summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වූ රැස්වීමක් පැවැත්වුන මහනුවර පල්ලේතලවින්න ප්‍රදේශයේ හෝටලයකට ප්රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇත. | ප්‍රහාරයට ලක් වූ පල්ලේ තලවින්න හෝටලය හිටපු ජනාධිපතිවරියගේ රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් එම හෝටලයට පහර දී ඇති බවයි කැෆේ සංවිධානය පවසන්නේ. ප්‍රහාරයෙන් හෝටලයේ කාමර විසි එකක ජනේලවලට හානි සිදු ව ඇත. මහනුවර පොදු වෙළදපොළ ඉදිරිපිට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස ඊයේ (09)පැවති රැස්වීමට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට මහ පාලම අසලදී කැබ් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවක් ද වාර්තා වෙයි. එම ප්‍රහාරයෙන් තුවාල ලද අඹතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන් හතර දෙනෙක් කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත. මහනුවර රැස්වීමෙන් අනතුරුව ඉහත කී රැස්වීමට සහභාගී වී ලංගම බස් රථයකින් ආපසු යමින් සිටි පිරිසකට ද ප්‍රහාරයක් එල්ල වී කොට ඇත. මේ අතර මහනුවර වැලිගල්ල එජනිස මැතිවරණ කාර්යාලයේ දී සන්ධාන ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවක් ද වාර්තා වෙයි. ඊයේ (09)පස්වරුවේ සිදු කෙරුණ එම ප්‍රහාරය එම කාර්යාලයේම අයකු විසින් සිදු කර ඇති බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ. තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ගිනි අවි ප්‍රහාර ගිණි අවි යොදා ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ද ඇතුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හැටකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව කැෆේ සංවිධානය වාර්තා කරයි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුවත් තවමත් දිවයිනේ කිසිදු ප්‍රදේශයක බැනර්, කටවුට් ඉවත් කිරීමක් සිදු වී නොමැති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. ගම්පහ,මහනුවර,පුත්තලම, හලාවත, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කළුතර, මතුගම සහ රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්රචාරක දැන්වීම් හා පුවරු දැකිය හැකි බවයි කැෆේ සංවිධානය ප්‍රකාශ කරන්නේ. |
ලොව පුරා අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 18.1ක් සිටින අතර, ඉන් මිලියන 9.6ක් මෙම වසර තුළ මිය යනු ඇතැයි වාර්තාවක් නිකුත් වී තිබේ. | 2012 වර්ෂයේදී පිළිකා රෝගීන් මිලියන 14.1ක් වාර්තා වූ අතර, මිලියන 8.2ක් මියගොස් තිබේ. නමුත් වර්තමානයේ දී මෙම රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ. ලෝක ජනගහන වර්ධනය සහ වැඩිහිටි ප්‍රජාව වැඩිවීම මෙයට එක් හේතුවක් ලෙස දක්වා ඇත. දත්ත අනුව, සෑම පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සහ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට සිය ජීවිත කාලය තුළ මෙම රෝගයට මුහුණ දීමට සිදු වේ. දිළිඳු රටවල් සමග සංසන්දනය කිරීමේදී ධනවත් රටවලින් පිළිකා රෝගීන් වැඩි පිරිසක් වාර්තා වේ. ඔවුන්ගේ ජීවන රටාව මෙයට හේතුවක් ලෙස දක්වා තිබේ. පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානය (IARC) රටවල් 185ක විවිධ පිළිකා වර්ග 36ක් ගැන නිරන්තරයෙන් සිය අවධානය යොමු කරමින් එහි ඇති බරපතල තත්ත්වය ගැන වාර්තා ඉදිරිපත් කරයි. පිළිකා පිළිබඳ දත්ත එකතු කිරීම පසුගිය වසර කීපය තුළ වර්ධනය වී ඇති අතර, ලොව පුරා පිළිකා රෝගීන් සහ ඒ හේතුවෙන් සිදුවන මරණවල වැඩි වීමක් දක්නට ඇති බව පරීක්ෂකයෝ පවසති. නවතම වාර්තාවට අනුව, පිළිකා හේතුවෙන් මියයන පිරිසෙන් විශාල කොටසක් පෙනහළු, පියයුරු සහ බඩවැල්වල හටගන්නා පිළිකා හේතුවෙන් මියයති. මේ තොරතුරුද කියවන්න: 'දුම්කොළ පාලනය' රටවල් 28ක පිළිකා හේතුවෙන් මියයන කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ මරණයට හේතුව පෙනහළු පිළිකා බව වාර්තාවේ සඳහන් වේ. ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්ක්, හංගේරියාව, චීනය සහ නවසීලන්තය ඇතුළු රටවල මෙම තත්වය වැඩි වශයෙන් දැකිය හැකිය. "ලෝකය පුරා කාන්තාවන්ට පෙර කවදාවත් නැති විදියට පෙනහළු පිළිකා වැළදීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දුම්කොළ" යැයි එක්සත් රාජධානියේ පිහිටුවා ඇති පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන පුණ්‍යායතනයේ ජෝර්ජ් බටර්වර්ත් පැවසීය. "එක්සත් රාජධානියේ පුරුෂයින්ට වඩා කාන්තාවන් අතර දුම්පානය ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඉතින්, පෙනහළු පිළිකා වැඩි වීම ගැන අපි පුදුම විය යුතු නැහැ." "ඒ වගේම, අඩු සහ මැදි ආදායම්ලාභී රටවල කාන්තාවන් අතර ද දුම්වැටි ඉතා විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතිනවා. දුම්කොළ සමාගම්වල බලවත් වෙළෙඳ උපක්‍රම මෙයට මෙම තත්වයට බලපෑමක් එල්ල කර තිබෙනවා." "මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ලෝකයේ සෑම රටක්ම දුම්කොළ පාලනය කිරීම සඳහා බලවත් ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බවයි," පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානයේ වෛද්‍ය ෆ්‍රෙඩී බ්රේ පැවසීය. 'අසාමාන්‍ය විවිධත්වය' සමස්තයක් වශයෙන් ගත් කළ, පිළිකා වර්ගවලින් භාගයක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි. මෙම කලාපය තුළ ජනගහනය වැඩි වීම සහ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන සමහර පිළිකා බහුල වශයෙන් තිබීම මෙම තත්වයට හේතු වී තිබේ. උදාහරණයක් ලෙස, අක්මාවේ පිළිකා හටගත් රෝගීන් විශාල ප්‍රමාණයක් ආසියානු කලාපය තුළින් වාර්තා වේ. කෙසේවෙතත්, ලෝකය පුරා හඳුනාගෙන ඇති පිළිකා වර්ග සහ එහි ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගැනීමේදී "අසාමාන්‍ය විවිධත්වයක්" නිරීක්ෂණය වන බව වාර්තාවේ ලේඛකයෝ පවසති. මේ හේතුවෙන් සෑම රටක්ම පිළිකා මර්දන වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ ඔවුන්ට සරිලන විශේෂ ආකාරයකින් බව ඔවුහු තවදුරටත් පැවසූහ. තවත් තොරතුරු: |
තමන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරනු ලැබීමෙන් පසුවත් ඌව පළාතේ අංක තහඩු නොමැති සැක කටයුතු වාහන සැරි සරමින් ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන ආයතනය (කැෆේ) පවසයි. | එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ, එවැනි වාහන කීපයක් ම සිය ආයතනයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් දැක ඇති බවයි. කැෆේ සංවිධානය විසින් පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව අංක තහඩු නොමැති වාහන අල්ලා ගැනීමේ මෙහෙයුමක් ගෙන ගියත් තමන්ට එවැනි කිසිදු වාහනයක් සොයා ගත නොහැකි වූ බවයි,ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසන්නේ. “අංක තහඩු නොමැති සුදු පාට ‘ඩිෆෙන්ඩර්’ රථ සැරිසරන බව පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරලා තිබුණා. මමත් මගේ නිලධාරීනුත් ඊයේ රාත්‍රිය පුරාම මෙහෙයුමක් කළා. කනගාටුයි කියන්න, අපට එක ඩිෆෙන්ඩර් වාහනයක් සොයා ගන්න බැරි වුනා” නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසයි. පොලිසිය ඉදිරිපිටත් එහෙත් එම ප්‍රකාශයෙන් පැය කීපයකට පසුවත් එවැනි වාහන දුටු බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ. සැප්තැම්බර් නවය සහ දහය යන දින දෙකේම අංක තහඩු නොමැති වාහන පස්සර ,බදුල්ල මොනරාගල ප්‍රදේශවල සැරිසරා ඇති බවයි කැෆේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය ප්රකාශනයක දැක්වෙන්නේ. “ C 2014-2915 අංක දරන ‘ඩිෆෙන්ඩර්’ රථය මොනරාගල පොලිසිය ඉදිරිපිට නතර කර තබා තිබුණේ මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගන්නා ජීප් රථය ඉදිරිපිටයි” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ප්‍රහාර වලට යොදා ගැනීම අද, සැප්තැම්බර් දහවෙනි දින මොනරාගල රෝහල ඉදිරිපිට එවැනි වාහනයක් නතර කර තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර කැෆේ සංවිධානයට දැනුම් දී ඇත. පසුගියදා විපක්ෂයේ ආධාරකරුවන්ට ප්‍රහාර කීපයක් ම එල්ල කෙරුණ අතර ප්‍රහාරකයන් ගමන් ගත්තේ අංක තහඩු නැති ඩිෆෙන්ඩර් රථවලින් බවයි ඊට ගොදුරුවූවන් පවසන්නේ. ඌව පළාතේ සැරි සරණ අංක තහඩු නැති 'ඩිෆෙන්ඩර්' රථ ඇතුළත් ඡායාරූප 'කැෆේ' මැතිවරණ නිරීක්ෂකයන් විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඒවාට මාධ්‍යය මගින් විශාල ප්‍රසිද්ධියක් දී ඇත. |
වේල්සය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව පාසල් අධ්‍යාපන විෂය දහරාව අනුව දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) යළිත් පාසල් තුළට රිංගා ගැනීම සඳහා දොරටු විවෘතවීමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. | ළමුන්ට පරිණාමවාදය ඉගැන්වීම බුද්ධිමතුන්ගේ ඉල්ලීම වී ඇත එම කරුණ පෙන්වා දෙන විද්‍යාඥයන් අතරට ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ද එක්ව සිටී එවැනි විද්‍යාඥයන් හතළිස් හය දෙනකුගේ (46) අත්සනින් සහ තවත් සංවිධානවල එකතුවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපියක් මගින් දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) නිශ්චිතවම තහනම් කරන ලෙස වේල්ස් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. මේ අතර "හියුමනිස්ට්ස් UK"( Humanists UK) නම් සමාජ සංවිධානයත් එම ව්‍යාපාරයට එක්වෙමින් ප්‍රාථමික පාසල් දරුවන්ට "පරිණාමවාදය"( evolution) ඉගැන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි. සියලු පාසල් දරුවන්ට 'පරිණාමවාදය' උගන්වනු ඇතැයි බලාපොරොත්තු වන බව වේල්ස් ආණ්ඩුව මේ අතර ප්‍රකාශ කරයි. වේල්සයේ පාසල් සඳහා සූදානම් කරනු ලැබ ඇති නව විෂය දහරාව 2022 සැප්තැම්බර් මාසයේ පටන් ක්‍රියාවට නැංවීමට නියමිතව ඇති අතර,එමගින් විද්‍යාව සහ තාක්ෂණය ද ඇතුළුව පුළුල් අංශ හයක් සැලකිල්ලට ගනිමින් අලුත් විෂය දහරාව සකස් කරනු ලැබ ඇති බවත් වේල්ස් ආණ්ඩුව පවසයි. පසුගිය අප්‍රියෙල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද කෙටුම්පතක් අනුව ඒ විෂයයන්ට අන්තර්ගත කරුණු තීන්දු කිරීමට අවස්ථාව ලබාදීම මගින් තමන් විසින් පාඩම්වල දී ආවරණය කරනු ලබන කරුණු පිළිබඳ තොරතුරු තීන්දු කිරීමේ දී ගුරුවරුන්ට 'නම්‍යශීලී බවක්' ලැබෙනු ඇත. සමාජ මානව විද්‍යාඥවරියක වන ඇලිස් රොබර්ට්ස් විද්‍යාඥයන්ගේ ලිපියට අත්සන් තබා ඇත එම තත්ත්වය සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීමක් කරන රිචර්ඩ් ඩොකින්ග්ස් (Richard Dawkins), ස්ටීව් ජෝන්ස් (Steve Jones) සහ ඇලිස් රොබර්ට්ස් (Alice Roberts) වැනි නමක් දිනූ විද්‍යාඥයන් කණ්ඩායමක්, නව වෙනස්කම් නිසා 'විද්‍යාවක්' ලෙස හුවා දක්වමින්, දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) වේල්සයේ පාසල්වල ඉගැන්වීමට ඇති ඉඩකඩ පුළුල් කෙරෙන බව පෙන්වා දෙති. "නව විද්‍යාව සහ තාක්ෂණය ලෙස හඳුන්වා දී ඇති අධ්‍යයනයේ දී නිර්මාණවාදී මත සහ විද්‍යාව යයි වැරදි ලෙස ගත් සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය (pseudoscientific theories) ඉදිරිපත් කරනු ලැබීම නිශ්චිතව තහනම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. පරිණාමවාදය සම්බන්ධයෙන් සඳහන් කෙරෙන්නේ ද්විතීයික අධ්‍යාපන මට්ටමේ දී පමණයි"විද්‍යාඥයන් විසින් වේල්ස් ආණ්ඩුවට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වේ. "පරිණාමවාදය මුල් අදියරේ සිටම හඳුන්වා දිය යුතුයි. ඇත්තෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ පටන්. මොකද? එමගින් ශක්තිමත් පදනමක් ඇති කරන නිසා" "දේව නිර්මාණවාදය නිශ්චිතව තහනම් නොකළොත් දෙවියන්ගේ පැවැත්ම සහ ජීවීන්ගේ ආරම්භය පිළිබඳ නිර්මාණවාදී අදහස් සහ වෙනත් එවැනි සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය පාසල් විෂය දහරාව ඇතුළට රිංගා ගන්න ඉඩකඩ තියෙනවා. වේල්සයේ ළමුන් සාම්ප්‍රදායික මතවාදී න්‍යායවලට සහ විද්‍යාවේ වේෂයෙන් එන ව්‍යාජ මූලධර්මවලට ගොදුරු නොකිරීම ඉතාම වැදගත්" "වේල්සයේ පාසල්වල නිර්මාණවාදය පිළිබඳ අවිදග්ධ න්‍යාය ඉගැන්වෙන බවක් තමා දැන නොසිටි බව වේල්සයේ "හියුමනිස්ට්ස්" ( Wales Humanists) සංවිධානයේ සම්බන්ධීකාරිකා කැතී රිඩික් (Kathy Riddick) පවසන්නීය. "කෙටුම්පත් කර ඇති විෂය රටාව නිසා ආගමික පාසලකදී වගේ පාසල්වලත් දේව නිර්මාණවාදය විවෘත මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය දොරටු විවෘත වෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කළාය. අදාළ කාරණය සම්බන්ධයෙන් වේල්ස් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය. "පරිණාමවාදය ඉගැන්වෙන්නේ අවුරුදු දාහතර සහ දහසය අතර වයස් ප්‍රමාණයේ දී යයි පැවසීම සහමුලින්ම වැරදියි" ළමා වියේදීම පරිණාමවාදය පිළිබඳව ළමුන්ට අවබෝධයක් ලබාදීම, පසුව වඩාත් විද්‍යාත්මක සංකල්ප හොඳින් තේරුම් ගැනීම සඳහා පදනමක් සකස් කිරීමෙහි ලා උදව් වෙන බව අපි විශ්වාස කරනවා" එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඩේවිඩ් ඇටෙන්බරෝ - විද්‍යාඥයන් හතළිස් හතර දෙනාගේ ලිපියට අත්සන් තබා ඇති මහා විගවේෂණශීලියා "මිත්‍යා මතවලට අධ්‍යාපනය තුළ ඉඩක් නැහැ" "අප දන්නා හැටියට එක්සත් රාජධානියේ පන්තිකාමරවල එක ආගමක් නොව සියලු ප්‍රධාන ආගම් පිළිබඳව දැනුම ලබා දීමක් සිදු කෙරෙනවා. ඒක ඉතාම වැදගත්.මොකද? එවැනි තත්වයක් යටතේ ළමුන්ට ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන් තුලනාත්මකව අගය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. එසේ නොමැතිව දේව නිර්මාණවාදය ළමුන්ගේ මනසට රිංගවීම අනුමත කළ හැකි පිළිවෙතක් නොවෙයි" කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි. බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ මහාචාර්යවරයා ආගම පාසලින් තොරව ඉගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා ආගමික ආයතන වැනි වෙනත් ස්ථාන ඇති බවත් සඳහන් කළේය. "අද ලෝකය ගමන් කරන්නේ විද්‍යාත්මක චින්තනය පදනම් කර ගනිමින්. ළමුන්ට ඉගැන්විය යුත්තේ ජීවිතය සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ගැටලු හරහා බව සමස්ත ලෝකයම පිළිගත් කරුණක්.එවැනි තත්ත්වයක් යටතේ මගේ වචනයෙන්ම කියනවා නම් මිත්‍යා විශ්වාසයන්ට අධ්‍යාපනය තුළ ඉඩක් නැත කියන එක මගේ අදහසයි" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න අවධාරණය කළේය. "අපි ඉගැන්විය යුත්තේ පරිණාමවාදයයි. මිනිසා පරිණාමයේ ප්‍රතිපලයක්" "ආගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කළ යුතුය යන අදහස අපේ රටවල ජය ගැනීම දුෂ්කරයි. මොකද?මේ අධ්‍යාපන ප්‍රතිපත්ති බොහෝවිට සකස් කරනු ලබන්නේ දේශපාලඥයන් විසින්. අපේක්ෂිත වෙනස එකවර වහාම ඉටුකර ගන්න බැහැ. උදාහරණයක් විධියට බෞද්ධාගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කිරීමට ගියොත් එය විශාල මහජන විරෝධයකට හේතු වෙනවා. නමුත් අපි දැනට යෝජනා කරලා තියෙනවා - තුලනාත්මක ආගම් අධ්‍යාපනයක් පිළිබඳව" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි. කියවන්න; |
ජුනි 15 වැනිදා අලුත්ගමදි බොදුබලසේනා සංවිධානය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේ පැවැත්වූ කථා මගින් ජාතිවාදය අවුළුවා තිබෙන බව විපක්ෂනායකවරයා පැවසුවේය. | බොදුබලසේනා රැස්වීම නැවැත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි විපක්ෂනායක වරයා ප්‍රශ්න කරයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැකගන්නට රැස්වීම් තබද්දී පෙළපාලි යද්දී මහජනයාට පීඩා වන්නේ යැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන ආණ්ඩුව, අළුත්ගම ප්‍රදේශයේ බොදුබලසේනා සංවිධානය පැවැත්වූ රැස්වීම හා රැළිය නැවැත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය. 'සිදුවීම පැතිරීමට ඉඩ දීලා' අනතුරුව ඔවුන් පෙළපාලියක් ලෙස මුස්ලිම් ජනතාව ජිවත්වන දර්ගා නගරය හරහා ගමන් කර ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ජාතිවාදය අවුස්සන මෙම ක්‍රියාදාමයට ඉඩ නො දෙන ලෙස ප්‍රදේශයේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා රජයෙන් ඉල්ලා තිබෙන බවද පැවසුවේය. ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය පිළිබඳව පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂනායකවරයා මෙම සිදුවීම පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ ඇයිද යන්නත් රජයෙන් විමසා සිටියේය. මින් පෙර අලුත්ගමදී වෙළදසලකට හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් ගත් වාහනයකට පහරදීමේ සිද්ධයක් සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇතිවූ අවස්ථාවේ දී එවන් තත්වයක් යළි ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට එවැනි දේ උසිගන්වන පරිසරයක් රජය නිර්මාණය කල බවයි විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ප්‍රකාශය වාර්තා නොකරන ලෙස ආණ්ඩුව මාධ්‍ය ආයතන වෙත ලිපියක් යව ඇති බව ද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේය. අගමැතිගෙන් පිළිතුරු පොසොන් පොහෝ දා අයගම සමිත හිමියන් රැගත් වාහනයේ රියදුරු හා ඇතිවූ ප්‍රශ්නයක් හෙතුවෙන් මුස්ලිම් තරුණයෙකු අයගම සමිත හිමියන්ට කළ පහරදීමක් මුල් කර ගෙන මෙම සිද්ධිය ඇතිවූ බව පවසන අග්‍රාමාත්‍ය දිමු ජයරත්න සමිත හිමියන් රෝහලෙන් පිටව යන දිනයේ ඔහුව පිළිගැනීමට උත්සවයක් පැවැත්වීමට අවසර දුන් බව ද පැවසීය. අලුත්ගම රැළියෙන් අනතුරුව සමිත හිමියන් උන්වහන්සේ වැඩ සිටින දර්ගා නගරයේ පන්සලට යමින් සිටියදී ස්වාමින් වහන්සේලා පිරිසක් රැගත් වාහන පෙළකට යම්කිසි පිරිසක් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කල නිසා මෙම තත්වය ඇතිවූ බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. මෙහිදී නිතිය කඩකළ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව පාර්ලිමේන්තුවට පැවසූ අග්‍රාමාත්‍යවරයා තත්වය සම්පුර්නයෙන්ම පාලනය කර ඇති බව පවසන විට විපක්ෂනායකවරයා නැගී සිට පැවසුවේ අද දිනයේත් කඩ තුනක් විනාශ කර ඇති බවට තමන්ට තොරතුරු ඇති බවයි. මෙම ප්රශ්නය විසදීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂ නායකවරයා කළ ඉල්ලීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වුයේ නැත. |
ගල්කිස්සේ නිවාසයක රඳවා සිටි රෝහින්ග්‍යා අනාථයන්ට එරෙහිව පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලබන අරඹේපොල රතනසාර හිමියන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව අධිකරණය හමුවේ අනාවරණය කෙරුණි. | මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හත්දෙනෙකු සඳුදා (ඔක්තෝබර් 09) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් සාක්ෂිකරුවන් 13 දෙනෙකු අතරින් සිවු දෙනෙකුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව පොලිසිය දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරන මෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රෝහින්ග්‍යා විරෝධී උද්ඝෝෂණයට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වී සිටින සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියන්ට ඇප ලබා දෙන මෙන් එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මේජර් අජිත් ප්‍රසන්න ඉල්ලීමක් කළ නමුත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා එයට විරෝධය පළ කළේය. සිදුවීම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව සඳහන් කළ පොලිස් පරීක්ෂකවරයා, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී දිලීප පීරිස්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි බැවින් ඇප ඉල්ලීම වෙනත් දිනයක ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අක්මීමන දයාරත්න හිමියන්ට ඇප ලබාදීමේ ඉල්ලීම යළිත් වරක් අඟහරුවාදා (ඔක්තෝබර් 10) ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කළේය. එතෙක් දයාරත්න හිමියන් යළිත් වරක් බන්ධනාගාරගත් කෙරිණි. අදාළ උද්ඝෝෂණය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් 02 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා සිටි අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි. තමන්ගේ උපදෙස් පරිදි ෂෆ්රාස් හම්සා ඇතුළු නීතිවේදීන් පිරිසක් රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටි බව නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දෙනු ලැබීය. ඉන් අනතුරුව අධිකරණය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරනු ලැබූ එම පිරිස වෙනත් රටවලට පිටත් කරන තුරු ගල්කිස්සේ නිවාසයක රඳවා සිටියහ. ඒ අතර "නීති විරෝධී මියන්මාර ත්රස්තවාදීන් පිරිසක්" රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින උද්ඝෝෂකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව එතනින් ඉවත් කිරීමට පොලිසියට සිදු විය. ඉන් අනතුරුව එදිනම සවස් යාමයේ පොලිසිය විසින් සරණාගතයන් පිරිස යළිත් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ උද්ඝෝෂකයන් යළිත් වරක් ප්රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සරණාගතයන් පිරිස බූස්සේ රැඳවුම් කඳවුර වෙත රැගෙන යාමට පොලිසියට සිදුවිය. සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියෝ සරණාගතයන් ගල්කිස්සේ නිවසට ගෙන ඒමට පෙර මිරිහාන පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී රෝහින්ග්‍යා තරුණියක දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. චුදිත පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා වසන් කිරීමට උත්සාහ දරන බවට නීතිවේදී අජිත් ප්‍රසන්න සඳුදා (ඔක්තෝබර් 09) පොලිසියට චෝදනා කිරීමත් සමග ඔහු සහ පොලිසිය අතර අධිකරණයේ දී බහින් බස්වීමක් ද හට ගත්තේය. දැනට එක්සත් ජාතීන්ගේ භාරයේ පසුවන රෝහින්ග්‍යා අනාථයන් පිරිස ලබන දෙසැම්බර් මාසය වනවිට වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇතැයි නීතිවේදී ෂිරාස් නූර්දීන් මීට ඉහතදී විශ්වාසය පළ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායම් දෙකක් මෙයට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරනු ලැබ තිබේ. |
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම සිය රටට එල්ල වූ "පෙර නොවූ විරූ" තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පවසයි. | කොරියාවේ වේලාවෙන් අඟහරුවාදා (අගෝස්තු 29) අළුයම එල්ල කරන ලද එම මිසයිලය හොකයිඩෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය. මීට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා ඇත. උතුරු කොරියාව මෑතක සිට මිසයිල අත්හදා බැලීම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද බැලිස්ටික් අවියක් යැයි සැළකිය හැකිවූවක් ජපානයට ඉහළින් විදින ලද පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර දෙවතාවකදී එනම්, 1998 සහ 2009 දී ජපානය හරහා ඇදී යන ලෙස රොකට් විදිනු ලැබූ උතුරු කොරියාව එවර පැවසුවේ, එම රොකට්ටු චන්ද්‍රිකා සදහා භාවිත කරන ලද ඒවා විනා අවි නොවන බවය. ටෝකියෝ නගරයේ සිටින බීබීසීහි රූපට් වින්ෆීල්ඩ්-හේස් පැවසුවේ උතුරු කොරියාව අද විදින ලද මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ගෙන යා හැකි තරමට බලසම්පන්න විය හැකි බවය. උතුරු කොරියානු මිසයිලය එල්ල කරන ලද්දේ හොකයිඩෝ ජපන් දූපතට ඉහළිනි ආරක්ෂාව පතා උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6ට පෙර නැගෙනහිර දෙසට එල්ල කරන ලද මිසයිලය විදිනු ලැබ ඇත්තේ ප්යොංයෑං අගනුවරට ආසන්න තැනක සිට බව දකුණු කොරියානු හමුදාව පැවසීය. මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් : මිසයිලය බිම හෙලීම සඳහා ජපානය උත්සාහ නොදැරුව ද ආරක්ෂාව පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හොකයිඩෝ දූපත්වාසීන්ට කියා සිටියේ "ශක්තිමත් ගොඩනැගිල්ලක හෝ භූගත මහලක" ආවරණය සලසා ගන්නා ලෙසය. ඇමරිකානු සහ ජපාන හමුදා දැනට හොකයිඩෝහි යුද අභ්‍යාසවල යෙදී සිටිති. මතු වූ තත්ත්වයට ප්‍රතිචාර දක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් නියෝග කළේය. එරට ජෙට් යානා 4ක් ජීව බෝම්බ හෙලීමේ අභ්‍යාසයක අඟහරුවාදා (අගෝස්තු 29) යෙදිණි. මේ අතර ජපාන අගමැති ෂින් සෝ අබේ පැවසුවේ තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමතූ අතර උතුරු කොරියාවට එල්ල කරන පීඩනය උත්සන්න කිරීමට දෙපාර්ශවය ම එකග වූ බවය. "උතුරු කොරියාවේ නොහික්මුණු ක්‍රියාව අපගේ ජාතියට එල්ල වූ පෙර නොවූ විරූ, බරපතල සහ අතිශය තර්ජනාත්මක ක්‍රියාවක්" බව ජපාන අගමැතිවරයා පැවසීය. ඔහු වැඩිදුරටත් සදහන් කළේ, "කලාපීය සාමය හා ආරක්ෂාවට බරපතල හානියක්" බවය. කෙසේවෙතත්, සිය ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා කළ හැකි ඉහළම දේ තම රජය ඉටු කරන බව ජපාන අගමැතිවරයා පැවසීය. සබැඳි පුවත්; අලුතින් තහංචි දැමීම හේතුවෙන් "එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට" තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ "ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්" බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි. තම රටට එරෙහිව තවත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් "එකට එක" කරන බවට උතුරු කොරියාව පසුගියදා ප්‍රකාශ කර තිබුණි. මිසයිල විදීමේ දී කිම් ජොන් අන් පෞද්ගලිකවම සහභාගී වෙමින් ඒවා අධීක්ෂණය කරයි න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කර ගන්නා මෙන් චීනය පසුගියදා උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළ අතර ඒ සමඟ කිම් ජොන් අන් පාලනය ඉන් පෙර සිදු නොකළ ආකාරයේ පියවරක් ගනිමින් චීනය ද දරුණු දෝෂ දර්ශනයට ලක් කළේය. චීනය සාම්ප්‍රධායිකව සැලකෙන්නේ උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයක් හැටියටයි. එය චීනයේ මෝඩ දේශපාලකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් හැටියට උතුරු කොරියාවේ රාජ්‍ය පුවත් ආයතනය විසින් විග්රහ කරනු ලැබ තිබුණි. |
උනන්දුවක් නැතිකම අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක පැවතීම සහ වතු පාලනාධිකාරියේ අනුමැතිය නොලැබීම වතුකරයේ දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙකුට ඔවුන්ගේ ඡන්දය අහිමි වීමට හේතු වී ඇති බව රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා පෙන්වා දෙයි. | නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා සභාව අමතයි. වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උනන්දු වන දේශපාලන පක්ෂ වතු ජනතා ඡන්ද ලියා පදිංචි කරන කාල වකවානුවල ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී ග්‍රාම නිලධාරීන්ට සහාය නොදෙන නිසා සියලුම දේශපාලන පක්ෂ ඊට වගකිවයුතු බවත් ඔහු පවසයි. දේශපාලන වගකීම ඡන්ද හිමි නම ලේඛන ප්රතිශෝධන කරන කාලයේදී ග්‍රාම නිලධාරීන් සමග ගෙන්ගෙට යාමට දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද අවස්ථාව සලසා ඇතත් ඔවුන් ඉන් ප්‍රයෝජන නොගෙන මැතිවරණයක් පවතින මොහොතක ග්‍රාම නිලධාරීන් විසින් ඡන්දය ලියා පදිංචි කර නැතැයි චෝදනා කිරීම සාධාරණ නැතැයි ද රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. ජුනි මස පළමු වෙනිදාට යෙදෙන ‘ඡන්ද හිමියන්ගේ දිනය’ සහ ‘ඡන්දය ඔබේ අයිතියයි’ යන තේමාව යටතේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීමට මැයි මස තිස් වෙනි දින රත්නපුරේදී පැවති සම්මන්ත්රණයකදීයි, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා එම අදහස් පළ කළේ. මියගිය අයත් ඡන්ද ලේඛනයේ “ඡන්ද හිමි නම ලේඛන ප්රතිශෝධන කරන්න නියෝජිතයන් එවන්න කියල දේශපාලන පක්ෂවලට දැනුම් දුන් විට අවුරුදු තුන හතරකට පෙර මැරිච්ච අයත් නම් කරලා එවනවා. සමහර නම් කරන අය ඒ පක්ෂයෙන් වෙන පක්ෂයකට ගිය අයයි” නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් නොව විවිධ පෞද්ගලික අරමුණු මත පිහිටා ඡන්ද හිමි නම ලේඛනවල ලියාපදිංචි වීමේ ප්‍රවණතාවක් ද පෙනෙන්නට ඇති බවයි ඔහු කියා සිටියේ. “ඇතැමුන් තම ළමයින් හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමේ අරමුණින් ජනප්‍රිය පාසලක් ආසනයේ ඡන්ද හිමි නම ලේඛනයට නම දා ගන්නවා. එහෙමත් නැත්නම් ඉඩම් නඩුවකට, නැත්නම් වෙනත් මොනව හරි අත්පත් කර ගන්න වගේ පෞද්ගලික උවමනා සඳහා තමන්ට අවශ්‍ය තැනක ඡන්ද හිමි නම ලේඛනයේ නම දාගන්නවා’’ එම්.ඒ.පී.සී.පෙරේරා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අරමුණ සුදුසුකම් ලැබූ හැම පුරවැසියෙකුටම තමන් කැමති පාලකයෙක් පත් කර ගැනීමට පරමාධිපත්‍ය බලය හිමි කර දීම බවත් ඔහු සඳහන් කළේය. |
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් යුරෝපය දුර්වල වී ඇති බව රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා පවසයි. | අර්කාදී ද්වොර්කොවිච් පවසන්නේ යුරෝපා එකමුතුව දුර්වල කිරීමට රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍ය නොවූ බවයි ජුනි මස පැවති ජනමත විචාරණය හේතුවෙන් අවිනිශ්චිතතා ඇතිවී ඇති බවයි බීබීසීය සමග අදහස් දක්වමින් අර්කාදී ද්වොර්කොවිච් කියා සිටියේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පළකරමින් යුරෝපයේ එකමුතුභාවයට හානි පැමිණවීමට රුසියානු ජනාධිපති ව්ලදමීර් පූතින් ට අවශ්‍ය නොවූ බව සඳහන් කළ ඔහු පැවසුවේ රුසියාවට ශක්තිමත් පාර්ශව කරුවන් අවශ්‍ය බවයි. බ්‍රිතානය අවසානයේ ඉවත්වීයාම හේතුවෙන් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතුකළේය. |
ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙසින් සිකුරාදා සවස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා රටවල් ගණනාවක කාන්තාවෝ උද්ඝෝෂණවල නිරතව සිටිති. | සිඩිනි නුවර පැවති උද්ඝෝෂණයට 3000 කට ආසන්න පිරිසක් සහභාගි වූහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානයේ දැනටමත් උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයට තුන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, කාන්තා විරෝධියකු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරමින් ඔවුහු සිඩ්නි නුවර එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වෙත ගමන් කළහ. නවසීලන්තයේ එක් උද්ඝෝෂණයක් සෙනසුරාදා දිනය පුරා ලොව පුරා 700 කට ආසන්න ස්ථානවල 'සොහොයුරියන්ගේ විරෝධය' නම් උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි. සෙනසුරාදා සවස වොෂින්ටනයේ ආරම්භවීමට නියමිත උද්ඝෝෂණයට දස දහස් සංඛ්‍යාත පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලන්ඩන් නුවරදීත් දහස් ගණන් කාන්තාවන් ට්‍රම්ප් විරෝධී රැලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත අතර ලන්ඩනයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපස සිකුරාදා රාත්‍රියේත් කාන්තාවෝ විරෝධතාවයක නිරතව සිටියහ. ඇමෙරිකාවේ නගර ගණනාවක ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවති අතර, සියැට්ල් නගරයේ පැවති උද්ඝෝෂණයේදී එක් පුද්ගලයෙක් වෙඩි වැදී තුවාල ලැබුවේය. ලන්ඩනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපස සිකුරාදා රාත්‍රියේ කාන්තාවෝ විරෝධතාවයක |
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි. | පසුගියදා අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය රජයේ දේපල, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු නිරීක්ෂණ ගණනාවක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට පැමිණිලි කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රචාරක රැළි ආවරණය කිරීම සඳහා ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්. අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සජීවී විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී සේවය පමණක් රුපියල් ලක්ෂ විසි එකක මුදලක් වැය කර ඇතැයි වාර්තා වූ බව පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන පැවසීය. මීට අමතරව එම රැළියට ජනතාව ගෙන ඒම සඳහා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ. හැටන්, මඩකලපුව, කිලිනොච්චිය, යාපනය, දඹුල්ල, උඩහමුල්ල, මොරටුව, කෑගල්ල, පොලොන්නරුව, මහියංගණය, මට්ටක්කුලිය, බදුල්ල, කැකිරාව, හොරොව්පතාන සහ වව්නියාව යන පෙදෙස් වල සිට එම බස් රථ පැමිණ ඇති බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන වැඩසටහන පවසන්නේ. බස් රථ විශාල සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගැනීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලොරිවල නැගී විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බවයි පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන සඳහන් කළේ. මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් අයථා ලෙස යොදා ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු ගොඩනැගිලි හා සම්පත් පරිහරණය, රාජ්‍ය ආයතනවල නීති විරෝධී ප්රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්ද පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබේ. |
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී කෙරෙන පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වූ බව වාර්තා වෙයි. | ඉන්දියාව තුළ සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව පැවති අභියෝගාත්මක තත්වය හමුවේ ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන් ආණ්ඩුවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වෙමින් පැවති අතර ඊයේ (11) එම අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි සංචාරය ආරම්භ කෙරුණේ. ඉන්දියාව තුළ ගත කරන කාලය ඇතුළත පාකිස්තාන් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට(PCB) සහතික තුනක් ලැබී ඇත. පකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම සහතික කිරීම් සහිත ලිපි පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය(ICC)බටහිර බෙන්ගාල ආණ්ඩුව සහ ‘කොල්කටා’ පොලිස්පති වරයාගෙනි. පකිස්තාන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වෙති. පාකිස්තාන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන පළමු පෙර සූදානම් තරඟය කොල්කටා ‘ඒඩන් ගාර්ඩන්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන් කණ්ඩායම මාර්තු 14 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන්ගේ දෙවන පෙර පුහුණු තරඟයට සහභාගී වෙන බවත් දැක්වෙයි. |
1958 මැයි පළමු වෙනි දින උතුරු ඉන්දියාවේ අලහාබාද් නගරයේ පිහිටි අධිකරණ ශාලාවක් තුළ සිටි තරුණ කාන්තාවක් දෙස සියලු දෙනාගේම නෙත් යොමු වී තිබිණි. | හුස්නා බායි නම් මෙම 24 හැවිදිරි කාන්තාව, විනිසුරු ජදීෂ් සහායිට පැවසුවේ තමන් ගණිකාවක් බවය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දී ඇති නව නීතියට අභියෝග කර, ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණු ද සඳහන් කරමින් ඇය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. "මේ නව නීතිය නිසා ව්‍යවස්ථාවෙන් ගොඩ නගන රාජ්‍ය සුබසාධනයේ අරමුණ අවුල් වෙලා යනවා" යැයි සිය ජීවන වෘත්තිය අහිමිවීම පිළිබඳ කරුණු දක්වමින් හුස්නා බායි පැවසීය. ගණිකා වෘත්තියේ යෙදෙන දිළිඳු මුස්ලිම් කාන්තාවක් සමාජ මතයට එරෙහිව සිදු කරන අරගලයක් ලෙස මෙය දැක්විය හැකිය. ගණිකා වෘත්තීය සිවිල් සමාජය තුළ තහනම් කිරීමෙන් පසු වීදි සරණ කාන්තාවන් පත් වී ඇති ශෝචනීය තත්වය පිළිබඳ සොයා බලන ලෙස ඇය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය. නිල වාර්තාවලට අනුව 54,000ක්ව සිටි ඉන්දියාවේ ගණිකාවන් සංඛ්‍යාව 1951දී 28,000 දක්වා අඩු වී තිබේ. එමෙන්ම, ඔවුන්ට ලැබුණු මහජන සහයෝගය ද අවම වී ඇත. මෙම ගණිකාවන් එක් වී ඉන්දියාවේ කොංග්රස් පක්ෂයට ආධාර ලබා දුන් අවස්ථාවේ දී මහත්මා ගාන්ධි ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම කාන්තාවන් ද රැකියාවක නිරත වී මුදල් උපයා, දේපළ හිමිකරගෙන, අදාළ බදු ගෙවා ජීවත් වන පිරිසක් බව සැලකිල්ලට ගෙන නැත. හුස්නා බායිගේ පෞද්ගලික ජීවිතයේ වැඩිදුර තොරතුරු සහ ඡායාරූප හෙළි වී නොමැත. ඇය වාසය කළේ ඥාති සොහොයුරියක සමගය. ඇය උපයන මුදලින් සිය බාල සොහොයුරන් දෙදෙනා ජීවත් කරවීමට වෙහෙස වේ තිබේ. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය ගණිකාවක් වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැඳුණු හුස්නා බායිගේ කතාව යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන රෝහිත් ඩී ලියූ ග්‍රන්ථයේ කොටසක් ලෙස ඇතුළත් කර තිබිණි. ඇය ගැන වැඩි තොරතුරු නොමැති නිසා අධිකරණ වාර්තාවල සඳහන් වූ දේ පමණක් ග්රන්ථයට ඇතුළත් කර තිබිණි. හුස්නා බායි අධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සේම මහත් ආන්දෝලනයක් ද ඇති විය. දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදවලින් "අති විශාල කොළ මිටි" පිරී ගියේය. අලහබාද් ප්‍රදේශයේ ගණිකාවන් පිරිසක් සහ කාන්තා නර්තන කණ්ඩායම් සංගමයක් මෙම පෙත්සමට ප්‍රසිද්ධියේ සහය පළ කරනු දක්නට ලැබිණි. මේ තොරතුරුද කියවන්න: මේ අතර, දිල්ලි, පන්ජාබ් සහ මුම්බායි නගරවල ජීවත් වන ගණිකාවන් ද හුස්නා බායි ඉදිරිපත් කළ හා සමාන පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. බේගම් කලවාත් නම් මුම්බායිහි ජීවත් වන ගණිකාවක් පාසලක් අසල සිය රැකියාවේ නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ. නමුත් මෙම ක්‍රියාවෙන් සමානාත්මතාවට ඇති අයිතිය සහ ව්‍යාපාරයේ යෙදීමට ඇති නිදහස උල්ලංඝනය වී ඇති බව තර්ක කරමින් ඇය මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය. මෙම නීතියට එරෙහිව නැගී සිටිමින් අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුහු සිය ගනුදෙනුකරුවන්ගෙන් සහ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කළහ. "ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්." වෘත්තීය ගායිකාවන් සහ නර්තන ශිල්පිනියන්ගෙන් සැදුම් ලත් සංගමයකට අයත් යැයි පවසන කාන්තාවන් 75 දෙනෙකු අදාළ නීතියට එරෙහිව දිල්ලි නහරයේ පිහිටා ඇති ඉන්දියානු පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ විරෝධතාවක නිරත විය. සාමාන්‍ය ලෙස ගණිකා වෘත්තියේ නියැලීම නතර කළහොත් මෙම වෘත්තීය වැදගත් යැයි සැලකෙන ප්‍රදේශවලට පැතිරෙනු ඇති බව ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවසූහ. ගායිකාවන්, නර්තන ශිල්පීන් සහ "අපකීර්තියට" පත් වූ ලෙස සැලකෙන කාන්තාවන් 450 දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ද මෙම නීතියට එරෙහිව සටන් කිරීමට සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබේ. "අපේ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ඕනෑම වෘත්තියක යෙදීමේ නිදහස මෙම නීතිය නිසා උල්ලංඝනය වෙනවා" යැයි උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වන අලහබාද්වල නර්තන ශිල්පිනියන්ගේ කණ්ඩායමක් පැවසීය. තවත් තොරතුරු: කල්කටාවේ ලිංගික සේවයේ යෙදෙන 130,000ක් කාන්තාවන්ට වෙනත් රැකියාවක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත්, දැඩි උපවාසයක් ආරම්භ කරන බව එහි සිටින ගණිකා වෘත්තියේ යෙදෙන්නියෝ පවසති. හුස්නා බායිගේ පෙත්සම පිළිබඳ ඉන්දියානු පොලිසිය සහ රජය සිය අවධානය යොමු කර තිබේ. මේ අතර, ගණිකා වෘත්තියට එරෙහිව හඬ නගමින්, අදාළ නීතිය සඳහා සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ සමාජ ක්‍රියාකාරීහු හුස්නා ඉදිරිපත් කළ පෙත්සමට දැඩි විරෝධය පෑහ. "ගණිකාවන් ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්ති අයදින ඉතා පුදුම සහගත අවස්ථාවක් මෙය," රෝහිත් ඩීගේ ග්‍රන්ථයේ මේ පිළිබඳ ඇතුළත් කරුණු විවේචනය කරන්නෝ පවසති. ඉන්දියානු ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමට කාන්තාවන් කීප දෙනෙකු ඇතුළත් විය "හුස්නා බායිගේ පෙත්සම සහ තවත් එවැනි පෙත්සම් නව ජනරජයක් කරා යන වැඩපිළිවෙළට එල්ල කරන ලද ප්‍රහාරයක්" යැයි තවත් විවේචනයක සඳහන් විය. ඉන්දීය ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ කාන්තාවන් කීපදෙනෙකු තර්ක කර සිටියේ, ගණිකා වෘත්තියේ යෙදීමට කාන්තාවන් කැමැත්තෙන් ඉදිරිපත් නොවූ අතර, ආර්ථික සහ සමාජීය තත්වය නිසා ඔවුන් බලහත්කාරයෙන් එම තත්වයට පත් වී ඇති බවය. නමුත් ඔවුන් පවා පුදුමයට පත් කරමින් මෙම ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවෝ සිය රැකියාව කිරීමේ මූලික අයිතිවාසිකම වෙනුවෙන් සටන් වදිමින් ඔවුන්ගේ "අවමානයට පත් වූ ජීවිතය" ඉදිරියට ගෙන යෑමට උත්සහ කරති. "මේ ගැන ඉතා හොඳින් අධ්‍යනය කර බලන කළ, මෙය එක් පුද්ගලයෙකුගේ වීර ක්‍රියාවක් වෙන්නේ නැහැ. නමුත් නිදහසේ සංවිධානය වුණ ඉන්දියාව පුරා සිටින ලිංගික සේවකයන් එකතු වී නගන විරෝධයක කොටසක්" යැයි රෝහිත් ඩී පැවසුවේය. "ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්." දෙසතියකට පසු, තාක්ෂණික කරුණක් මත හුස්නා බායිගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. නමුත් නව නීතියෙන් තවමත් ඇයගේ අයිතීන් උල්ලංඝනය වී නොමැත. ඇය සිය වෘත්තියේ නියැලී සිටින ප්‍රදේශයෙන් පිටමංකර නැති අතර, ඈට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැත. ප්‍රදේශයෙන් පිටමං කිරීම ගැන ඇය ඉදිරිපත් කරන තර්කය නිවැරදි බව පැවසූ විනිසුරු සහායි වැඩිදුර විස්තර පැවසුවේ නැත. කෙසේවෙතත්, ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතිය ව්‍යවස්ථානුකූල යැයි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. එමෙන්ම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට අසීමිත අයිතීන් භුක්ති විඳිය නොහැකි බව ද එම තීන්දුවේ සඳහන් විය. |
ශ්‍රී ලංකා ආණ්ඩුව එක් අතකින් අතුරුදහන්වූවන් පිළිබඳව කොමිසමක් පත් කොට ඒ පිළිබඳ ව විමර්ශන කරන අතරවාරයේ සහනාධාර ක්‍රම උපයෝගී කර ගනිමින් ප්රශ්නය යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් බී සී සංදේශයට ප්‍රකාශ කළේය. | අතුරුදහන් වූවන් ගේ නෑසියන් අතුරුදහන් වූවන් පිළිබඳව කොමිසම පසුගිය දා කිලිනොච්චියේ දී විමර්ශන පැවැත්වෙද්දී එම ස්ථානයට යාබදව පොලිසිය සහන සේවාවක් පැවැත්වූ අවස්ථාවක් පිළිබඳ ව තමාට වාර්තා වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන, එම් කේ සිවාජිලිංගම් කියා සිටියේය. ආණ්ඩුවේ මෙහෙයවීමෙන් යුද හමුදාව සහ පොලිසිය අතුරුදහන්වූවන්ගේ නෑදෑයන් මරණ සහතික ගැනීමට පොලඹවා, එමගින් අතුරුදහන්වූවන් පිළිබඳ ව ඇති ගැටළු යටපත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවස්ථා කීපයකදී ම විරෝධය පළ කොට ඇතැයි පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පෙන්වා දුන්නේය. සහනාධාර ලබා දීමට තමන් විරුද්ධ නැතත් යුද්ධයේ අවසන් අවස්ථාවේ දී හමුදාවට භාර වූ පිරිස් වලට කුමක් සිදු වුයේදැයි දැන ගැනීමට ඔවුන්ගේ නෑසියන්ට අවශ්‍ය වී ඇති බවත්, මරණ සහතික නිකුත් කිරීමෙන් එම අවශ්‍යතාව ඉටු නොවන බවත් එම් කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ජංගම සහන සේවාව යුද්ධයෙන් විපතට අතුරුදහන්වූවන්ගේ නෑසියන් වෙනුවෙන් පොලිසිය පැවැත්වූ ජංගම සහන සේවාව මීට මාස කීපයකට පෙර සැලසුම් කළ කටයුත්තක් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට ප්‍රකාශ කළේ. එම ජංගම සහන සේවාවේ දී අතුරුදහන්වීම් පිළිබඳව කිසිදු කරුණක් සාකච්ඡා නොකළ බවත් කොටි සංවිධානය විසින් මරා දමන ලද පිරිස් වල නෑදෑයන්ට ඉඩම්, ස්වයංරැකියා සහ නිවාස ගොඩ නගා ගැනීමට ආධාර ලබා දීමට එහි දී කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේය. |
2009 වසරේදී වෙඩි තබා ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය යළි ගොඩ ගැනිණි. | බොරැල්ල සුසාන භූමියේ දේහය තැන්පත් කොට තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග කෙරුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි. සැප්තැම්බර් 08 වනදා ලබා දෙනු ලැබූ ඉහත කී අධිකරණ නියෝගයත් සමග බොරැල්ල සුසාන භූමියේ දේහය තැන්පත් කොට තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි. ගොඩ ගැනුණු සිරුරු කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගෙන ගොස් ඇති අතර දහවල් 01.30 ට මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව බලධාරීහු පවසති. අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ මසක් ඇතුළත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදී හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගැනුණි. සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත වික්රමතුංගගේ සිරුර යළි ගොඩ ගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දී නොතිබුණේ පෞද්ගලිකත්වය සලකා මාධ්‍යවේදීන්ට එහි ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීමකට අනුව බව පොලිසිය පවසයි. කෙසේ නමුත් එම ඉල්ලීම නොසලකා යම් කිසිවකු විසින් ඩ්‍රෝන් කැමරාවක් යොදා ගනිමින් එම අවස්ථාව රූගත කිරීමට උත්සාහ දරා ඇති අතර පොලිසියේ මැදිහත් වීමෙන් එය වලක්වා තිබේ. |
ඉදිරි වසර ඇතුලත බොහෝ ටෙස්ට් තරඟ තිබෙන නමුත් විශේෂයෙන්ම ජගත් කුසලාන සඳහා වසර කිහිපයක් තිබෙන බැවින් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය යයි තමන්ට හැඟී ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි. | ක්‍රීඩා ජීවිතය ගැන කණගාටුවක් නෑ - රංගන හේරත් සිය ක්‍රීඩා ජීවිතය තුල කිසිදු කලකිරීමක් නොමැති අතර, එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගන්නේ ඉතා සතුටින් බවද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නා බීබීසී සංදේශයට පැවසීය. "විශේෂයෙන්ම සතුටෙන්. කිසිම දෙකට මම කණගාටු වෙන්නේ නෑ. මට ලැබුණු දේවල් ගොඩයි මේ ක්‍රීඩාව නිසා," ඔහු පැවසීය. 2014 දී පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟයකදී ලකුණු 127 කට කඩුලු 9ක් දවාගැනීම, එක් දින තරඟවලදී ලකුණු 20 කට කඩුලු 4ක් දවාගැනීම සහ විස්සයි විස්ස ක්ෂේත්රයේ ලකුණු තුනකට කඩුලු පහක් දවාගැනීමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පෑ ඉහලම දස්කම්. "කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්නයක්වත්, කිසිම දෙයක් නිසා නෙවෙයි මම සමුගන්නේ; ඉතාමත් සන්තෝෂයෙන් සමුගන්නේ," රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ඉදිරි ජගත් කුසලානය දක්වා පවතින කාලය ඇතුලත නව පරපුරේ දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමට එක් වී ඉදිරියට යාමට අවස්තාව සලසාදීම සිය අභිප්‍රාය බවත් ඔහු සඳහන් කළේය. ලෝක කුසලාන දෙකකට සටන් වැදීමට අවස්තාව ලැබීම සහ විස්සයි විස්ස ජගත් කුසලාන තුනකට සහභාගි වී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකිවීම සිය ක්‍රීඩා දිවියේ මතක සටහන් අතර ඉදිරියෙන්ම තිබෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩකයා පවසන්නේ. අයිපීඑල් වැනි ශූරතාවලීන්ට සහභාගි වීමට අවස්තාව නොලැබීම පිළිබඳව කණගාටුවක් නැති බවත් රංගන හේරත් වැඩිදුරටත් බීබීසී සංදේශයට පැවසීය. |
යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නො කළ බව ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබේ. | එස්. එලිලන් ගේ බිරිඳ ආනන්දී සශීදරන් හමුදාවට භාර වූ කොටි කැරලිකරුවන් සොයා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ භාර්යාවන් විසින් පෙත්සම් දා හතරක් වව්නියා මහාධිකරණයට ඉදිරිපත් කර ඇත. ඉන් පෙත්සම් පහක් වව්නියාව අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි රජයේ නීතීඥ වරයා අධිකරණයට ඉහත කී දැනුම් දීම සිදු කළේ. එල් ටී ඊ නායකයෙක් වූ එස්. එලිලන් කතෝලික පුජකවරයෙක් ඉදිරියේ තම ස්වාමිපුරුෂයන් හමුදාවට භාර දුන් බවයි කොටි සංවිධානයේ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ නායකයාව සිටි එස්. එලිලන් ගේ බිරිඳ ආනන්දී සශීදරන් ප්‍රකාශ කලේ. අවසන් යුද ගැටුම් සමයේ මුලතිව් පළාතට කොටු වී සිටි දහස් ගණනක පිරිසක්ද කොටි කැරලිකරුවන්ගේ භාරවීම දුටු බවයි ඇය තව දුරටත් කියා සිටියේ. මෙම පෙත්සම් ඉක්මණින් විභාගයට ගන්නා ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කරයි. |
කොරෝනාවෛරස් රෝග ලක්ෂණ "උත්සන්නවීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු පැවසීය. | "අවශ්‍ය විටෙක" තමා වෙනුවෙන් වැඩ බලන ලෙස අගමතිවරයා විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් වෙතින් ඉල්ලා ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. කොරෝනාවෛරසය ආසාදනය වී සිටි 55 හැවිරිදි අගමැති බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල්ගත කෙරිණි. කොරෝනාවෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින නමුත් බ්‍රිතන්‍ය අගමැති බොරිස් ජොන්සන් ආණ්ඩුව මෙහෙයවමින් තවමත් සිය ධුරයේ වගකීම් ඉටු කරමින් සිටින බව නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය රොබර්ට් ජෙන්රික් පවසා මීට පෙර පවසා තිබිණි. කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල් ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය. ඔහු ලන්ඩන්හි රෝහලක් වෙත රැගෙන යනු ලැබ ඇත්තේ, ශරීර උෂ්ණත්වය ඇතුළු "පහ නොවන රෝග ලක්ෂණ" තිබියදීය. අගමැතිවරයාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි "පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක්" වශයෙන් එවැනි පියවරක් ගත් බව පැවසේ. සාමාන්‍ය දිනවල ජනයාගෙන් පිරී පවතින ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීදිය කොරෝනාවෛරසය පිළිබඳ තවත් පුවත්: 55 හැවිරිදි බොරිස් ජොන්සන් රාත්‍රිය පුරා "දෛනික පරීක්ෂණ" මාලාවකට ලක් කෙරුණු බව වාර්තා විය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍යවරයා පරීක්ෂණ සදහා රෝහල්ගත කළ," බවය. "මේක අගමැතිවරයාට දින 10ක් පුරා රෝග ලක්ෂණ දිගට ම තිබුණ නිසා ගනු ලැබූ පූර්වාරක්ෂක පියවරක්." ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සුවය පතයි මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කළේ, බොරිස් ජොන්සන්ට සුවය පතා "ජාතියේ ආශීර්වාදය" පළ කරමිනි. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක කියර් ස්ටාමර් ද බොරිස් ජොන්සන්ට "ඉක්මන් සුවය" ප්‍රාර්ථනා කළේය. කොරොනාවයිරසය ආණ්ඩුවේ ඉහළ ම මට්ටම්වලට බලපෑම් එල්ල කර තිබේ. අගමැති බොරිස් ජොන්සන් වෛරසයේ අප්‍රසන්න යථාර්ථය පෞද්ගලිකව අත්විදිමින් සිටී. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් තරයේ පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා තවදුරටත් බොරිස් ජොන්සන් බවය. අමාත්‍ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් අගමැති කාර්යාලය කියා සිටී. විය නොහැකි යයි සිතන දේ යථාර්ථයක් බවට පත් කිරීමට ඇති හැකියාව කොරෝනාවෛරසය යළි යළිත් ඔප්පු කරමින් සිටී. උපදේශකයින්, නිලධාරීන් සහ අමාත්‍යංශ සේවකයින්ට ස්වයං හුදෙකලා වීමට එය බල කර තිබේ. |
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ සමයේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයෝගයක් නොලද බව ඊයේ (28) ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියට සමු දුන් තිලකරත්න ඩිල්ශාන් පවසයි. | රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිය අවසන් තරඟයෙන් අනතුරුව පැවැත්වුන මාධ්‍ය හමුවේ දීයි ඔහු එම ප්‍රකාශය කළේ. 2011 අප්‍රේල් සිට 2012 ජනවාරි දක්වා තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පිළේ නායකත්වය දැරූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබා ගැනීම හැර ඔහු ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ ලබාගැනීමට නොහැකි විය. ඊයේ දඹුල්ල මාධ්‍ය හමුවේ දී තිලකරත්න ඩිල්ශාන් කියා සිටියේ හිටි හැටියේම තමා කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වූ බවයි. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත් කෙරුණ අතර ඔහු දඹුල්ල මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් සඳහන් කළේ කණ්ඩායමේ නායකයා හැටියට තමා එදා ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවයි. 'එංගලන්තේදී මගේ අතට බෝලයක් වැදිලා තුවාල වුනාම හිටපු නායකයන්ට කිව්වා නායකත්වය දරන්න කියලා, ඔවුන් බැහැයි කිව්වා' ඔහු අතීත අත්දැකීම් සිහිපත් කරමින් පවසයි. නවක ක්‍රීඩකයන් වෙනුවෙන් සිය නායකත්වය යටතේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම ඇතැම් අයට ගැටළුවක් වූ බව පෙන්වා දුන් තිලකරත්න ඩිල්ශාන් එසේ හඳුන්වා දුන් නවකයන් අද දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබීම ගැන තමා අද සතුටු වන බවයි කියා සිටියේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පමණක් නොව ඇතැම් පුහුණුකරුවන්ගෙන් ද කණ්ඩායමේ නායකයා හැටියට තමාට අවශ්‍ය සහයෝගය නොවූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමු ගන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා පවසන්නේ. 'මම නායකත්වය දරපු අවුරුද්ද පුරාම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා. ඒ අවුරුද්ද පුරාම මැතිව්ස්ට පන්දු යවන්න බැරි වුණා. ඒක මගේ අවාසනාව වෙන්න ඇති. මොකද මම නායකත්වයෙන් ඉවත් වෙලා සතියකට පස්සේ අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා. ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති' තිලකරත්න සිය අතීත අත්දැකීම් පෙරට තබන ලද්දේ එපරිද්දෙනි. තමන්ට තව වසරක් හෝ දෙකක් පහසුවෙන් ක්‍රීඩා කල හැකි වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ආරම්භක පිතිකරුවකු සොයා ගැනීමට කණ්ඩායමට කාලය ලබා දීමට බවත් තිලකරත්න ඩිල්ශාන් පවසයි. ඉදිරි සතියේ පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි. |
එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය. | ඔහු මේ බව පැවසුවේ බදාදා (මාර්තු 06) මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල, පොලීසියේ ක්‍රියා කලාපය, ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ. ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී මතුකරන ලද කරුණු වලින් තෝරාගත් කරුණු කිහිපයකි, මේ. 1. ජිනීවා මානව හිමිකම් කොමිසම: "පරණ දේවල් අමතක කරමු" "අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 10ක් ගතවෙලා නැවත මේ පරණ දේවල් හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා," ඔහු පැවසීය. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තමන් නියෝජනය කිරීම සඳහා ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් පිටත්කර යවා ඉහත ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ද ජනපතිවරයා පැවසීය. 2. පොලිසිය තමන් යටතට ගත් ආකාරය පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට ගැනීම ව්‍යවස්ථානුකුලව සිදුවූ කාර්යයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි අමාත්‍යාංශ ගැන සීමාවක් පවතින නමුත් ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි ආයතන ගැන සීමාවක් නොමැති බව පෙන්වාදුන් ඔහු කියා සිටියේ, තමාට අවශ්‍ය නම් ආයතන 500ක් පමණ වුවත් තබා ගැනීමට හැකි බවය. "අමාත්‍යාංශ දෙකයි පවත්වාගෙන යන්න පුළුවන් හැබැයි ඒ අමාත්‍යංශ දෙකට ඕනේ නම් පුළුවන් ආයතන 500ක් විතර ගැසට් කරන්න," යැයි ජනපතිවරයා පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය 3. පොලිසියේ අභ්‍යන්තර තත්වය"ඛේදවාචකයක්" 85,000කට ආසන්න ශ්‍රී ලංකා පොලිස් සේවාවේ අභ්‍යන්තර තත්වය ඉතා කණගාටුදායක බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "පොලිසියේ පහළ නිලධාරීන් සිටින්නේ දැඩි මානසික අසහනයෙන් වැටුප් ඇතුළු ගැටළු රැසක් නිසා. ගිය අවුරුද්දේ පොලිසියේ දේසීය ගාණක් මැරිලා තියෙනවා නොයෙකුත් අසනීප නිසා. කායික හා මානසික කිසිම තෘප්තියක් නැති කටුක ජිවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ." පොලිස් කාන්තාවන් 2500ක් මෙන්ම දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් බඳවා ගැනීමට ද කටයුතු යොදා තිබෙන බව ජනාධිපතිවරයා කීය. පොලිසිය ගැන ජනාධිපතිවරයා එසේ අදහස් දක්වන අතරවාරයේ, නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි. 4. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළක් මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂම කිරීම සඳහා ඩොලර් මිලියන 10ක් - 15ක් අතර මුදලක් වැයකර නව අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අදහස්කරන බව කී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීමට 1984 නමින් විශේෂ දුරකථන සේවයක් හඳුන්වාදෙන බව සදහන් කළේය. අප්‍රේල් 3 වැනිදා උදෑසන මුළු රට පුරාම මත්ද්‍රව්‍ය වලට එරෙහිව "බක් මහ දිවුරුම" දිවුරුමක් ලබාගැනීමට පියවර ගැනෙන අතර, "ලබන වෙසක් පෝය දිනෙන් පසු ශ්‍රී ලංකාවේ කසිප්පු තියෙන්න බැහැ," යනුවෙන් පොලීසියට දැන්වූ බව කීය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනයට නව අධිකාරියක් පිහිටුවන බවත් ගංජා, කොකේන්, හෂිෂ් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඒ අතර පාසල් දරුවන් හා ගැහැණු දරුවනුත් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා විනිසුරුවන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. "මගේ දරුවන් මරලා මට කන්න දෙනවා කියනවා" 5. ලසන්ත ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන්වීම් පරීක්ෂණවලට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් "අහවල් අහවල් පුද්ගලයන් මෙන්න මේ විදිහට කටයුතු කළා කියන තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් සොයාගෙන තිබුණත් අධිකරණයට ගියාම ඒවා ඔප්පුකිරිමේදී අධිකරණයට හරි සාක්ෂි අවශ්‍ය වෙනවා. ඇතැම් ගැටළුකාරී තත්වයන් ඔය ඇතැම් පරීක්ෂණවල තියෙනවා". ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදහන්වීම යන පරීක්ෂණ ගැන විමසූ විට ජනාධිපතිවරයා කීවේ මාස කිහිපයක් එම පරීක්ෂණවල ප්‍රගතිය ගැන සොයාබැලීමට තමාට නොහැකිවූ බවය. ඒ ගැන නැවත සොයා බලන බව ද ඔහු කියා සිටියේය. හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව පැවසූ ජනපතිවරයා තමා සිංගප්පුරු අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ ගැන දැනුම් දුන් බව කියා සිටියේය. තවත් ලිපි: 6. "මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය දන්නවා" මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම ගැන ඔහු පැවසුවේ එය "අනාගතයේදී සිදුවේවි, කාලසීමාව නම් මම දැන් කියන එක හොඳ නැහැ, මම දන්නවා දිනය නම්." මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදී තිබෙන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම සිදුකරන බව පැවසීය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට යුරෝපා සංගමය දක්වන විරෝධතාවය හමුවේ ශ්‍රී ලංකාවට ජීඑස්පි ප්ලස් වැනි තීරු බදු සහන අහිම්විමට ඇති ඉඩකඩ ගැන විමසීමේදී ජනාධිපතිවරයා පැවසුවේ "ඔය විරෝධතා දක්වන අය මත්ද්‍රව්‍ය මර්ධනයට මොනවාද කරලා තියෙන්නේ. අඩුම වශයෙන් මම ඔය කියපු අධි තාක්ෂණික උපකරණ වත් දෙනවද? එහේ ඉඳන් ඇගිල්ල දික්කරන්න දන්නේ මානව හිමිකම් එක්ක. නමුත් මේ රටේ මේ සිද්ධවෙන මේ බරපතල මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙන් අපියි ගොඩ එන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා කවුරු විරුද්ධ වුනත් මම මේක කරනවා." කියවන්න: 7. රටේ ආර්ථික තත්වය විදේශ ණය, දේශීය ණය, නිෂ්පාදනය පහත වැටීම, අපනයන කර්මාන්ත වල ඇතිව තිබෙන පසුබෑම් හමුවේ රටේ ආර්ථිකය ඉතා අමාරු තැනක සිටින බව ජනපති සිරිසේන පෙන්වාදුන්නේය. වර්ෂ අවසානයේ ජනාධිපතිවරණය හා ඊට පෙර ඇතැම් විට පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්විය හැකි මැතිවරණ වසරක් වන මෙම වසර තුළ ආර්ථිකය අභියෝග ජයගැනීමට සියලු දේශපාලන බලවේග තම න්‍යාය පත්‍ර අතහැර එකට එක්විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. මැතිවරණ වසරක් නිසා විරෝධතා වැඩිවිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා වැඩි වැටුප් ඉල්ලන්නන් රටේ තිබෙන ආර්ථික අර්බුදය ගැන සිතා බැලිය යුතු බවද කියා සිටියේය. අයවැය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම අයවැය විවේචනය නොකරන බවය. "අයවැයකින් සියලු දෙනා සතුටු කළ නොහැකියි." මේ තොරතුරුත් කියවන්න: |
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ බේස්බෝල් තරගයක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකදී ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් පක්ෂ නායකයෙකුට සහ ඔහුගේ ආධාරකරුවන්ට තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි. | වොෂින්ටනයේ ඇලෙක්සැන්ද්‍රියා ප්‍රදේශයේ ධනවතුන් වෙසෙන ප්‍රදේශයක එල්ල වූ වෙඩි ප්‍රහාර කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාවන ස්ටීව් ස්කැලිස් ට (Steve Scalise) වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ. තුවක්කුකරු සමග වෙඩි හුවමාරුවක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් තුවාලකරුවන් අතර සිටින බවත් වාර්තාවල දැක්වේ. කොන්ග්රස් සභික ස්ටීව් ස්කැලිස්ට වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවක්කුකරු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය. බ්‍රහස්පතින්දා (ජුනි 15) පැවැත්වීමට නියමිත කොන්ග්රස් මණ්ඩලයේ වාර්ෂික බේස්බෝල් තරගය සඳහා කොන්ග්රස් සභිකයන් පුහුණුවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කරන ලද බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ. කොන්ග්රස් මණ්ඩලය ඉදිරිපස ආරක්ෂාව තර කර තිබේ |
කැමරාවක් ගුවනට නංවා මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය ගොඩ ගන්නා අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය සදාචාරයට එකඟ නොවන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි. | කෙනෙකුගේ පෞද්ගලිකත්වය හා බැඳුණු සිදුවීමක් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදියා 'සාහසික නොවිය යුතු' බවයි ඔහු කියා සිටින්නේ. 'මේ වගේ කරුණු සම්බන්ධයෙන් රජයක් නීති පැනවිය යුතු නැහැ. නමුත් මාධ්‍යවේදීන් අතරම සම්ප්‍රදායන් ගොඩ නගා ගත යුතුයි.' 'ලසන්ත වෙනුවට අපිට ඇට සැකිල්ලක් පෙන්නනවා නම් ඒක හොඳද? ඒක බලන එක හොඳද? ඒක ලසන්තට හොඳද?,' මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රශ්න කළේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. සමාජ කාර්යභාරය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මෙවැනි සංවේදී අවස්ථාවල සමාජයේ වගකිවයුතු වෘත්තිකයන් වශයෙන් ජනමාධ්‍යවේදීන් 'සිහි බුද්ධියෙන්' කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. හඬ පටය අමුණා ඇත. ශ්‍රී ලංකාවේ වෘත්තිය සදාචාරය 'අවුලකට පත් වීම' මාධ්‍ය ක්ෂේත්රයට පමණක් සීමා නොවන බවත් ඔහු පැවසීය. 'ලංකාවේ වෛද්‍යවරුන්ගේ සදාචාරය ගැන ලොකු අවුලක් තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ආයතනවල ලොකු සදාචාරාත්මක අවුලක් තිබෙනවා,' 'ලංකාවේ තිබෙන ප්‍රශ්නයක් තමයි ඇතැම් නඩුකාරයන්ට, දේශපාලනඥයාට, මාධ්‍යවේදියාට වෘත්තීයවේදියකු හැටියට තමන්ගේ සමාජ කාර්යභාරය පිළිබඳ හැඟීමක් නැහැ, ඒ පිළිබඳ අර්ථකතනයකුත් නැහැ.' ඔහු පවසයි. |
රුසියානු ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් සහ යුක්රේන් ආණ්ඩුවේ හමුදා අතර ඊයේ සිකුරාදා ‘ඔදෙස්සා’ නගරයේ සිදු වූ ගැටුම් වලින් ජීවිත හතළිස් දෙකක් විනාශ වූ බව පොලිසිය පවසයි. | රුසියාවට හිතවත් පුද්ගලයන් බහුතරය වූ කණ්ඩායමක් සිර වී සිටි ගොඩනැගිල්ලකට පැට්රල් බෝම්බවලින් පහර දී ගිනි තබනු ලැබීමෙන් තිස්හත් දෙනකු මරණයට පත් වූ බවයි, මුලින් වාර්තා කෙරුණේ. ‘ඔදෙස්සා’ නගරයේ පොලිස් ප්‍රධානී පෙත්රෝ ලුත්ස්යුක් තනතුරින් පහ කරන ලද බව ‘ඉන්ටර්ෆෙක්ස්’ යුක්රේනියානු මාධ්‍ය ආයතනය වාර්තා කරයි. රුසියාවට හිතවත් බෙදුම්වාදීන් විසින් අල්ලා ගෙන ඇති ‘ස්ලෝවියාන්ස්ක්’ නගරය යළි සිය පාලනය යටතට ගැනීමට යුක්රේන් හමුදා දිගටම මෙහෙයුමක නිරත වෙමින් සිටින බව කලින් ලද වාර්තා මගින් ප්‍රකාශ විය. ‘ක්රමතෝර්ස්ක්’කලාපය අසල පිහිටි රූපවාහිනී කුළුණක් යුක්රේන් හමුදා අතට යළි පත් වූ බවක් ද වාර්තා වෙයි. නිරීක්ෂකයන් නිදහස් රුසියාවට හිතවත් කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ දී රඳවා ගනු ලැබ සිටි යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ නිරීක්ෂකයන් අට දෙනා මුදා හැර ඇති බවක් ද මේ අතර නිවේදනය කෙරිණ. ඔවුන් සමඟ සිටි යුක්රේන් ජාතිකයන් පස් දෙනකු ද මුදා හරිනු ලැබ ඇත. එම නිදහස් කිරීම් සිදු වුණේ රුසියාවේ නියෝජිතයෙක් යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ඉහත කී නිරීක්ෂකයන් රඳවනු ලැබ සිටි ‘ස්ලෝවියාන්ස්ක්’ නගරයට ලඟා වීමෙන් අනතුරුවයි. එම කණ්ඩායම මුදා හැරීමට පියවර ගන්නා මෙන් බටහිර රටවලින් රුසියාවට බලපෑම් එල්ල වෙමිනුයි තිබුණේ. |
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවරයින්ට ගල් වලින් දමා ගැසීමේ චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. | ඉන්දීය ධීවරයෙක් නාවික හමුදාව පෙරේදා (බදාදා) ඉන්දීය ධීවරයින් 2,700 කට පමණ ගල් වලින් ගසා දමා ඔවුන් පලවා හැරිය බව ධීවරයින් කියා සිටින්නේ යැයි ඉන්දීය පීටීඅයි ජාතික පුවත් සේවාව වාර්තා කළේය. මේ පිළිබඳව බීබීබීසි දෙමළ සේවය, තමිල් ඕසෙයි සමග කථා කළ තාමිල්නාඩුවේ තන්ගච්චි මඩම් හි වෙසෙන ස්විටර් අන්තෝනි ධීවරයා කියා සිටියේ කච්ච්තිව් දුපත අසල මාළු අල්ලමින් සිටියදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ලොකු බෝට්ටුවක් තමන් සිටින ස්ථානයට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුලත සිටින හෙයින් පිට වෙන්නැයි කියා සිටි බවයි. “යන්න හදන කොට නාවික හමුදාවේ තවත් බෝට්ටුවක් ආවා.බෝට්ටුවේ හිටපු අය අපට ගල් ගහන්න පටන් ගත්තා.බෝට්ටුවේ හිටපු හතර දෙනාගෙන් කාටවත් තුවාල සිදු වුනේ නැහැ ඒත් බෝට්ටුවට හානි සිදුවුනා. ක්‍රිකට් බෝලයක් විතර වෙන ගල් වලින් ගැහැව්වා.ගෝනි වල තිබ්බ මේ ගල් වලින් අපිට දිගටම ගැහැව්වා,” යැයි ස්විටර් අන්තෝනි ධීවරයා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත් අඩංගුවට ගන්නා නමුත්, ඔවුන්ට ගල් ගැසූ බවට එල්ල වන චෝදනාව සත්‍යයෙන් තොර බවයි, නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සංදේශයට කියා සිටියේ. |
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ කටයුතු මෙහෙයවීම පිණිස ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. | සංවාද මණ්ඩපය මෙහෙයවන ලද්දේ මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන විසින් මාධ්‍යවලට අදාළ ආයතන සහ ව්‍යුහයන් පිහිටුවීම, ප්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන යනාදී කටයුතු එවැනි ස්වාධීන ආයතනයක් යටතේ සිදුකිරීම වගකීම් සහගත නිදහස් මාධ්‍ය සම්ප්රදායයක් ඇතිකිරීම පිණිස ඉතා වැදගත් බවයි එම සංවිධානය පවසන්නේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බව පවසන්නේ ලෝක ජනමාධ්‍ය දිනය තේමා කරගෙන පසුගියදා පැවැත්වුණු වැඩමුළුවකදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් පැවැත්වුණු රැස්වීමේදී අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවයේ ආචාර්ය රංග කලංසූරිය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී දේශණ පැවැත්වූහ විද්‍යුත් මාධ්‍යවලට බලපත්‍ර ලබාදීමේ බලය පැවරෙන ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවීම, රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීම ඇතුළු ජනමාධ්‍යවලට අදාළ කරුණු යෝජිත ස්වාධීන නියාමන කොමිසම යටතේ පිහිටුවනු ලබන ස්වාධීන විද්වත් කමිටුවලට පැවරිය හැකි බවත් නිවේදනයේ සඳහන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය විරුද්ධ පක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි. එමෙන්ම සියලු රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කරන බවට ආණ්ඩුවේ බොහෝ බලධාරීන් මෙන්ම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාද කිහිප වතාවක්ම ප්‍රතිඥා දුන්නේය. ඉහත කී කරුණු හැරුණු විට ජනමාධ්‍යවලට අදාළ නීති ප්‍රතිව්‍යහගත කිරීම් ඇතුළු බොහෝ කටයුතුද ස්වාධීන නියාමන කොමිසමට පැවරිය හැකි බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2009 දී හමුදාමය වශයෙන් කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම මානව හිමිකම් කඩ කිරීමේ නිරත වූ බව ඇමරිකාව විසින් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කියා සිටියේය. | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුවී ඇති යුධ අපරාධ චෝදනා මොනවා ද? ආණ්ඩුවේ හමුදා එක්සත් ජාතීන් ගේ සහ රතු කුරුස සංවිධානයේ මධ්‍යස්ථාන වලට මෙන්ම රෝහල්වලට ද ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් ප්‍රකාශ විය. කොටි සංවිධානය සාමාන්‍ය වැසියන් ‘පළිහක්’ හැටියට භාවිතා කළ බවත් බර අවි රෝහල් බිම් වල ස්ථාන ගත කළ බවත් එක්සත් ජාතීන් ගේ සංවිධාන වාර්තාව කියා සිටියේය. ශ්‍රි ලංකා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ශ්‍රි ලංකාවේ ආණ්ඩුව මුලදී තදින්ම මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් පසුකාලීනව මේ පිළිබඳව හොයා බැලීම සඳහා එකඟ විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටියදී හිටපු මහ ලේකම් බැන්කි මුන් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව හොයා බැලීමට එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ දේශීය යාන්ත්‍රණයක් හරහා පවතින චෝදනා පරීක්ෂා කරන බවයි. ඇමරිකාවේ ස්ථාවරය වෙනස් වීද? ඇමරිකා එක්සත් ජනපදය මුලදී දැරූ ස්ථාවරය වූයේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. නමුත් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතවරිය නිශා බිස්වාල් අද (අගෝ 26) ප්‍රකාශ කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්රණයකට සහය දක්වන බවයි. දේශීය යාන්ත්‍රණයක් හරහා සිදු කෙරෙන පරීක්ෂණයක් පිළිගන්නා බවට එක්සත් ජනපදය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙයයි. නව පරිපාලනය කෙරෙහි වැඩි විශ්වාසයක් පවතින නිසා මෙම ස්ථාවරයට පැමිණි බවයි නිශා බිස්වාල් කියා සිටියේ. දෙමළ දේශපාලන පක්ෂ දරන මතය කුමක්ද? මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්ෂ දැඩි ස්ථාවරයක සිටියෝය. ඔවුන් කියා සිටින්නේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි කිසිදු විශ්වසනීයත්වයක් නොමැති බවයි. එක්සත් ජනපදය දේශීය පරීක්ෂණයක් පිළිගන්නා බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවද ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී නොමැත. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියා සිටියේ ඇමෙරිකානු ස්ථාවරය දෙමළ ප්‍රජාවගේ බලාපොරොත්තු සුන් කරන්නක් වන බවයි. යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රශ්න කරයි. ජාත්‍යන්තර ප්‍රජාවේ ස්ථාවරය වෙනස් විය හැකිද? අන්තර්ජාතික ප්‍රජාවෙන් බහුතරය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර ඊට මූලිකත්වය ගෙන සිටියේ බටහිර බලවතුන් ය. ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන් යෝජනා ගෙන ආ අවස්ථාවලදී ඇතැම් රටවල් ඊට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. නමුත් ලෝක බලවතා වූ එක්සත් ජනපදයේ ස්ථාවරය වෙනස් වන විට අනෙකුත් බටහිර බලවතුන් ඊට සමගාමීව සිය ස්ථාවරය වෙනස් කිරීම මෑත ඉතිහාසය පුරා දැකිය හැකි විය. |
ගව මස්වල පෝෂණ ගුණය පිළිබඳව ලිපියක් පළ කිරීමේ වරදට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකාශයට පත් වන සඟරාවක කර්තෘවරයාගේ වැඩ තහනම් කර තිබේ. | මෙය රජයේ වියදමින් මුද්‍රණය වන සඟරාවක් වන අතර හර්යානා ප්‍රාන්තය තුළ ගව මස් වෙළඳාම හෝ අනුභවය නීතියෙන් තහනම් වේ. මේ අතර තුර දිල්ලියේ තිරගත වීමට නියමිතව තිබු වාර්තා චිත්‍රපටයක් අත්හිටුවීමට ද රජය බලපෑම් කළ බව දිල්ලි ශිෂ්‍ය සිනමා උළෙලේ සංවිධායකයෝ පවසති. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ මාංශ වෙළඳාමේ යෙදෙන්නන් ගේ කුළය පිලිබඳ කතාවකි. ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. බිලියන එකයි දශම දෙකක් වන ඉන්දීය ජන ගහනයෙන් සියයට අසූවක් වන හින්දු භක්තිකයෝ ගවයා දේවත්වයට සබඳකම් දක්වන සත්වයකු ලෙස සලකති. ගව මස් වෙළඳාම හෝ පරිභෝජනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් වන අතර බොහෝ විට ඉන්දියාව තුළ වෙළඳාම් කෙරෙන්නේ මී ගව මස්. මී ගවයා දේවත්වයට සම්බන්ධ සත්වයකු ලෙස සලකනු නොලැබීම ඊට හේතු වී ඇති බව වාර්තාකරුවෝ පවසති. ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය. |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීම සඳහා මැයි 31 වෙනිදා පැවැත්වීමට නියමිත නිලවරණය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳුදා අවසන් විය. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල නැවත සභාපති ධූරය සඳහා තරග වැදීමට නාම යෝජනා භාර දී ඇත ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල යළිත් වරක් සභාපති ධුරය සඳහා තරග වැදීම සඳහා ක්‍රීඩා සමාජ ගණනාවක් විසින් නම් කරනු ලැබ තිබේ. ඔහුට අමතරව, හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා මෙන්ම හිටපු ලේකම් නිශාන්ත රණතුංග මෙවර සභාපති ධුරයට තරග වැදීම සඳහා යෝජනා වී තිබේ. උප සභාපති ධූරය සඳහා මොහාන් ද සිල්වා, ජෙරාඩ් හිරන්ත පෙරේරා, කන්ගදරන් මතිවානන් සහ ශම්මි ශිරාජ් සිල්වා නම් ක්‍රීඩා සමාජ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ශම්මි ශිරාජ් සිල්වා, බන්දුල තිලක් දිසානායක, ජෙරාඩ් හිරන්ත පෙරේරා, මොහාන් ඇන්තනී චූලානන්ද ද සිල්වා සහ නිශාන්ත රණතුංග ලේකම් ධූරය සඳහා තරග වැදීමට නියමිත අතර, උප ලේකම් ධූරය සඳහා යෝඅජ්නා වී තිබෙන්නේ බන්දුල තිලක් දිසානායක, සමන්ත බණ්ඩාර දොඩන්වල සහ රවීන් උදයප්‍රිය වික්‍රමරත්න යන අයයි. මේ අතර භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, ක්‍රිකට් විනිසුරුවරුන් සංගමය සහ ක්‍රිකට් තරඟ සංගමයට තේරී පත් වීම සඳහා තවත් යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ. මෙම තරගකරුවන්ට එරෙහිව විරෝධතා ඇත්නම් මාර්තු 22 වෙනි දින පස්වරු 3.00 ට පෙර ඡන්ද කමිටුව වෙත ලබා දිය යුතුය. එම විරෝධතාවලට පිළිතුරු ලබා දීම පිණිස මැයි 25 වෙනි දින කාලය වෙන් කර ඇති අතර, මැයි 28 වෙනි දින විරෝධතා කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබේ. මැයි 31 වෙනිදා උදෑසන 9.00 සිට ඡන්දය ලබා දීම ආරම්භ වනු ඇත. තවත් තොරතුරු: |
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන්ට එරෙහිව වරින් වර විවිධ චෝදනා එල්ල වේ. | දේශීය සහ ජාත්‍යන්තර තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයන් සහ බලධාරීන් පවා සම්බන්ධ වූ බව එවැනි එක් චෝදනාවකි. සිම්බාබ්වේ කණ්ඩායම පසුගියදා හම්බන්තොට මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී ජගත් පාලක මණ්ඩලයේ (අයිසීසී) දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් හදිසියේම කඩා පැන ක්‍රීඩක විවේකාගාරයේ වැසිකිලි සෝදිසි කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉරිදා (ජුලි 30) පළ කළ වාර්තාව මේ පිළිබඳව අලුත්ම චෝදනාවය. නවක ක්‍රීඩකයෙකුගේ සැක කටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් ප්‍රකාර ඔවුන් වැසිකිලිවල සැක කටයුතු මෙවලමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කළ බව පුවත්පත වාර්තා කරයි. සබැඳි යොමු: එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. එය 'සම්පූර්ණ අසත්‍යයක්' බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, "එහෙම කිසිම සැක කටයුතු දෙයක් ගැන, ක්‍රීඩකයෙක් ගැන කොයි වෙලාවෙවත් කතා කරලා නෑ," යනුවෙන් ද කියා සිටියේය. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් "අපිට කිසිම පැමිණිල්ලකුත් නෑ, එහෙම දෙයක් සිද්ද වුනා කියල වාර්තා වෙලත් නෑ." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා ජාත්‍යන්තර පාලක මණ්ඩලය එවැනි පරීක්ෂණයක් කිරීමට ඉඩ තිබෙන්නේ නොවේ දැයි විමසූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, එවැනි සියලු පරීක්ෂණ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තමන් අධීක්ෂණය කරන බවය. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් දිවයිනට පැමිණ සිටින බවත් ඔහු පැවසීය. සිය දූෂණ විරෝධී ඒකකය පවත්වන සාමාන්‍ය සෝදිසි මෙහෙයුම් පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බව ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. කිසිවෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ වුවහොත් පමණක් අයිසීසී ය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. "එහෙම කිසිම සැක කටයුතු දෙයක් ගැන, ක්‍රීඩකයෙක් ගැන කොයි වෙලාවෙවත් කතා කරලා නෑ" මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පත් හෙට්ටිආරච්චි කණ්ඩායම් රැස්වීම්වලට සහභාගී වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත එල්ල කරන තවත් චෝදනාවකි. එය සනාථ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ තාක්ෂණික අවශ්‍යතාවක් මත ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව කියා සිටියේය. ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගයකට ඇතුළත් කිරීම පිණිස ප්‍රතිවාදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය කරුණු රැස් කිරීම පිණිස, ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගේ අනුමැතිය සහිතව, ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව ද තිලංග සුමතිපාල සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ බලධාරීන්ට එරෙහිව මීට ඉහතදී ද කිහිප වතාවක්ම තරග පාවාදීම ඇතුළු දූෂණ චෝදනා එල්ල වී තිබේ. |
තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනකු අද නිදහස් කර යවන බව ඉන්දීය රජය දැනුම් දුන්නේය. | චෙන්ගල්පට් සහ පූනමලී සිර කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනකු වත් රඳවා සිටින බවයි, විශ්වාස කෙරෙන්නේ චෙන්ගල්පට් සහ පූනමලී යන සිර කඳවුරුවල රඳවා සිටින ලාංකිකයන් නිදහස් කර යවන ලෙස ඉල්ලා සෙන්තූරන් නම් සිරකරුවකු මීට දින විස්සකට පමණ ඉහත දී උපවාසයක් ද අරඹා තිබෙන අතරවාරයේ යි, ඉන්දීය ආණ්ඩුව එම නිවේදනය කළේ. එම උපවාසයට සහාය දක්වමින් මරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්ඩීඑම්කේ පක්ෂයේ මෙහෙයවීමෙන් ඊයේ සඳුදා උද්ඝෝෂණයක් ද දියත් විය. චෙන්ගල්පට් සිර කඳවුරෙන් නිදහස් වී යන එක් ශ්‍රී ලාංකිකයකු අප හා පැවසුවේ ඉස්ලාම් ධර්මය උගැන්ම සඳහා ඒජන්ත වරයකුට මුදල් ගෙවා නුවර සිට තමිල් නාඩුව බලා ගිය තමන් වංචාවකට අසුවුණු බවයි. 'බොරු' ඔහු අල්ලා දෙන බවට සහතික වෙමින් ඉන්දියාවේ Q අංශය නමින් යුත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකු කැඳවා ගෙන ආ කඳවුරේ එකොලොස් මසක් සිර ගතව සිටීමට සිදුවූ බවයි ඩිස්කි මොහොමඩ් නිදහස් වී පිටව යමින් බීබීසී සංදේශයට කියා සිටියේ. "ඒ නිලධාරීන් මට කිවුවේ ඔයාගේ ඒජන්ට් අපේ ළඟ අහුවුනා ඉතින් අපිට ඔයාගේ සාලි අරන් දෙන්න පුළුවන්. ඔයා දැන් අපිත් එක්ක එන්න කියල තමයි මාව එක්කගෙන ගියේ," ඔහු පැවසීය. "මෙහෙ ආවම මෙහෙ කවුරුත් නැහැ. බොරු කියල තමයි මාව අරගෙන ආවේ," බව ද සිරගතව සිටි ඩිස්කි මොහොමඩ් සඳහන් කළේය. එහෙත් රඳවාගෙන සිටි මාස එකොළහක කාලය තුල තමන්ට එරෙහිව අධිකරණයක දී කිසිදු චෝදනාවක් එල්ල නොකරන ලද බවයි, තමිල්නාඩු සිර කඳවුරෙන් නිදහස් වූ ඔහු පවසන්නේ. චෙන්ගල්පට් සහ පූනමලී සිර කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනකු වත් රඳවා සිටින බවයි, විශ්වාස කෙරෙන්නේ. සබැඳි තේමා |
රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. | 'රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා' බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය. "එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි," ඔහු පැවසීය. එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසම පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ "අන්තවාදී වාමාංශික අදහස් දරන" පක්ෂයක් ලෙස විග්රහ කළ හිටපු හමුදාපතිවරයා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි. "රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා," ඔහු පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු හිටපු ජනරාල්වරයා කියා සිටියේය. කෙසේවුවද එල්ටීටී ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය. |
කඩුගන්නාව සුප්‍රකට බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනා ගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. | ගල් බිංගෙය පිවිසුම මාර්ගයේ වාහන ගමනා ගමනය තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තිබෙනු දක්නට ලැබෙයි. ගල් බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා ඇත. කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදි ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව.1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ. කඩුගන්නාව බිංගේ පැල්මක් මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බිංගෙය මත ඇති පැල්ම නිරීක්ෂණය කිරීමට අද (අප්‍රේල් 23) එම ස්ථානයට ලඟා වූහ. මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළත් මේ දක්වා කිසිදු පියවරක් නොගත් බව ඔවුහු තවදුරටත් පැවසූහ. කඩුගන්නාව බිංගෙය අවට ප්‍රදේශය මහනුවර නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ගිමන් නිවන ස්ථානයකි. මේ තොරතුරුද දැනගන්න: මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කඩුගන්නාව බිංගෙය පිවිසුම සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන විසිහතරක් වියදම් කර ඇතත්, එහි ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මිලියන විසිහතරක මුදල සම්පූර්ණයෙන් වියදම් කර ඇත්තේ සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමට ආසන සහ විදුලි බුබුළු සවි කළ උද්‍යාන සකස් කිරීමටය. නමුත් මෙම උද්‍යාන තුළ සංචාරකයන්ට පානීය ජල පහසුකම් හෝ වැසිකිලි පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බිංගෙය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමග ඊයේ (අප්‍රේල් 22) ස්ථාන පරීක්ෂණයක් සිදුකල බව මාර්ග සංවර්ධන අධිකාරිය කඩුගන්නාව කාර්යාලයේ විධායක ඉංජිනේරු කමල් ජයවීර මහතා පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත බිංගෙය සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. තවත් තොරතුරු: |
ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීම පිළිබඳව සිකුරාදා රාත්‍රියේ පැය කිහිපයක් පුරා සජීවී ලෙසින් ඉදිරිපත් කළ විස්තර විචාරයයි, මේ. (මෙම පිටුව තවදුරටත් යාවත්කාලීන නොකෙරෙන අතර මෙහි දැක්වෙන්නේ ලන්ඩනයේ වේලාවයි) | සාප්පු සංකීර්ණයෙන් ඉවතට එන ජනතාව රාත්‍රී 10:00 - ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ. ප්‍රහාරය ඇසින් දුටුවන් පළ කළ අදහස් මේ පිටුවේ. රාත්‍රී 21:40 - ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහල ගොස් ඇති බව පොලිසිය පවසයි. රාත්‍රී 21:32 - අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස විශේෂ දුරකතන අංකයක් මියුනික් පොලිසිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අංකය 0800 7766 350. රාත්‍රී 21:26 - පොලිස් මෙහෙයුමේ ඡායාරූප පල නොකරන මෙන් පොලිසිය කළ ඉල්ලීම පරිදි මීට ඉහත පල කළ ඡායාරූප මේ පිටුවෙන් ඉවත් කළෙමු. රාත්‍රී 20:56 - ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ඉඟියක් දකින්නට නැතැයි පොලිසිය උපුටා දක්වමින් Sueddeutsche Zeitung පුවත්පත වාර්තා කරයි. රාත්‍රී 20:33 - ප්‍රහාරයෙන් හය දෙනකු මරුමුවට පත් වී ඇති බව ෆේස්බුක් සටහනක් මගින් මියුනික් නුවර පොලිසිය සනාථ කර තිබේ. ප්‍රහාරකයන් තිදෙනකු සොයමින් සිටින බවත් පොලිසිය පවසයි. බොහෝ දෙනෙක් බරපතල තුවාල ලබා සිටිති. රාත්‍රී 20:26 - මියුනික් නගරයේ සියලු ප්‍රවාහන සේවා වසා දමා ඇති අතර, නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිටි මගීන් ඉවත්කර තිබේ. මේ අතර නගරයේ අතරමංවූ ජනතාවට නොමිලේ නවාතැන් පහසුකම් සැපයීමට නගර වැසියෝ ඉදිරිපත්ව සිටිති. 'දොර විවෘතයි' යන අර්ථය දෙන #Offenetuer හෑෂ්ටෑගය යොදාගෙනයි ඔවුන් ඒ සද් කාර්යයේ නියැලෙන්නේ. ඔලිම්පියා සාප්පු සංකීර්ණය රාත්‍රී 20:22 - ජනාධිපති ඔබාමා ජර්මනියට සිය සහයෝගය පල කරයි. සිදු වූ දේ කුමක්දැයි තවමත් නොදන්නා නමුත් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙත සිය කණගාටුව සහ අනුකම්පාව පළ කරන බව ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී පැවසීය. රාත්‍රී 20:00 - සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් අඩුම තරමින් හය දෙනකුවත් මියගොස් ඇති බව Bayerischer Rundfunk මාධ්‍ය ආයතනය වාර්තා කරයි. ඒඑෆ්පී පුවත් සේවයද එම සංඛ්‍යාව සනාථ කරයි. රාත්‍රී 19:50 - මියුනික් නගරයේ ශ්‍රී ලාංකිකයන් 500-600 ත් අතර ප්‍රමාණයක් වෙසෙන බව එහි වෙසෙන සංජය විතානගේ පවසයි. නගරයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා සමාජ දෙකක්ද තිබෙන බව ඔහු බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී පැවසීය. සිකුරාදා රාත්‍රියේ ඔහු නගරයෙන් බැහැරව ගොස් සිටියේය. රාත්‍රී 19:40 - ප්‍රහාරකයන් තවමත් නිදැල්ලේ බව පොලිසිය පවසයි. රාත්‍රී 19:20 - නගර මධ්‍යයේ තවත් ප්රචණ්ඩ ක්‍රියා සහ වෙඩි තැබීම් ගැන සනාථ නොවූ වාර්තා ලැබෙන බව පවසන පොලිසිය එහි පවතින තත්වය පැහැදිලි නැති බවත් පවසයි. 'කරුණාකර පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න' රාත්‍රී 19:05 - 'ප්‍රහාරකයන් කොහේ දැයි තවමත් දන්නේ නෑ' -පොලිසිය පවසයි. 'ඔබේ ආරක්ෂාව සලල්සා ගන්න. පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න'. සවස 19:00 - ප්‍රහාරයෙන් අඩුම තරමින් තිදෙනකු මියගොස් ඇතැයි සනාත වී තිබෙන බව බවෙරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කරයි. සවස 18:45 - පොලිස් ආරක්ෂක මෙහෙයුම ගැන ඡායාරූප හෝ වීඩියෝ පට අන්තරජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් නොකරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. "ප්‍රහාරකයන්ට උදවු කරන්න එපා," පොලිසියේ ට්විටර් පණිවුඩයක දැක්වේ. සවස 18:40 - සේවකයො තවමත් සාප්පු සංකීර්ණය තුල සැඟවී සිටිති. "වෙඩි ගණනාවක් තිබ්බ. කීයක්ද කියල මම දන්නේ නෑ, ඒත් ගොඩක් වෙඩි තිබ්බ," සඟ වී සිටින සේවකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. සවස 18:30 - ප්‍රහාරකයන් එක් අයෙකුට වැඩි පිරිසක් සාප්පු සංකීර්ණය තුල සිටිති විශ්වාස කරන බව පොලිසිය පවසයි. නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් අරඹා ඇති බව ජර්මනියේ පොලිසිය පවසයි. මූසක් දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණය සීල් තබා තිබේ. ප්‍රහාරයට එක් පුද්ගලයකු පමණක් සම්බන්ධ බවයි වාර්තාවල දැක්වෙන්නේ. සාප්පු සංකීර්ණය ඉහල අහසේ හෙලිකොප්ටර් යානා සැරිසරන අතර සාප්පු සංකීර්ණයේ සේවකයන් එහි කොටු වී සිතන බවත් පැවසේ. සංක්‍රමණිකයකු විසින් බැවේරියා ප්‍රාන්තයේදී පස් දෙනකුට පිහියෙන් ඇනීමෙන් අනතුරුව ජර්මනියේ ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබිණ. තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට ජනතාවට අනතුරු අඟවා තිබුන අතර, ප්‍රදේශයෙන් ඉවත්ව සිටින මෙන් මියුනික් (මියුනිච්) පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. |
ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ගේ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සහ ජීවන මට්ටම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. | ශ්‍රී ලංකාව මුහුදෙන් වට වී ඇති කුඩා රාජ්‍යයක් වන හෙයින් නිරන්තරයෙන් සුළි කුණාටුවලට ලක් විය හැකි අතර මුහුදු ජල මට්ටම නිරන්තරයෙන් ඉහළ යා හැකි ය දකුණු ආසියාව තුළ දේශගුණික විපර්යාසවලින් වැඩි ම බලපෑම් එල්ල වන ප්‍රදේශ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක මෙම තොරතුරු ඇතුළත් වේ. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය වැඩි තර්ජනයකට ලක්ව සිටින රටවල් වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ, 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ යා හැකි බවය. දේශගුණික විපර්යාසවලට හේතු මොනවා ද? ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට නිරන්තරයෙන් ලක්වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපාන බව එම වාර්තාවේ දැක්වේ. 1. දේශගුණික තත්ත්වයන් මත සිදුවන විපර්යාස ශ්‍රී ලංකාව මුහුදෙන් වට වී ඇති කුඩා රාජ්‍යයක් වන හෙයින් නිරන්තරයෙන් සුළි කුණාටුවලට ලක් විය හැකි අතර මුහුදු ජල මට්ටම නිරන්තරයෙන් ඉහළ යා හැකි ය. එමගින්, වර්ෂාපතන රටාවල වෙනස්කම් සිදුවීමේ අවදානමක් පවතී. 2050 වර්ෂය වන විට ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ යා හැකිය 2. කාබන් මුදා හැරීම මත සිදුවන විපර්යාස පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රතිශතය පාලනය කරගත නොහැකි වුවහොත් ඉදිරියේදී පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. වැඩිම බලපෑම ඉන් වැඩිම බලපෑම එල්ල විය හැක්කේ, උතුරු සහ වයඹ පළාත්වලට ය. මේ වන විට ත් එම පළාත්වල වෙසෙන ජනතාව කාලගුණික විපර්යාස, එනම් අඩු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය යන භයානක කාලගුණ තත්ත්වයන්ට මුහුණ දී සිටිති. යුදමය ක්‍රියා හේතුවෙන් අවතැන්වූවන් සහ වැන්දඹුවන් බවට පත්වූ දිළිඳු කාන්තාවන් විශාල පිරිසක් වෙසෙන උතුරු පළාත තුළ දරිද්‍රතාව සහ ජීවන මට්ටමේ පහළ යාමක් මේ වන විට ත් දක්නට ලැබේ. මීට අමතරව, උතුරු මැද සහ බස්නාහිර පළාත් ද මෙම තර්ජනයට ලක්ව තිබේ. උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම යන කරුණු මෙන් ම කාබන් මුදා හැරීම නිසා ඉදිරියේදී මෙම පළාත්වල ජීවන මට්ටම 8%කින් පමණ පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ගේ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සහ ජීවන මට්ටම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකිය මේ තොරතුරුද දැනගන්න: දිස්ත්‍රික්ක වශයෙන් විය හැකි බලපෑම: ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් මෙහිදී තර්ජනයට ලක්ව ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ. ඉන් වැඩි ම බලපෑම ඇති දිස්ත්‍රික්ක වන්නේ, යාපනය, පුත්තලම, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වේ. මීට අමතරව, කුරුණෑගල, ත්‍රිකුණාමලය, ගම්පහ, කෑගල්ල යන දිස්ත්‍රික්ක ද දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇත. දේශගුණික විපර්යාස ආර්ථිකයට සහ ජීවන මට්ටමට බලපාන්නේ කෙසේ ද? උෂ්ණත්වය ඉහළ යාම සහ වර්ෂාපතන රටා වෙනස් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි ය. විශේෂයෙන්, අස්වනු හානි වීම, නිසි කලට වගා කළ නොහැකි වීම, ජල ගැලීම් ආදියෙන් අස්වනු විනාශ වීම යන කරුණු නිසා දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටෙනු ඇත. ඊට අමතරව, විවිධ ලෙඩ රෝග සහ ආසාදන මෙන් ම මරණ වැඩි වීම මත ජීවන මට්ටම තවදුරටත් පහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ. ඉදිරියේදී පළාත් කීපයක ජීවන මට්ටම 8%කින් පමණ පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට ද බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාවේ සඳහන් ය. එම වාර්තාව සකස් කළ ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපය භාර ප්‍රධාන ආර්ථික විශේෂඥයෙකු වන මුතුකුමාර මනී පවසන්නේ, දේශගුණික විපර්යාසයන්හි තර්ජනය හේතුවෙන්ම ඒක පුද්ගල පරිභෝජන මට්ටම පහළ ගොස් දරිද්‍රතාව හා ආදායම් විෂමතා ඉහළ යාමේ අවදානමක් පවතින බව ය. ඔහු පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාසවලින් වැඩි ම බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීම මගින් හානි අවම කර ගත හැකි වනු ඇති බව ය. තර්ජනයට මුහුණ දෙන්න සූදානම් ද? ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් රජය දැනුවත් ද? බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළේය. එම කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ සහකාර අධ්‍යක්ෂිකා දක්ෂිණී පෙරේරා පැවසුවේ, දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම් පිළිබඳව පූර්ණ වශයෙන් අධ්‍යයනයක් කර තිබෙන බව ය. "ජලගැලීම්වලින් සිදුවන අස්වනු හානි අවම කර ගැනීම සඳහා ද අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා" ඒ අනුව, උෂ්ණත්වය ඉහළ යාම නිසා ඵලදාව අඩු වීමේ අවදානමක් පවතින බව ඇය පෙන්වා දුන්නා ය. ඊට අමතරව, ජලගැලීම්වලින් සිදුවන අස්වනු හානි අවම කර ගැනීම සඳහා ද අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇය ප්‍රකාශ කළා ය. මේ අනුව, ඉදිරියේදී අතීතයේ සිට පැවති වගා කාලසටහන්, වගා ක්‍රම මෙන් ම වගා කෙරෙන බෝග ද වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බව දක්ෂිණී පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. ඇය පැවසුවේ, ජලගැලීම්වලට මෙන් ම අධික උෂ්ණත්වයට ද ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට ත්, ජල හානිය අවම කරගෙන වගා කටයුතු සිදු කිරීම සඳහා දැනුවත් කිරීමට ත් පියවර ගන්නා බවය. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදුවන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවත් තොරතුරු: |
කොරෝනා දෙවැනි රැල්ල ඉතා කුරිරු ලෙස ඉන්දියාව වසාගෙන සිටියදී දිල්ලි අගනුවර බලධාරීහු එරට යුද හමුදාවේ සහාය ඉල්ලා සිටියහ. | දිල්ලි නුවර රෝහල් සතු අධි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර සායනික ඔක්සිජන් හිඟයකට ද මුහුණ දී සිටී. දිල්ලියේ කොවිඩ් සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාම යුද හමුදාවට පැවරීම දිල්ලි පළාත් පාලන ආණ්ඩුවේ අවශ්‍යතාවය වී තිබේ. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 20කට ආසන්න වී ඇත. පසුගිය සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත, දිනකට 300,000කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පැවතුනි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222,000ක් ලෙස වාර්තා විය. නමුත සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සහ සිදුවන මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව විශේෂඥ මතය වී තිබේ. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස වෛද්‍ය පරීක්ෂණ සිදු නොවීම සහ වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව බොහෝ දෙනා නිවෙස් තුළ මිය යාමයි. රෝගීන් පිරුණු රෝහල් ඔක්සිජන් සැපයීම සහිතව රෝගීන් 10,000කට පමණ ප්‍රතිකාර කළ හැකි සායන සහ තවත් අධි සත්කාර ඒකක දහසක් පමණ යුද හමුදාවේ සහය ඇතිව දිල්ලි නුවර පුරා පවත්වාගෙන යාමට බලධාරීහු කටයුතු කරමින් සිටිති. මේ පිළිබඳව අදහස් දක්වමින් දිල්ලි නුවර නියෝජ්‍ය මහ ඇමතිවරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවයට දරා ගත නොහැකි මට්ටමින් රෝහල් පිරී ඉතිරී යන බැවින් අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශයේ සහාය ලැබෙන්නේ නම් එය කාලීන වනු ඇති බවය. එමෙන්ම මේ වන විට අත්‍යවශ්‍යව පවතින ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ද "හදිසි සහාය" ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඉන්දීය හමුදාව සතුව පවතින ඔක්සිජන් සිලින්ඩර රෝහල් කරා ප්‍රවාහනය කරන ලෙස දැනටමත් ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ. එමෙන්ම, විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා ඔවුන් නැවත සේවයට කැඳවා ඇත. සෑම ප්‍රාන්තයකම රෝහල් සඳහා සැපයිය යුතු ඔක්සිජන් කෝටාව තීරණය කරනු ලබන මහ ආණ්ඩුවෙන් දිල්ලියේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සපයා නොමැති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි. නමුත් ඔක්සිජන් හිඟයක් පවතින බවට නැගෙන චෝදනා බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. ඔවුන් කියා සිටියේ ඔක්සිජන් ප්‍රවාහනයේ අභියෝග පවතින බවකි. ඉන්දියාව දිනකට ඔක්සිජන් ටොන් දහස් ගණනක් නිෂ්පාදනය කරයි. නමුත් බෙදාහැරීමේ ජාලය මත පවතින ආයෝජන හිඟකම හේතුවෙන් ඔක්සිජන් සැපයීම අඩාල වී ඇති බව විශේෂඥයෝ පවසති. තමන් සතු ඔක්සිජන් ප්‍රමාණය නිමාවෙමින් පවතිද්දී ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට දිල්ලි රෝහල් බලධාරීහු කටයුතු කරමින් සිටිති. "සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ" කුඩා සිලින්ඩර්වලට ඔක්සිජන් නැවත පුරවා ගැනීම සඳහා දීර්ඝ පෝලිම්වල පැය ගණන් ගත කිරීම දිල්ලි වාසීන්ගේ දෛනික ජීවිතයේ අංගයක් බවට පත්වී තිබේ. "මේක අපි දිනපතාම සටන් කරන යුද්ධයක්," දිල්ලියේ ශ්‍රී රාම් සිං රෝහල පවත්වාගෙන යන වෛද්‍ය ගෞතම් සිං පැවසීය. "මගේ කාර්ය මණ්ඩලයෙන් අඩක්ම සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ ඇවිදිනවා ඒවාට ඔක්සිජන් පුරවගන්න තැනක් සොයමින්." අගනුවරින් පිටත පවා ඇත්තේ මේ හා සමාන පීඩාකාරී තත්වයකි. ඉන්දියාවේ දකුණු දිග කලාපයේ කර්ණාටක ප්‍රාන්තයේ එක් රෝහලක පමණක් රෝගීන් 24 දෙනෙක් මිය ගියහ. නමුත් මෙම රෝගීන් සියලු දෙනාම මිය ගියේ ඔක්සිජන් නොමැති වීම හේතුකොට ගෙන බවට පළවූ වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාවේ කොවිඩ් අර්බුදය තවත් දරුණු වීමට උදාසීන ලෙස එරට දියත් වූ එන්නත් කිරීමේ වැඩසටහන ද හේතුවුණු බවට මත පළවේ. එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා ලෝකයේ එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා ඉන්දියාව වුවත් ඉන්දියාව තුළ කොවිඩ් එන්නත හිඟ විය. ජනවාරි මාසයේ පටන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ, බිලියන 1.4ක් වූ ඉන්දීය ජනගහනයෙන් 10%කට පමණි. මාත්‍රා දෙකම සම්පුර්ණ කර ඇත්තේ සමස්ථ ඉන්දීය ජනගහනයෙන් 2%ක් පමණි. ඉන්දියාව තුළ පවතින එන්නත් හිඟය තවත් මාස ගණනක් ගතවන තුරු පවතිනු ඇති බවට ඉන්දියාවේ 'Serum' ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා අනතුරු ඇඟවීමක් කළේය. 'Serum' ආයතනය ලෝකයේ දැවැන්තම එන්නත් නිෂ්පාදකයා ය. අදාර් පූනවල්ලා 'Financial Times' පුවත්පතට පවසා ඇත්තේ ප්‍රමාණවත් පරිදි එන්නත් සැපයීමට නොහැකිවීම සම්බන්ධයෙන් තම ආයතනයට අසාධාරන ලෙස අවමන් කර ඇති බවය. එන්නත් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට ඔහු කල්තියා පියවර ගෙන නොමැත. ඊට හේතු දක්වමින් ඔහු කියා සිටියේ "ඇණවුම් නොතිබුණු අතර වසරකට එන්නත් බිලියනයකට වඩා අවශ්‍ය වේයැයි කිසිවෙකු නොසිතූ" බවය. ආදාහනාගාර සීඝ්රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇති බව ද පසුගිය සතියේ වාර්තා විය. දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය. "ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය. කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි. වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි. |
ශ්‍රී ලාංකික සුළු ජාතීන්ට ප්‍රශ්න තිබුනත් ඒවා රට අභ්‍යන්තර මට්ටමින් විසඳා ගැනීමට හැකි බව පවසමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණි. | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා ‘තව්හීඩ් ජමාත්’ මුස්ලිම් සංවිධානය විසිනුයි, එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ. කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වුන විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට ආසන්න මුස්ලිම් ජාතිකයන් එක්ව සිටි අතර ඔවුහු ඇමෙරිකාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් දුම්රිය පොළ අසල පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදුනහ. විරෝධතා ව්‍යාපාරයට එක වූ ජනතාව ඉන් අනතුරුව පා ගමනින් කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලයට දෙසට ගමන් ගත්හ. ඒ අතරවාරයේ සංදේශයට අදහස් දැක් වූ ශ්‍රී ලංකා ‘තව්හීඩ් ජමාත්’ මුස්ලිම් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික් කියා සිටියේ, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර රටවලට කිසිදු සුදුසුකමක් නොමැති බවයි. " අපේ රටේ නිදහසට ,සංවර්ධනය බාධා පැමිණ වීමට උත්සාහ කරන විදේශ ආක්‍රමණ අපි අනුමත කරන්නේ නැහැ, අවසාන යුධ මෙහෙයුම කොටි සංවිධානයේ ත්රස්තවාදයට එරෙහි මෙහෙයුමක් මිස දෙමළ ජනතාවට විරුද්ධ මෙහෙයුමක් නොවෙයි. මුස්ලිම් වරුන් හැටියට එම පණිවිඩය ලෝකයට දැනුම් දීම අපේ බලාපොරොත්තුවයි" මහලේකම් අබ්දුල් රසික් ප්‍රකාශ කළේය. ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ සුලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කර ඇති අවස්ථාවක, පසුගිය කාලයේ ලාංකික මුස්ලිම් වරුන්ට විවිධ හිරිහැර සිදු වන බවට හඬක් නැගූ ශ්‍රී ලංකා ‘තව්හිඩ් ජමාත්’ සංවිධානය, දැන් ඊට විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි සංදේශය ශ්‍රී ලංකා තව්හීඩ් ජමත් මුස්ලිම් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික්ගෙන් ප්‍රශ්න කළ විට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි. " ඒවා අපේ අභ්‍යන්තර ප්‍රශ්න! අපි ඒවා රජයත් සමග කතා කරල විසඳා ගන්නවා මිසක් විදේශ බලවේග ඒවාට ඇඟිලි ගැසීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ, අපේ ප්‍රශ්න අපට කතා කරල විසඳා ගන්න පුළුවන්.” ඇමරිකා එක්සත් ජනපදය පසුගිය අවධියේ විවධ රටවල් ආක්‍රමණය කරමින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට දඩුවම් දුන්නොත් ඇමරිකාව යනුවෙන් රටක් ලෝකයේ තිබිය නොහැකි බවයි, විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි තව්සිෆ් අහමඩ් සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ. විරෝධතා පා ගමන ගාලු මුවදොරට ලඟා වීමත් සමඟ පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට පිවිසීම වලක්වා ලීමට පියවර ගත්හ. තව්හිඩ් ජමාත් සංවිධානයේ නියෝජිතයෝ ජිනීවා යෝජනාවට තම විරෝධය පළ කෙරෙන සන්දේශයක් ඇමෙරිකානු තානාපති කාර්යාලයට බාරදුන්හ. මේ අතර ජාතික හෙළ උරුමය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, කාල රාමුවකට යටත් නොවී දේශීය පරීක්ෂණයකට යොමු වන ලෙස තමන් රජයට යෝජනා කරන බවයි. ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක අදහස් දක්වමින්, යුද්ධයේ මුල මැද සහ අග යන සියල්ල ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි කියා සිටියේය. |
ඕස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් දින අටකට පසු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග්‍රහණය වාර්තාකළේය. | තමන්ට සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කොන්සර්වටිව් හවුල්කාර රජයක් පිහිටුවිය හැකි බවටයි අගමැතිවරයා ව්ශ්වාසය පළකරන්නේ. ඇතැම් ඡන්ද කොට්ඨාශ වල ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින නමුත් තමන්ට සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කොන්සර්වටිව් හවුල්කාර රජයක් පිහිටුවිය හැකි බවටයි ඔහු වීශ්වාසය පළකරන්නේ. එසේවුවද අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ අවදානම පහවගොස් නැති බවයි වාර්තා වන්නේ. අලුතින් පත්වන ඕස්ට්‍රේලියානු රජය අස්ථාවර කෙටිකාලීන පාලනයක් වනු ඇති බවටයි කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් අනාවැකි පළකරන්නේ මේ වනවිට විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක බිල් ශෝර්ටන් පරාජය භාරගෙන ඇත. එහෙත් ඔහු අනාවැකි පළකර ඇත්තේ අලුතින් පත්වන ඕස්ට්‍රේලියානු රජය අස්ථාවර කෙටිකාලීන පාලනයක් වනු ඇති බවටයි. අගමැති ටර්න්බුල් මැතිවරණයක් කැඳවුයේ තම පදවිය තව තවත් ශක්තිමත් කර ගැනීමට වුවද කම්කරු පක්ෂය, අනෙකුත් සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් හමුවේ බිම් මට්ටමින් පරාජය වී සිටින බවයි වාර්තාවලින් හෙළිවී ඇත්තේ. |
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි. | පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු ඝාතනය කරන ලද බව ඉහළ පොලිස් නිලධාරීන් සඳහන් කළ නමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් මධුෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය අමතමින් සඳහන් කළේය. පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඝාතනය කරනු ලැබීමට ප්‍රථම මාස 18 ක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය. එසේ රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, "මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ," යනුවෙනි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවය. ඔහු මරා දමනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් ආරක්ෂා කරගැනීම පිණිස දැයි සැක සිතෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේ පැවසීය. මාකඳුරේ මධුෂ් එසේ හෙළි කළ දේශපාලකයන් කවුරුන්ද? ඔහු එසේ හෙළි කළ නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් කළේය. පහත දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය, පොලිසිය වෙත යොමු කළ තොරතුරු දැනගැනීමේ එම ඉල්ලුම්පතේ සඳහන් කරුණුය: "ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ යහපත පිණිස මහජනතාව දැනුවත් කළ යුතු කරුණු යයි අප විශ්වාස කරන පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ මාස 18 ක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් 'මාකඳුරේ මදූෂ්' නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් 80 දෙනෙකුගේ පමණ නම් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මීට ඉහතදී සඳහන් කළේය. ඒ බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදීත් සඳහන් කර තිබේ. ඉල්ලා සිටින තොරතුරු: 1. 'මාකඳුරේ මදූෂ්' අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත එවැනි නම් හෙළිදරව් කර ඇත්නම් එසේ හෙළි කළ නම් මොනවාද? 2. 'මදූෂ්' හෙළි කළ තොරතුරු ඇසුරෙන් ඔහු නම් කළ දේශපාලකයන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද? 3. 'මදූෂ්' විසින් එසේ නම් හෙළි කළ දේශපාලකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන්නේ ද? 3.1 ඔවුන් අත්අඩංගුවට නොගත්තේ නම් සහ ඔවුන් කිසිවෙකුගෙනුත් ප්‍රශ්න නොකළේ නම් ඒ දේශපාලන බලපෑම් නිසාද? 4. 'මදූෂ්' නම් සඳහන් කළ දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය විමර්ශන පවත්වන්නේ ද? 4.1 එසේ විමර්ශන පවත්වන්නේ නම් එම විමර්ශනවල ප්‍රගතිය කවරේ ද? 5.' මදූෂ්' විසින් නමින් සඳහන් කළ දේශපාලකයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ද? 5.1 මෙතෙක් අධිකරණයට වාර්තා නොකළේ නම් නුදුරු අනාගතයේ දී එසේ වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නේ ද?" එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් යළිත් වරක් නොවැම්බර් 16 වෙනි දින සිහි කැඳවීමක් කරන ලද අතර එයට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 20 වෙනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා දැනුම් දී තිබුණේ සති දෙකක් ඇතුළත එයට ප්‍රතිචාරයක් දක්වන බවය. සති දෙකකට වැඩි කාලයක් ඉකුත්ව යාමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය යළිත් විමසීමක් කළ අතර, සඳුදා (දෙසැම්බර් 21) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසාගේ අත්සන සහිතව බීබීසී සිංහල සේවය වෙත යොමු කර තිබුණු පිළිතුරක දැක්වෙන්නේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවය. "2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ වගන්ති 5 (1) ආ (i), 5 (1) ඌ (i) වගන්ති අනුව ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි," යනුවෙන් ද ලිපියේ සඳහන් වේ. එම තීරණය සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත පොලිස්පතිවරයා වෙත අභියාචනයක් යොමු කළ හැකි බව ද එහි දැක්වේ. මාකඳුරේ මධුෂ් ඝාතන පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය කළ උත්සහය ද සාර්ථක නොවීය. මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට එල්ලවන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ පසුගියදා අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කියා සිටියේ, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බවය. ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද ඔහු පැවසීය. කියවන්න: |
සතුන් අලෙවිපොළකින් පැන ගිය පිඹුරකු විසින් පිරිමි දරුවන් දෙදෙනකු මරා දැමීමේ සිදුවීමක් පිළිබඳව කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි. | දරුවන් දෙදෙනා නිදා සිටියදී නිවසට ඇතුළු වූ පිඹුරා ඔවුන්ගේ ගෙල සිර කොට පලා ගොස් තිබේ නැගෙනහිර කැනඩාවේ, නිවු බ්රුන්ස්වික් හි කැම්බල්ටන් ප්‍රදේශයේ සතුන් අලෙවිපොළ පිහිටි ගොඩනැගිල්ලේම ඉහල මහල් නිවාසයක පස් හැවිරිදි සහ හත් හැවිරිදි එම දරුවන් දෙදෙනා නිදා සිටියදීයි, පිඹුරා නිවසට ඇතුළු වී තිබෙන්නේ. තමන් නිවසට ඇතුළු වූ අවස්ථාවේ දුටු දේ විස්තර කරන සතුන් අලෙවිපොළේ හිමිකරු, ෂෝන් ක්ලෝඩ් සැවෝයි සඳුදා උදෑසන නිවසට ඇතුළු වූ අවස්ථාවේයි, දරුවන් දෙදෙනා මියගොස් ඇති බව හෙළිවී තිබෙන්නේ. "ඒ දරුවෝ දෙන්න නිදා ගෙන හිටියේ විසිත්ත කාමරේ. සර්පයා සිවිලිමෙන් විසිත්ත කාමරේට වැටිලා තියෙනව. මම මුලින්ම හිතුවේ දරුවෝ නිදාගෙන ඉන්නවා කියල. සිවිලිමේ ලොකු හිලක් දැක්කම තමයි වෙලා තියෙන දේ මට තේරුනේ," යනුවෙන් ඔහු පැවසීය. ඔවුන් දෙදෙනා ගේ ගෙල සිරකොට මරා දැමූ පිඹුරා වෙනත් ස්ථානය සැඟවී සිටියදී හමු වී තිබේ. |
ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. | අයින්ස්ටයින් විසින් හෝටලය තුළ දී අදාළ සටහන් තබා ඇත්තේ 1921 වසරේ තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව දැන ගැනීමට ලැබී සුළු මොහොතකට පසුය. (1950 ගත් ඡායාරූපයක්) 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි. ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව අයින්ස්ටයින්ට අසන්නට ලැබුණා පමණි. තමා වෙත පැමිණි පණිවුඩකරුට අයින්ස්ටයින් පවසා ඇත්තේ ඔහු වාසනාවන්තයෙකු නම් යම් දිනක එම සටහනට වටිනාකමක් ලැබෙනු ඇති බවය. දීර්ඝ කලක් සිහින දුටු ඉලක්කයක් වෙත ළඟා වීමෙන්ම සතුට ළඟා නොවන බව ඔහු සිය සටහන මගින් අදහස් කර ඇත. ජර්මනියේ උපත ලද ඇල්බට් අයින්ස්ටයින් දේශන සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටියේය. ලියුමක් භාර දීම සඳහා සිය කාමරය වෙත පැමිණි පණිවුඩකරුට ලබා දීමට ඔහු අත මුදල් නොවීය. ඒ වෙනුවට ජර්මන් බසින් ලියන ලද තනි වාක්‍යයක් සහිත සිය අත්සනින් යුතු සටහනක් ඔහු පණිවුඩකරුට ලබා දී ඇත. අයින්ස්ටයින් විසින් එම සටහන තබනු ලැබ ඇත්තේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ ලිපි ද්‍රව්‍ය භාවිත කරමිනි. "සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත" යනුවෙන් එම සටහනේ දැක්වේ. ඇස්තමේන්තු මිලට වඩා වැඩි මුදලකට අලෙවි වූ සටහන් ඒ මොහොතේ අයින්ස්ටයින් තබා ඇති තවත් සටහනක දැක්වෙන්නේ "අධිෂ්ඨානය ඇත්නම් මගකුත් තිබේවි" යනුවෙනි. එම දෙවෙනි සටහන ඇමරිකානු ඩොලර් 240,000 අලෙවි වූ බව විනර්ස් වෙන්දේසි සමාගම පැවසීය. ඇස්තමේන්තු මුදලට වඩා ඉතාමත් වැඩි ලංසු මුදලක් සටහන් දෙකටම ලැබුණු බවත් වෙන්දේසි සමාගම සඳහන් කළේය. ඔවුන් පවසන පරිදි සටහන් අතරින් එකක් මිලට ගෙන ඇත්තේ නම හෙළි කිරීමට අකමැති යුරෝපීයයෙකි. අලෙවිකරු අයින්ස්ටයින් වෙත පැමිණි පණිවුඩකරුවාගේ බෑණනුවෙකු බව වාර්තා වේ. ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ උපදේශ අප විසින් ගැටලුව නිර්මාණය කරන ලද අවස්ථාවේ පැවති චින්තන රටාව අනුව යමින් අපට එම ගැටලුවට විසඳුම් දිය නොහැක බුද්ධිය පිළිබඳ සැබෑ සංඥාව දැනුම නොවේ, පරිකල්පනයයි ස්වභාවධර්මය විසින් අප වෙත හෙළි කරන ලද දේ වලින් අප තවමත් සියයට එකකින් දාහකින් එකක්වත් දන්නේ නැහැ ඔබ කදිම ගැහැණු ළමයෙකුට ආලය කරන විට පැයකුත් දැනෙන්නේ තත්ත්පරයක් වගේ. රතු ගිනි අඟුරක් උඩ තත්පරයක් ඉඳ ගත්තොත් ඔබට දැනෙන්නේ පැයක් වගේ. එයයි සාපෙක්ෂතාව සබැඳි යොමු: |
පවුම් මිලියන හයකට (රුපියල් මිලියන 1410) ආසන්න මුදලක් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කළ බව පිළිගත් ශ්‍රී ලංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වී තිබේ. | මයිකල් කිනේන් ශ්‍රී ලංකාවේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන 41 හැවිදිරි මයිකල් කිනේන් වසර හතයි මාස අටකට සිරගත කිරීමට වේල්ස්හි අධිකරණයක් නියම කළේය. මුදල් විශුද්ධිකරණය සහ වංචා චෝදනා තුනකට වරදකරු බව ඔහු පිළිගෙන තිබිණි. ලන්ඩන්හි පිහිටි ඖෂධ ආයෝජන සමාගමක් වන 'ඇවිලියොන්හි' විද්‍යුත් තැපැල් පද්ධතියට ඇතුළු වී, යම් මුදල් ගෙවීම් කරන ලෙස ඉල්ලා අන් අයට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම් සිදු කර තිබිණි. මෙම කාලය ඇතුළත ඇවිලියොන් සමාගම ඇමරිකානු ආයෝජකයෙකු සමග ගනුදෙනුවල නිරත වී සිටියේය. ඇවිලියොන් සමාගමේ සේවකයන්ට යැවුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩවලින් කියවුණේ නීත්‍යනුකූල කාර්යයන් සඳහා නව බැංකු ගිණුම්වලට මුදල් ගෙවන ලෙසය. ඉන් එක් ගිණුමක් මයිකල් කිනේන්ට අයත් වූවකි. 2018 නොවැම්බර් 2 වන දින ඇවිලියොන් සමාගම ඔහුගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් තැන්පත් කර ඇත. මයිකල් කිනේන්ට අයත් විදෙස් මුදල් ගිණුම් දෙකක් තිබිණි. 2018 නොවැම්බර් 2 සිට 5 දක්වා කාලය ඇතුළත පෝලන්තය, ජර්මනිය, හොංකොං, චීනය සහ මැලේසියාවේ සිටින මයිකල් කිනේන්ගේ අධාරකරුවන් අතර මෙම මුදල බෙදා හැර ඇත. මයිකල් කිනේන් මෙම ක්‍රියාව "තණ්හාව" නිසා සිදු කර ඇති නමුත් සංවිධානාත්මක ලෙස සිදු කර නොමැති බව තමන් පිළිගන්නවා යැයි විනිසුරු නිකොලා ජෝන්ස් පැවසීය. "ඔබ මේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කර තිබෙනවා. ඒ වගේ ම ඉතා සැලකිලිමත්ව මේ විශාල මුදල බැංකු ගිණුම් අතර හුවමාරු කර තිබෙනවා." "තණ්හාව නිසා ඔබ මෙයට පෙළඹිලා තිබෙනවා. නමුත් ඔබ ඒ ගැන ඇත්තටම පසුතැවිලි වෙන බවක් මට පෙනෙන්නේ නැහැ," විනිසුරුවරිය පැවසුවාය. ගැට්වික් ගුවන්තොටුපොළේදී මයිකල් කිනේන් අත්අඩංගුවට ගෙන තිබිණි. ව්‍යාජ ක්‍රම ඔස්සේ අධි මිලැති වාහන මිල දී ගැනීම් ද මයිකල් කිනේන් සැලසුම් කර තිබිණි. අධ්යක්ෂවරයකු ලෙස ඔහුගේ නම පමණක් සඳහන් වෙනත් සමාගමක බැංකු ගිණුම් දෙකකට අදාළ මුදල් තැන්පත් කර ඇත. 'මැජික් ලිලි ලිමිටඩ්' ලෙස හඳුන්වන මෙම සමාගම ඔහුගේ නිවසේ ලිපිනයට ලියාපදිංචි කර තිබිණි. මෙම සමාගමට අයත් භාණ්ඩ, ගිණුම් වාර්තා නොතිබුණු අතර, කිසිදු ව්‍යාපාරයක නිරත වී හෝ බදු මුදල් ගෙවා නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. 2019 අගෝස්තු 8වෙනි දින තුර්කියේ සිට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මයිකල් කිනේන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පවුම් 4,550ක් වටිනා Tag Heuer වර්ගයේ අත් ඔරලෝසුවක් පැළඳ සිටි බව පොලිසිය පැවසීය. එමෙන්ම, ඩුබායිහි සමාගමකට පවුම් 30,000ක් ආයෝජනය කළ බව සඳහන් ලියකියවිලිද ඔහු සතුව තිබී ඇත. මයිකල් කිනේන්ට අයත් බැංකු ගිණුම් 32ක ලියකියවිලි පොලිසිය මේ දක්වා සොයා ගෙන තිබේ. මාස 13ක් පුරා පැවති පරීක්ෂණවලින් අනතුරුව පවුම් මිලියන 1.2ක් ඇවිලියොන් ආයතනයට නැවත ලබා දීමට හැකියාව ලැබී ඇත. "සාධාරණය ඉටු වීම ගැන සතුටු වෙනවා" යැයි පැවසූ ඇවිලියොන් ආයතනය සියලු මුදල් නැවත අය කර ගැනීමට උත්සහ දරණ අතර, සයිබර් ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බව පැවසීය. "මෙම නඩුව විසඳීමට අපි හැකි වුණේ අදාළ සමාගම් දෙකේ සහය ලැබුණු නිසා වගේම, ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) මීට සමාන්තරව පැවැත්වූ පරීක්ෂණ සහ මර්සෙයිසයිඩ් (උතුරු වේල්ස්) අධිකරණ සේවාවන්හි වංචා පිළිබඳ විශේෂඥයන්ගේ විශිෂ්ට සහයෝගය නිසයි," පොලිස් නිලධාරී බ්‍රයන් කියර්නි පැවසීය. මෙම පරීක්ෂණය "බ්ලූ කෝස්ටල් ක්‍රියාන්විතය" ලෙස නම් කර ඇත. මේ තොරතුරුද කියවන්න: |
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු බව කියන ඕ කේ පියසේන ගේ මරණය පිළිබඳව පරීක්ෂණ යට ගැසීමට ඉඩ නොදෙන්නැයි ඔහුගේ බිරිඳ වන එස්. එම්.හේමමාලි ඉල්ලා සිටී. | එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන ගේ බිරිඳ වන එස්. එම්. හේමමාලි රැස්වීමක ප්රචාරක කටයුතු කරමින් සිටිය දී තමන්ගේ අධාරකරුවෙකු වන ඕ.කේ පියසේනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාලයක් පවත්වා ගෙන යන පුද්ගලයකු පහර දුන් බව බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන හර්ෂන් රාජකරුණා අප වාර්තා කරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්නට කියා සිටියේය. දොම්පේ කිඹුල්විල්වත්ත ප්‍රදේශයේදී සිදුවූ මෙම ගැටුමට හවුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් මේ තාක් අත්අඩංගුවට ගෙන නැති බවයි හර්ෂන් රාජකරුණා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන සිව් දරු පියෙකු වන ඕ.කේ පියසේන ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටි අතර මරණ පරීක්ෂණය හෙට (බදාදා) පැවැත්වීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ,මීගමුව, දිවුලපිටිය,ආදි ප්‍රදේශවල බරපතල ආකාරයකට මැතිවරණ නීතී කඩවෙන අකාරය තමන් මීට පෙර අවධාරණය කොට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය කියා සිටී. මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගැනීම සඳහා පොලීසිය සාධාරණ ලෙස මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය පෙනේවා දෙයි. |
"මායාකාරියන්" යැයි සිතා කාන්තාවන් දෙදෙනෙකුට හිරිහැර කළ පුද්ගලයන් එකොළොස් දෙනෙක් ඉන්දියානු පොලිසියේ අත්අඩංගුවට පත්වුහ. | සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනාට සලාක පත් ලබා දීමට නිලධාරීන් කටයුතු කර ඇත. හැට පස් වියැති කාන්තාවක සහ ඇයගේ තිස්පස් වියැති දියණිය මායාකර්මවල යෙදෙන්නේ යැයි සිතා, එයට දඬුවමක් ලෙස ඔවුන් දෙදෙනාව නිර්වස්ත්‍ර කර ගම්මානය මැදින් ඇවිද යාමට සලස්වා බලහත්කාරයෙන් මිනිස් මලමුත්‍ර පෙවී යැයි එම පුද්ගලයින්ට චෝදනා එල්ල විණි. තමා සහ මව ගම්වැසියන් අතර රෝගයක් පතුරුවනවා යැයි සිතා මෙසේ දඬුවමට ලක් කළ බව දියණිය බීබීසී වෙත පැවසුවාය. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන "මායාකාරියන් දඩයම", කාන්තාවන් ඉලක්ක කර සිදු වෙමින් සිදුවෙමින් පවතී. මෙවැනි හිරිහැර කිරීම්වලට බොහෝ විට හේතු වන්නේ අන්ධ විශ්වාස සහ ඇදහිලි බව විශේෂඥයෝ පවසති. නමුත් වැන්දඹු කාන්තාවන් ඇතුළු සමහර පුද්ගලයන්ගේ දේපල සහ ඉඩම් අයිති කර ගැනීමේ අරමුණින් බොරු චෝදනා එල්ල කර මෙසේ වධ බන්ධනයන්ට ලක් කරන අවස්ථා ද ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දින මෙම කාන්තාවන් දෙදෙනා නිවසට වී සිටින විට ඔවුන්ගේ ඥාතීන් පිරිසක් කලහකාරී ලෙස නිවසේ දොරට පැහැර දී ඇත. "මායාකර්මවල නියැලුණු බව කියා ඔවුන් අපිට චෝදනා කළා" යැයි මව රාවි ප්‍රකාශ් බීබීසී වෙත පැවසුවාය. තවත් තොරතුරු: ජීවිතයේ ඇතුල් පැත්ත සිත්තමට නගන අසම්මත කලාකාරියක් සාරිය අඳින්න බැරිකම ලජ්ජාවක්ද? හිංසනයට එරෙහිව හඬ නගන ආබාධිත දිරිය දියණිය ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? පසුගිය සතියේ සිදුවූ ඥාතියෙකුගේ මරණයෙන් පසු මෙම කාන්තාවන් දෙදෙනා සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙකු හමු වීමට ගොස් ඇත. එහිදී එම ඥාතියාගේ මරණයට කාන්තාවන් දෙදෙනා වග කිව යුතු බවට වෛද්‍යවරයා චෝදනා කර ඇත. "ඊට පස්සේ දවසේ අපි දෙන්නට දඬුවම් දුන්නා" දියණිය පැවසුවාය. ඥාතීන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව ආදාහන භූමියකට රැගෙන ගොස් ඔවුන්ගේ සිරුරට මිනිස් මලමුත්‍රා විසිකිරීමෙන් අනතුරුව ඒ සියල්ල බලහත්කාරයෙන් පොවා ඇත්තේ ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. කාන්තාවන් දෙදෙනාගේම හිස මුඩු කර, ඇදුම් සියල්ල ඉරා දමා ගම්මානය මැද්දෙන් ඇවිද යාමට සළස්වා ඇත්තේ විශාල පිරිසක් අවට බලා සිටින අතරතුරය. මොවුන්ට උපකාර කිරීමට හෝ මෙම ක්‍රියාව නැවැත්වීමට කිසිවෙක් ඉදිරිපත් වී නැති අතර, "අපි හොදටම බය වෙලා හිටියේ" යැයි මව පැවසුවාය. "ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම වැළක්වීමට" ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනාට ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය. |
විරහා වේදනාව නිසා හට ගත් කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කළ ඕලන්ද ජාතිකයකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. | චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටි හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් ඕලන්දයේ සිට චීනයේ හුනන් පළාත වෙත පියාසර කරන්නේ අන්තර්ජාලය හරහා දැන හැඳින ගත් සැන්ග් නමැති සිය පෙම්වතිය හමු වීමේ බලාපොරොත්තුවෙනි. ඔහු පිළිගැනීමට ඇය ගුවන් තොටුපල වෙත නොපැමිණියත් ඇලෙක්සැන්ඩර් දින දහයක් චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටියේ ඇය කොයි මොහොතක හෝ එහි එතැයි යන විශ්වාසයෙනි. මීට මාස දෙකකට ඉහතදී අන්තර්ජාල හරහා විසි හය හැවිරිදි සැන්ග් දැන හැඳින ගත් බව සිය ආදර අන්දරය පිළිබඳ අදහස් දක්වමින් ඇලෙක්සැන්ඩර් චීන මාධ්‍යයට පවසා තිබේ. 'මම හිතුවා ඒක විහිළුවක් කියලා' සැන්ග් නමැති තරුණිය හුනන් රූපවාහිනියට පවසා ඇත ගුවන් තොටුපල වෙත පැමිණි ඔහුගේ බලාපොරොත්තු සුන් වුවත් ගුවන් තොටුපල හැර යෑම ප්‍රතික්ෂේප කරමින් දින දහයක් එහි රැඳී සිටි ඔහු කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු බව 'හුනන්' රූපවාහිනි සේවය වාර්තා කළේය. ඉහත කී වාර්තාව පළ වී දිනකට පසු සැන්ග් නමැති තරුණිය 'හුනන්' රූපවාහිනී සේවය අමතා තිබේ. ඔහු සැබෑ ලෙස චීනයට පැමිණෙතැයි තමා විශ්වාස නොකළ බව ඇය එහිදී පවසා ඇත. 'එක දවසක් ඔහු එකපාරටම ගුවන් ටිකට් පතක ඡායාරූපයක් එව්වා. ඉන් පසු ඔහු මට කතා කළේ නැහැ' ඔහු ගුවන් තොටුපල වෙත ළඟා වන අවස්ථාවේ ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සඳහා තමා වෙනත් පළාතකට ගොස් සිටි බවත් එම අවස්ථාවේ සිය දුරකථනය ක්‍රියා විරහිත කොට තිබූ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ. කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඇලෙක්සැන්ඩර් පීටර් |
රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවති 'මාෆියාව' තවමත් ක්‍රියාත්මකවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරයි. | රාජපක්ෂ පාලනය සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබුණු බව අමාත්‍යවරයා පවසයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහන තුළ නිකුත් කරන ලද වැලිඅමුණ වාර්තාවට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යුහය තුල පවතින ගැටළු කිහිපයක් පෙන්වා දී තිබුණු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය. "ඒක ඇතුලේ එක්තරා මාෆියාවක් තියෙනව. ඒ මාෆියාව තවත් තියෙනව." ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කරන ලද 'මාෆියා' කණ්ඩායම තවමත් පවතින නමුත් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික ගුවන් සේවයේ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍ය කබීර් හෂීම් පැවසීය. රාජපක්ෂ පාලනය සමයේ, එවකට සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට 'රුපියල් කෝටි ගණනක' පාඩුවක් සිදුවිය හැකිව තිබුණු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. එබැවින් එම කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම හැර තමන්ට විකල්පයක් නොතිබුණු බවත් වැඩිදුරටත් පැවසීය. |
ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකිරීමේ නියෝගයට අත්සන් තැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නියෝගය අගවිනිසුරුවරියට භාර දී ඇති නමුත්, ඇය තවමත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය බව නීතිවේදීහු පවසති. | අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති අගවිනිසුරුවරියට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය නීතිවිරෝධී බව පවසන නීතිවේදී එකමුතුව, අගවිනිසුරුවරිය පදවියෙන් පහකිරීම "අධිකරණ ස්වාධීනත්වයේ, නීතියේ ආධිපත්‍යයේ සහ ප්රජාතන්ත්රවාදයේ මූලික පදනමටම" එල්ල වූ බරපතල අතුල් පහරක් බව ද පවසයි. පදවියෙන් පහකිරීමේ නියෝගය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට ලැබී තිබෙන බව නීතිවේදී එකමුතුව සනාථ කරයි. 'අගවිනිසුරු කල් ඉල්ලුවේ නෑ' කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති බවයි, ඇගේ නීතිවේදී කන්දයියා නීලකන්ඩන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති. මේ අතර ලබන අප්‍රේල් මාසය දක්වා පදවියේ රැඳී සිටීම සඳහා අවසර දෙන මෙන් අගවිනිසුරුවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකොට තිබෙන පුවතක් පිළිබඳව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගේ නීතිවේදීන් එම පුවත තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ. එය "සත්‍යයෙන් තොර, සාවද්‍ය සහ පාඨකයන් නොමඟ යවන සුළු" පුවතක් ලෙසින් හඳුන්වාදෙන එවැනි පුවතක් පළ කිරීමට පෙර පුවත්පත විසින් තමන් ඇමතිය යුතුව තිබූ බව ද පෙන්වා දෙති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන ලෝකයේ හොඳ ම ගුරුවරයා තෝරා ගැනීමේ, ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) වැඩසටහනේ අවසන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් තනනත්තියක තේරී පත්ව සිටී. | යසෝදායි සෙල්වකුමරන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පවත්වනු ලබන මෙම සම්මාන තරගාවලියේ අවසන් තේරීම් උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ලෝකයේ හොඳ ම ගුරුවරයා ලෙස තේරී පත් වන ගුරුවරයාට හෝ ගුරුවරියට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන්නේ, අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහාය. ලොව සිටින ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන් අතරින් 'ලෝකයේ හොඳ ම ගුරුවරයා සම්මානය' අබියසට පැමිණ සිටින ඒ සුවිශේෂී ගුරුවරිය වන යසෝදායි සෙල්වකුමරන් සමග සාකච්ඡා කිරීමට බීබීසී සිංහල සේවයට අවස්ථාව හිමි විය. යසෝදායි සෙල්වකුමරන් ගුරුවරියක ලෙස සේවය කරනුයේ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල් (Rooty Hill High School) නමැති පාසලේය. යසෝදායි: 1987දී මම ඉපදුණේ. ඒ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණ දේශපාලනික තත්ත්වය නිසා මගේ දෙමාපියන් වෙනත් රටක පදිංචියට යන්න ඉල්ලුම් කරලා තිබුණා. ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල් දෙකෙන් ම අවස්ථාව ලැබිලා තිබුණා. ඊට පස්සේ 1988 වසරේදී අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් තිබෙනවා. ඒ වෙනකොට මගේ වයස මාස 10යි. යසෝදායි: මගේ තාත්තා ඉන්ජිනේරුවරයෙක්. මගේ අම්මාට විශ්වවිද්‍යාල වරම් නොලැබුණත් එයා ගිණුම්කරණය ඉගෙනගෙන තිබෙනවා. අපි ඔස්ට්‍රේලියාවට එන්න කලින් ජීවත් වුණේ, කොළඹ පරණ ගරාජයක් විදිහට තිබුණ ගොඩනැගිල්ලක් ගෙයක් විදිහට සකස් කරගෙනයි. මගේ අම්මයි තාත්තායි දෙන්නා ම යාපනයේ ඉපදුණු අය. අපි මුලින් ම සිඩ්නිවලට පැමිණියත් තාත්තාට ඔස්ට්‍රේලියානු රජයේ ඉන්ජිනේරුවරයෙක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණ නිසා අපි නගරයෙන් එහා තිබුණ 'හේ' (Hay) කියලා ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වුණා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මගේ අම්මා ඉංග්‍රීසි ඉගෙනගෙන වැඩිහිටි සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක සේවය කළා. මගේ දෙමාපියන් නිතර කතා වුණා, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට මම වාසනාවන්ත වුණා කියලා. ඒ හරහා තමයි අපට ගොඩාක් අවස්ථා හිමි වුණේ. යසෝදායි: ඒ සඳහා අපව විනිශ්චය කළේ, විශේෂ තේරීම් ක්‍රමවේදයකට අනුකූලවයි. මම ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඉන්නකොට ගොඩාක් අවස්ථා හිමි වුණා පාසලෙන් පිටතටත් ගිහින් මගේ අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න. 2010 වසරේ අග භාගයේ ඉඳලා මම බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල් එකේ සේවය කරනවා. මම ඒ පාසලට මුලින් ම ගියේ 2009 වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලබන්නයි. මගේ දෙමාපියන්, මිතුරන් සහ මට ඉගැන්වූ ගුරුවරුන් නැත්නම් මට කවදාවත් ගුරුවරියක විදිහට මේ තරම් දුරක් එන්න බැහැ. මට උගන්වපු සියලු ගුරුවරුන් බලපෑවා මගේ ගුරු වෘත්තියට. අධ්‍යාපනයට සහ ගුරුවරුන්ට ගරු කිරීමත් එහි ඇති වටිනාකම පෙන්වා දීමත් ගැන මම මගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා. යසෝදායි: ගුරු වෘත්තිය කියන්නේ, ඉතා ම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේ ම එය බලවත් වෘත්තියක්. ඇතැම් වෙලාවට අපේ රැකවරණය යටතේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි කැප වුණා ම අපේ අවශ්‍යතා පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ගුරුවරු වෘත්තිය හරියට කරන ගමන් තමන් ගැනත් හිතන්න ඕන. යසෝදායි: ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන පෞද්ගලික මට්ටමින් පන්ති කාමරය තුළ වගේ ම ඉන් පිටතදීත් සොයා බලන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් ඔවුන් කවුද කියලා හඳුනගෙන ඔවුන්ගේ අවශ්‍යතා වටහාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. සාර්ථක ශිෂ්‍යයෙකු නම් ඔහු හෝ ඇය සතුටින් ඉගෙන ගන්න ඕන. නිව් සවුත් වේල්ස්හි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන සැලසුම වන්නේ, "සෑම ශිෂ්‍යයෙකු ම හඳුනාගැනීම, වටිනාකමක් ලබා දීම සහ ඔවුන්ට රැකවරණය සැලසීම" කියන දෙයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග එක්ව ක්‍රියා කිරීම ප්‍රධාන ම කාරණයයි. මම විශ්වාස කරන්නේ, සිසුන්ගේ අපේක්ෂා අනුව ඔවුන්ට ළඟා කර ගන්න පුළුවන් ඉලක්ක ලබා දීමත්, ඉගෙන ගැනීම විනෝදයක් බව ඔවුන්ට තහවුරු කිරීමත් අතිශය වැදගත් කියලායි. යසෝදායි: කොහෙත් ම නෑ. ඒ ක්‍රමය මම ඔස්ට්‍රේලියාව තුළ කවදාවත් දැක නැහැ. මගේ අත්දැකීම් අනුව, විනය කියන දේ ඇති වෙන්නේ, ශිෂ්‍යයින් ඉලක්ක වෙත නැඹුරු කිරීම සහ එක් ශිෂ්‍යයාට පෞද්ගලික අවධානයක් යොමු කරමින් ඔවුන් සමග වැඩ කිරීම හරහායි. ඇතැම් ශිෂ්‍යයින් නුසුදුසු ආකාරයට හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නේ ඇයි කියන එක වටහා ගන්න ඕන. ඔවුන්ට ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජයගෙන ඉදිරියට යන්න උදව් කරන්න ඕන. යසෝදායි: ඔස්ට්‍රේලියාවේ නවෝත්පාදනය ඉලක්ක කර ගත් විශිෂ්ට පාසල් පද්ධතියක් තියෙනවා. ඒත් සෑම ශිෂ්‍යයෙකු ම එක වගේ සාර්ථක වෙන විදිහට සියලු බාධක ඉවත් කරන්න ක්‍රියා කළ යුතුයි. මෙහෙ ගුරු වෘත්තියට ලැබෙන ගෞරවය සහ තත්ත්වය ඉහළයි. අලුතෙන් සේවයට එක් වන ගුරුවරුන් සිය දක්ෂතා සහ දැනුම වර්ධනය කර ගන්න වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. තවදුරටත් පර්යේෂණ කරමින් ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් ඔස්ට්‍රේලියානු සිසුන්ට හොඳ ම අවස්ථා ළඟා කර දිය හැකියි. යසෝදායි: මම ඉතා කුඩා කාලයේදී ම ශ්‍රී ලංකාවෙන් පැමිණි නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝධයක් නැහැ. ඒත්, ලෝකයේ හොඳ ම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් මම ලැබූ අවස්ථාව සහ පිළිගැනීම නිසා මට අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ යම් වෙනසක් කරන්න හැකි වේවි. මම ඒ සඳහා අවධානය යොමු කරනවා. යසෝදායි: මම ලෝකයේ හොඳ ම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වගේ ම ශ්‍රී ලංකාවෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ ප්‍රතිචාර නිහතමානීව සතුටින් භාර ගන්නවා. ඔබ දුන් සහයෝගයට සහ සුබ පැතුම්වලට ගොඩක් ස්තුතියි. මම ඉපදුණ රටේ පුරවැසියන් වගේ ම ශ්‍රී ලාංකික උරුමයක් සහිත ශ්‍රී ලාංකිකයින් මට දක්වන සහයෝගය ගැන මම ගෞරවයෙන් සලකනවා. මගේ ශ්‍රී ලාංකික උරුමය මට ඉතාමත් වැදගත්. ඒ වගේ ම මට සහයෝගය දක්වන ශ්‍රී ලාංකිකයින් ගැන මම ආඩම්බර වෙනවා. ඒක හරි ම සංවේදීයි. මට ඒක ලොකු සතුටක්. මට ඔබට කොයිතරම් ස්තුති කළත් මදි. මම බලාපොරොත්තු වෙනවා තව තවත් ඔබව ආඩම්බරයට පත් කරන්න. තවත් කියවන්න. |
සියලු දේ අනිත්‍යයි යන ප්‍රසිද්ධ කියමන සනාථ කරමින් යම් දිනක පෘතුවියේ ජීවයද වියැකී යනු ඇති. | නැගෙන ප්රශ්නය නම් ඒ කොපමණ කාලයකින් පසුව ද යන්නයි. දැනට හමු වී ඇති පොසිල පරීක්ෂා කිරීමෙන් හෙළි වී තිබෙන්නේ පෘතුවිය මත ජීවය බිහිවී අඩුම තරමින් වසර බිලියන තුනහමාරක් වත් ගතවී ඇති බවයි. එම වසර බිලියන තුනහමාරක කාලය තුළ ඇති වූ දැවැන්ත විෂවායු පැතිරීම්, අභ්‍යාවකාශ පර්වත කඩා වැටීම්, සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදී යාම, මාරාන්තික විකිරණ වලට නිරාවරණය වීම වැනි අනතුරු වලට මුහුණ දුන් පෘතුවිය තවමත් ජීවයෙන් පිරී තිබීම ආශ්චර්යක්. ඉතින් පෘතුවියෙන් ජීවය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් විද්‍යාඥයින් පවසන්නේ එවැනි භයානක මෙන්ම අනුමාන කළ නොහැකි තරම් විසල් ව්‍යසන පෘතුවිය කරා පැමිණීමේ ඉඩකඩ පවතින බවයි. එවැනි අනතුරු කිහිපයක් සිදු විය හැකි ආකාරය සහ කෙතරම් කාලයකින් මේ ව්‍යසන පෘතුවියට ලඟා වේ දැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පල කොට තිබෙන අනාවැකි සම්බන්ධයෙන් කතා කිරීමට අප සුදානම්. ගිනි කඳු පිපිරීම් වර්තමානයේ සිට වසර බිලියන 100ක් ඇතුළත හට ගනු ලබන විශාල ගිනි කඳු පිපිරීම් මගින් පෘතුවිය මත ජීවය මුලිනුපුටා දමනු ඇති බවට අනාවැකි පළ වෙයි. අවසන් වරට පෘතුවිය මෙවන් ව්‍යසනයකට ලක් ව තිබෙන්නේ මීට වසර බිලියන 250 කට ඉහතදී වන බවයි විශ්වාස කෙරෙන්නේ. එම අවස්ථාවේ මුහුදේ ජීවත් වූ සත්වයින්ගෙන් 95%ක් සහ භුමියේ ජීවත් වූ සත්වයන්ගෙන් 85% ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවට විශ්වාස කරයි. මුළු පෘතුවියටම බලපෑ විශාල ගිනි කඳු පිපිරීමක් මගින් එලෙස පෘතුවියේ ජීවය අඩකටත් වඩා විනාශ කර දැමුණු අතර ඊට මදක් අඩු බලපෑමකින් යුතු පිපිරීම් මින් වසර මිලියන 180කට සහ වසර මිලියන 85කට පෙර ඇතිවූ බවටයි විශ්වාස කෙරෙන්නේ. නොර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙන්රික් සෙවන්ස් පවසන්නේ මින් පෙර හටගත් පිපිරීම් අතර කාලයේ හෝ පරිමානයේ සමානකම් දැකිය නොහැකි බැවින් මීළඟ ගිනිකඳු පිපිරීම කොතරම් කාලයකින් හට ගනී දැයි නිශ්චිත ලෙස පැවසීමට අපහසු බවයි. එවැනි දරුණු ගිනිකඳු පිපිරීමක් පෘතුවියේ කුමන කොටසක හට ගනීද යන්න පවා අවිනිශ්චිත නමුත් සයිබීරියාව වැනි ලවන තට්ටු අධිකවැ තැන්පත් වී ඇති ප්‍රදේශයක පිපිරීම් සිදු වුවහොත් ඕසෝන් ස්තරයට හානි කරන රසායන ද්‍රව්‍ය වායුගෝලයට නිකුත් වීමට ඉඩ කඩ පවතින බවයි මහාචාර්ය හෙන්රික් පවසන්නේ. එවැනි විෂ වායු මුදා හැරීමක් සිදු වුවොත් බොහෝ ජීවීන් වර්ග පොලෝ තලයෙන් සදහටම තුරන් වනු ඇති බවටයි ඔහු අනාවැකි පල කරන්නේ. ක්ෂුද්රග්රහයකු කඩා වැටීම ඩයිනසෝරයන් ලෝකයෙන් වඳ වී ගියේ කෙසේද යන්න අප කවුරුත් දන්නා ප්‍රකට කතාවකි. ඩයිනසෝරයන් විනාශ කර දැමූ ආකාරයෙන්ම ක්ෂුද්‍ර ග්රහයෙකු නැවතත් පොළවට කඩා වැටුනොත් එමගින් පෘතුවියේ ජීවය විනාශ කිරීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ. එතරම් විශාල ග්රාහක කැබලි කඩා වැටීමට පවතින්නේ වසර මිලියන 500කට වරක් වැනි දීර්ඝ කාලීන ඉඩකඩකි. එබැවින් නැවතත් වසර මිලියන 450 ක කාලයක් ඇතුළත මෙවැනි අනතුරක් පෘතුවියට ඇතිවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබුනත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළ කිරීම ඉතා අමාරු කාර්යයක් බවයි කැනඩාවේ මහාචාර්ය මැනිකෝගන් කාටර් කියා සිටින්නේ. පෘතුවි මධ්‍යය ශීතලෙන් මිදීම වසර බිලියන තුනත් හතරත් අතර කාලයක් ඇතුලත පෘතුවි මධ්‍යයේ පවතින ලෝදිය සහ ගිනියම් ගල් තට්ටු සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදීමට ඉඩ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. පෘතුවියේ මධ්‍යය එලෙස ශීතලෙන් මිදුනොත් පොළවේ චුම්බක ක්ෂේත්රය විනාශ වනු ඇති අතර ගුරුත්වාකර්ෂණ බලයක් නොමැතිව ජීවයට සුදුසු පරිසරයක් පවත්වා ගෙන යාමට පෘතුවියට නොහැකි වනු ඇති. අඟහරු ග්‍රහයා මින් වසර බිලියන 3.7කට පෙර චුම්බන ක්ෂේත්රයක් සහිත ග්‍රහලෝකයක් ලෙස පැවති බව ඔප්පු කිරීමට 1997 තාක්ෂනය පිලිබඳ කැලිෆෝනියා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අවශ්‍ය තරම් සාධක සොයා ගනු ලැබිණ. එමගින් පැහැදිළි වන්නේ පෘතුවියේ මාධ්‍ය සම්පුර්ණයෙන්ම ශීතලෙන් මිදුනොත් එය අඟහරු ග්‍රහයා මෙන් ජීවය පවත්වාගැනීමට අවශ්‍ය සාධක නොමැති මල ග්රහයෙකු බවට පත් වෙනු ඇති. නමුත් සොයා ගැනීම් වලින් හෙළිව තිබෙන්නේ ද්‍රව තත්වයේ පවතින පෘතුවි මාධ්‍යයෙන් වසරකට ඝන තත්වයට පත් වන්නේ මිලි මීටර එකක ප්‍රමාණයක් පමණක් බවයි. පෘතුවි මධ්‍යයේ අරය කිලෝ මීටර 2300යකටත් වඩා ඝන බැවින් මෙවැනි අනතුරක් ඇස පෙනෙන මානයේ නැති බවයි විද්‍යාඥයන් පවසන්නේ. |
තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තාවේ. | ජනාධිපතිවරයා සමග සඳුදා (පෙබරවාරි 12) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති තවත් හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගැනුණු අතර, එවන් තීරණයක් ගැනීමට පළාත් පාලන මැතිවරණයේදී 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නොමැති බවත්, එවැන්නක් තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් අදාළ සාකච්ඡාවේ නිගමනය වී තිබේ. කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තමන් සමග ආණ්ඩුවේ රැදී සිටින්නේ ද, නැතිනම් ඉන් ඉවත්වන්නේ ද යන්න එම පක්ෂය තීරණය කළ යුතු බව ද ඊයේ (පෙබ 12) රාත්‍රී පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ අදහස වී තිබේ. කෙසේවෙතත්, තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අද රාත්‍රී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ද බීබීසී සිංහල සේවයට තොරතුරු දැක්වූ අමාත්‍යවරයා පැවසීය. ඊට පෙර, ඔවුන් අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡාවක යෙදෙනු ඇත. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව යැයි ඊයේ (පෙබ.12) වාර්තාවිණි. |
රාජ්‍ය හතක එකතුවක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කලෙක සංවර්ධනයක් නොදුටු තැනක සිට මැදපෙරදිග කලාපයේ වඩාත් වැදගත් ආර්ථික මධ්‍යස්ථාන අතරින් එකක් බවට පත්වූ රාජ්‍යයකි. | සම්ප්‍රදායිකව ගතානුගතික බවක් ඉසිලුව ද, අනෙකුත් සංස්කෘති මෙන්ම විශ්වාසවලට ද සාමාන්‍යයෙන් ඉඩක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ වඩාත්ම ලිබරල් රටවල් අතරින් එකකි. ගල්ෆ් දූපත් සම්බන්ධයෙන් ඇති අර්බුදය හේතුවෙන් අසල්වැසි ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා උණුසුම් තත්ත්වයක පවතී. 1950 ගණන්වලදී තෙල් සොයා ගැනීමට පෙර ධීවර කර්මාන්තය මෙන්ම පහළ යමින් පැවති මුතු කර්මාන්තය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය රඳා පැවතුණේය. නමුත් 1962 දී තෙල් අපනයනය ඇරඹුණු තැන සිට රටේ සමාජය මෙන්ම ආර්ථිකය ද පරිවර්තනයකට ලක් විණි. විවිධත්වයට පත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපීය වෙළෙඳ හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එරට ආයතන විදේශවල විශාල ලෙස ආයෝජනය කර ඇත. තොරතුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යය අගනුවර: අබු ඩාබි ජනගහනය මිලියන 8.1 භූමිය ව.කි.මී.77,700 (ව.සැ.30,000) ප්‍රධාන ආගම ඉස්ලාම් ප්‍රධාන භාෂාව අරාබි ආයු අපේක්ෂාව 76(පිරිමි), 78(ගැහැණු) විනිමය ඩිරාම් නායක ජනාධිපති: ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් ජනාධිපති ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් බටහිරට හිතැති නවීකරණවාදියකු ලෙස නමක් දිනා ඇති අබු ඩාබි හි ජනාධිපති ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස එහි ෆෙඩරල් කවුන්සිලය විසින් 2004 වසරේදී නම් කරනු ලැබුවේ ඔහුගේ පියා වූ ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් ගේ අභාවයෙන් කෙටි කලකිනි. අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, රාස් අල් ඛයිමාහ්, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් යන එමීර් රාජ්‍ය හත එක්ව සැදුනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු තරමේ විශාල නිදහසක් පවතින්නේයැයි කියැවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලනය ගෙන යන උත්තරීතර සභාවේ සිටින අදාළ රටවල් හතේ පාලක එමීර්වරු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරති. උප ජනාධිපති, අගමැති මෙන්ම ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් මාධ්‍ය රූපවාහිනි සහ මාධ්‍ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. ඩුබායි හි මීඩියා සිටි (Media City) සහ ටූෆෝර්54 (twofour54) , අබු ඩාබි හි මාධ්‍ය කලාපය ගොඩනැගුනේ රොයිටර්ස්, සීඑන්එන්, සෝනි සහ ෆොක්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවය. මාධ්‍යවල තොරතුරු සම්බන්ධයෙන් දැඩි නියාමනයක් හා දේශපාලනික පාලනයක් ඇති අතර විදේශ තොරතුරු විකාශනය ද බෙදාහැරීමට පෙර වාරණයකට යටත් කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මිලියන 8.8 ක අන්තර්ජාල පරිශීලකයින් පිරිසක් සිටින අතර අරාබි ලෝකයේ ඉහළම අන්තර්ජාල විනිවිදීමේ අනුපාතයකින් යුතුවේ. නමුත් විරුද්ධ දේශපාලන හා ආගමික අන්තර්ගත පුළුල්ව වාරණය කෙරේ. කාල විකාශය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉතිහාසයේ වැදගත් අවස්ථා: 1971 දෙසැම්බර්- බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස එක්විණි. ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් එහි ජනාධිපතිවරයා විය. 1972 - රාස් අල් ඛයිමාහ් ෆෙඩරේෂනයට එක්විය. 2006 - මුල්වරට ජාතික මැතිවරණයක් පැවැත්විණි. තෝරාගන්නා ලද සුළු ඡන්දදායකයින් පිරිසක් විසින් ෆෙඩරල් ජාතික කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් අඩක් උපදේශක මණ්ඩලයකට පත් කරගනු ලැබූහ. 2015 - යේමනයේ හුති සටන්කරුවන්ට එරෙහිව සෞදි අරාබියේ මුලිකත්වයෙන් දියත් කෙරුණු ගුවන් ප්‍රහාරවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක් විය. ඩුබායි: මෑත දශක කීපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේගයෙන් වර්ධනය විය. |
ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. | ‘ඒ අයගේ වතගොත ගැන හොදට මගේ ගාව ෆයිල් තියනවා. ඉතින් මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි මම. අපි කියපු දේ කරපු මිනිස්සු’ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ආණ්ඩුවේ සිට විපක්ෂය හා එක් වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂ හා එක් වූ පක්ෂ ක්‍රියාකාරීන් අතීතයේද සිටි බව ජනාධිපතිවරයා සිහිපත් කරයි. 'ආප්ප කාලා පැන්නා' ‘මේ මට විතරක් කරපු දෙයක් නෙවෙයිනේ. සීපී ද සිල්වා මහත්තයා මොකද කළේ. ඒත් මින්නේරියේ. ඒත් පොළොන්නරුවේ. ඒ විතරක් නෙවෙයි එක පාරක් මැතිනියට කොකා පෙන්නුවා. චාලි මහත්තයා මැතිනිත් එක්ක උදේ කිරිබත් කාලා ඇවිල්ලා. මගේ නම් ආප්ප කාලා ගිහිල්ලා. පැන්නා අනිත් පැත්තට’ යනුවෙන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද පක්ෂය හැර දමා ගොස් වෙනත් පක්ෂයක් ගොඩනැගූ බව පවසන ජනාධිපතිවරයා තමා ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි පැවසුවේ. ‘ඔය කිහිප දෙනෙක් යන්න ඕන ඉතින්. මගේ දොර තාමත් එහෙම තමයි. මේ දොර හාමුදුරුවනේ “සැලුන්” දොර වගේ. යන්නත් පුළුවන් අපහු එන්නත් පුළුවන්’ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේය. |
කොරෝනාවෛරසය සම්බන්ධයෙන් "පූර්ව ආරක්ෂක පියවර" අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. | කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ "නිරන්තරයෙන් අධීක්ෂණය කරන" බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය. "මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නොමැති," බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය. "අපගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇත්තේ එක් කොරෝනාවෛරස ආසාදිතයෙක් පමණයි. එය එක්සත් රාජධානියට වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, තවදුරටත් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ නැහැ. නමුත්, මේ තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා." "ශ්‍රී ලංකාවට යන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරනවා. ප්‍රතිශක්තිය හැකි උපරිම මට්ටමක පවත්වා ගැනීම ඕනෑම රෝගයක් වළක්වා ගැනීම සඳහා උපකාර වෙනවා," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. කොදෙව්වන්ට එරෙහිව 'විශිෂ්ට' ජයක් මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පවතින එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා සමත් විය. කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් පිළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 9 කදී බිඳ දැමීමට කොදෙවු පිල සමත් විය. ඉන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක සබඳතාවක් ගොඩනගා ගත්හ. ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය. තරගය අතරතුර දී විදුලි ආලෝක කුළුණක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට ද සිදුවිය. එමෙන්ම, තරගය අතරතුර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ දැරූ උත්සහයක දී ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයකට ලක් වී තිබිණ. ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නියෝග කළ බවය. සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ එක් කඩුල්ලකිනි. කාන්තා 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක චමරී අතපත්තු මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී අඟහරුවාදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තියුණු තරගයක් දෙමාට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුව ද, දුර්වල පන්දු රැකීම් හමුවේ තරගය අවසාන වීමට පන්දු තුනක් තිබිය දී ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙහි දී හයේ පහර දෙකක් සමගින් නායක චමරී අතපත්තු පන්දු 38කදී අර්ධ ශතකයක් රැස් කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු රකින ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී ලකුණූ 25ක් ද රැස් කළාය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 122 ක් රැස් කළේය. පළමුවන පන්දුවාර හය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 19කට කඩුලු තුනක් දැවී ගිය නමුත්, අවසන් පන්දු වාරයේ දී තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් මුහුණ දුන් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. පෙබරවාරි 29 වෙනි දින ශ්‍රී ලංකාව ඉන්දියානු කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න: |
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා චීන සමාගම්වලට ලබාදෙන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. | සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිකුරාදා රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී. පවරා ගැනීමට නියමිත අක්කර 15000 න් ඉතිරි ප්‍රමාණය ලබාගන්නේ කුමන ප්රදේශවලින්දැයි තීරණය කිරීම සාගල රත්නායක අමාත්‍යවරයාට සහ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භාරදෙන බවත් අගමැතිවරයා පැවසීය. කෙසේ නමුත් ඊට පෙරාතුව මහනුවරදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ, චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000 ක් ලබා දෙන බවට ආණ්ඩුව කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බවයි. ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව භික්ෂූන් වහන්සේ පෙන්වා දුන්හ අම්බලන්තොට ජයවර්ධනාරාමයේ පැවති සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ විසිනි. එහිදී අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කළ තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියන් ප්රමුඛ සංඝයා වහන්සේ, ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව පෙන්වා දුන්හ. අක්කර 1235 කට වඩා ප්‍රදේශයේ ඉඩම් පවරා නොගන්නා බවට අගමැතිවරයා එහිදී ප්‍රතිඥාවක් දුන්නේය. "හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ. මම බලහත්කාරයෙන් ඉඩම් ගන්නේ නැහැ," අගමැතිවරයා පැවසීය. හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ' - අගමැති රනිල් ' හම්බන්තොට දැනට ක්‍රියාත්මක වන්නේ පළමු ගිවිසුම පමණක් වන අතර, එහි දෙවන සහ තුන් වන ගිවිසුම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවත් අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ඉදිරි පියවරට අදාළ සාකච්ඡා සඳහා මහා සංඝරත්නයද කැඳවන බවට අගමැතිවරයා ප්‍රතිඥාවක්ද දුන්නේය. සෙනසුරාදා හම්බන්තොට උද්ඝෝෂණ තහනම් කරමින් ලබා දී තිබෙන අධිකරණය නියෝගය අවලංගු කරගැනීම පිණිස කටයුතු කරන මෙන් සාගල රත්නායක ඇමතිවරයාට උපදෙස් දෙන බවත් අගමැතිවරයා පැවසීය. කෙසේ නමුත් මෙම සාකච්ඡාවේදී මහා සංඝරත්නය ආණ්ඩුව සමග කිසිදු එකඟත්වයකට නොපැමිණි බව හම්බන්තොට ජාතික සම්පත් සුරැකිමේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු බැරගම ඥාණතිලක හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ. |
ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති. | අප්‍රිකාවේ පිහිටි ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් එච්අයිවී ශරීරගතව ඇති පුද්ගලයින්ගෙන් 1% ට අඩු පිරිසකට මෙම හැකියාව ලැබී ඇත. මෙය, ඒඩ්ස් රෝග කාරක වෛරසය මර්ධනය කරගැනීම සඳහා අලුත් ප්‍රතිකාර හෝ එන්නතක් නිර්මාණය කිරීමේ ඉදිරි පර්යේෂණවලට පිටිවහලක් සපයන බව පර්යේෂකයෝ පවසති. "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත මුලින් දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය. "මෙහි තේරුම, මෙය සැබවින්ම අපට සුව කළ හැක්කක් යන්නයි," ඇය කීවාය. 'ලාන්සෙට්' නම් වෛද්‍යමය සඟරා පවුලේ ම කොටසක් වන 'ඊබයෝමෙඩිසින්' (eBioMedicine) හි පළකරන ලද තොරතුරු අනුව, 1987 සහ 2019 අතර කාලය තුළ එච්අයිවී සමග දිවි ගෙවූ පුද්ගලයන්ගෙන් ගන්නා ලද නියැදි පරීක්ෂාවට ලක් කර තිබිණි. ඇබට් (Abbott) නම් වූ ඖෂධ සමාගම, කොංගෝ හි Université Protestante au Congo විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය මෙන්ම ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ පිහිටි මිසූරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුළත් වූහ. ආචාර්ය මේරි රොජර්ස් ඇබට් සමාගමේ ගෝලීය වෛරස ආවේක්ෂණ වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය රොජර්ස් පැවසූ පරිදි, කොංගෝ ජනරජයෙන් හමුවී තිබෙන 2.7% ක් සහ 4.3% ක් අතර පුද්ගලයින් ප්‍රමාණය එක් රටක් තුළින් හමුවූ විශාලතම ජන කණ්ඩායම වේ. තවත් එච්අයිවී සහිත 1% ක පිරිසක් කැමරූන් හි හමුවී ඇති අතර ඔවුන් ද ඖෂධ භාවිතයකින් තොරව වෛරසය ඉතා හොඳින් පාලනය කරගෙන ඇති බව හඳුනාගෙන තිබේ. "සාමාන්‍යයෙන් එච්අයිවී සමග ජීවත්වන සියලු ජනතාව අතරින් 1% ට අඩු ප්‍රමාණයකට ස්වභාවිකව ම වෛරසය මැඩ පවත්වාගන්න හැකියි, ඒත් මේක කවදාවත් අප දැක තිබුණේ නැහැ." මේ වනවිට, එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් හට වෛරසය මැඩපැවැත්වීම සඳහා මෙන්ම වෛරස ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ප්‍රති වෛරස ඖෂධ දෛනිකව භාවිත කිරීමට සිදුවී තිබේ. ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයෙන් හමුවූ "ඉහළ තලයේ පාලකයින්" ලෙස නම් කෙරී ඇති මෙම පිරිසට සිය එච්අයිවී ආසාදනය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න තවමත් නොදනී. මෙම කණ්ඩායමට, අඩු නොඑසේනම් හඳුනාගත නොහැකි තරමේ වෛරස ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම වෛරසය පාලනය සඳහා ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය රොජර්ස් සඳහන් කළාය. කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව ඇය අවධාරණය කළේ, රෝගය වැඩි වර්ධනය වෙද්දී මෙම ජනතාවගේ ආරක්ෂාව අඩු වී යාමේ විභවතාවක් ඇති බව මීට පෙර කළ අධ්‍යයන මගින් කෙරුණු අනාවරණයන් ද පෙන්වා දෙමිනි. එච්අයිවී මුලින්ම ලෝක අවධානයට ලක්වූයේ 1980 ගණන්වලදී ය. එතැන් සිට මේ දක්වා මිලියන 76 ක පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට මිලියන 38 ක පිරිසක් වෛරසය ශරීරගතව දිවි ගෙවන බව ඇබට් සමාගම පවසයි. දැන් ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය ලෙස හැඳින්වෙන භූමිය තුළ, මින් සියවසකට ඉහතදී එය පැන නගින්නට ඇති බව විශ්වාස කෙරෙන අතර අද වනවිට උප සහරානු අප්‍රිකාව තුළ කාන්තාවන්ට විෂම ලෙස එච්අයිවී බලපා තිබේ. |
සෞදිඅරාබියේ කාන්තාවන් සහභාගී වූ ප්‍රථම බයිසිකල් තරඟය පිළිබද සමාජ මාධ්‍ය තුළ මහත් කතා බහක් ආරම්භව පවතී. | සැරසේන් - එලවේන් - යා... බයිසිකල් තරඟය ආරම්භක ස්ථානය එවැනි කාන්තා බයිසිකල් තරඟයක් දක්නට ලැබීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී ඇත. පසුගිය අඟහරුවාදා සෞදි කාන්තා බයිසිකල් තරඟය පැවැත්වුනේ 'ජෙඩාහ්' නුවරය. 'බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් තරඟය සංවිධානය කර තිබුණ අතර, කාන්තාවන් හතළිස් හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් බයිසිකල් පැදීමේ නිරතව ඇත. තරඟයට සහභාගී වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව දැක තමා පුදුමයට පත් වූ බව තරඟ සංවිධායක නදීමා අබු අල්-එනීන් පවසන්නීය. "තරඟයට සහභාගී වීම සදහා සිතුවාටත් වඩා වැඩි කාන්තාවන් පිරිසක් පැමිණි නිසා, අපි මුලින් සැලසුම් කළ උපරිම තරඟකරුවන් ගණන 30 සිට 47 දක්වා වැඩි කරන්න සිදු වුණා. තරඟයට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට අවස්ථාව නොදීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා" නදීමා පැවසුවාය. තරඟය අවසන් වීමට නියමිත ස්ථානයේ රැඳී සිටින නදීමා අබු අල්-එනීන් ට්විටර් සමාජ ජාලය තුළ මෙම තරඟය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබුණත් සමහර පුද්ගලයන් කාන්තා බයිසිකල් තරඟය අනුමත කර නැත. "මම ආගමික නායකයෙක් නොවේ. හැබැයි මම සිතන්නේ කාන්තාවක් බයිසිකල් පැදීමෙන් ඇයගේ ශරීරයේ සරාගී කොටස් නිරාවරණය වීමෙන් අනවශ්‍ය ලෙස පුරුෂයන් ආකර්ෂණය කර ගන්නවා කියලා. කාන්තාවන්ට බයිසිකල් පදින්න අවශ්‍ය නම් එය ප්‍රසිද්ධියේ නොකර පෞද්ගලික දෙයක් හැටියට කළ යුතුයි"එක් ට්විටර් පණිවිඩයක දැක්වෙයි. "කාන්තාවන් ක්‍රීඩා කිරීම අවශ්‍යයි. නමුත් ඒ දේවල්වලට සීමාවක් තිබිය යුතුයි. පුරුෂයන් ඉදිරියේ ක්‍රීඩා කිරීම සුදුසු නැහැ," තවත් ට්විටර් පණිවුඩ කරුවෙක් පවසයි. මේ තොරතුරුද දැනගන්න: සෞදි කතුන්ට ඓතිහාසික දිනයක් සිනමා ශාලා යළි විවෘත කිරීමට සෞදි අරාබිය අවසර දෙයි සෞදි කාන්තාවට අවසර නැති තව බොහෝ දේ ඇත කෙසේ වෙතත්, බොහෝ ට්විටර් පරිශීලකයන් මෙම තරඟය වර්ණනා කරමින් පණිවිඩ නිකුත් කර තිබුණි. @p9p_ ලෙස නම් කර ඇති ට්විටර් ගිණුමේ සඳහන් වූයේ, "මේ තරඟය ඉතා විනෝදජනක බව පෙනී යනවා" යනුවෙනි. මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබද තම සතුට පළ කළ @foof_foofa, "අපිට ඔබේ විරුද්ධත්වයෙන් වැඩක් නැහැ" ලෙස සඳහන් කර ඇත. "සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙම තරඟය හෙළා දකින කාන්තාවන් තව අවුරුදු පහකින්, දහයකින් හෝ විස්සකින් මෙවැනි තරඟවලට සහභාගී වීමට උත්සහ කරාවි. නැත්නම් තරඟකරුවන්ට ඔල්වරසන් නඟයි. ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, පාසල්, හෙද සේවය සහ සෞඛ්‍ය සේවා හඳුන්වා දෙන විටත් මේ දේම සිදු වුණා.... නමුත් කාලය ගත වීමත් සමග ඔවුන් ආපසු හැරී බලා තමන් පෙර හැසිරුණ ආකාරය ගැන ලැජ්ජාවට පත් වුණා" යැයි @N9n9Ta පළ කළ ට්විටර් පණිවිඩයේ සඳහන් විය. සෞදි අරාබිය, සිය පළමුවෙනි ඔපෙරා ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත. නදීමා අබු අල්-එනීන්ගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයේ දී මෙම බයිසිකල් සංගමය පිහිටුවන ලදී. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සෞදිය පුරා විසිරී සිටින බයිසිකල් ගැන උනන්දුවක් දක්වන කාන්තාවන් රැස් කරගෙන බයිසිකල් පැදීමෙන් ශරීර සෞඛ්‍යයට අත් වන වාසි පිළිබද සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. සෞදි අරාබි කාන්තාවන් බයිසිකල් පදින විට මුහුණ දෙන අපහසුතා ගැන 'සයික්ලින් ටුඩේ (Cycling Today)' සමග පැවති සාකච්ඡාවකදී නදීමා පැහැදිළි කළාය. නමුත්, බයිසිකල් පදින කාන්තාවන් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඇය පවසන්නීය. ක්‍රීඩා සදහා වෙන් කළ ප්‍රදේශයක දී, ශරීරය වැසෙන ඇඳුමක් ඇඳ, පුරුෂයෙකුගේ ආරක්ෂාව යටතේ කාන්තාවකට බයිසිකල් පැදිය හැකි බව 2013 වර්ෂයේ දී සෞදි අරාබිය ප්‍රකාශයට පත් කර තිබිණි. 2030 වර්ෂය වන විට විශාල සමාජ වෙනසක් සිදු කිරීම සෞදි බාධාරීන්ගේ සැලැස්මයි. පසුගිය සඳුදා එරට පළමු ඔපෙරා නෘත්‍ය ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කෙරිණ. තවත් තොරතුරු: සෞදි අරාබිය: විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් අලුතින් සේවාවක් පූජක උපදෙසට සෞදි කාන්තා ප්‍රතිචාරය කුවේටයේ අනවසර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 15,000 ක් |
තවමත් රජය හා හමුදාව යටතේ පවතින සිය ඉඩම් නැවත ලබාගැනීම පිණිස තොරතුරු රැස්කිරීම සඳහා තොරතුරු දැනගැනීම පනත යොදාගැනීමට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසියෝ කටයුතු කරමින් සිටිති. | එලස ඉඩම් අහිමිවූ දෙසීයකට ආසන්න පිරිසක් අද දින සිය මුල් ඉඩම්වල තොරතුරු ඉල්ලා ජනාධිපති කාර්යාලයට මෙන්ම අදාළ රජයේ ආයතන කිහිපයකට ඉල්ලුම්පත් භාරදුන්හ. ඒ සඳහා ඉඩම් අහිමිවූ ජනතාවට සහායදීමට 'මිත්‍රත්වය සහ සහයෝගිතාව සඳහා තරුණ සංවිධානය' නම් තරුණ කණ්ඩායම ඉදිරිපත්ව සිටි. අදාළ වාර්තා ලබාගතහොත් එම ජනතාවට තම ඉඩම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යාම පහසු වනු ඇති බව මෙම සංවිධානයේ සභාපති රවීන්ද්‍ර ද සිල්වා පැවසීය. ඊට අමතරව උතුරේ හමුදාව අත්පත්කරගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය හා ඒවා අත්පත් කරගත් ආකාරය පිළිබඳව තොරතුරුද ඉල්ලුම් කළ බවත් ඔහු සඳහන් කළේය. යුද සමයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ද අතුරුදහන්වූ පිරිස් පිළිබඳ තොරතුරු ඉල්ලා බලධාරීන් වෙත ඉල්ලුම්පත්‍ර යොමුකළහ. මේ අතර අද (පෙබ.28) ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය ඇමතූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, 2016 වසරේදී රජයේ ඉඩම් අක්කර 5515.98 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 2090 ක් 2016 වසරේදී යළිත් ලබා දී තිබෙන බව සඳහන් කළේය. |
එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කොට පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමේ ඉදිරි වැඩ පිළිවෙලකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කළ බව එක්සත් භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සංදේශයට ප්‍රකාශ කළහ. | ශක්තිමත් විපක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය නංවා ලිය යුතු බවයි එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටින්නේ. ඊයේ අඟහරුවාදා තමන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වී කරුණු අටකින් සමන්විත සැලැස්මක් ඔහුට භාර දුන් බවයි අනු නාහිමියන් පවසන්නේ. අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ද භික්ෂු පෙරමුණේ යෝජනාවලියට එකඟතාවය පළ කර ඇති බවත් ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ පවසති. භික්ෂු පෙරමුණේ යෝජනා ඉදිරි සති දෙක ඇතුළත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කොට එහි අනුමැතිය ලබා ගනිමින් ක්‍රියාත්මක වීමටයි, එක්සත් ජාතික පක්ෂ නායකත්වය එකඟ වී සිටින්නේ. භික්ෂු යෝජනා එක්සත් භික්ෂු පෙරමුණ යෝජනා කරන පරිදි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයා සහ විපක්ෂ නායකයා හැටියට දිගටම ක්‍රියා කළ යුතු අතර, පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලතල පැවරෙන්නේ නව දෙනකුගෙන් සැදුම් ලත් නායකත්ව මණ්ඩලයටයි. පක්ෂය තුළ තීරණ ගැනීම්, සියලුම පත් කිරීම් සහ ප්රතිශෝධන ආදිය නව නායකත්ව මණ්ඩලයේ තීන්දු අනුව සිදු විය යුතු බවටයි,එක්සත් භික්ෂු පෙරමුණ යෝජනා කරන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පක්ෂ අභ්‍යන්තරයේ සියලුම සංවිධාන ප්‍රතිසංස්කරණය කිරීමේ බලය නව නායකත්ව මණ්ඩලයට පැවරිය යුතු බවට ද භික්ෂු පෙරමුණ යෝජනා කරයි. එම නායකත්ව මණ්ඩලයේ සභාපති පදවිය කරු ජයසූරිය මන්ත්‍රීවරයා විසින් දැරිය යුතු අතර, සජිත් ප්‍රේමදාස මන්ත්‍රී වරයාත් ඇතුළත් නව දෙනකුගෙන් සමන්විත වෙන නව නයකත්ව මණ්ඩලය එක්සත් භික්ෂු පෙරමුණ විසින් යෝජනා කරනු ලබන බවත්, ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සංදේශයට කියා සිටියහ. |
බ්‍රිතාන්‍ය රජ පවුල තුළ හැරී කුමරුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකල් සිය පුතු සමඟ කල් ගෙවීම පිණිස නැවතත් කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. | "මාස ගණනක් සිතා බැලීමෙන් සහ අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළා" හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල "චිත්ත වේදනාවට" පත් වී ඇති බව පැවසේ. හැරී සහ මේගන් සිය පුතු ආචි සමඟ පසුගිය නත්තල් නිවාඩු සමය ගත කළේ කැනඩාවේය. මේගන් මාකල් මෙසේ කැනඩාවට පිටත්ව ගොස් තිබෙන්නේ, හැරී සහ මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් ලබා දීමට කටයුතු කරන මෙන් රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන අතරවාරයේය. මෙම තීරණයට එළඹීමට පෙර හැරී කුමරු සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගෙන් උපදෙස් ලබා නොගෙන ඇති බව හැඟී යයි. ඔවුන්ගේ අනාගතය ගැන කතා බස් ඇති වුව ද එය තවමත් මුල් අවධියේ පවතින බැවින් බකිංහැම් මාලිගය "අන්ධ" වී සිටි බව බීබීසී රාජකීය පුවත් වාර්තාකරු ජොනී ඩයිමන් පැවසීය. බකිංහැම් මාලිගය පවසන්නේ, විසඳා ගැනීම පිණිස "සංකීර්ණ ප්‍රශ්න" තිබෙන බවය. "මාස ගණනක් සිතා බැලීමෙන් සහ අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළා," යැයි හැරී කුමරු සහ මේගන් බදාදා (ජනවාරි 08) නිකුත් කළ නිවේදනයේ දැක්වේ. "රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද" ඔවුන් අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. "රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙනවා" එක්සත් රාජධානියේ මෙන්ම උතුරු ඇමරිකාවේ ද විටින් විට දිවි ගෙවීමට සැලසුම් කර ඇති ඔවුන් දෙදෙනා, "රැජින වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම්, පොදුරාජ්‍ය මණ්ඩලයේ මෙන්ම අනුග්රාහකයන් වෙනුවෙන් ඇති රාජකාරි නොකඩවා සිදු කරනවා" යැයි පැවසූහ. "මේ භූගෝලීය තුලනය නිසා රාජකීය පසුබිමක බිහිවුණ අපේ පුතාට එම සංස්කෘතිය අගය කිරීමට වගේම අපේ ජීවිතවල මීළඟ පරිච්ඡේදය ගැනත් අවධානය යොමු කරන්න ඉඩ සැලසෙනවා," යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ තීරණය කෙසේවෙතත් හැරී කුමරු තවමත් රජ පවුලේ ඔටුන්න හිමි හයවෙනියාය. කේට් සහ විලියම් කුමරුට අයත් කේම්බ්‍රිජ් පුණ්‍යායතනයෙන් පසුගිය වසරේ ජුනි මස දී ඉවත් වීමෙන් පසු සසෙක්ස්හි රාජකීය පුණ්‍යායතනයක් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරති. එම පුණ්‍යායතනයට එක්සත් රාජධානිය පමණක් නොව අප්‍රිකාව මෙන්ම එක්සත් ජනපදය ද සම්බන්ධ කර පවත්වාගෙන යනු ඇති අතර, කාන්තාවන් සවිබල කිරීම එහි ප්‍රධාන අරමුණය. මේ තොරතුරු ද කියවන්න: ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වන්නේ කෙසේ ද? මින් පසු රාජකීය දීමනා ලබා නොගන්නා බව හැරී කුමරු සහ මේගන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණයෙන් පසු ඔවුන් "මූල්‍යමය වශයෙන් ස්වාධීන රජ පවුලේ සාමාජිකයන්" ලෙස හඳුන්වනු ඇතැයි ඔවුහු පැවසූහ. 2018 මැයි මස පැවති ඔවුන්ගේ විවාහ උත්සවයේ දී. රාජ්‍යත්වයට අයත් දේපොළවලින් ලබන ආදායම් සඳහා රැජින බදු නොගෙවන හෙයින් ඇය ඉටුකරනු ලබන නිල රාජකීය කාර්යභාරයන් වෙනුවෙන් කෙරෙන වියදම් මහජන මුදල් වෙයි. 2018 සහ 19 යන වසරවල බ්‍රිතාන්‍යය මහා භාණ්ඩාගාරයෙන් රාජකීය දීමනා ලෙස පවුම් මිලියන 82ක් නිකුත් කර තිබිණි. හැරී සහ මේගන්ගේ රාජකාරිවලට එම රාජකීය දීමනාවලින් 5% ක් ලැබුණු අතර, ඉතිරි 95% ලැබී ඇත්තේ චාල්ස් කුමරුගේ ආදායමෙනි. වර්තමාන නීතියට අනුව, "කිසිදු ආකාරයක ආදයමක් ඉපැයීම ඔවුන්ට තහනම්" නමුත්, නව භූමිකාවට අනුව තවත් ප්‍රධාන පෙළේ රාජකීයන් මෙන් පූර්ණකාලීන ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව සැලසේ. නිල විදෙස් සංචාර සඳහා රාජකීය දීමනාවලින් මුදල් ලබා දෙන අතර, "සුදුසු අවස්ථාවල" අදාළ රටෙන් මුදල් දායක කරනු ඇත. "ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කළ යුතු පුද්ගලයන්" ලෙස හඳුන්වන හැරී සහ මේගන්ට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියෙන් සන්නද්ධ ආරක්ෂකයින් යෙදවිය යුතුය. බ්‍රිතාන්‍යය බදු ගෙවන්නන්ගේ මුදලින් පවුම් මිලියන 2.4ක් වියදම් කරමින් අලුත්වැඩියා කළ වින්ඩ්සර් හි දෙවෙනි ශ්‍රේණියේ නිවසක් වන 'ෆ්රොග්මෝ' තවදුරටත් ඔවුන්ගේ නිල නිවස ලෙස භාවිතා කරනු ඇත. එක්සත් රාජධානිය තුළ "නිවස යැයි කියා හඳුන්වන්න ස්ථානයක් අවශ්‍යයි," ඔවුහු පැවසූහ. දෙවෙනි නිවස ලෙස උතුරු ඇමරිකාව තෝරා ගත්තේ ඇයි? ඇමරිකානු ජාතික කාන්තාවක් වන මේගන් කැලිෆෝනියාහි දිවි ගෙවන සිය මව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වයි. හැරී කුමරු සහ ආචි කෙසේනමුත්, හැරී සහ මේගන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය ප්‍රථමයෙන් හෙළි කළ 'ද සන්' පුවත්පතේ සඳහන් වන්නේ ඔවුන් දෙදෙනාගේ දෙවෙනි නිවස ලෙස කැනඩාව තෝරා ගැනීමට ඉඩ ඇති බවය. ඔවුන් මාස අටක් වියැති සිය පුතා ආචි සමඟ කැනඩාවේ සති හයක නිවාඩුවක් කළහ. නැවත එක්සත් රාජධානියට පැමිණි 35 හැවිදිරි හැරී සහ 38 හැවිදිරි මේගන් ලන්ඩන් නුවර පිහිටි කැනඩා තානාපති කාර්යාලයට ගොස් එරටින් ලැබුණු "අදහාගත නොහැකි" සත්කාරවලට ස්තුති කර තිබිණි. ප්‍රසිද්ධ ඇමරිකානු නාට්‍ය මාලාවක් වන 'සූට්ස්'හි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මේගන් මාකල් කැනඩාවේ වසර හතක දිවි ගෙවා ඇත. සිය දෙවෙනි නිවාස ලෙස කැනඩාව තෝරා ගන්නා බව ඇය මින් පෙර පවසා තිබිණි. කෙසේනමුත්, මෙම නිවේදනයත් සමඟ හැරී සහ මේගන්ගේ රාජකීය භූමිකාව පිළිබඳ බොහෝ ගැටලු මතු වී තිබේ. තවත් තොරතුරු: |
ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරග සඳහා විනිසුරුවරියන් සිවුදෙනකු පත්කරන ලද බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. | නවසීලන්තයේ කැත්ලීන් ක්‍රොස්, ඕස්ට්‍රේලියාවේ ක්ලෙයාර් පොලොසක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරන ජැක්ලින් විලියම්ස් සහ බ්‍රිතාන්‍ය ජාතික සූ රෙඩ්ෆර්න්, විනිශ්චයකාරවරුන් නම දෙනකු සහභාගිවන තරගාවලියට නම්කර තිබෙන විනිසුරුවරියන් සිව්දෙනායි. මෙය කාන්තා ක්‍රිකට් තවදුරටත් නංවාලීමේ සිය වැඩපිළිවෙලේ කොටසක් බවයි, අයිසීසී ය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ. කාන්තා ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරග ලබන පෙබරවාරි 7-12 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. අනිල් චෞද්රි, ලෙස්ලි රෛෆර්, රවීන්ද්‍ර විමලසිරි, ඉයන් රමේජ් සහ මාක් හව්තෝර්න් තරගාවලියේ අනෙක් විනිසුරුවරුන් පස්දෙනාය. තරග තීරකවරයා ලෙස ග්‍රේම් ලැබ්රෝයි කටයුතු කරන බවත් නිවේදනයේ සඳහන්වේ. සුදුසුකම් ලැබීමේ තරගවලදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ. එහිදී සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති. අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති. |
මීට පෙර දැන සිටියාට වඩා ලොව ඇති නැති පරතරය වඩාත් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය ක්‍රියාධරයෝ පෙන්වා දෙති. | ප්රකෝටිපතියන් සතු අධි සුඛෝපභෝගී නෞකා ධනවත් භාවයේ සංකේතයක් ලෙස සැළකේ ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව ප්රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය, කෝටි තුන්සිය හැටක්වන ලොව ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි. ලොව ධනවත්ම ප්රකෝටිපතියන් අට දෙනා අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද සිටිති. ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂක මැතිව් ස්පෙන්සර් කියා සිටියේ වත්මන් ලෝක ආර්ථිකය තුළ ගැටළු පවතින බවය. එම ගැටළුවට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළ ඔහු "පවතින ආර්ථික ක්‍රමවේදයෙන් වාසි ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට එකකට විතරයි. සියයට අනූ නවයක පිරිසකට වාසි ලැබෙනවාට වඩා ඒක සකස්වෙලා තියෙන්නේ අර සියයට එකක පිරිසට වාසි ලැබෙන විදියට. ලෝකයේ ප්රකෝටිපතියන් අට දෙනෙක් සතු වත්කම ලොවින් අඩක්වන සෙසු ජනතාව සතු වත්කමට සමාන වෙන්නේ ඒ නිසයි," යනුවෙන් පැවසීය. ප්රකෝටිපතියන් අට දෙනා ෆෝබ්ස් සඟරාව සහ දෙදාහ වසරේ සිට ලොව ධනය බෙදී ගොස් ඇති ආකාරය දැක්වෙන දත්ත වාර්තා මත පදනම්ව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය සිය වාර්තාව සකසා තිබේ. ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ මැතිව් ස්පෙන්සර් විසින් ඇති නැති පරතරය ඉහළ යෑම හඳුන්වනු ලැබුවේ ලොව බෙදීමකට මුල් විය හැකි දේශපාලන ගැටළුවක් ලෙසය. "ඉහළ යමින් තිබෙන ඇති නැති පරතරය සහ අපේ දේශපාලන ක්‍රමවේදය තුළ පවතින බෙදීම් අතර සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනව කියල මම හිතනවා. රටක සාර්ථකත්වයට සහ සමාජයට තමන්ගේ දායකත්වය ඉතා අඩුවෙන් ලැබෙන බවක් මිනිසුන්ට හැඟෙනවා. පවතින දේශපාලන තත්වය පිළිබඳ මිනිස්සු නොසතුටින් පසු වෙනවා," ඔහු කියා සිටියේය. ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය විසින් ලොව ඉහළ යමින් පවතින ඇති නැති පරතරය හා සම්බන්ධ නවතම දත්ත එළි දක්වනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ආර්ථික සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී. ලෝක ආර්ථික සමුළුව ඇති නැති පරතරය අවම කිරීම සඳහා විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන ලෝක නායකයන්ගෙන් මැතිව් ස්පෙන්සර් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ඇති නැති පරතරය ඉහළ යෑම සම්බන්ධයෙන් ඔක්ස්ෆෑම් ආයතනය නිකුත් කළ වාර්තාව ඇතැම් පිරිස්වල විවේචනයට ලක්වේ. විද්වත් මණ්ඩලයක්වන ඇඩම්ස් ස්මිත් ආයතනයේ සමීක්ෂණ ප්‍රධානී බෙන් සවුත්වුඩ් කියා සිටියේ ලොව ප්රකෝටිපතියන් සතු ධනය පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා ලොව දුගී ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන සුබ සාධන කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වන බවය. දුගී ජනතාව වෙනුවෙන් පවතින සුබ සාධන කටයුතුවල වර්ධනයක් සෑම වසරක් පාසා දැකිය හැකි බවත් ඔහු පැවසීය. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් ලොව ඉහලින්ම පසුවන ප්රකෝටිපතියන් අට දෙනාගෙන් ඇතැම් පුද්ගලයෝ තම ධනයෙන් ප්‍රකෝටි ගණනක් සුබ සාධන කටයුතු සඳහා පරිත්‍යාග කරති. 2000 වසරේ දී මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ විසින් ඇමරිකානු ඩොලර් කෝටි 4,400 ක පෞද්ගලික අරමුදලක් ආරම්භ කරනු ලැබීය. මේ අතර තම ආයතනයේ ශුද්ධ ආදායමෙන් සියයට අනූවක් පරිත්‍යාග කරන බවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ 2015 වසරේදී ප්‍රතිඥා දුන්හ. එවකට ෆේස්බුක් ආයතනයේ කොටස් මිල හා සැසඳීමේදී එම අරමුදල්වල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 4,500කි. |
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි. | දෙදහස් පහ වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තිස්තුන් හැවිරිදි දෝනි ටෙස්ට් ක්‍රිකට් තරග අනූවකට සහභාගී වී ඇති අතර ඉන් තරග හැටකට නායකත්වය ලබා දී තිබේ. මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමගයි. එක් දින සීමිත ඕවර සහ විස්සයි විස්ස තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීම පිණිස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ. ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ටෙස්ට් ක්‍රිකට් නායකයන් අතරින් මහේන්ද්‍ර සිං දෝනි එක් අයෙක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය. |
සඟවන ලද කැමරා සොයමින් නරය පුරා ඇති සියලු ප්‍රසිද්ධ වැසිකිලි දෛනිකව පරීක්ෂා කිරීමට දකුණු කොරියාවේ සෝල් නගරය පියවර ගෙන තිබේ. | වැසිකිලි තුළ මෙන්ම ඇඳුම් මාරු කරන කාමර තුළ කැමරා සඟවා තිබීම දකුණු කොරියාව තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. පසුගිය වසර තුළ එසේ "රහස්‍ය කැමරාගත අසභ්‍ය දර්ශන" පිළිබඳ සිදුවීම් 6,000 ක් වාර්තා වී තිබේ. මීට හසුවන වින්දිතයින්ගේ කිසිදු දැනීමකින් තොරව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇත. එවැනි රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී "මගේ ජීවිතය ඔබේ අසභ්‍ය චිත්‍රපටයක් නොවේ" යැයි සඳහන් වැකි ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළහ. තමන්ගේ දැනීමකින් තොරව ඡායාරූපයට හෝ වීඩියෝ පටයකට ග්‍රහණය කරගනු ඇතැයි යන්න සම්බන්ධයෙන් කාන්තාවන් නිරන්තර බියකින් පසුවන බව ක්‍රියාකාරීහු පවසති. මෙම වින්දිතයින්ගෙන් 80% ක් ම කාන්තාවෝ වෙති. රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළහ. යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය පවසන පරිදි රහස්‍ය කැමරා සම්බන්ධයෙන් සෝල් නගරයේ ප්‍රසිද්ධ වැසිකිලි මසකට වරක් දැනට සෝදිසි කෙරේ. එහෙත් දැන් ඒවා දෛනිකව පරීක්ෂා කිරීමට ඒවා නඩත්තු කරන කාර්ය මණ්ඩලවලට සිදුවී තිබේ. සැඟවූ කැමරා මගින් අසැබි දර්ශන මැඩීමට "කම්පන ප්‍රතිකාර" විශේෂයෙන් ම වැසිකිලි තුළ සවි කරන එවැනි කැමරා විනාඩි 15 ක් තුළ යළි ඉවත් කරගන්නා බැවින්, මෙවැනි දේ සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම අසීරු වී ඇතැයි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බීබීසී වෙත මීට පෙර පවසා තිබීණි. රහස්‍ය කැමරාවලට අදාළ අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේදී 5,400 ට අධික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් සිරගත කෙරුණේ 2% ට අඩු පිරිසකි. සබැඳි පුවත්: |
H1NI වයිරසය රට තුල විශාල මට්ටමකින් පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. | "H1N1 තදින් පැතිරිලා තියෙන්නේ මාධ්‍යයේ" සිය අමාත්‍යංශයේ වාර්තා දත්ත තොරතුරු අනුව, H1NI වයිරසය දැඩි ලෙස පැතිරීමක් සිදුව නොමැති බව ඇමතිවරයා සඳහන් කළේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වී ඇති H1NI රෝගීන්ගේ සංඛ්‍යාව 528 දෙනකු පමණක් යයි සඳහන් කළ අමාත්‍යවරයා, මෙය වෛරස් උණකට සමාන අසනීපයක් බව පෙන්වා දුන්නේය. කුඩා දරුවන්ට, ගර්භණී මාතාවන්ට හා වකුගඩු රෝගීන්ට H1NI වෛරස් උණ මගින් බලපෑමක් ඇතිවිය හැකි බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් වයිරසයෙන් ප්‍රවේශම් විය යුතු බවත් සඳහන් කළේය. H1NI වයිරසය පැතිර යාම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් රාජ්‍යය එරට පුරවැසියන්ට දැනුම් දීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමතිවරයා 'වැරදි මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්' ඔවුන් එසේ ප්‍රකාශ නිකුත් කර ඇති බව කියා සිටියේය. මැලේරියා තරම් පහසු නැහැ මේ වසරේ දිනකට ඩෙංගු රෝගීන් 300කට ආසන්න පිරිසක් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අසාර්ථකත්වය නොවේදැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා, ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට තනිව කළ හැකි එකක් නොවන බව අවධාරණය කළේය. ඒ සඳහා ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, සිංගපුර් වැනි ඉතා පිරිසිදු රටවලත් ඩෙංගු රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් කළේය. රට තුළ වයිරසයක් පැතිරයමින් තිබියදී 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් විසින් කැඳවනු ලැබ ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය ගැන මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා, එවන් වැඩවර්ජනයක් ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තමා දැනුවත් කර නොමැති බව කියා සිටියේය.. |
යුරෝපා ජාතික දේශ ගවේෂක මාකෝ පෝලෝ චීනයට ගොඩ බැසීමට වසර 1,500 කට පෙර චීනය සහ අපරදිග අතර සබඳතා පැවති බව නවතම සොයා ගැනීම් පෙන්වා දෙයි. | චීන ජාතිකයන් පුරාණ ග්‍රීක ශිල්පීන් අතින් පුහුණුව ලබා ඇතැයි සිතිය හැකි බව පුරා විද්‍යාඥයෝ කියා සිටිති පළමු චීන අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ තුළ තිබී සොයා ගන්නා ලද සටන්කාමීන්ගේ පිළිම පුරාණ ග්‍රීක සම්ප්රදායේ ආභාෂයෙන් නිර්මාණය වී ඇති බව සිතිය හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසයේදී චීන ජාතිකයන් පුරාණ ග්‍රීක ශිල්පීන් අතින් පුහුණුව ලබා ඇතැයි සිතිය හැකි බවත් පුරා විද්‍යාඥයෝ කියා සිටිති. දහතුන් වන සියවසයේදී චීනයේ සංචාරය කළ මාකෝ පෝලෝ එහි ළඟා වූ පළමු යුරෝපීය ජාතිකයා ලෙස විශ්වාස කෙරේ. 'සේද මාවත නිල වශයෙන් විවෘත වීමට පෙර චීනයේ පළමු අධිරාජ්‍යයා සහ අපරදිග අතර සමීප සබඳතා පැවති බවට දැන් අප සතුව සාක්ෂි තිබෙනවා,' ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥ ලී ශිෂෙන් පවසයි. චීනයේ පළමු අධිරාජ්‍යයාගේ සමයේ අපරදිගවාසීන් එරට ෂින්ජැන් පළාතේ පදිංචි වී ජීවත්ව මිය ගොස් ඇතැයි සිතිය හැකි යුරෝපීය ජාතිකයන්ට පමණක් විශේෂිත DNA ජාන කොටස් එහි තිබී හමු වී ඇති බව වෙනත් පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි. චීනයේ පළමු අධිරාජ්‍යයා වන Qin Shi Huang ගේ සොහොන් ගැබට සැතපුම් භාගයකට පමණ අඩු දුරකින් පොළොවේ වැළලී තිබූ සටන්කාමීන්ගේ පිළිම අට දහසක් ගොවීන් විසින් පළමු වරට සොයා ගනු ලැබුවේ 1974 වසරේදී. |
නීති විරෝධී ආකාරයෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන කිසිවෙකුට දේශපාලන රැකවරණ ලබා ගැනීමේ හැකියාවක් නැති බව දැනුම් දෙමින් ශ්‍රී ලංකාව පුරා ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරන බව බලධාරීහු පවසති. | බෝට්ටු චාරිකාව පිළිබඳව අනතුරු අඟවමින් ඕස්ට්‍රේලියාව මීට කලින් ද ප්රචාරක ව්‍යාපාරයක් දියත් කළේය කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ඇමතූ කොළඹට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නිලධාරීන් සහ තානාපති නිලධාරීහු, සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම මෙම ප්රචාරක ව්‍යාපාරය දියත් කරන බව ද සඳහන් කළහ. බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන සියලු දෙනා පැපුවා නිව් ගිනියාවේ කඳවුරුවලට පිටත් කරන බවත් ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියා බලධාරීන් විසින් බවත් අගමැති කෙවින් රඩ් නිවේදනය කිරීමෙන් සතියකට පසුවයි, මේ ප්රචාරක ව්‍යාපාරය දියත් වන්නේ. බෝට්ටු පෙරලීම බෝට්ටුවලින් සිය රටට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් සිය ජීවිත පරදුවට තබා කරන චාරිකාවෙන් ප්‍රතිඵලයක් නැති බව දැනුම් දීම සිය ප්රචාරක ව්‍යාපාරයේ අරමුණ බවයි, කොළඹ සිටින වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සෝනියා කොපේ කියා සිටියේ. "අපේ පණිවුඩය මේකයි. මේ භයානක බෝට්ටු ගමනෙන් කිසිම තේරුමක් නෑ, ඔබට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ," යනුවෙන් ද ඇය සඳහන් කළාය. මෑත දී එවැනි බෝට්ටු ගණනාවක් පෙරලීමෙන් විශාල පිරිසක් මරු මුවට පත් වූ අතර, එසේ පලා යන ඇතැමුන් ආර්ථික ප්රතිලාභ පතනවා විය හැකි නමුත් ජීවිතය බේරා ගැනීමේ අරමුණින් රටින් පලා යන බව තවත් සමහරුන් පවසන බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ. බෝට්ටු මගින් පලා යාමට උත්සාහ දරන පිරිස් අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ලැබෙන සහයෝගය ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක් විය. |
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශගතව වෙසෙන බව සනාථ කිරීමට අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දුන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපොහොසත් වූ බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. | "අද දවසේ දීපු සාක්ෂිවලිනුත් නිශ්චිත කරුණු එතුමා හෙළි කළේ නැහැ" ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ වෙසෙන බව විපක්ෂ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති තමන්ට දැනුම් දුන් බවයි, හෝමාගම අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ. එමෙන්ම ඔහු ප්‍රංශයේ ජීවත්වන බව තමන් සඳහන් කළේ ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන පැවසූ තොරතුරු පදනම් කර ගෙන බව ද ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය. එහෙත් ඔහු දන්නා බව පවසන එම කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා මන්ත්‍රීවරයා කිසිදු විමර්ශන ආයතනයකට කැඳවා නැති අතර, එම කරුණු අදාළ බලධාරීන්ට දැනුම් දීමට මන්ත්‍රීවරයා ද අපොහොසත්ව ඇති බවයි, සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ. "අද දවසේ දීපු සාක්ෂිවලිනුත් නිශ්චිත කරුණු එතුමා හෙළි කළේ නැහැ," යනුවෙන් ද ඇය කියා සිටියාය. එමෙන්ම තමා විදේශගත වීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු නොවූ බව බීබීසී සංදේශයට කියා සිටි මංජුල වෙඩිවර්ධන, තමා ඔහු හඳුනන නමුත් මන්ත්‍රීවරයා තමාගේ මිතුරකු නොවන බව ද අවධාරණය කරයි. |
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වෙන දෝෂාභියෝග ක්‍රියාවලියට ඇඟිලි නොගසන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණයෙන් ඉල්ලා සිටිති. | විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට උත්තරීතර බලයක් හිමි නොවන බව අගවිනිසුරුවරියගේ තර්කයයි අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇමතූ එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරුන් විසිනුයි එම එල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ. තමන්ට එරෙහි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ නීත්‍යානුකූල භාවයද ප්‍රතික්ෂේප කළ බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත් සමස්ත දෝෂාභියෝගය නීත්‍යානුකූල පමණක් නොව ව්‍යවස්ථානුකූල බවටද තර්ක කරන අමාත්‍යවරුන් පිරිස, තේරීම් කමිටුවේ ක්‍රියාදාමය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ. රටේ ව්‍යවස්ථාවට අනුගත වෙමින් සහ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිගනිමින් ආචාර්ය බණ්ඩාරනායක තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීම අමාත්‍යවරුන් පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට උත්තරීතර බලයක් හිමි නොවන බව අගවිනිසුරුවරියගේ තර්කයයි. ලබන දෙසැම්බර් 04 වැනිදා පැවැත්වීමට නියමිත තේරීම් කමිටුවේ දෙවැනි සැසිවාරයට පෙරාතුව ඇයට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා 14 ට පිළිතුරු සපයන මෙන් තේරීම් කමිටුව අගවිනිසුරුවරියට දැනුම් දුන් බවද දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන්. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් තිස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. | අතුරුදහන්වූවන් සොයා දිගටම මෙහෙයුම් පසුගිය සිකුරාදා (අප්‍රේල් 14) අනතුර සිදු වීමෙන් පසු අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. නාය යාමට ලක් වූ කුණු කන්දට යට වී මරණයට පත් සංඛ්‍යාව විසි අට දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් සොයාගන්නා ලද මළසිරුරු අතර දරුවන් හය දෙනෙකුද සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු හෙළිකිරීමට තවමත් හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය. යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති. කුණු කන්ද ආසන්නයේ පිහිටි නිවාස සියයක් පමණ වැළලී ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළ කරති. දළ වශයෙන් නිවාස 145 කට පමණ අනතුරෙන් භානි සිදු වී ඇති බව බලධාරීහු පවසති. දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වද්දීත් කුණු කන්ද ඉවත්කර නොගැනීම හේතුවෙන් පැවති රාජපක්ෂ පරිපාලනය මෙන්ම වත්මන් ආණ්ඩුවද අහිමි වූ ජීවිතවල වගකීම භාරගත යුතු බව ප්‍රදේශවාසීහු පවසති. වත්මන් ආණ්ඩුව එහි වගකීම භාරගත යුතු බව ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මීට ඉහතදී බීබීසී යට පැවසීය. මේ අතර කුණු කන්ද කළමනාකරණය සඳහා අවස්තාව සලසා නොදුන් බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය එල්ල කරන චෝදනාව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි. |
Covid -19 රෝගයෙන් ජනතාවගේ දිවි බේරා ගත හැකි එන්නතක පළමු තොගය ලබන වසරේ අග භාගය පමණ වන විට ශ්‍රී ලංකාවට ලැබීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය. | ''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න.'' - මහාචාර්ය නීලිකා මලවිගේ ලොව පුරා සිදු කෙරෙන මූලික අදියරේ පරීක්ෂණ වලදී කොරෝනා වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත් කිහිපයක් සාර්ථකත්වයක් පෙන්වා තිබේ. ''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න. ඒ නිසා එන්නත් යම් කිසි ප්‍රතිශතයක් තමයි ලංකාවට ලැබෙන්නේ. '' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියාය. දිනෙන් දින වාර්තා වෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමග සාර්ථක එන්නතක් කවදා ශ්‍රී ලංකාවට ලැබේ ද යන්න පිළිබඳ ශ්‍රී ලාංකිකයෝ ද දෑස් දල්වා බලා සිටිති. Covid -19 සඳහා නිපදවෙන එන්නත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රාසයියා පෙන්ඩ්සේ නොවැම්බර් 09 වැනිදා සඳහන් කර තිබුණි. ඒ අනුව ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම සහ ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නව එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනයට අභියෝගයක් ''පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නත් වලින් තුනක් ඉදිරියෙන් තියෙනවා. ෆයිසර් සමාගමේ එන්නත, ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිපදවන එන්නත සහ ඇමරිකාවේ මොඩර්නා කියන එන්නත තමයි ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. අපිට ගොඩක් දත්ත නෑ මේවා කොච්චර සාර්ථක ද කියලා අනිවාර්යයෙන්ම කියන්න. දැනට තියෙන දත්ත වලින් සාර්ථකව ප්‍රතිපල තියෙනවා කියලා විතරයි කියන්න පුළුවන්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය. ඇය පෙන්වා දෙන ආකාරයට ඉන් එන්නත් දෙකක් සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් පවත්වා ගනිමින් ගබඩා කළ යුතුය. එවැනි ශීතාගාර පහසුකම් නොමැති වීම ලංකාව වැනි රටවල් මුහුණ දෙන තවත් ගැටලුවකි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත සාමාන්‍ය ශීතකරණ තුළ ගබඩා කළ හැකි බව ද ඇය ප්‍රකාශ කළා ය. කතා කරන විට හඬේ ප්‍රබලතාව ද වැදගත් නිතර අත් සේදීම, මුහුණු ආවරණ පැළදීම සහ මීටරයක් දුර පවත්වා ගැනීම කොරෝනා වෛරසය පැතිරීම වැලක්වීම සඳහා අනුගමනය කරන ප්‍රධාන සෞඛ්‍ය පුරුදු වේ. එහෙත් මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබේ. විශේෂයෙන් ආපනශාලා, හෝටල් සහ ජනයා වැඩිපුර ගැවෙසෙන සංවෘත ස්ථානවලදී (indoor) සැළකිලිමත් විය යුතුව ඇත. ''අපි සංවෘත පරිසරයක් ගැන කතා කරනවා නම් මුහුණු ආවරණ දාගෙන හිටියත්, මීටරයක් ඈතින් හිටියත් ඒ වගේ අවස්ථාවක A/C එකෙන් වාතය සංචරණය වන විට කොවිඩ් අසාදිත පුද්ගලයෙක් ගෙන් ඒ වෛරසය පිටවෙලා කාමරේ ඇතුළෙම සංචරණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවන් තැනක ගත කරන කාලය අවදානම්. ඒ වගේම කතා කරන ස්වරයත් ඉතාම වැදගත්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දුන්නාය. ශබ්ද නගා කතා කිරීම වැනි ක්‍රියා වලින් රෝග කාරක වෛරස වැඩි දුරකට පැතිර යෑමේ වැඩි අවදානමක් තිබේ. හොදින් වාතාශ්‍රය සහිත, එළිමන් නිදහස් ස්ථානවල එම අවදානම සංවෘත ස්ථානයකට වඩා අඩු වේ. ''ආපන ආපනශාලාවල එකට කන්න එපා කියන්නේ ඒ වගේ වෙලාවක කොහොමත් මුහුණු ආවරණ ගලවනවා. අපි ආහාර ගන්නත් පැය කාලක් වගේ කාලයක් ගත කරනවා. ඒවා ඉතාම අවදානම් තත්ත්වයක් . මේ දවස් වල එක බත් එක බෙදාගෙන කෑම ඉතාම නරකයි . මං හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යනකන් එක බත් එක කන එක නොකළ යුතුයි. යමෙකුට තමන්ගෙ යාළුවට ආහාර වේලක් දෙන්න අවශ්‍ය නම් ඒකට වෙනම කෑම එකක් ලබාදීම තමයි සුදුසු වෙන්නේ.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට කියා සිටියාය. |
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැය වර්ජනය කල අතර දෙමළ ජාතික සන්ධානය අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී විය. | එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පැවසුවේ අයවැයෙන් කිසිදු සහනයක් ජනතාවට නොලැබෙන බව තම පක්ෂය දැන ගත් නිසා ඊට විරෝධය පල කිරීමට අයවැය වර්ජනය කල බවයි. අයවැය තුලින් අලුත් යමක් ඉදිරිපත් නොවුවත් තමන් මෙම අවස්ථාවට සහභාගී වූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති එම්. ඒ. සුමන්තිරන් පැවසීය. මේ අතර විපක්ෂය අයවැය වර්ජනය කිරීම ට වැරදි සහගත ක්‍රියාවක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වයඹ මහා ඇමති දයාසිරි ජයසේකර හදුන්වා දුන්නේය. " සම්ප්රදායක් හැටියට තියෙන අයවැය කතාව වර්ජනය කරන එක වැරදි, මේකෙන් වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්රදාය කැඩෙන එක,විපක්ෂය් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරලා යම්කිසි විරෝධතාවක් තියනවානම් ඒක ඉදිරිපත් කරන්න තිබුන" යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය. |
මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය. | ජූලි 12 වෙනි දින කෝකිලායි - කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ අතර, ජූලි 23 වෙනි දින තවත් අලි දෙදෙනෙකු බේරා ගැනුනේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය. එම සිදුවීම් දෙකම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක් විය. "අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඕස්ට්‍රේලියා යන්නද? " ආදී ලෙසින් ඒ පිළිබඳව හාස්‍යය මතුකරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වූ අතර, තවත් සමහරු එහි කිසියම් පාරිසරික හේතුවක් හෝ ස්වභාවික විපතක පෙරනිමිත්තක් ඇත්දැයි සංවාදයට ලක් කරන ආකාරයක් ද දක්නට ලැබුණි. අලි මුහුදු ගියේ ඇයි? කෙටිකාලයක් තුළ එකම කලාපයක සිදු වූ මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන්නේ ද? අලි මුහුදු යන්නේ ඇයි? "මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක්. මීට පෙර එක අවස්ථාවක මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර," වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සිංහල සේවය මතු කළ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු විසිපස් වසරකට ආසන්න කාලයක් අලි ඇතුන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින්නෙකි. "දැන් තුන් වතාවක් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා," ඔහු පවසයි. සබැඳි යොමු: මෙයින් වසර කීපයකට ඉහත අලි මිනිස් ගැටුමක් හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකින් ගෙනැවිත් නැගෙනහිර වනජීවී ප්‍රදේශයකට මුදා හැර තිබු අලියෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට බැස පීනාගෙන යාමේදී නාවික හමුදාවෙන් බේරාගත් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය. "මේ සිදුවීම් දෙකත් ඒ වගේ එකක්ද කියලා කියන්න අමාරුයි. පළවෙනි එක ,එහෙම අවස්ථාවක්ද කියලත් හිතෙනවා, මොකද? නාවික හමුදාවට අනුව පළවෙනි අලියා ගොඩක් දුර මුහුදේ ගිහින් තිබුණා. හෙම්බත් වෙලා හිටියේ බේරා ගනිද්දී. අනිත් කාරණේ ඒ අලියා ඒ ප්‍රදේශයේ හිටපු අලියෙක් නෙවෙයි කියලයි කිව්වේ." මුහුදේ ගිලුණු තවත් අලි දෙදෙනෙක් කෙසේ නමුත් දෙවන වරට බේරාගත් අලින් දෙදෙනා එම ප්‍රදේශයේ නිතර ගැවසෙන අලි දෙදෙනෙකු බව නාවික හමුදාව හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ අලින් ත්‍රිකුණාමල අවට දූපත්වලට පිහිනා ගිය අවස්ථා ඇති බවට වාර්තා ඇති බව පැවසූ වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ,ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මෙම අලි දෙදෙනාද එලෙස ගමන් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව අන්දහන් කළේය. "දූපතකට පීනන්න ගිහිල්ලා, සැඩ පහරකට අහුවෙලා මුහුද මැදට ගහගෙන ගියා කියලා අපට සැකයක් තියෙනවා" අලින්ට හොඳට පීනන්න පුළුවන්ද ? "අලින්ට හොඳට පීනන්න පුළුවන්, ශරීරිය ලොකු නිසා හොඳට පාවෙනවා, හොඬවැල නිසා වතුරෙදි පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන්." කෙසේනමුත්, ඔවුන්ට පැය ගණනාවක් හෝ දින ගනනාවක් පිහිනිය නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, ඔවුන් බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කිරීම ඒ සතුන්ගේ භාග්‍යයක් වූ බවයි සඳහන් කළේ. ඉහත කී සිදුවීම් දෙක සඳහා යම් පරිසර සාධක බලපෑවද යන්න ගැන පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, මේම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ලෙස තමන් තවමත් සිතන බවත් කියා සිටියේය. "නමුත් නැවතත් මේ වගේ අවස්ථාවක් වුනොත් අපිට විශේෂයෙන් ඒ ගැන හිතන්න වෙනවා" ඉන්දියානු සාගරයේ 'අන්දමන්' දූපතෙන්ද අලි මුහුදේ පිහිනායමේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් අලි මුහුදෙන් බේරාගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකවෙන් පමණක් බව තම අවබෝධය බවත් ඔහු පවසයි. |
යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඊයේ සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි. | ප්‍රහාරයට ලක් වූ යාපනය පල්ලිය යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කළේය. කුඩා පල්ලියක් වන එහි වීදුරු කැඩී බිඳී ගොස් ඇති බව පැවසූ අස්මින් අයුබ් මවුලවිවරයා,ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව පැවසුවේය. පොලීසිය සහ හමුදාව එම පළාතේ සිටින නිසා ආරක්ෂක අංශ වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව අස්මින් අයුබ් මවුලවි විශ්වාශය පල කළේය. ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් පල්ලියට සහ ඒ අවට ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වවුනියාවේ සංදේශය වාර්තාකරු දිනසේන රතුගමගේ ප්‍රකාශ කළේ. |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විනාශ කර දැමීමට යත්න දරමින් ඇතත්,ඉන්දියාව ඊට ඉඩ නො තබන බව එරට මුදල් ඇමති පලනිඅප්පන් චිදම්බරම් කියා සිටියි. | දෙමළ ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි ඉන්දීය මුදල් ඇමතිවරයා කියා සිටින්නේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ආරක්ෂා කිරීමට සහ එය ක්‍රියාවට නැංවීමට ඉන්දියාව දිගටම කටයුතු කරමින් සිටින බවයි,මුදල් ඇමති චිදම්බරම් පවසන්නේ. ඇමතිවරයා එම අදහස් පළ කළේ චෙන්නායි නගරයේ පැවැත්වුන සමුළුවක් අමතමින්. “ඉන්දියාව පරමාධිපති බලය සහිත රටක්. එසේම අපගේ අසල්වැසි රාජ්‍යයනුත් පරමාධිපති බලය සහිත රටවල් වන්නේ” යයි ඉන්දීය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාවේ මැදිහත් වීමෙන් සම්පාදනය කෙරුණ බව කියා සිටි මුදල් ඇමති පී.චිදම්බරම්,සියරට එම සංශෝධනය කිසිසේත් ම අත්හැර නො දමන බවයි,කියා සිටියේ. රජිව් ගාන්ධි දහතුන් වැනි සංශෝධනයට මඟ සැලසුන ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තබමින් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු වීමට ඉන්දියාව ඉඩ නො තබන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා,තමා විසින් එම ප්‍රතිඥාව දෙනු ලබන්නේ රජිව් ගාන්ධි නාමයෙන් බවයි ප්‍රකාශ කළේ. “දහතුන් වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාවට ගත හැකි හැම පියවරක් ම නිශ්චිතව ම ගන්නා බවයි" පී.චිදම්බරම් මුදල් ඇමතිවරයා පවසන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව බොහෝ රටවල් විසින් අනුමත කරන ලද නමුත්,එය දියාරු මට්ටමකට පත් ව ඇති බවයි, මුදල් ඇමති පී,චිදම්බරම් චෙන්නායි සමුළුවේදී සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ ජන සංහාරයට වග කිව යුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ වීම සඳහා ඒ ගැන විභාගයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගය පළ කරනු ලැබීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවත් සමඟ කෝප වීමට හේතු වී ඇති බවයි,පලනිඅප්පන් චිදම්බරම් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. |
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන මාසයේ යළි ආරම්භ කරන බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි. | 'පසුගිය රජයේ මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ' ඉහත කී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැවති අවාසිදායක සාධක සංශෝධනය කොට වරාය නගරය යළි ආරම්භ කිරීමට චීනය හා එකඟ වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. වසරකට වැඩි කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට අදාළ ව්‍යාපෘතියෙන් හානියක් නොවන බව තහවුරු කර ගත් බවත් ඔහු සඳහන් කළේය. පැවති ආණ්ඩුව විසින් වරාය නගරයේ ඇතැම් කොටස් සින්නක්කර වශයෙන් ලබා දීමට එකඟ වී සිටි නමුත් මේ වන විට එකී කොන්දේසි සංශෝධනය කොට ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. "අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ." වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීම හේතුවෙන් අදාළ සමාගමට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුව ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ. 'ජාත්‍යන්තරයට විවෘත්තයි' 'අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ.' ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට එවැනි වන්දියක් ගෙවීමට සිදු නොවන බවයි. අදාළ කොන්දේසිවලට යටත්ව ලොව ඕනෑම රටක ව්‍යාපාරිකයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගොඩනගන වරාය නගරයේ ආයෝජනය කිරීමට හැකි බවත් ඔහු පැවසීය. වරාය නගරය ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ. ''පසුගිය රජය මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ.'' මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති. |
ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. | සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්. එසේ වුවද එවැනි ප්රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි. බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ. ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි 2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ධර්ම ප්රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි. උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්. මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි. |
පසුගිය සති අන්තයේ කීව් අගනුවරින් පලා ගිය යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්තර් යනුකොවිච් අද ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. | දකුණු රුසියාවේ රස්තොෆ් නගරයේදී ජනමාධ්‍ය හමුවක් අමතමින් කතා කළ ඔහු,රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් බලයෙන් පහ කළ බව ප්‍රකාශ කළේය. 'කවුරුවත් මාව පදවියෙන් පහ කළේ නැහැ. මගේ ජීවිතයට සහ මට සමීප අයගේ ජීවිතවලට තර්ජන එල්ල වුන නිසා මට යුක්රේනයෙන් යන්න සිද්ද වුනා. ඔබ දන්නා පරිදි, ජාතිකවාදී, ෆැසිස්ට් තරුණ පිරිසක් යුක්රේනයේ බලය අල්ල ගෙන ඉන්නවා. පැහැදිලිවම ඔවුන් රටේ ඉතා සුළුතරයක්' යැයි වික්තර් යනුකොවිච් කියා සිටියේය. තමන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් යලිත් තමන් යුක්රේනයට යන බවයි,ඔහු පවසන්නේ. බටහිර රටවල වගකීම් විරහිත ක්‍රියාදාමය යුක්රේනයේ අස්ථාවරභාවයට හේතුව බවයි, වික්තර් යනුකොවිච් කියා සිටින්නේ. යුක්රේනයට කෙරෙන බාහිර අතපෙවීම්වලට තමන් විරුද්ධ නමුත් ක්රිමියානු අර්ධද්වීපයේ ජනතාව සිය ආරක්ෂාව පිණිස ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීම තමන්ට වැටහෙන බවද වික්තර් යනුකොවිච් ප්‍රකාශ කළේය. වික්තර් යනුකොවිච් පුවත් පත් හමුව පැවැත්වීමට පෙර ප්රක්රිමියාවේ ගුවන් තොටුපොළ දෙකක් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලා ගත් අතර, එය රුසියාවේ සන්නද්ධ ආක්‍රමණයක් බවට යුක්රේන බලධාරීන් චෝදනා කළහ. ඒ අතරින් එක් ගුවන් තොටුපොළක් හමුදා තොටුපොළක් වන අතර, ඒ හේතුවෙන් ගුවන් ගමනද අඩාල විය. |
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දින කිහිපයකට ඉහතදී හඳුන්වාදෙන ලද රථවාහන මංතීරු භාවිතය පිළිබඳ ක්‍රියා පිළිවෙත කෙරෙහි එල්ල වූයේ දැඩි විවේචනයකි. | මාර්ග තදබදය අඩු කිරීමේ අරමුණ ඇතිව එම පියවර ගත්ත ද පසුව ඊට යම් වෙනසක් කිරීමට පොලිසියට සිදුවිය. කෙසේවෙතත්, මතු වූ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ පර්යේෂණ මෙහෙයවන ඇතැම් විද්‍යාර්ථීන් පෙන්වා දෙන්නේ අවිද්‍යාත්මක කරුණු මත කෙරෙන අත්හදා බැලීම්වල ප්රථිඵලය ලෙස විසඳුම්වලින් ඈත් වීමක් සිදුවන බවය. කළින් ක්‍රියාවට නැගූ මං තීරු වැඩපිළිවෙල පිළිබඳ මිශ්‍ර අදහස් සමාජ මාධ්‍ය තුළ පළවන්නට වූ අතර ඇතැම් ප්‍රකාශවලින් පෙන්නුම් කෙරුණේ මෙම වැඩපිළිවෙල හුදෙක් මාර්ගයට පමණක් අදාළ වුවක් නොව එය සමාජ විෂමතාවට දිරි දෙන්නක් ද වන බවකි. වාහන වර්ගය අනුව මංතීරු වෙන් කිරීම ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර පාර යන කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග කේන්ද්‍ර කරගෙන සැප්තැම්බර් 14 දින සිට නව රථවාහන සැලැස්ම මුලින් ආරම්භ කෙරුණි. ඒ අනුව , වෙනසක් කෙසේ වෙතත් එම ක්‍රමය සැප්තැම්බර් 23 වැනිදා යළි වෙනසකට ලක් විය. රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන වෙනස්කම් සිදු කළ අතර තවදුරත් එය අධ්‍යනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසිය. අවිද්‍යාත්මක කරුණු වාහනයක් ධාවනය කළ යුතු මංතීරුව තීරණය කළ යුත්තේ එහි වේගය මත මිස වාහනයේ වර්ගය වැනි අවිද්‍යාත්මක කරණු මත නොවන බව මොරටුව විශ්ව විද්‍යාලයේ, ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමල් එස්. කුමාරගේ පැවසීය. ඔහු පෙන්වා දුන්නේ මාර්ග තදබදයට විසදුම් සෙවීමේදී ගුණාත්මක සේවයක් ලබා දී පොදු ප්‍රවාහනට ජනතාව ආකර්ෂණය කර ගැනීමට ක්‍රියා කිරීම හැර වෙනත් දේ අත්හදා බැලීමෙන් විසදුමෙන් ඈත් වීම පමණක් සිදුවන බව ය. ''වාහන වර්ගීකරණය කරලා එක මන් තීරුවට යොදන එක මං කොහේවත් රටක දැකලා නෑ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම උපදෙස් දීමත් විද්‍යානුකූල නැහැ. ඒකෙ සමාජයීය අර්ථකථනයක් වැරදියි. සමාජය තුළ කෙනෙක්ගෙ ආර්ථික තත්ත්වය බොහෝ වෙලාවට නිරූපණය වෙනවා එයා පදවන වාහනයෙන්. කාර් එකක් තියෙන කෙනෙක්ට දකුණු පැත්තෙන් හයියෙන් යන්න කියලා මෝටර් සයිකලයක් තියන කෙනෙක්, බස් එකේ යන කෙනෙක් වම් පැත්තෙන් හිමින් යන්න කියන එක මං හිතන්නේ බොහෝම දුර්වල සමාජ අර්ථකථනයක්.'' යනුවෙන් මහාචාර්ය අමල් එස්. කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''වාහන වර්ගීකරණය කරලා එක මන් තීරුවට යොදන එක මං කොහේවත් රටක දැකලා නෑ.'' - මහාචාර්ය අමල් එස්. කුමාරගේ ලක්ෂ 11කට අධික පිරිසක් දිනපතා කොළඹට පැමිණෙති. ඉන් ලක්ෂයක් පමණ දුම්රිය භාවිත කරන අතර ලක්ෂ 10ක් පමණ ප්‍රවාහනයට මහා මාර්ග භාවිත කරන බව හඳුනාගෙන ඇත. මාර්ග ඔස්සේ පැමිණෙන අයගෙන් ලක්ෂ 04ක් පමණ බස් රථ 10,000 - 12,000 අතර සංඛ්‍යාවකින් කොළඹට පැමිණෙති. තවත් ලක්ෂය හයක පමණ පිරිසක් දිනපතා කොළඹට පැමිණෙන්නේ යතුරු පැදි, ත්‍රීරෝද රථ සහ මෝටර් රථ වැනි පෞද්ගලික වාහන වලිනි. වාහන තදබදය නිසා වසරක් තුළ රටට සිදුවන ආර්ථික අලාභය රුපියල් බිලියන 300ක් පමණ වන බවට ගණන් බලා තිබේ. ඊට අමතරව රිය අනතුරු නිසා ද වසරකට රුපියල් බිලියන 50ක් පමණ වැය වේ. වාහන තදබදය නිසා අපතේ යන කාලය ද ඇතුළත්ව ගණනය කළ විට එම අලාභය දිනකට රුපියල් ට්‍රිලියන 1.2ක් පමණ වන බව මහාචාර්ය අමල් එස්. කුමාරගේ පැවසීය. මංතීරු නීතිය අලුත් එකක් ද ? ''මංතීරු නීතියේ අත්හදා බැලීමක් නෑ. මංතීරු නීතිය තියෙන්නේ මෝටර් වාහන පනතේ 148 වගන්තියේ. ඒක 1952 ඉඳලා තියෙන, නීතිය හඳුන්වාදීමේ ඉඳලා තියෙන එකක්. මංතීරු නීතියේ අත්හදා බැලීමක් නෑ. වාහන හැසිරවීමේ යම් අත්හදා බැලීමක් තියෙනවා.'' යනුවෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක පැවසුවේය. 1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පෙරවරු 6.00 සිට 09.00 දක්වා සහ පස්වරු 4.00 සිට 07.00 දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ. එය ක්‍රියාත්මක කිරීම මාර්ග තදබදය අඩු වීමට මෙන්ම මාර්ග ආරක්ෂාව හා විනය ඉහළ දැමීමට හේතු වී ඇති බව අධ්‍යයන මගින් හෙළිවී තිබේ. නව තීරණයට එරෙහිව පැමිණිල්ලක් නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් 21 වෙනිදා පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවේ යතුරු පැදි ධාවනය කිරීමට සැලසීම නීතිවිරෝධී වන අතර එය යතුරුපැදිකරුවන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පැවසීය. එබැවින් "මහජනතාව මරා දැමීමට තැත් කිරීම" සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ බීබීසී සිංහල සේවට කියා සිටියේය. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ මාෂල් සරත් ෆොන්සේකා නව රථවාහන සැලැස්ම අගය කරමින් පසුගියදා අදහස් පළ කර තිබූණි. ''මංතීරු නීතිය ඉතා හොඳයි. මගෙත් අලුත් රියදුරෙක් ඉන්නේ. මේ දවස් ටිකේම කරන්නේ මංතීරු ගැන උගන්වන එක. ඒක ජනතාවගේ සහ වාහනවල ආරක්ෂාවට පිළිපැදිය යුතු කරුණක්'' යනුවෙන් ඔහු පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ගැනත් කියවන්න: |
ශ්‍රී ලංකාවේ ගැටළු විසඳා ගැනීමේ උපදෙස් දීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් වීම ආරක්ෂක ලේකම් වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. | විදේශිකයන් ‘පසු පස යාමේ’ ප්‍රයෝජනයක් නැතැයි කී ගෝඨාභය රාජපක්ෂ එමගින් ප්‍රශ්න විසඳෙනු වෙනුවට රටේ ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වන බවයි කියා සිටියේ. ආරක්ෂක ලේකම්වරයා මඩකලපුවේ ආගමික, දේශපාලනික හා බහුජන නායකයන් මෙන්ම ප්‍රාදේශීය හමුදා ප්‍රධානීන් ද කැඳවා විදේශීය බලවේග වලට විරෝධය පළ කළේ ජනාධිපති ලේකම්වරයා මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ ජිනීවා නුවර දී මුණ ගැසීමෙන් දින දෙකකට පසු. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉකුත් අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයෙන්අනතුරුව සිදු වූ වර්ධනයන් පිළිබඳ ව ලලිත් වීරතුංග ලේකම්වරයා විසින් ඇය දැනුවත් කරන ලද බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. ජනාධිපති ලේකම්වරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සමගින් දුත මණ්ඩල අමතමින් ඉන් අනතුරුව වෙනත් රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පවත්වන ලද සමුළුවක දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් වරයා, උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ ජනාධිපති කොමිසමේ (LLRC) ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දුන් සහායට ස්තුති කළ බවත් නිවේදනයේ සඳහන්. ඉකුත් මාර්තුවේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ LLRC වාර්තාවේ සාධනීය නිර්දේශ ක්රියාවේ යෙදවීම. උතුරේ සන්නද්ධ සේනා බලය අඩු කිරීමත්, අතුරු සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමත් ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර වෙයි. මඩකලපු සමුළුවේදී මඩකලපුවේ රැස්වීමේ දී ආරක්ෂක ලේකම් වරයා කියා සිටි පරිදි සන්නද්ධ අතුරු කල්ලි නිරායුධ කිරීමේ ‘දුෂ්කර තීන්දුව’ ගන්නා ලද්දේ යුද්ධය නිමා වූ සැණින්. මඩකලපුවේ රදගුරු තුමා යුද සමයේ එල්ටීටීඊ විරෝධී සංවිධාන වලට රජයෙන් ආයුධ ලබා දී තිබුණු බව ද ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේ ය. හදිසි නීතිය ඇතුළු රටේ නිදහසට තිබුණ සියලු බාධක ඉවත් කොට ඇති අතර, උතුරේ යුද හමුදාවත් ආරක්ෂාවට අවශ්‍ය ප්‍රමාණයට කඳවුරු වලට සීමා කොට තිබෙන බවයි ඔහු පැවසුවේ. දේශපාලන සිරකරුවන් ගැටළු විසඳා ගැනීම රට තුළ ම කර ගත හැකි බව ශ්‍රී ලංකාවේ රජය විදහා දක්වා ඇති බවයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ. “අපට ඕන තරම් නායකයන් මේ රටේ ඉන්නවා. අපි දන්නවා මේ රට පාලනය කරන හැටි. අපේ ප්‍රශ්න විසඳන හැටි අපි දන්නවා,” යි රට පාලනය කරන අයුරු තමන්ට උගන්වන්නට ආ එක්සත් ජනපද නිලධාරියකු ට කියා සිටි බව ද ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, මඩකලපුවේ රදගුරු පොන්නයියා ජෝසප් බීබීසී ‘තමිලෝසයි’ වැඩ සටහනට කියා සිටියේ, දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස තමන් හමුවට පැමිණි ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවයි. |
ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46 දෙනෙකු මිය යාමේ සිද්ධියත් සමග "පාකිස්තානය සම්පූර්ණයෙන් තනි කිරීමට" ක්‍රියා කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි. | ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් හඬා වැලපෙමින් "පාකිස්තානය ජාත්‍යන්තරයෙන් හුදෙකලා කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත හැකි සියලු පියවර අනුගමනය කරනවා" යැයි ඉන්දියාවේ ෆෙඩරල් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි සඳහන් කළේය. පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වී ඇතැයි ඉන්දියාව චෝදනා කරයි. දශක ගණනාවකට පසු කාශ්මීරයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද හිමිකම් කියන නමුත් දෙරටම පාලනය කරන්නේ ඉන් එක් කොටසක් පමණය. ඉන්දියාව පාකිස්තානයට 'දඬුවම් ' කරන්නේ කෙසේ ද? මෙම ප්‍රහාරයට ජයිශ්-ඊ-මොහොමඩ් (Jaish-e-Mohammad) ලෙස හැඳින්වෙන කණ්ඩායම වගකිව යුතු බවට ඉන්දියාව චෝදනා කරයි. ඉන්දියාව කියා සිටින්නේ, බොහෝ කලක් සංවිධානගත වෙමින් සිටි ඔවුන් මර්දනය කිරීමට පාකිස්තානය අපොහොසත් වී ඇති බවයි. ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයට එරෙහිව සම්බාධක පමුණුවන ලෙස ඉන්දියාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී. ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ යුතු බව ඉන්දියාව පවසයි එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරනු ලැබිය යුතු යැයි ඉන්දියාව පවසයි. මේ සඳහා පසුගිය කාලය තුළ ඉන්දියාව ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූයේ පාකිස්තානයට හිතවත් චීනයෙන් එල්ල වූ බාධා හේතුවෙනි. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකි. සිකුරාදා (පෙබරවාරි 15) පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි පාකිස්තානයට වරද එල්ල කිරීමේ ඉන්දියාවේ දැඩි ස්ථාවරය පිළිබඳ හෙළි කළේය. පාකිස්තානය සමග පවතින වෙළෙඳ ගිවිසුම් පවා අහෝසි කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය. මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සිය දැඩි අවධානය යොමුව ඇති අතර, එහි වගකීම ගැන ඉන්දියාව නගන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසයි. මේ තොරතුරුද කියවන්න: මෙම ප්‍රහාරය සිදු වූයේ කෙසේ ද? ශ්‍රීනගර් අගනුවරට ආසන්නයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ශ්‍රීනගර් - ජම්මු අධිවේගී මාර්ගයේ ආරක්ෂක හමුදාව ගමන් කරමින් තිබූ වාහන පෙළක් අසලට පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් බෝම්බකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ "යුද හමුදා වාහන පෙළපසු කළ මෝටර් රථයක් බස් රියක වැදුණා" යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී උර්දු සේවයට පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම ගැටුමේ පසුබිම කුමක් ද? 1989 සිට මේ දක්වා කාශ්මීරය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර දහයක් පමණ සිදුව ඇති අතර, මෝටර් රථයක් භාවිත කළ දෙවන අවස්ථාව මෙයයි. 2002 දී ජම්මු නගරය ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගිය අතර එය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 14) සිදු වූ ප්‍රහාරයට පෙර ඉන්දියානු ආරක්ෂක හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ. මෙහි දී මියගිය පිරිස අතරින් බොහෝ දෙනෙකු සාමාන්‍යය වැසියන් සහ හමුදා භටයින්ගේ ඥාතීන්ය. 2016 දී ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා මූලස්ථානයකට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක හමුදාවේ 19 දෙනෙක් මිය ගියහ. ඉන්දීය පාලිත කාශ්මීරයේ ජම්මු නගර මායිමේ සිටින ආරක්ෂක හමුදා ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන පාකිස්තානයට චෝදනා එල්ල කළ ද ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. 2016 වර්ෂයේ දී ඉන්දියානු ආරක්ෂක අංශ ජනප්‍රිය සටන්කාමියෙකු වන විසි දෙහැවිදිරි බුර්හාන් වානි ඝාතනය කිරීමත් සමග කාශ්මීරයේ ගැටුම්වල නැවත වැඩි වීමක් දක්නට ලැබේ. 2018 වර්ෂයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය තුන් වතාවක් යුද වැදී ඇති නමුත් 1947 බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබූ පසු එම ගැටුම් සීමා වී තිබේ. කෙසේනමුත්, කාශ්මීරය සම්බන්ධයෙන් දෙරට අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙමින් තිබේ. තවත් තොරතුරු: |
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම 'ව්‍යවස්ථා සංශෝධනයක්' ද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන නමුත් එය ක්‍රියාවට නැගිය යුත්තේ පවත්නා දේශපාලන වාතාවරණයට අනුකූලව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. | පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අතර ඒ සඳහා ජනමත විචාරණයකට මුහුණදීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර සහ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරු පසුගියදා සඳහන් කළහ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් ප්‍රකාර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැප වී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, "පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන් දේ කරන්න පුලුවන් නම් අපිට කිසිම ගැටලුවක් නැතිව සංශෝධනය කරන්න පුළුවන්කම තිබෙන," බව පැවසීය. විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි "කාරණා රාශියක්" සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනය" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවත් සඳහන් කළේය. "සමහර වෙලාවට අපි නමයක් කාරණාවලට කැමතිවෙලා එක කාරණයකට නොකමැතිවීමත් එක්ක ජනතාව ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනව," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) "ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන කරන්න." ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ "ව්‍යවස්ථා සංශෝධනයක්ද" නොඑසේනම් "නව ව්‍යවස්ථාවක්ද" යන්න "වචන හරඹයක් පමණක්" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අදහසයි. |
‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි. | චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේ. 'සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය. ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය. 'ආදරය සහ ප්රජාතන්ත්රවාදය' මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය. ‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්රජාතන්ත්රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය. ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය. ‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය. දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති. ‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්රශ්නය දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය. මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැටළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය. 'අභියෝග' ‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය. ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ. ‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය. ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය. |
දෙමළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිය බලය පෙන්වීමට උත්සාහ කරන බවට දෙමළ ජාතික සන්ධානය ආරක්ෂක හමුදාවට චෝදනා කරයි. | හමුදාවට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව යාපන වැසියෝ දැඩි විරෝධය පළ කරති යාපනය කීරිමලේ ප්‍රදේශයේ සාමන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවට පවරා ගැනීම පිණිස එම පළාතේ දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ කරමිනුයි, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් සංදේශයට ඒ බව කියා සිටියේ. යාපනය අර්ධද්වීපයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර හය දහස් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාව අත්පත් කර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඉඩම් හමුදාවට පවරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ඉඩම් අහිමි වන ජනතාවට කළ හැක්කේ රජයට සහ යුද හමුදාවට විරෝධය පළ කිරීම පමණක් බව පවසන මන්ත්‍රීවරයා, සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු ඒ වෙණුවෙන් සටන් කරන බව අවධාරණය කරයි. 'බිරිඳ මරා දමලා' මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ යුද හමුදාව කිසි විටෙකත් උතුරේ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන නොමැති බවයි. රජය හමුදාවට ලබා දුන් ඉඩම් 'සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නොවේ' යුද හමුදාවේ අවශ්‍යතාවයන් උදෙසා රජයෙන් ඉල්ලීමක් කළ විටදී, රජය විසින් නීත්‍යාණුකූලව පවරා ගෙන ඇති ඉඩම් යුද හමුදාවේ ප්‍රයෝජනයට ලබා දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය. රජය විසින් හමුදාවට ලබා දුන් ඉඩම් සාමාන්‍ය වැසියන්ට අයත් නොවන බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය රටේ සංවර්ධනය වෙණුවෙන් ඕනෑම රජයක් මෙවැනි තීරණ ගන්නා බවද පෙන්වා දුන්නේය. මේ අතර සිය බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උරණ වූ සැමියෙකු ඉරිදා දහවල් ඇය කපා කොටා ඝාතනය කොට ඔහුද ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් කිලිනොච්චියේ වල්ලිපුනම් ගම්මානයෙන් වාර්තා වේ. මියගිය අරුල් රාජ් ජෙයකුමාරීගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහලේදී පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් ශිවරූබන් වෙත සාක්කි දුන් මියගිය අයගේ ඥාතීන් පවසා ඇත්තේ බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උදෑසන සිටම නිවසේ බහින්බස්වීම් සිදුවුණු බවයි. |
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මගින් රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද අපරාධ සැඟවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. | 'ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ' විශේෂයෙන්ම නීති විරෝධී දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහ කිරීම, මාධ්‍යවේදීන් එකොළහක් පමණ ඝාතනය කිරීම සහ රතුපස්වලදී උද්ඝෝෂකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු 'අපරාධ' රාජ්‍ය නායක සමුළු මගින් සැඟවිය නොහැකි බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. "ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ. මේ සියල්ල හෙළිදරව් වෙලා තිබෙන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය. එබැවින් ආණ්ඩුව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වරද භාර ගෙන, පරීක්ෂණවලට පෙනී සිටීම බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 'ණය නැතුව බෑ' "රාජ්‍ය නායකයින්ට කන්න බොන්න දීලා, බෙන්ස් රථ දීලා රටේ පිරිසිදුකම පෙන්වන්න පුළුවන්කමක් නැහැ." ශ්‍රී ලංකාව ණය නොමැතිව පවත්වා ගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. ඉකුත් වසරේ ආණ්ඩුව බදු සහ දඩ මගින් උපයා ගත් ආදායම රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව අද මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළ අනුර දිසානායක මන්ත්‍රීවරයා, ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට පමණක් වැය කළ මුදල රුපියල් කෝටි 101700 ක් බව පැවසීය. මේ මාසය මැදදී පැවැත්වීමට නියමිත පොදු රද මඩුලු සමුළුව සඳහා දරන වියදම කොයි තරම් දැයි රජයට කිසිදු අවබෝධයක් නොමැති බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා පවසයි. එපමණක් නොව සමුළුව සඳහා පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දිය යුතු දැක්ම පිළිබඳව හෝ රජයට කිසිදු අවබෝධයක් නැති බවයි මාධ්‍ය වේදීන් අමතා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ. "පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවකින් ගන්නා තීරණ මොනවද, එම රාජ්‍ය නායකයින් හමුවේ තබන යෝජනා මොනවද කියලා ආණ්ඩවට අදහසක් නැහැ. සැණකෙළියක් පමණක් බවට පත්වෙලා," යනුවෙන්ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සමුළුව පැවැත්වීම මගින් අවසානයේ ජනතාවට ඉතිරි වනු ඇත්තේ එහි වියදම් පියවා ගැනීම පිණිස බදු ගෙවීමට බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. |
ලබන වසරේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැඳවනු ලැබීම සම්බන්ධයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ තුනක් විරෝධය පළ කරනු ලැබ ඇතැයි ලංකා සම සමාජ පක්ෂය පවසයි. | ජනාධිපතිවරයා සහ තිස්ස විතාරණ ඇමතිවරයා එම පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, සිය පක්ෂය මෙන් ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණත් හදිසි මැතිවරණයකට එකඟ නැති බවයි. නියමිත කාලයට පෙර කැඳවීමට ඉඩකඩ ඇති කවර වූ හෝ මැතිවරණයකට මුහුණ දීමට බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින අතරයි, සන්ධාන ආණ්ඩුවට හවුල් සුළු පක්ෂ තුනක් එවැනි කල් තබා කෙරෙන මැතිවරණ කැඳවීමකට විරෝධය පළ කරනු ලැබ තිබෙන්නේ. හදිසිය අවාසියි ඉහත කී දේශපාලන පක්ෂ තුනේ යෝජනාව වන්නේ නියමිත පරිදි 2016 වසරේ දී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කැඳවීම වන බවයි, මහාචාර්ය තිස්ස විතාරණ ඇමතිවරයා පවසන්නේ. ‘කල් තබා මැතිවරණ කැඳවීමට ජනාධිපතිවරයාට බලතල ඇතත් අපේ පක්ෂ තුනේ මතය වන්නේ මේ අවස්ථාවේ මැතිවරණ කැඳවීම සුදුසු නොවන බවයි. ඒ හැර අපි ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළොත් එක්සත් ජනතා සන්ධානයට යළි බලයට ඒම සඳහා වඩාත් හොඳ වාතාවරණයක් සැලසෙන බව අපි දැනුම් දී තිබෙනවා’ ඇමතිවරයා පවසයි. ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති යෝජනා මොනවාදැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනම් කර ගත් මිශ්‍ර මහ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ආදිය තම යෝජනා අතර ඇති බවයි සඳහන් කළේ. එසේම, දාහත් වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජිත සංශෝධන සමඟ ක්‍රියාවට නංවන ලෙසත් ආණ්ඩුව තුළ සිටින වමේ පක්ෂ තුන ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි. ‘සුදුසු පියවර’ රට තුළ වාර්ගික සහ ආගමික වශයෙන් උද්ගතව පවතින බෙදුම්කාරී තත්වය සමහන් කොට ජාතික අනන්‍යතාවයක් සහතික කෙරෙන වැඩ පිළිවෙලක් සහ ආර්ථික වශයෙන් ධන කුවේරයන්ගෙන් අය කරන බදු වැඩි කරමින් බදු පිළිවෙතේ සිදු කරන වෙනසක් මගින් භාණ්ඩ මිල පහත වැටෙන පියවර ගන්නා මෙන් ඉහත කී දේශපාලන පක්ෂ තුන ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවයි ලංකා සම සමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ තුනේ නායකයන් තිදෙනාම ආණ්ඩුවේ ඇමති පදවි දරන අතර ජනාධිපතිවරයා ඔවුන්ගේ විරෝධය නොතකා කුමන හෝ හදිසි ඡන්දයක් කැඳවනු ලැබුනොත් ගනු ලබන පියවර කුමක්දැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, ‘එය ඒ අවස්ථාවේ දී සලකා බලා සුදුසු පියවරක් ගන්නා’ බවයි. |
රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසයි. | යුද හමුදා නිලධාරීන් පිරිසක් මෙම තරුණියන්ගේ නිවෙස්වලට පැමිණ ප්‍රකාශ කොට තිබෙන්නේ තම දියණියන්ට අමනුෂ්‍ය දෝශයක බලපෑම නිසා ඔවුන් රෝහල්ගත කළ බවයි. රෝහල්ගතව සිටින තම දියණිය බැලීමට රෝහලට ගිය අවස්ථාවේ සිය දියණිය විකල් වූ සිහියෙන් හැසිරෙනු දුටු බව පවසන පියෙක් ඇතැමෙකුගේ දත් පූට්ටු වී ඇති අතර තවත් සමහරුන් හඬමින් සහ සිනහසෙමින් සිටිනු දුටු බවද දිනසේන රතුගමගේ ට පැවසීය. සිය දියණිය නිවසේ සිටියදී කිසි දිනෙක මෙවැනි සිහි විකල් තත්ත්වයකට පත් නොවූ බව එම තරුණියගේ පියා අවධාරණය කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් එම තරුණියන් බැලීම සඳහා රෝහලට යාමට උත්සාහ කළ නමුත් යුද හමුදාව ඒ සඳහා අවසර නොදුන් බව මන්ත්‍රීවරයා පවසයි. කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍යවරයා මන්ත්‍රීවරයාට පවසා තිබෙන්නේ තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී සිටින බවයි. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී දෙමළ සේවය කල විමසීමකදී කියා සිටියේ රෝහල් ගත කොට ඇත්තේ හමුදාවට බඳවා ගනු ලැබූ තරුණියන් හත් දෙනකු පමණක් බවයි. රෝග ලක්ෂණ හෝ ඊට හේතු තමන් නොදන්නා වග කියා සිටි බ්‍රිගේඩියර් වනිගසූරිය ප්‍රකාශ කලේ දිනකට දෙදහසක් පමණ රෝගී වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සිදුවීමක් බව. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි. | 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් සම්මත කර ගනු දැකීම සිය අපේක්ෂාව බව මහලේකම්වරයා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන් එම ඉල්ලීම කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා සවස දුරකතනයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමතා කළ සාකච්ඡාවකදී. 20 වැනි සංශෝධනය සම්මත කර රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇතිකරීම පිණිස කැප වී ක්‍රියාකරන බවට එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහ ලේකම්වරයාට සඳහන් කොට තිබේ. මහ මැතිවරණය 'ඉක්මනින්ම' විධායක ජනාධිපති ක්රමයේ බලතල සීමා කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම පිණිස ජනාධිපතිවරයා කළ කැපවීම අගය කළ බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපතිවරයාගෙන් ඉඟියක් ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සාකච්ඡාවේදී ඉඟියක්ද පළ කොට තිබේ. රට තුල නව රජයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කොට තිබේ. |
එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය. | මියගිය පිරිස අතර ළමුන් ද සිටින බව අලුත්ම වාර්තා සඳහන් කරයි. ක්‍රීඩාංගනයේ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගය අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ. පොලිසිය පවසන පරිදි, පිරිමි අයෙකුවන ප්‍රහාරකයා ද පිපිරීමෙන් මියගොස් තිබේ. මැන්චෙස්ටර් නගරය අවට රෝහල් හයක තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කෙරේ. 15 හැවිරිදි ඔලිවියා කැම්බල් ආගිය අතක් නැත. මැන්චෙස්ටර් නගරය තුළ මෙතෙක් හටගත් "වඩාත් බියකරු" සිදුවීම මෙය බව කියා සිටි ප්‍රධාන පොලිස් නිලධාරී ඉයන් හොප්කින්ස්, "ප්‍රහාරකයා තනිවම ක්‍රියාත්මක වුවාද නැතිනම් කිසියම් ජාලයක කොටස්කරුවකුව සිටියාද" යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පැවසීය. ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ. සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කෙරිණි. මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය. සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් සිටි සිය බිරිඳ සහ දියණිය ගෙන ඒමට ගිය ඇන්ඩි හෝලි පැවසුවේ "මම එතන ඉන්න වෙලාවේ ඇතිවූ පිපිරීමත් සමග මාව අඩි තිහක් පමණ ඈතට විසිවුණා" යනුවෙනි. "යළි නැගී සිටි අවස්ථාවේ බිම සිරුරු වැටී තිබෙන ආකාරය දුටුවා. මගේ පලවෙනි අරමුණ වුනේ මගේ බිරිඳ හා දැරුවා සොයාගන්න එකයි. කොහොම හරි මම එයාලව හොයාගත්තා" යැයි ද ඔහු පැවසීය. |
ගාල්ල කොටු පවුර ආසන්නයේ අඩි අටක පමණ විශ්කම්භයෙන් යුත් අඩි 15 - 20 ක් පමණ ගැඹුරු අගාධයක් නිර්මාණය වී තිබේ. | පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ භූගත උමං මාර්ගයක සිටුවා තිබූ ආරුක්කුවක් වෙනස්වීම නිසා ඊට ඉහළින් යොදා තිබූ පස් ගිලා බැසීමකට ලක් වී ඇති බවට ප්‍රදේශවාසීහු සැක පහළ කරති. ගාලු කොටු පවුර වටා භූගත උමං මාර්ග ඇතුළු ශාලා සහ කාමර පද්ධතියක් ඇති බව ඇතමුන්ගේ විශ්වාසයයි. කොටුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව පිණිස අවදානම් ප්‍රදේශය ආවරණය කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් විසින් තාවකාලික ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගනු ලැබ ඇත. 2004 වසරේ සුනාමි රළ පහර පැමිණීමෙන් පසුවත් මීට සමාන ගැඹුරු අගාධයක් කොටු පවුර ආසන්නයේ වෙනත් ස්ථානයක ඇති වී තිබිණි. කාලගුණ තත්වය යහපත් වූ පසු කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු ඇරඹීමට නියමිත බව පුරාවිද්‍යා බලධාරීහු පවසති. 1588 වසරේදී පෘතුගීසි විසින් ඉදිකරන ලද ගාලු බලකොටුව 17 වන සියවසයේදී ලන්දේසි විසින් නවීකරණය කරන ලදී. |
අභාවප්‍රාප්ත තායිලන්තයේ භූමිපාල් අතුල්තේජ් රජුගේ මෘත දේහය ඉදිරියේ අවසන් ගෞරව දැක්වීමට සඳහා එරට බලධාරීන් විසින් මහජනතාවට අවසර දෙනු ලැබ ඇත. | මියගිය රජතුමාගේ දේහය ඉදිරියට ගොස් අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනයාට අවසර ලැබුන පළමු වතාව මෙයයි. වසර හැත්තෑවක් සිහසුන හොබවන ලද තායිලන්ත රජුගේ මෘත දේහය බැංකොක් නුවර රජමාලිගයේ තැන්පත් කොට තිබෙන අතර සිය රජුට අවසන් ගෞරව දැක්වීම සඳහා මාලිගය ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසෙමින් සිටිති. රජුගේ දේහය සහිත රන් මංජුසාව රාජකීය ශාලාවේ තැන්පත් කොට ඇති අතර දිනකට පුද්ගලයන් දස දහසකට මාලිගයට ඇතුළුවීමට ඉඩ ලබා දී ඇති බව බලධාරීහු පවසති. මෑත ඉතිහාසයේ ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ පාලකයා ලෙස සැලකෙන භූමිපාල් අතුල්තේජ් රජු මිය යන විට අසූ අට වැනි වියේ පසු විය. පිය රජතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකවීම පිණිස ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරුට තවත් කාලය අවශ්‍ය බව තායිලන්ත ආණ්ඩුව පවසයි. සිය රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස කුමරුන් විසින් ඉල්ලීමක් කරන ලද බව තායිලන්ත ආණ්ඩුව මින්පෙර නිවේදනය කර තිබුණි. |
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසයෙන් ධීවර කර්මාන්තයේ යෙදීම මාසයක් ඇතුලත නතර නොකරන්නේ නම්, ධීවරයන් 5000ක් සමඟ ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යලිත් වරක් අනතුරු අඟවයි. | ඉන්දීය ධීවරයන් දිගින් දිගටම උතුරු මුහුදේ මාළු බෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට බරපතල තරජනයක්ව තිබෙන බව ලාංකීය ධීවරයෝ පවසති අමාත්‍යවරයා ඒ බව පැවසුවේ උතුරු පළාතේ ධීවර නායකයන් සමඟ සෙනසුරාදා රාත්‍රියේ කච්චතිවු දූපතේ පැවැත්වුන සාකච්ඡාවකදී. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වී ධීවර කර්මාන්තයේ යෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබුණ එම රැස්වීමට ඉන්දීය ධීවර නායකයෝ සහභාගි නොවූහ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම නවත්වන බවට ප්‍රතිඥා දීමට එයට සහභාගි වූ ඉන්දීය ධීවරයෝද අපොහොසත් වූහ. ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පසුගිය වසරේද අනතුරු නමුත් එම තර්ජනය ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසූ අවස්ථාවේ කියා සිටියේ, තමන් එසේ තර්ජනය කිරීමෙන් අනතුරුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මාළු බෑම අඩු වූ බවයි. සැබවින්ම දැනටත් එය එතරම් බරපතල ප්‍රශනයක් නොවන බවත්, එය අර්බුදයක් ලෙසින් හුවා දක්වමින් බීබීසී ය සහ උතුරේ ධීවර සංවිධාන "බොරු ප්‍රචාර" ගෙන යන බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදී දිනසේන රතුගමගේට පැවසීය. එහිදී සංවාදයට මැදිහත් වූ උතුරේ ධීවරයෝ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම උතුරු මුහුදේ මාළු බෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට බරපතල තරජනයක්ව තිබෙන බව අවධාරණය කළහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු නැතැයි ශ්‍රී ලංකාවාසීන් අති බහුතරයක් විශ්වාස කරන බව ජනමත සමීක්ෂණයකින් හෙළිවී තිබේ. | වත්මන් ආණ්ඩුව 'හොඳින්' රට පාලනය කරමින් සිටින නමුත් මීට වඩා යහපත් ප්‍රතිඵල උදාකරදීමට ආණ්ඩුව සමත්විය යුතු බව බහුතරයකගේ මතය වී තිබේ උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සකස්කරන ලද අලුත්ම වාර්තාවක් ප්‍රකාර, එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අතරින් ජීවන වියදම අඩුකිරීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව සමීක්ෂණයට සහභාගි වූ අති බහුතර පිරිසගේ මතයයි. එමෙන්ම සේවක වැටුප් ඉහල දැමිය යුතු බව දකුණු සහ ඌව පළාත්වල ජනතාවගේ මතය වී තිබේ. කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව බහුතර මුස්ලිම් ජනතාවගේ අදහසය. 1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ නමුත්, එය අහෝසිකරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රතිඥාව ඉටුකිරීමට අපොහොසත්වූහ. මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව බහුතර පිරිසගේ මතය වී තිබේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස්කළ යුතු දැයි කළ විමසීමට වැඩි පිරිසකගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ යම් සංශෝධන සහිතව පවතින ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බවය. සංශෝධන සහිතව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බව 38.9% ක පිරිසක් පවසද්දී, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසා තිබෙන්නේ 23.5% ක පිරිසක් පමණි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව ප්‍රමාණවත් ලෙසින් ජනතාව දැනුවත් කිරීමට අපොහොසත්වීම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද පසුගියදා ආණ්ඩුවට එල්ල කළ බරපතල විවේචනයකි. එහෙත් පසුගිය ඔක්තෝබරයට සාපේක්ෂව මේ වනවිට තරමක් දුරට ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව සමත්වී තිබෙන බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි. "විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම එක්වරම හෝ වෙන වෙනම සිදු විය යුතු දැයි කළ විමසීමේදී බොහෝ දෙනාගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය. ඒ කරුණු දෙකම එකවර සිදුවිය යුතු බව උතුරු පළාතේ වැසියන්ගෙන් 40.4% ක අදහස වී තිබේ. 2015 ජනවාරි මාසයේ සිට වත්මන් ආණ්ඩුව 'හොඳින්' රට පාලනය කරමින් සිටින නමුත් මීට වඩා යහපත් ප්‍රතිඵල උදාකරදීමට ආණ්ඩුව සමත්විය යුතු බවද සමීක්ෂණයට සහභාගි වූ බහුතරයකගේ (44%) මතය වී තිබේ. කෙසේ නමුත් හැකි ඉක්මනින්ම මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් තෝරා පත්කර ගත යුතු බව ආණ්ඩුවේ පාලනය 'ඉතා නරක' බව විශ්වාස කරන 16.5% ක පිරිසගේ අදහසය. මෙම ජනමත සමීක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය ලබාගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතු අතර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී යට පැවසීය. |
ඩ්‍රෝන් (Drone) යානා උපයෝගී කරගන්නා ඡායාරූප ශිල්පියෙකු වන ජොනී මිලර් විසින් දකුණු අප්‍රිකාව, මෙක්සිකෝ හා ඉන්දියාවේදී ගන්නා ලද ගුවන් ඡායාරූප පෙළකින්, අදාළ නගරවල දුප්පත් හා පොහොසත් වශයෙන් ඇති බෙදීම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. | සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි අසමානතාව සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති පිළිගැනීමට අභියෝගයක් වීම සඳහා මිලර් විසින් 2016 අරඹන ලද Unequal Scenes නම්වූ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මේ ඡායාරූප ගොන්න සැලකේ. "කේප් ටවුන් වෙත ගොඩ බට සැණින් කුඩා පැල්පත් ඔබව වටකරගෙන ඇති බව පෙනෙනවා" යැයි දකුණු අප්‍රිකාවේ සිටින ඡායාරූප ශිල්පී මිලර් පවසයි. "ගුවන් තොටුපොළ වටකොට තිබෙන තහඩු පැල්පත් පහුකරලා යන්න ඔබට විනාඩි 10 වත් යනවා, ඉන් පසුවයි වරප්‍රසාද ලත් මිනිසුන් (මා ද ඇතුළුව) ජීවත්වන වඩා සමෘද්ධිමත් ප්‍රදේශවලට ළඟාවෙන්න හැකිවෙන්නේ" ඔහු කියා සිටී. වුකුසෙන්සෙලේ, ස්වීට් හෝම්, කේප් ටවුන් "මේකයි දැන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල තිබෙන තත්ත්වය. ලෝකයේ බොහෝ තැන්වල ස්වභාවය. නමුත් එක ම තමයි මමත් එකඟ නොවන තත්ත්වය" මිලර් පවසයි. "බරක් ඔබාමා කී දේ යළි වෙනත් ආකාරයකට කියනවනම්, මේ පරම්පරාවට ඇති පැහැදිලි අභියෝගය අසමානතාව බව මගේ විශ්වාසයයි" සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි කේසී පාර්ක්, ජොහැන්නස්බර්ග් ඉහළ කෝණයකින් ගන්නා ලද එම ඡායාරූපවල, දුප්පත් හා පොහොසත් ජනතාව වෙසෙන ප්‍රදේශ වැට, මාර්ග හෝ තෙත්බිම්වලින් මායිම්ව බෙදෙන ආකාරය පෙන්වයි. එක් පසෙක පැල්පත් ආදියෙන් පිරී පවතිද්දී අනෙක් පස ඉතා සුඛෝපභෝගී නිවාස හා මන්දිරවලින් සමන්විත වේ. මුම්බායි, ඉන්දියාව මුම්බායි Papwa Sewgolum Golf Course, Durban. පප්වා සෙව්ගොලුම් ගොල්ෆ් පිටිය, ඩර්බන් ඉක්ස්ටපලුකා, මෙක්සිකෝ සිටි ටෙම්බිසා, ජොහැන්නස්බර්ග් ඩ්‍රෝන් ඡායාරූප ගැනීමට වඩා සුදුසු ම ස්ථාන සෙවීම සඳහා මිලර් හට පර්යේෂණ ගණනාවක යෙදෙන්නට විණි. "විවිධ මෙවලම් භාවිත කරලා ඡායාරූප ගත යුතු ස්ථාන මොනවද කියලා මම හඳුනාගත්තා. ඒක සංඛ්‍යාලේඛන දත්ත, සිතියම්, ප්රවෘත්ති වාර්තා වගේම මිනිස්සුන්ට කතාකරන්නත් වුණා. ඒ සියල්ලේම සංකලනයක්." "ඡායාරූප ගන්න අවශ්‍ය ප්‍රදේශ හඳුනාගත්තට පස්සේ Google Earth නිරීක්ෂණයෙන් අදහසක් අරගත්තා. ඊට පස්සේ කළේ ගුවන් මාර්ගය සැලසුම් කරපු එකයි. මේකෙදී ගුවනේ නීතිය, ගුවනේ ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, බැටරිවල ජීව කාලය, දුර ප්‍රමාණය, කාලගුණය, කෝණය, දවසේ වෙලාව වගේම තවත් බොහෝ කරුණු ගැන අවධානය යොමු කළා" යැයි මිලර් පැවසීය. ලෙක් මිචෙල්, මසිෆුමෙලෙලේ, කේප් ටවුන් ඔටෝ'ස් බ්ලෆ්, පීටර්මරිට්ස්බර්ග් ක්යා සෑන්ඩ්ස්, බ්ලෞබොස්රෑන්ඩ් සියලු ඡායාරූප ජොනී මිලර් ගෙනි |
ශ්‍රී ලංකාව තුළ 68% ක් මරණවලට හේතු වී ඇති බෝ නොවන රෝග පාලනය සඳහා අධික සීනි, මේදය සහ ලුණු අඩංගු ආහාර සඳහා ඉහළ බද්දක් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. | ඇමතිවරයා ඒ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "අධික රුධිර පීඩනය, අංශ භාගය, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග. මේ රෝග තත්වයන් තමයි අපිට තිබෙන ප්‍රධාන අභියෝග." "දුම් කොළ හා මද්‍යසාර භාවිතය, අක්‍රිය ජන ජීවිතය, අහිතකර ආහාර හා මානසික ආතතිය වැනි දේවල් තමයි මේ රෝග ඇති වෙන්න හේතු." දුම් පානයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පොදු ස්ථානවල දුම් බිම තහනම් කිරීම, රූපමය අවවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති බව කියා සිටි සෞඛ්‍යය අමාත්‍යවරයා එම නිෂ්පාදනවල බදු ඉහළ නැංවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් සඳහන් කළේය. "72% ක් වන වර්තමාන දුම් කොළ බද්ද 90% දක්වා වැඩි කරන්නත් ඒකට 15% ක වැට් බද්දක් පනවන්නත් යෝජනා කොට තිබෙනවා." දුම් කොළ නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමෙන් දුම් පානය අවම කළ හැකි දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ බදු ඉහළ නැංවීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම 4% ක පමණ පිරිසක් දුම් බීමෙන් ඉවත් වී ඇති බවයි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරය සඳුදා ආරම්භ වූයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. සමුළුව සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වූහ. |
ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් චරිත් සේනානායකට ස්ථිර පත්වීමක් දී තිබියදී, දකුණු අප්‍රිකානු සංචාරය සඳහා හදිසියේම තවත් කළමනාකරුවකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මන්දැයි ක්‍රීඩා ලෝකයේ සංවාදයට බඳුන් වී පවතී. | දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබියදී, කළමනාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු පත්කරන ලද බව සංචාරයට දින දෙකකට කලින් හදිසියේම තමන්ට දැනුම් දුන් බව චරිත් සේනානායක බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය. කළමනාකාර පදවිය 'වරින්වර වෙනස් කිරීමේ' අවශ්‍යතාවය එයට හේතුව වශයෙන් දැනුම් දී තිබුණ බවත් ඔහු සඳහන් කළේය. ඒ වනවිට ඔහු සහ බිරිඳ දකුණු අප්‍රිකාව බලා යාම පිණිස පමණක් නොව දකුණු අප්‍රිකාව තුල ක්‍රීඩාංගන බලා යාම පිණිසත් ගුවන් ප්‍රවේශපත් පවා මිලදී ගෙන සිටි බව සංදේශයට අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රංජිත් ප්‍රනාන්දු පත්කිරීමත් සමග කණ්ඩායමේ කළමනාකරුවන් වශයෙන් දෙදෙනකු මේ වනවිට වැටුප් ලබන අතර, චරිත් සේනානායක 'කාර්ය නියමයක් නොමැති' කළමනාකරුවාය. තමන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු බැවින් මේ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බව චරිත් සේනානායක සංදේශයට පැවසීය. චරිත් සේනානායක පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට පිට පිටම ටෙස්ට් තරග පහක් ජයග්‍රහණය කළ අතර, සිම්බාබ්වේහි පැවති එක් දින තුන් කොන් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ සේවා කාලය තුළදීය. පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් සහ සේනානායක සුසංයෝගය යටතේ 'One Team, One Nation' ලෙසින් එකමුතුව බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. මේ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
මරණීය දණ්ඩනයට නියමව දශකයකට අධික කාලයක් සිටින දවින්දර් පල්සින්ග් බුල්ලාගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සමක් ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඉන්දීය නීති ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක් වී තිබේ. | දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය දඬුවම නියම කොට, මෙතරම් කාලයක් සිරගතව සිටීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට වෙනස් කිරීමට එයම ප්‍රධාන හේතුවක් බවයි ඔහුගේ නීතිවේදීන් ගේ තර්කය වී තිබුණේ. එම තර්කය බැහැර කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, දඬුවම වෙනස් කිරීමට හේතුවක් නොවන බව තීන්දු කළේය. 'අමානුෂික තීන්දුවක්' දවින්දර් ගේ බිරිඳ නව්නීත් එය විග්රහ කළේ අමානුෂික තීන්දුවක් ලෙසින්. "මේ වගේ දේකට කාල සීමාවක් තියෙන්න ඕනේ. ජනාධිපති කියන්නෙත් මනුස්සයෙක්. අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන තීන්දු ගන්න එයාට සිද්ද වෙලා තියෙනවා," ඇය පවසන්නීය "මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා තමයි. ඒත් එයා දැන් හොඳටම අසනීපෙන්. ඇත්තටම එයා මැරී ජීවත්වෙන්නේ." මරණීය දණ්ඩනයට නියමව ඉන්දියාවේ සිරගතව සිටින අනෙක් ඉන්දීය සිරකරුවන් 17 දෙනාට එකී තීන්දුව කෙසේ බලපාවිද යන්න පැහැදිලි නැතත් දඬුවම නියමව සිටින තවත් හත් දෙනකු වෙනුවෙන් මෙවැනිම පෙත්සම් ඉදිරපත් කොට තිබෙන නීතිවේදීහු දැන් තීන්දුවේ බලපෑම පිළිබඳව අධ්‍යනය කරමින් සිටිති. රජීව් ගාන්ධි ඝාතනය එයින් තිදෙනකුට මරණ දඬුවම නියමව තිබෙන්නේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ වීම හේතුවෙන්. කර්ණාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත දෙවනත් කළ වීරප්පන් සමඟ එක්ව අපරාධවල යෙදීම අනෙක් සිවුදෙනා දඬුවම් ලැබීමට හේතුවයි. වසර අටකට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යලි ඇරඹීම පිළිබඳව ඉන්දියාව මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී. පසුගිය මාස හය ඇතුලත මරා දමනු ලැබූ පුරුෂයන් දෙදෙනාම රාජ්‍යයට එරෙහි ප්රචණ්ඩ ක්‍රියාවල යෙදුනු බවට චෝදනා ලැබූවන්. 2008 දී මුම්බායි ප්‍රහාරය එල්ලකල මොහමඩ් අජ්මල් කසාබ් ඉන් එක් අයෙක්. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු කාශ්මීර ජාතික අෆ්සාල් ගුරු එල්ලා මරා දමන ලද අනෙක් පුද්ගලයායි. පසුගියදා දිල්ලි නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා ලැබූවන්ට පැණවෙන දඬුවම කවරක් වනු ඇත්දැයි ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරවද විමසුම් ඇස යොමු වී තිබෙන බව දකුණු ආසියානු කටයුතු භාර බීබීසී යේ සංස්කාරකවරිය ජිල් මැගිවරින් මේ අතර සඳහන් කරන්නීය. |
කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය. | ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා (මාර්තු 16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බවය. ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමේ සිදුවීම් ගණනාවක් යුරෝපයෙන් වාර්තා වී තිබේ. නමුත් එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී. එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය හා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එන්නත හා රුධිරය කැටිගැසීම අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නැත. මතුවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද( European Medicines Agency - EMA) අඟහරුවාදා රැස්වේ. ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත තවදුරටත් භාවිතයට ගැනෙන්නේ ද යන්න පිළිබඳ එහි තීරණය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ. යුරෝපයේ සහ එක්සත් රාජධානියේ මිලියන 17 ක පමණ ජනතාවක් එන්නතේ මාත්‍රාවක් ලබා ඇති අතර ඉන් 40 කට අඩු ප්‍රමාණයක් වූ රුධිරය කැටිගැසීමේ අවස්ථා පසුගිය සතිය වනවිට වාර්තා වී ඇති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම පැවසීය. එන්නත හා මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇතැයි මතුවූ අවධානය මත ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු ප්රමුඛ යුරෝපා රටවල එම එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කෙරිණි. ආරක්ෂාකාරී පියවරක් වශයෙන් එම එන්නතේ ඇතැම් ඛාණ්ඩ භාවිතය නතර කිරීමට ඔස්ට්‍රියාව ඇතුළු අනෙකුත් රටවල් පියවර ගෙන තිබේ. කෙසේවුවද තමන් තවදුරටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දෙන බව බෙල්ජියම, පෝලන්තය, චෙක් ජනරජය සහ යුක්රේනය පැවසූහ. මේ අතර තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕචා, ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගත් එරට පළමු පුද්ගලයා විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා පැවසුවේ එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් අවම වශයෙන් දෙදෙනෙකු එන්නත ලබාගෙන දින කිහිපයකට පසු මියගියබවට වාර්තාවුවත් එම මරණ සහ එන්නතත් අතර සම්බන්ධයක් තහවුරු කරගත නොහැකි බවය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා කියා සිටියේ, "යුරෝපයේ රටවල් කිහිපයක මතුවී ඇති තත්ත්වයක් උඩ එම එන්නත ලබාදීම රටවල් කිහිපයක් තාවකාලිකව අත්හිටවා තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සඳහන්වන එක එන්නත් කාණ්ඩයක් පමණයි එම රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටවලා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් ලංකාවට ලබාදීලා නෑ එම නිසා ලංකාවේ ජනතාව මෙම එන්නත ලබාගැනීම පිළිබඳව කිසිදු විදිහට බිය විය යුතු නැති බව කියා සිටිනවා. එමනිසා මෙම එන්නත් කිරීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක වනවා." යනුවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ කුමක් ද? රුධිරය කැටිගැසීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එම සිදුවීම් හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට "සාක්ෂි නැහැ" යි, එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳුදා පැවසීය. "මේ සිදුවීම් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ අවබෝධයක් ලබාගත් වහා එම තොරතුරු මෙන්ම දැනට ඇති නිර්දේශවලට බොහෝදුරට නොවිය හැකි වෙනස්කමක් වේ නම් මහජනයාට වහාම දැනුම් දෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් සඳහන් කළේය. එන්නත දිගටම ලබාදීම සිදුවිය හැකි බව, රුධිර කැටිගැසීමේ සිදුවීම් සමාලෝචනයක යෙදෙන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද පැවසීය. එන්නත ලබාගැනීමෙන් අත්වන වාසිය, කවර හෝ අතුරු ඵලයක් ලැබීමේ අවදානමට වඩා වැඩි බව ද එම ඒජන්සිය කියා සිටියේය. ඇස්ට්‍රා සෙනෙකා කියානේ මොනවා ද? එන්නත හේතුවෙන් රුධිරය කැටිගැසීමේ අවදානම ඉහළයාමක් සම්බන්ධයෙන් සාක්ෂි නැති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම කියා සිටී. එය සඳහන් කළේ, යුරෝපය හා එක්සත් රාජධානිය තුළ එන්නත ලැබූවන් අතරින් නහරයක රුධිර කැටියක් ඇතිවීමේ (deep-vein thrombosis - DVT) තත්ත්ව 15 ක් වාර්තා වී තිබූ අතර පෙනහළු තුළට රුධිර කැටියක් ඇතුළුවීමේ (pulmonary embolism) සිදුවීම් 22ක් වාර්තා වූ බව ය. මෙම සංඛ්‍යා "මෙවැනි ප්‍රමාණයක ජනගහනයක් අතරේ සාමාන්‍යයෙන් ඇතිවේ යැයි අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වන අතර බලත්රලාභී අනෙකුත් කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි ම තත්ත්වයක්" බව ද පැවසීය. "මෙතෙක් යුරෝපය තුළ වැඩිම මාත්‍රා ගණන දී ඇති එක්සත් රාජධානිය තුළ රුධිර කැටිගැසීමේ සංසිද්ධිය ඉහළ යාමක් නැති බවට අතිශයින්ම යළි තහවුරු කෙරෙන සාක්ෂි ඇත" යි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිපැයූ ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්යක්ෂ මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් සඳුදා බීබීසී සමග සඳහන් කළේය. ෆින්ලන්තය ද "ඉතා සුපරීක්ෂාකාරී අධ්‍යයනයක්" කර ඇති අතර ඉහළ යන අවදානමක් ඉන් හඳුනාගෙන නැති බව කී ඔහු, "මිනිසුන්ට එන්නත් නොකිරීමේ ගැටලුවක් අපට නොමැති වීම අතිශයින්ම තීරණාත්මක" යැයි ඔහු පැවසීය. |
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම බංගලාදේශයේදී පැවැත්වීමට අද කොළඹදී රැස්වුණු ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. | ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව ඉහල ගොස් තිබේ දේශපාලනමය වශයෙන් බංගලාදේශයේ මේදිනවල ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් බංගලාදේශයේදී මෙම ක්‍රිකට් තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න තීරණයක් ගැනීම සදහා අද කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණු විශේෂ රැස්වීමට ඉන්දීය, පකිස්තානු, බංග්ලාදේශ හා ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රධානීහු එක්ව සිටියහ. සාකච්චාව අවසානයේ මෙම රැසවීමේ තීරණ පිලිබඳව BBC යට අදහස් දැක්වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් පැවසුවේ තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම පෙබරවාරි 25 සිට මාර්තු 7 බංගලාදේශයේ පැවැත්වෙනු ඇති බවයි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ විස්තරාත්මකව සියලු රටවල් දැනුවත් කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය. මෙවර තරඟාවලියට ඇෆ්ගනිස්ථානයත් මෙවර ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමද එක්කරගනිමට මෙහිදී තීරණය කළ බව පවසන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රාෆුල් හක් මෙම තරගාවලිය ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ලෝක 20-20 හා 2015 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට හොද පෙරහුරුවක් වනු ඇතැයි ද පැවසුවේය. ඇෆ්ගනිස්තානය එක්වීමත් සමග තරගාවලියේ තරග සංඛ්‍යාව 7 සිට 11 දක්වා ඉහල ගොස් තිබේ. ලෝක කුසලාන 20-20 තරඟාවලියද මාර්තු මස පැවැත්වීමට නියමිතව ඇත්තේ බන්ග්ලාදේශයේදීය . එහෙත් මෙම සාකච්චාවේදී එම තරඟාවලියපැවැත්වීම සම්බන්දයෙන් කිසිදු සාකච්ච්වක් සිදු නොවූ බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ. මෙම ආසියානු කුසලානය බංගලාදේශයේ නොපවත්වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණි. බංග්ලාදේශයට ශ්‍රී ලංකාවේ සහය වර්තමාන දේශපාලන අර්බුධ හමුවේ ආසියානු කුසලානය බංගලාදේශයේ පැවැත්වීම පිළිබඳව මෙම රැස්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ගෙන් BBC ය විමසූ විට ඔහු පැවසුවේ මෙම ආරක්ෂාව පිලිබඳ ප්රශ්නය ආසියාතික රට වලට පොදු වුවක් බැවින් මෙවැනි අවස්ථාවලදී ආසියානු රටවල් එක්ව කටයුතු කළයුතු බවයි. "ආසියාතික රටවල් එකට හිටියේ නැත්නම් ඉදිරියේදී ආසියාකරේ ක්‍රීඩාව නැතිවෙන්න පුළුවන්. අපි මේ තත්වයට මුහුණ දුන්න, පකිස්ථානය මේ තත්වයට මුහුණ දීල තියෙනව, දැන් බංග්ලාදේශය මුහුණ දෙනවා. ඉදිරියේදී අනිත් රටවල් වලටත් බලපාන්න පුළුවන්. ආසියානු රටක් හැටියට බංග්ලාදේශයට අපිට සහයෝගය දුන්න. හැබැයි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතුයි " යනුවෙන් ඔහු පැවසීය. ආසියානු කුසලනයට් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට 20-20 තරඟ 2 කට හා එක් දින තරඟ 3 කට බංගලාදේශයේ සංචාරය කිරීමට නියමිතය. එම තරඟාවලියට ද සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට බලාපොරොත්තු වන බව පැවසූ නිශාන්ත රණතුංග ඒ පිලිබඳ අවසන් තීරණය මෙම මස 10 වැනිදා වන විට ගන්නා බවද පැවසීය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගාවලිය ජනවාරි 27 වනදා ආරම්භ වීමට නියමිතය. බංගලාදේශයේ මහා මැතිවරණය හෙට පැවැත්වෙන අතර එරට විපක්ෂය වර්ජනය කරන මෙම මැතිවරණයේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට 100කට අධික පිරිසක් මිය ගොස් තිබේ. |
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් දරන සම්පූර්ණ වියදම රටට හෙලි කරන මෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. | 'මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ' එහි වියදම හෙළි කරන මෙන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් එයට නිසි පිළිතුරක් ලබා නොදෙන බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය. "මොකද මේක මේ රටේ ජනතාවගේ සල්ලි, මේ සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලය සල්ලි දෙනවා කියල ජනතාව හිතාගෙන ඉන්නේ,"යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මහජන මුදලින් පවත්වන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව අද ලෝකයේ ප්‍රධාන රාජ්‍ය නායකයන් දෙදෙනකු වර්ජනය කිරීම ආණ්ඩුවේ දුර්වලතාවය නිසා සිදුවූවක් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. 'මනමාලි නැති මගුල් ගෙයක්' "පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනගහණයෙන් භාගයක්ම ජීවත් වෙන්නේ ඉන්දියාවේ, ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි." 'ඉන්දියාව එන්නේ නැත්නම්, මේක ඇවිල්ල මනමාලි නැති මගුල් ගෙයක්ම තමයි' ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් පවා රටේ පවතින වාතාවරණය පිළිබඳව ප්‍රශ්න කිරීමට සැරසෙන බව පවසන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ 'අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය' බවටද චෝදනා කරයි. "ලංකාවට තුලට රාජ්‍ය නායකයන් පවා ඇවිල්ල ඇඟිල්ල දිගු කරන තත්වයක් තමයි අපිට පෙන්න තියෙන්නේ," යනුවෙන්ද ඔහු කියා සිටියේය. 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුව 1976 දී නොබැඳි සමුළුව පවත්වා එහි බර ජනතාව මත පැටවීම බව පවසන එජාප මන්තිවරයා වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේද ඒ ආකාරයටම බව සඳහන් කරයි. දකුණේ 'හමුදා ආක්‍රමණයක්' "කෝටි ගාණක මුදල දැනටමත් ජනතාව පිට පටවල; බස් ගාස්තු වැඩි වෙන්නෙත් මේ හින්දම තමයි. ඉන්ධන මිල තව වැඩි වෙනවා, ජිවන වියදම තව වැඩි වෙනවා, හේතුව පොදු රාජ්‍ය මණ්ඩලයේ වියදම." පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීම පිණිස වය වන මුදල පිළිබඳව බීබීසී සංදේශය රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, තවමත් එම වියදම පිලිබඳ විස්තර තමන්ට ලැබී නොමැති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි දකුණු පළාත් සභාවේ විපක්ෂනායක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ආණ්ඩුවට තවත් බරපතල චෝදනාවක් එල්ල කළේය. ජනතාව බිය ගන්වා බලය රැකගැනීම පිණිස රට පුරාම හමුදා කඳවුරු ඉදි කරමින් තිබෙන බව ඔහු පවසයි. "මාතර දාල තියෙනවා; කිරින්දේ, බූස්සේ හමුදා කදවුරු දෙකක් තියෙනව. බූස්සේ රත්ගම දේව පතිරාජ ඉස්කෝලේ දානවා තවත් කඳවුරක්, ගාල්ලේ අක්මීමන හියාරේ දානවා හමුදා කඳවුරක්. අපිට නොදැන ගම ආක්‍රමණය කරනවා හමුදාමය පාලනයකට," යනුවෙන්ද ඔහු කියා සිටියේය. |
ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් රැසක් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තාවිය. | අවසාන වශයෙන් රත්මලාන සතොස ගබඩාවේ සීනි කන්ටේනරයක තිබී කිලෝ 218ක කොකේන් ප්‍රමාණයක් සොයාගත් අතර ඒ සමගම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා බවට චෝදනා එල්ලවිය. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන අනුව 2016 ජනවාරි මාසය තුළ රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ අවස්තාවේ රේගුව අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය පමණක් කිලෝ 1232කි. එහි වටිනාකම රුපියල් බිලියන 18කි. (18,481,260.500.00) ඒ කාලපරිච්ඡේදය තුළ රේගුව අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය 16KG. එහි වටිනාකම රුපියල් කෝටි 16ක් පමණ වේ. (166,090,000.00) ඊට අමතරව රේගුවට මගහැරුණු පසුව පොලිසිය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ද තිබේ. පසුගියදා සතොස ගබඩා පරිශ්‍රයේද අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 218 රේගුවේ ඉහත සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවේ. මෙලෙස කොකේන් වැඩිපුරම රටට පැමිණ තිබෙන්නේ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි තොගත් සමගය. පසුගිය වසර කිහිපය තුළ අවස්ථා ගණනාවක සීනිත් සමග කොකේන් අත්අඩංගුවට ගත් අතර ඒ හේතුවෙන් සීනි ආනයනකරුවෝ දැඩි අර්බුදයකට මුහුණ දුන්හ. "පළමු වරට මේක සිදුවුනේ ගිය වසරේ ජුනි මාසයේ. එතකොට මේ බහාලුම රේගුවෙන් අරන් ගිහිල්ල ආනයනකරුගේ ගබඩාවේ සති දෙකකට වැඩි ප්‍රමාණයක් තිබුණා. බඩු බාල තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ රේගුවට ලැබුණු තොරතුරක් මතයි ඔවුන් පසුව මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ," සිනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු බීබීසියට අදහස් දක්වමින් පැවසීය. "මේ බහාලුමේ එහෙම දෙයක් තියෙනවා කියලා අපේ ආනයනකරු දන්නේ නැහැ. ඔහු දැනගෙන ගෙනාවනම් සති දෙකක් බහාලුම ගබඩාවේ බාන්නේ නැතුව තියන්නේ නැහැ." කෙසේ නමුත් එම ආනයකරු අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් සිරගත කර පසුව නිදහස් කළ බව ද ඔහු පැවසීය. "පළමු සිදුවීමේ ආනයනකරු අත්අඩංගුවට ගත්තා. නමුත් ඊට පස්සේ අහුවුණු වෙලාවේ ආනයනකරුවන් අත්අඩංගුවට ගත්තේ නැහැ. මොකද රේගුව හා පොලිසිය දැනගත්තා මේකට ආනයනකරුවන් සම්බන්ධ නැහැ කියලා." ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසන පරිදි මෙලෙස අත්අඩංගුවට ගත් කොකේන් තොගවල ගමනාන්තය ශ්‍රී ලංකාව නොවේ. "අපිට තියෙන තොරතුරු අනුව මෙතරම් කොකේන් ප්‍රමාණයක් ලංකාවේ පරිහරණයට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක එතරම් විශාල ප්‍රමාණයක්." බ්‍රසීලයේ සිට ගෙන එනු ලබන මෙම මත්ද්‍රව්‍ය පෘතුගාලයට ගෙනයාමේ අරමුණින් ගෙනවිත් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බව ඔහු පැවසීය. "බ්‍රසීලයෙන් ගෙන එන සීනි කන්ටේනර් ලංකාවට එන්න කලින් පෘතුගාලයේ සංක්‍රමණික වරායක් හරහා තමයි එන්නේ. අපිට තියෙන ආරංචි අනුව පෘතුගාලයේ මාෆියා කල්ලි මේවා ලබාගන්නවා යම්කිසි මෙහෙයුමකින්. එලෙස ලබාගැනීමේ මෙහෙයුම අසාර්ථක වුවහොත් එය අවසාන ගමනාන්තය දක්වා පැමිණෙනවා," රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ මාෆියා කල්ලි 10ක් මේවගේ කරන කොට එකක් හෝ දෙකක් වරදිනවා. ඔවුන්ගේ විශාල ලාබාංශ ඇතුළේ මේ පාඩුව ඔවුන්ට දරා ගන්න පුළුවන්," සීනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පැවසීය. කෝටි 500ක්, කෝටි 200ක් වැනි වටිනාකමක් ඇති මෙවැනි මත්ද්‍රව්‍ය තොග එහි මුල් අයිතිකරුවන් අමතක කරනු ඇතිදැයි රේගුව තමන්ගෙන් ප්‍රශ්න කළ බව ඔහු සඳහන් කළේය. "අපි කිව්වේ අපිට ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. මොකද මේකේ වටිනාකම් අපි දන්නෙත් නැහැ. අපි මේක ඇනවුම් කළෙත් නැහැ. අපි ඇනවුම් කළේ සීනි. අපි ඇනවුම් කළ භාණ්ඩ පැටවූ කන්ටේනර්වල මේවා තිබුණා. එච්චරයි අපි දන්නේ." අවසාන වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබුන සතොස සිදුවීම එලෙස ආනයනකරු හෝ සතොස ආයතනය දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බව පවසන ඔහු, බ්‍රසීලයේ සිට මෙරටට ඉකුත් වසරේ නොවැම්බර් මස ගෙන්වන ලද සීනි කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය හමු වී ඇති බවත් සඳහන් කළේය. පසුගිය වසරේ අවසානයේ සිට බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම පවා නවතා දමා ඇති බව පැවසූ සිනි ආනයනකරුවන්ගේ සංගමය මේ හේතුවෙන් වෙනත් රටවලින් වැඩි මිලට සිනි මිලදී ගැනීමට සිදුවී ඇති බව ද පෙන්වාදුන්නේය. "මේ ප්‍රශ්න හේතුවෙන් බ්‍රසීලයට පවා දැන් සිදුවෙලා තියෙනවා සීනි අමුද්‍රව්‍ය අපනයනය කරන්න වෙන රටවලට," සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු පවසයි. ඊට අමතරව සීනි කන්ටේනර් රේගුවේ දැඩි පරික්ෂාවකට ලක් වීමත් ඊට කල්ගතවීමත් හේතුවෙන් ආනයනකරුවන්ට දැඩි අලාභයන් සිදුවන බවත් සංගමය පෙන්වාදෙයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ සීනි ආනයනකරුවන්ගේ ඉල්ලීම මත යම් ලිහිල් කිරීමක් කළ නමුත් සතොස ගබඩාවේ මත්ද්‍රව්‍ය හමුවීමත් සමග පරික්ෂාව දැඩි කර ඇති බවය. "මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ලේසි නැහැ 100%ක් බලන එක. සීනි සම්පුර්නයෙනම හලලා බලපු අවස්ථාත් තියෙනවා. නමුත් දැන් දැඩි පරික්ෂාවට ලක් කරලා තමයි බාර දෙන්නේ." මෙලෙස හමුවූ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමේ උත්සාහයක් තිබුණු බවට වාර්තා ලැබී නැති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වෙතත් තවදුරටත් පුළුල් පරෙක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේය. |
තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් විසි දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබති. | තායිලන්තයේ භාරකාර රජය ඉල්ලා අස්විය යුතු බවයි උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ. බැංකොක්හි 'ප්රජාතන්ත්ර' ස්මාරකය අසල පනවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ කූඩාරමක් දෙසින් බ්‍රහස්පතින්දා අලුයම පිපිරීම් සහ වෙඩි හඬ ඇසුණු බවයි සිද්ධිය දුටුවන් පැවසුවේ. බැංකොක් නුවරට පිටතින් සිදුවූ තවත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් වැඩබලන අගමැති නීවත්තම්රොන්ග් බූන්සොන්ග්පින්ග්සාන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවකටද බාධා පැමිණ තිබේ. සාකච්ඡාව පැවැත්වෙමින් තිබු ගුවන් හමුදා කඳවුරකටයි විරෝධතා කරුවන් කඩා වැදී තිබෙන්නේ. දේශපාලන ක්‍රමය උද්ඝෝෂකයන්ගේ අපේක්ෂාව මැතිවරණය පැවැත්වීමට පෙර දේශපාලන ක්රමයේ වෙනස් වීමක් ඇති කිරීමයි. රජය ජුලි මස අලුත් මහ මැතිවරණයක් සංවිධානය කිරීමට උත්සාහ කරමින් සිටියි. බලය අයුතු අන්දමින් පාවිච්චි කිරීම හේතුවෙන් අගමැතිනි යින්ග්ලක් ශිනවත්‍රාට ඉල්ලා අස්වන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය. |