summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ඉරාකයේ දෙවන විශාලතම නගරය වන 'මොසුල්' ISIS ඉස්ලාමීය කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමත් සමග ඉරාකයේ ඒකීයත්වය තර්ජනයකට මුහුණ පා තිබේ.
ප්‍රහාරයට ලක් වූ 'මොසුල්' නගරය කැරලිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ඉරාකයේ 'බැග්ඩෑඩ්' අගනුවරයි. මේ අතර බීබීසී වාර්තාකරු රොස් ඇට්කින්ස් සහ බීබීසී අරාබි අංශයේ සෙබෙස්තියන් ආශා අතර පැවති සාකච්ඡාවක් මගින් ඉරාකය සහ කලාපය මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව චිත්‍රයක් නිර්මාණය කෙරෙයි. රොස් ඇට්කින්ස් :-“සෙබෙස්තියන්! පළමුවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද ISIS සංවිධානය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියල?” සෙබෙස්තියන් ආශා:-“මෙය දැනට 'ලෙවාන්ට්' සහ ඉරාකයේ පාලනය ගෙන යාමට කටයුතු කරන ඉස්ලාම් ආගමික සංවිධානයක්.'ලේවාන්ට කියල ඔවුන් හඳුන්වන ප්‍රදේශයට සිරියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය සහ ජෝර්දානය ඇතුලත්. මේ රටවල් සියල්ලම එකට එකතු කරලා ශතවර්ෂ කීපයකට උඩ දී ඉස්ලාම් ආගමික රාජ්‍යයක් විදිහට පාලනය ගෙන ගොස් තියෙනවා. ISIS සංවිධානයේ ඉලක්කය වෙන්ව ගිය රටවල් සියල්ල එකතු කරල නැවත එම ඉස්ලාම් ආගමික රාජ්‍ය පිහිටුවීමයි.” ප්‍රහාරයට ලක්ව මියගිය ඉරාක හමුදාවේ සෙබළෙකුට අයත් නිල ඇඳුමක් රොස් ඇට්කින්ස්:-“ඔබ හිතන විදිහට ISIS කොතරම් විශාල සංවිධානයක් ද ? ඒ වගේම කොතරම් පුද්ගලයින් ප්‍රමාණයක් හවුල් වෙලා තියෙනවාද මොසුල් නගරය අත්පත් කර ගැනීමට?” සෙබෙස්තියන් ආශා:-“විශේෂතත්වයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් දෙයක් තමයි, මොසුල් නගරය අත් පත් කර ගන්න විශාල පිරිසක් සහභාගී වෙලා නැහැ. ප්‍රහාරකයන් දාහත්- එක්දහස් පන්සීයත් අතර පිරිසක් සහභාගී වුන බව තමයි වාර්තා වෙන්නේ. ප්‍රකාශයට පත්වුණ ඡායාරුප වලින් පෙනෙන්නේ ගැටුමට යොදා ගත් ප්‍රහාරක රථ සමග ISIS සංවිධානයේ සාමාජිකයන් පස් හය දෙනාගෙන් යුත් කුඩා කණ්ඩායම් ඒ සඳහා යොදා ගෙන තිබූන බවයි. ඉරාකයේ සහ සිරියාවේ දැනට ISIS සංවිධානයේ සාමාජිකයින් දස දහසක් පමණ ක්‍රියාන්විතයේ නිරත වෙලා ඉන්නවා. දිගින් දිගටම ඉරාකයේ නගර අත්පත් කර ගැනීම් සහ සිර කරුවන් මුදා හැරීමෙන් තවත් පිරිස් සංවිධානයට එකතු වෙන හින්දා මෙම සංඛ්‍යාව තවත් ඉහල යයි කියල බලාපොරොත්තු වෙනවා.” රොස් ඇට්කින්ස්:-“එතකොට මේ සංවිධානය අල්කයිඩා සංවිධානයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?” සෙබෙස්තියන් ආශා:-“ISIS සංවිධානය අල්කයිඩා සංවිධානයෙන් පෝෂණය ලබා ගොඩ නැගුන සංවිධානයක්, මේ සංවිධානය ඉරාකය මුල් කර ගෙන ඇමරිකාවේ මැදිහත් වීමත් එක්ක බිහි වූවක්. පසුගිය වසරේ සිරියාව තුළ ක්‍රියාත්මක වීමත් සමග ISIS සංවිධානය අල්කයිඩා සංවිධානයෙන් බිඳී ස්වාධීනව කටයුතු කිරීමට පටන් ගත්තා.” ISIS නායක ‘අමන්කුර් අබ බකා අල්බාඩි’ රොස් ඇට්කින්ස්:-“ISIS සංවිධානයටත් නායකත්වයක් තියනව ද අල්කයිඩා සංවිධානයේ 'ඔසාමා බිල්ලාඩන්' වගේ?” සෙබෙස්තියන් ආශා:-“ඔව්! මෙම නායකයාගේ ඇත්ත නම හෙළි වෙලා නැහැ. දැනට මොහුගේ ඡායාරුප දෙකක් පමණයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මුහුණ ආවරණය කර ගෙන සිටින මොහු ජීවත් වන තැනක් හෝ වෙන කිසිම තොරතුරක් තවමත් හෙළි වෙලා නැහැ. නමුත් ඉරාකයේ සහ සිරියාවේ ISIS සංවිධානයේ ක්‍රියා කලාපයත් එක්ක පෙනෙන කරුණක් තමයි, සුළු පිරිසකගෙන් සමන්විත මේ සංවිධානයට මෙතරම් දුරක් යන්න හේතු වෙලා තියෙන්නේ ඔහුගේ නායකත්වය කියලා. ඒ වගේම සමාජය තුළ ජනතාව අතර කණ්ඩායම් වශයෙන් අනු මලික්ට එරෙහි ආකල්පයක් ගොඩ නැගීමට මෙම සංවිධානය සමත් වෙලා තියෙනවා.”
සිංහල ජනතාව සමග සමගියෙන් සහ සාමයෙන් දිවි ගෙවූ තමන්ට මෙලෙස පහරදීම පිළිබඳ බරපතල කනගාටුවක් දැනෙන බව මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ලක් වූ මහනුවර ප්‍රදේශවාසීහු බීබීසී සිංහල සේවයට පැවසූහ.
ප්‍රහාරකයන් බොහෝ දෙනා ජාතිවාදීන් නොව "මංකොල්ලකරුවන්" බවත් ගිණි තබා විනාශ කරන ලද නිවෙසක වෙසෙන තරුණයෙකු වන මොහමඩ් ෆෛසූල් පැවසීය. උපන් දා සිට සිංහල ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වූ තමන්ට මෙලෙස සැලකුවේ මන්දැයි කනගාටුවෙන් යුතුව ඔහු ප්‍රශ්න කළේය. "මේ මිනිස්සුන්ගෙන් බලන්න අපි ජාතිවාදයට ගියාද කියල? මංකොල්ලත් කාල තියෙනව මේ. නංගි ලඟදි බැන්දේ. නංගිගේ, අම්මගේ රත්තරන් බඩු ඔක්කොම මංකොල්ල කාල," මොහමඩ් ෆෛසූල් වේදනාවෙන් යුතුව සඳහන් කළේය. "මේ මිනිස්සු ජාතිවාදයක් නෙවෙයි මංකොල්ල කන අදහසින් ආවේ." මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සිය ව්‍යාපාරික ස්ථානය අහිමි වූ තරුණයෙකු වන එස් මොහමඩ්, තමන්ට රුපියල් ලක්ෂ හතලිහක පමණ පාඩුවක් සිදු වූ බව පැවසීය. "අපෙන් වෙච්ච වැරැද්දක් නෙවෙයිනේ මේක," ඔහු පැවසුවේ සිය ව්‍යාපාරයට සිදු වූ විනාශය පෙන්වා දෙමිනි. පසුගිය දින කීපයක් තුළ මහනුවර දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලට අයත් මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුළු දේපළවලට කලහකාරී පිරිස් විසින් පහර දෙනු ලැබ තිබිණි. එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි 22 වෙනි දින තෙල්දෙණිය නගරයේදී මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් දෙදරු පියෙකුට පහර දෙනු ලැබීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යාමත් සමගය. ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. ඒ හැරුණු විට මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි. තවත් කියවන්න:
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත. කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය. මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය. මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය. ඉකුත් රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්‍රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය. මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය. අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය. ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි. "ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සැක කරන පරිදි මාතලේ සමූහ මිනීවලේ ඇත්තේ තමන් රට පාලනය කළ සමයේ මරා දැමූවන් නම් එවකට පළාතේ හමුදා කඳවුරක් භාරව සිටි නිලධාරියකු මහින්ද රාජපක්ෂ රජයේ ඉහල තැනක සිටින බව එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රකාශ කරයි.
සොයා ගත් ඇට සැකිලිවල තුවාල සහ කැඩුම් බිඳුම් තිබුණු බව පවසන මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ඔවුන් මරා දමා ඇති බවක් එයින් ගම්‍ය වන බව ද පවසයි එහෙත් හමුදා කඳවුර භාරව සිටි එම නිලධාරියා කවුදැයි එක්සත් ජාතික පක්ෂය හෙළි කළේ නැහැ. මෙම මළ සිරුරු 80 ව දශකයේ අග භාගයේ "භීෂණ සමයේ" දී ඝාතනය කෙරුණු පුද්ගලයන් බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. කෙසේ වුවත් නිසි පරීක්ෂණයකින් තොරව එවැනි කාල වකවානු නීර්ණය කිරීම නොකළ යුත්තක් බවයි, එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි චෝදනා එල්ල කරන බවට ද ඔහු ජවිපෙ ට චෝදනා කරයි. සමූහ මිනීවල "විශේෂයෙන් 1947 වර්ෂයේත්, 1955 වර්ෂයේත් මේ ප්‍රදේශවල ඇතිවුණු නාය යාම් තත්ත්වයන්, ඒ වගේම වසූරිය වගේ තත්ත්වයන් මේ ස්ථානය උපයෝගී කරගෙන තිබෙන බවට සැක සංකා තියෙනවා," යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය. වසූරිය සහ නාය යාම් "සමහර කට්ටිය වසූරිය කියල කිවුවා, නාය යාම් කියල කිවුවා. මේක අපරාධ ස්ථානයක්, සඟවා වලලා දාපු ස්ථානයක් ඒ නිසා මේ ගැන පරීක්ෂණ කරන්න ඕන කියන එක මම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා" මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන අදාළ වකවානුවේ දී ශ්‍රී ලංකාවේ පාලනය හෙබවූ එජාපයේ මෙම ප්‍රතිචාරය පිලිබඳව තමන් පුදුම නොවන බව එයට ප්‍රතිචාරය පළ කරන ජවිපෙ ප්‍රකාශ කරයි. "සූරියවැවේදි, එලියකන්දේදි, දිවුලපිටියේදි සමූහ මිනී වලවල් ගොඩ ගත්තා, එම මිනී වලවල්වල කාල වකවානු 88-89 බව ඉතාමත් පැහැදිලි ලෙස තහවුරු වී තිබෙනවා," යන්න අනුර කුමාර දිසානායක ජවිපෙ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරයයි. මේ අතර බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන මාතලේ රෝහල සමීපයෙන් හමුවූ සමූහ මිනීවල අපරාධ ස්ථානයක් බව තමන් අධිකරණයට දැනුම් දී තිබෙන බව පැවසීය. එහිදී සොයා ගත් ඇට සැකිලිවල තුවාල සහ කැඩුම් බිඳුම් තිබුණු බව පවසන වෛද්‍ය ජයසේන, ඔවුන් මරා දමා ඇති බවක් එයින් ගම්‍ය වන බව ද පවසයි. "සමහර කට්ටිය වසූරිය කියල කිවුවා, නාය යාම් කියල කිවුවා. මේක අපරාධ ස්ථානයක්, සඟවා වලලා දාපු ස්ථානයක් ඒ නිසා මේ ගැන පරීක්ෂණ කරන්න ඕන කියන එක මම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා," බව ද වෛද්‍යවරයා පැවසීය. කැනීම් ආරම්භ වූ පසුගිය නොවැම්බරයේ සිට මේ වන විට හමුවූ හිස් කබල් සංඛ්‍යාව 100 කට ආසන්න බව ද කැනීම් භාරව කටයුතු කරන වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන පවසයි. සබැඳි තේමා
ප්‍රධාන නගරවල මැතිවරණ පෝස්ටර් අලවනවාට වඩා වැඩි වේගයකින් ඒවා ගැලවීමට පොලීසිය කටයුතු කරමින් සිටීම මැතිවරණ නිරීක්ෂකයින්,ඡන්ද අපේක්ෂකයින් මෙන්ම පෝස්ටර් අලවන්නන් කියා සිටිති.
කැෆේ මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටින්නේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයින්ට තමන්ගේ ඡායාරූපය සහ අංකය ඇතුළත් පෝස්ටර් සහ කට් අවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ අවස්ථා තුනකදී පමණක් වන බවයි. රජිත් කීර්ති තෙන්නකෝන් “අපේක්ෂකයා ගමන්කරන වාහනය,රැස්වීම් පවත්වන ස්ථානය සහ පක්ෂ කාර්යාලය ඇතලත පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න පුල්වන් ඒ හැරෙන්නට වෙනත් ස්ථාන වල පෝස්ටර් ඇලවීම තහනම්”යැයි රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය. මේ තහනම කලාන්තරයක් තිස්සේ නීති පොතට ඇතුල්ව තිබුනත් පොලිසිය නීතිය දැඩිව ක්‍රියාත්මක නොකළ හෙයින් තමන්ට මැතිවරණ පෝස්ටර් අලවා ජීවිකා වෘත්තිය කරගෙන යෑමේ ඉඩක් තිබුන බව කොන්ත්‍රාත් ක්‍රමයට කොළඹ නගරයේ පෝස්ටර් අලවන සංජීව මලවිආරච්චි කියා සිටී. පෝස්ටර් අලවන කණ්ඩායම් ‘ඉස්සරත් අත්අඩංගුවට ගත්තා,උසාවි දැම්මා දඩ ගැහුවා එත් එක දරා ගන්න පුළුවන් වුනා එත් දැන් කොහොමත් පෝස්ටර් අලවන්න බැරි තත්වයක් ඇතිවෙලා” යැයි සංජීව මලවිවිආරච්චි පැවසීය. කොළඹ නගරයේ පෝස්ටර් අලවන කණ්ඩායම් ගණනාවක්ම ක්‍රියාත්මක වෙන අතර මේ කණ්ඩායම් වලට මෙන්ම මැතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන පිරිස් වලටත් දුෂ්කර සමයක් එළඹ ඇති බවයි සංජීව මලවිආරච්චි කියා සිටින්නේ. සේයාරුව ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න පෝස්ටර් තහනම දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් තමන්ගේ මැතිවරණ අංකය ඡන්දදායකයින් වෙත ප්‍රමාණවත් ලෙස ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙන බව පක්ෂ නායක රැස්වීමේදී කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සඳහා විකල්ප අවස්ථා කීපයක් ලබාදීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව එකඟ වූ බව රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය. අත්පත්‍රිකා බෙදීමට ඉඩදීම,අතුරු මාවත්වල පෝස්ටර් නොගැලවීම,අතිරේක කාර්යාල පිහිටුවීමට ඉඩදීම,නොමිලේ තැපෑල භවිතා කිරීමට ඉඩ දීම වැනි විකල්ප ප්‍රවර්ධන අවස්ථාව ලබා ඇති අතර පොලීසිය ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් පහළ බස ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් තර්ක කරයි.
පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
රට පුරා විවිධ ප්‍රදේශවලදී ධාවනයේ යෙදුනු ලංගම මගී ප්‍රවාහන රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රහාර ශ්‍රී ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන්ට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසන අමාත්‍යවරයා, මාර්ග නීති උල්ලංඝනය කරන රථවාහනවලට එවැනි දඩයක් නියම කරන මෙන් ආණ්ඩුවට මුලින්ම යෝජනා කළේ තමන් බවත් සඳහන් කළේය. '25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වෙනවා' ශ්‍රී ලංකාවේ 25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව තරම් මාර්ග නීති උල්ලංඝනය කරන තවත් රටක් ලෝකයේ නොමැති බවයි. ඇතැම් පුද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් රට පුරාම බස් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර රට පුරා විවිධ ස්ථානවලදී ධාවනයේ යෙදුනු ලංගම බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ.
පසුගිය සති කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති කාන්තා ක්‍රිකට් ශූරතාවලියේදී 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2017 කාන්තා ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීය.
ඒ අනුව ලබන වසරේ ගිම්හානයේ එංගලන්තයේදී පැවැත්වීමට යෝජිත ජගත් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට ඕස්ට්‍රේලියාවයි. මීට වඩා වැඩි දස්කම් දැක්වීමට බලාපොරොත්තු වූ නමුත් ශූරතාවයෙන් තවත් අත්දැකීම් උකහාගත් බවයි, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ අතර පවසන්නේ. "පළමු තරඟයේදී ඕස්ට්‍රේලියාවේ කඩුලු කිහිපයක් දවාගන්න අපිට පුළුවන් වුනා. නමුත් අනෙක් තරඟවලදී අපේ අවධානය අඩු වුනා කියල මට හිතෙන්නේ," ඇය පැවසීය. තරඟාවලිය අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ප්‍රසාදනී වීරක්කොඩි ශ්‍රේණිගත කිරීම්වලින් 26 වැනි ස්ථානය දක්වා ඉහලට ඒමට සමත් වූ අතර, නායිකා චමරි අතපත්තු පන්දු යවන්නියන් අතරින් ස්ථාන 17 ක් ඉදිරියට ඒමට සමත් වූවාය. 'ශ්‍රේණිගත කිරීම්වලින් අන්තිමයා' ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට ඉතා ඉක්මනින් පුරුදුවීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි, ශූරතාවලියේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකා මෙග් ලනින්ග් කියා සිටියේ. අයිසීසී ජගත් ක්‍රිකට් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව අංක එක ස්ථානය දරන අතර ශ්‍රී ලංකාව දැනට සිටින්නේ එහි අවසාන ස්ථානය වන අංක අට ස්ථානයේයි. ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන හතර දරන රටවල් ජගත් කුසලානයට සුදුසුකම් ලබන අතර, ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේදී අනෙක් කණ්ඩායම්වලට සුදුසුකම් ලැබීමේ අවස්තාව හිමිවේ.
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන 'නෙළුම් කුළුණ' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් සඳුදා (සැප්තැම්බර් 16) සවස නිල වශයෙන් විවෘත වේ.
කොළඹ අහස සිඹිමින් නැග සිටින 'නෙළුම් කුළුණේ' ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදීය. චීන සමාගමක් විසින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සම්බන්ධය ඇතිව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ප්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද මෙය සමන්විත වේ. විවිධ ආන්දෝලන හා විවේචන මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු 'නෙළුම් කුළුණ' ව්‍යාපෘතිය පිළිබඳ සුවිශේෂී කරුණු 7ක් මෙසේ දැක්විය හැකිය. නෙලුම් කුළුණ මතට, මරදාන දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රදේශය දිස්වන අයුරු 01. ඉදිකිරීම් ස්ථානය වෙනස් වීම බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමේ අවශ්‍යතාව මුලින්ම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ඇති වූයේ 2008 වසරේදීය. ඒ අනුව ඊට පෑලියගොඩ නගරයේ ඉඩම් හඳුනාගන්නා ලදුව ඉදිකිරිම ආරම්භ කිරීමට සුදානම් වුවත් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එහි ඉදිකිරීම් ආරම්භ නොකෙරිණි. පසුව 2010 වසරේදී පමණ දැන් 'නෙළුම් කුළුණ' ඉදිකර ඇති කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඇති රජයේ ඉඩම් මේ සඳහා හඳුනා ගැනිණි. අක්කර 6ක් පමණ වූ මෙම ඉඩමේ දිවිගෙවූ පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදී ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය. 'පොර්ට් සිටි' ඉදිකිරීම් වැඩබිම ඇතුළු ප්‍රදේශය 'නෙළුම් කුළුණ' මතට දිස්වන අයුරු 02. චීන ණය මුදලක්, චීන සමාගම් දෙකක් 'නෙළුම් කුළුණ' ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි. චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි. එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුළුණ මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත විය. 03. ඉන්දීය "සැකය" විවෘත කිරීමේ උළෙල වෙනුවෙන් සැරසිලි චීනය මෙම ඉදිකිරිම සඳහා සම්බන්ධ වීමත් සමග ඉන්දියාව මෙම කුළුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුළුණ දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි. එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ. මෙහි හිමිකාරත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ. 04. උසම ඉදිකිරීම '2021 තෙක් පමණයි' අකුණු සන්නායක කණුව ද සහිතව 'නෙළුම් කුළුණේ' සම්පූර්ණ උස මීටර 356ක් ලෙස ගණන් බලා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද උසම කුළුණ ලෙස සැළකේ. කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ආරම්භකර ඇති 'වන් ටවර්' ව්‍යාපෘතියට අනුව ඉදිවන ගොඩනැගිල්ල මීටර් 376ක් ලෙස සැළසුම් කර තිබේ. 2021දී එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර එම ඉදිකිරීම් අවසන්වූ පසු දැනට ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙසට 'නෙළුම් කුළුණට' ලැබී ඇති හඳුන්වාදීම කොළඹ 01 ප්‍රදේශයේ ඉදිකෙරෙන 'වන් ටවර්' වෙත හිමිවනු ඇත. 05. "පගා කුළුණ/පැනලා මැරෙන්නද?/ බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි" මහින්ද රාජපක්ෂ පාලන සමයේ නෙලුම් කුළුණේ ඉදිකිරීම් ආරම්භ විය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. ඒයින්, ජනතාවට අතර දැඩි ලෙස කතාබහට ලක්වූ ප්‍රකාශයකි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් "ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න" යනුවෙන් කරන ලද ප්‍රකාශය. "ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට" ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේය. ටිල්වින් සිල්වාට අමතරව මුදල් අමාත්‍ය මංගල සමරවීර 'නෙළුම් කුළුණ', "පාගා කුළුණ" ලෙස හඳුන්වා කළ ප්‍රකාශය ද සමාජයේ යම් කතාබහක් ඇතිවිය. ඒ 'නෙළුම් කුළුණ' වෙනුවට "පගා කුළුණ" ලෙස එය නම් කළ යුතු බවට ඔහු කළ යෝජනාව හේතුවෙනි. "පොහොට්ටුව යනු පගා ගැසීමේ සංකේතය" ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයට චෝදනා කරමින් ඔහු එලෙස කියා සිටියේය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 'නෙළුම් කුළුණ' ඉදිකිරිම ආරම්භ කළ අවස්ථාවේ එවක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මෑතකදී 'නෙළුම් කුළුණ' ගැන පුවත්පතකට කළ ප්‍රකාශයද අවධානයට ලක්විය. "ඒ අසලින් යද්දී මම නෙළුම් කුළුණ දිහා බලනවා. දැන් බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි තියෙන්නේ. නෙළුම් මලේ පාට නෙවෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ, ඒකටත් හේතුවක් ඇති" ඔහු කියා සිටියේය. 06. "හුළඟට මේ කුළුණ වැනෙනවා" ඉදිකිරීම් අතරතුර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 80 දෙනෙකුගේ පමණ සහය මෙම ව්‍යාපෘතිය සැළසුම් කිරීමට සහ ඉදිකිරීම් අධීක්ෂණයට හිමිවී තිබේ. මෙම ව්‍යාපෘතියට නිල උපදේශන සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තෝරාගනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලය ය. "මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වාගේ සංකල්පයක් අනුව හැදුනු නෙළුම් කුළුණ සැලැස්ම ඔහු තමයි චීන සමාගමට දෙන්නේ" නෙළුම් කුළුණේ ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා මෙහි ආරම්භය ගැන අදහස් දක්වමින් කියා සිටියේය. සැලසුමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් මෙහි සියලු ඉදිකිරීම් මෙම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ නිර්දේශය මත සිදුවූ බව ඔහු පවසයි. "හුළඟට මේ කුළුණ වැනෙනවා හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ විදිහටයි මේක හදල තියෙන්නේ" ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා සඳහන් කරයි. "භූමිකම්පා, අධික සුළඟට ඔරොත්තු දෙන විදිහටයි මේක අපි හදල තියෙන්නේ තාක්ෂණය යොදාගෙන". 07. ජනතාවට විවෘත කිරීම පසුවට සැප්තැම්බර් 16 වෙනිදා 'නෙළුම් කුළුණ' ඉදිකළ චීන සමාගම විසින් ශ්‍රී ලංකාවට එය භාරදෙන ලදුව අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් නිල වශයෙන් විවෘත කෙරුණද එය ජනතාවට විවෘත කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව වාර්තාවේ. දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙහි අවසන් කිරීමට වැඩ කටයුතු තවත් ඇති බව එහි ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසීය. ඉදිකිරීම් අවසන් නමුත් මෙහි ඇතුළත ඇති අවන්හල් වැනිදේ ක්‍රියාත්මක වීම තවමත් ආරම්භ කර නොමැති බව වාර්තා වේ. මෙම කටයුතු පාලනය කිරීම සඳහා රජයේ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ ද මෑතකදීය.
මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් ගේ නිවසේ සිදු වූ මංකොල්ලය පිටු පස බරපතළ සැකයක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
සන්ඩේ ලීඩර් පුවත් පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී තිබේ. මංකොල්ල කෑමේ මුවාවෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කොට සත්‍යය හෙළිදරව් කරන ලෙසත් ඇයගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව සලසන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. නිවසේ දුරකථනය විසන්ධි කිරීමෙන් අනතුරුව නිවසට ඇතුළු වූ මෙම මැර කණ්ඩායම, පිහියක් බෙල්ලට තබා මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියට තර්ජනය කොට ‘ඔවුනට අවශ්‍ය නිවසේ වටිනා බඩු මුට්ටු සහ ඇයව’ බව ප්‍රකාශ කර තිබේ. ලිපි ගොනු අල්මාරි කඩා රන් බඩු හා මුදල් එකතු කරන අතරේ ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කිහිපයක් ගත කිරීම සැක සංකා මතු කරන්නක් බවයි මන්දනා ස්මයිල් සංදේශයට කියා සිටියේ. ඊට දින දෙක තුනකට පමණ පෙර බළල් මළකුණක් නිවසේ දොර පඩිය මත තබා තිබූ බවත් මැරයන් කඩා වැදීමට පෙර දින තම සැමියාගේ වාහනයේ ටයරයක් කපා දමා තිබූ බවත් මාධ්‍යවේදිනී මන්දනා බීබීසියට කියා සිටියාය. මංකොල්ලය සිදු වන මොහොතේ මන්දනාගේ සැමියා සේවය නිම කර නිවසට පැමිණෙද්දී සැක කටයුතු ලෙස දොරක් සහ ජනේලයක් විවෘතව තිබීම නිසා පොලිස් හදිසි ඇමතුම් අංශය කැඳවා තිබේ. පොලිස් පරීක්ෂණ පොලිසිය නිවසට ඇතුළු වීමේදී එක් පොලිස් භටයෙකුද පිහි පාහරකට ගොදුරුවී ඇති අතර ඉන් පසු පොලිසිය සහ මැර කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් හට ගෙන ඇත. මැර කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇති අතර තවත් සාමාජිකයන් හතර දෙනකු සහ පොලිස් භටයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සංදේශය කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළේය. මෙය හුදෙක් මංකොල්ලයක් පමණක් බවත් මාධ්‍යවේදිනියගේ වෘත්තීය කටයුතුවලට සබඳතාවක් ඇති බව පෙනෙන්නට නැති බවත් පොලිස් ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන තවදුරටත් කියා සිටියේය. මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනිය මෑතකදී පිහිට වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කරන්නීය.
වසර අටකට ආසන්න කාලයක් යුද හමුදා නිලධාරියකු යටතේ පාලනය කෙරුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය යළි පරිපාලන නිලධාරියකු යටතට පත් කරනු ලැබ ඇත.
නව දිසා ලේකම්වරයා නිලධාරීන් අමතමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අද (මාර්තු 02) දක්වා යුද හමුදාවෙන් නම් කළ දිසා ලේකම් වරයකු යටතේ පාලනය වූ අතර එම පදවියේ කටයුතු කළේ විශ්‍රාමික යුද හමුදා නිලධාරී මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වායි. එම හමුදා නිලධාරියා වෙනුවට සිවිල් පරිපාලන නිලධාරියකු පත් කරන මෙන් වසර කීපයක් ම ගෙන ගිය ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනුයි ඉහත කී වෙනස සිදු කෙරුණේ. මේ අනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එන්.ඒ.ඒ.පුෂ්පකුමාර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නව දිසා ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ සිටියි. මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වා, ශ්‍රී ලංකාවේ දිසා ලේකම් පදවියක් දැරූ එකම යුද හමුදා නිලධාරියා වන අතර ඔහු පදවියේ කටයුතු කරද්දී සිය නිල කාර්යාලය තුළ මෙන්ම මහජනතාව අතරට යාමේ දීත් සන්නද්ධ භටයන් යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණි. මහජන උද්ඝෝෂණ යුද හමුදා නිලධාරියකු යටතේ පවත්වා ගෙන ගිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සිවිල් පරිපාලන නිලධාරියකුට භාර දෙන මෙන් ඉල්ලමින් පසුගිය රජයේ පාලන සමයේ මහජන උද්ඝෝෂණ පවා දියත් කෙරුණි. නව දිසාපතිවරයා වැඩ භාර ගැනීම නිමිත්තෙන් පැවැත්වුන පරිපාලන නිලධාරී හමුවේ දී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච්.ඊ.එම.ඩබ්ලිව්.ජී.දිසානායක නව වෙනස සඳහා පියවර ගත් සියලු දෙනාට ස්තුති කරන බව කියා සිටියේය. එම වෙනස අමාරුවෙන් දිනා ගත් සටනක් හැටියටයි ලේකම්වරයා විසින් විග්‍රහ කරන ලද්දේ. එසේම ඉහත කී වෙනස සිදු වූ අද දිනය ඓතිහාසික දිනයක් වන බවත් ඔහු සඳහන් කළේය. එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නව දිසා ලේකම් එන්.ඒ.ඒ.පුෂ්පකුමාර, කියා සිටියේ ආණ්ඩුවේ රාජකාරී විෂයයන් සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් අවශ්‍ය කරන බවයි. සිය පළාතේ රාජ්‍ය සේවය තුළ එවැනි ක්‍රමවේදයක් නොතිබුන බව සඳහන් කළ දිසා ලේකම්වරයා තමාට පළාතේ ගුරුවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් පවා ක්‍රමවේදයක් සකස් කළ නොහැකි විනැයි සඳහන් කළේය.
ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැරෑරුම් පසුබෑමකට ලක්ව ඇති බව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක පවසයි.
"අපරාධකාරයින් මහජනතාව විසින්ම අල්ලලා පොලීසියට ගෙනත් දෙන විට පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක්" රට තුල දරුවන්ට සිදු වන හිංසනය වැඩි වීමක් මිස අඩු වීමක් පෙනෙන්නට නොලැබෙන බව ඇමතිනිය සඳහන් කළේ යාපනය පුන්කුඩුතිව්හිදී විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කරමින්. විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම හෙළා දුටු ඇමතිවරිය, යුක්තිගරුක හා නීතිගරුක රටක් බිහි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. බැගෑපත් ආයාචනයක් "දරුවකුට ගරු නොකරන, සාරධර්මවලින් පිරිහී යන, මාස 06, අවුරුදු එක හමාරේ දරුවන් දූෂණය කරන තැනට රට පත් වෙලා. පාසල් යන අහිංසක දැරිවියක් පැහැරගෙන ගොස් හතර දෙනෙක් දූෂණය කර තවත් පස් දෙනෙකුට ඇයව දූෂණය කිරීමට ආරාධනය කරන්න තරම් අමානුෂික පුද්ගලයින් මේ රටේ සිටීම ඉතාම කණගාටුදායකයි," ඇමතිනී රෝසි සේනානායක සඳහන් කළාය. "පාසල් යන අහිංසක දැරිවියක් පැහැරගෙන ගොස් හතර දෙනෙක් දූෂණය කර තවත් පස් දෙනෙකුට ඇයව දූෂණය කිරීමට ආරාධනය කරන්න තරම් අමානුෂික පුද්ගලයින් මේ රටේ සිටීම ඉතාම කණගාටුදායකයි" "මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවාද, චූදිතයින්ට දඬුවම් ලැබෙනවද යන්න අද ප්‍රශ්නයක් බවට පත් වෙලා. අපරාධකාරයින් මහජනතාව විසින්ම අල්ලලා පොලීසියට ගෙනත් දෙන විට පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක්. විද්‍යාගෙන් මේ සිදුවීම් නවතින්නට මම බැගෑපත්ව ආයාචනා කරනවා මුළුමහත් සමාජයම මේකට එරෙහිව නැගිටිමු කියා." ළමා අපචාර පිළිබඳ තමන් දන්නා තොරතුරු නීතිය හමුවට ඉදිරිපත් කරන මෙන් ඇමතිනිය ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළාය. (වාර්තාව: ශිවන්ති ප්‍රනාන්දු)
උතුරු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පූජකයෙකු වන ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 23 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.
මාධ්‍ය ආයතනවල වෑන් රථවලට පහරදෙන පූජකවරයාගේ අනුගාමිකයෝ ඒ අතරින් පිරිසක් මරුමුවට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලිනි. මිය ගිය සියලු දෙනා ගුර්මීත් රාම් රහීම් සිං පූජකවරයාගේ අනුගාමිකයන් බව විශ්වාස කෙරේ. ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන් 2500 දෙනෙකුවත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි. කෙසේ නමුත් තත්වය දැන් පාලනය කර තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පැවසීය. ගුර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ ප්‍රදේශයේ පාසල් සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබෙන අතර, මහාමාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කොට තිබේ. ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවුවහොත් අත්අඩංගුවට ගන්නා පිරිස රැඳවීම පිණිස ක්‍රීඩාංගන තුනක් වෙන කරනු ලැබ තිබුණි. අධිකරණ තීන්දුවෙන් අනතුරුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා (Panchkula) නගරය පුරා ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටින අතර, පොදු දේපොළවලට අලාභහානි කරමින් සිටින බවත් වාර්තා වේ. දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තැබූ උද්ඝෝෂකයන්, මෝටර් රථවලට පහර දී මාධ්‍ය ආයතනවල වෑන් රථවලට ද ගිණි තබා තිබේ. ගුර්මීත් රාම් රහීම් සිං ආගමික නායකයාට ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් සිටින බව විශ්වාස කෙරේ. 2002 දී දෙර සාචා සවුදා (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළේය. ආගමික නායකයාගේ මූලස්ථානය පිහිටි සිර්සා නගරයේ රඳවා සිටින කැරලි මර්ධක හමුදාව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ලක්ෂ දෙකකට අධික ඔහුගේ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටියහ. තීන්දුව සමග ප්‍රචණ්ඩ ගැටුම් හටගනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් හමුදා භටයන්, පොලිසිය සහ නිල නොවන හමුදා භටයන් නගරයට කැඳවා තිබුණි. තත්ත්වය පාලනය කිරීම පිණිස ඔවුන් මහා ජනකාය වෙතට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව පන්ච්කුලා නගරයේ සිටින බීබීසී වාර්තාකරු රොබින් සිං පවසයි. නගරයේ ප්‍රදේශ කිහිපයක සහ පන්ජාබ් ප්‍රාන්තය පුරාම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ. චන්ද්ගාර් නුවර විරෝධතා දක්වන අනුගාමිකයෝ හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය පස් දෙනා හැරුණු විට තවත් පිරිසක් තුවාල ලැබූහ. මේ අතර ප්‍රචණ්ඩ ගැටුම් දිල්ලි අගනුවර දක්වා ද පැතිරගොස් තිබෙන අතර, අගනුවර දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තබා තිබේ. ස්ත්‍රී දූෂණ චෝදනාවට ගුර්මීත් රාම් රහීම් සිං වැරදිකරු බව තීන්දු කිරීමෙන් අනතුරුව 50 හැවිරිදි ආගමික නායකයා දැන් හමුදා ආරක්ෂාව භාරයේ පසුවේ. අධිකරණය විසින් ඔහුට ලබන සඳුදා (අගෝස්තු 28) දඬුවම් නියම කරනු ඇතැයි අපේක්ෂිතය. කවුද මේ ගුර්මීත් රාම් රහීම් සිං?
අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් කිරීම නිසා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට සාධාරණයක් ඉටු වේදැයි බරපතල සැකයක් මතු වී ඇතැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදේශයක සිටින බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවේ වරක් ප්‍රකාශ කළ හිටපු නීතිපති වරයා හෝමාගම මහේස්ත්‍රාත් වරයා හමුවේදී කියා සිටියේ ප්‍රගීත් එක්නැළිගොඩ සිටින තැන දන්නේ දෙවියන් වහන්සේ පමණක් යයි ද සන්ධ්‍යා එක්නැළිගොඩ සිහිපත් කළාය . ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් නඩු දෙකක් ගොනු කර ඇති අවස්ථාවක පරස්පර අදහස් දරණ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම නිසා තමන්ට යුක්තිය ඉටු වේයැයි සිතීමට අපහසු බවයි ඇය ප්‍රකාශ කරන්නේ. තවත් දෝෂාභියෝගයක් මොහාන් පීරිස්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය තරම් හේතු ඇති බව පවසන ලක්මව දියණියෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිවේදී නිමල්කා ප්‍රනාන්දු මොහාන් පීරිස්ගේ පත්වීමට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය. මාධ්‍ය හමුව ඇමතු සත්‍යවේල් පියතුමා කියා සිටියේ මේ දේශපාලනික පත්වීමත් සමග අධිකරණයෙන් යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක පවසන්නේ ජනාධිපතිවරයා මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත් කරන ලද්දේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් කිසිඳු නීතිමය ගැටළුවක් නැතැයි යන විශ්වාසය මත පදනම්ව බවයි . සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට තර්ජන එල්ල වන අවස්ථාවලදී මාධ්‍ය හිමිකරුවන්එයට එරෙහිව නැඟී නොසිටීම මාධ්‍ය නිදහස බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් පවසයි.
සිය ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මාධ්‍ය හිමිකරුවන් මුනිවත රැකි බව ලාල් වික්‍රමතුංග පවසයි මෑතක් වනතුරුම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිමිකරු වූ ලාල් වික්‍රමතුංග ඒ බව පැවසුවේ බීබීසී සංදේශය සමඟ ලන්ඩන් නුවරදී සාකච්ඡාවකට එක් වෙමින්. මාධ්‍ය හිමිකරුවන් අතින් සිදුවූ එම "අඩුපාඩුවට" ප්‍රධානම හේතුව තමන් පවත්වාගෙන යන අනෙක් ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මුනිවත රැකීම බවයි, ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරා පවසන්නේ. අනෙක් අතට මාධ්‍ය හිමිකරුවන් දේශපාලන පක්ෂවලට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධව සිටීම තවත් හේතුවක් බවද ලාල් වික්‍රමතුංග පැවසීය. සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන් විශේෂයෙන්ම ආණ්ඩුවේ මතය හැරෙන්නට එයට විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීම සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු අවකාශයක් නොපවතින බව පවසන ඔහු, මේ තත්ත්වය යටතේ නිදහස් වාර්තාකරණයක යෙදීමට මාධ්‍යවේදීන් බියපත්ව සිටින බවද සංදේශයට පැවසීය. එබැවින් සිය පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් පුවත්පතේ කොටසක් විකුණා දැමීමට තීරණය කළ බවයි, ඔහු පවසන්නේ. වත්මන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඇතුළු සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන් සම්බන්ධ වාර්තාකරණය බොහෝදුරට බිඳ වැටී තිබෙන බවත් ලාල් වික්‍රමතුංග පිළිගත්තේය. ආණ්ඩුවේ "කොටි ලේබලය" හෝ "කොටි හිතවාදී" ලේබලයට මාධ්‍යවේදීන් බියවීම එයට ප්‍රධානම හේතුව බවයි, ඔහු පවසන්නේ. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ නොවන මාධ්‍යවලින් පවා ශ්‍රී ලංකාවේ ජනතාවට නුදුරු අනාගතයේදී හෝ සත්‍යය දැන ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව ලාල් වික්‍රමතුංගගේ අදහසයි. "බලාපොරොත්තු වෙන්න බෑ. මට පේන කාලෙක බලාපොරොත්තු වෙන්න බෑ," ඔහු පැවසීය.
ඇමරිකානු ආපනශාලාවක් කැරට් 24 රත්‍රන් දියරයෙන් පදම් කළ කුකුළු මස් විකිණීම ආරම්භ කර තිබේ.
ඩොලර් 1,000ක් ඔබ සතු නම් එම කුකුළු මස් පිඟාන මිලදී ගත හැකිය. නොඑසේනම් රනින් පදම් කළ කුකුළු මස් සකස් කරගන්නේ මෙසේය: ප්‍රථමයෙන් කුකුළු මස් කැබලිවලට ලුණු ඉස, පදම් වීම සඳහා පැය දොළහක කාලයක් තැබිය යුතුය. ඉන්පසු නිවසේ සාදා ගත් කුළුබඩු යොදා බැදගත් මස් කැබලි රත්‍රන් දියරයෙන් (පැණි සහ බාබෙකියු සෝස් මිශ්‍ර කළ) වසා එයට ඉහළින් තවත් රත්තරන් කුඩු තට්ටුවක් ඉස ගත යුතුය. ඔබ ඉතා වෙහෙස වී සොයා ගත් ඩොලර් 1,000ක් මෙම ආහාරය වෙනුවෙන් වියදම් කිරීමට හැකිනම් රත්‍රන් කුකුළු මස් කැබලි පනහක් සහ රත්තරන් බෝතලයක බහාලූ 'Ace of Spades' (ඒස් ඔෆ් ස්පේඩ්ස්) නම් ෂැම්පේන් වර්ගය මිලදී ගත හැකිය. යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන 'කේසි නීස්ටැට්' මෙම රත්‍රන් කුකුළු මස් කැබලි ආහාරයට ගැනීමෙන් පසු ඒ පිළිබඳ සිය අදහස් දක්වමින් පැවසුවේ, "ඒවායේ ඇඹුල් රසක් තිබෙනවා. ඒ වගේම, යකඩ සහ රත්තරන් රසකුත් මිශ්‍ර වෙලා තිබෙනවා," බවය. "කුකුළු මස් කැබලි මට පෙනෙන්නේ සාමාන්‍ය ආහාරයක් විදියට. නමුත් රත්‍රන් කුකුළු මස් ඉතා විශ්මයජනක දෙයක්," යැයි කේසි නීස්ටැට් සමග යූ ටියුබ් චැනලය පවත්වාගෙන යන 'ෂෝන්' පැවසීය. මේ කුකුළු මස් ඉතා අමුතු දෙයක් වුවත්, ඒවා "ඉතා රස" බව ඔහු තවදුරටත් පැවසුවේය. 2016 දී ඇමරිකාවේ බ්රූක්ලීන් ප්‍රදේශයේ පිහිටා තිබූ පිලිපීන ආපනශාලාවක රත්තරන් ආලේපිත 'ඩෝනට්' වර්ගයක් නිෂ්පාදනය කළේය. එය එතරම් සාර්ථක නොවූ අතර පසුව අපනශාලාව වසා දැමීමට කටයුතු කර තිබුණි. නමුත් රත්තරන් ඩෝනට් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ආපනශාලා පරිශ්‍රයේ DJ සංගීත සහ ඩෝනට් රාත්‍රී සාද පවත්වන්නේය. මිලෙන් අධික 'ක්‍රිස්ටල් ෂැම්පේන්' සහ කැරට් 24 රත්‍රන් යොදා අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තවත් ඇමරිකානු ආපනශාලාවක් කටයුතු කර තිබිණි. එවැනි අයිස්ක්‍රීම් දොළහක මිල ඩොලර් 1,200ක් පමණ වේ. කුකුළු මස්, ඩෝනට්, අයිස්ක්‍රීම් පමණක් නොවේ; රත්‍රන් දැමූ පිසා සෑදීමට පසුගියදා නිව්යෝර්ක් හි ආපනශාලාවක් කටයුතු කළේය. මෙම පීසාවකට කැරට් 24 රත්‍රන් කුඩු ඉස ඇති අතර, එය ඇමරිකානු ඩොලර් දෙදහසකට විකිණී තිබේ. නමුත් එම රත්‍රන් කුඩුවලට යටින් සාමාන්‍ය පීසාවක දැකිය හැකි චීස්, කොල වර්ග, මස් වර්ග සහ කුළුබඩු දක්නට තිබුණි. මේ තොරතුරුද කියවන්න:
ශ්‍රී ලංකාවට නිදහස් ලැබුණ දා පටන් නොයෙක් බලවේග රටට එරෙහිව හොල්මං කරමින් තිබුණ අතර එවැනි කටයුතුවල නිරත වූවන් අද රට ගැන කිඹුල් කඳුළු සලන්නට පටන් ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍යය ඇමති මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ. අද කොළඹ දී තවදුරටත් අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, සිය පක්ෂයේ මහ ලේකම්වරයා විපක්ෂයට යාම සම්බන්ධයෙන් කියා සිටියේ තමාට කිව හැක්කේ ‘අනේ පව්!’ කියා බවයි. ‘ගිය වතාවේ ෆොන්සේකා මහත්මයා හසු වුනා. මේ වතාවේ මෛත්‍රී හසු වුනා. රනිල්ට දැන් ගෙදරත් මෛත්‍රී. පිටත් මෛත්‍රී’ ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දේශීය ආර්ථිකයක් ගොඩ නංවමින් දේශීය සංස්කෘතිය පණ ගැන්වීමට දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා විසින් ආරම්භ කළ ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට ඉතිහාසයේ විවිධ බලවේග ක්‍රියාත්මක වූ බවයි. කිඹුල් කඳුළු 1977 න් අනතුරුව එම ගමන් මාර්ගය ආපසු හැරවීමට ක්‍රියාත්මක වූ දේශපාලන නායකයන් අද ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරන බවයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවසන්නේ. තමා 2005 වසරේ බලයට පැමිණ 2009 වසරේ දී රට එක්සත් කරමින් යුද්ධය ජය ගත් බව කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එය බෙදුම්වාදයට මිස දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ යුද්ධයක් නොවන බවයි කියා සිටියේ. ඉන් අනතුරුව රට සංවර්ධන මාවතට ගෙන ආ බව සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් තරුණ සහ මතු බිහිවන පරපුරට අනාගතයක් ගොඩ නැගීමට කැප වී සිටින බවත් ප්‍රකාශ කළේය. තමා ජාත්‍යන්තර අධිකරණ ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් අද රට ගැන කිඹුල් කඳුළු සලන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට නොහැකි වුණේ අවශ්‍ය සහයෝගය නොලැබීම නිසා බවත් කියා සිටියේය. එම සහයෝගය නොදී භයානක ලෝකයක් මැවීමට උත්සාහ කරන බවට ඔහු විපක්ෂයට චෝදනා කළේය.
ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාල තුලට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.
ශිෂ්‍යයන් ඔත්තුකරුවන් ලෙස යෙදවීම වැනි විවිධ උපායමාර්ග යොදා ගන්නා බවට ශිෂ්‍යයෝ හමුදාවට චෝදනා කරති කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කතා කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි ශිෂ්‍ය නියෝජිතයන්ගේ නිවෙස්වලට ගොස් සියලු දේශපාලන ක්‍රියාකාරකම් නවතා දමන මෙන් තරජනය කොට තිබෙන බවද කියා සිටියේය. ඔහු එය විග්‍රහ කළේ රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින්. මරණ තර්ජන එම මර්ධනය දැන් ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වී තිබෙන බව පවසන ඔහු, පසුගියදා පැහැර ගැනීමට ලක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජානක ශිෂ්‍යයාට මරණ තර්ජන එල්ල කොට මුදා හරින ලද බවට ආරක්ෂක අංශවලට චෝදනා කළේය. "ජානක සහෝදරයාව පැහැර ගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ප්‍රකාශ කරලා තිබෙනවා අතුරුදහන් වෙන්න කැමති නම්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කැමති නම් උද්ඝෝෂණවලට නායකත්වය දෙන්න එහෙම නැත්නම් පාඩුවේ ඉන්න කියල," ඔහු පැවසීය. විශ්ව විද්‍යාල තුල පැති කිහිපයකින් "මිලිටරිකරණය" ක්‍රියාත්මක වන බවට චෝදනා කරන සංජීව බණ්ඩාර, සිසුන්ට ලබාදෙන හමුදා පුහුණුව එහි එක් පියවරක් පමණක් බවද බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. "මේ හමුදා කඳවුරු හරහා දිනා ගන්නා ශිෂ්‍යයෝ ඔත්තුකරුවන් ලෙස යෙදවීම, ඒ වගේම හමුදා ඔත්තුකරුවන් සිසුන් ලෙස විශ්ව විද්‍යාලවලට එවීම, ඒ වගේම පරිපාලන නිලධාරීන් ලෙස හමුදා ඔත්තුකරුවන් බඳවා ගැනීම," වැනි විවිධ උපක්‍රම මාර්ගයෙන් එය ක්‍රියාත්මක වන බවයි, ශිෂ්‍ය නායකයා අවධාරණය කරන්නේ.
සමාජ මාධ්‍ය ජාල (social media) පාලනය කිරීමට යාමේ ආණ්ඩුවේ පිඹුරු පත් පිටුපස පවතින්නේ මහජනතාවට එම මාධ්‍ය හරහා අදහස් ලබා ගැනීම සඳහා ඇති අයිතියට වැට බැඳීමක් යයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීහු පෙන්වා දෙති.
සමාජ මාධ්‍ය වාරණය නොකරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එම සංවිධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ, බොහෝ සන්නිවේදන මාධ්‍ය මගින් වාර්තා නො කරන තොරතුරු මහජනතාවට දැන ගැනීමට ඇති මාර්ගය සමාජ මාධ්‍ය ජාලය වන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිමය පාලනය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක එම ප්‍රකාශය කළේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ උවමනාව සම්බන්ධයෙන් කර තිබුණ ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරමින්. ආරක්ෂක ලේකම්වරයා කියා තිබුණේ වර්ගවාදී ආගම්වාදී අදහස් ප්‍රචාරය කරන සමාජ අන්තර්ජාල වෙබ් අඩවිවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. රාජ්‍ය බුද්ධි අංශ මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ, පසුගිය දා අලුත්ගම සහ බේරුවල සිදු වූ ගැටුම් පිළිබඳ ව සමාජ මාධ්‍ය මගින් වාර්තා කෙරුණ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබ ඇති බවයි. ඒ අනුව එවැනි ප්‍රකාශන පළ කරන සමාජ වෙබ් අඩවි හඳුනා ගැනීමේ තාක්ෂණ ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට පියවර ගන්නා මෙන් ආරක්‍ෂක ලේකම්වරයා අදාළ තාක්‍ෂණ ආයතනවලට උපදෙස් දී ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි. එම නිර්දේශ සම්බන්ධයෙන් ප්‍රතිචාරය විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක කියා සිටියේ ජාතික මට්ටමේ වැදගත් ඇතැම් තොරතුරු ප්‍රධාන දහරාවේ මාධ්‍ය මගින් වාර්තා නොකෙරෙන තත්වය හමුවේ ඒවා සමාජගත කෙරුණේ සමාජ මාධ්‍ය හරහා වන බවයි. එවැනි වාතාවරණයක් යටතේ සමාජ මාධ්‍ය පාලනය කිරීමට යන්නේ වෛරී ප්‍රකාශන පාලනයට යයි බලධාරීන් ප්‍රකාශ කළත් වෛරී ප්‍රකාශන යනු මොනවාද යන්න තීන්දු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පවසයි.
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාව්‍ය නිර්මාණ තරඟයක් දියත් කොට තිබේ.
දශක ගණනාවක් පුරා සිදු වූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය නිර්මාණ තරඟයට සහභාගි වන මෙන් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 දාට යෙදී ඇති අතර එම දිනය සනිටුහන් කරමින් කාව්‍ය තරඟය නිල වශයෙන් අද ඉරිදා ආරම්භ විය. ලෝකයේ අතුරුදහන් වූවන් වැඩි වශයෙන්ම සිටින රට ශ්‍රී ලංකාව බවත් යුද ගැටුම් පැවති දශක තුනක කාලය තුළ බලහත්කාරයෙන් සිදු කෙරුණු අතුරුදහන් වීම් පිළිබඳ දස දහස් ගණනින් වාර්තා වී ඇති බවත් එම සංවිධානය සඳහන් කළේය. ‘දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ අතුරුදහන් වීම් ශ්‍රී ලාංකිකයන් ඉතා විශාල පිරිසකගේ ජීවිත වලට බලපෑ ඛේදනීය තත්වයක්. සෑම ජනකොටසකටම අයත් සෑම පවුලක් පාහේ තවමත් සිය සමීපතමයන් සොයමින් සිටිනවා’ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥවරිය යොලන්ඩා ෆෝස්ටර් පැවසුවාය. අතුරුදහන් වීම් පිළිබඳ තමා සතු ශෝචනීය අත්දැකීම් නිර්මාණාත්මක ලෙස බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම තරඟයේ අරමුණ බවත් එම සංවිධානය පැවසුවේය. ඔක්තෝබර් 30 දාට පෙර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි තමාට කැමති භාෂාවකින් සිය නිර්මාණ යොමු කරන ලෙසත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිර්මාණ කරුවන්ගෙන් ඉල්ලා සිටියි. කාව්‍ය නිර්මාණ තරඟයේ විනිශ්චයකරුවන් ලෙස ගාමිණි වියන්ගොඩ, ලියනගේ අමරකීර්ති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, වීඅයිඑස් ජයපාලන්, ස්වාමිනාදන් විමල් ඇතුළු ප්‍රවීණ ලේඛකයෝ සහ කලාකරුවෝ රැසක් කටයුතු කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ ලහෝර් නුවරදී එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇති බව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර පවසයි.
තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව එබැවින් මේ වනවිට කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේ නම් තමන් යළිත් වරක් පාකිස්තානයේ සංචාරය නොකරන බවත් මෑතක් වනතුරු බංග්ලාදේශයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ තිලාන් සමරවීර බීබීසී යේ Stumped වැඩසටහනට පැවසීය. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වතාවට පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු පසුගියදා සනාථ කළහ. 'රතිඤ්ඤා පත්තු කරන්නත් බයයි' ඒ අනුව මුලින්ම ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලාහෝර් නගරයේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමට නියමිතව තිබේ. පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත්තේය මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයේදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීරගේ පාදයෙන් මූනිස්සමක් ඉවත්කිරීම පිණිස සැත්කමක් කිරීමට ද සිදුවිය. සැත්කමෙන් මාස හතරකට පසුව ඔහු ක්‍රීඩාකිරීම සඳහා පූර්ණ සුවය ලැබූ නමුත් ප්‍රහාරයෙන් ඇති වූ මානසික තැති ගැනීමෙන් සුවය ලැබීම දුෂ්කරම කටයුත්ත බව ඔහු පවසයි. "මට තාමත් රතිඤ්ඤා පත්තු කරනකොටත් බය හිතෙනවා. නමුත් ඒ බයෙන් ගොඩ එන්න මම තාමත් නිතරම ඒ ගැන කතාකරනවා," ඔහු සිනහසෙමින් පැවසීය. 'දඬුවම් කරන්න එපා' යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භවීම පිළිබඳව පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් පැහැදිලිවම ප්‍රමෝදයට පත්වනු ඇති නමුත් "ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි ඇගයීමක් කළ යුතුයි," යනුවෙන් ද තිලාන් සමරවීර කියා සිටියේය. "ඒකෙන් පස්සේ වුනත් කවුරු හරි යන්න අකමැති නම් එයාව යවන එක හොඳ නෑ කියල මම හිතනවා." පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන අතර පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා පැවසීය. "ඒත් මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු: "අනික කවුරුහරි ක්‍රීඩකයෙක් යන්න අකමැති නම් ඒ ගැන ඔවුන්ට දඬුවම් කරන්නත් හොඳ නෑ." ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ. ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරවාරයේම බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පදවාගෙන යමින් බස් රථයේ රියදුරා තමන් සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව ද තිලාන් සමරවීර කෘතවේදීව සිහිපත් කළේය. "අපිට ආරක්ෂකයෝ හත් අට දෙනෙක් හිටිය. විනාඩියකින් දෙකකින් ඒ සේරම මැරුණ. ඉතින් රියදුරා බස් එක ස්ටේඩියම් එකට පදවාගෙන ගියේ නැත්නම් තවත් බොහෝ දේවල් වෙන්න තිබුන." බීබීසී ලෝක සේවයේ Stumped වැඩසටහන ඔස්සේ තිලාන් සමරවීර සමග සම්පූර්ණ සාකච්ඡාවට ලබන ඉරිදා සවන්දිය හැකිය.
බදාදා (ඔක්තෝබර් 18) අබුඩාබි හිදී පැවති පාකිස්තානයට එරෙහි තුන් වෙනි එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිට පිටම එක් දින තරග දහයක් පරාජය වී තිබේ.
එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එක දිගට වැඩිම තරග ගණනක් පරාජය වී තිබෙන්නේ 1987/88 ක්‍රිකට් තරගවාරයේ දීය. ඒ පිට තරග 14ක් පරාජය වෙමිනි. වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දැන් වැඩිම තරග ගණනක් එක දිගට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවෙනි ස්ථානයට පත්වී තිබේ. බදාදා පැවති තරගයෙන් කඩුලු හතක පරාජයක් අත් කර ගැනීමත් සමග තරග පහකින් සමන්විත තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස ජයගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකිවිය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු තරගකාරී බවක් නොදැක්වීම හා ඇතැම් පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්විය. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග සඳහා වඩාත් උචිත ක්‍රීඩකයකු බව විචාරකයන්ගේ මතය වී තිබේ පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ අවසන් එක් දින තරග දෙකෙන් ආරම්භ වුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක දින තරග පරාජය, ඉන්දීය තරගාවලිය හා පකිස්ථාන තරගාවලිය දක්වා ද ඇදී යමින් පවතී; ඉහත තරග දහයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 240කට වඩා ලබාගෙන තිබෙන්නේ සිම්බාබ්වේ සමග පැවති පළමු තරගයේදී පමණය. වත්මන් එක්දින ක්‍රිකට් තරග රටාව අනුව සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් ලෙසින් සැලකෙන්නේ ලකුණු 260කට ආසන්න ලකුණු ප්‍රමාණයකි. එහෙත් අවසන් තරග නවයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලෙස සටහන් වී තිබෙන්නේ ලකුණු 238කි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ මන්දගාමී ක්‍රීඩා රටාවද මෙම පරාජයන්ට හේතුවී තිබේ. දිනේෂ් චන්දිමාල් ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එක් දින තරග හතරේදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පන්දු සංඛ්‍යාවක් වැය කර තිබුණි. එනම් 36 (71) , 4 (9), 2 (4), 19 (49) වශයෙනි. ලහිරු තිරිමාන්නගේ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉතා අඩු අගයක පවතින බව දක්නට ලැබුණි. ලහිරු තිරිමාන්නගේ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉතා අඩු අගයක පැවතින ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ ප්‍රවේගකාරී ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා හා අසේල ගුණරත්න ආබාධවලට ලක් වී සිටීම දිනේෂ් චන්දිමාල් කැඳවීමට සිදු වූ බව තේරීම් කමිටු සාමාජිකයෙක් බීබීසි සිංහල සේවයට පැවසීය. ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලකට ද තරග තහනමක් හේතුවෙන් පාකිස්තාන සංචාරය අහිමිවිය. කණ්ඩායමේ පරාජයට හේතුව පිතිකරුවන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද, 2017 තරගවාරයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඩු දක්ෂතා ද එයට ප්‍රධාන හේතුවක් වී තිබේ. ටෙස්ට්, එක දින සහ විස්සයි විස්ස අංශවලින් මේ වසරේ තරග 24ක් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග හතරක් පමණය. එම පරාජයන්ට පන්දු යවන්නන් මූලික ලෙස වගකිව යුතු බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුල්ලක් දවාගැනීම සඳහා ලකුණු 47කට වඩා ලබා දී තිබේ. පාකිස්තානය සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මීළඟට මුණගැසෙන්නේ ලෝකයේ අංක 1 ස්ථානය දරන ඉන්දීය කණ්ඩායමය. සබැඳි යොමු:
අලුත්ගම මුස්ලිම් පාපන්දු ක්‍රීඩාලෝලීන් කණ්ඩායමක් සහ තවත් කණ්ඩායමක් අතර පසුගිය සෙනසුරාදා සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තරුණයන් අද,සඳුදා ඇප මත මුදා හරිනු ලැබුණි.
එම තරුණයන් සමථ මණ්ඩලයකට යොමු කොට සාමකාමීව මුදා හැරීමට ඉඩකඩ තිබිය දී ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ උවමනාව අනුව අලුත්ගම පොලිසිය චූදිතයන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ද අනවශ්‍ය ආකාරයට සූදානම් කර තිබුණ බවයි, විත්තියේ නීතිඥ ශිරාෂ් නූර්දීන් බීබීසියට කියා සිටියේ. ‘තරුණයන්ට එරෙහි සියලු චෝදනා ඇප දිය හැකි ඒවා මෙන්ම සමථ මණ්ඩලයක් ඉදිරියට යොමු කළ හැකි ඒවා. මේ දෙපිරිස එකම ගමේ වැසියන්. ඔවුන් එකිනෙකා අඳුනනවා. එවැනි තත්වයක් යටතේ පෙරෙට්ටුවක් තබා ඔවුන් බන්ධනාගාර ගත කරනු ලැබීම අනවශ්‍ය පියවරක් වන බව මගේ තක්සේරුවයි’ නීතිඥ ශිරාෂ් නූර්දීන් කියා සිටියි. සියලු චූදිතයන් මුස්ලිම් සෙනසුරාදා ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සියලු දෙනා ම මුස්ලිම් තරුණයන් වන අතර තුවාල ලද මුස්ලිම් කාන්තාවක් සහ තරුණයෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් නීතිඥ ශිරාෂ් නූර්දීන් පවසයි. මේ තත්වය යටතේ පොලිසිය හැම ජන කොටසකටම නීතිය පොදුවේ ක්‍රියාත්මක කරන තත්වයක් දක්නට නොමැති බවත් නීතිවේදියා පෙන්වා දෙයි. යුද හමුදාවේ සහයෝගය අලුත්ගම පසුගිය කාලයේ ඇති වූ අමිහිරි අත්දැකීම් යළි ඇතිවීම වළක්වා ලීමට යුද හමුදාව කඩිනමින් පියවර ගත් බව කියා සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් අලුත්ගම පොලිසියෙන් එවැනි සහයෝගයක් නොලැබීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි. අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන් චෝදනා මත අගෝස්තු මාසයේ අධිකරණයට ගෙන ආ මුස්ලිම් තරුණයන්. ‘මෙය පළමු අවස්ථාව නොවෙයි. අලුත්ගම පොලිසිය මින් පෙරත් මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම අලුත්ගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පහක් ගොනු කරලා තියෙනවා’ ඔහු වැඩිදුරටත් පවසයි. නීතිය එක් පාර්ශවයට එක් ආකාරයට ක්‍රියාවට නංවනු ලැබීම රටේ සාමයට සංහිඳියාවට හානිකර බවයි නීතිඥ ශිරාෂ් නූර්දීන් පෙන්වා දෙන්නේ. පොලිසියේ ප්‍රතිචාරය නීතිවේදී ශිරාෂ් නූර්දීන් ඉදිරිපත් කරන චෝදනා බැහැර කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, අලුත්ගම දී පහර දීමක් සිදු වී ඇති අතර එම තත්වය යටතේ යම්කිසි ජාතියක් අනුව නොව පහර දීමක් සිදු කළ බවට චෝදනා එල්ල වෙන තරුණයන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවයි කියා සිටියේ. නීතිවේදියා පවසන ආකාරයට චූදිතයන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමේ සැලැස්මක් නොවූ බව කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, මේ ගැටුමේ දී පොලිසිය කටයුතු කර ඇත්තේ අපරාධ නඩුවක දී ක්‍රියා කරන ආකාරයට නොව රටේ ජනතාව සහජීවනයෙන් කටයුතු කළ යුතුය යන ආකල්පය යටතේ බවයි සඳහන් කළේ.
අගමැතිනි තෙරේසා මේ ගේ ඉල්ලීම ප්‍රකාර නියමිත කාලයට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව හදිසි මහ මැතිවරණයක් ලබන ජුනි 08 වෙනි දින පැවැත්වීමට නියමිතය.
ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මහ මැතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ මාසයකටත් අඩු කාලයක් වුවත් ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් සිය මැතිවරණ ප්‍රකාශන එළිදක්වා නැත. අගමැතිනිය විසින් නව මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් (Brexit) ජනමත විචාරණයෙන් අනතුරුව දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍යව තිබෙන බව පවසමිනි. එබැවින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය පිළිබඳව බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ අතර ලබන සතියේ නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුණු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ කෙටුම්පතක් බදාදා (මැයි 10) රාත්‍රියේ හදිසියේම රහසින් පිට වී තිබුණි. මුලින්ම ජාතික පුවත්පත් කිහිපයක් විසින් ප්‍රකාශයට පත්කරන ලද එම කෙටුම්පතේ පිටපතක් බීබීසී යටද දැකගැනීමට ලැබිණ. රහසින් පිට වුනු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය කෙටුම්පතට අනුව: යන කරුණුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. සිය පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය රහසිගතව පිටවීම "කණස්සල්ලට කරුණක්" බව ඡායා මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එය පක්ෂය තුළ පවතින "අවුල" හුවාදක්වන්නක් බව කොන්සර්වේටිව් පක්ෂය පවසයි. ට්‍රයිඩන්ට් න්‍යෂ්ඨික සබ්මැරීන පද්ධතිය අලුත්වැඩියා කරන බවත් මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙයි ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය නිල වශයෙන් එළි දැල්වීමට ප්‍රථම ජාතික විධායක කමිටුව සහ ඡායා කැබිනට් මණ්ඩලය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 80 ක පමණ පිරිසකගේ අනුමැතිය ලබාගත යුතුය. තමන්ට අවශ්‍ය මැතිවරණ ප්‍රකාශනය සකස් කිරීමට පක්ෂ නායක ජෙරමි කෝබින්ට හැකියාව ලැබෙනු ඇති නමුත් ඡන්දදායකයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එහි වගකීමත් ඔහු භාරගත යුතු බව ලේබර් පක්ෂ මන්ත්‍රීවරු පවසති.
අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පළාතේ බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික්ක මට්ටමේ කාර්යාල පිහිටුවිය යුතු බව මඩකලපුවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූ අතුරුදහන් වූවකුගේ මවක් කොළඹ සහ වෙනත් ප්‍රදේශවලදී අතුරුදහන් වූ සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා තැනින් තැනට ගමන් කොට තමන් විඩාවට පත් වී සිටින බවයි අතුරුදහන් වූවකුගේ ඥාතියකු වන අමල් රාණී අමල් රාජ් කියා සිටියේ. ඇය ඒ බව සඳහන් කළේ ජනතා අදහස් විමසනු වස් සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය සෙනසුරාදා මඩකලපුවේ රැස් වූ අවස්ථාවේදී. 'අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බලන කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවිය යුතුයි. භාෂා තුනකින් කටයුතු කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පළාත්වල ජනතාව දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන අදහස්වලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන අය ඉන්න ඕන' ඇය පැවසුවාය. අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා භාර දුන් ලියකියවිලිවලට කුමක් සිදු විනිදැයි යන්න ඇය ප්‍රශ්න කරයි. 'මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදහන් වීම් තුන්දහසක් පමණ වාර්තා වනවා. වසර එකහමාරක් විතර අපි කරුණු ඉදිරිපත් කළා. එක් අයකුවත් ආපසු හමු වුනාද?, විශ්වාසයක් නැතුවයි අපි මෙතනට ආවේ.' 'අපි දීපු ලියකියවිලි කෝ?. අපිට නැති වුනේ මනුෂ්‍ය ජීවිත, සතුන් හෝ බඩුමුට්ටු නෙවෙයි. අතුරුදන් කිරීම් ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු අපි ගාව තිබෙනවා. මෙතෙක් කල් රජය මොනවද කළේ?' ඇය සඳහන් කළාය. සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අතුරුදහන් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන්ට මෙන් සමාන ආකාරයට තමන් සම්බන්ධයෙනුත් කටයුතු කළ යුතු යැයි මඩකලපුවේ රැස් වූ සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකායට ජනතා අදහස් ඉදිරිපත් වී තිබේ. අතුරුදහන් වූවන් ලෙස සැලකෙන පුද්ගලයන්ට මරණ සහතික ලබා දීමක් ලොව කිසිඳු රටක සිදු වී නැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති. අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතික නොව වෙනත් විශේෂ සහතිකයක් නිකුත් කරන බව ප්‍රකාශ කොට මාස ගණනාවක් ගත වී ඇතත් ඒවා තවමත් ලැබී නොමැති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටිති.
ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඇති වූ අනතුරුවලින් මේ වන විට මිය ගිය සංඛ්‍යාව විසි දෙක දක්වා ඉහළ ගොස් තිබේ.
කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්වය දැඩි ලෙස බලපා ඇත ඉන් කිහිප දෙනෙකුම මිය ගොස් ඇත්තේ තම නිවෙස් කඩා වැටීම නිසා ඇති වූ අනතුරුවලින්. කිහිප දෙනෙකුම මිය ගොස් ඇත්තේ තම නිවෙස් කඩා වැටීම නිසා ජල ගැලීම් හා නායයෑම් තවත් මරණ බොහොමයකට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ. විපතට පත් පිරිස් වලට සහන සැලසීමට ගුවන් හමුදා සහය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්වය දැඩි ලෙස බලපා ඇති අතර ඉදිරියටත් ධාරානිපාත වැසි ඇති විය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියේය. නාය යාමට ලක් විය හැකි ස්ථානවල සහ ගංගා ආශ්‍රිතව ජීවත් වන අයට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට හෝ පරීක්ෂාකාරී වන ලෙසට අවවාද කර තිබේ. මීට සති කිහිපයකට පෙර දැඩි නියඟයකට මුහුණ දී තිබුණු ඇතැම් ප්‍රදේශවලටද හිටි හැටියේ මහ වැසි ඇද වැටීම නිසා එම පෙදෙස්වල කෙරුණු වගාවන් විනාශ වී ඇත.
මැලේසියානු අගමැති නජීබ් රසාක්ට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට එරට ප්‍රධාන අභිචෝදකවරයා තීන්දු කළේය.
රජයට අයත් ආයෝජන අරමුදලකින් ඉහත කී මුදල අගමැතිවරයාට ලැබී ඇති බවටයි විවේචකයන් චෝදනා කරන්නේ අගමැතිවරයා හා සම්බන්ධ දූෂණ චෝදනා නඩුව දීර්ඝ කාලයක් පුරා කතාබහට ලක් වී තිබිණ. නජීබ් රසාක් අගමැතිවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර තිබූ ඩොලර් ලක්ෂ 6,810ක මුදල සෞදි රජ පවුලෙන් ඔහු වෙත ලැබී ඇති ත්‍යාග මුදලක් බවයි එරට නීතිපතිවරයා පවසන්නේ. නීතිපති මොහොමඩ් අපන්ඩි අලී කියා සිටියේ අපරාධයක් සිදු වී නැති හෙයින් තීන්දුව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් වන බවයි. රජයට අයත් ආයෝජන අරමුදලකින් ඉහත කී මුදල අගමැතිවරයාට ලැබී ඇති බවටයි විවේචකයන් චෝදනා කරන්නේ. එල්ල වූ චෝදනා අගමැතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නමුත් දේශපාලනික වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල විය. අගමැති නජීබ් රසාක්ට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් එවකට ක්වාලාලම්පුර් නගරයේ උද්ඝෝෂණ පැවැත්විණ.
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා වූ කරුණු රහසිගත බැවින් ඒ පිළිබඳ විස්තර හෙළි කළ නොහැකි බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.
'අපේ කාර්යභාරය තමයි, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ අත්දැකීම් සහ ව්‍යවස්ථා සම්පාදක කාර්යභාරය පිළිබඳ අපේ අත්දැකීම් බෙදා ගැනීම' "ඒ සාකච්ඡා රහසිගතයි. ඒත් අපේ කාර්යභාරය තමයි, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ සහ ව්‍යවස්ථා සම්පාදක කාර්යභාරය පිළිබඳ අපේ අත්දැකීම් බෙදා ගැනීම," යනුවෙන්ද උප ජනාධිපති රමපෝසාගේ ප්‍රකාශක රොනී මමයෙපා බීබීසී සංදේශයට කියා සිටියේය. ඉහත කී කරුණු සම්බන්ධ සිය අත්දැකීම් තමන් සමඟ බෙදා ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීම්වලින් අනතුරුව සිරිල් රමපෝසා ශ්‍රී ලංකාව සම්බන්ධ තමන්ගේ විශේෂ නියෝජිතයා ලෙසින් ජනාධිපති ජේකබ් සූමා විසින් පත් කරනු ලැබූ බව සිහිපත් කරන ප්‍රකාශකයා, උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ එම පත්කිරීමට අදාලව බවද සඳහන් කළේය. කෙසේ නමුත් සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා සංදේශය කළ විමසීමකදී අවධාරණය කළේ. ජාතික ගැටලුව සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකිනු අප්‍රිකානු විශේෂ නියෝජිතයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, විරුද්ධ පක්ෂ නියෝජිතයන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ඔහු යාපනයේ සංචාරයකද නිරත විය. රමපෝසා සහ දෙමළ ජාතික සන්ධානය අතර ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළ නමුත්, ජාතික ගැටලුවට විසඳුමක් සාකච්ඡා කෙරුනේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ රොනී මමයෙපා කියා සිටියේ, උප ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙන්නේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට පමණක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙමළ ජාතික සන්ධානය එකඟත්වය පළ කළේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු: "මේ අවස්ථාවේ අපේ කාර්යභාරය මැදිහත්වීම හෝ පහසුකම් සැපයීම නොවෙයි. අපට ලැබිල තියෙන වරම දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සංහිඳියා සහ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයේ අත්දැකීම් බදා ගැනීමට පමණයි," යනුවෙන් පැවසීය. එසේ නම් මේ ක්‍රියාදාමය මෙතරම් රහසිගත මන්දැයි යන්න සංදේශය රොනී මමයෙපාට යොමු කළ තවත් ප්‍රශනයක්. "අපට ආරාධනා කරල තියෙන්නේ ඇවිල්ල දේශපාලන පක්ෂ හමු වෙන්න කියල විතරයි. වෙන කිසිම දෙයක් ගැන කතා කිරීම ගැන කිසිම එකඟත්වයක් නැහැ," යන්නයි එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ. එම එකඟත්වයේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධායේ දූත මණ්ඩල තවදුරටත් දකුණු අප්‍රිකාවේ සංචාරය කරනු ඇති බවත්, සිරිල් රමපෝසා යලිත් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයට දැඩි විරෝධය පළ කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, එවැනි ක්‍රියාදාමයක් දියත් වන්නේ නම් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබඳව යලි සලකා බලන්නට සිදු වනු ඇති බවට යෝජනාවක් සම්මත කොට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ සමාජයේ යම් විවේචනයක් පවතින බව ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් පවසයි.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම මිත්‍රශීලී සේවාවක් බවට පත් කිරීමට නම් එහි විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර සිදුවූ දුරකතන සංවාදය සම්බන්ධයෙන් ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයකුවන අශෝක පීරිස් එහිදී අදහස් දැක්වීය. පසුගිය කාලයට වඩා වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් නිර්මාණය වී තිබීම තුළ සිය අදහස් ප්‍රකාශ කිරීමට සහ විරෝධතාවල යෙදීමට ජනතාවට අවස්ථාව උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය. රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයන්ගේ සංඛ්‍යාව රටට ඔරොත්තු නොදෙන මට්ටමකට ළඟා වී ඇති බව ඔහු පැවසීය. "මේ රාජ්‍ය සේවය ජනතාවට බර වැඩියි. කිසියම් ක්‍රමවේදයක් හදාගෙන රාජ්‍ය සේවය රටටත් ජනතාවගේත් සංඛ්‍යාවට ගැළපෙන ආකාරයට සංස්කරණය කරලා මේක ආකෘතියේ හා ආකල්පමය වෙනසක් සිදුකර ගත්තොත් මේ ගැටලුව විසඳා ගත හැකියි" යනුවෙන් ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් සඳහන් කළේය.
තමන් ක්‍රියාත්මක කරන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති බව අවධාරණය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා, සම කැබිනට් ප්‍රකාශක තනතුරෙන් තමා ඉවත් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවද සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව කියා සිටියේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇට මිදුලු බද්ධ කිරීමේ රෝහලකට මුල් ගල් තැබීම පිණිස මහනුවර මහ රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමිනි. මැයි දිනය සැමරීමේ රැලියේදී සහ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසකගේ විවේචනයට ලක් වී තිබේ. සබැඳි යොමු: විශේෂයෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරයා විසින් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න දැඩි විවේචනයට ලක්කිරීම ඉන් අනතුරුව පැවති කැබිනට් රැස්වීමකදීද සාකච්ඡාවට ලක් වී තිබුණි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට යළිත් වරක් හමුදාපති පදවිය භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ බවට සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය මතභේදයට ලක් වූ තවත් මාතෘකාවකි. එබැවින් ඔහු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වෙනත් කැබිනට් ප්‍රකාශකයකු පත්කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමති මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්වුන සාකච්ඡාවකදී ඇමතිවරුන් පිරිසඑම තීන්දුව ගත් බවද මාතය ජෝන් සෙනෙවිරත්න පැවසීය. මහනුවරදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එයට ප්‍රතිචාරය පළ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා: "මම ක්‍රියාත්මක කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්තියි. රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙල නොවෙයි. කැබිනට් ප්‍රකාශක කමින් ඉවත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය නොවෙයි," යනුවෙන් පැවසීය. යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙල නොතේරෙන පුද්ගලයන් වත්මන් ආණ්ඩුව තුළත් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ බදාදා (ජුලි 26) පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිතාසි නිකුත් කර තිබේ.
අඟහරුවාදා (ජූලි 25) කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට දන්වා තිබුණද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් කොමිසමට දන්වා තිබුනේ වෙනත් කාර්ය හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවය. මේ අතර සඳුදා කොමිසම හමුවේ (ජූලි 24) කෙරුණු සාක්ෂි විභාගයේදී මුදල් අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඉස්මතු කරලන ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් විණි. කොමිසම හමුවේ පෙනී සිටි එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය කියා සිටියේ, කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවී කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බවය. සබැඳි යොමු: 2016 ජනවාරි 27 වෙනිදා දහවල් සිය නිවස පරීක්ෂා කිරීමට මුළින් පැමිණියේ එවක මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ වූ අතර එම අවස්ථාවේ එහි පැමිණි අර්ජුන් ඇලෝසියස් ද නිවස පිළිබඳ වැඩිදුර විමසා තමා එය කුලියට ගන්නා බවත් එහෙත් එහි පදිංචි වනුයේ අමාත්‍ය රවී කරුණානායකගේ පවුල බවත් සඳහන් කළ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය. ඒ වනවිට, පාර්ලිමේන්තුවට ආසන්නයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස අලුත්වැඩියා කෙරෙන බැවින් කුලියට ගන්නා නිවසේ මාස හයක කාලයකට පදිංචිවන බව තමන්ට දන්වනු ලැබූ අතර ඒ පිළිබඳ ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් සමග බව ද ඇය කියා සිටියාය. ඒ අනුව නිවස පිළිබඳ සියලු ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ සමාගමක් හරහා බවත් ඇය සඳහන් කළාය. ඒ සඳහා එකඟ වූ මුදලට යළි ගෙවන තැන්පතු මුදලක් ද ඇතුළත් විණි. ‘බැඳුම්කර කොමිසම’ : මහා බැංකු අධිපති සාක්ෂි දෙයි අදාළ අලුත්වැඩියා කටයුතු අවසන්ව නොමැති බැවින් ලබාගත් තැන්පත් මුදලට සරිලන සේ වැඩි පුර මාස දෙකක කාලයක් ද නිවසේ රැඳීමට ඉඩ හරින ලෙස අර්ජුන් ඇලෝසියස් දන්වා සිටි බව ඇය කොමිසම හමුවේ කීවාය. කෙසේ වෙතත්, මේ අතරේදී අදාළ නිවාස මිලදී ගැනීමට කැමති බව අමාත්‍යවරයාගේ පවුල කළ දැනුම් දීමට අනුව කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව රුපියල් මිලියන 165 ක එකඟ වූ මිලකට නිවස අලෙවි කර තිබේ. ඒ අනුව, නිවස මිලදී ගනු ලැබුවේ මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ හා දියණිය අධ්‍යක්ෂධුර දරන ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නම් සමාගම විසින් බව ද සදුදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. සබැඳි යොමු: මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සොයා බලන ජනාධිපති කොමිසම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් වෙත කළ දෙනුම් දීමට අනුව ඔහු සිය ජංගම දුරකථන අතුරු සන්නිවේදන උපකරණ ඊයේ (ජූලි 24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබිණි. කොමිසම ඔහුට දන්වා තිබුනේ 2015 - 2016 වසරවලදී භාවිත කරන ලද දුරකථන, ලැප්ටොප් පරිගණක හා අනෙකුත් සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසය. මේ අතර සිය කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් සලකා බලමින් එහි කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ති‍බේ. ඒ අනුව බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ වේ. 2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.
ආගමික කටයුතු සඳහා බව පවසමින් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි අලි පැටවුන් සහ පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින් බාහිර පාර්ශවයන්ට ලබාදීමට රජය ගෙන ඇති තීරණය පරිසර සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගත් පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ග මාර්ගයෙන් නිදහස් කරමින් එම අලි පැටවුන් "නීති විරෝධි ලෙස නීතිගත කිරීමේ" කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ජෛව විවිධත්වය සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න චෝදනා කළේය. පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ බව පවසමින් මෙලෙස අලි ඇතුන් ලබාගන්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට චෝදනා කරන ඔහු, පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය නම් රජයට පින්නවල ඇතුන් පිරිසක් පුහුණුකර අවශ්‍ය විට ඔවුන් ලබා දිය හැකි බවත් අවධාරණය කරයි. මාධ්‍ය හමුව ඇමතූ ජාතික සංඝ සම්මේලනයේ ආනන්ද සාගර හිමියෝ, විහාරස්තානවලට අලි ඇතුන් ලබාදීම දැඩි විවේචනයට ලක් කළහ. විහාරස්තාන එලෙස අලි ඇතුන් ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට උන්වහන්සේ චෝදනා කළහ. "මොකටද පන්සල්වලට අලි ඉල්ලන්නේ අවුරුද්දකට වතාවක් කරන පෙරහැරකට? ඒ පෙරහැරෙන් පස්සේ කොළඹ නගරයේ තියෙන පර්චස් 10-15 පන්සල්වල මේ සතාව ගැටගහලා අන්ත අසරණ දුක් විඳිනවා," ආනන්ද සාගර හිමියෝ පැවසූහ. කොළඹ විහාරස්තානවල වැඩ වාසය කරන ඇතැම් භික්ෂුන් වහන්සේ මෙලෙස අලි ලබාදෙන ලෙස දේශපාලකයන්ට බලපෑම් කරන බව පවසන එහිමියෝ, අලි ඇතුන් පන්සල්වල හිරකාරයන් බවට පත්කරන මෙම වැඩපිළිවෙලට සියලු දෙනා විරුද්ධ විය යුතු බවට ඉල්ලීමක්ද කළහ.
පසුගිය සෙනසුරාදා (මැයි 13) උදෑසන ඝාතනයට ලක් වූ මීනා මංගල්‍ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි එරට දේශපාලඥයන් සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති.
කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස එරට ප්‍රසිද්ධියට පත්ව සිටියාය. පොලිස් පරීක්ෂණ දියත් වූ නමුත් මේ වනතෙක් අපරාධකරුවන් ගැන පැහැදිලි තොරතුරු ලැබී නොමැත. ඇෆ්ගනිස්තානයේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ මීනා මංගල්‍ සිය රැකියාවට යන අතරතුර උදෑසන 7.20ට පමණ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය, සිවිල් සංවිධාන මෙන්ම කාන්තා හිංසනයට එරෙහි කොමිසම ද මීනා මංගල් ඝාතනය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලීම් කර තිබේ. තමන්ට මරණ තර්ජන ඇති බවත් ජීවිතය ගැන බියෙන් පසු වන බවත් මෑතක දී මීනා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබූ බව කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන වෂ්මා ෆ්‍රෝග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි. ඇයට එල්ල වූ මරණ තර්ජනවල ස්වභාවය පැහැදිලි නොමැති අතර, මෙම ඝාතනයට හේතුව පවුල් ආරාවුලක් දැයි පරීක්ෂණ පවත්වන බව ඇෆ්ගනිස්තාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ. මේ තොරතුරුද කියවන්න: ඇයගේ ඝාතනයත් සමග ඇෆ්ගනිස්තානයේ සිදු වෙමින් පවතින කාන්තා හිංසනය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ගොඩ නැගී තිබේ. "හොඳින් එළිය වැටී තිබෙන දහවල් කාලයේ දී" කාබුල් නගරයේ අධි ආරක්‍ෂිත ප්‍රදේශය තුළ කාන්තාවන්ට එරෙහිව දරුණු ගණයේ අපරාධ බොහොමයක් සිදු වූ බව සමහරු පවසති. කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කළාය "දහවල් එළිය තිබෙන වේලාවක කාන්තාවක් මරා දමලා. එයට හේතුව, යම් පුරුෂයෙකුට හිතිලා තිබෙනවා ඇය මිය යා යුතුයි කියලා," වෂ්මා ෆ්‍රෝග් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලිත ප්‍රදේශවල ලිංගිකත්වය මත පදනම්ව සිදුවන හිරිහැර ගැන තොරතුරු එක්රැස් කිරීමට මානව අයිතීන් වෙනුවන් පෙනී සිටින කණ්ඩායම් ක්‍රියා කරමින් සිටියි. 2018 වසරේ දී මාධ්‍යවේදීන්ට අතිශය භයානකම රට ඇෆ්ගනිස්තානය ලෙස 'Reporters Without Borders' නිකුත් කළ වාර්තාවක දැක්විණි. තවත් තොරතුරු:
මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වීම සඳහා මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වන ලෙස නිර්වචනය වූ ක්‍රියා සහ අවස්ථා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා තිබේ.
ඔබේ මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ වුවත් ඔහු හෝ ඇය නුසුදුස්සෙකු නම් එම ධුරය අහෝසි කිරීම සඳහා අභියෝග කරන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් හා ඊට අදාළ තොරතුරු සම්පිණ්ඩනය කරමින් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූවාය. ඇය මුලින්ම කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබන කිසිවෙකුට කිසිදු මැතිවරණයක් සඳහා තරඟ කිරීම සපුරා තහනම් වන බවය. එම නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය සුදුසුකමකි. සිහි විකල් බව නමුත් මෑතක දී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක් කර ඇති වගන්තියකට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇතත් වෙනත් රටක ද පුරවැසිභාවය දරන්නේ නම් ඔහු හෝ ඇය ද මහජන නියෝජිතයෙකු වීමට නුසුදුස්සෙකි. එම නිසා ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. එමෙන්ම යම් පුද්ගලයෙකු යහපත් මානසික මට්ටමකින් පසු නොවන බවට (Unsound Mind) ශ්‍රී ලංකාවේ පවත්නා නීතියකට අනුව ඔප්පු වී ඇත්නම් හෝ ඔප්පු කළහොත් එම පුද්ගලයාට මහජන නියෝජිතයෙකු විය නොහැකිය. නීතිවේදිනි චමින්ද්‍රි සපරමාදු "මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් ලියැවිලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තියේ සිට 91වන වගන්තිය දක්වා." නීතීඥ චමින්ද්‍රි සපරමාදු ප්‍රකාශ කළාය. ඇය ගෙන හැර දැක්වූ අනෙකුත් කරුණු සංක්‍ෂිප්තයක් ලෙස ගත් කළ මෙසේය. අල්ලස් ගැනීම මේ ගැනත් කියවන්න: රජයේ කොන්ත්‍රාත්තු ඉහත කී සියලු වැරදි ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා ද නුසුදුසුකම් වනු ඇත. ඊට අමතරව ඡන්ද අපේක්ෂකත්වය අහිමි වන විශේෂ නුසුදුසුකම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වන වගන්තියේ දක්වා ඇත. මීට අමතරව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ නියුතු කෙනෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ඡන්ද අපේක්ෂකයෙකු වීම සඳහා වැට බැඳෙන තවත් රජයේ තනතුරු රාශියක් පවතී. එවන්නෙකු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා භාර දීමට පෙර තමන් දරන තනතුරින් ඉවත් විය යුතු ය. ඉහත කී වැරදි සිදු කර ඇති පුද්ගලයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී ඇත්නම් ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම පවතී. මැතිවරණ කොමසාරිස්වරයා කිසිදු පියවරක් නොගන්නේ නම් ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකිය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන්, හදිසි සාකච්ඡා ආරම්භ කරන මෙන්, බංගලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.
ඉහල මට්ටමේ දූත මණ්ඩලයක් බංග්ලාදේශයට යැවීමට මහලේකම්වරයා පියවර ගෙන ඇත. විශ්වසනීය සහ සියලු දේශපාලන පක්ෂ සහභාගී වෙන මහ මැතිවරණයක් සහතික කර ගැනීම සඳහා ඒකමතික භාවයක් ඇති කර ගැනීමෙහි ලා, එවැනි සංවාදයකට අවතීර්ණ වෙන ලෙසයි, මහ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සම්බන්ධතා භාර සහකාර ලේකම්, ඔස්කාර් ෆර්නන්දෙස් - ට්‍රාරන්කෝ(Oscar Fernandez-Traranco) ඇතුළත් ඉතා ඉහල මට්ටමේ දූත මණ්ඩලයක් විසිනුයි, මහ ලේකම්වරයාගේ පණිවුඩය බංග්ලාදේශ් දේශපාලන පක්ෂ නායකයන් වෙත භාර දෙනු ලැබ තිබෙන්නේ. ප්‍රචණ්ඩ දේශපාලන ගැටුම් මහ මැතිවරණය නිවේදනය කිරීමත් සමඟයි,ගැටුම් ඇවිල යමින් පවතින්නේ. එම දූත මණ්ඩලය ‘ඩකා’ අගනුවර කරා යවනු ලැබුණේ, එහි සති කීපයක් ම පැතිර යමින් තිබුණ ප්‍රචණ්ඩ දේශපාලන ගැටුම් වලින් අනතුරුවයි. ඔක්තෝබර් මාසයේ පටන් පැතිර යමින් තිබුණ එම ගැටුම් වල දී හැටකට අධික ජීවිත විනාශයක් සිදු වූ බව වාර්තා විය. බංග්ලාදේශ් මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ලබන ජනවාරි මාසයේ පස් වෙනිදායි. එම මහ මැතිවරණයට පෙර අගමැතිනි ෂේක් හසීනා පදවියෙන් ඉවත්ව භාරකාර පාලනයක් යටතේ ඡන්ද විමසීම් පවත්වන මෙන් බල කරමින්, ප්‍රධාන විපක්‍ෂය වන බංග්ලාදේශ් ජාතික පක්‍ෂය විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබීමත් සමඟයි,එම ගැටුම් ආරම්භ වුණේ.
පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.
ඉතාමත් අලුත් මෙහෙයුම් පද්ධති අඩංගු අයිෆෝන් සහ මැක් පරිගණක සඳහා පමණක් අදාළ දෝෂ බලපා නොමැත පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය. අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ අතර අදාළ දෝෂ හේතුවෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඉන්ටෙල් ප්‍රොසෙසර (Intel processors) හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම ප්‍රොසෙසර (Processors) අඩංගු කර නොමැති බැවිනි. හානිකර ඇප් (App) මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් ඇපල් සමාගම නිර්දේශ කරයි. උදාහරණයක් වශයෙන් ඇනරොයිඩ් ජංගම දුරකතන හෝ මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති අඩංගු පරිගණකවලට වඩා ඇපල් නිෂ්පාදන සහ එම සමාගමේ මෙහෙයුම් පද්ධති ආරක්ෂාකාරී බව මැක් පාරිභෝගිකයන්ගේ පොදු පිළිගැනීම වී තිබේ. කෙසේ නමුත් අදාළ දෝෂ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම්වල නිෂ්පාදනය කෙරෙන සියලුම නවීන පරිගණක පිරික්සුම් ඒකක (Processing units) තුළ හමු වේ. ලෝක පරිගණක වෙළඳපොල වෙත සම්පූර්ණයෙන්ම පාහේ අදාළ නිෂ්පාදන සපයනු ලබන්නේ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම් දෙක විසිනි. "සියලුම මැක් (Mac) පද්ධති සහ අයිඕඑස් (අයි මෙහෙයුම් පද්ධති) අඩංගු උපාංගවලට බලපෑම් එල්ල වී තිබෙනවා. නමුත් පාරිභෝගිකයන් වෙත බලපාන අයුතු ප්‍රයෝජන ගැනීම් මෙතෙක් වාර්තා වී නැහැ" අදාළ දෝෂ සම්බන්ධයෙන් ඇපල් සමාගම සිය බ්ලොග් සටහනක සඳහන් කර තිබේ. "මේ ගැටලු සියලුම නවීන පරිගණක ප්‍රොසෙසරවලටත් සියලුම පාහේ පරිගණක උපාංගවලට සහ මෙහෙයුම් පද්ධතිවලටත් බලපානවා" යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ. තවත් පුවත්:
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රදේශයේ රජයේ ඉඩම් පෞද්ගලික අංශයට ලබා දීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් චෝදනා කරයි.
ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු වත්මන් නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්. වාකරේ කලපු ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව සදහා හඳුනා ගෙන ඇති බිම් ප්‍රමාණය අක්කර දෙදහස් තුන්සීයක් පමණ වේ. නියමිත රාමුවෙන් පිට පූර්ව අවසරයකින් මෙම ඉඩම් පුද්ගලික අංශයට ලබා දී ඇති බව දැන ගැනීමට ලැබී ඇතැයි පැවසූ හිටපු මහ ඇමතිවරයා එම ඉඩම් පුද්ගලික අංශයට ලබා දීමේ දී නියමිත රාමුවෙන් පිට පැන ක්‍රියා කර ඇති බව මාධ්‍යවේදී ශාන්තී සෙල්වදොරේ කළ විමසීමක දී කියා සිටියේය. වැඩි දුර අදහස් දැක්වූ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා‘’ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ, විනිවිදභාවයෙන් යුතු ව නිසියාකාරව එය කල යුතුයි, මේ වැඩ පිළිවලට පිටින් තම තනි තීරණය මත දිසා ලේකම්වරිය හදිසියේ අක්කර දෙදහස් තුන්සීයක ඉඩම් පුද්ගලික ආයතනයකට ලබා දී තිබෙනවා, මෙය වැරදියි, එය නවත්තන මෙන් අපි දිසා ලේකම්වරියට දන්වා තිබෙනවා’’. මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ කරුණු අනාවරණය කළ ජනාධිපති උපදේශක චන්ද්‍රකාන්තන් ඉඩම් බෙදා දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලේඛනයේ පිටපතක් ඉල්ලා සහ ඉඩම් ලබා දුන්නේ කුමන පදනමක සිට දැයි කියා පසු ගිය විසි එක් වෙනිදා පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරියට යවන ලද ලිපියට මේ වනතුරුත් පිළිතුරු ලැබී නැති බව සඳහන් කළේය . රජය කෙරෙහි පිළිකුලක් ‘’මේ ඉඩම් තැනින් තැන කලපු ආශ්‍රිතවයි තියෙන්නේ. අපි තොරතුරු ඉල්ලා සිටියා, එය නො ලැබුණු එක ගැන කනගාටුයි, මේ ප්‍රශ්න මතු වූ අවස්ථාවේ රජය සමග සාකච්ඡා කර විසඳුමකට ඒමට හැකි නො වුනොත් ඉඩම් ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපතිවරයා හා ජනතාව දැනුවත් කරන බව අපි කියා සිටියා’’. මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රියා මගින් ජනතාව තුළ රජය කෙරෙහි පිළිකුල් සහගත තත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් ජනාධිපතිවරයාට දන්වා ඇති බව මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් වැඩි දුරටත් පැවසුවේය. මේ චෝදනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන මඩකලපුව දිසා ලේකම්වරිය පී එම් එස් චාල්ස් ‘’ධීවර අමාත්‍යාංශය විසින් හඳුනා ගත් අක්කර පන්දාහකට අධික ඉඩම් වල කෙටුම්පත් වසර එක හමාරක් තිස්සේ විවිධ අංශයන් හි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව විසින් පරීක්ෂා කර තිබුණා, එම කමිටු වාර්තාව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවට යවා අවසර ලබාගෙන පසුව දිස්ත්‍රීක් ඉඩම් කමිටුවට බාර දී තිබුණා, නිසියාකාරව සකස් කල වාර්තා අනුවයි අපි ඇතැම් ප්‍රදේශ නිර්දේශ කර තිබෙන්නේ’’. මඩකලපුව දිසා ලේකම්වරිය විසින් මෙම වාර්තා පළාත් ඉඩම් කොමසාරිස්වරයාට යොමු කරන මෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති අතර නිසියාකාර සොයා බැලීම් කර අවසානයේ ඉඩම් ලබා දීම පිළිබඳ සලකා බලන බව පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරිය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සාමාන්‍යයෙන් ඡන්ද ප්‍රචාරණයට ලබා දෙන කාලයට වඩා අඩු කාලයක් මෙවර ජනාධිපතිවරණයට ලබා දීමට සිදු වූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.
කොළඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ බව කියා සිටියේ මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති කාලය මාසයකට සීමා වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. ‘පාප් වහන්සේගේ ලංකාවට එන ගමන නොතිබුණා නම් අපිට එක කරන්න තිබුණා, අනික එක එහෙම අඩුයි කියන්න බැහැ. පළවෙනි ජනාධිපතිවරණයේදීත් දවස් තිස්තුනයි තිබුණේ, මේකට තිස් එකක් තියෙනවා’යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූයේ දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් රජයෙන් ඉදිරිපත් නොවූ බවයි. ජනාධිපතිවරණය ජනවාරි අට වනදාට යොදා ගත්තේ ජ්‍යෝතිෂවේදීන්ගේ අදහසකට අනුව යැයි සඳහන් කරමින් පළ වන වාර්තා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කළේය. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ආගමික උත්සවයක් වශයෙන් සලකා එවැනි තීරණයක් ගත් බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය පළකරමින් ඉදි කර තිබෙන ප්‍රචාරක පුවරු ඉවත් කරන්නේදැයි විමසූ විට කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ එවැන්නක් කිරීමට ඔහුට බලයක් නැති බවයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් තමන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
එළැඹෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
'එජාපය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජවිපෙ සූදානම් නැහැ' ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ඒ බව කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් විපක්ෂයේ සියලුම කණ්ඩායම් සන්ධාන ගත විය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය (එජාප) කරන ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. ඉදිරි මැතිවරණවලදී පොදු විපක්ෂයක් ලෙසින් තරඟ වැදීම පිණිස ජවිපෙ ඇතුළු සියලු විරුද්ධ පක්ෂ සමඟ නිල නොවන මට්ටමින් 'අවබෝධයක්' ඇති කොට ගෙන තිබෙන බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. ජනපතිවරණය '2016 දී' එහෙත් සන්ධානගත වීමේ අවශ්‍යතාවයක් තිබෙන නමුත් ඒ සඳහා ගොනු කර ගත යුතු කණ්ඩායම් නිසි ලෙසින් හඳුනාගත යුතු බවයි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එයට ප්‍රතිචාරය පළ කරමින් සංදේශයට කියා සිටියේ. "පුළුල් පෙරමුණ ගොඩ නැගීම තමයි අපේ අපේක්ෂාව. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය. කෙසේ නමුත් ඉදිරි ජනපතිවරණයේදී සියලු දෙනාට පිළිගත හැකි ස්ථාවරයකට ඒම සම්බන්ධයෙන් ජවිපෙ පමණක් නොව අනෙක් සියලු විරුද්ධ පක්ෂ සමඟද නිල නොවන මට්ටමේ සංවාදයක් ආරම්භ වී තිබෙන බවයි, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ. ජනපතිවරණය හෝ මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන නමුත්, මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ 2016 දී බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේය.
වයඹ දිග පකිස්තානයේ සරසවියක සිදු වූ වෙඩි හුවමාරුවකින් විසි දෙනකු පමණ මරා දමා ඇති බවක් වාර්තා වෙයි.
මරණයට පත් කොට ඇති පුද්ගලයන් අතර සරසවි සිසුන් මෙන්ම ආචාර්යවරුන් ද සිටින බවයි පැවසෙන්නේ. ‘චර්සදා’ (Charsadda) නගරයේ ‘බචා කාන්’ සරසවියට තුවක්කු කරුවන් කණ්ඩායමක් කඩා පනිමින් එල්ල කළ ප්‍රහාරයක් සමඟයි ගැටුම ආරම්භ වී තිබෙන්නේ. වෙඩි හුවමාරුවට ගොදුරු වූ තවත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටින බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. සන්නද්ධ ප්‍රහාරකයන් හතර දෙනකු මරා දමන ලද බව පවසන යුද හමුදාව ‘සරසවි භූමිය තුළ සෝදිසි මෙහෙයුමක් ගෙන යමින් සිටින’ බවත් කියා සිටියි. ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න තවමත් පැහැදිලි නැත. එසේම ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ තවත් කිසිවකු නිදැල්ලේ සිටින්නේ ද යන්නත් තවම පැහැදිලි නැති බවයි, පකිස්තාන් වාර්තා මගින් පැවසෙන්නේ. ප්‍රහාරයට ගොදුරු වූ ‘බචා කාන්’ සරසවිය පිහිටා තිබෙන්නේ පෙෂවෝර් නගරයට කිලෝ මීටර් පනහක් පමණ ඈතිනි. 2014 වසරේ තාලිබාන් ප්‍රහාරකයන් විසින් ‘පෙෂවෝර්’ නගරයේ පාසලකට එල්ල කරන ලද ප්‍රහාරයකින් එකසිය තිහකට අධික ළමුන් සංඛ්‍යාවක් මරා දැමුණි.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයංපාලන තන්ත්‍රයක් බිහි කිරීම හා උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනා රැසක් ‍ඉලංකෙයි තමිල් අරසු කච්චි මහ සභා රැස්වීමේදී තීරණය කළ බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 16 වන මහ සභා සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී ඉරිදා (ජූනි 30) පැවැත්විණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ 16 වන මහ සභා සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී ඉරිදා (ජූනි 30) පැවැත්වූ අවස්ථාවේදී අදාළ තීරණ ගනු ලැබ තිබේ. අදාළ යෝජනාවන්ට අමතරව උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ගැටලු, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම්වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජීවත් වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි තීරණය කරනු ලැබූ බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතීත්වයට නැවතත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සෙනසුරාදා (ජූනි 29) පත්වීමෙන් අනතුරුව පක්ෂයේ මහ සභා සම්මේලනය ඉරිදා (ජූනි 30) පැවැත්විණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ‍යේ අනුශාසක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කටයුතු කරයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි යනු දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයයි. අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කර මාස තුනක කාලයක් තුළ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, අදාළ ඉල්ලීම්වලට දක්වන ප්‍රතිචාර අනුව ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂය සහයෝගය ලබා දෙන කණ්ඩායම තීරණය කරන බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. අවසන් යුද්ධ සමයේ උතුරු නැගෙනහිර පළාත්වලින් අතුරුදන් වූ තරුණ පිරිස්වලට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසඳුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක් ගත් බව ද පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා පැවසීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සම‍ග සාකච්ජා කළ යුතු බවට ද පක්ෂය තීරණය කර තිබේ. මහවැලි එල් කලාපය යනුවෙන් හඳුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහා ම නවතා දැමිය යුතු බවට රජයට අවධාරණය කළ යුතු බවට ද පක්ෂ සම්මේලනයේදී යෝජනා සම්මත කර ගැනිණි. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් යෝජනා මුළුමනින් ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළ යුතු බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය රජයට බල කර සිටී. රජය අදාළ යෝජනා ඉටු කිරීමට මාස තුනක කාලයක් තුළ කටයුතු නොකළහොත් තම පක්ෂයේ ‍හා දෙමළ ජාතික සන්ධනයේ සන්ධානගත පක්ෂ සමග ඒකාබද්ධව රජයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කරන බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ සම්මේලනය පැවති යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපස යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ‍ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින්ට විරුද්ධත්වය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පැවසුවේ යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් තම ඡන්දයෙන් තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු නොකරන බවය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් තම ජන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට ගිය ද යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් සෙවීම වෙනුවට රජය සමග එක්ව "සුරසැප විඳිමින්" සිටින බව ද එක් කාන්තාවක් චෝදනා කළාය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ ස‍ම්මේලනයට සහභාගී වූවන් වෙනුවෙන් දිවා ආහාර ලබා දෙන අවස්ථාවේ විරෝධතාවට එක්ව සිටි පිරිසට ද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් ආහාර ලබා දීමට පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් පැවසුවේ "සම්බන්ධන්ගේ බත් අපට එපා" යනුවෙනි. තවත් කියවන්න:
දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ.
මුල්තාන් බන්ධනාගාරය වටා ආරක්ෂාව තර කර තිබේ. 2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කිරීම හේතුවෙනි. ආගමික පූජනීය වස්තූන්ට අවමන් කරනු ලැබීම පාකිස්තානය තුළ බරපතල වරදක් වන අතර, අදාළ චෝදනාවට ලක් වූ පුද්ගලයා දැඩි මතධාරීන්ගේ ගොදුරක් බවට ද පත් විය හැකිය. කථිකාචාර්ය ජුනයිඩ් හෆීස්ගේ නඩුව සඳහා පෙනී සිටීමට එකඟ වූ නීතිඥ රෂිඩ් රෙහ්මාන් 2014 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කෙරිණි. අනෙක් සිරකරුවන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන් ලක් වීම නිසා, වසර ගණනාවක් පුරා තනිව සිරමැදිරියක් තුළ කල් ගෙවීමට කථිකාචාර්යවරයාට සිදු විය. ජුනයිඩ් හෆීස්ට එරෙහිව මරණ දඬුවම නියමකර තිබෙන්නේ, ඔහු රඳවා සිටි 'මුල්තාන්' මධ්‍යම බන්ධනාගාරයේ අධිකරණයක් මගිනි. ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද ජුනයිඩ් හෆීස් ඇමරිකානු සාහිත්‍යය, ඡායාරූපකරණය සහ නාට්‍යකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් ලබා ඇත. නැවත පාකිස්තානයට පැමිණි ඔහු අත්අඩංගුවට පත් වන තුරු ම 'බහවුද්දීන් සකාරියා' විශ්වවිද්‍යාලයේ (BZU)කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් සිය මිතුරන් අතර රසකැවිලි බෙදා හරින ආකාරය. මෙය 'ඉතා අවසාවන්ත' තීන්දුවක් වන අතර එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජුනයිඩ් හෆීස් වෙනුවෙන් දැන් පෙනී සිටින නීතිඥවරයා AFP පුවත් සේවයට පැවසීය. මේ අතර, "අල්ලාහු අක්බර්" සහ "දෙවියන්ට අපහාස කරන්නන්ට මරණ දඬුවම" යැයි පවසමින් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් සිය මිතුරන් අතර රසකැවිලි බෙදා හරින ආකාරය දක්නට ලැබිණි. "මෙම තීන්දුව බරපතල යුක්ති අවගමනයක්. එය මවිතයට කරුණක්. එම තීන්දුව මගින් අපි බලාපොරොත්තු සුං වූ තත්වයකට පත්වුණා " යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර ඇත. මේ තොරතුරු ද කියවන්න: දේව අපහාසය සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින නීති මොනවා ද? ඉස්ලාම් ආගමට අපහාස කරන ඕනෑම පුද්ගලයෙකුට මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට පාකිස්තාන නීතිය යටතේ හැකියාව තිබේ. 1860 දී ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය පාලකයන් විසින් දේව අපහාස සම්බන්ධ නීතිය ප්‍රථමයෙන් සම්පාදනය කරණු ලැබ තිබේ. 1927 දී එය තවදුරටත් විකාශනය කර ඇත. 1947 දී පාකිස්තානය ඉන්දියාවෙන් වෙන් වූ නමුත් මෙම නීති එලෙසින් ම පාකිස්තානයට උරුම විය. ආගමික සභාවකට බාධා කිරීම, සුසාන භූමියකට අනවසරයෙන් ඇතුළු වීම, ආගමික ඇදහීමකට අපහාස කිරීම හෝ චේතනාන්විතව ආගමික ස්ථාන හෝ පූජා භාණ්ඩ අපවිත්‍ර කිරීම හෝ විනාශ කිරීම යන සියල්ල අපරාධ වරදක් ලෙස මුල් නීතිවල සඳහන් වේ. පැරණි නීති යටතේ අදාළ අපරාධවලට දඬුවම වසරක සිට වසර දහය දක්වා සිර දඬුවමක් පමණි. නමුත්, ජෙනරාල් ෂියා-උල් -හක් යටතේ 1980 සිට 1986 දක්වා තිබූ හමුදා පාලන කාලය තුළ මෙම නීතිවලට නව වගන්ති ඇතුළත් කර ඇත. දේව අපහාසය යන චෝදනාවකට මරණ දඬුවම නියම ව සිටි ක්‍රිස්තියානි ආගමික කාන්තාව, ආසියා බීබී. අදාළ නීතිය "ඉස්ලාම්කරණය" කිරීමට මෙන්ම පාකිස්තානයේ ප්‍රබල මුස්ලිම් ජනගහනයෙන් වෙන් කර, මුස්ලිම් නොවන පිරිසක් බවට 1973 දී ප්‍රකාශ කළ 'අහ්මදි' ජන කොට්ඨාශය නීත්‍යනුකූල ලෙස වෙන් කිරීමට ජෙනරාල් ෂියා-උල් හක්ට අවශ්‍ය වී තිබිණි. ඉස්ලාම් ආගමික නායකයන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම නව වගන්ති යටතේ නීති විරෝධී වන අතර, "චේතනාන්විතව" කුරානය කෙලෙසීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකිය. මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස පසුව හඳුන්වා දී තිබේ. දේව අපහාසය වරදට මරණ දඬුවම නියම වූ හතළිස්‌දෙනෙකු සිටින නමුත්, මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැත. ආසියා බීබී නැමැති පාකිස්තාන ක්‍රිස්තියානි කාන්තාව දේව අපහාස වරදට මරණ දඬුවම් නියම වී අට වසරක් බන්ධනාගාරගත වී සිට පසුගිය වසරේ නිදහස් වීමත් සමඟ මෙම නීතිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් ඇය නිදොස් කොට නිදහස් කෙරුණු නමුත්, එම තීන්දුවට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්විණි. ආරක්ෂාව පතා ඇයට වෙනත් රටක පදිංචියට යෑමට සිදු විණි. තවත් තොරතුරු:
ප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්, තමන් දුර්ලභ රෝගයකින් පෙලෙන බව ට්විටර් පණිවිඩයකින් හෙළි කළේය.
ස්නායුඅන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හටගැනෙන එම දුර්ලභ රෝගය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කෙරෙන සෛලවලට බලපෑම් කරයි. සිය තත්ත්වය සම්බන්ධයෙන් ඛාන් වැඩිදුර තොරතුරු හෙළිකර නැත. මාර්තු 6 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඔහු තමන් "දුර්ලභ රෝගයකින්" පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. 51 වෙනි වියේ පසුවන ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදිය ද ඇතුළත් සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනය එක් කර ඇත. ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර 'ලයිෆ් ඔෆ් පයි', 'ජුරාසික් වර්ල්ඩ්', 'ස්ලම්ඩෝග් මිලියනයර්' සහ 'දි අමේසිං ස්පයිඩර් මෑන්' ද වේ. සිකුරාදා (මාර්තු 16) ට්විටර් හරහා සිය රෝගය පිළිබඳ කතා කළේය. මාර්තු 10 වෙනිදා ෆේස්බුක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉර්ෆාන් ඛාන් ගේ බිරිඳ සුතපා සික්දර් පැවසුවේ "මගේ හොඳම මිතුරා සහ මගේ හවුල්කරුවා 'රණකාමියෙක්' ඔහු තමන් ඉදිරියට එන සෑම බාධකයක් සමග සටන් කරන්නේ අතිශය අලංකාර ශෛලියකින්" යනුවෙනි. මේ තොරතුරු ද දැනගන්න: ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ඇති ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් මෙන්ම ස්වාධීන් ඉන්දීය චිත්‍රපටවල පුළුල් පරාසයක විහිදුනු ආකර්ශනීය චරිතවලට පණ දී තිබේ. මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්‍රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත්තේය. 'ද ලන්ච් බොක්ස්' චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබීය. එය එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටය විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේ වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනාගන්නා ලකුණු පෙන්නුම් කරයි.
පළාත් පාලන ආයතන 340න් 200කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ පොදු ජන පෙරමුණ සමත් වී ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ. උතුරු නැගෙනහිර හැර අනිකුත් සියලුම පළාත් වල ඉදිරියෙන් සිටීමට පොදු ජන පෙරමුණට හැකි වී තිබෙන අතර ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුන් වෙනි ස්ථානයටත් පත්වී තිබේ. දේශපාලන විචාරකයන් බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා කිරීමට පොදු ජන පෙරමුණ සමත් වී සිටින අතර, බලයේ සිටින පක්ෂ දෙකක් පරාජය කර මෙම ප්‍රතිඵලය ලබා තිබීම විශේෂත්වයකි. තවත් කියවන්න: "පළාත් පාලන ඡන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී තියෙනවා," කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායාමේ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ඉරිදා පස්වරු 12 වන විට නිකුත්ව තිබු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 100 ක් පොදු ජන පෙරමුණ ජයගනිද්දී එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබුනේ ආයතන 19ක් පමණි. දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 19ක් ජය ගෙන තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබුනේ ආයතන හයක් පමණි. මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීම බලාපොරොත්තු නොවූ පරිදි පමා වූ අතර, නව මැතිවරණ ක්‍රමය යටතේ ලැබෙන ආසන සංඛ්‍යාව ගණන් බලා ප්‍රකාශ කිරීමට සිදුවීමත්, ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදයේ යම් ගැටළු කිහිපයක් එම ප්‍රමාදයට හේතු වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමට තව පැය කිහිපයක් ගතවනු ඇති බව ද ඉරිදා (පෙබරවාරි 11) දහවල් 12.30ට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින්, ජයග්‍රහණය සාමකාමිව සාමකාමීව භුක්ති විඳින ලෙස සිය පාක්ෂිකයන්ගෙන් හා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කළ ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. මේ අතර 2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා ද 2016 වසරේ අග භාගයේ ප්‍රතිඥා දුන්නේය. සබැඳි යොමු:
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපතිවරයා වශයෙන් පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
නව යුදහමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම ලබමින් සේවා දිගුවක් යටතේ සේවය කරන වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ලබන සඳුදා විශ්‍රාම ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙසින් මේජර් ජනරාල් සිල්වා වැඩ භාරගැනීමට නියමිතයි. නව යුද හමුදාපතිවරයා පත් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සමග පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම පදවියට පත් කරනු ලැබීමට සුදුසුකම් ලබන නිලධාරීන් අතර ප්‍රමුඛස්ථානය හිමි කර ගන්නා බවයි. ලුතිනන් ජනරාල් දයා රත්නායක තවත් සේවා දිගුවක් ඉල්ලා තිබුනත් නව රජය නව යුද හමුදාපති වරයකු පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඉක්බාල් අතාස් සඳහන් කරයි. ‘මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ජ්‍යේෂ්ඨතම යුද නිලධාරියෙක්. ලුතිනන් ජනරාල් දයා රත්නායකට පෙර යුද හමුදාපති පදවිය හිමි විය යුතුව තිබුණේ මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වාටයි. මොකද? ඔහු දයා රත්නායකටත් වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිසා’ ඉක්බාල් අතාස් පවසයි. එම අවස්ථාවේ හමුදාපති පදවිය නොලද මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා රුසියාවේ නියෝජ්‍ය තානාපති පදවියට පත් කර යැවීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබිණි. එවැනි පියවරක් ගනු ලැබුණේ ඔහු යුද හමුදාපති පදවියෙන් ඈත් කර තැබීමේ පියවරක් වශයෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ආරක්ෂක තොරතුරු විශ්ලේෂක ඉක්බාල් අතාස් සඳහන් කළේ යුද හමුදාව තුළ පවා එවැනි මතයක් පැවති බවයි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් 2013 වසරේ සිදු කළ හමුදා පරීක්ෂණයේ ප්‍රධානියා හැටියටත් මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා කටයුතු කර ඇත.
ධාරානිපාත මෝසම් වැස්සත් සමඟ ඇති වූ ගංවතුර නිසා දශ ලක්ෂයකට ආසන්න ජනකායක් දුෂ්කර අඩියකට වැටී සිටින බව පාකිස්තාන් නිලධාරීහු පවසති.
පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය. මේ වනවිට මරණ 139 ක් වාර්තා වී ඇති අතර,දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්තාන් ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්,පන්ජාබ්,සින්ධු සහ බලුකිස්තාන් ප්‍රාන්තවල ගේ දොර අහිමි වූ ජනතාවට ආධාර කිරීමට සහන කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවයි කියා සිටියේ. ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානයට තවත් දරුණු මෝසම් වැසි ඇද වැටිය හැකි බවට ද අනාවැකි පළ වෙමින් ඇත. පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය. මහජන දේපොළ සහ වගා බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර නොගන්නා බවට පාකිස්තාන් බලධාරීන් දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇති බවක් ද වාර්තා මගින් පැවසෙයි.
කොවිඩ් 19ට එරෙහිව එක්සත් රාජධානිය තුළ මහා පරිමාණයෙන් සායනික අත්හදා බැලීම් සිදු කළ අලුත් එන්නතක් 89.3%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි. එක්සත් රාජධානියෙන් හමුවූ නව කොරෝනාවෛරස් මාදිලියට එරෙහිව ඵලදායී වූ බවට සනාථ වී ඇති පළමු එන්නත මෙය බව බීබීසීයේ වෛද්‍ය වාර්තා සංස්කාරක ෆර්ගස් වොල්ෂ් පැවසීය. ඊසානදිග එංගලන්තයේ රසායනාගාරයක නිෂ්පාදනය කෙරෙන මෙම නව එන්නතේ මාත්‍රා මිලියන 60ක් මේ වන විටත් එක්සත් රාජධානිය ඇනවුම් කර තිබේ. මේ අතරතුර, එක් වතාවක් පමණක් ලබා දියයුතු කොවිඩ් එන්නතක් Janssen සමාගම විසින් නිපදවනු ලැබ ඇති අතර එහි සාර්ථකත්වය 66%ක් බව සායනික අත්හදා බැලීම් වලින් සනාථ වී තිබේ. Janssen සමාගම අයත් වන්නේ Johnson & Johnson සමුහ ව්‍යාපාරයට ය. මෙම එන්නත දෙවතාවක් ලබාදීමෙන් ශරීරයට හානියක් වේද නැතහොත් ඉන් දීර්ඝ කාලීන ආරක්ෂාවක් සපයා ගත හැකි වේද යන්න පිළිබඳව ඔවුහු දැන් පරීක්ෂණ කරමින් සිටිති. ඔවුන්ගේ මුලික සොයාගැනීම් අනුව පෙනී ගොස් ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් ලබා දුන්, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන්ගෙන් 85%ක් සුවය ලබා ඇති බවය. කෙසේ නමුත්, Novavax සහ Janssen යන එන්නත් දෙකම මහ ජනතාවට ලබා දීමට ප්‍රථම ඖෂධ නියාමන අධිකාරින් විසින් අනුමත කරනු ලැබිය යුතුය. මේ වන විට කොවිඩ් එන්නත් තුනකට එක්සත් රාජධානිය අනුමැතිය ලබා දී තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ එන්නත, ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත එම එන්නත් වර්ග තුනයි. Novavax එන්නත දෙවරක් ලබා දෙමින් සිදුකළ තුන්වන අදියරේ අත්හදා බැලීම්වලින් සනාථ වී ඇත්තේ 89.3%ක ප්‍රතිශතයක් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා කෙරුණු බව සහ 86%ක් නව මාදිලියේ වෛරසයෙන් ආරක්ෂා කෙරුණු බවය. මෙහි තුන්වන අදියරේ අත්හදා බැලීමට වයස අවුරුදු 18ත් 84ත් අතර වන පුද්ගලයන් 15,000ක් යොදා ගෙන ඇති බව එක්සත් ජනපදයේ Novavax සමාගම පැවසීය. ඉන් 27ක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් ය. මෙම එන්නත දකුණු අප්‍රිකාවේ ද අත්හදා බලා තිබේ. එහිදී ලැබුණු ප්‍රතිඵල අනුව, HIV ආසාදනයට ලක් නොවූ පුද්ගලයන්ගෙන් 60%කට මෙම එන්නත මගින් ආරක්ෂාවක් ලැබී තිබේ. මෙම එන්නත අනුමත වුවහොත් කොරෝනා වෛරසය "පරාජය කිරීම සඳහා එය තවත් ආයුධයක්" කර ගත හැකි බව මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් පැවසීය. නමුත් එය කවදා අනුමත වේද යන්න තවමත් පැහැදිලි නැත. එක්සත් රාජධානිය තුළ සොයා ගැනුණු කොරෝනාවෛරසයේ නව මාදිලියට එරෙහිව මෙම එන්නත හොඳින් ක්‍රියා කිරීම නිසා ඒ පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය පෝල් හීත් පැවසීය. එක්සත් රාජධානියේ ජනගහනයෙන් මිලියන 7.4කට කොවිඩ් 19ට එරෙහි පළමු එන්නත් මාත්‍රාව මේ වන විට ලබා දී ඇති බව නිල සංඛ්‍යා ලේඛන සඳහන් කරයි. ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසිනි. ඒවා තනා ඇත්තේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද වෛරසයේ අනුඛණ්ඩයක් යොදා ගෙන නොවේ. ඒ වෙනුවට වෛරසයේ ජාන කේතයේ (genetic code) කොටසක් භාවිත කර තිබේ. එමගින් සිදු කෙරෙන්නේ, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ මතුපිට පවතින 'ස්පයික් ප්‍රෝටීනය' තැනීමට ඔබේ සිරුරේ සෛල පෙළැඹවීමයි. එම ප්‍රෝටීනයට ප්‍රතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ තැනීමට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මකවේ. කෝවිඩ් 19ට එරෙහි ඔක්ස්ෆර්ඩ් එන්නත තනා ඇත්තේ තවත් වෙනස් ක්‍රමවේදයක් භාවිත කරමිනි. මෙහිදී සිදු කෙරුණේ, චිම්පන්සියන්ට ලබා දෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ ජාන කේතයෙන් කොටසක් එකතු කිරීමය. එන්නතක් යනු කුමක්ද? එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය සූදානම් කිරීමයි. එන්නතක අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසකි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතකි. එය ශරීරගත කළ විට ආක්‍රමණිකයෙකු ඇතුළු වී ඇති බව සිරුර හඳුනා ගෙන ඊට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවේ. එම ක්‍රියාවලිය සිදු වීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්‍රමණිකයා පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් ය. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ ද සිරුරේ පවතී. එහිදී ඔබට සම්පූර්ණයෙන් ම රෝගය වැළඳීම වලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර එය විනාශ කර දැමීමට ඔබේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් ලැබෙනු ඇත.
සරසවි තුළ නවක වදය දීම් සිදු වේනම් තමන් ඊට සහමුලින්ම විරෝධය පළ කරන බව අන්තර්විශ්ව විද්‍යාල බල මණ්ඩලය පවසයි.
ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර එම ප්‍රකාශය කළේ නවක වද චෝදනා යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් දාහත් දෙනකුගේ පන්ති තහනම් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී. ‘නවක සිසුන් කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික පීඩාවකට ගොදුරු කරනු ලැබීමට අපි විරුද්ධයි. එවැනි දේවල් සිදු කෙරෙන ප්‍රවණතාවක් තිබේ නම් එය නතර කිරීමටත් අපි පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වුනා’ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි. පදනම් විරහිතයි පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍යය පීඨයේ සිසුන් කණ්ඩායමකට එරෙහිව එල්ල වෙන නවක වැඩ චෝදනා පිළිබඳව විමසීමක් කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ එම චෝදනා වලට පදනමක් නොමැති බවයි. ‘අපි එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මොකද? ඒ චෝදනා එකක් වත් ඔප්පු කරපු දේවල් නොවෙයි. මෙයින් මාස කීපයකට පෙර සිදු වූ දෙයකටයි ඔය පන්ති තහනම පනවල තිබෙන්නේ’ ලහිරු වීරසේකර පවසයි. එල්ල කෙරෙන චෝදනා කිසිදු නිශ්චිත පරීක්ෂණයකින් ඔප්පු කොට නැති බවයි ඔහු කියා සිටින්නේ. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් දාහත් දෙනා සම්බන්ධයෙන් සිදු කෙරුණ විභාගයක දී ඔවුන් වරදකරුවන් හැටියට තීන්දු වූයෙන් එම තහනම පැනවූ බවයි. පාලක ප්‍රතිචාරය ශිෂ්‍යයන් දාහත් දෙනාට එරෙහි චෝදනාව වන්නේ නවක ශිෂ්‍යාවකට අමානුෂික මට්ටමින් හිරිහැර සිදු කළ බවටයි. නවක වදයට ගොදුරු විනැයි පැවසෙන ශිෂ්‍යාව සරසවිය හැර යාම පිළිබඳව තමන් විපරම් කිරීමක් සිදු කළ බවත් එහෙත් එම ශිෂ්‍යාව සරසවිය හැර යාම සහ නවක වදය අතර සම්බන්ධයක් තමන්ට වාර්තා නොවූ බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසන්නේ. ඔබ පෙනී සිටින්නේ නවක වදයට ගොදුරු විනැයි පවසන ශිෂ්‍යාව වෙනුවෙන්ද නැත්නම් චුදිතයන් වෙනුවෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ ‘එවැනි නවක වදය දීමක් තහවුරු වී නොමැති අතර එවැන්නක් සිදු කර ඇත්නම් කිසිදාක වැරදිකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. කිසිදු ආකාරයක අමානුෂික නවක වදයක් ශ්‍රී ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක නොමැති බවත් ඔහු අවධාරණය කරයි. පසුගිය කාලයේ සිදු වූ දේවල් එකක් වත් ‘ඇත්ත නවක වදදීම්’ නොවන බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ. ඒ අතරම පාලකයන් වෙනත් කරුණු සඳහා නවක වදය යොදා ගනිමින් සිසුන් දඩයම් කරන බවත් ඔහු පවසයි. ශිෂ්‍ය දේශපාලනය අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය නවක වදයට එරෙහිව පෙනී නොසිටීම ගැන බීබීසිය ප්‍රශ්න කළ විට ලහිරු වීරසේකර එම අදහස් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ‘තමන් ඉතිහාසයේ එවැනි මැදිහත් වීම් සිදු කර’ඇති බවයි. එසේම නවක සිසුන්ට දැනුම ලබා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍යය පීඨයේ නවක වදයක් වීනම් ඒ ගැන තමන්ට තොරතුරු සපයන මෙන් ඉල්ලා සිටි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු එවැනි තොරතුරු ලබා දෙන අයට රැකවරණය සලසන බවට නිශ්චිත සහතිකයක් දෙන බවයි කියා සිටියේ.
කොවිඩ් 19 සහ අනෙකුත් රෝග වැළඳෙන පුද්ගලයන්ට මේ දිනවල දී විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවන අතර, රෝහල්ගත වූ විට පවා මුහුණ දීමට සිදුවන්නේ වෙනස් ක්‍රියාදාමයකටය.
කොවිඩ් 19 වැළඳුන සහ රෝග ලක්ෂණ තිබුණු පුද්ගලයන් කීපදෙනෙක් සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ. "මම කොළඹ ඇස් වාට්ටුවේ නතර වුණේ ඇහේ සැත්කමකට. හැබැයි සැත්කම ඉවර වෙලා මාව නතර කරපු වාට්ටුවේ කොරෝනා හැදුන අය හිටියා, දවස් දෙකක් යනකොට මටත් කොරෝනා හැදුණා," නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක පැවසීය. "කොරෝනා හැදුනට පස්සේ මාව වෙන වාට්ටුවකට මාරු කළා. හැබැයි මට දවසක් විතර ගෙවෙනකම් කෑම බීම ටිකවත් හරියට ලැබුණේ නැහැ.වැඩ කරන අයට වරද පටවන්නත් බැහැ. මොකද එතන අපි හැමෝම බලාගන්න තරමේ සේවක පිරිසක් හිටියේ නැහැ. සේවකයන්ටත් කොරෝනා හැදිලා. මම කලින් නැවතිලා හිටිය වාට්ටුවෙන් කොරෝනා වාට්ටුවට මාරු කළාට පස්සේ මගේ බෑග් එකයි බඩු ටිකයි ගෙන්න ගන්න දවසක් විතර ගත වුණා. හොඳ වෙලාවට මට අමාරු වුණේ නැහැ. හැබැයි රෝහල් පිරිලා හරිම කලබලකාරී තත්ත්වයක් ඇතුළේ තියෙන්නේ. ඉන්න සෞඛ්‍ය සේවකයොත් සෑහෙන වැඩ, හැබැයි ඒ අයත් ඉන්නේ බයෙන්," ඇය තවදුරටත් පැවසීය. මේ අතර කටාන ප්‍රදේශයේ වෙසෙන චාමි කුරේරා පැවසුවේ තමන්ට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට සතියක් ගත වුණු අතර, එහි ප්‍රතිඵල වාර්තාව ලැබෙනවිට තවත් සතියක් ගෙවී තිබුණ බවය. "මගේ රිපෝට් නෙගටිව්, හැබැයි සති දෙකක කාලයක් මම පුදුම බයකින් අන් අයගෙන් වෙන් වෙලා ජීවත් වුණේ. මගේ මානසික නිදහසට ඔක්කොටම වඩා බලපෑම් එල්ල වුණා මේ ප්‍රමාද වීමෙන්. ගෙදර ඉන්න වයසක දෙමාපියන් පුදුම බයකින් හිටියේ. මේ තරම් පුංචි රටක සිස්ටම් එක හරියට ක්‍රියාත්මක නොවෙන එක ගැනනම් ඇත්තේ කලකිරීමක්," ඇය තවදුරටත් පැවසුවාය. කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා පැනවූ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් තමන්ට කොවිඩ් 19 වැළඳුන බව බියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැවසීය. "මම මාස්ක් එක භාවිතකරන්න අකමැතියි. ඒක මහ කරදරයක් විදිහට තමයි මට දැනුනේ. ඉතින් මාස්ක් එක නැතිව එළියේ හැමතැනම ඇවිද්දා. වෙනත් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වත් පිළිපැද්දේ නැහැ. හැබැයි අවසානයේ කොරෝනා හැදිලා , හුස්ම ගන්න අපහසු වෙලා, ගිලන් රථයකින් තමයි මාව ගෙනිච්චේ. "යන්ත්‍ර ඇඟේ සවි කරගෙන ජීවිතයත්, මරණයත් අතර සටන් කරද්දී තමයි මේ ලෙඩේ බරපතලකම තේරුණේ. හැම කෙනාගෙන්ම මං දැන් ඉල්ලීමක් කරන්නේ, අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදලා හැකිතාක් ගෙදරට වෙලා ඉන්න කියලා," ඔහු තවදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: කොළඹට ආසන්න ප්‍රදේශයක දිවි ගෙවන දරුවන් දෙදෙනෙක් ද සිටින පවුලකට කොරෝනාවෛරසය වැළඳීමෙන් පසු විවිධ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව තිබිණි. "අපිට කොරෝනා පොසිටිව් වුණා. අපිව රට වටේ මධ්‍යස්ථාන තුනකට එක්කගෙන ගියා. ඒවායේ ඉඩ නැති නිසා මහ රෑ වෙනකොට කොළඹින් කිලෝමීටර සියයක් විතර එහා තියෙන මධ්‍යස්ථානයකට අපිව අරගෙන ගියා. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානය පුදුම විදිහට අපිරිසුදුයි. නියමිත කාලය ඉඳලා මධ්‍යස්ථානයෙන් අපිට ගෙදර යන්න පුළුවන් කිව්වෙත් රෑ නමයට විතර. පහුවදා කොළඹට පිටත් වෙන වාහන නැති නිසා රෑ එහෙන් පිටත් වෙන බස් එකේ ඕනනම් යන්න පුළුවන් කිව්වා. නමුත් ගෙනත් බස්සන්නෙ පිටකොටුවට විතරයි. දරුවොත් එක්ක පිටකොටුවේ ඉඳන් ආවේ කැබ් එකක. කැබ් එකට දහස් ගණනක් අමාරුවෙන් ගෙව්වා," ඔවුහු පැවසූහ. බුද්ධික ලංකාර තම අත්දැකීම් මෙසේ හෙළි කළේය.. "පොසිටිව් කියලා කිව්ව ගමන්ම මම ලෑස්ති වුණේ එක්කන් යන තැනකට යන්න. ඒත් පීසීආර් එකෙන් දවස් පහක් ගිහින් තමා මට කතා කළේ. පැය භාගෙකින් එනවා එක්කන් යන්න, ලෑස්ති වෙන්න කියලා පණිවිඩයක් ආවා. මම ඕනෙ කරන ඇදුම් ටිකක් බෑග් එකට දාගෙන ලැස්තිවෙලා හිටියා. ටිකකින් ගිලන් රථයක් එක්ක රෝස බස් එකක් ආවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, ආමි එකේ කෙනෙක් ඒවායේ හිටියා. මාත් ඒ බස් එකට නැග්ගා. වටේ පිටේ සමහරු නම් බලන් හිටියේ ත්‍රස්තවාදියෙක් අල්ලන් යනවා වගේ. මම මගේ පාඩුවේ වාඩිවෙලා හිටියා. බස් එකේ හිටියේ මාත් එක්ක පිරිමි දෙන්නයි. අනිත් අය ළමයි එක්කම හිටපු අම්මලා. මැසිවිලි, අඳෝනා, බැනුම් අහගෙනම මාත් හිටියා. අපිව එක්කගෙන ගියේ කොස්ගම සාලාවේ රෝහලට. අපි ගියාට පස්සෙ තව සෑහෙන පිරිසක් ගෙනාවා එතනට. මාව රෝහලේ වාට්ටුවකට ඇතුළු කළා. මම මගෙ බඩු ටිකත් අරන් ගිහින් පෙන්නපු ඇඳ හදාගෙන ඉතුරු දවස්ටික ගෙවන්න ලෑස්ති වුණා. යනකොට නම් පොඩි චකිතයක් තිබ්බා හිතේ. නමුත් ඒක ඇරිලා ගියා. එදා ඉඳන් දවස් පහක් මම හිටියේ කොස්ගම සාලාවේ රෝහලේ. එතන හිටියේ ඔක්කොම කොරෝනා රෝගීන්. වාට්ටුවලට දොස්තරවරු ආවේ නෑ හදිස්සිම දේකට ඇරෙන්න. රෑට උදේට නර්ස් කෙනෙක් ආවා ලෙඩ්ඩුන්ට ඕනෙ කරන සේලයින් එන්නත් දෙන්න විතරක්. ඒත් ඒ අය නිතරම අවධානයෙන් සොයා බැලුවා අපි ගැන. වාට්ටුවලට පත් කර තිබුණා ලීඩර් කෙනෙක්. ඒත් මේ ලෙඩ්ඩුන්ගෙන්ම තෝරගත්ත තරුණ අය දෙතුන් දෙනෙක්. ඒ අය තමා වාට්ටු පරිපාලනය කලේ. ලෙඩ්ඩුන්ගේ ප්‍රෙශර්, සීනි, රුධිරගත ඔක්සිජන් මට්ටම බලන එකේ ඉඳලා සමහර වෙලාවට ලෙඩ්ඩුන්ට ඔක්සිජන් දෙන එකත් අපි කළා. නිතරම දොස්තරලා එක්ක කතා කරළා තමයි මේ සියල්ල කළේ. කෑම එවනවා, තේ එවනවා, බිස්කට් එහෙම තිබුණා අපිට කන්න. උණුවතුර ගන්න හීටර්ස් දුන්නා. හැමෝටම ඇඳක් තිබුණා. බිම හිටියේ නෑ කිසි කෙනෙක්. ඒ යාන්ත්‍රණය රෝහලෙන්ම හදපු එකක්. ටීම් ලීඩර් තමා වාට්ටුවේ ගොඩාක් දේවල් බලන්නෙ. හැම වෙලාවෙම තව දෙන්නෙක්ව ට්‍රේන් කරගන්නවා ප්‍රෙශර් බලන්න, සීනි බලන්න. එතකොට එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් ඉන්නවා ඒක බලාගන්න. මුලින්ම ගේන අයව දැම්මෙ වාට්ටුවේ කොනේම ඇඳන්වලට. දවසෙන් දවස තමා එයාලව ඉස්සරහට ගන්නෙ. එතකොට වෙනස් විදියේ ලෙඩෙක් හිටියත් පරණ ලෙඩ්ඩුන්ට බෝ වෙන එක අඩු වෙනවා. වාට්ටු පිරිසිදු කරන ඒවාත් අපිම තමා කළෙත්. සේවකයෝ එන්නෙ නෑ. අපි ඉන්න තැන් අපිම අතුගෑවා, මොප් කලා, වතුර රත්කරලා හැමෝටම දුන්නා. බෙහෙත් පල්ලෙහායින් එව්වාම නම අඩගහලා දීලා පෙව්වා. හැම දවසකම උදේ ඉඳලා ලෙඩ්ඩු අරන් එනව රෝහලට. ඒ එන අය එළියේ ඉඳගෙන ඉන්නවා රෑ වෙනකන්. කන්න දෙනවා. අපි වතුර රත්කරලා උණු වතුර දුන්නා සෑහෙන්න, අපිත් ආවේ ඒ විදියටම නිසා. ඒත් අපේම මිනිස්සු. රෑ දහයට තමයි බස් පිටත් වෙන්නෙ පූනානි වලට. එතකන් ඉන්නවා ඔහේ ඉඳගෙන. අමාරුම වුණ ලෙඩ්ඩු දැක්කෙ නෑ මම. ඒත් යම් සංකූලතා තිබුණ අය හිටියා අපි එක්ක. හුස්ම ගැනීමේ අමාරුකම්, කෑම කන්න බැරි ගතිය තමා වැඩියෙන්ම තිබුණේ. පොඩි දරුවොත් ආවා. ඒ අයට නම් මේ ලෙඩේ ඒතරම් බලපෑමක් නෑ වගේ මට පෙනුණේ.. මේ අතර, අපි එක්ක හිටපු තරුණ පිරිසක් හොරෙන් බීලා අහු වුණා. ලොකු කාමරේක පාඩුවේ ඉන්න තිබුණ අවස්ථාව නැතිකරගෙන එදාම රෑ පූනානි යන්න වුණා ඒ කට්ටියටම. ඔබටත් කොරෝනා ආසාදිත වෙලා ඉස්පිරිතාලේ යන්න වුණොත් අඳින්න සැහැල්ලු කපු ඇදුම්, පිඟානක්, කෝප්පයක්, ජෝගුවක් ගෙනියන්න. අනිවාර්යෙන්ම උණු වතුර බෝතලයක් අරගෙන යන්න. සීනි ටිකක්, පොඩි හැන්දක්, අමතර පිඟානක්, බෙඩ්ශීට් දෙකක්, කොට්ට උරයක් හැකිනම් කොට්ටයක්, රබර් සෙරෙප්පු දෙකක්, සබන්, දත් බෙහෙත්, ඇතිවෙන්න මාස්ක්, සැනිටයිසර් බෝතල් වගේම පොඩි හීටරයක් ගෙනියන්න පුළුවන් නම් හොඳයි. උණු වතුර නිතරම ඕනෙ වෙනවා. කන්න අප්පිරියාවක් එන එක සාමාන්‍ය දෙයක්. ලෙඩෙක්ට කෑම යවනවා නම් පොඩ්ඩක් සැරට හදන්න. ඇඹුල් මොනවා හරිත් එකතුකරන්න. බත් එකක් යවනවා නම් තව අතිරේක කෑම පාර්සලයක් දෙකක් යවන්න." තවත් තොරතුරු:
පන්ති කාමරය තුළ සපත්තු වෙනුවට සෙරප්පු පැළඳීමෙන් දරුවන් වඩාත් හොඳ සමර්ථ ලබා ගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි.
ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී පාවහන් පැළඳීමට ඉඩ දී තිබේ ඒ පිළිබඳ අවධානය යොමු කළ එංගලන්තයේ ඩර්බිශයර් පළාතේ ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී සෙරප්පු පැළඳීමට ඉඩ දී තිබේ. සපත්තු පැළඳීමෙන් වැළකීම දරුවන්ගේ ඉගනීමට යහපත් බලපෑමක් එල්ලකරන බවට පවතින අදහස ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල ක්‍රියාවට නංවා ඇත්තේ අත්හදා බැලීමක් වශයෙනි. බෝන්මත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෙපල් පෙන්වා දෙන්නේ සපත්තු පැළඳ නොසිටින දරුවන්ගේ හැසිරීම වඩාත් හොඳ යැයි තමන්ට දැක ගැනීමට ලැබුණු බවය. සෙරප්පු පැළඳ සිසු සිසුවියන් වඩාත් සැහැල්ලුවෙන් පසුවන බව ෆින්ඩර්න් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය එමා ටිචනර් පවසන්නීය. මහාචාර්ය ස්ටීවන් හෙපල් වසර දහයක් පුරා රටවල් විසිපහක සිසුසිසුවියන් සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ පර්යේෂණ සිදු කොට ඇත. ස්කැන්ඩිනේවියානු රටවල සහ නවසීලන්තයේ පාසල් ඇතුළු සෙසු රටවල අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ යෙදෙන ක්‍රමවේදය ක්‍රියාවට නංවා තිබේ. සපත්තු නොමැතිව ඉගනීමේ කටයුතුවල යෙදෙන බැංකොක් දරුවන් සිසු සිසුවියන්ගේ ඉගෙනීමේ හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ අදහස ක්‍රියාවට නැංවූ බව කී විදුහල්පතිනිය එමා ටිචනර්, පාසල් නිල ඇඳුමේ අංගයක් වශයෙන් සපත්තු පැළඳ සිටීම අනිවාර්ය නොවන බව සඳහන් කරන්නීය. එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටි වෙස්ට් තෝන්ටන් ප්‍රාථමික විදුහල තුළ සෙරප්පු පමණක් පැළඳ සිටිය හැකි කලාප වෙන් කොට තිබේ. සෙරප්පු පැළඳ සිටීම දරුවන්ට වඩාත් පහසු බව කී එම පාසලේ ගුරුවරියකවන අයිලා අර්ලි, ඒහේතුවෙන් දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ ගිය බව සඳහන් කළාය. "නිසැකයෙන් ම දරුවන්ගේ හැසිරීමේ වෙනසක් දැක ගත හැකියි" ඇය වැඩිදුරටත් කියා සිටියාය.
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ගොවි ජනපද රැසක ජනතාව දැඩි නියඟයකට මුහුණ දී සිටිති.
සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව නීලබැම්ම ගොවි ව්‍යාපාරය සහ ඒ අවට ගොවි ජනපදවල වෙසෙන ජනතාව පවසති. දොඩම් වගාවට අවශ්‍ය ජලය නොමැතිකම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ පනහක පමණ පාඩුවක් සිදු වූ බව එක් ගොවියෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. වසර පහළොවකට පමණ පසු පළමු වතාවට මෙවැනි නියං තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව තවත් ගොවියෙක් සඳහන් කළේය. පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු ගොවිතැන මෙන්ම හේන් ගොවිතැන ද නියඟය හේතුවෙන් සැලකිය යුතු විනාශයකට ලක් වී ඇති බව ගොවීහු පෙන්වා දෙති. නියං තත්වය කුඹුරු ගොවිතැනට බලපා නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළත් හලාවත පොන්නන්කන්නිය ප්‍රදේශයේ ගොවියෙකු වන අනුර චන්ද්‍රසේකර පවසන්නේ තම කුඹුර ඇතුළු අක්කර සියයක පමණ වෙල් යායක් ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වී ඇති බවය. "සමහරක් තැන්වල වතුර තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ බලධාරීන් විසින් ක්‍රමවත් ජල සම්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වගේ කුඹුරු යායවල් බොල් තත්වයට පත් වෙලා ගොවියන්ට ලාභයක් ලබා ගත නොහැකි තත්වයකට පත් වී තිබෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. හෙක්ටයාර පන්දහසක් මේ අතර නියං අවදානම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම්වලින් තුනෙන් දෙකක් මෙවර අස්වද්දා නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද පැවසීය. "හෙක්ටයාර පන්දහසක් පමණ තමයි වගා කරලා තිබෙන්නේ. තාම වගා විනාශයක් වෙලා නැහැ. කරපු වගාව ඒ විදිහටම තිබෙනවා. අස්වැන්න දක්වා ඒ වගාව සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ." ඔහු කියා සිටියේය. කරුවලගස්වැව, ආනමඩුව, වැනි කොට්ඨාශවල හේන් ගොවිතැනට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් පීඑම් රංජිත්ට හෝමාගම අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව පවරා තිබෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා විසින් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සම් විභාගයට සම්බන්ධවයි, අධිකරණය එම නියෝගය කළේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සඳහන් කොට තිබුනේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙන බවයි. 'දෙවියන් වහන්සේ පමණයි' අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලේකම්වරයා අධිකරණයට කැඳවා ප්‍රශ්න කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය, ලබන මස 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළේය. ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටී. ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන විසින් ඔහු ප්‍රංශයේදී තමාට හඳුන්වා දුන් බව පාලක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේය. එහෙත් අරුන්දික මන්ත්‍රීවරයා තමාට කිසි දිනක ප්‍රංශයේදී මුණ නොගැසුණු බව ඒ පිළිබඳව කළ විමසීමකදී මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට පැවසීය. එක්නැලිගොඩ මාධ්‍යවේදියා විදේශයක දේශපාලන රැකවරණ ලබා සිටින බවට තොරතුරු ඇතැයි, එවකට කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක පදවිය හෙබවූ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්, ඊට ඉහතදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කැඳවා විමසීමක් කළ විටය මොහාන් පීරිස් කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි.
මිහිතලය රත්වීම නිසා ඇති වන ගෝලීය කාලගුණික විපර්යාස ශ්‍රී ලංකාවට ද බලපා ඇති බව පැරණි දත්ත සංසන්දනය කිරීමෙන් පෙනී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'ගෝලීය කාලගුණික විපර්යාස ශ්‍රී ලංකාවට ද බලපා තිබෙන බව පැහැදිලි වෙනවා' "1860 ගණන් වල ඉඳන් ලබා ගත් කාලගුණික දත්ත අප සතුව පවතිනවා," කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල බීබීසී සංදේශයට පැවසීය. "එම දත්ත විශ්ලේෂණය කළ විට අපට පැහැදිලිව පෙනී යන දෙයක් තමයි ආන්තීය කාලගුණික විපර්යාස මෑතක සිට ලංකාවේ වැඩි වී ඇති බව. ඒ කියන්නේ වැසි කාලේදී තීව්‍ර වැසි සහ පායන කාලේදී නියං තත්වය." මේ හේතුව නිසා ආන්තීය කාලගුණ විපර්යාස ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවයි. නාය යෑම් දිගටම? "ආන්තීය කාලගුණික විපර්යාස කියන්නේ වර්ෂාව පැත්තෙන් ගත්තොත් ගංවතුර ඇතිවන තුරු නොකඩවා පවතින මහ වැසි තත්වය. පෑවිල්ල පැත්තෙන් ගත්තොත් නියං ඇතිවන තත්වය දක්වා පැවතීම," ඔහු පැහැදිලි කළේය. කෙසේ නමුත් දැනට පවතින ධාරානිපාත වැසි අඩු වී ගියත් නාය යෑම් සිදුවීමට ඇති ඉඩ කඩ පහව නොයන බව ඔහු අවධාරණය කළේය. "දැන් වර්ෂාපතනය ලැබිල පොළව හොඳට තෙත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී සුළු වැස්සක් වැටුනත් නාය යාමේ අවදානම මතු වෙනවා. ඒ නිසා ඊට විසඳුම් සෙවීමට සිදු වේවි," කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් 'පැහැරගැනීම සහ අත් අඩංගුවට ගැනීම' යළි ආරම්භ කරනු ලැබ ඇති බවට මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා ඉන්දීය අගමැතිවරයාට පැමිණිලි කොට තිබේ.
'පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව කම්පනයට පත්වී සිටිති' දින හතලිස් පහක් මුලුල්ලේ තහනම් කරනු ලැබ තිබුන ධීවර කර්මාන්තයේ යෙදීම ඉරිදා යලි ආරම්භ කරනු ලැබූ අවස්ථාවේදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් තිස්තුන් දෙනකු සහ ඔවුන්ගේ බෝට්ටු හතක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කෝපය පළ කරමිනුයි, මහ ඇමතිවරිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ලිපිය යොමු කොට තිබෙන්නේ. "පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් මෙසේ යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව මහත් කම්පනයට පත්වී සිටින," බවද ලිපියේ සඳහන්. 'ඓතිහාසික අයිතියක්' පෝක් සමුද්‍ර සන්ධියේ සිය ජීවිකාවේ නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට ඓතිහාසික අයිතියක් තිබෙන බව පවසන මහ ඇමතිනී ජයලලිතා, ශ්‍රී ලංකා බලධාරීන් එම අයිතියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමණය කළ බවට අගමැති මන්මෝහන් සිංගේ පරිපාලනයට චෝදනා කරයි. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යලිත් වරක් තමිල්නාඩු ධීවරයන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් පළ කරන මෙන් මහ ඇමතිවරිය අගමැති මෝදිගෙන් ඉල්ලීමක් කරයි. තමිල්නාඩු ධීවරයන්ගේ මෙම 'ඉතා සංවේදී ප්‍රශ්නය' විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමට ඉන්දියාවේ අලුත් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි යන්න තමිල්නාඩු වැසියන්ගේ බලාපොරොත්තුව බවත් ලිපියේ සඳහන්. එමෙන්ම ඉරිදා අත් අඩංගුවට ගැනුණු ධීවරයන් ඉතා ඉක්මනින්ම නිදහස් කරගැනීමට මැදිහත් වන මෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද මහ ඇමතිවරිය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි. '29 දෙනෙක් පමණයි' එහෙත් තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී අත් අඩංගුවට ගනු ලැබුවේ ඉන්දීය ධාවරයන් 29 දෙනකු සහ යාත්‍රා හයක් පමණක් බවයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ. එසේ අත් අඩංගුවට ගනු ලැබුන ඕනෑම ධීවරයකු පිළිබඳව පරීක්ෂා කිරීම ධීවර අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබෙන ධීවර පරීක්ෂකයන්ගේ කාර්යයක් බවද කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට ලක්වී ඇති ඉන්දීය ධීවරයන් සිවු දෙනකු රැගත් තවත් බෝට්ටුවක්ද නාවික හමුදාව විසින් මන්නාරමට ගෙනවිත් තිබෙන බව වාර්තා වී ඇති බවයි, වවුනියාවේ සිට දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයක් වෙන ICG ආයතනය වාර්තාවක් නිකුත් කරමින්, මැතිවරණ දිනයේ මෙන්ම ඉන් පසුවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වලකින මෙන් ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇලන් කීනන් ජාත්‍යන්තර අර්බුද අධීක්ෂණය කරන ICG ආයතනයේ නව වාර්තාවක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය අවිනිශ්චිත වීමත් සමඟ ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමේ අනතුරක් පවතින බවයි. ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මෙන්ම ඉහත කී වාර්තාවේ කර්තෘවරයා වන ඇලන් කීනන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල මට්ටමින් පැතිර යාම පිළිබඳව සිය සංවිධානයේ කනස්සල්ල පළ කළේය. ගැටුම්කාරී බල හුවමාරුවක් ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළොත් විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දා ගොස් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන පුද්ගලයන්ට හිරිහැර සිදු කෙරෙනු ඇති බවට මැසිවිලි තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජය ගත්තත් ආණ්ඩුව විපක්ෂයට සාමකාමීව බලය භාර දෙනු ලැබේද? යන ප්‍රශ්නයත් පවතිනවා’ ඇලන් කීනන් පවසයි. විපක්ෂයේ ආධාර කරුවකුට ප්‍රහාරයක් විපක්‍ෂයේ ජයග්‍රහණය හමුවේ ජනාධිපතිවරයා බලය දිගටම තමන් අතේ තබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරනු ඇද්දැයි සැකයක් මතුව ඇති බවත් ICG ආයතනය පෙන්වා දෙයි. ‘රාජපක්ෂ, විපක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉදිරියේත් බලය තමන් අතේ ම තියා ගැනීම සඳහා ජනාධිපතිවරණය අවලංගු කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට පියවර ගනීවිද ? එහෙමත් නැත්නම් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිවෙතකට යාවිද කියන ප්‍රශ්නය තියෙනවා’ ICG ආයතනයේ ශ්‍රී ලංකාව භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඇලන් කීනන් සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි ඉහත කී බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මෙන් ම විදේශීය ආණ්ඩු වල අවධානය යොමු විය යුතු අතර උද්ගත විය හැකි අනතුර අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි ඇලන් කීනන් පවසන්නේ. ‘අපි දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ඉතාම සුපරීක්ෂාකාරී මැතිවරණ නිරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර ආණ්ඩු සහ සංවිධානවල අවධානය සහිත. ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොවෙයි, මැතිවරණ වංචා, ප්‍රෝඩා ආදිය ගැනත් අවධානය යොමු වීම අවශ්‍යයි’ ඇලන් කීනන් කියා සිටියි. ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව මෙන්ම ඡන්ද ගණන් කරන තැන් ගැනත් දැඩි අවධානයක් යොමු වීම අවශ්‍ය බවයි ඔහු පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ව ගනු ලබන පශ්චාත් ජනාධිපතිවරණ ක්‍රියා මාර්ග මගින් අත් විය හැකි නරක ප්‍රතිවිපාක ගැන රාජපක්ෂ පාලනයට පණිවුඩයක් දෙන ලෙස’ ICG ආයතනය ශ්‍රී ලංකාවට බලපෑමක් සහිත ඉන්දියාව ,ජපානය සහ චීනයෙන් මෙන් ම රාජපක්ෂ පාලනය දෝෂ දර්ශනයට ලක් කරන බටහිර රටවලිනුත් ඉල්ලා සිටියි.
ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් බව ජාතික හෙළ උරුමය පවසයි.
අමාත්‍ය චම්පික රණවක. විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් ම අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බවට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට මතු වූ අදහස් ඒ හේතුවෙන් තවදුරටත් වලංගු නොවන බවයි අද, සඳුදා කොළඹ පැවැත්වුන ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේ. විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ ඉරිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ජාතික හෙළ උරුමයේ සහයෝගය ලැබෙන බව කියා සිටි චම්පික රණවක අමාත්‍යවරයා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින 100 වැඩ පිළිවෙළේ සඳහන් පරිදි විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා කිරීමක් පමණක් සිදු කෙරෙන බවයි පවසන්නේ. ‘දින සීයට’ අනුව ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවක් කොතැනකවත් කියල නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය දුන් සියළු පක්ෂ එකඟ වූ වැඩපිළිවෙළ මගින් කියන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා කරනවා කියලයි’ චම්පික රණවක ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. පසුගිය දොළොස්වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරෝධය පළකළේ එහි සඳහන් වූ කරුණු දෙකක් නිසා බව සඳහන් කළ අමාත්‍යවරයා එම කාරණා නව සංශෝධනයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි කියා සිටියේ. ජනාධිපතිවරණ සමයේ හෙළ උරුමය නායකයන්. ‘රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුනත් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කියලයි අළුත් සංශෝධනයට ඇතුළත්ව තිබුණේ. අපි ඊට විරුද්ධ වුනා. ඒ අනුව එම යෝජනා නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන්නේ නැහැ’ කැබිනට් මණ්ඩලය තුළ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ඇමතිවරයා පවසයි. ඊට අමතරව 'අගමැති උපදෙස් මත ජනාධිපතිවරයා විධායකය හැසිරවිය යුතු බව' පැවසෙන ව්‍යවස්ථා සංශෝධනයත් ඉවත් කෙරුණ බවයි, චම්පික රණවක අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ.
මතභේදයට තුඩු දී ඇති එම තීන්දුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ. ඊශ්‍රායලය විසින් අදාළ වෙනස්කම් පිළිගනු ලැබ ඇති නමුත් එම වෙනස්කම් මගින් මැදපෙරදිග සාම ක්‍රියාදාමය කඩාකප්පල් වනු ඇති බවට පලස්තීන සහ අරාබි රටවල නායකයෝ අනතුරු අඟවති. නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීනය විසින් සලකනු ලැබූ අතර ඊශ්‍රායලය විසින් ද ජෙරුසලම සිය අගනගරය ලෙස සලකන ලදී. 1948 වසරේ ඊශ්‍රායලය ස්ථාපනය වූවායින් පසු ජෙරුසලම එරට අගනුවර වශයෙන් පිළිගන්නා ප්‍රධාන රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්වනු ඇත. ජෙරුසලමේ අයිතිය සම්බන්ධ විවාදය කුමක්ද? අදාළ මතභේදය අරාබි සහ මුස්ලිම් රටවල සහාය ලබන පලස්තීනය සහ, ඊශ්‍රායලය අතර ගැටුමේ මූලික කරුණු අතරින් එකකි. ජෙරුසලමෙහි නැගෙනහිර කොටස, යුදෙව්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඉතා වැදගත් පූජනීය ස්ථාන පිහිටි ප්‍රදේශයකි. 1967දී සිදුවූ මැදපෙරදිග යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය ජෝර්දානයෙන් කොටසක් අත්පත් කරගැනීමෙන් අනතුරුව, එය ඔවුන්ගේ නොබෙදිය හැකි අගනගරය ලෙස සලකන ලදී. 1993 ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුමට අනුව, ඒ පිළිබඳ සාකච්ඡාව පසුවට කල් දමා තිබිණි. කෙසේවුවද, ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යාන්තරය නොපිළිගත් අතර, තම තානාපති කාර්යාල ටෙල් අවිව් නගරයේ පවත්වාගෙන ගියේය. නැගෙනහිර ජෙරුසලමේ වාසය කරන දෙලක්ෂයක් පමණවන යුදෙව් ජාතිකයන්ට 1967 සිට ඊශ්‍රායලය විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළේය. අන්තර්ජාතික නීතියට අනුව මෙම තත්ත්වයන් නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය ඊට එකඟ නොවීය. ඇමරිකාවේ යෝජනාව කුමක්ද? ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීම ඇමරිකානු රජය "යථාර්තය පිළිගැනීමක්" බව ට්‍රම්ප් පාලනයේ නිලධාරියෙක් පැවසුවේය. කෙසේවුවද, නගරයේ නිශ්චිත මායිම් සම්බන්ධයෙන් අවසන් එකඟත්වයකට පැමිණියයුතුව ඇතැයි නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව පූජනීය ස්ථානවල තත්ත්වය නොවෙනස්ව පවතිනු ඇත. තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනයාමට කටයුතු කරන ලෙස ඇමරිකානු ජනපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස්දී ඇත. නමුත් ආරක්ෂක සැලසුම් හා ඉදිකිරීම් හේතුවෙන් ඒ සඳහා වසර කිහිපයක් ගතවනු ඇත. සබැඳි යොමු:
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කාල සටහන. (ග්‍රිනිච් වේලාව සහ බංග්ලාදේශ වේලාව අතර පැය හයක වෙනසක් පවතී)
මාර්තු 16: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය: තරඟය ඇරඹුණේ ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 9:30 ට. බංග්ලාදේශය කඩුලු නමයකින් තරඟය ජය ගත්තේය. එම කාණ්ඩයේම හොංකොං හා නේපාලය අතර තරඟය ග්‍රිනිච් වේලාවෙන් සවස 1.30 ට චිතගොං හිදී. නේපාලය ලකුණු 80 කින් තරඟයේ ජයග්‍රහණය අත් කර ගත්තේය. මාර්තු 17: "බී" කාණ්ඩයේ තරඟ අරඹමින් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරඟය උදෑසන 9.30 ට: නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදියි. මාර්තු 18: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින ඇෆ්ගනිස්තාන සහ හොංකොං කණ්ඩායම් උදැසන 9.30ටත් බංගලාදේශ සහ නේපාල කන්ඩායම් හවස 1.30ටත් එකිනෙකා හමුවන්නේ චිතගොං හිදී. මාර්තු 19: නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ උදේ 9.30ට: අයර්ලන්තය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. "බී" කාණ්ඩයේ තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදි. මාර්තු 20: උදෑසන 9.30 ට නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟය: සවස 1.30 බංගලාදේශය සහ හොංකොං අතර තරඟය. තරඟ දෙකම චිතගොන් හිදි පැවැත් වෙනු ඇති. මාර්තු 21: දවසේ පලමු තරගය උදෑසන 5.30ට සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර සිලේට් හිදී. දවසේ දෙවන තරගයද සිලෙට් හිදිම පැවැත්වීමට නියමිත අතර ඒ සවස 1.30 හමුවන අයර්ලන්ත හා නෙදර්ලන්ත කන්ඩායම් දෙක අතරයි: ඉන්දීය සහ පාකිස්ථානු තරඟය මීර්පුර් හිදී සවස 1.30ට. මාර්තු 22: පළමු තරගය උදේ 9.30ට දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා කණ්‌ඩායම් අතර චිතගොං හි දී: එහිදීම සවස 1.30 ට එංගලන්තය හා නවසීලන්තය අතර තරඟය. ඉදිරි තරඟ විස්තර ඉක්මනින්ම ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී තම පාරම්පරික අයිතිවාසිකම් සහතික කරන මෙන් නැගෙනහිර පළාතේ ආදිවාසී ජනතාව ඉල්ලා සිටිති.
නැගෙනහිර පළාතේ ආදිවාසී ජනතාව විසින් එම ඉල්ලීම කරන ලද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසනු ලබන කමිටුව වෙතයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව දෙවන දිනයටත් අද (24) ත්‍රිකුණාමලයේ දී රැස් විය. එම කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් නැගෙනහිර පළාතේ ආදිවාසීන් කණ්ඩායමක් කියා සිටියේ වනාන්තරය තුළ තමන්ට ජීවත් වීමට ඇති අයිතිය සහතික කළ යුතු බවයි. නැගෙනහිර පළාතේ ආදිවාසීන් වෙනුවෙන් කරුණු දැක්වූ වීරන් පාක්‍යරාජා වන සම්පත් සුරකිමින් ජීවත් වීමේ සැලැස්මක් අවශ්‍ය කරන අතර වනාන්තර විනාශය සමග සිදු කරන නීති විරෝධී පදිංචි කිරීම් නතර කළ යුතු බවයි කියා සිටියේ. පට්ටාන් කත්ති දඩයම් කිරීමේ අයිතිය තහවුරු කරමින් ඒවා ගබඩා කිරීමේ අයිතියත් එසේම ගොවිතැන, කෘෂිකර්මය සහ සතුන් ඇති කිරීමේ අයිතියත් තහවුරු කල යුතු බව වීරන් පාක්‍යරාජා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවට කියා සිටියි. ‘නැගෙනහිර ආදිවාසීන්ට වෙනම භාෂාවක් ඇතත් දැන් බොහෝ අය කථා කරන්නේ දෙමළ භාෂාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු ජාතික ආදිවාසීන් වශයෙන් අපේ සමාජය වෙනම හඳුනා ගත යුතුයි’ පාක්‍යරාජා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් යෝජනා කරන්නේ 1970 න් අනතුරුව අහෝසි කෙරුණ ‘පට්ටාන් කත්ති’ නම් ගැමි නායක තනතුර යළිත් හඳුන්වා දිය යුතු බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේත් අනතුරුව 1950 න් පසුවත් බල පැවැත්වුන ‘පට්ටාන් කත්ති’ ගැමි නායක තනතුරට වැටුපක් පවා ගෙවන ලද බවයි වීරන් පාක්‍යරාජා පවසන්නේ. එසේම විශේෂ අධ්‍යාපන පහසුකම්,රැකියා අවස්ථා ද නීති ගත කර තහවුරු කළ යුතු බවත් නැගෙනහිර ආදිවාසී නායකයා යෝජනා කරයි.
උතුරු කොරියාව, දකුණු කොරියාව සමග ඇතිකරගෙන තිබු ඍජු සන්නිවේදන සම්බන්දතාවක් නතර කරයි.
දෙරට ඒකාබද්ධව පවත්වා ගෙන යන කර්මාන්ත සංකීර්ණයක් මෙම සන්නිවේදන මාර්ගය හරහා සම්බන්ධ කොට තිබිණ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් වෙන දේශ සීමාවේ යුද මුක්ත කලාපයේ මෙම කර්මාන්ත සංකීර්ණය පිහිටා තිබේ. පැසිෆික් කලාපයේ ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය වුවහොත් එසේ කිරීමට හැකිවෙන අයුරින් දුර විහිදුම් මිසයිල ප්‍රහාරක සුදානම් කරන බව උතුරු කොරියාව ඊයේ නිවේදනය කෙරිණ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියේ උතුරු කොරියාව ආරක්ෂක අවදානමක් ඇතිකොට අනෙක් පාර්ශවයන් අසීරු තත්වන්ට පත් කිරීම පුරුද්දක් කරගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන මාක් රාම්ප්‍රකාශ් ඉදිරිපත්ව සිටියි.
බීබීසී සිංහල සේවය මේ පිළිබඳව විමසු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ, "එවැනි ප්‍රොසෙස් එකක් කරගෙන යනවා. තවම අවසාන තීරණයක් අරගෙන නැහැ," යනුවෙනි. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටී. එම කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම රුමේෂ් රත්නායක යටතේ පසුගිය දා පාකිස්තානයේ සංචාරය කළ අතර එම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට ඔවුහු සමත් වූහ. නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස රාම්ප්‍රකාශ් ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වුවහොත් ඔහු එළඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා එක් කර ගැනීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙයි කවුද මේ රාම්ප්‍රකාශ්? 50 වන වියේ පසුවන මාක් රාම්ප්‍රකාශ් එංගලන්තයේ බිහි වූ දක්ෂ පිතිකරුවෙක් ලෙස සැලකේ. ඔහු, එංගලන්ත ප්‍රාන්ත තරගවලදී ඉහළ දස්කම් පෑව ද ජාත්‍යන්තර පිටියේ ඒ ආකාරයට දස්කම් පෑමට අපොහොසත් වුණි. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කදී ඔහු ලකුණු 2350ක් රැස් කර ඇති අතර ඊට ශතක දෙකක් ඇතුළත්ය. නමුත් ප්‍රථම පෙළ තරග 461කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 35,659කි. ඊට ශතක 114 අයත් ය. රාම්ප්‍රකාශ් මේ වසරේ මාර්තු මාසය තෙක් වසර 5ක කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළේය. නව තනතුරු කිහිපයක්: ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ හිටපු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනත් තනතුරු කිහිපයක් සඳහා එක්වීමට නියමිතය. "සමහර අංශ සඳහා කෙටි කාලීන ව පුහුණුකරුවන් සහ උපදේශකයින් අපේ සිස්ටම් එකට ගේනවා නමුත් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අපි බලන්නේ දීර්ඝකාලීන පත් කිරීමක්," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා තවදුරටත් පැවසීය. ඒ අනුව වේගපන්දු උපදේශක ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට් ලී ද පන්දු රැකීමේ උපදේශක ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ගේ සහය ලබාගැනීමට ද සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා විණි. පසුගියදා පාකිස්තානය සමග පැවති 20/20 තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජය ලැබීය එංගලන්තයේ පැවති 2019 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියා කළේය. පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළ ජෝන් ලුවිස් සහ පන්දු රකින පුහුණුකරු ලෙස සේවය කළ ස්ටීව් රික්සන් ද ඒ අතර විය. වසර 10ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව ද නැවත දීර්ඝ කර නොමැත. දඟ පන්දු පුහුණු කටයුතු සඳහා උපදේශකයෙක් ලෙස සේවය ලබාගැනීම සඳහා හිටපු පාකිස්තාන ක්‍රීඩකයෙකු සමග ද සාකච්ඡා කෙරෙන බවට වාර්තා වේ. හතුරුසිංහ ඉවත් කිරීම: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය පසුගිය අගෝස්තු මාසයේ අත්හිටවූ අතර ඔහු ඊට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ. හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබු ගිවිසුම ප්‍රකාරව ඔහු 2020 අවසානය තෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණි. ඔහු 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්විණි. ඒ එවකට එම තනතුර දැරූ ග්‍රැහැම් ෆෝර්ඩ් ඒවත් කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහට ගෙවන "විශාල මුදලට" සාපේක්ෂව ප්‍රතිඵල දීමට නොහැකිව ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිතර පැවසීය. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වරක් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ හතුරුසිංහගේ මාසික වේතනය ඇමෙරිකානු ඩොලර් 40,000ක් බවය. 2018 ජනවාරි සිට 2019 ජුලි අවසානය දක්වා අතර කාලය තුළ දී, ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 16ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග 6ක් ජයගෙන 7ක් පරාජයට පත්විය. තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන් විය. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 39 කින් ජයගත්තේ 14ක් පමණි. තරග 24ක් පරාජය විණි. කලක් විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ ධූර කාලයේදී තරග 12කින් ජයගෙන ඇත්තේ 4ක් පමණි. ඉන්පසු පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රුමේෂ් රත්නායක ය. මේ තොරතුරුත් කියවන්න:
බ්‍රිතාන්‍යයේ කිරීටය දැරීමට බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයෙකු තුළ කැමැත්තක් නැතැයි හැරී කුමරු පවසයි.
ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්වන Newsweek සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ එළිසබෙත් රැජිනගේ මුණුපුරා, නිසි මොහොත එළැඹුණු විට සිය රාජකාරිය ඉටුකිරීමට රජ පවුලේ සියලු දෙනා සූදානම් බවත් සඳහන් කළේය. "රජතුමා හරි රැජින හරි වෙන්න කැමති එක්කෙනෙක් හරි රජ පවුලේ ඉන්නවද? මම හිතන්නේ නෑ," ඔහු පැවසීය. රජ පවුලේ සාමාජිකයන් සිය වගකීම් ඉටුකරන්නේ ජනතාවගේ යහපත උදෙසා බවත් හැරී කුමරු සඳහන් කළේය. ඩයනා කුමරිය 1997 සැප්තැම්බරයේ පැරිස් නුවරදී සිදු වූ හදිසි අනතුරකින් සිය මව, ඩයනා කුමරිය, මිය ගිය අවස්ථාවේ තමන්ටත් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු පවසන්නේ එසේ කරන මෙන් කිසිදු දරුවෙකුගෙන් ඉල්ලා නොසිටිය යුතු බවය. හැරී කුමරු එවකට 12 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ වැඩිමහල් සොහොයුරු විලියම් කුමරු 15 හැවිරිදි වියේ පසුවිය. සිය මවගේ මරණයෙන් අනතුරුව තමන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදු වූ බව හැරී කුමරු මෑතදී පළමුවරට හෙළිදරවු කළේය. ලන්ඩන් නුවර මධ්‍යයේ ගමන් ගත් අවමංගල්‍ය පෙරහැර පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු: "මගේ අම්ම නැතිවුනා විතරයි. පාර පුරා දහස් ගාණක් මිනිස්සු බලාගෙන ඉඳිද්දී, ඒ වගේම ලෝකේ පුර දස ලක්ෂ ගාණක් රූපවාහිනියෙන් බලාගෙන ඉඳිද්දී මට අම්මගේ මළ සිරුර පිටිපස්සෙන් ඇවිදින්න සිද්ද වුනා," යනුවෙන් ද සඳහන් කළේය. "මොන තත්වයක් යටතේ වුනත් එහෙම කරන්න කියල කිසිම දරුවෙකුට කිව යුතුයි කියල මම හිතන්නේ නෑ. ඒ වගේ දෙයක් අද දවසේ සිද්දවේවි කියල මම හිතන්නෙත් නෑ." 'රජ වුනත් කඩේ යනවා' කෙසේ නමුත් නිව්ස්වීක් සඟරාව සමග පැවැත්වූ දීර්ඝ සංවාදයේදී හැරී කුමරු සිය පියාවන ඔටුන්න හිමි චාල්ස් කුමරු පිළිබඳව කිසිදු සඳහනක් කර නැති බව රාජකීය කටයුතු සම්බන්ධ බීබීසී වාර්තාකරු පීටර් හන්ට් පෙන්වාදෙයි. වැඩිදුරටත් අදහස් දක්වන හැරී කුමරු පවසන්නේ තමන් කලක් මුළුල්ලේම බ්‍රිතාන්‍යයේ රජ පවුල "නවීකරණය කිරීමේ" ක්‍රියාවලියක නිරතව සිටින බවය. කෙසේ වෙතත් රජ පවුල හා බැඳී පවතින "ගුප්තභාවය" සහ ආකර්ෂණය දිය කර හැරීමට රජ පවුලේ සාමාජිකයන් හෝ ජනතාව තුළ මනාපයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි. සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකිරීම පිළිබඳව එවකට වේල්සයේ කුමරිය වූ ඩයනා කුමරිය තමන්ට පෙන්වාදුන් බව පවසන ඔහු, උදාහරණයක් ලෙසින් චාල්ස් කුමරුගෙන් අනතුරුව ඔටුන්න හිමි විලියම් කුමරු කෙතරම් සාමාන්‍ය දිවිපෙවෙතක් ගතකරන්නේ දැයි බොහෝ දෙනා පුදුමයට පත්වනු ඇති බවත් පවසයි. "මම රජ වුනත්, මට අවශ්‍ය දේවල් ගන්න මම තනියම කඩේ යනවා."
නවී පිල්ලේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් කළ නිර්දේශය ක්‍රියාවේ යොදවන ලෙස මානව හිමිකම් සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා පිළිබඳව 'ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි' සන්නද්ධ ගැටුම නිමා වී පස් වසරක් ගත වීත් යුද පීඩිතයන්ට හා නෑ සියන් ට යුක්තිය ඉටු නො වීම 'අතිශයින් ලජ්ජා සහගත' කටයුත්තක් ලෙසයි ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් හඳුන්වන ලද්දේ. මහ කොමසාරිස් වරියගේ නවතම වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ සම්බන්ධයෙන් පැවැත්විය යුතු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන 'තියුණු සහ අත්‍යවශ්‍ය සිහි කැඳවීමක්,' බව ඇම්නස්ටියේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පැවසුවාය. රටේ අධිකරණ පද්ධතිය කෙරේ විශ්වාසය ගිලිහී ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව මතු වී තිබෙන බවයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ. සාමාන්‍ය නඩු විභාගයක් සම්බන්ධයෙන් පවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියත්, අධිකරණ ක්‍රමයත් සාධාරණ ආකාරයෙන් කටයුතු කරන බවක් පෙනී නො යන බව පවසන කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු, බීබීසී සංදේශයට කියා සිටියේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රට තුල කිසිදු යුක්ති සහගත ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නො හැකි බවයි. අදාළ චෝදනා පිළිබඳ ව පස් වසරක් තිස්සේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින මහ කොමසාරිස්වරිය, ඊට හේතු සාධක දක්වා නැති බවයි, ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ඔහු විසින් හඳුන්වනු ලැබුයේ 'වෙනත් අයගේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට රට විවෘත කිරීමක්' ලෙසින්. මහ කොමසාරිස් වරියගේ නිර්දේශය අනුමත කිරීමට මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක් සුදානමින් සිටින බවයි අධිනීතිඥ බැසිල් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවා දුන් බවට තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැතැයි ඉන්දීය පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඉන්දීය පුවත්පත් වාර්තා 'ඉන්දීය පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කළා' සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු අයිපීඑල් තරඟයක් පාවා දුන් බව ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කටඋත්තරයක සඳහන් වන්නේ යයි ඉන්දීය පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනුයි, ශ්‍රී ලංකා පාලක මණ්ඩලය ඒ බව සඳහන් කරන්නේ. තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කෝටි හයකට පාවා දුන්නේ යයි කටඋත්තරයේ සඳහන් වන බව ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත සඳහන් කළේය. ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගය හා සම්බන්ධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ඉන්දීය පාලක මණ්ඩලයේ දූෂණ-විරෝධී ඒකකය තිසර පෙරේරාට එරෙහි චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ.
දක්ෂිණ ධ‍්‍රැවයට හැරෙන්නට සෑම මහද්වීපයකටම කොරෝනාවෛරසය ව්‍යාප්ත වී හමාරය. වෛරසය ආරම්භ වූයේ චීනයෙනි. නමුත් චීනය තුළ ව්‍යාප්ත වූවාට වඩා වැඩි වේගයකින් මෙම වෛරසය චීනයෙන් පිටත ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් අත්දකින්නේ ප්‍රථම වතාවටය.
තමන් ජපානයේ සංචාරයක නිරත වූ බව තායි මන්ත්‍රීවරයෙකු පැවසීමෙන් අනතුරුව තායිලන්තයේ පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන අයුරු මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව, මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සමීපව වාසය කරන සහ රැකියාවන් හි යෙදෙන මහ නගරවල ජනතාවගේ බරපතළ අවධානයට යොමු වී තිබේ. මහ නගරවලට මෙය විශාල අභියෝගයකි. ලොව පුරා මහ නගර මීට මුහුණ දෙන්නේ කෙසේද? පොදු ප්‍රවාහනය ඉරානයේ බස් රථයක් තුළ වෛරස පැතිර යාම සඳහා හොඳම පරිසරයක් නිර්මාණය වන්නේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතවය. කැස්සකින් හෝ කිවිසුමකින් පිටවන බිඳිති බොහෝ දෙනෙකු ස්පර්ශ කරන තැනක පතිත වූ විට එම බිඳිති සමඟ වෛරසයක් පවතින්නේ නම් එකවර විශාල පිරිසක් කරා එය සංක්‍රමණය වනු ඇත. ඉන්ෆ්ලුවෙන්සාවක් පැතිර යන සමයක පොදු ප්‍රවාහන සේවා භාවිත කරන උදවියට එය වැළඳීමේ අවදානම හය ගුණයකින් වැඩි බව විමර්ශනවලින් හෙළි වී තිබේ. සියලුම බස් සහ දුම්රිය තුළ මෙන්ම නැවතුම්පළ තුළ ද මහා පරිමාණයෙන් විෂබීජහරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ බලධාරීන් පියවර ගෙන ඇත්තේ එබැවිනි. ජන ඒකරාශී වීම් මහා පරිමාණයෙන් සිදු වන ජන ඒකරාශිවීම්වලින් වැළකී සිටින ලෙස ජපානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ විශාල පිරිසක් ආකර්ෂණය කෙරෙන ක්‍රීඩාංගන වැනි ස්ථාන මෙවැනි වෛරස ඉක්මනින් පැතිරවීමට තුඩු දෙන අතර කොරෝනාවෛරසය නිසා ඇතැම් ක්‍රීඩා තරග දැනටමත් අවලංගු වී ඇත. චීනයේ ෂැන්හයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ 'ෆෝමියුලා වන්' මෝටර් රථ ධාවන තරඟය කල් දැමීමට සිදු විය. 'සික්ස් ඒෂියන්' ලීග් ශුරතා තරගාවලිය ප්‍රමාද කිරීමට ඉරානය පියවර ගත්තේය. ඉතාලි කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබූ පාපන්දු සහ රග්බි ක්‍රීඩා තරග අත්හිටුවීමට යුරෝපයේ රටවල් කිහිපයක්ම තීරණය කර තිබේ. නමුත්, කොරෝනාවෛරසය නිසා පීඩාවට ලක්වන විශාලතම ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල විය හැකිය. එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ එළඹෙන ජූලි මස 24 වැනිදා ය. කොරෝනාවෛරසය බලපෑම් කළේ ක්‍රීඩා තරඟවලට පමණක් නොවේ. ආගමික උත්සව සහ වන්දනාවලට ද එය අභියෝගයක් විය. විදේශ රටවලින් පැමිණෙන වන්දනාකරුවන්ට මක්කම තහනම් කිරීමට ද සෞදි අරාබිය තීරණය කළේය. පාඨශාලා ජපානය, ඉරානය, තායිලන්තය, ඉරාකය වැනි රටවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා තිබේ කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා විශේෂ සැලසුම් දියත් කිරීමට බොහෝ පාසල් ක්‍රියාත්මක වෙමින් පවතී. ජපානය, ඉරානය, තායිලන්තය, ඉරාකය වැනි රටවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා තිබේ. එක්සත් රාජධානිය සහ ඇමරිකාව පාසල් වසා දැමීමට තීරණය කර නොමැත. නමුත් එංගලන්තයේ පාසල් හතරක් තාවකාලිකව වසා දමා පූර්ණ විෂබීජහරණයක් දියත් කළේය. එම පියවර ගත්තේ, ඉතාලියේ සංචාරය කළ ළමුන් එම පාසල්වල සිටි බැවිනි. කොරෝනාවෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටවල මෑතකදී සංචාරය කර ඇත්නම් නිවාසවල රැඳී සිටින ලෙසත් එම පවුල්වල දරුවන් පාසල් එවීමෙන් වලකින ලෙසත් දෙමාපියන්ට දන්වා තිබේ. කාර්යාල නිවසේ සිට රැකියාව කිරීම සඳහා ඇතැම් රටවල් උපදෙස් දී තිබේ ලොවපුරා වෙළඳ ව්‍යාපාර සහ වැදගත් තාක්ෂණික මධ්‍යස්ථාන කිහිපයකට ද කොරෝනාවෛරසය දැඩි බලපෑමක් එල්ල කර ඇත. සැන් දියාගෝ සහ සැන් ෆ්‍රැන්සිස්කෝ දෙනුවර දැනටමත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. තම සමාගම් වෙත පැමිණෙන අමුත්තන් පිළිගැනීම සඳහා අතට අත දීමෙන් වළකින ලෙස සේවකයන්ට උපදෙස් ලැබී ඇත. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික වෙළඳ සම්මන්ත්‍රණය අවලංගු කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගත්තේය. සැන් දියාගෝ නගරයේ පැවැත්වීමට නියමිත, ලොව විශාලතම සයිබර් ආරක්ෂණ සම්මන්ත්‍රණයකින් ඉවත් වීමට ලොව ප්‍රධාන පෙළේ අනුග්‍රාහකයන් සහ ප්‍රදර්ශකයන් කිහිප දෙනෙකුම තීරණය කර තිබේ. ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්නම් හෝ ශ්වසන ආබාධයකට ලක් වී ඇත්නම් නිවසේ සිට තම රැකියාව කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සුදුසු බව එක්සත් ජනපදයේ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය දැනුම් දුන්නේය. මහජනතාව දැනුවත් කිරීම හොඳින් දෑත සෝදා පිරිසිදු කරගැනීම, කොරෝනාවෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ගත හැකි ප්‍රධානතම පියවර බවට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් යැයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනාවෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම සඳහා සියළු දෙනාම පහත සඳහන් පියවර අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. රෝහල් නව කොරෝනාවෛරසයට එරෙහිව තවමත් ඖෂධයක් සොයාගෙන නොමැති බැවින් රෝහලක දී සිදු කෙරෙන්නේ මතුවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම පමණි. රෝගීන් හුදෙකලා කොට ප්‍රතිකාර කිරීමට සහ එවැනි රෝගීන් සමඟ කටයුතු කරන රෝහල් සේවකයන් ආරක්‍ෂිත ඇඳුම් ඇඟලාගෙන සිටිය යුතු බවට උපදෙස් ලබා දී තිබේ. වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටක සිට පැමිණෙන උදවියගෙන් එක්සත් රාජධානියේ බලධරයන් ඉල්ලා සිටින්නේ හුදෙකලා වී සිටින ලෙසට ය. කොරෝනාවෛරසය ආරම්භ වූ වූහාන් නගරය හුදෙකලා කළ ආකාරයටම ඉතාලියේ නගර කිහිපයක් ද හුදෙකලා කොට තිබේ. නමුත් විශේෂඥයන් පවසන්නේ මෙම වෛරසය ලෝකය පුරාම පැතිර ගියහොත් ඒ කිසිදු පියවරකින් වැඩි යහපතක් බලාපොරොත්තු විය නොහැකි බවය. මේ ගැනත් කියවන්න:
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට රජය තීරණය කරයි.
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පිළිබඳව නිකුත් කර ඇති කැබිනට් නිවේදනයේ මෙසේ සඳහන් වෙයි. ‘අදාළ ආයතනවලින් විධිමත් අනුමැතීන් ලබා නොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කර‍ ගෙන යන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ සඳහන්ව ඇත. එම අතුරු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති සමාගමට දැනුම්දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’ මේ චීන ව්‍යාපෘතිය අත්හිටුවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද ප්‍රචාරක රැස්වීම්වල දී ජනතාවට පොරොන්දු ලබා දුන්නේය. පූර්ණ පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කිරීමෙන් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට නව ආණ්ඩුව කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහිව නඩු මගට යන බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබුණි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එළඹෙන මහ මැතිවරණයට තරඟ කළ හැකි බව පවසමින් 'ජනතාව මුලා නොකොට' හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කොට ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීමද භාර දිය යුතු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
"මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කට්ටියට දිනාගන්න නොමිලේම කඩේ ගෙනියන්න මේ හදන්නේ" ඔහු ඒ බව කියා සිටියේ හිටපු ජනපතිවරයාට සන්ධානයෙන් තරඟ වැදීමට කිසිදු බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු අගමැති අපේක්ෂක ලෙසින් නම්කරන මෙන් ඉල්ලන රැළි මාලාව සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. "මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කට්ටියට දිනාගන්න නොමිලේම කඩේ ගෙනියන්න මේ හදන්නේ. ඒ නොමිලේම කඩේ ගෙනියන උපායවලට අපි ගොදුරු වෙන්නේ නෑ," යන්නයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාගේ ප්‍රකාශයට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ. 'දෙකක් නෑ' "ඒ නිසා කෙලින් කියන්න ඕන එකක් අපේක්ෂකත්වය විතරක් නෙවෙයි ඒ අපේක්ෂකයාව අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරනවද? මීට කලින් කෙරිල නෑ කියල දැන් කරන්න බැරි කමක් නෑනේ?" එසේ නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා බවට පත්කිරීමේ 'මහජනයා පෙළගැස්වීමේ ක්‍රියාදාමය' දිගටම දියත් කරන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා අවධාරණය කරන්නේ. "ඒ ගෙන එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියමිත ආකාරයට කැමති නම් අපි ඒකට ලෑස්තියි. එහෙම නැත්නම් අපි වෙනත් ආකාරයකට ගේනවා," ඔහු පැවසීය. මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා බවට පමණක් නොව මීළඟ අගමැතිවරයා බවට පත්කරන බවද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. "ඒකෙ දෙකක් නෑ." මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කරගන්නා නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය පිළිගන්නේ දැයි විමසූ අවස්ථාවේ වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ :"මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේ පාලනයක්ද දැන් තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ ගේ පාලනයක්ද මුලින් මට ඒ ප්‍රහේලිකාව විසඳලා දෙන්නකෝ" යනුවෙන්.
බර්ලින් අගනුවර නත්තල් වෙළඳපොළක් තුළට ට්‍රක් රථයක් පදවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරු සැබෑ ප්‍රහාරකයා දැයි ස්ථිරව කිව නොහැකි බව ජර්මනියේ පොලිසිය පවසයි.
සඳුදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන් 12 දෙනකු මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය. "රැඳවුම් භාරයේ සිටින පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ තැනැත්තා නොවිය හැකි," බව මධ්‍යම ආණ්ඩුවේ අභිචෝදක පීටර් ෆ්‍රෑන්ක් පැවසීය. ප්‍රහාරය එල්ල වූ ආකාරය සලකා බැලීමේදී එය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය. තමන් ප්‍රහාරයට සම්බන්ධ නැතැයි දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා පවසන අතර, ඔහු පසුගිය වසරේ පාකිස්තානයේ සිට ජර්මනියට ලඟා වූ සංක්‍රමණිකයෙකි. ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සිට පලා ගිය බව විශ්වාස කෙරෙන ඔහු අත්අඩංගුවට ගනු ලැබුණේ උද්‍යානයක සිටියදීය. ප්‍රහාරයට වගකිවයුත්තන්ට 'නීතියෙන් දිය හැකි උපරිම දඬුවම්' ලබා දෙන බවට චාන්සලර් අන්ගෙලා මර්කල් ප්‍රතිඥා දුන්නාය. ප්‍රහාරයට වගකිවයුත්තන්ට 'නීතියෙන් දිය හැකි උපරිම දඬුවම්' ලබා දෙන බව චාන්සලර් අන්ගෙලා මර්කල් පවසයි බර්ලින් නුවර සියලු නත්තල් කඩ වීදි වසා දමන නමුත් අගනුවරට එපිටින් පිහිටි අනෙක් කඩ වීදි දිගටම විවෘතව තබන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළේය. ප්‍රහාරකයා දේශපාලන රැකවරණ පතන්නෙකු වුවහොත් එමගින් දුෂ්කර වාතාවරණයක් මතු විය හැකි බවට චාන්සලර්වරිය අවධානය පළ කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බව ගුවන් හමුදාව පවසයි.
හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් අතරින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කොට තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ පැමිණිල්ලක් කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කොමිසමට යොමු කොට තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පැවැත්වූ විභාගයට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගිව සිටි අතර, ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු සහභාගි වූ බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට කියා සිටියේ. 'හමුදා කෝප්‍රල්වරයෙක්' "ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්," ඔහු පැවසීය. "ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්" හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ. "අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ. බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්. හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය. හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුටේ දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය. අදාළ යානා ලබා දුන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැවින් එම හිඟ මුදල් ගෙවීම සන්ධානයේ වගකීම බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සංදේශයට පැවසීය. එහෙත් එම මුදල ගෙවීම සන්ධානයේ වගකීම නොවන බව එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා මාධ්‍යවලට පවසා තිබුණි.
එයාර්බස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිදු වූ බවට චෝදනා එල්ලවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 දී මිලදී ගත් A320 ගුවන් යානයක් පිළිගන්නා අයුරු ඒ, ප්‍රංශ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන 'එයාර්බස් (Airbus)' සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල ගුවන් යානා කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ලබා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය. මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූහ. චෝදනාවලට එරෙහිව පැවති නඩුව බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බව ලන්ඩන් නුවර අධිකරණයකින් ලබා දුන් තීන්දුවේ සඳහන් වේ. අදාළ තීන්දුව රටවල් තුනෙහිම අධිකරණවලින් පිළිගෙන තිබේ. 'ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකුගේ බිරිඳක්' සිය සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර්බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබිණ. 2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී තිබේ. අධිකරණ වාර්තාව ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණ වාර්තාවේ සඳහන් වේ. ගුවන් යානා දහයක් මිලදී ගැනීමට සහ තවත් ගුවන් යානා හතරක් බද්දට ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ හැකි අතරමැදියෙකු ලෙස මෙම කාන්තාව යෙදවීම මෙහි අරමුණ වී ඇත. කෙසේනමුත්, අදාළ 'නිලධාරී බිරිඳට' ගුවන් යානා විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 2013 මාර්තු 29 වන දින එයාර්බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා හතරක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ. මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද ‌කොමිස් ‌මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත. එමෙන්ම, 2015 ඔක්තෝම්බර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේනම් අතරමැදියාට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ලබා දීමට අදාළ ගිවිසුම මඟින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි. කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ පෙර එකඟ වූ ඇමරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි. ගුවන් යානා ලැබුණාද? 2013 ජුනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයේ දී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා හයක් ඇණවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි. එම ගුවන් යානා හය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි. නමුත්, 2013 ජුනි 28 ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත. එක්සත් රාජධානිය මෙම විමර්ශනවල මූලිකත්වය ගත්තේ ඇයි? ලොව පුරා බොහෝ රටවල් අපනයන මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණය මුදල් සිය රටවල භාණ්ඩ අපනයනය සඳහා යෙදවීමට ක්‍රියා කරයි. එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතන ද එරටේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වෙනත් රටවලට බැංකු ණය ලබා දෙයි. එයාර්බස් සමාගම ද සිය ගුවන් යානා අපනයනය සඳහා ප්‍රංශ, ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි. එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විමර්ශන පැවැත්වූයේ එයාර්බස් සමාගම අදාළ ගුවන් යානා කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා මෙම ණය මුදල් යෙදවීම පිළිබඳය. එයට මුල් වූ හේතුව නම්, අදාළ ගනුදෙනුවලට අතරමැදියන් සම්බන්ධ කර ගැනීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි හේතු දැක්වීමට එයාර්බස් සමාගම අපොහොසත් වීමය. විමර්ශන පැවැත්වෙන කාලය ඇතුළත එයාර්බස් සමාගම ඉදිරිපත් කළ අපනයන ණය මුදල් ඉල්ලුම්පත් නැවත්වීමට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ක්‍රියා කළ නමුත්, 2018 වසරේ දී එම තීරණය ආපසු හැරවිණි. අපනයන මූල්‍ය ආයතනය නොමඟ යවයි එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය අදාළ ගෙවීම් පිළිබඳ එයාර්බස් සමාගමෙන් විමසූ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් නොමඟ යැවීමක් සිදු කර බෘනායිහි ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමට ඩොලර් මිලියන දෙකක මුදල ගෙවා තිබේ. "කොමිස් මුදල ලබා දෙන අතරමැදියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එයාර්බස් බලධාරීන් අදාළ කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය ගැන බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය නොමඟ යවා තිබෙනවා," යැයි බ්‍රිතාන්‍ය අපනයන මූල්‍ය ආයතනය සිදු කළ ප්‍රකාශයක් අධිකරණ වාර්තාවේ සඳහන් වේ. එයාර්බස් සමාගම සිය අතරමැදියන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ යුරෝවලින් පමණි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාව යුරෝ ගනුදෙනු සඳහා 'ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ' (Standard Chartered Bank) විශේෂ ගිණුමක් විවෘත කර ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි. ගනුදෙනු අවලංගුයි එයාර්බස් සමාගම සමග ගනුදෙනු 2015 දී අවසන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා කීපයක බදු ගිවිසුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමට ද සිදු වී ඇත. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය පවසන්නේ අදාළ 'දූෂිත ගනුදෙනුව' සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද වන්දි ඉල්ලා සිටිය යුතු බවය. එහි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, "අපි මතක තබා ගත යුතු තව දෙයක් නම්, 2015 දී මේ ගනුදෙනුව නතර කිරීම නිසා දඩ මුදලක් වශයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 17ක් ගෙවන්න සිදු වුණ බව," යනුවෙනි. "මේ සාක්ෂි සියල්ලෙන් පෙනී යනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිත බව. ශ්‍රී ලංකාවට සිදු වූ පාඩු සම්බන්ධයෙන් අදාළ අතරමැදියන්ට විරුද්ධව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතුයි," ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. මේ තොරතුරුද කියවන්න:
චීනයේ 'එකම තීරයක් - එකම මාවතක්' දෙදින සමුළුව බේජිං නුවරදී හෙට (මැයි 14) ආරම්භ වීමට නියමිතය.
රුසියාවේ නායක ව්ලැදිමීර් පුතින්, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුචී ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ ද එම සමුළුවට සහභාගී වීම සඳහා දැනටමත් බේජිං නගරයට ළඟා වී සිටී. රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුවට සහභාගී වන බව බේජිං පාලනය පවසයි. ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් ඒ සඳහා කළ ආරාධනය පිළිගෙන නොමැති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගී නොවන බව වාර්තා වෙයි. G7 නායකයන් අතරින් සමුළුව සඳහා සහභාගී වන බව තහවුරු කර ඇත්තේ ඉතාලියේ අගමැති පාවුලෝ ජෙන්ටිලෝනි පමණි. 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුව සඳහා ඉන්දියාව සහභාගී නොවේ. නවීන සේද මාවත? 'එකම තීරයක් - එකම මාවතක්' යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක. එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි. 2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත. 'එකම තීරයක් - එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ නව වරායන්, තෙල් සැපයුම් නල මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතී. ඒ ඔස්සේ චීනයට ලොව සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමටත් ලොව සෙසු රටවලට චීනය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනු ඇත. ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකි. භූදේශපාලනය බලපෑම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට රටවල් හැටකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි. චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙමින් පවතින අතර ඔවුන්ගේ වෙළඳපොළ රටින් ඔබ්බට පුළුල් කිරීම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනේ අරමුණ වී තිබේ. කෙසේ නමුත් එම වැඩසටහන චීනයේ භූදේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ උත්සාහයක්දැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක. ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතිය 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට සම්බන්ධ රටවල් සමග 2014 සිට 2016 වසර දක්වා චීනය සිදු කළ දළ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.9 කට ළඟා වී ඇති බව චීනයේ වාණිජ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ජියාන් කෙමින් පවසයි. එම ව්‍යාපෘතියට සම්බන්ධ රටවල් තුළ ආයෝජනය කිරීම සඳහා සිය සමාගම් දිරිමත් කරන අතරම එම රටවල සේවා පහසුකම් ඉහළ නැංවීම සහතික කිරීමට චීනය නිරන්තරයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය පවසයි.
පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිට තිබෙන බව පොලිසිය පවසයි 2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්. තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය. 'කප්පම් ඉල්ලලා' සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගත් බව සඳහන් කළ පොලිස් නිලධාරියා, මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය. පැහැරගත් පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සම්පත් මුණසිංහ ඇතුළු පිරිස රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් රහස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි. හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට මෙවැනි ක්‍රියා කිරීමට ඉඩක් නොතිබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. වැඩිදුර විභාගය ලබන මස 14 වැනි දින දක්වා කල් තැබුණි.
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිදේහ (Antibodies) මට්ටම "ඉතා සීග්‍රයෙන්" පිරිහෙන බව පර්යේෂකයෝ පවසති.
අපගේ ප්‍රතිශක්ති (Immune) ආරක්ෂණ පද්ධතියේ ප්‍රධාන කොටසක් වන ප්‍රතිදේහ විසින් සෛල වෙත වෛරස් ඇතුළුවීම වළකාලනු ලබයි. ජුනි සහ සැප්තැම්බර් අතර කාලයේ, ප්‍රතිදේහ ඇතැයි හඳුනා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 26% කින් පහළ ගොස් ඇති බව එක්සත් රාජධානියේ 'ඉම්පීරියල් කොලේජ් ලන්ඩන්' විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සොයා ගෙන තිබේ. පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වී යන බව දක්නට ඇති අතර වෛරසය කිහිප වරක්ම ආසාදනය වීමේ අවදානමක් පවතින බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. 'REACT-2' නමැති අධ්‍යයනයේ කොටසක් වශයෙන් මෙතෙක් එංගලන්තයේ 350,000 කට අධික පිරිසක් ප්‍රතිදේහ පරීක්ෂාවකට සහභාගී වී තිබේ. එහි පළමු වටයේදී, එනම් ජුනි අග සිට ජුලි මස ආරම්භය දක්වා කාලයේ පුද්ගලයන් 1,000 කින් 60 දෙනෙකු තුළ ප්‍රතිදේහ හඳුනා ගෙන ඇත. නමුත් නවතම පරීක්ෂණ වටයේදී, එනම් සැප්තැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 1,000 කට 44 දක්වා පහළ ගොස් ඇත. ග්‍රීෂ්ම සහ සරත් සෘතු අතර ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සංඛ්‍යාව හතරෙන් එකකට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව එමගින් පෙනෙන්නට තිබේ. "ප්‍රතිශක්තිය තරමක් වේගයෙන් පිරිහෙනවා. පළමු පරීක්ෂණ වටයෙන් මාස තුනක් පමණක් ගතව තිබියදී දැනටමත් ප්‍රතිදේහවල 26% ක පහළ යාමක් පෙන්නුම් කරනවා," යනුවෙන් පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකා මහාචාර්ය හෙලන් වෝර්ඩ් පවසයි. තරුණ වයස් කාණ්ඩ මෙන්ම කෝවිඩ්-19 රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් හා සැසඳීමේ දී වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගයන්ගේ ප්‍රතිදේහ පහළ යාම ඉතා ඉහළ මට්ටමක පවතී. ප්‍රතිදේහ සහිත සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව සාපේක්ෂව තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර වෛරසයට දිනපතා නිරාවරණය වීම ඊට හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසති. 'Y' හැඩැති ප්‍රතිදේහ වෛරස් මතුපිට ඇලෙන අතර සෛල ආසාදනය වීම වළකාලයි අපගේ ශරීරයේ සෛල ආක්‍රමණය කිරීම වළකාලමින් කොරෝනා වෛරසයේ මතුපිට ඇලෙන ප්‍රතිදේහ සෙසු ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙත ආකර්ෂණය කර ගනියි. ප්‍රතිදේහ අඩු වීම ප්‍රතිශක්තියට නිශ්චිතවම බලපාන ආකාරය තවමත් පැහැදිලි වී නැත. ප්‍රතිශක්ති පද්ධතිය සතුව තවත් කොටස් පවතී. ඊට අයත් 'T' සෛල එහිදී යම් කාර්යයක් කරනු ඇති අතර එමගින් සෘජුවම ආසාදිත ප්‍රවාහක සෛල මරා දමා තවදුරටත් සහාය ලබා ගැනීමට සෙසු ප්‍රතිශක්ති සෛල ගෙන්වා ගනියි. කෙසේ වුවත් තමා විසින් ආරක්ෂා කරනු ලබන්නේ කවුදැයි යන්න පිළිබඳ පූර්ව අදහසකට අනුව ක්‍රියා කිරීමට ප්‍රතිදේහ ඉහළ නැඹුරුවක් දැක්වීම පිළිබඳ පර්යේෂකයෝ අනතුරු අඟවති. "අපිට ප්‍රතිදේහත් ඒවා ක්‍රමයෙන් පහළ යන අයුරුත් දැක ගත හැකියි. තනිවම ගත් විට ප්‍රතිදේහ බොහෝ ආරක්ෂාකාරී බව අපි දන්නවා," යනුවෙන් මහාචාර්ය වෙන්ඩි බාර්ක්ලෙයි පවසයි. "ප්‍රතිදේහ අඩු වන වේගයෙන්ම ප්‍රතිශක්තියත් අඩු වුවහොත් එය ප්‍රතිශක්තිය පිරිහීමේ සංඥාවක් ලෙස දැකිය හැකි බව මා කියනවා," මිනිසුන්ට ආසාදනය වන තවත් කොරෝනාවෛරස් හතරක් පවතී. ඒවා අපට අවස්ථා ගණනාවක දී ආසාදනය විය හැක. එමගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ ඇති වන අතර සෑම මාස 6 ක සිට 12 ක දක්වා කාලයක් ඇතුළත යලි ආසාදනය විය හැක. දෙවරක් කෝවිඩ් වැළඳුණු බව තහවුරු වූ අවස්ථා ඇත්තේ අතලොස්සකි. ආසාදිතයන් වැඩි වශයෙන්ම වාර්තා වූ මාර්තු සහ අප්‍රේල් මාසවල සිට ප්‍රතිශක්තිය හීන වීම නිසා එසේ සිදු විය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති. ප්‍රතිශක්තිය හීන වුවත් පළමු අවස්ථාව සහ ඊට එරෙහිව සටන් කළ ආකාරය පිළිබඳ ශරීරය සතු "ප්‍රතිශක්ති මතකය" නිසා පළමු ආසාදනයට වඩා දෙවනවර ආසාදනය මෘදු විය හැකි යැයි විශ්වාස කරේ. සිය සොයා ගැනීම් මගින් එන්නතක් පිළිබඳ බලාපොරොත්තුව විනාශ නොවන බව පර්යේෂකයෝ පවසති. "පුළුල් චිත්‍රය නම් පළමු රැල්ලට පසු ආරක්ෂාකාරී ශරීර ප්‍රතිශක්තිය ගැන රටේ අති බහුතරයකට සාක්ෂි තිබුණේ නැහැ," යනුවෙන් පර්යේෂකයෙකු වන මහාචාර්ය ග්‍රැහැම් කුක් පවසයි. "තවමත් එන්නතක අවශ්‍යතාව තදින්ම තිබෙනවා. දත්ත මගින් එහි වෙනසක් කර නැහැ," උණ, හෙම්බිරිස්සාව ද? නැතිනම් කෝවිඩ්-19 ද? දැන ගන්නේ කොහොමද? ඉහත කී අධ්‍යයනය මගින් එන්නතක් සොයා ගැනීම වෙත එල්ල වන බලපෑම පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණීම වරදක් වනු ඇති බව 'REACT-2' අධ්‍යයනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පොල් එලියට් පෙන්වා දෙයි. "ස්වභාවික ආසාදනයට ශරීරය දක්වන ප්‍රතිචාරය සහ එය එන්නතක් දක්වන ප්‍රතිචාරයේ වෙනසක් තිබේවි," යනුවෙන් ඔහු පැවසීය. නමුත් ඇතැම් පුද්ගලයන්ට කාලයත් සමග හීන වන ප්‍රතිශක්තිය නංවා ගැනීම සඳහා සොයා ගනු ලබන ඕනෑම එන්නතක, පසු මාත්‍රා අවශ්‍ය විය හැකි බව ඔහු සඳහන් කළේය. ඉහත කී සොයා ගැනීම් පිළිබඳ අදහස් දක්වමින් නොටින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොනතන් බෝල් කියා සිටියේ, "කාලයත් සමග ප්‍රතිදේහ ප්‍රතිචාර පහළ යන බවට - විශේෂයෙන් අවදානම් සහගත අඩියක සිටින වයස්ගත ප්‍රජාවගේ - පැවති සැකය මෙමගින් තහවුරු වෙනවා," යනුවෙනි. කෙසේ වුවත් "ආරක්ෂාකාරී ශරීර ප්‍රතිශක්තිය කෙබඳුද" යන්න පිළිබඳ පුළුල් අදහසක් ලබා ගැනීම තවදුරටත් වැදගත් බව ඔහු පෙන්වා දෙයි. එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එලීනෝ රයිලි කියා සිටියේ ප්‍රතිශක්තිය දීර්ඝ කාලයක් නොපවතින බව උපකල්පනය කිරීමට තවමත් කල් වැඩි බවය. නමුත් සෙසු කාලයන්හි කොරෝනා වෛරස්වල දත්ත දෙස බැලීමේ දී ස්වභාවික ආසාදනයකින් ඇති වන ප්‍රතිදේහ කෙටි කාලයක් පවතින බවට වන අදහස දෙසට බරක් යෙදෙන බව ඇය වැඩිදුරටත් පැවසීය. (බීබීසී සෞඛ්‍ය හා විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර්ගේ වාර්තාවක් ඇසුරෙනි)
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ සිදුවන නවක වදය නුදුරු අනාගතයේ දී සහමුළුමනින්ම නැතිවී යනු ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයපාලකවරයා බලාපොරොත්තු පළ කරයි.
තමන් කැමති ‘සරසවි සංස්කෘතියකට’ අවනත කර ගැනීම පිණිස නවක වදය දෙන බවයි පැවසෙන්නේ තම විශ්ව විද්‍යාලයේ ඇතැම් පීඨවල දැනටමත් නවක වදය සහමුලින් අතුරුදහන් වී ඇති බව සිය උපකල්පනයට පදනම් කරගන්නා ඔහු පවසන්නේ නවක වදය ඉදිරියට පවත්වාගෙනයාම අසීරු තත්වයකට පැමිණ ඇති බවයි. ආචාර්ය අශෝක දංගොල්ල මේ බව පැවසුවේ බීබීසී සංදේශය සමග සංවාදයකට එක්වෙමින්. "උදාහරණයකට මම දකිනව තුන්වැනි අවුරුද්දේ අය දෙවැනි අවුරුද්දේ අයට උගන්වනව නැවතත් නවක වදය කරන ආකාරය. මේක ඉස්සර තිබුණේ නැහැ. ඒ කියන්නෙ දෙවැනි අවුරුද්දෙ ළමයි නවක වදයෙන් ඈත්වීමේ ප්‍රවණතාවය වැඩියි," යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ. තීව්‍රතාවය මේ වන විට සරසවි තුළ නවක වදයේ තීව්‍රතාවය ඉහලම මට්ටමකට පැමිණ ඇති බව පවසන ආචාර්ය දංගොල්ල එයට හේතු වී ඇත්තේ නවක වදය සිදු කරන ශිෂ්‍යයන් ඒ පිළිබඳව නොදැන සිටීම නිසා බව ඔහුගේ මතයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ දන්ත වෛද්‍ය පීඨයේ නවක වදය කිසිසේත්ම සිදුනොවන බව පවසන ඔහු තවත් පීඨ එයට එකතුවෙමින් සිටින බවයි සඳහන් කළේ. සරසවියට පැමිණීමට පෙර නිවසේ දී හැදී වැඩෙන ආකාරය නවක වදය දීම හෝ නොදීමට බලපාන බවයි ඔහු පවසන්නේ නවක වදය 'දෙන්නන්' සහ 'නොදෙන්නන්' ලෙස සිසු සිසුවියන් බෙදී සිටින බව පෙන්වා දෙන විනයච පාලකවරයා පවසන්නේ එසේ නවක වදය නොදෙන පිරිස ක්‍රමයෙන් වැඩිවන බවයි. නවක වදය නමින් තරුණ පරපුර හිංසනයට යොමුවීමේ හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම තත්වය සරසවි තුළ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාව තුළ පවතින්නක් බවයි. යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ වලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් දකුණේ නවක සිසුන්ට නවක වදය දීමට තබා එකම සරසවියක සිසුන් ලෙස එකට ඇසුරු කිරීමක්වත් සිදු නොවන නමුත් ද්‍රවිඩ සිසුන් විසින් අලුතින් පැමිණෙන උතුරේ ද්‍රවිඩ සිසු සිසුවියන්ට ඉතා දරුණු ලෙස කායිකව හා මානසිකව නවක වදය දෙන බවත් ඔහු පැවසීය. යාපනේ සහ නැගෙනහිර "යාපනයෙන් සහ නැගෙනහිරින් එන අය ඉතාම තද විදියට නවක වදය දෙනව. අපිට හොයා ගන්න බැරි විදියට. සමහර අය තුවාල වෙනව. සමහර අය ඉස්පිරිතාලෙ පවා යනව. ඒවා අපිට 'රිපෝර්ට්' වෙන්නෙත් නැහැ. ඒ ගොල්ලන්ගෙ 'නෙට්වර්ක්' එක හරිම වෙනස්. ඒ ගොල්ලො ශිෂ්‍ය යූනියන් එකකට සම්බන්ධ නැහැ. ඒක අමුතුම එකක්. එතන තාම ‘ෆිසිකල් රැගින්’ කියන එක තියනව. ඒක හරිම භයානක විදියට ඔපරේට් වෙන්නෙ," යනුවෙනුයි ඔහු පැවසුවේ. නගරාසන්න පාසැල්වලින් පැමිණෙන නවක සිසුන් කෙරෙහි ද්වේශයෙන් වදහිංසා දෙන බවද ඔහු පැවසීය නවක සිසුන්ව ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන් කැමති ‘සරසවි සංස්කෘතියකට’ අවනත කර ගැනීම පිණිස නවක වදය දෙන බවට සැලකිය හැකි බවද එහෙත් එම ‘සංස්කෘතිය’ රටට සහ විශ්වවිද්‍යාලයට වැඩදායක එකක් නොවන බව පෙනීයන බවයි ආචාර්ය දංගොල්ල ප්‍රකාශ කළේ. ද්වේශය "නවක වදය දෙන ළමයි හිතනව මේ ‘බබාල’ වගේ ඉස්කෝල වලින් එන ළමයි යම්කිසි විදියකට අනුගත වෙන විදියට හදාගත්තහම ඒ ගොල්ලො හොඳ පුර වැසියො වෙනව කියල. නීති ගරුක වෙනව කියල. ඒ වුනාට අපි දකින්නෙ නැහැ ඒක සිද්ධවෙනව." සිසු සිසුවියන් සරසවියට පැමිණීමට පෙර නිවසේ දී හැදී වැඩෙන ආකාරය නවක වදය දීම හෝ නොදීමට බලපාන බව පවසන ආචාර්ය දංගොල්ල ඉතා දරුණු අන්දමින් නවක වදය දීමේ යෙදෙන්නේ තමා නවකයෙකු ලෙස නවක වදයට බඳුන් වීමෙන් මිදී ‘කට්ටි පැන’ සිටි අය බවත් සඳහන කළේය. දරිද්‍රතාවය සහිත පරිසරයක සිට සරසවියට පැමිණි හැදී දැඩි සහ ශක්ති සම්පන්න රළු පෙනුමෙන් යුත් ඔවුන් පිරිසිදුවට සහ පිළිවෙලට කොළඹ වැනි නගරාසන්න පාසැල්වලින් පැමිණෙන නවක සිසුන් කෙරෙහි ද්වේශයෙන් වදහිංසා දෙන බව පේරාදෙණිය සරසවියේ විනය පාලකවරයාගේ අදහසයි. ඉහළ මධ්‍යම පන්තිය ඇතුළු ශ්‍රී ලංකික සමාජයේ සියලුම ස්ථරයන් වලින් පැමිණෙන අයට නිදහස් අධ්‍යාපනයට අයිතියක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
දින හයක විරෝධතාවක් ආරම්භ කළ 'ගාසා' තීරයේ ජීවත් වන පලස්තීන ජාතිකයන් දහස් ගණනක් ඊශ්‍රායල දේශ සීමාව කරා පා ගමනින් ගමන් ගත්හ.
ගාසා තීරයේ ජීවත් වන පලස්තීනුවන් දහස් ගණනක් ඊශ්‍රායල දේශ සීමා වෙත පා ගමනින් පැමිණෙන බවට වාර්තා වී ඇත. මෙම විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව 350 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ස්ථාන පහක ගැටුම් සිදු වූ අතර "ඒවා මෙහෙයවන පුද්ගලයන්ට වෙඩි තැබූ බව " ඊශ්‍රායල හමුදාව පවසයි. ස්ථාන හයක "කැරළි" පැවැත්වෙන අතර "ඒවා මෙහෙයවන පුද්ගලයන්ට වෙඩි තැබූවා" යැයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර සිටියි. උද්ඝෝෂණ ඉදිරියට ගෙනයෑම සදහා ඊශ්‍රායල් දේශ සීමා ආසන්නයේ පලස්තීන කඳවුරු පහක් පිහිටුවා ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ සිටින සරණාගතයන්ට නැවත සිය රටට පැමිණීමට ඉඩ ලබා දෙන ලෙසයි. ඊශ්‍රායල හමුදාව පවසන පරිදි දාහත් දහසකට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් ඉහත කී පා ගමනට එක්ව සිටිති. තුවාල සිදු වූ විරෝධතාකරුවෙකු සිද්ධිය වූ ස්ථානයෙන් ඉවතට රැගෙන යන අයුරු කැරළිකරුවන් ටයර් පුළුස්සමින්, පෙට්‍රොල් බෝම්බ, ගල්මුල් වැනි දේවලින් හමුදාවට ප්‍රහාර එල්ල කරන අතර, ඔවුන් දේශ සීමාව අසලට ඒම වැළැක්වීමට යුද ටැංකි, ස්නයිපර් තුවක්කු සහ කඳුළු ගෑස් භාවිතා කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කර ඇත. මේ තොරතුරුද දැනගන්න: පලස්තීන වන්දනාකරුවන් යළි ජෙරුසලමට ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම් ජෙරුසලම සහ පලස්තීනය: මුස්ලිම් රටවලින් ඉල්ලීමක් මියගිය පුද්ගලයන් අතර අවුරුදු දාසයක තරුණයෙකු සිටි බවට පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත. සිකුරාදා (මාර්තු 30) මෙම විරෝධතා ආරම්භ වීමට පෙර එක් පුද්ගලයෙකු ඝාතනය කළ බව ඔවුහු තව දුරටත් සඳහන් කළහ. ඔමාර් සමර් නම් ඔහු විසිහත් වියැති ගොවියෙක් වන අතර ඊශ්‍රායල හමුදාව එල්ල කළ යුද ටැංකි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත. ඒ අසල සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලද බවත් ප්‍රකාශ විය. සිද්ධිය දුටුවන් බීබීසී ගාසා වාර්තාකරුට පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල වන විට ඔවුන් 'පාස්ලි' කොළ නෙළමින් සිටි බවය. ඔමාර් සමර්ගේ ඥාතීන් මේ අතර පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් ගාසා තීරය අවට හමුදාව දෙගුණයකින් වැඩි කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බව වාර්තා වෙයි. "මෙම විරෝධතා අතර යම් කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වීමට ඇති ඉඩ කඩ අපි හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය ජනතාවට මෙම ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න කියා ඉල්ලා සිටින අතර හමාස් ත්‍රස්ත සංවිධානයට අපි අනතුරු අඟවා සිටිනවා. මේ සිදුවන දරුණු කැරළිවලට වගේම ඒ සම්බන්ධයෙන් සිදුවන සියලු දේවලට ඔවුන් වග කිව යුතුයි," ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරී මජ් ජෙන් එයාල් සමීර් පැවසුවේය. 1948 දී ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය සිය දහස් ගණන් පලස්තීන වැසියන්ට නැවත සිය රටට පැමිණීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින් නිතර ගැටුම් ඇති විය. සිය රටට නැවත පැමිණීමට අයිතියක් ඇති බවට පලස්තීන ජාතිකයන් කියා සිටියත් , ඔවුන් ගාසා තීරය සහ බටහිර ඉවුරේ පදිංචි විය යුතු බව ඊශ්‍රායලයේ ස්ථාවරයයි. මෙම සිතියමේ අංකවලින් දැක්වෙන්නේ කැරළිකරුවන් රැඳී සිටින ස්ථානයි තවත් තොරතුරු: සිරියාවේ හමුදා කඳවුරකට 'ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්' සිරියානු ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ජෙට් යානයක් විනාශ වේ පැරිස් සමුළුව යල් පැනගිය එකක්- නෙතනියාහු
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් වැය කරන ලද මුදල් අයකර ගැනීමට කටයුතු කරන මෙන් නීතිපතිට නියෝග අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. ඒ අනුව ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැතැයි තීන්දුවක් ලබාදෙන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තීරු බදු රහිත වාහන එහෙත් එයට විරෝධතා ඉදිරිපත් කළ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළහ. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ නම් ඇයගේ මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේ හිමි වේ මෙය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ එයට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බව ඔවුන්ගේ තර්කය වී තිබුණි. එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරුන්, පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිගන්නා බව තීන්දු කළහ. එමෙන්ම මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය නීත්පතිවරයාට නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත් වන්නේද යන්න පැහැදිලි නැත. 'ඓතිහාසික තීන්දුවක්' අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට හැකියාව තිබෙන නමුත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අධිකරණය හමුවේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළහ. මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත්ද යන්න පැහැදිලි නැත තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. පෙත්සම ඉදිරිපත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකු වන ඇන්ටන් කැමිලස් ගුණසේකර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙය ඉතිහාසගත නඩු තීන්දුවක් බවය. ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන ගීතා කුමාරසිංහගෙන් හිස්වන මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේට හිමිවීමට නියමිතය. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වන්නෙකි.
සාපේක්ෂ වශයෙන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවත් රට තුළ කොරෝනාවෛරස් දෙවන රැල්ලක් පවතින බව දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති.
කෝවිඩ්-19 මර්දනය කිරීම අතින් දකුණු කොරියාව සාර්ථකත්වයක් අත්කර ගෙන තිබුන ද වසංගතය මාස ගණනක් පවතිනු ඇති බව මේ වන විට විශ්වාස කෙරෙයි. ඇතැම් රටවල් මහා පරිමාණයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින අතරේ දකුණු කොරියාව වැනි වෛරසය පාලනය කළ රටවල් දෙවෙනි රැල්ලක් පිළිබඳ බියෙන් පසුවෙති. ශත වර්ෂයකට පෙර පැතිර ගිය 'ස්පාඤ්ඤ උණෙහි' දෙවන රැල්ල පළමු අදියරට වඩා භයානක විය. එසේ නම් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල අනිවාර්යයක් වනු ඇතිද? එය කෙතරම් භයානක වනු ඇතිද? පළමුව දෙවන රැල්ල යනු කුමක්ද? එය මුහුදේ රළ හා සමාන යයි සිතන්න. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් යළි පහළ යයි - එවැනි සෑම චක්‍රයක්ම එක් කොරෝනාවෛරස් "රැල්ලකි". නමුත් ඒ සඳහා විධිමත් අර්ථකතනයක් නොමැත. "එය විශේෂිත විද්‍යාත්මක කාරණයක් නොවෙයි. රැල්ලක් අර්ථ දැක්වන ආකාරය අහඹු ස්වභාවයක් ගන්නවා," යනුවෙන් වෝවික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් ටිල්ඩෙල්සි බීබීසීය වෙත පැවසීය. ඕනෑම ආකාරයක ඉහළ යාමක් දෙවන රැල්ලක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. නමුත් බොහෝ විට එය උස් පහත් වීම් සහිත පළමු රැල්ලකි. මෙය එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත තුළ සිදු වෙමින් පවතී. එක් රැල්ලක් අවසාන වී ඇතැයි කීමට නම් වෛරසය පාලනයකට යටත් කරනු ලැබ තිබීම සහ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබිය යුතුය. දෙවන රැල්ලක් ආරම්භ වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට නොදී පවත්වා ගත යුතුය. නවසීලන්තයේ කොරෝනාවෛරසය නොමැතිව තිබී දින 24 කට පසු පළමු ආසදිතයා වාර්තා වීම සහ වෛරසය නොමැතිව දින 50 කට පසු බීජිං යළි පැතිර යාමකට මුහුණ දී සිටීම මෙම තත්ත්වයට අයත් නොවේ. නමුත් ඉරානය දෙවන රැල්ලකට අවශ්‍ය නිර්ණායක සපුරාලීම ආරම්භ කර ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති. දෙවන රැල්ලකට හේතු විය හැක්කේ කුමක්ද? අසීමාන්තික ලෙස ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම ඊට හේතු වේ. ලොක්ඩවුන් සීමා නිසා ලොව පුරා ජන ජීවිතයට විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. රැකියා නොමැති වීම, ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීම සහ ළමුන්ට පාසල් යාමට නොහැකි වීම ඊට ඇතුලත්ය. නමුත් එමගින් වෛරසය පාලනයකට යටත් කර ඇත. "අවසානයේ ඇති ප්‍රහේලිකාව වන්නේ දෛනික ජීවිතයට එල්ල වන බාධා අවම කර ගනිමින් පාලනයක් පවත්වා ගන්නේ කෙසේද යන්නයි," යනුවෙන් ලන්ඩනයේ සෞඛ්‍යාරක්ෂාව සහ උෂ්ණ කලාප සම්බන්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ඇඩම් කුචාස්කි පැවසීය. එක්සත් රාජධානියේ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සාප්පු සවාරියේ යෙදෙන ජනයා අපට කෙතරම් දුරක් යා හැකිදැයි යන්න පිළිබඳ කිසිවකුටත් 100% විශ්වාසයක් නොමැත. ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමේ පරීක්ෂණ හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් ක්‍රමවේද හඳුන්වා දෙන අතරේ පියවරින් පියවර සීමා ලිහිල් කරමින් පවතින්නේ එබැවිනි. "එක්සත් රාජධානිය සහ අසල්වැසි රටවල වෛරසය පැතිර යාම පාලනය කළ හැකි තැනින් ඔබ්බට සීමා ලිහිල් කෙරුනොත් ඉතා ඉක්මනින් ඉහළ යාමක් සිදු විය හැකියි," යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි පැවසීය. ඉහත කී තත්ත්වය ජර්මනිය තුළ මේ වන විටත් ආරම්භ වී තිබේ. එරට මස් ගබඩාවක වෛරසය පැතිර යාමත් සමග ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ. ආසාදිත පොකුරු ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි නම්, අලුතින් ලොක්ඩවුන් සීමා හඳුනා දෙන්නේ නම් සහ වෛරසය පැතිර යාම නවතා දැමීමට කටයුතු කර ඇත්නම් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත. එසේ නොමැති නම් දෙවන රැල්ලකට මග පෑදිය හැක. කොරෝනාවෛරසය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස ඇගයීමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු ආසාදිතයන් හේතුවෙන් ඇතැම් සීමා යළි පැනවීමට සිදු විය. දෙවන රැල්ල, පළමු රැල්ල තරම්ම විය හැකිද? එය එසේ වීමට නම් යම් තැනක බරපතල වරදක් සිදුව තිබිය යුතුය. වසංගතය ආරම්භයේදී සෑම ආසාදිතයෙකුගෙන්ම වෛරසය ශරීර ගත විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවේ සාමාන්‍යය 3 කි. වෛරසය වේගයෙන් පැතිර ගිය බව ඉන් පෙනී යයි. නමුත් මේ වන විට අපගේ හැසිරීම් රටාව වෙනස් වී තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර ඉහත කී අගය (3) යළි එතරම් ඉහළ යා හැකි යයි සිතීම තරමක් අපහසුය. "කිසිදු රටක් සියලුම සීමා ඉවත් කර යළි පැවති සාමාන්‍ය තත්ත්වයට යන්නේ නැහැ," යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි බීබීසීය වෙත පැවසීය. "බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වෛරසය පාලනය කිරීමක් නොමැති රටවල පවා එය පැතිර යාමේ සාමාන්‍ය අගය (3) දක්නට නැහැ." ආසාදිතයන්ගේ යළි වර්ධනයක් සිදු වුවහොත් සාපේක්ෂව එහි වේගය අඩු වීමට ඉඩ ඇත. කෙසේ වුවත් සෛද්ධාන්තිකව දෙවන රැල්ල, පළමු රැල්ලට වඩා විශාල වීමට ද හැකියාවක් ඇත. තවමත් බොහෝ දෙනෙකු අනතුරුදායක මට්ටමක සිටීම ඊට හේතුවයි. "නමුත් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගියහොත් දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් සීමා නැවත හඳුන්වා දිය හැකියි. ඒ විකල්පය සෑම විටම අප හමුවේ තිබෙනවා," යනුවෙන් ආචාර්ය මයික් ටිල්ඩෙල්සි පැවසීය. (බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ප්‍රකාර ඉදිරි පියවර නොගන්නා මෙන් අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පවසයි ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන් නියෝජනය කරන එකම සංවිධානය පවසන්නේ දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයකට මුහුණදීමට නොලැබීම පිළිබඳව සිය බරපතල අවධානය පලවී තිබෙන බවයි. මේ තත්ත්වය යටතේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කරන මෙන් හෝ දෝෂාභියෝග ක්‍රියාදාමය විස්තර කෙරෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශාධනය කරන මෙන් අධිකරණ සේවා සංගමය පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලීමක් කරයි. අගවිනිසුරුවරයෙකු පදවියෙන් ඉවත් කිරීමේ විනිශ්චය සභාවක් ලෙසින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බව පෙන්වා දෙන එම සංගමය, එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ස්වාධීන, අධිකරණ මණ්ඩලයක් මගින් බව අවධාරණය කරයි. අගවිනිසුරුවරියට අපහාස කිරීම විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට අපහාස වන ආකාරයෙන් හැසිරීම පිළිබඳව තම බරපතල අවධානය පල වී ඇති බවද අධිකරණ සේවා සංගමය පවසයි. එමෙන්ම තේරීම් කාරක සභාවේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව තීන්දුවක් ලබාදෙන තුරු දෝෂාභියෝග විමර්ශනය පමා කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීමද නොතකා තේරීම් කාරක සභාව එහි කටයුතු පවත්වාගෙන යාමද සංගමයේ විවේචනයට ලක්වේ. මේ අතර රටේ පිළිගත් නීතියක් නොවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විනිසුරුවරුන් කැඳවා විභාග පවත්වන්නේ නම් එමගින් සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවෙන් අධිකරණයට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ඒ බව පැවසුවේ දෝෂාභියෝග විමර්ශනයේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ. බ්‍රහස්පතින්දා එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන්ගේ නීතිවේදීන් කියා සිටියේ, අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයට පමණක් බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එම අධිකරණ බලය පැහැර ගෙන අගවිනිසුරු වරියට එරෙහි චෝදනා විභාග කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි, පෙත්සම්කරුවන්ගේ මතය වූයේ. මේ අතර ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ තර්කය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් රටේ සාමාන්‍ය පුද්ගලයන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ කාර්යය පාර්ලිමේන්තුවට පවරා දී ඇති බවයි. එහිදී අදහස් දැක්වූ ගාමිණී අමරතුංග විනිසුරුවරයා, රටේ සාමාන්‍ය නීතිය නොවන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් විනිසුරුවන්ට එරෙහි චෝදනා විභාග කරන්නේ කෙසේද යන්න නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පැවසීය. පෙත්සම් විභාගය අවසාන කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබන සතියේ අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
පෘථිවියේ අලුත්ම භූමි උපත මෙය වන අතර අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්‍ෂි සෙවිය යුත්තේ කොහිද යන්න සම්බන්ධයෙන් මෙය මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ලොව ළාබාල ම දූපත හුන්ගා ටොංගා හුන්ගා හාපයි යනුවෙන් දිව පැටලෙන සුලු නමක් යෙදී ඇති, යමහලකින් හටගත් මේ දූපත පැසිෆික් සාගරයෙන් මතුවුයේ 2015 වසරේදීය. සාගර තරංගවලට හසුවූ තැන සිට එහි හැඩය වෙනස්වීමට පටන් ගැනිණි. මේ නිසා සෙමෙන් සිදුවන දූපතේ සේදී යාම විද්‍යාඥයින්ගේ ඉතා සමීප නිරීක්ෂණයට ලක්ව තිබේ. රතු ග්‍රහයා (අඟහරු) මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක මෙවැනි ම ආකාරයේ ශේෂයන් ඇති බව ඔවුහු සිතති. එය සැබෑවක් නම්, එය සැබවින් ම සිත්ගන්නා සුලු ය. පෘථිවිය මත දී සමුදුරු යට යමහල් ක්‍රියාකාරීත්වය හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට රුකුල් දෙන තත්ත්වයන් නිතර හමුවේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත හටගැනීම හරහා පර්යේෂකයින් එය දකින්නේ අඟහරු ග්‍රහයාගේ පුර්ව ජලාශ්‍රිත පරිසරය හොඳින් අවබෝධ කරගත හැකි දර්ශකයක් සේම එහි සරල ජීවයක් ජනිත වීමට හිතකර විය හැකි තත්ත්ව පැවතියේද යන්න අවබෝධ කරගත හැකිවන බවය. අඟහරු මත යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතු දුටු බව විද්‍යාඥයින් සිතයි "රතු ග්‍රහයා මත පුරාතන ජලාශ්‍රිත තත්ත්ව, ගැඹුරු බව හා ආයුකාල පිළිබඳ ඉඟියක් මෙවැනි භූ නිමැවුම් හරහා අපට ලබාගත හැකියැයි සිතනවා." යැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ (නාසා) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජිම් ගාර්වින් පැවසීය. "ඒ අනුව, අඟහරු අවබෝධ කරගැනීම සඳහා අපව පුහුණු කිරීමට පෘථිවිය මත ඇති HTHH (හුන්ගා ටොංගා හුන්ගා හාපයි) අප යොදා ගන්නවා" යැයිද ඔහු කියා සිටියේය. ආචාර්ය ගාර්වින් හා ඔහුගේ සගයින් හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත ගැන ඔවුන් කළ අධ්‍යයනවල තොරතුරු, පෘථිවි හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයින්ගේ ලොව විශාලතම වාර්ෂික හමුව වන ඇමෙරිකානු භූ භෞතික සංගමය පවත්වන හමුවට ඉදිරිපත් කෙරේ. මේ දුපත ගොඩ නැගුනේ නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දුපත් සමුහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙනි. සමාන තොරතුරු: පැසිෆික් සාගරයේ ළදරු දිවයින ප්‍රංශ ප්ලේයඩීස් චන්ද්‍රිකාව මගින් ගන්නා ලද 2015 විදාරණයට පෙර හා පසු ඡායාරූප දූපත පිළිබඳ චන්ද්‍රිකා ආශ්‍රිත රූ සටහනක් : 2015 අප්‍රේල් (වම) සහ 2017 සැප්තැම්බර් (දකුණ) මේ නව භූ නිමැවුම දක්නට ලැබුනේ "සර්ට්සේයානු" විදාරණයකිනි. ඒ නම යෙදුනේ 1963 - 1967 අතර අයිස්ලන්තයට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ සර්ට්සේ නමින් හැඳින්වුණු දූපත ඊට බොහෝ සමාන වූ බැවිනි. මෙවැනි අවස්ථාවලදී ශීත මුහුදු ජලය සමග උණුසුම් මැග්මා එක්වීමෙන් අළු සහ පාෂාණ කොටස් ප්‍රබලව පුපුරායයි. මේ අනුව සාගර ජලය මතුපිට එක්රැස්වන කොටස් එකතුවී යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතුවක් සැකසේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි (HTHH) සැලකීමේදී එය මීටර 100 වඩා වැඩි උසකින් යුතුවේ. එසේ වුවත් එය වැඩිකලක් පවතී යැයි විද්‍යාඥයෝ අපේක්ෂා නොකරති. සැඩ කුණාටු හේතුවෙන් කලකින් එය බිදී යනු ඇත. කෙසේවෙතත්, ඊට දශක කිහිපයක් ගතවිය හැකි අතර වඩා සුපැහැදිලි චන්ද්‍රිකා රූප භාවිතයෙන් එහි සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඇත්තෙන්ම, නුතන අභ්‍යවකාශ යුගයේදී මේ ආකාරයෙන් විදාරණය වූ පළමු දූපත මෙය වන අතර ක්ෂණිකව අතුරුදහන්ව නොයන්නකි. HTHH හි මුල් අවදිය මෙන්ම එහි විකාශනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ දැකීමක් කක්ෂයේ සිට විද්‍යාඥයින් වෙත ගෙන දේ. "HTHH සමග කරන අධ්‍යයනයේදී අප අපේක්ෂා කරන එක් දෙයක්වන්නේ වෙනස් ගැඹුරු තත්ත්ව වලදී ජලය සමග සේදී යාමේ වේගයට සම්බන්ධ කිරීමයි." අචාර්ය ගාර්වින් බීබීසී සමග පැවසීය. "මේ දූපත එය සේදී යාමේ චක්‍රය තුළ පවතින ආකාරය කාලානුරුපව ඡායාරුපගත කිරීමකට යොමු කරනවා. අඟහරු මත තත්ත්වය සෙවීම සඳහා එවිට එය අපට කිසියම් ක්‍රමාවලියක් සපයාවි. සමහරවිට එය අපට පෙන්වාවි එම ග්‍රහයාගේ සමහර තැන්වල ජල මට්ටම මීටර දහයේ ප්‍රමාණවල සිට මීටර සිය ගණනක ගැඹුර තිබු බව. ඒ වගේම මෙවැනිම සේදී යාමකට සරිලන කාලයක් තිබූ බව පෙන්වාවි." යැයි ඔහු සඳහන් කළේය. ජලය සහ කාලය ජීවය සඳහා අවශ්‍යම කරුණුය. ඒ වගේම එය ශක්ති ප්‍රභවයක් මෙන්ම පෝෂක ද සපයයි. පෘථිවිය මත සමුද්‍රීය යමහල් විවරයකදී මේ සියලු තත්ත්ව හමුවේ. උණුසුම් පාෂාණ පැලුම් අතරින් ගලන ඛනිජවලින් පොහොසත් ජලය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ගොඩනැගේ. මෙවැනිම ආකාරයේ, අඟහරු ග්‍රහයාගේ අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂි විමසීම සඳහා විද්‍යාඥයින් චන්ද්‍රිකා යොමු කිරීම කෙරෙහි මෙය ද එක් හේතුවකි. (බීබීසී විද්‍යා තොරතුරු වාර්තාකරු ජොනතන් ඇමෝස් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)
වනයෙහි අතරමං වූ තුන් හැවිදිරි දැරියක් අසල රැඳෙමින් රැය පහන් වන තුරු ඇයට රැකවරණ සැලසූ සුනඛයකු ඕස්ට්‍රේලියානු පොලිසියේ අගැයීමට ලක්ව ඇත.
නිවසේ සුරතලයට ඇති කළ 17 හැවිදිරි 'මැක්ස්' 'ඔරෝරා' නම් දැරිය 'කුවීන්ස්ලන්ඩ්' ප්‍රාන්තයේ පිහිටි තම නිවසින් බැහැර ගොස් බොහෝ වේලාවක් නැවත නොපැමිණි හෙයින් පොලිසිය මුල් වී සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුණි. නිවසේ සුරතලයට ඇති කළ දාහත් හැවිදිරි 'මැක්ස්' නම් සුනඛයාත් ඔරෝරා පසුපස ගමන් කර ඇත. මැක්ස්ගේ දෑස් අන්ධ අතර කන් ඇසීමේ දුර්වලතාවයක් ද ඇත. දැරියගේ ඥාතීන් කඳු සහිත ප්‍රදේශයක අතරමංව සිටි ඔවුන් සොයා ගන්නා විට සුනඛයා පැය දහසයක පමණ කාලයක් ඔරෝරා ආරක්ෂා කරමින් ඇය අසල ගතකර තිබුණි. නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දැරිය කෑ ගසන ශබ්දය ඇසුන බව ඔරෝරාගේ මිත්තණිය වන ලෙයිසා මාරි බෙනට් පැවසුවාය. "මම කන්ද තිබෙන දිශාවට ඉතා වේගයෙන් දිව්වා. මුදුනට නැඟ ගත් පසු සුනඛයා මම සිටින තැනට දුවගෙන ඇවිත් මාව 'ඔරෝරා' සිටින තැනට කැඳවාගෙන ගියා" යැයි ඇය ඕස්ට්‍රේලියානු මාධ්‍යයට ප්‍රකාශ කළාය. එදින රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දක්වා පහත බැස තිබුණ අතර, ඔරෝරා සහ මැක්ස් ගල් කුලක් පාමුළ රාත්‍රිය ගත කර ඇත. ඇයගේ ශරීරයේ සීරුම් තුවාල පමණක් දක්නට ලැබිණි. වයසින් වැඩුණ සුනඛයන් මිනිසුන් සමග නිතර ගැවසීමට ප්‍රිය කරන බව සතුන්ගේ හැසිරීම පිළිබද විශේෂඥයෙකු පැවසීය. එම සෝදිසි මෙහෙයුම සදහා හදිසි අනතුරු අංශවල සේවකයන් සියයකට අධික ප්‍රමාණයක් සහ තවත් බොහෝ පිරිසක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් වාර්තා වෙයි. මැක්ස්ගේ ක්‍රියාව අගය කළ පොලිසිය, ඔහු 'ගෞරවනීය පොලිස් සුනඛයකු' ලෙස නම් කර ඇත. "මට සිතා ගන්න පුළුවන් වයස අවුරුදු තුනක දරුවෙක් රාත්‍රියේ, තද සීතලේ කෙතරම් බියට පත් වෙන්න ඇත්ද කියලා," පොලිස් පරීක්ෂක ක්‍රෙග් බේරී පැවසීය. "සුනඛයා ළඟ සිටි එක දැරියට ඉතා හොඳ දෙයක් වුණා. ඒ වගේම ඇයට උණුසුම්ව සිටීමට එය හේතුවක් වුණා" මේ තොරතුරුද දැනගන්න: ඇයි මැක්ස් මේ තරම් හිතවත්? වයසින් වැඩුණ සුනඛයන් මිනිසුන් සමග නිතර ගැවසීමට ප්‍රිය කරන අතර, මැක්ස් දැරිය අත නොහැර යෑමට එය හේතුවක් වූ බව මාහාචාර්ය පෝල් මැක්ග්‍රීවි පවසයි. දැරියගේ මානසික පීඩනය සුනඛයාට දැනී ඇති බව සතුන්ගේ හැසිරීම පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය මැක්ග්‍රීවි තව දුරටත් පැවසීය. "දැරිය හඬා වැටෙන විට ඇයව සැනසීමට සුනඛයා මෙලෙස හැසිරෙන්න ඇති බවට මම අනුමාන කරනවා. ඒ අතර ඇය අතහැර නොයා දිගටම ඇය සමග රැඳී සිටීම මැක්ස්ගේ මූලික අරමුණ වී තිබෙනවා" ඔහු බීබීසීයට ප්‍රකාශ කළේය.
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන් සිය ප්‍රථම කාන්තා ජනපතිනිය ලෙස සහලේ-වර්ක් සව්ඩේ (Sahle-Work Zewde) තෝරා පත්කර ගෙන තිබේ.
ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකයෙකු වන සහලේ-වර්ක් සව්ඩේ, මේ වන විට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාවයි ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකයෙකු වන සහලේ-වර්ක් සව්ඩේ, මේ වන විට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාවයි. එරට අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ හරි අඩක් තනතුරු දරන්නේ කාන්තාවන්ය. එම පත්කිරීම්වලින් සතියකට පසු සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපතිනිය ලෙස සාමාජික ඡන්දයෙන් තේරී පත් විය. ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව සිය තනතුරෙහි දිව්රුම් දීමෙන් පසු සහලේ-වර්ක් සව්ඩේ පොරොන්දු වූවාය. "සියලු මව්වරුන්ගේ නාමයෙන්, අපේ රටේ සාමය රැකගන්න කටයුතු කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. සාමය නැති වුණොත් මුලින්ම දුක් විඳින්නේ ඔබේ මව" යැයි ඇය පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ජනපතිනි සහලේ-වර්ක් සව්ඩේ සහ අග්‍රාමාත්‍ය අබියි අහ්මද් හිටපු ජනාධිපති මුලාටු ටෙෂෝම් බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය තනතුරෙන් ඉල්ලා අස් විය. ඒ සමගම පැවැත්වූ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්ද විමසීමකින් අනතුරුව සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපති තනතුරට තේරී පත් වූවාය. මේ තොරතුරුද දැනගන්න: "රාජ්‍ය නායිකාවක් ලෙස කාන්තාවක් පත් කිරීමෙන් අනාගතය සඳහා යම් සම්මතයන් නිර්මාණය වෙනවා පමණක් නොවෙයි, පොදු කටයුතුවල දී තීරණ ගන්නන් ලෙස කාන්තාවන් කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා" යැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානි ෆිට්සුම් අරෙගා පැවසුවේය. ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව ඇය පොරොන්දු වූවාය සහලේ-වර්ක් සව්ඩේ, ජිබුටි සහ සෙනගාලයේ ඉතියෝපියානු තානාපතිවරිය ලෙස ද සේවය කර තිබේ. එමෙන්ම, ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු ගණනාවක් හොබවා ඇති අතර මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ සාමය ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ප්‍රධානියා ද වුවාය. ජනාධිපතිනිය ලෙස තේරී පත් වීමට පෙර ඇය අප්‍රිකානු හවුලේ එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඉතියෝපියානු ව්‍යවස්ථාවට අනුව දේශපාලන බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට වන අතර, ජනාධිපති යනු ගෞරවනීය තනතුරක් පමණි. තවත් තොරතුරු:
කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත.
මෙම දැන්වීම පිලිබඳ පින්තුරය සමාජ මාධ්‍ය ජල වල දැඩි අවධානයට ලක්විය පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ. එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලය 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම්. බැලූ බැල්මට මෙම පෝස්ටරය මෝස්තර සඟරාවක පිටුවක් ලෙසයි පෙනෙන්නේ කාන්තාවන්ට එවැනි ඇඳුම් නීතියක් පැන වූ බව ශාන්ත ජෝසප් විදුහලේ පරිපාලන නිලධාරිනියක් සනාථ කළාය. එහෙත් එය එම විදුහලට පමණක් අදාළ නියෝගයක් නොවන බවයි, බීබීසී යේ අයේෂා පෙරේරා කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ. "ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම අදහසක් තියනවා පිරිමි ඇයට ඒ ගොල්ලන්ගේ 'හෝමෝනස් කන්ට්‍රෝල්' කරගන්න බැහැ කියලා. එහෙම කියන එක පිරිමි ළමයින්ටත් හොඳ නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලො සත්තු වගේ හැසිරෙනවා කියල. ඒක හරි කියල මම හිතන්නෙ නැහැ" යනුවෙනුයි අයේෂා පෙරේරා පැවසුවේ. සිරුරේ උඩ කොටසේ වැඩි ප්‍රමාණයක් අනාවරණය වන අයුරින් සාරිය ඇඳීමයි මතභේදයට ලක්වී ඇත්තේ තමා පාසැල් කිහිපයකටම මේ සම්බන්ධව කතා කළ බව කී අයේෂා පැවසුවේ මෙම දැන්වීම මගින් පාසැලේ ළමයින්ට වැරදි පණිවුඩයක් රැගෙන යන බවයි. "දැන් අනිත් රටවල් වල මිනිස්සු ඕන එකක් ඇඳගෙන යනව ළමයිව ගන්න, ඒ තැන්වල එහෙම ප්‍රශ්න නැහැ. මං හිතන්නෙ නැහැ ගැහැණුන්ට විනීතව අඳින්න කියල කියන්න ඕන කියල. එකෙන් අදහසක් එනව එක විදියකට අඳින කාන්තාවන්ට විතරයි 'රෙස්පෙක්ට්' කරන්න ඕන කියල. දැන් බලන්න ගැහැණු කෙනෙක් දුෂණයට ලක්වුනොත් මිනිස්සු ඉස්සරවෙලාම අහන්නේ එයා මොනවද ඇඳගෙන හිටියෙ කියල. අපි ඉන්නෙ 21 වැනි සියවසේ. මෙහෙම දැන්වීමක් දාන කොට අපි ළමයින්ට කියන්නෙ මෙහෙම ඇන්දේ නැතිනම් ඒ කාන්තාවන්ට ගෞරව කරන්න එපා කියල ඔයගොල්ලන්ට කැමති දෙයක් එයාලට කරන්න, කියන පණිවුඩය" යනුවෙනුයි ඇය වැඩි දුරටත් කියා සිටියේ. සිය විදුහලේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සනාථ කළේය. මේ නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා කෝපය පළ කර තිබිණ.
ඉරිදා (දෙසැම්බර් 16) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිව්රුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර සිකුරාදා (දෙසැම්බර් 14) පැවති "දුරකතන සංවාදයකින් පසු" මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය. කෙසේවෙතත්, නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඊයේ (දෙසැම්බර් 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය. "රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති," යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "එහෙම කිව්වේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසි ම කෙනෙක් ඊට එක්වෙන්න එපා කියලා කිව්වේ," යනුවෙනි. මේ අතර, ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. "රටේ ස්ථාවරභාවය ආරක්ෂාකිරීම පිණිස, සෙනසුරාදා ජාතිය ඇමතීමෙන් අනතුරුව අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති," බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. හිටපු ජනාධිපතිවරයා එම තීරණයට එළඹ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ප්‍රකාශකොට තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් කිසිවක් ප්‍රකාශකොට නැත. මේ ගැනත් දැනගන්න: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන කියා සිටියේ, සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් අලුතෙන් අගමැතිවරයෙක් පත්කිරීමේ හැකියාවක් නොමැති බවය. එබැවින් ජනවාරි මාසය වනවිට මුහුණදීමට සිදුවිය හැකි තත්වය සලකා බලා සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට "අගමැති මහින්ද රාජපක්ෂ" තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අගමැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ අලුත් අගමැතිවරයෙක් හෝ වෙනත් කිසිම දෙයක් කරන්න ජනාධිපතිතුමාට බෑ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත්කරන්නේ නැතුව, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කල් දාපු නිසා අපිට වෙන තීන්දුවක් ගන්න විදියකුත් නෑ. ඒ නිසා රට ගැන කල්පනා කරලා එතුමා ඉල්ලා අස්වෙලා ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දීමට," තීරණය කළ බවය. කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීමෙන් අනතුරුව සහ අධිකරණය විසින් වාරණයක් පනවනු ලැබ තිබෙන බැවින් මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති පදවිය නොදරන බවට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබේ. ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහිත අගමැතිවරයෙකු පදවියෙන් පහකිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැතිය යන්න සිය ස්ථාවරය බවය. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීම මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම ද නීතිය ඉදිරියේ වලංගු නොවන බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර බ්‍රහස්පතින්දා (දෙසැ. 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය. එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය. බ්‍රහස්පතින්දා (දෙසැ. 13) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," යනුවෙනි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය. තවත් කියවන්න:
ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු, ගුරුවරයෙකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයෙකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරදී සිය දිවියෙන් සමු ගත්තේය.
විසි වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාව හැර යන්නේ 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පණය හේතුවෙනි. සිය උපන් බිම හැර යාමෙන් අනතුරුව Institute of Race Relations (IRR) ආයතනයේ පුස්තකාලයාධිපති තනතුරට පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැගීම පිණිස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. පසුව ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට සහ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 'Race' (පසුව 'Race & Class') සඟරාවේ සංස්කාරක පදවියට ද පත්විය. ඔහු බ්‍රිතාන්‍ය සමාජයේ ආයතනගතව පවතින ජාතිවාදයට එරෙහිව හඬ නගන ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු බවට පත්වන්නේ ඒ සමයේදීය. ROTA ආයතනයේ Oral History ව්‍යාපෘතිය වෙනුවෙන් අම්බලවානර් සිවානන්දන් පිළිබඳව වීඩියෝ විශේෂාංගයක් නිර්මාණය කළ පූර්ණිමා කරුණාකඩාචරන් බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි, ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නමුදු ඔහුගේ අරගලය එක් ජාතියක් හෝ ජනවර්ගයක් පමණක් උදෙසා කෙරුණු අරගලයක් නොවේ. "ඔහු තමයි 'Politically Black' කියන සන්දර්භය හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ ඔහු සමේ වර්ණයෙන් ඔබ්බට ගියා. ඔහු කතා කළේ 'දේශපාලන වර්ණය' ගැන," යනුවෙන් පූර්ණිමා අදහස් පළ කළේ සිය මිතුරා අහිමිවීම පිළිබඳව ශෝකයෙන් තැවෙමිනි. සිවානන්දන් නම් "දැවැන්ත මිනිසා" පිළිබඳව කිසිදු ගුණ කථනයක් පරිපූර්ණ නොවන බව අවධාරණය කරන ඇය, "ඕනෑම ගුණ කථනයක් සිවා ගැන කරන වර්ණනාවෙන් සුළු කොටසක් විතරයි," යනුවෙන් ද සඳහන් කළාය. ROTA ආයතනය සමග සිය ළමා කාලය පිළිබඳව අදහස් දක්වමින් දෙමටගොඩ වාසය කළ සමයේ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජාතික දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය ඔහු සිහිපත් කර තිබුණි. බ්‍රිතාන්‍යයේදී ඔහුගේ මිතුරු කැලට තවත් ජාතීහු එක් වූහ. "මම සිංහල සින්දු කිවුව. මම බයිලා කැප්ටන් කෙනෙක්. මම අයිරිෂ් සින්දු කිවුව." කිසිවෙකු පිළිබඳ සැබෑ අර්ථකතනය විය යුත්තේ ඒ තැනැත්තාගේ ජාතිය, ආගම හෝ පසුබිම නොව ඔහුගේ/ඇයගේ "හැසිරීම" බව සිවානන්දන් අවධාරණය කළේය. බොහෝ දෙනා ඔහු හඳුන්වා දෙන්නේ ලේඛකයෙකු සහ බුද්ධිමතෙකු වශයෙන් බව පවසන පූර්ණිමා කරුණාකඩාචරන් විසින් සිවානන්දන් විග්‍රහ කරනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක සිය ආධිපත්‍යය විහිද වූ අද්විතීය මිනිසෙකු වශයෙනි. "ඔහු හමුවෙන්න කලින් පවා, මට ඔහුත් එක්ක ආත්මීය බැදීමක් තිබුණා." බීබීසී සිංහල සේවය සමග අතීතානුස්මරණයක යෙදුනු විශේෂාංග චිත්‍රපට ශිල්පිනියක වන මාගරට් හෙන්රි, සිවානන්දන් හඳුන්වා දුන්නේ 1978 තරම් ඈත යුගයේ පටන් තමන්ට ගුරුහරුකම් දෙමින් මග පෙන්වූ පුද්ගලයෙකු (mentor) වශයෙනි. ඉතාමත් දක්ෂ වාමාංශික චින්තකයෙකු වූ සිවානන්දන් ඉතා විශාල පිරිසකට බුද්ධිමත් චින්තනය සඳහා මග පෙන්වූ ගුරුවරයෙකු වූ බව ද මාගරට් හෙන්රි කෘතවේදීව සිහිපත් කරන්නීය. එමෙන්ම ඉතාමත්ම තියුණු චින්තන ශක්තියකින් හෙබි ඔහු අති දක්ෂ දේශපාලන විශ්ලේෂකයෙකු වූ බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය. 1978 දී සිවානන්දන් විසින් නිර්මාණය කරන ලද "Black's Britannia" විශේෂාංග චිත්‍රපටයට ද දායක වී ඇති මාගරට් පවසන පරිදි, සිය සමීපයන් සමග සංවාදයේ නිරතවන අතරවාරයේ රවීන්ද්‍රනාත් තාගෝර්, ටීඑස් එලියට් සහ හෆීස් වැනි ලෝක පූජිත කවියන්ගේ කවි පදයක්, දෙකක් උපුටා දැක්වීමට ද ඔහු බුහුටි විය. කෙසේ වුවත් පූර්ණිමා කරුණාකඩාචරන් පවසන පරිදී තමන් මග පෙන්වන්නෙකු (mentor) ලෙසින් විග්‍රහ කිරීම ගැන "සිවා" ගේ මනාපයක් නොවීය. "ඔහු කිවුවේ මම 'mentor' නෙමෙයි 'exemplar' (ආදර්ශමත්) කියල." සියලු ජාති, ආගම් සහ කුල ප්‍රජාවන්ට අයත් මිනිසුන් හඳුනාගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතුව තිබුණු බව පවසන පූර්ණිමා සැබැවින්ම ජාතිවාදයට සහ පන්ති භේදයට එරෙහිව ඔහු ගෙන ගිය සටන කිසිසේත්ම එක් ජන කොටසක් වෙනුවෙන් පමණක් කෙරුණු අරගලයක් නොවූ බව සිහිපත් කරන්නීය. "ඔහුගේ දර්ශනය වෙලා තිබුණේ දේශපාලන වශයෙන් පීඩාවට පත් ජන කොටස් එක්සේසත් කිරීම." ඔහු සමීපව ඇසුරු කළ පිරිස් මෙන්ම ඔහුගේ ලේඛන පරිශීලනය කළ ලොව පුරා වෙසෙන බොහෝ දෙනා ද දිවියෙන් සමුගත් මානව හිතවාදියාට සිය ප්‍රණාමය පළ කරමින් සිටිති. ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලේඛක කපිල එම් ගමගේ, සිවානන්දන් ලියූ පළමු නවකතාව වන 'When Memory Dies' ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම මෑතකදී හසිත අබේවර්ධන විසින් අරඹනු ලැබ ඇති බව සඳහන් කරයි. එය, එම කෘතිය සිංහලට නැගීමට සිවානන්දන් ලේඛකයා කලක් මුළුල්ලේ දැරූ උත්සාහය, ජීවිතයෙන් ඔහු සමුගෙන යාමෙන් පසුව හෝ මල් ඵල ගැන්වීමක් බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ. "වාමවාදී චින්තකයෙක් ලෙස ප්‍රකට සිවානන්දන් විශේෂයෙන් ජාතිය හා වර්ණය පදනම් කරගත් ගැටුම් පිළිබඳ සංවේදී බුද්ධිමතෙකු ලෙසින් ඒ පිළිබඳ ලියූ ලේඛණ ප්‍රමාණය අතිවිශාලයි," යනුවෙන් ද කපිල එම් ගමගේ, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මුහුණු පොතේ තැබූ සටහනකට ප්‍රතිචාර වශයෙන් මුහුණු පොතේ සටහන් කොට තිබේ. 'When Memory Dies' ලේඛකයෙකුගේ කුළුඳුල් නවකතාවට හිමිවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයන්ගේසම්මානයෙන් ද පිදුම් ලැබීය. 2000 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු 'Where the Dance is' ඔහුගේ එකම කෙටිකතා එකතුවය. සබැඳි යොමු:
පළාත් සභා සඳහා අය වැයෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදන කප්පාදු කර නැතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන ප්‍රකාශය මධ්‍යම පළාතේ මහ ඇමතිවරයා ප්‍රතික්ෂේප කරයි.
'මේක බලය විමධ්‍යගත කිරීමක් නෙවෙයි, බලය ඒකරාශී කිරීමකට තමයි ගිහිල්ල තියෙන්නේ' ගතව ගිය වසරේ අය වැයෙන් පළාත් සභා සඳහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදනවලට සාපේක්ෂව 2017 වසර සඳහා වෙන් කර තිබෙන්නේ එයින් 40-45% කට ආසන්න ප්‍රතිශතයක් බව මහ ඇමති සරත් ඒකනායක බීබීසී සංදේශයට පැවසීය. "මේක බලය විමධ්‍යගත කිරීමක් නෙවෙයි, බලය ඒකරාශී කිරීමකට තමයි ගිහිල්ල තියෙන්නේ," ඔහු පැවසීය. මුදල් ඇමතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ 2016 වසර සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන සියල්ල ලබා දෙන බව විනා 2017 වසරට අදාළ ප්‍රතිපාදන පිළිබඳව නොවන බවත් මහ ඇමතිවරයා පෙන්වා දෙයි. නඩු මගට? ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහිව නඩු මගට බැසීමට පවා මහ ඇමතිවරු සූදානම් බවට වාර්තා පළ වී තිබිණ. එසේ ප්‍රතිපාදන කප්පාදු කර තිබෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ දැයි සංදේශය කළ විමසීමට ප්‍රතිචාරය පළ කළ මහ ඇමති සරත් ඒකනායක, පළාත් සභාවලට පමණක් නොව සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන කප්පාදු කර ඇතැයි මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡාවකදී මුදල් ඇමතිවරයා සඳහන් කළ බව කියා සිටියේය. පළාත් සභාවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කර නැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි "නමුත් දැන් සවිස්තරව එලියට එනකොට අපිට පැහැදිලි වෙනවා, පළාත් සභා විෂයයන් සඳහා රේඛීය අමාත්‍යංශයට මුදල් වෙන්කරලා. මිලියන 4500 ක් වගේ මුදලක් මහාමාර්ග අමාත්‍යංශයට පළාත් පාලන මාර්ග හදන්න වෙන්කරලා තියෙනව." කිසියම් ලෙසකින් රේඛීය අමාත්‍යාංශය පළාත් පාලන ආයතන යටතේ පවතින කටයුතුවලට ඇඟිලි ගසන්නේ නම් නඩු මගට යාමට සිදුවනු ඇතැයි මහ ඇමතිවරුන් සඳහන් කළ බවත් ඔහු පැවසීය. පළාත් සභා 'සුදු අලියන්' බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන මහ ඇමතිවරයා, පළාත් සභා සුදු අලියන් බවට පත්වන්නේ අවශ්‍ය ප්‍රාග්ධන වියදම් ලබා නොදෙන්නේ නම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ගතව ගිය දශකයකට ආසන්න කාලය ඇතුලත අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත පිරිසකට අත් වූ ඉරණම කවරක්ද යන්න ඔවුන්ගේ මවු පියන්, දරු දැරියන් ඇතුලු සමීපතමයන්ට තවමත් අභිරහසක්.
ඔවුන්ගෙන් ඇතැමකු යළි කවදා හෝ පැමිණෙනු ඇතැයි ඇතැමකු බලාපොරොත්තු දල්වා සිටින අතරවාරයේ, සිය සමීපතමයා දිවි හැර ගොස් ඇති බව දන්නා නමුත් සත්‍යය සොයා ගැනීමට තවත් සමහරෙක් තවමත් උත්සාහ දරමින් සිටිති. ඒ අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය පසුගිය අගෝස්තු 30 වැනි දිනට යෙදී තිබිණ. අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විශේෂ කාව්‍ය රචනා තරඟයක් දියත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි, බලහත්කාර අතුරුදහන් කරවීම් ලොව වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙන්. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි කාව්‍ය රචනා තරගයක් දියත් කළ පමණින් සිය සමීතමයන්ට අත් වූ ඉරණම කවරක් දැයි නොදැන වේදනාවෙන් තැවෙන දස දහස් සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගේ ඒ වේදනාව සමනය කෙරෙන්නේද? "වේදනාව යටපත් කිරීමක් මම හිතන්නේ කරන්න අමාරුයි කවිය සහ වෙනත් කලා අංශවලින්," යන්නයි ඒ ප්‍රශ්නයට ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩගේ ප්‍රතිචාරය වූයේ. සිංහල 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරගයේ සිංහල භාෂා අංශයේ එක් විනිශ්චයකරුවෙක්. "කරන්න පුළුවන් වෙන්නේ ඒ වේදනාව දිහා වෙනත් අංශවලින් බලන්නට මිනිසුන්ව යොමු කිරීමයි." ලබන ඔක්තෝබර් 30 වැනි දින දක්වා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 'පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන' "විශේෂයෙන්ම දේශපාලනික කාරණා මුල් කරගෙන, පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන කියල," ඔහු පැවසීය. අතුරුදහන්වූවන් පිළිබඳව තොරතුරු සෙවීම සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන සලසන දේශපාලන ව්‍යාපාර ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක වූ නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ කළ කලාවේ අවශ්‍යතාවය මතුවන බවයි, දේශපාලන විශ්ලේෂකයකුද වන ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ජනවාරි මාසයේ පැවති ජනපතිවරණයෙන් සහ අගෝස්තු මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇති වූ පරිවර්තනය හමුවේ ගතව ගිය දශකයක පමණ කාලය ඇතුලත දිවයිනේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ආපසු හැරී බැලීමට 'අවකාශයක් උදා වී ඇති' බව ඔහුගේ අදහසයි. 'අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්' එහෙත් එසේ 'ආපසු හැරී බැලූ' පමණින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු වන්නේද? "ඇත්තෙන්ම ඔබ ඔය කියන කාරණය කවියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි," ඒ යළිත් ගාමිණී වියන්ගොඩ. (ඔහු සමඟ බීබීසී සංදේශයේ සංවාදයට සවන් දෙන්න) "එක ඇත්තවශයෙන්ම කළ යුත්තේ පාලකයා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සමස්තයක් වශයෙන් ගත්තහම සමාජය. මේ සමාජය දැනගන්න ඕනේ ඒ ඇතිවෙච්ච පීඩාවට විසඳුම් කොහොමද සොයා ගන්නේ කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් සමාජයට තියෙන්න ඕනේ." එමෙන්ම වත්මන් ප්‍රශ්නයට පිළියම් යොදන අතරම අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී කවියාගේ කාර්යභාරය එයට අත්වැලක් සැපයීම පමණක් බව ඔහුගේ අදහසයි. "ඉතින් ඒක තීරණය වෙන්නේ එක පැත්තකින් අපේ රටේ නව පාලකයන් මේ කියන ප්‍රශ්න බරසාරව ගනීද කියන කාරණය, අනිත් පැත්තෙන් කලාකරුවන් මේක කොච්චර දුරට ගැඹුරින් තේරුම් ගනීද කියන කාරණා මත." 'අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතුයි' ගතව ගිය දශක කිහිපය තුල ශ්‍රී ලාංකීය බලධාරීන්ගේ මෙන්ම සමාජයේද ක්‍රියාකලාපය දෙස යළි විමසුම් බැල්මක් හැලීමට කාලය එළඹ ඇති බවයි ප්‍රවීණ ලේඛකයා පවසන්නේ. "අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්." (entry.poetry@amnesty.org ඊමේල් ලිපිනයට ඔබේ කවි රචනා යොමු කරන්න)
තායිලන්ත යුධ හමුදා මුලස්ථානයට අනවසරයෙන් ඇතුල්වූ සිය ගණනක් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ රැළියක් පැවැත්වුහ.
තමන් ගෙන යන අරගලයට සහය දෙන්නැයි ඔවුහු හමුදාවෙන් ඉල්ලා සිටියහ යින්ග්ලක් ෂිනවත්‍රා ගේ රජයට එරෙහිව තමන් ගෙනයන අරගලයට සහය වන්නැයි යුධ හමුදාවෙන් ඉල්ලා සිටි ඔවුන් පසුව කළබල කිරීමකින් තොරව ඉවත්ව ගියහ. අගමැතිනි යින්ග්ලක් ට එරෙහිව නැගී ඇති චෝදනාව වන්නේ ඇය ඇගේ සොහොයුරු, බලයෙන් පහකෙරුණු හිටපු අගමැති, තක්ෂින් ෂිනවත්‍රා ගේ බලපෑම් වලට යටත්වී කටයුතු කිරීමයි. පසුගිය බ්‍රහස්පතින්දා ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග චන්ද විමසීමෙන් පහසුවෙන් බේරී යාමට සමත්වූ අගමැතිනි යින්ග්ලක් ඉක්මන් මැතිවරණයක් පිලිබඳ කිසිදු සැලසුමක් නැති බව පැවසුවාය. උද්ඝෝෂණ පැවති සතියක කාලය තුළ රජය සතු ගොඩනැගිළි අත් පත් කරගෙන සිටීම පිළිබඳව උද්ඝෝෂකයන් වෙත හමුදාවෙන් සුළු විරෝධයක් එල්ලවීය .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
"නැහැ අපිට එහෙම බලාපොරොත්තුවක් නැහැ. දැනට මේ කණ්ඩායමේ ඉන්න හොඳම නායකයා ඇන්ජලෝ මැතිව්ස්" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. කෙසේ නමුත් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයකුවන ඇන්ජලෝ මැතිව්ස් කීපවතාවක්ම ආබාධවලට ලක් වීම අවාසනාවන්ත තත්වයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේය. කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ඇතැම්විට ඔහු මීළඟ T20 තරගාවලියට සහභාගී නොවනු ඇති බවත් ඔහු පැවසීය. "අපේ ඉන්න ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීලා ඔවුන් උඩට ගත යුතුයි. ඉන්දියාවෙන් ගෙනත් ගහන්න බැහැනේ. අපේ ඉන්න ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ඇන්ජලෝ මැතිව්ස් ගැන මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා. මට නම් ඔහු හොඳ නායකයෙක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඇන්ජලෝ මත්ව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්' දියත්ව තිබෙන බවට ඩේලි මිරර් මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ පරාජයකට මුහුණදීමෙන් අනතුරුව ඔහුගේ නායකත්වය පිළිබඳව ක්‍රීඩාලෝලීහු ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළකරති.
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගෙලා මාර්කෙල් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රයෝගික හා ධනාත්මක වැඩපිළිවෙළක් යෝජනා කිරීමත් සමග අසල්වැසි රටවල්ද ඒ වෙනුවෙන් යම් තරමින් සහන සැලසීම සඳහා ඉදිරිපත් වීම අස්වැසිල්ලට කරුණක්.
බටහිර යුරෝපීය රටවල් කරා දිනපතා ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා හවුලේ රටවල් මේ දක්වා පොදු ප්‍රතිපත්තියකට එළඹ නොමැති හැඩකුයි පෙනෙන්නට තිබුණේ. මේ අතර සමීක්ෂණ වාර්තාවලට අනුව ජර්මන් ජනතාවගෙන් 53% ක් කියා සිටින්නේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මාර්කෙල් කර තිබෙන වැඩ කොටස කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. කෙසේ නමුත් මාර්කෙල් ආදර්ශයට ගැනීමක් නිසාදෝ ෆින්ලන්තයේ අගමැති ජුහා සිපිලා පෞද්ගලිකව ඔහු සතු නිවසක් සංක්‍රමණිකයන්ට පිරි නැමීමට තීරණය කිරීම මෙම අර්බුදයට මානුෂික පිළිතුරක් සෙවීම පිළිබඳ වන නව ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකියි. ලොවට ආදර්ශයක් දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමටත් පෙර හිට්ලර් ගේ ජාතික සමාජවාදී පක්ෂය අනුගමනය කළ යුදෙව්වන් වඳ කරලීමේ නට්සි ප්‍රතිපත්තිය නිසා අතීතයේ ජර්මනියට අත් පත් වූ අවමානයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර ගැටළුවලදී සක්‍රිය සත්කාරක පාර්ශවයක් ලෙස ක්‍රියා කිරීමට ජර්මනියේ මෙතෙක් පත් වූ සෑම ආණ්ඩුවක් පාහේම ගත් උත්සාහයන් ලෝක ප්‍රජාවගේ ඇගයුමට ලක් වී තිබේ. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සතු හෙයින් මෙවැනි අර්බුදයකදී ප්‍රමුඛත්වයක් ගෙන වැඩ කිරීමට ජර්මනිය සමත් වී තිබේ. ඕස්ට්‍රියාවේ වියානා නුවර සිට සරණාගතයින් රැගෙන බැවේරියාවේ අගනුවර වන මියුනික් ප්‍රධාන දුම්රිය පොළ වෙත ළඟා වූ ප්‍රථම දුම්රියේ පැමිණි බාල මහලු තරුණ සරණාගතයින් පිළිගැනීමට තෑගී බෝග ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දෑ රැගෙන ආ ජර්මන් ජනතාව පෙන්වූ මානුෂික, සානුකම්පිත හා සුහදතාවය සරණාගතයින් කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්වයක් වූවා විය හැක. නමුත් එය එසේ සිදු වූවා පමණක් නොව ලොවට ආර්ශයක්ද විය. ජර්මන් ජනතාවගෙන් 70% පමණ පිරිසකගේ මතය වී ඇත්තේ සරණාගතයින්ගේ ආගමනය ජර්මන් ආර්ථිකයට ආශීර්වාදයක් විය හැකි බවයි. දශක ගණනාවක් තිස්සේ ජර්මනියේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දෙන සංක්‍රමණික තුර්කි ශ්‍රම බලකාය මීට කදිම උදාහරණයක්. සර්බියානු දේශ සීමාව හරහා හංගේරියාවට ඇතුළු වන සිරියානු ජාතිකයින් ඉහත කී පිරිසෙන් 99% පමණ මුස්ලිම් භක්තිකයින් වීම නොඉවසන "දැඩි මතධාරී" ජර්මන් කොටස් සිටින නමුත් ගුණාත්මක වශයෙන් ඊට එරෙහිව යාමට අන්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොතිබෙන නමුත් නිවට අන්දමින් සැඟවී කරන පහර දීම් හා ගිනි තැබීම් වරින් වර සිදු නොවුනා නොවේ. දැඩි මතධාරීන් නමුත් එවැනි තත්වයන් පාලනය කර ගැනීමට ජර්මන් බලධාහු සමත් වූහ. මේ අතර ජර්මන් ජනතාවගෙන් 65% කගේ මතය වී ඇත්තේ සරණාගත ආගමනය තුළින් ජර්මනියට "තිරිහන්" වූවා නැතිනම් නව යොවුන් බවක් ලැබූ බවයි. මෙයට හේතුව ජර්මන් ජාතිය ජනගහන වර්ධනයේ සෘණ තත්වයේ පසු වීම හේතුවෙන් පැන නැගී ඇති සමාජ ආර්ථික ගැටලුවලට යම් තරමක අස්වැසිල්ලක් මෙයින් ඇතිවේ යැයි ජනතාව විසින් කරන ලද උපකල්පනයයි. ජර්මන් ජනතාවගේ මෙම සාධනීය ආකල්ප හේතුවෙන් ලොව පුරාම සිටින ආර්ථික හා දේශපාලන සරණාගතයින් රැකවරණ ලබා ගැනීම සඳහා පළමුව හා වැඩි වශයෙන්ම තෝරා ගනු ලබන රට ජර්මනියයි. ජර්මන් ආර්ථිකයේ ධනාත්මක වර්ධනය, කම්කරු ආරක්ෂණ වැඩපිළිවෙළ, සිතීමේ හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා නිදහස තහවුරු කරන නීති රීති පද්ධති අකුරටම ක්‍රියාවේ යෙදීම හේතුවෙන් ජර්මනිය සරණාගතයින්ට "මිහිපිට සුරපුරක්" ලෙස පෙනීම පුදුමයට කාරණයක් නොවේ. ජර්මනියේ රැකවරණ පතන සිරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ගෙන් 100% කටම පාහේ රටට ඇතුල් වීමේ අවසරය දීමට බලධාරීන් තීරණය කොට තිබේ. මිහිපිට සුරපුරක් සිරියාවේ පවතින කුරිරු යුද්ධයේ බිහිසුණු බව නිසාත් ඉන් දැඩි ලෙස පීඩා විඳින කුඩා දරුවන් හා කාන්තාවන් ගේ ඉරණමත් ගැන සලකා ජර්මනිය මේ නිගමනයට එළඹෙන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් සිරියාවේ සිට පැමිණි සංක්‍රමණික සරණාගතයින් රැගත් බෝට්ටුවක් මුහුද මැද දී විපතට පත්වීම නිසා ශෝචනීය ලෙස මරු තුරුලට ගිය තරුණ මවක් සහ ඇගේ සිඟිති පුතුන් දෙදෙනා පිළිබඳ ඛේදවාචකය හා එයින් කම්පා වී වැලපෙන පියාගේ කතාව මාධ්‍ය මගින් ලොව පුරා ප්‍රචාරය විය. ඒ සමගම යුරෝපා හවුලේ රටවල් නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ දැක්වූ ආකල්ප යම් තරමකින් වෙනස් කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබිණි. දැඩි ආරක්ෂණ නීති රීති වෙනුවට මානුෂිකව මෙම ප්‍රශ්නය දෙස බැලීමට යුරෝපා හවුලේ රටවල් දැන් පියවර ගන්නා බව පැහැදිලියි. සංක්‍රමණික ගැටළුවේදී ලිස්සා යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මේ නිසා තනි රටකට නොහැකි වනු ඇත. අවසාන විග්‍රහයේදී අප කවුරුත් වේදනාව හඳුනන මිනිස්කම වෙනුවෙන් නිරන්තර සංවේදීතාවයෙන් පෙළෙන ජීවීන් කොටසක් බව මෙනෙහි කර ගැනීමට කදිම අවස්ථාවක් මේ ව්‍යසනය හරහා මතු වී තිබේ. මිනිස් දහමට ජාති, ආගම්, කුල ගෝත්‍ර හා භූගෝලීය වෙනස්කම් බල නොපාන බව සනාථ කිරීමේ ක්‍රියාවලියක යුරෝපා රටවල් නිරතව සිටින විරල අවස්ථාවක් ලෙසද මේ ක්‍රියාදාමය ඉතිහාසයට එකතු වන බව පැහැදිලියි. (මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පුද්ගලික මතයයි)
පැහැර ගැනීමට ලක්ව නිදහස් කෙරුණු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව සෝමාලියාවේ බෝසාසෝ වරායට ඇතුළු වූ බව එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල පවසයි.
'Aris13' නමැති පැහැරගැනීමට ලක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙක් ගමන් ගත්හ තමන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය බේරා ගනු ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් එහි පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර ඇති බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. නිදහස් කෙරුණු නෞකාවේ ආරක්ෂාවට කොමාන්ඩෝ සාමාජිකයන් තිස් පස් දෙනෙකු සහ බෝට්ටු පහක් යොදවා ඇති බව කී ඔහු සෝමාලි ආණ්ඩුවේ මුහුදු මංකොල්ල මර්දන ඒකකය දින තුනක් සිය නැව වට කොට මංකොල්ලකරුවන්ට ප්‍රහාර එල්ල කළ බව ද සඳහන් කළේය. සිය නිදහස වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට ස්තුති කරන බව ඔහු කියා සිටියේය. ඔලුවට තුවක්කුවක් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මංකොල්ලකරුවන් විසින් දැඩි මානසික පීඩනයක් එල්ල කරනු ලැබුවත් කිසිදු ශාරීරික පීඩාවකට ලක් නොකෙරුණු බවය. මංකොල්ලකරුවන් නැව වෙත ළඟාවන විට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඒ බව ජාත්‍යන්තර ආයතන වෙත දැනුම් දුන් බව කී ඔහු තමන් නිරුපද්‍රිතව නිදහස් වීමට එය එක් හේතුවක් වූ බව සඳහන් කළේය. "අන්තිම මොහොතේ ඒ අය උත්සාහ කළා අපිට වෙඩි තියලා වගේ යන්න. ඒත් වාසනාවකට ඒ දේ සිද්ධ වුනේ නැහැ. අපේ සියලු බඩු බාහිරාදිය අරන් ගියා. අපිට ආපදාවක් වුනේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය. කාර්ය මණ්ඩලය සතුව තිබූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මංකොල්ලකරුවන් භාරයට ගනු ලැබූ බව කී ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල, එක් දුරකථන මාර්ගයක් පමණක් විවෘතව තැබීමට ඔවුන් කටයුතු කළ බව සඳහන් කළේය. "නමුත් මේ දුරකථනය විසන්ධි කළේ නැහැ, මොකද ඒ අයට අවශ්‍ය වුනා ඒ හරහා අනෙක් බෝට්ටු අයින් කරන්න, ඒ වගේ දේවල්වලට පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ඒ අයට නොතේරෙන්න අපේ භාෂාවෙන් අපි ඇමතිවරු හා සම්බන්ධ වුනා. " මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ඇති සෝමාලියානු ආණ්ඩුවේ විශේෂ හමුදා ඒකකය තමන් නිදහස් කර ගැනීම සඳහා සූක්ෂ්ම සහ දක්ෂ ලෙස යුද උපකරණ භාවිත කළ බවත් ඔහු කියා සිටියේය. "මොකද අපි තෙල් පුරවපු නැවක්. හදිස්සියේ තෙල් ටැංකියකට ගැහුවා නම් මුළු නැවම ගිනි අරන් අපි විනාශ වෙන්න තිබුණා. ඒ තෙල් ටැංකි බේරලා අපටත් හානියක් නොවෙන විදිහට කටයුතු කරන්න ඔවුන් උත්සාහ කළා. මංකොල්ලකරුවන්ට වෙඩි තියලා ඔවුන්ගේ මානසිකත්වය වැට්ටුවා" අවසාන මොහොතේ මුහුදු කොල්ලකරුවෝ තීරණය කළා ඒ අයට මේගොල්ලෝ එක්ක හැපෙන්න බැහැ, තව හිටියොත් මැරෙන්න වෙනවා කියලා හිතලා ඒ අය පැනලා ගියා" යනුවෙන් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල වැඩිදුරටත් කියා සිටියේය.
දෙමළ මවගේ දරුවන් වන ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාව සිංහල භාෂාව කතා කිරීම අගය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි "විවිධ භාෂා කතා කරන විවිධ ජනකොටස් එකට සාමුහිකව ජීවත්වීම තරම් අගනා දෙයක් තවත් නැතැයි" කියා සිටියේය.
දික්ඔය නව රෝහල් සංකීර්ණය ජනතා අයිතියට ඉන්දීය අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ වතුකරයේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාව අමතමිනි. අද (මැයි 12) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන ජාත්‍යන්තර වෙසක් සමුළුවට සහභාගී වූ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව මධ්‍යම කඳුකරය බලා පිටත් වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද සමඟය. අගමැති මෝදි එම සංචාරයේ දී ඉන්දීය මූල්‍ය ආධාරය ඇතිව ඉදි කරන ලද දික්ඔය රෝහලේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය. ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස දැනට ඉදිවෙන නිවාස හාර දහසට අතිරේකව වතුකරයේ ජනතාවට තවත් නිවාස දහදාහක් ඉදිකිරීමට සියරට කටයුතු කරන බව ඉන්දීය අගමැතිවරයා ජනතා අත්පොළසන් මැද ප්‍රකාශ කළේය. "ඔබගේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ළඟා වුනේ මෙයින් අවුරුදු දෙසීයකට ආසන්න කාලයකට පෙර. එම ඓතිහාසික සන්ධිස්ථානයට අප සමීප වෙමින් සිටියදී ඉන්දියාව ඔබේ ඉදිරි ගමනේ හවුල්කරුවකු වන බවට මම සහතික වෙනවා. ඔබේ ජීවන තත්වය නංවාලීමට ශ්‍රී ලංකාව ක්‍රියාන්විත පියවර ගනිමින් සිටින අතර එම ප්‍රයත්නයට ඉන්දියාවේ සහයෝගයත් ලැබෙනවා" අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. කොළඹ සහ බරණැස අගමැති නරේන්ද්‍ර මෝදි වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේ දී පහත සඳහන් කරුණු කෙරෙහිත් සිය අවධානය යොමු කළේය. සිය කතාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති නරේන්ද්‍ර මෝදි, තේ අපනයනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වෙනි තැන හිමිකර ගන්නා බව පවසමින් එමගින් රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමයක් උපයා දෙමින් ශ්‍රී ලංකා තේ සන්නාමය පිටුපස සිටින වතුකරයේ ජනතාවට සිය ගෞරවය හා ස්තුතිය පුද කරන බවත් සඳහන් කළේය. වතුකරයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙලට සිය රජයේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ඉන්දීය අගමැතිවරයා පවසයි. තමිල්නාඩුවේ හිටපු මහඇමති, ජනප්‍රිය චිත්‍රපට නළු එම්.ජී.රාමචන්ද්‍රන් ශ්‍රී ලංකාවේ වතුකරයේ ජන්ම ලාභය ලද බව සිහිපත් කළ අගමැති නරේන්ද්‍ර මෝදි, ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ද එම ජනතාව අතරින් බිහිවූ ක්‍රීඩකයකු බවත් සඳහන් කළේය.
මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ මට්ටමට ඔසවා තබමින් ජනාධිපති ෂී ජින්පිං ගේ නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා කැමැත්ත ලබා දෙමින් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
"ෂී ජින්පිං සංකල්පය" ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඒකමතිකව තීන්දු කෙරුණේ චීනයේ වඩාත් වැදගත්ම දේශපාලන හමුව ලෙස සැලකෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසානයේදීය. 2012 බලයට පත් වූ ජනාධිපති ෂී විසින් ක්‍රමයෙන් සිය බලය තහවුරු කර ගනු ලැබ තිබේ. ඉහත කී පියවර ගනු ලැබීමත් සමග ජනාධිපති ෂී වෙත එල්ලවන කුමන හෝ ආකාරයේ අභියෝගයක් පාලක කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන තර්ජනයක් සේ සැලකෙනු ඇත. "නව යුගයක් සඳහා චීනයටම ආවේණික වූ ලක්ෂණ සහ සමාජවාදය සම්බන්ධයෙන් ෂී ජින්පිං සංකල්පය" චීනයේ කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා අවසන් අනුමැතිය ලබා දෙනු වස් බීජිං නුවර "මහා ශාලාවට" පක්ෂ නියෝජිතයන් 2000 අධික සංඛ්‍යාවක් රැස්වූහ. ඒ සඳහා පැවති ක්‍රියාවලිය අවසානයේ ඊට යම් කිසි විරෝධයක් ඇත්දැයි පක්ෂ නියෝජිතයන්ගෙන් කළ විමසීමේ දී "කිසිඳු විරුද්ධත්වයක් නැහැ" යනුවෙන් සියලු දෙනා ම එක හෙලා හඬ නැගූ බව එහි සිටි මාධ්‍යවේදීහු වාර්තා කළහ. මහජන චීන ජනරජය අගනුවර: බීජිං ජනගහනය බිලියන 1.35 භූමිය වර්ග කි.මී මිලියන 9.6 ප්‍රධාන භාෂාව චීන මැන්ඩරින් ප්‍රධාන ආගම බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, ටාඕ ආයු අපේක්ෂාව අවුරුදු 76 (කාන්තා), අවුරුදු 72 (පුරුෂ) මුදල් ඒකකය යුවාන් මීට පෙර සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළ ද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර වෙන කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර නොතිබිණි. මාවෝ සේතුං සහ ඩෙං ෂියාඕපිං යන නායකයන්ගේ නම් පමණක් මතවාදය සඳහා ඇතුළත් වූ අතර ෂියාඕපිං ගේ නම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණේ ඔහුගේ අභාවයෙන් අනතුරුවය. ලක්ෂ 900 වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සමග පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රජයේ කර්මාන්ත ශාලාවල සේවකයන්ට ද "ෂී ජින්පිං සංකල්පය" අධ්‍යයනය කිරීම සඳහා එක් වීමට සිදු වනු ඇත. "නව යුගයක්" යන යෙදුම මගින් වර්තමානය නවීන චීනයේ තෙවෙනි පරිච්ඡේදය ලෙස හැඳින්වීම කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී තිබේ. සිවිල් යුද්ධයෙන් ව්‍යසනයට පත් වූ රට එක්සත් කළ මාවෝ සේතුං යුගය චීනයේ පළමු පරිච්ඡේදය ලෙස සැලකේ. ඩෙං ෂියාඕපිං පාලනය යටතේ චීනය ධනවත් රටක් බවට පත් වීම එහි දෙවෙනි පරිච්ඡේදය ලෙස සැලකිය හැක. වත්මන් "නව යුගයට" අනුව තවත් එක්සත් සහ ධනවත් වන අතරම දේශීය වශයෙන් තවත් ශික්ෂණය වෙමින් විදේශ තුළ ශක්තිමත් වීම චීනයේ අරමුණ වනු ඇත. ජනාධිපති ෂී ජින්පිං ගේ සංකල්පය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග ඔහුගේ තරගකරුවන්ට කොමියුනිස්ට් පක්ෂයට තර්ජනයක් එල්ල නොකොට ඔහුට අභියෝග කිරීමට නොහැකි වනු ඇත.
සාලියවැව පොලිසියේ නිලධාරීන් යයි පැවසෙන පිරිසක් පලුගස්සේගම ප්‍රදේශයේ පදිංචි ගැබිනි මවකට පහර දුන් බවට එල්ල වන චෝදනා පිළිබඳ මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් කාන්තා සංවිධානවල විරෝධය පළ වෙමින් ඇත.
පහර කෑ බව පැවසෙන ගැබිනි මව හසිකා ශෂිකාන්ති ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ක්‍රියා කරන ලෙස සවිස්ත්‍රී කාන්තා සංවිධානය පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් සහ පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියි. ගැබිනි මවකට පහර දී තිබියදීත් වගකිවයුතු ආයතනයක් ලෙස පොලිසිය නිහඩව සිටීම කෙතරම් යුක්ති සහගතද දැයි සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ජාතික ලේකම් පද්මා පුෂ්පකාන්ති ප්‍රශ්න කරයි. මහජන සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැප වූ ආයතනයක නිල දරුවන් රාත්‍රියේ බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී ගැබිනි මවකට පහර දෙන තත්වයක් යටතේ තමන් පැතූ නිදහස නියමාකාරයෙන් ලබුනේ දැයි යන්න පිළිබඳ සැක පහළ වන බව 'දාබිඳු සමූහිකයේ' චමිලා තුෂාරි චමිලා පවසයි. ගැබිණි මවකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් 'වගකිවයුත්තන් නිහඬයි' කාන්තාවක් සහ දැරියක් වෙසෙන නිවසට රාත්‍රියේ කඩා පැන ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා රජයද එවැනි ප්‍රහාර අනුමත කරන බවට ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබා දෙන බව මාධ්‍යවේදීනි මෙලනි මානෙල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියාය. එම තත්වය පසුගිය පාලන සමයේ සිදු වූ අතුරුදන් කිරීම්, පහර දීම්, අත්අඩංගුවේ සිටියදී සිය දිවි හානි කර ගැනීම හෝ මිය යෑම වැනි සිදුවීම්වලට සමාන බවත් ඇය පෙන්වා දෙයි. මේ වන විට තම නිවසේ නිදහසේ ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව පහර කෑමට ලක් වූ බව පැවසෙන ගැබිනි මව හසිකා ශෂිකාන්ති පවසන්නීය. තමා ස්වාමියා සහ දියණිය සමග සහෝදරියකගේ නිවසේ ජිවත් වන බව කියා සිටි ඇය තම ස්වාමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කොට හෝ අත්අඩංගුවට ගන්නා බව කියමින් පොලිසිය තර්ජන කරන බවත් සඳහන් කළාය. 'පොලිසියේ ප්‍රතිචාරය' ඉහත කී චෝදනා පිළිබඳ සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්.සි. සි. කුමාරසිංහගෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ සිය නිලධාරීන් අදාළ නිවසට ගිය කාරණය ප්‍රකාශ කළ නොහැකි බවයි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ. පහර කෑ බව පැවසෙන ගැබිනි මවගේ සැමියා හමුදාවෙන් පැන ආ පුද්ගලයකු බව කියා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ඔහු හමුදා අත්අඩංගුවේ පසු වන බව පවසයි. පොලිසියේ රාජකාරියට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි සාලියවැව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශ අවට ඇති කරවන ලද අවාසනාවන්ත ජාතිවාදී උසිගැන්වීම්වලට නැවත ඉඩ නොතබන ලෙස වගකිවයුතු සියලුදෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව කලාකරුවන් හා වියතුන් කණ්ඩායමක් ඉල්ලා සිටිති.
සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ජාතික සමගිය, සහෝදරත්වය, සහ සුහදශීලිත්වය ගොඩනැගීම් සඳහා කැපවෙන මෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජන කණ්ඩායම් වලින් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටින බවත් එම කලාකරුවන් සහ වියතුන් කණ්ඩායම සිය අත්සනින් යුතු ප්‍රකාශනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති. ඔවුන්ගේ ප්‍රකාශනයට අත්සන් තැබූ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ,ජාතීන් අතර ඇති සමගියට අකුල් හෙලන මූලික වශයෙන් ගත් කළ ප්‍රබල ලෙස ජාතිවාදය පතුරුවන වැඩපිළිවලක් ටට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. එය සංවිධානාත්මකව සිදු කෙරෙන නිසා තමන් ඇතුළු කලාකරුවන් කණ්ඩායමකට ප්‍රශ්නයට මැදිහත් වෙමින් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වූ බවයි සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ප්‍රකාශ කළේ. අධිපතිවාදයේ සැලැස්මක් '83 කළු ජූලිය' වැනි අත්දැකීම්වලින් සිදුවූ බලවත් විනාශය අප ඇත දැක ඇති සඳහන් කළ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ එවන් විනාශයක් නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතු බවපතිරාජ අවධාරණයකළේය. “මෙවැනි විනාශයකට පාර කපන්නේ මිනිස්සු ටික දෙනෙක් ඇවිස්සීමෙන් කියල අපි හිතනවා. එය ජාතීන් දෙකක වැඩක් කියල අපි හිතනවා.ඒත් ඊට වඩා ගැඹුරට බැලුවොත් මේක පවතින නිල අධිපතිවාදය විසින්ම සකස් කොට හදා ගත්ත එකක් කියන එක අපි වටහා ගෙන තියෙනවා” ඔහු පෙන්වා දෙයි. බෞද්ධ, මුස්ලිම්, දෙමළ යන ජන කොටස් අතර කිසියම් වයිරයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ පවතින අධිපතිවාදය පවත්වාගෙන යාමට වෙන විකල්පයක් නැති නිසා යයි කලාකරුවන් විශ්වාශ කරන්නේ බවත් ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ තවදුරටත් ප්‍රකාශ කළේය. ආරියවංශ රණවීර, පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, චද්‍රගුප්ත තේනුවර, ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු කලාකරුවෝ පනස් නව දෙනෙක් එම ප්‍රකාශනයට අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් සහ වමේ කොටස් රැසක් සමගින් පිහිටුවා ගත් යහ පාලන පෙරමුණට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් පක්ෂයෙන් නාම යෝජනා දොළහක් හෝ දහතුනක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසි සංදේශයට යට කියා සිටියේය.
රාජිත සේනාරත්න එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තම අපේක්ෂකයින් ඉදිරිපත්වෙන අතර මැතිවරණයෙන් අනතුරුව යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයයක් ලෙස ලියාපදිංචි කෙරෙන බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. පුළුල් පෙරමුණක් මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එකතුව, අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් සහ සම සමාජ ,කොමියුනිස්ට් පක්ෂ වල විකල්ප කණ්ඩායම ඇතුළු කණ්ඩායම් රැසක් තමන් හා එක්ව සිටින බවයි සේනාරත්න ඇමතිවරයා කියා සිටින්නේ. කොළඹ,කළුතර,ගම්පහ,මහනුවර,රත්නපුර,ගාල්ල,මාතලේ යන දිස්ත්‍රික්ක වලින් තම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව රාජිත සේනාරත්න පැවසීය. ජනාධිපතිවරයා හමුවී යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් පිළිබඳව විමසු විට රාජිත සේනාරත්න කියා සිටියේ චම්පික රණවක,අර්ජුන රණතුංග, එම්කේ ඩී එස් ගුණවර්ධන යන ඇමතිවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වහන්සේ තම පෙරමුණ හරහා නාම යෝජනා ලැබීමට නියමිතව සිටින බවයි. මෙම නව පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආශීර්වාදය සහ සහයෝගය ලැබෙන්නේ දැයි විමසු විට,තමන් ඊයේ(සිකුරාදා) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී ඔහුව මෙම වැඩ පිළිවෙල පිළිබඳව දැනුවත් කළ බව පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණය පිළිබඳව දක්වන ස්ථාවරය නාමයෝජනා භාර ගැනීම අවසන් වන ජුලි දහතුන්වෙනිදා හෝ එයින් පසුව ප්‍රකාශයට පත් කරන බවතමන්ට කියාසිටී බව රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
නැගෙනහිර යුක්රේනයේ දනේත්ස්ක් නගරයේ රුසියාවට හිතවාදී කැරලිකරුවන් විසින් අල්ලා ගෙන සිටි ගුවන් තොටුපල නැවතත් සිය භාරයට ගත් බව යුක්‍රේන බලධාරීන් පවසති.
යුක්‍රේනය ප්‍රහාරක ගුවන් යානා යොදා ගත් බවයි කැරලිකරුවන් කියා සිටින්නේ ගුවන් තොටුපල අත්පත් කර ගැනීම වෙනුවෙන් කළ සටනේ දී සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් එහි තවමත් වෙඩි ප්‍රහාරවල හඬ අසන්නට ලැබෙන බව ගුවන්තොටුපොළ අවට සිටින බීබීසී වාර්තාකරුවන් කියා සිටිති. සටනේ දී කැරලිකරුවන් තිස් දෙනෙකු පමණ මිය ගිය බව පවසන රුසියාවට හිතවාදී කැරලිකරුවන්, යුක්‍රේන ආණ්ඩුව ප්‍රහාරය දියත් කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගත් බවයි කියා සිටින්නේ. ඇමරිකාවේ හා යුරෝපයේ මැදිහත් වීමකින් තොරව රුසියාව සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්නේ නැති බවයි යුක්‍රේන අගමැති ආර්සෙනි යට්සෙසේනියුක් පවසන්නේ. යුක්‍රේන ජනාධිපතිවරණයෙන් පෙත්රෝ පොරෝශේන්කෝ ජය ලබා දිනක් ගත වනවාත් සමග නැගෙනහිර යුක්‍රේනයේ මේ වන විට ඉතා අවිනිශ්චිත තත්වයක් මතු වෙමින් තිබේ. මේ අතර රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව නැගෙනහිර ප්‍රදේශයේ දියත් කරනු ලබන මෙහෙයුම් නවත්තන මෙන් රුසියානු ජනපති පුතින් කිවූ පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. රුසියානු ජනපති මෙසේ ඉල්ලීමක් කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේනයේ දනේත්ස්ක් ගුවන් තොටුපල යුක්‍රේනය විසින් යළි සිය භාරයට ගැනීමෙන් අනතුරුවයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේද සහයෝගය ඇතිව සිය ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇත.
'කැන්ගරු' ක්‍රිකට් ඉතිහාසයේ එවැනි පියවරක් ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ. 'ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාතෘ නිවාඩු සැලසුම' පසුගිය ජූලි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා ඇත. එම සැලැස්ම අනුව ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ මෙන්ම 'බිග් බෑෂ්' කොන්ත්‍රාත්තු සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වැටුප් සහිත මාස දොළහක නිවාඩුවක් ලැබේ. තමා විසින්ම ප්‍රසූත කරන ලද දරුවන් වෙනුවෙන් මෙන්ම හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවකු වෙනුවෙන් ද වැටුප් සහිත එම "දෙමාපිය නිවාඩුව" ලැබෙනු ඇත. මෙම වැඩ පිළිවෙලේ තවත් විශේෂ ප්‍රතිලාභයක් වන්නේ, කොන්ත්‍රාත්තුවක් සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවක් ගැබ්ගත් විට හෝ හදාවඩා ගැනීමට දරුවකු ලබාගත් අවස්ථාවක ඇයගේ සහකරුට හෝ සහකාරියට ද සුමාන තුනක වැටුප් සහිත නිවාඩුවක් පිරිනැමීමය. ඉහත කී සැලැස්ම අනුව එම වසරක මාතෘ නිවාඩුව අවසන් වීමෙන් අනතුරුව, ඊළඟ වසරේ පටන් ඔවුන්ගේ ක්‍රීඩා කොන්ත්‍රාත්තු යළි බලපැවැත්වේ. ක්‍රීඩිකාවන්ගේ මාතෘ නිවාඩු ව්‍යාපෘතියට අදාළ දෙවසරක සාකච්ඡාවලින් අනතුරුව පැවති හමුවක් එපරිද්දෙන් කොන්ත්‍රාත්තු යළි බල ගැන්වීමට අමතරව, දරුවාට වසර හතරක් වනතෙක් වෙනත් ප්‍රතිලාභ රැසක් ද ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවෙන බව නව වැඩ පිළිවෙල මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මවකගෙන් ශතකයක් පසුගිය සිකුරාදා සිඩ්නි නගරයේ දී ඉහත කී සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy)මෙසේ කියා සිටියාය. "අංග සම්පූර්ණ ඒ වගේම දෙමාපිය නිවාඩු පිළිවෙතේ අභිමතයට අනුකූල මේ වගේ ක්‍රීඩාවක කොටස්කාරියක් වීමට ලැබීම මට ආඩම්බරයක්" "ක්‍රීඩාව සහ සංචාරය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් කෙරෙන ඉල්ලීම් අනුව, මේ සැලැස්ම මගින් ක්‍රීඩිකාවන්ට සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඔවුන් තෝරා ගත්තොත්,ඔවුන්ගේ ළමයින් රැකබලා ගැනීම වගේම ක්‍රීඩාවට සහභාගීවීම යන අරමුණු දෙකම ඉටු වෙනවා" කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy) වැඩිදුරටත් සඳහන් කළාය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් අවස්ථා කීපයක්ම එක්දින ලෝක කුසලානය දිනා ගෙන ඇත "මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන් විසින් දරුවන් බලාකියා ගැනීම දෙමව්පියන්ට ශාරීරික සහ සංවේදී පිරිවැයක්" ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාව පවසන්නීය. "මෙය වෘත්තීය සුරක්ෂිතභාවයක් මෙන්ම, ක්‍රීඩිකාවන්ගේ අනාගත සලසුම්වලත් වෙනසක් ඇතිකරන වැඩ පිළිවෙලක්" ඇය පෙන්වා දෙයි. ඉහත කී නව සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සාකච්ඡා කරමින් සිටියේ 2017 වසරේ සිටය. ඊට හවුල් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තාරකාවක් වන සාරා එලියට් (Sarah Elliott) ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී දරුවකු රැකබලා ගත් මාතාවක් ද වන්නීය. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වකවානුවේ 2013 වසරේ දී පිරිමි දරුවකු ප්‍රසූත කළ සාරා, යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙමින් එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය. ඇය එම ශතකය වාර්තා කරන ලද්දේ ක්‍රීඩාව අතරවාරයේ ලැබෙන විවේකයේ දී මාස නවයක් වූ සිය පුතුට මව්කිරි දෙමිනි. කියවන්න.
මැද පෙරදිග රටවල සේවය කරන ලක්ෂ 24 ක් පමණ වන ගෘහ සේවිකාවන් ඇතුළු ගෘහස්ථ සේවකයන්ගේ සේවා තත්වයන් ඉහල නැංවීම පිණිස සේවා කොන්ත්‍රාත්තුවල අවම කොන්දේසි හඳුන්වා දීමට ගල්ෆ් රටවල කම්කරු ඇමතිවරු එකඟවී සිටිති.
මේ අනුව ගෘහස්ථ සේවක සේවිකාවන්ට සතියකට දිනක් නිවාඩු ලබා දීමටත්, දිනකට වැඩ කළ යුතු කාලය පැය අටකට සීමා කිරීමටත්, වාර්ෂික නිවාඩු ලබා දීමටත්, සේවා යෝජකයා නැත්නම් හාම්පුතාගේ නිවසින් බැහැරව ජීවත්වීමට ඇති අයිතියත් නව ගිවිසුම මගින් තහවුරු කොට තිබේ. දැඩි විවේචන මැද පෙර දිග සේවය කරන ගෘහ සේවිකාවන්ට විඳීමට සිදුව ඇති විවිධ තාඩන පීඩන මෙන්ම දිවා රෑ නොමැතිව සේවය කිරීමට සිදුවීම ආදී තත්වයන් හේතුවෙන් එම රටවලට දැඩි විවේචන එල්ල විය. ගෘහ සේවිකාවන්ගේ සේවා කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස රටවල් හයකින් සැදුම්ලත් ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය කුවේට් රාජ්‍යයේ දී ආසියානු රටවල කම්කරු ඇමතිවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිති. මානව හිමිකම් කුවේටයේ මිනිස් බල අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ජමාල් අල් දොසාරි ඒ එෆ් පී පුවත් සේවයට පැවසුවේ අදාළ නව සේවා කොන්දේසි ඇතුළත් කොන්ත්‍රාත්තුව ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ කම්කරු ඇමතිවරුන් විසින් අනුමත කොට ඇති බවයි. විශේෂයෙන්ම ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුළු සංක්‍රමණික සේවකයන්ට අසාධාරණ ලෙස සලකන බවට බහරේන්,කුවේට්,ඕමාන්,කටාර්,සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් බරපතළ විවේචන එල්ල වී තිබිණ.
ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබූ, ප්‍රමිතියෙන් තොර ටින් මාළු (සැමන් ටින්) කන්ටේනර් දෙකක් හලාවත රජයේ වත්තකට ගෙනවිත් ගොඩබෑවේ ඒවා රහසිගතව වෙළෙඳපොළට මුදා හැරීමට දැයි පරිසර සංවිධාන ප්‍රශ්න කරති.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින් 'වයඹ හඬ' සහ 'හරිත පරපුර' යන පරිසර සංවිධාන දෙක හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. රේගුවේ සිට ගෙන ආ ටින් මාළු කන්ටේනර් පසුගිය සිකුරාදා (ඔක් 16) ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොළ වෙත ගොඩ බෑමත් සමග ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැතිර යාම හේතුවෙන් ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව පොලිසියට හා ආරච්චිකට්ටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දුන්හ. ටින් මාළු තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද බව ඇසුරුම් වල සඳහන් වන අතර නිෂ්පාදිත දිනය ලෙස සටහන් වන්නේ 2013 ජුලි මස 10 වන දිනය. ඇසුරුමේ කල් ඉකුත් වන දිනය ලෙස සටහන් වන්නේ 2016 ජුලි මස 10 වන දිනය. තත්ත්ව සහතිකය නොමැති වීම හේතුවෙන් වසර හයකට ආසන්න කාලයක් මේ ටින් මාළු රේගු භාරයේ තිබී ඇති බව එම කන්ටේනර් භාරව පැමිණි රේගු නිලධාරීහු පැවසූහ. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොලේ පාලනාධිකාරිය රේගුවෙන් කල් ඉකුත්වූ ආහාර ඉල්ලා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙම ටින් මාළු සහිත කන්ටේනර් දෙකක් අදාළ ගොවිපොලට එවා තිබේ. 'සත්ත්ව ආහාර සඳහා' ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ටින් මාළු තොගයෙන් වැඩි ප්‍රමාණයක් සිකුරාදා පස්වරුව වන විට වල දැමීමට අදාළ ආයතන විසින් පියවර ගෙන තිබිණි. ඒ සඳහා කිසිදු ආයතනයක අවසරය ගෙන නොතිබූ අතර, ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව නැවත හලාවත පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළහ. පසුගිය 17 වෙනි දින ප්‍රදේශයේ පරිසර සංවිධාන නියෝජිතයන් අදාළ ස්ථානයේ කළ පරික්ෂාවේදී විනාශ නොකළ ටින් මාළු තොගයක් මේ ගොවිපොළේදී දැක තිබේ. ඒ පිළිබඳව කළ විමසීමේදී ගොවිපොළේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ඒවා සත්ත්ව ආහාර වශයෙන් ගැනීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ගබඩා කළ බවය. එම ටින් මාළු තොගය පිහිටි ස්ථානයෙන්ද දුගඳක් හැමූ බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් පැවසීය. "අපි පරීක්ෂා කළා මේ සැමන් තොගයෙන් වැඩි කොටසක් සත්ත්ව ආහාර වශයෙන් භාවිතා කරන්නවත් සුදුසු නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් තිබුණා කල් ඉකුත් වුවත් හොඳ තත්ත්වයේ. මේ සැමන් පිටුපස ගබඩාවක තමයි සඟවලා තිබුණේ. අපිට සැකයක් තියනවා මේ සැමන් වෙළෙඳපොලට මුදා හරී ද කියලා. මේ සැමන් මුල් අවස්ථාවේ වෙළෙඳපොලට මුදා නොහැරියේ තත්ත්ව සහතිකය නොමැති නිසා කියලයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ. එසේ නම් මේ සැමන් ආපසු හරවා යවන්න ඕනෑ. වසර ගණනක් මේ සැමන් රේගුවේ තබා ගෙන ඉඳලා විශාල පරිසර හානියක් සිදුකරන තත්ත්වයට මේ සැමන් පත් කරලා, දැඩි පරිසර සංවේදී ප්‍රදේශවලට ගෙනවිත් දැමීම කෙතරම් යෝගයද කියලා විමසිය යුතුයි . මේ ස්ථානයට ඉතා ආසන්නයේ තමයි දැදුරුඔය හා ලුණු ඔය තියෙන්නේ." කියවන්න: පුත්තලමේ පරිසරය විනාශය "මාස කීපයක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම පරිසර විනාශය වෙලා තියෙන්නේ පුත්තලමේ," යයි වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ පවසති. "ආනවිලුන්දාවේ අභය භුමිය ඩෝසර් කිරීම, කල්පිටියේ කඩොලාන විනාශ කිරීම, වනාතවිල්ලුවේ ගස් කැපීම හා ගිනි තැබීම, අඹකදවිල කඩොලාන විනාශය, මදුරන්කුලියේ කලපුව ඇල්ලීම්, මාදම්පේ වැලි කැපිල්ල, ආඩිගම බොරළු කැපීම් මේ වගේ තවත් ඕනෑ තරම් කියන්න පුළුවන්," යැයිද පේමානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ. "කොහොමත් පුත්තලම දිස්ත්‍රික්කය ගත්තම ලංකාවේ කුණු බක්කිය වෙලා තමයි තිබුණේ. අපිට දැන් තිබෙන බය තමයි පිට රට කුණුත් පුත්තලමට ගේන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා. ආණ්ඩුව අරුවක්කාරු කුණු අංගනය හැදුවේ මේවට තමයි. ඉදිරියට පිටරට කුණු සැමන් නෙමෙයි, තව දේවලුත් ගෙනෙයි. ඒ නිසා අපි මේ පිළිබඳව විධිමත්ව සොයා බලන්න කියලා හලාවත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා." රජයේ ප්‍රතිචාරය කල් ඉකුත්වූ බව පැවසෙන සැමන් කන්ටේනර් 25 ක් දේශීය වෙළෙඳපොළට මුදා හැර ඇතැයි යන්න පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිහිපයක ද මේ ආන්දෝලනාත්මක පුවත ප්‍රචාරය වූ අතර ඒ සමග ක්‍රියාත්මක වූ වෙළෙඳ අමාත්‍යාංශය මේ පුවත නිවැරදි කරමින් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. එහිදී වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කළේ කිසිසේත් මෙම ටින් මාළු වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. ආනයනික ටින් මාළු පරික්ෂා කර බලා නුසුදුසු තත්ත්වයේ ඇති තොග ප්‍රති අපනයනය කරන තෙක් රේගුව භාරයේ ඇති බවත් ඇය පැවසීය. කිසිසේත් මේ ටින් මාළු තොග රට තුළ බෙදා හැරීමට කටයුතු නොකරන බවද ඇය පැවසුවාය. පසුගියදා රේගු නිලධාරීන්ගේ භාරකාරීත්වය ඇතිව හලාවතට ගෙන ආවේ එම ටින් මාළු තොගයෙන් කොටසක් නොවන බව රේගුව ප්‍රකාශ කළත් නුසුදුසු තත්ත්වයේ ටින් මාළු ප්‍රති අපනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි. එවැනි තත්ත්වයක් තුළ හලාවතට ටින් මාළු කන්ටේනර් දෙකක් පැමිණියේ කෙසේදැයි හලාවත ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති. මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ද විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව සභාපති කන්දසාමි චෙච්චනාමුර්ති පවසයි. සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව තම බල ප්‍රදේශයේ කිසිදු වගකිවයුතු කිසිදු ආයතනයකට දැනුම් දී නොතිබූ බවය. එසේම මේ ආයතනය මිට පෙර ද මෙලෙස කල් ඉකුත්වූ ආහාර මේ ස්ථානයට රැගෙන විත් තිබෙන බව වාර්තා වූ බව ඔහු පැවසීය. 'මරණයට පවා පත්විය හැකියි' පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආහාරයට ගැනීමෙන් මරණයට පවා පත් විය හැකි බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ: "මත්ස්‍ය ආහාර කල් තබා ගැනීම සදහා යොදා ගන්නේ සෝඩියම් නයිට්‍රයිට් වැනි රසායනික ද්‍රාවණයි. එම රසායනික ද්‍රාවණ වල සිදු වන යම් ප්‍රතික්‍රියා නිසා රසායනික වෙනස්කම් සිදු විය හැකියි. ටින් මාළු බහාලුමේ ආලේප කරලා තියෙන්නේ සින්ක් කැඩ්මියම් මිශ්‍රිත ආලේපයක්. ද්‍රාවණ වල සිදු වන ප්‍රතික්‍රියා නිසා මෙම ලෝහ බහාලුම කඩතොලු විය හැකියි. ඒ නිසා මෙම ලෝහ අහාරයට එකතු වීමෙන් සෘජුවම ආහාර විෂ වීමක් සිදු විය හැකියි. මේ නිසා මරණය දක්වා රෝග ලක්ෂණ වගේම පිළිකා කාරක තත්ත්ව වැනි දීර්ඝකාලීන ආසාදනද ඇති විය හැකියි. ටින් මාළු කල් ඉකුත් වීමත් සමග විවිධ රසායනික වෙනස්කම් නිසා බහාලුම පිම්බීම වැනි ලක්ෂණ දැක ගන්න පුලුවන්. කල් ඉකුත් වූ ටින් සැමන් ආහාරයට ගැනීම කිසිසේත් සුදුසු නැහැ." ශ්‍රි ලංකාවේ මිනිස් පරිභෝජනයට යොදා ගන්නා ආහාර, සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැහැදිලි කළේය. "මෙම ටින් මාළු සත්ත්ව ආහාර සදහා යොදා ගැනීමට නම් සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සාම්පලයක් යැවිය යුතුයි. එහීදී ඔවුන් මේවා සත්ත්ව ආහාර සදහා සුදුසුද යන්න නිර්දේශ කළහොත් ඒ සදහා යොදා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව අහාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගෙන් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතුයි," යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය. "1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නීත්‍යනුකූල අනුමැතියක් නොමැතිව මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම සහ විකිණීම කළ නොහැකියි," උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ වනය හෙක්ටයාර ලක්ෂ 05ක් නිදහස් කිරීමේදී ''සඟවන කතාවක්'' කියවන්න:
සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත.
ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි. රට පුරා තවත් මරණ 3,500 ක් වාර්තා වී ඇති අතර ඉන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ දිල්ලියෙනි. අගනුවරින් එතරම් මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත. කෝවිඩ්-19: ඔක්සිජන් හිඟයක් මැද ඉන්දියාවේ වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් ලබා දුන් පළමු වෛද්‍ය සැපයුම් තොගය සිකුරාදා (අප්‍රේල් 30) ඉන්දියාවට ලැබුණු අතර, ධවල මන්දිරය පවසන පරිදි එහි ඩොලර් මිලියන 100කට වඩා වැඩි ආධාර ඇත. නමුත් ඔක්සිජන් සැපයුම සහ රෝහල් ඇඳන් හිඟය ඉන්දියාව පුරා තවමත් දක්නට ලැබෙන අතර කෝවිඩ් රෝගීන්ගේ ඥාතීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උපකාර අයැද සිටිති. මේ තොරතුරු ද කියවන්න: දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය. "ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය. කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි. වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි. බ්‍රහස්පතින්දා (අප්‍රේල් 29) දින ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා රජය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ එරට මරණ අනුපාතය ලෝකයේ අවම අගයක් ගන්නා බවත් ඔක්සිජන් සැපයීම "ප්‍රමාණවත්" බවත් ය. ඔක්සිජන් සැපයුම සහ රෝහල් ඇඳන් හිඟය ඉන්දියාව පුරා තවමත් දක්නට ලැබෙන අතර කෝවිඩ් රෝගීන්ගේ ඥාතීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උපකාර අයැද සිටිති සෞඛ්‍ය අමාත්‍යය හර්ෂ් වර්ධන් ඒඑන්අයි (ANI) පුවත් ඒජන්සියට පැවසුවේ විදේශයන්ගෙන් ඇතුළු "බොහෝ ක්‍රමවලින් ඔක්සිජන් දැන් ලබා ගත හැකි" බවත් ඒවා ගබඩා කිරීම සහ 'ක්‍රයෝජනික්' ටැංකි ද සකස් කරමින් සිටින බවත්ය. කෝවිඩ් පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සහ එන් 95 මුහුණු ආවරණ 100,000ක් රැගත් එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් සිකුරාදා (අප්‍රේල් 30) උදෑසන දිල්ලි නගරයට ගොඩ බැස්සේය. එක්සත් රාජධානිය ද මෙම සතිය මුලදී ඉන්දියාවට 'වෙන්ටිලේටර්' පරිත්‍යාග කළේය. කෙසේවෙතත්, ඉන්දියාවේ බොහෝ විශේෂඥයන් පවසන්නේ තවත් උපකරණ අවශ්‍ය බවය. අඟහරුවාදා (අප්‍රේල් 27) මුම්බායි හි ආචාර්ය සරීර් උඩ්වාඩියා බීබීසී සේවයට කියා සිටියේ මෙම ආධාර "සාගරයට දිය බිඳක්" පමණක් වන බවය.
2011 සහ 2015 අතර යුරෝපා සංගමය තුළ දෙමළ කොටි සංවිධානය (LTTE) සතු වත්කම් තහනම් කිරීම අවලංගු කරමින් මීට ඉහතදී පහළ අධිකරණයක් දී තිබෙන තීන්දුව අනුමත කරන බව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය තීන්දු කළේය.
එල්ටීටීඊ සංවිධානය 2009 දී පරාජය කරන ලද නමුත් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම එම සංවිධානයේ අභිලාෂය බව සනාථ කිරීමට යුරෝපා කවුන්සිලය අපොහොසත් වූ බව අධිකරණයේ නිගමනය වී තිබේ. එමෙන්ම වෙනත් රාජ්‍යයක් විසින් රැස් කරන ලද තොරතුරු මත පදනම්ව කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් තහනම් ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවට පහළ අධිකරණය 2014 දී ලබා දුන් තීන්දුව ද යුරෝපා අධිකරණය අනුමත කළේය. කෙසේ නමුත්, පහළ අධිකරණය විසින් මීට ඉහතදී ප්‍රකාශයට පත්කරනු ලැබූ තීන්දුවක පවතින වැරදි නොසළකා හරිමින්, පලස්තීන හමාස් සංවිධානය දිගටම තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් විය යුතු බවට ද යුරෝපා අධිකරණය තීන්දු කළේය. 2006 සිට තහනම් ත්‍රස්තවාදයට එරෙහිව එක් ස්ථාවරයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය විසින් 2001 දෙසැම්බර් 27 වෙනි දින සම්මත කරන ලද යෝජනාවක් ප්‍රකාර, 2006 දී යුරෝපා සංගමය එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළේය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන ලද නමුත්, මේ දක්වාම එම තහනම බලපැවැත්විණ. කෙසේ නමුත් හමාස් සහ එල්ටීටීඊ සංවිධානවලට එරෙහි තහනම 2014 දී යුරෝපා සංගමයේ පහල අධිකරණයක් විසින් අවලංගු කරන ලදි. අදාළ සංවිධාන දෙකට එරෙහිව යුරෝපා සංගමය විසින් එම තහනම පනවනු ලැබ තිබුණේ දත්ත මත නොව මාධ්‍ය වාර්තා සහ අන්තර්ජාලයේ පළ වූ වාර්තා පදනම් කරගෙන බව පහළ අධිකරණයේ නිගමණය වී තිබුණි. එම තීන්දුවට එරෙහිව යුරෝපා කවුන්සිලය ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, අඟහරුවාදා (ජුලි 26) සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යුරෝපයේ ඉහළම අධිකරණය පහළ අධිකරණයේ තීන්දුව සනාථ කළේය.