව නැහැ.බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවායක් ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි”.සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:“එක් පැත්තකින් නඩු රැසක විත්තිකාරයකු ඉන්නවා. මේ පැත්තෙන් තරග කරන්නේ කම්කරු පන්තියෙන් උපන් නායකයයි. සජිත් යනු තම පියා මෙන්ම කම්කරුවන්ගේ හද හැස්ම දන්නා නායකයකු බව කිව යුතුයි.අප අපේක්ෂක තෝරා ගත්තේ සියලු පක්ෂ සංවිධානවල අනුමැතියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි. අනෙක් එක්කෙනා  තෝරා ගන්නේ රෑ කෑම මේසයේදීයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළාට නිර්ධන පන්තියේ එක් මිනිහකුට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ”.එක්සත් ජාතික පක්ෂ පඬුවස්නුවර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:“කලින් දුවපු හාවෝ ඔක්කොටම දැන් හති වැටිලා ඉවරයි. අපේ ජයග්‍රහණය තහවුරුයි. ගෝඨාභයට කිසිම දැක්මක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අසන විට ගොළු වෙනවා.සහරාන්ගේ බෝම්බයෙන් ඒ අය කිරි පැණි කෑවට අප එසේ කරන්නේ නැහැ. යහපාලන මුවාවෙන් අපට සම්බන්ධ වූ හොරු ටිකත් කුණු ටිකත් අපේ පැත්තට තල්ලු කර නැවත රාජපක්ෂ පිලට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ සාමාජිකයන් සියලුම දෙනා ඉන්නේ අප සමගයි”.කර්මාන්ත, වාණිජ කටයුතු, සමුපකාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා:“මා මෙහි පැමිණ ඇත්තේ යුග පෙරළියක් සඳහායි. ඉතිහාසයේ සිට රටට දැනෙන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටිනවා. එතුමාගේ වටා සිටින්නේ මැර බලය නොවෙයි ජන බලයයි”.මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(හර්ෂණ තුෂාර සිල්වා)ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය හරහා රට තුළ අපනයන පදනම් කර ගත් ආර්ථික රටා ඇති කරතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටේ දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව ඇති කරන බවත්, ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගය බිහි කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. බල මණ්ඩල රැස්වීම ඇමතූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය. “ජනාධිපතිවරණයට මුහුණ දී ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර රට නව මාවතට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය මා බාරගෙන සිටිනවා.මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. මා වැඩ කර ඔප්පු කරලා තිබෙනවා. මා ජනතාවට දැවැන්ත සේවාවක් කළා. කෙටි කාලයක් තුළ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලුම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේ දී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, ඒ සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළට කාලය එළැඹිලා. අප රටක් හැටියට ලොව දිනන්න ඕනෑ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනෑ.නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින්, කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනෑ. ඒ ආර්ථික රටාව ශක්තිමත් කරන්නත් ඕනෑ. තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටා දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි. ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගයක් බිහි කළ යුතුයි. ඒ හැකියාව, ඒ දර්ශනය, ඒ කැපවීම සහ උනන්දුව මා සතුයි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ නව පරම්පරාවට ශක්තිය, රටේ තරුණ පුරවැසි පරපුරට ජවය දෙන මහා සංවර්ධන විප්ලවයක් බිම් මට්ටමේ දියත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව කියනවා.කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරන විට රණසිංහ ප්‍රේමදාස මහතා කරන ලද සංවර්ධනය කිසිවකුට අමතක කරන්න බැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා වරාය සංවර්ධනය කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කරන ලද සංවර්ධනය සියලු දෙනාගේම මතකයේ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව හැම විටම ප්‍රගතිශීලී දේශපාලනය අගය කළ ජනතාවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අවස්ථාවක දී ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම් වාදය මුදුන් පත් කරගෙන කටයුතු නොකළ ජන කොටසයි.ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට නම් ජාතීන්, ආගම් අතර මිත්‍රශීලිත්වය තිබෙන්න ඕනෑ. සංහිඳියාව තිබෙන්න ඕනෑ. ඒ මිත්‍රශීලීත්වය හා සංහිඳියාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය සාධකයක්. ජාතිභේදය, ආගම් භේදය අවුස්සා අනෙකුත් ආගමික ස්ථාන විනාශ කළ අයට රටක් එක්සේසත් කරන්න බැහැ. ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්ය කරන්නයි. තමන්ට රජවීම උදෙසා රට තුළ ගිනි කන්දක් නිර්මාණය වුව ද ඔවුන්ට කමක් නැහැ. එය තමයි ඔවුන්ගේ කාර්ය වන්නේ.තමන්ගේ පවුල, රජ පවුල රැකෙනවා නම්, රජ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති මන්දිරයටයි, අරලියගහ මන්දිරයටයි යන්න පුළුවන් නම් රට ගිනි ගත්ත ද ඔවුන්ට කමක් නැහැ. තමන්ගේ පවුල රජ වෙනවා නම් ජාතිභේදය, ආගම්භේදය නිර්මාණය වෙලා රටේ ඒකීයභාවය එක්සත්භාවය පළුදු වෙලා රට කෑලි කෑලිවලට කැඩුණත් ඔවුන්ට කමක් නැහැ. නොවැම්බර් 16 වැනිදා ජනතාව අති විශිෂ්ට ජනවරමෙන් රටේ මීළඟ ජනාධිපති තෝරන විට, පවුල්වාදී දේශපාලනය අපේ මාතෘ භූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉවත් කරන බව ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ දී මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ දවස්වල සිද්ධ වෙච්ච දේවල් දිහා බලද්දි මුළු කණ්ඩායමම රාජපක්ෂලායි. අතිරේක ක්‍රීඩකයාත් රාජපක්ෂයි. බැරිවෙලා කණ්ඩායමේ කාටහරි මොනවාහරි ඇබැද්ධියක් වුණා නම් ඒකට රිංග වන්නෙත් රාජපක්ෂ කෙනෙකුයි. එතකොට රටේ රාජපක්ෂලා හැර උගතුන් නැහැ, බුද්ධිමතුන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ හැකියාවන් තිබෙන මිනිස්සු නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ වෙන දක්ෂයන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ ප්‍රවීණයෝ නැහැ. ඒ මොකද? මේ ඇත්තන්ගේ ඇඟ පුරාම මොළේයි. එක තැනක විතරක් නෙවෙයි, ඇඟ පුරාම මොළේයි.ජනතාවගෙන් අහන්න මා කැමැතියි, හදවතට තට්ටු කර අහන්න, පොඞ්ඩක් හිතා බලන්න ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, මුදල් ඇමැති රාජපක්ෂ, කතානායක රාජපක්ෂ, වාරිමාර්ග රාජපක්ෂ, කෘෂිකර්මාන්තය රාජපපක්ෂ හැම තැනම රාජපක්ෂයි. රටේ උතුම්ම ආගමික නායකයාත් රාජපක්ෂ කෙනකු කියලා ඒ අය කියාවි යයි මට ලොකු සැකයක් තිබෙනවා.මේකට අප දෙන විකල්පය කුමක් ද? පවුල්වාදය බිඳ දමා, ඥාති සංග්‍රහය ඉවත් කර, ගජ මිතුරු සංගම් දේශපාලනය අතුගා දමා හැකියාව තිබෙන තරුණ පරපුරට, උගතුන්ට, බුද්ධිමතුන්ට හා විශේෂඥයන්ට අවස්ථාව මා දෙන බව පැහැදිලිව කිව යුතුයි. මෙදා රාජ්‍ය ගන්නා විටත් ඉන් අනතුරුව සංවර්ධන ක්‍රියාදාම නිර්මාණය කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් උගතුන්ට, දක්ෂයන්ට, බුද්ධිමතුන්ට අවස්ථාව දෙනවා. තරුණ පරපුරට දෙන්න පුළුවන් ඉහළම ශක්තිය දී ඔවුන් රටේ අනාගතයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරනවා. රටේ මධ්‍යම පන්තියට මා අවස්ථාව දෙන බව ද සිහිපත් කළ යුතුයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොකු පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගයට මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරනවා. මෙදා පාර කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව මෙහිදී ඔබට කිව යුතු” යයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය. බල මණ්ඩල රැස්වීම ඇමතූ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා මෙසේ පැවැසීය.“ජනාධිපතිවරණයේ දී අප කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 230,000කින් ජයග්‍රහණය කරනවා. ලක්ෂ 70කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන අප එක්සත් ජාතික පක්ෂයේ අපේම නායකයකු ජනාධිපති ධුරයට පත් කරනවා. අප 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අගෝස්තු මාසයේ දී මහ ඡන්දය දින්නා. එදායින් පසුව අද වෙද්දි අපේ ඡන්ද ප්‍රමාණය සියයට 7කින් වැඩි වෙලා. අප මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 235,000කට වැඩි ප්‍රමාණය ගන්නවා. අප අවුරුදු පහක් වැඩ කළා. කතා කළ කාලය අවසානයි. අප ආරම්භ කරන්නේ වැඩ කරන යුගයයි. අප ජනාධිපතිවරයකු පත් කළා. ආණ්ඩුව පිහිටෙව්වා. එහෙත් අපට හිතපු විදියට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න බැරි වුණා. මොකද බොහෝ පිරිසක් අපේ කකුලෙන් ඇද්දා. ඒ කොහොම වුණත් අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවට බයක්, සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් උදා කළා.මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ කීය.“ජනාධිපතිවරණය ලෙහෙසියට ගන්න එපා. 1994න් පසු අපට අපේ ජනාධිපති කෙනකු පත් කර ගන්න බැරි වුණා. ඒනිසා අප ඒ රාජ්‍ය ගන්න ඕනෑ. අපට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. අප හැමෝම එකට එකතු වෙන්න ඕනෑ.මතභේද, විවිධ අදහස් සියල්ල අවසන් කරමින් පක්ෂය ඒකරාශී කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් එඩිතර තීන්දුවක් ගත්තා. ඒ නිසා අපේ පක්ෂය පෙරටත් වඩා ශක්තිමත් වෙලා. ඉතාම කෙටි කාලයක් අපට තිබෙනවා.පක්ෂයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කර අවුරුදු 10කට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ස්ථාපිත කරනවා. එසේ කරමින් රට ඉදිරියට ගෙන යනවා”. තීනියාවල පාලිත හිමි, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්‍ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(සුජිත් හේවාජුලිගේ)ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ගිය ආණ්ඩුව කොළඹ ගෝල්ෆේස් පිටියෙන් අක්කර හයක් ෂැංග‍්‍රිලා හෝටලයට සින්නක්කරව දුන් බව කී ජනාධිපතිවරයා, වරාය නගරයේ අක්කර 240 ක් චීනයට සින්නක්කරට දීමට ගෙනැවිත් තිබූ ගිවිසුම නව රජය බලයට පත් වී වෙනස් කළ බව ද ප‍්‍රකාශ කළේය.හම්බන්තොට වරාය බදුදීම සම්බන්ධයෙන් දුන් පාර්ලිමේන්තු විවාදය විපක්‍ෂය හරියට ප‍්‍රයෝජනයට ගත්තේ නැතැයිද මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ‍්‍රයේදී පෙරේදා (1) සවස පැවැති වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවයේදීය.වරාය අධිකාරියේ දීර්ඝ සේවයක් කළ සේවකයින්ට ජනාධිපතිවරයා අතින් මෙහිදී උපහාර තිළිණ පිරිනැමිණජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වසර 38 ක ගමන් මග ගැන මා සතුටු වෙනවා. අපි මුහුදින් වට වූ දූපතක් විදියට කල්පනා කරන කොට ඉතිහාසයේ මතක සටහන් රාශියක් සිහියට නැගෙනවා. අද අපේ වරාය ලෝකයේ තාක්ෂණය සහිත සියලූ වරායන් සමග කරට කර තරග වදින තැනක සිටිනවා. වරාය රට වෙනුවෙන් ඉතා ඉහළ සේවාවක් කරනවා. අපේ රට ලෝකය හඳුනා ගන්නේ මූලික වශයෙන් වරායන් නිසයි. මේ හා සම්බන්ධ අවුරුදු හාරසියය පන් සියයක ඉතිහාසයක් අපට කතා කරන්න පුළුවන්. නාවික ගමනාගමනය, විදේශීය ආක‍්‍රමණ යනාදී කරුණු ගැන, ලෝකය සමග තරගකාරීත්වයට පදනම වැටුණේ ද වරායන් නිසයි. එදා මෙදා තුර සේවය කළ සියලූ සේවකයන්ගේ ගුණ සිහිපත් කිරීම ඔවුන් මතක් කිරීම වැදගත්. කළගුණ දත් ජාතියක් වශයෙන් අප එය කළ යුතුයි.වරායෙන් රටේ ආර්ථිකයට ලැබෙන්නේ ලොකු ශක්තියක්. එදා මෙදා තුර සේවකයන්ගේ ශක්තියෙන් මෙය මනාව ගොඩනැගුණා. වර්තමානයට මග පෙන්වන්නේ අතීතයයි. අප ඒ වර්තමානය ශක්තිමත් කරමින් අනාගතයට මුහුණ දිය යුතුයි.එක් දහස් නවසිය හැත්තෑ නවයේදී මේ වරාය තිබූ තැන මොකද්ද? ඒ අතරේ සිදු වූ වෙනස්කම් අප දන්නවා. මීට වසර 38කට පෙර තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්. මේ වෙනස තුළ අප දකින්නේ ලොකු සංවර්ධනයක්. 38 වසරක් ඔබ කළ සේවය ඉහළින්ම අගය කරනවා. මම ඔබලට සුබ පතනවා. ඔබලාගේ බුද්ධියේ දැනුම වර්ධනය වේවා යැයි ප‍්‍රාර්ථනා කරනවා.හම්බන්තොට වරාය බදුදීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 සැප්තැම්බර් 4 වැනිදායි. එවකට තිබූ රජය ඒ කැබිනට් එකේ හිටපු මට එය හොඳට මතකයි. එදා ඒ ගිවිසුමේ කරුණු බොහොම බරපතළයි. පළමු ගිවිසුමට අදාළ කරුණු ප‍්‍රබලයි. මා එදා ඒ බොහෝ කරුණුවලට එකඟ වුණේ නැහැ. මා ඉදිරිපත් කළ කරුණු අනුව වරායේ කටයුතුවලට තිබුණු ඉඩම් ප‍්‍රමාණය සියයට පනහකින් අඩු කරන්න හැකිවුණා.වරායේ බිම් අඟලක් හෝ විදේශ සමාගමකට දෙන්න බැහැ කියන වගන්තියක් අප ගිවිසුමට ඇතුළත් කළා. අනාගතේ ප‍්‍රශ්න ඇති වුණහොත් සංශෝධනයට යටත්ව ගිවිසුම අස්සන් කරනවා කියලත් සඳහන් කළා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා මම කිව්වා. නමුත් විපක්‍ෂය ඒ විවාදය ප‍්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒකට හේතුව මම දන්නවා.ගිය ආණ්ඩුව ෂැංග‍්‍රිලා සමාගමට ගෝල්ෆේස් එකේ අක්කර 6 ක් දුන්නේ සින්නක්කරව. පෝට් සිටි අක්කර 240 සින්නක්කරව දෙන්න හදලා තිබුණා. අපි ඒක වෙනස් කළා. ෂැංග‍්‍රිලා ගිවිසුම අවසන් නිසා ඒක වෙනස් කරන්න බැහැ.වරාය වෘත්තීය සමිති නායකයන් මේ ප‍්‍රශ්නයේදී අවබෝධයෙන් කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. කවුරු විවේචන කළත් මේ වරායේ එක බිම් අඟලක් පිටරට සමාගමකට දෙන්නේ නැහැ. හම්බන්තොට ණය ගෙවීම නිසා මේ වරාය කොච්චර ණය වුණාද? හම්බන්තොටට ණය ගෙවීමෙන් කොළඹ වරාය ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. නැගෙනහිර පර්යන්තය දෙන්නෙ නැහැ කියල මහින්ද සමරසිංහ ඇමැතිතුමා කිව්වා. ඒ යෝජනාව මා ස්ථිර කරනවා.ජාතික ආර්ථිකයට වරායේ ඔබේ ශක්තිය බලාපොරොත්තු වෙනවා. සමහරුන්ට බලයට එන්න හදිසියක් තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු තුනකට මෙහා ඒ හැකියාව නැහැ. අප රටක් විදියට යහපත් ගමනක් යනවා. රටේ උද්ඝෝෂණ තියෙනවා. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ, ජන ජීවිතයට බාධා නොවන විදියට ඒ නිදහස භුක්ති විඳිය යුතුයි.වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා :-අද අපට සුවිශේෂි දිනයක්. ගිය සෙනසුරාදා අපි හම්බන්තොට වරාය බදු ගිවිසුම අස්සන් කළා. අප හම්බන්තොට ණය බර අවසන් කර මිලියන 9100 ක් රටට ඉතිරි කර ගත්තා. මේ මුදල හරහා වරාය සේවකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරන්න පුළුවන්. වරායන් හයේම සංවර්ධන කටයුතු කඩිනමින් කරන්න විශාල මූල්‍ය සම්පතක් අද අපට තියෙනවා.එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ගැන හිතුවේ නැහැ. වරාය ගිවිසුම අස්සන් කරන්න කලින් ජනාධිපතිතුමා මට අවවාද කිහිපයක් කළා. එක බිම් අඟලක්වත් පිටරටට විකුණන්න එපා කිව්වා. ජනාධිපතිතුමා වරාය සින්නක්කරව දෙන්න කැමැති වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාගේ නියෝගය පිළිපැද්දා. මේක බදුදීමක් පමණයි.වරාය පනත වෙනස් කරන්න එපා කියලත් ජනාධිපතිතුමා මට කිව්වා. ආරක්ෂක කටයුතු අපේ අතේ තියෙන්න  ඕන කියලත් කිව්වා. ආරක්ෂක තීරණ ගන්න කමිටුවකුත් පත් කළා. වෙනත් රටක යුද නැවක් එනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් අවසර ගත යුතුයි. මේ ගිවිසුම  ඕනෑම වෙලාවක සංශෝධනය කළ හැකියි කියන වගන්තිය ඇතුළත් කළ යුතුයි කියලා ජනාධිපති කිව්වා. චීන නියෝජිතයන් ඒක පිළිගත්තා. මේ ගිවිසුම හරහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1000කට වඩා ආදායමක් ලැබෙනවා. ඒවා දැකලා විදේශීය ආයෝජකයෝ රටට ඇදී එනවා.මේ ගිවිසුම රටට වාසියක්. තවත් ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කරන්න ඒ චීන සමාගම සූදානම්. ණය බර ඉවත් වුණා වගේම අලූත් ආදායම් මාර්ගයක් ද නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වරාය සේවකයන්ට විශේෂ බෝනස් එකක් දෙන්න යෝජනාවක් සම්මත කරගන්න කියලා වරාය සභාපතිට මා කිව්වා. මීට අමතරව සේවකයන්ට තවත් වරප‍්‍රසාද දෙන්න කටයුතු කරනවා. විශ‍්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 57 සිට 60 දක්වා දිගු කළා. විශේෂ රක්ෂණ ක‍්‍රමයකුත් හඳුන්වා දෙනවා. නැගෙනහිර පර්යන්තය අපට අවශ්‍යයි. ඒක විකිණුවහොත් ඒක වරායට ලොකු ප‍්‍රශ්නයක් වෙනවා. ගිය ආණ්ඩුව කාලේ එහෙම උත්සාහයක් දැරුවා. වාහන ගේන නැව් ආපහු කොළඹ වරායට ගෙන්වනවා. ඒ නැව් හම්බන්තොටට යෑමෙන් වාහන ගැණුම්කරුවන්ට අමතර මුදලක් ගෙවන්න වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බැහැ.වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා :-  වරාය අධිකාරිය අවුරුදු 38 ක් පුරා රටේ ආර්ථිකයට කළ මෙහෙවර සුළුපටු නොවේ. මෙය දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම නාවික කේන්ද්‍රස්ථානය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා තුන් අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක කරනවා. කොළඹ වරායට බහාලූම් මෙහෙයුම් අතින් ලෝකයේ 23 වැනි තැන හිමි වී තිබෙනවා. බහාලූම් හුවමාරුව මිලියන හයකට වැඩියි.වරාය අධිකාරියේ සේවක සේවිකාවෝ පිරිසක් සිය ආයතනයේ ගීතය ගායනා කළහ. විවිධ නැටුම් ගැයුම්වලින් උත්සවය විචිත‍්‍රවත් විය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජෝන් අමරතුංග, ඒ.එච්.එම්. ෆවුසි, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ද විදේශීය තානාපතිවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
1
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා. අද අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් මහා භාණ්ඩාගාරයටත් විශාල මුදලක් එකතු කරමින් ලාභ නැති වරාය ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අඩිතාලම දැම්මා යැයි හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම නිමිත්තෙන් පෙරේදා (29) පැවති උත්සවයේදී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයසම්පත් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුද, චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා ද අත්සන් තැබූහ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාල අයෝජනය මෙය බවට පත්වෙනවා. මේ වරාය ඉදිකිරීමට ගත් ණය පියවන්න සිදුවී තිබුණේ වරාය අධිකාරියටයි. රටේ සියලු වරායවලින් ලැබෙන ආදායම කිසිදු ආදායමක් නැති මේ වරායේ ණය ගෙවන්න යොදවන්න අපිට සිදුවුණා. ඒ ආදායම අපි යෙදවිය යුත්තේ වරායේ සේවකයන්ගේ සුබසාධනයට. ඒ ඒ වරායවල ඉදිරි සංවර්ධනයට. නමුත් පහුගිය කාලයේ අපිට ඒ කිසිවක් මේ ණය මුදල නිසා කරගන්න බැරිවුණා. අපේ ශුද්ධ ලාභයෙන් සියයට අනූවක් වැය කළේ මේ ණය ගෙවීමටයි. දැනට අපි බිලියන හතළිස් හතක් පසුගිය වසර කීපයේදී ගෙවා තිබුණා.මේක දිගටම කරගෙන යාම ගැටලුවක් නිසා තමයි ජනාධිපතිතුමාගේ උපදෙස් මත අගමැතිතුමා චීනයට ගොස් මේ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කළේ. ඒ අනුව තමයි අපට ආයෝජකයෙක් සොයා දෙන්න චීන රජය එකඟ වුණේ.චීන රජයෙන් රුපියල් බිලියන 193ක ණයක් අරන් තරමක් දුරට වරාය ඉදිකිරීමක් තමයි කර තිබුණේ. ඒ සඳහා වාණිජ ණයක් තමයි අරන් තිබුණේ. අද අපි මේ ගිවිසුමට අත්සන් කළ පසු ඇමරිකන් ඩොලර් බිලියන 1. 2ක විශාල මුදලක් අපේ භාණ්ඩාගාරයට ලැබෙනවා. මේ වෙලාවෙදී මම මතක් කරන්න අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදීත් මේ වගේම ගිවිසුමකට අත්සන් කරන්න ගියා. 2014 සැප්තැම්බර් 04වැනිදා එම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව එවකට හිටපු වරාය සභාපති ගිවිසුමකට අත්සන් තැබුවා. චීන සමාගමත් සමග හවුලේ ආයෝජනයක් කරන්න තමයි ගිවිසුමෙන් එකඟ වී තිබුණේ. ඒත් ඒ ගිවිසුමත් මේකත් අතර විශාල වෙනසක් තිබෙනවා.එදා අත්සන් කරන්න ගිය ගිවිසුමෙන් අපේ මහාභාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් මිලියන 390ක මුදලක් වරාය සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට ලැබෙනවා විතරයි. නමුත් අද අපේ මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබෙන අතරේ මේ චීන සමාගම එකඟ වී තිබෙනවා අවම වශයෙන් තවත් ඇමරිකන් ඩොලර් මිලියන හයසීයක් වරායේ සංවර්ධනයට යොදවන්න. චීන සමාගමට සියයට හැත්තෑවක කොටසක් වරායෙන් ලැබෙන අතරේ අපිට සියයට තිහක් ලැබෙනවා. ඔවුන් එකඟ වී තිබෙනවා මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වරායක් බවට පත් කරන්න. භූගෝලීය දේශපාලන ගැටලු පදනම් කරගන්නේ නැතිව අපේ රටේ ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන්නත් මෙහි ආරක්ෂක කටයුතු සියල්ල අප අත තබන්නත් එකඟ වී තිබෙනවා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඔවුන් අරක්ෂා කරන්න එකඟවී තිබෙනවා.ඒ අනුව සුදුසුකම් ඇති අය කිසිවකු ඉවත් කරන්නේ නැහැ. අනෙක් අය වන්දි දී ඉවත් කරනවා. මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ කම්කරු නීති රීතිවලට යටත්වයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවෙයි අත්සන් කළේ කියලා සමහරු කියනවා. එහෙම කිසිම වෙනසක් සිදුකර නැහැ. අපි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් කරන්නත් එකඟතා ඇතිකර ගත් වගන්තියක්ද ඇතිවයි. ඒ නිසා අපි ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ දැනගැනීම පිණිස මේ අත්සන් කළ ගිවිසුමම ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉදිරියේදී පැවැත්වෙනවා. අවශ්‍ය නම් හොඳ යෝජනා ආවොත් ඒවා ඇතුළත් කරලා ගිවිසුමේ වෙනස්කම් කරන්න පුළුවන්.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.මහවැලි අයෝජනයෙන් පසුව අපේ රටට ලැබුණු විශාලතම ආයෝජනය ලබාගැනීමේ මූලික ගිවිසුමට අපි අත්සන් තැබුවා. මහවැලියෙන් පසු මෙරට ඇතිවන විශාලතම සංවර්ධනය මෙරට ආරම්භ වෙනවා. ලෝකයේ තිබෙන විශාලතම වරාය කටයුතු සම්බන්ධ සමාගමක් සමග තමයි අපි ගිවිසුම් ගත වුණේ.ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය නමින් හැඳින්වුණු මේ වරාය වරායක් බවට පත් කරන්න අපිට තවත් ඩොලර් මිලියන හයසීයකට වැඩි මුදලක් ලැබෙනවා. හම්බන්තොට වගේම ඒ අවට දිස්ත්‍රික්ක රැසකට මේ සංවර්ධනයේ ප්‍රතිපල ලැබෙනවා. අපි නොසිතු සංවර්ධනයකට දශක ගණනාවකට පසු ළඟාවෙන්න හැකිවෙනවා. සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ පත්වී තිබු තත්ත්වය වෙනස් වී එය දකුණු පළාතටද යොමුවෙනවා. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ ලැබෙනවා. තවත් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන්දියාව, යුරෝපය, ජපානය, ඇමෙරිකාව වගේ රටවල අයෝජකයින් පවා අපේ රටට පැමිණෙන්න බලපොරොත්තු වෙනවා. මේ උදාවූ අවස්ථාව ශ්‍රී ලංකාවේ අනාගතයට නව පිටුවක් පෙරළනු ඇතැයි මා විශ්වාස කරනවා.චීන සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ආචාර්ය හූ ජියැංහුආ අදහස් දක්වමින් මෙසේ පැවසීය.ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට වසර හැටක් ගතවී තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙනියන්න එය අර්ථවත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. හැම පුද්ගලයකුටම තමන්ගේ වූ ජාතියක් තිබෙනවා. අපි එයට ගරු කළ යුතුයි. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අපේ එක සේදමාවතක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට ලංකාවත් සම්බන්ධ කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතුයි. එක සේදමාවතක් ගොඩනැගීමේ සංකල්පයේ අපේ අරමුණ එයට සම්බන්ධ කරගන්න රටවලද එවැනි ගුණාත්මක වෙනසක් ඇති කරමින් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමයි. මේ අයෝජනයෙන් ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති. මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉතාමත් වැදගත් වරායක් බවට පත් කිරීම අපේ අරමුණයි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුද ඇතුළු ආරාධිතයෝ රැසක්ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු හා චයිනා මර්ච්න්ට් සමාගමේ නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
 (අංජුල මහික වීරරත්න)“රටටම මහ බරක්ව පැවති හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා මින් පසු ජනතාවගෙන් කිසිදු මුදලක් ගන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.“හම්බන්තොට වරාය ගිවිසුම යටතේ එක්වර ගෙවූ ඇමෙරිකා ඩොලර් මිලියන 292 ක ආයෝජනය මෙරට විදේශ සංචිතයට එකතු කරන බව කී අග්‍රාමාත්‍යවරයා, මෙලෙස සනිටුහන් කළ ආරම්භය අවසන් කරන්නේ ඩොලර් මිලියන දහස් ගණනක් මෙරට විදෙස් සංචිතවලට යොමු කිරීමෙන් පසුව යැයිද” අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ හම්බන්තොට වරාය ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සමරුම් උත්සවයේදීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී උත්සවය පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරායේ පාලන කටයුතු ගෙන යෑම අද බාර  ගත්තා. මෙතැන් සිට හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධානතම වරාය ලෙස පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ජාතික ආණ්ඩුවේ අරමුණ වුණේ හම්බන්තොට පැවැති හිස් වරාය වෙනුවට ක්‍රියාකාරී වරායක් බවට එය පත් කිරීමයි. ඒ සඳහා වන මූලික පියවර අද අප ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි.ඒ වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ආර්ථික කලාප කිහිපය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හරහා කර්මාන්ත කරණයක් සිදු වනවා සේම සංචාරක ව්‍යාපාරය ද දියුණු වෙනවා.ප්‍රදේශයේ නාවුක ගමනා ගමනයත්, කර්මාන්ත ක්ෂේත්‍රයත්, සංචාරක ව්‍යාපාරයත් දියුණු වීමෙන් ඉතිහාසයේ පළමු වතාවට රුහුණට කර්මාන්ත, ආර්ථික පදනමක් අප දෙනවා. ඒ දියුණුව උදාවන බව ස්ථීර වශයෙන්ම මට ප්‍රකාශ කළ හැකියි. මොකද ඒ දියුණුව කටුනායක, බියගම, කඩුවෙල, සීතාවක වැනි ප්‍රදේශවල මා ගෙන ආවා.2015 සහ 2016 ජනාධිපතිතුමාත්, මමත්, මහජන චීනයේ ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා සමග සාකච්ඡා කර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.මේ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. ඒ අනුව මේ උත්සවයෙන් පසු ඒ වැඩ කටයුතු බාර ගන්නවා.හම්බන්තොට වරායේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයට අප දෙනවා. ඒ සඳහා වන මුදල් මේ මොහොතේම අපට ලැබෙනවා. මේ නිසා හම්බන්තොට වරායේ ණය මින් පසු රටට බරක් වන්නේ නැහැ.  2014 හා 2015 යන වසරවල අප පොරොන්දු වුණේ ජනතාවට බර පටවන්නේ නැතිව හම්බන්තොට වරාය දියුණු කරන බවටයි. ඒ පොරොන්දුව දැන් ඉෂ්ඨ කර ඊළඟ පරම්පරාවට පමණක් නොව මේ පරම්පරාවට පවා එය අප බරක් කරන්නේ නැහැ. ඒ අයට ණය ගෙවන්න මා ඉඩ තියන්නේ නැහැ.චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරය ලෙස හම්බන්තොට වරායේ පාලන කටයුතු භාර ගැනීමත් සමග මූලික ගෙවීම ලෙස අද දිනයේම මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 292 ක චෙක් පත ලැබෙනවා. ඒ මුදල අපේ විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමේ තැන්පත් කරනවා.වසර 25 කට පසු අපේම කියලා ඩොලර් මිලියන 300 කට ආසන්න මුදල විදේශ සම්පත් සංචිතයට එක්වන අවස්ථාව මෙයයි. ඒ අනුව ණය ගෙවීම සඳහා ක්‍රියා කරන ආකාරය ඒ තුළින් සනාථ වෙනවා.ඇතැම් අය ප්‍රකාශ කරන විදිහට මෙය සුළු ගණනක් විය හැකියි. නමුත් එය රටට විශාල ගණනක් බව කිව යුතුයි. මේ ආරම්භයයි. අප අවසන් කරන්නේ ඩොලර් මිලියන දහස් ගණනක් අපේ සංචිතවලට යොමු කිරීමෙන් පසුවයි.හම්බන්තොට වරායෙන් හා කර්මාන්තපුරයෙන් උපදවන විදේශ විනිමය අපේ විදේශ සංචිතවලට යොමු වන බව කිව යුතුයි. එසේ නම් අප ගන්නා පියවර නිසා මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකියි. ඒ විශ්වාසය මත අපේ අනාගත පරපුරට කිසිඳු බියක් සැකක් නැතිව ඉදිරියට යා හැකියි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බවට එදා අප පොරොන්දු වුණා. මේ හරහා වන්නේ ඒ අරමුණ ඉටු කර ගැනීමට අවශ්‍ය වැදගත් පියවර තැබීමයි. ඒ නිසා අප සමග වැඩ කරන හවුල් ව්‍යාපාරයටත්, එය සාර්ථක කර ගැනීම සඳහා අප සමග ක්‍රියා කරන මහජන චීන ආණ්ඩුවටත්, ෂී ජින් පිං ජනාධිපතිතුමාටත් මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගමේ විධායක උප සභාපති හු යෑන් හුවා මහතා:-“අප මැදිහත් වී මෙහෙයුම් කටයුතු කරන දෙවැනි වරාය වන්නේ හම්බන්තොට වරායයි. ඉදිරි වසරවලදී ඔබ සමග එක්වී වැඩ කටයුතු කරන්න අප සූදානම්.මේ ව්‍යාපෘතිය මගින් අපට සුවිශේෂී රැකියා අවස්ථා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් හම්බන්තොට ජනතාවට පමණක් නොව ඒ අවට නගරවලටත් රැකියා අවස්ථා උදා වෙනවා.එසේම අපේ මව් සමාගම හරහා විශාල ශ්‍රී ලාංකික පිරිසක් මේ වන විටත් විදෙස්ගතව රැකියාවල නිරත වෙනවා. එසේම පුහුණු වැඩසටහන්වලට සහභාගී වෙනවා.”මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලියං යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ චීන නියෝජිතයෝ රැසක් සහභාගී වී සිටියහ.ඡායාරූපය - ගයාන් අමරසේකර
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
   (අංජුල මහික වීරරත්න)”එදා කඩදාසි බෝට්ටුවක්වත් හදා ගැනීමට නොහැකි වූ අය අද ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ශක්තිමත් වන අයුරු බලා හිඳින්න නොහැකිව රට විකුණන බව කියමින් කෑ ගසන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.”ශි‍්‍ර ලංකාවේ වරාය දියුණු කළහොත් මුළු රටේම ආර්ථිකය ඉහළට එසැවිය හැකි බව කී අග‍්‍රාමාත්‍යවරයා සටන් පාඨ දේශපාලනයෙන් රටක් දියුණු කිරීමට හැකියාවක් නැතැයි” ද ප‍්‍රකාශ කළේය.අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජපානයේ කොක්සායි කේබල් නැව් සමාගම වෙනුවෙන් කොළඹ නැව් තටාකාංගනය විසින් ටොන් 5000 කනැවක් නිෂ්පාදනය කිරීම සනිටුහන් කරමින් නැව් බඳ ගොඩ නැගීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. නැව් බඳ ගොඩ නැගීම සුභ මොහොතින් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි.දිගින් මීටර් 11.3 ක්ද, පළලින් මීටර් 21.5 ක්ද, මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්තව නිෂ්පාදනය කෙරෙන යාත‍්‍රාවේ මගීන් 80 ක් සඳහා සියලූ පහසුකම් වලින් සමන්විත වන අතර පැයට මුහුදු සැතපුම් 14.5 ක වේගයෙන් ගමන් කළ හැකිය. මෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරේ මාර්තු මස අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.උත්සව සභාව අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.”අද මේ නැවේ බඳගොඩ නැගීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් 5400 ක නැවක් හැදීමේ ශක්තිය අද අපට තිබෙනවා. අපේ අපනයන නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟලූම්, දෙවනුව රබර් ටයර්වලටයි. එය හොඳයි. කිසිම රටක් එක් අංශයකට සීමා විය යුතු නැහැ. තවත් ක්ෂේත‍්‍රවලටද යා යුතුයි. අද පෙනී යන්නේ නැව් නිෂ්පාදන අංශය අපට දියුණු කළ හැකි බවයි. ඒ ඔබේ ශිල්පීය දක්ෂකම සහ ඥාණය නිසා අපට ඒ වැඩ කටයුත්ත කිරීමට හැකියි.ඒ විතරක්ද නොවෙයි. අපට යුරෝපයෙන් ලැබුණු ජී.එස්.පී. ප්ලස් සහනය නිසා භාණ්ඩ හය දහස් ගණනක බදු සහනය ලැබුනා. හය දාහක් තබා හැටක්වත් අප එදා යැව්වේ නැහැ. නිෂ්පාදන තුන්සියයක්වත් අපනයනය කළ යුතුයි. එවිට අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳෙනවා. නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තයත් එමගින් දියුණු කළ යුතුයි. පොඩි රටක් හැටියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපනයන දියුණු කළ යුතුයි. අප රට භාර ගන්න අවස්ථවේදී ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක සිටියා. එදා රජය හදිසි මැතිවරණය පැවැත්වූවේ ණය ගෙවන්න බැරි නිසයි. අප භාර ගත් අවස්්ථාවේදී අවුරුද්දක්වත් රජය ගෙනියන්න බැරි වේ යයි බොහෝ අය සිතුවා. ණය බර ඊළඟ පරම්පරාවටත් ගෙවන්න ඉතිරි වී තිබුණා. කෙසේ හෝ ණය බර අප සීමා කරගත්තා. වැඩිම ණය ගෙවීමට ඇත්තේ 2018 වර්ෂයේයි. තව අවුරුදු දෙකක් පැන ගත් පසු ස්ථාවර භාවයකට පැමිණ 2025 වන විට සාමාන්‍ය තත්ත්වයකට රට ගෙන ඒමට හැකියි.ඒ කාල සීමාව තුළ රටට එන ආයෝජන වැඩිකරගත යුතුයි. එය කරන ගමන් රජයේ සේවකයින්ගේ චේතන රුපියල් දහදාහකින් අප වැඩි කළා. ඒ නිසා පුද්ගලික අංශයේත් පැඩි වැඩි කරන්න සිදුවුණා. ගැබිනි මව්වරුන්ට රුපියල් විසිදහස දීම ආරම්භ කළා. ගෙවල් දෙලක්ෂය ඉදිකිරීමට ආධාර උපකාර කළා. දැන් තිබෙන සංඛ්‍යා ලේඛණ අනුව විධිමත්, අවිධිමත්, සෘජු සහ වක‍්‍ර ක‍්‍රම වලින් ලක්ෂ හතරකට ආදායම් මාර්ග අප බිහිකර තිබෙනවා. මේ අවුරුදු දෙක හමාර තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් විශ්වාසය ඇතිව අප වැඩ කරගෙන ගියා. මීටත් වඩා විශාල වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක වෙනවා. මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුව ඇති කරනවා. නුවර නගරයේ දියුණුව ජපන් ආධාර මත කර්මාන්ත කලාපය ඉදිකර දියුණු කිරීමත්, වයඹට කර්මාන්ත කලාප සහ සංචාරක කර්මාන්ත දෙනවා.බස්නාහිර මහ නගරය, කළුතර විශාල කර්මාන්ත කලාපය, ගාල්ල වැඩි ආදායම් ඇති සංචාරකයන්ගේ කලාපය බවට පත් කිරීම, මාතර, හම්බන්තොට සහ මොණරාගලත් වරාය සහ ගුවන් තොටුපළ වඩාත් තවත් අලූත් ආර්ථිකය ඇති කරනවා. මේ වැඩ කරන ගමන් ත‍්‍රිකුණාමලය දියුණු කිරීම සඳහා සිංගප්පූරුව සමග සැලසුම් හදාගෙන යනවා. අපට අවශ්‍ය ශ‍්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්තානය කිරීමයි. ඒ සඳහා අපේ වරාය කරා නැව් පැමිණිය යුතුයි. ගුවන් තොටුපළවල් දියුණු විය යුතුයි. මෙයට අපට තනියම කරන්න බැහැ. ඒ දැනුම අපට නැහැ. ඒ සඳහා විදේශ නැව් සහ ගුවන් සමාගම් සමග සම්බන්ධ විය යුතුයි. විදේශ සමාගම් එක්කර ගෙන ගමන යා යුතුයි. එසේ කරන විට රට විකුණනවා කියා කෑ ගහනවා. කඩදාසි බෝට්ටුවක් හදා ගන්න බැරි වූ අය දැන් රට විකුණනවා යයි කෑ ගහනවා.දැන් කොළඹ නැව් තටාකාංගනයෙන් ටොන් 5000 ක නැවක් හදා විකුණනවා.රට විකුණුවද, නැව් හදා විකුණා ආදායම් ගත්තාද කියා අහන්න වෙනවා. ඉන්දියන් සාගරය මැද අප ඉන්නවා. පරාක‍්‍රමබාහු රජ, 6 වැනි පරාක‍්‍රමබාහු රජ, ඉංගී‍්‍රසි මේ පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අද අපට එය කරන්න බැරි ඇයි? අප රට දියුණු කරන්නේ කොහොමද? ඉන්දියන් සාගරයේ ලොකුම වරාය බවට පත් වූ විට අපේ නිෂ්පාදන පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඉන්දියාවේ නැගෙනහිර සහ බටහි වෙරළවල්වලට, බංග්ලාදේශයට සහ මියන්මාරයට යා හැකි විදියට අපේ වරාය සකස් කර අපි‍්‍රකාවට, චීනයට, ජපානයට සහ යුරෝපයට යන විදියට සකස් කරගත යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර වුවමනායි. කොළඹ වරාය රදා පවතින්නේ ඉන්දියාවට යන කන්ටේනර් මතයි. සියයට හැටක් තිබෙන්නේ ඉන්දියාවට යවන කන්ටේනරයි. ඉන්දියාවේ දියුණුව බැලූවාම අපේ ප‍්‍රගතිය සියයට හැත්තැ පහක් කළ හැකියි.ඉන්දියාවේ අලූත් වරායක්, දෙකක් ඉඳි කළාට එය ගැටලූවක් නොවෙයි. අපේ අයගේ දක්ෂකම තිබෙනවා.පළමුවෙන්ම ඉන්දියාව සමග මිත‍්‍රත්වයෙන් පුළුවන් තරම් නැව් නිෂ්පාදනය කර යැවිය යුතුයි. එයට බදු දැමුවොත් ප‍්‍රයෝජනයක් වෙන්නේ නැහැ.දකුණු වරාය දියුණු කරන්න අවශ්‍යයි. උතුරු වරායත් දියුණු කළ විට වසර සියයකට ඉන්දියානු සාගරයේ විශාලම වරාය බවට පත් වෙනවා. මේ සඳහා ජපානයේ ආධාර උපකාර අවශ්‍යයි. මේ සඳහා පළමුවෙන් වාර්තා සකස් කළ යුතුයි. ඉන්දියන් සාගරය මැද විශාල වරාය තුනක් තබාගෙන හොඳ ගුවන් තොටුපළවල් දෙකක් තුනක් තබා ගත් විට අපට ලේසියෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකියි. රජරට කාලේ අප දියුණු වුණේ මේ ලෙසයි. ඉන්දියන් සාගරයේ බලවතෙකු බවට පත් වුණේ ඒ ලෙසයි.2025 දැක්ම අප එළි දැක්වූයේ මේ අරමුණ ඇතිවයි. ලංකාවේ ආර්ථිකයේ වරාය විශාල තැනක් ගන්නවා. සිංගප්පූරු වරායෙන් ඒ රට දියුණු වුණා වගේ අපේ වරාය දියුණු කළොත් මුළු රටම උස්සන්න පුළුවනි.අප කාටවත් රට විකුණන්න  ඕනැ නැහැ. නිකන් සටන් පාඨ කියන්න  ඕනැත් නැහැ.කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීම නිසා බිලියන 40 ක පාඩුවක් ගෙවන්න සිදුවුණා. අද එය නවතා තිබෙනවා. කොළඹ වරායේ මුදල් හම්බන්තොට වරායට යොදවන්නේ නැති බව එදා ඡුන්දයේදී අප පොරොන්දු වුණා. ඒ වෙලාවේ නිශ්ශබ්දව සිටි අය අද වරාය විකුණනවා කියා කෑ ගසනවා. වරාය දියුණු කරන්න අවශ්‍ය මුදල් අප ක‍්‍රමානුකූලව දී තිබෙනවා. ඒ මුදල් පමණක් මදියි. ඉන්දියන් සාගරයේ විශාලම වරාය කොළඹත්, දෙවැනි විශාලම වරාය ති‍්‍රකුණාමලේත් තිබියදී ඒ දෙක එකතු කර හම්බන්තොට දියුණු කළ විට ලැබිය හැකි දියුණුව ගැන හිතන්න. තව මොනවද අවශ්‍ය වෙන්නේ? ඉරානයේ සිට  ඕස්ටේ‍්‍රලියාව දක්වාම ඊළඟ අවුරුදු 30 ප‍්‍රධාන ආර්ථික රාජ්‍ය දෙක වන කෙන්යාව, දකුණු අප‍්‍රිකාව, මැද පෙරදිග රටවල පිහිටීමෙන් ප‍්‍රයෝජන ගත්තා. අපේ පිහිටීමෙන් ප‍්‍රයෝජන නොගත්තොත් දියුණුව ලබන්න බැහැ. ඒ සඳහා අපේ වරාය දියුණු කළ යුතුයි. කොළඹ නැව් තටාකාංගනය නැව් දියුණු කිරීමට ගන්නා උත්සාහය අගය කරනවා. ඒ සඳහා ඔබට ස්තූති කරනවා. යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ඞී.වී. අබේසිංහ මහතා-”අප දැනට සිංගප්පූරුව, මාලදිවයින, ඉන්දියාව රටවලට නැව් භාර දී තිබෙනවා. තෙල් මිල අඩුවීම නිසා ලෝකයේ නැව් තටාකාංගන වැසී යන තත්ත්වයක් ඇති වූවා. එන්.එන්.ජී. ඉන්ධනයක් ලෙස භාවිතා කරන කාලය අත ළඟයි. රජයට ඒ සඳහා ආධාර දිය හැකියි. අපට දක්ෂ ඉංජිනේරුවරයන් ඇතුළු සේවකයින් සිටිනවා. පෞද්ගලික ව්‍යාපාරවල දියුණුව රටේ දියුණුවට සම්බන්ධ කරගත යුතු යන අගමැතිවරයාගේ සංකල්පය අනුව අපටත් රටේ දියුණුවට එක්විය හැකියි.කොක්සායි කේබල් නැව් සමාගමේ සභාපති ටකාකි අන්රකු මහතා ද සභාව ඇමැතීය. මේ අවස්ථාවට ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිච් සුගනුමා යන මහත්වරුද, ජපාන නියෝජිතයෝද, කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෝ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
ශ්‍රී ලංකාව බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා නැගෙන විවේචන තමන් ප‍්‍රතික්ෂේප කරන බවත්, රජය සෑම විටම මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක සිටිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.රුසියන් ශ‍්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා සාර්ථක වීම, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් හා ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය, ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා ආදී සියල්ල සමඟ ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ගමනක් යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවූ අවස්ථාවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.‘‘අපේ දීර්ඝ කාලීන මිත‍්‍රයෙක් වූ රුසියාවේ සිට’ ශ‍්‍රී ලංකා රුසියා මිත‍්‍රත්වයට වසර 60 ක් පිරීම සමරන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසර 60ක කාල සීමාවක එනම් 1957 වසරේ ආරම්භ වූ ශ‍්‍රී ලංකා සෝවියට් මිත‍්‍රත්වය සෝවියට් සමුහාණ්ඩුවේ වෙනස්වීම් ඇති වුවත් රුසියන් ෆෙඩරල් ආණ්ඩුව සමඟ අපි පවත්වාගෙන ආ සුහදතාව සහ සම්බන්ධතා දිගින් දිගටම ශක්තිමත්ව පැවතුණා.අපේ රටේ සංවර්ධනය සඳහා ගෙවීගිය වසර 60 ක කාල සීමාව තුළ විශාල සහයෝගයක් මේ රටින් අපිට ලැබී තිබෙනවා. ජාතික සංවර්ධනයේදී වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය ආදී ආයතන ඉදිරියේ අපි අසීරුතාවන්ට පත්වූ අවස්ථාවන්වලදී රුසියාව, සෝවියට් සමුහාණ්ඩුව අපේ අවංක මිත‍්‍රයෙක් ලෙස සෑම තැනකදීම කටයුතු කර තිබෙනවා. එම මිත‍්‍රත්වය අන්තර්ජාතික වශයෙන් ගොඩනැගුණා වගේම අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්ම, වාරිමාර්ග, අධ්‍යාපන, සංස්කෘතික කර්මාන්ත තාක්ෂණ මේ සියලූ අංශවල සංවර්ධනය සඳහා විශාල සහයෝගීතාවක් අපිට රුසියාව ලබාදී තිබෙනවා. ඒ සියල්ල සිහිපත් කරමින් 60 වසරක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ගෞරවනීය අතීතයක් පිළිබ`දව අපි ඉතා සතුටින් අද කතා කරනවා.60 වසරක ද්විපාර්ශ්වික සබ`දතාවන්හි නව පිටුවක් පෙරළමින්, දෙරට අතරේ මිත‍්‍රත්වය සුහදශීලීතාවය වර්ධනය කරගැනීම මගේ ගමනෙහි ප‍්‍රධානම අරමුණක් වෙනවා. රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා කරන ලද ආරාධනාවක් මත අපි මෙහි ආවා. අපි පැමිණි අවස්ථාවේ සිට ඉතා ඉහළ උණුසුම් පිළිගැනීමක් අපට තිබුණා. එමෙන්ම ඉතාමත් සාර්ථක ද්විපාර්ශ්වීය සබඳතාත්  අතීතයේ මතක සටහන් සමඟ අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා දෙරටේ මිත‍්‍රශීලීභාවය ඇති කරගනිමින් සාර්ථක සාකච්ඡා පැවැත්වූවා. අද සන්ධ්‍යාවේ දෙරට අතරේ ගිවිසුම් කිහිපයක් සඳහා ද අත්සන් කරනු ලබනවා. රුසියානු ජනාධිපති පුටින් මැතිතුමාත් අග‍්‍රාමාත්‍යතුමාත් සමඟ කරන ලද සාකච්ඡුා තුළ අපේ රටේ සංවර්ධනයේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළා.මම ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සහ මගේ ආදරණීය ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමාටත් රුසියන් රජයට සහ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තූතිය සුභාශිංසන සහ ආශීර්වාදය පිරිනමනවා. ද්විපාර්ශ්වීය සබඳතාවලදී රටේ සංවර්ධනයට අවශ්‍ය සියලූ අංශ සම්බන්ධයෙන් ව්ලැඞ්මීර් පුටින් ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් එතුමා අප සමඟ සංවාදයේ යෙදුණා. අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක, බලශක්ති, ජාතික මෙන්ම අන්තර්ජාතික ආරක්ෂාව මේ සියලූ අංශයන්හි කටයුතු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරනු ලැබුවා. ඊයේ දිනයේ පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම රුසියාවේ අග‍්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාව ද සාර්ථක සාකච්ඡාවක් බවට පත්වුණා.අපි රටක් ලෙස කටයුතු කිරීමේදී අපේ විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙන මැදිහත්බව සහ ශක්තිමත්බව අන්තර්ජාතික වශයෙන් පෙන්නුම් කළ අවස්ථාවක් තමයි, මේ රුසියානු නිල සංචාරය. මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා අපි එක් පැත්තකට බරවූ ආණ්ඩුවක් කියා. අපි බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා විවේචන තිබෙනවා. මම එම විවේචන ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අපි මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර සහයෝගිතාවයේදී ලෝකයේ සෑම රාජ්‍යයක්ම අපේ මිත‍්‍ර රාජ්‍යයන් විදියට අද කටයුතු කරනවා.මම ඉතා සතුටින් ප‍්‍රකාශ කරනවා අද ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ‍්‍රී ලංකා රාජ්‍ය සමග කිසිදු ආකාරයක මතභේදයක් නැහැ. අමනාපයක් නැහැ. මා දන්නා පරිදි දශක ගණනාවකින් අන්තර්ජාතික සහයෝගිතාව ඉහළ ආ අවස්ථාවක් මෙය. එම අන්තර්ජාතික සහයෝගිතාව බටහිර ද උතුර ද නැගෙනහිර ද යන්න ප‍්‍රශ්නයක් නොමැතිව සියලූ අංශවලින් ලැබෙන නිසා ජාත්‍යන්තර සහයෝගිතාව සංවර්ධනය වූ රටවල්වල තිබෙන මිත‍්‍රශීලීභාවය වගේම අනෙකුත් සියලූ රටවල් සමඟ ඇති කරගෙන තිබෙන සුහදතාවය අපේ රටේ අනාගතය ස`දහා රට ගොඩනගන්න ශක්තිමත් කරන්න ඉදිරියට යාමටයි අපි ඒ ශක්තිය සැමවිටම භාවිතා කරන්නේ. මේ ගමන තුළින් රුසියන් ශ‍්‍රී ලංකා සබඳතා ද්විපාර්ශ්වීය සබ`දතා සාර්ථකවීම වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය සබඳතා ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා අන්තර්ජාතික සහයෝගිතා සියල්ල සමඟ අපි ඉතා සාර්ථක ගමනක් යනවා.පසුගිය වසර දෙකහමාර කාලය තුළ කොපමණ චෝදනා තිබුණත් මිනිසුන්ට සමාජයේ නිදහසේ ජීවත් විය හැකි පසුබිම ගොඩනගමින් අපි රටක් විදියට සාර්ථක ව්‍යායාමයක යෙදෙන්නේ. රුසියාවේ විවිධ ක්ෂේත‍්‍රවල විවිධ වෘත්තීන් හා විවිධ ව්‍යාපාරික අංශවල සේවය කරන ශ‍්‍රී ලාංකික සියලූ දෙනාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේ දැනුම, බුද්ධිය, අවබෝධය සහ පරිණතභාවය සමඟ ඔබ ඉතා සාර්ථක ලෙස ශ‍්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියාව තුළ සියලූ කටයුතු සාර්ථක ඉටු කිරීමට ලැබේවා කියා.එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට මම සුබ පතනවා. ඔබ පැමිණියේ අධ්‍යාපනය සඳහායි. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම තුළින් ඔබ බලාපොරොත්තුවන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමටත් ඔබේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව ලැබේවා. ඔබේ මවුපියන් රුසියාව වැනි විදේශ රටකට ඔබව එවා ඔබට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමටයි ඔවුන් කැපවී තිබෙන්නේ.අපි රටක් විදියට බලාපොරොත්තු වනවා ඔබ උගත් තරුණ පිරිසක් විදියට සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ රටේ හෝ විදේශයක ඔබේ දැනුම මුල් කරගෙන දැනුමෙන් පරිණත වූ සන්නද්ධ වූ විශිෂ්ටයෙක් විදියට අපේ උතුම් මානව සමාජයට සේවය කරන්න ඔබට සියලූ ආකාරයෙන් ධෛර්යය වාසනාව ශක්තිය ලැබේවා. අප සමඟ අපේ ව්‍යාපාරික හිතවතුන් රාශියක් පැමිණියා. ඒ සියලූ දෙනා පැමිණියේ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන සම්බන්ධයෙන් ඇති කරගන්නාවූ එකඟතාවන් සහ අවශ්‍ය අවබෝධය ලබාගෙන එම අවස්ථාවන් වඩාත් සාර්ථක කර ගැනීමටයි. උදාහරණයක් ලෙස, අපේ හොඳම තේ ගැනුම්කරුවා වන්නේ රුසියාව කියා ඔබ දන්නවා. රුසියාවේ රජයට සහ පෞද්ගලික අංශවල ආයෝජකයින්ට අපි ආරාධනා කරනවා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා. අප සමඟ පැමිණි ව්‍යාපාරික මහත්වරුන්ටත් මම සුබ පතනවා. ඔබේ මව්බිම වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වූ අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමට මේ ගමනින් ඔබට ලැබේවා කියා. තානාපතිතුමා ඇතුඑ මෙහි සේවය කරන සියලූ දෙනාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න  ඕන. මෙම ගමන ඉතා ඵලදායී සාර්ථක ගමනක් කර ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සිවී කටයුතු කර තිබෙනවා.අපි සමහර රටවල්වලට ගියාම එහි සංවිධාන කටයුතුවල දුර්වලතාවන් දකිනවා. නමුත් මේ ගමනේදී එවැනි අඩුපාඩුවක් දුර්වලතාවක් නොමැතිව තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය උසස් ලෙස එම කාර්යය ඉටුකර තිබෙනවා රට වෙනුවෙන් රජය වෙනුවෙන්. රුසියා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට 60 වසරක් සපිරෙන අවස්ථාවේ ඉදිරි වසර සියයක් සඳහා අවශ්‍ය සූදානම වඩාත් විධිමත්ව ඉටුකරමින් දෙරටේ මිත‍්‍රශීලීභාවය අන්තර්ජාතික සහයෝගීතාව කලාපීය සහයෝගීතාව සඳහාත් මේ ගමන ශක්තිමත් ගමනක් වේවා කියා සුබ පතමින් එම සාර්ථකත්වය ලබා ගැනීමට ඔබ අප සියලූ දෙනාම කැපවෙමු කියා ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි..’’අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපතිවරයා සමග රුසියා සංචාරයට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි) 
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
1
(ඩයනා උදයංගනී)ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා දැනට පවතින ඉතා පැරැණි පරිපාලන හා මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට ලක් කළ යුතු බව කී ජනාධිපතිවරයා ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, වගන්ති සහ රෙගුලාසි තවමත් පැවැතීම සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් බව ද සඳහන් කළේය.ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ විට බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අදට ඔබින අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරමින්, අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවන් සමඟ ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (4) පැවැති 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.නිදහස සමඟ සතුටින් ජීවත්වීමට නම් සෞභාග්‍යය අත්‍යාවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජනතාවට ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර දීම සඳහා සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කීවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බ්‍රිතාන්‍යයට මෙන්ම ගෞරවනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයා ඇතුළු විදේශ නියෝජිතයන් හා සියලු ආරාධිතයන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා.අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා මෙන්ම අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ රටේ පොදු මහජනතාව සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට හා වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා අපට ඔවුන් පරාජයට පත්කිරීමට වසර 26ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ රටේ ආර්ථික පසුබෑමක් මෙන්ම ජාතියේ ප්‍රගමනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ගෙන ගිය ප්‍රබුද්ධ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා.එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් මහා කතාවෙන් අපට ලැබී තිබෙන අත්දැකීම්, ජාතියට ලැබී තිබෙන ජීව ගුණය ආදී සියල්ල සමඟ අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවා ද? ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක් ද? හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා. අපට ආර්ථික වශයෙන් පවතින අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට අපි කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස් වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් සුබදායී ප්‍රතිඵල තිබෙනවා.අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඉටුකළ යුතු වෙනවා. එහිදී දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය ඉදිරියේදී අපට ජයගත හැකියි කියා මා විශ්වාස කරනවා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද සංවර්ධනය නිසා ඇතැම් වේලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙන බව කනගාටුවෙන් වුව ද කිවයුතු වෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.ඒ වගේම අපේ රට අදට වඩා උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යය යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. ගෙවී ගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් හා විනයක් ඇති පරිපාලනයක් සඳහා ඒ දේ කළ යුතු වෙනවා.ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මා පැහැදිලිව දකිනවා.සංවර්ධනයේ හා ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය පැහැදිලි ලෙසම ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් හැක්කේ සහ මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ මේ අවංකභාවය තුළයි. මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා    දේශපාලනඥයන් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසුදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍ය බව ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරන විට අප සෑම විටම සිතාගත යුතුයි.සැබෑ නිදහස යන්න මිනිසකුගේ නිදහස පමණක් නොවෙයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු_ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැමවිටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි සේම ඒ දැනුම ලබාගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයන් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපේ වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන්ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව, අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා.මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ.එසේම අපේ ශ්‍රේෂ්ඨ මව්බිම අඅ!මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.අප කුසීතකමෙන්, අලසකමෙන්, පසුබෑමෙන් තොරව, කාර්යක්ෂමව, එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමීත්වයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කැපවීම අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළ යුතු වෙනවා.ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බව මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා.අද මූලික වශයෙන්ම දේශප්‍රේමීත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමීත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමීත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසුදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.අද මේ ඉතාමත් වැදගත්, ගෞරවනීය, ජාතියේ අභිමානවත් අවස්ථාවේදී අපේ රට බෙදන්නට එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම මෙහිදී අප අමතක කළ යුතු නෑ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව අතපය අහිමි කරමින්, ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ජාතියේ අනාගතය, ජාතියේ නිදහස සහ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සඳහා සටන් කරනු ලැබුවා.ඒ නිසා මම මේ 70 වන නිදහස් දින සැමරුම් උළෙලේදී රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවැති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව සියලුදෙනාටමත් පුදකරනවා.විශේෂයෙන් අද මේ 70 වන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා.අපේ ජාතියේ අනාගතය සඳහා දුගීභාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ කටයුතු කළ යුතුයි. නව අධිතාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම ඒ වෙනුවෙන් කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් සමුගන්නවා.” යැයි ජනාධිපතිවරයා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විශේෂ ආරාධිතයන් වශයෙන් බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නියෝජිතයා ලෙස ඇයගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන සොෆී රීස් ජෝන්ස් කුමරිය, කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැති ඇමතිවරුන්, විදේශ නියෝජිතයන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
0
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
0
( සිතුම් චතුරංග)ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත‍්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප‍්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞරව වන විදියට කටයුතු කිරීම කනගාටුවක් යැයි ප‍්‍රකාශ කළේය. රණවිරුවන් පාවා දෙනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදීන් බොල් හඬ නංවා කරන විවේචන ප‍්‍රතික්‍ෂේප කරන බවත් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වන බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ යාපනය පාලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව එහිදී ත‍්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය. ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස් ප‍්‍රධානීන් සමග ඉතාමත් ක‍්‍රමවත් වැදගත් අවස්ථාවක මෙවැනි උත්සවයකට මේ අයුරින් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඔබටත් මටත් මේ රටේ පුරවැසියන් විදියට තිබෙන්නේ එක හා සමාන වූ වගකීමක් සහ යුතුකමක්.අපේ රටේ පුරවැසියන් විදියට කවුරුත් විවිධ තනතුරු දරනවා. එක් පැත්තකින් දේශපාලනඥයින් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන්, තවත් පැත්තකින් ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඒ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ ඉතාම උතුම් කාර්යය සඳහා. රටක පැවැත්ම පිළිබඳ රාජ්‍යයක අනාගතය පිළිබඳ ඒ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කිියන ආයතනවලින් සිදුවන සේවාව එක් පැත්තකින් ව්‍යාස්ථාපිත සහ නීතිමය වශයෙන් තවත් පැත්තකින් රටක තියෙන සම්ප‍්‍රදායන් සහ සංස්කෘතීන් වගේම තවත් පැත්තකින් රටක තියෙන සිරිත් විරිත් වශයෙන්. ඒ වගේ තවත් පැත්තකින් මානුෂීය වශයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ප‍්‍රධාන වගකීම් යුතුකම් රාජකාරීන් ඒ සියල්ලට මූලිකත්වය දීපූ කරුණු කිහිපයක් තියෙනවා. එහි අංක එක අපේ රට. ඒවාගේම අපේ ජනතාව. අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමියේ සහ ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ ඒ තුළ යහපත් රටක් ගොඩ නැගීම. අපිට ඒ සේවාවන්වල ඉතිහාසය ගත්විට යුධ, නාවික, ගුවන් සහ පොලිසියේ  ඉතිහාසය ගතහොත් අපිට පසුගිය වසර ගණනාවක් පිළිබඳ දීර්ඝ කතාවක් කරන්න පුළුවන්කම තිබෙනවා.අපි 1505 සිට 1948 දක්වා ප‍්‍රධාන වශයෙන්ම විදේශීය ආක‍්‍රමණයකින් සමග යුද්ධයක් තිබුණා. 1505 සිට 1948 දක්වා මේ රටේ ජනතාව විදේශීය ආක‍්‍රමණිකයින්ට විරුද්ධව දිර්ඝ ලෙස සටන් කළා. ජීවිත පූජා කළා. දේපළ විනාශ වුණා. අපේ ඉතිහාසයේ ශේ‍්‍රෂ්ඨ රණවිරුවන්ව ඇතැම් විදේශීය ආක‍්‍රමණිකයින් ඝාතනය කළා. විනාශ කළා. මරා දැමුවා පමණක් නොවෙයි මේ රටින් පිටුවහල් කළා. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. අපේ කාන්තාවන්, මව්වරුන්, අපේ දියණියන් බරපතළ වධ හිංසාවලට ලක් කළා විදේශ ආක‍්‍රමණිකයන්.  ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. මේ රට ආක‍්‍රමණය කළ ඉංග‍්‍රීසීන් 1815 මාර්තු මාසයේ දෙවැනිදා ලංකා රාජ්‍යයේ ද්‍රෝහීන් සමග අත්සන් කළ ගිවිසුමට අදාළ බලයන් සමගයි. අපේ රට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට විරුද්ධව අරගල කළ දේශපේ‍්‍රමීන්, වීරවරයන්, රණකාමීන් ඇතු`එ ශේ්‍්‍රෂ්ඨ ලාංකික පුත‍්‍රයින් දේශද්‍රෝහීන් බවට පත් කළ නිවේදනය අවලංගු කළා.1815 මාර්තු මාසේ 02 ඉංගී‍්‍රසි පාලකයින් සහ දේශීය නියෝජිතයින් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවුරුදු 202කට පසුව ඔවුන් දේශපේ‍්‍රමීන් බවට පත් කළා වගේම ඔවුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයින් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කරමින් දේශද්‍රෝහීන් විදියට නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ මතක සටහන් සමග වසර දහස් ගණනක කතාවේ ඒ රණකාමීත්වය, ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, වීරත්වය පිළිබඳ මහා ගෞරවණීය තත්ත්වයක්. අපි දුපත් රාජ්‍යයක් විදියට අපේ මුළු ඉතිහාසය පුරාම ආක‍්‍රමණවලට මුහුණ දීලා තිියෙනවා. අපි සටන් කරලා තියෙනවා. ශී‍්‍ර ලාංකික සිංහලයින් මේ රටේ රණකාමීත්වය පිළිබඳව මුළු ඉතිහාසය පුරා සිය විශිෂ්ටත්වය සහ රණකාමීත්වය, වීරත්වය පෙන්නුම් කරලා තියෙනවා. ඒ එක් එක් යුග තුළ. ඒ වාගේම තමයි අපි අමතක කළ යුතු නැහැ බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට 30 දශකය 40 දශකය වන විට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් සිය යුග මෙහෙවර ඉටු කරමින්, ජාතික නිදහස් අරගලය දියත් කළා ඉංගී‍්‍රසි පාලකයින්ට විරුද්ධව. බි‍්‍රතාන්‍ය පාලකයින්ට විරුද්ධව. යටත් විජිතවාදීන්ට විරුද්ධව. 1948 දී අපි නිදහස ලබා ගත්තේ 1505 සිට ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා. අපේ මහ පොළොව තෙත් වන ආකාරයට ලේ ගලාගොස් මේ උතුම් මාතෘභූමිය අපේ රණවිරුවන්ගේ ලේවලින් තෙත් වූ මහ පෙළොවක් විදියට ඉතිහාසයට එකතු වුණා. අපි අමතක කළ යුතු නැහැ සිංහල, දමිළ, මුස්ලිම් නායකයින් 30 දශකයේ 40 දශකයේ ගෙන ගිය සටන්වල ප‍්‍රතිඵලයක් විදියට 48 නිදහස ලබාගත්තා. මේ රටේ සමාජයේ ඇති වෙච්ච බලවේග, ජනතාවගෙන් ඇති වෙච්ච විරෝධය, එවකට නිදහස ලබා ගැනීමට සටන් කළ නායකයින්ගේ අප‍්‍රතිහත ධෛර්යත් සමග ඒ ලබා ගත් නිදහස විශිෂ්ට ලෙස ලබා ගැනීමට එදා කටයුතු කළ නායකයින් අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිදහස ලබාගෙන අපි රටක් විදියට සංවර්ධනය වුණා. ලෝකයේ රටවල්වල සහයෝගය අපිට ලැබුණා. 70 දශකයේ මැද භාගයේ මේ රටේ ප‍්‍රධාන වශයෙන් ත‍්‍රස්තවාදය ආරම්භවීමේ මුල් වෙඩිල්ල පත්තු වීමත් සමග 80 දශකය වන විට මූලික වශයෙන් අපේ රටේ ජනතාවටත්, ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියටත් ම්ලේච්ඡ නින්දිත එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න කැපවෙන්න සිද්ධ වුණා.ඔබ මෙන්ම ජීවිත පූජා කළ, මහා පරිත්‍යාගයන් කළ, ජීවිත අහිමි වූ අත පය පූජා කළ ආබාධිත වු බොහෝ ගැටලූ ප‍්‍රශ්නවලට ලක් වූ සිය මව්පියන්ගෙන් දරු පවුල්වලින් ඈත් වී ඒ ඓතිහාසික අරගලය කිරීම නිසා විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දුන් පිරිසක් අපේ ති‍්‍රවිධ හමුදාවල සහ පොලිසියේ සිටින්නේ. පොලිසියේ සේවාව දෙපාර්තමේන්තුවක් විදියට සිවිල් සේවාව වුණත් යුද්ධ ආරම්භ විමත් සමග පොලිසියට සිදු වුණා යුධ හමුදාවක් විදියට කටයුතු කරන්න. පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව ඒවා අතපසු කරමින් රටේ ස්වාධීනත්වය සඳහා පොලිසියත් ති‍්‍රවිධ හමුදාවට එක් වුණා. යුද්ධය මැද භාගයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා. විශේෂයෙන් ගම්වල ආරක්ෂාවත් සමග. ඒ නිසා ඒ වකවානු තුළ ඒ මහා කැපවීම් කළ අතපය අහිමි වූ ආබාධිත වුණ ජීවිත පරිත්‍යාග කළ දරුපවුල් අහිමි වූ ඒ සෑම කෙනෙක් වෙතම අපි විශේෂයෙන් ජාතියේ ගෞරවය අපි අදත් පිරිනැමිය යුතුයි. ඒ සියලූ දෙනාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද සේවයේ යෙදී  සිටින  ඔබ සෑම කෙනෙකුගේම වරප‍්‍රසාද,  පහසුකම් වැඩි කරමින් ඔබට නව තාක්ෂණය සමග නව යුධ ක‍්‍රම, ශිල්පීය ඥානය, පුහුණුවීම්, තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් විදියට ති‍්‍රවිධ හමුදාවටත් පොලිසියටත් රජය සම්පූර්ණ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.  මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර ලෝකයේ ප‍්‍රබල රාජ්‍ය ගණනාවක් අපේ හමුදාවලට පුහුණු කිරීම් නවත්වලා තිබුණා. අපිට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් පුහුණු වීම් නවත්වා තිබුණා. නමුත් රජයේ ප‍්‍රධානියා විදියට මා රාජ්‍ය නායකයන්ට කරුණු පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය කියා සිටියා. ඒ තුළ නැවත ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අපේ ත‍්‍රිවිධ හමුදාවට වගේම පොලිසියට අවශ්‍ය පුහුණු වීම්, ශිල්පීය ඥානය ලබාදීමට දැන් කටයුතු කරමින් සිටිනවා. විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානවල සෙවනැලි 2009 මැයි මාසයෙන් පසුව අවසන් වුණේ නැහැ. මුහුදෙන් එතෙර සිට සතුරු මිනිස් සෙවනැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩකළා කියලා. ඔවුන් චෝදනා පත‍්‍ර හැදුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා චෝදනා ඉදිරිපත් කළා. මාධ්‍ය තුළ නොයෙකුත් විග‍්‍රහයන් කෙරෙනවා. අපේ හමුදාවන්ට අගෞරව වන විදියට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. ඒ වගේම අන්තවාදී දේශපාලනඥයින් වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා. මගේ රජය ආරක්ෂක හමුදාවන්ට සලකන්නේ නෑ ඒ අයව පාවා දෙනවා කියන දේශපාලන විරුද්ධවාදීන්ගේ බොල් හඬ තැන් තැන්වල නැගෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කුමන විවේචන කුමන ආකාරයෙන් පැමිණියත් ති‍්‍රවිධ හමුදාවත් පොලිසියත් ඉතාම වගකීමෙන් ආරක්ෂා කරන බව. මොන චෝදනා ආවත් ඒවා අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව විදේශීය විනිශ්චකරුවන් ගෙනල්ලා නඩු අහන්න  ඕනෑ කියන චෝදනා පත‍්‍රයක් එක්ක යෝජනා ඇවිත් තිබෙන්නේ. මම පැහැදිලිව කිව්වා මම ඒකට ලැහැස්ති නැහැයි කියලා. රට තුළ සිටින ඇතැම් ලාංකිකයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර රාජ්‍ය නොවන සංවිධාන හරහා වැරදි නිගමනයන්ට එළැඹ ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ගන්න, ඩොලර්, පවුම් අරගන්න අපේ හමුදාවන් පිළිබඳව වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා.මම පැහැදිලිව කියනවා විදේශීය සම්බන්ධතා මත මේ රටේ රාජ්‍ය නොවන සංවිධානවලට  ඕනෑ විදියට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට ත‍්‍රිවිධ හමුදාවට චෝදනා පත‍්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට මම ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න ලෑස්ති නැහැ. මම සැමවිටම ඒ වගකීම සහ යුතුකම ඉටුකරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ. අපේ රණවිරුවන් එල්ටීටීඊ ත‍්‍රස්වාදයට විරුද්ධව සටන් කළ කාලේ මම ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 5 කට ලක් වූ අයෙක්. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුළ ඔබ ගතකළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතත් අපේ හිත්වල සටහන් වී තිබෙනවා. ඒවා ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඒ නිසා ලබාගත් නිදහස, සාමය සුරක්ෂිත කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. ඒ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ අනාගතය සඳහා කැපවන රජයක් විදියට මගේ රජය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇතැම් වෙලාවට වෙබ් අඩවි, ෆේස්බුක්, අන්තර්ජාලය, ජනමාධ්‍ය වැරදි ප‍්‍රචාරයන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ ප‍්‍රධාන ආරක්ෂකයා සැම විටම මමයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා විදේශීය වශයෙන් මොන විදියේ චෝදනා පත‍්‍ර එල්ල වුණත් මොන විදියේ සැලසුම් ඒ අය ඉදිරිපත් කළත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කළ හැකි යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කරන්නට කැමතියි.ත‍්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරන්නේ පහසු කාර්යයක් නොවෙයි. ඔබ යුද්ධය කළ කාලයේ කළ කැපවීම දුෂ්කරයි.  ඒවා අභියෝගාත්මකයි. ඒවා ඔබ ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙන්. අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය මහජනතාවගේ සේවාවන් සඳහා පූර්ණව කැපවෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රිවිධ හමුදාව ජාතික හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කරනවා. ඒ වගේ්ම මහජන සුබසාධනය සඳහා, සංවර්ධනය සඳහා ඔබ විශාල සේවාවක් කරනවා. මේ රටේ සංවර්ධනය කාර්යක්ෂම කරන්න ඔබෙන් විශාල සේවාවක් සිදුවනවා. හෙට දවස වෙනුවෙන් ඔබ ලෝකයේ ශක්තිමත් විශිෂ්ට සේවාවක් කරනවා. මගේ රජය රජයක් විදියට ඔබට දිය හැකි සියලූ පහසුකම් ලබාදෙනවා. අධි තාක්ෂණයට ඔබව යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් ලෝකයේ ඉහළම යුද ශිල්පීය ඥානය සහ උපක‍්‍රම සැලසුම් පිළිබඳව දැනුම අවබෝධය තිබෙන ප‍්‍රබල දියුණු රටවල්වල පුහුණුවීම් ඔබට ලබා දෙමින් ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් බවට පත්කිරීමට මගේ රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට  ඕනෑ.ඒ නිසා ඔබේ ක‍්‍රියාශීලීත්වය මගේ රටේ අනාගතයයි. ඔබෙත්් මගේත් මවුබිමේ ජාතිික ආරක්ෂාව පිළිබඳව වගේම සංවර්ධනය වගේම විනයගරුක හික්මුණු ජනතාවක් බිහිකරන්න ඔබේ ආදර්ශය ඉතාම වැදගත්. අපේ රටේ දේශපාලනයේ තිබෙන්නා වූ දුර්වලතාවයක් තමයි විනයක් නැති බොහෝ අයගේ හැසිරීම. මේ රට සංවර්ධනය වෙන්න ප‍්‍රබුද්ධ රටක් වෙන්න නම් ඉතාම හොඳ විනයක් ඇති රටක් බවට පත්වෙන්න  ඕනෑ. එසේ වන්නට රාජ්‍ය නිලධාරීන්ට, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ආදර්ශවත් චරිත බවට පත්වී ඇත්තේ ඔබයි. ත‍්‍රිවිධ හමුදාවේ විනය, පොලිසියේ විනය ඉතාම වැදගත්. ඒ විනයගරුක චරිතයෙන් දෙන ආදර්ශය ඉතාම වැදගත්. ලෝකයේ බොහෝ රටවල්වල හමුදාවන්වල ඔබ දන්නවා රටේ සාමාන්‍ය පුරවැසියන්ට හමුදා පුහුණුව දෙනවා. කෙටි හමුදා පුහුණුවීම් දෙනවා. ඒ දෙන්නේ විනයක් ඇති ජනතාවක් බිහිකරන්නයි. ඒ නිසා විනයක් ඇති යහපත් සමාජයක් ගොඩනගාගන්න, ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වෙන්න ජාතික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවෙන්න දක්ෂ ආරක්ෂක හමුදාවන් බවට පත්වෙන්න, ඒ වගේම පොලිසිය සිය රාජකාරී කටයුතුවලදී ලෝකයේ විශිෂ්ට පොලිස් සේවාවක් බවට පත්වෙන්න රජයක වගකීම සහ යුතුකම් ඔබ වෙනුවෙන් අපි ඉටුකරනවා. ඒ නිසා ඔබේ අනාගතය සුරක්ෂිතයි. වාසනාවන්තයි. භාග්‍යවන්තයි. පිංවන්තයි. ඔබ භාග්‍යවන්ත වූ පමණින් ඔබ පිංවන්ත වූ පමණින් ඔබ කරන්නා වූ කාර්යයන් තුළ භාග්‍යවන්ත ජනතාවක් ඇති රටක් බවට පත්වෙනවා. ඒ සඳහා නායකත්වය ගත යුත්තේ ඔබයි. ඔබේ ආදර්ශවත් විනයගරුක හික්මුණු ක‍්‍රියාශීලී නායකත්වය තුළ ඒ විශිෂ්ට නායකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අපි සියලූ දෙනා එක්වෙමු. ඒ සඳහා ඔබ සියලූ දෙනාට මම සුබ පතනවා.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
1
ත‍්‍රස්ත‍්‍රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රජයක් විසින් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් කිසි විටක පැහැර හරින්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ප‍්‍රථම මැරීන් බලඇණියට අයත් භටයන් 164 දෙනකු විසිර යාම සහ ලාංඡුන පැළඳවීම වෙනුවෙන් මන්නාරම මුල්ලිකුලම් හි පැවැති උත්සවය අමතමිනි.මෙම උත්සවය  මුල්ලිකුලම් හි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේ මැරීන් බලඇණියක් පිහිටුවා තිබූ අතර, එහි මාස 4ක විශිෂ්ට පුහුණුව නිමා කළ ප‍්‍රථම බලඇණිය මෙලෙස  උත්කර්ෂවත් අයුරින් විසිර ගියේය.මෙම බලඇණියට නිලධාරීන් හය දෙනකු ඇතුළු 164 දෙනෙක් එක්ව සිටියහ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා  උත්සව භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. නාවික හමුදාව එහිදී ජනාධිපතිවරයා වෙත සම්මාන මුරයක් පැවැත්වූ අතර සම්මාන මුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ආචාර පෙළපාළිය ද පරීක්ෂාවට ලක් කළේය.ජනාධිපතිවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරු මැරීන් බලඇණියේ භටයන් වෙත සරඹ පිටියේ දී මැරීන් නිල ලාංඡුන පැළඳ වූහ.ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් තවදුරටත් මෙසේ ද පැවසීය. ”ශ‍්‍රී ලංකා නාවික හමුදාව අපේ රටේ ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයභාරයක් උසුලන වගකීම් රාශියක් ඉටුකරන ත‍්‍රිවිධ හමුදාව තුළ තිබෙන විශිෂ්ට වූ හමුදාවක්. නාවික හමුදාවට උගතයුතු පාඩම් සමග අනාගතය සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට ඉතා කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ පැවැති දීර්ඝ කාලීන යුද්ධයේදී නාවික හමුදාව අපගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද උතුම් මෙහෙවර මේ රටේ ඉතිහාසයට එක්වී තිබෙනවා. එක් එක් වකවානුවල අපේ රටේ ඉතිහාසය ගත්විට අපි දුපත් රාජ්‍යයක් විදියට වරින් වර විදේශීය ආක‍්‍රමණවලට ලක්වීමත් ඇතැම් විට රට තුළ ඇතිවන අභ්‍යන්තර අරගල ද ඇතිවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියලූ අත්දැකීම් සමග අපි දන්නවා. සටන්කාමීත්වය, රණකාමීත්වය, රණශූරභාවය, දක්ෂතාව සහ ජයග‍්‍රහණ පිළිබඳව අපේ රටේ ආරක්ෂක හමුදාවලට දීර්ඝ කාලීනව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා.ඔබේත් මගේත් මේ උතුම් මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව ඔබ ඉහළම කැපකිරීමක් කළ යුගයක් වන්නේ, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමග සටන් වැදී ඔවුන් පරාජය කරමින් මාතෘභූමියට සාමය සහ නිදහස ලබා ගැනීමයි. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගනිමින් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඔබ විසින් කරන ලද උතුම් මෙහෙවර ඉතා විශිෂ්ටයි. යුද්ධයේදී මියගිය නාවික හමුදා මෙන්ම යුද, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන්ට ජාතියේ ගෞරවය එදත් අදත් හෙට දවසේත් හිමි වෙනවා. යුද්ධය නිසා අත පය අහිමි වූ ආබාධිත වූ සෑම රණවිරුවකු පිළිබඳව අප තුළ ඉමහත් ගෞරවයක් තිබෙනවා.මියගිය රණවිරුවන්, ආපදාවලට පත්වූ රණවිරුවන් ඒ සියල්ලන්ගේ පවුල්වල සුබසාධනය සඳහා අප විසින් රජයක් විදියට ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් අපි කිසිවිටකත් පැහැර හරින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකක කාල සීමාව මා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා වරප‍්‍රසාද, දීමනා පහසුකම් වැඩිකිරීම් රාශියක් අපි ඉටුකර තිබෙනවා. ඒ සියල්ල දුන් පමණින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජය විදියට කළ හැකි, කළ යුතු යුතුකම් අප විසින් සැම විටම ඉටුකරනු ලබනවා. ශ‍්‍රී ලංකා නාවික හමුදාවත් අපේ අනෙකුත් හමුදාවන් මෙන් නව තාක්ෂණය හා බද්ධ වී තිබෙනවා. අධි තාක්ෂණික ලෝකයේ නාවික කටයුතු, ජාතික හා කලාපීය ආරක්ෂාව ආදී සියලූ කටයුතුවලදී අධි තාක්ෂණික මෙවලම් සමග ඔබේ කය මනස වෙහෙසකරමින් ඔබේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම කැපවෙනවා.මගේ රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලසීමාව විදේශීය රාජ්‍යයන් මිත‍්‍ර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සංවිධානවලින් රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම් ගෞරවය ලබා ගැනීමට ගත හැකි පියවර රාශියක් මම ගනු ලැබුවා. විදේශ රාජ්‍ය නායකයන් සමග මම කතා කළා. ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා කළා. අපට වඩා සංවර්ධනයෙන්, තාක්ෂණයෙන්, යුද කටයුතුවලින් උසස් තත්ත්වයක සිටින රටවලින් අපේ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ප‍්‍රබල රාජ්‍යයන් විසින් නතර කරලයි තිබුණේ. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසුව නව රජයේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් ඒ රාජ්‍යයන්ට, ප‍්‍රධානීන්ට පැහැදිලි කිරීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා අද සහ ඉදිරි කාලයේදී නව තාක්ෂණික යුද උපක‍්‍රම ක‍්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ඒ රටවල් කටයුතු කර තිබෙනවා.අද මේ ස්ථානයේ ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඇමරිකානු තානාපතිතුමා සිටිනවා. විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා ඇමරිකානු රජය අපේ ත‍්‍රිවිධ හමුදාවලට නව විශේෂඥ පුහුණුවීම් ලබාදීම මේ වනවිට නැවතත් ආරම්භ කර තිබීම පිළිබඳව.නාවික හමුදා ක්ෂේත‍්‍රය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගත්විට ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ ඉතාම විශිෂ්ට තාක්ෂණික දැනුමක්. එම දැනුම අපේ නාවික හමුදාවට පුහුණුවීම් සඳහා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය අප සමග එකඟත්වය පළකරමින් ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයටත් අනෙකුත් අපිට ප‍්‍රධාන වශයෙන් පුහුණුවීම් ලබාදෙන ඉන්දියාව, පාකිස්තානය, චීනය, එංගලන්තය, ජපානය ආදී රටවල් සහ සහයෝගය දක්වන සියලූම විදේශීය මිත‍්‍ර රාජ්‍යයන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඉතාම විශිෂ්ට පුහුණුවකින් පසුව අද විසිර යන ඔබටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ මහජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම් ඉටුකරන්නට ඔබ සෑම කෙනකුටම ධෛර්යය, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා මා ප‍්‍රාර්ථනා කරනවා.ඔබට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් එය ලබාදෙන්නට රජය විදියට අපේ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.”පදක්කම් පැළඳවීමෙන් අනතුරුව මුල්ලිකුලම් වෙරළේ දී මැරීන් බලඇණියේ භට පිරිසක්  හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා නෞකා සහ කුඩා යාත‍්‍රා උපයෝගි කරගෙන විශේෂ සතුරු ආක‍්‍රමණ සංදර්ශනයක නිරත වූහ.මෙම උත්කර්ෂවත් අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා එහිදී පැළයක් රෝපණය කළ අතර මැරීන් බලඇණියේ වෙබ් අඩවියක් ද දියත් කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාර්, වන්නි සහ මන්නාරම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීහු  සහ  ඇමෙරිකානු  හමුදා ප‍්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.(ඉන්දිකා රාමනායක මන්නාරම මුල්ලිකුලම් සිට) ජායාරූප - ඉෂාන් සංජිව
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
(ආරියරත්න රණබාහු)අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 8 වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය අසළ රණවිරු ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසිනි.ජනාධිපතිවරයා මෙසේද කීය.අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පූජා කරමින් ත්‍රස්තවාදය අවසන් කරමින්, ජාතියේ නිදහස සහ නිදහස් සමාජයක් රට තුළ ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ රටේ 1948 සිට සෑම වසරකම පෙබරවාරි මාස 4 වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් දිනය ලෙස අප සමරනවා. 70 දශකයේ මැද භාගයේ ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පරාජය කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ ජීවිත පරිත්‍යාග කළ ආබාධිත වූ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් අද දවස ජාතික රණවිරු දිනය නමින් නම්කරලා අපි සමරනවා. රටක් වශයෙන් ගත්විට අපිට වසර දහස් ගණනක ඉතිහාසය පුරා ආක්‍රමණවලට මුහුණ දීමේ සහ ආක්‍රමණවලින් අපේ රට බේරාගැනීම පිළිබඳ අත්දැකීම් බහුලයි.1948 බි්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි 70 දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළේ ඒ යුද්ධය ඔබ අපි දන්නා පරිදි වසර 30 ක් පමණ ඇදී ගියා. අපි එවැනි යුද්ධයකට සූදානම්වී සිටි රටක් නොවෙයි. එහෙත් අපේ ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශය ඒ සඳහා වීරත්වයෙන් මුහුණ දුන්නා. ඇතැම් අවස්ථාවල අපේ තාවකාලික පසුබැසීම්  සිදුවුණා. ඇතැම් අවස්ථාවල අපට සිදුවුණා. අපේ රට දෙකඩවීම වැළැක්වීම සඳහා ඉන්දියාවට ආරාධනා කරන්න යුද සහාය ලබාගැනීමට ඉන්දීය යුද හමුදාව ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් අපේ රටට පැමිණියත් ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ. ඒ කාලසීමාව තුළ ත්‍රස්තවාදය පරාජය කරන්න. එහෙත් මේ මාතෘභූමියේ උපන් ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පූජා කරමින් අපේ මෘතෘභූමිය නිදහස් කරගන්න.මේ කාලසීමාවේ රණවිරුවන් සහ සිවිල් ජනතාව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මියගියා. ආබාධිත වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් අදත් ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ භාරකරුවන් සමඟ අපේ හමුදා සුබසාධන මධ්‍යස්ථාන තුළ සිටිනවා. යුද්ධය සිහිපත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථා අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඛේදනීය තත්ත්වයත් ඒ සියල්ල මැනවින් අධ්‍යනය කළවිට සැමවිටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියත් අද ඒ රණවිරුවන්ට ගෞරවය පිරිනමනවා.නව තාක්ෂණය තුළ ලෝකයේ දියුණු රටවල්වල තිබෙන යුධ උපක්‍රම ශිල්පීය ඥානයන් සමග උසස් ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් ලෙස ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජය විදියට සැමවිටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන්වී වසර අටකට වැඩියි. එම කාල සීමාව තුළ පසුගිය රජයත් මගේ රජයේ කාල සීමාවත් ගත්විට රණවිරු සුබසාධනය වෙනුවෙන් අප විසින් කරන ලද කාර්යයන් රාශියක් තිබෙනවා.ගෙවීගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජය රණවිරු සුබසාධනය සඳහා විශේෂ වරප්‍රසාද පහසුකම් දීමනා රාශියක් ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩලවගේම සුබ සාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වූ රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකැයි කියා කීමට පුළුවන් කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදියට ඉටුකර තිබෙනවා. නිවාස ඉදිකිරීම් සඳහා පසුගිය වසර ගණනාවක් තුළ තිබූ වැඩපිළිවෙළ අපි තව තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවෙසක් ලබා දීමේ ජාතික කාර්යය මේ වනවිට ඉටුකරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු සේවා අධිකාරිය තවත් පැත්තකින් මේ සඳහා තිබෙන විවිධ ආයතන අමාත්‍යාංශ, මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිත්‍යාගශීලීන් දානපතීන් සෑම කෙනෙක්ම මේ වගකීම යුතුකම නිසිලෙස ඉටුකරනු ලබනවා.ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය ආරක්ෂක හමුදා විවේචනය කරන අය ආරක්ෂක හමුදා සාමාජිකත්වය පිළිබඳව සැමවිටම විවේචන එල්ල කරමින් අපේ හමුදාව වැඩියි. ඉවත් කළ යුතුයි. කියා එවැනි චෝදනා කොතෙක් එල්ල කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නාවූ වගකීම දරන රජය සැමවිටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. අපේ අතීත අත්දැකීම් සමඟ අපේ අනාගතය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුවෙනවා.අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු පමණක් නොවෙයි මත්ද්‍රව්‍ය මර්දන පුළුල් ජාතික වැඩපිළිවෙළ පොලිසිය සමඟ එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලාඑන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට ඒම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතුවලදී ඔවුන්ගේ අංශවලින් පුළුල් මෙහෙයක් ඉටුකරනු ලබනවා. රටේ සංවර්ධන කාර්ය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් අපේ ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබනවා.පසුගිය වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම ඒ වගේම සාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම මෑත සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය මේ සියලු ආපදාවන්හිදී යුද හමුදාව පොලිසිය ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ කාර්යයේදී ඩෙංගු මර්දනය වැනි පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යෙදී සිටිනවා. ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ප්‍රමුඛ ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව පැහැදිලිව සඳහන් කරන්නට ඕන.අද දවස ජාතික රණවිරු උළෙලට එක්වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුදකරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කළ රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාත් රණවිරු අධිකාරියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතනත් සියල්ල දැක්වූ සියලු සහයෝගයන් අගය කරමින් ස්තුතිවන්ත වෙනවා. ජාතියේ නිදහස සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයත් සමග ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරියට යාමට රට බෙදෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ ගෞරවය මා පුදකරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.රණවිරු සේවා අධිකාරියේ සභාපති  අනෝමා ෆොන්සේකා මහත්මිය...කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමට දිවිදුන් රණවිරුවන් මෙන් අනෙකුත් සියලුම රණවිරුවන්ද ඔවුන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන් ද ඊට උරදුන් කොටස්කරුවෝ වෙති.මේ ශ්‍රී ලංකාද්වීපයේ සතර දිග්භාගයේම ගස්වැල් කොළ පැහැවී ප්‍රාණවත් වීමට ඒ උදාර රණවිරුවන් හෙලූ රුධිරයෙන් මේ ධරණිතලය පෝෂණය වී ඇත. රටපුරා ගලන ගංගා දිය ඇළි ඒ අභීත රණවිරුවන් හෙලූ දහඩියෙන් පෝෂණයවී අලංකාරවී ඇත. අප සැවොම ආශ්වාස කරන වායුව ඒ විරෝදාර රණවිරුවන්ගේ ජීව වායුවෙන් පෝෂණයවී ඇත. සමස්ත ජාතියටම නව ජීවයක් ලැබීමට ඔබගේ ඒ රණවිරුවාගේ අමිල වූ පරිත්‍යාගය උපකාරීවී ඇත.ඔබගේ සදාදරණීය රණවිරුවා මේ දේශය වෙනුවෙන් කළ ජීවිත පූජාව වෙනුවෙන් ශ්‍රී ලාංකික මුළු මහත් ජාතියේම කෘතගුණ ඔවුන්ට පිරිනැමේ. ශ්‍රී ලංකාවාසී අප ජාතිබේද කුලභේද නොසලකා සමගියෙන් දිවි ගෙවන සාමකාමී නිවහල් නිදහස් දේශයක දිවි ගෙවන වැසියෝ වන්නෙමු.අපගේ මෘතභූමියේ නිදහස දිනා දුන්නේ අපගේ අභීත රණවිරුවෝය. ඒ රණවිරුවන්ට නායකත්වය දුන් වීරෝදාර සෙන්පතියන් නරපතියන් කළ විශිෂ්ට කැපවීම හා උදාරවූ පරිත්‍යාගවල ප්‍රතිඵල අප අද භුක්ති විදින්නෙමු. ඒ උතුම් රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු භේද දුරලා අපි ඒකරාශී වෙමු.අටවැනි ජාතික රණවිරු උත්සවය ආවරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි ගිය දෙස් විදෙස් රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවල කැමරා ශිල්පීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම කළ බාධා නිසා ඔවුන් මහත් දුෂ්කරතාවකට සහ අපහසුතාවයකට පත්වී තිබේ.ඡායාරූප ශිල්පීන් යන යන තැනට ගිය ඔහු සහ ඔහුගේ අණලත් නිලධාරීන් ඒ කිසිදු ස්ථානයක සිට නිදහසේ අවශ්‍ය පරිදි ඡායාරූප ගැනීමට හෝ කැමරා ගත කිරීමට ඉඩ නුදුන් බව එම ශිල්පීහු පැවසූහ. ඔහුගේ නොයෙකුත් බාධා මැද අසීරුවෙන් තම කාර්යයේ නිරතවීම සිදුවු බවද ඔවුහු කීහ.රජයේ එක්තරා රූපවාහිනියක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශය කෙරෙන බවද එමගින් දර්ශන ගන්නා ලෙසද වරෙක ඔහු කියා ඇත.රූපවාහිනීවලට එසේ කළ හැකි වුවද නිශ්චල ඡායාරූප ගන්නා මුද්‍රිත මාධ්‍යවල ඡායාරූප ශිල්පීන් ඒවා ගන්නේ කෙසේදැයි විමසූවිට ඔහු නිරුත්තරවී ඇති අතර ඒවා තමන් නොදන්නා බවද කියා ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙම උත්සවය පැවතිවිට කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මෙම කටයුතු කර ගැනීමට හැකි වු බවද සිහිපත් කළ එම ඡායාරූප මාධ්‍යවේදී පිරිස මෙම නිලධාරියා වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු මහත් රජයම දෝෂාරෝපණයට ලක්කිරීම සඳහා මෙසේ කටයුතු කරන්නේදැයි සැක කරන බවද කීහ. 
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර  එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.අද (04)  කොළඹ ගාලු මුවදොරදී පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.වර්තමානයේ වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ 15% ක් පමණක් බවත් .පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් 85% ක් වන බවත් පැවසු ජනාධිපතිවරයා  මේව උඩු යටිකුරු කිරීමට  වහා කටයුතු කළයුතු බවත් සඳහන් කළේය.‘‘වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වන්නේ නැහැ.” යනුවෙන්ද පැවසු  ජනාධිපතිවරයා  මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 ක් ඉන්නවා. නව සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය 30% යි. එහෙත් විය එය සියයට 70% ක් වීමයි. වැරැද්ද රාජ්‍ය සේවකයන් අත නොව, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් හා නායකත්වයක් නොදීම යි” යයිද පැවසීය. 71 වන ජාතික දින සැමරුම් උලෙළ අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව  පහත දැක්වේ. ‘‘1948 පෙබරවාරි මස 04 වන දා අප දේශයට නිදහස ලැබුණේ අප දේශ හිතෛෂී විරෝධාර නායකයන් දිගුකලක් තිස්සේ විදේශ පාලනයට එරෙහි ව දියත් කළ ජාතික නිදහස ලබා ගැනීමේ සටනේ ප්‍රතිඵලයක් වශයෙනි.1815 දී අපට නිදහස අහිමි වන අවස්ථාවේ දී ම යටත් විජිත පාලනයට එරෙහි ස්වාධීන නැගිටීම් ආරම්භ වූයේ වාරියපොළ ගෞරවණීය සුමංගල ස්වාමින් වහන්සේ විසින් ඉංග්‍රිසි ධජය පහත හෙලූ අවස්ථාවේ පටන් ය. 1818 විමුක්ති සටන ද, 1848 විමුක්ති සටන තුළින් ද, ආයුධ සන්නද්ධ සටන්වලින් විදේශීය හමුදා පරාජය කිරීමට දැරු උත්සහය ව්‍යර්ථ විය.පෙබරවාරි 04 වනදා යනු අප රටට නිදහස ලැබුණු දිනයයි. ඊට අමතරව එම දිනය සැමරීම  නිදහස වෙනුවෙන් කැපවූ සහ දිවි පිදු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිතවල ආත්මීය ගුණ සුවඳ නැවත මතකයට නංවන දිනයයි. ඒ 1505 සිට 1948 දක්වාත්, ඒ වගේම වසර 30 කට ආසන්න මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ සියලු රණවිරුවන් ද එම වීරයන් අතරට අයත් වේ. අප හමුවේ ඇති අභියෝග අතර විදේශ බලපෑම් සහ අතපෙවීම්වලට ද මුහුණදීම ප්‍රධානය. 1948 ට පෙර තිබු ආක්‍රමණශිලි විදේශ බලවේගවලට වඩා වෙනත් මුහුණුවරකින් ඒවා දැන් පැමිණ තිබේ. තවදුරටත් නිදහස් දිනය සැමරුම යනු අප රටට ලෝක දේශපාලන සිතියම තුළ නිදහස් ස්වෛරි සහ ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයක් ලෙස නැගී සිටීම සංකේතවත් කරන දිනය පමණක් ම නොවේ. එනම් නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණු අතරට රටේ නිදහස වෙනුවෙන් කැප වු වෙහෙස වූ දිවිපිදු ජාතික විරුවන් සහ යුද බිමේ දී දිවිපිදු අතුරදන් වූ සහ අභීතව සටන් කළ යුද විරුවන් සිහි කිරීම ඔවුන්ට ජාතියේ කෘතවේදිත්වය සහ ගෞරවය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ආරක්ෂක අමාතයාංශය යටතේ පවතින යුද, නාවික, ගුවන් හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට හා ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් සහ දීමනා ගෙවීමට මේ වන විටත් අවශ්‍ය තීරණ ගෙන ඇත. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට මෑතකදී එක්වූ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරුවන්, ආබාධිත රණවිරුවන් හට ද එසේම එය ක්‍රියාත්මක වේ. නිදහස යන සංකල්පයේ පරාසය සීමා මායිම් ඉක්ම වූ අවකාශය දක්වාම දිවයන්නකි. එනම් භූමියේ නිදහසේ සිට මානව නිදහස ඔස්සේ නූතන යුගයේ මුහුණු පොත භාවිතා කිරිමට ඇති නිදහස දක්වාම එය විහිදේ. 21 වන සියවසේ දෙවන දශකයේ අගභාගයේ සිටින අප, රටේ නිදහස හා ජාතික නිදහස සමරන අද වැනි දිනක, නව මානයකින් හා විවෘත මනසකින් නිදහස තුළ අන්තර් ගතවන පුළුල් වූ සංකල්පය හොදින් අවබෝධ කර ගනිමු යැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.නිදහස යන සංකල්පය කිසිදු මිම්මකින් හෝ නිර්නායකයකින් මැනිය නොහැකි අතර වර්තමානය වන විට නිදහස යන සංකල්පයට බද්ධ වන කිසිදු ක්‍රියාවලියක් පැහැදිළි නිර්වචනයකට ලක් කර විග්‍රහ කළ නොහැකි තරමට එය සංකීර්ණ වී ඇත.ජාතික මට්ටමේ ප්‍රශ්න නැතහොත් ජාතික අභියෝග එකින් එක මේවා යැයි විස්තර කිරීමට මෙය අවස්ථාවක් නොවේ. එහෙත් අප ද ඇතු`ථව අප රටේ අතීතයේ සිටි සියලු නායකයින් එක ලෙස වගකිව යුතු 30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැන ද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පුර්ණ දේශපාලන විසඳුමකට පැමිණිමට අපට නොහැකි වීම කනගාටුවට කරුණකි.හේතු කුමන ආකාරයේ වුවත්, වගකිව යුත්තන් කවුරුන් වුවත් අප රට සහ ජනතාව මීට දශක ගණනාවක සිටම අපේක්ෂා කළ ආර්ථික සංවර්ධනය රටට ළගාකර දීමට දේශපාලන නායකයන් ලෙස අප සියලුදෙනා අසමත් වී ඇත.ආර්ථික සංවර්ධනය යන මාතෘකාව යටතේ අත්හදා බැලීම් කරමින් ඒ තුළින් වැරදි නිවැරදි කර ගනිමින් මන්දගාමී ආර්ථික ක්‍රියාවලියක නිරතවීමට තවදුරටත් රටේ ජනතාව සූදානම් නැත. රටට නායකත්වය දෙන දේශපාලන නායකයන් මෙය ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනයට රුකුලක් වන ආකාරයට පාසල් අධ්‍යාපනයේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ, වෘත්තීය හා කාර්මික අධ්‍යාපනයේ මූලික ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව හා 21 වන සියවසේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සිදු කිරීම ඉතා අත්‍යාවශ්‍ය කාර්යයකි. විශේෂයෙන්ම 21 වන සියවසේ නූතන ආර්ථික සංකල්පය වන දැනුමේ ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය හා ඩිජිටල් ආර්ථිකය වැනි නව ආර්ථික සංකල්ප එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව ක්‍රියාවට නැංවීමට අප ක්‍රියා කළ යුතුය. ලෝකයේ බොහෝ ආර්ථික විද්‍යාඥයන් 21 වන සියවසට ලබා දෙන අන්වර්ථ නාමය වන්නේ ආසියාවේ සියවස යන්නයි. ඒ අනුව ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධනය ඉතා වේගයෙන් සිදුවන මෙම වකවානුව එහි නිසර්ග වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනාගත ආසියාවේ නිපුණ ශ්‍රම වෙළෙඳපොළ වෙත නිපුණ ශ්‍රමිකයන් හා වෘත්තිකයන් සපයන ප්‍රධාන රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට අප සියලුදෙනා කටයුතු කළයුතුව ඇත. 2015 වසරේ අප ප්‍රධාන දේශපාලන පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූ බව ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. එයින් අප රටට විශාල සේවයක් සිදුවූවා. එහෙත් කළ යුතුව තිබු බොහෝ දේ අප නොසලකා හැර තිබෙනවා. එමෙන් ම නොකළ යුතු දේ ද කළා. 2015 වසරේ සිට මා උත්සාහ කළේ නැවුම් සංවර්ධන අත්දැකීම් සමග නැවුම් දේශපාලන ගමනකට අවතීර්ණ වීමට යි. සෑමවිටම ජනතාව තම වගකීම ඉටු කර තිබෙනවා. එහෙත් බලයට පත් වූ බොහෝ ආණ්ඩු කළේ ජනතා අපේක්ෂා බිඳීමයි. ජනතා පරමාධිපත්‍යයේ සැබෑ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව අද පිරිහී තිබෙන බව අපි දන්නවා. පාර්ලිමේන්තු සභා ගැබ තුළදී පොලිස් නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ලවන්නටත්, සඟවා ගත් පිහි කැබිලි එළියට එන විටත්, ජනතාවගේ මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරු පරිහරණය කරන සම්පත් විනාශ කිරීමටත් පෙළඹී ඇත්තේ මොනතරම් සහසික ලෙස ද, අද සමාජයේ පිරිහීම පෙන්නුම් කරන ප්‍රධාන කැඩපතක් ලෙස ජනතාව පාර්ලිමේන්තුව දකිනවා. රටක නායකත්වය යමෙකුට ලැබෙන්නේ එම රටේ ජීවත්වන සියලු පුරවැසියන්ට විශේෂයෙන් දුගී, දුප්පත් අසරණයන්, වැන්දඹුවන්, සරණාගතයන්, ආබාධිතයන් ළමයින්  හා කාන්තාවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් යන සුවිශේෂිත කොටස් පීඩනයෙන්, සූරා කෑමෙන් හා වෙනත් බන්ධනයන්ගෙන් මුදවා සමාජ ආර්ථික, අධ්‍යාත්මික හා බුද්ධිමය නිදහස ලබා දීමටයි. දශක කිහිපයක්ම වාර්ගික අර්බුදයට විසදුම් සෙවීමට සෑම ආණ්ඩුවක් ම කාලය ගත කළා. එයට ප්‍රමුඛතාවය දුන්නා. විසඳුම් සෙව්වා. ඒ නිසා රටේ ආර්ථිකයට විසඳුම් දීම යට ගියා. ප්‍රමුඛව කවුරුත් සාකච්ඡා කළේ ජනවාර්ගික අර්බුදය පිළිබදව යි. ආර්ථිකය මූලික වශයෙන් ගෙන සාකච්ඡා කර එයට ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ණය බර හා විරැකියාව යන දෙකටම අද අපට විසඳුම් නැහැ. ප්‍රශ්න දෙකම උග්‍රයි.ජනවාර්ගික ප්‍රශ්නය හෝ ආර්ථික ජයග්‍රහණ යන දෙකම අප ලබා නැහැ. ලෝකයේ සියලු රටවල් කතා කරන භාෂාවන් 6,000 කට වැඩි බව ඔබ දන්නවා. ඒයින් අපේ රටේ භාවිතා ව්නනේ භාෂා තුනයි.  ඒ සියලු දෙනාම එකම මනුෂ්‍යයින් බව අප අමතක නොකළ යුතුයි. උතුරේ ජනතාව වඩාත්ම නිදහස්ව ජීවත් වුයේ ගෙවී ගිය සිව් වසරේ දී වන බව මාගේ විශ්වාසයයි. අප නිදහස ලබා ගෙවුණු කාලයේ අඩකට වැඩි කාලයක් තුළ  එම නිදහස සැබෑ ලෙසම භූක්ති විඳීමට ඔවුන්ට නොහැකි වුණා.ජාතික සමඟිය සහ සංහිඳියාවට උපහාස, අපහාස නොකොට එහි බැරූරුම් තත්ත්වය අප හඳුනාගත යුතුයි. අප සිටින්නේ අළු වලින් වැසුණු ගිනිගොඩක බව අප අමතක නොකළ යුතුයි.අපි පළාත් සභා පිහිටුවා වසර 30 කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15 ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85 ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළයුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 ක් ඉන්නවා. නව සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සියයට 30 යි. එහෙත් විය යුත්තේ එය සියයට 70 ක් වීමයි. වැරුද්ද රාජ්‍ය සේවකයන් අත නොව, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් හා නායකත්වයක් නොදීම යි.යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳ මා මාධ්‍ය තුළ දැක්කා. එක් මන්ත්‍රිවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් දුරට සදාචාරාත්මක ද කියන කාරණය මෙහිදී විමසිය යුතු වෙනවා. ඇමතිකම් වැඩිකිරීමේ අරමුණ සහ මන්ත්‍රී ඇමතිකම්වලට වැඩි පහසුකම් දීම පමණක් එයින් සිදුවන බවකුයි මා දකින්නේ. මාධ්‍ය තුළ දුටු ආකාරයට නම් යෝජිත ජාතික ආණ්ඩු අදහසට මා තරයේ ම විරුද්ධ වෙන බව මෙහිදී කිව යුතුයි.අද තනි පක්ෂයක් ආණ්ඩුවක් කිරීමෙන්  ඇමති මණ්ඩලය තිහකට සීමා වෙනවා නම් එය ජනතාවගේ ප්‍රාර්ථනයක් ලෙසයි මා විශ්වාස කරන්නේ. රටෙන් ඔබට සිදුවිය යුතු වගකීම් සහ යුතුකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර ඔබෙන් රටට සිදුවිය යුතු යුතුකම් ඉටුකිරීමට අදිටන් කර ගත යුතුයි. අපට මොනවද දෙන්නේ, අපට මොනවාද ලැබෙන්නේ යන එක බොහෝ අය අහන ප්‍රශ්නයක්. එහෙත් රට වෙනුවෙන් වගකීම් සහ යුතුකම් කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගත යුතුයි.70 වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ගමන්ගත් මග අත්කොට දී ඇත්තේ නිසි තිරසර භෞතික හා මානව සංවර්ධනයක් නොවන බව දැන් අප පසක් කර ගනිමින් සිටිනවා. රටේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා කෙරුණත් ජනගහනයෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් සාපේක්ෂ දිළිඳු බවෙන් පෙළෙනවා. මෙම ජන කොටසේ දෛනික ආදායම රුපියල් 1000 ට අඩු බවක් පේනවා. කුඩා ළමුන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පහත වැටුණු අපගේ අපනයන ආදායම් වහා වැඩි කිරීමේ අවශ්‍යතාවය ඔබ අප දන්නවා. ලෝකය ඩිජිටල් ආර්ථිකයට ගමන් කරමින් සිටින අවධියක අප තවම රටට අවැසි ඥානය ළඟා කර ගැනීමේ අරගලයේ එළිපත්තේ සිටින්නේ. ආර්ථික ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව මේ වනවිට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්  මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තිබෙනවා. මා විශ්වාස කරන ආකාරයට රටක පවතින සංවර්ධනය මැනිය යුත්තේ පවතින මහේශාක්‍ය ගොඩනැගිලි, අධිවේගී මාර්ග හෝ අනේක විධි පාරිභෝගික භාණ්ඩ විකුණනු ලබන වෙළෙඳපොළක පැවැත්ම මත නොවේ.පරිසර සංරක්ෂණය ප්‍රමුඛ තිරසර සංවර්ධනය අපේ අත් පොත විය යුතුයි. දශක 7 ක් තිස්සේ අප දේශපාලනය ලෙස හඳුනාගෙන ඇත්තේ මෙවන් දැක්මකින් යුතු රට පාලනය කිරීමක් නොව ඥාති සංග්‍රහය පරම චේතනාව කොට ගත් බඩ වඩා ගැනීම හෝ ගොඩවඩා ගැනීමේ දේශපාලනයයි. ඒ නිසාම අද වනවිට දුෂණය මැඩලීම වේවා, මත් උවදුර මැඩලීම ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබෙනවා. නමුත් අද අපට අවැසි ව ඇත්තේ බොරු ජනතාවාදය නොව අවංක හා දුර දක්නා නුවණින් කෙරෙන පැහැදිලි රාජ්‍ය පාලනයක්. එලෙස ම ගොඩනංවන පොදු දැක්ම තුළ අපි ස්වදේශීකත්වය සුරැකීමට මෙන් ම වර්තමානයේ අප හමුවේ යථාර්ථයක් ව පවතින ගෝලීයකරණ අභියෝග ජය ගැනීමට හැකිවිය යුතුව තිබෙනවා. ඒ වගේ ම 2015 සිට පැහැදිලි ලෙස ම සම්පූර්ණයෙන් ම භිෂණය අපි ඉවත් කළා. එය අපි ජයග්‍රහණය කළා. දූෂණය ඉවත්කිරීම නම් කොතරම් දුරට සිදුවූවාද යන්න ගැටලුවක්. අවංක දේශපාලනඥයින්ගේ හිඟයක් මා දකිනවා. ඒ අනුව අදින් අරඹෙන 71 ක් වන නිදහස් ජාතික සැමරුම තුළ අපි අධිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමයි. ශ්‍රී ලාංකික සමාජය යහපත් සහජීවනයෙන් හෙබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙනයාමයි.ඒ තුළ දුගී භාවය පිටුදකින සියල්ලන් එකතු කරගත්තා වූ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමයි. දේශපාලනික අරාජික භාවය පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුලන හා සංවරණ ක්‍රමයක්ද ඡන්ද ක්‍රමයක් ද හඳුන්වා දීමයි.රාජ්‍ය පාලනය සඳහා කුසලතාවාදය හඳුන්වාදීම අත්‍යවශ්‍ය දෙයක්. රට තුළ දුෂණය අක්‍රමිතතාවය හා නාස්තිය සහමුලින් පිටුදැකීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.ඒ සඳහා අපි සියලු දෙනා කැපවිය යුතුයි. මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු රට තුළ මුල් බැසගත් කළු ආර්ථිිකයට පණපොවන සියලු ජාවාරම් අනීතික කටයුතු අප විසින් පරාජය කළ යුතුයි. රටේ අනාගතයේ හිමිකරුවන් වන තරුණ පරපුර නවොත්පාදනයට පොළඹවනු වස් ඒ සඳහා සානුබල සපයන පරිසරයක් ගොඩනැගීමෙහිලා තාක්ෂණික අධ්‍යාපනය, ප්‍රාග්ධනය, යටිතල පහසුකම් ලබාදීම අපි වහ වහා කළ යුතුයි. උගතුන් පිරි ජාතියක් බවට පත් කරන්න අපේ  අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කඩිනම්ව කළ යුතුයි. මා 2016 දී කී පරිදි සංස්කෘතික දරුවා සහ තාක්ෂණික දරුවා රැකගැනීම හා පෝෂණය කිරීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වෙනවා. කිසි දා බෙදෙන්නේ නැති කිසිම දවසක බිඳින්න බැරි රටක් තුළ එකම ධජයක් යටතේ එකම දේශයක් හැටියට සියලුදෙනාම එක හා සමානව ජීවත්වන්නට අවශ්‍ය පසුබිම අප සැකසිය යුතුයි. අප එකට සිටිය යුතුයි.30 වසරකට ආසන්න යුද්ධයෙන් මියගිය රණවිරුවන්, ආබාධිතයන් හා ඒ අයගේ පවුල්වල අය, විශිෂ්ට ශ්‍රේෂ්ට සෑම රණවිරුවෙක්ම මා නැවත නැවතත් සිහිපත් කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකික රණවිරුවන් දෙදෙනෙක් පසුගිය සතියේ මියගියා. ඔවුන්ගේ අභාවය පිළිබඳව මාගේ කනගාටුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා වගේම ඔවුන්ට මුළු මහත් ජාතියේ ප්‍රණාමය පුදකරනවා. හෙළ මියැසියට කුමාරතුංග මුනිදාසයන් ලියූ නිසඳැසේ අරුත අපගේ මෙම ගමන් මඟට ආලෝකයක් ලබාදෙනවා. එනම්  මා දෙස හෙළ දෙස.., මා රැස හෙළ රැස..., මා බස හෙළ බස..., මෙය මගෙ හිස මත. අප විසින් ගොඩනගා ගත යුතු අනාගත දැක්මේ හරය එය විය යුතුයැයි මා විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ 71 ක් වන නිදහස් උලෙළ  ඉතාමත් සාර්ථක ව සංවිධානය කළ ස්වදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ප්‍රධානීන්, සියලු රාජ්‍ය නිලධාරීන් ද මීට අනුග්‍රහය දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනවලට මගෙ ස්තූතිය පිරිනමමින් ජාතිය හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට අපි සියලු දෙනා එකට සිටිමු.ස්තූතියි (36698)
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)(පරිවර්තනය - කෝවිද ගුණසේකර)සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද අතැතිවය. මූලෝපායික නොවන සම්පත් වහාම විකුණා දමා ඩොලර් බිලියනක් උපයා ගැනීම එවැනි එක් පියවරකි. ඒ යටතේ සම්පත් හයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ අවධානය යොමුව ඇත. ඉදිකිරීම් කටයුතු නිම වෙමින් තිබෙන හයාට් හෝටලය, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහ කොළඹ හිල්ටන් හෝටලය ඉන් හතරකි. අනෙක් දෙක විකිණීම සදහා සිදුකළ යුතු කටයුතු සම්පාදන මේ වන විට අවසන් අදියර කරා ළගා වෙමින් පවතී. රජයේ ආරංචි මාර්ගයකට අනුව එම කටයුතු, පෙර සදහන් කළ හතරෙහි කටයුතු වලට වඩා වෙනස්ය.චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග හම්බන්තොට වරාය අරබයා ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමෙන් ඩොලර් බිලියනයක් උපයා ගැනීම තවත් පියවරකි. ඉදිරි දින දහයක කාලය ඇතුළත ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කරන බව රජයේ නායකයෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසූහ. එහෙත් රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තවමත් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් ප‍්‍රකාශයක් සිදුකර නොමැත. හම්බන්තොට වරායට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යන්නේ යැයි රජය නිවේදනය කළ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් වූ විවිධ කරුණු අධ්‍යයනය කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල උප කමිටු වල කි‍්‍රයාකාරීත්වය හමුවේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ගිවිසුමේ කෙටුම්පත අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. කැබිනට් හමුව පැවැත්වෙන්නේ සතියේ අගහරුවාදා දින වුවද, ගෙවුණු සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටි හෙයින්, කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නොපැවැත්වීමේ අඩුපාඩුව සපුරනු වස් මෙම සතියේ රැස්වීම දිනයකින් ඉදිරියට ගැනීම සිදුවිය. හම්බන්තොට වරාය ගිවිසුම අරබයා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුගේ අමාත්‍ය සගයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග වාග් සංග‍්‍රාමයක පැටලී සිටින්නේය. පහත දැක්වෙන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක ප‍්‍රධානීත්වය හෙබවූ අමුණුගමට යැවුනු ලිපියකි.’‘ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා 2017 පෙබරවාරි 24 වැනිදා ඉදිරිපත් කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමෙහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මාගේ විමර්ශන සහ අදහස් පහත දැක්වේ.‘‘1. මා හට ලබාදී ඇති වරාය පිළිබද වන අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට වරාය පැවරෙන්නේ පෞද්ගලික සමාගමකටය.ඇති කිරීමට යෝජිත එම පෞද්ගලික සමාගම වෙනම වරාය අධිකාරියක් ලෙස කටයුතු කරනු ඇත.මෙයට මා එකග නැත.2. මට ලබාදී ඇති අවබෝධතා ගිවිසුමෙහි හම්බන්තොට වරාය නැවත පවරාදීමක් ගැන සදහන් වන්නේ නැත. එහෙත් පෙර අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එහි පර්යන්ත සම්බන්ධයෙන් ඇතිකරගත් රාජ්‍ය - පෞද්ගලික ගිවිසුම් වල, එවැනි කොන්දේසි අන්තර්ගත විය.මෙය යෝජිත ගිවිසුමේ ඇති බරපතළ හිඩැසකි.3. මාගේ දැනීමට අනුව වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් තැබිය නොහැකිය.4. චීන සමාගමට සියයට 80 කුත්, වරාය අධිකාරියට සියයට 20 කුත් හිමිවන පරිදි වරාය බෙදා දීමට ගිවිසුමෙන් නිර්දේශ කර තිබීම ගැන මා හට එකගවීමට නොහැකිය. එයට හේතුව වන්නේ පළමු වසර 20 ඇතුළත හම්බන්තොට වරාය ඉහළ ලාබ ලැබිය හැකි තත්ත්වයට පත්කළ හැකි බැවිනි. මේ නිසා මම යෝජනා කරන්නේ වරායේ හිමිකාරීත්වය සියයට 65 ක් චීන සමාගමකටත්, සියයට 35 ක් වරාය අධිකාරියටත් හිමිවන සේ ගිවිසුම සංශෝධනය විය යුතු බවටය. යෙදවීමට යෝජිත ආයෝජනය සැළකිල්ලට ගැනීමේ දී වරාය අධිකාරියට හිමිවන කොටස අඩු කළ නොහැකිය.5. වසර 99 ක සහනයක් ගැන අවබෝධතා ගිවිසුමෙහි සදහන්ව තිබීමෙන්, පෙර සපයන ලද තාක්ෂණික නියාමන වාර්තා සැළකිල්ලට ගැනීමක් සිදුව නොමැති බව පැහැදිලිය. ඒ නිසා මෙම කාලය සීමාව පහත දැමිය යුතුය. ව්‍යාපෘතිය අවසානයේ කිසිදු අමතර ගෙවීමකින් තොරව සියලූ නිශ්චල දේපළ වරාය අධිකාරියට අයත් විය යුතුය.6. ඉදිකිරීම් සදහා වැය වන මුදලින් සියයට 80 ක් ව්‍යාපෘති බාර සමාගම ගෙවිය යුතුය. එහෙත් මෙහිදී ඉඩමෙහි වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත. එහෙත් අවබෝධතා ගිවිසුමට ඉඩමෙහි වටිනාකමද එකතු කර ඇත. මෙය නිවැරදි නොවන බැවින් සංශෝධනයක් සිදුවිය යුතු බව මාගේ අදහසයි.7. ජාතික ආරක්ෂාව කඩවන අයුරින් කටයුතු සිදුවුවහොත් ගැනෙන පියවර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොමැත. ජාතික හා කලාපීය ආරක්ෂාව සැළකිල්ලට ගෙන, හම්බන්තොට වරාය දැනට රටේ පවත්නා නීතිමය ව්‍යුහයට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතුය.8. ඉඩමේ ප‍්‍රමාණය අඩු කළහොත් ගෙවන මුදල ද අඩුවනු ඇති බව මෙහි සදහන්ය.  එහෙත් සමාගම එකගත්වය පළකර තිබෙන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අදියර 1 සහ අදියර 2 සදහා පමණක් මුදල් ගෙවීමටය. මේ අනුව සැළකූ විට ඉඩමේ ප‍්‍රමාණයට ගෙවන මුදල හා සමාගම ගෙවීමට එකගත්වය පළකර තිබෙන මුදල අතර සම්බන්ධයක් නොමැත. එමෙන්ම ඉඩමේ වර්තමාන වටිනාකම සහ අනාගත වටිනාකම පිළිබද ඇගයීමක් ද සිදුව නොමැත.9. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් වනු ඇති බවට අවබෝධතා ගිවිසුමෙහි තැන් කිහිපයකම ඉගි පළකර ඇත.ඒ හමුවේ වරායේ මුළු වටිනාකම ලෙස ව්‍යාපෘතියේ වටිනාකම වන මෙම ඩොලර් බිලියන 1.4 ගෙනහැර දැක්වීම නිවැරැුදි නොවේ. එම සදහන ඉවත්විය යුතුය. මුලූ වටිනාකම ගණනය කිරීම සදහා ආර්ථික හෝ වෙළෙද මට්ටමින් තක්සේරුවක් සිදුව නොමැත. ව්‍යාපෘතිය දියත් කෙරෙන භූමියේ මූලෝපායික වශයෙන් ඇති වැදගත්කමද මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.10. අවබෝධතා ගිවිසුමට අනුව බදු පැනවිමේ බලය ලබාදී ඇත්තේ පෞද්ගලික සමාගමටය. මෙම කාර්යය පෞද්ගලික සමාගමක ට පවරා දීම කොළඹ වරායට විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට, සහ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට බලවත් තර්ජනයක් වනු ඇත. (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වරාය ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ නොගන්නා අතර, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත පමණක් එම ගාස්තු හදුන්වාදීම සිදුකරයි)11. මාගම්පුර වරාය කළමනාකරන සමාගමට බදවාගනු ලබන සේවකයන්ගේ රැකියා සුක්ෂිතභාවය පිළිබද සදහනක් නොමැත. අනාගතයේ ඇතිවිය හැකි ගැටලූ වළක්වාගැනීම සදහා ඒ පිළිබද සදහනක් එකතු කිරීම වැදගත්ය.12. හම්බන්තොට වරායේ තෙවැනි අදියර දැනට සීමාවන්නේ සංකල්පයකටය.මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදුවිය යුතු නිසා, එවැනි සංකල්පයක් අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීමේ හැකියාවක් නැත. සමාගම ගෙවීම් සිදුකරන බව සදහන් කර ඇත්තේ ද අදියර 1 සහ අදියර 2 ට පමණකි.මේ නිසා අදියර 3 පිළිබදව ඇති සදහන ගිවිසුමෙන් ඉවත් කළ යුතුය.13. අක්කර 100 ක කෘති‍්‍රම භූමිය හම්බන්තොට වරායට අයත් කොටසක් නොවේ.එම භූමිය ව්‍යාපෘතිය බාර සමාගමට පවරා දෙන බවට අවබෝධතා ගිවිසුමෙහි සදහනක් ඇත.එවැන්නක් සිදුකළ නොහැකිය.14. පෞද්ගලික සමාගමකට වරාය අධිකාරියේ බලතල පවරාදිය නොහැකිය. තෙවැනි පාර්ශවයකට හෝ එළෙස බලය පවරාදීමක් සිදුකළ නොහැකිය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතුව පවතින ඇතැම් සුවිශේෂී සේවා පෞද්ගලික සමාගමකට පවරා දිය නොහැකිය.15. ගිවිසුමට අදාළ වන ඇතැම් ඇමුණුම්, අමුණා නොමැති අතර ඒ නිසා සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.රණතුංගගේ මෙම ලිපියට අමුණුගමගෙන් ද ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇත. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහටය. අමාත්‍ය රණතුංග නීතිපතිවරයා සමගද වාදයක පැටලී සිටින අතර, තමා ඉල්ලා සිටි පරිදි කඩිනමින් නීති උපදෙස් සහ අවවාද ලබාදීමට නීතිපතිවරයා කටයුතු කළේ නැතැයි ඔහු නගන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත. පෙර අවස්ථාවක ඔහු ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති නෛතික පසුබිම නීතිපතිවරයාගෙන් විමසා සිට අතර, නීතිපතිවරයා ඔහුට දැනුම්දුන්නේ වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් කිරීම අරබයා කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය ගැටලූවක් නොමැති බවය.මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමත්, හම්බන්තොට වරාය අවබෝධතා ගිවිසුමක් හරහා ලබාගන්නා මුදල් මේ වන විට ඩොලර් බිලියන 5.4 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති මූල්‍ය පිරිවැය පියවා ගැනීමට සෑහෙනු ඇතැයි රජයේ විශ්වාසයයි. මුදල් උපයා ගැනීමට අනුගමනය කිරීමට යන්නේ යැයි රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලයට දැනුම්දී ඇති අනෙක් පියවරන් අතර, ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් ඩොලර් මිලියන 650 ක මුදලක් ලබාගැනීම, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම, සහ වෙළෙදපොළෙන් සිදුකරන ඍජු මිලදී ගැනීම් වලින් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ප‍්‍රධානය. එහෙත්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත නැවතත් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් මුදල් උපයා ගැනීම දළ ජාතික සංචිතයන් ශක්තිමක් කරගැනීම සදහා භාවිතා කළ හැකි කි‍්‍රයාමාර්ගයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. වෙළදපොළෙන් කෙරෙන සෘජු මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද අනතුරු අගවා ඇති මූල්‍ය අරමුදල, එසේ කළහොත් රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇතැයි පවසා තිබේ.විමර්ශනය අවසානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස නිකුත් කළ ප‍්‍රකාශයට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික පරිහානියට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය ද ප‍්‍රධාන හේතුවක් බව ඔවුන් පිළිගෙන තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදී ඇති අමතර අරමුදල් පහසුකමක් මත රටේ ආර්තික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන ආකාරය විමර්ශනය කිරීමට මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණි අතර, අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හමුවට ප‍්‍රථමයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි නියෝජිතයන් හමුවීමට වොෂින්ටන් නුවර බලා යනු ඇතැයි දැනගන්නට ඇත.නියගයත්, ඒ හමුවේ බරපතළ ලෙස හානියට පත්ව ඇති වී නිෂ්පාදනයත්, නියගයේ වාසිය තමන් වෙතට හරවාගත් ඇතැම් පිරිස් කි‍්‍රයාත්මක කරමින් සිටින සහල් මාෆියාවත් හමුවේ රජය අවසානයේ අවදිව සිටින බවක් පෙනෙන්නට ඇත. ඉදිරි යල කන්නයේ සහ 2017 2018 මහ කන්නයේ අත්විදීමට සිදුවිය හැකි අනතුර කල්තියාම හදුනාගෙන ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට සූදානම් වීමේ පියවරක් ලෙස වී බීජ බුසල් ලක්ෂ 250 ක ප‍්‍රමාණයක් මිලයට ගෙන ගොවියන් අතර බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සදහා රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර වී මිලයට ගැනීම සදහා වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල රුපියල් බිලියන පහකි.සාමාන්‍යයෙන් කන්නයකදී හෙක්ටයාර ලක්ෂ අටක පමණ ප‍්‍රමාණයක් අස්වද්දන නමුත් නියගය නිසා 2016-2017 යල කන්නයේ අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර ලක්ෂ තුනක ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මේ නිසා වී බීජ නිෂ්පාදනය අවදානම් තත්ත්වයක පවතින බව හදුනාගෙන ඇති ඔහු, 2017 යල කන්නය ඉලක්ක කර සුදුසු ප‍්‍රදේශවල බීජ ගොවිපොළවල් ආරම්භ කිරීමට සැළසුම් තිබේ. අමාත්‍යවරයා මෙසේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ජීවන වියදම සම්බන්ධයෙන වන කැබිනට් උප කමිටුව, ප‍්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ රජය වී කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් වෙනුවෙන් හදුන්වාදී ඇති මුදල නැවත සළකා බැලීමකට ලක්කරමින් සිටින අවස්ථාවකය. එම සළකා බැලීම සිදුවන්නේ තාවකාලිකව හෝ වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමිය හැකිදැයි අධ්‍යයනය කිරීම සදහාය.අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ශී‍්‍ර ලන්කන් එයාර්බස් ඒ 350 - 900 ගුවන්යානා කල්බදු ගෙවීම් අවලංගු කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාවයි.මෙම කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය පිළිබද සවිස්තර තොරතුරු පසුගිය 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය. ශී‍්‍ර ලන්කන් කළමනාකාරීත්වය තමන් දැනුම්වත් කිරීමකින් තොරව මුදල් අමාත්‍යාංශය හා කටයුතු කර ඇතැයි හකීම් චෝදනා කළේය. පෙබරවාරි 21 වැනිදා මේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූයේ හෂීම්ගේ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් උප කමිටුවක් පත්කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවටය.මෙම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එයාර්බස් ගුවන්යානා තුනහි ඇණවුම් අවලංගු කිරීම නිසා සිදුවූ අගතියට සහනයක් ලෙස ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙත ගෙවීමට මින් පෙර එකගත්වය පළව තිබූ ඩොලර් ලක්ෂ 1540 ක මුදල ගෙවීම, දැනට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර තිබේ. ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය, ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගිවිසුම් ඇතිකරගත් ඩෙන්මාර්ක සමාගමක් වන අර්කැප් සමාගමට ගෙවා ඇති, ප‍්‍රමාණය මේ දක්වාම අනාවරණයව නොමැති මුදල ද, පෙර අවස්ථාවක තැන්පත් කරන ලද ඩොලර් ලක්ෂ 75 ක් වන ආරක්ෂිත තැන්පතුව ද, ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 1540 ක මුදලට අයත් නැත. මුල් අවස්ථාවේ සියලූම සාකච්ඡුා සිදුව ඇත්තේ අර්කැප් සමාගම සමග වන අතර, හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගෙවීම් ලෙස එම සමාගම හා එකගතාවට පැමිණ තිබී ඇති මුදල වන්නේ ඩොලර් ලක්ෂ 980 කි.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් හා ශී‍්‍ර ලන්කන් අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ශී‍්‍ර ලන්කන් පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ ශී‍්‍ර ලන්කන් ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේය. ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කැබිනට් උප කමිටුව ගෙවීම් වල වෙනස්වීමක් සිදුව ඇත්තේ කෙසේදැයි සහ එසේ කිරීමෙන් රටට අලාබයක් සිදුව ඇතිදැයි සොයා බලනු ඇත.මෙම ගුවන්යානා ඇණවුම් කර ඇත්තේ මෙම රජය නොව පැවැති රජය බවද සදහන් කළ යුතුය.ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව නිර්දේශ කර ඇත්තේ වඩා අඩු ගෙවීමකි. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටු හමුවක් අවසානයේ ලිපියක් යවමින් සිදුකර තිබෙන දැනුම්දීම මෙවැනිය.‘‘ ඉතා දීර්ඝ සාකච්ඡාවකින් පසු ඩොලර් ලක්ෂ 750 - 800 සීමාව අතර මුදලක් ගුවන්යානා තුනෙහි ඇණවුම් අවලංගු කිරීමේ සහන මුදල ලෙස ගෙවීම සදහා සාකච්ඡුා කර එකගතාවකට පැමිණීමේ අවසරය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වෙත ලබාදීමට තීරණය විය. 2016 සැප්තැම්බර් නව වැනිදාට ප‍්‍රථමයෙන් එකගතාවක් ඇතිකරගත යුතු විය. මාධ්‍ය අවධානය මෙයට යොමු නොවිය යුතු බවටද තරයේ අවවාද කෙරිණි.‘‘මෙහි අවසන් වගන්තියෙන් පැහැදිලි වන්නේ සහන මුදල් ගෙවීම රහසිගතව සිදුකිරීමට අවශ්‍ය වූ බවද? රත්වත්තේ  ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මසය.එනම් මෙම ලිපිය යවා මසකට පමණ පසුවය.පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු,  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත 1996 ලෝක කුසලානය දිනූ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අතට මුදල් සහ රජයේ ඉඩමක ඉදිකෙරෙන සුඛෝපබෝගී නිවාස සංකීරණයක නිවාස ලබාදීමට අවශ්‍ය අවසරය ලබාගනු වස් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හරහා ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව පිළිබද තොරතුරු හමුවේ යම් කතිකාවකත් ඇතිව තිබේ. ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය වූ හෙයින් ඉදිරිපත් කළ පළමු කැබිනට් පති‍්‍රකාව ඉල්ලා අස්කරගත් බවත්, පසුව දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවත්, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එසේ දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන ලෙස තමාට කිසිවකුගෙන් වත් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, තමාම එය ඉදිරිපත් කළ බවත් ඔහු කීවේය.ඉදිරියේ එන සති කිහිපය රජයට අතිශයින්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දුන් සහතික සහ පොරොන්දු වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු හා ගෙවීම් රජය හමුවේ ඇති ප‍්‍රධාන කාර්යභාරයි. ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී. තවත් කරුණක් වන්නේ මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමෙන් අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය ගෙන ඇති තීරණයයි. මෙය විපක්ෂයට උණු කැවුම් වැනි මාතෘකාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් එසේ යැයි කියා රජය කලබල විය යුතු තත්ත්වයක් ද නැත. මන්ද, විපක්ෂයට තවමත් ප‍්‍රබල හඩක් නැගීමට තරම් ශක්තියක් ළගා කරගැනීමට නොහැකිව ඇති නිසාය.රජය නව කෙටුම්පතකට එකග වෙයි - ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් හිමිවන ලකුණු2014 ජගත් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාවලියට අනුව වඩාත් ශක්තිමත්ව කටයුතු දියත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටී.මෙම අවසරය ලබාදෙන නව යෝජනාවලියක් ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාවේ මැදිහත් වීමෙන් මෙම මස අග භාගයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මාර්තු 22 වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.ඉහත සදහන් කළ අනුග‍්‍රාහකයන් ලබාදී තිබූ මෙම යෝජනාවලියට අදාළ කෙටුම්පත පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවූ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ අදහස් විමසීමකට යොමු කරනු ලැබූ අතර එහිදී එක්ව සිටි සියලූ දෙනාගේ අනුමැතිය ඊට හිමිවිය. ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප්, බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් ප‍්‍රධාන වශයෙන් මෙම අදහස් විමසීමට එක්ව සිටි අතර, ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතාගෙන් ද එක් එක් අවස්ථාවල දී අදහස් විමසිණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුණු අතර, ඔහු වෙනුවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ සදහා තම සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේය. කෙටුම්පත සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමෙන් අනතුරුව ජනපති අනුමැතිය ලබාගැනීම සදහා එය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉරිදා සන්ධ්‍යාව වන විට යොමු කිරීමට අගමැති වික‍්‍රමසිංහ කටයුතු කළේය.පහත දැක්වෙන්නේ එහි සම්පූර්ණ පිටපතකි.‘‘ ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.‘‘‘‘ දෙක කොටස යටතේ‘‘මානව හිමිකම් කවුන්සිලයමානව හිමිකම් පිළිබද විශ්වීය ප‍්‍රකාශනයෙන්, මානව හිමිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති සහ වෙනත් අදාළ කටයුතු මගින්, සපයනු ලබන මාර්ගෝපදේශනය යටතේ් කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අරමුණ සහ ප‍්‍රතිපත්තීන් එලෙසම පවත්වාගන්නා බව නැවත සහතික කරමින්ද,2015 ඔක්තෝබර් පළමුවැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු අංක 30 රැු1 දරන ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද යෝජනාවලිය (නව) නැවත සහතික කරමින්ද,2012 මාර්තු  22 වැනිදා, 2013 මාර්තු  21 වැනිදා සහ 2014 මාර්තු 27 වැනිදා, පිළිවෙළින් අංක 19/2, 22/1 සහ 25/1 යටතේ ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලීන් සිහිපත් කරමින්ද,සමස්ත ජනගහණය මත බලපැවැත්වෙන පරිදි මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමත්, මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස තහවුරු කිරීමත්, සාමාජික සියලූ රාජ්‍යයන් අත ඇති වගකීමක් බව නැවත සහතික කරමින්ද,ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ හෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති කැපවීම නැවත සහතික කරමින්ද,2016 පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය සහ 2016 අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (නව) ශී‍්‍ර ලංකා සංචාරය ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 නොවැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවූ සංවිධානාත්මක හෝ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන්වීම් පිළිබද සේවා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා සිදුවූ සත්‍ය හා යුක්තිය සුරක්ෂිත කිරීම, වන්දි ගෙවීම් සහ නැවත ගැටුම් ඇති නොවන බවට දුන් සහතිකයන් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ  ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා සිදුවූ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය වාර්තා කිරීම සදහා පැමිණි විශේෂ වාර්තාකරුවාගේ සහ වද දීම් සහ වෙනත් දරුණු, අමානුෂික සැළකීම්, නොසළකා හැරීම් සහ දඩුවම් කිරීම් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ඒකාබද්ධ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ඔක්තෝබර් 10 සිට 20 දක්වා සිදුවූ සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් වන ගැටලූ විමර්ෂණය කිරීම සදහා පැමිණි විශේෂ වාර්තා කරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 ඔක්තෝබර් 1 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට අනුව අදාළ පියවර ගැනීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කිරීම අගය කරමින්ද, වඩා වැඩි ප‍්‍රගතියක් අත්වන පරිදි එම කටයුතු දියත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව හදුනාගනිමින්ද,1. අංක 30 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියෙන් ඉල්ලා තිබූ පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අතිශයින් කෘතඥවෙමින්ද, 30 රැු 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් කර ඇති ඉල්ලීම පිළිගනිමු.2. ශී‍්‍ර ලංකා රජයත්, ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයත්, 2015 ඔක්තෝබර් සිට මේ දක්වාම පවත්වාගෙන යනු ලබන ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතාවද, ඒ සමගම වෙනත් විශේෂ පාර්ශවකරුවන් සමග පවත්නා එවැනිම වූ සම්බන්ධතා, ගෞරවාන්විතව පිළිගනිමින්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සදහා මෙම සම්බන්ධතා එළෙසම පවත්වාගැනීමට අනුබල දෙන්නෙමු.3. ශී‍්‍ර ලංකා රජයේ උපදේශනයට සහ අවබෝධයට යටත්ව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම ශක්තිමත් කිරීම සදහා වන උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමේ කි‍්‍රයාවලිය තවදුරටක් ශක්තිමත් කරන ලෙස මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් සහ වෙනත් විශේෂ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.4. මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලියට අනුව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සදහා සිදුකර ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඉදිරියටත් විමර්ශනය කරන ලෙසත්, ඒ පිළිබද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිමු.නිල නොවන මට්ටමින් පැවැති සැසියේ දී දේශනයක් සිදුකරමින් ඔබාමා පරිපාලනය යටතේ පත්වීම් ලැබූ නියෝජ්‍ය සහයක ලේකම් එරින් බාක්ලේ පවසා සිටියේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කළ මුල් පාර්ශවකරුවන් මැදිහත්ව බවය.කෙටුම්පත සකස් කිරීමේ දී ශී‍්‍ර ලංකා රජයේ උපදේශනය ද ලබාගත් බව ඔහු කීවේය.‘‘අපි දන්නවා මේ කියන දේවල් ඉතාම සංකීර්ණ බව.රජය සැළකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව ඇත්ත. ඒත් තව බොහෝමයක් දේ සිදුවිය යුතුව තිබෙනවා. අංක 30 1 යෝජනාවලියේ කිසිදු කරුණක් වෙනස් කර නැහැ. අපි අනුග‍්‍රාහකයන් කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය සමග ඉතා සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද ඉදිරිපත් කරන මෙම කෙටුම්පත එහි ප‍්‍රතිඵලයක්.‘‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා, මෙම නව යෝජනාවලියට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහත්වය දක්වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.සාකච්ඡාවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත පිරිස් අවධාරණය කර සිටියේ අන්තර්ජාතික ප‍්‍රජාවද නියෝජනය වන අංගයක් ඇති වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බවය. දෙමුහුන් අධිකරණයක් ලෙස එය හදුන්වාදීමෙන් ඔවුහු වැළකී සිටියහ.එක්සත් ජාතීන්ගේ විවිධ අංශ සමග ශී‍්‍ර ලංකාව දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම  ඕස්ටේ‍්‍රලියාවේ අගය කිරීමට ලක්විය. සංහිදියාව ඇති කිරීමට ගෙන ඇති පියවර වලින් සිදුව ඇති ප‍්‍රගතිය ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නා නමුත් තවත් සිදුවිය යුතුව ඇති දේ බොහෝමයක් තිබෙන බවත්, එරට නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට කි‍්‍රයාකාරී සැළැස්මක් තිබිය යුතු බවටත්, එය කාලානුරූපීව, සැළසුම් සහගතව සිදුවන අයුරු එම සැළැස්මේ දැක්විය යුතු බවටත්, යෝජනාවලියෙන්ම නිර්දේශයක් ඉදිරිපත් විය යුතුව තිබෙන බව ස්විට්සර්ලන්තයේ අදහස විය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදීත්, සවිස්තර වාර්තාවක් 2019 මාර්තු පැවැත්වෙන 40 වැනි කවුන්සිල සැසිවාරයේදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇතැයි, යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණද, ඒ වන තෙක් නොසිට කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනාවලියේ ප‍්‍රගතිය පිළිබද මුඛ්‍ය අදහස් දැක්වීමක් සිදුකිරීම සුදුසු බව කැනඩා නියෝජිතයාගේ අදහස විය. ඒ අනුව අදාළ සංශෝධන සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.නවසීලන්තය - 2014 යෝජනාවලියේ අන්තර්ගතය සමග නව යෝජනාවලිය අනුගත විය යුතුය.අංක 34 1 කෙටුපතෙහි ඇති නිර්දේශ පිළිගනිමු.ජපානය - යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාව කැපවිය යුතුය.ප‍්‍රගතියක් දැකිය හැකි මුත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන දේ බොහෝය. මේ සදහා සම අනුග‍්‍රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය.යුරෝපා සංගමය - මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිගනිමු. වගවීමේ යාන්ත‍්‍රණයට අන්තර්ජාතික ප‍්‍රජාව නියෝජනය වන අංගයක් ඇතුළත් වීම ඉතාම වැදගත්ය. යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමට ශී‍්‍ර ලංකාව එකගත්වය පළකර තිබීම ප‍්‍රශංසනීයය.අයර්ලන්තය - සංහිදියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද සෑහීමකට පත්විය නොහැකිය. සංහිදියා කි‍්‍රයාවලිය වඩා කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළත් වන පරිදි යෝජනාවලි කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමු.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
1
ආර්ථිකමය හා දේශපාලනමය ගැටලූ හමුවේ සැළසුම් කරගෙන සිටි කිසිවක් ඒ අයුරින් කි‍්‍රයාවට නැංවීම රජයට තවදුරටක් නොහැකි වන බවක් පෙනෙන්නට ඇත.එසේ කි‍්‍රයාත්මක කිරීමට නොහැකිව ඇති සැළසුම් අතරින් ප‍්‍රධාන වන්නේ සියයට 11 ක සිට 15 ක් දක්වා වැට් බද්ද ඉහළ දැමීමය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් හමුවේ එම සැළැස්ම හකුලා ගැනීමට රජයට සිදුවිය.පළමු තීන්දුවේදී එළෙස වැට් බදු හඳුන්වාදීම නීති විරෝධීයැයිද, දෙවැනි තීන්දුවේදී වැට් බදු කෙටුම්පත පාර්ලිමෙන්තුවට හඳුන්වාදුන් කි‍්‍රයාපටිපාටිය දෝශ සහගත යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත් කළේය.මේ හමුවේ රජය දැන් සිටින්නේ වැට් බදු කෙටුම්පත නැවත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමෙන්තුවේ උපදෙස් ලබා ගනිමින්ය.මේ සම්බන්ධයෙන් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව නව වැට් බදු කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට තරම් එකමුතුවක් එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර නැත.දැනට සකස් කර තිබෙන වැට් බදු කෙටුම්පත සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇත්තේ දැඩි විරෝධයකි.එහි අන්තර්ගතය වහාම වෙනස් කළ යුතුව ඇතැයි එම පක්ෂයේ මතයයි.ආන්දෝලනයට තුඩුදී ඇති ගල්අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන්ද ඇමැතිවරු සාකච්ඡා කළෝය.ඇමැති සියඹලාපිටිය කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ටෙන්ඩරය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව ඉදිරියේ මනාව විමර්ෂණයට ලක්කර අවසන් තීරණයක් ගැනීම සුදුසු බවය.පසුගියදා පැවැති හමුවකදී රජයේ ඇමැතිවරු 2016 වසරේ මේ දක්වා තම තමන්ගේ කාර්යසාධනය විශ්ලේෂණය කළහ.එහිදී පැහැදිලි වූයේ බොහෝ ඇමැතිවරුන් සහ ආයතනයන් අයවැයෙන් ඔවුන් වෙත ලබාදී ඇති මුදල් අදාළ සංවර්ධන කටයුතු සදහා යොදවා නොමැති බවය.එළැඹෙන වසර වන විට 2016 වසර සදහා වන සියලූ ගනුදෙනු අවසන් කර අලූත් පිටුවක් පෙරළීමට රජය සූදානමින් සිටින හෙයින්, වහාම ඉතිරිව ඇති මුදල් නිසි පරිදි ව්‍යාපෘති හා වෙනත් සංවර්ධන කටයුතු සදහා යොදවන ලෙස එම ඇමැතිවරුන්ට හා ආයතනයන්ට දැනුම් දෙනු ලැබිණ.මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් නියමිත පරිදි මුදල් යෙදවෙන්නේදැයි සොයාබැලීම සදහා දෛනික ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන ලෙසත් තවදුරටත් ඇමැතිවරුන් දැනුම්වත් කිරීම සිදුවිය.මෙම ප‍්‍රගති සමාලෝචන හමුවලට අමාත්‍ය ලේකම්වරුන්, වෙනත් නිලධරයින් සහ වෙනත් කොටස්කරුවන් ආදියද සහභාගී විය යුතු බවද දැනුම්දෙනු ලැබිණ.දැනට කි‍්‍රයාත්මකව තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇත.බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන්පථ නැවත ඇතිරීම හා ඒ හා බැඳුනු වෙනත් සංවර්ධන කටයුතු සදහා වන ව්‍යාපෘතියකට රජය අවසරය ලබාදුන්නේ පසුගිය මසදී ය.චීන සමාගම් කිහිපයකට හිමිවුනු මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකා ඩොලර් 48 600 402.52 කි.කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ශී‍්‍ර ලංකා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, චයිනා නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින්ග් ගෲප් (සීර්ටීඅයිසී) සහ ෂැන්ග්හයි නිව් ඒරා ඩිසයිග්න් ඇන්ඩ් රීච් ඉන්ස්ටිටියුට් කොම්පැනි ලිමිටඩ් සමග මෙම කටයුතු සම්බන්ධයෙන් වන වෙළඳ ගිවිසුමකට එළැඹීමට නියමිතය.ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සහ අමාත්‍යංශ ලේකම්වරයා මැදිහත්ව, අදාළ චීන සමාගම් මත නිසි පරිදි බදු පැනවෙන බව හා ගිවිසුම්ගත පරිදි සේවා සැපයෙන බව තහවුරු කිරීමට හැකිවන පරිදි එම ගිවිසුමට කරුණු එක් කිරීමට කටයුතු කළ යුතු බවද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ගුවන්පථ නැවත ඇතිරීමේ කටයුතු වලට අවස්ථාව සළසා දෙනු වස් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල ලබන ජනවාරි මස පස්වැනිදා සිට තෙමසක කාලයක් වසා තැබෙනු ඇත.සියලූම ගුවන්ගමන් රාති‍්‍රයේ පමණක් සිදුවනු ඇත.මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ඩොලර් ලක්ෂ 140 ක අතිරේක ණයක් ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියේය.දැනට මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටින කොන්ත‍්‍රාත්තුකරුවන්ට, එම මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් එම ඉල්ලීම් ප‍්‍රකාරව සිදුකෙරෙන සංවර්ධන කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතුයැයි විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවකින් නිර්දේශ කර ඇතැයි ඔහු කීවේය.චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුව දැනට ශී‍්‍ර ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු වල දෙවැනි අදියර වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5000 ක මුදලක් ලබාදී ඇත.මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදුවන්නේ තෝරාගෙන ඇති මාර්ග වල ප‍්‍රමුඛතාවය මත පදනම්වය.සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ කොන්ත‍්‍රාත්කරුවන් 22 නෙකුට අවස්ථාව ලබාදී තිබේ.මෙම ව්‍යාපෘතියෙන් සියයට 10 ක බරපැන දරන්නේ ශී‍්‍ර ලංකා රජයයි.මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන හෙයින් වෙන්කර ඇති මුදල එම ඉල්ලීම් සපුරාලීමට සහ ප‍්‍රධාන සංවර්ධන කටයුතු වල යෙදවීමට ප‍්‍රමාණවත් නොවන නිසා මෙසේ අතිරේක මුදල් ලබාගැනීමට සිදුව තිබෙන බව කිරිඇල්ල වැඩිදුරටත් පැහැදිලි කළේය.ව්‍යාපෘති සැළැස්මේ මුලින් සඳහන්ව තිබුණේ කිලෝමීටර 601.34 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීම සහ පාලම් 44 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම වුවත් ව්‍යාපෘතිය අවසන් වන විට කිලෝමීටර 626.28 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනයව, පාලම් 73 ක් ප‍්‍රතිසංස්කරණයව තිබෙනු ඇතැයිද, ඇතැම් මාර්ග ද්විත්ව පථ පිහිටන පරිදි හා මුල් සැළැස්මේ නොතිබූ ව්‍යායාම් මංතීරු, උද්‍යාන ආදිය තිබෙන පරිදි, නව සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබෙන බවද ඇමැතිවරයා පැවසුවේය.සංහිදියා යාන්ත‍්‍රණය සම්බන්ධීකරණය කෙරෙන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා රුපියල් ලක්ෂ 1660 ක් වෙන් කිරීමේ යෝජනාවකටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.මෙම යෝජනාව ඉදිරිපත් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වූ අතර, කාර්යාලය ඇති කෙරෙනු පසු එය කි‍්‍රයාත්මක වනු ඇත්තේද ඔහු යටතේය.එහි කාර්යභාරය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අගමැතිවරයා, සම්බන්ධීකරණ කාර්යාලය සංහිදියාව අදාළ සියලූම යාන්ත‍්‍රණයන් සම්බන්ධව අවධානයෙන් සිටිනු ඇති බවත්, එම කටයුතු හා සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරනා පාර්ශවයන් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත් පැවසුවේය.මනෝ තිත්තවෙල මහතා මෙම කාර්යාලයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය.මෙවන් තීරණයක් ගැනීමට හේතුවද පැහැදිලි කළ අගමැතිවරයා ජනවාරි මස 8 වැනිදා රටේ සිදුවූ වෙනසත් සමග සංහිදියාට වැඩි තැනක් ලැබී තිබෙන බවත්, අන්තර්ජාතික ප‍්‍රජාවද ශී‍්‍ර ලංකාවේ සංහිදියාව පවත්වාගැනෙන ආකාරය පිළිබදව උනන්දු බවත් කියා සිටියේය.එසේ හෙයින් එම කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට මෙවැනි කාර්යාලයක් පිහිටුවීම සුදුසු බව ඔහු කීවේය.කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස පත් කිරීමට සැළසුම් කර ඇත්තේ ඒ.ඒ.දයානන්ද මහතාවය.ඔහුට ගෙවීමට නියමිත මාසික වැටුප රුපියල් 175000 කි.වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමෙන්තුද මෙම කාර්යාලය හා සම්බන්ධ වනු ඇත.මහින්ද රාජපක්ෂ හිතවාදීන් කණ්ඩායමක් ආසන සංවිධායක ධූරයන්ගෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය වඩාත් කි‍්‍රයාකාරීව සිටින්නේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමකද නිරත විය.‘අපේ සංවිධායකයෝ ගොඩක් දෙනා මගෙන් ඇහුවා පක්ෂ සම්මේලනය ඉදිරියේ එන හින්දා මොකද කරන්නේ කියලා.මම එයාලට කිව්වා තම තමන්ගේ බල මණ්ඩල හමුවෙලා උපදෙස් ලබාගන්න කියලා.දැන් මට ඒ අය දැනුම්දීලා තිබෙනවා පක්ෂ සම්මේලනයට සහභාගී වෙන්නේ නැති බව.පක්ෂයේ නායකත්වය ගැන ඒ අයගේ කිසිම පැහැදීමක් නැහැ.ඔක්කොම එක්සත් ජාතික පක්ෂයටනේ දෙන්නේ.‘ ඔහු පැවසුවේය.පක්ෂ සංවිධායකයින් ඉවත් කිරීම සහ නව දේශපාලන පක්ෂයක් තනා ගතහොත් සියලූ දෙනාගේ රහස් හෙළි කරන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ තර්ජනය සම්බන්ධයෙන් ද සන්ඩේ ටයිම්ස් රාජපක්ෂගේ අදහස් විමසා සිටියේය.‘හැම කෙනාටම රහස් තියෙනවානේ.මොකක්ද මේ අය කියන මේ රහස?‘ යැයි ඔහු පැවසුවේය.මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි සිරිසේන, වංචනික ගනුදෙනුවක නිරතව ඇතැයි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍යවල පළව තිබූ වාර්තා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ‘ඔය දිට්ඨදම්මවේදනිය කර්මය පලදීලා‘ යැයි කීවේය.මෙම චෝදනා ජනපති සිරිසේන තරයේම ප‍්‍රතික්ෂේප කළේය.ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි වලට අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම්වත් කිරීමටද ජනපති සිරිසේන කටයුතු කර ඇත.බදාදා යෙදීමට නියමිත මලයාසියා සංචාරයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය ගැන ක‍්‍රමවත් අධ්‍යනයකින් පසු කරුණු දක්වන බව රාජපක්ෂ පැවසුවේය.‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දැන් කැබිනට් මණ්ඩල හමුවලට සහභාගී වෙන්නේ නැති එක ගැන කවුරුත් කතා කරනවා.හැබැයි එක්කෙනෙක් නම් ඒ ගැන කිසිම කතාවක් නැහැ.මෙහෙම දෙයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේම වෙලා නැහැ.‘ ඔහු කීවේය. රජපක්ෂ මෙම අදහස් පලකළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජපක්ෂ හිතවාදී ආසන සංවිධායකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ මතය විමසීමට ඔහු පත් කළ කමිටුව, පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත රැස්වීමෙන් පසුවය.මහින්ද රාජපක්ෂ යටතේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම සුදුසු බව එම කමිටුවේ මතය විය.මෙම දේශපාලන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ වෙනත් නමකින් පෙනී සිටිනු ඇත්දැයි දැනට පැහැදිලි නැත.නව පක්ෂයක් පිහිටුවීම පිළිබද අවසන් මතය ගැනුනේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ රාජපක්ෂ හිතවාදී පක්ෂ සාමාජිකයන් හා බලමණ්ඩලයන් සැප්තැම්බර් හතර වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමුලූවට සහභාගීවීමෙන් වැළකී සිටීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුවය.පොදු පෙරමුණක් තැනීමට අනෙක් පක්ෂද එක් කර ගත යුතුයැයි කමිටුවේ අදහස විය.පාර්ලිමෙන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය දැනට පවත්නා අයුරින්ම කි‍්‍රයාත්මක වනු ඇති බවද කමිටු සාමාජිකයෝ පැවසූහ.සැළකිය යුතු පිරිසකගේ අදහස වන්නේ නව දේශපාලන පක්ෂයේ ආගමනය සැප්තැම්බර් මස හතරවැනිදාම සිදුවිය යුතු බවය.මෙම නව දේශපාලන පක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමෙන්තුවේ සැළකිල්ල ලැබිය යුතු බවද, පිරිස් බලයෙන් විශාල වන හෙයින් ප‍්‍රධාන විපක්ෂය ලෙස නම් කළ යුතු බවද, ඔවුහු පවසන්නෝය.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඇති කිරීමට නියමිත කාර්යාලය අරබයා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතී.එයට අදාළ පණතට ජනතා විමුක්ති පෙරමුණේ නිර්දේශයන්ද එක් කිරීමට දැන් රජය එකගතාව පලකර තිබේ.පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා විවාදයක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබීම මෙයට හේතුව විය.මෙම කරුණ මුල් කරගෙන, පණත පාර්ලිමෙන්තුවේ සම්මත වීම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමටද ඇති හැකියාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.ඊට අමතරව මෙම පණත සම්මත කරගැනීම නිසා අත්විදීමට සිදුවනු ඇති භයානක තත්ත්වයන් පිළිබදව ජනතාව දැනුම්වත් කරනු වස් කුඩා පරිමානයේ ජන හමු පැවැත්වීමටද ඔවුන් සැළසුම් කරමින් සිටී.ඒකාබද්ධ විපක්ෂයේ මෙම කටයුතු ජනපති සිරිසේනට රහසක් නොවේ.නමුත් තම ඉදිරි සැළැස්ම සම්බන්ධයෙන් ඔහු රහසිගත පිළිවෙතක් අනුගමනය කරනු දැකගත හැකිය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෛනික රැස්වීම් වලින් ඔහු සෑහෙන තරමකට ඉවත්ව සිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ.ඒ වෙනුවට පැජට් පාරේ තම නිවසට වී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සමග ඔහු රහසිගත සාකච්ඡා පවත්වමින් සිටීම හමුවේ මෙම කතාබස් වලට තටු ලැබී ඇති සෙයකි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් දෙක අතර ඇතිව තිබෙන අර්බුදය, විශේෂයෙන් රාජපක්ෂ හිතවාදීන් වෙනම පක්ෂයක් තනාගැනීමට ගෙන ඇති තීරණය හමුවේ තවත් දරුණු වනු ඇති බවට සැකයක් නැත.ඒ කෙසේවුවත් කුරුණෑගල පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට මෙය ගැටලූවක් නොවනු ඇත.දිවයින පුරා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කුරුණෑගලට ගෙන්වා ගැනීමට දැනටමත් පක්ෂ සංවිධායකයින් අදාළ සැළසුම් සකස් කරමින් සිටී.ගැටලූව වන්නේ පක්ෂයේ බෙදීමය.මහින්ද හිතවාදී කණ්ඩායම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කළහොත් ඒ සම්බන්ධ නීතිමය කි‍්‍රයාමාර්ග වල යෙදෙමින් කාලය ගතකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයට, එනම් ජනපති සිරිසේනට, සිදුවීම හමුවේ, රාජපක්ෂ පාර්ශවය තවත් ශක්තිමත් වනු ඇත.පක්ෂ සමුලූව පැවැත්වීමට ඇත්තේ තව සතියක්ය.එසේ තිබියදීත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හමුවේ ඇත්තේ දැවැන්ත අර්බුදයක්ය.විදෙස් විනිමය ගනුදෙනු සදහා අගමැතිගෙන් නව නීතියක්පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩලය විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කැරෙන, එම කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට වැඩි වගකීමක් හිමිවෙන, එම කටයුතු භාර මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස මහ බැංකුව හදුනාගැනෙන, විදෙස් විනිමය පාලන කෙටුම්පත බලාත්මක කැරෙන කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලබාදුන්නේය.මෙම කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කළේ අගමැති වික‍්‍රමසිංහය.පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.නුදුරේදීම මෙය ගැසට් කැරෙනු ඇත.විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට සහ යාමනය කිරීම සදහා මෙම පණතෙහි අන්තර්ගතය අනුව කි‍්‍රයාත්මක වීමේ වගකීම මහ බැංකුව සහ ඒ සම්බන්ධ විෂය ක්ෂේත‍්‍රය භාර ඇමැතිවරයාට හිමිවේ.මෙම කටයුතු සදහා අදාළ විෂය ක්ෂේත‍්‍රයට අනුයුක්ත කර සිටින ලේකම්වරයාද, ඉහත සදහන් කළ ඇමැතිවරයාට සහය ලබාදෙනු ඇත.විශේෂයෙන් පණතෙහි අන්තර්ගතය කි‍්‍රයාත්මක කිරීම සදහා මගපෙන්වනු ඇත.එම ඇමැතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇත්තේ මහ බැංකුවයි.එය පණත ප‍්‍රකාරව අදාළ පියවර ගනු ඇත.බලයලත් ගනුදෙනුකරුවකු මාර්ගයෙන් හෝ බලපත‍්‍රයක් ලබාදී ඇත්නම් එහි වලංගු කාලසීමාව ඇතුළත හෝ හැර කිසිදු පුද්ගලයකුට ශී‍්‍ර ලංකා මුදල් හා වත්කම්, විදේශ විනිමය බවට හැරවීමටත්, එම විනිමය භාවිතයෙන් ගනුදෙනු වල යෙදීමටත් අවසර නොමැත.මෙය විදෙස් රටවල ඇති ශී‍්‍ර ලංකාවට අයත් සම්පත් සම්බන්ධයෙන්ද අදාළය.මෙරට හෝ විදේශයක, විදෙස් මුදල් ගනුදෙනු වන ගිණුම් හිමි ශී‍්‍ර ලංකා ජාතිකයකු, එම මුදල් ලබාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා රුපියල් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති සම්පත් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති යම් සේවාවක් මාර්ගයෙන් හෝ නොවේනම්, බලයලත් ගනුදෙනුකරුවකු හෝ බලපත‍්‍ර මාර්ගයෙන් හෝ එම මුදල් උපයාගෙන නොමැති නම්, එවන් මුදලක් ශී‍්‍ර ලංකාවේ හෝ පිටත ගනුදෙනු සදහා යොදාගැනීමේ අවසරය හිමිය.බලපත‍්‍රයෙහි සදහන් කාල සීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට බලයලත් පුද්ගලයින් පත්කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.ඔවුනට කටයුතු කිරීමට සිදුවන්නේ මහ බැංකුවේ රෙගුලාසි හා කොන්දේසි මතය.විදෙස් විනිමය ගනුදෙනුවක යෙදීමට බලාපොරොත්තු වන පුද්ගලයකුගෙන් එම ගනුදෙනුවේ ස්වභාවය පිළිබද විමසා සිටීමේ අවසරය බලයත් ගනුදෙනුකරුවන්ට හා බලපත‍්‍ර කාලසීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධ කටයුතු වල යෙදීමට අවසර ඇති පුද්ගලයින්ට හිමිය.මෙය සිදුවන්නේ එම ගනුදෙනුව මෙරට කි‍්‍රයාත්මක නීති ප‍්‍රකාරව සිදුවන්නේදැයි සොයා බැලීමටය.පණත ප‍්‍රකාරව කිසිදු පුද්ගලයකුට ස්ව කැමැත්තට විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට කිසිදු අවසරයක් නොමැත.ශී‍්‍ර ලංකා පුරවැසියකුට හෝ ශී‍්‍ර ලංකාවේ සිටින පුද්ගලයකුට,ශී‍්‍ර ලංකාවට භාණ්ඩ ආනයනය හෝ ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීමේ අවසරය හිමිය.නමුත් ගනුදෙනු සිදුවිය යුත්තේ ශී‍්‍ර ලංකා රුපියල් වලින්ය.මෙරට හෝ පිටත විදෙස් විනිමය තබාගැනීමේ අවසරය හිමිය.විදේශයක ඇති සම්පත්, එම රටෙහි භාවිතා වන මුදල් වර්ගයට හරවන ලද ශී‍්‍ර ලංකා රුපියල් වලින් හෝ එම මුදල් වර්ගයට හරවන ලද මෙරට ඇති සම්පත් වලින් හෝ අත්පත් කරගැනීමේ අවසරය හිමිය.මෙම කටයුතු සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති හා රෙගුලාසි, සහ සීමා ආදිය සම්බන්ධයෙන් පණතෙහි වැඩිදුර කරුණු අඩංගුය.මහ බැංකුව එහි බලය පවරන පුද්ගලයින්ට  ඕනෑම අවස්ථාවක බලයලත් ගනුදෙනුකරුවන් හෝ බලපත‍්‍ර හිමි පුද්ගලයින් හෝ යෙදී සිටින විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කළ හැකිය.බලයලත් ඇමැතිවරයා විශේෂ විමසුම් කමිටුවක්ද පත් කරනු ඇත.එහි සාමාජිකයන් වනු ඇත්තේ පහත සදහන් අයය.විශ‍්‍රාමික ශ්‍රේෂඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් - කමිටු සභාපතිරාජ්‍ය හෝ පෞද්ගලික ක්ෂේත‍්‍රයන්ගේ ජ්‍යේෂ්ඨ කලමණාකරන කටයුතු වල නියැලී අත්දැකීම් සහ ගෞරවයක් හිමිකරගෙන සිටින අන්තර්ජාතික වෙළදාම් සහ විනිමය ගැන මනා අවබෝධයක් ඇති පුද්ගලයින් දෙදෙනෙක් - කමිටු සාමාජිකයන්කමිටුවෙන් තනි වාර්තාවක් හෝ එක් එක් කමිටු සාමාජිකයාගෙන් වෙන වෙනම වාර්තා විෂය භාර ඇමැතිවරයාට ලබාදිය හැකිය.12 වැනි වගන්තිය ප‍්‍රකාරව විදෙස් විනිමය ගනුදෙනු වල යෙදුණු පුද්ගලයකු පණතෙහි කරුණු උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇත්නම් එම ගනුදෙනුවට අදාළ වන මුලූ මුදල ගෙවිය යුතුය.එවන් ගනුදෙනුවක යෙදී ඇත්තේ සමාගමක් නම් එහි සියලූම අධ්‍යක්ෂකවරුන්, සාමජිකයන් සහ එම සමාගමේ කොටස්කරුවන්, එම නියමිත මුදල ගෙවීමට බැදී සිටින්නේය.විමසුම් කමිටු අදහස් සැළකිල්ලට ගනු ඇති මූල්‍ය මණ්ඩලය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනු ඇති ඇමැතිවරයා කිසියම් විදෙස් විනිමය ගනුදෙනුවක් ශී‍්‍ර ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හානි ගෙන දේ නම් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ගනු ඇත.මෙසේ පියවර ගැනෙනු ඇත්තේ අදාළ ගනුදෙනුව සිදුව මාස හයක් ඉක්මවීමට ප‍්‍රථමයෙනි.මෙම පණත ප‍්‍රකාරව කටයුතු කෙරෙන අවස්ථාවක මූල්‍ය මණ්ඩලයට හෝ එහි කිසිදු සාමාජිකයකුට, මහ බැංකුවට හෝ එහි කිසිදු සේවකයකුට, ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අමාත්‍යංශයේ කිසිදු නිලධරයකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට හෝ නොහැකිය.පනත ප‍්‍රකාරව අදාළ රෙගුලාසි පැනවීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇත.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.  අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්‍රමයන් සකසනවා.කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්‍ෂේත්‍රවලටත් සහන ලබාදෙනවා.එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(අංජුල මහික වීරරත්න අකුරැස්සේ සිට)එකට එක්වී, එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබඵල වත්මන් සාමාජය මේ වනවිට ඉතා හොඳින් අත්දකිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්ස හුලංදාවේදී පැවසීය. බිම් අඟලක් නැති ජනතාව වෙනුවෙන් ඉඩමක - නිවසක අයිතිය දීමට හැකියාව ලැබුණේ යහපාලන රජයේ සංහිදියා වැඩපිළිවෙළ නිසා යයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අකුරැස්ස හුලංදාව වතුකරයේ ඉදි කෙරුණු හරිත රන් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.මහවැසි මැද විවෘත කිරීමේ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව නිවාසවලට ගොස් එහි ජනතාව ද හමුවිය.අනතුරුව පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.2015 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දෙවසර සමරන අවස්ථාවට පැමිණ සිටිනවා. අප ජාතික ආණ්ඩුව පිහිටුවූයේ සැප්තැම්බර් 4 වැනිදායි. ජාතික ආණ්ඩුව බිහිකළේ ලංකාවේ ප්‍රථම වතාවටයි.ප්‍රධාන පක්ෂ දෙක එකට එක්වී යම් කාලයක් සඳහා ආණ්ඩු හැදීම ජාතික ආණ්ඩුවයි. එය ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුව අප එක්වී එක් වරක්වත් එකට වැඩ කළ යුතුයැයි තීරණය කළා. එහි ප්‍රතිඵල අද පෙනෙන්න තිබෙනවා. මේ නිවාස යෝජනා ක්‍රම එහි එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.වැවිලි සමාගම් යටතේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩම් දෙන බවට අප මැතිවරණයේදී ප්‍රකාශයට පත් කළා. ඒ අපේ පොරොන්දුවයි.වතුකරයේ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට තමන්ගේ නමට බිම් අඟලක් නැහැ. මුස්ලිම්, සිංහල ඇතැම් ජනතාවට නම් අල්ලපු ගමේ හෝ ඉඩම් තිබෙනවා. නමුත් ද්‍රවිඩ ජනතාව එක්කෙනෙකුටවත් ඉඩම් තිබුණේ නැහැ.ඔවුන් අපමණ සේවයක් කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය උපයා දෙනවා. නමුත් අවසානයේ ඔවුන් තමන්ගේ නමට බිම් අඟලක් නැති ජනතාවක් බවට පත්වී සිටිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඉඩමක් - නිවෙසක් දිය යුතුයැයි මා තීරණය කළා.ඒ වැඩ කටයුත්ත මා බාරදුන්නේ දිගම්බරම් ඇමතිතුමාටයි. දැන් අප කඳුකරයේ මෙවැනි නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඉඩම් දීමේ කටයුතු අරඹා තිබෙනවා. කිසි දිනෙක ඉඩමක් නොතිබූ ජනතාවට අද පර්චස් 7 බැගින් ඉඩම් ලැබෙනවා.හිස් ඉඩමක් දී ඵලක් නැහැ. ඔවුන්ට නිවාස සෑදීමට දිගම්බරම් මහතාගේ අමාත්‍යාංශය බාරගත්තා. නුවරඑළිය - බදුල්ල ප්‍රදේශවලට මේ වැඩසටහන ආරම්භ කරලා. ඒ නිසා මෙතෙක් කල් නිවෙසක් නොතිබූ අයට නිවාස ලැබෙනවා.දැන් ඔවුන්ට ඉදිරියට යාමට හැකියි. හැමදාම වතුකරයේ සිරවී ඉන්න අවශ්‍ය වන්නෙත් නැහැ. එමෙන්ම උඩරට දෙමළ පාසල් 25ක උසස් පෙළ විද්‍යාව ඉගෙන ගැනීමේ වැඩසටහනක් ද සකස් කර තිබෙනවා.ඔබට අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි මාර්ගය සකස් කර තිබෙනවා. ඒ වැඩසටහන දැන් පළමු වරට දකුණු පළාතට බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විසින් දී තිබෙනවා. එතුමගේ හරිත රන් ගම්මානය පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.වතුකරයේ ජනතාවට මායිම් වන්නේ අකුරැස්සටයි. නුවරඑළිය, මාතලේ ප්‍රදේශයෙන් පටන් ගත් පසුව රත්නපුර, බලංගොඩ ප්‍රදේශවලින් රක්වාන - හිනිදුම - දෙනියාය - අකුරැස්ස ප්‍රදේශවල ඔවුන් ඉන්නවා. එසේ නම් මේ මායිමටත් ඒ නිවාස ලැබෙනවා.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අකුරැස්ස දියුණු කරන්න විශේෂ උත්සාහයක් ගන්නවා.1997 වසරේදී දයානන්ද වික්‍රමසිංහ මහතා සමඟ මේ ප්‍රදේශයට මා පැමිණියා. ඒ එදා ලැබුණු මුදල් ප්‍රතිපාදනවලින් වැඩ කටයුතු කිරීමටයි. එවැනිම ශක්තියකින් බුද්ධික පතිරණ මහතා අද ප්‍රදේශයේ ව්‍යාපෘති ගණනාවක් අරඹා තිබෙනවා. එමෙන්ම අනාගත ව්‍යාපෘති සඳහාත් ආධාර උපකාර කරන බවට සඳහන් කළ යුතුයි.මේ වැඩසටහන ක්‍රියාත්මක කරන දිගම්බරම් ඇමැතිතුමාටත් ස්තූති කළ යුතුයි. 1993 වසරේ අගමැති ලෙස මේ වැඩසටහන මා ආරම්භ කළා. ඒ සංකල්පය මුලින්ම ඇති කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි.නමුත් ඒ වැඩසටහන ඉදිරියට ගෙනගියේ නැහැ. නිවාස ඉදිකර තිබුණේ ස්වල්පයක් පමණයි. දැන් අප නිවාස 15,000ක් ඉදි කළ යුතුයි. ආණ්ඩුවේ මුදල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් මුදල් භාවිතා කර නිවාස පළමු වටය යටතේ ඉදිකරනවා.ඊට පසුව දෙවැනි වටයේ නිවාස ඉදිකිරීම් කටයුතු අරඹන්නම්. මේ වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කරන බව ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. දැන් ඔබට නිවෙසක්, ඉඩම් ඔප්පුවක් තිබෙනවා. ඉඩම් ඔප්පු දීම ගැනත් ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රසංශා කළ යුතුයි.නිවාස ඉදිකිරීම් කටයුතු වතුකරයට සීමා වී නැහැ. ගංවතුර නිසා නිවාස ගණනාවක් නැති වුණා. කොටපොළදී මේ පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡා කළා. නිවාස ඉදිකිරීමේ කටයුතු දෙනියාය, අකුරැස්ස, හක්මන ප්‍රදේශවල ඇරඹිය යුතුයැයි එහිදී සාකච්ඡා කෙරුණා.මාතර දිස්ත්‍රික්කයේ තක්සේරු කටයුතු සියල්ල මේ වනවිට අවසන් කරලා දැනට මුදල් දෙනවා. ඒවා ගෙන වැඩකටයුතු කරන්න.ගංවතුර අවසන්වී පළමු මාස තුන ඉක්ම යාමට පෙර පළමු නිවාස යෝජනා ක්‍රමය ඇරැඹීමට හැකියාව ලැබුණා. මොරවක ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය ඇරඹීම සඳහා උපකාර කළ ඩයලොග් සමාගමටත් ස්තූතිවන්ත වෙනවා.නිවාස සෑදීම, නිවාස කටයුතු කිරීමට අමාත්‍යවරයකු පවා පත් කළා.තමන්ටම අයිති ඉඩමක් නිවෙසක් මේ ජනතාව වෙනුවෙන් ලැබී තිබෙනවා. එමෙන්ම නීත්‍යානුකූල ඉඩම් අයිතිය සහිත ඔප්පුව ද අප විසින් දීමට පියවර ගත්තා.වතු කම්කරුවගේ දරුවා ද වතු කම්කරුවකු විය යුතුය යන මතය මා නතර කළා. හැම කෙනෙකුටම තමන්ට ඉහළටම යා හැකි මට්ටමේ වරප්‍රසාදය දී තිබෙනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා,වතුකරයේ ජනතාවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුව අද ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා. වතුකරයේ ජනතාව ලැයින් කාමර ජීවිතයෙන් මුදා ගැනීමට අපට හැකිවුණා.අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ ජනතාවගේ දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විවිධ වැදගත් තීරණ ගෙන තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවට සුවිශේෂී සේවයක් කළ නායකයකු ලෙස හැඳින්විය හැකියි. ඒ නිසා එතුමාට අපේ ජනතාවගේ පූර්ණ සහයෝගය දෙනවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,යහපාලන රජයට වසර දෙකක් පිරෙන දා වතු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න ලැබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ලැයින් කාමර සංස්කෘතිය අවසන් කර තනි නිවසක අයිතිය ඔවුන්ට දීමට අපට හැකියාව ලැබුණා.අද වතුකරයේ ජනතාව භුක්ති විඳින බොහෝ වරප්‍රසාද අතීතයේදී ඔවුන්ට විඳින්න හැකියාව ලැබුණේ නැහැ. නිවාස ව්‍යාපෘතිය ගොඩ නැගීමෙන් අප රටට පණිවිඩයක් දුන්නා.නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නැයි මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදීය. එලෙස කළ ඉල්ලීමට ඇහුම්කන් දී එතුමා මෙහි පැමිණීම ගැන මා බොහෝ සතුටට පත් වෙනවා.” යයි බුද්ධික පතිරණ මහතා කීය.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.(ඡායාරූපය - ඉෂාන් සංජීව)
එකට එක්වී එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබ ඵල සමාජය ඉතා හොඳින් අත්දකිමින් සිටිනවා
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)ඡායාරූපය - ශාන්ත රත්නායක ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ යුද්ධයෙන් පසු බලාපොරොත්තු වූ සංහිඳියාව ගොඩ නැගීම සඳහා බව කී අග්‍රාමාත්‍යවරයා සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බව ද අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ වැවිලි ප්‍රජාවට පර්චස් හත බැගින් වන ඉඩමක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ තෙවැනි අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර නිරවුල් ඔප්පු 2864ක් නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය. මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු ණය මගින් ණය ලබා ගැනීමේ හැකියාව ද පවතී.හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) මෙම උත්සවය පැවැතියේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි.එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අපේම ඉඩම, අපේම නිවස වැඩසටහන යටතේ මේ ප්‍රදේශයේ 700 දෙනකුට ඉඩම් ඔප්පු ලැබෙනවා. වතුකරයේ 2600කට පමණ ඉඩම් ඔප්පු ලබාදීමට මෙමගින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිගම්බරම් ඇමැතිතුමන්ට ස්තුතිය පළ කළ යුතුයි. වසර 20කට 30කට පසුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයකු ලැබීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.1993-1994 වසරවලත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියදීත්, ඩී.බී. විජේතුංග මහතා යටතේත් සෞම්‍යමූර්ති තොන්ඩමාන් මහතා සමඟ මේ ප්‍රෙද්ශවලට පැමිණ කටයුතු කළා. ඉන් පසුව අපට ආණ්ඩු බලය අහිමි වුණා. විවිධ ආණ්ඩු ඇති වුණත්, විවධ ඇමැතිවරුන් සිටියත්, ඉඩම්, නිවාස ලබා දෙනවා යැයි පොරොන්දු ලබා දුන්නත් මේ ජනතාවට සැබෑ සේවයක් වුණේ නැහැ. දෙමළ භාෂාවෙන් පවසනවා නම් කීමට ඇත්තේ ඉල්ලේ යන වචනය පමණයි.මෙවර කඳුකර යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතා පත් කර වගකීම් ලබා දීමට අප කටයුතු කළා. වසර විසි ගණනකට පසුව මේ ප්‍රදේශයට සැබෑ ලෙස සේවය කළ හැකි අමාත්‍යවරයකු බිහි වී තිබෙනවා. තවත් මේ ආකාරයට ඉඩම් නිවාස ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.පළමු වරට ඉන්දීය අගමැතිවරයකු මෙහි පැමිණියා. මෝදි අගමැතිතුමන් සමඟ මෙහි සංවර්ධන කටයුතු සම්න්ධයෙන් අප සාකච්ජා කළා. මෝදි අගමැතිතුමා මේ ප්‍රදේශයේ තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙහි නිවාස 5000ක් ඉදිකර තිබෙනවා. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් අප සොයාගත යුතුයි.දැන් නිවාස ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වතුකරයේ පාසල් රජයට පවරා ගත්තේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදියි. දැන් පාසල් තිබෙනවා. එහෙත් විද්‍යාව උගන්වන පාසල් අඩු නිසා වතුකරයේ පාසල්වල උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් ඇරැඹීම සඳහා රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නා. එදා මා ශ්‍රීපාද විද්‍යා පීඨය ආරම්භ කළා. අද රාධක්‍රිෂ්ණන් මහතාට මෙහි අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.තරුණ සේවා සභාවේ යෞවන සමිති මෙහි තිබෙනවා. එම ආයතනවලිනුත් සෙසු අමාත්‍යාංශවලිනුත් අප අදාළ කටයුතු කරගෙන යනවා.වතුකරයට ඉඩම් ලබාදීම අප සීමා කර නැහැ. මේ ප්‍රදේශයේ සෙසු ප්‍රදේශවලටත් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් කේ.කේ. පියදාස මහතා විසින් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ස්ථානවලට අවශ්‍ය නිවාස පහසුකම් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඔප්පු පමණයි. මේ සියල්ල කරන්නට හැකි වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා අමාත්‍යාංශය භාර ගෙන සෑම ප්‍රදේශයකටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසහටන ඇරැඹීම නිසයි. මා ඔප්පු ලබා දීමේ රැස්වීම් කිහිපයකටම සහභාගි වුණා. රජයෙන් ලැබුණු හැම ඉඩමකටම නිවසකටම දැන් ඔප්පුවක් තිබෙනවා. එසේ නම් දැන් ඔප්පුව නිසා ඔබේ භුක්තිය තහවුරු වෙනවා.මෙරට ඉඩමක් නොතිබූ ජන කොටසකට ඉඩම් ඔප්පු, නිවාස ලබා දෙන්නේ මේ උත්සවයේදීයි. වැදගත්කම පවතින්නේ එතැනයි. මෙවැනි ඔප්පු ප්‍රදානයක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.1986 වසරේදී වතුකරයේ ජනතාවට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ පුරවැසිකම ලබා දුන්නා. එහිදී ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණා. කොළ කැබැල්ලකින් ලබාගත හැකි අයුරින් අප ඡන්ද අයිතිය ලබා දුන්නා. එපමණක් නොව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පිට සියලුම දෙනාට ලංකාවේ පුරවැසිකම ලබා දී එම වැඩකටයුතු ආරම්භ කළා.එදා පුරවැසි බව ඡන්ද බලය තිබුණත් ඉඩමක්, නිවසක් තිබුණේ නැහැ. ඔවුන්ට ලැයිම් කාමරවල ජීවත් වී ලැයිම් කාමරවලම මිය යන්න සිදු වුණා. අද පුරවැසියන් ලෙස අනෙක් සෑම ජනකොටසකට මෙන් ඉඩමක්, නිවසක් තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වතුකරයේත් අනෙක් සෑම ප්‍රදේශයකමත් අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ බව කිව යුතුයි.ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කෙනකුටම තිබෙන පහසුකම් අද වතුකරයේ ජනතාවට ලබා දී තිබෙනවා. එම භුක්තිය, ලබන ජනතාව තවත් ශීඝ්‍රයෙන් වැඩිකර  ගැනීම අපේ අරමුණයි. වර්තමානයේ මේ පියවර සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නැහැ. 1986 වසරේ මෙහි ජනතාවට ඡන්ද බලය ලබා දෙන විට විවිධ කෝලාහල ඇති වුණා. අද එවැනි කිසිම කෝලාහලයක් නැහැ. අද මෙරට ජනතාවට අවශ්‍ය කරන්නේ සංහිඳියාවයි. එකට එකතු වී ජීවත් වීමයි. එක්සත්ව ජීවත් වීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අයිතිය භුක්ති විඳීමයි.වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන කොටසක් එකතු වී ගමනක් යා යුතු බව මෙරට ජනතාවගේ අදහසයි. වත්මන් ලෝකයේ බි්‍රතාන්‍යයේ, ස්පාඤ්ඤයේ, ඉරාකයේ වෙන්විය යුතු යැයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. වෙන් වීම සඳහා සටන් කරනවා. උණ්ඩය අතට ගන්නවා. නැතිනම් ඡන්ද නවත්වා වෙන් වීමට උත්සාහ කරනවා. ලංකාවේ පමණක් 2015 වසරේදී ගත් පියවර කුමක් ද?සිංහල බහුතරයක්, දෙමළ ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව බහුතරයක්, බර්ගර් ජනතාව බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත ජනාධිපති ධුරයට පත් කර අප සියලු දෙනා එකතු කරන්නැයි ජනවරමක් ලබා දී තිබෙනවා. අප දැන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනවරමයි.අපේ අතීතය දෙස බලන්න. ඉතිහාසයේ අප යුද්ධවලට මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වූ පසුව දිගු කාලීන සාමයක් සඳහා අවශ්‍ය සංහිඳියාව සහ එකඟත්වය තිබුණේ නැහැ. මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තේ එම සංහිඳියාව ලබා ගැනීමට නොහැකි වූ නිසයි.අද ජනතාව එකතු වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකතු වී තිබෙනවා. අපට එකතු වී යන්නට ගමනක් තිබෙනවා. ඒ සඳහා කාලයක් අප එකතු විය යුතුයි. අප ක්‍රියාත්මක කරන්නේ මේ ජාතීන් සියල්ල එකතු කරන ජනවරමයි.නීතියකින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා බිම් මට්ටමේ ප්‍රතිඵල තිබිය යුතුයි. වචනවලින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. උතුරේ යුද්ධයෙන් පසුව දැන් අප සහන ලබා දෙනවා. නැවත ඉඩම් ලබා දෙනවා. පන්සල් දියුණු කරනවා. මුස්ලිම් දේවස්ථාන දියුණු කරනවා. මේ සියලුම දේ අප විසින් ඉටු කරනවා. මේ සියල්ල කරන්නේ අප එකතු වන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහායි.ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකතු වන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ ක්‍රියාවලිය සඳහා එකතු වුවහොත් අපත් සූදානම් බව ද්‍රවිඩ සන්ධානය ද පවසා තිබෙනවා. උතුරේ දෙමළ පක්ෂ එවැනි දෙයක් පැවැසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එසේ නම් අප ටිකෙන් ටික විසඳුමක් කරා ළංවෙමින් සිටිනවා. ඒ විසඳුම ලබා දීම සඳහා ජනපතිට වරමක් තිබෙනවා. ආණ්ඩුවට මෙන්ම අපේ පක්ෂවලට වරමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂවලට වරමක් තිබෙනවා.එසේ නම් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද? එවිට ජනතාවට කියන්නේ කුමක් ද? එම ප්‍රශ්න ලංකාවේ ඇතිවුණේ ඇයි? භාෂාව නිසාද? එදා විසඳන්නට තිබූ ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් විරුද්ධ විවිධ ව්‍යාපාර පටන් ගත්තා. එදා තිබූ භාෂා ප්‍රශ්නය පසුව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ෆෙඩරල් ප්‍රශ්නයක් බවට පත් වුණා. භාෂා ප්‍රශ්නය ෆෙඩරල් ප්‍රශ්නයක් වුණා. ෆෙඩරල් ප්‍රශ්නය මෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා දුරදිග ගියා. වෙනම රාජ්‍යයක් නිසා උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. රට විනාශ වුණා.අතීත සිද්ධි නිසා දුක් විඳ අප අද මෙතැනට පැමිණ  තිබෙනවා. අප මේ ගමන පැමිණ ඇත්තේ සියලුම දෙනා ඒකීය රාජ්‍යයක් ලෙස එකතු වීමටයි. අප ක්‍රියාත්මක කරන්නේ එයයි.අලුත් ව්‍යවස්ථාව ගැන සමහරුන් කථා කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන කියනවා. නමුත් ඒ එකක්වත් අප තවම සිදුකර නැහැ. ඒ දේ කරන්නට තව වෙලා තිබෙනවා. තවම අපට ඇත්තේ දේශපාලන පක්ෂවල අදහස් ප්‍රකාශ කළ නීති බලයක් නැති වාර්තාවක් පමණයි. ඒ ලියැවිල්ලේත් විවිධ අදහස් තිබෙනවා. එයින් සුදුසු විකල්ප තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජනතාව වරමක් ලබා දුන්නා. ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාවට අවශ්‍යයි. එසේ නම් අප මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන පක්ෂ ලෙස අපේ යුතුකම ඉටු කරමු.මෙරට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ, ක්‍රිස්තියානි, ඇතුළු සියලු දෙනා විසඳුමක් අපේක්ෂා කරනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ බහුතරයක් සිටින ලොව එකම රට ලංකාවයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට කිසි ලෙසකින්වත් හැනි කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරනවා.දෙමළ, මුස්ලිම්, හින්දු, බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය, භාෂාව, ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. මේ එකතුව ලබාගෙන අප ඉදිරි ගමන යන්නේ කෙසේද? මෙරට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අපට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. පාර්ලිමේන්තුව මෙන්ම රටක් හැටියට අපේ අදහස් ප්‍රකාශ කර ජනවරමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාතාවරණය ඇති කරමු.මේ ඉදිරිපත් කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් බව කියමින් අවාසනාවකට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. තවම එවැනි ව්‍යවස්ථාවක් නැහැ. තිබෙන්නේ වාර්තාවක් පමණයි.මීට පෙරත් අප උත්සාහ කළා. ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ ආදීන් යටතේ උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ සමයේ 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යන ක්‍රමයක් ගැන කතා කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. නමුත් ජනතා වරමක් දී ඇති අවස්ථාවේ ජනතාවගේ නියෝජිතයා ලෙස ජනතාවගේ මාධ්‍ය ලෙස ජනතාව නියෝජනය කරන සමිති ලෙස අපේ යුතුකම අපි ඉටු කරමු.”කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:“කඳුරට ජනතාවට අද ඉඩම් සහ නිවාසවල අයිතිය ලබා දෙන ඓතිහාසික අවස්ථාවක්. අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන දියත් කිරීමට ලැබුණා. වතුකරයේ ජනතාව අගමැතිතුමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ එන ඡන්දවලදීත් මෙහි ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. එම ඡන්ද සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.එක්සත් ජාතික පක්ෂය කවදත් වතු ජනතාවට සහන සලසා දෙනවා. මීට පෙර සිටි රජය එම සහන ලබා දුන්නේ නැහැ. එම නායකයන් මේ ප්‍රදේශයට සැබෑ සේවයක් සිදු කළේ නැහැ. අප එම සේවය සිදු කරනවිට පෙර සිටි අය ඒවා දරා ගන්න බැරිව චණ්ඩිකම් කරන්න හදනවා. ඉදිරියේදී ජනතාවගේ සල්ලි සොරකම් කළ අයට සිරගෙට යන්න සිදු වෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා:“වතුකරයේ විශාල පිරිසකට අද ඉඩමක සහ නිවසක අයිතිය ලැබෙනවා. වසර 150ක් පරම්පරා 5ක් තිස්සේ සීතල වතුකරයේ රට වෙනුවෙන් දහදිය හෙලූ පිරිසක් ලෙස අප වතුකරයේ ජනතාව දකිනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු ජන ජීවිතය ඉහළට එසැවීමට කටයුතු කෙරෙනවා. පේලි ගෙවල් වෙනුවට නව ගම්මාන ඉදිවෙමින් පවතිනවා. වතුකරයේ ජනතාව මහ පොළොවට ණය නැහැ. එයට උපහාරයක් ලෙස අද මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙනවා. මෙමගින් දරුවන් පාසලකට ඇතුල් කරන්න පුළුවන්. කැමති අයකුට පවරා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයට දිගම්බරම් ඇමැතිවරයා විශාල සේවයක් කරනවා.”නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා:“අපේ ආණ්ඩුව පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයෙක් පත් කළා. ඒ අමාත්‍යාංශය යටතේ අද ක්‍රියාත්මක වූ වැඩසටහනක් යටතේ අද වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙනවා.1993 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවිට ප්‍රථම වතාවට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ වුවත් පසුව එය නතර වුණා. දුප්පතාගේ දුක දන්නා අමාත්‍යවරයෙක්ට එම වැඩකටයුතු භාර දී තිබෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් කිරීමට හැකි උපරිම දේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ සිදු කර තිබෙනවා.”අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහත්වරුන්, කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රන්ජනී නඩරාජාපිල්ලේ මහත්මිය ද උත්සව සභාව ඇමතීය.මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගි වූහ. 
එකට එක්වී එකට වැඩ කරන ජාතික ආණ්ඩුවේ සුබ ඵල සමාජය ඉතා හොඳින් අත්දකිමින් සිටිනවා
0
පරිවර්තනය  - කෝවිද ගුණසේකරසන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනිමෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ පිළිබඳව මහින්ද අමරවීර ඇමැතිවරයාට අපෙග් කනගාටුව පළ කරමු.පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ. එම කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට එම සාකච්ඡා අවසානයේ දී තීරණය විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව වූයේ ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වුවත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ගනුදෙනුවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම හමුවේ එම සාකච්ඡාව වෙනතක යොමුවිය.එතැනින් නොනැවතුනු ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැගී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සිතාමතාම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේ ය.පසුගිය සතියේ මෙන් මෙම සතියේ ද කැබිනට් මණ්ඩලයේ පැවැතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි. අගමැතිවරයාගේ අදහස වූයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම සුදුසු බවය. පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ඔහු ඒ සම්බන්ධයෙන් වූ ලියැවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම අරභයා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් “සුදුසු තීරණයක්“ බලාපොරොත්තු වන බව එහි සඳහන් විය.එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් අගමැති වික්‍රමසිංහ එක් අවස්ථාවක දී කියා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තමන් යටතට ගත හැකි බවය. එහෙත් ජනපති සිරිසේන එය ප්‍රතික්ෂේප කළේ ය.ලේකම් කාර්යාලයේ ධුර කාලය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් වූ අතර, ඒ දක්වා එම කාර්යාලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත වගකීමක් අගමැති ලේකම් කාර්යාලය ද සතුව පැවැතින. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවය කළවුන්ට වැටුප් ගෙවීම සිදුවූයේ එම පුද්ගලයින් මින් පෙර සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුවලින් වුව ද, අගමැති ලේකම් කාර්යාලය මැදිහත්ව අවදානම භාර ගැනීමේ දීමනාවක් ලෙස, එම පුද්ගලයින්ට හිමි වූ අමතර දීමනාවලින් හරි අඩක්ම ගෙවීමට කටයුතු සලස්වා තිබිණ.එයට අමතරව කාර්යාලයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ද ගෙවීම් සිදුකළේ අගමැති ලේකම් කාර්යාලය මැදිහත්වය. එහෙත් මාස කිහිපයක සිට අගමැති ලේකම් කාර්යාලය සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර සබඳතා ක්‍රමයෙන් බිඳවැටෙමින් පැවැති තත්ත්වයක් හඳුනාගත හැකි විය. පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලය, පොලිස්පතිවරයාට යොමුකරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලයේ එක්තරා නිලධරයකු අනවශ්‍ය අතපෙවීමක් සිදුකිරීම එයට හේතුව බව පැවැසින.දූෂණ මර්දන ලේකම් කාර්යාලය අගමැතිවරයා යටතට ගෙන ඒමට අකැමැත්ත ප්‍රකාශ කරමින් ජනපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ එසේ කළහොත් තවදුරටත් චෝදනාවලට මුහුණදීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවය. මහජන පැමිණිලි භාර ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට හැකියාව ඇති ස්වාධීන රාජ්‍ය ආයතන කිහිපයක්ම පවතින හෙයින් මෙවැනි කාර්යාලයක් තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස විය. සිදුවීම් එකක්, දෙකක් තෝරාගැනීම හැරෙන්නට වෙනත් කිසිවක් දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකර නොමැති බවට ද ජනපතිවරයා චෝදනා කළේ ය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එකවර වසා දමනවාට වඩා ක්‍රමානුකූලව එහි කාර්යයන් සීමා කිරීම වඩා සුදුසු බව පැවසුවේ ය. එසේ කළහොත් චෝදනා නැගීමට හෝ විවේචනය කිරීමට හෝ කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද විදේශ අමාත්‍යවරයා සමග එකඟ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තමා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පිළිබඳ සොයා බැලූ බව ද, එම විමර්ශනවලට අදාළ චෝදනා ගොනුකර ඇත්තේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි එහිදී සොයාගැනීමට හැකි වූ බව ද, කියා සිටියේ ය. සුනාමි සමයේ විදේශයකින් ලැබුණු විශේෂ රථයක් අවභාවිත කළේ යැයි ෆවුසිට ද, තමන් හෙබවූ අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි ජයරත්නට ද, චෝදනා නැගී තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සිරිසේන පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වීම නිසාවෙන්ම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බවය.“දන්නැති කතා කියන්න එපා” ජනපති සිරිසේන හඬ නැගීය. ෆවුසි හා ජයරත්න යන දෙදෙනාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය බව ඔහු පැවසුවේ ය. මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ගේ තීරණය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට විය. නියමිත පරිදි එය වාර්තාගත කැරිණ.දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.“අපට ලැබුණු පැමිණිලි කාණ්ඩ වශයෙන් ගත්තහම රාජ්‍ය අමාත්‍ය ෆවුසි සහ හිටපු අමාත්‍ය ජයරත්න සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අපේ කිසිම සම්බන්ධයක් නැති බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. ඔය කියන කාලයේ අපිට මේ දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණෙත් නැහැ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එක්ක සම්බන්ධතා තිබුණෙත් නැහැ.“කාර්යාලය පවත්වාගැනීම සඳහා රජයෙන් යෙදවූ රුපියල් ලක්ෂ 650ක මුදලක් නිකරුණේ නාස්ති කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එරෙහිව නැගූ චෝදනාවට ද ඔහු පිළිතුරු දුන්නේ ය.“අගමැතිවරයාගේ ඉල්ලීමකට, කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අපට වෙන්වූයේ රුපියල් ලක්ෂ 75ක මුදලක් විතරයි. නමුත් එක මාසයකට අපි රුපියල් ලක්ෂ 12කට වඩා වැය කළේ නැහැ.“තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම කාර්යාලය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් භාවිතා කෙරී ඇත්තේ කෙසේදැයි විස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලය දැන් සූදානම් වෙමින් සිටින අතර, එහි කටයුතු පිළිබද දැනුම්වත් ආරංචිමාර්ගයක් සඳහන් කළ ආකාරයට, කාර්යාලය මෙසේ වසා දමා තිබෙන්නේ වත්මන් රජයේ සිටින බලවත් හා කතාවට දක්ෂ දේශපාලනඥයකු (පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙක් ද වන) සිදුකර තිබෙන සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදීය.කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණු එකක් නොවෙයි. දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ලියැකියැවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදීම විතරයි එහි කාර්යභාරය වූයේ. වංචාවට එරෙහිව පියවර ගැනීමේ බලය හිමි ආයතන 14ක්ම තියෙනවා.පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තියෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම ජනපති විශේෂ කාර්ය බලකායක් ඇතුලු තවත් ආයතන කිහිපයක්ම ඒ වෙනුවෙන් තියෙනවා. විගණකාධිපතිවරයා, අපරාධ බුද්ධි විමර්ශන බියුරෝව, මුල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය, අන්තරායකර ඖෂධ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි ඒකකය, කොළඹ අපරාධ ඒකකය, කෝප් කමිටුව යන ආයතනත් දූෂණ මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි තවත් දූෂණ මර්දන ඒකකයක් පවත්වාගැනීමේ තේරුමක් නැහැ කියා තීරණය කර තිබෙන්නේ.“සේනාරත්නගේ තර්කය, රජයේ ස්ථාවරය වන නිසාම, එසේ නම් මෙවැනි ආයතන ගණනාවක් තිබිය දී, දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටැවූයේ ඇයි ද යන පැනය නැගීමට මග පාදයි. මෙවැනි කාර්යාලයක් ඇති කිරීමට වුවමනා වූයේ අද එවැන්නක් අවශ්‍ය නොමැත යැයි කියන කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. පැමිණිලි ගොනු කිරීමට වුවමනාව තිබූ පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ආයතන ඕනෑම එකක් වෙත යෑමේ පහසුව තිබුණ ද, මෙවැනි ලේකම් කාර්යාලයක් ඇති කෙරුණේ, රජය බලයට පත්වූ දිනයේ සිට නැවත නැවතත් සඳහන් කළ පරිදි වංචා හා දූෂණ මර්දනය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අවැසි වූ බැවින්ය. ඒ නිසාම, දැන් එවැනි කාර්යාලයක් අවශ්‍ය නැතැයි ස්ථාවරය වෙනස් කරගැනීමට රජය කටයුතු කර තිබීම හමුවේ පිළිතුරුවලට වඩා මතුවන්නේ පැනයන්ය.“සුළු සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන්න පොලිසිය තියෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට සිදුවෙලා තිබුණේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ලේකම් කාර්යාලයේ කටයුතුවලට වසරකට රුපියල් ලක්ෂ 122.6 බැගින් වෙන් කෙරුණා. 2015 දී රුපියල් ලක්ෂ 260කුත්, 2017 දී රුපියල් ලක්ෂ 260කුත් සහ මෙම වසරේ ජූනි දක්වා ගෙවුණු මාස හයේ දී රුපියල් ලක්ෂ 120කුත් බැගින්, රුපියල් ලක්ෂ 650ක මුදලක් මෙම කාර්යාලය වියදම් කර තිබෙනවා” යැයි සේනාරත්න වැඩිදුරටත් කිීවේ ය.2015 වසරේ ජනවාරි මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ කැබිනට් පත්‍රිකාවෙන්, මෙවන් කාර්යාලයක් ඇතිකිරීමේ වැදගත්කම සඳහන් කර තිබේ. එහි කාර්යභාරය ලෙස “බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම“ දක්වා තිබෙන අතර, මේ හමුවේ රජයේ කැබිනට් ප්‍රකාශක සේනාරත්නගේ, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණක් නොවේ යන ප්‍රකාශය අතිශයින් නොමග යවනසුළුය. පදනමක් නොමැති මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ රජයේ කටයුතු කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය තව තවත් වියැකී යාම පමණකි.වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්ම, තවත් තීරණ රැසක්ම ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. එලෙස ගැණුනු තීරණයක් මෙවැනිය.“මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ආකාරවලින් සිදුවන මුදල් ගනුදෙනු හා බැඳී තිබෙන දූෂණවලට, කිසියම් ප්‍රදේශයක භෞමික සීමාවට පමණක් සීමා නොවී, ලොව සියලුම ආර්ථිකයන්ට බලපෑම් එල්ල කිරීමේ සමත් සංක්‍රාන්තිමය හැකියාවක් තිබෙන හෙයින් ද, එවැනි දූෂණ මර්දනය කිරීම සඳහා අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීමේ කාලීන අවශ්‍යතාවයක් මතුව තිබෙන හෙයින් ද, මුල්‍ය අංශයේ නොයෙක් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හැකි වන පරිදි රජයේ නිලධාරීන්ගේ සහ නියාමන ආයතයන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියා තැන්පතු බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වැනි අන්තර්ජාතික ආයතනයන්ගේ සහය ලබාගැනීම සඳහා අගමැතිවරයාට අවසරය හිමිවිය.“දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ද එදින කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචිමාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.මෙවර පක්ෂ සංවත්සරය මහා පරිමානයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්ෂ සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ජනපති සිරිසේනය.ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයක දී එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැළසුම්වලින් කොටසක් අනාවරණය විය. පක්ෂය මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන්, පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැමැතිවරණ පැවැත්වෙන බව අගමැති වික්‍රමසිංහ පැවසුව ද, ඒකාබද්ධ විපක්ෂයේ මතය වන්නේ මෙම වසරේ දී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් රජයට නොමැති බවය. පළාත් පාලන ආයතන සඳහා පත්වන ජනතා නියෝජිත සංඛ්‍යාව 9000 සිට 4500 දක්වා අඩු කිරීමටත්, ඔවුන් තෝරාගැනීම කේවල සහ සමානුපාතික යන ක්‍රම ද්විත්වයම යටතේ සිදුකිරීමටත්, හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට රජය සැළසුම් කර ඇත. කාන්තා නියෝජන අනුපාතය ඉහළ දැමෙන ක්‍රමවේදයක් ඇති කිරීමට ද නියමිතය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.“අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ පදනම පැහැදිලිව ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්න තවත් මාස දෙකක් තුනක් ගතවෙනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කොහොමත් ලබන අවුරුද්දට කල් යනවා. අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ වසර් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව. මොකද ඒ මාසයේ පාසල්වල විභාග ඇතුලු වසරාවසන්න ක්‍රියාකාරකම් පැවැත්වෙන නිසා.“ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේ ය.ආදායම් ඉහළ දැමීමේ අරමුණින් හඳුන්වාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස අගමැති වික්‍රමසිංහ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ය. පාසල් වෑන් රථ හිමිකරුවන් සඳහා ද මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත අතර, ඒ යටතේ රුපියල් ලක්ෂ 40ක ණය මුදලක්, සියයට 3.5ක පොළී අනුපාතියක් යටතේ වසර පහක් ඇතුළත ගෙවීමට පහසුකම් සලසා දෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රට වර්තමානයේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය සහ රටට ලැබෙමින් තිබෙන ආයෝජනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කැරුණු දේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව ද දැනුම්වත් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.තනිව යන්නට කැමතිශ්‍රී ලංකා නිදහස් පක්ෂයඑක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක  කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.නීතිපති දෙපාර්තමේන්තුවට යැවුණු ලිපිගොනුඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනවලට අදාළව, එම දෙපාර්තමේන්තුව නගන චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරෙන විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් අවසන් තීරණයක් ලැබීමේ ප්‍රමාදයයි. එම විමර්ශන තොරතුරු ඇතුළත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් පිළියෙල කර ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ අතරින් වැදගත් යැයි සැලකිය හැකි විමර්ශන කිහිපයක තොරතුරුය.පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 142015 ජනවාරි මස 10 වැනිදා අලුයම් සමයේ දී අරලියගහ මන්දිරයේ දී සිදුවුනේ යැයි කියන කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව -නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 ජනවාරි 27අංකය සීආර් - 108 2015පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4වරාය අධිකාරියේ හිටපු සභාපති බන්දු වික්‍රමමුණිගේ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මැයි 5අංකය සීආර් - 1 271 2015පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14ජනපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන්ව තිබෙන රථවාහන සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 ජූනි 1අංකය සීආර් - 1 1 16පැමිණිලි කළ දිනය - 2015 මාර්තු 11රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මාර්තු 11අංකය සීආර් - 1 91 2015පැමිණිලි කළ දිනය - 2015 ඔක්තෝබර් 13ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු වරායේ තිබී සොයාගත්, අවි හා උණ්ඩ ගබඩා කර තිබූ එම්.වී. ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 පෙබරවාරි 2අංකය සීආර් - 1 08 2016හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිතාකර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 ජූලි 21අංකය - සීආර් 1 ඒම්සී සීඑෆ්ටී 5 2016පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4මුදල් විශුද්ධිකරණ පනත යටතේ සජිත් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 සැප්තැම්බර් 13අංකය සීආර් - 01 ඒම්ල් සීඑෆ්ටී 12 16පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ නිලධරයෙක් සඳහන් කළ ආකාරයට පැමිණිලි ලිපිගොනු 80කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. තවත් ලිපිගොනු විශාල ප්‍රමාණක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු වෙත ද යවා ඇත.විමර්ශන වාර්තා යොමු කළ ද, තීරණයක් ලබාදීමට ප්‍රමාද වන්නේ එම විමර්ශන වාර්තා බොහෝම
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
1
ජනපතිධූරය භාරගෙන මාස 21 කට පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන තම එක්සත් ජාතික පෙරමුණු රජයටම දැඩි චෝදනා එල්ල කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ නම් තමා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඔහු අනතුරු ඇගවූයේය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක්, එම ආයතන වල නියමයෙන් අධිකරණය හමුවට කැදවීම සම්බන්ධයෙන්, ඔහු තම පිළිකුල සහ අප‍්‍රසාදයද පලකළේය.නමුත් බ‍්‍රහස්පතින්දා රැයේ මේ සම්බන්ධයෙන් විමසීමට අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික ඇමැතිවරුන් පිරිසක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස වෙත පැමිණි අවස්ථාවේ, ජනපති සිරිසේන කියා සිටියේ තමන් එදා පැවසූ දෙය මාධ්‍ය වැරදියට අර්ථකතනය කොට ඇති බවය.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ජනපති නිල නිවසට ඇතුළු වූයේ පස්වරු 9 ට පමණය. ඊට පෙර වේලාවකදී ජනපතිවරයා හා අගමැතිවරයා කොල්ලූපිටිය, ඓතිහාසික වාළුකාකාරම විහාරස්ථානයේ ආගමික උත්සවයකටද සහභාගී වූහ.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ජනපතිවරයා අතර පැවති හමුව නිමාවන විට අළුයම එක පමණ විය.එහිදී ජනපති සිරිසේන අවධාරණය කර සිටියේ ගෝඨාභය හෝ නාවික හමුදාපතිවරුන් තිදෙන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන් අත්හිටවිය යුතුයැයි තමා කොතැනකවත් සඳහන් නොකළ බවය.එම විමර්ෂණ අවසානය දක්වාම කි‍්‍රයාත්මක කළ යුතුය යන තැන තමාද සිටින බව ජනපතිවරයා පැවසුවේය.එසේ වුවත් දෙපාර්ශවය ඇතැම් අවස්ථාවන්හි දී අදහස් හුවමාරු කරගත්තේ උස් හඩින්, කෝපභරිතවය.ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සිදුකළ එම දේශනය අවසානයේදී තමා පවත්නා රජය කිසිදු පුද්ගලයකුට වෙනස් කළ නොහැකි බවද පැවසූ බව ජනපති සිරිසේන කියා සිටියේය.තමා චෝදනා කළේ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු සම්න්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමත්, දැනට කි‍්‍රයාත්මකව තිබෙන විමර්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයත් කටයුතු කරමින් සිටින ආකාරය අරබයා පමණක් බවත්, එම ආයතන දියත් කර ඇති විමර්ෂණ වල ප‍්‍රගතිය පිළිබදව ආරක්ෂක ඇමැතිවරයා වන තමා දැනුම්වත් නොකිරීම, තම ප‍්‍රබලම චෝදනාව වූ බවත් ජනපති සිරිසේන පැහැදිලි කළේය.ජනපති සිරිසේන තමන් වෙතම කැන්දාගත් මෙම අර්බුදයේ ආරම්භය සනිටුහන් වූයේ අඟහරුවාදා සවස්වරුවේය.සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට අමතරව ඔහු තෝරාගත් ඇමැතිවරුන් කණ්ඩායමක්, තවත් හමුවක් සඳහා අඟහරුවාදා සන්ධ්‍යාවේ ජනපති ලේකම් කාර්යාලය වෙත කැඳවූයේය.ව්‍යවස්ථා සංශෝධන, පළාත් පාලන මැතිවරණය, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීම, යුද අපරාද චෝදනා, වංචාවට හා දූෂණයට එරෙහිව දැනට කි‍්‍රයාත්මක වෙමින් පවතින විමර්ෂණ වල ප‍්‍රගතිය, යෝජිත ජනමත විචාරණය ආදී කරුණු රැසක් ගැන සාකච්ඡා කිරීම මෙම හමුව කැඳවීමේ අරමුණ විය.ඒ සදහා ශී‍්‍ර ලංකා නිදහස් පාර්ශවය නියෝජනය කරමින් සහභාගීව සිටියේ දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ඇස්.බී.දිසානායක, සහ අනුර පි‍්‍රයදර්ශන යාපා යන ඇමැතිවරුන්ය.අගමැති වික‍්‍රමසිංහගේ නායකත්වයෙන්, මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නවීන් දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළහ.ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික ඒකාබද්ධ සැසියට සහභාගී වීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් සිටි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසු අවස්ථාවක හමුවට සහභාගී විය.ඔහු දිවයිනට පැමිණ තිබුනේ ඊට පැය දෙකකට පමණ පෙරය.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඇමැති පාඨලී චම්පික රණවකද, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය මෙහෙයවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න මහතාද, හමුවට සහභාගීව සිටියහ.වැදගත් ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් තීරණ වලට එළැඹිය යුතුව තිබෙන බව හමුව ආරම්භ කරමින් ජනපති සිරිසේන පැවසුවේය.අන්තර්ජාතික අරමුදලේ කොන්දේසි වලට ගරු කරමින් රටේ ආදායම හා වියදම අතර පරතරය, දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 4.7 ක මට්ටමක පවත්වාගැනීම එම ගැටලූ අතරින් පළමුවැන්න විය.දිවයින පුරා ප‍්‍රාදේශීය පළාත් පාලන මැතිවරණයන් පැවැත්වීම හා සමග නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්හි පළාත් පාලන මැතිවරණයක්ද පැවැත්විය යුතුව තිබෙන බව ජනපතිවරයා පැවසුවේය.නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට සිදුකළ යුතු සංශෝධනයන් පිළිබදවද සාකච්ඡුා කැරින.ව්‍යවස්ථා සංශෝධන ගැන අදහස් දක්වමින් ජයම්පති වික‍්‍රමරත්න කියා සිටියේ කමිටු හයක් වෙන වෙනම වාර්තා හයක් ඉදිරිපත් කර තිබෙන බවය.මෙම වාර්තා හය එක්කර තනි වාර්තාවක් සකස් කිරීමේ හැකියාව තිබෙන බව ඔහු පැහැදිලි කළේය.නමුත් මෙයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ඇමැතිවරුන්ගේ විරෝධය පල විය.එවැන්නක් සිදුකළහොත්, අවසාන වාර්තාව ඉදිරිපත් කරන්නේ රජය යැයි වැරදි මතයක් ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දුන්නෝය.යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපති සිරිසේන බි‍්‍රතාන්‍යය අගමැතිනී තෙරේසා මේ, එරට ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් හා පැවැත්වූ සාකච්ඡුාවක් ගෙනහැර දැක්වූයේය.ඉරාකය නියෝජනය කරමින් අදහස් දක්වන ඇතැම් නීතිඥයෝ, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය ඉරාකයේ මෙහෙයුම් දියත් කර සිටි සමයේ සිදුවූ බව කියන යුද අපරාධ වලින් තමන් පීඩාවට පත්වූයේයැයි චෝදනා නගමින් සිටින බවත්, ඉරාකයේ නීති පද්දතිය අවභාවිතා කරමින් නැගෙන මෙවැනි චෝදනා වලට නොරැුවටෙන ලෙසත්, ඇය හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබින.බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකාශිත ගාර්ඩියන් පුවත්පතේ වන ලිපියකින් මෙය තවත් පැහැදිලි කරගත හැකිය.‘‘ මෙම චෝදනා නැගෙන්නේ බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ සිදුකළේ යැයි චෝදනා නැගෙන මිනීමැරුම්, පීඩා කිරීම්, වදහිංසා පැමිණවීම් ආදිය පිළිබදව විමර්ෂණය කිරීමට පත්කර ඇති ඉරාක් හෝලිස්ටික් ඇලිගේෂන්ස් ටීම් (අයිහැට්* කණ්ඩායමෙන්ය.මෙම කණ්ඩායමට එරෙහිව දැනටමත් ප‍්‍රබල විවේචනයන් එල්ල වෙමින් පවතී.හිටපු හමුදා නිලධාරීන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයිහැට්හි පදනම් විරහිත චෝදනා හමුවේ තමන්ට අධිකරණය ඉදිරියට පවා යෑමට සිදුවූ බවය....ඩවුනින්ග් වීදියෙන් ප‍්‍රකාශයට පත්ව ඇති නිවේදනයක, බි‍්‍රතාන්‍යය අගමැතිනිය එරට ආරක්ෂක අංශ ගැන මහත් ගෞරවපෙරදැරිව අදහස් දක්වා ඇති අතර, ජාතික ආරක්ෂා කිරීමට ඔවුන් ලබාදෙන මෙහෙය සම්බන්ධයෙන් ප‍්‍රශංසාවද පලකර ඇත.නීති පද්දතිය අවභාවිතා කිරීමෙන් ආරක්ෂා කරගැනීමට හැකි සෑම පියවරක්ම ගතයුතුව තිබෙන බව අවධාරණය කරන ඇය, පදනමක් නොමැති චෝදනා වල වගඋත්තරකරුවන් වීමෙන් බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ ආරක්ෂා කරගැනීමට තමන් කැපවී සිටින බව පවසයි.‘‘බි‍්‍රතාන්‍යය මුහුණදෙමින් සිටින තත්ත්වය හා ශී‍්‍ර ලංකාව මුහුණදී සිටින තත්ත්වය සමාන්තර තලයන්හි තබා අදහස් දැක්වූ ජනපති සිරිසේන, එක්සත් ජාතීන් යුද අපරාධ චෝදනා විමර්ෂණයක යෙදෙන්නේ නම් ඒ සදහා එක් කි‍්‍රයාමාර්ගයක් භාවිතයට ගතයුතුව තිබෙන බවත්, විවිධ රටවලින් විවිධ කි‍්‍රයාමාර්ගයන් එම කටයුතු සදහා යොදාගැනීමෙන් වැළකිය යුතුව තිබෙන බවත්, පැවසුවේය.එවන් එක් කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමේ සහ එක් ප‍්‍රතිපත්තියක් මත පිහිටා වැඩකටයුතු කිරීමේ වැදගත් කම ගැන තමා සියලූම ලෝක නායකයින්ට දන්වා යවන බවද ජනපතිවරයා කීවේය.තෙරේසා මේ ගේ ආදර්ශය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවද ඔහු යෝජනා කළේය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට හැකිවූ ආකාරයට මෙසේ අදහස් දක්වමින් සිටිනාතුර විදේශ ඇමැති සමරවීර වෙත හැරී තිබෙන ජනපති සිරිසේන, තමා පවසන දේ හොදින් සිතට ගන්නා ලෙස ඔහුට කියා ඇත.ආරක්ෂක අංශ, පොලිසිය, හා ජනතාව ඉතා වෙහෙසව දිනාගත් සාමයට හානි පමුනුවන කිසිදු දෙයක් නොකළ යුතු බව ඔහු දැඩිව අවධාරණය කළේය.ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත විදේශීය හෝ දේශීය විනිසුරුවරුන් යැයි වෙනසක් නොමැතිව, ඔවුන් මාර්ගයෙන් සිදුවන යුද අපරාධ විමර්ෂණයක් කෙරෙහි ඔහුගේ තිබෙන අප‍්‍රසාදයයි. ජනපතිවරයාගේ වඩාත්ම චෝදනා එල්ල කළේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමටය.හිටපු ඇමැති ඒ.එම්.එම්.ෆවුසි මහතාට එරෙහිව රාජ්‍ය වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කර තිබෙන බව පැවසූ ජනපතිවරයා, නමුත් එම චෝදනා ගොනු කර තිබෙන්නේ, රාජ්‍ය වාහන භාවිතා කිරීමට අවසරය ලබාදෙමින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබියදී බව කීවේය.හිටපු සිවිල් ගුවන්සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ෂණයක් ගැන අදහස් හුවමාරු කරගත් ඔහු, එම විමර්ෂණය පැවැත්වෙන්නේ ජයරත්න, ඔහුගේ දියණියට රැුකියාවක් ලබාදීම අරබයා බව පැවසුවේය. ‘‘කවුද තමන්ගේ දරුවාට රැුකියාවක් ලබා නොදී ඉන්නේ?‘‘ ජනපති සිරිසේන විමසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, යන ආයතනයන් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කිරීමක් නොකරන බව ඔහු පැවසුවේය.නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ආයතනයන් පවසන්නේ එවැනි දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුයැයි නියමයක් නොමැති බවයි.එමෙන්ම එවැන්නක් සිදුකළහොත් ඇතැම් විමර්ෂණයන් සිදුනොකරන ලෙස දන්වා එල්ල කළ හැකි අනවශ්‍ය පීඩනයන්ට ලක්වීමට තමන්ට සිදුවන බව එම ආයතනයන් කියයි.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම ගතහොත්, කිසිදු දේශපාලන නායකයකු වෙත එහි ප‍්‍රගතිය වාර්තා කළ යුතුවීමේ නීතිමය බැදීමක් එයට නැත. අඟහරුවාදා ඇමැතිවරුන් කණ්ඩායම සමග පැවැති හමුවෙන් පසු බදාදා, ජනපති සිරිසේන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වූයේය. පසුගිය වසරේ හිටපු හමුදා නිලධාරීන් විමර්ෂණ කටයුතු සදහා කැදවූ අවස්ථාවේ ඊට විරෝධය පලකළ තමා, මේ අවස්ථාවේදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනා, අධිකරණය හමුවට කැදවීම ගැන විරෝධය දක්වන බව ඔහු පැවසුවේය.ආරක්ෂක අංශ නිලධාරීන් යනු රටට සාමය උදාකර දීමට දිවිහිමියෙන් කැපවී සේවය කළ පුද්ගලයින් බව ජනපතිවරයා කීවේය. මෙරට ස්වාධීන කොමිසම් පිහිටුවීම පසුපස අරමුණු තිබෙන බවත්, එහ කොමිසම් පිහිටුවීම සිදුව ඇත්තේ ප‍්‍රතිපත්තියක් යටතේ බවත් ඔහු පැවසුවේය.ස්වාධීන කොමිසම් සභා වල සේවය කරන්නවුන්, ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ආරක්ෂක අංශ වල පරිපාලන කටයුතු මෙන්ම කලමණාකරන කටයුතු සම්බන්ධයෙන්, මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ බව ජනපති සිරිසේන කීවේය.එවැනි දේ නොදන්නා ඇතැමුන් කොහේ හෝ මුල්ලකින් පැමිණ වැරදි ආකාරයට හැසිරෙන බව පැවසූ ඔහු රටේ ජනපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට ඇදගෙන යාම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පලකරන බව කීවේය. ආරක්ෂක අමාත්‍යංශය සහ ඇවන්ගාඞ් සමාගම සම්බන්ධ විමර්ෂණයක් පැවැත්වෙන්නේ නම් පිළිපැදිය යුතු පිළිවෙත් හා අනුගමනය කළ යුතු පියවර තිබෙන ජනපති සිරිසේන අවධාරණය කළේය.මෙවැනි විමර්ෂණයක ප‍්‍රගතිය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයා වන තමාව දැනුම්වත් කිරීම අදාළ ස්වාධීන කොමිසම් සභාවල ප‍්‍රධානීන්ගේ වගකීම බව ඔහු පැවසුවේය. ‘‘ කාටහරි කියන්න පුලූවන් ස්වාධීන කොමිසන් සභාවලට එහෙම කිරීමේ අවශ්‍යතාවක් නැතිය කියා.නමුත් හැම කොමිසමකම සිටිනවා ව්‍යවස්ථා කවුන්සිලයෙන් පත්කරපු සාමාජිකයන්.ව්‍යවස්ථාව යටතේ හැම කොමිසමකම ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වෙලා සිටිනවා.මේ ලේකම්වරු පත්කරන්නේ ජනපතිවරයා.කොමිසම් වලට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථා කවුන්සිලය සමන්විත වෙන්නේ පාර්ලිමෙන්තුවෙන් තෝරා පත්කරන සාමාජිකයන්ගෙන්.එම නිසා විශේෂයෙන් අවධානය යොමුවිය යුතු කරුණු සම්බන්ධයෙන් මේ ආයතනවල ලේකම්වරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සැළකිලිමත් විය යුතුයි.‘‘ ‘‘අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීම මුල් කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් පිරිසක් සිටිනවා.හිටපු ජනපතිවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.‘‘ ‘‘මම රටේ ජනපති ලෙස පත්වුනේ අධිකරණ වලට දුරකතන ඇමතුම් දෙන්න නොවේ.ආරක්ෂක අංශ අඩපණ කිරීමේ කිසිම දෙයක් මා කරන්නේ නැහැ.එවැන්නක් සිදුවීමට මා ඉඩදෙන්නෙත් නැහැ.‘‘ ‘‘ ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීමේ සහ අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමේ ඇතැම් සිදුවීම් කිහිපයක් තිබෙනවා.බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් පසුගිය මාස 10 පුරාවට අත්අඩංගුවේ පසුවීම එවැන්නක්.මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට මම දැනුම් දීලයි තිබෙන්නේ.ඔවුන් මුලින් මට කියා සිටියේ සතියක් ඇතුලත සියල්ල අවසන් කරන බව.පසුව ඒක මාසයක් වුනා.මාසය තුන් මාසයක් වුනා.තුන් මාසය දැන් 16 මාසයක් වෙලා.ඒ නිසා ගැටලූවක් තියෙනවා නම් චෝදනා ගොනු කරන්න.එම චෝදනා සහතික කළ නොහැකි නම්, අත්අඩංගුවට ගෙන සිටින අය නිදහස් කළ යුතුයි.එහෙමත් නැතිනම් ඇප ලබාදී, විමර්ෂණ කටයුතු ඉදිරියටත් සිදුකරන්න.පුද්ගලයින් නිදහස් කිරීම, චෝදනා ගොනු කිරීම, ඇප ලබාදීම, මේ සියල්ල තමයි සදාචාරාත්මක කි‍්‍රයාකාරකම්, මූලික අයිතීන්, මානව හිමිකම්, ඒ වගේම නිදහසේ ලක්ෂණ වන්නේ.‘‘ ‘‘ මේ දේවල් ගැන මම ඉස්සර ප‍්‍රසිද්ධියේ කතා කළේ නැහැ.නමුත් දැන් මට සිදුව තිබෙනවා ඒ ගැන කතා කරන්න.මම මේ කතාකරනවා වගේම ප‍්‍රසිද්ධියේම අදාළ පියවර ගන්නත් කටයුතු කරනවා.මම අගමැතිවරයා සහ ඇමැතිවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුවා.එහිදී මම පැහැදිලිව කියා සිටියා අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, දේශපාලන න්‍යාය පත‍්‍රයක් යටතේ වැඩකරනවා නම් මම වහාම එම ආයතනයන්ට එරෙහිව පියවර ගන්නවාය කියා.මේ ආයතන වලට එහෙම වැඩ කරන්න බැහැ.නීතිය සැමට සමාන විය යුතුයි.මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සැමට සමාන විය යුතුයි.කිසියම් පුද්ගලයකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිනවානම්, ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සුරක්ෂිත විය යුතුමයි.‘‘ ජනපතිවරයාගේ මේ අදහස් දැක්වීම හමුවේ ශී‍්‍ර ලංකා ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාවද පුදුමයට පත්විය.කොළඹ විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයෝ ජනපති සිරිසේනගේ අදහස් ඔවුන්ගේ මව් රටවල් හා හුවමාරු කරගත්හ.ජනතිවරයාගේ අදහස් දැක්වීමෙන් ඔහුගේ ප‍්‍රතිපත්ති වල වෙනසක් සිදුව ඇතැයි පෙනෙන බව ඇතැමුන්ගේ මතය විය.මෙම ඇතැම් මත මාධ්‍ය හමු වලදී ප‍්‍රකාශයට පත්විය.මේ අතර තවත් පුද්ගලයෝ ජනපතිවරයාගේ ප‍්‍රකාශය තවත් දුරට ගෙනයමින්, රජයේ බිඳ වැටීම ආරම්භව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ ආගමනයක් සිදුවනු ඇතැයිද කීහ. දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවි ජනපති සිරිසේන අන්තවාදියකු ලෙස හඳුන්වාදුන්නේය.සිරිසේන හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් ඔහුව හෙළා දකිමින් පුවත් පල කළහ.ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, විපක්ෂය එදා සිටම කියමින් සිටියේ මෙය බව පැවසුවේය.වංචා හා දුූෂණ සම්බන්ධව පැවැත්වෙන විමර්ෂණයන් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව කි‍්‍රයාත්මක වන බව ජනපති සිරිසේනගේ ප‍්‍රකාශයෙන් දැන් මොනවට පැහැදිලි වන බව ඔහු කීවේය.මෙම චෝදනාවට අගමැති වික‍්‍රමසිංහ පිළිතුරු දිය යුතු බවද වීරවංශ පැවසුවේය.ඇතැම් ජාතික පුවත්පත් වල කතුවැකි ජනපතිවරයාට පක්ෂපාතී අයුරින් ලියැවී තිබූ අතර, හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීම අරබයා ජනපතිවරයාව ඉහළින් වර්ණනා කර තිබින.රජයේ වංචා හා දුූෂණ මර්දන වැඩපිළිවෙල වෙනුවෙන් ආරම්භයේ සිටම සහය ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරයාගේ ප‍්‍රකාශය හෙළා දකිමින් අදහස් පල කළේය.එම පක්ෂයේ නිවේදනයක සදහන් වූයේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ විමර්ෂණ ආයතනයන්ගේ සේවය කරන නිලධාරීන් අධෛර්යමත් වනු ඇති බවය.විමර්ෂණ කටයුතු වල නිතරව සිටින නිලධරයෝ පවසා සිටියේ වංචා හා දුූෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලින් කුමක් දිනාගත යුතුදැයි තීරණය කළ යුත්තේ රජයම බවය. මේ නාටකයෙන් රටේ අවධානය වෙනතකට යොමුවූයේ පාර්ලිමෙන්තු ප‍්‍රතිසංස්කරණ සහ මාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා දිවයිනේ සියලූ මාධ්‍ය ආයතන වෙත යොමුකළ උපදෙස් මාලාවකි.එහි සංක්ෂිප්තයක් අප පාඨකයිගේ දැනගැන්ම සදහා පලකර ඇත. බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නීතියා හා සාමය පිළිබද ඇමැති සාගල රත්නායක මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් හමුවිය.ඇමැතිවරයා හා පොලිස් නිලධාරීන් අතර සතිපතා පැවැත්වෙන සාකච්ඡුාවට දින නියමවී තිබුනේ එදිනටය.එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානී රවී විද්‍යාලංකාර මහතා අමතමින් ඇමැතිවරයා කියා සිටියේ පසුබට නොවී දිගටම විමර්ෂණ කටයුතු කි‍්‍රයාත්මක කරන ලෙසය.වර්තමාන දේශපාලන ප‍්‍රවණතා හමුවේ ඇතිවෙමින් පවතින ගැටලූ, ඉක්මනින්ම විසදෙනු ඇති බවද ඔහු පැවසුවේය. රත්නායක පොලිසිය අස්වසමින් සිටියදීම, ජනපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පැවතින.බ‍්‍රහස්පතින්දා රැුයේ දෙදෙන කොල්ලූපිටිය වාළුකාරාමෙයේදී හමුවූ අවස්ථාවේ, නිහඩතාවය බිදිමින්, ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය ගැන විමසා ඇත්තේ අගමැති වික‍්‍රමසිංහය.මෙවැනි පැනයක් තමාගෙන් අසනු ඇතැයි නිසැකවම ජනපතිවරයා දැන සිටින්නට ඇත.තමා පැවසූ දෙය මාධ්‍ය මගින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි ඔහු පැවසුවේ ඒ නිසාය. පසුව දෙදෙන පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස්නයේදී හමුවූහ.මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක යන ඇමැතිවරුද, කම්කරු සහ වෘත්තිය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතාද, අගමැතිවරයා සමග පැමිණ සිටියහ. මෙම හමුවේදී අගහරුවාදා දිනයේ තමන් කී දේ වෙනුවෙන් පෙනී සිටි ජනපති සිරිසේන, ෆවුසි සහ ජයරත්න යන හිටපු ඇමැතිවරුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බව පැවසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධව ඔහු අගහරුවාදා දිනටත් වඩා විවේචනාත්මකව අදහස් පලකළේය.තමා බදාදා දිනයේ කළ සම්පූර්ණ කතාව ගැන කිසිවකුගේවත් අවධානය යොමුව නැති බවත්, මාධ්‍ය අවධානය යොමුකර ඇත්තේ එහි ඇතැම් කොටස් වලට පමණක් බවත් ඔහු කීවේය.පැමිණ සිටි ඇමැතිවරයකු ඇමතූ ඔහු, එදා සම්පූර්ණ කතාව අසා සිටියේදැයි විමසුවේය.නැතැයි පිළිතුරු ලැබුනි.තමා එදින කතාව අවසන් කළේ මෙම රජය පෙරළීමට කිසිදු පුද්ගලයකුට අවස්ථාව ලබා නොදෙන බව සහතික කරමින් යැයි ජනපති සිරිසේන එවිට කීවේය. ‘‘ඇයි ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ?‘‘ ඔහු විමසුවේය.තමා පලකළ අදහස් වලට කිසිදු අවස්ථාවකදී අගමැතිවරයාව ගාවා නොගත් බව ජනපති සිරිසේන පැවසුවේය.තමා ඉතාම ප‍්‍රවේසම් වූ බව ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් දෙදෙනක් අමනාපයෙන් මෙන් අදහස් දක්වමින්, ප‍්‍රශ්න වැලක් ජනපතිවරයාට යොමු කළහ.නමුත් අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම පිළිබද තමා පලකළ අදහස් අරබයා පසුතැවීමක් ජනපති සිරිසේනට නොතිබින.එහි අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට සැරසෙන බව දැනගැනීමට ඇතත්, එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගයක් පවසා සිටියේ එවැන්නක් සිදුනොවනු ඇති බවය.තවදුරටත් තනතුරේ රැුදී සිටීමට ඇයගේ සිත වෙනස් කරනු වස් විවිධ කි‍්‍රයාමාර්ගයන් දැනටමත් ගෙන ඇත.නමුත් ජනපති සිරිසේනට සමිීප ආරංචි මාර්ග පවසන්නේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධයෙන් පවතින අදහස වෙනස් කරගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති බවය.කොමිසමේ ප‍්‍රධානී විනිසුරු ටී.බී.විජේසූරිය මහතාද එම ධූරයෙන් ඉවත්වනු ඇතැයි අපේක්ෂිතය. දැනට කි‍්‍රයාත්මක විමර්ෂණ කඩිනම් කිරීමටත්, වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් තමා කටයුතු කරන බව ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හමුවේ පැවසුවේය.දිගින් දිගටම සාකච්ඡුාව ඇදී ගියද, අවසානය වන විට තීරණයකට එළැඹිීගත නොහැකිව ඉතිරිවූ කරුණු රැුසක් තිබුනු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට හැකිවිය.පොලිසිය සම්බන්ධ කරුණුද ඒ අතර තිබී ඇත.බ‍්‍රහස්පතින්දා මෙම හමුව පැවැත්වෙන අතරවාරයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් නිලධාරීන් සිටියේ අවදියෙන්ය.මත්කුඩු මර්දන වැඩපිළිවෙලක් දියත් කරනු වස් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර තිබින.මේ සම්බන්ධයෙන්ද බ‍්‍රහස්පතින්දා පැය හතරකට ආසන්න කාලයක් පැවැත්වුන හමුවේදී ද සාකච්ඡුා කැරින. ජනපතිවරණයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ සිවිල් සමාජ කණ්ඩායම්ද ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ සිටියේ අසතුටිනි.සිකුරාදා තමන් හමුවට පැමිණෙන ලෙස ජනපතිවරයා කළ ආරාධනයක් බැහැර කළ ඔවුන්, ඒ අවස්ථාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසුව, වෙනත් දිනයකදී ජනපතිවරයා හමුවට පැමිණිය හැකි බව දන්වා යැවූහ.එම මාධ්‍ය හමුවේදී විවිධ කණ්ඩායම් දැක්වූ අදහස් වල සංක්ෂිප්තයක් පහත ඇත. පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් සහ තම හිතවතුන්ගෙන් ජනතාව විමසමින් සිටින බවයි.විමල් වීරවංශටද පිළිතුරු දීමට දැන් තමාට සිදුව තිබෙන බව ඔහු පැවසුවේය.ජනපති සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කරමින් ඇතැමුන් අදහස් දක්වන බවත්, ජනපති සිරිසේන බලයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවන බවත් ඔහු කීවේය.අනෙක් පසින් හිටපු ආරක්ෂක ලේකම්වරයකු අධිකරණයට කැදවීම අබයා ජනපතිවරයා පිළිකුලට පත්වන්නේ, අප‍්‍රසාදය පලකරන්නේ ඇයිදැයි ඔහු විමසුවේය.අධිකරණය හමුවට කැදවුනු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනද සේවය කරමින් සිටියේ පෞද්ගලික ආයතනයක බව ඔහු පැවසුවේය. ස්වාධීන කොමිසම් ගැන අභිමානයෙන් එදා කතා කළද, අද ජනපතිවරයා චෝදනා නගන්නේ එම ආයතනයන් ඔහුව දැනුම්වත් නොකරන බව පවසමින් බව වියන්ගොඩ කීවේය.මුලින් දැනුම්වත් කිරීමක් සිදුවිය යුතු බවට ජනපතිවරයා විශ්වාස කරන්නේ නම් එය 19 වැනි සංශෝධනයෙන් විසඳා ගත යුතුව තිබුනු බව පැවසූ වියන්ගොඩ, සිවිල් සමාජ සංවිධාන වශයෙන් රජය හරි මග ගෙනයාමට අවැසි සියල්ල කරන බව කීවේය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාරය සරත් විජේසූරිය මහතා අදහස් දක්වමින් ජනපතිවරණයේදී ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ වංචනිකයින්ට හා දුූෂිතයින්ට නිසි දඩුවම් ලබාදීම බව පැවසුවේය.ජනපතිවරයා බලයට පත්වූ වහාම ඔහු හමුවට ගිය එක්තරා ඇමැතිවරයකු රාජපක්ෂ පවුලේ ආරක්ෂාව ගැන සහතිකයක් ඔහුගෙන් ඉල්ලා සිටි ආකාරය විජේසූරිය සිහිපත් කළේය.තවත් ඇමැතිවරයකු ඔහු සිටින තාක් කල් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට කිසිදු අනතුරක් සිදුනොවන බව ප‍්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසුවේය.විමර්ෂණ ආයතනයන්හි නිලධාරීන් ඉටුකරන මෙහෙය අගය කළ නොහැකි බව කියා සිටි විජේසූරිය, බොහෝමයක් විමර්ෂණ කටයුතු අවසාන වන්නට නියමිත බව පැවසුවේය.නමුත් එක්තරා බුද්ධි අංශ නිලධාරියකු විමර්ෂණ කටයුතු අවසාන කිරීමට ඉඩනොදී බලහත්කාරයෙන් රදවාගෙන සිටින්නේයැයි ඔහු හෙළි කළේය. විමර්ෂණ කටයුතු පමා වන්නේ යැයි මැසිවිලි නගන ජනපතිවරයාටම, එම විමර්ෂණ කටයුතු ඉක්මන් කිරීමේ හැකියාව ඇති බව විජේසූරිය පැවසුවේය.ෆවුසි ඇමැතිවරයාට නැගී ඇති රාජ්‍ය වාහන අවභාවිතා කිරීමේ චෝදනාව ගැන පැහැදිලි කළ ඔහු, එසේ අවභාවිතා කර ඇතැයි චෝදනා නැගී ඇත්තේ ඩෙන්මාර්කයේ පරිත්‍යාගයක් ලෙස ලැබී තිබෙන සුනාමි අනතුරු ඇගවීමේ පද්දතියක් සවිකළ වාහනයක් අරබයා බව පැවසුවේය.වංචා හා දුූෂණ වල යෙදී ඇති පුද්ගලයින් ආරක්ෂා නොකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද, එක්ව වැඩ කරන ලෙස ජනපතිවරයා සහ අගමැතිවරයා දෙදෙනගෙන්ම ඉල්ලා සිටින බවද, විජේසූරිය කීවේය. ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය හමුවේ ඇතිවූ නොසන්සුන්තාවය තවමත් පහව ගොස් නොමැත.අධිකරණයට, පොලිසියේ විමර්ෂණ ඒකකයන්ට, ඔහු එල්ල කළේ ප‍්‍රබල පහරකි.සිදුකළ යුතුව තිබුනේ ඔහු අගහරුවාදා පැවැත්වූවා හා සමාන හමුවක්, පොලිසියේ සහ අධිකරණයේ ප‍්‍රධානීන් සමග පැවැත්වීමය.නමුත් එවැන්නක් සිදුනොවින.ඒ වෙනුවෙට ජනතාවට ලැබුනේ මාධ්‍ය කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකි. අද, ජනපතිවරයා හෝ අගමැතිවරයා හෝ දිවයිනේ නැත.ඒ හමුවේ ඔවුන්ගේ අදහස් දැනගැනීමට ක‍්‍රමයක්ද නැත. පහත පුවත් වාර්තාකරණයේ යෙදිය යුතු ආකාරය සම්බන්ධයෙන් දිවයිනේ මාධ්‍ය ආයතන වෙත පාර්ලිමෙන්තු සංශෝධන හා මාධ්‍ය අමාත්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා නිකුත් කළ උපදෙස් මාලාවේ සංක්ෂිප්තයකි. උපදෙස් මාලාවේ ආරම්භයේ ඔහු පක්ෂ දෙකක් අතර ඇතිව තිබෙන අවබෝධතාවයකදී, එක් පක්ෂයක් එම අවබෝධතාවය අනුව කටයුතු නොකිරීම අරබයා, ඊට හේතුවූ කරුණු වටහාගෙන, අපක්ෂපාතී, සාධාරණ වාර්තාකරණයක යෙදිය යුතුවීමේ වැදගත්කම පෙන්වාදී ඇත.නමුත් මෙම අවස්ථාවේදී, කුමන පක්ෂය, කුමන අවබෝධතාව කඩකර ඇතිදැයි ඔහු සදහන් කර නොමැත. ’‘ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡුාවක් සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමන් යටතට අයත් වන යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු පලකළ අදහස් අරබයා පලවෙමින් තිබෙන මාධ්‍ය වාර්තා හමුවේ කිසියම් තත්ත්වයක් නිර්මානය වෙමින් තිබේ.ඉදිරියේ මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වෙන බවටත් දැනටමත් ඇතැම් පාර්ශවයන් නිවේදනය කර ඇත.පළමු කරුණ ලෙස මම ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මේ සම්බන්ධයෙන් වන පුවත් වාර්තාකරණය ජනපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි නොවන අන්දමින් සිදුකළ යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ය.‘‘ ’‘ මෙවැනි ගැටලූවක් අරබයා පැන නැගිය හැකි අහිතකර තත්ත්වයන් රටේ වත්මන් වාතාවරණය මෙන්ම අනාගතය කෙරෙහිද අයහපත් ලෙස බලපැවැත්විය හැකි නිසා, ඔබ මේ සම්බන්ධයෙන් පිළිපැදිය හැකි ඉහළම වෘත්තිමය සහ විනයමය තත්ත්වයන් අනුගමනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.එය සදහන් කරන අතරම පහත කරුණු වෙත ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.‘‘ ’‘ සෑම කි‍්‍රයාවකටම බලයෙන් සමාන වූද කි‍්‍රයාවෙන් ප‍්‍රතිවිරුද්ධ වූද ප‍්‍රතිකි‍්‍රයාවක් ඇත, යන විද්‍යා න්‍යාය ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.මෙය සැළකිල්ලට ගනිමින්, ප‍්‍රතිවිපාකයන් ඇතිවීම වළක්වාගනු වස්, ඇතැම් කි‍්‍රයාකාරකම් වල යෙදීමෙන් වැළකීමට කෙනෙකුට හැකියාව ඇත.පිටස්තර පුද්ගලයකු එය දකින ආකාරය සෑම විටම පවත්නා යථාර්ථය නොවේ.‘‘ ’‘ දැනට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබෙන්නේ ජනපති කළ නිරීක්ෂණයකට අදාළව ඔහු කළකි‍්‍රයාවකට, ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙසය.නමුත් විය යුත්තේ එය නොවේ.ජනපතිගේ කි‍්‍රයාවට හේතුවූ කරුණු අධ්‍යනය කිරීම පළමුකොට සිදුවිය යුතුය.ඒ අනුව හරවත්, වැදගත්, සංවාදයක් ඇති කිරීම අනතුරුව සිදුවිය යුතුය.එසේ නොමැති නම් ප‍්‍රතිඵලය භයානක වනු ඇත.‘‘ ’‘ පටු පැහැදිලි කිරීම් වලට සීමා වන අවස්ථා මගහැරීම වැදගත්ය.ජනපතිවරයා ප‍්‍රකාශ කළ වචන කිහිපයක් මුල් කරගෙන, මෙවැනි අනවශ්‍ය කියැවීමක් ඇති කිරීම අවාසනාවන්ත තත්ත්වයකි.ගෙවුනු වසර එක හමාරක පමණ කාලයේ, ජනපතිගේ දැක්ම හා අදහස් ශී‍්‍ර ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද පිළිගැනින.නමුත් මාධ්‍ය මගින් කෙරෙන පටු පැහැදිලි කිරීම් වලින්, දිනාගත් දේ අහිමි වීමේ අවදානමක් ඇත.‘‘ 
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.  අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණය ඉදිරිපත්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව හා පළකළ අදහස් ජනපති සිරිසේනගේ අවධානයට යොමුවන විට ඔහු සිටියේ අම්පාර නගරයේය.එය ඉරිදා දිනය විය.සඳුදා දින උදෑසනම හෙතෙම දිනේෂ් ගුණවර්ධන හා දුරකථනයෙන් සම්බන්ධ විය. සන්ඬේ ටයිම්ස් වෙත පළකර ඇති අදහස් සත්‍යදැයි ජනපතිවරයා ගුණවර්ධනගෙන් විමසීය. ‘මම තවම ඒක කියෙව්වේ නැහැ’ එහා කොනෙන් ලැබුණු පිළිතුර වුනි.නව පක්ෂයක් පිහිටුවාගැනීමේ උත්සාහයක් තිබෙන්නේදැයි ජනපතිවරයාගේ ඊළග පැනය විය.ිඔව් පක්ෂය එකතු කරන්න ගත්ත පියවරවල් වලින් වැඩක් වෙලා නැහැනේ.පක්ෂයක් පිහිටුවාගන්නවා හැරෙන්න අවෙන විකල්පයක් අපට නැහැ’ ගුණවර්ධන පිළිතුරු දුන්නේය.‘මම අපේ ස්ථාවරය ජනපතිවරයාට පැහැදිලි කළා’ .සන්ඬේ ටයිම්ස් මෙම දුරකථන සංවාදය පිළිඹද විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා පවසා සිටියේ එසේය.වැඩිදුර තොරතුරු හෙළිකිරීම ඔහු ප‍්‍රතික්ෂේප කළේය.මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ජනපතිවරයාට බල කිරීමේ අරමුණින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් පසුගියදා මාතර නගරයේදී පැවැත්වින.එයට විශාල ජනකායක් සහභාගීව සිටි අතර එම ජනතාව දැකීම ජනපති සිරිසේනව කැළඹීමට පත්කර ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. රැස්වීම පැවැත්වීමට පෙර දිනක ඔහු එම දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් තත්ත්වය පිළිබඳ විමසා සිටියේය.ගෙවුණු මැයි මස 29 වැනිදා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුණි. ඔහු සමගම මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තවත් මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය හා වජිර දහනායකටද නියෝජ්‍ය අමාත්‍යධූරයන් හිමිවිය. වජිර දහනායකට නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් වැඩි ප‍්‍රසාදයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට නොමැති බවද සඳහන්ය. ඇයි මේ ජනතාව මේ රැස්වීමට යන්නේ’ ජනපතිවරයාගෙන් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාට ඉදිරිපත්වූ පැනය විය. ගම්පහ හෝ අම්පාර ප‍්‍රදේශයේ මීළඟ රැස්වීම පැවැත්වීමට රාජපක්ෂ ආධාරකරුවන් සැළසුම් කරමින් සිටී. ඔවුන් සැලසුම් සකස් කරන අතරේ ජනපති සිරිසේනද තමන්ගේම සැළසුම් දියත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්සත් කරනු විශේෂ සම්මන්ත‍්‍රණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇත. පසුගියදා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ප‍්‍රකාශ කළ පරිදි මීළඟ සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිතව ඇත්තේ බදුල්ලේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීම මුලින් කසුකුසු වලට පමණක් සීමාවී පැවතියද දැන් එය යතාර්ථයක් බවට පත්වන ලකුණු පෙනේනන්ට තිබේ.මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගේද දැඩි අවධානය යොමුව තිබේ.ගෙවුණු සතිකිහිපයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන සුසිල් පේ‍්‍රමජයන්ත, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා හා ජෝන් අමරතුංග සිව්දෙන නොයෙක් වර ජනපතිවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළහ. ඔවුන්ගේ අදහස වූයේ හිටපු ජනපතිවරයාව නැවත වරක් පක්ෂ කටයුතු වලට හවුල් කරගතයුතුව තිබෙන බවය. පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් හා සංවිධාන වල කැමැත්ත තවමත් තිබෙන්නේ හිටපු ජනපතිවරයාට බව ඔවුන් ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේය. තමන් පවසන්න දෙය පිළිගන්නේ නැතිනම් බිම් මට්ටමේ සාමාජිකයින්ගේ හමුවක් පවත්වා සත්‍ය වටහාගන්නා ලෙස ඔවුහු කීහ. පසුගිය ඉරිදා උදෑසන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය පාලන ඒකක වල නියෝජිතයින් වන පක්ෂ සාමාජිකයින් ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට කැදවා විශේෂ හමුවක් පැවැත්වීමට ජනපතිවරයා කටයුතු කළේ මේ අනුවය. එදින සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කර තිබූ කරුණුද ජනපතිවරයාගේ සැළකිල්ලට ලක්විය.පසුගිය සතිය පුරාවට ශී‍්‍රලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නොයෙකුත් හැළහැප්පීම් දැකගත හැකිවූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මලික් සමරවික‍්‍රම,කබීර් හෂීම්,කරූ ජයසූරිය,ලක්ෂ්මන් කිරිඇල්ල හා රවී කරුණානායක සඳුදා රැයේ ජනපතිවරයා හමුවිය. ජූනි මස 12 වැනිදා පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කමිටු හමුවේදී ගනු ලැබූ තීරණ පිළිඹදව ජනපතිවරයා දැනුම්වත් කිරීම ඔවුන්ගේ අරමුණ වුනි.එදා කමිටු හමුවෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂය ජනවාරි මස 8 වැනිදා ආරම්භ කළ විප්ලවයේ ගමන විනාශ කිරීමට තැත් කරමින් සිටින්නේයැයි විපක්ෂයට චෝදනා කළේය. ඒ සමගම පාර්ලිමේන්තුව වහාම විසිරුවා හැර ජනතා කැමැත්තෙන් පත්වන නව රජයකට ඉඩසලසා දෙන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීවේය. කමිටුවේදී ගනු ලැබූ තීරණයන් ජනපතිවරයාට ලිඛිතව දැනුම්දෙන බව මුලින් සඳහන් කෙරුණද සඳුදා දිනයේදී පක්ෂ සාමාජිකයින් ජනපතිවරයාව පෞද්ගලිකවම හමුවීමට පැමිණ සිටීමෙන් එම තීරණය වෙනස්වී ඇති බවක් දැකගත හැකිවුනි.පැයක් පමණ පැවැත්වුනු සාකච්ඡාවේදී දෙපාර්ශවයම සෘජුව අදහස් ප‍්‍රකාශ කිරීමේ යෙදුණහ. ජනපතිවරයා දිනවීමට එක්සත් ජාතික පක්ෂය විශාල මෙහෙයක් ඉටුකළ බව නියෝජිත පිරිස කීහ. එය සත්‍ය බව පිළිගත් ජනපතිවරයා තමාගේ පැත්තෙන්ද දුන් පොරොන්දු ඉටුකළ බව ඔවුන්ට මතක් කර දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමද, සුළුතරය හිමි රජයකට පාලන බලය ලබාදීමද තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිදුකළ බව ඔහු කීවේය. පක්ෂයේ බිම් මට්ටමෙන් පාර්ලිමෙන්තුව වහා විසිරුවා හැරිය යුතුව ඇතැයි යන මතය දැන් දැඩිව නැගෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පැවසූහ. දින සියයේ වැඩපිළිවෙලිසාර්ථක අවසානයක්’ දැක ඇති හෙයින් තවත් පමා නොකර පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුව ඇතැයි ඔවුහු ජනපතිවරයාට පෙන්වා දුන්හ.යෝජිත නව මැතිවරණ ක‍්‍රමය අරබයා පැනනැගී ඇති ගැටලූද දෙපාර්ශවය අතර සාකච්ඡාවට බදුන් විය.පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවට සිදුකෙරෙන සංශෝධනයන් අරබයා රජයේ සියලූ පාර්ශවකරුවන් අතර මේ වන විට බෙදීම් ඇතිව තිබෙන අතර,ජනපතිවරයාට පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 ක් දක්වාත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එම සංඛ්‍යාව 255 ක් දක්වාත් ඉහළ දැමීමට අවැසිවුවත් එක්සත් ජාතික පක්ෂය ඊට දැඩිව විරෝධය පළකරමින් පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව පවතින 225 අගයේම පැවතිය යුතුයැයි මතයක සිටී.ඒ අතර සුළු පක්ෂ වලට අවශ්‍යව ඇත්තේ පක්ෂයට හා අපේක්ෂකයාට එක බැගින් මනාප හිමිවන ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීමටය.මෙයට ප‍්‍රධාන පක්ෂවල කැමැත්තක් නැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ එසේ ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙන් එකම පක්ෂයේ සාමාජිකයින් අතර අනවශ්‍ය පරිදි ගැටුම් ඇතිවීමේ ප‍්‍රවණතාවත් උද්ගතවීමට ඉඩ තිබෙන බව පෙන්වාදුන්හ.මෙසේ මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට විවිධ අදහස් තිබෙන බැවින් එම අදහස් සියල්ල එක්කොට ලියවිල්ලක් සකස් කර එය ජනමත විමසුමකට ලක්කර,ඒ අතර කාලයේ පාර්ලිමෙන්තු මැතිවරණය පවත්වා පත්වන නව රජයට එම ජනමත විමසුමෙන් ලැබෙන ප‍්‍රතිඵල අනුව නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බව ඔවුන්ගේ අදහස විය.අගමැතිවරයාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගයන් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත්හ.විපක්ෂයේ මෙම උත්සාහය සම්පූර්ණයෙන්ම සදාචාරවිරෝධී යැයි ඔවුහු චෝදනා කළහ.පසුගිය අගහරුවාදා පැවැත්වුනු පක්ෂ නායක හමුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය විභාගයට ගැනෙන දිනයක් පිළිඹද එකඟතාවයකට පැමිණීමට නොහැකිවූ අතර එය දැනට පාර්ලිමෙන්තු වාර්තා පොතට පමණක් සීමාවී තිබේ.රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ජූලි මස 6 වැනිදා විභාගයට ගැනෙන බව මින් පෙර අවස්ථාවක පැවති පක්ෂ නායක හමුවකදී සඳහන්වූ අතර මෙවර පක්ෂ නායක හමුවේදීද එම දිනයේ කිසිදු වෙනසක් සිදුනොවන බව පැවසුනි.මෙම විශ්වාසභංගයන් විභාගයට ගැනීම තබා ඒවා පාර්ලිමෙන්තු වාර්තා පොතට පවා ඇතුළත්විය නොයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි.19ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නේයැයි ජනපතිවරයා එදා දුන් පොරොන්දුවද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සිිහිකැදවීය.ඔවුන්ව අස්වැසූ ජනපතිවරයා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තමන් අනිවාර්යයෙන්ම කරන්නේ වුවත් එය සිදුකෙරෙන නිශ්චිත දිනයක් පවසා සිටිය නොහැකි බව කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසට ජනපතිවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රමාණවත්වූ සෙයක් පෙනුනි.තමන්ට දිනය කවදාදැයි දැනගැනීමට අවශ්‍යතාවක් නැතත් පාර්ලිමෙන්තුව අගෝස්තු මාසය වන විටදීවත් විසිරුවා හැරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ඔවුහු කීහ.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කිරීම යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂට තව තවත් බලවත් වීමට අවස්ථාව සළසා දෙන්නක් බව ඔවුහු පෙන්වාදුන්හ.ජනපතිවරණ සමයේ එදා ජනපති අපේක්ෂකයෙකු ලෙස මෛතී‍්‍රපාල සිරිසේන දුන් පොරොන්දුවක් වූයේ මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට ඔහු ඇපකැප වී කටයුතු කරන බවයි.ජනාධිපතිවූ පසුවද ඔහු නොයෙක් වර මෙය සඳහන් කළේය.නමුත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හා පැවැත්වුනු සාකච්ඡුාවේදී ඔහුගෙන් එක්වරම පළවූයේ මිීට ඉදුරාම වෙනස් මතයකි.තමන් දේශපාලන පක්ෂ සාමාජිකයින් හා නායකයින් සමග පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත කුමන හෝ ආකාරයකින් නිදහස් වන බවත් එය නැවැත්වීමට තමන්ට අවශ්‍ය බවත් ඔහු කීවේය.මෙය එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස මවිතයට පත්කිරීමට සමත්වුනි.ිඅපි ජනාධිපතිවරණයේදී එකක් කියලා දැන් තව එකක් කියන්න වගේ යන්නෙ’් .සාධාරණ හේතු නිසා නම සදහන් කිරීමට අකමැතිවූ එම නියෝජිත පිරිසේ සිටි එක් සාමාජිකයෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් පළකළේය.ිඅනික අපි කතා කළේ ජනතාවත් දැනගන්න  ඕනේ දේවල් ගැන.ජාතික ආරක්ෂාවට හානි වන දේවල් ගැන නොවෙය ි’ .ඔහු වැඩිදුරටත් කීවේය.මේ වන විටත් රාජ්‍ය බුද්ධි සේවය ජනපතිවරයා පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයාබලමින් සිටින බව රහසක් නොවේ.පසුගිය රජය සමයේද මෙය මෙසේම සිදුවිය.නමුත් අද වෙනස වන්නේ එදා මෙන් කාර්යක්ෂමව හා ස්ථීරසාර ලෙස එම කටයුතු සිදුනොවීමය.මෙවන් තත්ත්වයක් හමුවේ ජනමාධ්‍යවේදීන්ට සිටින්නට සිදුවනු ඇත්තේ පසුගිය සමයේ මෙන් නොයෙක්වර තමන්ගේ උරහිසට ඉහළින් පසුපසට එබී බලමින්ය.අද බලයට පත්ව සිටින නව රජය එදා නම් කීවේ එවා අතීතයට අයත් කාරණා බවට පත්වනු ඇතැයි කියාය.අගහරුවාදා උදැෑසන ශී‍්‍රලංකා පදනම් ආයතනයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්,පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය සභා සාමාජිකයින් ජනපති සිරිසේනගේ නියමයෙන් ශී‍්‍රලංකා පදනම් ආයතනට එක්රැුස්ව සිටියේය.ඔවුන් අමතමින් ජනපති සිරිසේන 20ඒ සම්මත කරගැනීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සියලූදෙනාගේ සහය අවැසි වන බව කියාසිටියේය.සියලූදෙනා අපේක්ෂාවෙන් සිටි මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ අනාගතය යන කරුණ ඉදිරියට ගෙන ආවේ බන්දුල ගුණවර්ධන,ඩිලාන් පෙරේරා හා ධනසිරි අමරතුංග යන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ය.රාජපක්ෂ නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමෙන්තු මැතිවරණයට සාර්ථකව මුහුණදිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවට ඔවුහු තර්ක කළහ.දිගු සාකච්ඡුාවකින් පසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය විය.සුසිල් පේ‍්‍රමජයන්ත,අනුර පි‍්‍රයදර්ශන යාපා,ජෝන් සෙනෙවිරත්න,ඩිලාන් පෙරේරා,කුමාර වෙල්ගම හා ටී.බී.ඒකනායකගෙන් කමිටුව සැදුම් ලැබීය.අඟහරුවාදා පැවැත්වුනු හමුවේ ජනපති සිරිසේනගේ අරමුණවූයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ හිතවාදීන්ගේ සහය තමන්කෙරේ ලබාගැනීම බව පැහැදිලිය.පෙර අවස්ථාවක පාර්ලිමෙන්තු සංකීර්ණයේදී හිටපු මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ ඔහු රාජපක්ෂ ඉදිරිපත් කළ කොන්දේසි ප‍්‍රතික්ෂේප කිරීමත් සමග සාකච්ඡුාව නිමාව දුටු වහාම ගියේ අගමැතිවරයා හමුවීමටය.අනතුරුව ඔහු නිදහස් චතුරස‍්‍රයට පැමිණ හිටපු ජනපතිනිී චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවිය.රට පාලනය කරන ති‍්‍රත්වය වන්නේ මේ ජනපතිවරයා සමග මේ දෙදෙනාය.නමුත් මෙවර ඔහු ඒ දෙදෙනාගෙන් එක් අයෙකුවත් හමුවීමට ගියේ නැත.6 දෙනාගේ කමිටුව බල බලා නොසිට එදිනම වැඩ ආරම්භ කළේය.සිකුරාදා සැන්දැෑ යාමයේ කොළඹ ජෝන් සෙනෙවිරත්නගේ නිවසට එක්රැුස්වූ ඔවුහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් පක්ෂයට ගෙන ආ යුතුයැයිද,ඔහුගේ නායකත්වය යටතේ පාර්ලිමෙන්තු මැතිවරණය මෙහෙයවිය යුතුයැයිද ඒකමතිකව තීරණය කළහ.මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා සාකච්ඡුා කිරීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමටද තීරණය විය.නමුත් කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදුවීමට වටපිටාව සැකසෙමින් තිබුණි.බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සේනාරත්න අමාත්‍යවරයාගෙන් ජනපතිවරයාගේ නියමය මත පත්වූ 6 දෙනාගේ කමිටුවේ වත්මන් ප‍්‍රගතිය පිළිඹද විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට අදහස් දැක්වූයේ මෙලෙසය. ‘අපට එකට එකතු වෙලා වැඩකරන්න කිසිම බාධාවක් නැහැ.ජනපතිවරයාත් එයට කැමතියි.කමිටුව පත්කිරීමේ එක් අරමුණක් වුනේ මෙහෙම එකට එකතුවෙලා වැඩකරන්න තියෙන අවස්ථා ගැන හොයලා බලන එක.අනෙක අපි පහුගිය සමයේ පක්ෂයේ සමගිය ඇතිකරවන්න පැවැත්වූ සාකච්ඡුාව නැවත වරක් ආරම්භ කරවන එක.කමිටුව පත්වුනාට පස්සේ ඔවුන් බදාදා රැුයේ ජනපතිවරයාව හමුවුනා.ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දී තිබුණා එදා බිද වැටුණු සාකච්ඡුා එතැන ඉදන් නැවත පටන්ගන්නය කියා.එදා සාකච්ඡුා නැවතුනේ කොතනද කියලා ඔබට මතක ඇතිනේ.කමිටුව ජනපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළා හිටපු ජනපතිවරයාව පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන ලෙස,ජනපතිවරයා එය ප‍්‍රතික්ෂේප පළා.ඊළගට ඔවුන් කීවේ එහෙනම් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ඇතුල් වෙන්න අවස්ථාව ලබාදෙන්න කියා.එයද ප‍්‍රතික්ෂේප කෙරුනා.කමිටුව කීවා එහෙමනම් අඩුමතරමේ පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නාමයෝජනාවත් ලබාදෙන්න කියලා.එයත් ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළා.’සේනාරත්න අමාත්‍යවරයා පැවසූ මෙම කරුණු කිසිවක් සත්‍ය නොවේ.ජනපතිවරයා හා කමිටු සාමාජිකයින් අතර බදාදා රැුයේ ඔහු පවසන ලෙසට හමුවක් පැවැත්වුනේ නැත.අනෙක් අතට සේනාරත්න යනු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාද නොවේ.සිකුරාදා උදැෑසන සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධවූ කමිටු සාමාජිකයෝ තිදෙනෙක් සේනාරත්නගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකළේ පහත ආකාරයටය. ඩිලාන් පෙරේරා –ිඑයා හීන දකිනවාද කොහෙද.එහෙම හමුවක් පැවැත්වුනේ නැහැ.පුලූවන්නම් එය ඔප්පු කර පෙන්වන්න.ඔප්පු කරලා පෙන්වන්න බැරිවුනොත් එයා ඉල්ලා අස්වෙන්න  ඕනේ.හැබැයි එයාට ඔප්පු කරන්න පුුලූවන් වුනොත් අපි එදා ? ජනපතිවරයාව හමුවුනා කියලා අපි සියලූදෙනා පාර්ලිමෙන්තුවෙන් ඉවත්වෙනවා.’කුමාර වෙල්ගම –ිඑයා කියන්නේ බොරු.ඔය කියන දවසේ ඔය කියන වෙලාවේ අපි ජනපතිවරයා හමුවුනේ නැහැ.සිකුරාදා සවස් වරුව තමයි අපට ජනපතිවරයාව හමුවෙන්න වෙන්කරලා තියෙන්නේ.’ටී.බී.ඒකනායක –ිරාජිත සේනාරත්න කියන විදිහට අපි ජනාපතිවරයාව බදාදා රැුයේ හමුවුනේ නැහැ.ඒක අමූලික බොරුවක්.රාජිත ඇමතිතුමා දැන් විහිලූකාරයෙක් වෙලා.පක්ෂ ගොඩක ඉදලා ඇවිල්ලා දැන් ඔහු උත්සාහ කරන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න.ඔහුගේ ප‍්‍රකාශය අප සියලූදෙනාට අවමානයක්.’6 දෙනාගේ කමිටුව සැබෑවටම ජනපතිවරයාව හමුවූයේ සිකුරාදා සවස් වරුවේය.ජනපතිලේකම් කාර්යාලයේ පැවැත්වුනු එම හමුව පැයකට පමණ සීමාවිය.අත්තනෝමතික ප‍්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් දැඩිව සේනාරත්න අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ බවත් ඔහු එවැනි ප‍්‍රකාශයක් නොකළ යුතුව තිබුණේ යැයි තමන් පිළිගන්නා බවත් ජනපතිවරයා කීවේය.අනතුරුව තම ස්ථාවරය පැහැදිලි කළ ජනපති සිරිසේන තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම්කිරීමට හෝ,ඔහුට නාමයෝජනා ලබාදීමට හෝ,ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීමට හෝ කිසිසේත්ම සූදානම් නොමැති බව කීවේය.නමුත් ඔහු වෙනුවෙන්ිසම්භාවනීය තනතුරක’් පිරිනැමිය හැකියැයි ජනපතිවරයා පැවසුවේය.ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්,මැලේසියාවේ මහතීර් මොහොමඞ්,සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වැන්නවුන් ජනාධිපතිධූරය දැරීමෙන් පසු දිගටම ඔවුන්ගේ රටවලට සේවය කළ අයුරින් මහින්ද රාජපක්ෂ මහතාටත් ඔවුන් හා සමානව රටට සේවය කිරීමට ඉන් අවස්ථාව සැළසෙනු ඇති බව ජනපතිවරයා පැවසුවේය.එම තනතුරේ රැුදී සිටිමින් මහින්ද රාජපක්ෂට ශී‍්‍රලංකාව නියෝජනය කරමින් විදෙස් සංචාරයන්හි නියැළීමටත්,ශී‍්‍රලංකාව වෙනුවෙන් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ගොඩනගාගැනීමටත් හැකිවන බව ජනපතිවරයා පැහැදිලි කළේය.අනතුරුව ඔහු අනතුරු ඇගවීමක්ද සිදුකළේය.විදෙස් රටවල් කිහිපයක්ම රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටින බව ඔහු කීවේය.මෙම රටවල් මොනවාදැයි ඔහු පැවසුවේ නැත.මෙසේ පරීක්ෂණ පැවැත්වීමට එම රටවල් සූදානමින් සිටින්නේනම් එයට පදනම වන්නේ රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනපතිවරයාට හා ඔහුගේ හිතෛශීන්ට එරෙහිව නැගුනු යුධ අපරාධ චෝදනා යැයි සිතිය හැකිය.මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය.එක්සත් ජාතික පක්ෂ නායකත්වයද රාජපක්ෂ හා සහයෝගයෙන් කටයුතු කර තිබෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ජනපති සිරිසේන පැවසීය.අනුර හා සුසිල් අදහස් දක්වමින් රාජපක්ෂට මැතිවරණය ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇතැයි නැවත නැවතත් කීහ.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සියයට 90 ක් පමණම දෙනා තවමත් පක්ෂපාතීත්වය දක්වන්නේ ඔහුට යැයි ඔවුන් පැවසූහ.නමුත් ජනපති සිරිසේන තම ස්ථාවරය වෙනස් නොකළේය.සම්භාවනීය තනතුරක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසා දැනුම්දෙන ලෙස ජනපතිවරයා නියෝග කළේය.නමුත් කමිටු සාමාජිකයින්ගේ මතය වූයේ හිටපු ජනපතිවරයා කිසිසේතම එවන් යෝජනාවකට එකග නොවනු ඇතැයි යන්නය.එයට වැඩි අවධානයක් යොමුනොකළ ජනපතිවරයා තමන් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව කීවේය.රාජපක්ෂ හිතවාදීන් ඉවත් කර නව පක්ෂ සංවිධායකවරුන් පත්කිරීමේ කටයුතු වල ඔහු මේ දිනවල නියැළී සිටින අතර දුූෂණ චෝදනා යන්තම් හෝ නැගී ඇති කිසිවෙකුට හෝ පක්ෂය වෙනුවෙන් පත්වීම් ලබානොදෙන බවද ඔහු නිවේදන කර ඇත.ජනපතිවරයා හා හමුවෙන් පසු කමිටු සාමාජිකයෝ හය දෙන ඔවුනොවුන් අතරම අදහස් හුවමාරු කරගත්හ.ජනපති සිරිසේන රාජපක්ෂට සම්භාවනීය තනතුරක් ලබාදෙන්නට සැරසෙන්නේ එසේ නොකළහොත් යුධ අපරාධ සම්බන්ධයේන පැවැත්වෙන පරීක්ෂණ වලින් ඔහුට ආරක්ෂාව ලබා නොදෙන බව නොකියා කියමින් යැයි එක් අයෙක් පැවසීය.එවන් පරීක්ෂණ වලින් ගැලවී ගැනීමට නම් ජනපතිවරයාගේ යෝජනාවට එකගවනවා විනා රාජපක්ෂට අන් කළ හැකි කිසි දෙයක් නොමැති බව ඔහුගේ මතය විය.කෙසේවුවත් රාජපක්ෂට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ එවැනි තනතුරක් භාරගැනීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොමැති බවය.නුදරේදීම මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදුකිරීමටද ඔහු සූදානම් වන බවද සදහන්ය.යෝජිත නව මැතිවරණ ක‍්‍රමය රැුගත් 20ඒ ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ උණුසුම් මාතෘකාවකි.ජූනි මස 12 වැනිදා දිනයේ පැවැත්වුනු විශේෂ කැබිනට් හමුවකින් පසුව පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 දක්වා ඉහළ දැමිීමටත්,මැතිවරණ ක‍්‍රමය පිළිඹද අනෙක් යෝජනා වලට එකගතාවය පළවූ පසු 20ඒ සංශෝධනය කෙටුම්පත් කිරීමට භාරදෙනු ලැබිණ.අනතුරුව ගැසට් කෙරෙනු ලැබූවත් ජනතාව අතර සංසරණය කෙරුණේ අඩු පිටපත් සංඛ්‍යාවකි.මුද්‍රණ දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන් පවා ගැසට් පත‍්‍රයේ පිටපතක් ලබාගත නොහැකි වුනි.මෙයට හේතුව වන්නේ 20ඒ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය පළවූයේ නොයෙකුත් ගැටුම් මධ්‍යයේ වීමය.එය තවමත් ජන මතය විමසීම සදහා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක නැත.පසුගිය බදාදා කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට ප‍්‍රථමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති සිරිසේනව හමුවූ අගමැති වික‍්‍රමසිංහ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනපතිවරයාගෙන් කරුණු විමසීය.ගැසට් කිරීමට ප‍්‍රථමයෙන් ව්‍යවස්ථාවේ විසදා ගත යුතුව තිබෙන ගැටලූ ඔහු පෙන්වා දුන්නේය.කැබිනට් මණ්ඩල හමුව අවසානයේ එදින කැබිනට් මණ්ඩලයේදී පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,පත්වන නව රජයට නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමේ වගකීම භාරදීමටත් අමාත්‍යවරුන් එකඟවූ බව සදහන් කර කැබිනට් වාර්තාව පිළියෙල කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.එයට අනුමැතිය හිමිවිය.අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතාට විශේෂ දැනුම්දීමක් සිදුකළ අගමැතිවරයා 20ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කරන ලෙස ඔහුට උපදෙස් දුන්නේය.එයට අමතරව 20ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් එදින කැබිනට් හමුවේදී සිදුවූයේ නැත.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස මූලස්ථානය පිහිටි කොම්පඤ්ඤවීදියේිදරුසලාම්හි’ 20ඒ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡුා කිරීමට සුළු පක්ෂ නියෝජිතයින් අතර හමුවක් මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.පක්ෂ 25 ක් පමණ ඊට සහභාගීව සිටියහ.ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේි20 මුලාවක’් යැයි විශේෂ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම පක්ෂය සැළසුම් කර තිබෙන බවයි.ිඅපි මෛතී‍්‍රපාල සිරිසේනට මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න උදව් කළා.දැන් එයා අපිව ගෙදර යවන්න හදනවා’ .හකීම් චෝදනා කළේය.20ඒට තම පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානයව,ලංකා කම්කරු කොංග‍්‍රසය වැනි පක්ෂය එකසේ විරුද්ධ බව ඔහු පැවසීය.පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,ඒ අතර යෝජිත නව මැතිවරණ ක‍්‍රමය පිළිඹද අදහස් දැක්වීමට ජනතාවට ඉඩලබාදීමටත් තම පක්ෂය එකඟබව ඔහු කීය.පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා දැනුම්වත් කිරීමටද කටයුතු කරන්නෙමියැයි ඔහු පැවසීය.මෙම හමුව සුළුපක්ෂ අතර සන්ධානයක් ඇතිවන්නට යන පෙරලකුණු පෙන්වාදුන්නක් වුනි.රජය කරන බොරුවෙන් මුලාවේ වැටීමට ඉඩනොදී ජනතාව ගලවා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.‘ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු දුන්නේ වැරදි කළ පුද්ගලයින්ට දඩුවම් දෙනවාය කියමින්.වංචාවට,අයුක්ති සහග පාලනයට,අසාධාරණයට තවත් ඉඩ නොතබන බවට පොරොන්දුත් දුන්නා.මේ ඔක්කොම දැන් මග නැවතිලා.පරීක්ෂණ පවත්වමින් ඉන්නා නිළධාරීන්ට දැන් එක එක්කෙනාගේ උපදෙස් අනුව වැඩකරන්න සිද්ද වෙලා.රට තියෙන්නේ අනතුරේ.පාර්ලිමෙන්තුව අද ශෝක කලාපයක්.ශෝකය ගෙන දෙන තීන්දු තීරණ විතරයි ඒකෙ ගන්නේ.20ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පොදු දේශපාලන ප‍්‍රවාහයෙන් ඉවත් කරලා දාන්න මේ කරපු කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්’. යැයි ඔහු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වීය.‘ඔවුන් අපට දේදුන්නක් පෙන්නනවා.නමුත් ගැටලූව විසදන පාටක් නැහැ.මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ක‍්‍රමය ප‍්‍රායෝගික එකක් නොවෙයි.රජය දෙමළ ඩයස්පෝරාවට වුවමනා විදිහට කටයුතු කරමින් සිටින්නේ.උතුරේ තත්ත්වය දවසින් දවස තියෙන්නේ නරක අතට හැරෙමින්.ජනතාවගේ අවශ්‍යතා මේ රජය තේරුම් අරගෙන නැහැ’ යැයි චෝදනා නගන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාය.20 ආරක්ෂා කිරීමේ යෙදෙන එක් ප‍්‍රධාන පුද්ගලයෙකු වන්නේ ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.ප‍්‍රායෝගික ගැටලූ පැවතියද නව මැතිවරණ ක‍්‍රමය යනු රටේ අනාගතය සුරක්ෂිත කිරීමට යොදාගත හැකි හොදම උපක‍්‍රමය බව ඔහු පවසයි.පාර්ලිමෙන්තුව නුදුරේදීම විසිරුවා හැරෙනු ඇතැයි දැඩිව විශ්වාස කරන අගමැති වික‍්‍රමසිංහ සිකුරාදා පැවැත්වුනු පක්ෂ කමිටු හමුවේදී එහි සාමාජිකයින්ට පාර්ලිමෙන්තු මැතිවරණය සදහා වහාම සූදානම් වන ලෙස දැනුම්දුන්නේය.තම නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළ නිළධාරීන් කණ්ඩායමක් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු සිදුකරනු ඇතැයිද ඔහු කීවේය.පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බව නිවේදනය කළ වහාම පක්ෂ සම්මේලනය පැවැත්විය යුතුව ඇතැයිද මෙම හමුවේදී තීරණය වූ අතර සම්මේලනය පැවැත්වීමට සුදුසු යැයි කොළඹ නගර ශාලාව,හයිඞ් පිටිය,සුගතදාස ගෘහස්ථ කි‍්‍රීඩාංගණය වැනි ස්ථානයන් යෝජනා විය.හමුවේදී යෝජනා 4 ක් සම්මත කරගැනුනු බවත් එයින් එකක් වූයේ අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයන් ඉවත් කර දමන්නැයි ජනපතිවරයාට බල කිරීම බවත් පසු අවස්ථාවක මෙම හමුව සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේය.තවත් යෝජනාවක් පාර්ලිමෙන්තුව ඉක්මනින් විසිරුවා හැරීම සම්බන්ධයෙන් වන්නක් බව ඔහු කීවේය.මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගැනීමට කැමති සියලූ පාර්ශවයන්ට තරගවැදීමට සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නමින් අලියා ලකුණ යටතේ බවද ඔහු අනාවරණය කළේය. ජනපති සිරිසේන තවමත් සිටින්නේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන දිනය රහසක්ව තබාගෙනය.ඒ අතර ඔහු තම පක්ෂයේ සිටින රාජපක්ෂ හිතවාදීන්ව නම්මා ගැනීමේ වෑයමකද නිරතව සිටී.ඇතැම් පුද්ගලයින්ට අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර ලැබෙද්දී තවත් කොටසකට ආසන සංවිධායක,දිස්ති‍්‍රක් සංවිධායක ධූරයන් පිරිනැමෙමින් පවතී.රාජපක්ෂ හිතවාදී ඇතැම් කොටස් වලට නාමයෝජනා ලැබේයැයි පවා සිතිය නොහැකිය.සම්භාවනීය තනතුරක් භාරගැනීමට ජනපතිවරයා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම ප‍්‍රතික්ෂේප කරනු ඇති හෙයින් එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස සන්ධානයේ ඇති බෙදීම් තවදුරටත් වර්ධනය කරවන්නක් වනු ඇත.මෙය වළක්වාගත නොහැකිවුවහොත් පසුගිය සතියේ දිනේෂ් ගුණවර්ධන පවසා සිටි පරිදි නව දේශපාලන පක්ෂයකින් මහින්ද රාජපක්ෂ පෙරට ඒම සිදුවනු ඇත.පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සදහා රාජපක්ෂ හිතවාදීන් යොදාගැනීමට අපේක්ෂාවෙන් සිටින එකම තුරුම්පුව මෙය නොවේ.එක්සත් ජාතික පක්ෂය පහළට ඇද දැමිීමේ යාන්ත‍්‍රණයක් ඔවුන් සතුය.පැති තුනකින් ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂයට පහර එල්ල කිරීමට ඔවුන් සූදානම්ය.ඉන් එක් පහරක් වනු ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඔහුගේ ලන්ඩන් සංචාරයේදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන අන්තර්ජාතික දෙමළ සංසදයේ සාමාජිකයින් හමුවීම හා සාම ප‍්‍රයත්නයේ ප‍්‍රදාන හවුල්කරුවෙකුවූ නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් හමුවීමය.දෙවැන්න නව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකු බැදුම්කර ගැටලූව පදනමේ සිට එල්ල කෙරෙනු ඇත.හිටපු රජයේ ඇමතිවරුන්ගේ දුූෂණ ගැන කියමින් ඔවුන්ට චෝදනා කළද දැන් සිටින රජයේ ඇමතිවරුන්ද යමින් සිටින්නේ එම මාර්ගයේම බව කියමින් එල්ල කෙරෙනු ඇත්තේ තෙවන පහරය.ගෙවුනු සතියේ මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුව ඉදිරියට කැදවින.කමිටු සභාපති ඞී.ඊ.ඩබ්ලියු ගුණසේකර මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් සදහන් කළේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් අදහස් විමසීමට නියමිත බවය.ඉන් අනතුරුව සාක්ෂි විමසීම අවසන් වන බව ඔහු පැවසීය.ිමා බලාපොරොත්තුවෙන් සිටිනවා සොයාගැනීමට හැකිවන දේවල් ජූලි මස 6 වැනිදාට ප‍්‍රථමයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්නට’.ඔහු කිවේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතිව තිබෙන අර්බුදය එක්සත් ජාතික පක්ෂයට වෙස්වලාගත් ආශිර්වාදයක් බව සැබෑය.නමුත් පසුගිය මැයි පළමුවැනිදා දක්වා පක්ෂය කෙරේ ජනතාවගේ තිබූ මනාපය මේ වන විට තිබෙනුයේ මදක් අඩුවීය.ඊට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට තවමත් පක්ෂය අපොහොසත්ව තිබීමය.එදා චෝදනා පිට චෝදනා නැගුනු හිටපු රජයේ ඇතැම් මැති ඇමතිවරුන් තවමත් සිටින්නේ නිදැල්ලේය.පරීක්ෂණ පැවැත්වෙතත් ඒවා සිදුවන්නේ ඉබිගමනින්ය.වංචා හා දුූෂණ සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිත මැති ඇමතිවරුන්ටම මේ වන විට පෙරළා චෝදනා නැගෙමින් තිබේ.නමුත් එක්සත් ජාතික පක්ෂය තවමත් සිටින්නේ අන් සියලූදෙනාට වඩා ඉදිරියෙන් බව සදහන් කළ යුතුය.එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සතුරා වන්නේ කාලයයි.තවත් බලාසිටීම යනු පක්ෂයේ කීර්ති නාමය තවත් විනාශවීමය.නමුත් එක්සත් ජාතික පක්ෂයට වුවමනා පරිදි ඉක්මනින් කටයුතු කිරීමට ජනපතිවරයාට හැකියාවක් නොමැත.ඔහු සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ බලය තමන් අතට ගැනීමේ වුවමනාවකිනි.ඒ සදහා තවත් ඉවසා සිටීමට ඔහුට සිදුවේ.ඔහු සිටින්නේ කුමක් තෝරාගත යුතුදැයි සිතාගත නොහැකිවය.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයද ජනපතිවරයාගේ තීරණය කුමක්වනු ඇත්දැයි සිතාගත නොහැකිව සිටින්නේ දිනෙන් දින තව තවත් ආතතියට පත්වෙමින්ය.
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
(ඩයනා උදයංගනී)ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතයින් ගමට නව දේශපාලනයක් ගෙනයාමේ නියෝජිතයින් බවට පත්වන බව කී දිසානායක මහතා එය සාර්ථකව ඉටු නොකර ජනතාව වැටී සිටින මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බවද සඳහන් කළේය.ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව පැවසුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පෙරේදා (3) පැවැති ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගත වී තිබෙනවා. ගෙවුණු කාලයේ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩයයි. සිදුවූ සිදුවීම් සහ  සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ද පැවැත්ම සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිහිමුර්ජා වූ අසරණ තත්ත්වයකට මේ පාලනය පත්වී අවසන්.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප්‍රතික්‍ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි. එයින් ගොඩඒම සඳහා මේ වනවිට  ආණ්ඩුව ගනිමින් සිටින සමහර  ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය  කරමින් තිබූ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව  නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන්  කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම,  දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන්  බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ  ස්වභාවික සම්පත් සහ ගොඩනගන  ලද සම්පත් බහුජාතික සමාගම්වලට  විකිණීමට දරන ප්‍රයත්නය වගේම  ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී  ජනතා විරෝධි ක්‍රියාමාර්ග අනුමත  නොකරන පණිවුඩය මැතිවරණයේදී  ලබාදී තිබෙනවා. ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින්  ගොඩ ඒමට දරන ප්‍රයත්නයක් දකින්න  ලැබෙනවා. පාසල් දරුවන්ට ටැබ්  ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය  තහනමට කටයුතු කරපු අයම තහනම  ඉවත් කිරීමට ප්‍රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැලසුම් හකුළා ගනිමින් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා.මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී  තිබෙන සිහිමුර්ජා තත්ත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කරුවා වන එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්‍ෂයේ සිටියදී පවා ඔවුන් ජයග්‍රහණය කර තිබූ පළාත් පාලන අයතන මෙහිදී බිඳවැටී තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්‍ෂයේ දී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවද්දීම ගැටුම් තත්ත්වයක් මතු වී තිබීමයි.මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 ක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමැතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්ත්වයක්වි ධායක ජනාධිපතිවරයා යටතේ ඇති වී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය  සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමැතිවරුන්  ඊට විරුද්ධව විපක්‍ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්ම කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993 දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත්  සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. ඒ  වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බීජේපී පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මඟත් එක්සත් ජාතික පක්‍ෂයෙන් දැන් අවසන්. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිලියි. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්.මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.ඊට ප්‍රතිපාර්ශ්වවිකව රාජපක්‍ෂ කඳවුර ගොඩනැගෙනමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග්‍රාමාත ධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්ත්වයක්  තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීකයින්  මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත්කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්‍ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන්  කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන්  ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී තීව්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සලසා දීමයි. අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය එට්කා වැනි ගිවිසුම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිධෑම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරීමේ එකඟතාවයන් බිඳ දැමීම වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී  සිටිනවා. මැයි දිනය සැමරීමේ දී අනෙක්  සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත්  අපේ මැයි දින සැමරුම එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා  ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරුන් හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක්ඉටුකරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්දදායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්‍ෂකයන් හැටියට ප්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම පෞරුෂයකින් ඒබව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ ලෙස ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව මහජන සේවයට  කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා. අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගා කරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට  පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත්  ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරු ජයසූරිය මහත්තයත් සමගත්  තවත් විටෙක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ. සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන්  තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව  යුතුයි. ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට්  එක වෙලාවක කියනවා. ‘ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි’ කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත්  අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන්  ගත්තාම ජනතාව වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින්  මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන්  වෙත එහිදී විශේෂ වගකීමක් පැවරීතිබෙනවා.හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත්  මැණික් කැට ටික මේ සභාවේ දකින්න  ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. මැතිවරණයට පෙර පළාත්පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස ලක්‍ෂ එක හමාරකින් පමණ වැඩි වී තිබෙනවා. පැවති තත්ත්වය එක්ක බලනකොට ඔබේ පක්‍ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි.
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
1
(මුදිතා දයානන්ද)ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජාතික සමුළුව අමතමිනි.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විසින් රැකිය යුතු කරුණු දොළහකින් යුත් ආචාර ධර්ම පද්ධතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අපේක්ෂකයෝ සියලු දෙනා එය සුරකින බවට ප්‍රතිඥා දුන්හ.වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහින් තිබෙනවා. එය සභාවක නිල කාලයට ආසන්න කාලයක්. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්පත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවළකට තුවාල වෙන්න ගහලා’, ‘කොළොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්ත්‍රී ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය අප හැමට තිබෙනවා. මේ ප්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ජයග්‍රහණය කර, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර ජයග්‍රහණයක් වුවත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ’භාවිත කරනවා. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි.එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත්, අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්.මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡන්දය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රටේ බලය තිබෙනවා නම් ගම හදන්න වෙනම බලයක් මොකටද? මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. ඔවුන්ට ඉතිරිවී තිබෙන බොරු දේශප්‍රේමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි.ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලු දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියකු බවට පත්කර ගන්නා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාව ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග්‍රහණ ලබාගත හැක්කේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ධ වුණු ප්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලුම ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා.මෙහිදී අදහස් දැක්වු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප්‍රමාද වූ බව. අපි දැවැන්ත සටනක් කළා පැවතුණ මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න. ඒ සටන ජයගෙන මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරාගත හැක, අපේ රටේ ජනගහනයෙන් අඩකට වඩා සිටින කාන්තාවන්ගේ නියෝජනය වැඩි නව මැතිවරණ ක්‍රමයක ලැබි තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයකට අන් කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය මේ රටට අවශ්‍යයි.මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. අපි මේ මැතිවරණයට එන්නේ පළමු වතාවට රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග්‍රාහී පසුබිමක. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයත් ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කරන්න අපිට හැකිවුණා.ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡන්දයේ ප්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. පල්වෙලා ගඳ ගහන, වංචා - දූෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑ වසර පුරා පාදඩකරණය කළ දේශපාලනය තුළ බිහිවූදේශපාලනඥයා, මිත්‍රශීලී මහජන සේවකයෙකු කිරීමට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ ඡන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.1994 මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා තමන්ට ලැබෙන වැටුප රට තමන්ගේ සුඛ විහරණයට ලබානොගෙන පොදු අරමුණකට යොමු කරමින් ඒ ගෞරවනීය ආදර්ශය රටට දුන්නා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්ත්‍රී ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්ත්‍රී අරමුදල වැඩි වුණා. මන්ත්‍රී වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් අරන් දරුවන්ට නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා. රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ආරම්භය වෙනුවෙන් ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා  මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව - දූෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, සාහිත්‍යකරුවෙක්, වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහභාගිවීමට ලැබීම අගයකොට සලකනවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු ලෙස වුවත් මට වඩා දක්ෂ කථිකයින් රැසක්ම මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් තර්කානුකූලව කරුණු සහිතව මහජනතාවට තම මතය ඉදිරිපත් කළත් ඒ මතයට මේ දක්වා මහජනතාවගෙන් අවශ්‍ය වටිනාකම ලැබිල නැති බව අපිට පිළිගන්න වෙනවා.මේ රටේ හරවත් දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. එවැනි පිරිසක් වැඩිපුර පාර්ලිමේන්තුවේ සිටියා නම්, ජනතාව වෙනුවෙන් කළ හැකිව තිබුණු වැඩකොටස ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට යුතුකමක් තියෙනවා ඉතිහාසය උගන්වන වගේම ඉතිහාසය ලියන අය හැටියට මේ රටේ සැබෑ ඉතිහාසය නිර්මාණය කරන මිනිසුන් එක්ක එකතුවී ඒ සුවිශාල කාර්යභාරයේ කොටස්කරුවෙකු වෙන්න. ඒක යුතුකමකට වඩා වගකීමක්. හරවත් ශිෂ්ටත්වයක් පිළිබඳව මානව ගරුත්වය පිළිබඳව දේශපාලනය, අපි ගමෙන් පටන්ගත යුතුව තිබෙනවා.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ නායකයින් හා සාමාජික සාමාජිකාවන් රැසක්ද පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
0
 (ඩයනා උදයංගනී)ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් සිටින බවත්, එම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් යළි බෝතලයට ඇතුළ කළ නොහැකි බව ඔවුන් දැනගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය.නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැතැයි කී අනුර කුමාර දිසානායක මහතා ජාතිවාදී ප්‍රවණතාවන් ප්‍රතික්‍ෂේප කරන ලෙස සියලු දේශපාලන පක්‍ෂවලිනුත්, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.එසේ නොකළහොත් රට අනාගතයේ ලේ විලක් බවට පත්විය හැකියැයි ද හෙතෙම කියා සිටියේය.  අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද කීය.   “මේ වනවිට ක්‍රමානුකූලව ජාතිවාදී ප්‍රවණතාවන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප්‍රවණතාවන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් එකට පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. සාමකාමී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. මේ ජාතිවාදී ප්‍රවණතාවන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව්‍ර කරනවා මිස කිසිදු ජන කණ්ඩායමකට සේවයක් සපයන්නේ නැහැ. මෙම ජාතිවාදී ප්‍රවණතාවන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව දේශපාලනමය අරමුණු මත ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප්‍රවණතාවන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. ආණ්ඩුවට සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ලවන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට මෙම ජාතිවාදී ප්‍රවණතාව වාසිදායකයි.ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක  සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවට පත්වී සිටීම ඇතුළු සියලු ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප්‍රවණතාවයකට යොමුකොට තිබෙනවා.ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවැති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කර ගැනීමට නොහැකිවී තිබෙනවා. එම නිසා ඔවුන් ජාතිවාදී ප්‍රවණතාව වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුළු කිරීමට පහසු දෙයක් නොවේ.මෑත කාලයේ සිදුවුණු ජාතිවාදී ගැටුම් කිහිපයක් තිබෙනවා. 2014 ජූනි මාසයේ අලුත්ගම ගැටුම, 2017 නොවැම්බර් ගිංතොට සිදුවීම, 2018 පෙබරවාරි 27වැනිදා අම්පාරේ හෝටලයක සිදුවීම, පසුගිය දින දෙකේ සිදුවූ තෙල්දෙණිය සිදුවීම. මහනුවර තෙල්දෙනිය සිදුවීමේ ප්‍රධාන සාධකයවී තිබුණේ පිරිසක් විසින් රියැදුරකුට පහරදී ඝාතනය කිරීමයි. මේ ආකාරයටම අපේ රටේ ඝාතන සිදුවෙනවා. 2016දී මිනී මැරුම් 507ක් වාර්තා වී තිබෙනවා. 2017දී මිනී මැරුම් 452යි, 2016දී ළමා දූෂණ 290ක් සිදුවී තිබෙනවා. 2017දී ළමා දූෂණ 232ක් වාර්තා වී තිබෙනවා. මේ ආකාරයට ඝාතන, ළමා දූෂණ, ගැටුම් සිදුවන රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මෙවැනි එක් සිදුවීමක් තමයි පසුගියදා වාර්තා වුණේ. එහිදී ත්‍රීවීල් රථයක ගිය කණ්ඩායමක් රියදුරෙකු ඝාතනය කර තිබෙනවා. එහි විශේෂත්වය වී තිබෙන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වීමත්, පහරදුන් අයත් මුස්ලිම් වීමත්ය. මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් අරගෙන තියෙනවා. අපේ රටේ තිබෙන හෝටල්වල ආහාරවල විවිධ අපද්‍රව්‍ය තිබුණු අවස්ථා හමුවෙලා තිබෙනවා. නමුත් අම්පාරේ හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ කිසිදු ගැටුමක් අනුමත කරන්නේ නැහැ. පිරිසක් විසින් රියදුරෙකු පහර දී ඝාතනයට ලක්කිරීම දැඩිලෙස ප්‍රතික්‍ෂේප කළයුතු දෙයක්. එනිසා එම ඝාතකයින්ට උපරිම ආකාරයේ නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදිය යුතුයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඉන් නොනැවතී ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුව මෙම සිදුවීමේදී ජාතිවාදී ප්‍රවණතාවයන් උත්සන්න වන බව තේරුම්ගත යුතුව තිබුණා. නමුත් අද ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ කුමක් සඳහාද? අගමැතිවරයා තමන්ගේ අගමැති පුටුව බේරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටිකූට්ටු වැඩක් කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු තමන්ට ලැබුණු ඇමැති පුටුව වෙනස්වේදැයි හිතමින් ඉන්නවා. පාලකයන් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් අවධානය යොමුකොට තිබෙනවා.මේ ආණ්ඩුව මන්ද මානසික ආණ්ඩුවක් යැයි අප හිතන්නේ නැහැ. ඔවුන් වුවමනාවෙන්ම මෙම ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මහ දවාලේ කඩ, නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරන කණ්ඩායම් වළක්වන්න ආණ්ඩුවට නොහැකි නම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අපේ රටේ ජනතාවගේ ජීවිත, දේපළ ආරක්‍ෂා කරන්න බැරිනම් ඒ ආණ්ඩුවක් කුමටද? ආණ්ඩුවක මූලික වගකීම තමයි රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම. නමුත් මේ ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. අද රටේ සාකච්ඡා විය යුතු ඇත්ත ප්‍රශ්න යට ගිහින් තිබෙනවා. එය තමයි ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ. ආණ්ඩුව හිතාමතාම මේ තත්වය පාලනය කරනවා වෙනුවට මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ලබාදී තිබෙනවා. මෙම ගැටුම ඉතාම සැලසුම්සහගත ලෙස සැලසුම් කළ සිදුවීමක් බව සමාජ ජාලා දෙස බැලුවාම පේනවා. මියගිය තරුණයාගේ දේහයේ අවසන් කටයුතු සිදුවන මොහොත පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතුයි. දිගන ප්‍රදේශයේ ජනතාවට අමතරව වෙනත් කණ්ඩායම් මෙම ගැටුමට කැඳවා තිබෙන බව පැහැදිලියි. ඔවුන් තුළ පූර්ව සූදානමක් තිබුණු බව මුහුණු ආවරණය කරගෙන සිටින ආකාරයෙන් පොළු-මුගුරුවලින් දේපළ ගිනි තැබීම්වලින් පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි ගැටුම් වළක්වා ගත යුතුයි. ඒවා පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද? අපි අනෙකුත් සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීමක් කරනවා, අපේ  රට වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධයකට මුහුණ දුන්නු රටක්. මේ මහ පොළොව ලේවලින්, කඳුළින් තෙත් වුණා. උතුරේත් දකුණේත් මිනී කඳු ගොඩගැසුණා. එම ජාතිවාදී යුද්ධයේ ගොදුරු බවට අපේ පරම්පරාවේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් පත්වුණා. එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලනිපය හෝ දෙමළ ජාතික සන්ධානය, අනෙකුත් ඕනෑම දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති අතර වෙනස්කම්, ගැටුම් තිබෙන්නට පුළුවන්. එම පක්‍ෂ අතර රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අනෙකුත් කාරණා පිළිබඳව සංවාද, විවාද තිබෙන්නට පුළුවන්. නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැහැ. අපි සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා ජාතිවාදී ප්‍රවණතාවන් ප්‍රතික්‍ෂේප කරන්න කියලා. ඒ වගේම ජනතාවට අනතුරු අඟවනවා, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන්, එය අගය කිරීම අපේ රට අනාගතයේ ලේ විලක් බවට පත්කළ හැකියි කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, යළි මේ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට උල් පන්දම් නොදිය යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ සියලුම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. තමන්ට කුමන අරමුණක් තිබුණත් ජනමාධ්‍ය තුළින් ජාතිවාදය වර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතුව තිබෙනවා. ජාතිවාදය වර්ධනය කිරීමට නොව ජාතිවාදය පරාජය කිරීමටත් ජාතිවාදයට එරෙහිවත් ජනමාධ්‍ය යොදාගත යුතුව තිබෙනවා. මෙසේ නොවුවහොත් සිය භාවිතාවන් ඉදිරියේදී ව්‍යසනයක් බවට පත්විය හැකිව තිබෙනවා. සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ජාතිවාදය හෙළා දකින්න කියලා. අපේ පරම්පරාවේ බොහෝ දෙනා යුද්ධයෙන් ජීවිත අහිමි වුණා. ජීවිත භීතියට පත්වුණා. බොහෝ දෙනාට අතපය අහිමි වුණා. යුද ව්‍යසනයෙන් ඉතාම පීඩාවට පත්වුණා. එම නිසා අපේ දරු පරම්පරාව එවැනි පීඩාවකට පත්කළ යුතු නැහැ. අපේ අනාගත පරම්පරාව කුමන හෝ යුද ගැටුමටක මුහුණ දිය යුතු නැහැ. අපි සියලු දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වීමට පෙර සියලු දෙනා මිනිස්සු බව තේරුම් ගතයුතුව තිබෙනවා. එම නිසා ජාතිවාදී ගැටුම් එපා. ජාතිවාදය පරාජය කිරීමට කටයුතු කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් ජාතිවාදය ප්‍රතික්‍ෂේප කළ පක්‍ෂයක්. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජාතිවාදීන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක්. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න පක්‍ෂයක්. එම නිසා ජාතිවාදී ප්‍රවණතාවන් පරාජය කරන්න කුමන වර්ගයේ බාධා ආවත් කුමන වර්ගයේ අවලාද ප්‍රහාර එල්ල වුණත් කටයුතු කරන්න අපි සූදානම්. ජාතිවාදී ප්‍රවණතාවන් ලත් තැනම ලොප් කළ යුතුයි. මොකද, අපේ රට යුද රාජ්‍යයක් විය යුතු නැහැ. එම නිසා ජාතිවාදයට එරෙහිව සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි නැවතත් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා, යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර දිසානායක මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පැවසීය.ප්‍රශ්නය: මෙවැනි මොහොතක රජය ගත යුතුව තිබූ මූලිකම පියවර කුමක්ද?පිළිතුර - රජය මේ තත්ත්වය පිළිබඳව පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව එවැනි කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වුණා. දැන් ඔවුන් කළ යුතුව ඇත්තේ මේ ජාතිවාදී ප්‍රවණතාව පරාජයට පත්කිරීමට, නීතිය හමුවට ගෙනයන්නට, දඬුවම් ලබා දීමට අවශ්‍ය වේගවත් ක්‍රියාමාර්ග ගැනීමයි. මෙය තවත් තැනක ඇතිවීම වැළැක්වීම අරමුණු කරගෙන ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ගනීවියැයි මා සිතන්නේ නැහැ.ප්‍රශ්නය: ආණ්ඩුව හිතාමතාම මෙවැනි තත්ත්වයන් නිර්මාණය කරන බවට මතයක් නිර්මාණය විය හැකියි නේද?පිළිතුර - මේ ජාතිවාදී ප්‍රවණතා පිටුපස ඉතා පැහැදිලි දේශපාලන අරමුණු ඇති බව මා කිව්වේ ඒ නිසායි. මේ සෑම සිදුවීමකින්ම ආණ්ඩුවට තමන්ගේ ප්‍රශ්න යටගැසීමට අවස්ථාව ලැබෙනවා. එය පැහැදිලිවම පාලකයන්ට ආශීර්වාදයක්.ප්‍රශ්නය: මේ සිදුවීම වෙලා දින 10ක් පමණ ගතවුණා. නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා යටතේ තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ ඇයි?පිළිතුර - නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා විසින් පවරාගනු ලැබුවේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොවෙයි. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා තමයි ඔහු එම අමාත්‍යාංශය පවරාගනු ලැබුවේ. ඒ බව මේ සිද්ධියෙනුත් පැහැදිලි වෙනවා. අගමැතිවරයාට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගෙන මෙවැනි සිදුවීම් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඔහු මුළුමනින්ම මෙම ඇමතිධුරය පවරා ගැනීම උපයෝගී කර ගන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා පමණයි. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා පරාජිත අය ඇතුළු සියලුදෙනා තමන්ගේ අරමුණු වෙනුවෙන් මේ සිද්ධිය උපයෝගී කරගෙන තිබෙනවා. ප්‍රශ්නය: අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?පිළිතුර -  අගමැතිවරයා තම වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. ඔහු වංචා දූෂණවලට එරෙහිව පත්වූ නායකයෙක් වුවත් ඔහු එවැනි සිද්ධීන්වල යෙදෙමින් වංචනිකයන් ආරක්‍ෂා කළා. ඒ නිසා අගමැතිවරයාගේ විශ්වාස භංග යෝජනාවේ අඩංගු කරුණු හා එහි දේශපාලන අරමුණු ගැන සලකා බලා ඒ ගැන තීරණයක් ගන්නවා. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති නිශ්චිත කරුණු පැහැදිලිව සඳහන් වී තිබෙනවා නම් එයට සහාය දීමට අපි සූදානම්.ප්‍රශ්නය: ලෝකයේ විපක්‍ෂය බලා ඉන්නේ පාලනය අතට ගන්නයි. නමුත් සම්බන්ධන් මහතා අගමැතිවරයා ආරක්‍ෂා කර ගන්න හදනවා නේද?පිළිතුර - දේශපාලන පක්‍ෂ තීන්දු ගන්නේ තමන්ගේ අරමුණු සලකා බලලයි. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන පක්‍ෂය ලෙස තීන්දු ගන්න පූර්ණ අයිතියක් තිබෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ද සහභාගි විය.  
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
0
(නිමල කොඩිතුවක්කු) අගමැතිවරයාව නිකමෙකු කර, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරන 20 වැනි සංශෝධනය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා කොළඹදී අද (25) පැවසීය. රටේ ජනතාවගේ ජීවන ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට විසඳුමක් නැති වත්මන් ආණ්ඩුව ඒකාධිපතියකු බිහිකිරීම වෙනුවෙන් විසිවැනි සංශෝධනය පස්සේ දිවයන බව ද මන්ත්‍රීවරයා කීය. කොළඹ, මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා මෙසේද කීය. “ජීවන වියදම වැඩිවීම ඇතුළු රටේ ජනතාවගේ සියලුම ප්‍රශ්න හමුවේ මේ ආණ්ඩුව විසිවැනි සංශෝධනය  ඉදිරි පත්කර තිබෙනවා. විසිවැනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට සිදුවන මරු පහර පිළිබඳව ජනතාව අද හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මාධ්‍ය, සිවිල් සංවිධාන වගේම සියලු ආයතන, රාජ්‍ය සේවකයන් 20 පිළිබඳව අද වැඩි අවධානයක් යොමු කළ තියෙනවා. 20 මගින් නීතියට, අධිකරණයට සිදුවන බලපෑම පිළිබඳ නීති විශාරදයන් පවා මත ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය, අධිකරණය, පොලීසියට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන විස්සේ බලපෑම පිළිබඳ නීතිඥ සංගමයේ අදහස අපි දැනගන්න කැමතියි. ඒ අය මේකට එකඟ වෙනවාද වෙනවාද නැද්ද කියලා හරි රටට ප්‍රකාශ කළ යුතුයි. නීතියට ගරු නොකර තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව ආණ්ඩුව අද සකස් කරමින් යනවා. එහෙම නැතුව රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කරලා නැහැ. මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන ඒම දක්වා කටයුතු කළ මේ ආණ්ඩුව පසුගිය දවසේ දී පිල්ලෙයාන්ට සම්බන්ධීකරණ කමිටුවක සභාපතිත්වය පිරිනමා තිබෙනවා. මේ විදියට තමයි අද ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්සා කරන්නේ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකින් තියලා තමන්ට ඕන ඕන විදියට අධිකරණය නීති හසුරුවන්න කටයුතු කරමින් සිටිනවා. එක නීතියක්, එක රටක් යැයි පැවසුවත් අද රටේ එවැනි තත්වයක් නැහැ. විසිවැනි සංශෝධනය ගෙන ඒමේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒකාධිපති ගමනක නිරත වීමයි. දහ නමයෙන් රටට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවා ජනතාව ඒකාධිපති ගමනකට යන්න සූදානම් ද කියලා මේ ආණ්ඩුව  විස්සෙන් ලිට්මස් පරීක්ෂාවක් කරන්න හදනවා.සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්. ඒ සදහා පාර කපා ගැනීමට තමයි මේ විසි වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ.අගමැතිවරයා නිකම්ම නිකම් නිකමෙක් කරලා පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරන්න තමයි විසිවන සංශෝධනය මගින් මේ අය සූදානම් වෙන්නේ.ව්‍යවස්ථාදායකය, අධිකරණය තමන්ට ඕන විදියට හසුරවන්න ජනාධිපතිවරයාට බලය ලබාදීමට ද මේ රටේ ජනතාව මේ වෙනස කළේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාවගෙන් අපි යනවා දැන් සනීපයි ද කියලා.විගණනය කරන්නෙ නැතුව ප්‍රසම්පාදනය කරන්නෙ නැතුව තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.විදේශීය ශ්‍රමිකයන් ලංකාවට එද්දී ඔවුන්ව නිරෝධායනය කිරීමේ කටයුතු සඳහා ඇවන්ගාඞ් සමාගම නම් කරලා තියෙනවා. තමන්ට ආණ්ඩු ගන්න  වැඩ කරපු අයට අද මේ අය සලකමින් ඉන්නවා.රැම්සා තෙත් බිම් විනාශ කරපු, කුරුණෑගල පුරාවස්තු විනාශ කරපු අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට මෙහෙමනං විසිවන සංශෝධනය සම්මත වුනාම කොහොම හැසිරෙයිද කියල අද ජනතාවට අවබෝධයක් තියෙනවා.මේ ආණ්ඩුව මේ විදියට හැසිරෙනවා නම් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැහැ''යි මන්ත්‍රීවරයා පැවසීය.
‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’
1
 (නිමල කොඩිතුවක්කු)ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර  ජනතාවාදී පාලනයක් ගෙන යන බවට පම්පෝරි ගසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට පයින් ගසා ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා කොළඹදී අද(15) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දමා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට වත්මන්  පාලකයන් උත්සාහ කරමින් සිටින බවද  අලවතුවල මහතා සඳහන් කළේය. කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.     “ මේ රටේ වංචාව දූෂණය විනිවිදභාවයෙන් යුතුව රාජ්‍යකරණය කළ යුතුයි කියලා වර්තමාන රජය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයට පෙරත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ජනතාවට ප්‍රකාශ කළා. විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණන කටයුතු වලින් ඉවත් කිරීමට මේ රජය දැන් කටයුතු කරලා තියෙනවා. දූෂණය නාස්තිය අවම කරන්න  කතා කරපු මේ  රජය කටයුතු කරන ආකාරය දිහා බලපුවාම අපිට පුදුම හිතෙනවා. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන විගණනයට ලක් වනවා නම් ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනයෙන්  ඉවත් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපි අගමැතිතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් අහන්න කැමතියි. මේ ව්‍යවස්ථා කෙටුම්පත හදපු කෙනෙක් අද නැහැ. මාධ්‍යයෙන් මේ ගැන විමසුවාම හැමෝම ඇඟ බේරගන්න කටයුතු කරනවා. රටේ අගමැති දන්නෙත් නැහැ අධිකරණ ඇමති දන්නෙත් නැහැ මේ කෙටුම්පත හැදුවේ කවුද කියලා.  කවුරුත් මේකෙ වගකීම බාරගන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඇයි මේ වගේ ව්‍යවස්ථා කෙටුම්පතක් රටට ඉදිරිපත් කරන්නේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුව අද රට විහිළුවට පත් කරමින් යනවා. ජේ ආර් ගේ ව්‍යවස්ථාවටත් එහා ගෙන යමින් විසි වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති වියුරැවකට රට ගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දාලා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට තමයි මේ අය අද උත්සාහ කරමින් ඉන්නේ. අපේ ආණ්ඩු සමයේ සමයේ දී කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දුන්නා. ඒ මගින් අපේ රජයේ දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. මේ ආණ්ඩුව පත් වෙලා කෝප් කෝපා  කමිටු වලට තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කරගෙන තියෙනවා. තමන්ගේ හොරකම් දූෂණ වංචා වසන් කර ගැනීමට අද ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එවැනි පාලන ක්‍රමයක් ගෙන යන්න ද ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා. විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරමින් මේ ආණ්ඩුව විගණනයට තිත තියලා තියෙනවා. ආණ්ඩුව මේ හදන්නේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කෙරෙන 19 ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය තැනකට රට ගෙන යන්න ඕන කියන ස්ථාවරයේ අද සමගි ජනබලවේගය ඉන්නවා. රට විනාශය කරා ගෙන යන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කරන්නට අපි කටයුතු කරනවා. අද රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථිකය කඩාවැටිල, ජීවන වියදම ඉහල ගිහින්. මේ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඖෂධ මිල විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින්. තමන්ගේ බලය තහවුරු කර ගන්නවා වෙනුවට ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’
0
 (මුදිතා දයානන්ද)      විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ  ව්‍යවස්ථා  සංශෝධනයක් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස තම පක්ෂය විසින් ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19)  පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු  ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.දැන් රටේ යම් ව්‍යාකූල තත්වයක් අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙනවා. ඉතිහාසයේ මතුවු මෙවැනි අවස්ථාවල ඒ තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් රටට ජනතාවට ජයග‍්‍රහණ ලබාදෙන්න අපිට හැකිවී තිබෙනවා.  ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම පක්ෂයක්ම අතීතයේදි අහෝසි කළ යුතුයි කියලා පොරොන්දුවි තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අපේ මන්ත‍්‍රීවරයෙක්ගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙන එන්න. විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පසු පළාත් සභාවල බලය පවත්වාගෙන යාමට ජනාධිපතිගේ බලතලක අනුව පිහිටුවා තිබෙන ආණ්ඩුකාරවරයා  සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විය හැකියි. එය බෙදුම්වාදින්ට වාසි සහගත ලෙස යොදාගන්නට හැකියාව ලැබෙන්න පුළුවන්.ඒ වගේම පවතින මැතිවරණ ක‍්‍රමය තුළ යම් අස්ථාවර ආණ්ඩුවක් යටතේ පාලනය පවත්වාගෙන යන අවස්ථාවක එය ශක්තිමත් කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වලින් නිසා මැතිවරණ ක‍්‍රමය මෙලෙසම පවත්වාගෙන යමින් විධායක බලතල විතරක් අහෝසි කිරිම සුදුසු නොවන බවට මතයක්ද පවතිනවා. ඒ නිසා මේ දෙකම සැළකිල්ලට ගනිමින් මේ කෙටුම්පත සකස් කිරිමට අප අදහස් කරන අතර අනෙක් පක්ෂවලට ඊට යෝජනා ඉදිරිපත්  කිරිමටද  හැකියාව තිබෙනවා.          
‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි
1
(මුදිතා දයානන්ද) ඉතිහාසයේ තමන් වූ පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඊයේ (19) ඉල්ලීමක් කළේය. දිසානායක මහතා මෙම ඉල්ලීම කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.  “දැන් රටේ යම් ව්‍යාකූල තත්ත්වයක් අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙනවා. ඉතිහාසයේ මතුවූ මෙවැනි අවස්ථාවල ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් රටට ජනතාවට ජයග්‍රහණ ලබාදෙන්න අපිට හැකිවී තිබෙනවා. 2001 දී අපි චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව අස්ථාවර වූ වෙලාවේ ස්වාධීන කොමිෂන් සභා සහිත 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. එය මහින්ද රාජපක්ෂ පාලනය විසින් අහෝසි කර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවත් එතෙක් එය ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවත් රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයකට යාමට සුදුසු වේලාවක් කියලා. විධායක ජනාධිපති ධුරය ඇති කළ දා සිටම අපේ පක්ෂය එයට විරුද්ධත්වය පෑවා. ඒ වගේම 94 වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට රට හමුවේ පොරොන්දු වුණා. චන්ද්‍රිකා මහත්මිය දෙවරක්ම ඒ පොරොන්දුව ලබාදී තිබෙනවා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතාත් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ පොරොන්දුව දුන්නා. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණයේදී පමණක් නොවෙයි ඉන් පසුවත් අවස්ථා කීපයකදීම මේ පොරොන්දුව රටට දී තිබෙනවා. මේ වෙනකොට විධායක බලතල හඳුන්වාදුන් එක්සත් ජාතික පක්ෂයත් විධායක බලතල අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස විධායක බලතල අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන එන්නට. ඒ හැමෝටම දැන් පුළුවන් අප ගෙන එන කෙටුම්පතට සහාය දෙන්න. මෙහිදී ඇතැම් අය ඉදිරිපත් කරන ප්‍රශ්න කීපයක් තිබෙනවා. බලය බෙදීම සඳහා ගෙන ආ පළාත් සභා පවත්වාගෙන යාමේදී බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස මේ ආයතන භාවිත කරන්න තවමත් ඉඩ නොලැබෙන්නේ ජනාධිපතිගේ නියෝග ක්‍රියාවට නැගීමට විධායක බලතල යටතේ ඇතිකර තිබෙන ආණ්ඩුකාර තනතුර නිසයි. ජනාධිපති ධුරය අහෝසි කිරීමේදී මේ තනතුර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ඒ ගැන සලකා බැලිය යුතුයි.  දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුව දිගින් දිගටම බිහිවන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩු නොවෙයි. ඒවා ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ විධායක ජනාධිපති සතු බලතල භාවිත කිරීමෙනුයි. විධායක බලතල අහෝසි කළ යුතු පසු මේ මෙවැනි අස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් තිබෙන කෙනෙක් ඉන්නවා නම් අපි යෝජනා කරනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන යෝජනාවත් මේ කෙටුම්පතටම ඇතුළත් කර ගෙන එමු කියලා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. මේ කෙටුම්පත අප ගෙන එන්නේ වත්මන් ජනාධිපතිට බලපාන පරිදි නොව ඉන්පසුව සිට ජනාධිපති ධුරයක් නැතිවන පරිදියි. වත්මන් ජනාධිපති ජනතාවගෙන් වරමක් ලබා තිබෙන නිසා අපිට එය අහෝසි කළ නොහැකියි.  මේ කෙටුම්පත අපි ගෙන එන්නේ විශ්වාසභංගය පස්සට තල්ලු කරන්න කියලා සමහරු කියලා තියෙනවා. මේ දෙකම වෙන වෙනම කාරණා දෙකක් වෙනුවෙන් ගෙන එන යෝජනා. ඒවා එකිනෙකට සමපාත වන්නේ නැහැ. නමුත් කෙනෙකුට යම් තර්කයක් ඉදිරිපත් කළ හැකි නිසා අපි සූදානම් විශ්වාසභංගයට පසුව මේ යෝජනාව ගෙන එන්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශ්වාසභංගයක් ගෙන එනවා කිය කියා ඉන්නේ නැතිව ඒක ඉක්මනින් ගෙන එන ලෙස. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ පැවසීය. ප්‍රශ්නය - මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන අනෙක් පක්ෂ සමඟ කතා කළාද? පිළිතුර - නැහැ. අපි තවම කෙටුම්පත සකස් කරමින් ඉන්නවා. එය අවසන් කළ පසු සියලු දෙනාට ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා මේකට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. මොකද මේ හැම පක්ෂයක්ම ඉතිහාසයේදී විධායක බලතල අහෝසි කරන බවට පොරොන්දු වූ අය. ප්‍රශ්නය - අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්න ඔබ පක්ෂය සූදානම්ද? පිළිතුර - අපි මීට පෙරත් කියා සිටියා විශ්වාසභංගයට සහාය දෙන්න අපි සූදානම්. එහිදී අපි යෝජනාවට ඇතුළත් දේශපාලන කාරණා ගැන සලකා බලන්න සූදානම්. ප්‍රශ්නය - මේ ආණ්ඩුව බලයට ආවේ දූෂණ වංචාවලට තිත තබනවා කියලයි. අතීතයේ සිටි දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලයි. එහෙත් මේ වනතෙක් එය ඉටුවී නැහැ නේද? පිළිතුර - මේ ආණ්ඩුව හැදිලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති කෙනකුගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකුගෙන්. ඒ නිසා බල තුලනයක් තිබුණා වගේම දෙදෙනා අතර සීතල යුද්ධයක් ද පැවතුණා. ඒ නිසා යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී බාධාවන් ඇති වුණා. එය මතුපිටට පෙනුණේ නැති එක විතරයි වෙනස. දැන් දෙදෙනාගේ යුද්ධය එළියට ඇවිත්. ඒ නිසා දූෂිතයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා විශ්වාස කරන්න බැහැ යැයි ඔහු පැවැසීය.
‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි
0
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න  මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ  භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්‍ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර 
“විනයගරුක රටක් හදනවා“
1
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.
“විනයගරුක රටක් හදනවා“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක්ම රටේ දියුණුව වෙනුවෙන් යොදවන බවද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තංගල්ල නගරයේ සංවිධානය කර තිබූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.දෙණියාය, අකුරැස්ස, හබරාදූව, රත්මලාන සහ බොරැල්ල ප්‍රදේශවලද මෙදින රැලි පැවැත්විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මොරවක සහ අකුරැස්ස ප්‍රදේශවල පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වී මෙතැනට පැමිණියා. තවත් රැස්වීම් කිහිපයකට සහභාගී වෙන්න තිබෙනවා.  රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ප්‍රශ්න සහ උත්තර විවාදයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ප්‍රතිවාදී අපේක්ෂකතුමන් සහභාගී නොවීම ගැන මා කනගාටු වෙනවා.  ඒ විතරක්ද නොවෙයි. වෙනත් කෙනකු දීපු කථාවක් පටිගත කර තමයි, ඒ අවස්ථාවේ ඔහු අදහස් ඉදිරිපත් කළේ.මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වෙන්නේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විසිපස් වසරක දේශපාලන ගමනේ යෙදිලයි. දිස්ත්‍රික් සංවිධායකකමෙන් ආරම්භ කළ දේශපාලන  ගමන ඉන්පසු හම්බන්තොට - සූරියවැව සංවිධායක බවටත්, ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු බවටත් පත්වුණා. ජනතාව මට දුන් සහයෝගය මත පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්වෙලා අද මා යන්න පුළුවන් ඉහළම අවසාන තැනට ඇවිත් සිටිනවා.ජනාධිපතිවරයට තව දින කිහිපයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 576 ම ජනතාව 2000 මහ මැතිවරණයේදීත්, ඉන් පසු 2001 දීත්, ඉන්පසු 2004 දීත්, 2010 දීත්, 2015 දීත් අවස්ථා පහකදී දෙවතාවක්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දුන්  හයියේ උච්ඡතම අවස්ථාවට මා දැන් එළැඹිලා.හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  රට වටා ගිය ගමනේත්  මා ලබපු  අත්දැකීම් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය සංක්ෂිප්තව ඉදිරි දින කිහිපය තුළ ඔබ අතට ලැබෙනවා.මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මා මුළු රටේම ගමන් කළා.  මෙදා පාර සජිත් ප්‍රේමදාසට මුළු රටේම ජනතාවගේ හයිය තුළින් ඒ මහා ජනවරම ලැබෙන බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වරම ලැබෙනවිට 25 වසරක් තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළ මට හම්බන්තොට  දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල, තිස්සමහාරාමය උඩටම උස්සා සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන්න ඔබ කැපවෙන්න ඕනෑ.විශේෂයෙන්ම තංගල්ල නගරයේ පොඩි බෝට්ටු, තෙප්පම් වෙනුවෙන් ධීවර ප්‍රජාව සහනයක් ඉල්ලා තිබෙනවා. ලාම්පු  තෙල්වලින් රැකියා කරන කුඩා ධීවර යාත්‍රා 50,000 ක් තිබෙනවා. 16 වැනිදට මා පොදු ජනතාවගේ ජනාධිපති වනවිට ධීවර ජනතාවගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.රටේ බහුදින යාත්‍රා 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙතෙක් කල් ආදායම් බද්දෙන් නිදහස්ව තිබූ ඒ අයගේ වෘත්තියට දිගටම ඒ නිදහස දෙන්න කියා ඉල්ලීම තිබෙනවා. 16 වැනිදායින් පසු ඒ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියා මා ඔබට කියන්න කැමැතියි.ඒ වගේම අසහනයට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ සියලුම දෙනාට අප දුන්නු සහන ඉදිරියටත් දෙනවා.අපේ රජය තුළ ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය  අමාත්‍යවරයා විදියට සරත් ෆොන්සේකා මහතා තීන්දුකර හමාරයි.  ඒ තුළින් ශක්තිමත්  ජාතික ආරක්ෂාවක් ගොඩනැගෙන විට අනිවාර්යයෙන්ම රටේ සංචාරක කර්මාන්තය නැවත වරක් පිබිදෙනවා කියා කියන්න කැමැතියි.ජාතික  සංචාරක ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ තුළින්  සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න කටයුතු කරනවා. තංගල්ල  පුරවරයේ ආරම්භ කළ නගර සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කරනවා.තංගල්ල රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් අනුමත   කර දිලිප් වෙදආරච්චි මහතා සමග රටේ  ජනාධිපති හැටියට මුල්ගල තියා වැඩ ආරම්භ කරන්න මා එනවා.ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙළ නිසා මුළු රටේම කාන්තාවන් අසහනයට පත්ව සිටිනවා. කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.මගේ පියා දරුවන්ට නිල ඇඳුමයි, දිවා ආහාරයයි දුන්නා. මගේ  ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි, ඒවා කපා හැරියේ. 16 වැනිදා ජනාධිපතිවරයා බවට ජනතාව මාව පත් කරන විට හතළිස් හතර ලක්ෂයක් පාසල්  දූදරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කූට්ටමයි, දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. සමෘද්ධිය වෙනුවෙන් කැපකරන මුදල් ප්‍රමාණය මා වැඩි කරනවා. රටේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයයි. එය කෙටි කාලයක් තුළ විසඳිය යුතු ප්‍රශ්නයද වනවා.සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා වගේම මුළු රටේම දුප්පත්කමේ එරී සිටින ජනතාව එයින් මුදාගැනීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම එකට දෙනවා කියා මා කියන්න කැමැතියි.මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහනාධාර පොහොර මිලවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ ගිහින් 350 පොහොර නිකං දෙනවා කිව්වා. රක්ෂණ ගාස්තු 150 අමතක වුණා. එතුමන්ට කවුරු හරි ගුලියක් දුන්නා.ජාතික ආහාර නිෂ්පාදනය උසස් මට්ටමකට ගෙනඒමටත් එයින් ජාතික නිෂ්පාදනයට දැවැන්ත හයියක් දීමටත් මා  කටයුතු  කරනවා. මේ මගින් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ කිසිම නායකයකු නොකරපු දෙය මා ක්‍රියාත්මක කරනවා.වී වගාවට, එළවළු, පලතුරු වගාවට ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග වගාවටත් තේ,  පොල්, රබර් වැනි වැවිලි කර්මාන්ත ඇතුළු රටේ කෙරෙන හැම වගාවකටම පොහොර සහානාධාරය පමණක් නොවෙයි නොමිලේ පොහොර දීමටද කටයුතු කරනවා.යොවුන් පරපුර වෙනුවෙන් රටේ හැම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම  නවීන තාක්ෂණ  විද්‍යාගාර ආරම්භ කරනවා.එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි  විද්‍යාගාර 12 ක් ආරම්භ වෙනවා. ඒ අනුව තංගල්ල ඇතුළු සියලුම  ප්‍රදේශවල ආරම්භවන නවීන තාක්ෂණ විද්‍යාලය තුළින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යෞවන පරපුරට නොමිලේ  ජාත්‍යන්තර මට්ටමින් මා උගන්වනවා.මෙතැනින් මා නතර වෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.  එතකොට නවීන තාක්ෂණ  විද්‍යාලයෙන් සමත්වන  යෞවනයන්ට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගිහින් ඩිජිටල් ව්‍යාපාරයේ නිරත වන්නට අවස්ථාව දෙනවා. ඒ සඳහා මූලික ප්‍රාග්ධනයද දෙනවා.මේ අනුව හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 12 ට නවීන තාක්ෂණ උද්‍යාන 12ක්, තොරතුරු තාක්ෂණ උද්‍යාන 12ක් ඇතිවෙනවා. ඒ වගේම මගේ නව ප්‍රතිපත්තිය මත කර්මාන්ත උද්‍යාන 12 කුත්, කර්මාන්ත පුරවර 12 කුත්  ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ගමේ නගරයේ දූ දරුවන්ට ඒවායේ රැකියා කිරීමේ අවස්ථාව උදාකරනවා.රටේ ලක්ෂ සංඛ්‍යාත  ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව  ලක්ෂ තුන ගානේ පොලී රහිත ණයක් දෙනවා. දස ලක්ෂ ගණනාවක්  ත්‍රි රෝද රථ රියැදුරන්  සිටිනවා. ඒ අයගේ ජන ජීවිතය ඉහළ  මට්ටමට ගෙන ඒමට මා කටයුතු කරනවා.1994දී මා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිත් සමාජ සේවය ආරම්භ කළේ පෙර පාසල් ඉලක්ක කරමිනුයි. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ලියාපදිංචි වෙලා  තිබෙන්නේ 10000 යි.රටේ සියලුම පෙර පාසල් පාලිකාවන්ට, සහාය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප්, දීමනා දී හැම පෙර පාසලක් වෙනුවෙන්ම අංග සම්පූර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක් ලබාදෙනවා.ඒ වගේම  මානව භෞතික සම්පත් දී ඒ දූදරුවන්  වෙනුවෙන් නොමිලයේ දිවා ආහාරයද දී රටේ  පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කිරීමට මා තීන්දුවක් ගත්තා. එතකොට මවුපියන් මුදල් ගෙවා පෙර පාසල් අධ්‍යාපනය දුන් කාලය මා නතර කරනවා.විශ්‍රාමික ප්‍රජාවත් මා රැකගන්නවා. විශ්‍රාමික ප්‍රජාවට දෙන්න පුළුවන්  උපරිම සහන ටික දෙනවා. වැඩිහිටි  ආධාරය රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරනවා. ඒ විතරක්ද නොවෙයි. රණසිංහ ප්‍රේමදාස සමයේදී වගේ ජනසවිය ගමේ, නගරයේ  සමුපකාරය මගින් ක්‍රියාත්මක  වන විට රටේම සමුපකාර පද්ධතියත් ශක්තිමත් වෙනවා. අපි කරන්න යන වැඩ කොටස් ගැන හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවනි.මා ඇමැතිවරයකු  විදියට ඇමැති පඩිය ගත්තේ නැහැ. ඇමැති වාහනය ගත්තේත් නැහැ. පෞද්ගලික වාහනයට මගේ  අතින්ම තෙල් ගහගෙන රට වටේ ගිහින් වැඩ කළා. වරදාන වරප්‍රසාද ගන්නවා වෙනුවට තිබෙන හැම තඹ සතයක්ම  වියදම් කළේ පොදු ජනතාව වෙනුවෙනුයි.දහසයවැනිදාට තංගල්ල දිනවන විට, මුල්කිරිගල බෙලිඅත්ත, තිස්සමහාරාමය දිනවන විට මා මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර අලුතින් වෙඩි නොවදින වාහන ගෙන්වන එක නතර කර  ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ඩියුටි ෆ්‍රී පර්මිට් ලබපු  කාලය අවසන් කර ආණ්ඩු වෙනස්වෙන විට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන පුරුද්ද නතර කර හැම අරමුදලක්ම මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් යොදවනවා.මගේ හිතවත්  ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කර දැන් සති දෙකක් ගතවෙනවා. අද උදෙත් අවේ නැහැ. මා කියනවා. එන්න බය නම් ජනාධිපති අයියත් එක්ක එන්න. එහෙම නැතිනම් පවුල් ගහේ ඉන්න හැම දෙනාම කාල්ටන් නිවසට ගෙන්වන්න. එහෙම නැතිනම් මැදමුලන වලව්වට ඥාති, රොත්ත බුරුත්තම ගෙන්වන්න. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියම කියා මා කියන්න කැමතියි.මා තනියම ගිහින් වාද විවාද කර විවාදයත් දිනා ජනාධිපතිවරණයත් දිනනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු දෙනාම ජයග්‍රහණයට සූදානම් වෙන්න. 1994 ඉදන් තමුන්නාස්සේලාගේ දුක සැප සියල්ලක්ම හොයා බලා කරන්න පුළුවන් උපරිමය මා කළා. තව වැඩි වැඩියෙන් උදවු පදව් කරන්න දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර දෙන්න කියා මා ඉල්ලීම කරනවා.” යයිද, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතා  හත්වැනි විධායක ජනාධිපති දුර තරගයට ඉදිරිපත්ව සිටිනවා. රාජපක්ෂවරුන් විධායක ජනාධිපති ධුරය හොබවලත් කරන්න බැරිවෙච්ච විශාල සේවාවක් එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කළා.නියඟයට, ගංවතුරට ඕනෑම ගැටලුවකට මේ ප්‍රදේශවලට පිහිටවුණේ සජිත් ප්‍රේමදාස මහතායි.  එතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිකර ශාසනය වෙනුවෙනුත් විශාල සේවයක් ගෙනගියා. ජාති ආලයෙන්, ආගම් ආලයෙන් කතාකරන රාජපක්ෂවරුන් අඩු ගානේ චෛත්‍යයක්වත් ඉදිකර නැහැ.සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නිකං ලැබුණේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති අපේක්ෂකත්වය එතුමන් ගන්නවා කිව්වා. ඒ වගේම 16 වැනිදාට රටේ නියත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නවා” යයිද ඔහු කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා:-    “එදා රාජපක්ෂ පාලන සමයේදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් කොච්චර භීතියකින් කටයුතු කළාද?. අද එහෙම භීතියක් නැහැ. ඔවුන් අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා. එදා ආතතියෙන් භීතියෙන් කටයුතු කළ මැතිවරණ කොමසාරිස් අද බොහොම ගැම්මෙන් කොන්ද කෙළින් තියන් වැඩ කරනවා.රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම මට පවරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගකීම අකුරටම ඉටුකරමින් සියලුම ජනතාවට ජීවත්විය හැකි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා කැප වෙනවා.ඒ වගේම අද තරුණ පරපුර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට  ඇබ්බැහි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්ව සිටිනවා. තරුණ පරපුර මේ තත්වයෙන් ගලවා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටද මේ තත්වයෙන් ගලවා ගැනීමට මා කැපවෙනවා” යයිද ඔහු පැවැසීය.විශාල පිරිසක් රැලිවලට සහභාගිවී සිටියහ.
“විනයගරුක රටක් හදනවා“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“විනයගරුක රටක් හදනවා“
0
(නාලක  සංජීව දහනායක)ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හොඳම දවස පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා යැයිද කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින්  විසින් බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා රටට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එය දෙසැම්බර් මස 30 වැනිදා දක්වා කල් දමන්න එපා. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ මරියානා අගාදයේයි. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා  මේ නැවෙන් බහින්න හොඳම දවසයි. අපිත් එක්ක එකතු වෙන්න එපා. මේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවෙන් එළියට බහින්න. ඒ තීරණය තවදුරටත් කල් දැම්මොත් අලියා ගිල්ල දිවුල් ගෙඩියට වූ දෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වේවි.ජාතික ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් තැබූ ගිවිසුමේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බව ජනවරමක් නැතුව ආණ්ඩුවට එක්වී සිටින මගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. ඒ ගිවිසුමට අත්සන් තැබුවේ 2015 අගෝස්තු මාසේ 21 වැනිදායි. එම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන බව ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලික ප‍්‍රතිපත්තිවලට එරෙහි ගමනක ආණ්ඩුව යෙදෙන නිසා වසර දෙකේ කාලය නිමවූ වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරයෙන්ම කතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපිටත් බලපාල තිබෙන්නේ ඒ කාරණයමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයට විකල්පයක් වශයෙනුයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රාජ්‍ය නායකයා වීම නිසා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුව ගෙනයාවි යැයි සමහරු හිතුවා. එහෙම හිතල කොටසක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නොවෙයි.මේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ කවුද? අද ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු. අධිකරණ ප‍්‍රතිපත්තිය තීරණය කරන්නේ හුසේන් කුමාරයා. බුකීකරුවන් ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිය තීරණය කරන බව අර්ජුන රණතුංග ඇමතිවරයා කියනවා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය තීරණය කරනවා.රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කරනවා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ තීරණය දින නියමයක් නැතිව කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමකට අවශ්‍යතාවක් තිබෙනවා. උතුරුමැද හා ඌව පළාත් සභාවලදී අපි දැක්කේ ඒකයි. පළාත් සභා පනත උල්ලංඝනය කරලා ඌව පළාත් සභාවේ මහ ඇමැතිධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදුන්නා. මේවා වැරැදියි. මේ දේවල් ඇතුළේ තිබෙන දේශපාලනය අපි කියවා ගත යුතුයි.එමෙන්ම 25 වැනිදා අඟහරුවාද විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සයිටම් විරෝධී ජනරැලියට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගී වෙනවා. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍ය නායකයා නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔහු ඇතුළු සියලූම සිසු නායකයන් කිසියම් රාජ්‍ය විරෝධී කටයුත්තක නිරත වෙනවානම් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මේ ආණ්ඩුවට රුධිරයෙන් තිබෙන වෛරයට නැවතීමේ තිත තබන ලෙසත් ඉල්ලීමක් කරණවා.රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීම ගැන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කර තිබුණා. මෙය මුළුමනින්ම මාධ්‍ය විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක්. තමන්ගේ දේශපාලන මතවාදයේ කිසිදු වෙනසක් නැති බව ඔහු තමන්ගේ නිවේදනයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුවත නිවැරැදි කරන්න කියලා අදාළ පුවත පළකළ පුවත්පත්වලින් ඉල්ලීමක් කරනවා.මේ වනවිට විදේශගතව සිටින මන්ත‍්‍රීතුමා තවත් පැය හතළිස් අටකින් ලංකාවට එනවා. ඒ අනුව ඔය ප‍්‍රවෘත්තියට තියෙන වටිනාකම නැතිවෙලා යාවි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින නායකයෙක්. අපේ සමීපම සගයෙක්. කිසිලෙසකත් ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය අත්නොහරින බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.පළාත් පාලන ආයතන ඡන්දය ලබා ගැනීම, ජනතාවගේ පොදු කාරණයන් යථා තත්ත්වයට පත් කිරීමට නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම පෙනී හිටියා. ආණ්ඩුව විවිධ බාධාවන් අතරමඟ ඇති කරමින් අවසානයේ පළාත් පාලන ඇමැතිවරයා පළාත් පාලන සීමාවන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නැයි ගැසට් කළා.ඒ අනුව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරා තිබෙනවා. මැතිවරණ කොමිසම ජන්දය පටන් ගන්න වෙලාව, ඡන්දය ගණන් කරන ස්ථානය ආදී මැතිවරණ කොමිසමේ පරිපාලනය සම්බන්ධ සුළු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වූ විගස මැතිවරණය පවත්වන බව දේශපාලන පක්ෂ කැඳවූ අවස්ථාවක ප‍්‍රකාශ කළා. මෙම සංශෝධන ඒකමතිකව සම්මත කිරීමට අපි එකඟතාව පළකළා. මෙය සම්මත කිරීමට පැය භාගයක කාලයක් ගතවේවි. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මගහැරියා. මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිම වුවමනාවක් නැති බව මින් පෙන්නුම් කරනවා. ඇතැම්විට ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව මැතිවරණ සම්බන්ධව තවත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.‍ඒ අනුව පළමුවැනි දවසේ විශේෂයෙන් තිබුණු කාර්යයන් නවතා පනත ඉදිරිපත්කර සම්මත කරන්නයි කිව්වත් ආණ්ඩුව මගහැරියා. ඒ වෙනුවට මාසේ අන්තිම සතියේ වේලාවක් දෙන බව කිව්වා. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරන කි‍්‍රයාවලියට ආණ්ඩුව දැන් බැහැලා. සමහරවිට තව සංශෝධන ගේන්න උත්සාහ කරයි.එමෙන්ම මැතිවරණ පැවැත්වීමට අලූතෙන් ගෙන ඒමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා කැඳවා තිබෙන රැස්වීම්වලට අපි සහභාගී වන්නේ නැහැ. මේ සාකච්ඡාවලින් සිදුවන්නේ මැතිවරණ කල් දැමීමයි.නොවැම්බර් මස අවසන් සතියේ සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මැතිවරණ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නායකයන්ට ප‍්‍රකාශ කළා. ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා මේ අවුරුද්දේ ඡුන්දේ තියන්න බැරිවේවි. මැතිවණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණයක නිරතව සිටිනවා. මැතිවරණ නොපැවත්වීම නිසා පොදු මහජන සේවාවන් සියල්ලම කඩාවැටිලා. පළාත් සභා මැතිවරණයත් කල්දැමීමට ආණ්ඩුව පළාත්සභා පනත සංශෝධනය කරමින් සිටිනවා. තවම අපි ඒ පනත දැකල නැහැ. ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නයි ආණ්ඩුව මේ කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිවයින පුරාම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයටත්, බුදු දහමටත් සිදුවන බලපෑමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ඒකාබද්ධ විපක්‍ෂය එකඟතාවය පළ කරනවා. ඒ මතය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය දිගටම කටයුතු කරනවා. යම් අවස්ථාවක තීරණාත්මක මොහොතක් ආවොත් අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට විවිධ ප‍්‍රතිපත්ති තියෙනවා. පොදුවේ ආණ්ඩුව මාතෘ භූමියට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අපේ මන්තී‍්‍රවරුන් පනස් දෙදෙනාම පෙනී සිටිනවා. ඒ අනුවයි අපි  දිගටම කටයුතු කරන්නේ.  ආණ්ඩුව කලින් අපිට අභියෝග කළා. ඒත් මැයි දිනයට සහභාගීවූ ජන ගංගාව දැකලා ඒකට බියවෙලා අපිට අභියෝග කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බෙදිලා, පුපුරා යයි වගේ ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවෙනවා. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි ද පැවසීය.
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’
0
(නාලක සංජීව දහනායක)මැතිවරණ පවත්වන ක‍්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්‍ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප‍්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්‍ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක‍්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි.      පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප‍්‍රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප‍්‍රතිඵල කෘතී‍්‍රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත‍්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක‍්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප‍්‍රකාශ කරනවා.පළාත්  පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප‍්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක‍්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප‍්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්‍ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්‍ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.එමෙන්ම විජයදාස රාජපක්‍ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්‍ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්‍ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප‍්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා  එදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප‍්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප‍්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ගේන්න කැප වෙනවා.ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප‍්‍රකාශයක් කරලා නැහැ.මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප‍්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන  දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.ඒ‍ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’
0
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්ෂය  තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත්  දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.අපේ ආත්මීය දේශපාලන වුවමනාව එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීමයි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ සියලුම දේශපාලන පක්‍ෂ මෙවර ඒකාබද්ධ පොදුජන පෙරමුණින් තරග කරනවා. ඒ නිසා කොන්දේසි විරහිතව පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැපවෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත් බව වසාගැනීම සඳහා  බණ්ඩාරණායක මහතාගේ රුධිරය තැවරුණ සාටකයත්, සිරිමා මැතිණියගේ නිල් පැහැති සාරියත් පිරුවටයක් ලෙස යොදා ගන්නවා. මේ රටේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් අවසානාවට මේ මහගෙදර එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු අරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රගතිශීලි කඳවුරට රැඳෙන්න තැනක් නැතිවෙලා තිබෙනවා.                 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.» (අ) වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කළා. කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 46.» (ආ) වගන්තිය යටතේ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 40 සීමා කළා. නමුත් පසුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව රැස්වී පළමු සති දෙකක් ඇතුළතදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගත්තොත් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වාත් වැඩි කළ හැකි බවට ව්‍යතිරේකයක් ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළේ වසර දෙකක කාලයක් සඳහා පමණයි. ඒ අනුව 2017 අගෝස්තු මාසේ 21 වැනිදයින් ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන් වෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට අපි මේ ගැන ශ්‍රී.ල.නි.ප යෙන් විමසුවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා ගිවිසුම දික්කළ බව ශ්‍රී.ල.නි.ප.ය කිව්වා. දෙසැම්බර් 31 වැනිදයින් පසුව ශ්‍රී.ල.නි.පයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවට මොරදුන්න අපේ බොහෝ මිත්‍රයින් අද නිහඬයි. නමුත් මේ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල දැයි අපිට ගැටලුවක් තිබෙනවා. මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපිට කළ හැකි සෑමදේම කරනවා.මේ ආණ්ඩුවට තවත් දවස් හයකින් අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. බහුතර බලයක් තිබුණ ශ්‍රී.ල.නි.ප අගමැතිවරයා ඉවත් කරලා මන්ත්‍රීධූර 47ක් තිබූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය දීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනිකව ඝාතනය වුණා. ඊටත් පසුව බැඳුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීම සඳහා නියමිත කාලයට වසරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පළාත් පාලන මැතිවරණය ගමේ නගරයේ බලය තීන්දු කරන මැතිවරණයක් මිස මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව අගමැතිවරයා කියනවා. 1993 දකුණු පළාත් සභා මැතිවරණය වෙලාවෙත්  එක්සත් ජාතික පක්‍ෂය මේ වගේ කතා කිව්වා. නමුත් අපි එදා පළාත් සභාව ජයගෙන ආණ්ඩු වෙනසක් කිරීමේ මූලික අඩිතාලම එදා දැම්මා. පෙබරවාරි 10 වැනිදා ඡන්දය දෙන්න යන ඔබ ඡන්දය දෙන්නේ රනිල්ටද - මහින්දටද කියල ඔබෙන්ම අහන්න. ඒ උත්තරය කතිරයක් විදියට සටහන් කරන්න යැයිද කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙස් පැවසීය.ජනාධිපතිවරණයෙන් හා මහාමැතිවරණයෙන් පසුව රටම එකට ඡන්දය දෙන මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මා. අපි පළාත් පලන මැතිවරණය ලබාගැනීම සඳහා වසර තුනක් සටන් කළා. මේ මැතිවරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය අවසන් කළ යතුයි. ඒ නිසා මෙය ජාතික මැතිවරණයක් ලෙස අපි සළකනවා. ඒ නිසා රටවනසන ආණ්ඩුව ගෙදර යවමු - යළිත් රට ගොඩනඟමු තේමාව යටගේ අපි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා.මේ ආණ්ඩුව අපේ රටේ මෙතෙක් තිබූ අසාර්ථකම ආණ්ඩුවයි. මහකන්නය සඳහා පොහොර ටිකවත් දී ගන්නට නොහැකි වීමෙන් ආණ්ඩුවේ අකාර්්‍යක්‍ෂමතාව හොඳටම පේනවා. දේශීයව හා ජාත්‍යන්තරව මේ ආණ්ඩුව දවසින් දවස කඩාගනෙ වැටෙනවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. අද රටේ ආර්ථික සංවර්ධන වේගය ඉතා බරපතළ ලෙස අඩාල වෙලා. විරකියාව වැඩිවෙලා රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන බව මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා රටතුළ අසහනකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය මහබැංකුවටවත් පාලනය කරගන්න බැහැ. ඉදිරියේදී රට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදවලින් ගොඩ ඒමට නම් ආණ්ඩුව පළවාහැරිය යුතුමයි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය උපරිම සහය ලබාදෙනවා. නමුත් කොළඹ මහනගර සභාව සඳහා වෙනම තරගකර ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ මනෝ ගනේෂන් මහතාට ආරක්‍ෂාව දීමට සිදුවී තිබෙනවා. ඔහු වෙනම තරග කිරීමේන් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල වෙන්නේ ඒ නිසයි. මනෝ ගනේෂන් මහතාට නිදහසේ මැතිවරණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සළසා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරනවා.එමෙන්ම මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මෙම පරීක්‍ෂණ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මේ වනතුරුත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කතානායකවරයා දැනුම් දුන්නා. එමෙන්ම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව විවාද කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අපි ඉල්ලීමක් කළා. ජී.එස්.පී සහනය කපා හැරීමෙන් ඇමරිකාවත් මේ ආණ්ඩුවට කනට පහරක් එල්ල කළා. එමෙන්ම මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවන බවට මහ බැංකුව අනතුරු අඟවනවා. ඒ අතරදී අපේ රටේ පුද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙනවා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සුන්ට නැවත ඒ මුදල ගැනීමට නොහැකි වී තිබෙන බව මහ බැංකුව අනතුරු හඟවනවා.  මේ අර්බුධවලින් රට බේරා ගැනීමට නම් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවාහැරිය යුතුමයි. එහි පළමු පියවර ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරවිය යුතු යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.රට විනාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලට ජනතාව නැවතත් රැවටෙන එකක් නෑයි කියලා අපි විශ්වාස කරනවා. ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල ඇමරිකානු ඩොලරයේ මිලට වඩා වැඩිවුණා. මේ මැතිවරණයේ දී ආණ්ඩුවට නිසි පණිවිඩයක් නොදුන්නොත් රටේ ජාතික සම්පත් විකුණා දමා චෙක් එක අරගෙන ආණ්ඩුවේ ලොක්කො බයිල නටාවි. සමහරු මගෙන් අහනවා ආණ්ඩුවට යන්නේ කවදද කියලා. රෙදි ඇඳගෙන නම් මට මේ ආණ්ඩුවට යන්න බැරිය යැයිද කීය.
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’
0
(а¶ұа·Ҹа¶Ҫа¶ҡ а·ға¶Ӯа¶ўа·“а·Җ а¶Ҝа·„а¶ұа·Ҹа¶әа¶ҡ)රටа·ҡ බа¶Ҝа·” а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶ә а¶ҙිළිබඳа·Җ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶ә а¶ұа·ңа¶ҡර а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а·Җа¶ұа·Җිට අරа·Ҡබුа¶Ҝ රа·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұ බа·Җ බа¶Ҝа·” а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ හිටа¶ҙа·” а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ.а¶һа·“. а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·ҷරа·ҡа¶Ҝа·Ҹ (22) а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а·ға¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұ а¶Ҫа¶Ҝ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶Ҫа·ҷа·ғ а·„а¶іа·”а¶ұа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶…а¶ҙ රටට එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ ඔහු а¶ҡа·“а¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫ а¶ңුණа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ රචිа¶ӯ ‘බа¶Ҝа·” а¶Ҝඩа¶әа¶ё, а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ’ а¶ҡа·ҳа¶ӯа·’а¶ә එළිа¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·’а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әට а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ ඔහු а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә. а·„а·ҷа¶ҡа·Ҡටරа·Ҡ а¶ҡа·ңබа·Ҡබෑа¶ҡඩුа·Җ а¶ңа·ңа·Җа·’ а¶ҙරа·Ҡа¶әа·ҡа·Ӯණ а·„а·Ҹ а¶ҙුහුණු а¶ҡිරීමа·ҡ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа·ҡа¶Ҝа·“ а¶ёа·ҷа¶ё а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶ә а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җිණි.හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа¶ё а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұ а¶Ҷරа·Ҹа¶°а·’а¶ӯ а¶…а¶ёа·”а¶ӯа·Ҡа¶ӯа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·’а¶ә.එහිа¶Ҝа·“ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ.а¶һа·“. а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ҙа·ҷර රජа¶ә රටа·ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶ёа¶ҹ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. එа¶Ҫа·ҷа·ғ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·ңа¶ҡර а¶ёа·ҷа·Җа·җа¶ұа·’ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡිරීමа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ අරа·Ҡබුа¶Ҝ රа·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҝ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ҡа¶ӯа·Ҹබහа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶Үа¶әа·’? а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а¶ҙ රටа·ҡ එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶ұа·’а·ға¶әа·’. а¶ёа·ҷа¶ё බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ҡа·ға·Ҡ а¶ҡිරීමට а¶ҙа·ҷර а¶…а¶ҙ රටа·ҡ බа¶Ҝа·” а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶ә а¶ҙිළිබඳа·Җ а¶әа¶ёа·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶әа¶ҡа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а·Җ а¶ӯිබුණа·Ҹ. а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ එа·Җа·җа¶ұа·’ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶әа¶ҡа·Ҡ а¶ҡර а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ අරа·Ҡබුа¶Ҝ а¶Үа¶ӯа·’а·Җ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.හිටа¶ҙа·” а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҡа·ңа¶ёа·ға·Ҹරිа·ға·Ҡ а¶Ҷරа·Ҡ.а¶ҙа·“.එа¶Ҫа·Ҡ. а·Җීරа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ӯිබිа¶әа¶Ҝа·“ රටට а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶Үа¶әа·’? а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ රටට а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җට а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶ёа¶ҹ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡර බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа·Җර එа·Җа·җа¶ұа·’ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а·„а·қ а·ға¶Ӯа·Җа·Ҹа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа¶ё а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶ҡරа¶ұ а¶Ҷа¶ҡа·Ҹරа¶әට а¶ёа·ҷа¶ә а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ.2006 а·ғිට 2015 а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа·– බа¶Ҝа·” а·ға¶Ӯа·Ға·қа¶°а¶ұ а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶әа·ҡ а¶…а¶·а·’а¶әа·қа¶ңа¶әට а¶Ҫа¶ҡа·Ҡа·Җුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯට එරа·ҷа·„а·’а·Җ а¶ұඩු 6а¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җුණа·Ҹ. а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ රජа¶әට а·Җа·’а·Ға·Ҹа¶Ҫ අරа·Ҡබුа¶Ҝ а¶ңණа¶ұа·Ҹа·Җа¶ҡට මුහුණ а¶Ҝීමට а·ға·’а¶Ҝа·”а·Җа·ҡа·Җа·’. බа¶Ҝа·” а¶ҙа·җа¶ұа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡ‍а·Ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ අරа·Ҡථිа¶ҡа¶ә а·„а·ғුරа·Җа¶ұ а·ға·”а¶ҡа·Ҡа¶ҡа·Ҹа¶ұа¶ё බа¶Ҝа·”а¶әа·’. а¶ұа·ңа¶Ҝа·’а¶әුණු а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶әа¶ёа·Ҡ රටа¶ҡа·’а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ ණа¶ә а¶ңа¶ӯа·Ҡа·Җිට а¶’ ණа¶ә а¶ҙа·Ҹа·Җа·’а¶ а·Ҡа¶ а·’ а¶ҡරа¶ұ රටට බа¶Ҝа·” а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶ңа·ҷа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. 2011 а¶…а¶әа·Җа·җа¶ә а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ё а·ға·„а¶ұа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶’ а·ға·„а·Ҹа¶ә а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа¶ә а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶Ҷа¶әа·қа¶ўа¶ұ а·ға¶іа·„а·Ҹ а¶ҡа·ҷа·ға·ҡ බа¶Ҫа¶ҙа·Ҹа·Җа·’а¶Ҝа·җа¶әа·’ а·ға·’а¶ӯа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ.රටа¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡරа¶ұа·Җිට а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ а·ға·„а¶ұа·Ҹа¶°а·Ҹර а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ එа¶әа¶ӯа·Ҡ බа¶Ҝа·”а·Җа¶Ҫට а¶әටа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ёа¶ә а¶Ҫබа·Ҹа¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹ а¶Ҝа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ එම а·ға·„а¶ұа¶әа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·’а¶Ҝа·ҷа·ға·Ҡа¶ңа¶ӯ а·Ға·Ҡ‍රී а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡа¶әа¶ұа·Ҡ а·ға¶іа·„а·Ҹа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·“ а¶ӯිබුණа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·ҳа¶ӯа·Ҡа¶ӯа·’а¶ҡа¶әа¶ұа·Ҡටа¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·ға·„а¶ұ а¶Ҫබа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶’ а·ға·„а¶ұа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а·Җа·’а¶Ҝа·ҷа·ға·Ҡ ටа·ҷа¶Ҫа·’а¶ұа·Ҹටа·Ҡ‍а¶ә а·ға¶іа·„а·Ҹ а¶ҙа·җа¶ұа·Җа·– බа¶Ҝа·”а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә රа¶ұа·Ҡමිණිа¶ӯа·җа¶ұа·Ҡа¶ұ а·„а·җа¶Ҝа·”а·Җа·Ҹ. රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ а¶ҙа·„а¶ҡට а·Җа·җඩි а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ а·’а¶ӯ‍а·Ҡ‍රа¶ҙටිа¶әа¶ҡа·Ҡ а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұа¶ә а¶ҡа·…а·ңа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·’а¶ұа·Ҡ අරමුа¶Ҝа¶Ҫ а¶ҙа·’а¶әа·Җа·Ҹ а¶ңа·җа¶ұීමට බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё බа¶Ҝа·” а·ға·„а¶ұ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ” а¶әа·җа¶әа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ බණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶әа¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҷа¶ұа·Ҡ а·Җිරа·қа¶°а¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а·Җа¶ұа·Җිට රජа¶ә а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯ а¶ңа·җа¶ұ а·Җа·’а·Җа·’а¶° а¶Ҝа·Ҹරа·Ҡа·Ға¶ұа·’а¶ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. රට а¶ёа·ҷа¶ұа·Ҡа¶ё රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә රа·җа·”а¶ҡ а¶ңа·җа¶ұීමටа¶ӯа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶әа¶ұа·Ҡට а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’. а¶ёа·ҷа¶ә а¶ӯа¶ұа·’а¶ҡරම а¶ҡа·ңа·…а·ҡ а·Җа·„а¶Ҫ а¶ңа·җа·„а·’а¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ.а¶ӯа¶ё а¶ўа·“а·Җа·’а¶ӯа¶ә а¶ңа·ңඩа¶ұа¶ңа·Ҹ а¶ңа·җа¶ұීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶Ҝරа¶ұ а·ға·”а·…а·” а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡ а¶ҙිරිа·ға¶ҡа·Ҡ  ඕа¶ұа·‘а¶ё රටа¶ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа·„а·Ҹ а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡට а·Җඩа·Ҹ එම а¶ҙිරිа·ғ  ඕа¶ұа·‘а¶ё රටа¶ҡ а·Җа·җඩිа¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ұа·Җ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ රටа·ҡ а·ғිටිа¶ұ а·ға·”а·…а·” а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡ а¶ҙිරිа·ғ а¶ҙිළිබඳа·Җ а¶ҡа·’а·ға·’а¶ё а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҡа·ҷරа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶Ҷණа·Ҡඩුа·Җට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҡа·ҷа·ға·ҡ а·„а·қ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·„а¶ёа·Ҡබ а¶ҡිරීමටа¶әа·’. එа¶әට බа¶Ҫа¶ҙа·‘ а·„а·ҡа¶ӯа·” а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡа·Ҡа¶ё а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.2015 а¶ўа¶ұа·Җа·Ҹරි 8 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”а·Җ а¶ёа·ҡ රටට а¶ңа·җа¶Ҫа¶ҙа·ҷа¶ұ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමට а¶Ҷණа·Ҡඩුа·Җට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җа¶ҡа·Ҡ а¶Ҫа·җබුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶Ҝ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරа¶ұ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·Җුරුа·Җа¶ӯа·Ҡ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ә а¶ұа·’а·ға·Ҹ а¶…а¶Ҝ а·Җа¶ұа·Җිට а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶…а¶·а·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯරа¶әа·ҡ а¶ңа·җටුමа·Ҡ а¶ҙа·Җа·Ҹ а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯа·қරа·Ҹа¶ңа¶ӯа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа·Ҹа¶әа·қа¶ңа·’а¶ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а¶ӯа·Ҡа¶ҙа·ңа·…а·ҡ а¶ңа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҙа·җටළුණු а¶ұа·–а¶Ҫа·Ҡ බа·қа¶Ҫа¶әа¶ҡа·Ҡ а·Җа¶ңа·ҷа¶әа·’. а¶ҡа·ңа¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҡа·ҷа·…а·Җර а·Җа·ҡа¶Ҝа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ.а¶ёа·ҡ а¶әа¶ұ а¶ңа¶ёа¶ұ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·җරа¶Ҝа·’а¶әа·’. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶ёа¶ңට а¶ңа·җа¶ұීමට а¶Ҷණа·Ҡඩුа·Җට බа¶Ҫа¶ҙа·‘а¶ёа·Ҡ а¶ҡිරීමට а¶ҙුරа·Җа·җа·ға·’а¶әа¶ұа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶ҙට а¶әа·”а¶ӯа·”а¶ҡа¶ёа¶ҡа·Ҡ а·„а·Ҹ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ” а¶әа·җа¶әа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫ а¶ңුණа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶әа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ 2006 а¶…а¶Ӯа¶ҡ 10 а¶Ҝරණ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. එа¶ӯа·”а¶ёа·Ҹ එම а¶ҙа¶ұа¶ӯ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·…а·ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍රа¶әа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а·Җа·’а·Җа·’а¶° а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ұа·Ҡ а·ға¶ёа¶ҹ а¶ҙа·”а·…а·”а¶Ҫа·Ҡа·Җ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җа¶әа·’.එම а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶ңа·ңа·Җа·’ а·ға·ҡа·Җа·Ҹ а¶ҡа¶ёа·Ҡа¶ҡරුа·Җа¶ұа·Ҡට, а¶…а¶ҙа¶ұа¶әа¶ұ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡට, а¶ҡа¶Ҫа·Ҹа¶ҡරුа·Җа¶ұа·Ҡට а·„а·Ҹ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶Ҝිරිа¶ңа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶’ а¶ҙа¶ұа¶ӯа·ҡ а¶ҙිටු 44а¶ҡа·Ҡ а¶ҙුරа·Ҹа·Җටම а¶ёа·ҡ а¶ңа·җа¶ұ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶’а·Җа·Ҹ а·Җිටිа¶ұа·Ҡ а·Җිට а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶…а¶ұа·”а·Җ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а·Җුණа·Ҹ. а¶’ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а·Җුණа·ҡ රටа·ҡ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұа¶әа·Ҹට а·Җа·Ҹа·ға·’а·ға·„а¶ңа¶ӯ а¶…а¶әුරිа¶ұа·”а¶әа·’. а¶’ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶өа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡа¶Ҝа·“ රජа¶әа·ҡ а·ға¶ёа·ға·Ҡа¶ӯ බа¶Ҝа·” а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё අඩු а·Җа·– බа·Җ а·Җරа·Ҡа¶ӯа¶ёа·Ҹа¶ұ රජа¶ә а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё අඩුа·Җීමට බа¶Ҫа¶ҙа·‘ а·„а·ҡа¶ӯа·” а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙ රටа·ҡ а·Җа·ғර 30а¶ҡ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа¶ӯුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а·ға·“а¶ёа·’а¶ӯа·Җ а¶ҙීඩа·Ҹа·Җට а¶ҙа¶ӯа·Ҡ а·Җුණа·Ҹ. අඩු а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶Ҫබමිа¶ұа·Ҡ а¶ӯිබූ රට а¶ҙа·„а·… а·„а·Ҹ а¶ёа·җа¶Ҝа·’ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶Ҫබа¶ұ රටа¶ҡа·Ҡ බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ұа¶ёа·Ҡ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡ, а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ, а·ға·”а·…а·” а·„а·Ҹ а¶ёа¶°а·Ҡ‍а¶ә а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶Ҝа·ҷа¶ұа·Ҹට а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а¶Ӣа¶ӯа·Ҡа¶ӯа·ҡа¶ўа¶ұа¶әа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹ а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶’ අරමුණිа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’ හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ.а¶’ а¶ұа·’а·ға·Ҹ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·Ҡа¶Ҝ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а·Ға¶ӯа¶ә අඩුа·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә а·ға¶ёа¶әа·ҡа¶Ҝа·“ а¶Ҝа·… а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶үа·„а·… а¶ңа·’а¶әа·Ҹ. а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әа·ҡ а·ға·‘а¶ё а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа¶ё а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а·Җටිа¶ұа·Ҹа¶ҡа¶ё а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 25а¶ҡа·Ҡ а·„а·қ а¶Ҡට а·Җඩа·Ҹ අඩු а¶…а¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ 2015 а¶Ҝа·“ а¶…а¶ҙа·’ රට බа·Ҹර а¶Ҝа·ҷа¶ұ а·Җිට а¶ёа·ҡ රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а·Җටිа¶ұа·Ҹа¶ҡа¶ё а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 80 а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а·Җа·җඩිа·Җුණа·Ҹ. රට а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·Ҹа·Җа¶ӯа·ҡ а¶үහළටම а¶ңа¶ёа¶ұа·Ҡа¶ҡර а¶ӯිබුණа·Ҹ.а¶Үа¶ӯа·җа¶ёа·Ҡа·Җිට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩු а·ға¶ёа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶ҙ රටа·ҡ а¶…а¶әа·Җа·җа¶ә а¶ҙරа¶ӯරа¶ә а·ға·’а¶әа¶әට 19а¶ҡа·Ҡ а·Җුණа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶әа·”а¶ңа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶ҙ රටа·ҡ а¶…а¶әа·Җа·җа¶ә а¶ҙරа¶ӯරа¶ә а·ға·’а¶әа¶әට 5а¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ අඩුа·Җුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶Ҫබа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұа¶ә රа·Җа·“ а¶ҡරුණа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ හිටа¶ҙа·” а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа¶ё а¶ҡа¶ҙа·Ҹ а¶Ҝа¶ёа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.රජа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұ а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍රа¶әа¶ұа·Ҡ а·ға¶іа·„а·Ҹ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶ҙිළිබඳа·Җ а¶ҡа·’а·ға·’а¶ё а·ға¶іа·„а¶ұа¶ҡа·Ҡ а¶ҡර а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ රටа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶ҙරа¶ҙුරට බа¶Ҫа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ёа¶ё а¶’а·Җа·Ҹ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡර а¶ҙа·ңа¶ӯа¶ҡа·Ҡ රචа¶ұа·Ҹ а¶ҡа·…а·Ҹ.а¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” රජа¶әа¶ҡට а¶Ҫа·җබුණ а·Җа·җඩිම а·Җа·Ҹа·ға·’а¶ә а¶Ҫа·җබුණа·ҡ а¶ёа·ҷа¶ё රජа¶әටа¶әа·’. а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶әට а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 497а¶ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡа·…а·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё රජа¶ә බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·“а¶ёа¶ӯа·Ҡ а·ға¶ёа¶ҹа¶ё а¶Ҫа·қа¶ҡ а·Җа·ҷа·…а·ҷа¶іа¶ҙа·ңа·…а·ҷ а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·Җа·җටුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ 2015 а¶Ҝа·“ а¶ёа·ҷа¶ё රජа¶әට а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а·Җුණа·ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 2699а¶әа·’. а¶’ а¶ұа·’а·ға·Ҹ එම а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 1889а¶ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ёа¶ә а¶ҙ‍а·Ҡ‍රමа·Ҹණа¶әа¶ҡа·Ҡ රටට а¶үа¶ӯුරු а·Җුණа·Ҹ. а¶ҙа·ға·”а¶ңа·’а¶ә а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а·Җුණа·ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 2881а¶әа·’. а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а·Җа·ғර а¶Ҝа·ҷа¶ҡ а¶ӯа·”а·…а¶Ҝа·“ а¶ҙමණа¶ҡа·Ҡ රට а¶ӯа·”а·… а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 4а¶ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶үа¶ӯුරු а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 4а¶ё රජа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·Ҹа·Ӯа·Ҡа¶ҙ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫ රට а¶ӯа·”а·… а¶үа¶ӯුරු а·Җුණа·Ҹ а¶ұа¶ёа·Ҡ а·„а¶ёа·Ҡබа¶ұа·Ҡа¶ӯа·ңට а·Җරа·Ҹа¶ә а·Җа¶ңа·ҡ а¶ӯа·Җа¶ӯа·Ҡ а·Җරа·Ҹа¶әа¶ұа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶…а¶ҙа·ҡ රටа·ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ӯිබුණа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡර а¶ёа¶Ӯа¶ҡа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ә а¶ұа·’а·ға·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ රජа¶әа·ҡ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡа·Җа¶Ҫ а·„а·Ҹ а¶ёа·„а·Ҹа¶·а·Ҹණа·Ҡඩа·Ҹа¶ңа·Ҹරа¶әа·ҡ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡර а¶ӯිබූ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ а¶Ҝа·ҷа¶ҡට а·Җа·җඩි а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶ұа·җа·Җа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а¶ңа·ңа·ға·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ а¶ңа·ҷа·Җа·”а¶ёа·Ҡ а·Ға·ҡа·Ӯ а¶ҙීඩа¶ұа¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. එම а¶ҙීඩа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·’а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ බа·җа·„а·җ.а¶ұа·җа·Җа¶ӯ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·ҡ රට а¶·а·Ҹර а¶ңа·ҷа¶ұ а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа·ҷа·…а¶ҡа·Ҡ а·ға·җа¶ҡа·ға·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶үа¶ҡа·Ҡа¶ёа¶ұටම а¶ҙа·ҷරළа·Ҹ а¶Ҝа¶ёа·Ҹ а¶…а¶ҙа·’ а·„а¶Ҝа¶ұ а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҙа·…а·Җа·ҷа¶ұа·’ а¶ҡරа·Ҡа¶ӯа·Җа·Ҡ‍а¶ә а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·“а¶ёа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶әа·җа¶әа·’” а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җට а¶ұа·Ҹරа·Ҹа·„а·ҡа¶ұа·Ҡа¶ҙිට а¶…а¶·а¶әа·Ҹරа·Ҹа¶ёа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ මුරුа¶ӯа·Ҡа¶ӯа·ҷටа·Ҡටුа·Җа·ҡ а¶Ҷа¶ұа¶ұа·Ҡа¶Ҝ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а¶ёа·„а·Ҹ а·ға¶Ӯа¶қරа¶ӯа·Ҡа¶ұа¶ә а¶Ҝ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә а¶ўа·“.එа¶Ҫа·Ҡ. а¶ҙීරිа·ға·Ҡ, а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә а¶ӯа·’а·ға·Ҡа·ғ а·Җа·’а¶ӯа·Ҹරණ, රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а·ға·ңа¶әа·’а·ға·Ҹ, а·Җа·Ҹа·ға·”а¶Ҝа·ҡа·Җ а¶ұа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡа·Ҡа¶ҡа·Ҹර, а·ға·’а·ғිර а¶ўа¶әа¶ҡа·ңඩි, а¶ҙ‍а·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұ රණа·Җීර а¶Үа¶ӯа·”а·…а·” а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රීа·Җරුа¶ұа·Ҡ а¶Ҝ а¶ҙ‍а·Ҡ‍රа·Җීණ а¶ҡа¶Ҫа·Ҹа¶ҡරු а·ғිරිа¶Ҫа·Ҡ а·Җа·’а¶ҡ‍а·Ҡ‍රමа¶ңа·ҡ, а¶ҙ‍а·Ҡ‍රа·Җීණ а¶ңа·“а¶ӯ රචа¶ҡ а·ға·”а¶ұа·’а¶Ҫа·Ҡ а·ғරа¶ӯа·Ҡ а¶ҙа·ҷරа·ҡරа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҙිරිа·ға¶ҡа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·–а·„.
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
1
(а·ғරа¶ӯа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍රа·ға¶Ӯа¶ң а¶ҙа·ҷරа·ҡරа·Ҹ) а¶ҡа·Җුරු а·Җිරුа¶Ҝа·Ҡа¶°  а·Җුණа¶ӯа·Ҡ а¶ҡа·ңළඹ а·Җරа·Ҹа¶әа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶ә බа¶Ҝа·” а¶Ҝа·ҷа¶ұ බа·Җа¶ӯа·Ҡ එа¶ә රජа¶әа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә බа·Җа¶ӯа·Ҡ а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а¶ҙිළිබа¶Ҝ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа¶Ӯа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ (24а¶Ҝа·Ҹ) а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ҡа·ҷа·…а·Җරа¶ҙිටිа¶әа·ҡа¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶’ а¶ёа·„а¶ӯа·Ҹ එа·ға·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡ а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а·Ға·Ҡ‍රීа¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷරමුණа·ҡ а¶ӯරුණ බа¶Ҫ මණа·Ҡඩа¶Ҫа¶ә а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’. а¶‘а·„а·’а¶Ҝа·“ а¶ӯа·Җ а¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а·ғිටි а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә. "  රජа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶ҙа·’ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҝа·ҡа¶ҙа·… а·Җа·’а¶ҡුණа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·‘. а¶…а¶ҙа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶әට а¶Ҷа¶әа·қа¶ўа¶ұ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа¶ұа·” а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡට බа¶Ҝа·” а¶Ҝа·“а¶ёа¶әа·’. а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җ а·Җа·ҡа·Җа·Ҹ, а¶ўа¶ҙа·Ҹа¶ұа¶ә, а¶ а·“а¶ұа¶ә,  а¶Үමරිа¶ҡа·Ҹа·Җ а·Җа·ҡа·Җа·Ҹ ඕа¶ұа·‘а¶ё රටа¶ҡа·Ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶әට එа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶…а¶ҙа·’ а¶’ а¶…а¶әට а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶‘а·ға·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұ а¶…а¶ҙа·ҡ රටට а¶Ҷ а·Җිට රටа·ҡ а¶ӯරුණ а¶ӯරුණිа¶әа¶ұа·Ҡ ට රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶…а·Җа·ға·Ҡථа·Ҹ а¶Ӣа¶Ҝа·Ҹа·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ එа¶ҡа·„а·ҷа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа·Ҹа·ғිටි а¶ҙරිа¶Ҝа·’ а¶ҡа·ңළඹ а·Җරа·Ҹа¶әа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶әа·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡිරීමට а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа¶ұа·” а·ға¶ёа·Ҹа¶ңමට а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җ а¶…а¶ҙ а¶…а·ға¶Ҫа·Ҡа·Җа·җа·ға·’ а¶ёа·’а¶ӯа·Ҡ‍ර රටа¶ҡа·Ҡ, а¶’ а¶…а¶ә а¶…а¶ёа¶ұа·Ҹа¶ҙ а¶ҡර а¶ңа·җа¶ұа·“а¶ё а¶…а¶ұа·”а·Җа¶ұ а¶ҡа¶ёа¶ҡа·Ҡ. а¶…а¶Ҝ а¶ёа·”а·…а·” а¶Ҫа·қа¶ҡа¶әа·ҡа¶ё а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ҡඩа·Ҹ а·Җа·җටිа¶Ҫа·Ҹ එа¶ә а¶…а¶ҙа·ҡ රටටа¶ӯа·Ҡ බа¶Ҫа¶ҙа·Ҹа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ රට а¶Ҝа·’а¶әුණු а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға·’а¶Ҝа·” а¶ҡа¶Ҫ а¶әа·”а¶ӯа·”а¶әа·’. එහි එа¶ҡа·Ҡ а¶ҙа·’а¶әа·Җරа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а·ға¶Ӯа¶ а·Ҹරа¶ҡа¶әа¶ұа·Ҡ а·ға¶Ҝа·„а·Ҹ а¶ңа·”а·Җа¶ұа·Ҡа¶ӯа·ңටුа¶ҙа·… а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа·ҷරුа·Җа·ҡ. а¶’а¶ӯа·Ҡ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·”а·…а·” රටටම а¶ҡа·ңරа·қа¶ұа·Ҹ බа·қ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа·ға·ҡ ඔа·Җа·”а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ұа·Ҡ. а¶ўа·“. ඕ. а¶ҡа·Ҹරа¶әа¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа¶Ҫටа¶әа·’. "  а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җට හිටа¶ҙа·” а¶ҙа¶Ҫа·Ҹа¶ӯа·Ҡ а·ға¶·а·Ҹ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී රа¶ұа·Ҡа¶Ҝීරа·Ҡ රа·ңа¶Ҝа·Ҡ‍රිа¶ңа·”, а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ҙа·Ҡ‍රа·Ҹа¶Ҝа·ҡа·Ға·“а¶ә а·ға¶·а·Ҹа·Җа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶ңරа·Ҹа¶ўа·Ҹ а¶…а¶Ҫа·Ҡа·Җа·’а·ға·Ҡ, а¶Ӣа¶ҙ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ බිа¶ңа·”а¶ұа·Ҡ а¶ўа¶әа¶ӯа·”а¶Ӯа¶ң, а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ӯරුණ බа¶Ҫ මණа·Ҡඩа¶Ҫа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ўа¶ңа¶ӯа·Ҡ а¶ўа¶әа¶ӯа·”а¶Ӯа¶ң а¶әа¶ұ а¶ёа·„а¶ӯа·”а¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ёа·„а¶ўа¶ұ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯа¶әа¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҙිරිа·ға¶ҡа·Ҡ එа¶ҡа·Ҡа·Җа·“ а·ғිටිа¶әа·„.а·ғබа·җа¶Ҝа·’а¶ұа·җ’හිර а¶ўа·җටිа¶ә බа¶Ҝа·”а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹට а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҙа·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұа¶ңа·ҷа¶ұа·Ҡ а·Җිරа·қа¶°а¶әа¶ҡа·Ҡ -----------------------------------------------------------------------------------------------------------а¶ёа·ҷа¶ё රа·җа·ға·Ҡа·Җа·“а¶ё а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·–а¶әа·ҡ а¶…а¶Ҝ (24 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ) а¶ҙа·ҷරа·Җරුа·Җа·ҡа¶Ҝа·“а¶ә.එහа·ҷа¶ӯа·Ҡ а¶…а¶Ҝ а¶ҙа·ға·Ҡа·Җරු 6.00 а·Җа¶ұ а·Җිට а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а¶ҙිළිබа¶Ҝ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа¶Ӯа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරී а¶ҙа·Ҡ‍රа·ға·Ҹа¶Ҝа·Ҡ බටුа¶ңа·„а¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ҙ а·Җа·ҷа¶ӯ а¶Ҡ-а¶ёа·ҡа¶Ҫа·Ҡ а¶ҙණිа·Җුඩа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶әа·ҡ ‘а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶ә а·Җа·’а¶ҡුණа¶ұа·Ҡа¶ұа·ҡ а·„а·қ බа¶Ҝа·” а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ‘ а¶әа¶әа·’ а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶әටිа¶ӯа¶Ҫ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа·Ҹа¶ұа·Ҡа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·– බа·Җа¶әа·’.а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරී а¶ҙа·Ҡ‍රа·ға·Ҹа¶Ҝа·Ҡ බටුа¶ңа·„а¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶ә а¶ҙа·„а¶ӯ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҡ.    
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа¶әට а¶Ӣа¶ а·’а¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ҡа·” а¶ұа·ңа·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ, එබа·җа·Җа·’а¶ұа·Ҡ ඔහු а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶ә а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа·’а¶әа¶әа·’.а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶әа·ҡ а·ға¶ё а¶ҡа·җа¶іа·Җа·”а¶ёа·Ҡа¶ҡරුа·Җа¶ұа·Ҡ а·Җа¶ұ ධරа·Ҡа¶ёа·ғිරි බණа·Ҡඩа·Ҹරа¶ұа·Ҹа¶әа¶ҡ, а¶ңа·Ҹමිණී а·Җа·’а¶әа¶ұа·Ҡа¶ңа·ңඩ, а·ға¶ёа¶ұа·Ҡ රа¶ӯа·Ҡа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә, а¶ҡа·ҡ ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ а¶ўа¶ұරа¶Ӯа¶ўа¶ұ а·ға·„ а¶ўа·қа·ға¶ҙа·Ҡ а·ға·Ҡටа·Ҹа¶Ҫа·’а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·җරුණු а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа·ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ә.‘‘а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶әа¶ұа·” ‘а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ‘ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа¶әа¶ҡට а¶Ӣа¶ а·’а¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа·ҷа¶ҡа·” а¶ұа·ңа·Җа¶ұ බа·Җ 04а¶Ҝа·Ҹ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ а·ға¶ұа·Ҹථ а¶ҡа·ҷරුණි.‘а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ‘ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а·ға·Ҡа·Җа¶·а·Ҹа·Җа¶ә, රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а·ға·„ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶ӯа·Ҡа·Җа¶ә එа¶ҡа·Җිට а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа·”а¶ёа·Ҡ а¶ҡරа¶ұ а¶ҡа·җඩа¶ҙа¶ӯа¶ҡа·’. а¶’ а¶…а¶Ҝа·„а·ғ රටට а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а·Җа·ҷа¶ұ а¶ҡа·’а·ға·’а·Җа·ҷа¶ҡа·” а¶ұа·ңа·Җ, а·Җරа·Ҡа¶ӯа¶ёа·Ҹа¶ұ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶ёа¶әа·’. එහа·ҷа¶ӯа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡа·… а¶ӯරමа·ҡ а¶Ҝа·–а·Ӯණ а·Җිරа·қа¶°а¶әа¶ҡа·Ҡ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ұа·ңа¶ҡа·ҷරа·ҷа¶ұ බа·Җ а·Җටිа¶ұа·Ҡ а¶ңа·ңඩිа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·ҷа¶ұа·Ҡට а¶ҙටа¶ұа·Ҡа¶ңа·ҷа¶ұ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Җа·ҷа¶әа·’. එа¶ҡа·“ а¶ҙа¶ёа·Ҹа·Җ а·Җа·’а·Җа·’а¶° а¶…а·Җа·ғරа¶әа¶ұа·Ҡ а¶әටа¶ӯа·ҡ а·ға·Ҹа¶°а·Ҹරණීа¶ҡරණа¶ә а¶ҡа·ҷරුණි. а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමට а¶ҡа¶Ҫа·Ҡ а¶ңа¶ӯ а·Җа¶ұа·Ҡа¶ұа·ҡа¶ә, а¶ұа·’а·ға·’а¶әа·Ҹа¶ҡа·Ҹර а¶ҙරීа¶ҡа·Ҡа·Ӯණ а·ға·’а¶Ҝа·” а¶ҡа·… а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡа¶ә, а·ға¶ӯුරа¶ұа·Ҡ а¶Ҝඩа¶әа¶ёа·Ҡ а¶ұа·ңа¶ҡа·… а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡа¶ә а·Җа·җа¶ұа·’ а¶…а·Җа·ғරа¶әа¶ұа·Ҡ එහිа¶Ҝа·“ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а·Җа·’а¶ә. එа·ға·ҡ а¶ӯිබිа¶әа¶Ҝа·“, а¶…а¶ӯа·“а¶ӯ а¶Ҝа·–а·Ӯа¶ҡа¶әа¶ұа·Ҡ а·ға·„ а¶…а¶ҙරа·Ҹа¶°а¶ҡරුа·Җа¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶үа¶Ҝිරිа¶әට а¶ҙа·җමිණа·Җа·“а¶ё а¶ҙа¶ёа·Ҹ а·Җුණа·ҡ, а¶’ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶ұа·’а·ға·Ҹ а¶ұа·ңа·Җа¶ұ බа·Җ а¶Ҡа¶әа·ҡ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ ඔа¶ҙа·Ҡа¶ҙа·”а¶ҡа·ңට а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа·”а·Җа·ҡа¶ә.а¶’, а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ё а·ға·’а¶әа¶Ҫа·– а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҡа·ңට а¶ұа·’а¶Ҝа·ңа·ға·Ҡ а¶ҡිරීමа·ҷа¶ұа·’.а¶’ а·ға¶ёа¶ңа¶ё, а¶ёа·ҷа¶ӯа·ҷа¶ҡа·Ҡ а¶ёа·”а·…а·” රටම а¶Ҝа·җа¶ұ а·ғිටි а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡа·Ҹරණа¶әа¶ҡа·Ҡ ඔහු а¶ҡа·“а·Җа·ҡа¶ә. එа¶ұа¶ёа·Ҡ, а¶ӯа¶ёа¶ұа·Ҡ а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·Ҹ а·Җа¶ұ බа·Җа¶әа·’. එа¶ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶ҡа·’а¶ұа·Ҡ, а¶…а¶ҙа·Җа·Ҹа¶Ҝа¶әට а·ға·„ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җට а¶Ҫа¶ҡа·Ҡа·Җ а·ғිටිа¶ұ, රටа·ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җට а¶…а¶Ҝа·Ҹа·… а¶ёа·„ а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡ а¶…а¶әа·’а¶ӯа·“а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ   а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“а·ғිටිа¶ұ а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·ҷа¶ҡа·” а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶’ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶ё а¶ұа·’а¶Ҝа·„а·ғ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·„а¶ўа¶ұ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී මණа·Ҡඩа¶Ҫа¶ә а¶үа¶Ҝිරිа¶әа·ҡа¶ӯа·Ҡ а¶Ҡа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටිа¶әа·ҡа¶ә. а¶ёа·ҷа¶ә а¶…а¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯа¶әа·ҷа¶ұа·Ҡ   а¶¶а·җа¶іа·’а¶әа·Ҹа·Җа¶ұа·Ҡ а¶…а¶ӯර බරа¶ҙа¶ӯа·… а¶ңа·җටුමа¶ҡа·Ҡа¶Ҝ а·Җа¶ұа·Ҡа¶ұа·ҡа¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶әа¶ёа·Ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·ҷа¶ҡа·” а·„а·қ а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·ҷа¶ҡа·” а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҷа¶ұа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ එම а·ға¶ёа·Ҹа¶ңа¶ё а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටිа¶әа·ңа¶ӯа·Ҡ а¶…а¶ҙ එа¶ә а·„а¶іа·”а¶ұа·Ҡа·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·„а¶Ҝа·Җа¶Ҫа·Ҡ а¶Ҝа·–а·Ӯණа¶әа¶ҡа·Ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·’.а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ   а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“  а¶‘а¶ё а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡа¶ё а¶ұа·’а¶Ҝа·„а·ғ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටීම а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җ а¶…а¶ҙහරණа¶ә а¶ҡිරීමа¶ҡа·’.а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·ҷа¶ҡа·” а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·’а¶ұීමරුа·Җа·ҷа¶ҡа·”, а·ға·Ҡа¶ӯа·Ҡ‍රී а¶Ҝа·–а·Ӯа¶ҡа¶әа·ҷа¶ҡа·” а·„а·қ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ ඕа¶ұа·‘а¶ё а¶…а¶ҙරа·Ҹа¶°а¶ҡරුа·Җа·ҷа¶ҡа·” а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“а·ғිටිа¶ә а·„а·җа¶ҡ. එහа·ҷа¶ӯа·Ҡ එම а·Җа·’а¶ӯа·Ҡа¶ӯа·’а¶ҡරුа·Җа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ එම а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·Ҹа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“а¶ӯа·Ҡ එа¶ҡ а·Җිට а¶ҙа·ҷа¶ұа·“а·ғිටීම а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә ඔа¶Ҫа·–а·Җа·ҷа¶ұа·Ҡ а·ғිටුа·Җа·“а¶ёа¶ҡа·’.‘а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ‘ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ё а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ බරа¶ҙа¶ӯа·… а¶ а·қа¶Ҝа¶ұа·Ҹ එа¶Ҫа·Ҡа¶Ҫ а·Җа·“ а¶Үа¶ӯа·’ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶ҙිළිබඳ а¶ҡа·җබිа¶ұටа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ ඔහු а¶ҙа¶ӯа·Ҡа¶ҡа·… а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶Ҝ, ඔහුа¶ңа·ҡ а¶ёа·ҡ   а·„а·җа·ғිරීම а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·Җа¶ңа¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·” බа·Җ ‘а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶әа·ҡ‘ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶әа¶әа·’. а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·ға·Ҡථа·Ҹа¶ҙа·’а¶ӯ а¶ҡර а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ҙමණа¶ҡа·Ҡа¶ё а¶ёа·„а¶ўа¶ұ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ҡа·Ҹරීа¶ӯа·Ҡа·Җа¶әа·ҡ а¶әа·ҷа¶Ҝුණු а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ, а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·ға·”а¶ўа·Ҹа¶ӯа¶·а·Ҹа·Җа¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа¶ҡර а¶ңа·җа¶ұа·“а¶ё а¶…а¶ҙа·ҡа¶Ҝ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·җа¶әа·’ а¶…а¶ҙа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶ҡරමු.එа·ға·ҡ а·„а·ҷа¶әа·’а¶ұа·Ҡ, а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯිරූа¶ҙа¶ә а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶Ҝа·–а·Ӯа·Ҡ‍а¶ә а·Җීමට а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶ҙිළිබඳ а¶Үа¶ёа¶ӯа·’ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ҡа·җබිа¶ұටа·Ҡ මණа·Ҡඩа¶Ҫа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී ධුරа¶әа·ҷа¶ұа·Ҡа¶Ҝ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җ ‘а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶ә‘а¶ӯරа¶әа·ҡ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටී.‘‘
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
( හිරа·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රිа¶әа¶Ӯа¶ҡර а¶ўа¶әа·ға·’а¶Ӯа·„)а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа¶ұа·қа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිටිа¶әа¶Ҝа·’ а¶ұිරුа¶ҙа¶Ҝа·Ҡ‍රිа¶ӯа·Җ බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұිමට а·„а·җа¶ҡа·’а·Җа·” බа·Җ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ . а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·Җа·’а¶ұа·қа¶Ҝ а·ға¶Ӯа¶ а·Ҹරа¶әа¶ҡа·Ҡ а·ға¶Ҝа·„а·Ҹ රа¶ӯа·Ҡа¶ұа¶ҙුර а¶ҙа·җа¶Ҫа·Ҡමඩුа¶Ҫа·Ҡа¶Ҫ а·ғිට а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·Җа¶ұ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә හරහа·Ҹ  а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶ҙරණ а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරම а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ  а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа·… බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶ӯිබа·ҡ.බа·ға·Ҡරිа¶ә මඩа·ҡ එරීම а¶ұа·’а·ға·Ҹ а¶үа¶Ҝිරිа¶әට а·„а·қ а¶ҙа·ға·”а¶ҙа·ғට а¶әа·Ҹа¶ңа¶ӯ а¶ұа·ңа·„а·җа¶ҡа·’а·Җ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිටි а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ а·„а·Ҹ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға¶ёа¶ң 68 а¶ҡට а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ  а¶ҙිරිа·ғ а¶Ҡа¶әа·ҡ (21) а·ға·Җа·ғ 4 а·ғිට а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිට а¶Үа¶ӯ.а¶ёа·ҷа¶ё а¶ҙිරිа·ғ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶әа¶ё а·ғිට а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරමට а¶ңа¶ёа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶…а·Җа·ға¶ұа·Ҡ а·ға·Ҡථа·Ҹа¶ұа¶ә а·Җа·” а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙරණ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·ғිට а·ға·җа¶ӯа¶ҙа·”а¶ёа·Ҡ 23 а¶ҡа·Ҡ а¶Ҝුරිа¶ұа·Ҡ а·Җа·” а¶ҙа¶Ҫа·”а¶ңа·„а¶ӯුරа·ҡ а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әа·ҡ а¶ёа·ҷа·ға·ҡ බа·ға·Ҡ රථа¶әа·ҷа¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶әа¶Ҝа·’ а·„а¶Ҝа·’а·ға·’а¶әа·ҡ а¶Үа¶ӯа·’а·Җа·– а·Җරа·Ҡа·Ӯа·Ҹа·Җа¶ӯа·Ҡ а·ға¶ёа¶ң බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶…а·ғරණа·Җа·“ а¶ӯිබа·ҡ.а¶ҙа·ға·”а·Җ а¶ёа·”а¶Ҫа·Ҡа¶Ҫа·’а¶ҡа·”а¶Ҫа¶ё а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුරа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙа·Ҡ‍රа·Ҹа¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ а¶ӯුරа¶ҡ а¶ўа¶әа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡ а¶ҡර а¶Үа¶ӯа·’ а¶…а¶ӯර ඔහු а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ  а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹට а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җ а¶ҙිරිа·ғ  බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а¶Ҷරමа·Ҡа¶· а¶ҡර а¶ӯිබа·ҡ.а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·” а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯа·Җරа¶әа·Ҹ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё 143 а·Җа¶ұ බа¶Ҫ а·ға·ҡа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹට а¶ёа·ҡ а¶ҙිළිබඳа·Җ  а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·“   а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·„‍2а¶әа·ҷа¶ұа·Ҡ   а¶…а¶Ҫа·”а¶әа¶ё а·Җа¶ұ а·Җිට බа·ға·Ҡ රථа¶ә а·ға·„ එහි а·ғිටි а¶ёа¶ңа·’а¶ұа·Ҡ  а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ ටа·Ҡ‍රа·җа¶ҡа·Ҡටරа·Ҡ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ё а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී.а¶ҡа·ҷа·ға·ҡ а·Җа·ҷа¶ӯа¶ӯа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а¶ўа¶Ҫ මටа·Ҡටම අඩි а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа·„а·… а¶әа·Ҹа¶ё а¶ұа·’а·ға·Ҹ බа·ға·Ҡ රථа¶ә а¶’ а¶ёа¶ӯа·’а¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡිරීම а¶Ҝа·җඩි а¶…а·Җа¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ මටа·Ҡටමа¶ҡ а¶ҙа·җа·Җа¶ӯිණ. එබа·җа·Җа·’а¶ұа·Ҡ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға·„ а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ 68 а¶Ҝа·ҷа¶ұа·Ҹ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ңа¶ҹа·ҡ а·Җа·Ҹඩිа¶ә а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුර а¶ҙිහිටි а·ға·Ҡථа·Ҹа¶ұа¶әට 22 а¶Ҝа·’а¶ұ а¶Ҝа·„а·Җа¶Ҫа·Ҡ а·Җа¶ұ а·Җිට රа·җа¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී. а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а·Җа·’а·Ға·ҡа·Ӯ බළа¶қණа¶әа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ға·’а¶әа¶Ҫа·”а¶ё а¶ёа¶ңа·’а¶ұа·Ҡа¶ңа·ҡ බඩු බа·Ҹහිරа·Ҹа¶Ҝа·’а¶ә а¶Ҝа·җඩි а¶ҙරිа·Ға·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Ҝරමිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිට а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණි.බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җа·’а¶ёа·ҷа¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶…а¶ұа·”а¶ҡණа·Ҡඩ а¶ҡа¶Ҝа·Җුර а·Җа·ҷа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а·Җа·’а¶ӯа·Ҡ 22 а¶Ҝа·’а¶ұ а¶Ӣа¶Ҝа·ҡ а·ға·„ а¶Ҝа·’а·Җа·Ҹ а¶Ҷа·„а·Ҹර а¶Ҫබа·Ҹ а¶Ҝа·’ а¶…а¶Ҝа·Ҹа¶Ҫ а·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡ  а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡа·Җ а¶ұа·Җа·Ҹа¶ӯа·җа¶ұа·Ҡ а¶ңа·җа¶ұිමට а·ға·җа¶Ҫа·җа·ға·Ҡа·Җа·–а·„.බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිරа·Җа·’ а·ғිටි а¶ҙිරිа·ғ රුа¶ңа·ҷа¶ұ а¶ҙа·җа¶ёа·’а¶ұа·’ බа·ға·Ҡ රථа¶әа·ҡ රිа¶әа¶Ҝුරු а·Җа¶ұ а¶ҙа·“.එමа·Ҡ а¶°а¶ұа·”а¶ҡ а¶үа¶ёа·ҡа·Ӯа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.“ а¶…а¶ҙа·’ 21 (а·ға·’а¶ҡුරа·Ҹа¶Ҝа·Ҹ) а¶Ҝа·’а¶ұ а·ға·Җа·ғ 4 ට а·Җа·’а¶ӯර එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ҙа·’а·Җа·’а·ға·”а¶ёа·ҡа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·”а·Җа·”а¶ұа·Ҹ.  а¶ёа¶ё එа¶Ҝа·Ҡа¶Ҝа·’ а¶ҙа·Ҹර а·„а·ңඳට а¶ӯිබුණа·Ҹ. а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·җටළුа·Җа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа¶ңа¶Ҝа·’ а·Җа·җа·ға·Ҡа·ғ а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё а¶ҙа·Ҹර а¶Ҝа·’а¶ңටම මඩ.а¶үа·ға·Ҡа·ғරහට а¶әа¶ұа·Ҡа¶ұ а·„а·җа¶Ҝа·”а·Җа¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ එරа·ҷа¶ұа·Ҡа¶ұ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶…а¶ҙа·’ а¶…а·ғරණ а·Җа·”а¶ұа·Ҹ .බа·ға·Ҡ එа¶ҡа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё රෑ а¶ҙුරа·Ҹа¶ё а¶ёа·„ а¶ҡа·җа¶Ҫа·җа·Җа·ҡ බа¶әа·ҡ හිටිа¶әа·ҡ . а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҷа·Җа·Ҹ а¶…а¶ҙа·ҡ а¶Ҷරа¶ҡа·Ӯа·Ҹа·Җට. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ එа¶ҡа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а¶ҙа·Җ අරа¶ұа·Ҡ а¶ңа·’а¶әа·Ҹ. ..а¶’а¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ අර а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·Җа¶ӯුර а·Җа·җඩි а¶ұа·’а·ға·Ҹ“         
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
(නාලක සංජීව දහනායක)එක්සත් ජාතික පක්ෂය  තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත්  දිගින් දිගටම භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (3) පැවසීය. එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.අපේ ආත්මීය දේශපාලන වුවමනාව එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීමයි. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ සියලුම දේශපාලන පක්‍ෂ මෙවර ඒකාබද්ධ පොදුජන පෙරමුණින් තරග කරනවා. ඒ නිසා කොන්දේසි විරහිතව පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැපවෙනවා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත් බව වසාගැනීම සඳහා  බණ්ඩාරණායක මහතාගේ රුධිරය තැවරුණ සාටකයත්, සිරිමා මැතිණියගේ නිල් පැහැති සාරියත් පිරුවටයක් ලෙස යොදා ගන්නවා. මේ රටේ ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් අවසානාවට මේ මහගෙදර එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු අරගෙන තිබෙනවා. ඒ නිසා ප්‍රගතිශීලි කඳවුරට රැඳෙන්න තැනක් නැතිවෙලා තිබෙනවා.                 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.» (අ) වගන්තිය යටතේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කළා. කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 46.» (ආ) වගන්තිය යටතේ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 40 සීමා කළා. නමුත් පසුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව රැස්වී පළමු සති දෙකක් ඇතුළතදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගත්තොත් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 55 දක්වාත් වැඩි කළ හැකි බවට ව්‍යතිරේකයක් ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළේ වසර දෙකක කාලයක් සඳහා පමණයි. ඒ අනුව 2017 අගෝස්තු මාසේ 21 වැනිදයින් ජාතික ආණ්ඩුවේ නිල කාලය අවසන් වෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට අපි මේ ගැන ශ්‍රී.ල.නි.ප යෙන් විමසුවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා ගිවිසුම දික්කළ බව ශ්‍රී.ල.නි.ප.ය කිව්වා. දෙසැම්බර් 31 වැනිදයින් පසුව ශ්‍රී.ල.නි.පයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවට මොරදුන්න අපේ බොහෝ මිත්‍රයින් අද නිහඬයි. නමුත් මේ කැබිනට් මණ්ඩලය නීත්‍යානුකූල දැයි අපිට ගැටලුවක් තිබෙනවා. මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපිට කළ හැකි සෑමදේම කරනවා.මේ ආණ්ඩුවට තවත් දවස් හයකින් අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. බහුතර බලයක් තිබුණ ශ්‍රී.ල.නි.ප අගමැතිවරයා ඉවත් කරලා මන්ත්‍රීධූර 47ක් තිබූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තු බලය දීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනිකව ඝාතනය වුණා. ඊටත් පසුව බැඳුම්කර වංචාවෙන් අගමැතිවරයා බේරාගැනීම සඳහා නියමිත කාලයට වසරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පළාත් පාලන මැතිවරණය ගමේ නගරයේ බලය තීන්දු කරන මැතිවරණයක් මිස මේ මැතිවරණයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව අගමැතිවරයා කියනවා. 1993 දකුණු පළාත් සභා මැතිවරණය වෙලාවෙත්  එක්සත් ජාතික පක්‍ෂය මේ වගේ කතා කිව්වා. නමුත් අපි එදා පළාත් සභාව ජයගෙන ආණ්ඩු වෙනසක් කිරීමේ මූලික අඩිතාලම එදා දැම්මා. පෙබරවාරි 10 වැනිදා ඡන්දය දෙන්න යන ඔබ ඡන්දය දෙන්නේ රනිල්ටද - මහින්දටද කියල ඔබෙන්ම අහන්න. ඒ උත්තරය කතිරයක් විදියට සටහන් කරන්න යැයිද කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙස් පැවසීය.ජනාධිපතිවරණයෙන් හා මහාමැතිවරණයෙන් පසුව රටම එකට ඡන්දය දෙන මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව මේ මැතිවරණය කල් දැම්මා. අපි පළාත් පලන මැතිවරණය ලබාගැනීම සඳහා වසර තුනක් සටන් කළා. මේ මැතිවරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය අවසන් කළ යතුයි. ඒ නිසා මෙය ජාතික මැතිවරණයක් ලෙස අපි සළකනවා. ඒ නිසා රටවනසන ආණ්ඩුව ගෙදර යවමු - යළිත් රට ගොඩනඟමු තේමාව යටගේ අපි පළාත් පාලන මැතිවරණයට තරග කරනවා.මේ ආණ්ඩුව අපේ රටේ මෙතෙක් තිබූ අසාර්ථකම ආණ්ඩුවයි. මහකන්නය සඳහා පොහොර ටිකවත් දී ගන්නට නොහැකි වීමෙන් ආණ්ඩුවේ අකාර්්‍යක්‍ෂමතාව හොඳටම පේනවා. දේශීයව හා ජාත්‍යන්තරව මේ ආණ්ඩුව දවසින් දවස කඩාගනෙ වැටෙනවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. අද රටේ ආර්ථික සංවර්ධන වේගය ඉතා බරපතළ ලෙස අඩාල වෙලා. විරකියාව වැඩිවෙලා රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යන බව මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා රටතුළ අසහනකාරී වාතාවරණයක් ඇති වෙමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදය මහබැංකුවටවත් පාලනය කරගන්න බැහැ. ඉදිරියේදී රට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදවලින් ගොඩ ඒමට නම් ආණ්ඩුව පළවාහැරිය යුතුමයි.නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය උපරිම සහය ලබාදෙනවා. නමුත් කොළඹ මහනගර සභාව සඳහා වෙනම තරගකර ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ මනෝ ගනේෂන් මහතාට ආරක්‍ෂාව දීමට සිදුවී තිබෙනවා. ඔහු වෙනම තරග කිරීමේන් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල වෙන්නේ ඒ නිසයි. මනෝ ගනේෂන් මහතාට නිදහසේ මැතිවරණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය වටපිටාව සළසා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමින් ඉල්ලීමක් කරනවා.එමෙන්ම මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මෙම පරීක්‍ෂණ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මේ වනතුරුත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කතානායකවරයා දැනුම් දුන්නා. එමෙන්ම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව විවාද කිරීමට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට අපි ඉල්ලීමක් කළා. ජී.එස්.පී සහනය කපා හැරීමෙන් ඇමරිකාවත් මේ ආණ්ඩුවට කනට පහරක් එල්ල කළා. එමෙන්ම මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද නිසා ලංකාවට ලැබෙන විදේශ විනිමය අඩුවන බවට මහ බැංකුව අනතුරු අඟවනවා. ඒ අතරදී අපේ රටේ පුද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙනවා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සුන්ට නැවත ඒ මුදල ගැනීමට නොහැකි වී තිබෙන බව මහ බැංකුව අනතුරු හඟවනවා.  මේ අර්බුධවලින් රට බේරා ගැනීමට නම් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවාහැරිය යුතුමයි. එහි පළමු පියවර ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණය කරවිය යුතු යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.රට විනාශ කරන ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලට ජනතාව නැවතත් රැවටෙන එකක් නෑයි කියලා අපි විශ්වාස කරනවා. ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල ඇමරිකානු ඩොලරයේ මිලට වඩා වැඩිවුණා. මේ මැතිවරණයේ දී ආණ්ඩුවට නිසි පණිවිඩයක් නොදුන්නොත් රටේ ජාතික සම්පත් විකුණා දමා චෙක් එක අරගෙන ආණ්ඩුවේ ලොක්කො බයිල නටාවි. සමහරු මගෙන් අහනවා ආණ්ඩුවට යන්නේ කවදද කියලා. රෙදි ඇඳගෙන නම් මට මේ ආණ්ඩුවට යන්න බැරිය යැයිද කීය.
එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන
1
 (නාලක සංජීව දහනායක)මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බැවින් ආණ්ඩුකරන ප්‍රධාන පක්‍ෂ දෙක එකිනෙකාට බෝලය පාස්කර නොගෙන ඉතාම ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉකුත් 24 වැනිදා පැවසීය.එමෙන්ම ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයාද ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයිද කීය.පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉකුත් 24 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.     රටේ ප්‍රධානතම මූල්‍යමය ආයතනයේ සිදුවූ මහා වංචාව නිසා රටට කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ අලාබය කොපමණදැයි ගණනය කරන්න සමත් විද්වතෙක් තවමත් අපේ රටේ බිහිවී නැහැ. එම වංචාවේ උරුම වූ දුක්කන්දරාව මේවනවිට ජනතාව විඳිමින් ඉන්නවා. මේ ආණ්ඩුව හොරු එක්ක පෝලිමේ ඉන්නවා.මේක සුභ හා යස එකතුවෙලා හදපු ආණ්ඩුවක්. මේ යහපාලන ආණ්ඩුව බිහිකරන්න විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, දේශපාලන පක්‍ෂ, සංවිධාන එකට එකතුවුණා. ඒ අයගේ ප්‍රතිපත්ති, අදහස් එකකට එකක් ගැළපෙන්නේ නැහැ. ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වීමත් සමඟම දැන් ගැටුම් ආරම්භවී තිබෙනවා. එකට හොරකම් කළත් දෙන්න තරහවුණාම එකිනෙකා විවේචනය කරගන්නවා. ඒ තත්ත්වය මේ ආණ්ඩුවෙත් දකින්න ලැබෙනවා. මේ ගැටුම රටට අන්තිම අහිතකරයි. ඒ නිසා එකිනෙකාගේ වගතුග දැන් එළියට එනවා.බැඳුම්කර කොමිසම පත්කිරීම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශවන බව සමහරු කියනවා. ඒ කොමිසම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශ වෙන්නේ කොහොමද?. ඒ පක්‍ෂය සම්බන්ධ නැත්නම් කොමිසම්වලට යන්නේ මොකටද? පහුගිය කාලයේදී රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. බැඳුම්කර සිද්ධියත් යටගහන්න මොවුන් උත්සාහ ගන්නවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඉන්නකම් බැඳුම්කර සිද්ධිය යටපත්වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් අපේ වගකීම උපරිමයෙන්ම ඉටුකරනවා.        දරුවෙක් හම්බවෙන්නත් නියමිත මාස ගණනක් සපුරන්න ඕන. අඩුමාසෙන් ඉපදෙන දරුවෝ හදාගන්න අමාරුයි. මේ ආණ්ඩුවත් අඩුමාසෙන් ඉපදුණ දරුවෙක් වගෙයි. ආණ්ඩු වෙනස්වන ආකාරය අපි දැක තිබෙනවා. ඉතිහාසයේ ආණ්ඩු වෙනස් කළේ විපක්‍ෂයේ ප්‍රබල කණ්ඩායම් විසිනුයි. 2015 වසරෙදී ආණ්ඩුව වෙනස් වන විට අපේ රටේ ප්‍රබල විපක්‍ෂයක් තිබුණේ නැහැ. අහම්බෙන් කිහිප දෙනෙක් එකතු කරගෙන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළුවා. දැන් රටේ හැමතැනම ප්‍රශ්න. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එක්ක ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න බැහැ. ආණ්ඩුවට බණින්නෙ නැති කෙනෙක් හොයාගන්න බැහැ. අවුරුදු ගණනාවක් ඉදිරියට ගමන් කළ රටක් යහපාලන ආණ්ඩුව නිසා ආපසු හැරුණා. මේ ආණ්ඩුව නිසා රටත්, මිනිස්සුත් නන්නත්තාර වුණා.මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඕනෑම මොහොතක මැතිවරණවලට ලෑස්තිවෙලා ඉන්නේ. කයිවාරු ගැහුවට ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඒ නිසා එක එක උප්පරවැට්ටිදාලා මැතිවරණ කල්දමනවා. මැතිවරණ කල්දමන බාලගිරියෙක් ඉන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශකරනවා. ඔවුන් එක බාලගිරියෙක් ගැන කියනවා. අනිත් බාලගිරියා කවුද කියා අපිත් හොයනවා. ගමේ පාක්‍ෂිකයන් එකට එකතුවෙලා ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නයි. පාක්‍ෂිකයන් බෙදිලා නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද රාජපක්‍ෂ මහතා පෙරට ඇවිත් තියෙනවා. මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් අපි ඕනෑම බලවේගයක් එක්ක අත්වැල් බැඳගන්නවා. මැතිවරණ පැවැත්වීමේ හැකියාව තියෙන්නේ ආණ්ඩුවටයි. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රී.ල.නි.ප.ප.ය හා ඒ.ජා.ප.ය එකිනෙකාට බෝලේ පාස් කරගෙන වැඩක් නැහැ. ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයා ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයැයිද කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.ප්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට විරුද්ධ කණ්ඩායම් එකට එකතුවෙලා පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්කළා. මේ පාලනය නිසා රට දවසින් දවස අගාධයට යනවා. ආණ්ඩුකරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන නොයෙකුත් මත ගැටුම් නිසා අදවනවිට රටතුළ දේශපාලන අස්ථාවරබවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අස්ථාවරබව ආර්ථිකය ඇතුළු රටේ සෑම ක්‍ෂේත්‍රයකටම දැඩිව බලපා තිබෙනවා.වර්තමාන ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් එකතුකරගෙන හදපු ආණ්ඩුවට අද ඉස්සරහට යන්න බැරිව එකතැන නතරවෙලා තිබෙනවා.අදවනවිට මේ රට ආයෝජකයන්ට ඉතාම අහිතකර රටක් බවට පත්ව තිබෙනවා. අර්ජුන් ඇලෝෂියස් එක්ක ගනුදෙනු කළ සෑම කෙනෙක්ම අයුතු ලාබ ලැබූ උදවියයි. ඒ හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙනවා. ඒ නිසා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමට මෙන්ම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම මහජන නියෝජිතයන්ට ජනාධිපතිවරයා විසින් දඬුවම් ලබාදේ යැයි අපි විශ්වාස කරනවා.මන්ත්‍රීවරුන්ගේ දුරකතන තොරතුරු ලබාගැනීම සම්බන්ධ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමුකරන්න කතානායකතුමා තීරණය කර තිබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවිට වරප්‍රසාද කමිටු නැහැ. ඒ වෙලාවට කතානායකතුමත් නිහඬයි. කතානායකතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බව අපි පහුගිය වසර දෙක පුරාවටම කිව්වේ මේ නිසයි. එතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවට සුජීව සේනසිංහ ඇමැතිවරයා කරන ප්‍රකාශය සමග අපිත් එකඟ වෙනවා.     
එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන
0
(නාලක  සංජීව දහනායක)ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීමට හොඳම දවස පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා යැයිද කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින්  විසින් බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා රටට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් එළියට එන්න කියලා. එය දෙසැම්බර් මස 30 වැනිදා දක්වා කල් දමන්න එපා. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ මරියානා අගාදයේයි. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය උත්පත්තිය ලැබූ සැප්තැම්බර් මස 2 වැනිදා  මේ නැවෙන් බහින්න හොඳම දවසයි. අපිත් එක්ක එකතු වෙන්න එපා. මේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවෙන් එළියට බහින්න. ඒ තීරණය තවදුරටත් කල් දැම්මොත් අලියා ගිල්ල දිවුල් ගෙඩියට වූ දෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වේවි.ජාතික ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ක්‍ෂයේ මහලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් තැබූ ගිවිසුමේ නිල කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බව ජනවරමක් නැතුව ආණ්ඩුවට එක්වී සිටින මගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. ඒ ගිවිසුමට අත්සන් තැබුවේ 2015 අගෝස්තු මාසේ 21 වැනිදායි. එම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන බව ඒ ගිවිසුමේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලික ප‍්‍රතිපත්තිවලට එරෙහි ගමනක ආණ්ඩුව යෙදෙන නිසා වසර දෙකේ කාලය නිමවූ වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරයෙන්ම කතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපිටත් බලපාල තිබෙන්නේ ඒ කාරණයමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයට විකල්පයක් වශයෙනුයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රාජ්‍ය නායකයා වීම නිසා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති අනුව ආණ්ඩුව ගෙනයාවි යැයි සමහරු හිතුවා. එහෙම හිතල කොටසක් ආණ්ඩුවට එකතු වුණා. නමුත් මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති නොවෙයි.මේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්නේ කවුද? අද ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති තීරණය කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු. අධිකරණ ප‍්‍රතිපත්තිය තීරණය කරන්නේ හුසේන් කුමාරයා. බුකීකරුවන් ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිය තීරණය කරන බව අර්ජුන රණතුංග ඇමතිවරයා කියනවා. එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය තීරණය කරනවා.රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කරනවා. එක්සත් ජාතික පක්‍ෂය සමඟ මේ තීරණය දින නියමයක් නැතිව කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමකට අවශ්‍යතාවක් තිබෙනවා. උතුරුමැද හා ඌව පළාත් සභාවලදී අපි දැක්කේ ඒකයි. පළාත් සභා පනත උල්ලංඝනය කරලා ඌව පළාත් සභාවේ මහ ඇමැතිධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදුන්නා. මේවා වැරැදියි. මේ දේවල් ඇතුළේ තිබෙන දේශපාලනය අපි කියවා ගත යුතුයි.එමෙන්ම 25 වැනිදා අඟහරුවාද විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සයිටම් විරෝධී ජනරැලියට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගී වෙනවා. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැ`දවුම්කරු ළහිරු වීරසේකර ශිෂ්‍ය නායකයා නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔහු ඇතුළු සියලූම සිසු නායකයන් කිසියම් රාජ්‍ය විරෝධී කටයුත්තක නිරත වෙනවානම් ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මේ ආණ්ඩුවට රුධිරයෙන් තිබෙන වෛරයට නැවතීමේ තිත තබන ලෙසත් ඉල්ලීමක් කරණවා.රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීම ගැන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කර තිබුණා. මෙය මුළුමනින්ම මාධ්‍ය විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක්. තමන්ගේ දේශපාලන මතවාදයේ කිසිදු වෙනසක් නැති බව ඔහු තමන්ගේ නිවේදනයේ අවසානයේ සඳහන් කරනවා. ඒ නිසා මේ පුවත නිවැරැදි කරන්න කියලා අදාළ පුවත පළකළ පුවත්පත්වලින් ඉල්ලීමක් කරනවා.මේ වනවිට විදේශගතව සිටින මන්ත‍්‍රීතුමා තවත් පැය හතළිස් අටකින් ලංකාවට එනවා. ඒ අනුව ඔය ප‍්‍රවෘත්තියට තියෙන වටිනාකම නැතිවෙලා යාවි. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින නායකයෙක්. අපේ සමීපම සගයෙක්. කිසිලෙසකත් ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය අත්නොහරින බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.පළාත් පාලන ආයතන ඡන්දය ලබා ගැනීම, ජනතාවගේ පොදු කාරණයන් යථා තත්ත්වයට පත් කිරීමට නියෝජිතයන් පත්කර ගැනීම වෙනුවෙන් එ්කාබද්ධ විපක්ෂය දිගින් දිගටම පෙනී හිටියා. ආණ්ඩුව විවිධ බාධාවන් අතරමඟ ඇති කරමින් අවසානයේ පළාත් පාලන ඇමැතිවරයා පළාත් පාලන සීමාවන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන්නැයි ගැසට් කළා.ඒ අනුව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය පවරා තිබෙනවා. මැතිවරණ කොමිසම ජන්දය පටන් ගන්න වෙලාව, ඡන්දය ගණන් කරන ස්ථානය ආදී මැතිවරණ කොමිසමේ පරිපාලනය සම්බන්ධ සුළු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වූ විගස මැතිවරණය පවත්වන බව දේශපාලන පක්ෂ කැඳවූ අවස්ථාවක ප‍්‍රකාශ කළා. මෙම සංශෝධන ඒකමතිකව සම්මත කිරීමට අපි එකඟතාව පළකළා. මෙය සම්මත කිරීමට පැය භාගයක කාලයක් ගතවේවි. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මගහැරියා. මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිම වුවමනාවක් නැති බව මින් පෙන්නුම් කරනවා. ඇතැම්විට ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව මැතිවරණ සම්බන්ධව තවත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.‍ඒ අනුව පළමුවැනි දවසේ විශේෂයෙන් තිබුණු කාර්යයන් නවතා පනත ඉදිරිපත්කර සම්මත කරන්නයි කිව්වත් ආණ්ඩුව මගහැරියා. ඒ වෙනුවට මාසේ අන්තිම සතියේ වේලාවක් දෙන බව කිව්වා. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරන කි‍්‍රයාවලියට ආණ්ඩුව දැන් බැහැලා. සමහරවිට තව සංශෝධන ගේන්න උත්සාහ කරයි.එමෙන්ම මැතිවරණ පැවැත්වීමට අලූතෙන් ගෙන ඒමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා කැඳවා තිබෙන රැස්වීම්වලට අපි සහභාගී වන්නේ නැහැ. මේ සාකච්ඡාවලින් සිදුවන්නේ මැතිවරණ කල් දැමීමයි.නොවැම්බර් මස අවසන් සතියේ සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මැතිවරණ නොපවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්‍ෂ නායකයන්ට ප‍්‍රකාශ කළා. ආණ්ඩුවේ මේ වැඩ පිළිවෙළ නිසා මේ අවුරුද්දේ ඡුන්දේ තියන්න බැරිවේවි. මැතිවණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණයක නිරතව සිටිනවා. මැතිවරණ නොපැවත්වීම නිසා පොදු මහජන සේවාවන් සියල්ලම කඩාවැටිලා. පළාත් සභා මැතිවරණයත් කල්දැමීමට ආණ්ඩුව පළාත්සභා පනත සංශෝධනය කරමින් සිටිනවා. තවම අපි ඒ පනත දැකල නැහැ. ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නයි ආණ්ඩුව මේ කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් දිවයින පුරාම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස අපි ඉල්ලා සිටිනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයටත්, බුදු දහමටත් සිදුවන බලපෑමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයට ඒකාබද්ධ විපක්‍ෂය එකඟතාවය පළ කරනවා. ඒ මතය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය දිගටම කටයුතු කරනවා. යම් අවස්ථාවක තීරණාත්මක මොහොතක් ආවොත් අපි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට විවිධ ප‍්‍රතිපත්ති තියෙනවා. පොදුවේ ආණ්ඩුව මාතෘ භූමියට එරෙහිව ගන්නා කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අපේ මන්තී‍්‍රවරුන් පනස් දෙදෙනාම පෙනී සිටිනවා. ඒ අනුවයි අපි  දිගටම කටයුතු කරන්නේ.  ආණ්ඩුව කලින් අපිට අභියෝග කළා. ඒත් මැයි දිනයට සහභාගීවූ ජන ගංගාව දැකලා ඒකට බියවෙලා අපිට අභියෝග කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය බෙදිලා, පුපුරා යයි වගේ ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවෙනවා. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි ද පැවසීය.
එජාපයේ බංකොලොත් බව වහගන්න බණ්ඩාරනායක අගමැතිත් - සිරිමාවෝ මැතිනියත් පිරුවටයක් කරගෙන
0
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ  හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද  රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල  යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි  ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
1
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්‍රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ. 
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(මුලටියන - එස්. බාලසූරිය සහ අකුරැස්ස - සුජීව සමරක්කොඩි)රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාතර, මුලටියනදී පෙරේදා (20) පැවසීය. වත්මන් රජය ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකළ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘සාර්ථක දැක්මක් - වැඩකරන රටක්’ යන තේමාව  යටතේ මුලටියන පොදු ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමිනි.ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය. අප අභියෝග බාර ගන්න පුළුවන් කණ්ඩායමක්. 2005 දී මහින්ද රජපක්‍ෂ මහතාට තමුන්නාන්සේලා රට බාරදෙන අවස්ථාවේදී විශාල අභියෝග රාශියක් තිබුණා. අප එදා ඒ අභියෝග ජයග්‍රහණය කළා. අවුරුදු 30ක් තිස්සේ විවිධ ආණ්ඩු විවිධ ජනාධිපතිවරු යටතේ මර්දනය කිරීමට බැරිවුණු ත්‍රස්තවාදය අප එදා වසර දෙක හමාරක් ඇතුළත අවසන් කළා. ඒ වාගේම ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සංවර්ධනයක් මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොළවල්, නව නගර බිහිකළා. ආසියාවේ ශීඝ්‍රයෙන්  දියුණුවන රට බවට, ශීග්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ පත් කරන්න අපට හැකිවුණා.එදා ත්‍රස්තවාදය අවසන් කළා.  පමණක් නොවෙයි. නැවතත් මේ රටේ ත්‍රස්තවාදය  හිස ඔසවන්නට නොහැකිවන ලෙස ආරක්‍ෂක සැලැස්මක් අප යෙදුවා. ඒ වාගේම මේ රටේ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු කරලා හොඳ ආරක්‍ෂක සැලැස්මක් යොදා තිබුණා. ඒ නිසා කිසිම ත්‍රස්තවාදයක් මේ රටේ ඇති නොවන ආකාරයට රට පාලනය කරන්න අපට හැකිවුණා.නමුත් මේ රජය ජාතික  ආරක්‍ෂාව පිළිබඳව  කිසිම අවබෝධයක් නැතිව, ප්‍රමුඛත්වය නොදී කළ ක්‍රියාකලාපය නිසා ඒ වාගේම රණවිරුවන්ගේ අභිමානය, මානසිකත්වය කඩා දමපු  නිසා බුද්ධි අංශ සාමාජිකයන්ට අභූත චෝදනා නගලා හිරගත කරලා, අන්තවාදී සංවිධාන ගැන හොයන්න  හදල තිබුණු ඒකකය අවසන් කරලා. මේ රට නැවතත් බෝම්බ පුපුරන තැනකට පත් කළා. අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්‍ෂක විධිවිධාන යොදලා බුද්ධි  අංශවලට නීතිමය රැකවරණය දීලා සුරක්‍ෂිත රටක් තමුන්නාන්සේලාට ලබාදෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.ඒ වාගේම අප එදා ආරම්භ කළ  සංවර්ධන කටයුතු මේ රජය යටතේ සම්පූර්ණයෙන් නවත්තලා. මේ නිසා ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වුණු සියලු ව්‍යාපාර ආයතන කඩා වැටුණා. කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් අනාථ වුණා. ඒ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. අදවනවිට  සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩා වැටිලා.මේ රජය කෘෂිකර්මයට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. පොහොර සහනාධාරය ඉවත් කළා. දේශීය ගොවියා ගැන නොසලකා පිටරටවලින් ගුණාත්මක බවෙන් අඩු නිෂ්පාදන ද්‍රව්‍ය ගෙනැවිත්  අපේ නිෂ්පාදන ද්‍රව්‍ය සමඟ කලවම් කර  ප්‍රති අපනයනය කළා. මේ නිසා ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වල මිල අඩුවුණා. තේ වගාව මේ රටේ වැදගත් ක්‍ෂේත්‍රයක්. තේ ඉඩම් වලින් සියයට 75ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් ඉන්නේ. අද  ඒ අයගේ ජීවිත ගොඩනගා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. තියෙන්නේ. මේකට හේතුව ගුණාත්මයෙන් අඩු තේ පිටරටින් ගෙනත් කලවම් කර පිටරටට යවන හින්දයි. ශ්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් තිබුණා. ගුණාත්මයෙන් අඩු තේ යවන නිසා අපේ තේ මිල කඩා වැටුණා.මේකට රජය මැදිහත් විය යුතුව තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ ලෝක වෙළඳපොළේ ඉහළට ගෙන ඒමට රජය මැදිහත් විය යුතුයි. අපේ රජයක් යටතේ ඒ සඳහා මැදිහත් වෙනවා. තේ වලට ඉහළ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා. සුළු අපනයන බෝග නිෂ්පාදන පිටරටින් ගෙන්වලා ප්‍රති අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දේශීය ගොවියා ආරක්‍ෂා කරනවා.ගොවියා වෙනුවෙන් සෑම විටම  කටයුතු කළ රජයක් තමයි එදා තිබුණේ. ගොවියා නැවත  නගා සිටුවීමට  අප පොරොන්දු වෙනවා. ගොවිණය කපා හැරීමට කටයුතු කරනවා. පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. අපට කෘෂිකර්මය අමතක කරන්න බැහැ. අපේ සංස්කෘතිය හා බැඳුණු රටේ ජනගහණයෙන් තුනෙන් එකක් රැඳී සිටින කෘෂිකර්මයට අප ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ.ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට පැහැදිලි  සැලැස්මක් අප ළඟ තිබෙනවා. බුද්ධිමත් ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. අප දන්නවා අද ලෝකයේ ආර්ථිකය ඉහළ  මට්ටමට ඇවිත් තියෙන්නේ  ආසියානු රටවල් වලයි. අපේ රටේ ආර්ථිකය ඉහළට ගේන්න මේක හොඳ  අවස්ථාවක් වුවත් මේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒකට පැහැදිලි දැක්මක් සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා. මේ නිසා ව්‍යාපාර කඩා වැටිලා. ව්‍යාපාරිකයන්ට අසීමිත ලෙස බදු ගහලා. අපේ රජයක් යටතේ විවිධ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ගේනවා. වැට් බද්ද සීයට 8 දක්වා අඩු කරනවා. ව්‍යාපාර හොඳට කරගෙන යාමට  සුදුසු වාතාවරනයක්, සැලසුමක් නැත්නම්, රැකියා බිහි වෙන්නේ නැහැ. ව්‍යාපාර දිගට කරගෙන යාමට පුළුවන් කමකුත් නැහැ. ඒ වාගේම අප තරුණ තරුණියන්ට කියනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබාගන්න සුදුසු අධ්‍යාපන  ක්‍රමයක් සකස් කරන බව. ඒ සඳහා කෙටි හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වන සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒවාගේම රැකියාවක් ලබාගත හැකි පාඨමාලාවන් සකස් කරනවා. උපාධිය ලැබුණු පසු හොඳ වේතනයක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරනවා. පරිගණක ක්‍ෂේත්‍රය, තොරතුරු තාක්‍ෂණය හැදෑරූ අයට හොඳ වේතනයක් ලැබෙන රැකියා ලබාදෙනවා. නමුත් මේ රජය මේවා ගැන අවධානයක් යොමු කළේ නැහැ.ජාතික ආරක්‍ෂාව සහ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකි වෙන්නේ අපට  පමණයි. එදා අප පොරොන්දු ඉටු කළා. වැඩ කරලා පෙන්නුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මට බාරදුන් ආරක්‍ෂක ලේකම් ධුරයේ වගකීම, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වගකීම සීයට 100කින්  මා ඉටු කළ බව ඔබලා දන්නවා. මා පිළිබඳව විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මාගේ යුතුකම මා ඉෂ්ට කරනවා. සුරක්ෂිත හා සෞභාග්‍යමත් රටක් ගොඩනගන බවට මා පොරොන්දු වෙනවා යැයි ඒ මහතා කීය.මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-තව දින 25කින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනවා. ඒ මහතා ජනාධිපති කිරීමත් ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකර ගැනීමත් මගේ අරමුණයි. ගෝඨාභය මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා නිසා නොවෙයි මුළු රටම කිවේ ගෝඨා කියලා. වැඩ පෙන්නපු නායකයකු නිසයි ජනතාව ඉල්ලුවේ. ගෝඨා ආවා. දැන් තියෙන්නේ ඔහු දිනවන එකයි.කොබ්බෑකඩුව ඇතුළු යුද නායකයන් එකම තැනක මියගිය වෙලාවේ දිවි ගලවාගත් එකම ලුතිනන් කර්නල්වරයා ගෝඨාභය මහතා පමණයි. ඒ මහතා විශ්‍රාම ගියාට පස්සේ පුරවැසිභාවය නැති වුණේ. යුද්ධය කරපු වෙලාවේ හැමදෙනාට ඔහු වීරයෙක් වුණා. තේනුවරත්, උයන්ගොඩත් ඒ මතයේ හිටියේ.මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කංචන  විජේසේකර මහතා:- ගොවියාගේ කොඳුනාරටිය කැඩුවේ සජිත් ඉන්න මේ ආණ්ඩුවයි. දැන් කියනවා පොහොර නොමිලයේ දෙනවා කියලා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල වී ගබඩා කළා. රටේ ආර්ථිකය විනාශ කළා. මේවා කරන විට නිහඬව සිටි සජිත්ට ඒ වගකීම් වලින් නිදහස් වෙන්න බැහැ.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- ජාතියට හතුරු පිල හා මිතුරු පිල අතර සටනක් දැන් තියෙන්නේ. සාමයෙන් බැබළුණු රට බියෙන් වෙවුලන රටක් බවට මේ ආණ්ඩුව පත් කළා. අපේ සටන පරගැති නිවට පිල හා රට දිනවපු රට රැකපු පිල අතරයි. පුතාණෝ ගේ පිල රණවිරුගායට බේත් දෙන්න  හදනවා. අප රණවිරුගායට විටමින් දෙනවා. රණවිරුගාය නිසා තමයි මේ රට රැකිලා තියෙන්නේ. මේ රට රැක්කේ රණවිරුවෝයි.එදා  ගෝඨාභය බලමුළු එකට කළමනාකරනය කරලා මිනීමරු ත්‍රස්තවාදය විනාශ කළා. කිතුණුවන්ට දේවස්ථානය, බොදුනුවන්ට  පන්සල අහිමි කළ  මේ ආණ්ඩුවත් සමඟ මේ රටට අනාගතයක් නැහැ. අන්තවාදය රකින හකීම්ලා, රිෂාඞ්ලා එකතුවෙලා මේ රට විනාශ කරන්න හදනවා.  සහරාන් ඡන්දය දුන්නේ හංසයාටයි. දැන් වෙනත් අතකින් ඇවිත් තියෙනවා. මේ මහ පොළවෙ තවදුරටත් අන්තවාදයට  බිලිපූජා පවත්වන්න ඉඩ දෙන්න බැහැ. ඒක නවත්වන මේ රට රකින නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. හරීන් ප්‍රනාන්දු කීවේ සජිත් එනවා කියලයි. සමහරු හිතුවා සජිත් ආවාම අලි නැගිටීවි කියලා. නමුත් ඇල්පිටියේදි රනිල්ට තිබුණු ඡන්ද ටිකවත් සජිත්ට ලැබුණේ නැහැ. පුතානෝගේ ප්‍රතිශතය නැග්ගේ නැහැ. බැස්සා විතරයි. වීවලට සහතික මිල රුපියල් 50ක් කරනවලු. ඒකට පනතක්  ගේනවලු. ගෙවල් වලට රෑට ඇවිත් බලනවලු. මේ පුතානෝට කවට රජානෝ කියලයි ජනතාව කියන්නේ. රනිල් අණ්ඩපාලයා නිසා පැරදෙන බව දන්න නිසා සජිත් පුතානෝ දැම්මා.සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතිර්මොහොමඞ් වගේ ගෝඨා හා මහින්ද මේ රටට සෞභාග්‍යය උදාකරනවා යැයිද ඔහු කීය. හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද ජනහමුව ඇමතූහ.මාතර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක්ද එහිදී සහභාගි වූහ. 
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට) ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ගල්නෑව කලංකුට්ටිය ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.ඉහළ කලංකුට්ටිය - කැනෝලා කන්ට‍්‍රක්ෂන් ඇන්ඞ් ඉංජිනියරින් අධිපති තිලක් පද්මසිරි බණ්ඩාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මේ විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ පින්කමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විහාරාධිපති හිමියන් මට ආරාධනාව බාර දුන්නා. විහාරාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමියන් විහාරාධිපතිත්වය දරන මේ පන්සලට පැමිණීමට මට යුතුකමක් තිබෙන බව කල්පනා කළා.චෛත්‍යය ඉදිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම ආදිය විශාල පින්කම් බව කිව යුතුයි. පිරිසකට වන්දනාමාන කරගැනීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.මීට කලකට ඉහත මේ ප‍්‍රදේශයට එනවිට අද තිබෙන දියුණුව දකින්න ලැබුණේ නැහැ. තිලක් පද්මසිරි මහතාට චෛත්‍යය ඉදිකිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුයි. එතුමා හොඳම ව්‍යාපාරික සම්මාන ගත් දක්ෂ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටිනවා. ඉදිකිරීම් ව්‍යාපාර කරනවා.විහාරාධිකාරි හිමියන් ප‍්‍රදේශයේ ජනතාවට අධ්‍යාපන පහසුකම් දෙමින් අගනා සේවයක් කරනවා. ගල්නෑව වැනි ප‍්‍රදේශවල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය උපකාර කිරීම අපේ අරමුණයි.මේ ප‍්‍රදේශ වර්තමානයේදී විශාල නියඟයකට ලක්වී තිබෙනවා. මේ පළාතට පමණක් නොව මුළු රටටම නියඟය බලපා තිබෙනවා. අපේ වී නිෂ්පාදනයෙන් 50%ක් අඩු වෙනවා යනු ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායමෙන් 50%ක් අඩුවීමයි. වී මෝල් ගණනාවක් වැඩ නැතිව වසා දමන්න වෙනවා.එහි හානිය ගල්නෑවට පමණක් සීමා වන්නේ නැහැ. අනුරාධපුරයට සීමාවන්නේ නැහැ. එය සමස්ත රටේම ආර්ථිකයට බලපානවා. කෙසේ හෝ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යනවා.ගමේ ආර්ථිකය නැංවීමට ආධාර උපකාර කරන්නේ කෙසේදැයි මා සාකච්ඡුා කළා. දුමින්ද දිසානායක ඇමැතිතුමන් සමගත් ඒ ගැන කතා කළා. ජනාධිපති සහ මුදල් ඇමැති සමගත් මා ඒ ගැන සාකච්ඡ කළා. නොයෙක් ක‍්‍රමවලින් අවශ්‍ය මුදල් මා දෙන්නම්.අපේ ගැමි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. තේ සහ රබර් වගා කරන ප‍්‍රදේශවල කුඩා වතු හිමියන්ටත් නොයෙක් යෝජනා ක‍්‍රම මගින් ආධාර උපකාර කරන්නත් මා සැලසුම් කර තිබෙනවා. ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් ඇමැතිතුමා සමගත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.කාන්තාවන් ග‍්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ස්වශක්ති ක‍්‍රමවේදය හරහා වැඩිපුරම ණය ගෙන තිබෙන්නේ කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා කාන්තාවන්ට උදව් උපකාර කිරීමට වනිතා කටයුතු ඇමැතිනිය මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.මේ ප‍්‍රදේශය තවත් දියුණු කළ යුතු බව නායක හිමියන් පැවසුවා. අප ඒ දේ කරනවා. දැන් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මල්වතු ඔය යනු අප රටේ ඉතිහාසයේ ආරම්භයයි. සිංහල ජාතියේ නිජබිම මල්වතු ඔයයි. ඊට පෙර විවිධ වර්ගයේ කණ්ඩායම් ලංකාවේ ජීවත් වුණා. ආදී වාසීන් විවිධ ගෝත‍්‍ර විජය කුමරු මෙහි එනවිට සිටියා.සිංහල ජාතිය බිහි වුණේ වී වගාව අරඹමිනුයි. මල්වතු ඔය නිම්නයේ සාර්ථක ලෙස වී වගාව කෙරුණා. අනුරාධගම යනුවෙන් ගම්මානය මුලින්ම ඇති කළා.අනුරාධගම පසුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර ලෙස මෙරට අගනුවර බවට පත් කළා. ඊට පසුව වසභ රජතුමාගේ සමයේ සිට වැව් ඉදි කරමින් විශාල දියුණුවක් මේ ප‍්‍රදේශයට පැමිණියා.මල්වතු ඔය වනාන්තරය ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. අධිරාජ්‍ය යුගයේ කලා වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වුණා. මහවැලි වනාන්තර මගින් රටටම විශාල දියුණුවක් ඇති වුණා. නමුත් මල්වතු ඔය ව්‍යාපාරය කරගන්න බැරි වුණා.දැන් මල්වතු ඔයට අවශ්‍ය මුදල් සියල්ල තිබෙනවා. වසර තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කිරීම අපේ අරමුණයි.මා මන්නාරමට ගිය විට එහි ජනතාවත් මල්වතු ඔය ව්‍යාපාරය ගැන කතා කළා. මේ ප‍්‍රදේශයටත්, මන්නාරමටත් මෙතුළින් විශාල සෙතක් ලැබෙනවා. සිංහල ජාතිය බිහිවුණේ මෙතැනයි.සිංහල ජාතිය බිහිවීමෙන් පසුව බෞද්ධයන් ලෙස අභිෂේක ලැබුවේ මහා විහාරයේදීයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග උන්වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ මහා විහාරයෙන් බව කිව යුතුයි.මහා විහාරයේ පුරාවිද්‍යා කටයුතු සාර්ථක අයුරින් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අප මහා විහාරයේ කැණීම් කටයුතු කරනවා. වර්තමානයේ එහි තිබෙන ගොඩනැගිලි වෙනත් ස්ථානයක ස්ථාපිත කර කැණීම් කටයුතු කරනවා. කැණීම් කටයුතු කළ පසුව බෞද්ධයන්ගේ මූලාරම්භ ස්ථානය වී මහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට හැකියි. අනෙක් අංශයෙන් සිංහල ජනතාවගේ නිජබිම වන මල්වතු ඔය සංවර්ධන කටයුතු කරනවා.සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශී‍්‍රක කිරීම සඳහාත්, බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර ආරක්ෂා කිරීමටත් මා ක‍්‍රියා කරනවා.මේ වැඩකටයුතු ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ වැඩ කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් බව සඳහන් කළ යුතුයි. අප රට වටේ ගිහින් මේ ගැන අණ බෙර ගහන්නේ නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ.ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා.ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡුා කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා.මෙවැනි වැඩ කටයුත්තක් කළේ පළමු වතාවටයි. මීට පෙර මේ අයුරින් ඩොලර් මිලියනයක මුදලක් දීමට ශක්තිය තිබුණාද? මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබුණේ රටට වූ විශාල අලාභ නතර කරගත් නිසයි.හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන 46ක මුදලක් වියදම් කළා. අප ඒ වියදම නතර කළා. අපට දැන් වරාය වෙනුවෙන් ඩොලර් මිලියන 1100ක මුදලක් ලැබෙනවා. දැන් අප බුදුන් වහන්සේගේ නිජබිම වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ඩොලර් මිලියන 1100ක මුදලින් ඩොලර් මිලියනයක් පමණයි.ඒ මුදල වෙන් කිරීමට හැකි වූයේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත් නිසයි. දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව නිකරුණේ බදු ගෙවිය යුතු නැහැ. එලෙස ලැබුණු මුදලින් කොටසක් ලූම්බිනිය සහ කපිලවස්තු පුරයට පූජා කළා. මින් ඉදිරියට රටේ සංවර්ධනය ඇති වූ විට අපට තවත් මුදල් වෙන් කිරීමට හැකි වේවි.අද ඒ සිද්ධස්ථානවලට ඔබ වන්දනාවේ යනවා. එහි සංරක්ෂණ කටයුතු සඳහා අපත් දායක වුණා යැයි ආඩම්බර වීමට ඔබටද හැකියාව තිබෙනවා.සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අලූත් කෘෂි භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනාගතයේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණු වූ පසු එහි වාසියද මේ ප‍්‍රදේශවලට ලැබෙනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ  වර්තමානයේදී හරිහම්බ කරගත් ධනය ආගමික කටයුතු සඳහා යොදවන පින්වතුන් විශාල වශයෙන් සිටිනවා. ඒ ගැන අප පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානය ලබා ඇති දියුණුව ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා.විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණ ප‍්‍රධාන සංඝනායක දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පැවැසූහ.විහාරස්ථානය සඳහා අවශ්‍ය මූලික අංග තුනක් තිබෙනවා. ඒ සියලූ අංගවලින් දැන් මේ විහාරස්ථානයත් සම්පූර්ණ වෙමින් තිබෙනවා. අගමැතිතුමාගේ පැමිණීම අපේ කටයුතු සඳහා ධෛර්යයක් සැපයූ බව කිව යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා: අපේ ගම් පළාතේ චෛත්‍යයක් විවෘත වනු දැකීම අපට අභිමානයක් වෙනවා. අද මේ ගමේ සැමට එක සිතින් සතුටු විය හැකියි. කිසිදු බේදයකින් තොරව ජනතාව විහාරස්ථානය වටා ඒකරාශී වී සිටිනවා. විය යුත්තේ එයයි.අගමැතිතුමා මෙහි පැමිණ පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් එක සිතින් අත්වැල් බැඳ සිටින බව කිව යුතුයි.විහාරාධිකාරි මහියංගණයේ පඤ්ඤානන්ද හිමියෝ පිළිගැනීමේ කතාව කළහ.පුණ්‍යෙත්සවය සඳහා මහා සංඝරත්නය ද ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
1
(අංජුල මහික වීරරත්න)‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ලෝකයට දුන් ශ්‍රී ලංකාවේ තව බොහෝ කලක් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නේ යයිද?” අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.මෙහි පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය සඳහා ආධාරදීම සිදු කෙරිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම් ලංකාවේ ඉතිහාසය ලියනවා නම් ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් මේ කරුණු සඳහන් නොකර ඉන්න හැකියාවක් නැහැ.පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ප‍්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප‍්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප‍්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප‍්‍රධාන විහාරස්ථාන තිබෙනවා.අද මෙරට ජනගහනය මිලියන 22ක් වුවත් අතීත යුගයේදී ලක්ෂ 22ක ජනගහනයක්වත් සිටියා යයි මා සිතන්නේ නැහැ. එකල ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමඟ තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදි කෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මේ විහාරස්ථාන සම්බන්ධව ප‍්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. ඒ කතා ඇතැම්විට එක් කාලයකට  අයත් වෙනවා. රජවරුන්ගේ අනුග‍්‍රහය මත දියුණුවූ විහාරස්ථාන ද තිබෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල මුල්කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්ෂාකර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සායක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.අප ආධාර දෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග‍්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ විහාරස්ථානවල අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල්දීම අපේ යුතුකමයි. අතීත විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මහතාටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්ටත් නිලධාරී මහත්වරුන්ටත් ප‍්‍රශංසා කළ යුතුයි.රටේ උරුමය ආරක්ෂා කරනවා නම් පුරා විද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන්ඞ් ද සිල්වා මහතාත්, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම සතුටක්. අතීතයේ සිට විද්වතුන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාස මතුකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.අප රජය බදුදහටම ප‍්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරනවා. ඒ නිසා ජෝන් අමරතුංග, ඞී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරුන් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත්වෙනවා. එස්.බී. නාවින්න සංස්කෘතික ඇමැතිතුමාත් එක් කරගෙන ඉතා සුහදව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා.බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල් ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව බිහි කළේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහායි. එක් අතකින් ආගම් අතර සංහිඳියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂාකර දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උන්නදුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩ කටයුත්ත අපේ යුතුකම ලෙස සලකා ඉටු කරමින් ඉදිරියට යාම අරමුණයි.වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්ෂා කර ගත් බුදු දහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදු දහම ශ්‍රී ලංකාවේ ආරක්ෂා නොවුණා නම් ඒ රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප‍්‍රශ්නය විමසිය යුතුයි.ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක‍්‍රියා මීට පෙර වූයේ නැහැ. මෙරට පුරාණ රජ මහා විහාරස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ආධාර දෙනවා. ඒ වැඩ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. ක‍්‍රමානුකූලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි.ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවල විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතා පිළිබඳ හිතාගන්නවත් බැහැ. ඒවාට ආධාර කළේ නැති නම් ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාව නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළා නම් අද ඒ විහාරස්ථාන නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.දෙවැනි කාරණය නම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව සඳහා රන් වියන ලබා දුන්නා. එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් පසුව රන්වියන අලූත්වැඩිය කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් රන් වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාර ගත්තා. මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ‍්‍රයාන ආදී සම්ප‍්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්ෂා කර ගත යුතුයි. දෙවැනි කටයුත්ත ලෙස මා ඒ කාර්යය ඉටු කරනවා.ආර්ථික ප‍්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වාර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩ කටයුතු සඳහා ද යෙදවිය යුතුයි.මෙරට බුදු දහම ආරක්ෂා වී අග්නි දිග ආසියාව දක්වා ගමන් කළේ මහා විහාරයෙනුයි. ඒ නිසා මහා විහාරයේ සංරක්ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහා විහාරයේ කැණීම් කටයුතු වූයේ නැහැ. මා 2002x2003 වසරවල අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් වී නැහැ.ඒ නිසා මහා විහාරයේ කැණීම් ඇරැුඹීමට මා විශේෂයෙන්ම කල්පනා කළා.වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේ උපන් ස්ථානය දැක ගැනීමට ජෙරුසලමට යනවා. ඒ ආකාරයට අපත් ථේරවාදී බුදු දහම ආරක්ෂා වූ මහා විහාරය සොයාගත යුතුයි. සීගිරියේ කැණීම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. මහා විහාරයේ වැඩ කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාර දුන්නා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කර කැණීම් සඳහා ඉඩ දුන්නා. උන්වහන්සේලාට වැඩ විසීමට වෙනත් ස්ථානයක් දෙනවා.ථේරවාදී බුදු දහමේ ආරම්භක ස්ථානය වන මහා විහාරයේ වැඩ ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ. බුදුන් වහන්සේ උපත ලැබූ මෙන්ම ජීවත් වූ ලූම්බිණිය, කපිලවස්තුපුරය ප‍්‍රදේශවල සංරක්ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා.නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. ජපාන ආධාරවලට අනුව අපත් ආධාර දීමට තීරණය කළා. 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දසලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15ක් ඒ වෙනුවෙන් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා. බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත් වූ කපිල වස්තු පුරය, ලූම්බිණිය සංරක්ෂණය කරනවා යනු අපේ බෞද්ධ ප‍්‍රබෝදයක් ඇති වන කටයුත්තයි. බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩ කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බෙර ගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමඟ සාකච්ඡා කර මුදල් දීමට අප තීරණය කළා.2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් දෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහා විහාරයේ සංරක්ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුළින් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා යයි’’ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ:”අද අරඹන්නේ ඉතා වැදගත් පරිත්‍යාගයයි. කහ සිවුරු නැතිනම් සසුන රැක ගන්න බැහැ. ඒ බව අතීත රජවරුන් නම් ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. අගමැතිතුමාගේ මිත්තනිය වන හෙලේනා විජයවර්ධන මැතිනිය වෙහෙර විහාර ආරක්ෂා කිරීම සඳහා මූලික වී ක‍්‍රියා කළා. අන්තවාදී අදහස් ඇති අය ලොව සෑම රටකම ඉන්නවා. අපේ බාල පරපුරට යහපත් මඟ පෙන්වා දෙමින් කටුයතු කළ යුතුයි.රටේ කුඩා දරුවන්ගේ සිට යහ මඟට ගැනීමේ වගකීම පැවරී තිබුනේ භික්ෂූන් වහන්සේලාටයි. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට 40 වසරක් පිරෙන අවස්ථාවේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම ගැන අප කෘතඥතාව පළ කරනවා.’’අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:කිසිදු ආධාර උපකාර නොලැබෙන විහාරස්ථාන තිබෙනවා. අප රටේ විහාරස්ථාන 13,000කට වඩා තිබෙනවා. විදේශිකයන්ට දෙන පුරා විද්‍යා ටිකට්පත් මඟින් ලැබෙන ආදායමින් මේ උපකාරය කරනවා. විහාර 13,000න් සංරක්ෂණය කළ යුතු සියලූම විහාර රැකීම අපේ අරමුණයි.පසුගිය දිනවල මේ අරමුදල ගැන දේශපාලන කතා පැතිරී ගියා. පිං පෙට්ටිවලට රජය අත තබන බව කියමින් ඇතැමුන් විවිධ කට කතා ගෙන ගියා. එය අලූත් දෙයක් නොවෙයි. මුදල් ගණනය කර නැවත විහාරස්ථානවලට බාරදීම සිරිතක් වශයෙන් කෙරෙනවා. බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීමට අප කැපවී ක‍්‍රියා කරනවා.දඹුල්ල සිද්ධිය දැන් විසඳෙමින් තිබෙනවා. දඹුල්ලේ ආදායමෙන් 15% විහාරයට දෙන්නත් ඉතිරි 85% වෙහෙර විහාරස්ථානවලට පැවරීමටත් අප ගිවිසුම අත්සන් කළා. ඒ කටුයතු කරන්නේ මහා නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිවයි.ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල නාහිමියෝ:‘‘ආණ්ඩුව පාතබා ඇත්තේ උත්තරීතර අවස්ථාවකටයි. අතීතයේ සිටි රජ දරුවන් බුදු දහම සුරැකි ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබෙනවා. දළදා වහන්සේගේ රන් වියන නැවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගමැතිතුමන් විසින් බාරගත්තා. ඞී.එස් සේනානායක මහතා ඇරඹූ ගොවි ජනපද ව්‍යාපෘතිය නිසා කැලෑවෙන් වැසුණු පුරාණ වෙහෙර විහාරස්ථාන රැසක් යළි මතු කර ගැනීමට හැකියාව ලැබුණා. සෝමාවතී විහාරය වත්මන් තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමියා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළ යුතුයි. අගමැතිතුමන් කරන මෙහෙවර නිසා රටට ශාසනයට වන මෙහෙවර පිළිබඳව තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මා සමඟ සිහිපත් කළා.’’මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිය ශාන්ත ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගී වූහ.
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(අංජුල මහික වීරරත්න, අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස සහ අතුල බණ්ඩාර)බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආරක්ෂාව බුදු දහමට ලැබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී සෙනසුරාදා (8) පැවැසීය.ලෝකයේ සෙසු ආගමිකයන් තම ආගමික කේන්ද්‍රස්ථාන දිවි හිමියෙන් ආරක්ෂා කරද්දී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරය ආරක්ෂා කිරීමටවත් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ රුවන්වැලි මහා සෑ වැලි මළුවේ ප්‍රතිසංස්කරණ නිමවා පූජා කිරීම නිමිත්තෙන් පැවැති පුණ්‍යොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලිසෑ වැලි මළුවේ රන් තෙළඹු ගසක්ද රෝපණය කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැලිමලුව යළිත් සැදැහැවතුන් වෙනුවෙන් ලබාදුන්නා. මේ වැලිමලුව මට විවෘත කරන්න බැහැ. ඒ දුටුගැමුණු රජතුමා මුලින් විවෘත කර ඇති නිසා.මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මැදිහත් වුණා. ඊට පෙර 19 වැනි ශත වර්ෂයේ බෞද්ධයන්ගේ පෞද්ගලික මුදලින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණා. මුදල් ඉපැයූ හැම කෙනෙක්ම මේ පින්කම් සඳහා කොටසක් ලබාදුන්නා. අපේ මිත්තනියත් ඊට ආධාර කළා. මේ කටයුතු බාරගත්තේ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක මැතිතුමන්ලාගේ කාලයේදීයි.එදා පළාත් පාලන ඇමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ කටයුතු බාරගත්තා. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කටයුතු කළා. අප ඉදිරියට ගෙනයන්නේ ඒ සිරිතයි.රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් අප අවසන් කරමින් සිටිනවා. දුටුගැමුණු රජතුමා මෙහි එනවිට මහා විහාරය තිබුණා. තමන්ට එදා සහයෝගය දුන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා උදෙසා දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකළා. ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූයේ මහා විහාරයයි. මහා විහාරයේ ත්‍රිපිටකයට විවිධ රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාව, බුරුමය ආදී රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාවේ පැරණිම භික්ෂුන් වහන්සේලා අරගෙන දිඹුලාගල සිට තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමයට ගියේ මහා විහාර සිරිතේ භික්ෂුන් වහන්සේලා බව කිව යුතුයි.ලෝකයේ යුදෙව්වන්ට වඩා ථෙරවාද බෞද්ධයන් ඉන්නවා. යුදෙව්වන් තමන්ගේ විලාප තාප්පය යළි ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කරනවා. සික් ජාතිකයන් බෞද්ධයන්ට වඩා අඩුයි. ඔවුන් රත්තරන් දේවස්ථානය ආරක්ෂා කරගන්නවා. මුස්ලිම් ජනතාව මහමද්තුමන්ගේ සොහොන ආරක්ෂා කරනවා. එහෙත් බෞද්ධයන් හැටියට අපේ කේන්ද්‍රස්ථානයට කරලා තියෙන්නේ කුමක්ද? අපි මුකුත් කරලා නැහැ. බුදු දහම ගැන හැම කෙනෙක්ම කතා කරනවා. නමුත් බෞද්ධ කේන්ද්‍රස්ථානය ආරක්ෂා කරලා නැහැ. මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ යුතු බව 2003 වසරේදී අප කිව්වේ ඒ නිසයි. අප නව සංඝාවාසයක් ලබාදෙන්නම් යැයි කිව්වේ ඒ නිසයි.මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණත් ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ප්‍රධානීන්, මහාචාර්ය කනින්හැම් ඇතුළු ප්‍රවීණයන්ගෙන් යුතු කමිටුවක් පත් කර දිගුකාලීන සැලැස්මක් දෙන ලෙස අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටියා. හැම වසරකම යම් මුදලක් වෙන්කර මෙම කැණීම් කටයුතු සිදුකළ යුතුයි. ඉතා ඉක්මනින් අදාළ සැලසුම මට ලබාදෙන්න. අප එතැන් සිට වැඩකටයුතු කරන්නම්. එමෙන්ම ලෝකය සමග එක්ව ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් නම් කරන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ සඳහා විදේශ ඇමැති තුමාගේද සහය ලබාගත හැකියි.මියන්මාරය, තායිලන්තය සහ අපගේ අනුරාධපුරය එක්කරමින් එම ථෙරවාදී ත්‍රිකෝණය හදන්නැයි මා උපදෙස් දුන්නා.දැන් මේ වැඩකටයුතු සඳහා අමාත්‍යවරුන් කැපවිය යුතුයි. තානාපතිවරුන්ට කතා කොට එම රටවල්වලට ගොස් කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් මට තායිලන්ත අගමැතිතුමාටත් අවුන්සාන් සුකී මියන්මාර් අගමැති තුමියටත් ලිපි ලබාදිය හැකියි. එසේ නම් අපි එම වැඩකටයුතු කරනවා. එම බෞද්ධ ස්ථාන සම්බන්ධ කරගෙන අප වැඩකටයුතු කළ යුතුයි.මහා විහාරයට විශාලතම හානිය වුණේ සොලීන්ගෙන් නොවේ. විශාලතම හානිය වුණේ වෛතුල්‍යවාදීන්ගෙන් බව කිව යුතුයි. පළමුවෙන්ම අභයගිරියෙන්. ඉන්පසුව ජේතවනාරාමයෙන් fවෛතුල්‍යවාදීන් කටයුතු සිදුකළා. ජේතවනාරාමයෙන් කොපමණ හිරිහැර කළාද කිව්වොත් මහා විහාරය කඩා දැමුවා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. අවසානයේ ජනතාවට මෙය එපා වුණා. මහසෙන් කියන්නේ ශ්‍රේෂ්ඨ රජකෙනකු වුණත් ඔහුට විරුද්ධව ජනතාව කැරලි ගැහුවා.එසේ කැරළි ගසා ජනතාව එක්ව සෝණ ඇමැතිවරයා මරා දැමුවා. රජතුමා පැනලා ගියා. හමුදාපති රජුට විරුද්ධ වුණා. අවසානයේ රජුම පැමිණ මහා විහාරයේ සංඝයා වහන්සේලාගෙන් සමාව ඉල්ලා නැවත රට පාලනය කරනවිට ඒ ශ්‍රේෂ්ඨ රජුගේ බලයත් ක්‍රමයෙන් අඩුවී ගියා.අනුරාධපුර අවසානයේ දිඹුලාගලටත් පසුව තෙත් කලාපයටත් පැමිණ අන්තිමට මහනුවරටත් පැමිණියා. ඒ වනවිට උපසම්පදා භික්ෂුන් නොමැතිවීම නිසා තායිලන්තයට යන්නට සිදුවුණා. තායිලන්තයට ගියවිට උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමක් උපසම්පදා ලබාදීමෙන් වැලිවිට සරණංකර සංඝරාජ වහන්සේ නැවත ශාසනය ආරම්භ කළා. ඒ අනුව මල්වත්ත අස්ගිරිය යනුවෙන් පාර්ශ්ව දෙකක් ආරම්භ කළා. අස්ගිරිය වනවාසී පාර්ශ්වයක් වශයෙන් පැවතුණා. උන්වහන්සේලාට වනාන්තරගතව භාවනා කිරීමට අවශ්‍ය වුණා. බෞද්ධ ප්‍රබෝධය ඇරඹුණේ එලෙසයි. ඊට පසුව අමරපුර සහ රාමඤ්ඤ නිකායන් පිහිටවනු ලැබුවා. ඉන්පසුව අපගේ දානපතියන් සැදැහැවතුන් එක්ව බුදු සමයේ විශාල දියුණුවක් ඇතිකළා. එයට බි්‍රතාන්‍යයේ සහයෝගයත් ලැබුණා.මේ නිකාය තුන රැකගෙන එම පාර්ශ්ව රැකගෙන ඉදිරියට ගමන් කළා. ඒ සමගම ලංකාවට නිදහස ලැබුණා.නිදහස ලැබීමෙන් පසුව 1972 ව්‍යස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට සඳහන් කළා. ඒ වගන්තිය 1978 ව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා.බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නාට බෞද්ධයින් රට පාලනය කළාට එම ආරක්ෂාව වසර පහ හයකට පෙර ලැබුණේ නැහැ.තම විරුද්ධවාදියකුට දළදා මාලිගාවේ පූජාවක් කරන්නට ඉඩදුන් නිසා මල්වත්ත පාර්ශ්වය කඩා අලුත් පාර්ශ්වයක් හදන බවට මල්වතු මහානාහිමියන්ට තර්ජනය කළා. එදා සවස මල්වතු විහාරයේ පැවැති සාකච්ඡාව ගැන මා කිවයුතු නැහැ. මල්වතු පාර්ශ්වය කඩන බව කිව්වා. අලුත් නිකායක් හදන බව කිව්වා. මහසෙන් රජ්ජුරුවො වගේ කටයුතු කළා. ඒ විතරක් නොවේ. මේ පූජා භූමියේ දැන් තිබෙන්නේ අටමස්ථානයයි. අපට ඇති ප්‍රධාන එකම සෑය වන්නේ රුවන්වැලි මහා සෑයයි.ජේතවනාරාමය සහ අභයගිරිය මේ තත්ත්වයට ගේන්න එපා. පුරා විද්‍යාත්මක වටිනාකම අනුව එම සිද්ධස්ථානත් සංරක්ෂණය කරමු යැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පැවැසුවා. විශාල සෑය තුනක් ඒ අනුව තියෙනවා. වන්දනාමාන කරන්නේ මෙම මහා සෑයටයි.අටමස්ථානාධිපති හිමියන්ටත් නොකියා කළේ කුමක්ද? රුවන්වැලි සෑයටත් වඩා උස තවත් මහා සෑයක් ඉදිකරන්න හැදුවා. රුවන්වැලිසෑයට වඩා උස සෑයක් හදන්න ලංකාවේ කොහේවත් බැහැ. ඒ සෑය හදලා ඊළඟට කරන්න හිටියේ කුමක්ද? මල්වත්ත නිකාය කඩා හදන්නට සිටි පාර්ශ්වය එතැනට ගෙන ඒමයි.මේ අලුත් සෑයත් අභයගිරිය, ජේතවනාරාමය වගේ සංරක්ෂණය කරාවි. ලංකාවේ උසම ස්ථූපය මේක තමයි කියමින් බොහෝ අය සාදු කියමින් ඒ ස්ථූපයට වන්දනා කරාවි. මේ වගේ දේවල් ඉතිහාසයේ කරන්න බැහැ. අන්තිමට වුණේ මොකක්ද? මහසෙන් රජතුමාට වුණා වගේ සිද්ධියක් වුණා. අන්තිමට බලය නැතිව ගියා. මහසෙන් රජතුමා අඩුගානේ කරදර දැකලා එතැනින් ප්‍රශ්නය අවසන් කරගත්තා. සංඝයාවහන්සේලා මුණ ගැසුණා.දැන් ඒ වැඩ කටයුත්ත නතර කර තිබෙනවා. දැන් මහසෙන් රජු කළ දේ කළ යුතුයි. එසේ නම් අපේ මල්වත්තේ මහා නාහිමියන් මුණගැසී බැගෑපත්ව බිම වැතිරිලා ඊට පසුව ඉරටු තියන ඉදලක් ගෙන මාසයක් උදේ සවස මල්වතු විහාර භුමිය ශුද්ධ කළ යුතුයි. ඒක  පුණ්‍ය ක්‍රියාවක්. ඊට පසුව අටමස්ථානයේ නාහිමිට ඒ ආකාරයටම වැඳලා මාසයක් උදේ සවස ශ්‍රී මහා බෝධිය වටා ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. ඊට පසුව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ට වැඳ මාසයක් උදේ සවස රුවන්වැලිසෑය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. එතකොට නම් සමාව දෙන්න පුළුවන්.අලුත් සෑයත් අටමස්ථානයට බාරදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසු අපි පැමිණ සංඝයා වහන්සේට දැනුම් දුන්නා.මෙහෙම තර්ජනය කරන්න බැහැ. ඒ ආකාරයට වැඩ කටයුතු කරන්න බැහැ. අප නව ව්‍යවස්ථාවක් හදනවා. තවම සකස් කරන්නේ අතුරු වාර්තාවක් පමණයි. ප්‍රධාන මූලධර්මවලට අමතරව සමහර ස්ථානවලට විකල්ප දෑ යෝජනා ඉදිරිපත් කරනවා. ජනතා අදහස් ලබාගත් පසුව ව්‍යවස්ථාදායක සභාවේදී එම අදහස් සාකච්ඡා කළ හැකියි. ඉන්පසුව අපි ප්‍රධාන වාර්තාවක් හදා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරනවා.මේ සාකච්ඡාවේදී මමත් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවකට ආගමික සංවිධානයකට ඇඟිලි ගහන්න බැහැ යන යෝජනාවයි. ඒ අනුව නිකාය සහ පාර්ශ්වවල සංයුතිය වෙනස් කරන්නට හැකියාවක් නැහැ.මෙම සම්ප්‍රදායන් පිළිනොගන්නා ආණ්ඩුවක් එනවා නම් හැමදාම බුදු දහම අනතුරේ. එමනිසා මේ ගැන සංඝයා වහන්සේලා සමග කතා කළා. ව්‍යවස්ථාදායක සභාවට අතුරු වාර්තාව පැමිණි පසු මා මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබවහන්සේලාගේ සහයෝගයත් අවශ්‍යයි.බුදු දහමට තිබෙන අනතුරුවලින් ආරක්ෂා කරගත යුත්තේ ඒ ආකාරයටයි. එමෙන්ම මේ ස්ථාන දියුණු කරන්නට අපට අමාත්‍යාංශ ගණනාවකින් උදව් කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. එමෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. ජනපති මා ඇතුළු හැම කෙනෙක්ම අවශ්‍ය උපකාර කරනවා. බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. මහා විහාරය කේන්ද්‍රස්ථානය කරන වැඩසටහන් අපි ආරම්භ කරමු.නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත්‍යාරාම විහාරාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියෝ මෙසේ පැවැසූහ:- මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය අගමැතිතුමන්ට පිරිනමනවා. අගමැතිතුමන් අඛණ්ඩව 40 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑයේ බලයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.රුවන්වැලි මහා සෑය යනු සර්වඥ ධාතු ද්‍රෝණයක් පමණ නිදන්ගත වූ මහා සෑයක්. මේ වැලි මලුවේ වැඩ ඇරඹීමට මගේ ගුරුදේවයන් වහන්සේලා උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සත්කාරය සිදුකළත් මෙහි මූලික අත්තිවාරම දැමුවේ අගමැතිතුමායි. මහා විහාරය පිළිබඳව එතුමාට දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුළ අපට බොහෝ දේ කිරීමට හැකියාව තිබෙනවා.අගමැතිතුමාට නැවත මහා විහාර ව්‍යාපෘතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය වුණා.  මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ඇරැඹුණේ ඒ අනුවයි. තිස්දාහක් පමණ දෙනා මීට ශ්‍රම දායකත්වය ලබාදී තියෙනවා. තාමත් අපේ මිනිස්සු මේ සිද්ධස්ථානවලට ආදරය කරනවා. ඒ පුරාවිද්‍යාව නිසා නොවේ.අද අගමැතිතුමන් රෝපනය කළ මෙම රන් තෙළඹු ගස ගෙනාවේ සිංහරාජ වනාන්තරයේ සිටයි. ඒ ගස මේ මලුවේ සිටුවීම ඓතිහාසික සිද්ධියක් බව කිව යුතුයි. තව වසර පහක් ඇතුළත මේ භූමියේ පුරාවිද්‍යා හා ආගමික කටයුතු අවසන් කරන බව මා ප්‍රතිඥා දෙනවා.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:- රුවන්වැලි මහා සෑයේ මළුවට වැලි අතුරා පූජා කිරීමට ලැබීම අපේ භාග්‍යයකි. අගමැතිතුමන් නිරන්තරවම වෙහෙර විහාර සංරක්ෂණය ගැන උපදෙස් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල අරඹන විට අගමැතිතුමන්ගේ පියා යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිත ලෙස කටයුතු කළා. එතුමාගේ මැදිහත්වීම මත මේ සිද්ධස්ථාන සංරක්ෂණයට විදේශ මුදල් ලබාගත්තා.මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබෙන්නේ විදේශ සංචාරකයන්ට ටිකට් විකුණා ලැබෙන මුදලින්. සීගිරියේ අන්තර්ජාලය හරහා ටිකට් මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති කළා. ඉදිරියේදී පොළොන්නරුව ඇතුළු සිද්ධස්ථානවලටත් ඒ ක්‍රමය අනුගමනය කරනවා.පුරාණ රජමහා විහාර 150ක් සඳහා මිලියන 400ක් පමණ ලබාදීමට අප කටයුතු කරනවා. ඒ කටයුතු විධිමත් අයුරින් සිදු කිරීම අපේ අරමුණයි. දුප්පත් පන්සල් ගොඩනැගීම සඳහා මිලියන 100ක් වෙන්කර තිබෙනවා.කූරගල වැනි ප්‍රදේශවල ගොස් අපේ මායිම් ලකුණු කර අපේ උරුමය රකිනවා. අප මේ හැම දෙයක්ම කරන්නේ මේ උරුමය ඉදිරියට ගෙන යාමටයි. අපටත් ඒ ගැන වගකීමක් තියෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණසේකර මහතා:- අපේ ප්‍රධාන උරුමයක් වන රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු අනුව මේ වැලිමලුව සංරක්ෂණය කෙරුණා. මේ මහා සම්ප්‍රදාය සියවස් 25ක් තිස්සේ රැකගෙන ඉදිරියට ගෙන ගියා. වැලිමළුව බැතිමතුනට ප්‍රයෝජන ගත නොහැකි තත්ත්වයක තිබුණා. මහා විහාර සංකල්පය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව අගමැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දුන්නා. ඒ අනුව මහා විහාර සංවර්ධන ව්‍යාපෘතිය වසර දෙකකට පෙර ඇරඹුණා.මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැතිඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. (ඡායාරූප - ඉෂංක සුනිමල්)
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්‍රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ  අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට   0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්‍රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්‍රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
1
(ක්‍රිෂාන් ජීවක ජයරුක්/ කඹුරුපිටිය පී.එල්. ජයවර්ධන)තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය.එමෙන්ම බදු සහන ලබාදී ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාකරන බව ද ඔහු කීය.කඹුරුපිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද පැවසීය.“2005 මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ජනතාව විශාල අභියෝගයක් අපිට භාර දුන්නා. අවුරුදු තිහක ත්‍රස්තවාදය ඉතා කෙටි කාලයකින් අවසන් කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම නොසිතූ විරූ සංවර්ධනයක් රටේ අපි ඇති කළා. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොවෙයි. නැවත වරක් එම ත්‍රස්තවාදය හිස ඔසවන්නට ඉඩ නොදී හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළා.ඒ වගේම අපේ බුද්ධි අංශ යොදා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අපි යොදලා තිබූ ආරක්ෂක වැඩපිළිවෙළ අවසන් කරලා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මානසිකත්වය බිඳලා අපේ රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්න මඟ සලස්වලා, බුද්ධි අංශ සාමාජිකයින්ට අභූත චෝදනා නගා හිර ගෙට යවලා තිබුණු ආරක්‍ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩලා දැමුවා.මෙන්න මේ හින්දා තමයි වසර දහයක් යන්න ප්‍රථමයෙන් නැවත වරක් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපේ රජයක් බලයට පත්වූ පසු නැවතත් ඒ ආරක්‍ෂක වැඩපිළිවෙළ යොදලා බුද්ධි අංශවල නීතිමය රැකවරණය දීලා තමුන්නාන්සේලාට යළිත් සුරක්‍ෂිත රටක් අපි ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ සහතික වෙනවා.අපි දන්නවා, රටක ආරක්‍ෂාව නැති වුණාම රටක සුරක්‍ෂිතභාවය නැති වුණාම ඒ රටේ ආර්ථිකය ගොඩ නඟන්න පුළුවන්කමක් නැහැ. ආයෝජකයෝ දේශීය හෝ විදේශීය වේවා ඔවුන් අපේ රටට එන්නේ සංචාරකයින් අපේ රටට එන්නේ සුරක්‍ෂිත රටක් තිබුණොත් පමණයි. ඒ වගේම මේ රජය බලයට ආපු ගමන්ම අපි කරගෙන ගිය ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. ඒ ව්‍යාපෘති නැවතීමත් සමගම ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා.එදා ඒ ව්‍යාපෘති ව්‍යාපාරවලට සම්බන්ධ වෙච්ච ඒ රැකියා සියල්ලක්ම නැති වුණා. මෙන්න මේ නිසා අද මුහුණපාලා තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා.නැවතත් මේ ආර්ථීකය ගොඩනගන්න පුළුවන් සැලැස්මක් අපි ළඟ තියෙනවා. අපි දන්නවා ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වෙලා තිබෙන්නේ ආසියාව. අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා, අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතිලා තිබෙන්නේ බුද්ධිය මුල්වූ ආර්ථීකයත් එක්ක කියලා. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්වූ ආර්ථිකයක් හරහා අපිට අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා සැලැස්මක් අපිට තිබෙනවා. පසුගිය අවුරුදු හතර තුළම මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන් සමග එක්ව අපි ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා.ඔවුන් සමග සාකච්ඡා කරලා අපි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා. අපි මේ ආර්ථීකය ගොඩනගන්නට බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනගන්නට නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බළකායක් අපිට අවශ්‍යයි.මේ නිසා තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් පළමු අවුරුද්දෙම විශාල මුදලක් ආයෝජනය කරන්නේ. මේ හරහා අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ට හොඳ වේතනයක් තිබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා පුළුවන්වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරනවා. කෙටි කාලීනවත්, දීර්ඝ කාලීනවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා සියලුම තරුණ තරුණියන්ට අනාගත පරම්පරාවට උසස් අධ්‍යාපනයක්, තාක්‍ෂණ අධ්‍යාපනයක්, කාර්මික අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබා ගැනීමට පුළුවන්වන අධ්‍යාපනයක් අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, අද විශේෂයෙන්ම දැනුම මුල්වූ ආර්ථිකයක් හරහා විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයෙත්, තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයෙත් විශාල රැකියාවන් නිපදවන්නට පුළුවන්. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. අද කෘෂි කර්මාන්තයේ සෑම ක්ෂේත්‍රයක්ම තේ වගාව වේවා, රබර් වේවා, අපනයන භෝග මේවා මේ සියල්ලක්ම මිල පහත වැටීම නිසා ගොවියා ඉතා අසීරු මට්ටමකට වැටිලා තිබෙනවා.මෙන්න මේ හින්දා තමයි අපි ගොවියා වෙනුවෙන් විශේෂ සහන මල්ලක් ලබා දෙන්නේ. අපි ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙනවා. ගොවි ණය කපා හැරීමටත් ගොවි රක්‍ෂණ ක්‍රමයක් ඇති කිරීමටත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් බදු ඉවත් කිරීමටත් ගොවියා හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයි. ඒ වගේම අපි ව්‍යාපාර දිරිමත් කිරීමට බදු සහන අපි ඉදිරිපත් කර තිබෙනවා.අද තිබෙන විවිධ බදු වෙනුවට ඉතාමත් සරල බදු ක්‍රමයක් ඒ වගේම වැට් බද්ධ සියයට අට දක්වා අඩු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.ජාතික ආරක්‍ෂාව වේවා, ආර්ථිකය වේවා, ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අභියෝග ජය ගන්න හැකි කණ්ඩායමකටයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මම මගේ යුතුකම වන සුරක්‍ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙන්න ක්‍රියා කරනවා.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-“ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ පුරවැසියකු නොවෙයි, ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ කියලා නියෝගයක් ඉල්ලා එක්සත් ජාතික පක්‍ෂය අධිකරණයට ගියා. පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සවස 6.00 වනවිට මුළු රටම ඒ තීන්දුව ලැබෙනකම් බලාගෙන සිටියා. හැමෝගෙම හෘද ස්පන්දනය ගැහෙන්න පටන් ගත්තා. නමුත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව එම පෙත්සම ප්‍රතික්ෂේප කර සාධාරණ තීන්දුවක් දුන්නා. ගෝඨාභය හිරේ දාලා මේ ගමන නවත්වන්න ඔවුන් උත්සාහ කළා. අධිකරණයට ගිහින් මේ ගමන නවත්වන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවකින් ගෝඨාභයගේ ගමන නවත්වන්න ඔවුන්ට බැරි වුණා.අපි කියන්න ඕන, ගෝඨාභය මේ රටේ ජනාධිපති වූ විගස බය වෙන්න ඕන කණ්ඩායම් කිහිපයක් සිටිනවා. කුඩුකාරයන්, කුලියට මිනී මරන පාතාලය බය වෙන්න ඕන. නොවැම්බර් 24 වනවිට පාතාලය බාර වුණේ නැත්නම් හෝ රට පැන්නේ නැත්නම් ඔවුන්ට වෙන දේ තමුන්නාන්සේලා දන්නවා. මරාගෙන මැරෙන හැම අන්තවාදියම නොවැම්බර් 17 වනවිට බය වෙන්න පටන් ගන්නවා. කැලෑ කපන, කැලෑ පාළුවන් බයෙන් ඉන්න ඕන. රාජ්‍ය දේපළ කොල්ල කාපු දේශපාලනඥයන් බයෙන් ඉන්න ඕන. නමුත් මේ අම්මා තාත්තා එදාට සතුටින් හිනා වෙලා ඉන්න ඕන. තමන්ගේ දරුවා ඉඹලා පුතේ උඹට දැන් රටක් තියෙනවා කියලා කියන්න ඕන. ඒ නිසා රට වෙනුවෙන් ඔබ ගෝඨාභය දිනවන්න කටයුතු කළ යුතුයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා:-“ලබන නොවැම්බර් 16 කියන්නේ වසර හතර හමාරක් මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වට්ටපු නොසිටි සහරාන්ලාට පණ දීපු ජාතික ආර්ථිකය විනාශ කරපු රට ණය උගුලක සිර කරපු මේ මුස්පේන්තු පාලනය නැති කරලා නව පරිවර්තන යුගයක් රටට උදාවන දවසයි. මේ පාපතර පාලනයෙන් මිදිලා නව දරු ප්‍රසූතියක් මුළු රටම බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ සඳහා කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් පියානෝ ගගහා ඉන්න පුතානෝගේ කඳවුර. බුද්ධි අංශ 97 වතාවක් අනතුරු අඟවලා සිය ගාණක් අහිංසක මිනිස්සු මරා දාන්න ක්‍රියා කරපු ඒ කඳවුර. හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය සම්පත් විදෙස් රටවලට විකුණගෙන කාපු ඒ කඳවුර. පරගැති දේශද්‍රෝහීන්ගේ නිවට කඳවුර තමයි පුතානෝගේ කඳවුර. අනෙක් කඳවුර මේ කඳවුරයි. ඒකීය භාවයට පණදුන් කඳවුර. ත්‍රස්තවාදය ඉවර කර දුන් කඳවුර. ත්‍රස්තවාදය අවසන් කරන ගමන් පොහොර රුපියල් 350ට දුන් කඳවුර. රට ආරක්‍ෂා කර ගත් කඳවුර තමයි මේ කඳවුර. ඒ නිසා රට තවදුරටත් ප්‍රපාතයකට ඇද නොදමා, අනාගතය වෙනුවෙන් මේ කඳවුර ජයග්‍රහණය කරවීම අද රටේ සියලුම දෙනාගේ අවශ්‍යතාව වී තිබෙනවා.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-“අද මේ ජනාධිපතිවරණයට ප්‍රධාන වශයෙන් අපේක්‍ෂකයන් දෙදෙනකු ඉදිරිපත්වී සිටිනවා. අපේ පෙරමුණෙන් ගෝඨාභය, එක්සත් ජාතික පෙරමුණෙන් සජිත්. දැන් මේ අපේක්‍ෂකයන් දෙදෙනා රූපවාහිනියෙන් කතා කරන දේවල් දිහා රෑට බැලුවම මේ රට භාර දෙන්න ඕන කාටද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මේ රටට ආරක්‍ෂාවක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. මේ රට සුරක්‍ෂිත කරන්න ඕන නම් ගෝඨාභය දිනවන්න. රටට විනයක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නම් බැසිල් රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ගෝඨාභය කණ්ඩායම ජයග්‍රහණය කරවන්න.ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි. රට වෙනුවෙන් සිතා ගත යුතු තීරණයක් වී තිබෙනවා.ගෝඨාභය දිනවා රට දිනවන්න අපි කවුරුත් පෙරමුණ ගනිමු.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා:-“සජිත් කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. රුපියල් 350ට පොහොර සහනාධාරය කප්පාදු කරපු ආණ්ඩුවේ හිටපු ඔහු දැන් කියනවා පොහොර සහනාධාරය නොමිලේ දෙනවා කියලා. ආබාධිත රණවිරුවන්ට පහර දුන් ආණ්ඩුව නියෝජනය කරපු සජිත් දැන් කියනව රණවිරුවන්ගේ ගෞරවය ආරක්‍ෂා කර දෙනවා කියලා.ඒ නිසා යහපාලන ආණ්ඩුව රටට වින කළ සියලු දේට සජිත් වග කියන්න ඕන. ඒ පාපතර තීන්දු තීරණවලින් ඔහුට මිදෙන්න බැහැ. අද මුළු රටේම ආර්ථීකය, ආරක්‍ෂාව කඩා වැටිලා. සජිත් ඒ සියලු දේටත් වග කියන්න ඕන.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා:-“2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ ගෙදර ගිය වෙලාවේ මුළු රටම කම්පාවට පත් වුණා. බොහෝ ගෙවල්වල එදා කන්න බත පිසුවේ නැහැ. ඒ තරමටම මිනිස්සු සංවේදී වුණා. මිනිස්සු මහින්ද මහත්තයා හොයාගෙන ගෙදරට ගිහින් කෘතගුණ සැලකුවා. මාස දෙකක් යන්න කලින් ඔවුන් නැවත වරක් මහින්ද මහත්තයා ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මහින්ද සුලඟ හමා එන්න පටන් ගත්තේ. අපට ඕන හොඳ ආරක්ෂාවක් රටට සපයන්න පුළුවන් නායකයෙක්. අපිට ඕන හොඳ ආර්ථිකයක් රටට ලබා දෙන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා නොවැම්බර් මස 17 වැනිදා මල්ලි ජනපති අයියා අගමැති කරන ඒ යුගයේ ආරම්භය සියලු දෙනාට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා:-“පසුගිය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ගොඩාක් අය බලාගෙන සිටියා, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය - පොහොට්ටුවෙන් වෙන් වෙලා පොහොට්ටුවේ අපේක්‍ෂකයාට අභියෝගයක් කරයි කියලා. වෙනමම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා. නමුත් ඒ කිසිවක් සිදුවුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ පොහොට්ටුව කියන්නේ එකම දේශපාලන ප්‍රවාහයක්. රටට ආරක්‍ෂාව අවශ්‍යයි. ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍යයි. ජනතා අපේක්‍ෂා ඉටු කරගන්න අවශ්‍යයි. ඒ සියල්ල ඉටුකර ගත හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමෙන් පමණයි.”දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක සුසිල් කරුණාතිලක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0