text
stringlengths 1
163k
|
---|
සියළු පන්ති තහනම් හා ශිෂ්‍යභාවය අහොසි කිරීම් ඉවත් කරනු - ජපුර සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ නවතියි |
Thursday, July 3, 2014 haritha lakmal wijayadasa |
සියළුම පන්ති තහනම් හා ශිෂ්‍යභාවය අහොසි කිරීම් වහා ඉවත් කරන ලෙස බල කරමින් අද (03) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් උද්ඝොශනයක් පැවැත් විය. |
අද දහවල් පාගමනින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි සිසුන් සුළු වේලාවක් විශ්වවිද්‍යාලය ඉදිරපිටදී උද්ඝෝෂණයේ නිරත වූ අතර අනතුරැව සිසුන් පාගමනින් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වෙත ගමන් කළ අතර පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත විය. පසුව සිසු නායකයන් විසින් රැස්ව සිටි සිසුන් ආමන්ත්‍රණය කළ අතර ඉන්පසුව සිසුන් විසින් පරිපාලන ගොඩනැගිල්ල තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. |
මෙහිදී රැස්ව සිටි සිසුන් ආමන්ත්‍රණය කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලය පුරාවට ජයවර්ධනපුර විශ්වවද්‍යාලයේ උපකුලපතිවරයා විසින් සිසුනට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නිදහස අහිමි කරමින්, සිසුන් නේවාසිකාගාර තුළ සිරකරුවන් බවට පත් කරමින් ක්‍රියාකළ බවයි. |
තවද මෙම ගැටළු විසදන ලෙස සිසුන් ඉල්ලීම් කළද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් උපකුළපතිවරයා සූදානම් නොවූ බවත් මේ නිසා සිසුන්ට අරගලය හැරෙන්න වෙනත් විසඳුමක් නොතිබුණ බවත් එබැවින් සිසුන් ආරම්භ කළ අරගලය විසඳුමක් ලැබෙනතුරු පරිපාලන ගොඩනැගිල්ල තුළ සත්‍යග්‍රහයේ නිරතවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියහ. |
පසුගිය කාලය පුරාවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුණු සිසු මර්දනයක් ක්‍රියාත්මක වූ අතර සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් පන්ති තහනමට ලක් කර ඇත. අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර හා රජරට සිසු නායකයින් තිදෙනා වහා නිදහස් කරන ලෙස බලකිරීමද මෙම උද්ඝෝෂණයේ අරමුණක් විය. |
ඡායාරූප නැරඹීමට |
"ආර්මේනියා ඝාතන 'ජනසංහාරයක්'": රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වුව පරදුවට තබමින් සුදොතුම් පියතුමා ආර්මෙනියාවේ දී කල කතාව |
In Armenia, Holy Father risks a diplomatic rift with Turkey; Calls historic killings "Genocide" |
ආර්මේනියා ජනපති සමග |
(2016 ජුනි 26) |
වතිකානය සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල දෙදරීමක් සිදුවීම පවා පරදුවට තබමින්, පළමුවැනි යුද්ධ සමයේ තුර්කිය විසින් ආර්මේනියානු ජාතිකයන් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය කරනු ලැබීම "ජන සංහාරයක්" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ ඉකුත් සති අන්තයේ ආර්මේනියාවේ සිදු කල අපෝස්තලික සංචාරයේ දී ය. |
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආර්මේනියා සංචාරය ආරම්භ කලේ ජුනි 24 වැනිදායි. එතුමා ගේ මෙම චාරිකාවේ ප්‍රමුඛතම අරමුණ ආර්මේනියාන ඕතඩොක්ස් සභාව හා කතෝලික සභාව අතර සංවාදය තහවුරු කොට එක්සත් බවට යොමු කිරීමයි. . |
කලින් සෝවියට් සමුහාණ්ඩුවට අයත් ජනරජයක් වූ ආර්මේනියාව පිහිටා ඇත්තේ නැගෙනහිරින් අසර්බයිජානයට හා බටහිරින් තුර්කියට මායිම්වයි. මේ රටවල් තුනම ඉපැරැණි ඔට්ටෝමාන් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ විය. තුන් මිලියනයක් වන ආර්මේනියා ජනගහනයෙන් සියයට 95ක් කිතුනුවෝය. මෙම කිතුනුවන්ගෙන් සියයට 92ක් ම අයත් වන්නේ ආර්මේනියාන අපෝස්තලික (ඕතඩොක්ස් ) සභාවටයි. |
"ආර්මේනියාන ජනසංහාරය" යනු? |
විසිවන සියවසේ මුල් කාර්තුවේදී ඔටෝමාන් ආණ්ඩුව විසින් (වර්තමාන තුර්කිය පිහිටා ඇති ප්‍රදේශය) එරට සිය මව්බිම කොටගෙන ජීවත් වූ ආර්මේනියාන ජාතිකයන් මිලියන 15 ක් දෙනා, එම මව්බිම තුළ දීම සැලසුම් සහගතව මරා දැමීම "ආර්මේනියාන ජන සංහාරය" ලෙස ඉතිහාසඥයෝ හඳුන්වති. එය ආරම්භ වූ දිනය ලෙස සැලකෙන 1915 අප්‍රේල් 24 වනදා කොනස්තන්තිනෝපලයේ ජීවත්වූ වාර්ගික ආර්මේනියාන බුද්ධිමතුන් හා ජන සංවිධාන නායකයන් 270 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් ඔටෝමාන් බලධාරීහු ඔවුන් ඇන්කාරා නුවරට රැගෙනවිත් මරා දැමුහ. පළමුවැනි ලෝක යුද සමයේ සහ ඉන්පසුව සිදු කෙරුණු මෙම සංහාරයේ දී, සවි බල ඇති පිරිමින් රැගෙනවිත් ඝාතනය කෙරුණු අතර ළමයින් හා කාන්තාවෝ පිටුවහල් කරනු ලැබූහ. බොහෝ විට සිදුවූයේ ඔවුන් නිරාහාරව හා පිපාසයෙන් තැබීමත් දුෂණය කර මැරෙන්නට සැලැස්වීමත් ය. තවත් පිරිස් සිරියාවේ කාන්තාර ඔස්සේ "මාරක පෙළපාලි"වල යොදවනු ලැබූහ. බුරුතු පිටින් ජනතාව කුරුසිවල ඇනගසනු ලැබූහ |
ජනසංහාරයේ මතකය ..... |
එහෙත් ඔට්ටෝමාන් ආධිරාජ්යයේ අනුප්‍රාප්තික රාජ්‍යය වන තුර්කිය මෙම ඝාතනවලට "ජන සංහාරය " යන වචනය යොදා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරයි. ගිය වසරේ අප්‍රේල් මාසයේ වතිකානයේ පැවැති මෙම සංහාරයේ සියවස් සමරුවේ දී සුදොතුම් පියතුමා මෙම ඛේදාන්තය හැඳින්වීම සඳහා "ජන සංහාරය" යන වචනය ම යොදා ගැනීම නිසා තුර්කිය කෝපයට පත් විය. ඊට විරෝධය පලකිරීම සඳහා වතිකානයේ සිටි තුර්කි තානාපති වරයා ආපසු සිය රටට කැඳවා ගනු ලැබිණි. |
මේ නිසා ශුද්ධෝතම පියතුමා ආර්මේනියාවේ දී මෙම ඝාතනවලට කවර වචනයක් යොදා ගනු ඇත්ද යන්න ගැන ලෝකයේ අවධානය් දැඩි ලෙස යොමු වී තිබිණි. |
සුදොතුම් පියතුමාගේ සංචාරයට යලිත්... |
ජුනි 24 වැනි සිකුරාදා ආර්මෙනියාවට සැපත් වූ සුදොතුම් පියතුමාගේ පළමු දින කාලසටහනේ දෙවන අංගය වී තුබුණේ යෙරෙවාන් අගනුවර ජනාධිපති මාලිගයේ දී එරට ජනාධිපති සෙරේෂ් සරග්ෂියාන් මහතා ප්රමුඛ දේශපාලන හා සිවිල් නායකයන් විසින් එතුමා පිළිගනු ලැබීමයි. |
දැනට වසර සියයකට ඉහත සිදු වූ මෙම ශෝකාන්තය සුදොතුම් පියතුමා එහිදී කල කතාවේ දී සිහිපත් කලේ ය. එහෙත් එතුමාගේ කතාවේ ලිඛිත පිටපතේ එම සිද්ධිය සඳහන් කර තිබුනේ ප්‍රවේසමෙන් හා සැහැල්ලු වචන යොදාගනිමිනි. ඒ සඳහා ලිඛිත පිටපතේ යොදා තිබුනේ "එම දැවැන්ත නපුර" (Metz Yeghérn, or "Great Evil") යන වචනයි. |
එහෙත් මෙතැනදී තමාට හුරු පුරුදු ලෙස සිය කතා පිටපතින් ඉවත් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කීවේ ය: "කනගාටුදායක ලෙස, එම ඛෙදාන්තය - එම ජන සංහාරය - පසුගිය සියවසේ අපගේ ලෝකය තුළ සිදු වූ නින්දිත හා ඛේදනීය ව්‍යසන මාලාවේ පළමුවැන්නයි. එම ජනසංහාරයට මඟ පාදන ලද්දේ, සමස්ත ජනතාවක් සමූලඝාතනය කරන තත්වය තෙක් එය සිදු කල වධකයන් ගේ හදවත් අන්ධකාරයට පත් කරන ලද විකෘති වූ වාර්ගික, ආගමික හා න්‍යායික අරමුණු සමුහයයි." |
මෙම ඛේදාන්තයෙන් වර්තමාන ලෝකයේ ජීවත්වන්නන් වන අපට දැවැන්ත පාඩමක් ඉගෙන ගැනීමට ඇති බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "ගත වූ සියවසේ මෙවැනි අනර්ථකාරී හා විනාශකාරී සිදුවීම් කරා ලෝකය මෙහෙයවන ලද වෛරය, පූර්ව විනිශ්චයන් හා ආධිපත්‍යය සඳහා වූ තෘෂ්ණාවේ ප්‍රතිඵල අපි අත්විඳ ඇත්තෙමු. එබැවින්, එම අනර්ථකාරී ප්‍රතිඵල අත්විඳි මානව ප්‍රජාව, ඒවායින් පාඩම් ඉගෙනගෙන, එවැනි භීෂණකාරී තත්වයන් යලි ඇති වීමේ අනතුර වලක්වාලීම සඳහා වගකීමෙන් හා ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි." |
ආගමක, විශ්වාසයක හෝ දෙවියන් ගේ නාමයෙන් සිදුකෙරෙන ඝාතන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහි දී දෝෂ දර්ශනයට ලක් කළේය. මෙවැනි යුද්ධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා සමස්ත මානව ප්‍රජාව එක්සත් විය යුතු බව එතුමා අවධාරණය කලේ ය: "දෙවියන් වහන්සේ ගේ පරිශුද්ධ වූ නාමය අයුතු ලෙස පරිහරණ කරමින් හා විකෘති කරමින්, යුද්ධය, පීඩනය හා ප්‍රචණ්ඩකාරී හිංසනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආගම යොදා ගන්නා කණ්ඩායම් හුදෙකලා කිරීම සඳහා සියලු ආගම් අනුගමනය කරන්නන් අත්වැල් බැඳගත යුතු ය." |
මේ වන විට ලොව විවධ ප්‍රදේශ වල හිංසාවටත් පීඩාවටත් පත් කරනු ලබන කිතුනු සහෝදර සහෝදරියන් සමග යාච්ඥාවෙන් හා සිතින් එකමුතු වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආර්මේනියාන කිතුනු ජනතාවට ආයාචනයා කළේය: |ආමෙනියා ජනතාව හිංසාව තමන් විසින්ම අත්දැක තිබෙනවා. දුක වේදනාව කුමක් දැයි ඔබ දන්නවා; වදහිංසා හා පීඩා කෙබඳු දැයි ඔබ දන්නවා. ඔබ ආරක්ෂා කරගෙන සිටින්නේ අතීත රිදීම් වල ස්මරණ පමණක් නොවේ; සියල්ල අලුතින් පටන් ගෙන යලි නැගී සිටීමේ ආධ්‍යාත්මික ගුණය ද ඔබ ආරක්ෂා කරගෙන සිටිනවා. ...එබැවින් මෙම වාතාවරණය තුළ ලෝක ප්‍රජාවට ඔබගෙන් ලැබිය යුතු වටිනා දායකත්වය ලබා දීමට ඉදිරියට එන්නැයි මා ඔබ දිරිමත් කරනවා." |
ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ජනප්‍රියත්වයේ කිරුළු පැළඳී, පිළිකාවට අභියෝග කරන බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - Photos - Bollywood - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company |
- ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ජනප්‍රියත්වයේ කිරුළු පැළඳී, පිළිකාවට අභියෝග කරන බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka |
සුරූපී සොනාලි සහ හැමෝම දන්න මනීෂා කොයිරාලත් ඒ අතර.. |
බොහෝ දෙනෙක් ආදරය කළ රාකේෂ්ගේ දැන් තත්ත්වය !!! |
රාකේෂ් රෝෂන් |
ඉන්දීය සිනමාව තුළ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්යක්ෂවරයෙක්, තිර රචකයෙක් මෙන්ම හිටපු රංගධරයකු ලෙසද ප්‍රකට රාකේෂ් රෝෂන් උගුර ආශ්රිත පිළිකා රෝග තත්ත්වයකින් පෙළෙන බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා. |
ඒ පසුගිය 2018 වර්ෂයේදීයි. කෙසේ නමුත් පසුගිය වර්ෂයේදී (2019) ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව කළ ප්රතිකාරමය චිකිත්සාවන්ගෙන් අනතුරුව ඔහු මේ වන විට සුවදායි අතට හැරෙමින් පවතින බවයි නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. |
හිටපු ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරයකු වන රෝෂන් ලාල් නාග්රාත්ගේ එකම පුත්‍රයා වන ඔහු වර්තමාන බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන්ගේ පියාණන් වීමද විශේෂත්වයකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් “Karan arjun”, Kaho Naa Pyaar Hai, Koi... mil gaya සහ Krrish චිත්‍රපට පෙළට ඉන්දීය සිනමාව තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. |
සොනාලි බෙන්ඩේ්ර |
නිරූපණ ක්ෂේත්රය තුළින් විවිධ බාධක ජය ගනිමින් සිනමාවට පැමිණ බොලිවුඩ් රිදී තිරය සැරසූ නිළියක් වන “සොනාලි බෙන්ඩේ්ර” උදරය ආශි‍්‍රත පිළිකා තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන තිබුණේ 2018 වර්ෂයේ ජූලි මාසයේදීය. ඒ අනුව පසුගිය වසරේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදය වෙත ගොස් පැමිණි ඇය, මේ වන විට තම රෝගී තත්ත්වයට අභියෝග කරමින් යළි තම සුපුරුදු ජීවිතයට හැඩගැසෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. |
ඒ අනුව වර්තමානයේ ගෝලීය වශයෙන් මුහුණ දී ඇති කොරෝනා වයිරස ව්‍යාප්ති තත්ත්වයන්ටද මුහුණ දීමට අවශ්‍ය සුබවාදී ආකල්ප තම සමාජ මාධ්‍යයන් ඔස්සේ සමාජගත කරමින් සිටින ඇය විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳින ඉන්දීය මිනිසුන්ට කදිම අභිප්‍රේරණයක් වී අවසන්. Bhai (1997), Sarfarosh (1999), Jis Desh mein Ganga Rehta Hain (2000) සහ Anahat (2003) වැනි චිත්‍රපට ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර ප්‍රධාන තැනක් ගනි. |
90 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල් භාගය දක්වා බොලිවුඩ්, කොලිවුඩ් රිදී තිරයට පැමිණි Bombay (1999), Gupt: The Hidden Truth (1997), Ek Chhotisi Love Story (2000) සහ Akele Hum Akele Tum වැනි චිත්‍රපට මෙන්ම ඉන්දීය ජනතා ආකර්ෂණයට පාත්‍ර වූ ටෙලිකතා මාලාවන් ඔස්සේද බොලිවුඩ්, කොලිවුඩ් සුවහසක් සිනමා ලෝලීන්ගේ නොමද ආදරය දිනාගත් නේපාල සම්භවයක් සහිත සුරූපී නිළියක් ලෙස මනීෂා කොයිරාලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. |
පසුගිය 2012 වර්ෂයේදී ඩිම්බකෝෂ ආශ්රිත පිළිකා රෝගී තත්ත්වයක අසීරුතම අවස්ථාවට පත්වීමට ඇයට සිදුවනවා. කෙසේ නමුත් එම පිළිකාවට එරෙහි දැඩි සටනකින් අනතුරුව, වසර පහක දිගු විවේකයකින් පසුව යළි රංගනයට ප්‍රවිෂ්ට වන මනීෂා කොයිරාල පෙරටත් වඩා විශිෂ්ට ලෙස සිය රංගනය 2017 වසරේ නිෂ්පාදිත Dear Maya චිත්‍රපටයටත්, Netflix නිෂ්පාදනයක් වන “sanju” නම් ස්වයංචරිතාපදාන චිත්‍රපටයටත් ලබා දෙනවා. ඒ අනුව පිළිකාවට එරෙහිව සාර්ථකව සටන් වදින බොලිවුඩ් තරු ගොන්න අතර ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිනියක වන මනීෂා කොයිරාල පිළිකාව සම්බන්ධයෙන් තමන් ලියූ “How Cancer gave mee a new Life” පොත පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබුණේ, |
“තමන් තමාගේ සෞඛ්‍ය සහ ජීවිතය නොසලකා හරිමින් ජීවත් වූවෙක් බවත්, එය පෙන්වා දීමට ගුරුවරයකු වේශයෙන් පිළිකාව තමන් වෙත පැමිණ ඇති බවත්, ඒ තුළින් ඇය නව ජීවයක් ලැබූ බවත්ය.” |
අනුරාග් බාෂු |
ඉන්දීය සිනමාව තුළ මෙන්ම ටෙලිවිෂනය තුළත් අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිරරචකයකු සහ රංගන ශිල්පියකු ලෙසද ප්‍රචලිත අනුරාග් බාෂු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව මුල්වරට හඳුනා ගන්නේ 2004 වර්ෂයේදීය. |
ඔහු මෙලෙස රුධිරය ආශ්රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බවයි වාර්තා වුණේ. කෙසේ නමුත් ප්රතිකාරවලින් අනතුරුව යළි කරළියට පැමිණෙන ඔහු 2006 වසරේදී අධ්‍යක්ෂණය කළ Gangster චිත්‍රපටයේ සිට Kites, Barfi, Jagga jasoos දක්වා අපූර්ව නිර්මාණ පෙළක් බොලිවුඩ් සිනමා ලෝලීන් ඉදිරියට ගෙන ඒමට සමත් වනවා. එයින්ද නොනැවතුණු ඔහු අභිෂේක් බච්චන් සහ රාජ් කුමාර් රාඕගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු Ludo නම් සිය නවතම සිනමා නිර්මාණය ද මෙම වසරේදී තිරගත කිරීමට සූදානමිනුයි පසු වන්නේ. |
(උපුටා ගැනුම - මව්බිම පුවත්පත) |
ගොඩනැගිල්ල අබලන් වීම නිසා මහගල්වැව විද්‍යාලයේ දරුවෝ අසරණ වෙති |
සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඉගෙනුම ලබන පාසල් ගොඩනැගිල්ලක් අබලන්වී ඇති බැවින් දරුවන් අවදානමක සිට අධ්‍යාපනය ලබන බව පවසමින් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් ඊයේ (03) හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගෙන් යම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. |
මෙහිදී නිසියාකාර විසදුමක් ලබා නොදීම නිසා අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දෙමා පියන් පිරිසක් නොසන්සුන් කාරී ලෙස හැසුරුණු අතර ඔවුන් පවසා සිටියේ තම දරුවන්ගේ අයිතිය වෙනුවෙන් තමන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි. |
මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලේ මෙම අබලන් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වසර ගණනාවක සිට බලධාරීන් දැනුවත් කලත් දරුවන්හට අවශ්‍ය පාසල් ගොඩනැගිල්ලක් සදා දීමට බලධාරීන් කටයුතු නොකළ බවයි දරුවන්ගේ දෙමා පියන් කියා සිටියේ . |
මේ අතර පසුගිය 02 දින පාසලට ගොඩනැගිල්ලක් සදා දෙන ලෙස ඉල්ලමින් මහගල්වැව මාර්ගයද හරස් කරමින් දෙමාපියන් විසින් විරෝධතාවයක්ද පැවැත්වූ අතර ඊටට නිසි විසඳුමක් නොලැබිණි. |
තම දරුවන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පි .පි සදමාලි මහත්මිය '' අපේ දරුවන් අද ඉගෙන ගන්න තැනක් නැතිව ගස් යට තමයි ඉගෙන ගන්නේ. මගේ දරුවා පළමු වසරට බාර දෙන්න අද (03) තමයි මුලින්ම එක්කගෙන ආවේ. ගුරුවරු කිවුවේ ඉන්න තැනක් නැති නිසා ළමයා නැවත එක්කගෙන යන්න කියල. අද ආපු හැම දරුවෙකුටම ඒ දේම තමයි උනේ. අපි 02 දා උද්ඝෝෂණය කල කිසිම නිලධාරියෙක් ඒ ගැන හොයන්න ආවේ නෑ. දරුවන්ට කිසිම පහසුකමක් නැති විද්‍යාලයක අපි ඉල්ලුවේ දරුවන්ට ඉගෙන ගන්න ගොඩනැගිල්ලක් විතරයි. ඒකවත් දෙන්න කිසිම බලධාරියෙක් මේ වන විට මැදිහත් වෙලා නෑ '' |
ඉරේෂා උදයමාලි '' මේ පාසලේ දරුවන්ට හරියට වැසිකිලියක් නැ ගොඩනැගිල්ලක් නෑ ගුරුවරුන්ට ගුරු නිවාස නෑ විද්‍යාගාර නෑ ,කිසිම පහසුකමක් නෑ තියෙන ගොඩනැගිලි අපේ අම්මලත් ඉගෙන ගත්තු පැරණි ගොඩනැගිලි. ඒවා දැන් අබලන්. ඒ ගොඩ නැගිලි දෙක හැරුනම කවදාවත් මේ පාසලේ ගොඩනැගිල්ලක් හදල දීලා නෑ අපේ දරුවන් වෙන පාසලකට ගන්නෙත් නෑ. ' |
ඒ අනුව ළමයින් 200ක් පමණ අධ්‍යාපනය ලබන සූරියවැව මහගල්වැව විද්‍යාලයේ ඇති ගැටළුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. |
සාර්ථක ගැහැනියක් වෙන්නේ කොහොමද? Sinhala Articles - www.tharunaya.us |
අප වෙත උපදේශන සේවාව වෙත දිනපතා එන සේවාදායිකාවෝ අතරින් හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්. ඒ තමයි කොහොමද සාර්ථක කාන්තාවක් වෙන්නේ කියන ගැටලුව. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම තමා මේ හඹා යන්නේ සාර්ථකත්වය කියල. බොහෝ ප්‍රශ්න වල මුල බලද්දී එය අවසානයට සම්බන්ධ වෙන්නේ පුද්ගල සාර්ථකත්වය නමැති ගැඹුරු සංකල්පය වෙතයි. |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සඳහා අශෝක් ලේලන්ඩ් එංජින් හා ගියර් පෙට්ටි අමතර කොටස් සැපයීම | Tenders.lk – Sri Lanka's Number one Online Tendering System |
දණගාන්න වෙර දරන පැටියා ගැන ඉගෙන ගන්න දෙමාපියන්ට මගපෙන්වීමක් |
දරුවන්ට දණගෑමට උනන්දු කරවන්නේ දණගෑම නොකළයුතු අවධියන් ගැන ඔබ දැනුවත්ද ? |
දෙමාපියන් දරුවන්ගේ එක් එක් අවධීන් වලදී හුඟක් සතුටටත් කුතුහලයටත් පත් වෙනවා. එය පුදුමයට කාරණයක් නොවෙයි. ඒ වගේම ඉන් ළදරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවෙන බවට ඉඟි පළකරනවා වගේම එවැනි සතුටක් දෙමාපියන්ට නැති තරම්. |
දණගෑමත් දරුවෙකුගේ ජීවිතයේ මුල් අවධියේ වැදගත් සංධිස්ථානයක් වෙනවා. ඒ නිසාම ඔබට ඔහුගේ ආරක්ෂාව ගැන හුඟක් හිතන්නට වෙන්නේ දැන් ඔහු නිදහස සොයා යන නිසයි. |
ඉතින් මේ කරුණු ගැන තවත් දැනුවත් වුනොත් ඔබට මේ අවස්ථාවට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම හැම දරුවෙකුම විවිධ බවත්, එක් එක් දරුවන්ගේ වර්ධනයේ වෙනස්කම් දක්වන බවත්, සමහර අවධීන් ඉක්මනින් හා සීග්රව පසු කිරීමටත් සමහර අවධීන් පෙන්නුම් නොකරම ඊළඟ අවධියට එළඹීමත් ඉතාම සාමාන්‍ය කරුණක් බව ඔබ අවබෝධ කර ගැනීම වැදගත්. |
දරුවන් දණගෑම වැදගත් වන්නේ ඇයි ? |
The Mommy MD Guide to your Baby’s First Year හි කතුවරිය වන වෛද්‍ය රැලී මැක්ඇලිස්ටර් පවසන ආකාරයට දණගෑම කරුණු ගණනාවක් නිසාම වැදගත් වෙනවා. |
දණගෑම දරුවන්ගේ වර්ධනයට වැදගත් වන අතර එයට දරුවාගේ මොලය හා ශරීරය එක විට ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා. |
දණගෑම මගින් දරුවාගේ මාංශ පේශින් ශක්තිමත් කරන අතර පිටුපස, බෙල්ල, උරහිස හා අත් මේ අතර විශේෂයි. කෙසේ වෙතත් දණගෑම ආරම්භ කිරීමටත් මූලික විශේෂයෙන් මේ ප්‍රදේශ ශක්තිමත්ව තිබීම වැදගත්. |
දරුවන්ගේ ඇස් වල පෙනීම වර්ධනය කරනවා. මන්ද, දණගාමින් දරුවා අනපේක්ෂිත ස්ථානයන් කරා ළඟා වීමට දණගෑම සමග අවධානයෙන් සිටීම මෙහිදී සිදුවෙනවා. |
මතකය ස්ථානෝචිත නුවණ ඇතිවෙනවා. වෛද්‍ය මැක්ඇලිස්ටර් පවසන ආකාරයට දරුවෙකු දණගාමින් සෙල්ලම්බඩුවක් ගැනීමට මේසයක් වටා යනවා නම් ඔහු ඒ මාර්ගය මතකයේ තබාගන්නවා. |
ශරීරයේ සමබරතාවය ඉගෙන ගන්න නිසා ඇවිදීමට එය පහසු වෙනවා. |
දණගෑම මගින් දරුවා නිදහස ඉගෙන ගන්නා අතර තීරණ ගැනීම හා යම් තැනකට ළඟා වීමේ ක්රමයන් ඔහු සොයනවා. |
දරුවන් දණගෑම ආරම්භ කරන්නේ කොයි වයසේදී ද ? |
පළමුවෙන්ම මතක තබාගතයුතු කාරණය නම් හැම දරුවෙකුම දණගෑම කරන්නේ නෑ. සමහර දරුවන් එම අවධිය පසුකර ඊළඟ අදියරට එළඹෙනවා. නමුත් සාමාන්‍යයෙන් දරුවන් මාස 6 ත් 10 ත් කාලය තුළ දණගෑම ආරම්භ කරනවා. |
දණගෑමට සූදානම් වන ලක්ෂණ |
උපකාරයක් නැතිව තනිව ඉඳගන්නවා. |
අත් දෙක බීම තබා ඇඟ සමබර කරගන්නවා. |
දණහිස තබා අත් දෙක පොලවට තබා ඉඳ සිටිනවා. |
ඉහත ඉරියව්වෙන් ඇඟ පද්දනවා. |
මෙවැනි චලනයන් දරුවාගෙන් දකින්න ලැබීමත් සමගම ඔහු දණගෑම ආරම්භ කරනවා. ඔහු මුලින් ඉඳගෙන දණගෑමට උත්සාහ කරනවා. නමුත් කෙමෙන් කෙමෙන් ඔහු ඊට හුරුවෙමින් ඉදිරියට හා පසුපසට සමබර වෙමින් දණගාන්න ආරම්භ කරනවා. |
හුඟක් දණගෑම පුරුදු වූ පසු දරුවෙකුට පසුපසටත් දණගාන්න පුළුවන් වෙනවා. මෙය ඔබේ පැටියා මාස 12 ක් පමණ ගතවන විට කරන දස්කමක්. හැබැයි හැම දරුවෙකු දණ නමා දණ ගාන්නේ නැහැ. සමහරු බඩ බිමට අතුල්ලමින් බිම දිගේ තමන් කැමති තැනට ළඟා වෙනවා. නමුත් ඔහු මේ කොයි ආකාරයට චලනයන් කළත් ඒ ගැන ඔබ කලබල වියයුතු නැහැ. ඇඟේ හා අත් චලනය ගැන ඔහු තුළ අවබෝධයක් තිබීම තමයි වඩාත් වැදගත්. |
මුනින් දැමීම මගිනුත් දණගෑමට දරුවන්ට අත්වැලක් ලැබෙනවා. ඉන් බෙල්ල, උරහිස් හා පිටකොන්දේ මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. මේ නිසා ඔබේ පැටියා දණගෑමට දක්ෂකම් දක්වනවා. මෙසේ මුනින් පෙරලි ඉන්න විට ඔහු ඉදිරියෙන් කුඩා සෙල්ලම් බඩුවක් තැබීමෙන් ඔහුට ඉදිරියට ඇදීමට උදවු කරගන්න පුළුවන්. එවිට ඔබ හිතනවටත් වඩා වේගයෙන් දණගෑමට ඔහු හුරු වෙනවා. |
දණගෑම හා ඔබේ දරුවාගේ ආරක්ෂාව |
දරුවෙකු දණගෑමට පටන් ගන්නා විට ඔහුගේ ආරක්ෂාව ගැන නොසිතා බැහැ. මේ නිසා දරුවා දණගෑම අරඹනවාත් එක්කම ඔහුට ආරක්ෂිත නොවන තැන් ආරක්ෂිත ලෙස සූදානම් කිරීම වැදගත්. ඒ ගැන දැනුවත් වෙන්න මේ ඉඟි ඔබට උදව් වේවි. |
මේසවල කොන්වල උණු කෑම හෝ බීම වර්ග තබන්න එපා. |
උදුනේ පිසීම් කරන විට භාජන වල හැඬලයන් අනෙක් අතට හරවා තබන්න. |
නාන කාමර උපාංග දරුවාට ළඟා විය නොහැකි තැන්වල තබන්න. |
දරුවාගේ ඇඳුම් වල පටි හෝ රිබන් පැටලෙන ආකාරයට තබන්න එපා. එහි ඔහු පටලැවෙන්න පුළුවන්. |
තොටිල්ලේ එල්ලා ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න. ඔහු ඒවායේ එල්ලී අනෙක් අතට වැටෙන්න පුළුවන්. |
ප්ලග් පොයින්ට්, වයර් හා විදුලිය කාන්දු විය හැකි තැන් ආරක්ෂිත ලෙස වසා තබන්න. |
බැල්කනිය, තරප්පු පෙළවල් තාවකාලික ලෙස වසා තැබීමට උපක්‍රමයක් යොදන්න. |
කුණු දමන බඳුන් ආදිය දරුවාට ළඟා විය නොහැකි තැන්වල තබන්න. |
මේස රෙදි වල දරුවාට එල්ලීමට හැකි බැවින් මේස රෙදි දැමීමෙන් වළකින්න. |
පොත් රාක්ක, TV ස්ටෑන්ඩ් වැනි දරුවාට එල්ලිය හැකි දේවල් ඉවත් කරන්න. |
ගෘහ භාණ්ඩ වල තියුණු කොන්වල් ආරක්ෂිත ලෙස ආවරණය කරන්න. |
විෂ සහිත පැළෑටි නොතබන්න. |
ඒ වගේම දරුවාගේ මට්ටමෙන් ඔබ දණගාන ඉරියව්වෙන් ඉඳ ඔහුගේ ඇඟේ මට්ටමට අසුවන අනාරක්ෂිත දේවල් ගැන නැවතත් සොයා බලන්න. |
ඔබේ දරුවාට දණගෑමට සුදුසු තැන් මොනවාද? |
දරුවා දණගෑමට අරඹන විට කාපට් හෝ ලිස්සන සුළු නොවන ඇතුරුමක් යොදන්න පුළුවන්. නමුත් ඔහු ඊට හුරුවෙන විට එලෙස කොටු කිරීම අපහසු වෙනවා. |
නිවස ආරක්ෂිත කළ පසු ඔහුට නිදහසේ දණගෑමට ඉඩ දෙන්න. නමුත් ඔහු හැම තැනම දණගාන නිසා සම රළු වීම, කළු වීම වෙතැයි සිතනවා නම් ඔහුට දිගට සිනිඳු ඇඳුම් (කලිසම් ඇන්දවීම කළහැකියි) |
ඔබේ දරුවා දණනොගෑම ගැන ඔබ කලබලයට පත්විය යුතු අවස්ථා මොනවද? |
පෙර කියපු ආකාරයට දරුවන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න පුළුවන්. සමහර දරුවන් දණගන්නේ නැතිවම ඇවිදිනවා. සමහරු අඩුමාසෙන් ඉපදීම නිසාත් දණගෑම ප්‍රමාද වෙනවා. ඔබ කලබලයට පත්විය යුත්තේ අවුරුද්දක් ගෙවී ගිය පසුවත් දරුවා නැගිටීමට බියවීම හෝ කිසිදු උනන්දුවක් දක්වන්නේ නැත්නම් පමණයි. |
ඔබේ දරුවාට හරි ආකාරව අත් පා ක්‍රියාකරවීමට නොහැකි නම් ඒ ගැන ඔබේ ළමා වෛද්‍යවරයාට දන්වා කරුණු සොයා බලන්න. එය දරුවාගේ බර වැඩිවීම වැනි හේතු ඇතුළුව විවිධ හේතූන් නිසාත් වන්නට පුළුවන්. |