summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
නිසි කොන්දේසි යටතේ ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බව උතුරු කොරියාව පවසා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. | උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් සහ ඇමරිකානු ආණ්ඩුවේ හිටපු බලධාරීන් පිරිසක් අතර නෝර්වේහිදී හමුවක් පැවැත්විණි. එම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීනි චොයි සුන් හුයි කියා සිටියේ ට්‍රම්ප් පාලනය සමග සංවාදයකට මුල පිරීමේ හැකියාවක් පවතින බවය. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුල් කර ගනිමින් මාස ගණනාවක් පුරා ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ එම අදහස් පළ විය. උතුරු කොරියානු විදේශ අමාත්‍යංශයේ ඇමරිකානු සබඳතා භාරව කටයුතු කරන චොයි සුන් හුයි බීජිං නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ප්යොංයැං පාලනය සහ වොෂින්ටනය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාවක් පවතින බවය. උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය. කෙසේ නමුත් සිය මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු කරන බව උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටී. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය. |
අගවිනිසුරු ධුරය හෙබවූ මොහාන් පිරිස් මෙන්ම ඊයේ බදාදා නැවත පත්ව අද, බ්‍රහස්පතින්දා විශ්‍රාම ගිය අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ස්වාධීනව රාජකාරි නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. | හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉතා හිතවත්ව කටයුතු කළ හිටපු අග විනිසුරුවරිය, ආණ්ඩුවේ තනතුරක් දැරූ ඇගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා අතර ප්‍රශ්න මතු වූ බවයි අමාත්‍යවරයා ඊයේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැවසුවේ. අමාත්‍ය රාජිත සේනාරත්න අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකරු කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයකු වන අතර ඔහු පැවසුවේ ඇයට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කළ එකක් වුවත් ඇයට එරෙහිව සාධාරණ චෝදනා එහි තිබූ බවයි. හදිසියේ එම චෝදනා ගෙන එමේ අවශ්‍යතාවක් නොමැති බව හා ඇයට පිළිතුරු දීමට අවශ්‍ය නිසි කාලයක් ලබා දිය යුතු බව තමන් හිටපු ජනාධිපතිවරයාට පැවසූ නමුත් ඔහු ඒ පිළිබඳ උනන්දු නොවූ බවයි ඔහු පැවසුවේ. ඇයගේ ස්වාධීනත්වය පිළිබඳ සහ ඇයට එරෙහිව සාධාරණ චෝදනාවක් ඇත්නම් ඇය නැවත පත් කළේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළ දෝෂාභියෝග චෝදනා විශේෂ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පසුගිය රජයට සිදුවූ අතපසු වීම නිසා මෙම තත්වය උදාවී ඇති බවයි. ඒ පිළිබඳ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කළ බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න ඒ අවස්ථාවේ දී ආණ්ඩුව එම අතපසු වීම යට ගැසූ බවයි කියා සිටියේ. මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ. ශ්‍රී පවන් පත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ. |
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට සැරසෙන බවට විරුද්ධ පක්ෂ මෙන්ම ආණ්ඩුවට සහාය දෙන වෘත්තීය සමිතිද ආණ්ඩුවට චෝදනා කරති. | එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ එම තෙල් ටැංකිවලින් බොහොමයක් ඉන්දියාව සහශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යාමේ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බවය. මේ සතිය අගභාගයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරවාරයේ අදාළ ගිවිසුමට අත්සන් තැබීමට සැරසෙන බවට මුලින් වාර්තා පළවුවත්, එවැනි කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි. එම තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස් බීබීසී සිංහල සේවය කළ විශේෂ විමසුමක සටහනයි, මේ. ලෝක යුද්ධය පසුගියදා ත්‍රිකුණාමලය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති කෙනචි සුගනුමා චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට අයත් අංක 91 ටැංකිය වෙත ගොස් මල් කළඹක් තබා හිස නමා ආචාර කළේය. බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුණි "මෙතන නිදන්නේ අපේ ජාතික වීරයන් තුන්දෙනෙක්. ඒ අතරේ මගේ සීයා කෙනෙකුත් ඉන්නවා," මල් කළඹ තබමින් තානාපතිවරයා පැවසූ බව බීබීසී සිංහල සේවයට දැනගන්නට ලැබිණ. දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුන ජපානය 1942 අප්‍රේල් 09 වෙනි දින උදෑසන 08:04ට චීන වරායේ තෙල් ටැංකි පර්යන්තයේ අංක 38 ටැංකියට ගුවනින් බෝම්බ හෙලීය. ෂිගනෝරි වටනබේ, ටොක්යා ගොටෝ සහ සුටෝමු ටොෂීරා එම ප්‍රහාරක යානයේ නියමුවෝ වූහ. බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුනි. සබැඳි යොමු: ප්‍රහාරයෙන් හටගත් ගින්න සතියක් මුළුල්ලේ පැවති බව ජපන් ප්‍රහාරය අළලා මයිකල් ටොම්ලින්සන් විසින් ලියා තිබෙන "The Most Dangerous Moment" ග්‍රන්ථයේ සඳහන් වේ. අඟුරු වී ගිය තිරුවානා ගල් ටැංකිය ඒ අවට තවමත් දකින්නට තිබේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්නේ නෑ - චන්දිම "මෙහිදී ශේෂ වූ ගුවන් යානයේ ඇන්ජිමේ කොටසක් දැනට ගුවන් හමුදා මූලස්ථාන කෞතුකාගාරයේ තබා ඇත," අසල ඇති දැන්වීම් පුවරුවක එසේ සඳහන් වේ. විනාශ වූ තෙල් ටැංකි දෙකට අමතරව තවත් ටැංකි 99 ක් භුමියේ දකින්නට ලැබේ. නිමැවුම සියළුම ටැංකි එක හා සමානය. එක් ටැංකියක උස අඩි 45කි, විෂ්කම්භය අඩි 365 කි. ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි. ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ සෑම ටැංකියක් වටාම පස් බැම්මක් ඉදිකර තිබේ. බැම්ම හා ටැංකිය අතර පරතරය අඩි තිහක් පමණ වෙයි. ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවකදී ටැංකියේ ඇති ඉන්ධන අනෙකුත් ටැංකි වලට පැතිරී නොයෑමට මෙම පස් බැම්ම තනා ඇති බව විශ්වාස කෙරේ. ටැංකි උඩට ගොඩ වී ඇතුලට බැසීමට තරප්පු පෙළක් ද ඉදිකර තිබේ. අඟලක ඝණකමින් යුතු ලෝහ තහඩු එකිනෙකට පුරුද්දා ඇත්තේ රිවට් (rivet) කිරීමෙනි. පිරිද්දුම් අතරට ඊයම් පටියක් මැදිකර තිබේ. සංකෝචනයට සහ ප්රසාරණයට ඔරොත්තු දීමත් කාන්දු වැළක්වීමත් මෙමගින් සිදුවේ. වරාය ආසන්නයේ ඇති ටැංකි කීපයට පමණක් කොන්ක්‍රීට් ආවරණයක් යොදා ඇත. මුහුදු ජලයෙන් හා මුහුදේ සිට එල්ල කරන ප්‍රහාර වලින් ආරක්ෂාවීමට එසේ අතිරේක රැකවරණයක් සළසා ඇති බව බීබීසී යට දැනගැනීමට ලැබිණ. අඩියක විශ්කම්භයකින් යුතු චීනට්චට්ටි ලෝහයෙන් නිම වූ භූ ගත නළමාර්ගයක් ඔස්සේ වරායේ සිට ටැංකිවලට ඉන්ධන පොම්ප කර ඇත. එම නළ හා සම්බන්ධ පරීක්ෂණ කවුළු තැනින් තැන දකින්නට ලැබේ. පොම්පාගාර දෙකක් හා තෙල් බෙදුම් ස්ථාන දෙකක්ද රට අභන්තරයට තෙල් ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය අංගනයක්ද මෙම තෙල් ටැංකි සමූහය සතුය. ඝණ වනාන්තරයක් තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි. තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි එයින් අක්කර 780 කින් සමන්විත ටැංකි 86ක් සහිත ප්‍රදේශය CV යනුවෙන්ද අක්කර 45 කින් සමන්විත ටැංකි 15 සහිත ප්‍රදේශය AFC යනුවෙන්ද හැඳින්වේ. මෙහි CV පෙදෙසේ විනාශ වෙමින් පවතින ගොඩ නැගිලි එකසිය පණහක් පමණ ඇති අතර තවත් විසි පහක පමණ ඉන්දියන් තෙල් සමාගමේ සේවකයෝ නවාතැන් ගෙන සිටිති. මෙම ගොඩනැගිලිද තෙල් ටැංකි තරමටම පැරණිය. ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ. පළමු ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකරන ලද එම ටැංකි සහ අවට භූමිය ශ්‍රී ලංකාවේ අයිතියට පවරාගැනීම පිණිස එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන සමයේ විශාල මුදලක් ගෙවීමට සිදු වූ බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. |
( බීබීසී ලෝක සේවයේ එම්රේ අසිස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි ) | "ඔබ කොහොමද තුර්කියේ නත්තල සමරන්නේ?" නත්තල උත්කර්ෂවත් ලෙස සමරන රටකට ගිය විට නොවරදවා අසන්නට ලැබෙන ප්රශ්නයකි. ඔබ නත්තල සාමාන්‍ය දිනයක් ලෙස පැවසුවහොත් ඔවුන් පුදුමය පළ කරනු ඇත. එය යුදෙව්, හින්දු හෝ මුස්ලිම් දින දර්ශනවලට අනුව නිවාඩු දිනයක් ද නොවේ. කවුද මේ 'ඊසා'? නමුත්, විශ්මය දනවන තොරතුරු නැතුවා නොවේ. ඉස්ලාම් දහමට අනුව ඔවුන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ උපන් දිනය සමරන්නේ නැතිමුත් ක්‍රිස්තුන්වහන්සේ පුජනීයත්වයෙන් වන්දනා කරයි. තමන්ගේ ආගමික විශ්වාසයේ කොටසක් ලෙස ක්‍රිස්තියානි දහමේ නායකයාට මුස්ලිම්වරු මහත් ගෞරවයක් දක්වති. තවදුරටත් කියවන්න: නබිනායකතුමන් අනුව යමින්, ජේසුස් වහන්සේ වඩාත් වන්දනාමානයට ලක්වන පුද්ගලයන්ගෙන් කෙනෙක් ලෙස කුරානය සලකයි. කෙසේවුවත් ජේසුස් වහන්සේ, එසේත් නැත්නම්, අරාබි භාෂාවෙන් හඳුන්වන 'ඊසා' පිළිබඳ, නබි නායකතුමන් ගැන සඳහන් වන වාර ගණනට වඩා වැඩි වාරයක් කුරානයේ සඳහන් වී තිබේ. තවදුරටත්, මෙම පූජනීය ග්‍රන්ථයේ එක් කාන්තාවක් ගැන පමණක් නමින් හඳුන්වා දී ඇත. කවුද මේ 'මරියම්'? ඇය කන්‍යා මරියතුමිය වන අතර, අරාබි භාෂාවෙන් මරියම් ලෙස හදුන්වයි. කුරානයේ සම්පුර්ණ පරිච්ඡේදයක් කන්‍යා මරියතුමිය වෙනුවෙන් වෙන්කර ඇත. නමුත්, ඉස්ලාම් උත්පත්ති කතාවේ ජෝසෆ් හෝ අනාවැකිකරුවන් පිළිබඳ සඳහනක් නැත. කුරානයට අනුව, මේරි දරුවා බිහි කර ඇත්තේ වියළි කාන්තාරයක් මධ්‍යයේ මැරුණු ඉඳි ගසක් යට තනිවමය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එහිදී ඇයට ආහාරයට ගැනීම පිණිස ඉදුණු රට ඉඳි කඩා වැටී ඇති අතර, පය පාමුලින් දිය උල්පතක් ද මතු වී තිබේ. දරුවා සමග සිටි අවිවාහක කාන්තාවගේ සිල්වත් භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර අලුත උපන් ජේසු බිලිඳා දෙවියන් ලෙස කතා කිරීමට පටන් ගත්තේය. ආත්මයේ ශාස්තෘවරයා ජේසුස් වහන්සේ පිළිබඳ සඳහන් කරද්දී "සාමය ඔහු සමග පවතීවා" යනුවෙන් යාඥා කිරීමට මුස්ලිම්වරු කටයුතු සිටිති. ඉස්ලාමීය විශ්වාස අනුව, විනිශ්චයට භාජනය වන දිනයේ මිහිමත යුක්තිය ඇති කිරීමට මුලින්ම පැමිණෙන්නේ ජේසුස් වහන්සේය. කෙසේවෙතත්, මුස්ලිම් සාහිත්‍යය මෙහිදී කුරානය අභිබවා යන්නේය. සුෆී දාර්ශනිකයෙක් වූ අල්-ගසාලි (Al-Ghazali) ඔහු "ආත්මයේ ශාන්තුවරයා" ලෙස හඳුන්වයි. ඉබ්න් ඇරබි, ජේසුස් වහන්සේ හඳුන්වා ඇත්තේ, "සාන්තුවරයන්ගේ මුද්‍රාව" ලෙසිනි. 'ඊසා' ලෙස නම් කළ දරුවන් ද, මරිය මව්තුමිය සිහි කරමින් 'මරියම්' ලෙස නම් කළ දැරියන් ද මුස්ලිම් සමාජය පුරා හමුවේ. 7 වන සියවසේ ඉස්ලාම් දහම ආරම්භ වන විට ක්‍රිස්තියානි දහම මැද පෙරදිග හොඳින් තහවුරු වී තිබුණි. ඉස්ලාම් දහමෙන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පූජනියත්වයෙන් සැලකුවද, කතෝලික පල්ලිය සැම විටම ඊට කෘතවේදී නොවීය. 15 වෙනි සියවසයේ ඉතාලියේ බොලොග්නා නගරයේ ඉදිවූ 'San Petronio' පල්ලියේ ඇති සුප්‍රකට බිතු සිතුවමක අපායේදී යක්ෂයන් විසින් වද දෙන මුස්ලිම් සාන්තුවරයෙක් නිර්මාණය කර තිබේ. යුරෝපය පුරා නිර්මාණය වූ කළා කෘති තුළ මේ අන්දමේ නින්දා කිරීම් හමුවේ. එනමුත් වර්තමාන කතෝලික පල්ලිය මෙලෙස අවඥා සහගතව නොබලයි. |
අතුරුදහන්වූවන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි අට දහසක් ලැබී තිබෙන බව එහි කොමසාරිස්වරියක පවසයි. | සිය ඥාතීන් සොයා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලන අතුරුදහන් වූවන්ගේ නෑදෑයෝ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගෙන් පැමිණිලි 4000 කුත් යුධ හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන් වීම පිළිබඳව පැමිණිලි 4000 කුත් දැනටමත් ලැබී තිබෙන බවයි, සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියේ. සිය ඥාතීන් සොයා ගැනීම පිණිස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් කරන මෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෑතදී උතුරේ කළ සංචාරයේදී ඉල්ලා සිටි බව සංදේශය පෙන්වා දුන් අවස්ථාවේ කොමසාරිස්වරිය කියා සිටියේ විවිධ බලපෑම් මත සිය කටයුතු කඩිනම් කිරීමට කොමිසම සූදානම් නොමැති බවයි. 'ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නෑ' "හරි ක්‍රමවේදයට හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොමිසම ගැන විශ්වාසය ඇතිකර ගෙන කොමිසමේ කටයුතු සම්පූර්ණ වෙන කම් අපිට සහයෝගය දෙන්න කියල තමයි ඒ දෙමාපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ," යනුවෙන්ද ඇය පවසන්නීය. උතුරු නැගෙනහිර අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වී තිබෙන තත්වයක් යටතේ විමර්ශන පිණිස යොදා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න සංදේශය කොමසාරිස්වරියට යොමු කළ තවත් ප්‍රශ්ණයක්. "ඒක තමයි අපිට තියෙන බැරෑරුම්ම කර්තව්‍යය. මේ කණ්ඩායම හඳුනා ගන්න එක. ස්වාධීන වෙන්ඩත් ඕනේ. මේ ගැන හොඳ අත්දැකීම් තියෙන්නත් ඕනේ." කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් අතුරුදහන් වීම පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර පරීක්ෂකයන් අවශ්‍ය නොවන බව කොමසාරිස්වරිය අවධාරණය කරයි. දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංගණනයෙන් හෙළි වන තොරතුරුද සියකොමිසමේ කාර්යභාරයට උපකාරී වනු ඇති බවද සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියාය. |
ස්වාමි පුරුෂයන් හට සිය සහකාරියන්ට රහසේ පෙම්වතියන් සොයා ගැනීම සඳහා පහසුකම් සලසන ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සතු සේවාදායකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබේ. | එම වෙබ් අඩවිය පරිහරණය කරනු ලබන සියලුම සේවාදායකයන්ගේ රහස්‍ය ලිංගික ෆැන්ටසියන් ඇතුළු තොරතුරු සහ බැංකු ණය කාඩ්පත් හරහා සිදු කළ මුදල් ගෙවීම්වලට සම්බන්ධ විස්තර ලබා ගැනීමට හැකි වූ බවයි අන්තර්ජාල හැකරුන් පවසන්නේ. ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට හැකරුන් ඇතුළු වී ඇති බව පිළිගෙන ඇති එහි වෙබ් ක්‍රියාකරුවෝ සිය සේවාදායකයන් සතු සියලු තොරතුරු සොරකම් කර නමැති බව කියා සිටිති. කැනඩාව මූලස්ථානයකර ගත් මෙම වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගෙන් සුළු ප්රතිශතයකගේ තොරතුරු අන්තර්ජාලයට එක් කොට ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවීණයෙක් පැවසුවේය. වෙබ් අඩවිය වසා දමන තුරු හැකරුන් විසින් සේවාදායකයන්ගේ තොරතුරු අන්තර්ජාලයට මුදා හරිනු ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යනයේ නියුතු බ්‍රයන් ක්රෙබ්ස් කියා සිටියේය. ලිංගික ෆැන්ටසි මේ අතර සොරකමට සම්බන්ධ හැකරුන් කණ්ඩායම කියා සිටියේ වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් සත්‍ය තොරතුරු තමා වෙත ලබා ගැනීමට හැකි වූ බවයි. සිය ගිණුම් මකා දැමීම සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ගේ තොරතුරුද ඊට ඇතුළත් බව හැකරුන් කණ්ඩායම පවසා තිබේ. වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් ගෙවීමකින් තොරව සිය ගිණුම් මකා දැමීමට තම සේවාදායකයන්ට ඉඩ සලසා ඇති බව මේ අතර ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය බීබීසීයට කියා සිටියේය. ගිණුම් හිමියකුගේ තොරතුරු මකා දැමීම සඳහා වෙබ් අඩවිය විසින් පවුම් දොළහක් අය කර ගනු ලබයි. මුදල් අය කර ගෙන ඇතිමුත් සේවාදායකයන්ගේ තොරතුරු මකා දමා නොමැති බවට හැකරුන් ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට චෝදනා කරයි. නමුත් මුදල් අය කර ගනු ලැබීමෙන් පසු සේවාදායකයන්ගේ සියලු තොරතුරු මකා දමන බවයි වෙබ් අඩවිය පවසන්නේ. රටවල් පනහකට අධික සංඛ්‍යාවක සිය සේවය ලබා ගන්නා ගිණුම් කරුවන් මිලියන තිස්හතක් සිටින බව ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සඳහන් කළේය. |
තුවක්කුකරුවන් පකිස්තානයේ හිටපු ජනමාධ්‍යවේදි අෆ්තාබ් අලාම් ට වෙඩි තබා මරා දැමීමත් සමඟම මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර පිළබඳව දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වී ඇත. | පකිස්තානයේ මාධ්‍ය ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට අෆ්තාබ් අලාම්, ජියෝ ටී වී මාධ්‍ය නාලිකාව වෙනුවෙන් සේවය කළ අතර ඔහුට වෙඩි තබා මරා දමා ඇත්තේ ඔහුගේ නිවස අසලදීය. මේ වෙඩි තැබීමත් සමඟ පකිස්තානයේ ජන මාධ්‍ය වේදියෙකුට පැය විසි හතරක කාලය තුලදී එල්ල වූ තුන්වන ප්‍රහාරය මෙයයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. අඟහරුවාදා රාත්‍රියේ ජියෝ ටී වී මාධ්‍ය නාලිකාවේ ප්රවෘත්ති වාර්තා කිරීම සඳහා භාවිතා කළ බස් රථයේ රියැදුරු සහ තාක්ෂණික නිලධාරියෙක් කරච්චි නගරයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගියහ. ඉස්ලාමාබාද් හි සිට වාර්තා කළ බී සී යේ ඉල්යාස් ඛාන් කියා සිටියේ මෙම ප්‍රහාර වලට බලපා ඇති හේතු තවමත් අනාවරණය වී නැති බවයි.තවමත් මේ පිළිබඳව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක් පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ. මේ අතරවාරයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වූ පී.ටී.වී හි සේවය කළ මාධ්‍යවේදියෙකුට පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවී ඇත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජියෝ මාධ්‍ය නාලිකාවේ ප්‍රධාන නිවේදකයෙක් වූ හමීඩ් මීර් වෙඩි තබා මරා දැමු අතර ඔහුගේ නෑදෑයින් පවසන්නේ ආණ්ඩුවේ බුද්ධි අංශ මෙම මරණයට වග කිව යුතු බවයි. පසුගිය ජනවාරි මාසයේදී එක්ස්ප්‍රස් මීඩියා ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරා දමන ලදී. පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ.මේ සමඟම ජනමාධ්‍යවේදීන්ට සේවය කිරීමට අමාරුම රටක් හැටියට ජන මාධ්‍යවේදීන් ගේ එකතුව විසින් පකිස්තානය නම් කොට තිබේ. |
දශක ගණනාවක් පැවති යුද්ධය නිමා කිරීම පිළිබඳව දැන් තමන්ට කණගාටුවක් දැනෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. | හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ බව සඳහන් කළේ බරපතල වංචා සහ දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්. "මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ," හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "ඒක ඉවර කරපු හන්දනේ මේ ඔක්කොම කරදර? දැන් තව ඉදිරියට තව කරදර එනවනේ?" ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමසා බැලීම පිණිස මිශ්‍ර අධිකරණ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය බදාදා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව තමන්ට එම කොමිසම ඉදිරියේද පෙනී සිටීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය. 'හයිබ්‍රිඩ් ක්‍රමේ' "ඒ කොමිසමෙන් ඉදිරිපත් කරලා තියෙනවනේ දැන් මේ හයිබ්‍රිඩ් ක්‍රමේ?. දැන් ඒකටත්, අපි මේ යුද්ධෙ ඉවර කළේ ඇයි කියල දැන් සාක්කි දෙන්න ඕන," ගෝඨාභය රාජපක්ෂ පැවසීය. එහෙත් තමන්ට තවමත් එවැනි කැඳවීමක් ලැබී නැති බව ඔහු පිළිගත්තේය. නිල සටහන් තබමින් බරපතල යුද්ධයකදී ගත යුතු ක්ෂණික තීරණ ගත්තේ නම් 'යුද්ධය තාමත් යන' බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "තාම එහෙනම් මේවට එන්න වෙන්නේ නෑ අපිට. මොනවා වුනත්, කවුරු වුනත් පිළිගන්න ඕන නේ අවුරුදු 30 ක් තිබුන යුද්ධය මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉඳපු කාලේ නේ අවසන් කළේ." 'මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ' විවිධ 'හමුදාපතිවරුන්' සහ 'නිලධාරීන්' බොහෝ දේ සඳහන් කළත්, ඔවුන්ගේ පාලන කාලවල යුද්ධය අවසාන කිරීමට නොහැකි වූයේය යන්න යතාර්ථය බවත් ඔහු පැවසීය. "මගේ මේ මිනිට් එකක් (නිල සටහන්) තියනවද, එහෙම නැත්නම් ලිපියක් ලියවිලා තියනවද. මේවා තමයි මේ තාක් කල් මම අහගෙන හිටියේ. දූෂණයක් වෙච්ච එකක් ගැන කතාවක් නෑ." පසුගිය ජනපතිවරණයට රාජ්‍ය නිලධාරීන් යොදා ගත් බවට මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප නොකරන හැඩකුයි දක්නට ලැබුණේ. "රජයේ සේවකයෝ කවදාකවත්, කිසිම ආණ්ඩුවක් පාවිච්චි කරලා නෑනේ ඡන්ද වැඩවලට," යන්නයි ඒ පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය වූයේ. |
මේ වන විට මා සහ මගේ දරුවන් මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. එවැනි පරිසරයක් යටතේ මම බීබීසී සිංහල වෙබ් අඩවියට මෙම ලිපිය යොමු කිරීම මගින් අදහස් කරන්නේ මගේ අතීත ජීවිතය සහ අද අප මුහුණ දී සිටින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. | මම රෝහණ විජේවීර සමග විවාහ වූයේ 1980 මාර්තු මස 26 වන දිනයි. එයින් වසර තුනකට පමණ පසු 1983 කළු ජූලියත් සමග මගේ සැමියා,රෝහණ විජේවීර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් විය. එතැන් පටන් මුහුණ දීමට සිදු වූ ජීවිත තර්ජන හමුවේ ආරක්ෂාව පතා අප පවුලට රටේ විවිධ ස්ථාන වලට මාරු වෙමින් රහසිගත ජීවිතයක් ගත කිරීමටයි සිදු වුණේ. 1989 නොවැම්බර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් මාගේ සැමියා වූ රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලද අතර එවකට මා පස් දරු මවක් මෙන්ම තෙමසක ගැබිනියක් වීමි. නොවැම්බර් 13 දින මාගේ සැමියා හමුදා අත්අඩංගුවේ දී මරණයට පත් වූ බව මා දැන ගත්තේ විද්‍යුත් මාධ්‍ය මගිනි. හමුදා කඳවුරට රෝහණ විජේවීර මේ අතර මිය ගිය ජ.වි.පෙ. නායකයන්ගේ දරු පවුල් වලට රජයට භාර වන ලෙස කරන ලද ඉල්ලීම්වලට අනුව මා සහ මගේ දරුවන් එම නොවැම්බර් 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට භාර වීමි. මා කිසි දිනක දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස හෝ අනුගාමිකයකු ලෙස කටයුතු කර නැති අතර මාගේ සැමියා මරා දමන විට මගේ දරුවන් වයස අවුරුදු අට, හත, පහ, දෙක සහ එක් හැවිරිදි විය. දේශපාලනය යනු කුමක්ද? තම පියා කලේ කවර දේශපාලනයක් ද? යන්න පිළිබඳව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබුණි. මාගේ බාලම දරුවා පියා මිය ගිය පසු යුද්ධ හමුදා රෝහලේ දී උපත ලද අතර ඔහු උපතේ සිටම සිරගත ජීවිතයකට උරුමකම් කියයි. එතැන් සිට 1992 ජූනි මස වනතෙක් අවුරුදු තුනක පමණ කාලයක් මා සහ මාගේ දරුවන් ගනේමුල්ල යුද්ධ හමුදා ‘කමාන්ඩෝ’ බලකා කඳවුරේයි රඳවා තබන ලද්දේ. දරුවන්ගේ ඉරණම ඉන් අනතුරු කාලය තුළ පාසල් යා යුතු වයසේ පසු වූ මගේ දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් නොලැබුණි. කිසිදු වරදක් නොකළ මාගේ දරුවන් සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන් කර සිරගත ජීවිතයකුයි ගෙවන ලද්දේ. එම කාල වකවානුවේ අපට රැකවරණය ලබා දීමට රටවල් රැසක් ඉදිරිපත් වුනත් එවකට පැවති රජය විසින් ඒ සියලු අවස්ථා අවහිර කරමින් 1992 ජූනි මස අත්තනෝමතික ලෙස අප ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රැඳවුම් නිවාසයක රඳවන ලදී. එය කොළඹින් කි.මි. 270 ක් පමණ දුරින් පිහිටි එල්.ටී.ටී.ඊ ප්‍රහාර ඉලක්කයක් ද විය. මෙකී තත්වය සෘජුවම මාගේ දරුවන් ගේ සමාජානුයෝජනයට දරුණු පහරක් වූ අතර ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලැබයි රඳවා තබන ලද්දේ. මගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුණි. සමාජයෙන් වෙන් කොට විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවකුත් මට සිටින අතර ඉහත කී තත්වය යටතේ ඇයගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර විය. එවැනි පරිසරයක් තුළ මා සහ මගේ දරුවන්ගේ සියලු අයිතීන් අහිමි කෙරුණ අතර අපට නිදහසේ ගමන් කිරීමට, සමාජය හා මුසු වීමට, ඥාති ඇසුර ලැබීමට තිබූ සියලු අවස්ථා නොලැබුණි. එම තත්වය යටතේ මගේ දරුවන් රැඳවුම් නිවාසයක් තුළට කොටු කරනු ලැබීමෙන් ඔවුන් දරුණු මානසික පීඩනයකට ගොදුරු වූ අතර වැඩෙන දරුවන්ට උරුම වුණේ අවම අධ්‍යාපන සහ ශුභසාධන පහසුකම් පමණි. ඔවුන් නිසි ලෙස බලා ගැනීමට කිසිවකු නොවූ අතර මට ද කිසිම ස්වාධීන ආදායම් මාර්ගයක් නොවූයෙන් මගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා කිසි ලෙසකත් ඉටු කළ නොහැකි තත්වයකයි මා පසු වුණේ. (චිත්‍රාංගනී විජේවීර කියන කතාවේ තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න.) |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. | ඝාතනය සිදු වන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු විය 1997 පෙබරවාරි 11 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුවිට නගරයේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාට සහ කොස්තාපල් ටීඑම් ජයසේනට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබුණි. සුසන්ත පුංචිනිලමේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ අතර, නාලන්ද එල්ලාවල ඝාතනය රට පුරා ප්‍රබල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි. සියලු විත්තිකරුවන් නිදහස් විදේශ රැකියා පිලිබඳ අමාත්‍ය ඩිලාන් පෙරේරා, නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම ඇතුළු තිදෙනකුට තුවාල සිදු කිරීමත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතර විය. මූලික නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් නිදහස් වීම සහ නඩු විභාගය අතරතුරදී මියයාම හේතුවෙන් මේ වන විට විභාගය පැවැත්වුනේ අමාත්‍ය පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පමණි. එයින් තිදෙනකු ඔවුන්ට එරෙහි චෝදනාවලින් පසුගිය නොවැම්බර් 12 වැනි දින නිදොස් කොට නිදහස් කෙරිණ. පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බැවින් විත්තියේ සාක්කි නොකැඳවාම අමාත්‍ය පුංචිනිලමේ ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි අද නියෝග කළේය. මේ අනුව නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සියලුම විත්තිකරුවන් මේ වන විට නිදහස ලබා ඇත. |
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදීම සඳහා කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශ කරයි. | මානව හිමිකම් මණ්ඩලය එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි මානව හිමිකම් මණ්ඩලය විසින් එම ඉල්ලීම සිදු කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා නුවර මුළු දුන් 18 වැනි වාර්ෂික සැසි වාරයෙන් අනතුරුවයි. එම සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් වැඩි ඡන්දයෙන් සම්මත කැරුණු යෝජනාවකින් කියැවුනේ ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට මානව හිමිකම් කොමිසම රජයට සහාය දිය යුතු බවයි. රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ නිර්දේශ එම පරීක්ෂණ වලට පදනම් කර ගත යුතු බවයි, ඉන්දියාවේද සහාය ලැබුණු එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ එකී යෝජනාවෙන් ප්‍රකාශ වුනේ. මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා රජයෙන් අවසර පතා ඇත්තේ ඒ අනුවයි. බීබීසී සංදේශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශක රූපට් කොල්විල් (Rupert Colville ) කියා සිටියේ රටට ඇතුළුවීම සඳහා තමන් රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි. |
කට කථා කරුවන් ජනාධිපතිවරයා නොමඟ යවා තමන් තානාපති පදවියෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි. | තම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද මහ කොමසාරිස් වරයා පවසයි මැලේසියාවේ තානාපති කල්‍යානන්ද ගොඩගේ ඒ බව සඳහන් කළේ මාස හතක කාලයක් පදවිය දැරීමෙන් අනතුරුව ඔහු යලි ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී. එම තීන්දුව පිළිබඳව නොසතුට පළ කරමින් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද ඔහු පවසයි. "ජනාධිපති තුමා මම හොඳට දන්නා කෙනෙක් 1970 ගණන්වල ඉඳලා. එහෙම දෙයක් වෙන්න ඇති නැත්නම් ජනාධිපති තුමා මෙහෙම දෙයක් කවදාවත් කරන්නේ නෑ," කිසිවෙකු විසින් ජනාධිපති වරයා නොමඟ යවා ඇත්දැයි සංදේශය විමසූ විට ඔහු පිළිතුරු දුන්නේය. අන්තවාදී දෙමළ කණ්ඩායම් දියතලාවේ වැඩ මුළුව "කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන" මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ ජනාධිපති තුමා සහ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විසින් ශ්‍රී ලංකා දුත මණ්ඩල නියෝජිතයන් කැඳවා ඉකුත් ජුලි මස මුලදී දියතලාවේ යුද හමුදා කඳවුරේදී පැවැත්වූ වැඩ මුළුවකදී විදේශ ගත දෙමළ ප්‍රජාව සමගින් සාකච්ඡා කිරීම පිළිබඳව මතු කළ පැණයක් තමන් ආපසු කැඳවීමට හේතුවී ඇති බව මහා කොමසාරිස් වරයාගේ විශ්වාසයයි. "වෙන හේතුවක් කිසිම දෙයක් තිබුනේ නෑ. කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන," මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ වැඩිදුරටත් පැවසීය. තමන්ගේ එම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය ජී එල් පීරිස් කෝපයට පත්වූ බව ද මහ කොමසාරිස් වරයා පවසයි. එම දෙමළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට විදේශගත දෙමළ ප්‍රජාව ද ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට එකඟ කරවා ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පවසන ඔහු කෙසේ වුවත් තමා පදවියන් ඉවත් කොට එම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වීම සඳහා එක්සත් ජාතීන් විසින් පත් කිරීමට නියමිත බාහිර විශේෂඥ කමිටුව තවමත් පත් කර නැති බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය බීබීසීයට කියා සිටී. | මේ පිළිබඳව අවසන් තීරණය ගෙන ඇති බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල පළ වන වාර්තා අසත්‍ය බවයි නවී පිල්ලේ මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේ. ‘මෙම කමිටුව සඳහා පත් කිරීමට සුදුසු කිහිප දෙනෙකු සමඟ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය තවමත් සාකච්ඡා කරමින් සිටිනවා. තවම කිසිවෙකු නිල වශයෙන් පත් කර නැහැ.’ රූපර්ට් කොල්විල් බීබීසීයට ප්‍රකාශ කළේය. පළපුරුදු අය මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කරනු ලබන මෙම බාහිර විශේෂඥයන් පිරිස එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් කමිටු සාමාජිකයන් හා එක්වී කටයුතු කරන අතර ඔවුන් මීට පෙර මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කර පළපුරුද්දක් ඇති අය බව ද ඔහු පැවසීය. මෙම පරීක්ෂණ කමිටුවට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් දොළොස් දෙනෙකු පත් කෙරෙන බවත් ඔවුන් අතර පරීක්ෂකවරුන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයන්, නීති විශාරදයන් ඇතුළු විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥයන් සිටින බවත් රූපර්ට් කොල්විල් පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන සැන්ද්‍රා බෙයිඩස් මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇති බව ඔහු විසින් සනාථ කරන ලදී. මෙම පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදෙන බවට ප්‍රකාශ කර තිබීම පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි ලෙස පසුතැවිලි වන නමුත් රජයේ සහයක් නොමැතිව මීට පෙර එක්සත් ජාතීන් මෙවැනි පරීක්ෂණ සඳහා කටයුතු කළ අවස්ථා පිළිබඳව නිදර්ශන පවතින බවත් එවැනි අවස්තාවලදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේදයන් ගැන හොඳින් අත්හදා බලා ඇති බවත් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපර්ට් කොල්විල් කියා සිටියේය. |
බලයෙන් පහ කෙරුණ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ගේ ආධාර කරුවන් බැංකොක් අගනුවර බටහිර සීමාවේ එක්රැස් වෙමින් සිටින බව වාර්තා වෙයි. | එම ආධාරකරුවන් පවසන්නේ ප්රජාතන්ත්රවාදය සුරැකීමේ මහජන රැළියක් සඳහා තමන් එකතු වෙමින් සිටින බවයි. අගමැතිවරිය සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනෙක් පදවිවලින් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ පාලනයක් බලයට ගෙන ඒමට සැරසෙන බවට ඉහත කී ආධාරකරුවෝ විපක්ෂයට චෝදනා කරති. අගමැතිනි යින්ලුක් සිනවත් සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනා පදවිවලින් ඉවත් කෙරුණේ, ඔවුන් බලය අයුතු ආකාරයට පාවිච්චි කර ඇති බව තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් පසුවයි. මුලින් කී උද්ඝෝෂණයට අමතරව තායිලන්ත විපක්ෂයේ ආධාරකරුවන්ද මහජන රැළියක් ද ඇතුළුව විරෝධතා පෙළපාලියක් බැංකොක් අගනුවර පැවැත්වීමට සංවිධානය කරමින් ඇති හෙයින් දහස් ගණනක පොලිස් බලකායක් සීරුවෙන් තබනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. ඊයේ සිකුරාදා ආණ්ඩු විරෝධී සිය ගණනක් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවත් වාර්තා කෙරිණ. |
"හුදකලා මාර්ගයක ගමන් නොකරන" ලෙස බර්ලිනයේ නගරාධිපති මයිකල් මුලර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි. | ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව නගරාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ ඇමරිකාව සහ අසල්වැසි මෙක්සිකෝව අතර දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම සඳහාවන සැලසුම පිළිබඳ අදහස් දක්වමිනි. එවැනි බෙදීමක් "වහල්භාවයට සහ වේදනාවට" හේතු විය හැකි බවට අනතුරු අඟවන නගරාධිපති මයිකල් මුලර් ඒ හරහා "දසලක්ෂ ගණනක ගේ ජීවිත විනාශ විය හැකි" බව පෙන්වා දුණි. 1961 වසරේ සිට 1989 දක්වා වූ කාල සීමාව තුළ ජර්මනියේ බර්ලින් නගරය තාප්පයකින් වෙන් වී පැවතිණි. බර්ලින් තාප්පය (1986 වසරේ ගනු ලැබූ ඡායාරූපයක්) දෙරට දේශ සීමා අතර තාප්පයක් බැඳීම මුල් කරගනිමින් මතු වී තිබෙන මතභේද සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ එකඟතාව පළ කළහ. අසල්වැසි මෙක්සිකෝව අතර වූ දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි. එම තාප්පය බැඳීම සඳහා මෙක්සිකෝව මුදල් ලබා නොදෙන බව එරට ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේය. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ නිර්දේශ යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණ හොත් මූලික අයිතිවාසිකම් විෂයයෙහිලා කලාපයේ ඉදිරියෙන්ම සිටින ව්‍යවස්ථාවක් බවට එය පත්වනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයෙක් පවසයි. | "සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය බුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා," නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ අනු කමිටු වාර්තා හයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (නොවැම්බර් 19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ පරාසය පුළුල් කරමින් ජීවත් වීමට ඇති අයිතිය, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් මිදී සිටීමේ නිදහස, පුද්ගලික ආරක්ෂාව සහතික කිරීම ආදී කරුණු නව නිර්දේශවලට ඇතුළත් බව මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. 'සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය භුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා' "ඊට අමතරව අපි යෝජනා කරලා තිබෙනවා සමාජ, ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම්, ළමා, කාන්තාවන් සහ දුබලතා ඇති පුද්ගලයන් සම්බන්ධ අයිතිවාසිකම්. ඒ වගේම පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් යෝජනා කොට තිබෙනවා," යනුවෙන් ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය. දුබලතා සහ විශේෂ අවශ්‍යතාවන් සහිත පුරවැසියන් සඳහා වූ සන්නිවේදනය සඳහා වූ අයිතිවාසිකම්, ගෞරවනීය ජීවිතයක් සහතික කෙරෙන අයිතිවාසිකම් සම්බන්ධ කරුණු අදාළ නිර්දේශ තුළ දීර්ඝ වශයෙන් සඳහන් කොට ඇති බව ආචාර්යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද සමාජයේ අනෙක් සියලු ජනකොටස්වලට හිමි අයිතිවාසිකම් ඒ හා සමාන ලෙසින් භුක්ති විඳීමට අවස්ථාව හිමි විය යුතුය යන්න කමිටුවේ තවත් නිර්දේශයක්. විවිධ ජන කොටස් වෙසෙන රටක් වශයෙන් ඔවුන්ගේ ආගමික සහ භාෂා ඇතුළු සියලු අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සිය කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කියා සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,"සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය භුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා," යනුවෙන් වැඩිදුරටත් පැවසීය. |
දකුණු කොරියාවට කෙරෙන "බරපතළ අනතුරු ඇඟවීමක්" ලෙස හඳුන්වමින් උතුරු කොරියාව නවතම මිසයිල දෙකක් අත්හදා බැලුවේය. | මෙහි දී ඔවුන් විසින් දකුණු කොරියාව හඳුන්වනු ලැබුවේ "යුද්ධයට පොළඹවන දකුණු කොරියාව" යනුවෙනි. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට මෙම කෙටි-දුර විහිදුම් මිසයිල ගුවනට විද ඇති අතර ඒවා පතිත වූයේ නැගෙනහිර මුහුදට ය. එම සාගර කලාපය ජපන් මුහුද නමින් ද හැඳින්වේ. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් කියා සිටියේ "ඉදිරියේදී සිදුවිය හැකි සහ පවතින සෘජු තර්ජන මුලිනුපුටා දැමීම" වෙනුවෙන් ආයුධ තැනීම සඳහා තම රට බලහත්කාරයෙන් තල්ලු කර ඇති බවය. මෙම අත්හදා බැලීමට උපායශීලී මෙහෙයවීමක් සහිත අවි පද්ධතියක් ද සම්බන්ධ බව උතුරු කොරියානු නායකයා පැවසීය. ඔහුගේ මෙම ප්‍රකාශය උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරිණ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි 30 වන දා කිම් ජොන්ග් අන් හමුවීමෙන් අනතුරුව සිදු වූ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ මේ සියල්ල සිදු වූයේ, ලබන මාසයේ දී ඒකාබද්ධ යුද අභ්‍යාසයක යෙදීමට දකුණු කොරියාව සහ එක්සත් ජනපදය තීරණය කිරීමෙන් අනතුරුවය. එම තීරණය උතුරු කොරියාවේ විවේචනයට ලක් විය. උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස දකින්නේ තම රට ආක්‍රමණය කිරීම සඳහා කෙරෙන පෙර සුදානමක් ලෙසට ය. යුද අභ්‍යාස අවලංගු කිරීම දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇති නමුත් එය ප්‍රමාණාත්මකව අඩු කර ඇත. උතුරු කොරියාව විසින් ඊයේ විදින ලද මිසයිලයක් කිලෝ මීටර 690ක් දුර පියාසර කොට පතිත වූ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ හමුදා මාණ්ඩලික නිලධාරියා ප්‍රකාශ කළේය. මෙම මිසයිල "කෙටි-දුර විහිදුම් මිසයිල" බවට එක්සත් ජනපදය ද සනාථ කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් කිම් ජොන්ග් අන් කීවේ මොනවා ද? මෙම මිසයිලයෙන් "බේරී සිටීම එතරම් පහසු නොවන" බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි. නවතම අවි පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමා "තෘප්තිමත්" බව ද හෙතෙම පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ දකුණු කොරියාව මෙම "අනතුරු ඇඟවීම නොතකා සිටීමේ අත්වැරැද්ද" නොකළ යුතු බවය. ට්‍රම්ප්-කිම් හමුව සිදු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය දෙරට අතර ඇති උණුසුම සමනය කිරීම සඳහා මෙවැනි ක්‍රියා කිසිසේත් උපකාරී නොවන බව දකුණු කොරියාව පවසයි. මෙම මිසයිල අත්හදා බැලීම හමුදාමය තර්ජනයක් බව ද ඔවුහූ පැවසුහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි 30 වන දා කිම් ජොන්ග් අන් හමුවීමෙන් අනතුරුව සිදු වූ ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙය වේ. එම හමුව සිදු වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී ය. ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දිය හැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරේ. පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන තිබේ. වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ. බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය. |
නව අග විනිසුරු වරයකු පත් කිරීම, ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහකැරුනු අග විනිසුරු වරිය විසින් අභියෝගයට ලක් කොට තිබේ. | 'ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින් නිල මැදිරියෙන් හා නිල නිවසින් ඉවත්වීමට තීරණය කළෙමි' ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන් පත් කිරීමෙන් අනතුරුව අඟහරුවාදා ප්‍රකාශයක් කරන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පවසා ඇත්තේ තමන් තවමත් ශ්‍රී ලංකාවේ අග විනිසුරු ධුරය හොබවන බවයි. මොහාන් පීරිස් දිව්රුම් දෙයි 'නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මුලික නිදහස පවතින ප්රජාතන්ත්රවාදී ලෙස හඳුන්වන මාගේ රටේ තවමත් නිසි ලෙස පත් කරන ලද නීත්‍යනුකූල අග්රවිනිශ්චයකාරවරිය මම වෙමි,' යනුවෙන් ඇය සිය නිවේදනයේ සඳහන් කොට ඇත. තමන් වරදකාරිය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය 'නීතියට පිටින් ගිය, ශුන්‍ය හා බලරහිත එකක්,' ලෙස හඳුන්වන ආචාර්ය බණ්ඩාරනායක පවසන්නේ 'ඊට නීතිය ඉදිරියේ කිසිදු වලංගු භාවයක් නැති,' බවයි. නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි තමා තව දුරටත් රැඳී සිටියහොත් 'ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති,' බවට අනතුරු අඟවන ආචාර්ය බණ්ඩාරනායක, එහෙයින් නිල නිවසෙන් හා නිල මැදිරියෙන් ඉවත් වීමට තීරණය කළ බවත් වැඩි දුරටත් පවසන්නීය. සිය නිවේදනය ඇය අත්සන් තබා ඇත්තේ 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතලිස් තුන්වන අග්රවිනිශ්චයකාරවරිය' ලෙසින්. සබැඳි තේමා |
කොළඹ සම්බෝධි විහාරය අසල කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සාහයට තමන් වහන්සේ "සම්පූර්ණයෙන්ම විරුද්ධ" බව අස්ගිරි මහා නාහිමියෝ පවසති. | කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇතැයි ජවිපෙ චෝදනා කරයි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකයකු ලෙසින් පත්වුණු මයන්ත දිසානායක උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ. "ඒ ව්‍යාපාරය ඔතන ආරම්භ කළොත් අපිත් පාරට බහිනවා," යනුවෙන්ද මහා නාහිමියෝ පැවසූහ. "පාරට බැහැලා විශාල උද්ඝෝෂණයක් කරනවා ඒ ව්‍යාපාරෙට අත හිත දීල ක්‍රියාකරනු ලබන රජයේ හෝ වේවා, මැති ඇමතිවරු හෝ වේවා ඒ සියලු දෙනාටම විරුද්ධව අපි පාරට බහිනවා." 'දියුණුව සඳහා නොවේ' ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාශ්වාද ව්‍යාපාරයක් වන ක්‍රවුන් සමාගමට ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් සඳහා අවසර දී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සතියේ සනාථ කළේය. ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධිපතිවරයායි. එම ව්‍යාපෘතියට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමිනුයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන ඉහත කී සනාථ කිරීම සිදු කළේ. එම ව්‍යාපෘතිය මගින් රැකියා 2600 ක් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය යාපා පවසයි. කෙසේ නමුත් ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට "අසීමිත බදු නිදහසක්" ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව "සූදු රජා අභියස දනින් වැටී සිටින" ආකාරය පැහැදිලිව පෙනී යන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. මේ අතර,කැසිනෝ ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරන අස්ගිරි මහා නාහිමියන් එය විග්රහ කළේ, අනාගත පරපුර සූදුවට පුරුදු පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින්. "කැසිනෝ ව්‍යාපාරයක් කියන්නේ විශාල සූදුවක් නේ. ඒක ආරම්භ කරන්නේ මේ රටේ මහජනයාගේ දියුණුව සඳහා නෙවෙයි," යනුවෙන්ද උන්වහන්සේ පෙන්වා දෙති. "මේ රටේ තියෙන සල්ලි ටික විදේශීය අය එක්කහු වෙලා ඒ අය කඩාගෙන යන්නයි ඔය ව්‍යාපාරය පටන් ගත්තේ." |
ආරක්ෂක අංශවලට භාර නොවූ සහ අත් අඩංගුවට පත් නොවූ එල්ටීටීඊ සැකකරුවන් 1200 දෙනකු තවමත් සැඟවී සිටින බව ආරක්ෂක අංශ බලධාරීහු පවසති. | එල්ටීටීඊ සැකකරුවන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව ආරක්ෂක අංශ වාර්තාවක් පවසයි උතුරේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාවකයි, ඒ බව සඳහන් වෙන්නේ. ඔවුන්ගෙන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව පවසන එම වාර්තාව අනෙක් පිරිස විදේශගතව සිටින බව ද එම වාර්තාවේ සඳහන්. දැනට සැඟවී සිටින මෙම එල්ටීටීඊ සැකකරුවන් පිරිස වහාම අත් අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය එම වාර්තාව මඟින් අවධාරණය කොට තිබේ. යාපනවාසීන් බූස්ස කඳවුරට මේ අතර, එල්ටීටීඊ සැකරුවන් බව පවසමින් කිලිනොච්චිය සහ යාපනයෙන් අත් අඩංගුවට ගන්නා ලද 44 දෙනකු දකුණු පළාතේ බූස්ස රැඳවුම් කඳවුරට මාරු කොට යවා ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි. මේ පිරිස නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන මෙන් ඔවුන්ගේ ඥාතීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපන දිස්ත්‍රික් නිලධාරී තංගවේල් කනකරාජ් බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් යාපනයේදී අත් අඩංගුවට ගන්නා ලද එම 44 දෙනා තමන් භාරයේ නැති බවයි, පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි පවසන්නේ. මෙම පිරිස සම්බන්ධ පරීක්ෂණ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කාර්යාංශය යටතේ පවතින බව ද ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
දරුවකුගේ මරණය හේතුවෙන් මිනිස් සන්තානයේ ජනිත ශෝකය පිළිබිඹු කෙරෙන සොහොනක් අප්‍රිකාවෙන් සොයාගනු ලැබ ඇත. කෙන්යාවේ ගුහාවක තිබී සොයාගන්නා ලද එම සොහොන අවුරුදු 78,000ක් තරම් පැරණි බව එය සොයාගන්නා ලද පුරා විද්‍යාඥයන්ගේ කාල නිර්ණය වෙයි. | අදාළ පර්යේෂණය සිදුකළ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මධ්‍යම ශිලාතන යුගයට අයත් ගුහාවේ තැන්පත් කර තිබූ සිරුර වයස අවුරුදු තුනක් තරම් වයසැති ළදරුවකුගේය. කැඩී බිඳී විනාශ වී යාමේ අනතුරක් ඇති හෙයින් ඉතා ප්‍රවේශමෙන් සප්ර්ශ කළයුතුව ඇති එම පෞරාණික ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබුණ ආකාරයක් දක්නට ලැබෙන'' බවය. විද්‍යාඥයන් අදාළ දරුවාට නමක් ද තබා ඇත. ඔවුන් විසින් තබන ලද 'එම්ටෝටෝ' (Mtoto) ය. එම නම ස්වාහිලි(Swahili) භාෂාවෙන් ''පැටියා''(KId) යන තේරුම දෙයි. අස්ථි කොටස්වල සැකැස්ම ආරක්ෂා කර ගැනීම සඳහාපුරාවිද්යාඥයන් සොහොන් බිම ප්ලාස්ටර් මගින් ආවරණය කරනු ලැබුණි. ගුහාවක තිබූ සොහොන සොයාගන්නා ලද ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමේ කඩිනම් පියවර වූයේ, වෙන්ව තිබූ අස්ථි කොටස් ආරක්ෂා කර ගැනීමේ සංරක්ෂිත පියවරක් ගනිමින් එම සමස්ත සොහොන ප්ලාස්ටර් මගින් ප්‍රවේශමෙන් ආවරණය කිරීමය. ළමයාගේ අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා සුරක්ෂිතව විද්‍යාගාරයක් කරා රැගෙන යාමට එමගින් විද්‍යාඥයන්ට හැකිවිය. ''එය අඳුරු සෙවනැල්ලක් කැණීමකට සමාන ක්‍රියාවක්'' සත්ත්ව පරිණාමය පිළිබඳ ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ කෞතුකාගාරයේ අධ්යක්ෂ මරියා මාටිනෝන් ටොරේස් (María Martinón-Torres) ප්‍රකාශ කළාය. ''අපි අදාළ කාර්යය එම ස්ථානයෙන් තවත් පෙරට අරගෙන යනකොට අපේ දෑත්වලින් අපි ගෙනයමින් සිටින්නේ දරුවෙක් කියල අපි දැනගෙන හිටියේ නැහැ'' බීබීසී විද්‍යා වැඩසටහන සමඟ සාකච්ඡාවකට එක්වූ මරියා සඳහන් කළාය. සිරුරේ දත් පරීක්ෂාකරන විට එය වයස අවුරුදු දෙකත් - තුනත් අතර දරුවකුගේ බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. ස්කෑන් පරීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ දරුවාගේ සිරුර කළලයක හැඩයෙන් තැන්පත්කර තිබූ බවය. අස්ථි කොටස් එහාමෙහා වී තිබූ ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ සිරුර තදින් ඔතා තිබූ බවකි. එසේම මළසිරුරේ හිස ශාක පත්‍රවලින් පිළියෙළ කරන ලද කොට්ටයක් වැනි යමක් මත සතපා ඇති අතර එය මේවනවිට දිරාපත්ව ගොසිනි. 'එම්ටෝටෝ'ගේ සිරුර මිහිදන් කරනුන් ලැබ තිබෙන්නේ මෙයින් වසර 78,000කට පෙර ඔහු අයත් ප්‍රජාව වාසය කළ ගුහාවකය ''ශාක පත්‍රවලින් හෝ සත්ත්ව හම්වලින් දරුවාගේ මළසිරුර ඔතා තියෙන්නට ඇති කියල අපි හිතනවා. ඒ විධියට තමයි දරුවා අන්තිම නින්දේ සතපවල තියෙන්නේ'' මරියා මාටිනෝන් ටොරේස්(María Martinón-Torres) පැවසුවාය. ''මියගිය දරුවා සම්බන්ධයෙන් ඔහු අයත් මානව කණ්ඩායම තුළ එතරම් ආදරණීය බවක් පළවූ බවක් සැබැවින්ම එමගින් ප්‍රදර්ශනය කෙරෙනවා'' අස්ථි කොටස් වැඩිදුරටත් පරීක්ෂා කළ විද්‍යාඥයන් ඒවායේ හැඩය අනුව නිගමනය කරනු ලැබ තිබෙන්නේ 'එම්ටෝටෝ' පිරිමි දරුවකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය. ''දරුවාගේ සිරුර වලදමා තියෙන්නේ ගුහාවක. එය මිනිස්සු ජීවත්වෙච්ච ස්ථානයක්'' මහාචාර්ය මරියා මාටිනෝන් ටොරේස් පවසන්නීය. ''සියලු හැසිරීම් රටාවන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ කණගාටුව වෙන්න පුළුවන්, දරුවාට යන්න නොදෙන ආකල්පයක් වෙන්න පුළුවන්'' අප්‍රිකාව නූතන මානව පරිණාමයේ තොටිල්ල ලෙස සැලකෙයි. එසේවුවද,සාමූහිකව ජීවත් වූ ප්‍රජාව විසින් මුලින්ම භාවිත කර ඇති උපකරණ පිළිබඳ සාක්ෂි අනුව විද්‍යාඥයන් නිගමනය කරන්නේ මළසිරුරු වලදමනු ලැබීම එම අප්‍රිකානු මානව පරිමාණයේ අනාවරණය නොවූ වැදගත් කාර්යයක් වන බවය. ''අප්‍රිකාවෙන් හමු වූ ඊළඟ පැරණිම සොහොන අවුරුදු 74,000ක් පැරැණි එකක්'' යැයි ලන්ඩන් නගරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ලුවිස් හම්ප්‍රි (Dr Louise Humphrey) පැහැදිළි කරයි. ''මෙහි සිත්ගන්නා සුලු කරුණ මෙයයි. එම සොහොනත් දරුවකුට අයත් වූවක් වීම. නමුත් ඒ ගැන අපි වැඩිපුර කරුණු දන්නේ නැහැ. මොකද? එම කැණීම දුර්වල මට්ටමින් සිදුකරලා තියෙන්නේ මෙයින් අවුරුදු පනහකට පෙර'' ''මෙතැන නියත ලෙසම පුද්ගල අහිමිවීමක හැඟීමක් තියෙනව'' ආචාර්ය ලුවිස් හම්ප්‍රි වැඩිදුරටත් සඳහන් කළාය. ''මෙය තමන් අවට ලෝකය පිළිබඳ වඩාත් සංකේතාත්මක නිරූපණයක් තිබුණ මිනිසුන් පිළිබඳ සාක්ෂියක්'' (බීබීසී විද්‍යා තොරතුරු අංශයේ වික්ටෝරියා ගිල් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි) කියවන්න; |
බීබීසී සංදේශය ඔස්සේ ගුවන් ගන්නා විදෙස් පුවත් සහ ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂණ වෙනුවෙන් විශේෂ වෙබ් පිටුවක් ආරම්භ කොට තිබේ. | මුල්පිටුව ශ්‍රී ලංකාවේ පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම නව පිටුව ඇරඹීමේ අරමුණයි සංදේශයේ මුල් පිටුව ශ්‍රී ලංකාවේ නැවුම් පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම එහි අරමුණයි. සංදේශයේ ජාත්‍යන්තර පුවත් කියවීම පිණිස පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/world/ අගෝස්තු පළමු වැනිදා සිට සිරස ගුවන් විදුලිය ඔස්සේ රාත්‍රී 10:10 ට ගුවන් ගන්නා විශේෂ පුවත් විකාශයටත් දැන් ඔබට දවසේ පැය විසිහතර පුරාම සංදේශය වෙබ් අඩවිය ඔස්සේත් සවන්දිය හැකියි. පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/000001_fm_new_bulletin.shtml සංදේශයෙන් ගුවන් ගත වන වැඩසටහන් සහ බීබීසී සිංහල වෙබ් අඩවියේ පලවන වාර්තා පිළිබඳව ඔබේ අදහස් දැන්වීම පිණිස පිවිසෙන්න අපේ ෆේස්බුක් අඩවියට: https://www.facebook.com/BBCSinhala |
චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක් පිළිබදව ප්‍රබල සංවාදයක් මතු වී තිබේ. | වැරදි පිළිතුර දුන් සිසුන්ගේ අවසාන ලකුණුවලින් 41 ක් අඩු කිරීමට කටයුතු කර ඇත ශිෂ්‍යයන්ට සිය ගුරුවරයා හඳුනා ගත හැකිද? යන්න එම අසාමාන්‍ය ප්‍රශ්නයය. 'චයිනා යූත් ඩේලි' (China Youth Daily) පුවත්පත වාර්තා කරන පරිදි, 'සංස්කෘතික සහ සන්නිවේදනය පිළිබඳ සිෂුආන් වෘත්තීය අධ්‍යාපන ආයතනයේ' (Sichuan Vocational College of Culture and Communication) අවසාන විභාගය අතරතුර පුද්ගලයන් හත් දෙනෙකුගේ ඡායාරූප සිසුන් අතර බෙදා හැර තිබේ. එම ඡායාරූප අතරින් සිය ගුරුවරයා හඳුනාගෙන ඔහු හෝ ඇයගේ නම අදාළ ඡායාරූපය යටින් සඳහන් කරන මෙන් සිසුන්ගෙන් ඉල්ලා තිබිණ. නිවැරදි පිළිතුර දුන් සිසුන්ට අමතර ලකුණු නොලැබුන ද, වැරදි පිළිතුර දුන් සිසුන්ගේ ලකුණුවලින් ලකුණු 41 ක් අඩු කර තිබේ. සිසුවෙකුගේ අවසාන ලකුණු ප්‍රතිශතයට මෙම හඳුනාගැනීමේ පරීක්ෂණයෙන් 30% ක ප්‍රමාණයක් එකතු වන බව 'චයිනා ඩේලි' (China Daily) පුවත්පත වාර්තා කර තිබේ. එම විද්‍යාලයේ ගුරුවරයෙකු වන හු ටෙන්ග් (Hu Teng) බෙයිජිං හි බීටයිම් (BTime) මාධ්‍ය ආයතනය වෙත පවසා සිටියේ එවැනි ප්‍රශ්නයක් විභාගයට ඇතුළත් කරන ලද පළමු අවස්ථාව මෙය බවය. "මෙහි මූලික අරමුණ වුණේ ඉගෙන ගැනීම ගැන සිසුන්ගේ සාමාන්‍ය මතය දැනගැනීමයි" ඔහු ප්‍රකාශ කර සිටියේය. "අපිට ඕන වුණේ සිසුන් පංතියේදී හොඳින් වැඩ කර ඇත්ද බලන්න....සහ ඔවුන් සියලු දේ ගැන අවධානය යොමු කර ඇත්දැයි බලන්න," හු ටෙන්ග් පැවසුවේය. "ඔවුන්ට තම ගුරුවරයාගේ නමවත් මතක නැත්නම්, පැහැදිළිවම ඔවුන්ට විෂය මාලාව ගැන උනන්දුවක් නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබඳව චීන සමාජ ජාල තුළ ද සංවාදයක් මතු වී තිබේ. ඇතැමුන් එය අනවශ්‍ය දෙයක් ලෙස අදහස් දක්වා තිබුනත්, විද්‍යාලයේ මෙම තීරණයට පක්ෂව බොහෝ මත ඉදිරිපත් වී තිබේ. "පුද්ගලයෙකුගේ නම මතකයේ තබා ගැනීම ගෞරව කිරීමක්," යන්න එක් අයෙකුගේ මතය වී තිබේ. "සිසුන් පංතියේ සිටියේ නැත්නම් සැබවින්ම ඔවුන්ට තම ගුරුවරයාගේ නම මතක හිටින්නේ නැහැ. ඒක නිසා මෙය ඉතා හොඳ ප්‍රශ්නයක්," තවත් අයෙක් පවසා ඇත. දේශන මග හරින සිසුන්ගේ ප්රශ්නය විසඳීම පිණිස චීනයේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ද බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබුණි. පසුගිය ඔක්තෝබර් මාසයේ චීන විශ්වවිද්‍යාලයක් 'මුහුණ හඳුනාගැනීමේ පද්ධතියක්' (facial recognition system) පංති කාමරවල සවි කිරීම එවැනි එක් උත්සාහයකි. මේ තොරතුරුද දැනගන්න: |
යුද්ධයේ අවසාන භාගයේදී අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක් පවත්වති. | සංරක්ෂිත ඡායාරූපයක් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායිකා පී.ජෙයවනිතා එහිදී කියා සිටියේ සිය ඥාතීන් යුද්ධයෙන් අතුරුදහන් වූවන් ලෙස හැඳින්විය නොහැකි බවයි. යුද්ධයේ අවසන් දින කීපය තුළදී වන්නියේ දෙමළ ජනතාව මුලතිවු පළාතට කොටු වී සිටි අවස්ථාවේදී යුද හමුදාව විසින් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූ බවත් තවත් පිරිසක් යුද හමුදාවේ ඉල්ලීම මත බාර වූ බවත් ඇය කියා සිටින්නීය. කෙසේ වෙතත් ඇසින් දුටු සාක්කි සහිතව අත් අඩංගුවට පත් වූ හා බාර වූ පිරිස මේ දක්වා සිය නිවෙස්වලට නොපැමිණි හෙයින් වහාම ඔවුන් සොයාදෙන ලෙස විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති. වවුනියාවේ පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස කියා සිටියේ හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ විසින් තම දරුවන් අත් අඩංගුවට ගත් අයුරු තමන් දුටු බවයි. 'ඇසින් දුටුවෝ' නම් ගම් සහිතව හමුදාවට බාර දුන් තම ඥාතීන් මෙතෙක් සිටින ස්ථානයක් නොදන්නා බවද තවත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් කියා සිටියහ. වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ ඉතා හොදින් දන්නා බවත්, වත්මන් රජය බලයට පත් කිරීමට දෙමළ වැසියන් ඉදිරිපත් වූයේ මෙම ගැටළුවලට විසඳුම් සොයා ගැනීම පිණිස යැයිද උද්ඝෝෂණයට සම්බන්ධ වූවෝ පැවසූහ. වවුනියාවේ මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණේ යුද්ධයේ අවසන් දින කීපය ඇතුළත නම්ගම් හා සාක්ෂි සහිතව යුද හමුදාවට බාර දුන් දෙමළ තරුණයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිවු අධිකරණයේ නඩු දාහතරක් ගොණු කොට ඇති අතරතුරයි. හිතාමතාම හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයින් වහාම සොයා දෙන ලෙස ඉහත කී නඩු වලින් ඉල්ලා ඇත. |
පසුගිය සඳුදා රාත්‍රියේ බර්ලින් නගරයේ කඩවීදියකට ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරු අනීස් අම්රි මිලාන් නගරයේදී පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි. | අනීස් අම්රි සිය සංවිධානයට පක්ෂපාතිත්වය දක්වන බවට ප්‍රතිඥා දෙන වීඩියෝවක් අයිඑස් සංවිධානය නිකුත් කර තිබේ සිකුරාදා උදෑසන මිලාන් නගරයේ සෙස්තෝ සන් ජියෝවානි ප්‍රදේශයේදී පොලිසිය ඔහුගෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පොලිසියට වෙඩි තැබූ බව පවසන අමාත්‍ය මාර්කෝ මිනිති, වෙඩි තබා මරා දමනු ලැබුවේ අනීස් අම්රි බවට 'අංශුමාත්‍රයක හෝ සැකයක් නොමැති' බවත් සඳහන් කළේය. සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ. සැකකරුට වෙඩි තබා මරා දැමූ ස්ථානය 12 දෙනකු මරා දමමින් සහ 49 දෙනකුට තුවාල සිදුකරමින් කඩවීදියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ජර්මනියේ පොලිසිය සීරුවෙන් තබා තිබිණ. ටියුනීසියානු ජාතික සැකකරු, අනීස් අම්රි ගේ ඇඟිලි සලකුණු ට්‍රක් රථයේ තිබී සොයාගන්නා ලද බව ජර්මනියේ පොලිසිය තහවුරු කළේය. ඉතාලියේ අන්සා පුවත් සේවය වාර්තා කරන පරිදි, ප්‍රංශයේ සිට ටියුරින් නුවර දක්වා දුම්රිය ගමන් කර තිබෙන අනීස් අම්රි, ඉන් අනතුරුව වෙනත් දුම්රියකින් මිලාන් නගරයට පැමිණ තිබේ. මේ අතර තවත් ප්‍රහාරයක් සැලසුම් කිරීමේ සැකය පිට ජරමනියේ ඔබර්හවුසන් නගරයේදී දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. |
ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති අතර උපත් පාලන කොපු (condom) භාවිතයේ අඩුවක් පෙන්වීම එය පැතිර යාමට රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. | එම සංවිධානය අනතුරු අඟවමින් පෙන්වාදෙන්නේ යම් අයෙකුට ගොනෝරියා වැළඳුනහොත් දැන් ඊට ප්‍රතිකාර කිරීම අසීරුවන අතරම ඇතැම්විට ප්‍රතිකාර කළ නොහැකි බවය. ලිංගික සබදතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි. මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට පවතින්නේ 'එතරම් සතුටුදායක නොවන' තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 77 ක් ආශ්රයෙන් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙන්නේ ගොනෝරියා ප්රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීම පුළුල්ව පැතිර ඇති බවය. ජපානය, ප්‍රංශය සහ ස්පාඤඤය යන රටවලින් වාර්තාවූ රෝග තත්ත්ව තුනකින් පෙන්වාදී තිබෙන්නේ ඒවා සම්පුර්ණයෙන් ම සුවකළ නොහැකි තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය තියඩෝරා වි සඳහන් කළාය. "ගොනෝරියා ඉතාමත් තීක්ෂණ රෝග බීජයක්. ඊට ප්‍රතිකාර සඳහා අලුත් වර්ගයේ ප්‍රතිජීවකයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම එම රෝග බීජය ප්‍රතිරෝධය දක්වන තත්ත්වයට පත්වෙනවා." යැයි ඇය කියා සිටියාය. අති බහුතර ගොනෝරියා ආසාදන වාර්තාවන්නේ දුගී රටවලින් වන අතර එහි ප්‍රතිරෝධය හඳුනාගැනීම ඉතා අසීරු වී ඇති බව සඳහන් කරන වෛද්‍ය තියඩෝරා පෙන්වා දුන්නේ "මේ සිදුවීම් ඇතැම්විට පාවෙන විශාල අයිස් කුට්ටියක (iceburg) මතුපිටට පෙනෙන ප්‍රමාණය වැනි විය හැකියි" යනුවෙනි. මුඛ සංසර්ගය ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකි අතර මෙයින් වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ උගුර සම්බන්ධ තත්ත්වය වේ. වෛද්‍ය තියඩෝරා වි පෙන්වා දෙන ආකාරයට ගොනෝරියාවලට නෑකම් දක්වන බැක්ටීරයාද ඇතුළුව උගුර පසුපස ඇති බැක්ටීරියා ප්රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වර්ධනයක් පෙන්විය හැකි බවය. "සාමාන්‍ය උගුරේ ආසාදනයකට භාවිත කරන ආකාරයේ ප්‍රතිජීවක දෙන විට එය ඔබේ උගුරේ ඇති නීසේරියා (Neisseria) විශේෂය හා මිශ්රවීමේ ප්‍රතිඵලය වන්නේ ප්‍රතිරෝධයක් ඇතිකිරීමයි" ඇය සඳහන් කළාය. මුඛ සංසර්ගය මගින් උගුරට ඇතුළුවන ගොනෝරියා බැක්ටීරියාව, එතුළ ඇති පරිසරය හේතුවෙන් එය සුපිරි - ගොනෝරියාවක් බවට පත්වේ. ගොනෝරියා යනු : ප්‍රතිජීවක ප්‍රතිරෝධී ගොනෝරියා සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස රටවලින් ඉල්ලා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය, නව ඖෂධ වෙනුවෙන් ආයෝජනය කරන ලෙසද ඉල්ලා සිටී. "එතරම් සතුටුදායක නැහැ" යැයි පවසන ගෝලීය ප්‍රතිජීවක පර්යේෂණ හවුල්කාරීත්වයේ වෛද්‍ය මනිකා බාලසේකරම්, "ඖෂධ සංවර්ධන ක්‍රියාවලිය තුළ බලාපොරොත්තු තැබිය හැකි ඖෂධ තුනක් තිබුනත් එය ද ප්රතිඵලදායී වෙතැයි සහතික වෙන්නට බැහැ" යැයි පවසන්නීය. කෙසේවෙතත්, ගොනෝරියා නැවැත්වීමට එන්නත් අවශ්‍ය වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මේ පිළිබඳව අදහස් දක්වන ලන්ඩනයේ සනීපාරක්ෂාව හා නිවර්තන වෛද්‍ය ශාස්ත්‍ර පිළිබඳ විද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ස්ටෙබ්ලර්, " වඩා විශ්වාසදායී හා ඉක්මන් ප්‍රතිකර්මයක් ලෙස පෙනිසිලින් හඳුන්වාදුන් තැන සිට නම්දැරුවත්, සෑම චිකිත්සීය ප්‍රතිජීවකයක් සඳහාම ගොනෝරියා ප්‍රතිරෝධයක් වර්ධනය කරමින් සිටිනවා" යැයි පැවසීය. "ලොවපුරා වාර්තාවන ප්‍රතිරෝධය ඉහළ යාමේ ප්‍රමාණය සැළකිල්ලට ගෙන, පසුගිය වසර 15 තුළදී තුන් වතාවක් චිකිත්සාව වෙනස් කරන්නට සිදුවුණා" "අවසාන ප්රතිකර්මය හැටියට ඇති ඖෂධ, භාවිතයට ගැනෙන අවස්ථාවකටයි අප පැමිණ සිටින්නේ" යැයි මහාචාර්යවරයා පැවසීය. ශ්‍රී ලංකාවෙත් 'ප්‍රතිරෝධී' අවස්ථා ගොනෝරියා සඳහා භාවිත කෙරෙන ප්‍රතිජීවක, ප්‍රතිරෝධී තත්ත්වයක් පෙන්වීමේ අවස්ථා මීට ඉහතදී වාර්තා වී ඇත. "මෙම ප්‍රතිජීවකය යම් ප්‍රතිරෝධී තතත්වයක් දක්වන බව පෙනෙන්නට ලැබුණු පසු 2016 වසරේ මුල් කාලය තුළදී එය වෙනස් කළා." යැයි පැවසු ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ, "ප්‍රතිජීවක වෙනස් කිරීමෙන් පසු එවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නැහැ" යනුවෙන් සඳහන් කළේය. කෙසේවෙතත් ගොනෝරියා නිශ්චය කරගැනීම සඳහා කෙරෙන ABST පරීක්ෂණය ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් ඒකකයේදී මෙන්ම කළුබෝවිල රෝහලේදී සහ රාගම රෝහලේදී කරගත හැකි බව අධ්යක්ෂවරයා පැවසීය. ගොනෝරියා : ශ්‍රී ලංකාවේ තත්ත්වය පසුගිය වසරේ (2016) ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලිංගිකව සම්ප්‍රේෂණය වූ ආසාදනවලින් 3% ක් ගොනෝරියා වේ. එනම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් 9,129 දෙනා අතරින් 301 දෙනෙකුට ගොනෝරියා වැළදී තිබිණි. මේ අතරින් 235 දෙනෙකුම පුරුෂයින් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන 2016 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වේ. |
මේ දිනවල නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය . | විශේෂයෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය. සිය දේශනයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි ද සඳහන් කළේය. ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය ජනාධිපති ට්‍රම්ප් ගේ දේශනය, ඔහුගේ විවේචනයට ලක් වූ රටවල හෙළා දැකීමට ලක් වී තිබෙන අතර, වෙනත් රටවල් ද එය දැඩි විවේචනයට ලක් කර තිබේ. ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) පවසන්නේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බව සඳහන් කළේය. උතුරු කොරියාව විනාශ කරන බවට කළ තර්ජනය සහ සිය නායකයා සමච්චලයට ලක් කිරීම පිළිබඳව උතුරු කොරියාව තවමත් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත. සිය රටවැසියන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසා ක්‍රියා කරන ස්වෛරී රාජ්‍යවලින් සමන්විත ලෝකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළ නමුත් ඔහු "චෞර රාජ්‍යයන්" ලෙසින් විග්රහ කළ රටවල් "වර්තමානයේ අපේ ග්‍රහලෝකයට වසංගතයක්" බවට පත්වී ඇතැයි පවසමින් එම රටවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය දේශනයෙන් වැඩි කාලය ගත කළේය. විශේෂයෙන්ම උතුරු කොරියාව "විනාශ කරන" බවට ඔහු සඳහන් කළ අවස්ථාවේ සභාවේ සිටි එක් පුද්ගලයෙක් සිය මුහුණ දෑතින් වසාගත් අතර, ඇසෙන තරම් උස් හඬින් මුමුණමින් බොහෝ දෙනා එයට ප්‍රතිචාරය පළකරනු දක්නට ලැබුණු බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 'වැරදි දේශනයක්' "ඒක වැරදි වෙලාවක, වැරදි කණ්ඩාමක් වෙනුවෙන් කරපු වැරදි දේශනයක්," යනුවෙන් ස්වීඩනයේ විදේශ අමාත්‍ය මාගොට් වොල්ස්ට්රොම් බීබීසී යට පැවසීය. ඉරානය "ප්රජාතන්ත්රවාදයේ කඩතිරාවෙන් වසාගත් දූෂිත ආඥාදායකත්වයක්" ලෙසින් විග්රහ කළ ජනාධිපති ට්‍රම්ප්, එරට "ප්‍රධානම අපනයන ප්රචණ්ඩත්වය, ලේ වැගිරීම සහ අවුල් වියවුල්" බව ද සඳහන් කළේය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම පිළිබඳව ප්‍රසාදය පළ කළේය වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව "සමාජවාදී ආඥාදායකත්වයක්" ලෙසින් හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය. අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය වෙනිසුවෙලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරියේසා (Jorge Arreaza) විග්රහ කළේ සිය රටට එරෙහිව එල්ල කළ "තර්ජනයක්" ලෙසිනි. 'බරපතල අත්වැරදීමක්' "ට්‍රම්ප් කියන්නේ ලෝකේ ජනාධිපතිවරයා නෙවෙයි. එයාට එයාගේ ආණ්ඩුවවත් පාලනය කරගන්න බැරිව ඉන්නේ," ඔහු පැවසීය. ඒ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන බොලිවියාවේ ජනාධිපති එවෝ මොරාලෙස්, "ට්‍රම්ප් වැනි කෝටිපතියෙක් සමාජවාදයට ප්‍රහාර එල්ල කිරීම ගැන පුදුම නොවන" බව පවසයි. "සදාකාලිකව අපේ අරගලය ප්‍රායෝගික සහ මතවාදී වූවකි," යනුවෙන් ද ජනාධිපති මොරාලෙස් ගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. සිය රට විනාශ කරන බවට කළ තර්ජනය සහ සිය නායකයා සමච්චලයට ලක් කිරීම පිළිබඳව උතුරු කොරියාව තවමත් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත මේ අතර මහා මණ්ඩල සැසිවාරය අමතා අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම පිළිබඳව ප්‍රසාදය පළ කළේය. "එය හෙළා දැකීම බරපතල අත්වැරදීමකි," ඔහු පැවසීය. කෙසේ වුවත් සිය දේශනය අතරවාරයේ ඊශ්‍රායලයේ අගමැති බෙන්යමින් නෙතනියාහු ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරයට සහාය පළ කළේය. ඉරානය සමග අත්සන් තැබූ ගිවිසුම සංශෝධනය කළ යුතු හෝ අවලංගු කළ යුතු බව ඊශ්‍රායල අගමැතිවරයාගේ අදහස විය. දැනට නිව්යෝක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේශනයෙන් අනතුරුව අඟහරුවාදා මහා මණ්ඩල සැසිවාරය අමතා අදහස් පළ කළේය. |
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ. | මිලියන 20 ක පමණ අයිතමයන්ගේ එකතුවක් පැවති එම කෞතුකාගාරයේ ගින්න මැඩලීම සඳහා ගිනි නිවන භටයෝ වෙහෙස දැරුහ. මෙහිදී කිසිවකුට තුවාල සිදුවී ඇති බවක් වාර්තා නොවේ. අතීතයේ පෘතුගාල රාජකීය පවුලේ නිවාසය වූ මේ ගොඩනැගිල්ලේ 200 වෙනි සංවත්සරය 2018 වසර මුලදී සැමරිණි. ගින්න නිසා සිදුවී ඇති හානිය කොතෙක්දැයි මෙතෙක් පැහැදිලි නැත. "වසර 200 ක ක්‍රියාකාරකම්, පර්යේෂණ හා දැනුම අහිමි වූ" මෙදින "සියලු බ්‍රසීලියානුවන්ට කනගාටුදායක දිනයක්" බව ජනාධිපති මිචෙල් ටෙමර් (Michel Temer) ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය. බ්‍රසීලයේ TV Globo නම් රූපවාහිනිය සමග අදහස් පළ කළ කෞතුකාගාරයේ අධ්යක්ෂවරයා කියා සිටියේ මෙය "සංස්කෘතික විපත්තියක්" බවය. කෞතුකාගාරය තුළ බ්‍රසීල මෙන්ම ඊජිප්තු පුරාවස්තු ද ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව එහි වෙබ් අඩවියේ දැක්වේ. එහි වූ ස්වභාවික ඓතිහාසික දේ අතරට ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000 ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද විණි. එය ඇමරිකානු කලාපයෙන් හමුවූ පැරණිතම මානව අස්ථි ද වේ. මෙම ආයතනයට සැපයුණු ප්‍රතිපාදන කපා හැරීම මෙන්ම, ගොඩනැගිල්ල අභාවයට යමින් පැවති තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවකයින් සිය අවධානය යොමු කර තිබු බව මීට පෙර වාර්තා විය. 1818 දී මෙම ආයතනය ආරම්භ කෙරුණේ විශේෂඥයින් හට එහි වූ එකතුව පරිශීලනයට ඉඩ හැර විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය. මේ තොරතුරු දැනගන්න: |
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර උණුසුම් මත ගැටුමකට හේතු වී තිබේ. | විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම කෙලින්ම මාධ්‍යවලට හෙළි කිරීම මගින් පාවාදීමක් කළැයි තමන් මහේල ජයවර්ධනට හෝ කුමාර් සංගක්කාරට චෝදනා නොකළ බව ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසයි. මහේල වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා එහි ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කණගාටුවට පත් වන බවයි, ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ. සමු ගැනීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැවති මාධ්‍ය හමුවක දී මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ, තමා සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස තරඟ වලින් සමු ගන්නා බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී සඳහන් කළා විනා, එය සැලසුම් සහගතව සිදු කරන ලද දෙයක් නොවන බවයි. එහෙත් සිය අදහස් විමසීමක් නො කොට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුංග සහ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් තමා විවේචනය කරනු ලැබීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි, මහේල ජයවර්ධන කියා සිටියේ. මෙම අර්බුදය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ, කරුණු නිවැරදි කර ගනු ලැබීමෙන් තොරව, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු විසින් පාලක මණ්ඩලයේ ලේකම්වරයා පදනම් විරහිතව විවේචනයට ලක් කරනු ලැබීම කණගාටුවට කරුණක් වන බවයි. |
රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නාය යාම්වලට හසු වූ 91 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර තවත් 110 දෙනෙකු අතුරුදහන්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. | සුන් බුන් අතර සිර වී තිබෙන මළ සිරුරු සොයමින් අයහපත් කාලගුණය හේතුවෙන් 53,000 ක පිරිසක් අවතැන් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට පැවසීය. මේ වනවිට පවුල් 2811 ට අයත් 7856 දෙනෙකුට අයහපත් කාලගුණ තත්ත්වය බලපා තිබෙන බවත් බලධාරීහු පවසති. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙන අතර, මියගිය, අවතැන් වූ සහ හානියට පත් නිවාස සහ දේපල සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම පවා අපහසුව තිබෙන බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම බීබීසී සිංහල සේවයට පැවසීය. ගංවතුරෙන් යට වුණු රත්නපුර නගරය නිවිතිගල, කලවාන සහ ඇහැලියගොඩ ප්‍රදේශවල නායයාම් හේතුවෙන් මරණ වාර්තා වී ඇති අතර නිවාස තිහකට ආසන්න සංඛ්‍යාවක් නායයාම් නිසා හානියට පත්ව තිබේ. අවතැන් වූ පිරිස් සඳහා සහන සැලසීමේ දී පවතින අයහපත් කාලගුණ තත්ත්වය එයට ප්‍රබල බාධාවක් බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වර්ෂාපතනය ද වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රිකයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සිකුරාදා (මැයි 26) දහවල් 12.00 වනවිට කළු ගඟේ ජල මට්ටම මීටර් දහය ඉක්ම වූ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ එස්එච් මුදිත මංජුල පැවසීය. ජල ගැලීම් ගුවනින් දුටු ආකාරය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගය ද, වෙනත් අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. ජලයෙන් යටවූ ඇතැම් නිවාස වල කොටු වූ ජනයා නිවාසවල වහල මත නැගී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය. කොටු වූ සහ අනාරක්ෂිත පුද්ගලයන් පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා ආධාර ඉල්ලා ඇතත් ඔවුන්ට පිහිට වීමට ප්‍රමාණවත් නිලධාරීන් සහ බෝට්ටු ආදී පහසුකම් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. කළුතර සහ ගාල්ල කළුතර දිස්ත්‍රික්කයේ නවදෙනෙකු මියගොස් ඇති අතර, මේ වනවිට දොළොස් දෙනෙක් අතුරුදහන්ව සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් නවයකට අයත් 36 දෙනෙකු ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ආපදාවට ලක් වී සිටිති. මරණ සංඛ්‍යාව අඩු වුවත් ගංවතුර සහ නාය යාම් වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්රික්කයේය. කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම් පවුල් 1866 කට අයත් 7157 දෙනෙකුට අයහපත් කාලගුණ තත්වය බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඉදිරි පැය 24 ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, උඩුගම සහ ඇල්පිටිය ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. රට පුරා සියලු ප්‍රදේශවල නිවාස ඇතුළු දේපොළ හානි සහ කොතරම් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් සවිස්තර වාර්තා ලැබී නැත. අගලවත්ත, වෙයන්ගල්ලේ ගංවතුර මේ අතර මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවදානම් සහිත ස්ථානවල විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් පවුල් 1889 ක් අවතැන් වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවුඑච් කරුණාරත්න පවසයි. එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු පාසල් වෑන් රථයෙන් බැස නිවසට යමින් සිටිය දී ජල ගැල්මට හසු වී මිය ගොස් ඇති අතර ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී මියගොස් තිබේ. ජල ගැල්මට හසුවූ නිවාස 87 කට පුර්ණ හානි සිදු වී තිබෙන බවත් ජලයෙන් යටවූ අනෙක් නිවාස පිළිබඳව සංගණනයක් සිදුකරන බවත් හම්බන්තොට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. හම්බන්තොට ගංවතුර නොකඩවා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් කැකිරිඕබඩ ජලාශයේ ජලය පිටකිරීම සිදුවන බැවින් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඕබඩ යන ග්‍රාම නිලධාරි වසම් හතරක වෙසෙන ජනතාවට එම ප්‍රදේශයන්ගෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බවද ඔහු පැවසීය. කටුවන ඌරුබොකු ඔයේ ජල මට්ටම වැඩි වීම හේතුවෙන් කටුවන නගරයේ නිවාස සහ වෙළෙඳ සල් කීපයක් ජලයෙන් යටවී විශාල දේපල හානියක් සිදු වී තිබේ. 'මහා ගංවතුර තත්වයක්' සිංහරාජය, නෙළුව, තවලම, හිනිදුම, මොරවක, ගාල්ල, මාතර, රත්නපුරය සහ කෑගල්ල ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, පොල්අතුමෝදර, බෙන්තර ගඟ, මාදු ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ පිටාර ගලා තිබේ. ඒ අතරින් නිල්වලා ගඟ, ගිං ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැළණි ගඟ මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. විපතට පත්වූවන් බේරාගැනීම පිණිස ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හතරක් සහ නාවික හමුදාවේ ඩිංගි බෝට්ටු 21ක් යොදවා ඇති අතර, යුද හමුදා සෙබළුන් 300ක් ද එයට එක්ව සිටින බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටී. ගංවතුර වැඩිම පිරිසකට බලපා තිබෙන්නේ ගාල්ල දිස්ත්රික්කයේය දිවා කාලයේ වර්ෂාව තරමක් අඩු වුවත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පලාත්වල සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදු තීරයේ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ. කැළණි ගඟේ ජල මට්ටමත් වේගයෙන් ඉහළ යමින් පවතින අතර වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්ව යන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකාව මීට ඉහතදී මෙවැනි ගංවතුරකට මුහුණ දුන්නේ 2003 දී බව වාර්තාකරුවෝ පවසති. |
ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දැඩි විවේචනයට ලක් කරයි. | මෙය 'කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී අය වැයක්' බව මන්ත්‍රීවරයා පවසයි කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අය වැය යෝජනා විග්රහ කළේ "කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී" අයවැයක් ලෙසින්. රජයේ සේවකයන්ට ලබා දුන් ජිවන වියදම් දීමනාව, නව බදු පනවමින් ජනතාවගෙන් උදුරා ගන්නා බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. කෙසේ නමුත් අය වැය පරතරය අඩු කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අගය කිරීම විශේෂත්වයක්. 'ආර්ථික වැඩපිළිවෙලක් නෑ' 'රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට' ආණ්ඩුවට දිගු කාලීන ආර්ථික වැඩපිළිවලක් හෝ ජනතාව මුහුණ දෙන ගැටළු වලට කෙටි කාලීනව විසඳුම් සෙවීමට හැකියාවක්ද නොමැති බව අය වැයෙන් පෙන්නුම් කෙරෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණ මේ අතර පවසන්නේ. රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට බව මෙන්ම අය වැයෙන් ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක නොවන බවත් මේ වන විට ජනතාව වටහා ගෙන ඇති බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. එහෙත් විපක්ෂයේ එම චෝදනා බැහැර කරන වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර පවසන්නේ රුපියල් 10,000 ක පඩි වැඩි වීමක් කිසිදු රජයකට ලබාදිය නොහැකි බවයි. මේ අතර 20%ක්ව පැවති වාහන ක්ෂය වීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති ඉන්දික සම්පත් කියා සිටියේ ඒ මගින් වාසි සැලසෙන්නේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන් අතලොස්සකට පමණක් බවයි. |
විල්පත්තු රක්ෂිතයේ හෝ ඒ අවට වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවන බව විල්පත්තුවේ සංචාරයක යෙදුනු සිවිල් ක්‍රියාධරයන් පිරිසක් පවසති. | එහෙත් සිවිල් ක්‍රියාධරයන්ගේ එම ප්‍රකාශය, කරුණු නිසි ලෙස වටහා නොගෙන සිදුකරන්නක් බවට පරිසරවේදීහු චෝදනා කරති. වනාන්තර හෙළිකරමින් මුස්ලිම් ජනතාව පදිංචිවෙමින් සිටින එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශය, කොට්ටච්චි, සීලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ තමන්ට දැකගැනීමට ලැබුන බව සංචාරයෙන් අනතුරුව සංදේශය සමග දහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය සඳහන් කළේය. "විල්පත්තු වනයට අදාළ, ප්‍රදේශයට අදාළ කිසිම වන විනාශයක් මේ කියන ජනතාව නැවත පදිංචි කිරීම්වලදී සිදුවෙලා නෑ," ඔහු පැවසීය. "හැබැයි ජනතාව නැවත පදිංචි කරලා තියෙනවා, ඔවුන්ගේ පළමු ගම්බිම්වල. මේ ජනතාව මුස්ලිම්, දෙමළ සහ සිංහල. මේ කණ්ඩායම් තුනේම පාරම්පරික ගම් තියෙනවා විල්පත්තු වනයට පිටින්." යුද්ධය සමයේ එල්ටීටී සංවිධානය විසින් එම ප්‍රදේශවල විසූ ජනතාව පළවා හැරි බව පවසන සමන් රත්නප්‍රිය, වසර විසිපහකට පමණ පසුව ඒ ජනතාව යළි සිය ගම්බිම් බලා එනවිට එම ප්‍රදේශවල කැලෑ වැවී තිබී ඇති බවත් සඳහන් කළේය. එම කැලෑ ප්‍රදේශ හෙළි පෙහෙළි කරමින් ඒ ජනතාව යළි පදිංචිවෙමින් සිටින්නේ බලධාරීන්ගේ නීත්‍යානුකූලව අවසරය සහිතව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. කෙසේ නමුත් විල්පත්තුවේ සංචාරයක යෙදීමෙන් අනතුරුව සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් මතුකරන එම තර්කය තරයේ ප්‍රතික්ෂේප කරන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට පැවසීය. විල්පත්තුව අවට කිසිදු වන විනාශයක් සිදු නොවන්නේය යන්න සිවිල් ක්‍රියාධරයන් කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවට චෝදනා කරන පරිසරවේදියා, විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර දෙකක තවමත් වන විනාශයක් සිදුවෙමින් පවතින බව අවධාරණය කරයි. "විලච්චිකුලම් වන රක්ෂිතය වගේම මරිච්චිකට්ටි වන රක්ෂිතයත් හෙළි පෙහෙළි කරමින් තමයි මේ ජනාවාශ ව්‍යාප්ත කරන්නේ," ඔහු පැවසීය. ඒ ආසන්නයේ මුස්ලිම් සහ දෙමළ ජනතාව සාම්ප්‍රදායිකව වාසය කළ ගම්මාන දෙකක් පවතින බව සඳහන් කළ සජීව චාමිර, ගැටලුව පවතින්නේ එම ගම්මාන පිළිබඳව නොවන බවත් පැවසීය. එහි වන විනාශයක් සිදුනොවන බවට සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් තර්ක කරන්නේ වන රක්ෂිත හෝ පරිසරය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බවත් සජීව චාමිකර වැඩිදුරටත් පැවසීය. |
අතීතයේ දී තොටිල්ල පැදවීමට වෙන් වූ දෑත අද පිරිමින් හා කරට කර තරඟයක යෙදී ඇති බව පසක් කෙරෙන තවත් උදාහරණයක් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයෙන් වාර්තා වෙයි. | ගුවන් යානා ඉංජිනේරු වෘත්තිය තෝරා ගත් ශිනාලි තිසේරා දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, ගුවන් යානා නඩත්තු අංශයේ සේවය කරන එකම ඉංජිනේරු කාන්තාවයි. තමා උපන් ගම කටුනායක වූ හෙයින් කුඩා කළ සිට නිතර දෙවේලේ ගුවන් යානා දකින්නට ලැබීම නිසා මෙම විෂය ක්ෂේත්රයට විශේෂ කැමැත්තක් ඇති වූ බවයි ශිනාලි බීබීසියට කියා සිටියේ. ගුවන් යානා ඉංජිනේරුවරියක ලෙස පිරිමින් සමඟ උරෙ’නුර ගැටී කටයුතු කිරීම තමාට අභියෝගයක් නොවේ දැයි විමසූ විට ඇය කියා සිටියේ ගැහැණු පිරිමි වෙනසට වඩා තමන්ගේ දක්ෂතාවය සහ කැප වීම ඉදිරියට පැමිණෙන බවයි. ‘මිනිස්සු අතර මතයක් තියෙනවා මේ යාන්ත්‍රික වැඩවලට දක්ෂ පිරිමි විතරයි කියල. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ.’ ශිනාලි පවසයි. සම්පුර්ණ හඬ පටය අමුණා ඇත. අතේ කර ගැට යාන්ත්‍රික වැඩ කිරීමේදී ‘ඇණ මුරරිච්චි, අඬු මිටි’ පාවිච්චිය තරුණියකගේ සියුමැලි දෑතට රළු පරළු වැඩි බව ඇතැමුන්ගේ මතයයි. නමුත් ශිනාලි තිසේරා පවසන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇත්නම් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බවයි. ‘ප්‍රැක්ටිකල් එකේදී අපට මුලින්ම දෙනවා යකඩ කුට්ටියක් කපල පීරී ගාල ප්ලයර් එකක් හදන්න. ඕක තමයි ජීවිතේ පළමු වතාවට අතේ කර ගැට ආපු දවස. ඒ වුනාට හොඳම ප්ලයර් එක වුනෙත් මම හදපු එක.’ ‘හැම දෙනාගේ ම ජීවිතවල හීනයක් තියෙනවා. ඒ හීනය හීනයක් ම නොවී සැබෑ කර ගන්න වැඩ කරන්න ඕන අපිමයි. ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරා ගෙන ඉස්සරහට යන්න ඕනෑම කාන්තාවකට ශක්තිය තියෙනවා.’ ඇය අතීතය සිහිපත් කරමින් පැවසුවාය. (මේ දිරිය දියණිය සොයා යාමට අපට උර දුන් ගුවන් යානා ඉංජිනේරු හර්ෂ මාහින්ගොඩට අපේ ස්තුතිය.) |
හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ ඉදිරිපිට කානු පද්ධතියක අනාරක්ෂිත වලක වැටි සිටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරින් එක්ව බේරා ගනු ලැබීය. | හම්බන්තොට: වලක වැටුණු අලි පවුලක් වලේ වැටී සිටි අලි පැටවා සහ මව බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ගම්වාසියෙකුගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවය. ඒ අතර වලේ වැටි සිටි අලි මව ගොඩට පැමිණ, පැටියාට රැකවරණ ලබාදෙමින් ඒ ආසන්නයේ රැදී සිටීම හේතුවෙන් වන ජීවී නිලධාරීන්ට අලි පැටවා බේරා ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ප්රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායම විසින් ඇතින්නට නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇතින්න එම ස්ථානයෙන් ඈත් විය. ඉන් අනතුරුව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසූව ඔවුහු වලේ සිටි අලි පැටවා ගොඩට ගෙන මව වෙත ලබාදීමට කටයුතු කළහ. මෙම ස්ථානය මත්තල ප්‍රදේශයේ පවතින ස්වභාවික අලි මංකඩක් බවත් ඒ හරහා දිනපතා වන අලින් පාර මාරුවෙන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. වලේ වැටුණු සිය පැටවා බේරාගැනීමට යාමේදී මව ද වලේ වැටෙන්නට ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර සඳහන් කළේය. මේ වසර තුල පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවලට වැටී සිටි අලි පැටවුන් තිදෙනකු බේරාගෙන තිබේ. ඊට අමතරව හක්කපටස් කෑමෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවුන් තිදෙනෙකු උඩවලව ඇත් අතුරුසෙවනට භාර දීමෙන් පසූ මිය ගිය බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර පැවසීය. වනජීවී නිලධාරින් දිවා රෑ නොබලා වන අලින්ගේ රැකවරණය සඳහා කටයුතු කරන නමුත් වන අලින්ගේ නිජබිම් අහිමිවීම නිසා එම සතුන්ට සිදුවන අනතුරුවලින් වලක්වා ගැනීම අපහසු කාර්යක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සතුන්ගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීම බැවින් අලි ඇතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිණිස අලින් අතීතයේ ගමන් කළ අලි මංකඩ යළි විවෘත කිරීමට 2016 මැයි 31 වෙනි දින කැබිනට් අනුමැතිය හිමිවිය. එහෙත් මේ දක්වාම එම තීරණය ක්‍රියාවට නැගී නැත. |
ඇමරිකා එක්සත් ජනපදයට පසු පනස් දහසකට අධික කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් ලියාපදිංචි කළ දෙවන රට බවට බ්‍රසීලය පත්ව තිබේ. | බ්‍රසීලයේ කොරෝනා වෛරස් උවදුරෙන් තදින්ම බලපෑමට ලක් වූවන් අතර ආදිවාසී ප්‍රජාව ද වෙති බ්‍රසීලයෙන් එවැනි තත්වයක් වාර්තා වන්නේ එරට දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින පසුබිමකදී සහ මිලියනයකට අධික වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් තහවුරු වී තිබියදීය. බ්‍රසීලයේ මරණ සහ ආසාදිතයන් තවදුරටත් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලොව පුරා දිනක් තුළ තහවුරු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ඊට වැඩි වශයෙන්ම ඇතුළත් වන්නේ එක්සත් ජනපදයෙන් අලුතින් හඳුනා ගත් රෝගීන්ය. බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ ලොක්ඩවුන් සීමා පැනවීමට විරෝධය දැක්වීම සහ ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශාල වශයෙන් මතභේදයට තුඩු දී ඇත. මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා දරුණු ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධූරයෙන් ඉවත්ව තිබේ. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය. පළමු වෙනියා ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද අතර ජනාධිපතිවරයා සමග එකඟ නොවීම නිසා දෙවැන්නා සිය ධුරයෙන් ඉල්ලා අස් විය. බ්‍රසීලයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකානු රටවල මරණ කොපමණ ද? ගතව ගිය පැය 24 තුළ තවත් මරණ 641 ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය ඉරිදා (ජුනි 21) නිවේදනය කළේය. ඒ අනුව එරට මරණයට පත් මුළු සංඛ්‍යාව 50,617 කි. එම කාලය තුළ රෝගීන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද අලුතින් ලියාපදිංචි වී ඇත. ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය පමණි. එරට ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.2 ක් වන අතර 120,000 ක් පමණ මරණයට පත්ව තිබේ. මෑත කාලයේ බ්‍රසීලයෙන් දිනකට මරණ දහසක් පමණ වාර්තා විය. කෙසේ නමුත් සති අන්තයන්හි මරණ සංඛාවේ අඩුවක් දක්නට ඇත. රට පුරා කොරෝනා වෛරස් පරීක්ෂණවල අඩුවක් පවතින බව විශේෂඥයන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ. පරීක්ෂණ කෙරෙන ප්‍රමාණය, අවශ්‍ය ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පමණ අඩු බව ඉන් ඇතැමෙක් පවසති. එබැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගනු ඇති බව පෙනෙන්නට තිබේ. ඇමේසන් කලාපයට අයත් පාරා සහ සිආරා උතුරු දිග ප්‍රාන්තවලින් මරණ 12,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. නමුත් විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ සාඕ පාවුලෝ සහ රෝයෝ ඩි ජැනෙයිරෝ වෙතිනි. එම නගරවලින් පිළිවෙලින් මරණ 12,500 ක් සහ 8,800 ක් වාර්තා වී තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පැය 24 ක් තුළ ලොව පුරා ආසාදිතයන් 183,000 ක් අලුතින් වාර්තා වී ඇති බවය. ඉන් 60% අධික ප්‍රමාණයක් උතුරු සහ දකුණු ඇමරිකානු කලාපයට අයත්ය. ඇමරිකාව හැරුණු කොට මෙක්සිකෝව, පේරු සහ චිලී යන රටවල් ද දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත. ඉරිදා, ආජන්ටිනාව මරණ 1,000 පසු කළේය. ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙකකට අධිකය. |
මාතලේ සමූහ මිනීවළේ තිබි සොයා ගත් අස්ථි කොටස්වල කාල නීර්ණය සඳහා චීනයට යවන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටීම සැක සහිත බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති. | සමූහ මිනීවල ගැන අධිකරණ පරීක්ෂණයට සමගාමීව ජනාධිපති කොමිසමක්ද පත් කොට තිබේ අස්ථි කොටස් කාල නිර්ණ පරීක්ෂණය සඳහා චීනයට යැවීමට පොලිසිය කළ ඉල්ලීමට අද පැවති නඩු විභාගයේදී තමන් විරෝධය පළ කළ බවයි, ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ. 1988-89 සමයේ අතුරුදහන් වූ 24 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි. ශ්‍රී ලංකාවේ පවතින්නේ ඉංග්‍රීසි නීතිය මත පදනම් වූ නීති ක්‍රමයක් බැවින් අපරාධ නඩු විමර්ශන ක්‍රියාවලියේදී ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂඥ සහය ලබාගැනීම ලංකාවේ මෙතෙක් පැවති සම්ප්රදාය බව නීතිවේදීහු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ. චීන අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව ලංකාව දැනුවත් නොමැති අතර, අස්ථි කොටස් යැවීමට නියමිත විශ්ව විද්‍යාලයට එරෙහිව වංචා චෝදනා එල්ල වී තිබෙන බවද අධිකරණයට පෙන්වා දුන් බවත් නීතිවේදී සුනිල් වටගල කියා සිටියේය. එහෙත් එම කරුණු දැක්වීම නොසලකා මාතලේ අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ පොලිසියේ ඉල්ලීමට අනුමැතිය පළ කළේය. ඉදිරි නඩු විභාගය ලබන වසරේ මැයි 22 වැනි දින දක්වා කල් තැබිණ. |
පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. | පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ බව කියා සිටියේ, වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ප්‍රචාර පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේය. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ඡායාරූපයක්ද යොදාගනිමින් එවැනි වැටලීමක් සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයක් පතියමින් තිබෙන බව ඔහු සඳහන් කළේය. "ඒක සම්පූර්ණම අසත්‍ය මාධ්‍ය වාර්තාවක්. එවැනි කිසිම වැටලීමක් ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කරන්නේ නැහැ," ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොලිසිය සුපුරුදු පරිදි සාමාන්‍ය වැටලීම්වල නිරතවන නමුත් "පෙම්වතුන්ගේ දිනයේ, පෙම්වතුන් අරභයා" කිසිදු විශේෂ වැටලීමක් සංවිධානය කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කළේය. |
ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු "සැලකිල්ලට භාජන" වී ඇති අතර "ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ" යනුවෙන් බකිංහම් මාලිගය පවසයි. | නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ "මතකයන් වෙනස් විය හැක" නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය. මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා ඇත්තේ ඔවුන්ගේ පුත් ආචීගේ සමේ පැහැය කෙතරම් තද විය හැකිද යන්නයි. මාළිගාව පැවසුවේ සසෙක්ස්වරු "සැමවිටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වන" බවයි.බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය පළවූයේ, අර්බුදය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාහාගී වූ රැස්වීම්වලින් පසුවය. නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි. හැරී කුමරු පසුව ඔප්රාට පැහැදිලි කළේ මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ රැජින හෝ එඩින්බරා ආදිපාදවරයා විසින් නොවන බවය. මේ අතර, සසෙක්ස් හි ආදිපාදවරිය පිළිබඳව කළ අදහස් දැක්වීමකින් අනතුරුව මතුවූ අර්බුදයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන අයිටීවී (ITV) නාලිකාවේ 'ගුඩ් මෝර්නිං බ්‍රිට්න්' හි ඉදිරිපත් කරන්නා වූ පියර්ස් මෝර්ගන් ඉන් ඉවත් විණි. "හැරී සහ මේගන් හට පසුගිය වසර කිහිපය කෙතරම් අභියෝගාත්මකවීද යන්න පිළිබඳව දැනගැනීමෙන් මුළු පවුලම කණගාටුවට පත්වේ." යනුවෙන් සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ ප්‍රථම වරට විකාශනය වී දින එකහමාරකට පසුව නිකුත් කෙරුණු, බකිංහම් මාළිගාවේ නිවේදනයේ සඳහන් විය. "විශේෂයෙන් වාර්ගිකත්වය පිළිබඳ මතුවූ ගැටලුව සැලකිල්ලට භාජනය වේ. සමහර මතකයන් වෙනස් විය හැකි නමුත් ඒවා ඉතා බැරෑරුම් ලෙස සලකනු ලබන අතර පවුලේ අය විසින් එය පෞද්ගලිකව විසඳනු ඇත. "හැරී, මේගන් සහ ආචී සෑම විටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වනු ඇත." සඳුදා සවස විකාශය වන විට සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පළමුව බ්‍රිතාන්‍ය මහජනතාවට අවස්ථාව ලබා දීමට අවශ්‍ය බවත් රාජකීයයන්ට සිය ප්‍රතිචාරය පරෙස්සම් සහගතව අවධානය යොමු කළ යුතුව තිබූ බවත් පැහැදිලි ය. රාජකීයයන් මෙය පවුලේ කාරණයක් ලෙස සලකන අතර පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු යැයි විශ්වාස කෙරේ. වර්ගවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව සදහන් කෙරුණු අතිශය ගැඹුරු පෞද්ගලික මාතෘකා ඇතුළත් වූ සසෙක්ස්වරුන්ගේ සම්මුඛ සාකච්ඡාව දුටුවේදැයි, චාල්ස් කුමරු මීට පෙර ලන්ඩන් නුවර සංචාරයකයෙදී සිටියදී විමසූ විට ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය . එක්සත් රාජධානිය තුළ සඳුදා රාත්‍රියේ විකාශනය කෙරුණු එම සම්මුඛ සාකච්ඡා සාමාන්‍යයෙන් මිලියන 11.1 ක ජනතාවක් නැරඹූහ. එහි දී ආදිපාදවරිය පැවසුවේ රාජකීය ජීවිතය එතරම් දුෂ්කර වූ නිසා "තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නැති" හැගීමක් දැනුණු අවස්ථා තිබූ බවය. මාළිගාවෙන් උදව් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ද ඇය සඳහන් කළාය. ආචී ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සංවාද සිදුවූයේ ඔහුට රාජකීය පදවි නාමයක් සහ පොලිස් ආරක්ෂාවක් ලබා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳව කෙරුණු සාකච්ඡාවන්ට "සමගාමීවය". 1917 සිට ක්‍රියාත්මක වන නීතිරීති යටතේ මෙම යුවළගේ දරුවන් රැජිනගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව කුමාරවරුන් හෝ කුමාරිකාවන් බවට පත් නොවනු ඇත. දරුවා "තද දුඹුරු පැහැයක් ගනීවි" සහ එය ගැටලුවක් වනු ඇත්දැයි ඕප්රා ඇගෙන් ගෙන් ඇසූ විට මේගන් පැවසුවේ "ඔබ එසේ උපකල්පනය කරන්නේ නම් එය නිවැරදියි" යනුවෙනි. නමුත් පවුලේ කුමන සාමාජිකයෙකු එම අදහස් පළකළේදැයි පැවසීම මෙම යුවළ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. "එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැහැ," හැරී කුමරු පැවසීය. "ඒ වෙලාවේ එය නොගැලපෙන දෙයක්, මම ටිකක් කම්පනයට පත්වුණා." හැරී පැවසුවේ "යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්" සහිත ලිපි සහ සිරස්තල පළවීමෙන් පසු තම පවුලේ කිසිවකු හෝ මේගන්ටට සහයක් වීම වෙනුවෙන් කතා නොකිරීමෙන් තමා පීඩාවට පත්වූ බවය. ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ වර්ගවාදය සහ මානසික සෞඛ්‍ය සහයෝගය නොවීම සම්බන්ධයෙන් මේගන් කළ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවය. අගමැති බොරිස් ජොන්සන් සඳුදා රාත්‍රියේ සම්මුඛ සාකච්ඡාව නරඹා ඇති නමුත් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ඩව්නිං වීදියේ අගමැතිවරයාගේ කාර්යාලය සඳහන් කළේය. |
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සිය තනතුරින් ඉවත් වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බල කර සිටී. | ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම් පිළිබඳව පැවති පරීක්ෂණයකින් අනතුරුවයි. සභාපතිගේ බෑනා - ගුරුනාත් මෙයියප්පන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් සූදු කරුවන්ට අයථා ලෙස තොරතුරු සපයා ඇති බවට එල්ල වූ චෝදනා පරීක්ෂා කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කමිටුවක් පත් කර තිබුණි. මෙම පරීක්ෂණයේදී හෙළිවූ කැරුණු රැගත් වාර්තාවට අනුව සභාපතිවරයාට එරෙහිව බරපතල චෝදනා පවතින බවයි විනිශ්චයකාරවරුන් කියා සිටින්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් සහ ඔහුගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති. සභාපතිවරයා ගැන තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බ්‍රහස්පතින්දා දක්වා (මාර්තු 27) කල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. |
ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභා වපසරිය පුළුල් කරමින් ඊට සහභාගී වන මෙන් යෝජනා කළ හොත් ඊට සහභාගී වීම ගැන සලකා බැලීමට සූදානම් යයි දෙමළ ජාතික සන්ධානය පවසයි. | සාකච්ඡා මේසයට ඇරයුම්. ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කළ ඇරයුමට ප්‍රතිචාරය දක්වමිනුයි දෙමළ ජාතික සන්ධානය එම ප්‍රකාශය කරන්නේ. බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි. අවුරුද්දක කතාබහ “මේ ප්රශ්නය ගැන කථා බහට අපි සාධනීය ව දායක වෙලා තියෙනවා. අපි ආණ්ඩුවත් සමග අවුරුද්දක් තිස්සේ කථා කළා. තුන් වෙනි රැස්වීමේ දී අප ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා”දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසයි. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය තමන්ට නොලැබුන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් වැඩි දුරටත් කියා සිටියේ. “අපි ජනාධිපති තුමා එක්ක කථා කළා. අපි එකඟතා කීපයකට ආවා. නමුත් තාමත් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ” මන්ත්‍රීවරයා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය 2012 දී ජනවාරි 17,18 සහ 19 දිනවල අපි ආණ්ඩුවත් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණත් ආණ්ඩුව සහභාගී නොවූ හෙයින් එම සාකච්ඡා නොපැවත්වුන බවයි ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ. සාකච්ඡා ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව වග කිව යුතු බවත් ඔහු කියා සිටියි. දහතුන් වෙනි සංශෝධනය ඉන් අනතුරුව, ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් නම් කරන මෙන් දැනුම් දෙන ලද නමුත් එම කාරක සභාවෙන් සිදු කිරීමට යන්නේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් පළාත් සභා වලට හිමි බලතල අඩු කිරීම වන හෙයින් තමන් ඊට සහභාගී නොවූ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියි. “13 වෙනි සංශෝධනය සම්මත වූ පසු හැම ආණ්ඩුවක් ම ඉන් එහාට යාමේ පදනමක් හැටියට ඒ ගැන කථා කරන්න සූදානම්වයි හිටියේ. කලින් තිබුණ පාර්ලිමේන්තු කාරක සභා සහ කොමිසම් සභා මගිනුයි එම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබුණේ. පිළිගත හැකි යෝජනාවක් ඇත්නම්, අපි කල් පවතින ප්‍රායෝගික විසඳුමක් වෙනුවෙන් සාකච්ඡාවට සුදානම්” යයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි. |
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) ඖෂධ සමාගමේ නිෂ්පාදිත ටැල්කම් පුයර (talcum powder) භාවිත කිරීමෙන් අනතුරුව ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බවට පවසන කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය දහයක් (මිලියන 110) ගෙවන ලෙස ඇමරිකාවේ අධිකරණයක් එම සමාගමට නියෝග කළේය. | සිය සමාගමේ නිෂ්පාදිත බේබි පුයරවල ඇති ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි වසර හතළිහක් මුළුල්ලේ ටැල්කම් පුයර සහිත නිෂ්පාදන භාවිත කිරීමෙන් අනතුරුව තමන්ට ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බව මිසූරි ප්‍රාන්තයේ වර්ජිනීයාහි වෙසෙන හැට දෙහැවිරිදි ලුයිස් ස්ලෙම්ප් පවසන්නීය. එම නිෂ්පාදනවලින් පිළිකා වැළඳීමේ අවදානම පිළිබඳව අදාළ සමාගම ප්‍රමාණවත් මට්ටමේ අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තර්ක කළේය. ටැල්කම් පුයර සහ ඩිම්බ කෝෂ පිළිකාව අතර සම්බන්ධයක් තිබේදැයි යන්න නිශ්චිතව සනාථ වී නොමැති බව විශේෂඥයෝ පවසති. අභියාචනයක් අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ ටැල්කම් පුයර නිෂ්පාදනවලට එරෙහිව ශාන්ත ලුවිස් නගරයේ අධිකරණයේ පමණක් පැමිණිලි 2400 කට ආසන්න ප්‍රමාණයක් විභාගවන අතර, ඒ අතරින් වැඩිම වන්දියක් ප්රදානය කෙරුණ නඩු විභාගය මෙය බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. 2012 දී ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳී ඇති බව නිගමනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ලුයිස් ස්ලෙම්ප් මහත්මියගේ රෝගී තත්වය අක්මාව දක්වා ව්‍යාප්ත වී තිබේ. බේබි පුයර (Baby Powder) සහ 'Shower to Shower' පුයර ඇතුළු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නිෂ්පාදන තමන් භාවිත කළ බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. "ඩිම්බ කෝෂ පිළිකාව නිසා බලපෑම් එල්ල වූ කාන්තාවට සහ පවුල්වලට අපගේ දැඩි සංවේගය පළ කර සිටිනවා," යනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම, කෙසේ නමුත් සිය සමාගමේ නිෂ්පාදිත බේබි පුයර ශරීරයට අහිතකර නොවන බව ඉදිරියටත් සිය සමාගමේ ස්ථාවරය බවත් සඳහන් කරයි. ටැල්කම් පුයර ආරක්ෂිතද? විශේෂයෙන් වසර ගණනාවක් එක දිගට ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර භාවිත කිරීමෙන් ඩිම්බ කෝෂ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යාමට ඇති හැකියාව පිළිබඳව අවධානය පළ වී තිබෙන නමුත් ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වී නොමැත. ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර යෙදීම "පිළිකා කාරකයක් විය හැකි" බව ඒ සම්බන්ධයෙන් පළ වන මිශ්‍ර අදහස් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය වර්ගීකරණය කර තිබේ. |
ඉන්දීය අගමැති වරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වනු ඇති බවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. | සමුළුව වර්ජනය නොකරන බව කැනඩාව දැනුම් දී ඇතැයි අමාත්‍ය පීරිස් පවසයි මහාචාර්ය ජීඑල් පීරිස් ඒ බව කියා සිටියේ ඉන්දියාවේ දිල්ලි අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින්. අගමැති මන් මෝහන් සිං හට සමුළුව සඳහා හෙට සඳුදා නිල වශයෙන් ආරාධනා කරන බව ප්‍රකාශ කළ ජීඑල් පීරිස් අමාත්‍යවරයා, රටවල් පනස් තුනක් අතුරින් කිසිදු රටක් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි නොවන වග දන්වා නැතැයි අවධාරණය කළේය. කැනඩාවේ අගමැති වරයා හා විදේශ අමාත්‍ය වරයා සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙන නමුත් සමුළුව වර්ජනය නොකරන බව කැනඩාව දැනුම් දී තිබෙන බවයි, අමාත්‍ය පීරිස් පවසන්නේ. නවී පිල්ලේ සංචාරය "කැනඩාවේ පොදුරාජ්‍ය මණ්ඩල විශේෂ නියෝජිත හියු සීගල් මාස කීපයකට පෙර කොළඹ පැමිණ අපි මුණ ගැසුනා. ඔහු ප්‍රසිද්ධියේම කීවේ කැනඩාව ස්ථිර වශයෙන්ම සහභාගී වන බවයි. විසඳාගෙන නැති එකම ගැටලුව කවර මට්ටමේ සහභාගිත්වයක්ද කියන එකයි," යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය. මේ අතර මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවී පිල්ලේ සැප්තැම්බර් විසි හතර වැනිදාට ජිනීවාවේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුළුවේ විසි හතර වැනි සැසි වාරයට පළමු ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය. "මේ තමයි කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ තත්වය හොඳින් දැන ගැනීමට ලැබෙන පළමු අවස්ථාව. ඒ මගින් ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යතාර්ථවාදී සහ විෂය මූලික ප්රවේශයකට එළඹීමේ හැකියාවක් උදාවනු ඇති කියා අපි හිතනවා." මානව හිමිකම් සමුළු වාරයේදී වාචික නිරීක්ෂණයක් ද ලබන වසරේ මාර්තුවේදී දී පූර්ණ වාර්තාවක්ද සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජීඑල් පීරිස් අමාත්‍ය වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. |
පැපුවා නිව්ගිනියාවට අයත් මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසර 2012 දී යළි විවෘත කෙරුණු අවස්ථාවේ සිට ඒ වෙත නොයෙක් වර විවේචන එල්ලවන්නට විය. එම රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ ප්‍රධාන පෙලේ සිදුවීම් මතු සඳහන් ලෙස පෙළගැස්විය හැක. | පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ පිහිටි ඔස්ට්‍රේලියානු රැඳවුම් මධ්‍යස්ථානය - 2012 දී ගන්නා ලද ඡායාරූපයකි 2001 : ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් හවර්ඩ් ක්‍රියාවට නැගූ, ශාන්තිකර කලාපීය විසඳුම (Pacific Solution) නම් වූ දේශපාලන රැකවරණ පතන්නන් දුර්මුඛ කිරීමේ ප්රතිපත්තියකට අනුව මෙම කඳවුර මුල්වරට විවෘත කෙරිණි. 2008 : අගමැති කෙවින් රඩ් ගේ සමයේදී නිල වශයෙන් කඳවුර වසා දැමීය. 2012 නොවැම්බර් : දේශපාලන රැකවරණ පතන්නන් පැමිණීමේ තත්ත්වය සීඝ්රයෙන් ඉහළ යාමේ තත්ත්වය පැවති කම්කරු රජය මුහුණ පෑ ප්‍රධාන දේශපාලන ගැටලුවක් බවට පත්වෙද්දී අගමැතිනි ජුලියා ගිලාඩ් මෙම කඳවුර යළි විවෘත කළාය. 2013 ජූලි : බෝට්ටු මගින් පැමිණෙන රැකවරණ පතන්නන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචිවීමේ අවස්ථාවක් නැති බව ප්‍රකාශයට පත්කළ යළි බලයට පැමිණි අගමැති රඩ්, එම ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස දැඩි කළේය. 2013 අගෝස්තු : සරණාගතයින් රදවාගනිමින් නවාතැන් දීමට එකඟවීම මත, ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 400ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 310) සැපයීමට ඔස්ට්‍රේලියාව ඉදිරිපත්විණි. 2014 පෙබරවාරි : ඉරාන ජාතික රැකවරණ පතන්නෙකු වූ 23 හැවිරිදි රේසා බරාටි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඝාතනයට ලක්විය. ප්‍රදේශවාසීන් මධ්‍යස්ථානයට ඇතුළුවී හටගත් කෝලාහලයකදී එම සිදුවීම හට ගැනිණි. තවත් රැකවරණ පතන්නන් 70 දෙනෙක් තුවාල ලැබූහ. මෙම කෝලාහලය "අතිශයින්ම අපේක්ෂා කළහැකි" තත්ත්වයක් බව ඔස්ට්‍රේලියානු සෙනෙට් වාර්තාවක කියවුනේ, අදාළ මධ්‍යස්ථානය වෙත රැඳවියන්ගේ පැමිණීම ඉහළ යමින් පැවති බැවිනි. එය නියමිත ඉඩ පහසුකම් ඉක්මවා යන තත්ත්වයක් විය. ඉරාන ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පැපුවා නිව්ගිනි වැසියන් දෙදෙනෙකුට වසර 10 ක සිර දඬුවම් පැනවුණු අතර ඉන් වසර 5 ක් අත්හිටුවිණි. 2014 සැප්තැම්බර් : පාදයේ ඇති වූ කැපුම් තුවාලයක් හේතුවෙන් 24 හැවිරිදි හමීඩ් ඛසායේ නම් වූ ඉරාන ජාතික පුද්ගලයා මිය ගිය අතර ඔහුට ප්‍රමාණවත් වෛද්‍යාධාර සැපයුනේදැයි යන ගැටලුව මතුවිය. 2015 ජනවාරි : ඇතැම් රැඳවියන් පිරිසක් මධ්‍යස්ථානය තුළ බාධක තනාගනිමින් උපවාසයක යෙදුණාහ. 2015 මාර්තු : ඔස්ට්‍රේලියාව රැකවරණ පතන්නන්ට දක්වන සැළකිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ "දේශනාවලට ලක්වීම ඇතිවෙලා" යැයි අගමැති ටෝනි ඇබට් පැවසුවේ මුහුදේදී ජීවිත බේරාගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය තවදුරටත් අවධාරණය කරමිනි. 2016 අප්‍රේල් : සිය රටේ ව්‍යවස්ථාව පුද්ගල නිදහස තහවුරු කර ඇති බැවින් මෙම රැඳවුම් මධ්‍යස්ථානය නීති විරෝධී බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මධ්‍යස්ථානය වසා දමන ලෙස පැපුවා නිව්ගිනි අගමැති පීටර් ඔනීල් දැනුම් දුන්නේය. 2016 දෙසැම්බර් : ඉශාල් අහ්මඩ් නම්වූ 27 හැවිරිදි සුඩාන ජාතික සරණාගත පුද්ගලයා ශාරීරික සංකුලතා හේතුවෙන් මෙන්ම වැටීමකින් මියගිය අතර සරණාගතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් පැවසුවේ ඔහු මාස කිහිපයක සිට අසනීපව සිටි බවකි. 2017 අප්‍රේල් : පැපුවා නිව්ගිනි ආරක්ෂක සාමාජිකයින් කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලැබූහ. ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ද එය තහවුරු කරනු ලැබිණි. 2017 ජුනි : මැනුස් දූපතේ රඳවා සිටි කාලය තුළදී තමන්ට අනර්ථයක් වී යැයි පැවසු සරණාගතයින් හා දේශපාලන රැකවරණ පතන්නන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 70ක් (ඩොලර් මිලියන 53) සැපයීමට ඔස්ට්‍රේලියානු රජය සහ කොන්ත්‍රාත්කරුවෝ ඉදිරිපත් වූහ. 2017 අගෝස්තු : හමාඩ් ෂම්ශිරිපුර් නම්වූ ඉරාන ජාතික දේශපාලන රැකවරණ පතන්නා මියගොස් සිටියදී හමුවිණි. සියදිවි නසාගැනීමක් වුවද එය සැක කටයුතු විය. 2017 සැප්තැම්බර් : මැනුස් දූපතේ සිටි සරණාගතයින්ගෙන් 22 ක් භාරගැනීමට ඇමෙරිකාව ඉදිරිපත්විය. එය, පදිංචිකරවීමේ එකඟතාවකට අනුව ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව වේ. 2017 ඔක්තෝබර් 2 : තවත් සැකකටයුතු සිය දිවි නසා ගැනීමක් ලෙස, ශ්‍රී ලාංකික සරණාගතයකු මියගොස් සිටියදී හමු විණි. 2017 ඔක්තෝබර් : ඔස්ට්‍රේලියාවේ ඉවත්වීම "හදිසි මානුෂීය" තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම අනතුරු ඇඟවූ අතර මතුව ඇති උණුසුම් තත්ත්වය හමුවේ සහය වීම සඳහා පොලිසිය යැවීම පිළිබඳව සිතා බලන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 2017 ඔක්තෝබර් 31 : ජලය හා විදුලිය කපා හැරීම මැද වුවද සිය ගණනක් වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් බැහැරවීම ප්‍රතික්ෂේප කළේ ප්‍රදේශයේ ජනතාවගෙන් සිය ජීවිතවලට තර්ජන වේ යැයි බියෙනි. |
ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි. | මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි - ජනපති ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්. තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය. "මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය. ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් සෙනසුරාදා ඉදිරිපත් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය. "සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ." ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට ජනාධිපති සමාව පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය. යුද්ධය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය. උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය. උත්සවයේ ආරාධිත දේශණය පවත්වනු ලැබුවේ මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන ගෝපාලක්රිෂ්ණා ගාන්ධි විසින් "හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්රදානය කිරීමත් විශේෂත්වයක්. විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය. |
දශක ගණනාවක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යුද්ධය සමයේදී මෙන්ම තවමත් ඉතාමත් බියෙන් කල් ගෙවන බව ඉන්දීය පාර්ලිමේන්තු දූත පිරිසක් පවසති. | 'විනාශවෙච්ච වාහන, යතුරු පැදි සහ බයිසිකල් දහස් ගානක් මහා කන්දක් වගේ ඒ අවට පළාතේ ගොඩ ගහල තියෙනවා අපි දැක්ක' යුද්ධය පැවති සාමය සහ වර්තමානය අතර වෙනසක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවමත් දැනෙන්නේ නැති බවයි, දූත පිරිසේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේ. "ඒ ජනතාව තාමත් ජීවත් වෙන්නේ යුද්දෙ කාලේ වගේමයි," දූත පිරිසේ නියෝජිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මන්ත්‍රී PV කදිරවන් බීබීසී දෙමළ සේවයට පැවසීය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගේ වර්තමාන තත්ත්වය විමසා බැලීම පිණිස ඕල් ඉන්දියා ෆෝවර්ඩ් බ්ලොක් හෙවත් සමස්ත ඉන්දීය ඉදිරිගාමී කණ්ඩායමේ සිවු පුද්ගල දූත පිරිසක් පසුගිය ජුනි 11 වැනි දින සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. ප්රභාකරන්ගේ නිවාසය එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන සටන සිදුවූ මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ද සංචාරය කිරීමට ඉන්දීය දූත පිරිසට අවසර ලැබුන නමුත් එල්ටීටී ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් මරුමුවට පත්වූ ස්ථානයට යාමට තමන්ට අවසර නොලැබුන බව කදිරවන් ප්‍රාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. "නමුත් ඔවුන් අපට ඒ අවට ප්‍රදේශයේ සංචාරය කරන්න අවසර දුන්නා. විනාශවෙච්ච වාහන, යතුරු පැදි සහ බයිසිකල් දහස් ගානක් මහා කන්දක් වගේ ඒ අවට පළාතේ ගොඩ ගහල තියෙනවා අපි දැක්ක," ඔහු පැවසීය. එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ නිවාසය ද නැරඹීමට ඉන්දීය දූත පිරිසට අවසර ලැබී තිබේ. "ත්‍රස්තවාදියාගේ නිවස කියල ප්රභාකරන්ගේ නිවස ඉස්සරහ බෝඩ් එකක් ගහල තිබුන," බව පැවසූ කදිරවන් ප්‍රාන්ත මන්ත්‍රීවරයා, යුද්ධය හමාර වී අවුරුදු තුනක් ගත වී තිබුනත්, උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාව තවමත් දුක් විඳින බවත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ මේ වනතුරුම "කාන්තාරයක්" ලෙසින් දිස්වන අතරවාරයේ, කොළඹ ඇතුළු දකුණේ බොහෝ ප්‍රදේශ නවීකරණය වී තිබෙන බවත් පැවසීය. "මම හිතන්නේ නෑ උතුරු නැගෙනහිර ජනතාවට කිසිම පහසුකමක් ලබාදීල තියෙනවයි කියල," ඔහු පැවසීය. |
රට තුළ සිදු වූ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ව අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට මාස තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. | එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමට රට තුළ සංචාරය කිරීමට අවසරය ලබා දීම හෝ නො දීම තීරණය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට සංශෝධනයක් ලෙසයි මෙම යෝජනාව ඔවුන් ඉදිරිපත් කර තිබෙන්නේ. මෙම යෝජනාව මේ මස 17 සහ 18 යන දෙ දින තුළ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායකයන් තීරණය කර ඇත. 'රට ගැන සිතා' මෙම කණ්ඩායමට ඔවුන්ගේ පරීක්ෂණවලට අවශ්‍ය සහාය ලබා දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට, ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ගෙනෙන යෝජනාව හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට ඉදිරිපත් කළ එකක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තම පක්ෂය රට ගැන සිතා ඊට සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බවයි පවසන්නේ. පරීක්ෂණවලට සහය නො දෙන බව ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය වැදගත් නොවන බව පවසන අනුර කුමාර දිසානායක තමන් ඉදිරිපත් කරන මෙම සංශෝධනය අනුමත කිරීමෙන් මෙම ප්රශ්නය සම්පුර්ණයෙන් පරාජය කළ හැකි බවයි පෙන්වා දෙන්නේ. සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණේ මෙම සංශෝධනය මගින් ජනතා විරෝධතාවලට, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්ට සහ දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ට සිදු වූ පහර දීම්, රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් මිය යාම හා පහර දීමේ සිදුවීම්, නීතියේ පාලනය හා නීතියේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමට එල්ල වූ බාධා සහ ආගමික අසමගිය ඇති කිරීමට ඉවහල් වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන් පැවැත්වීමට නියමිත පරීක්ෂණයේ මූලිකම අංගයක් වන සිවිල් යුද්ධයේ අවසන් සමයේ සිදු වූ මානව හිමිකම් කඩ වීම ගැන එහි නිශ්චිතව සඳහන් නොවේ. නමුත් ඔවුන් ඉදිරිපත් කළ කරුණු හය යටතේ එක් අංගයක උතුරු පළාතේ හා අනිකුත් පළාත්වල සිදු වූ පැහැර ගැනීම් හා මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳ ව වාර්තා වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් එක්සත් ජාතීන් ඉල්ලා තිබේ. |
ශ්‍රී ලංකාව තුළ යතුරුපැදි අනතුරු හේතුවෙන් වසරකට සිදු වන මරණ සංඛ්‍යාව අති මහත්. | නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර හිස්වැස්මක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම මෙන්ම තත්වයෙන් බාල හිස්වැසුම් භාවිත කිරීමත් මෙම මරණවලට බොහෝ විට හේතු වේ. ෆුල්ෆේස් හෙල්මට් නොඑසේනම් සම්පූර්ණ වශයෙන් මුහුණ ආවරණය කෙරෙන හිස් වැසුම් තහනම් කිරීමට ආණ්ඩුව ගෙනා යෝජනාව යතුරුපැදි ධාවකයින්ගේ විරෝධයට ලක් විය. යතුරුපැදි අනතුරුවලින් සියයට හතළිහක්, පිටුපසින් පැමිණෙන රථවාහන හා ගැටීමෙන් සිදු වන බවයි නව නිපැයුම්කරුවකු වන ගනිඳු නානායක්කාර පවසන්නේ. පූර්ව අනතුරු හැඟවුම් උපාංග සහ නවීන මෝටර් රථ තුළ දක්නට ලැබෙන ආරක්ෂක පහසුකම් බොහොමයකින් සමන්විත අධිතාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්මක් නිර්මාණය කිරීමට ඔහු යොමු වී තිබෙන්නේ දිනෙන් දින ඉහළ යන යතුරුපැදි අනතුරු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුවයි. සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකි තාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය 'ඉන්ටලිජන්ට් හෙල්මට්' හෙවත් 'අයි හෙල්මට්' ලෙසින් නම් කොට ඇති මෙම යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම නිර්මාණය කිරීමේදී යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වූ බව ගනිඳු නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය. කරුණු තුනක් "යතුරුපැදිය පසු පස ළගින්ම එන වාහනයේ වේගයත් එක්ක ජාත්‍යන්තර සම්මතය අනුව තත්පර දෙකක පරතරයක් නඩත්තු කළ යුතුයි. මේ පරතරය වේගය අනුව නඩත්තු කරන්නේ නැතිනම් හෙල්මට් එකට පුළුවන් LED බල්බ හරහා පිටුපසින් එන වාහනයට දැනුම් දෙන්න එයා ළඟ වැඩියි කියලා,"ගනිඳු නානායක්කාර පැවසීය. "උපරිම වේග සීමාවක් සකස් කළ හැකියි. ඊට වඩා වේගයෙන් ධාවනය කරනවානම් ධාවකයාට අනතුරු හඟවනවා වේග සීමාව ඉක්මවා ධාවනය වෙනවා කියලා." යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට උපරිම පහසුකම් ප්‍රමාණයක් අවම මුදලකට ලබා දිය හැකි ආකාරයට මෙම අධි තාක්ෂණික හිස්වැස්ම නිර්මාණය කොට ඇති බවත් ඔහු කියා සිටියේය. "අනතුරක් සිදු වුනොත්, කලින් සකස් කර තිබෙන දුරකථන අංකයකට ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යවන්න පුළුවන්. අනතුර සිදු වූ ස්ථානය සහ අවශ්‍ය දත්ත පිළිබඳ. මීට අමතරව තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා." ජාත්‍යන්තර සම්මාන මෙම අධිතාක්ෂණික යතුරුපැදි හිස්වැස්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලි සහ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කොට තිබෙන අතර තම නිර්මාණය ජාත්‍යන්තර සම්මාන කීපයක් දින ගත් බවයි නව නිපයුම් ශිල්පී ගනිඳු නානායක්කාර පවසන්නේ. ''මෑතකදී පැවැත්වුණු ග්ලෝබල් ඉම්පැක්ට් චැලේන්ජ් (Global Impact Challenge) තරඟයේදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය හිමි වුනා. වරයිසන් පවර්ෆුල් ආන්සර්ස් අවෝඩ් (Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.'' ''වරයිසන් පවර්ෆුල් ආන්ස්වර්ස් අවෝඩ්(Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.'' සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකිතාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය. නව නිපැයුම් කරුවන්ට සිය නිර්මාණ බිහි කිරීම සඳහා රට තුලින් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ගනිඳු දක්වන්නේ සුභවාදී ආකල්පයක්. 'පොදු වේදිකාවක්' "අපේ රටෙත් නව නිපැයුම් කරුවන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අවශ්‍ය පදනම රට තුළ තිබෙනවා.රට ඇතුලේ ගොඩාක් නව නිපැයුම් තරඟ තියනවා. මුදල් ත්‍යාග පිරිනමනවා. නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමය, මේ සෑම ආයතනයක්ම සැදී පැහැදී ඉන්නවා හොඳ නිර්මාණයක් බිහි වුනොත් ඒකට අත දෙන්න." නව නිපැයුම් බිහි කොට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය අතලොස්සක් නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නව නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර අවධාරණය කළේය. අධි තාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම විදෙස්වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර සමාගම් සහ ආයතන ඉදිරිපත් වී ඇති බවත් ගනිඳු නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය. |
ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බව ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයෝ පවසති. | නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් මෙන් ම ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස් පී අන්තෝනිමුත්තු ද බීබීසී යට ප්‍රකාශ කළේ චෙන්නායි සාකච්ඡා සුහද ලෙසින් පැවති බවයි. සිරගත ධීවරයන් සහ යාත්‍රා නිදහස් කිරීම සඳහා දෙපාර්ශවයම කරන ඉල්ලීමට දෙ රටේ බලධාරීන් ගේ එකඟතාව පළ වූ බවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චෙන්නායි නුවරට ගොස් සිටින එස් පී අන්තෝනිමුත්තු බීබීසී සංදේශයට කියා සිටියේය. නිදහස් කිරීම බන්ධනාගාර ගත කොට සිටින ධීවරයන් සියලු දෙනා ම ‘හෙට අනිද්දා ම’ නිදහස් කැරෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා සාගර කලාපයේ නීති විරෝධී ඉන්දීය ධීවර කටයුතු නතර කිරීම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ප්‍රධාන යෝජනාවක් වන අතර, මහ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාර නවතා ලීම ඉන්දීය ධීවර ඉල්ලීමක්. ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මුහුදු මැද දී පහර දෙන බවට නැගුනු චෝදනා ප්‍රතික්ෂේප කළ බව ද එස් පී අන්තෝනිමුත්තු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉදිරි සාකච්ඡා වටයක් සඳහා ඉන්දීය ධීවර නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලද බව කී ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු ප්‍රකාශ කළේ එහි දී අදාළ බලධාරීන් සමග නාවුක හමුදාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි. තමිල්නාඩු මහ ඇමැතිනිය විසින් යෝජනා කර තිබූ න්‍යාය පත්‍රය නියෝජිතයන් ගේ සාකච්ඡා සඳහා යොදා නො ගන්නා ලද බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. |
දින දෙකක් හමුදා භාරයේ සිටි රඳවා සිටි තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති බව වාර්තාවේ. | හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් රටින් පිට වීම සඳහා හිටපු අගමැතිනිය හමුදා පාලනයෙන් අවසර ලබා ගත යුතු අතර දේශපාලන කටයුතු වල නිරත නොවන මෙන් නියෝග කර ඇති බවයි, තායිලන්ත හමුදා පාලන මණ්ඩලයේ ආරංචි මාර්ග බීබීසී යට ප්‍රකාශ කළේ. තායිලන්ත හමුදාව රටේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග අනෙකුත් ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු ශාස්ත්‍රඥයන් සහ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ පුද්ගලයන් රැඳවුම් භාරයට ගනු ලැබිණ. හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් අගනුවර උද්ඝෝෂණයේ මේ අතර හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් බැංකොක් අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටිති. උද්ඝෝෂණ හේතුවෙන් පහරදීම් හා අත් අඩංගුවට ගැනීම් වාර්තා වූ නමුත් ආරක්ෂක අංශ සමග දරුණු මට්ටමේ ගැටුම් ඇති වී නොමැති බවයි, බීබීසී වාර්තාකරු පවසන්නේ. |
ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය. | ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාංඝික දානයකදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් කළ අනුශාසනය පිළිබඳ ප්‍රතිචාරය පළ කරමිනි. ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයක් පවත්වාගෙන යන මෙන් අනුනාහිමියන් අනුශාසනා කර තිබුණි. "මම දැක්කා මාධ්‍ය තුළින් ඊයේ ස්වාමීන් වහන්සේලා කීපනමක් කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක් ඕන කියලා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා, එතැන තමයි අපි වරද්ද ගත්ත තැන," යනුවෙන් ඔහු සඳහන් කළේය. "ඒකාධිපතියෙකුගේ ස්වරූපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ට කලින්. දැන් ඒක අමතක වෙලා තිබෙනවා." ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතා අදහස් දක්වමිනි. "පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසක් කළේ කියන එක අමතක කරන්න එපා. ඒ නිදහස, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුළු ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිත කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා." මේ තොරතුරුද කියවන්න: වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන: "බණ්ඩාරනායක අගමැතිතුමාටත් මට අද කියන මේ කතා ටිකම තමයි කිව්වේ. බණ්ඩාරනායක ඇමතිතුමාට ඒ කාලයේ කිව්වා සෙවල බණ්ඩා කියලා. කොන්ද පණනැති බණ්ඩා කියලා කිව්වා. එහෙම තමයි බණ්ඩාරනායක මහත්තයාට කිව්වේ. එහෙම කියලා තමයි බණ්ඩාරනායක මහතාව මරලා දැම්මේ," යනුවෙන් ද කියා සිටියේය. "එතකොට අදත් ඒ ස්වරූපයට හැසිරෙනවා. එදා බණ්ඩාරනායක මැතිතුමාට භාවිතා කළ වචන අද මටත් භාවිතා කරනවා. බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ බලයේ හිටියේ වසර තුනහමාරයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ එතුමා ගැන මතකය තිබෙන්නේ එතුමා පුංචි මිනිසුන් වෙනුවෙන් සමාජ පරිවර්තනයක් කළ නිසයි." කෙසේ වුවත් එම ප්‍රකාශය පිළිබඳ බීබීසී සිංහල සේවය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේගෙන් විමසීමක් කළ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ සිය අනුශාසනය මගින් තමන් "එහෙම භයානක දෙයක් අදහස් නොකළ" බවය. "මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන," එහිමියෝ බීබීසී සිංහල සේවය සමග කියා සිටියහ. තවදුරටත් සිය අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය, ඒ අත්දැකීම පිළිබඳ අවබෝධයක් නැතිවයි ඒ දේවල් කතා කරන්නේ," යනුවෙන් ද කියා සිටියේය. "මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප්රජාතන්ත්රවාදයට ගරු කරන ප්රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක් ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ. ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලෑස්ති වෙන්න එපා." තවත් තොරතුරු: |
පහත දැක්වෙන්නේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන හෙට දිනට (අගෝස්තු 05) පෙර පැවති 08 වෙනි පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි. | 2018 නොවැම්බර් 16 ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ පාර්ලිමේන්තුවේ තත්ත්වය 2015 අගෝස්තු 17 වෙනිදා පැවති මහමැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව ප්රවණතා කිහිපයක් සටහන් කළ පාර්ලිමේන්තුවකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙක වශයෙන් සැලකුන එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළමු වරට ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ 08 වෙනි පාර්ලිමේන්තුවේදීය. 1977 පසු පළමු වතාවට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වෙත පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය හිමි වීම ද එහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයෙක් පළමු වරට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම ද එහිදී සිදු විය. ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුබල කෙරුණු පාර්ලිමේන්තුව යළි බල ගැන්වීමකට ලක් විය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ඒ සඳහා වසර හතර හමාරක සීමාවක් එක් කිරීම, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණ විනිසුරු පදවි සහ වෙනත් ඉහළ පත්වීම් සඳහා අනුමැතිය දීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීම එමගින් සිදු විය. ඒ හරහා පාර්ලිමේන්තුවට ස්වාධීනත්වයක් හිමි වූ අතර අදාළ පත්වීම් සිදු කෙරුනේ අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යවස්ථා සභාව මගිනි. දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය. එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර හටගත් දරුණුතම බල අරගලයේ සංග්රාම පිටිය බවට පත් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවයි. ඔක්තෝම්බර් 26 වෙනි දින එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීන්දුව ඊට හේතු විය. එහිදී පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් එවක කථානායක කරු ජයසූරිය සහ බහුතර මන්ත්‍රීවරු පෙනී සිටි අතර අගමැතිවරයා ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඉහත කී බල අරගලය පැවති දින 52 ක තුළ අගමැති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ, එම ධුරය සඳහා පත් වූ පළමු හිටපු විධායක ජනාධිපතිවරයා වශයෙන් ද ඉතිහාස ගත වෙයි. එකී කාලය තුළ 08 වෙනි පාර්ලිමේන්තුවේ සිදු වූ මිරිස් කුඩු ගසා ගැනීම්, කථානායක අසුනට වතුර වැත්කිරීම, පුටුවලින් ගසා ගැනීම, මයික් කැඩීමට ගිය මන්ත්රීවරුන්ම අතපය තුවාල කර ගැනීම, ගුටිබැට හුවමාරු, වැනි ක්‍රියා නිසා පෙර කවරදාකටත් වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම විවේචනයට ලක් විය. හිටපු ජනාධිපතිවරයෙක් විපක්ෂ නායක ධුරයට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවේදීය. පහත දැක්වෙන්නේ 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන් දක්වන දායකත්වය නිරීක්ෂණය කරනු ලබන Manthri.lk වෙබ් අඩවියේ දත්ත සහ විශ්ලේෂණ ඇසුරෙනි) 08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය 08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් වැඩි ප්‍රතිශතයක් අයත් වන්නේ අවුරුදු 50-60 අතර වයස් ඛාණ්ඩයටයි. ඒ අතරින් 97% ක් අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරති. එම පාර්ලිමේන්තුවේ 22% ක් අවුරුදු 60-70 ත් අතර වයස් ඛාණ්ඩයට අයත් වන අතර ඉන් 96% මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 6% ක් අවුරුදු 30-40 වයස් ඛාණ්ඩයේ පසු වූ අතර ඒ සියලු දෙනාම මෙවර මැතිවරණයට තරග කරති. පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 1978 සිට පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු සංඛ්‍යාව 05 කි. රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ගාමිණී ලොකුගේ ඒ අතර වෙති. මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු 07 ක් නියෝජනය කර තිබේ. පාර්ලිමේන්තු 06ක් නියෝජනය කර ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 24 කි. 08 වෙනි පාර්ලිමේන්තුවට පළමු වර තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 70 කි. 'පවුල් දේශපාලනය' Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ 32 ක් හිටපු මන්ත්‍රීවරුන්ගේ පුතුන් හෝ දූවරුන්ය. පියා සහ පුතා දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථා දෙකකි.(මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, රාජිත සෙනවිරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න) ස්වාමියා සහ බිරිඳ යන දෙපලම ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. (දයා ගමගේ සහ අනෝමා ගමගේ) සහෝදරයන් යුගල 4 ක් ද තුන් වෙනි පරම්පරාවේ 10 දෙනෙකු ද 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. නාම යෝජනා නොලැබුණු සහ ජාතික ලැයිස්තුවේ නම නැති හිටපු මන්ත්‍රීවරු 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 208 දෙනෙකු හෙට පැවැත්වෙන මහමැතිවරණයට තරග කරන බව Manthri.lk වෙබ් අඩවිය පවසයි. නාම යෝජනා නොලද හෝ ජාතික ලැයිස්තුවල නම ඇතුළත් නොවන හිටපු මන්ත්‍රීවරු ඉහත ඡායාරූපයේ දැක්වේ. (පාර්ලිමේන්තුව නියෝජනය කළ කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් පසුගිය මැයි මස අභාවප්‍රාප්ත විය) ඉහත ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රීවරුන් හැරුණු විට හිටපු අමාත්‍ය මංගල සමරවීර නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තරඟයෙන් ඉවත්විය. 'පාට මාරු කළ' මන්ත්‍රීවරු Manthri.lk පවසන පරිදි 2015 මහමැතිවරණය සඳහා තරග කළ පක්ෂයෙන් මෙවර තරග නොකරන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 172 කි. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 107 දෙනා අතරින්: 71 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති. තවත් 04 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 94 දෙනා අතරින්: 81 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අතර ඉන් 06 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති. නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි |
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය. | මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දිනේෂ් චන්දිමාල්ට මෙම චෝදනා එල්ල විය. පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් කිසියම් පැණි රස කෑමක් ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම සාක්ෂි උපයෝගී කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත. මේ පරීක්ෂණයෙන් පසු ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, ඉන් අනතුරුව ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ. යම් ගැටළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බවය. මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත. මේ තොරතුරුද කියවන්න: මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය. කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම විරෝධය පෑවේ ඇයි ? සෙනසුරාදා දින තරගය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වෙලාවට පිටියට නොපිවිසීම ගැනද මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි. කුමන චෝදනාවක් එල්ල වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැය දෙකක කාලයක් තරග පිටියට නොපිවිසිම ක්‍රීඩාවට එතරම් යහපත් ආදර්ශයක් නොවන බව ක්‍රීඩා විචාරකයෝ පවසති. සෙනසුරාදා තරගය ආරම්භ කිරීමට විනාඩි දහයකට පෙර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල කිරීම මෙම ගැටළු සහගත තත්වයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසීය. යම් ගැටළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ. තවත් තොරතුරු: පන්දුව මාරු කිරීමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු පහක් ප්රදානය කිරීමේ තීරණය ගැනීමට පෙර පන්දුව පළුදු කළ බවට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලීමක් කර ඇත. නමුත් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති අතර, කොළඹ සිටින ක්‍රිකට් බලධාරීන්ගේ උපදෙස් මත යළිත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසී තිබේ. පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානක ද පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු වූ අතර එහිදී ඔහුගේ තරග මුදලින් 75%ක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදුවිය. |
මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්. | නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි. කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්. බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට මේ "අති සුවිශේෂී මිරිඟුව" හටගන්නේ "ආලෝකයේ නැම්මක් ඇති කරන විශේෂ වූ වායුගෝලීය තත්ත්ව" හේතුවෙන් බවටයි. ආර්ක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී "ඉතා දුර්ලභ" ලෙස දැකිය හැකි බවයි. 'ගිලන්' නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී මුහුද දෙසට දෑස් යොමා සිටින අතරේ මෙම ඡායාරූපය ගැනීමෙන් පසු තමන් මහත් විමතියකට පත් වූ බව ඩේවිඩ් මොරිස් සඳහන් කළා. මේ අතර ඩේවිඩ් බ්‍රේන් කියා සිටින්නේ, "සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් නිසා මේ අති සුවිශේෂ මිරිඟු ඇතිවනවා" යනුවෙනුයි. "උණුසුම් වාතයට වඩා සිසිල් වාතය ඝනවීම හේතුවෙන් එයින්, භූමියේ හෝ වෙරළේ සිටගෙන ඉන්න කෙනෙකුගේ දෑස වෙත ආලෝකයේ නැම්මක් ඇති කරන්නේ වස්තුවක් පෙනෙන දුරස්ථභාවයේ වෙනසක් කරමින්" යැයි මේ අතර ඩේවිඩ් බ්‍රේන් පැහැදිලි කළා. ඔහු තවදුරටත් මේ තත්ත්වය පැහැදිලි කළේ, "අති සුවිශේෂ මිරිඟු, ආකාර කිහිපයක සේයා මවනවා. මෙහිදී දකින්නට ලැබුනේ ඈතින් ඇති නැවක් එහි සැබෑ ස්ථානයට වඩා ඉහළින් පාවෙන ස්වභාවයක්. නමුත් සමහර විටෙක ක්ෂිතිජයට පහළින් ඇති වස්තුවක් පෙනෙන්නටත් ලැබේවි." යනුවෙන්. |
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පොලිසියට සහ අධිකරණයට පමණක් යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. | මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ සූදානම පිළිබඳව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය කළේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දී එක් ලියාපදිංචි ඡන්දදායකයකුට මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් දෙසීයකට අසන්න මුදලක් වැය කරන බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ. "එක ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දෙසීයක් විතර වියදම් වෙනවා. ඒ ගණන වැඩියි කියල සමහරු කියනවා. නමුත් ප්රජාතන්ත්රවාදය මිලයි. මහජනයාගේ කැමැත්ත මිලයි. ඒවා නොමිලේ ගැනීම අමාරුයි."මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. ප්රජාතන්ත්රවාදයේ මිළ නීති විරෝධී මැතිවරණ දැන්වීම් ඉවත් කරන අවස්ථාවක් මහජනතාව ඡන්දය ප්‍රකාශ නො කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා, “ඡන්දය ඔබේ අයිතියයි” යන තේමාව යටතේ ඡන්දයේ වැදගත්කම ජනතාවට පහදා දෙන වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් සඳහන් කළේය. පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීමෙන් මැතිවරණයට යන වියදම අඩු කර ගත හැකි දැයි විමසූ විට ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණ සියල්ල එකවර පවත්වනු ලැබුවත් වියදමේ විශාල වෙනසක් සිදු නොවන බවයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බලා පොලිසියට තොරතුරු වාර්තා කිරීම සඳහා සෑම පොලිස් කොට්ඨාසයකට සිවිල් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පත් කිරීමටද මැතිවරණ දෙපාර්ත මේන්තුව තීරණය කල බවයි කොමසාරිස්වරයා පවසන්නේ. "වැරදි වලට දඬුවම් කිරීමේ බලය තියෙන්නේ අධිකරණයට හා පොලිසියටයි. කටවුට් පෝස්ටර් ගහන්න පුළුවන් අපේක්ෂකයා ගමන් ගන්න වාහනේ විතරයි. ඒ සේරම වැරදි පාලනය කල යුත්තේ පොලිසිය විසිනුයි " මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියි. ඡන්දය සහ ජිනීවා ඡන්ද පෙට්ටි ගණන් කෙරෙන මධ්‍යස්ථානයක් කරා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙන මාර්තු විසි අට වෙනි දිනට ආසන්න දිනයක මෙම මැතිවරණය යොදාගැනීමට රජය කටයුතු කරන්නේ ජිනීවා ප්‍රතිඵලය පෙන්වා ඡන්ද ලබාගැනීමට වන බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳව සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා, " දිනය බලල මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ .ඔවුන් ඡන්දේ දෙන්නේ පක්ෂවල ප්‍රතිපත්ති වලට.මට මැතිවරණ කොමසාරිස් හැටියට සමහර දේවල්වලට උත්තර දෙන්න බැහැ" යනුවෙනුයි පිළිතුරු දුන්නේ. 2013 ජූලි පළමු වෙනිදා ට පසු කොළඹ නගරයේ කඩා ඉවත් කළ නිවාසවල විසූ ජනතාවගේ ඡන්ද එම ස්ථානය සඳහාම ලියාපදිංචි කොට ඇති බවත් ඔවුන්ට තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් අදාල නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. |
දහ අට වන සියවසට අයත් පවුම් මිලියන දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්පාඤ්ඤ රත්තරන් කාසි තොගයක් සොයා ගත් බව ඇමරිකානු නිදන් වස්තු ගවේෂකයන් කණ්ඩායමක් පවසයි. | පසුගිය වසර 300ක කාලය පුරා එම රන් කාසි 350ක ප්‍රමාණය ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත වෙරළට ආසන්නව අත්ලාන්තික සාගර පතුලේ තැන්පත්ව තිබී ඇති බවයි නිදන් වස්තු ගවේෂකයන් පවසන්නේ. කියුබාවේ සිට ස්පාඤ්ඤය බලා යමින් තිබූ ස්පාඤ්ඤ නැව් එකොළහක බල ඇණියක් කුණාටුවකට හසු වී මුහුදුබත් වී ඇති අතර සොයා ගැනුන කාසි ඉන් එක් නැවක තිබෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. වෙරළේ සිට මීටරයක් වැනි අඩු දුරකින් මුහුදු පත්ලේ වැලි යට වැළලී තිබූ මෙම රන් කාසි තොගයේ වටිනාකමින් 20% ක ප්‍රමාණයක් ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුව විසින් ඇය කර ගැනීම ඇමරිකාවේ නීතියයි. ඇමරිකාවේ ෆ්ලොරීඩා මුහුදු තීරයේ නිදන් වස්තු ගවේෂණය ඉතා ජනප්‍රිය ක්‍රියාකාරකමක් ලෙස ප්රකටයි. මේ මාස කිහිපය තුළ නිදන් වස්තු ගවේෂකයන් විසින් කළ දෙවන සොයා ගැනීම මෙයයි. පසුගිය ජුනි මාසයේ ෆ්ලොරීඩා මුහුදු පතුලේ තිබී පවුම් මිලියන භාගයක් පමණ වටිනා රත්රන් කාසි පනහක් ද සොයා ගැනින. |
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට පැතිර ගිය වැරදි ප්‍රචාරයක් නිසා සිය දරුවාට පාසල අහිමි වූ දරුවාගේ මව එමගින් සිය මූලික අයිතීන් කඩ වීමක් සිදු වී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. | පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා, කුලියාපිටිය බෝගහැන්දිය ප්‍රාථමික විදුහල සහ දියතලමුල්ල රාජකීය විදුහලේ විදුහල්පතිවරුන් බවත් වාර්තා වෙයි. කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් වන පෙත්සම්කාරිය පවසන්නේ වග උත්තරකාර පාසල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය කරන සියලු සුදුසුකම් තම දරුවා සතු බවයි. එහෙත් තම දරුවා HIV ආසාදිතයෙකු බව පවසමින් පාසලට ඇතුළත් කර ගැනීම වග උත්තරකාර විදුහල්පතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවටයි ඇය චෝදනා කරන්නේ. වැරදි චෝදනා විදුහල්පතිවරුන්ගේ තීරණ පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත පැමිණිලි කළත් තමාට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු නොකළ බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් කියා සිටින්නීය. මෑතදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් මගින් සිය දරුවා HIV ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇතත් තවමත් ඔහුට පාසලක් නොලැබුණු බවත් ඇය පෙන්වා දෙයි. එමගින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ප්‍රකාශ කරන අතරම දරුවා පාසලට ඇතුළත් කිරීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ඉහත කී දරුවා ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළ කරමින් මේ වන විට වෙනත් පාසල් කීපයක්ම ඉදිරිපත් වී සිටින බවක් වාර්තා වන අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත් වාර්තා වෙයි. |
කලක් උස්බෙකිස්තානයේ ඉතා බලගතු කාන්තාවක වූ, හිටපු ජනාධිපති ඉස්ලාම් කරීමොෆ් ගේ දියණිය රඳවාගෙන සිටින බව බලධාරීහු තහවුරු කළහ. | 45 හැවිරිදි ගුල්නාරා කරීමවා සිය පියාගෙන් අනතුරුව රටේ බලයට පත්වනු ඇතැයි මුලදී විශ්වාස කෙරිණ. එහෙත් දශක දෙකකට වැඩි කාලයක් 'යකඩ හස්තයකින්' උස්බෙකිස්තානය පාලනය කළ ඉස්ලාම් කරීමොෆ් ගේ පාලනය සමයේදීම ඇය සිය පියා සමග ගැටුම් ඇතිකරගත්තාය. සබැඳි යොමු: ඉස්ලාම් කරීමොෆ් පසුගිය සැප්තැම්බර් මාසයේ මිය ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය පියාගේ පාලනය සමයේදීම දූෂණ චෝදනාවකට වැරදිකරු කෙරුණු ඇය 2015 සිට රැඳවුම් භාරයේ පසුවන බව නීතිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළේය. නීතිපතිවරයා පවසන පරිදි ඇයට එරෙහිව පස් වසරක් රඳවා ගැනීමේ නියෝගයක් 2015 දී නිකුත් කර තිබේ. ගුල්නාරා කරීමවා නිවාස අඩස්සියේ පසුවන බව විශ්වාස කෙරෙන අතර, ඇය රඳවා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න පැහැදිලි නැත. කලක් ස්පාඤ්ඤයේ උස්බෙකිස්තාන තානාපතිවරිය ලෙසින් ද කටයුතු කළ ගුල්නාරා කරීමවා, උස්බෙකිස්තානයේ ජාත්‍යන්තර නාමය බවට පත්ව සිටියාය. ඇයට සිය නමින්ම මෝස්තර සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් තිබූ අතර, සිය පොප් ගීත තැටිගත කරමින් සහ බෙදාහරිමින් ඇය ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටියාය. 'කළු සල්ලි ජාවාරම' එහෙත් 2014 දී සිය පවුල සමග ගැටුම ඇතිකර ගැනීමත් සමග ඇයට එරෙහිව අල්ලස් සහ 'කළු සල්ලි ජාවාරම' පිළිබඳව ද චෝදනා එල්ලවන්නට විය. ඇයට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ චෝදනා දෙකක් සම්බන්ධ විස්තර නීතිපති දෙපාර්තමේන්තුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඩොලර් බිලියනයකට ආසන්න වත්කම් ඇය සතුව රටවල් දොළහක තිබෙන බව එක් චෝදනාවකි. රුසියාව, මෝල්ටාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇය සතු වත්කම් තිබෙන බව පැවසෙන රටවල් අතර වේ. ඉස්ලාම් කරීමොෆ් සහ බිරිඳ දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන්ය ඇය එක් දූෂණ චෝදනාවක වැරදිකරු බව තීරණය කරනු ලැබීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝගය නිකුත් කළ බව ද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. වංචා, කළු සල්ලි ජාවාරම සහ විදෙස් මුදල් සැඟවීම යන චෝදනා සම්බන්ධ විමර්ශන තවමත් අවසන් වී නැති අතර, ඇයගේ වත්කම් තහනම් කරන්නේ ද යන්න පිළිබඳව ද සලකා බලමින් සිටින බවත් බලධාරීහු පවසති. පසුගිය දෙසැම්බරයේදී බීබීසී ය සමග සාකච්ඡාවකට සහභාගි වූ ගුල්නාරාගේ පුත් කණිෂ්ඨ ඉස්ලාම් කරීමොෆ්, සිය මව හුදෙකලා කොට රඳවාගෙන සිටින බවට උස්බෙකිස්තානයේ ආරක්ෂක බලධාරීන්ට චෝදනා කළේය. මේ වනවිට ලන්ඩන් නුවර වාසය කරන ඔහු, සිය මව රඳවාගෙන සිටින ස්ථානය හෙළි කරන මෙන් ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. |
උසස් අධ්‍යාපනය ලැබූ පුරුෂයන් "හිඟවීම" හේතුවෙන් වෘත්තීය කාන්තාවන් විශාල පිරිසක් සිය ඩිම්බ අධි ශීතකරණවල ගබඩා කිරීමට පෙළඹී සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් පවසති. | විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු පුරුෂයන්ට වඩා කාන්තාවන් විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් තමන්ට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට ඔවුන්ට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදු වී තිබෙන බව යේල් විශ්වවිද්‍යාලයේ (Yale University) පර්යේෂකයන්ගේ නිගමණය වී තිබේ. බ්‍රිතාන්‍යය වැනි කාන්තාවන් බහුල වශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවන රටවල මේ ගැටලුව වැඩිපුරම දක්නට ලැබෙන බව ද පර්යේෂකයෝ පවසති. සිය ඩිම්බ අධි ශීතකරණවල තැන්පත් කළ කාන්තාවන් 150 ක් එම පර්යේෂණය සඳහා යොදාගෙන තිබේ. ඒ අතරින් 90% ක්ම පවසා තිබෙන්නේ සුදුසු සහකරුවෙකු සොයාගැනීම දුෂ්කර වීම හේතුවෙන් තමන් එසේ කළ බවය. සිය රැකියාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් කාන්තාවන් දරුවන් බිහිකිරීම පමා කරන බවට පවතින මතය මේ මගින් අභියෝගයට ලක් කෙරෙන බව පර්යේෂණ වාර්තාවේ කතුවර මහාචාරිනී මාර්සියා ඉන්හොර්න් (Marcia Inhorn) පවසන්නීය. උපාධිධාරී තරුණයන් මෙම තරුණියන් සමග අතිනත ගැනීම පිණිස උපාධිධාරී තරුණයන් ප්‍රමාණවත් නොවීම උගත් තරුණියන් දරුවන් බිහිකිරීම පමා කිරීමට හේතුව බව ද ජිනීවා නුවර පැවති සමුළුවක් අමතා දහස් දක්වමින් ඇය කියා සිටියාය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු බ්රිතාන්යයේඋගත් තරුණියන් සිය යුග දිවිය ආරම්භ කිරීම පමා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව දරුඵල ලැබීම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංසදයේ සභාපති මහාචාර්ය ඇඩම් බැලන් පවසයි. "අතීතයේ දීට වඩා වැඩිමහල් කාන්තාවන් මගේ සායනවලට ඒමේ පැහැදිලි වැඩිවීමක් දකින්න ලැබෙනවා," ඔහු පැවසීය. වේදනාකාරී ක්‍රියාවලියක් යේල් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අදාළ පර්යේෂණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන්නේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන පුරුෂයන්ගේ සංඛ්‍යාව පහළ වැටීම පිළිබඳව අවධානය පළ වී තිබෙන මොහොතකය. කෙසේ නමුත් ඩිම්බ අධි ශීතකරණවල තැන්පත් කිරීම වේදනාකාරී මෙන්ම වියදම් අධික ක්‍රියාවලියක් බවටත් මහාචාර්ය ඇඩම් බැලන් අනතුරු අඟවයි. ඒ සම්බන්ධ තාක්ෂණයේ ප්‍රබල දියුණුවක් පවතින නමුත් එමගින් අනිවාර්යයෙන්ම අනාගතයේදී දරුවෙකු බිහිකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. |
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර තමා නැවතී සිටි හෝටලයට නුදුරින් අතරමං ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් සමුහ දුෂණයකට ලක්කිරීමේ චෝදනාවක් පිළිබඳව නව දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වයි. | පිහියක් පෙන්වා දුෂණය කර ඇති බව පොලීසිය කියයි අඟහරුවාදා සැන්දෑ යාමයේ පහර්ගාන්ජ් ප්‍රදේශයේදී මිනිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ මෙම 51 වියැති සංචාරක කාන්තාව පිහියක් පෙන්වා දුෂණය කර ඇති අතර ඇය සතු බඩු බාහිරදියද සොරකම් කර ඇති බව පොලීසිය කියයි. බදාදා උදෑසන ඇය ඉන්දියාවෙන් ආපසු පිටත්වී ඇතිබවයි වාර්තාවන්නේ. ලිංගික හිංසනයට එරෙහිව දැඩි නීති 2012 දී දිල්ලියේ බස් රථයක් තුල තරුණ ශිෂ්‍යාවක් සමූහ දුෂණයට ලක්කර මරා දැමීමත් සමග, ලිංගික හිංසනය පිළිබඳව සුපරික්ෂාව වැඩෙමින් තිබේ. පසුගිය වසරේ, ලිංගික අපයෝජනයන් පිලිබඳ නීති දැඩි කිරීමට රජය පියවර ගත්තේ එම සිදුවීමත් සමග ඇතිවූ විරෝධතා රැල්ලෙන් පසුවයි. මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තමා නවදිල්ලි දුම්රිය ස්ථානය අසළ හෝටලයට යන පාර සොයමින් සිටිද්දී මිනිසුන් පිරිසක් ඇය වෙත පැමිණි බවයි. එම පිරිස ඇගේ බඩු බාහිරදිය සොරකම් කර ඇය දුෂණය කර ඇති බව නවදිල්ලි පොලීසියේ රාජන් භගත් බීබීසියට පැවසුවේය. “ආපසු හෝටලය වෙත ගිය ඇය හෝටලයේ කළමනාකරු වෙත සිද්ධිය පැවසීමෙන් පසු ඔහු විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා. දැන් පරීක්ෂණ පැවැත්වෙනවා” යනුවෙන් පොලිස් ප්‍රකාශකයා පැවසීය. මේ සිදුවීම සම්බන්ධව තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මාර්තු මස මධ්‍ය ප්‍රදේශයේදී ස්විස් ජාතික තරුණියක් සමුහ දුෂණයකට ලක්කොට ඇගේ සහකරුවා ට පහරදීමක් සිදුවුණු අතර ජුලි මාසයේදී ඊට වගකිවයුතු හය දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. |
දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව අවධාරණය කරන උතුරු පළාතේ නව මහ ඇමතිවරයා, ඒ මගින් සිදු වන්නේ රටේ ජන කොටස් අතර සමගිය වර්ධනය වීම බව අවධාරණය කරයි. | දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව මහ ඇමතිවරයා අවධාරණය කරයි උතුරු පළාතේ මහ ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන්, ස්වයං නීර්ණ අයිතිය ලබා ගැනීම පිණිස ප්‍රචණ්ඩත්වයට යොමු වීමට ලාංකීය සමාජය තුල තවදුරටත් කිසිදු ඉඩක් නොමැති බවද අවධාරණය කරයි. "සිංහල ජනතාව තමන්ගේ භාෂාව සහ සංස්කෘතිය අගය කරන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම දෙමළ ජනතාවද සිය භාෂාවට සහ සම්ප්‍රදායයන්ට ගරු කරන බව වටහා ගන්නා මෙන් මම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිමි," යනුවෙන්ද නව මහ ඇමතිවරයා සිය නිවේදනයේ සඳහන් කරයි. සන්ධානයේ මතභේද අගමැති දිමු ජයරත්න සහ ඩග්ලස් දේවානන්ද, මෛත්‍රීපාල සිරිසේන, රවුෆ් හකීම්, සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන්, උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් පිරිසක්ද සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ලෙසින් දිවුරුම් දීමේ අවස්ථාවට එක් වී සිටියහ. මහ ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් නායකයන් විරෝධය පළ කොට තිබෙන අතර, එයට විරෝධය දැක්වීමක් වශයෙන් නව මහ ඇමතිවරයා ඉදිරියේ තමන් දිවුරුම් නොදෙන බව සන්ධානයෙන් තේරී පත්වූ ආනන්දි සසීහරන් මන්ත්‍රීවරිය පවසා තිබෙන බව වාර්තාවල දැක්වේ. යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු ලෙසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් නම් කරනු ලැබ සිටින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සීවී විග්නේශ්වරන් ගත් තීරණය සදාචාර සම්පන්න නැතැයි ශ්‍රී ලංකා දෙමළ නීතිවේදීන්ගේ සංගමය බීබීසී සංදේශයට පැවසීය. පළාත් සභාවේ අමාත්‍ය පදවි බෙදා ගැනීම සම්බන්ධයෙන්ද දෙජාස (ටීඑන්ඒ) නායකයන් අතර මතභේද හට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා පැවති පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්තේය. |
කටාරය සමග පවතින තානාපති සබඳතා තවත් ව්යවුලට පත් කරමින් එරට ගුවන් යානාවලට සිය ගුවන් කලාපයට ඇතුළුවීම වළකාලීමට ඊජිප්තුව කටයුතු කරයි. | බහරේනය සහ සෞදි අරාබිය ද අඟහරුවාදා (ජුනි 06) එම තීන්දුව ක්‍රියාත්මක කරනු ඇත. ගල්ෆ් කලාපය තුළ ත්රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාරය සමග පවතින තානාපති සබඳතා අත්හිටවීමට අරාබි රටවල් කිහිපයක් කටයුතු කළහ. ඒ අනුව බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කටාර් පුරවැසියන්ට එම රටවලින් පිටව යෑම සඳහා සති දෙකක කාලයක් ලබා දී තිබේ. කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් " විවෘත සහ අවංක සංවාදයකට" පැමිණෙන ලෙස එරට විදේශ ඇමතිවරයා ඉල්ලා සිටී. "නැවත දැනුම් දෙන තුරු" ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් 04.00 ට කටාර් ගුවන් යානා සඳහා සිය ගුවන් දේශ සීමාව වසා දමන බව ඊජිප්තුව නිවේදනය කළේය. ඒ අනුව ගුවන් යානා හුවමාරු වන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් වන කටාරයේ ඩෝහා අගනුවර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු අඩාල වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. කටාර්, එතිහාඩ් සහ එමිරේට්ස් ගුවන් මෙහෙයුම් අඩාල වන සේවා අතරට ඇතුලත්ය. ආහාර හිඟයක්? ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටිති සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් කටාරය සමග පවතින සබඳතා අත්හිටුවමින් ගුවන්, මුහුදු සහ ගොඩබිම් යන සියලුම දේශ සීමා වසා දැමීමට කටයුතු කළහ. කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සෞදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන බව විශ්වාස කෙරෙන අතර, එබැවින් සෞදිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කළේය. ශ්‍රී ලාංකිකයන් මේ අතර ඩෝහා සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා කටයුතුවලට ඉන් බලපෑමක් සිදු වී නොමැති බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරලගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කටාර් රියාල් මාරු නොකරන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවය. ශ්‍රී ලාංකිකයන් 125,000 ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටින බවත් අරාබි රටවල තීරණය ඔවුන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ නොවන බවත් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල සඳුදා (ජුනි 05) බීබීසී සිංහල සේවයට කියා සිටියේය. |
තහනම් උත්තේජක පිළිබඳ ජගත් පාලක මණ්ඩලයේ නීති විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ජගත් පාලක මණ්ඩලය සනාථ කළේය. | විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු කුසල් ජනිත් පෙරේරා තාවකාලික තරඟ තහනමක් පනවනවා - අයිසීසී ය ඒ අනුව එම විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔහුට තාවකාලික තරඟ තහනමක් පනවනු ලබන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය. අදාළ විනය පරීක්ෂණයෙන් නිගමනයකට එළඹෙන තුරු ජගත් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් පැවසීමෙන් වැලකී සිටින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමඟ පැවති තරඟාවලිය අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලය විසින් කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද සාම්පලවල තහනම් උත්තේජක තිබූ බව හෙළි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 'ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල' එබැවින් දැනට කණ්ඩායම සමඟ නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින ඔහු වහාම යළි සියරට කැඳවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා කෞෂල් සිල්වා පිටත් කර යැවීමට නියමිතයි. සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි:"ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල," පැවසීය. අයිසීසී විධිවිධාන ප්‍රකාර බී සාම්පලය පරීක්ෂා කර, හැකි ඉක්මනින් ඔහුට යළි ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම සිය අභිප්‍රාය බවයි පාලක මණ්ඩලය පවසන්නේ. කිසියම් ලෙසකින් දෙවැනි සාම්පලයේද තහනම් උත්තේජක අඩංගු බව සනාථ වුවහොත් ඔහුට ලබන වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වන අතර, එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතල පාඩුවක්. 'ක්‍රිකට් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය එච්චරම ප්‍රචලිත වෙලා නැහැ' තහනම් උත්තේජක තිබෙන බව බී සාම්පලයෙන්ද සනාථ වීම සාමාන්‍ය තත්වය බවයි ඒ පිළිබඳව විග්රහයක යෙදෙන ඩේලිමිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ. "ඒ දෙක වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකින්. අපි අහලම නෑ එහෙම වෙනස් වෙනවා කියල," ඔහු පැවසීය. මීට ඉහතදී උපුල් තරංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන ෆිලිප්ස් උපුටා දක්වමින් ඉදිරි පියවර පහදන චන්නක ද සිල්වා පවසන්නේ, එසේ තහවුරු වුවහොත් ඉන් අනතුරුව අයිසීසී ය විසින් ඔහු වැරදිකරුද, නිවැරදිකරු දැයි විමසනු ඇති බවයි. කිසියම් ලෙසකින් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට වසර හතරක් දක්වා වූ ක්‍රිකට් තහනමක් පැනවීමට ඉඩ තිබේ. උපුල් තරංග ද මීට ඉහතදී තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්විය එසේ වුවත්, මෙය එවැනි වරදක් කෙරුණු පළමු අවස්තාව බැවින් සහ නොදැනුවත්ව ගත් ඖෂධයක් එයට හේතුව බව සනාථ කළහොත් ඒ දඬුවම ලිහිල්වීම්ට ඉඩ තිබෙන බවත් ඔහු පැවසීය. "මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය එච්චරම ප්‍රචලිත වෙලා නැහැ." මීට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග ද තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් මාස තුනක තරඟ තහනමකට ලක්විය. |
ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින තම දරුවන් මුදා හැරීම සඳහා රුපියල් කෝටියක මුදලක් ලබා දෙන මෙන් නොහඳුනන පුද්ගලයෙක් දුරකථනයෙන් තමන්ට දැනුම් දුන් බව අතුරුදහන් වූ දෙමළ තරුණයෙකුගේ මව පවසන්නීය. | ඉකුත් වසර අවසාන වන විට ශ්‍රී ලංකාව තුල අතුරුදන්වී ඇති සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවන බව රතු කුරුස සංවිධානය පවසයි 2008 සිට අතුරුදහන්ව සිටින ඩිලාන් රාජරත්නම් තරුණයාගේ මව මේ බව කියා සිටියේ මීට වසර කිහිපයකට ඉහතදී කොළඹදී දෙමළ ජාතික තරුණයන් පස් දෙනකු අතුරුදහන් වීම පිළිබඳව පැවති අධිකරණ පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂි දෙමින්. මෙම තරුණයන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. අතුරුදහන්ව සිටින තරුණයන්ගේ මාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි, මෙම පරීක්ෂණය ආරම්භ කෙරුනේ. නාවුක හමුදා අත් අඩංගුවේ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඩිලාන් රාජරත්නම් ගේ මව කියා සිටියේ 2008 සැප්තැම්බර් දාහත් වැනි දින සිය පුත්‍රයා කොණ්ඩය කපා ගැනීම සඳහා නිවසින් පිටව යාමෙන් අනතුරුව අද වන තුරු තමන්ට දක්නට නොලැබුණු බවයි. ඔහු අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට සහ මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළ බවත් ඇය පවසන්නීය. එයින් මාස තුනකට පමණ පසුව සිය පුත්‍රයා සමඟම අතුරුදහන් වූ රජීව් නාගනාදන් තරුණයාගේ මව දුරකතනයෙන් අමතා ඇති අන්නච්චි නමැති පුද්ගලයෙක්, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සම්පත් මුණසිංහ සහ හෙට්ටිආරච්චි යන නිළධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් අතුරුදහන් වූ දරුවන් දෙදෙනා නාවුක හමුදා අත් අඩංගුවේ සිටින බවත් දැනුම් දී ඇති ද සාක්ෂිකාරිය සඳහන් කළා. කප්පම් ඉල්ලීමේ සිද්ධිය පිළිබඳව රහස් පොලීසියට පැමිණිලි කළත්, තම දරුවන් සොයා දීමට පියවර නොගත් බවට ඇය පොලීසියට චෝදනා කළාය. ත්‍රිකුණාමල නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින තම දරුවන් කෙසේ හෝ ලබාදෙන මෙන් නියෝගයක් පනවන ලෙස සාක්ෂි විභාගය අවසානයේදී සාක්ෂිකාරිය හැඬු කඳුලින් යුතුව අධිකරණයෙන් ඉල්ලා සිටියාය. |
ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා සේවයෙන් පහ කර ඇති බව ධවල මන්දිරය පවසයි. | FBI ආයතනයේ අධ්යක්ෂ ජේම්ස් කෝමි "සේවයෙන් ඉවත් කොට ධුරයෙන් පහ කරන ලදී" යනුවෙන් ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. නමුත් ඩිමොක්රටික් පක්ෂය පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂකරයා සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති බවය. ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගනු ලැබ ඇත්තේ ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් පිළිබඳ ජේම්ස් කෝමි කොංග්රස් මණ්ඩලය වෙත නිවැරදි නොවන තොරතුරු ලබා දී ඇතැයි හෙළි වීමත් සමගය. ජේම්ස් කෝමි, ලොස් ඇන්ජලීස් නගරයේ දී FBI ඒජන්තවරුන් අමතමින් සිටින අවස්ථාවේ තමන් සේවයෙන් පහ කොට ඇති බව රූපවාහිනී පුවතක් ඔස්සේ දැන ගැනීමට ලැබී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. එම පුවත දුටු පනස් හය හැවිරිදි ජේම්ස් කෝමි එය සරදමක් යැයි සිතා සිනා පළකොට ඇති බවත් වාර්තා වේ. පුරප්පාඩු වූ ධුරය සඳහා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයවීමට සිදුවීම පිළිබඳ හිලරි ක්ලින්ටන් FBI අධ්‍යක්ෂක ජේම්ස් කොම්ලිට එවක දෝෂාරෝපණ එල්ල කළාය පුරප්පාඩු වූ FBI අධ්යක්ෂ ධුරයට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම සඳහා වහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. ඇමරිකානු ඉතිහාසය තුළ FBI රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයෙකු එම ධුරයෙන් පහ කරන ලද දෙවන අවස්ථාව මෙයයි. පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ. |
ලෝක මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපළේ තුන්වැනි තැන හිමිකර ගන්නේ තායිලන්තයයි . එසේ වුවද තායිලන්ත ධීවර කර්මාන්තය පිටුපස වහල් සේවයක් පවතින බවට චෝදනාවක් පවතී. | තායිලන්ත මුහුදේ බෝට්ටුවක් “හියුමන් රයිට්ස් වොච්” අයතනයේ ෆිල් රොබට්සන් එම වහල් සේවයට ගොදුරු වූ ධීවරයන් සිය ගණනක් මුණ ගැසී ඔවුන් සමග සාකච්ඡා පවත්වා විශේෂ වාර්තාවක් සකස් කොට ඇත. ඇමරිකාවේ, යුරෝපයේ හෝ බ්‍රිතාන්‍යයේ කෑම පිඟානකට ලැබෙන මත්ස්‍ය නිෂ්පාදනයක පසුබිමේ සිටින්නේ තායිලන්තයේ වහල් සේවයේ යොදවනු ලැබ ඇති අසරණ ධීවරයකු සිටිය හැකි බවයි ඔහු පවසන්නේ. “ප්රශ්නය වන්නේ ධීවර කර්මාන්තයේ දී වහලුන් යොදා ගැනීම ඉතාමත් සැලසුම් සහගතව සිදු වන බැවින් බාහිර ලෝකයට අනාවරණය නොවීම . ධීවර වහළුන් කාර්යක්ෂම නැතැයි සිතුණ හොත්, එසේත් නැත්නම් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතුනොත් ඔවුන් ව මරා මුහුදට දැමීමයි සිදුවන්නේ. කිසිවෙක් එය දැන ගන්නේ නැහැ.” ෆිල් රොබට්සන් වැඩිදුරටත් පවසයි. වැඩ නොකළොත් මරණය තායිලන්ත ධීවර වහල් වෙළඳාමේදී වැඩිම මිලක් ගෙවනු ලබන්නේ කම්පුචියාවෙන් හෝ බුරුමයෙන් පැමිණි නීති විරෝධී සංක්රමනිකයන් වෙනුවෙන්. වැටුප් ලැබීමකින් තොරව කළ වහල් සේවයෙන් මිදී පළා ආ අයෙක් පවසා තිබුණේ, එසේ පළා යාමට තැත් කළ බොහෝ ධීවරයින් මරා දමා ඇති බවයි. “දවසකට තුන් සැරයක් දැල් අදින්න ඕන. ඉක්මනින් වැඩ නොකොළොත් අපට තලනව නොසැහෙන්න. ඔලුවටමයි ගහන්නෙ. ගහන්න එකක් නැතිනම්, පයින් ගහනවා”. පළා ආ ධීවර වහලා පැවසීය. “බොහෝ විට තමන්ගෙ රටවල රැකියාවක් හොයා ගන්න බැරි වුන නීති විරෝධී සංක්‍රමණිකයන්ට ලැබෙන පොරොන්දුව තායි කම්හලක රැකියාවක්. නමුත් තායිලන්තයට පැමිණි පසු ඔවුන්ට සිදු වන්නේ ධීවර යාත්‍රාවක වහල් සේවයයි.” ඔහු වැඩිදුරටත් කියා සිටියි. |
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ හය වැනි පදක්කම තහවුරු කර ගැනීමට බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර සමත් විය. | කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වුණි. බොක්සිං ක්‍රීඩාවේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් පිරිනැමෙන අතර ඒ අනුව අවම වශයෙන් ඉශාන් බණ්ඩාරට ලෝකඩ පදක්කමක් හිමිවීමට නියමිතය. ලබන අප්‍රේල් 13 වෙනි දින ඉශාන් බණ්ඩාර ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි සමග අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය. මේ අතර අඟහරුවාදා (අප්‍රේල් 10) දින කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් පදක්කමක් තහවුරු කර ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිවංක රණසිංහ සමත් විය. අප්‍රේල් 13 වෙනි දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.32ට එංගලන්තයේ ගාලාල් රෆායි සමග ඔහු අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය. අනුෂා කොඩිතුවක්කු ඉන්දියාවේ මේරි කොම් අතින් පරාජයට පත් විය. බදාදා (අප්‍රේල් 11) උදෑසන කාන්තා බොක්සිං අවසන් පූර්ව තරගය පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු ඉන්දියාවේ මේරි කොම් අතින් පරාජයට පත් විය. කෙසේ වෙතත් ඇයට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී බොක්සිං පදක්කමක් දිනාගත් පළමු කාන්තා ක්‍රීඩිකාව බවට පත් වූවාය. මේ අනුව දැනට ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් පදකක්ම් තුනක් තහවුරු වී තිබෙන අතර, බර ඉසිලීමේ ඉසව්වලින් පදක්කම් තුනක් ජයග්‍රහණය කර ඇත. පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක මෙය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම පදක්කම් ගණන ලෙසද සැළකේ. බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කම් දිනා ගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය හා දිනූෂා ගෝමස් බදාදා උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන්තොටුපලේ දී ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් කටයුතු කර තිබේ. තවත් තොරතුරු: |
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මාධ්‍ය ආයතන වලට කරන බලපෑම් නතර කළ යුතු යයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි. | 'ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමක' කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීම පිළිබඳ වැඩසටහනක් TNL රූපවාහිනී සේවයේ නැවත ප්‍රචාරය කිරීමට සූදානම් ව තිබිය දී නාගරික සංවර්ධන අධිකාරියෙන් එල්ල වූ බලපෑම් මත එය නවතා දමා ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක චෝදනා කළේය. යුද හමුදාව කොළඹ නගරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු වලට යුද හමුදාව සම්බන්ධ කර නොගන්නා මෙන් ඉල්ලා සිටින එම සංගමය රටේ පවතින නීතියට අනුව එම කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටී. “ඉඩමක් අත් පත් කර ගන්න නීතියෙන් තියෙනවා ප්‍රතිපාදන. ඒ අනුව කටයුතු කරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. මේක කරන්නේ බලහත්කාරයෙන්. ඒක පටන් ගත්තේ උතුරෙන්. දැන් දකුණටත් ඇවිල්ල. දැන් තමයි දකුණේ ජනතාවටත් තේරෙන්නේ උතුරේ උනේ මොකක්ද කියල.” නීතිවේදී ලාල් විජේනායක පැවසීය. මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු බලයක් නොමැති බවත් අන්තර් ජාතික දර්ශක වලට අනුව ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා තුළින් තව දුරත් රට අපකීර්තියට පත් වන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දුන්නේය. ඉහත චෝදනා පිළිබඳ ව නාගරික සංවර්ධන අධිකාරියේ හා TNL රූපවාහිනී සේවයේ වගකිවයුතු බලධාරියකුගේ අදහස් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. |
යුද්ධයෙන් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් සියදිවි හානි කර ගැනීම් තුළින් මිය යන බව වවුනියාව මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පැවසීය. | සැප්තැම්බර් 10 වෙනි දිනට යෙදී තිබෙන ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය මයුර සන්නසූරිය පැවසූවේ "සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා එකමුතුවී වැඩකරමු " යන්න මෙවර දිනයේ තේමාව වන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සිය දිවි හානි කර ගැණීම වැලක්වීමේ ජාත්‍යන්තර සංවිධානය (INSP) සහ ලෝක මානසික සෞඛ්‍ය සම්මෙලනය (WFMH) යන ආයතන එක්ව 2003 වසරේ සිට මෙම දිනය වෙන් කිරීමට කටයුතු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මියයති. 90 දශකයේ මුල් භාගය වන විට සිය දිවි හානිකර ගැණිම් සංඛාව ඉහළ ගිය අතර, ලෝකයේ රටවල් අතරින් වැඩිම පිරිසක් සියදිවි හානි කරගන්නා රට බවට ශ්‍රී ලංකාව පත් වූ බව 'සුමිත්‍රයෝ' සංවිධානයේ ස්වේච්ඡා උපදේශිකාවක් සහ කලමනාකාරියක් ලෙස සේවය කරන සොනාලි බීබීසී සිංහල සේවය සමග පැවසුවාය. වෘත්තීය බැඳීම් හේතුවෙන් ඇයට සිය වාසගම හෙළි කළ නොහැකිය. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මියයති. සියදිවි නසාගැනීමට තැත් කරන පුද්ගලයන්ට සහ විවිධ ගැටලු හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටින්නන් වෙනුවෙන් සුමිත්‍රයෝ වැනි රාජ්‍ය නොවන සංවිධාන උපදේශන සේවා ක්‍රියාත්මක කරති. මේ තොරතුරුද දැනගන්න: "වර්තමානය වන විටත් මෙම ජීවිත හානිකර ගැනීම අප සමාජයේ සැලකිය යුතු ප්‍රශ්නයක් බව බොහෝ දෙනා දන්නා දෙයක්. පර්යේෂණ සහ වෛද්‍ය විද්‍යාත්මක හැදෑරීම් තුළින්, අද වන විට යම් පුද්ගලයෙකුට සියදිවි හානිකර ගැනීමේ සිතුවිල්ල ඇති වීමට හේතුවන කරුණු කාරනා කීපයක් අනාවරණය කරගෙන තිබෙනවා" යැයි වෛද්‍ය මයුර සන්නසූරිය පැවසුවේය. දිවි නසා ගැනීම් වළක්වන්නේ කෙසේද? "ඒ අතරින් නොයෙකුත් මානසික රෝගී තත්වයන්, උදාහරණ ලෙස විශාදය (Depression), හීන්නෝන්මාදය, මත්පැන් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය භාවිතය, දීර්ඝකාලීන රෝගී තත්වයන්, අපචාරයන්ට ගොදුරු වීම වැනි කරුණු මූලික කොට සලකන්න පුළුවන්. මීට අමතරව පෙර අවස්ථාවක සිය දිවි හානිකර උත්සාහ ගත් තැනැත්තෙකු නැවත එය සිදු කර ගැනීමට ඉඩ ඇති බවත් සොයාගෙන තිබෙනවා," වෛද්‍යවරයා පැවසීය. * මම මේ සමාජයට, පවුලට බරක්......... * මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට වෙන කිසිදු විකල්පයක් නෑ......... * මම ඉන්නේ වෙන කිසිවකුටත් උදව් කිරීමට හැකි තත්ත්වයක නොවේ........ * අන් අයගේ වැරදි වලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි සිදුවෙලා තියෙන්නේ........ * මම ජීවිතයෙන් හෙම්බත්, සදාකාලිකවම මගේ ජීවිතයම දුකක්....... වැනි සිතුවිලි ඇති අයෙක් සියදිවි නසා ගැනීමේ අවදානමක් සහිත පුද්ගලයෙකු විය හැකි අතර, මෙවැනි පුද්ගලයන් හඳුනා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපට ගැටලුකාරී වන්නේ අප එවන් දේ කථා කිරීමට දක්වන මැලිකම නිසා බව වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය. "විශාදය නිසා තව දුරටත් තම ජීවිතයේ ගැටළු වලින් ගොඩ ඒමට, මිදීමට සියදිවි හානිකර ගැණීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට බොහෝ අය නිගමනවලට එළැඹෙනවා." වර්තමායේ දී ශීඝ්‍රයෙන් පැතිර යන සමාජ ජාලා මාධ්‍යය රටාව තුල විශේෂයෙන්ම තරුණ පරපුර මානසික ආතතිය සහ නොයෙකුත් අනවශ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින තත්වයක් පැන නැගී තිබේ. උදාහරණයක් ලෙස, විවිධ සමාජ ජාලා වෙබ් අඩවි හරහා තමන්ගේ වීඩියෝ වැනි පෞද්ගලිකත්වයට හානි වන දෑ සමාජගත වීමෙන් මුහුණ දීමට සිදුවන අපකීර්තිය හමුවේ ඇති වන මානසික පීඩනය ඇතැම් සියදිවි නසාගැනීම් වලට හේතු වී තිබෙනු දක්නට ලැබේ. "මානසික ආතතිය, අනෙකුත් පවුල් සහ සාමාජීය ප්‍රශ්න හරහා ගොඩ නැගුණු විශාදය නිසා තව දුරටත් තම ජීවිතයේ ගැටළු වලින් ගොඩ ඒමට, මිදීමට සියදිවි හානිකර ගැණීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට බොහෝ අය නිගමනවලට එළැඹෙනවා." තවත් තොරතුරු: "වර්තමානයේ වාර්තාවන සිය දිවි හානිකර ගැනීම් අතර හදිසි ආවේගය සහ කෝපය , දුක දරා ගැනීමට නොහැකි වීම සේම අන් අය බිය වැද්දීමෙ අදහසින් සිතාමතාම තම ජීවිතයට තමන්ම හානි කර ගැනීම දක්නට ලැබෙනවා" යැයි වෛද්‍ය මයුර සන්නසූරිය පැවසුවේය. වවුනියාව මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය මේ අතර, සුමිත්‍රයෝ සංවිධානය ඔවුන්ගේ සියයක් පමණ ස්වේච්ඡා උපදේශකවරයන් මගින් රට පුරා විවිධ මානසික පීඩනයන්ට ලක් වී සිටින පුද්ගලයන්ට පිහිට වෙමින් සිටී. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ සොනාලි පැවසුවේ 1995 වසරට සාපේක්ෂව වර්තමානයේ සියදිවි නසාගන්නා පුද්ගලයන් ගණන අඩු වී ඇති බවය. "නමුත් සියදිවි නසා ගන්න සිතන අය, උත්සහ කරගන්න අයගේ ප්‍රමාණයේ වැඩි වීමක් දකින්න තිබෙනවා," යැයි ඇය පැවසුවාය. "මේ වගේ අයට අපි ඉතා කිට්ටු වෙලා, ඔවුන්ගේ සමීපතමයන් වගේ සිට ඔවුන්ගේ මානසික තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා. සියදිවි නසා ගැනීමට සිතෙන කෙනෙක් හෝ දැඩි මානසික පීඩනයකින් සිටින කෙනෙකුට ඕනෑම අවස්ථාවක පිහිට වෙන්න අපි සූදානම්." මනෝ විද්‍යාත්මකව සොයා ගෙන ඇති ආකාරයට "ඔයාට ජීවත් වුනා ඇති කියලා හිතෙනවද?" හෝ "ඔයාට මැරෙන්නට අදහසක් තියෙනවා ද?" වැනි සෟජු ප්‍රශ්න ඇසිම තුලින් සියදිවි හානි කර ගැනිමේ අවදානමක් ඇති පුද්ගලයෙකුට ඒ සඳහා රුකුල්දීමක් සිදු නොවන්නේ යයි තහවුරු වී ඇති බව ද වෛද්‍ය මයුර සන්නසූරිය සඳහන් කළේය. "මෙහෙම ප්‍රශ්න කිරීමෙන් තවත් පුද්ගලයා අවදානමේ හෙළන බව සමාජය තුල පවතින මිත්‍යාවක් පමණයි." "සිය දිවිනසා ගැණීමට උත්සාහ ගෙන ඉන් ගැලවුණු බොහෝ දෙනා පවසන්නේ තමන්ට අවශ්‍ය වේලාවේදී තමන්ගේ දුක බෙදාහදා ගැනීමට, ප්‍රශ්න සාකච්ඡා කිරිමට තමන්ගේම යැයි සිතා සලකන කිසිවෙකු සිටියේනම් මෙවැනි උත්සාහයක් කිසි විටෙකත් නොගන්නා බවයි." |
මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා වෙනකොට ඇත්තේ පසුගිය වසරේ ලබා දුන් ප්‍රතිපාදනවලට වඩා 50% කටත් අඩු ප්‍රමාණයක් බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසයි. | මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරමින් බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වී ඇති බැවින් මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා 'දෝතින් බෙදා දෙනු ඇතැයි' බලාපොරොත්තු වූ බව මහ ඇමතිවරයා සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි. "බලය විමධ්‍යගත කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ අපි සංවාද සාකච්ඡා විවිධ අවස්ථාවල සිදු කළා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවලට ගොස් බලය විමධ්‍යගත කිරීම පිළිබඳ සාකච්ඡා කළා. බලය කියන එකට ප්‍රධාන කාරණයක් තමයි මුදල්. මුදල් නැතිනම් බලයක් නැහැ," ඔහු සඳහන් කළේය. පළාත් සභා සඳහා වෙන්කරනු ලැබූ ප්‍රතිපාදන වැය නොකිරීම මත මෙවර අඩු වශයෙන් ප්‍රතිපාදන ලබා දී ඇතැයි යම් අයකුට තර්ක කළ හැකි නමුත් එම ප්‍රතිපාදනවලින් වැඩි කොටසක් වෙන් කරනු ලැබුවේ පසුගිය ජුලි මාසයේ බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි. ජුලි මාසයේ ප්‍රතිපාදන වෙනකොට අදාළ නිර්නායකයන් සහ නීතිරීතිවලට අනුකූලව සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට යෑමේදී ඇස්තමේන්තු සැකසීමට සහ ටෙන්ඩර් කැඳවීම සඳහා පමණක් දීර්ඝ කාලයක් ගතවන බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය. "මුදල් අඩුවෙන් දුන්නා කියලා මේ යන ගමන අඩු කිරීමට හෝ රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මුදල් ප්‍රතිපාදන වැඩි කරන ක්‍රමවේදයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අයවැය පරතරය බැලූ විට සල්ලි ඉල්ලන්න දුක හිතෙනවා," ඔහු පැවසීය. කෙසේනමුත් පාසල්, රෝහල් සහ මාර්ග ඇතුළු මහජන සේවා රැසක් පළාත් සභා යටතේ පවතින බැවින් මධ්‍යම රජයෙන් හෝ ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක වැඩිදුරටත් කියා සිටියේය. |
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පක්ෂයේ මහ ලේකම් පදවියෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන යයි කියා සිටියේ ය. | සිය හිටපු මහ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන අදහස් දක්වමින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එය අදූරදර්ශී කෙටි දැක්මක් මත ගත් තීරණයක් වන අතර තමා එය භාර නො ගත් බවයි. එම තීරණය ගැන කනගාටුව පළ කිරීම හැර තමාට වෙනත් කිව යුතු දෙයක් නැති බවයි විපක්ෂ නායකයා පවසන්නේ. පුරප්පාඩු වූ මහ ලේකම් පදවියට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කරනු ලැබ ඇත. කබීර් හෂීම් මෙයින් පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති පදවියේ ද කටයුතු කර ඇත. උද්ගතව ඇති නව තත්වය සම්බන්ධයෙන් නව මහ ලේකම් වරයා හෙට (09) මාධ්‍ය හමුවක දී අදහස් දක්වනු ඇතැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. මේ අතර ජනාධිපතිවරණය ගැන අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා ‘මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන අතර බණ්ඩාරනායක ප්‍රතිපත්ති නියෝජනය කරන ඔහුට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රාශියක සහයෝගය ලැබෙනු ඇතැයි’ද සඳහන් කළේය. තිස්ස අරලිය ගහ මන්දිරයේ මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය ඉල්ලා අස්වීම භාර දුන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අරලිය ගහ මන්දිරයට ගොස් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන බව ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට එක් වූ බවට ආරංචි පැතිර ගියත්, 'සිරිකොත' මූලස්ථානයේ දී මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන්ට කියා සිටියේ තමා කිසිදාක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි. ආණ්ඩුවට එක් වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ ප්‍රබල ඇමති පදවියක් පිරි නැමෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙයි. |
ඌව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව බදුල්ල ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. | හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි අනුර විදානගමගේ ජයග්‍රහණය සමරා ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ ඔවුන්ගේ ආධාරකරුවන් සමඟ එකට එක් වී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අතර එහිදී දෙදෙනා එකිනෙකා වැළඳ ගෙන සුබ පැතුම් හුවමාරු කර ගෙන තිබේ. මඳ වේලාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල රැඳී සිටි හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි ආණ්ඩු පක්ෂයේ අනුර විදානගමගේ ඇතුළු පිරිස ජයග්‍රහණය සමරා ඇත්තේ. බදුල්ල සහ පස්සර ප්‍රදේශයේ මැතිවරණයක් පැවති සේයාවකුදු දැක ගන්නට නොමැති බවයි එම ප්‍රදේශවල සංචාරය කළ ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න බීබීසීයට කියා සිටියේ. |
උතුරු කොරියානු නායකගේ නැගණියවන කිම් යෝ-ජොන්ග් සුවිශේෂී චාරිකාවක් අරඹමින් දකුණු කොරියාවට පැමිණියාය. | කිම් යෝ-ජොන්ග් දකුණු කොරියාවේ සුවිශේෂී චාරිකාවක ඇය, 1950-1953 අතර පැවති කොරියානු යුද්ධයෙන් අනතුරුව දකුණු කොරියාවට පැමිණි, උතුරු කොරියාව පාලනය කරන පවුලේ ආසන්නම සාමාජිකයා වේ. දකුණු කොරියාවට පැමිණි ඇය සහ උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායක කිම් යොන්ග් නාම්, ශිශිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට එක්වීම සඳහා පියෝන්ග්චාන්ග් කරා යමින් සිටියහ. සිය සහෝදරයාට ඉතාමත් සමීපයැයි පැවසෙන කිම්, පසුගිය වසරේදී එරට බලසම්පන්න දේශපාලන මණ්ඩලයට උසස් කෙරිණි. උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනයට අදාළව ඇය ඇමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර සිටී. මෙවර ශිශිර ඔලිම්පික් සමාරම්භක උළෙලේදී කොරියානු රාජ්‍ය දෙක එක ම ධජයක් යටතේ පිය නගනු ඇත. කිම් යොන්ග් නාම් (දකුණේ), කණ්ඩායමේ නිල ප්‍රධානියා ක්‍රීඩකයින් විසිදෙදෙනෙකුට අමතරව ජයඝෝෂා නගන්නන් හා වාධ්‍ය වෘන්දයක් ද ඇතුළත් නියෝජිතයින් 400 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්යෝන්ග් යැන්ග් පාලනය විසින් පිටත් කර හරිනු ලැබේ. කොරියානු රාජ්‍ය දෙක අතර සබඳතාව වර්ධනය වෙමින් පවතින අවස්ථාවක මෙම ක්‍රීඩාමය රාජ්‍යතාන්ත්‍රිකභාවය මතුවුව ද එය කලාපය තුළ පවතින නොසන්සුන් තත්ත්වය අවසානයක් කරා යොමු නොකරන බවට විශේෂඥයෝ පෙන්වා දෙති. 1950 - 1953 පැවති යුද්ධයෙන් කොරියානු අර්ධද්වීපය බෙදී වෙන්වූ තැන සිට මේ දක්වා දෙපාර්ශ්වය සෑම ගිවිසුමකට එළඹ නැත. මේ අතර බ්‍රහස්පතින්දා (පෙබ. 08) උතුරු කොරියාව පැවැත්වූ හමුදා පෙරෙට්ටුවට එරට නායක කිම් ජොන්ග් අන් ද එක්විය. එම පෙරෙට්ටුව සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී පවත්වන්නක් වුවද, ඔලිම්පික් සමාරම්භක උළෙල උදාව දක්වා ඉදිරියට ගෙන ඒම උනුසුම්වන සබඳතා පසුපසට ගෙනයාමක් ලෙස පෙනෙන්නට විණි. කෙසේවුව ද, දකුණු කොරියානු ජනාධිපතිවරයා සෙනසුරාදා උතුරු කොරියානු ඔලිම්පික් කණ්ඩායම මුණගැසෙනු ඇත. මේ තොරතුරු ද දැනගන්න: උතුරු කොරියාව සහ දකුණු කොරියාව: මෙන්න වෙනස |
දියවැඩියා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා ගත මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. | දෙදහස් දොළහ වසරේ, දියවැඩියාව හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම පහක් ලොව සෑම පුද්ගලයන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවයි එම සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව දියවැඩියා රෝගී තත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වේ. දෙදහස් දාහතර වසරේ දී ලොව පුරා වාර්තා වී ඇති දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන හාරසිය විසි දෙකක්. එම අගය එක්දහස් නවසීය අසූව වසරේ සංඛ්‍යා ලේඛන හා සැසඳීමේදී සිව් ගුණයක වැඩි වීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. දෙදහස් දොළහ වසරේ, දියවැඩියාව හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම පහක්. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව දියවැඩියාව හේතුවෙන් මිය යන පුද්ගලයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බටහිර ශාන්තිකර කලාපීය රටවලිනුයි. |
දෙදහස් දාහතරේ මාර්තු විසි හතර වැනි දින පළවූ මුල් ප්‍රවෘත්තියට සංශෝධනයකි. | 'කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා' මාර්තු මස විසිනව වන දාට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී කතෝලික අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කතෝලික ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පක්ෂ භේදයකින් තොරව කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් සභාව ස්වකීය බැතිමතුන්ට පවසා තිබේ. කතෝලික සභාව තම බැතිමතුන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කල ප්‍රථම අවස්ථාව මෙයයි. මාර්තු විසිතුන් වැනි දින ශ්‍රී ලංකා කතෝලික සභාවේ නිල පුවත් පත වන ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේද විවිධ දේශපාලන පක්ෂවලට අයත් කතෝලික අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ නම් ප්‍රසිද්ධ කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. එදිනම කොළඹ නගරයට තදාසන්න දේවස්ථානයකදී දේව මෙහෙය සිදු කළ පූජා ප්‍රසාදිතුමා විසින් මෙවැනි ඉල්ලීමක් කරන ලදි. 'මැතිවරණය අවස්ථාවක්' බස්නාහිර පළාත් සභාවට තරඟ කරන කතෝලික අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉරිදා උදෑසන දේව මෙහෙයේදී පූජා ප්‍රසාදිතුමා තම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ස්වකීය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටීමට තීරණයක් කළේ ඇයිද යනුවෙන් බීබීසී සිංහල සේවය කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමාගෙන් විමසීය. මෙහිදී කතෝලික සභාවේ නිල ස්ථාවරය ප්‍රතික්ෂේප කිරීමක් හෝ නිශ්චිත සනාථ කිරීමක් එතුමා විසින් සිදු නොකරන ලදි. ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ටද අනෙකුත් ජන කොටස්වල පුරවැසියන් හා සමානාත්මතාවක් ඇති බව එතුමා පැවසීය. තම මතය ප්‍රමාණවත් අයුරින් නියෝජනය වීම තහවුරු කරලීමට කතෝලිකයන් ඔවුන්ගේ අයිතීන් යොදා ගත යුතු බව බෙනඩික් ජෝසප් පියතුමා අවධාරණය කළේය. "සෙසු සමාජයේ අදහස් හා අභිලාෂයන් සමාන වන අයුරින් අපේ අවශ්‍යතා, අදහස් සහ අභිලාෂයන් ප්‍රකාශ කෙරෙන පදනමක් ගොඩනැගීමට මෙම මැතිවරණය යොදා ගැනීමට අප කල්පනා කළ යුතුයි," යනුවෙන් බෙනඩික් ජෝසප් පියතුමා සඳහන් කළේය. "තම අයිතිවාසිකම් සහ කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට නිවැරදිව අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා,"යනුවෙන් එතුමා තව දුරටත් පැවසීය. කණ්ඩායම් වාදය කතෝලිකයන් කතෝලිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ යුතු බව පැවසීමට හේතුවී තිබෙන්නේ මේ රටේ සුළු ආගමීක ජන කොටස් වලට රජයේ අනුග්‍රහය ඇතිව අන්තවාදී කණ්ඩායම් වලින් සිදු කෙරෙන හිරිහැර හේතුවෙන් බව ප්‍රධාන විපක්ෂය මේ අතර කියා සිටියි. කෙසේ වෙතත් කතෝලික සභාවේ මේ ස්ථාවරය කණ්ඩායම් වාදයට යොමුවීමක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය. එකී චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසීයට පැවසුවේ මැතිවරණ කාලයකදී කතෝලික සභාව ස්වකීය ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බව. ආගමීක සහජීවනයට මේ තීරණය බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලනය කණ්ඩායම් වාදය වෙත ගෙන යාම කතෝලික සභාවේ පරමාර්ථය නොවන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා පැවසීය. ප්‍රතික්ෂේප කිරීම bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේ මෙහි මුල් පුවත පලවී දින කිහිපයකට පසු කතෝලික ඡන්දදායකයන් කතෝලික අපේක්ෂකයන්ට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකළේ යයි බෙනඩික් ජෝසප් පියතුමා පැවසූ බව ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති ආයතනයක සඳහන් වින. කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම පිණිස තවත් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට බීබීසී සිංහල සේවය බෙනඩික් ජෝසප් පියතුමා ඇමතීය. කෙසේ වෙතත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය කිහිපවිටක්ම උත්සාහ කළද එයට බෙනඩික් ජෝසප් පියතුමා විසින් ප්‍රතිචාර නොදක්වන ලදි. |
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට උතුරු පළාත් සභාවේ සම්මත වූ යෝජනාවට සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. | 'ෆෙඩරල් ගැන සාකච්ඡා කරන්න අපි සුදානමුත් නැහැ' උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කර ගන්නා ලද ඉහත කී යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනුම් දීම සඳහා සඳුදා මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බවයි එහිදී අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ. ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට පවා තම පක්ෂය එකඟ නොවන බවත් ඔහු අවධාරණය කළේය. 'ෆෙඩරල් ගැන සාකච්ඡා කරන්න අපි සුදානමුත් නැහැ. එකෙන් අපි දිනා ගත්ත දේශපාලන ආර්ථික ස්ථාවරභාවය අස්ථාවර වෙන එකයි වෙන්නේ. ආපසු අපි අන්තවාදීන්ට සටන් පාඨ ලබා දීමක් පමණයි එයින් සිදු වන්නේ' අමාත්‍යවරයා පැවසීය. 13 වන සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දී ඇති බලතල ක්‍රියාත්මක නොවීම පිළිබඳ සාකච්ඡා කළ හැකි වුවත් කිසිසේත්ම ෆෙඩරල් ක්‍රමයකට තම පක්ෂයේ සහයෝගය හිමි නොවන බවයි ඔහු කියා සිටියේ. 'පළාත් සභාවලට යෝජනා සම්මත කරලා මෙහාට එවන්න පුළුවන්. හැබැයි අපේ පැත්තෙන් නම් කිසිම සහායක් හිමි වන්නේ නැහැ' අමාත්‍ය මහින්ද සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. |
දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ හින්දු භක්තික කාන්තාවක සහ මුස්ලිම් පුරුෂයෙකු අතර සිදු කෙරුණු විවාහයක් සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් පවත්වන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. | ඉන්දියාවේ විවාහ මංගල්‍යයක් අධිකරණය එම නියෝගය කළේ එම හින්දු කාන්තාව විවාහය සඳහා රවටාගෙන ඇති බවට ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය. විශ්‍රාමික ඉහල අධිකරණයක විනිසුරුවරයෙකු යටතේ අදාළ පරීක්ෂණය පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සබැඳි යොමු: අදාළ පරීක්ෂණය සඳහා විවාපත් හින්දු භක්තික තරුණිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බව ද අධිකරණයේ නිගමනය විය. එම විවාහය අවලංගු කරන බව කේරල ප්‍රාන්ත අධිකරණය මීට ඉහතදී තීන්දු කළේය. අධිකරණය එම විවාහය විග්රහ කළේ "ජිහාඩ් ප්‍රේමයක්" යනුවෙනි. එහෙත් විවාහක පුරුෂයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙය කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව, ඉන්දියාවේ මුස්ලිම්වරුන් විසින් හින්දු භක්තිකයන් සිය ආගමට බඳවා ගැනීමේ සංවිධානාත්මකව ව්‍යාපාරයක කොටසක් බව පැමිණිල්ලේ චෝදනාව වී තිබේ. මනාලිය ඒ පිළිබඳව දරන්නේ කවර මතයක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. විවිධ ජනවර්ග අතර සිදුවන විවාහ මෑත යුගයේදී ඉන්දීය දේශපාලනයේ බරපතල මතභේදයට තුඩු දෙන මාතුකාවක් බවට පත් වී තිබේ. අදාළ විවාහය සම්බන්ධ විභාගය ඉතා "බරපතල" සහ "සංවේදී" පරීක්ෂණයක් බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිය දියණිය රවටාගෙන ඇති බව සහ ඉස්ලාම් ආගමට බඳවා ගැනීමේ "සංවිධානාත්මක ක්‍රියාදාමයක්" පවතින බව සාක්ෂි සහිතව සනාථ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. අයිඑස් සංවිධානයට බැඳීම පිණිස සිරියාවට පිටත් කිරීමේ අරමුණින් තරුණියන් විවාහ කරගැනීමේ "ජිහාඩ් ප්‍රේමය" පිළිබඳ චෝදනා පිළිබඳව ඉන්දීය බලධාරීහු මෑතදී පරීක්ෂණ පැවැත්වූහ. |
යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි. | උත්සව සභාව අමතන විදේශ අමාත්‍ය මංගල සමරවීර එම නිර්දේශය ඇතුලත් වෙන්නේ අඟහරුවාදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබූ කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් පූර්ණ වාර්තාවේයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පිහිටවෙන යාන්ත්‍රණයේ සෑම නඩු වාරයකදීම දේශීය විනිසුරුවන් බහුතරයක් සමග 'අවම වශයෙන් එක් ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙක් සිටිනා බවට සහතික කළ යුතු' බව වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයකි. විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතු බවත් ප්රවිචාරණ කාර්ය සාධක බලකාය යෝජනා කරයි. "යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ," යනුවෙන්ද නිර්දේශවලට ඇතුලත්වේ. අපේ 'ගෙය', ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක - අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම ප්‍රවිචාරණයට සහභාගි වූ මහජන අදහස් සහ කාර්ය සාධක බලකායේ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව තිබුණු නමුත් අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා උත්සවයට සහභාගි නොවීය. විදේශ අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂනායක ආර් සම්බන්ධන්, ඩීඑම් ස්වාමිනාදන් සහ ඒඑච්එම් ෆවුසි අමාත්‍යවරුන්ද උත්සවයට සහභාගි වී සිටියහ. අධිකරණයේ සහ විශේෂ උපදේශක කාර්යාලයේ විනිසුරුවරුන් ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජනකණ්ඩායම් නියෝජනය සහතික කළ යුතුය යන්න කාර්ය සාධක බලකායේ තවත් නිර්දේශයකි. එමෙන්ම සාක්ෂි විභාග කිරීමේදී කාන්තාවන් සහ ළමුන් උදෙසා විශේෂ ව්‍යුහයක් සකස් කළ යුතු අතර, ලිංගික ප්රචණ්ඩත්වය සහ දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම තවත් නිර්දේශයකි. උත්සවය අමතන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වාර්තාව භාරදීමේ උත්සවය අමතමින් ඉතා හැඟීම්බර අදහස් දැක්වීමක් කළ සංහිඳියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම, භේද භින්න වී තිබෙන ශ්‍රී ලාංකීය සමාජ දේහයේ තුවාල සුවපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. "අපේ 'ගෙය', ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක," ඇය පැවසීය. "වැදගත් වෙන්නේ, සම්පත් සහ අවස්ථා බෙදා හැරීමේදී, යුක්තිය සහ සාධාරණත්වය උඩ කටයුතු කරමින් සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජ සහ රාජ්‍ය ව්‍යුහයන් ගොඩ නගා ගැනීමයි." දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සාධාරණත්වය, යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක් ගොඩනැංවීම 'අපි කාගේත් පැතුම' බව අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මීට ඉහතදී බීබීසී සංදේශය සමග අදහස් දක්වමින් සඳහන් කළාය. සංහිඳියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය සාධක බලකායේ පූර්ණ වාර්තාව ඉතා ඉක්මනින්ම එහි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. |
ජනවාරි අට වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී තමන් බලයට පත්වුවහොත් කොටි සංවිධානයට යළි හිස එසවීමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. | "මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?" මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඔහු බලයට පත්වුවහොත් දෙමළ ඩයස්පෝරාවේ සහායයෙන් යළිත් වරක් එල්ටීටීඊ ය හිස ඔසවනු ඇතැයි ආණ්ඩුව කරන චෝදනාවට ප්‍රතිචාරය පළ කරමින්. එල්ටීටීඊ යෙන් බැට කෑ සහ එයට එරෙහිව නැගී සිටි බොහෝ බලසම්පන්න නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා අවධාරණය කළේය. "ජනරාල් සරත් ෆොන්සේකා මේ සටනේ ඉන්න නායකයෙක්. එතුමා දෙනවද එල්ටීටීඊ යට ඔලුව උස්සන්න? මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. ක්‍රීඩකයන් මෙන්ම ආබාධිත සෙබළුන් ද මැතිවරණය වෙනුවෙන් වෙන්දේසියේ දමා ඇති බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගෙවත්තේ පැවති රැස්වීමේදී අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා එල්ල කළේය. "අත් කකුල් නැතිව ඉන්න වීරෝධාර සෙබලුන්වත් විකුණන තත්වයකට, බංකොලොත් තත්වයකට අද ජනාධිපතුමාගේ මැතිවරණ ක්‍රියාදාමය පත්වෙලා තියෙනවා," බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. |
ශ්‍රී ලංකාව තුළ ළමා ලිංගික ශ්‍රමිකයන් අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ළමාරක්ෂක අධිකාරිය පවසයි. | ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර එහි පළමු පියවර ලෙස ළමුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වීමට බලපාන සමාජීය කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා දකුණු පළාත මුල් කර ගනිමින් පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර පවසන්නීය. ඇය ඒ බව සඳහන් කළේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "ළමයින් ලිංගික කටයුතුවලට භාවිත කිරීම පිටු දකිමින් - ළමයින්ට ඔවුන්ගේ ලෝකය උරුම කර දෙමු," යන්න තේමාව කර ගනිමින් මේ වසරේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීමට නියමිත බවත් ඇය සඳහන් කළාය. ළමා ලිංගික ශ්‍රමිකයන් 'අවම කිරීමට වැඩපිළිවෙළක්' ලොව පුරා රටවල ළමා ශ්‍රමිකයන් මිලියන 215 කට ආසන්න පිරිසක් සිටින බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ. 2008 වසරේ සිදු කරන ලද සංගණනයකට අනුව ශ්‍රී ලංකාව තුළත් ළමා ශ්‍රමිකයන් ලක්ෂයකට අධික පිරිසක් සිටින බව හෙළි වී ඇති බවත් සභාපතිනිය සංදේශයට කියා සිටියාය. එම පිරිසෙන් අඩක් පමණ ඉතාමත් දුෂ්කර, ළමුන්ට දැඩි හානි ගෙන දෙන විවිධ රැකියාවල යෙදී ඇති බවත් ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන් පිළිබඳව පසුගිය වසරේ සිදු කරන ලද සංගණනයේ වාර්තා තවමත් එළිදක්වා නොමැති නමුත් ඉහත කී ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව අඩු මට්ටමකට ළඟා වී ඇතැයි බලාපොරොත්තු වන බවත් සභාපතිනිය සඳහන් කළාය. ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව ශූන්‍ය අගයක් කරා ගෙන ඒමට දිස්ත්‍රික්ක පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර වැඩිදුරටත් පැවසීය. |
පරම්පරාගතව ඉදිරියට යා හැකි (ප්‍රවේණිගත) මාරාන්තික හෘද රෝගවලට තුඩු දෙන ඩීඑන්ඒ (DNA) මිනිස් කළලයකින් ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් මුල්වරට සමත්වී ඇත. | ඩීඑනඒ සංස්කරණයට ලක් කරන ලද කළලයක ඡායාරූපයක් මේ පියවර සමග පරම්පරාගතව ඉදිරියට හැකි 10,000ක් පමණ වූ අබාධ සහිත තත්ත්ව වළකාලීමට මං විවර විය හැකි බවට විශ්වාස කෙරේ. එහි කියලුනු ඇමෙරිකානු හා දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිස සිය පර්යේෂණය අවසන් කිරීමට පෙර, දින පහක කාලයක් අදාළ කළලයට වැඩීමට ඉඩ දුන්හ. අනාගත වෛද්‍ය විද්‍යාව පිළිබඳ යම් ඉඟියක් මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කළද සදාචාරාත්මක නිවැරදි බව පිළිබඳ බරපතල ගැටලුවක් ඉන් මතු කර ඇති බවද කියැවේ. 2015 වසරේදී විප්ලවීය ලෙස එළිදුටු ක්‍රිස්ප්ර් (Crispr) නමින් හැඳින්වෙන නව තාක්ෂණයට ස්තුති වන්නට, ඩීඑන්ඒ සංස්කරණය කිරීමේ ස්වර්ණමය යුගයක් හරහා විද්‍යාව ගමන්කරමින් සිටී. වෛද්‍ය විද්‍යාවට මෙයින් ලැබෙන පිටිවහල අතිමහත්වන අතර ඒ හේතුවෙන් මූලික වශයෙන් පෙනහළු මෙන්ම අක්මාව, අග්න්‍යාශය, වකුගඩු හා අන්තරයට ප්රවෙණිගතව බලපෑ හැකි රෝගී තත්ත්වයක (Cystic fibrosis) සිට පියයුරු පිළිකා දක්වා හේතුවිය හැකි ප්‍රවේණිගත වැරදීම් ඉවත් කිරීම පිළිබඳ සංකල්පය ද මීට අයත්වේ. හදවත නතර කරන්නා ප්‍රවේණිගත මාරාන්තික හෘද රෝගවලට තුඩු දෙන ඩීඑන්ඒ (DNA) මිනිස් කළලයකින් ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් මුල්වරට සමත්වී ඇත පර්යේෂණයේ නියැලුණු ඇමෙරිකාවේ ඔරීගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්ව විද්‍යාලයේ හා සෝක් ආයතයේ මෙන්ම දකුණු කොරියාවේ මූලික විද්‍යාව පිළිබඳ ආයතනයේ විද්‍යාඥ පිරිස සිය පර්යේෂණයේදී මූලික වශයෙන් අවධානය යොමු කළේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති (hypertrophic cardiomyopathy) නම් වූ රෝගාබාධ තත්ත්වය කෙරෙහිය. පොදු ආබාධ තත්ත්වයක් වූ මෙය සෑම 500 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන අතර එය වහාම හෘදයේ ගැස්ම නතර කිරීමට හේතුවන තත්ත්වයකි. මෙය එක් ජානයක වැරැද්දක් වන අතර එය දරන ඕනෑම අයෙකු සතුව එම වැරැද්ද සිය දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ 50-50 ක ඉඩක් පවතී. මෙම වැරැද්ද නිවැරදි කිරීමේ අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් කරන ලද්දේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති තත්ත්වය ඇති පුද්ගලයකුගේ ශුක්‍රාණු, පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය සම්පන්න ඩිම්බවලට එන්නත් කිරීමය. එහිදී එම නිවැරදි කිරීම සඳහා ක්‍රිස්ප්ර් තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවුවත්, කරන ලද වෙනස්කම් හේතුවෙන් කළලවලින් 72% ක් එම රෝගාබාධයෙන් මිදී ඇති බව පෙනෙන්නට විය. සදාකාලික ප්‍රතිලාභය වැරැද්ද නිවැරදි කිරීමේ අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් කරන ලද්දේ හයිපර්ට්‍රොෆික් කාඩියෝමයෝපති තත්ත්වය ඇති පුද්ගලයකුගේ ශුක්‍රාණු, පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය සම්පන්න ඩිම්බවලට එන්නත් කිරීමය "මේ අලුත්වැඩියා කිරීම ඉදිරි සෑම පරම්පරාවක්ම ඉදිරියට ගෙන යාවි, එම පවුල් පැලැන්තියේ තිබුණු ජාන විකෘතිතාවක් අපි ඉවත් කළා" යනුවෙන් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන තැනැත්තෙකු වන ආචාර්ය ශෞක්රාත් මිටලිපොෆ් පැවසීය. "මේ තාක්ෂණය භාවිත කරලා, මේ රෝගය නිසා පරම්පරාගතවත් අවසානයේදී මානව සමාජයටත් එල්ලවන පීඩනය අඩු කිරීමේ හැකියාව තිබෙනවා" යැයි ද ඔහු සඳහන් කළේය. |
ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි. | තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය. ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ. නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි. සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ. එහෙත් දැන් ඇය මුහුණ දෙමින් සිටින්නේ නව අභියෝගවලටය. ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අර්බුදයේ දී තමන්ට එරෙහිව කුමන්ත්රණයක නිරතව සිටින බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මීට ඉහතදී නවසීලන්ත ලේබර් පක්ෂයට චෝදනා කළේය. මේ තත්ත්වය යටතේ යළිත් වරක් ඕස්ට්‍රේලියාව සමග සබඳතා තර කර ගැනීම ඇය මුහුණ දෙන අභියෝගයකි. එහෙත් ඒ සියල්ලටම වඩා බරපතලම අභියෝගය විය හැක්කේ නව සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමය. ජසින්ඩා ආඩර්න් අගමැතිවරිය යටතේ නව උප අගමැති ලෙසින් පත්වනු ඇතැයි අපේක්ෂිත වින්ස්ටන් පීටර්ස් (Winston Peters) හරිත පක්ෂය දැඩිව විවේචනය කරන්නෙකි. එහෙත් නව සන්ධාන ආණ්ඩුව පවත්වා ගැනීම පිණිස හරිත පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් නව අගමැතිනියගේ දුෂ්කරම කාර්යය ඇරඹෙනු ඇත්තේ මෙවක් පටන්ය. ජසින්ඩා ආඩර්න් යනු කවුද? ලේබර් පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබීම "භාග්‍යයක් ලෙසින් සලකන" බව සන්ධාන සම්මුතිය නිවේදනය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් ඇමතූ ජසින්ඩා ආඩර්න් කියා සිටියාය. සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීම පිණිස උපරිම උත්සාහ දරන බවට ද ඇය ප්‍රතිඥා දුන්නාය. සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන් කර තිබෙන කෝටාව දැඩිව කප්පාදු කිරීමට සහ විදේශිකයන් රටේ දේපොළ මිලදී ගැනීම සීමා කිරීමට නව සන්ධානය කටයුතු කරනු ඇතැයි වාර්තාකරුවෝ පවසති. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා සබැඳි යොමු: |
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ලද වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඇතුලත් වන අනූ කමිටු සංඛ්‍යාව පිළිබඳ තීරණ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. | ඔහු මේ බව කියා සිටියේ අඟහරුවාදා පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙස සිය මංගල රැස්වීම පවත්වනු ලැබූ අවස්ථාවේදීයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය වෙනුවට තම ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයන් පත් කර ගැනීම, ආදී වැදගත් බලාපොරොත්තු ඉටුවන රටට සුදුසු ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුත්තේ රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් වන බවයි කතානායක කරු ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ආරම්භක කතාව සිදු කරමින් කියා සිටියේ. ජනමාධ්‍යයට විවෘතයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළ කතානායකවරයා පැවසුවේ, මණ්ඩලයට අවශ්‍ය පූර්ණ බලතල දැනට පවතින හැත්තෑ පස් වන ව්‍යවස්ථාවෙන් ජනතා නියෝජිතයන්ට හිමි වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නමින් පාර්ලිමේන්තු කාරක සභාවක් ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ජනතා අදහස් සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසීම වෙනුවෙන් කැප වන බවයි. ඒ අනුව මණ්ඩලය තුල සිදුවන සියලුම සාකච්ඡා ලේඛන ගත කෙරෙන අතර එම තොරතුරු සියලුම ජනමාධ්‍යයට විවෘත වන බවත් රූපවාහිනිය ඔස්සේ එම කටයුතු නැරඹීමේ අවස්ථාව ජනතාවට හිමි වන බවත් කතා නායකවරයා පැවසුවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිත්වය කතානායක වන තමන්ට හිමිවන බව පැවසූ කරු ජයසූරිය වැඩි දුරටත් කියා සිටියේ මණ්ඩලයේ මුලසුන හෙබවීමට සහය ලබා දීම සඳහා නියෝජ්‍ය සභාපතිවරු හත් දෙනෙකු තෝරා පත් කර ගත යුතුව පවතින බවයි. මෙහෙයුම් කමිටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සභා වාර වලදී සාකච්ඡා වන කරුණු වලට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්ය වෙනුවෙන් සාමාජිකයන් විසි දෙනෙකු සහ සභාපතිවරයෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර ගැනීම අවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. ඒ අනුව නැගී සිටි උසස් අධ්‍යාපන සහ මාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ උප සභාපතිවරු හත් දෙනා වෙනුවෙන් තිලංග සුමතිපාල, සෙල්වම් අඩෙයිකලනාදන්, කබීර් හෂීම්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු සාමාජිකයන් නම් කළ අතර සභාව ඔවුන් පත් කර ගැනීමට සිය කැමැත්ත පළ කළහ. එම පත් කර ගැනීමෙන් පසු සභාව ඇමතූ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් විසි එක දෙනා නම් කළ අතර සභාවේ අනුමැතිය මෙහෙයුම් කමිටුවට හිමි විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව එළඹෙන අප්‍රේල් තිස් එක වෙනිදාට පෙර ලබා දීමට කටයුතු කරන බව එහි සභාපති ලාල් විජේනායක තමන්ට දැන්වූ බවයි අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ. |
පදවියෙන් ඉවත් කළ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ට එරෙහිව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ. | නඩු පැවරීම සිදුවන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට දිනකට පසුවයි. ජාතික දූෂණ මර්දන කොමිසම ගෙන ආ එම චෝදනා වලට වරදකාරිය වුවහොත් ඇයට වසර පහක් යන තුරු දේශපාලන කටයුතු වලට සහභාගීවීම තහනම් කළ හැක. බලය අයුතු ලෙස පාවිච්චිකිරීමේ වරදට අගමැතිනි යින්ලුක් සිනවත් සහ අමාත්‍ය මණ්ඩලයේ නවදෙනකු බදාදා ඔවුන්ගේ පදවිවලින් ඉවත් කරන ලදී. උද්ඝෝෂණ ඔවුන් පදවිවලින් ඉවත් කරන ලද්දේ දේශපාලන ප්‍රභූ තන්ත්රයේ වැදගත් අංශවල සහය ඇතිව මාස ගණනක් තුළ පැවති උද්ඝෝෂණවලින් පසුවයි. මේ අතර රටේ උතුරේ පිහිටි ග්‍රාමීය පළාත්වල රජයේ අධාරකරුවන් සහ බැංකොක් සහ දකුණේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර උණුසුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් තිබියදී දෙපාර්ශවයම මහා විරෝධතා රැළි සංවිධාන කරමින් සිටිති. |
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සාක්ෂි ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. | භාරත ලක්ෂ්මන් වමේ සිට පළමුවැන්නා ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව වැඩිදුර විභාගයට ගනු ලැබීම මහාධිකරණය වෙත යොමු කරන බවයි, විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන මෙන් විත්තියේ නීතිවේදීන් ඉල්ලා තිබුනත් අධිකරණය විසින් එම ඉල්ලීම බැහැර කරනු ලැබිණ. “විත්තිකරුවන් නිදහස් කරන මෙන් අපි ඉල්ලා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. එම නියෝගය නැවත සලකා බලන මෙන් නීතිපති වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” මේ නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේය. බිය දුරු වුනා හිරුණිකා සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දුමින්ද සිල්වා ඇතුළු චුදිතයන්ට අධිකරණය දැනුම් දී ඇත. එම තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඝාතනයට ලක් වූ හිටපු නියෝජ්‍ය ඇමති සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ, දුමින්ද සිල්වා නිදහස ලබනු ඇතැයි තමන් තුළ පැවති බිය දුරු වූ බවයි. “ප්‍රධාන විත්තිකරු නිදහස් වනු ඇතැයි මා තුළ බියක් තිබුණා. එහෙත් දැන් එම බිය දුරු වුනා කියල කියන්න පුළුවන්. අධිකරණය මගින් සාධාරණයක් ඉටු වනු ඇති බවට දැන් මා තුළ විශ්වාසයක් තිබෙනවා.’’පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියාය. සංදේශය කළ විමසීමක දී විත්තියේ නීතිවේදියා කියා සිටියේ, භාරත ප්‍රේමචන්ද්‍ර නඩු විභාගය මහාධිකරණය ඉදිරියේ විභාග කෙරෙන දිනය මෙතෙක් තීරණය වී නොමැති අතර එය මහාධිකරණය විසින් තීන්දු කරනු ඇති බවයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව රහස් පොලිසිය මගිනුයි, මෙම නඩුව පවරා තිබෙන්නේ. |
ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් දෙකකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව දකුණේ ගම්මාන කිහිපයක වැසියෝ පවසති. | 'ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා' එමෙන්ම කම්හලකින් පිටවන විෂ වායු ආශ්වාස කළ පාසල් දරුවන් ගණනාවක් මෑතක සිට වමනය, ක්ලාන්තය, ඇස් දැවිල්ල ඇතුළු විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටින බව ද දෙමාපියෝ පවසති. ගාල්ලේ, දොරපේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියකු වන ඩීඑල් පියදාස බීබීසී සංදේශයට කියා සිටියේ, කම්හලෙන් පිටවන දුමාරය වැඩි වන දිනවලදී සිය දරුවන් දැඩිව අසනීප වන බවයි. 'ජනමාධ්‍ය නිහඬයි' "හැමදාම උදේ දහය විතර වෙන කොට ළමය කියනවා ඔලුව කකියනවා කියල. එයා ඉස්කෝලේ යන්නේ නෑ සතියකට දවසක් දෙකක්," යනුවෙන් ද ඔහු කියා සිටියේය. කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති "ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා." මේ අතර දොරපේ ට යාබද ඉමදූව වැලිකොන්න ප්‍රදේශයේ විසි හය දෙනෙක් මෑත කාලයේදී පිළිකා රෝගයට ගොදුරු වී තිබේ. ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පසුගියදා දොරපේ ප්‍රදේශයේ විශේෂ රැස්වීමක් ද කැඳවා තිබුණු නමුත් ඩීඑස්අයි සමාගමේ කිසිම නියෝජිතයෙක් එයට සහභාගි වී නොසිටි බව ප්රදේශවාසියකු වන මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේය. විශේෂයෙන්ම වැලිකොන්ද ග්‍රාමය අධික පිළිකා සහිත ප්‍රදේශයක් ලෙසින් වෛද්‍යවරුන් විසින් නම් කොට තිබෙන බව ද ඔහු පවසයි. ඩීඑස්අයි ව්‍යාපාරයේ ප්රචාරක දැන්වීම්වලින් ලැබෙන ආදායම් අඩු වනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ ප්රශ්නය වාර්තා කිරීමෙන් මඟ හැර සිටින බව ද ප්‍රදේශවාසීහු සංදේශයට කියා සිටියහ. ගමට ඉතා විශාල ආදායමක් ලබා දෙන එමෙන්ම රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කරන කම්හල් ඉවත් කරන මෙන් තමන් කිසිසේත්ම ඉල්ලා නොසිටින බව ගම්වාසීහු අවධාරණය කරති. කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කිරීම ඔවුන්ගේ ඉල්ලීමයි. මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ඩීඑස්අයි සමාගම් සමූහයේ බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර නොදීම පිළිබඳව නැවතත් කතා බහ මතුවුයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බදාදා (පෙබ. 10) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයත් සමගිනි. | අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ ද පැසසුමට ලක්වීමට පටන් ගැනුණද අදාළ කරුණ සම්බන්ධයෙන් අගමැතිවරයා නිල නිවේදනයක් නොකළ බවට මත පළවෙමින් පවතී. අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ සමහි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු ලෙසය. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ 2009 වර්ෂයේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇමතීමට බීබීසී සිංහල සේවය උත්සාහ දැරුවද එහි නිලධාරීන් දුරකතයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම උත්සය ව්‍යර්ථ විය. එහෙත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු උපුටා දක්වමින් දේශීය මාධ්‍ය සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා "භූමදානයට ඉඩ දෙනවා කිවා විනා කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහය භුමදානයට ඉඩදෙන බවක් ප්‍රකාශ නොකළ" බවකි. එහෙත් පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශය වන හැන්සාර්ඩ් වාර්තාව තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. කෙසේවෙතත්, දේශපාලන අරංචිමාර්ග පවසන්නේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භුමදානය ට මේ මස අගවන විට දී රජය අවසර දීමේ සූදානමක සිටින බවකි. ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාර මේ මස අගදී ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයකට සූදානම් වන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, කොවිඩ් 19 වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින් ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට සිය ප්‍රසාදය පළ කරමින් තම ටිවිටර් ගිණුමෙහි සටහනක් තැබීය. "COVID19 රෝගයෙන් මියගිය පුද්ගලයින් භූමදාන කිරීම සඳහා මුස්ලිම්වරුන්ට අවසර දෙන බවට ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය අපි සාදරයෙන් පිළිගනිමු," යනුවෙන් ඔහු සටහනක් තබමින් පැවසීය. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් සාද් ඛට්ටක් පවසන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ "රජය විසින් කොවිඩ්-19 ආසාදිතව මියයන මුස්ලිම් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට ගත් තීරණය මුස්ලිම් ලෝකය පුරා පුළුල් ලෙස පිළිගනු ලැබේ. මෙම තීරණය අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ කනස්සල්ලට හේතුවී තිබූ කරුණකට පිළියමක් වන අතර එය දිවයිනේ ජනවාර්ගික සමගිය වර්ධනයට තුඩු දෙනු ඇත." මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවය. "කොවිඩ් වින්දිතයින්ගේ අනිවාර්ය ආදාහනය කිරීමට පනවා තිබුණු නිතිය අවසන් කිරීම සඳහා අගමැතිවරයා නිවේදනය කළ බවට මාධ්‍ය වාර්තා කරන අතර එම තීරණය අගයනවා. අන්තර්ජාතික මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත් වලට ගරු කරන සංශෝධිත පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ක්‍රියාවක්" යනුවෙන් තානාපතිනිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් සේරා හල්ටන් ද අගමැතිවරය්ගේ ප්‍රකාශය ඇගයීමට ලක් කළාය. "කොවිඩ්-19 වින්දිතයන් භූමදානය කිරීම පිළිබඳව අගමැති රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ නිවේදනය සාදරයෙන් පිළිගනිමු. අගතියට පත්වූවන්ට ඔවුන්ගේ ආගමික පිළිවෙත් හා ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ඉඩ සලසමින් මෙය ඉතා ඉක්මනින් ප්‍රතිපත්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් සේරා හල්ටන් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියාය. තත්ත්වය මෙසේ තිබියදී බ්‍රහස්පතින්දා (පෙබ. 11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ "සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ ගන්නේ අපි පුද්ගලිකව නෙමෙයි තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා ඒ තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ." කොරෝනා මරණ ; 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි? එහිදී රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෙය බොහොම පරිනත දේශපාලකයකු විසින් ගනු ලැබූ පරිනත තීරණයක් වන අතර එය රටේ සහජීවනයට බලපාන බවය. එහෙත් නැවතත් මේ සඳහා විශේෂඥ කමිටුව හමුවට යාම කිසිසේත් නොවන බව ද මන්ත්‍රීවරයා කීය. "අගමැතිවරයා මෙම උත්තරීතර සභාවට සහතික වුණා භූමදානයට ඉඩදෙනවා කියලා. කවුරුද අගමැතිවරයාට ඉහළින් ඉන්නේ මේ රජයේ. මෙය වලක්වා ජාතින් අතර අනවශ්‍ය අපහසුතාවයක් නිර්මාණය කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ කියන විශේෂඥයන් කවුරුද? මම රජයෙන් ඉල්ලනවා මෙම ප්රශ්නය තවත් කල් නොමැරිය යුතු බවට මෙය දැනටමත් ජිනීවා දක්වා ගෙනගොස් තිබෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසන්නේ ජිනීවා හිදී නැගෙන විරෝධතාව ලිහිල් කිරීමේ අදහසින් රජය දැන් මෙම තීරණය එළැඹ තිබේද යන්නයි. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිගැනීමට මුස්ලිම් ජනයා සුදානම් නැති බව ඇතැමුන් ප්‍රකාශ පෙන්වාදෙන්නේ මෙය අගමැතිවරයා කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් කරන ලද තුන්වෙනි ප්‍රකාශය හේතුවෙනි. මේ අතර එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (පෙබ. 11) පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ මතුවී ඇති ගැටලු නිරාකරණ ගැනීම සඳහා මැදපෙරදිග රටවල ඡන්ද ලබාගැනීමට කළ "ගුණ්ඩුවක්" ලෙස හෝ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ සංචාරය අවසන් වනතෙක් "කළ මුලාවක්" නොවිය බවය. මේ තොරතුරු ද දැනගන්න: |
මගීන් 239 ක් රැගෙන පියාසර කරමින් තිබියදී සෙනසුරාදා අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ 'අභිරහසක්' බව මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසයි. | මගීන් වෙනුවෙන් යාඥා කරන්නැයි ඉල්ලන ඉන්දීය කලාකරු සුදර්ශන් පට්නයික් යානය පැහැර ගැනීමේ හැකියාවද බැහැර කළ නොහැකි බවයි, අසරුදීන් අබ්දුල් රහ්මාන් කියා සිටියේ. කුවාලා ලම්පූර් නගරයේ සිට චීනයේ බෙයිජිං අගනුවර බලා ගුවන් ගත වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. අනතුරෙන් කිසිවෙකුත් දිවි බේරා ගෙන ඇතැයි විශ්වාස කළ නොහැකි බව අතුරුදහන්ව සිටින මගීන්ගේ ඥාතීන්ට දැනුම් දී තිබේ. සොරා ගත් ගමන් බලපත් යොදා ගෙන යානයට ගොඩ වූ දෙදෙනා ආසියානු පෙනුමක් රහිත පුද්ගලයන් බව මැලේසියානු බලධාරීහු සනාථ කරති. ඉන් එක් අයෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු මැලේසියානු ජාතිකයෙකු නොවන බවයි පැවසෙන්නේ. යානයේ මගීන් 239 න් 150 ක් චීන ජාතිකයන් එම මගීන් දෙදෙනා පිලිබඳ සියලු තොරතුරු ජාතික ඔත්තු සේවාවන්ට ලබා දී තිබෙන බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයාද සඳහන් කළේය. චීන ජාතිකයන් 150 දෙනෙකුද ගුවන් යානයේ ගමන් ගත් අතර, මැලේසියානු බලධාරීන් යානයට සිදු වූ දේ සොයා බැලීමේ උත්සාහය උත්සන්න කළ යුතු බවයි ඊට ඉහතදී ප්‍රකාශයක් කළ චීන බලධාරීන් කියා සිටියේ. රටවල් නමයකට අයත් නෞකා 40 ක් සහ ගුවන් යානා 34 ක් මේ වන විට වියට්නාමය සහ මැලේසියාව අවට මුහුදේ සොයා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටිති. |
ජනතාවට කරුණු කීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ "ලොකුම මාරයා' බවට පත් වී ඇති මාර්ග අනතුරු වළකාගත නොහැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. | මාර්ග අනතුරු පිළිබඳ ජනතාව දැනුවත් කරන අතරවාරයේ අනතුරු අවම කර ගැනීම සඳහා පවතින නීති දැඩි කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි. ඔහු ඒ බව කියා සිටියේ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි හතක් සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීමත් සමග මාර්ග අනතුරුවල අඩුවක් දක්නට ඇති බවට පළවන වාර්තා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. "මිනිස්සුන්ට බණ කීමෙන්, දැනුවත් කිරීමෙන් පමණක් මෙය කරන්න බැහැ. ලෝකයේ මෙන්ම අප කරපු පරීක්ෂණ අනුවත් පැහැදිලි වූ දෙයක් තමයි ජනතාව දැනුවත් කරන අතරම නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමයක් ප්‍රායෝගිකව සිදු විය යුතුයි," විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය. 'යුද්ධයටත් වඩා අනතුරු' "තරුණයෙක් වේගයෙන් රිය පදවන්න කැමතියි. යම්කිසි වේග සීමාවක් දක්වපු මාර්ග සලකුණු තියනවා. නමුත් තරුණ පුද්ගලයා ඊට අවනත වෙන්නේ එකක් ඒ සංඥාව දැකීමෙන් නැතිනම් පොලිසියට හසු වීමෙන්," එයට උදාහරණ දෙමින් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුණි. "හුදෙක් දැනුවත් කිරීමෙන් පමණක් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ තරුණයා කැමති වේගයෙන් රිය පදවන්නයි." යුද්ධය පැවති සමයේ අනතුරුවලට ගොදුරු වූ පුද්ගලයන්ටත් වඩා වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. කොළඹ ජාතික රෝහලේ ඇඳන් හයකින් තුනක් හෝ හතරක් පිරී පවතින්නේ මාර්ග අනතුරුවලට ලක් වූ පුද්ගලයන්ගෙන් බව පෙන්වා දෙන ඔහු, පසුගිය මාස කීපය හා සැසඳීමේදී නොවැම්බර් මාසය වන විට මාර්ග අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සියයට දෙකක අඩුවක් දක්නට ඇති බවත් සඳහන් කළේය. ඒ අනුව මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීම හේතුවෙන් අනතුරුවල අඩුවක් සිදු වී ඇතැයි සිතිය හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේය. |
ඉන්දීය පුවත් පත්වල වාර්තා වූ වකුගඩු ජාවාරමට නවලෝක රෝහලේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම රෝහලේ අධ්යක්ෂවරයා පවසයි. | 'එක් වකුගඩුවක් සඳහා ඩොලර් දෙදහස් පන්සියයක්' නමුත් ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන් පරිත්‍යාග කරන වකුගඩු එම රෝහලේදී රෝගීන්ට බද්ධ කෙරෙන බව පිළිගත් නවලෝක රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් සමරසිංහ කියා සිටියේ ඒවා නීත්‍යනුකූල සිදු කෙරෙන බවයි. මේ අතරතුර වකුගඩු විකිණීමේ ජාවාරමට හවුල් යැයි සැක කෙරෙන තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හයිද්‍රාබාද් පොලිසිය ප්‍රකාශ කළේය. මොවුන් නීති විරෝධී ලෙස වකුගඩු විකිණීම සඳහා ඉදිරිපත් වූ විසි එක් දෙනෙකු ශ්‍රී ලංකාවට එවා ඇති බවයි වාර්තා වන්නේ. ඩොලර් දෙදහස් පන්සියයක් ඉන්දීය වාර්තාවලට අනුව එක් වකුගඩුවක් සඳහා මෙම ජාවාරම් කරුවන් ඩොලර් දෙදහස් පන්සියයක් ගෙවා තිබේ. ජාවාරම් කරුවන්ට සහ වකුගඩු ලබා දෙන පුද්ගලයන්ට සෘජුවම මුදල් ගෙවන කොළඹ රෝහල් කිහිපයක ලැයිස්තුවක් හයිද්‍රාබාද් පොලිසිය නිකුත් කර තිබුණි. මෙම ලැයිස්තුවට කොළඹ නවලෝක රෝහලද ඇතුළත් වී තිබුණු අතර එහි අධ්යක්ෂ වෛද්‍ය ලාල් සමරසිංහ කියා සිටියේ තම රෝහල වකුගඩු මිලට ගත් බවට සාක්ෂි නොමැති බවයි. කෙසේ නමුත් මෙම ජාවාරම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉන්දීය පොලිස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පිටත් කර හරින බව හයිද්‍රාබාද් පොලිසිය පවසයි. මෙම විමර්ශන කටයුතු සඳහා මෙතෙක් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉන්දියාව නිල වශයෙන් සහාය පතා නැති බවත් එවැනි ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා දීමට සුදානම් බවත් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය. |
ශ්‍රී ලංකාවේ එක් ජන කොටසක් අත පමණක් බලය රඳා පැවතීම රටේ ජන කොටස් අතර සමගියට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. | බලය යලි මධ්‍යගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට පක්ෂ දෙකම විරෝධය පළ කරයි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ සිය පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය අතර බ්‍රහස්පතින්දා රාත්‍රිය පැවැත්වුණු සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් පළ කරමින්. "දෙමළ කථාකරන ජනතාව අතෙත්, ඒ ගොල්ල වැඩිය ඉන්න පළාත්වල, රටට කිසිම හානියක් කරන්නේ නැතිව, බලය බෙදල ඒගොල්ලන්ට බලය දෙන්න ඕන," බව ඔහුගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ ඒ අරමුණින් බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එම සංශෝධනයෙන් ඉදිරියට බලය විමධ්‍යගත කිරීම ගෙන යන බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දී තිබෙන බව ද පෙන්වා දෙයි. කෙසේ නමුත් එම ප්‍රතිඥා කඩ කරමින් විමධ්‍යගත කොට තිබෙන බලයත් යලි මධ්‍යගත කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේ අවධානය යොමු වූ බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය. තම පක්ෂවලට ආණ්ඩුවේ එම ක්‍රියාදාමයට සහාය දිය නොහැකි බැවින් එයට විරෝධය පළ කළ යුතු බවට පක්ෂ දෙකේ එකඟත්වය පළ වූ බවයි ඔහු පවසන්නේ. |
විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීති විරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයා බැලූ පරිසර කමිටුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පවසයි. | ඔහු මේ බව කියා සිටියේ (ඉරිදා) සිලාවතුර මරිච්චිකට්ටුව ගම්මානයේදී යි. ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පිළිගත යුත්තේ මුස්ලිම් වැසියන් ලක්ෂ පහකගේ අත්සනින් යුතුව ඉදිරි දින දහය ඇතුළතදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සම භාර දීමෙන් පසුව බවද අමාත්‍යවරයා පැවසීය. අත්සන් ලක්ෂ පහක් සිලාවතුර මරිච්චිකට්ටු ගම්මානයේදී මුස්ලිම් සංවිධාන පහක ප්‍රධානත්වයෙන් අත්සන් ලක්ෂ පහක් ලබාගැනීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ සහ සමෘද්ධි හා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. අත්සන් ලබාගැනීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයා කියා සිටියේ විල්පත්තු වනය විනාශ කොට එකම මුස්ලිම් පවුලක් හෝ එම ප්‍රදේශයේ පදිංචි කොට නොමැති බවයි. මරිච්චිකට්ටුව ගමේ වැසියන් නිසා විල්පත්තු වනය ආරක්ෂා වූ බව කියා සිටි අමාත්‍යවරයා මුස්ලිම් ගම්මාන හතරක යළි පදිංචි කළේ යුද්ධය හේතුවෙන් අවතැන්වී අනථ කදවුරු කරා ගිය පිරිස පමණක් බවයි. ජාතිවාදී සංවිධාන සහ පරිසර සංවිධාන විල්පත්තුවේ වනය මුස්ලිම් ජනතාව විසින් විනාශ කරන බවට වැරදි චිත්‍රයක් රටතුළ මැවීමට උත්සහ කිරීම පිළිබදව තමන් කණගාටුවන බව කී අමාත්‍යවරයා ඕනෑම පිරිසක් මෙම පළාතට පැමිණ විලපත්තුවේ සහ මන්නාරමේ මායිම් පිළිබදව අධ්‍යයනයක් කරන මෙන්ද ඉල්ලා සිටියේය. යුද්ධය හේතුවෙන් අවතැන් වූ සෙසු ජනතාව යළි පදිංචි කරවීමේ දී ඔවුන්ට රජයෙන් ලැබුණු සහන මෙම ගම්මානවල වැසියන්ට නොලැබුණු හෙයින් ස්වේච්ඡා සංවිධානවල සහය තමන්ට ලබාගැනීමට සිදුවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය. උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක මෙහිදී කියා සිටියේ මෙම පළාත අයත් වන්නේ උතුරු පළාත් සභාවට වුවත් එහි ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු පිරිස මෙම නැවත පදිංචි කිරීමේ කටයුත්තට විරෝධය පළ කොට නොමැත්තේ එහි අසාධාරණයක් නොමැති නිසා බවයි. පටු දේශපාලන වාසි ලබාගැනීමටත් දේශපාලනඥයින් විනාශ කිරීම පිණිසත් ඇතැම් පිරිසක් ගෙන යන මේ ක්‍රියාදාමය නිසා රට තුළ සාමයට සහ සමාදානයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි ද ඔහු කියා සිටියේය. |
උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. | ප්‍රහාරකයන් අතර හමුදා භටයන් සිටි බවට 'සියයට එකසිය එකක් සහතිකයි' සැප්තැම්බර් විසි වැනි දින උදෑසන ආනන්දි සසීහරන්ගේ නිවසට කඩා වැදුණු පිරිසක් එහි සිටි ඇයගේ ආධාරකරුවන්ට පහර දී දේපොළවලට ද අලාභහානි සිදු කළහ. මැතිවරණ නිරීක්ෂකයෙකුටද එහිදී තුවාල සිදුවූ අතර පිරිස කඩා වැදුනු අවස්ථාවේ අපේක්ෂිකාව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇයගේ ආධාරකරුවන් සමත් වී තිබේ. ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක්ද ප්‍රහාරකයන් අතර සිටි බව පැවසූ දෙමළ ජාතික සන්ධානය, සිය අපේක්ෂිකාවගේ නිවසට කඩා වැදුනේ ආරක්ෂක හමුදා සාමාජිකයන් බවට චෝදනා කළ නමුත් හමුදාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයෝ කෙසේ නමුත්, ප්‍රහාරකයන් හමුදා භටයන් බවට තමන්ට 'සියයට එකසිය එකක්' සහතික බවයි, දකුණු ආසියානු නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියා සිටියේ. 2006-2009 කාලය අතරතුර ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වන එන් ගෝපාලසාමි එල්ලකරන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය චාර්ල්ස් හැවිලන්ඩ්ට පැවසුවේ එය දේශපාලන අරමුණක් සහිත පුද්ගලයන් විසින් නගන චෝදනාවක් බවයි. ආනන්දි සසීහරන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට භාර වීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින එල්ටීටීයේ හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක එලීලන් ගේ බිරිඳයි. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම, උතරේ මැතිවරණ සමය තුල විශාල හමුදා පිරිසක් රඳවා සිටීම විශ්වසනීය මැතිවරණ ක්‍රියාදාමයකට ප්‍රබල බාධාවක් වූ බව සඳහන් කරයි. එහෙත් හමුදා ප්‍රකාශකයා එම චෝදනාවද ප්‍රතික්ෂේප කරයි. |
දරුණු පිළිකා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ නිව්යෝක් නුවර සිට නැවත ඉන්දියාවට පැමිණ තිබේ. | "සටන තවත් ඉවර නැහැ" යැයි ඉරිදා (2) සොනාලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබිණි ඇය තමන් පීඩා විඳින පිළිකා රෝගයට එරෙහිව ගෙන යන සටන සහ අත්දැකීම් ගැන නිතර සටහන් ලියුවාය. මේ හේතුවෙන්, 43 හැවිරිදි රංගන ශිල්පිනිය ගැන ප්‍රශංසා කරමින් සමාජ මාධ්‍ය ජාලවල බොහෝ වැකි පළ වී තිබේ. සොනාලි බෙන්ද්‍රේ "සුව අතට හැරෙමින්" සිටින බව ඇගේ සැමියා ගෝල්දි බේල් පැවසූ නමුත්, ඇය නිතර වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙමින් සිටින්නීය. ඇය මෙම රෝගය පිළිබඳ විවෘතව කතා කිරීම සැබවින්ම තමන් "ධෛර්යමත්" කරන බව සමහර පිළිකා රෝගියෝ පවසති. පිළිකා වැනි "වසන් කෙරෙන මාතෘකා" ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් විවෘතව කතා කිරීම "වෙනසක් පිළිගැනීමක්" යැයි පියයුරු පිළිකා රෝගයෙන් මිදී වර්තමානයේ ඉන්දියානු පිළිකා සංගමයේ රැකියාවේ නිරත රේණුකා ප්‍රසාද් සඳහන් කළාය. බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ "මෙම රෝගයට පත් වූවන්ගේ ජීවිත කතාව අනෙක් රෝගීන්ට බොහෝ විට අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් සොනාලි බෙන්ද්‍රේ වැනි කෙනෙකු ජීවිතය විඳිමින් සිටිනවා දකින එක ඇත්තටම ඔවුන් ධෛර්යමත් කරනවා." "එයින් ඔවුන්ට හැඟවෙනවා පිළිකාව කියන්නේ මරණ වරෙන්තුවක් නොවන බවත් රෝගයෙන් පසුවත් ජීවිතයක් තියෙනවා වගේම එය ඉතා හොඳ එකක් වන බවත්," රේණුකා ප්‍රසාද් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: හොඳින් ගෙවුණු ජීවිතයක් සහ ප්‍රීතිමත් අවසානයක් බීබීසී දිල්ලි වාර්තාකාරිනී ගීතා පාන්ඩේගේ වාර්තාවකි පසුගිය ජූලි මස දී සොනාලි බෙන්ද්‍රේ පිළිකා රෝගයට ගොදුරු වෙලා යැයි පළමු වරට දැනගත් සැණින් මගේ මතකයට පැමිණියේ අතිශය ජනප්‍රිය වූ 'කල් හෝ නා හෝ' බොලිවුඩ් චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයයි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑ ෂාහ් රුක් ඛාන් හදවත් රෝගියෙකුගේ චරිතයට පන පෙවූ අතර, සොනාලි ඔහුගේ වෛද්‍යවරිය ලෙස මහත් පෞරුෂයකින් හෙබි චරිතයක් රඟපෑවාය. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ නිව්යෝක් නුවර වන අතර, ෂාහ් රුක් ඛාන්ට සිය දුර්වල හදවත සමඟ ජීවත් වීමට සොනාලි බෙන්ද්‍රේ උපකාර කරනු දැකිය හැකිය. කෙසේවෙතත්, අවසානයේ දී ඔහුට සුවයක් නොලැබෙන හෙයින් ඇයට ප්‍රතිකාර කිරීම් නැවැත්වීමට සිදු වූ අතර, සියල්ලන්ගේම කඳුළු මධ්‍යයේ ඔහු ජීවිතයෙන් සමුගන්නා ආකාරය චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළෙහි දක්නට ලැබේ. ෂාහ් රුක් ඛාන් සහ සොනාලි බෙන්ද්‍රේ චිත්‍රපටය එළි දක්වා වසර පහළොවකට පසු වෛද්‍යවරියකගේ සිනමා චරිතයෙන් සැබෑ ජීවිතයේ රෝගියෙකු බවට පත්වීමට සොනාලිට සිදු විය. පසුගිය මාස ගණනාවක් පුරා "දරුණු ගණයේ පිළිකා රෝගයක්" සමග සටන් වදිමින් ඇය නිව්යෝක් නගරයේ ජීවත් වූවාය. ෂාහ් රුක් ඛාන් ඇතුළු ඇය සමග රඟපෑ තවත් බොලිවුඩ් රංගන ශිල්පියෝ ඇයගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණියහ. සඳුදා (දෙසැම්බර් 03) ඇය පිළිකා රෝගය මර්දනය කළ බව පුවත ඇසීමට ඉන්දියානුවන්ට හැකි විය. සිය සැමියා සමග දෑත් පටලවාගෙන සිනාමුසු මුහුණින් සඳුදා උදෑසන ඇය මුම්බායි ගුවන් තොටුපලට පැමිණියාය. එය ඇත්තෙන්ම ප්‍රීතිමත් අවසානයක් විය. ................... "ප්‍රසිද්ධ පුද්ගලයන් මෙවැනි රෝග ගැන කතා කිරීම ඉතා වැදගත්. එයින් මේ රෝග ගැන අන් අය දැනුවත් වෙනවා" යැයි පිළිකා රෝගීන් සමග ක්‍රියා කරන රේණුකා ප්‍රසාද් පැවසුවාය. "සටන තවත් ඉවර නැහැ" යැයි ඉරිදා (2) සොනාලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබිණි. ප්‍රතිකාර අවසන් වුවත් "රෝගය නැවතත් මතු විය හැකියි" යනුවෙන් ඇයගේ සැමියා වාර්තාකරුවන්ට පැවසීය. "සටන් කිරීමට සූදානම්" යනුවෙන් පිළිකා රෝගය හඳුනාගත් පසු ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇති අතර, සිය දෙමාපියන්ට සහ මිතුරන්ට ද ස්තුති කර තිබිණි. එමෙන්ම ඇයගේ "දරුණු ගණයේ පිළිකාව" ශරීරයේ පැතිරී ඇතැයි ද සඳහන් කර ඇත. බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට හැකිය. මෙම රෝගය ගැන සිය දොළොස් හැවිදිරි පුතාට පැවසූ ආකාරය ගැන ද ඇය එක් සටහනක් පළ කර කළාය. "අපිට ඔහු ආරක්ෂා කරන්න ඕනෙ වගේම, අපි දන්නවා ඔහුට හැමදේම පැවසීම වැදගත් කියලා.... ඔහු මේ ආරංචිය වැඩුණු පුද්ගලයෙකු ලෙස භාර ගත්තා... සැණකින් මගේ ශක්තියේ සහ ධනාත්මක බවේ ප්රභවය බවට ඔහු පත්වුණා," යැයි සොනාලි ජූලි මස දී ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණි. රෝගය සමග ජීවත් වීම ගැන ඇය පළ කළ සටහන්වලට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. "නරක දවස්" යැයි සඳහන් කර ඇති එක් වීඩියෝවක ඇය සිය හිස මුඩු කරන ආකාරය දැකිය හැකිය. තවත් විටෙක ඇය පවුලේ ඥාතීන් සහ යහළුවන් සමග සතුටින් සිටින ඡායාරූප පළ කර ඇත. පිළිකාව ගැන විවෘතව කතා කළ පළමු ඉන්දීය ප්‍රසිද්ධ චරිතය සොනාලි බෙන්ද්‍රේ නොවේ. 2012 දී ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං තමන් පිළිකාවකින් පෙළෙන බව හෙළි කර අතර, රෝගයට එරෙහි සටන ගැන ග්රන්ථයක් රචනා කිරීමට ද කටයුතු කළේය. එමෙන්ම, රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් ද තමන් බරපතල රෝගයකින් පෙළෙන බව මෙම වසර මුල දී හෙළි කළේය. තවත් තොරතුරු: |
ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ මහ මොළකරුවෙකු ලෙසින් සැක කෙරෙන පුද්ගලයෙකු තවමත් විවිධ රටවලට පලායමින් සැඟ වී සිටින බව පොලිසිය පවසයි. | මත්ද්‍රව්‍ය අල්ලාගත් අවස්ථාවක් 'පරාවර්තනය' සහ 'සෙල්වම්' චිත්‍රපට දෙක නිෂ්පාදනය කරමින් කලා කටයුතුවලටද සම්බන්ධව සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරික මොහමඩ් මුබාරක් මොහමඩ් මුජාහිඩ් හෙවත් මොහමඩ් මුජාහිඩ් නමැති හෙරොයින් ජාවාරම්කරුට මැලේසියාවේ පුරවැසිභාවය පවා හිමිව තිබුණු බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේ හලාවත දී හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ කුණු ගොඩක සඟවා තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.5 ක් පොලිසිය විසින් බ්‍රහස්පතින්දා (මැයි 11 ) සොයාගැනීම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. හලාවත දී හමු වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තානයේ සිට මේ ආකාරයෙන් හෙරොයින් ගෙන එනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිත කරන්නන් වෙනුවෙන් බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ශ්‍රී ලංකාව හරහා කොකේන් මත්ද්‍රව්‍ය වෙනත් රටවලට පැටවීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළේය. දේශපාලන හස්ත? මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන බවට එවක විරුද්ධ පක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ බොහෝ නායකයෝ රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් මැති, ඇමතිවරුන්ට චෝදනා කළහ. මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම පිණිස දිගටම විමර්ශන - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එවැනි චෝදනා එල්ල වූ නමුත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශපාලන නායකයන් අතර එවැනි සම්බන්ධයක් පැවති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී නැති බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. මොහමඩ් මුජාහිඩ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රාජපක්ෂ පරිපාලනයේ ඇතැම් නායකයන් සමග පෙනී සිටි ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් වූ නමුත්, ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබුණු බවක් එයින් සනාථ නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටී. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංවිධානාත්මකව ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම පිණිස පොලිසිය දිගටම විමර්ශනවල නිරතව සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. |
''ජී.ඩී.එල්'' යන සහෘද ආමන්ත්‍රණයෙන් කලක් අප සමඟ බීබීසී සිංහල සේවයේ සේවය කළ නිදහස් මාධ්‍යවේදී, සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ ජී.ඩී.එල්.පෙරේරා දිවියෙන් සමුගත්තේය. | කලක් අඩාලව තිබූ බීබීසී සිංහල 'සංදේශය' ගුවන් විදුලි වැඩසටහන එම්.වසන්තරාජා විසින් යළි පණගන්වනු ලැබීමෙන් අනතුරුව 1990 දශකය ආරම්භයේදී ඊට හවුල් වූ ජී.ඩී.එල්.පෙරේරා දශකයක තරම් දීර්ඝ කාලයක් සිංහල සේවය වෙනුවෙන් ප්රවෘත්ති සහ විශේෂාංග සම්පාදනය කිරීමෙහි ලා දායක විය. බීබීසී සිංහල සේවයට ලැබෙන ශ්‍රාවක ප්‍රතිචාර සම්බන්ධීකරණය භාරව කටයුතු කළ ජී.ඩී.එල්.පෙරේරා, අසන්නන්ගේ අදහස් සමාලෝචනය කෙරෙමින් සෑම සිකුරාදා දිනකම ප්‍රචාරය කරන ලද ''තැපැල් මල්ල'' සම්පාදනය කිරීමෙහි ලා පුරෝගාමී විය. ආරම්භයේ දී ලන්ඩන් නගරයේ වෙසෙමින් බීබීසී සිංහල සේවය සමඟ කටයුතු කළ ''ජී.ඩී.එල්'' පසුව එවක බීබීසී කොළඹ වාර්තාකරුව සිටි එල්මෝ ප්‍රනාන්දු සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ සිට සංදේශය අසන්නන් සම්බන්ධීකරණය කිරීමේ කාර්යය භාරව කටයුතු කළේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේදී යුද පුවත් ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් වශයෙන් බීබීසී සිංහල සේවය ආරම්භ කරනු ලැබීමේ පටන් 1990 දශකයේ අගභාගය තෙක් එහි ගමන්මගට අදාළ තොරතුරු ගවේෂණය කරමින් ඓහිහාසික ලේඛනයක් පිළියෙළ කොට එය පාදක කරගනිමින් වැඩ සටහන් මාලාවක් සඳහා අවශ්‍ය පිටපත් රචනය බීබීසී ලෝක සේවය සමඟ කටයුතු කරමින් සිටින අතරවාරයේ ජී.ඩී.එල්. විසින් සිදුකරන ලද විශේෂ කාර්යභාරයකි. ජී.ඩී.එල් ශ්‍රී ලාංකික සමාජය තුළ වඩාත් ප්රකටව සිටියේ නාට්‍ය නිෂ්පාදකයකු සහ ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසය. සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කොළඹ සහ ලන්ඩන් නගරයේ ජීවත් වුව ද තම කලා නිර්මාණවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ලද්දේ කුඩා කළ ග්‍රාමීය ජීවිතයෙන් ලද අත්දැකීම් සම්භාරය බව ජී.ඩී.එල් සුහද සංවාදවල දී නිතර පළකරන ලද අදහසකි. රත්නපුර තිරුවානකැටියේ දී තමා දුටු ගැමියන්ගේ සිරිත් සහ නාගරික මෙන්ම විදේශගතවූවන්ගේ මිශ්‍ර ජීවන ආකල්ප සහ ජීවන රටාවත් එම චර්යාවන්ගෙන් ඔවුන්ගේ ඊළඟ පරපුර වියෝජනය වෙන ආකාරයත් නිරූපණය කරමින් ජී.ඩී.එල්. සිය ''රටගිය ඇත්තෝ'' නිර්මාණය කරන ලද්දේ ලන්ඩන් නගරයෙහි සිටිමිනි. නාට්‍යකරණයෙන් සිනමාවට තරුණ ජී.ඩී.එල් ගේ කලා දිවිය ආරම්භ වූයේ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙනි. සම්මානනීය නාට්‍යවේදී සුගතපාල ද සිල්වා එම අවධියේ ''අපේ කට්ටිය'' පවත්වා ගෙන ගිය අතර ජී.ඩී.එල් සිය කලානිර්මාණ වෙනුවෙන් 'කලාපෙළ'' නමින් සමකාලීන නාට්‍ය ශිල්පීන්ගේ එකතුවක් නිර්මාණය කළේය. තොටුපොළ, මෙහෙව් ලෝකෙක, සාමා, සක්කර වට්ටම් වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි. දෙනවක හාමිනේ හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට මෙන්ම වේදිකාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය. ජී.ඩී.එල් සඳහන් කළ පරිදි ඔහුගේ බලවත් ''පෙරැත්ත'' අනුව දෙනවක හාමිනේ ඔහුගේ ''සාමා'' චිත්‍රපටයේ චරිතයක් ද භාරගත් අතර එය මහා රංගනවේදිනියක් සිංහල සිනමාවට ''වැඩමවීමක්'' විය. රංගධාරිනී චන්ද්‍රා කලුආරච්චිගේ සිනමා දිවිය ආරම්භ වූයේ ජී.ඩී.එල්ගේ ''දහසක් සිතුවිලි'' චිත්‍රපටයෙනි. 'රෝමියෝ ජුලියට්' ජී.ඩී.එල්ගේ ' තවත් සිනමා නිර්මාණයකි. 'සැඩොල් කඳුළු' චිත්‍රපටයේ සම අධ්යක්ෂවරයා වන ජී.ඩී.එල් ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් ද නිර්මාණය කරනු ලැබ ඇත. සිය දිගුකාලීන නිර්මාණ චාරිකාවේ අවසන් සමයේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කලා දිවිය ඔපමට්ටම් කිරීමෙහිලා ජී.ඩී.එල් විසින් ඉටුකරන ලද්දේ අගනා මෙහෙයකි. බීබීසී සිංහල සේවය සඳහා මාහැඟි මෙහෙයක් ඉටුකරන ලද සහෘද ''ජී.ඩී.එල්'' ට අපගේ උපහාරය පුදමු! BBC සිංහල එවකට කාර්ය මණ්ඩලය සමඟ.ජී.ඩී.එල්.පෙරේරා(දකුණුපස කෙළවරේ) කියවන්න; |
ප්‍රංශ ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට සිය සැමියා ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි. | "මේ යුතුකම ඉටු කරන්නේ නම් එය මතු සසර නිවනට හේතු වන බව මත් සිතින් සිහිපත් කරමි" පසුගිය ජුනි 05 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ පාලක සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේදී තමාට හමුවුන බව කියා සිටියේය. ඉන් අනතුරුව ජුනි 07 වැනි දින පාර්ලිමේන්තුවේදී යලිත් ප්‍රකාශයක් කළ ඔහු, ප්‍රංශයේදී තමන්ට ප්‍රගීත් හඳුන්වා දුන්නේ රටින් බැහැරව සිටින මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන බව ද පැවසීය. එහෙත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළ මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ, ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය "අමූලික බොරුවක්" බවයි. 2007 වර්ෂයෙන් අනතුරුව තමන්ට අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී නැති බවද ඔහු පැවසීය. පුතුන්ට 'මානසික වදයක්' කෙසේ නමුත් එදිනම නිවුස්ෆර්ස්ට් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීද යලිත් වරක් එම ප්‍රකාශයම කළ මන්ත්‍රීවරයා, ප්‍රගීත් දිනපතාම පාහේ ප්‍රංශයේ සිට සිය බිරිඳ සන්ධ්‍යාට දුරකථනයෙන් අමතන බව ද කියා සිටියේය. මන්ත්‍රීවරයාගේ ඉහත කී ප්‍රකාශ "කණගාටුවෙන් යුතුව බැහැර කරන" බව කතානායක චමල් රාජපක්ෂ වෙත යොමු කරන සිය ලිපියේ සඳහන් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ, තමන්ට ප්‍රගීත් ගේ හඬ අවසන් වරට ඇසුනේ 2010 ජනවාරි 24 වැනි දින බව අවධාරණය කරන්නීය. 2011 නොවැම්බරයේදී එක්සත් ජාතීන් හමුවේ ජිනීවා නුවරදී ප්‍රකාශයක් කළ එවකට නීතිපති මොහාන් පීරිස් ද, ප්‍රගීත් එක්නැලිගොඩ විදේශයක රැකවරණ පතා සිටින බව පැවසීය. "අරුන්දික මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශය මෙන් අසත්‍ය ප්‍රකාශයක් නම්, එය පියා අහිමි වීමෙන් මානසික දුක් පීඩා මද අපොස උසස් පෙළ සහ සාපෙළ විභාගයට පෙනී සිටින්නට අපේක්ෂාවෙන් සිටින අපගේ දරුවන් නැවත, නැවත මානසික වදයකට පත් කිරීමකි," යනුවෙන් සන්ධ්‍යා සිය ලිපියේ සඳහන් කරන්නීය. මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සත්‍යයක් නම්, ප්‍රංශ ආණ්ඩුවේ හෝ "ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව" සිය සැමියා යලි සිය රට ගෙන්වා දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ඇය, ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳව දැනට අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දීම පිණිස මන්ත්‍රීවරයා යොමු කරන මෙන් ද ඉල්ලීමක් කරන්නීය. |
නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇතිවූ භුමි කම්පාවක් හේතුවෙන් සුනාමි අවදානමක් පිළිබඳව ජනතාව දැනුවත් කෙරිණි. | අනතුරුදායක තත්වය පහව ගොස් ඇති බවයි භූගර්භ විද්‍යාඥයින් පවසන්නේ රෙක්ට මාපකයේ අංශක 7.3 ක චලනයක් ලෙස වාර්තා වූ මෙම භුමි කම්පාව බලපා තිබුනේ මලුකු දුපත් වලටයි. කලබලයට පත් වූ මිනිසුන් තම නිවෙස් වලින් පිටතට දිවගිය අතර වෙරළ ආසන්න ප්‍රදේශ වලින් සහ ගංගා ඉවුරු අසලින් ඉවත්වී සිටින ලෙසයි ඔවුනට අනතුරු ඇඟවීම් ලැබී ඇත්තේ. මීටරයක් පමණ උස රැළි ඇතිවිය හැකි බවට හවායි හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා තිබුණ ද තවදුරටත් අනතුරුදායක තත්වයක් නොමැති බවයි භූගර්භ විද්‍යාඥයින් පවසන්නේ. උතුරු මලුකු පළාතේ මෙට්‍රෝ රුපවාහිනියේ සේවකයෙකු ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කලබලයට පත්වූ බවයි. “ඒ ප්‍රදේශයේ මිනිස්සු කලබල වෙලයි හිටියෙ. විශේෂයෙන්ම පාසැල් ඇතුලේ හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගොඩනැගිලි වලින් ඉවත්වෙන්න කියල තිබුන. මිනිස්සුත් තමන්ගේ ගෙවල් දොරවල් අතහැරල ගියා. මේ භුමි කම්පාව තත්පර තිහත් විනාඩියත් අතර කාලයක් පැවතුන” යනුවෙන් ඔහු පැවසීය. |
තමාත් දරුවන් දෙදෙනාත් ඉදිරියේ 2009 දී හමුදාවට භාර වූ සිය ස්වාමිපුරුෂයා එක් වතාවක් දැක ගන්නට ලැබුණු නමුත් ඉන් අනතුරුව ඔහු අතුරුදහන් වී සිටින බව එල්ටීටීඊ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී රේගන්ගේ බිරිඳ ප්‍රකාශ කරයි. | අතුරුදහන් වූවන් වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූවන් පිළිබඳව විමසා බලන ජනාධිපති කොමිෂන් සභාව යාපනයේ සාක්ෂි විමසීම ආරම්භ කළ අවස්ථාවේ සාක්ෂි දෙමිනුයි ඇය ඒ බව කියා සිටියේ. එල්ටීටීඊය විසින් සිය 15 හැවිරිදි පුතා පුදුමාතලන්හිදී බලහත්කාරයෙන් බඳවා ගත් බව පියා පවසයි හමුදාවට භාර වීමෙන් අනතුරුව ඕමන්තේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් ඉන් අනතුරුව තමන්ට ඔහු දැකගන්නට නොලැබුණු බවත් රේගන් ගේ බිරිඳ තුලසිහා කොමිසම ඉදිරියේ කියා සිටියාය. සිකුරාදා යාපනයේ සාක්ෂි විභාගය ආරම්භ කළ කොමිසම ලබන දාහත් වැනි දින දක්වා චාවකච්චේරි, කෝපායි සහ යාපනයේදී සාක්ෂි විමසීමට නියමිතයි. 1990 සහ 2009 යන කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැහැර ගෙන ගිය හෝ අතුරුදහන් වූ හෝ පුද්ගලයන් ගැන සොයා බලන කොමිසමට අතුරුදහන් වූවන් වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස ප්‍රකාශ කළේය. එය පැමිණිලි හාර දහසකට ආසන්න සංඛ්‍යාවක්. අතුරුදහන් වූ සිය සැමියන් හෝ ඥාතීන් ගැන තොරතුරක් සොයා ගැනීමේ අටියෙන් කාන්තාවන්, වියපත් පුරුෂයන් ඇතුළු විශාල පිරිසක් සාක්ෂි දීම පිණිස පැමිණ සිටි බවයි, බීබීසී යේ කොළඹ වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් යාපනයේ සිට වාර්තා කරන්නේ. සිය ඥාතීන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතු බව ඇතැම් ඥාතීන් ප්‍රසිද්ධියේම චෝදනා කළ නමුත්, තමන්ට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. |
සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවෝ ඉතා ඉහළ ජනවරමක් ලබාදෙති. ඒ පිළිබඳ තැපැල් ඡන්දයකදී 61.6% ක ජනයා සම ලිංගික විවාහය අනුමත කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වාදෙයි. | "ඔවුන් සාධාරණත්වය අනුමත කලා, කැපවීම අනුමත කලා, ආදරය අනුමත කලා" ප්රමෝදයට පත් අධාරකරුවන්, මහජනයා රැස්වෙන ස්ථානකරා ගොස් දේදුණු වර්ණ සහිත ධජ ලෙලවමින්, ගී ගයමින් සහ නටමින් ඔවුනගේ ජයග්‍රහණය සැමරූහ. නව නීති කෙටුම්පත බදාදා (ඔක්15) සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉදිරියේදී සංශෝධන සඳහා විවාද කෙරෙනු ඇත. නත්තල් සමය වනවිට නීතිය සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේය. "ඔස්ට්‍රේලියානුවෝ මිලියන ගණනින් සිය මතය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් අති මහත් බහුතරය විවාහ සමානාත්මතාව අනුමත කර තිබෙනවා" යැයි ප්‍රතිපල ප්‍රකාශයෙන් අනතුරුව ටර්න්බුල් සඳහන් කළේය. "ඔවුන් සාධාරණත්වය අනුමත කලා, කැපවීම අනුමත කලා, ආදරය අනුමත කලා" දීර්ඝ, අමිහිරි විවාදයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු විවාහ පනත සංශෝධනය කිරීමට අදාළ මෙම කරුණ ස්වේච්ඡා තැපැල් ඡන්දයකට පමණක් යොමුවිය. ඒ අනුව සමලිංගික විවාහ පිළිබද මෙතෙක් පැවති උණුසුම් තත්ත්වය නොවැම්බර් 15 ප්‍රතිඵලය සමගම සමනය වනු ඇත. කෙසේවෙතත් එවැනි විවාහවලට සහය දක්වන්නන් වෙතින්ම මෙම ඡන්දයට විවේචන එල්ල වූ අතර ඔවුන්ගෙන් බොහෝදෙනා පැවසුවේ, ඍජුවම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට හැකියාවක් පවතිද්දී ඡන්දයක් පැවැත්වීම අනවශ්‍ය බව පෙන්වා දුණි. ඡන්දය ක්‍රියාවට නැගුනේ කෙසේද? ප්‍රතිඵල අසා උද්ධාමයටපත්ව ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ඡන්ද ක්‍රමය මෙන් නොව මෙය ස්වේච්ඡා ඡන්ද ක්‍රමයක් විය. ඔස්ට්‍රේලියාවේ ඡන්ද හිමියන්ගෙන් 79.5%ක් පමණ එනම්, මිලියන 12.7ට අධික පිරිසක්, සති අටක් පුරා පැවති ඡන්දයට සහභාගී විය. එහිදී "සමලිංගික යුවලට විවාහ වීමේ ඉඩ සලසමින් විවාහ නීතිය වෙනස්විය යුතුද?" යන ප්රශ්නය එහිදී විමසන ලදී. ඊට සහාය දැක්වූ පිරිසගේ මතය වූයේ එය සමානාත්මතාව පිළිබඳ ගැටලුවක් යන්නය. ඊට විරුද්ධ පාර්ශව පවුල යන සංකල්පය කෙරෙහි අවධානය යොමු කළේ පාසල් තුළ ලිංගභේදය වැනි කරුණු උගන්වන්නේ කෙසේද යන්න මතුකරමිනි. සමාන පුවත්: |
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගී වන ලකුණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. | ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කොන්ග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වාර්තා පළ වූයේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බාරුද්දීන් මාධ්‍ය වේදීන්ට කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දීය අගමැතිවරයා ගේ සහභාගිත්වය පිළිබඳ ව තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි. කොළඹ දී පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට සහභාගී නොවිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ බව ඉන්දීය මහ ආණ්ඩුවට දැනුම් දී තිබුණි. රාවයට ප්‍රතිචාර ඉන්දීය අගමැතිවරයා පොදු රද සමුළුවට සහභාගී වන බවට පැතිර යන රාවයට ප්‍රතිචාර දක්වමින් තමිල්නාඩු වේ ඩී එම් කේ හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය යළි අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව යුද අපරාධ කල බවට එල්ල වී තිබෙන චෝදනා වලට වලංගු භාවයක් ලබා දීම සඳහා මෙම සමුළුව සහමුලින්ම වර්ජනය කල යුතු බවයි. ඉන්දීය අගමැතිවරයා සමුළුවට සහභාගී වුවහොත් ‘ඔහුගේ පක්ෂයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැ’යි ඩී එම් කේ පක්ෂ නායක එම් කරුණානිධි මෙහිදී තව දුරටත් කියා සිටියේය. මේ අතරතුර තමිල්නාඩුවේ ප්‍රභල නායකයෙකු වන ඉන්දීය නාවික ඇමති ජී කේ වාසන් ද ඉන්දීය අගමැතිවරයා හමු වී ඇති අතර ‘දෙමළ ජනතාව ගේ සිතුම් පැතුම් සලකා බලා’ පොදු රද සමුළුව වර්ජනය කරන ලෙසට දැඩි ඉල්ලීමක් කර තිබේ. |