summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් අගනුවර පැවති තරුණ විද්‍යාඥයන්ගේ පරිසරය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් සහ තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා සමත් වී තිබේ.
රටවල් හැට දෙකකට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයන් හාරසීයකට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වූ බව රඛිත ඩිල්ෂාන් මාලේවන කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්. ‘තිරසාර සංවර්ධනය උදෙසා අපි කොහොමද රෝග මැඩලීම සිදු කරන්නේ කියන කාරණය ඔස්සේ තමයි මම මගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සිදු කළේ’ ඔහු පැවසීය. පසුගියදා මැලේසියාවේ පැවති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා HIV වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්විය හැකි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්‍යාපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය. එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යයාට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්‍යාඥයින්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ආරාධනයක් ලැබී තිබේ. 'ප්‍රථම රන් පදක්කම' ‘එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු පළමු රන් පදක්කම සහ දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලෙකට ඔලිම්පියාඩ් තරගාවලියේ දිනා ගත් ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක් වෙනවා’ මැලේසියාවේදී දිනා ගත් රන් පදක්කම පිළිබඳ විස්තර කරමින් රඛිත ඩිල්ෂාන් කියා සිටියේය. හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ එකසිය අසූ තුන් දෙනෙක් එම තරගය සඳහා සිය ව්‍යාපෘති ඉදිරිපත් කර තිබිණි. HIV වෛරසය ධාරක සෛල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප්‍රතිකර්මයක් රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්‍යාපෘතිය හරහා යෝජනා කර තිබේ. ‘නැනෝ තාක්ෂණය යොදා ගෙන, ඒ වගේම ශාක හෝමෝන වර්ගයක් දියුණු කරලා ඒ හා සම්බන්ධව නැනෝ තාක්ෂනය ඔස්සේ ඉලක්ක ගත ඖෂධයක් තමයි මගේ මේ HIV ඒඩ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වුණේ’ ඔහු සඳහන් කළේය. තම ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලැබී ඇති බවත් රඛිත ඩිල්ෂාන් පැවසුවේය. ‘තියන පර්යේෂණ කටයුතු, වැඩි දියුණු කළ පහසුකම් යටතේ මට කරන්න ලැබුණොත් ඒ අවස්ථාවන් භාවිතයට අර ගෙන ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මේ HIV ආසාදනය තුරන් කිරීම සඳහා හෝ නැත්තම් සම්පූර්ණ ප්‍රතිකර්මයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ ශිෂ්‍ය පර්යේෂකයකු වන රඛිත ඩිල්ෂාන් මාලේවන වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පසුගියදා පැවැත්වුණේ කිසිදු නිල තත්වයක් නොමැති "හොර සාකච්ඡාවක්" බව ජනාධිපතිවරයාම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
සයිටම් ගැන කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳව රජයට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළවූ බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය. "මේක හොර සාකච්ඡාවක් කියලයි ජනාධිපතිතුමා පටන් ගෙන තියෙන්නේ. ඡායාරූප නැහැ. සටහන් නැහැ. වීඩියෝ නැහැ, මොකුත් නැහැ." ජනාධිපතිවරයා කළේ හොර සාකච්ඡාවක් නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ පරිදි එයින් අනතුරුව නිවේදනයක් නිකුත් කළේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සාකච්ඡාවක් පැවති බවක් නිවේදනයේ සඳහන් නොවන බවය. සබැඳි යොමු: සයිටම් සම්බන්ධයෙන් රජය දක්වා ඇති ස්ථාවරය ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය විනා එය තමන්ගේ පුද්ගලික මතයක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රජයේ අමාත්‍යවරුන්ද සයිටම් ආයතනය වසා දැමිය යුතුය හෝ ජනසතු කළ යුතුය යන්න ඇතැම් අමාත්‍යවරුන්ද පවසන බව පෙන්වාදුන් විට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණවලට ඔවුන් විරෝධය පළ නොකළ බවය. සයිටම් විරෝධය "දැන් ඔය පත්තරවලට කියන ඒවා, කැබිනට් එකේ කියන්න එපාය, කවුරුත් විරුද්ධ වුනේ නැහැ. ජනාධිපතිතුමාට තිබුණ ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ඇයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවිය යුත්තේ මේ ගැන සාකච්ඡා කරන්න කියලා." රෝහල පවරා ගැනේ සයිටම් ආයතනය ජනසතු කළ යුතුය යන මතය දරන අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළේය. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, රෝහල සම්පූර්ණයෙන්ම රජය වෙත පවරා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා (SAITM) ආයතනයේ අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා යෝජනා ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (ජුනි 29) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින් සොයිසා පැවසීය. රජය තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය විරෝධය වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු පැවසීය.
වසර හතක කාලයක් තුළ ලෝක කුසලාන හතරක අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබුවද, ඒ සියල්ල පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉරිදා පැවති 2014 විස්සයි විස්ස අවසන් මහා තරඟය ජය ගැනීමත් සමග මුළු ශ්‍රී ලංකාවම එම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනු දක්නට ලැබුණි.
මාධ්‍යවේදියෙකු හැටියට මින් පෙර අවසන් මහා තරඟ තුනක් ම ආවරණය කළ නමුත්, එම සෑම තරඟයකදීම මට සිදු වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් එදා ලද පරාජයේ වේදනාව වාර්තා කිරීමටයි. එහෙත් 2014 විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනා ගැනීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ඒ සතුට ඉතා නිහතමානීව සහ සාඩම්බරව සමරන ලද ආකාරය මෙවර වාර්තා කිරීමට මට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණයේ අභියෝගය සාර්ථකව මුදුන් පත් කර ගත් ඉරිදා රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පිටිය,ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආදී ස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරි තිබුණ ආකාරයයි,මට දැක ගත හැකි වුණේ. ජාති ආගම් හෝ දුප්පත් පොහොසත් සියලු භේද ඉවත ලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන් එකට අත්වැල් බැඳ ගනිමින් ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් සිටියේ සංගීතය ද මුසුවයි. මාලිංග ගේ නායකත්වය "අපි දිනුවා., අපේ කොල්ලෝ අවුරුදු දහඅටකට පස්සේ ලෝක කුසලානයක් ගෙනාවා. අපට අපේ සතුට කියල නිම කරන්න බැහැ" ක්‍රීඩාලෝලියෝ ප්‍රීති වෙමින් සිටින අතරවාරයේ මා සමඟ කීහ. "1996 න් පස්සේ අපි සතුටු වෙන දවස අද. ලසිත් මාලිංග ගේ නායකත්වයේ අගය කියල නිම කරන්න බැහැ. අපට බොහොම ආඩම්බරයි” තවත් ක්‍රීඩාලෝලියෙක් පැවසීය. ඊට අමතරව දක්නට ලැබුණ තවත් විශේෂත්වයක් වුණේ, ජයග‍්‍රහණයෙන් අනතුරුව ජාතික කොඩිය රැගෙන රාත‍්‍රිය පුරා කොළඹ නගරයේ වීදි පුරා සංචාරය කළ ක්‍රීඩාලෝලීන්ට රථ වාහන නීතිය බල නො පැවැත්වීමයි. පොලිස් නිලධාරීන් බාධාවකින් තොරව ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ සතුට විඳ ගැනීමට ඉඩ දෙමින් බලා සිටින ආකාරයයි දක්නට ලැබුණේ. මෙම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ වලින් විශ්‍රාම ගන්නා මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මුල් පෙළේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධයෙන් ද ක්‍රීඩාලෝලීහු ඔවුන්ගේ අදහස් පළ කළහ. සංගා සහ මහේල "ඒ දෙන්නටම ඉදිරියටත් ක්‍රීඩා කරන්න පුළුවන්, ඔවුන්ට විශ්‍රාම යන්න දෙන්න එපා" "අපේ වීරයන් දෙදෙනා ලෝක කුසලානය අපට දිනල දීලයි යන්නේ.අර්ජුන සහ අරවින්දට පස්සේ බිහි වුණ විශිෂ්ටතම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළ මහේල සහ සංගා" ක්‍රීඩාලෝලීහු ප්‍රකාශ කළහ. කොළඹ පමණක් නොව මුළු දිවයින පුරා ක්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් වීදි බසිමින් ක්‍රීඩා ජයග‍්‍රහණය සැමරූ බවයි,බීබීසී සංදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මා සමඟ කියා සිටියේ.
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයෙන් සිවු වසරක් ගතවෙමින් තිබියදී, ඔහු එදා කර්තෘ පදවිය හෙබවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආණ්ඩු විරෝධී ස්ථාවරය දියාරු වෙමින් තිබෙන බවට සැක සංකා පලවෙමින් තිබේ.
චාර්ල්ස් හැවිලන්ඩ් බීබීසී වාර්තාකරු, කොළඹ මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ 2009 ජනවාරි 08 වැනි දින යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ තත්ත්වය පිළිබඳව යලිත් වරක් ලොව පුරා අවධානය පළවීමට හේතු විය. එහෙත් අද වනතුරුම ඔහුගේ ඝාතකයන් හමුවී නැත. ඔහුගේ ඝාතනයෙන් අනතුරුවත් ආණ්ඩුවේ දූෂණ හෙළිදරවු කිරීමේ සිය ගවේෂණශීලී මාධ්‍ය ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යාමට සන්ඩේ ලීඩර් පුවත්පත කටයුතු කළේය. කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී රටේ ඉහල නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන ව්‍යාපාරිකයෙක් පුවත්පත මිලදී ගත්තේය. අලුත් හිමිකරු ඉන් මාස කිහිපයකට පසුව, පසුගිය සැප්තැම්බරයේදී ප්‍රකාශයක් කළ පුවත්පතේ කතුවරිය ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්, පුවත්පතේ අලුත් හිමිකරුගේ දේශපාලන මතයට අවනත නොවීමේ හේතුවෙන් තමන් පදවියෙන් පහ කරන ලද බව ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ඇය රටින් පලා ගියාය. ඉන් අනතුරුව පත්කරන ලද නව කර්තෘවරිය යටතේ පුවත්පතේ පලවූ පැරණි වාර්තා ගණනාවක් පිළිබඳව සමාව ඉල්ලන ලද අතර, ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළ බොහෝ තීරු ලිපි රචකයෝද පුවත්පත හැර ගියහ. මෙයින් හැඟවෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති දැන් වෙනස් වී ඇති බවක්ද? කෙසේ නමුත් සිදුව තිබෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති වෙනසක් නොව නවමු නිමාවකින් පුවත්පත 'යලි එලි දැක්වීමක්' පමණක් බවයි, නව කතුවරිය ශකුන්තලා පෙරේරා පවසන්නේ. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති අසංග සෙනවිරත්න පුවත්පතේ නව හිමිකරුවායි. සමාගමේ කොටස්වලින් 72% ක් ඔහු සතු අතර ලසන්තගේ සොහොයුරා, ලාල්, ඉතිරි කොටස්වල හිමිකරුවායි. පුවත්පතේ වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු කිසිදු බලපෑමක් නොකරන බවද කතුවරිය පවසන්නීය. මේ අතර මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ. ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතික සැකකරුවෙකු මීට මාස 14 කට පෙර අද්භූත අන්දමින් බන්ධනාගාරයේදී මියගිය අතර, ඔහු කුහුඹුවෙකු පවා නොමරන අහිංසක මිනිසෙකු බවයි, ඔහුගේ පවුලේ සාමාජිකයන් කියා සිටියේ. සබැඳි තේමා
තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව එම නඩුවේ විත්තිකරුවෙක් පවසයි.
මෙවැනි නඩු විභාගවලින් රජය පෙරලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බව ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවලට දහස් දැක්වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ, මෙවැනි නඩු විභාගවලින් රජය පෙරලීමට ක්සිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවයි. "මේක මේ රජයට පොඩි කෙනිත්තිල්ලක් විතරයි. අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂයටවත් කාටවත් හානි කරන්න බෑ මේ ප්‍රශ්නේ උඩ," බව ඔහුගේ අදහසයි. විදේශගත වීමට අනුමැතිය නෑ 2011 දෙසැම්බර් මස 25 වැනි දින රාත්‍රියේ තංගල්ල - මැඬිල්ල ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ට පහරදී, වෙඩි තබා මරා දැමීම පිළිබඳව ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ. ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රනීත් චතුරංග, එම් සරත්, එස්.පී. ප්‍රනීත් චතුරංග, නුවන් චින්තක, සහ එදිරිසූරිය පටබැඳි නදීර ශාමෙන් මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝය. තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂිකරුවන්ට සැකකාර තංගල්ල ප්‍රාදේශිය සභා සභාපති ඇතුළු විත්තිකරුවන් තර්ජනය කරන බැවින් එම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නීතිපතිවරයා තීන්දු කොට තිබෙන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. එහෙත් සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු තබා සාක්ෂිකරුවන් කවුන්දැයි යන්න හෝ විත්තිකරුවන් නොදන්නා බවයි, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ. සැකකාර සම්පත් විදාන පතිරණට රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වීමට අනුමැතිය දෙන මෙන් කෙරුණු ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. නඩු විභාගය ලබන නොවැම්බර් පළමු වැනි දිනට කල් තැබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම 'කොලු ගැටයන් පිරිසක්' ලෙසින් ඇතැම් විචාරකයන් හඳුන්වන නමුත් කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙන ආකාරය විමසා බලන විට 'ඒ කොලු ගැටයන් කෙතරම් දක්ෂ දැයි' සිතෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.
'එයා කියනවා නම් අපි ළදරුවෝ කියල, කුසල් මෙන්ඩිස් බට කරන විදිය දැක්කම ඒගොල්ලට පේනවා අපි ළදරුවෝ කොච්චර දක්ෂද කියල' චරිත් සේනානායක ඒ බව කියා සිටියේ එංගලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරු ජෙෆ් බෝයිකොට් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. "එයා කියනවා නම් අපි ළදරුවෝ කියල ඒගොල්ලට පේනවා අපි ළදරුවෝ කොච්චර දක්ෂද කියල," චරිත් සේනානායක බීබීසී සංදේශයට පැවසීය. "මේක තමයි අපේ අනාගතය. ඒ වගේම මම හිතනවා මේ තරඟාවලිය ඉවර වෙන කොට අපි හඳුනා ගනීවි කියල දක්ෂ තවත් ලාබාල ක්‍රීඩකයන්ව." පන්දු යවන්නන්ගේ වගකීම මේ දිනවල එංගලන්තයේ පවතින්නේ පන්දු යවන්න්නන්ට ඉතා හිතකර වාතාවරණයක් වුවත්, එයින් වාසිය නෙලා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වූ බවත් චරිත් සේනානායක පවසයි. "දුර්වලතා කිහිපයක් තිබුනා. එකක් එංගලන්තය ලකුණු 78 කට කඩුලු පහක් විතර ගිහිල්ල තිබිච්ච වෙලාවේ අපිට එංගලන්තය ලකුණු දෙසීයකට අඩුවෙන් දවා ගත්තා නම් ලොකු වෙනසක් වෙන්න තිබ්බ රිසල්ට් එකට," චරිත් සේනානායක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරඟාවලිය පිළිබඳව බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "මේ තණතිල්ලේ දුන්න ලකුණු ප්‍රමාණය වැඩියි. ඒ වගේම පිතිකරුවනුත් ටෙක්නික් එක හදාගන්න ඕනේ." ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට සිදු වූයේ විදුලි ආලෝකය යටතේ බවත් කණ්ඩායමේ කළමනාකරු පෙන්වා දෙයි. "නිදහසට කරුණු දෙනවා නෙවෙයි. මම හිතන්නේ මගේ ජීවිත කාලේ දැක්ක දුර්වලම කාලගුණ තත්වයක් තිබ්බේ." (සාකච්ඡාවට සවන්දෙන්න) ලොව දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් එවැනි වාතාවරණයකින් උපරිම ප්‍රයෝජන ගන්නා බවත් ඔහු පැවසීය. අනෙක් අතට නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය බව තීරණය කෙරුණු අවස්ථාවේ තුන් වෙනි විනිශ්චයකරුට යොමු කළේ නම් තරඟයේ අවසානය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බවත් චරිත් සේනානායකගේ විශ්වාසයයි. දෙවැනි ටෙස්ට් තරඟය සඳහා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති අතර රංගන හේරත්ගේ ආබාධය පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය. එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟය සිකුරාදා ආරම්භවීමට නියමිතයි.
පරිසරය සුරැකීම එක් ජාතියකට හෝ එක් කැලෑවකට පමණක් සීමා නොවිය යුතු බව රුක් රෝපණ ව්‍යාපෘතියක නියැළී සිටින තරුණ ක්‍රියාධරයෙක් පවසයි.
රුක් රෝපණ සතිය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය හා බැක් ටු ග්‍රීන් (Back to Green) සංවිධානය විසින් දිවයින පුරා පැල සිටවීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ කෙරිණ. තලවතුගොඩ වැව් බැම්ම අසලින් ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතියට සහභාගී වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ ජාතීන් වශයෙන් නොව මිනිසුන් වශයෙන් පරිසරය සුරැකිය යුතු බවයි. 'විල්පත්තුව සුරැකීමේ සටන අපි හිතනවා ප්‍රගතිශීලී සටනක් බවට පත් විය යුතුය කියලා. ඒක එක කැලෑවකට, නැතිනම් මුස්ලිම් කෙනෙක් ඒක කරන අර්ථයෙන් මේ පරිසරය සුරකින්න ඉදිරිපත් වීම අවශ්‍ය නැහැ.' ඔහු පැවසීය. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මැයි 08 සිට 14 දක්වා සතිය තුළ පැල පහළොස් දහසක් සිටවීම ඒ සඳහා සහභාගී වන සංවිධානවල ඉලක්කය වී ඇති බවයි එරංග ගුණසේකර කියා සිටියේ. 'ආණ්ඩු, දේශපාලන පක්ෂ මාරු වුනත් ගස් කැපීම දිගටම සිද්ධ වෙනවා. අපට ඒක නවත්වන්න බැරි වුනත් ගස් සිටවන්න අපට පුළුවන්.කපන එක ගසක් පාසා තවත් ගසක් සිටවන්න අපට පුළුවන්' බැක් ටු ග්‍රීන් සංවිධානයේ එම්කේසීපී ශෂීන් සඳහන් කළේය. මැයි මස 28 සහ 29 යන දෙදින තුළ රත්නපුර සිට ශ්‍රී පාදය දක්වා වැටී තිබෙන මාර්ගය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇති බවත් එරංග ගුණසේකර කියා සිටියේය. ශ්‍රී පාදස්ථාන රක්ෂිතය ඔස්සේ වැටී ඇති මාර්ගය පවිත්‍ර කිරීමේ ව්‍යායාමයේ කොටස් කරුවන් වී ඊට සහභාගී වන ලෙසත් සමාජවාදී තරුණ සංගමය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආරාධනා කරයි.
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය සන්නිවේදනය අද සිට (මාර්තු 07) අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ආණ්ඩුව මෙවැනි පියවරකට යොමුවී ඇතැයි වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය. "මිනිසුන් එක්තැන් කිරීම සඳහා නිමවුණු තාක්ෂණය මිනිසුන් වෙන්කොට ඇදගැනීම සඳහා භාවිත කෙරෙන ආකාරය පසුගිය දින කිහිපයේදී දකින්නට ලැබුණා" යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සේවා සපයන ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම නිවේදනය කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගය අනුව සමාජ ජාල වෙබ් අඩවි හා ක්ෂණික පණිවිඩ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බවය. මේ තොරතුරුද දැනගන්න : මේ අතර අද (මාර්තු 07) දිනයේදීත් මහනුවර කටුගස්තොට හා ගම්පහ පූගොඩ යන ප්‍රදේශවලින් සිදුවීම් දෙකක් වාර්තා ඇතැයි පැවසූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සමග වැඩිදුරටත් කියාසිටියේ මතුවී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා දසදහස්ගණනක හමුදාවක් යොදවා ඇති බවය. සමාජ මාධ්‍යජාල අවහිර කිරීම සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා, "ෆේස්බුක් වැනි දේ නවත්වා තිබෙනවා. මොකද ඒ හරහා තමයි අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ. තමන්ගේ මතවාද ඉදිරියට ගෙන යන්නේ" යැයි පෙන්වා දුන්නේය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මතුවූ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය අපොහොසත් වී යැයි නැගෙන චෝදනාවට පිලිතුරු දුන් අමාත්‍යවරයා ඇඳිරි නීතිය මෙන්ම හදිසි නීතිය පනවමින් ද, හමුදාව යොදවමින් ද ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය පියවර ගත් බව සඳහන් කළේය. කෙසේවෙතත්, මහනුවර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් දින නියමයකින් තොරව වසා ඇත. මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය. කටුගස්තොට සිදුවීම්
ශ්‍රී ලංකාව තුළ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කිරීම අතින් ප්‍රවීණ සංඥා උපදේශකයන් සිටින්නේ පස් දෙනකු පමණක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
'අධ්‍යාපනයක් ලබා දිය හැකි සංඥා පරිවර්තකයන් ලංකාවටම ඉන්නේ පස් දෙනයි' 'සංඥා භාෂාව ඉගන ගෙන ඒ තුළින් නිවැරදි ලෙස පණිවුඩයක් ලබා දිය හැකි සහ පණිවුඩයක් ගත හැකි, එමෙන්ම අධ්‍යාපනයක් ලබා දිය හැකි සංඥා පරිවර්තකයන් ලංකාවටම ඉන්නේ පස් දෙනයි' ඇමතිවරයා පෙන්වා දෙයි. එස් බී දිසානායක අමාත්‍යවරයා සමග බීබීසී සිංහල සේවයේ එස් එල් සෙනෙහෙධීර කළ සාකච්ඡාවට මෙම යොමුව ඔස්සේ සවන්දිය හැකිය. සංඥා උපදේශකයන්ගේ විශාල හිඟයක් පවතින බව සඳහන් කළ ඇමතිවරයා ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ට සංඥා භාෂාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දිය හැකි නම් ඔවුන්ට උපාධිය, පශ්චාත් උපාධිය වැනි ඉහළ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වන බවයි කියා සිටියේ. සංඥා උපදේශකයන්ගේ හිඟය හේතුවෙන් අන්ධ සහ වෙනත් ආබාධිත පුද්ගලයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ අධ්‍යාපනය පහළ මට්ටමක පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. 'ශ්‍රවණාබාධිත බහුතරය හරිම නිරෝගී අය. නමුත් ඒ අතර සාමාන්‍ය පෙළ සමත් අයවත් නැහැ' ඔහු පැවසීය. උසස් අධ්‍යාපනය දැනට සිය ඥාතීන් විසින් යොදා ගනු ලබන සම්ප්‍රදායික සංඥා ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් අදහස් හුවමාරු කර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි බව අමාත්‍යවරයා පිළිගනියි. ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගත හැකි සංඥා උපදේශකයන් රජයේ ආයතන සඳහා බඳවා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. භාෂා පරිවර්තකයන්ගේ වැටුප් තලය සැසඳීමේදී සංඥා පරිවර්තකයන්ගේ වැටුප් කම්කරු වැටුප් මට්ටමේ පවතින බවත් ඔහු පැවසීය. ලිපිකරු ශ්‍රේණියෙන් ඉහළ භාෂා පරිවර්තක මට්ටමේ වැටුප් තලයක් හිමි සංඥා පරිවර්තක තනතුරු පනහක් අලුතින් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කළේය. සමාන අවස්ථා ඩිප්ලෝමා පාඨමාලාවක් හරහා නිසි සංඥා පරිවර්තන පුහුණුව ලබා දීමෙන් අනතුරුව ඉහත කී රැකියා ලබා දෙන බවයි ඔහු කියා සිටියේ. ඒ සඳහා සැප්තැම්බර් මාසයේ අයදුම්පත් කැඳවා තෝරා ගනු ලබන පනස් දෙනකුගෙන් යුත් කණ්ඩායමට අධ්‍යාපන කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබා දෙන බවත් අමාත්‍ය එස්බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය. එලෙස පුහුණුව ලත් සංඥා පරිවර්තකයන් ශ්‍රවණාබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වෙත අනුයුක්ත කොට එම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. 'අප විසින් අත්සන් තබා ඇති සැමට සමාන අවස්ථා ලබා දීමේ එක්සත් ඥාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් සමාන අවස්ථා ලබා දිය යුතුමයි. රජයක් වශයෙන් අපි ඒ සඳහා බැඳී සිටිනවා ' අමාත්‍යවරයා සඳහන් කළේය. ජාතික සමාජ සංවර්ධන ආයතනය හරහා ඉහත කී ඩිප්ලෝමා පාඨමාලාව දිගටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හින්දු ආශ්‍රමයක සේවකයෙකු කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.
අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් ඝාතනය කිරීමේ රැල්ල හේතුවෙන් බංග්ලාදේශය පුරා ආරක්ෂාව තර කොට තිබේ අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් සහ ඔවුන්ට සහය පළ කරන්නන් ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවක නවතම සිදුවීම මෙයයි. පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් කරන ලද ප්‍රහාරයෙන් පසු වයස අවුරුදු 60 ක් වන නිත්‍යරාජන් පාන්ඩේ එම ස්ථානයේ දීම මියගිය බවයි පොලීසිය උපුටා දක්වමින් AFP පුවත්සේවය වාර්තා කරන්නේ. පසුගිය අඟහරුවාදා කඳින් හිස වෙන්වන තරමට ගෙළ සිඳ මරා දැමූ හින්දු පුජකවරයෙකුගේ මළ සිරුරක් කුඹුරක තිබී හමුවීමෙන් පසුවයි මෙම නවතම ඝාතනය සිදුවී ඇත්තේ. මේ දක්වා සිදුවූ ඝාතන රැල්ල වෙනුවෙන් ඉස්ලාම් සන්නද්ධකරුවන් චෝදනාවට ලක්වූ අතර ඇතැම් ඝාතන වල වගකීම ඔවුන් විසින් භාර ගෙන තිබුණි. ඊසානදිග පබ්නා දිස්ත්‍රික්කයේ පොලිස්පති ආම්ගීර් කබීර් AFP පුවත්සේවයට පැවසුවේ උදෑසනින්ම සිදුවූ මෙම ඝාතනය පිලිබඳ ඇසින් දුටු සාක්ෂි නැති බවයි. මෙම ඝාතනයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් තවමත් භාරගෙන නැත. අනාගමික අන්තර්ජාල මාධ්‍ය කරුවකු සහ නීති ශිෂ්‍යයෙකු මේ ආකාරයෙන් මරා දැමීම පිළිබඳව විරෝධතා විටින් විට තවමත් පැවැත්වේ මෙවර ඝාතනයට ලක්වූ පාන්ඩේ වසර හතළිහක් පමණ මෙම ආශ්‍රමයේ සේවය කරමින් සිට ඇති අතර උදෑසන ආශ්‍රමය වෙත ගමන්කරමින් සිටියදීය ඝාතනයට ලක් වුයේ. ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකු වන නරේෂ් මධු මාධ්‍යයට පවසා තිබුණේ මියගිය පාන්ඩේ සරල ගති පැවතුම් ඇති අයෙක් වූ අතර ඔහුට සතුරන් නොසිටි බවයි. මේ ඝාතනය සිදුවී තිබුණේ ආශ්‍රමයට ඉතා ආසන්න ප්‍රදේශයකදීය. අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ. බංග්ලාදේශයේ වැඩි ජනගහනය මුස්ලිම් ජාතිකයන් වන අතර හින්දු ආගමිකයන් වෙසෙන්නේ 8% ක් පමණි.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගුවන්තොටුපලක දී ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බව වාර්තා වේ.
එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බවයි පැවසෙන්නේ බතික් (Batik) ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගුවන් ගත වීමට සුදානම් වෙමින් තිබිය දී එහි පියාපතක් ධාවන පථයේ ඇදගෙන යමින් තිබූ ට්‍රාන්ස්නුසා (TransNusa) ගුවන් යානයක අග කොටසේ පැටලීම හේතුවෙනි මෙසේ ගිනි ඇවිළී ඇත්තේ. සඳුදා රාත්‍රී සිදු වූ මේ අනතුරින් යානය තුළ අසුන්ගෙන සිටි මගීන් 49 දෙනා ගෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර සියලුම මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත්කරගත් බවයි වාර්තා වන්නේ. බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ සමාගමේ ගුවන් යානා මීට පෙර ද අනතුරු වලට ලක් වී තිබේ බොහෝ දුරට රට තුළ ගුවන් ගමන් සිදුකෙරෙන ජාකර්තා නුවර හලීම් පර්දනාකුසුමා (Halim Perdanakusuma) ගුවන් තොටුපලේ දී ය මෙම ගැටීම සිදුවී ඇත්තේ. බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ (Lion Air Group) සමාගමේ ගුවන් යානා මීට පෙර ද කිහිප වතාවක් අනතුරු වලට ලක් වී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. 2013 දී බාලි හි දෙන්පසාර් ගුවන් තොටුපලේ දී ‘ලයන් එයාර්’ යානයක් ධාවන පථයෙන් පිට පැන මුහුදට කඩා වැටී මගීන් 22 දෙනෙකු රෝහල් ගත කළ අතර 2014 වසරේ දී සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කළ තවත් ඉන්දුනීසියානු ‘එයාර් ඒසියා’ යානයක් මුහුදට කඩා වැටී මගීන් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි.
මීටර 8400 ක් උසට ළඟා වූ යොහාන් පීරිස් ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය. කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති කුරු උතුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ "ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා." යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති කුරු උතුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි. 'කණ්ඩායමේ ජයග්‍රහණයක්' එවරස්ට් කඳු මුදුණ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාව ජයන්ති කුරු උතුම්පාල "මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති කුරු උතුම්පාල පවසන්නේ. "මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා." එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. (ජයන්ති කුරු උතුම්පාල සහ යොහාන් පීරිස් සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න) 'දුෂ්කර කටයුත්තක්' එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. "උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති කුරු උතුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය. මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.
ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් ඉහළ ජයක් ලබා ඇති බව දක්නට ලැබේ.
තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතය ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ඇති අතර ප්‍රතිවාදී මරීන් ල- පෙන් ලබා ගෙන ඇත්තේ 35% ප්‍රතිශතයකි. ඒ අනුව තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතය. එම ප්‍රතිඵල නිල වශයෙන් සනාථ වුවහොත් 1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පත්වන පළමු පුද්ගලයා ඔහු වනු ඇත. ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්විණි. "නව පරිච්ඡේදයක්" ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවෝ පැරිස් නුවරට එක්රැස් වී සිටිති. AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් "බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වුනා" යනුවෙන් පැවසීය. එම්මානුවෙල් මැක්‍රෝන්ගේ කාර්ය මණ්ඩලය කියා සිටියේ නව ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියා වූ මරීන් ල-පෙන් සමග "සුහදශීලී" දුරකථන සංවාදයක යෙදුනු බවය. මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළාය. ඇය විසින් ජනාධිපතිවරණය හඳුන්වනු ලැබුවේ "දේශප්‍රේමීන් සහ ගෝලීයවාදීන්" අතර සටනක් ලෙසය.
එක්සත් රාජධානියේ 'සැලිස්බරි' නගරයේ ජීවත් වූ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණිය හිටි අඩියේම විෂක් ශරීරගත වීමෙන් දැඩි ලෙස රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ අසාධ්‍ය තත්වයේ පසුවෙති.
"ඇයට මෙවැනි දඬුවමක් දෙන්න තරම් ඇය මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ" එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ සමහර පිරිස් මෙම අපරාධය පිළිබඳ රුසියාවට චෝදනා එල්ල කළත්, සිය පැරණි ඔත්තුකරු සහ ඔහුගේ දියණිය රෝගාතුර වීමට සම්බන්ධ බවට එල්ලවන චෝදනා මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි. සෙර්ගේයි ස්ක්‍රිපාල් රුසියානු ගුවන් හමුදාවේ ලුතිනන්වරයකු ලෙස සේවය කරන අතරතුර ලබා ගත් ඡායාරූපයක් රුසියානු හිටපු ඔත්තුකරුගේ දියණිය යූල්යාගේ යෙහෙළියක පවසා සිටියේ "ඇයට මෙවැනි දඬුවමක් දෙන්න තරම් ඇය මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ," යනුවෙනි. හැටහය හැවිරිදි සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය යූල්යා (Yulia) පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ 'මැල්ටින්ග්ස්' (Maltings) සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය. සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ යූල්යා වැටී සිටි ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත ස්ක්‍රිපාල් පවුල ගැන සිහිපත් කරන යූල්යා කුඩා කළ පටන් ඇසුරු කළ යෙහෙළිය අයිරිනා පෙට්‍රෝවා ඔවුන් හඳුන්වන්නේ "සම්පූර්ණ පවුලක්" ලෙසය. නමුත් ඔවුන් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මිනිසුන් මැලි වූ බව ඇය පැවසුවාය. "මටත් දැන් බය හිතෙනවා. ඔවුන් ගැන කතා කරන්න හැමෝම බයයි, ඔවුන්ගේ ඥාතීන් පවා," ඇය පැවසුවාය. මීට සතියකට පමණ ඉහතදී, යූල්යා සහ ඇයගේ පියා සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට බංකුවක සිහිසුන්ව ඇද වැටී සිටියහ. ඉන් අනතුරුව රෝහල්ගත කෙරුණු ඔවුන් දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති. එම අධික විෂ වර්ගයේ නම හෙළි කර නැත මෙම අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බවට තොරතුරු හෙළි වෙයි. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මෙම විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක පහළ කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති අතර, ස්වදේශ කටයුතු භාර ලේකම් ඇම්බර් රඩ් ගේ ප්‍රධානත්වයෙන් "කෝබ්රා" නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉහළම හදිසි ආරක්ෂක කමිටුව ද රැස්වීමට නියමිතව ඇත. සබැඳි තොරතුරු: රුසියානු ඔත්තුකරුට වස දුන්නේ කවුද? "ඔවුන්ට ගොඩක් ඥාතීන් නැහැ" පෙට්‍රෝවා තව දුරටත් පැවසුවාය. යූල්යා මොස්කව් නුවර සිට බ්‍රිතාන්‍යයට පැමිණ ඇත්තේ තම පියා බැහැ දැකීමටය. ඇය රැකියාවේ නිරත වී ඇත්තේ Nike, PepsiCo වැනි ජාත්‍යන්තර සමාගම් වල බව මිතුරෝ පවසති. ඇයගේ මව, මාමා මෙන්ම වැඩිමහල් සහෝදරයා ද පසුගිය කාලයේ මරණයට පත්වූ අතර එම මරණ පිටුපස ද රහසක් ඇතැයි පවුලේ සෙසු සාමාජිකයෝ සැක කරති. කර්නල් සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය යුලියා (Yulia) මේ තොරතුරුද කියවන්න: කව්ද මේ ස්ක්‍රිපාල් පවුල? කර්නල් ස්ක්‍රිපාල් රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකි. රුසියානු බුද්ධි අංශයේ කටයුතු කරමින් සිටියදීම බ්‍රිතාන්‍යයටත් ඔත්තු සැපයීම සම්බන්ධයෙන් 2006 වසරේ ඔහු වරදකරු කරනු ලැබුණි. සිරගත වී වසර හතරකට පසු රහස් ඔත්තුකරුවන් හුවමාරු ක්‍රමය යටතේ ස්ක්‍රිපාල් නිදහස් කර ඇත. කර්නල් ස්ක්‍රිපාල් 2010 වසරේ සිට එක්සත් රාජධානියේ රජයේ රැකවරණය ලබමින් ජීවත් විය. ඔහුගේ දියණිය යූල්යා වසර පහකට ආසන්න කාලයක් තම පියා සමග ජීවත් වුවත්, "ඇයට එංගලන්තයේ නවතින්න ඕනෙ වුණේ නැහැ" බව යෙහෙළියක් පැවසුවාය. ස්ක්‍රිපාල් සහ ලුද්මිලා 1972 පැවැත්වූ ඔවුන්ගේ විවාහ උත්සවයේදී එක්සත් රාජධානියේ ගත කළ ජීවිතය ප්‍රිය කළ යූල්යා, බ්‍රිතාන්‍යය රියදුරු බලපත්‍රය පවා ලබා ගත් බව පෙට්‍රෝවා සඳහන් කළාය. ඇය පෙරළා මොස්කව් නුවරට ගොස් ඇත්තේ බොහෝ කලක සිට හඳුනන පෙම්වතා සමග ජීවත් වීමටය. යූල්යා මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයක භූගෝල විද්‍යාව හදාරමින් සිට ඇත. යූල්යා සහ ඇයගේ පියා අතර "විශිෂ්ට" සම්බන්ධයක් තිබූ බවත් පෙට්‍රෝවා පැවසුවාය. කර්නල් ස්ක්‍රිපාල්ගේ පුත් හතළිස් තුන් වියැති අලෙක්සන්දර් ස්ක්‍රිපාල් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී අක්මා රෝගයකින් මරණයට පත්විය. එම මරණය පිළිබඳවත් පවුලේ ඥාතීන් අතර පවතින්නේ සැකයකි. යූල්යා ඉපදුන දින ඇයව තුරුල් කරගෙන සිටින කර්නල් ස්ක්‍රිපාල් සහ තවත් ඥාතීන් පිරිසක් තමන්ගේ පියා අත්අඩංගුවට ගත් බව රූපවාහිනියෙන් දුටුවත්, යූල්යා "කවදාවත් එයාගේ ප්‍රශ්න ගැන කතා කළේ නැහැ," පෙට්‍රෝවා තවදුරටත් පැවසුවාය. සැලිස්බරි නගරයේ පිහිටි කර්නල් ස්ක්‍රිපාල්ගේ සහෝදරයා, බිරිඳ සහ පුතාගේ සොහොන් කොත්වලට මේ වන විට ආරක්ෂාව සපයා ඇත. කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ, ලුද්මිලා 2012 වසරේ පිළිකා රෝගයට ගොදුරුව මරණයට පත්වූවාය.
ලොව මිලෙන් වැඩිම බව පැවසෙන අතුරුපස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ වෙත පිළිගැන්වීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වෙමින් පවතී.
නුවරඑළිය ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විසින් පසුගිය බදාදා (ජනවාරි 03) හඳුන්වා දෙන ලද "Marry Me" ("මගේ අත ගන්න") ලෙස නම් කර ඇති අතුරුපසෙහි වටිනාකම රුපියල් ලක්ෂ තිස් අටකි. අතුරුපසක් සඳහා එවැනි අධික මිලක් වැය කිරීම හෙලා දකිමින් සමාජ ජාල ගිණුම් හිමියන් විශාල වශයෙන් අදහස් දක්වා තිබෙන ආකාරය දැකගත හැක. ඒ අතරින් වැඩි දෙනෙකු පවසා තිබුණේ අතුරුපසක් සඳහා එවැනි මුදලක් වැය කරනු වෙනුවට ඉන් දුගී පවුල්වල කුසගිනි නිවිය හැකි බවය. එම මුදලින් දුගී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර කළ හැකි බව තවත් සමහරෙක් පවසා තිබුණි. ට්විටර් සමාජ ජාලයේ අදහ දක්වමින් "පැරා" පවසා තිබුණේ "මොන තරම් විශාල මුදල් නාස්තියක් ද, අතීතයේ තම පුණ්‍ය කටයුතු මගින් විශාල වැඩ කොටසක් සිදු කළ සංගක්කාර මේ වගේ දේකට සහභාගි වීම නිවැරදි යයි සිතීම විශ්වාස කරන්නත් බැහැ," යනුවෙනි. මේ අතර ඉහත කී අදහස් විවේචනයට ලක් කරන ඇතැමෙක් පවසන්නේ ඕනෑම පුද්ගලයෙකුට සිය මුදල් තමන් කැමති ආකාරයකට විය පැහැදම් කළ හැකි බවය. එවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද වැදගත් බව තවත් සමහරෙකුගේ අදහසය. ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය පවසන පරිදි මැඩගස්කරයෙන් ගෙන්වන ලද චොක්ලට්, ආහාරයට ගත හැකි රත්‍රන් සහ රිදී, විදේශීය රස ද්‍රව්‍ය "Marry Me" අතුරුපස සඳහා යොදා ගෙන ඇත. අතුරුපස සමග පිළිගැන්වුණු නිල් මැණික හේතුවෙන් ඒ සඳහා එවැනි මිලක් තීන්දු කර ඇති බව කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබිණි. කෙසේ නමුත් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර "පැරා" නමැති පුද්ගලයාගේ ඉහත කී අදහසට ප්‍රතිචාර දක්වමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කර තිබේ. "Marry Me" අතුරුපස පළමු වරට හඳුන්වා දීම පමණක් එහිදී සිදු වූ බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන සංගක්කාර එදින කිසිවකුත් ඒ සඳහා මුදල් වැය නොකළ බව කියා සිටී. සිරස්තලය දෙස පමණක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳ බොහෝ දෙනෙකු තොරතුරු සොයා බලා නැති බවත් හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. සමාන පුවත්:
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක පහසු ජයක් අත්කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ඒ අනුව එක් දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 12 ක් අතරින් 11 වෙනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම බවට ද පත් විය. එක් දින ශ්‍රේණිගත කිරීම්වල අට වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ දී සිම්බාබ්වේට පරාජය වූ පළමු වතාව මෙයයි. ශාරීරික යෝග්‍යතාව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්ෂ පිතිහරඹයක යෙදෙමින් නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 316 ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 80 කට මුහුණ දී ලකුණු 86 ක් සහ උප නායක උපුල් තරංග ලකුණු 79 ක් රැස් කිරීම කැපී පෙනිණ. එහෙත් ඕවර 47 යි පන්දු හතරකදී කඩුලු හතරක් පමණක් දවාගනිමින් එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායමේ සොලමන් මයර් ලකුණු 112 ක් රැස් කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ප්‍රශස්ත මට්ටමක නොපවතින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා සඳහන් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ වරද පිළිගත් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් පණවා තිබේ. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තවත් එක් දින තරග හතරක් සහ එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතය. බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා පළමු පෙළ තරගාවලියේ පුළුල් සංශෝධන සිදු කළ යුතු බව මේ අතර සිදත් වෙත්තමුණි වැනි විචාරකයෝ පෙන්වා දෙති. වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව පූර්ණ සංශෝධනයකට ලක් කළ යුතු බවත් සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බවය.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත වන අතරවාරයේ චීන රජය පවසා ඇත්තේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට විරෝධය පාන බවයි.
සෙනෙට් සභිකා ලී රියනන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ ඊළඟ මහ සමුලුව ජිනීවා හි පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබිය දී ඔස්ට්‍රේලියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ බහු පාක්ෂික යෝජනාව ගෙන ඒමට මුල් වූ නිව් සවුත් වේල්ස් සෙනෙට් සභිකා ලී රියනන් (Lee Rhiannon) බීබීසී සංදේශයට කියා සිටියේ මේ මගින් එක්සත් ජාතීන්ටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රබල පණිවුඩයක් ලබා දෙන බවයි. “ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින මෙම යෝජනාව සම්මත වීම සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක්,” බවයි ඇය කියා සිටියේ. ඕස්ට්‍රේලියානු යෝජනාවට පෙර චීන සංචාරයක දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ ජාතික සංහිඳියාව පිළිබඳව සමාලෝචනය යෙදුනු බව චීන රජය ප්‍රකාශ කරයි. බදාදා බෙයිජිං නුවරදී විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන් යිං මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළේ අඟහරුවාදා මහාචාර්ය පීරිස් චීන විදේශ අමාත්‍ය වොන් යී සමග සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව තම අභ්‍යන්තර කටයුතු කළමනාකරණය කර ගෙන යාමේ දුර දක්නා ඥානයෙන් යුතු බව තමන් අදහන බව කී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ වෙනස්කම් විසඳා ගත යුත්තේ සමානතාව සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ සාකච්ඡාවෙන් ය යන්න චීනයේ දිගු කාලීන ප්‍රතිපත්තිය බව සඳහන් කළාය. ජාතික නිදහස, ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට උපකාර සපයන බවයි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හුවා චුන් යිං ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන සිදුවීම් පිළිබද දේශිය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි. එබඳු පරීක්ෂණයක් 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය තෙක් වන කෙටි කාල පරාසයකට සීමා නොකර තවත් ගැඹුරට, නො එසේ නම් පසු පසට ගෙන යමින්, එල්.ටී.ටී.ඊ ය සිදු කළ ක්‍රියා පිළිබඳව ද සොයා බැලිය යුතු බව , එජාපය විශ්වාස කරන බවත් එහි සඳහන්. එබඳු පරීක්ෂණයක දී හෙළි වන තොරතුරු මත වැරදි කරුවන් බවට පත් වන සෑම කෙනෙකුට ම නීතිය පිළිගත් විධිවිධාන මත චෝදනා ඉදිරිපත් කළ යුතු බවයි මහලේකම් තිස්ස අත්තනායක සංදේශයට කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාව අරබයා සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව පිළිබඳ ව රජය ප්‍රකාශ කළේ ඇතැම් රටවල් වල විවිධ අවශ්‍යතා මත නිර්මාණය කරන ලද න්‍යාය පත්‍රයකට ශ්‍රී ලංකාව තල්ලු කිරීමේ උත්සාහයක් පවත්නා බවයි. රජයේ හවුල් කාර පක්ෂ සමග එකඟතාවක් ඇති කර ගැනීමේ නොහැකියාව නිසා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉටු කිරීමට කල් ගත වන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන්ට පැවසුවේ. කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව ශක්ති ප්‍රමාණයෙන් ජිනීවා සමුළු යෝජනාවට මුහුණ දීමට සුදානම් බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව වෙතින් සඟවන්නට දෙයක් නැති බව ද ප්‍රකාශ කළේය.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා ගේ සියලු වත්කම් අත්හිටුවන මෙන් විනිශ්චයකරුවෙක් නියෝග කළේය.
හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි බ්‍රසීල අධිකරණය එම නියෝගය කළේ හිටපු ජනාධිපතිවරයා දූෂණ, වංචා චෝදනාවලට වැරදිකරු බව මීට ඉහතදී අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුවය. ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම්වල තිබී සොයා ගන්නා ලද ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂයකට ආසන්න මුදල අත්හිටුවන බව විනිශ්චයකාර සර්ජියෝ මෝරෝ නිවේදනය කළේය. හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට අයත් මහල් නිවාස, ඉඩ කඩම් සහ මෝටර් රථ ද එම නියෝගයට යටත් වේ. 'දේශපාලන අරමුණක්' ඔහුගේ බැංකු ගිණුම් සහ සියලු දේපොලවල වටිනාකම ඩොලර් මිලියන 4.3 ක් බව විනිසුරුවරයා පැවසීය. මහල් නිවාස තුනක්, ඉඩමක්, මෝටර් රථ දෙකක් සහ බැංකු ගිණුම් දෙකක් ඔහු සතුව තිබෙන බව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛනවල දැක්වේ. දේශපාලන අරමුණක් මත එල්ල වූ චෝදනා බව පවසමින් තමන්ට එරෙහි දූෂණ චෝදනා හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි. ලබන වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු බලාපොරොත්තු වෙන අතර, මේ වනවිට ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ඔහුය. කලක් බ්‍රසීලයේ ජනප්‍රියම ජනාධිපතිවරයා වූ ලූලා ද සිල්වා, වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු බව මීට ඉහතදී අධිකරණය තීන්දු කළේය. ඔහු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එම අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් රාජ්‍යය විසින් ඔහුගේ සියලුම දෙපොල වෙන්දේසියේ විකුණා එයින් ලැබෙන ආදායම දූෂණ නඩුවේ පැමිණිලිකරු වන රජයට අයත් පෙට්‍රොබ්‍රාස් (Petrobras) ඛනිජ තෙල් සමාගම වෙත පවරා දීමට නියමිතය. අභියාචනය විභාග වන තුරු සිය දේපොළ පරිහරණය කිරීමට ඔහුට අයිතිය තිබේ. අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ඔහුට වසර නවය හමාරක සිරදඬුවමක් ද විඳීමට සිදුවන අතර, හිටපු ජනපතිවරයෙකුට හිමි ආරක්ෂාව ද අහිමි කෙරේ. ජනප්‍රිය වෘත්තීය සමිති නායකයෙකු වූ ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා 2011 දක්වා වසර අටක් රට පාලනය කළේය.
ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ගුවන් මගියා බීමත්ව සිටියේ යයි විශ්වාස කරන බව ගුවන් සේවය පවසයි බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් සිටියදී වැසිකිලියේ දොර බව සිතා එම ක්‍රීඩකයා යානයේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යානයේ මගීන් තැතිගැනුණු බව ලන්ඩනයේ පළ වන ඩේලි මේල් පත්‍රය වාර්තා කොට තිබිණ. සිද්ධිය පිළිබඳව කණ්ඩායමේ කළමනාකරු ජයන්ත සෙනවිරත්න තමන්ට වාර්තාවක් භාර දුන් බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජුනි 30 වැනි දින මධ්‍යම රාත්‍රියේ රමිත් රඹුක්වැල්ල ගුවන් යානයේ වැසිකිලිය භාවිත කිරීමට තැත් කළ අවස්ථාවේ යානයේ තිබූ මඳ ආලෝකය හේතුවෙන් ඔහු වැසිකිලියේ දොර වෙනුවට යානයේ දොර විවෘත කිරීමට උත්සාහ කළැයි වාර්තාවේ සඳහන් වන බවත් ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක්, සිදුවීම සනාථ කළ අතර ගුවන් මගියා බීමත්ව සිටි බව තම විශ්වාසය බව ද සඳහන් කළේය. සිදුවීම නිසා ගුවන් යානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවූ බව පැවසූ ගුවන් සේවයේ ප්‍රකාශකයා, මගියාගේ නම හෝ ජාතිකත්වය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය. අදාළ චෝදනාවට රමිත් රඹුක්වැල්ල වරදකරු වුවහොත් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
සිය සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්ත කරන මෙන් තමන් කළ ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමය පවසයි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකවරයා සහ උප සභාපති මතිවානන් සමඟ සාකච්ඡා කළ බව පවසන සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර, සාකච්ඡාවක් සඳහා දිනයක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය. "අපිට තාම තිලංග සුමතිපාල මහත්තයත් එක්ක සාකච්ඡාවක් ලැබිල නෑ මේ වනතුරු. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා," සභාපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. පාකිස්තානය වැනි ලොව වෙනත් රටවල් දැනටමත් දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගම් ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට ඇතුලත් කරගෙන තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා, පාකිස්තානය අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ලබා දුන් බවත් සඳහන් කළේය. දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය, ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට අනුයුක්ත කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයද මීට ඉහතදී නිර්දේශ කර තිබේ. ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් දැනට පුහුණු කටයුතුවල නිරතව සිටින බවත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය. "මෙවර තරගාවලිය සඳහා අපි අලුත් ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. තරගාවලියේ ජය තහවුරු කිරීම සඳහා අපි මේ දවස්වල කොළඹ පුහුණු කටයුතුවලත් නිරතව සිටිනවා," ඔහු පැවසීය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් ප්‍රකාර මෙවර ඔවුන්ට පුහුණුවීම පිණිස ක්‍රීඩාංගන සහ පුහුණුකරුවකු මෙන්ම ඉන්දියාව බලා යාම පිණිස ගුවන් ප්‍රවේශපත්‍රද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ. 2012 පැවති විස්සයි විස්ස ජගත් ශූරතාවලියේදී සහ 2014 සීමිත ඕවර 40 හෙ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීය. "අපේ කණ්ඩායම දැන් ශක්තිමත්. දක්ෂ ක්‍රීඩකයන් ඉන්න නිසා විස්සයි තරගාවලියේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමට හැකිවේවි කියලයි මම විශ්වාස කරන්නේ." ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ තුන් වැනි ස්ථානයේ පසුවන බව පෙන්වාදෙන සංගමයේ සභාපතිවරයා, තවදුරටත් ඉදිරියට යාම පිණිස අනුග්‍රහය සපයන මෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වෙනි වතාවටත් තරඟ කළ හැකි යයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තුවේදී නිවේදනය කෙරිණ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, යළිත් වරක් තරඟ කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි. එමෙන්ම දෙවැනි වර තේරී පත් වී වසර හතරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව ජනාධිපති මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ. දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති හෙයින් තෙවන වරටත් එම ධුරය සඳහා තරඟ කළ හැකි දැයි යන්න පිළිබඳව පසුගිය සතියේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේය. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුණු නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විධායක කමිටුව සමඟ සාකච්ඡා කරන බව සංගමයේ ලේකම් අජිත් පතිරණ සඳුදා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ගංවතුර සහනාධාර රැගෙන තාවකාලික රැඳවුම් කඳවුරු පිහිටි ස්ථාන වෙත යෑමෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආධාර බදා හැරීම හෝ ලබාගැනීම සම්බන්ධ සියලු විමසීම් 117, 13612, 1361 සහ 136 අංකවලට යොමු කරන මෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි දිගින් දිගටම ආධාර ලැබෙමින් පවතින බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් නිසි පරිදි බෙදා හැරීම පිණිස එම ආධාර අදාළ බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට පමණක් ලබා දීම යෝග්‍ය බව අවධාරණය කරයි. කැළණි ගඟේ ජල මට්ටම තරමක් දුරට පහල බසිමින් තිබෙන නමුත් විශේෂයෙන්ම සනීපාරක්ෂාව තහවුරු වී නැති බැවින් ගංවතුරට යට වූ ප්‍රදේශවල ජනතාවට තවමත් සිය නිවාසවල පදිංචි වීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය. ආධාර බදා හැරීම හෝ ලබාගැනීම සම්බන්ධ සියලු විමසීම් 117, 13612, 1361 සහ 136 අංකවලට යොමු කරන මෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. නාය යෑම් සම්බන්ධයෙන් හෝ ගංගා ජලය ඉහල යාම පිළිබඳව දිගටම විමසිල්ලෙන් සිටින ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කරන ලද දුරකතනය ඇමරිකාවේදී වෙන්දේසි කිරීමට නියමිතය.
යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය ජර්මනිය යටත් වීමත් සමග නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය බර්ලිනයේ බංකරයක් තුළ තිබී 1945 වසරේදී සොයා ගැනිණි. දුරකතනය සොයා ගත් සෝවියට් රතු හමුදා භටයෝ සමරුවක් වශයෙන් එය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ශ්‍රීමත් රැල්ෆ් රේනර් වෙත තෑගි කර තිබුණි. සති අන්තයේ ඇමරිකාවේ මේරිලන්ඩ්හිදී වෙන්දේසි කිරීමට නියමිත දුරකතනයේ ආරම්භක ලංසුව ඇමරිකානු ඩොලර් ලක්ෂයකි. නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය ශ්‍රීමත් රැල්ෆ් රේනර් ගේ පුත්‍රයා විසින් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබ ඇති දුරකතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලකට අලෙවිවනු ඇති බවට බලාපොරොත්තු පළවේ. මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශයට කරමින් එවකට යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය.
ත්‍රිකුණාමල වෙරළේ සිටියදී පැහැර ගෙන ගොස් මරා දැමුණු සරසවි ශිෂ්‍යයන් පස් දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන මෙන් එම සිසුන්ගේ පවුල් වල ඥාතීහු ඉල්ලා සිටිති.
''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ'' ඉහත කී සිසුන් පස් දෙනා ඝාතනය කොට වසර දහයක් ගත වන මොහොතේ ඒ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් සිදු කොට යුක්තිය ඉටු කර දෙන මෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. තම පුතු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර ගැනීමේ අරමුණින් ලොව පුරා පිහිට පතමින් වසර දහයක් මුළුල්ලේ ගමනේ යෙදී සිටින බවයි ඝාතනයට ලක් වූ එක් සිසුවකුගේ පියෙක් පවසන්නේ. ''මගේ පුතා රජිහරන් එයාගේ යාළුවෝ හමු වෙන්නයි ගාන්ධි ප්‍රතිමාව අසලට ගිහින් හිටියේ. මුහුද පැත්තෙන් අපිට බෝම්බයක් පිපිරෙන සද්දයක් ඇහුණා. රජිහරන් එයාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. කෙටි පණිවුඩයක් පමණක් ලැබුණා 'තාත්තේ' කියලා.'' රජිහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් කියා සිටියේ ඇම්නෙස්ටි ජාත්‍යන්තරය හා සාකච්ඡාවකට එක් වෙමින්. අන්තිම ඇමතුම එම අවස්ථාවේ තමා සිද්ධිය වූ දෙසට ගිය නමුත් ආරක්ෂක අංශ විසින් එම ස්ථානයට ඇතුළු වීම වලක්වා ලූ බවයි වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් පවසන්නේ. මෘත ශරීරාගාරයට ගිය තමාට සිය පුතුගේ හිසෙහි පසුපස ප්‍රදේශයේ වෙඩි වැදුණු ළකුණු පහක් දකින්නට ලැබුණු බව වෛද්‍ය මනෝහරන් කියා සිටි බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි. ''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ''වෛද්‍ය මනෝහරන් කියා සිටියි. ඝාතන සිදු වීමෙන් අනතුරුව තම පවුලේ සෙසු සාමාජිකයන් වෙතත් තර්ජන එල්ල වූ බැවින් තමන් සියලු දෙනාම ශ්‍රී ලංකාව හැර ගිය බවත් වෛද්‍ය මනෝහරන් කාසිපිල්ලේ සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව පෙන්වා දෙයි.
බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, 2017 පසුගිය වසරේ මුල් කාර්තු තුනේ දී ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ප්‍රකාශ කළාය. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, සිර භාරයේ තබා ගැනීම් සහ වධහිංසාවන්ට ලක් කිරීම් එම පැමිණිලි අතර ප්‍රමුඛස්ථානය ගන්නා බවත් සභාපතිවරිය පවසන්නීය. 2017 වසරේ මුල් කාර්තු තුනේ දී වධහිංසාවන්ට ලක් කිරීම් පිළිබඳව පැමිණිලි 249 ක්ද, තර්ජනය කිරීමට අදාළ පැමිණිලි 323 ක් සහ අත්ත නෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 298 ක්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එම පැමිණිලිවලින් බහුතරය පොලිසියට එරෙහිව ඒවා වන අතර තවත් සමහරක් උතුරු නැගෙනහිර බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වූ ඒවා බවත් මානව හිමිකම් කොමිසම පවසයි. "මානව හිමිකම් පිළිබඳ තත්වයේ ඉතා හොඳ ප්‍රගතියක් අපි දකිනවා. භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස වර්ධන වී තිබෙනවා, ඇත්ත වශයෙන්ම භීතියේ සංස්කෘතිය බොහෝ දුරට නැති වෙලා. නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ක්‍රියාමාර්ග නිසා මානව හිමිකම් කඩවීම" ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. පොලිස් විමර්ශන සඳහා වධහිංසා යොදාගැනීම ගැන පැමිණිලි රැසක් ලැබී ඇතැයි ප්‍රකාශ කළ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය, ඇතැම් පැමිණිලි පරික්ෂා කර ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන පොලිසියට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළාය. පොලිසියේ කටයුතු ගැන දෛනික මට්ටමින් පැමිණිලි ලැබෙමින් පවතින බව පැවසූ සභාපතිනිය, එම තත්වය මඟහැරීම සඳහා පොලිසිය දැඩි ලෙස ප්‍රතිසංවිධාන කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගනිමින් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට පොලිසිය සුදානම් වන බවත් කියා සිටියාය. පසුගිය දෙසැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය යහපාලන මූලධර්ම ගුරු කොට ගත් අභිමානවත් වෘත්තියක් බවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මත පොලිස් සේවය ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් හසළ පළපුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හියු ඕඩ් (Sir Hugh Orde) ගේ සේවය ලබාගැනීමට තීරණය කර තිබුණි. දිවුලපිටිය පොලිස් අත්අඩංගුවේ සිටිය දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සැකකරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දිවුලපිටිය පොලිසියේ හිටපු වැඩබලන ස්ථානාධිපතිවරයා බදාදා (ජනවාරි 03) අත්අඩංගුවට ගනු ලැබුණි. තවත් යොමු:
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර බිඳ වැටී තිබෙන සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීම පිළිබඳව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානය පළ වී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති ව්ලදිමීර් පූතින් ඒ බව සඳහන් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ තුන් දින රුසියානු නිල සංචාරය අතරවාරයේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැවති දීර්ඝ සාකච්ඡාවේදීය. වසර 43 කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වූ පළමු වතාව මෙයයි. "ඊට අමතරව ඔහු කිවුවා සංචාරක ක්ෂේත්‍රයේ තවත් ප්‍රවර්ධනය කළ යුතු වැඩසටහන්වලට අපි සහාය වෙනවා කියලා," ජනාධිපතිවරයා සමග රුසියානු සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක බීබීසී සිංහල සේවයට පැවසීය. එමෙන්ම පරිපාලන කටයුතු අඩපණ වී තිබෙන ශ්‍රී ලංකාවේ තේ වතු වෙනුවෙන් ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන් යෙදවීමේ හැකියාව තිබෙන බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවාය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරද්දී ශ්‍රී ලංකා තේ සහ බණ්ඩාරනායක නාමය රුසියානු වැසියන් අතර තවමත් ඉතා ජනප්‍රිය බව සිය සංචාරයේදී දැකගන්නට ලැබුන බවත් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක වැඩිදුරටත් පැවසීය.
එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් උළෙල වෙනුවෙන් පුහුණුවීම් කරමින් සිටින තමාට අනුග්‍රාහකයකු සොයා දීමට පවා බලධාරීන් තවමත් අපොහොසත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ශූරයා පවසයි.
'බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල' තහනම් උත්තේජක භාවිත කිරීමේ වරදට 2011 දී පැනවුණු තරඟ තහනම හමාරයේ යලි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින චින්තන විදානගේ, ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් 85 ඉසවුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ලබන වසරේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් යලිත් වරක් පුහුණුවීම් ආරම්භ කොට සිටින නමුත් තවමත් තමන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බව චින්තන විදානගේ බීබීසී සංදේශයට පැවසීය. 'සැලසුමක් නැහැ' "තාම නම් කිසිම සහයෝගයක ආරම්භයක් වත් නැහැ. අඩුම ගානේ මම බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඉඳලවත් අමාත්‍යාංශයෙන් මට සහයෝගයක් දේවි කියල," ඔහු පැවසීය. ක්‍රීඩාව නැංවීම පිණිස කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමට ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහුගේ අදහසයි. "මම හිතන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල," ඔහු පැවසීය. 2011 වර්ෂය දක්වා තහනම් කොට නොතිබුණු පෝෂ්‍යදායී කිරිපටි වර්ගයක් නොදැනුවත්කමින් භාවිත කිරීම තරඟ තහනම පැනවීමට හේතුව බව පවසන චින්තන විදානගේ තමා වරද පිළිගන්නා බව ද සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත්, ජාත්‍යන්තර බලධාරීන් තහනම් උත්තේජක ලැයිස්තුව නිරන්තරයෙන් වෙනස් කිරීම හේතුවෙන් තමන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අනතුරේ වැටුණු බව ද ඔහු පවසයි. එමෙන්ම අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹට පැමිණීමට අගනුවරින් පිටත වෙසෙන සියලුම ක්‍රීඩකයන්ට සිදු වී තිබෙන බව ද ජාතික බර ඉසිලීමේ ශූරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි.
"වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය" ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී CEDAW හෙවත් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ නොසලකා හැරීම් තුරන් කිරීමේ ප්‍රඥප්ති සැසිවාරය හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ සංවිධාන අටක එකමුතුව, ලාංකීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය මගින් ළමා විවාහ නීතිගත කිරීම, ක්වාසි අධිකරණයේ විනිසුරුවන් පත්කිරීම, කාන්තාවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට එල්ලවන බාධා සහ බහු විවාහ සඳහා පුරුෂයන්ට බිරිඳගේ අනුමැතියක් අවශ්‍ය නොවීම ඇතුළු කාන්තා පීඩක කරුණු ගණනාවක් CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව සිය ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ. මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම මුස්ලිම් සමාජයට අදාළ කරුණක් බව රාජ්‍යය දිගින් දිගටම පවසන නමුත් තමන් එම ස්ථාවරයට දැඩි විරෝධය පළකරන බවත් මුස්ලිම් කාන්තා සංවිධාන ද සාමාජිකත්වය දරන සංවිධාන එකමුතුව අවධාරණය කරයි. "ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් කොහෙත්ම අනුමත නොකරන බව" "වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ. CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනා අතර: වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය ප්‍රකාර සම්මත නීතියක් සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයක් පැවැත්වීම තහනම් කිරීම සුළු ජනකොටස් නොසලකා හැරීමකට මග පෑදෙන බව පෙන්වාදෙන කාන්තා සංවිධාන, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී එම වගන්තිය ඉවත්කළ යුතු බවත් අවධාරණය කරයි. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත්කළ යෝජනාවක් තමන් 'වීසි කළ' බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. සමලිංගිකත්වය පිළිබඳව දැනට පවතින විධිවිධාන වෙනස්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තරයේ විරුද්ධ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. එහෙත් ලිංගිකත්වය මත පදනම් වී වෙනස්කම් කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජය අනුමත නොකරන බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සඳහන් කළාය.
සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකට අත් වූ අන්ත පරාජය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රතිචාරය පළකරමින් සිටින නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් කිසිවක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නැත.
සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ජනපතිවරයා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාව ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ඉරිදා (පෙබරවාරි 11) සවස ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ද පැවති නමුත් ඒ පිළිබඳ විස්තර ද මෙතෙක් අනාවරණය වී නැත. ජනාධිපතිවරයා එවැනි නිහඬ බවක් දක්වන්නේ ඇයි? රටේ රාජ්‍ය නායකයාගේ මීළඟ පියවර කුමක්ද? බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව "ගැඹුරු ලෙස විශ්ලේෂණය කරමින්" සිටින බවය. "නිහතමානීව" ජනමතය පිළිගෙන ඒ සඳහා ආණ්ඩුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන බවත් ඔහු පැවසීය. "ජනතාව එදා 08 වෙනිදා කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව" "කවුරු හරි ජනතාවගේ හෘද සාක්ෂියට නිගා දෙන, හෘද සාක්ෂියත් එක්ක සෙල්ලම් කරන රාජ්‍ය පාලන ක්‍රියාවක් සිදු වෙලා තියෙනව නම් එය වෙනස්විය යුතුයි," යනුවෙන් සඳහන් කළ ඔහු එම "දැඩි වෙනස සඳහා ජනාධිපතිතුමා සූදානම්ව සිටින" බවත් පැවසීය. එම "දැඩි වෙනස" අගමැති පදවිය තරම් ඉහළ මට්ටමේ වෙනසක් දැයි විමසූ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. "නමුත් "ජනතාවත් ඉල්ලනවා මුහුණතෙහි වෙනසක්." එහිදී ආණ්ඩුවේ වෙනසක්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් මෙන්ම පැරණි දූෂණ සහ අලුත් දූෂණ ද සොයමින් දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීමේ අවශ්‍යතාව ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව ජනපති සම්බන්ධීකරණ නිලධාරියාගේ විග්‍රහය වී තිබේ. (සෙනසුරාදා ඡන්දය භාවිත කළ අවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත) විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය යහපාලන ආණ්ඩුවට ලබා දුන් 'Quit Notice' හෙවත් 'ඉවත් කිරීමේ දැන්වීමක්' ලෙසින් මුලින් බොහෝ දෙනා විග්‍රහ කළ මුත් පසුව එය 'රතු දැන්වීමක්' බව පැහැදිලිව දක්නට ලැබුන බව පවසන ඔහු, පොදු ජන පෙරමුණ ආයතන 241ක් ජයග්‍රහණය කළ නමුත් ඒ අතරින් බහුතර බලයක් හිමි වී තිබෙන්නේ ආයතන 160 ක පමණක් බව ද සඳහන් කළේය. එමෙන්ම පොදු ජන පෙරමුණට ලැබී තිබෙන ඡන්ද ප්‍රතිශතය සලකා බැලූ විට " ජනමතය හැටියට නම් 2020ත් මහින්ද රාජපක්ෂ මහත්තයට තනි බලයක් පිහිටුවීමට හැකියාවක් නෑ කියල පේනව," යනුවෙන් ද නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පැවසීය. තවත් කියවන්න: කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ඉරිදා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ඡන්ද ප්‍රතිශතය සලකා බැලීමේදී "ජනවාරි 08 ජනවරම ශක්තිමත් වී ඇති" බවය. එහෙත් බීබීසී සිංහල සේවය සමග ඉරිදා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ එම අදහස "හීනයක්" ලෙසින් විග්‍රහ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වහාම මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සඳුදා සවස පැවති සාකච්ඡාවේදී ජනපතිවරයා සහ අගමැතිවරයා අතර කිසිදු එකඟතාවක් ඇති නොවූ බව අවධාරණය කර තිබේ.
කිසිදු හේතුවක් නොදක්වා ඉතියෝපියාව තුළ කෙටි පණිවුඩ සේවාවන් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
කෙටි පණිවුඩ සේවා ඉතියෝපියානු තරුණ තරුණියන් අතර ජනප්‍රිය ය මෙම පියවර පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වේ. 'ටෙලිග්‍රෑම්' නම් කෙටි පණිවුඩ සේවාව තරුණ ඉතියෝපියානුවන් අතර ජනප්‍රිය අංගයක්ව ඇත. මේ අතර පසුගිය අඟහරුවාදා රට තුළ අන්තර්ජාලය ද තාවකාලිකව අවහිර කෙරුණු අතර බොහෝ ප්‍රදේශහි එය යථාතත්ත්වයට පත් කර නොමැත. මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම ඉතියෝපියාවේ එක ම විදුලි සංදේශ සේවා පහසුකම් සපයන්නා වන 'ඉතියෝ ටෙලිකොම්' ආයතනය ප්‍රතික්ෂේප කරයි. ඉතියෝපියාවේ මේ දිනවල පාසල් විභාග පැවැත්වෙන අතර, සමහරු පවසන්නේ එම නිසා අන්තර්ජාල සේවාවන් අවහිර කර ඇති බවය. එය 'විභාග වංචා වළක්වා ගැනීමට' ගෙන ඇති පියවරක් ලෙස ද සමහරු දකිති. 2016 සහ 2017 වසරවල ද රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවේ විභාග ප්‍රශ්න පිටවීම වැළැක්වීමට යයි පවසමින් රට තුළ අන්තර්ජාල අවහිර කෙරිණි. නමුත් පසුගිය වසරේ බලයට පැමිණි ප්‍රතිසංස්කරණශීලී අගමැති අබියි අහමඩ්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දුන් අතර වෙබ් අඩවි තහනම ඉවත් කළේය. ඔහු බලයට පැමිණීමෙන් පසු මෙවැනි අවහිරයක් පැනවුණු පළමු අවස්ථාව මෙයයි. නිල වශයෙන් රජය ඊට හේතු නොදක්වන බැවින් එය පෙර පැවති තත්ත්වය මතකයට නැගීමක් වැනිය. 2005දී ද ගැටලුසහගත මැතිවරණයකින් අනතුරුව කෙටි පණිවුඩ සේවාවන් වසර දෙකක් පමණ කාලයක් අවහිර කර තිබිණි. නමුත් මෙවර කෙටි පණිවුඩ සේවාව අවහිර කරන ලද්දේ සිසුන් හතර දෙනෙක් විභාගය අතරතුරදී වංචා කර හසුවීමෙන් අනතුරුවය. මෙම අවහිර කිරීම රට පුරා පැවැත්වෙන විභාග හා සම්බන්ධ නම් එය බදාදා (ජුනි 19) වන විට යථා තත්ත්වයට පත් විය යුතුය. ඉතියෝපියාවේ මෙවර විභාග අඟහරුවාදා නිම වීමට නියමිතය. නමුත් විභාග නොපැවැත්වුණ ද සති අන්තය තුළත් කෙටි පණිවුඩ සේවාවන් සක්‍රීය නොකිරීම ගැන ජනතාව ප්‍රශ්න කරති. පසුගිය සතිය පුරා අන්තර්ජාලය රාත්‍රියට පමණක් විටින් විට සක්‍රීය කෙරුණු අතර, අඩිස් අබාබා අගනුවර එය සිකුරාදා සවස් වරුවේ සිට ක්‍රියාත්මක වේ. නමුත් වෙනත් නගරවල අන්තර්ජාල පහසුකම් තවමත් සක්‍රීය කර නොමැත. අන්තර්ජාලය අවහිර කිරීම නිසා ඉතියෝපියානු ව්‍යාපාරිකයෝ අපහසුතාවන්ට මුහුණ දෙති. එය ඔවුන්ගේ දෛනික ආදායමට දැඩි ලෙස බලපා ඇත. කෙටි පණිවුඩ මගින් තොරතුරු ලබා ගන්නා ගොවියෙක් අන්තර්ජාලයට පිවිසීමට ඇති නිදහස ගැන අධීක්ෂණය කරන සංවිධානයක් වන 'නෙබ්ලොක්ස්' පවසන්නේ, ඉතියෝපියාව තුළ එක් දිනක් අන්තර්ජාලය අවහිර කළහොත් එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවය. මෙවැනි අවහිර කිරීම් තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය පිරිහෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි. අප්‍රිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම ජනගහනය සහිත රට වන ඉතියෝපියාවේ විදුලි සංදේශ සේවාව සම්පුර්ණයෙන්ම පාලනය වන්නේ රාජ්‍ය අංශය මගිනි. එබැවින් ඉතියෝපියානු පාර්ලිමේන්තුව, විදේශ ආයෝජකයන්ට ද එම අංශයට සහභාගී විය හැකි වන අරිදී පසුගිය සතියේ නව නීති සම්මත කර තිබේ. කියවන්න:
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බව නාවික විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබේ.
X-PRESS PEARL නෞකාවේ ගින්න නිවමින් කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක් සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව නාවික හමුදාව බීබීසී සිංහල සමග පැවසීය. X-PRESS PEARL නෞකාව X-PRESS PEARL නෞකාව මෙම නෞකාව ලෝකයේ ප්‍රධානතම පෝෂක ක්‍රියාකරු වන X-Press Feeders විසින් මෙහෙයවන ලද අතර එහි තෙල් ටොන් 3000ක් පමණ ඇති බව පැවසේ. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අඟහරුවාදා (මැයි 25) උදෑසන නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඉන් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු තුවාල ලද බවය. අද උදැසන කළ මෙහෙයුමකින් කාර්යමණ්ඩලයේ 25 දෙනාම නෞකාවෙන් ඉවත් කළ බවත් තුවාල වූ දෙදෙනා රෝහල් ගත කළ බවත් ඔහු පැවසීය. නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින් ගෙන් සමන්විත විණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සමග පැවසුවේ නෞකාවේ ගින්නේ ස්වභාවය අනුව නැව කොටස් දෙකකට කැඩීයාමේ අනතුරක් ඇති අතර එසේ වුවහොත් අවට සමුද්‍රීය පරිසරට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කළ බවය. "ගින්න තවමත් පැතිරෙමින් පවතිනවා. ගින්නේ ස්වභාවය නිසා අනෙකුත් ටග් බෝට්ටු එහෙම ලංවෙලා නෑ. ගින්න නිසා බහාලුම් මුහුදට වැටෙමින් තියෙනවා. උදේ වෙනකොට 10ක් විතර ගිනි ගැනීමෙන් වැටුණා. තවමත් ඒවා ඒ විදිහට වැටෙමින් පවතිනවා, නැවේ පිපිරීම් කිහිපයකුත් වාර්තා වුණා. ඒ නිසා නැවේ හිටපු නාවුකයන් කිහිප දෙනෙකු තුවාල වුණා. මේ නිසා නැවේ සියලුම දෙනාව ඉවත් කරන්න වුණා," යනුවෙන් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය. "මෙහිදී නැව නාවුක සැතපුම් 50ක් මුහුද දෙසට ඇදගෙන යන්න මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ." යැයිද ඔහු සඳහන් කළේය. X-PRESS PEARL නෞකාව එහෙත් මුහුදේ රළු ස්වභාවය හා පවතින අධික වර්ෂාව නිසා එම කාර්යයට බාධා එල්ලවී ඇති බවද ඔහු කියා සිටියේය. "තෙල් විසිරීමක් වෙන්න පුළුවන්, නැවේ ගින්න නිවීමට පාවිච්චි කරන ජලය නිසා රසායන ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජලය දුෂණය වෙනවා. දුම නිසා වායු දුෂණයක් වෙනවා ධීවර කර්මාන්තයට වන බලපෑම් තවම කියන්න බෑ ධීවර දෙපාර්තමේන්තුව එක්ක එය ඇගයීමට කටයුතු කරනවා," සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. එසේම අදාළ රක්ෂණ ආවරණ ලබාගැනීමට තම ආයතනය කටයුතු කරන බව ද ඔහු කීය. ජනතාවට අවවාදයක් මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළබඩ ජනතාවට උපදෙස් දෙයි. ඉන්දියානු සහය මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) වෛභව් නෞකාව ICG ඩෝනියර් ගුවන්යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවූ බවය.
පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ සම්මත කරන ලද අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ පනතට අත්සන් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදාකිරීම සඳහා වූ චාරිකාවේ තවත් ඉදිරි පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි. අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) පිහිටුවීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සම්මත කරන ලද නමුත් ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනය සම්මත කෙරුනේ මේ වසරේ ජුනි මාසයේදීය. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතට ජනාධිපතිවරයා අත්සන් තැබීම පිළිබඳව මේ වනවිටත් දෙස්, විදෙස් ප්‍රතිචාර පළවෙමින් පවතී. එය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් තැබූ ඉතා වැදගත් ඉදිරි පියවරක් බව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය උනා මැකෝලි (Una McCauley) පවසයි. ප්‍රතිචාර කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියගේ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාරය පළ කරන මානව හිමිකම් ක්‍රියාකාරිනී භවනි ෆොන්සේකා පවසන්නේ, පනතට අත්සන් තැබීම පිණිස වසරක පමණ කාලයක් ගත වූ ආකාරයටම කාර්යාලය පිහිටුවීම ඇතුළු යාන්ත්‍රනය ක්‍රියාවට නැගීමේ අනෙක් කටයුතු ද ප්‍රමාද නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය. ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා එයට අත්සන් තැබීම යහපත් පියවරක් බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම පිණිස මෙතෙක් සිදු කළ එකම කටයුත්ත කොමිෂන් සභා පිහිටුවීම පමණක් බව පවසන බ්‍රිටෝ ප්‍රනාන්දු, එබැවින් ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි යන්න පිළිබඳව සත්‍යය සෙවීම සඳහා පමණක් හෝ කාර්යාලයක් පිහිටුවීම අගය කළ යුතු බවත් කියා සිටියේය. යෝජිත ආයතනය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට ඇතුලත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඊට ඉහතදී සඳහන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා 'දඩයම් කිරීමේ ක්‍රියාදාමයක' කොටසක් ලෙසින් විග්‍රහ කර තිබුණි.
කාන්තා මත්පැන් තහනමට එරෙහිව ක්‍රියාකාරිනියන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරනු ලබන ස්ථානවල සේවය කිරීමට අවකාශ සලසා දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කටයුතු කළහ. නමුත් මෙම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කාන්තාවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම පිළිබඳ පැවති දීර්ඝ වාද විවාද වලින් පසුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවසර දුන්හ. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් 2019 පෙබරවාරි මස 06 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළේය. මේ තොරතුරුද දැනගන්න: මෙහිදී පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන සඳහන් කර සිටියේ කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ විකුණනු ලබන ස්ථානවල සේවය කිරීමට අවස්ථාව සලසා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැණි බවය. "මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම තුළින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වීමක් සිදු වෙනවා. මත්පැන් නිෂ්පාදන කටයුතුවල නිරත සමාගම් තුළ කාන්තාවන් විශාල පිරිසක් රැකියාවල නිරත වී සිටිනවා. රජයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් කාන්තාවන් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා," යැයි ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙත්සම්කාරියන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය. පෙත්සමට එරෙහිව කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ මෙම ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇති හෙයින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවය. කෙසේවෙතත්, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව පෙත්සම විභාග කිරීම සඳහා අනුමැතිය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පාර්ශවයන්ට නියම කරන ලදි. 'කාන්තා මත්පැන් තහනම' මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව මුදල් ඇමති මංගල සමරවීර පසුගියදා නිවේදනය කළේය. කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව ඒ අවස්ථාවේ රජය පැවසීය. තවත් තොරතුරු: නමුත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පසුව පියවර ගත්තේය. ඉන් අනතුරුව නිශාන්ති බණ්ඩාරනායක, එම්ඩීජේබී ප්‍රනාන්දු, සමන්මලී ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්රිනා එසුෆාලි, ෂාරන්‍යා සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ සහ විශාඛා පෙරේරා තිලකරත්න යන කොළඹ නගරයේ පදිංචි කාන්තාවන් එකොළොස් දෙනෙක් ඉහත කී ගැසට් නිවේදනය අවලංගු කිරීමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. කැබිනට් මණ්ඩලයේ එම තීරණය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර කාන්තාවන්ට සමාජය තුළ සමාන ආකාරයෙන් කටයුතු කිරීමට තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කාරියන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහතෙන් දොළහක නාය යාමේ අවදානම සහිත ස්ථාන 210 ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානම් පර්යේෂණ කාර්යාලය පවසයි.
පුපුරා ඉරි තැලී ගිය ගොඩනැගිල්ලක් දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන 576 ක් පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව කණ්ඩායම් අටක් යොදවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථාන අතරින් නාය යාමේ අවදානම පවතින්නේ ස්ථාන 210 ක පමණක් බව හඳුනා ගන්නා ලද බවත් එම කාර්යාලය පවසයි. ඒ අතරින් අවදානම සහිත ස්ථාන 58 ක් හඳුනාගෙන තිබෙන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. රත්නපුර යේසු කන්‍යාරාම ජාතික පාසලේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිලි ද නාය යාමේ අවදානමට ලක්ව පවතී කොළොන්න, ගොඩකවෙල, වැලිගෙපොල, ඇඹිලිපිටිය සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාමේ අවදානම් සහිත බව සැලකෙන ස්ථාන 21ක් වාර්තාවී තිබුණ ද මෙතෙක් කළ පරීක්ෂණවලින් එය සනාථ වී නැති බවත් දිස්ත්‍රික් කාර්යාලය පවසයි. කන්‍යාරාමයේ ප්‍රාථමික අංශය මේ අතර රත්නපුර නගරයේ පිහිටි යේසු කන්‍යාරාම ජාතික පාසලේ ගොඩනැගිලි තුනක් නායයාමේ අවදානමක් පවතින බැවින් අඟහරුවාදා (ජුනි 06) සිට පාසල තාවකාලිකව වසා දැමූ බව සබරගමු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය. පාසලේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිලි සහ මෑතකදී ඉදිකළ ගොඩනැගිලිවල තිබූ පිපිරීම් පළල් වී ගොඩනැගිලි ඇලවී ඇති බව මව්පියෝ පවසති. වසා දැමුණු ප්‍රාථමික අංශයේ සමාන්තර පන්ති 12ක් මේ අවදානමට ලක්ව පවතී. පාසලට යාබද දේවස්ථානයේ වසා තිබෙන ගොඩනැගිලි දෙකක තාවකාලිකව මෙම පන්ති පවත්වන මෙන් මව්පියෝ ඉල්ලා සිටිති එම පන්ති පැවැත්වීම සඳහා විකල්ප ස්ථානයක් නැති බැවින් පාසල් පරිපාලනය විශාල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පාසලට යාබද දේවස්ථානයේ වසා තිබෙන ගොඩනැගිලි දෙකක තාවකාලිකව මෙම පන්ති පවත්වන මෙන් මව්පියෝ ඉල්ලා සිටිති. අධාපන බලධාරින් පැවසුවේ එම ඉල්ලීම පිළිබඳව දේවස්ථානයේ භාරකරුවන් සමග සාකච්ඡා කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති. ශිෂ්‍යාවන් 2100 පමණ අධ්‍යාපනය හදාරන මෙම පාසලේ ශිෂ්‍යාවන් 820 කගේ පමණ පොත්පත්, ඇඳුම්, පැළඳුම් සහ සපත්තු ආදී පාසල් උපකරණ ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති බව විදුහල්පතිනී පීජීඑස් ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට කියා සිටියාය. ශිෂ්‍යාවන් 820 කගේ පමණ පොත්පත්, ඇඳුම්, පැළඳුම් සහ සපත්තු ආදී පාසල් උපකරණ ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති බව විදුහල්පතිනිය පවසයි
මැලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ සිට බේජිං බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානය සෙවීමේ හා බේරා ගැනීමේ ජාත්‍යන්තර මෙහෙයුමක් සෙනසුරාදා රැය පුරාම ක්‍රියාත්මක කෙරෙමින් තිබිණ
මගීන් අතරින් වැඩි දෙනෙක් චීන ජාතිකයන් සනාථ නොකළ වාර්තා පවසන්නේ මෙම බෝයින් 777 වර්ගයට අයත් යානය වියට්නාමය අසල මුහුදට කඩා වැටී ඇති බවයි. මැලේසියාව සහ වියට්නාමය අතර විශාල මුහුදු කලාපයක් ආවරණය කෙරෙන මට්ටමින් සෝදිසි මෙහෙයුම පෙරට යමින් පවතින බවයි වාර්තා වන්නේ. යානය සොයා ගැනීම සඳහා වියට්නාමය, මැලේසියාව සහ චීනයට අයත් නැව් සහ ගුවන් යානා මගින් සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන අතර,එම මෙහෙයුම සම්බන්ධීකරණය කරනු ලබන්නේ සිංගප්පුරුව විසිනි. පළමු මෙහෙයුමෙන් යානය ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වූ හෙයින්,නාවික යාත්‍රා සහ හෙලිකොප්ටර් ඇතුලත් දෙවන මෙහෙයුම් කණ්ඩායමක් ද යැවූ බවයි මැලේසියානු හමුදාව පවසන්නේ. අතුරුදහන් යානය ආරක්ෂක ප්‍රමිතිය අතින් යහපත් වාර්තාවක් තිබුන යානයක් බවයි පැවසෙන්නේ. මැලේසියා ගුවන් සේවයට අයත් යානයකට සිදුවූ දරුණුතම අනතුර හැටියට වාර්තා වී තිබුනේ මගීන් සියයක් මරණයට පත් වූ 1977 ගුවන් අනතුරයි. අලුත් සිද්ධිය ගුවන් යානයේ අනතුරක් හැටියට තහවුරු කෙරුනොත්, එය මෙයින් අවුරුදු 19කට පෙර බෝයින් ගුවන් සේවා ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව වාර්තා වූ බරපතලම අනතුරටත් වඩා දරුණු අනතුර බවට පත් වනු ඇත. සිය දකුණු මුහුදේ කිලෝ මීටර් පහළොවත් විස්සත් තරම් දුරක විහිද ඇති තෙල් පැල්ලමක් දක්නට ලැබෙන බව වියට්නාම් නිලධාරීහු පවසති.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අනෙකුත් සැක කරුවන්ට තිබෙන අයිතිවාසිකම් තමන්ට ද පොලිසිය තුළදී ලබා දෙන මෙන් ලිංගික ශ්‍රමිකාවියක් ඉල්ලා සිටින්නීය.
රත්නපුරේ මහේෂ්වරී පොලිසියෙන් ආයාචනය කරන්නේ අනෙකුත් වැරදි කරුවන් දෙස බලන ආකාරයටම තමන් ඇතුළු සියලුම ලිංගික ශ්‍රමිකයන් දෙස ද බලන ලෙසයි. ‘ඕනෑම කෙනෙක් වැරදි කරනවා. ඒකට දඬුවම දෙන්න. අපිවත් ඒ රාමුවෙන් ම බලන්න. අපිව ඉතාමත් පහත මට්ටමට දාන්න එපා. අපිත් මනුස්සයෝ. වැරදි කළාම අත්අඩංගුවට ගන්න එක සාධාරණයි. ඒත් අනෙක් වැරදිකරුවන් දෙස බලන විදියටම අප දෙසත් බලන්න.’ 'ගණිකාව කරන්නේ පොලිසියෙන්' ලිංගික ශ්‍රමික කාන්තාවන් බොහෝ අවස්ථාවල දී පොලිස් අත්අඩංගුවට පත් වන ආකාරය ඇය පැහැදිලි කළේ පොලිසියට චෝදනාවක් ද එල්ල කරමින්. ‘පොලිසියෙන් එන්නේ අපිව අරගන්න. වැඩ කරලා ඉවර වුනාම කියනවා මම පොලිසියෙන් කියල. ඇත්තටම ඉස්සෙල්ලාම කාන්තාව ගණිකාව කරන්නේ පොලිසියෙන්. ඒ අය ඉඳලනෙ අපිව ගෙනියන්නේ. කාමරේකට ගෙනිහිල්ලා අපේ ශරීරය චෙක් කරනවා. උසාවියට ගෙනිහින් තව දාහකට පෙන්වනවා මෙයා ගණිකාවක් කියල.’ (හඬ පටයට සවන් දෙන්න.) පොලිසියට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරමින් පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ පැමිණිල්ලක් ලැබුනොත් එම නිලධාරියාට එරෙහිව කටයුතු කරනු ඇති බවයි. ලිංගික ශ්‍රමිකයන්ටත් මානව අයිතීන් තියෙනවා. දුප්පත් කාන්තාවටම වරද පටවන්න බැහැ. මේක විවෘත ආර්ථිකය තුළ සිදුවන සමාජ පාපයක්. -නීතීඥ ලක්ෂාන් ඩයස් 'අපි දෙයියොද?' ඇය දෙස වපර ඇසින් බලන සමාජය දෙස ඇය බලන්නේ මේ අයුරින්. ‘පන්සලකට යන්නෙත් බයෙන්. කෝවිලකට ගියත් අන්න අර ගෑනි කෝවිලට ඇවිල්ල කියනවා. දෙයියෝ ගාව නෙවෙයි ඇස් තියෙන්නේ. අපි දෙයියොද? අපි දිහා ඇස් දෙක තියෙන්නේ. එහෙම බලන්න එපා. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්.’ 'අපේ දරුවන්' ‘දුප්පත් කම නිසයි ගණිකාවක් වෙන්නේ. අපේ දරුවන්ට ඉස්කෝලෙදී හිරිහැර වෙනවා. අද බම්බලපිටියේ, කොල්ලුපිටියේ වැල්ලවත්තේ වෙරළ අයිනේ ළමයි කොච්චර ඉන්නවද. ඒ අය එක්කෝ කෝච්චියට යට වෙනවා. නැත්නම් මුහුදට බිලි වෙනවා. එක්කෝ තවත් මිනිහෙකුට යට වෙනවා. අපිට වැරදුනාට ළමයින්ට වරදින්න හොඳ නැහැ.’ මේ අතරතුර ලිංගික ශ්‍රමිකාවියන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නීතීඥයන් පිරිසක් සංවිධාන ගත වී සිටිති. පොලිසියේ දී මුලික අයිතීන් උල්ලංඝනය කළ අවස්ථා කිහිපයක් පිළිබඳව අධිකරණය වෙත යාමට කටයුතු කකරමින් සිටින බවයි මානව හිමිකම් නීතීඥ ලක්ෂාන් ඩයස් බීබීසීයට කියා සිටියේ. හඬ පටය අමුණා ඇත.
මෙවර ජනාධිපතිවරණයේදී ප්ලොට් සංවිධානයේත්,ශ්‍රී ටෙලෝ සංවිධානයේත් සහය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලැබෙන බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සදහා මෙහෙයුම් කාර්යාලයක් අද සෙනසුරාදා වවුනියාව නුවර පාරේ තේක්කවත්ත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. වවුනියාවේ දේශපාලන කටයුතු වලදී ප්ලොට් සංවිධානය නගර සභාවේ බලය පවා හිමිකරගෙන සිටි බව කී අමාත්‍යවරයා ශ්‍රී ටෙලෝ සංවිධානය පසුගිය මැතිවරණ කිහිපයකදී රජයට සහාය ලබා දීමට එක් වූ බවද සිහිපත් කළේය. පෙර මැතිවරණ වලදී නාම යෝජනා බාරදීමට යුද ටැංකි වල ආධාරයෙන් වවුනියාවට පැමිණි බව සදහන් කළ අමාත්‍යවරයා විශාල පිරිසකට යළිත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට වුවමනාවක් ඇති බවද කියා සිටියේය. ප්ලොට් ටීන්ඒ සමග සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කී පරිදිම ප්ලොට් සංවිධනයේ සහය රජයට ලබා දෙන්නේදැයි වන්නි දිස්ත්‍රික්කයේ ප්ලොට් සංවිධායක කන්දයියා බවන්ගෙන් බී.බී.සී.සන්දේශය විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ප්ලොට් සංවිධානය දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කරණ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බැවින් තමන්ට සහාය දැක්විය හැක්කේ දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා පොදු තීරණයකට පමණක් බවයි. ප්ලොට් සංවිධානය අතහැර ගිය කීප දෙනෙකු මේ අවස්ථාවේදී රජයට සහය දක්වන නමුත් එය සමස්ථ ප්ලොට් සංවිධානයම දක්වන සහයෝගයක් නොවන බවද ප්ලොට් නායකයා කියා සිටියේය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ටෙලෝ සංවිධානය සහය දක්වන්නේ කාහටදැයි විමසූ විට එහි නායක කේ.උදයරාසා පැවසුවේ තමන් ඇතුලු කීපදෙනෙකු ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත් සමග කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකදී ශ්‍රී ටෙලෝ සංවිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදීමට එකග වූ බවයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ සංවිධානය පවසන්නේ තමන් කටයුතු කරණු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය සමඟ බවත්, දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න මෙතෙක් තීරණය කොට නොමැති බවත්.
මුස්ලිම් ජනතාව මහ ඇමති ධුරය මුස්ලිම් කොන්ග්‍රසයට දිය යුතුය කියා ඉල්ලා සිටින්නේ නම් එසේ කිරීමට තමන් සූදානම් යැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ තම සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමග එක්ව නැගෙනහිර පළාතේ පාලන බලය පිහිටුවීමට තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊයේ රාත්‍රී දෙමළ ජාතික සන්ධානය මුණ ගැසී සාකච්ජා කරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පොරොන්දුවුවත් එකී හමුව සිදුවී නොමැත. මැතිවරණයේදී රජයට විරුද්ධව අදහස් පල කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය බවත් ඒ හේතුවෙන් මුස්ලිම් ජනතාව ඔවුන්ට විශාල වශයෙන් ජන්දය ලබා දී ඇති බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය. පළාතේ මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාව රජය සමග එක්වීම නොව දෙමළ ජාතික සන්ධානය සමග එක්ව පළාත් සභාවක් පිහිටුවාලීම බවයි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ. දෙමළ ජාතික සන්ධානය විසින් මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන ලදී. යුද හමුදා බුද්ධි අංශ ලවා දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනාට බලපෑම් කොට ඔවුන් ආණ්ඩුවට ගැනීමට උත්සාහ දරා ඇති බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ. "බුද්ධි අංශයේ අය ඔවුන් හමුවී තිබෙනවා. රජයට සම්බන්ධවන ලෙස ඉල්ලා තිබෙනවා. කොළඹින් ගෙවල්, වාහන සහ මුදල් කෝටි ගණනින් ලබා දෙන්නත් කොන්ත්‍රාත් ලබා දෙන බවත් පවසා තිබෙනවා," යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රී වරයා තවදුරත් පැවසුවේය. සබැඳි තේමා
ජනාධිපති කොමිසමක නිර්දේශ සම්බන්ධයෙන් නැවත යුද හමුදා මතය විමසීම මගින් ආණ්ඩුව ජාත්‍යන්තර බලවතුන් හමුවේත් රට හමුවේත් දුන් පොරොන්දු බිඳ දැමීමට සැරසෙන බව ප්‍රධාන විපක්ෂය පවසයි.
හමුදාකරණයේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවන බව එජාපය පවසයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට ඒ බව පැවසුවේ, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව ද තවත් වාර්තාවක් එලි දැක්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. "උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා" එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දූත මණ්ඩලය යුද හමුදා වාර්තාව පිළිබඳව සිය විමතිය පළ කළ බවයි, දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රී වරයා සංදේශයට කියා සිටියේ. මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තා ක්‍රියාත්මක නොකිරීමට රජයේ ඇති සූදානම බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය. "උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා," ඔහු පැවසීය. උතුරේ පමණක් නොව දකුණේ ද දැන් හමුදාකරණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ද යන්න ගැන බරපතල සැකයක් මතුවන බව පවසන එජාප මහ ලේකම්වරයා, මෙහි අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවීම අසාධාරණ නොවන බව ද පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් සනාථ කළේය.
තමන් සමුළුවට සහභාගි වන බව ශ්‍රී ලංකා සංචාරයේදීද ඇමතිවරයා සනාථ කළේය විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ, සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතික යෝජනාවක් සම්මත කිරීමෙන් දින කිහිපයකට පසුවයි. ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, තමන් සහභාගි වන බව පමණක් තමන්ට ස්ථිරවම කිව හැකි බවයි. කරුණානිධිගේ අප්‍රසාදය කෙසේ නමුත් අගමැති මන්මෝහන් සිං, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි සමුළුවට සහභාගි වන්නේද යන්න තවමත් ප්‍රකාශ කොට නැති අතර, ඔවුන් සහභාගි නොවන්නේ නම් ඉන්දීය දූත මණ්ඩලයේ නායකත්වය දරනු ලබන්නේ විදේශ අමාත්‍යවරයා විසින්ද යන්න පිළිබඳවත් සල්මාන් කුර්ශිඩ් කිසිවක් සඳහන් කළේ නැහැ. අමාත්‍යවරයාගේ එම තීරණය පිළිබඳව ඉන්දීය සභාග රජයේ හිටපු හවුල්කාරයකු වූ තමිල්නාඩු විපක්ෂ නායක මුතුවේල් කරුණානිධි තම අප්‍රසාදය පළ කොට තිබේ. පසුගියදා ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදුන විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් අගමැති මන්මෝහන් සිංට ආරාධනා කළ නමුත්, සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න අගමැතිවරයා එහිදී ශ්‍රී ලංකා අමාත්‍යවරයාට දැනුම් නොදුන්නේය. පසුගිය සතියේ තමිල්නාඩුවේ විපක්ෂනායක එම් කරුණානිධි වෙත ලිපියක් යැවූ අගමැති මන්මෝහන් සිං, සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පල වන අවධානය සැලකිල්ලට ගන්නා බව සඳහන් කොට තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ.
ජනාධිපතිවරණයට ඉලක්ක විය හැකි, පාප් වහන්සේගේ ඡායාරූපය සහිත ප්‍රචාරක පුවරු සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා පවසයි.
පාප් වහන්සේ දේශපාලන වේදිකාවට ගෙන ගියේ නැහැ -නියෝමාල් වතිකානය, ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කතෝලික බැතිමතුන් ඉල්ලා සිටි ආකාරයටම පාප් වහන්සේගේ සංචාරය දේශපාලන වේදිකාවට ගෙන ගොස් නැති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ. ‘පුවත්පත්වල පළවුණේ මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර ගත් ඡායාරූප. ඒවා මැතිවරණ කටයුතු ප්‍රකාශ කිරීමට පෙර ප්‍රදර්ශනය කළ පුවරු. මැතිවරණය ඉලක්ක කර ගෙන ගහපු ප්‍රචාරක ඵලක නොවෙයි.’ බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කීවේය. වතිකානය පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වතිකානයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මැතිවරණ ආතතිය අතරවාරයේ සිදු වන පාප් වහන්සේගේ සංචාරය මතභේදයට ලක් වූ නමුත් වතිකානයේ නියෝජිත පිරිස සංවිධාන කටයුතු පිළිබඳව සෑහීමකට පත් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණයකින් පසු සාමකාමී වාතාවරණයක් පවත්වා ගෙන යා හැකි බවට වත්මන් පාලනය අතීතයේදී ඔප්පු කර ඇති නිසා පාප් වහන්සේගේ සංචාරයට ජනාධිපතිවරණය බාධාවක් නොවන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කියා සිටියේ.
වසර 50 පෙර ඉන්දියාවෙන් සොරාගෙන යන ලද බුද්ධ ප්‍රතිමාවක් එරට 72 වෙනි නිදහස් දිනය වෙනුවෙන් යළි එරටට භාර දී තිබේ.
බුද්ධ ප්‍රතිමාව ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයකි ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස සැලකෙන එම පුරාවස්තුව නිදහස් දින සමරුවේ එක් අවස්ථාවක් වශයෙන් ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දෙන ලදී. අදාළ ලෝකඩ බුදු පිළිමය නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇති නාලන්දා හි පිහිටි ඉන්දීය පුරාවිද්‍යාත්මක සමීක්ෂණ කෞතුකාගාරයෙන් 1961 වසරේ සොරාගෙන යන ලද පිළිම 14න් එකකි. අලෙවිය සඳහා ලන්ඩනයේ වෙළෙන්දෙකුට ලැබීමට පෙර එය කිහිප වාරයක් ම අතින් අතට මාරුවෙමින් ගොස් ඇත. එහෙත්, සිංගප්පුරුවේ වෙසෙන, ඉන්දීය උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු හා 'ඉන්ඩියා ප්‍රයිඩ් ප්‍රොජෙක්ට්' නම් ව්‍යාපෘතියක සමාරම්භකයෙකු වන විජේ කුමාර් මෙය හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළේය. මේ ඒ පිළිබඳ තොරතුරුය. පිළිමය හඹා යාම "ඉතා කල් ඉකුත්වූ මේ සිදුවීම ගැන සොයා බලන්න ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළ විශ්‍රාමික අධ්‍යක්ෂවරයෙක් පසුගිය ජනවාරි මාසයේදී මගේ උදව් ඉල්ලුවා. පිළිමයට අදාළ ඡායාරූප වගේම අනෙකුත් වාර්තා මා අත පත් කළා" යැයි විජේ මේ සිදුවීම ආවර්ජනය කළේය. ඒ අනුව, තමන් හඳුනන යුරෝපයේ වෙසෙන උරුමයන් පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් වෙත WhatsApp හරහා අදාළ ඡායාරූප සහ තොරතුරු ඔහු විසින් බෙදා හරිනු ලැබීය. "2018 මාර්තු මාසයේදී වෙළෙඳ සල්පිලකදී මේ පිළිමය හඳුනාගත්තේ කලා ශිල්පවලට එරෙහි අපරාධ පිළිබඳ පර්යේෂණ සංගමයේ ලින්ඩා ඇල්බර්ට්සන්. නෙදර්ලන්තයේ සිටින ලන්ඩන් අලෙවිකරුවෙක් එය විකිණීම සඳහා එහි එක් කර තිබුණා." යැයි කී විජේ කුමාර්, "මගේ අතේ තිබු පැරණි ඡායාරූප සමග ගැලපීමෙන් පස්සේ එම අලෙවිකරු හා පොලිසිය ඇමතුවා" යැයි සඳහන් කළේය. ප්‍රතිමාව සොයාගැනීම සඳහා, උරුමයන් පිළිබඳ විශේෂඥ පිරිසකට විජේ කුමාර් WhatsApp පණිවිඩ යැවීය ප්‍රතිමාව ඩොලර් 45,000 ට මිල නියම කර තිබිණි. එහෙත්, මේ සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු නොකෙරුණු අතර මීට පෙර හිමිකරුවන් ගැන කිසිදු තොරතුරක් බලධාරීන් විසින් හෙළිකරනු නොලැබීය. "අලෙවිය සඳහා එය තැබූ අලෙවිකරු හෝ ප්‍රතිමාවේ දැන් හිමිකරු අපරාධයක් කර නැති බව අපි තහවුරු කරගත්තා." යැයි ලන්ඩන් නාගරික පොලිසියේ කලා සහ පුරාවස්තු ඒකකයේ රහස් පරීක්ෂණ කොස්තාපල්වරියක වන සොෆී හේස් සඳහන් කළාය. කලා ශිල්ප අදාළ අපරාධවලට වැරදිකරුවන්වීම දුලබය එක්සත් රාජධානිය තුළ, කලා ශිල්පවලට අදාළ අපරාධ සඳහා වැරදිකරුවන් වීම ඉතා දුර්ලභ ය. වසර 15 ට ඉහතදී, 2003 සංස්කෘතික භාණ්ඩ පිළිබද ක්‍රියාත්මකවීම (වැරදි) පිළිබඳ පනත ක්‍රියාත්මක වූ තැන සිට මේ දක්වා සාර්ථකව වැරදිකරු කරනු ලැබ ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි. නමුත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුළ ගනුදෙනු වේ. මෙම බුදූ පිළිමය උසින් සෙන්ටිමීටර 20 ට නොවැඩි ය. විශාල පිළිම මෙන් නොව කුඩා සංස්කෘතික භාණ්ඩ පහසුවෙන් ගෙන යා හැකි අතර පොලිසියේ හා රේගු බලධාරීන්ගේ ඇසින් නිතර ගැලවී යයි. "මේ ප්‍රතිමාව සමග සොරාගෙන ගිය තවත් පිළිම දෙකක් ඇමෙරිකාවේ කෞතුකාගාර දෙකක ඇති බව අපි සැක කරනවා." විජේ කුමාර් "මේ බුදු පිළිමය ප්‍රතිස්ථාපනය කළාට පසු වඩා සවිමත්ව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකිවේවි කියල අපි හිතනවා." යැයි විජේ කුමාර් පැවසීය. නාලන්දාවෙන් සොරාගන්නා ලද අනෙකුත් පිළිම 10 කොතැනක වේදැයි යන්න තවමත් නොදන්නා බව ඔහු කියා සිටියේය. නාලන්දා, සියවස් ගණනාවක සිට බෞද්ධ අධ්‍යාපනයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විණි. ඉන්දීය විහාරාරාමවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇත. කීර්තියට පත් නාලන්දා විශ්ව විද්‍යාලය ආක්‍රමණිකයින් විසින් විනාශ කරනු ලැබුවේ 1193 දීය. ක්‍රියාකාරීන් පෙන්වාදෙන පරිදි ගෙවීගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ ප්‍රකට විහාරාරාම හා ස්මාරකවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇති අතර ඉන් 100 ත් අඩු ප්‍රමාණයක් වෙනත් රටවලින් යළි සොයාගෙන තිබේ. එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා "කිසියම් දෙයක් යම් තැනකින් සොරාගන්නා ලදුව දැන් එක්සත් රාජධානියේ කිසිවකු හෝ කිසියම් ආයතනයක් සන්තකයේ තිබෙන බවට අපට විශේෂිත තොරතුරු ලැබුණොත් ඒ පිළිබඳ අප වහාම ක්‍රියාත්මක වෙනවා" යැයි එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා පැවසීය. ඉන්දියාව තුළ වාර්තාගතකර තබාගැනීම ප්‍රශ්නගත කරුණක් ලෙස තවමත් පවතී. තමන් සතු සංස්කෘතිකමය භාණ්ඩ පිළිබඳ ලේඛනයක් තබාගැනීමට බොහෝ ඓතිහාසික පුජ්‍ය ස්ථානවලට නොහැකිව ඇත. ඓතිහාසික හා සංස්කෘතිකමය වටිනාකමක් ඇති සියලු භාණ්ඩ ඡායාරූප සමග ලේඛනගත කෙරෙන්නේ නම් එය වඩා වැදගත්වනු ඇත. "අප සතුව කුමක් තිබෙන්නේ දැයි යන්න ගැන යහපත් වාර්තා පවත්වා නොගන්නේ නම් අධිකරණයේදී එය අපගේ යැයි තහවුරු කරන්නට බැහැ" විජේ කුමාර් පවසයි. සොරාගන්නා ලද තවත් පුරාවස්තුවලට අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඉන්දීය නිලධාරීන් මෙන්ම ලන්ඩන් නාගරික පොලිසිය බීබීසී වෙත තහවුරු කළ ද, ඒ පිළිබඳ වැඩි තොරතුරු හෙළි නොකළහ. 2001 වසරේදී බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් සොරාගන්නා ලද 12 වෙනි සියවසට අයත් ප්‍රතිමාවක් ලන්ඩන් නාගරික පොලිසිය විසින් 2016 දී සොයාගන්නා ලදී. පසුව එය ඉන්දීය බලධාරීන් අතට පත් කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත්ව වසරක් ඉකුත්වීම නිමිත්තෙන් උත්සව සහ ජාතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ.
පදවි ප්‍රාප්තියෙන් වසරක් ගතවෙද්දී ජනපතිවරයාට බොහෝ ප්‍රශංසා පළ වන අතර, පොරොන්දු ඉටු නොකළ බවට විවේචනද එල්ල වේ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිතිකොට 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' මැයෙන් සිකුරාදා සහ සෙනසුරාදා උත්සව ගණනාවක් පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වසරක කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇනහිටි බව සහ විදේශ බලවේගවලට නතු වූ බව පවසමින් විරුද්ධ පක්ෂ විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' වර්ෂ පූර්ණ ජාතික උත්සවය සිකුරාදා සවස කොළඹ බණ්ඩාරනායක, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේද සහභාගිත්වයෙන්. අනපේක්ෂිත පොදු අපේක්‍ෂකයා ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි උත්සවයේ ආරාධිත දේශකයායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි විසින් එම උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කළේය. ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජනපතිවරණයට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි එවකට මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන, ජනපතිවරණයේ විරුද්ධ පක්ෂ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූයේ බොහෝ දෙනා මවිතයට පත්කරමින්. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ විරුද්ධ පක්ෂ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් කොටස්ද පොදු අපේක්ෂකයාට සහාය දීමට ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින පැවැත්වුණු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් රාජ්‍ය නායකයා බවට පත්වීමට ඔහු සමත්විය. 'විදේශීය බලපෑම්' මැතිවරණ දිනයේ භීෂණයක් මතුවනු ඇතැයි පළ වූ අවධානය හමුවේ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ කුරුණෑගල මිතුරෙකුගේ නිවසේ එදින රාත්‍රිය ගත කළ බවයි, ජනාධිපතිවරයා පසුව බීබීසී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේ. කෙසේ නමුත් මැතිවරණය දිනයේ කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ අතර, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන්ට මෙන්ම පොලිසියටද දෙස් විදෙස් ප්‍රණාමය හිමිවිය. ජීවිතාරක්ෂාව පිණිස මිතුරෙකුගේ නිවසේ මැතිවරණ දින රාත්‍රිය පහන් කළ බව ජනාධිපතිවරයා සංදේශයට පැවසීය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් පරාජය පිළිගෙන ඉවත්ව යාම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රශංසා කර තිබුණි. එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව මැතිවරණයට බලපෑම් කළ බවයි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ. මේ අතර පරාජය වුවත්, කුමන්ත්‍රණකාරී ලෙසින් බලයේ රැදී සිටීමේ උත්සාහයක් දියත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මීට ඉහතදී සංදේශයට පැවසූහ. අදාළ කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ මූලික විමර්ශන අවසානයේ නීතිපති නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මෑතදී සඳහන් කොට තිබුණේ.
දකුණු අප්‍රිකානු රජයේ උප ජනාධිපති සිරිල් රමපෝසා ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් අනුව දිවයිනට පැමිණ සිටිති.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට මැදිහත්කරුවකු ලෙස දකුණු අප්‍රිකානු රජය සම්බන්ධ කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජය මෙන්ම දෙමළ ජාතික සන්ධානයත් දකුණු අප්‍රිකාව සමග සාකච්ඡා පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සහ දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවක් නැති බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසී සංදේශයට ප්‍රකාශ කර තිබුණත්,අද සඳුදා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකානු උප ජනතිපතිවරයා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ දේශපාලනඥයන් සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි. දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිතයා ද වන සිරිල් රමපෝසා එරට මාධ්‍යයට පවසා තිබුනේත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට උදව් කිරීම සිය සංචාරයේ අරමුණ බවයි. විදේශ ඇමතිවරයා හමුව කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා අතර හමුවක් අද සඳුදා පැවැත්වුණු නමුත් ඊට ඇතුළත් කරුණු පිළිබඳව දවස ඇතුළත මාධ්‍යයට වාර්තා නොකෙරිණ. දෙමළ ජාතික සන්ධානය නායකයන් සමග හෙට අඟහරුවාදා කොළඹදී සාකච්ඡාවකට සහභාගී වන දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා ඉන් පසු යාපනයේදී උතුරේ මහ ඇමති සී.වී.විගනේශ්වරන්ද හමුවීමට නියමිතයි. ඉන් අනතුරුවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඔහු විශේෂ සාකච්ඡාවකට සහභාගී වන්නේ. ආණ්ඩුව තුළින් විරෝධයක් මේ අතර දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වකර ඇතැම් දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම පිණිස දකුණු අප්‍රිකාව ඇතුළු විදේශීය රටවල සහාය පැතීම අනවශ්‍ය බවයි අමාත්‍ය විමල් වීරවංශ කොළඹ පැවැත්වුන විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ. " ජනාධිපතිතුමා සමඟ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීම ගැන අපි විරුද්ධ නැහැ, නමුත් අපි කියන්නේ ආණ්ඩුව හා දෙමළ සන්ධානය අතර බලය බෙදීම ගැන හෝ එවැනි සාකච්ඡාවකට පහසුකම් සපයන්නෙකු හැටියට හෝ අන්තර්ජාතික පාර්ශවකරුවකු හැටියට දකුණු අප්‍රිකාව පත් කර නොගන්නා ලෙසයි " දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැති බව පැවසූ අමාත්‍යවරයා එම රට මෙම ප්‍රශ්නයට මැදිහත් කරුවෙකු බවට පත් කර ගැනීම මගින් ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය සමනය කර ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවයි කියා සිටින්නේ.
පැපුවා නිව්ගිනි ඔස්ට්‍රේලියානු රැඳවුම් කඳවුර නිල වශයෙන් වසා දමා දින දෙකක් ඉක්ම යද්දීත් ඉන් පිටවීම ප්‍රතික්ෂේප කරන දේශපාලන රැකවරණ පතන්නන් ජලය සොයා ගැනීම සඳහා කඳවුරු භූමියේ ළිං කණිමින් සිටී.
පොළොව හාරා පිරිසිදු ජලය සොයමින් මැනුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින 600 පමණ වූ පිරිස ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කරන්නේ බැහැර ගිය විට තමන් ප්‍රහාරවලට ලක්වෙනු ඇතැයි බියෙනි. මේ අතර ඔස්ට්‍රේලියානු රැදවුම් මධ්‍යස්ථානයේ සිටින සරණාගතයින්ගෙන් 150 දෙනෙකු තමන් භාර ගැනීමට කැමති බව නවසීලන්තය යළි යළිත් කරන ඉල්ලීම ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නැවතත් ප්‍රතික්ෂේප කරයි. බෝට්ටු මගින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් ඔස්ට්‍රේලියාව විසින් රඳවනු ලැබුවේ පැපුවා නිවිගිනි දේශයට අයත් මැනුස් දූපතේ සහ තවත් පැසිෆික් සාගර කලාපීය දුපතක් වන නාවුරු හි ය. මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථාවට අනුකුල නොවන බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග අඟහරුවාදා (ඔක් 31) ඔස්ට්‍රේලියාව ඉන් ඉවත්විය. ඒ අනුව, පැපුවා නිව්ගිනි හි දැනට සිටින පුද්ගලයින්ට (ඉන් බොහෝ දෙනාට සරණාගත තත්ත්වය හිමිය) දැන් ජලය, විදුලිය මෙන්ම සුදුසු වැසිකිලි පහසුකම් නොමැත. ආහාර ද ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ඔවුන් වෙනුවෙන් විකල්ප නවාතැන් පහසුකම් තවමත් සුදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි. දේශපාලන රැකවරණ පතන්නන් මීට පෙර පැපුවා නිව්ගිනි හිදී ප්‍රහාරවලට ලක්වී ඇති බැවින් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට සාධාරණ බියක් ඇති බව එම ආයතනය මෙන්ම හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම් පෙන්වා දෙති. මේ තොරතුරු ද දැනගන්න : මේ අතර බීබීසී සමග සන්නිවේදනයේ යෙදෙන සරණාගතයින් පවසන්නේ ජලය රැස්කරගැනීම සඳහා තමන් පොළොව හෑරූ අතර එසේ ලබාගන්න ජලය කසල බඳුන්වල රැස්කිරීමට සිදුව ඇති බවය. බදාදා දිනයේදී පැපුවා නිව්ගිනි ආගමන විගමන නිලධාරීන් පැමිණ මධ්‍යස්ථානයෙන් පිටත රැදී සිටි අතර තමන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කරනු ඇත්දැයි යන්න ගැන බියක් ඇති බව ඔවුහු පවසති. සිය අර්බුදකාරී ප්‍රතිපත්තියට අනුව, බෝට්ටු මගින් සිය බලප්‍රදේශයට ළඟාවන ඕනෑම අයෙකු භාරගැනීම ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි. එම ආණ්ඩුව පෙන්වා දෙන්නේ මිනිස් ජාවාරම මෙන්ම මුහුදේදී මරණයට පත්වීම වළකාලීම සිය ප්‍රතිපත්තිය බවය. නවසීලන්තයේ ඉදිරිපත්වීම වර්ධනය වෙමින් පතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ඉදිරිපත්වීම යළි මතක් කර දෙන නවසීලන්තය පවසන්නේ, මැනුස් දිවයිනෙන් හෝ නාවුරු දිවයිනෙන් සරණාගතයින් 150 දෙනෙකු භාරගැනීම පිළිබඳ සිය යෝජනාව "තවමත් විවෘතයි" යනුවෙනි. එහෙත්, 2013 වසරේ සිට පවතින එම යෝජනාව ඔස්ට්‍රේලියාව යළි යළිත් ප්‍රතික්ෂේප කරයි. කඳවුරේ විදුලිය මෙන්ම ජල සැපයුම කපා හැර තිබේ "මං හිතන්නේ ඔස්ට්‍රේලියාව වගේ අරගලයක යෙදෙන්නට නොවන වාසනාවන්ත තත්ත්වයක නවසීලන්තය සිටීම ගැන අවධානය යොමු කර එහි මානුෂීය මුහුණුවර දකින්නට ඕනෑම කෙනෙක් කැමති ඇති." යැයි නවසීලන්ත අගමැතිනි ජසින්දා ආර්ඩේන් පැවසුවාය. ඉරිදා දිනයට නියමිත හමුවේදී, මැනුස් දිවයිනේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සමග සාකච්ඡා කරන බව අගමැතිනිය සඳහන් කළාය. පසුගිය වසරේදී මේ පිළිබදව කතා කළ ටර්න්බුල් කියා සිටියේ නවසීලන්තය සමග එවැනි ගනුදෙනුවකට යාම මිනිස් ජාවාරම්කරුවන් විසින් "අලෙවිකරණ අවස්ථාවක්" ලෙස සලකනු ඇති බවය. ප්‍රදේශවාසීන් අතර විසීමෙන් සරණාගතයින්ට ආරක්ෂාව තහවුරු නොවෙතත්, අගමැති ටර්න්බුල් පවසන්නේ විකල්ප නවාතැන් සපයා තිබියදී රැඳවුම් මධ්‍යස්ථානයේම සිටීම "තේරුමක් නැති" බවය. කෙසේවෙතත්, එම නවාතැන්පොළවලින් ඇතැම් ඒවා තවමත් රැදී සිටීමට සුදුසු තත්ත්වයේ නැති බව එක්සත් ජාන්තීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ කලාපීය නියෝජිත නට් ජිට් ලෑම් බදාදා (නොවැ. 01) ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මේ තත්ත්වය යටතේ කිසිම සරණාගතයෙකුව මා එහි ගෙන යන්නේ නැහැ" යනුවෙනි. රැඳවියන් අවදානමක ද ? මීට පෙරද ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරවලට ලක්වූ එම රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් "නිරීක්ෂණය නොවන ප්‍රචණ්ඩත්වයකට" මුහුණ දෙනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. එහි ඔස්ට්‍රේලියානු අධ්‍යක්ෂ ඉලෙයින් පියර්සන් බදාදා පැවසුවේ "පිටව යාමට ඔවුන් බියක් දක්වනවා. ප්‍රධාන නගරයේ ඇති ආරක්ෂාව අඩු ස්ථානයක් වෙත ඔවුන් යාම තවත් ලේ ගැලීමකට හේතුවන්නට පුළුවන්" යනුවෙනි. "දැනටමත් පිටතදී අවස්ථා කිහිපයක අපි පහරදීම්වලට ලක්වී තිබෙනවා" යැයි 2014 වසරේ සිට මැනුස් දිවයිනේ රඳවා සිටින ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ඉරාන සරණාගතයෙකු ද වන බෙහ්රුස් බූචානි බීබීසී සමග පැවසීය. මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින්ගෙන් වැඩි දෙනා ශාරීරිකව හා මානසිකව ගිලන්ව ඇති බව ඔහු සිය ට්විටර් ගිනුමේ සටහන් තබා ඇත. මේ වනවිට මැනුස් දිවයිනට ගොස් සිටින ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුවන නික් මක්කිම්, "මානව හිමිකම් පිළිබඳ හදිසි තත්ත්වයක්" පවතින අතර නවාතැන්පොළ රැදී සිටීමට සුදුසු මට්ටමක තවමත් නැති බව පවසයි. රැඳවියන්ගේ ආරක්ෂාව පැපුවා නිව්ගිනි ආණ්ඩුවේ වගකීමක් බව ඔස්ට්‍රේලියාව යළි යළිත් පවසන අතර පැපුවා නිව්ගිනි කියා සිටින්නේතමන්ට සහය දීම ඔස්ට්‍රේලියාවේ වගකීම බවය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම ද එම මතයේම සිටී කොහි යන්නද ? පැපුවා නිව්ගිනි හි ස්ථිරව පදිංචියට, කාම්බෝජයේ විසීම සඳහා අයදුම් කිරීමට හෝ නාවුරු වෙත මාරු කර යවන ලෙස ඉල්ලීමේ විකල්ප සරණාගතයින් හමුවේ තබා ඇති අතර නීතිඥයින් පවසන්නේ ඇතැමෙකු එම විකල්ප කරා ගොස් ඇති බවය. තාවකාලික නවාතැන්පොළවල හිඳින ඇතැම් පුද්ගලයින් එහි ඇති "සේවා මෙන්ම සහයෝගය පහසුවෙන් ලබාගෙන" ඇති බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී. පදිංචිය සම්බන්ධයෙන් 2016 ඇමෙරිකාවේ පැවති ඔබාමා පාලනය සමග පැමිණි එකඟතාවට අනුව පැපුවා නිව්ගිනි හෝ නාවුරු මධ්‍යස්ථානවලින් සරණාගතයින් 1,250ක් දක්වා භාරගැනීමට ඇමෙරිකාව එකඟවී තිබිණි. ඔවුන් අතරින් 50 දෙනෙකු එසේ පළමුවරට භාරගැනීම පසුගිය මාසයේදී සිදුවිය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන එම ගිවිසුමට අනුව කාන්තාවන්, දරුවන් හා පවුල්වලට ප්‍රමුඛතාව හිමිවේ. මැනුස් දිවයිනේ රඳවා ගනු ලැබුවේ පිරිමින් පමණි. කෙසේවෙතත්, අයදුම් ක්‍රියාදාමය කොපමණ කාලයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාව තක්සේරුවක් දී නැති අතරම ඒ සියලු දෙනා ම භාරගැනීමට ද බැදී නැත. අධිකරණය මැදිහත් වේද ? පැපුවා නිව්ගිනි කඳවුර වසා දැමීමෙන් එරටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් රැඳවියන්ට අහිමිවන බව දක්වමින් අඟහරුවාදා අවසන් මොහොතේදී නීතිඥයින් විසින් නඩුවක් ගොනු කරනු ලැබීය. "මේ මිනිසුන් ප්‍රහාරවලට වගේම ශාරීරික හිංසාවට ලක්වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් තහවුරු කරන ලෙස අප ඉල්ලා සිටිනවා" යැයි රැදවියන්ට සහය දෙන නීතිඥයෙකුවන ග්‍රෙග් බාර්න්ස් බීබීසී සමග ප්‍රකාශ කළේය. "මේ මිනිසුන්ව පාරේ අතහැර ගියා වගේ. සිදුවෙන දේ නීති විරෝධීයි" 2013 සිට මැනුස් දිවයිනේ රැඳවුම් මධ්‍යස්ථානය තුළ රැඳවියන් 6 ක් මිය ගොස් තිබේ දිවයිනේ ගොඩනගා ඇති විකල්ප නවාතැන්පොළ වෙත මෙම පුද්ගලයින් බලහත්කාරයෙන් ගෙනයාම වැළක්වීම මින් අපේක්ෂා කරන අතරම ඔවුන්ව ඔස්ට්‍රේලියාවට හෝ ආරක්‍ෂිත තුන්වෙනි පාර්ශ්වයේ රටකට මාරු කර යවන ලෙස ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් දී නැත.
යාපනය ප්‍රදේශයේ ජනගහණය ලක්ෂ පහක් බවත් එහි රඳවා සිටින යුද හමුදා භටයන්ගේ සංඛ්‍යාව දස දහසක් බවත් පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය Economic and Political Weekly ඉන්දීය සඟරාව සඳහන් කරන භට සංඛ්‍යා තොරතුරු ප්‍රතික්‍ෂේප කරයි.
උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව තමන් විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිවී තිබෙන බව Economic and Political Weekly සඟරාවට ලිපියක් සපයන විශේෂ වාර්තාකරුවෙක් විසින් සඳහන් කොට තිබිණ. ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගේ, ආණ්ඩුවේ සහ හමුදා වෙබ් අඩවිවල පලවූ තොරතුරු විශ්ලේෂණය කරමින් එම සඟරාව තවදුරටත් සඳහන් කොට තිබුනේ අඩු තරමින් හමුදා භටයන් එක් ලක්ෂ අනූ අට දහසක් (198,000) වත් එහි රඳවා සිටින බවයි. යුද හමුදාවත් උතුරේ ජනතාවත් අතර ශ්‍රේෂ්ට සම්බන්ධයක් පවතින බව පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාවට ඉවත්වන ලෙස උතුරේ සාමාන්‍ය ජනතාව කිසිවිටකත් ඉල්ලා නොසිටිනු ඇතැයිද ප්‍රකාශ කළේය. හමුදාව කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටින උතුරේ ජනතාව ඕනෑම ප්‍රශ්නයකදී පොලීසිය හෝ දිසාපතිවරයා හෝ වෙත නොගොස් ලගම ඇති කඳවුරට පැමිණෙන්නේ හමුදාව කෙරෙහි ඇති විශ්වාශය නිසා යැයි, යුද හමුදාපතිවරයා පැවසීය. යුද්ධය අවසන් වීමත් සමග සාමය ඇතිකිරීම සඳහා රදවා සිටි යුද හමුදාව සාමය ඇතිවීමත් සමග සීමා කරමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, යුද්ධයේදී ලත් අත්දැකීම් බෙදා හදා ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් යුද හමුදාව විසින් දෙවැනි වරටත් සංවිධානය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවසීය. රටවල් විශාල ගණනක් ඊට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළකොට ඇති බවත් යුද හමුදාපතිවරයා තවදුරත් ප්‍රකාශ කළේය.
කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි.
එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම දින 20 කදීම රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වෙමින් ඉන්දියාව දැන් කොරෝනාවෛරසයේ මධ්‍ය ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. රෝගීන් ප්‍රමාණය තවමත් වේගයෙන් ඉහළ යමින් තිබේ. කෙසේවෙතත්, දෛනිකව වාර්තාවන රෝගීන් සම්බන්ධයෙන් කළාපයේ අනෙකුත් ප්‍රදේශ වෙනස් ගමන් මගකට පිවිස තිබෙන්නේ, මැයි - ජුනි මාසවලදී දුටු අධික ඉහළ යාමෙන් අනතුරුව තහවුරු කරන ලද ආසාදිතයන් ප්‍රමාණය පහළ යාමක් පෙන්නුම් කරන හෙයිනි. වැඩිම රෝගීන් සංඛ්‍යාව අතින් කළාපයේ දෙවෙනි ස්ථානයේ ඇති පාකිස්තානය තුළ ආසාදිත වක්‍රය පහළට දිශාගත වීම සම්බන්ධයෙන් සුභවාදී බවක් පළවී ඇත. ජුනි මැද වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 6,000ක් වූ තැන සිට ජූලි මැද වනවිට 2,000 ට වඩා අඩු තත්ත්වයකට පහළ වැටී තිබේ. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් සැලකිල්ල පවතින අතර ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය. මේ හා සමානව, ජූලි 16 වනවිට 196,323ක් ලෙස බංග්ලාදේශ් හි සමස්ත රෝගීන් ප්‍රමාණය වාර්තා විය. ජුනි මැද සහ ජූලි මස ආරම්භයේදී එරට වැඩිම දෛනික රෝගීන් ප්‍රමාණය වාර්තා විණි. ඉන් අනතුරුව, ආසාදිත වක්‍රයේ පහළ යාමක් පෙන්නුම් කළේ මේ වනවිට සෑම දින 28 දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වෙමිනි. ඇෆ්ඝනිස්තානය තුළ ආසාදිතයින් දෙගුණවීමේ වේගය අසල්වැසි රටවලට වඩා අඩුවී තිබෙන්නේ සෑම දින 41 දී එය වාර්තා වීමක් ලෙසය. එහෙත් එරට නිල සංඛ්‍යා දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගී ඇත. නේපාලය හා ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ආසාදිත ප්‍රමාණයේ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමකි. නේපාල ආණ්ඩුව විසින් පනවන ලද ලොක්ඩවුන් වැඩපිළිවෙල දින 100ක් ක්‍රියාත්මක විණි. එම කාලය තුළදී වැඩිම රෝගීන් ප්‍රමාණය හඳුනාගනු ලැබුණේ ඉන්දියාවට මායිම්වන ප්‍රදේශ වලිනි. මෑත ප්‍රවණතාව පෙන්වන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන බවකි. එහෙත්, ප්‍රජාව අතරේ රෝගීන් හඳුනා නොගැනීම මීට එක් හේතුවක් විය හැකි බව විශේෂඥයෝ පවසති. අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යා පහළ මට්ටමක රඳවා ගැනීමට සමත්වී ඇත. දැඩි 'ලොක්ඩවුන්' පියවර ක්‍රියාවට නැගූ අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම හා ආසාදිතයින් සඳහා දැඩි නිරෝධායන රීති පැනවිණි. "මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, බුද්ධි තොරතුරු නිලධාරීන් හා ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය සහිතව, දැඩිව ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගුණා," යැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පැවසීය. ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ ශ්‍රී ලංකාව 'ලොක්ඩවුන්' පියවර ඉවත් කළේය. අඩු මට්ටමේ පරීක්ෂාව ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ සිටින්නේ දකුණු ආසියාවේ ය. එහෙත් සමස්ත වාර්තාගත ආසාදිතයින් අතරින් මෙම කළාපයෙන් වාර්තාවූයේ 11% ක් පමණි. "ඉන්දියාවේ වගේම දකුණු ආසියාවේ රටවල පුද්ගලයින් මිලියනයකට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිටින්නේ අඩු මට්ටමක. පුද්ගලයින් මිලියනයකට කෙරෙන මුලු පරීක්ෂණ සංඛ්‍යාවත් ඒ වගේමයි," වෛරසවේදියෙකු වන වෛද්‍ය ෂහීඩ් ජමීල් පැවසීය. මෙම රටවල මුලු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා වගේ පෙනුන ද, ජනගහනය සමග සසඳන විට "උසස් තත්ත්වයක නැති" බව ඔහු කියා සිටියේය. උදාහරණයක් ලෙස, කල් යද්දී ඉන්දියාව පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවූ අතර මේ දක්වා මිලියන 10.3 ක පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. පාකිස්තානයේ එය මිලියන 1.6 ට අධිකය. එහෙත් ඒක පුද්ගල පරීක්ෂණ ප්‍රමාණය අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී. මීටත් වඩා, පාකිස්තානයේ හා බංග්ලාදේශ් හි පරීක්ෂණ මට්ටම පහළ වැටී ඇති අතර එය වාර්තා වූ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවට බලපෑමක් එල්ල කෙරෙනු ඇත. රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ කාලය තුළදී පාකිස්තානය දිනකට පරීක්ෂණ 31,000 ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. එහෙත් ජුනි මස අග සතියේ සිට එම ප්‍රමාණය අඩු කර ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හා ඒ අවට ආණ්ඩුව විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී පෙන්නුම් කළේ එම ප්‍රදේශයේ පමණක් ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට වෛරසය ආසාදනය වී ඇති බවකි. ඉන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වති. බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි. නේපාලය ජූලි 16 වනවිට ලක්ෂ තුනට මඳක් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබිණි. ජූලි මාසයේ සිට දෛනිකව පරීක්ෂණ 10,000 ක් පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් එය පවතින්නේ 4,000 ක පමණ ප්‍රමාණයක ය. ඇෆ්ඝනිස්තානයේ පරීක්ෂණ දත්ත දැනගන්නට නැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන රතු අඩසඳ සංවිධානය පවසන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය මීට වැඩි විය හැකි බවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කරන ලද නිර්ණායකයට අනුව රටක හෝ කළාපයක පරීක්ෂණ 10 ත් 30 අතර ප්‍රමාණයකට තහවුරු වූ රෝගියෙකු හඳුනාගැනීම සිදුවේ. මේ ගණනය සැලකීමේදී දකුණු ආසියානු රටවල තිබෙන්නේ දුර්වල තත්ත්වයකි. බංග්ලාදේශ් හි ජනගහනයට සමාන ජනගහණයකින් හෙබි රුසියාව හා ජපානය තුළ වඩා පුළුල්ව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. එම රටවල පිළිවෙලින් පරීක්ෂණ 32 ට හා 26 ට තහවුරු වූ රෝගියෙකු සොයා ගැනේ. එහෙත් බංග්ලාදේශ් තුළ සෑම පරීක්ෂණ පහකදී එක් රෝගියෙකු හමුවේ. නේපාලය තුළ ජුනි 14 වෙනිදා තෙක් සෑම පරීක්ෂණ 25 ට රෝගියෙකු සොයා ගැනිණි. ඉන් පසු දත්ත දැනගන්නට නැත. විශ්වසනීය නොවන සංඛ්‍යාලේඛන නිශ්චිත අංක හෝ ජනගහනය අතරින් සලකන ප්‍රමාණය දෙස අප විමසීම යොමු කළද, මෙම රටවල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ බටහිර රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකිනි. මෙය දිරිගන්වන සුලු සංඥාවක් වුව ද, අසතුටුදායක සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබද වාර්තාවක් ඇති කළාපයකින් ලැබෙන මෙම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නැගී ඇත. "බොහෝ මරණ, අතිශයින් වැදගත් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ වාර්තා වී නැහැ. ඒ වගේම මරණවලට හේතුව වැරදි ගොන්නට ඇතුළු කරලා," යැයි යෝක් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය කම්රන් සිද්දිකි පැවසීය. එහෙත් වෛද්‍ය ෂහිඩ් ජමීල් පවසන පරිදි මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද ඒ වෙනස "සැලකිය යුතු තරම්." "බොහෝවිට දිය හැකි පැහැදිලි කිරීම වන්නේ යුරෝපයට හා ඇමෙරිකාවට වඩා බොහෝ තරුණ පිරිසකින් දකුණු ආසියානු ජනගහනය සමන්විත වන බවයි," යැයි ද මහාචාර්ය සිද්දිකි පැවසීය. මෙම තොරතුරුද දැනගන්න: බීබීසී රියැලිටි චෙක් (BBC Reality Check) හි ශ්‍රැති මෙනන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි අතිරේක පර්යේෂණ තොරතුරු: ධකා හි වලියුර් රහ්මන්, මිරාජ් සහ කත්මණ්ඩු හි රාමා පරාජූලි විසිනි.
ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් අනුගමනය කළ යුතු කම්කරු ප්‍රඥප්තියක් 2022 කටාර් ලෝක පාපන්දු කුසලාන ශූරතා වලියේ සංවිධායකයන් විසින් නිකුත් කොට තිබේ.
කටාර් ක්‍රීඩාංගනයේ නේපාල සේවකයෝ තමන් යටතේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග එමගින් දක්වා ඇත. විවේචන ඉදිකිරීම් ව්‍යාපෘති වල සිදු වන අනතුරුවලින් සංක්‍රමණික කම්කරුවන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා හෝ ඇති බවට වාර්තා වීමෙන් පසු මානව හිමිකම් සංවිධාන විසින් කටාර් රාජ්‍යය විවේචනයට ලක් කරන ලදී. අදාළ කම්කරු ප්‍රඥප්තිය ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක් ව සකස් කර තිබෙන බවයි ක්‍රීඩා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු රිචර්ඩ් කොන්වේ වාර්තා කරන්නේ. එය ඉදිරිපත් කොට ඇත්තේ, සේවකයන්ගේ සේවා තත්වයන් සංශෝධනය කිරීමේ සැලසුම් පිළිබඳව තමන් දැනුවත් කිරීම පිණිස ජාත්‍යන්තර පාපන්දු සංවිධානය විසින් කටාර් ලෝක කුසලාන බලධාරීන් හට අවසන් දින නියමයක් කිරීමෙන් පසුවයි. අහිංසක ජනතාවගේ ලේ මත ලෝක කුසලාන ක්‍රීඩාංගණය ඉදි නොකරන බව, 2022 කටාර් ලෝක පාපන්දු කුසලාන ශූරතා වලියේ මහ ලේකම් සෙරම වැල්ක් ප්‍රකාශ කළේය. සෞඛ්‍ය සහ ආරක්ෂාව ඉදිකිරීම් අවසන් වීමෙන් පසු දිස්වන ක්‍රීඩාංගනය මේ නිසා ලෝක කුසලාන ව්‍යාපෘති සඳහා සේවය කරන සමාගම් විසින් සේවක මරණ සහ අනතුරු වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය සහ ආරක්ෂක විධි විධාන පුළුල් ලෙස නව කම්කරු ප්‍රඥප්තියේ විස්තර කොට ඇති බව රිචර්ඩ් කොන්වේ පවසන්නේ. ඊට අමතරව, සේවකයන්ට නිසි කලට වැටුප් ගෙවීමට හා සුදුසු නේවාසික පහසුකම් සැලසීමටත්, විවේක දින ලබා දීමට මෙන් ම වෛද්‍ය ගාස්තු ගෙවීමටත් පියවර ගත යුතු බව ට ප්‍රඥප්තියෙන් යෝජනා කොට තිබේ. සේවකයන් විසින් අමතනු ලැබීම සඳහා රහස්‍ය භාවය සුරැකෙන දුරකථන පහසුකම් සැලසිය යුතු බවටත් නිර්දේශ කොට ඇති බවයි ක්‍රීඩා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු තවදුරටත් වාර්තා කරන්නේ. ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධානය මෙම ප්‍රඥප්තිය පිළිගන්නා බව ප්‍රකාශ කොට තිබේ. එම සංවිධානයේ ජේම්ස් ලින්ච් පැවසුවේ මේ සම්බන්ධයෙන් තවත් බොහෝ දේ සිදු කළ යුතුව ඇති බවයි. ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයට ද යන්න ගැන ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තරයේ අවධානය යොමුව ඇති බවයි ඔහු පැවසුවේ. “මම හිතන්නේ මේ කොන්දේසි ක්‍රියාවට නංවන ආකාරය ගැන අපි තව තොරතුරු දැන ගත යුතුයි කියල. මීට වඩා අවධානය යොමු කළ යුතු විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්‍රඥප්තියේ කරුණු අදාළ වන්නේ ක්‍රීඩාංගණය සහ පුහුණු කටයුතු පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදි කරන කම්කරුවන්ට පමණයි. මේ කොන්දේසි මහා මාර්ග, දුම්රිය මාර්ග , හෝටල් ඉදිකිරීම් ක්ෂේත්‍රවල කම්කරුවන්ට අදාළ වන්නේ නැහැ,” ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධානයේ ජේම්ස් ලින්ච් තවදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ ව සැලකිලිමත් වෙමින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට මුරිසි දිවයිනේ අගමැති වරයා තීරණය කොට තිබේ.
අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් සමුළුවට සහභාගි නොවන්නට තීරණය කළ තුන්වැනි රාජ්‍ය නායකයායි ඒ අනුව මුරුසියේ අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් සමුළුවට සහභාගි නොවන්නට තීරණය කළ තුන්වැනි රාජ්‍ය නායකයායි. ඔහු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට යන විදේශ අමාත්‍ය අර්වින් බුලෙල් (Arvin Bullel) බීබීසී දෙමළ සේවයේ ප්‍රධානී තිරුමලෙයි මනිවන්නන් හා කියා සිටියේ අගමැති වරයාගේ තීන්දුව ප්‍රතිපත්තිමය එකක් බවයි. "අපි සියල්ලෝම ගරු කරන මූලධර්ම මත පදනම් වෙලා, පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය අනුව රැකිය යුතු මානව හිමිකම් පිලිබඳව සැලකිල්ලට ගනිමින් අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මුරිසි රාජ්‍යයේ. සමුළුවට සහභාගි නොවන බව කැනඩාව සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන මාස කීපය තුලදී පුළුල් ලෙස මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකාවේ රජයට චෝදනා නැගී තිබෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
පුත්තලම අවට ගම්මාන සියයකට ආසන්න සංඛ්‍යාවක හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව පුත්තලම මූලික රෝහලේ බලධාරීහු පවසති.
එම වෛරසය වැළඳුණු රෝගීන් තුළ උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එමෙන්ම එවැනි රෝගීන්ගේ රුධිර පට්ටිකා මට්ටම පහළ බැසීම විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි බවත් වෛද්‍යවරු පවසති. බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට පුත්තලම රෝහලට රෝගීන් අටසියයක් පමණ පැමිණෙන බව කී එහි බාහිර රෝගී අංශය සහ හදිසි නේවාසික ඒකකය භාරව කටයුතු කරන වෛද්‍ය මොහොමඩ් ජවුසික් ඉන් හයසියයකට පමණ හඳුනා නොගත් වෛරස් උණ රෝග ලක්ෂණ ඇති බව සඳහන් කළේය. සතියක පමණ කාලයක සිට පුත්තලම මූලික රෝහලේ කායික හා ළමා ඒකක රෝගීන්ගෙන් පිරී පවතින බව කී එම රෝහලේ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක අවශ්‍ය තරම් ඖෂධ තිබුණ ද හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පැවසීය. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට ජීවිත හානි වාර්තා වී නොමැති නමුත් අදාළ වෛරසයයේ රෝග ලක්ෂණ හා ඩෙංගු උණ රෝගය අතර සමානතා දක්නට තිබෙන බවය. මෙම උණ රෝගය පවුලේ එක් අයකුට වැළඳීමෙන් නිවසේ සිටින සෙසු සාමාජිකයන්ටත් වෛරසය ශරීර ගතවී උණ රෝගය වැළඳිය හැකි බව වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක සඳහන් කළේය. වෛරසය වැළඳුණු වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද රෝහලේ ප්‍රතිකාර ලබන අතර නිසි ප්‍රතිකාර ලබා දුන්න ද නේවාසික පහසුකම් අවම මට්ටමේ පවතින බවට රෝගීහු මැසිවිලි නගති.
විදුහල්පතිනියක දණ ගැස්ස වූ බවට චෝදනා ලබා සිටින ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක සම්බන්ධ සිදුවීමට "ජාතිවාදී මුහුණුවරක්" එක්කිරීමට මහඇමතිවරයා ඇතුලු පිරිස ක්‍රියාකරන බවට ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරයි.
සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ. මහඇමතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. පාසලට ඇතුළත් කරවීමට උත්සාහ ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතික දරුවෙකු වන බැවින් විදුහල්පතිනිය මුස්ලිම් දරුවන් සිය පාසලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් වර්ගවාදීව කටයුතු කරන බවට එම ප්‍රජාව අතර ප්‍රචාරයක් දියත් කිරීමේ උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයාගේ චෝදනාව වී තිබේ. එසේම විදුහල්පතිනිය දෙමළ ජාතික කාන්තාවක බැවින් ඇය සිංහල නායකයෙකු අපහසුවට පත් කිරීමට උත්සාහ කරන බවට මතයක් සිංහල ජනයා අතර තහවුරු කිරීමේ ප්‍රයත්නයක් ද දියත් වී ඇති බවට චෝදනා කරන සමන්ත විද්‍යාරත්න පළාත් සභා මන්ත්‍රීවරයා, එය ජනතාව අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට පසුබිම සකසන්නක් බැවින් ඒ පිළිබඳ සංවේදීව කටයුතු කිරීම යහපාලන රජයේ වගකීමක් බව අවධාරණය කරයි. මේ අතර අඟහරුවාදා (ජනවාරි 23) පොලිසියට භාර වූ ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර නඩු විභාගය ලබන මැයි 16 වෙනිදා දක්වා කල් තැබුණි. ඌව පළාතේ මහ ඇමතිවරයා, සන්ධ්‍යා අඹන්වල අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.බී රත්නායක සහ විදුහල්පතිනියට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දින ගණනාවක් මුළුල්ලේ බදුල්ල නගරයේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ. මේ අතර ඌව පළාත් සභාව ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාව රඳවා තිබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. පරීක්ෂණ යටගැසීමේ උත්සාහයක්? ඒ අතර ඉහළ සම්බන්ධතා භාවිත කරමින් පොලිස් පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ගුරු සංගම් චෝදනා කරති. පළාතේ අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වලගේ සැමියා හිටපු ජේ‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීම මේ චෝදනාවට ආසන්නතම හේතුව වී තිබේ. මේ අතර සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයා වෙත නියෝග කර ඇත. අදාළ සිදුවීමේ දී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බව පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දී තිබේ. එසේම ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය පරීක්ෂණයක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව ද වාර්තා වේ. සබැඳි යොමු:
යේමනයේ යුද්ධයට මැදිව සිටින සාමාන්‍ය ජනතාව සාගතයෙන් සහ රෝගවලින් ද පීඩා විඳිති.
මන්දපෝෂණයෙන් පෙළෙන හුසේන් මසෙන් ජීවිතය සඳහා සටන් කරමින් ඔවුන් මුහුණ දී සිටින දරුණු මානුෂීය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. යේමනයට ඇතුළු වීම වැළැක්වීමට සෞදි අරාබිය දැරූ උත්සාහය අභිබවමින් එරට ජනතාව විඳින පීඩාව සියැසින් දැක ගැනීමට බීබීසීයේ ඔර්ලා ගුවරින් ඇතුළු ඇයගේ කණ්ඩායමට හැකි විය. යේමනයේ ආණ්ඩුවේ හමුදා සහ හුති කැරලිකරුවන් අතර වසර දෙකක් පුරා ගැටුම් පවතී. ආණ්ඩුවේ හමුදාවට සහාය ලබා දෙන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය හුති කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරති. යුද්ධය හමුවේ යේමනයේ සෞඛ්‍ය සේවා, සනීපාරක්ෂාව සහ ජල සැපයුම් පද්ධති බිඳ වැටී ඇත. මානුෂීය ව්‍යසනයක් මුහුදු මාර්ග ඔස්සේ පැය 13 පසු ඇඩේන් නගරයට ළඟා වීමට බීබීසී කණ්ඩායමට හැකි විය. බෝට්ටුවකින් ඒ වෙත ළඟා වීමට සිදු වූයේ බීබීසී කණ්ඩායම රැගෙන යාමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගුවන් යානයට පියාසර කිරීමට සෞදිය ඉඩ නොදුන් බැවිනි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආණ්ඩුවකින් නිකුත් කළ වීසා බලපත්‍ර තමන් අත පැවතියත් බීබීසී කණ්ඩායමට යේමනයට ඇතුළුවීම සඳහා සෞදි බලධාරීහු ඉඩ ලබා නොදුන්හ ගැටුම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් පනවන ලද සම්බාධක හමුවේ මානුෂීය ව්‍යසනයකට මුහුණ දී සිටින යේමනයේ ජනගහනයෙන් 70% කට ආධාර අවශ්‍ය කර තිබේ. නාඩි වැටීම පවා නතර වූ අබ්දුල්ලා මොහමඩ් සලීම් නමැති කොලරා රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අඩේන් නුවර පිහිටි රෝහලේ කාර්ය මණ්ඩලය වෙහෙසෙන ආකාරය බීබීසීයට දැකගත හැකි විය. කොලරාව යනු 'Vibrio' නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආන්ත්‍රික රෝගයකි. එය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍ර පානීය ජලය හා ආහාර පරිභෝජනය මගිනි. කොලරා රෝගය දරුණු වූ රෝගියෙකුට ප්‍රතිකාර නොකිරීම මරණයට හේතු විය හැක. දරුණුතම වසංගතය සියැසින් දුටිමි යේමනයේ ජන දුක පසුගිය මාස කීපය තුළ යේමනයේ කොලරාවට ගොදුරුව ඇති සංඛ්‍යාව ලක්ෂ ගණනකි. එය මෑත ඉතිහාසයේ යේමනය මුහුණ දුන් දරුණුතම වසංගතයයි. රෝහල්, රෝගීන්ගෙන් පිරී ඇති අතර ආහාර හිඟය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බොහෝ විට කොලරාවට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී. යේමනයේ ජනතාවගෙන් 60% සිය මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේදැයි නොදනිති. සෞදි ගුවන් ප්‍රහාර සෞදි ගුවන් ප්‍රහාරයකට ලක් වූ නිවසක් මාස දහයක් වයසැති අහ්මාද්ගේ බර සම වයසේ වෙනත් දරුවෙකුගේ බරින් අඩකි නාඩි වැටීම පවා නතර වූ අබ්දුල්ලා මොහමඩ් සලීම්ගේ ජීවිතය බේරා ගැනීමට අඩේන් නුවර පිහිටි රෝහලේ කාර්ය මණ්ඩලය වෙහෙසෙන ආකාරය බීබීසීයට දැකගත හැකි විය ඔවුන් සාගතයට ගොදුරු වීමට ඇති ඉඩකඩ පිළිබඳ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි. දැඩි ලෙස මන්දපෝෂණයට ගොදුරුව සිටින දරුවන් සංඛ්‍යාව පන් ලක්ෂයක් වෙසෙන යේමනයේ අනාගතය ගිලිහීමේ අවදානමක් පවතින බව එරට වෛද්‍යවරු බීබීසීයට පැවසූහ. වසර දෙකක් පුරා පවතින යුද්ධය හමුවේ සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ගුවන් යානා විසින් එල්ල කරන ප්‍රහාරවලින් නිවාස, රෝහල් සහ පාසල් විනාශ වී තිබේ. ප්‍රහාරවලට ගොදුරු වී මරණයට පත් සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව තුන්දහසකට අධිකය. ඇතැම් පිරිස් තම නිවහනේ සුන්බුන් අතර දිවි ගෙවති. විනාශය හැර කිසිඳු පාර්ශවයක් නිසැක හමුදා ජයග්‍රහණයක් වෙත ළඟා වී ඇති බවක් පෙනෙන්නට නොමැත.
ලෙබනනයේ බේරුට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදු වූ මහා පිපිරීම සම්බන්ධයෙන් නගරවාසීහු එරට ආණ්ඩුව වෙත කෝපය පළ කරති.
පිපිරීමෙන් පසු බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය ඊට හේතු වී ඇති බව නගරවාසීහු පවසති. ජනාධිපති මීෂෙල් අවුන් කියා සිටියේ වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පිපිරීමට හේතු වී ඇති බවය. නාස්තිය සහ දූෂණය, නොසැලකිලිමත්භාවය සහ නිසි කළමනාකරණයක් නොමැතිකම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු බලධාරීන් වෙත චෝදනා කර තිබේ. "බේරුට් හඬා වැලපෙනවා. මිනිස්සු හැඟීම්බර වෙලා, මිනිස්සුන්ට ඇති වෙලා," යනුවෙන් චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ජූඩ් චෙහාබ් බීබීසී වෙත පැවසීය. "අපට නායකත්වය දෙන්නේ අදක්ෂ මිනිස්සු සහ ආණ්ඩුවක් බව මා සෑම විටම දැන සිටියා. ඒත් මම එක දෙයක් කියන්නම්, ඔවුන් මේ කර තිබෙන දේ ඇත්තටම අපරාධයක්," යනුවෙන් මේ වන විට රෝහල් ගතව සිටින බේරුට්වාසියෙකු වන චදියා එල්මෙඋචි සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය කම්පනයට පත් පිපිරීම ඇසින් දුටුවෙක් පිපිරීම හේතුවෙන් අවම වශයෙන් 137 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 5,000 කට ආසන්නය. තවත් ගණනාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැත. මේ වන විට එහි සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික තානාපතිනිය පවසයි. "දැනට දැන ගැනීමට ඇති පරිදි මොවුන්ගේ තත්ත්වය බරපතල නෑ," යනුවෙන් තානාපතිනි ශානි කරුණාරත්න බීබීසී සිංහල සේවය වෙත කියා සිටියාය. තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. පිපිරීම හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මීට ඉහතදී වාර්තා විය. මේ අතර පිපිරීම නිසා සිදු වූ ජීවිත හානි, ඉන් තුවාල ලැබූවන් සහ සිදු වූ දේපල හානිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙබනන් ජනාධිපතිවරයා වෙත ශෝක පණිවුඩයක් යවා තිබේ. බේරුට් පිපිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන යටතේ බේරුට් වරාය බලධාරීන් ගණනාවක් නිවාස අඩස්සියට පත් කරන ලද බව ලෙබනන් ආණ්ඩුව බදාදා නිවේදනය කළේය. ඒ සඳහා වගකිවයුතු යයි හඳුනා ගනු ලබන පුද්ගලයන් "උපරිම දඬුවමකට" මුහුණ දෙනු ඇතැයි එරට උත්තරීතර ආරක්ෂක කවුන්සිලය අවධාරණය කර තිබේ. මේ අතර පිපිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් යන මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියහ. "විශ්වසනීය සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් මෙහෙයවීමට ලෙබනන් අධිකරණ පද්ධතියට ඇති හැකියාව බරපතල අවධානයට," ලක් කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. පිපිරීමට හේතුව කුමක්ද? කෘෂිකර්මාන්තයේ දී පොහොරක් වශයෙන් යොදා ගනු ලබන සහ පුපුරන ද්‍රව්‍යයක් වන ඇමෝනියම් නයිට්‍රේට් තොගය බේරුට් වරාය ආශ්‍රිත ගුදමක අවුරුදු හයක් ගබඩා කර තිබී ඇතැයි වාර්තා වේ. එම තොගය ගොඩබා ඇත්තේ 2013 වසරේදී රාජසන්තක කරන ලද නැවකින්ය. වරාය භූමියේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම රසායනික තොගය අපනයනය කිරීමට හෝ විකුණා දැමීමට අනුමැතිය ලබා දෙන ලෙස අධිකරණ නිලධාරීන් වෙත අවස්ථා ගණනාවකදී ලිඛිත ඉල්ලීම් කර ඇති බව බේරුට් වාරයේ ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා යන දෙදෙනාම එරට මාධ්‍ය වෙත පවසා තිබේ. අධිකරණය එම රසායනික ද්‍රව්‍ය ගුදමක ගබඩා කරන ලෙස නියෝග දුන් පළමු අවස්ථාවේදීම ඒවා අන්තරාකාරී බව දැන සිටිය ද "මෙතරම් අනතුරුදායක" බව දැන නොසිටි බව වරාය සාමාන්‍යාධිකාරී හසන් කොරේතම් OTV රූපවාහිනී සේවයට පැවසීය. ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගබඩා කිරීම, එහි ආරක්ෂාව සහ ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කළ සියලූම වරාය නිලධාරීන්ට නිවාස අඩස්සියට අදාළ නීති බලපානු ඇති බව එරට තොරතුරු අමාත්‍යංශය භාර අමාත්‍ය මනල් අබ්දෙල් සමාද් සඳහන් කළේය. නාවුක ප්‍රවාහනයට අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන Shiparrested.com පවසන පරිදි, ඇමෝනියම් නයිට්‍රේට් තොගය රැගත් මෝල්දෝවා ධජය සහිත 'රොසුස්' නැමති නෞකාව බේරුට් වරාය වෙත ඇතුළු වී තිබුනේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. ඒ ජෝර්ජියාවේ සිට මොසැම්බික් බලා යාත්‍රා කරමින් සිටින අතරතුරදීය. එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු 'රොසුස්' නෞකාවට වරායෙන් පිටවීම තහනම් කරනු ලැබිණි. ඉන් සුළු වෙලාවකට පසු එහි අයිතිකරුවන් විසින් නෞකාව අතහැර දමන ලද අතර නීතිමය ගැටලු රාශියක් මතු වී තිබිණි. ආරක්ෂක හේතුවෙන් මත එහි භාණ්ඩ වරාය ගුදමක ගබඩා කරන ලද බව වාර්තාවේ සඳහන් වේ. බේරා ගැනීමේ මෙහෙයුම්වල අලුත්ම තත්ත්වය කුමක්ද? පිපිරීම සිදු වූ භූමිය අවට පුළුල් තීරයක් වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. බේරා ගැනීමේ කණ්ඩායම් මෘත ශරීර සහ සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් සෙවීමේ නිරත වන අතර මුහුදු තීරයේ සෝදිසි කටයුතු සඳහා බෝට්ටු යොදවා ඇත. තුවාල ලැබූවන්ට සහ බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සුදුසු උපකරණ සහ ඇඳන් හිඟයකට ලෙබනන් සෞඛ්‍ය අංශය මුහුණ දී ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය හමඩ් හසන් පැවසීය. පිපිරීම හේතුවෙන් 300,000 ක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බේරුට් හි ආණ්ඩුකාර මර්වන් අබවුඩ් සඳහන් කළේය. "බේරුට්වලට ආහාර අවශ්‍යයි, බේරුට්වලට ඇඳුම්, ගෙවල්, ගෙවල් හදන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. අනාථ වූ තමන්ගේම මිනිස්සුන්ට ඉන්න තැනක් සොයා ගන්න බේරුට්වලට අවශ්‍යයි," යනුවෙන් ඔහු බීබීසියට පැවසීය.
2015 වසරේ දී ‍‍ජනාධිපතිවරණය නොපවත්වන ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම නොතකා ඔහු මැතිවරණයට ගොස් පරාජයට පත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කුරුණෑගල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සැමරුම් උළෙල අමතමිනි. "2014 ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන විට මා මහින්ද රාජපක්ෂ මහතාට මගේ අතින් හදලා, ලියලා දුන්නා ආණ්ඩුව වෙනස් වෙන මැතිවරණයකට යන්න එපා කියලා.'' ''මහින්ද රාජපක්ෂ මහතාට ඒ ලිපිය මම ලියලා පක්ෂයේ ප්‍රධානීන්ටත් දුන්නා. අපේ හඬ ඇහුවේ නෑ. මැතිවරණයකට ගියා. එහෙම නම් ඒ පවත්වපු මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රීලනිප ලේකම්වරයා අතට ගත්ත එක වැරදිද කියලා මම අහනවා." ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා වර්තමානයට ගැළපෙන පරිදි පක්ෂය සකස් කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 'පොදු අපේක්ෂකයා' ''පක්ෂයේ පළමු නායකයා අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා. දෙවැනි නායිකාව ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ කළා. තුන්වැනි නායිකාව යුද්ධයේ ගොදුරක් වෙලා ආබාධිත වුනා. මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඊළඟ නායකයා යුද ජයග්‍රහණය කළා. ඊට පස්සේ පක්ෂය මට බාර ගන්න කිව්වා.'' තමා එවක පැවති ආණ්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂක ධුරය සඳහා අත්සන් තැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ. ''මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා කිසිවෙක් මාත් එක්ක ගිවිසුමක් අත්සන් කළේ නෑ." ''පැල්පතෙන් කුඹුරෙන්'' ආ තමාට පහර දෙන්නේ ගොවි පුතෙකු නිසා දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. "සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් නිසාද එහෙම කරන්නේ?'' 'පැල්පතෙන් ජනපති පුටුවට' 'මම ධනපති පන්තියේ නොවන නිසාද මට ගහන්නේ. මගේ තාත්තා ගොවියෙක් නිසාද මට ගහන්නේ. මගේ තාත්තගේ ඉඩම් අක්කර පහෙන් යැපිලා සියලු වගකීම් එක්ක ඉදිරියට ආපු පුංචි මිනිහෙක් හින්දද කියලා මම අහනවා." ශ්‍රී ලංකාවට විදේශීය බලපෑම් තිබෙන බවට චෝදනා එල්ල වුවත් තම නායකත්වය තුළ එවැනි බලපෑම්වලට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය. "සමහරු කියන විදියට මේ රටට කිසිදු විදේශීය අත පෙවීමකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම ආවොත් මම ඔළුව පාත් කරන්නේ නැහැ. අපට අවශ්‍ය රටක්, සමගි ජනතාවක්, සිංහල දමිල මුස්ලිම් ජනතාව අත්වැල් බැඳ ගත් සමාජයක්. සෑම කෙනෙකුම සතුටින් ජීවත් වන සමාජයක්." හැටපස් වන පක්ෂ සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ සාමාජිකයන් සහභාගී වූ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද එක් වී සිටියහ. සංවත්සර උළෙල සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී නොසිටියහ.
හරිත පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු කොළඹදී රඳවා තබා ගැනීම පිලිබඳ කරුණු සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බව මන්ත්‍රීවරියෝ පවසති ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකා ලී රියනන් සහ නවසීලන්ත මන්ත්‍රීනී ජෑන් ලෝගී ඉරිදා මාධ්‍ය වේදීන් සහ පුරවැසි කණ්ඩායම් නියෝජිතයන් මුණ ගැසෙමින් සිටිය දී ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත්‍ර අත් අඩංගුවට ගෙන පැය තුනකට අධික කාලයක් රඳවා තබා ගෙන සිටි බව සෙනෙට් සභික වරිය ගේ කාර්යාලය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අවස්ථාවක සිදු කැරුණු මේ රඳවා තබා ගැනීම සමුළුව සම්බන්ධ 'විශාල උද්යෝගයට' හානිකර නොවන බවයි ජීඑල් පීරිස් අමාත්‍යවරයා බීබීසී සංදේශයේ අසාම් අමීන්ට හම්බන්තොට දී ප්‍රකාශ කළේ. 'නීති උල්ලංඝනය කරලා' ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා පවසන්නේ මන්ත්‍රී වරියන් වීසා නීති උල්ලංඝනය කොට ඇති බවයි. දෙදෙනාම සංචාරක වීසා බලපත් ලබා රටට ඇතුල් වී නීති උල්ලංඝනය කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව ආගමන විගමන පාලකයා පවසයි. ලී රියනන් සෙනෙට් සභිකාව පෙරලා සියරට බලා ගුවන් ගතවූ බව පවසන ඇගේ මාධ්‍ය ප්‍රකාශිකා බ්‍රාමි ජෙගන් කියා සිටින්නේ සංචාරයට පළමු ඒ බව ශ්‍රී ලංකාවේ රජයටත් ඕස්ට්‍රේලියාවේ විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවටත් දැනුම් දී තිබුණු බවයි. ශ්‍රී ලංකාවේ කරුණු සොයා බැලීමේ මෙහෙයක නිරත වූ තමන්ට රටේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බවයි මන්ත්‍රී වරියන් දෙදෙන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ. එසේ හෙයින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ නො පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රජයට ඉදිරි වසර දෙක තුලදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය හිමි නොවිය යුතු බවත් ඔවුහු පවසති. සඳුදා සිඩ්නි ගුවන් තොටුපලේදී දී ජනමාධ්‍ය වේදීන් හමුවන ලී රියනන් තමන් හෙළි කරගත් තොරතුරු මේ සතියේ දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඇගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව ලෙස ඊයේ සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් සිදුවිය.
උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේශ්වරන් නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා රැස්වීමේදී පත්වූ කථානායකට සුබපැතුම් එක් කරමින් උතුරු පළාත් හිටපු මහඇමති සී.වී විග්නේශ්වරන් කළ ප්‍රකාශයේ "දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව" හැටියට සදහන්ව ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදි බව සමගි ජන බලවේගයෙන් පත්වූ මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී රීති ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ''අපි පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙද්දී මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ වගේම ඒ සඳහා මුදලින් හෝ අනියමින් අධාර අනුබල දීම සිදු කරන්නේ නෑ කියලා දිවුරුවා. නමුත් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ රටේ යුද්ධය අවසන්කරලා, මේ රටේ නිජබිම් සංකල්පය ඇතුළු සංකල්ප පැත්තකට දාලා මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් විදියට පිළිගන්න තැනකට මේ රටම ඇවිල්ලා තියෙන වෙලාවක මේ ගරු පාර්ලිමේන්තුවේ නැවත වතාවක් දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව හැටියට මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා," යැයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය. "ඒක මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. තම තමන්ට මත තියෙන්න පුළුවන්. නමුත් ඒ මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. කරුණාකරලා ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න." යැයි ද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායක පැවසුවේ තමා ඒ ගැන සොයා බලන බවය. ඊයේ පත්වූ කථානායකට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සුබපැතුම් එක්කරමින් ප්‍රකාශ කිරීමේදී සී.වී විග්නේශ්වරන් තම කතාව ආරම්භ කළේ "ලොවේ මේ වන විට භාවිතා වන පැරණිම භාෂාවෙන්, සහ මේ රටේ පළමුවන ස්වදේශිකයන්ගේ භාෂාව පසුව සම්බන්ධක භාෂාව වන මාගේ මවු භාෂාවෙන් ඔබට ආචාර කරමි" යනුවෙනි. එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් ලෙස ප්‍රසිද්ධ අතර එයින් වෙන්වී අලුතෙන් පිහිටුවාගත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙම ස්ථාවරය ගැනීම පක්ෂය අලුත් මාවතකට යොමුවීමක් දැයි විමල්සිලිමත් වන බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට රටේ ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට 2015 ජනවාරි අටවෙනි දින ජනාධිපතිවරයාට පැහැදිලි ජනවරමක් ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරමිනි. අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි අගමැතිවරයා සඳහන් කළේ. ජනාධිපති ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිණාමය අගමැති රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ අතර ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ කිසිදු ව්‍යවස්ථාවකට ‘ජාතික සංහිදියාව’ ශක්තිමත් කිරීමට නොහැකිවූ බවයි. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ගලේ කොටන ලද දෙයක් ලෙස නොවෙනස්ව පැවතිය යුතු යැයි තමා විශ්වාස නොකරන බවයි’ ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද්ධය ජයග්‍රහණය කිරීමට විධායක ජනාධිපති ධුරය ඉවහල් වූ බව පවසමින් තවදුරටත් එම පදවිය පවත්වා ගත යුතු බවට තර්ක කරන කණ්ඩායම් වලට ප්‍රශ්නයක් යොමු කළ ජනාධිපතිවරයා ‘ඉදිරි කාලයෙහි මේ රට තුළ තවත් යුද්ධයක් බලාපොරොත්තු වන්නේදැයි’ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. තවත් යුද්ධයක් අවශ්‍යද? උතුරේ සහ දකුණේ ජනතාව එක් කිරීමට ගන්නා උත්සාහයේ දී ඒ සම්බන්ධයෙන් ලබා ඇති දිගු කාලීන අත්දැකීම් සැලකිල්ලට ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබිඹු කෙරෙන ආකෘතියක් රටට ගැළපෙන ‘සුන්දර ව්‍යවස්ථා දරුවකු’ බිහි කිරීම තම රජයේ අවශ්‍යතාව වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට කිසිදු විදේශීය බලපෑමක් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ‘අසත්‍ය ප්‍රකාශ කරමින් රට තුළ නොසන්සුන්භාවයක් ඇති නොකරන ලෙස ඉල්ලීමක් ද කළේය. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු විවාදයකට යොමු කරමින් සම්මත කර ගන්නා බවයි රජය පවසන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක දී පුරුෂ කණ්ඩායම්වලට සහ කාන්තා කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව ක්‍රීඩිකාවෝ පවසති අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ඒ බව ප්‍රකාශ කළේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පුරුෂ කණ්ඩායම්වලට සහ කානතා කණ්ඩායම්වලට වෙනස් පහසුකම් ලබාදීම පිළිබඳව බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. "(උදාහරණයක් විදියට) වයස අවුරුදු 19 න් පහල තරඟාවලියක දී ක්‍රීඩකයන්ට ලබාදෙන පන්තියේ නෙවෙයි ප්‍රධාන ලෝක ශූරතාවලියක දී ක්‍රීඩකයෝ ගමන් කරන්නේ. ඒ නිසා කාන්තාවන්ට සමාන පන්තිවල ගමන් පහසුකම් ලබාදීම ඇතුළු සමාන තත්ත්වයෙන් සැලකිය යුතුයි කියන ප්‍රතිපත්තියට මම එකඟවෙන්නේ නෑ," ඔහු පැවසීය. ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez ) ශ්‍රී ලංකාව සමඟ පැවති සමාරම්භක තරඟයෙන් අනතුරුව ගාල්ලේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය. පුරුෂයන්ට විශේෂ සැලකිලි ඇය ඒ අදහස පළ කළේ අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩිකාවන්ට සහ පුරුෂයන්ට සපයන පහසුකම් පිළිබඳව එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් පළකොට තිබූ අදහස් පිළිබඳව බීබීසී සංදේශය ඇගේ මතය විමසූ අවස්ථාවේදී. 'කාන්තාවන්ට සමාන තත්ත්වයෙන් සැලකිය යුතුයි කියන ප්‍රතිපත්තියට මම එකඟවෙන්නේ නෑ' විශේෂයෙන්ම ක්‍රීඩකයෙකුගේ දිනෙක වියදම් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 61 ක් වෙන්කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩිකාවන් සඳහා ලබා දෙන්නේ පවුම් 37 ක මුදලක් පමණ බව බීබීසී ක්‍රීඩා වෙබ් අඩවිය පෙන්වා දී තිබිණ. එමෙන්ම ක්‍රීඩකයන්ට ව්‍යාපාරික පන්තියේ ආසනවල ශ්‍රී ලංකාවට ලඟා වෙද්දී ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය පන්තියේ ආසන වෙනකොට තිබූ බව බීබීසීයේ ඇලිසන් මිචල් වාර්තා කළාය. මේ තත්ත්වය ඉතා ඉක්මනින්ම වෙනස් කිරීමට අයිසීසීය ක්‍රියාකරනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව එංගලන්ත කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පවසා තිබිණ.එමෙන්ම තරඟ ජයග්‍රාහකයන්ට පිදෙන ත්‍යාග මුදල් අතරද විශාල වෙනසක් තිබේ. එහෙත් එංගලන්ත කණ්ඩායමේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකාව තමන්ට ලැබුන පහසුකම් පිළිබඳව පැමිණිලි කොට නැති බව පවසන ජගත් පාලක මණ්ඩලය, සැබවින්ම සිදුවූයේ ලෝක කුසලානයද පුරුෂ කුසලානය හා සමාන්තරව පැවැත්වීම සම්බන්ධයෙන් එම නායිකාවන් ප්‍රසාදය පළ කිරීම බවද පවසයි. "තමන්ට ලැබුන පහසුකම් ගැන කාන්තා කණ්ඩායම්වල නොසතුටක් තිබුන කියල කියන්න හදන එක සම්පූර්ණයෙන්ම වැරදියි," බව පවසන අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියා තවදුරටත් අදහස් දක්වමින්: "මේ තරඟාවලි වලදී වෙන වෙනමයි අය වැය සකස් කරන්නේ. නමුත් කාට හරි මේ ගැන විවේචනයක් හරි චෝදනාවක් හරි තියෙනවනම් ඒ ගැන පැමිණිලි කිරීමේ ක්‍රියාදාමයක් තියෙනවා," යනුවෙන් ද සඳහන් කළේය. ප්‍රවේශපත් වැඩි මුදලට විකිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද විස්සයි විස්ස ලෝක කුසලානයේදී ප්‍රවේශපත් වැඩි මුදලට විකිණීම හා සම්බන්ධ බවට එල්ලවන චෝදනා තමන්ටද අසන්නට ලැබුන බව පවසන ඩේවිඩ් රිචඩ්සන් එම චෝදනා පිළිබඳව විමසා බලා අවශ්‍ය නම් පරීක්ෂණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවද සඳහන් කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව අයිසීසීය සාර්ථක විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වූ බව තමා විශ්වාස කරන්නේ යයිද ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා බීබීසී සංදේශයට කියා සිටියේය. "ආදායම් පිලිබඳ සහ ප්‍රේක්ෂකයන් පිලිබඳ දත්ත අපි තවමත් එකතු කරමින් ඉන්නේ. ඒ දත්ත ලැබුනාම වාර්තාවක් සකස් කෙරේවි. නමුත් මේක ඉතා සාර්ථක උළෙලක් කියන එක තමයි අපේ මූලික නිගමණය," ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අදහස් පළ කිරීම මැඩලීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක බී සී සංදේශයට ප්‍රකාශ කළේය.
සාධාරණත්වය ඉටු කර ගැනීමට සඳහා මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් නගන හඬ යටපත් කෙරෙන වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන බව පවසමින් ඇම්නස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් පිළිබඳව කරුණු දැක්වූ මොහාන් සමරනායක කියා සිටියේ, විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් කණ්ඩායම් වලට රජය විවේචනය කිරීමට ඉඩ ලැබී ඇති අතර තවත් කණ්ඩායම් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරය වෙත කරුණු දැක්වීමට සුදානම් වෙමින් සිටින බවයි. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නව නීදන් පිල්ලෙයි වාර්තාව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි කී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක රට තුළ මර්ධනකාරී පිළිවෙතක් ක්‍රියාත්මක වේ නම් මෙවැනි දේ සිදු වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ආණ්ඩුව දිගින් දිගටම අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම් පත් කළත් ඒ පිළිබඳ ව වාර්තා ප්‍රසිද්ධ නො කිරීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය නගන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට මොහාන් සමරනායක කියා සිටියේ යුද්ධය හමාර වී තවමත් ගෙවී ඇත්තේ පස් වසරකත් තරම් අඩු කාලයක් බවයි. එම කාලය තුළ රජයට එකවර ප්‍රශ්න රාශියක් සමග පොර බැදීමට සිදු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි. ඉහත කරුණු විභාග කිරීම සඳහා කොමිසමක් පත් කළ අතර දැන් අලුතින් පත් කොට ඇති කොමිසම අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විභාග කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දීර්ඝ යුද්ධයක් නිමාවේ ඉතිරි වෙන දුෂ්කර ගැට‍ළු විසඳීම සඳහා කාලයක් ගත වෙන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක වැඩිදුරත් කියා සිටියේය.
පසුගිය ජනපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව දියත් කළේ 'විප්ලවයක්' බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවාසීන්ට එම විප්ලවයේ ප්‍රතිඵල නෙලා ගැනීමට මඟ අහුරන බවට සිය ප්‍රතිවාදීන්ට චෝදනා කරයි.
"මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක්" එහෙත් එම බාධක නොතකා ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට තමන් අදිටන් කරගෙන සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. නව රජය බලයට පත් වී දින සියයක් ඇතුලත රටේ දැවැන්ත වෙනසක් සිදු කොට තිබෙන බව පවසන ඔහු, එමෙන්ම බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැංවීමට සිය රජය සමත් වූ බවත් සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ නව රජය බලයට පත් වී දින සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතිය අමතා කතා කරමින්. වහල් යුගය "ජනවාරි අට වෙනිදා මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ," ඔහු පැවසීය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි. එහෙත් එම 'විප්ලවය' තුලින් ලැබූ නිදහස සහ සැබෑ ප්‍රජාත්නත්‍රවාදය භාවිතා කිරීමෙහිලා 'ඇතැම් අයගේ' ක්‍රියාකලාපය සලකා බැලීමේදී විප්ලවයකට පසුව සිදුවන ප්‍රතිවිප්ලවය සිය මතකයට නැගෙන බව ජනපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර ඉතිහාසයෙන් උදාහරණ ගෙන හැර පාමින්. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි. "ඒ මොකද නිදහස භුක්ති විඳිමින් ස්වශක්තියෙන් මිනිසෙක් විදියට ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා, කෙනෙක් යටතේ සේවය කරලා, වහලෙක් විදියට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන එක ඒ ලැබූ නිදහසට වඩා හොඳයි කියල තමා සමහර වහලුන් කල්පනා කළේ." එය මානවයාගේ සාමාන්‍ය හැසිරීම බව පවසන ජනාධිපතිවරයා, බලයට පත්වීමෙන් අනතුරුව සිය පාලනය ක්‍රියාත්මක කළ බොහෝ දේ 'ඇහැට පෙනෙන, අතට අසුවන' දෑ නොවන නමුත් රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කෙරෙන ඉතා වැදගත් ක්‍රියාකාරකම් බව අවධාරණය කළේය. ජාතිවාදීන් නව රජය විසින් ලබා දෙන ලද මාධ්‍ය නිදහසට මුවා වී රටේ ජාතීන් අතර සමගිය බිඳ දැමීමේ අරමුණින් ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. “සම්පූර්ණයෙන්ම මේ කතා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදීන්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා.” යුද්ධය සමයේ ආරක්ෂක හමුදා උතුරේත්, දකුණේත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අත්පත් කරගත් බව රහසක් නොවේ යයි පවසන ජනාධිපතිවරයා, එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ඒවා යළිත් පවරාදීම ‘වරදක්’ දැයි ප්‍රශ්න කළේය. එය සිදු කරන්නේ ජාතික ආරක්ෂාවට අනතුරක් සිදු නොවන ආකාරයට බව ඔහු අවධාරණය කළේය. තමන් දුර්වල පාලකයකු බවට විවේචකයන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දුන් ඔහු: “ඒ සියලු විවේචකයින්ට මම කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයෙක් සතු අසීමිත බලතල මම පාවිච්චි කළේ නෑ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා විධායක ජනපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කරනවා කියලා,” යනුවෙන් පැවසීය. එම ව්‍යවස්ථා සංශෝධන සම්මත කොට රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ කිර්යාදාමයට දායක වන මෙන් ඔහු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. “මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා. දූෂණ වංචා අවම කිරීමට ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීමට මම ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.” ‘යහපත්, ශීලාචාර, වැදගත්’ සමාජයක් ඇතිකරමින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු රටක් ගොඩනගමින් එකමුතුව සහෝදරත්වයෙන් ඉදිරියට යාමට තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු රටවැසියන් ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ.
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් විය. නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු කොමිසම් ඇගයුම් වාර්තාවේ සඳහන්. දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සාගර සම්පත් කටයුතු භාර යුරෝපා කොමසාරිස්වරිය මරියා දමනකි බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය. සිහි කැඳවීමක් නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. ‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය. විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාදයක් පැවතුණි.
යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් 'මෙගා' මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට චෝදනා බීබීසී සංදේශය විසින් සිදු කරන ලද විමසීමක දී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ඉහත කී රිය ගැටුම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි තුනක් ඉදිරිපත් වී තිබෙන බවයි. ඉන් පැමිණිලි දෙකක් ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, ඇමතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරනු ලැබ ඇති බවයි. අතුරු වාර්තාවක් එසේම මාර්තු දහ වෙනි දින විට ඒ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. මේ අතර ඇමතිවරයාට එරෙහි පැමිණිලි විකෘති කර ඇති බව පවසමින් නීතිවේදියකු විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු පැවසීය. අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇද්දැයි බීබීසිය විමසනු ලැබුනත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණි. පාඨලී චම්පික රණවක ඇමතිවරයාට එරෙහි පැමිණිලි මගින් ප්‍රකාශ වන්නේ ඔහු විසින් පදවන ජීප් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයකු දරුණු තුවාල ලද අතර ඇමතිවරයා එම ස්ථානයෙන් පළා ගිය බවයි. ජීප් රථය පැදවූ බවට තමාට එල්ල කෙරෙන චෝදනා පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
උතුරු නැගෙනහිර පළාත් එක් කොට ඒකීය රටක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලනයකට යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙනු ඇති බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් බලාපොරොත්තු පළ කරයි.
විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය රට නොබෙදා බලය බෙදා හැරෙන ෆෙඩරල් විසඳුමකට වත්මන් රජයෙන් වැඩි අවස්ථාවක් ඇති බැවින් එම අවස්ථාව කඩාකප්පල් වන ආකාරයට කටයුතු නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සිය පක්ෂය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති ඉහත කී සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය. එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසකගේ අවධානය යොමු වී ඇත්තේ ෆෙඩරල් ක්‍රමයකට ආණ්ඩුවෙන් සහාය නොලැබුනොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි අනෙකුත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. ආණ්ඩුවේ ගමන් මඟ කුමක්දැයි යන්න පළමුව විමසා බලා ඊළගට ගත යුතු තීරණය සලකා බැලිය හැකි බව එහිදී විපක්ෂ නායක සම්බන්ධන් පවසා ඇත. උතුරු පළාත් සභාවේ බොහෝ මන්ත්‍රීවරු පවසා ඇත්තේ ජාතික ගැටලුවට ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුවේ සහාය නොලැබෙන්නේ නම් විදේශ රටවල සහාය ලබාගෙන ඒ සඳහා ආණ්ඩුවට දැඩි විශාල බලපෑමක් එල්ල කළ යුතු බවයි. විපක්ෂ නායකවරයා හමුවීමට යාපනයේදී හා කිළිනොච්චියේදී රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් රැසක් පැමිණි අතර රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වී නිදහස ලද එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක්ද පැමිණ ඔවුන්ගේ ගැටළු ද විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කොට තිබේ. ස්ථිර රැකියා නොමැතිකම, ආර්ථික ගැටළු සහ දේශපාලනයේ නියැලීමට දෙමළ ජාතික සන්ධානය හරහා සෘජු අවස්ථාවක් සලසා දෙන ලෙස වූ ඉල්ලීම් කීපයක් ඔවුන් විසින් විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් කරනු ලැබ තිබේ.
තායිලන්තයේ හමුදාපතිවරයා, එරට දේශපාලන අර්බුදයේ කොටස්කරුවන් වී සිටින සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයන් සමග පැවැත්වූ සාකච්ඡා නිම වූ බව වාර්තා වේ.
හමුදාපතිවරයා රටේ දේශපාලන නායකයන් හමු වන්නේ පසුගිය අඟහරුවාදා සිට තායිලන්තය පුරා හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි. තායිලන්ත ආණ්ඩුවේ නායකයන්, උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ කථානායකවරයා සහ ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ වල යෙදී සිටින කණ්ඩායම් දෙකේ නායකයන් හමුදාපතිවරයා සමග සාකච්ඡා වලට සහභාගී විය. සාකච්ඡා නිමාවට පත් ව ඇත්තේ අවසාන තීරණයකින් තොරවයි. ආපසු නිවෙස් වලට ගොස් රට තුල උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිරාකරණය කර ගත හැක්කේ කෙසේද යන්න ගැන සිතා බලන මෙන් හමුදාපතිවරයා සාකච්ඡාවට සහභාගී වූ කණ්ඩායම්වලින් ඉල්ලා සිටි බවයි තායිලන්ත වාර්තා මගින් පැවසෙන්නේ. තායිලන්ත හමුදාව ආරක්ෂක කටයුතු වල පමණක් නිරත වේද නැතහොත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි රටේ පාලන බලය ඔවුන් අතට ගනී ද යන්න මෙම සාකච්ඡාවෙන් පසු පැහැදිලි වනු ඇති බවයි බීබීසී වාර්තාකරු කියා තිබුණේ. මේ අතර පල වී ඇති වාර්තාවකින් පැවසෙන්නේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ඉල්ලා සිටි පරිදි නව මහ මැතිවරණයක් පැවැත්වීමට තායිලන්ත මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බවයි. වාර්තාකරුවන් පවසන්නේ තායිලන්තය පාලනය කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න පැහැදිලි නැති බවයි.
ළමා ලිංගික අපචාර පිටු දැකීම සඳහා අධිෂ්ටාන සහගත වන මෙන් පළමු ප්‍රැන්සිස් පාප්වහන්සේ රෝමානු කතෝලික සභාවෙන් ඉල්ලා සිටියහ.
ඇතැම් දේවගැතිවරුන් විසින් සිදුකරන ලද ලිංගික අපචාර නිසා කතෝලික සභාව දුෂ්කර තත්වයකට පත්ව ඇති කාල වකවානුවකයි, පාප්වහන්සේට පදවිය භාර ගැනීමට සිදු වුනේ පාප් පදවියට පත්වීමෙන් පසු උන්වහන්සේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි. සිය ප්‍රධාන දේවධර්මාචාර්ය වරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළකළ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ, ඉහත කී ආකාරයේ ඕනෑම අපරාධයක් කරන්නවුන් විසින් ඔවුන්ගේ ක්‍රියාවන්හි වගකීම භාරගත යුතුව ඇති බව සඳහන් කළහ. ආගමික සභාව කෙරෙහි ඇති විශ්වාසය පවත්වා ගැනීම අතින් එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලැබීම ඉතාම වැදගත් බවයි, පාප්වහන්සේ සඳහන් කරන්නේ. ඇතැම් දේවගැතිවරුන් විසින් සිදුකරන ලද ලිංගික අපචාර රාශියක් නිසා කතෝලික සභාව දුෂ්කර තත්වයකට පත්ව ඇති කාල වකවානුවකයි, පළමු ප්‍රැන්සිස් පාප්වහන්සේට පදවිය භාර ගැනීමට සිදු වුනේ.
සිරියාවේ ගැටුම් සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පූතින් එළඹෙන සතියට යොදා තිබූ සිය ප්‍රංශ සංචාරය අවලංගු කර තිබේ.
ජනාධිපති පූතින් මේ මාසය අගදී ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිතව සිටියේය රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලෝන්ද් සමඟ හමුවක් සංවිධානය කර තිබූ අතර ප්‍රංශයේ පිහිටි ඕතඩොක්ස් පල්ලියක් විවෘත කිරීමටද කටයුතු යොදා තිබිණි. දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සිරියානු අර්බුදයට පමණක් සීමා වනු ඇති බව ප්‍රංශ ආණ්ඩුව නිවේදනය කිරීමත් සමග රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කොට ඇති බවයි ප්‍රංශය ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ. අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර පිළිබඳව ප්‍රංශයේ දැඩි අවධානය සිරියාවේ අලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට යුද අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදු වෙතැයි ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් සඳුදා පැවසීය. මේ අතර අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින දිස්ත්‍රික්ක ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම රුසියානු ප්‍රහාරක යානා නැවත ආරම්භ කර ඇති බව වාර්තා වේ. රුසියාවේ වෙනත් ප්‍රදේශවලින් ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අතර අයිඑස් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී දස දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.
අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.
වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා මතු වී තිබෙන මහඟු අවස්තාව අහිමිවීමේ අවදානමක් පවතින බව ද මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඒ බව සඳහන් වෙන්නේ, 2002 සිට 2011 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිකුත්කළ වාර්තාවකය. එහෙත් අදාළ විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් සම්බන්ධ කරනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිපවතාවක්ම අවධාරණය කළේය. 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට වඩා මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ නව ව්‍යවස්ථාව හඳුන්වාදීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පසුගියදා සඳහන් කළාය. මානව හිමිකම් ක්ෂේත්‍රයේ සහ ව්‍යවස්ථාමය සංශෝධන විෂයයෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ වාර්තාව, කෙසේ නමුත් සංක්‍රමනීය යුක්තිය ඉටුකිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සහ ආයතන පිහිටුවීම විෂයයෙහි ලබා ඇති ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් සඳහන් කරයි. පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාස තුන ඇතුළත අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමට හැකිවනු ඇතැයි ජිනීවා නුවර සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත මනෝ තිත්තවැල්ල සඳහන් කළේය. පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය පරිවර්තනීය යුක්තිය ඉටුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී යට පැවසීය. එහෙත් දේශපාලන පක්ෂ අතර පවතින කඹඇදීම් හේතුවෙන් වගවීම වැනි දුෂ්කර කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අදිමදි කිරීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයයි. ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රසංශාවට ලක් වී තිබේ. ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රසංශාවට 7000 කට අධික ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අදහස් විමසා කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද වාර්තාවේ නිගමණ ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරන මහකොමසාරිස්වරයාගේ කාර්යාලය, තවත් ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ. මහකොමසාරිස්වරයාගේ නිර්දේශ අතර: ශ්‍රී ලංකාව සම්බන්ධ මහකොමසාරිස්වරයාගේ වාර්තාව ලබන මාර්තු 22 වෙනි දින මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වලින් කියවෙන්නේ ලෝක ජනගහනයෙන් පෙර නොවූ විරු ජන සංඛ්‍යාවක් තම මාතෘ භූමියෙන් පිටත පදිංචිව සිටින බවයි.
මේ අනුව ලෝක ජනගහනයෙන් තිහෙන් එකක් සංක්‍රමණිකයින් වන අතර, මෙම සියවස ආරම්භයේ සිට මෙම සංඛ්‍යාව තුනෙන් එකකින් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි. සංක්‍රමණය වන්නන් අතර විශාලතම කණ්ඩායම දකුණු ආසියානු සම්භවයක් ඇති රැකියා කළ හැකි වයසේ පුරුෂයන් බවත් එම වාර්තාව පවසයි. සංක්‍රමණිකයන් හාර කෝටි හැට ලක්ෂයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් ඇති අතර විදේශිකයන් අතරේ වඩාත් ජනප්‍රිය රට ද ඇමෙරිකාවයි. සියයට හැටක් බටහිර රටවල ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගෙන් සියයට හැටක් දිවි ගෙවන්නේ දියුණු බටහිර රටවල බව ද එම වාර්තාවේ සඳහන් කොට ඇත. රට හැර යන්නන් අතර දෙවැනි ජනප්‍රිය දේශය වී ඇත්තේ රුසියානු සමුහාණ්ඩුව වන අතර, එක් කෝටි එක් ලක්ෂයක විදේශිකයන් පිරිසක් රුසියාවට පැමිණ සිටින බව එක්සත් ජාතීන් ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ. යුද්ධ බොහෝ ජනයා රට හැර යාමට හේතුවක් ලෙස පෙනී ගියත්, දේශපාලන රැකවරණ පතා එන යුද අනාථයින් මුළු සංඛ්‍යාවෙන් සියයට හතක් වැනි සුළු පිරිසක් බවයි,එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙන්නේ.
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ.
මෙම විරෝධතා ආරම්භ වුයේ, "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය" යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ ගුරුවරයෙකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුවය. නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි. එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්‍රකාශනයේ නිදහස" අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි. ප්‍රංශයට විරෝධය දක්වමින් පකිස්ථානයේ තෙහ්රීක්-ඊ-ලබායික් නමැති ඉස්ලාමීය සංවිධානය වීදි බැස සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ ප්‍රංශ නිෂ්පාදන පකිස්ථානය තුළ වර්ජනය කළ යුතු බවය. තම ඉල්ලීමට රජය එකඟ වූ බව පවසමින් ඔවුහු එම විරෝධතාවය අවසන් කරන බව නිවේදනය කළහ. අවම වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේවත් අත්සන් සහිත එකඟතා ගිවිසුමක පිටපතක් මෙහිදී ඔවුහු ප්‍රදර්ශනය කළහ. නමුත් මෙම ප්‍රශ්නය තවමත් නිරාකරණය වී නොමැති බවට පකිස්තානු රජය ඇඟවීමක් කළේය. යම් හෙයකින් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක් බලපැවැත්වේ නම් එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් රජය තහවුරු කර නැත. "මේ මොහොත වන විට පකිස්තානය තීරණයක් අරගෙන නැහැ. වෙලාව ආවම මාධ්‍ය දැනුවත් කරනවා." යැයි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සහිඩ් හෆීස් චෞද්රි, බීබීසී උර්දු සේවයට පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කළ දේශපාලන නායකයන් අතර පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ද සිටී. නමුත් ප්‍රංශයට එරෙහිව වැඩි දුර පියවර ගත යුතු බවට දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායම් බල කර සිටිති. එම කණ්ඩායම්වලට සහාය දක්වන පිරිස් වීදි බැස ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන මාර්ග අවහිර කිරීම හේතුවෙන් දැඩි අවහිරතා මතු විය. නමුත් ආණ්ඩුව තම ඉල්ලීම්වලට එකඟ වූ බව තෙහ්රීක්-ඊ-ලබායික් සංවිධානයේ නායකයන් නිවේදනය කිරීමෙන් අනතුරුව වීදි මත වාඩි ලා සිටි පිරිස් ඉවත් වන්නට තීරණය කළහ. ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම ඔවුන් එම නිවේදනය නිකුත් කළේ රජයේ අමාත්‍යවරුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වමිනි. පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම පිළිබඳ තීරණය ගැනීම පාර්ලිමේන්තුවට පවරන බව එම ගිවිසුමේ සඳහන් කර තිබේ. මෙවැනි ගිවිසුමක් පිළිබඳව පකිස්තානු රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. මේ අතර ජනාධිපති මැක්‍රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවෙමින් ඇති අතර මීට සති කීපයකට පෙර බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි. සැමුවෙල් පැටි: ගෙල සිඳ මරා දැමුණු ප්‍රංශ ගුරුවරයා මෙම සංසිද්ධිය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්‍රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇත. "අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය. ''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ, 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාව 2006 වසරේ දී පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය.
ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.
යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බව සංවිධානය පවසයි සිදුවූ යුධ අපරාධ පිලිබඳ වගකිවයුත්තන් සොයා බලා වරද කරුවනට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රියාත්මක වීමට එරෙහි වන බවට ශ්‍රී ලංකා රජය වෙත චෝදනා එල්ල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අසමත්ව ඇති බවද පවසයි. බිහිසුනු යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බවත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා පවසයි. අතුරුදන්වූ සංඛ්‍යාව යුද්ධය පැවැති වකවාණුව තුල අතුරුදන්වූ සංඛ්‍යාව දහස් ගණනක්. මෙම සංඛ්‍යාව දස දහසකට වැඩි බවට තොරතුරු ලැබී ඇති බවයි, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ. කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් පවසන පරිදි මෙම සංඛ්‍යාව හතලිස් දහසක්. "මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ප්‍රකාශ කරන්නේ එක්ලක්ෂ හතළිස් දහසක් අතුරුදන්ව ඇති බව. උන්වහන්සේ පූජනීය නායකයෙක්. එතුමා නිකරුනේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ. ඒ නිසා රජය මේ පිළිබඳ පැහැදිළි කිරීමක් කළ යුතුයි," එක්සත් සමාජවාදී පක්ෂයේ මහ ලේකම් සිරිතුංග ජයසුරිය මේ අතර කියා සිටියි. පැහැරගෙන යාමට ලක්වූවන් මෙන්ම ආරක්ෂක හමුදාවන් වෙත භාරවූවන් මෙලෙස ආගිය අතක් පිලිබඳ තොරතුරක් නැති පිරිස් අතර වන බව උතුරේ සංචාරය කරමින් බීබීසී සංදේශය වෙනුවෙන් තොරතුරු සෙවූ දිනසේන රතුගමගේ හමුවූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පැවසූහ.
විටෙක, වචන සිය ගණනක කතාවක් එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. තවත් විටෙක, තම හදවතට වඩා සංවේදී වන්නේ වචන නොව, ඡායාරූපයකි.
2017 දී ලොව නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන්ගේ ඡායාරූප පෙළක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. ක්‍රිස්තියානි භක්තිකයන් බෞතීස්ම කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජෝර්දාන ගගේ කුආසර් එල්- යහුද් (Qasr El-Yahud) නම් ප්‍රදේශයේ දී එරිත්‍රියානු ජාතික, ඕතඩොක්ස් ක්‍රිස්තියානි බැතිමතෙකු බෞතීස්ම කරන දර්ශනයකි. මෙම ප්‍රදේශයේ දී ජේසුස් වහන්සේ ජෝන් ද බැප්ටිස්ට් විසින් බෞතීස්ම කළ බවට ක්‍රිස්තියානු භක්තිකයෝ විශ්වාස කරති. මෙම ස්ථානයේ සංවේදී බව සලකා ඊශ්‍රායල ආණ්ඩුව සහ පලස්තීන බලධාරීන් අතර ගිවිසුමකින් සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලි 7ක අනුමැතියෙන් අමුත්තන්ට ඇතුළු වීමට අවසර දී ඇත. ඇමරිකාවේ 45 වැනි විධායක ජනාධිපති ලෙස ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ජනවාරි 20 වන දින ධවල මන්දිරයේ සිට දිව්රුම් දුන් අවස්ථාව. "අමතක" වී ගිය ඇමරිකානුවන් වෙනුවෙන් සටන් වදින බවට සහ "අපගේ රට නැවතත් සශ්‍රීක කරන" බවට ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය. නිරිත දිග ප්‍රංශයේ මොන්ට්-දි-මාසන් (Mont-de-Marsan) ගුවන් කඳවුරේ හමුදා පුහුණුවක් අතරතුර රන්වන් රාජාලියෙකු ඩ්‍රෝනයක් ඩැහැගත් අවස්ථාවක්. බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි රොහින්ග්‍යා සරණාගත දරුවෙකු ආධාර බෙදන ට්‍රක් රථයකට නැගී හඬා වැලපෙන අයුරු. උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් සැප්තැම්බර් මස මිසයිල අත්හදා බැලීමක් නරඹමින්. දිගින් දිගටම සිදු කළ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් සෙසු ලෝකය උතුරු කොරියාව ගැන අවධානයෙන් සිටී. සිසිලි දකුණු දිග දුපතේ පිහිටා ඇති යුරෝපයේ උසම සහ වඩාත්ම සක්‍රිය යමහල වන ඉතාලියේ එත්නා කන්ද, පෙබරවාරියේ දී විදාරණය විය. අගෝස්තු මස පැවැත්වූ ජනාධිපතිවරණය අවලංගු වීමෙන් පසු, ජනාධිපතිවරණය නැවත පැවැත්වීමට පක්ෂව කෙන්යාවේ ජනතාව සිය ඡන්දය භාවිතා කළහ. මෙයින් පසු විශාල උද්ඝෝෂණ හටගත් අතර, පොලිසිය විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින්ට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ තම වාහනයේ කවුළුවෙන් එබී බලන එරට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු වන කලෙබ් අමිසි ලුයායි (Caleb Amisi Luyai) මෙම ඡායාරූපයේ දැක්වේ. මධ්‍යම පෘතුගාලයේ පෙනේලා හි ඇතිවූ ලැව්ගිනි මැඩලීමට වෙහෙසෙන අතර විවේකයක් ලබා ගත් ගිනි නිවන භටයෝ. උතුරු සහ මධ්‍යම පෘතුගාලයේ සරත් සමයේ දී ඇතිවූ මෙම ගින්නෙන් 30 කට අධික ප්‍රමාණයක් මිය ගිය අතර තව විශාල පිරිසක් තුවාල ලැබූහ. 2017 ඔස්කාර් සම්මාන උළෙලේ තිරයෙන් පිටුපස සිටීමට අවසර දී ඇත්තේ ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුට පමණය. එමා ස්ටෝන් ඔස්කාර් සම්මානය දිනූ පසු ඇය සහ ලියනාඩෝ ඩිකැප්රියෝ අතර මෙම අතිශය පෞද්ගලික මොහොත ක්‍රිස්ටෝපර් පෝල්ක් ගේ කැමරාවේ මෙසේ සටහන් විය. මෙය 1950 දශකයේ ගත් ඡායාරූපයකට සමාන බව පැවසේ. බෙයිජිං නුවර පැවැත්වූ චීන කොම්යුනිස්ට් පක්ෂයේ 19 වෙනි ජාතික සම්මේලනයේදී රටේ මීලග පාලකයා සහ එහි ඉදිරි ක්‍රියාවලිය තීරණය කෙරිණ. සිඩ්නි නුවර ජනප්‍රිය බොන්ඩි වෙරළ තීරයේ දිය මත ලිස්සා යන්නෙකු සමබරතාව ගිලිහී ඔහුගේ ලෑල්ලෙන් ජලයට වැටෙන අවස්ථාවක් රයන් පියර්ස්ගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි. ඔහු මහා ජල කඳන් සමග පොර බදිනවා දකින විට, ස්වභාව ධර්මයට දෛවය පාලනය කිරීමේ කෙතරම් බලයක් තිබේ දැයි නොසිතෙන්නේද? ඕස්ට්‍රේලියානු ටෙනිස් තරගයක් අතරතුර සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල්ගේ නාසය උඩ සලබයෙකු වසා සිටි මොහොත. පිලිපීනයේ මරාවි නගරයට ආසන්නයේ, කැටී මලන්ග් මිකුනුග් (Katty Malang Mikunug) තම විවාහ උත්සවය දිනයේ සිය යෙහෙලියන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින්. මැයි මස ප්‍රහාරයෙන් පසු මෙම නගරයේ එක් කොටසක් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් විසින් අත් කර ගනු ලැබීය. මෙම ඡායාරූපය තෙල් සායම් චිත්‍රයකට සමාන බව පැවසේ. 'කළු සිකුරාදා' (Black Friday) දිනයේ බ්‍රසීලයේ සවෝ පව්ලෝ (Sao Paulo) නුවර සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍ර මිලදී ගැනීමට පොරකන ජනකාය. ඇමරිකාවෙන් ආරම්භ වුන 'කළු සිකුරාදා' දිනය, නත්තල් සාප්පු සවාරි පටන් ගන්නා දිනය ලෙසින් සැලකේ. ට්‍රිපොලි නගරයේදී ලිබියානු වෙරළ ආරක්ෂක හමුදාව විසින් බේරා ගත් අනවසර සංක්‍රමිකයෙක්. සිය දහස් ගණනින් අප්‍රිකානු සංක්‍රමිකයන් සහරා කාන්තාරය සහ මුහුදු තරණය කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටිති. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිවිල් ආරක්ෂක භටයන් ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැඳී සිටි උද්ඝෝෂණකරුවන් ඉවත් කරමින්. ජනමත විචාරණයකින් කැටලෝනියාවේ නිදහසට කැමැත්ත පළ වූව ද ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායක අධිකරණය එම ඡන්දය නීති විරෝධී බවට තීරණය කිරීම උද්ඝෝෂණවලට තුඩු දුන්නේය. ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වීමත් සමග ඔහුගේ 37 වසරක පාලනය අවසන් වීම සමරන සිම්බාබ්වේ වැසියන්. සතියක හමුදා පාලන කාලයකින් පසුව එමර්සන් මනන්ගග්වා නව ජනාධිපති පදවියට පත්විය. මෙක්සිකෝ - ඇමරිකා සීමාවේ පිහිටි තාප්පයේ සිදුරකින් ඥාතීන්ට සිය ළදරුවා පෙන්වන පියෙක්. ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දිනයේ දී මෙම සීමාවෙන් වෙන් වුන ඥාතීන්ට නැවත එක් වීමට මිනිත්තු තුනක කාලයක් ලබා දෙනු ලැබිණ. අගෝස්තු 21 වනදා, උතුරු ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය. 1918 න් පසු සිදු වූ මෙය ඇමරිකාවේ මිලියන 7 කට වැඩි පිරිසක් නරඹා තිබිණි. ග්වාතමාලාව මළවුන්ගේ දිනය සමරන අවස්ථාවේ එහි සොහොන් කොත් අතරින් ඇවිද යන තරුණ කාන්තාවක්. මියගිය අයගේ ඥාතීන් ලබා දෙන දේ නිදහසේ භුක්ති විඳීම සඳහා පාට සරුංගල් අහසේ පා කර නරක ආත්ම පලවාහැරීම මෙම උත්සවයේ දී සිදු වේ. වසර 88 ක් ආයු වළඳා මියගිය තායිලන්තයේ භූමිපාල් අතුලතේජ් රජු වෙනුවෙන් පැවති වසරක ශෝක කාලය පසුගිය ඔක්තෝබර් 29 වෙනි දින නිමාවට පත්විය. හැත්තෑ වසරක් තරම් දීර්ඝ කාලයක් පදවිය හෙබැවූ ඔහු ලොව වැඩිම කාලයක් සිහසුන දැරූ රජතුමාය. මේ තොරතුරුද දැනගන්න: ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම
දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට පදවියෙන් ඉවත් කිරීමට තරම් අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක වරදක් කොට නැති බව පවසන ජනරාල් සරත් ෆොන්සේකා එතුමිය කරන ලද එකම වරද දිවි නැගුම පණත රටේ ව්‍යවස්ථාවට අනුකූල නොමැති බව තීන්දු කිරීම පමණක් බවද ප්‍රකාශ කරයි.
'මේ රට පාලනය කරන පුද්ගලයා කියල තියෙනව මීට පස්සේ අග විනිසුරුවරු පත් කරන්නේ වැඩ බලන ආකාරයට පමණයි කියල' එම තීන්දුව පිළිබඳව කෝපයට පත් වී සිටින ආණ්ඩුව අගවිනිසුරු වරියට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ පළිගැනීමේ අදහසින් බවද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයාද වන හිටපු හමුදාපතවරයා සඳහන් කළේය. අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්රීවර්ය් පිරිසක් ඊයේ කථානායකවරයාට ඉදිරිපත් කළ මුත් එහි අඩංගු චෝදනා අනාවරණය කිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. අදාළ දෝෂාභියෝග යෝජනාව සහ පළාත් සභාවල බලතල යලිත් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධ තීන්දුව මෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා සභාවේ ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයද එකිනෙක හා කෙලින්ම සම්බන්ධ සිදුවීම් බව බීබීසී සංදේශයට පැවසූ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය, දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කෙරෙන්නක්ය යන චෝදනාවෙන් ආණ්ඩුවට මිදිය නොහැකි බවද අවධාරණය කරයි. දෝෂාභියෝගය මාර්ගයෙන් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කොට, ඉන් අනතුරුව සියලුම අග්‍ර විනිශ්චයකාරවරුන් වැඩ බැලීමේ පදනම මත පත්කිරීමට සූදානම් වන බවටද සරත් ෆොන්සේකා ආණ්ඩුවට චෝදනා කරයි. වත්මන් අධිකරණ පද්ධතිය යටතේ තමාටද සාධාරණය ඉටුවී නැති නමුත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිණිස පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරනවද නැත්ද යන්න තවමත් තීරණයක් ගෙන නොමැති බව වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කරයි.
වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ලැබීමෙන් පසු තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා බිබිසියට පැවසුවේ. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. නමුත් ඉන් දිනකට පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා නොදුන් බවයි. මෙම වරාය නගරය ඉදිකිරීමෙන් පසු චීනයට සින්නකරව ඉඩම් ලබා දීමට ඇතිවී තිබෙන එකඟතාවට නව රජයේ අනුමැතිය නොලැබෙන බව පැවසූ අර්ජුණ රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ බිම් අගලක් හෝ සින්නක්කරව විදේශ රටකට නොදිය යුතු බව තම මතය මෙන්ම රජයේ මතය බවයි පැවසුවේ. මෙම නගරය ඉදිකිරීමෙන් පසු රටේ ආරක්ෂක තත්වයට බලපාන ආකාරය හා මෙමගින් පරිසර බලපෑම් විය හැකිද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බැලීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එමගින් පරිසරයට යම් බලපෑමක් එල්ලවේ නම් ව්‍යාපෘතිය අවලංගු කිරීමේ දැඩි තීරණය ගැනීමට ද පසු බට නොවන බවයි ප්‍රකාශ කළේ. මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ චීන රජය සමග නොව චීනයේ සමාගමක් සමඟ බව පැවසූ අමාත්‍යවරයා ඔවුන්ගේ අතින් දූෂණ හොරකම් ආදිය සිදුවී ඇති බවට වාර්තාවී ඇත්නම් ඒ පිළිබඳව දැඩි තීරණයක් ගැනීමට සිදු වන බවයි ප්‍රකාශ කළේ
රිමාන්ඩ් භාරයේ පසුවූ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමිලිනී පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධවීමට අද අධිකරණයේදී කැමැත්ත පළ කරයි.
රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් ඇයට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඇය පුනරුත්ථාපන ක්‍රියාවලියේ යෙදවීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය. එම දැනුම්දීම පිළිගත් කොළොඹ මහේස්ත්‍රාත්වරයා පුනරුත්ථාපනය කිරීම සඳහා සැකකාරිය වවුනියාව පූන්තෝට්ටම් කඳවුර වෙත යොමුකරන ලෙස නියෝග කළේය. වසර තුනකට අසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකාර තමිලිනී නිදහස් කරගැනීම වෙනුවට ඇය පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට තීරණය කළේ ඇයිද යන ප්‍රශ්නය තමිලිනී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මංජුල පතිරාජ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඇයට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් නොකොට පුනරුත්ථාපනයට යොමුකිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණයට තමිලිනී එකගත්වය පල කළ බවයි. ඇය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණයට එළඹී බවත් ඔහු ප්‍රකාශ කළේය. 2009 මැයි 17 දා, රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.
සාගර සම්පතට හානිකර ධීවර පන්න ක්‍රම දෙකක් වහාම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තීරණය කොට තිබේ.
චෙන්නායි හි පැවති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා වලින් පසු හැඹිලි දැල් සහ ද්විත්ව ට්‍රෝලින් යොදා ගෙන මසුන් මැරීම නැවැත්වීමට සඳුදා තමිල්නාඩුවේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් පසු ඉන්දීය ධීවරයන් තීරණය කළ බවයි නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් බීබීසී යට කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් සාකච්ඡා වලින් අනතුරුව කියා සිටියේ ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බවයි. ලංකා මුහුදු තීරය ට්‍රෝලර් බෝට්ටුවක් ඉන්දීය ධීවර නායක අරුලානන්දම් ප්‍රකාශ කළේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ධීවර නියෝජිත සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ අයිතිය අහිමි කර ගනු වෙනුවට හානිකර පන්න ක්‍රම අත් හිටුවීම සුදුසු යයි තමන් විශ්වාස කරන බවයි වැඩි දුරටත් සඳහන් කළේ. ට්‍රෝලර් දැල් ඇතුළු තහනම් දැල් පන්න අත් හිටුවීම ලාංකික ධීවරයන්ගේ දැඩි ඉල්ලීමක් වූ බව කී යූ අරුලානන්දම් ‘ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න නම් ඒ දැල් පන්න නතර කිරීම අවශ්‍ය,’ යැයි තීරණය කළ බවයි කියා සිටියේ. අත් අඩංගුවට “ට්‍රෝලින් දැල් පාවිච්චිය අපි වහාම මාසෙකට අත් හිටුවනවා. මේකට ලංකාවේ අය හරියට සන්තෝස වුනා,” යි ඉන්දීය ධීවර නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ මස මැද දී දිල්ලියේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් අනතුරුව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නො කරන බවයි.
තමාට මාරාන්තික පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමත් සමග අනූ වියැති නෝමා බවර්ශ්මිද් වෙතින් පළ වූයේ තරමක වෙනස් ප්‍රතිචාරයක්.
නෝමා සිය පුතු ටීම් සමග ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය සිය දිවියේ අවසන් දින කීපය ගත කිරීම සඳහා තෝරා ගත්තේ වෙනත් මගක්. ජීවිතයේ මෙතෙක් නොලද අත්දැකීමක්. රෝහල් ඇඳක් මත වැතිර සිටිනවා වෙනුවට මෝටර් සවාරියක් ආරම්භ කළ ඇය අන්තර්ජාල තාරකාවක් බවට පත් වන්නේ නිරායාසයෙන්. බවර්ශ්මිද් මහත්මිය සිය ලේළිය සමග ඇයගේ සංචාර හා තොරතුරු දැක්වෙන ෆේස්බුක් පිටුවේ පමණක් සාමාජිකයන් හාරලක්ෂ හතළිස් දහසකි. බවර්ශ්මිද් මහත්මියගේ වික්‍රමාන්විත මාර්ග සවාරියට ඇයගේ පුතු ටිම් සහ ඔහුගේ බිරිඳ රැමී ද එක් වෙති. පසුගිය සතියේ සිය දිවි සැරිය නිම වන තෙක් පුරා වසරක් ඇය සිය පවුලේ සගයන් හා චාරිකාවේ යෙදෙන්නීය. කැරවෑන් රථය ප්‍රාන්ත තිස් හතරක් ඔස්සේ ගමන් කළ දුර සැතපුම් දහතුන් දහසකි ඇයගේ පුතුගේ කැරවෑන් රථය ප්‍රාන්ත තිස් හතරක් ඔස්සේ ගමන් කළ දුර සැතපුම් දහතුන් දහසකි. බවර්ශ්මිද් මහත්මියගේ වෛද්‍යවරුන් විසින් ඇයට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු වික්‍රමාන්විත සවාරිය ආරම්භ වන්නේ 2015 වසරේ ජුලි මාසයේදී. ඒ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ලියෝ මිය ගොස් දෙදිනකට පසුවයි. සයිබර් අවකාශයෙන් ඔබ්බට ගොස් සිය ගම්දනව්වල පැවැත්වෙන සතුටු සමාචි සහ ක්‍රීඩා තරග වැනි පොදු උත්සව සඳහා බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කිරීමට තරම් ඇයගේ ෆේස්බුක් රසිකයෝ කාරුණික වෙති. රාත්‍රි භෝජනයට එක් වන ලෙස ඇතමෙක් බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කරයි. රූපවහිනී තාරකාවක් බවට පත් වූ නෝමා බවර්ශ්මිද් සිය පුතු සමග වොෂින්ටනය, දකුණු කරොලිනාව, මැසචුසෙට් ඇතුළු ප්‍රාන්තවල පිහිටි වනෝද්‍යාන, කඳු හෙල් හරහා ගමන් ගන්නා ඇය වරෙක ජෝර්ජියාවේ පිහිටි උමං ආශ්‍රිත රන් ආකාරයක් බැලීමට යන්නීය. ශාන්ත පැට්‍රික් දින හිල්ටන් හෙඩ් දූපතේ සංවිධානය කෙරුණු පා ගමනට එක් වන්නීය. ෆ්ලොරිඩාවේදී බැලූනයක නැගී ගුවනේ අසිරිය විඳින්නීය. ලද පමණින් සතුටු වන නිහතමානී ගති ඇත්තියක ලෙසයි බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය සිය නැන්දණිය හඳුන්වන්නේ. ''නමුත් තමන්ගේ ජීවිතයට වැදගත් මොකක්ද කියන දේ පිළිබඳ ඇයට ඉතාමත් පැහැදිලි අදහසක් තිබුනා,'' ''ඇය ජීවිතේ අවසන් වසර ඉතා සතුටින් ගත කළා. ඇය අවධානයට ලක් නොවුණු සරල කාන්තාවක්,'' ''මේ කතාවේ තිබෙන ලස්සනත් එයයි. ඇය, ඇය ලෙසින්ම ජීවත් වුනා,'' බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය පවසන්නීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට වාර්තා පළ වේ.
නීතිවේදියෙකු විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමත් සමග මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳ සමාජය තුළ යළි සංවාදයක් පැන නැගී තිබේ. 2016 වසර සඳහාවන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් ආණ්ඩුව සඳහන් කළේය. කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙලෙස ලබාදුන් වාහන බලපත්‍ර තුන්වැනි පාර්ශවයකට විකිණීමට මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන් කටයුතු කරන බව පවසන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු එමගින් රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිවන බව පෙන්වා දෙයි. මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලක් රජයට අහිමිවන බව ඔහු කියා සිටී. ලක්ෂ දෙසීය පනහක් මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝට ලෑන්ඩ් කෘසර් රථය සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති. එලෙස විකුණු මන්ත්‍රී වාහන බලපත්‍රයක් මිලදී ගත් මෝටර් රථ අලෙවිකරුවකු වන සමන්ත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වර්තමානයේ ලබාදෙන වාහන බලපත්‍ර විකිණීමට කිසිදු තහනමක් නොමැති බවය. මන්ත්‍රී වාහන බලපත්‍ර යටතේ මිල දී ගත් මෝටර් රථයක් වසර පහකට පසු පමණක් විකිණිය හැකි බවට පසුගිය පාලන සමයේ පැවති කොන්දේසිය මේ වන විට ඉන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එවක වසර පහක සීමාව පනවා තිබියදීත් හොර රහසේ එම මෝටර් රථ විකුණා දැමීම සිදු වූ නමුත් මේ වන විට මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වාහන බලපත්‍ර විකුණා දමන බව සමන්ත පෙරේරා පවසයි. මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථය. ඇතැම් මන්ත්‍රීවරුන් ඒ හා සමාන වටිනාකමක් ඇති බීඑම්ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා තිබේ. එවැනි මන්ත්‍රීවරුන් හා නිලධාරීන් බහුතරයකට සිය රාජකාරි සඳහා නිල රථ ලබා දී ඇති බැවින් ඔවුහු මෙලෙස තම බලපත්‍ර විකුණා මුදල් ලබා ගැනීමට පෙළඹෙති. ලක්ෂ හාරසීයක පමණ වටිනාකමකින් යුත් නිල රථ දෙකක් හිමිවන රජයේ අමාත්‍යවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වේ. ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් ද මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම සාධාරණීකරණය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට විරෝධය දක්වයි. මන්ත්‍රීවරුන් විසින් තීරුබදු වාහන බලපත්‍ර අවභාවිත කරනු ලබන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ තමන් තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව පමණක් පවසයි. කෙසේ වෙතත් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කරයි. "මන්ත්‍රී වාහන ආනයනය කළ වහාම අලෙවි කළත්, කලකට පසුව අලෙවි කළත් රජයේ බදු ආදායම අඩු වීම එලෙසම සිදුවෙනවා. වෙනසකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන් ලැබෙන ලාභය පක්ෂ අරමුදලට බැර කිරීම සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එම ලාභය තම පවුලේ ගිණුමට බැර කිරීම. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ," යනුවෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු කියා සිටී. මුදල් අමාත්‍යංශයේ පැවති පුවත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු මන්ත්‍රී වාහන බලපත්‍ර විකුණා දැමීම පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසූ අතර ඔහු එහිදී කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ තීරු බදු රහිත වාහන 30,000 ක් පමණ ලබාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකළේ මන්ද යන්නයි. මුදල් ඇමතිවරයාගේ ප්‍රතිචාරය "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව" "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව. ඔය අහල තියෙන්නේ කුහකකමකින් දේශපාලකයන් විතරක් මේ වාසිය ලබාගන්නවා කියලා. රජයේ සේවකයනුත් ඒ ආකරයෙන්ම මේක ලබාගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අයත් ලබාගෙන තියෙනවා. ඉතින් ඇයි මේ එක කොටසක් ඉලක්ක කරලා තියෙන්නේ. එදා තිස් දහසකට තිබූ ප්‍රමාණය අපි පන්දහසකට විතර ගෙනත් අත්‍යවශ්‍ය අයට විතරයි දෙන්නේ," යනුවෙන් මුදල් ඇමතිවරයා පැවසීය තම මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණා එම මෝටර් රථ වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කර දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ නම් ලැයිස්තුවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය වාහන බලපත්‍ර විකිණූ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒවා ලියාපදිංචියට යොමු නොකිරීමට වග බලා ගන්නා බවත් නීතිඥවරයා පවසයි. මේ තත්වය යටතේ අලුත් අයිතිකරුවන් ලියාපදිංචිය වෙනස් නොකොට මන්ත්‍රීවරයාගේ නමටම වාහනය තබා ගන්නා බවත් ඔහු කියා සිටී. මෝටර් රථ ආඥා පනතට අනුව එය වරදක් බවත් ඒ පිළිබඳවත් තමන් පැමිණිලි කර තිබෙන බවත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වැඩිදුරටත් පවසයි.
සිය පාරම්පරික ඉඩම් නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටින සාම්පූර් අනාථයෝ රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වෙමින් සිටිති.
නීති විරෝධී ලෙස තනා ගත් තාවකාලික නිවසේ සිල්ලර කඩයක් පවත්වාගෙන යන නගේශ්වරන් පාඛ්‍යවතී යුද්ධය අවසන් වී වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් සාම්පූර් නැගෙනහිර සහ බටහිර ග්‍රාම සේවා වසම්වල පදිංචිව සිටි පවුල් අටසිය විසිපහක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙන බව ආර්ජී ධර්මදාස සංදේශයට පැවසුවේය. එම වැසියන්ට අයත්ව තිබූ වාසභූමි සහ වගා බිම් මේ වන විට වෙන් වී ඇත්තේ නාවික හමුදා කඳවුරු, ගල් අඟුරු බලාගාරය සහ කර්මාන්ත කලාපයකටයි. සාම්පූර් වැසියන්ගේ පාරම්පරික ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් ලබා දෙන බව පැවති රජය පවසා තිබූ අතර ඊට එකඟ නොවූ යුද අනාථයෝ සිය මුල් ඉඩම් ලබා දෙන මෙන් ඉල්ලා අධිකරණයේ නඩු පැවරූහ. සාම්පූර්හි පවුල් අටසිය විසිපහක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙති සාම්පූර් කඳවුරුවල රැඳී සිටි පවුල් විසි දෙකක් නව රජය බලයට පත් වීමෙන් පසු නාවික හමුදා කඳවුර සහ කාලි කෝවිල අතර ඇති කැලෑ බිම් තීරය හෙළි පෙහෙළි කර තනා ගත් තාවකාලික නිවාසවල පදිංචි වී ඇති බවයි ආර්ජී ධර්මදාස සංදේශයට කියා සිටියේ. වසර නවයක් පුරා ආණ්ඩුවට බැගෑපත් වී විසඳුමක් නොමැති හෙයින් තමා මුලින් පදිංචි වී සිටි නිවස අසල ඉඩමක තාවකාලික නිවසක් තනා ගත් බව නගේශ්වරන් පාඛ්‍යවතී සඳහන් කළාය. කර්මාන්ත කලාපයකට වෙන් කර ඇති සාම්පූර් ප්‍රදේශයේ ඉඩමක් සැමියා විසින් අතහැර දමනු ලැබූ මවක් වන රාසමාන්කික්කම් රවුෆිකා සාම්පූර්හි ඉඩමක නීති විරෝධී ලෙස පදිංචි වී සිටින්නේ සිය දරුවන් තිදෙනා සහ මහලු මව්පියන් සමගයි. රජයේ ඉඩමක බලහත්කාරයෙන් පදිංචි වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලින් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මේ දක්වා විරෝධයක් එල්ල වී නොමැති බවයි ඇය පවසන්නේ. මේ අතර යුද ගැටුම් හේතුවෙන් කඳවුරුවල රැඳී සිටි මුත්තූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් හතළිස් දෙකෙන් ග්‍රාම සේවා වසම් හතළිහකට අයත් වැසියන් ඔවුන්ගේ පාරම්පරික වාසස්ථානවල හෝ වෙනත් විකල්ප ඉඩම්වල පදිංචි කර අවසන්.
කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, තවත් පිරිසක් තවමත් අතුරුදහන්ව සිටිති.
දරුවන් ඇතුළු විස්සකට ආසන්න පිරිසකගේ මළසිරුරු පවා සොයාගැනීමට නොහැකි වනු ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළකරති. සාමාන්‍යයෙන් ඕනෑම රටක කසල කළමනාකරණය පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලටය. අනතුරක් අත ළඟම බව ප්‍රදේශවාසීන් දිගින් දිගටම පවසද්දීත්, බස්නාහිර පළාත් සභාව කුණු කන්දේ ගැටලුව විසඳීමට පියවර නොගත්තේ ඇයි? "සිදු වූ දේ ගැන බොහොම කණගාටු වෙනවා. ඒත් ඒකට වැරදිකරු බස්නාහිර පළාත් සභාව නෙමෙයි," යන්න බීබීසී සිංහල සේවය ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දුන් පිළිතුරය. ඒ ඇයි? "මොකද මේ සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ඔය එංගලන්ත සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් ඒක ඉදිරිපත් කරලා ඒක කරගෙන යන්න නාගරික සංවර්ධන අධිකාරිය ඒ අදාළ ඉඩම් කොටස දුන්නේ නෑ." 'එහෙම ඉල්ලීමක් නෑ' "එදා අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අවස්ථාව ලැබුන නම් අද මෙවැනි කණගාටුදායක සිද්ධියක් ඇතිවෙන්නේ නෑ. මේක දේශපාලන කුහකකම මත ඇතිවෙච්ච දෙයක්" එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මහ ඇමතිවරයා එවැනි ඉල්ලීමක් නොකළ බවය. බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, කසලවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රාගාරයක් ඉදිකිරීමේ අරමුණින් මීතොටමුල්ල ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2008 දී පමණ පවරාගනු ලැබ තිබෙන බව පැවසීය. ඒ අතරවාරයේ කොළඹ නගර සභාව අනවසරයෙන් එම ඉඩමේ කුණු බැහැර කිරීම ආරම්භ කිරීම හේතුවෙන්, අදාළ ව්‍යාපෘතිය ඇණහිට ඇති බවත් සභාපතිවරයා පවසයි. "මහ ඇමතිතුමා සැලසුමක් ඉදිරිපත් කරලා තිබුණ, ඒකත් අපට නෙවෙයි, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරියට," ආචාර්ය ජගත් මුණසිංහ පැවසීය. 'දේශපාලන කුහකකම' ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂඥ අධ්‍යයන වාර්තාවක් ලබා දෙන මෙන් කැබිනට් මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රකාර තමන් එවැනි වාර්තාවක් ඉදිරිපත් කළ බවත් සභාපතිවරයා පවසයි. එහෙත් මහ ඇමතිවරයා පවසන්නේ වෙනත් අදහසකි. "අවස්ථා තුනකදීම අපි ලිඛිත ඉල්ලීමක් කළා මේ කුණු ටික ටොන් 4000 බැගින් ඉවත්කරන්න අපිට වැඩපිළිවෙලක් තියෙනව. ඒ සඳහා අපිට මේ ඉඩමෙන් කොටසක් ලබාදෙන්න කියලා. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ඒක ප්‍රතික්ෂේප කළා විතරක් නොවෙයි, පළාත් පාලනයට අයිතිව තිබෙන කුණු කසල ප්‍රශ්නය ඒගොල්ල උදුරගන්න උත්සාහ කළා," යනුවෙන් ද මහ ඇමති ඉසුර දේවප්‍රිය චෝදනා කරයි. "එදා අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අවස්ථාව ලැබුන නම් අද මෙවැනි කණගාටුදායක සිද්ධියක් ඇතිවෙන්නේ නෑ. මේක දේශපාලන කුහකකම මත ඇතිවෙච්ච දෙයක්." එනමුත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ කුණු ගැටලුව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කැබිනට් ප්‍රතිකාවක් මගින් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට පවරන ලද බවය. මීතොටමුල්ලේ කුණු පුත්තලම ප්‍රදේශයට ඉවත්කිරීම මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම බවත් ඔහු සඳහන් කළේය. බස්නාහිර පළාතේ කැලි කසල කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යාපෘති ගණනාවක් දැනටමත් දියත්කර තිබෙන අතර, කුණුවලින් විදුලිය ජනණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘති නුදුරු අනාගතයේදීම ක්‍රියාත්මක කරන බව ද මහ ඇමතිවරයා බීබීසී යට පැවසීය. පසුගිය රාජපක්ෂ පාලනය සමයේ පටන්ම කොළොන්නාවේ කුණු ප්‍රශ්නය පිළිබඳව ජනතාව දිගින් දිගටම කළ උද්ඝෝෂණවලට කන් නොදුන් පැවති පාලනයේ සහ වත්මන් පාලනයේ නායකයන් මීතොටමුල්ලේ මරණවලට වගකිවයුතු බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මේ අතර බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. අනන්‍යතාව මූලික මිනිස් අයිතිවාසිකමකි. සිය අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා යමෙකුට සිය අනන්‍යතාව දැක්වෙන හැඳුනුම්පත උපකාරී වේ. පහත දැක්වෙන්නේ එකී මූලික අයිතිවාසිකම පවා අහිමි වූවන් පිරිසකගේ දුක්ගැනවිල්ලයි.
සිය පියා මිය ගොස් ඇති බව නොදත් දරුවන් මිහිපිට බිම් අඟලක් තබා අඩුම තරමේ හැඳුනුම්පතක් හෝ නොතිබුණු සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාරට මෙලොව ඉඩක් තිබුණේ නම් ඒ හුස්ම ගැනීම සඳහා පමණි. අවසානයේ ඔහුට ඒ හුස්ම පොදත් අහිමි විය. මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරණයට පත් 29 හැවිරිදි සම්පත් තිදරු පියෙකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු අටකි. පුතුන් දෙදෙනා සිව් වෙනි වියේ සහ තෙවෙනි වියේ පසු වෙති. ඔවුහු ජාඇල ප්‍රදේශයේ දුම්රිය මාර්ග රක්ෂිතය අසල පදිංචිකරුවන්ය. සිය පියා මිය ගොස් ඇති බව නොදත් මේ දරුවන් තිදෙනා ඔහු එන තෙක් මග බලා සිටිති. සම්පත්ගේ බිරිඳ ලසන්ති සිය දරුවන්ට පවසා ඇත්තේ "තාත්තා රට ගොස්" ඇති බවකි. ලසන්ති පවසන පරිදි සිය සැමියාගේ මරණය හුදු වෙඩි තැබීමකින් සිදු වූවක් නොවේ. එය දීර්ඝ කාලීන 'සමාජ අසාධාරණයක' සහ ඒ හා බැඳුනු ගැටලු දාමයක ප්‍රතිඵලයකි. සම්පත් ද ඇතුළුව දුම්රිය මාර්ගය අසල වෙසෙන බොහෝ පිරිමින්ට ජාතික හැඳුනුම්පත ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ඇය චෝදනා කරන්නීය. ඡන්දය ඇත. 'අයිඩින්ටිය' නොමැත "මගේ මිනිහා නැතුව මම ඉඳල මොකටද? ඒත් ළමයි තුන් දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා. මමත් නැති වුණොත් උන්ට කවුරුත් නැති වෙනවා..." "පොලිස්සියට ගිහාමත් කියන්නේ උඹලගේ ගෙවල් ගිනි තියනවා, කඩනවා, දැන් කඩන්න අවසර දීලා තියෙන්නේ, උඹලා වැඩිකල් ඉන්න නෙමෙයි ඔතන වගේ දේවල්..." අට වෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා ඇති සම්පත්ට ස්ථීර රැකියාවක් සොයා ගැනීමට හැඳුනුම්පත නොමැතිකම විශාල බාධාවක් වූ බව ලසන්ති පවසයි. "මෙතන ඉන්න ගොඩක් පිරිමින්ට වගේම මගේ මනුස්සයාටත් අයිඩින්ටියක් නැහැ. ඉතින් හරිහමන් රස්සාවක් කරන්න බැහැ. ඒ හින්දා එයා බස්වල සිංදු කියල තමයි අපිව ජීවත් කළේ. එයා රස්සාවක් කියලා වෙන දෙයක් කළේ නෑ. ළමයින්ගේ උප්පැන්න පුරවන්නත් ෆොටෝ සහතික තමයි අරන් ගියේ. ඒකත් කියලා අමාරුවෙන් ඉල්ල ගත්තේ…" ඇය හඬා වැටෙයි. ලසන්ති පවසන පරිදි මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත සම්පත් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජුනි 25 වෙනිදාය. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ ජුනි 26 වෙනිදාය. සම්පත් මහර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි කාලය මාස හයකට ආසන්නය. "එදා බන්ධනාගාරේ ළඟට යනකොටත් එතන වෙඩි තියනවා, ගිනි ගන්නවා. අපිට දැන් යන එනමං නෑ මහත්තයෝ, අපි අසරණයි… මගේ මිනිහා නැතුව මම ඉඳල මොකටද? ඒත් ළමයි තුන් දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා... මමත් නැති වුණොත් උන්ට කවුරුත් නැති වෙනවා..." බන්ධනාගාරයේ හටගත් ගින්න සිය දරුවා පිළිබඳ තොරතුරක් ලබා දෙන ලෙස ඇයද සිටින රැඳවියෙකුගේ පියෙක් බසයක, කෝච්චියක සිංදු කීම එක්තරා ආකාරයකට අනුන්ට අතපා ජීවත් වීමකි. 'අයිඩින්ටියක්' නැතත් තවකෙකුට අතපෑම මේ තරුණයාට අපහසු කාර්යයක් වන්නට ඇතැයි ලසන්තිගේ කතාවෙන් හැඟෙයි. ඇය පවසන පරිදි සම්පත් මත් කුඩු භාවිත කර ඇත්තේ එම වෘත්තීය සහ සමාජය හමුවේ ඇතිවන මානසික පීඩාවෙන් අත්මිදීමේ මගක් වශයෙනි. "මිනිස්සු ඉදිරියේ වෙන ලැජ්ජාවට... අනුන්ට අතපාන්න ලැජ්ජාව ඇරගන්න තමයි මතට හුරු වුණේ," නමුත් මත් කුඩු ළඟ තබා ගනිමින්, මත් කුඩු වෙළෙඳාමේ යෙදුනේ යැයි "බොරු චෝදනා දමා" පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව ලසන්ති කියා සිටී. නැති බැරිකම මෙන්ම සමාජයෙන් ගැරහුම්, අවමන් මිස පිහිටක් නොලද බව ඇය ඇඬු කඳුලින් කියා සිටී. "එයාට අයිඩින්ටිය නැති හින්දා ඒක හදාගන්න මම දවස් ගානක් ග්‍රාම සේවක මහත්තයා ගාවට ගියා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මම ළමයත් උස්සගෙන ගියේ, එතකොට පොඩි එකාට සතියයි." "පොලිස්සියට ගිහාමත් කියන්නේ උඹලගේ ගෙවල් ගිනි තියනවා, කඩනවා, දැන් කඩන්න අවසර දීලා තියෙන්නේ, උඹලා වැඩිකල් ඉන්න නෙමෙයි ඔතන වගේ දේවල්. අපිට යන්න තැනක් දුන්නා නම් අපි යනවා. කොල වගයකට අස්සන් ගත්තා, හැබැයි කියවන්න දුන්නේ නැහැ. අපි ඇහුවම මොකටද කියලා, ඡන්ද කොලවලට කියලා කිව්වා මිසක් හරියට මොකක්ද කියලා කිව්වේ නැහැ." "හැමෝම කියන්නේ උඹලා පලයල්ලා, උඹලා පලයල්ලා කියලා. අපි කොහේ කියල යන්නද? දැන් මට මගේ මනුස්සයත් නැහැ...." "මේ මහ පොළොවේ මුකුත්ම නැති මිනිහට ඉතුරු වෙලා තිබුණේ හුස්ම පොද විතරයි. අන්තිමට ඒකත් එයාගෙන් උදුර ගත්තා..." "අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඡන්දේ කාලෙට අර මහත්තයා, මේ මහත්තයා කියාගෙන ඡන්දේ ඉල්ලන්න නම් එනවා." "අඩුම තරමේ හැඳුනුම්පතක් අරන් රස්සාවක් කරලා ජීවත් වෙන්න අපිට මේ රටේ අයිතියක් නැද්ද? අනික් මිනිස්සු වගේ කාලා බීලා පවුලේ අයත් එක්ක එකට ජීවත් වෙන්න තියෙන අයිතියවත් රජයෙන් අපිට දීලා නෑ. ඒ තරමටම අපිව අසරණ කරලා..." "මේ මහ පොළොවේ මුකුත්ම නැති මිනිහට ඉතුරු වෙලා තිබුණේ හුස්ම පොද විතරයි. අන්තිමට ඒකත් එයාගෙන් උදුර ගත්තා..." චන්ද්‍රිකා සමන්ලතා සම්පත්ගේ සොහොයුරියකි. ලසන්ති සමග රෝහලට ගොස් සම්පත්ගේ මෘත දේහය හඳුනා ගත් බව ඇය බීබීසිය වෙත පැවසීය. බන්ධනාගාර වෙඩි තැබීමේ දී පළමුව වෙඩි වැදී ඇත්තේ සම්පත්ට බව එහි සිටි සෙසු රැඳවියන් වෙතින් දැන ගැනීමට ලැබුණු බව ඇය කියා සිටී. "අද අපේ මල්ලිට අවුරුදු විසි නවයෙන් දරුවෝ තුන්දෙනයි ගෑනිවයි අසරණ කරලා යන්න වුණෙත් අපි ගැන රජයෙන්වත් සොයා බැලීමක් නොකළ නිසයි. හරි හමන් රස්සාවක් තිබ්බා නම් මල්ලිට මෙහෙම දෙයක් වෙන්නේ නෑ..." 1989 වසරේදී විවාහ වීමෙන් පසු ජාඇලට පැමිණ ඇති චන්ද්‍රිකා ද ගත කර ඇත්තේ 'අතන මෙතන' ජීවිතයකි. "එදා ඉඳන්ම අපි පේමන්ට් එක අයිනේ ගෙවල් හදාගෙන ඉන්නේ. කලින් රේල් පාර අයිනේ ගෙවල් හදාගෙන හිටියා. ඒ පැත්තෙන් අයින් වෙන්න කිව්වම මේ පැත්තට ඇවිත් ගෙවල් හදාගත්තා. අපිට කිසි කෙනෙකුගේ හව්හරණක් නැහැ. අයිඩින්ටිය හදා ගන්න ගිහාම ග්‍රාම සේවක මහත්තයා කියන්නේ, ලියාපදිංචියක් නැහැ, අනවසර ඉඩම් නිසා දෙන්න බැහැ කියලා. මට අයිඩින්ටිය හැදුවා, මගේ පුතාට හැදුවා අනික් අයට හදන්න බැහැ කිව්වා," "ඒත් දැන් අපේ කට්ටියගේ ඡන්ද පහළොවක් විතර තියෙනවා. දරුවෙක් ඉස්කෝලේ දාන්න ගියත් ලියාපදිංචි සහතිකයක්, ග්‍රාම සේවක සහතිකයක් ලැබෙන්නේ නැහැ. මේවත් එක්ක රස්සාවල් ලැබෙන්නෙත් නැහැ. ඉතින් බස්වල සිංදු කියනවා, පොත් විකුණනවා, කකුළුවෝ විකුණනවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු මතට හුරු වෙනවා..." "අපේ දරුවෙක් ඉස්කෝලේ ගියත් කොන් වෙනවා. සමහර වෙලාවට කිසිම වැරැද්දක් නැතුව පොලිස්සිය ගෑනුන්ට පවා පයින් ගහලා, කොන්ඩවල්වලින් ඇදලා අනන්තවත් ගහලා තියෙනවා. පන්දාහ ගන්න ගිහාමත් උඹලට දෙන්නේ නැහැ කියලා ගමේ මිනිස්සු අපිට බැන්නා. අපේ අයව පස්සට එළවලා තිබුණා." "මේ, තමන්ට කියල වහලක් නැති මිනිස්සු...එච්චරක් නෙමෙයි අඩුම ගානේ හැඳුනුම්පතත් නැති මිනිස්සු... අන්තිමට ඉතුරු වෙලා තිබුණු හුස්ම පොදත් උදුරගෙන. සිරකරුවොත් මනුස්සයෝය කියනවා. ඒත් මිනිහෙක්ට හිමි වෙන්න ඕනි කිසිවක් නැති නිසා මේ මිනිස්සු නෙමෙයි කියලා හිතෙන්න ඇති..." පසුගිය නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය හමුවේ රැඳවියන් 11 දෙනෙකු මරණයට පත් වූ අතර 100 අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි වෙත සඳුදා (දෙසැම්බර් 07) භාර දෙනු ලැබිණි. අදාළ කමිටුව විසින් මසක් තුළ ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව බව අධිකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. "මේ වගේ සිද්ධි ඉදිරියේදී සිදු නොවීමට අපි කටයුතු කළ යුතුයි. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ක්‍රමවේදය පිළිබඳව සලකා බැලිය යුතුයි. මත් ද්‍රව්‍ය වලට යොමු වුවන් පුනරුත්ථාපනය කිරීම අපේ අරමුණයි. සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් කිරීම සිදු කළ යුතුයි," යනුවෙන් අධිකරණ ඇමතිවරයා එහිදී පවසා තිබිණි. "සිර කඳවුරු වෙනුවට පුනරුත්ථාපන කඳවුරු ඇති කර විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අය ඒ තුළින් මුදවා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතුයි," මේ ගැනත් කියවන්න:
ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව නායක සෝමවංස අමරසිංහ කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ " මේක බොරුවක්, වෙන උවමනා පිටිපස්සේ තියාගෙන මේ බොරුවට ජනතාවට පෙනෙන්නයි සාකච්ඡා කරන්නේ" යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේය. මීට පෙර සර්ව පාක්ෂික සකච්ඡා රැසක් පවත්වා ඇති හෙයින් මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිත බව සෝමවංස අමරසිංහ ප්‍රකාශ කළේය. සමාජ අසමානතාව තුරන් නොකර ජාතික ගැටලුව නිරාකරණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේය. මේ සමාජ ක්‍රමය පත්ව ගෙන යාමට කැපවී සිටින කිසිදු පක්ෂයක් පාඩම් ඉගෙන ගැනීමට සුදානම් නැති බව පෙන්වා දුන් අමරසිංහ මහතා කියා සිටියේ ජාතික ගැටලුව නිරාකරණය සඳහා යටත් විජිත සමයේ පටන් වූ බලපෑම් ගැන සොයා බැලිය යුතු බවයි. ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුව කැඳවීම සඳහා න්‍යාය පත්‍රයක් යෝජනා කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට මේ වන විට දන්වා ඇති අතර කමිටුව සඳහා නම් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැබුන විගස සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ වැඩකටයුතු ආරම්භ කල හැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට තම ප්‍රතිචාරය පල කල සභා නායක නිමල් සිරිපල ද සිල්වා ඇමති වරයා ප්‍රකාශ කොට ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත් වී ඇත.
ඒ දොළොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන පිරිමි හා කාන්තා ඉසව් ජය ගනිමින්. හිමාෂ ඒෂාන් තත්පර 10.28 කදී තරගය අවසන් කරමින් මීටර් 100 පිරිමි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගී වූ රුමේෂිකා රත්නායක රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.71 කින් තරඟය අවසන් කරමින්. මූලික වටයේදී මීටර් 100 තරඟ ඉසව්ව තත්පර 10.26 කින් අවසන් කළ හිමාෂ ඒෂාන් දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර තම උස පැනීමේ ඉසව්ව පහසුවෙන් ජය ගත්තේ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් සටහන ඉහළ නංවමින්. පිහිනුම් ඉසව්වෙන් මැතිව්ස් අබේසිංහ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් මේ වනට දිනා දී ඇති අතර කිමිකෝ රහීම් දිනා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 4ක්. පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසු වන්නේ පදක්කම් 87ක් හිමි කර ගනිමින්. ඉන්දියාව පදක්කම් 124 සමග ප්‍රථම ස්ථානයේ පසු වන අතර බංගලාදේශය පදක්කම් 40ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවෙයි.
බණ්ඩාරවෙල දියතලාව හෙබරව පෞද්ගලික මගී බස් රථයක බදාදා (පෙබරවාරි 21) උදෑසන අත්බෝම්බයක් පිපිරී යාමට එහි සිටි මගියෙකු වගකිවයුතු යයි විශ්වාස කරන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පවසයි.
මගියෙකුගේ බෑයේ තිබී මෙම අත්බෝම්බය පිපිරී යන්නට ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. පෙරවරු 5.45 ට සිදුවූ පිපිරිම හේතුවෙන් මගීන් 16ක් බරපතල තුවාල ලැබූ අතර බස් රථය සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශයට පත්විය. යුද හමුදා සෙබලුන් 7 දෙනෙක් සහ ගුවන් හමුදා භටයන් 5 දෙනෙක් ද තුවාල ලැබූ මගීන් අතර සිටිති. බස් රථයේ රියදුරා ද පවසන්නේ පිපිරීමට මගියෙකු වගකිවයුතු බවය. තමන් සෑම දිනකම රාත්‍රියේ බස් රථය පිරිසුදු කොට අගුලු දමන අතර, ඉන් අනතුරුව රාත්‍රියේ එයට ආරක්ෂාව සපයා තිබෙන බව ද රියදුරා පවසයි. අත්බෝම්බය පිපිරී ඇත්තේ බසයේ ඉදිරි අසුනක් යටය. උදෑසන බණ්ඩාරවෙලින් ගමන් අරඹා දියතලාවට ගොස් නැවත බණ්ඩාරවෙල ඔස්සේ ගමන් කරන බැවින් මෙම බස්රියෙහි දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබලුන් ඇතුලු පිරිස් ද ගමන් කරති. බස් රථයේ ගමන්කළ හමුදා සාමාජිකයකු අත තිබූ අත් බෝම්බයක් පුපුරා යන්නට ඇතැයි සැක කරන බව පොලිසියේ ප්‍රකාශකයෙක් ද සඳහන් කළේය. තුවාලකරුවන් 16 දෙනා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. දියතලාව පොලීසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයකින් හෙබි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි.
කෙටුම්පත යෝජනා කරමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ ලෝකයේ වැඩිම බලතල ඇති ජනාධිපතිවරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි. 1978 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, විධායක ජනාධිපතිවරයා වෙත සියලු බලතල කේන්ද්‍රගත වී තිබීම, ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම රටේ සංවර්ධනයටත් ප්‍රබල බාධාවක් වී ඇති බවයි. "මේ වනවිට ජනතාවට මූලික වශයෙන් දක්නට හැකි දෙයක් තමයි තමන්ට පරමාධිපත්‍යයේ අයිතිය අහිවෙලා තියෙනවා, .පරමාධිපත්‍යයේ බලය විධායකය විසින් උදුරාගෙන තියෙනවා. ඒක නිසා ඒ පරමාධිපත්‍යයේ බලතල සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නැවතත් ජනතාවට ලබාදීම මූලික අරමුණක් වෙනවා," නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ගැන තොරතුරු ඉදිරිපත් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය., පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහක් වශයෙන්, යෝජිත කෙටුම් පතේ දක්වා තිබෙන බව පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ ධුර කාලය සීමා කොට විසුරුවා හැරීමට මෙම යෝජනා මාලාවෙන් නොහැකි බව ප්‍රකාශ කළේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පක්ෂ මාරු කිරීමට ඉඩ කඩ ඇහිරෙන බව පැවසූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනසක්ද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු කිරීමට බලාපොරොත්තුවන බව පැවසුවේය. නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇති පරිදී , 225 වන වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවේ වෙනසක් නොවන පරිදි ආසන 125 ක් කොට්ඨාශ ක්‍රමය යටතේ ද, ආසන100 සමානුපාතික ක්‍රමය යටතේ ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට යෝජනා කොට ඇති බවයි ඔහු පැවසුවේ.
බ්‍රිතාන්‍යයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තුන් වැනි එක දින සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකාවට කඩුලු දහයක අන්ත පරාජයක් අත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 67 ක්. කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය එක් දින ඕවර ඉතිහාසයේ හිමිවුණු තුන්වැනි බරපතලම පරාජයයි. පසුගිය ඉරිදා පැවැත්වුණු තරඟයේදී ලකුණු 157 ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් දින කිහිපයකට පසුව මෙවැනි පරාජයකට මුහුණදීම පිළිබඳව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ සිට සංදේශය සමඟ අදහස් දැක්වූ ක්‍රීඩා විස්තර විචාරක කල්ප පල්ලියගුරු කියා සිටියේ, එංගලන්තයේ මේ දිනවල පවතින වැසිබර සීතල කාළගුණය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමේදී ප්‍රබල බාධකයක් වූ බවයි. ආබාධයක් හේතුවෙන් දෙවැනි තරඟයට එක්වීමට අවස්ථාව නොලැබුණු නායක ඇලිස්ටර් කුක් මෙම තරඟයට සහභාගිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වූ බව ඔහුගේ විග්‍රහයයි. මෙම ජයග්‍රහණයත් සමඟම එංගලන්ත කණ්ඩායම තරඟ 2-1 ක් වශයෙන් තරඟාවලියේ ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය ලබන සෙනසුරාදා තරඟාවලියේ සිවුවැනි තරඟයට මුහුණ දීමට නියමිතයි.
කුමාර් සංගක්කාර සහ තමා විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ සම්බන්ධයෙන් පළ කළ ප්‍රතිචාරය පිළිබඳව කණගාටු වන බව කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.
'ගොඩක් කණගාටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියත්, ලේකම්තුමාත් අපෙන් අහන්නැතුව තමන්ගේ මාධ්‍යයකට ගිහිල්ල ඒ විදියට කියපු එක ගැන' බංග්ලාදේශයේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙය තමාගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව සඳහන් කළා විනා මාධ්‍ය කැඳවා සමු ගැනීමක් නිවේදනය නොකළ බව මහේල ජයවර්ධන අවධාරණය කළේය. එහෙත් එහිදී සිය අදහස් විමසීමක් නොකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් තමන් විවේචනය කිරීම ඉතා වගකීම් විරහිත ක්‍රියාවක් බවයි, ඔහු කියා සිටියේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම අදහස් අනුමත කළ කුමාර් සංගක්කාර කියා සිටියේ, මෙය තමන්ගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව පමණක් දි අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී තමන් සඳහන් කළ බවයි. ඉන් අනතුරුව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හමු වී කරුණු පහදාදීමට අවස්තාව ලැබුණු බවයි, සංගක්කාර කියා සිටියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවයද සමඟ යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ. කටුනායක ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතීමෙන් අනතුරුව ඔවුන් විවෘත බස් රථයකින් කොළඹ බලා පැමිණෙන විට ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා ධජ වනමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටියහ. ලෝක ශූර කණ්ඩායම යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ කොළඹ බලා පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දැඩි වර්ෂාව මධ්‍යයේ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි දස දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් හමු වූ බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් පවසයි. විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන් වෙතට ලඟා වීමට උත්සාහ කිරීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය පළ වී තිබුණු බවත් ඔහු වාර්තා කරයි.
අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර්, අල්ලිමුල්ල ප්‍රදේශයේ කුඹුරුයායක ළිඳකට වැටුණ අලි පැටියකු ගොඩ ගෙන මුදා හැරීමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
"ළිඳ වටකර අලි මෙහෙයුම" වෙල්යායේ සිලින්ඩර් බස්සවා ඉදිකළ ළිඳක අලි පැටියා වැටී සිටි අතර, ඇතින්න සමග තවත් අලින් කීපදෙනෙක් පැටියා රැකවල් කරමින් එම ස්ථානයේ රැඳී සිටියහ. රැකවලේ සිටි එම අලි රංචුව පැටියා ගොඩ ගැනීමට පැමිණි වනජීවි නිලධාරීන්ට පහරදීමට තැත් කළහ. පසුව අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මව් ඇතින්න නිර්වින්දනය කරනු ලැබීමෙන් අනතුරුව, වනජීවි නිලධාරීහු 'බැකෝ' යන්ත්‍රයක් යොදා ගනිමින් ළිඳේ සිලින්ඩර් ඉවත්කර අලි පැටියා ඉවතට ගත්හ. ළිඳට වැටීම නිසා අලි පැටියාගේ සිරුරේ සීරීම් තුවාල වූ අතර වනජීවි නිළධාරීහු ඒවාට ක්ෂණික ප්‍රථිකාර ලබා දුන්හ. නිරිවින්දනය කරන ලද ඇතින්නගේ සිරුරේ තිබුණ තුවාල වලටද ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර විසින් ඇතින්නිය නැවත සිහි ගන්වනු ලැබුණි. අනතුරුව,මඳ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි ඇතින්න පසුව පැටියාද කැටුව කැලෑ ප්‍රදේශයට ගමන් ගත්තාය. මේ තොරතුරුද දැනගන්න: අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ "ජාවාරමක්" සහ ඝාතනය කිරීමේ "කුමන්ත්‍රණයක්" මත්තල වලක වැටුණු අලි පැටවෙක් සහ මවක් ශ්‍රී ලංකාවෙන් දුර්ලභ නිවුන් අලි උපතක් දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණයේ අලුත්ම පෙළගැසීම් අලි මුහුදු ගියේ ඇයි?
පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතින යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඟහරුවාදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව බලධාරීහු පවසති.
යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතී විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පරමු පුෂ්පරාජා බීබීසී සංදේශයට කියා සිටියේ අද සඳුදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුන බවයි. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල නියෝජිතයන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්වී තිබේ. කෙසේ නමුත් දේශනා සඳහා සිසුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව එක් ආචාර්යවරයකු පැවසීය. යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අත් අඩංගුවට ගත් ආරක්ෂක හමුදා ඉන් සිවුදෙනකු වැලිකන්දේ පුනරුත්ථාපන කඳවුරකට භාරදීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන මෙන් ඉල්ලා ශිෂ්‍යයන් පන්ති වර්ජනයක නිරතවීම හේතුවෙන් නොවැම්බර් 28 වැනිදා සිට යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩපන වී තිබේ. කෙසේ නමුත් ශිෂ්‍යයන් තවමත් අත් අඩංගුවේ සිටියදී විශ්ව විද්‍යාලය යලි විවෘත කෙරෙන්නේ රජයේ බලපෑම මත බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) සඳහන් කළහ. එහෙත් ඊට පසු දින පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, ජනතාව නොමග යවන වාර්තා පළ කරන බවට ජනමාධ්‍යවලට චෝදනා කළේය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් විදේශගතව සිටින අවස්ථාවක අදාළ රැස්වීම සම්බන්ධයෙන් මහා නාහිමියන්ගේ ඡායාරූපය පවා යොදාගෙන වාර්තා පළ කර තිබෙන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර පසුගියදා පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් අමතා දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තවමත් කෙටුම්පත් කර නොමැති ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමග යැවීමට "ඇතැම් අන්තවාදී කණ්ඩායම්" උත්සාහ දරන බවට චෝදනා කළේය. රට තුළ ඇති ප‍්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස සියලු ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කළ බවත් කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය පිළිබඳව සෙනසුරාදා (ඔක්තෝබර් 21) වාර්තාවක් පළ කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ ජනතාව තුළ සහෝදරත්වය, සහජීවනය ගොඩනැගීම සහ රට නොබෙදා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කොට බලය බෙදීමේ සංකල්පය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන රට තුළ සාමය ගොඩනැගීමට සිය ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී "ඇතැම් පිරිස් වැරදි තොරතුරු සමාජයට දෙනවා. අන්තවාදී පිරිස් ජනතාව නොමග යවනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි තොරතුරු දෙනවා," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. "අපි අවුරුදු තිහකට ආසන්න නරක යුද්ධයක පැටලී සිටි පිරිසක්. ඒ තුළ අපේ සමාජය කඩාහැලීම ආර්ථිකය කඩාහැලීම අප අතර අසමගිය, සැකය, අවිශ්වාසය, බිය මේ සියල්ල ජනතාව තුළ ගොඩනැගුනා. සියලු ජාතීන් අතර සමගිය ගොඩනගා සැකයෙන් බියෙන් තොර යහපත් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා." එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා: "අපි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියලා කියනවා. ජාත්‍යන්තරය කියන විදියටයි මේ ව්‍යවස්ථාව ගේන්නේ, කියලා කියනවා. 1957-58 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මහත්මයත් එක්ක සාකච්ඡා කරලා එදා බලය බෙදීම පිළිබඳව ගිවිසුමක් සකස් කළ වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අහුවෙලා හිටියද කියලා අපිට චෝදනා කරන අයගෙන් මම අහන්න කැමතියි." දීපාවලී සැමරුම් උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන: "මේ රටේ යුද්ධයක් ඇතිවෙන්න, එල්ටීටීඊ සංවිධානය ඇතිවෙන්න, ප‍්‍රභාකරන් ඇතිවෙන්න හේතුව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද කියා මම අහනවා. රටේ ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය තීන්දු තීරණ නොලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි එල්ටීටීඊ සංවිධානය බිහිවුණේ," යනුවෙන් ද කියා සිටියේය. "ඒ තුළ තමයි ප‍්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයෙක් බිහිවුණේ. අපි ඒ තත්ත්වය තේරුම් ගන්නට ඕන. ඒ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න, ප‍්‍රභාකරන්ලා බිහි නොවන්න අපි මේ සමාජය යහපත් කරන්නේ කොහොමද? සමාජය සමගි කරන්නේ කොහොමද? ජනතාව අතර විශ්වාසය ගොඩනගන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා බුද්ධියෙන් දැනුමෙන් සහ අවබෝධයෙන් මෙන්ම පරිණතභාවයෙන් තේරුම්ගන්නට ඕන." එබැවින් සිය ආණ්ඩුව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ නැවත යුද්ධයක් ඇති නොවීමේ "පවිත‍්‍ර අරමුණ තුළ" බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මල්වතු මහා නාහිමියෝ ද පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිමියන් බැහැදුටු අවස්ථාවේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ ව්හිදී වැඩිදුරටත් කියා සිටියේ බණ්ඩාරනායක-චෙල්වනායගම් වැනි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මහා විනාශයකට මුහුණ දුන් බවය. රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය එහිදී මහා නාහිමියෝ පෙන්වා දුන්හ. සබැඳි යොමු:
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී රටවල් සඳහා අදහස් දැක්වීමට අවස්ථාව සලසන ලද අවස්ථාවේ දියුණු වෙමින් පවතින රටවල් විසි දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ තීන්දුවට විරෝධය පළකළ බව ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසයි.
ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාව සංහිඳියාවක් සඳහා කටයුතු කරමින් සිටියදී ජාත්‍යන්තර විභාගයක් පවත්වනු ලැබීම අනවශ්‍ය ක්‍රියා මාර්ගයක් වන බව එම රටවල් විසිදෙක ප්‍රකාශනයක් මගින් කියා සිටි බවයි. ‘ඊට අමතරව ඉන්දියාව ,පිලිපීනය නැමීබියාව සහ මාල දිවයින ඇතුළු තවත් රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිලි ගන්නා බව ප්‍රකාශයට පත් කළ බවයි ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසන්නේ. ‘ඉන් පැහැදිලි වන්නේ මානව හිමිකම් කොමිසම රටවල අභ්‍යන්තර කාරනා වලට ඇඟිලි ගසන බව රටවල් කීපයක් පෙන්වා දෙන බව වන බවයි. මෙය සදාචාරමය මට්ටමින් සිදු කෙරෙන වැදගත් බලපෑමක්’ තානාපතිවරයා පවසයි. අලුත් ප්‍රවනතාවයක් නොවේ ශ්‍රී ලංකාවට සහය දක්වා ප්‍රකාශනයක් නිකුත් කල රටවල් මීට කලින්ද දිගටම රජයට සහය දැක්වූ කණ්ඩායම් බවයි ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය මේ අතර පැවසුවේ. යෝජනාවට පක්ෂව සහය දැක්වූ කිසිදු රටක් ආපසු ශ්‍රී ලංකාවේ සහයට පැමිණ නැති බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවට පක්ෂව සහය දක්වන රටවල් නියෝජනය කරමින් ඊජිප්තුව මානව හිමිකම් මණ්ඩලයේදී අදහස් දැක්වූ නමුත් චීනය, මියන්මාර් වැනි රටවල් තනි තනිවත් කථා කළ බව ඔහු පැවසුවේය. එම රටවල් විසින්ද ශ්‍රී ලංකාවට වැදගත් කරුණක් ඉදිරිපත් කළ බව පැවසූ ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය උගත්, පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේය. ඒ සදහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දිය යුතු බව එම රටවල් විසින් ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.
සිරියාව සහ බෂාර් අල් අසාද් පාලනය මුල් කර ගනිමින් ඇමරිකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ යමින් පවතී.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බව ජනාධිපති පූතින් පවසයි කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වූ අතර රසායනික ප්‍රහාර දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට ඇමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙනි. කෙසේ නමුත් රසායනික අවි යොදා ගත් බවට නැගෙන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. අසාද් පාලනයට සහාය ලබා දීමෙන් වැළකී සිටින ලෙස ඇමරිකාව ක්‍රෙම්ලිනයෙන් ඉල්ලා සිටින අතර රුසියාවේ සිරියානු පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ වන විට මොස්කව් නුවර සංචාරයක නිරත වී සිටී. රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝෆ් සමග පැවැත්වෙන සාකච්ඡා ආරම්භයේ අදහස් පළ කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දෙරටේ අනාගත සබඳතා පිළිබඳ ඉතාමත් මිත්‍රශීලී සංවාදයක් පැවැත්වෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. රුසියාව සහ සිරියාව මිසයිල ප්‍රහාර දියත් කිරීම සඳහා ඇමරිකානු හමුදාවට අයත් USS පෝටර් යුද නෞකාව යොදා ගැනිණි රුසියාව, සිරියාවේ අසාද් පාලනයට සහාය ලබා දෙන ප්‍රධාන මිත්‍ර රටකි. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේ සැක කටයුතු රසායනික ප්‍රහාරයක් දියත් කිරීමත් සමග සිරියාව සම්බන්ධයෙන් තමන් දක්වන ලද ආකල්පය වෙනස් වූ බවය. කෙසේ නමුත් අසාද් පාලනයට සහාය ලබා දීම නවතා දමනු වස් රුසියාවට පීඩනයක් එල්ල කෙරෙනු ඇති බවට කරන යෝජනා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් ප්‍රතික්ෂේප කරයි. සැක කටයුතු රසායනික අවි ප්‍රහාරය දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ හමුදා කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස රුසියාව හඳුන්වයි. ට්‍රම්ප් ගැන පූතින් රුසියාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් එරට ජනාධිපති ව්ලැද්මීර් පුතින් වොෂිංටන් පාලනයේ මිත්‍ර රටවල් විවේචනයට ලක් කළ අතර අසාද් පාලනයට තවදුරටත් සහාය ලබා දෙන බව තහවුරු කළේය. "ඇමරිකාව පසුගියදා සිරියාවට මිසයිල ප්‍රහරායල් එල්ල කළා. ඊට නේටෝ රටවල් ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? සිදු වන්නේ කුමක්ද කියලා විශ්ලේෂණය කරන්නේ නැතිව ඔවුන් සියලු දෙනාම, ඔලු හොල්ලන චීන බෝනික්කෝ වගේ ඔලුව හෙල්ලුවා විතරයි" යනුවෙන් ජනාධිපති පූතින් කියා සිටියේය. සිරියානු හමුදාව රසායනික අවි භාවිත කරන බවට පවතින සාක්ෂි මොනවාදැයි ජනාධිපති පූතින් ප්‍රශ්න කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බවත් ජනාධිපති පූතින් එහිදී සඳහන් කළේය. සිවිල් යුද්ධය ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් දෙරටේ "හමුදාමය සබඳතාවල" විශ්වාසය පිරිහී ඇති බවය. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් සිරියාවේ සිවිල් යුද්ධයට මැදිහත් නොවන බවය. ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ඇමරිකාව ලබා දී අති මූලිකත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවත් ඒ සමග ඇති වන පාරිසරික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගෙන බව නගර නිර්මාණ ශිල්පිණියක් පවසයි.
'රටේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි' මැලේසියාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් හදාරමින් සිටින නගර නිර්මාණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවාසීන් මුහුණදෙමින් සිටින ගංවතුර ආපදා තත්වය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ස්වාභාවික පරිසරය වෙනස් කරමින් සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වන ප්‍රතික්‍රියාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සතු සූදානම කවරක්දැයි ඇය ප්‍රශ්න කරන්නීය. පසුගිය දින කීපය තුළ පැවති අධික වර්ෂාවත් සමග අගනුවර සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර, සාමාන්‍ය වැස්සකදී පවා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමත් බොහෝ විට දක්නට ලැබෙන්නක්. හදිසියේ ඇද හැලුණු මහා වර්ෂාවත් සමඟම ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නාය යෑම් හටගත්තේය පසුගිය දින කීපය තුළ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඒ දෙපස පිහිටි ප්‍රදේශද ජලයෙන් යට විය. කාණු අවහිර වීම, සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු, ගංගා පිටාර ගැලීම ආදී කරුණු හේතුවෙන් ජල ගැලීම් ඇති විය හැකි බව පෙන්වාදෙන නගර නිර්මාණ ශිල්පිනිය නදීෂා චන්ද්‍රසේන කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරට මෙම කරුණු සියල්ල බලපා ඇති බව පෙන්වා දෙයි. "කොළඹ මැද තිබෙන්නේ නගරයේ පිහිටීම නිසා කාණු අවහිර වීම වැනි කාරණා නිසා ඇති වන නාගරික ගංවතුරක්. කඩුවෙල සහ පිටරවුම් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල තිබෙන්නේ අලුත් ඉදිකිරීම් එක්ක අවහිර වූ ජල මාර්ග නිසා ඇති වූ තත්වයක්," ඇය පවසන්නීය. "කැලණියට තියෙන්නේ ගංගා පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරක්." 'පිටරවුම් පාර හැදුවේ පහත බිමක. එහිදී අවහිර කරපු ස්වාභාවික ජල පද්ධතියට අපි ලැගුම් ස්ථානයක් දී තිබෙනවද?' "උදාහරණයක් විදිහට අපට කලින් තිබ්බේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ. නමුත් දැන් උණ, ඩෙංගු, ගලපටලය, පාචනය මේ ඔක්කොම එකට ඇවිල්ලා. දැන් අපට කියන්න බැහැ එකම තත්වයක ගංවතුරක් තියෙන්නේ කියලා." "කැළණි ගඟ පිටාර ගලන එකට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒකට අපි සුදානම් වෙලා හිටියේ නැහැ.' ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපෘති කිසිවකට නිසි පාරිසරික බලපෑම් වාර්තාවක් යොදා ගෙන ඇතැයි තමා විශ්වාස නොකරන බවත් නගර අලංකරණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන පවසන්නේ. "කඩුවෙල ආශ්‍රිතව හදපු පිටරවුම් පාර හැදුවේ පහත බිමක. එහිදී අවහිර කරපු ස්වාභාවික ජල පද්ධතියට අපි ලැගුම් ස්ථානයක් දී තිබෙනවද?," ඇය ප්‍රශ්න කරන්නීය. 'රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?' "සංවර්ධනය සිදු විය යුතුයි. නමුත් එය සිදු විය යුත්තේ හරියාකාරවයි." සංවර්ධන කටයුතුවලට ස්වභාවික පරිසරය දක්වන ප්‍රතිචාරය දරා ගැනීමට නොහැකි සංවර්ධන ව්‍යාපෘති අඩක් නිම කළ සංවර්ධන ව්‍යාපෘති ලෙසයි ඇය හඳුන්වන්නේ. 'පිට රවුම් පාර කියන්නේ රටට සම්පතක්. නමුත් එහි සියයට පනහක, අපේ පාර්ශවයේ වැඩ නිම කරලා පමණක් බලා ඉන්න බැහැ. ස්වභාවධර්මයේ සිදු කළ වෙනසට ලැබෙන ප්‍රතිචාරයට අපි සූදානම් වී සිටිය යුතුයි." රටේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ. ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම නගර අලංකරණය සහ නගර සංවර්ධනය අතර වෙනස වටහා නොගෙන කටයුතු කළ බවත් නගර අලංකරණ ශිල්පිනිය පවසයි. "රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?," පසුගියදා නාසා ආයතනයේද කෙටි පාඨමාලාවක් හැදෑරු නදීෂා ප්‍රශ්න කරයි. "නගර අලංකරණය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමට ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කිරීම. නමුත් ජීවත් වෙන්න ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කරනවා කියන්නේ ප්‍රධාන මංමාවත්වල මල් පෝච්චි තියලා ගස් වවන එක නෙවෙයි," ඇය වැඩිදුරටත් කියා සිටියාය.
උඩවල ජාතික වනෝද්‍යානයේ සීනුක්කු ගල ප්‍රදේශයේ දුර්වල තත්වයේ පසු වූ ඇතෙකුට ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරීහු ප්‍රතිකාර කළහ.
ඇතාගේ ශරීරය මතුපිට වෙඩි සලකුණු කීපයක් දක්නට ලැබුණු බවත් වලිගයට හානි සිදු වී ඇති බවත් පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසුවේය. ඇතාගේ පසු පාදයක් ඉදිමී තිබෙනු දක්නට ලැබුණු අතර ඇතාට ප්‍රතිජීවක එන්නතක් ලබා දීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. අසාධ්‍ය තත්වයේ පසු වන ඇතා වනජීවී නිලධාරීන් විසින් මීට පෙර වනෝද්‍යානය තුළ දැක නැති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. 'මේ ඇතා මීට කලින් උඩවලව ජාතික උද්‍යානයේ නොදැකපු ඇතෙක්. මේ වගේ දළ තියෙන ඇතෙක් මම දැකල තියෙන්නේ යාල තිලක් කියන ඇතා විතරයි. මේ ඇතා ගොඩක් අසාධ්‍ය තත්වයේ ඉන්නේ' පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසීය. පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් ඇතාට ප්‍රතිකාර ලබා දෙනු ලැබුවේ රාජකාරිවලින් ඈත් වී වැඩවර්ජනයක යෙදී සිටින අතරතුරදී. ''මිනිස්සු ලෙඩ වුනාම කොහාට හරි ගිහින් බෙහෙත් ගන්නවා, නැතිනම් කාට හරි ඒ බව කියනවා. නමුත් මේ සතුන් ලෙඩ උනාම කාටවත් කියන්න බෑ.' ඔහු කියා සිටියේය. රුහුණේ කඩොල් පරපුර අසාධ්‍ය තත්වයේ පසු වන ඉහත කී ඇතා රුහුණු ගැටව් නමැති අලි විශේෂයට අයත් වන බවයි පරිසරවේදීන් පවසන්නේ. ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල වෙසෙන අලින්ට වඩා රුහුණු ගැටව් ප්‍රමාණයෙන් කුඩා වේ. දුටුගැමුණු රජතුමාට අයත්ව සිටි කඩොල් ඇතාද අම්බලන්තොට රැකව ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ රුහුණු ගැටව් විශේෂයට අයත් ඇතෙකු බව ජන සාහිත්‍යයේ සඳහන් වේ. එම විශේෂයට අයත් ඇතුන් දහයට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. 2011 වසරේ ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද සංගණනයට අනුව මෙරට සමස්ත ඇත් ගහනය 120 ක් පමණ වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. එම ලිපියේ පිටපතක් ද එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත ලබා දුන්නේය. "මේ වන විට ක්‍රීඩාව ගොඩනැගීමට විශාල මෙහෙවරක් කළ ‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩාලෝලීන් හා රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට පරිපාලනය සෘජුව වගකිව යුතු බැවින් පරිපාලනය වෙනස් විය යුතු බවය," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ. "මෙවන් තත්වයක් ය‍ටතේ අප කළ යුතු වන්නේ නීතිවිරෝධී, දූෂිත හා අදූරදර්ශී පාලන ක්‍රමවේදය ඉවත් කර ඒ සඳහා කමිටුවක් හෝ කොමිසමක් මඟින් අගාධයට වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ගෞරවනීය තත්වයට ගෙන ඒමට කටයුතු කිරීම ය. එසේ කමිටු පත් වූ සෑම අවස්ථාවකම ක්‍රිකට් ක්‍රීඩාවේ උද්දීපනයක් ඇති වූ බව ද කිව යුතුය." කෙසේ නමුත් වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට 1996 දී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් කණ්ඩායමේ නායකයා කරන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට ඉහතදී කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, "එතකොට මේක කරන්න යන්නේ කවුද?" යනුවෙන් තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවය වෙත ප්‍රති ප්‍රශ්නයක් යොමු කළේය. අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට කෙරෙන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රතික්ෂේප කරයි "මම හිතන්නේ ඔය කතාවට උත්තර දෙන එක මට අදාළ නෑ. අපිට මේක හදන්න පුළුවන්කම තියෙනව. අපි ඒක හදාගෙන යන්නම්. මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල මම එයාට පැහැදිලිව කියනව." ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද බීබීසී සිංහල සේවයට පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රීඩකයන් දිගින් දිගටම පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය. ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න - අර්ජුන "කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නෑ. ඊට වඩා එහා ගිය, ඉතාම සාර්ථක දේශීය ක්‍රීඩා තරග ඇතුළත් කරලා තියෙනව." කෙසේ නමුත් සිය පරිපාලනය සමයේ ගනු ලැබූ ඇතැම් තීන්දු පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරගවලින් පරාජයවීම දරාගත නොහැකිව කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමක හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන්වැනි එක් දින තරගය විනාඩි තිස් පහක කාලයක් නතර කිරීමට සිදු විය. ඉන්දියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩාලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දුන්හ. අපි හැමදාම කිවුවේ ක්‍රීඩා සමාජවල ඡන්ද 148 ක් එක්ක අපේ ව්‍යවස්ථාව මාරු කරේ නැත්නම් අපේ ක්‍රිකට් දියුණු කරන්න බෑ -සිදත් වෙත්තමුණි පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිරිසගේ හැසිරීම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ හෙළා දැකීමට ලක් විය. ඊට පෙරාතුව දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති එක් දින සීමිත ඕවර තරගය අවසානයේ කෝපාවිෂ්ඨ ක්‍රීඩාලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩාවැදීම හේතුවෙන් ක්‍රීඩකයන්ට ආරක්ෂාව සැපයීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද සිදුවිය. ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩාලෝලීන් එවැනි හැසිරීම් පිළිබඳව කණගාටුවන අතර, එවැන්නක් ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද අවධාරණය කරති.
රුසියාව සහ බටහිර රටවල් අතර සම්බන්ධතා වර්ධනය විය හැකි නමුත් එය රඳා පවතින්නේ බටහිර නායකයන් මත යයි ජනාධිපති ව්ලදිමීර් පුතින් කියා සිටියි.
දෙපාර්ශවය අතර සහයෝගීතාවය යළි සාමාන්‍ය අතට හැරිය හැකි බව රුසියානු නායකයාගේ පිළිගැනීමයි. බටහිර රටවලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ජනාධිපති පුතින් විසින් විස්තර කරනු ලැබ නැත. ක්‍රිමියාවේ තත්වය එහෙත් ඊයේ සිකුරාදා, ජනාධිපති පුතින්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, රුසියාවට එරෙහිව තර්ජනය කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර තිබුණි. බටහිර සම්බාධක යුක්‍රේන් අර්බුදය මුල්කර ගනිමින් තම රටට එරෙහිව සම්බාධක පනවන බවට එක්සත් ජනපදය තර්ජනය කරන බවයි, රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා සඳහන් කළේ. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර සමාන කර තිබුණේ, ‘වැරැද්දක් කළ පාසල් ළමයකු’ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සමඟ. ක්‍රිමියාව රුසියාවට එක් කිරීමේ ජනමත විමසුම සම්බන්ධයෙන් එල්ල කෙරෙන විවේචන ජනාධිපති පුතින් විසින් බැහැර කරන ලද බවත් වාර්තා වෙයි. සති දෙකක පමණ කාලයක් ඇතුළත සැලසුම් කෙරුණ ක්‍රිමියානු ජනමත විමසුම අධීක්‍ෂණය කරන ලද්දේ රුසියාවට හිතවත් නිරීක්ෂකයන් කණ්ඩායමක් විසිනුයි.
විශාලත්වය අතින් ද සමානවන ටයිටැනික් නෞකාවේ අනුරුවක් චීනයේ විනෝද උයනක් (Theme park) තුළ ඉදිකිරීමට නියමිතයි.
අනතුරට පත් ටයිටැනික් නෞකාවට විශාලත්වයෙන් සමාන අනුරුවක් ඉදි කෙරෙන්නේ පළමුවරටයි පසුගිය බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ කෙරුණ දිගින් මීටර 269 ක් වන නෞකා අනුරුව සිචුවෑන් පළාතේ ජලාශයක් තුළ ස්ථීර වශයෙන් නැංගුරම් ලා තැබෙනු ඇත. 1912 වසරේදී අනතුරට පත් ටයිටැනික් නෞකාව ඉදිකරන ලද්දේ බෙල්ෆාස්ට්හි හැරල්ඩ් සහ වොල්ෆ් සමාගම විසිනි. දිගින් මීටර 269 ක් වන නෞකා අනුරුව සිචුවෑන් පළාතේ ජලාශයක් තුළ ස්ථීර වශයෙන් නැංගුරම් ලා තැබෙනු ඇත. එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිමකුළක ගැටී අනතුරට පත් විය. අනතුරින් එහි ගමන්ගත් මගීන් 1,500 දෙනෙක් මරුමුවට පත්විය. 1997 වසරේදී සිනමාවට නැගුණු ටයිටැනික් වෘතාන්තය චීන වැසියන් අතර අතිශයින් ජනප්‍රිය වීමත් සමග ටයිටැනික් අනුරුවක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමුවිය. ව්‍යාපෘතිය සඳහා පවුම් ලක්ෂ 1150 වැය කෙරෙනු ඇතැයි අදාළ සමාගම 2014 වසරේදී නිවේදනය කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිමකුළක ගැටී අනතුරට පත් විය ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය ක‍රන ලද කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වූ ටයිටැනික් චිත්‍රපටය සඳහා මුල් නෞකාවේ අනුරුවක් යොදා ගත් නමුත් විශාලත්වයෙන් එක හා සමාන අනුරුවක් නිර්මාණය කෙරෙන්නේ පළමු වරටයි. එය මුල් ටයිටැනික් නෞකාව මෙන් නර්තන ශාලා, පිහිනුම් තටාක සහ සිනමා ශාලාවලින් සමන්විත වනු ඇත. ව්‍යාපෘතිය සඳහා පවුම් ලක්ෂ 1150 වැය කෙරෙනු ඇතැයි අදාළ සමාගම 2014 වසරේදී නිවේදනය කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.
සෝනි (Sony) සමාගම වාර්ෂිකව පවත්වන ලෝක ඡායාරූප ප්‍රදර්ශනයේ, 'නිදහස් ඡායාරූප' අංශයේ ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ ඡායාරූප මෙසේ ඉදිරිපත් කර සිටින්නෙමු:
පුද්ගල ඡායාරූප අංශයේ හොඳම ඡායාරූපය ලෙස වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේ බ්‍රිතාන්‍යය ජාතික නික් ඩොල්ඩින්ග් ලබා ගත් ඉහත දැක්වෙන ඡායාරූපයයි. මෙම තරඟයේ සියලු ජයග්‍රාහකයින් අප්‍රේල් 19 වෙනිදා පැවැත්වීමට නියමිත 'වසරේ නිදහස් ඡායාරූප ශිල්පියා' තරඟයට ඉදිරිපත් වනු ඇත. "මෙම තරඟය ඡායාරූප ශිල්පීන් අතර බොහොම ජනප්‍රියයි. ඒ ඇයි කියල තේරුම් ගන්න අමාරු නැහැ" යනුවෙන් සංචාරක අංශයේ ජයග්‍රාහකයා වන මිකෙල් බීටර් පැවසුවේය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ නොර්වේ ලොෆෝටන් ආර්කිපෙලැගෝ (Lofoten Archipelago) ප්‍රදේශයේ දර්ශනයකි. "අලංකාර ඕල්ස්ටින්ඩේන් කන්ද කහ පාට හුරුබුහුටි කුඩා නිවසේ වහලයේ හැඩයට සමානයි. හිමෙන් වැසුන කන්ද නිසා කහ පාට හොඳින් කැපී පෙනෙනවා. මේ පිංතූරය සංස්කරණය කරන විට වම් පස තිබුණ කුඩා නිවාස මම ඉවත් කළා. ලයිට්රූම් සහ ෆොටෝෂොප් (Lightroom and Photoshop) භාවිතා කර පාට තුලනය කිරීම් සහ තියුණු කිරීම් කළා." යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය. 'වැඩි දියුණු කරන ලද ඡායාරූප' අංශයේ ජය හිමි වූයේ ඉහත දැක්වෙන ඡායාරූපය ලබා ගත් ක්ලෝස් ලෙන්සෙන්ටය. බටහිර ජර්මනියේ ඩසල්ඩොෆ් නුවර වරායේ පිහිනුම්කරුවන් තිස්පස් දෙනෙකුගේ තනි ඡායාරූපවල එකතුවකින් මෙම කණ්ඩායම් ඡායාරූපය නිර්මාණය කර ඇත. 2017 සරත් සෘතුවේ දී ලබා ගත් මෙය නම් කර ඇත්තේ 'ඔබ ගන්නා සෑම හුස්මක්ම' ලෙසිනි. සිසිර සෘතුවේදී බල්ගේරියාවේ ජාතික උද්‍යානයක ගස් පෙළක දර්ශනයක් වන මෙය 'උද්‍යාන සහ ස්වභාවධර්මය' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙය වෙසෙලින් අටනාසොෆ්ගේ කැමරාවේ සටහන් වූ ඡායාරූපයකි. ඉහත දැක්වෙන්නේ රිචඩ් ෆ්‍රීෂ්මෑන්ස් ලබා ගත් 'නිසල ජීවීන්ගේ ඡායාරූප' අංශයේ ජයග්‍රාහී ඡායාරූපයය. මෙහි දර්ශනය වන්නේ 'ජෙරී මික්සෙකා' ආපනශාලාවේ ඉරිදා දින බුෆේ ක්‍රමයට පිළියෙළ කරන ලද ආහාර වර්ගය. "සත්ත්ව දඩයමට ඉතා ප්‍රසිද්ධ ටෙක්සාස් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක දහවල් ආහාරය ගැනීමට ස්ථානයක් සොයමින් යන විට, මම මේ දුටු දර්ශනයෙන් පුදුමයට පත් වුණා" යැයි රිචඩ් පැවසුවේය. ෆජාර් ක්‍රිස්ටිආන්ටෝ ලබා ගත් මෙම ඡායාරූපය 'චංචල ඡායාරූප' අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙහි පසුබිමෙන් දැක්වෙන්නේ ජකර්තා නුවර අලුතෙන් ඉඳි කළ පිහිනුම් තටාක සහිත ක්‍රීඩාංගණයකි. 'සංස්කෘතිය විදහා දක්වන ඡායාරූප' අංශයේ ජයග්‍රහණය ග්‍රීක ඡායාරූප ශිල්පී පැනොස් ස්කෝදාස්ට හිමි විය. හරක් හිසකින් සහ සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණ පැනොස්ගේ පුතා මෙම ඡායාරූපයේ දැක්වේ. "ක්‍රෙට් දූපතේ පිහිටි මිනොස් රජුගේ සත්‍යය මාළිගාවේ තමයි මේ පිංතූරය ලබා ගත්තේ. ඇඳුම් සහ වෙස් මුහුණ නිර්මාණය කළේ මම විසින්මයි," යනුවෙන් පැනොස් පැවසුවේය. "සේකුවා (Sequoia) සත්වෝද්‍යානයෙන් පිටත් වීමට සැරසෙන විට මගේ ඇස් අඟින් දුටුවා මීදුම අතරින් කිසියම් දෙයක් මතු වෙනවා," යනුවෙන් ජුස්ටුනා පැවසුවාය. ඇය 'වනසත්ව ඡායාරූප' අංශයේ ජයග්‍රාහිකාව වේ. "වැඩිය සිතන්නේ නැතුව, මම කැමරාව අරන් ඒ දෙසට දිව්වා. මම මීදුම අතරට යන කොට, මට අතු කැඩෙන ශබ්දයක් ඇසුනා. සේකුවා සත්වෝද්‍යානය කළු වලසුන්ගේ නිවහනක් නිසා ඊට ඇතුළු වන සෑම දෙනාටම මේ ගැන අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා මටත් බිය දැනුනා." "මම හැරී බලන විට වාසනාවට එතන වලසෙක් සිටියේ නැහැ. ඒ වෙනුවට දුටුවේ පුදුමෙන් වගේ මා දෙසට ඇවිද එන 'මූල්' වර්ගයේ මුවෙක්. ටික වෙලාවකින් තව මුවන් එතනට එකතු වුණා. අපි ටිකක් වෙලා හිටගෙන එකිනෙකා දිහා බලාගෙන සිටියා" "මගේ කැලිෆෝනියානු සංචාරයේ සුන්දරම මතක සටහනක් එය," යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. 'පැරණි යහළුවන්' ලෙස නම් කළ ඉහත ඡායාරූපයේ හිමිකරු මැනුඑල් ආර්මේනිස්ය. මෙය 'වීදි ඡායාරූප' අංශයේ හොඳම ඡායාරූපය ලෙස තේරී පත් විය. ජර්මනියේ හැම්බර්ග් නුවර වීදියක ලබා ගත් මෙම ඡායාරූපය පිළිබද අදහස් දක්වමින් ආර්මේනිස් පවසා සිටියේ, "මහලු වුවත් මේ පිංතූරයේ සිටින කාන්තාව තමයි ඇයගේ අසල්වැසියන් අතර සිටින වඩාත්ම සුන්දර කාන්තාව" යනුවෙනි. "ඇය නිතරම හොඳට ඇඳ පැළඳගෙන සිටිනවා. ඉතා අධිෂ්ඨානශීලීයි, නිතර සිනාසෙනවා, සෑම දිනක්ම ඇයට වෙහෙසකර අභියෝගයක් වුවත්, කිසි දවසක දුක්ගැනවිලි කියන්නේ නැහැ. ඒ වගේම ඇය නිතරම සිටින්නේ හොඳම මිතුරා වන පුංචි බලු පැටවා සමග," යනුවෙන් ඔහු තව දුරටත් පැවසුවේය. 'ගොඩනැඟිලි ඡායාරූප' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් ඉහත දැක්වෙන ඡායාරූපය 'මිනිසා සහ ගුප්ත කුලුන' ලෙස නම් කර ඇත. ඡායාරූපයේ හිමිකරු අන්ද්‍රියාස් පෝල්ය . එහි දැක්වෙන්නේ 1930 වසරේදී බර්ලින් නුවර ගොඩනගා ඇති කුලුනකි. සියලු ඡායාරූපවල හිමිකම් සෝනි ලෝක ඡායාරූප ප්‍රදර්ශනය සතුය. මේ තොරතුරුද දැනගන්න:
යුගයේ අවශ්‍යතාව විය යුත්තේ 'එළුග තමිල්' නොව 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන්න බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' ඇමතිවරයා ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' යන මැයෙන් යාපනයේදී ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන පාඨය පෙරදැරි කර ගනිමින් වර්තමානය තුළ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජන කොට්ඨාශ පෙළ ගැසිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පෙන්වා දෙයි. 'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අද (24) යාපනයේ පැවති 'එළුග තමිල්' ව්‍යාපාරය විරෝධතාවක් ලෙස නොසලකා කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. යාපනයේ පැවති 'එළුග තමිල් උද්ඝෝෂණ ව්‍යාපාරය පශ්චාත් යුද සමයේ තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කරතා හඬ ගා කීමට උතුරේ වැසියන්ට ඇති අවශ්‍යතාව තේරුම් ගත යුතු බවයි ඇමතිවරයා කියා සිටියේ. අතීතයේ එවකට පැවති අවශ්‍යතාවට අනුව ජාතීන් මුල් කර ගනිමින් යම් පිබිදීම් ඇති වුවත් එය අද අවශ්‍යතාවට කොතෙක් ගැළපෙන්නේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි. 'සිංහලයනි නැගිටිව්, දමිලයනි නැගිටිව්, මුසල්මාන්වරුනි නැගිටිව් කියලා ඒ කාලේ කිව්වා. අනගාරික ධර්මපාලතුමා ඒ කාලේ කිව්වා සිංහලයනි නැගිටිව් කියලා. ඒකට සාධාරණ හේතු තිබ්බා.' ඇමතිවරයා සඳහන් කළේය. ජාතික ගැට‍ළුවට විසඳුමක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංවාද මණ්ඩලයක් ලෙස කටයුතු කරන බවයි ඇමතිවරයා පවසන්නේ. ඒ සඳහා සාමාජිකයන් විසි එක් දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කොට ඇති බවත් ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු සාමාජිකයන් එහි කටයුතු කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේය.
කහවත්ත පොලිස් වසමේ කොටකෙතන, දිඹුල්වල, ඕපාත, නිලදුරේ, වරාපිටිය, ආදී ගම්මාන ආශ්‍රිතව වසර කිහිපයක් තිස්සේ සිදුවූ කාන්තා ඝාතන දහනවයකින් හයක් සම්බන්ධයෙන් එකම පුද්ගලයෙකුගේ ඩිඑන්ඒ වාර්තා ගැලපෙන බව පරීක්ෂණවලින් හෙළි වෙයි.
බොරැල්ල ජින්ටෙක් ආයතනය මේ බව තහවුරු කර ඇති බව රහස් පොලිසිය අද, අඟහරුවාදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන්නේය. පසුගිය 11දා අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන පදිංචි නීල් ලක්ෂ්මන් නැමැති තිස් පස් හැවිරිදි පුද්ගලයාගේ ඩීඑන්ඒ මෙසේ ගැලපෙන බවයි එම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් දන්වා සිටියේ. ඒ අනුව එම සැකකරු මේ මස 29 දින දක්වා තවදුරටත් රිමාන්ඩ්බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය. මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඕපාත වත්තේ තේ දලු නෙළමින් සිට වරුවක් වැඩ කර නිවසට පැමිණෙන්නට ආ ඕපාත වත්තේ පදිංචි නාදන් පාප්පු නැමැති දෙදරු මවක් මහ දවල් කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඇගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණයට පැවසුවේය. දෙදහස් දොළහ වසරේ මැයි මාසයේ ඝාතනයට ලක්වූ සේතුංගගේ දයාවතී සහ සේතුංගගේ තිලකාවති යන සොහොයුරියන් දෙදෙනාගේ, ඒ .එල්. ප්‍රේමාවතී සහ පුෂ්පා කුමාරි යන මව සහ දියණියගේ මෙන්ම, එස්.එම්. ඩිංගිරිමැනිකේ සහ සිරිවර්ධන මැනිකේ යන කාන්තාවන් හය දෙනාගේ ඩීඑන්ඒ, සැකකරුගේ ඩිඑන්ඒ හා සැසඳෙන බව ජින්ටෙක් ආයතනය දන්වා ඇති බව එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන් හය දෙනාම දුෂණයට ලක්ව තිබු බවත් ඔවුන්ගේ යෝනිවලින් ගත් ඩීඑන්ඒ රටා සැකකරුගේ ඩිඑන්ඒ රටා සමග ගැලපෙන බවත් ජින්ටෙක් ආයතනය දන්වා ඇති බවද රහස් පොලීසිය අධිකරණයට පැවසුවේය. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාව මත එම ඝාතන සිදුවූ ස්ථාන නිරීක්ෂණයට රැගෙන ගිය බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. නාදන් පාප්පු නැමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්ත ද ඇගේ ඩීඑන්ඒ හා සැකකරුගේ ඩිඑන්ඒ සැදෙන්නේ ද යන්න තවම දන්වා නැති බව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බවද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ වන විටත් මෙම ගම්මාන ආශ්‍රිතව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. කොටකෙතන ගමේ විශේෂ පොලිස් මුර පොළක් ද ස්ථාපිත කර ඇත්තේ වසර කිහිපයකට පෙරයි. ඊට පසුද මෙම ගම්මාන වල අබිරහස් ඝාතන සිදු විය. ගත වූ අට වසරක කාලය තුල ඉහත ගම්මාන ආශ්‍රිතව පිරිමින් හය දෙනෙක් ද අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇතත් ඔවුන් ගැන පරීක්ෂණ යටපත්ව ඇතැයි ගම්වැසියෝ කියති. එසේ ඝාතනයට ලක්ව තිබුණේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඝාතන සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු බවද ප්‍රදේශවාසීහු පවසති. එක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගත් බවද ගම්වාසීහු පවසති. එසේම ඩීඑන්ඒ වාර්තා සැසඳුණ කාන්තාවන් කිහිප දෙනෙකුගේම ඝාතන සම්බන්ධයෙන් ද පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අභිරහස් කාන්තා මිනිස් ඝාතන නිසා කොටකෙතන, වරාපිටිය, නිලදුරේ, දිඹුල්වල, ඕපාත ආදී ගම්වල ජනතාව තවමත් ජිවත් වන්නේ බියෙන් හා සැකයෙන්. සමහරු ගෙවල් දොරවල් හැර ගොස් සිටිති. හිරු බැස යන්නට පෙර නිවෙස්වලට වි රැය පහන් කරන්නට ගම්වාසීහු පුරුදුව සිටිති.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.
'රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට සහ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා' වරාය නගර ව්‍යාපෘතිය මැයි මස ආරම්භයේ යළි ආරම්භ කරන බවයි ආණ්ඩුව පවසන්නේ. පරිසර ඇගයීම් වාර්තා ක්‍රියාවලිය සහ අධිකරණයේ නඩු කීපයක් පැවතීම හේතුවෙන් ඉහත කී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් පෝට්සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට කියා සිටියේ. 'මේ කරුණු දෙකට අමතරව ජනතාවගේ විශාල විරෝධයක් පවතිනවා. ඒ වගේම රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට සහ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා' ඔහු සඳහන් කළේය. එවැනි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතා අදහස්වලට පිටුපා ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් පරිසරවේදියකු වශයෙන් තමන් කනගාටු වන බවත් ඔහු පැවසීය. 'යහපාලන සංකල්ප ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් ජනතා ඡන්දයෙන් බලයට පත් රජයක්, රටේ ජනතාවට රටේ නීතිරීතිවලට එකඟ නොවී කටයුතු කිරීම පිළිබඳ කණගාටු වෙනවා' පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් කියා සිටියේය.