id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_0201
ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත්වූ අවස්තාවේ සිට මෙම ධුරයේ කටයුතු කළ හෙතෙම හදිසියේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව පැහැදිලි නැත. ඔහු ලිපියේ දක්වා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයකට මෙය සිදු කරනා බවකි. පසුගියදා ජනපති හා GMOA සාකච්ඡාවකින් පසු සයිටම් ප්‍රශ්නය විසඳන ආකාරය සඳහන් ලියැවිල්ල නිකුත් කරන ලද්දේ මෙම ලේකම්වරයාගේ අත්සනින් වුවත් එම ලියවිල්ලම පුස්සක් බවට පත් කරමින් වෛද්‍ය සටන නැවත සක්‍රීය විය.
මේ නිව්ස් එක "ලේකම්" වචනය නෑතිව දාන්න තිබුන නම් මිලිය්න් 20ක් සතුටු කරන්න තිබුනා, ගොසිපෝ........
184
POSITIVE
ncpp_train_0202
ඇමරිකාව ප්‍රකාශ කරන ආකාරයට තම නායකයා වන බග්දාදි සත්‍ය ලෙසම මියගිය බව අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන ‘අමාක්’ පිළිගෙන තිබේ. එසේම ඔහු වෙනුවට වෙනත් නායකයෙකුද පත් කර තිබේ. ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයිද වාර්තාවේ. ‘ද ප්‍රොෆෙස (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නමෙන්ද හැඳින්වෙන බවත් පැවසේ. ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දළදඬු පාලනය හේතුවෙන් එම නම් පටබැඳී ඇති බවත් වාර්තා වේ. ඔහු සැරපරුෂ සහ කූර පුද්ගලයකු වුවත් අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය පුද්ගලයකු බව පැවසේ. අබ්දුල්ලා කර්දාෂ් සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවසෙන අතර හෙතෙම අබු බකර් අල් බග්දාදි සිරගතව සිටියදී ඔහු සමඟ සිටි බව ද කියැවේ. ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා බවත් අයි.එස්. නායක අබු බකර් අල් බග්දාදිගේ සමීපතමයකු බවත් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවිණි. අයි.එස්. සංවිධානයයේ පුවත් ආයතනය වන ‘අමාක්’ නිකුත් කළ නිවේදනයකට අනුව අල් බැග්ඩෑඩි පසුගිය අගෝස්තු මාසයේදී අයි.එස්. සංවිධානයේ දෛනික කටයුතු මෙහෙයවීමේ වගකීම ද කර්දාෂ්ට බාර දී තිබී ඇත.
මුගෙ මූන සජිත්ගෙ සෙරෙප්පු දෙක වගේ
15
POSITIVE
ncpp_train_0203
ගතවූ දින කීපය තුළදී රෝගී සත්කාරවල නිරත වූ වෛද්‍යවරුන් දාහතරදෙනෙකුට ඊයේ (27දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.  කෝවිඩ්-19 රෝගීන් දිනපතා වාර්තා වන නිසා රෝගී සත්කාර සේවා සඳහා අවශ්‍ය වාට්ටු පහසුකම්,දැඩිසත්කාර පහසුකම් වැඩි කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉන්දීය පිරිස් මෙරටට ගෙවා නිරෝධායනය. කිරීමට සැලසුම් කර තිබෙන බවට ඊයේ සමාජ මාධ්‍යය තුළ ප්‍රචාරයක් සිදු වූ බවත්, මේ නිසා ඉන්දියාවෙන් පීරිස් මෙරටට ගෙන්වීමට කටයුතු නොකරන ලෙස ඊයේ (27)දා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පවසා සිටියේය. රට පුරා කෝවිඩ්-19 රෝගීන් හමුවන නිසා සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට පෙර කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බවත්, එසේ නොකළහොත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයත් කෝවිඩ්-19 මර්දන කටයුතුවල නිරත වන ඉදිරිපෙළ කණ්ඩායමට පීඩාවට පත් විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය. මේ නිසා වර්තමානයේ උද්ගතව ඇති බරපතළ තත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් සමග අද (28දා) සාකච්ජා කරන බවද සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය. (ඉන්දික හේවාවිතාරණ)
වෙදකම කලත් අඩියක් උඩින් ගමන් කලත්.... ඔවූන් මනුෂ්‍යයින් බවට ඔප්පු වී ඇත. Thanks to Corona.
-39
NEGATIVE
ncpp_train_0204
අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක හැටියට සැලකෙන අබු බකර් අල්බග්දාදි කලාතුරකින් වීඩියෝ වලින් පෙනී සිටින බව පැවසෙන අතර ඔහුගේ ඡායාරූපය තත්පර කිහිපයකට එළිදකින මිනිත්තු 18 ක වීඩියෝවකින් පණිවිඩයක් නිකුත් කර තිබෙන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ. අයිඑස් සංවිධානයට අනුබද්ධ අල්ෆර්කාන් මීඩියා නමැති පුවත් ඒජන්සිය හරහා මෙය ප්‍රසිද්ධ කර ඇත. මෙම වීඩියෝවේදී ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනද ඔහු සඳහන් කර ඇති අතර වීඩියෝව නිකුත් කිරීමට හේතුවී ඇත්තේ  සිරියාවේ බගවුස් නගරය සටන  ගැන දැන්වීමටයි. ශ්‍රී ලංකා ප්‍රහාර ගැන ඔහු මෙසේ පවසා ඇත. "Your brothers in Sri Lanka have healed the hearts of monotheists [ISIL members] with their suicide bombings, which shook the beds of the crusaders during Easter to avenge your brothers in Baghouz,"
මේ ලෝකය දෙවියන් විසින් මැවුවා කියන එකමයි මහාම බොරුව, ඒ බොරුව තුල යන්න යන්න වැඩි වැඩියෙන් පවු කර ගන්නවා , සත්ව ඝාතන මනුෂ්‍ය ඝාතන කරනවා, බොරුව අඩුවෙන් විශ්වාස කලොත් අඩුවෙන් පවු කරනවා, බොරුව විශ්වාස නොකර කර්මය විශ්වාස කලොත් පවු නොකර ඉන්නවා,
37
POSITIVE
ncpp_train_0205
අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා  සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී මහනාහිමියෝ මෙසේද සඳහන් කළහ. බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා  කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩ කටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා. මනුෂ්‍යයන් කිව්වට බොහෝ  සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ. එම නිසා වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකි වෙන්නේ. අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපක්තිය. ඊට හේතූව කුමක්ද කියාත් දන්නවා. ඒ පිළිබඳව අප කනගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ. භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන  තැනට පත් වෙනවා. අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා. එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා. තමගේ දරු දැරියගේ අනාගතය ගැන දෙමවුපියන් සිතන කොට දෙමවුපියන් හැටියට ඒ සියලු දෙනා  දුක් වෙනවා. කනගාටු වෙනවා. නමුත් කළ හැකි දෙයක් නෑ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා හැරෙන්නට, දෙවියන්ට කියනවා හැරෙන්නට,  කියයුතු මනුෂ්‍යයෙක් නැහැ. මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. එම නිසා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා දෙවියන්ට කියන්න පමණයි තිබෙන්නේ මේ රට ආරක්ෂා කර දෙන්න කියා. බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන වෙන්න ඕනෑ එදා මේ රට ශක්‍ර දෙවියන් වහන්සේට මේ රටේ ආරක්ෂාව බාර දුන්නේ. ශක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට ඒ කාර්යය පැවරුවා. එම නිසා ශක්‍ර දෙවියන් සහ විෂ්ණු දෙවියන් ඇතුළු දේවතාමණ්ඩලයට මේ රටේ ආරක්ෂාව බාරයි. බෞද්ධයන් හැටියට පුණ්‍ය කටයුතු හොඳින් කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂක්ෂාව ලැබෙනවා. ශක්ති පමණින් අපත් මේ රට ආරක්ෂක්ෂා කිරීමේ කාර්යභාරය කරනවා. පසුගිය කාලවකවානුවේ සිදුවෙච්ච විපත්ති දිහා බලන කොට මේ රට මේ තරමින් තිබෙන එක පිළිබඳවත් සෑහීමකට පත්විය හැකියි.  මේ යන තත්ත්වය අනුව අපගේ අනාගතය පිළිබඳව කිසිසේත්ම  සතුටුවිය නොහැකියි. ඒ පිළිබඳව කනගාටු වෙලාත් වැඩක් නෑ. ජය පරාජය හොඳ නරක විඳ දරාගෙන කටයුතු කළ යුතුයි. මරණය, අනිත්‍යය පිළිබඳවයි බුදු බුදුදහමේ උගන්වන්නෙ. එම අවබෝධය දහම් පාසල් තුළින් අප සියලු දෙනාට ලබාදී තිබෙනවා.
බලං යද්දි හැම ලොකු පුටුවකම ඉන්නේ පිස්සො නේ
30
POSITIVE
ncpp_train_0206
කොලොම්බියානු සංගීත තරුවක් වන යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටියි.බාසිලෝනා අධිකරණයක් විසින් ගායිකාවට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැත. ස්පාඤ්ඤ නඩු පවරන්නන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරදිකරු වුවහොත් ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවීමටයි.45 හැවිරිදි ඇය තමා කිසිඳු වරදක් සිදු නොකළ බව නැවත නැවතත් කියමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇත."මගේ නඩුවට සහය වීමට ප්‍රමාණවත් සාක්ෂි මා සතුව ඇති බවත් මට පක්ෂව යුක්තිය පවතිනු ඇති බවත් මට විශ්වාසයි", ඇය මෑතකදී කියා තිබුණි.ෂකීරාගේ නීති කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් "සුදුසු අවස්ථාවේ තර්ක ඉදිරිපත් කිරීමෙන්" ඔවුන්ගේ කාර්යය ඉටු කරන බවයි.
මයිනා 2010 සිට 2014 දක්වා විදේශ ණය ඩොලර් බිලියන 24 අරගෙන බිලියන 8 වියදම් කරලා බිලියන 16 හොරකම් කරලා තියෙනවා. ඒ ගැන සොයා බලා අදාල මුදල අයකරගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.
27
POSITIVE
ncpp_train_0207
මවගේ වියෝවෙන් කම්පනයට පත්ව කලක් ගොළුව සිටි රුවන් ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළු රුවන් වික‍්‍රමසිංහ ඊයේ විවාහ දිවියට පිවිසියා. රුවන්ගේ විවාහ වන දවසට මනාලියගේ පාර්ශ්වයෙන් මව පියා දෙදෙනාම පැමිණියත් රුවන්ගෙ පියා මෙන්ම මවද ජීවතයෙන් සමුගෙන තිබුණ නිසා මාපියන්ගේ ඡායාරූප වලට වැඳ යුගදිවියට ආශිර්වාද ගන්නට ඔහුට සිදුවුණා. මෙම අවස්ථාව වඩාත් සංවේදී වූයේ ඔහු එම අවස්ථාවේ දෙනෙතින් කඳුළු වගුරුවමින් ඉකි ගසා හැඬූ නිසාය. ඔහුගේ පියා සමුගෙන බොහෝ කල්ය. නමුත් මව සමුගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. ඔහුට මව කෙතරම් සමීපව සිටියේද යත් මවගේ වියෝවෙන් ඇතිවූ ශෝකය නිසා ඔහු ඒ දිනවල කම්පන රෝග තත්වයකට පත්ව දින ගනනාවක් කථාබහ කරන්නට බැරි තත්වයක සිටියේය. 73 වන වියේදී ඔහුගේ මව සමුගන්නා අවස්ථාවේ ඔහුගේ තනියට සිටි එකම කෙනා වූයේ ඇයයි. මවගේ ඉල්ලීම පරිදි දේහය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යොමු කළ නිසා විශේෂ අවමංගල උත්සවයක්ද ඇය වෙනුවෙන් පවත්වා තිබුනේ නැත.රුවන්ගේ විවාහය පමාවීම ගැන මව බොහෝ සෙයින් ළතැවුණ නමුත් අවසන් කාලයේ රුවන්ගේ පෙම්වතිය මවට හඳුන්වාදෙන්නට ඔහුට පිළිවන් විය.  සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටි නිවසක පවුලේ බාලයා වූ රුවන් මව මියයාමේ සිද්ධිය නිසා ඇතිවූ කම්පනය හා සිත් සසලවීම නිසා දින කිහිපයක් යනතුරු කථාකරගන්නත් බැරිවසිට පසුව මෙසේ කියා තිබුණි. ‘අම්ම මාව දාල ගියා කියන එක තාම මට අදහගන්න බෑ. කතා කරන්නත් අමාරුයි.මං කාන්තාරයක තනිවුණා වගේ.මගේ ජීවිතේම නතර වෙලා.පවුලෙ හැමෝම අම්මට එක වගේ ආදරෙයි. ඒත් අම්මට මං ගැන විශේෂයක් තිබුණ මං බාලයා නිසා.මගේ විවාහය ගැන තමා එයා නිතර හිතුවේ. මං යාළුවෙලා ඉන්න කෙනාව ඇයට පහුගිය දවස්වල අඳුන්වල දීලයි තිබුනේ. එයා ගැන අම්මා සතුටුයි.ඒත් අපේ විවාහය ඇය නැතිවෙන්න කලින් සිදුකරන්න බැරිවීම ගැන දුකයි.‘ කෙසේ වෙතත් මව මියගොස් මාස කිහිපයකින් ඇගේ බලාපොරොත්තුව ඉටු කරන්නට රුවන්ට හැකි විය. රුවන් ඊයේ මවගෙන් ආශිර්වාද ගත්තේ ඉකි ගසමිනි. ඊයේ උත්සවයේ ඡායාරූප නැවත බලන්න පහතින් Pix By -Suren Abeysundara, Flowers -Kandyan flora, Card box-Younma Bandara, Planner -Janaka Mawella
දැනුත් එහෙම තමා. අම්මව සනවන්න මේ කෙල්ල එක්ක යාලු වුනේ.
-24
NEGATIVE
ncpp_train_0208
‘ලේ ආපු නිසා සැකයි‘ විමල්ගේ නිවසේදී මියගිය ළහිරුගේ මාමා කියන කතාව (Audio) පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ හෝකන්දර නිවසේදී මියගොස් තිබුණ ළහිරු ජනිත් දිසානායක නමැති (24) තරුණයා සම්බන්ධ මරණ පරීක්ෂණයේදී මළ සිරුරේ තැලීම් සීරීම් ඇති බවත් නාසයෙන් ලේ ගැලීම් සිදුව ඇති බවත් දක්වා මරණය සැකසහිත බවට නම් කර මේ වනවිට විවෘත තීන්දුවක් ලබාදී ඇත. පියා මියගොස් සිටින ළහිරු ජීවත්වූයේ මව සමගය. ඔහුට සොයුරියකද සිටී. විමල්ගේ බිරිය ශෂී සහ ළහිරුගේ මව එක්වී විමල්ගේ නිවසේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරගෙන යන නිසා ළහිරු නිතර එහි ආගිය අතර විමල්ගේ පුතුගේ මිතුරන් කණ්ඩායමේද සාමාජිකයෙකු විය.ඔහුගේ නිවස විමල්ගේ නිවසට යාබදව පිහිටා ඇති අතර එයට ආසන්න නිවසක ළහිරුගේ මවගේ සොයුරා හෙවත් මාමාද පදිංචිව සිටී.මේ මරණය ගැන සැකයක් ඇති බව ළහිරුගේ මාමා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්  හෙළි කර ඇත. බී.එල්. දයාපාල නමැති ඔහු ඊයේ දක්වා තිබුණ අදහස් පහත පරිදිය. ‘මගෙ නංගිට පුතයි දුවයි ඉන්නෙ මේ නැතිවුණ ළහිරු තමයි පුතා.එයා හෝටලේකයි රැකියාවක් කළේ. මගේ නංගි රූපිකා එක්ක ශෂී වීරවංශ ඇඳුම් මහන බිස්නස් එකක් කරනවා. ඒ ඇසුර නිසා තමයි ළහිරු පුතාත් එහාට නිතර යන්න එන්න ගත්තෙ. ඒ ගෙදර පුතා එක්ක නිතර ගමන් බිමන් යනව එනවා.කණ්ඩායමක් විදිහට හිටියා. ඒ යන අතරේ මීට මාස එකහමාරකට විතර උඩදි පොලිස් රාළහාමි කෙනෙකුට බැණලා සිද්ධියක් වුණා. කට්ටිය ඔක්කොම වාහනේ ඉඳිද්දි බැණලා අන්තිමට මෙයාව තමා අහුවුනේ. දැන් ඇප පිට තමයි හිටියෙ. ඒ ගොල්ලො කවුරුවත් ඒ ප‍්‍රශ්නෙට ඉදිරිපත් වුනේ නෑ. ඒකත් ගියේ මෙයාගෙ පිටින් තමයි. නංගි ඊට පස්සෙ එහේ යන්න එපැයි කියල මෙයාට සැර කරල තිබ්බෙ. පෙරේදා මේ සිද්ධිය වෙච්ච දවසෙ මේ පුතාගෙ පඩි දවස. එයා පඩි අරගෙන ඇවිල්ලා අම්මට පඩිය දීලා. අම්මෙ මං රුපියල් 500 ක් අරන් ෆෝන් එකට කාඞ් එකක් දාගන්නව කියල ගියපු ගමන තමයි එහාට ගිහින් තිබුනෙ. එහාට හවස ගිහිල්ලා දැන් ඔය ප‍්‍රශ්නය වෙනකං අපි දන්නෙත් නෑ මොකක්ද වුනේ කියලා. එයා බොන්නෙ නැත්තෙ නෑ. බොරු කියන්න බෑනෙ. ඒගොල්ලොනෙ කියන්නෙ එහේ පාටි දැම්මා කියලා. හැමදාම එහේ පාටි තමා. කට්ටිය හත් අට දෙනෙක් එකතු වෙනවනේ. සිද්ධියෙන් පස්සේ නංගිට මේගොල්ලො උදේ 8.30 ට විතර කෝල් කරලා තිබුණා. ඊට පස්සෙ තමා දන්නෙ. එයාට වුණ අසාධාරණේ එයා කියන්න එපැයි. සාධාරණේ අසාධාරණේ කියන්න පුළුවන් මේක වෙන එකක් බලලා තමයි එතකං කියන්න බෑ. ඒත් අපිටත් සැකයි..මොකද ලේ ආපු හින්දා‘ (වාර්තාව - අයිරංගි එදිරිසිංහ) එම විස්තරයේ  ඕඩියෝව පහතින් සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ සිරුරේ තැලීම් ඇති බවට මරණ පරීක්ෂක වාර්තා ශරිර කොටස් රස පරික්ෂක වෙත මෙතැනින් විමල්ගේ නිවසේ රාත්‍රිය ගතකළ තරුණයා පසුදා මියගොසින් එයාගෙ තාත්තත් මැරුනෙ ඒ විදියට - ශෂී වීරවංශ මෙතැනින්
කීපාරක් ගොඩදායිද? ජීවය තන අග පිණි බිඳු සේ...
-49
NEGATIVE
ncpp_train_0209
බදාදා (30) සිට විදුලි කප්පාදුව සිදු කරන කලාප අතරට අලුතින් කලාප 6 ක් එක්කර ඇති අතර මේ දක්වා විදුලිය නොකපා තිබූ කර්මාන්ත පරිශ්‍ර හා කුඩා ජල/සුළං විදුලි බලාගාර සම්බන්ධිත පරිශ්‍ර ඒ අතර වේ.ඒ අනුව විදුලි කප්පාදුව ජාතික නිෂ්පාදනය කෙරෙහි සෘජු ලෙසම බලපාන්නට පටන්ගෙන තිබේ. අලුතින් විදුලි කප්පාදුවට එක්වූ එකී ස්ථාන මෙසේය.Yatagala Industrial zone  Dankotuwa industrial zone Wagawaththa  industrial zone  Katunayake EPZ  Kerawalapitiya Zone  Steel and other industrial mojor loads  Ruhunu Cement Factory  BOI pallekelle  MAKANDURA INDUSTRIAL ZONE, NESTLE  Inginiyagala Power Station  Biyagama EPZ  Buwalka Steel  Katunayake EPZ  Bulk supply  Steel and other industrial major loads  Melwa Factory Mini hydro feeder  Global Sea Foods(Pvt) Ltd  Wind feeder  Global Rubber Industries(Pvt) Ltd  Prima Ceylon  Steel and other industrial major loads  Kandana Water Board  Fullerton Industrial Zone.  Katunayake EPZ  Tyre corporation  Wind plant  Petrolium - avoid shedding from Primary F2  Steel and other industrial  Dendro Plant, Mirigama  industrial zone Boralugoda  Kanthale Water Board  Kerawalapitiya Zone  Ekala industrial zone  Diyawiddagama bio mass plant- 3 MW  INSEE Cement Factory Divulapitiya SR Steel,Welihinda  Polonnaruwa Laxuyana Industrial Zone   Tokyo Cement (PVT) Ltd  Confab Steel Factory  polysack manufacturing industry  Affected major area  Lanwa Cement factory  industrial zone Wagawaththa  BIA Alternative  Loadstar factory  Keththena water treatment plant  Golden Crown Steel Factory  Petrolium  Mas fabric / Emergency generators  Steel and other industrial major loads  Biyagama EPZ  industrial zone Boralu oda  Panaluwa IDB zone  Ranmuthugala Industrial Area 
මචං perv, පිස්සං කොටු වලට කපන්නෑනේ බං කෝමත්. ✋🏃😃
3
POSITIVE
ncpp_train_0210
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි. ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිත මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි. එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වෙයි. (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඔව් ශාන්ති ඔයා හරියටම හරි. ✔ 👍
34
POSITIVE
ncpp_train_0211
මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The Untold Story චිත්‍රපටය සහ ඒ සමගම නිකුත්වූ ඇගේ සරාගී ඡායාරූප නිසාය. තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත් ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට පත්ව තිබෙන අතරවාරයේ ඇය පසුපස එළවමින් ඇයට අසාමාන්‍ය ලෙස ළංවන්නට උත්සාහ දරන තරුණයෙකු නිසා ඊයේ කලබලයක් හටගෙන තිබේ. එම තරුණයා ඇය  ෂූටින් යද්දී සාප්පු යද්දී මිතුරන් හමුවෙද්දී පසුපසින් එන බවට ඇයට ඉව වැටී තිබෙන අතර ඊයේ නවදිල්ලියේ ඇය ගමන් කළ  බව කියන හෝටලයකට ඇතුලු වන්න උත්සාහ දරද්දී ආරක්ෂක අංශ ඔහුව නවතා ප්‍රශ්න කිරීමේදී ඔහු කලබලයක් ඇති කර තිබේ. ඔහු පවසා ඇත්තේ තමාට ඩිෂා කෙසේ හෝ හමුවන්නට අවශ්‍ය බවකි. එම අවස්ථාවේ හෝටල් බලධාරීන්ට මෙම පුද්ගලයාගේ උමතු හැසිරීම ගැන ඩිෂා විසින් වාර්තා කරන ලදුව පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය.
මේ කෙනාගේ පොත්තේ පාට විශේෂ ලස්සනක් නෑ. හිනාව ලස්සනයි. ඊට වඩා දැඩි ආසාවක් ඇති වෙනවා නම් රාගය සහිත ඉරියවු වලට. රාගය විඳීම මුණෙන් නොපෙන්වා, ඇඳුම් ටික සේරම ගලවලා අර හිනාවෙන් හිටියා නම්, නම් බලන අපේ හිතේ ඇතිවෙන්නේ වෙනස් හැඟීමක්. බිරිඳක නිසා ඇතිවෙන හැඟීමත් ගණිකාවක ගෙන් ඇතිවන හැඟීමත් අතර වෙනස්කම වගේ.
47
POSITIVE
ncpp_train_0212
ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ. අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල් නමැත්තෙකි. ඔහු මින් ඉහත මෙවැනි වෙබ් අඩවි 7 කට අනවසර ප‍්‍රවිශ්ටයන් සිදු කළ බව පවසා ඇත. ඔහුට මේ සඳහා තාක්ෂණික උපදෙස් සැපයූ බවට හඳුනාගෙන අත්අඩංගුවට පත් දෙවන සැකකරු ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. ඔහු කටුබැද්ද, මොරටුව පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි. අ.පො.ස. උසස් පෙළ විභාගය අපේ‍්‍රල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප‍්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන්නට නොහැකි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් තර්ජනාත්මක නිවේදනයක් ඇතුළත් කර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදීම හැක් කිරීම 2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව පාසල් සිසුවා මාකොළ රැඳවුම් නිවාසයේත්, 27 හැවිරිදි තරුණයා රිමාන්ඞ් භාරයේ තැබීමටත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා. මෙම සැකකරුවන් දෙදෙනා විදෙස් සැකකරුවකුගේද සහාය ඇතිව මේ අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය බී වාර්තාවක් මගින් දන්වා ඇත. මෙම හැකර් ප‍්‍රහාරයට අදාළ අයිපී අංක කිහිපයක් විදේශයන් හි සිට භාවිතා කර ඇති අතර වැරදීමකින් එක් අංකයක් මෙරටදී භාවිතා කර තිබූ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනවලින් මොවුන්ව අල්ලාගෙන ඇත. ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප‍්‍රමාණයකට අනවසර ප‍්‍රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොවුන් පවත්වා යන ඇරෝ එල් කේ නමැති ෆෙස්බුක් කණ්ඩායම් ගිණුම හඳුනාගත් බව පොලිසිය දන්වා සිටී. එම ගිණුම මෙන්ම යකඩයා ෆොර්ම් නමැති වෙබ් අඩවි ෆෝරමය ඔස්සේ හැක් කිරීමට අදාළ තොරතුරු හුවමාරු කරගැනිමට මොවුන් කටයුතු කර ඇත. එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆෙස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප‍්‍රවිෂ්ට ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වමින් සිට ඇත. මෙම සිද්ධියේ සැකකරුවකු වන පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට ඇතුළුවී කරුණු විකෘති කිරීම් වල යෙදී ඇත. පාසලේ උසස් පෙළ හදාරණ අතරවාරයේ හර්ෂණ ග‍්‍රැෆික්ස් යනුවෙන් ව්‍යාපාරයකටද අතගසා සිටින ඔහු අන්තර්ජාලය ඔස්සේ එය පවත්වා යමින් විවිධ ස්ක‍්‍රිප්ට්ස් වැඩ හා ග‍්‍රැෆික් වැඩ සිදු කරමින් මුදල් ඉපැයීමේ කටයුතු වලද යෙදී ඇත. මෙම තරුණයන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේද අන්තර්ජාල ෆොරමයකින් වන අතර පසුව එකිනෙකා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමේ කාර්යය උපායශීලීව සිදු කරන ආකාරය කථිකා කරගෙන එය සිදු කර ඇත. එක් අයීපී ලිපිනයක් අතපසුවීම නිසා ඔවුන් පොලිසියට හසුවූයේ පැය 48 ක් යන්නට ප‍්‍රථමයෙනි.
මැදමුලනේ මාමාගේ කාලේ අහුවුනානම් උඹව හන්ගපු අයි පී ඇඩ්ඩ්‍රස් එකක් හොයන්න එක්කගෙන යනවා පුතේ. වෙලාවට ඒ කාලේ පහුවෙලා තියෙන්නේ.
161
POSITIVE
ncpp_train_0213
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි කරුනු දක්වා ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ. එම ලිපි දෙක පහත පරිදිය.
Samanala yooooooooo. Huhu
-5
NEGATIVE
ncpp_train_0214
විදේශයන්හි පැමිණ කළුතර දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කිහිපයක නිරෝධායනය වන පිරිසක් ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා යන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කරන්නේ නම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අජිත් රෝහණ මහතා කීය.  මොවුන් තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයන් වශයෙන් සලකා නීතිමය පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. විදේශයන්හී සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ හෝටල් කිහිපයක නිරෝධායන වන බවත් ඔවුන් කොවිච් 19 පාලනයට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක  නොකර නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන බවත් මොවුන් තවදුරටත් නිලධාරින්ට සහයෝගය නොදෙන්නේම් තම කාර්ය මණ්ඩලයට එම රාජකාරිවලින් ඉවත් වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිච් 19 මර්දන සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පසුගියදා මාධ්‍යවලට අනාවරණය කර තිබිණි.   තම සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණෙන පිරිස් කොමිස 19 වයිරසය මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බවත් කිසිවකු හෝ එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා කීය. ඉදිරියේදී ද පිට රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් මර්දනයට කටයුතු සඳහා උපරිම සහාය බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා තවදුරටත් පැවසීය. (ඉන්දිකා රාමනායක)
පච කෙලලා පීචන් වෙන්න එපා සෑර් ඔයාගෙ නීතිය බයික් ත්‍රීවීලර් වලට විතර බව දන්නවා😂
26
POSITIVE
ncpp_train_0215
 අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තමා වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.අවුකන විහාරාධිපති හිමියක් ඊයේ ඔහු හදුන්වා දුන්නේ විශේෂවේද වෛද්‍යවරයෙකු ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය අමරනන්ද මහතා කියන්නේමේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැවසුවේය.වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ
ඕක ඉතින් හාමුදුරුවන්ගෙන් අහන්නත් දෙයක් නෙවෙයි වෙද මහත්තයො. ඔබතුමා වයසට ගියෙත් අකලට නෙවෙයි වෙන්න ඇතිනෙ. හාමුදුරුවො විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ කියලා, පාවලා දෙන්නත් ඕන නැහැනෙ. අවුකන පිළිමෙ පාඩුවෙ තිබුන දෙන්. දුප්පත් ලමුන් ටිකකට වස්ත්‍ර ටිකක් අරන් දෙන්න හොඳේ.
48
POSITIVE
ncpp_train_0216
මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.  චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබිණි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කළේ පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවය.එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව අඩංගු විය. ඔහු පැවසුවේ, මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කළ බවය.මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන් බාල ගණයේ පොහොර ලබාදීමට සූදානම්වී ගෙන්වීමට සැරසෙන මොහොතේ මෙම විද්‍යාත්මක හේතුව අනාවරණය විය. විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමු වතාවේ සෑහීමකට පත් නොවූ අතර චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා පොලිස් ආරක්ෂාවද යොදවා සිදු කළ දෙවන පරීක්ෂාවේ දී අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වීමෙන් පසු තීරණය වෙනස්විය.
ඔය කොටන ෆෝන් හෝ මොකක් හරි එක කොහේ හදපු එකක්ද? ඇපල් සමාගම පවා චීනයෙන් කොටස් හදවනවා.
-3
NEGATIVE
ncpp_train_0217
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා  පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධියේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවේචනය කරමින් තර්ජනය කිරීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  සහ වෛද්‍ය නවීන් ද සොයිසා විසින් මාධ්‍ය හමුවක් අමතා මැතිවරණ නිරීක්ෂන සංවිධාන  නිර්දය ලෙස විවේචනයට ලක් කරමින්  කළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා  සදහන් කරයි. මැතිවරණ කොමිසම විසින් පිළිගත් මෙරට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අපක්ෂපාතීව කටයතු කරමින් සිටින බවත්, කිසියම් ආකාරයක මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරිමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව අපක්ෂපාතීව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ උත්සවයට එක්වීම පමණක් නොව දිවයින පරා විසිරී සිටින රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සාමාජිකයින් මෙන්ම ආණ්ඩුකාරවරුන් ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද මැතිවරණ වේදිකා වලට එක්වන අවස්ථා පිළිබඳව ද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කටයුතු කර ඇති බව මනාස් මකීන් මහතා පෙන්වා දෙයි. ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා පොදු වන මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් ඉඩදිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහා සිය යෝජනා ලබාදීමට අයිතිය ඇතත් ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උත්සව සඳහා සහභාගි වීමට කිසිදු නෛතික අයිතියක් නැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සූදානම් නොමැති බව අවධාරණය කරන කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම සැකසීම මැතිවරණ නිරීක්ෂන සංවිධානවල කාර්ය භාරය බවයි.
මේ ලෝකෙ පවතිනතාක් ඉටු නොවන පැතුමක්. අපේ අවසාන රාජාන්ඩුව 1818 විතර නැතිවුනා. දැන් තියෙන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. කවදාහරි රාජ්‍ය නායකයෙක් වුනත් රජ වෙන්න නම් බෑ. නොදකින් ගොං වහලා.
5
POSITIVE
ncpp_train_0218
ශ්‍රී ලංකාවේ ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතත් එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්‍ෂණ පවත්වන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය. සිද්ධියට අදාළ ප්‍රදේශවල සී.සී.ටී.වී කැමරා දර්ශන ලබාගෙන කඩිනමින් පරික්‍ෂණ කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දුන් බවද අගමැතිවරයා කීය. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි  නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.  -නාලක සංජීව දහානායක-
රටේ ලෝකෙ ගැන තියෙන විශ්මිත බයි දැනුම! ප්‍රශංසනීයයි !
2
POSITIVE
ncpp_train_0219
රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණි. රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති 19 වියැති තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය ගෙවාදමමින් සිටි ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ නැමැති සිරකරු ජනපති පොදු සමාවක් දී නිදහස් කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්  2022 අගෝස්තු 22 පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් කළ පැමිණිලි දෙකක් මුල්කරගෙන මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකරන ලද අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දෙරණ 360 දේශපාලන වැඩසටහනකදී රෝයල්පාක් නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනී ජයමහ නිදහස් කිරීමට මුදල් ලබාගැනීමක් යම් පාර්ශවයක් විසින් කර ඇති බවට තමාට වාර්තා වූ බවත් ඒ ගැන බුද්ධි අංශයෙන් වාර්තාවක් කැදවීමේදී එමගින්ද තහවුරු වූ බවත් කියා සිටියේය.එම රූපවාහිනී වැඩසටහනේදී අතුරලියේ රතන හිමියන් ගැනද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබූ අතර මේ ගැන සොයා තමන් කෙරෙහි ඇතිවූ සැකයනැතිකරන ලෙස රතන හිමි සීඅයිඩීයෙන් ඉල්ලා සිටියහ.  2005 වසරේ ජුනි 20 වෙනිදා 19 හැවිරදි ඉවෝන් ජොන්සන් නැමැති ස්විස් ජාතික තරුණියට පහරදී ගෙල සිරකර බිත්තියේ හිස තදින් ගැටීමට සලස්වා මරා දමා තිබු අතර දීර්ඝ නඩු විභාගයෙන් පසු කොළඹ මහාධිකරණය විසින් සැකකාර ජූඩ් ශාමන් ඇන්තනී ජයමහාට වසර 12ක් බරපතල වැඩ ඇතිව සිරදඩුවමක්  නියම කරනු ලැබීය. දඩුවමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරත් අභියාචනාධිකරණයද මරණීය දඩුවම නියම කරනු ලැබීය.ඒ අනුව මරණ දඩුවම තහවුරු විය.නමුත් 2016 වසරේදී ජනපති සමාවක් ඔහුට ලබාදුන්නේ ඔහුට වයස තියනවා ආචාර්ය උපාදියක් කරනවා කියමිනි.රතන හිමියන් එම පවුලේ උදවිය හිටපු ජනපතිවරයාට මුණගැස්වූ බවද පවසා තිබුණි. නිදහස ලද පසු රටින්ට පිටව ගිය ඔහු සොයා ගැනීමටද නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණි.සම්බන්ධිත පෙර ලිපියරෝයල් පාක් ඝාතක ජූඩ් ශ්‍රමන්ත නිදහස් කරේ මුදල් අරන් - මෛත්‍රිපාල හෙළි කරයි 
ලෝකෙ ඉන්න පිටරට මිනිස්සු හිතනව ඇති නායකයෙක් ලෙස පත් කරගන්න තරම් බුද්දිමත් දක්ශ මිනිහෙම් මේ ලන්කාවටම නෑ කියල. බැලුවොත් ඩබල් ගේම් ගහන කපටි නරියෙක් පුටුවට පැන් ගන්නව මොන ගේමක් හරි ගහල. ඊට පස්සෙ රජ සැප විදිනව නෑයො හෙන්චයිය්නන්ට සැප දීල හොරාකාගෙන. රට වලටම දවස ගානෙ. මූ සල්ලි අටන් මිනිමරුව නිදහස්කලා ශ්‍රේෂ්ඨාධිකරණය ට පු@ පෙන්නල.
24
POSITIVE
ncpp_train_0220
9.30am අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි අවියක් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද අත් අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන ආ බවද වාර්තා විය. 8.00am වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සාක්ෂි සැඟවීමේ චෝදනාවකි. ශානි අබේසේකර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය තහවුරු කර තිබේ. රන්ජන් රාමනායක සමග පැවති දුරකථන සංවාදවලදී ඔහුගෙන් යම් යම් තොරතුරු පිටවූ අයුරු මින් ඉහත වාර්තාවී තිබුණි. රාජපක්ෂ පවුල හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ රැසක මූලිකයාව සිටි ශානි අබේසේකර 2019 ජනාධිපතිවරණයෙන් පසුව එක්වරම සේවය අත්හිටුවීමට  ලක්වූ අතර ඔහුව මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබුණි. එය අභියෝගයට ලක් කරමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා  මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර ඊයේ (30) අධිකරණයේදී එය ඉල්ලා අස්කර ගෙන තිබුණි.
එහ්යි එහෙයි
10
POSITIVE
ncpp_train_0221
තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නීත්‍යනුකූල බිරියට අමතරව අනියම බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය. නීත්‍යනුකුල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙත් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදි බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි. බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යානුකුල බිරියට බාරදී ඇත. තමාගේ බිරිය තමාට කොස්සක් කැඩෙන තුරු පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබු පැමිණිල්ල කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි පි.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරිකෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවී විභාගයට ගෙන ඇති අතර පැමිණිලි විභාගය සදහා පැමිණිලිකාර වෛද්‍යවරයාද, ඔහුගේ නිත්‍යනුකූල බිරිද දන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වා තිබිණ. එම්.බි.බි.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබේ. වෛද්‍යවරයාගේ නිත්‍යනුකුල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය වි ඇත. වෛද්‍යවරයාට අනියම් බිරියන් පස් දෙනෙකු ඔවුන්ගෙන් දරුවන් 10 දෙනකු ද සිටින බව මෙම පරීක්ෂණයේදී හෙළි වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. නිත්‍යනුකුල බිරිඳ තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනකු සිටින බව දැනගෙන ඇතැයි කියන්නේ ඔහු විවාහ කරගෙන ටික කාලයක් ගතවිමන් පසුව යැයි කියති. නිත්‍යනුකූල බිරිය වෛද්‍යවරයාට කොස්සකින් පහරදුන් බව කියන පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ බවද කොල්ලුපිටිය පොලිසිය කියයි. (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහන්සියට වඩා විශාල ආදායම් ඉපයීමේ අනිසි ප්‍රතිපල.
35
POSITIVE
ncpp_train_0222
ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්න පැනනැගුණ පසුගිය කාලයේ තමා ඒ ගැන සොයා බලා කථාකරන්නට ගිය බවත් රටක් වටින මේ ජාත්‍යන්තර ක්‍රීඩකයා ගැන ඇතැම් දේශපාලනඥයින්ට තිබුනේ පලිගැනීමේ අරමුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලිංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය ගැන තමා දුරකථනයෙන් අදාළ වගකීම සහිත ප්‍රබලයාව ඇමතූ බවත් එම අවස්ථාවේ ඔහු කියා සිටියේෙ‘මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා’ යන්න බවත් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් කීය.
ඒක නෙවෙයි බං උඹ අර පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරපු වලං කඩේට පැනපු ගොනා සීන් එකට දඬුවමක් නැද්ද?
15
POSITIVE
ncpp_train_0223
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීම වර්ජනය කරීමට තීරණය කළ නමුත් එම තීන්දුවට පිටුපා  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරන විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට සහභාගී විය. මේ අතර ආණ්ඩු පක්ෂයට සහය දෙමින් එම රැස්වීම් වලට සහභාගීවූ අතුරලියේ රතන හිමි අද ආණ්ඩු පක්ෂ රැස්වීමටද එක්වූ නමුත් එම ස්ථානයෙන් පිටතට වැඩම කර අතුරලියේ රතන හිමියන් පැවසූවේ තමන් වහන්සේ ස්වාධීන මන්ත්‍රීවරයකු බැවින් තමන් වහන්සේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වන බවයි. ඒ අනුව රැස්වීමට අද එක්වූ එහිමියන් විපක්ෂයේ ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටි බව වාර්තාවේ. කතාවක් පවත්වමින් උන්වහන්සේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහව හඳුන්වා දුන් අතර කියා සිටියේ සම්මුති ආණ්ඩුවකට යන ලෙසයි.
දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරී මැරී උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
47
POSITIVE
ncpp_train_0224
කැමිලස්ගේ උත්සවයේදී  බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ. ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා. මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා. මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි. සංඝරත්නය, කැමිලස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි. එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත. ප්‍රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය. මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි. දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත. කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ. කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.
දැන් රොස්ට්, උඹලා වගේ හොරු, මිනීමරු supporters ලා, යහපත් මිනිස්සුන්ව දකින්නේ පඹයෝ වගේ තමයි. :p
13
POSITIVE
ncpp_train_0225
උස්සාපිටිය මහජන ක්‍රීඩාපිටියේ ජල නළ ගබඩාංගණයේ ඉකුත් 19 වැනිදා පස්වරුවේ  හටගත් ගින්න  සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් හයදෙනකු පොලිසිය විසින් 27 දා අත්අඩංගුවට ගනු ලැබූ බව කියයි.  ජල නළ ගබඩාවේ ඇති වූ හදිසි ගින්න සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් හයදෙනකු බවත් ඉන් පස්දෙනකුම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සිසුන් කණ්ඩායම දුම්පානය කිරීම සඳහා යොදාගත් ගිනිකූරක් නොසැලකිලිමත් අයුරින් ඉවතට විසිකිරීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ගින්නෙන් කෝටි 2ක පමණ ජල නළවලට හානි වී ඇති බවත් පොලිසිය කියයි. ශ්‍රී ලංකා රජයේ සහ නෙදර්ලන්ත රජයේ ණය ආධාර මත අසුපිණිඇල්ල ජල යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජලයෝජනා  ක්‍රමය පසුගිය 20 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට පෙර දිනයේ මෙම ජල නළ ගබඩා කර තිබූ ක්‍රීඩාංගණයේ ගින්න හටගෙන ජල නළ විනාශ වී ඇති බව ද පොලිසිය කියයි. කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් අරණායක පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනි තබා, අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කමණි මේඝසූරිය මහත්මිය නියෝග  කළාය.පී. ශාන්ත බණ්ඩාර 
ඔය ඉතින් කෝටි ගනන් වියදම් කරල උගන්වල, සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරල සමාජයට යවන අපේ මානව සම්පත. කොරයි, කොරයි.
56
POSITIVE
ncpp_train_0226
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.ඔහු මෙසේ ද කීවේය.‘‘පවතින ආර්ථික තත්ත්වයන් මත සමාජ අර්බුද උග්‍ර වෙමින් පවතිනවා. මේ අර්බුද සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතුයි. එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි. ආදායම් විෂමතාව අවම කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් අපිට ඇහෙන්නෙ නැහැ. එසේ නොකළොත් තවත් අර්බුදය ඔඩු දුවයි. ඒ තුළ ඇති වන සමාජ අර්බුදයන් බරපතළයි.’’(නිලන්ත මදුරාවල-aruna) 
මේකනම් පත්තරෙන් නෙමෙයි දක තියෙන්නෙ.
5
POSITIVE
ncpp_train_0227
අඛණ්ඩව ගෙනයන බවට සපථ කළ සිය ඓතිහාසික උපවාසය අතහරින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ක්‍රියා කළේ මහනායක හිමවරුන් දෙපළක් එවූ ලිපි දැකීමෙන් පසුව බව විමල් විමල් වීරවංශට අයත් බව පැවසෙන වෙබ් අඩවියක් මගින් අද (30) දහවල් වාර්තා කර තිබේ. එම වෙනසට හේතුවූ ලිපිද සමග වෙබ් අඩවි පුවත පහතින් ---------------------------------------------------
⁣මෙ සංගයා වහන්සෙලා සාසනයයි පඩුහැලියටයි දෙකටම කෙලවලා
29
POSITIVE
ncpp_train_0228
දකුණු කොරියාවේ ගිණිකොණදිග මිර්යැන්ග් නගරයේ රෝහලක ඇති වූ ගින්නකින් මේවනවිට පුද්ගලයන් 33  ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. සේජොන්ග් රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් මෙම ගින්න හටගෙන ඇති බව විශ්වාස කරන අතර, මෙම රෝහලේ වැඩිහිටි රෝගීන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබේ. ගින්න ඇති වන අවස්ථාවේදී රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගීන් 200කට ආසන්න පිරිසක් රැඳී සිට ඇති අතර, ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව බලවත් පරිශ්‍රමයක යෙදෙමින් සිටී. මේ අතර, තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගිනි නිවන හමුදා ප්‍රධානියා පවසා තිබේ.
පුතේ මම පොරමොලා කන්ඩායමේ නෙවේ. ඉපදුනේ කොළඹ, රැකියාව computer progamming සම්බන්දවයි. කොම්පියුටර් ස්මාර්ෆෝන් මට ගේමක් නෑ. අපි ධර්මය ඉගෙන ගෙන පුරුදු කරන කොට අර නෙලුම් කොලේ වතුර රඳන්නෙ නෑ වගේ ඇහැ පාවිච්චි කරනවා ඇහැට වත් ඇහැට පෙනෙන රූපයටවත්, ඇහේ විඤාණයටවත් ඇලෙන්නෙ නැතිව. කෙනෙකුට වේගෙන් දුවන්න බැරි උනාට කෙනෙකුට පුලුවන්, කෙනෙකුට පීනන්න බැරිවුනාට කෙනෙකුට පුලුවන්, ධර්මයේ හැසිරෙන දක්ෂතාවයත් ඒ වගේ. එක එක් කෙනාට වෙනස්. ධර්මය තමයි සැබෑම රසවත්, මරනයෙදී එඩිතර, තමාව ඇත්තටම විශේෂ දියුනුවට පත්කරන්නෙ. එයා ඉන්නෙ සංසාරෙක එතකොට මේ එක ජීවිතයක ලබන දියුණුව හායි හූයි ගාන්න තරම් මහ ලොකු දෙයක් නෙවේ.
14
POSITIVE
ncpp_train_0229
පාකිස්තානය තනි නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඉරිදා (ඔක්තෝබර් 29දා) පැවැසීය. එසේම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පදනමක් වැටී ඇත බවත් ඔහු සඳහන් කළේය. 2009 වසරේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත සිවුවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රියාකාරකම ලෙස ඉරිදා පැවැති තරගය වාර්තා අතරට එක්වෙයි. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ගැටලුවක් ඇතිවිය. “පාකිස්තානයට යාමට ලැබීම ගැන සතුටක් හා ගෞරවක් තිබෙනවා. අපිට පාකිස්තානයට තනි වෙන්න දෙන්න බෑ. මොකද අපිත් වසර 30 ක යුද්ධයක් නිසා තනිවුණ ජාතියක්” යැයි සුමතිපාල පවසයි. “ පාකිස්තාන, ශ්‍රී ලංකා හා ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරග සඳහා උනන්දුවක් දක්වනවා. පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඒ අවස්ථාව ලැබීය යුතුයි. ඒක නිසා අපි මේ කණ්ඩායම එව්වා. ඒ වගේම මෙය මෙතැනින් නිමා වෙන්නේ නෑ. අපි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් හා 19න් පහළ කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින් පාකිස්තානයට යොමුකරනවා” එසේම අනෙකුත් ආසියානු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පාකිස්තානයට උපකාර කළ යුතු බවත් සුමතිපාල පවසයි. “ පාකිස්තානයේ ක්‍රිකට් දුර්වල වුණොත් ආසියාවේ ක්‍රිකට් දුර්වල වේවි. ආසියානු ක්‍රිකට් දුර්වල වුවොත් ලෝක ක්‍රිකට් දුර්වල වේවි” යැයි ඔහු පැවැසීය.
පාකිස්ථානයේ ක්‍රිකට් දුර්වල වුනොත් ආසියාවේ ක්‍රිකට් දුර්වල වේවි... ආසියාවේ ක්‍රිකට් දුර්වල වුනොත් ලෝක ක්‍රිකට් දුර්වල වේවි.... හැබැයි සුමතිපාල ගොයියා දිගටම සභාපති තනතුරේ හිටියොත් ලංකාවේ ක්‍රිකට් ඉවරෙටම ඉවර වේවි නේද ?
160
POSITIVE
ncpp_train_0230
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙමින් සූදානම් වන බවත් මේ වන විට ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් අමතමිනි.ඔහු මහ බැංකු අධිපතිවරයා රටේ තත්වය ගැන බොරු කියන බවටද චෝදනා කළේය.රටේ ණය තත්ත්වය ගැන කතා කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය මෙම වසර ආරම්භයේදී රුපියල් බිලියන 17,589 ක් එනම් ඩොලර් බිලියන 47 ක් වූ බවයි.මහාචාර්ය මාරසිංහ සංඛ්‍යා කිහිපයක් උපුටා දක්වමින් රටේ ණය තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස මහ බැංකු අධිපතිවරයාට දන්වා සිටි අතරමහ බැංකු අධිපතිවරයා ණය සංඛ්‍යා සම්බන්ධයෙන් බොරු කියන බවට ඔහු සෘජු චෝදනාවක් කළේය." නන්දලාල් කුමන ආකාරයේ බොරුවක් කීවද යන්න අපි සොයා බැලිය යුතුයි, ඔහු ඉන්නෙ පොදු අපේක්ෂක සිහිනයක" මාරසිංහ මෙහිදී පැහැදිලි කළේය.
අර්ජුන මහේන්ද්‍රන්ගෙ නම දාන්න ලැජ්ජද? මොනව වුනත් මේවා රනිල්ගෙ දවල් හීන.
21
POSITIVE
ncpp_train_0231
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීමට අවසරයදීම සම්බන්ධයෙන් අවුකන රජමහ විහාරධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමි අද දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්ස් ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට එසේ පළඳවනු ලැබූයේ කඨින චීවරයක් බවත් එය මෙරට විශේෂඥ වෛද්‍යවරයකුගේ කඨින පිංකමට සමගාමීව කළ ඉල්ලීමක් මත එම පවුලේ පිරිස විසින් පඬු පොවා විශේෂයෙන් සැකසූ කඨින චීවරයක් බවත්ය.'සුගත චීවර පූජාවක්' ලෙස මෙම පූජාව වත්තල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් සිදු කළ බවට ඊයේ ආරංචි ලැබී තිබිණි. අද දින මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමි පැවසූයේ මෙය 'වෙ​ළෙඳ ප්‍රචාරණ' කටයුත්තක් බවට තොරතුරු ලැබී ඇති බවයි.කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් එම කරුණු ප්‍රතික්ෂේප කළ අතර මෙම ක්‍රියාව විවේචනය කරන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා නූගත් අනාවබෝධයෙන් යුත් පිරිසක් බව චෝදනා කළහ.මීට දින කිහිපයකට ඉහත දී තමන්ගෙන් විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කඨීන චීවර පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කරනු ලැබූ විට එය ගැටලුවක් නැති බවට තමන් තීරණය කළ නිසා ඊයේ දිනට යෙදී තිබූ පුරපසළොස්වක පොහොය දිනයේ දී එම කඨින චීවරය අවුකන ප්‍රතිමාවට පූජා කළ බව හිමියෝ දන්වා සිටියහ.  චීවරය උස අඩි 42කින් හා පළල අඩි 23කින් යුක්ත ව සකස් කර සම්ප්‍රදායානුකූල ව පඬු පොවා සකස් කිරීමට එම වෛද්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබූ බවත් ගෞරවනීය චාරිත්‍ර වලින් පසු චීවරය පැළඳූ බවත් කියා සිටියහ.කෙසේ වෙතත් පසුව පැය තුනක පමණ කාලයකින් පසුව ඔවුන් එම කඨින චීවරය ප්‍රතිමාවෙන් ඉවත්කර අවුකන විහාරස්ථානයට පූජා කිරීමට කටයුතු කරනු ලැබූ බවද දැන් චීවරය එහි රඳවා නැති බවද උන් වහන්සේ පැවසූහ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද පැමිණ මේ ගැන ප්‍රශ්න කළ බවත් පෞරාණිකත්වයට හෝ පිළිමයට කිසිදු හානියක් සිදු ව නොමැති බව තමන් සහතික වූ බවත් ඉදිරියටත් එසේ වීමට ඉඩ නොතබන බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ.
දොස්තර මහතාට අංගොඩින් ඉක්මන් සුවය ප්‍රාර්;ථනා කරමු!
25
POSITIVE
ncpp_train_0232
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු  යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්  ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.  ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට  කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.
දැන් උබලට තේරෙනවද සරත් ෆොන්සේකා හිටියට විතරක් යුද්ධ කරන්න බෑ කියල
11
POSITIVE
ncpp_train_0233
පසුගිය සතියේ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවට පත්වූ ශ්‍රී ලාංකික තරුණයෙකු බාල වයස්කාර ජපන් ජාතික දැරියක මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම සම්බන්ධ සංසිද්ධිය 15 හැවිරිදි දැරියගේ ප්‍රකාශ අනුව වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. දැන් වාර්තාවන්නේ මෙම දැරියගේ මව සම්බන්ධයෙන් පවතින කලකිරීමක් හා මවට පවතින අනියම් ඇසුරක් නිසා ජපානය හැර ලංකාවට එන්නට මෙම දැරිය තීරණය කළ බවකි. එසේම ඇය පවසන්නේ ඇගේ මව ලංකාවට ආවේ ඇයව සොයන්නටම නොව මවගේ ලාංකික අනියම් ඇසුර පවත්වන්නට බවයි.පරිවාස භාරයේ සිටින පස්මස් ගැබිණි දැරිය ගුවන් විදුලි නාලිකාවකට මෙසේ කියා ඇත.“මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගොඩක් කරදර සිද්ධ වුණා. මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා. මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදිත් මාව අපයෝජනය කළා. පළමු වතාවට මාව ඔහුගේ අපයෝජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මත් සිටියා. ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ. මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියෝතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්තෙන් තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ.” ඇය පවසා තිබේ.ජපානයේ අධ්‍යාපනය ලබන අතර අමතර රැකියාවක් ලෙස ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ උද්‍යාන අලංකරණයට සම්බන්ධ සුළු රැකියාවක් කරන අතර මෙම ශ්‍රී ලාංකික තරුණයාට එම නිවසේ වාසය කරන දැරිය ඇසුරු කරන්නට ලැබී ඇති අතර ඒ අනුව පෙම් සබඳතාවයක් ගොඩනැගී තිබුණි. අනතුරුව කාටත් හොරා ඔවුන් ලංකාවට පැනආ බව කියැවුණි.මෙම දැරිය පැහැරගෙන ආවේ යයි  ජපන් ජාතික මව ලංකාවට පැමිණි අවස්ථාවක කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර කියා සිටියේ ඒ වන විට ඇය සන්ථකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් තිබී ඇති බවත් තරුණයා මුදල් සොරාගැනීමේ අවශ්‍යතාවයට මෙම පැහැරගැනීම සිදු කළ බවයි.මවගේ පැමිණිල්ල මත සිදුකරන විමර්ශන සඳහා ජපන් තානාපති කාර්යාලයද මැදිහත්වූ අතර මුලදී තරුණයා හා දැරිය අල්ලාගන්නටද හැකියාව ලැබී තිබුණි. අනතුරුව ඔවුන් කොළඹ හෝටලයක නතර කර මවට භාරදෙන්නට සූදානම් කර තිබියදී තරුණයා දැරියද සමග නැවත අතුරුදන්විය. ඒ අනුව ක‍්‍රියාත්මක වන කොච්චිකඬේ පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම පිණිස ගතවූ මාස හතක් තිස්සේ විමර්ශන සිදු කළහ.මෙම තරුණයා සහ 15 හැවිරිදි ජපාන දැරිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ජපාන දැරිය පරිවාස භාරයට යොමු කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තවත් 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමද සිදු විය.ජපන් ජාතික දැරියගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයාට  බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ඒම, ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රි දූෂණයකට අදාළව ආධාර අනුබලදීම යන කරුණු මත අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.ජපානයේ පවතින නීතියට අනුව වයස අවුරුදු 13 ඉක්මවූ දැරියකට සහකරුවෙකු හා ලිංගිකව එක්විය හැකි අතර, වයස අවුරුදු 16 ඉක්මවූ පසු විවාහ වීමටද හැකියාව පවතියි. 
ජපන් කෑල්ල අයින් කරලා මේක ලංකාවේ දරුවෙක් ට උඋනා නම් . රාස්සාව නැති කොල්ලෙක් ඔහොම කලා නම් කියලා හිතන්න
1
POSITIVE
ncpp_train_0234
කටුනායක ගුවන් තොටුපල වෙත අද දිනයේ ගුවනින් සුනඛයෙකු සමග පැමිණි කුවේට් ජාතික යුවලක් සිය ශ්‍රී ලංකා  සංචාරය සඳහා සුනඛයාද රැගෙන ගමන් කිරීමට අපේක්ෂා කර තිබුණි. මෙහිදී සත්ව නිරෝධායන රෙගුලාසි අනුව සුනඛයා රේගු පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරෙන අතර එය තරමක් ප්‍රමාද වන ක්‍රියාවලියකි. තමන් පැය ගණනක් බලා සිටියත් සුනඛයා නිදහස් නොකිරීම ගැන කුවේට් ජාතික සැමියා විටින් විට රේගු නිලධාරීන්ට දෝෂාරෝපණය කර තිබුණ අතර පැය ගණනාවක් ගතවූ පසු ඒ සඳහා රේගු නිලධාරීන් සපයන පිළිතුරු වලින් සැහිමකට පත් නොවූ ඔහු තම අතට හසුවන හසුවන දේවල් වලින් දමා ගසා පහරදීමක් කර ඇත. එම අවස්ථාවේ ගැටුම මැඩ පවත්වන්නට ආ අනෙක් නිලධාරින්ටද ඔහු පහරදී තිබෙන අතර මේ හේතුවෙන් තුවාල ලද රේගු නිලධාරීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට සිදුවිය. එම නිලධාරීන් මීගමුව රෝහලට ඇතුළත් කළ බව  රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේ කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවල සිය සුනඛයා නිදහස් කිරීමට ප්‍රමාද වූ අවස්ථාවේ සුනඛයා බලෙන් රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සහ දරා තිබූ බවත් එය වළක්වන්නට කටුනායක ගුවන් තොටුපළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ඇතුළු රේගු නිලධාරින් 05 දෙනෙකු උත්සහ කළ අවස්ථාවේ මෙම පහරදීම සිදුවූ බවයි. සිද්ධියෙන් පසු එම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
පැය ගනන් ප්‍රමාද කරගෙන ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න වෙන්න ඇති. ගානක් අතමිට මොලවනකම් තමා ඔය ප්‍රමාදය.
61
POSITIVE
ncpp_train_0235
රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ.රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර්  07 සහ 08 දෙදින  ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.( ඡායාරූප : ශාමික වක්වැල්ල - ජනාධිපති මාධ්‍ය අංශය)
ඇර, ඇර.. පලමුවැනි ගෝටාභය රජතුමයි. දයාසිරි පුරෝහිතයි ..රජ දවසින් පසු කරලියට. .
25
POSITIVE
ncpp_train_0236
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරී වෙළෙඳසැලට පෙරේදා (28) එල්ල වුණු බෝම්බ පුහාරයෙන් පසු ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ත්‍රස්ත සැකකරුවන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් දුටු සැණින් ඔවුන්ට වෙඩි තබන ලෙසටය. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැලට් එල්ල වුණු එම බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ජනපති පුටින් හඳුන්වාදී තිබේ. එම ප්‍රහාරයෙන් ගැබිනියක ඇතුළු 14 දෙනෙක් තුවාල ලැබූහ. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. සිරියාවේ රජය පෙරළා දැමීමට උත්සාහ කළ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සහාය නොඅඩුව හිමිවිය. ඒ, ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුදවලින් සන්නද්ධ වෙමිනි. රුසියානු ජනපති පුටින්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දැක්වූයේ සිරියානු යුද්ධයට රුසියානු සොල්දාදුවන් සහ ප්‍රහාරක ගුවන් යානා යොදවමිනි. රුසියාවේත්, තුර්කියේත්, ඉරානයේත් සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජය සමත් වී සිටී. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැළට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරෙන්නේ ද අයි.එස්. හිතවාදීන් බවට සැක කෙරේ.
කුරුමිණිය ....
16
POSITIVE
ncpp_train_0237
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු  එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවටත් මෙම වීදි සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද එක්වී ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇත. එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියෙකුවූ නසීර් නිස්තාර් එදින ශ්‍රී ලංකාවේ පරාජිත තරගය නැරඹීමෙන් පසු කලකිරිණ සිතින් ඩර්ම්හැම් නුවර සිය වාහනය පදවාගෙන යද්දී අහම්බෙන් නෙත ගැටීමෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වීදියේ සැරිසරන අයුරු හඳුනාගෙන තිබූ අතර ඔහු වාහනය ඔවුන් වෙත සමීප කර ඔවුන්ව වීඩියෝගත කළේය. අනතුරුව දික්වැල්ල වීඩියෝ ගත කිරීම හඳුනාගත් නිසා වහාම කැමරාව වෙනතකට ගත් නසීර් වාහනය ටික දුරක් ධාවනය කර නතර කර තවදුරටත් ඔවුන් කරමින් සිටින්නේ කුමක්දැයි නිරීක්ෂණය කරමින් සිට තිබේ. එහිදී ඔහුට මේ දෙන්නා සමග පැමිණි ධනුෂ්ක ගුණතිලකවද හඳුනාගන්නට ලැබී ඇති අතර ඔවුන් පීසා අතේ තියාගෙන කමින් සිගරට් බොමින් වීදි පුරා ඇවිදිමින් සිටිනු නිරීක්ෂණය වී ඇත. නසීර් එම අවස්ථාවේ දෙවන වීඩියෝවක්ද ලබාගෙන ඇත.ඔහු පවසන පරිදි එම තිදෙනා එලෙස ඇවිද යමින් සිට ඇත්තේ  ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ සිට ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානය වෙතය.මෙම සමාජ ශාලාව මේ දිනවල නිරෝධායන රෙගුලාසි මත රාත්‍රී 11 දක්වා පමණක් විවෘත කර තැබෙන බවත් එම ස්ථානයට බොහෝ විට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක්වන බවත් තෙරතුරු වාර්තා වන අතර ධනුෂ්ක කුසල් හා දික්වැල්ල ඒ සමාජ ශාලාව වසාදමන තුරු එහි කාලය ගත කර එයින් පිටව ඇති සෙයක් හැඟී යන අතර එළියට යමින් සිටි තරුණියන් කණ්ඩායමක් දෙස හැරී බලමින් කථාබස් කරනා සෙයක් මුල් වීඩියෝවේ දැක්වේ. හැමතැනම කැරකෙමින් කිසිදු වග විභාගයක් නැතිව රාත්‍රී විදිපුරා සැරිසැරූ ඔවුන් අනතුරුව පීසා කමින් සිගරට් බොමින් ඇවිදගිය අතර ඒ වනවිට ධනුෂ්කද ඔවුනගෙ කල්ලියට එක්විය.ඔවුනට පනවා ඇති නීති අනුව රාත්‍රී 11 වනවිට නවාතැන් ස්ථානය වෙත පැමිණිය යුතු වුවත් රාත්‍රී 12 පසුවීත් එසේ කර නැති අතර ඒ ගැන සොයාබලන්නට භාරව සිටි නිලධාරිනියගේ නොසැලකිල්ල හෝ හිතාමතා ඇයද වරදට රුකුල්දී ඇති බව හඳුනාගන්නට ලැබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත යාම හේතුවෙන් තරගයෙන් ඉවත් කරන ලද බවත් ඔවුන් වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවීමට පියවර ගෙන ඇති බවත්ය. ලංකාවට පැමිණි පසුව උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ට එරෙහි විනය පියවර ගන්නට නියමිතය.මෙම තීරණය ගනු ලැබුවේ සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණයකින් පසුව, මේ සම්බන්ධයෙන් ‘කළමනාකරුගේ වාර්තාව’ පදනම් කරගෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පවසයි. පරීක්ෂණය අවසන් වන තෙක් ක්‍රිඩකයන් තිදෙනාගේ සියලු තරඟ අත්හිටුවීමටද තීරණය වී ඇත.ධනුෂ්ක ගුණතිලක අතවර සිද්ධියක් ඇතුළු විනය විරෝධී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ චෝදනාවට ලක්වූ අතර කුසල් මෙන්ඩිස් දකුණු පසින් වාහනයක් ධාවනය කර පාරේ ගමන් කළ අයෙකු මරාදැමීම නිසා පසුගිය කාලයේ කතාබහට ලක් විය. ඔවුන්ට වරප්‍රසාද හැකියාව නිසා බොහෝ විනය ප්‍රශ්න ලිස්සා යාමේ වාසියද හිමිකරගෙන සිටින්නන්ය.පහත පළවන්නේ ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝ දෙකයි
මුන්ව භාරව, ආයෙමත් නිලධාරිනියක් යැව්වේ, මොන උලව්වකටද? මෙයට කලින් වෙච්ච හුටපට, මෙච්චර ඉක්මනට අමතක වුනාද? ඊට පස්සේ, කෑවෝ කෑවෝ කියලා අඩාගෙන නම් එන්න එපා.
22
POSITIVE
ncpp_train_0238
පසුගිය ජූලි මාසයේ අග චීන රජය නිවේදනය කළේ පාසල් විෂයයන් පාසලෙන් පිටතදී කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් ලබන පදනමකින්  එනම් උපකාරක පන්ති ලෙස ඉගැන්වීම තහනම් කරන බවයි. මීට හේතුවී තිබුනේ චීනයේ පවුලකට දරු උපත් සඳහා පනවා තිබූ නීති සංශෝධනය  එනම් දරුවන් දෙදෙනෙකුගේ සිට තිදෙනෙකු දක්වා හැදීමට අවසර ලබාදීමේ ක්‍රමයට තිබෙන උනන්දුව ටියුෂන් වියදම නිසා අඩුවේ යයි සැකකළ  නිර්දේශයකි. ටියුෂන් වියදම නිසා දරුවන් හැදීම අධෛර්ය වනු ඇතැයිද තිදෙනෙකු දක්වා යාමට දෙමාපියන් මැළිවෙනු ඇතැයි එම නිර්දේශයෙන් කියැවිණි. මෙම තහනමේ තවත් අරමුණක් වන්නේ වයස අවුරුදු හයේ සිට 15 දක්වා ළමුන් සඳහා අනිවාර්ය අධ්‍යාපනයේ පීඩනය ලිහිල් කිරීමයි.කෙසේ වෙතත්, විධායකයින් සහ ප්‍රාදේශීය මාධ්‍ය සිදු කළ ගනනය අනුව මිලියන 10 ක ජනතාවක් මෙම උපකාරක පන්ති ක්ෂෙත්‍රෙයහි රැකියා කරන බව පැවසෙන අතර ඒ නිසා කර්මාන්තය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇත.චීනයේ මෙම පන්ති පවත්වා ඇත්තේ විශාල සමාගම් හරහාය. ඒ වෙනුවෙන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි පවා පැවතී ඇත.වයස අවුරුදු තුනේ සිට 18 දක්වා වූ අයට සේවය කරන මෙම කර්මාන්තය 2019 දී යුවාන් බිලියන 800 ක් (ඩොලර් බිලියන 123.24) ක් ඉපැයූ අතර 2025 වන විට යුවාන් ට්‍රිලියන 1.4 දක්වා ළඟා වීමට නියමිත බව අර්ථික උපදේශකයින් අනාවැකි පළ කර තිබුණි.කෙසේ වෙතත්, දැන් බොහෝ ආයතන ඉක්මනින් වෙනත් විෂයන් හඳන්වාදෙමින් අනුවර්තනය වීමට කටයුතු කර ඇති අතර, දහස් ගණනක් වසා දමා ඇතැයි චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.පාසලේ උගන්වන්නේ නැති සුවිශේෂ විෂයන් සම්බන්ධ අමතර පන්ති හා දෙමව්පියන්ගේ පුහුණුව වැනි අලුත් විෂයන් ඇතැම් ඒවාට ආදේශවී ඇති බවද කියැවේ.දරුවන්ගේ වියදම සලකා දරුවන් හැදීම අඩු කිරීම මගින් චීන රජය මෙම ගැටලුව වැරදි ලෙස හඳුනාගෙන ඇති බවට විවේචනයක්ද පවතී. බොහෝ විට "ක්‍රෑම් පාසල්" යනුවෙන් හැඳින්වූ මෙම ටියුෂන් පන්තික්‍රමය අභිලාෂකාමී මධ්‍යම පන්තිකයෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් නොමැති පද්ධතියකට තාර්කික ප්‍රතිචාරයකි. තහනම හේතුවෙන් මධ්‍යම පන්තිය ගැටලුවලට මුහුණපාන නමුත් ධනවත් දෙමාපියන්ට ගෙවල් වලට ගෙන්වා නොදැනෙන සේ උපකාරක පන්ති කරගැනීමට හැකියාවක් ඇත. එමඟින් අනාගතය ගැන දැනටමත් කනස්සල්ලට පත්ව සිටින මධ්‍යම පාන්තික දෙමව්පියන්ට තම දරුවන්ගේ ජයග්‍රහණ අවස්ථා ගැන සැක සංකා පහළවී ඇත. 1990 ගණන් වලදී චීන රජය තීරණය කළේ උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වලට මුදල් යෙදවිය යුතු බවකි. විශ්මය ජනක ප්‍රතිඵල ඉන් ලැබුණ අතර 1998 සහ 2018 අතර කාලය තුළ, චීන උපාධි අපේක්ෂකයින්ගේ ජනගහනය මිලියන 3.4 සිට මිලියන 28.3 දක්වා වැඩි විය. ගැටලුව වූයේ මෙම නව ආයතන වල ගුණාත්මක භාවය බෙහෙවින් වෙනස් වීමයි. ප්‍රභූ නාගරික විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකුට දැන් හොඳ වැටුප් සහිත වෘත්තියක් සහතික වී ඇත; අඩු විද්‍යාලයකට ඇතුළත් වන අයට රැකියා වෙළඳපොල අභියෝගයකි. විශ්‍රාම වැටුපක් නොමැති චීන දෙමව්පියන්ට මෙම වෙනස ඉතා වැදගත් වන අතර මහලු වියේදී තම එකම දරුවා ඔවුන්ට උපකාර කිරීමට ප්‍රමාණවත් වේ යැයි බලාපොරොත්තු විය යුතුය.සමීක්ෂණයකින් හෙළි වූයේ චීන දෙමව්පියන්ගෙන් 92% ක් වසරකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 3 කට  වඩා වැඩි මුදලක් ගෙවා තම දරුවන් බාහිර පන්තිවලට ඇතුළත් කර ගත් බවයි. එය මුළුමනින්ම පාහේ තරගකාරීත්වය නිසා ගොඩනැගුණ කර්මාන්තයක් වන අතර පාසල්වල ඉගැන්වීම් හොඳ මට්ටමක පැවතියදී අනවශ්‍ය බර පැටවීමක් විය.එබැවින් නව වෙනස ගැන දක්වා ඇති යහපත් ප්‍රතිචාරයන්ද ඉහළය. (රොයිටර් පුවත් ඇසුරිනි)
ජනනායක, මුතුගල වගේ ජනාධිපති හම්බෙලා දුක කියලා සහනයක් ගන්න බැරිවෙයිද දන්නෑ එහෙ ටියුෂන් සර්ලට
25
POSITIVE
ncpp_train_0239
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග කළ කතාවක් නිසා ශ්‍රී ලංකා රණවිරුවන් ජාත්‍යන්තරය හමුවේ අවලාදයට ලක්වුණැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් පළ කරමින් දන්වා ඇත. එය මෙසේය. යුද්ධය නිසා උතු‍රේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින්  සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ  ප්‍රධාන අවලාදයක් විය. සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ‘ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම’ යන මැයෙන්  පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත. මෙය මානව  හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද  යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය. මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
අනේද කියන්නෙ 29 වතාවක් පීචං වෙලා බොරැ පොරොන්දු දීල යන්තං ජන්ද ගොඩ දාල අාණ්ඩු හදන් රට විකුනං කන කට්ටියක් කිව්වලු හෙලුවෙන් ඉන්න ගමන් ඔලුව අැද කරන් අමුඩෙ අැදපු මිනිහගෙ අමුඩෙ අැදයි කියල....
32
POSITIVE
ncpp_train_0240
අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්තේ‍රා් වෙනුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන විශේෂ ගුණ සමරු උත්සවය ලබන සිකුරාදා (2දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. විදෙස් රාජ්‍ය නායකයකුගේ අභාවය නිමිත්තෙන් මෙවැනි රාජ්‍ය උත්සවයක් මෙරට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ තීරණය අනුව මෙම අවස්ථාවට කියුබානු තානාපතිනිය ඇතුළු විදෙස් තානාපතිවරුන්ටද, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ නායකයන්ටද, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටද, විද්වතුන්ටද ඇරැයුම් කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. (උදේනි සමන් කුමාර)
මේ මිනිහට පිස්සු... මේ මිනිහ කොහොමත් ඔය වගේ වැඩක් තමයි කළොත් කරන්නෙ. කරන්න වැඩ ඇත්තෙම නෑ මේ රටේ මේ තරම් දේවල් වෙනවා. කාගේ සල්ලිවලින් ද දන්නෙ නෑ ඔය නටන්නෙ...
3
POSITIVE
ncpp_train_0241
යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන්  ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ  ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) දින පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.  ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි.  මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් -19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව ද පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ මහත්වරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සාගර කාරියවසම්, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම් අතාවුල්ලා, ටිරාන් අලස්, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පක්ෂ නියෝජිතයෝ පැමිණ සිටියහ.
මුන් ටික එළියේ මාද්ය ෂෝ තියලා මහජනතාවට පට්ට පොර ටෝක් දෙන්නේ... හැබැයි හිට්ලර් සහ මොළ හතේ බස්සා ඉස්සරහ නැට්ට පස්සේ ගහගෙන පීචන් කුක්කෝ වෙනවා, මුන් මොනා කරත් මේක project එක වෙනවා, බලපන් මුන් සෙට් එකෙ පරණ case ළඟදීම එලියට එන හැටි,
17
POSITIVE
ncpp_train_0242
වෛද්‍ය පැතුම් කර්නර් යනු පසුගිය කාලයේ ‘ගෝටාගෝහොම්‘ යන සංවාදය බිහි කළ මහමොළකරු ලෙස කතාබහකට ලක්විය. එංගලන්තයේ සිට පැමිණි ඔහු ගෝටාගෝගමට ගිය අවස්ථාවේ ඇතුළෙ වෙච්ච සිද්දියක් ගැන විවිධ කතා සමාජ මාධය තුළ පළවෙමින් පවතී. ඒ ගැන ඔහු කියූ කතාව මෙසේය. ''ගෝස් ෆේස් එකේ මං සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිද්ධ උනා..ඒක සමාජ මාධ්‍ය ජාලා වලින් YOUTUBE එකෙ හැමතැනම විවිධ අය විවිධ අර්ථකථන දෙමින් ප්‍රචාරය කරනවා ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්න...එහිදි මම පැහැදිලි කිරීමක් කරන්න ඕන මම ඉදිරිපත්කරන පැහැදිලි කිරීම තමයි මේ....මුලින්ම යොහාන් ගැන කිව්වොත් යොහාන් කියන්නේ මම කලින් දන්න කෙනෙක් කලින් හමුවෙච්ච නැති..යොහාන් යම්කිසි සංවිධානයක් හදාගෙන තිබුණා අපි දවසක ZOOM MEETING එකක ඉදලා කතා කරලා තියෙනවා කණ්ඩායමක් එක්ක...විශේෂයෙන් අළුතෙන් ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර වලදි එකිනෙකා හදුනාගනීම වැදගත් එවැනි අවස්ථාවක එකිනෙකා හඳුනාගන්න අපි දේශපාලනිකව සාකච්ඡා කරපු වෙලාවල් තියෙනවා එහෙම හදාගත්ත හිතවත් කමක් ඔහු සමඟ තියෙනවා....මම අරගල භූමියට ගියාම යොහාන් ඇතුළු කණ්ඩායම ඉන්න තැනට ගියා එතැන ලොකු පිරිසක් එකතු වෙලා හිටියා...ඔවුන් යම්කිසි මාධ්‍යආවරණයක් එක්ක සාකච්ඡා කරමින් සිටියා.මම එතැනට ගිහින් යොහාන්ට කතා කරලා අපි එතැනදි පොඩි දෙබසක් අපි ONLINE FACEBOOK එකේ දාලා තියෙනවා LIVE ගිහිල්ලා ඒ දෙබසේ උනේ මම යොහාන්ගෙන් ප්‍රශ්ණ අහනවා යොහාන් උත්තර දෙනවා. අවසානායේ යම් පිරිසකට අවශ්‍ය උනා මගෙන් ප්‍රශ්ණ අහන්න යොහාන් තෝරගත්තා එතැන හිටිය මල්ලි කෙනෙක්ව කොහොමද මගෙන් ප්‍රශ්ණ අහන්න ඕන කියලා..ඔහු එතැනට ඇවිත් කිව්ව දේ තමයි රටේ System change එකක් කරන්න ඕනනම් මේ අරගලය ඔස්සේ පැතුම් කර්නල්ව නායකයා කරගන්න කියලා...ඒක කිව්ව ගමන් ඒ මෙහොතෙම ඊළඟ තත්පරේම විශාල හඩක් සමඟ හය හත් දෙනෙක් ගෙන් යුත් පිරිසක් කෑ ගහගෙන ඉදිරියට ආවා .ඔවුන් ඒ කියවීමට එකඟ උනේ නෑ....එතකොට ඔවුන් විරෝධයක් පළ කලා මේ මං විසින් දාගත්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන් මාව promote කරන්න හදනවා කියලා...මම හිටියේ එංගලන්තයෙ ඒ වගේම ඒගොල්ලෝ විශාල කැපකිරීමක් මේ වෙනකොට කරලා තියෙනවා.දවස් 18ක් තිස්සේ අව්ව වැස්සෙ රෑ ගෙදර යන්නේ නැතුව මහන්සි උනා....එච්චර කැප කිරීමක් ඒ අය කරලාතියෙද්දි ඔයා එංගලන්තයේ ඉදලා ඇවිත් ඔයා කොහොමද මේ අරගලයෙන් ඔයාව promote කරගන්නේ... ඒ අතර පොඩි බහින් බස් වීමට මේක ගියා අර මල්ලි ඉස්සරහට ඇවිත් කියපු දේ ඉල්ලා අස්කරගත්තා...ඊට පස්සේ මේ ගැටුම තව දුරටත් උනුසුම් උනා..මට උත්තරයක් දෙන්න ඕන වෙලා තිබ්බා නමුත් ඔවුන් මට උත්තරයක් දෙන්න අවස්ථාව ලබාදුන්නේ නෑ...තව සහෝදරයෙක් ඇවිත් මට කිව්වා ඔයා දැන් මෙතැනින් යන්න තව අය ඇවිත් මෙතැන ගැටුමක් ඇති වෙයි කියලා පස්සේ මම එතැනින් ගියා.සමාජ මාධ්‍ය වල ගියා වගේ එතැන පරදීමක් සිදු උනේ නෑ,ගැටුමක් ඇති උනේ නෑ, එතැනින් පන්නා දැමීමක් සිදු උනේ නෑ...මම අදත් ගෝල් ෆේස් එකට  යනවා එතැන ගැටළුවක් නෑ...''
ගොඩක් අය පැතුම් කර්නර්ව දන්නෙ නැතුව මඩ ගහනව..හොයල බලන්න ඔහුගෙ ඉතිහාසෙ...අහල බලන්න ඔහුගෙ කථාවක් දෙකක්!! මිනිහට මේ රට ගැන කැක්කුමකුයි දේශපාලන උණකුයි දෙකම තියෙනව. නැත්නං එංගලන්තෙට වෙලා සැපට ඉන්න පුළුවන් පොරක්..(දැන් මං එයාව ජනාධිපති කරගන්න කිව්වෙ නෑ හොඳේ..)
5
POSITIVE
ncpp_train_0243
කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන, ඒ  මුවාවෙන් බස් නැවතුම්පළවල රැදී සිටින සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ යෙදුණු බස් රථ කිහිපයක් පසුගියදා (26දා) නීතියේ රැහැනට හසුකර ගැනීමට බස්නාහිර  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරිය සහ ජාතික ප්‍රවාහන කොමිසමට හැකි විය. මෙසේ අනවසර මුදල් ඉපෑයීමක නියැලී සිටි බස් රථ හසු කර ගත්තේ මාකුඹුර පිහිටි බහුකාර්ය මගී ප්‍රවාහන පරිශ්‍රයේදී සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදීය. පොදු මගී ප්‍රවාහන  සේවයේ නියැළී සිටින බස් හිමියන් සහ බස්  සේවකයින් සිදු කරන ලද පැමිණිලිවලට අනුව සිදුකළ මෙම පරීක්ෂාවේදී මගී ප්‍රවාහනයේදී ලද බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් සේවකයින් කිහිපදෙනෙකුට එරෙහිව  අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට යොමු වීමට අවශ්‍ය පියවර ගැනීමට බලධරයින් පියවර ගත්තේය. එහිදී මාධ්‍ය වෙත අදහස්  පළ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා, අපි බසි හිමියන්ගෙන මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව විමසිලිමත් වෙනවා. ඒ වගේම රටේ ජනතාවට ගමන් පහසුකම් ලබාදෙන බස් හිමියන් සහ බස් සේකයින්ටත්, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දිය යුතු වෙනවා. ඒත් කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහකයින් සිදු කරලා තියෙන්නේ මගී ප්‍රවාහනයේ  යෙදී සිටින්නගේ ආදායම  සූරා කෑමක්. ඒ නිසා අපි ඔවුන්ට එරෙහිව නීතිය  ක්‍රියාත්මක කරනවා. බස්  කර්මාන්තයේ නියැළී සිටින්නන්ගේ වෘත්තීය  අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා "යැයි පැවසුවේය. -අමිල සංකල්ප-
කොහේ ගියත් කම්බ හොරු!
25
POSITIVE
ncpp_train_0244
ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදවලට ආරාධනා කරන්නේ පරාජය උරුම කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයනුයි. ජනාධිපතිවරණ  මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින අපේක්‍ෂකයින් රූපවාහිනි විවාද ඉල්ලන්නේ නැහැ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රාජගිරියේදී ඊයේ (28) පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලක්ෂ 66 ඉක්මවා ගිය බහුතර ජනවරමක් මෙවර ජනාධිපතිවරණයේදී ලැබෙන බව ද රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. රාජගිරිය නවල පාරේ පිහිටි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඊයේ (28) පැවැති ප්‍රවෘර්ති සාකච්ඡාවකදි පතිරණ මහතා මේ බව සඳහන් කළේය.රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසිය. "අවසන් වරට පැවති මැතිවරණයේදී එක්සන් ජාතික පක්‍ෂයට හිමිවූයේ ලක්ෂ 36ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එම නිසා සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ළඟටවත් එන බැහැ. අපේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පත්වන කිසිදු මන්ත්‍රීවරයකට වසර තුනක් යනතුරු විදෙස් රටකින් වාහනයක් ගෙන්වීමට බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.රජය සතු වාහන මැති ඇමැතිවරුන්ට ප්‍රමාණවත් බව අපේ සන්ධානයේ මතයයි. රටට වැඩි ආදායම් උපද්දවා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව තාක්ෂණික අතින් බලගැන්වීම හරහා රටේ ආදායම දෙගුණයකින් වැඩි කිරිමට බලාපොරොන්න වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ආරක්‍ෂවට ඉහළම තැනක් ලබාදීම මගින් රට ගැන ඔහුට ඇති හැඟීම යළිත් ඔප්පු වෙනවා. රටක අධ්‍යපනයත් ආර්ථිකයත් දියුණු කිරීමට නම් රටේ ජාතික ආරක්‍ෂව සියයට සියයක් තහවුරු කළ යුතුයි. රටේ ජාතික ආරක්‍ෂව තහවුරු කළ හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටම පමණයි. මෙරට පාසල්වල සිටින විශාල ශිෂ්‍ය ප්‍රමාණයට පිළියමක් ලෙස ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයකට තුන බැගින් නව පාසල් දහයක් ඉදිකිරිමට ගෝඨභය රාජපක්‍ෂ මහතා සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගුරු සහයකින් 50,000ක් අලුතින් බඳවා ගනු ලබනවා. සජිත් රැස්වීම 50ක කතා කරලා හති වැටිලාලු. මෝටරයක් සේ දවසේ පැය 24 පුරාම වැඩ කරන බවට ඔහු මිට පෙර සඳහන් කළා.
අමෙරිකාවේ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නැ
43
POSITIVE
ncpp_train_0245
 අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අනාගතයේ නැවත පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව සඳහන් කරයි. කැළණිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදින් අමතමින් මෙසේ කියා ඇත. “එක්කෝ අපි සහය දෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිනවන්න. එහෙම නැත්නම් එක්සත් ජාතික නායකයා නම් කරන දේශපාලන උණ ඇගේ තියන බිම් මට්ටමේ දේශපාලන නායකයෙක් පත් කරන්න ඕන. කෙනෙක් පක්ෂය ඇතුලෙන්ම එන්න ඕන. එහෙම නැතුව ඉම්පෝර්ට් කරලා ජනාධිපතිලා හදලා අපි ආපහු එක එක පිස්සු නටන්න ලෑස්ති නැහැ.”
කුහක කම දොරේ ගලන කෙනෙක් තමයි සරත් පොන්සේකා කියන්නේ
39
POSITIVE
ncpp_train_0246
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි. එම නිවේදනය මෙසේය. කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි. පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි. පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි. මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
ශී‍්‍ර ලංකාව කොටි ත‍්‍රස්තවාදයට මුහුණ දෙන අවස්ථාවේදිවත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූ පක්‍ෂ අතර එකඟතාවක් ඇති වූයේ නැත. පාර්ලිමේන්තුවේ සැමදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් කි‍්‍රයාත්මක විය. ඊට අමතරව කොටි ත‍්‍රස්තවාදය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් කර ගැනීමෙන් බලයට ඒමට උත්සාහ කළ කණ්ඩායම්ද විය. රජය වෙනස් වන විට අදාළ පක්ෂ/කණ්ඩායම් කි‍්‍රයා කරන ආකාරයද වෙනස් විය.
4
POSITIVE
ncpp_train_0247
කෝටිපතියෙකුගේ පෞද්ගලික රොකට් යානාවක් අභ්‍යවකාශගත කිරීම දශක ගණනාවක් පුරාවට නාසා ආයතනයේ ඉලක්කයක් වී තිබිණ. එය මැයි 27 දිනයට යොදා තිබුණි.  සුප්‍රකට ව්‍යාපාරික හා ඉංජිනේරු එලොන් මාස්ක් ඉතිහාසගත කරමින් මුල්ම පුද්ගලික රොකට් යානය අභ්‍යාවකාශයට යොමු කිරීම සිදුවන්නට නියමිතවූයේ එදිනයි. නමුත් ඔහුගේ ස්පේස්එක්ස් වයාපෘතිය කාලගුණ ගැටලු මත තරමක් කල් ගත්තේය.මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණයට ඇමරිකානු ජනපතිවරයා හා උපජනපතිවරයාද ඊයේ ගොස් තිබුණි. 30 සෙනසුරාදා පැහැදිලි අහසක් බලාපොරොත්තු වෙන බවත් එදිනට මෙය වෙනස් කර ඇති බවත් වාර්තාවේ. පෞද්ගලික ගගනගාමී ආයතනයක් වන SpaceXහි රොකට් යානය ගගනගාමීන්ද සමඟ අභ්‍යවකාශගත වීමට සියල්ල සූදානම්ව පැවතුණි. නමුත් SpaceXට හෝ නාසා ආයතනයටවත් පාලනය කළ නොහැකි කාලගුණය හේතුවෙන් එම යානය පිට වීම අත්හිටුවීමට සිදු විය. මෙම සතියේ සෙනසුරාදා දින දිවා කාලයේදී නැවතත් SpaceX පිටත් වීමට උත්සාහ කිරීමට නියමිතය. නමුත් SpaceX මගින් මීට පෙර පුද්ගලයන්ව රැගෙන යන රොකට්ටුවක් අභ්‍යවකාශගත කර නොමැත. එමෙන්ම නාසා ආයතනය මගින් මෙතරම් භාරදූර වගකීමක් මීට පෙර කිසිම කොන්ත්‍රාත්කරුවෙකුට පවරා නොමැතිය. අලුත්ම අභ්‍යවකාශ යානාවක ඇමරිකානුවන් අවසන් වරට ගමන් කළේ 1981දීය. මෙම අභ්‍යවකාශ සංචාරය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ නව අභ්‍යවකාශ වැඩසටහනක ආරම්භය සනිටුහන් කළ හැකි බව මතයයි. නාසා ආයතනය මගින් මෙය වෙනත් ආයතනයකට පවරා තිබෙන්නේ එය අවදානම් සහිත කාර්යයක් වන බැවින් විය හැකිය. මන්ද මිනිසුන්ව අභ්‍යවකාශයට රැගෙන ගොස් නැවත පෘථිවි නිවස්නය කරා රැගෙන ඒම සුළුපටු කාර්යයක් නොවේ. මෙම පෞද්ගලික අභ්‍යවකාශ යානයේ ප්‍රථමයෙන් ගමන් ගැනීමට සූදානම්ව සිටින්නේ ඩග්ලස් හර්ලි සහ බොබ් බේන්කන්ය. මෙය අතිවිශිෂ්ට අත්හදා බැලීමක් වන අතර ව්‍යාපාරික ආයතනවලටද ඉදිරියේදී මිනිසුන්ව අභ්‍යවකාශයට රැගෙන යෑමේ අවස්ථාව උදා වීමට මෙම අත්හදා බැලීම ‍හේතු විය හැකිය. එමෙන්ම ඉදිරියේදී ගගනගාමීන් සහ අභ්‍යවකාශ සවාරියක් සඳහා මිල ගෙවිය හැකි පුද්ගලයන්ව අභ්‍යවකාශගත කිරීමට SpaceX බලාපොරොත්තුවෙන් සිටියි. නමුත් අභ්‍යවකාශගත වීම ඉතාමත් අවදානම් බැවින් මෙම අභ්‍යවකාශගත වීම ශෝකාන්තයකින් අවසන් වුව‍ොත් එම බලාපොරොත්තු සියල්ල සුන් වී යා හැකිය. මෙම ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වා ගගනගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ආයතනය මගින් යම් රෙගුලාසි නියම කර තිබෙන බව වාර්තා වේ. (The Atlantic ඇසුරිනි) එස්. දහනායක [May28, 2020 - Gossiplankanews.com]
එහෙම ගිහින් තමා ලංකාවේ අවසාන රාජවංශය වන රාජපක්ෂා වංශයේ අලුත්ම 👑 රජ කුමාරයෙක් ඉන්න 😜😜😜😜😜😜😜😜😜😜😜😜
2
POSITIVE
ncpp_train_0248
ඉන්දියාවේ ඒඑන්අයි නාලිකාව වෙත සුපිරි නිළි ශ්‍රී දේවිගේ සැක සහිත මරණය ගැන ප්‍රකාශයක් සිදු කළ භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ඇය ඝාතනය කර ඇති බව ප්‍රකාශ කර සිටී. 54 හැවිරිදි ශ්‍රී දේවී සැර මත්පැන් පානය නොකරන බව ප්‍රකටවී තිබෙන කරුණක්ව තිබියදී මේ ආකාරයට මත්පැන් නිසා සිහිසුන්ව දියේ ගිලීම ප්‍රහේලිකාවක් බව ඔහු පවසයි. සඳුදා ඩුබායි පොලීසිය වාර්තා කර ඇති පරිදි, ඩුබායිහි හෝටල් කාමරයේ නාන කාමරයේ ඇය  අහඹු ලෙස දියේ ගිලී මියගොස් ඇති අතර ඇගේ ස්වාමියා එම අවස්ථාවේ කාමරයේ සිටි බවද වාර්තා කර තිබුණි. නාන කාමරය තුළ දියේ ගිලීම අතිශයින්ම විශ්වාස කරන්නට අපහසු කථාබවක් බවත් කිසිවෙකු තල්ලු කර මේ මරණය වූවා විය හැකි බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ වාර්තා අඩුපාඩු සහිත බවත් හෝටලයේ සීසීටීවී කැමරා වලින් කවරක් පැවසෙන්නේද යන්නද පැහැදිලි නැතැයි සුබ්‍රමනියම් විමසයි. මරණය ගැන සැකසංකා තිබියදී එයට හේතු දක්වන්නට වෛද්‍යවරුන් ඉක්මන්වීම පුදුම බව පෙන්වා දෙන ඔහු හෘද රෝග ඉතිහාසයක් හෝ නැති ඇයට හෘදයාබාධයකින් මිය ගියා යයි වාර්තා කිරීම කාගේ උවමනාවට සිද්ධ වූවක්දැයි විමසා සිටී.     මෙම සිද්ධිය සඳහා තවත් නැඹුරුවක් ඇති බවත් "සිනමා නිළිය" හා පාතාල ලෝක ඩොන් ඩාවුඩ් ඉබ්රාහිම් අතර සබඳතාවය කෙරෙහි අවධානය යොමු විය යුතු බත්ව ස්වාමි පෙන්වාදෙයි.
මේයාගෙ හරි නම සුබ්‍රමනියම් ස්වාමිවන්ශ ද? අපේ එක්කෙනාගෙ නෑයෙක් වගේ
34
POSITIVE
ncpp_train_0249
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායකවීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) තමාටම ශාප කරගත්තේය. ඔහු මෙසේ ශාපකරගත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති  මාදුලුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාහි වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද පැවසීය. ''මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා. ගුවන්යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රට  සිරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා  කළා. එහෙත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා හැම  වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි. මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතු වුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත් කර ගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාවේ අවජාතකක දරුවෙක් ලෙස ගබ්සාවට ලක් කළා. මේ සෑම දේකින්ම විෂධ කළේ විධායක බලයෙන් රටට විනාශයක් නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු මත  විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වූ පසු කල්පනා කරන්නේ තමන්මගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ගය සකස් කිරිමයි. දරුවන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබදු විහිළුවක්ද? සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන්  අපට සාප වේවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා. මහින්ද රාජපක්ෂ මහතා බලයෙන්  පහකිරීමට රටට අවශ්‍ය වූයේ පටු අරමුණුවලින් වියුක්තව බව කා හෝ තේරුම් ගැනීමට හැකි නම් අප සෝභිත හිමි මග යමින් හෘද සාක්ශියක් ඇති පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන නීතිය මත පාලනයට කැපවන නායකයෙක් වෙනුවෙන් යළි බලාපොරොත්තු දල්වා ගනිමු. සෝභිත හිමි නාමයෙන් සිරබත් කන්නට වුව සුදානම් සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු.
මුන්ට ඕනේ අමෙරිකාවට නටවන්න පුලුවන් ආන්ඩුවක් අපේ රටේ කොහොම හරි අටවන්න. ඒකට මුන්ට ඩොලර් වලින් ගෙවනවා. රටේ මහජනයා මුන්ව හොඳටම අදුනාගන ඉවරයි. මුන්ට ආයෙමත් රටේ සාමාන්‍ය මහජනයා රවටන්න බැහැ . මුන් අපේ රට විනාශ කරන මහා කාලකණ්ණි
64
POSITIVE
ncpp_train_0250
කැමිලස්ගේ උත්සවයේදී  බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ. ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා. මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා. මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි. සංඝරත්නය, කැමිලස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි. එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත. ප්‍රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය. මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි. දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත. කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ. කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.
හාමුදුරු කෙනෙක් කියන්නේ පුජ්‍ය පක්ෂයේ කෙනෙක් උඹල වගේ වහල්ලුන්ට නොපෙනුනාට ජනපතිතුමා මෙතන සාමාන්‍ය කැමිලස් රසිකයෙක් විතරයි. එක හින්ද මෙතන එතුමාගේ නම නොකියවීම මහලොකු දෙයක් නෙවේ. එක නිසා තමා එතුමාවත් එක එතරම් ගණන් අරන් නැත්තේ
-13
NEGATIVE
ncpp_train_0251
කටියන්ගල්ල නව ගම්මානයේ පදිංචි නව හැවිරිදි බාල වයස්‌කාර පිරිමි දරුවකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළෙකුට ගම්වාසීන් විසින් පහරදීමෙන් ඔහු (28දා) ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. මෙම පුද්ගලයා (28දා) පස්‌වරුවේදී සිය යතුරුපැදියෙන් දරුවාගේ නිවසට ගොස්‌ දෙමාපියන්ටත් හොරා දරුවා රවටාගෙන සිය නිවසට කැඳවාගෙන ගොස්‌ දරුවා අපයෝජනය කර ඇති බව පොලිසිය කියයි. මෙසේ ගම්වාසීන්ගේ පහර කෑමට ලක්‌ව ඇත්තේ ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක හමුදා භටයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම හමුදා කඳවුරකට අනියුක්‌තව සේවය කරන අයෙකි. වතාවක්‌ දෙවතාවක්‌ සිදුවූ ගැහැට ඉවසා ගත නොහැකිවූ දරුවා සැකකරුගෙන් මිදී වෙල්යායක්‌ මැදින් සැතපුමක්‌ පමණ දිව යද්දී හමුවූ ගම්වාසියකු සමඟ සිය නිවසට ගොස්‌ තිබූ බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය අනාවරණය වීමෙන් පසුව සැකකාර හමුදා භටයාට ගම්වාසීන් එක්‌ව පහරදීමෙන් අනතුරුව ඔහු මෙලෙස කැකිරාව රෝහලට ඇතුළත්ව තිබිණි. සැකකරුගේ බිරිඳ මීට මාස කිහිපයකට පමණ පෙර විදෙස්‌ගත වී ඇති බවද පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඉපලෝගම පොලිස්‌ ස්‌ථානාධිපති උඩුකුඹුර මහතා සඳහන් කළේය. - එම්. එම්. පී. ජී. පෙරේරා -
මරණීය දන්ඩනය මොවුන්ටද, දිය යුතුයි.
35
POSITIVE
ncpp_train_0252
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මන්ත්‍රී විමල් වීරවංශ  විසින් ඇමති සජිත් ප්‍රේමදාස වෙත කරන ලද අභියෝගයට කැමති බව දක්වමින් ඇමති සජිත් ප්‍රතිචාර දක්වා තිබෙන නමුත් විමල් වීරවංශ දැන් එයට අලුත් කොන්දේසියක් පනවා වෙනස් කරන්නට උත්සාහයක නිරතවී තිබේ. සජිත් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමින් විමල් ලිපියක් ලියා  සඳහන් කරන්නේ පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් සජිත් ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා බවත් ඒ සඳහා ඔහු විසින් ඉදි  කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙසත් යයි සඳහන් කර ඇති අතර විමල් පිළිගත හැක්කක් නොවේ යයි පවසා ඇත. නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි... යනුවෙන් විමල් සිය ලිපියේ දන්වා ඇත. එබැවින් ඔහු ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවත් ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් ඔහු සමඟ එකඟතාව පළකර ඇති බවත් විමල් දන්වා ඇත.
හිරු හෝ දෙරණ ට හැකි යි ඔය කියන උදා ගම්මානයේ සිට සජීවී විකාශයක් කරන්න.එතකොට කොන්දේසි ඔක්කොම සම්පූර්ණ යි.
15
POSITIVE
ncpp_train_0253
මහනුවර ගෑනු හුටපටයක් නිසා   ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම් මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන උත්සාහයක් නිසා ඇතිවූ පටලැවිල්ලක් බව වාර්තාවේ. සිසුන් දෙදෙනා අතර මීට පෙර දිනයක මහනුවර නගරයේදී උණුසුම් කතාබහක් සිදුවී අමනාපයක් පැවැති තිබෙන අතර පසුගියදා පාසල තුළදී  10 වසරේ සිසුවා විනය කැඩුවැයි බොරු චෝදනාවක් මත ශිෂ්‍ය නායක සිසුවා ඔහුගේ බලය පාවිච්චි කරමින් දඩුවමක් ලබාදීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දෙදෙනා අතර මෝදුවූ වෛරය පසුගියදා පේරාදෙණිය ප්‍රදේශයේ බාලිකා පාසල අසළදී නැවත පුපුරා ගොස් ඇත. මෙම දෙදෙනාම යාළුවන්නට තැත්කරන සිසුවිය එනතුරු මග රැක සිටියදී නැවත ආරවුල ඇතිවී පිහි ඇනුම සිදු කර ඇත.පිහි ඇනුම සිදු කළ සිසුවා 16 හැවිරිදි බාලවයස්කාරයෙකි.මෙම අවස්ථාවේදී දෙදෙනා අතර දීර්ඝ බහින්බස්වීමක් ඇතිව 16 හැවිරිදි සිසුවා සඟවාගෙන සිටි කුඩා පිහියකින් 17 හැවිරිදි සිසුවාට ඇන තිබේ. පිහි ඇනුමෙන් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර පිහි ඇනුම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
නුවර කෙල්ලන්ට ගහන්ට කෙල්ලො වෙන කොහෙද බං ලංකාවෙ ඉන්නෙ. අනිත් හම්පඩ කෙල්ලො නුවර කෙල්ලෙක්ගෙ මයිලක් තරම්වත් වටිනවද?
-95
NEGATIVE
ncpp_train_0254
විමල්ගේ නිවසේ රාත්‍රිය ගතකළ තරුණයා පසුදා මියගොසින් එයාගෙ තාත්තත් මැරුනෙ ඒ විදියට - ශෂී වීරවංශ හොඳට හිටිය පුතා ආවෙ මැරිලා මුකුත් දන්නෑ- තරුණයාගේ මව ඊයේ උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ  දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසට පැමිණ නවාතැන්ගත් බව කියන අසල්වාසී හිතවත් තරුණයෙකු මරණයට පත්ව තිබේ.  විමල්ගේ පුතු විභූදි විශ්වජිත් වීරවංශගේ මිතුරෙකු බව කියැවෙන අවුරුදු 24ක් වන ළහිරු ජනිත් දිසානයක නැමැති මෙම තරුණයා ඊයේ 26 විමල්ගේ බිරිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව කියැවේ. මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් ශෂී වීරවංශ මාධ්‍ය වෙත හෙළි කර තිබුනේ මෙවැන්නකි. ‘ඊයේ රෑත් ආවා. ඇවිල්ල ගෙදරත් ගිහින් කාලා ආපහු ඇවිත් ආන්ටි මං යන්නද කියල ඇහුවා... ඇස් ඉදිමිලා තිබුනේ..පුතේ මොකද කියල මං ඇහුවාම කිව්වා නිදිමරල කියලා.ඊට පස්සෙ ඔක්කොමල්ලා මට වැඳල උඩට ගියා.ඒ ගොල්ලො මූවි එකක් බලල නිදාගෙන මං උදේ තමයි දන්නෙ. පස්සෙ මගෙ පුතා දුවගෙන ඇවිල්ල කිව්වා අම්මා..ළහිරු අයියා නැගිටින්නෙ නෑ කියලා.ඊට පස්සෙ මං කිව්වා පිස්සුද එහෙම වෙන්නෙ කොහොමද කියලා.ඊට පස්සෙ කිව්වා නෑ අම්මා බලන්නකො විහිළුවක් නෙමේ කියලා. මං කිව්වා රූපිකා එන්න පුතා නැගිටින්නෙ නෑ කියනව කියලා. ඊට පස්සෙ මං රූපිකා ආවම රූපිකාත් එක්ක උඩට දුවන කොට මෙයා අඩනවා අනේ තාත්තත් ඔහොමමයි පුතේ නැතිවුනේ කියලා.මගේ ළමයට මොනවහරි වෙලා මෙයාගෙ තාත්තත් ඔහොමමයි නැතිවුනේ එක්කන් යං එක්කං යං කිව්වා.පස්සෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙ නෑ මංම තමයි දාගෙන හොස්පිටල් එකට ආවෙ.‘ මෙම මරණය ගැන මියගිය තරුණයාගේ මව කියා සිටියේ මෙවැන්නකි. ‘දන්නෑ පොලිස් මෝටම් එකෙන් තමයි තීරණය වෙන්නෙ මගේ දරුවට මොකද වුනේ කියලා.මගේ දරුව හොඳට ගෙදරින් ගියා එච්චරයි මට කියන්න තියෙන්නෙ.මට දැන් ළමය නැතිවෙච්ච එක විතරයි වුනේ.‘ හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසේ විමල් ඇතුළු පවුල වාසය කරද්දී මෙම තරුණයා වාසය කළේ අංක 71 නිවසේය. මෙම මරණයට සම්බන්ධ එකිනෙකට පරස්පර වාර්තා මෙම පැය කිහිපය තුළ වාර්තාවූ අතර එක් වාර්තාවක කියැවුනේ ඔහු විමල් වීරවංශට අයත්  නිවසේ මුරකරු බවකි. තවත් වාර්තාවකින් කියැවෙන්නේ ඔහු හෝටල් සේවකයෙකු බවයි.ඔහුගේ මරණය දැනගත් වේලාවද උදේ 9 බව එක් වාර්තාවක දැක්වෙන අතර තවත් වාර්තාවක දහවල් 1 බව සටහන් වේ. ඔහු මියගිය ආකාරය ගැනද විවිධ මත පළව තිබෙන අතර ඔහු තුවාල ලබා සිටි බවට එක් වාර්තාවක කියැවෙද්දී විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින්  මරණයට හේතුව හෘදයාබාධයක් බව සඳහන් කර ඇත.මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමිණ සිට නැති බවද එහි දැක්වේ. තරුණයාගේ මරණයට හේතුව අද සිදුවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වනු ඇත. තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සිද්ධිය හේතුවෙන් එම නිවස ඊයේ සවස පොලිස් පරීක්ෂාවකටද ලක් විය. සිද්ධිය ගැන ශෂී වීරවංශ මාධ්‍ය ඉදිරියේ කළ කරුණු දැක්වීම පහතින්
එයාගෙ තාත්තත් මැරුනෙත් විමල්ගේ ගෙදර රාත්‍රිය ගත කරලද?
96
POSITIVE
ncpp_train_0255
ළදරු අවධියේදී දරුකමට හදාවඩා ගැනීමට ධනවත් අඹුසැමි යුවළකට දුන් දරුවා නැවත ඉල්ලා එම දරුවාගේ සැබෑ මව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය පරික්ෂණයක් පවත්වාගෙන යයි. දරුවන් නොමැති ධනවන් අඹුසැමි යුවළක් මීට වසර 4කට පමණ ඉහතදී කොළඹින් බැහැර ප්‍රදේශයකින් කුඩා ළදරුවකු දරුකමට හදා වඩා ගැනීමට කාන්තාවකගෙන් ලබාගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂික අධිකාරියේ නිලධාරියෙක් ඊයේ (27) පැවැසීය. තම දරුවා හදා වඩා ගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවූ මව ද ධනවත් යුවළකට දරුකමට හදා වඩා ගැනීමට දරුවා ලබාදී ඇති බව ජාතික ළමා ආරක්ෂික අධිකාරීයේ ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. එහෙත් මේ කටයුත්ත නීත්‍යානුකූලව සිදුවී නොමැති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ එම නිලධාරියා කීය. දරුවා ලබාගත් ධනවත් අඹුසැමි යුවළ සියලු සැප සම්පත් ලබාදෙමින් දරුවා හදාවඩා ගන්නා බවට තොරතුරු ලැබී ඇත.  එහෙත් දරුවා මෙලොවට බිහිකළ සැබෑ මට හදාවඩා ගැනීමට ලබාදුන් දරුවා නිතර සිහිවෙන බව කියමින් ධනවත් අඹුසැමි යුවළ යෙයාගොස් නැත දරුවා ඉල්ලා ඇතැයි පැවැසේ. සියලු සැප පහසුකම් ලබාදෙමින් රැක බලාගන්නා දරුවා නැවත සැබෑ මවට ලබාදුනොත් දුක්විඳීමට සිදුවන බව පවසා ධනවත් අඹුසැමි යුවළ දරුවා නැවත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ද කියති. දරුවාගේ සැබෑ මව දරුවා තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරීයට පැමිණිලිකර ඇත්තේ ඉන් පසුයි. ජාතික ළමාරක්ෂික අධිකාරියේ සභාපති නීතිඥ අභයරත්න මහතාගේ උපදෙස් මත එම අධිකාරීයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
අනේද කියන්නේ නංගී, මේ වගේ වනචරයන් නිසා තමයි අපි වගේ ගෑනු අන්ත අසරණ තත්වයට පත් වෙලා තියෙන්නේ.තමන් කරන්න ඕනි තරම් සේරම වැරදි කරලා ඒවා අපි වගේ අහිංසක ගෑනු පිට පටවලා තව සුදනෝ වගේ ඉදගෙන අපිට කැත විදිහට අපහාස, නින්දා කරන්නත් එනවා මෙතන. ඔයාලාට ඉගෙන ගන්න බැරිව රස්තියාදුකාරයෝ, සල්ලාල බේබද්දෝ වුනා කියලා එකට අහිංසක අපි ගෑනු පලි නැතිබව තේරුම් ගෙන හැදෙන්න බලන්න
2
POSITIVE
ncpp_train_0256
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ,  LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල සමාන ගණන් වලින් සංශෝධනය කර තිබේ. පෙට්‍රල් 92 – රුපියල් 10 කින් , ඔටෝ ඩීසල් – රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර, පෙට්‍රල් 95 – රුපියල් 3 කින් හා සුපිරි ඩීසල් රුපියල් 3 කින් ඉහළ දමා තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 03 බැගින් ඉහළ දමා ඇත.එම මිල ඉහළ දැමීම් අනුව මෙතෙක් රුපියල් 423ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426ක් දක්වාත් මෙතෙක් රුපියල් 431ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434ක් දක්වාත් ඉහළ දමා තිබේ. මේ අතර සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින්ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද මිල පහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 329කටත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346කටත් නව මිල ගණන් යටතේ අලෙවි වේ.එමෙන්ම භූමිතෙල් ලීටරයක් මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 247කි.
තෙල් ඇමතියා මොකක් කරනවද කියල දන්නේ පිස්සන් කොටුවේ ඉන්න අය විතරයි. මේ යකා දැන් රට සවාරියකුත් ලොක්කා එක්ක ගිහින්, ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි
9
POSITIVE
ncpp_train_0257
මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට පර්යේෂණ මගින් හෙළිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ දන්වා තිබේ.මෙම වෛරසය සාන්ද්‍රණයෙන් ඉහළ බවත් යුරෝපයේ මෙන් ශිඝ්‍ර වයාප්තියකට කෙටි කලකින් හේතුවන්නක් විය හැකි බවත් ඇය ඒ ගැන අදහස් පළකරමින් කියා සිටියාය.පර්යේෂණ කන්ඩායමක් සමග දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමේ පර්යේෂණයකින් පසුව මේ බව අනාවරණ වූ බව ඇය දන්වා ඇත.ඇයගේ පර්යේෂණ වාර්තාව අද(31) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග බලධාරීන් ගනු ඇතැයි ඇය අපේක්ෂා කරයි.
සාමාන්ම‍ය හජනයා හැටියට අපි ඕක දැනගෙන සති තුනක් වෙනවා. අවාසනාවකට මේ රටේ බළධාරීන් මේක නොදැන පැතිරෙන්න ඇරියා. නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඉතිරී ගියා. නියෝග දෙන්න ඕන තැන ඉල්ලීම් කළා. සංචරණ සීමා නොසලකා හැරියා. දැන්වත් දැඩි නීති දාල මේක පාලනය කරන්න හිතේවා.
104
POSITIVE
ncpp_train_0258
ටෙලිනාට්‍ය නිළි විනු සිරිවර්ධන අද (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ ජීවිතයට පිවිසුනා . ඇගේ අත ගත්තේ ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේය. ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර උපාධිධරයෙකු වන ඔහු ගිය වර උසස් පෙළ විභාගයේදීත් දිවයිනෙන්ම ආර්ථික විද්‍යා ප්‍රථමයා ඇතුළු ඉහළ ස්ථාන බිහි කළ ගුරුවරයෙකි. විවාහයට පෙර තම අනාගත සහකරු සම්බන්ධයෙන් විනූ පැවසුවේ…”එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජමාධ්‍යයේ දාලා නැහැ. විවාහ වෙනවා කියන දේ දන්වන්න මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේමුහුණ නොපෙනෙන ඡායාරූපයක්. එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා හඳුනාගෙන තිබුණා” ලෙසිනි. විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් පහතින් සම්පූර්ණ ඡායාරූප එකතුව පසුවට
කොරෝනා හැදිලා එයාගේ තාත්තා නැති උනානේ ලගදි
9
POSITIVE
ncpp_train_0259
බැඳුම්කර සිද්ධිය හා බරපතළ වංචා දූෂණ විමර්ශන පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳව විවාදය සඳහා පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා දෙණියායේ මොරවකදී ප්‍රකාශ කළේ අභියෝගයක් කරමිනි. මේ දිනවල ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳව විශාල වාදයක් යන බවත් කතානායකතුමාට අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය තමා වෙත යොමු කරමින් ඒ සඳහා අවධානය යොමු කරන මෙන් කතානායකවරයා ලිපියකින් තමන්ට දැනුම් දුන් බවත් එයට අවධානය යොමු කරමින් පෙබරවාරි 8 වැනි දින පාර්ලිමේන්තුව කැදවීමේ ලිපිය අද (29දා) සඳුදා කතානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ. මෙම තීරණය ගැන ප්‍රතිචාර දැක්වූ හිටපු ජනපති මහින්ද කියා සිටියේ 8 වනදා විවාද කළත් 9 හා 10 මැතිවරණ ප්‍රචාරණ තහනම් නිසා ඒ පිළිබඳ විස්තර මාධ්‍ය තුළින් ජනතාව හමුවට නොයනු ඇති බවත් ඒ දින යොදාගත්තේ උපායකට බවත්ය. මේ අතර මහ බැංකු බැඳුම්කර විවාදය, පාර්ලිමේන්තුවේදී ලබන 8දා පැවැත්වීමෙන් පළාත් පාලන ඡන්දයේදී ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින අතර මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට තීරණය කර තිබේ.
ඒකනෙ බං රනිල්ට කියන්නෙ JR ගෙ මාම කියල.
101
POSITIVE
ncpp_train_0260
කෙටිකාලයක් තුළදී නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි කියන සිද්ධයට අදාළව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (27) නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එමෙන්ම තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් බෝඞ් සහ දාම්බෝඞ් දහහතර දහසක් බැගින් ආනයනය කරමින් රුපියල් කෝටි 5කට අධික මුදලක් රජයට පාඩුකර අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකළැයි චෝදනා ලද හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතාගේ නඩුවද ඊයේ විභාගවූ අතර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (27) නියෝග කළේය.
fair cricket ඔබ හරි. මූ කෝටි ප්‍රකෝටි ගණන් වලට ඉඩම් අරගෙන ඒක අහු වුනාම අගමැති ටයි දොස් කියන්නේ. මුන් මතයක් ගෙනියනවා මහින්ද ගේ ගෝලයන් ගෙන් පලි ගන්නවා කියලා. ඉතින් ඔය ගම් පැත්තේ අය මේවා විශ්වාශ කරනවා මුන් කියන විදියට.
4
POSITIVE
ncpp_train_0261
 බියගම සමඟි මාවත ප්‍රදේශයේ නිවෙසක සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු නිවෙස තුළ ගෙල වැලලාගෙන එල්ලී සිටින බවට දැනගත් බියගම හා මිනුවන්ගොඩ යන පොලීස් ස්ථානවල නිලධාරි විසින් ඔහු එයින් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. සැකකරු මුදල් වංචා කිරීම් හා වංචනික ක්‍රියා සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට අවශ්‍ය වී සිටි තැනැත්තකු වන අතර මෙසේ සැකකරු ගෙල වැලලාගෙන සිටියේ රඟපෑමකට ද යන්න ගැනත් පොලිසිය සැක කරයි.               ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙසට පැමිණ ඇත. මේ අවස්ථාවේ නිවැසියන් දොර විවෘත නොකළ නිසා නිවෙසේ කවුළු තුළින් නිවෙස ඇතුළත බලන විට සැකකරු ෙගල වැලලාගෙන සිටින අයුරුත් බිරිය ඒ අසලට වී හඬා වැලපෙන අයුරුත් දැක තිබේ. එහිදී එම පොලිස් නිලධාරීන් සිද්ධිය ගැන බියගම පොලිස් ස්ථානයට දැනුම්දී ඇත. ඒ අනුව බියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. විජේතිලක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක කේ. ප්‍රේමලාල් යන නිලධාරීහු එම නිවෙසට ගොස් නිවැසියන්ගේ හිතවතකුගේ මාර්ගයෙන් දොර විවෘත කරවා ගන්නා ලදී. මේ නිවෙස තුළට පොලීසිය යන විට එහි සිටින සැකකරු හුස්ම ගන්නා ආකාරයක් දැක තිබේ. ඒ සමඟම පොලිස් නිලධාරීන් විසින් සැකකරු වහාම බියගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. එතැනින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. 45 හැවිරිදි සැකකරු සම්බන්ධව බියගම හා මිනුවන්ගොඩ පොලිස් ස්ථාන තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
පෂ්චාත් බාගයට අත් බෝම්බයක් දමා පින් එක අදින්න
9
POSITIVE
ncpp_train_0262
පසුගියදා විවෘත කෙරුණ නමුත් තවමත් වැඩ අවසන් කර නැති අන්තර් හුවමාරු කොටසක් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම අන්තර් හුවමාරුවෙන්  ඇතුල් කිරීමට ගිය බස් රථයක් අද උදෑසන (29) එහි ප්‍රවේශපත් කවුළුව අසල හිරවීම නිසා එහි සිටි මගීහු මහත් අසීරුතාවයකට පත්වුහ. එහිදී මහත් වැයමක් යොදා බස් රථය ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුළුව අසලින් එලියට ගැනීමට රියදුරුට සිදුවී ඇති අතර මගින් චෝදනා කරන්නේ නිසි ප්‍රමිත්යකින් තොරව කඩිමුඩියේ මාර්ගය විවුර්ත කිරීම නිසා මෙමගින් මගීන්ගේ ජිවිත අවදානමකට ලක්වී ඇති බවයි.
අනේ පල පල නිදහස් අදහස් උඹේ රෙද්ද තමයි යහපාලනයට බැන බැන ඕක ඕපන් කෙරුවේ කියලා උඹ දන්නේ නැද්ද ගොං බයිසන්
26
POSITIVE
ncpp_train_0263
ශ්‍රී ලංකාවේ වීදියක ඇයගේ කැමැත්තට එරෙහිව තම දේශීය සේවිකාව රඳවා තබා ගැනීම සහ නාඳුනන පිරිස් විසින් ඇයට දිගින් දිගටම තර්ජනය කිරීම ඉතා බරපතළ හා පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පවසයි. “තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක් ඇයගේ කැමැත්තට එරෙහිව රඳවාගෙන සිටි බවත්, තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරන ලෙස ඇයට බල කිරීම සඳහා නාඳුනන පුද්ගලයින් විසින් දීර්ඝ වශයෙන් තර්ජනය කළ බවත් අපට තහවුරු කර දන්වා සිටිය හැකිය.” යනුවෙන් නිවේදනය කර ඇත. ස්විට්සර්ලන්තය වහාම සිද්ධිය ශ්‍රී ලංකා බලධාරීන්ට වාර්තා කළ අතර සිද්ධිය අවට ඇති තත්ත්වය පිළිබඳව කඩිනම් හා පරීක්ෂණයක් ඉල්ලා සිටී. වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත්, කොළඹ කාර්යාලය සහ එහි සේවකයින්ගේ ස්විට්සර්ලන්ත නියෝජනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත් එය ඉල්ලා සිටී. මෙම පණිවිඩය නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයක් මගින් දැනුම් දෙන ලදී. තවද, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යංශය වෙත කැඳවා තිබේ.
අපේ රටේ සාමාන්‍ය දෙවල් බරපතල විදියට ගන්න තරම් ස්විට්සර්ලන්තය නොදියුනුද මන්දා......
-19
NEGATIVE
ncpp_train_0264
ලංකා බැංකුව මුල්වී හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවි නගරය විවෘත කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ප්‍රධානත්වයෙන්  අද(26) පෙරවරුවේ පැවැත්වූ අතර මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. එම අවස්ථාවේ ඔවුන් එක්වී සුහද පිළිසදරේ යෙදී ඇති බවද වාර්තාවේ.
අල කැම්පස්? පල ඩෝ යන්න. උඹ නන්දිකඩාල්ද ඉන්නෙ
1
POSITIVE
ncpp_train_0265
මීට වසර එකහමාරකට පෙර මියගිය කලාකරු සුනිල් විමලවීර එසේ මියගිය බව යාවත්කාල නොවී අගමැති කාර්යාලයෙන් දීර්ඝායුපතා සුබපැතුමක් එක්කර ඇත. නිරන්තරයෙන් කලාකරුවන් වෙත දීර්ඝායු පතා අගමැති නම සඳහන් කර යවන මෙම උපන්දින සුබපැතුම ඔහු මියගිය සොවින් කල්ගෙවන නිවැසියන්ට තැපෑලෙන් ලැබීම නිසා කම්පනයට පත්වූ සුනිල් දියණිය අභිෂේකා විමලවීර සිය ෆේස් බුක් ගිණුමේ පළකර තිබෙන සටහන පහතින්
Ravi තාම හිතන් ඉන්නෙ මේක මුතු ඇටයක් කියලද. අනේ අපොයි
55
POSITIVE
ncpp_train_0266
2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 කට අධික මුදලක්  අවභාවිත කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ිතබේ.දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණි.ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කරන ලදි.
කිරිබත් නැද්ද ? කිරිබත්!
43
POSITIVE
ncpp_train_0267
පසුගියදා දිවි ගමනින් සමුගත් මංගල සමරවීර මැතිතුමන් මියයන්නට පෙර අවසන්වරට පෙනී සිටී යූටියුබ් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දැක්වූ අදහස් පහතින් පළවේ. මුලින්ම, ඔබ ඔබව වචන තුනකින් හඳුන්වන්න.සැබෑ දේශප්‍රේමී ජාත්‍යන්තරවාදියෙක්.ඔබ මං මේ කියන දේවල් විශ්වාස කරනවද කියලා කියන්න.කර්මය- ඔව්.ජොතිෂය- නෑ.පුනරුප්පත්තිය- බොහෝ විට ඔව්.අංක විද්‍යාව -ඔව්ඔබ පව් කරන්න බයද - ඔව් කර්මය විශ්වාස කරනවා නම් බයයි.ඔබට තරහ යනවද -ඔව්.හැමවෙලේම - නෑ.මොන වගේ වෙලාවටද තරහ යන්නේ?මෝඩකමට. එකම දේ හතර පස් සැරයක් කියලත් ඒක කෙරෙන්නේ නැත්නම් තරහ යනවා.ඔබ අර කිව්වා වගේ බොරු කියපු අවස්ථා තුනක් කියන්න?උදාහරණයක් හැටියට විශේෂයෙන්ම මම ඇමතිවරයෙක් වශයෙන් ඉන්නකොට මම මාතර ඉඳලා දරුවන්ට රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඇවිල්ලා පෝලිමේ ඉඳලා රැකීරක්ෂා ඉල්ලනවා. නමුත් සමහර අයට දෙන්න කොච්චර ට්‍රයි කරත් හරිම අමාරුයි. හැබැයි ඒ තියෙන බලාපොරොත්තුව නැති කරන්නත් කමක් නෑ ඉතින් ඒ වෙලාවට අපි පොඩ්ඩක් කියනවා තව පොඩ්ඩක් බලන්න ඒක අපි දෙන්න බලනවායි කියලා. නමුත් ඇත්තටම පේනවා එක දෙන්න බෑ කියලා. නමුත් හිත රිදෙනවා නම් මම නම් ඇත්ත වශයෙන්ම සුදු බොරුවක් කියන්නේ බොරුව කීම තුළින් කෙනෙක්ගෙ හිත රිදෙනවා නම්  එක පොඩ්ඩක් සැර අඩු කරන්න ඕනේ.ජීවිතය ආපස්සට හැරී ගොස් දේවල් තුනක් වෙනස් කරගන්නට ඔබට වරමක් ලැබෙනවා. මොනවද ඔබ වෙනස් කරගන්නට කැමති දේවල් 3?නොකරන දේවල් ඇහුවා නම් මට ලේසියි කියන්න. නමුත් කරන දේවල් නොකරන දේවල් වලින් එකක් නම් මම මේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් මගේ උපන් භූමිය යළි වතාවක් ශ්‍රී ලංකා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් වෙනස් කරන්නට ගියොත් ඇත්ත වශයෙන්ම එකක්, ඒ උපන් භූමිය මීට වඩා බූද්ධිමත් මිත්‍යා වෙනුවට විද්‍යාව මත පදනම් කරගත්ත සමාජයක් කරා වෙනස් කරන්න පුළුවන් නම් ඒක වෙනස් කරනවා. දෙවෙනි එක තමයි මේ රට තුළ තියෙන ජාති ආගම් කුල මල භේද බොහොම ගැඹුරින් මිනිස්සු තුළ තියෙනවා නම් ඒක වෙනස් කරන්නට ඕනේ. තුන්වෙනුව මගේ ජීවිතේ ගත්තොත් ඇත්තෙන්ම මට වෙනස් කරන්න තරම් දෙයක් නැහැ. මොකද මට හොඳ අම්මා තාත්තා කෙනෙක් හම්බුනා. හොද සහෝදරයෙක් ,සහෝදරියක් හම්බවුණා. මට හොඳ ජීවිතයක් තියෙනවා. ඉතින් වෙනස් කරන්න තරම් දෙයක් පෞද්ගලික ජීවිතේ නම් මගේ නෑ.ඔබතුමා එහෙම කියනකොට මට මෙහෙම අහන්න හිතෙනවා. මංගල සමරවීර කියන තරුණයා ඒ කාලේ පුංචි ප්‍රේම සම්බන්ධයක් තිබුණාලු දිලනි වීරකෝන් කියලා තරුණියක් එක්ක. එහෙම තියෙද්දිත් මොකද මේ තනිකඩව ඉන්න හිතුණේ?ඔබතුමා හොඳට research කරලා එනවා වගේ. දිලනි වීරකෝන් එක්ක එදා විතරක් නෙමේ අදත් මම හිතවත්. නිව්යෝක් වල දැන් දිලනි ඉන්නේ. මම අදත් ෆේස්බුක් එකෙන් සම්බන්ධ වෙනවා. මම ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේට විශාල සතුටක් ,ආලෝකයක් ලබා දෙන්න පුළුවන් ඉතාමත්ම උගත් කාන්තාවක්. නමුත් කසාද බැඳීම එහෙම නැත්නම්  කාන්තාවන් සමග තිබුණු ප්‍රේම සම්බන්ධතා ආදිය දිගින් දිගට ගෙන යාමට බැරි වෙන්න ඇත්තෙ මට මගේ සැබෑ ආසාවන් තිබුණේ තියෙන්නෙ වෙන තැන්වල. නමුත් මම අද එතුමියට ගරු කරනවා. ඔබේ ජීවිතයේ වඩාත්ම සතුටු අවස්ථා තුනක්?මම මොරකෝ මාරකෙෂ් නගරයේ ඉඳලා Algeriya වෙ  කාන්තාරය දක්වා ගිහිල්ලා කාන්තාරය හැතැම්ම කිහිපයක් ඔටුවෙක් උඩ ගිය වෙලාවේ මට අමුතුම සතුටක්. ඒක භයානක සතුටක්. මොකද ඒක බය හිතෙන සතුටක්. ඒක අමතක නොවන සතුටක් ඇත්තටම කිව්වොත්. ඇත්තටම අරාබි කාන්තාරයක ස්වල්ප මොහොතකට හෝ අතරමං වුණයි කියලා හිතන එක. දෙවැනි සතුට තමයි ඇත්ත වශයෙන්ම මගේ අම්මත් එක්ක ඒ ගතකරන වෙලාවක විශේෂයෙන්ම මම බරපතළ දේශපාලන තීන්දුවක් ගත්ත වෙලේ. ඒ තීන්දුව මොකද ඒ වෙනකොට අපේ අම්මා අසනීප තත්වයේ හිටියත් මම හැමදේම කියනවා. එතුමියට කියලා මම ඔබ හිතන්නෙ මේ හරි තීන්දුව ගත්තා ද කියලා. ඇත්ත වශයෙන්ම මම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙන් වෙච්ච වෙලේ. එතුමිය කිව්වා මංගල ඔයාගේ තීන්දුව හරියට හරි. වෙනස් කරන්න එපා කියලා. වෙන අම්මල නම් අනේ ඇමතිකම නැති වුණා, අරව නැතිවෙයි අරවයි මේවයි කියල නෑ. නමුත් එවේලේ මට විශාල සතුටක් වගේම විශාල ආත්ම ශක්තියක් ලැබුණා.තුන්වෙනි එක museum එකට ගිහිල්ලා එහෙම නැත්නම් ලෝරන්ස් නගරයට ගිහිල්ලා ලෙනාඩෝ ඩාවින්ෂි වගේ අයගේ මයිකල් ආන්ජලෝගේ චිත්‍ර මූර්ති දැක්කහම කෑරලාජීයො වගෙ ඒ පහළොස්වැනි දාසය වැනි ශතවර්ෂයේ painters ලගෙ සමහර මූර්ති දැක්කහම ඉතාමත්ම සතුටුයි. හිතන්න බැරි තරම්. ඒක ඇත්ත වශයෙන්ම  ආත්මයෙන් එන සතුටක් අධ්‍යාත්මයෙන් එන සතුටක් දැනුණා.ඔබේ ජීවිතයේ ඔබ වඩාත්ම දුක් වෙච්ච අවස්ථා කැති ඒ වගේ අවස්ථා තුනක්?ඔව් ගොඩක් තියෙනවා තුනෙන් නම් නවත්තන්න බෑ. මම විශාල වශයෙන්ම අදත් දුක් වෙන අවස්ථාව තමයි, මගේ මෑණියන් මිය යන විට මට ඇත්තටම දොස්තර ඇවිල්ලා ඉස්පිරිතාලෙ ඔන්න දැන් හුස්ම නැවතුනා පොඩ්ඩක් එන්න කියපු වෙලාව. මම නිවටයෙක් වගේ මම අනිත් පැත්තට දුවලා ගිහිල්ලා මං මගේ මිත්‍රයෙක් අල්ලගෙන ඇඬුවා මිසක් මගේ අම්මා ළඟට ගිහිල්ලා අත අල්ලා ගන්න තරම් මට හයියක් ලැබුණේ නෑ. ඇත්ත වශයෙන්ම මං ඒ ගැන දුක් වෙනවා. මොකද අවසාන මොහොතේ එතුමියට හයියක් ලබා දෙන්න නිකං අත් අල්ලගෙන හරි ඉඳලා හයියක් ලබා දෙන්න මට බැරි වෙච්ච එක ගැන ලොකු දුකක් තියෙනවා.එතකොට දෙවනුව ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1999 ජනාධිපතිවරණය අවසාන දිනයේ වෙලාවේ මම ඒ වෙනුවෙන් මාතර ආසනයේ අවසාන කතාව රෑ 11 යි ගානකට විතර වල්ගම ප්‍රදේශයේ කතාව කරගෙන ඉද්දි තමයි මගේ security එක ඇවිල්ලා කිව්වේ මෙන්න මෙහෙමයි ජනාධිපතිතුමියට බෝම්බයක් ගිහිල්ලා හොයාගන්න නැහැ කියලා. මගේ ජනාධිපතිතුමිය ,රටේ ජනාධිපතිනිය හැටියට විතරක් නෙමෙයි මගේ පෞද්ගලික මිතුරියක් හැටියට මට ඒත් දරාගන්න බැරි දුකක් ඇති වුණා. ඒ වගේම මම එවෙලෙ එහෙම නවත්තලා කොළඹ ඇවිල්ලා එනකොට හැබැයි එතුමිය ජීවතුන් අතර තාමත් ඉන්නවා කියලා කියපු වෙලේ මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා එතනින් ඒ තිබුන දුක යම්කිසි මට්ටමකට අඩු වුණා. නමුත් ඒ ඇතිවෙච්ච දුක  කම්පනය අදත් මට දුකයි. අර තුන්වැනි එක තමයි මම නම් හිතන්නේ මම අර දැකපු ලේක්හවුස් එකේ රීගල් හන්දියෙ වාහනයක් අපේ රටේම කාන්තාවක් එක්ක ඩ්‍රයිවර් එක්ක ගිනිගන්නවා විනාශ වෙනවා පුපුරනවා දැකපු එකත් මට අදත් මතකයේ වරින් වරට මතක් වෙන අවුරුද්දෙන් තිහක් හතළිහක් වෙනවා. ඒත් එක අමතක නෑ. ඒ දුක කම්පනය  තියෙනවා.ඔබේ ජීවිතයේ ඔබ වඩාත් විශ්වාස කරන්නේ?මම ගැන.ඔබේ හොඳම යහළුවන් තිදෙනා?නෑ ඇත්ත වශයෙන්ම මට ගොඩක් යාලුවෝ නැහැ. නමුත් යාලුවෝ ඉන්නවා. මම හොඳම යාළුවා මගේ best friend කියන එකත්  හැමදාම එහෙම තිබුණේ නැහැ. අදත් මම යාළුවන් ආශ්‍රය කරනවා. නමුත් මේ අයගෙන් හොඳම කෙනා කවුද කියලා කියන්න මට අමාරුයි.ඔබේ දේශපාලන ගමන් මග දිහා ආපහු හැරිලා බලද්දි දේශපාලනික වශයෙන් අද ඔබට හිතෙනවා ඔබ මේ ගත් තීන්දු තීරණ 3 වැරදි කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ තීරණ තුනක් තියෙනවා නම් කියන්න පුළුවන්ද?මම සෘජුවම ගත්ත තීන්දු නොවුනත් මම සම්බන්ධ වෙච්ච ආණ්ඩුවල ඒ ආණ්ඩු ප්‍රධානී හැටියට මගේ තීන්දුව නොවුණත් ඒක රටේ තීන්දුවක් බවට පත් වෙන්නට මමත් දායක වුණා ඇමතිවරයෙක් වශයෙන්.එකක් තමයි එක් දහස් නවසිය අනූ ගණන් වල ජනධිපතිතුමිය එක්ක මේ රටේ අග්‍ර විනිසුරු පත් කරනකොට එතුමා මගේ මිත්‍රයෙක් වුණත් සුදුස්සෙක් සුදුසුකම් සියල්ල තියෙන මාර්ක් ප්‍රනාන්දු වගේ supreme court judge කෙනෙක් ඉද්දිත් සරත් එන් සිල්වා වගේ කෙනෙක් පත්වීම තුළින් තමයි ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ  පිරිහීම පටන් ගත්තේ. ඒ තීන්දුවට මමත් වක්‍රව හෝ වගකියන්න ඕනේ.දෙවැනි කාරණාව දේශපාලන වශයෙන් ගත්තොත් 2004දී මම ඒ ගැන විශේෂ මහන්සියකුත් වුණා. කදිරගාම ඇමතිතුමා ,අනුර බණ්ඩාරනායක ඇමතිතුමා වගෙ අයත් එක්ක. මොකද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2001 ඇවිල්ලා වැඩ කරගෙන යද්දී විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ලංකාවේ නොහිතපු වෙලාවක චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අමාත්‍යාංශ කිහිපයක් පවර ගෙන ඉන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා තව කල් තියෙද්දී. මම හිතන්නේ ඒකත් ඇත්ත වශයෙන්ම මේ රටට බරපතළ ලෙස බලපාපු දේශපාලනික තීන්දුවක්. තුන්වෙනි එක හැටියට ගත්තොත් මට ඒක ඇත්ත වශයෙන්ම ඒක දේශපාලන තීන්දුවකට වඩා අනිත් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට යන්න ඔනද දන්නෙ නෑ.  ඒක දුකක් වෙන්නත් පුළුවන්. මොකද මාතර මේ රටේ දියුණුම නගරයක් බවට පත් කරන්න තිබුණු සිහිනය අනුව තමයි මම 89  ඉඳන්ම වැඩ කළේ. 2017 දී මම මුදල් ඇමැතිවරයා වශයෙන් පත් වෙලා විශේෂයෙන්ම රොනි ඩිමෙල්ගෙන් පස්සේ දකුණෙන් පත්වෙච්ච එකම මුදල් ඇමැතිවරයා හැටියටමාතර නගරය තුළ ඇත්ත වශයෙන්ම අර ග්‍රීක සංකල්පයක් යටතේ ඒ කියන්නෙ ලංකාවෙ තියෙන හොඳම සහ ලොකුම පුස්තකාලය ඒ වගේම ලංකාවේ නාට්‍ය කලාවට තියෙන පුළුවන් හොඳම ශ්‍රවණාගාරයක් සහ ලංකාවෙ තියෙන හොඳම gymnasium මොකද මේක ග්‍රීක ඉතිහාසයේ හැම වෙලේම කියන්නේ මිනිහෙක් අංග සම්පූර්ණ වෙන්න නම් හොඳ මනසක් තියෙන්න ඕනේ, හොඳ ඇඟක් තියෙන ඕනේ ,ඒ වගේම ලෝකය සංස්කෘතිය තේරුම් ගන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඔය තුන එක නිල්වලා ගඟ අයිනේ ඉදිකිරීම මං පටන් ගත්තා. නමුත් ඒක කරන්නට බැරි වුණා අපි පැරදුන නිසා. ඊළඟ එක තමයි ඇත්ත වශයෙන්ම මං මෑතකදී වෙච්ච වැරැද්ද විශාලතම දේශපාලනික තීන්දුව තමයි මම සමගි ජනතා පෙරමුණට එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න හරි තීන්දු කරපු එක. මොකද එක්සත් ජාතික පක්ෂය වගේ මේ රටේ ප්‍රධානම දැවැන්ත පක්ෂයක් දෙකඩ නොකිරීමට අන්තිම මොහොතේ වෙනකන් හරි සටන් කරලා ඒ දෙකඩ වීම තුළින් ඇත්ත වශයෙන්ම මගේ අසාර්ථක දේකුත් මම දකිනවා. ඒක ලොකු දුකක්. ඒ පක්ෂය දෙකඩ නොවුනා නම් ඒක දිනනවා කියන එක නෙමෙයි නමුත් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙන්න ඉඩ තියෙන නැහැ යූඑන්පී එක ඔක්කොම එකට එකතු වුණා නම්.ඔබේ දේශපාලන ගමන් මඟට ආලෝකයක් වූ ඔබ ගත් තීරණ තුනක්?මම හිතන්නේ ලොකුම ආලෝකයක් ගත්ත දේ තමයි මම 94දී චන්ද්‍රිකා මැතිනිය කැබිනට් මණ්ඩලයේ ලාබාලම කැබිනට් ඇමැතිවරයා හැටියට මාව පත් කරලා විදුලිසංදේශ ඇමතිකම දුන්නේ. ඒ විදුලිසංදේශ කියන විෂය ගැන මට කිසිම දැනුමක් නොතිබුණත් එක ලබා ගත්ත ගමන්ම මම අමාත්‍යංශය විතරක් නෙමෙයි තිබුන හොඳම විශේෂඥයන්ගේ දැනුම එකතු කරගෙන විශේෂයෙන්ම ලෝකේශ්වරම් වගේ හොද ලේකම්වරයෙක් මගෙ ළඟ තියාගෙන ,රොහාන් සමරජීව වගේ මහාචාර්යවරු අරගෙන ඒ අයගෙනුත් උපදෙස් අරගෙන ලෝක බැංකුව වගේ ආයතනවල ජාත්‍යන්තර උපදේශකයනුත් ගෙන්නගෙන ඇත්ත වශයෙන අවුරුදු දහයක් ,පහළොවක් ,විස්සක් එදා ටෙලිෆෝන් එකක් ගන්න තිබුණ තත්ත්වය අපි වෙනස් කරා. ඇත්ත වශයෙන්ම මෑත යුගයකදී මම මේ ලොකුවට කියනවා නෙමෙයි. මිනිස්සුන්ට ඒ ගැන හිතන නැත්තෙ මොකද ඒ තියෙන telephone table මේ විදියට නෙළුම් කුළුණ වාගේ මෙහෙම ගොඩගහලා පෙන්නුවෙ නම් ඔක්කොම කියයි නියමයි කියලා. මොකද මේක පේන්න නෑ. මේක පොළොව යට. අද හැමදේම ඒ නිසා තමයි අද ඒ නිසා තමයි telephone company අද මේ ඉන්න තරුණයන්ට තේරෙන්නෑ එදා තිබ්බ තත්වෙ. අද ඒගොල්ලොන්ට telephone දෙන්න පොර කනවා ගෙදරට ඇවිල්ල පොර කනවා. නමුත් එදා ටෙලිෆෝන් එකක් ගන්න මං මුලදි මුල් අවුරුද්දේ, දෙකේ ඇමැතිවරයා හැටියට අකුරු තුනක් ගහලා ලියුමක් අත්සන් කරන එක තමයි වැඩියෙන්ම කලේ. AOT . approved out of turn ඒ කියන්නේ ඇමතිවරයාගේ අත්සන මේක පෝලිමේ out of  turn   දෙන්න කියලා ටෙලිකොම් එකට ගෙනියන්න ඕනේ.ඒක දුන්නහම ඊට පස්සේ විශේෂ ලැස්තුවක දානවා. විශේෂ ලැස්තුව දැම්මත් එකේ ඉන්න ඕනේ තවත් අවුරුදු 12ක් ඉන්න මිනිහට සමහර වෙලාවට  අවුරුදු අටකින් විතර ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන් වෙයි. නමුත් එහෙම තියෙද්දි මුළු වෘත්තීය සමිති ව්‍යාපාරයම කියද්දී මගේ මළ මිනිය උඩින් විතරක්  කියද්දී අපි ඒක පුද්ගලික අංශයත් එකතු කරගෙන පුද්ගලීකරණය කරලා එතනින් නැවැත්තුවෙ නෑ තව තරගකාරීත්වයක් ඇති කළා. මොකද එතකොට තමයි ආයතන හරි ගැස්සෙන්නේ. ඉතින් මම මගේ ලොකු ජයග්‍රහණයක් හැටියට ඒක දකිනවා. දෙවනුව ,අමාත්‍යංශ හැටියට මම නාගරික සංවර්ධන ඇමැතිවරයා හැටියට අවුරුද්දයි ඉන්න පුළුවන් වුණේ. අපේ ඒ ආණ්ඩුව ඊට පස්සේ 2000 ආණ්ඩුව 2001 වෙනකොට යූඑන්පී එක බාර ගත්තා. ඒ අවුරුද්දේදී හැබැයි මම වනාතමුල්ලේ ඒ තියෙන නිවාස වෙනුවට තට්ටු නිවාස හදන ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒක අදත් බලන්න තියනවා. ඒ වගේම කොළඹ අලංකාරය කිරීම කියන කතාව දැන් වෙන වෙන අය ඒකට උප්පැන්න සහතික ලියලා ඉවරයි. හැබැයි ඇත්ත වශයෙන්ම ඔය බේර වැව ඒ අවුරුද්දේදී මට එතකොට හමුදාව ඇවිල්ලා නොමිලේ වැඩ කරන්නවත්, මගේ සහෝදරයා මෙතන භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ඕන විදිහට පාවිච්චි කරන්න නොදුන්නත් ඒ තියන සීමා තුළ මම ඒ නගර අලංකාරණය කිරිම වෙනුවෙන් බේර වැව සහ ගෝල්ෆේස් වගේ දේවල් ආරම්භ කළා. ඒක මම සතුටු වෙනවා. නමුත් ඊට වඩා මට මට ඇත්තටම අවුරුදු 31 දේශපාලනය කරන්න තවත් දුකක් තමයි මට හරිහැටි එක අමාත්‍යාංශයක එක දිගට අවුරුදු පහක් හෝ හයක් කරගෙන ඉන්න ලැබුණ එකම අවස්ථාව තමයි ටෙලිකොම් අමාත්‍යංශය. මොකද ඊට පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම බොහොම මේ තියෙන ක්‍රමය අස්ථාවර වෙන්න වෙන්න අවුරුද්දයි, දෙකයි ,තුනයි එහෙම එහෙම මේවා වුනා. අන්තිමට අවුරුදු ගාණක් ගියපු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මම අවුරුදු දෙකකින් අයින් වෙන්න වුණා.දේශපාලනඥයෙකුට සියයටසීයක් හිතට එකඟව අවංකව ජනතා වෙනුවෙන් වැඩ කරන්න පුලුවන්ද?සියයට සීයක්ම අවංකව ජනතා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකට පුදුම ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යය තියෙන්න ඕන. මොකද තවමත් මේ රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරනන්ට එන බාධක සහ අකාර්යක්ෂමතාවය නිසා ඇතිවන බාධක විශාලයි. ඇත්තටම යම් කිසි දෙයක් ජනතා වෙනුවෙන් ව්‍යාපෘතියක් කරන්න ගියාම සමහර වෙලාවට ඒක ඔලුව බිත්තියට ගහගන්නවා වගේ වැඩක්. නමුත් කරන්න පුළුවන්.දේශපාලනයේ සදාකාලික මිතුරත් නැහැ. ඒ වගේම සදාකල් චතුර නුත් නැහැ කියලයි අපි අහලා තියෙන්නේ ඔබේ දේශපාලන දිවිය ඔබට හමු වූ හොඳම මිතුරන් තිදෙනා කවුද?මම ඇත්ත වශයෙන්ම දේශපාලනයට ආපු ගමන්ම ආපු දවසේ පළවෙනි රැස්වීමෙදි හමු වුන මිතුරා මම හිතන්නේ 2007 විතර වෙනකන් ඒ මිතුරුකම ඇත්තටම තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ. මොකද මට තාම මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එයා මං මේ අලුතෙන්ම ගිහිල්ලා අවුරුදු 31 කොල්ලෙක්. ඒ පලවෙනි රැස්වීමට ගිහිල්ලා මැතිණිය එනකං ඉද්දි මෙයා මට ඇවිල්ලා ඔයා මහානාමගේ පුතා මංගල නේද කියලා කතා කර ඒ දවසේ ඉඳලා අපි ගොඩක් කිට්ටු වුණා. ඇත්තවශයෙන්ම 89 චන්ද්‍රිකා මැතිනිය එනකන් මගේ හොඳම දේශපාලන මිතුරා මහින්ද කිව්වොත් හරි. අපි මව් පෙරමුණ හදාගෙන සම සංවිධායකවරු වෙලා එදා අතුරුදහන් වෙච්ච අය ගැන කෑගහගෙන විවිධ උද්ඝෝෂණ කරගෙන හිටියා.දෙවනුව ඇත්ත වශයෙන්ම මගේ මම අදත් සදාකාලිකම මිතුරා හැටියට දැන් දේශපාලනයෙන් ගිහිල්ලත් එතුමිය දැන් අවුරුදු දහයකටත් වැඩියි. දැන් අවුරුදු දාසයක් වුණා. නමුත් අදත් මගේ ඉන්න හොඳම දේශපාලන මිතුරිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඒ වගේම මම අර මුලින් කිව්ව වගේ සදාකාලික සතුරන් මිතුරන් නැහැයි කියන ඒ කතාවේ හොඳම උදාහරණය තමයි මම. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇත්ත වශයෙන්ම එදා මම තරම් විවිධ විවේචන ආදිය කරපු කෙනෙක් නැති උනත් අද මම කියනවා ඇත්ත වශයෙන්ම අද මේ දේශපාලන පිටියට ආවමත් ක්‍රියාකාරීව ඉන්න අයගෙන් මම අගය කරන ආදරේ කරන තවමත් මේ රටට අවශ්‍ය දේශපාලකයෙක්  හැටියට මිත්‍රයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා මම දකිනවා. මහින්ද රාජපක්ෂ ගරු අපේ අගමැති තුමන් සමඟ අද ඔබ යාලු නැද්ද ....?                                                           "මම තරහ නැහැ...ඇත්තටම එතුමා අද ආයිමත් මේ රටේ අගමැතිතුමා විදිහට පත් වෙලා තියෙනවා...අද වගකීම් රාශියක් තියෙනවා බරපතළ ලෙස ආර්ථික වශයෙන් කඩා වැටෙන රටක්...මුදල් ඇමති විදිහට බලා ගැනීමේ වගකීම එතුමා ට මගෙන් පැවරුණා...මම විශ්‍රාම යනවා කියලා ප්‍රසිද්ධ කරපු දවසේ  ඉස්සෙල්ලාම මට කෝල් එකක් දුන්නේ මහින්ද දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ....ඇයි මංගල ඔයාට පිස්සුද  කියලා මම කිව්වා දැන් ඇති වගේ කියලා ඊට පස්සේ කිව්වා මොන ඇති ද  අවුරුදු හතළිහක් ඉඳලත් මට ටිකක් තාමත් මදි මදි වගේ  කියලා හිනා වෙවී කිවුවා ...."*ඔබේ දේශපාලන දිවියේ දී ඔබේ විශ්වාසය කඩ කරපු අය ඉන්නවද...?                                                     "ඉන්නවා ගොඩක් ඉන්නවා හැබැයි අහන්න නං එපා...."*මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම ඔබතුමාගේ ඇහුවොත් අපේ පිරිස අදටත් සමාජයේ ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මිය ගිහින් එහෙම අය ඉන්නවද ඔබේ ලෝකයේ...?                                                      "දේශපාලනය කළොත් ජීවත්වෙන මියගිය අය ඕන දේශපාලනයෙකුට ඉන්නවා...අතේ දුරින් තියාගෙන ඉන්න මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා...."*ඔබ  ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරනවා ද...?                                                             "නැහැ මම ක්‍රිකට් ක්‍රීඩාව බලන්න වෙයි අපි දිනනවා නං අන්තිම මොහොතෙ ගිහිල්ලා දිනන වෙලාව ටීවී එක ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා....මම ක්‍රිකට් පිස්සෙක්  නෙවෙයි ...මම දන්න යාලුවෝ ඉන්නවා ක්‍රිකට් මැච් එකක් තියෙනවා නම් ඒ දවස් දෙකේ leave  දාලා හරි  ගෙදර ඉඳගෙන තව යාලුවෝ ගෙන්න ගෙන ගෙන්න ගෙන උදේ ඉඳන් රෑ වෙනකම් මේක බලනවා නමුත් මම ක්‍රිකට් බලන්න  ආසයි...මට මතකයි 96 අර්ජුන රණතුංග දිනපු වෙලාවේ මම අපේ අමාත්‍යාංශයේ  ඔක්කොම ගියා  ඒක බලන්න ගියා....ඒක හරිම ලස්සන අමතක අමතක නොවෙන අවස්ථාවක්...."*ඔබේ සිත්ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නවද තුන්දෙනෙක් නම් කරන්න පුලුවන්ද...?                                               "තුන්දෙනෙක් නෙමෙයි මම කියනවා සංගක්කාර කියලා..."*ලංකාවේ ඔබ ප්‍රිය ප්‍රිය කරන රංගන ශිල්පීන් තිදෙනා කවුද...?                                               "ගාමිණී ෆොන්සේකා මොකද ඇත්ත වශයෙන්ම මට විරුද්ධව 1989 අපි පලවෙනි මමත් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තරග කරන්නේ  එතුමත් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තරඟ කරන්නේ  එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනකොට මාතරට ආවේ ගාමිණී ෆොන්සේකා...නමුත් අපි දෙපැත්ත හිටියත් අපි හොඳ යාළුවෝ ඇත්ත වශයෙන්ම මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හරි ම ශ්‍රේෂ්ඨ චරිතයක් ....මම විජය කුමාරතුංග හම්බ වෙලා නැහැ චන්ද්‍රිකා කොච්චර අඳුර ගත්තත් මම විජය කුමාරතුංග විවිධ එයට හම්බවෙලා නැහැ නමුත්  විජය කුමාරතුංගගේ රඟපෑමටත් වඩා මම විජය කුමාරතුංග ගෙ සින්දු වලට ආසයි...ඊට පස්සේ මම හොඳට අඳුරගත්තා සනත් ගුණතිලක  සහ හොඳම නළුවෙක් ද නැද්ද කියන එක මම කියන්නේ නැහැ නමුත් එයත් සුන්දර මනුස්සයෙක්...."*ඔබ  ප්‍රියකරන නිළියන් තිදෙනා කවුද....?                                                       "පළවෙනියෙන්ම මම කියන්නේ ස්වර්ණා මල්ලවාරච්චි කියලා...ජාත්‍යන්තර තලයට ගන්න පුළුවන් නිළියක් විදියට තමයි මම දකින්නේ විශේෂයෙන්ම ඇයගේ දඩයම වගේ චිත්‍රපට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ....සුන්දර සරල කෙනෙක් විදිහට මිනිස්සු මට සමහරක් විට බනී මම කැමතියි ගීතාට...ගීතාව ඉස්සර මම හොඳටම අඳුරනවා අපේ ගෙදරත් යනවා එනවා දේශපාලනයට එන්න ඉස්සෙල්ලා...ඇත්තටම මම ඒ කාලේ කියන්නේ ලංකාවේ star  කෙනෙකුට ඉන්නේ.මම තරුවක් කියලා හිතට අරගෙන ජීවත් වෙන කෙනෙක් තමයි ඒ කාලේ ගීතා මොකද තව තිස්සෙම එලියට යද්දි හොලිවුඩ් වල කෙනෙක් වගේ ලස්සනට අඳිනවා...එයාගෙ රංගනය සම්බන්ධයෙන් මම නොකිව්වත් මම එයාට ගරු කරනවා මම කිව්ව වගේ ගීතා හිත හොඳ ගැහැනියක්...."*ඔබ මෙතෙක් නරඹලා තියෙන හොඳම චිත්‍රපට තුන මොකක්ද....?                                                   "බලන්න ගියපු කාලයක් මතක නැහැ....මේන් lockdown කාලේ නං කාලෙනං netflix එක හින්ද චුට්ටක් බැලුවා....මතකය ඉතුරු වෙනවා ලෙස්ලි ජේම්ස් පීරිස්ගේ  ගම්පෙරළිය....ගොඩක් ඉස්සර බැලුවත් මම හිතන්නේ අදටත් ඒ කතාව  වලංගු යි ....ඊට පස්සේ පස්සෙ මම කිව්ව වගේ දඩයම....ඊට පස්සේ  සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි .....ඔය තුළ තමයි මගේ හිතේ තියෙන්නේ...."*ඔබ වඩාත් ප්‍රියකරන ලංකාවේ ඉන්න මෝස්තර නිර්මාණ ශිල්පීන් තිදෙනා කවුද....?                                                           "මම ඇත්තටම මෑතකදී ඇත්තට ම මෑතක දී දේශපාලනයට ආවට පස්සෙ ඒ පැත්තෙන් වැඩි යන්න බැරි වුණා ඇත්ත වශයෙන්ම ඒ කාලේ ඉඳන් එන කෙනෙක් තමයි සේනක ඩී සිල්වා...මොකද මම දේශපාලනයට එන්න ඉස්සෙල්ලා 1987 ඕමාන් ගිහිල්ලත්  අපි කළා fashion show එකක්...නමුත් මම අදත් දැක්කා ඇත්ත වශයෙන්ම එතුමාගේ දැනුම විශේෂයෙන්ම පසුගිය කාලයේ මම මුදල් ඇමැතිවරයා හැටියට ඉන්නකොට අපි අර enterprises  srilanka කියලා ණය ක්‍රමයක්  හදලා ඒකේ exhibition එක යාපනේ තියපු වෙලාවේ එතුමා ඇවිල්ලා යාපනයේ ඉන්න කාන්තාවන්ට තමන්ගේ තියෙන අමුද්‍රව්‍ය වලින්  ඩිසයින් කරන දේවල් ගැන ඉතා සාර්ථකව ඒ දවස් තුන හතර කියලා දුන්නා....නයනතාර ෆොන්සේකා  කියලා   හිටිය ඩිසයිනර් කෙනෙක් ....ඒ වගේම මම හිතනවා දර්ශි කීර්තිසේන...."*අපේ සමාජ මාධ්‍ය ජාලා තියෙනවනේ ඔබ වඩාත් ප්‍රිය කරන්නේ මොකටද...?                                                 "මම මේ සේරමගෙම ඉන්නවා  ෆේස්බුක් එක තමයි  මේ රටේ වෙන දේවල් ප්‍රවෘත්ති වගේ දේවල් සහ ඒ ඒ ගම්වල වෙන දේවල් පුද්ගලයින්ගේ ප්‍රවෘත්ති හැම දේම බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් එක මොකද ඇත්තටම කියනවා නං නොවැම්බර්  මාසේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ මම අද වෙනකන් කාටවත් නොකියපු දෙයක් ඒකටත් බනී ද දන්නෙ නැහැ...මම අද වෙනකම් ලංකාවෙ තියන එක  රූපවාහිනී ආයතනයක් වත් දාලා බලලා නැහැ....ඊට පස්සේ එක ප්‍රවෘත්ති පත්තරයක්වත් මෙහෙට ගන්නෙත් නැහැ මොකද ඒවා ඕන නෑ...මොකද මම දැනගන්න ඕන ටික ඔක්කොම facebook එකෙන් දැන ගන්නවා...."*මේ වන විට ඔබතුමා රටවල් කීයක විතර සංචාරය කරලා තියෙනවද....?                                             "මම පෞද්ගලිකව නම් යන රටවල් කීපයයි තියෙන්නෙ මම ආසයි නම් තැනකට පුළුවන් තරම් ආයෙමත් ආයිමත් යන්න තමයි හිතාගෙන ඉන්නේ....එංගලන්තය ඇමෙරිකාව නිව්යෝර්ක් වගේ රටවල් වලට මම කීප වතාවක් ගියා ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා ඉතාලිය ට ,රෝමයට මම ඉතාම ආසයි සහ දකුණු ඉතාලියට මම කීප වතාවක් ගිහිල්ලා තියෙනවා...ඒ වගේ රටවල් හතර පහකට මම නිතර නිතර ගිහිල්ලා තිබුනා...ගණන් කරලා මම බලලා නෑ අඩුම ගානේ රටවල් අවසානයේදී පනහක් හැටක් විතර සංචාරය කරලා තියෙනවා...."*දැන් මම ඔබතුමාට පුද්ගලයින් කීප දෙනෙක්ගේ නම් කියනවා මේ කියන පුද්ගලයින් දැනටත් විවිධාකාර වූ වෘත්තීන්වල නියැලෙනවා...ඔය මම ඔබතුමාට කියනවා මේ පුද්ගලයින්ට වෙනත් වෘත්තියක් යෝජනා කරන්න කියලා....මුලින්ම හරින් ප්‍රනාන්දු මහත්මයා...?                                           "මම හිතන්නේ හොඳ රගර් ක්‍රීඩකයෙක් ....."*නාමල් රාජපක්ෂ අපේ ක්‍රීඩා ඇමති....?                                        "නාමල් රාජපක්ෂ නම් ක්‍රීඩකයෙක් හැටියට හිටිය නමුත් ඇත්ත වශයෙන්ම නාමල්ව මට පේන්නෙ  පින්තූර වලින් පවා ගෙදරට වෙලා ඉදගෙන නෝනට උදව් කරගෙන ළමයා බලා ගත්ත නං ඊට වඩා හොඳයි කියලා....හොඳ තාත්ත කෙනෙක් වෙයි..."*ශලින් බාලසූරිය මහතා ?                                  "මේ රටේ නැගීගෙන එන දක්ෂ ව්‍යාපාරික තරුණයෙක්...ශලින් ගේ තියෙන උස මහත දිහා බැලුවහම  හොඳ  pilot කෙනෙක් වෙන්නත් පුළුවන්..."*රෝසි සේනානායක මහත්මිය ....?                                "ආයිමත් ඇයට ලෝක රූ රැජින වෙන්න බැරි නැහැ මොකද අපිත් යම්කිසි වයසකට ගියත් තාමත් ලස්සනයි...."*සනත් ගුණතිලක මහතා.....?                              "සරත් ගුණතිලක මහතා දැන් ඉතින් පොඩ්ඩක් විශ්‍රාම සුවයෙන් හිටියනම් හොඳයි....."*හේම නලීන්ද රණවක මහතා...නැත්තං කොලු....?                             "ඇත්ත වශයෙන්ම කොලූ ට නං වෙන රස්සාවක් දෙන්න බැහැ මොකද ඒ මනුස්සය තරම් හොඳට රහට උයන්න පුළුවන් chef  කෙනෙක් අද ලංකාවේ නැහැ....."*ඔබ ඉතාමත්ම හිතවතියක් ව සිටි සහ දැනට සිටින අකුස සෙල්ලයියා ...?                             "මගේ ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්....ආගම ප්‍රචාරය කරන්න හොඳයි කියලා මම හිතනවා...."*සේනක ද සිල්වා මහතා...?                            " මොස්තර නිර්මාණ ශිල්පියෙක් නොවුණා නම් ඇත්ත වශයෙන්ම මෝස්තර නිරූපණයෙක් වෙන්න පුළුවන් මොකද ඇත්ත වශයෙන්ම එයාට නිරූපකයෙක්ගෙ විලාශයට තමයි පාරේ ඇවිදගෙන ගියත් යන්නේ....අද වුණත් මම හිතනවා හොද modle කෙනෙක් වෙන්න පුළුවන් කියලා..."*ඒ වගේම දැන් මම ඔබතුමාට කියනවා තවත් පුද්ගලයින් කීප දෙනෙක්ගේ නම් මේ අයගේ ඔබ කැමති ගුණාංගයක් සහ අකමැති ගුණාංගයක් කියන්න....මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා...?                           "රනිල් වික්‍රමසිංහගේ හොඳ පැත්ත ගත්තොත් එතුමාගේ දැනුම එතුමාගේ දැක්ම සහ ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේවල්....රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අකමැති පැත්ත බැලුවොත් ඇත්ත වශයෙන්ම එතුමා තව කෙනෙක්ට කතා කරනකොට මුහුණ මුහුණ බලාගෙන කතා කරන්නේ නැහැ අනිත් පැත්ත බලාගෙන තමයි කතා කරන්නේ එක අඩුවක් හැටියට මම දකිනවා...."*රංජන් රාමනායක මහතා....?                             ''රංජන් කියන්නේ ඇත්ත වශයෙන්ම බොහොම අහිංසක සරල නළුවෙක් සහ දේශපාලනඥයෙක්....හැබැයි හැම දේම බොහොම ලාවට ද ගන්නවා වැඩියි ,ඒ වගේම කට පරිස්සම් කරගන්න බැරිවුණ නිසා තමයි මේ වගේ දේවල් උනේ....එතුමාට මම හරි ආදරේ අදත් මම විශාල වශයෙන් දුක් වෙනවා එතුමා අගුණුකොළපැලැස්ස වගේ තැනක  හිර වීම ගැන නමුත් ඇත්තට ම එතුමා රටට අවශ්‍ය දේශපාලනඥයෙක් ...."*අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා....?                                     "මම ඒ ගැන කතා නොකරම ඉන්නම්.....මොනවා උනත් අපි එතුමාට ජනාධිපති වෙන්න එන්නෙ කියලා බල කරල එතුමාගේ  ආණ්ඩුවේ අවුරුදු පහක් හිටියා  හැබැයි එක දෙයයි කියන්නේ ලණු කන්න captain...."*දයාසිරි ජයසේකර මහතා ....?                                "එයා ගැන විශේෂ මතයක් නැහැ නමුත්  තරුණ දේශපාලනඥයෙක් හැටියට  එතුමාට හොඳ අනාගතයක් තියෙනවා අත්තෙන් අත්තට පනින කුරුල්ලා අවසානයේ නැහෙනවා කියනවා වගේ  මම කියන්නේ එතුමා යම්කිසි ප්‍රතිපත්තියක් වෙනුවෙන් දීර්ඝකාලීන පෙනී හිටියොත් දිගු ගමනක් තියේවි...."*සජිත් ප්‍රේමදාස මහතා....?                                    "සජිත් අහිංසකයෙක්....එච්චර මම කියන්න කැමතියි..."*චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ...?                                      "අකමැති එකම දේ මට එතුමිය ගැන තියෙන්නෙ ප්‍රමාදය...ඇත්තටම වෙලාවට එන්නේ නැහැ ඒ කාලේ ජනාධිපතිනි වෙලා ඉද්දි හැම එකක් ගැනම ඕනෑවට වඩා හොයනවා මගදී එනකොට කෙනෙකුට හෙම්බිරිස්සාව හැදිල කියල ගෙදර සේවකයෙක් කිව්වොත් පොඩ්ඩක් ඉන්න මම හදපු පේයාව වගයක් තියෙනවා ඉන්න කියලා හැරිලා ගිහිල්ලා ඒ ටික දීලා තමයි එන්නේ....නමුත් අනික් හැම පැත්තෙන්ම මම එතුමියගේ වැඩියෙන්ම ගරු කරන්නේ මිනිසත් බවට ...ඇත්ත වශයෙන්ම මනුෂ්‍යකම ඉහළින්ම  පිරී ගිය කෙනෙක් .....ඒ වගේම එතුමිය තමයි ජාතිවාදය ආගම්වාදය ට විරුද්ධව....ව්‍යවස්ථාවක් ගෙනල්ලා අහෝසි කරන්න හැදුවෙ...."*මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමති අකමැති...?                                          "මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඇත්ත වශයෙන්ම හොඳ සුන්දර චරිතයක් මෙයා ඕනම මනුස්සයෙක් හම්බුවෙලා කොහොමද මල්ලි කියල බඩත් අත ගාගෙන ගියා ට ඊට වඩා ගැඹුරක් නැහැ...තියෙන සුන්දරත්වය ම තමයි එතුමාගේ නරක පැත්තක්....අදත් මගේ හදවතේ කොටසක් එතුමාට ඇමති කම් නැති කරලා මාව පන්නලා,සීඅයිඩී ගෙනිහිල්ලා,දෙන්න පුළුවන් හිරිහැර විශාල ප්‍රමාණයක් දුන්නත් මගේ හදවතේ මහින්ද රාජපක්ෂට පොඩි ආදරයක් කොයි හරි කොනක ඉතුරු ඉතුරු වෙලා තියෙනවා...නමුත් මම හිතන්නේ අනිත් බොහෝ නායකයන්ට වඩා වර්තමානයේ ජනාධිපති තුමාටත් වඩා  මේ රටේ අද තත්වයට වග තත්වයට වග කියන්න ඕනේ එතුමා කියලා...."*මොහොතකට සිතන්න ඔබ හෙට උදේ මේ රටේ ජනාධිපතිවරයා වෙනවා කියලා...මොකක්ද ඔබේ පළමු කාර්යය ...?                                             "මට ලැබුණු තනතුර හැකිතාක් ඉක්මනින් මම අහෝසි කරනවා...මම කරන පළවෙනි රාජකාරිය වන්නේ මම දිනපු ජනාධිපතිධූරය  මම ම අහෝසි කරනවා...මොකද මේ රටට විධායක ජනාධිපතිධූරය  තවදුරටත් දරා ගන්න බැහැ ...අපේ රට අත්තිවාරමක් නැති රටක් ගෙයක් හදන්න හොඳ ශක්තිමත් අත්තිවාරමක් ඕනේ නමුත් අත්තිවාරමක් දාන්නෙ නැතුව හදන්න පටන් ගත්තොත් ටිකක් කල් ගිහිල්ලා කඩාගෙන වැටෙනවා මෙහෙම නම් විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස ,නීතිය ආධිපත්‍ය ඉතාමත් ම වැදගත්  ඒ සියල්ල මුල් කරගත්ත අනාගතයේ දී වත් කාටවත් වෙනස් කරන්නට බැරි විදිහේ නීති රීති ගෙනල්ලා ඒ අත්තිවාරම දා ගත්තට පස්සේ ඉන්න ඊළඟ පරම්පරාවට මහා ඡන්දෙකින් අලුත් ආණ්ඩු පිහිටුවා ගන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ....මොකද මට කරන්න පුළුවන් මගේ මගේ වයසත් එක්ක මම පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගියත් මම තාම දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා නැහැ තව අවුරුදු පහකින් හයකින් 70,71 වෙනකොට මම දේශපාලනයෙනුත් සම්පූර්ණයෙන් ම විශ්‍රාම ගන්නවා ...ගන්න පුළුවන් දෙයක් තියෙනවා නං ඒ අත්තිවාරම දාන්න මම සූදානම්...තවම දැකපු නැති ලස්සන ලෝකයක් තියනවා ඉතිං හැත්තෑ මෙන් පස්සේ අවුරුදු පහක් විතර තියා ගන්නවා මගේ වැඩවලට ..."සාකච්ඡාව - කැලුම් විජේසූරියවීඩියෝව - https://www.youtube.com/watch?v=tyn7BCdcUz4
මොලේ හොද නැද්ද, මොකද්ද බර, මේ අදහස්ම මේ විදියටම, (සමනල දුෂ්චරිතය නැතිව) කී කෝටියක් මේ ලංකාවේ ඉන්නවද, මෙයා වත්මන් රජය කිසිම ආකාරයකින් විවේචනය නොකල, නමුත් මේ රටේ සංස්කෘතිය, ආගම බරපතල ලෙස විවේචනය කලා, මේ අදහස් ඇත්තම නම් මෙයාට මෙයිට වඩා හුඟක් දුර යන්න තිබුනා, මෙයිට වඩා ජනතාවට සේවය කරන්න තිබුනා, තව විශේෂ දෙයක්, ගෝටාගේ ආගමික, ජාතික විරෝධී වැඩ අගය කලා, ඒකයි මෙයා අන්තර්ජාතික කියමින්, විද්‍යාව කියමින් කලු සුද්දගෙ චරිතය රඟපාන්නෙ
-169
NEGATIVE
ncpp_train_0268
උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ උදේට උදේට ඇහෙන සද්ද ගැන මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින් අසල්වාසීන් විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය. මෙම අසල්වාසීන් අතර හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩද සිටියේය. තමන් කොළඹ 05, ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙය ප්‍රදේශවාසීන්ගේ මානසිකත්වයට හා සෞඛ්‍යයට අහිතකර වන අතර, දරුවන්ගේ පාඩම් කටයුතුවලට බාධා, හිසරදය, මානසික ආතතිය, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඇතිවන බැවින් එම පීඩාව මැඬපැවැත්වීමේ නියෝගයක් ලබාදෙන ලෙස පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනකු විසින් ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව කරුණු හෙළි කර තිබුනේ 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එය වළක්වාලන ලෙස ඉල්ලමිනි. නඩුව ලබන 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
අපි කවුරුවත් ඉපදෙනකොට ආගම, භාෂාව අතේ අරගෙන උපන්නේ නැහැනේ. ජාතිය නිගමනයවෙන්නේ හැදෙන හෝ හදාගන්න අම්ම තාත්තගෙනුයි. ඉතින් අපි අදහන ආගමේ හැර අනිත් ඒවා ඇහෙනකොට කටු අනිනවා වගේ තමයි දැනෙන්නේ. හොඳම දෙය තමයි රාත්‍රී 8 සිට උදේ 6 දක්වා ආගමික (මොනම ආගමකවත්) දේශනාවන් / යඥාවල් ශබ්ද විකාශන යන්ත්‍රවලින් දෛනිකව නොපැවැත්වීම.
12
POSITIVE
ncpp_train_0269
ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද (29) දහවල් අභාවප්‍රාප්ත වූයේ 79 වියේදීය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ අසනීප තත්වය ටික කලෙක සිට පැවතිණි. "ආදර අඹරේ" ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය . සඳ තනිවෙලා අහසේ... පෙම්වත්යන්ගේ .... මල් හිනා ... කලක් ඇවෑමෙන් පෙරුම් පුරා.... ගිම්හානේ සඳ නිවුනා..... සෙවණේ කුඹුක් සෙවණේ.... ඇතුළුව ජනප්‍රිය ගීත රැසක් ඒ අතර වේ. හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඬක් උරුමවුණු ඇය චිත්‍රපට පසුබිම් ගායනය නිසා වඩාත් ජනප්‍රිය වූවාය. මාතර පල්ලිමුල්ලේ උපන් ඇය. සහෝදර සහෝදරියන් 10 දෙනෙකු සිටි පවුලේ හත්වැනියා විය. රෝමානු කතෝලික ආගමට දහමට අනුව හැදුනු වැඩුණු ඇන්ජලින්ට ගීතිකා ආගන්තුක දෙයක් නොවීය. පල්ලියේ ගීතිකාවට පෙම් බැන්ද ඇය ගුවන් විදලි සංස්තාවේ සේවය කළ සිය වැඩිමල් සොයුරියගේ උදව්වෙන් ගුවන් විදුලියේ පැවැත්වුණු ගයනා තරගයකට යොමුවූ අතර එහිදී ඇන්ජලීන් දෙවැනි තැන ලබාගෙන සිය ආරම්භක පියවර තැබුවාය. ඉන් පසුව එවකට ප්‍රසිද්ධ කලාකරුවෙකු වූ සිරි සත්කුමාර මහතා ඇයව ගුවන් විදුලියේ ළමා පිටියට රැඟෙන යන අතර ඇගේ ජීවිතයට අඩිතාලම ලබාදුන් කරුණාරත්න අබේසේකර ඇයට හමුවන්නේ එහිදිය. සොහොයුරෝ චිත්‍රපටයට ගීත ගයද්දී ඇයගේ වයස අවුරුදු 13කි.දීපශිකා, දෙයියන්ගේ රටේ, දස්කම්, ගැහැණු ගැට වැනි ඇය ගැයූ චිත්‍රපට බොහොමයක් ගීත ජනප්‍රිය විය. ජෝති ඇන්ජලීන් යුගය 60-70 දශකය තුළ බිහිවූවකි. පසුකාලීනව මිල්ටන්,හා ග්‍රේෂන් සමඟත් ඇය එක්ව ගයයි. ලෙස්ලි මහින්ද ගුණතිලක සමඟින් විවාපත් වුණු ඇන්ජලින්ට දූවරුන්ම දෙදෙනෙකි. ලොකු දු මිලානි නවසීලන්තයේ වෙසෙන අතර පොඩි දුව ඩිල්ශානි ලංකාවේ ජිවත් වෙනවා. දියණිවරුන් ගායනයට සම්බන්ධ නොවුනත් මුණුපුරා ඒ මඟ යද්දී ඇයගේ සිත සතුටින් පිරුණ බව පසුගියදා වාර්තාවී තිබුණි.  ප්‍රවීණයන්ගේ ගීත කොල්ලකන සංස්කෘතිය පිළිබඳව තැවෙමින් ඇය අවසන් කාලයේ කණගාටුවෙන් පුවත්පත්වලට අදහස් දක්වා සිටියාය. සමකාලීන මිතුරිය ඇන්ජලීන් ගුණතිලකගේ වියෝව සම්බන්ධයෙන්  අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා වල්පොල ඇයගේ ඉටු නොවූ බලාපොරොත්තුවක් පිළිබඳ කියා සිටියේ ඉතා හැඟීම් බරවය. "ඇය රෝගී වුණාම මම ඇය බලන්න ගියා. ඇය හැඟුම්බරව මාව වැළඳගත්තා. එදා සිට මම නිතර නිතර ඇය බලන්න ගියා. ඇය නිතර කිව්වේ අපි දෙන්න සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා. එත් ඒක බැරිවුණා. මට කණගාටුයි ඇගේ වියෝව."
ඔබට මොක් සුව!
15
POSITIVE
ncpp_train_0270
ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.“බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි.”“මීට පස්සේ රට ඇතුළට එන සියලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඔ්නේ ඒ සදහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ.” “එතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයනය කළොත් ඒක අපේ රේගුවෙන් ක්ලියර් කරලා ගන්න බැහැ. ඒ ක්‍රමවේදයෙන් ආනයනය කරන්න ලැබෙන්නේ නැහැ”“සියලුම ආනයනය වලට මින් ඉදිරියට මුදල් ගෙවීම මේ චක්‍රලේඛය නිකුත් කළාට පස්සේ සිදුකරන්න වෙන්නේ බැංකු ක්‍රමය තුළින්ම පමණයි. ඒක තමයි මේ චක්‍රලේඛයේ අරමුණ.”මාධ්‍ය අමතමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමත් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවය.එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපතිවරයා පැවසීය. 
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම
10
POSITIVE
ncpp_train_0271
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05වැනිදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (28දා) දැනුම් දුන්නේය.මෙම නඩුව ඉදිරි දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, අභිනව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුමැතිය දෙමින් අධිකරණය එලෙස නියම කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙහි පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන හෙයින් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණයේ ඇති හෙයින් ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ යැයි පැවසීය. ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය. නඩුව ඉදිරි දින අධිකරණයේ කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන්නේ යැයි පැවසීය. අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන මස 05වැනිදා යළි කැඳවීමට නියම කළේය.බුද්ධිමාල් රුබේරු
මොනවද ඉතින්, ගජ මිත්‍රයෝ නේ. ශම්මි ට වියදම් වෙන්නේ ලන්ඩන් වලට දෙන්නෙකුට ටිකට් වලටයි, සතියකට එන්ටටේන්මන්ට්, හෝටල් වියදමයි, අතට කෝටි දහයක් විතර යි. අනෙක ඒකත් බෝඩ් එකෙන්.
57
POSITIVE
ncpp_train_0272
කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි සොයාබැලෙන PCR පරීක්ෂාවක් සඳහා යොමු වීමට එම පිරිස කළ ඉල්ලීමක්, බලධාරීන් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. කොළඹ නගර සීමාවේ කොරෝනා මර්දන රාජකාරී සඳහා කි‍්‍රයාකාරීව දායක වූ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුව ඇති බැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බව එම පිරිස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබෙනවා.  
මේඅයට කොරන්ටයින් ඕඩර් එක දුනේ කවුද? ඒක නැතුව වැඩට සති 2 එන්නේ නෑ කියන්නේ සේවය අත හැර යාමක්. මේවා කතා වෙලා නිවාඩු ගන්න විදිය. එනිවේ සුවවිරැවොනේ
-54
NEGATIVE
ncpp_train_0273
සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත මං අවුරුදු 4 දී පෙර පාසලේදී පෙළපාලියකුත් ගියා -චතුර සේනාරත්න පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පත්ව තිබුණා. එයට හේතුවූයේ ඔහු දෙරණ24-7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණු යම් යම් පිළිගන්නට අපහසු කතා කිහිපයකි. 1982 උපත ලද චතුර සේනාරත්න 1988දී මියගිය විජය කුමාරතුංග සමග දේශපාලනය කළ බව එහිදී දන්වා තිබුණ අතර විජය මියගිය පසු බැංකු ගිණුම පරීක්ෂා කරන්නට චන්ද්‍රිකා මැතිණිය සමග ගිය ආකාරයක් ගැනද කරුණු සැලකර තිබුණි. ඊට අමතරව ඔහු චන්ද්‍රිකාට එරෙහිව වික්ටර් අයිවන් ලියූ ‘චෞර රැජිණ‘ පොතට කරුණු සපයා ඇති බවද දන්වා සිටින ලදි. මෙම කරුණු වලට අමතරව ‘තමා නොකළ දෙයක් නැති ගාණට‘ දේශපාලනය ගැන නොනවත්වා කථා කළ චතුර එම සාකච්ඡාවේදී දන්වා තිබුනේ රජයේ ඉහළම තනතුර ලබාදෙන්නට මෛත්‍රී ජනපති තමාගෙන් තෙවරක් ඉල්ලුවත් දිගටම එය ප්‍රතික්ෂේප කළ බවකි. මෙම කතා පිළිගන්නට අපහසු ‘පම්පෝරි‘ ලෙස සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර වික්ටර් අයිවන් මහතාට දුරකථනයෙන් අමතා එක්තරා මාධ්‍යවේදියෙකු මේ ගැන විමසීමේදී වික්ටර් අයිවන් මහතා චතුරගේ කතාව ප්‍රතික්ෂේප කර තිබුනේ ‘බොරුනේ.. පිස්සුනේ.. මං ටෙලිෆෝන් එකෙන් ඕනනම් දෙපාරක් විතර කථාකරල ඇති එච්චරයි‘ ලෙස කියමිනි. මෙම පසුබිම තුළ ඊයේ බීබීසී සිංහල සේවය ඉහත කරුණු ගැන චතුර සේනාරත්නව යළි විමසීමට ලක් කළ අතර ඔහු එහිදී ඔහු කියූ කිසිවක් වැරදි නැති බව නැවත තහවුරු කළේය. එම අවස්ථාවේ තවත් කරුණු ඉදිරිපත් කරමින් තමා වයස 4 පෙර පාසලේදී විජය කුමාරතුංග වෙනුවෙන් පෙළපාලි පවා ගිය බව ඔහු කීවේ නිවේදකයාට සිහහා උපදවමිනි. වික්ටර් අයිවන් බොරුවක් කියා ඇති බවද ඔහු කීවේය. ඔහු ඒ ගැන පැහැදිලි කළ අයුරු වීඩියෝව පහතින් ------------------------------ මින් ඉහත මතභේදයට ලක්වූ ඔහුගේ වීඩියෝව පහතින්
මයික් එක කොහෙන්ද ???
9
POSITIVE
ncpp_train_0274
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ  ඕෂධීට ලැබුණයි හැඟවුවත්  ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය. නමුත් එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධීටය. (ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත) මෙම ජයග්‍රහණය රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ඕෂධී සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණ අතර ඒ ගැන කළ ප්‍රකාශයේද ප්‍රධාන කිරුළ ලබාගන්නට බැරිව ගිය බව දන්වා සිටියේ නැත. තරගය නිමවූයේ 28 වනදා රාත්‍රියේ වුවත් සැබෑ තොරතුරු අන්තර්ජාල මාධ්‍ය තුළ පළව තිබුනේ ප්‍රමාදවීය. මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි. පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය. කිරුළ ලැබෙන අවස්ථාවේ වීඩියෝව
අන්න ඒ වෙලාවෙදි තමයි චීන්නු කිව්වෙ මේ බලාගාරයට අවශ්‍ය වියදම රුපියල් කෝටි 8000යි. අපි ඉල්ලුවෙත් රුපියල් කෝටි 8000යි. අපිට ලැබුණෙත් රුපියල් කෝ්ටි 8000යි. ඒත් අපිට රුපියල් කෝටි 8000ක් දෙන්න උඹලගේ ලොක්කෝ රුපියල් කෝටි 12000ක් පාස් කරගත්තා කියලා අපි දන්නෙ නෑ කියලා. ඒකෙන් තමයි වැඩේ එළියට ආවේ නොරොච්චෝලෙ බලාගාරය පෙන්නලා රුපියල් කෝටි 4000ක් ගැහුුවේ කවුද කියලා. ඒක එළියට ආවා විතරයි ඇමතිට ඇමතිකම නැතිවුනා ගොට්ටෙක් වෙනුවට ගොට්ටියක් ඇමතිවුනා. උඹලා නොදන්න උඹලගෙ වැදගත් ලොක්කගෙ තරම.
8
POSITIVE
ncpp_train_0275
දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් මස 15 වැනිදින සිට ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසා තිබේ. දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙම පාසල්වල කොවිඩි මර්දන කමිටු සක්‍රිය කිරිමට කටයුතු කරමින් සිටියි.ෙ    එම කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනිදින දක්වා කාලය තුළ පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද ඒ සඳහා අදාල බල ප්‍රදේශවල පළාත් පාලන ආයතන එකගවි ඇති හෙයින් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් මත 200ට අඩු පාසල් විවෘත කිරිම සදහා සැලසුම්කොට ඇති බවද ඒ මහතා පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය.පාසල්වල තියෙන කොවිඩ් කමිටු සදහා ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහභාගිවෙන්නේ නැහැ. නමුත් අපි සැලසුම්කළ පරිදි කටයුතු කරගෙන යනවා. පාසල් සදහා පැමිණෙන විදුහල්පතිවරු, ගුරුවරු හා ළමුන් සංඛ්‍යාවෙන් 15 වැනිදින මෙම පාසල් ආරම්භකිරිමට කටයුතු කරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසිය.අක්මීමන එච් එම් සමන්
ඉස්කෝල අරින්න ඉස්සර ගුරුවරුන්ගෙ ප්‍රශ්නය විසදලාද තියෙන්නෙ. ගුරුවරු ආවෙනැත්නම් කවුද උගන්වන්නෙ?
14
POSITIVE
ncpp_train_0276
කථන ආබාධිත සහිත හතළිස් හැරිදි විවාහක කාන්තාවක දූෂණය කිරීම සහ ගැබිනි කාන්තාවක ඔසවා බිම දමා පසුව ඇයට ලිංගික අතවරයක් සිදුකළේ යැයි කියන 24 හැවිරිදි විවාහක තරුණයකු පූගොඩ පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොස්ගම පොලිස් වසමේ පිහිටි නිවසකට හොර රහසේ ඇතුළුවී එම නිවසේ සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක් තවමත් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි. මීට අමතරව මෙම සැකකරු ප්‍රදේශ කිහිපයක පිහිටි නිවසවලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළු වී කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ද තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. බොහෝ දෙනෙකු ලැජ්ජාව නිසා මේ බව පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බවද පැවසේ.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මේ වගේ උන්ව එලියේ තියන්නැතුව වෙනම ස්ථානවල ගාල් කරලා තියන්න ඕන සමාජයේ ආරක්ෂාව උදෙසා.
16
POSITIVE
ncpp_train_0277
ඊයේ පොහොය දිනයේ සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ‘ගෝසිංග වන අරණේ ආරාම පූජාව‘ හා එකම පවුලේ කිහිපදෙනෙකු පැවිදි දිවියට ඇතුළත්වීම සම්බන්ධ විවිධ අදහස් පැතිර ගොස් තිබේ.මෙම සිදුවීම සිදුවන්නේ මීට දින කිහිපයකට පෙර පසුගිය 27 වනදාය.   කැබිතිගොල්ලෑවේ, පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටා තිබෙන නිවසක්, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන සහ ව්‍යාපාරික ස්ථාන, කුඹුරු ආදිය, විකුණා ඉන් ලද මුදල සඝ සතු කොට පූජා කර  "යශෝධරා මෙහෙණි අරණ" නමින් මෙහිණි ආරාමයක් ඉදිකිරීම වෙනුවෙන් පවුලක් කැපවී තිබේ.මෙම පවුලේ සහෝදරයා මින් ඉහත පැවිදි දිවියට ඇතුළත්වී ගෝසිංග වන අරණේ ලොකු ස්වාමින්සේ ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම වටිනා වස්තුව අතහැර එම හිමියන්ගේ මව, සහෝදරිය හා සහෝදරියගේ විවාහක සැමියා සංඝ ශාසනයට ඇතුළත්වීම සිදුවිය. එම යුවළට දාව වයස අවුරුදු 04 දරුවෙකු සිටින අතර එම දරුවා සංඝ ශාසනයට ඇතුළත් කරගන්නට හැකියාවක් නැතියෙන් මව්පියන් මහණවෙද්දී දරුවා තනිවී සිටීම කාගේත් කතාබහට ලක්විය.ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්.“නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න.” ලෙසිනි. මේ සම්බන්ධයෙන් විවිධ විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය තුළ පළ විය.එක් අදහසක් මෙසේය.“ගොන් හරක්... මුන්ට බුදු බණ මතක් වෙන්නේ චිල්ල මලේ දාලා දරුවෝ හැදුවට පස්සේ ... අර දරුවගේ අසරණකම නොතේරෙන මෝඩ මෝංගල් මිනිස්සුන් යන්නේ කොහෙද මල්ලේ පපඩම් කතා මේකේ comments මට නම් තේරෙන්නේ. ඔලුවක් තියෙන එකෙක්ට සහකම්පනයක් තිබුනා නම් මේවා දැකලා "තෙරුවන් සරණයි" පතන්නේ නෑ.  👉මෙ සක්කිලි වැඩේට විරුද්ධව නැගී සිටිය යුතුයි. මහ එවුන් නිවී සැනසී යන මගුලක ගියදෙන්. මොකද හදිසි අනතුරකින් දෙමාපියන් හදිසියේ අහිමි වෙලා නම් දරාගන්න තිබුනා. මේක අමානුෂික ලෙස අමු අමුවේ සිදු වෙන බරපතළ ඛේදවාචකයක්.  අර අහිංසක අසරණ දරුවට කරන අසාධාරණය පිළිකුලෙන් හෙලා දකිනවා. 🤮🤮🤮“තවත් අදහසක් මෙසේය.ගොඩක් අය එක එක හැලී ලියලා තිබ්බේ.🙄😏💔 ඒ දරුවා තනි උනා කියමු .🙄ඒත් ධර්මතාවය නම් කිසිම කෙනෙකුට තව කෙනෙක් තනි කරන්න බෑ. ඒ දෙමාපියන් ගෙන් දරුවෙකුට හිරි හැර වෙනවා කියමු.ඒ අත දරුවා කලින් කරපු කියපු දේවල් තමා විපාක වශයෙන් පරිසරේ හැදුනම මතු වෙලා එන්නේ .😏💔.එකට අම්මා තාත්තා සීයට සියයක් වග කියන්න ඕනි නෑ.😏 .ඒ හැදෙන පරිසරය ඇතුලේ දරුවන්ට වෙන්න ඕනි යුතු කම් ටික කරන ඒක විතරයි කරන්න පුළුවන්.එහෙම බැරි උනා කියල අම්මා තාත්තා ට දොස් කියන්න බෑ 🙄 එක ඒ දරුවෝ කලින් කරපු කියපුවා තමා .ඒ නිසා දේම පියටවත් දරුවන්ට වත් බැන්න කියලා වැඩක් නෑ. පිං තියෙනම් කොහොම හරි හොඳ පරිසරයක වැටුනොත් හොදට හැදෙයි නැත්තම් නරකට හැදෙයි..එක ලොකු ප්‍රොෙසස් එකක් 🙃👌මේ අතර වෛද්‍ය විද්‍යාත්මකව අදහස් දක්වමින් කුඩා දරුවෙකුට ‘විකාල භෝජන‘ හුරු කිරීම එම දරුවාගේ වැඩීමේ ක්‍රියාවලියට බාධාවක් වන අයුරු පෙන්වාදී ඇත. දරුවා කැමැත්තෙන් සංඝ ශාසනයට ප්‍රමාදවී ඇතුළත්වන බවටත් විකාල භෝජන හුරු කරන බවටත් ලොකු හාමුදුරුවන් වහන්සේ දක්වා තිබූ අදහස පදනම් කරගෙන එම විවේචනය එල්ල විය. මෙහිදී දරුවාගේ කැමැත්ත ඇත්තටම ලැබුනාද නැතිනම් දරුවා  වෙන කරන්න දෙයක්නැතිවීම නිසා මව්පියන්ගේ අඩිපාරේ යනවාද යන්නද අවිනිශ්චිත බව ඇතැමුන්ගේ අදහස වී තිබේ. මෙහිණි ආරාමයක් බවට පරිවර්තනය කර ගෝසිංග වනයේ "යශෝධරා මෙහෙණි අරණ" පිහිටුවීමට මෙහිදී වැඩිම දායකත්වය දක්වන්නේ ගෝසිංග වන අරණේ ලොකු ස්වාමින්සේ ගේ නැගණිය වන ගෝසිංග වනයේ යශෝධරා නමින් එම නමින් පැවිදිවූ 33 හැවිරිදි වත්සලා දුෂ්මන්තී අබේරත්නයි. දරුවාගේ මව වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධි ධාරීනියක , රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරිනියක වන බවත්  වවුනියාව,මාමඩුව අග්‍රබෝධි මහ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ බවත් කියැවිණි.පැවිදි දිවියට ඇතුළත්වූ ස්වාමිපුරුෂයා වන රුවන් මදුශංක නානායක්කාර 33 හැවිරිදි කාර්මික ශිල්පියකු බව කියැවිණි. ලොකු හාමුදුරුවන්ගේ මව ධනවතී හේරත් වයස 56 පසුවන්නියකි.ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.
Mass Family Business. මහා පරිමාණයේ පවුලේ ව්‍යාපාරයක්. දැන් මහණ කම කියන්නේ ලොකු ව්‍යාපාරයක්. මේක නව මුහුනුවරක් අරන් ආපු එකක්. මේ ෆොටෝ වලින් පෙනෙන්නේ මහා ප්‍රවෘත්තියක් මවලා ලොකු ප්‍රචාරයක් දීලා පටන් ගැනීමක්. මොවුන් ගිහිගෙයි කටයුතු අත්හැරලා නෑනේ. අබුද්දස්ස කාලේ විපරීත සමයං.
55
POSITIVE
ncpp_train_0278
එයා මට හැම තිස්සෙම ගහනවා බනිනවා. ඒ හින්ද මම ගෙදර ගිහින් නවනිනවා. එතකොට මට කෝල් කරලා එන්න කියලා කරදර කරනවා. ඒ විදියට ඇවටිලි කරල ගෙන්න ගත්තත් දවසක්නත් හොඳින්   ඉන්න හම්බ වෙන්නෙ නෑ. බීගෙන ඇවිත් ආයිත් මාත් එක්ක රණ්ඩු කරනවා...  සුජිත්ගෙන් ඇයට නිතරම ගුටිබැට පුජා ලැබෙන විට ඇය ඔහු හැරදමා ගියත් ආපසු එන්නැයි දුරකතන ඇමතුම් දෙමින් ඇවිටිලි කරද්දි ඇය, ඔහු වෙත පැමිණෙන්නේ ගුටි නොකා සීටිමට අපහසු නිසා විය යුතුය. නැතිනම් ඇයට නැවත පැමිණීමට වුවමනාවක් නැති තරම්ය.කෙසේ වුවත් උඩුපුස්සැල්ලාවේ සිට ඇය නවගමුවට පැමිණෙන්නේ ඔහු සමග එක වහලක් යට විසීමටය.  ඇඹිලිපිටිය. මොරකැටිය,යාය I, සූරියවැව පාරේදිංචිකරුවකු වන හිත්තැටිය  හේවගේ සුජිත්, පනස්එක්හැවිරිදි විවාහකයෙකි.  දෙදරු පියකු වන ඔහු බිරියගෙන් දික්කසාද වී සිටි අතර කොළඹට එන්නේ රැකියාව සඳහාය. ඔහුට ඇය හමුවෙන්නේ කම්කරුවකු ලෙස කාඩ්බෝඩ්  ආයතනයක සේවය කරමින් සිටියදීය. දෙදරු මවක් වන ඇයද දික්කසාද වී සිටි අතර දෙදෙනාටම  සිටියේ විවාහ වන වයසේ දරුවන්ය. හතලිස් එක්  හැවිරිදි වියේ පසුවුවත් හැඩකාරියක් වූ දෙමල ජාතික කාන්තාවක් වන මෙම තැනැත්තිය කෙරෙහි සුජීගේ හිත බැඳි ගියේ දුටු පළමු අවස්ථාවේදීමය. නවගමුව ප්‍රදේශයේ බෝඩිං කාමරයක යුවල කුඩු වෙන්නේ ඒ අනුවය. ඒ මීට වසර එකොලහකට පමණ පෙරය. ඉන්පසු රැකියාවට නොයන ඇය ඔහුගේ අනියම් බිරිය ලෙස ඔහු සමග එකට කාලය  ගත කරන්නේ ඔහුගේ සියලු උවමනාවන් නිසි  ලෙස ඉටුකරමිනි.  මත්වතුර පානයට ලොල් සුජී බීගත් විට ඇය සමඟ රඩුකර ගත්තේ හේතුවක් ඇතුව මෙන්ම නැතුවය. එන්න එන්නම ඔහුගේ තාඩන පීඩන වැඩි  වනවිට ඇය කරන්නේ උඩුපුස්සැල්ලාවේ යන එකය.ටික දිනකින් ඇය නැවත නවගමුවට එන්නේ රැකියාවට යන බව පවසමින් වුවත් ඇය කරන රැකියාවක් නොමැති බව පවුලේ අය දැන සිටියේ නැත.‍මෙම යුවලගේ රණ්ඩුසරලේ අසල්වාසීන්ටද මහත් හිරිහැරයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.නවගමුව පොලිසියේ පැමිණිලි පොතේ පිටු කීපයක්ම වෙන් වී ගියේ ඇය විසින්  ඔහුට විරුද්ධව සිදුකරන ලද පැමිණිලිවලටය.  පොලිසිය ආසන්නයේ බෝඩිං කාමරයක සිටියදී  ඇතිකරගත් ආරවුල් නිසා මෙම යුවලව කමරයෙන් ඉවත්කිරීමට එහි හිමිකරු කටයුතු කළ අතර  ඉන්පසුව ගඟ පාරේ කාමරයකට ගියත් ඵහිදී ද ගහ  මරාගත් බැවින් ඔවුන්ට සිදුවූයේ එම කාමරයටද සමුදීමටය. ඔවුන් උඳුගොඩ පාරේ බෝඩිමකට යන්නේ ඉන් පසුවය. මීට මාස දෙකකට පමණ  පෙරය.එහි ගොඩනැගිලි ඉදිකර ඇත්තේ බෝඩිමකට සුදුසු ආකාරයටය. එනම්  එකිනෙකට යාව කාමරය බැගින් ඇති ගොඩනැගිලි දෙකක් කුලියටලබාදීමට  වෙන්කර ඇත. එ ගොඩනැගිල්ලක කාමර  තුන බැගින් කමර හතරක්  බෝඩිමට අයත් අතර සුජිත්ලා සිටියේ එ ගොඩනැගිල්ලේ  තුන්වැනි කාමරයේය.එම කාමර තුනේම සිටියේ තනි කාමරයේ උයාගෙන කන සුජිත්ලා මෙන්ම  අනියම් ජෝඩු තුනකි.උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් බීමට යොදවන බැවින් ඇය නිතරම ඔහු සමග ගැටුම් ඇති කරගත්තේ මුදල් ඉල්ලමිනි. එවිට ඔහු කරන්නේ ඇය සමඟ රණ්ඩු කරගැනීම නිසා මෙම බෝඩිමද උදේ සිට රෑ නින්දට යනතුරුම ඇසෙන්නට වූයේ තීත්ත කතා බැවින් එහි හිමිකරු ද ඔවුන්ට පවසා සිටියේ වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙසය. මේ නිසා සුජී සිටියේ අළුත් නවාතැන  නිවහන කර ගැනීමට සොයමිනි. මෙම සිද්ධිය වන්නේ මෙම යුවල එම ස්ථානයට සමුදීමට යොදාගෙන තිබු දිනට පෙර දිනය. පළමු කාමරයේ සිටි පුද්ගලයා හදිසියේ අනතුරකට ලක්ව ඇති බැවින් ඔහු සිටියේ ඇඳෙන් බැසීමට අපහසුවය.ඒනිසා ඔහුගේ බිරියද ඔහු සමග කාමරයේම සිටියේ ඔහුට ඇප උපස්ථාන සිදු කිරීමට උවමනා නිසාය. සුජීත්ද  එදින කාමරයේ සිටි අතර හවස දෙකට පමණ ඔහු පළමු කාමරයට පැමිණ ඇඳේ සිටී රෝගියා සමග කතාකරමින් පැය භාගයක පමණ කාලයක් ගත කළේය. ඉන්පසුව තමන්ගේ කාමරයට ගිය සුජීත් ඇය සමග හයියෙන් කතාවක් ඇතී කරගෙන තිබෙන බව රෝගියාට ඇසුණත් ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැත. බොන්නේ නැතුව ඉන්නවා නම්   සුජිත් අයිය කොච්චර හොඳද.  රෝගියා ඔහුගේ බිරියට එසේ පවසා නිහඩ  වූයේ එන්න එන්නම ඇසෙන ශබ්දය කන්  කරච්චලයක් බවට පත්වෙද්දීය.ටික වේලාවකින් සුජිත්ලා කාමරය පැත්තෙන් ඔවුන්ට ඇසුණේ ඩෝං ගා යමක් දොරේ වැදී පුපුරා යනවා වැනි ශබ්දයකි. . අනුමානයනෑ. බඩුත් පොඩි කරනවද කොහෙද.අදත් මාරගෙන තමයි නවතීන්නේ. රෝගියා එසේ සිතමින් මොහොතක් දෑස් පියා ගත්තේ අසනීපය සැදුනවිටවත් නිවීහැනහිල්ලේ මොහොතක් සිටීමට නොහැකිවීම ගැන කණගාටුවෙනි. එහෙත් ඔවුන්ගේ දැහැන බිඳි ගියේ ලේ  පෙරාගෙන සුජිත් දුවගෙන පැමිණ කාමරයේ ජනේලය ළග නතරවූවිටය.මක් ‍වෙලාද? ඉක්මනට ඔහොම ඉඳගන්න.    ඔහු ඇඳේ සිටම ජනේලයෙන් එබී බලා සුජීන්ට පැවසුවේ තමන්ට නැගිට ගැනීමට නොහැකි නිසාය.  ජානකී මට පිහියෙන් ඇන්නා. සුජිත් ජනේලය  අසල කොරිඩෝවේ බිම ඉඳගන්නා ගමන් පැවසුවේ වේදනාවෙන් ලතෝනි දෙමිනි . එවිටම ඇයද ඔහු සිටි තැනට දුවගෙන ආවේ හිසේ පෙරෙන තුවලය සහිතවය. මෙම කලබැගෑනිය ඇසී එම ස්ථානයට දුවගෙන පැමිණි අනෙක් ගොඩනැගිල්ලේ සිටි තරුණයන් දෙදෙනකු ඔවුන්ගේ ත්‍රීරෝද රථයෙන් සුජිත්ව නවගමුව රෝහලට රැගෙන යන අතර තුවාලකාරිය රෝහල්ගත කරන්නේ බෝඩිම් හිමිකරු පැමිණීමෙන් අනතුරුවය. රෝහලෙන් දෙදෙනාවම එකම ගිලන් රථයේ දමාගෙන කොළඹ ජාතීක රෝහල කරා රැගෙන යන අතර පුරුෂයා 72 වාට්ටුවේ කාන්තාව 73 වාට්ටුවේත් ප්‍රතිකාර ලබන්නේ ඉන් පසුවය. කෙසේ නවගමුව පොලිසියට එදින රාත්‍රී දොළහට පමණ රෝහලෙන් දැනුම් දෙන්නේ පිහි ඇනුම් ලද මෙම පුද්ගලයා රාත්‍රී 7.25ට පමණ මියගොස් ඇති බවය.නවගමුව පොලිසිය විමර්ෂන ආරම්භ කිරීම සඳහා උඳුගොඩ, අංක 600/ඒ 2දරණ ලිපිනයේ අදාල බෝඩිම වෙත යන්නේ ඒ අනුවය. ගොඩනැගිල්ලේ උඩුමහල ඉදිකිරීම සඳහා ස්ලැබ් එකදමා තිබූ අතර සිද්ධිය වූ කාමරයේ මිදුලේ පොල්  ගෙඩියත් තිබීණි. දොරේද පොල්ගෙඩිය වැදීමෙන් සිදුවු පාරක් තීබූ අතර කාමරයේ ඇඳ යටද පොල් ගෙඩියක් තිබෙන බව නිරීක්ෂණයවිය.  කුඩා ජංගම දුරකතනයක පිටුපස කවරය මෙන්ම සිම්පත ද කාමරයේ වැටි තිබූ අතර බුදු පිලිමය අසල පහන, මල්වට්ටිය හා හඳුන්කූරුද බිම වැටී තිබුණේ ඔවුන්  කාමරය තුලදී රණ්ඩුවී ඇති බවට සාධක ලෙසය. කෙසේවුවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අණාවරනයවී ඇත්තේ සූජිත් විසින් ඇගේ හිසට  එල්ල කරන ලද පොල් ගෙඩිපහරින් අනතුරුව ඇය විසින් ඔහුගේ ගෙල ප්‍රදේශයේ උරහිසට,පාන් කපන පිහියෙන් පහර එල්ල කර ඇති බවය.කාමරය ඉදිරිපිට තිබූ මල්පෝච්චියක කොලයක ඔතා තිබූ ලේ තැවරුණ පිහිය සොයාගන්න‍ෙ පසුවය.   සුජීත්ගේ මරණයට වගකිවයුතු සැකකාර අනියම් බිරිය අත් අඩංගුවට පත්වෙන්නේ ඒ අනුවය.   එයා මාත් එක්ක රණ්ඩුවෙලා පොල් ගෙඩියෙන් මගේ  ඔළුවට ගැහුවා.මං උඩ තට්ටුවට  දිව්වා බේරෙන්න.එයා මට පහළට අඩගැහුවා, මං ආවට පස්සෙ මට පිහියෙන් අනිනන හැදුවා. මං පිහිය උදුරනකොට එයාට වැදුණා. ඇය පවසන්නේ එවැන්නකි. කෙසේ වුවත් දැන් ඔහු ජීවතුන් අතර නැත.ඒ පිහි ඇනුමකට ලක් වීමෙනී.එහි චෝදනාව එල්ලවී ඇත්තේ ඇය වෙතය. ඇගේ දෑතට මාංචු වැටු මේ අනුවය.  කෙසේ වුවත් අනියම් ඇසුරු නිරන්තරයෙන්ම අවසන් වන්නේ ශෝකාන්තයකීන් බව පුන පුනාකීම  ඇවැසි නැත.ම‍ෙ ආදර අන්දරයද කෙලවරවූයේ එකෙකු වලපල්ලට අනෙකා මහඋළුගෙදරටත් සින්න කිරීමෙන් අනතුරුවය.-වීනිතා මානෙල් ගමගේ- 
කියලා වැඩක් නෑ .. මේ සමාජය ගැන .. දෙන්නම divorce වෙලා නම් කොහොමද අනියම් සබඳතාවක් වෙන්නෙ ...
43
POSITIVE
ncpp_train_0279
2020 වසරේ සිට සිදුකිරීමට තීරණය කළ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන අතර 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩි වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එම චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000න් වැඩි කිරීමට නියමිතව ඇති බව සඳහන්. 2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
රාජ්‍ය සේවයේ පඩි ගැන දැනගෙනද ඔය කතාකරන්නේ.. පුද්ගලික සේවකයින්ට වඩා ගොඩක්ම අඩුයි..
4
POSITIVE
ncpp_train_0280
වරෙක ගුරුවරයකු තවත් වරෙක පොලිස් නිලධාරියකු මෙන්ම හා හෝටල් සේවකයකු ලෙස අගවා මිනිසුන් මුළා කොට ඔවුන් සතු රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සොරාගත් පුද්ගලයකු පිටකොටුව බස් නැවතුමේ දී ඉකුත්ඳා (27) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. එම පුද්ගලයා එලෙස කොල්ලකන ලද රන්මාල දෙකක්, රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා ඔරලෝසු. මුද්දක් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. එම සැකකරු සන්තකයේ තිබී කෑගල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුට අයත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රාජකාරී හැඳුනුම්පත එම නිලධාරියාගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීම් හැඳුනුම්පත හා කාන්තාවකට අයත් හැඳුනුම්පතක් සොයා ගත් බව පොලිසිය කියයි. වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකුට මිටී සති කිහිපයකට ඉහත දී අහම්බෙන් මෙම පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහු ඒ වන විට හඳුන්වා දී ඇත් තමා සංචාරක මග පෙන්වන්නකු ලෙස බව පොලිසිය කියයි. චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට දස්කම් දක්වන පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයාට පවසා ඇත්තේ ඔහු කාලයක් ඉග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ බවය. පාසල් යන දරුවන් සිටී නම් ඉංග්‍රීසි ඉගැන්වීමට හැකි බවය. මෙම සැකකරුගේ කතා විලාසයට රැවටුණ එම පුද්ගලයා මෙම සැකකරු නිවසට ගෙන්වා දරුවන් දෙදෙනා ඒ සඳහා ද යොමුකර ඇතැයි ද පොලිසිය කියයි. සති තුනක් පමණ තම දරුවන්ට ඉංග්‍රීසි කියා දීමට පැමිණි ගුරුවරයා පිළිබඳ කිසිදු තොරතුරක් නොවූ බවත් නිවස් හිමියාට ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි. හදිසි අවශ්‍යතාවක් ඇති වී නිවසේ අල්මාරියේ තබා තිබූ රන් භාණ්ඩ සොයා බැලියම් දි එම රන් භාණ්ඩ නොමැති බව දැකීමෙන් දැඩි කලබලයට පත් නිවෙස් හිමියා තම දරු දෙදෙනාගෙන් ද ඒ පිළිබඳ විමසීමේ දී දිනක් ගුරුවරයා තමන්ට ඉංග්‍රීසි පාඩමක් පවරා නිවස තුළට ගිය බවත් පවසා තිබූ බව පොලිසිය කියයි. පසුව ඒ සම්බන්ධයෙන් වාද්දුව පොලිසියට ඔහු විසින් පැමිණිල්ලක් ද කර තිබූ බව පොලිසිය කියයි. එම පුද්ගලයා සම්බන්ධයෙන් වාද්දූව පොලිසියට ලද පැමිණිල්ල අනුව කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් පරික්ෂණ පවත්වා සැකකරු පිටකොටුව බස් නැවතුම් පොළේ දී අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේ දි මේ ආකාරයෙන් සිදුකළ තවත් සොරකම් කිහිපයක් පිළිබඳව ද තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි. සැකකරු මීට මාස තුන හතරකට පමණ ඉහත දි මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස්වරයකුව සිටිය දි නවාතැන් ගෙන සිටි කාමරයට යාබද බෝඩිං කාමර දෙකකට ඇතුළු වී සිඳුකළ සොරකම් දෙකක් සම්බින්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. මෙම සැකකරුට එරහිව මහියංගණය අධිකරණයේ වරෙන්තු පවා නිකුත් කර තිබූ බව පවසන පොලිසිය ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක සොරකම් සමිබින්ධ නඩු ගණනාවක් ඇතකු බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි. වසර කිහිපයක් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරු ඉකුත් ජනවාරි මාසයේ ඇප මත නිදහස් පැමිණි අයයක් බව ද විමර්ශනවල දි හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 40 සැකකරු රංගම පදිංචිකරුවෙකි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන් උපදෙස් මත කළුතර කොටිඨාස නීතිය බල ගැන්වීම් ඒකකය ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිලංග සංජීව, උපපොලිස් පරික්ෂක ඉන්දික, පොලිස් සැරයන් 37109 රත්නායක, 27118 සමින් කුමාරසිරි පොලිස් කොස්තාපල් 44817 ගුණවර්ධන ජයරත්න සරත් ප්‍රියන්ත සම්පත් මහත්වරු පරීක්‍ෂණ පවත්වති. (බණ්ඩාරගම විමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්තරන් බඩු නැති වෙල ඔයින් බේරුනා ඇති. ලමයි දෙන්නව තනියම ඒ යකා එක්ක ගෙදර තිබ්බ එක තමයි වැඩේ. ඔය වාද්දුව සිට බේරුවල දක්වා කෝච්චියේ මාල කඩපු එක්කෙනුත් ඉන්නව​.
133
POSITIVE
ncpp_train_0281
16 හැවිරිදි ශිෂ්‍යාවන් 04දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි සැකපිට 52 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද (30) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් යහලවෙල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ හා 11 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 04දෙනෙකි. මොවුන් විද්‍යාලයේ බුදු මැදුරේදී හා ගුරු විවේකාගාරයේදී වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඔවුන් විසින් මේ සිද්ධිය පිළිබඳව මව්පියන්ට හා ගුරුවරුන්ට පවසා තිබේ. අනතුරුව ඔවුන් තම දෙමව්පියන් සමඟ පොලීසියට පැමිණ තමාට වූ හිංසනය පිළිබඳ පැමිණිලි කර ඇත. ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේ සැකකාර විදුහල්පතිවරයා මින් පෙර බාල වයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබු අයෙකු බවයි. මේ වනවිට සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාගේ ද උපදෙස් මත ඇල්ල පොලීසිය විසින් සිදුකරයි.
මුලින්ම මුගේ ඇට 2 තලන්න ඕන. ඊට පස්සේ රස්සාවෙන් දොට්ට දාන්න ඕන
37
POSITIVE
ncpp_train_0282
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය."ස්ථිරවම ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්වෙන නිසා තමයි බැංකු පද්ධතිය දැනුම් දීමක් කරලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට මේක කරොත් ලොකු විනාශයක් වෙයි කියලා. ඔහුගේ ඊයේ පර්ලිමේන්තුවෙදී ප්‍රතිචාරය තිබුනේ මගේ ඔළුවට පිස්තෝලේ තියලා බැංකු වැටෙනවා කියලා තර්ජනය කරලා, මං කරන ඒවා නවත්තන්න බෑ මං මේක කරනවා, හරි එහෙනම් බැංකුව ඇවිල්ලා ආර්ථිකේ භාර ගන්න. ඔය ස්වරයම තමයි ජනතාවගේ ප්‍රජාත්‍රාන්තික අයිතීන් ගැන තියෙන්නේ. මේකේ විනාශය ගැන රනිල් තමයි හොඳටම දන්නේ. ඔහුට ජනතාව ඉදිරිපිට වන්දි ගෙවන්න සිද්ධ වේවි. පක්ෂ නායකයෝ ඔක්කොටම වඩා අවංකයි ජොන්ස්ටන් ප්‍රනාන්දු. එක වතාවක් කිව්වා මේ අණ පනත් කියලා තඩි පොත් දෙනවා පාර්ලිමේන්තුවට ඕවා කියව කියව ඉන්න අපිට වෙලාවක් නෑ. අපි පක්ෂෙන් අහලා අත උත්සන්න ඕනෙද එපා නැද්ද කියලා කියන විදියට කියනවා.අඩුම ගානේ මේකේ තියන දේවල් ඒ ගොල්ලන්ට තේරෙනවද? නම් දාලා තියෙනවා, පනත මොකක්ද කියලා දන්නෑ. හර්ෂද සිල්වා හරි කවුරු හරි ඒකට අත උස්සන්නේ කොහොමද? ඉතාම වගකීම් විරහිත හැසීරීමක් මේක. ස්ථිර වශයෙන්ම මේක සිංහල භාෂාවෙන් ලබාදිය යුතුයි. අබ කන මිනිහගේ මොළේ දනවා වගේ මේවා පර්වර්තනය කරන්න අපහසු නෑනේ. පරිවර්තනය නොකරන්නේ පොදු ජනතාව මේක කියවයි කියලා.IMF ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේතුවට සහ රටට ඉදිරිපත් කරන්න කියලා දිගින් දිගටම අපි කිව්වා. ගිවිසුම අත්සන් කරලා ඊට පස්සේ තමයි ඒක පාර්ලිමේන්තුවට දාන්නේ. මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ රනිල් වික්‍රමසිංහ නිශ්චිතව කිව්වා මේක පාර්ලිමේන්තුවේ සම්මත වුනොත් මෙහි ඇති සියලු කරුණු පනත් විදියට සම්මත කරලා ඒක ලංකාවේ නීතිය බවට පත් කරනවා කියලා."
ධනපති ක්‍රමයේ කොටසක් තමා බැංකු කියන්නෙ. මූ සමාජවාදි මාවතක යනවා කියමින් ධනපති ක්‍රමයේ අංගෝපාංගයක් වන බැංකු වල කඩා වැටීම ගැන කම්පා වෙනවා. පිස්සු හාමිරකෙක් මූ.
-17
NEGATIVE
ncpp_train_0283
හිටපු සංස්කෘතික ඇමතිවරයෙකු හා හිටපු කතානායක විජමු ලොකු බන්ඩාරයන්ගේ ප්‍රත්‍රයා වන වර්තමානයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර සිය බිරිය සමග නිවසේදී කළ නර්තනයක් සමාජ ජාල වෙත මෙසේ මුදා හැර තිබේ. මින් ඉහත නදීෂා හේමමාලි සමග ලබාගත් ඡායාරූප කිහිපයක් නිසාද උදිත් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට විය.
අපිට අද .. අල නැහැබන්.
5
POSITIVE
ncpp_train_0284
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video) අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු දෙවන හා සම තෙවැනි තැන් ලබාගත් සිසු සිසුවියන්ගේ වැඩි විස්තර මේ වනවිට ලැබී තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනූ අනුකි චමත්කා පැස්කුවල් විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව විභාගයෙන් පැමිණි අයෙකු නොවුවාය. ඇය පළමු ශ්‍රේණියේ සිට එම පාසලෙන් අධ්‍යාපනය ලබා තිබේ. කෙසේ වෙතත් ඇය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර එහිදී ලකුනු 173 ක් ලබා තිබේ. ඇගේ මව විවෘත විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇගේ පියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඇය සිය ජයග්‍රහණය ගැන කියා සිටියේ, ‘පළවෙනියා වෙයි කියලා කොහොමවත් හිතුවෙ නෑ. මම සිංහල විෂයට විතරයි ටියුෂන් පන්තියකට ගියේ. ඉස්කෝලෙන් තමයි සියලුම දැනුම ලබාගත්තෙ මම. අමතර පන්ති ගියාම ගොඩක් වේලාව වැය වෙනවා.ඒ හින්දා පාඩම් කරන්න වෙලාව මදිවෙනවා.මට කියන්න තියෙන්නෙ ඉස්කෝලෙ දෙන වැඩ හරියටම කරන්න ඕන.ගුරුවරුන් කියන දේවල් පිළිපදින්න ඕන. එතකොට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. මම ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා. විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි.“ දෙවන ස්ථානය දිනාගත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිඳු මංතිලිනි මුණසිංහ ජයග්‍රහණය ගැන මෙසේ කියා තිබේ. ‘මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යා අංශයෙන් ඉදිරියටම යන්න. ඉදිරියට ගිහිල්ල වෛද්‍ය වරියක් වෙන්න. මේ අවුරුද්දෙ විභාගෙට මුහුණ දෙන අයට කියන්නෙ බයවෙන්නෙ නැතිව එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරෝතින් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්.‘ තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් ආනන්ද විද්‍යාලයේ සුගත් සනිදු සන්වර කියා සිටියේ, ‘මම එදිනෙදා වැඩ එදිනෙදාම කළා.හැමදාම පාසල් ගියා. ලොකු පීඩනයකින් තොරව වැඩ කළ නිසා මේ ජයග්‍රහණය භුක්ති විඳිනවා‘ තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ මිරිස්සගේ  කියා සිටියේ, ‘මම අධ්‍යාපනය වගේම විෂය බාහිර වැඩත් සමගාමීව කළා.තරග වලිනුත් ඉහළ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණා.මගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න‘
මේ මම නෙමෙයි
6
POSITIVE
ncpp_train_0285
අද (30) මහනුවර කළ සංචාරයෙන් අනතුරුව මහනුවර ජනපති මන්දිරයේදී කතාවක් පැවැත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපති ධුරයට පත්වූ බවත් පැවැසීය. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉවත්වීමට සිදුවූ බවත් පැහැදිලිකළේය. ‘පොහොර නැතිවුණා, තෙල් නැතිවුණා අවසානයේ පීඩනය පිපිරුණා. ජනතාව පාරට බැස්ස එක හරි ඒත් අරගලවලට උද්ඝෝෂණවලට ආපු අරමුණු වෙනත් පැත්තකට ගියා වෙනත් සංවිධාන ඇවිත් දේශපාලන උවමනාවන්ට ඒවා පාවිච්චි කරා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තිබ්බා ඒත් මෙහෙම දේවල් කරේ නැහැ. මාව ගෙදර යවන්නත් කතාවෙනවා. ඒත් ඊට කලින් මට ගෙයක් හදල දෙන්න කියල මං ඒ අයගෙන් ඉල්ලනවා.රටේ ප්‍රශ්න වලට බලපෑවේ ගෝඨාභය පොහොර නොගෙනාපු එක කියල කට්ටියක් කියනව. තව කට්ටියක් කියනවා ගෝඨාභය  අයිඑම්එෆ් වෙලාවට ගියෙ නැති නිසා කියල. තවත් අය කියනවා පසුගිය රජයන් එහෙම නැත්නම් යහපාලන කාලෙ ගත්ත විශාල ණය නිසා කියල.මේව කිය කිය තර්ක කරන්න පුළුවන් කාට හරි ඇගිල්ල දික්කරන්න පුළුවන්. ඒත් දැන් ඒවයින් වැඩක් තියද දැන් තියන ප්‍රශ්න වලට ඒවයින් විසදුම් ලැබෙයිද..  නැහැනෙ. ඒවට වරදකාරයො ගැන විශ්ලේෂණය කරල පොත් ලියන්න වුණත් පුලුවන් කාට හරි. ඒත් පරණ දේවල් හොය හොය හිටියයි කියලා මෙතැනින් අඩියක් හරි අපට රට සංවර්ධනයකට ගෙනියන්න බැහැනෙ. මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලැබෙන්නෙත් නැහැනෙ.මම ජනපතිධුරය භාර ගත්තා කියලා ආර්ථික ප්‍රශ්නය විසඳිලා නෑ. ජනතාවට තියෙන ප්‍රශ්න ඒ විදිහටම තාම තියෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියානැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.එහෙන් මෙහෙන් ණය ගත්ත කියල ප්‍රශ්න විසදිලා නැහැ. ඒවයින් තවත් ණය බර වැඩිවෙලා තියනව.සටන් පාඨ කිය කිය ඉදල මේ ප්‍රශ්න වැඩි කරනවද අඩු කරනවද කියලා අපි තීරණය කරන්න ඕන. මේක තවත් වැටුණොත් රටත් නැති වෙනවා. දැනට ගණං බලල තියන විදියට අපේ ආර්ථිකයේ දළ දේශීය නිශ්පාදිතය මේ අවුරුද්දෙ සියයට 7කින් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සියයටතුනකින් අඩුවෙනවා. ඊට පස්සේ අවුරුද්දේදී සියයට එකකින් වර්ධනය වෙනවා.අපේ උද්ධමනය තව වැඩිවෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්නයි.මං හිතන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් තමා මේවට විසදුම් ලැබෙන්නෙ.මං ඒ ගැන සියලුම මන්ත්‍රීවරුන්ට ලියුමකින් ආරාධනා කළා. මං හිතනව පිරිස මේක තේරුම් අරන් එක්වේවි කියලා.අද මෙතැන ඇවිත් ඉන්නවා එජාපෙ සංවිධායකවරුන් වැඩකරපු අය.. ඒවගේම පොදුජන එක්සත් පෙරමුනේ අයත් ඉන්නවා. දෙගොල්ලො මේ විදිහට මින් පෙර එකට ඇවිත් නැහැ. මට අවශ්‍ය ඒ සමගිය. මෙතන්ට සජබෙ,ජවි​පෙ,කොන්ග්‍රසයේ වගේ අනෙක් පක්ෂ වල අයටත් ඉඩක් තියනවා. මං ඒ හැමෝම එකතුවෙයි කියල බලාපොරොත්තු වෙනවා.මේ ප්‍රශ්න ඔක්කොම කොළඹ දේශපාලන නායකයො අතරෙයි. ගම්වල තියෙන්නෙ මිනිසුන්ගෙ ප්‍රශ්න ටික ඒක කොහොම හරි විසදගන්න තමයි ඒ අයට ඕන. මං දිස්ත්‍රික් මට්ටමින් නායකයින් එකතුකරගෙන ගම්වල කන්න නැති එක රැකියා නැති එකට ඉක්මන් වැඩසටහනක් ඉදිරි සතියෙදිම අරඹනවා. මගේ ඉල්ලීම සියල්ලන්ට එකතුවෙන්න කියන එක' 
රාජපක්ෂලා තමන්ගේ වාසියට මෙයාව පත් කළාට එය සදාචාර විරෝධී. ඔවුන් මෙය හරහා කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියා නිසා, ජීඑස්පී අහිමි වෙන විතරක් නොවේ තවත් රටවලින් ලැබෙන්න තියෙන ආධාර පවා අහිමිවී මානව හිමිකම් සංවිධාන හරහා තහංචිද පනවන්න පුළුවන් එම නිසා සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තිකයන්ගේ සංගමධ එකතුවී ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙක් රහස් ඡන්දයෙන් වත් තෝරාගෙන ඔහුව ජනාධිපති කර රනිල්ට ඉල්ලා අස්වන්න කිව යුතුයි. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයත් එලෙස තෝරා පත්කර ගත යුතුය. එසේ වුණොත් පමණයි පිටරට වැඩ කරන ලාංකිකයන්, සංචාරකයන්, අනිත් රටවලින් සහ IMF වලින්ද ඩොලර් ලබාගෙන මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ.
5
POSITIVE
ncpp_train_0286
දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹන්නට දුම්රිය සේවකයන් තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව ඉංජිනියස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. දුම්රිය සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරිම සඳහා ප්‍රමුඛ පෙළේ පෞද්ගලික දුරකතන සමාගමකට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරිම ඉකුත් 26 වැනිදාට යෙදී තිබූ නමුත් වෘත්තිය සමිතිවල විරෝධතාව හේතුවෙන් එය කල්දැමුණු බවත් හෙතෙම කියා සිටියේය. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම චීන සමාගමකට ලබාදීමට සැළසුම් කර ඇති බව කී දොඩන්ගොඩ මහතා, එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.  මේවා වැඩකට නැති ව්‍යාපෘති යැයි කී ඔහු පසුගිය රජය සමයේ සැළසුම් කර ඇති මෙම ව්‍යාපෘති වත්මන් රජය බලයට ආ වහාම අහෝසි කරන බව කීවත් එය සිදුවන බවක් පෙනෙන්නට නැතැයි ද පැවසීය. තාක්ෂණය දියුණු වර්තමානයේ සන්නිවේදනය දියුණු කිරීම හා ප්‍රවේශපත් නිකුත්කිරීම වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බැවින් පෞද්ගලික සමාගම්වලට ඒවා දියයුතු නැතැයි ද දොඩංගොඩ මහතා පැවැසීය. මේ සඳහා ඩොලර් මිලියන 8.5ක් වැයවෙතැයි පැවැසෙන බවත් මෙම ව්‍යාපෘති දෙපාර්තමේන්තුව මගින් සිදුකළ හොත් වැයවන්නේ රුපියල් මිලියන 75ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. නාරාහේන්පිට, අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දික දොඩම්ගොඩ මහතා මෙම කරුණු සඳහන් කළේය. මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරිම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමේදී ඔහු කියා සිටියේ, 2017 සැලසුම් කළ මෙකී ව්‍යාපෘති මේ වනවිට ආරම්භ කිරීමේ අදියර පැමිණ ඇති බවය. කිසිදු ව්‍යාපෘති සමිතියක් ඊට විරුද්ධ නොවුණු බවත් ඒ පිළිබඳ මුල සිට ඔවුන්ගේ සහය ලැබුණු බවත් කී සමරසිංහ මහතා, මෙම වැඩිදියුණු කිරීම ව්‍යාපෘති අනුව දෙපාර්තමේන්තු සේවක පිරිස්වල වෘත්තීය මට්ටම් ඉහළදැමීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවද කියාසිටියේය. මේ වනවිට සියලු වෘත්තිය සමිතිවල අදහස් ලබාගෙන ඇතැයි කී ඔහු ඒ සම්බන්ධව රැස්වීම් 14ක් පැවැත්වූ බවද පෙන්වා දුන්නේය. මේ වනවිටත් සන්නිවේදන පද්ධතිය දේශීය සමාගමකට ලබාදී ඇති බව සැබෑ යැයි පැවසු සමරසිංහ මහතා ප්‍රවේශපත්‍ර පිළිබඳ ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වත මෙම ව්‍යාපෘති දුම්රිය සේවාව ලබාගන්නා ජනතාවටත් එහි සේවක මඩුල්ලටත් ප්‍රතිලාභ රැසක් හිමි වන බවද සමරසිංහ මහතා කීය. (විනීතා එම්.ගමගේ සහ මහින්ද නිශ්ශංක)
මොකා හෑදුවත් කමක් නෑ ඕවා හරියට දිගටම වෑඩ කරනවා නම්. නෑත්නම් launch කරන සතියේ විතරයි වෑඩ කරන්නේ.. ඊට පස්සේ කියයි ඒක වෑඩ නෑ.. කොටුවට ඈවිල්ලා ටිකට් එක ගනින් කියලා.. මහලොකුවට ලොරි ටෝක් නම් තියෙනවා.. කියපන් බලන්න උබලගේ ඔය රේල්ලුවේ හරියට වෑඩ කරන එක ඔන්ල්යින් system එකක්? අනිත් රටවලට වඩා අපි අවුරුදු 50ක් විතර පිටිපස්සෙන් ඉන්නේ..
85
POSITIVE
ncpp_train_0287
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය. සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”   
මුට ඉන්‌නෙ ඒක සිංහයයිලු. අනේ මෝඩ තකතීරුවා.
-19
NEGATIVE
ncpp_train_0288
අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ඝාතනය වූ දිනයේ නිට්ටඹුවේදී එම ආරක්ෂකයා අතින් වෙඩි වැදී මියගිය හර්ෂ නදීශාන් තරුණයාගේ මව ඊයේ පැවති රැස්වීමකදී එදින සිදුවීම ගැන අදහස් පළ කළාය.මෙම රැස්වීම පැවතියේ අරගලයේදී මියගිය අය සැමරීම හා ඒ පවුල් වලට ආධාර ලබාදීම පිණිස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකතුවක් සංවිධානය කළ උත්සවයකදීය.ඇය මෙසේ කියුවාය. ‘මේ ඉන්නෙ මගේ දරුවා. හර්ෂ නදීශාන් ජයවීර. මුලින්ම බෙල්ලට වෙඩි දෙකක් තියල තිබුනා. දරුවාව මං දැක්කා. මැයි 09 උදේ ඉඳලා මං අරගලය බැලුවා. හිටපු අගමැතිතුමා මේක ඇවිස්සුවා.. අපි දන්නවා.. ඒක එහෙමයි වුනේ එයා ඒක ඇවිස්සුවා. මගේ වචන මේ පාවිච්චි කරන්නේ. ඒ අවුස්සපු වෙලාවෙ දරුවා ෆොන් එකෙන් මේක බැලුවා එයා ඒවෙලාවෙ වේයන්ගොඩ ගැරෙජ් එකේ හිටියෙ. එයා කිව්වා මං මෙහෙන්ම යනවා කොළඹ කියලා. මං කිව්වා පුතේ කොළඹ යන්න එපා.. කියලා. කර්ෆියු දාලා හැමතැනම ඒ නිසා ඔයා ගෙදර එන්න කියලා..එයා ඊට පස්සෙ නිට්ටඹුවට ගිහින් තිබුණා. එතැනදි තමා මේ සිද්ධිය වුනේ.. එදා හිටපු අගමැති තුමා නිසා තමයි මගේ දරුවා මුලින්ම නැතිවුනේ..මගේ දරුවා නැතිවුණාට පස්සෙ තමා එදා මුළු ලංකාවෙම කැළඹීම් ඇතිවුනේ.‘
මුත් මරන්න එන්න ඇති බේරෙන්න වෙඩි තියන්න ඇති හොද වැඩේ මදාවි දාමරික කුඩ්ඩො.
4
POSITIVE
ncpp_train_0289
උපන් රටට ණය නැති පරිපූර්ණ මිනිසෙකු වීම එතරම් ලෙහෙසි නැත. ඒ ගමනේ කැපකිරීම් අතිමහත්ය. නින්දා ප්‍රශංසා බොහෝය. එලෙස ජීවිතය දිනූ අපේ රටට නෑකම් කියන ශ්‍රී ලාංකික කාත්තාවක් ගැන ඉකුත් සතියේ ඇමෙරිකාවෙන් වාර්තා විණි. ඇය එසේ මෙසේ කෙනෙකු නොව, ලෝකෙට පොලිස්කාරයා වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට උපදෙස් දෙන වෛද්‍ය විද්‍යාඥවරියකි.  මේ කියන්නට යන්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක වන මහාචාර්ය අශානි තනූජා වීරරත්න මහත්මිය පිළිබඳවය. ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉකුත්දා පත් කරනු ලැබීය. ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහන් ක්‍රියාකාරිත් පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් හා සහාය ලබා දීම අශානි වීරරත්න මහත්මිය ඇතුළු එරට ජාතික පිළිකා උපදේශක මණ්ඩල සාමාජිකයින්ගේ කාර්යභාරය වේ. අශානි වීරරත්න මහත්මිය ඇමෙරිකාවේ පිළිකා හේතුවෙන් වයසට යෑමේ බලපෑම පිළිබඳ මෙලනෝමා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි. 1971 වසරේදී ලාංකික මව් පිය යුවළකට දාව ශ්‍රී ලංකාවේ ඉපිද අප්‍රිකාවේ ලෙසෙතෝ රාජ්‍යයේ හැදී වැඩුණු මහාචාර්ය අශානි විරරත්න මහත්මිය ජීව විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවුරුදු 17 දී 1988 දී ඇමෙරිකාව මෙරිලෑන්ඩ් හී සෙන්ට් මේරිස් කොලිජියට ඇතුළත් වූවාය. පසුකාලීනව ඇය ජොර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.ඇය ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ ඊ.වී. මැකොලහි සභාපතිවරිය ලෙසත්,බ්ලූම්බර්ග්  කීර්තිමත් මහාචාර්යවරියක ලෙසත්, සිඩ්නි කිම්මල් විස්තීරණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ හා මෙටාස්ටැසිස් වැඩසටහනේ සම-නායකවරිය ලෙසත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා  රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසත් කටයුතු කරමින් සිටියදී ජනාධිපති ජෝ බයිඩන් මෙම තනතුරට පත් කරනු ලැබීය. පාරිසරික ක්ෂුද්‍ර වර්ග, සාමාන්‍ය සෛල හා ගෙඩියක් වටා ඇති ව්‍යුහයන්, මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව මහාචාර්ය වීරරත්න මහත්මිය විවිධ පර්යේෂණ සිදු කරන්නීය. මෙලනෝමාවල වයසට යාමට හේතුවන ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව වනේද ඇයයි.ඇගේ අධ්‍යයනයට ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහී බලපාන ජෛව භෞතික වෙනකම් සෙවීමද ඇතුළත් වේ. ඉලක්ක කරගත් චිකිත්සාව සහ ප්‍රතිශක්ති චිකිත්සාව යන දෙකෙහිම වයස් සම්බන්ධ වෙනස්කම් ඇගේ පර්යේෂණ මගින් සොයාගෙන ඇත. අශානි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සේවය කිරිමට පෙර ලූම්බර්ග් මහජන සෞඛ්‍ය විද්‍යාලයේ පිළිකා ජීව විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරියක් ලෙස හා විස්ටාර් ආයතනයේ විද්‍යාගාරයේ ප්‍රධානියා ලෙස ද සේවය කළාය. විස්ටර් ආයතනයේදී මහාචාර්ය අශානි ප්‍රතිශක්ති විද්‍යාව,ක්ෂුද්‍ර පරිසරය සහ මෙටාස්ටැසිස් වැඩසටහනේ පූර්ණ මහාචාර්යවරයෙක් සහ සම-වැඩසටහන් නායකයෙකු මෙන්ම විද්‍යා විශ්වවිද්‍යාලයේ පිළිකා ජීව විද්‍යා වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද විය. ලංකාවේ ඉපිද ලෙසොතෝ හි හැදී වැඩුන අශානිට වයස අවුරුදු 15 සිට පිළිකා පර්යේෂිකාවක් වීමට අවශ්‍ය විය. ඒ අනුව 1988 දී වයස අවුරුදු 17 ක් වූ ඇය මේරිලන්ඩ්හි ශාන්ත මරියා විද්‍යාලයේ ජීව විද්‍යාව හැදෑරීම සඳහා අප්‍රිකාවෙන් පිටත් වූවාය. 1991 දී පශ්චාත් උපාධියක් ලබා ගත් අශානි 1997 දී ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් අතර, එම කාලය තුළදී ඇයගේ වෘත්තීය ජීවිතය වෙනස්කම් රැසකට මුලපිරිය. ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කොලොම්බියානු කලා හා විද්‍යා විද්‍යාලයෙන් අණුක හා සෛලීය ඔන්කොලොජි පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් අශානි 1998 සිට 2000 දක්වා වීරරත්න පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කළ අතර එවකට ජෝන්ස් හොප්කින්ස් ඔකොලොජි මධ්‍යස්ථානය ලෙස හැඳින් වූ ජෝන්ස් හොප්කින්ස් සිඩ්නි කිම්මෙල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක චිකිත්සක හා ඔෂධවේදය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ලැබුවාය.එතැන් සිට ඇය ජාතික සෞඛ්‍ය ආයතනවල එවකට ජාතික මානව පරම්පරා පර්යේෂණ ආයතනයේ  විද්‍යාත්මක අධ්‍යක්‍ෂ වූ ජෙෆ් ට්‍රනේට්ගේ රසායනාගාරයේ මාණ්ඩලික විද්‍යාඥවරියක වූවාය. මෙලනෝමා සම්බන්ධයෙන් ආචාර්ය ට්‍රනේට් සහ ආචාර්ය මයිකල් බිට්නර්න්ගේ සොයා ගැනීම පිළිබඳව ඇය අනුගමනය කළේ මෙතැනදී ය. මෙලනෝමා රෝගය ගැන කාර්යභාරය අවබෝධ කර ගැනීම සඳහා ඇය වසර 10කට ආසන්න කාලයක් පර්යේෂණ පවත්වා ඇත. 2007 දී මහාචාර්ය අශානි ජාතික වයස් පිළිබඳ ආයතනයේ ප්‍රතිශක්ති විද්‍යාගාරයේ වැඩ කළාය. 2011දී විස්ටර් ආයතනයට  බැඳුණු අතර, පළමුවෙන් සහකාර මහාචාර්යවරයෙකු ලෙස ද පසුව විස්ටර් ආයතනයේ ක්ෂුද්‍ර පරිසරය සහ මෙටාස්ටැසිස් වැඩසටහනේ සම මහාචාර්යවරයෙකු ලෙස ද වැඩසටහන් නායකයෙකු ලෙස ද කටයුතු කළාය. 2014 දී ඇය ජාතික පිළිකා ආයතනයේ R01 ප්‍රදානය ද ලැබුවාය. 2015 දී ඇගේ පර්යේෂණවලට සමට වියපත් වීමේ බලපෑම් සහ ගැටිති වර්ධනයේ අනුරූපී වෙනස්කම් ඇතුළත් විය. ආචාර්ය වීරරත්න මෙලනෝමා මෙටාස්ටැසිස්,ඩබ්ලිව්එන්ටී සංඥා සහ වයස්ගත වීම පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඇගේ පර්යේෂණ මගින් ක්ෂුද්‍ර පරිසරයේ මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර සිටින්නීය. මෙලනෝමාවල වයස්ගත ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය සඳහා මඟ පෙන්වන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු තැනැත්තා ඇයයි. ඇගේ අධ්‍යයනයන්හි ගෙඩියේ සහ ප්‍රතිශක්තිකරණ සෛල දෙකේම සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහි බලපාන ජෛව භෞතික වෙනස්කම් ඇතුළත් වේ.මහාචාර්ය අශානි වීරරත්න 2019 දී ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූයේ බ්ලුම්බර්ග් පිළිකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ය. ඇය මෙම භූමිකාවේදී, ඇය සිය මෙලනෝමා පර්යේෂණ දිගටම කරගෙන යන අතර වයසට යාම සහ පිළිකා වැඩසටහන් පුළුල්ව පරේෂණය කළාය. ඇයගේ මෙම සියලු පර්යේෂණයන් හී කැපවීම් අවසානය ඉකුත් දා හිමි කර ගත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ගෙනි.ඒ ඇමෙරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දෙන ජාතික පිළිකා උපදේශක මඩලයට 2021 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරනු ලැබීය. ඇයගේ පර්යේෂණ ගමන් මගේ අග්‍රඵලය විය. මෙම ඇමරිකානු සිහිනය ලුහුබැඳ යාමට පවුලක් නොමැතිව සංක්‍රමණය වීමේදී තමා මුහුණ දුන් දුෂ්කරතා ඇය සැමවිටම හෙළි කිරීමට වගබලා ගත් කාන්තාවක් වූවාය. ඊට අදාළව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සංක්‍රමණිකයින් ඉවත් කිරිමේ ප්‍රතිපත්තියට එරෙහිව මහාචාර්ය අශානි හඬ නැගු අතර ඒ වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයින්ගේ විද්‍යාත්මක ජයග්‍රහණ සහ ආර්ථික වර්ධනයන් පිළිබඳ සමාජයේ ඉස්මතු කළේ උපන් රටට මෙන්ම හැදුනු වැඩුණු රටට ආභරණයක් වෙමිනි.(තිලිණි ද සිල්වා)
"උපන් රටට ණය නැති පරිපූර්ණ මිනිසෙකු වීම එතරම් ලෙහෙසි නැත" ගොසිපෝ අපිත් නය නෑ මේ රටට. ඕනෙවටත් වඩා අපි බදු ගෙවල අපි කාරිය ඉෂ්ට කරලා තියන්නේ,
6
POSITIVE
ncpp_train_0290
පසුගිය වසරේ යුග දිවියට එළැඹි හිටපු රූ රැජිණි පුෂ්පිකා ද සිල්වා මේ දිනවල මවක වීමේ අපේක්ෂාවෙන් කල්ගෙවන බවට වාර්තා වෙනවා. ඒ ගැන වැඩි විස්තර ඇය තවම හෙළි කර නැත. ඇය පසුගියදා සිය සැමියා සමග ෆේස් බුක් ඔස්සේ හුවමාරු කරගත් ඡායාරූප කිහිපයකින් දිය යට ඡායාරූප ගත් ආකාරය පහතින්.
ඔව් ඉන්දියාවෙ නිළියො එහෙම වෙන්න ඇති. ඒත් යුරෝපෙ රටකට ගියොත් එහෙ කෙල්ලො ඉන්නව මේකක් එකක් අල්ලලවත් නැති. ඒගොල්ලොත් එක්ක නම් ඉතින් හැරෙන්නවත් බෑ මේ දකුණු ආසියාවෙ ගෑනුන්ට. නියම නැචුරල් බුයුටි කියන්නෙ මොනාද බලන්න ඕන්නෙම් පලයන් ප්‍රංශෙ හරි මොකක් හරි යුරෝපෙ රටකට. එතකොට තේරෙයි ලස්සන මොකද්ද කියල.
-15
NEGATIVE
ncpp_train_0291
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි. කෙසේ වුවද එදිනට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔහු පැවසුවේය.
තමුසේ කව්ද ඕයි තෙල් නැව්‍ ගෙන කතාකරන්න ....
13
POSITIVE
ncpp_train_0292
 බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ ඔහුගේ කතාවයි. අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.' තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය. අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි. ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි. සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය. බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි. බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි. බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි. තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය. වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි. මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි. තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි. ''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.'' බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි. උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි. තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි. සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි. "ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි. "චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි. බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි. රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය. සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි. ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි. "බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි. බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි. දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි. බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි. කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි. 'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි. බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි. ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා. මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා. කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
මොනව පාස් වූවත් වැඩක් නෑ. නිදහසක් නැත්නම්. යු ආ ඩෙඩ් මෑන් නව්
-2
NEGATIVE
ncpp_train_0293
කොරෝනා තර්ජනය නිසා පීඩාවට පත්වන ජනතාවට ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් තවත් සහන පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ ගැන පළ කර තිබෙන මාධ්‍ය නිවේදනය මේ සමග දැක්වේ.
අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති උනා නම්... කියන දේ නාහ පාරේ යනවට රෑට ඇවිත් අයිඩෙන්ටි එකතු කරනවා. ඇඳිරි නීතිය වෙලාවේ පාරේ යන වාහන ගිනි තියනවා. රට යනවට එනවට ප්ලේන් ඔක්කොම ගිනි තියනවා. වාහන යන එක නවත්තන්න සපුගස් කන්ද ගිනි තියනවා. එක තුන්ඩුවෙන් රටම වහනවා මෙලහට. ආයේ නියෝග නිකුත් කර කර ඉන්නේ නෑ. :D
-2
NEGATIVE
ncpp_train_0294
යෂාන් කෙන්යා සමග යුග දිවියට නව පරපුරේ ගායන ශිල්පියෙකු වන යෂාන් ද සිල්වා පෙරේදා යුග දිවියට පිවිසුණා. ඔහු අතගත් මනාලියගේ නම කෙන්යා. ඔහු තම විවාහය ගැන මෙසේ කියා තිබේ. අපි මුණ ගැසුණේ නාරාහේන්පිට දේවස්ථානයේදී. කෙන්යා ගීතිකා කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක්. ඉතිං එයා ස්ටේජ් එකේ ඉන්නවා මම නිතර දකිනවා. ඊට පස්සෙ තමයි අපි යාළුවෝ විදියට පොඩි කාලයක් ආශ්‍රය කරලා පෙම්වතුන් වෙන්නේ.අපේ සම්බන්ධයට අවුරුද්දක් වගේ වෙන්නේ.හැමෝටම වගේ අපිටත් බාධා ගොඩක් තිබුණා. මම මහනුවර. එයා කොළඹ. අපි හැදුණු පසුබිම වෙනස්. බාහිරින් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. ගෙවල්වල අයත් ගොඩක් ප්‍රශ්න කළා. නාරාහේන්පිට ජනතා දේව සභාවෙනුත් අපි ගැන හෙව්වා. පල්ලිය මඟින් අපිට විවාහ උපදේශන පන්ති මාලාවක් පැවැත්වූවා. අපි ඒවට සහභාගි වෙලා ආත්මිකව වර්ධනයක් ඇති කරගත්තා. විවාහ උත්සවයේ ඡායාරූප එකතුව පහතින් Pix By: DIGITAL EYE STUDIO, Bridalwear & Grooms outfit : Dr. NAMAL BALACHANDRA ,Brides Hair & Makeup : RUCHIRA LAKMALI LIYANAGAMAGE, Decoration : SMART FLORA, Footwear : HELANKA, Groom & the team hair : SALON LIYO, Wedding Invitation : CEYLON CARD STOCK, Beverages : 100plus & Buffalo
මටත් හොයල දියල්ලකො රටක නමක් තියෙන කෙල්ලෙක්
19
POSITIVE
ncpp_train_0295
කුවේට් ගිය බිරිඳගේ මළ සිරුර ලංකාවට එවුවත් රත්තරන් බඩුත් එපා මිනියත් එපා සැමියා කියලා හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක මින් වසර 15 කට පමණ පෙර කුවේට් දේශයේ රැකියාව සඳහා යාමෙන් පසු සැමියා හා දරු දෙදෙනා ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ අකටයුතුකම් කරමින් වාසය කිරීම නිසා එරට සිර අඩස්සියටද පත්ව ඇති අතර අනතුරුව සිර කුටියේ වහළයක් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත. මෙයින් අනතුරුව කුවේට් බලධාරීන් ඇය සතු රන් ආභරණ වස්තුවද සමග මළ සිරුර ලංකාවට එවා තිබේ. බිරිය තමා සහ තම දරුවන් අමතක කිරීමෙන් පසුව දුක් මහන්සියෙන් හරිහම්බ කර ගෙන දරවන්ට උගන්වා උස් මහත් කළ ඇගේ සැමියා තමන් ගැන මතක ඇති කාලයක කිසිවක් සොයා නොබැලූ සහ ඔවුනට නිගරු වෙන ලෙස හැසිරීම නිසා මෙම බිරියගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සමග එවා ඇති ඇගේ වස්තුවද අනවශ්‍ය බව පවසා තිබේ. 45 හැවිරිදි ඩී පී රමණි නමැති මෙම කාන්තාවගේ මළ සිරුරට මේ නිසා කරන්නට දෙයක් නැතිව රජයේ වියදමින් ආදාහනය කරන්නට සිදුව ඇත. හංවැල්ල වලව්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඒ නිසා ඇගේ සිරුර භාර නොගන්නා ලදි. වාර්තාව - අයිරංගි එදිරිසිංහ
You are correct.
71
POSITIVE
ncpp_train_0296
තලාව, එරියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 22 වැනිදා කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර මහව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය බවට තීරණය කෙරුණු වෛද්‍ය සිසුවියකගේ වකුගඩු සහ දෙඇස් වෙනත් රෝගීන්ට බද්ධ කිරීම සඳහා පෙරේදා(20) රාත්‍රියේ ඉවත්කරගනු ලැබූ බව වාරතා වේ. මෙසේ සිරුරු කොටස් ලබාගත්තේ කැකිරාව පාර තලාවේ පදිංචිව සිටි රුසියාවේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටි 24 හැවිරිදි ෂෙරින් නුවන්ති හේරත් මෙනෙවියගේය. වෛද්‍ය සිසුවියගෙත් ඉවත්කරගත් වකුගඩු දෙක රෝගින් දෙදෙනකුට බද්ධ කිරිම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මහනුවර ජාතික රෝහල වෙත ගෙන එනු ලැබුවේ එම රෝහලේ ස්ථාපිත කර ඇති අවයව බද්ධ කිරීමේ ඒකකයේ සහකාර සම්බන්ධිකරණ නිලධාරින් වන අනුර රත්නායක සහ ජේ.ඩබලිව්. ජයවර්ධන යන මහත්වරුන්ය. එම ඒකකයේ ප්‍රධාන වෛද්‍ය අරුණ අබේසිංහ මහතා මෙය සම්බන්ධීකරණය කර ඇත.  අනුරාධපුර මහ රෝහලේ වාගිනී හා බද්ධ කිරීම් පිළිබද ශල්‍යෙ වෛද්‍ය විශේෂඥ කපිලන් මහතා මෙහිදී වෛද්‍ය සිසුවියගේ වකුගඩු දෙක සිරුරෙන් ඉවත් කර ගනු ලැබිය. වෛද්‍ය සිසුවියගේ වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ රෝගීන් දෙදෙනකුට ඊයේ බද්ධ කිරිමට නියමිතව තිබිණි. | මියගිය ෂෙරින් නුවන්ති හේරත්  සිසුවියගේ පියා ප්‍රභාත් බණ්ඩාර මහතාය. මව නිශාන්ති ඒකනායක මහත්මියයි. ඔවුහු උපතින්ම කතෝලික ආගමිකයෝ ය. නිශානි ඒකනායක මහත්මිය සිය දියණිය ගැන අදහස් දක්වමිත් හැඬු කඳුලින් යුතුව මෙසේ කීවාය. අපට හිටිය එකම දරුවා ෂෙරින් නුවන්ති. ඇය තලාව මහා විද්‍යාලයෙන් හා අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පස්සේ අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. අ පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 08 ක් හා බී. සාමාර්ථයක් ගත්තා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාර බී සාමාර්ථ 03 ක් ලබාගත්තා. ඊට පස්සේ වෛද්‍ය උපාධිය හැදෑරිමට රුසියාවට ගියා.  ඇය වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී කොරෝනා වසංගතය නිසා ලංකාවට ආවා. නැවතත් එහි යන්න සූදානම් වෙලා සිටියා. මට  ඉකුත් 22 වැනිදා අපි කැබරථයකින් ගමනක් ගිහින් ආපසු නිවස බලා එද්දී තලාව, ඒරියාගම දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කළ අවස්ථාවේ කැබ්රථය දුමරියක ගැටුණා. එහිදී දුව බරපතළ තුවාල ලැබුවා. අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දියණියගේ මොළේ මියගොස් තිබෙන නිසා ඇය ජීවත් කරවිමට නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්  අපට දැනුම් දුන්නා. දියණිය මීයගියත් රෝගීන් සුව කිරීමට ඇය තුළ තිබු බලාපොරොත්තුව ඉෂ්ට කරන මායි සැමියයි දියණියගේ වකුගඩු, ඇස් ඇතුළු සියලුම ශරීර කොටස් රෝගීන් වෙනුවෙන් දන් දෙන්න තීරණය කළා. ෂෙරින්ගේ පියා වන ප්‍රභාත් බණ්ඩාර මහතා මෙසේ පැවසීය. දුම්රිය හරස් මාර්ගයේ තිබෙන ගේට්ටුව වසා  දැම්මට එහි ගේට්ටු ක්‍රියාකරු ක්‍රියාකර නොතිබීම නිසයි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
තවත් 3%, ආසන 3 ජෙප්පෙක්.
-1
NEGATIVE
ncpp_train_0297
          තම මව, ඇයගේ අනියම් සැමියා නිවසට කැඳවාගෙන පැමිණීම නිසා ඇතිවූ සිත් තැවුලට " ඔය හැමෝම මට සමාවෙන්න, මට තවත් දුක් විදින්න බෑ, මම ඔයාලගෙන් සමුගන්නවා" යි ලිපියක් ලියා තබා දාහත් හැවිරිදි පුත‍්‍රයා පෙරේදා (25දා) ඔහුගේ පුංචි අමිමාගේ නිවස ඉදිරිපිට ඇති නෙල්ලි ගසක එල්ලී සියදිවී නසා‍ ගෙන ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. මියගොස් ඇති තරුණයාගේ පියා මීට වසර දෙකකට ඉහතදී දහතුන් හැවිරිදි තම වැඩිමහල් දියණිය දූෂණය කිරීමේ වරදට වරදකරු වී බන්ධනාගාර ගතව සිටින බවත්, දූෂණයට ලක්වූ ඔහුගේ වැඩිමහල් නැගණිය හා බාල නැගෙණිය අධිකරණ නියෝග මත  බාලිකා නිවාසයක රඳවා සිටින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ අතර තම මව ඇගේ අනියම් සැමියා  24දා ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ඒමෙන් සිත් තැවුලට පත් වී ඇති මේ දාහත් හැවිරිදි තරුණ දරුවා තම පුංචි අම්මාගේ නිවස ඉදිරිපිට ඇති නෙල්ලි ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මේ තරුණයා සියදිව් නසා ගැනීපට පෙර ලියුමක් ද ලියා තබා ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇති තරුණයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26දා) මොනරාගල මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
අම්බෝ කුජීත ස්ටෝරියක්නේ යකෝ මේක.මොනවා උනත් පුංච් අම්ම පව්.මැරිච්ච එකත් පව්.
9
POSITIVE
ncpp_train_0298
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි කරුනු දක්වා ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ. එම ලිපි දෙක පහත පරිදිය.
මංගල වගේ බල්ලෙක් අහපුවටම පිලිතුරු නොදුන්නට තෝ නඩු දාපිය, බල්ලො බුරනවා, අපිත් බුරනවද, අපි ගලක් අරං ගහනවද, මංගලට මීක් නැතිව ඉන්න තමා ඔය කියලා තියෙන්න, උඹට නොතේරුනට ඌ තේරුම්ගනී
-6
NEGATIVE
ncpp_train_0299
 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත ‍සේනාරත්න මහතා සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය. සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකැමැති වුවත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමති  යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි. ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නොවන බවත් රණවිරුවන් ගැන කතා කරන අය පිළිගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. ඇමැති ධුර සදාකාලික නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා පුද්ගලයන් දෙස බලා තීන්දු තීරණ නොගත යුතු බව මෙන්ම දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතු යැයි ද අවධාරණය කළේය. කැබිනට් සංශෝධනය සිදු කළේ රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරීමට යැයි එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා සදහන් කළේය. ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අදහස් පළ කරනුයේ තමින් සිතු අමාත්‍යංශ නොලැබීම හේතුවෙන් බව ද මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලය හිමිකරගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මොකො චන්දෙන් ආපු කෙනෙක් ‍යැයි පින් ඇමතිකම් ගත්තම ඔහොම තමයි. උසි කිව්වාම හපා කන්න ඔනා.
6
POSITIVE
ncpp_train_0300
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු  යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්  ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.  ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට  කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.
අනේ පල ගෝතයා යන්න.... එකම comment එක වටේම දද හැමනෙන්න හදනවා.
4
POSITIVE