text
stringlengths
1
163k
ඔබට සම්පූර්ණ නිදහස තිබෙනවා
හමුදාව විවේචනය කරන්න.
ඊට පෙර මොහොතක් සිතා බලන්න.
හමුදාවේ සිටින්නේත්
ලේ මස් ඇට නහර වලින් සැදුණු
මිනිසුන් බව.
අනෙකුත් සෑම මනුෂ්‍ය කොට්ඨාශයක් මෙන්
ඔවුන් අතින්ද වැරදි සිදුවෙනවා.
විවේචනය කරන්න.
ඊට පෙර, කුමක්ද සිදුවී ඇත්තේ කියා
හොඳින් සොයාබලා
සොල්දාදුවා කිසිදිනක නොමියේ.
කාලය සමග වියැකී යනු පමණි.
2014 නොවැම්බර් මස 12 දින 2351 පැය
Posted by විචාරක Wicharaka at 00:23 27 comments : Links to this post
ජීවිත සටහන් ( 145 )
පුංචි කතන්දර ( 65 )
හමුදාවේ කතා ( 133 )
ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද.......................? ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (හතරවැනි ...
මංගලගෙන් උගනිවු
ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද (10) විරෝධතාවයක නියැලුණි.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ නම් වූ සංවිධානය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණි. එම සංවිධානයේ සමාජික එස්. සතිස් කුමාර් මහතා කියා සිටියේ 2015 වසරේ මේ රටේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කර යහපාලනයක් ඇති කිරීමට වතුකරයේ තරුණ තරුණියන්ගේ ඡන්දය ලබා දුන් බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට හොරා යැයි කී ජනාධිපතිවරයා දැන් රනිල් වික්‍රමසිංහ මහතාට ද හොරා යැයි චෝදනා කරමින් සිටින අතර කෙසේ වෙතත් මෙම සිදුවීම් හරහා පෙනෙන්නට ඇත්තේ ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හොරකම් කර ඇති බව යැයි සතිස් කුමාර් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල ඉවත් කර එම බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන බවට 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ අතර එම පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම නිසා වර්තමානයේ රට අරාජික තත්ත්වයට පත් වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
තවදුරටත් ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල ආරක්ෂා වුවහොත් ජනාතාව සතු පරමාධිපත්‍යය බලය නැති වී යන බව එස්. සතිස් කුමාර් මහතා කියා සිටියේය.
මෙම විරෝධතාවයට යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ වතුකරයේ තරුණයන් පිරිසක්ද සහභාගි වී සිටියේය.
{gallery}picketing{/gallery}
බීමත් ව රිය පැඳවීමෙන් වළකින්න - බීමත් රියදුරන් අල්ලන්න රට පුරා මාසයක මෙහෙයුමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක|Sri Lanka News|News Sri Lanka| English News Sri Lanka|Latest News Sri Lanka|Sinhala News
බීමත් ව රිය පැඳවීමෙන් වළකින්න - බීමත් රියදුරන් අල්ලන්න රට පුරා මාසයක මෙහෙයුමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
16 July 2019 07:16 85 Views
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ජූලි මස 05 වනදා සිට මාසයක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර ජූලි 13 වන දින සිට 14 වනදා උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 335ක් අත්අඩංගුවට ගෙන ඇත.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නේ ජනතාවගේ යහපතට බවත්, බීමත් රියදුරන් නිසා සිදුවන රථවාහන අනතුරු අවම කිරීමට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.
මෝටර් වාහන පනතේ 216 වන වගන්තියට අනූව බීමත් රියදුරන් සම්බන්ධයෙන් ලබාදෙන දඩුවම්ස දහන් වන අතර 2019 අංක 10 දරන මෝටර් වාහන සංශෝධන පනතෙන් මෙම 216 වන වගන්තිය සංශෝධනයට ලක්වී ඇත.
ඒ අනූව සාමාන්‍ය වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000ත් අතර දඩ මුදලක් හෝ මාස 3කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්නො මැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය මගින් ඔහුට ලබාදෙනු ලබයි. එම දඩුවම් දෙකට අමතරව අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයකට අත්හිටුවීමකට ද ලක් කරනු ඇත.
මගී ප්‍රවාහන වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000ත් අතර දඩ මුදලක් හෝ මාස 6කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්නො මැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය මගින් ඔහුට ලබාදෙනු ලබයි.
එම දඩුවම් දෙකට අමතරව එම මගී ප්‍රවාහන වාහනයේ බීමත්ව රිය පදවන ලද රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක්ද සිදුකරනු ඇත. බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකර අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අවස්ථාවක රිය අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබෙන දඩුවමට අමතර වශයෙන් බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ එකහමාරක් අතර දඩ මුදලකට යටත් වීමට අදාල රියදුරුට සිදුවනු ඇත.
ඊට අමතරව එම දඩය හෝ අවුරුදු 2ත් අවුරුදු 10ත් අතර කාලය සදහා සිර දඩුවමක් හෝ දඩය සහ සිර දඩුවම යන 2ටම යටත් වීමට අදාල රියදුරු හට සිදුවනු ඇත. එමෙන්ම බීමත්ව රිය පදවා රිය අනතුරු සිදුකළ රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමකටද ලක්වේ.
මෙලෙස ලබාදෙන දඩුවම් පිළිබදව සහ බීමත්ව රිය පැදවීමෙන් සමාජයට සිදුවන හානිය පිළිබදව අවධානය යොමු කර බීමත්ව රිය පැදවීමෙන් වැළකීසිටින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඇසළ පුන් පොහෝ දිනය අදයි
භාව දොළහෙන් කියවෙන ඔබේ යහගුණ
Home si භාව දොළහෙන් කියවෙන ඔබේ යහගුණ
හතර කේන්ද්‍රය
ජන්ම කේන්ද්‍රයක භාවගත ග්‍රහ බලය රාශි අනුවද සලකා බැලීමෙන් එම ජන්මියාට හිමිවන සුබ ඵල ප්‍රකාශ කළ හැකිය. ලග්න භාවයෙන් ළමා කාලය, ශරීර සනීපය, ගතිගුණ සහ පෞද්ගලික දේපළ හිමිවීම පිළිබඳ සුබ ඵලද දෙවෙනි භාවයේ සිට දොළොස්‌වෙනි භාවය දක්‌වා පිහිටා ඇති ග්‍රහයන්ගේන් භාවාධිපතියන්ගේත්a උච්ච, මිතුරු, සම සුබ ස්‌වභාවය අනුව එම භාවයන්ට හිමි කරුණු පිළිබඳ සුබ ඵලද ප්‍රකාශ වෙයි.
ළමා කාලය යහපත් වීම සඳහා සැපවත් මව්පියන්, ගුණවත් සහෝදරයන් උරුම විය යුතුය. අංගවිකල නොවූ රූ සපුවක්‌ මෙන්ම නිරවුල් මානසික තත්ත්වයක්‌ හිමිවිය යුතුය. ඒ සඳහා ජන්ම වේලාව අනුව හිමිවූ ලග්න භාවයෙහි ශුභ ග්‍රහයන් හෝ ලග්නාධිපති ග්‍රහයයාගේ සුබ, මිතුරු, සම භාවයය මෙන්ම 4 වැනි 10 වැනි සහ 5 වැනි භාව අධිපතියන්ගේත් එම භාවයන්හි ඇති සුබ ග්‍රහයන්ගේත් බලය වැදගත් වෙයි. මේවායින් වඩා බලවත් වන ග්‍රහ පිහිටීම අනුව ඵල ප්‍රකාශ කළ යුතු අතර එම ග්‍රහයන්ට දෘෂ්ඨි ලැබෙන ග්‍රහයන්ගේ ස්‌වභාවයද සැළකිල්ලට ගත යුතුය. ලග්නගත ග්‍රහයන්ගේ සහ සඳුÊග්‍රහයාගේ පිහිටීම අනුව ගතිගුණද හතරවැනි භාවගත ග්‍රහයන්ගේ සහ භාවාධිපති ග්‍රහයාගේත් ශාස්‌ත්‍රයට අධිපති ගුරු ග්‍රහයාගේත් බලපෑම අනුව ඉගෙනීම පිළිබඳවද ඵල ප්‍රකාශ කළ හැකිය. පෞද්ගලික දේපළ නිදහස්‌ව හිමිවීමේත් යහපත් ලෙස හැසිරවීමේත් හැකියාව දෙවැනි, පස්‌වැනි සහ නවවැනි භාවගත ග්‍රහ පිහිටීම් සහ ධනකාරකයා වන ගුරු ග්‍රහයාගේ බලය අනුව හිමිවේ. ගුණවත් සහෝදරයන් ලබන්න නම් තුන්වැනි භාවගත ග්‍රහයන්ද අඟහරු ග්‍රහයාද සුබ ලෙස පිහිටා තිබිය යුතුය. එකොළොස්‌ වන භාවය සුබ වීමෙන් වැඩිමල් සහෝදරයන් සහ අවවාද අනුශාසනා ලැබිය හැකි කල්‍යාණ මිත්‍රයන් හිමිවේ.
ශරීර ස්‌වභාවය විමසීමේදී පළමුවැනි භාවයෙන් ප්‍රකාශ කළ හැකිව ඇත්තේ හිසේ සිට බෙල්ල දක්‌වා තත්ත්වය පමණි. දෙවැනි භාවයේ සිට දොළොස්‌වැනි භාවය දක්‌වා ඇති ග්‍රහයින්ගේ ස්‌වභාවය සහ භාවාධිපතියන්ගේ පිහිටීම අනුව සෙසු ඉන්ද්‍රියයන්ගේ ස්‌වභාවය ප්‍රකාශ කළ යුතුය. භාව, රාශි, දෙර්කාණ. රාශිවලට අයත් බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ස්‌වභාවයද ග්‍රහ පිහිටීමේ ස්‌වභාවය අනුව තීරණය වෙයි. ඒ පිළිබඳව විස්‌තර කිරීමෙන් ලිපියේ අර්ථය වෙනස්‌ වන නිසා පසුවට විස්‌තර කරමි.
ශරීර ස්‌වභාවය ප්‍රසන්න වීමට පළමුවැනි භාවයේ සිට දොළොස්‌වැනි භාවය දක්‌වා සෞම්‍ය ග්‍රහ පිහිටීම් තිබීමත් භාවාධිපති ග්‍රහයන් සුබ ලෙස ස්‌ථානගතවීමත් හේතු වෙයි. ප්‍රියමනාප රූප සම්පත්තිය උරුම වන්නේ පුණ්‍යවන්ත උපතක්‌ හිමිවන අයට පමණි. පුණ්‍යවන්ත උපතක්‌ හිමිවීම යනුවෙන් අදහස්‌ කරන්නේ පූර්වය භාවයන්හි කරන ලද යහපත් කර්ම විපාක හේතුවෙන් සුබ ග්‍රහයෝග උදාවූ වේලාවකදී සැපවත් මව්පියන් අතර උපත ලැබීමයි. විශේෂයෙන් සඳු, ගුරු, සිකුරු ග්‍රහයින් උච්ච, මිතුරු, සම රාශිගතව පිහිටීමත් රවි ග්‍රහයා මිතුරු, සම ස්‌වභාවයෙන් පිහිටීමත් භාවගතවීමේදී යහපත්වීමත් පාප ග්‍රහයන් සාමාන්‍ය බලයෙන් යුක්‌තව පිහිටීමත් මෙවැනි ජන්ම ලාභයක්‌ උරුම වීමට හේතුවෙයි.
රවි ග්‍රහයා ශුභවීමෙන් ගරු මුහුමන් ලැබිය හැකි පාලන ක්‌ෂේත්‍රයේ දක්‌ෂතා ඇති බුද්ධිමත් තේජවන්ත අවවාද අනුශාසනා පිළිගන්නා සන්සුන් ගතියෙන් යුක්‌ත උදාර ගුණ ඇති පොරොන්දු ඉෂ්ඨ කරන ආත්ම විශ්වාසයෙන් යුක්‌ත පැහැදිලි කතා විලාසයක්‌ උරුම වෙයි. සඳු ග්‍රහයා උච්ච මිත්‍ර ස්‌වෂේත්‍ර ස්‌වභාවයෙන් භාව රාශි ගත වූ විට සන්සුන්ව කල්පනා කිරීමේ ශක්‌තිය ඇති විනෝදයටත් සැපයටත් කැමැති සියලු දෙනාගේ ප්‍රසාදය හිමිවන ඉගෙනීමට කැමැත්තක්‌ දක්‌වන හාවකුසේ චංචල වන චිත්ත ස්‌වභාවයද කුජ ග්‍රහයා සූබ වීමෙන් දක්‌ෂතා ප්‍රදර්ශනය කිරීමට ආශා ඇති නිර්භීතව කටයුතු කරන තරගවලින් සහ යුද්ධාදී ගැටුම්වලින් ජය ලැබීමට හෝ විරුද්ධ පාර්ශ්වය දැඩි ලෙස මර්දනය කිරීමෙහි යුහුසුළු වන හදිසි අවස්‌ථාවන්හිදී ස්‌ථානෝචිත පියවර ගැනීමේ දක්‌ෂතාවද උරුම වෙයි. සුබ පළ උදා කරමින් භාව රාශි ගත වන බුධ ග්‍රහයා ක්‍රීඩාවට නර්තනයට මෙන්ම ශිල්ප ශාස්‌ත්‍රයන්හි දක්‌ෂතා ඇති කල්පනාකාරී වූත් බුද්ධිමත් වූත් ගති සහ සංවාදශීලී වීමද ගුරු (බ්‍රහස්‌පති) ග්‍රහයා සුබ වීමෙන් යුක්‌ති ගරුක උගත් නැණවත් බව උරුම වන සියලු දෙනාගේ ගරු බුහුමන් හිමිවන වාසනා ගුණ උරුම වෙයි. යහපත් ලෙස පිහිටි ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුව ශරීර ලක්‌ෂණ උරුම වන ආකාරය අත්දැකීම් සහ ශාස්‌ත්‍ර ඥනය ලැබීමෙන් සනාථ කරගත හැකි වෙයි.
ජන්ම කේන්ද්‍රයක භාව රාශි ගතවන ග්‍රහයින්ගේ උච්ච, මිතුරු, සම භාව බලය අනුව කාරුණික ගතියත් අන් අය විඳින සැපය දැක සතුටු වීමේ මුදිතා ගුණයත් නිසා ප්‍රියමනාප රූපයක්‌ ලබා ප්‍රසාදයට පත්වීමේ වාසනාව උදාවෙයි. නිරෝගී වීමට හේතුවද එයම වෙයි.
පවුලේ අය අතර අෙන්‍යාන්‍ය සහයෝගයෙන් ආරම්භ වන මුදිතා ගුණය පොදු සමාජ සේවාවන් දක්‌වාද රාජ්‍ය බලය හිමිවීමේ වාසනා ගුණය දක්‌වාද වර්ධනය වෙයි. රාජ්‍ය පාලකයන් වීමේදී සියලු දෙනා පිළිගන්නා අයෙක්‌ මෙන්ම කුලගර්වයෙන්ද අනූන විය යුතුය. එබඳුÊතත්ත්වයක්‌ උරුම වන්නේ පෙර භවයන්හි නිහතමානී ගුණයෙන් යුක්‌තවීමේ බලය නිසාය. එය ධර්මානුකූලව මෙන්ම අත්දැකීම් අනුව සනාථ වන සත්‍යයකි. සියලු දෙනාගේ පිළිගැනීමට ලක්‌වීම සැපයකි. සැප සම්පත් විඳීමේ වාසනාව උදාවන්නේ පූර්ව භවයන්හි මෙන්ම වර්තමානයේද වැඳිය යුතු අයට වැඳීමේත් ගරු කළයුත්තන්ට ගරු කිරීමේත් නැණවතුන්ගේ උපදෙස්‌ පිළිගැනීමේත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේත් ගුණ මහිමය හේතුවෙනි.
පවුල් ජීවිතය සමාජ සම්බන්ධතා මෙන්ම රාජ්‍ය පාලනය සාර්ථක වීමට අති විශාල ධන සම්භාරයක්‌ උරුමවිය යුතුය. ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රාණුකූලව සම්පත් උරුමවීම ලෙස සළකන මේ තත්ත්වය පූර්ව භවයන්හිදී දැහැමිව ධනය උපයාගෙන දානාදී පින්කම් වල නිරතවීමේ කුසල බලය ප්‍රබල වීමෙන් උදාවෙයි. එසේම පාලනයෙහි දක්‌ෂතාව දැහැමි බව නිසා උදාවන යහඵල සෙසු අයට ලබාදීමට නම් පාලකයා හෙවත් සම්පත්ලාභියා නිරෝගීව වාසය කළ යුතුය. ආයුෂ බල හිමිවිය යුතුය. අපේක්‌ෂාවන් ඉටුකිරීම සඳහා ආයු බල සැප වර්ධන වන්නේ කරුණා මෛත්‍රී ගුණයෙන් යුක්‌තව පාප ක්‍රියාවලට ඇළුම් නොකිරීමේ උදාර චරිතවත් ලක්‌ෂණ හේතුවෙන් බව ධර්මානුකූලව මෙන්ම අත්දැකීම් අනුව අවබෝධ කරගත හැකිය. සෞම්‍ය වූ ග්‍රහයෝග සහ රාජ්‍ය යෝග සහිත දුර්වල පාප ග්‍රහයෝග සහිත උපත ලැබීමේ භාග්‍යය උදාවන බව ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රාණුකූලව පිළිගනු ලබන්නේද මේ තත්ත්වයයිs.
උච්චව මිතුරු සම සුබ වූ ග්‍රහ බලය
සැපත දෙන සේම දොa සතරේ බලය
පෙන්නා පෙර බවයෙ දම්ගුණ සත් බලය
කදිමට දෙවනයුරු බල උපතේ බලය
We found this article from Divaina on 2011/11/25.
Previous articleසුබ නිමිති බලා ගමන් අරඹන්න
Next articleශුභ පල දෙන ග්‍රහ යෝග
පස්‌වැන්නෙහි ගුරු දියණි සම්පත් වැඩි කරයිද?
ඔබේ බිරිඳ කොයි විලසද?
කිතුදහම පතුරන ක්‍රම | Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ
Category Archives: කිතුදහම පතුරන ක්‍රම
Posted in කිතුදහම පතුරන ක්‍රම, විනය රහිත කතෝලික පාසැල් | එක් ප්‍රතිචාරයක්
කතෝලික කම්කරු ඔබට ස්වර්ගයෙන් ඇබෑර්තු – පමා නොවන්න කජ්ජ ගසා හනික සේවයට වාර්තා කරන්න
Posted on නොවැම්බර් 23, 2014 විසින් එදිරිල්ලේ උරුමය
වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න
සුවර්ගයේ ඉදිකිරීම් ඉතා බහුලව සිදුවේ. සමිඳාණන්ගේ මන්දිරයේ අළුත්වැඩියා කටයුතු හා පින්තාරු වැඩ අතපසු වී ඇත. ඔබට ගේට්ටුවේ පමා වීමට සිදු නොවේ ශාන්ත පීතර දැනුවත් කර ඇත්තෙමි. වල කජ්ජ ගසා හනික පැමිණෙන්න.
නාමෙන් ආමේන් ජේසු!
Posted in කිතුදහම පතුරන ක්‍රම, පල්ලි ඉදිරිපිට ස්වර්ගයේ කම්කරු ඇබෑර්තු | එක් ප්‍රතිචාරයක්
උහනට ඉහඳ තබන පල්ලි පාස්ටර් හැතිකරය
Posted on මැයි 10, 2014 විසින් එදිරිල්ලේ උරුමය
අන්‍යාගමීකරණයට එරෙහිව
උහනදී විරෝධතාවක්‌
දඩයම්තලාව – පී. ජයසිංහ, ජයරත්න ගෝණපීණුවල – අම්පාර
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ සිදුවෙන අන්‍ය ආගමිකරණයට විරෝධය දක්‌වමින් උහන ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ භික්‌ෂුන්වහන්සේලා හා දහම් පාසල් සිසුන් පිරිසක්‌ උහන පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.
එහිදී වසර 2600 ක්‌ බුද්ධාගම රැකුණේ මුදලට නොවේ. අපේකමට අත නොදමුනු, බෞද්ධ ජනතාවගේ ඉවසීම නිවටකම නෙවේ යනුවෙන් සඳහන් කරනලද පුවරුද උද්ඝෝෂකයෝ අත වූහ.
පාස්‌කර් නමින් හඳුන්වන පුද්ගලයන් පිරිසක්‌ මෙම ප්‍රදේශයේ ගම්මානවලට ගොස්‌ බෞද්ධ ජනතාව මුලා කරමන් අන්‍ය ආගම්කරණයට ලක්‌කරන බවද උද්ඝෝෂණයට වැඩම සිටි හිමිවරුන් ප්‍රකාශ කළහ.
පසුගිය දිනයක අන්‍ය ආගම්කරණයේ නිරතවෙමින් සිටි පුද්ගලයකු අල්ලා උහන පොලිසිට භාරදුන් අතර ඔහු පොලිස්‌ ඇප මත නිදහස්‌ කළ බවද මෙම විරෝධතාවට පැමිණි කුමාරිගම විහාරාධිපති හා සිංහල සංවිධානයේ සභාපති සේනානියේ ආනන්ද හිමියන් පැවසූ අතර මේ ආකාරයට බොරු කියමින් සිංහල බෞද්ධ ජනතාව අන්‍ය ආගම්කරණයට ලක්‌ කිරීම පිළිබඳ රජයේ අවධානය වහාම යොමුවිය යුතු බවත් පොලිසිය මෙවැනි පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.
උහන පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රාජිත, උහන ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති උපුල් ප්‍රියන්ත යන මහත්වරුන්ට සන්දේශයක්‌ භාරදෙන ලද්දේ රජයට යොමුකරන ලෙසටයි.
http://www.divaina.com/2014/05/08/provin02.html
Posted in කිතුදහම පතුරන ක්‍රම, බොරු කියමින් ආගම්කරණයට ලක්‌ කිරීම | ප්‍රතිචාරයක් ලබාදෙන්න
තරිඳු උඩුවරගෙදර – Page 5 – රාවය
Wednesday, 23/8/2017 | 8:01 UTC+0
You are here: Home / Posts created by තරිඳු උඩුවරගෙදර
වරදක් වෙලා නැත්නම් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් | පාක්‍යසෝති සරවනමුත්තු
January 15, 2017 / By තරිඳු උඩුවරගෙදර
තරිඳු උඩුවරගෙදර සංහිඳියා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මතුවුණේ කොයි කාලයේද? යුද්ධයෙන් පස්සේ බොහෝ අය කිව්වා සංහිඳියාව අවශ්‍යයි, සුදුසු පියවර ගන්න කියලා. 2015 දී මේ ආණ්ඩුව පත්වෙද්දී එයාලා පොරොන්දු වුණා යාන්ත්‍රණ කිහිපයක් පිහිටුවන්න. ජිනීවා මානව හිමිකම් පිළිබඳ සැප්තැම්බර් සමුළුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා යාන්ත්‍රණ හතරක් පිහිටුවන්න එකඟ වුණා. ඒකට ඒ වනවිට තිබුණු ඉල්ලීම් අන්තර්ගත වුණා. එතැන යෝජනා
තියෙන රාමුව ටින්කරින් කරලා සුළු ජාතිකයන්ගේ අවශ්‍යතාව තෘප්ත කරන්න පුළුවන් | නීතිඥ ශිරාල් ලක්තිලක
තරිඳු උඩුවරගෙදර හැත්තෑඅටේ ව්‍යවස්ථාව හදනකොටම පැරණි වම සහ ශ්‍රීලනිපය ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. ඒ කාලයේ ඉඳන් තිබුණු විරෝධය ගැන ඔබේ අදහස මොකක්ද? අනිවාර්යයෙන් 78 ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. විශේෂයෙන් මේක අවුරුදු ගාණක් පරණ, එදා තිබුණු සමාජ ආර්ථික සන්දර්භයට හැදූ ව්‍යවස්ථාවක්. මේක ජේආර් ජයවර්ධනගේ දේශ පාලනයේ ප්‍රධාන අංගයක් වුණා. ආර්ථික වශයෙන් තීරණ ගන්න අවශ්‍ය විදියට දේශපාලන ස්ථාවරභාවයක්
බලය බෙදීම පදනම් කරගත්ත ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුයි|රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා
තරිඳු උඩුවරගෙදර විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්න ඕනෑ කියලා ශ්‍රීලනිපය කියන්නේ ඇයි? පක්ෂයක් හැටියට අපි බලන්න ඕනෑ අපි අවසානයේ ජනතාව ඉදිරියට ගිය ඡන්ද දෙකේ අපේ මැතිවරණ ප්‍රකාශන දිහා. අවසානයට තිබුණ ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණේ ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කරනවා කියලා. ඊළඟට තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපි කීවේ විධායක ක්‍රමයේ බලතල අඩුකරලා සංශෝධනයට ලක්
විධායකය ඕනෑ ව්‍යවස්ථාවක් එපා ශ්‍රීලනිප මතය ඉදිරියේදී
තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් සම්මත නොකර ජනමත විචාරණයකට නොයන මට්ටමේ සංශෝධන පමණක් සිදු කළ යුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේදී ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවට දැනුම් දෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටු වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කොට ව්‍යවස්ථාව පිළිබඳ නිල ස්ථාවරයක් ඉදිරිපත් කිරීම සඳහා
ආණ්ඩුවට ඕනෑ ඡන්දය කල් දමන්නයි | සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස්
January 8, 2017 / By තරිඳු උඩුවරගෙදර
තරිඳු උඩුවරගෙදර සීමා නිර්ණය කමිටුව පත්කිරීමේ ඉතිහාසය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පළාත් පාලන ඡන්දය සඳහා 2012 අංක 2 පළාත් පාලන ඡන්ද විමසීම කියලා පනතක් සම්මත වුණා. මේ පනතෙන් නියම වුණා මීළඟ පළාත් පාලන ආයතන ඡන්දය සමානුපාතික සහ කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පවත්වන්න. සීයට තිහක් සමානුපාතික ක්‍රමයට තෝරන්නත් ඉතිරි කොටස කොට්ඨාස ක්‍රමයට තෝරන්නත් තමයි තීරණය
ශ්‍රීලනිපය නොඑයි ව්‍යවස්ථාව කල්යයි
තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තම ස්ථාවරය ප්‍රකාශයට පත් නොකිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ යුතු වාර්තාව ලබාදීමට නොහැකි වී ඇති බවත් ඒ නිසා ව්‍යවස්ථාව පිළිබඳ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාද දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති බවත් වාර්තා වෙයි. එළඹෙන ජනවාරි 9,10, 11 දිනවලදී දැනට ඉදිරිපත් කර