input
stringclasses
1 value
output
stringlengths
1
44.1k
instruction
stringlengths
1
4.84k
ලොව දෙවනියට කුඩාම රට මොනැකෝ ස්වාධීන ප්‍රාන්තයයි (Macau Special Administrative Region). මෙය චීනයට අයත් වූ ස්වාධීන ප්‍රාන්තයකි. මොනැකෝ ප්‍රාන්තයේ විශාලත්වය සැතපුම් වර්ග 11.8ක් පමණ වන අතර, එහි ජනගහනය ලක්ෂ 6.5ක් පමණ වේ. ලොව කුඩාම රට වන්නේ වතිකානු නගරයයි, එහි විශාලත්වය සැතපුම් වර්ග 0.17ක් පමණ වේ.
ලොව දෙවනියට කුඩාම රට කුමක්ද?
අනුන්ට හෑරූ වළේ තමන් වැටේ අනුන්ට කරපු වරදක් ආපසු තමා වෙතම පැමිණේ
සිංහල ආප්තෝපදේශයක් එහි උපදෙසද සමග දෙන්න.
1. ලඞ්කාවෙහි බස්නාහිර පලාතෙහි මල්වැස්ස නම් සිත්කළු විහාරයක් විය. ඒ විහාර ආසන්නයෙහි දේව ග්‍රාමයෙහි දේව නම් ඇමැතියෙක් ඔහුගේ ප්‍ර‍ධානත්‍වය පතුරුවයි. එක් දිනක් ඇමතිතුමා ගමෙහි ඇවිද ගෙදරට පැමිණ වතාවත් කරන්නන් අමතා වැළඳිය යුතු යයි කීයේය. එකල්හි ඔහුට වතාවත් කරන්නෝ කෑම එළවූහ. එකෙණෙහි බඩසයින් පෙළුණු එක් බල්ලෙක් බඩගින්නෙන් පෙළුණේ වෙවුලමින් විත් බත් දැක මෙයින් කිසිවක් ලදිම් නම් මැනවයි ඔහු සමීපයට පැමිණියේය. ඔහුගේ එක් සුළු සේවකයෙක් බල්ලා එළවමියි දණ්ඩක් ඇරගෙන දිවීය. ඇමැතියා සුනඛයා කෙරෙහි කරන ලද කරුණාවෙන් පින්වත, ඌට පහර නොදෙන්න යයි වළක්වා නොයෙක් රසයෙන් යුත් ලොකු බත් පිඩක් ගුලි කොට දුන්නේය. බල්ලා බත් අනුභව කරන්නට පටන් ගති. මේ දුටු ඇමැතියා තමා විසින් දෙන ලද දානයෙහි ම සිත පැහැදවීය. හේ මේ පින්කමින් පමණක් කළුරිය කොට එම ගමෙහිම එක් කුල ගෙදරක උපන්නේය. හේ පිළිවෙලින් වැඩිවියට පැමිණ අඹුවන් පෝෂණයෙන් ගෙදර වාසය නොකොට මහළු කාලයෙහි මල්වැස්ස විහාරයට ගොස් භික්‍ෂූන් වහන්සේ සමීපයෙහි පැවිදිව පර්යාප්ති සද්ධර්මය ඉගෙන මහා අභය ස්ථවිර යයි ප්‍ර‍කට විය. ඒ එසේ මැයි. සිත පැහැදුණු කල්හි තිරිසන් ගතයෙකුට පවා දුන් දානය මහත් විපාකයක් වේ. 2. මේ ලෝකයේ යම් මිනිසෙක් ශ්‍ර‍ද්ධාව මුල් කොටගෙන තිරිසන්ගත කුහුඹියෙකුට පවා දන්දේද, ඒ දානයේ විපාකය දිව්‍ය මානුෂික සැප දී කෙළවර නිර්වාණ සම්පත්තිය දෙන්නේය. 3. ඉක්බිතිව ඊට පසු කලක ලඞ්කාවෙහි බැමිණිතියාසාය නම් සොරබියක් විය. අවුරුදු දොළසක් මනාකොට නොවැස්සේය. දුබික් බියක් හෝ රෝ බියක් ඇති විය. ඒ නිසා විහාර සමීපයෙහි මිනිසුන්ට ජීවත් වීමට නොහැක්කේ අන් තැනකට ගොස් ජීවිකාව කරමුයි තෙරුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ කීහ. ස්වාමීනි, දුබික් බියක් ඇතිවිය. මෙහි වසමින් ජීවත්වීමට නොහැකිය. නුඹවහන්සේත් වඩිත්වා යි ආරාධනා කළහ. තෙරුන් වහන්සේ ඔවුනට මෙසේ කීහ. බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට කරන ලද චෛත්‍යය හා බෝධියට ජීවමාන බුදුන්ට මෙන් පුදා සත්කාර කරමින් නිරත වසමි. ඒ වස්තු අත්හැර යන්නට නොහැක. මෙහිම වසමින් දිවිතෙක් උන්වහන්සේට පිළි දැගුම් කරමි. මා කැඳවා ගෙන යෑමට උත්සාහ නොකරනු මැනවි. මේ අසා මිනිස්සු ඒ ඒ තැන්වලට පලා ගියාහුය. තෙරුන් වහන්සේ ආහාර නොගෙනම පළමු වැනි දවසෙහි වත් පිළිවෙතින්ම දවස ගෙවීය. දෙවැනි දවසෙහි ද එසේම ගෙවී ගියේය. තුන්වැනි දින සෑමළු හැමදීම් ආදියෙන් කළ යුතු දේ කොට විතර්කමාලයෙහි සිටියේය. ඉක්බිති උන්වහන්සේගේ ගුණ තේජසින් මළුව කෙළවරෙහි සිටි කරගසෙහි අධිගෘහිත දිව්‍ය පුත්‍ර‍ තෙම සිරුර මැලවුණු තෙරුන් දැක තමන්ගේ බිරිය කැඳවා මේ අභය හිමි සෑයත් බෝධියත් අතහැර අන් තැනක නොයමියි කරන ලද පිළිණ ඇත්තේය. මෙවැනි දුක් බික් බියක් ඇතිවූ කල කිසි තැනක නොගොස් බතින් තොරව වත් පිළිවෙත් කරයි. උන්වහන්සේට භික්‍ෂාවෙහි හැසිරෙන්ට තැනක් නොමැත. යම් විදියකින් උන්වහන්සේ කාලක්‍රියා කළොත් එය නුසුදුසු ය. අද මුන්වහන්සේට දානය දෙමු දැයි ඇසීය. ඉක්බිති සැමියාණෙනි, ඔබ තෙරුන් වහන්සේට අහර දෙමියි කීයෙහි. උන්වහන්සේ පෙර කරන ලද පින්කම් මට කියනු මැනවයි අසන්නියට මෙසේ කීයේය. 4. දේවයෙනි, මොහු සසර නමැති මහා දුර්ගයෙහි හැසිරෙද්දී භව භෝග සම්පත් ලැබීමට කිනම් පින්කමක් කෙළෙහිද? කුමන කරුණක් නිසා උන්වහන්සේට දනක් දීමට ඔබගේ සිත මෙහෙයවී දැයි මම ප්‍ර‍ශ්න කරමි. එය ප්‍ර‍කාශ කරනු මැනවි. දේව පුත්‍ර‍යා ඇයට මේ පින මෙසේ ප්‍ර‍කාශ කෙළේය. 5. මේ භික්‍ෂුව ගිය ජීවිතයේ දී ‘දේව’ නමින් ප්‍ර‍කට විය. හේ ආහාර ගැනීමට සූදානම් වූ විට බඩසයින් යුත් ක්ලාන්තවූ බල්ලකු දුටුවේය. 6. කනු කැමැත්ත ඇති ඒ සුනඛයාට ඒ බතින් මහ ලොකු පිඩක් ගසා දුන්නේය. සොඳුර, ඒ මේ දානයේ විපාකයෙන් මේ ජීවිතයෙහි විපාක එන්නේය. දන සුළු යයි නොසිතිය යුතුය. කුඩාම බීජයකින් මහ නුගයක් හට ගන්නාක් මෙනි. 7. මෙසේ කියා දෙව්පුත් තෙමේ තමන්ගේ ආත්මභාවය අත හැර මිනිස් වෙසින් තෙරුන් වහන්සේ කරා පැමිණ පාත්‍ර‍ය ගෙන දිව්‍යාහාර දී මෙසේ කීය. ස්වාමීනි, ජීවිතාන්තය තෙක් නුඹවහන්සේට ආහාර දෙමි. ඔබ වහන්සේ පමා නොවී මහණකම කරනු මැනවි. මගේ විමන කරඳ රුකයි. ඔබ වහන්සේ එතැනට වැඩිය මැනවයි ආරාධනා කොට විමනට ගියේය. එතැන් පටන් තෙරුන් වහන්සේ ගසමුලට එළඹෙති. දිව්‍ය පුත්‍ර‍ තෙමේ නිතර දිව අහරම දෙමින් වසයි. ඉක්බිති එක් දිනක් බඩසයින් පෙළුණු මිනිස්සු මිනීමස් කමින් ඒ විහාරයට පැමිණ දිව්‍යමය ආහාරයෙන් වැඩුණු සිරුර ඇති තෙරුන් දැක මොහු මරා කමුයි සාකච්ඡා කොට තෙරුන් සෑ මළුව හැමද නික්මුණු කල්හි මහා හඬ නගමින් දඬු මුගුරු ආදිය ගෙන වැටලූහ. තෙරුන් විසින් පෙර අමාත්‍ය කාලයෙහි බල්ලාට ගසනු පිණිස මුගුරු ඔසවා එළඹී මිනිසා වැළකීය. ඔහුගේ මේ පින්කමින් වෙහෙර මැද මහත් පව්වක් පැනනැගී විවරයක් තැබීය. සොරු පැමිණ ඔබ මොබ බලා එහෙත් නොදැක රහත් භික්‍ෂූන් වහන්සේ නමක් වන්නේ යයි සිතා පලා ගියහ. 8. දඬුවමකට නුසුදුස්සෙකුට යමෙක් දඬුවම් කෙරේද හේ භවයක් භවයක් පාසා දඬුවම් ලබන්නෙක් වේ. යමෙක් කෝපය නසා දඬුවම් නො කෙරේද දෙවි මිනිස්සු ඔහු රක්‍ෂා කෙරෙති. 9. ස්ථවිරයන් වහන්සේ දෙවියන් විසින් දෙන ලද සුධා භෝජන වළඳන්නෝ දොළොස් අවුරුද්දක් පුහුදුනෙක්ව විසූහ. පසුව විදර්ශනාව වඩා රහත් බවට පැමිණ එසේම අවුරුදු දොළසක් ගෙවීය. මෙසේ දිව්‍ය පුත්‍ර‍ තෙම අවුරුදු විසිහතරක් දිව්‍ය ආහාරයෙන් තෙරුන්ට පිළි දැගුම් කෙළේය. තෙරුන් වහන්සේ එම විහාරයෙහිම පිරිනිවියෝය. 10. බඩසයින් පෙළුණු එක් බල්ලෙකුට ආහාර පිඩක් දී දිව්‍යාහාර ලැබුවේය. එසේම ඒ යතීන්‍ද්‍රියා නිවීමට පත්වූයේය. නුඹලාද නිතර කාට හෝ යමක් දිය යුතුය. එය සංසාරයෙහි දී පිළිසරණ වේ. කෙළවර නිර්වාණයද ලබයි. 8. අභයහිමිගේ කථා වස්තුව නිමි.
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) අභය ස්ථවිරයන්ගේ කථාව.
def create_list(size, value): return [value] * size print(create_list(5, 'a')) # Output: ['a', 'a', 'a', 'a', 'a']
දී ඇති නිශ්චිත විශාලත්වයකින් යුතු පයිතන් ලැයිස්තුවක් සාදා එය එකම අගයකින් පුරවන්නේ කෙසේද? මේ සඳහා ක්‍රමලේඛයක් ලියන්න
ක්ලයිඩ් වෝල්කොට්
එක් තරඟාවලියක් තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා කවුද?
ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. ඒ ප්‍රංශයට එරෙහිව පැවති තරගය ලකුණු 29 ට 28 ක් ලෙස ලෙස ජය වාර්තා කරමිනි. ඒ අනුව, 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ආජන්ටිනාව, නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩාම් තේරී පත්විය. එහිදී ආජන්ටිනාව - නවසීලන්තය සමගත්, එංගලන්තය - දකුණු අප්‍රිකාව සමගත්, අවසන් පූර්ව වටයේ දී තරඟ කළහ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය දිනුවාද?
විලියම් හා හෙන්රි
ඩයනා කුමරියගේ පුතාලා දෙදෙනා කවුද ?
මාග්‍රට් තැචර් මහත්මිය
යකඩ ගැහැනිය නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූයේ කවුරුන්ද?
ජෝන් ඩේවිසන් රොක්ෆෙලර් ජ්‍යෙෂ්ඨ (ජූලි 8, 1839 - මැයි 23, 1937) ඇමරිකානු ව්‍යාපාරිකයෙක් සහ දානපතියෙක් විය. ඔහු සෑම විටම ධනවත්ම ඇමරිකානුවා සහ නූතන ඉතිහාසයේ ධනවත්ම පුද්ගලයා ලෙස පුළුල් ලෙස සැලකේ. රොක්ෆෙලර් උපත ලැබුවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ විශාල පවුලක වන අතර අවසානයේ ක්ලීව්ලන්ඩ් හි පදිංචි වීමට පෙර කිහිප වතාවක්ම පදිංචියට ගියේය. ඔහු වයස අවුරුදු 16 දී සහකාර පොත් තබන්නෙකු බවට පත් වූ අතර වයස අවුරුදු 20 දී ආරම්භ වන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් කිහිපයකට තම ව්‍යාපාරය තෙල් පිරිපහදු කිරීම කෙරෙහි යොමු කළේය. රොක්ෆෙලර් 1870 දී ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම ආරම්භ කළේය. ඔහු එය 1897 දක්වා පවත්වාගෙන ගිය අතර එහි විශාලතම කොටස් හිමියා විය. භූමිතෙල් සහ පෙට්‍රල්වල වැදගත්කම වර්ධනය වීමත් සමඟ රොක්ෆෙලර්ගේ ධනය ඉහළ ගිය අතර, ඔහු එක්සත් ජනපදයේ සියලුම තෙල්වලින් 90% ක් ඔහුගේ උපරිමයෙන් පාලනය කරමින් රටේ ධනවත්ම පුද්ගලයා බවට පත්විය. විදුලිය හඳුන්වා දෙන තුරු තෙල් ආලෝක ප්‍රභවයක් ලෙසත්, මෝටර් රථය සොයා ගැනීමෙන් පසු ඉන්ධනයක් ලෙසත් රට පුරා භාවිතා විය. තවද, රොක්ෆෙලර් සිය තෙල් රට පුරා ප්‍රවාහනය කළ දුම්රිය කර්මාන්තය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. ස්ටෑන්ඩර්ඩ් ඔයිල් යනු එක්සත් ජනපදයේ පළමු මහා ව්‍යාපාරික භාරයයි. රොක්ෆෙලර් ඛනිජ තෙල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කළ අතර, ආයතනික හා තාක්‍ෂණික නවෝත්පාදනයන් හරහා තෙල් නිෂ්පාදන පිරිවැය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට සහ දැඩි ලෙස අඩු කිරීමට උපකාරී විය. ඔහුගේ සමාගම සහ ව්‍යාපාරික භාවිතයන් විවේචනයට ලක් විය, විශේෂයෙන් කතුවරයා වන අයිඩා ටාර්බෙල්ගේ ලේඛනවල.
ජෝන් ඩී රොක්ෆෙලර් යනු කවුද?
John McCarthy බොහෝ විට "කෘතිම බුද්ධියේ පියා" ලෙස හඳුන්වනු ලබන්නේ ඔහුගේ පරිගණක විද්‍යාව සහ AI හි පුරෝගාමී කාර්යය නිසාය. ඔහු 1950 ගණන්වල "කෘතිම බුද්ධිය" යන යෙදුම නිර්මාණය කළ අතර එය "සුහුරු යන්ත්‍ර සෑදීමේ විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව(the science and engineering of making machines that are smart)" ලෙස අර්ථ දැක්වීය. මැකාති AI ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.
"කෘතිම බුද්ධියේ පියා" ලෙස සැලකෙන්නේ කවුද?
දෙසැම්බර් 2, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 336 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 337 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 29 ඉතිරිව තිබේ.
දෙසැම්බර් 2 ගැන කථා කරමු.
උඩුගත කිරීම කියන එක නම් හරිම ක‍‍ෘතිම ඍජු පරිවර්තනයක්නෙ බඩු බානවා /මාලු බානවා යනුවෙන් අපි සාමාන‍‍යයෙන් යොදනවා නම් අන්තර්ජාලයෙන් ලබාගන්නා දේටත් බාගන්නවා යන වදන වහරන්න බැරි ඇයි. අනික ඩවුන්ලෛා්ඩ් කියන වදනට අලුතින් වදන් සකසන්න ඕනමත් නැහැ. ලබාගන්නවා වැනි වදනක් සුදුසු පරිදි යොදන්න පුලුවනි. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කළ ෆිල්ම් - අන්තර්ජාලයෙන් ලබාගත් ෆිල්ම් ෆයිල් එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න- ගොනුව මෙතැනින් ලබාගන්න නමුත් ඩවුන්ලෝඩ් කියන වචනේ ශුද්ධ අර්ථයෙන්ම අවශ්‍ය තැන්වලට බාගැනීම යන වදන යොදන්න පුලුවනි උදා- ලිමිටඩ් ඩවුන්ලෝඩ්= බාගැනීමට හැකි සීමිත දත්ත ප්‍රමාණයක් පමණි අප්ලෝඩ් කිරීම යන්න යොදනවා ඇතුළත් කරනවා වැනි වදන්වලින් හගවන්න පුලුවන් ෆේස්බුක් ගිනුමට ඇතුලත් කළ ඡායාරූප යූ ටියුබ්වලට ඇතුළත් කළ වීඩියෝ ජාලයට දත්ත ඇතුළත් කිරීමේ වේගය (අප්ලෝඩ් ස්පීඩ් එක)
Download යන්නට බාගැනීම යනුවෙන් යොදා ගන්නා අතරම ඇතැමුන් භාගත කිරීම යනුවෙන්ද බාවිත කරනවා. "භාගත කිරීම" යන්න නිවැරදි යෙදුමක්ද?
මිනිස් සිරුරේ මාංශ පේශි 656 ක් අඩංගු වේ.
මිනිස් සිරුරේ ඇති පේශි සංඛ්‍යාව කොපමණද?
පරිගණක ජාලයක් හා සම්බන්ධ වී තොරතුරු හුවමාරුව සඳහා භාවිත කරන උපාංග, ජාලකරණ උපාංගයි. උදාහරණ – නාභිය (Hub), මංහසුරුව (Router),ස්වීච (Switch) ජාලකරණ අතුරු මුහුණත් (Network Interface Card – NIC)
පරිගණකය ජාලකරණ උපාංග (Networking Device) යනු මොනවද ?
ක්ලෙයාර් ෆෝයි උපත ලැබුවේ 1984 අප්‍රේල් 16 වන දින වන අතර ඇය බ්‍රිතාන්‍ය නිළියකි.
ක්ලෙයාර් ෆෝයි උපත ලැබුවේ කවදාද, සහ ඇයගේ ජාතිකත්වය කුමක්ද?
අපේ කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් තැනූ වැව් වලිනි. නිලට නිලේ වතුර පිරුණු වැව් වල ලස්සන විස්තර කරන්න බැරි තරම්, වැව ගැන ඇති ඉතිහාස කතාත් ඒ වගේම ලස්සනයි. මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයකි.
වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා දැන ගන්න කැමතිද?
යුනෙස්කෝ ලෝක උරුම මධ්යස්ථානයක් වන සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පහත්බිම් වැසි වනාන්තරයේ අවසාන විස්තීර්ණ පැල්ලම ආවරණය කරමින්, සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට තෙත් කලාපයේ පිහිටා ඇත.
ලංකාවේ විශාලතම වනාන්තරය කුමක්ද?
1999 දෙසැම්බරයේ සිඩ්නි ක්‍රිකට් පිටියේදී සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව
මයිකල් ක්ලාක් පළමු පෙළ තරගය ආරම්භ කළේ කවදාද, කාට එරෙහිවද?
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා මර්වින් පෙරේරා ප්‍රේමකීර්ති ද අල්විස් මර්වින් පෙරේරා
"මේ නගරය" ගීතය සම්පුර්ණ කරන්න.
"ආගන්තුකයා" වඩාතම ගැලපෙන තනි පදයයි.
"නිවසට පිටින් පැමිණි තැනැත්තා" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)
චතුර
කතා කිරීමෙහි දක්ෂ යන්නට තනි වචනයක් දෙන්න.
නිර්යාත යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය ආයාත වේ.
නිර්යාත යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
කාමය යනු තහනම් දෙයක් නොවේ,මේක වැරැදි විදියට සමාජ ගත වන්නේ. කෙල්ලෝ කොල්ලෝ දහමින් අයින් වන්නේද මේ නිසා. දර්මය දන්නේ නැති වුන්ට කාමය හිසරදයක්. අපිට නම් කාමය හිසරදයක් නොවේ. එය ගුරැවරයකි. මේ ජීවිතය ලස්සන කරන්නේ කාමය නිසා. එ් වාගේ නිවනට යන්න පාර කියාදෙත් එයමයි. මම නම් කාමය නිසාමයි නිවන් මග පහදා ගත්තේ. කාමයෙන් අෑත් වීම වැරැදි.එ්ක හාෙදට විදින්න.එ් ස්භාවය විමසිල්ලෙන් සිහියෙන් දකින්න.
කාමය නිසා කෙනෙකුට ලි0ගික හිරි හැර පවා විදීමට සිදුවනවා.තවත් කෙනෙකුට ජීවිතය පවා අහිමි වනවා.තවත් අයගේ පවුල් ජීවිතය බිදී යනවා,සමහර අය සිල් පද බිද ගන්නවා සතර අපායට දොරගුලු විවර කර ගන්නවා එසේ බැලූ කල කාමය යනු ඉතා භයානක දෙයක් නේද?එසේ බැලූ කල මහා සඟරුවන විදින්නෙ ඉතා ඉහල සැපයකි.පුදුමයට කරුණ නම් මේසා විශාල දුක් ගිනි අපට ලබා දෙන කාමයට අප නැවත නැවත ඇලුම් කිරීම නොවේද ?
සමෙහි විශාලත්වය සහ ආවරණය නිසා බරම ඉන්ද්‍රිය ලෙස සැලකේ. වැඩිහිටියෙකුගේ මුළු සිරුරේ බරෙන් 16%ක් පමණ සමට අයත් වේ.
මිනිස් සිරුරේ බරම ඉන්ද්‍රිය සම බවට පත් වන්නේ ඇයි? සාමාන්‍යයෙන් එහි බර කොපමණ ද?
ලොව ගැඹුරුතම ආගාධය වන්නේ පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධය යි. එහි ගැඹුර ආසන්න වශයෙන් මීටර 10,984 පමණ වේ.
ලොව ගැඹුරුම ආගාධය කුමක් ද?
ලෝකෝත්තර
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? ලෞකික
ජපානය
2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රට
ඔරුව
පහත තේරවිල්ල විසඳන්න. මුලත් කපා මුල අහකට දමන්නේ අගත් කපා අග අහකට දමන්නේ බඩත් කපා බඩ අහකට දමන්නේ කපුටා නොකන තැන වතුරට දමන්නේ
යාත්‍රා කිරීම අපූරු ක්‍රීඩාවකි. නැවුම් වාතය සහ හිරු එළියේ සිටින අතරතුර සුළඟ, භෞතික විද්යාව සහ පරිසරය ගැන ඉගෙන ගැනීමට එය විශිෂ්ට ක්රමයකි. යාත්‍රා කිරීමේදී ඔබට ඉගෙන ගත හැකි බොහෝ ප්‍රියජනක දේවල් තිබේ: සැරිසැරීමට, ලණු බැඳීමට, සුළඟ කියවන ආකාරය සහ රුවල් වෙනස් කරන ආකාරය. යාත්‍රා කිරීම බොහෝ විට කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර පිටතින් එකට වැඩ කිරීමට හොඳ ක්‍රමයකි. ඔබේ මුහුණේ සුළඟ සහ ඔබේ හිසකෙස් වල ලුණු වැනි කිසිවක් දැනෙන්නේ නැත.
යාත්‍රා කිරීම එතරම් විනෝදජනක වන්නේ ඇයි?
බීජිං
චීනයේ අගනුවර කුමක්ද?
කලම්බු ඩියුන්ස්
ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය
දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරවන ලද , පළමුවැනි චෛත්‍යය වන්නෙ මිරිසවැටිය චෛත්‍යය යි.
දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරවන ලද , පළමුවැනි චෛත්‍යය කුමක්ද ?
රිකී පොන්ටින්
සිය 100වන ටෙස්ට් තරඟයේදී , ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ක්‍රීඩකයා කවුද?
එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය හැර වෙනත් රටක ඔලිම්පික් ක්‍රීඩකයින් අතරින් වඩාත්ම දක්ෂ ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන්නේ ෆින්ලන්තයේ Paavo Nurmi ය. නුර්මි, "පියාඹන ෆින්" ලෙස හඳුන්වනු ලැබුවේ, 20 වැනි සියවසේ මුල් භාගයේදී තරග වැදුණු මැදි දුර සහ දිගු දුර ධාවකයෙකි. ඔහු 1920 සිට 1928 දක්වා පැවති ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 9 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගත්තේය. තවත් ඉහළ දක්‍ෂ මලල ක්‍රීඩකයෙක් වන්නේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ය. බෝල්ට් බොහෝ විට ඉතිහාසයේ වේගවත්ම මිනිසා ලෙස සලකනු ලබන අතර, ඔහු 21 වන සියවසේ ධාවන ඉසව්වල ආධිපත්‍යය දැරීය. ඔහු ඔලිම්පික් ක්‍රීඩා තුනක් (2008, 2012, සහ 2016) පුරා මීටර් 100, මීටර් 200 සහ මීටර් 4x100 සහය දිවීමේ ඉසව්වලින් ඔලිම්පික් රන් පදක්කම් 8ක් දිනාගෙන ඇත. ඔලිම්පික් උළෙලේ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත් විවිධ රටවල තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සිටින අතර, එය අවසානයේ රඳා පවතින්නේ පදක්කම් සංඛ්‍යාව, වාර්තා පිහිටුවා ඇති හෝ ක්‍රීඩාවට ඇති බලපෑම අනුව යමෙකු "වඩාත්ම සාර්ථක" යන්න නිර්වචනය කරන්නේ කෙසේද යන්න මතය.
එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය හැර වෙනත් රටකින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වඩාත්ම ජයග්‍රහන ලබාගත් ක්‍රීඩකයා කවුද?
මෙහි දෙවැන්නා බොරු කයිවාරුකාරයාය
කයිවාරුකාරයා කියන ඒකේ හරි තේරුම ගොඩක් කියවන කෙනා කියන එකද? නැත්නම් බොරුවට පම්පෝරි කියවන කෙනා කියන එක ද?
අර්ධ සන්නායක ස්පටික දෙපසින් සමාන වර්ගයේ භාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ ද මැද ඉතා තුනී ප්‍රතිවිරුද්ධ භාහිය අර්ධ සන්නායක ප්‍රදේශයක් ද ඇතිවන අයුරින් මාත්‍රණය කිරීමෙන් ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටර සාදා ගනී. මේවායේ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන දෙවර්ගයම වාහක ලෙස ක්‍රියා කරන නිසා ද්වීධ්‍රැව ට්‍රාන්සිස්ටර යන නම ලබා දී ඇත. ට්‍රාන්සිස්ටරයේ ප්‍රධාන අග්‍ර තුනක් ඇත. විමෝචකය (E) සමාන ලෙස මාත්‍රණය කරන ලද ප්‍රදේශ දෙකෙන් අනෙකට වඩා මදක් වැඩියෙන් මාත්‍රණය කරන ලද ප්‍රදේශයට සම්බන්ධ අග්‍රය විමෝචකය නම් වේ . සංග්‍රාහකය (C) සමාන ලෙස මාත්‍රණය කළ ප්‍රදේශ දෙකෙන් විමෝචකයට වඩා මඳක් අඩුවෙන් මාත්‍රණය කළ ප්‍රදේශයට සම්බන්ධ අග්‍රය සංග්‍රාහකය නම් වේ. පාදම (B) මැද පවතින ප්‍රතිවිරුද්ධ වර්ගයෙන් මාත්‍රණය කරන ලද ප්‍රදේශයට සම්බන්ධ අග්‍රය පාදම වේ. මෙය ඉතා තුනී වේ. ද්වීධ්‍රැව ට්‍රාන්සිස්ටර npn සහ pnp ලෙස ප්‍රධාන ආකාර දෙකකි.
ද්විධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටර යනු මොනවද ?
මන්නාරම එහි පැරණිතම සහ විශාලතම බෙහෙමොත් බයෝබැබ් ගස සඳහා ප්‍රසිද්ධය. මීටර 19.5 ක වට ප්‍රමාණයකින් සහ මීටර් 7.5 ක උසකින් යුත් එය වසර 800 ක් පමණ පැරණි යැයි සැලකේ. එය ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂා වී ඇති අතර සංචාරකයින් සඳහා සංසිද්ධියක් බවට පත්ව ඇත.
ලංකාවේ විශාලතම ගස කුමක්ද?
අපරභාග
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? පූර්වභාග
import numpy as np array = np.array([[1, 2], [3, 4], [5, 6]]) reshaped_array = array.reshape(2, 3)
(3, 2) හැඩයේ NumPy අරාවක් (2, 3) හැඩයට නැවත සකස් කරන්න.
අධික අවුරුදු ක්‍රමය සහිත දිනදසුන් ක්‍රමයක අධික අවුරුද්දක් නොවන අවුරුදු සාමාන්‍ය අවුරුදු යන්නෙන් අදහස් කෙරේ.
සාමාන්‍ය අවුරුදු යනු කුමක්ද?
දේදුන්නක වර්ණ පහක් ඇත යන ප්‍රකාශය නිවැරදි නොවේ. සාමාන්‍ය දේදුන්නක් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් යන වර්ණ හතක් පෙන්වයි.
පහත ප්‍රකාශය සත්‍යද? දේදුන්නක වර්ණ පහක් ඇත.
හයිඩ්‍රොලික් සෝපානවල ඇති ප්‍රධාන අවාසිය නම්, ගොඩනැගිලිවලට පිස්ටන් සවි කිරීම සඳහා සෝපාන පතුවළට පහළින් වලවල් අවශ්‍ය වීමයි. ගොඩනැගිල්ල උස වන තරමට වළ ගැඹුරු විය යුතු අතර, උස් ගොඩනැගිලි සඳහා මෙම සෝපාන වර්ගය ප්‍රායෝගික නොවේ.
1800 ගණන්වල මැද භාගයේ හයිඩ්‍රොලික් සෝපානවල ඇති ප්‍රධාන අවාසිය කුමක්ද සහ ඒවා උස් ගොඩනැගිලි සඳහා ප්‍රායෝගික නොවන ලෙස සැලකුවේ ඇයි?
දඩයමේ යනකොට සතෙකුට කිට්ටුකරන්න පුලුවන් උන තරමට දඩයම ලේසියි. ඒ උනත් එහෙම කිට්ටුවට යනකොට සතා බයවෙලා දුවනව. මේකට හොයාගත්ත විසඳුම තමයි දඩමීමා . ඇතිකරන මීහරකෙක් අරන් ගිහින් ඌට මුවාවෙලා සතා ලඟට කිට්ටුකරනව. මීහරකෙක්ට බයවෙන්න දෙයක් නැතිනිසා සතා දුවන්නෙ නෑ. සමහර අය මීමගෙ බඩේ එල්ලගන්න මැස්සක හැංගෙනව කියලත් අහල තියෙනවා .
පහත යෙදුමේ තේරුම කුමක්ද? දඩමීම කරගන්නව.
ලොව දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිමි රට ඉන්දියාව වේ.
ලොව දිගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිමි රට කුමක්ද?
අභ්‍යවකාශයේ සිට බලනවිට පෘථිවිය මත දක්නට ලැබෙන දීප්තිමත්ම නගරය ලාස් වේගාස් නගරයයි.
අභ්‍යවකාශයේ සිට බලනවිට පෘථිවිය මත දක්නට ලැබෙන දීප්තිමත්ම නගරය කුමක්ද?
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවණේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ අපේ මියුරු සීන පිරුණු රජ දහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ දයාරත්න රණතුංග සිරිසමන් විජේතුංග දයාරත්න රණතුංග
"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
ධාර්මික
ධර්මයට අනුව ජීවත්වන යන්නට තනි වචනයක් දෙන්න.
දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වූ සියඹලා ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, බෙංගාලය, ශ්‍රී ලංකාව යන රටවල්වල සියඹලා ගස දක්නට ලැබේ.
සියඹලා ගස දක්නට ලැබෙන රටවල් නම් කරන්න.
එරෙන කුඹුරුවලට දකුණේ භාවිත වන්නකි.ඇතැම් පැතිවල දෙණිකඩත් මෙනමින් හැඳින්වේ.අගාර යනු කඳු දෙකක් මැද පිහිටි තැනිතලා බිමයි.
අගාර කුඹුරු යනු කුමක්ද?
එක අවුරුද්දකට ග්‍රෑන්ඩ්ස්ලෑම් හතරක් තියෙනවා. එය ආරම්භ වන්නේ දෘඪ පිටියේ පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත තරගයෙනි. දෙවනුව ප්‍රංශ විවෘත ක්‍රීඩාංගනය මැටි පිටියේ පැවැත්වේ. තෙවනුව තෘණ පිටියේ පැවැත්වෙන විම්බල්ඩන් තරගය වන අතර අවසන් තරගය එක්සත් ජනපද විවෘත තරගය දෘඪ පිටියේ පැවැත්වේ.
වසරක් තුළ ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ්ස්ලෑම් කීයක් තිබේද?
යුදෙව්වන්
පහත ඡේදය වෙත යොමු වන්න, ඉන්පසු එම ඡේදයේ ඇති භාෂාවෙන්ම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න: පසුබිම: ෆ්‍රැන්කල් උපත ලැබුවේ වියානාහි යුදෙව් ‍රාජ්‍ය සේවක පවුලක ය. ඔහු මානසික විද්‍යාව ගැන උනන්දු වුණේ ඉතා ඉක්මනින්. ජිම්නාසියමේ අවසාන විභාගය (මැටූරා) සඳහා ඔහු දාර්ශනික චින්තනයේ මනෝ විද්‍යාව පිළිබඳ ලිපියක් ලිවීය. 1923 දී ජිම්නාසියම් වලින් උපාධිය ලැබීමෙන් පසු ඔහු වියානා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීය. ප්‍රායෝගිකව ඔහු ස්නායු විද්‍යාව හා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ අතර මානසික අවපීඩනය සහ සියදිවි නසා ගැනීම් පිළිබඳ මාතෘකා කෙරෙහි අවධානය යොමු කළේය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් සමඟ ඔහුගේ සම්බන්ධතා ඔහුගේ මුල් සංවර්ධනයට බලපෑම් කළ නමුත් ඔහු ඔවුන්ගේ ඉගැන්වීම් වලින් බැහැර විය. ප්‍රශ්නය: ෆ්‍රැන්කල්ගේ පවුලේ ආගම කුමක්ද?
එක්සත් ජනපද කොන්ග්‍රසය යනු එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ව්‍යවස්ථාදායක ශාඛාව වන අතර, නීති සම්පාදනය කිරීමේ වගකීම දරයි. එය නිවාස දෙකකින් සමන්විත ද්වි-මණ්ඩල ව්‍යුහයකි: 1. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය: එහි එක් එක් ප්‍රාන්තයේ ජනගහනය අනුව තේරී පත්වන සාමාජිකයන් සිටී. නියෝජිතයින් වසර දෙකක කාලයක් සේවය කරන අතර ඔවුන්ගේ මූලික වගකීම වන්නේ ඔවුන්ගේ අදාළ කොන්ග්‍රස් දිස්ත්‍රික්කවල ජනතාව නියෝජනය කිරීමයි. 2. සෙනෙට් සභාව: එය ප්‍රාන්තයේ ජනගහනය කුමක් වුවත්, එය එක් එක් ප්‍රාන්තයෙන් සෙනෙට් සභිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර, මුළු සෙනෙට් සභිකයින් 100ක් වේ. සෙනෙට් සභිකයින් වසර හයක කාලයක් සේවය කරයි. සෙනෙට් මණ්ඩලයේ කාර්යභාරයට කැබිනට් සාමාජිකයින්, විනිසුරුවන් සහ තානාපතිවරුන් වැනි ජනාධිපතිවරයා විසින් කරන ලද ගිවිසුම් අනුමත කිරීම සහ පත්කිරීම් තහවුරු කිරීම ඇතුළත් වේ. එය නීතියක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යැවීම සඳහා සභා දෙකම පනතක් සම්මත කළ යුතුය. මෙම ව්‍යුහය සැලසුම් කර ඇත්තේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේදී කුඩා සහ විශාල රාජ්‍යයන් දෙකෙහිම නියෝජනය සමතුලිත කිරීමටය.
එක්සත් ජනපද කොන්ග්‍රසය යනු කුමක්ද සහ එහි ව්‍යුහය කුමක්ද?
බැට්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන රට ඉන්දුනීසියාවයි.
බැට්මින්ටන් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වන්නේ කුමන රටේද?
හොඳම මිලදී ගැනීම "වින්ඩෝස් 10 හෝ 11 වඩා හොඳද?" යන ප්‍රශ්නයට පිළිතුර ඔබගේ අද්විතීය(unique) අවශ්යතා මත රඳා පවතී. Windows 10 යනු ඔබට වැඩ කිරීමට, සෙල්ලම් කිරීමට සහ ප්‍රයෝජනවත් යෙදුම්(apps) සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසන ඝන මෙහෙයුම් පද්ධතියකි(solid operating system). සහ Windows 11 ඔබට එකම ආකාරයකින් උපකාර කළ හැක, නමුත් සූදු(gaming) සහ අතුරුමුහුණත් පිරිසැලසුම්(interface layouts) සඳහා වැඩිදියුණු කළ විශේෂාංග සමඟින්.
වඩා හොඳ Windows 10 ද 11 ද?
පිහිටක්, යහපතක් බලාපොරොත්තුවෙන් ගියත් විපතක් සිදුවීම.
පහත ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක්ද? වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ
නිලධාරීන්ට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනට ගෙවිය යුතු මුදල දළ වශයෙන් රු. බිලියන 400ක් නොගෙවූ බදු. බදු පැහැර හැරීම් විසඳීමට සහ බදු එකතු කිරීමේ ප්‍රයත්නයන් වැඩි කිරීමට නව නීති සහ දඬුවම් අවශ්‍ය බව මෙයින් අවධාරණය කෙරේ.
ප්‍රවෘත්තිවල සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ නොගෙවූ බදු සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය කුමක්ද?
මෙයට තිස්එක්වැනි කපට පෙරාතුව සිඛී සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි එක් සමයක විවේක සැපය විඳිමින් එක් වන සෙනසුනක සඟල සිවුර එලා වැඩහුන් සේක. දෙව් බඹ ආදීහු එහි රැස්ව උන්වහන්සේට පුදමින් වඳිමින් සිටියහ. ඔවුනට බුදුහු චතුරාර්ය සත්‍යය දේශනා කළහ. එක් මුව වැද්දෙක් දඩයමට ගොස් මෙසේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක එකත් පස්ව සිට බණ අසා සිත පහදා එයින් මියගොස් දෙව්ලොව ඉපිද නැවත නැවතත් සදෙව්ලොවම ඉපිද මේ බුද්‍ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නුවණ ඇතිව බුදු සසුනෙහි මහණව ගෙණ, දිනක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසා සිව්පිළිසිඹියාපත්ව සංඝයා මැද දී තමා විසින් කරන ලද පින්කම පිළිබඳ උදානය මෙසේ පැවැසීය. සිඛී බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ධර්ම දේශනා කරමින් ජීවත් වූහ. එ සමයෙහි මම මුව වැද්දෙක් වී දඩයමට කැලයට ගියෙමි. දෙව් බඹුන්ට දේශනා කළ චතුරාර්ය සත්‍යය මම ද ඇසීමි. එම පින නිසා දෙව්ලොව ඉපදුනෙමි. නැවත නැවතත් සදෙව්ලොව ඉපිද දෙව් සැපත් වින්දෙමි. ඒ මම දැන් මහ ධනවත් කුලයක ඉපිද වැඩිවියට පත්ව ගිය කල්හි දිනක් දෙව්රම් වෙහෙරට ගියෙමි. එහිදී ශිෂ්‍යයන්ට ධර්මය දේශනා කළ බුදුරජුන් දැක මම ද බණ ඇසීමි. පසුව මහණ වීමි. දැන් නිවන් පසක්කර ගත්තෙක් වෙමි. එබැවින් මම එක වචනයක් කියමි. එනම්, “මනාකොට ධර්මය අසව්” යන වචනයයි.
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) මුව වැද්දාගේ කථාව
නැත. අවියෝජනීය - වෙන් කළ නොහැකි අන්‍යෝන්‍ය - ඔවුනොවුන් අතර බැදීම අන්‍යෝන්‍ය බැඳීමකට වඩා අවියෝජනීය බැඳීමක ශක්තිය වැඩියි. අන්‍යෝන්‍ය බැඳීමක ඉහළම අවස්ථාව අවියෝජනීය බැඳීම කියන්න පුළුවන් උදා - 01.මෙරට පෙරහර සංස්කෘතිය සමග හස්තියා අවියෝජනීයව බැදී පවතී. 02.විවාහ දිවියක සාර්ථකත්වයට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හා විශ්වාසය වැදගත් ය.
අවියෝජනීය බැඳීම= අන්‍යෝන්‍ය බැඳීමද?
මාත්‍රණය III කිරීමට කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු යොදාගන්නා බාහ්‍ය අර්ධ සන්නායක p-වර්ගයේ අර්ධ සන්නායක වේ. B පරමණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් පවතී. Ge ස්ඵටිකයට B පරමාණුවක් මාත්‍රණය කළ විට මෙම ඉලෙක්ට්‍රෝන මගින් බන්ධන 3ක් සෑදෙයි. නමුත් ස්ඵටිකයේ එක් ඉලෙක්ට්‍රෝනයක ඌනතාවයක් හෙවත් කුහරයක් මෙමගින් ඇති වේ. B මාත්‍රණය කළ විට මෙලෙස කුහර විශාල සංඛ්‍යාවක් ස්ඵටිකය තුළ ඇතිවේ. මීට අමතරව එය තුල යම් නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකුත් ඊට සමාන කුහර සංඛ්‍යාවකුත් පවතී. මේ අනුව ස්ඵටිකය තුළ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩියෙන් කුහර ගණනක් පවතී. එනම් එහි (-) ආරෝපණ වාහක වලට වඩා වැඩිපුර (+) ආරෝපණ වාහක පවතී. එබැවින් මෙවැනි අර්ධ සන්නායකයක p වර්ගයේ අර්ධ සන්නායකයක් (p-type) ලෙස හැඳින්වේ. p වර්ගයේ අර්ධ සන්නායක මාත්‍රණය සඳහා යොදාගත යුතු මූලද්‍රව්‍ය පරමාණුවලට ප්‍රතිග්‍රාහක පරමාණු යැයි කියනු ලැබේ. p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් යනු, කුහර බහුතර වාහක වේ. නිදහස් ඉලෙක්ට්‍රෝන සුළුතර වාහක වේ.
p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක (p-type) ගැන විස්තර කරන්න.
ඇමරිකා එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි. අද ඇමරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් ඇමෙරිකානු විප්ලවීය අරගලය ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.[2] 19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි.[3] 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී ඇමෙරිකන් සිවිල් යුද්ධය පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.
එක්සත් ජනපදය ගැන කෙටි විස්තරයක් කරන්න.
ගමන් යන්න නැකතින් පාරු පැද ගෙනේ සමන් දෙවියන්ට පුද පුද පඩුරු බැද ගෙනේ මෙවන් කළු ගගේ කදමුල් බලා ගෙනේ අපිත් යමුද සැම දෙවියන්ට වැද ගෙනේ
පාරු කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
සමාජ ඉංජිනේරු ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රම 1. ඔබ සහ ඔබේ සේවකයන් දැනුවත් කරන්න: සමාජ ඉංජිනේරු ප්‍රහාර හඳුනා ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය හඳුනා ගැනීමට ඔබ සහ ඔබේ සේවකයන් පුහුණු කරන්න. 2. අනවශ්‍ය පණිවිඩ ගැන සැක කරන්න: ඔබ බලාපොරොත්තු නොවූ පණිවිඩයක් ඔබට ලැබුනේ නම්, ප්‍රතිචාර දැක්වීමට පෙර සැක සහිත වන්න සහ යවන්නාගේ අනන්‍යතාවය තහවුරු කරන්න. 3. ශක්තිමත් මුරපද සහ ද්වි-සාධක සත්‍යාපනය භාවිතා කරන්න: ශක්තිමත් මුරපද භාවිතා කරන්න සහ ඔබගේ ගිණුම් අනවසරයෙන් ප්‍රවේශ වීමෙන් ආරක්ෂා කිරීමට ද්වි-සාධක සත්‍යාපනය සක්‍රීය කරන්න. 4. ඔබේ මෘදුකාංගය යාවත්කාලීනව තබා ගන්න: ප්‍රහාරකයන්ට ප්‍රයෝජන ගත හැකි අවදානම් වළක්වා ගැනීමට නවතම ආරක්ෂක පැච් සමඟ ඔබේ මෘදුකාංගය සහ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තබා ගන්න. 5. ප්‍රති-වයිරස සහ ප්‍රති-අනිෂ්ට මෘදුකාංග භාවිතා කරන්න: සමාජ ඉංජිනේරු ප්‍රහාරවලදී භාවිතා කළ හැකි අනිෂ්ට මෘදුකාංග වලින් ඔබේ උපාංග ආරක්ෂා කිරීමට ප්‍රති-වයිරස සහ ප්‍රති-අනිෂ්ට මෘදුකාංග භාවිතා කරන්න. 6. පොදු Wi-Fi ගැන ප්‍රවේශම් වන්න: සබැඳි බැංකුකරණය හෝ රහස්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීම වැනි සංවේදී ක්‍රියාකාරකම් සඳහා පොදු Wi-Fi ජාල භාවිතා කිරීමෙන් වළකින්න.
සමාජ ඉංජිනේරු ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රම මොනවාද?
අමු පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පලතුරු වඩාත් පැණිරස වන අතර කොළ පැහැයෙන් අඩුවී වඩාත් මෘදුවේ. මෙහිදී පැණිරස වැඩිවන නමුදු පලතුරේ ආම්ලිකතාව වැඩිවේ. කෘත්‍රිම ඉදවුම්කාරක පලතුරු ඉදීම වෙගවත් කරයි. කැල්සියම් කාබයිඩ් (Calcium carbide) සමහර රටවල කෘත්‍රිමව පලතුරු ඉදවීමට යොදාගනී. වෙනත් කාර්මික කටයුතු වලට යොදාගන්නා කැල්සියම් කාබයිඩ් වල ආසනික් සහ ෆොස්සරස් අංශුමාත්‍ර ලෙස අඩංගුවියහැකි බැවින් එම කැල්සියම් කාබයිඩ් පලතුරු ඉදවීම පිණිස යොදාගැනීම සමහර රටවල තහනම්ය. කැල්සියම් කාබයිඩ් ජලය හා මුසුවූවිට ඇසිටලීන් (acetylene) නිපදවේ. සැබැවින්ම කෘත්‍රිම ඉදවුම්කාරකය වන්නේ එම ඇසිටලීන්ය.
පලතුරු ඉදීම යනු කුමක්ද?
විද්‍යුත් සිගරට් භාවිතය මගින් පෙනහළු විෂ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය කළ හැකි නමුත් එම නිරාවරණයන් COVID-19 අවදානම වැඩි කරයිද නැතහොත් COVID-19 ප්‍රතිඵලවල බරපතලකම නොදනී. කෙසේ වෙතත්, බොහෝ විද්‍යුත් සිගරට් භාවිතා කරන්නන් වත්මන් හෝ කලින් දුම් පානය කරන්නන් වන අතර සිගරට් දුම්පානය නියුමෝනියාව ඇතුළු ශ්වසන ආසාදන අවදානම වැඩි කරයි.
මම දුම්කොළ හෝ නිකොටින් වාෂ්ප කළහොත් COVID-19 සංකූලතා ඇතිවීමේ අවදානම මට තිබේද?
වයිර ගොනා දණ ගහලා. අදිනකොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට
කරත්ත කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
ලෝකනායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක මුල වැඩ සිට සතියක් මුළුල්ලෙහි විමුත්ති සුවය වින්දේ ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.
පහත ගාථාවේ තේරුම කුමක්ද ? යස්ස මූලේ නිසීදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුත්තිසුඛ සංවේදී වන්දේ තං බෝධිමුත්තමං
මයික්‍රොසොෆ්ට් හි හිමිකම තනි පුද්ගලයෙකු හෝ ආයතනයක් අතේ සංකේන්ද්‍රණය වී නොමැති නමුත් පුළුල් පරාසයක කොටස් හිමියන් අතර විසිරී ඇත. මෙම කොටස් හිමියන් විවිධ පසුබිම්වලින් පැමිණෙන අතර තනි ආයෝජකයින්, ආයතනික ආයෝජකයින්, අන්‍යෝන්‍ය අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල් සහ වෙනත් ආයතන ඇතුළත් වේ.
Microsoft අයිති කාටද?
2023 ඔක්තෝම්බර් 26 වන විට, දැනට සෙනසුරු වටා කක්ෂගත වන අභ්‍යවකාශ යානයක් නොමැත. සෙනසුරු වටා කක්ෂගත වූ අවසන් යානය කැසිනි වන අතර එය 2017 සැප්තැම්බර් 15 වන දින සෙනසුරුගේ වායුගෝලයට කිමිදීමෙන් සිය මෙහෙයුම අවසන් කළේය.
ප්‍රශ්නය: දැනට සෙනසුරු වටා ගමන් කරන අභ්යාවකාශ යානයේ නම පිළිතුර:
නූතන යුගය. ගුණදාස අමරසේකර සිරි ගුණසිංහ පරාක්‍රම කොඩිතුවක්කු මොනිකා රුවන්පතිරණ
මහගම සේකරයන් කොළඹ යුගයේ කිනම් පරපුර නියෝජනය කළේද? එතුමා හා සමකාලීනයින් කවුද?
RAMIS ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ බදු ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයන විශාල බදු ගෙවන්නන්ගේ ඒකක සංඛ්‍යාව වැඩි කිරීමයි. RAMIS හි අරමුණ වන්නේ බදු පරිපාලනය සහ අනුකූලතාවය වැඩිදියුණු කිරීමයි.
2024 සඳහා ශ්‍ර්‍ර්‍රීලංකා රජයේ අයවැය සැලසුම් තුළ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද?
ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය වන්නේ සුන්දර්බන්ස් (Sundarbans) වනාන්තරයයි.
ආසියාවේ පිහිටා ඇති විශාලතම වනාන්තරය කුමක්ද?
හික්මුණු
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? නොහික්මුණු
ඇමෙරිකාවේ සුප්‍රකට TIME සඟරාවට අනුව , 2020 " වසරේ හොඳම ළමයා ගීතාංජලී රාඕය.
ඇමෙරිකාවේ සුප්‍රකට TIME සඟරාවට අනුව , 2020 " වසරේ හොඳම ළමයා " කවුද ?
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි සියුමැලී මල් පෙතී පාට පාටින් සැරසෙතී ඇයි ලොවේ පිපුනේ කියා සුවඳ මල් නො අසතී බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ බට නෙලන්නේ බටනලා හදන්නයි හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි බට නලාවේ ඒ ඇසෙන්නේ ආදරේ කතාවයි බටගහේ සිදුරකින් හදවතේ සුසුමකින් ගැයෙන ගී රාවයෙන් මියුරු වී අප සවන් භද්‍රජි මහින්ද ජයතිලක, සමිතා මුදුන්කොටුව භද්‍රජි මහින්ද ජයතිලක භද්‍රජි මහින්ද ජයතිලක
"දෙවැට අයිනේ" ගීතය සම්පුර්ණ කරන්න
ලබා තිබෙන්නා වූ ද, මතු ලැබෙන්නට ඇත්තා වූ ද, අනුන්ගේ සම්පත් නො ඉවසන ස්වභාවය ඊර්‍ෂ්‍යාව ය. එයින් යුක්ත තැනැත්තේ අනුන්ගේ සම්පත් දැක ද අසා ද නො සතුටු වෙයි. එහි විනාශය කැමැති වෙයි. අනුන්ට ලැබෙන්නට යන සම්පත් “නොලැබේවා” යි සිතයි. අනුන්ගේ සම්පතට කළ හැකි දෙයක් නැති කල්හි, ඒවා විනාශ කරන්නට තමා සමත් නො වන කල්හි, එහි සුළු බව හෝ නුගුණ හෝ අනිත්‍යතාව හෝ සිතා කියා සැනසෙයි.
ඉස්සාව ගැන විස්තර කරන්න.
සැනසිලිදායක දිනයක් ආච්චි මුණුබුරු මුණුබිරියන්ට ගොඩක් ආදරෙයි. මුණුබුරාලත් මිණිබිරියොත් පණ ඇරලා. කතන්දර, බණකතා, කවි,ගී කියලා දෙන්නේ ආච්චි හෙවත් කිරි අම්මා. ඇයි අම්මා ගහන්න පන්නාගෙන එද්දී හැන්ගෙන්නේ කිරි අම්මගෙ දෙපරන්ද අස්සේ රිංගලා. ආච්චිගෙ වටිනාකම කියන්න වචන මදි. අනේ මෙහෙම ඉද්දී ආච්චි මැරෙනවා. මැරුණු ගමන් අර ඉන්න පොඩි එකා අඩලා දොඩලා හූල්ලලා ටිකක් වෙලා යද්දී මෙන්න බොලේ එකේ දෙකේ පන්තිවල කොල්ලෝ කුරුට්ටෝ රොද බැදගෙන මළ ගෙදරට සේන්දු වෙනවා. ගෙදර අය එයාලට සලකන කොට මෙයාටත් ඉබේම සැලකිලි ලැබෙනවා. හවස් වෙද්දී පුංචි අම්මාලාගෙ, ලොකු අම්මලාගේ, නැන්දම්මලාගෙ, බාප්පාගේ ඇතූළු මුළු වරිගයේ ම නෑදෑ කොල්ලෝ කුරුට්ටෝ, නෑනා මස්සිනාලා,කෙල්ලෝ, නෑම්බියෝ, සේරම ගෙදරට පිරෙනවා. සම වයසේ ළමයි බමයි සෙට් වෙන්නේ සෙල්ලම් කරන්න. අල්ලම් සෙල්ලම්, හැංගිමුත්තන්, හොරා පොලිස්, මුදු දැමීම, නයා ගැසීම ආදී සෙල්ලම් ගොඩයි මේ දිනවලට. දවල් රෑ කියලා වෙනසක් නෑ. මේ අතර බිස්කට් කාමරයට රිංගුවාම බිස්කට් කීයක් නම් කනවද? වෙලාවකට බිස්කට්වල ක්‍රීම් කාලා බිස්කට් හංගනවා ඉතිං දවස් හතේ දානය ඉවර වෙලා සෙට් එකේ එක එකා ගෙවල් වලට යද්දී ආයෙත් ඇඩෙනවා. ඒ ආච්චිව මතක්වෙලා නෙමෙයි. මේ සජීවී ප්‍රාණකාරයෝ යන දුකට. ඒ අතර කට හැකර එකෙක් කියනවා "දුක් වෙන්න එපා බං. සීයා මැරුණාමත් අපි එනවා." කියලා. පොඩි උන්ට මළ ගෙදරත් මගුල් ගෙයක් වාගේ තමයි. ඒ නිසා ආච්චිට කොච්චර ආදරේ තිබුණත් "ආච්චි මළ දා වගෙයි " කීවොත් සතුටු සාගරයයි ළමා ළපටින්ට.
ආච්චි මළ දා වගෙයි ගත හැකි අරුත කුමක්ද ?
True
යුරෝපය දෙවන කුඩාම මහාද්වීපය වන අතර තුන්වන වැඩිම ජනගහනය සහිත මහාද්වීපය වේ
නෙළුම් කවියක් පහත දී තිබේ. "දුම්බර කෙතට වැට බැඳලා රැකුම් බැ ලුම් මාවිලි ග‍ඟේ දිය බැඳලා කෙතට ගි ලුම් දුම්බර ලියෝ කර උස්සා බලන බැ ලුම් තුම් පත් රටාවකි දුම්බර කෙතේ නෙ ලුම්"
නෙළුම් කවියක් කියන්න.
මධ්‍යස්ථ නිරපේක්ෂ අපගමනය (MAD) යනු විචල්‍යතාවයේ මිනුමක් වන අතර එය මධ්‍යන්‍යයෙන් අපගමනයන්හි නිරපේක්ෂ අගයන්හි සාමාන්‍යය ගණනය කරයි. වර්ග අපගමනය භාවිතා කරන විචලනය සහ සම්මත අපගමනය මෙන් නොව, MAD අපගමනයන්හි නිරපේක්ෂ අගයන් සලකයි. විචලනය සහ සම්මත අපගමනය පිටස්තරයින්ට වඩා සංවේදී වන අතර, MAD පිටතින් සිටින අය ඉදිරියේ වඩාත් ශක්තිමත් වේ.
මධ්‍යන්‍ය නිරපේක්ෂ අපගමනය (MAD) යනු කුමක්ද සහ එය විචල්‍යතාවයේ මිනුම් ලෙස විචලනය සහ සම්මත අපගමනයෙන් වෙනස් වන්නේ කෙසේද?
සිත්වල පවත්නා ඊර්ෂියා, ක්‍රෝධ ආදිය වරින් වර මතුව ඒම බොහෝ පුද්ගලයන් එකිනෙකා අතර ඉතා සුහදශීලී බවක් පෙන්නුවද පරණ අමනාම කම්ද යටිසිත තුල සගවාගෙන සිටිති. ඇසුරු කරන අතරතුර යම්කිසි වරදක් සිදු වුවහොත් පැරණි අමනාපකම් සිහි කරමින් කරදර සිදු කිරීම ඔවුන්ගේ සිරිතය. එය අළු යට සැගවුණු ගිණි පුපුරක් සුලගට අසුවී ගිනි ඇවිලෙන්නා වැනිය.
පහත ප්‍රස්තාව පිරුළේ අර්ථය කුමක්ද ? "අළුයට සැගවුණු ගිනි පුපුරක් වාගේ"
සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් නිපදවූ නිෂ්පාදක වරයා වන්නෙ සුනිල් ටී . ප්‍රනාන්දු මහතා ය. .
සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් නිපදවූ නිෂ්පාදක වරයා කවුද ?
පරයා , වෙදරාල , සොත්තාන , ගුරුහාමි යන චරිත ඇතුළත්වන , උඩරට සම්ප්‍රදායේ ජන නාටකය වන්නෙ සොකරි නට්‍යයි.
පරයා , වෙදරාල , සොත්තාන , ගුරුහාමි යන චරිත ඇතුළත්වන , උඩරට සම්ප්‍රදායේ ජන නාටකය කුමක්ද ?
'සේ 'යනු සුදු පාට ය.'කර 'යනු රශ්මිය යන අර්ථය යි.සුදු පාට රශ්මිය ඇත්තේ චන්ද්‍රයා ය. මීට අමතරව 'මුදුන'යන අර්ථය ද 'සේකර' යන්නෙහි ඇත.
සේකර යන්නෙහි අරුත කුමක් ද ?
මෙලොව
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? එලොව
Alcovitero යනු පෘතුගිසි වචනයකි.පරංගි කොටුවට ලාංකික කාන්තාවන් ගණිකාවන් ලෙස සපයන පුද්ගලයින් හැඳින්වූයේ මේ නමින්. අපේ රටේ මිනිසුන් මේ වෘත්තියෙහි නියැලුණු ස්වදේශිකයන්ව පිළිකුලෙන් බැහැර කළා. පසුකලෙක ගණිකාවන් සපයන අයට මේ නමින් ගර්හා කළ⁣ා.ඊටත් පසු කලෙක පහත් වැඩ කරන මිනිසුන් ගැරහීමට සිංහල ඌරුවට අලුගුත්තේරු යන වචනය පාවිච්චි කළා.දැන් එය අලුකුත්තේරු ලෙස පරිණාමය වෙලා.
අළුගෙත්තේරු" වචනයේ අර්ථය මොකද්ද?
"නව නිපැයුම්කරුවන්ගේ සහ චින්තකයන්ගේ දේශය" ලෙස විරුදාවලිය ලබන රට ජර්මනිය යි.
"නව නිපැයුම්කරුවන්ගේ සහ චින්තකයන්ගේ දේශය" ලෙස විරුදාවලිය ලබන රට කුමක් ද?
Spark Plug = පුලිගුපේනුව
Spark Plug (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?
අක්‍රමවත් යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය ක්‍රමවත් වේ.
අක්‍රමවත් යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
කියත
පහත තේරවිල්ල විසඳන්න. අත්වලින් ඇවිදිමින් දත්වලින් දුවමිනේ කකා බිම හෙලමිනේ කව්දැයි කිව මැනේ
කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නො අසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නෙත නිදි වරමින් කැත කුණු අතගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුදු කුසයේ හොවමින් බිහිකර ඇඟ ලේ කිරි කර නැත පොවලා නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස මව් පදවිය නැත මා පතලා මතු භවයේ මා දනට වඩින්නම් නුඹ බිහි කර කිරි මව වීලා චන්ද්‍රලේඛා පෙරේරා
"කිරි අම්මාවරු දනට වඩිනවා" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
ඔබ අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වීමට විශ්ව විද්‍යාලයේදී ගත යුතු සමහර පන්ති අතර තාප ගති විද්‍යාව, වායු ගතික විද්‍යාව, ද්‍රව්‍ය ගතිකත්වය සහ ද්‍රව්‍ය යාන්ත්‍ර විද්‍යාව ඇතුළත් වේ.
අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වීමට විශ්ව විද්‍යාලයේදී ඔබට ගත යුතු පන්ති මොනවාද?
බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ රහසින් රහසින් ඔබ හැඬුවා පුර හඳ පායන පුන් පොහොදා බෝ මලුවේදිත් ඔබ හැඬුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ විහඟුන් ගී දෙන යෞවනයේ ආදර පාරමි දම් පිරුවා ජීවන ගමනේ සෝ ගිනි නිවනා දෙනුවන් දෙනුවන් එක් කෙරුවා සැබෑ වු ප්‍රේමෙන් අත්වැල් බෙදා ගමු රැකදේවි සුර සෙන් පවා හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ කිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ බිව් කිරි වල පව් අරවන්නට අම්මේ මදි අපි පින් කෙරුවා ඉන්නා තැනක හිඳ පුතා කියා මට අමතන්න එන්නම් සොයා බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ ග්‍රේෂන් ආනන්ද සෝමපාල ලීලානන්ද සෝමපාල රත්නායක
පහත ගීතය සම්පුර්ණ කරන්න. බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ
වප්‌ පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තොම්බර්‌) වැදගත්කම කයින චීචර පූජා පිංකම්‌ පැවැත්වීමයි.
වප්‌ පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තොම්බර්‌) වැදගත්කම කියන්න.
මෙකලට නොගැලපෙන යන අදහස ඇත. පසුබිම් කතාව ඉංග්‍රීසීන් මෙරට් පළමුව් වගා කළේ කෝපි. කෝපිවලට රෝගයක් වැළඳිමෙන් පසුවඑය අතහැර තේ වගාව ද අනතුරුව රබර් වගාව ද ඇරඹුවා. කෝපි වගා කළ කාලය කෝපි කාලයයි.
"කෝපි කාලේ" යන කියමනේ සම්භය කුමක්ද?
හාර්මනි ඔෆ් ද සීස්
මේ වන විට ලොව විශාලතම මගී නෞකාව කුමක්ද?
නැහැ.. Silva , de silva කිසිදු කුලයකට සීමා නොවෙයි.. උදාහරණ ලෙස කීවොත් වැරණියගොඩගේ ප්‍රේද්‍රික් සිල්වා අප්පුහාමි නොහොත් "පියදාස සිරිසේන" නම් ලේඛකයා (ගොවිගම කුලයේය) මාකලන්දාවගේ මරියසෙල් ද සිල්වා නොහොත් ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක (ගොවිගම කුලයේය) වෙත්තමුණි සිදත් ද සිල්වා හෙවත් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි (සලාගම කුලයේය) පින්නදූවගේ අරවින්ද ද සිල්වා (කරාව කුලයේ) හේවා කෝපරගේ මර්වින් සිල්වා (දුරාව කුලයේ) අරුමාදුර දුමින්ද සිල්වා (සලාගම කුලයේය) , ... etc Silva , de silva යනු වාසගම් (Surname) පමණයි. පෙලපත් නාම නොවෙයි.. එබැවින් ඒවා කිසිදු කුලයකට පමණක් වෙන් කරදැක්විය නොහැකියි
"සිල්වා" හා "ද සිල්වා" යෙදීම කුල අනුව වෙනස් වෙනවාද?
import numpy as np array = np.arange(1, 20, 2)
පළමු ඔත්තේ සංඛ්‍යා ඇති NumPy අරාවක් සාදන්න.
ශ්‍රී ලංකා බැංකුවේ පළමු විදේශ ශාඛාව ලන්ඩන් නගරයේ ස්ථාවර කලේය.
ශ්‍රී ලංකා බැංකුවේ පළමු විදේශ ශාඛාව වන්නේ කොතැනකද?
ශ්‍රී ලංකවේ ජාතික ගීය රචනා කලේ ආනන්ද සමරකෝන් විසින්ය.
ශ්‍රී ලංකවේ ජාතික ගීය රචනා කලේ කවුුද?
1. එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේය. එනිසා ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරට පත් මිනිසුන්ට රෝ බියද හටගති. මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරි බවට පත්වූහ. ස්ත්‍රීහු ගෙයක් ගෙයක් පාසා යකින්නන් මෙන් වූහ. පිරිමි ප්‍රේතයන් හා පිශාචයන් වැනි වූහ. ඒ ඒ දොරවල අවමඟුල් කොලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කොලාහල විය. ඒ ඒ තැන මළවුන්ගේ කුණප ගඳින් රැස්වුණු අමනුෂ්‍යයන් ගේ වශයෙන් මහත් බියක් විය. මෙසේ නොයෙක් බිය වලින් උවදුරට පත් ලක්වැස්සෝ පර්වත ගංගා ආදී තැන්වලට ගොස් ජීවත් වෙති. එකල්හි වත්‍ථුල පර්වත සමීපයෙහි මිනිස්සු ඒ පර්වතය පිහිට කොට බොහෝ සෙයින් පර්වතපාදයෙහි වාසය කරති. එකල්හි පර්වත පාදයෙහි වසන ගම්වැසි එක් මිනිසෙක් තමන්ගේ මාගම සමග ජීවත්වීමට උපායක් සොයන්නේ පර්වතයට ඇවිදිමින් පර්වත මස්තකයෙහි එක් කර රුකක් දැක වාසය කරන්නෙමියි රුක ආශ්‍ර‍ය කොට ගෙදරක් කොට එහිම වාසය කරයි. ඒ කර රුකෙහි අතු තුනක් වේ. හෙතෙම ඒ අතු වලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. එකකින් දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයයි නියමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ අනුභව කරමින් එහි වසයි. 2. ඉක්බිති එක් දිනක් එක් භික්‍ෂුවක් භික්‍ෂාචාරස්ථානයක් සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක සංඥාවෙන් ඔහුගේ ගෙට ගියේය. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ පුදුමයි මම මේ කර කොළ නිසා මහත් පින්කම් රැස්කරමි. ආර්යයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දාහු අභිවාදනය ද කරමියි ගොස් තෙරුන්ගේ අතින් පාත්‍ර‍ය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා කොළ ගෙන එන්නෙමියි කරගස සමීපයට ගියේය. එකල්හි රාත්‍රිභාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරිසෙයින් දල්ලක් දක්වාම පණුවෝ කෑහ. හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස්ව ආපසු හැරී ගෙදරට ගියේය. ඉක්බිති ඔහුගේ භාර්යාව හිස් අතින් එන ඔහු දැක අද හිමියනි! කුමක් නිසා හිස් අතින් එන්නේදැයි ඇසීය. එකල්හි හේ මෙසේ කීය. පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධි වේ. නමුත් පින්මද අයට තමන් පතන දේ සිද්ධ නොවේ. බොහෝ කාලයකින් දකින ලද ආර්යයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ මඳපින් ඇති බව අනේ! 5. මෙසේ ද කියා සොඳුර කරගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා මෙසේ කීවා ය. 6. ලොව කළ පින් ඇති සත්‍වයාට ඇතිවන ස්වභාවය මෙයයි. මුතු වෛරොඩි ආදිය පින්වතා කරා ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්මයකි. 7. පින් මද කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ඇති නමුත් එය කිසියම් සැලැස්මකින් විනාශව යන්නේය. 8. මෙසේ ද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක්වත් නොදෙන්නට නුසුදුසු යයි කියන්නී, තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට නොදන්වා දෙමියි සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ කලවා මාංශය කපනු කැමැතිව ගෙට පිවසියාය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට එසේම දෙමියි මස් කපනු කැමතිව එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි විචාළේය. ඕ මාගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමීනීයි කීවාය. ඒ අසා සැමියා ද තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්‍රිය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක් ඉවසන්ට නොහැකි වෙත්. මගේ සිරුරෙහි මස් දෙමියි කීයේය. ඉක්බිති ඔහුගේ බිරිය මස් දෙන්ට කැමතියි සැමියා ද එසේය. පුදුමයි ඔවුන්ගේ දන් දීමෙහි මහත් අදහස, කියන ලදමැයි. 9. මෙසේ දානපතියන්ට දානයෙහිම සිත ඇලේ. මෙසේ ආධ්‍යාත්මික ශරීර මස් දෙන්න කැමැත්තා බාහිර දානය ගැන කියනුම කවරේද? 10. මේ දෙදෙනාම මම දෙමි මම දෙමියි සිත්නනෝ: මෙසේ ඔවුන් විසින් මස් දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන්ගේ ශ්‍ර‍ද්ධා බලයෙන් ශක්‍ර‍යාගේ පණ්ඩුකම්බල ශීලාසනය උණු විය. 11. හේ බලන්නේ ඒ අඹුසැමි දෙදෙනාගේ පිරිසිදු ආධ්‍යාත්මික දාන අධ්‍යාසය දැන මේ බෝසත් අදහසමය යි සතුටු සිත් ඇත්තේ රත් ඇල්හාල් තිඹක් ද මුව පිඩියක් ද කළයක්ද තෙල් කළයක් ද රැගෙන මොහොතකින් ගොස් මිනිසෙකු මෙන් ඔවුන්ගේ ගෙදොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසීය. මේ හඬ අසා අඹුසැමි දෙදෙනා ගේතුළයැයි කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිති ඔවුනට ශක්‍ර‍යා පින්වත්නි, මේ ආර්යයන්ට දිය යුත්තක් තිබේදැයි ප්‍ර‍ශ්න කළ කල්හි ස්වාමීනි! අපි දුප්පත් වෙමු. ආර්යයන් වහන්සේට කොහෙන් දිය යුතු දෙයක් ලබම් ද යටත් පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්‍ර‍යා එසේ නම් මේ සහලින් බත් පිස මේ උපකරණත් සමග තෙරුන් වළඳව්. ඉදින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත් අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා ඒ ආහාර අඩු නොවන සේ අධිෂ්ඨාන කොට දෙව් ලොවටම ගියේය. ඉක්බිති ඔව්හු ඒවායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූයේ නො පැමිණි නිසා ඔව්නුදු අනුභව කළහ. සැළියෙහි එක හැන්දක් ගත් පමණක්ම පෙනේ. උපකරණ එසේම ඉතිරිව ඇති. ඉක්බිති ඔවුහු මේ ආශ්චර්යය දැක සතුටුව එතැන් පටන් බොහෝ භික්‍ෂු සංඝයා රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වතපාදයෙහි මිනිසුන් හා නොයෙක් දුගී මගී යාචකාදීන්ට දිව්‍යමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම් කරමින් දැහැමෙන් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය. 12. පින්වතුනි, ශ්‍ර‍ද්ධා බලය බලව්. අඹුසැමි දෙදෙනා ශරීර මාංස දීම සඳහා කළ දන්දීම් අදහස් පුරා ඔවුහු දානයාගේ ආනිසංස ලැබූහ. තෙපිද ශ්‍ර‍ද්ධාධුරය සේවනය කරව්. 10. වත්‍ථුල පර්වත කථා වස්තුව නිමි.
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) වත්‍ථුල පර්වත කථාව.