id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
183,845
සිමෙන්ති මිල පහළට
[ "සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.", "දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.", " " ]
183,846
උද්ධමනය ගැන සුබ ආරංචියක්
[ "පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩුවිය.", "එය තවදුරටත් අඩුවිය හැකි බව මහ බැංකු නිලධාරීන් පැවසීය. ", "ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ ඇති බව පැවසිනි.", "මේ අතර මහබැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් දැක්වෙයි." ]
183,847
යුක්‍රේන යුද්ධයේ CIA වැඩ ගැන හෙළිදරව්වක්
[ "යුක්‍රේන යුද්ධයේ CIA හස්තය පිළිබඳව අමෙරිකානු නිවිස්වීක් සඟරාව කදිම අනාවරණයක් කර තිබේ.", "යුක්‍රේන යුද්ධය ආරම්භවීමට පෙර සිටම CIA සංවිධානය යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වූ බවත් යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් රුසියාව සමග යම් එකඟතාවකට පැමිණි බවත් නිවිස්වීක් සිය ලිපිය මගින් අනාවරණය කරයි. ", "එමෙන්ම අමෙරිකානු රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් නිවිස්වීක් සඳහන් කළේ රුසියාවට එරෙහිව සටන්කිරීම සඳහා යුක්‍රේනයට සැපයුම් සිදුකිරීමට CIA සංවිධානය මගින් නීත්‍යානූකූල නොවන සැපයුම් ජාලයක් සකස් කර ඇති බවය. ", "නිවිස්වීක් ලිපියේ මාතෘකාව වන්නේ යුක්‍රේන යුද්ධයේ CIA නොදුටුපැත්ත, \"The CIA's Blind Spot about the Ukraine war\" යන්නය. ", "යුක්‍රේන යුද්ධය 2022 වසරේ පෙබරවාරි 24 වනදා ආරම්භ වූ අතර 2022 ජනවාරි මාසයේ අමෙරිකානු CIA ඔත්තු සේවයේ ප්‍රධානී විලියම් බර්න්ස් මොස්කව් චාරිකාවක නිරත විය. ", "එහිදී යුක්‍රේනය ආක්‍රමණය නොකරන ලෙසට රුසියාවෙන් ඉල්ලා සිටි CIA ප්‍රධානීයාට ඒ සඳහා ජනපති පුටින් එකඟ කරවා ගැනීමට නොහැකි වුවත්, ඔහු රුසියානු බලධාරීන් සමග වෙනත් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන් විය. ", "ඒ යුක්‍රේන යුද්ධය, යුක්‍රේන දේශසීමාවෙන් ඔබ්බට රැගෙන නොයාමට සහ න්‍යෂ්ටික අවි භාවිත නොකිරීම සඳහා රුසියාව එකඟ කරවා ගැනීමට ඔහු සමත්වී ඇති බව කියවෙයි. ", "ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු රාජ්‍යයේ පැවැත්මට හානියක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට අමෙරිකාව වෙනුවෙන් CIA ප්‍රධානියා පොරොන්දු වී තිබුණී. ", "එහෙත් දැන් පවතින තත්ත්වය වන්නේ, යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ක්‍රියාමාර්ග පාලනය කිරීමට CIA සංවිධානය දැනුවත් වී නොමැති බවද එහි දැක්වෙයි. ", "විශේෂයෙන් රුසියාවෙන් ජර්මනිය ස්වාභාවික වායු රැගෙන ගිය නෝඩ් ස්ට්‍රීම් නළ මාර්ගය පුපුරවා හැරීම සහ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර දියත්කිරීම CIA අනුදැනුමකින් තොරව සිදුව ඇති බව නිව්ස්වීක් අනාවරණය කළේය. ", "යුක්‍රේනයට සහාය වීම සඳහා CIA සංවිධානය සිය සැපයුම් ජාලය, පෝලන්තය හරහා ක්‍රියාත්මක කරන අතර, නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයෙන් එක්රැස් කරගත් යුධෝපකරණ යුක්‍රේනයට ලබාදීම සිදුකරයි. ", "එහිදී වාණිජ ගුවන් යානා සන්නද්ධ ප්‍රහාර සඳහා සැකසීම ද සිදුකෙරෙන බව සඳහන්ය. ", "නව යුධෝපකරණ හා පද්ධති මෙහෙයවීම සඳහා CIA නියෝජිතයන් යුක්‍රේනයට ගොස් පුහුණුවීම් ලබාදෙන බවත්, එහිදී රුසියානු හමුදා වෙත නිරාවරණයවීමෙන් වැළකී සිටින බවත් නිව්ස්වීක් ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි. ", "යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි සිතන ආකාරය පිළිබඳව CIA සංවිධානයට නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන්, රුසියාව සමග පවතින එකඟතාව සුරැකීම අමෙරිකාවට ගැටලුවක් වී ඇති බව නිවිස්වීක් අනාවරණය කළේය. ", "මේ අතර රුසියානු පාලනය යටතේ පවතින සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයට කඩාකප්පල්කාරී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්‍රේනය සැරසෙන බවට රුසියාව චෝදනා කරයි. ", "ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කළේ එහි තත්ත්වයඋණුසුම්කාරී වන බවත් කඩාකප්පල්කාරී ප්‍රහාරයක් සිදුවුවහොත් එමගින් දැඩි විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැකි බවය. ", "යුක්‍රේනයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ අනතුරුදායක ප්‍රකෝපකාරී ක්‍රියාවක් රුසියාව සැලසුම්කරන බවට ඊට පෙර යුක්‍රේනය චෝදනා කළේය. ", "ඒ සඳහා රුසියාව බලාගාරය මත පුපුරණ ද්‍රව්‍ යපවා අතුරා ඇති බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් හමුවේ පසුගියදා ප්‍රකාශ කළේය. ", "එම ප්‍රකාශය හමුවේ අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ විශේෂඥයින් පිරිසක් සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂාවට ලක්කළේය. ", "ඔවුන් ප්‍රකාශ කළේ යුක්‍රේනය පවසන පරිදි බලාගාරයේ කිසිදු පුපුරන ද්‍රව්‍යක් හමුනොවූ බවය. ", "මේ නිසා යුක්‍රේනය රුසියාවට චෝදනා කරන්නේ බලාගාරයට කඩාකප්පල්කාරී ප්‍රහාරයක් දියත් කිරීමේ අරමුණින් ද යන්න පිළිබඳව මතුවන්නේ බරපතළ සැකයකි. ", "ක්‍රෙම්ලින් ප්‍රකාශකයා ඒ පිළිබදව පැවසුවේ මෙලෙසින් ඕනෑම අන්දමේ ක්‍රියාමාර්ගයකට තමන් සුදානම් බව යුක්‍රේනය කිහිපවිටකම ප්‍රදර්ශනය කර තිබේ. ", "\"කකොවුකා\" ජල විදුලි බලාගාර වේල්ල මෑතකදී පුපුරවා හැරීමේදී එවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් එමගින් විනාශකාරී ප්‍රතිඵල අත්විඳීමට සිදුවු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ", "සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයට එවැනි තර්ජනයක් එල්ල වීම වැළැක්වීම සඳහා රුසියාව සියලු පියවර ගනිමින් සිටින බව ක්‍රෙම්ලින් ප්‍රකාශකයා සඳහන් කළේය. ", "මේ අතර රුසියාව විසින් බටහිරදිග යුක්‍රේන ලිවිව් නුවරට ඊයේ (05) දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එමගින් සිවිල් යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කළේය. ", "එමෙන්ම යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි මෙහිදී පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 32නෙකු තුවාල ලබා තිබුණි. ", "යුද්ධය ආරම්භවීමට පෙර 70,000ක ජනගහණයක් සිටි ලිවිව් නුවර පිහිටා ඇත්තේ නේටෝ සාමාජිකයෙකු වන පෝලන්තයට කිලෝමීටර් 70ක් පමණ ආසන්නයෙනි.", "ලිවිව් නගරාධිපතිවරයා සඳහන් කළේ ඊයේ නගරයට එල්ල වූයේ රුසියානු ආක්‍රමණයේදී මෙතෙක් එල්ල වූ දැවැන්තම ප්‍රහාරය බවය. ", "යුක්‍රේනය වැඩිදුරටත් සඳහන් කළේ රුසියාව, කළු මුහුදේ සිට මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවය." ]
183,848
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන නිවේදනයක්
[ "ශ්‍රී ලංකා ආර්ථිකය 2023 අවසානය වනවිට ධනාත්මක වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.", "ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 2022 වසරේදී සඳහන් වූයේ ඝෘණ 7.8ක් ලෙසටය.", " ", "මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය, දේශීය සැපයුම් ජාලය යථා තත්ත්වයට පත්වීම, ආනයන සීමා ලිහිල් කිරීම සහ ව්‍යාපාරික විශ්වාසය ඉහළ යෑම ඊට සාධනීය හේතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය." ]
183,849
ලාෆ්ස් ගෑස් මිල පහළට
[ "අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.", "ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇති.", "එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690කි.", "මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දැමෙනු ඇති.", "එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476කි.", " " ]
183,850
ලෝක කුසලානයට මාස 3ක් තිබියදී ප්‍රබලයෙක් ඉවත්වෙයි
[ "බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබේ.", "ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 3ක් තිබියදී ඔහු ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් විචාරකයින් පුදුමය පළකර ඇත.", "මාධ්‍ය අමතමින් ඉතා සංවේදී වූ තමීම් ඉක්බාල් පැවසුවේ \"මෙය මගේ අවසානය. මම උපරිමයෙන් රට වෙනුවෙන් දුන්නා. ඒ වගේම උපරිමය දෙන්න උත්සාහ කළා. මම මෙතැන් සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා.\" ", "ඊයේ ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ඔහුගේ අවසාන ජාත්‍යන්තර තරගය බවද තමීම් ඉක්බාල් පැවසීය", "වසර 16ක් පුරා බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තමීම් ඉක්බාල් එක්දින තරග 241කදී ලකුණු 8313ක් රැස්කරගෙන තිබුණි.", "එසේම ටෙස්ට් තරග 70කදී ඔහු ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 5134කි." ]
183,851
දේශීය ණය ප්‍රශස්තකරණයෙන් ඊටීඑෆ් සහ ඊපීඑෆ්වලට හානියක් නෑ - ශ්‍රී ලංකා බැංකු සංගමය
[ "දේශීය ණය ප්‍රශස්තකරණය හරහා වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිත වන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.", "එම සංගමයේ සාමාජික, ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා අවධාරණය කරන්නේ, මෙම දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සිදු නො කළේ නම්, සේවක අර්ථසාධක අරමුදල සහ එම අරමුදල්වල තිබූ මුදල් සේවකයන්ට අහිමි වීමේ අවදානමක් පැවති බව ය.", "ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.", "එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා, ", "''දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ අවශ්‍යතාව අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍ර අතර විශාල පරතරයක් තිබෙනවා.", "නිදහසෙන් පසුව වසර කිහිපයක් හැරුණු කොට ආනයනයෙන් අපට වියදම් වන ඩොලර් ප්‍රමාණයත්, අපනයනයෙන් අපට ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අතරත් විශාල වෙනස්කමක් තිබුණා. මෑත කාලය ගතතොත් වසරකට සිදු කරන ආනයනය සඳහා පමණක් ඩොලර් බිලියන විස්සක් අවශ්‍ය වෙනවා. නමුත් අපනයනයෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 12 ක් පමණයි. එම හිඟය පියවා ගැනීම සඳහා පැවැති ආණ්ඩු සිදු කළේ ණය ලබා ගැනීමයි. දිගින් දිගටම මෙවැනි ණය ගැනීමත්, එම වසරේ වෙළෙඳ ශේෂයට වඩා පෙර ගනු ලැබූ ණයවල පොලිය ගෙවීමට සිදුවීමත් නිසාත් විශාල අර්බුදයකට රට තල්ලු වුණා. ඒ හා සමගාමීව සංවර්ධන කටයුතුවලටත් ණය ලබා ගැනීමට සිදු වුණා.", "ශ්‍රී ලංකාවට රටක් ලෙස දරාගත හැකි ප්‍රමාණයට වඩා ණය ගැනීමට සිදුව තිබුණා. එහි ප්‍රතිඵලය 2022 අප්‍රේල් මාසය වන විට රටට දැනෙන්න පටන් ගත්තා. ඒ වන විට මහ බැංකු අධිපතිතුමාට ප්‍රකාශ කිරීමට සිදු වුණා ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපට සපයාගන්න බැරි වුණා. විදෙස් රටවල් අපට ණය දුන්නෙත් නැහැ. අවසානයේ ණය අර්බුදය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑවා.", "ඉන් පසුව රටේ ව්‍යාපාර හිමියන්ට, කර්මාන්තකරුවන්ට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා. ඇතැමුන්ගේ රැකියා පවා අහිමි වුණා. අවසානයේ මෙය සමාජ ගැටලුවක් බවට පත් වුණා. ජනතාව පාරට බැස අරගල කිරීමට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් යම්කිසි සහනයක් ලබා ගැනීමට රජයට සිදු වුණා.", "සැබෑ තත්ත්වය දෙස බැලීමේදී ණය ගෙවීමට අපට ආදායමක් නැහැ. ණය ගෙවීම ආරම්භ කිරීමට පෙර අප යම් වැඩපිළිවෙළකට යා යුතුයි. එම වැඩපිළිවෙළ සකස් කිරීම තමයි දේශීය ණය ප්‍රශස්තකරණයේදී සිදු වෙන්නේ. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ දී අමරිකානු ඩොලර් බිලියන 84ක ණයක් ගෙවන්න තිබෙනවා. මෙය දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණයවල සමස්ත එකතුවයි. ඩොලර් බිලියන අසූ හතරක් ගෙවන්න තරම් ආර්ථිකයක් ලංකාවට තිබුණෙ නැහැ. එම ණය මුදලෙහි පොලිය සෑම වර්ෂයේම ඉහළ නැංවෙමින් තිබුණා. ඒ අවස්ථාවේ තමයි ආර්ථික අර්බුදය ඇති වුණේ.", "මෙම ඩොලර් බිලියන 84 ක ණය ගෙවීමට අප යම්කිසි වැඩපිළිවෙළකට යා යුතුව තිබුණා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවකට පැමිණ යුතු වෙනවා. එසේ එකඟතාවකට පැමිණි පසු ණය කපා හැරීම සිදු කළ හැකියි. ණය කපා හැරීමේ දි තමයි දේශීය ණය ප්‍රශස්තකරණය කරලියට පැමිණියේ. මොකද කිසිඳු විදේශීය ණයකරුවෙක් කැමති වන්නේ නැහැ, දේශීය ණය ප්‍රශස්තකරණය නොකර ඔවුන්ගේ ණය පමණක් ප්‍රශස්තකරණය කිරීමට.", "මෙරට බැංකු තැන්පත්කරුවන්ට බලපෑමක් සිදු නොවන අයුරින් දේශීය ණය ප්‍රශස්තකරණයට රජය, මුදල් අමාත්‍යංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සහයෝගය ලබා දීම සතුටට කරුණක්. දේශීය ණය ප්‍රශස්තකරණයේදී තැන්පත්කරුවන්ට කිසිදු අලාභයක් හෝ බලපෑමක් ඇති නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම බැංකු පොලියටත් මෙයින් බලපෑමක් සිදු වෙන්නේ නෑ. ස්ථාවර තැන්පතු සඳහා අදාළ පොලිය වලංගු කාලය දක්වා ගෙවීමට බැංකු බැඳී සිටිනවා. එම ස්ථාවර තැන්පතු බලපෑමට ලක් වුණා නම්, අද වන විට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තබා නැහැ.", "විශ්‍රාම වැටුප් ගෙවීමට සහ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට බැදුම්කර විශාල ප්‍රමාණයක් ලබා දී තිබුණා . එම මුදල් රජය ලබා ගනිමින් සහන පොලියක් ලබා දී තිබෙනවා. මෙතැනදී භාණ්ඩාගාර බැඳුම්කර කපා හැරීමක් සිදු වෙන්නේ නෑ. ඒ සඳහා වන අනෙකුත් විකල්ප විසඳුම් දෙකක් භාවිතා කරනවා. එයින් එකක් වන්නේ පොලී අනුපාතය අඩු කිරීමයි. අනෙක ණය ගෙවීම කල්දැමීමයි. ඒ නිසා බැඳුම්කර කප්පාදුවට නොගිහින් ඊළඟ විකල්ප දෙක භාවිතා කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ.", "මේ නිසා ඊපීඑෆ්/ ඊටීඑෆ් ඇතුළු අරමුදල්වල තිබුණු සේවකයින්ගේ මුදල් සුරක්ෂිත වෙනවා.", "ඒ වගේම 2025 දක්වා මේ අරමුදල් සඳහා 12%ක පොලියක් ගෙවීමට රජය සහතික වී තිබෙනවා. ඉන්පසුව ගිණුම් කල්පිරෙන දිනය දක්වා 9%ක සහතික පොලියක් ගෙවනවා. ඇතැම් අයට තර්කයක් ගොඩනඟන්න පුළුවන් බලාපොරොත්තු වූ පොලී ආදායම ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මේ වන විට පොලී අනුපාත විශාල ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සේවක අරමුදල් සඳහා රජය සහතික වී තිබෙන පොලී මට්ටමටම වෙළෙඳ පොලියත් පැමිණේවි කියලා. උද්ධමනය අඩුවීමත් සමග සේවක අරමුදල්වලට රජය ලබාදෙන පොලි ආදායම ඉහළ ප්‍රමාණයක තිබෙනවා. කෙසේ වෙතත් මේ පොලී ආදායම් ප්‍රශ්නය බලපාන්නේ දායක අරමුදල් සඳහා පමණයි. අනෙකුත් අරමුදල් සඳහා අඩු වෙන මුදල අදාළ ආයතන මගින් පියවිය යුතුයි. එම නිසා සේවකයාට කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ.", "රට මුහුණ පා ඇති මෙම ආර්ථික අර්බුදය විසඳීමෙන් පසුව රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙනවා, උද්ධමනය අඩු වෙනවා. මෙම වැඩපිළිවෙළෙන් ආර්ථික වාසි රැසක් රටට ලැබෙනවා. රටට අවශ්‍ය භාණ්ඩ, ඖෂධ අපට පහසුවෙන් ලබාගත හැකි වෙනවා.", "ඉන්පසුව නව ව්‍යාපාර බිහි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. යම්කිසි කැපකිරීමක් කර අප ඒ තත්ත්වය උදාකරගත යුතුයි. එසේ නොවුණහොත් රට යළිත් ආර්ථික අර්බුදයකට පත්වීම වළක්වන්න බැහැ.", "ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සඳහා බැංකු සංගමය සහ දේශීය බැංකු සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව බැංකු පොලිය අඩු කිරිමට සැලසුම් කර තිබෙනවා. එම පොලී අනුපාත අඩු කිරීම ඉදිරි මාස දෙක තුළදී අපට දකින්න ලැබේවි. අඩු පොලිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, අපනයන කර්මාන්තයේ නියැළී සිටින්නන්ට මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ටත් තම ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බැංකු සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගයත් බැංකුවල තිබෙන එකමුතුකමත් නිසා මෙම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.", "රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට දායකවීමේ හැකියාවක් බැංකුකරුවන්ට තිබෙනවා. ඒ සඳහා බැංකුකරුවන්ට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. ඉදිරියේදී අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ණය මුදල් අඩු පොලී අනුපාතයක් යටතේ ලබා දිය හැකියි''", " " ]
183,852
හානිය...
[ "දිවුලපිටිය දාගොන්න සහ නැගෙනහිර දාගොන්න ප්‍රදේශයට ඊයේ (06) සවස 05.45 ට පමණ දැඩි සුළං තත්ත්වයක් බලපා තිබුණි.", "අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ප්‍රදේශයේ නිවාස 80 කට පමණ සුළං හේතුවෙන් දැඩි හානි සිදුවුණු බවය.", "ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුළඟින් හානියට පත් වූ නිවසකි.", "(ඡායාරූපය - දමිත් තිසර)" ]
183,853
නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
[ "මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (06) මරණීය දණ්ඩනය නියම කර තිබේ.", "කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දු ලබා දී ඇත.", "කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබේ.", "2016 වසරේ මැයි මස 27 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම විත්තිකාර නයිජීරියානු ජාතිකයාව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 744 ක් සමග කොළඹ, රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.", "පසුව රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ එහි අන්තර්ගත ශුද්ධ කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 245.19 බවය.", "දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇතිබව සඳහන් කළේය.", "විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ තමන් මෙම වරද සිදුනොකළ බවය.", "එම කරුණ ද සටහන් කරගත් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය." ]
183,854
කොළඹ මහාධිකරණය පෙත්සමක් ප්‍රතික්ෂේප කරයි
[ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන විමර්ශනයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.", "ඒ, බුදුදහමට අපහාස කළේ යැයි කියන සිද්ධියට සැකපිට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශවූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේ දැයි විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙනි.", "කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුනි.", "මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.", "පෙත්සම්කාර මාධ්‍යවේදියා කියා තිබුණේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවය.", "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට බලය පැවරී තිබෙන්නේ අභියාචනාධිකරණයට පමණක් බවත් එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එම පෙත්සමෙන් සඳහන් කර තිබේ.", "එහෙත් එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම තුන්වන පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කර ඇති බවය.", "එම විමර්ශනයේ සැකකරුවෙකු වශයෙන් පෙත්සම්කරු නම් කර නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, මහෙස්ත්‍රාත්වරයෙකුට තොරතුරක් ලද විට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියෝග නිකුත් කිරීමට හැකියාව පවතින බවද සඳහන් කළේය.", "එම විමර්ශනය යටතේ පෙත්සම්කරු සැකකරු වශයෙන් නම් කිරීම හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති හෙයින් මෙම අවස්ථාවේදී බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන බව විනිසුරුවරයා පෙන්වා දුනි.", "ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා නියෝග කළේය." ]
183,855
විදෙස් රටවලින් ලැබුණු අනෙක් ඇතුන්ට කුමක් වෙයිද?
[ "මෙරට ජීවත් වන හීලෑ අලි ඇතුන්ගේ සුබසාධනය සහ ඔවුන් රැක බලාගැනීම පිළිබඳ ඇති වී ඇති සංවාදය අද ඊයේ ඇති වූවක් නො වේ. ලාංකේය සංස්කෘතික සංදර්භයට අලියා සහ ඇතා දක්වන්නේ, අවියෝජනීය සබඳතාවකි. ", "ඇතා යනු, මෙරට සංස්කෘතිය තුළ සශ්‍රීකත්වය හා සෞභාග්‍යය සංකේතවත් කරන වස්තුවකි. තවත් ආකාරයකට එය රාජ්‍යත්වය ද පිළිබිඹු කරන්නකි. මඟුල් ඇතා යනු, රජුගේ නිල හස්තියා ය. දුටුගැමුණු රජුගේ නිල හස්තියා වූයේ, කණ්ඩුල ඇතා ය. එසේම ආරක්ෂක සේනාංකවලට ද අයත් නිල අලින් හා ඇතුන් සිටින බව හඳුනා ගත හැකි ය. ", "මෙරට සිටිනා අලින් හා ඇතුන් ආකාර දෙකකින් ලැබුණු බව හඳුනාගත හැකි ය. එකක් නම්, විදේශ රාජ්‍යයන්ගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු අලින් සහ ඇතුන් ය. අනෙක නම් මෙරට දී ම අල්ලාගෙන හෝ අල්ලාගත් අලින්ගෙන් ලැබුණු පැටවුන්ගෙන් හීලෑ කර ගත් සතුන් ය. ", "පෙරහර සංස්කෘතියට අත්‍යවශ්‍ය ම සත්ත්වයකු ලෙස අලියා සහ ඇතා හඳුනාගත හැකි අතර, ශ්‍ර්‍රි ද මාළිගාවේ ඇත් පන්තිය ඒ අතර සුවිශේෂ ය. මීට අමතර ව රුහුණු කතරගම පෙරහර, සමන් දේවාල පෙරහර ආදියට ද අලි ඇතුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය එකකි.", "මෙවැනි තත්ත්වයක් පැවතුණ ද මෙරට තුළ අලි ඇතුන්ගේ සුබසාධනය පිළිබඳ යහපත් තත්ත්වයක් අපේක්ෂා කිරීම උගහට වී ඇත. විශේෂයෙන් මෑතක දී කරළියට පැමිණි මුතුරාජා හස්තියාගේ සිදුවීම තුළින් උක්ත කාරණය මොනවට පැහැදිලි වෙයි. ", "මුතුරාජා හස්තියා තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ, 2001 වර්ෂයේ දී ය. මුතුරාජාට තායිලන්තයෙන් හිමි ව තිබූ නම 'සක්සුරීන්' වන අතර, ලංකාවට පැමිණෙන විට සක්සුරීන් වයස අවුරුදු 6ක පමණ කුඩා ඇත් පැටවෙකි. ", "මුතුරාජා අලුත්ගම කන්දේ විහාරය සිය වාසස්ථානය කොටගෙන වාසය කළ අතර, ලාංකේය පෙරහර සංස්කෘතිය විචිත්‍රවත් කිරීම සඳහා අවස්ථා කිහිපයක දී ම ස්වකීය තේජස් ඇත් ගමන පෑවේ ය.", "නමුත් මුතුරාජා පිළිබඳ කළු පැහැති ආරංචි සෙමෙන් සෙමෙන් පැතිරෙන්නට විය. වරෙක මහනුවර දළදා පෙරහරේ ගමන් ගන්නා විට මුතුරාජාගේ ගමන් විලාසයේ යම් අසාමාන්‍ය ස්වරූපයක් සත්ත්ව සුබසාධන ආයතනයක් වන \"Rally for Animal Rights and Environment (RARE)\" සංවිධානයට නිරීක්ෂණය වී ඇත. ", "එසේ ම මුතුරාජා හස්තිය පිළිබඳ පැමිණිලි ගණනාවක් ම සිය සංවිධානයට වරින් වර ලැබුණු බව ද එම සංවිධානය \"අද දෙරණ\" සමඟ පැවසීය. එම සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය අප සමඟ පැවසුවේ, අලුත්ගම කන්දේ විහාරය අවට සිටින විවිධ පුද්ගලයන්ගෙන් මෙන්ම කන්දේ විහාරය වැඳ පුදා ගැනීමට එන බැතිමතුන්ගෙන් ද මුතුරාජාගේ සුබ සාධනය පිළිබඳ නොයෙන් පැමිණිලි ලැබුණු බව ය. ", "මුතුරාජාගේ සිදුවීම පසුපස ඇති නීතික තර්කය මේ සියලු කාරණාවලට වඩා ප්‍රබල එකක් බව හඳුනා ගත හැකි ය. එම නීතික කාරණය සම්බන්ධ වන්නේ, විදේශ රටවලින් ලැබෙන අලි ඇතුන්ට ය. එනම් විදේශ රටවලින් මෙරටට ලැබෙන අලි ඇතුන් ලියාපදිංචි කිරීම පිළිබඳ ඇති ගැටලුව ය. මුතුරාජාගේ ගැටලුව ඇති වූ අවස්ථාවේ දී ඔහුගේ ප්‍රතිකාරවල වගකීම පිළිබඳ විමසූ විට, වනජීවී දෙපාර්තමේන්තුවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවත් උක්ත කාරණය සිය වගකීම් කලාපයෙන් බැහැර ව පවතින්නක් බව ප්‍රකාශ කළ බව පංචාලි පනාපිටිය පැවසුවාය. ", "එනම් මුතුරාජා හස්තියා ව මෙම කිසිදු ආයතනයක නීත්‍යානුකූල ව ලියාපදිංචි කර නැත. එබැවින් ඇතා පිළිබඳ කිසිදු කාරණයක් සඳහා මෙම ආයතනවලට මැදිහත් විය නො හැකි බව අදාළ ආයතන මගින් RARE සංවිධානය දැනුම්වත් කර ඇත. ", "මේ පිළිබඳ සොයා බැලීමේදී දැනගැනීමට හැකි වූ තවත් කාරණයක් වන්නේ, යම් අලියකු හෝ ඇතෙකු විදේශ රටකින් ගෙන්වා ගැනීමේ දී ඊට අදාළ බලපත්‍රය පමණක් රාජ්‍ය ආයතන තුළින් සපයන නමුත් සත්ත්වයාගේ ලියාපදිංචියක් එම ආයතන තුළ සිදු නොවන බවය. ", "මුතුරාජාගේ වගකීම කිසිදු ආයතනයක් විසින් නො දැරුවේ මෙම නීතික තර්කය නිසා යැයි පෙනීයයි. ඒ අනුව පෙනෙන්නේ, අදාළ රට හා ඇතා හිමි වන පන්සල, පූජා ස්ථානය හෝ වෙනත් මොනයම් ම හෝ ස්ථානයක් සමඟ එකිනෙකා අතර ඇති කර ගත් ගිවිසුමක් විනා වෙනත් බැඳීමක් නීත්‍යානුකූල ලෙස ඇතකු පිළිබඳව නොමැති බවය. ", "කන්දේ විහාරය සමඟ තායිලන්ත රජය ඇති කරගත් මුතුරාජා පිළිබඳ ගිවිසුම කඩවූ නිසා මුතුරාජා ව පෙරළා තායිලන්තයට ගෙන්වා ගැනීමට තායිලන්ත රජය කටයුතු කළේ, මෙම තත්ත්වය මත නිසා යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකි ය. තායිලන්ත රජයට මුතුරාජා පිළිබඳ දැනුම්වත් කිරීම ද පහසුවෙන් හා ඉතා කෙටි කාලයකින් කළ එකක් නොවන බවත් එය ලිපි ගණනාවක් හරහා දැනුම්වත් කිරීම තුළින් සිදුකළ දුෂ්කර ව්‍යායාමයක් වූ බවද RARE සංවිධානයේ සභාපතිනි පංචාලි පනාපිටිය \"අද දෙරණ\" සමඟ පැවසුවාය. ", "මෙම කාරණය තුළ ඇති අනෙක් බරපතළ කාරණය වන්නේ, මුතුරාජාගෙන් පමණක් මෙම ක්‍රියාවලිය අවසන් නො වීම ය. මුතුරාජා හැරුණු කොට තවත් ඇතුන් 09 දැනටමත් ලංකාව තුළ ජීවත් වන බව වාර්තා වෙයි. එනම් මේ සියලු ඇතුන් විදේශ රටවලින් මෙරටට ලැබුණු ඇතුන් ය. එම ඇතුන් 09දෙනා පහත පරිදි ය.", "තායිලන්තයෙන් ලැබුණු තායි රාජා දළඳා මාළිගාවට අයිති ඇතෙකි. තායිලන්තයෙන් ලැබුණු අනෙක් ඇතා කණ්ඩුල වන අතර, ඔහු කැලණි විහාරයට අයත් ඇතෙකි. කාවේරි රාජා සහ ඉන්දි රාජා ඉන්දියාවෙන් ලැබුණු ඇතුන් දෙදෙනෙක් වන අතර, ඔවුන් දෙදෙනාම අයිති වන්නේ දළදා මාළිගාවට ය. මියන්මාරයෙන් ඇතුන් පස් දෙනෙකු ලැබී ඇති අතර, ඉන් කෝට්ටේ රාජා කෝට්ටේ රජ මහා විහාරයේ ජිවත් වෙයි. මියන් කුමාර ඇතා බෙල්ලන්විල රජ මහා විහාරයට අයත් ඇතකු වන අතර, බුරුම රාජා දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් වූවෙකි. මියන් රාජා ද මියන්මාරයෙන් හිමි වූ ඇතෙකි. මේ අතරින් දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් කාවේරී රාජා පෙරහර කාර්‍යයන් සඳහා යොදා නො ගන්නා බව පංචාලි පනාපිටිය සඳහන් කළා ය. ", "මුතුරාජාගේ සිද්ධිය හරහා මෙම සෙසු ඇතුන් 09දෙනා පිළිබඳ යම් අදහසක් ලබා ගැනීම අපහසු නැත. මෙම අනෙක් ඇතුන් දස දෙනා, හිමිකාර විහාරස්ථානයන් මගින් මිය යන තුරු හොඳින් රැක බලා ගන්නවා නම් මෙතැන කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත. එසේ නොමැති ව ඔවුන්ට යම් ප්‍රතිකාරයක් හෝ හිරිහැරයක් වනවා නම්, ඒ ගැන වගකීමට කිසිදු ආයතනයක් මෙරට තිබෙනවා ද යන්න ගැටලු සහගත ය.", "මේ පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාරගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, විදේශ රටවලින් ලැබුණු සියලු අලි ඇතුන් ලියාපදිංචි කිරීම පිළිබඳ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ය. ඒ පිළිබඳව ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාගැනීමේ පනත යටතේ විමසිය හැකි බවද ඔහු සඳහන් කළේ ය. නමුත් ලියාපදිංචි කළ පමණින් අදාළ සත්ත්වයාගේ ජීවිතය පිළිබඳ කරුණුවලට මැදිහත්වීම කළ හැකි දැයි ඇසූ විට අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින නිසා ඒ ගැන කරුණු පැවසිය නො හැකි බවය. ", "අද (06) පැවති මාධ්‍ය හමුවක දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කළේ, ඕනෑම අලියකු හෝ ඇතෙකු බැඳ තැබීම නිසි පරිදි සිදු නොවන්නේ නම්, අදාළ සත්ත්වයාගේ බලපත්‍රය අවලංගු කිරීම සිදුකළ හැකි බව ය. නිසි ආකාරයට සත්ත්වයා බැඳ නොතැබීම මහජනතාවගේ ජීවිතවලට බාධාවක් වීම ඊට හේතුව බව ඔහු පැවසීය. ", "මෙම කාරණය තුළින් පැහැදිලි වන්නේ, මෙරට සිටිනා විදේශ අලි ඇතුන් සඳහා වනජීවී දෙපාර්ත්මේන්තුවෙන් ලබාදෙන බලපත්‍රයෙන් වැඩක් නැති බවද?" ]
183,856
පාස්කු සැකකරුවෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
[ "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරසිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.", "ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.", "ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බව විනිසුරුවරයා සඳහන් කළේය.", "මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්, ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.", "නමුත් මොහොමඩි ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයෙකු වන හිජාස් අහමඩ් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටී.", "මෙම විත්තිකරුවන් තුන් දෙනාට අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය." ]
183,857
ඉන්දියානු සංචාරක සමුළුව කොළඹදී
[ "ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සමුළුව මෙවර කොළඹදී ජුලි 06 සිට 09 දක්වා පැවැත්වීමට නියමිතය.", "ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වසර 18ක විරාමයකින් පසුව එය මෙවර පැවැත්වෙන බවය.", "මෙම සමුළුව වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කරමින් 700කට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.", "කලාපීය සංචාරක ජාලයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එය මෙවර පැවැත්වෙනු ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි." ]
183,858
දුරකථනයක් නිසා 15 හැවිරිදි සිසුවියක් වස බී මරුට
[ "ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන ඇත.", "මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව වාර්තා වෙයි.", "ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වන දා පාසලට ජංගම දුරකථනය රැගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි.", "පසු ව ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිවරයා විසින් සිය භාරයට ගෙන, එය නැවත ලබා දීම සඳහා පසු දින පියා සමඟ පැමිණෙන්නැ යි අවවාද කර ඇත.", "නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වෙයි.", "වස පානය කළ සිසුවිය ඉතා ඉක්මනින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඇය මිය ගිය බව සඳහන් ය.", "මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, 05 වැනි දා උදෑසන 06.30ට පමණ ශිෂ්‍යාව සිය නිවසේ දී වස පානය කර ඇති බව ය.", "මේ අතර, වාර්තා වන අන්දමට ඇය පවුලේ එක ම දරුවා බව ද ස්ථානාධිපතිවරයා පැවසීය.", " " ]
183,859
ලන්දේසීන් සතු මෙරට කෞතුක භාණ්ඩ 06ක් යළි ලබාදීමට පියවර
[ "නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාර එකතුවේ ඇති කෞතුක භාණ්ඩ 06ක් ශ්‍රී ලංකාවට අයත් ඒවා බව පර්යේෂණයකින් තහවුරුවී තිබේ.", "2022 වසරේ අප්‍රේල් මස සමාප්තියට පත්වූ දෙස් විදෙස් පර්යේෂකයින්ගේ සහභාගීත්වයෙන් මෙම පර්යේෂණය සිදුකර ඇත.", "මේ වනවිට එම කෞතුක භාණ්ඩ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබේ. ", "එම කෞතුක භාණ්ඩ 06 මහනුවර රාජධානී සමයට අයත් වන අතර ඒවා නැවත ශ්‍රී ලංකාවට පැවරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.", "එම කෞතුක භාණ්ඩ වන්නේ,", "රනින් නිමකළ කොපුව සහිත කස්තානයක්", "රිදියෙන් නිමකළ කොපුව සහිත කස්තානයක්", "රනින් නිමකළ පිහියක්", "මහ තුවක්කු 02ක්", "ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක්", " මෙම කෞතුක භාණ්ඩ 1765 වසරේ ලන්දේසීන් විසින් මහනුවර රාජ මාලිගාව වටලන දල අවස්ථාවේ දී \"ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම\" (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී ඇත.", " ඡායාරූප - ", "අදාළ නිවේදනය පහතින්,", " " ]
183,860
ප්‍රබල සූර්ය කුණාටුවක්
[ "පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන පොළොවට ළඟා විය හැකි බව නාසා විද්‍යාඥන් පවසයි.", "ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් \"අවුරෝරා\" ආලෝක දහරා ඇතිවිය හැකි බවය.", "මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවද නාසා විද්‍යාඥන් වැඩිදුරටත් පවසයි.", "සූර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සූර්ය කුණාටු ඇතිවීමට හේතුවෙයි.", "ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙම මස ආරම්භයේ සිට මේ දක්වා සූර්යාගේ ප්‍රබල කුණාටු කිහිපයක් සිදුව ඇති බවය.", " " ]
183,861
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව 19 වන දාට කල් යයි
[ "දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.", "ඒ අනුව පනත් කෙටුපතට අදාළ කාරක සභා අවස්ථාව එළඹෙන 19 දින තෙක් කල් තබන ලදි.", "පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වන දා පැවැත්වීමට නියමිත ය.", "දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දෙවන දිනයටත් පැවැත්වුණු අතර, විවාදයෙන් අනතුරු ව අදහස් දැක් වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ, මෙම පනත සම්මත කිරීම කල් දමන බව ය. ", "19 වන දා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු ව පනත සම්මත කරන බව ද ඔහු සඳහන් කර ඇත." ]
183,862
කොටුවේදී දුම්රියක් පීලි පනී
[ "මාතර සිට පැමිණි දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබේ.", "ඒ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දී ඇත." ]
183,863
වාණිජ බැංකු සහ මූල්‍ය අංශ වෙත මහ බැංකුවෙන් දැනුම්දීමක්
[ "ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.", "මහ බැංකුව අපේක්ෂා කරන්නේ මෙම තීරණයත් සමග විශේෂයෙන් වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යනු ඇති බවය.", "ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 11ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩුවෙයි.", "එමෙන්ම මේ දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමේ වාසිය වාණිජ බැංකු සහ මූල්‍ය අංශ විසින් මහජනතාව වෙත ලබාදීම ප්‍රමාණවත්ව සිදුනොවී මන්දගාමීව සිදුවන්නේ නම් මුදල් මණ්ඩලය විසින් සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව මහ බැංකුව පැවසීය.", "එසේම ජුලි මස උද්ධමනය සියයට 07 තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි." ]
183,864
කුඩු නිලූ ගේ පුතාව කපාකොටා ඝාතනය කෙරේ
[ "ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී කුඩු නිලූ නම් කාන්තාවගේ පුත්‍රයාව ඊයේ (06) පස්වරුවේ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.", "පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා නාගලගම්වීදිය ඔස්සේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පසුපස තවත් ත්‍රීරෝද රථයකින් ලුහුබැඳ ඇති බවය.", "ඒ පිළිබඳව සැකසිතී තරුණයා ත්‍රීරෝද රථයෙන් බැස දිවයෑමට උත්සාහ කරන අතර එම අවස්ථාවේදී පහරදීමට පැමිණි පිරිස ඔහුට පන්න පන්නා පහර දෙන අයුරු අසල වූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.", "පසුව තරුණයා කැපුම් තුවාල සහිතව, දිවි බේරාගැනීම සඳහා අසලවූ වෙළෙඳසැලකට දිවගොස් එහි සැඟවී තිබේ.", "එම ස්ථානයට ද පැමිණි පිරිස ඔහුට කඩුවලින් පහරදෙන අයුරු ද CCTV කැමරාවක සටහන්වී ඇත.", "පහරදීම සඳහා පැමිණි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම එම ස්ථානයෙන් පළායෑමෙන් පසුව, බරපතළ තුවාල ලබා සිටි තරුණයා ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කළද ඔහු එහිදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.", "එලෙස මියගියේ වැල්ලම්පිටි, වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.", "පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි අනාවරණවී ඇති අතර, මියගිය තරුණයාද ඔහුව ඝාතනය කිරීම සඳහා පැමිණි රූප රාමුවල සිටින එක් පුද්ගලයෙකුට මුදල් ආරවුලක් හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.", "සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරයි." ]
183,865
නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
[ "ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.", "තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය.", "එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය.", "නායක Richie Berrington ස්කොට්ලන්තය වෙනුවෙන් ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත්විය.", "අගනා පන්දු යැවීමක නිරත වූ Bas de Leede කඩුලු 5ක් බිඳහෙළීමට සමත්විය.", "පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.", "එහිදී මෙම තරගය පුරා අනසක පතුරමින් තරගයේ වීරයා වූ Bas de Leede පිත්තෙන් ද දස්කම් දක්වමින් හයේ පහර 5ක් සහ හතරේ පහරා 7ක් සමග ලකුණු 123ක් රැස්කළේය.", "Vikramjit Singh ලකුණු 40ක් රැස්කිරීමට සමත්විය.", "අවසානයේ පිටියට පිවිසි Logan van Beek කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයමින් ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත්විය." ]
183,866
ජනපති ලේකම්ගෙන් නියෝගයක්
[ "පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා නිල වශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.", "ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා එම ලිපියේ පිටපත් කථානායකවරයා ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ද යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.", " " ]
183,867
නතාෂා ව මුදාහරී
[ "කොළඹ මහාධිකරණය විසින් ඊයේ (05) ඇප මත මුදාහැරීමට නියෝග කළ නතාෂා එදිරිසූරිය ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු අද (06) මුදාහැර තිබේ.", "මෙලෙස ඇය ඇප මත මුදාහැරුණේ අත්අඩංගුවට ගෙන දින 39කට පසුවය.", "\"මෝඩාභිමානය\" නමින් කොළඹ පැවති වැඩසටහනකදී ආගමික සමගියට බාධා වන අන්දමේ ප්‍රකාශ කිරීම සහ වෛරය පැතිරවීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නතාශා එදිරිසූරිය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළේය.", "එහිදී තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ සැකකාරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවය.", "ඒ අනුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි නතාෂා එදිරිසූරිය අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු ඇය ඇප මත මුදාහැරුණි." ]
183,868
4MMC මත්ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු
[ "ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවු නව මත්ද්‍රව්‍ය විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයාගෙන තිබුණි.", "විදෙස් රටවල ධන කුවේරයින් භාවිත කරන, 4MMC නමැති මෙම මත්ද්‍රව්‍ය විශේෂය අයිස් මත්ද්‍රව්‍ය මෙන් 6 ගුණයක් ප්‍රබල බව පොලීසිය පවසයි.", "හඳුනානොගත් මත්ද්‍රව්‍ය විශේෂයක් සම්බන්ධ ජාවාරමක් පිළිබඳ වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (05) පස්වරුවේ මොරටුව සමන්පුර ප්‍රදේශයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක් වැටලනු ලැබීය.", "එහිදී, අදාළ කෝටිපති ව්‍යාපාරිකයාගේ 29 හැවිරිදි පුත්‍රයා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණි.", "පොලීසිය සඳහන් කළේ 4MMC ලෙස හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය ලොව පුරා ධන කුවේරයින් භාවිත කරන එකක් වන අතර, ඒවා මෙරටින් හමුවූ පළමු අවස්ථාව මෙය බවය.", "සැකකරු සතුව තිබී අදාළ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඔහු ඒවා ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළ අසුරමින් සිටි බවද පොලීසිය සඳහන් කරයි.", "අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව, අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ප්‍රධාන සැකකරු වන තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකුව අත්තිඩියේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.", "ව්‍යාපාරිකයා එම අවස්ථාවේදී රුපියල් ලක්ෂ 10ක මුදලක් පොලීසියට ලබාදීමට උත්සාහ කරන ආකාරය කැමරාවේ සටහන්වී ඇත.", "ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගුවන් තැපෑල මගින් මෙරටට ගෙන්වන මෙම මත්ද්‍රව්‍ය, මොරටුව සමන්පුර ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වෙත ලබාදීමෙන් පසු ඔහු ඒවා සුක්ෂම ලෙස සෙල්ලම් බඩු තුළ අසුරන බවය.", "අනතුරුව එම මත්ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු, අත්තිඩියේ ව්‍යාපාරිකයා විසින් මාලදිවයිනට යවන බවටද පොලීසියට තොරතුරු හෙළිවී තිබේ.", "මොවුන් දෙදෙනා මෙම ජාවාරමට අමතරව කුෂ් නමැති මත්ද්‍රව්‍ය ද ජාවාරම්කරන බව අනාවරණවී ඇති අතර එම ජාවාරම්වලට ආධාර අනුබල ලබාදුන් තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගැනුණි.", "පොලීසිය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය මෙතෙක් මෙරටින් හමුනොවීම නිසා ඒවායේ වටිනාකම තවමත් සඳහන් කළ නොහැකි බවය.", "මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව සහ දෙහිවල යන පොලිස් ස්ථාන වෙත බාරදී තිබේ.", "අනතුරුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව අද දිනයේදී මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබාදුනි." ]
183,869
Bas de Leede’sගෙන් ක්‍රිකට් ලොව පෙරළියක්
[ "ස්කොට්ලන්ත ලෝක කුසලාන බලාපොරොත්තුව සුනුවිසුණු කරමින් නෙදර්ලන්තය අද පැවති තරගය ජයගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.", "එහිදී නෙදර්ලන්ත ජයග්‍රහණයේ නියමුවා මෙන්ම තරගයේ වීරයා වෙමින් ක්‍රිකට් පිටියේ සිය සුපිරීම දක්ෂතාවය දැක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක Bas de Leede’s සමත්විය.", "එහිදී ඔහු ස්කොට්ලන්තයේ කඩුලු 5ක් දවාගැනීමට සමත්වූ අතර ශතකයක් රැස්කිරීමට ද සමත්විය.", "පන්දුවාර 10ක් යොමුකළ Bas de Leede’s ලකුණු 52කට කඩුලු 5 දවාගත්තේය.", "පන්දුවට පහරදෙමින් සිය උපරිමය ඉටුකළ Bas de Leede’s එහිදී පන්දු 92කදී ලකුණු 123ක් රැස්කළේය.", "ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.", "එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දක්ෂතාවයක් දැක්වූ සිව්වන ක්‍රීඩකයා වන්නේ ඔහුය.", "ඒ අනුව මීට පෙර එක් තරගයකදී කඩුලු 5 ක් දවාගනිමින් ශතකයක් රැස්කරගැනීමට සමත්ව ඇත්තේ Viv Richards, Paul Collingwood සහ Rohan Mustafaයි.", "Bas de Leede’s කඩුලු 5ක් දවාගත් අයුරු මෙතැනින්", "Bas de Leede’s ශතකයක් රැස්කළ අයුරු මෙතැනින්", "නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි", " " ]
183,870
තායිලන්තයේ සිටි පක්ෂීන් තිදෙනෙක් ලංකාවට රැගෙන එයි
[ "“ද්විත්ව කරමල් කැසොවරි” පක්ෂීන් තිදෙනෙකු තායිලන්තයේ සත්වෝද්‍යානයක සිට අද (06) මෙරටට රැගෙනවිත් තිබේ.", "ඒ ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය සමග ඇති කරගත් සත්ත්ව හුවමාරු ගිවිසුමකට අනුවය.", "මෙලෙස ශ්‍රී ලංකාවට ලැබුණේ මාස 09ක් පමණ වයසැති පිරිමි කැසොවරි පක්ෂීන් දෙදෙනෙකු සහ එක් ගැහැණු කැසොවරි පක්ෂියෙකි. ", "කැසොවරි පක්ෂීන් ලොව දරුණුතම පක්ෂි ගණයට මෙන්ම, ලොව දෙවැනි විශාලතම පක්ෂීන් කාණ්ඩයට ද අයත් ය.", " " ]
183,871
කංසා වගාව ගැන රජයේ තීරණය මෙන්න
[ "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.", "අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා නව පනත් කෙටුම්පතට අදාළ කරුණු පැහැදිලි කළේය.", "එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,", "\"නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන.\"" ]
183,872
අදත් වැස්ස
[ "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.", "ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.", "ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.", "මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.", " " ]
183,874
අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ
[ "නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.", "දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවරගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.", "නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබේ." ]
183,875
පොලිස්පති පත්කරන අයුරු රජය පැහැදිලි කරයි
[ "පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.", "රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය.", "‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.", "රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා", "\"රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබාගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.\"", " " ]
183,876
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසක් සමග අද තරග බිමට
[ "එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.", "තරගය අද මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හිදී ආරම්භවීමට නියමිතය.", "බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන්ඉරියව් ක්‍රිඩක ජේසන් හෝල්ඩර් සහ වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් යළි කොදෙව් රාජ්‍ය බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම තරගය සඳහා ඔවුන් සහභාගී නොවන බව වාර්තා වෙයි.", "අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව පැවසෙයි.", "කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටයේ අඛණ්ඩව තරග 08ක් ජයගනිමින් මේ වනවිටත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ." ]
183,877
නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි
[ "තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.", "පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලාබූ බව පැවසෙන අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.", "මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 45ක් පමණ වන තලෙළු සමක් ඇති, කළු සහ සුදු මිශ්‍ර හිසකෙස් සහිත, උස අඩි 05යි අඟල් 04ක් පමණ වූ කාන්තාවක් බව පොලීසිය පවසයි.", "ඇය උඩුකයට සුදු හැට්ටයක් සහ යටිකයට ලා දම් පැහැති සායක් ඇඳ සිටින බවද සඳහන් කරයි.", "මෘතශරීරය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත." ]
183,878
සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්
[ "සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.", "අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ." ]
183,879
නඩුවට අදාළව ධනුෂ්කගෙන් විශේෂ ඉල්ලීමක්
[ "සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවය.", " " ]
183,880
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
[ "කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.", "එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ." ]
183,881
පහරදීමකට සම්බන්ධ 11ක් අත්අඩංගුවට
[ "ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.", "පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවය.", "ට්‍රැක්ටර් රථය ගමන් කරන මාර්ගයේ බාධක යොදා ඔවුන්ගේ ගමන අඩාල කර එකවරම මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.", "සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ත් 35ත් අතර වයසේ පසුවන වෙල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන්ව ය.", "මන්නාරම යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සඳහා සහභාගී වී නැවත යමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි." ]
183,882
අස්වැසුම නව නිර්ණායක ලැබෙන තුරු දීමනා අඛණ්ඩව
[ "නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත.", "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ය.", "කෙසේ වෙතත් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 04 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.", "මේ වන විට අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ අභියාචනා 760,000ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.", "එමෙන්ම විරෝධතා 10,000ක් ද ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.", "අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචිවීමට නො හැකි වූවන්ට මෙන්ම අලුතින් සම්බන්ධවීමට අදහස් කරන අයට වාර්ෂික ව අවස්ථාවක් සැලසීමට ද රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව අගෝස්තු මාසයේ දී මේ සඳහා යළිත් අවස්ථාව ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.", "රජයේ උත්සාහය වඩාත්ම අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කර සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම සහ තිරසාර බව සහතික කිරීම බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියි." ]
183,883
විදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්නේ මෙහෙමයි
[ "විදුලිබල පනත ප්‍රකාරව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ජුලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟවී ඇතැයි විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය පවසයි.", "එම සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවකට එක්වූ ආචාර්ය, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් ගෙවිය යුුතු පොලිය ප්‍රථමයෙන් ගෙවන ලෙස තමන් ඉල්ලීමක් කරන බවය.", "ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා,", "\"ඒ පොලිය අයිති විදුලි පාරිභෝගිකයින් ට. නමුත් ඒ අයිතිය විදුලිබල මණ්ඩලය ලබාදුන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් ලොකු සටනක් කරන්න වුණා. ඒ තුළින් හැකියාවක් ලැබුණා විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ලබාගන්නා තැන්පතුව වෙනුවෙන් දෙන පොලිය ගෙවන බවට. විදුලිබල මණ්ඩලය පොරොන්දු වුණා ජුලි මාසයේ සිට පොලිය ලබාදීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒකත් කොටස් දෙකකට. මුලින්ම විශාල ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහා. ජනවාරි සිට කුඩා ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහාත්. ඒකෙනුත් පොඩි මිනිහට තමයි පහර ගහන්නේ. අපි ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු සඳහාවූ පොලී මුදල් මුලින්ම ගෙවන්න කියලා.\"" ]
183,884
බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි
[ "පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි.", "සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.", "කෙසේවෙතත් ඊයේ (06) දිනය වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් පෙන්වා දෙයි.", "බිත්තර සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය විසින් අඛණ්ඩව වැටලීම් සිදුකළ අතර ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් ද ඇතිවිය.", "පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගැනීමත් සමග යළිත් වරක් දේශීය බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරිමට තොඟ ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබුණි.", "ආනයනික බිත්තර බේකරි සඳහා පමණක් ලබාදීමට තීරණය කිරීමත් සමඟ මේ වනවිට යළිත් වරක් වෙළෙඳපොළ තුළ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වෙයි.", "ආනයනික බිත්තර දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තේ නම් දේශීය බිත්තර මෙලෙස අධික මිල ගණන් යටතේ අලෙවි නොකෙරෙන බවද සඳහන් ය.", "එමෙන්ම පාලන මිල පනවා මාස කිහිපයක් ගතවීම හේතුවෙන් ද මෙලෙස බිත්තර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.", "පාලන මිලක් නියම කරනු ලබන්නේ උපරිම මාස තුනක් සඳහා පමණ වන අතර එම කාලය ඉක්මවා යාමත් සමඟ පාලන මිල නියම කරනු ලැබු භාණ්ඩයේ මිලද ඉහළ යනු ලබයි.", "කෙසේවෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ වැඩිමිලට බිත්තර අලෙවිකරන ව්‍යාපාරිකයින් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන බවය." ]
183,885
Twitter සහ Threads අන්තර් ජාල අවකාශයෙහි ගැටෙයි
[ "මෙටා සමාගම විසින් දියත් කරන ලද Threads මෙවලමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී ඊලොන් මස්ක් පවසයි.", "ජූලි 05 වනදා දියත් කරන ලද Threads මෙවලමට මේ දක්වා ග්‍රාහකයින් මිලියන 30කට වඩා එක්වී ඇති බව සඳහන් ය.", " ", "මෙටා සමාගම පවසන්නේ Threads මෙවලම, ට්විටර් ට සමාන මිත්‍රශීලී මෙවලමක් බවය.", " ", "ට්විටර් ප්‍රධානී ඊලොන් මස්ක් පැවසුවේ, \"තරගකාරීත්වය හොඳයි. වංචාව නරකයි...\" යනුවෙනි.", "නමුත් නීතිමය ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙටා සමාගම පවසා ඇත්තේ ට්විටර් සමාගමේ හිටපු සේවකයින් Threads මෙවලම නිර්මාණය කිරීමට උදව් වූ බවට එල්ලකර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.", "මේ අතර ට්විටර් සමාගමේ නීතිඥයා වන ඇලෙක්ස් ස්පිරෝ බදාදා මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවමින් චෝදනා රාශියක් එල්ලකර තිබුණි.", "එහි සඳහන් ව ඇත්තේ \"බුද්ධිමය දේපොළ\" කපටි සහ නීතිවිරෝධී ලෙස අවභාවිත කර ඇති බවය.", "ට්විටර් සමාගමේ වෙළෙඳ රහස් සහ අතිශය රහස්‍ය තොරතුරු ගැන අවබෝධයක් ඇති හිටපු ට්විටර් සේවකයින්ව මෙටා සමාගම බඳවා ගෙන ඇති බවටද එම එම ලිපියෙන් තවදුරටත් චෝදනාකර තිබේ.", "ඔහු පවසන්නේ එම සේවකයින්ගේ සහයෙන් \"Copycat\" මෙවලමක් නිර්මාණය කර ඇති බවය." ]
183,886
වැග්නර් කැරැල්ලේ වීරයන් නොසිටි බවට බෙලරූස් නායකයාගෙන් ප්‍රකාශයක්
[ "වැග්නර් කුලී හමුදා කැරැල්ල තුළින් කිසිදු වීරයකු බිහි නොවූ බව බෙලරූස් රාජ්‍යයේ නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අවධාරණය කරයි.", "මින්ස්ක් හී පිහිටි නිදහස් මන්දිරයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ලුකෂෙන්කෝ කළ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.", "කෙසේ වෙතත් වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් මේ වනවිට නැවත රුසියාවට පිටව ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.", "පසුගිය සතිඅන්තයේ රුසියානු රාජ්‍ය රූපවාහිනිය, වැග්නර් කැරැල්ල හා සම්බන්ධ සිදුවීම තුළ රුසියානු නායක වැලැද්මීර් පුටින් වීරයකු ලෙස හුවා දක්වා තිබිණි.", "නමුත් බෙලරූස් නායක ලුකෂෙන්කෝ පවසන්නේ, වැග්නර් කැරැල්ලෙන් වීරයන් බිහි නොවූ බවය. ", "\"මේකෙන් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. මේ වගේ සන්නද්ධ කණ්ඩායම් නිර්මාණය කරන්නේ නම්, අපි ඔවුන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි,\" යනුවෙන් ලුකෂෙන්කෝ සඳහන් කරයි." ]
183,887
අලුත් පොලිස්පති කෝ ? ඩලස් විමසයි
[ "ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි.", "පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.", "පොලිස්පති ධුරය ට අදාළ පත්කිරීම සමහරවිට පැය 48කටත් පෙර ජනාධිපතිවරයා විසින් ගැනීමට ඉඩ තිබෙන බවද ඔහු කීය." ]
183,888
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
[ "ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ අවසාන තරගය අද (07) පැවැත්වෙයි.", "ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතරය.", "මෙම තරගයේ ප්‍රතිඵලය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා බල නොපායි. ", "ඒ මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඒ සඳහා සුදුසුකම් ලබා අවසාන නිසා ය.", "හරාරේ හි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.", "ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය.", "මෙම තරගය සඳහා සහන් ආරච්චි සහ දුශාන් හෙමන්ත ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.", "වනිඳු හසරංග ව සහ ධනංජය ද සිල්වා මෙම තරගය සඳහා විවේක ගන්වා තිබුණි." ]
183,889
බදුල්ල මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වෙයි
[ "බදුල්ල මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.", "මේ හේතුවෙන් සීටී ස්කෑන් සිදුකර ගැනීමට රෝගීන් මොණරාගල හෝ නුවරඑළිය මහ රෝහල වෙත යොමුකිරීමට සිදුවන අතර, ඒ වෙනුවෙන් රජයට විශාල මුදලක් දැරීමට සිදුව ඇති බව ද වාර්තා වී ඇත.", "බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට විශාල රෝගීන් පිරිසක් පැමිණෙන අතර, ඉන් බහුතරයකට සී.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වන්නේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුකිරීම සඳහායි. ", "නමුත්, රෝහල සතු ව දැනට පවතින සීටී ස්කෑන් යන්ත්‍රය පසුගිය 6 වන දා සිට අක්‍රීය වී ඇත.", "එය 2021 මැයි මාසයේ දී සවිකර ඇති අතර, එහි ඇස්තමේන්තුගත කාලය අවසන් වීමට නියමිත ව තිබුණේ ද ඉකුත් මැයි මාසයේදීයී." ]
183,890
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට පස් දෙනෙකු අත්අඩංගුවට
[ "ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළෙඳසලක් තුළ දී 'නාගලන් වීදිය කුඩු නිලූ' නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ පුත්‍රයාව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පෙරේදා (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වාර්තා කරයි.", "එම සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.", "මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි තරුණයෙකි.", "මෙම පහරදීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලකට මීට මාස කීපයකට ඉහත දී ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයකුට මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.", "අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු එම පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.", "අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය නාගලන් වීදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි." ]
183,891
මූල්‍ය ආයතන ගැන ෆිච් රේටිංග්ස් අනාවැකියක්
[ "ශ්‍රී ලංකාව යෝජනා කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා බලපෑමක් ඇති නොවන බව වාර්තා වෙයි.", "ෆිච් රේටිංග්ස් ආයතනය පවසන්නේ එමගින් මූල්‍ය ආයතනවල අරමුදල්වලට සහ ද්‍රවශීලතාවයට බලපෑමක් සිදුනොවන බවය." ]
183,892
පාකිස්තානයේ තවත් ඛේදවාචකයක්
[ "පාකිස්තානයේ සිදුවූ වැලි කඳු නායයෑමකින් ළමුන් 08 දෙනෙකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.", "වැලි කන්ද නායයන අවස්ථාවේ ඒ ආසන්නයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි ළමුන් පිරිසක් එලෙස අනතුරට ලක්වී ඇත.", "වැලි කන්ද නායයෑමෙන් මියගිය පස් දෙනෙකුගේ සිරුරු පළමුව සොයා ගෙන තිබේ.", "අනතුරුව සිදු කළ සෝදිසි කිරීම්වලදී වැලි අතර තිබී තවත් සිරුරු කිහිපයක් සොයා ගෙන ඇත. " ]
183,893
ණය ගෙවීමට ඉන්දියාවෙන් වසර 12ක්
[ "ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.", "ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd's සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවය." ]
183,894
බාල ඖෂධ ගැන සජබය WHO වෙත පැමීණිලි කිරීමට සැරසෙයි
[ "ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ඇතුළු මෙරට සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.", "අද (07) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.", "ඖෂධ භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇති වීම් සහ පුද්ගලයන් මිය යෑමේ සිදුවීම් පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී ම වාර්තා විය.", "පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ පාදයේ සැත්කමකට ලක් වූ කුඩා දරුවෙක් මෙසේ මිය ගිය අතර, ආසන්න ම සිදුවීම ලෙස අක්ෂි සැත්කමකට ලක් වූ 35 හැවිරිදි කාන්තාවක් මිය යාම හඳුනාගත හැකි ය.", "ඇයගේ මරණය නිර්වින්දන ඖෂධයක් නිසා හෘදය වස්තුව අකර්මන්‍ය වී සිදු වූ එකක් බවට විවිධ වාර්තා පළ වී තිබුණි.", "කෙසේ වෙතත් මෙම මිය යෑම්වලට හේතු විමර්ශනය සඳහා මේ වන විට ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වෙයි." ]
183,895
කොලිවුඩයේ අලුත්ම සිද්ධියෙන් ඉන්දියාව කැලඹෙයි
[ "කොලිවුඩ් සිනමාවේ නිලි රැජින ලෙස ඔටුනු දරාසිටින නයනතරා සම්බන්ධයෙන් මේ දිනවල තමිල්නාඩුව කළඹමින් පුවත් වාර්තා වෙමින් පවති.", "ඒ අතරින් ප්‍රේක්ෂකයින්ගේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ඇය මීළඟට වැඩ ආරම්භ කිරීමට නියමිත චිත්‍රපටය දෙසටය.", "ඇය මෙලෙස සිය රංගනයෙන් දායකවන්නේ සිනමාවට මුල්වරට පා තැබූ ඩූඩ් විකී නම් ආධුනික අධ්‍යක්ෂවරයෙකු යටතේය.", "ඩූඩ් විකී (Dude Vicky) තමිල්නාඩුවේ ප්‍රසිද්ධ Youtuber කෙනෙකි. ", "ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය, නායනතරා රංඟනයෙන් දායකවීමට නියමිත මෙම චිත්‍රපටය යි.", "ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙකු වුවත් චිත්‍රපට අධ්‍යක්ෂණය කර නොමැති අතර නයනතරා වැනි නිලියක් ඔහු වැනි ක්ෂේත්‍රයට ආධුනික අධ්‍යක්ෂකවරයෙකු සමග වැඩ කටයුතු කිරීම කොලිවුඩ් ප්‍රේක්ෂකයින් මවිතයට පත්කර තිබෙන කරුණකි.", "මෙම චිත්‍රපටයේ පළමු රූගත කිරීම එළඹෙන 14 වනදා සිදුකිරීමට නියමිත අතර එහි ප්‍රධාන චරිතය නයනතරා විසින් රඟදක්වනු ඇත.", "චිත්‍රපටයේ නම තවමත් රහසක් වන නමුත් එය නයනතරාගේ රඟ දක්වන චරිතය මුල් කරගනිමින් ගෙතුනු කතාවක් බව වාර්තා වෙයි.", "මෙම චිත්‍රපටයේ ඇය සමඟ කොලිවුඩයේ ප්‍රධානතම ප්‍රහසන නළුවෙකු වන යෝගි බාබු ද රංගනයෙන් දායකවන බව සඳහන් වෙයි.", " " ]
183,896
අමරකීර්ති ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්
[ "පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 32ක් ජුලි මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අද අධිකරණය නියෝග කළේය.", "එම සැකකරුවන් ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.", " " ]
183,897
ප්‍රදේශ 03ක ආරක්ෂාව තර කෙරේ
[ "අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.", "පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ සඳහා යොදවා ඇත. ", "දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.", "ඒ අනුව බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඌරගස්මන්හංදිය, බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් සොයාගෙන ඇත.", "මෙම නිවසේ තාවකාලිකව රැඳි සිටි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගොස් සිටි සෙබළෙකු බවට තොරතුරු වාර්තා වී ඇත.", "සැකකරු සොයා පරීක්ෂණ පවත්වන අතර අදාළ යුද හමුදා නිලඇදුම් කට්ටල ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාරදී තිබේ." ]
183,898
පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
[ "රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති \"ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත\" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.", "පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා එය ගොනුකර තිබුණි.", "එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.", "නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ආයුර්වේද පනතට නව සංශෝධන එක් කිරීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් ඉකුත් 05 වනදා රජය විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවය.", "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ආයුර්වේද විෂය පළාත් සභාවට අනුයුක්ත විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.", "ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි බව පෙත්සම්කරු පවසයි.", "අදාළ සංශෝධන පනත් කෙටුම්පතෙහි 2, 3, 4, 9, 10, 29, 31, 32 ,42, 44 සහ 46 යන වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි." ]
183,899
රොක්සිවත්තේ රංජිට අන්තිමට සිදුවූ දේ මෙන්න
[ "පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත්‍රයාට පිහියක් පෙන්වා මාලයක් කොල්ලකෑ රොක්සි වත්තේ රංජි නමැති සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.", "සැකකරු විසින් එහිදී කොල්ලකන ලද මාලයද එහිදී ඔහු සතුව තිබී සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.", "අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේදීය.", "පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත්‍රයා සිය මිතුරියක් සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක සිටියදී සැකකරු විසින් මෙලෙස උල්පිහියක් පෙන්වා තර්ජනය කර තිබුණි.", "එහිදී සැකකරු විසින් ඒ මහතා සතුව තිබූ රුපියල් 160,000ක් පමණ වටිනා සුදු රත්‍රන් මාලය කොල්ලකා පළාගොස් තිබුණි.", "සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක් අතරතුරදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.", "සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.", " " ]
183,900
දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට
[ "ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.", "කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත", "ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවය." ]
183,901
පාසල් සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
[ "පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.", "කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (07) එම නියෝගය සිදු කලාය.", "කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක කාමරයක් තුළ ජනේලයකින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මැයි 06 වනදා එලෙස මියගොස් තිබුණි.", "දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය මෙසේ රිමාන්ඩ් කර තිබේ.", "මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටි සැකකරුව ද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.", "ඒ ලබන 21 වනදා දක්වා ය." ]
183,902
2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී
[ "2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය මෙම වර්ෂාවසානයට පෙර පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.", " ", "මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර, එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.", "මේ අතර, දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කරයි.", "විභාග සංවිධාන කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි සිදු කරන අතර, සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දීම අත්හිටුවන ලෙස සියලු ම පළාත් හා කලාප කාර්යාලවලට දන්වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.", "පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධ ව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැති ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමඟ එක් ව අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් පද්ධතිය තුළ දී ම ස්වාධීන ව සිදු කරගත හැකි බව ය." ]
183,903
ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ කවුද ?
[ "වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.", "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ රජයේ මුදල් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ, සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව එම පෙත්සම් ගොනුකර තිබුණි.", "අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.", "මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය.", "ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විගස රුපියල් බිලියන 600ක පමණ බදු කපාහැරීම තුළින් රාජ්‍ය ආදායමෙන් සියයට 35ක් පමණ අහිමි වූ බවය.", "මෙසේ කපාදමූ බදුවලින් සහන ලැබුණේ බහු ජාතික සමාගම්වලට බවත් සුවිශාල සමාගම්වල ලාභ මේ හේතුවෙන් කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගිය බවත් ඔහු සඳහන් කළේය.", "මෙම බදු සහනය තුළින් සාමාන්‍ය ජනතාවට කිසිදු යහපතක් නොවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා රජයේ විගණකාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ ද මේ බව සඳහන් කොට ඇතැයි පැවසීය.", "මෙම බදු කපා හැරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් ඔහු පැවසීය." ]
183,904
මීදුම...
[ "මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින්කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පවති.", "එම නිසා හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය යන ප්‍රධාන මාර්ගවල රථ වාහන ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇත.", "ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ප්‍රදේශ මීදුමෙන් වැසි ඇති ආකාරයි.", "(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)" ]
183,905
සම්පූර්ණ වැටුප නොගෙවීම නිසා සේවකයෝ සභාපතිව සිර කරති
[ "රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් විසින් ඔහුගේ කාර්යාලය තුළ සිර කරගෙන සිටි බව වාර්තා විය.", "එම සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාල දොරටුව ඉදිරිපිට බිම වාඩිවී සිටියේය.", "රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයකයින්ට ජූනි මස වැටුපෙන් කොටසක් තවමත් නොගෙවීම හේතුවෙන් ඔවුන් එසේ කර තිබුණි." ]
183,906
ශ්‍රි ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්
[ "2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි හය දෙනාගේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව අද (07) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගයට පිවිසි අතර, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙවුවන් පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය.", "කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් කොදෙව් පිල පළමුව පන්දුවට පහර දුන් අතර, කොදෙව් ඉනිම වෙනුවෙන් කීසි කාති ලකුණු 87ක් ලබා ගත්තේ ය.", "පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය." ]
183,907
කාන්ති ගුණතුංග දිවි ගමනින් සමුගනී
[ "සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.", "මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය.", "නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.", "සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්‍රපට සඳහා රංගනයෙන් එක්විය.", "වර්ෂ 1960 දී විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව කෙන්යාව බලාගිය ඇය සිනමාවෙන් ඈත් විය.", "පසුව ශ්‍රී ලංකාවට පැමිණි කාන්ති ගුණතුංග සැලමුතු පින්න චිත්‍රපටයට යළි රංගනයෙන් එක්විය.", "අනතුරුව ටෙලිනාට්‍ය රංගනයටද පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය සිරියලතා, පූජා සහ විශ්ව ගමන යන ටෙලිනාට්‍ය රංගනයෙන් හැඩ කළේය." ]
183,908
සංචාරක කර්මාන්තයේ හෙට දවස ගැන ජනපතිගෙන් සුබ පණිවිඩයක්
[ "ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.", "ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලැසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බව ද පැවසීය.", "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.", "දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.", "'දේශසීමා ඉක්මවා යාම' තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව, ජූලි මස 06 වන දා සිට 09 වන දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත ය.", "ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක් ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයකි." ]
183,909
දුම්රිය හරස් මාර්ගයක් ගැන දැනුම්දීමක්
[ "මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව 35 අසල මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් හෙට (08) දිනයේ වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.", "ඒ අනුව, හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දන්වා ඇත.", "මෙම මාර්ගය වසා තබන කාලය තුල එම මාර්ගය හරහා ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව දනුම් දී තිබේ.", " " ]
183,910
කිලිනොච්චිය සලිත කළ බිළිඳු මරණ
[ "කිලිනොච්චිය දිස්ත්‍රික් මහරෝහලේ අලුත උපන් බිළිඳුන් දෙදෙනෙකුගේ මරණ සහ මළ දරු උපත් දෙකක් පසුගිය සතියක කාලය තුළ වාර්තා වී තිබුණි.", "උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමූර්ති මහතා පැවසුවේ අදාළ මරණවලට හේතුවූ කරුණු නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කෙටි කාලයක් තුළ බිළිඳු මරණ 04ක් මෙලෙස වාර්තා වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවය.", "මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ", "වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය." ]
183,911
බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට
[ "බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හිටපු හමුදා උපලුතිතන්වරයකු වසර හයකට පසු අද (07) පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.", "ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ දී ඔහු මෙම ඝාතනය සිදුකර තිබුණි.", "සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කර ඇති නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පළාගිය අයෙකි.", "සැකකරු විවාහයන් දෙකක් කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවැන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.", "2017 වර්ෂයේ මාර්තු 26 වනදා සැකකරුගේ දෙවැන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපන ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය ගිය තැනැත්තාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.", "මිය ගොස් ඇත්තේ, ආණමඩුව-තෝනිගල-කුමාරගම පදිංචිව සිටි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නමැති බස් රථ රියදුරෙකි.", "මිය යන විට ඔහු 36 වන වියේ පසු වූ අයකු බව සඳහන් ය.", "සැකකරුගේ බිරිඳ මෙම මිය ගිය පුද්ගලයා සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු එම සබඳතාව නවතා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ඇති බව වාර්තා වෙයි.", "නමුත් බිරිඳ දිගින් දිගට ම එම ඇසුර පැවැත්වීම ඉවසාගත නොහැකිව සැකකරු මෙම ඝාතනය කර ඇති බව සඳහන් ය.", "කෙසේ වෙතත් සැකකරු පොලීසියෙන් මිදී පළාගොස් ඇති අතර, ඔහු කලක සිට ව්‍යාජ නම්වලින් පෙනී සිට ව්‍යාපාර ද රැසක් කර ඇති බව වාර්තා වෙයි.", "සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ආණමඩුව පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි." ]
183,912
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර
[ "සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.", "සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී ඇත.", "ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ පිළිබඳ ගැටලු, ඖෂධවල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් වී ඇත.", "සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව කඩිනමින් සොයා බලා යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ද සාගල රත්නායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.", "නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරීම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද ඒ මහතා පවසා ඇත.", "ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමය තුළ ඳී සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවී ඇති අතර මෙම වසර ආරම්භයේ සිට එම හිඟ මුදල් ක්‍රමානුකූලව පියවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කටයුතු කර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණි.", "දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් මූල්‍යනය කිරීම සඳහා ඇති දුෂ්කරතාවයන් සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ජා කොට හැකි උපරීම සහාය ලබාගැනීමටද මෙම සාකච්ජාවේදී තීරණය වී ඇත.", "සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් කවර හෝ රෝගියෙකුට යම් පීඩාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ නිදහසට කරුණු ප්‍රකාශ කර සිටීමෙන් වැළකී රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එහිදී අවධාරණය කර සිටියේ ය." ]
183,913
දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු අත්අඩංගුවට
[ "දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.", "මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකි.", "අද උදෑසන එම පුද්ගලයා මෙලෙස අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර ඇත.", "අනතුරුව මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් තාක්ෂණ ඒකකය විසින් අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පියවර ගෙන ඇත.", "සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර සංචාරක පොලිස් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
183,914
සියයට 3000කට වැඩි මිලකට ලංකාවට ගෙන්වූ කුරුල්ලෝ
[ "සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍ය බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.", "2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 3000ක පමණ වැඩි මුදලක් වැයකර ඇති බවට අනාවරණය වීමත් සමග කෝපා කමිටුව එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන් වෙයි.", "ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබුණි.", "එහිදී විගනකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ මිලදී ගැනීම් පිළිබඳව කරුණු දැක් වූ අතර කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා ඒ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන්ගෙන් කරුණු විමසීය.", " " ]
183,915
පැතුම්ගෙන් ශතකයක්
[ "ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවැත්වෙන තරගයේ දී අගනා ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකියාව ලැබිණි.", "දැවී යන විට ඔහු ලකුණු 104ක් ලබාගෙන සිටි අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 114ක් පමණි.", "ඔහුගේ ඉනිම අලංකාර හතරේ පහර 14කින් වර්ණවත් විය." ]
183,916
ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවෙන්
[ "ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.", "භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඩොලර් 900,000ක් බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේය.", "ඔහු දෙදරු පියෙකි." ]
183,917
ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
[ "ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.", "2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය.", "එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ම පැමිණෙමිනි.", "සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය.", "කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.", "කොදෙවුවන් වෙනුවෙන් පළමුව පිති අතට ගත් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස්, පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟුවේ, මහීෂ් තීක්ෂණ හට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලියා දෙමිනි.", "ලකුණු 10ක් ලබා සිටි බ්‍රෙන්ඩන් කිං දැවී ගියේ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුව කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි.", "ශමාහ් බෲක්ස් ලකුණු 20ක් ලබා සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ, මහීෂ් තීක්ෂණගේ ම පන්දුවක් හමුවේයි.", "සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ, ශෙයි හෝප්ව ද ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දී ප්‍රේක්ෂකාගාරය වෙත හරවා යැවීමට සමත් විය.", "කොදෙව් ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා සිටිය දී දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය.", "නිකලස් පූරන් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගියේ කණ්ඩායමට අලුතින් කැඳවූ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේය.", "කයිල් මේයර්ස් සහන් ආරච්චිගේ විසින් යොමු කළ පන්දුවකින් ලකුණු 18කට දැවී යද්දී රොස්ටන් චේස් දුෂාන් හේමන්තගේ පන්දුවකට එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ය.", "අට වන කඩුල්ල ලෙස රොමාරියෝ ශෙපර්ඩ් දැවී ගියේ, නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ මැද ඉන්න මත දැවටෙමිනි.", "දැවී යන විට ඔහු ලකුණු 26ක් ලබා සිටියේ ය.", "නව වන කඩුල්ල ලෙස කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.", "කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.", "ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේ ය.", "පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.", "සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.", "ඒ අනුව බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 243ක් පමණි.", "පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණි.", "පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.", "පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔහු වටිනා ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේ ය.", "ඒ අනුව පන්දුවාර 44යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් රැස්කරගනිමින් ශ්‍රී ලංකාව තරගයේ ජය තහවුරු කරගත්තේය." ]
183,918
දරු දෙදෙනා සමග සියදිවි හානිකරගන්න හැදූ පියා අත්අඩංගුවට
[ "කොළොන්නාව තොග ගබඩා නිමාව ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයෙකු සිය දියණියන් දෙදෙනා ද සමඟ ගිනි තබාගෙන දිවි නසාගන්නා බව පවසමින් ඊයේ (06) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබුණි.", "ඒ පොලීසියෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්ය.", "ඔහු පෙට්‍රල් බෝතල් දෙකක් ද ළඟ තබාගෙන මාර්ගය මැද හිඳගෙන මෙලෙස විරෝධතාවයේ නිරතව සියේය.", "කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහිදී එම ස්ථානයට පැමිණ ඔහුට කරුණු පැහැදිලි කරදුන්නේය. ", "එහෙත් එහිදී එම පුද්ගලයා සිය ඇඟට පෙට්‍රල් වත්කර ගැනීමට උත්සාහ කළ අතර පොලීසිය එය වැළැක්වීමට දැරුවේ මහත් පරිශ්‍රමයකි. ", "ඒ අතරතුර ඔහුගේ දස හැවිරිදි සහ හත් හැවිරිදි දැරියන් දෙදෙනා මුදාගැනීමට පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දැරුවේය.", "පසුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.", "ඒවන විටත් සැකකරු ඇඟට පෙට්‍රල් වත්කරගෙන සිටි බව පොලීසිය පැවසුවේය.", "සැකකරු සතුව තිබූ උල් පිහියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.", "කුඩා දියණියන් දෙදෙනාව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබීය.", "එම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංක දෙක ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරුට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු පදිංචි මීතොටමුල්ල නිවසට ගොස් ඇති බවය.", "එහිදී සැකකරු පිහියක් පෙන්නා පළාගොස් ඇති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය එහිදී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.", "ඉන් තැතිගත් සැකකරු පොලීසිය බිය කිරීම සඳහා දිවි නසාගැනීමට මෙලෙස උත්සාහ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.", "නිවාස බිඳීම් ඇතුළු චෝදනා රැසක් සැකකරුට එල්ලවී ඇති අතර ඔහු පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.", "සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී සිටීම නිසා ඔහුගේ බිරිය, කුඩා දැරියට වසරක් පමණ වන විට ඔවුන් අතහැර දමා ගොස් ඇති බව පොලීසිය පවසයි.", "මේ අතර ඊයේ රාත්‍රියේ සිට පොලිස් ආරක්ෂාව යටතේ සිටි කුඩා දියණියන් දෙදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමු කිරීමෙන් පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.", "සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.", "ඔහුගේ දියණියන් දෙදෙනා පරිවාස නිලධාරීන් හරහා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට අධිකරණය නියෝග කළේය." ]
183,919
අපේක්ෂා රෝහලේ ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර නතර වෙයි
[ "පිළිකා රෝගීන් බොහෝ පිරිසක් සිය ජීවිතය රැකගැනීම වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ මහරගම අපේක්ෂා රෝහලටය.", "එළෙස පැමිණෙන රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීමට රෝහල සතුව යන්ත්‍ර ගණන 5 කි.", "ඉන් කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතවෙයි. ", "ලියුකේමියා රෝගයට ගොදුරු වූ පුංචි දරුවන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට මෙම යන්ත්‍රයෙන් දිනකට ප්‍රතිකාර සිදුකෙරුණි.", "මෙම දරුවන්ට අමතරව පොරොත්තු ලේඛනයේ තවත් බොහෝ පිළිකා රෝගි දරුවන් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට සිටින බවත් වාර්තා වෙයි.", "ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර එම දරුවන්ගේ භාරකරුවන්ද මේ වනවිට මහත් මානසික පීඩනයකට ලක්ව ඇත. ", " " ]
183,920
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
[ "2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.", "විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවය.", "ඊට අදාළ නිවේදනය පහතින්." ]
183,921
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
[ "බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.", "වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.", "ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.", "මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන, පැ.කි.මී. (40-45) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ." ]
183,922
මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි
[ "මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට කළු ඇට රෝගය නමැති රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන කේ.බී ගුණරත්න මහතා පවසයි.", "මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ, මෙම රෝගය දිලීර නිසා ඇති වන කරල් හට ගන්නා අවස්ථාවේ පවතින තත්ත්වයක් බව ය.", "මෙම දිලීර රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් මේ සඳහා දිලීර නාශක කඩිනමින් යෙදීම වැදගත් වන අතර, එසේ නොමැති වුව හොත් ව්‍යාප්ත වීමේ අවදානම දැඩි විය හැකි බව ද ඔහු වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.", "ගොවීන් විසින් භාවිත කරන ප්‍රමිතියෙන් තොර දිලීර නාශක හා පළිබෝධ නාශක භාවිත කිරීම හේතුවෙන් මෙම රෝගය තවත් උත්සන්න විය හැකි බව ද ඒ මහතා අවධාරණය කරයි." ]
183,923
කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට
[ "කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසයි.", "එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතු ව ඇති බව ය.", "මෙම වර්ෂය තුළ කොළඹ නගරය තුළින් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 2,138ක් වාර්තා වී ඇති බවත් එයින් වැඩි ම රෝගීන් ගණනක් කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත.", "\"විශේෂයෙන්ම කොළඹ නගරය තුළ විශාල ප්‍රමාණයක් අලුතින් ඉදිකරන ගොඩනැඟිලි තිබෙනවා. කොළඹ නගරය තුළ ඩෙංගු ව්‍යාප්තිය සැහෙන දුරට පාලනයකට නතු කරගෙන තිබෙනවා. නමුත් ඉදිරි සති 2ක තවදුරටත් තීරණාත්මකයි. මොකද මෝසම් වැසි සක්‍රීය වෙන නිසා\" යනුවෙන් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි." ]
183,924
මන්නාරම් වෙරළට විශාල ටග් බෝට්ටුවක් ගසාගෙන එයි
[ "ඉන්දියාවට අයත් යැයි සැලකෙන විශාල ටග් බෝට්ටුවක් ඊයේ (07) මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බව තලෛමන්නාරම් පොලිසිය වාර්තා කරයි.", "පොලිසිය පවසන්නේ, වෙරළ සීමාවට ගොඩගසා තිබු එය නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඇදගෙන වෙරළට රැගෙන ආ බව ය.", "නැව්වලට භාණ්ඩ පැටවීමට හා ජලය වැනි දේ රැගෙන යාමට මෙම ටග් බෝට්ටු භාවිත කරන බව නාවික නිලධාරින් සඳහන් කරයි.", "ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය මත අදාළ යාත්‍රාව එලෙස මෙරට වෙරළ ගොඩගසන්නට ඇති බව තලෙයිමන්නාරම ප්‍රදේශවාසීන් පවසයි.", "සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය හා තලෙයිමන්නාරම නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇත." ]
183,925
ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්
[ "පසුගිය මාසයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයේ සේවකයන් තිදෙනෙකු මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.", "විදෙස් වාර්තා සඳහන් කරන්නේ, සංඥා අංශයේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවන් දෙදෙනෙකු සහ කාර්මික ශිල්පියකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.", "මිනීමැරීමට සමාන නො වන සාපරාධී මනුෂ්‍ය ඝාතන සහ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ එම නිලධාරීන් ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.", "විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ, මොවුන් තිදෙනාගේ ක්‍රියාකලාපය අනතුරට තුඩු දෙන බව විමර්ශනයේ දී හෙළි වී ඇති බව ය.", "අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන දුම්රිය ආරක්‍ෂක කොමසාරිස්වරයා පසුගිය සතියේ සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දෝෂ එයට වගකිව යුතු බවට ප්‍රකාශ කර තිබිණි.", "මෙම දුම්රිය අනතුරින් පුද්ගලයන් 293 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 1000කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි." ]
183,926
විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්
[ "විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 සීමාව ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.", "එහි සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් මේ වසරේ දී කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව ය.", "2022 වසර තුළ 311,000කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවත් මේ වසර තුළ කටාර්, කුවෙට්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් 4ට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් යොමු වීමේ ප්‍රවණතාවක් ඇති බවත් සමාන්‍යාධිකාරිවරයා අවධාරණය කරයි.", "\"ඊට අමතර ව අපි දකිනවා රුමේනියාව සහ ජපානය කියන රටවල් දෙකටත් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු වෙලා තියෙනවා. සමස්තයක් ලෙස ගත්තාම ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විදේශගත වන ප්‍රවණතාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, වැඩි වශයෙන් කුසලතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා යොමු කිරීමට\" යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි." ]
183,927
ජූනි මාසේ ලැබුණු ඩොලර් ගැන හෙළිදරව්වක්
[ "2023 ජුනි මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 475යි ද‍ශම 7ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.", "මැයි මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 479යි දශම 7ක් ලෙස වාර්තා වී තිබිණි.", "කෙසේ වෙතත් පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂ ව මෙම වසරේ දී සැලකිය යුතු අගයකින් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් ඇත.", "2022 වසරේ ජුනි මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 274යි දශම 3ක් ලෙසයි.", "මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2822යි දශම 6ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි." ]
183,928
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට
[ "පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.", "එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බව ය.", "\"පසුගිය කාලයේ දී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ඉහළ නංවලා තිබුණා රුපියල් 50,000 වගේ දැඩි ප්‍රමාණයකට. නමුත් ගාස්තුව අවලංගු කරලා මේ වන කොට අපේ කර්මාන්තකරුවාගේ කාර්මාන්තය තියෙන දුර ප්‍රමාණය අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අවමය රුපියල් 15,000ක් සහ උපරිමය රුපියල් 35,000ක් වන නව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවක් අපි හඳුන්වා දීලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින්. සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මධ්‍ය පරිසර අධිකාරියට පාඩුවක් සිදුනොවන ආකාරයට ඒ වගේම කර්මාන්තකරුවන්ට සහනයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කරලා තියෙනවා'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය." ]
183,929
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මොල්ලිගොඩ භූතයා අත්අඩංගුවට
[ "වාද්දුව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දුව මොල්ලිගොඩ ග්‍රාම සංවර්ධන පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වාද්දූව පොලිසිය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.", "අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 21ක තරුණයකු වන අතර, ඔහු වාද්දුව මහා විහාර පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.", "අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතු ව හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 200ක් තිබුණ බව වාර්තා වී ඇත. ", "මොහු මෙම යතුරුපැදියෙන් ගොස් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරත වී සිට ඇති අතර, මීට පෙර ද ඔහුට හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ නඩු කටයුතු කිහිපයක්ම විභාග වෙමින් පැවති බව වාර්තා වෙයි.", "සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි." ]
183,930
චීනය රත්වෙයි
[ "මේ දිනවල චීනය තුළ පවතින උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "ඒ අනුව පසුගිය සති දෙක තුළ චීනයෙන් දින 05 කදී වාර්තා ගත උෂ්ණත්වයක් වාර්තාවී ඇත.", "එය 1951 වසරින් පසුව චීනයේ පැවැති උෂ්ණාධික දින කිහිපය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.", "ඉකුත් බ්‍රහස්පතින්දා චීනයේ බීජිං නුවර උෂ්ණත්වය වර්තාවී ඇත්තේ සෙල්සියස් අංශක 40 ක් ලෙසය.", "බීජිං නුවර බලධාරීන් එදින රතු නිවේදන හා තෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ", "අධික ජනාකීර්ණ කලාපයක් වන උතුරු දිග චීනය දැඩි උෂ්ණත්වය හමුවේ වැඩි පීඩාවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙයි." ]
183,931
මෙරට හීලෑ අලි-ඇතුන් ගැන විශේෂ ආරංචියක්
[ "ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.", "එහි ලේකම් දම්සිරි බණඩාර කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ, අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත ස්ථාන ඇති කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ය.", "පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ තිබෙන රෝහලේ උපකරණ හැර වෙනත් විශේෂිත ස්ථානයක් අලි ඇතුන්ගේ ප්‍රතිකාර සඳහා මෙරට නොමැති බව එම සංගමයේ අදහසයි.", "ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවල අලි ඇතුන් සඳහා වෙනම රෝහල් සහ අනෙක් පහසුකම් පවතින බවත් විවිධ රෝග සඳහා මෙනම විවිධ ශල්‍යකර්ම සඳහා ද උපකරණ ශල්‍යාගාර ආදිය සකස්කර ඇති බවත් ඔවුන් අවධාරණය කරයි." ]
183,932
ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනම් කෙරේ
[ "ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට දෛනිකව ඇසුරුම් 90,000ක ධාරීතාවයෙන් සිදුකරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය පවසයි.", "එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළ අමුද්‍රව්‍යවල හිඟකම හේතුවෙන් නිෂ්පාදනය අඩාල වූ බවය.", "ත්‍රිපෝෂ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ද තාක්ෂණික උපකරණයක් යොදා ගන්නා බව දීප්ති කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.", "\"නියමිත ප්‍රමිතියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව අපේ විශේෂ පරීක්ෂණාගාර තිබෙනවා. මේ මැතකදී ඇෆ්ලටොක්සින් පරීක්ෂා කරන්න මැෂින් එකක් ගෙනාවා. ත්‍රිපෝෂවල එහෙම මට්ටමක නෑ.. ඒ දත්ත අනුව ඒ මට්ටමින් එහාට යන සියල්ල අපි අයින් කරනවා. ඇට තොරා ගැනීමේදීත් අයින් කරනවා. අනයනය කිරීමේදීත් මේවා ගෙනැල්ලා හාබර් එකේ තිබිලා අපේ ගබඩාවලට එනකොටත් ඇෆ්ලටොක්සින් ප්‍රමාණය වෙනස් වෙනවා. අපි ඒ එකක්වත් භාරගෙන නෑ. අපිට දිලා තිබෙන සීමාව තියෙන්නේ 30ක් කියලා. අපි ඒ සීමාව 10 ට ගන්නේ. නීතියේ හැටියට 29 දක්වා ගන්න පුළුවන්. අපි එහෙම ගන්නේ නෑ. මොකද මේක කොහොම හැදුවත් අවසන් නිමැවුම ඒ අගය වෙනස් වෙනවා.\"" ]
183,934
අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට
[ "අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට", "ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් මිය ගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.", "ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සියල්ල පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමුකර ඇති බවයි.", "ජාතික අක්ෂි රෝහලේ පසුගිය 4 වන දා ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතෙන් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් කොස්ගොඩ පදිංචි දෙදරු මවක් මිය ගියා ය.", "ඒ සමඟ අදාළ නිර්වින්දන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වූ අතර, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා එක්ව ඊයේ (07) මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.", "එහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන සඳහන් කළේ, මිය ගිය කාන්තාවගේ හෘදයේ වස්තුව සීයට අසූවක් පමණ අවහිර වී තිබූ බවත් නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසු ඇයගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වූ බවත් ය.", "ඒ අනුව අදාළ නිර්වින්දන ඖෂධය ලබා දීම නිසා ම ඇයගේ මරණය සිදු වූ බවට නිගමනය කළ නො හැකි බව ඔහුගේ ස්ථාවරයයි.", "කෙසේ වෙතත් එම නිර්වින්දන ඖෂධයේ තත්ත්වය පිළිබඳ ඉදිරි පර්‍යේෂණ කටයුතු කිරීමට නියමිත බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.", "මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සැත්කමෙන් පසු මියගිය හිමාලි ප්‍රියදර්ශනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා." ]
183,935
තමීම් ඉක්බාල් යළි ක්‍රිකට් පිටියට
[ "ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් හදිසියේ සමුගැනීමට තීරණය කළ බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කිරීමට ඊයේ (07) තීරණය කර ඇත.", "ඒ බංග්ලදේශ අගමැතිනී ෂික් හසීනාගේ ඉල්ලීමකට ගරු කරමිනි.", "බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පසුගියදා තීරණය කර තිබුණි.", "ඔහු මෙම හදිසි තීරණය ගෙන තිබුණේ ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය බංග්ලාදේශය ලකුණු 17කින් පරාජයට පත්වී තිබූ පසුබිමකය.", "වසර 16ක් බංග්ලාදේශය නියෝජනය කළ තමීම් ඉක්මාල් සිය සමුගැනීම මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කළේ, ලෝක කුසලාන තරගාවලියට තවත් මාස 3ක් තිබියදීය.", "සිය සමුගැනීම මාධ්‍යයට ප්‍රකාශ කිරීමේදී තමීම් ඉක්බාල් සංවේදී වන ආකාරයක් ද එහිදී දක්නට ලැබුණි.", "කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් හදිසියේ සමුගැනීමට තීරණය කළ තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට ඊයේ තීරණය කළේ ය.", "විදේශ මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනාගේ ඉල්ලීමක් මත තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ඉවත්කර ගත් බවය.", "තමීම්ට යළි ක්‍රිකට් පිටියට පිවිසෙන්නැයි ඉල්ලා එරට ක්‍රීඩාලෝලීන් ද උද්ඝෝෂණවල නිරතවී තිබුණි." ]
183,936
පොලිස්පති ධුරය ගැන අලුත් ආරංචියක්
[ "පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇති බවට අද (08) මාධ්‍ය වාර්තා කර තිබුණි.", "කෙසේවෙතත් ඒ මහතාට මෙතෙක් නිල වශයෙන් ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දී නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.", "පොලිස්පතිවරයාව සිටි සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 03ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුනී.", "එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් විය.", "ඒ අනුව අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නැත." ]
183,937
තවත් ආනයන කිහිපයක් ඉදිරියේදී නිදහස් කෙරේ
[ "මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවත් එය ඉදිරියට එලෙසම පවතිනු ඇති බවට නිර්ණය කරන බවත් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.", "අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර ආනයන සීමා ද ලිහිල් කර ඇති බව සී.එන්.බී.සී විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා පැවසීය.", "\"මීට පෙර පැවැති තත්ත්වය හා වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී දැන් කිසිඳු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන හා ගෑස් මිලද දැන් පහළ යමින් පවතිනවා. රජය දැන් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා.\"", "\"සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇතිවී ඇති බවයි. ඒ වගේම රුපියල මේ වසරේ ගතවු කාලයේදී ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම ඔබට දැක ගත හැකියි කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉතා ධනාත්මක ලෙස පවතිනවා. ඒ නිසා පාරිභෝගිකයින්ගේ රුචිකත්වය ඉහළ යාමත් සමග ඉල්ලුමද දැන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැක ගත හැකි අතර එය ඉදිරියටම එලෙසම පවතිනු ඇති බවට අපි සිතනවා.\"" ]
183,938
ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ දිවයිනට
[ "ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා එළැඹෙන සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.", "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.", "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 20 වන දා නිල සංචාරයක් සදහා නවදිල්ලියට යෑමට සැලසුම් කර තිබෙයි.", "ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙයයි.", "මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.", "මේ අතර, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් එක්වීමට නියමිතයි." ]
183,939
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඩ්‍රෝනයානය කඩාවැටෙයි
[ "මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ඩ්‍රෝනයානයක් පාකිස්තානයේ ලාහෝර් නුවර ප්‍රදේශයකදී කඩාවැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.", "සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ එම ඩ්‍රෝනයානයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් හයක් පමණ රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.", "එය ගොවියෙකුට අයත් ඉඩමකට කඩාවැටී ඇතැයි ද වාර්තා වෙයි.", "අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.", "කඩා වැටුණු ඩ්‍රෝනයානයේ කොටස් සහ එහි ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇතැයි ද සඳහන් ය.", "ඩ්‍රෝනයානය ක්‍රියාත්මක කළේ කුමන ප්‍රදේශයක සිටද සහ එය ගමන් කළේ කුමන ප්‍රදේශයකට ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය." ]
183,940
යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීමේ තීරණය ජෝ බයිඩන් අනුමත කරයි
[ "යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීම සඳහා ඇමරිකාව විසින් ගෙන ඇති තීරණය අනුමත කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව බීබීසී වාර්තා කරයි.", "යුද්ධය සඳහා යුක්‍රේන හමුදාව සතු අවි බලය සෙමෙන් අඩු වන බව ද වාර්තා වන අතර, යුක්‍රේන නායක වොලැදිමීර් සෙලෙන්ස්කි විසින් ඩොලර් මිලියන 800 (පවුම් මිලියන 626) වටිනා යුධෝපකරණ පැකේජය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර ඇති බව ද සඳහන් වෙයි.", "පසුගිය සතියේ යුක්‍රේන හමුදා ප්‍රධානී වැලරි සලුසීනි ප්‍රකාශ කර තිබුණේ, ප්‍රමාණවත් ආයුධ බලයක් නොමැති නිසා යුද්ධයේ තත්ත්වය අඩපණ වී ඇති බවත් බටහිර විසින් පොරොන්දු වූ ආයුධ ලබා දීම ඉතා මන්දගාමී ව සිදු වන්නක් බවත් ය.", "කෙසේ වෙතත් මෙම පොකුරු බෝම්බ දැනටමත් රටවල් 120කට අධික සංඛ්‍යාවක තහනම් කරන ලද ආයුධ විශේෂයකි.", "නමුත් අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සිකුරාදා පැවති ධවල මන්දිර සාකච්ඡාවේ දී අවධාරණය කර ඇත්තේ, ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියාව විසින් දැනටමත් යුද්ධය සඳහා භාවිත කරන පොකුරු බෝම්බ තරම් භයානක නොවන බව ය.", "ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පවසන්නේ, මෙම තීරණය හරහා සිවිල් වැසියන්ට ඇති විය හැකි අවදානම සලකා මෙතෙක් කල් මෙම තීරණය ගැනීම ප්‍රමාද කළ බව ය. ", "මෙම ගැටුම අතරතුර කිසිවිටකත් අමෙරිකාව යුක්‍රේනය තනි නොකරන බව ද ඔහු අවධරාණය කර ඇත.", "කෙසේ වෙතත් ලබන සතියේ ලිතුවේනියාවේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර මෙම තීරණය පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන් සමඟ කතා බහ කළ යුතු බව ජෝ බයිඩන් සීඑන්එන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.", "නමුත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්‍යාලයය වෙනුවෙන් අදහස් දැක්වූ මාර්තා හතාඩෝ සඳහන් කරන්නේ, මෙම පොකුරු බෝම්බ භාවිතය වහාම නැවැත්විය යුතු බවත් ඒවා කිසිදු ස්ථානයක භාවිත නොකළ යුතු බවත් ය.", "එක්සත් ජනපදයේ රුසියානු තානාපතිවරයා ද ජෝ බයිඩන්ගේ මෙම තීරණය පිළිබඳ විවේචනාත්මක අදහස් පළකර ඇත.", "අමෙරිකාවේ වරදින් අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අසාර්ථක යුදෝපකරණවලින් පුපුරායාමේ අවදානමක් ඇති බව ඔහු අවධාරණය කරයි.", "කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන බාබරා ලී සහ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන බෙටී මැකලම් ද මෙම තීරණය දරුණු අත්වැරැද්දක් බව පවසා ඇත.", "මැසචුසෙට්ස් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජිම් මැක්ගවර්න් පවසන්නේ, මෙම ගැටුම් අවසන් වී බොහෝ කලකට පසුවත් මෙවැනි යුධෝපකරණවලින් සිවිල් වැසියන්ට ඇති අවදානම නැති නොවන බවය.", "නේටෝ මිලිටරි සන්ධානය පොකුරු බෝම්බ සම්බන්ධයෙන් කිසිදු ස්ථාවරයක් නොගත් බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා ඇත.", "එවැනි උපකරණ භාවිතා කිරීම, නිෂ්පාදනය කිරීම, මාරු කිරීම හෝ ගබඩා නොකිරීමට එකඟ වෙමින් පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතියක් පැවතුණ ද එක්සත් ජනපදය, යුක්රේනය සහ රුසියාව ගිවිසුමේ පාර්ශවකරුවන් නොවන බව ඔහු සඳහන් කරයි." ]
183,941
කොල්ලකරු සමග සටන් කළ කත මුදල් පසුම්බිය රැකගනී
[ "කොටවිල, මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි කොල්ලකරුවෙක් තැපැල් කාර්යාලයේ නිලධාරිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර තැපැල් කාර්යාලයේ තිබූ මුදල් පැහැරගෙන යෑමට උත්සාහ කර තිබේ.", "ඊයේ (07) පස්වරුවේ එම සිදුවීම වාර්තාවී ඇතැයි කොටවිල පොලීසිය පවසයි.", "නාඳුනන පුද්ගලයෙකු යතුරුපැදියකින් තැපැල් කාර්යාලය වෙත පැමිණ මුද්දර මිලදීගැනීමට අවශ්‍ය බව පවසා ඇත.", "එහිදී නිලධාරිනිය මුද්දර ලබාදීම සඳහා යන අවස්ථාවේදී ඇයගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරය එල්ලකර තිබේ.", "එම අවස්ථාවේදී සැකකරු තැපැල් කාර්යාලය තුළට ඇතුළුවී එහි තිබූ මුදල් පැහැර ගැනීමට තැත්කර ඇත.", "එම අවස්ථාවේදී තැපැල් නිලධාරිනිය සැකකරු සමග පොරබදා මුදල් පසුම්බිය රැකගැනීමට සමත්වී තිබේ.", "කොල්ලකැම සිදුවන අවස්ථාව වනවිට ඇය භාරයේ රුපියල් 60,000 කට ආසන්න මුදලක් තිබී ඇති අතර පොරබැදීම හමුවේ සැකකරු පැමිණි යතුරුපැදියේ නැඟ පළාගොස් ඇත.", "සිද්ධියේදී තුවාල ලැබූ නිලධාරිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.", " " ]
183,942
දියණියගේ ප්‍රේමය පියාගේ ජීවිතය උදුරාගනී
[ "අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.", "මියගිය පුද්ගලයාගේ දියණිය ද පහර කෑමට ලක්වී අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.", "ඔවුන්ගේ නිවසේ නතරවී සිට ඇති තරුණයෙකු දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇතිවු ආරවුලකදී තරුණයා විසින් එම තරුණියට තියුණු ආයුධයකින් පහර දී ඇත.", "ඊට මැදිහත් වු තරුණියගේ පියාට ද තරුණයා පහර දී තිබේ.", "එහිදී පහර කෑමට ලක්වු ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 60 හැවිරිදි පියා මියගොස් ඇත.", "සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ." ]
183,943
රට කැලඹුව වීඩියෝවෙන් පසු 8ක් අත්අඩංගුවට
[ "නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද (08) උදෑසන නවගමවු පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.", "ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ස්වාමින්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකුට පහරදී ලිංගික හිරිහැරයක් සිදුකිරීම සම්බන්ධයෙනි.", "මේ අතර සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනය කිසියම් පුද්ගලයෙකු විසින් සමාජා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.", "අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
183,944
සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහරින්නේ ප්‍රවේසමෙන්
[ "කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන ඇතැම් කාරණා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.", "එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ", "\"කාන්තාවන්ට පහරදී ඔවුන්ට ලිංගික හිරිහැර සිදුකිරීම වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා. ඒ යොමු කළ පුද්ගලයා බරපතළ වරදක් කරලා තියෙනවා. දඬුවම් ලබාදිය හැකි වරදක් ඔහු සිදුකරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් විමර්ශන පවත්වනවා.\"", "නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ,", "\"දණ්ඩනීති සංග්‍රහයේ 365 ඈ 1 කියන වගන්තිය මතයි මේ සම්බන්ධව නීතිය සඳහන් කරලා තිබෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් මේ ආකාරයේ ප්‍රචාරයක් සිදු කළොත් වසර 2 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතිව දඩුවම් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. දඩයක් නියම කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් නඩු විභාගයකින් ඔප්පු වෙන්න ඕනේ.\" ", "\"කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් තිබෙන කාරණා ප්‍රචාරය කිරීම විශේෂයෙන් නීතියෙන් තහනම් කරලා තිබෙන දේවල්.\" ", "\"සමාජ මාධ්‍ය ජාල හරහා මේවා යම් පුද්ගලයෙක් සමාජගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔහු කරන්නේ බරපතළ වරදක්.\"", "\"මේ නවගමුව සිද්ධියේදීත් අපි ඒ පුද්ගලයාව හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.\"" ]
183,945
මෛත්‍රී ඇතුළු පිරිසට දී තිබූ කාලය බදාදා දිනයෙන් අවසන්
[ "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිය පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන බදාදා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබේ.", "මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් එම නියෝගය ලබාදෙනු ලැබීය.", "ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙස නියම කර තිබුණි.", "එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.", "කෙසේවෙතත් කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැති බව සඳහන්ය.", "ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බව නීති විශාරදයින් පෙන්වා දෙයි." ]
183,946
කොළඹ 07 නිවසකට දෙපිරිසක් ඇන කොටාගෙන
[ "කොළඹ 07 බාන්ස් පෙදෙසේ නිවසක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් පුද්ගලයින් 26 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.", "පොලීසිය සැකකරන්නේ ඔවුන් දෙපිරිසටම අදාළ නිවසෙහි හිමිකාරීත්වය නොමැති බැවින් ඔවුන් එය අයිති කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකරගෙන ඇති බවය.", "කොළඹ 07 බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක ඊයේ (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුවී ඇති බවට කුරුඳුවත්ත පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.", "ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර ඒ යනවිටත් දෙපිරිස අතර ආරවුලක් පැවැති බව වාර්තා වෙයි.", "පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.", "අනතුරුව පොලීසිය සිදුකළ සොයැබීලීමේදී අනාවරණය වී ඇත්තේ අක්කර භාගයක පමණ වපසරියක් ඇති මෙම නිවස හිමිකර ගැනීමට සඳහා දෙපාර්ශ්වයක් උත්සාහ දැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.", "පසුව තත්ත්වය පාලනය කිරීමෙන් පසු පොලීසිය විසින් දෙපාර්ශ්වයේම පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.", "ඒ අතර සිටි කිහිප දෙනෙකු අසල පිහිටි නිවෙස්වෙත පැනගොස් සිටි අතර පොලීසිය ඔවුන්ව ද අත්අඩංගුවට ගත්තේය.", "ඒ අනුව සැකකරුවන් පිරිස අද (08) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි." ]