summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මිය ගොස් තිබේ. | ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මැද පෙරදිග හමුදා ක්‍රියාන්විත මෙහෙය වූ 62 හැවිදිරි ජෙනරාල්වරයා ඉරානයේ බලවත් 'කොඩ්ස් බලකායේ' ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. හමුදා නායකයා ඇතුළු ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම්වල පිරිසක් මරණයට පත් කළ ගුවන් ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළට එල්ල කර තිබිණි. මෙම සිද්ධියත් සමඟ වොෂිංටන් සහ ටෙහෙරාන් අතර පවතින භේදය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. "අපරාධකරුවන්ගෙන් දැඩි ලෙස පලිගැනීමට බලාපොරොත්තු වෙනවා," යැයි ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි කමේනි පැවසීය. එමෙන්ම, ඔහු ඉරානයේ දින තුනක ශෝක කාලයක් නිවේදනය කළේය. ඉරාක හමුදා නායකයෙකු වන අබු මහදි අල්-මුහන්දිස් ද (මැද) මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත. අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් කාසෙම් සොලෙයිමානිය. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය 'විප්ලවීය හමුදාවේ' විශේෂ අංශයකි. එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය. නමුත් එම අණ දෙන නිලධාරියා ඇතුළු කොඩ්ස් බලකාය ත්රස්තවාදීන් බව පවසන ඇමෙරිකාව, ඇමරිකානුවන් සිය ගණනකගේ මරණවලට ඔවුන් වගකිව යුතු බව පවසයි. ගුවන් ප්‍රහාරය එල්ල වන විට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ පිළිබඳ පුවත සැලවූ වහා ඇමරිකානු ධජයේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි "ඉරාකය ඇතුළු කලාපයේ සිටින ඇමරිකානු රාජතාන්ත්රිකයන්ට සහ හමුදා සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටියා," යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. "ඉරානය සැලසුම් කළ ප්‍රහාර නැවත්වීමටයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ අතර, ප්‍රහාරය එල්ල වීමත් සමඟ ලෝක වෙළෙඳපොළෙහි තෙල් මිල 4%ට වඩා ඉහළ ගොස් ඇත. මේ තොරතුරු ද කියවන්න: සිදුවූයේ කුමක් ද? ජෙනරාල් කාසෙම් සොලෙයිමානි සහ ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වල නිලධාරීන් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් මෝටර් රථ දෙකක නැගී පිටත් වන අවස්ථාවේ ඩ්‍රෝන මඟින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. අණදෙන නිලධාරීවරයා ලෙබනන් හෝ සිරියාවේ සිට ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි වාර්තා වේ. පිරිස ගමන් ගත් මෝටර් රථවලට මිසයිල ප්‍රහාර කීපයක් එල්ල වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉරාක සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන අබු මහදි අල්-මුහන්දිස් ද මිය ගිය අය අතර සිටි බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි. "විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න" යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. "ලෝකයේ පුරා සිටින අපේ ජනතාව සහ අපේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සියලු පියවර ගැනීම ඇමරිකාව නොනවත්වා ගන්නවා," යැයි එහි තවදුරටත් සඳහන් වේ. හමුදා නායකයාගේ ඝාතනයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන උද්ඝෝෂණ. බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට උද්ඝෝෂකයෝ පහර එල්ල කර එහි සිටි ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ගැටීමෙන් දින කීපයකට පසු මෙම ගුවන් ප්‍රහාරය එල්ල විණි. කාසෙම් සොලෙයිමානි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ බව පෙන්ටගනය පැවසීය. ඉරානය කුමක් පවසන්නේ ද? "මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක්." යැයි කී ඉරාන විදේශ කටයුතු ඇමති ජාවඩ් සරීෆ් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියේ "මේ මැර, අවදානම් ක්රියාවේ ප්‍රතිවිපාකවලට ඇමරිකාව වගකීම දරාගත යුතුයි," යනුවෙනි. ඉරානය "ඇමරිකාවෙන් දරුණු විදියට පළිගන්නවා" ඇතැයි විප්ලවීය හමුදාවේ හිටපු හමුදාපති මෝහ්සෙන් රෙසාඉ පැවසුවේය. "අපරාධ ක්‍රියාවක් වන මෙම ප්‍රහාරය" ගැන සාකච්ඡා කිරීම සඳහා එරට ප්‍රධාන පෙළේ ආරක්ෂක කමිටුවක් රැස් වීමට නියමිත බව ඉරාන රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි. "ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යැයි ඉරාන ජනාධිපති හසන් රෞහානි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය. "ඇමරිකානු හිරිහැරවලට එරෙහි වීමට ඉරානය ඇතුළු අනෙක් නිදහස් ජාතීන් තුළ ඇති අධිෂ්ඨානය ජෙනරාල්වරයාගේ මරණයත් සමඟ දෙගුණ වුණා," එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය. කවුද මේ කාසෙම් සොලෙයිමානි? කොඩ්ස් බලකාය යනු විදෙස් රටවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉරාන විප්ලවීය හමුදාවේ විශේෂ අංශයකි. 1998 වර්ෂයේ සිට එය මෙහෙයවූයේ මේජර් ජෙනරල් කාසෙම් සොලෙයිමානි ය. කොඩ්ස් බලකාය සිරියානු ගැටුම්වලට ද සම්බන්ධ වී ඇති අතර, ජනාධිපති බශාර් අල්- අසාද්ට පක්ෂපාතී හමුදාවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, ඔවුන් සමඟ එක්ව සටන් කරන දහස් ගණනක් ෂියා මුස්ලිම්වරුන්ට අවි ලබා දීමට ද ක්‍රියා කර ඇත. එමෙන්ම, ඉරාකය තුළ ද ෂියා මුස්ලිම් බහුතරය සිටින සටන්කරුවන්ට IS සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආධාර ද ලබා දී තිබිණි. කලෙක 'තපස් රැකි' ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මෙම ගැටුම් හේතුවෙන් ඉරානයේ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් විණි. ලෙබනනයේ හෙස්බොල්ලා සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඇතුළු ඇමරිකාව විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කරනු ලැබ ඇති කණ්ඩායම්වලට මුදල්, පුහුණුව, අවි ආයුධ ලබා දීමේ "ඉරානයේ වර්ධනය කරන සහ ආධාර දෙන මූලික යාන්ත්‍රණය" කොඩ්ස් බලකාය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන තන්ත්රය චෝදනා කරයි. ඉරානයේ විප්ලවීය හමුදාව සහ කොඩ්ස් බලකාය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය අප්‍රේල් මස ක්‍රියා කළේය. |
ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සහ මුස්ලිම් විරෝධී ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත සහ අවතැන් වූ ජනතාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය සංවේගය පුද කරයි. | බුදු දහමේ නාමයෙන් තම පුද්ගලික පටු අරමුණු හඹා යන, කලහකාරී අන්තවාදීන් පිරිසක් විසින් පවත්වනු ලැබූ ජනතාව කුපිත කරවන සුළු පෙළපාලියක් හා මහජන හමුවක් මෙම ගැටුම් සමග සම්බන්ධ වී ඇතැයි තමාට වාර්තා වී ඇති බව පවසන ඇය, මෙම ගැටුම් පිළිබඳව තමා මහත් කම්පනයට පත් වූ බව පවසන්නීය. මාස දහ අටක පමණ සිට 'වෛරය වපුරමින් අශෝභන ආකාරයෙන් ප්රචණ්ඩත්වයේ යෙදෙන්නන් පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අපොහොසත් වීම' පිළිබඳව හිටපු ජනාධිපතිවරිය දැඩි අවධානය පළ කරයි. මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ජන කොටස් වලට ප්රජාතන්ත්රවාදය ඔස්සේ සමාන වූ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා දීමට පෙර කිසි දිනක නොවූ විරු ආකාරයේ මහඟු අවස්ථාවක් ලැබී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. කළු ජූලිය එක්දහස් නවසීය අසු තුන වසරේ ඇති වූ වර්ගවාදී කෝලාහල මැඩපැවැත්වීමට එවකට සිටි රජය ක්‍රියා නොකිරීම හේතුවෙන් අති විශාල ජීවිත ගණනක් බිලි ගත් වසර විසිපහක් පුරා පැවති යුද්ධයකට රට තල්ලු කරනු ලැබූ බවත් හිටපු ජනාධිපතිනිය සිහිපත් කරයි. අලුත්ගම නගරයේ හානියට පත් කඩ සාප්පු එතැන් සිට බෙදුම්වාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවති රජයන් කිහිපයක්ම රටේ හමුදාව පොලිසිය ඇතුළු මහජනතාවට නායකත්වය ලබා දුන් අතර යුද්ධය අවසානයක් කරා ගෙන ඒමට වර්තමාන රජය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවත් නිවේදනයේ සඳහන්. ජාති භේදය හා ආගම් වාදය ඇති කරන ගැටුම් නැවැත්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා මෙන් රටේ සිටින සියලු නායකයන්, ආයතන හා තනි පුද්ගලයන් එකතු වී වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව හිටපු ජනාධිපතිවරියගේ අදහසයි. මෙම ගැටුම් සඳහා මිනිසුන් පෙලෙඹවූ හා එම අපරාධයන්ට සම්බන්ධ වූ පුද්ගලයන් ප්‍රමාදයකින් තොරව නීතිය ඉදිරියට පමුණුවා අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන මෙන් රටේ ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවත් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණයෙන් යුතුව කියා සිටියි. ඉතා කුඩා ප්‍රමාණයේ අන්තවාදීන් පිරිසක් හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් සිවිල් යුද්ධයක් කරා ගෙන යා නොහැකි අතර අති විශාල බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව මෛත්‍රිය, එකිනෙකා අතර වූ අවබෝධය, ආදරණීය වූ කාරුණික බව, උදාරත්වය හා බුද්ධිමත්භාවය විශ්වාස කරන බවත් ඇය සඳහන් කරන්නීය. |
ඉන්දීය මහ බැංකුව,රටේ කෝවිල් සන්තක සියළුම රත්රන් සංචිත ලේඛනගත කරන මෙන් පොහොසත් හින්දු කෝවිල්වලට දැනුම් දී ඇත. | රනින් නිම වූ කමිසයක් ඉන්දීය මහා බැංකුව එවැනි පියවරක් ගෙන තිබෙන්නේ,රට දරුණු ආර්ථික අර්බුදයක් සමඟ පොර බදමින් සිටියදී. බැංකුවේ නිලධාරියෙක් අදහස් දක්වමින්,තම අරමුණ කොතරම් රන් සංචිත කෝවිල් සතුව තිබේද යන්න තක්සේරු කිරීම මිස, ඒවා මිලදී ගැනීම නොවන බවයි කියා සිටියේ. හින්දු බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්රන් ටොන් සිය ගණනක් ඉන්දියාවේ බොහෝ පොහොසත් කෝවිල් සතු ඇති බවයි, වාර්තා වන්නේ. ලොව රත්රන් වැඩි වශයෙන් පළඳින රට ඉන්දියාවයි. රත්රන් මිලට ගැනීම රටේ වෙළෙඳ හිඟය උග්‍ර වීමට සහ ඉන්දියානු රුපියලේ වටිනාකම පහත වැටීමට හේතු වී ඇති බවත් ප්‍රකාශ වෙයි. |
සංවර්ධන කටයුතු සඳහා දේශීය බැංකු වලින් ණය ලබාගැනීම වඩාත් වාසිදායක බැවින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ලබා ගැනීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. | මාර්තු මාසය තුලදී පමණක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වියදම් පියවා ගැනීමට දේශීය බැංකු වලින් රුපියල් බිලියන සියයක් පමණ ණය ලබා ගෙන තිබේ. මෙම ප්‍රවණතාවය හේතුවෙන් පොලී අනුපාත ඉහළ ගොස් පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ලැබෙන ඉඩ ප්රස්ථා සීමා වන බැවින් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල විය හැකි බව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා වන ඉන්ධන සහ විදුලිබල සේවා සැපයුම බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා ආණ්ඩුවට දේශීය බැංකු වලින් ණය ලබා ගැනීමට සිදුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සංදේශයට කියා සිටියේ. එමගින් දේශීය බැංකු කෙරේ පීඩනයක් එල්ල කරන බව අමාත්‍යවරයා පිළිගත්තේය. ලංකා බැංකුව, ඛනිජ තෙල් සංස්ථාවට තමන්ගේ මුළු ණය වලින් සියයට විස්සක් පමණ ලබා දී ඇති බව පෙන්වා දෙන ණය ශ්‍රේණි ගත කරන ෆිච් සමාගම,මෙම තත්ත්වය වැඩිදුර වර්ධනය වීම ආර්ථිකයට අහිතකර විය හැකි බවද පවසයි. එක් ආයතනයකට සම්මත අනුපාතය ඉක්මවා ණය ලබාදීම ගැටළු ඇති කළ හැකි බව අසන්ත සිරිමාන්නගේ අදහසයි. විදුලිය මිළ ඉහළ දැමීම වැනි ක්‍රියා මාර්ග වලින් මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් වලින් රාජ්‍ය ආයතනවල ණය බර අඩු කර ගැනීමට ඉඩක් ලැබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. |
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. | මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි. ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය. එසේ වෛරසයට ලක්වූ 31 හැවිරිදි හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියකි. මෙතෙක් වෛරසය වැළඳුනු බවට තහවුරු වූ ජනාධිපතිවරයාගේ පළමු සමීප සහයකයා ඇය වේ. මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් - Air Force One) ඇය ද ඔහු සමග ගමන් ගත්තාය. හික්ස් කොරෝනාවෛරසයට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව, බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබිණි. බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, "කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා." යැයි පැවසීය. "ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා" යැයි ද ඔහු මීට පෙර පවසා තිබිණි. මෙම තත්ත්වය, ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට කෙසේ බලපානු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත. මේ ගැනත් දැනගන්න: |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසයි. | තිලංග සුමතිපාල "බිස්නස් එක අතට ගන්නනේ ඕක කරන්නේ. අපි බලමු," ඒ පිළිබඳව විමසූ විට තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් සහ අනෙකුත් නිලධාරීන් වෙත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කරන ලද විශේෂ නියෝගයේ දැක්වෙන්නේ, ඔහු විසින් 2019.09.09 වෙනිදා පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාවේ සඳහන් "නිර්දේශ ප්‍රවේසමෙන් සැලකිල්ලට ගෙන" ඉහත තීරණයට එළැඹි බවය. එම විශේෂ නියෝගය ඔක්තෝබර් මස 11 වෙනිදා නිකුත් කර තිබුණි. "මම මේ සමග ඔබට නියෝග කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැස්වීම් සඳහා සහභාගී වීම, කමිටු සඳහා එක්වීම, ඡන්දය පාවිච්චි කිරීම, කිසිදු ආකාරයේ බලයක් පාවිච්චි කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලතල දරන්නෙකු ලෙස හෝ හිටපු සභාපතිවරයා ලෙස හෝ ගරු තිලංග සුමතිපාල සහභාගී වීම වළකන ලෙසය," යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ එම ලිපියේ තවදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කිහිපවරක් කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට එරෙහිව ඉහත සඳහන් පරීක්ෂණය ආරම්භ කෙරුණේ පිළියන්දල නගර ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවය. එම පැමිණිල්ලේ සඳහන් වූයේ තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීම අංක 2137/85 දරණ අති විශේෂ ගැසට් පත්‍රය උල්ලංඝනය කිරීමක් බවය. සංශෝධිත අති විශේෂ ගැසට් පත්‍රය අදාළ අති විශේෂ ගැසට් පත්‍රය 2019 අගෝස්තු මස නිකුත් කෙරිණි. ඒ අනුව පහත සඳහන් කරුණු හා සම්බන්ධ වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීමට නුසුදුසු කමක් ලෙස සැලකිණි. "ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවයක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතු වල නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කාලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්. පුතා, දුව, බෑණා ලේලිය) වන්නේ නම්," යනුවෙන් එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සංශෝධනය කෙරිණි. පිළියන්දල නගර ක්‍රීඩා සමාජය ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල (සභාපති), ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක සහ විශ්‍රාමික පරිපාලන නිලධාරී නීතීඥ එස් ඩී පියදාස එහි සාමාජිකයෝ වූහ. තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් තිලංග සුමතිපාල පවසන්නේ, "මම නියෝජ්‍ය කතානායක වෙන කොටත් මගේ පවුලේ අයට ඔය සම්බන්ධතා ඔක්කොම තිබ්බා. මේ කිසි දෙයක් අලුත් නොවෙයි. මට ඔය ව්‍යාපාර සම්බන්ධයක් නෑ. මට ඔය ගැම්බ්ලින් පිළිබඳව කිසිම සම්බන්ධයක් නෑ මගේ පවුලේ අයට තියෙනවා මම ඒක ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මට හංගන්න දෙයක් නෑ," යනුවෙනි. "අන්තිමට හිටපු සභාපති හැටියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන කමිටුවට යන්න පුළුවන්. මම 2018 මැයි 31 ඉඳන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරක් දැරුවේ නෑ. ඡන්දෙට මම ඉදිරිපත් වුණේ නෑ. නමුත් දැන් මේ ගොල්ලෝ මාව ඉලක්ක කරගෙන ඒකට වෙනම කමිටුවක් පත්කරලා ඇමතිතුමාම තීන්දුවක් අරන් මාව ඉවත් කරන්න," යනුවෙන් තිලංග සුමතිපාල තවදුරටත් පැවසීය. ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය ක්‍රීඩා අමාත්‍යවරයා එම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබුණේ පූර්ව නිගමනයකට පැමිණීමෙන් අනතුරුව බවට ද තිලංග සුමතිපාල චෝදනා කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක් උත්සහ දැරුව ද එම ප්රයත්නයන් නිෂ්ඵල විය. මේ තොරතුරුත් කියවන්න: |
දිවියෙන් සමුගත් ගායන ශිල්පී ජෝර්ජ් මයිකල් වෙනුවෙන් ලොව පුරා සංගීත ලෝලීහු ඇතුළු කලාකරුවෝ ශෝකය පළ කරමින් සිටිති. | බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් මිය යන විට 53 වැනි වියේ පසු විය. හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව ඔහුගේ කළමනාකරු පැවසීය. මේ අතර ගායන ශිල්පී එල්ටන් ජෝන් කියා සිටියේ ආදරණීය මිත්‍රයකු මෙන්ම අතිදක්ෂ කලාකරුවෙකු වූ ජෝර්ජ් මයිකල්ගේ අභාවයෙන් තමන් දැඩි කම්පනයට පත් වී සිටින බවය. අසූව දශකයේ ජනප්‍රියත්වයට පත් 'වෑම්'ද්විත්ව පුද්ගල සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෝර්ජ් මයිකල් පසුව ඒක පුද්ගල ගායකයකු ලෙස වෘත්තීය සාර්ථකත්වයේ හිනිපෙත්තට ළඟා විය. 'වෑම්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයා වූ ඇන්ඩෲ රිජ්ලි සහ ජෝර්ජ් මයිකල් සමරිසි සහකරුවෝ වෙති. ජෝර්ජ් මයිකල් සහ ඇන්ඩෲ රිජ්ලි සිය සහකරුගේ අභාවයෙන් තමන් අතිශය කනගාටුවට පත්වී සිටින බව ඇන්ඩෲ රිජ්ලි පවසයි. ජෝර්ජ් මයිකල්ගේ ඒක පුද්ගල ගීත ඇතුළත් සංගීත තැටි කෝටි ගණනක් ලොව පුරා අලෙවි වී තිබේ. මත් ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලුවලින් පසු කාලීනව පීඩා විඳි ඔහු ලන්ඩනයේදී මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් කෙටි කලකට සිරගත කෙරිණි. Careless Whisper, Last Christmas සහ Wake Me Up Before You Go-Go වැනි ඔහුගේ ගීත නිර්මාණ ගීත දර්ශක තුළ පළමු ස්ථානයේ පසු විය. |
ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වෙතින් තමාට දිගින් දිගටම තර්ජන එල්ල වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෝ චෝදනා කරති. | මේ අතර ඊයේ අලුයම සූරියවැව ප්‍රදේශයේ පී රාජපක්ෂ නමැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ක්රියාධරයකුගේ නිවසට යම් කිසි පිරිසක් පැමිණ ගිනි තබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පැමිණ එම ප්‍රහාරය එල්ල කළ බවට පී රාජපක්ෂ චෝදනා කළේය. ගින්නට හසු වී තම නිවසත් ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථය සහ යතුරු පැදියත් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පී රාජපක්ෂගේ බිරිඳ කේ ඒ ප්‍රේමලතා පැවසුවේය. එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දාසය වනදා තංගල්ල නගරයේදී යූපී ධනුෂ්ක නමැති සන්ධාන පාක්ෂිකයකුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළ අයකු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත සංදේශයට කියා සිටියේය. එමෙන්ම පසුගිය එකොළොස් වනදා රාත්රියේදී අඟුණකොළපැලැස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාධරයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවත් ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත වැඩි දුරටත් පැවසුවේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් ඉලක්ක කර එල්ල කෙරෙන ප්‍රහාර වැළැක්වීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි මේ අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ. |
අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර හා නාය යාම් හේතුවෙන් නිවාස 9,354 ක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ. | ඒ අතරින් නිවාස 1,540 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 7,814 ට අර්ධ හානි සිදුව තිබෙන බව වාර්තාවේ. නිවාස හානි වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ නිවාස 658 ක් සම්පුණයෙන්ම විනාශ වී තිබෙන අතර නිවාස 3,314 ට අර්ධ හානි සිදුව තිබේ. රත්නපුර හා කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් නිවාසවලට ද දැඩි හානි සිදුව ඇත. එම නිවාසවල තිබූ බඩු භාණ්ඩ ද විශාල වශයෙන් විනාශ වී ඇති අතර ඉන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් සත්තමේන්තු කර නොමැත. ගංවතුර බැස ගිය ප්‍රදේශ රැසක ජනතාව මේවන විට තම නිවාස පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ. රජයෙන් පොරොන්දුවක් විනාශයට පත් නිවාස යළි ඉදි කර දෙන බවට රජය ප්‍රතිඥා දී තිබෙන අතර ආපදා සහනාධාර වශයෙන් ලැබෙන විදෙස් මූල්‍යාධාර, නිවාස අහිමිවූවන්ට නිවාස ඉදි කරදීම සඳහා යෙදවීමට අඟහරුවාදා (මැයි 31) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ නිවාස සංවර්ධන අධිකාරිය මෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදුවන ආණ්ඩුව පවසයි. විශේෂයෙන් නව නිවාස ඉදි කිරීමේදී නාය යාමේ තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාපවලින් පිටත ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන එම නිවාස එහි ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. දැනට පාසල්, පන්සල් වැනි පොදු ගොඩනැගිලිවල තාවකාලිකව රැඳී සිටින නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකරන තෙක් තාවකාලික කූඩාරම් හෝ ලෑලි නිවාසවල පදිංචි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. පසුගිය වසරේ අරනායක ප්‍රදේශයේ සිදු වූ නාය යාම හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස් තවමත් කුඩාරම්වල ජිවත්වන අතර ඔවුන්ගේ නව නිවාස ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යවරයා බදාදා (මැයි 31) කියා සිටියේය. |
දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක් පැවැත්වුන බව බීබීසීයට වාර්තා වෙයි. | රැජිනගේ මරණයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ප්රවේණි උරුමයෙන් චාල්ස් කුමරුට නොලැබෙන හෙයින් මෙය අතිශය සංවේදී කාරණයක් බවට පත් වී ඇත. එවැනි පසුබිමක් යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු අකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් "ඉහළ මට්ටමේ කණ්ඩායමක්" පත් කරනු ලැබ ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබදව තීරණ ගැනීමට එකී කණ්ඩායම නිල වශයෙන් රැස්වීමට නියමිතය. මෙම වසරේ අප්‍රේල් මස සිය 92 වැනි උපන්දිනය සමරන රැජින හදිසියේ මියගියහොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉදිරි නායකත්වය පිළිබදව ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත රැස්වීමේදී සැලකිල්ලට ගනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග මගින් පැවසෙයි. අනුප්‍රාප්තිකයා පිළිබඳව ප්රශ්නය කෙතරම් නීරස වුනත් එය ස්වභාවිකව සිදු වනු ඇතැයි තමා සිතන බව එක් ආරංචි මාර්ගයකින් පැවසෙයි. අප්‍රේල් මස ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රාජ්‍යය නායකයින් හමුවට මෙම ප්රශ්නය රැගෙන යාමට එකී කණ්ඩායම අපේක්ෂා කරන අතර, එය බොහෝ විට රැජින සහභාගී වන අවසාන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව විය හැකිය. 2016 පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සම්මාන උළෙලේ ජයග්‍රාහිකයන්ට සුභ පතන දෙවන එලිසබෙත් රැජින "පුළුල් ආකාරයේ පාලනයක් පිළිබඳව සලකා බැලීමක්" පිළිබඳව සාකච්ඡාවක් එම සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව බීබීසියට දැක ගැනීමට ලැබී ඇත. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වෙන ආගන්තුක සංග්‍රහයට රාජ්‍යය නායකයින් පමණක් සහභාගී වන හෙයින් එහිදී මෙම ප්රශ්නය සාකච්ඡා කෙරෙනු ඇති බවටද මත පහළව ඇත. පොදු රාජ්‍ය මණ්ඩලය කුමක්ද ? •බ්‍රිතාන්‍යය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද රටවල් සහ වෙනත් රටවල් කිහිපයක එකතුවකින් සෑදුනු නිදහස් සංවිධානයකි. •මෙය 1931 දී ආරම්භ විය. •සාමාජික රටවල් ගණන පනස් තුනකි. •මහලේකම් කාර්යාලය (මූලස්ථානය) පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරය. •පොදු රාජ්‍ය මණ්ඩල රටවල්වල ජනගහනය බිලියන 2.4 ට ආසන්නය. 1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. එවිට ඇය එහි සාමාජික රටවල් අටෙන් හතක රාජ්‍යය නායිකාව වුවාය. රැජිනට එම පදවිය තම පියා වන හයවන ජෝර්ජ් රජුගෙන් පසු ප්රවේණි උරුමයෙන් ලැබුණ නමුත් ඇයගේ පුතා නිතැනින් මිලඟ අනුප්‍රාප්තිකයා වන්නේ නැත. වර්තමානයේදී රැජින තම රාජ්‍යය නායිකාව ලෙස පිළිගැනෙන්නේ සාමාජික රටවල් පනස් තුන අතරින් පහළොවක පමණයි. තවත් තොරතුරු: බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයට ට්‍රම්ප්ට ආරාධනා කිරීමෙන් රැජින 'අපහසු තත්වයක' දෙවන එලිසබත් රැජිනගෙන් තවත් වාර්තාවක් බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණයා රැජිනගේ මරණයත් සමගම මෙම සංවිධානයේ අනාගත නායකත්වය පිළිබදව එහි සාමාජික රටවල නායකයින් තීරණයක් ගනු ඇත. නමුත් මේ සදහා විධිමත් ක්‍රියාපටිපාටියක් නොමැත. පෙර පැවැත්වූ සාකච්ඡාවලට අනුව චාරිත්‍රානුකූලව නායකයෙකු පත් කර ගැනීමෙන් සංවිධානයේ ප්රජාතන්ත්රවාදය හා බැදුණු විශ්වාසය වැඩි දියුණු වන බැවින් චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට සමහර නිලධාරීන්ගේ මතයයි. චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමහරුන්ගේ මතයයි. මෙහි ප්රශ්නය වී ඇත්තේ ඒකමතික තීරණයකින් චාල්ස් කුමරු මෙම පදවියට පත් කර ගත යුතුද නැතහොත්, සංවිධානයේ නායකත්වයට නිරතුරුවම පත් විය යුත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු බව සනාථ කරන නව ක්‍රියාවලියක් සදහා එකඟ විය යුතුද යන්න යැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පොදු රාජ්‍ය මණ්ඩල රටවල හිටපු අමාත්‍යවරුන් හත් දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම ඉහළ මට්ටමේ කණ්ඩායම ලන්ඩන් නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවීමට නියමිතය. මෙම කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. මහලේකම් කාර්යාලයේ පාලනය, අරමුදල්, මහලේකම්වරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් සහ නිලධාරීන් අතර බලතුලනය කිරීම මෙම කණ්ඩායමයට අයත් කාර්යන් අතුරෙන් කිහිපයකි. 1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. ඉන්පසු ඇය සාමාජික රටවල් සියල්ලේම සංචාරය කලාය. මෙම ඡායාරූපය 1977 ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර ගන්නා ලද්දකි. මේ අතරතුර රැජින මෙම පදවිය චාල්ස් කුමරුහට ලබාදීමට පෞද්ගලිකව වෙහෙසෙමින්, ලෝ පුරා වෙසෙන පොදු රාජ්‍ය මණ්ඩල නායකයින් හමුවට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් යැවීමට කටයුතු කරමින් ඇත. 2015 දී මෝල්ටාහි පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රැජින ප්‍රකාශ කළේ තමා "වේල්සයේ කුමරාට තරම් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ප්‍රතිචාර සහ නියෝජනයන් බලාපොරොත්තු වෙන්නේ නැති අතරම, ඔහු එයට ඉතා ගෞරවාන්විතව බොහෝ දේ ලබා දෙනු ඇති" බවය. රැජින නියෝජනය කරමින් චාල්ස් කුමරු 2013 ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට (CHOGM) සහභාගී විය. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔහුගේ වෙබ් අඩවියේ විශාල ඉඩක් වෙන් වී ඇත. ඔහු සාමාජික රටවල් පනස් තුනෙන්, හතලිස් එකක සංචාරය කර ඇති අතර, දශක හතරකට අධික කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ "සාඩම්බර අධාරකරුවෙකු" ලෙස හඳුන්වයි. |
පිටවීමේ බලපත්‍ර ලබා ගැනීමට නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන්සියයත් හාරසියයත් අතර පිරිසක් ආපසු සිය රටට පැමිණීමට නොහැකිව සිටින බව වාර්තාවේ. | අතරමං වුවන් පවසන්නේ තමන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් පිළිසරණක් නොමැති බවයි. මේ පිරිස් වලට සෞදි රජය ලබා දුන් පොදු සමා කාලය තුල දී පිටවීමේ බලපත්‍ර ලබා ගැනීමට ද හැකිවී නැත. දුරකථන ඇමතුම් මැද පෙර දිග සංක්‍රමණිකයන් හා සමීපව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් මේ පිලි බඳව කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන්ට සෞදි අරාබියේ අතරමන්ව සිටින පිරිස් වලින් දුරකථන ඇමතුම් ලැබෙන බවයි. මෙසේ පිටවීමේ බලපත්‍ර නොමැතිව සිටින පිරිස හාරසියයකට වැඩි විය හැකි බව සඳහන් කළ රාමනායක මන්ත්‍රීවරයා බොහෝ අය නිවෙස් වල සිරවී සිටින බවයි පවසන්නේ. සෞදි අරාබි රජය විසින් සෑම වසරක දීම පොදු සමා කාලයක් ලබා දෙන බව පවසන විපක්ෂ මන්ත්‍රීවරයා එය ශ්‍රී ලංකා රජය විසින් දිනා ගත් අයිතිවාසිකමක් නොවන බව පැවසුවේය. නිවෙස් වල සිර වී සිටින පුද්ගලයන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර පණිවිඩ හුවමාරුවක් සිදු වීමට සෞදි නීතිය යටතේ අවකාශයක් නැති බවයි ඔහු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොදු සමා කාලය තුල පිටවීමේ අවසර පත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් වලට තානාපති කාර්යාලයට නොපැමිණෙන ලෙස උපදෙස් දී තිබීම නිසා ඔවුන් ට ඒ අසල පිහිටි පිට්ටනියක සහ වෙනත් ස්ථානවල රැඳී සිටීමට සිදුවී තිබුණු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. “ඔවුන්ට වතුර බිඳක් හෝ ලබා දීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වූයේ නැහැ,” යි රාමනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. පොදු සමාව එහෙත් ඉන්දුනීසියාව, ඉතියෝපියාව නේපාලය යන රටවල තානාපති කාර්යාල මගින් පොදු සමාවෙන් ප්‍රයෝජනයට ගැනීමට පැමිණි එම රටවල ශ්‍රමිකයන්ට කෑම බීම, ඉඳුම් හිටුම් ආදිය ලබා දී ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත් බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසුවේය. ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන්ට පවා සම්බන්ධ වීමට නොහැකි බව කියා සිටි ඔහු එසේ නම් 'එරට සිටින ශ්‍රමිකයන් මුහුණ දෙන්නේ කුමන තත්ත්වයකටද යන්න පැහැදිලිව බවයි,' කියා සිටියේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ගෙන් මේ ගැන විමසීමට බීබීසීය ගත් උත්සාහය අසාර්ථක විය. |
මුදල් විශුද්ධකරන පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැත්වූ එක් පරීක්ෂණයක් අවසන්කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. | "ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ." පසුගිය පාලන සමයේ රගර් ක්‍රීඩාවේ දියුණුවට යැයි පවසමින් ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එය කැඳවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ පරීක්ෂණ අවසන්කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇති බවය. 'මේකද යහපාලනය?' ඒ අනුව පැමිණිල්ල ලබන මාර්තු මස 20 වෙනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය. අද දින නඩුව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරදකරුවන්වූවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීම රජය විසින් හිතාමතා මගහරිමින් සිටිනු ලබන බවය. "මේ වනවිට චෝදනාවලට ලක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විදෙස් ගමන් තහනම් කරලා. මගෙත් විදෙස් ගමන් තහනම් කරලා. එහෙත් ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ. මේකද යහ පාලනය " යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. |
Prostate Cancer හෙවත් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට මූලික අවධියේදීම ප්‍රතිකාර කෙරෙන නව ක්‍රමවේදය මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව බොහෝ දුරට සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. | 'හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා' යුරෝපයේ රටවල් ගණනාවක දැනටමත් අත්හදා බලා තිබෙන මේ ක්‍රමවේදය අනුව පිළිකාවට ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගනු ලබන්නේ ලේසර් කිරණ සහ ගැඹුරු මුහුදෙන් සොයා ගත් බැක්ටීරියා වර්ගයකින් නිපදවුණු ඖෂධයක්. රෝගියාට කිසිදු අතුරු ආබාධයක් හට නොගැනීම මේ ඖෂධයේ විශේෂත්වයයි. පුරුෂයන් 413 දෙනකු යොදා ගෙන පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව The Lancet Oncology සඟරාවේ පළ කරන ලද වාර්තාවකට අනුව එම රෝගීන්ගෙන් අඩක්ම සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව හෙළි වී තිබේ. "මේක අමුතු විදියක ප්‍රතිකාරයක්. මේකේ සංඝටක දෙකක් තියෙනවා," University College London විශ්ව විද්‍යාලයේදී නව ප්‍රතිකාරය අත්හදා බැලූ මහාචාර්ය මාක් එම්බර්ටන් බීබීසී යට පැවසීය. "එකක් තමයි ඖෂධය. ඒ මගින් ශරීරයේ පටක ආලෝකයට ඉතා සංවේදී බවට පත්කරනවා. ඒ නිසා ශරීරයේ හම ආලෝකයට විවෘත නොවීම සඳහා අපිට ඒ ඖෂධය ලබාදෙන්න සිද්ද වෙන්නේ අඳුරු පරිසරයක් තුල. ඊට පස්සේ හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා." නව ප්‍රතිකාර ක්රමයේ අවස්ථා පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට ප්‍රතිකාර වශයෙන් සාමාන්‍යයෙන් සිදු කෙරෙන සැත්කම් සහ විකිරණ චිකිත්සාවෙන් අනතුරුව බොහෝ පුරුෂයන් බෙලහීනතාවයට පත්වීම එහි ප්‍රධානම අතුරු ප්‍රතිඵලයක්. ප්‍රතිකාර ලබන පුරුෂයන් දස දෙනකුගෙන් නම දෙනකුගේම පුරුෂ ශක්තිය හීනවන අතර, රෝගීන්ගෙන් සියයට විස්සක් දක්වා පිරිසක් උදරාබාධවලට මුහුණ දෙති. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ මූලික අවධියේදී බොහෝ පුරුෂයන් ඒ පිළිබඳව කල් මැරීමේ ආකල්පයක් දක්වන්නේ එබැවින්. මේ අතුරු ආබාධ හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාරවලට පෙළඹෙන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ශරීරය පුරා පැතිරයාම ආරම්භ වුවහොත් පමණයි. එහෙත් නව ප්‍රතිකාරය අනුව ඒ සියල්ල වෙනස් වන බවයි, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. "ආලෝකය සහ ඖෂධය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මගින් පිළිකා සෛල විනාශ කෙරෙනවා. ඒ වගේම පිළිකාව බෙදාහරින පුරස්ථි ග්‍රන්ථයේ රුධිරයටත් මේ ප්‍රතිකාරය බලපානවා. ඒක ඉතාමත්ම වැදගත්," මහාචාර්ය මාක් එම්බර්ටන් පැවසීය. මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි නව ප්‍රතිකාරය සඳහා යොදාගන්නා ඖෂධය නිපදවනු ලබන්නේ මුහුදු පතුලෙන් සොයාගන්නා බක්ටීරියාවක් යොදාගෙන තද අඳුරු පරිසරයක. එය පිළිකා සෛලවලට පහරදෙන්නේ ආලෝකයට අනාවරණය වූ මොහොතේදී. අත්හදා බැලීමට තෝරාගැනීම සිය 'වාසනාවක්' බව ප්‍රතිකාරයෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ ජෙරල්ඩ් කැපෝන් බීබීසී යට පැවසීය පුරස්ථි ග්‍රන්තියට ඇතුළු කෙරෙන ලේසර් කිරණ මගින් ඖෂධය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ ඖෂධය පිළිකා සෛල සොයා ගොස් විනාශ කිරීම අරඹන්නේ ඒ මොහොතේයි. පිළිකා සෛල විනාශ වූ පසු ඉතිරි වන්නේ ඉතා සෛඛ්‍ය සම්පන්න පුරස්ථි ග්‍රන්ථියක්. යුරෝපය පුරා රෝහල් 47 ක කරන ලද අත්හදා බැලීමේදී එයට සහභාගි වූ රෝගීන්ගෙන් 49% ක්ම පූර්ණ සුවය ලබා තිබේ. "අපි ප්‍රතිකාර කරපු රෝගීන්ගෙන් අඩක්ම පූර්ණ සුවය ලැබුවා. එහෙම නැත්නම් පැතිරීම අඩු වුනා," මහාචාර්ය මාක් එම්බර්ටන් පවසයි. "ඒ වගේම විකිරණ චිකිත්සාව වගේ ප්‍රතිකාර අවශ්‍ය කරන පිරිස අඩු වුනා. මේ සියල්ලටම වඩා ප්‍රධානම දේ හැම රෝගියෙක්ම වගේ කිසිම අතුරු ආබාධයක් නැතිව සුවය ලැබීම." ප්‍රතිකාර ලැබීමෙන් පසුව පුරස්ථි ග්‍රන්ථිය ඉවත්කිරීම අවශ්‍ය වී තිබෙන්නේ රෝගීන්ගෙන් 6% දෙනකුගේ පමණයි. කෙසේ නමුත් මේ නව ප්‍රතිකාරය තවමත් රෝගීන්ට ලබාදීම ආරම්භ වී නැහැ. මෙය කෙතරම් සාර්ථක ප්‍රතිකාරයක්ද යන්න ඖෂධ පාලක බලධාරීන් විසින් ලබන වසර මුලභාගයේදී සලකා බැලීමට නියමිතයි. |
සවුදි අරාබිය විසින් යේමන ජාතිකයින් පස් දෙනකුගේ හිස ගසා මරා දමා තිබේ. | මේ අවුරුද්ද තුළ අවම වශයෙන් 46 දෙනකු හට සෞදි අරාබිය විසින් මරණීය දඬුවම පමුණුවා තිබේ අපරාධකාරී සමූහයක් ලෙසින් හොරකමේ නියැලීමේ වරදටයි මේ පස් දෙනා හට මරණීය දඬුවම පණවා තිබෙන්නේ. නිරිත දිග ජිසාන් නගරයේදී මරණීය දඬුවම ක්‍රියාත්මක කරනු ලැබූ අතර මළ සිරුරු මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබිණ. මේ අවුරුද්ද තුළ අවම වශයෙන් හතළිස් හය දෙනකු හට සෞදි අරාබිය විසින් මරණීය දඬුවම පමුණුවා තිබේ. මරණීය දඬුවම නියම කෙරෙන පිරිස ඉහල යන බැවින් හිස ගසා දැමීම වෙනුවට වෙඩි තැබීමෙන් වැරදිකරුවන් මරා දැමිය යුතුද යන්න පිළිබඳව සෞදි අරාබියනු ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. හිස ගසා දැමීම මනාව ප්‍රගුණ කල ගහලයින්ගේ හිඟයක් ඇතැයි වාර්තා වී තිබේ. |
වත්මන් ආණ්ඩුව ආගම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන පවසයි. | ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන ඒ බව කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කන්තලේ නගරයේ විවෘත කරමින්. ආණ්ඩුව එක් අතකින් මුස්ලිම් ජනතාව සනසවමින් සිටින අතරතුර අනෙක් අතින් ඇතැම් ආගමික සංවිධාන යොදා ගෙන මුස්ලිම් ජාතිකයන්ට හිංසා කරන බවටත් හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි. ජිනිවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනවලදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිවරයා ආරක්ෂා කළේ මුස්ලිම් රාජ්‍යයන් බවත් එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආගමික සහජීවනයක් නොමැති රටක නිදහස හෝ සාමය නොපවතින බවද හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියේය. |
අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සහන කටයුතු සඳහා හමුදා සාමාජිකයන් තුන්සීයකට වැඩි පිරිසක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි. | නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය. බදාදා උදෑසන මළ සිරුරු හතක් සොයා ගැනීමට හැකි වූ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසීයට කියා සිටියේ. 150 ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. දරුණු නාය යාමකට හසු වූ අරණායක සිරිපුර, පල්ලෙබාගේ සහ එළඟිපිටිය යන ගම්මානවලට අයත් පවුල් දෙසීයක් පමණ නාය යාමට ගොදුරුව අතුරුදන් වී ඇති බවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය බිය පළ කරයි. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුවේ එතරම් පවුල් සංඛ්‍යාවක් අතුරුදහන් වී සිටීදැයි යන්න නිශ්චිතවම කිව නොහැකි බවයි. නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය. අරණායක වැළලී ගිය නිවාස 'හැට හයක් හඳුනා ගැනේ' මේ අතර බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමට හසු වූ පුද්ගලයන් අතුරින් තිදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවත් තවත් දාසය දෙනකුවත් අතුරුදහන් වී සිටින බවත් පොලිසිය තහවුරු කරයි. දින තුනක් පුරා දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හමුවේ ඇතිවූ හදිසි ජල ගැලීම් සහ නාය යෑම්වලට ගොදුරු වී විසි පස් දෙනකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. බදාදා උදෑසන වන විට ගංවතුර හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. |
ළමා වියේදී තාලිබාන් සංවිධානයේ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව රටින් පිටව ගිය නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි එම ප්‍රහාරයෙන් පසු පළමු වතාවට පාකිස්තානයට පැමිණ සිටින්නීය. | දැනට විසි වෙනි වියේ පසුවන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ඇය, 2012 දී තුවක්කුරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය උදෙසා හඬ නැගීමේ හේතුවෙනි. "බියෙන් තොරව" යළි සියරට පැමිණීම තමාගේ සිහිනයක් වූ බව අගමැති කාර්යාලයේදී දේශනයක් පවත්වමින් ඇය කියා සිටියාය. ඇයගේ ආරක්ෂාව උදෙසා ඇයගේ හදිසි සංචාරය පිළිබඳ වැඩි විස්තර අනාවරණය කර නැත. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඇය සිය දෙමාපියන් ද සමග ඉස්ලාමාබාද් නුවර බෙනාසීර් බුට්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟාවන ආකාරය පාකිස්තාන රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරුණි. මලාලා යූසෆ්සායිගේ පාකිස්තාන සංචාරය දින හතරකට සීමාවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, මලාලා පදනමේ නිලධාරීන් ද ඇය සමග එම සංචාරයට එක් වී සිටිති. මලාලා වයඹ දිග පාකිස්තානයේ ස්වාත් නිම්නයෙහි පිහිටි සිය ගම්මානයේ සංචාරය කරනු ඇතැයි ද යන්න පැහැදිලි නැත. ස්වාත් නිම්නය, කලක් කැරලිකරුවන්ගේ බලකඳවුරක්ව තිබිණ. ඉස්ලාමීය සන්නද්ධ කැරලිකරුවන් සහ පාකිස්තාන රාජ්‍යය අතර දරුණු ගැටුම් පැවති සමයේ තුවක්කුකරුවෙකු විසින් මලාලාගේ හිසට වෙඩි තැබීම ජත්ය්නතය හෙළා දැකීමට ලක්විය. ඇය යළි සිය රට පැමිණීම මගින් එවක් පටන් පාකිස්තානයේ සිදුව තිබෙන වෙනස සනිටුහන් කෙරෙන බව ඉස්ලාමාබාද් නුවර සිටින බීබීසී වාර්තාකරු සෙකුන්දර් කෙර්මානි පවසයි. විශේෂයෙන්ම ගතව ගිය වසර කිහිපය තුළ කැරලිකරුවන්ගේ ප්‍රහාර අඩු වී තිබෙන බවත් රට තුළ ආරක්ෂක වාතාවරණය බොහෝ දුරට යහපත් වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. මේ තත්වය තුළ මලාලාගේ සම්ප්‍රාප්තිය බොහෝ දෙනා සාදරයෙන් පිළිගන්නා නමුත්, ඇතැමුන් ඇය "බටහිර ඒජන්තයෙක්" ලෙසින් විවේචනයට ලක් කරන බව පෙන්වා දෙන සෙකුන්දර් කෙර්මානි, ඇයට වෙඩි තබනු ලැබුවේ සීඅයිඒ සංවිධානය විසින් යයි තවත් සමහරුන් තර්ක කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි. තවත් කියවන්න: මලාලා : එක්සත් ජාතීන්ගේ ලාබාලතම සාම දූතවරිය |
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට වේගයෙන් පැතිරී යෑම නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා යමින් සිටිති. | තද රත් පැහැති අහස යට බෝට්ටුවලට නැගී පළා යෑම ඉතා "භයානක අත්දැකීමක්" බව 'මැලකූටා' ප්‍රදේශවාසීහු පවසති. නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය සම්පූර්ණ ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් හතර දෙනෙකු සහ නිව් සවුත් වේල්ස්හි එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. අද දින (දෙසැම්බර් 31) ඇති වූ විශාල ගිනි ගැනීම් හේතුවෙන් මිය ගොස් ඇත්තේ පියෙකු සහ පුතෙකු වන අතර, ඔවුන්ගේ සිරුරු 'කෝබාගෝ' නගරයේ දී හමු වී ඇත. "ඉතා දුක්මුසු තත්වයක්. ඔවුන් අනිවාර්යයෙන්ම ගින්නෙන් බේරෙන්න දැඩි උත්සාහයක යෙදෙන්න ඇති. නමුත් ගින්න ඇවිත් තියෙන්නේ උදේ පාන්දර," යැයි නිව් සවුත් වේල්ස්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගැරී වොබෝයිස් පැවසීය. සිය පවුලේ අය ද සමඟ මැලකූටා ප්‍රදේශයෙන් බෝට්ටුවකින් පළා යන අතර කාන්තාව මෙම ඡායාරූපය ගෙන තිබිණි නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා කිලෝමීටර 500ක් ඇතුළත විවිධ ස්ථානවල ලැව් ගිනි පැතිරී ගොස් ඇත. මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය වන 'ප්‍රින්සස් හයිවේ' මේ වන විට වසා දමා ඇති අතර, වෙරළබඩ නිවාඩු ගතකිරීමට සුදුසු ස්ථාන කිහිපයක් ද අවහිර කර ඇත. විපතට පත් නගරවලට අවශ්‍ය ආහාර, ජලය සහ විදුලි බලය ලබා දීමට නාවික හමුදා නැව් කැඳවීමට ඉඩ ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය. ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් නිව් සවුත් වේල්ස් සහ මෙල්බර්න් ලැව් ගිනි සම්බන්ධයෙන් පුවත් ඇසීමෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල දිවිගෙවන සිය නෑ හිත මිතුරන් බොහෝ දෙනෙකු දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සුව දුක් විමසන බව ඔස්ට්‍රේලියාවේ දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. කසුන් නිරෝෂන "අපි නිව් සවුත් වේල්ස්වල පැඩි ෆෝල්ස් දිය ඇල්ල බලන්න ගිහින් ආයෙත් එනකොට ඒ මුළු පලාතෙම අහස තද දම් පාට වෙලා තිබුණේ. වටේම ගිනි ගන්නවා. ගිනි නිවන භටයන් විශාල පිරිසක් ඒ ප්‍රදේශයට ඇවිත් හිටියා. මම ඒ වගේ දෙයක් ජීවිතේට දැකලා තිබුණේ නැහැ," යැයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැකියාවේ නියුතු කසුන් නිරෝෂන තුයියහැන්නදි පැවසීය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු දිවි ගෙවන මෙල්බර්න් නගරයට ගින්නෙන් හානි සිදුව නොමැති වුවත්, ඉන් කිලෝමීටර 50ක් පමණ එපිටින් පිහිටි 'ලේක් එන්ට්‍රන්ස්' ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ගෙන විනාශ වී ඇති බව කසුන් පැවසීය. "නගරවල මිනිස්සුන්ගේ ජීවිතවලට මේක තාම බලපාලා නැහැ. හැබැයි ගම් ප්‍රදේශ බොහොමයක ගින්න ඇවිලිලා ගිහින්. අපි යන්න හිටපු ගමන් බිමන් ගොඩක් අවලංගු කළා." "ඒ වගේම තමයි දරා ගන්න අමාරු රස්නය. අදත් මෙහෙ සෙල්සියස් අංශක 42ට ගියා. එළියට ගිහින් ඉන්නකොට වදින හුළඟට කන් දෙක පිච්චෙනවා වගේ දැනෙන්නේ," කසුන් තවදුරටත් කියා සිටියේය. මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් නිව් සවුත් වේල්ස්හි 'හියුම්' අමුණ පවා සිදී ඇති අකාරය දුටු බව ඔහු පැවසීය. 'හියුම්' අමුණ සිඩ්නි නුවර සිඩ්නි නුවර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බව එහි පදිංචි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ලාල් පීරිස් බීබීසී සිංහල සේවයට පැවසීය. "ලැව් ගිනි වැඩි වශයෙන් පැතිරී තිබෙන්නේ නගරයෙන් බොහෝ ඈත ගම් ප්‍රදේශවල. මම දින කිහිපයක් කිලෝමීටර 890ක් උතුරු ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කළා. එතකොට තද දුමකින් අහස වැසී තිබෙනවා දැක්කා." "කැලෑවල ගිනි නිවන්න අදාළ බලධාරීන් උත්සහ කරන්නේ නැහැ. ඒ ගින්න මිනිස්සුන්ට වතුර දාලා නිවන්න බැහැ. ඒකට අනිවාර්යයෙන් වැස්සක් වැටෙන්නම ඕනෙ. ඒ වෙනුවට ඔවුන් උත්සහ කරන්නේ මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගින්න පැතිරී යෑම වළක්වන්නයි," ලාල් පීරිස් පැවසුවේය. "සිඩ්නි නුවර සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අලුත් අවුරුදු සැමරුම් ද වෙනදා වගේම පැවැත්වෙනවා," ඔහු තවදුරටත් පැවසීය. "අපි වතුරට පනින්න ලෑස්ති වෙලා හිටියේ" අද දින (දෙසැම්බර් 31) උදෑසන මැලකූටා නගරයට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කළ පසු ප්‍රදේශවාසීන් සියලුදෙනා මුහුදු වෙරළට පැමිණ ආරක්ෂිත නිවාසවල ලැඟුම් ගෙන ඇත. "මිනිස්සු 4,000ක් වෙරළේ සිටියා.." "දහවල වුණත්, අවට පරිසරය මැදියම් රෑ වගේ කළුවරයි. අපිට ගින්න ඇවිලෙන සද්දය ඇසුණා. අපිට ජීවිත ගැන දැඩි බියක් ඇති වුණා," ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඩේවිඩ් ජෙෆ්රි පැවසීය. "මුහුද රට තුළට ඒම වැළැක්වීමට ගල් බැම්මක් බැඳ තිබෙනවා. ගින්න අපි ඉන්න තැනටත් පැතිරුණා නම්, අපි ඒ ගල් බැම්මෙන් මුහුදට පනින්න ලෑස්ති වෙලා සිටියේ," ඔහු තවදුරටත් පැවසුවේය. ගොඩනැගිලි කීපයක් ද විනාශ කරමින් නගරය පුරා ගින්න පැතිරී ගිය ද, සුළං හමන දිශාව වෙනස් වීම නිසා වෙරළ ප්‍රදේශයෙන් ඉවතට ගොස් තිබේ. අවසාන ආරක්ෂක පියවර අනුගමනය කරමින් ගිනි නිවන භටයන් වෙරළේ එක් රැස් වී සිට ඇත. "මිනිස්සු 4,000ක් වෙරළේ සිටියා," වික්ටෝරියා ප්‍රාන්ත හදිසි අවස්ථා කොමසාරිස් ඇන්ඩෘ ක්‍රිස්ප් වාර්තාකරුවන්ට පැවසීය. "තද අඳුරක් තිබුණා, එය සෑහෙන බය හිතෙනවා... මේ වෙලාවෙත් ප්‍රදේශවාසීන් අනතුරේ ඉන්නේ, නමුත් අපි ස්ථානගත වෙලා ඉඳලා ඔවුන් බේරා ගන්නවා, ආරක්ෂා කරනවා" යැයි ගිනි නිවන සේවාවේ ස්ටීව් වොරින්ග්ටන් පැවසීය. පසුගිය දින කීපය පුරා නැගෙනහිර 'ජිප්ස්ලෑන්ඩ්' පළාතේ පැතිරුණ ගින්නෙන් "දේපළවලට දැඩි අලාභ හානි" සිදුව ඇති බව ඔහු තවදුරටත් පැවසීය. "තද අඳුරක් තිබුණා, එය සෑහෙන බය හිතෙනවා..." පළාතේ සිටින බොහෝ දෙනෙකු සංචාරකයන් වන අතර, ඒ සියලුදෙනාට ප්‍රදේශය තුළ ම රැඳී සිටින ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. සඳුදා (දෙසැම්බර් 30) වන විට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට ප්‍රමාද වැඩි අතර, ඉවත් කර ගැනීම ද ඉතා භයානක ක්‍රියාවක් වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ගිනි නිවන භටයන් මරුට සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. පසුගිය ඉරිදා (දෙසැම්බර් 29) "මේ වියරු කාලගුණ තත්වය" නිසා ගිනි නිවන භටයෙකු මිය ගිය බව නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා පැවසීය. මෙම කාල සීමාව ඇතුළත මිය ගිය තෙවෙනි ස්වේච්ඡා ගිනි නිවන භටයා ඔහුය. ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. 28 හැවිදිරි සැමුවෙල් මැක්පෝල් මෑතක දී විවාහ වී සිය ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිට ඇත. ගින්න හේතුවෙන් හටගත් දැඩි සුළඟට හසු වී පෝල් ගමන් කරමින් සිටි ටොන් 10ක් බරැති ට්‍රක් රථය පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය. තවත් ගිනි නිවන භටයන් දෙදෙනක් තුවාල ලැබූහ. මෙම සතිය ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් සටහන් වූ අතර, තද සුළං සහ අකුණු වැදීමෙන් හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇත. මේ අතර, ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල වාර්තාගත දැඩි නියඟයක් පවතින අතර, විවිධ දේශගුණික විපර්යාස නිසා ගිනි පැතිරීම පහසුවෙන් සිදුවන බව විද්‍යාඥයෝ පවසති. ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරී ඇති ප්‍රදේශ මේ තොරතුරුද කියවන්න: |
යුද අපරාධ චෝදනා එල්ල වී සිටි කොංගෝවේ හිටපු හමුදා නායකයෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරදකරු කරන ලදි. | ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් ජමාන් කටන්ගා නිදහස් වී තිබේ ජමාන් කටන්ගා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධවලට වරද කරු වූ නමුත් ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් නිදහස් වී තිබේ. වසර 2003 දී කොන්ගෝ ජන රජයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයක් පමණක් සැලකිල්ලට ගෙන මෙම නඩු විභාගය පැවැත් වීම විශේෂ සිද්ධියක් ලෙස සැලකෙයි. කොන්ගෝ බලධාරීන් විසින් ජමාන් කටන්ගා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙන ලද්දේ වසර 2007 දී. මීට වසර දොළහකට පෙර ආරම්භ කළ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරද කරු බවට පත් කරන ලද දෙවැනි පුද්ගලයා ජමාන් කටන්ගා යි. |
අධ්‍යාපන පහසුකම් ඉහළ දිස්ත්‍රික්කවල පදිංචි දරුවන් වෙනත් දුෂ්කර පළාත්වලින් තරඟ විභාග සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් සිය දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බවට දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දෙමව්පියෝ චෝදනා කරති. | කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි නාගරික ප්‍රදේශවල දරුවන් දුෂ්කර පළාත් ලෙස සැලකෙන පුත්තලම, නුවරඑළිය වැනි ප්‍රදේශ වෙත පැමිණ උසස් පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව එම ප්‍රදේශවල දෙමාපියන් පවසති. ඒ හේතුවෙන් තම දරුවන් දැඩි පීඩාවකට පත් වී සිටින බව මාරවිල තල්විල පදිංචි ශ්‍රියානි දොන්දිනු කියා සිටියාය. එසේ වංචනික ලෙස විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වැඩි පිරිසක් ගණිත සහ විද්‍යා විෂය ධාරාවලින් උසස් පෙළ විභාගයට හැදෑරූ සිසුන් බවයි විද්‍යා අචාර්යවරයෙකු වන නොෂාන් පෙරේරා පෙන්වා දෙන්නේ. 'පරීක්ෂණ නැහැ' වංචනික ලෙස සිදු වන මෙම ක්‍රියාව තම දිස්ත්‍රික්කයේ දරුවන්ට ඍජුවම බලපාන බව ගාමිණී විජේතුංග ආචාර්යවරයා සඳහන් කළේය. වසර කීපයක පටන් මේ ආකාරයට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි සිසුන් විභාගයට පෙනී සිට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් කීප දෙනෙක් කියා සිටි බවයි ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. විද්‍යා විෂය ධාරාව නොමැති නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්රමුඛ පෙළ විද්‍යාලයක නම භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලින් පැමිණි සිසුන් විසි එක් දෙනකු නාත්තන්ඩියෙන් විභාගයට ඉදිරිපත් වන බවත් ඉහත කී සිසුහු කියා සිටියහ. 'දැඩි ක්‍රියාමාර්ග' මෙම විභාග වංචාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් අවධාරණය කරයි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඟහරුවාදා (09) ඉහත කී විද්‍යාලයට ගොස් පරීක්ෂණයක් පැවැත්වූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ පුෂ්පකුමාර කියා සිටියේය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නිම වූ වහාම අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව මෙලෙස වංචා සහගත ලෙස විභාගයට ඉදිරිපත් වූ ළමුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. |
පාකින්සන් රෝගය හේතුවෙන් හානියට පත් මිනිස් මොළයේ සෛල වෙනුවට අළුත් සෛල යෙදීම මගින් පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීමේ සහ ඇතැම්විට රෝගයේ අතුරු ආබාධ ආපසු හැරවීමේ ක්‍රමවේදයක් සොයාගත්තේ යයි විශ්වාස කරන බව විද්‍යාඥයෝ පවසති. | ඔවුන් පවසන්නේ පාකින්සන් රෝගය හේතුවෙන් විනාශ කෙරුණු සෛලවල ක්‍රියාකාරිත්වය භාරගැනීම සඳහා මිනිස් මොළයේ සෛල උපාය මාර්ගිකව පෙළඹවිය හැකි බවය. එම ක්‍රියාදාමය මගින් පාකින්සන් රෝගය හා සමාන ලක්ෂණ දක්වන මීයන්ගේ රෝග තත්වය අඩුවීමක් පෙන්නුම් කර තිබේ. 'සාධනීය තත්වයක්' මිනිසුන්ට එම අත්හදා බැලීම ආදේශ කිරීමට පෙර තවත් බොහෝ අත්හදා බැලීම් කළයුතුව තිබේ. Nature Biotechnology සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තාව රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ සාධනීය තත්වයක්වන නමුත් එය තවමත් මූලික අවධියේ පවතින්නක් බව විශේෂඥයෝ පවසති. සිය නවතම සොයාගැනීම කෙතරම් දුරට ආරක්ෂිතද යන්න සහ පාකින්සන් රෝගය හේතුවෙන් අහිමිවන ඩොෆමයින් රසායනය නිපදවන නියුරෝන මෙන් පරිවර්තිත සෛලවලට ක්‍රියාකළ හැකිද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතුව තිබේ. ඩොෆමයින් රසායනය නිපදවන මොළයේ ඇතැම් සෛල විනාශ වී ඇති හෙයින් පාකින්සන රෝගය වැළඳුන පුද්ගලයෝ ඩොෆමයින් ඌණතාවයෙන් පෙළෙති. එසේ මොළයේ සෛල විනාශ කරනු ලබන්නේ කුමක් මගින්ද යන්න තවමත් හෙළි වී නොමැත. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙසින් පාකින්සන් රෝගයෙන් පෙලෙන පුද්ගලයෝ ඇවිදීම අපහසුවීම සහ කම්පණය වැනි බෙලහීනතාවලට මුහුණ දෙති. ශරීර ශක්තිය දුර්වල කෙරෙන එවැනි රෝග ලක්ෂණ අවප්‍රමාණ කළ හැකි ඖෂධ පවතින නමුත්, පාකින්සන් රෝග කාරකයට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් තවමත් සොයාගෙන නැත. එබැවින් මෙතෙක් විද්‍යාඥයන්ගේ අවධානය පළ වී තිබුණේ රෝගය හේතුවෙන් අඩපණ කෙරුණු ඩොෆමයින් රසායනය නිපදවන නියුරෝන වෙනුවට මිනිස් මොලයට අළුත් සෛල එන්නත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවය. එහෙත් නවතම සොයාගැනීමට සම්බන්ධ වූ අන්තර්ජාතික විද්‍යාඥ පිරිස සිය අවධානය පළ කළේ සෛල එන්නත් කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් නොවන ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවය. මොළය තුළ පවතින සෛලවල ක්‍රියාකාරිත්වය යළි වර්ධනය කිරීම පිණිස ඔවුහු කුඩා මවුල එකතුවක් භාවිත කළහ. |
"පෙට්‍රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුනේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුනේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව දා ගත්තේ නැත්නම් අපිට වෙන දේ දන්නේ දෙයියෝ විතරයි. අපේ පවුලත් එක්ක මුස්ලිම් පවුල් තුනක් මේ ගෙදර ආරක්ෂාව ලැබුවා." | පසුගිය සඳුදා (මැයි 13) රාත්‍රියේ දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හමුවේ සිංහල පවුලක් තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමා සිහිපත් කළේ එලෙසිනි. "ඒ ගේ සිංහල ගෙයක්... සිංහල ගෙයක් ..." හලීමා පවසන පරිදි ඇයගේ නිවස ට එල්ල වීමට ගිය ප්‍රහාරය වැළකී ඇත්තේ ද සිංහල පුද්ගලයෙකු විසින් මාර්ගයට පැන කරන ලද එම ප්‍රකාශය හේතුවෙනි. හලීමා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ වන විටත් රැඳී සිටින්නේ සුජීවනීගේ නිවහනේය. "අපිව, අපේ ගේ බේර ගත්තා විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි. මේ දැන් තේ එක බිව්වෙත් මෙහෙන්. අපි මේ අයට ණය ගැතියි," හලීමා හැඟුම්බරව පවසන්නීය. හලීමා ගේ කෘතවේදී අදහස් දැක්වීම ගැන ප්‍රතිචාරය පළකරමින් සුජීවනී චන්දිමා පවසන්නේ, තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් "අවශ්‍ය මොහොතේ" සිය අසල්වැසියා වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව නිහතමානීව සතුටු වන බවය. ''සිංහල අය ගහන්න එද්දී හලීමා ගේ පවුලේ හතරදෙනත්, තවත් මුස්ලිම් පවුලකුත් අසරණ වෙලා හිටියේ. අපි දන්නවා මේ අය බේරා ගත්තම අපිට ගැටලු එනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ හිතුවේ අපේ ජීවිතවලට වඩා මේ අයගේ ජිවිත ගැන." සුජීවනී චන්දිමා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීමට මුලින් මැලිකමක් දැක්වූයේ ඒ නිසා විය යුතුය. සුජීවනි චන්දිමා ඇය පවසන පරිදි ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණ ඇත්තේ ගම්වාසීන් නොවේ. "මේ අය මුස්ලිම් අයට ගහලා ගියාට පස්සේ අපිට වෙන්නේ මොකක්ද කියල හිතුවද? අපි අවුරුදු ගාණක් කිසිම ගැටලුවක් නැතුව ජීවත් වුණා.නමුත් දැන් අපිට මේ තත්ත්වය ගැටලුවක්." සුජීවනීගේ නිවසේ රැකවරණ ලද පවුල් අතර මොහොමඩ් රිස්වි ඇතුළු පවුලේ සාමාජිකයන් ද විය. "හතර වටින් කෑකෝ ගහගෙන එද්දී අපිට දුවන්න තැනක් හොයා ගන්න බැරි වුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියල. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දී එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ. අපිවත් මේ කාමරයට දාලා වැහුවා," මොහොමඩ් රිස්වි පැවසීය. "කාමරේ ඇතුලේ පවුල් තුනක 14 දෙනෙක් හිටියා. කරුවල නිසා, වටේ පිටේ සද්ද නිසා ළමයි බයට කෑ ගහලා ඇඞුවා. අපි දරුවන්ගේ කටවල් තදින් වහගෙන හිටියා. අපේ ගේ ගිනි තියන්න හදද්දී බේර ගෙන තියෙන්නේ ඉස්සරහ ගෙදර සිංහල පවුලේ අය. ගිනි තියන්න ආපු අයට ඒ අය වැඳලා කියලා තියනවා ගිනි තියන්න එපා කියලා. ඒ නිසා තමයි මේ පිරිස ගිහින් තියෙන්නේ." මේ තොරතුරුද කියවන්න: පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහොමඩ් රිස්වි ඇතුළු තුම්මෝදර මැල්ලකැලේ ප්‍රදේශවාසීන් එක්ව පහන් දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරය හෙලා දකිමින් එල්ලූ බැනර් සහ සුදු කොඩි ගමේ පල්ලියේ මෙන්ම ගමේ තැන දැනටත් ඉතිරිව තිබේ. මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වි ගේ බිරිද ෆාතිමා රිස්වියා සඳහන් කළේ මේ සිදුවීම්වලට සමස්ත සිංහල ජනතාව වගකිවයුතු නොමැති බවය. "බලන්න අපිව බේර ගත්තේ කවුද? සමහර විට අපිව හැංගුවේ නැත්නම් කොට්ටරමුල්ල ගමේ වුණා වගේ සිදුවීමක් මෙහෙත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ලොකු හානියක් වුණත් බහුතර සිංහල ජනතාව මේ තත්ත්වයට වගකියන්න ඕනෑ නැහැ කියල අපි දන්නවා .ඒ වගේම අපිට ඒ අයත් එක්ක වෛරයක් නැහැ." නාත්තන්ඩිය තුම්මෝදර සහ මැල්ලකැලේ සිංහල සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් දිවි ගෙවන ප්‍රදේශ දෙකකි. එහෙත් පසුගිය සඳුදා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එකී සහජීවනයට බරපතල කලු පැල්ලමක් එක් වූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. මේ අතර හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් තුම්මෝදර ප්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර හලීමාගේ අත්දැකීම හෙළි කළේ තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් ප්‍රේමකුමාර විසිනි. "පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හලීමලා කිව්වා අපේ මූණ බලන්න බැහැ කියලා. අපෙන් සමාව ඉල්ලුවා. නමුත් අද අපිට හලීමලගේ මූණ බලන්න බැහැ. මම සමස්ථ ජාතිය වෙනුවෙන්ම අත් දෙක වැඳලා ඉල්ලන්නේ මේ සිදුවුණු දේට අපිට සමාව දෙන්න කියලයි." ඒ .කේ හලීමා සුමිත් ප්‍රේමකුමාර ගේ මූලිකත්වයෙන් මීට දින කීපයකට පෙර තුම්මෝදර විහාරස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් ගම ආරක්ෂා කර ගැනීමට කමිටුවක් ද පිහිටුවා ගෙන තිබිණි. එම කමිටුවේ දී ගත් ප්‍රධාන තීරණ අතර: පන්සියයකට ආසන්න පිරිසක් එකවර ගම තුළට කඩා වැදුණු හෙයින් තමන්ට කර කියා ගත නොහැකි තත්ත්වයක් උදා වූ බව ද තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා පැවසීය. සුමිත් ප්‍රේමකුමාර "අපි පුලුවන් තරම් උත්සහ කළා පිට ගම්වලින් මේ ගමට එන පිරිස වළක්වන්න. නමුත් පිරිස වැඩි නිසා යමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ අය ඇවිල්ල ගහගෙන ගියා. පල්ලි දෙකටම ගැහුවා. හැබැයි අපිට පුළුවන් වුනා අපේ ගෙවල්වලට මේ අය දාගෙන දොරවල් වහගන්න. මේ සිංහල ගෙයක් කියල ගෙවල් කීපයක් බේරගන්නත් අපිට හැකිවුණා. ඒ අය කඩල බිඳලා දාල ගියේ මේ ගෙවල්, පල්ලි විතරක් නෙමෙයි. අපේ හිතුත් ඒ අතර තියනවා." මේ වන විට මෝදර ප්‍රදේශයට නාවික හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබේ. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් සති තුනකට පසු දියත් වූ මුස්ලිම් විරෝධී රැල්ල දේශපාලන උවමනාවක් මත සිදු වූ බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වේ. එකිනෙකා කෙරෙහි බිය සැක ඇතිවන ආකාරයෙන් පුවත් වාර්තා කළ බවට ඇතැම් මාධ්‍ය ආයතන ද චෝදනාවට ලක්වෙමින් පවතී. අසූ තුනේ "කළු ජූලිය" අතරතුරදී මෙන් පසුගියදා දියත් වූ ප්‍රහාර අතරතුර ද කොල්ලකෑම් සිදුව ඇති බව තවත් එක් චෝදනාවකි. තවත් තොරතුරු: |
රජයේ නිලධාරීන් අධිකරණයට කැඳවීම ඔවුන්ට කරන හිරිහැරයක් සේ සැලකිය යුතු නැතැයි අභියාචනාධිකරණය රජයට දැනුම් දුන්නේය. | අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා මේ බව දැනුම් දුන්නේ හිටපු නීතිපති වරයා අධිකරණයට කැඳවමින් කළ නියෝගයක් අත් හිටුවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ. විනිසුරු රංජිත් ද සිල්වා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා හැර අන් කිසිවකුටත් අධිකරණය හමුවේ මුක්තියක් නැති බව. හිටපු නීතිපති මොහාන් පීරිස් ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කැරුණේ මෙයින් දෙ සතියකට පෙර. ප්‍රගීත් එක්නැලිගොඩ වසර දෙකහමාරක ට ආසන්න කලකට ඉහතදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් පිළිබඳව තොරතුරු හෙළි කොට ගැනීම පිණිසයි හෝමාගම මහේස්ත්‍රාත් වරයා හිටපු නීතිපති වරයා අධිකරණයට කැඳවුයේ. රජය එය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේ රාජකාරියක නිරත වෙමින් රජයේ නිලධාරියකු කරන ප්‍රකාශයක් පිලිබඳව විමසීම මහජන අභිලාෂයන්ට හානි පමුණුවන බව සඳහන් කරමින්. හිටපු නීතිපති වරයා එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවේ රජය නියෝජනය කරමින් කියා තිබුනේ ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ ගතව ඉන්නා බව. ජිනීවා විමර්ශනය වධ හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉකුත් නොවැම්බරයේ ජිනීවා නුවරදී කළ විමර්ශනයක දී හිටපු නීතිපති මොහාන් පීරිස් ප්‍රකාශ කළේ එක්නැලිගොඩ මාධ්‍ය වේදියා විදේශීය රටක සරණ ලබා සිටින බව. "මේ බව අපට හොඳටම සහතිකයි," යනුවෙන් සඳහන් කරමින් හිටපු නීතිපති වරයා ජිනීවා නුවරදී කළ ප්‍රකාශයේ වීඩියෝ පටයක්ද ඉදිරිපත් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටියේ සිය සැමියා ප්‍රගීත් ඉන්නා තැනක් පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මොහාන් පීරිස් අධිකරණයට කැඳවන ලෙස. අභියාචනාධිකරණය ඊට ඉඩ සලසමින් දුන් තීන්දුව අගය කරමින් බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් ට කතා කළ සන්ධ්‍යා එක්නැලිගොඩ, හිටපු නීතිපති වරයා ඔහු දන්නා තොරතුරු හෙළි කරනු ඇතැයි විශ්වාසය පළ කළා. ප්‍රගීත් සොයා ගැනීම සඳහා සන්ධ්‍යා ගොණු කළ නඩුව ලබන මස පස් වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. |
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. | ඔහුට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද ඉවත් කර ඇති බවයි වාර්තා වූයේ. මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. මාස කිහිපයක් තිස්සේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් අවි ගබඩාව පිළිබඳව කරුණු කිහිපයක් විමසා බලමු. සිදුවූයේ කුමක්ද? ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී අවි ගබඩාවක් සොයා ගැනුණි. රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තිබීය දී සොයා ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ දී එම ආයුධ තොගය සහ අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවකට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට පැවසීය. සමාගමේ අයිතිය කාටද? රක්නා ලංකා ආරක්ෂක භටයන් අවි ගබඩාව පවත්වාගෙන ගිය නෞකාව අයත් වන්නේ, මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට යි. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව 2011 දී ලියාපදිංචි කරන ලද සිය සමාගමේ සේවය කරන 8000 කට ආසන්න සේවකයන් අතරින් අති බහුතරය විශ්‍රාමික හමුදා සෙබළුන් සහ ඉහල නිලධාරීන් බව අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති බීබීසීයට පවසා තිබුණි. ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින රක්නා ලංකා සමාගමෙන් අවි ආයුධ සහ සේවාවන් ලබා ගෙන සිය සමාගමේ කටයුතු පවත්වා ගෙන ගිය බව පවසන ඔහු, හිටපු නාවික හමුදාපතිවරුන් වන දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරුන් මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ද සිය සමාගමේ සේවයේ නිරතව සිටින බව ද සඳහන් කළේය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් ආයුධ අයිති රක්නා ලංකා ආරක්ෂක සමාගමටයි. මෙම ආරක්ෂක සමාගම පාලනය වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන අතර එවකට ආරක්ෂක ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ යි. චෝදනා මොනවාද? රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වූ රජයට අයත් සමාගමක් වූ නමුත්, ඇවන්ගාඩ් වැනි පුද්ගලික ආරක්ෂක සමාගමකට එසේ අවි ගබඩා පවත්වා ගෙන යාමේ නීතිමය බලයක් තිබෙන්නේද යන්න සහ එවැනි සමාගමකට අවි ආයුධ පවරා දිය හැකිද යන්න පිළිබඳව මෙම විමර්ෂණය පැවැත්වෙන බවයි පොලිසිය කියා සිටියේ. මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන ලදී. ජනාධිපතිවරණ සමයෙහි ‘රක්නා ලංකා’ සේවකයන් පන්සීයක් පමණ දේශපාලන කටයුතුවල නිරත කර වීම ගැන පෙත්සමක් ලැබී ඇති බව මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා පැවසීය. ගත් පියවර මොනවාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට රටින් පිටවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් පනවන ලදී. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මංජුල යාපාටත් ඉහත කී විදේශ සංචාර තහංචිය බල පැවැත්වුණි. රක්නා ලංකා සමාගම හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කිරීමට වරාය අධිකාරිය ක්‍රියා කර තිබේ. එවකට තිබුණු ප්‍රතිචාර මොනවාද? ජනවාරි අට වැනිදා අරලිය ගහ මන්දිරයේ සිදු වූ බවට චෝදනා එල්ල වුනු කුමන්ත්‍රණය සඳහා මෙම අවි ගබඩා කර තබන්නට ඇති බව ඇතැමුන් ප්‍රකාශ කළහ. නිසි බලපත් සහ අවසරයක් නොමැතිව අවි ආයුධ රටට ආනයනය කර ඇති බවට චෝදනා කරමින් මාධ්‍ය වාර්තා පළ විය. මෙම අවි ආනයනය කිරීමේ දී සිදු වූ මුදල් ගනුදෙනුවලදී විදේශ විනිමය දූෂණ සහ වංචාවන් සිදු වී ඇති බවටද චෝදනා පළ වී තිබුණි. අවි ගබඩා කර තැබීමේ දී අනුගමනය කළ යුතු නීති රීති උල්ලංඝනය කර ඇති බවත් ප්‍රකාශ විය. රජය සතු අවි තුන් වැනි පාර්ශවයක් අතට පත් කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අන්තර්ජාතික නීතිය ද උල්ලංඝනය කර තිබෙන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ. |
ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරළිකරුවන් සහ ආණ්ඩුවේ හමුදා අතර හටගත් දරුණු ගැටුම්වලදී විසි දෙනෙකුවත් මිය ගොස් හැත්තෑ දෙනෙක් පමණ තුවාල ලැබූහ. | මිය ගිය කැරළිකරුවෙකු වෙනුවෙන් හඬා වැළපෙන කාන්තාවක් විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාර හමුවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සිවිල් වැසියන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි. මෑත යුගයේ ඉන්දීය පාලිත කාශ්මීරයේදී දිනක් ඇතුළත් මියගිය විශාලම පිරිස මෙය බව කාශ්මීර බලධාරීහු පවසති. කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර දශක ගණනාවක් මුළුල්ලේ දැඩි මතභේද පවතින අතර, එය පදනම් කරගෙන දෙපාර්ශවය අතර වරින්වර ගැටුම් ද හටගත්තේය. සිවිල් වැසියන්ට අමතරව ඉන්දීය හමුදා භටයන් තිදෙනෙකු සහ කැරළිකරුවන් යැයි සැක කරන දහතුන් දෙදෙනකුත් ඉරිදා සිදු වූ ගැටුමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය පාලිත කාශ්මීරයේ සිවිල් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් කාශ්මීරයේ නිදහස වෙනුවෙන් සටන් වදින හෝ පාකිස්තානයට පක්ෂපාතී කැරළිකරුවන්ට සහාය පළ කරති. මුර සංචාරයේ යෙදී සිටින ඉන්දියානු හමුදා භටයන් මේ තොරතුරු ද දැනගන්න: |
යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ. | එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇත. ඇමරිකාවේ තුළ වසරකට අලෙවිකෙරෙන මිලියන 17 ක වාහන සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ම යතුරක් නොමැතිව පණගැන්විය හැකි මෝටර් රථ වේ. බොත්තමක් තද කිරීමෙන් රථය පණ ගන්වා වාහනයෙන් බැස ඉවතට ගිය පසු අතපසුවීමකින් එය නතර නොකර බොහෝ වෙලාවක් එන්ජිම ක්‍රියාත්මක වී පැවතුනහොත්, වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් අධික ප්‍රමාණයක් අවට වාතය සමග මිශ්‍ර වේ. එලෙස පිටවන විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිශ්චිතව දැන ගැනීමට අපහසු වන අතර, එම මරණ වාර්තා කර ගැනීමට එක් විශේෂ ආයතනයක් තවමත් පිහිටුවා නොමැත. පොලිස් වාර්තා, නඩු, ප්රවෘත්ති වාර්තා, ගිනි නිවන හමුදා සහ මෙම ගැටලුව පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සදහා ක්‍රියාකරන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පෙර සඳහන් කළ මරණ සංඛ්‍යාව වාර්තා කර ඇත. මේ තොරතුරුද කියවන්න: යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථ ලෝකය පුරා විශාල වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි රථවල යතුර වෙනුවට රියදුරු සතුව කුඩා උපාංගයක් තිබිය යුතු අතර, එහි ඇති බොත්තම තද කිරීමෙන් වාහනය පණ ගැන්විය හැකිය. එම උපාංගය වාහනය තුළ නොමැතිව එය පණ ගැන්විය නොහැක. නමුත් එම උපාංගය වාහනයෙන් ඉවතට රැගෙන ගිය විට පවා එහි එන්ජිම නවතින්නේ නැත. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව යතුර වෙනුවට ඇති උපාංගය සමග රියදුරා රථයෙන් බැස ගිය පසු සමහර දෙමුහුන් (Hybrid) මෝටර් රථවල එන්ජිම ස්වයංක්‍රීයව නතර වන ලෙස නිර්මාණය කර ඇත. නමුත් එවැනි වාහනවල බැටරියේ ආයු කාලය අවසන් වෙමින් පවතින විට පෙර සඳහන් ක්‍රියාව හරියාකාරව සිදු වන්නේ නැත. මෙතෙක් වාර්තා වී ඇති මරණ බොහොමයක් සිදු වී ඇත්තේ, පිටතින් වැසිය හැකි ගරාජයක් ඇතුළත අතපසුවීමකින් තම වාහනය පණ ගන්වා යෑමෙන් එයින් පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව නිවාස තුළට ඇතුළු වීමෙන් යැයි 'ද නිව්යෝර්ක් ටයිම්ස්' වාර්තාවේ සඳහන් විය. තවත් තොරතුරු: සමහර මෝටර් රථ නිෂ්පාදකයන් මෙම තත්වය පිළිබද රියදුරන්ට අනතුරු අඟවන සටහන් රථය තුළ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. "පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට තමයි අප ප්රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ. ටොයෝටා ආයතනය නිෂ්පාදනය කරන 'ස්මාර්ට්' යතුරු ක්‍රමය පිළිගත් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව හෝ ඒවා අභිබවමින් තිබෙනවා" යැයි ටොයෝටා ආයතනයේ ප්‍රකාශකයෙකු බීබීසී වෙත පැවසීය. මෙම ගැටලුව මුල් කොට ගෙන ඇමරිකානු පුද්ගලයන් කණ්ඩායමක් 2015 වර්ෂයේ දී ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදකයන් දස දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළහ. එහිදී අදාළ තාක්ෂණය "මාරාන්තික" දෙයක් ලෙස හැඳින්විණි. කෙසේ වෙතත්, 2016 වර්ෂයේ දී විනිසුරුවරයෙකු විසින් එම නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබීය. |
මැදපෙරදිග කලාපයේ රටවල් හයක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන නව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කරමින් සිටී. | ඒ අනුව ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ඇතැම් ස්මාර්ට් ජංගම දුරකතන, මගීන් අත ගෙන යන ගමන් මලු තුළ රැගෙන යෑම තහනම් කෙරෙනු ඇත. බ්‍රිතාන්‍ය බලධාරීන් එම පියවර නිවේදනය කළේ එම කලාපයේ රටවල් අටක සිට ඇමෙරිකාව දක්වා කෙරෙන සෘජු ගුවන් ගමන්වලදී මගීන් අත ගෙන යන ගමන් මලු තුළ එවැනි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම ඇමෙරිකානු බලධාරීන් විසින් අඟහරුවාදා උදය වරුවේ තහනම් කිරීමෙන් අනතුරුවයි. අදාළ තහනම අත්‍යවශ්‍ය බව පැවසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බව සඳහන් කළේය. බුද්ධි අංශ වාර්තා ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එකී ක්‍රියාමාර්ගය ගත් බව ඇමරිකානු බලධාරීහු පවසති. ගුවන් යානා මගී කුටි තුළ ජංගම දුරකතනයකට වඩා ප්‍රමාණයෙන් විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම තහනම් කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් සේවා නවයකට පැය 96 ක කාල සීමාවක් ලබා දී තිබේ. |
කුල පදනම මත තමන් නොසලකා හැර ඇති බව යාපනය නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි කරෙයිනගර් දූපතේ පදිංචිකරුවෝ පවසති. | කරෙයිනගර් වෙරළ තීරය කුල පීඩනය හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවලට උතුරේ ජනාධිපතිවරණ වේදිකාවේ ඉඩක් වෙන් නොවන බවට ඔවුහු මැසිවිලි නගති. "කරෙයිනගර් දූපතේ පාසල් දොළහක් තිබෙනවා. ඒ පාසල් දොළහටම ඉන්නේ එකම ඉංග්‍රීසි ගුරුවරයයි. සිංහල ගුරුවරු නම් එක්කෙනෙක්වත් නැහැ. අපේ ඉස්කෝලෙ ඔක්කොම ගුරුවරු හයයි. කුල ප්රශ්නය නිසා පුහුණු ගුරුවරු එන්නේ නැහැ," යනුවෙන් කරෙයිනගර් ඌරෛ ඇමෙරිකානු මිෂන් මිශ්‍ර පාසලේ සේවයේ නිරත ගුරුවරියක වන පදීපන් උමාදේවී පවසයි. "අපිට දරුණුම ප්රශ්නය ජලය. වැසි ජලය එකතු කරගැනීමට දැන් අපි උත්සාහ කරනවා. ඒත් නියං කාලයේදී කිසිම උත්තරයක් නැහැ," "පළාත් සභාව හෝ මධ්‍යම ආණ්ඩුව අපි ගැන හොයන්නෙත් නැහැ. මේ දරුවන් ඉගෙනගන්න හරිම ආසයි. ඒත් ප්‍රශ්නයට උත්තරයක් නැහැ. මේක දුක්බර කතාවක්" එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධය අතරතුර 90 දශකයේ මුල් භාගයේදී කරෙයිනගර් දුපත ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට ගනු ලැබිණි. එවක එහි සිටි පදිංචිකරුවන්ගෙන් වැඩි දෙනෙකු වන්නියට පළා ගිය බවත් නැවත සිය උපන් ගම බලා පැමිණීමට හැකි වූයේ ඉන් පිරිසකට පමණක් බවත් දැනට එහි වෙසෙන පදිංචිකරුවෝ පවසති. ග්‍රාම නිලධාරි වසම් නවයකින් යුක්ත කරෙයිනගර් සඳහා වෙනම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලැබුවේ 2003 වසරේදීය. කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එහි 2018 වසරේ සංවර්ධන අවශ්‍යතා ලෙස දක්වා ඇත්තේ: කරෙයිනගර් වැසියන් පවසන්නේ තමන්ට පිරිසිදු ජලය ලබා ගැනීම පවා ගැටලුවක් වී ඇති බවය. ප්‍රදේශයේ මාර්ග අබලන්ව ගොස් ඇති බව තවත් එක් චෝදනාවකි. තමන්ට ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍යාධාර නොලැබීමට "කුලය හේතුවක්" වී ඇති බව ඔවුහු පවසති. දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් හෝ සිය ගැටලු විසඳා ගැනීමේ අරමුණ ඇතිව කරෙයිනගර් වාසීන් ප්‍රජා සංවර්ධන සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවේ එවන් පසුබිමකදීය. ප්‍රජා සංවර්ධන සංවිධානයේ නියෝජිතයන් තිදෙනෙකු 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයයේදී කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට තරග කර තේරී පත් වූයේ ඒ පසුබිම තුළය. 'මාළුවා' ඡන්ද ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කර මන්ත්‍රී ධුර තුනක් දිනා ගත්ත ද ජලය ලබා ගැනීම, යටිතල පහසුකම් සහ අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම තවමත් අභියෝගයක් වී ඇති බව කරෙයිනගර්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන වී.අප්පුතුරෙයි පවසයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී අප්පුතුරෙයි ඉරණමඩු ජලාශයෙන් කරෙයිනගර් වෙත ජල යෝජනා ක්‍රමයක් සැලසුම් කෙරුණද උතුරේ "කුලවාදී දේශපාලනඥයන්ගේ විරෝධය" හමුවේ එය ක්‍රියාත්මක නොවූ බව ඔහු කියා සිටියේය. "අපිට දරුණුම ප්රශ්නය ජලය. වැසි ජලය එකතු කරගැනීමට දැන් අපි උත්සාහ කරනවා. ඒත් නියං කාලයේදී කිසිම උත්තරයක් නෑ. මුහුදු වතුරෙන් පානීය ජලය සැකැසීමේ යෝජනාවක් ඒ දවස්වල තිබුණා. පසුව ඒකත් යට ගියා. " යනුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.අප්පුතුරෙයි සඳහන් කළේය. "පළාත් සභාවෙන් අධ්‍යාපනයට කිසිම මුදලක් වෙන් කෙරෙන්නෙත් නැහැ. මහාමාර්ගවලටත් එහෙමයි. පාරවල් පිළිසකර කළේ ජපන් ආධාරවලින්. කොන්ක්‍රීට් පාරවල් හදන්න රුපියල් කෝටි හතරක් ලැබුණා. ආණ්ඩුවේ ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වුණෙත් පක්ෂවලට බෙදිලයි" ජාතික විද්වත් සංවිධානයේ සාමාජිකයකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් කරෙයිනගර්හි පවතින සමාජීය ගැටලු පිළිබඳ අධ්‍යනය කළ අයෙකි. එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි අවධියේ කුල පීඩනය යම් ආකාරයකින් අඩු වී තිබූ බව ඔහු පවසයි. සන්නද්ධ අරගලයට සහභාගී වූ එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුල පීඩිතයන් වීම ඊට හේතු වන්නට ඇති බව ඔහුගේ අදහසය. "මම මාස ගණනක් තිස්සේ මෙහි කළ අධ්‍යයනයේදී දුටුවේ කරෙයිනගර් වැසියන් කියන්නේ අතීතයේ පටන්ම මෙම ප්‍රශ්නයෙන් බැට කෑ පිරිසක් බවයි. ඔවුන් සමග කතාබහ කරද්දී මට දැනුණේ යටපත්ව තිබූ කුලපීඩනය යළි හිස ඔසවන ආකාරයක්" "හින්දු ආගමේ ජලය සැලකෙන්නේ පිරිසිදුකමේ සංකේතයක් වශයෙන්. හැබැයි කරෙයිනගර් යථාර්ථයේදී ජලය පිරිසිදු වෙන්නේ කුලවතුන්ට පමණයි. කුල පීඩිතයන් පානය කළොත් ඒ ජලය අපිරිසිදු වෙනවා යැයි කුලවතුන් විශ්වාස කරනවා. කරෙයිනගර් පමණක් නෙවෙයි. යාපනය පුරාම ඇතැම් කෝවිල්වලට කුලපීඩිත ජනයාට ඇතුලුවීමටවත් බැහැ. ජාතියෙන් භාෂාවෙන් පමණක් නෙවෙයි, ආගමෙනුත් මේ ජනයාට වෙනස් ලෙස සැලකෙන්නේ." යනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියා සිටියේ "දකුණේ වැඩවසම් සමාජය තුළ මෙන්ම උතුරේ වැඩවසම් සමාජය තුළත් කුලවාදය පොදු ලක්ෂණයක් ලෙස" දැකිය හැකි බවය. එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති කාලය තුළත් ඉන් අනතුරුවත් කුල පීඩනය පිළිබඳ තත්ත්වය පවතින බව ඔහු පවසයි. කරෙයිනගර්හි පිහිටි හින්දු කෝවිලක් කුලයෙන් ඉහළ යැයි සැලකෙන ඇතැම් සිවිල් ක්‍රියාධරයන් කුල පීඩනයට එරෙහිව යම් හඬක් නගන තත්ත්වයක් ද උතුරේ දක්නට ඇත. දීර්ඝ කාලයක් පුරා පැවති සමාජ සම්මත වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති විශ්‍රාමික ඉංජිනේරු එන් සූරියනායගන් පෙන්වා දෙයි. "රැකියාවකට හෝ ජීවිතයේ වැදගත් කවර අවස්ථාවකට ඇතුලුවීමේදී දෙමළ සමාජයේ මිනිසුන්ගෙන් ඉහළ කුලවල අය විමසන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමා වාසය කරන ගම් පළාත. ඉන්පසුව ඔවුන් තව දුරටත් හාරා අවුස්සා ගමේ වීදිය, දේවාලය ගැන අසනවා. ඔවුන් එයින් ඔහු හෝ ඇය පහළ කුලයකදැයි කියා නිශ්චය කරගන්නවා" යනුවෙන් ඔහු සඳහන් කළේය. රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමේදී පවා කුලය මත වෙනස් ලෙස සැලකීම දැකිය හැකි බව ඔහුගේ අදහසය. "මොකද බොහෝ තනතුරු නියෝජනය කරන්නෙත් කුලවතුන්. එහෙත් මෙහි උත්ප්රාසය වන්නේ එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන ජනයා එය තේරුම්ගන්නේ ආණ්ඩුව කරන වැඩක් හැටියටයි. මොකද ඔවුන් එය හඳුනාගන්නේ මේ කුල පීඩිත තත්ත්වය රජය දැනුවත්ව මෙහෙයවන ක්‍රියාවලියක් හැටියට වීමයි." "අතීතයේදී කොමියුනිස්ට් පක්ෂයේ සී සුබ්රමනියම්ලා කුලපීඩිතයන්ට යම් හෝ අවස්ථාවක් දුන්නා. අද එවැනි දේශපාලකයන් විරලයි" ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති විශ්‍රාමික ඉංජිනේරු එන් සූරියනායගන් වැඩිදුරටත් පැවසීය. කුලය මත වෙනස් ලෙස සැලකීම පිළිබඳ දෙමළ ජතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ස්කන්ධරාජාගෙන් බීබීසී සිංහල සේවය කළ මිවසීමකදී ඇය කියා සිටියේ උතුරේ ඇතැම් ප්‍රදේශ තුළ කුලය ප්රශ්නය පවතින නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවය. විශේෂයෙන් වත්මන් තරුණ පරපුර ඒ සම්බන්ධයෙන් විශේෂත්වයක් නොදක්වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. |
පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස බදාදා (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබේ. | අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධුරයේ තවදුරටත් ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමග අඟහරුවාදා (පෙබරවාරි 13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කෙරුණු බව එයට එක්ව සිටි අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමුයි අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබෙන්නේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය. තවත් කියවන්න: විශේෂයෙන්ම රටේ ජනතාව "දැනෙන වෙනසක්" ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන්ට හැඟෙන ආකාරයට එය අගමැති පදවියේ වෙනසක් බව යළිත් වරක් පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද සාකච්ඡාවට සහභාගි වී සිටියේය. එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දුන්නේය. එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ. කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව ද බීබීසී සිංහල සේවයට වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ. මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊට පෙරාතුව සඳහන් කර තිබිණ. සබැඳි යොමු : |
උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණය ලබන වසරේ පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය. | ක්‍රියාකාරී සැලසුම යටතේ එල් ආර් සී කොමිසමේ නිර්දේශ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව ජනාධිපතිවරයා පවසයි "ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තීන්ට ගරුකරමින්" උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණ ලබන වසරේ පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ දී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේ 58 වෙනි සැසිවාරය විවෘත කිරීමේ දේශනය පවත්වමින්. මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක් නියෝජනය කරමින් දහසකට අධික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවට රැස්වී සිටිති. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානයේ උප අනුශාසක පදවියද දරන ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින්, දශක තුනක යුද ගැටුම්වලින් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම (එල් එල් ආර් සී) පිහිටුවන ලද බවද ජාත්‍යන්තර නියෝජිතයන් හමුවේ කියා සිටියේය. යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාව සියයට අටක ආර්ථික වර්ධනයක ලබා ඇති බව සමුළුවට පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, එල් ආර් සී කොමිසමේ නිර්දේශ ක්‍රියාකාරී සැලසුම යටතේ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවද සඳහන් කළේය. විවෘත කිරීමේ දේශනයට පෙරාතුව සමුළුව ඇමතූ පාර්ලිමේන්තු සංගමයේ සභාපති, කථානායක චමල් රාජපක්ෂ සංගමයේ අනුශාසිකාව වන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ පණිවුඩය සභාව හමුවේ කියැවීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
වසර තුකනට පෙර ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ පැවති මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතී. | සුළු වරදකට පවා දරුවන් මරා දැමීම, ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම සහ දිනපතා සිදුවන අතුරුදහන් කිරීම් ආදී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව ඔවුහු පවසති. අන්තවාදී කණ්ඩායම විසින් කාන්තාවන්, සුළු ජන කොටස් සහ ජනජීවිතය පාලනය කරනු ලැබූ ආකාරය පිළිබඳ මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයෙන් ලැබෙන වීඩියෝ දර්ශන සහ සාක්ෂිවලින් හෙළි වේ. කෙසේ නමුත් පාසල් සහ අවන්හල් යළි විවෘත වෙමින් පවතින ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකගත හැක. අයිඑස් පාලනය යටතේ තහනම් කරන ලද ඇතැම් නිෂ්පාදන යළි වෙළෙඳසල් වෙත එමින් පවතී. ඉරාක හමුදා විසින් මෝසුල් නගරයේ ප්‍රදේශ ගණනාවක බලය තහවුරු කර ගෙන ඇතත් එහි බටහිර කලාපය තවමත් පවතින්නේ අයිඑස් පාලනය යටතේය. |
බටහිර ලන්ඩනයේ ඊලින් ප්‍රදේශයේදී තිස් හැවිරිදි පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් පුරුෂයන් එකොලොස් දෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය පවසයි. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය තුවාල ලැබූ පුද්ගලයාගේ හෝ සැකකරුගේ අනන්‍යතාවය හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි පොලීසිය පවසන්නේ පහර කෑමට ලක්වූ පුද්ගලයා උන්හිටි තැන් අහිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු ලෙස විශ්වාස කෙරෙන බවයි, දෙමළ ප්‍රජා සංවිධාන පවසන්නේ. සිකුරාදා සවස් යාමයේ චැපල් වීදියේ දී පහරකෑමට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ පුද්ගලයකු හෙලිකොප්ටරයක් යොදාගෙන රෝහලට ඇතුලත් කළ බවයි, ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. පහරකෑමට ලක්වූ තැනැත්තාගේ තත්ත්වය දැන් යහපත් අතට හැරී ඇති බවයි, පොලිස් ප්‍රකාශකයා පවසන්නේ. 'දේවස්ථානය තුල දී පහර දුන්නා' පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුන සැකකරුවන් පිරිස පොලිස් ඇප මත මුදාහරින ලද බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් සැප්තැම්බර් මාසයේ දිනෙක යලි පොලීසියට කැඳවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. "මට දැනුම් දීපු විදියට එයා කෑම ටිකක් ඉල්ලගෙන එදා කෝවිලට ගිහිල්ල තියෙනවා. ඊට පස්සේ කෝවිලේදී රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි කෝවිලේ හිටපු අය එයාට හොඳටම ගහල පාරට දාල තියෙන්නේ" දෙමළ ප්‍රජා මධ්‍යස්ථානයේ තවරානි නගුලේන්ද්‍රන් පහරදීම සිදුවී තිබෙන්නේ මහාමාර්ගයේදී බව පොලීසිය පවසන නමුත්, ඊලින් හින්දු දේවස්ථානය තුල දී ඔහු පහරකෑමට ලක් වූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු ඊට පසුදින තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි, හවුන්ස්ලෝ ප්‍රදේශයේ පිහිටි දෙමළ ප්‍රජා මධ්‍යස්ථානයේ තවරානි නගුලේන්ද්‍රන් බීබීසී සංදේශයට කියා සිටියේ. මෙසේ පහර කෑමට ලක් වූ තැනැත්තා තම මධ්‍යස්ථානයට නිරන්තරයෙන් පැමිණෙමින් සිටි ගුනම් ගුනසීලන් හෝ මුර්කන්දු සිවසීලන් විය හැකි බවයි ඇය සඳහන් කරන්නේ. සිකුරාදා සවස් යාමයේ සිට ගුනම් ගුනසීලන් දුටු කිසිවෙකු පිළිබඳව තොරතුරක් නැති බවද ඇය සඳහන් කරන්නීය. "මට දැනුම් දීපු විදියට එයා කෑම ටිකක් ඉල්ලගෙන එදා කෝවිලට ගිහිල්ල තියෙනවා. ඊට පස්සේ කෝවිලේදී රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි කෝවිලේ හිටපු අය එයාට හොඳටම ගහල පාරට දාල තියෙන්නේ," තවරානි නගුලේන්ද්‍රන් පවසන්නීය. නමුත් ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයාගේ හෝ සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා ඊලින් කෝවිලේ භාරකරුවන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. සබැඳි තේමා |
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යෝජිත සංශෝධන ඇතුළු ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම් වස් පත් කොට ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සියලු පක්ෂ සහභාගී විය යුතු බවට ඉන්දීය රජය කියා සිටී. | ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ ඇමති අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුන බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවට ගොස් සිටි ආර්ථික කටයුතු පිළිබඳ ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ශිඩ් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුන බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සංදේශයට පැවසුවේ. දෙදෙනා අතර ආර්ථික, දේශපාලනික සහ සාමාජීය වශයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වුන බව කියා සිටි ඔහු ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ඡන්දය පැවැත්වීමට ගත් තීරණය ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ශිඩ් ගේ ඉමහත් පැසසුමට ලක් වූ බව ප්‍රකාශ කළේය. ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හට ගෙන ඇති දේශපාලන ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිවරයා දැනුවත් කරමින් ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති වලට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව දන්වා සිටි බවත් ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් පැවසුවේය. ඉන්දීය විදේශ ඇමතිවරයා දැක්වූ අදහස් වලට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සියලු පක්ෂ සහභාගී විය යුතු බව අවධාරණය කෙරෙනු බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් තවදුරටත් ප්‍රකාශ කළේ. |
ළමා ලිංගික අපචාරවල යෙදුනු රෝමානු කතෝලික පූජකවරුන් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටියහ. | 'ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරන ලද හානියට මම පුද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා' ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර කතෝලික සංවිධානයක සාමාජිකයන් අමතමිනුයි, පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටියේ. "ඇතැම් පූජකවරුන් - සුළු පිරිසක් පමණක් - විසින් සිදු කරන ලද සියලු පාපී ක්‍රියාවන් වෙනුවෙන් මා පුද්ගලිකවම මැදිහත් විය යුතු බව මට හැඟෙනවා," යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ. "ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරන ලද හානියට මම පුද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා." ළමා අපයෝජක පූජකවරුන් සිය වැරදිවලට දඬුවම් විඳිය යුතු බවද පාප් වහන්සේ සඳහන් කළහ. ළමා අපයෝජක පූජකයන් සම්බන්ධ ප්රශ්නය යට ගැසීමට උත්සාහ දරන බවට ඇතැම් කතෝලික භක්තිකයෝ පාප් වහන්සේට චෝදනා කරති. කතෝලික සභාව කැලඹු මේ ආන්දෝලනය සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙතෙක් කළ දැඩිම හෙලා දැකීම මෙය බවයි, වාර්තාකරුවන් පවසන්නේ. |
ශ්‍රී ලංකාවේ පොල් වගාවට මේ වන විට වැළඳී ඇති රෝග කීපයක් හා කෘමි උවදුරු රැසක් හේතුවෙන් පොල් ගස් ලක්ෂ හතරකට අසන්න ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති පොල් පර්යේෂණ ආයතනය පවසයි. | පොල් ඉඩම් කට්ටි කර විකිනිමද මෙයට ඇතුළත් බවත් මේ තත්වය පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් පොල් පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. දකුණේ වැලිගම කොළ මැලවීමේ රෝගය , මයිටා හා කුරුමිණි උවදුරු , කොළ අංගමාරය , දළඹු උවදුරු මේ වන විට ශ්‍රී ලංකාවේ පොල් වගාවට බලපා ඇති බවයි පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ. පොල් පර්යේෂණ ආයතනයේ වාර්තා වලට අනුව වැලිගම කොළ මැලවීමේ රෝගයෙන් පමණක් රටට අහිමිවූ පොල් ගස් ගණන තුන් ලක්ෂ විසි පන් දහසකි . මෙම රෝග තත්වය මෙතෙක් දකුණට පමණක් සිමා වී තිබුනද පසුගිය මාසය වන විට මොණරාගල දක්වාද පැතිර ගොස් තිබේ . කුසීත දළඹුවා පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකම මේ දිනවල බෝවී යන දළඹු විශේෂ කීපයක් පොල් වගාවට දැඩිව හානි සිදු කර ඇත . මින් මුන්දලම ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත්තේ කුසීත දළඹුවා බවයි පොල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක ප්‍රකාශ කලේ . මේ දළඹුවා පොල් කොලය කා දමන අතර ඉරට්ට පමණක් ඉතිරි කරයි . පොල් දළඹුවා පොල් වගාවට දැඩි හානියක් කරන පොල් දළඹුවා නමැති කෘමියා මේ වන විට අරචිචිකට්ටුව බංගදෙනිය වෙහෙර කැලේ ප්‍රදේශයේ පොල් වතු කීපයකට බෝවී තිබේ . පොල් වගා කරුවෙකු වන වෙහෙරකැලේ ගමගේ පියදාසගේ පොල් අක්කර හතකින් ආරම්භ වූ මේ විනාශය ඉතා සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ප්‍රදේශයේ පොල් වගා කරුවෝ පවසති . පොල් දළඹුවා සිදු කරන්නේ කොලයේ සාරවත් කොටස කා දැමීමයි. මෙමගින් පොල් කොලය දූඹූරු පැහැ ගැන්වේ . කුරුමිණි උවදුරු කළු කුරුමිණියා හා රතු කුරුමිණියා පොල් වගාවට වින කරන ප්‍රධාන කෘමීන් ය . පොල් ගොවියෙකු වන වෙහෙර කැලේ පදිංචි උපුල් පුෂ්පකුමාර කියා සිටි ලෙස රතු කුරුමිණි හානිය සඳහා පොල් පර්යේෂණ ආයතනය දුන් නිර්දේශ වලින්ද ඵලක් වී නොමැත . පොල් කදේ මුලින් ඇතුල් වන රතු කුරුමිණියා ගසේ උඩට වන තෙක් සාරය උරා බොන අතර ඉන් පසු පොල් ගස බිමට පතිත වේ. පොල් අස්වැන්න පොල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක ප්‍රකාශ කලේ කෙතරම් ගැටළු පැවතියත් රටේ පොල් අස්වැන්න මේ වර්ෂයේ ඉහල ගිය බවයි . මෙයට ප්‍රධාන හේතුව නිසි වර්ෂාපතනයක් මේ වර්ෂය පුරා ලැබීම බවයි ඔහු පැවසුවේ . |
ගේ ආයෝජන වැඩපිළිවෙළ යටතේ කෙරන ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට යොමු කිරීමට කටයුතු කර ගෙන යන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තපා බී සී සංදේශයට කියා සිටියේය. | ඕස්ට්‍රේලියානු කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ‘මේ ව්‍යාපෘතිය සහ කැසිනෝ ක්‍රීඩාව අතර කිසිම සම්බන්ධයක් මේ අවස්ථාවේ දී නැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තපා කියා සිටියේය. මතු වූ විරෝධතා හේතුවෙන් කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දෙමින් පළ කළ ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගෙන අළුත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ආණ්ඩුව මේ අවස්ථාවේදී ඉදිකිරීම් වලට ඉඩදී පසුව කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දීමේ උපක්‍රමශීලී පිළිවෙතකට යොමු වී ඇති බවයි. සූදු ක්‍රීඩාවට ආයෝජන කරන්නෙක් සේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ආයෝජක ජේම්ස් පැකර් කැසිනෝ ක්‍රීඩාවට ඉඩක් නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකාව තුල දැවැන්ත ආයෝජනයක් කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය. ජාතික හෙළ උරුමය කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දෙමින් ජේම්ස් පැකර් ගේ ආයෝජන වලට අනුමැතිය ලබාදීමට මුලින් විරුද්ධ වූ නමුත් දැන් ඉදිරිපත් කොට ඇති අලුත් ගැසට් නිවේදනයේ කැසිනෝ ක්‍රීඩාව පිළිබඳව සඳහනක් නොමැති හෙයින් තමන් විරුද්ධ නොවන තමුන් මේ ආයෝජන පිළිබඳව විමසිලිමත්ව බලා සිටින බව ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය කියා සිටින්නේ ආයෝජක ජේම්ස් පැකර් ගේ ක්‍රවුන් සමාගම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග කැසිනෝ ක්‍රීඩාවට තිබෙන ඉඩකඩ පිළිබඳව වැඩි දුර සාකච්ඡා කරමින් සිටින බවයි. යෝජිත ආයෝජනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හාරසීයක් බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. |
සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි. | MOAB බෝම්බය පරීක්ෂණ අවස්ථාවකදී පතිතවීමක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙසය. 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරිණි. 2003දී MOAB බෝම්බය ෆ්ලොරිඩා හිදී පුපුරුවා හැරුණු අවස්ථාවක් වැරදුනු කුරුමානම පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්තානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙලනු ලැබූ බවය. මේ පිලිබඳ තොරතුරු හෙලිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දීය. හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගියහ. 'මව් බෝම්බයේ' වගතුග ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය. පරීක්ෂණයට සුදානම් කෙරුණු MOAB බෝම්බය ෆ්ලොරිඩා හි එග්ලින් ගුවන් හමුදා කඳවුරේදී "ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුනා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුනා." යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පැවසීය. අරාබි රටවලින් ඇෆ්ඝනිස්තානය වෙත අයිඑස් සටන්කරුවන් ගෙන්වා ඇත. ප්‍රහාරයේ ප්රථිඵලය කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පැවසුවේ ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවය. GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙලනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි. |
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කිරීමේ දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් කිහිපයක් පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය තීන්දු කිරීම පිණිස නව විනිසුරුවරයාට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. | සෙලාන් බැංකුවේ හිටපු සභාපතිවරයාගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබිණ අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බවට තර්ක කරමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සම් හතරක් නිමල් ගාමිණී අමරතුංග ප්රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට කැඳවා තිබිණ. එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නීතිපතිවරයා අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බැවින් පෙත්සම් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටියේය. එහෙත් නව අගවිනිසුරුවරයා ගේ පත්වීම නීත්‍යානුකූලව සිදුවී නොමැති බව පැවසූ පෙත්සම්කරුවන්ගේ නීතිවේදීහු පෙත්සම් නව අගවිනිසුරු වෙත යොමු කිරීමට විරෝධය පළ කළහ. දෙපාර්ශවයේ අදහස් දැක්වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය එම පෙත්සම් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත යොමු කළේය. මොහාන් පීරිස් ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබෙන අතර, කලක් මුළුල්ලේ ආණ්ඩුව ආරක්ෂා කරමින් ක්‍රියා කළ සෙලාන් බැංකුවේ හිටපු සභාපතිවරයාගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබිණ. මේ අතර දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු ජේ සී වැලිඅමුණ, එම් ඒ සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න සහ රොමේෂ් ද සිල්වා නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවීමට විරෝධය පළ කිරීමේ අත්සන් ව්‍යාපාරයක් උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපස දී දියත් කෙරින. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග සැතපෙන බුදු පිළිමයක් ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරනු ලැබීය. | දියවන්නා වෙසක් කලාපයේ වෙසක් සිරිය ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි. සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි. මේ අතර ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (මැයි 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත. ආසියානු රටවල සහභාගීත්වයෙන් වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය අද සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ. අඩි 40 ක් දිගින් යුත් සැතපෙන බුදු පිළිමය ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් වේ. |
සිය විරුද්ධවාදී පිලේ නායකයෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බෙලරුසියානු බලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුවන් යානයක් ගොඩ බානු ලැබීමෙන් අනතුරුව, ජනාධිපති අලෙක්සන්දර් ලුකෂෙන්කෝගේ ආණ්ඩුව ප්‍රබල විවේචනයට ලක්වෙමින් පවතී. | පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව සිඩ්නි නුවර සිටින බෙලරුසියානුවෝ වරින්වර උද්ඝෝෂණවල වල නිරතවූහ තරුණ මාධ්‍යවේදී රෝමන් ප්රෝතසේවිච් (Roman Protasevich) සහ ඔහුගේ පෙම්වතිය, සොෆියා සපේගා (Sofia Sapega), ගුවන් යානයෙන් පිටතට ගත් බෙලරුසියානු බලධාරීහු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. 26 වසරක් රටේ බලය හොබවන ජනාධිපතිවරයා මැතිවරණය කොල්ල කෑ බව පවසමින් බෙලරුසියාවේ විපක්ෂය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. එවක් පටන් රට තුළ විරුද්ධ පක්ෂ ආධාරකරුවන් දඩයමට ලක් වූ අතර විදේශගත බෙලරුසියානුවෝ තත්ත්වය ගැන හඬනගමින් සිටිති. 'මම බය නෑ' "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කවුරුවත් කිසිම දෙයක් කරන්නේ නෑ," කතෙරිනා පවසයි. කතෙරිනා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක පර්යේෂිකාවකි. සිය රටේ දියත් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ ආණ්ඩුව එය මර්දනය කළ අන්දම කණගාටුවෙන් යුතුව බලා සිටි බව ඇය පවසන්නීය. "මගේ පවුලේ හුඟක් දෙනෙක් ඉන්නේ බෙලරුසියාවේ. ඉතින් මම හැම මොහොතකම එයාල ගැන හිතනවා." මාධ්‍යවේදී ප්රෝතසේවිච් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව ඇයට වැටහිණ. "මම බය නෑ," ඇය පවසන්නීය. "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන එකක් නෑ." පසුගිය වසරේ අගෝස්තුවේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා රඳවා තැබුණේ අගනුවර මේ කුප්‍රකට සිර කඳවුරේය තමන් ගැන බියක් නැතත්, මවු බිමේ වෙසෙන සිය ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ආරක්ෂාව ගැන ඇය පසුවන්නේ බියෙනි. සිය සම්පුර්ණ නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියේ ද එබැවිනි. "මගේ තාත්තව ඇරෙස්ට් කළා, යාලුවෝ ඇරෙස්ට් කළා ... මම කවදාවත් හිතුවේ නෑ මගේ තාත්තට හිරේ ලගින්න වෙයි කියල." විශ්‍රාමික විද්‍යාඥයෙකු වන ඇගේ පියා නත්තල ගතකළේ සිර කුටියකය. එහිදී ඔහුට කොවිඩ් රෝගය ද ආසාදනය විය. "ඉතිහාස ගුරුවරයෙක්, දර්ශන විද්‍යා මහාචාර්ය කෙනෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි ගණිතඥයෙක් එයා එක්ක හිරේ හිටිය කියල තාත්ත කිව්වා." තරුණ මාධ්‍යවේදියා සහ ඔහුගේ පෙම්වතිය මින්ස්ක් අගනුවරදී බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගනු ලැබිණ ජනපතිවරණයෙන් අනතුරුව මතු වූ තත්ත්වය හමුවේ කතෙරිනා ද එරට වෙසෙන අනෙක් බෙලරුසියානු වැසියන් සමඟ උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය. ඒ අතර ඇය අනතුරට මුහුණ දී සිටින සිය රටවැසියන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ උපකාරක පන්ති ආරම්භ කළාය. රටවැසියන්ට පහරදීම ප්‍රතික්ෂේප කොට සිය රැකියාව අත්හැර දැමූ පොලිස් නිලධාරියෙක් ද ඇගේ අන්තර්ජාල සිසුන් අතර සිටියි. "මිනිස්සුට ගහන්න බෑ කියල එයා පොලිසියෙන් අයින් වෙලා." තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් සොයා ගැනීමට උපකාරවීම පිණිස දැන් ඇය ඔහුට ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වන්නීය. "අඩුම ගානේ අපි එයාලව අමතක කරලා නෑ කියල මගේ රටේ මිනිස්සුන්ට ඒකෙන් තේරෙනවා." "මුලින්ම උද්ඝෝෂණ කළේ මට අවුරුදු නමයේදී" මාෂා සබාරා සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි 23 හැවිරිදි මාෂා (මරියා) සබාරා, සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි. 16 වෙනි වියේ දී වැඩිදුර අධ්‍යාපනය පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණි මාෂා (Masha Zabara), බෙලරුසියානු පාලනාධිකාරියට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූයේ ඊට කලෙකට ඉහතදීය. පළමු වරට විරෝධතාවකට එක්වන විට ඇය නව හැවිරිදි දැරියක් වූවාය. "මම යාළුවෙක් එක්ක පන්ති කට්කරලා කොඩියකුත් ඇඟේ බැඳගෙන පෙළපාලියට ගියා. ටික වෙලාවකින් තාත්ත ඇවිත් මාව ඇදගෙන ගියා," ඇය සිනහසෙමින් බීබීසීය සමඟ විස්තර කළාය. දැන් ඇය එක්සත් ජනපදයේ සිට වීඩියෝ පට නිර්මාණය කරමින් බෙලරුසියාවේ තත්ත්වය ගැන ලොවට වටහා දීමට උත්සහ දරන්නීය. ඇය පවසන්නේ, ජනපතිවරණය කොල්ල කෑ බවට චෝදනා කරමින් පසුගිය වසරේ ජනතාව දස දහස් ගණනින් බෙලරුසියාව පුරා වීදි බසිනු දැක තමන් දිරිමත් වූ බවය. "ගිය අවුරුද්ද අපේ බලාපොරොත්තු කුල්මත් වුණ අවුරුද්දක්. රතු, සුදු කොඩි අරගෙන ඒ මිනිස්සු වීදි බැහැල ඉන්නවා දැකීමම හරිම අසිරිමත් දර්ශනයක්," මාෂා බීබීසීය සමඟ පැවසුවාය. "ඇත්තටම ගිය අවුරුද්දේ මට ආයෙත් මගේ රටට යන්න හිතුණා." මාෂා, බෙලරුසියානු විරුද්ධ පක්ෂයේ සංකේතය බවට පත් රතු සහ සුදු වර්ණ සහිත ධජය ලෙලවමින් එම උද්ඝෝෂණවල වීඩියෝ පට එකතු කොට ඇය ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළාය. "බෙලරුසියාවේ වෙන්නේ මොකක්ද කියල පිටරටවල හුඟක් දෙනා දැනගෙන හිටියේ නෑ." එහෙත් දැන් ලොව පුරා බොහෝ දෙනා යළිත් බෙලරුසියාව දෙස අවධානයෙන් බලා සිටිති. තරුණ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සිදුවූ දේ පැහැදිලි කරමින් ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කළාය. මිලියනයකට ආසන්න පිරිසක් එය නරඹා තිබුණි. "වීඩියෝව හදන කොට ඉන්ස්ටග්‍රෑම් එකේ මට හිටියේ 1000 ක විතර පිරිසක් ඒත් දැන් 10,000 කට වැඩියි." පසුව එම වීඩියෝ පටය ටික්ටොක් ජාලයේ ද බෙදා හැර තිබිණ. "ඇත්තටම මම සුබවාදීයි," ඇය පවසන්නීය. "ලෝකේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ තරුණ,තරුණියෝ. උදාහරණයක් විදියට පරිසර උද්ඝෝෂණ බලන්න." සිය නම සහ ඡායාරූපය සැඟවීමට වෑයම් නොකළත් ඇය පවසන්නේ, එය සිය නිර්භීතකමේ ලකුණක් නොවන බවය. "මම හිතන්නේ මම කිසිම දෙයක් නොකර හිටියත් මගේ බය අඩුවෙන්නේ නෑ." "බෙලරුසියානුවෙක් වීම ගැන ආඩම්බරයි" යූලියා, ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙසෙන තොරතුරු තාක්ෂණ ශිල්පිනියක වන යූලියා, සිය සම්පූර්ණ නම හෙළිනොකරන මෙන් ඉල්ලා සිටියාය. "මම ඩෙන්මාර්කයේ බොහොම ආරක්ෂා සහිතව ඉන්නවා. ඒත් බෙලරුසියාවේ ඉන්න මගේ අම්මල, නෑයෝ, යාලුවෝ ගැන මට බයයි." "මගේ අම්මල, තාත්තලත්, ආච්චි, සීයලත් තාම ඉන්නේ බෙලරුසියාවේ." එහෙත් සිය රටේ පවතින තත්ත්වයට එරෙහිව හඬ අවදිකළ යුතු බවට ඇය අදිටන් කරගෙන සිටින්නීය. ඇය ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි. "දැන් පුදුම විදියේ සහයෝගයක් මතුවෙලා තියෙනව," ඇය පවසන්නීය. "කලින් දැනගෙන හිටියේ නැති ගොඩක් දෙනා දැන් එකිනෙකා හඳුනාගන්නවා." එකමුතුව උද්ඝෝෂණවල නිරතවන ඔවුහු, ජීවිතාරක්ෂාව පතා රටින් පලා ගිය බෙලරුසියානුවන්ට ආධාර කිරීම පිණිස අරමුදල් ද රැස් කරති. ඇය පවසන්නේ, මර්දනය විසින් රටින් පිට සිටින බෙලරුසියානුවන් අතර සමගියක් වර්ධනය කරමින් පවතින බවය. "අවාසනාවකට එකපාරටම වෙනසක් වෙන්නේ නෑ ඒත් මම හිතන්නේ වෙනසක් වුනාම මම ආයෙත් මගේ රටට යාවි." මෙවැනි එකමුතුවක් මින් පෙර තමන් දැක නැති බවත් යූලියා පවසන්නීය. "මේ සහයෝගය නිසා ඇත්තටම මට දැන් බෙලරුසියාවේ මිනිස්සු ගැන ආඩම්බරයි." කියවන්න: |
ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාසයකුත් දවස් කීපයක් වන නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවේ මුස්ලිම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත. | රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිෂාම් කාරියප්පර් බීබීසියට කියා සිටියේ දෙසැම්බර් අටවෙනි දා නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඉතා ඉක්මනින් මුස්ලිම් ජනතාවට හිතකර තීරණයක් ගන්නා බවයි කියා සිටියේ. බලාපොරොත්තු නොවූ ඡන්දයක් ‘මේ වගේ ජනාධිපතිවරණයක් දැන්ම ඒවි කියල අපි බලාපොරොත්තු වුනේ නැහැ. මොකද?ජනාධිපති මහින්ද රාජපක්ෂට තවත් අවුරුදු දෙකක් කාලය තිබුණා’ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පවසයි. එවැනි තත්වයක් යටතේ ක්ෂණිකව දේශපාලන තීන්දුවක් ගනු ලැබීම දුෂ්කර අරගලයක් වී ඇති බවයි ඔහු පවසන්නේ. රවුෆ් හකීම් සමස්ත ජනගහනයෙන් 10% ක් පමණ වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අතීතයේ කොටි සංවිධානයෙන් එල්ල වූ විවිධ ආකාරයේ හිරිහැර වලට ගොදුරු වූ බව කියා සිටි ඇමතිවරයා, යුද ජයග්රහණයෙන් පසුව හෙළ උරුමය සහ බොදු බල සේනා වැනි සංවිධාන වල හැසිරීම නිසා යළිත් දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටින අතර එවැනි පරිසරයක් යටතේ දුරදිග සිතා බලා තීරණයක් ගත යුතුව ඇති බවයි සඳහන් කළේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාව වාසය කරන්නේ ඔවුන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය මුසු හැඟීමකින් බවත් එවැනි තත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත තීන්දු කිරීම අතින් මුස්ලිම් නායකත්වය විශාල දුෂ්කර අරගලයකට මුහුණ දී සිටින බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පෙන්වා දෙයි. රිෂාඩ් - හකීම් සාකච්ඡා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා තමා අධිකරණ ඇමති, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සමග ද සාකච්ඡා කළ බව ඇමතිවරයා පිළි ගත්තේය. ‘ඒක මිත්‍රශීලී සාකච්ඡාවක්! අපි අපේ මුස්ලිම් ප්‍රජාවට මුහුණ දෙන්න සිදු වී ඇති බොහෝ කරුණු ගැන කතා කළා. අපේ ජනතාවට රැකවරණ සැලසීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන අපි කතා කළා. අපි ගනු ලබන ඕනෑම තීරණයක් අපේ ප්‍රජාවට හානිකර එකක් නො විය යුතුයි. අපි ආයෙත් මුණ ගැහෙනවා. රවුෆ් හකීම් කිව්වා - ජනාධිපතිවරණයේ දී සහයෝගය දිය යුත්තේ කාටද කියල ඔහු ඔහුගේ පක්ෂයේ ඉහළ මට්ටමත් එක්ක සාකච්ඡා කළත් තවම අවසන් තීන්දුවක් ගෙන නැහැයි කියල’ කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් වැඩි දුරටත් කියා සිටියේය. කෙසේ වුවද, අනිද්දා(06 සෙනසුරාදා)වන විට සිය පක්ෂයේ තීරණය නියතවම ප්‍රකාශයට පත් කරන බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පවසයි. |
ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක් ම සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි. | හමුදා සහාය පවා දීමට සුදානම් -ඔබාමා ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ ඉරාකයේ ප්‍රදේශ කිහිපයක් ඉස්ලාමීය කැරලිකරුවන් අතට පත් වී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුවයි. හදිසි තත්වය ඉස්ලාමීය කැරලිකරුවන් දිගටම තම මෙහෙයුම් දියත් කරන බවට ප්‍රතිඥා දී තිබිය දී ඉරාකයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුව ගත් උත්සාහය අසාර්ථක විය. මොසුල් සහ ටික්රිට් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් වී ඇත ඉරාක අගමැති නූරී අල් මලිකි කර තිබූ ඉල්ලීමට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පමණට මන්ත්‍රීවරු පැමිණ සිටියේ නැත. ඉරාකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ තුන්සිය විසි පහක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් එකසිය විසි අට දෙනෙකු පමණි. මේ වන විට මොසුල් සහ ටික්රිට් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් වී ඇති අතර සමාරා ප්‍රදේශයට පැමිණි කැරලිකරුවන් ඉරාක ගුවන් හමුදා ප්‍රහාර හමුවේ එය අතහැර දමා ගොස් තිබේ. තෙල් සම්පත් බහුල කිර්කුක් ප්‍රදේශය අතහැර ඉරාක හමුදා පලා යාම නිසා කුර්දි කැරලි කරුවන් එම ප්‍රදේශය අත්පත් කර ගෙන ඇත. |
එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරු වී අදින් වසර විසිපහකට පෙර මරුමුවට පත් වූ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් සිහි කොට අනුස්මරණ උත්සවයක් පැවැත්වෙයි. | කාත්තන්කුඩි පල්ලිය තුළ ශේෂ වී තිබෙනවෙඩි සහ අත් බෝම්බ ප්‍රහාරවල සලකුණු ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ප්රහාරයන්ගෙන් බැතිමතුන් 103 දෙනකු මරුමුවට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. 'මේ වගේ සිද්ධීන් ආපහු එන්නේ නැතුව සමාදානයෙන් ලංකාවේ සියලුම ජාතීන් ජීවත් වෙන්න, දෙවියෝ උදව් කරන්න ඕනි කියලා ප්‍රර්ථනා කළා' අනුස්මරණ උත්සවයට සහභාගී වූ ප්රදේශවාසියෙක් පැවසීය. 1990 වසරේ අගෝස්තු 3 වැනි දින රාත්‍රියේ මස්ජිදුල් ජුම්මා දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටි බැතිමතුන් වෙත පළමුව ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊ සටන්කරුවෝ පසුව හුසයිනියා දේවස්ථානයේ තුළ ආගමික වතාවත්වල යෙදී සිටි බැතිමතුන් වෙතද ප්‍රහාර එල්ල කළහ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන සමය අතරතුර 1989 වසරේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර 1990 වසරේ මැද භාගය වන විට එම සටන් විරාමය බිඳ වැටිණි. එම කාල වකවානුව තුළදී එල්ටීටීඊය විසින් මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ අතර කාත්තන්කුඩි ප්‍රදේශයද එහිදී ප්‍රහාරයට ලක් විය. |
සිය මව විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබන විට ඒන්ජල් 13 හැවිරිදි බාල වියේ දැරියකි. | ඇමෙරිකාවේත් වසරකට ළමා විවාහ දහස් ගණනක් "මම එතකොට පොඩි කෙල්ලෙක්. මට ඕන වුනේ පෙම්වතෙක් වගේ කෙනෙක්," ඇය පවසන්නීය. "ඒත් මගේ අම්ම කළේ ඊට වඩා එහෙම පිටින්ම වෙනස් දෙයක්." සිම්බාබ්වේ, මලාවි සහ එල් සැල්වදෝරය ඇතුළු රටවල් පවා මෑත දී ළමා විව්වහ තහනම් කරනු ලැබූ නමුත්, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ළමා විවාහ නීති විරෝධී නොවේ. එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩකම විවාපත් වීමේ අවම වයස නීති පොත්වලට ඇතුළත් කොට නැත. එසේ ඇතුළත් කරන ලද ප්‍රාන්තවල පවා අවම වයස අවුරුදු 13 හෝ අවුරුදු 14 වැනි බාල වයසකි. මේ තත්වය යටතේ ගතව ගිය 15 වසර ඇතුළත ලක්ෂ දෙකකට අධික බාල වියේ දරුවන් එක්සත් ජනපදයේ දී විවාහ කර දී තිබේ. ෂෙරී ජොන්සන් ළමා වියේදී විවාපත් වීමට බල කෙරුණු තවත් කාන්තාවකි. "මාව දූෂණය කරපු මිනිහට මාව කසාද බන්දල දුන්න. මාව දූෂණය කරපු මිනිහ එක්ක මට ජීවත් වෙන්න සිද්ද වුනා," ඇය පවසන්නීය. "එයාට එතකොට අවුරුදු 20 යි, මට අවුරුදු 11 යි. අවුරුදු 16 වෙනකොට මට දරුවො හය දෙනෙක් හිටිය," ෂෙරී ජොන්සන් සිය මතකය අවදි කරයි. "මම පොඩි කෙල්ලෙක්, අතේ සල්ලි නෑ. ඉතින් මම මොනවද කරන්නේ මට ඒ මනුස්සයගෙන් යැපෙන්න සිද්ද වුනා." ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් දැන් ඇය තමන් වාසය කරන ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ළමා විවාහ තහනම් කිරීම වෙනුවෙන් උද්ඝෝෂණය කරමින් සිටියි. අම්මා විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙන විට 13 හැවිරිදි වියේ පසු වූ එන්ජල් සිය ප්‍රථම දරුවා බිහි කරන විට 14 හැවිරිදි දැරියකි. "මට දැනුනේ මම වහලියක් වගේ. මගේ ජීවිතේ ගැන මට බලාපොරොත්තු ගොඩක් තිබුණ," ඇය වේදනාවෙන් සිය ළමා විය සිහි කරයි. "කසාද බැන්දේ නැත්නම් මේ වෙන කොට කොයිතරම් දේ කරන්න තිබුණද කියල නිතරම මට හිතෙනව," බීබීසී යේ අලීම් මක්බුල් (Aleem Maqbool) සමග අදහස් පළ කරන අවස්ථාවේ ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය. එක්සත් ජනපදයේ දී ළමා විවාහවලට ගොදුරු කෙරෙන අති බහුතරය පිරිමි දරුවන් නොව දැරිවියන්ය යන්න තමන්ගේ උපකාර පතා පැමිණෙන බොහෝ දෙනා සලකා බැලීමේදී දකින්නට ලැබෙන ප්‍රධානම කරුණ බව 'අන්චේන්ඩ් ඇට් ලාස්ට්' (Unchained at Last) ෆ්‍රයිඩි රයිස් (Fraidy Reiss) බීබීසී යට කියා සිටියාය. "අනික බොහෝ අවස්ථාවල විවාහය සඳහා බල කරලා තියෙන්නේ ඔවුන්ගේම දෙමාපියන්," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. සබැඳි යොමු: |
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරයකු මීළඟ කැබිනට් මාධ්‍ය හමුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. | එම අමාත්‍යවරයා කවුරුන් දැයි සාකච්ඡා කර නමක් යෝජනා කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාට උපදෙස් දුන් බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. ජනාධිපතිවරයා ඔවුන්ට එම උපදෙස් ලබා දී තිබෙන්නේ අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. සබැඳි යොමු: රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මීට ඉහතදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට යළිත් හමුදාපති පදවිය හෝ එවැනි ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලද බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවක දී සඳහන් කිරීම මුල්කර ගනිමින් ඔහු සහ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අතර හටගත් විවාදයෙන් අනතුරුවය. "ජනාධිපතිතුමා 'කොලොප්පමට' කළ ප්‍රකාශයක් රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් තීන්දුවක් ලෙස කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කළා," යනුවෙන් ඒ පිළිබඳව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳුදා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය. "රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි, ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්," සෙනෙවිරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගටම සම කැබිනට් ප්‍රකාශකවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බව සඳහන් කළ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් ප්‍රකාශකවරයා තමන් හෝ දුමින්ද දිසානායක ඇමතිවරයා නොවන බව අවධාරණය කළේය. |
මැලේසියාවේ උසාවියක් එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් ට අවුරුදු පහක සිර දඬුවමක් නියම කර තිබේ. | 'මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක්' -අන්වර් ඊබ්‍රාහිම් එම සිර දඬුවම නියම කෙරුණේ විපක්ෂ නායකයා සම ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනාවලට වරදකරු වන බව උසාවිය තීන්දු කරනු ලැබීමෙන් පසුව. එම චෝදනා වලට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් නිවැරදිකරු වන බව මෙයින් වසර දෙකකට පෙර උසාවිය තීන්දු කර තිබුනත් කලින් තීන්දුව වෙනස් කළ නව උසාවිය කියා සිටියේ ඔහු පුන් මෛථුන්‍ය චෝදනා වලට වැරදි කරු වන බවයි. දේශපාලන අරමුණු තකා මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක් වශයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බවයි මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් කියා සිටින්නේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන මැලේසියාවේ සම ලිංගික සේවනය නීති විරෝධී වන නමුත් මෙතෙක් උසාවි දඬුවම් ලබා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. |
දූෂණ අපචාර සම්බන්ධයෙන් අයිපීඑල් ක්‍රීඩා සමාජ දෙකකට වසර දෙකක තරඟ තහනමක් පනවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලයක් ලබා දුන් නිර්දේශය පිළිබඳ අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කොට තිබේ. | පත් කරනු ලැබූ කමිටුව විසින් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකෙහි අනාගතය තීරණය කිරීමට නියමිතයි එම කමිටුව පත් කරනු ලැබ තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සව්රව් ගංගුලි ඇතුළු කමිටු සාමාජිකයෝ කරුණු සොයා බලා සති හයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සහ තරඟ පවා දීම සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ. ධනවත්ම 20විස්ස ලීගය ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක එම්එස් දෝනි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් විසින්. වසර හතකට පෙර ඇරඹි ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී තිබේ. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සම අයිතිකරු රාජ් කුන්ද්‍රා සහ සුපර් කිංග්ස් කණ්ඩායමේ ගුරුනාත් මෙයියප්පන් යන පුද්ගලයන්ට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කටයුතු වල යෙදීම වළක්වාලන තහනමක් පනවන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය මණ්ඩලය යෝජනා කර තිබිණි. ගුරුනාත් මෙයියප්පන්ගේ බෑණා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නාරායන්ස්වාමි සිරිනිවාසන්, සහ රාජ් කුන්ද්‍රා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම ඇතුළු වැදගත් තරඟ විස්තර පිටතට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී වරදකරුවෝ වූහ. |
කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්රචන්ඩ ක්‍රියා හෙලා දකිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රදේශවල අද (17) හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. | සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් නොපැවැත්වෙන බවයි පැවසෙන්නේ මෙම කලබලකාරී තත්වය මඩකලපු දිස්ත්‍රිකයට අයත් මුස්ලිම් ප්‍රදේශ වන කාතන්කුඩි,එරාවුර්, ඔද්දමාවද්දී හා වලිච්චේනෙයි යන ප්‍රදේශවල එදිනෙදා කටයුතු වලට බලපා තිබේ. කඩ සාප්පු වසා දමයි කඩ සාප්පු සහ වෙළෙඳ ආයතන වසා දමා තිබෙන අතර සති පොළ පවත්වා නැති බවයි පැවසෙන්නේ. සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් පැවැත්වෙන්නේ නැති අතර රජයේ කාර්යාල වල ද සාමාන්‍ය දින වල මෙන් නොව දෛනික කටයුතු වල මන්දගාමී ස්වරූපයක් දකින්නට තිබේ. හර්තාලයට සහභාගී නොවන මෙන් එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල ශබ්දවාහිණී මගින් පොලිසිය ව්‍යාපාරිකයන් ට දන්වා සිටිය ද එය ඉල්ලීම නොතකා කඩ සාප්පු වසා දමා තිබේ. 'බොදු බල සේනා තහනම් කරන්න' මුස්ලිම් ජනතාවට විරුද්ධ ප්රචණ්ඩත්වය හෙලා දැක,බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බව ඉල්ලා කාතන්කුඩි මුස්ලිම් ජනතාව විසින් අද විරෝධතා පෙළපාලියක් ද පවත්වා තිබේ. කාතන්කුඩි මෙත්ත පල්ලි දේවස්ථානය ඉදිරි පිට රැස් වුන දහස් ගණනක් වූ මුස්ලිම් වැසියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගොස් ජනාධිපතිවරයා වෙත යොමු කළ මේ සිදුවීම් සම්බන්ධ පෙත්සමක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දී තිබේ. කාතන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා ජමඉයතුල් උලමා සභාව විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබේ. |
නාවික හමුදා සෙබලකු විසින් නව හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව යාපනයේ කයිට්ස් පොලීසිය පවසයි. | සැකකරුවන් අත් අඩංගුවට නොගැනීම ගැන ප්‍රදේශවාසීන්ගේ විරෝධය එම දැරිය දූෂණය කිරීම පිළිබඳව වාර්තා වන්නේ, යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී එකොලොස් හැවිරිදි පාසල් දැරියක් නාවික හමුදාවේ සෙබලකු විසින් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී. මීට කළින් දූෂණය වූ බව පැවසෙන දැරියගේ ඥාති සොහොයුරියක වන නව හැවිරිදි දැරිය සඳුදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය සඳහන් කළේය. කෙසේ නමුත් එම දැරිය දූෂණයට ලක් වී තිබෙන බව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් මගින් හෙළිදරවු වී නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ. 'පුදුම සහගතයි' නව හැවිරිදි දැරියකට යමක් නිවැරදිව ප්‍රකාශ කිරීමට ඇති හැකියාව අඩු බැවින් පොලිස් නිලධාරීන්ට සහ පිස්කල් නිලධාරීන්ට දැරිය පෙන්වන ස්ථාන වෙත ගොස් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් යාපනය ළමා අධිකරණයේ විනිසුරුවරයා නියෝග කොට තිබේ. එම වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ආරම්භ කිරීමට අධිකරණය තීරණය කළේය. එකොලොස් හැවිරිදි පාසල් දැරිය දූෂණය කළ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට ගෙන නැත්තේ මන්දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම දැරිය ඔහුගේ හැඩරුව පමණක් ප්‍රකාශ කිරීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ නාවික හමුදා සෙබලුන් හත් දෙනකු ඇප මත නිදහස් කරණ මෙන් යාපනය දිසා විනිසුරුවරයා නියෝග කළ නමුත් ඔවුන් වෙණුවෙන් ඇප ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් උද්ගත වූ බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කළ බවත් නීතිඥ අජිත් රෝහණ පැවසීය. දූෂණයට ලක් වූ දැරියන් දෙදෙනා වාසය කරණ නිවෙස්වලට ඉතාම ආසන්නයේ පිහිටි කුඩා නාවික හමුදා කඳවුරක සෙබලුන් දෙදෙනකු මෙවැනි සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හෝ නාවික හමුදාවට නොහැකිවීම පුදුම සහගත තත්ත්වයක් බව, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනබවන් ප්‍රකාශ කරයි. |
තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වනු ලැබ තිබේ. | සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ ඉහත කී වගන්ති සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ. ව්‍යවස්ථාවට පටහැණි බව සඳහන් වගන්ති ඉවත් කරන්නේ නම් එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක කැමැත්ත පමණක් ප්‍රමාණවත් බව කථානායකවරයා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අදාළ පනතට අනුමැතිය ලැබිය යුතු බව තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලෝකයේ 'හත් වන හොඳම තොරතුරු දැන ගැනීමේ පනත' ලෙස අන්තර්ජාතික සංවිධාන විසින් නම් කොට ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ. |
කතෝලික සභාව හෝ වෙනත් ඕනෑම සභාවකට යෝජනා ඉදිරිපත් කළ හැකි වුවත් තමන් රට පාලනය කරන්නේ ජනතාවට ලබා දී තිබෙන ප්‍රතිඥා මත පමණක් බව රජය ප්‍රකාශ කරයි. | "රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ, කතෝලික අගරදගුරු සම්මේලනය අනුශාසනා පත්‍රයකින් ආණ්ඩුවට කර තිබෙන යෝජනා පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී. "අපි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා, කලින් කලට එක එක්කෙනාට මේ සභාව අර සභාව කියන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන්න නීතියෙන් ඉඩකුත් නැහැනේ," යනුවෙන් ඇමතිවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී. අය වැය පරාජය වීම උතුරු නැගෙනහිර පළාත් වලට සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කළ යුතු බවට සහ උතුරේ රඳවා සිටින හමුදා සාමාජිකයන් අඩු කළ යුතු බවට අදාල අනුශාසනා පත්‍රයේ සඳහන් යෝජනා පිළිබඳව රජයේ මතය කුමක්ද යන්න සංදේශය ඇමතිවරයාට යොමු කළ තවත් ප්‍රශ්නයක්. "මේක හැම පැත්තෙන්ම එන චෝදනාවක්නේ? ඒක කතෝලික සභාව මම නම් වශයෙන් කියනවා රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ, ඔවුන්ට කථා කළේ සටන්කාමීන් හැටියට, විමුක්තිකාමීන් හැටියට ඉතින් එවැනි පසුබිමක් තියෙන්නේ," යන්න ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ ප්රතිචාරයයි. ආණ්ඩුවේ පළාත් පාලන ආයතනවල අය වැය පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ, ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන දෙසිය ගණනකින් අය වැය පරාජය වී ඇත්තේ ආයතන අටක පමණක් බවයි. නව පණතට අනුව එලෙස දෙවතාවක් පරාජය වී ඇති පළාත් පාලන ආයතනවලට නව සභාපතිවරු පත් කිරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පිළි ගත්තේය. මෝටර් රථ තරඟ එසේ අය වැය පරාජය වීමට හේතු විය හැකි කරුණු පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, "උප සභාපති වෙන්න උත්සාහ කරන්න පුළුවන් පෙළක් තැන්වල, සමහර තැන්වල සංවිධායක තුමත් එක්ක ප්‍රශ්න ඇති, එහෙමත් නැත්නම් සභාපති එකදිපතියෙක් විදිහට කටයුතු කරනවා ඇති," යනුවෙන් කියා සිටියේය. හෙරොයින් තොගයක් නිදහස් කරන ලෙස අගමැති කාර්යාලයෙන් යැවු ලිපිය පිළිබඳවද මාධ්‍යවේදීහු අමාත්‍ය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළහ. "මේ වෙනකොට අදාල පුද්ගලයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් දීල තියෙනවා. පරීක්ෂණයක් කෙරෙනවා පරීක්ෂණවලින් පසුවයි ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න වෙන්නේ," ඔහු පැවසීය. ජනතාව පිට දිගින් දිගටම බදු පනවන ආණ්ඩුව පසුගිය සති අන්තයේ කොළඹ පැවති මෝටර් රථ ධාවන තරඟ බදු වලින් නිදහස් කළේ මන්දැයි යන්න ඇමතිවරයාට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්. "ඒක වසරකට සැරයක් තියෙන දෙයක්. දෛනික බදු ඒකත් එක්ක පටලව ගත යුතු නැහැ," බවයි, එයට ප්‍රතිචාර වශයෙන් ඇමතිවරයා පවසන්නේ. "ඒකත් එක්ක තියෙන ප්රතිලාභ බැලුවොත් ලෝකයේ දියුණු සංචාරක ව්‍යාපාර තියෙන රටවල ලොකු වියදමක් දරල මේ තරග පවත්වන්නේ. ඒ හරහා ලොකු අදායමක් බලොපොරොත්තු වෙනවා වක්‍ර විදිහට, ඒකට ආරම්භයක් දෙන්න තමයි එහෙම කළේ." |
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින (මැයි 05) කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. | රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හේතුවෙන් ඔහු පුද්ගලික රෝහල්වලට නොපැමිණෙන බව එම රෝහල්වලට දැනුම්දී තිබුණත් ඇතැම් චැනලින් සේවා වෙබ් අඩවිවල එම තොරතුර යාවත්කාලීන වී නොතිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය. වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පුද්ගලික චැනලින් සේවා සඳහා සම්බන්ධ වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබිණි. එවැනි විවේචන එල්ලවී තිබුණේ ඔහු පුද්ගලික රෝහල්වලට අද දින පැමිණෙන බවට චැනලින් සේවා වෙබ් අඩවි වල පළවී තිබූ වාර්තා පදනම් කර ගනිමිනි. "මුදල් ඇති රෝගීන්" නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද දින සවස 4ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ චැනල් සේවය ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගත් රිසිට් පතක් සිය සමාජ ජාල පිටුවට එක් කර තිබුණි. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ රෝහල්වල රෝගීන් අපහසුතාවට පත්කරමින් පුද්ගලික චැනල් සේවා සඳහා පැමිණෙන "මුදල් ඇති රෝගීන්ට" ප්‍රතිකාර කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය. "මගේ නමින්ම ඊයේ රාත්‍රියේ Appointment එකක් ගත්තා මුදල් ගෙවලා. දැන් මගේ නම දැකලා මේක අවලංගු කරයි ද දන්නේ නැහැ. නමුත් සල්ලි තියෙන අයට ප්‍රතිකාර කරන්න මේ අය සුදානම් කියන එකයි මේකෙන් පේන්නේ " යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේය. චැනලින් සේවා 'සාමාන්‍ය පරිදි' වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින තම රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය සේවාව සඳහා නොපැමිණෙන බව දැනුම් දී ඇති බව මේ අතර කොළඹ නවලෝක රෝහලේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා සඳහන් කළේ අද දින පුද්ගලික වෛද්‍ය සේවාවල නොයෙදෙන ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. කෙසේවෙතත් පුද්ගලික රෝහල් ගණනාවක්ම කියා සිටියේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් තම සේවාවලට කිසිදු බලපෑමක් සිදු නොවූ බවය. සිය චැනලින් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව එම පෞද්ගලික රෝහල් වැඩිදුරටත් පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කළේ සයිටම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. |
එක් රොකට් යානයක් යොදා ගෙන එකවර චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යවකාශගත කරමින් ඉන්දියාව නව වාර්තාවක් තැබීය. | චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශගත කොට තිබිණි. ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය. 'නාසා ආයතනය' කුඩා පරිමාණයේ සෙසු චන්ද්‍රිකා ඊශ්‍රායලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවලට අයත් වේ. චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතුරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය ට්විටර් සමාජ ජාලය ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිය රටට සහ විද්‍යා ක්ෂේත්රයේ විද්වත් ප්‍රජාවට ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම හඳුන්වා දුන්නේය. වාණිජ අවශ්‍යතා සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ වෙළඳපොළ තුළ අඩු පිරිවැය සහිත විකල්පයක් ලෙස ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන නමක් දිනා සිටියි. ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට නවතම අභ්‍යවකාශ මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති. එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් එකවර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි. |
2004 සුනාමියේ දහවැනි සංවත්සරය (දෙසැම්බර් 26) වෙනුවෙන් බොහෝ රටවල සමරු වැඩ සටහන් ක්‍රියාත්මක විය. | සුනාමියෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ද හයදහසකට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර ඔවුන් වෙනුවෙන් ද සමරු වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණි. ඉන්දුනීසියාවේ ද 2014 සුනාමි ව්‍යසනයේ දහවැනි සංවත්සරය අද අනුස්මරණය කෙරුණි.සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවයි. අචේ ප්‍රාන්තයේ සමරු මෙහෙයක් ඉන්දුනීසියානු මුහුදු පත්ලේ සිදු වූ මහා භූ කම්පනය සමඟ ආරම්භ වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් රටවල් දාහතරක සමස්ත ජන සංඛ්‍යාව 225 000 කට අධික යයි ඇස්තමේන්තු කෙරෙනවා. ඉන්දුනීසියාවෙන් පමණක් 175000 ක් මරණ වාර්තා විය. එම සමරු වැඩසටහන් වලට ‘අචේ’ ප්‍රාන්තයේ ‘බණ්ඩා අචේ’ ප්‍රධාන නගරයේ නිල සමරු සිහිවටනයක් විවෘත කිරීමක් ද ඇතුලත් විය. දස වසරකට පෙර මුහුණ දුන් ඛේදවාචකයේ දී සහන සැලසීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සේවකන්ට සහ ලෝකවාසී ජනතාවට ඉන්දුනීසියානු උප ජනාධිපති යූසුෆ් කල්ලා සිය ප්‍රසංශාව පුද කළ අතර තම රටට පිහිට වූ රටවල තානාපතිවරුන්ට ඔහු තිලින ප්රදානය කළේය. අමතක නොවන උදව් උප ජනාධිපති යූසුෆ් කල්ලා (Jusuf Kalla) අදහස් දක්වමින්,එම කලාපයට එල්ල වූ සුනාමි මුහුදු රැල්ලට හසු වීමෙන් ජීවිත අහිමි වූ දහස් ගණනක් මළසිරුරු එදා හමු වූ බවයි. තායිලන්තයේ සමරු මෙහෙයක් 2004 සුනාමියේ දී තායිලන්තයේ ද අටදහසක පමණ ජීවිත විනාශයක් සිදු විය.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විදේශීය සංචාරකයන් වූහ. තායිලන්තයේ දී එදා එම ව්‍යසනයේ දී දිවි බේරුණ ඇතැම් සංචාරකයන් මෙන්ම දිවි අහිමි වූ ඔස්ට්‍රියා, ස්විට්සර්ලන්ත සහ ජර්මන් සංචාරකයන් ගේ ඥාතීන් Khao Lak වෙරළට පැමිණ මියගිය අය වෙනුවෙන් මල්වඩම් තැන්පත් කළහ. තායිලන්තයේ Phang-nga ප්‍රාන්තයේ Ban Nam Khem සුනාමි අනුස්මරණ උද්‍යානයට රැස්වූ ජනතාව විපතට ගොදුරුවූවන්ගේ නාම පුවරු ඇතුලත් ස්මාරකය ඉදිරිපිට රෝස මල් තැන්පත් කොට පුෂ්පෝපහාර දක්වා විපතට පත්වූවන් සිහිපත් කළහ. සුනාමි අනුස්මරණ උත්සවයට එක් වූ අගමැති චන ඔචා විපතට පත් වූවන් වෙනුවෙන් මල් වඩමක් තැන්පත් කළේය. |
ශ්‍රී ලංකාවේ මීළඟට තේරී පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම තනතුර යම් සීමාවන්ට යටත් කර තිබේ. | කෙසේ වෙතත්, 2019 ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට සෑම පක්ෂයක් ම පාහේ දැඩි උනන්දුවකින් කටයුතු කරන අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳව කිසිදු එකඟතාවක් කිසිදු පක්ෂයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ අතරින්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්, මතවාද පළ වෙමින් පවතී. ඒ අතරින් වැඩියෙන් ම කතාබහට ලක්වන දේශපාලනඥයින් වන්නේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳවය. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කර තිබුණේ, ජයග්‍රාහී සැලැස්මක් මෙන් ම අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ඉක්මනින් එකඟත්වයකට එළඹීමට හැකි වනු ඇති බවය. එහිදී ඔහු ද රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳව සඳහන් කර තිබිණි. සන්ධානගත වීම ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමග එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට මේ වන විටත් සැලසුම් කර තිබේ. අදාළ සන්ධානයට සම්බන්ධ වන පාර්ශව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අගෝස්තු 5 වන දා සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද, පසුව එය කල් දමනු ලැබීය. එම සන්ධානයේ අවබෝධතා ගිවිසුමෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිරිසක් විරෝධය පළ කිරීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් විය. පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සමගාමීව අමාත්‍ය අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් නව සන්ධානය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි. එම ලිපිය මගින් යෝජිත ප්‍රධාන කරුණු: ඊට අමතරව, "ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදී අනුමත කරන ලද තැනැත්තෙකු විය යුතුය," යනුවෙන් ද එම ලිපියෙහි සඳහන් කර තිබිණි. එජාපයේ ජනාධිපතිවරණ ජයග්‍රහණ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අවසන් වරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළේ, රණසිංහ ප්‍රේමදාසය. ඒ, 1988 වසරේ පැවති ජනාධිපතිවරණයේදීය. ඒ අනුව, වසර 31ක කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත්ව නොමැත. මේ අතර, එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය ලාංඡනය වන අලියා ලකුණින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, 2005 වසරේදීය. ඊට අමතරව, 2005 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර නොමැත. 2010 වසරේදී, එවක ජෙනරල් සරත් ෆොන්සේකා සහ 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට තරග කළේ, හංසයා ලකුණ යටතේය. මෙවර ද යෝජනා වී තිබෙන්නේ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටය. අපේක්ෂකයා කවුද? එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන දේශපාලනඥයින්ගේ නම් කරළියට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ඉදිරිපත් නොවුව ද සජිත් ප්‍රේමදාස අරබයා එක්සත් ජාතික පක්ෂය තුළ පිල් බෙදීමක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා අනුව පෙනීයයි. විශේෂයෙන් අමාත්‍ය රවී කරුණානායක පසුගිය සතියේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැරුණුකොට සුදුසුකම් ඇති තවත් උගත්, පරිණත දේශපාලනඥයින් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින," බවය. එහිදී, ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයට සුදුසු පුද්ගලයින් පිළිබඳව ද අදහස් පළ කළේය. "අපිට ඉන්නවා ගණනාවක්. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, හැරිසන් ලා ඔය වගේ ගණනාවක් ඉන්නවා." රවී කරුණානායක එහිදී ප්‍රකාශ කළේ, අගෝස්තු මස අග වන විට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගනු ලබනු ඇති බවය. අමාත්‍ය අජිත් පී. පෙරේරා, ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින්නෙකි. ඔහු ජූලි 23 වන දා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නොමැති," බවය. "කරු ජයසූරිය ගැන සාකච්ඡා මං හිතන්නේ දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සජිත් මැතිතුමාගේ නාම යෝජනා අපේක්ෂකත්වය නිල වශයෙන් සම්මත කර ගැනීම තමයි, දැන් ඉතුරු වෙලා තියෙන්නේ. විකල්ප අදහස් නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නෑ. එක මතයයි. ඒකයි ඒකමතිකයි කියන්නේ." මේ අතර, පසුගිය දෙවන දා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාසට සහය දෙන බවය. "මං විවෘතව කියල තිබුණා සජිත් ප්‍රේමදාසට කැමතියි කියලා. මං සජිත් ප්‍රේමදාසට උදව් කරනවා. ඕන නම් මාව අයින් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මං ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා දෙන්නම්," අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය. මීට අමතරව, අමාත්‍ය සුජීව සේනසිංහ පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ, තමන් ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කළ බවය. කෙසේ වෙතත්, සාකච්ඡාවලින් පසුව ගනු ලබන "ඕන ම තීන්දුවකට අපි එකඟයි," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය. ඔහුගේ මතය ද වූයේ, අපේක්ෂකයා "අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකු විය යුතු" බවය. මේ අතර, අගෝස්තු දෙවෙනිදා හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ, තමන් ජයග්‍රහණය කිරීමට සූදානම් බවය. "දැන් ආයෙ වෙන කතා දෙකක් නෑ. අපි වැඩේට බැහැල ඉන්නේ.... කවුරු අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත්, කවුරු මොන ප්‍රශ්න දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි කියන එක බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා." "කරු ජයසූරිය ජනාධිපතිකමටත් සුදුසුයි" එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වයට කතානායක කරු ජයසූරිය පිළිබඳව ද විටින් විට සඳහන් විය. මීට පෙර බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය සඳහන් කළේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉල්ලීමක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවය. මේ අතර, "ඕනෑ ම අභියෝගයක් ජය ගත හැකි කරු ජයසූරිය මහතා රටේ නායකත්වයටත් සුදුසු," බව අමාත්‍ය ජෝන් අමරතුංග ජූලි 11 වන දා කොළඹ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී පැවසීය. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවූ තවත් දේශපාලනඥයෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක බදාදා (අගෝස්තු 07) ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක සජීවී සංවාදයකට එක්වෙමින් පැවසුවේ, රටේ දියුණුවට අපේක්ෂකයා කවුරුන් ද යන්න වැදගත් නොවන බවය. "අපේක්ෂකයා නෙවේ වැදගත් වෙන්නේ. එම අපේක්ෂකයා යටතේ රට කරවන වැඩපිළිවෙළ කුමක් ද කියන එකයි වැදගත්. නායකයා වැදගත්. ඒ වගේ ම රට මේ තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න කණ්ඩායමත් වැදගත්," අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය. තවදුරටත් කියවන්න. |
ශ්‍රී ලංකාවේ උතුරු පළාත බහුතර දෙමළ ප්‍රදේශයක් ලෙසින් සැලකීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බීබීසී යට ප්‍රකාශ කළේය. | ආරක්ෂක ලේකම් වරයා පවසන්නේ යුද්ධයේ අවසාන අදියරේ දී අනතුරට ලක් වූයේ සාමාන්‍ය වැසියන් ඉතා සුළු පිරිසක් බවයි එමෙන්ම ආරක්ෂක ලේකම් වරයා පවසන්නේ එල්ටීටී ඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේ දී අනතුරට ලක් වූයේ සාමාන්‍ය වැසියන් ඉතා සුළු පිරිසක් බවයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු මානව හිමිකම් සංවිධාන පවසන්නේ එහිදී දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් මරු මුවට පත්වූ බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව වෙසෙන සියලුම ජාතීන්ට සමාන අවස්ථා සහිත නව ශ්‍රී ලංකාවක් බිහි වෙමින් තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට ප්‍රකාශ කළේය. කෙසේ වුවද පසුගිය මැයි 18 වෙනිදා ජනාධිපති සමාවකින් නිදහස් කෙරුනු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පිළිබඳව කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. යුද අපරාධ කොළඹ පිහිටි දැඩි ආරක්ෂාව සහිත ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයේදී ඔහු හමුවූ බීබීසීය, මුලින්ම ඔහුගෙන් විමසුවේ මෑතදී ආණ්ඩුව විසින් උතුරේ දෙමළ ජාතික පරිපාලන නිලධාරීන් වෙනත් ප්‍රදේශවලට මාරු කොට උතුරට සිංහල පරිපාලන නිලධාරීන් පත් කිරීම පිලිබඳවය. "යුද්දෙට කලින් ඒ පළාතේ හිටපු සේරම නිලධාරීන් සිංහලයන්," ඔහු පැවසීය. දකුණේ බොහෝ පළාත්වල බොහෝ දෙමළ ජාතික නිලධාරීන් සේවය කරන්නා සේම, සිංහල සහ මුස්ලිම් නිලධාරීන්ට උතුරේ සේවය කිරීමටද අයිතියක් තිබිය යුතු බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය. "උතුරත් ලංකාවේම කොටසක්," ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. එබැවින් උතුර බහුතර දෙමළ ප්‍රදේශයක් ලෙසින් සැලකීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි ඔහු පවසන්නේ. "ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ රටේ ඕනෑම තැනකට ගිහිල්ල ඉඩමක්, නිවාසයක් ගන්න අයිතිය තියෙන්න ඕනේ. මම කථාකරන්නේ බලහත්කාරයෙන් පදිංචි කිරීම් ගැන නෙමෙයි, මම කථාකරන්නේ මේ රටේ ඕනෑම තැනක ජීවත්වෙන්න මේ රටේ ජනතාවට තියෙන අයිතිය ගැන," ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය. මෑතදී ආණ්ඩුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව සටන් වලට මැදි වූ සාමාන්‍ය වැසියන් 7400 ක් යුද්ධයේ අවසාන අදියරේදී මියගිය බව හෙළිවී තිබේ. නමුත් එයින් බහුතරය එල්ටීටීඊ සාමාජිකයන් බව පවසන ආරක්ෂක ලේකම්වරයා, සාමාන්‍ය වැසියන් ඒ අතර සිටියේ ඉතා සුළු පිරිසක් බවද පැවසීය. සාමාන්‍ය වැසියන් ආරක්ෂක හමුදාවලට එරෙහිවේ එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ චාර්ල්ස් හැවිලන්ඩ්ට කියාසිටියේ එවැනි අපරාධ සිදුවී තිබෙන්නේනම් වැරදිකරුවන්ට දඬුවම් දීමට තමන් සූදානම් නමුත්, චෝදනා කරන්නන් එම චෝදනා සනාත කළ යුතු බවයි. 'එක එක කට්ටිය එක නොම්මර කියන එක කිසිසේත්ම අපිට හරියට පිළිගන්න බැහැ' මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසන්නේ එල්ටීටීඊ යට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කළ යුද්ධයේ දී සාමාන්‍ය වැසියන් කොපමණ මිය ගියේදැයි සොයා බැලීමට නිසියාකාර විමර්ශනයක් කළ යුතු බවයි. මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවද සරත් ෆොන්සේකා පැවසීය. කෙසේ වුවද බීබීසී සංදේශය සමග එක්වූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක දී ජෙනරාල් ෆොන්සේකා ශ්‍රී ලංකා රජයේ හමුදාවට එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළේය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හමුවේ මන්නාරමේ අගරදගුරු රායප්පු ජෝසප් උපුටා දැක් වූ සංඛ්‍යා ලේඛන අනුව යුද්ධයේදී ආ ගිය අතක් නොමැති සංඛ්‍යාව එක ලක්ෂ හතලිස් හය දහසක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවේ නිගමනය වී ඇත්තේ හතලිස් දහසක් පමණ සාමාන්‍ය වැසියන් යුද්ධයෙන් මියගිය බවයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ වසරේ සංගණනය අනුව වන්නියේ ජීවත් වූ නව දහසක් පිලිබඳ තොරතුරු නැහැ. යුද්ධයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ දිවි ගලවා ගෙන පැමිණ ඇතැයි බීබීසී සංදේශයට පැවසු හිටපු හමුදාපතිවරයා ඔවුන් පිලිබඳ කැරෙන විශේෂ විමර්ශනයකින් මියගිය ඥාතීන් පිලිබඳ නිවැරදි දත්ත හෙළිදරව් කරගත හැකි වෙතැයි විශ්වාසය පල කළේය. "එක එක කට්ටිය එක නොම්මර කියන එක කිසිසේත්ම අපිට හරියට පිළිගන්න බැහැ," ඔහු පැවසීය. විමර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ රජයත්, රතු කුරුස සංවිධානයත්, දමිළ දේශපාලකයන් සහ පළාතේ හිටපු පරිපාලන නිලධාරීනුත් සහභාගී කර ගත හැකි බවයි හිටපු හමුදාපති වරයා යෝජනා කරන්නේ. |
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමන් ඝාතනය කිරීමේ සැළැස්මක් ගැන කළ සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන අතර, ඒ ගැන වහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. | මේ පිළිබඳව බදාදා (දෙසැම්බර් 08) පොලිසියට පැමිණිළි කරන බව ද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු පැවසීය. ''ඒ සංවාදයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කියනවා මහින්දානන්ද අලුත්ගමගේට වෙඩි තියන්න තමයි මං මේ පුරුදු වෙන්නේ කියලා. ඔබතුමා මට ඒක කරන්න කියලා තියෙනවා. ඒක කරන්න මං ඉදිරි කාලයේ කටයුතු කරනවා කියලා. මට වෙඩි තියන්න එතුමා අගමැතිගේ ආශීර්වාදය, අනුමැතිය ඉල්ලනවා. අගමැති අනුමැතිය දෙනවා. මේක ඉතා බරපතල ප්‍රශ්නයක්," යනුවෙන් අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේය. 2016 වසරේ රන්ජන් රාමනායක මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසවල සිට තමන්ගේ ගිනි අවියෙන් වෙඩි තැබීමට පුරුදු වූ බවත් ඒ අවස්ථාවේදී වැරදිලා ගිනි අවිය ක්‍රියාත්මක වූ බව පැවසීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවටත් මෙහිදී චෝදනා එල්ල විය. ''මහින්දානන්දට වෙඩි තියන්න පුහුණු වෙනකොට වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ හිටපු අගමැතිතුමා. ඒ වගේම එතන කියනවා ඔබතුමා පොලිස්පතිට කිවුව නිසා එතුමා මාව බේර ගත්තා කියලා. මොකක්ද කථානායකතුමනි මේ තත්ත්වය? රන්ජන් ගොං වැඩ කරන්නේ හිටපු අගමැතිගේ ආශීර්වාදයෙන්. ඔහු නෑ මෙතන. විපක්ෂ නායකතුමා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මේ මන්ත්‍රීවරයා ගැන ගන්නා පියවර ගැන කියන්න," යනුවෙන් මහින්දානන්ද අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය. මේ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය සඳහන් කළේ මෙම සිදුවීම ගැන අවධානය යොමු කරන බවකි. මෙම සංවාදයට ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ද එක්විය. ''මට මහලේකම්තුමා නිකුත් කළා බලපත්‍රයක් එක්ක ගිනිඅවියක්. පිස්තෝලයක් නම් දෙන්නේ උණ්ඩ 10යි. රිවෝල්වරයකට උණ්ඩ 09යි දෙන්නේ. රන්ජන්ට විතරක් කොහොමද උණ්ඩ 150ක් දුන්නේ,'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිල නිවසට ගොස් සිටි මහාචාර්ය අශු මාරසිංහ මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ එකවර නිවස පරීක්ෂා කිරීමේදී එම අවස්ථාව සියැසින් දැක බලාගැනීමට රංජන් මන්ත්‍රීවරයාට නොහැකි වූ බවකි. එවිට කුඩු, පිස්තෝල, බෝම්බ වැනි දෑ දමා අත්අඩංගුවට ගැනීමට හැකි බැවින් මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ඇස් ඉදිරිපිට එය කළ යුතු බව ඔහු පැවසීය. මහින්දානන්ද අමාත්‍යවරයා සිය චෝදනාව කරන විට රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ නොසිටියහ. පසුව පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය. ''මේ සභාවේදී මහින්දානන්ද ඇමතිතුමා මං ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. මං කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ CD ටික රන්ජන් මන්ත්‍රීතුමාගේ මාදිවෙල නිවසේ සිට පොලීසිය භාර ගත්තේ. ඒත් දැන් පොලිසිය භාරගත් මේ තැටි හැම තැනම එනවා. මාධ්‍යයේ එනවා. හැම එක්කෙනාගේම පොදු දේපලක් විදියට. ඒ නිසා මං කැමතියි කථානායකතුමා හරහා පොලීසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මන්ත්‍රීවරු අපි ඕනෑම කාරණයක් දිහා බලලා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවනම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්.'' නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ 'බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මේ අතර බැඳුම්කර නිකුතුවට ආදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පසුගිය 03 වැනිදා ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී කතානායකවරයා සඳහන් කළේ ඒ ගැන නීති කෘත්‍යයන් ආරම්භ වී ඇති බැවින් සියලු මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම නුසුදුසු යයි නීතිපතිවරයා තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවකි. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සාමාජික බිමල් රත්නායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් හැමවිටම පිළිපැදීමට පාර්ලිමේන්තුව බැදී නොමැති බැවින් නීතිපති උපදෙස් නොතකා අදාළ වාර්තාව එළිදැක්විය යුතු බවය. ''ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා මේ වාර්තාව හැදුවේ. බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා, කෝප් කාරක සභාවේ වාර්තාවේ වාර්තා එළි දක්වලා තියෙනවා. මේ ගැන උසාවි සාක්ෂි සටහන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාර්තාව දැකල තියෙන්නේ හදපු අය විතරයි නම් චෝදනා ලබපු අය කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ. මේක දෙපැත්තේම හොරු රැකීමක්. නීතිපති දෙපාර්තමේන්තුවට මේ පාර්ලිමේන්තුව යට කරන්න එපා,'' යනුවෙන් රත්නායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ''මේක පුළුවන් තරම් ඉක්මනට එළිදක්වන්න මටත් අවශ්‍යයි. විනිවිද බව රකින්න," යන්න කතානායකවරයාගේ ප්‍රතිචාරය විණි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද බැඳුම්කර නිකුතුවට අදාළ වෝහාරික විගණන වාර්තා ගැන අදහස් දැක්වීමේදී සඳහන් කළේ යහපාලන ආණ්ඩුව සමයේ බිලියන 10ක බැඳුම්කර නිකුතුවක් ගැන කතා කළ ද 2003-2015 කාලයේ රුපියල් බිලියන 6600ක බැඳුම්කර නිකුත් කිරීමක් ගැන තමන්ට දැන ගන්නට ලැබී ඇති බැවින් ඒ කාලයේ සිදුවූ පාඩුව කීයදැයි ආණ්ඩු පක්ෂයෙන් විමසන බවය. මෙම සංවාදයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජනවාරි 03 වැනිදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය ආරම්භ විය. මේ තොරතුරු ද දැනගන්න: |
ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙන් එම ගම්වාසීහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. | මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම් වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චීන වරාය වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් අක්කර දහස් ගණනක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම නිසා ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය පමණක් නොව දෛනික කටයුතු පවත්වා ගෙන යාමේ නිදහස ද අහිමි වී ඇති බව උතුර හා නැගෙනහිර සිංහල සංවිධානය චෝදනා කරයි. මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම් තුළ ඒවා ගුවන් හමුදාවට අයත් බව කියැවෙන දැන්වීම් පුවරු සවි කර තිබේ. ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය අහිමි වී ඇති බව මේ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් ශෂිකලා දේවී ජලදීපන්, කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටි අතර ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී ආර් ද සිල්වා පැවසුවේ අපගේ විමසුම අපැහැදිලි බවයි. ගුවන් හමුදා ප්‍රකාශකගෙන් දුරකථනය ඔස්සේ තොරතුරු දැන ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. |
හම්බන්තොට චීන ආයෝජන කලාපය ශ්‍රී ලංකා ආර්ථිකයේ 'යෝධ සංවර්ධන සංග්‍රාමයක්' දියත් කිරීමක් වනබව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. | අගමැතිවරයා එම ප්‍රකාශය කළේ අද (07) හම්බන්තොට චීන ආයෝජන කලාපයට මුලපුරමින් අදහස් දක්වමිනි. හම්බන්තොට කර්මාන්තපුරයක් කිරීමේ පළමු එකඟතාව 2014 වසරේ ඇතිකර ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපතිවරයා අතර ගිවිසුමක් මගින් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය. ශ්‍රී ලංකාව තුළ ඩොලර් කෝටි පන්සීයක ආයෝජනයක් සිදුකිරීමට චීනය සූදානම් බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ 'හොඳ වෘත්තීය පුහුණු ජාලයක් රටට අවශ්‍ය කරන' බවත් සඳහන් කළේය. 'මෙය ආරම්භය විතරයි. අපේ ඉලක්කය වී තිබෙන්නේ නිරිතදිග තීරුව කියල ආර්ථික තීරුවක් ඇති කරන්නයි ' අගමැතිවරයා පවසයි. 'අලුත් ශ්‍රී ලංකාවක්' 'බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් අපි මෙතැනින් ආරම්භ කරනවා. තිරසාර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා,' අගමැතිවරයා කියා සිටියේය. හම්බන්තොට වරාය ආයෝජන කලාපය සඳහා මහජන ඉඩම් හෝ පුදබිම් ලබා නොගන්නා බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ, රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර ඇති අතර කිසිවකුට හානියක් සිදු නොවන පරිදි අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ කාර්යය හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දක්ෂිණ ලංකා අධිකාරිය භාර ඇමති සාගල රත්නායකට පවරා ඇති බවත් සඳහන් කළේය. 'රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර තිබෙනවා, කාටවත් හානියක් නොවන විදියට. ඇඹිලිපිටිය හොයාගෙන යනවා. සියයට 95%ක් රජයේ ඉඩම්. පන්සල් ගන්නේත් නෑ. පුරවිද්‍යා ස්ථාන ගන්නෙත් නෑ.ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් 2000ක ව්‍යාපෘතියක්. මොණරාගල කියන්නේ වර්ග කිලෝමීටර 7000ක්' අගමැතිවරයා පවසයි. වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා හම්බන්තොට ආයෝජන කලාපය චීනයේ 'ෂෙන් ෂෙන්' ආර්ථික ආයෝජන කලාපයට සමාන වූවක් වන බවයි පෙන්වා දුන්නේ. ගාල්ලේ නාවික හමුදා කඳවුර හම්බන්තොට ගෙනෙන බවත් ඔහු සිය කතාවේ දී සඳහන් කළේය. |
මානව හිමිකම් සංවිධානවල විරෝධය හමුවේ දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින් පත්කිරීමට යෝජනා වී සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නාම යෝජනාව ශ්‍රී ලංකාව විසින් ඉල්ලා අස්කර ගනු ලැබ ඇති බව නීතිඥ සංගමයක් පවසයි. | යුධ අපරාධ චෝදනා එල්ල වී තිබෙන ජනරාල් සිල්වාගේ නාම යෝජනාව දකුණු අප්‍රිකාව පිළිගත්තේ නම් එය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිවේදීහු පවසති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නම නියෝජ්‍ය තානාපති තනතුර සඳහා යෝජනා වීමෙන් අනතුරුව, ඔහු දකුණු අප්‍රිකාවට පත්කිරීමෙන් වලකින මෙන් දකුණු අප්‍රිකානු ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇති බවයි, දකුණු අප්‍රිකා නීති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නිකොල් ෆිට්ස් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. දැන් එම නාම යෝජනාව ඉල්ලා අස්කර ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන නමුත් එය තහවුරු කිරීමේ හැකියාවක් තමන්ට නැති බවයි, ඇය පවසන්නේ. යුධ අපරාධ චෝදනා කෙසේ නමුත්, යුධ අපරාධ චෝදනා එල්ල වී තිබෙන ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නාම යෝජනාව දකුණු අප්‍රිකාව පිළිගත්තේ නම් එය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව තම ආයතනය ජනාධිපති කාර්යාලයට සහ ජාත්‍යන්තර සම්බන්ධතා අමාත්‍යංශයට දැනුම් දුන් බව ද දකුණු අප්‍රිකා නීති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නිකොල් ෆිට්ස් පවසන්නීය. මේ පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී දෙමළ සේවයට කියා සිටියේ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින් පත්කොට යැවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වූ බවයි. එය භාර ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අදාළ රටට අයිතියක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කෙසේ නමුත් ශ්‍රී ලංකාව එම නාම යෝජනාව ඉල්ලා අස්කර ගත්තේද යන්න පිළිබඳව තමන් දැනුවත් නැති බව ද පැවසීය. සබැඳි තේමා |
‘වීදියේ විරෝධය’ ව්‍යාපාරයට එක් වී සිටින ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු ගේ නිවස ඉදිරිපිට ගේට්ටුවේ, මරා දැමූ සුනඛයෙකු ගේ හිසක් එල්ලා ගොස් තිබේ. | මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පවතින රජයට එරෙහිව සිදු කරන වීදි විරෝධතා නතර කරවීමේ අරමුණින් බිය ගැන්වීම සඳහා මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසීයට කියා සිටියේ. 'තවත් බලු ඔලුවක්' ‘ඊයේ රාත්‍රියේ (05 වැනිදා) මගේ බිරිඳ සහ දියණිය සමඟ නිවසට එන විට ගේට්ටුවේ පොලිතින් පාර්සලයක් එල්ලා තිබුනා. පසුව එය පරීක්ෂා කර බලද්දී එහි තිබුණේ මරා දමන ලද සුනඛයෙකුගේ ඔලුවක්, ලේ පිටින්ම. මගේ හිතවතුන්ට කතා කර බලද්දී මට දැනගන්න ලැබුනා ප්‍රසංග ප්‍රනාන්දු කියන අපේ තවත් සහෝදරයෙකු ගේ ගෙදරටත් බලු ඔලුවක් දාලා ගිහින් තියෙන බව.’ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවත් එය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් තම නිවසට පැමිණි බවත් ඔහු කියා සිටියේය. 'ගල් ගහපු අය' ‘එයාල අහනවා සැක කවුද කියල. මම පැහැදිලිව කිව්වා මීට පෙර, අතුරුදහන් වූවන්ගේ වාර්ෂික උත්සවයේදී මටත් අපේ සහෝදරවරුන්ටත් එරෙහිව පෝස්ටර් ගහල මගේ ගෙදරට ගල් ගහපු අයම තමයි මේක කරන්න ඇත්තේ කියල.’ ‘අපේ ජයතිලක සහෝදරයට එප්පාවලදී පහර දුන්න. හම්බන්තොටදී පහර දුන්න. හම්බන්තොටදී ඔවුන් මාව හොයල තිබුනා මට පහර දෙන්න. ඒත් ඔවුන්ට මාව හඳුන ගන්න බැරි උනා. ඒ බාධක මැද්දේ අපි දිගටම මේ විරෝධතා කරගෙන ආ නිසා අපිව බිය ගන්වන්න හදන්නේ. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ඉදිරි දින දෙක තුනේදී අපි මැදිහත් වෙයි කියල හිතලා අප බිය ගන්වන්න කරපු දෙයක්.’ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. මහින්ද මහත්තයත් එක්ක මෙම ක්‍රියාව නිසා සිය බිරිඳ සහ දියණිය භීතියට පත් වී සිටින බව ද බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසීයට පැවසීය. ‘මගේ දියණිය විශාල කඩා වැටීමකට ලක් වී සිටිනවා. ඇය නොකා නොබී රෑ එළිවෙන තුරුම හඬමින් අවදියෙන් සිටියේ.’ ‘මම අතුරුදහන් වීම් වලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අනූ දෙකේ දී කටයුතු කරද්දී වත් මෙහෙම තර්ජන තිබුණේ නැහැ. ඒ කාලේ අපි මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකට වැඩ කරද්දීවත් මෙහෙම දෙයක් වුනේ නැහැ.’ ඔහු තව දුරටත් කියා සිටියේය. |
ජර්මනියේ ප්රමුඛ පෙළ පාපන්දු කණ්ඩායමක් රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තිබේ. | 'බරුසියා ඩොර්ට්මුන්ඩ්' පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථය බෝම්බ ප්‍රහාර තුනකට ගොදුරු වී ඇති අතර ඊට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල සම්බන්ධයක් ඇත්දැයි සොයා පරීක්ෂණ පවත්වන බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍ය හමුවක් කැඳවමින් ඩොර්ට්මුන්ඩ් පොලිස් ප්‍රධානියා කියා සිටියේ එය පාපන්දු කණ්ඩායම ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයක් බවය. ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ බරුසියා ඩොර්ට්මුන්ඩ් පාපන්දු කණ්ඩායම, මොනකෝ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගයකට සහභාගී වීම සඳහා යමින් තිබිණි. අතට හානි සිදු වීම හේතුවෙන් පාපන්දු ක්‍රීඩක මාක් බාට්රා ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර සෙසු ක්‍රීඩකයන් තුවාල ලබා නොමැත. ක්‍රීඩකයෙකුට තුවාල පාපන්දු ක්‍රීඩක මාක් බාට්රා ප්‍රහාර සිදු වූ ස්ථානයේ තිබූ හමු වූ ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ජර්මනියේ නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දෙසැම්බරයේ බර්ලින් නගරයේ නත්තල් වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරය සහ සිරියාවේ ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් පිළිබඳ එම ලිපියේ සඳහන් වන බවත් වාර්තා වේ. "අල්ලා දෙවියන්ගේ නාමයෙන්" යනුවෙන් සඳහන් වැකියකින් ලිපිය ආරම්භ කොට ඇති බව ජර්මනියේ 'Suddeutsche Zeitung' පුවත්පත වාර්තා කරයි. අයිඑස් සංවිධානයට එරෙහිව මිත්‍ර හමුදා විසින් ක්‍රියාත්මක කරනු ලබන සටන් සඳහා ජර්මනිය ටෝනාඩෝ ජෙට් යානා යොදා ගැනීම පිළිබඳවත් එහි සඳහන් වන බව 'Suddeutsche Zeitung' පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය. |
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කරුවන් අතර දැඩි ප්රචණ්ඩ ක්‍රියාවලට මැදිව සිටින සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉල්ලා සිටිති. | ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිය 15 හැවිරිදි මුණුබුරා අහිමි වූ ගාසා හි කාන්තාවක් ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දරුවන් ඉවතට ගන්නා අයුරු සහ ඊශ්‍රායලයේ ජනයා ආරක්ෂිත ස්ථාන සොයා දිවයන අයුරු දැක්වෙන දර්ශන ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. දෙපාර්ශවය අතර ගැටුම් දෙවෙනි සතියටත් ඇවිල යද්දී සටන් විරාමයක් පිළිබඳ ඇත්තේ කුඩා බලාපොරොත්තුවකි. ගාසා තීරයේ දරුවන් 61 ක් ඇතුළු 212 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ දරුවන් 2 ක් ඇතුළුව දස දෙනෙකු මරණයට පත්ව තිබේ. ගාසා හි මරා දැමුණු වැඩි දෙනෙකු අතර සිටින්නේ සටන්කරුවන් බව පවසන ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ගේ මරණ සිතා මතා සිදු නොකළ ඒවා බව කියා සිටියි. ගාසා තීරයේ පාලනය ගෙන යන හමාස් සන්නද්ධ කණ්ඩායම එය පිළිගන්නේ නොමැත. රාත්‍රියේ රොකට් ප්‍රහාර ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් හානියට පත් දකුණු දිග ඊශ්‍රායලයේ නිවසක් සඳුදා (මැයි 17) රාත්‍රියේ, ලෙබනන දේශසීමාවට ආසන්නයෙන්, උතුරු සහ දකුණු දෙසින් රොකට් ප්‍රහාර එල්ල වීමත් සමග යළි ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ නලා හඬ ඇසුනි. සිය ප්‍රහාර තවදුරටත් පවත්වාගෙන යන බව ඊශ්‍රායල නායකයෝ යළි සපත කර තිබේ. ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන අවධානය ඉහළ යමින් පවතී. සාමාන්‍ය වැසියන් තුවාල වීම සහ මරණයට පත්වීම හෝ විනාශයන් නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වීම වළකාලනු වස් පියවර ගන්නා ලෙස ලෝක නායකයන් සහ මානුෂීය ආධාර ලබා දෙන සංවිධාන ඉල්ලා සිටිති. 'පාසල් 40 ක් රෝහල් 4 ක්...' දවස් අටක් ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර ගාසා හි පැවති ගැටුම් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සටන් විරාමයක් වෙනුවෙන් සහාය දෙන බව පවසයි. ගැටුම් නතර කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව, ඊජිප්තුව සහ සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බව ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත පවසා තිබේ. එහෙත් ප්රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව ඇමරිකාව විසින් යළි වළකනු ලැබිණි. සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම ඊශ්‍රායලය විසින් වළකා ගනු ලැබ යුතුව ඇතැයි එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා කියා සිටියි. එහෙත් "අනෙක් අතින් හමාස් සිය මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන්ගේ ගොඩනැගිලි සහ මිනිස්සු පලිහක් වශයෙන් යොදා ගන්නවා." යනුවෙන් එම ප්‍රකාශකයා අවධානයට ලක් කරයි. විශේෂයෙන් දරුවන් ද ඇතුළුව සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇන්ටනී බ්ලින්කන් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය. "ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඒ සඳහා ඊශ්‍රයලයට අතිරේක බරක්" ඇති බව ඔහු අවධාරණය කළේය. ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි දැනටමත් දුගීභාවයෙන් පීඩා විඳින, මිලියන දෙකක් වෙසෙන ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදුවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කරයි. මෑත දිනවලදී පාසල් 40 ක් සහ රෝහල් 4 ක් "සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්" විනාශ වී ඇති බව එම සංවිධානය පවසයි. මූලික සේවාවන්ට තර්ජනයක් වන පරිදි එහි ඉන්ධන සැපයුම අවසන් වෙමින් පැවතීම පිළිබඳව ද එම සංවිධානය අනතුරු ඇඟවීය. සෞඛ්‍ය සේවා ගොඩනැගිලි වෙත එල්ල කෙරෙන් සියලුම ප්‍රහාර නවතා දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවසීය. මේ ගැනත් කියවන්න: |
කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. | හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. මේ අතර කුණු කන්දට යට වීමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත් වී ඇතත් අදත් (අප්‍රේල් 15) එතැනට කුණු දමමින් පැවති බව ප්රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය. කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති. දේශපාලනඥයන් විසින් සිය ඉල්ලීම නොතකා හළ බව පවසන කුණු කන්ද අවට පදිංචිකරුවෝ අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දේශපාලනඥයන්ට විරෝධය පළකළ අතර එහි නොඑන ලෙස ඔවුන් හමුවේ කියා සිටියහ. රජයේ වියදමින් මේ අතර නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවය. අනතුර ලක් වූ ස්ථානය අවට අනතුරුදායක තත්වයේ සිටින පිරිස් ඉන් ඉවත් කිරීම වහා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කෙසේ නමුත් මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් එම කසල බැහැර කිරීම සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි. |
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැඳුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජන්දය ප්‍රකාශ කිරිමට නොහැකිවනු ඇතැයි බිය පළවෙමින් පවතී. | මෙම තත්වය පිළිබඳව සඳුදා මැතිවරණ දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එක්ව මෙම පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා ඡාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමටයි. මේ පිලිබදව සංදේශයට අදහස් දැක්වූ කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ රජිත් කීර්ති තෙන්නකෝන්, ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා දැනටමත් තම සංවිධානය ආරම්භ කර ඇති බවයි. “මේ හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට ඡන්ද අයිතිය අහිමිවුවහොත් එය ඉදිරි මැතිවරණයකදී තීරණාත්මක සාධකයක් විය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය. හැඳුනුම්පත් ලක්ෂ 4ක් ලබාදීම අපහසුයි ? ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති නිසා ලක්ෂ හතරකට ආසන්න මෙම පිරිසට ඉතා කෙටි කාලයකදී ජාතික හැඳුනුම්පත් ලබාදීම අභියෝගයක් වනු ඇති බවද රජිත් කිර්ති තෙන්නකොන් පැවසීය. “ලක්ෂ හතරකට හැදුනුම්පත් ලබාදීම ඉතා අපහසු කටයුත්තක්. අපි විශ්වාස කරනවා මේ පිරිසෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සැබෑ ලෙසම හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම් කරයි කියලා.” හැදුනුම්පත් නොමැති පුද්ගලයන්ට ජංගම සේවා සදහා පැමිණීමෙන් හැඳුනුම්පත් ලබාගත හැකි බව පවසන කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නො එසේනම් තම ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා හරහාද ඒ සඳහා අයදුම් කළ හැකි බවයි පවසන්නේ. එලෙස ලබාදෙන අයදුම්පත් සඳහා දෙසැම්බර් මස 15 දිනට ප්‍රථම හැදුනුම්පත් ලබාදීමට හැකියාව තිබෙන පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව ඊයේ සාකච්චාවේදී පැවසූ බව රජිත් කිරිති තෙන්නකොන් ප්‍රකාශ කරයි. |
පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 19) ඉන්දියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් දරුවන් ඇතුළු 58 දෙනෙක් මිය ගියහ. | අනතුරෙන් මියගිය සිය ඥාතීන්, හිතවතුන් වෙනුවෙන් වැලපෙන පිරිස් රාවණා රජුගේ විශාල අනුරුවකට ගිනි තබමින් සිදු කරන මෙම හින්දු උත්සවය පැවැත්වුනේ උතුරු ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේය. උත්සවයට සහභාගි වූ පිරිසට තමන් දෙසට ධාවනය වන දුම්රිය පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් සිදු කර නැත. රාවණා අනුරුවට ගිනි තැබීමත් සමග දැඩි ශබ්දයක් නංවමින් රතිඤ්ඤා පිපිරුණ අතර, සුළු පිරිසකට පමණක් දුම්රිය පැමිණෙන ශබ්දය ඇසී තිබේ. වේගයෙන් පැමිණි දුම්රිය මග හැර මාර්ගයෙන් ඉවත් වීමට නොහැකි වූ බොහෝ පිරිසක් මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. රාමා, සීතා සහ ශ්‍රී ලංකාවේ රාවණා රජු වටා ගොඩනැගී ඇති 'රාමායණය' ග්රන්ථයට අනුව රාවණා රජු දුෂ්ට චරිතයක් ලෙසින් සැලකෙන අතර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල රාවණා රජු සැලකෙන්නේ යක්ෂයෙකු ලෙසිනි. ශ්‍රී ලංකාවේ සමහරු ඔහු දේවත්වයෙන් අදහති. රාමා, රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන ද පැවැත්වේ. හින්දු ඇදහීමට අනුව මෙයින් සංකේතවත් වන්නේ සියලු අනර්ථයන් පරදා යහපත් දේ ජයගැනීමය. රාම රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන පැවැත්වීමට කටයුතු කරයි අම්රිත්සාර් නුවර දුම්රිය අනතුරෙන් පසු, සමහර පුද්ගලයන් දුම්රිය මාර්ගය සහ අසල පිහිටි ලඳු කැලෑවල සිය ජංගම දුරකතනයෙන් විහිදෙන එළියෙන් තමන්ගේ ආදරණීයන් සෙවීමට උත්සහ ගත් ආකාරය ගැන සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු විස්තර කළේය. දුම්රියේ ගැටී මියයාමට මොහොතකට පෙර එක් පුද්ගලයෙකු තමන් අත සිටි ළදරුවා ඉවතට විසි කරනවාත් සමගම අසල සිටි කාන්තාවක් දරුවා අල්ලා ගෙන ඇති බව 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා (The Times of India) පුවත්පත වාර්තා කර තිබිණි. "උත්සවයක් වෙන්න තිබුණ අවස්ථාවක් මහ භයානක දර්ශනයකට පෙරළුණා. හැම තැනම ලේ වැගිරිලා තිබුණා. ශරීර කොටස් විසිරිලා තිබුණා," යැයි මෙම අනතුරෙන් දිවි ගලවාගත් මන්ජිත් සිං බීබීසී පන්ජාබි භාෂා සේවයට පැවසීය. මේ තොරතුරුද කියවන්න: මෙම අනතුරට වගකිව යුත්තේ කවුද? ඉන්දීය පොලිසිය මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් ලියාපදිංචි කරගෙන ඇතත්, එය "නම් කර නොමැති" පුද්ගලයන්ට එරෙහිව සටහන් කර ගන්නා ලද්දක් ලෙස වාර්තා වේ. එම පැමිණිල්ලේ අනතුරට වගකිව යුතු පාර්ශවයක් ගැන පැහැදිලිව දක්වා නොමැත. මෙම උත්සවය තිබූ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය පිහිටා තිබුණේ විශාල වගා බිමක් මධ්‍යයේය. දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි. ගිනිකෙළි සංදර්ශනය වඩාත් හොඳින් දර්ශනය වූයේ දුම්රිය මාර්ගයේ සිට නැරඹූ විටය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ සිටින පිරිස දෙසට හරවා විශාල LED තිර සවි කිරීමට සංවිධායකයෝ කටයුතු කර තිබූහ. මෙයින් හැඟී යන්නේ වගා බිමෙන් ඉවත සිටින මිනිසුන් ද ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බවය. දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි "මිනිස්සු රේල් පාරේ ඉඳගෙන උත්සවයේ අවස්ථා වීඩියෝ කරමින් සිටියා," ප්‍රාන්තයේ නීති සම්පාදකයෙකු වශයෙන් සේවය කළ ආචාර්ය නවුජොත් කවුර් බීබීසී පන්ජාබි සේවයට පැවසුවේය. ඔහු උත්සවයට සහභාගි වී අනතුර සිදු වීමට පෙර ඉන් පිටත්ව ගොස් ඇත. "සංවිධායකයෝ මේ වගේ උත්සවවලට අදාළ දුම්රිය සේවා ආයතනවලින් අවසර ගන්නවා. මේ දුම්රිය එන්න ඇත්තේ ඉතා හෙමින්. එය නවත්වා ගන්න තිබුණා, නැත්නම් රියදුරාට කීපවතාවක් නලාව ශබ්ද කරන්න තිබුණා මිනිසුන්ට මාර්ගයෙන් ඉවත් වෙන්න." දුම්රිය නිලධාරීන් එරට මාධ්‍ය වෙත පැවසුවේ, අනතුර සිදුවන වෙලාවේ දී දැඩි අඳුරක් සහ මීදුමක් පැවති බවය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ තිබූ වංගුවක් පසු කරනවාත් සමගම මෙම පිරිස රැඳී සිටිය නිසා අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ඔවුහු තවදුරටත් පැවසූහ. විශාල වශයෙන් සංසරණය වූ මෙම උත්සවයේ එක් වීඩියෝවක දැක්වෙන පරිදි සංවිධායක මණ්ඩලයේ එක් සාමාජිකයෙකු ආචාර්ය නවුජොත් කවුර්ට පැවසුවේ, "මේ රේල් පාරේ 5,000ක් විතර සෙනග හිටගෙන ඉන්නවා. ඒ අය දුම්රිය ගැන කරදර වෙන්නේ නැහැ. දුම්රිය 500ක් මෙතනින් ගියත් ගණන් ගන්නේ නැහැ," යනුවෙනි. අනතුරෙන් මියගිය අය වෙනුවෙන් වැලපෙන්නෝ පොලිසිය මෙම උත්සවය සඳහා නිසි අවසර ලබා දී ඇතත්, පොදු උත්සවයක් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨාධිකරණ රීති පිළිපැදීමට සංවිධායකයන්ට පැවසූ බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කමල්දීප් සිං සංගා බීබීසී පන්ජාබි සේවයට පැවසීය. එම රීතිවලට අනුව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේදී ගිනි නිවන හමුදාවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අවසර ගත යුතුය. නමුත් සංවිධායකයෝ සිය දෙපාර්තමේන්තුවලින් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බව නිලධාරියෝ බීබීසී පන්ජාබි සේවයට පැවසූහ. නමුත් වසර ගණනාවක සිට පවත්වන මෙම උත්සවයට දේශපාලඥයෝද සහභාගී වන නිසා මෙහි ආරක්ෂාව පිළිබඳ අදාළ නිලධාරියෝ දැනුවත් බව අනතුරෙන් දිවිගලවාගත් පිරිස පවසති. තවත් තොරතුරු: |
ලබන ජනවාරි තුන් වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී නිශාන්ත රණතුංග තමන්ට පහරදුන් බව මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ ලේකම්වරයා පවසයි. | මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ ලේකම්වරයා සුජීව ගොඩලියද්දට පහරදුන් බවට නිශාන්ත රණතුංගට චෝදනා නිලවරණයේ සාමාජික ක්‍රීඩා සමාජ සහ සංගම් 15 ක නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කිරීම පිණිස ක්‍රීඩා අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඔහු එසේ පහරදුන් බවයි, සුජීව ගොඩලියද්ද සංදේශයට කියා සිටියේ. එහෙත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිශාන්ත රණතුංග පවසන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පරාජය හමුවේ 'අභූත චෝදනා' එල්ල කරන බවයි. මීගමුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් නොවන අර්ජුන රණතුංග අමාත්‍යවරයා සහ හිටපු සභාපති උපාලි ධර්මදාස එහි නියෝජිතයන් වශයෙන් නම් කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජයේ ලේකම් යූස්ටස් ප්‍රනාන්දු කරුණු දැක්වීමට නැගී සිටි අවස්ථාවේ එම පහරදීම සිදු වූ බවයි සුජීව ගොඩලියද්ද පවසන්නේ. මීගමුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු නොවන අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම සමාජය නියෝජිතයකු ලෙසින් නම් කිරීම පිළිබඳව ක්‍රීඩා සමාජයේ ලේකම්වරයාගේ විරෝධය යූස්ටස් ප්‍රනාන්දුගේ කරුණු දැක්වීම වැළැක්වීමට නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ තමන් එයට විරෝධය පෑම පහරදීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය. ඒ අවස්ථාවේ තමන්ද සිය ආරක්ෂාව වෙනුවෙන් පෙරලා පහර දුන් බව පවසන සුජීව ගොඩලියද්ද සිදුවීම පිළිබඳව පොලිසියට කටඋත්තරයක් ලබා දෙන බවත් පැවසීය. සභාපති අපේක්ෂකයකු පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සහ පහරදීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කළ විමසීමකදී සනාථ කළේය. ප්රචණ්ඩ නිලවරණයක්? කොළඹ ක්‍රිකට් සමාජයේ ලේකම් අරුණ විජය ද සිල්වා විසින් කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව පැමිණිලිකරු සහ චුදිත සභාපති අපේක්ෂකයාගෙන් කටඋත්තර සටහන් කරගත් බවත් ඔහු පැවසීය. ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල නිලවරණයේ අනෙක් සභාපති අපේක්ෂකයන් දෙදෙනායි. තිලංග සුමතිපාල සහ ප්‍රතිවාදී පිලෙන් උප සභාපති පදවියට තරඟ කරන අර්ජුන රණතුංග දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපම ආධාරකරුවන්. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස ගේ ආධාරකරුවන් 'අභූත චෝදනා' නගන බව නිශාන්ත රණතුංග පවසයි ගැටුම පිළිබඳව සංදේශය කළ විමසීමකදී නිශාන්ත රණතුංග කියා සිටියේ සිය ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයන් වන තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස දැනටමත් පරාජය පිළිගෙන ඇති බවයි. "මේ ඡන්දයට මුහුණ දෙන්න බැරිව සාමාජිකත්වයේ අප්‍රසාදය ඇතිවෙලා තියෙන වෙලාවක ඔවුන් උත්සාහ කරනවා අපි ගැන විවිධ චෝදනා දාල අපහාසයට පත්කරන්න," නිශාන්ත රණතුංග පැවසීය. සාමාජිකයන් හතලිස් දෙනකු පමණ මේ අවස්ථාවට සහභාගි වූ බැවින් එවැන්නක් සිදු වූයේ නම් ඔවුන් එය දැනසිටිය යුතු බවද ඔහු පැවසීය. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට සහාය දෙන තමා මාතලේ ක්‍රිකට් සම්මේලනයේ ලේකම් පදවියට පත්වීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ප්‍රබල විරුද්ධත්වයක් පළ කළ බව පවසන සුජීව ගොඩලියද්ද, ඒ විරෝධය හමුවේ තමන් දැන් පදවිය දරන්නේ අධිකරණ නියෝගයක් ප්‍රකාර බවත් සඳහන් කළේය. "මම බොහොම කණගාටු වෙනව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරඟ වදින පුද්ගලයෙක් ඒ විදියට හැසිරීම පිළිබඳව." පහරදීමක් සිදුවුවත්, නොවුවත් අතීතයේ පැවති ක්‍රිකට් නිලවරණ මෙන් මෙවර නිලවරණයත් නිදහස් හා සාමකාමීව පැවැත්වෙනු වෙනුවට දැඩි ප්රචණ්ඩ ස්වරූපයක් ගැනීමේ ඉඩකඩ මේ මගින් පැහැදිලි වන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ නිශාන්ත රණතුංග සඳහන් කළේ එවැන්නක් වැළැක්වීම ක්‍රිකට් පරිපාලනය භාරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ගේ වගකීම බවයි. වැඩිදුර කරුණු විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් කේඩී රුවන්චන්ද්‍ර සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
දකුණු අප්‍රිකාවේ 'කෲගර්' ජාතික වනෝද්‍යානයේ දී ඇතකුගේ ප්‍රහාරයකට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් ජීවිතය බේරා ගත්තේ යාන්තමින්. | ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බව වනෝද්‍යානයේ කළමණාකරු පවසයි සාරා බ්රූක් නම් බ්‍රිතාන්‍ය ගුරුවරිය මෝටර් රථයකින් වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටියදීයි ඇත් ප්‍රහාරයට ගොදුරු වුණේ. ඇත් දළය මෝටර් රථයේ බඳ සිදුරුන කරමින් සාරා බ්රූක් ගුරුවරියගේ පාදයක වැදීමෙන් ඇය තුවාල ලද අතර ඇයට රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ බවත් වාර්තා වෙයි. සාරා බ්රූක් ගමන් ගත් රිය පසුපසින් ධාවනය වෙමින් තිබුණ වෙනත් වාහනයක ගමන් ගනිමින් සිටි පිරිසක් ඇත් ප්‍රහාරය වීඩියෝ ගත කරනු ලැබ “යූ ටියුබ්” අන්තර් ජාල වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබෙනවා. කෲගර් ජාතික වනෝද්‍යානයේ කළමණාකරු, විලියම් මබාසා පවසන්නේ ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බවයි. |
අයහපත් සේවා තත්වයන් සහ අඩු වැටුප් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් විශාල පිරිසක් රැකියාව හැරයමින් සිටින බව අලුත්ම සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ. | හෙද සේවය සහ වින්නඹු මාතාවන් පිළිබඳ මණ්ඩලය (NMC) නිකුත්කළ නව සංඛ්‍යාලේඛනවල දැක්වෙන පරිදි සේවයෙන් ඉවත්ව යන හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ ප්‍රමාණය, අලුත්ම සේවයට එක්වන ප්‍රමාණයට වඩා වැඩිය. ඒ අනුව මේ වසරේ මාර්තු මාසය දක්වා කාර්තුව තුළ හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන් 1,783 ක් සේවය හැර යාමත් සමග රට පුරා ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රැකියාවේ නිරතව සිටි සංඛ්‍යාව 690,773 දක්වා පහළ වැටින. ඉන් අනතුරුව මේ වසරේ අප්‍රේල් සහ මැයි මාසවල තවත් 3,264 ක් සේවයෙන් ඉවත්වූහ. කෙසේ නමුත් 2010 වසරේ දීට වඩා හෙද හෙදියන් 13,000 ක් මේවනවිට එංගලන්තයේ රෝහල්වල සේවය කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි. විශ්‍රාම ගැනීම හැරුණු විට ඔවුන් බොහෝ දෙනා සේවය හැර යාමට ප්‍රධානම හේතුව සේවක පිරිස ප්‍රමාණවත් නොවීම සහ වැඩ අධිකවීම වැනි අයහපත් සේවා තත්වයන්ය. පෞද්ගලික හේතු, ප්‍රතිකාරවල ගුණාත්මකභාවය පිළිබඳව කලකිරීම, අඩු වැටුප් සහ රටින් බැහැරව යාම හෙද හදියන් සහ වින්නඹු මාතාවන් සිය සේවය හැර යන අනෙක් ප්‍රධාන හේතු බව සේවය හැර ගිය 4,500 ක පිරිසක අදහස් විමසා සකස් කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වේ. ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) පාලක මණ්ඩල නියෝජනය කරන NHS Providers සංවිධානයේ අධ්‍යක්ෂිකා සෆ්රෝන් කෝඩ්රි අදහස් දක්වමින්, මෙය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය හේතුවෙන් සිදුවන්නක් නොවන බව කියා සිටියාය. "වැඩිපුරම ඉවත්වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යවාසීන්. අනික විශේෂයෙන්ම මේ තරම් තරුණ පිරිසක් සෙන් ඉවත්වෙන්න තීරණය කිරීම බොහොම කණගාටුදායක තත්වයක්," යනුවෙන් ඇය සඳහන් කළාය. සේවකයන් ප්‍රමාණවත් නොවීම සහ අයහපත් සේවා තත්වය හමුවේ "විෂම චක්‍රයකට" සිර වීම ඔවුන් මෙසේ සේවය හැරයාමට හේතුව බව පවසන හෙද අධ්‍යාපනය සම්බන්ධ රාජකීය විද්‍යාලය (The Royal College of Nursing - RCN), ඔවුන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා විදේශීය සේවකයන් බඳවා ගැනීම ගැටලුවට විසඳුම නොවන බවත් සඳහන් කරයි. "අනාගත හෙදියන් පුහුණු කිරීම සඳහා ලබා දෙන අරමුදල් (ආණ්ඩුව) කපා හැරලා තියෙනවා," විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජැනට් ඩේවිස් සඳහන් කළාය. හෙදියන්ගේ වැටුප සම්බන්ධ තීරණය 'දේශපාලන තීරණයක්' බව පවසන ඇය, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වතාවට ලබන සැප්තැම්බර් මාසයේ විද්‍යාලයට බැඳෙන ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබාගැනීමට සිදුවනු ඇති බවත් පවසන්නීය. "ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවයක්" පවත්වා ගැනීම පිණිස අවශ්‍ය තරම් හෙද හෙදියන් ප්‍රමාණයක් සේවයේ තබාගැනීම සහ අනාගට්ර්හ හෙදියන් පුහුණු කිරීම පිණිස අවශ්‍ය සියලු කටයුතු ඉටුකරන බව එම විවේචනවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක පැවසීය. |
ශ්‍රී ලංකාව ඇතුළු සිය අසල්වැසි රටවල් සමග හවුලේ භාවිත කළ හැකි 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' ඉන්දියාව විසින් ඊයේ (මැයි 05) අභ්‍යවකාශ ගත කරනු ලැබීය. | 'දකුණු ආසියානු චන්ද්‍රිකාව': ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම් චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කිරීම සඳහා දකුණු ආසියානු රටවල නායකයෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග වීඩියෝ සංවාදයකට එක් වූහ. සාක් කලාපීය සාමාජික රටවල ප්‍රයෝජනය සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම පිළිබඳව එයට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සුභ පැතුම් පළ කළේය. "සාක් කලාපීය සාමාජික රටවල් වෙනුවෙන් දකුණු ආසියානු චන්ද්‍රිකාව දියත් කළ මේ ඓතිහාසික මොහොතේ ඔබට සුබ පැතීමට ලැබීම මා ලද ගෞරවයක්," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "දකුණු ආසියානු රටවල් සමග සමීප සබඳතා ගොඩ නැගීම සඳහා ඔබ සතු කැපවීම සහ කැමැත්ත මින් පිළිබිඹු වෙනවා." දකුණු ආසියානු චන්ද්‍රිකාව භාවිත කරන බවට මේ වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, භූතානය සහ නේපාලය යන කලාපීය රටවල් සිය එකඟත්වය පළ කොට තිබේ. තමන්ගේම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පවසන පාකිස්තානය එම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ නොවීය. 'චීන බලපෑම' 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය. දකුණු ආසියානු චන්ද්‍රිකාව ඔස්සේ අසල්වැසි රටවල් වෙත විකාශන සහ ජංගම දුරකථන ජාල ඇතුළු විදුලි සංදේශ සේවා සඳහා පහසුකම් සපයනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. අගමැති මෝදි විසින් චන්ද්‍රිකාව හඳුන්වනු ලැබුවේ සිය අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්" ලෙසිනි. මෙය, කලාපය තුළ චීන බලපෑම සමනය කරමින් අසල්වැසි රටවල් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට ඉන්දියාව ගත් උත්සාහයක් වශයෙන් ඇතැම් විශ්ලේෂකයෝ විග්රහ කරති. |
සත්‍ය වශයෙන් මධ්‍ය ධරණීය මුහුදේ ගිලීමෙන් මිය යන නීති විරෝධී සංක්‍රමණිකයන් ගණන වාර්තා වීම වැලක් වීමට යුරෝපීය රටවල් මහත් උත්සාහයක් දරමින් සිටියි. | නමුත් සැබෑ ප්රශ්නය මතු වන්නේ මෙම සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරන ජාවාරම් කරුවන් හේතුවෙන්. යුරෝපීය බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය මෙම මිනිස් ජාවාරම් කරුවන් වුවත් ඔවුන් ගෙන යන සංකීර්ණ අපරාධ වළල්ල දේශ සීමා ඉක්මවා යන බහු ජාතික සමාගම් වල බලපෑමත් සමග ශක්තිමත්. ලිබියාවේ මුහුදු සීමා බලධාරීන් විශ්වාස කරන්නේ මිනිස් ජාවාරම් කරුවන් ඉතාලි ජාතික සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග එක්ව වැඩ කිරීම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවයි. ගියම්පාලෝ මුසේමි වසර දෙකක් නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනයේ යෙදුන පුද්ගලයෙකු වන අතර ඔහු සිය අත්දැකීම් විස්තර කරමින් මිනිස් ජාවාරම් කරුවෙකුගේ පාපොච්චාරණය නමින් අන්තර්ජාලයේ පොතක් පළ කළේය. සිය අත්දැකීම් විස්තර කරන ගියම්පාලෝ පවසන්නේ වසර පහළොවක් මුළුල්ලේ සංක්‍රමණිකයන් ජාවාරම් කිරීමේ යෙදෙමින් අති විශාල සංවිධානාත්මක අපරාධ වළල්ලක් ගොඩනැගීමට සමත් ජාවාරම් කරුවෙකු ඊජිප්තුවේ දී ඔහුට හමු වූ බවයි. ආරක්ෂා සහිත සේවයක් ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ජාවාරම් කරු සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සිය වගකීමක් ලෙස පිලි ගැනීමට තදින්ම විරුද්ධ වූ බවයි. නමුත් ගියම්පාලෝ බීබීසියට කියා සිටියේ සිය ගැනුම්කරුවන් මිය යනවා දැකීමට තමන්ට අවශ්‍ය නැති අතර, සංක්‍රමණිකයන්ට ආරක්ෂා සහිත සේවයක් ලබා දීම තුලින් සිය ව්‍යාපාරයට වෙළඳපොළේ හොඳ නාමය හිමි වන බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැන් තමන් මහා පරිමාණ ජාවාරම් කරුවෙකු වන බැවින් තමන්ට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් ලැබෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින හොඳ නාමය හේතුවෙන් බවයි. මේ වසර තුල යුරෝපයට ප්‍රවාහනය කළ නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රමාණය 35000 ඉක්මවන බවයි සිය ව්‍යාපාරික ජයග්‍රහණ විස්තර කරන ගියම්පාලෝ පවසන්නේ. ඒ අනුව ගියම්පාලෝගේ වසරක ඇස්තමේන්තු ගත ලාභය යුරෝ මිලියන 300-600ත් අතර වේ. ලිබියාවේ නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කරන පිරිස ඉතා ඉහළ බැවින් සිය ජීවිත ජාවාරම් කරුවන්ගේ අතට පත් කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන විකල්පයක් නැති බවයි ගියම්පාලෝ පවසන්නේ. ඇති විශාල මුදලක් සංක්‍රමණිකයන්ගෙන් අය කරන බැවින් සේවාවේ ගුණාත්මක බව, ආරක්ෂා සහිත බව වැඩි කිරීමට ජාවාරම් කරුවන්ට හැකියාව ඇති නමුත් අධික ඉල්ලුමක් පවතින මෙවැනි නීති විරෝධී ජාවාරම් කරුවන් තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට පෙලඹෙන බවයි ගියම්පාලෝ විශ්වාස කරන්නේ. |
එච්අයිවී අසාදිත වී ඇති බවට සැක කෙරුණ කුලියාපිටියේ දරුවා ඇතුළත් කෙරුණු පාසල දින දෙකකට වසා තැබෙන බව එහි විදුහල්පතිවරයා පවසයි. | සිය දරුවා පාසලට රැගෙන එමෙන් වැළකී සිටින ලෙස පාසල් විදුහල්පතිවරයා ඇතුළු ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් තමාට දැන්වූ බව දරුවාගේ මව පවසයි. පාසලේ සෙසු දරුවන් අද සඳුදා පාසලට පැමිණ නොමැත. පාසල වෙත පැමිණි ජාතික මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අනතුරුව හය හැවිරිදි පිරිමි දරුවාගේ නිවසට ගොස් තොරතුරු විමසා ඇත. පාසල් කාර්යමණ්ඩලය සේවයට වාර්තා කර තිබෙන අතර පාසල් පිවිසුම ඉදිරිපිට සෙසු දරුවන්ගේ දෙමව්පියන් රැඳී සිටින බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට කියා සිටියේ. යමි කිසි පිරිසක් විසින් ප්‍රදේශයේ මාර්ග සංඥා මත මිනිස් හිස් කබලක් සහිත අනතුරුදායකයි යන සංඥා පින්තාරු කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එච්අයිවී ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ. තම දරුවා එච්අයිවී ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව මව දරුවාගේ කියා සිටියි. අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 3200ක්. එම වාර්තාවට අනුව එම වසරේ වාර්තා වී ඇති එච්අයිවී ආසාදිත ළමුන් සංඛ්‍යාව 100ක්. |
බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුද අපරාධකරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යාව බොහෝ දුරට අඩු තක්සේරුවක් මත පදනම්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් ප්‍රකාශ කරයි. | බීබීසි ය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ස්වෙච්ඡාවෙන් තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් අනුව නිල දත්ත සකස් කොට ඇති බවයි. එම පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රම වේදය වැඩි දියුණු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය. බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් දැන් ‘Torture Aware UK’ නමැති මානව හිමිකම් සංවිධානය පිහිටුවා ගෙන ඇත. “යුද අපරාධ කරුවන් කොපමන පිරිසක් අප අතර සිටින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී පැහැදිළි උපාය මාර්ගයක් ඇත්ද යන්න මම දකින්නේ නැහැ,” ඔහු සඳහන් කළේය. සංක්‍රමණික දීමනා ඉකුත් වසරේ දී බ්‍රිතාන්‍ය සංක්‍රමණික දීමනා ලබා ගනිමින් සිටි යුද අපරාධ කරුවන් එකසිය පහළොස් දෙනකු හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනාවරණය කොට ඇත. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ සිටින යුද අපරාධකරුවන්ගේ ගණන ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා වැඩි බව පවසන බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර්, යුද අපරාධවලට ලක්ව බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයන්ගෙන් සාක්ෂි ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියාකාරී වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. ඇෆ්ඝනිස්තානය, ඉරානය , ඉරාකය, ලිබියාව, රුවන්ඩාව, සර්බියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි සැකකරුවන් බ්‍රිතාන්‍යය ජීවත් වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කොට ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධය බීබීසියේ ටොම් බේට්මන් වධ බන්ධන වලට ලක්ව බ්‍රිතාන්‍යය වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකුගෙන් විමසීමක් කලවිට ඔහු පැවසුවේ එසේ යුද අපරාධ කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයට පැමිණ ජීවත් වන බවට තමා විශ්වාශ කරන බවයි. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතී සමයේ තමා එහි ජීවත් වූ බව පැවසූ ඔහු තම අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමදා සෙබළුන් විසින් වද දුන් බවයි. “ඔවුන් මට අතින් පයින් පහර දුන්නා. මගෙ ඇඟ කැපුවා. මගේ ඔළුවට දේවල් තියල බැන්ද. මගෙ ඇඟේ ලේ ගලන්න පටන් ගත්ත. මම දින දෙකක් එහි හිටියා මගේ ඇඟ පුරා ලේ. ඊට පස්සේ මට තදේට වමනෙ ගියා. දින දෙකකට පස්සේ ආයෙම මාව අරගෙන ගියා. එකම ප්‍රශ්න ආයෙම මගෙන් ඇහුවා. ඇඟේ කපල තිබුණා තැන් ආයෙම ඇතුළට කැපුවා” එසේ වද දුන් පුද්ගලයන්ගෙන් සමහරෙක් බ්‍රිතාන්‍යය සිටිය හැකි දැයි ඔහුට ප්‍රශ්නයක් යොමු කළ විට තමන් එසේ සිතන බවයි ඔහු පැවසුවේ. “ ඔවුන්ට මොනවා හරි කරන්න සිද්ධ වෙනව. ඒ නිසා බේරෙන්න ඔවුන් පලා යනවා” ඔහු කියා සිටියේය. අහිතකර නිර්දේශ දෙදහස් දොළහේ ජනවාරි සහ දෙදහස් දහ තුනේ අප්‍රේල් දක්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් යුද අපරාධ සහ මානව වර්ගයට එරෙහි අපරාධ සිදු කොට ඇති බවට සැක කෙරෙන අට සිය දෙනකුගේ අයදුම් පත් පරීක්ෂා කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීමට, දේශපාලන රැකවරණ ලැබීමට සහ බ්‍රිතාන්‍යයේ දිගු කාලීන වීසා මත රැඳී සිටීමට ඉදිරිපත් කළ අයදුම්පත් අනූ නවයක් සම්බන්ධයෙන් අහිතකර නිර්දේශ ලබාදී ඇති බව පැවසූ අමාත්‍යංශය යුද අපරාධකරුවන් දහසය දෙනකු බ්‍රිතාන්‍යයට ඒම සඳහා අයදුම් පත් ඉදිරිපත් කොට ඇති බවත් ප්‍රකාශ කළේය. දෙදහස් පහ සහ දෙදහස් දොළහ යන වසර තුළ සැක කටයුතු යුද අපරාධකරුවන් හත් සිය දෙනකු හඳුනාගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නිලධාරීහු පැවසූහ. |
නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් කන්කසන්තුරය මුහුදු කලාපයේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. | සංරක්ෂිත ඡායාරූපයක් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ කියා සිටියේ දරුවන් ඇතුළු මියන්මාර ජාතිකයන් තිස් දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු එම යාත්‍රාවේ සිටි බවය. එම පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය වෙත භාර දුන් බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අතර සිටින දරුවන් දාසය දෙනාම අවුරුදු නවයට අඩු වයසේ පසු වන බව සඳහන් කළේය. "එක දරුවෙකුගේ වයස දවස් පහළොවයි. කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා" යනුවෙන් ඔහු කියා සිටියේය. "ආගමික ගැටුම්" මියන්මාරයේ පවතින "ආගමික ගැටුම්" හමුවේ ඉන්දියාවට පළා ආ එම සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කොට ඇති බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට සිව් වසරකට පෙර ඔවුන්ට ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවත් සඳහන් කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලිසිය විසින් සංක්‍රමණිකයන් පිරිසට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ වැඩිදුරටත් පැවසීය. |
න්‍යෂ්ඨික වැඩසටහනක් පවත්වා ගෙන යාමේ සිය අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටින බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි ප්‍රකාශ කරයි. | 'හැම දේකටම සීමාවක් තියෙනව. ඒ සීමාවන් සලකා බැලිය යුතුයි' ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ලෝක නායකයන් අතර ජිනීවා නුවරදී සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදීයි ඔහු ඒ බව කියා සිටියේ. "හැම දේකටම සීමාවක් තියෙනව. ඒ සීමාවන් සලකා බැලිය යුතුයි. ඒ සීමාවන් සලකා බැලීමට ඔවුන් බැඳිලා ඉන්න බවත්, සතුරාගේ ඝෝෂාවට බිය විය යුතු නැති බවත් මම නිලධාරීන්ට පැහැදිලි කළා," බවයි ආධ්‍යාත්මික නායකයා පවසන්නේ. අයතොල්ලා අලි කමේනි සිය ප්රකාශයේදී ඊශ්‍රායලය හඳුන්වා දුන්නේ කලාපයේ පිස්සු බල්ලා ලෙසින්. එහෙත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව පවසන ප්‍රංශය මෙවැනි ප්‍රකාශ මගින් සිදු වන්නේ සාකච්ඡා තවත් සංකීර්ණ වීම බවද සඳහන් කළේය. න්‍යෂ්ඨික වැඩ සටහන අත් හැර දමන්නේ නම් ඉරානයට එරෙහිව පණවා තිබෙන සම්බාධක තරමක් ලිහිල් කිරීමේ තාවකාලික සම්මුතියකට එළඹීම ජිනීවා නුවර පැවැත්වෙන සාකච්ඡාවල අරමුණයි. |
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු විසඳීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා පවසයි. | 'උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන්' හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් උතුරේ පළමු පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරන බව කොළඹට රැස්වූ දමිළ ජාතික සන්ධානයේ පක්ෂ පහම නියෝජනය කරන සම්බන්ධීකරණ කමිටුව දැනුම් දුන්නේය. එම නිවේදනයෙන් අනතුරුව බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ නව මහ ඇමති අපේක්ෂකයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එක් වී උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඵලදායී කටයුත්තක් නොවන බවයි. විදේශීය නිරීක්ෂකයන් උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන් සිටින බව පවසන සීවී විග්නේශ්වරන් හිටපු විනිසුරුවරයා, එවැනි තත්වයක් යටතේ මැතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයන් කැඳවන මෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩුවෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද පවසයි. "ආණ්ඩුව ඒකට එකඟත්වයක් පෙන්නන්නේ නැත්නම් අපි මොකක්ද කරන්නේ කියල අපි කතා කරලා බලන්න ඕනේ," ඔහු පැවසීය. තමන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන බව අවධාරණය කරන ඔහු කෙසේ නමුත් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමළ ජාතික සන්ධානය බැවින් එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණ කළ බව ද සංදේශයට පැවසීය. |
ඉන්දීය පාලිත කාශ්මීරයේ පාසල් ගිනි තැබීම වහා නවත්වන ලෙස හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටියි. | ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඉන්දීය කාශ්මීරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගෙන තිබේ පසුගිය මාස කීපය ඇතුළත ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පිහිටි පාසල් විසි පහක් ගිනි තබා ඇති බව එම සංවිධානය පවසයි. බෙදුම්වාදයට සහාය දෙමින් පසුගිය ජුලි මාසයේ සිට ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පාසල් වසා දමා තිබේ. පාසල් ගිනි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් වගකීම භාර ගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැත. පාසල් ගුරුවරුන්ට සහ සිසුන්ට පහර දීම, පාසල් ගොඩනැගිලි හමුදා භාවිතයට යොදා ගැනීම සහ බෙදුම්වාදී සටන් සඳහා දරුවන් බඳවා ගැනීම නතර කළ යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පවසයි. |
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක බීබීසී සංදේශයට පැවසීය. | අමාත්‍යවරයා පවසන පරිදි පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ. එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සංදේශයට පැවසීය. අමාත්‍යවරයා පවසන පරිදි එම පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි. අදාළ පොලිස් නිලධාරීන් පිරිස ඒ අවස්ථාවේ සත්‍යය හෙළි කළේ නම් ඒ පිළිබඳව මෙතරම් ආන්දෝලනයක් මතු නොවනු ඇතැයි පවසන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම විනා යාපනයේ ජනතාවට හෝ උතුරේ දෙමළ තරුණයන්ට එරෙහිව පොලිසිය කිසිදු සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර නොමැති බව අවධාරණය කළේය. සිදුවීම පිළිබඳව සැලවීමෙන් අනතුරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍ය සාගල රත්නායක, පොලිස් නිලධාරීන්ට කුමන ආකාරයේ ගිනි අවි සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් සංදේශයට පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් පස් දෙනා නොවැම්බර් 04 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. මේ අතර ශිෂ්‍යයන්ගේ අවමගුල් උත්සව පැවැත්වෙන සඳුදා දිනය ශෝක දිනයක් ලෙසින් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ස්ථිර පොලිස් ප්‍රකාශකවරයකු නොමැතිවීම හේතුවෙන් පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍යවලට ලැබී තිබුණු අවස්තාව ඇහිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස නිලධාරීන් 'මාධ්‍ය සංදර්ශන' පැවැත්වීම කෙරෙහි තමාගේ කිසිදු මනාපයක් නොමැති බවයි. "අන්තිමට ඒ මාධ්‍ය සංදර්ශන නිසා පොලිස්පතිතුමා, ඇමතිතුමා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා," ඔහු පැවසීය. පොලිසියේ දෛනික කටයුතු පිළිබඳව දිනකට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කරන ලෙසත්, විශේෂ සිදුවීම්වලදී අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර මාධ්‍ය දැනුවත් කරන මෙන් පොලිසියට උපදෙස් දී ඇති බවත් අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය. |
ඉන්දීය දේශපාලනයේ ජ්‍යෙෂ්ට නායකයකු වන එල්.කේ. අද්වානි ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සියලුම නිලතල වලින් ඉල්ලා අස්විය. | ගෝවා නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ. ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දී පක්ෂයේ ප්රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලැබීම එම පක්ෂයේ තවත් නායකයකු වන නරේන්ද්‍ර මෝඩි වෙත පවරනු ලැබීමෙන් දවසකට පසුවයි, අද්වානිගේ ඉල්ලා අස්වීම සිදු වුනේ. නරේන්ද්‍ර මෝඩි ඉන්දීය දේශපාලනයේ මතභේදාත්මක චරිතයක්. පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ට ඉන්දීය දේශපාලනඥ එල්.කේ.අද්වානි කියා ඇත්තේ, බීජේපීයේ වත්මන් ගමන් මාර්ගය සම්බන්ධයෙන් තමා තුළ ප්‍රසාදයක් නොමැති බවයි. පෞද්ගලික න්‍යාය පත්‍ර භාරතීය ජනතා පක්ෂයේ බොහෝ නායකයන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පිළිබඳව පමණක් අවධානය යොමුකරමින් සිටින බවත්, අද්වානි සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කියා සිටී. එල්.කේ.අද්වානි භාරතීය ජනතා පක්ෂයේ සමාරම්භක නායකයෙක්. පසුගිය සති අන්තයේ ගෝව නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ දෙදින සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ. |
අමාත්‍යවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කර ඇතත් එම වැඩ පිළිවෙල ඉදිරි කාලයෙහි ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි. | 'අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ.' ඇමතිවරුන් සඳහා අලුතින් මෝටර් රථ මිලදී ගැනීමේ යෝජනාව සාධාරණීකරණය කරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න 'ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ මෙහෙය වීමේ භාර ධුර වගකීමට අමතරව තම දිස්ත්‍රික්ක වල කටයුතු පිළිබඳ වගකීම ද පැවරී ඇති බැවින් රට පුරා සංචාරය කිරීමට සිදු වන බවයි ' බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දුන්නේ. 'දිස්ත්‍රික්කයක් පුරා ගමන් කරනවා කියන කාරණය ලේසි පහසු දෙයක් නොවෙයි. අනෙක් කාරණය අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ තිබෙනවා ෆෝ වීල් නැතුව යන්න බැරි' සෞඛ්‍ය ඇමතිවරයා පවසයි. වෙනත් රටවල අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් සංසන්දනය කරමින් ඇතැමුන් කරන ප්‍රකාශ කෙතරම් ප්‍රායෝගික දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 'සුඛෝපභෝගී නැහැ' 'මේ රටට ඇමතිවරු විස්සයි, එහෙම නම් මේ පුංචි රටට දහයයි කියලා, සමහරු කියනවා. නමුත් ඒ රටට විස්ස නම් මේ රටට දෙසීයක්වත් අවශ්‍යයි. මළ ගෙදර, මඟුල් ගෙදර, කොටහළු මඟුල් ගෙදර වැනි ගමන් තිබෙන සංස්කෘතියක් යටතේ මේ රටේ ඇමතිවරු ක්‍රියා කරන්නේ' සිය අවශ්‍යතාවයන්ට ගැළපෙන මෝටර් රථ සුඛෝපභෝගී වාහන ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කළේය. 'මේ රටේ සුඛෝපභෝගී වාහන හඳුන්වන ඒවා අනෙක් රටවල සුඛෝපභෝගී නැහැ. ඩොලර් එක වැඩි වීමත් බදු ගැසීමත් නිසා සුඛෝපභෝගී වෙලා තිබෙන්නේ'. (බීබීසී සංදේශයට සවන්දෙන්න) සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් අවතැන් වූ ජනයාට සහන සැලසීමෙන් අනතුරුව අමාත්‍යංශ සඳහා අවශ්‍ය වාහන මිළදී ගන්නා ලෙස අගමැතිවරයා දන්වා ඇති බවයි රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 කට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. |
කටාර් රාජ්‍ය සහ අසල්වැසි අරාබි රටවල් අතර මතු වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වේද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමුවී ඇත. | එවැනි තත්වයක් උද්ගතවුවහොත් කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද? කටාර් අර්බුදය කලාපීය ගැටලුවක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ආණ්ඩුව එම තත්ත්වය එරට වෙසෙන ලාංකිකයන් ඇතුළු විදෙස් ශ්‍රමිකයන්ට ගැටලුවක් වී නොමැති බව පවසයි. කටාර් ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුළුවීම වැළැක්වීමට ඊජිප්තුව, බහරේනය,ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය සහ සෞදි අරාබිය යන රටවල් ක්‍රියා කළහ. කටාර් අර්බුදය: "ප්‍රශ්නයක් වුනොත් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා" ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ කටුනායක සහ දෝහා අතර ශ්‍රී ලංකන් සහ කටාර් ගුවන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බවය. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැවත ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට සුදානම් බව ද ඇය අවධාරණය කළාය. කටුනායක ගුවන් තොටුපල තුළ කටාර් රියාල් මුදල් මාරු කිරීමේ කටයුතු ඇතැම් අයගේ උවමනාව මත පැය කිහිපයකට නතර කර තිබූ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය කියා සිටියාය. ආහාර හිඟයක් පවතීද? කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ" මේ අතර කටාරයේ අසල්වැසි රටවල් තානාපති සබඳතා අත්හිටුවීමත් සමග එරට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ මාස කිහිපයකට අවශ්‍ය ආහාරපාන සතුව ඇති බවට කටාර් බලධාරීන් එරට සිටින තානාපතිවරු දැනුවත් කර ඇති බවය. එමෙන්ම නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් තවත් අතිරේක ආහාර ගෙන්වා ගැනීමට එරට බලධාරීන් මේ වන විටත් ක්‍රියා කරමින් සිටින බවත් තානාපතිවරයා තහවුරු කළේය. අර්බුදකාරී තත්ත්වයක් ආරම්භ වීමත් සමග ශ්‍රී ලාංකිකයන් කලබලයට පත්ව ආහාරපාන රැස් කර ගැනීමට උනන්දු වූ බව කී තානාපති ඒ.එස්.පී ලියනගේ "ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම ඉතාමත් හොඳින් ඉන්නවා. අපි විශේෂයෙන් කියනවා ශ්‍රී ලාංකිකයන්ගේ දෙමව්පියන්ට කලබල වෙන්න එපා, මේ රටේ කිසිම කලබලයක් නැහැ. දෙමව්පියෝ හිතන්නේ මේ රටේ යුද්ධයක් කියලා. එහෙම දෙයක් නැහැ" යැයි ද අවධාරණය කළේය. හදිසි අවස්ථාවකදී හදිසි අවස්ථාවක දී තොරතුරු ලබා ගැනීම සඳහා 0097-455564936 සිය ජංගම දුරකතන අංකයට අමතන ලෙසද කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඉල්ලා සිටී. ගල්ෆ් කලාපය තුළ ත්රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාරය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් කටයුතු කළහ. කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් " විවෘත සහ අවංක සංවාදයකට" පැමිණෙන ලෙස එරට විදේශ ඇමතිවරයා ඉල්ලා සිටී. |
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යොදා නොගන්නා ලෙස කතෝලික සභාව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. | ‘අපිට තොරතුරු ලැබිලා තියනවා සමහර පෝස්ටර් ඇලවිලා තියනවා, කටවුට් තියනවා කියලා. තොරතුරු ලැබිලා තියනවා ඡායාරූපය යොදා ගෙන කටවුට් පෝස්ටර් නිර්මාණය කරලා තියනවා කියලා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා ඉවත් කරන්න කියලා’ යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සංදේශයේ සරෝජ් පතිරණ සමග පැවසූහ. සිය සභාව විසින් කරන ලද ඉල්ලීමට සදාචාර සම්පන්න ලෙස දේශපාලනයේ යෙදෙන සියලු පක්ෂ ගරු කරණු ඇතැයි තමා විශ්වාස කරන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ. ජනාධිපතිවරණය ජනවාරි අට වනදා පැවැත්වීමට නියමිත අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇත්තේ ඉන් දින පහකට පසු ජනවාරි දහතුන් වනදායි. නමුත් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි දහතුන් වනදා සැලසුම් කළ පරිදි සිදු වනු ඇති බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක හෝ ඉන් අනතුරු නුදුරු දිනක පාප් වහන්සේගේ සංචාරයක් යොදා ගැනීම සම්ප්රදාය බිඳ දැමීමක් නොවේදැයි යන්න සංදේශය විමසූ අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස තමා ඉල්ලා සිටි බවයි. ‘ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත මේක කරන්න එපා, මොකද පාප්තුමාගේ සංචාරය දේශපාලන වේදිකාවල ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. එක නිසා අපි ඉල්ලා හිටියේ පාප් වහන්සේගේ සංචාරයට ඉස්සෙල්ලා මැතිවරණය නිමා කරන්න කියලා’ යනුවෙන් කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩි දුරටත් කියා සිටියහ. |
කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගමන් කළ ස්ථාන කඩිනමින් සහ නිවැරදිව හඳුනා ගැනීම සඳහා නොවැම්බර් 09 (සඳුදා) දින සිට තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. | QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ 1919 ට SMS කිරීමෙන් පසු තමන්ට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේද යන්න දුරකතනයේ දිස්වේ. එය නම්කර තිබෙන්නේ “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටෙල් ව්‍යාපෘතිය ලෙසිනි. මහජනයා ගැවසෙන ස්ථානයකට පුද්ගලයෙකු ඇතුළත් වීමේදී දැනට අනුගමනය කරන ක්‍රමවේදය වනුයේ ඔහුගේ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය එහි තබා ඇති පොතක සටහන් කිරීමය. ඒ වෙනුවට, යම් පරිශ්රයකට පුද්ගලයෙකු ඇතුළු වූ විට ඒ බව සන්නිවේදන තාක්ෂණය හරහා රජයේ දත්ත පද්ධතියක තොරතුරු සටහන් කිරීම නව ක්‍රමවේදය අනුව සිදුවේ. ස්මාට් ජංගම දුරකතනක් ඇති අයට මෙන්ම ස්මාට් නොවන පැරණි දුරකථන භාවිත කරන අයටත්, දුරකතනයක් නොමැතිව පැමිණෙන අයටත් තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''ස්මාට් ෆෝන් වලට QR කෝඩ් ස්කෑන් කිරීම හරහා වගේම ස්මාට් නොවන දුරකථන වලට SMS හරහා ට්‍රැකින් සිස්ටම් එකක් තමයි අපි හඳුන්වා දෙන්නේ. තමන් යම් ස්ථානයකට ඇතුල් වීමේදී එම ස්ථානය හඳුන්වන 'කෝඩ් අංකය' ජංගම දුරකතනයට ඇතුල් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනවා. ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ආගිය තැන දැනගන්න ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට මේක ඉතා පහසු වෙනවා.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර විස්තර කළේය. හිරන්‍ය සමරසේකර - ප්‍රධාන තාක්ෂණ නිලධාරී (ICTA) ආයතනයක් ලියාපදිංචි කෙරෙන ආකාරය www.staysafe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළුවීමෙන් පළමුව ආයතනය ලියාපදිංචි කරගත යුතුය. එවිට සෑම ආයතනකටම අනන්‍ය වූ QR කේතය [QR කෝඩ්] ලැබෙනු ඇත. ආයතනයේ නම, එහි ප්‍රධානියෙකුගේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් වේ. එම කේතය මුද්‍රණය කරගෙන අදාළ පරිශ්‍රයට ඇතුළු වන අයට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අදාළ තොරතුරු ඔබට ලැබෙනු ඇත. ස්මාර්ට් ජංගම දුරකතනයකින් යම් ස්ථානයක QR කේතය ස්කෑන් කිරීමෙන් පසු දකුණු පස දිස්වන පෝරමය ලැබේ. ආයතනයට ඇතුළුවන පුද්ගලයන්ගේ දත්ත එක්රැස් කිරීම එක් ස්ථානයකට ඇතුළු වන අවස්ථාවේදී අප ලියාපදිංචි වීමෙන් පසු දිවයිනේ ඕනෑම ස්ථානයකට යළි ලියාපදිංචියකින් තොරව ඇතුළත් වීමට හැකියාව ලැබේ. මේ සඳහා කිසිඳු App එකක් බාගත කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ''ස්මාට් ජංගම දුරකථන භාවිත කරන අයට තිබෙන්නේ අදාළ ස්ථානයේ QR කේතය [Location ID] 'ස්කෑන්' කර ලැබෙන පෝරමය පිරවීමයි. ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම විතරයි ඊට ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පසු ඔබ වෙනත් ස්ථානයකට ගිහින් එතන තියෙන QR කෝඩ් එක ස්කෑන් කරපු ගමන් ඔටෝ මැටිකලී ලොග් වෙනවා.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර වැඩිදුරටත් විස්තර කළේය. ස්මාට් නොවන ජංගම දුරකතනයක් භාවිත කරන අය පළමුව කළ යුතු වන්නේ තමන්ගේ දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීමයි. එම ලියාපදිංචියෙන් පසුව SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය. දුරකතනයක් භාවිත නොකරන අයෙක් නම් අදාළ පරිශ්‍රයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔවුන් සතු ජංගම දුරකතනයකින් ඊට ඇතුළු වන පුද්ගලයගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට හැකිවන ලෙසද මෙම දත්ත පද්ධතිය සකස් කර තිබේ. ‘IN’ සහ ‘OUT’ දෙකම වැදගත් යම් ස්ථානයකට ඇතුළුවීමේදී මෙන්ම එම පරිශ්‍රයෙන් පිටවී යාමේදී ද ඒ බව පෙර ලෙසම දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇත. '' එවිට අපි දන්නවා ඔහු එම ස්ථානයේ රැදී සිටි කාලය. කොරෝනා පොසිටිවි කෙනෙක් එම ස්ථානයට ඇතුළත් වී තිබුණොත් ඔහු ඔබ සමග කන්ටැක් වෙලාද කියලා එකෙන් අපිට නිශ්චිතව දැනගන්න ලැබෙනවා. මේ ක්‍රමය භාවිතය ගැන ඔබට තියෙන ඕනම ගැටලුවක් 1919 අංකයට කතා කරලා විසදගන්න පුළුවන්.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර පැවසුවේය. පුද්ගලිකත්වයට හානියක් ද ? අපගේ ගමන් තොරතුරු කිසියම් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම තුළින් පුද්ගලිකත්වයට හානි සිදුවේද යන්න සහ තොරතුරු වෙනත් පාර්ශවයකට පත්වන්නේද යන සැකයක් ඇතැම් අයෙකුට මතුවිය හැකි බැවින් බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීය. ''පුද්ගලිකත්වය කියන එක දැනුත් ලොකු අවදානමක තියෙන්න. අපි පොතක විස්තර ලියලා ගියහම ඊට පසුව එන ඕනෑම කෙනෙකුට ඒවා පහසුවෙන් බලාගන්න පුළුවන්. නමුත් මෙතැනදී මේ දත්ත ගබඩා වෙන්නේ රජයට අයත් ක්ලවුඩ් එකක. අපි සහතික වෙනවා මේ තොරතුරු භාවිත කරන්නේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා පමණයි කියලා. අපි ප්‍රයිවසි පොලිසි එකකුත් දාලා තියෙනවා.'' යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට සඳහන් කළේය. සුරක්ෂිත බව සහතික කිරීම කිසියම් ස්ථානයකට ඇතුළුවීමේදී QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ SMS මගින් 1919 දත්ත ගබඩාවට අදාළ තොරතුර ලැබීමෙන් පසු තමන්ට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේද යන්න දුරකතනයේ දිස්වේ. එමගින් ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්රයකට ඇතුළුවීම අවහිර කළ හැකිය. මෙය පරිශ්රයකට ඇතුළුවන අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්ම එහි සිටින අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම කිසියම් පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගතහොත් ඔහු ගමන් කළ ස්ථානවල ගැවසුණු අයට වහා ආරක්ෂිත පියවර ගන්නැයි කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ද මීට ඇතුළත් වේ. ඇතැම් ආසාදිතයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත තොරතුරු සැඟවීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම දින ගණනාවක් තමන් ආගිය තැන් මතකයේ රදවා ගැනීමේ ප්‍රයෝගික නොහැකියාවක් ද පවතී. එබැවින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා මෙලෙස තාක්ෂණික සහය ලබා ගැනීම ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශ්වාසය වී තිබේ. පරිගණක ඉංජිනේරුවන් සිවු දෙනෙකුගේ ස්වේච්ඡා මෙහෙය දත්ත විද්‍යාව [Data Science] ඇසුරෙන් එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරන, කොවිඩ් වසංගතය නිසා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශානක පෙරේරා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග එක්ව ස්වේච්ඡාවෙන් මෙහි මූලික සැළැස්ම සකස් කර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ඉදිරිපත් කර ඇත. ඉන් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ එය තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ''මං හිතන විදියට චීනය කොරෝනා පාලනය කළේ තාක්ෂණය භාවිත කළ නිසා. ඉතිං මට හිතුණා මොනවා හරි දෙයක් අපේ ලංකාවට කරන්න ඕනා කියලා. මුදල් ලාභයක් ගැන නොහිතා යාලුවෝ කිසිම පැකිලීමක් නැතිව මට කිවුවා මේකට උදවු කරන්නම් කියාලා. අපි ICTA ආයතනයට මේ අදහස ඉදිරිපත් කරහම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.'' යනුවෙන් ශානක පෙරේරා රුපවාහිනී වැඩසටහනකදී පැවසීය. මේ ඩිජිටෙල් ව්‍යාපෘතිය සඳහා ආයතන හා පුද්ගලයන් ලියාපදිංචිය නොවැම්බර් 09 වැනි සඳුදා සිට සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. මෙම තොරතුරු ද දැනගන්න: |
ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග,’විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟවල වැදගත්කම පාසල් දරුවන්ගේ හිසට ඇතුල් නොකරන මෙන් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. | හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එම අදහස් පළ කළේ, බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකඡාවකදී. ක්‍රිකට් ලෝක ශූරතා කුසලානය දිනා ගනු ලැබීමෙන් පසු අවස්ථා කීපයක්ම යළි ජයග්‍රහණය අබියසට පැමිණ එය අහිමි වුවද, ‘විස්සෙන් විස්ස’ කුසලානය දිනා ගැනීම තවත් සුවිශේෂී දෙයක් වන බවත් 1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසයි. මෙවැනි ලෝක ශූරතාවයක් දිනා ගැනීම ඉතාම අසීරු දෙයක් වන බව තමා අත් දැකීමෙන් දන්නා බවයි අර්ජුන රණතුංග පෙන්වා දෙන්නේ. “අවස්ථා කීපයක්ම තවත් ලෝක ශූරතාවයක් දිනා ගැනීමේ ආසන්නයටම ශ්‍රී ලංකාව ලඟා වුනත් එම අවස්ථාවල දී ගත් ඇතැම් වැරදි තීරණ මෙන් ම සෙසු කණ්ඩායම්වල සාර්ථක ක්‍රීඩා කිරීම ඉදිරියේ අවාසනාවට එම අවස්ථා අපෙන් ගිලිහී ගියා. මේ තරඟාවලියට පෙර බංග්ලාදේශයේ සහභාගී වුන තරඟ තුළින් ලත් අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් සාර්ථකව ක්‍රීඩා කොට අපට තවත් ලෝක කුසලානයක් දිනා දීමට අපේ ක්‍රීඩකයන් කණ්ඩායම සමත් වුනා” අර්ජුන රණතුංග ඉහත කී සාකච්ඡාවේදී කියා සිටියේය. අනාගත සැලසුම් නොයෙක් අවමන් ලැබීම් ඉදිරියේ ශ්‍රී ලංකාව යම් ගරුත්වයක් ලබන්නේ ක්‍රීඩාව තුළින් යයි කියා සිටි ඔහු දිනේෂ් චන්දිමාල් විසින් දරන ලද නායකත්වය මෙම ‘විස්සයි විස්ස’ තරඟාවලිය අතරවාරයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේය. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ‘විස්සයි විස්ස’ක්‍රිකට් තරඟ වලින් සමු ගැනීම ගැන අදහස් දක්වමින් අර්ජුන රණතුංග කියා සිටියේ, සමු ගැනීමේ තීරණය ගැනීම ක්‍රීඩකයකු සතු අයිතියක් වන බවයි. “සමහරු ඉන්නවා විශ්‍රාම ගන්න කියල කියන තෙක් . ඒත් සමහරු ඉක්මණින් විශ්‍රාම යනවා. තීරණය ගත යුතු වෙන්නේ ඒ ක්‍රීඩකයා විසිනුයි.” සාකච්ඡා තුළින් විසඳුම් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයන් අතර මතුව පැවති ගැටළු ‘විස්සයි විස්ස’ ජයත් සමඟ නිරාකරණය වේදැයි ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු ක්‍රිකට් නායකයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි. “මම මෙතැන පැති දෙකක් දකිනවා.සමහර වෙලාවට පරිපාලනය අත්තනෝමතිකයි. සමහර වෙලාවට ක්‍රීඩකයන් විනය නොමැතිව ක්‍රියා කරනවා. මේවා සාකච්ඡා මගින් විසඳා ගත යුතු දේවල්. මේ තරඟාවලිය අතරේ පාලක මණ්ඩලය මාධ්‍ය මගින් ප්‍රචාරය කළා ,ඩොලර් මිලියනයක්, මිලියන එක හමාරක් ක්‍රීඩකයන්ට ගෙවන බවට.එවැනි ප්‍රකාශන ක්‍රීඩකයන් අපහසු තත්වයකට හෙළීමක්”. ඉහත කී ආකාරයේ ප්‍රකාශන මගින් සිදු කෙරෙන්නේ ක්‍රීඩකයන් මුදලටම ක්‍රීඩා කරන්නන් බවට වැරදි වැටහීමක් ඇති කිරීම යයි අර්ජුන රණතුංග පෙන්වා දෙයි. |
තවමත් කෙටුම්පත් කිරීමක් පවා සිදු නොකළ නව රේගු පනත පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බව ආණ්ඩුව අවධාරණය කරයි. | ''කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි'' යෝජිත පනතින් රේගු බලධාරීන්ගේ බලතල අඩු කොට රේගු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ සැලැස්මක් ඇති බවට රේගු සේවක වෘත්තීය සමිති නගන චෝදනා වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කළේ බදාදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. රේගුව සුරැකීමේ සංවිධානය පසුගියදා ජනාධිපතිවරයාට සන්දේශයක් ඉදිරිපත් කරමින් චෝදනා කොට තිබුණේ යෝජිත රේගු පනත ක්‍රියාත්මක වුවහොත් රටේ ආර්ථිකය මුළුමනින්ම අරාජික වන බවයි. රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම් කරු ජේ ඒ ගුණතිලක සංදේශයට කියා සිටියේ යෝජිත පනත ජාවාරම්කරුවන්ට සහ කළුකඩ ව්‍යාපාරිකයන්ට වාසි සහගත වනු ඇති බවයි. එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කෙටුම්පත් කොට නොමැති පනතක් සම්බන්ධයෙන් විරෝධය පෑම කනගාටුවට කරුණක් බවයි. "මේ රේගු පනත වසර 100 කට වඩා පැරණියි, කවුරුහරි මේක සංශෝධනය කරනවා කිව්වම මේකේ ඇතුළේ තියෙන කිසි දෙයක් දන්නේ නැතුව, කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි.'' නව පනතක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ නමුත් එවැනි පනතක් කෙටුම්පත් කර නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. පනත කෙටුම්පත් කළ පසු සියලු පාර්ශව සමග සාකච්ඡා කොට ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ. "මේකෙන් රේගු නිලධාරීන්ගේ සේවයට හානියක් වෙනවා නම්, නැතිනම් රේගු නිලධාරීන්ගේ අභිමානයට හානියක් වෙනවා නම් ඒ ගැන අපි සාකච්ඡා කළ යුතුයි, අනික මේකෙන් අලුත් ආයතනයක් පිහිටුවනවා කියල උපකල්පනයක් කලොත් එක රේගුවේ අධීක්ෂණයෙන් වෙනවා නම් තවත් අයගේ සහය ලබාගැනීමේ වරදක් මම දකින්නේ නැහැ.'' |
ශ්‍රී ලංකා හමුදාවට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ චෝදනා නැගීමේ කිසිදු උත්සාහයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බව එජාප මන්ත්‍රීවරයා පවසයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඒ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ, සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් සමඟ ඔහු ඇතුළු තරුණ පිරිසක් මේ දිනවල පවත්වමින් සිටින සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වී සිටිති. යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන අපරාධ පිළිබඳව ක්‍රමවත් පරීක්ෂණ පැවැත්වෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට රුකුලක් වනු ඇති බව පසුගිය දෙසැම්බරයේදී බ්‍රිතාන්‍යයේ සංචාරය කළ හරීන් ප්‍රනාන්දු ඇතුළු බහු-පක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් සහ බ්‍රිතාන්‍යයේ විදේශගත දෙමළ ප්‍රජාව අතර පැවති සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟත්වයක්. 'අපරාධ සිදුවුනා' කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බවයි, එජාප මන්ත්‍රීවරයා පවසන්නේ. "යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ" එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු "කවුරු මොනවා කිවුවත් මේ තියෙන්නා වූ එක්සත් ජාතීන්ගේ සංයුතිය තුල යුද අපරාධවලට අපිව කවදාවත් ගොනුකරන්න එතුමන්ලාට හැකියාවක් නෑ. ඒ නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපේ එකඟත්වයක් නැහැ," ඔහු පැවසීය. යුද්ධයේදී සිදුවූ මහා ව්‍යසනය නැවත වතාවක් නොවීම සහතික කිරීම සඳහා "වෙනස් වූ දර්ශනයකින් කටයුතු කිරීම" තමන් ඇතුළු තරුණ දූත පිරිසේ සංචාරයේ අරමුණ බවද හරීන් පීරිස් මන්ත්‍රීවරයා පවසයි. "යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ," ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍ය බව එජාප මන්ත්‍රීවරයාගේ ස්ථාවරයයි. ඉන්ටර්නැෂනල් ඇලර්ට් සහ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් සංවිධානය කොට තිබෙන තරුණ මන්ත්‍රී පිරිසගේ මෙම සංචාරය සිදුවන්නේ අදාළ සියලුම පක්ෂවල අනුමැතිය සහිතව බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
බේරුවල ප්‍රදේශයේ දී තමාට සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන්ගෙන් බාධා එල්ල වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. | මේ සිද්ධිය හට ගෙන ඇත්තේ ඊයේ සිකුරාදා බේරුවල ජනාධිපතිවරණ රැස්වීම් කිහිපයකට සහභාගි වීමෙන් අනතුරුව බේරුවල පදිංචි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල් ගේ නිවසේ ආහාර ගැනීමට ගිය අවස්තාවේදීයි. “අපි ඔක්කොමල ගියා අපේ රැස්වීම සංවිධානය කරපු පළාත් සභා මන්ත්‍රී තුමාගේ ගෙදර, ගෙදරට යන්න ඇතුල් කරන කොටම ඒ ගේ ඉස්සරහ ඉන්න ජනාධිපති තුමාට සහය දක්වන පිරිසක්, එතන හිටිය විස්සක් තිහක්, එතෙන්ට එස්ටීඑෆ් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ගෙදරට පොලිස් ගාර්ඩ් එක දාල හිටිය, ඒ ඔක්කොම ඉස්සරහ අපිට කෑ ගැහුවා, පරුෂ වචන කිව්ව, හූ තිබ්බ. එහෙම කරලා අපි ගේ ඇතුළට ගිහිල්ල කන අතරෙ සද්දයක් ඇහිලා බලන කොට අපි හිටපු ගෙදර ගේට්ටු කඩන්න හදල තිබුණ. ඊට පස්සේ අපි එලියට යන කොට මැඩම් ගෙ වාහනේට ගලක් ගැහුව” යනුවෙන් ඇය පැවසුවාය. මේ සියල්ලටම මුලික වූ පුද්ගලයාගේ නම නො දන්නා බව පැවසූ හිරුණිකා ඔහු නගරාධිපති හෝ නගර සභාවේ මන්ත්‍රී කෙනෙකකු හෝ විය හැකි බව පැවසුවාය. එස්ටීඑෆ් දැනට රටේ පවතින තත්වය මෙය බව පැවසූ හිරුණිකා ඔබ කාගේ ආරක්ෂාවට සිටින අය දැයි එස්ටීඑෆ් නිලධාරියෙකුගෙන් විමසූ බවත් ඒ සඳහා පිළිතුරක් දීමට ඔහු අපොහොසත් වූ බවද පැවසුවාය. පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජමීල්ට ද පහර දී ඇති අතර තවත් හතර දෙනක් තුවාල ලබා සිටිති. පොලීසියට එල්ල කෙරෙන චෝදනා ගැන දන ගැනීමට පොලිස් ප්‍රකාශකයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීය. |
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ක්‍රිකට් ලෝකයේ ඒ පිළිබඳ යළිත් වරක් කතාබහක් නිර්මාණය වී තිබේ. | පසුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හිදී පැවති ටෙස්ට් තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. මෙහිදී විසිපස් හැවිරිදි කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කලිසම් සාක්කුවෙන් කහ පැහැති පටියක් ගෙන පන්දුවේ අතුල්ලන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැක ගත හැකි විය. ඒ අනුව පන්දුවේ හැසිරීම වෙනස් කිරීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනාව කැමරන් බැන්ක්‍රොෆ්ට් පිළිගත්තේය. කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසු මාධ්‍ය හමුවකට සහභාගි වූ හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් කියා සිටියේ පන්දුව පළුදු කිරීමේ සැලසුම පිළිබඳ "නායකත්ව කණ්ඩායම" සාකච්ඡා කර තිබූ අතර එය තමන් කල්තියා දැන සිටි බවය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් විය "එය විශාල අත්වැරැද්දක්" ලෙස හැඳින් වූ ස්ටීව් ස්මිත් නායකත්වයෙන් ඉවත් නොවන බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේවුවත් එකී සිදුවීම බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමත් සමග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳ අවධානය යොමු කර ස්ටීව් සමිත් නායකත්වයෙන් ඉවත් විය යුතු බවය. එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වූහ. මේ තොරතුරුද කියවන්න: මෙම චෝදනාවලට විරෝධය දක්වමින් සෙනෙසුරාදා දින තරගයට පැය දෙකක් ප්‍රමාද වී පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබේ දැන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ද පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වී තිබේ. තරගයේ දෙවන දිනය අවසානයේ දී තරගයට භාවිත කළ පන්දුව පරීක්ෂා කර බැලූ අලීම් දාර් (Aleem Dar) සහ ඉයන් ගුඩ් (Ian Gould) තරඟ විනිසුරන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් රස කැවිලි වර්ගයක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම සාක්ෂි උපයෝගි කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත. මේ පරීක්ෂණයෙන් පසුව ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, එසේ වුවහොත් ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ. දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටීම හේතුවෙන්, බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. සඳුදා නිමාවට පත්වන දෙවෙනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මෙම පරීක්ෂණයේ තීරණය ලබා දීමට නියමිතය. දිනේෂ් චන්දිමාල් තවත් තොරතුරු: මේ අතර, පන්දුව පළුදු කරනු ලැබීම සම්බන්ධයෙන් ලද චෝදනා හමුවේ අවමානයට පත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනා වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියෙන් ද ඉවත් කරන ලදි. අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී 'රාජස්තාන් රෝයල්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ස්ටීව් ස්මිත්මිලට ගෙන තිබුණේ ඩොලර් දහනව ලක්ෂයක ලන්සුවකට ය.ඒ අතර 'සන්රයිස් හයිද්‍රාබාද්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඩේවිඩ් වෝර්නර් සමඟ ඊට සමාන මූල්‍ය වටිනා කමක් සහිත ගිවිසුමකින් බැඳී තිබුණි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද එම ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව මාස දොළහක ක්‍රීඩා තහනමක් පැනවීය. මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය. කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේ දී පන්දුවට සිදු වූ දේ පෙන්වන සයිමන් හියුස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහයේ 2.2.9 වගන්තිය අනුව "පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරද" යටතේ චන්දිමාල්ට චෝදනා එල්ල වී ඇත. යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් එම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට ටෙස්ට් තරග තහනමකට ද යටත් වීමට සිදු විය හැකිය. |
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ශූරතාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. | මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 168 ක් රැස්කර ගත්තේය. ආබාධ හේතුවෙන් සහ ඩෙංගි රෝගය වැළඳීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිට නැවත කණ්ඩායමට එක් වූ ලසිත් මාලිංග සිය පන්දුවාර හතර අවසානයේදී ලකුණු 29 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වීම තරගයේදී කැපී පෙනිණ. එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 172 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. ඕවර 19 යි පන්දු පහකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසාන පන්දුවේදී හතරේ පහරක් එල්ලකරමින් ජයග්‍රහණය ලබාගැනීමට සමත්වූහ. ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙවර කණ්ඩායමට ක්‍රීඩා නොකරන අතර, පසුගියදා පැවති දකුණු අප්‍රිකානු සංචාරයේදී දක්ෂතා අතරට ඒමට අපොහොසත්වීමෙන් අනතුරුව උප නායක දිනේෂ් චන්දිමාල් මෙවර කණ්ඩායමට තෝරාගෙන නැති බැවින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවන්නේ උපුල් තරංග විසිනි. විස්සයි විස්ස ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින අතරවාරයේ, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීමත් විශේෂත්වයකි. |
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා මෙන් බද්දේගම මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරයි. | වඳුරඹ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු වඳුරඹ පොලිස් අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගිය බවට නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. පැහැර ගෙන යාම එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට අනුබල දුන් බවට චෝදනා ලැබූ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයාගේ රාජකාරි සඳහා යොදවා සිටි, අත් අඩංගුවේ පසුවූ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙකු අද, බදාදා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ. බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට නියෝග කළේය. වරෙන්තු එම තිදෙනා නිදහස් කලත්, ප්‍රධාන සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කෙරිණ. මේ අනුව, වඳුරඹ දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් පැවැත්වීමට සූදානම් කළ ස්ථානයට ගිනි තබා අලාබ හානි සිදු කිරීම සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන දෙසැම්බර් 29 වැනිදා සිද්ධියට අදාලව පොලීසිය මුලින් අත් අඩංගුවට ගත් තිදෙනාත්, අද, බදාදා ඇප මත නිදහස් කළ තිදෙනාත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ නියෝජ්‍ය ඇමතිවරයා සහ රියදුරු ඉදිරි දින කිහිපය ඇතුළතදී අධිකරණයට බාරවීමට බලාපොරොත්තු වන බවයි. |
වසර 26 ට පෙර සිය මවගෙන් වෙන්වූ ඉන්දියානු දරුවකුට ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවෙදී චන්ද්‍රිකා දර්ශන මගින් සිය මව යලි සොයා ගැනීමට හැකිවී තිබේ. තමන් අතුරුදහන්වනවිට සාරූ බ්රීලිට වයස අවුරුදු පහයි. | අතුරුදහන්වනවිට සාරූට වයස අවුරුදු පහයි ඔහු දුම්රිය පෙට්ටි පිසදමන්නෙකු ලෙස වැඩ කල තම නව වියැති සොහොයුරාට උදව්වෙන්නට ගියේ ආශාවටයි.එක් දිනක් වැඩ අවසානයේ දුම්රියෙන් ගෙදර යමින් සිටියදී අධික වෙහෙසට පත්ව සිටි ඔහුට නින්දගොස් ඇස් ඇරුනේ සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කල්කටා නගරයේදීයි. කරකියාගන්නට දෙයක් නොමැති ඔහු සිඟාකන්නට විය. අන්තිමේදී මේ ගමන අවසන්වුනේ ළමා අනාතාගාරයකින්. පසුව ඕස්ට්‍රේලියානු පවුලක් ඔහු හදාවඩා ගැනීමට ඉදිරිපත්විය. සාරූ නව පරිසරයට හොඳින් හුරුපුරුදු වුවත් වයසින් වැඩෙත්ම තම දෙමව්පියන් සොයායාමේ ආශාව තදබල ලෙස වැඩිවන්නට පටන් ගත්තේය. නමුත් අවුරුදු පහක දරුවකු ලෙස ඉන්දියාවේ සිටි කාලය තුල ඔහුට අඩුතරමින් ජීවත්වූ නගරයේ නමවත් මතක තබා ගැනීමේ හැකියාවක් තිබුනේ නැත. සාරූට කලහැකිව තිබුනේ එක් දෙයකි. ඒ තමා සිටි පරිසරය සිතින් මෙනෙහි කිරීම පමණි. ගුගල් සෙවුම් පද්ධතිය කෙරෙහි ඔහුගේ සිත යොමුවුනේ මේ අතර වාරයේදීයි. සාරුගේ උපක්‍රමය "මම දුම්රියේ ගිය කාළයවන පැය 14, දුම්රියේ වේගයෙන් වැඩිකලා. ඉතින් දළ වශයෙන් කිලෝමීටර 1200 පමණ දුර ප්‍රමාණයක්. එහෙම තමයි මුලින්ම මගේ ගමේ පිහිටීම ගැන අවබෝධයක් ඇතිකරගත්තේ," ඔහු පැවසීය. සාරූ සිතියමක් ගෙන කල්කටාව මැද තියා රවුමක් ඇන්දේය. එහි අරය හැටියටගන්නා ලද්දේ ඔහු ගමන් කල දුර ප්‍රමාණයයි. මේ ආකාරයට ඔහුට තම ගම්මානය වන කාන්ද්වා (Khandwa ) පිහිටි දුර සොයා ගන්නට හැකිවිය. "තවදුරත් ලඟට ගූගල් කරලා මම පුංචි කාලේ සෙල්ලම් කරපු දිය ඇල්ලත් සොයා ගත්තා." සාරූ උතුරා යන ප්‍රීතියෙන් යුතුව කියා සිටියේය. ඔහු කාන්ද්වා Khandwa බලා පිටත්විය. කාන්ද්වාහි සිය ගනේෂ් තලයි (Ganesh Talai ) ගම්මානය සොයා ගත්තත් එහි ගිය ඔහුට දැක ගන්න ලැබුනේ තමන් නොසිතු දෙයක්. "මම ගියාම දැක්කේ පැරණි ගරා වැටුණු ගෙයක්. ඒකටත් ඉබ්බෙක් දාල. දිගු කාලයක් කවුරුවත් ජීවත්වෙලා නොසිටි බවක් තමයි පෙනුනේ.අම්මල තාත්තලාගේ නම් මතක තිබුණා. ඉතින් තොරතුරු සොයන විට අසල්වැසියෝ ඉදිරිපත්වුනා. එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් ආව. තුන්වැනි එක්කෙනා ආවාම තමයි මට පින පෑදුනේ. ඔහු කිව්වා මෙතන ඉන්න මම ඉක්මනට එන්නම් කියල. ඊට පස්සේ ඇවිල්ල කිව්වා මම ඔබව අම්ම ලගට එක්කම් යන්නම් කියල. මට පන නැතිව ගියා. කතාකරගන්න බැරිව ගියා." සාරූ විස්තර කළේ ඉමහත් ආශාවෙන්. සාස්තරකාරයා මුලින්ම ඔහුට සිය මව හඳුනා ගැනීමටනොහැකිවිය. ඔහු අවසන්වරට සිය මව දකිනවිට ඇය අවුරුදු 34 ක ලස්සන කාන්තාවක් වුවාය. "වියට පත්වුනත් මුහුණේ ස්වරුපය වෙනස් වෙලා නැහැ. ඔබ මගේම අම්මා," සිය මව වැළඳගත් සාරූ ඇගේ දැස් දෙස නොසැලී බලා සිටියා. තමා මියගොස් ඇතැයි ඇය භියට පත්වී සිටි නමුත් සාස්තරකරුවකු පවසා තිබුනේ කවදා හෝ ඇයට තම පුතා දැක ගන්නට ලැබෙන බවයි. "ඒ දිනය එනතුරු සාස්තරකරුවාගේ අනාවැකිය ඇයට ජීවත්වීමට කිසියම් හෝ ජීවක් දී තිබෙනවා. මම එනතුරු අම්ම ජීවත්වුණේ ඒ නිසයි," ඔහු පැවසුවා. තමන් සමග දුම්රියේ ගිය සහෝදරයා දැක ගැනීමත් සාරූගේ අපේක්ෂාවක්වී තිබුනා . ඒත් ඔහුට අසන්නට ලැබුනේ දුක්බර කතාවක්. තම සොහොයුරා දුම්රියකට යටවී මියගොස් සිටි බව ඇසුණු විට ඔහුට ඇතිවුනේ දරාගත නොහැකි ශෝකයක්. |
එක්සත් රාජධානියේ සිට අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව බදාදා (ජුලි 24) තොරතුරු සොයා බැලීය. | ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව හමුවට කැඳවා තිබිණි. බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා ඇති බහාලුම්වල මිනිස් ශරීර කොටස් ඇති බවක් තවමත් පරීක්ෂණවලින් තහවුරුවී නොමැති යැයි පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව හමුවේ ප්‍රකාශ වූ බවය. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ද බීබීසි සිංහල සේවයට පැවසුවේ බහාලුම් තුළ මිනිස් ශරීර කොටස් ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති බවකි. නමුත් එම බහලුම් තුළින් හමන දුගඳ හේතුවෙන් එවන් සැකයක් ඇතිවී තිබෙන බව ඔහු කියා සිටියේය. භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් එක්සත් රාජධානියේ සිට බහාලුම් 241ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. ඉන් බහාලුම් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයට ගෙන ගොස් තිබිණි. ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් වසරකට වැඩි කාලයක් පුරා රඳවා තිබේ. හේලීස් ෆ්‍රී සෝන් ආයතනයේ නිලධාරින්ද තොරතුරු විමසීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබිණි. ඔවුන් සතුව ඇති බහාලුම් වහා ප්‍රතිඅපනයනයට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව නියෝග කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේය. කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් ද වහා නැවත රැගෙන යන ලෙස ආනයන සමාගමට දැන්වීමට කටයුතු යොදා ඇති බව රේගුව පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දුන් බව ද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය. එක්සත් රාජධානියේ සිට මෙම අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං කොර්පරේෂන් නම් සමාගම බවට ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. දැනට කොළඹ වරායේ නිෂ්කාශනය නොකොට රඳවා ඇති බහාලුම් එක්සත් රාජධානියේ ෆීලික්ස්ටෝ නම් වරායෙන් නැව්ගත කර තිබෙන බවද ඔහු පැවසීය. ඒවා භාවිත කරන ලද මෙට්ට ලෙස දක්වා ඇත. "එක්සත් රාජධානිය රටක් ලෙස කුණු එව්වා කියන්න බැහැ. ශ්‍රී ලංකාවේ කුණු දාන්න ඕනේ කියන එක ඔවුන්ගේ රටේ තීරණයක් කියල කියන්න බැහැ. මේක සමාගම් දෙකක් අතර වෙච්ච ව්‍යාපාරික ගණුදෙනුවක්. ඔවුන් තමයි මේ ක්‍රියාවලිය මුල්‍ය අරමුණු මත සිදුකරලා තියෙන්නේ. එම සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්න කියන නිර්දේශය අපි සිදුකළා," හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය. කටුනායක අපනයන සැකසුම් කලාපයේ තබා ඇති "ආනයනික අපද්‍රව්‍ය" මේ අතර, එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත බහාලුම් යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙස හා ඉදිරියේ දී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් බ්‍රහස්පතින්දා (ජුලි 25) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලිනි. කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එම අපද්‍රව්‍ය සහිත බහාලුම් එම ස්ථානයන්හි පරිසරයට හානියක් නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බවට එහිදී රජය වෙනුවෙන් නීතිපතිවරයා එකඟතාවය පළ කළේය. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම බහාලුම් පරිසරයට මුදා හරිනු ලැබූවොත් එයින් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවය. එම නිසා අදාළ බහාලුම් විවෘත කර ඒවායේ අඩංගු අපද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාම වැළැක්වීමට කටයුතු කරන ලෙසද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, අදාළ බහලුම් තුළ අන්තර්ගත බව කියන ද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාමට අනුමැතිය නොදෙන බවට අධිකරණය හමුවේ එකඟතාවය පළකර තිබේ. මෙම පෙත්සම ලබන සඳුදා (ජූලි 29) යළි කැඳවීම නියමිතය. |
මැතිවරණ සමයේදී කවර හෝ දේශපාලන පක්ෂයකට සහය ලබා දීමට හෝ කිසිදු දේශපාලන පක්ෂයක් සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් නැතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. | දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්ක්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් එසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් නාමයෝජනා ලබා දීමට අද 10 වෙනිදා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින්. ඔහු තවදුරටත් කියා සිටියේ බලයට පත් වන නව රජයට දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරණු ලබන ඉල්ලීම් ඉටුකිරීමට හැකිනම් පමණක් එම රජයට සහයෝගය ලබා දෙන බවයි. එම ඉල්ලීම් මොනවාදැයි විමසූවිට ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම, යුද්ධයෙන් විපතට පත්වූවන් නිසිලෙස යළි පදිංචි කොට අවසන් කිරීම, අතුරුදහන් වූ සහ දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය ගැන සොයා බැලීම සහ උතුරේ වැසියන්ට අහිමි වූ සියලු ඉඩම් ආපසු ලබාදීම වැනි ඉල්ලීම් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් බවයි. ස්වාධීන කණ්ඩායමක් මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර නාමයෝජනා අහිමි වූ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසක් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීම සදහා අද 10 වෙනිදා ඇප මුදල් තැන්පත් කොට තිබුණි. මේ සම්බන්ධයෙන් එම කණ්ඩායම මෙහෙයවන උදයන් පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘ නඩේෂපිල්ලෙයි විද්යාදරන්ගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ කල්වේලා නොමැතිකම නිසා මෙවර ස්වේච්ඡා කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීමට තීරණය කළ බවයි. ප්රජාතන්ත්රවාදී සටන්කාමී පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් නාම යෝජනා අහිමි වූ පසු එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිස වෙණුවෙන් ප්රජාතන්ත්රවාදී සටන්කාමී පෙරමුණ වශයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා එය ලියාපදිංචි කොට මෙවර මහමැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට උත්සහ කළද කාලවේලාව ප්‍රමාණවත් නොවූ හෙයින් ඊට ඉඩක් නොලැබුණු බවද විද්‍යාධරන් කියා සිටියේය. නමුත් ඉදිරි මැතිවරණ සදහා තරඟ කිරීමට එම පක්ෂය ඉතා ඉක්මනින්ම ලියාපදිංචි කරණ බව කී විද්‍යාධරන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් සටන් කළ මේ පිරිසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළින් විශාල පිළිගැනීමක් ලැබෙනු ඇතැයිද පැවසීය. මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි උතුරු පළාත් සභාවේ ආනන්දි සසිහරන් මන්ත්‍රීවරියට එම අවස්ථාව නොලැබුණු බැවින් තම දේශපාලන සටනට ඇගේ සහාය ලබාගැනීමට ක්‍රියාකරගෙන යන බවද විධ්යාධරන් කියා සිටි අතර හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් යොදා ගෙන පිහිටුවනු ලබන නව දේශපාලන පක්ෂය හරහා උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට නව අභියෝගයක් එල්ල කරණ බවද ප්‍රකාශ කළේය. |
ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම පිළිබඳව බරපතල ගැටළු තිබියදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් තම කනස්සල්ල පළ කරයි. | වෛද්‍ය කාසි පිල්ලෙ මනෝහරන් දෙදහස් හය අවූරුද්දේ ත්‍රිකුණාමලයේ දී තම පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් රජයේ ආරක්ෂක හමුදා විසින් මරා දැමීමේ සිදුවීම පිළිබඳව කරුණු දක්වන වෛද්‍ය මනෝහරන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියා වලිය නිසියාකාරව ඉටු නොවීම පිලිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා ලේකම් වරයා තම අවධානය යොමු කලයුතු බවයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ පිළිබඳව පොරොන්දු වූ අන්දමින් නිසියාකර පරීක්ෂණ පවත්වන්නට කටයුතු නොකළ තැන තමන්ට සහ පවුලේ අයට රටින් පළා යාමට සිදුවූ බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් පවසයි. සිදුවීමට සම්බන්ධව අණ දුන් පොලිස් නිළධාරියා යළිත් වතාවක් ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් ලෙස පත් කොට ඇතැයි වෛද්‍ය කාසි පිල්ලෙ මනෝහරන් පෙන්වා දෙයි. අපරාධ විමර්ශනය සහ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟ වී තිබෙන අන්තර් ජාතික එකඟතාවයන්ට අනුකූල පරීක්ෂණයක් ලබා ගැනීමට තමන්ට සහාය වන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා ලේකම් කමලේෂ් ශර්මා ගේ නියෝජිතයා ලන්ඩනයේදී හමුවූ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් ඉල්ලා සිටියේය. |
ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනක් තුළින් වසර 13,000ක් පැරණි බීරවල අවශේෂ හමුවී තිබෙන අතර, එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බව ගවේෂකයෝ පවසති. | ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමු වී තිබේ සංචාරක දඩයම්කරුවන් භූමදානය කරන ලද ප්‍රදේශයක අධ්‍යන කටයුතුවල යෙදෙන අතරතුර මෙම ස්කාගාරය සොයාගෙන තිබේ. මින් පෙර හමුවූ සාක්ෂි අනුව බීර නිෂ්පාදනය වසර 5,000ක් පැරණි යැයි සඳහන් කර තිබුණත්, නවතම සොයා ගැනීමත් සමග එයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි. පාන් නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස බීර සාදන ලදැයි පෙර එළැඹ තිබූ නිගමන ද මෙම සොයාගැනීමත් සමග වෙනස් වනු ඇත. කෙසේනමුත්, ප්‍රථමයෙන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද බීර ද යන්න පැහැදිලි නැති බව ගවේෂකයෝ පවසති. මළ ගිය ඇත්තන් සිහි කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා කෙරෙන චාරිත්‍ර වෙනුවෙන් පැරැන්නෝ බීර නිෂ්පාදනය කර ඇති බව පසුගිය ඔක්තෝබර් මස පළවූ 'Journal of Archaeological Science: Reports' නම් පුරාවිද්‍යාත්මක සඟරාවේ සඳහන් වුණි. "මිනිසුන් විසින් නිෂ්පාදනය කරන ලද, ලොව මෙතෙක් හමුවූ පැරණිතම මත්පැන් බවට මෙය පත්වෙනවා" යැයි ගවේෂකයන් කණ්ඩායම මෙහෙයවූ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලි ලියූ (Li Liu) ස්ටැන්ෆර්ඩ් පුවත් සේවයට පැවසීය. මේ තොරතුරුද කියවන්න: පැලියෝලිතික හා නියෝලිතික යුග අතර නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ ජීවත් වූ ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමුවූ බව ලි ලියූ පැවසුවාය. ලෙන් පොළොව තුළ කොටා තිබූ සෙන්ටිමීටර 60ක් දක්වා ගැඹුරින් යුතු ගල් වංගෙඩි තුළ තිබී මෙම අවශේෂ හමු වී ඇත. පැලෑටිවර්ග ඇතුළු ආහාර ගබඩා කිරීමට, කෙටීමට සහ පිසීමට මෙම ගල් වංගෙඩි භාවිත කර තිබේ. උතුරු ඊශ්‍රායලය කාමෙල් කඳුවැටියේ, රැඛෆෙත් (Raqefet) ලෙන තුළ මෙම ගල් වංගෙඩි දැකිය හැකිය වර්තමානයේ ඇති බීරවලට වඩා වෙනස් වූ පැරණි බීර, තලපයක් ලෙස හෝ කැඳ ලෙස තිබී ඇත. ඔවුන්ට හමුවූ අවශේෂ සමග සංසන්දනය කිරීමේ අරමුණින් ගවේෂකයෝ පැරණි බීර නැවත සෑදීමට කටයුතු කර තිබූහ. එය සෑදීමට අවශ්‍ය මෝල්ට් ලබාගැනීම සඳහා ධාන්‍ය වගා කර, එයින් සාදා ගත් තලපය රත් කර, පසුව ඊස්ට් දමා පැසෙන්නට තැබූ බව අධ්‍යන වාර්තාවේ සඳහන් වේ. තවත් තොරතුරු: |
පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අධිකරණයට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. | 'විදේශීය කුමන්ත්රණකරුවන්ගේ' අතකොලුවක් බවට පත්වී සිටින බවට උද්ඝෝෂකයෝ අගවිනිසුරුවරියට චෝදනා කළහ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝග චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකොට ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය ඒ බව පැවසුවේ දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බල රහිත බව කථානායක චමල් රාජපක්ෂ ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. එම පෙත්සම කැඳවා තිබුනේ ගාමිණී අමරතුංග සහ කේ ශ්රීපවන් විනිසුරුවරු දෙදෙනා හමුවේ. පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණයේ ලේඛකාධිකාරිවරයා වාර්තා කොට තිබුනේ පෙත්සමේ වගඋත්තරකරුවන් වන කථානායක සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට නිකුත් කළ නොතීසි භාරදී තිබෙන බවයි. කෙසේ නමුත් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නීතිවේදියෝ අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වැනිදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, තමන් සැමවිටම කටයුතු කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය. මේ අතර දෝෂාභියෝග චෝදනා ලබා සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් බලකරමින් දහසකට අධික ත්‍රීරෝද රථ හිමියෝ කොළඹ උපරිමාධිකරණය ඉදිරිපස විරෝධතාවයක යෙදී සිටියහ. 'විදේශීය කුමන්ත්රණකරුවන්ගේ' අතකොලුවක් බවට පත්වී සිටින බවට ඔවුහු අගවිනිසුරුවරියට චෝදනා කළහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
බැංකු මංකොල්ලකරුවන්, පොප් තරු සහ සෞඛ්‍යය ගැන සැලකිලිමත් (සහ හෘද සාක්ෂියට එකඟ) ජපන් සංචාරකයින්ට පමණක් සීමා වූ, මුහුණු ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම දැන් "නව සාමාන්‍ය" ලෙස නම් කිරීමට තරම් පොදු කාරණාවක් බවට පත්ව තිබේ. | "විෂ මීදුමෙන්" ආරක්ෂා වීමට පැළඳි කුරුළු හිසක් වැනි ආවරණය " එය සාමාන්‍ය දෙයක් වන්නට හැකි නමුත් අලුත් දෙයක් නම් නොවේ. 'බ්ලැක් ඩෙත්' වසංගතයේ සිට 'හුස්ම හිරවන දුමාරය', රථවාහන දූෂණය, ගෑස් ප්‍රහාර තර්ජනය දක්වා මුහුණු ආවරණ පසුගිය අවුරුදු 500 ක පමණ කාලයක් තිස්සේ භාවිතයට ගැනිණි. මුල් කාලයේ දී වෙස්වළා ගැනීම් සඳහා මුහුණු ආවරණ භාවිත කළද, ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම (ඇඳුමක් ලෙස භාවිත කරනවාට වඩා) අවම වශයෙන් ක්‍රි.පූ 6 වන සියවස දක්වා දිව යයි. පර්සියානු සොහොන්වල දොරවල්හි මිනිසුන් මුඛයට ඉහළින් රෙදි පැළඳගෙන සිටින රූප දැකගත හැකිය. මාකෝ පෝලෝට අනුව, 13 වන සියවසේ දී චීනයේ මෙහෙකරුවන් වියන ලද රෙදි වර්ගයකින් ඔවුන්ගේ මුහුණු ආවරණය කර තිබේ. එම මෙහෙකරුවන්ගේ හුස්ම අධිරාජ්‍යයාගේ ආහාරවල සුවඳ හා රසයට බලපාන්නේ නැතිව තබා ගැනීම මෙහි අරමුණ වී තිබිණි. වසංගතය කුරුළු හිස වැනි ආවරණය හඳුන්වා දීමට පෙර වසංගත කාලයේ වෛද්‍යවරුන් ක්‍රියා කළ ආකාරය 14 වෙනි සියවසේ 1347 සිට 1351 දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 25 ක ජනතාවක් මියගිය 'බ්ලැක් ඩෙත් (කළු මරණය)' යුරෝපයේ පැතිරී ගිය පළමු වසංගතය වන අතර, මුහුණු ආවරණ සෞඛ්‍ය හේතු මත භාවිතයට ගැනීම මෙම කාලය තුළ සිදුවිය. න්‍යායාචාර්යවරුන්ගේ විශ්වාසයට අනුව මෙම රෝගය විෂ සහිත වාතයෙන් හෝ "විෂ මීදුමක්" හරහා පැතිර ගොස් ඇති අතර, එයින් පුද්ගලයෙකුගේ ශාරීරික තරලවල අසමතුලිතතාවක් ඇති කර තිබේ. මුහුණු ආවරණය කිරීමෙන් හෝ මිහිරි සුවඳැති මල් ආඝ්‍රාහනය කිරීමෙන් මෙම අපිරිසිදු වාතය පැමිණීම වැළැක්වීමට මිනිස්සු උත්සාහ කළහ. බර හම් ලෝගු, පුළුල් වීදුරු ඇස් ආවරණ, අත්වැසුම් සහ තොප්පි 1665 මහා වසංගතයේදී රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පැළඳ සිටි ආරක්ෂිත ඇඳුම්වල කොටස් වේ බියකරු කුරුලු-මුහුණු ආවරණය පැළඳගත් පුද්ගලයෙකු සහිත දැන්වීම 17 වන සියවස මැද භාගයේ වසංගතයේ අවසාන පැතිරී යාම වන තෙක් මතුවී තිබුණේ නැත. සුවඳ විලවුන් හා කුළුබඩු මෙම මුහුණු ආවරණයට සම්බන්ධ කර තිබිණි. විෂ මීදුමක් ලෙස සැලකුණු දෙයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා මුහුණු ආවරණයේ "හොට" ඖෂධ පැළෑටි සහ සුවඳති ද්‍රව්‍යවලින් පිරවීමේ කොටසක් ලෙස භාවිත කර තිබේ. දුම්-විරෝධී 1952 දී ලන්ඩනයේ දුමාරය පිටකරන කර්මාන්තශාලා චිමිනි 18 වෙනි සියවසේ කාර්මික විප්ලවය නිසා කුප්‍රකට 'ලන්ඩන් දුමාරය' ඇති විය. කර්මාන්තශාලා වැඩි වැඩියෙන් දුමාරය පිට කිරීමත් නිවැසියන් ඔවුන්ගේ ගල් අඟුරු ගිනි දැල්වීමත් නිසා විෂ දුම් පරිසරයට එක් වීමේ තත්ත්වය උත්සන්න විය. බොහෝ ශීත සෘතුවල දී අළු සහ කහ පැහැති දැඩි දුමාරයකින් ලන්ඩන් නුවර අහස වැසී තිබිණි. භයානකම සිදුවීම වූයේ 1952 දෙසැම්බර් 5 ත් 9 ත් අතර කාලය තුළය. එකවර අවම වශයෙන් පුද්ගලයන් 4,000 ක් පමණ මිය ගිය අතර, ඊළඟ සති හා මාසවලදී තවත් 8,000 ක් පමණ මියගොස් තිබේ. මුහුණු ආවරණයක් සහ මුතු මාල 1950 ගණන්වල මෝස්තරය විය සීතල කාලගුණයේ දී එකතැන රැඳෙන වාතය උණුසුම් වායු තට්ටුවක් යට සිරවූ විට දුම හා මීදුම සංයෝගයක් වන දුමාරය හට ගනී. දුමාරය හේතුවෙන් ශ්වසනරෝග හා හෘදයාබාධ උග්‍ර විය හැකි අතර අක්ෂි ආසාත්මිකතා ද ඇති කරයි. 1930 ගණන්වල සිට,"දුම්-විරෝධී" මුහුණු ආවරණ යුරෝපය පුරා බොහෝ දෙනා පැළඳි තොප්පි වර්ග මෙන්ම මෝස්තරයක් බවට පත් විය. රථවාහනවලින් ඇති වූ උපද්‍රව රියදුරු වේලය - සිත් ඇදගන්නා සුළු මෙන්ම ප්‍රායෝගික මුහුණු ආවරණයකි වික්ටෝරියානු කාලයට පැමිණෙන විට ලන්ඩන් නුවර පොහොසත් කාන්තාවන් ඔවුන්ගේ තොප්පිවල ඇමිණූ වේලයකින් මුහුණ වසාගන්නට විය. කළු පැහැයත් සමග සංකීර්ණ අලංකාරයක් ඇති කළ හැකි ඕනෑම මෝස්තරයක් වැලඳ ගැනීමට මෙම කාන්තාවෝ උනන්දුව වූහ. අවමංගල්‍යයක දී භාවිත කළද, මුහුණු වැස්මෙහි භූමිකාව හුදෙක් අවමංගල්යයවලට පමණක් සීමා නොවීය. කාන්තාවකගේ මුහුණ හිරු, වැසි සහ විවිධ අපවිත්‍ර දේවලින් මෙන්ම අපිරිසිදු වාතයෙන් හා දූවිලිවලින් ආරක්ෂා කිරීමට ද එය උපකාරී විය. පළමුව ආරක්ෂාව! 1971 මේ රියදුරු ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණයක් පැළඳ සිටියද ආසන පටි පැළඳ නොමැත පර්යේෂණයන්ට අනුව, දැනට විශාල නගරවල වායු දූෂණයට බලවත් හේතුව රථවාහන භාවිතයයි. වායු විමෝචනයේ කොටසක් ලෙස නයිට්රජන් ඔක්සයිඩ් සහ රබර් හා ලෝහවල කුඩා අංශු වාතයට එක් වීම සිදුවේ. කොරෝනාවෛරසය පැතිරී සියල්ලන්ම මුහුණු ආවරණ භාවිතය ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර සමහර නගරවල පාපැදි කරුවන් වායු දූෂණයෙන් වැළකීමට මුහුණු ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබිණි. විසිවන සියවස ආරම්භයේදී බ්‍රිතාන්‍ය කාන්තා රියදුරන් සිනිඳු වේලයක් භාවිත කළ නමුත්, එම ක්‍රමයෙන් තවදුරටත් ආරක්ෂාවක් සැලසෙන්නේ නැත. ස්පාඤ්ඤ උණ සමහර වෛද්‍යවරු මාරාන්තික ස්පාඤ්ඤ උණ වැළැක්වීම සඳහා විෂබීජ නාශක ඉසින ලද ගෝස් පැළඳීම යෝජනා කළහ පළමුවන ලෝක සංග්‍රාමය අවසානයේ පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගය විනාශකාරී ගෝලීය වසංගතයක් බවට පත්විය. ස්පාඤ්ඤ උණ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ මෙහි පළමු රෝගීන් ස්පාඤ්ඤයෙන් වාර්තා වීම හේතුවෙනි. වසංගතයෙන් පුද්ගලයෝ මිලියන පනහක් පමණ මියගියහ. යුද පිටිවලින් ආපසු පැමිණෙන සොල්දාදුවන් නිසා වෛරසය පැතිරීම උත්සන්න වූ බව විශ්වාස කෙරේ. එය දුම්රිය ස්ථානවල සිට නගර මධ්‍යයටත්, පසුව තදාසන්න ප්‍රදේශවලටත්, ගම්බද ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය. තම සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට ඉඩ සැලසීමෙන් ආසාදනය පැතිරීම වැළැක්වීමට ප්‍රවාහන සමාගම් උත්සාහ කළහ. බ්‍රිතාන්‍ය ප්රකාශනයක් වන 'නර්සිං ටයිම්ස්' 1918 දී වාර්තා කර තිබූ පරිදි, එකල රෝගය පාලනය කිරීම සඳහා ශාන්ත මාලිබෝන් රෝහලේ හෙදියන් එක් ඇඳ අතර විෂබීජහරණය කළ තාවකාලික බිත්ති ඉදිකර ඇති අතර, වෛරසය පවතින කොටස්වලට ඇතුළු වූ "සෑම හෙදියක්, වෛද්‍යවරයෙක්, වාට්ටු සේවිකාවක් හෝ පිරිසිදු කරන කාන්තාවකටම" මුහුණු ආවරණ පැළඳීමට සිදු වී තිබේ. "මුහුණු ආවරණ පැළඳ ඔබේ ජීවිතය බේරා ගන්න" යනුවෙන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉල්ලා තිබේ. බොහෝ දෙනෙක් ගෝස්වලින් මුහුණු ආවරණ සාදා ගත් අතර, සමහරු මුහුණු ආවරණයේ නාසයට ආසන්න කොටසට විෂබීජ නාශක බින්දු කීපයක් එකතු කරගත්හ. ගෑස් මහා යුද්ධයෙන් වසර 20 කට පසු ඇතිවූ දෙවෙනි ලෝක යුද තර්ජනයත් සමග ක්ලෝරීන් හා අබ ගෑස් භාවිතය සිදු විය. සාමාන්‍ය ජනතාවට මෙන්ම හමුදාවේ අයටද ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ නිකුත් කිරීමට රජය ක්‍රියා කළේය. සමහර යුරෝපීය නගරවල බොහෝ ප්‍රදේශයන්හි මෙම මුහුණු ආවරණ හුරුපුරුදු දසුනක් බවට පත්විය. ලන්ඩන් මුරේ කැබරේ සමාජ ශාලාවේ නර්තන ශිල්පීන් ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ ඔවුන්ගේ ඇඳුමේ කොටසක් බවට පත් කළහ සතුන්ට පවා තමන්ගේම මුහුණු ආවරණ තිබිණි කීර්තිය සහ පෞද්ගලිකත්වය මෑත කාලයේ දී තවත් ආකාරයේ මුහුණු ආවරණයක් මතු වී තිබේ. දැඩි ලෙස බැඳුණු රසිකයන්ගේ (සහ අනුමාන වශයෙන් සතුරන්ගේ) ඇස නොගැටී ආරක්ෂා වීමේ අවශ්‍යතාව සපුරාලීමට මුහුණු ආවරණ සමත් වී ඇත. බෝයි ජෝර්ජ් 1985 දී හීත්රෝ ගුවන් තොටුපළට පැමිණියේ මුහුණ ආවරණය කරගෙනය "මා හඳුනාගනු ලැබීමට අවශ්‍ය නැත, ඒ නිසා මම කැපී පෙනෙන මුහුණු ආවරණයක් පැළඳ සිටිනවා" යන සැබෑයැයි පෙනෙන ප්‍රතික්ෂේප කිරීමක යෙදෙන එහෙත් තමන් වෙත අවධානය යොමු කරගැනීමට කැමැත්තක් දක්වන ජනප්‍රිය පුද්ගලයින්ට මේවා බොහෝ සෙයින් ගැලපේ. සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන පුද්ගලයන් ඔවුන්ගේ සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන මුහුණු සඟවා ගැනීම ගැන තවමත් කරුණු ගොඩනැගී නැත. කෙනෙකු දෙස කුතුහලයෙන් බලන කෙටිම බැල්ම හිමිකර ගැනීම පවා මුහුණ සඟවා ගැනීම නිසා දැන් අහිමි වී තිබේ. ජස්ටින් බීබර් අවධානයෙන් මිදෙන්න උත්සහ කරමින් මේ තොරතුරු ද කියවන්න: |
කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාව ඔවුන්ගේ පාලනයට එරෙහි විරෝධතා මර්දනය කෙරුණ මිනිස් ඝාතක දවසකින් පසු රට තුළ තවත් දිස්ත්‍රික්ක කීපයක යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. | හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය සඳුදා දිනය වනවිට අඩුතරමින් විරෝධතාවාදීන් පනස් දෙනකුවත් මරා දමනු ලැබ ඇතැයි වාර්තා වූ අතර ඉරිදා (මාර්තු 14) පොලිස් මර්දනයේ දී ප්‍රදේශ කීපයක විරෝධතාවාදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකරනු ලැබ තිබුණි. මරණවලින් වැඩි ප්‍රමාණය වාර්තාවන්නේ යැන්ගුන් (Yangon) ප්‍රදේශයෙනි. මියන්මාරයේ තත්ත්වය දරුණු අතට හැරුණේ යුදහමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් ඉවත්කරන ලද අවුන් සාං සූ චී අධිකරණය ඉදිරියට පැමිණවීමේ සැලසුමක් පැවති අතරවාරයේය. එහෙත් රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එම අධිකරණ ක්‍රියාවලිය කල්තබනු ලැබ ඇත. මියන්මාර ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ විරෝධතාවාදීන් කියාසිටින්නේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් මහා ජයග්‍රහණයක් ලද මියන්මාර ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ (NLD ) නායිකා අවුන් සාං සූ චී නිදහස් කරන ලෙසය. පෙබරවාරි 01 යුදහමුදා කුමන්ත්රණයෙන් අනතුරුව ඇය සිරකර තබාසිටින ස්ථානයක් දැනගන්නට නැත. පසුගිය නොවැම්බර් මහ මැතිවරණයෙන් අවුන් සාං සූ චී ගේ පක්ෂය විශිෂ්ට ජයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති අවුන් සාං සූ චී ට එරෙහිව යුදහමුදා පාලනය නගන චෝදනා ගොතනලද ව්‍යාජ ඒවායයි ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති. මැතිවරණ දූෂණ සිදුකරන ලද බවට චෝදනා කරමින් යුද හමුදා ජුන්ටාව විසින් මියන්මාර ප්රජාතන්ත්රවාදී ලීගයේ නායකයන් රැසක් සිරගත කරනු ලැබ ඇත. එහෙත් එම චෝදනා මෙතෙක් තහවුරු කරනු ලැබ නැත. යුද හමුදා පාලනය ඉරිදා දිනයේ දී මුලින් යුදනීතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ රටේ විශාලතම නගරය වන 'යැන්ගුන්' හි කලාප දෙකකට බලපැවැත්වෙන පරිදිය. එම පියවර ගන්නා ලද්දේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුවය. මේ අතර සඳුදා දිනයේ දී 'යැන්ගුන්' සහ 'මණ්ඩලේ' නගරවල තවත් කලාප කීපයකට බලපැවැත්වෙන පරිදි නැවතත් යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඒ අනුව එම කලාපයන්හි විරෝධතාවාදීන්ට එරෙහිව යුද නීතිය යටතේ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හමුදා පාලනයට බලය ලැබෙයි. චීනය මියන්මාර හමුදා පාලනයට සහයෝගය දෙන්නේය යන්න විරෝධතාවාදීන්ගේ විශ්වාසය වී ඇත. එහෙත් සති අන්තයේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල කෙරුණු ප්‍රහාරය කාගේ ක්‍රියාවක් ද යන්න තවමත් පැහැදිලි නැත. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගීසිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය. මේ වනවිට මරාදමනු ලැබ ඇති විරෝධතාවාදීන් ගණන 120 ඉක්මවා ඇතැයි දේශපාලන සිරකරුවන්ට සහයෝගය දීමේ සංවිධානය (AAPP) විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත. .සඳුදා (මාර්තු 14) 'මණ්ඩලේ' ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක යළිත් විරෝධතා රැල්ලක් පැතිරයමින් තිබුණි. මියන්මාර මධ්‍යම කලාපයේ නගර දෙකක (Myingyan සහ Aunglan) ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂකයන්ට ආරක්ෂක හමුදා විසින් වෙඩිතබන ලද බව එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා මගින් කියැවෙයි. ආරක්ෂක හමුදා 'Hlaing Tharyar' හි විරෝධතාවාදීන්ට ජීවඋණ්ඩ මගිඋන් වෙඩිතබා තිබුණි 'විප්ලවයක්' මේ අතර බලයෙන් පහ කෙරුණු මන්ත්‍රීවරුන් විසින් 'විප්ලවයක්' ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඇතැම් මන්ත්‍රීවරු හමුදා පාලනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් මේවනවිට සැඟව සිටින අතර නව කණ්ඩායමක් ලෙස සංවිධානය වෙමින් සිටින බවත් වාර්තා වෙයි. එය නම්කරනු ලැබ තිබෙන්නේ 'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) යනුවෙනි. එම සංවිධානයේ නායක මහ්න් වින් ඛයින් තාන් (Mahn Win KhaingThan) සති අන්තයේ විරෝධතාවාදීන් පළමුවරට අමතමින් හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී ස්වකීය ආරක්ෂාව සහතික කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් එම විරෝධතා ව්‍යාපාරය ''විප්ලවයක්'' ලෙස හඳුන්වා දුන්නේය. ''මෙය අපේ ජාතියේ අඳුරුතම මොහොතයි.එසේම අලුත් ආලෝකයක උදාව අත ළඟට පැමිණ තිබෙනවා'' ඔහු සඳහන් කළේය. 'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) නීති විරෝධී සංවිධානයක් යයි පාලක මිලිටරි ජුන්ටාව පවසයි. එම සංවිධානයට හවුල්වෙන්නන්ට රාජද්‍රෝහී චෝදනාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි ද හමුදා පාලනය අනතුරු ඇඟවීමක් කරයි. මියන්මාරය ගැන තවත් තොරතුරු; |
උතුරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පසුගිය සති අන්තයේ සංවිධානය කොට තිබුණු මාධ්‍යවේදී වැඩමුළුව අවලංගු කිරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි කණස්සල්ල පළ කොට තිබේ. | 'ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න' ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගි වීමට සෙනසුරාදා යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිස ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. රැවුල වවා ගත් පුද්ගලයකු තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පාසල් දැරියන් දූෂණය මේ අතර මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කොට තිබිණි. මේ සියල්ල යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බව බීබීසී සංදේශයට කියා සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, එයට විරෝධය පෑම පිණිස හදිසි මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමත් සමඟම තමන්ටද මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබුන බවද පැවසීය. ඇමෙරිකානු ආධාර සහිතව පැවැත්වීමට නියමිතව තිබුණු වැඩමුළුව අවලංගු කිරීමත් සමඟම රට පුරාම මාධ්‍යවේදීන් විශාල පිරිසක් තර්ජනවලට මුහුණු දුන් බවයි, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මැයි මාසයේ සිට මේ වන විට තර්ජන හේතුවෙන් අවලංගු කෙරුණු තුන් වැනි මාධ්‍යවේදී වැඩමුළුව මෙය බවත් ඇමෙරිකානු නිවේදනයේ සඳහන්. "පොලිසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත්, තර්ජනයට ලක්වුණු මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති අතර, තර්ජනය කරන්නා වූ පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ගද ගෙන නැත," යනුවෙන්ද එහි සඳහන්වේ. එමෙන්ම පාසල් දැරියන් දූෂණය කිරීම පිළිබඳ නඩු විභාගය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පසිගිය සිකුරාදා යාපනයේදී එල්ල වූ තර්ජන පිළිබඳවත් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කොට තිබේ. මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා කරන්නන්ට දඬුවම් නොකිරීමේ රටාවක් පවතින බව යයිද තානාපති කාර්යාලය පවසයි. "මාධ්‍යවේදීන්ගේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ. |
දැනට රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. | තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි. නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය. බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කළේ, තමිලිනීට පමණක් නොව හිටපු එල්ටීටීඊ නායකයන් වන කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ ජෝර්ජ් මාස්ටර් ඇතුළු සියලු දෙනාට සාමාන්‍ය දේශපාලන ප්රවාහයට එක්වීමට ආණ්ඩුව අවසර දීම ගැන තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවයි. ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊය පමණක් නොව, ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයන්ටද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමාව දී තිබෙන වාතාවරණයක් තුල කොටසක් පමණක් වසර ගනනාවක් රඳවා තබාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කරයි. "දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බලන්න, සෝමවංශ අමරසිංහ මහත්තය. ජීවිත තර්ජන තියෙනවා කියල රටින් පැනල ගිහිල්ල දැන් ආපහු ඇවිල්ල දේශපාලනය කරනවා, බොහොම හොඳයි," මනෝ ගනේෂන් බීබීසී සංදේශයට පැවසීය. මහින්ද විජේසේකර සහ නිමලසිරි ජයසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුව රටේ ප්‍රබල ඇමති තනතුරු පවා හෙබවූ බවද ඔහු පෙන්වාදේ. "දැන් විමල් වීරවංශ ඇමැතිතුමාත් කැරලිවලට සම්බන්ධ වෙච්ච, සංවිධානේ හිටපු අයනේ. ඉතින් ඒගොල්ලන්ට දුන් අවස්ථාව ඇයි අනිත් අයට දෙන්නේ නැත්තේ?," ඔහු විමසීය. |