id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
183,947
ලෝකයට අලුත් මුදල් ඒකකයක්
[ "එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබේ.", "එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්වී BRICS සන්ධානය ආරම්භ කළේ 2009 වසරේ ජුනි මාසයේ දීය.", "ඒ, 2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරණ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමේ අරමුණින්ය.", "2010 වසරේ දී දකුණු අප්‍රිකාව ද BRICS සමග එක්වූ අතර මේ වනවිට එය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකේ.", "ඒ අනුව මේ වනවිට BRICS සන්ධානය රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සුදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "එය ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් ඉහළ වටිනාකමකින් යුතු මුදල් ඒකකයක් වනු ඇත.", "මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් BRICS සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.", "ඒ අනුව, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව, බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබේ.", "එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.", "ඔවුන් එම නව මුදල් ඒකකය භාවිත කිරීමටත් එකඟතාව පළකර තිබීම විශේෂත්වයකි.", "බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා,", "\"සෑම දිනකම මම හිතනවා.. සියලුම රටවල් වෙළෙඳ කටයුතුවලට ඩොලරය සමග බැඳී ඉන්න ඕනේ ඇයි කියන එක ගැන. ඇයි අපිට අපේම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න බැරි ? අපිට අලුත් මුදල් ඒකකයක් ගොඩනගන්න බැරි. රටවල්වල ගැටලු විසඳන්න පුළුවන් මුදල් ඒකකයක් අපිට තියෙන්න ඕනේ. සියලුම රටවලට අපනයන කටයුතුවලට ඩොලරය පසුපස දුවන්න සිදුවෙලා තියෙනවා. තමන්ගේම මුදල් ඒකකයක් තියෙනවා නම් ඒ රටවල මහ බැංකුවලට ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. BRICS වගේ බැංකුවලට බ්‍රසීලය සහ චිනය අතර ගනුදෙනුවලට අලුත් මුදල් ඒකකයක් ගොඩ නගන්න බැරි. හැම කෙනෙක්ම එක මුදල් ඒකකයකට කොටු වෙලා නිසා ඒක කරන්න අමාරුයි තමයි.\"", "එළඹෙන අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවැත්වීමට නියමිත BRICS සමුළුවේ දී නව මුදල් ඒකකය හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.", "රන් මත පදනම් වූ නව මුදල් ඒකකය, සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගමනයට හේතු වනු ඇති බවත් විශේෂයෙන් නව විනිමය සඳහා රන් වටිනාකමක් එක් කිරීම තුළින් තනි ව්‍යවහාර මුදල් ඒකකය ශක්තිමත් වනු ඇති බවත් ආර්ථික විද්වතුන්ගේ මතය වෙයි." ]
183,948
සෞඛ්‍ය ගැටලුව FB දැමූ ටීචර් පසුපස පොලීසිය එයි
[ "කළුතර, නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී සිදුවූ මඟ හැරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකළ කාන්තාවකගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින පුවතක් \"අද දෙරණට\" වාර්තා වුණි.", "සිද්ධියට මුහුණදුන් කාන්තාව පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිය නිවසට පැමිණ අදාළ සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීමට සූදානම් වූ බවය.", "මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ගුරුවරියක් වන නිමේෂා මධුවන්තිගේ පියාට මීට වසරකට පමණ පෙර හදිසියේ අතිවූ හෘදයාබාධයකින් පසුව පානදුර රෝහලට ඇතුළත් කර තිබුණි.", "පසුව එම රෝහල මගින් නිර්දේශ කර තිබුණේ, මෙම රෝගියාට හෘදයාබාධ හඳුනාගැනීම සඳහා කරන angiogram පරීක්ෂණයක් නාගොඩ රෝහලෙන් සිදුකරන ගන්නා ලෙසය. ", "වසරකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි මධුවන්තිගේ පියාට පසුගිය ජුනි මස අදාළ පරීක්ෂණය සිදුකරගැනීම සඳහා අවස්ථාව උදාවුණි. ", "සිද්ධියට මුහුණ දුන් කාන්තාව නිමේෂා මධුවන්ති,", "\"angiogram එක කලා. නාගොඩ රෝහලෙන් angiogram එක කරපු CD එක දුන්නා. අපිට ඒක බලන්නවත් එපා කිව්වා. තාත්තට බයිපාස් එක්ක කරන්න අවශ්‍යයි.. ලියුම ගන්න සායනයට අවිල්ලා දිනයක් ගන්න කියලා කිව්වා. අපිට මාස දෙකක් පහු වෙලා තමයි දිනේ දුන්නේ. ඊට පස්සේ මම තාත්තාව වෙන වෛද්‍යවරයෙක්ට චැනල් කරලා පෙන්නුවා. ඒ වෛද්‍යවරයාගේ පරිගණකයට දලා බැලුවා අපිට දීලා තිබුණ CD එක. අපිට දීලා තිබුණේ හිස් CD එකක්. ඉතින් මම නාගොඩ රෝහලට කතා කරලා කිව්වා. එතකොට ඒ අය කිව්වා හරි මිස් වැරදිලා හිස් CD එකක් යන්න පුළුවන්.. ඇවිල්ලා මාරු කරගන්න කියලා. ඉතින් මම ඊළඟ දවසේ ගියා නාගොඩා රෝහලට. එතන හිටපු සිස්ටර් ඇහුවා මොකටද වෛද්‍යවරයෙක්ට පෙන්නුවේ කියලා. ඒ සිස්ටර් CD එක අරගෙන ගියා ලැබ් එකට. උදේ 10 සිට 02 දක්වා මාව රස්තියාදු කෙරෙව්වා. 2කට විතර ඇවිල්ලා කිව්වා මැෂින් එක කැඩිලා කියලා. CD එක රයිට් කරන්න විදිහක් නැහැ කියලා. මම කිව්වා එහෙනම් මිස් මට කාඩ් එකයි හිස් CD එකයි දෙන්න කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කියලා තව පැයක් විතර ගියාට පස්සේ තමයි මට ගෙනත් දුන්නේ. ඊට පස්සේ මම එ් ගැන ‌ෆේස්බුක් සටහනක් දැම්මා ඒ පළකරපු සටහනට ගොඩ අයගෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා නාගොඩ රෝහලෙන් අසාධාරණ වුණ අය.\"", "තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මෙම ගුරුවරිය ෆේස්බුක් සටහනක් තැබීමෙන් පසුව පොලිස් නිලධාරීන් ඇය සොයා නිවසට පැමිණ තිබුණි.", "සිද්ධියට මුහුණ දුන් කාන්තාව නිමේෂා මධුවන්ති,", "\"ඊයේ හවස මම පාසල් ඉවරවෙලා ගෙරද ආවාට පස්සේ දකුණු කලුතර පොලීසියේ නිලධාරීන් 7 දෙනෙක් ගෙදරට ආවා. ඇත්තට එතන ජ්‍යෙෂ්ඨ නිලධාරියා ගෙදරට ආවේ නැහැ. එයා හිටියේ පහළ. මට පහළට එන්න කියලා කිව්වා. මම කිව්වා මට පෙන්නන්න රිපෝට් ගොඩක් තියෙනවා නිසා සර්ට මෙහෙට එන්න කිව්වා. ඇත්තට ඊට පස්සේ එතන හිටපු නිලධාරීයෙක් කෝල් එක්ක අරගෙන දුන්නා.පහත් විදිහට අපිට ආමන්ත්‍රණය කළේ.\"", "උදේ මට කථා කරපු මහත්තයා කියනවා ඔයාගේ ඔය පෝස්ට් එක අයින් කරගන්න. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කිව්වා මගේ පෝස්ට් එක අයින් කරගත්තා කියලා. නැත්නම් මේක උසාවි ගානේ යන ප්‍රශනයක් වෙනවා. ලොකු තර්ජනයක් වෙනවා. මම හෙට පොලීසි යනවා. මගේ ජීවිතයට කිසියම් හානියක් වුණොත් වගකියන්න ඕනේ දකුණු කළුතර පොලීසිය." ]
183,949
යන්ත්‍ර අක්‍රීය රෝහල් ලැයිස්තුව
[ "රජයේ රෝහල් තුළ CT ස්කෑන් යන්ත්‍ර 44ක්, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් සහ PET ස්කෑන් යන්ත්‍ර 02ක් පැවතියත් ඉන් බොහෝමයක් මේ වනවිට අක්‍රීයවී ඇති බව වාර්තා වෙයි.", "විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,", "\"MRI 13න් මේ වනවිට යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක නැහැ. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ තිබෙන යන්ත්‍රය වසර දෙකකට පෙර තමයි බිඳවැටුණේ. දැන් මේ වනවිට කුඩා දරුවන්ට MRI පරීක්ෂණ නැහැ. අනුරාධපුර රෝහලේ MRI යන්ත්‍රය ජනවාරි සිට බිඳවැටිලා. මේ වනතුරු යන්ත්‍රය යථාවත් කිරීමක් සිදුවෙලා නැහැ. අනුරාධපුර රෝහලේ වසරකට වැඩි පොරොත්තු ලේඛන තියෙනවා. CT ස්කෑන් යන්ත්‍ර 43න් මේ වනවිට 12ක් බිඳවැටිලා. අද දවසේ ගත්තොත් CT ස්කෑන් යන්ත්‍ර එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ CT යන්ත්‍රය අක්‍රීයයි.\" ", "අක්‍රීය වූ එම යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද වී ඇත්තේ, එම යන්ත්‍රවල සේවා ගිවිසුම් කාලය ඉකුත්වීම හේතුවෙන් බවද පැවසෙයි. ", "ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට නොහැකිවීමෙන් වෛද්‍යවරුන්ද පත්වී ඇත්තේ දැඩි අසීරුතාවයකටය.", "මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනීයා ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය පසුගිය 22 වනදා සිට අක්‍රීය වී ඇති බවට අද දෙරණ ඊයේ අනාවරණ කළේය." ]
183,950
පොලිස්පති ධුරය ගැන තීරණය හෙට
[ "වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවාද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙනවාද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවරා ඇති බව වාර්තා වෙයි. ", "අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් හෙට (09) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඒ ගැන අවසන් තීරයක් ගනු ඇති බව වාර්තා වෙයි.", "පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාමයෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුනි.", "එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් වුණි.", "ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නොමැත.", "එවන් පසුබිමක පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබුණි.", "එහිදී ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න නිර්දේශ කරන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.", "ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාවරයා හා ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් හෙට පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.", "එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු පත්කරනු ඇති බවත් වාර්තා වෙයි.", "මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් මහතාව පෞද්ගලිකව මුණගැසී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි." ]
183,951
බංග්ලාදේශය ට දරුණු පරාජයක්
[ "ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 142කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.", "බංග්ලාදේශයේ චත්‍රගොං හි පැවති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 331ක් රැස්කළහ.", "රමනුල්ලා ගුර්බාස් 145ක් සහ ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 100ක් රැස්කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 256ක් එක් කළහ.", "බංග්ලාදේශ ක්‍රීඩකයින් ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණි.", "ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ මුල් තරග දෙකම ජයගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වී තිබේ." ]
183,952
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍රයට පණ දෙන්න තවත් සතියක්
[ "මහරගම අපේක්ෂා රෝහලේ අක්‍රීය වී ඇති විකිර‍ණ ප්‍රතිකාර යන්ත්‍රය තවත් සතියක පමණ කාලයක් තුළ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පවසයි.", "නඩත්තු ගිවිසුමට අනුව ඊට අදාළ සමාගම විසින් එහි නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.", "දෛනිකව රෝගීන් 70ත් 100ත් අතර පිරිසකට විකිරණ ප්‍රතිකාර සිදුකෙරෙන මෙම යන්ත්‍රය පසුගිය මස 22 වනදා සිට අක්‍රීයව පැවතීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර සඳහා යොමුකර සිටින කුඩා දරුවන් ඇතුළු පිළිකා රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව \"අද දෙරණ\" ඊයේ (07) අනාවරණය කළේය.", "කෙසේවෙතත් යන්ත්‍රය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය." ]
183,953
ලිබියාවේ ගඩාෆි ඝාතනය වූ හේතුව උගන්ඩාවෙන් එළියට
[ "බටහිර බලවේගවල මැදිහත්වීමෙන් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඝාතනයට ලක්වූයේ රන් මත පදනම් වූ තනි ව්‍යවහාර මුදල් ඒකකයක් අප්‍රිකානු මහද්වීපයට හඳුන්වාදීමට උත්සාහ කළ නිසා බවට මතයක් පවතී.", "ඩොලරය වෙනුවට ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබුණි.", "කෙසේවෙතත් ලිබියානු යුද්ධය නැවැත්වීමේ අරමුණින් අප්‍රිකානු නායකයින් පිරිසක් ලිබියාවට යාමට උත්සාහ කිරීමේ දී නේටෝ සංවිධානය එය වැළැක්වූ බවට උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි. ", "උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි,", "\"ඔබ ලිබියාවේ ගැටලුව දුටුවා. මිය ගිය ගඩාෆිට ඔහුගේම ගැටලු තිබුණා. ඔහුගේ අදහස් තිබුණා. සමහර වෙලාවට අපි ඔහුත් සමග එකඟ වුණා. සමහර වෙලාවට එකඟ වුණේ නැහැ. ලිබියානු ගැටලුව මතු වුණ අවස්ථාවේ දී අප්‍රිකානු සංගමය කමිටුවක් පත්කළා. ලිබියාවේ ගැටලුවට විසඳුමක් සොයන්න කියලා අප්‍රිකානු සංගමය එම කමිටුවට උපදෙස් ලබා දුන්නා. එක් අවස්ථාවක එම කමිටුව ලිබියානු යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්න ලිබියාවට පිටත් වුණා. නමුත් නේටෝ සංවිධානය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. අප්‍රිකානු නායකයින්ට ආපසු යන ලෙස නේටෝ සංවිධානය නියෝග කළා. ලිබියාවට යන්න නේටෝ සංවිධානය අවසර දුන්නේ නැහැ. ඔවුන අපිට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් ගඩාෆිව මැරුවා.\"" ]
183,954
අමෙරිකාව හදිසියේම ගත් තීරණය
[ "අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.", "ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් එලෙස විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.", "අමෙරිකාවේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර ඇත.", "ලෝකය රසායනික අවි වලින් තොර කිරීම සඳහා 1997 වර්ෂයේ දී සම්මුතියකටද එළඹ තිබේ." ]
183,955
අද කාලගුණය
[ "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.", "එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.", "උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ." ]
183,956
ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි
[ "ගෙවල් බිඳුම්, දේපොළ සොරකම් කිරීම ඇතුළු විවිධ අපරාධ 35කට සහ වරෙන්තු 12කට අවශ්‍ය කරන සැකකරුවෙකු බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.", "ඊයේ (08) උදෑසන කාලයේ දී බෙම්මුල්ල පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.", "පොලිසිය පැවසුවේ, එම සැකකරු ගම්පහ, කැලණිය හා මීගමුව යන කොට්ඨාසවල පොලිස් ස්ථානවලට වාර්තා වූ ගෙවල් බිඳුම් සහ දේපොළ සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි වරෙන්තුකරුවෙකු බව ය.", "අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි කපුගොල්ලෑව, හොරොව්පාතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.", "මෙම සැකකරු විසින් බෙම්මුල්ල, ජාඇළ, සීදුව, මීගමුව, වේයන්ගොඩ, රාගම, වීරගුල, කඩවත, ගණේමුල්ල, යක්කල, කටුනායක හා කිරිබත්ගොඩ යන පොලිස් වසම්වල ගෙවල් බිඳුම් ගණනාවක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.", "ඔහු විසින් සොරගන්නා ලද විවිධ බර ප්‍රමාණයේ රන් කැබලි 16ක්, රන් කරාබු ජෝඩු 03ක්, රන් මුදු 02ක්, විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 04ක්, යතුරුපැදියක්, මවුන්ටන් පාපැදියක්, විදෙස් මත්පැන් බෝතල් 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.", "මීට අමතර ව අත්ඔරලෝසු 03ක් ජංගම දුරකථන 07ක්, ග්‍රිල් යන්ත්‍ර 02ක්, විදුලි ස්ත්‍රික්ක 03ක්, පිත්තල ඇත්පිළිම 02ක්, පිත්තල මල් පොච්චි 02ක්, විදුලි උඳුනක්, රූපවාහිනි යන්ත්‍රයක්, කේතලයක්, ලී ඉරණ විදුලි අත් යන්ත්‍රයක්, බ්ලෙන්ඩරයක් සහ ටැබ් යන්ත්‍රයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.", "අත්අඩංගුවට ගත් සැකකරු අද (09) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
183,957
සොයිසාපුර දී මනුෂ්‍ය ඝාතනයක්
[ "ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙයි.", "ඊයේ (08) සවස් කාලයේ දී එම සිදුවීම වාර්තා වූ බව පොලිසිය පවසයි.", "එසේ මියගොස් ඇත්තේ, 68 හැවිරිදි සොයිසාපුර, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.", "මරණකරු ඔහුගේ ඥාතීයෙකු සමඟ මරණකරුගේ නිවසේ පදිංචි ව සිට ඇති අතර, එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවත්, එම අවස්ථාවේ දී ඥාති පුද්ගලයා කලබලයෙන් නිවසෙන් එළියට බැස දිවගිය බවත් යාබද නිවසෙහි සිටි කාන්තාවක් පවසා ඇත.", "මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි" ]
183,958
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේ බලය පාර්ලිමේන්තුවට?
[ "පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.", "පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.", "එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි.", "එම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය." ]
183,959
නව ගුරු පත්වීම් 26,000ක් ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්
[ "‍ඉදිරි සති කිහිපය තුළ ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.", "නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.", "ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,", "\"අපි ළඟදිම පළාත් මට්ටමින් සාකච්ඡා තියෙනවා. මම දැන් වයඹ පළාතේ පටන් ගන්නවා. ඊට පස්සේ ඌව ඒ ආදී පළාත් මට්ටමින් සම්පූර්ණ දිනයක වැඩසටහනක් සංවිධානය කරනවා පළාත් සභාවත් එක්ක. මොකද මේ තියෙන පාසල්වලින් 95%ක්ම තියෙන්නේ පළාත් සභාවේ පාසල්. ඊළඟට අපි හොඳින්ම දන්නවා ගුරු හිඟය කියන එකත් තියෙනවා. විදුහල්පති හිඟයකුත් තියෙනවා. අපිට ගුරුවරු 26,000ක් බඳවාගන්න අවශ්‍යයි. ඒ අතර දෙමළ ගුරුවරුත් ඉන්නවා. සිංහල ගුරුවරුත් ඉන්නවා. අපි ඊළඟ සති කිහිපය තුළ අධිකරණයේ තිබෙන නඩු ටික අවසන් කරලා. ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරනවා. ඉතාම කඩිනමින් පුහුණු කරලා මේ ගුරුවරු ලබාදෙන්න. අනික් පැත්තෙන් ගුරු මාරුවීම්වලදී වෘත්තීය සමිති එකක් සාකච්ඡා කරලා. ඒ පළාත්වලට ගැලපෙන පරිදි ආකාරයට සකස් කරගැනීමේ ක්‍රමවේදයකට අපි යනවා.\"" ]
183,960
අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි
[ "ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතය.", "ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම හරාරේ ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිත අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.", "මේ අතර, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.", "ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ සියලු තරග ජයගෙන සිටීම විශේෂත්වයකි." ]
183,961
බිබිලහෙල කඳු රක්ෂිතයේ විශාල ගින්නක්
[ "වැල්ලවාය බිබිලහෙල කදු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙයි.", "වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ (08) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත.", "එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බව සඳහන් වන අතර, ඉන් රක්ෂිතයේ අක්කර සියයක් පමණ ගිනිගෙන් ඇති බව ද සඳහන් ය.", "වැල්ලවාය ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයකට පානීය ජලය ලබා දෙන ජල මූලාශ්‍රයක් සහිත සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න හටගෙන ඇත.", "මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ගින්න නිසා රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක් ම විනාශ වී ඇති බව වාර්තා වෙයි" ]
183,962
කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට
[ "සුඩානයේ කාර්ටූම් අගනුවර ඩාර්.එස්.සලාම් දිස්ත්‍රික්කයට ඊයේ (08) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බීබීසී වාර්තා කරයි.", "නයිල් නදියේ ප්‍රතිවිරුද්ධ ඉවුරේ මෙම ප්‍රදේශය පිහිටා ඇති බව සඳහන් වෙයි.", "සුඩාන හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් ය.", "මිය ගිය පුද්ගලයන් අතර ළමුන් හා කාන්තාවන් ද සිට ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.", "නමුත් ආර්.එෆ්.එස් බළකාය වාර්තා කරන්නේ, මිය ගිය පුද්ගලයන් ගණන 31ක් ලෙසට ය.", "පසුගිය අප්‍රේල් 15 වන දා සිට සුඩාන හමුදා හා එරට පැරා මිලිටරි බළකාය හෙවත් ආර්.එෆ්.එස් හමුදා අතර මෙම ගැටුම් හටගෙන තිබිණි.", "සුඩාන හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ ආර්.එෆ්.එස් බළකායේ ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ අතර ඇති වූ බල අරගලය හේතුවෙන් මෙම ගැටුම් ආරම්භ විය.", "මෙම ගැටුම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටොනියෝ ගුටරේස් දිගින් දිගට ම අදහස් පළ කළ අතර, මෙම ගැටුම් සිවිල් යුද්ධයක් කරා ව්‍යාප්ත විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබිණි.", "එය සමස්ත කලාපය ම අස්ථාවර කිරීමට හේතුවක් විය හැකි බවත් සටන් නතර කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඔහු දෙපාර්ශවයෙන් ඉල්ලීමක් ද කර තිබිණි.", "මේ වන විට ආර්.එෆ්.එස් බළකාය විසින් කාර්ටූම් අගනුවර හා ඔම්ඩර්මාන්, බාරි යන නගර අත්පත් කරගෙන ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදාව විසින් ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටියි.", "සති දොළහක් පුරා පවතින මෙම ගැටුම් හරහා දැනට පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවාස අතහැර දමා ගොස් ඇත.", "අගනුවර ආශ්‍රිත කඩසාප්පු හා වෙළෙඳසල් වසා දමා ඇති අතර, වෛද්‍ය පහසුකම් ආදිය ද අවහිර වී ඇති බව වාර්තා වෙයි.", "සටන් විරාම සඳහා ද අවස්ථා කිහිපයකදී ම එළැඹුණු නමුත් ඒවා දිගු කාලයක් පැවතියේ නැත." ]
183,963
අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයන් 15ක් නාවික හමුදා භාරයට
[ "මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇත.", "අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නාවික හමුදාව විසින් ඊයේ (08) රාත්‍රී නිරීක්‍ෂණය කර තිබුණු අතර, එහි දී යාපනයල ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි අදාළ ධීවරයන් පිරිස සහ යාත්‍රා සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.", "එම ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩිල ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.", "2023 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වල දී මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 12ක් සමඟ ධීවරයින් 74 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත." ]
183,964
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
[ "ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.", "එමිරේට්ස් ගුවන් සේවයේ අයත් ගුවන් යානයකින් ඔවුන් අද (09) උදෑසන දිවයිනට පැමිණි බව \"අද දෙරණ\" වාර්තාකරු පැවසීය.", "එසේ පැමිණි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.", "ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී එම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය." ]
183,965
බටහිර බෙංගාලයේ මැතිවරණ ගැටුමෙන් 11 දෙනෙකු මරුට
[ "මැතිවරණ ව්‍යාපාර සමයේ දී දේශපාලන ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රසිද්ධ ප්‍රාන්තයක් වන බටහිර බෙංගාලයේ මහනගර සභා මැතිවරණය අතරතුර සිදු වූ ගැටුම්වලින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව අල්ජසීරා පුවත් ඒකකය වාර්තා කර ඇත.", "මාධ්‍ය වාර්තාවලට අනුව මරණවලට අමතරව තවත් පුද්ගලයන් දුසිම් ගණනක් ගැටුම්වලින් තුවාල ලබා ඇති බව ද සඳහන්ය.", "බෙංගාල ප්‍රාන්තයේ මිලියන 104ක ජනතාවක් වාසය කරන අතර, නාගරික නායකයන් තෝරා ගැනීම සඳහා වන ඡන්ද වීමසීම සඳහා අපේක්ෂකයන් 200,000කට අධික සංඛ්‍යාවක් තරග වදින බව වාර්තා වෙයි.", "මේ සඳහා පැවති ඡන්ද විමසීම ඊයේ (08) පැවැත්වුණු අතර, ඒ අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් ම සිදුවී ඇති බව දැකගත හැකිය.", "දැනට මෙම ප්‍රාන්තය පාලනය කරනු ලබන්නේ, ත්‍රිනාමූල් කොංග්‍රස් පක්ෂය විසිනි.", "භාරතීය ජනතා පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, කොංග්‍රසය සහ ප්‍රාදේශීය මුස්ලිම් පක්ෂයකට අයත් ත්‍රිනාමූල් කොංග්‍රසය ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන් මරණයට පත් 11 දෙනා අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.", "හමුදාව සහ පොලිසිය විසින් ආරක්ෂාව තර කර තිබිය දී පවා දේශපාලන හිතවාදීන් විසින් පොලු-මුගුරු රැගෙන වීදිවල සැරිසරන දර්ශන ජාත්‍යන්තර මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි.", "මෙම සිදුවීම් පිළිබඳ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ එකිනෙකාට දොස් පවරා ගන්නා තත්ත්වයක් ඇති වී ඇති අතර, බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි පැහැර ගැනීම්, ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ගිනි තැබීම් ආදිය වාර්තා වී ඇත.", "බටහිර බෙංගාල ප්‍රාන්තය ආශ්‍රිතව පෙට්‍රල් බෝම්බ ඉතා අඩු මිලට කළු කඩවලින් මිල දී ගත හැකි තත්ත්වයක් ද උදා වී ඇති බව සඳහන්ය.", "2011 දී ත්‍රිනාමූල් කොංග්‍රස් නායිකා මමතා බැනර්ජි කොමියුනිස්ට්වාදීන් පරාජය කරන තෙක් බටහිර බෙංගාල ප්‍රාන්තය දශක තුනකට වැඩි කාලයක් කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරන ලදී.", "මෙම ගැටුම්කාරී තත්ත්වයන් කාලාන්තරයක් තිසේ පැවති එකක වන අතර, අවස්ථා කිහිපයකදී ම වෙඩි තැබීම් හා කපා කොටා ඝාතනය කිරීම් ද වාර්තා වී ඇත.", "අනෙක් පාර්ශවයන් බිය ගැන්වීමේ උපක්‍රමයක් ලෙස ඇතැම් මළසිරුරු ගස්වල එල්ලා තිබුණු බව ද මාධ්‍යය විසින් වාර්තා කර ඇත." ]
183,966
දියේ ගිලී දරුවෙක් මරුට
[ "යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු ඊයේ (08) සවස මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කේණි පොලීසිය පවසයි.", "පොලීසිය පැවසූවේ, ජීවිතක්ෂයට පත් දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකු වන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බවය.", "මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්ව ගොස් ඇති අතර අදාළ අවස්ථාවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.", "මුහුදේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ එංගලන්තයේ ,ලන්ඩන් නුවර පදිංචිව සිටි පුදුකරන් ආරිෂ් නැමති වයස අවුරුදු හයක පිරිමි දරුවකි.", "දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදේ දියනෑම සඳහා ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.", "මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.", "මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලීසිය සඳහන් කළේය.", "සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි." ]
183,967
කාසියේ වාසිය නෙදර්ලන්තයට
[ "එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේ හිදි අද (09) පැවැත්වෙයි.", "එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත්විය.", "ඒ අනුව නෙදර්ලන්තය කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.", "ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.", "අද දින තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,", "පැතුම් නිශ්ශංක ", "සදීර සමරවික්‍රම", "කුසල් මෙන්ඩිස් ", "චරිත් අසලංක", "ධනංජය ද සිල්වා", "සහන් ආරච්චිගේ", "දසුන් ශානක (නායක)", "වනිඳු හසරංග", "මහීෂ් තීක්ෂණ", "මතීෂ පතිරණ", "ඩිල්ෂාන් මධුශංක" ]
183,968
ඖෂධවල ප්‍රමිති ගැටලුව ගැන අලුත් කතාවක්
[ "මෙරට ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව ඖෂධ නියාමන අධිකාරි පනතේ පවතින අඩුපාඩු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.", "ඔහු පෙන්වා දෙන්නේ, අදාළ පනත සංශෝධනය කිරිම සදහා මේ වන විටත් කෙටුම්පතක් ඉදිරිපත් වී තිබුණ ද එය සම්මත කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.", "අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුම මහතා මේ බව සදහන් කළේ ය." ]
183,969
අතුරුදන් වූ නිල ලාංඡන සොයාගන්න සහාය වෙන්න -ජනාධිපති ලේකම්
[ "ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති නිල ලාංඡනය සොයාගැනීමට සහාය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබේ.", "ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදා ට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසය.", "2022.07.09 වන දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාලසීමාව තුළ දී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ගණනාවක් ඒ අතර වේ.", "නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත.", "ඒ අනුව ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත කරන ලෙස ද ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට ජනාතාව දක්වන සහාය ඉතා අගය කරන බව ද දැනුම්දෙයි.", "නිල ලාංඡනවල ආකෘති පහතින් දැක්වේ." ]
183,970
පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV
[ "කොට්ටාව සිද්දමුල්ල ඉන්ධන පිරවුම් හලකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් ඊට රුපියල් 21,320 ඉන්ධන පුරවාගෙන, QR කේතය පෙන්වීමට යන මුවාවෙන් මුදල් නොගෙවා පළා ගොස් තිබේ.", "පසුව අනාවරණවී ඇත්තේ, මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවය.", "මෝටර් රථය ඉන්ධන ලබාගෙන එම ස්ථානයෙන් පළායන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි." ]
183,971
දූෂණ විරෝධී පනතේ වැදගත්කම ගැන විශේෂ ප්‍රකාශයක්
[ "සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම්, එම බලවේගය ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කරයි.", "රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.", "එසේම, නව පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වන බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අවධාරණය කරයි.", "ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ බව සඳහන් කර සිටියේ, ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.", "අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගැනීමට ඉඩ නොතබා ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් ලෙස දූෂණ විරෝධී පනත ගෙනවිත් තිබෙන බවත් නව දූෂණ විරෝධි පනත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පූර්ණ ස්වාධීනත්වය තහවුරු වන බවත් සරත් ජයමාන්න මහතා පෙන්වා දෙයි." ]
183,972
ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර -මහබැංකු අධිපති
[ "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.", "''ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද'' යන මැයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (08) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.", "\"පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළෙඳපොළ තුළින් ඉතාම යහපත් ප්‍රතිචාර තමයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගියා වගේම, ණය වෙළෙඳපොළ තුළ පොලී අනුපාත පහළ යන අයුරු දක්නට ලැබුණා. එමඟින් මම හිතන්නේ විදේශ ණයහිමිකරුවන්ටද පැහැදිලි පණිවුඩයක් ලබාදෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට හැකියාව ලැබේවි අපට සහනයක් ලබාදීම සඳයා අව්‍යශ පැහැදිලි කිරීම සිදුකරන්න. ජනාධිපතිවරයා පවා සඳහන් කළ ආකාරයට මෙහි මූලික අරමුණක් බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒ අනුව අපේ පළමු ඉලක්කය වූ IMF‍ ණය ගිවිසුමට අදාළ එකඟතාවයන් අවසන් කරලා තියෙනවා. දැන් අපට අවසන් කිරීමට තිබෙන්නේ දේශීය සහ විදේශීය ණයහිමියන් සමග සංශෝධන සිදුකිරීම ගැන සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹීම.\"" ]
183,973
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
[ "ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබේ.", "අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකර ඇත.", "අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ප්‍රසාද් සේතුංග මහතා නව ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය. ", "මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. ", "එතුමා ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙකි." ]
183,974
6 දෙනෙකුට මරු කැඳවු අනතුර
[ "කුඩා ප්‍රමාණයේ ජෙට් යානයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළ අසල දී කඩා වැටී තිබේ.", "පසුව එම ජෙට් යානය ගිනිගෙන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.", "සෙස්නා සී 550 වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානය ගොඩබැස්වීමට යාමේ දී සිදුවූ දෝෂයක් එම අනතුරට හේතුවී ඇති බව වාර්තා වේ.", "යානාවේ සිටි මගීන් සහ එහි නියමුවා අනතුරින් මියගිය පිරිසට අයත්ය.", " " ]
183,975
සැප වාහන කෝච්චිවල හැප්පෙන්නේ නැද්ද?
[ "දුම්රිය හරස් මාර්ගය වසා තිබූ අවස්ථාවක ඒ හරහා සුඛෝපභෝගි ජීප් රථයක් ධාවනය කරන ආකාරය අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.", "පසුගිය ජුලි 07 වනදා එම සිද්ධිය වාර්තා වී තිබුණේ, ගනේමුල්ල ප්‍රදේශයෙනි.", "ජීවිත අවාදනම නොකතමින් එම ජිප් රථය මාර්ගය හරහා ගමන් ගන්නා අතර ඒ අසල සිටි ජනතාව ද ඒ දෙස විමතියෙන් බලාසිටින අයුරු එම දර්ශනවල පටිගතව තිබේ." ]
183,976
අඩු ආදායම්ලාභී පවුල් සඳහා එළුවන් බෙදාදීමේ වැඩසටහනක්
[ "අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.", "වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.", "එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් අද (090 රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ විය.", "මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.", " " ]
183,977
අරගලකරුවන්ගේ මීළඟ සැලසුම
[ "රට තුළ පවතින අර්බුදවලට නිසි විසඳුම් ලබාදීම සදහා නිසි වැඩපිළිවෙලක් හඳුන්වාදීමට අරගලකරුවන් ලෙස තමන් සිටින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි..", "එහි තරුණ අංශයේ නියෝජිත ඉසුරු චන්ද්‍රසේකර සඳහන් කළේ, අරගලයට වසරක් පිරෙන අද ‍(09) වැනි දිනක සියලු තරුණ තරුණියන්ට සිය පෙරමුණ සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවය.", "කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉසුරු චන්ද්‍රසේකර එම අදහස් පළ කළේය.", "\"2048 දී මේ රට දියුණු රටක් කියන සුරංගනා කතාව අහපු ගමන් ආය ගිහින් ගෙවල්වල සාමාන්‍ය තත්ත්වයට ඉන්නවා නම් ඒ කරපු අරගලය හා ඒ කැපකිරීම්වල වැඩක් තියෙනවා ද? කියන එක අපි තරුණයින් විදියට මේ රටේ ජනතාවගෙන් අහන්න කැමතියි. සියලු තරුණයින්ගේ වගකීමක් තියෙනවා අරගලයෙන් පස්සේ කොයි විදියටද මේ රට හැදෙන්න ඕනේ කියන එක ගැන. එන එන පාලකයාව ගහලා පන්නන එකට අමතරව මේ රට නැවත ගොඩනගන්නේ කියන එකට ප්ලෑන් එකක් තරුණයෝ විදියට තියෙන්න ඕනේ. එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විදියට, අපි ඒ කාර්ය භාරය පුළුවන් විදියට ආරම්භ කරලා තියෙනවා. සියලුම තරුණයින්ගෙන් ඉල්ලීමක් කරනවා ඒ කාර්යභාරය සඳහා එකතුවෙන්න කියලා.\"" ]
183,978
බ්‍රසීලයේ නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි
[ "ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.", "අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.", "එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය." ]
183,979
තවත් පාසල් සිසුවියක් අතුරුදන්
[ "අම්පාර, ගල්මඩුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.", "එම සිසුවිය පසුගිය 28 වනදා පාසල් ගොස් ඇති නමුත් ඇයගේ නම පාසල් නාමලේඛනයේ සටහන්ව නොමැති බව පාසලෙන් කළ විමසීමක දී දැනගැනීමට ලැබීමත් සමග දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.", "දැරියගේ මව අද දෙරණ ට පවසා සිටියේ, අදට දියණිය අතුරුදන් වී දින 12ක් ගතව ඇතත් කිසිදු තොරතුරක් දැනගැනීමට නොලැබුණ බවය.", "මේ පිළිබඳව අදහස් දැක්වු අතුරුදන් වූ දැරියගේ මව,", "\"දරුවා 28 උදේ තාත්තා එක්ක බයිසිකලයෙන් ඉස්කෝලේට ගියේ. එයාව ඉස්කෝලේ ඇතුළට දාලා තාත්තා ආපහු ගෙදර ආවා. 2.15 වෙද්දි ඉස්කෝලේ ඇරිලා එයා ආපහු ගෙදර එනවා. එදා ආවේ නෑ. ඊට පස්සේ 2.45ට විතර අපි ඉස්කෝලෙට කෝල් එකක් ගත්තා. ක්‍රීඩා ගුරුවරයා කිව්වා එදා 11 පන්තියේ අය තියා ගත්තේ නෑ කියලා. එතකොට කිව්වා දුවගේ නම එදා මාක් වෙලා නෑ කියලා. ඊට පස්සේ පැමිණිල්ලක් දැම්මා. අදට දවස් 12ක් වෙනවා කිසිම තොරතුරක් නෑ.\"", "සචිනි සාවිනද්‍යා සමරතුංග නම් 16 හැවිරිදි එම දැරිය පාසල් නිල ඇඳුමින් මහ මඟ ගමන් ගන්නා අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි." ]
183,980
නෙදර්ලන්තයට ලකුණු 234ක ඉලක්කයක්
[ "එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර මේ වන විට හරාරේ හිදී පැවැත් වේ.", "නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.", "කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් ලබාගත් අතර පැතුම් නිස්සංක ලකුණු 23කටත් සදීර සමරවික්‍රම ලකුණු 19කටත් දැවී ගියේය.", "අද සිය පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කළ සහන් ආරච්චිගේ ලකුණු 57ක් ලබාගත්තේය.", "චරිත් අසලංක ලකුණු 36ක් ලබා දැවී ගියේය.", "පන්දුයැවීමේ දී වික්‍රම්ජිත් සිං කඩුළු 02ක් සහ සඛිබ් සුල්ෆිකර් එක් කඩුල්ලක් ලබාගත්හ.", "ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 234ක් ලබාගත යුතුය." ]
183,981
රත්‍රං මිල ඉහළට
[ "මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.", "පසුගිය සිකුරාදා දිනය තුළ මෙරට ඩොලරයක ගැනුම් මිල රුපියල් 302ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317 ලෙසත් සටහන් වීම තුළ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.", "මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් ඉහළ යෑම ද මෙරට රන් මිල කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරයි.", "ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 150,800ක් ලෙස රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.", "කැරට් 24ක රන් පවුමක් රුපියල් 163,000 දක්වා ඉහළ ගොස් තිබේ." ]
183,982
අතුරුදන් වූ තරුණයා වසර 8කට පසු නිවසින් ම මතුවෙයි
[ "වසර 08ක් පුරා අතුරදන්ව සිටි තරුණයෙක් සිය නිවසේ සිටියදීම හමු වී ඇති පුවතක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා විය.", "Rudy Farias නම් එම තරුණයා අතුරුදන් වී ඇත්තේ 2015 වසරේ දීය.", "ඒ් වන විට 17 වන වියේ පසු වූ Rudy Farias මේ වන විට අවුරුදු 25ක තරුණයෙකි.", "විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුගේ මව විසින් ඔහුව නිවස තුළම සඟවාගෙන සිට ඇති අතර වසරක පමණ කාලයක සිට ඔහුව ලිංගිකව අපයෝජනය කර ඇති බවය.", "සාමාජ ක්‍රියාකාරියෙකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළිකර ඇති අතර මේ වන විට ඔහු එම ප්‍රදේශයේ දේවස්ථානයක නවාතැන්ගෙන සිටින බව සඳහන් වේ.", "ඔහු පවසා ඇත්තේ සිය මව විසින් තමන්ගෙන් දෛනික වැඩවලට අමතරව ලිංගිකව ද තමාට වධහිංසා ලබාදුන් බවය.", "කෙසේ වෙතත් ඔහු පොලීසියට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් මෙතෙක් ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. " ]
183,983
ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට
[ "ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පන්විල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.", "එම සාදයට කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112 දෙනෙකු සහභාගී වී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.", "එහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.", "ඔවුන් සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.", "සැකකරුවන් අවුරුදු 21ත් 33ත් අතර වයසේ පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, උකුවෙල, ගම්පොළ, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය." ]
183,984
හිටපු පොලිස්පතිට සේවා දිගුවක්
[ "පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.", "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බවය.", "පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.", "කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර අද දිනයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.", "එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.", "ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.", "සී.ඩී. වික්‍රමරත්න මහතා මාර්තු මස 26 වනදින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඒ මහතාට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබුණි.", "ඒ අනුව ඔහුගේ ධුරකාලය දීර්ඝ කළ දෙවන අවස්ථාව මෙය වේ." ]
183,985
බසයක් ප්‍රපාතයකට පෙරළෙයි
[ "වතු සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.", "අනතුරින් බසයේ ගමන්ගත් කාන්තා වතු සේවිකාවන් 26දෙනෙක් තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.", "තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.", "තලවකැලේ වටගොඩ නගරයේ සිට පුඩළුඔය දුනුකේදෙණිය දක්වා වතු සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද පස්වරු 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.", "අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් අතරින් බරපතළ තුවාල ලබා සිටි වතු සේවිකාවන් කිහිපදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ද වාර්තා වේ.", "බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව පුඩළුඔය පොලීසිය කියා සිටියේය." ]
183,986
අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට
[ "එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. ", "සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි.", "එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.", "ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය.", "ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි.", "කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබාගත්හ.", "නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගියේය.", "පන්දුයැවීමේ දී ලොගාන් වෑන් බීක්, රයන් ක්ලෙයින්, වික්‍රම්ජිත් සිං සහ සඛිබ් සුල්ෆිකර් කඩුලු දෙක බැගින් බිඳහෙළුහ.", "තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 105ක් පමණි.", "ඒ අනුව ශ්‍රී ලංකා Lincoln එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය." ]
183,987
නුදුරේදීම ජනතා අයිතියට පත්වන අධිවේගී ගුවන් මාර්ගය
[ "ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.", "අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.", "කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.", "මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.", "ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා අද (09) දිනයේ පරීක්ෂණ දුම්රියක් ධාවනය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේය.", "උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් පසුගිය ජනවාරි මස 8 වැනි දින සිට කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබේ.", "නවීකරණය කළ දුම්රිය මාර්ගය කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.", "ඉන්දීය ණය ආධාර යටතේ මෙම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ." ]
183,988
නායකත්ව පුහුණුවක් අතරතුර තරුණයෙක් මරුට
[ "නායකත්ව පුහුණුවක් අතරතුර සිදුවූ අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ.", "හදිසි අනතුරකින් මෙලෙස අකාලයේ දිවි අත්හැර යන්නේ යසින්ත ක්‍රිශාන් නම් 28 හැවිරිදි තරුණයෙකි.", "දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පෞද්ගලික දුරකථන සමාගමක ඉංජිනේරු අංශයේ සේවය කර තිබුණි.", "එම ආයතනයේ යසින්ත ද ඇතුළු පිරිසක් ඌව කුඩාඔය කමාන්ඩෝ කඳවුරේ නායකත්ව පුහුණුවක් සඳහා පසුගිය 6 වනදා සහභාගී වී ඇත.", "එම පිරිස එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සඳහා ද එක්ව තිබුණි.", "කේබල් මතින් ගමන් කිරීමේ ක්‍රියාකාරකමකට යසින්ත ද එක්වන්නේ ඒ අනුවය.", "16 දෙනෙකු කේබල් මතින් ඒ කොණ සිට මේ කොණට පැමිණියත් 17 වැනියා වූ යසින්තට ක්‍රියාකාරකම නිමා කරන්නට හැකිවන්නේ නැත.", "ප්‍රධාන රැහැන එක් පසෙකින් බිඳී ගොස් යසින්ත ජලයට ඇදවැටෙන්නේ නිමේෂයකිනි.", "යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ තරුණයා ජලයට වැටීමත් සමග එහි මඩ කැලතීම නිසා ඔහු සොයාගැනීමට විනාඩි 3ක් 4ක් පමණ ගතවී ඇති බවය. ", "තණමල්විල රෝහලට තරුණයාව ඉක්මනින් ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් ජීවිතයෙන් සමුගෙන තිබුණි.", "සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.", "යසින්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදුකළේය.", "පුද්ගල කුසලතා වර්ධනය කිරීමට පැවැත්වෙන මෙවැනි නායකත්ව පුහුණුවීම් ලොවපුරා දක්නට හැකි සුලබ දසුනකි.", "අතිශය වගකීම්සහගත ක්‍රියාවලියක් තුළ මෙවැනි අනතුරක් සිදුවන්නේ කෙසේද?", "එහි වගකීම පැවරෙන්නේ කාටද?", "යසින්තට සමුදෙන්න පැමිණි සියලුමදෙනා නගන ප්‍රශ්නය එයයි." ]
183,989
එංගලන්තය ට තියුණු ජයක්
[ "එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තුන්වැනි ටෙස්ට් තරගය කඩුලු තුනකින් ජය ගැනීමට එංගලන්තය සමත්විය.", "තරගය හෙඩින්ලි හි පැවැත්වුණි.", "ඒ අනුව තරග 5කින් සමන්විත අළුබඳුන තරගාවලයේ මේ වනවිට ඔස්ට්‍රේලියාව 2-1ක් ලෙස ඉදිරියෙන් සිටී.", "තරගය ජය ගැනීමට එංගලන්තය ට හිමිවූ අභියෝගය ලකුණු 251කි.", "තරගයේ සිව් වැනි දිනය වූ අද ඔවුන් ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු ගණන කඩුලු 7ක් දැවී ලබාගැනීමට සමත්විය.", "හැරී බෲක්ස් ලකුණු 75යි.", "මිචෙල් ස්ටාක් ලකුණු 78ට කඩුලු 5යි.", "ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 263ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 237ක් රැස්කළේය.", "ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම ට රැස්කළ ලකුණු සංඛ්‍යාව 224කි." ]
183,990
රෝහල ගැන මුහුණුපොතේ ලියූ තරුණිය පොලීසියට
[ "කළුතර නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී සිදුවූ මඟහැරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහනක් පළ කළ ගුරුවරියගෙන් පොලීසිය අද (09) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. ", "මේ අතර එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් නාගොඩ රෝහල අද අවධාරණය කර සිටියේ හෘද රෝගියාගේ රෝගී තත්ත්වයට අදාළ කිසිදු තොරතුරු වසන් කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවල කිසිදු අඩුපාඩුවක් සිදු වී නොමැති බවය.", "මිල්ලනිය දැල්කඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ගුරුවරියක් වන නිමේෂා මධුවන්තිගේ පියා හෘදයාබාධ හඳුනාගැනීමට කරන angiogram පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත්ව තිබුණි.", "එහෙත් එම පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් බව කියමින් තමන්ට දත්ත රහිත හිස් සංයුක්ත තැටියක් ලබාදුන් බවටත්, නිසි තොරතුරු ලබා නොදී රස්තියාදු කළ බවටත් ඇය චෝදනා කළේ ෆේස්බුක් සටහනක් තබමිනි.", "ඉන් පසුව පොලිස් නිලධාරීන් ඇය සොයා නිවසට පැමිණ ඇත.", "ඒ අනුව \"අද දෙරණ\" වාර්තා කට පුවතින් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා නිමේෂාගේ නිවසට ගොස් ගැටලුව විමසා බැලීය.", "පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගැනීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.", "එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ නිමේෂාගේ පියාගේ හෘදයාබාධයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමටත්, ඇයට සහ පියාට යම් අගතියක් සිදු වී ඇතිනම් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් සහාය ලබාදීමට සූදානම් බවය.", "මෙවන් පසුබිමක මේ සම්බන්ධව අද දෙරණ නාගොඩ රෝහලෙන් විමසීමක් කළේය.", "එම රෝහල ප්‍රකාශ කළේ මිල්ලනිය දැල්කඩ පදිංචි අදාළ හෘද රෝගියාගේ රෝගී තත්ත්වය angiogram පරීක්ෂණයක් මගින් නිෂ්චය කර හඳුනාගැනීමෙන් පසු බයිපාස් සැත්කමක් සිදුකිරීමට නිර්දේශ කෙරුණු බවය.", "එහෙත් නාගොඩ රෝහලේ බයිපාස් සැත්කම් සිදුනොකෙරෙන අතර එහි සිදුකෙරෙන්නේ ස්ටෙන්ට් දැමීම පමණි.", "එබැවින් රෝහලේ වෛද්‍යවරුන් නියමිත වෛද්‍ය පරීක්ෂණ සිදුකර අදාළ රෝගියාට හෘද සැත්කමක් සඳහා උපදෙස් ලබා දෙමින් ඔහුව රෝහලෙන් පිටත් කර යැවූ අතර angiogram පරීක්ෂණයේ දත්ත ඇතුළත් සංයුක්ත තැටිය ලබාදුන් බව එම රෝහල පවසයි.", "යම් තාක්ෂණික දෝෂයක් මත අදාළ සංයුක්ත තැටියේ දත්ත කියවාගත නොහැකි වුවද ඊට අදාළ රූපසටහන් ප්‍රතිකාවක් ද ලබාදී තිබූ බව රෝහල පවසයි.", "නමුත් එම සංයුක්ත තැටියේ කිසිවක් ඇතුළත් නොකර හිස්ව පැවති බවට චෝදනා කරමින් එම රෝගියාගේ දියණිය ෆේස්බුක් සටහනක් තබා තිබුණි.", "එම ෆේස්බුක් සටහනින් පසු නාගොඩ රෝහල ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බවත්, පොලීසිය ප්‍රකාශයක් ගැනීමට කාන්තාව කිහිපවරක්ම කැඳවූ නමුත් ඇය නොපැමිණි නිසා පසුව පොලීසිය ඇයගේ නිවසට ගොස් ඇති බවත් නාගොඩ රෝහල පවසයි.", "හෘද රෝගියාගේ රෝගී තත්ත්වයට අදාළ කිසිදු තොරතුරු වසන් කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවල කිසිදු අඩුපාඩුවක් සිදුනොවුණු බව ද එම රෝහල අවධාරණය කරයි." ]
183,991
කොටලීය පාලමේ ගැටුණු පෞද්ගලික බස් රථයක් ඔය ට පෙරළෙයි
[ "පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී තිබේ.", "අනතුරට ලක් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව අප වාර්තාකරු පැවසීය.", "මේ වන විට 08 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.", "එම බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් තිබුණි.", "Update-", "මේ අතර එම අනතුර හේතුවෙන් මියගිය ගණන 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.", "එසේම තවත් පිරිසක් රෝහල් ගත කර තිබේ.", "ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වෙයි." ]
183,992
කෝපා කමිටුව ඉදිරියේ තවත් හෙළිදරව්වක්
[ "දරුවන් සම්බන්ධයෙන් වූ දත්ත එක් රැස්කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය යටතේ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දත්ත පද්ධතිය ගැටලු රැසක් හේතුවෙන් තවමත් භාවිතයට ගැනීමට නොහැකිව ඇති බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.", "ඒ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.", "කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ නිලධාරීන් රැක්වූ අදහස් සහිත විඩියෝව ඉහත දැක්වේ." ]
183,993
අද කාලගුණය
[ "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.", "උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.", "ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.", "උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය." ]
183,994
තවත් බස්රථයක් අනතුරක - 2ක් මරුට
[ "අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.", "කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.", "තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබයි.", "අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.", "මේ අතර පූඩළුඔය දුනුකේදෙණිය - මඩකුඹුර මාර්ගයේ දී බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26දෙනෙකු තුවාල ලැබීය.", "මේ අතර පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.", "අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.", "කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.", "බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.", "අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.", "මේ අතර පූඩළුඔය දුනුකේදෙණිය - මඩකුඹුර මාර්ගයේ දි බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලැබීය.", "තලවකැලේ ප්‍රදේශයේ පිහිටි වතුයායක සේවය කරන වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළ අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය. ", "අනතුරින් තුවාල ලැබු පිරිස් ප්‍රතිකාර සඳහා කොත්මලේ සහ මල්දෙණිය යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
183,996
තවත් වෙඩිතැබීමක්
[ "මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.", "වෙඩි වැදුනු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇත.", "එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ පාලිනගර්, මල්ලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.", "මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.", "වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
183,997
ජනපති නිල සංචාරයකට සුදානමින්
[ "දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.", "ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.", "ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්ය.", "මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.", "එමෙන්ම ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.", "මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා මෙම සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.", "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත." ]
183,998
බස් අනතුරින් දිවි බේරාගත් තරුණයා
[ "පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.", "අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.", "කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.", "බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.", "අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.", "මේ අතර බස් රථ අනතුරින් දිවි බේරාගත් එහි ගමන් කළ තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.", "\"බස් එක කදුරුවෙල ඉඳලා කල්මුණේ යන්න අපි ආවේ. 50ක් වගේ හිටියා. දහ දෙනෙක් වගේ නැගිටලා හිටියා. 7.30 විතර තමා බස් එක ස්ටාට් කරේ. හයිස්පීඩ් තමා ආවේ. පාළමට ළං වෙද්දි එකපාරටම නැවතුණා. නැවතිලා එකපාරටම ඇතුළට වැටුණා. මම හිටියේ ජනෙල් පැත්තේ. මම මුලින්ම එළියට ආවේ. පොලීසිය ආවා විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත. ගොඩක් අයට සිහිය තිබුණේ නෑ.\"", "කෙසේවෙතත් මෙම බස් රථයට මගී ප්‍රවාහන කටයුතු සඳහා නිසි බලපත්‍රයක් නොමැති බවද වාර්තා වේ.", "නැගෙනහිර පළාත් සභාව මඟින් ලබාදී ඇති නිත්‍යානුකුල නොවන බලපත්‍රයක් භාවිත කරමින් ඔවුන් බස් රථ ධාවනය කර ඇති බවද සඳහන්ය." ]
183,999
සජබයේ අලුත්ම සුදානම
[ "රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ එහි සභාපතීත්වය සංශෝධනය කරන ලෙස දන්වමින් කතානායකවරයා වෙත ඉල්ලීමක් සිදුකිරිමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.", "ඒ අනුව අදාළ ඉල්ලීම මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේ දී සිදුකිරීමට පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.", "කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය.", "\"ඒ කණ්ඩායම ම තමා මේ රට බංකොලොත් කළේ. ඒ රජය යටතේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහු සමග හිටිය නිලධාරීන්, පී. බී. ජයසුන්දර ලේකම්වරයා, මහ බැංකු අධිපති ලෙස නිවාඩ් කබ්රාල්, ඒ අය තමා ආර්ථික ඝාතකයෝ. ආර්ථික ඝාතකයෝ හොයන්න කමිටුවක් පත්කරලා ඒ කමිටුවේ සභාපති විදියට සාගර කාරියවසම් සහ හිටිය ලොක්කෝ කමිටුවේ පත්කරනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් ද? ඒ නිසා ලබන සතියේ පාර්ලිමේන්තුව තියෙන කොට අපි කතානායකගෙන් ඉල්ලීමක් කරනවා මේක වෙනස් කරන්න කියලා. මේක විසඳාගන්න නම් මැතිවරණයක් ඕනේ. එහෙම නැතුව අපි කොච්චර මේ කණ්ඩායම එක්ක උත්සාහ කළත් මේක හරියන්නේ නෑ.\"", "විශේෂ කාරක සභාවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කරතිබු මාධ්‍ය හමුවේ දි මෙලෙස ප්‍රතිචාර දැක්විය." ]
184,000
තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ
[ "තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ.", "ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.", "එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයකි.", "එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.", "තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.", "ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.", "මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර, මෙම ගුවන් සේවයෙන් පැමිණීමට සහ පිටත්වයාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක මුදලක් පමණි." ]
184,001
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන්
[ "අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියානාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමේ කාලය අදින් (10) අවසන් වීමට නියමිතව තිබේ.", "අභියානාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමට ලබාදීමට තිබු කාලය පසුගිය මස අග දී අවසන් වීමට නියමිතව තිබුණ ද පාර්ශව රැසක ඉල්ලීම් හමුවේ එය අද දින දක්වා දීර්ඝ කිරිමට රජය පියවර ගනු ලැබීය.", "ඒ අනුව අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා මේ වන විට ලක්ෂ 09කට ආසන්න අභියාචනා සංඛ්‍යාවක් ලැබී තිබේ.", "ඊට අදාළව විරෝධතා ද 12,000ක් පමණ මේ දක්වා ලැබී ඇති බව සඳහන්ය.", "කෙසේවෙතත් අද දිනය තුළ ද සිය අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යංශය පැවසුවේය.", "ඉන් අනතුරුව දිස්ත්‍රික්ක ලේකම්වරුන් විසින් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා කඩිනමින් සලකා බලා අවසන් ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතය." ]
184,002
ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්
[ "ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.", "ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය.", "බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.", "\"මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒකට තමා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් 2024 දී ජනාධිපතිවරයා බවට පත්කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. තිබුණු කරපු දේශපාලන නායකත්වයට මේ රට කරන්න බෑ කියන කාරණාව උඩ අපි එළියට ඇවිත් කිව්වා දැන් වෙනසක් ඕනේ කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ රටක් වැටුණහම භාරගන්නේ විපක්ෂ නායකවරයා. නමුත් ලංකාවේ එහෙම භාරගන්න කොන්ද පණ තියෙන විපක්ෂ නායකවරයෙක් හිටියේ නෑ. එයා පැනලා ගියා. ඒ නිසා ආසයි බයයි කියලා ප්‍රශ්තාපිරුළක් ඇති වුණේ.\"" ]
184,003
විම්බල්ඩන් පිටියේ හූ හඬ පැතිරේ
[ "ඊයේ (09) එංගලන්තයේ විම්බල්ඩන් ටෙනිස් තරගයක් අවසානයේදී ප්‍රේක්ෂකයින් හූ කියමින් ක්‍රීඩිකාවකට සිය විරෝධය පළ කළේය.", "ඒ බෙලරූස් ක්‍රීඩිකා වික්ටෝරියා ඇසරෙන්කා ට එරෙහිවය.", "ඇය ඊයේ තියුණු තරගයකින් අනතුරුව යුක්‍රේන ක්‍රීඩිකා එලීනා ස්විටෝලීනා ට පරාජය වූවාය.", "යුක්‍රේන - රුසියා යුද ගැටුම් හේතුවෙන් ස්විටෝලීනා, රුසියානු සහ බෙලරූස් ක්‍රීඩිකාවන්ට තරගයක් ආරම්භයේදී හෝ අවසානයේදී අතට අත දී ආචාර නොකරයි.", "එහෙත් ඊයේ බෙලරූස් ක්‍රීඩිකාව තරගයෙන් අනතුරුව යුක්‍රේන ක්‍රීඩිකාවට ආචාර කිරීමට රැඳී සිටින විට තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් හූ කියමින් ඇයට සිය විරෝධය පළකළේය." ]
184,004
නව කාදිනල්වරු 21ක්
[ "අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව කාදිනල්වරු 21දෙනෙකු තෝරාපත් කර ගන්නා බවට නිවේදනය කර තිබේ.", "ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දේව මෙහෙයක් අතරතුර නව කාදිනල්වරු පත්කිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේ ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.", "සිය දේවස්ථානයේ සාමාජිකයන් 21දෙනෙකු ඉහළ කාදිනල් නිලයට ඔසවා තබන බවට උන්වහන්සේ එහිදි ප්‍රකාශ කර ඇත.", "ස්ථිර වශයෙන් නව කාදිනල්වරු එම තනතුරුට පත්කිරීමේ උත්සවය ලබන සැප්තැම්බර් මස 30 වනදා පැවැත්වෙන බව සඳහන් වේ.", "ඒ අනුව ඔවුන් අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.", "අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වන විට 86 වන වියේ පසුවෙයි." ]
184,005
අයිස් වැස්සක්
[ "බුත්තල නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබේ.", "අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (09) පස්වරුවේ මෙම තත්ත්වය දැකගන්නට හැකි වු බවය.", "වර්ෂාව ඇදහැලෙන අතරවාරයේ බුත්තල නගරයට අයිස් වැස්සක ඇදහැලෙන අයුරු පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි." ]
184,006
රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ
[ "දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.", "දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණකි.", "එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.", "එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස දැනුම් දී තිබේ." ]
184,007
චීනයේ බිහිසුණු පිහි ඇනුමක්
[ "චීනයේ ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. ", "චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී එම සිද්ධිය වාර්තා වී ඇති අතර පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.", "ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.", "අද (10) උදෑසන මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර එය සැලසුම් සහගතව කර ඇති බව පොලීසිය පැවසීය." ]
184,008
මනම්පිටිය මාරක බස් අනතුරේ අලුත්ම කතාව
[ "පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වේ.", "ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.", "මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය.", "ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.", "\"අපිට තොරතුරු ලැබුණාහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ.\"", "පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.", "අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.", "කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.", "බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.", "අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ." ]
184,009
බොර තෙල් මිලෙහි වෙනසක්
[ "ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී තිබේ.", "විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය. ", "එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.", "බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.96ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.34ක් ලෙසත් දැක්වුණි." ]
184,011
ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්
[ "ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන \"Jawan\" චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය අද (10) උදෑසන එළිදක්වා තිබේ.", "කොලිවුඩ් සිනමාවේ දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.", "Jawan චිත්‍රපයටය ට බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වයි.", "ෂාරුක් ඛාන්, නයන්තරා, ප්‍රියමානි, සන්‍යා මල්හෝත්‍රා, යොගි බාබූ, සුනිල් ගෝවර්, සිමාජීත් සින්ග් නග්රා, අසී බග්රී, මනහාර කුමාර් මෙම චිත්‍රපටයේ චරිත නිරූපනය කරන බව සඳහන් වේ.", "ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරු‍වෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.", "බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.", "Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.", "මේ අතර පසුගිය දා ෂාරුක් ඛාන් අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී අනතුරකට මුහුණදුන්නේය.", "ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.", "කෙසේවෙතත් මේ වනවිට අමෙරිකාවේ දී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇතැයි ද වාර්තා වුණි.", "අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී." ]
184,012
මනම්පිටිය බස් අනතුරේ රියදුරු අත්අඩංගුවට
[ "පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස්රථයක් ඔයට පෙරළී සිදුවු අනතුරට බස්රථ රියදුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.", "පොලීසිය සැක පළ කරන්නේ, අධික වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවය.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවය.", "කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර නොසිටි බවත් වෙනත් විෂ මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටියේ ද යන්න සොයා මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.", "ඊයේ (09) රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ මනම්පිටිය කොටලීය පාලම මතදීය.", "කඳුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් කොටලීය පාලමේ ගැටී එහි ආරක්ෂිත වැටද කඩාගෙන මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොටලීය ඔයට පෙරළී තිබේ.", "\"අද දෙරණ\" වාර්තාකරු සඳහන් කළේ, අනතුරින් පසු බස්රථය ඇදවැටුණු ස්ථානය අඩි 15ක් පමණ ගැඹුරු බවය.", "කෙසේවෙතත් ප්‍රදේශවාසීන් හා පොලීසිය කඩිනමින් මැදහත් වී අනතුරට පත් බස් රථයේ සිටි මගීන් ඉන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දැරීය.", "අනතුරින් තුවාල ලැබූ සහ මුදාගත් පිරිස ගිලන් රථ මගින් රැගෙන ආවේ පොළොන්නරුව මහ රෝහල වෙතය.", "කෙසේවෙතත් එම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමිවුණි.", "මියගොස් තිබුණේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 9ක් වන අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්ද ඒ අතර සිටී.", "මීට අමතරව තවත් පුද්ගලයින් 42කට තුවාල සිදුවූ අතර දරුවන් තිදෙනෙක් සහ කාන්තාවක්ද ඒ අතර වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.", "තවත් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.", "අනතුරට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද රෝහලට පැමිණ ", "ඔයට වැටුණු බස් රථය මහත් පරිශ්‍රමයක් දරමින් ඊයේ රාත්‍රීයේම ගොඩ ගනු ලැබීය.", "අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 ක් හෝ 60 ක් පමණ සිටින්නට ඇති බවට විශ්වාසය පළ කරන අතර ඒ අනුව කොටලීය ඔයේ ගිලී අතුරුදන් වූවන් සිටිනම් ඔවුන් සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් තවමත් මෙහෙයුම් සිදුකරමින් පවතී." ]
184,013
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට නියෝගයක්
[ "එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.", "එම පෙත්සම් අද (10) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කර තිබුණි. ", "එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව චෝදනා කළේය.", "එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.", "මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවය.", "ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබාගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළේය.", "එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කෙරිණි.", "ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 5 සහ 6 දිනවල කැඳවීමට නියම කළේය." ]
184,014
පුංචි සිඟිත්තියට දිවි අහිමි කළ අනතුර
[ "කොකුවිල් පොලිස් වසමේ ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ සර්වෝදය හන්දිය අසල දී සිදුවු රිය අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.", "මඩකලපුව දෙස සිට එරාවුර් දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළී ගොස් අනතුර සිදුව ඇත.", "අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාව හා ඇයගේ බිළිඳිය, ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා ඇති අතර, මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී බිළිඳිය ජීවිතක්ෂයට පත්ව තිබේ.", "එසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2ක් වු පාලමුනෛ ප්‍රදේශයේ පදිංචිකාරියකි.", "අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි." ]
184,015
ඉතාලියේදී අවසන් ගමන් ගිය පියා සහ පුත්‍රයා
[ "ඉතාලියේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.", "මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ පුත්‍රයායි.", "ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඥාතීන් පිරිසක් සමග ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි ගංගාවක දිය නෑමට ගොස් ඇත.", "එහිදී 25 හැවිරිදි වියේ පසුවූ තම පුත්‍රයා දියේ ගසාගෙන යනු දුටු 60 හැවිරිදි වියේ පසුවූ පියාද ජලයට පැන ඇත.", "කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ සැඩ පහරට හසුවී ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇති බවය.", "අනතුරුව පැමිණි එරට ආරක්ෂක අංශ කිමිදුම් කණ්ඩායම් විසින් දියේ ගිලී මියගොස් සිටි පියපුතු දෙපළගේ සිරුරු ගොඩගෙන ඇත.", "මියගොස් ඇති දුලාජ් නිලංජන් නමැති පුත්‍රයා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර එරට ක්‍රිකට් සමාජයක සාමාජිකත්වය ද දරයි.", "වසර 8කට පමණ පෙර ඔහුගේ පියා ඉතාලිය වෙත ගොස් ඇති අතර එහි පදිංචිව සිටින දුලාජ් නිලංජන් මීට වසර එකහමාකරකට පමණ පෙර විවාහ දිවියට ඇතුළත්ව ඇත.", "මීට මාස එකහමාරකට පමණ පෙර දුලාජ්ගේ බිරිඳද එරට පදිංචියට ගොස් ඇත.", "ඔවුන් දෙදෙනාගේ සිරුරු එරට රෝහලක තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතුද එරටදී සිදුකරනු ඇති බවට ඥාතීන්ගේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.", " " ]
184,016
තවත් බස් රථයක් අනතුරට ලක්වෙයි
[ "නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වී තිබේ.", "මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.", "අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20කට ආසන්න පිරිසක් ගමන්කර ඇති අතර ඉන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.", "රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි.", "පුස්සැල්ලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.", " " ]
184,017
අමෙරිකාවේ අනපේක්ෂිත යුද සහාය
[ "විශාල ප්‍රදේශයක පැතිරී මිනිස් ජීවිත සහ දේපලවලට හානි කරන ඉතා විනාශකාරී පොකුරු බෝම්බ භාවිතයෙන් ඉවත්වීමේ ජාත්‍යන්තර සම්මුතියක් 2008 වසරේ මැයි මාසයේ දිනක, අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී ඇති කරගනු ලැබීය.", "මේ වනවිට ලොව රටවල් 110ක් ඊට එක්වී සිටියත් අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හෝ යුක්‍රේනය ඊට අත්සන් තබා නැත.", "කුඩා බෝම්බ් රැසකට බිඳීයමින් යුද්ධයේදී මෙන්ම ඉන් පසුවද දශක ගණනාවක් පැවතිය හැකි නිසා පොකුරු බෝම්බ භාවිතය ඇත්තෙන්ම මතභේදාත්මකය.", "යුද්ධයෙන් පසුව වුවත් ඒවා සොයාගත නොහැකිවීමේ ප්‍රතිශතය සියයට 2 සිට සියයට 40 දක්වා වේ.", "වියට්නාම යුද්ධයේදී අමෙරිකා වියට්නාමයේ පමණක් නොව ලාඕසයේ සහ කාම්බෝජයේ ඉලක්ක වෙත පොකුරු බෝම්බ එල්ල කළ බව වාර්තා වේ.", "වියට්නාමයේ කුවැන්ග් - ට්‍රයි ප්‍රාන්තයේ පමණක් යුද්ධයෙන් පසු මෙම පොකුරු බෝම්බ කොටස් නිසා මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව 7000කට අධිකය.", "CLUSTER BOMBS නැත්නම් පොකුරු බෝම්බ පිළිබඳ අප මෙතරම් අවධානය යොමු කළේ, යුක්‍රේන යුද්ධයේදී රුසියාවට එරෙහිව භාවිත කිරීම සඳහා පොකුරු බෝම්බ ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කිරීම හේතුවෙනි.", "අමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට ලබාදෙන ඩොලර් මිලියන 800ක නවතම යුදාධාර පැකේජයට මෙම පොකුරු බෝම්බ තොගයද ඇතුළත්ය.", "2022 වසරේ පෙබරවාරියේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ දා පටන් අමෙරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට ලබාදී ඇති යුදාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 40කට අධිකය.", "අමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් රුසියාවට එරෙහි PROXY WAR හෙවත් නිල නොවන යුද්ධයක් ක්‍රියාත්මක කරන බව රුසියාව පවසයි.", "යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර මෙහෙයුම් කාල සීමාව තුළ මෙලෙස පොකුරු බෝම්බ ලබාදෙන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.", "එහෙත් එමඟින් දීර්ඝ කාලීනව සිවිල් වැසියන්ට සිදුවිය හැකි අනතුරු සහ විනාශය අතිමහත්ය.", "තමන් විසින් ලබාදෙන පොකුරු බෝම්බ පරීක්ෂාකරීව භාවිත කිරීම සඳහා යුක්‍රේනය පොරොන්දුවී ඇති බව අමෙරිකාව පවසයි.", "එහෙත් යුක්‍රේනය මෙතෙක් එලෙස පොරොන්දු ප්‍රකාරව කටයුතු කර ඇත්ද යන්න ගැටලුවකි.", "මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කිරීමද එවැනි එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.", "මේ නිසා තමන්ට අහිමිවූ යුක්‍රේන ප්‍රදේශ මුදාගැනීමට මිස රුසියානු භූමියේ පොකුරු බෝම්බ ප්‍රහාර දියත් නොකරන බවට යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොෆ් සිදුකර ඇති ප්‍රකාශයද සැක කටයුතුය.", "රුසියාවට එරෙහි ප්‍රතිප්‍රහාර මෙහෙයුම සෙමෙන් ඉදිරියට ඇදෙන බව යුක්‍රේනය ප්‍රකාශ කළත් එහි සාර්ථකත්වය ඇතැම් බටහිර රටවල් විසින්ම ප්‍රශ්න කොට තිබේ.", "ප්‍රතිප්‍රහාර මෙහෙයුම සඳහා යොදාගත හැකි කාලතුවක්කු උණ්ඩ අවසන් වෙමින් පවතින බවත්, එම සැපයුම් යථා තත්ත්වයට පත්කරන තුරු උණ්ඩවල හිඟය පියවීමට පොකුරු බෝම්බ ලබාදෙන බවත් අමෙරිකාව ප්‍රකාශ කළේය.", "අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීම තුළින් යුක්‍රේන ප්‍රති ප්‍රහාර මෙහෙයුමේ දුර්වලතාව පැහැදිලි වන බව රුසියාව පවසයි.", "රුසියානු ප්‍රහාර හමුවේ අමෙරිකාව කෙතරම් වික්ෂිප්ත වී ඇතිද යන්න එමඟින් පැහැදිලි වන බවත් එහෙත් එයින් සිය ප්‍රහාරක මෙහෙයුම්වලට බලපෑමක් සිදුනොවන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා ප්‍රකාශ කළේය.", "මෙලෙස ඉවක් බවක් නොමැතිව විනාශකාරී අවි යුක්‍රේනයට ලබාදීමෙන් යුද්ධය හැකිතාක් කල් දිග්ගැස්වීමට අමෙරිකාව අපේක්ෂා කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.", "යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමේ අමෙරිකානු තීරණයට ඇතැම් බටහිර සන්ධානයේ රටවල් විසින්ම විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.", "යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීම සිදුනොකළ යුතු බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යවරිය මාගරීටා රොබ්ලස් ප්‍රකාශ කළාය.", "යුක්‍රේනයේ ආරක්ෂාව සහාය විය යුතු වූවත්, පොකුරු බෝම්බ ඒ සඳහා යොදාගැනීම නීත්‍යනුකූල පියවරක් නොවන බව ඇය ප්‍රකාශ කළාය.", "කැනඩාවද යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට සිය විරුද්ධත්වය පළ කළ අතර, ළමයින් ඇතුළු සිවිල් ජන කොටසට හානිකරන පොකුරු බෝම්බ යොදාගැනීමට තමන්ගේ සහායක් පළ නොවන බව කැනඩා රජය සඳහන් කළේය.", "අමෙරිකා එක්සත් ජනපද සන්ධානයේ සහායක රටක් වුවද ජර්මනියද එම පියවරට විරුද්ධතාවය පළ කළ ඇති අතර ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද යුක්‍රේන යුද්ධයේදී පොකුරු බෝම්බ යොදාගැනීමට විරුද්ධත්වය පළ කර තිබේ.", "බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් කියා සිටියේ යුද්ධයේදී පොකුරු බෝම්බ යොදාගැනීම බ්‍රිතාන්‍ය විසින් ප්‍රවර්ධනය නොකරන බවය.", "ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී සාකච්ඡා කරනු ඇත.", "යුරෝපීය රටවල් තුනක සංචාරයක් අරඹමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ බ්‍රිතාන්‍යට පැමිණි අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙන්ම වින්ඩ්සර් මැදුරේදී චාල්ස් රජු ද මුණගැසීමට නියමිතය.", "ලිතුවේනියාවේ විල්නියුස්හි හෙට සහ අනිද්දා පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවන අමෙරිකානු ජනාධිපතිවරයාගේ තුන්වැනි නැවතුම්පල වන්නේ ෆින්ලන්තයේ හෙල්ඩ්සින්කි නුවරය.", "එහිදී ජනපති බයිඩ්න් නේටෝ සංවිධානයේ නවතම සාමාජික ෆින්ලන්තයේ මෙන්ම අනෙකුත් නෝර්ඩික් රටවල නායකයන් සමග සමුළුවකට එක්වේ." ]
184,018
තවත් ව්‍යාපෘතියකට අනුමැතිය
[ "කන්කසන්තුරය වරාය හරහා ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට මෙරට අනුමැතිය ලබා දී තිබේ.", "මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකි බව අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවේ.", "එමෙන්ම එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහාමෙහා රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.", "කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති වීම හේතුවෙන් එය තවත් මාස 6ක පමණ කාලයක් ප්‍රමාදවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය." ]
184,019
මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
[ "මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.", "ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.", "මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023.02.22 වන දින ඔවුන් වෙත මෙම තීරණය දැනුම්දී ඇති බවය.", "මහා බැංකුව පවසන්නේ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.", "ඒ අනුව, පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටී.", "ඒ අනුව මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින්." ]
184,020
ගුරු පුහුණු විද්‍යාපීඨ 19ම විශ්වවිද්‍යාල වෙයි
[ "අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.", "පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.", "ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.", "මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.", "එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය හිමි නොවන බවය.", "මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය." ]
184,021
ඔස්ට්‍රේලියාවේදී බස් රථයක් ගිනිගනී
[ "ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී බස් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්ව තිබේ.", "විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙල්බර්න්හි west gate පාලම මතදී මෙලෙස බස් රථයක් ගිනිගැනීමට ලක්ව ඇති බවය.", "බස් රථය ගිනිගැනීමත් සමග west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි.", "ගිනිගැනීම හේතුවෙන් බස් රථයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව ඇතිද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.", " " ]
184,022
කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පුහුණුවට එන සංචිතය
[ "පාකිස්ථාන කණ්ඩායමට එරෙහි දෙදින පුහුණු තරගය සදහා 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබේ.", "කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද ඇතුලත් වෙයි.", "ඕෂධ ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, අශාන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, නුවනිදු ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ, ප්‍රවීන් ජයවික්‍රම, ශෂික දුල්ෂාන්, කවිෂ්ක අංජුල, මිලාන් රත්නායක, අසංක මනෝජ් සහ මොහොමඩ් ශිරාස් සෙසු ක්‍රීඩකයින් වෙයි.", "පුහුණු තරගය හෙට හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතය." ]
184,023
මිලියන 6.6ක් වටිනා රන් කාසියක් ඉස්සූ තිදෙනෙකු අත්අඩංගුවට
[ "එළිසබෙත් රැජිනගේ රූපය අඩංගු කර නිර්මාණය කරන ලද රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වන්න ප්‍රදේශයේ නිවසකින් සොරාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. ", "එම රන් කාසියේ බර ග්‍රෑම් 311 ක් බව පොලීසිය සඳහන් කරයි. ", "මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, පාදුක්ක සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසකි.", "එම රන් කාසියේ හිමිකාරිය වන 57 හැවිරිදි කාන්තාවක් ඊයේ (9) පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කරමින් ඇය විවාහ වී සිටින ඔස්ට්‍රියන් ජාතික සැමියා වරින් වර ජර්මන් රටට ගොස් මෙරටට පැමිණෙන බවත් ඉකුත් මස 21 වෙනි දින සැමියා මෙරටට පැමිණි බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.", "එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ විදෙස් ජාතිකයා විසින් එම කාන්තාව වෙත මෙම රන් කාසිය තෑගි දී ඇති බවය.", "පසුව අනාවරණය වී ඇත්තේ නිවසේ මුළුතැන්ගෙයි දොර කඩා සැකකරුවන් පිරිස නිවසට ඇතුළුවී මෙම සොරකම සිදුකර ඇති බවය.", "එම රන් කාසියේ වටිනාකම රුපියල් මිලියන 6.6ක් බවට ඇස්තමේන්තු කර තිබේ.", "සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.", " " ]
184,024
ඩිෆෙන්ඩර් රථයෙන් කොළඹ හෙල්ලූ සුරූපී තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට
[ "පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.", "මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකි.", "ප්‍රථමයෙන් මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ.", "කෙසේ වෙතත් එම එන නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇත.", "වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.", "ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත.", "එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.", "පසුව කැළෑ පොළ ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථය නවත්වන ලෙසට සංඥා කළ ද එය නොතැකූ තරුණියන් පිරිස ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.", "පසුව ක්‍රියාත්මක වූ පොලීසිය රථය පසුපස හඹා ගොස් එය නවතාගැනීමට සමත්ව ඇත.", "එහිදී තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.", "සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි." ]
184,025
අනතුරට ලක්වූ බස් රථය ගැන තවත් තොරතුරු එළියට
[ "පෞද්ගලික බස් රථයක් ඊයේ රාත්‍රියේ පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමේ ගැටී ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් එකොළොස් දෙනෙකුට දිවි අහිමි වුණි.", "එමෙන්ම එහි සිටි තවත් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.", "මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ අනතුරට පත් බස් රථයට සිය සභාවේ අවසර පත්‍රයක් නොමැති බවය.", "එසේම පොලිසිය පවසන්නේ අධික වේගයත්, බස් රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනයත් අනතුරට හේතු වන්නට ඇති බවය.", "මෙම බිහිසුණු අනතුරින් පුද්ගලයින් එකොළොස් දෙනෙකුට දිවි අහිමිවුණි.", "මියගොස් තිබුණේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සහ වයස අවුරුදු එකොළහාමාරක දැරියකි.", "ඒ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදය විෂය හැදෑරූ සිසුන් දෙදෙනෙක්ද වෙයි.", "ඉන් එක් අයකු වන 23 හැවිරිදි සමිත දිල්ශාන් පදිංචිව සිටියේ දුම්මලසූරිය ප්‍රදේශයේය.", "ඔහුගේ මිතුරෙක් වන ආනමඩුවේ පදිංචි 23 හැවිරිදි දමිත් සාගර අත්තපත්තුටද මෙම අනතුරින් දිවි අහිමි වුණි.", "ඔවුන් දෙදෙනාම සිය නිවෙස්වල සිට නැගෙනහිර විශ්වවිද්‍යාලයට පිටත්ව යන අතරතුරයි මෙම අනතුරට ලක්ව තිබුණි.", "අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 ක් හෝ 60 ක් පමණ සිටින්නට ඇති බවට විශ්වාසය පළ කරන අතර ඒ අනුව කොටලීය ඔයේ ගිලී අතුරුදහන් වූවන් සිටිනම් ඔවුන් සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කර තිබුණි." ]
184,026
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට
[ "ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබේ.", "ගුවන්තොටුපොළ අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC - 33 දරණ යානයෙන් අද රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.", "දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය." ]
184,027
ශ්‍රී ලංකාවෙනුත් T10 තරගාවලියක්
[ "ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.", "ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතය.", "ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.", "සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.", "මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට.නියමිතය ", " " ]
184,028
ප්‍රදේශ කිහිපයකට තරමක වැසි
[ "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.", "කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් උදය කාලයේදී වැසි ඇති විය හැකි බවය.", "ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.", "ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී." ]
184,030
2023 -2024 වසර සඳහා ජන හා නිවාස සංගණනයක්
[ "‍2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.", "ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.", "මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණි.", "එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.", "මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ.", "සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදුකෙරේ.", "ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සංගණනයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බවය. ", "අදියර 4ක් යටතේ සංගණනයේ කටයුතු සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී අනුර කුමාර මහතා පැවසීය." ]
184,031
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු - විභාගය නොවැම්බර්
[ "‍2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.", "ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.", "සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේය.", "\"අගෝස්තු මාසයේ මැද භාගය වනවිට උත්තරපත්‍ර සම්පුර්ණ සමීක්ෂණය කරලා ප්‍රතිඵල නිකුත් කරන මට්ටමට ඇවිල්ලා අවසාන කරන්න පුළුවන්. අගෝස්තුවල ප්‍රතිඵල ආවට දැන් ඉඳලා සුදානම් වෙන්න පුළුවන් විභාග තියෙන වකවාණු ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නිවාඩු කාලසීමාවේ තමා විභාග පවත්වන්නේ. දින 21ක් අවශ්‍ය වනවා උසස් පෙළ විභාගය සම්පුර්ණයෙන් අවසන් කරන්න. අපේ අරමුණ තමා නත්තලට කලින් මේ විභාගය පවත්වලා අවසන් කරන්න. හැබැයි සාමාන්‍ය පෙළ දැනට පවත්වන්න වෙන්නේ මාර්තු - අප්‍රේල් වගේ. ඒකට අදාළ වාර සටහන් දැනට සකස් කරමින් යනවා.\"", "මේ අතර ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා ජාතික අධ්‍යාපන කොමිසම යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.", "\"පෞද්ගලික පාසල් වර්ග දෙකක් තියෙනවා. රජයේ ආධාර ලබන පාසල්. එතකොට රජය මඟින් සම්පුර්ණ නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරුවරුන්ගේ වැටුප රජයෙන් ලබාදෙන්නේ. පෞද්ගලික පාසල්වලත් අපිට යොමුකරන සියලුදෙනාගේ පුහුණුව අපි ලබාදෙනවා. රජයේ ආධාර නොලබන පාසල් තියෙනවා සම්පුර්ණයෙන්ම පෞද්ගලික හැටියට. ඒවා ඒ ආයතන මඟින් ඒවා පාලනය වෙනවා. හැබැයි ඒ අයගේ යම් පැමිණිල්ලක් ආවොත් අපි පුද්ගලික අංශය මඟින් පරීක්ෂා කරලා ඒ සඳහා අවශ්‍ය පිළියම් අපි යොදනවා. ඊළඟ කොටස තමා ජාත්‍යන්තර පාසල්. රට පුරා 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ තමා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ. මොකද ඒ සියල්ල ලියාපදිංචි වෙලා තියෙන්නේ සමාගම් පනත යටතේ. ඒ නිසා දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කොමිසමට අරන් ඒ ජාත්‍යන්තර පාසල් නියාමනයට අවශ්‍ය ඒකකයක් පිහිටුවන්න අපි කටයුතු කරනවා.\"", "මේ අතර දකුණු පළාතේ පාසල්වල උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් ඉවත් කිරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.", "මේ සම්බන්ධයෙන් ඊයේ (10) මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණි.", "එහිදී අදහස් දැක්වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාගම මහානාම හිමි සඳහන් කළේ, එමඟින් ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතියක් උල්ලංඝනය වන බවය." ]
184,032
ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ
[ "‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.", "ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.", "ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.", "ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයෙන් දැක්වේ." ]
184,033
ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි
[ "ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ.", "ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.", "තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.", "මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් තුර්කියට සිය ප්‍රසාදය පළකර තිබේ." ]
184,034
මිහින්තලේ රටබීම හල් ගැන ජනතා විරෝධය
[ "‍මිහින්තලේ නගරයේ ස්ථාපිත කර ඇති රටබීම හල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලි සිටී.", "එම රටබීමහලට එරෙහිව ඊයේ (10) විශාල පිරිසක් විරෝධතාවක ද නිරත වුණි.", "\"සංචාරක ප්‍රවර්ධනය සඳහා මිහින්තලයට අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා. සිද්ධස්ථාන තියෙනවා, සෙල්ලිපි තියෙනවා, පුරාවිද්‍යා ස්ථාන සංචාරක ප්‍රවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒ තියෙද්දි මේ බියර් සාප්පුවක් දාලා සංචාරක ප්‍රවර්ධනය කියලා අනුවන ක්‍රියාවක්...\"", "\"අපිට මීට වඩා ප්‍රශ්න තියෙනවා. තෙල් පොහොර ප්‍රශ්න තියෙනවා. ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. වීවලට මිලක් නෑ. ඉන්නේ තෙල් පොහොර දෙන මිනිස්සු. ඒ ඔක්කෝම තියෙද්දි මේ මිනිස්සු ජාරාව ගෙනත් දාගෙන. මහ එවුන් පර්මිට් දීලා. ලයිසන් දීලා...\"", "\"ලංකාවේ එකම නගරය තමා මස් කඩයක්, තැබෑරුමක් තිබුණේ නැති. මේවා අයින් කරලා දාලා අපේ දරුවෝ හදාගන්න ඉඩදෙන්න කියලා ඉල්ලා සිටිනවා අපේ මිහින්තලයේ හිමිගේ ප්‍රධානත්වයෙන් ...\"" ]
184,035
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්
[ "උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.", "විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.", "උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වේ.", "කෙසේවෙතත් භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.", " " ]
184,036
දරුඵල ලබන්න කියා බෙහෙත් ගත් කාන්තාව හදිසියේ මියයයි
[ "මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, අදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බවය.", "එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.", "තම දුවට දරු ඵල නොමැති වීම හේතුවෙන් මව සහ දියණිය ගිරිතලේ ප්‍රදේශයේ සිංහල බෙහෙත් හා දේවාල කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීමට ගොස් තිබේ.", "පසුව එම ස්ථානයේ සිටි වෙඳදුරු කාන්තාවක් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුවකට අදාළ විරේක බෙහෙතක් දින තුනක සිට පානය කිරීමෙන් අනතුරුව ඇති වු ක්ලාන්ත තත්ත්වය මත එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.", "මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව මහා රෝහලේ තැන්පත් කර ඇත." ]
184,037
පරිස්සමින්...
[ "මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.", "ඒ අනුව හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයෙ, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල පවතින මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසිය රියදුරුන්ගෙන් ඉල්ලා සිටී.", "ඡායාරූප - රංජිත් රාජපක්ෂ" ]
184,038
ගුවන්තොටුපළේ දී කොටු වු රත්‍රං ජාවාරම
[ "නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් හා එයට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.", "කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්‍ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.", "ඒ අනුව රත්‍රං කිලෝ 1යි ග්‍රෑම් 780ක් සමග පැමිණි සැකකරුව හා එයට අනුබල දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.", "එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 39ක් හා 52ක් වු වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.", "අප වාර්තාකරු පැවසුවේ මොවුන් දෙදෙනා ව්‍යාපාරිකයින් ලෙස රුපියල් දෙකෝටි අසුලක්ෂයක් වටිනා රත්‍රං ස්වර්ණාභරණ තොගයක් මෙලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවය.", "මොවුන් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ තිබේ.", "මේ අතර නීතිවිරෝධීව රත්‍රං තොගයක් රැගෙන විදෙස් ගතවීමට උත්සාහ කළ කාන්තාවක් ද ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.", "අදාළ කාන්තාව ද්‍රව තත්ත්වයට පත්කරන ලද රත්‍රං ග්‍රෑම් 814ක් සමග අත්අඩංගුවට පත්ව ඇත.", "ඇය අවුරුදු 38ක් වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.", "සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ රේගුව වෙත භාරදීමට කටයුතු කර ඇත. " ]
184,040
ලංගම බස් ටිකට් අවනඩුවක්
[ "ඇතැම් ලංගම බස් කොන්දොස්තරවරු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවට මගීන් නිතර චෝදනා නඟයි.", "එවැනි සිදුවීමක් පසුගිය ඉරිදා දින වාර්තා වුයේ, බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ධාවනය වූ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ය.", "ඇල්පිටිය ඩිපෝවට අයත් NC -1569 දරන එම බස්රථය බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තුව රු 130ක් වුවත් විශ්වවිද්‍යාල සිසුවෙකුගෙන් රු 150ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.", "පසුව එම සිසුවා කොන්දොස්තර මහතාගෙන් ඒ පිළිබඳ විමසූවිට ප්‍රවේශපත්‍රයක රු 130 යන මුදල සඳහන් කර ඔහු වෙත ලබාදී ඇත.", "එසේ වුවත් කොන්දොස්තර මහතා විසින් නිකුත් කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නොවන ප්‍රවේශපත්‍රයක් වීම තවත් ගැටලුකාරී කරුණකි.", "එලෙස නිකුත් කළ ප්‍රවේශපත්‍රය පහතින් දැක්වේ.", " " ]
184,041
අස්වැසුමේ අභියාචනා සලකාබැලීම ඇරඹෙයි
[ "අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ජුලි මස 10 වනදායින් අවසන් කෙරුණි.", "ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.", "මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.", "එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් , “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.", " " ]
184,043
අයි ෆෝන් ආයෝජනය ඉන්දියාවට අහිමිවෙයි
[ "අයි ෆෝන් නිෂ්පාදනය කරනු ලබන \"ෆොක්ස්කොන්\" සමාගම ඉන්දියාවේ ස්ථාපනය කිරීමට සැලසුම් කළ \"චිප් නිෂ්පාදන\" කර්මාන්ත ශාලාව පිළිබඳ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.", " ", "ඉන්දීය කැණීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන \"වෙඩන්ටා\" සමාගම සමග එක්ව එම කර්මාන්ත ශාලාව ගුජරාට් ප්‍රාන්තයේ ස්ථාපනය කිරීමට සැලසුම් කළේය.", "එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් බිලියන 20කි.", "සමහර විචාරකයින් පවසන්නේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්දියාව බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට මෙය බාධාවක් විය හැකි බවය.", " ", "තායිවානය මූලස්ථානය කරගත් \"ෆොක්ස්කොන්\" සමාගම පවසන්නේ \"වඩා විවිධාංග වූ සංවර්ධන අවස්ථා\" සම්බන්ධයෙන් ඔවුන් සොයාබලන බවය.", " ", "ඉන්දීය සමාගම සමග සම්පූර්ණ එකඟතාවයකින් තමන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව පවසන \"ෆොක්ස්කොන්\" සමාගම ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් හෙළිකර නැත." ]
184,044
සතොස ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමට අනුමැතිය
[ "සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.", "සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.", "ඒ අනුව සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ." ]
184,045
පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අතුරුදන්
[ "පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ.", "එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් තිබුණි.", "එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී තිබේ.", "අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
184,046
හම්බන්තොට ට Master plan එකක්
[ "හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.", "ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා 'විසල් හම්බන්තොට' ප්‍රාදේශීය ආකෘති සැලැසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙත පැවරීමට 2018.06.26 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.", "නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.", "හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට රජය මේ වනවිට තීරණය කර තිබේ.", "ඒ අනුව කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපීය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම ද දරනු ලබන සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමට ඉඩදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.", "ඒ අනුව එම සමාගමට මෙම කටයුත්ත පවරාදීමේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ." ]
184,047
දරුවන් අතර සරම්ප රෝගයේ වැඩි ව්‍යාප්තියක්
[ "මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරු පවසති.", "අද දෙරණ ට අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ, ඊයේ දිනය වනවිට දරුවන් 12කට එම රෝගී තත්ත්වය වාර්තා වු බවය.", "මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ හා රතුලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා, මෙම රෝගයේ ඇති භයානකත්වය පිළිබඳ ජනතාව නිසි දැනුවත් වීමක් නොමැති බව ද පැවසීය.", "\"මේක හැදුනෙම පොඩිකාලේ ප්‍රතිශක්තිකරණය ගත්තේ නැති අයට. ඒ නිසා මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් විදියට MMR එන්නත මාස 9 යේදී හා අවුරුදු 3 දී නොමිලේ ලබාදෙනවා. ඒක ලබාගන්න හැමෝම කටයුතු කරනවා නම් මේක හැදෙන්නේ නෑ. ඒත් කලාතුරකින් ප්‍රතිශක්තිකරණ එන්නත ගත්ත අයටත් හැදෙන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම ගත්තේ නැති අයට රෝගය ව්‍යාප්ත වෙනවා. මේකේ අතුරු ආබාධ විදියට සමහර වෙලාවට පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන්, දීර්ඝ කාලීනව කාලයක් ගිහින් මොළයට බලපෑම් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට සරම්ප වෙනුවෙන් ලබාදෙන MMR එන්නත ලබාගන්නා ලෙස ඉල්ලනවා.\" ", "මේ අතර පසුගිය වසර කිහිපය තුළ දරුවන් අතර පිළිකා රෝගී තත්ත්වය බහුලව වාර්තා වු බව ද පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, සෑම වසරකම අවුරුදු 19ට අඩු පිළිකා රෝගී දරුවන් 900කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව ද සඳහන් කළේය.", "ඊට අමතරව ළමා දියවැඩියා රෝගී තත්ත්වය ද වසරකට 100ක් පමණ වාර්තා වන බව පැවසු වෛද්‍යවරයා, එවැනි රෝගී තත්ත්වයන්ගේ වැඩිවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ද කියා සිටියේය.", "මෙම රෝගී තත්ත්වයන්ට මුහුණදීම සඳහා දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදිය යුතු බවත්, දරුවන් නිරන්තරයෙන් ක්‍රීඩාවට යොමු කළ යුතු බවත් පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දරුවන් ජංගම දුරකථනයෙන් ඈත්කර තැබීම වඩාත් යෝග්‍ය බව ද පැවසීය.", "හැකි තරම් තෙල්, සීනි වැනි දේ දරුවන්ගේ ආහාර සඳහා යොදා නොගන්නේ නම් හෙට දවසේ නිරෝගීමත් දරු පරපුරක් ලබාගත හැකි බව ද වෛද්‍යවරයා කියා සිටියේය." ]
184,048
මෛත්‍රී වන්දියෙන් කොටසක් ගෙවයි
[ "රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.", "ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.", "මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ, තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය.", "ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වනදා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර තිබේ.", "ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 20 වනදා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා තිබේ.", "ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 කට අදාළ තීන්දු ප්‍රකාශයට පත්කර තිබුණි.", "එම තීන්දුවට අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන දහයක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කෙරුණි.", "එම වන්දි මුදල් ගෙවීම සඳහා එදින පටන් මාස 06ක කාලයක් ලබාදීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් නියෝග කර තිබුණි.", "ඒ අනුව මේ වනවිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 15 ක් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියනයක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 1, 725,588 ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 05 ක මුදලක් ද වන්දි වශයෙන් ගෙවා තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.", "ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල් මිලියන 4.1 ක වන්දියක් ද ගෙවා තිබෙන බව වාර්තා වෙයි.", "තවද රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා තිබේ.", "මෙම සියලු වන්දි මුදල් හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත බැරකර ඇති බවද වැඩිදුරටත් වාර්තා විය." ]
184,049
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 09 දෙනෙකුට තීන්දුව දෙයි
[ "මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවල තීන්දු ප්‍රකාශයට පත්කර තිබේ.", "පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගිය වසර කිහිපයක් තුළ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් 03කදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් මෙලෙස තීන්දු ප්‍රකාශයට පත්කරමින් දඬුවම් නියම කර ඇත. ", "ඒ අනුව ඉරාන ජාතිකයින් දෙදෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයින් 05 දෙනෙකුට වසර 10ක සිරදඬුවම් නියම කර තිබේ.", "පන්නිපිටිය ප්‍රදේශයේදී හෙරෙයින් සමග 2016 වසරේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාළ චෝදනාවට චූදිතයා වරදකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කර ඇත.", "තවද, 2016 වසරේදී කොකේන් සමග නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර චෝදනාවට වරදකරු වූ චූදිතයාට මරණීය දඬුවම නියම කෙරුණි." ]
184,050
මිථ්‍යා දෘෂ්ටියේ තවත් බිල්ලක්
[ "විවිධ ලෙඩ රෝග සුවපත් කරගැනීම සඳහා මිත්‍යා මත විශ්වාස කරමින් සිදුකරන ශාන්තිකර්මවලින් දිවි අහිමි වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු පසුගිය කාලය පුරා අපට වාර්තා වුණි.", "අද එවැනි තවත් පුවතක් වාර්තා වන්නේ, පොළොන්නරුවෙනි.", "ඒ දරුඵල ඇති වීමට යැයි පවසමින් ලබාදුන් විරේක බෙහෙතකින් කාන්තාවක් මිය යාමේ සිදුවීමකි.", "පොළොන්නරුව ජඹුරේවෙල අත්තනකඩවල පදිංචිව සිටි 23 හැවිරිදි දිල්මි සඳුනිකා විජේරත්න විවාහ දිවියට එළැඹෙන්නේ අවුරුදු 19 දී එනම් මීට වසර 4කට පෙරය.", "විවාහ වී සිව් වසරක් ගත වුවත් දරුවන් නොලැබීම නිසා ඇය විවිධ වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු වී තිබුණි.", "ඒ කිසිදු ප්‍රතිකාරයකින් ඵලක් නොවූ තැන ඇයගේ පියාගේ ඥාති දියණියක් විසින් පවත්වාගෙන යන දේවාලයකින් ඖෂධ ලබාගැනීමට තීරණය කරන්නේ පවුලේ ඥාතීන්ගේද තීරණයක් මතය.", "දිල්මිගේ ස්වාමි පුරුෂයා,", "\"ළමයි නැති නිසා දේවාලයට ගියේ. එයාගෙ ගෙදර අය තමයි ඒ ගැන කිව්වේ. මම ඇවිල්ලා එහෙට ගෙනල්ලා දාලා ආවා.\"", "ඒ අනුව ගිරිතලේ යාය 1 ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන යන මෙම දේවාලය වෙත ඇය සිය මව සමඟ පසුගිය 08 වැනිදා පැමිණ තිබුණි.", "ඇය එහි දින තුනක් නවාතැන් ගෙන ප්‍රතිකාර ගෙන ඇති අතර ප්‍රතිකාර වශයෙන් ලබා දී ඇත්තේ ඇඟ නිවීමට අවශ්‍ය ඖෂධ බව දේවාලය පවත්වාගෙන ගිය කාන්තාව පවසයි.", "\"විරේකය කළේ උෂ්ණගතිය යන්න කියලා. කාබරංකා, ඇබරැල්ලා, සියඹලා, දිවුල්, අරළු, දෙහි මිශ්‍ර කරලා දුන්නා.\"", "දේවාලයේ කපු මහතා,", "\"මේ ලොකු ජොග්ගුවෙන් භාගයක් දුන්නා...\"", "දින 2ක් ඇයට මෙම ඖෂධය ලබා දී ඇති අතර දිල්මි අසනීප වී ඇත්තේ 3වෙනි දවස වන ඊයේ (10) දිනයේය.", "දේවාලය පවත්වාගෙන යන කාන්තාව,", "\"ෆිට් එකට ආවා, අම්මාගෙන් ඇහුවා කලින් මෙහෙම හැදෙනවාද කියලා, අම්මා ඔව් කිව්වා, බලන් හිටියා අඩු නැති නිසා අරන් ගියා.\"", "ජයන්තිපුර ග්‍රාමීයපුර රෝහලවෙත රැගෙන එන විටත් දිල්මි මියගොස් සිටියාය.", "දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වන විට පොළොන්නරුව මහ රෝහලට ගෙනැවිත් තිබේ.", "\"මම දන්නේ නෑ එහෙම දෙයක් මට වෙයි කියලා. මගේ කැකුළුමල නැති වෙයි කියලා මම හිතුවේ නෑ දෙයියෝ. ගෙදර අරන් යන්න බැරි වුණා මට. මම ළඟමයි හිටියේ. තනිකරලා ගියේ නෑ.\"" ]
184,051
ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි
[ "ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.", "ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව ඇති බවය.", "දෙදින නිල සංචාරයක් සඳහා විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඊයේ දිවයිනට පැමිණියේය.", " " ]