id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_0401
ඉන්දියාවේ අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසු දිවුරුම් දීමේ අවස්ථාවට හා ඔහුට සුබ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය. ඉංග්‍රීසි බසින්  විමසන ලද ප්‍රශ්න සිංහලයට පරිවර්තනය කර ජනපතිවරයා සිංහලෙන් එහිදී පිළිතුරු දුන්නේය. එහිදී ශ්‍රී ලංකාවෙන් ගිය 'ද අයිලන්ඩ්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඊළඟ ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල ජනපතිවරයා නැවත ඉදිරිපත්වන්නේද යන පැනය නැගුවේය. එයට පිළිතුරු දෙමින් ජනපති දන්වා සිටියේ ලබන දෙසැම්බර් 7 වනදා ජනපතිවරණය පවත්වන්නට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමිසම තමන්ට දන්වා ඇති බවත්ය. තමන් ඉදිරිපත්වනවාද යන්න තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයෙකු නම් කර නැති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ  පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පවසා තිබුණි. ඒ අනුව තවත් මාස 6 කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔය ප්‍රශ්ණයට ජනාධිපත් තුමා උත්තර දුන්නේ මීට අවුරුදු 4 කට කලින්. ඇත්තම කියනවා නම් උත්තර දුන්නා නෙවෙයි අහන්නත් කලින් නිවේදකනය කලා නැවත ජනාධිපති වරණයකට ඉදිරිපත් නොවන බවට. කෙලික් කතා කරන, අවංක දේශපානය කරන ජනාධිපති තුමා එම අදහස කිසිසේත්ම වෙනස් නොකරන බව අපිට විශ්වාසයි.
19
POSITIVE
ncpp_train_0402
සිය බිරිය වූ දෙදරු මවක අනියම් පුරුෂයකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කර ඇයට නිවෙස තුළදී අමානුෂික වධ හිංසා සිදුකර හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය කර නිවෙස පිටුපස ළිඳ අසල සිරස් අතට වළ දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කළ ඇගේ  සැමියා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  නුවර පාර, තම්මැන්නාකුලම, නෙළුකුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි වියන්නලාගේ  නීල් කුමාර (43) නැමැත්තාය. එම ලිපිනයේ පදිංචිව සිටි ඉරේසා මල්කාත්ති කුමාරිහාමි (41) නමැති දෙදරු මව සැමියා අතින් ඝාතනයට ලක්ව තිබූ අතර ඔහු බිරිය ඝාතනය කර පලා යමින් සිටියදී පසුගිය 28දා අලුයම අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදී  අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඇය සැමියා සමඟ අමනාප වී නිවෙසින් පිටව ගොස් සිටියදී සැකකරු ඇයව ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කර ළිඳ අසලින් අඩි දෙකයි දෙකක් පළල අඩි හයක් පමණ ගැඹුර වළක් හාරා බිය උපායශීලීව නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා 27දා රාත්‍රී අටට පමණ කාමරය තුළදී පොරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඝාතනය කර නිරුවත් සිරුර ළිඳ අසලට රැගෙන ගොස් සිරස් අතට වළ දමා තිබියදී සොයාගත් බව පොලිසිය අධිකරණයට පැවැසුවේය. සැකකරු විසින් ඇය ඝාතනයට යොදා ගත් බවට සැක කරන ලේ තැවැරුණු පොලු කැබැල්ලක් නිවෙස තුළ තිබී සොයා ගත් බවත් අධිකරණයට සැලකර සිටියේය. -මහේෂ් විජේසුරිය-
ඔයාගේ නංගිට කවුරුහරි මෙහෙම කලොත් ඔයා භාවනා කරනවද
-1
NEGATIVE
ncpp_train_0403
මහජන බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකර ගැනීමේ අරමුණින් බැංකුව සතු කොටස් සේවකයින්ට සහ තැන්පත්කරුවන්ට නිකුත් කිරිමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. සේවකයන් සහ තැත්පත්කරුවන් පරිබාහිර කිසිවිකුටත් එම කොටස් නිකුත් නොකරන බව ද අමාත්‍යාංශය කියයි. කොටස් නිකුත් කිරීමේ විධිවිධාන ඇතුලත් මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මහජන බැංකුවේ කොටස් නිකුත් කිරිම බැංකුව පෞද්ගලිකරණය කිරිමක් නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ. නිවේදනයේ මෙඳ සඳහන් වේ. ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබාදෙන බව කියමින් රඡය මහඡන බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ඡාතික පුවත්පත්වල පල වූ වාර්තා මහජනතාව නොමග යවන අසත්‍ය මෙන්ම ද්වේශසහගත ප්‍රවෘත්තියකි. ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහඡන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සාහ කරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට සම්බන්ධ බැංකු වෘත්තිය සමිති ප්‍රධානීන් උපුටා දක්වමින් මාධ්‍යවල වාර්තා කර තිබිණි. එහෙත් මහජන බැංකුව පෞද්ගලිකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි. මෙම  මෙම චෝදනාවට පදනම්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතයි. 1961 අංක 20 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරිම සඳහා මම කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. මෙම සංශෝධනය මගින් සිදු කරනුයේ බැංකුවේ බලයලත් ප්‍රාග් ධනය වැඩි කිරිම සහ ණයකර නිකුත් කිරිම මගින් බැංකුවට යම් මුදලක් එක්රැස් කර ගැනීම සඳහා බැංකුවටම අවස්ථාව ලබා දෙමින් බැංකුව මූල්‍ය වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙම නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැත්පත්කරුවත් වෙත නිකුත් කරනු ලැබේ. ඉන් පරිබාහිර කිසිවකුට එම කොටස් නිකුත් කරන්නේ නැත. මා විසින් 2019 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මූලික අනාවරණයක් සිදු කරන ලදී. එම යෝඡනාවට අනුව බැංකු මඟින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරිමේ දේශීය අවශ්‍යතාවක් ජනිත කිරීමේ අරමුණ එළිදක්වන ලදී. එබැවින් මහජන බැංකුව පෞද්ගලීකරණයට සැරසෙනවා යැයි කීම ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂවලදී සම්බන්ධ වෘත්තීය සමිති තම බංකොලොත්භාවය වසන් කර ගැනීම සඳහා ජනතාව නොමග යැවීමට කරනු ලබන ද්වේශසහගත ප්‍රකාශ වේ. කෙස් වුවද එම මාධ්‍ය ප්‍රකාශයන්හි සඳහන් පරිදි මහජන බැංකුව පෞද්ගලිකරණය කිරිමක් හෝ ඊට පිඹුරුපත් සැකසීමක් සිදු නොකරන බව අවධාරණය කෙරේ.
නිකන් බොරු එපා. කොටස් රජයද ගන්නේ? හරි නියාමනයක් කරලා පුද්ගලික කරන එකේ වැරැද්දක් නෑ. ප්‍රශ්නේ මහ බැන්කුවෙ ඉන්නේත් කාටහරි කඩේ යන උන්නේ.
41
POSITIVE
ncpp_train_0404
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ ලකුණ බිහිකළ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද 29 සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. මීට සති කිහිපයකට පෙර අප්‍රේල් 5 වනදා ඔහුගේ 99 වන ජන්ම දින සැමරීම සිදු කළ අතර එම අවස්ථාවේ ජනපති අගමැති ප්‍රමුඛ අය ඔහු හමුවී විශේෂ සැමරීම්ද සිදු කර තිබුණි. දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු හඳුන්වනු ලැබේ.  හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. ඔහුගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත. 1919 අප්‍රේල් 5 දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා ස්කොට්ලන්තයේ දී ඉගෙන ගත් වෛද්‍යවරයෙකි. ඔහුට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි. පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර්  ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත‍්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.  කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් ඔහු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු වෘත්තිය වශයෙන් ඩේලි නිව්ස් පුවත් පතේ හා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතෙහි සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය. 1947 දී එංගලන්තයට ගොස් එහි කලා ශිෂ්‍යත්වයක් හැදෑරූ ඔහු 1952 දී නැවතත් ලංකාවට පැමිණ ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විෂය කොට ගත් සිංහල සිනමාවේ සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය 1956  බිහි විය. ඒ දක්වා ඉන්දියන් කොපි හා ඉන්දියන් චිත්‍රාගාර ආශ්‍රිත චිත්‍රපට පැවති හෙළ සිනමාව ඒ අනුව වෙනසකට ලක්විය.  ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ඒකීය අනන්‍යතාවයක් ගොඩ නැඟුනි. ඉන්පසු ඔහු සම්භාවනීය චිත්‍රපටි රැසක් බිහි කළ අතර ගම්පෙරළිය ,දෙළොවක් අතර ,ගොලු හදවත ,නිධානය ,යුගාන්තය ඒ අතර කැපී පෙනේ. දේශීය හා විදේශීය වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලංකාවේ නම අවස්ථා ගණනාවකම බැබලවූයේය. ඔහුගේ අවසන් උපන්දින සැමරුම අවස්ථාවේ ගොසිප් ලංකා ඉදිරිපත් කළ ඡායාරූප පෙළ නැවතත් පහතින් Pix By - Indika Prabath Weerasinghe & Deva Jayawardane
අපිට ලස්සන ගොළු හදවතක් දී අපේ හදවත් ගොළු කර සමුගත් ඔබට නිවන් සැප ලැබේවා !
41
POSITIVE
ncpp_train_0405
         රට තුළ ඩීසල් හිඟයක් පවතින බවට පැතිරී යන ආරංචි මුළුමනින්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථාව ප්‍රකාශ කරයි. එම සංස්ථාව මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රට පුරා ඩීසල් හිඟයක් සිදුවී තිබෙන බවට සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් ඒවා විශ්වාස නොකරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සහ මුතුරාජවල තොග ගබඩාවල ප්‍රමාණවත් තෙල් තොග පවතින බව සඳහන් කරන එම සංස්ථාව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අපරාධ විමර්ශන අංශය වෙත ද දැනුම් දී ඇතැයි වැඩි දුරටත් පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව කියනවනං මොකට බය වෙනවද?
-11
NEGATIVE
ncpp_train_0406
මාස කිහිපයක් තිස්සේ විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ මහත්වරු පවසති. මීට සතියකට පමණ ඉහතදී රුපියල් 500ක් ලෙස පැවති කැරට් කිලෝවක මිල ඊයේ (27) වනවිට රුපියල් 100 දක්වා ද, රුපියල් 300ක් වශයෙන් පැවැති බෝංචි කිලෝවක මිල රුපියල් 200 දක්වාද, රුපියල් 250කට පැවැති ලංකා අල කිලෝවක මිල 160 දක්වාද රුපියල් 700කට පැවැති රතුලුනු කිලෝවක මිල රුපියල් 300 දක්වාද, රුපියල් 350ක් ලෙස පැවැති ලොකු ලූනු කිලෝවක මිල රු. 190 දක්වා ද පහළ බැස ඇති බව මැනිං වෙළෙඳපොළේ වෙළෙදෝ පැවසූහ. මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබුණ ද, කොළඹ නගරයේ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එළවළු මිල ගණන් ඒ ආකාරයෙන් පහළ බැස ඇති බවක් දකින්නට නොලැබිණි.  -නිර්මාණි ගුණරත්න-
ඒක හොද තත්ත්වයක්
4
POSITIVE
ncpp_train_0407
සයිටම් නඩුවෙන් සිසුන් දිනුම් සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ - අන්තරේ හා GMOA මුගුරු අතට ගනී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීම වළක්වා තිබීම අභියෝගයට ලක්කර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් අද (31) විභාගයට ගත් අවස්ථාවේ  ඔවුන්ට ලියාපදිංචි අවසරය ලබා දියයුතු බව අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය. විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකුගේ මෙම ජයග්‍රහණය අනුව ඉදිරියට සියලුම පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස එක්වීමට තිබුණ බාධා නැතිව යනු ඇත. සයිටම් උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසු සිසුවියන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. පසුගිය කාලය පුරා සයිටම් විරෝධතා උද්ඝෝෂණයේ යෙදුණ පිරිස් මෙම තීන්දුව අනුව නොසන්සුන්ව ඇති අතර අද දහවල් කොළඹ විරෝධතා පාගමනක්ද අරඹා ඇත. සවස 3 ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දීමටය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලබන බ්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත මධ්‍යම කාරක සභාව රැස්වීමේදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කරන බවත් වෛද්‍ය වෘත්තිකයින් මේ ගැන දැඩි තීරණයක් ගැනීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත. පසුගිය සතියේ උසස් අධ්‍යාපන අැමති කිරිඅැල්ල  පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේ පැවති රජය මිලියන 600 යොදවා සයිටම් අරඹා අධ්‍යාපන කටයුතුද ලබාදී තිබුණ බවත් දැන් රජයට ඉතිරිව ඇත්තේ එය පවත්වා යන්නට ඉතිරි දේවල් කරදීම පමණක් බවත්ය.
කොහෙන් කරත් අපිට වැඩක් නැහැ බන් හරියට බෙහෙත් දෙනවනම් එච්චරයි. මෙච්චර කලක් මේ රටේ මිනිස්සු ඇහුවද උඔ රුසියාවෙන්ද ලංකාවනේද දොස්තර වුනේ කියලා. මම දන්න විධියට රුසියන් කැම්පස් ගිය ඩොක්කු අපේ ගිරා පෝතක මන්ද මානසික ‍ඩොක්කුන්ට වඩා දක්ෂයි. කුහක වෙන්න එපා බන්. හැම වෛද්‍යවරයම නියමිත සුදුසුකම් තියෙනවනම් ඊර්ෂ්‍යා නොකර හිටපන්. උඔලා පොරවල් ලංකාවට එච්චරයි. මොකද මේ රටේ ඉන්නේ සාක්ෂරතාවය විතරක් තියෙන ඔඵවක් නැති මිනිස්සුනේ. ඔළුව තිබ්බ නම් උඔලා කරන අසමජ්ජාති වැඩවලට උඔලගේ ඹළුව පැලෙන්න දෙන්නේ. උන්ට ඔඵවක් නැති හින්දා තොපි බේරිලා ඉන්නවා කියලා සතුටු වෙයල්ලා.
5
POSITIVE
ncpp_train_0408
Golden Key Credit Card සමාගමේ ආරක්ෂක තැන්පතු ගිණුම් හිමියන්ට ලබාදීම සඳහා, කැබිනට් මණ්ඩලය විසින් රුපියල් මිලියන 4055.1 මුදලක් වෙන්කර නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙලෙස මුදල් නැවත ලබාදීම සිදුවෙයි. මින් ඉහත මිලියන 2 දක්වා තැන්පත් කළ අයට නැවත මුදල් ගෙවීම සිදු කළ අතර මෙවර  මිලියන දෙකේ සිට මිලියන දහය දක්වා තැන්පත් කළ තැන්පත්කරුවන්ට මුදල් ලබාදීම සිදු කරන්නට නියමිතය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, සෙලින්කෝ සමූහ සමාගමක් වන, අතර 2008 දී රුපියල් බිලියන 78 කට ඇස්තමේන්තු පාරිභෝගික වගකීම්  ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දුනි.
මේකට ආන්ඩුවෙන් ගෙවන්න වෙන්නේ මේකයි. මේ සමාගම කළමනාකාරීත්වය පුද්ගලික කරලා හිමිකම රජයට ගත්තා. එතකොට අර මිනිස්සුන්ට ගෙවන්න ආන්ඩුවට වෙනවා. ඒ වගේම මේ සල්ලි දාපු අය පස්සේ ඒ කාලෙම ආදායම් බදු එකෙන් පැන්නුවා. අනික පොඩි තැන්පතු දාපු අයට මුලින් සල්ලි ගෙව්වා.
4
POSITIVE
ncpp_train_0409
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වියත්මග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් යූටියුබ් නාලිකාවකට සිදු කර තිබේ. ඔහු මෙසේ කියයි. ‘වියත්මග කියලා කියන කාරණය හුඟක් වෙලාවට දැන් සාකච්ඡාවට භාජනය වෙන දෙයක්නෙ.වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වශයෙන් පත්වන්නට පෙර ඔහු වටා ගොඩනැගුණු බුද්ධි මණ්ඩලයක්. ඒක දේශපාලන සංවිධානයක් නෙමෙයි. දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. 2016 – 2019 දක්වා අවුරුදු 4 ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් සමග එකතු වෙලා මේ රටේ බොහෝ විද්වතුන්, ජනතාව එකතු කරගෙන සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා. නමුත් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය පරිපාලනය. කැබිනට් මණ්ඩලය ගත්තොත් වියත්මගේ කවුරුත් එතන නැහැනේ. රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ ඉන්නවා එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට මේ රට දුවන්නේ වියත්මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්වරු ගත්තහම අමාත්‍යාංශ 70 ක් තියෙනවා, මා දන්නා තරමට වියත්මගෙන් ඉන්නේ 4 දෙනයි.වියත්මග සැලැස්ම අනුව පාලනය කරන එක රජයට අයිති කාරණයක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි.වියත්මගේ භූමිකාව එතනින් ඉවරයි. එහාට යන්නට තිබුණා අර කියපු කැබිනට් මණ්ඩලයේ අනෙක් තැන්වල හිටිය නම්. එහෙම කරලා නැහැ.‘
වියත් මඟ කියල එකක් නැහැ තමයි. දැන් තියෙන්නේ වියපත් මඟ. 70 පැන්න කාලකන්නි.
107
POSITIVE
ncpp_train_0410
වත්කම් සහ බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩු පහෙන් 2010 වර්ෂයට අදාළ නඩුවෙන් ඒ මහතා නි‍දොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) නියෝග කළාය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය. මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගයේ මෙසේ සඳහන් කර සිටියාය. "විත්තිකාර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබුණේ වී නමුත් එවැන්නක් ගෙවූ බවට විත්තිකරු වෙතට ලැබුණු දැන්වීම් ඉදිරිපත් කර නොමැති වීම මත අදාළ වරද සිදු කළ බවට නිගමනය කළ නොහැක. විශේෂයෙන් අපරාධ චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුත්තේ පැමිණිල්ල විසිනි. මෙම ව්‍යවස්ථාපිත වරදක් වුවද එවැනි වරදක මූලික අංග ඔප්පු කිරීමේ භාරය පැවරෙනුයේ පැමිණිල්ල වෙතය. එහෙත් මෙම නඩුවේ විත්තිකරු විසින් 2010 වර්ෂයට අදාළව වත්කම් බැරකම් 2010 වර්ෂයේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැති බවට තහවුරු වීමක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මඟින් සිදුවී නොමැති බව සඳහන් කළ යුතුය. ඒ අනුව මේ නඩුවේ චෝදනාවට අදාළ මූලිකම කාරණය වන 2010 ජනවාරි 31න් අවසන් වර්ෂය සඳහා වූ කාල වකවානුවට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් විත්තිකරු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බවට වූ කාරණය පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමක් සිදු කර නොමැති බැවින් චූදිතට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට වැරැදිකරු කළ නොහැකිය. ඒ අනුව චූදිත නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය. චූදිතට එරෙහිව නඩු විභාගයට අදාළ සාක්‍ෂි විමසීම අවසන් වීමත් සමඟ ඉකුත් ජූලි 23 වැනිදා විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ තමා මෙම වරද සිදු නොකළ බවය. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පහ ගොනු කර තිබිණ. -කවින්ධ්‍යා පෙරේරා-
ඔබ දන්නවාද මේ නඩු පහටම මෙයා වැරදිකාරයා උනත් දෙන්න පුලුවන් උපරිම දඩට එකකට රු2000 බැගින් රු 10,000ක් බව.
11
POSITIVE
ncpp_train_0411
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන පැමිණිලි  301ක් ඊයේ 30 සවස වනවිට ලැබී ඇත. ඊයේ දිනයේ පැමිණිලි  99 ක් ලැබුණු බවත්, පෙරේදා වනවිට පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත්  පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් බවත් වාර්තා වන අතර පැමිණිලි  ඉදිරිපත් කළ කාන්තාවන්⁣ නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන  ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තාවී තිබේ.
දැන් මුලු රටම එකම මතයක ඉන්නේ මේ වෛද්‍ය ෂාපිට නීත්‍යානූකූලව උපරිම දඩුවම් ලබා දෙන්න කියලා මුලු රටම ඉල්ලද්දී දත් දොස්තරයයි, උද අවමංගලයයි ඌට සපෝට්.අතුරලියේ රතන හිමි දළදා මාලිගාවේ මාරාන්තික උපවාසයක යෙදෙනවා පාලකයො මිනිස්සුන්ගේ අවධානය වර්ල්ඩ් කප් මැච් එක දිහාට හරවන්න වෑයම් කරනවා.මේ මුසල්මානු පාණ්ඩුව තියෙන කල් මුසල්මානුවෝ මහ ජාතියටම තමා --රින්න හදන්නේ
4
POSITIVE
ncpp_train_0412
මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස රැඳවියන් ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ තවත් අලුත් වාර්තා මේවනවිට ලැබී තිබේ.  මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කිරීමේදී මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇත. මෙම ගැටලුව මුලින්ම හටගත්තේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් කළ කලහයෙන් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී තිබුණි. ඒ සා විශාල සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී තිබියදී තමන්ට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර නොගැනීම ගැන රඳවියන් ප්‍රශ්න කර තිබුණි.එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරාද්දී මහර බන්ධනාගාරයේ නිළධාරින් වෙඩි තැබිමක් සිදු කර ඇතිඅතර ඒ අවස්ථාවේදී එක් රැඳවියකු මියයාම සිදුවිය.එම මරණයත් සමග ඇතිවූ කෝලාහල තත්වය ඇතුළේ නිලධාරින්ට පාලනය කිරීම දුෂ්කර විය.මෙහිදී තවත් රැඳවියන් පිරිසක්පළා යාමට උත්සහ කර ඇති අතර රැඳවියන් 3000ක් පමන සිරමැදිරි තුළින් එළියට පැමිණ කලහකාරි ලෙස හැසිරීමට පටන්ගෙන ඇත.එම අවස්ථාවේ එක්තරා පිරිසක් බන්ධනාගාර නියාමක වරුන් ප්‍රාණ ඇපයට ගත් බව පැවසෙන අතර ඔවුන් මුදවාගැනීමට ආරක්ෂක අංශ වලට වෙඩි තැබීම් සිදු කරන්නට සිදුවිය. එම වෙඩි පහර නිසා තවත් 5 දෙනෙකු මියගොස් 37 ක් පමණ තුවාල ලැබීය.මෙම අවස්ථාවේ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවන ලදි. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට හා ලේඛනාගාරයකට රැඳවූවන් විසින් ගිනි තබන ලද අතර ගින්න විශාල ලෙස පැතිරෙන්නට පටන්ගෙන තිබුණි. ගිනි නිවන හමුදා රථ 6 ක් යොදවා ගින්න පාලනය කරන ලදි.ඊයේ රාත්‍රියේ  ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද උදෑසන වන විටත් අවසන් වී තිබුනේ නැත.මහර බන්ධනාගාරයේ මෙන්ම සෙසු බන්ධනාගාරවලද නිර්මාණය වී ඇති උණුසුම්කාරී තත්ත්වයන්  පසුපසඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට හෙළිදරව් වී ඇති බවත් මෙම තත්ත්ව පාලනය කිරිමට පියරගන්නා අතරේ ඔවුන් සම්බන්ධයෙන්ද අදාළ පියවර ගන්නා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහසිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ අතර පවසා තිබේ.  මහර සිරගෙදර සිද්ධවුනේ මේකයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කිරීම
උඹ කෙප්ප ජෙප්පෙක් නේද?
-10
NEGATIVE
ncpp_train_0413
තමා කළ ගුණ දන්නා කෙනෙකු බවත් ඒ නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහතාට කළ ගුණ සැලකිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට එක්වෙමින් කියා සිටියේය. එමෙන්ම රට බේරා ගත් නායකයා වශයෙන් මහින්ද රාපක්ෂ මහතාට කළ ගුණ සලකන ලෙස සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහු දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. පසුගිය නොවැම්බර් මාසයේ රජයේ දේපළ අවභාවිත කළ බවට  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් දෙසැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ සිටි අතර දැන් අැප මත නිදහස්ව සිටී. රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනායගමූර්ති මුරලිදරන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බවට විශ්වාස කෙරිණි.
කෝ බන් KP. යහපාලනයෙන් අල්ලලා ඔක්කොම සල්ලි ගන්නවා කියලනේ කිවුවේ
236
POSITIVE
ncpp_train_0414
ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී. මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය. මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද, රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත‍්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වනු ඇත. මෙම නව ක‍්‍රමයට කැමැති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක් සවි කර ගන්නට අට දහසක් හෝ ඊට අඩු මුදලක් එක්වරක් පමණක් වැය කිරීමට සිදුවේ. මෙම නව ක‍්‍රමයට යොමුවන අය විදුලි පරිභෝජන රටාව වෙනස් කරන්නට උනන්දුවී විදුලිය නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා කරයි. දැනටමත් වාණිජ කර්මාන්ත ශාලා හා ආයතන වලට මෙම ක‍්‍රමය හඳුන්වාදී ඇති අතර ඉදිරියට නිවෙස්වලට මෙය හඳුන්වාදීමට මේ දිනවල අලූත් මනු සකස්කරමින් පවතින බවද වාර්තාවේ.
එතකොට මේ කියන්නෙ අපිට දවල්ට නිදාගෙන රෑට වැඩකරන්න කියලද ? නිකන් ගොන්පාට් නොදා විදුලි නිෂ්පාදන වියදම් අඩු කරන්න බැලුවොත් නරකද ? අනිත් රටවල් දිහා බලන්න
-3
NEGATIVE
ncpp_train_0415
අද (27) ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ප්‍රවර්ධනාත්මක වෙළෙඳ දැන්වීමක් සම්පූර්ණ පිටුවක් පුරා පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්කකර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ලෙස එය හඳුනා ගන්නට ලැබේ.පසුගිය දින වල ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නට යන කතාවක්ද පළ විය.
"මරා මගේ" මම වෙනුවෙන් මම
-34
NEGATIVE
ncpp_train_0416
ගුවන් සේවිකාවගේ රාජගිරියේ නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස් පොලිසිය එද්දී මාට්ටු ප‍්‍රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක සේවය කරන රූමත් ගුවන් සේවිකාවක නවාතැන්ගෙන සිටි නිවසේදීම දූෂණය කළ බව පැවසෙන මේසන් බාස් කෙනෙකු කොටු කරගන්නට වැලිකඩ පොලිසිය පෙරේදා සමත්ව තිබේ. රාජගිරිය කලපළුවාව ප‍්‍රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම ගුවන් සේවිකාව සිද්ධිය වූ දිනයේ රාත‍්‍රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත‍්‍රී ආහාර වේල ඇණවුම් කර ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත‍්‍රී 12 ට පමණ නින්දට ගොස් තිබේ. ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහුවොත් මරනවා..උඹව අල්ලගන්න මං කාලයක් තිස්සෙ බලන් හිටියා..‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත. ඇයව බියවැද්දූ ඔහු පසුව ඇයට සමීපවී ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ. එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත. තමා යන්නට කලියෙන් රන් ආභරණ හා මුදල්ද අවශ්‍ය බව එම පුද්ගලයා දන්වා ඇති අතර මේ අවස්ථාවේ ස්ථානොචිත ප‍්‍රඥාවෙන් උපායක් යෙදූ ගුවන් සේවිකාව ඔහුට කියා ඇත්තේ  ‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත්  ඕන..මට වැසිකිලි යන්න  ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි.  එයට එම පුද්ගලයා ඉඩදී තිබෙන අතර ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ. පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් 119 හදිසි අංකය අමතා ඇත්තේ රහසින්ය. ‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි මේ ගැන වැලිකඩ පොලිසිය වෙත ඇය දුන් පණිවිඩය අනුව වහා ක‍්‍රියාත්මකවූ රාත‍්‍රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ දූෂක පුද්ගලයා අල්ලාගෙන තිබේ. පොලිසිය නිවස වටළා ඇති බැව් ඔහු දැනගෙන ඇත්තේ නිරුවතින් කාමරයේ සිටයදීය. පසුව ඔහු නිවසේ දොරින් පිටවී වහාම පසුපස තාප්පයෙන් පනින්නට වෙර දැරූ නමුත් එය උස වැඩි නිසා ඔහුට පළායාම ලෙහෙසිවී නැත. ඔහුව පොලිස් නිලධාරීන්ගේ ග‍්‍රහණයට ඒ නිසා පහසුවෙන් නතුවිය. නිරුවතින් සිටි ඔහුට ඇඳුමක් අන්දවා පොලිසිය විස්තරය විමසීමේදී කියා ඇත්තේ තමා කළුතර මොරෙන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු බවත් යුද හමුදාවේ සෙබළෙකු ලෙස කාලයක් සේවය කර පසුව ඉවත්වී විිවිධ කුලී වැඩ කරමින් ජීවත්වන බවත්ය. මෙම අපරාධයට මග පෑදුනේ ගුවන් සේවිකාවගේ නිවසට අල්ලපු වැටේ අලූතින් හදන නිවසේ මේසන් බාස් කෙනෙකු ලෙස මේ දිනවල රැකියාව කරමින් සිටි නිසා බවත් ඔහු පවසා ඇත. නිවස සාදන අතරවාරයේ මේ රූමත් තරුණිය නිවසට යන එන හැටි තමා කලෙක පටන් නිරීක්ෂණය කළ බව පැවසූ ඔහු , ඇය තනිව සිටින බව සැකහැර දැනගත් දා සිට ඇයගේ නිවසට ගොස් පහස විඳීමේ නොතිත් ආශාවෙන් කල්ගෙවූ බව දන්වා ඇත. රාත‍්‍රී කාලයේ ඇය නිවසට එන වේලාවන් කාලසටහනද තමා දැනගෙන සිටි බවත් සිද්ධිය වූ දිනයේ කල් ඇතිව කළ සැලසුම අනුව ඇය නිවසට රාත‍්‍රී පැමිණ පිටින් කෑම ගෙන්නා ගන්නා බව දැන සිටි බවද හෙළි කර ඇත. එම අවස්ථාවේ ඇය දොර විවෘත කර කෑම නිවස ඇතුළට රැගෙන යන අවස්ථාව බලා තාප්පයෙන් පැන සැඟවී වත්තේ බලා සිටි තමා නිවසට ඇතුළුවූ බවත් පසුව නිවසේ මුල්ලක පැය හතරකට ආසන්න කාලයක් හොරෙන් සැගවී ඇය නිදන කාමරයට යන අවස්ථාව එනතුරු බලා සිට අතවරය සිදු කළ බවත් දන්වා ඇත. නමුත් ‘ටොයිලට් යන්න  ඕනෑ‘ කියූ ඇගේ ගැටයට තමා හසුවේ යයි පොලිසිය එනතුරු දැනනොසිටි බවද එම පුද්ගලයා පවසා ඇත. වැලිකඩ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකාර පුද්ගලයා අද(29) අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
කොහෙද ගෙවල් ???
3
POSITIVE
ncpp_train_0417
ඊයේ දිනයේ උදෑසන මහින්ද රාජපක්ෂට මුණුපුරෙක් තෑගි දුන් ලේලිය ටට්යානා ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ කතාබහක් ඇති විය. කෙසේ වෙතත් නවලෝක රෝහලේ දරු උපත සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ හිතවතුන් හුවමාරු කරගත් ඡායාරූප කිහිපයක් හැර වෙනත් ඡායාරූප විරල විය. මේ නිසා ටට්යානාගේ නම ගූගල් සෙවුම් කළ විට ලැබෙන බිළිදු දරුවෙකු අතදරා ඇය සිටින ඡායාරූපයක්ද වේගයෙන් සමාජ මාධ්‍ය වෙත පැතිර ගියේ  ඊයේ ඡායාරූපයක් යයි හැගෙන පරිදිය. කෙසේ වෙතත් එය ඊයේ ලබාගත් ඡායාරූපයක් නොවූ අතර රෝහිත හා ටට්යානා විවාහ වන්නට වසර දෙක තුනකට පෙර ඥාති දරුවෙකු බලන්නට ගිය අවස්ථාවක ලබාගත් එකකි. ටට්යානාගේ ඊයේ ලබාගත් නිවැරදි ඡායාරූපය වම්පසින්ද වැරදි එක දකුණු පසින්ද දැක්වේ.
වහල්ලු උඩ පනින්නේ උන්ගේ ගැනිට ළමය හම්බ උනා වගේනෙ .....මෝඩ චූන්
3
POSITIVE
ncpp_train_0418
ඊයේ පැවති ඇමරිකාවේ ජනපතිවරණ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී සජීවී විවාදයේදී ජය හිමිවූයේ හිලරිට බව මැදහත් දේශපාලන වාර්තා රැසක් වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය බීබීසිය ඒ ගැන වාර්තා කළේ ‘එය නීතිඥයෙකු සහ සේල්ස්මන් කෙනෙකු අතර  සටනක් වූ  බැවින් බොහෝ අවස්ථාවන්හි නීතිඥ මත මතුවී පැහැදිලිව ගලා ආවේය‘යනුවෙනි.  හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්, හෝ සෙනෙට් සභික හෝ පෙර ජනාධිපති ආර්යා තනතුරු දැරීම හා ඇය නීතිඥයකු වීම මත කථාබහේදී අත්දැකීම් වැඩි බව පෙනී ගිය බවත් ඇගේ පරිපාලන දක්ෂතා ගැන ඉදිරි බලාපොරොත්තු මතුවන බවත් බීබීසිය වාර්තා කර ඇත. කෙසේ වෙතත් ට්‍රම්ප් එහිදී දැක්වූ අදහස් සුළු කොට තකන්නට නොහැකි බවත් ඔහුගේ ඇතැම් අන්තයන් සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන අයට ඔහු වඩා හොඳට පෙනෙන්නට ඇති බවත් වාර්තා කර ඇත. තවත් විවාද ඉදිරියට පැවැත්වේ. පහත පළවන්නේ හිලරි හා ට්‍රම්ප් පසුගිය දින කිහිපය තුළ ඇමරිකාවේ ස්වාධීන මත විමසුම් වල ඉදිරියෙන් සිටි ආකාරයයි
බිබිසි කියන්නෙ දැන් අරාබි සල්ලිවලින් දුවන එකක් නිශා හිරලිව දිනවන්න ඔනදෙයක් කරාවි..
13
POSITIVE
ncpp_train_0419
වාද්දුව කාර්-දුම්රිය අනතුර බීමත්කම නිසා වුණ වින්නැහියක් වාද්දුව පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස සිදුවූ අනතුර එම වාහනය පැදවූ අයගේ අධික බීමත්කම මත නොසැලකිල්ලෙන් රිය පැදවීම හා වළක්වාගන්නට හැකියාව තිබුණත් බීමතින් කරුණු තේරුම් ගැනීමට අපහසුවී යාම මත සිද්ධවූ අනතුරක් බව මේ වනවිට අනාවරණයවී තිබේ. මෙම අනතුර  අනාරක්ෂිත දුම්රිය මාර්ගයක සිද්ධ වූවක් ලෙස මාධ්‍ය ඔස්සේ මුලින් කරුණු වාර්තා වුවද එම ස්ථානය ආරක්ෂාවට සිටි මුරකරු සිය රාජකාරිය හරියාකාරව ඉටු කිරීමට කටයුතු කර තිබුණ නමුත් ඔහු එක් පියනක් වසා අනෙක් පියන වසන්නට උත්සාහ දරන අවස්ථාවේ එපා කියද්දී ගේට්ටුව අතරින් වාහනය දැමීම නිසා මෙම අවාසනාවන්ත මරණ 5 සිදුව ඇත. ගජ මිතුරන් බව කියැවුණ මෙම පස්දෙනා වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක ඉරිදා විවේක සන්ධ්‍යාව ගතකරමින් බොන පාටියක් දමා ඇත. දවල් කෑම ගන්නට ඔවුන් සවස 3 පසුවී පිටත්ව  ඇත්තේ පස්දෙනාම මෝටර් රථයෙන් ගාලු පාරේ හෝටලයකට යාමේ අදහසිනි. ඊයේ සවස 3.50ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන බවට සංඥා නිකුත්වී අනතුර සිදු වූ ස්ථානයේ ගේට්‌ටුකරු එක්‌ දුම්රිය ගේට්‌ටුවක්‌ වසා අනෙක්‌ ගේට්‌ටුව වසා දැමීමට යද්දී ඔහු කරන කටයුත්ත ගැන අවබෝධයක් නැතිව සාමාන්‍ය වේගයෙන් පැමිණෙමින් තිබූ මෝටර් රථය දැක තිබේ. එය අනතුරුදායක සීමාවට ළඟාවන්නට උත්සාහ දරන බව පෙනී ගිය ගේට්ටුකරු අත දමමින් කෝච්චියක්‌ එනවා දාන්න එපා දාන්න එපා යයි කෑ ගසා ඇති මුත් වාහනයේ රියදුරු ඇතුළු පිරිස ඒ කියන දේවල් තේරුම් ගන්නට අපහසු මට්ටමක සිටින අය බව ගේට්ටුකරුට පෙනී ගොස් ඇති අතර ක්ෂණයකින් දුම්රිය පැමිණි නිසා ඔහුට එම අනතුර වළක්වන්නට හැකියාවක් ලැබී නැත.දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රියේ ඇමිණී මීටර් 500 ක්‌ දුරට ඇදී ගොස්‌ තිබේ. එක් අයෙකු විසිව ගිය අතර ඔහු එතැනම මියගොස් තිබේ. අනෙක් අය වාහනයේ සිරවී සිටියේ බරපතල තුවාල සහිතවය. වාහනයේ දොරවල් කඩා අවට පිරිස් ඔවුන් එළියට ගනිද්දී දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් ඉතිරි දෙදෙනාට තවම පණ ඇති බවත් දැක රෝහල් ගත කරන්නට කටයුතු කළ නමුත් ඔවුන් රෝහලේදී මියගොස් තිබුණි. මෙලෙස මියගොස්‌ ඇත්තේ වාද්දුව, වාඩියමංකඩ හා වස්‌කඩුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පියල් සිල්වා, චන්ද්‍ර පේමලාල්, දුමින්ද යාපා, ශසීන්ද්‍ර සිල්වා, කොල්වින් සිල්වා යන අය බවත් ඔවුන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඒ අය මස්සිනාලා දෙදෙනෙකු අදිකරණ සේවකයෙකු ත්‍රී රෝද රියදුරෙකු හා ව්‍යාපාරිකයෙකු වන බවද වාර්තා වෙයි. මියගිය සියලු දෙනාම මත්පැන් පානය කර සිටින්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි. මියගිය පස්‌දෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (28 වැනිදා) පානදුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.
agree with you
20
POSITIVE
ncpp_train_0420
මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාරට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (29) ප්‍රතික්ෂේප කළේය. ඉසුරු බණ්ඩාර යන අය විදේශගත වීමට සිදු කළ ඉල්ලීම සිදු කර ඇත්තේ ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බවත් එම දිනය කල් ඉකුත් වී ඇති බවත් කියමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ප්‍රතික්ෂේප කළේය.ඔහුට එරෙහිව ඇති එක් නඩුවක් සඳහා විදේශගත වීමට සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසරය ලබා දුන් අතර තවත් නඩුකරයක් කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වන බවට සිදු කළ දැනුම් දීමකට අනුව දෙවන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට නොහැකි වීම නිසා සැකකරුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ඇනහිට ඇති බවත් එහෙයින් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සහතික ලබා ගැනීමට අවශ්‍ය යැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. සැකකරු විදේශගත වී නොපැමිණියහොත් නඩුවට අගතියක් වන බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ- යට දන්වා සිටි අතර එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අදාළ ලියකියවිලි ඉදිරිපත් කර නිසි පරිදි ඉල්ලීම සිදු කරන ලෙසය.ඇප මත මුදා හැර ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරීනී තිළිණි ප්‍රියමාලි, ඇය සිදු කළ වංචාවන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇප මත මුදා හැර ඇති බොරැල්ලේ සිරි - සුමන, තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර, ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන, රන් භාණ්ඩ මුදලට ගත් බව කියන රන් භාණ්ඩ වෙළෙඳසැල හිමිකරු අලගර- ත්නම් මනෝරන්ජන් යන අයවලුන් අධිකරණයේ පෙනී සිටියේය.
මොන බොරුවක්ද. මුගේ බොරු certificate එක තැපැලෙන් එවන්න කියන්න......
46
POSITIVE
ncpp_train_0421
ඔක්තෝම්බර් 1 දා ඩිස්නි+ හොට්ස්ටාර් හිදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන Shiddat චිත්‍රපටයේ ගීතයක් ශ්‍රී ලංකා ගායිකා යොහානි ලවා නැවත ගායනා කර එය චිත්‍රපටයේ ප්‍රවර්ධනයට යොදා ගැනීමට සුප්‍රකට සංගීත සමාගමක් වන ඉන්දීය ටී සීරීස් T-Series සමාගම කටයුතු කර තිබෙන අතර අද (28) එය යූටියුබ් වෙත එළි දක්වන ලදි.  හින්දි බසින් ගැයෙන මෙම ගීතයේ චිත්‍රපටයේ ඇතුළත් මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.යොහානි ‘මැණිකේ මගේ හිතේ’ ගීය නිසා ඉන්දීය යූටියුබ් රසිකයන් අතර ප්‍රකටව ඇති නිසා ඇය ලවා මෙම ගීතය නැවත ගායනා කරවාගෙන සමාජ මාධ්‍ය තුළ චිත්‍රපටයේ ප්‍රවර්ධනය පිණිස එය උපයෝගී කිරීමට ටීසීරීස් සමාගම බලාපොරොත්තු වේ.Shiddat Title Track (Official Female Version) පහතින් පළවේ.
ඒකනම් ඇත්ත . දාල තියෙන COMENTS දැක්කම ලජ්ජා හිතෙනවා .අර ක්‍රිකට් ක්‍රීඩකයෝ විකට් එකක් ගත්තම කාක්කෝ යනවා වගේ .
12
POSITIVE
ncpp_train_0422
ජාතික රූපවාහිනියේ 'ද බිග් ක්වෙක්ෂන්' වැඩසටහනට සහභාගීවූ කථිකාචාර්ය මහින්ද පතිරණ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජයේ පවතින අදහස් වැරදි බවත් ඔහු සිතනවාට වඩා වෙනස් පුද්ගලයෙකු බවත් කියා සිටියේය.එම වැඩසටහනේදී ඔහු මෙසේ කීවේය.'ඔය කොමිෂන් ටෙන් පසන්ට් ගත්තා කියල කතාවක් හැදුණා ඒක පට්ටපල් බොරුවක්නෙ. කාටහරි ඇවිත් කියන්න කියල කියන්න එහෙම එකක් ගත්තනං.. ඊළගට කපුට කියල කියනව 2009 දී විතර කියපු කතාවක වීඩියෝ කෑල්ලක් ඉස්සරහට අරගෙන තමයි ඒක පැතිරුවේ. එතුමා විශාල ව්‍යාපෘති කළේ නෑ ලංකාවේ ආර්ථික සංවර්ධන ඇමති හැටියට හිටි කාලෙ මහා පරිමාණ කිසිම ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා නෑ සියල්ලම කළේ ග්‍රාමීය ව්‍යාපෘති .. එදා හිටපු ඇමතිවරු තමා ඔය ටෙන් පසන්ට් කතාව හදන්න මුල්වුනේ. මොකද ඔවුන් ඔවුන්ගේ ගැලවිජ්ජාවට ඔවුන් කිව්වේ අපි ගාව නෙමේ සල්ලි තියෙන්නේ බැසිල් ගාව ඒ නිසා අපෙන් ඉල්ලන්න එපා කියලා..ගමට ගිහිල්ලා කිව්වා සල්ලි තියෙන්නෙ බැසිල් රාජපක්ෂ ගාව කියලා. අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති සකස් කරන නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තිබුණේ ගම් මට්ටමේ.ගමේ කවුරුහරි කියනවද බැසිල් අපෙන් සියයට 10 ක් ඉල්ලගත්තා කියල. ඒව බොරු කතා. රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි හදපු කතාවගේ ඕවා හදලා ප්‍රචාරය කළේ.. ඉස්සරත් එහෙම කතා හදලා තියනවා දැන් ගාමිණී දිසානායක මහත්මයාට ඇපල් වතුතියනව කිව්වා ඕස්ට්‍රෙලියාවෙ. එතුමා මැරුණට පස්සෙ එහෙම කතාවක් හරි වත්තක් හරි නැහැ. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට හදන කතා ඔහොම තමා බැසිල් රාජපක්ෂ කරන්නේ බොහොම සුපිරිසිදු චරිතයක් කිසිදු ආකාරයක එහෙම වංචනික ක්‍රියාවක් නැති කෙනෙක්.දෙයක් මං කියන්නම් හිනාවෙන්න එපා.. එතුමා රෑට පිරිත් දාගෙන පිරිත් අසන ගමන් නිදා ගන්නවා..ඒක සමහරු දන්නැති දෙයක්. සමහරු කියනව පන්සල් යන්නැති බව ඒත් මං දන්නවා පිරිත් අහන ගමන් තමා නිදාගන්නේ. බුද්ධාගම බෞද්ධකම ඉතාමත් හොඳින් අදහනවා. ඔහු නිදාගන්න යනකොට පිරිත් දාලා තමා නිදාගන්නෙ ඒක මම හොඳටම දන්නවා ඒක ඔහු ගාව ඉන්න අය දන්නවා ඒ ගැන.එතුමා රජයෙන් වාහනයක්වත් අරං නැහැ. අමාත්‍යංශයට යන කාලෙත් මුදල් තමන්ගෙ වියදමින් දරලා කරේ.එතුමා ඇමරිකාවේ හිටපු කාලෙ මහන්සියෙන් එක්රැස් කරපු මුදල් තමා පුද්ගලික පරිහරණයට යොදවන්නෙ. හොයා ගත්ත සල්ලි වලින් තමයි ජීවත්වන්නේ. පක්ෂයේ වැඩ වලටත් ඔහු වියදම් කරනවා.ලංකාවට ණය අරන්දෙන්න ඉන්දියාවට ගියේ ගුවන් ටිකට් පත ඔහුගෙ ගාණෙ වියදං කරලා.මගේ පුද්ගලික මතය ඔහු ජීවත් වෙන විදිය ඒක හෘද සාක්ෂිය මත සිදුවන්නේ. ඒක කාටවත්ම නෑ. ඒ නිසා ඔහු ඔහුට ඕනම කෙනෙක් ඕනම දෙයක් කිව්වට දරාගන්නවා.' 
ඒක නම් ඉතින් අලුත බැඳපු උන් දවල්ටත් නිදා ගන්නේ ගමට ම ඇහෙන්ඩ පිරිත් දාගෙන 🤣
4
POSITIVE
ncpp_train_0423
හබරණ  හිරිවඩුන්න තුම්ඹිකුලම රක්ෂිතයේ පසුගියදා මරණයට පත්ව තිබී හමුවූ ඇතින්නියන්ගේ මරණ කෙසේ සිදුවීද යන්න ගැන තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. මේ කිසිදු ඇතින්නකට වෙඩි වැදී නොතිබුණ අතර වස ශරීරගතවී මියගිය බවට තහවුරු නොවූ සාක්ෂි පමණක් හමුව තිබේ. එසේ වස ශරීරගතවීම සිදුවුවත් ඇතිනියන් සත් දෙනෙකු පමණක් මේ ආකාරයට මියයාම තුළ විශාල සැකයක් පැනනැගී ඇත්තේ ස්වාභාවිකව කිසියම් ආහාරයක් හෝ පානයක් නිසා වස ශරීරගතවීමකට වඩා මේ ඇතිනියන්වම තෝරාගෙන වසදී ඇතිද යන්නය. ශරීරයන්හි යම් විෂක් ඇතුළත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී  දළ  වශයෙන් හෙළිව තිබුණද , තවම විද්‍යාත්මක පරීක්ෂණ අවසන් නැති නිසා එය නිශ්චිතවම  කිව නොහැකි බව  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද ( 29 ) පවසා තිබේ. එම විෂ ශරීරගත වී ඇත්තේ  යමෙකු විසින් ලබා දුන් ආහාරයක් මගින් යැයි සැක පැවතියත් තහවුරු කිරීමට ප්‍රමාණවත්  සාධක තවම හමුවී නැත. එක ඇතින්නියකගේ උදරයේ කැකිරි ඇට කිහිපයක් සහ අනිත් සෑම ඇතිනියකගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බව හදුනාගත් බව දන්වා ඇත.වෙනත්  විශේෂ ආහාරයක්  පිටතින් ලබා දී ඇති සලකුණක් තවම හඳුනාගෙන නැත.   විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබූ බවට සැක කරන බවද  වෛද්‍යවරයා සඳහන් කළේය. වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ මහතා දන්වා සිටි පරිදි විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය  කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගෙන ඇත. අද  යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත්  රක්ෂිතයේ සිට කලාවැව දක්වාම  තවත් මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් ආරම්භ කරත් මේ දක්වා හමුව ඇත්තේ සිරුරු 7 ක් පමණි. මේ අතර සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතාවකින් කියැවෙන්නේ මෙම මරණ හා දේශපාලන කටයුතු අතර ගුප්ත සම්බන්ධයක් පැවතිය හැකි බවයි. ඇතිනියන් 7 කගේ ජීවිත බිලි පූජාවකට ලක්කර කිසියම් අපේක්ෂකයෙකු දිනවීම වෙනුවෙන් ගුරුකමක් කර තිබෙන බව එම තහවුරු නොකළ ආරංචි මගින් පතුරුවාහැර ඇත. මේ වනවිට සිදුවීම් සම්බන්ධයෙන් රජය මැදිහත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක්ද අරඹා තිබෙන අතර මේ දක්වා එවැනි ගුරුකමක් ගැන තොරතුරු හෙළිව නැත. ඇතින්නියන්  තිදෙනකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (29)  සිදු කෙරිණි. ඇතැම් මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා ඇතිව තිබෙන බව වෛද්‍යවරුන් දන්වා ඇත. --------- පෙර ලිපිය හිරිවඩුන්නෙන් හමුවූ ඇතිනි මළ සිරුර ගණන 7 ක් දක්වා ඉහළ යයි
සත් ගජ බිල්ලට මෙම අපරාදය කලාට එය හරියන එකක් නෑ. මොකද ඈතින්නියො 7ක් නෑ. එකෙක් අලියෙක්. එතකොට සාපය කරපු එවුන්ට වදිනවා.
9
POSITIVE
ncpp_train_0424
සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථීරත්වයෙන් ආරම්භ වූ වැඩසටහනක් බැවින් එහි කිසිදු සාමාජිකයෙකු සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන නොමැති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉදිරියේ දී නීත්‍යානුකූලව එම කරුණ ඔප්පු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. සමඟි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් රැසකගේ සාමාජිකත්වය අහෝසි කිරීමත් සමඟ ඇති වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කරන ලදි. සමඟි ජන බලවේගය සමඟ සම්බන්ධ වන කිසිදු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට හෝ එහි නායකත්වයට කිසිදු හැකියාවක් ඇති බවත්  සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
Avan Guard ආයේ පටන් අරන් අන්න
7
POSITIVE
ncpp_train_0425
හම්බන්තොට වරාය පිළිබඳ චීන රජය සමග ගිවිසුමට අද (29 දා) දින අත්සන් තබන්නට නියමිතය. මේ තුළින් මේ වසර හා ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙන බවත් ඒ ප්‍රමාණයෙන් රටේ විදේශ ණය අඩු වන බවත් ඊයේ අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය. සෘජු විදේශ ආයෝජන වැඩි කිරීමේ සැලසුම යටතේ අලුත් වැඩසටහන් ගණනාවක්‌ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අගමැතිවරයා කීවේය. හම්බන්තොට වරාය ගිවිසුම ඊයේ (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද එය විවාදයට අවස්‌ථාව දුන්නත් විපක්‌ෂය ශබ්ද ඝෝෂා කර එය අතහැරිය බවද අගමැතිවරයා කීවේය. වර්ෂ 2011 සිට මේ දක්‌වා හම්බන්තොට වරාය නිසා රු. බිලියන 46 ක්‌ (රු. කෝටි 4600 ක්‌) නැති කරගත් බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.
මිනිස්සු ආණ්ඩුවක් පත් කර ගන්නෙ රටේ තියෙන සම්පත් ආරක්ශා කරගෙන කලමණාකරනය කරගෙන ලාභ ලබමින් රට පාලනය කරන්න මිසක් ඒව වෙන රටවල් වලට විකුනන්නවත් බදු දෙන්නවත් නෙමෙයි.. වැඩ බැරි කට විතරක් ඇති රටට ආදරයක් නැති දෙශපාලුවොන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
86
POSITIVE
ncpp_train_0426
මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්  -මරණ පරීක්ෂණ වාර්තාව ශ්‍රී දේවී මියගිය ආකාරය  අභිරහසක් වෙද්දී අවසන් කටයුතු අඟහරුවාදාට කල් යයි පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව  සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ. ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ  ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී  දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන අතර ශ්‍රී දේවී දින කිහිපයක්  Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ  තනිව නවාතැන්ගෙන තිබේ. ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය.  මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි. ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ. දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ. එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්‍යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි. ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි. ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි. ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය. මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි. ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ  කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි. මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි. සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.
සැමටම දේවි අපිට නොදේවි
2
POSITIVE
ncpp_train_0427
චීන ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා පසුගිය 27 වනදා රාත්‍රියේ මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.එහිදී පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය සඳහන් කර ඇත.අත්අඩංගුවට ගත් 32 හැවිරිදි එම පුද්ගලයා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ආරක්ශාවට තර්ජනයක් වෙන්න ඌ ගලකින් වත් ගැහුවද? ඕන මිනිහෙක්ට විරෝධතාව දක්වන්න පුලුවන්..විමල ල ඒ දවස්වල කොච්චර ඕවා කරල තියේද. තොපි වගෙ උන් නම් රටට සාපයක්
3
POSITIVE
ncpp_train_0428
කොවිඞ් 19 වසංගතය හේතුවෙන් කල් දැමුණු රයිගම් ටෙලීස් 2019 සම්මාන උළෙල එළඹෙන සැප්තැම්බර් මස 19 වැනි සෙනසුරාදා සන්ධ්‍යාවේදී කොළඹ ෂැංග‍්‍රිලා  හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලිසම්මාන උළෙල රූපවාහිනි කෙෂ්ත‍්‍රයේ නියැලි කලාකරුවන්, කාර්මික ශිල්පීන්, විකාශන ආයතන මෙන්ම ප්‍රෙක්‍ෂකයන්ගේ මහත් ප‍්‍රසාදයට පත් ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂෙත්‍රය වෙනුවෙන්  පැවැත්වෙන ප‍්‍රධානතම සම්මාන උළෙල වන අතර, එය වසරේ පළමු කාර්තුව තුළම පැවැත්වීම උළෙලේ සම්ප‍්‍රදාය අනුව පසුගිය මාර්තු 21 වැනි දින පැවැත්වීමට සියළු කටයුතු සිදුකර තිබුණද  බලපාන ලද කොවිඞ් 19 වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවිය. මෙවර උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාම පසුගිය පෙබරවාරි මස 28 දින කොළඹ  කිංස්බරි හෝටලයේදී පැවැති නිර්දේශිත නාම ප‍්‍රසිද්ධ කිරීමේ උළෙලේදී මේ වනවිටත් ප‍්‍රකාශයට පත්කර ඇති අතර, දිවයිනේ සම්මාන උළෙල සංස්කෘතිය නව මානයකට යොමුකරමින් එහි උත්තකර්ශවත් භාවය තවදුරටත් වඩවමින් මෙවර උළෙල පැවැත්වීම සඳහා ෂැංග‍්‍රිලා හෝටලය තෝරාගෙන ඇත. කොවිඞ් 19 වසංගතය හමුවේ රටේ පවතින තත්ත්වයට අනුගත වෙමින්, මෙවර උළෙල පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ රෙගුලාසිවලට යටත්වය. ඒ අනුව උළෙලේ ආරාධිතයන් සංඛ්‍යාව අකමැත්තෙන් වූවද සීමා කිරීමට සිදුවී ඇති අතර, ප‍්‍රමුඛතා පදනමක් යටතේ ආරාධනා පත් යැවීමට කටයුතු කරනු ඇත. මාර්තු 21 වැනි දින නෙළුම් පොකුණේදි පැවැත්වීමට නියමිතව තිබූ උළෙල සඳහා නිකුත් කර තිබූ ආරාධනාපත් වලංගු නොවේ. උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුල්වීම  අවසර ලැබෙන්නේ නව ආරාධනාපත‍්‍ර ලාභීන්ට පමණි. කෙසේ වෙතත් සම්පූර්ණ උළෙල රූපවාහිනිය ඔස්සේ රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට නුදුරු දිනයකදී අවස්ථාව හිමිවනු ඇත. රයිගම් ටෙලීස් උළෙලේදී වසරේ ජනප‍්‍රියතම සම්මාන කුලකය යටතේ ජනප‍්‍රියම රූපවාහිනි නළුවා, නිළිය සහ ටෙලිනාට්‍ය තේරිම සඳහා වන මත විමසුම 2020 අගෝස්තු මස 31 දින නැවත ආරම්භ වන අතර සැප්තැම්බර් මස 18 වන දින මධ්‍යම රාත‍්‍රී 12 දක්වා ක‍්‍රියාත්මක වේ. මෙවර රයිගම් ටෙලීස් උළෙල පැවැත්වෙන්නේ 16 වැනි වතාවටය. ඒ අනුව එය නිදහසේ 16 තේමාව යටතේ පැවැත්වෙන්නේ කිසිදු බලපෑමකට යටත් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපක්‍ෂපාතීව පැවති සම්මාන උළෙල 16 ක අභිමානය සනිටුහන් කිරීම සඳහාය.
ඇයි ද.රෙන දෙවෙනි වමනේ. පකිස්ලංතේ ජනඅප්‍රියම නලු නිලියෝ ඉන්නේ ඒකෙනේ..
9
POSITIVE
ncpp_train_0429
සමන්තුරය 2019.07.29 වන අද දින උදෑසන කාලයේදී සමන්තුර පොලිස් වසමේ 153, ඉමාමි රෑම් පාසල පාර, නින්දවුර් 14 ලිපිනයේ පිහිටි නිවසේ සිටි වයස මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සමන්තුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙම දැරියන්ගේ මව මේ වන විට සමන්තුරේ රෝහලට ඇතුලත් වී ඇති අතර, සමන්තුරේ පොලීසිය විසින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධව සැකපිට දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත. මෙම සැකකාර කාන්තාව මීට පෙර මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත. සමන්තුරේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
අවුලක් නෑ මුස්ලිම් ළමයිනෙ
-24
NEGATIVE
ncpp_train_0430
ඌව පළාතට සුවසැරිය ගිලන් රථ හඳුන්වාදීමේ වැඩසටහන පසුගියදා හාලි ඇළදී සිදුවිය. එම අවස්ථාවේ ඇමති හරීන් ප්‍රනාන්දු සිය කුඩා කාලය මතක් කරමින් සංවේදී කතාවක් සිදු කළේය.  අසනීප තත්ත්ව වලින් පෙළෙන රෝගින්ගේ යැපෙන්නන් සහ ඔවුන්ගේ සමීප ඥාතිඑදිනෙදා මුහුණ දෙන දුෂ්කරතා පිළිබද කවුරුත් දෙවරක් සිතන්නට පෙළඹුණු එම කතාව මෙසේය.  ' මේ මං කියන්නේ පොඩි ළමයෙක් විදියට ගෙදරදී වයස අවුරුදු දොළහේ විතර කාලේ ඉදන් දැක්ක දෙයක්. අසනීප වුණාම මිනිස්සු කිසිම වෙනසක් නැතිව එකම විදියට අසරණ වෙනවා කියන දෙයයි මම මින් මතු කරන්නට උත්සාහ කරන්නේ. මං ඒ කාලේ ඉදන්ම මගේ මව්පියන් අසනීපවලට මුහුණ දුන්න විදිය දැක්කා. මගේ පියා වකුගඩු බද්ධ කිරීම්වලට ලක්වුණු කෙනෙක්. මවත් බයිපාස් ශල්‍යකර්මයකට මුහුණ දී සිටියේ මං පොඩි කාලේ ඉදන්මයි. ඉතින් මගේ පළාතේ සිටින මේ වගේ රෝගීගේ විතරක් නෙවෙයි, ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගේ තත්ත්වයත් මට හොදින් දැනෙනවා. ඒ වගේම මමත් ඒ වගේ පවුල් පසුබිමක වැඩුණු ඌවේ කෙනෙක් විදියට ජනතාවට කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ වගේ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒවා පාලනය කරගන්නවා නම් ඒ සම්බන්ධ අතුරු ආබාධ ආදියෙන් බොහෝ දුරට වැළකිය හැකි බවයි. ඒ වගේම හදිසි ප්‍රතිකාර සේවාවක් සහිත මේ ගිලන් රථ සේවාව නිසා ඔබට අපට අපි ආදරය කරන ජනතාව සමග තවත් එක් දිනක්වත් ජීවත්වන්නට වුවමනා කරන සුවය ලැබේවි. දෙනෝදාහක් ඌවේ ජනතාවට ඒ වරම ලැබේවි. ඒත් අපි සංවේදීව කරණ මේ සද් කාර්යයත් සමහරු දේශපාලන කෝණයෙන් බලන බව මට මින් මොහොතකට කලින් අන්තර්ජාලය හරහා විකාශය කෙරෙන මේ උත්සවය සජීවීව නැරඹු සමහරුන්ගේ කොමෙන්ටු දුටුවාම හැගුණා. ඒ සමහරු මේක හරි ලොකුද දන්නෑ කියලා අහලා තිබුණා. තව පිරිසක් විමසා තිබුණේ මේවායේ සේවය ලැබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරද කියලා. මේ වගේ කතා නිසා මගේ සිතට වේදනාවක් ඇතිවුණේ.ඒ නිසයි මං කියන්නේ , මේ අන් සියල්ලටම වඩා උතුම් දෙයක් කියලා, එහෙමත් නැතිනම් වටිනා ජීවිතය දීමක්ය කියලා, ඉතින් පාර්ලිමේන්තුවේදීත් විපක්ෂයේ විරෝධයකින් තොරව පසුගියදා පනතක් විදියටත් සම්මත කරගත් කිසිම හේදයක් නැතිව පොදුවේ සියලු මනුෂ්‍යයන්ට සෙත සෑදෙන මේ උතුම් කර්තව්‍යය දෙස වපරැහින් බලන්න එපා කියලා මං ඒ අයගෙන් ඉල්ලනවා.”
ඔක්කටම ඉස්සරලා අර වීදේශ සේවා කාර්යාලයේ නැණසල ට අලුත් photocopy machine එකකක් අරගෙන දානවා ..මිනිස්සු පෝලිමේ එක machine එකයී තියන්නේ ..
-13
NEGATIVE
ncpp_train_0431
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි මුලික වටයේ පළමු තරගයෙන් අටවන ස්ථානයට පත්විය. එම තරගය නියෝජනය කලේ 08 දෙනෙකි. මේ නිසා ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.  එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි   තත්පර 10 යි දශම 2 යි 3ක්. නිමාලි ලියනාරච්චිගේ මෙම ඉසව්වේ පෞද්ගලික හොඳම  දක්ෂතාවය විනාඩි 2 යි තත්පර 2 යි දශම 5 යි 8කි. 
අන්තිමයත් වෙන්න කෙනෙක් ඉන්නත් එපැයි. ඒ උනත් දෙය්යනේ 7 වෙනියට වඩා තත්පර 6 කට පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ.
14
POSITIVE
ncpp_train_0432
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි. බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි.
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් (මහතා????)
11
POSITIVE
ncpp_train_0433
ශ්‍රී  ලංකාවේ ස්විට්සර්ලත්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වෑන රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබීයැයි කියන සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ග්‍රෙගරි පාරේ හා මේඩ්ලන්ඩ් චන්ද්‍රවංක යන මාර්ගවල සවිකර ඇති සීසීටීවී කැමරා ඊයේ (23) පරික්ෂාවට ලක් කළ බව පොලිස් ආරංචිමාර්ග පවසයි. විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරු 11 වනතෙක් මෙම සීසීටීවී කැමරා පරික්ෂා කළ බව පොලිස් ආරංචිමාර්ග පවසයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද සීසීටීවී කැමරා පරීක්ෂාවට ලක් කළ ස්ථානවලට පැමිණ සිටියේය. සීසීටීවී කැමරා රැසක් පරික්ෂා කළ ද සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මෙරටින් බඳවාගනු ලැබූ නිලධාරිනියක් ඉකුත් 25 වැනිදා නිවෙස බලා යද්දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඇය පැහැරගෙන ගොස් පැය තුනකට ආසන්න කාලයක් එම වෑන් රථයේ රදවාගෙන ප්‍රශ්න කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අගමැතිවරයාට හා විදේශ කටයුතු ඇමැතිවරයාට කර තිබූ දැනුම් දීමක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබුණි. ඉන්දිකා රාමනායක
අද දි අයිලන්ඩ් පුවත්පතේ මුල් පුවතින් වාර්ථා කර ඇත්තේත් මේ සමග ගැලපෙන දෙයක්. ඉන් කියැවෙන්නේ ඔය කියන කාන්තාව ගෙන් පොලීසියට ප්‍රකශයක් සටහන් කර ගැනීම සඳහා ස්විස් තානාපති කාර්‍යාලය ඉඩ නොදෙන බවයි. මේ සිද්ධිය ගැන හරියටම හොයන්නයි තියෙන්නේ. අර රුවන්මැලිසෑයේ හූ කියපු ගෑනි රාජිත ගේ මාධ්‍ය සාකච්ඡාවකත් හිටපු ගෑනියෙක් ය කියලා ඒ දවස් වල කතාවක් තිබුනා. නමුත් කිසි කෙනෙක් ඒක හොයලා බලපු බවක් නෑ. මේවා ගැන ඇත්ත තත්වය හොයලා බලන්න ඕනෙ.
5
POSITIVE
ncpp_train_0434
රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් තවම මෙම වේලාවන් ගැන ස්ථිර නිගමනය ගෙන නැත. කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය අනුව ජනාධිපති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනවිරත්න විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත බාර දෙනු ලැබු අතර එහි සඳහන් වූයේ  රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කරන ලෙසය. මෙම නව නිර්දේශ අනුව පුද්ගලික අංශයේ සේවාවන් නිමවී පස්වරු 06.45 ට සේවකයින් නිවෙස් වලට යාමේදී රාත්‍රී කාලය උදාවීම හා දුර පළාත් අය අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගෙන නොමැති බවද නිරීක්ෂණය වේ. මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර එහිදී සම්මත වුවොත් ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර  අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.
yakooo munta pissuda
3
POSITIVE
ncpp_train_0435
තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරියේ යැයි කියමින් පන්සියයක පමණ පිරිසක් නිරිවේලි ප්‍රදේශයේ පිහිටි තරුණයකුගේ නිවෙස වටලා ඊට පහර දෙමින් සිටිය දී පොලීසිය අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරිය බව අච්චුවේලී පොලීසිය පවසයි.පිරිස පහර දීමෙන් තුවාල ලැබූ තරුණාය ද මුදාගෙන යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. සිද්ධිය පාලනය කිරීමට ගිය උප පොලිස් පරීක්ෂවරයකු ද එහි සිටි තුවාල ලබා රෝහල් ගත කර ඇත. පන්සියයක පමණ පුද්ගලයකු පහරදීමෙන් පිරිසක් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක්  මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැර ඇති බව පොලිසිය කියයි. පහර කෑමට ලක්ව ඇත්තේ තරුණියකගේ නිරුවත් ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැරිය බව කියන තරුණයෙකි.  අච්චුවේලී පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
සම්පූර්ණයෙන් වැරදි කතාවක්. ශිෂ්ට සම්පන්න සමාජයක වැරද්ද ඔප්පු කරනකන් සැකකරුවෙක් විදිහට විතරක් සලකන්නේ සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් වෙන්නත් පුළුවන් නිසා. මේ වගේ දෙයක් කාන්තාවකගේ ගෙදරට ගිහින් කළා නම් කමෙන්ට් වැටෙන්නේ ගහපු උන්ට බැනලා.
-3
NEGATIVE
ncpp_train_0436
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද නුවර එලියේ පැවති 2018 වසරට ප්‍රාර්ථනා ලබාදීමේ උත්සවයකට එක්වුණා. ඒ සීතා එළියේ අම්මාන් කෝවිලේදී එහිදී අගමැතිවරයාට විශේෂ ත්‍යාගයක්ද ලැබුණා.
මේ කා චන්දේ පෑරදෙන්න යන්නේ.
76
POSITIVE
ncpp_train_0437
පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය ලබන 16 වැනිඳා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රඡයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (30) පැවසිය. නිල වශයෙන් පාරිලිමේන්තු වාරය ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ මහතා පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද කීවේය. නිල වශයෙන් එදින පාර්ලිමේන්තුව ආරම්භ කළ පසු වෙනත් දිනක දී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයට විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. (ඩයනා උදයංගනී)
අනේ පලයන් මැටි හරකෝ පිස්සු එලදෙන තෝ හරියට අති පණ්ඩිතකම් දොඩෝනවා තෝ ඕ ලෙවල් පාස්ද කියලා හිටපං සේරටම කලින් මැට්ටා
-48
NEGATIVE
ncpp_train_0438
මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි. වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ මෙම කාන්තාව දෙසැම්බර් 10 වන දින වුහාන්හි හුවානාන් මුහුදු ආහාර වෙළඳපොලේ ඉස්සන් අලෙවි කරමින් සිටියදී මෙම රෝගයට ආසාදනය වී ඇති බවයි. මෙම කාලය තුළ ඇය පොදු වැසිකිළියක් භාවිතා කළ අතර ඉන් පසුව සෙම්ප්‍රතිශ්‍යාවකට ලක්වූ බවට වෛද්‍ය වාර්තා දක්වා ඇත. දෙසැම්බර් 31 වන දින වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් මෙම කාන්තාව හදුනානොගත් වෛරස ආසාදිතයෙකු ලෙස ප්‍රථම වරට අනාවරණය කර තිබේ. ඇගේ රෝග ලක්ෂණම ඇති වයිරස් ආසාදිතයින් බවට මුලින්ම හඳුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 24 දෙනෙකුම මෙම කාන්තාව ඉස්සන් විකිණීම සඳහා ගිය එකම මුහුදු ආහාර වෙළඳපොළට සෘජුවම සම්බන්ධවී සිටි අය වන අතර එහිදී ආසාදනය වී ඇති බවට සාධක සොයාගෙන තිබේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කළ විමර්ශනයේදී පරස්පර විරෝධී වාර්තා කිහිපයක්ම චීන රජය විසින් ලබාදී තිබු නිසා  'බිංදු රෝගියා' ලෙස ඇයව නම් කිරීමට නොහැකි බව කියමින් වැඩිදුර අධ්‍යයනය චීන රජය විසින් ප්‍රතික්ෂේප කළේය. නමුත් වඩාත් විශේෂ කාරණාව වන්නේ අනෙක් අය ගණනාවක් මියගියත් මාසයක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු මෙම කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබීමයි. කොරෝනා සෑදුණ පළමුවැනියා ගැන තවමත් චීන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැත. ඊට පටහැනිව, චීන පුවත්පතක් වන ‘ග්ලෝබල් මීඩියා’ කියා සිටියේ මෙම වෛරසය එක්සත් ජනපද මිලිටරි රසායනාගාරයේ නිපදවා ඇති බවත්, ඔක්තෝම්බර් මාසයේ වුහාන් හි පැවති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී පාපැදි කරුවෙකු වූ මැසට්ජේ බෙනාසි වෛරසයේ ප්‍රභවය බවත්ය. මෙයින් පසු චීනයේ හා ඇමරිකාවේ වාචික යුද්ධයක් ඇති වූ අතර රටවල් දෙකම එකිනෙකාට වෛරසය ගැන චෝදනා කළහ. චීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 'ද පේපර්' හි වාර්තාව උපුටා දක්වමින් පෙරකී කාන්තාව 'බිංදු රෝගියා' යයි නම් කර ඒ පිළිබඳ පුවත ලොව පුරා මාධ්‍යවල සිරස්තල පළකර තිබේ. බ්‍රිතාන්‍යයේ ද මිරර්  සිඩ්නි හි නිව්ස්.කොම් පීටීඅයි සහ ඉන්දියාවේ අයිඒඑන්එස් ද වාර්තා කර ඇත්තේ මෙම කාන්තාව 'බිංදු රෝගියා'  බවයි. මාර්තු 6 වන දින, වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාකරු ජෙරමි පේජ්,  සිය විමර්ශන වාර්තාවේ වී ගුජියන් නමැති මෙම චීන කාන්තාව හමුවී ලබාගත් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි. ඇය පැවසුවේ,  “සීතල කාලගුණය තියන කාලයේ මට සෑම විටම තද සීතලක් දැනෙනවා. මෙය සිදු වූ දෙසැම්බර් 10 වන දින  මට ටිකක් මහන්සියක් දැනෙන්නට පටන් ගත් නමුත් එය පසුගිය වසර වල ඇතිවනූ තත්වයට සමාන වුනේ නැහැ. මම එදිනම අසල පිහිටි සායනයකට ගියා. බෙහෙත් ගත් පසු නැවතත් වෙළඳපොලේ වැඩ කිරීමට පටන් ගත්තා. මගේ තත්වය නරක අතට හැරෙන්න පටන් ගත් විට, මම වුහාන්හි එකොළොස්වැනි රෝහල වෙත ගියා. එහි වෛද්‍යවරු මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ කිව්වා. නමුත් මට ඖෂධ ලබාදුන්නා. දින 5 කට පසු මට සිහිය නැති වුණා. තත්වය දරුණු නිසා ම වෙනත් රෝහලකට ගියා.දෙසැම්බර් 16 වන දින වුහාන් යුනියන් රෝහලේදී තමයි මාව නිසි ලෙස පරීක්‍ෂාවට ලක් කරේ. වෛද්‍යවරු මගේ රෝගී තත්වය ඒ වනවිට දන්නා දෙයක් විදිහට විස්තර කළා. තවත් බොහෝ අයට මට සමාන රෝග ලක්ෂණ ඒ වනවිට පහළවී ඇති බව පැවසුවා.මේක අලුත් දෙයක් මේ පැත්තෙ පැතිර යන දෙයක් ලෙස කියමින් ඔවුන් මාව අස්වසාලූවා. කරුණු සොයා බැලීමේදී ඇය පාවිච්චි කරන වැසිකිලිය පාවිච්චි කරන බොහෝ අය අතර මෙම වෛරස ආසාදනය පැතිර ඇති බව ඇයට දැනගන්නට ලැබී ඇත. එසේ රෝගීවූ අය 24 ක් පමණ වන බවද වාර්තා විය.මෙම කාන්තාව සමඟ සම්බන්ධ වීමෙන් පසුව, ඇගේ දියණිය, ඇගේ ලේලිය සහ ඇගේ සැමියා ද කොරෝනා ධනාත්මක විය.  චීන පරිපාලනය දෙසැම්බර් අග භාගයේදී ඇය ඇතුළු පිරිස නිරෝධායනය කළ අතර පළමු වරට එම මුහුදු ආහාර වෙළඳපොල හා වුහාන් හි කොරොන වයිරස් අතර සම්බන්ධය අනාවරණය විය. පළමු වරට දෙසැම්බර් 31 වන දින කාන්තාවගේ රෝගී තත්වය කොරෝනා වයිරස් ආසාදනයක් ලෙස නම් කර විස්තර කර තිබේ. රෝගී කාන්තාව ගුජියන් 2020 ජනවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම සුව විය. වාර්තාවලට අනුව, 2019 දෙසැම්බර් 31 වනවිට කොරොන වයිරස් ආසාදනය වූ පුද්ගලයින් 266 දෙනෙකු චීන රජය විසින් හඳුනාගෙන තිබේ. ආසාදනයේ කේන්ද්‍රස්ථානය මුහුදු ආහාර වෙළඳපොලේ බවට විස්තර වුවද චීන රජය මෙම තොරතුරු තවම වසන් කරන බව විදෙස් වාර්තා දක්වා ඇත.
චීනය වහන්න හදනවා මේ මර්කෙට් එකේ නයි මස් කාලා මිනිසුන්ට කොරොන හැදුනු බව. තව මීට පෙර සාර්ස් වයිරසයද් මේ චීනුන් හදාගත්තේ එක එක අසම්මත මස් කෑමෙන්. ලොකේ හැමොම බලන් ඉන්නේ මේ ප්‍රශ්නය පාලනය කර ගමන්ම චීනයට ට්‍රිලියන් ගනන් වලින් වන්දි ඉලා නඩු දැමීමටයි. අපේ අයට බැරිද අඩුම තරමින් අපිට වුන අලභයට හරියන්න අපි චීනේන් ගත්ත ණය ඉවත්කරගන්න හෝ අඩුමතරමින් ඉවත්කරගන්න.
17
POSITIVE
ncpp_train_0439
නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් අද සවස කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම හා ආසන්න ප්‍රදේශයේ  ආරම්භ කර තිබෙන එජාප උද්ඝෝෂණයට අදාළ රැලිය මේ වනවිට ඇරඹී තිබේ. දඹර අමිල හිමි, වික්‍රමබාහු කරුණාරත්න, චම්පික රණවක ආදීන්   කථා පවත්වා තිබේ. සවස 2.30 වනවිට කතාව පවත්වන්නේ සජිත් ප්‍රේමදාසයි. විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව තිබෙන අතර ආසන්නයේ පිහිටි අරලියගහ මැදුරේ රැඳී සිටින එජාප ජ්‍යෙෂ්ඨයින් මෙය සංවිධානය කරන ලදි. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණයට මාධ්‍ය ආවරණ ලබාදීමේ දුර්වල තාවයක් දක්නට ලැබේ. මහින්ද විපක්ෂයේ සිටියදී මාධ්‍ය තුළ ඔහුගේ පිරිස් සංවිධානය කරන උද්ඝෝෂණ ලබන ප්‍රචාරයක් මේ වෙනුවෙන් ලැබී නැත. සියලුම රජයේ මාධ්‍ය මෙන්ම දෙරණ, හිරු ,ස්වර්ණවාහිනී ආදී ප්‍රබල විද්‍යුත් මාධයද එය ගැන වරින්වර ප්‍රචාරයන් සිදු නොකර සිටින්නට වගබලාගෙන ඇත. මෙම උද්ඝෝෂණය සජීවීව ලබාදෙන්නේ රනිල්ගේ සහෝදරයාට අයත් ටීඑන්එල් නාලිකාවේ පමණි.සිරස සජිත්ගේ කතාව හා රනිල්ගේ කතාව ප්‍රචාරය කරන ලදි. ඊට අමතරව අන්තර්ජාල වෙබ් පිටුවක්ද සජීවී විකාශය සිදු කරයි. මෙම උද්ඝෝෂණය නිසා කොළඹ මාර්ග කිහිපයක්ම මේ වනවිට වසා දමා ඇත. කොල්ලුපිටියේ රැස්වීමෙන් පසු පිරිස පාර්ලිමේන්තුව දක්වා ගමන් කර විරෝධය පළ කරන බව එම සභාවේදී කියැවිණි. ඒ අනුව අද සවස කොළඹ අධික මාර්ග තදබදයක් හටගැනීමට ඉඩ තිබේ.
යහපාලන කාලයේ දී විපක්ෂයට සියලු පෞද්ගලික මාධ්‍ය හොද ප්‍රචාරයක් ලබාදුන්නා අපි දැක්කා අන්තර්ජාලය භාවිතයෙන් ආන්ඩුවට විරුද්ධව හැමෝම ඇතිතරම් කථාකලා විපක්ෂය කටවුට් ගැහුවා රැස්වීම් තිබ්බා පාගම්න් ගියා නඩු වලින් දින්නා හැබැයි කිසි චන්දයක දරුණු ප්‍රචන්ඩ ක්‍රියා අපි දැක්කෙ නෑ දිනලත් විපක්ෂය ගුටි නොකා රස්සා කලා කවුරුත් ඇදල එලියට දැම්මෙනෑ සරං ගලවන්න ගියේ නෑ දැං ඉතින් ඒව හොදට දකින්න පුලුවන්
101
POSITIVE
ncpp_train_0440
 සියලුම පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතා කිරීම සඳහා නීත්‍යනුකූල අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) පැවැසීය. දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස් රිය ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස් හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය. බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි බවද ඔහු පැවැසීය. එසේ වුවත් භූමිතෙල් භාවිතා කිරිම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටසට යන වියදම පියවාගත හැකි බව ද ඔහු පැවැසීය. බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යනුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක් ද අවශ්‍ය නොවන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
මුලින්ම මෙයින් පරිසරයට බලපෑමක් සිදුවේද යන්න සොයා බැලිය යුතුම දෙයක්. භූමිතෙල් යනු ඩීසල් වලට වඩා තත්වයෙන් බාල ඉන්ධනයක්.
144
POSITIVE
ncpp_train_0441
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිනිය ට්‍රම්ප් යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු
දැනටමත් බුකියෙ ඕකෙ එඩිට් එක ඇති 😂
36
POSITIVE
ncpp_train_0442
ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ සියයට 0.6කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකුව නිවේදනය කළ අන්දමට ඊයේ ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 183.41ක් ද ගැනුම් මිල ලෙස රුපියල් 179.54ක්ද වාර්තා විය. 2018 වසරේදී ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 16.4කින් අවප්‍රමාණ වී තිබිණි. -දෙනගම ධම්මික රණවීර-
බන්දුල කියයි ඔය නැගීම වෙන මොකක් හරි එකක් කියලා
7
POSITIVE
ncpp_train_0443
ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩිවීමක් ලබාදීමට විරෝධය පළකරමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද 27 සංකේත වර්ජනයක නිරතවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුලු වෘත්තිය සමිති 15ක රාජ්‍ය සේවයේ විධායක නිළධාරීන් 15,000ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටී. ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු වගකිවයුතු නිලධාරින් සමග කළ සාකච්ඡා අසාර්ථක වී තිබීම මත වර්ජනය කැඳවා ඇත.
හැමදාමත් එහෙව් එකේ අදයි කියලා වෙනසක් නැහැ. මිනිස්සුන්ට කවදත් ස්ට්‍රයික් තමයි ඕකුන් කලේ.
10
POSITIVE
ncpp_train_0444
හාමුදුරු නමක් කිරි පොවා විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අධිකරණ තීරණයක් වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා ඇති බව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ. මින් ඉහත විමල්  සිර මැදිරියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළුවූ අවස්ථාවේ තෙවැනි දිනයේ අග යහමින් ආහාර ලබාගත් බවට ද නිල නොවන ආරංචි තිබුණ නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත. රාමඤ්ඤ නිකායේ මහ නායක නාපානේ හේමසිරි නාහිමියන්ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ද  පල්ලත්තර සුමනජෝති හිමියන්ද ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව  විමල්ට කිරි වීදුරුවක් පෙවූ බවත් ඉන් පසු දින 9 ක වර්ජනයව නිමා කළ බවත් නිල නිවේදනයේ දැක්වේ. රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ දින 80 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටින විමල් තමන් කර තිබෙන්නේ වරදක් ලෙස කිසිවිටෙක පිළිගන්නේ නැති අතර ඔහු නිතරම පවසන්නේ අන් අයත් මේක කළ නිසා තමන්ට පමණක් දඩුවම් ලබාදීම වරදක් බවයි. විමල්ගේ ආහාර වර්ජනයට සමගාමීව ඔහුගේ දරු දෙදෙනාද ආහාර වර්ජනය කර රෝහල් ගතවූ නමුත් ශෂී වීරවංශ ආහාර දිගටම ලබාගත්තාය. දරුවන්ගේ විභාග දරුවන්ගේ හාමත ආදී හේතු දක්වමින් විමල්ට ඇප ලබාදෙන ලෙස ඔහු මෙතෙක් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ලබන 3 වනදාද ඔහුගේ ඉල්ලීමක් සලකා බැලීමට දින යොදා ඇත. අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විමල් උපවාසයක නිරතවීම කෙතරම් දුරට අධිකරණය පිළිගනීද යන්න එදින තීන්දුවනු ඇත. විමල් වීරවංශ මින් ඉහත මහින්ද රාජපක්ෂ සමයේ බැන්කි මූන්ට එරෙහිව තුන්මුල්ලේ එජා කාර්යාලය අසළ උපවාසයක් සිදු කර ප්‍රසිද්ධ වූඅතර බැන්කිමූන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැතිවම ඔහු උපවාසය අත්හැරියේ මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පෙවීමෙන් පසුවයි.
මුල් පාර වතුර වීදුරුවෙන් දෙවෙනි පාර කිරි වීදුරුවෙන් ඊළඟ පාර අරක්කු වීදුරුවෙන්ද ? හූහූ...............හූ......................
174
POSITIVE
ncpp_train_0445
සූරියවැව වැදිවැව ඉදිකළ ඩීඑස් සේනානායක ගම  127 වන උදාකළ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඇමති සජිත් සිය රියේ නංවාගෙන අගමැති රනිල්ට නිවාස සංකීර්ණය පෙන්වූයේය. මේ එම අවස්ථාවේ ඡායාරූපයකි.
ඇයි බං හෙට මලොත්, වෙන එකෙක් ඇවිල්ලා රුපියල ආයි නග්ගනවනේ
44
POSITIVE
ncpp_train_0446
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව ස්කෑන් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ. මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. ගයා ශ්‍රී කාරියවසම්
අසරණ ලෙඩෙකුට උනත් වල් ඩැඩ කරන්න යන මුන් වගේ උන්ව නිරැවත් කරලා ගල් ගහලා මරන්න ඕනේ.
297
POSITIVE
ncpp_train_0447
පසුගියදා කොස්වත්ත ප්‍රදේශයේදී බස් රියදුරු මහතෙකුට පිස්තෝල පෙන්වමින් තර්ජනය කරමින් පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් මීගස්දෙණිය හා ඔහුගේ බිරිය තාරුකා මධුභාෂිණි පසුගිය මාර්තු 10 වනදා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඊයේ ඔවුන්ට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ ඇප ඉල්ලා සිටි මුත් විනිසුරු එය ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව ඔවුන් ලබන 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට නියම විය. චණ්ඩි මල්ලී නමින් හැඳින්වුණ දිවංගත පළාත් ඇමති එම්කේ රංජිත්ගේ පුතා හා ලේලිය වන මෙම දෙදෙනා පහරදීමෙන් පසු සිදු කළ විමර්ශනයේදී රියදුරු හා අවට අය බියවැද්දීමට භාවිත කළ පිස්තෝලය කල් ඉකුත්වූ බලපත් ඇති එකක් වූ බව අනාවරණය වූ අතර එය භාවිත කරන ලද්දේ බලපත්‍රය ඇති කසුන් නොව බලපත්‍ර නැති ඔහුගේ බිරිය බවද අනාවරණය විය. මෙම සිද්ධිය වීඩියෝ ගත කිරීම නිසා ඔවුන්ට එරෙහි  සාක්ෂි ප්‍රබල විය. අයිරංගි එදිරිසිංහ
අන්න හරි බොලන්. මිනිහගෙ තුවක්කුව ගෑනිට පරිහරනේ කොරන්න නේන්නං කසාද බදින්නෙ. මුන් දන්න රෙද්ද!!!
21
POSITIVE
ncpp_train_0448
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.  කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනපති විවේචනය කළ අයෙකුට එරෙහිව කථාකරමින් සිටින අතරවාරයේ කුවේට් රජා ගැනද බැණවදින අතර බැලුබැල්මට ඇය කුවේටයේ ස්ථිර පදිංචිකාරියක බව හඳුනාගන්නට ලැබේ. කුවේටයේ නීතිරීති අනුව ඇය වසර 5 ක සිර දඩුවමකට යටත් විය හැකි බවට වාර්තා පළව තිබේ. ඇය බැණවැදුණ ආකාරය වීඩියෝව පහතින්
අනේ කහින අක්කෙ උඹ නාමලා එක්ක සෙට්නේ ,ඌ උඹව බේරාගනී ,මොකද දැන් ජනාදිපති ට වඩා ඌ බලවත් .
2
POSITIVE
ncpp_train_0449
මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කොට විශාරද නන්දා මාලනී ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබූ අතර  පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නමැති වරදකරු පවසා ඇත්තේ තමන්ට සමාව දෙන ලෙසත් ඉතා සුලබව හමුවන එම්පී3 වර්ගයේ ගීත එකතු කර තමන් විකිණුවේ ලංකාවේ නීති අනුව එවැන්නක් වරදක් යයි දැනුවත්භාවයකින් තොරව බවත්ය.ඒ අනුව ඔහු සිය තීන්දුව යළි සලකාබලන්නැයි  අභියාචනයක් ගොනු කළේය.නමුත් එය ප්‍රතික්ෂේප වී තිබෙන අතරමෙම දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් නැවත තහවුරු කර තිබේ.පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල 2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් ගායනා කරන ලද “යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්” යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත “ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ” යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බවට පැමිණිල්ලේදී කියැවිණි.
"නීතිය නොදන්නාකම කළ වරදට සමාව දීමට හේතුවක් නොවේ" කියල නීතියේ තියෙනවලු. තීන්දුවෙන් ඒක පේනව. කොහොම උනත් ප්‍රවීනයන්ගේ මෙවැනි උසස් නිර්මාන නූතන පරම්පරාව වෙත ගෙනයන නිවැරදි මාර්ගයක් තියෙන්න ඔන..
3
POSITIVE
ncpp_train_0450
ප්‍රවීණ රංගනවේදිනි ඇන්ජලා සෙනෙවිරත්නගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනයවී ඇතැයි ඇය දන්වා තිබේ. ෙවකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන්නැයි ඇය මුහුණු පොත හරහා ඉල්ලා ඇත. ඇගේ ඉල්ලීම පහතින් ඇයව ෆේස් බුක් ඔස්සේ සම්බන්ධ වන්න මෙතැනින් https://www.facebook.com/angela.seneviratne
මෙහෙම එම්බාම් කරලා වගේ මේකප් දැම්මොත් සරිරයේ අවයව නරක් වෙනවා තමයි
26
POSITIVE
ncpp_train_0451
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති මහරගම පට්ටලේ සමීර නොහොත් නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී සැකකරුව පන්නිපිටිය – කොට්ටාව පරණ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බවද අනාවරණය වී තිබේ.අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, හඳුනානොගත් 50 සහ 14 ලෙස සඳහන් උණ්ඩ 08ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06ක්, මිලිමීටර් 09 වර්ගයේ සරඹ උණ්ඩ 01ක්, අමෙරිකාවේ නිෂ්පාදිත රම්බෝ උල් පිහියක් සහ කඩුවක් තිබී සොයාගෙන තිබේ.35 හැවිරිදි වියේ පසුවන සැකකරු ඉදිරි විමර්ශන සඳහා පාදුක්ක පොලීසිය වෙත භාරදී තිබේ. 
මදුශ්ගේ එක කාගත්ට්තානේ. මේක වත් හරියට කරමු
6
POSITIVE
ncpp_train_0452
පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති අලුත විවාහවූ තරුණිය අකාලයේ මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.මියගිය තරුණිය පසුගිය මස 13 වනදා විවාහ දිවියට පිවිසි අතර ඉන් ටික දිනකට පසු සුළු රෝග තත්වයක් මත විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන නමැති වෛද්‍යවරයෙකු ‘චැනල්‘ කර හමුවී තිබේ. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බව ප්‍රකාශ කර ඇති අතර  වත්තල හේමාස් පුද්ගලික රෝහලේදී සැත්කමක් සිදුකරන්නට යෝජනා කර තිබේ. ඒ අනුව ඉකුත් මස 31 වනදා ඇය එම සැත්කම සඳහා පෙනී සිටියාය. ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඇතිවූ සංකූලතා මත දින විසිපහක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉකුත් 25 වැනිදා ජීවිතයෙන් සමුගත්තාය. පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි.  අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේය.මෙම වෛද්‍යවරයා වත්තල හේමාස්ට අමතරව   ASIRI CENTRAL HOSPITAL, ASIRI SURGICAL HOSPITAL, BROWNS HOSPITALS, DURDANS HOSPITAL, LEESONS HOSPITAL, NAWALOKA HOSPITAL - COLOMBO, NAWALOKA HOSPITAL - NEGOMBO හා SANTA DORA HOSPITAL - BATTARAMULLA යන රෝහල් වලද චැනලින් සේවාවන් සඳහා සහභාගී වන්නෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් ද පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා මීට පෙර සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට ඇතිවූ සංකූලතා පිළිබඳව ද මේ වන විට තොරතුරු රැස්කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත දන්වා ඇති අතර පරීක්ෂණයෙන් පසු වරදක් හඳුනාගතහොත්  අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද බවසා තිබේ.වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි. Gastroenterological Surgeon (ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය)  ඔහුගේ නම ඉදිරියේ ඇති සුදුසුකම් සැලකීමේදී  MBBS ( Col ), MS ( Col ) , FRCS ( Edinburgh ), FRCS ( Glasgow ) ඇතැයි සඳහන්කර ඇත. ඔහු SLMC - 10197 යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරයෙකි.සිද්ධියට අදාළ පෙර ලිපියවිවාහ වී දින 17යි පිත්තාශයේ ගල ඉවත් කරන සැත්කමෙන් පසු ජීවිතයෙන් සමුගත් බුද්ධිකා  
Private clinic එකකට බෙහෙත් ගන්න ගියා. මගේ ශරීර උෂ්ණත්වය වත්, බර වත් ප්‍රෙෂර් වත් බැලුවෙ නැ මම කියන රෝග ලක්ෂණ අහගෙන ඉඳලා බෙහෙත් ලියලා දුන්නා විනාඩි තුනයි ගියෙ. අඩුම තරමෙ මම මොනවා හරි බෙහෙත් වර්ගයකට අසාත්මිකතා දක්වනවද අවසාන වරට ප්‍රතිජීවක ඖෂධ ගත්තෙ කවදද වෙන මොනවා හරි බෙහෙත් වර්ග පාවිච්චි කරනවද කියලා වත් ඇහුවෙ නැ. ලෙඩ්ඩු අසාත්මිකතා වලින් මේ රටේ මැරෙන්නෙ ඔන්න ඔය හේතු නිසා තමයි. ලෙඩා ගැන දැනගත යුතුම කරුණු කිසිම දෙයක් අහලා දැනගන්න දොස්තරට ඕනා නැ.
36
POSITIVE
ncpp_train_0453
පසුගිය 23 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් සහිත නැව ගොඩ බෑමට කටයුතු නොකිරීම හේතුවෙන් එදින සිට සෑම දිනකම ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බව තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මේ ආකාරයට රැගෙනවිත් තිබෙන බොරතෙල් පිරිපහදු කිමෙන් පෙට්‍රල්. ඩීසල්, ගුවන් යානා ඉන්ධන හා ගෑස් නිසි ලෙස නොලැබෙන බවට තහවුරු වී තිබෙන බවත්, දැවිතෙල් නිෂ්පාදනය පමණක් ඉහළ ගොස් තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.  දැනට පිරිපහදු කිරීම්වලට ලක් කරනු ලබන්නේ, උරල් නමැති මෙම බොරතෙල් වර්ගය බවත්, මෙහිදී මෙට්‍රික්ටොන් 5,000ක් පිරිපහදු කිරීමේදී 52%ක් ලැබෙන්නේ දැවිතෙල් බවත් හෙතෙම පවසා සිටියේය. මෙරට පිරිපහදුවට ගැළපෙන්නේ මර්බන් නමැති බොරතෙල් වර්ගය බවත්, එම බොරතෙල් පිරිපහදු කිමෙන් දැවිතෙල් ලැබෙන්නේ, 30%ක ප්‍රමාණයක් වන අතර, එම වර්ගය තුළින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් නැ , දැවිතෙල්, ගුවන් යානා ඉන්ධන ලබාගත හැකි බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. එසේම ඌරල් නමැති බොරතෙල් පිරිපහදුවෙන් ගෑස් නිෂ්පාදනයක් සිදුනොවන තරම් බවත්, නැප්තා නිෂ්පාදනයත්, ඩීසල්, පෙටල්, ගුවන් යනා ඉන්ධන හා භූමිතෙල් නිෂ්පාදනයත් සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන බවත් පවසා සිටි ඒ මහතා, වැඩිම නිෂ්පාදනයක් ලෙස ලැබෙන්නේ දැවිතෙල් නිසා රටට විශාල පාඩුවක් සිදුවන බවද සදහන් කළේය. මර්බන් බොරතෙල් අඩු මුදලකට මිලදී ගැනීමට තිබියදී උරල් නමැති බොරතෙල් වැඩි මිලට මිලදී ගනිමින් රටට විශාල පාඩුවක් සිදුකරන බවත් මේ නිසා බලධාරීන් මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය. (ඉන්දික හේවාවිතාරණ ) 
සාධනීය පරිනත කන්චනා හූ හූ හූ
11
POSITIVE
ncpp_train_0454
අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන නිට්ටඹුව පොලීසියට බාරදී ඇතැයි වාර්තාවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවට සහභාගිවීම සදහා කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාව වෙත ගමන් ගනිමින් සිටි මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ලවී ඇත.ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙලිකර ඔවුන්  ඒවූ බව ඒ් දෙන්නා පිළිගෙන ඇතැයිද පැවසේ. එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද ඔවුන්  බවත් මෙම අය පිළිගෙන ඇතිඅතර 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබූ බවත්, සිද්ධිය ඇතිවීමත් සමග අන් පිරිස පළාගිය බවත් මේ දෙන්නා පවසා ඇත.නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Lol.. publicity stunt...
-4
NEGATIVE
ncpp_train_0455
බ්‍රිතාන්‍ය රැජිණියගේ සුප්‍රකට ලේලියන් දෙන්නා අතරින් මෙගන් මාර්කල් රාජකීය පවුලේ 'වඩාත්ම කැපී පෙනෙන විලාසිතා' සිදු කරන්නියගේ සම්මානය දිනා ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘ඩේලි එක්ස්ප්‍රස් ‘ පුවත්පත වාර්තා කරයි. රාජකීයයන්ගේ විලාසිතාව කෙරෙහි එරට ජනතාව කෙතරම් උනන්දුවක් ඇත්දැයි විශ්ලේෂණය කිරීමකින් පසු ‘ප්‍රිටි ලිට්ල් තින්ග්‘ හි වැඩිම සෙවුම් කරන විලාසිතා කරන්නිය ලෙස මෙගන් තෝරාගෙන තිබේ.එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ අන්තර්ජාල සෙවුම් පරිමාවන් සමාලෝචනය කිරීමේදී රජ පවුලේ කේට්ගේ විලාසිතා ගැන සොයනවාට වඩා මෙගන්ගේ විලාසිතා ගැන වැඩිපුර සොයා ඇති බව හෙළි කර තිබේ..පසුගිය වසර පුරා, රාජකීයයන් වන සොෆී, ඈන් කුමරිය , කැමිලා -  කෝර්න්වෝල්හි ආදිපාදවරිය පැළඳ සිටින ඇඳුම් ගැන දැන ගැනීමේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ඩේලි එක්ස්ප්‍රස් වාර්තා කරයි. මෙම අධ්‍යයනය සිදුකරන කණ්ඩායම පැවසුවේ පසුගිය වසර තුළ මේගන් සෙවීමේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර කේට්ගේ පෙනුම එකම කාල රාමුව තුළ 84% කින් ඉහළ ගොස් ඇති බවයි."මෙගන් සහ කේට් යන දෙදෙනාම නිරන්තරයෙන් ප්‍රවණතා සැකසීම සහ ඔවුන්ගේම අතින් විශාල විලාසිතාවේ නිරූපකයන් වීම ඊට හේතුව විය හැකිය." පුවත්පත අදහස් දක්වා තිබේ.කේට් සහ මේගන් විසින් පැළඳ සිටින ඕනෑම ඇඳුමක් බොහෝ විට ඉක්මනින් විකුණා ගත හැකියයි කියනු ලබන්නේ රසිකයින්ට ඔවුන්ගේ විලාසිතාව පිටපත් කිරීමට දක්වන උනන්දුව නිසාය. විලාසිතා විශේෂඥ වරියක වන බ්‍රිතාන්‍ය විලාසිතා සංගමයේ කර්තෘ නටාෂා හෙන්සන් පැවසුවේ කේට් බොහෝ දෙනාට ප්‍රවේශ විය හැකි දෑ පැළඳ සිටින අතර ඇයගේ ජනප්‍රියත්වය පැහැදිලි කළ හැකි නමුත් මෙගන් නිළියක වීම නිසා වැඩිපුර කැපී පෙනෙන බවයි. ඇය මෙසේ පැවසුවාය: “කේට් බොහෝ විට තරුණ රාජකීයයෙකු සහ මවක ලෙස තම භූමිකාවට ගැළපෙන පරිදි සුවපහසු එහෙත් හැඩකාර ඇඳුමක් තෝරා ගනී.මෙම අංග වලින් ඇඟවෙන්නේ ඇය ප්‍රසිද්ධ චරිතයක් වුවද, ඇය යම්  අවස්තාවකට සහභාගී වී සිටියත්, පවුලේ දිනයක් ගත කළත් ඇය සැහැල්ලුවෙන් හා විලාසිතාවෙන් සිටින බවක් දැනවීමට කැමති බවය. අනෙක් අතට මේගන් ආන්දෝලනාත්මක සාකච්ඡා වලට පෙනී සිටින්නයක්. ඇය මාධ්‍ය තුළ කැපී පෙනීමට කවදත් දක්ෂයි මොකද ඇය හොලිවුඩ් නිළියකවීම නිසා. ඇගේ පෙනුම වෙනුවෙන් ඇය විශාල වෙහෙසක් නොගත්තත් ඇය කෙරෙහි අවධානය වැඩිවීම නිසා ඒ විලාසිතාවලට පිළිගැනීමක් ඇතැයි කියන උපකල්පණය ඇති වෙනවා. ඒනිසා බ්‍රිතාන්‍යයේ වගේම ඇමරිකාවේ ඇගේ විලාසිතා අනුකාරකයින් වර්ධනය වෙලා“
කේට්,මෙගන් කියන්නෙ රැජිනගේ ලේලියන් වෙන්නෙ කොහොමද? ඒ ඩයනාගේ ලේලියො...
3
POSITIVE
ncpp_train_0456
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍ය ධූර 01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය 03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර 01-  හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය 03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
සමාජ සවිඅබල ගැන්වීම් කියන්නේ මොකද්ද ? නිකන් පොඩි දිව ඇදවෙන ගතියක් තියනවා කියද්දීත්
1
POSITIVE
ncpp_train_0457
වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇති විය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාව දැනුවත් කළ අතර ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව  මෙය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට හා වෙනත් විවිධ හේතු සඳහා බවයි. කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින්  ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව නිවේදනය කර තිබේ. ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මෙරට ජාතික මට්ටමේ ප්රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට  නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රීයාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණ බව දන්වා ඇත. කිරිපිටි සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්රියාත්මක වන SLS 731 ප්රමිතීන්ට අනුකූල නිෂ්පාදන  ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා. ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්රව්ය මිශ්ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා. ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්රව්ය කිරිපිටිවලට මිශ්ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර  ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි. “එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා  ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග  පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.” නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර  ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්රියාවලියම  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා. “ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම  ශ්‍රී ලංකාවේද ක්රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ  ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් සමාගමේ  ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා. ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව,  ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්ය අමාත්යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි. නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි  ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
හරි අපි වහ බොන්නම්.... බොන්න බැ වගේනමි ඔලුවට දෙකක් ගහගෙන ආපහු බොන්නම්..හා ද???
2
POSITIVE
ncpp_train_0458
අ.පො.ස  සාමාන්‍ය පෙළ මුල් තැන විශාඛාවේ චෙස් ශූරිය අනුකිට දෙවැනියා මහාමායා බාලිකාවෙන් තුන ආනන්ද හා රාහුලෙන් මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇය විශාඛා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට චෙස් ශූරියකද වන අතර දේශීය හා ජාත්‍යන්තර චෙස් තරගාවලී වල ජයග්‍රහණද අත්කරගෙන සිටින්නියකි. මෙවර දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ තෙවනන ස්ථාන දෙකක් තිබෙන අතර ඉන් එකක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. මුල් ස්ථාන අනු පිළිවෙලින් පහත පරිදිය. 1.අනුකි චමත්කා පැස්කුවල් (විශාඛා විද්‍යාලය) 2.එස්.එම් මුණසිංහ (මහමායා බාලිකා විද්‍යාලය) 3.ආර්.එම් සුගත් රවිඳු සන්වර (ආනන්ද විද්‍යාලය) 3.දිමුත් ඕෂධී මිරිස්සගේ (මාතර රාහුල විද්‍යාලය) 4.එච්.බී පබසරා මලිති කුමාරි හේරත් (ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය) 5.  ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර(කොළඹ දේවි බාලිකා විද්‍යාලය) 5. ඒ.දම්සරා මේධාවි (ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය) 5. ඒ.අභිනන්දන් (යාපනය හින්දු විද්‍යාලය ) 6.කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා(ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය) 7. ඊ.ඒ යසාරා උමාලි (මාතර සුජාතා විද්‍යාලය)
මෙයාට තද බූට් පාරක් හම්බවෙලා වගේ !!
19
POSITIVE
ncpp_train_0459
අද (30) රාත්‍රියේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැත්වෙන ප්‍රසංගයක නම 'HellFire' හෙවත් නිරයේ ගින්න යනුවෙන් නම් කර තිබූ අතර 'HellFire' යන්න  'Fire' ලෙස වෙනස් කිරීමට කොළඹ නගර සභාව කටයුතු කර තිබේ. "නිරය" යන නම වෙනස් කරන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටියේ එය සාතනික ලබ්ධියක නමක් බවට කරුණු පළවීමෙන් පසුවයි.නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ විරෝධය මත මෙම තීරණය ගෙන තිබේ.‘Hellfire’ යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් ඇය දන්වා ඇත.එම ප‍්‍රසංගයේදී ‘සාතන්’ ප්‍රවර්ධනය කරනු ඇතැයි පළ වූ මතයන් මත එයද වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණි.
Bonfire is good
7
POSITIVE
ncpp_train_0460
ලබන අවුරුද්දේ සෑම උසස්පෙළ සිසුවෙකුටම  ටැබ් එකක් නොමිලේ  - අගමැති පාර්ලිමේන්තුවේදී කියයි 2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් නොමිලේ ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මේ ගැන මින් ඉහත ඩිජිටල් ඇමති හරින් සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද ඉඟි කර තිබුණ අතර ලංකාවට ඇමරිකාවේ මයික්‍රසොෆ්ට් සමාගම ලබාදෙන ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවට තොරතුරු පළව තිබේ. ඒ අනුව පාඩම් විෂය මාලා සම්බන්ධ මුද්‍රිත පෙළ පොත් වෙනුවට ඒවා පරිගණක ඊබුක් ෆයිල් ලෙස ලබාදී පාසලේදී ඔවුන්ට ඒවා පරිහරණයට පහසු කිරීමත් ඩිජිටල් තිර සමග අන්තර් ක්‍රියා කරමින් පන්තිවල ඉගැන්වීමත් සිදුකරන්නට නියමිතය. 2017 වසරේ සිට තෝරාගත් පාසල් පන්තිකාමර 56 ක් ස්මාර්ට් පන්ති ලෙස අත්හදාබලා පසුව එම ක්‍රම දීපව්‍යාප්ත කිරීමේ සැලසුමක් ගැනද පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා හෙළි කර තිබුණි. සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
ටැබ‘ දෙනවට වඩා දේවල් තියෙනවා මහත්තයෝ කරන්න. දුප්පත් පාසල් තියෙනවා වැසිකිලියක්වත් නැති. ඒවා හොයලා බලලා සංවර්ධනය කරානම‘ හොදයි නේද.. තොරා ගත්ත කොළඹ පාසල් ටිකකට දෙයි ටැබ‘. දුප්පත් ළමයි ඉන්න පාසල් වලට හුලං තමා ඉතිං
2
POSITIVE
ncpp_train_0461
 අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තමා වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.අවුකන විහාරාධිපති හිමියක් ඊයේ ඔහු හදුන්වා දුන්නේ විශේෂවේද වෛද්‍යවරයෙකු ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය අමරනන්ද මහතා කියන්නේමේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැවසුවේය.වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ
මේ හුගදෙනෙක් කතා කරනවා ජීවමාන මිය ගිය අය ගැන. මිය ගිය හෝ පිරිනවනි පෑ කිසියක් ආයෙ ජීවමාන තත්වයක් ලබන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ඔය ජීවමාන කතාවක් කොහේවත් නියලා නෑ. මෙි්ක මහා මුලාවක්. බුදුපිලිම වලා සමහරු විශාල ලෙස හාමුදුරුවරයකුට සේ ජිවමාන යයි සිතා ආමිස පූජා කරනවා. ඊටපස්සේ ඒවා විසිකර දමනවා. ජීවමානනම් ඒවා වලදන්න එපැයි.මීට වැඩිය හොදයි මේ සල්ලිවලින් බලුකපුටු දානයක් දුන්න නම්.එසේ වුනොත් බඩගින්නේ ඉන්න ඒ සත්තු ඒ කෑමටි කාලා බඩගින්න නිවාගනයි. ඒක මහා පිනක්. මෙ මිනිසුන්ට කන්නබොන්,බෙහෙත් ටික බැති කාලෙ මේකම් මහා ධන විනාශයක්. මේවා කරන අය හතර මහා අපායෙමයි නවතින්නෙ.
77
POSITIVE
ncpp_train_0462
ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ප්‍රකට දේශපාලනඥයින් මෙන්ම සිය පක්ෂයේ වැඩ කළ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. මේ සඳහා 4000 කට ආසන්න පිරිසක් අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටි බවට වාර්තා පළවේ. විවාහ ආරාධනය විශේෂයෙන් පළ කළ ඇරයුම් පතකින් සහ  ඒ ඒ පාක්ෂිකයින්ට යැවූ ලිපියකින් යුක්ත වූ අතර එම ලිපියේ සඳහන් ආකාරයට දේශපාලන රැළියකට පිරිස් එකතු කරගෙන යන ආකාරයට ඒ ඒ කොට්ඨාස මට්ටමින් විවාහ උත්සවය සඳහා පැමිණීමට ප්‍රවාහන පහසුකම්ද සලසා තිබුණි. අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම ගැන විවේචනාත්මක අදහස් සමාජ ජාල වල පළවී තිබුණත් වත්මන් රජයේ ‘කැපී පෙනෙන ප්‍රබලයෙකු‘ ගේ පුතුගේ විවාහය එම ස්ථානයේ පවත්වන්නට අවසර ලබාගැනීම ගැන ගැටලුවක් පැන නොනැගිය හැකි බවට සිතා එම විවේචකයින්ම සිත හදාගෙන තිබුණි. විවාහ උත්සවය අධික වියදම් දරා සිදු කළ අතර මංගල කේක් ගෙඩිය වහලයෙ ගැවෙන තරම් උසට නිර්මාණය කර තිබුණි. මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර තිබූ අතර ආරාධිතයන් 3000කට පමණ එම ආරාධනා පත යොමු කර තිබුණි. සාමාන්‍යයෙන් මංගල සභාවල මනාලයින් කතා පවත්වන්නේ නැති නමුත් මංගල උත්සව සභාව අමතමින් උත්සවයේ මනාලයා වන චතුර සේනාරත්න දීර්ඝ කතාවක් කිරීමද කැපී පෙනුණි. එම කතාවේ ඔහුට සරුපා මුණගැසීමේ වසර 11 ක පෙම්කතාව මෙන්ම මේ දිනවල ඒ සම්බන්ධයෙන් පවතින විවේචන වලටද පිළිතුරු සපයා තිබුණි. අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලබා දුන්නේ අගමැතිවරයා විසින් බවත් චතුර එහිදී කියා සිටියේය. උත්සවය සදහා වියදම් වූ සියලු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත් ඔහු පැවසීය.
මම (බබබබ) බහැ කියද්දි( බබබබ) අගමැති තුමා බලෙන් මාව අරලිගහ මන්දිරයේ බබබබබ බැන්දුවේ බබබබබ..... -චතුර-
70
POSITIVE
ncpp_train_0463
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක් වන ‘ලයිසියම්‘ හි විෂය නිර්දේශයට අදාළ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විභාග සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය මත එම පාසලේ සිසුන්ගේ දෙමාපියන් එක්වී ඊයේ (28) විරෝධතාවයක් පවත්වා තිබේ.නුගේගොඩ සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියන් එම විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට මෙම  විරෝධතාවය පවත්වා ඇත.  එම පාසලේ ද්වීතියික හා තෘතීයික අධ්‍යාපනය ලබන සිසුන්ට කේම්බ්‍රිජ් විෂය නිර්දේශ අනුව උගන්වන අතර අනතුරුව කේම්බ්‍රිජ් සා/පෙළ සහ උ/පෙළ විභාග සඳහා සිසුන්ව යොමු කරන නමුත් මෙම වසරේ සිට පාසල හරහා එම විභාග සඳහා ලියාපදිංචිය සිදු නොකරන බව මව්පියන්ගේ චෝදනාවයි. සිසුන්ට තනිව පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාග වලට පෙනී සිටින්නට දන්වා ඇතැයි වාර්තා කර තිබෙයි.මෙය ගැන පාසල් බලධාරීන් සමග දෙමාපියන් කළ කථාබහ අසාර්ථකවී ඇත. සිසුන් සඳහා පාසල හරහා කේම්බ්‍රිජ් විභාග අයදුම් කිරීමට පෙර මෙන් පහසුකම් සැලසීමට කටයුතු කළ නොහැකි බව පාසල් බලධාරීන් දැනුම් දී ඇති බව විරෝධතාවයේ නිරත මවුපියෝ පැවසූහ.පෞද්ගලික අයදුම්කරුවන් ලෙස එම විභාග වලට ඉදිරිපත්වීම දරුවන්ගේ සහතික වටිනාකම අවතක්සේරු කිරීමක් වන බවත් පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී ලබාදී තිබූ පොරොන්දු උල්ලංඝනයක් බවත් මාපියන් චෝදනා කර තිබේ. 
අනාගතේ දවසක සුද්දගෙ කෑම ටිකත් එනකන් මෝඩ කළු සිංහලයා මුහුදට දත නියවාගෙන ඉඳීවි !!!
-8
NEGATIVE
ncpp_train_0464
ශ්‍රී ලංකාවේ දැන් වැඩිහිටියන්ව සිටින අතීත තරුණ පරපුරේ සිට වත්මන් තරුණ පරම්පරාව දක්වා වසර 38 ක් තිස්සේ දැනුම රසය බෙදාගත් 'තරුණයා' පුවත්පත නතර කිරීමට එය පළ කරන විජය පුවත්පත් සමාගම තීරණය කර තිබේ. සතිපතා ප්‍රකාශනයක් ලෙස තරුණ පරපුර ඉලක්ක කර පළවූ මෙම පුවත්පත ඉදිරියේදී විජය පුවත්පත් අනුබද්ධ 'අද' පුවත්පතේ අතිරේකයක් ලෙස පමණක් කල එළි දකිනු ඇත. මෙම පුවත්පත නතරවීමට බොහෝ දුරට බලපා ඇත්තේ නූතන පරපුර පුවත්පත් කියවීමට වඩා ජංගම දුරකථන හා ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට හා අන්තර්ජාලය වෙත නැඹූරුවීමයි. ඒ හේතුවෙන් පුවත්පතේ අලෙවිය ශිඝ්‍ර ලෙස පහත වැටීම නිසා එය මුද්‍රණය කර විකුණාගන්නට අපහසු තත්වයක් මතුව ඇත. පසුගිය කාලයේ ලක්බිම, රිවිර, ජනයුගය ඇතුළු පුවත්පත් කිහිපයක්ම අලෙවිකරණ ගැටලු නිසා මුද්‍රණය නවතාදැමීම සිදුවිය. මේ සමග පළවන්නේ අවසන් තරුණයා කලාපය ගැන පළකර තිබෙන දැන්වීම් කොටසකි.
අවුරුදු 38 නම් තරුණයා දැන් තලත්තෑනි වෙලානෙ ඒ නිසා අළුත් පත්තරේට තලත්තෑනියා කියල තමයි දාන්න වෙන්නේ.
12
POSITIVE
ncpp_train_0465
ස්වර්ණවාහිනිය ලයිව් චාට් ෂෝ නවතා නොදමා  කතාබහ වෙනස් කරයි -දුරකථන ඇමතුම් නොගනී - රහල් තාම වැඩ රටේ ආපදා තත්වය නිසා දුක්මුසු සිදුවීම් වාර්තාවන පසුබිමක ලයිව් චාට් ෂෝ එකක් කිරීම සුදුසු නොවන බව ප්‍රේක්ෂිකාවක ලබාදුන් ඇමතුමක් හා එයට ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදකයෙකු සැපයූ ආවේගශීලී පිළිතුරක් නිසා පසුගිය සතියේ අන්තර්ජාලය තුළ විශාල කථාබහක් ඇති වුණා. මෙවන් වැඩසටහන් තාවකාලිකව නවතා දමන්නැයි විවිධ අය ඉල්ලීම් පළකළත් ස්වර්ණවාහිනීය එම ආකාර වැඩසටහන් මේ වනතුරුත් නවතා දමා නැත. ඊයේ අඟහරුවාදා මෙන්ම පෙරේදා සඳුදාද සවස් කාලයේ ඉදිරිපත් කරන ලයිව් චාට් ෂෝ වැඩසටහන එම නාලිකාව සුපුරුදු ලෙසම ඉදිරිපත් කර තිබුණි. නමුත් කවින්ද්‍යා -රහල් එදා ඉදිරිපත් කළ විනෝදාත්මක ආකාරයට වඩා වෙනස් මුහුණුවරකින් මෙම වැඩසටහන් මේ සතියේදී ඉදිරිපත් කෙරුණ අතර තම නාලිකාව ලබාදෙන ආධාර ගැනත් විපතට පත්වූවන් ගැනත් නිරන්තරයෙන් එහිදී මතක් කරමින් ගීත ඉදිරිපත් කර තිබුණි.දුරකථන මාර්ගයෙන් ප්‍රේක්ෂකයින් සම්බන්ධ කිරීම නොකර ෆේස්බුක් කොමෙන්ටු ඇසුරින් වැඩසටහන ගෙනයනුද දක්නට ලැබුණි. කෙසේ වෙතත් පසුගියදා ආන්දෝලනයට ලක්වූ කවින්ද්‍යා-රහල් දෙදෙනාගේ වැඩසටහන සම්බන්ධයෙන් නාලිකාව කිසිදු පියවරක් ගෙන නැති අතර එම දෙදෙනා නැවත ලබන සතියේත් වැඩසටහන ඉදිරිපත් කරන බවට පූර්ව ප්‍රචාරයන් ඊයේත් විකාශය කර තිබුණි. කෙසේ නමුත් ඇතැම් පුද්ගලික නාලිකා මේ වනවිට මේ ආකාරයේ වැඩසටහන් තාවකාලිකව අත්හිටුවා ඇති බවක්ද හඳුනාගත හැකිය. සමහර නාලිකා පැරණි පටිගත කළ වැඩසටහන් එම වේලාවල්වලට ආදේශ කර විකාශය කරනු දක්නට ලැබේ. ඊයේ වැඩසටහනේදී ස්වර්ණවාහිනී ලයිව් චාට් ෂෝ කථාබහ වෙනස් කළ හැටි පහතින්
ඔබ නිවැරදියි. මුන්ට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ. හීනමානයට බෙහෙත් දීල ඉන්න ඕනේ ඔක්කොටම කලින්. හැබැයි ලංකාවේ සෑහෙන පිරිසකට මේ ලෙඩේ තියෙනව.
199
POSITIVE
ncpp_train_0466
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයක් අතරතුර පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සීමට ලක්වූ රෝගීන් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබෙයි. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර ජාතික රෝහලට මාරුකරු යැවූ බව පොලිසිය පවසයි.රෝහලේ දෙවන මහලේ පැවති වෛද්‍ය සායනයක් අතරතුරදී පුද්ගලයෙකු විසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සිටි තවත් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙයි.එම අවස්ථාවේ දී ඒ අසල සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුට ඇසිඩ් වැදී ඇති බව පොලිසිය සදහන් කළේය.පසුව ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිද සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම නිසා අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
යකෝ වටේ ඉන්න අය පලිද ගෑනිගෙ ගායට
91
POSITIVE
ncpp_train_0467
ප්‍රවිණ රංගන ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) දින සිය දිවියෙන් සමුගත්තාය. මියයන විට 83 වැනි වියේ පසුවූ ඇය කලක් රෝගාතුරව කල් ගත කර තිබුණි. ඇය කෝපි කඩේ ටෙලි නාට්‍යයේ මුල සිටම රංගනයට එක්වූ අතර අවසන් කාලයේත් සොමි නෝනා ලෙස එහි රංගනය අතහැරියේ නැත. ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන සිව්මාධ්‍යයන්ගෙන් චිත්‍රා දස්කම් දක්වා තිබේ. ගුවන් විදුලියේ එකල ඉතාම ප්‍රසිද්ධ නාට්‍ය දෙකක් වූ මුවන්පැළැස්සහි කිරිඅම්මා සහ වජිරා හි වජිරාගේ මවට හඬකැව්වේද ඇයයි. සිරිසේන විමලවීරගේ පොඩිපුතා, සිරකරුවා, නාරිලතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, යුගාන්තය, සීතල වතුර, රෑනගිරව්, සුහදපැතුම, මීමැස්සෝ, ගැහැනු ළමයි, පරසතුමල්, හිතහොඳ චණ්ඩියා, චිත්‍රා රංගනයෙන් දායක වූ සිනමාපට කිහිපයකි. ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුතු ටෙලිනාට්‍යයේද ඇය රඟපෑ අතර විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනයට එක්ව තිබේ.‍ ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ චිත්‍රා මහත්මියගේ එක් පුතෙකි. දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.
හප්පේ! මැණිකෙත් නැතිවුණා. දැන් ඉතිං කොහොමද ගම්භාර දෙයියනේ මං කෝරලේ පදවිය කොරන්නෙ. මටත් ඉඳලා වැඩක් නෑ බොල කදෘරො ගන් මේ තුවක්කුව ගිනි බිඳපිය මට.
11
POSITIVE
ncpp_train_0468
මේ දිනවල ලංකාව පුරා පැතිරෙන ඩෙංගු රෝගය හා ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් උණ රෝගයට සමගාමීව දිවයින පුරා තවත් වෛරස් උණ රෝගයක් පැතිර යන බවත් එම රෝගය ඩෙංගු හෝ ඉන්ෆ්ලූවෙන්සාවෙන් වෙන්කර හඳුනාගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී. අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සදහන් කරන්නේ වරින්වර පැනනගින තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස මෙම රෝගයේ ලක්ෂණ බවයි.කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස් ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අය මෙම රෝගයට දැඩිව ගොදුරු වෙති. සතියක පමණ කාලයක් තිස්සේ මෙම රෝග තත්වය පැවතිය හැකිය. ඒ රෝග තත්ව වැළදී ඇති රෝගීන් වහාම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතු බව ඔහු දන්වයි. ඩෙංගු රෝගය හරියාකාරව හඳුනාගැනීමට නම් පැය 48 ක් වත් උණ රෝගය පැවතීම අවශ්‍ය වන නිසා වෙනත් වෛරස් උණක් සෑදුණත් ඒ අතර කාලයේදී ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් වැළකී සිටින්නට ‍වෛද්‍යවරුන් කටයුතු කරන නිසා අත්බෙහෙත් ලෙස  ඖෂධ ලබාගැනීම මෙහිදී නුවණට හුරු නැති බව පෙන්වා දෙන අතර නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දේ.
මේ වගේ ඒවට සුපිරි කියන උන්ගේ ගෙදර උන් හැදි ගෑවිලා යන්න ඕන...
1
POSITIVE
ncpp_train_0469
ඔස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක නිවසක් තුළදී ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව වසරකට ආසන්න කාලයක් පැවති නඩුවේ තීන්දුව අද(28) සිඩ්නි නුවර ඩව්නං සෙන්ටර් දිසා අධිකරණයේදී විනිසුරු සාරා හගෙට් ප්‍රකාශයට පත්කළ අතර ධනුෂ්ක ගුණතිලක සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.ඇයගේ පැහැදිලි කිරීම අනුව මෙය බලහත්කාර අපයෝජනයක් ලෙස නම් කළ නොහැකි බවටත් සංසර්ගය පුරුෂයාගේ හා ස්ත්‍රියගේ කැමැත්ත මත සිද්ධවී තිබියදී කොන්ඩමයක් ඉවත් කිරීම හෝ නොකිරීම ගැන ප්‍රශ්නයක් බවට නඩු විභාගය ලඝුවූ බවත් පවසා තිබේ. ඒ අනුව “එම සංසර්ගය අඛණ්ඩව පැවති නිසා විත්තිකරුට සංසර්ගයේදී කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් තහවුරු වෙනවා,” විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියාය.මෙම නඩු විභාගයේ අවසන් කොටස පසුගිය සතියේ දින 4 ක් තිස්සේ විභාගවූ පසු 28 (අද) තීන්දුව ලබාදෙන බව දන්වා තිබුණි. ‘ලිංගික අපචාරයක් සිදු කළ බවට ශ්‍රී ලාංකික ජාත්‍යන්තර පිතිකරු වරදකරු නොවන බව ප්‍රකාශ කළ හැකියි.‘විනිසුරු සාරා හගෙට් 32 හැවිරිදි ඔහු නිදොස් කොට නිදහස් කරමින් බ්‍රහස්පතින්දා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී තීන්දුව  ලබාදුන්නාය.වින්දිත කාන්තාව, හිතාමතා බොරු සාක්ෂි ලබා නොදුන් නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට අවාසිදායක ලෙස කරුනු ගොනු කිරීමේ ආශාවෙන් පෙළඹුණු බුද්ධිමත් සාක්ෂිකරුවෙකු බවද විනිසුරුවරිය පැවසුවාය.“පැමිණිල්ලට අදාළ සාක්ෂි පැමිණිලිකරුට සහාය නොදක්වන බව මට පෙනී යයි. ඒ වෙනුවට එය ඇගේ සාක්ෂිවල විශ්වසනීයත්වය අඩපණ කරයි, ”ඇය පැවසුවාය. ඇයගේ තට්ටම් වලට පහර දීම, බලහත්කාරයෙන් සිප ගැනීම සහ ඇගේ තොල් තැලීම, ලිංගික සංසර්ගයේදී ඇයව හුස්ම හිර කිරීම වැනි විවිධ ආක්‍රමණශීලී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කාන්තාව ඔහුට චෝදනා කර තිබුනි. සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ය.සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වෙනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවේ ලංකාවට ඒමද තහනම් කරමිනි.ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයින් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබුණි.එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කර අද දින අවසන් විය.නීතීඥ මුරුගන් තංගරාජ් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටියේය.නඩු විභාගය නිසා ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔහුගේ උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ නමුත් මෙම තීන්දුවත් සමග ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසෙනු ඇත.මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය.
ලංකාවට මෙච්චර කීර්ති නාමයක් එක්කල මොහුව වහාම කන්ඩායමට ගන්ඩ තියෙන්නේ මම කියන්නේ.. හා නැද්ද.. එහෙම තමා ලංකාවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ මටනං තේරෙන්නෑ ඉතිං..
1
POSITIVE
ncpp_train_0470
බදාදා පැය 10 ක විදුලි කප්පාදුවකට යාමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබුනේ ඊට දින 4 කට පෙර ‘පැය 10 විදුලිකප්පාදු‘ කිසිසේත් සිදු නොවන බවට කළ ප්‍රකාශ වලට පටහැනිව යමිනි.සාවද්‍ය ලෙස ජනතාවට කරුණු දැක්වූ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම පැය 10 කප්පාදු කතාව තරයේ ප්‍රතික්ෂේප කළේ‘අනිවාර්යයෙන් පැය 10 ක් කැපෙන්නෙ නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැටියට මට ඒ ගැන කෙලින්ම කියන්න පුළුවන්. මේ ගැන අවිශ්වාසයක් ඇතිකරගන්න එපා. ඒ ප්‍රමාණය පැය 10 කට යාමේ අවශ්‍යතාවයක් දැන් අපිට නැහැ මොකද අපට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව දැනට තියනවා.‘කියමිනි. අනතුරුව සිය සාවද්‍ය ප්‍රකාශය ගැන කිසිම සඳහනක් නැතිව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා ඔහු කියා සිටියේ“මේ තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා. මේ සඳහා අවශ්‍ය නිසි පියවර කිසිම ආයතනයක් මගින් ලබාගෙන නෑ. විදුලි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මූල්‍ය අර්බුදය නිසා.”“අද සහ හෙට කියන දවස් දෙක අපි රජයට නිර්දේශ කළේ රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට. ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ.” ලෙසිනි. පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ සභාපති ජනක රත්නායකගේ ප්‍රකාශය ගැන රජයේ කිසිදු බලධාරියෙකු මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.ජනතාව නොමග යවමින් විදුලිය පැය 10 ක් කපන්නැති බවට මින් ඉහත ජනක රත්නායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කටයුතු කර තිබේ. ඔහුගේ පුද්ගලික ට්විටර් ගිණුම හරහා ඒ ගැන විවේචනයක් සිදු කර තිබුණි.‘ලබන සතියේ විදුලි කප්පාදුවේ වැඩි වීමක් සිදු නොවන බවට අද දෙරණ පළමු පණිවිඩය මාර්තු 25 පළ විය. 2 වැනි පණිවිඩය අද මාර්තු 29 හෙට සිට පැය 10ක විදුලි කප්පාදුවක් ලෙසිනි. මීට වඩා හොඳ ගනුදෙනුවක් මේ රටේ ජනතාවට ලැබිය යුතුයි.අපට සත්‍යය පැවසීමට සහ අපේක්ෂා කළ යුතු දේ පැවසීමට අයිතියක් ඇත. මෙලෙස බලධාරින් ජනතාවට බොරු කීමට සිදුවීම අතිශයින්ම ලැජ්ජාවකි. ‘ඔහු දන්වා තිබුණි. 
ලියන රෙද්දක් සින්හලෙන් ලියපිය
-7
NEGATIVE
ncpp_train_0471
වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘ ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයිනිළිය,නළුවන් හා අධ්‍යක්ෂ රිමාන්ඩ් ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අසභ්‍ය වීඩියෝ නිර්මාණකරු හා එහි රඟපෑ නිළිය හා නළුවන් දෙදෙනා අද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත‍්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් සිව්දෙනාවම ලබන මස 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරනු ලැබුවා. පොලිසිය සඳහන් කරන්නේ මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිත මෙම අසභ්‍ය වීඩියෝව නිෂ්පාදනය කිරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ සංශෝධිත වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවකි. කෙසේ වෙතත් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වා සිටින්නේ මෙම වීඩියෝව ලංකාවේ කිසිම ප‍්‍රසිද්ධ නාලිකාවක හෝ බාහිර ප‍්‍රදර්ශනයක් හෝ නොකරන ලද්දක් බවත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යන ලේබලය යටතේ නිර්මාණය කර 18 ට වැඩි අය සඳහා අලෙවි කළ ටෙලි නාට්‍යයක් පමණක් බවත්ය. එය ‘නිල් වීඩියෝවක්’ නොවන බව ඔහුගේ තර්කයයි. කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වනු ඇත. නඩු භාණ්ඩ ලෙස මෙම DVD පටයේ පිටපත් 6000 ක්ද ඉදිරිපත්ව තිබුණ අතර ‘තොල් පෙති අතරින්’ නමින් කවරය සරසා තිබුණ එම DVD පටයේ ‘වයස 18 ට අඩු අයට විකිණීම තහනම්’ යනුවෙන්ද සටහනක් තබා තිබුණි. එම කවරයේ සඳහන් කර තිබුණ අධ්‍යක්ෂවරයාගේ නම ‘ජී.එස්.පතිරණ’ නම් විය. සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින් එම කවරය පහතින්
බලමු මෙහෙම උසාවි ගානේ වත් ගිහින් දූපත් චින්තනයෙන් මිදෙන්න... යහපත් විනිශ්චයක් බලාපොරොත්තුවෙන් සිටිමි.. ( දැන් හෝ ගාලා මට බැනපල්ලා පලු යන්න.. මිතුරනි මා ජනප්‍රිය මාවතේ යන්නෙක් නොවෙමි )
440
POSITIVE
ncpp_train_0472
රුපියල් විසිපන් දහසේ දඩයට ඇතුළත් වමෙන් ඉස්සර කිරීමේ වරද සම්බන්ධයෙන් සහන කාලයක් ලබාදීමට සූදානම් බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් බස් සංගම් හා අනෙකුත් ප‍්‍රවාහන සංගම් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි. ඔහු මෙම කරුණු අනාවරණ කළේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) එක්වෙමින්. ඒ අනුව එම කාරණාව සම්බන්ධ දඩය එකවරම ක්‍රියාත්මක නොවන ලකුනු පහළවී තිබේ.
මේ ගැන සිතන්න එක් පැත්තකට මනු තීරු 2ක් තියෙන පාරක, මැද තීරුවේ වාහනයක් 40ක වේගයෙන් යනවනම්, අනිත් ඔක්කොම වාහන ඒ පස්සෙන් යන්න වෙනව නේද ? වමෙන් ඉස්සර කිරීමේ නිතිය තනි තීරුවක් පමණක් තියෙන පාරවල් වලට පමණක් අදාල කලාට කමක් නෑ
2
POSITIVE
ncpp_train_0473
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි. එම නිවේදනය මෙසේය. කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි. පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි. පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි. මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
මම මේක දැක්ක ගමන් අල්ලා දෙයියන්ට කෝල් එකක් ගත්තා. මෙන්න මේකයි විස්තරේ. දන්න මුස්ලිම් මිත්‍රයින්ටත් කියන්න. වෛරස් එකෙන් මැරුනොත් කන්‍යාවො 72 හම්බවෙන්නෙනෑ. ඒකට හේතුව කන්‍යාවන්ටත් ආසාදනය වෙන්න ඉඩ තියෙන නිසා. දොස්තරලා කියන විදියට ගෙදරට වෙලා හිටියොත් පස්සෙ කාලෙක මැරුනහම කන්‍යාවො 144 හම්බවෙනවා. ඒ කියන්නෙ බෝනස් 72කුත් එක්ක. උණ වගෙ ලෙඩක් තියෙනවනං හරි වෙන ලෙඩක් තියෙනවන්ං හරි 119 කෝල් කරල ගියොත් දොස්තරට පුලුවන් අමතර වාසි ගොඩක් අරන් දෙන්න. ඒ කියන්නෙ දොස්තරට පුලුවන් දෙවියන්ට කෝල් එකක් දීල ඒක සෙට් කරන්න. එහෙනන් ගෙදරට වෙලා ඉන්න. ලෙඩක් නං කෝල් එකක් ගන්න. මැරුනාම සැපට ඉන්න පුලුවන්. දැන්ම කලබල වෙලා වටේ දුවන්න එපා.
250
POSITIVE
ncpp_train_0474
නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහළට වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (26) සවස නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි. මෙසේ මරණයට පත්වී ඇත්තේ මාස හයක්  වයසැති දනුජ දහම්ස නමැති දරුවෙකි. ඔහු සිව්  දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා බව පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ දරුවගේ මව නිවසේ  සිට නැති බවත් ඒ වන විට දරුවන්ගේ මිත්තනිය භාරයේ දරුවන් රැදී සිට ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී සනාථ වී තිබේ. මරණයට පත් දරුවාගේ පියා කටුනායක ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවද කියයි. කුඩා දරුවන් හා මවත් මිත්තනියත් කුඩා කටු මැටි ගැසු නිවසක දිවි ගෙවන අතර දරුවන්ගේ මව පාපිසි සැකසීමට යොදා ගන්නා මේසය මත දරුවන් සිව් දෙනාම රැඳී සිට ඇති බව කියති. අනෙක් දරුවන් මේසය මත වූ දරුවා සුරතල් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව කරඹෑපත්තුව හදිසි මරණ පරික්ෂක ඊ.එම්. තිලකරත්න මහතා මරණ පරික්ෂණය පැවැත් වූ අතර මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දරුවාගේ දේහය පුත්තලම මූලික  රෝහලේ අධිකරණ මෙවද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණි. නවගත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන අරඹා තිබේ. -හිරාන් ප්‍රියංකර- 
මගුලක් කතා කරනව, ඒ මිනිස්සුන්ට බේබි රෑම් ටයිල් තියා ඉන්න හරියට ගෙයක් වත් නෑ. ගෙදර තියෙන හොඳම ගෘහ භාණ්ඩය මේසය වෙන්න ඇති
18
POSITIVE
ncpp_train_0475
ශ්‍රී ලංකාවේ ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතත් එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්‍ෂණ පවත්වන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය. සිද්ධියට අදාළ ප්‍රදේශවල සී.සී.ටී.වී කැමරා දර්ශන ලබාගෙන කඩිනමින් පරික්‍ෂණ කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දුන් බවද අගමැතිවරයා කීය. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි  නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.  -නාලක සංජීව දහානායක-
අපවාද? :D මේ අපවාද එතකොට? උඹලනං මාර බඩු බං. උඹල වගේ උන් එක්ක මේ රට මෙහෙම තියනව ඇති
34
POSITIVE
ncpp_train_0476
අම්බලන්තොට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ අමතක වූ  රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින්  රැගෙන එම රාජ්‍ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා  ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක් අම්බලන්තොට නගරයෙන් වාර්තාවේ.  අම්බලන්තොට මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අම්බලන්තොට මහඇළකණ්ඩිය, කොග්ගල්ල පදිංචි ඩී. සජිත් තිවංක නමැත්තා  රුපියල් ලක්ෂයක  මුදල යන්ත්‍රයෙන් පිටතට නොගෙන කාඩිපත පමණක් රැගෙන  එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.  ඊට පසුව යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි හුංගම විජයබා ජාතික පාසලේ ගුරුවරයකු වන වයි.අයි. ලක්මාල්  මහතා එම රුපියල් ලක්ෂයේ මුදල අතට ගෙන බැංකුවේ  කළමනාකරු අතට ලබාදීමෙන් පසු මුදල් අයිතිකරු කවුරුන්ද  යන්න සොයා බලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු බැංකුවට ගෙන්වා මුදල අයිතිකරු අතට ලබාදීම මහජන බැකුවේ අම්බලන්තොට ශාඛාවේ මෙහෙයුම් කළමනාකරු  ඉදිරියේදී සිදුකෙරිණි. මුදල් අයිතිකරුට දුරකතන ඇමැතුම ලබා දෙන විටදිටත්  මුදල් තමා අතේ නොමැති බව ඔහු නොදැන සිටි බවද, හදිසියේ කාඩ් පත පමණක් යන්ත්‍රයෙන් රැගෙන එම මුදල් වෙනත් කෙනෙකුට ලබා දීමට ගමන් කරමින් සිටියදී දුරකතන ඇමැතුම ලැබුණු බවත්. එවිට මුදල් අතේ නොමැති බව තේරුම් ගිය බවත් මුදල් අයිතිකරු පැවසු බව කළමනාකරු කීය.  (අම්බලන්තොට සනත් ගමගේ)
කතාව දැලා සතු‍ටු හිතිලා කමෙන්ට් දැක්කම දුක හිතුනා අනේ මෙහෙම හැත්තක් සුබවාදිව දෙයක් දකින්ඩ බෑ හැම දේම වැ‍රැද්ද, තමාගේ පන්ඩිතකම ආදී ද්වේශය වැඩ් වෙන දේවල්ම විතරයි ලියන්නේ දකින්නේ සමාජයේ වැඩිමනක් අය
1
POSITIVE
ncpp_train_0477
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරීක්කාර් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පවසා තිබේ. 'මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමිමක් ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මමත් එක්සත් ජාතික පක්ෂයත් මේ. ක්‍රියාව තරයේ හෙළා දකිනවා. රටේ මේ වනවිට ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා නිතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. පොලිසිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පොලිසියට පරික්ෂණ කළ හැකි බව අප ඔප්පු කර පෙන්වා තිබෙනවා. මේ සම්බන්ධව අන්තර්ජාලයෙන් විවිධ පුද්ගලයන් මඩ ප්‍රහාර එල්ල කරනවා. දින 51ක් මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැති ලෙස සිටින සමයේ මෙවැනි ක්‍රියා වූයේ නැහැ.අන්තර්ජාලය තුළ නැවත වරක් ජාතිවාදය වපුරුවා එය රට පුරා ක්‍රියාත්මක කර ලේ වැගිරිම් ඇතිකර ඒ හරහා නැවත සංහිඳියාව නැති කර ජාතීන් අතර වෛරය  ඇතිවන වැඩපිළිවෙළක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙනවා.  සිද්ධියේ ප්‍රධාන සැකකරු මන්දමානසික පුද්ගලයකු නිසා අත්අඩංගුවට ගන්නට එපා යැයි මා පැවැසූ බවට අසත්‍ය ප්‍රචාර ෆේස් බුක් හරහා ප්‍රචාරය කරමින් තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශය සමඟ මට කිසිම සම්බන්ධයක් නැහැ. මෙවැනි සංවිධානාත්මික වෛරී ප්‍රකාශ අප තරයේ හෙළා දකිනවා. ෆේස් බුක් චණ්ඩි නොවී යම් චෝදනාවක් තිබේ නම් ඔප්පු කර පෙන්වන ලෙසට මා අභියෝග කරනවං. එලෙසේ ඔප්පු කළහොත් මා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මා පොලිසියට බලපෑම් කළායැයි ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මේ පිළිබඳව සොයා බලන ලෙස ලිබිනව මා පොලිසියෙන් ඉල්ලා සිටියා. මුස්ලිම් සමාජය මෙවැනි ක්‍රියා කරයේ ප්‍රතිකේෂ්ප කරනවා. ඒනිසා මුස්ලිම් සමාජය ඉදිරිපත්වී බුදු පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ථාපනය කරනවා නම් එය සංහිදියාවට දෑත දිගු කිරිමක් බව කිව යුතුයි. මේ සදහා මැදිහත්වන්නැයි කවුරුන් හෝ මට ආරාධනා කරනවා නම් එය කරන්නන් මා සූදානම්.'
බැදුම්කරේ ඇදෙනකොටම මුස්ලිම් සිංහල ගැටුම් පැන නගිනවා....බැදුම්කර සිද්දය යට යනවා. එතකොට බුදු පිලිම කඩන හැබෑ අත කාගෙද කියන සැකය ඇති වෙනවා.
40
POSITIVE
ncpp_train_0478
ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන බවත්  වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී ඇති බවත් කියැවිණි.මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.  මෙහිදී ඇමති නාමල් ඇමති ප්‍රසන්න සමග ධාවනයේ යෙදී මෙය විවෘත කරන්නට යෙදිණි. 
මු සැරයක් යාල වනෞද්යානයෙත් ඔවා පදලා තිබුනා. බලපල්ලකො මුගෙ ගැම්ම. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නෙද? උම්බෙ තාත්තාගෙ පාලනය යටතෙ රටෙ ජීවන වියදම අහස උසට. වගකීමක් නැතුව ඔහොම හිනාවෙන්න පුලුවන්ද?
7
POSITIVE
ncpp_train_0479
“මේ ප‍්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා. වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න”යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම අධිකරණය ඉදිරිපිටදී අද (29) සඳහන් කළා. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රය තුළදී සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධයා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් කර තිබූ නියෝගයකට අනුව එම වන්දි මුදල ලබා දීම සදහා අද (29) දින නඩුව කැඳවා තිබුණා. අදාළ වන්දි මුදල ගෙවීමෙන් පසු ගලගොඩඅත්තේ හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදී මෙලෙස උන් වහන්සේ මාධ්‍යට පළ කළහ.
බුදු සමයත්, සංස්කෘතියත්, දේශපාලනයත් සමග දැඩිව වෙලී තිබීම ඉතිහාසයෙන් දක්නට පුළුවන්. මේ පිළිබඳව කරුණු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් මෙසේ කීය. ‘‘භික්ෂූන් වහන්සේ යම් දවසක දේශපාලනයට ඇඟිලි ගැහුව නම් එදා පටන් සංඝයාගේ පිරිහීම දකින්න පුළුවන්. අපේ ඉතිහාසයේ පෙන්වා දෙනවා සමහර හාමුදුරුවරුන් සමහර රජවරුන්ට එහෙම පක්ෂව වැඩ කළා කියලා. ඒක අපි ආදර්ශයට ගත යුතු දෙයක් නෙමෙයි. ‘‘
-18
NEGATIVE
ncpp_train_0480
කොරෝනා වයිරසය පාලන ක්‍රියාවලිය සඳහා රැකියා විරහිත අභ්‍යාසලාභී උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඔවුන් මෙලෙස අනුයුක්ත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබෙන බව ද ඒ අනුව මෙම තීරණය ගත් බවද හෙට්ටිආරච්චි මහතා  සඳහන් කරයි. එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් හෙට(30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බවද, ඒ පිළිබඳව යථා කාලයේදී දැනුම්දෙන බවද නිවේදනයේ දැක්වේ. (ඩිල්ෂානි චතුරිකා දාබරේ)
චීනය වහන්න හදනවා මේ මර්කෙට් එකේ නයි මස් කාලා මිනිසුන්ට කොරොන හැදුනු බව. තව මීට පෙර සාර්ස් වයිරසයද් මේ චීනුන් හදාගත්තේ එක එක අසම්මත මස් කෑමෙන්. ලොකේ හැමොම බලන් ඉන්නේ මේ ප්‍රශ්නය පාලනය කර ගමන්ම චීනයට ට්‍රිලියන් ගනන් වලින් වන්දි ඉලා නඩු දැමීමටයි. අපේ අයට බැරිද අඩුම තරමින් අපිට වුන අලභයට හරියන්න අපි චීනේන් ගත්ත ණය ඉවත්කරගන්න හෝ අඩුමතරමින් ඉවත්කරගන්න.
10
POSITIVE
ncpp_train_0481
 සැමියා නැති අතරේ තහනම් ගහේ ගෙඩි කැමට ගිය විවාහක කාන්තාවක් අනියම් සැමියාටම භාරදීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තාවේ. තම බිරිඳ හා දරුවා සමග සතුටින් කාලය ගත කර දින 10 ක නිවාඩුව අවසන් කර තම සේවා ස්ථානයට සැමියා ගිය දින රාත්‍රියේ රාජාංගනය  කලුන්දෑගම පදිංචි කාන්තාවක් තමන් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන තම ඥාති සහෝදරයාට තමන්ගේ පාළුව මැකීමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. හොර රහසේ නිවසට ගෙන්නා ගෙන පෙම්සුව විදිද්දී කාන්තාවගේ නැන්දණියට ලේලියගේ කාමරයේ ආ අමුතු ශබ්දය ඇසී තම ලේලියගේ කාමරයට යන විට ඇයගේ කෙරුවාව ඇස්පනාපිටම දැක ගැනීමට හැකිවී තිබේ. මේ සම්බන්ධව පසුදා නැන්දනිය විසින් තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත. තම අවුරුදු 5 ක් වයසැති කුඩා දරුවාද මිත්තණිය ළඟ නිදි කරවා කුස්සියේ දොරින් අනියම් සැමියා තම කාමරයට ගෙන්වා ගත්තද සියල්ල හෙළිවීම නිසා එදිනම අනියම් සැමියා සමග ඇය වෙනම ජීවත් වීමට පටන්ගෙන ඇත. ආරක්ෂක අංශයට සම්බන්ධ මෙම කාන්තාවගේ සැමියා සමග වසර 6 ක ප්‍රෙම සම්බන්ධතාවයක් මත විවාහව සිටි තැනැත්තියකි. තමන්ගේම සහෝදරයකුට මෙන් සැලකු මෙම තරුණයා තමන්ට මෙහෙම දෙයක් කරාවි යැයි තමන් නොසිතු බව මෙම පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ මෙම කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබේ. මෙවන් කාන්තාවන් ළඟ දරුවන් සිටීමද දරුවා නොමග යෑමට ඉඩ ඇති නිසා තමන් දරුවා මෙම කාන්තාවට නොදෙන බවද පවසා දරුවා රැගෙන කාන්තාව අනියම් පුරුෂයාට භාරදී ගොස් තිබේ. දැනට අවුරුදු 16 ක් වන අනියම් සැමියා පවසා ඇත්තේ තමන්ට අවුරුදු 18 ක් වූ පසු අවුරුදු 27 ක් වු අක්කා විවාහ කරගන්නා බවයි. වෙච්ච වැරදි හදාගෙන එය පාඩමකට ගෙන අනාචාරයේ හැසිරීමෙන් වළකින ලෙස තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යායංශයේ ස්ථානාධිපති උපො.ප. ඉෂාරා හේරත් මහත්මියඇයට පැවසූ විට ඇය බිම බලාගෙන කඳුළු සලන අයුරු දක්නට ලැබිණි. (රාජාංගනය නුවන් කුමාර)
Saras baras sarabaras
72
POSITIVE
ncpp_train_0482
රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණ තීන්දුව අසාදාරණයි කිහමින් උපවාසයක් ඇරඹි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුලින්ම බන්ධනාගාර රෝහලටත් දෙවනුව ඊයේ (29 දා) දහවල් ජාතික රෝහලටත් ඇතුළත් කර තිබුණි. මේ අතර ඔහුගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කීමට හැක්‌කේ ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල් පරීක්‌ෂා කිරීමෙන් පසුව බැවින් ඒවා ලබාගන්නට වෛද්‍යවරුන්ට උවමනා වුවත්ර පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයක්‌ පැවතීම නිසා එම පරීක්‌ෂණ ජාතික රෝහලේදී කරගත නොහැකිවී ඇත.සෑම පරීක්‌ෂණයක්‌ම පිටතින් කර ගත යුතුව ඇත. වාහන 90 ක් ඥඡාතීන්ට හිතවතුන්ට ලබාදී  අවභාවිත කිරීමේ චෝදනාවකට රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මහතා කියා සිටින්නේ එම අවභාවිතාව තමා පමණක් නොව නියෝජ්‍ය ඇමතිවරුන් සමග හවුලේ කළ බවත් තමාට පමණක් දඩුවම් ලබාදීම අසාධාරණ බවත්ය. ඔහු කිසිවිටෙක තමා අවභාවිතා කරන ලද රජයේ මුදල් නාස්තිය ගැන ප්‍රකාශ නොකරන අතරම අධිකරණ තීන්දුව වෙනස් කරන්නැයි උසාවියට බලපෑම් කිරීමේ සටන වෙනුවෙන් පවුලේ අය සමග එක්වී කෑම නොගෙන සිටින බව කියයි. බන්ධනාගාර රෝහලින් ඔහුව ජාතික රෝහලට ගෙන ගියේද හදිසි අසනීපයක් නිසා නොව පරීක්ෂණ වලට පහසු බව කියමින් කලින් සූදානම් කළ ආකාරයටය. කෙසේ වෙතත් මේ වන විට දින 9 ක් දක්වා උපවාසය ක්‍රියාත්මක වුවත් වෛද්‍ය විද්‍යාත්මක හාස්කමක් ඉඟිකරමින් ඔහුගේ සිරුරේ කිසිදු දුර්වලතාවයක් දක්නට නැති බව රෝහල් ආරංචි හෙළි කරයි.
හිරගෙවල් 100 ක වුවත් යාමට කැමති මෙවැනි වීරයෝ අකමැතිවන්නේ එක හිරගෙදරකට යාමටය.
11
POSITIVE
ncpp_train_0483
එදා කොටි සංවිධානය මේ රටේ විවිධ තැන්වල විවිධ ආකාරයේ විනාශයන් කරන්නට මාන බලාගෙන සිටි නිසා විදේශ ක්‍රිකට් කණ්ඩායමක්වත් ලංකාවට එන්නට බිය වූ බව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි තිලකරත්න පැවසුවාය. මෙම ත්‍රස්ත බිය හරියාකාරයෙන් තේරුම්ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපට රටක් ඉතුරු කර දෙන්නට කටයුතු කළත්, අද වනවිට නැවතත් රට අරාජික තත්ත්වයට පත්වී ඇතැයිද කී ඇය දැන් මේ කනගාටුදායක තත්ත්වයෙන් රට මුදා ගැනීමට හොඳම අවස්ථාව පැමිණ ඇතැයිද කීවාය. මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට රටේ සියලුම දෙනා ශක්තිය ලබාදිය යුතුයි. නැතිනම් රට කොතැනට වැටෙයිද කියන්න බැහැ’ යැයිද ඇය කීවාය. අප්සාරි තිලකරත්න මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමිනි. ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න හා අප්සාරි තිලකරත්න යුවළද සහභාගි වූ මෙම රැස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ ඇය, ඇත්තටම එදා මමත් බයෙන් හිටියේ. මගේ සැමියා ක්‍රිකට් තරගවලට සහභාගි වෙන්න යනවිට කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොන වගේ විනාශයක් කරයිද කියලා. එමෙන්ම එදා අපිත් රාජකාරියට යන විට නැවත ගෙදර එන්න වේවිදා යන්න බියෙන් තමයි හිටියේ. අපි දන්නවා එදා වැඩියෙන්ම දුක් වින්දේ කාන්තාවෝ. අදටත් එහෙමයි. රණවිරු බිරින්ඳෑවරු, දෙමාපියන්,සහෝදර සහෝදරියන් කොතෙක් නම් දුක් විඳිනවද, ඒ කොටි ත්‍රස්තවාදීන් කළ ක්‍රියාවන් නිසා. එදා මේ භයානක තත්ත්වය හොඳින් තේරුම්ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද්ධයට නියම නායකත්වය දුන්නා. යුද්ධය ජයගත් ඔහු අපේ දරුවන්ට, අපට, රටක් ඉතුරුකර දුන්නා යැයිද ඇය තවදුරටත් පැවසුවාය. කොහොම වුණත් යුද්ධයෙන් පස්සේ රටේ සිදුවුණු සංවර්ධනය දැකලා අපි සතුටු වුණා. නමුත් ඒක වුණේ ඉතාම ටික කාලයයි. අපේ සමහර නායකයන් ජනතාවට දැවැන්ත බොරු කියලා ජනතාව නොමග යවල, ඒ අභීත නායකත්වය පරාජය කළා. මේ රටට ඇහැ ගහගෙන ඉන්න විදේශිකයන්ගේ බහට යටවෙලා රට විනාශ කරන්න ශ්‍රී ලංකාව ඔවුන්ට ඩැහැගන්න පුළුවන් විදියට කටයුතු කළා, විවිධ මඩ ගහලා. ඉතින් මගේ රට, අපේ රට බේරගන්න තිබෙන අවසාන අවස්ථාවයි මේ. මේ අවස්ථාව මගහැරියහොත් අපට අනාගතයක්, රටක් තිබේවි යැයි කියලා නම් හිතන්න එපා. ඒ නිසා සියලුම දෙනා ජාති කුලමල ආගම් බේද ඉවත දමා එකට එක්විය යුතු කාලය ඇවිත් තියෙනවා’ යැයිද ඇය කීවාය. සුනිල් ජී. මැටරඹ - හිනිදුම
අස්පාරිට කඩේ යනවට කීයක් හම්බ වුණාද ?
45
POSITIVE
ncpp_train_0484
චැනලින් කරන අතරවාරයේ මනෝ වෛද්‍යවරයාට මානසික රෝගියා පිහියෙන් අනියි කොළඹ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන (චැනලින්) සේවා සිදුවන අතරවාරයේ ඊයේ රෝගියෙකු මනෝ වෛද්‍යවරයකුට පිහියකින් ඇන පළායන්නට තැත් දැරීමේ සිදුවීමක් නිසා කලබලයක් හටගත්තා. ඊයේ (30 වැනිදා) සවස 4 ට පමණ එම රෝහල තුළ සුපුරුදු පරිදි සායන කටයතු ඇරඹීමෙන් පසු වෛද්‍යවරයා හමුවීමට පැමිණෙන රෝගී නාම ලේඛනයට ඇතුළත්ව සිටි මෙම රෝගියා තමන්ගේ වාරය අඬගසා වෛද්‍යවරයා වෙත යන්නට අවසරය ලද අවස්ථාවේ එම කාමරයට ගොස් සඟවාගෙන සිටි පිහියකින් වෛද්‍යවරයාට ඇණගෙන ඇණගෙන ගොස් ඇත්තේ ඔහු මරාදමන අටියෙනි. වෛද්‍යවරයා මනෝ වෛද්‍ය උපදේශනයේ යෙදෙන්නෙකු නිසා රෝගීන්ගේ පුද්ගලික ප්‍රශ්න කිසිවෙකුට නොදැනෙන්නට තනිව කාමරයේ වෙසෙමින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කර තිබුණ අතර මේ නිසා මෙම රෝගියා සිදු කරන දේ දකින්නට හෝ වළක්වන්නට හෝ කිසිවෙකු සිට නැත. එම අවස්ථාවේ බරපතල ලෙස පිහිඇනුම් 10 කින් පමණ තුවාලවූ වෛද්‍යවරයා කෑගසා ඇති අතර එය ඇසී රෝහල් හෙදියන් හා අනෙක් රෝගීන් ඒවෙත එද්දී පිහිඇනුම සිදුකළ තැනැත්තා පළායන්නට උත්සාහ කර ඇත. පසුව රෝහල් ආරක්ෂකයින්  ඔහු වටළා අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ. බරපතල තුවාල ලද මනෝ වෛද්‍ය රෝෂන් මහේන්ද්‍ර මෙන්ඩිස් (41) මහතා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදි. පිහි ඇණුම කර ඇත්තේ රත්තනපිටිය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු මෙකී වෛද්‍යවරයාගෙන් මින් ඉහත මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවත් වාර්තාවේ. ඔහුට මින් ඉහත දිනෙක වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද අවස්ථාවේ වදහිංසාවක් පැමිණවූයේ යයි ඔහු මින් පෙර චෝදනාවක් කර තිබුණ අතර ඒ බව කියමින් මීට ටික දිනකට පෙරද  මේ ආකාරයටම කලින් පැමිණ බලා සිට වෛද්‍යවරයා කොරිඩෝරයේ ගමන් කරද්දී පහරදීමට තැත් කර තිබුණි. එම අවස්ථාවේ ආරක්ෂකයින් ඔහුව අල්ලා පොලිසියට භාරදෙන්නට සූදානම් වුවත් මොහුගේ මානසික තත්වය සම්බන්ධයෙන් අනුකම්පා කරන ලද වෛද්‍යවරයා එය දුරදිග නොයවන ලෙස උපදෙස් දී තිබුණි. මෙවර ඔහු කාමරයටම පැමිණ පිහි ඇනුම කර ඇත්තේ එම අවසරයෙන් දින කිහිපයකට පසුවයි. සැකකරු අපරාධයට යොදා ගත් පිහිය ද සමඟ කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වෛද්‍යවරයාගේ ගෙල ප්‍රදේශයට පිහියෙන් ඇන ඇතැයිද බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ලක්‌ කළ බවද රෝහල් ආරංචි හෙළි කර තිබේ.
මෙයා අර සිං යෝ බණ්ඩාට ගල් line දීපු නිසා අහුවෙ
-10
NEGATIVE
ncpp_train_0485
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.‍ බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි  අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.
ක්‍රිකට් දන්නවා කියලා උන්ම උන්ට කියාගන්න සල්ලාල නයිට් ක්ලබ් බේබද්දෝ xD xD xD
95
POSITIVE
ncpp_train_0486
සේවයෙන් ඉවත්ව ගිය අයගේ නමට චෛත්පත් නිකුත් කර පෞද්ගලික ආයතනයකට රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ අනූහය දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විධායක නිලධාරීනියක් ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අදාළ සමාගම මර්චන්ට් බෑක් ඔෆ් ශ්‍රී ලංකා සමාගමට වැටුප් හදන සමාගමක් වන අතර වැටුප් හදන අවස්ථාවේදී සේවයෙන් ඉවත්ව ගිය අයගේ නම්වලට චෙක්පත් නිකුත් කර වංචාව සිදුකර ඇති අතර වංචා කළ මුදලින් පනස් හය ලක්ෂ පනස් නවදහසක් පමණ මුදලක් තම ස්වාමිපුරුෂයාගේ ගිණුමට සහ තිස්ඵක්ලක්ෂ හැට අටදහස් හත්සියයකට අධික මුදලක් තම ගිණුමට බැර කරගෙන තිබේ. චූදිත කාන්තාව විසින් චෙක්පත් 185ක් උපයෝගී කර ගනිමින් මේ වංචාව සිදුකර ඇත. එස්.එස්.පී. නමැති අදාළ සමාගම මඟින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
කියන්න ලැජ්ජයි සහ දුකයි, වර්තමානයේ කාන්තාව කියන්නේ තම විසින්ම තමන්ගේ තත්වය රින කරගත්ත කොටසක්, ලෝකයේ මොන රටක උනත් අතීතයේ ඉදන් කාන්තාව කියන්නේ ගුණයන්ගෙන් පෝසත් කාරුණික වරදට බය කොටසක්, නමුත් වර්තමානයේ පිරිමින්ට වැඩ සැහැසි දරුණු ගුණයන් පිරිහුණු ජාතියක්, බොහොම අතලොස්සක් ඉන්නවා මම මේ කියන ගණයට අයත් නොවන,
12
POSITIVE
ncpp_train_0487
දැරණියගල සොර සැමියා සමග ඝාතනය වූ කාන්තාව යන යනතැන පිරිමි - විවාහ දෙකක දරුවො 5යිඝාතන සිදුකළ සැමියාගෙ මල්ලීත් අනියම් පෙම්වතෙක් සැමියා නිවසේ නැති දිනයන්හි විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කරමින් සිටියදී සොර සැමියන් අතර ආරවුලකින් මරණයට පත්වූ දැරුණියගල ප්‍රදේශයේ කාන්තාව සම්බන්ධ සිද්ධියට අදාළව මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙම සිදුවීම නිසා අදාළ කාන්තාව සොර සැමියෙකු සමග මරාදමා තිබුණ අතර 4 හා 7 වයස්වල පසුවූ කාන්තාවගේ දැරියන් දෙදෙනා තුවාල ලබා තිබුණි. කාන්ති හේමලතා (32) නමැති මියගිය කාන්තාව මින් ඉහත විවාහයකින්  දරු තිදෙනකු සිටින තැනැත්තියක බවත් එම සැමියා සහ දරු තිදෙනා අතහැර මීට වසර 10කට පමණ පෙර දැනට ජීවිත් වූ පුද්ගලයා සමඟ දැරණිගලට පැමිණි පසු මේ දරුවන් දෙදෙනා බිහි කළ බවත් වාර්තා වේ. අධික කාමශක්ත කාන්තාවක බව පැවසෙන ඇය දරුවන් නිවසේ සිටියදී ඔවුන් දැනුවත්ව පරපුරුෂයින් සමග අනියම් සබඳතා පැවැත්වීම නිසා මින් පෙර විවාහයද කටුගාගෙන තිබෙන අතර දරු තිදෙනා පුරුෂයා භාරගෙන ඇයව නිවසින් එළවා දමා ඇත. නමුත් ඇය එම කටයුතු දිගටම කරගෙන ගිය  බව වාර්තාවේ. ඇගේ ලියාපදිංචි විවාහයන් ඇත්තේ එකකි. ඇය වත්මන් ස්වාමි පුරුෂයා සමග නීතියෙන් විවාහ වී සිට නැත. කලින් කලට විවිධ තැන්වලදී හමුවන අය සමග අවස්ථාව ලද සැණින් වරදේ බැඳෙන සුළු තැනැත්තියකවූ ඇය පසුගිය කාලයේ පිරිමින් රැසක් සමග මේ ආකාර සබඳතා පවත්වා ඇත. මෙම ඝාතන සිද්ධියේදී මියගිය අනියම් පුරුෂයා මරාදමන ලද්දේ ඇය සමග අනියම් ඇසුරක් පැවැත්වූ වර්තමාන සැමියාගේ බාල සහෝදරයා වීමද විශේෂත්වයකි. ස්වාමි පුරුෂයාට ඈත පළාතක රැකියාවක් ලැබුණ පසු ඔහු සතියකට වරක් සතිඅන්තයේ පමණක් නිවසට ඒම පුරුද්දක් කරගත් පසු මීට වසර එකහමාරක පමණ සිට මේ කියන 27 හැවිරිදි බාල සොයුරා සමග 32 හැවිරිදි ඇය අනියම් ඇසුරට පෙළඹී ඇත. බාප්පා නිතර නිවසට යාම ඒම දැරියන්ගේ සැකයට හේතුවන තරම් නොවන ආකාරයට මෙම ඇසුර පවත්වා යාමට ඔවුන් වගබලාගෙන ඇත. මේ අතර කාලයේ බාල සොයුරාටද රැකියාවක් ලැබුනෙන් ඇයව බලන්නට ඔහුට එන්නට නිවාඩු හිඟයක් මතුවූ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල රැකියා ස්ථානයේ නිවාඩු දමා දවල් කාලයේ ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ ඇත. සැමියාගේ බාල සොයුරාගේ ඇසුර කෙමෙන් ඈත්වන කාලයේ මීට මාස තුනකට පමණ පෙර සමූපකාරයෙදී හමුවූ 50 හැවිරිදි අංකල් ඇගේ අසුරට අලුතින් එක්වී තිබේ. ඔහු කතාකරකර ඉඳ යන්නට මුල් කාලයේ නිවසට ගෙන්වා ගත් ඇය දැරියන්ටද සමූපකාරෙ අංකල් කියා හඳුන්වාදී ඇත. කලින් කලට අම්මාට හමුවන අලුත් යාළුවන් ගැන දැරියන්ට අරුමයක් තිබී නැත. අයියාටත් මල්ලීටත් පමණක් හිමි භුක්තිය පිට අයෙකු හිමිකරගෙන තිබෙන බව මල්ලීට ඉව වැටීම මෙම ඝාතන සිද්ධියට මුලයි. ඒ ගැන කාන්තාවගෙන් ඇසූවත් ඇය එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ. සමූපකාරෙ අංකල් සිටින වේලාවක් දැනගෙන තරුණ මල්ලී සිද්ධිය වූ දා නිවසට පැමිණ ඇත්තේ හොරේ අල්ලන්නටය. ඔහු එදින නිවසට එනවිට දැරියන් දෙදෙනා සෙල්ලම් කරමින් මිදුලේ සිට ඇති අතර ඔහු එක්වරම ඔවුන් මගහැර නිවසේ නිදන කාමරය දෙසට දිවගොස් තිබේ. දොර අගුළුලා තිබූ බැවින් එය ඇරගන්නට උත්සාහ කරද්දී ඇතුලේ සිටි අංකල් සහ කාන්තාව එළියට ඇවිත් තිබේ. අනියම් ඇසුර අතටම හසුවූ බැවින් කෝපයට පත් තරුණයා කාන්තාවට දොස් පවරා ඇති අතර ‘මං කාව ගෙදට්ට ගෙන්නගත්තම ඔයාට මොකද?‘ යන ඇගේ පැනය හමුවේ කෝපය ඉහවහාගිය තරුණයා නිවසේ කුස්සියට දිවගොස් වක් පිහියක් ගෙනවිත් ඇයට කොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. එම අවස්ථාවේ සමූපකාර අංකල් පළාගොස් ඇති අතර මොහු ඔහු පසුපස පන්නා ඇත. එසේ දිව යද්දී ඇතිවූ කලබලය නිසා බියට පත් දැරියන් බාප්පාට කෑගසමින් ඔහු වළකන්නට පැන තිබෙන අතර එම අවස්ථාවේ මොහු ඔවුන් ඉවතට ඇද දමා ඇත්තේ පිහියෙනි. එයින් දැරියන් තුවාල ලබා ඇත. පසුව ටික දුරක් අංකල් පසුපස එළවා ගිය තරුණයා ඔහුවද කොටා ඝාතනය කර ඇත. අංකල්ගේ මළ සිරුර නිවසේ සිට මීටර 60 ක පමණ එපිටින් පසුව හමුවිය. ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරු පළාගොස් තිබුණ අතර ඊයේ (27) අලුයම මාලිබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධ මුල් වාර්තාව මෙතනින්
වැරැද්ද....වැරැද්ද තමයි කරන විදිහේ තියෙන වෙනස...... පිරිමි.....යන යන තැන. ගැහැණු....ගෙදරම. (ලමයිනුත් ඉන්න තැනම ).
49
POSITIVE
ncpp_train_0488
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාර්වරයාට නියෝග කළාය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වා වරින්වර සැකකරුවන් 40දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතරින් 04දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. අනෙක් සැකකරුවන් 36දෙනා  රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි. ඒ අනුව මීට අදාළ නඩුව පෙරේදා නැවත කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, ඊමාරයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනෙකු මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. මෙහිදී මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියෙකු විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ඇන්ටන් ග්‍රේබ්‍රියල් නමැති සැකකරු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසා සිටියේය. මෙහිදී නීතීඥ ප්‍රියංකර මාරසිංහ මහතා කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින එක් සැකකරුවෙකු විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් එම සැකකරු විවෘත විශ්වවිද්‍යාලයට යා යුතු බැවින් බන්ධනාගාර නිලධාරින් භාරයේ එම සැකකරුට විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් සැරයන් රංජිත් මහතා කරුණු දක්වමින් පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට භාරදීමට අවසර ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් මේ සම්බන්ධ නඩු ගොනුව ප්‍රමාණයෙන් විශාල වී ඇති හෙයින් එය මේ පවතින තත්ත්වය අනුව තිබුණහොත් විනාශ වී යාමට ඉඩ ඇති හෙයින් එය කොටස් තුනකට වෙන් කර තැබීමට කැමැති දැයි දෙපාර්ශ්වයෙන්ම විමසා සිටියාය. මෙහිදී පැමිණිල්ල හා විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් එයට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූහ. මහර බන්ධනාගාරය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව  කියන සැකකරු පිළිබඳ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. නීති විභාගයකට පෙනී සිටීමට නියමිත සැකකරු වෙනුවෙන් විධිමත්ව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය පක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ අධිකරණයට භාරදීමටද නියෝග කළාය. සියලු සැකකරුවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අවසන් කර ඒ පිළිබඳ වාර්තා ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, රිමාන්ඩ්ස්රයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. මීට අදාළ නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස 12වැනිදාට කල් තැබිණි. ( වාරණ - ආනන්ද ඉ ජයකොඩි) 
පවුල් 36 ක් අනාතයි,,රන්චුවෙ ඉන්නකොට චන්ඩි,තනි වෙනකොට නොන්ඩි.
29
POSITIVE
ncpp_train_0489
ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා  සැමියාගේ පිහි පහරින් බිරිය මරුට සැකය ජීවිත අවුල් කළ අවස්ථා බොහෝය. සැකයේ බීජය සිත තුළ තැන්පත් වීමෙන් තම දිවියට මෙන්ම අන්‍යයන්ගේ ජීවිත කෙරෙහිද බොහෝ බලපෑම් ඇති කරයි. එවැනි සැකයේ බීජයක් තුළින් උපන් ක්ෂණික කෝපය පසුගිය දිනක පුපුරා ගියේ ජීවිතයක් අහිමි කරමිනි. දුක සැප සම සිතින් දරාගෙන එකට විසීමට පොරොන්දු වෙමින් කුල ගෙට ආ රේණුකා මල්කාන්ති තම සහකරුගේ හදිසි කෝපයට බඳුන්ව පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 23දා සන්ධ්‍යා කාලයේය. තම ජංගම දුරකතනයට මුර පදයක් (password) යොදා තිබීම පිළිබඳව සැමියා විමසූ අවස්ථාවේ ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය නොරිස්සූ සැමියා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් රේණුකා මල්කාන්ති නමැති 39 හැවිරිදි එක් දරු මවකගේ මරණය සිදුව ඇත. අගලවත්ත දාපිළිගොඩ පදිංචිව සිටි දේව වරමින් ශාස්ත්‍ර කීම වෘත්තිය කරගත් රේණුකා මල්කාන්ති තම සැමියා හා 12 හැවිරිදි දියණිය සමඟ සතුටින් දිවි ගෙවමින් සිටියාය. කිසිදු ආර්ථික අපහසුතාවක් හෝ ගැටලුවක් නොමැතිව තම සැමියා වූ අචල ප්‍රියන්තගේද වෘත්තීය ආදායමෙන් පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන ගියාය. අචල ප්‍රියන්ත බේකරි කර්මාන්තයේ නියැළුණු අතර දියණිය පාසල් වියේ පසු වූවාය. සතුට සොම්නස පිරී ඉතිරී පැවැති නිවෙසේ සැම ප්‍රීතියෙන් කල් ගෙවූ කල හදිස්සියේ ඇතිවූ ව්‍යසනය පිළිබඳ ඥාතීන් පවා සිටින්නේ පුදුමයට පත්වය. අසල්වාසී නිවෙසක පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි සැමියාගේ කටයුතුවල යෙදී සිටියදී තම සැමියා ඇයගේ ජංගම දුරකතනය අතට ගත්තේ යම් ඇමතුමක් ලබා ගැනීමටය. එහෙත් එම දුරකතනයට මුර පදයක් යොදා තිබීම පිළිබඳව නොරිස්සූ ඔහු ඒ පිළිබඳව ඇයගෙන් විමසා තිබේ. එහෙත් ක්ෂණික කෝපය මත සිදුකළ මෙම අපරාධය පිළිබඳව පසුතැවීම ඇතිවන විට තම ආදරණීය බිරිය මෙලොව හැරගොස් ඇති බව ඔහුට පසක් විය. ඒ පිළිබඳව ඇතිවූ සිත්තැවුල සංසිඳුවා ගැනීමට ඔහුගේ සැනසිල්ලට තිබුණේ වල් නාශක බෝතලයකිනි. ඔහු දිවි තොර කර ගැනීමට දැරූ උත්සාහය ඥාතීන් ඇතුළු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකුණද මෙතෙක් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව රෝහල්ගතව සිටී. (තොරතුරු - ප්‍රභාන් බුලත්සිංහල)
මගේ එක ඉල්ලුවොත් එක්කෝ මම පිහියෙන් ඇනගෙන මැරෙනවා, දුන්නොත් ගැනි කොහොමත් මරනවා
133
POSITIVE
ncpp_train_0490
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු බව පිළිගැනීම අත්හිටුවන්නැයි  ඉල්ලා ගොනු කළ පෙත්සම  ලබන මස 02 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  තීරණය කර තිබේ. එම නඩුව  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය. පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින්  මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
පුරවැසිභාවයේ ගැටළුව නිසා ගෝටාබය මහතාගේ අපේක්ෂකත්වය අවදානමේ ඇත. පොහොට්ටුවට ඔහු වෙනුවට හරිහමන් විකල්ප අපේක්ෂකයෙක් නැත. පොහොට්ටුවට හොදම විකල්පය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙෙත්‍රිපාලව නම් කර අගමැති ලෙස මහින්දව පත් කරන ගිවිසුමකට සන්ධානගත වීමයි. මෙය Win Win විසදුමකි.
-18
NEGATIVE
ncpp_train_0491
මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදිය.සති හතරකින් මෛත්‍රී බඩු පටවාගෙන යායුතුය. නඩු විබාගයෙන් පසු ගන්නා තීන්දුව අනුව ඔහුට එය අහිමිවේද නැද්ද යන්න ස්ථිරව කියනු ඇත.2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අනුව කටයුතු නොකරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට තවත් අතුරු නියෝගයක් නිකුත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ද විසින් මෙම නියෝග  නිකුත් කරන ලදි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත් කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී. එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල් මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද පැවසීය. එම නිල නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව යැයිද මෙම නිවස සඳහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතු විය හැකි යැයිද ප්‍රකාශ කළේය. වැරදි සහ නොමග යවන සුළු කරුණු පදනම් කර ගෙන පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි පැවසු මුස්තාපා මහතා, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග නිකුත් නොකරන්නැයිද ඉල්ලා සිටියේය. මෙම පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සඳහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු නිවැරදි නොවන්නේ යැයිද, මෙම නිවස හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය 2019 ඔක්තෝබර් මාසයේදී ගනු ලැබූ තීරණය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට පටහැණි යැයිද පෙන්වා දුන්නේය. මෙම තත්වය හේතුවෙන් විශ්‍රාමික ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට 2019දී අමාත්‍ය මණ්ඩල ගනු ලැබූ තීරණය අහිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන්නයි. ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අතර, පෙත්සම විභාගය සඳහා මැයි මස 18 වැනිදා මෙම පෙත්සම යළි කැඳවීමට නියම කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය නිවස සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,“උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදුවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.“හිටපු ජනාධිපතිවරයෙක් විදිහට එතුමාට පොළොන්නරුවට ගිහින් ඉන්න බෑනේ.”“ඒ නිසා මේ පිළිබඳව අපි ඉදිරියේදී ගතයුතු තීරණ මොනවාද කියලා සාකච්ඡා කරනවා.”
හිටපු ජනාධිපතිවරුන් කොළඹට වෙලා සක්‍රීය දේශපාලනය කරන එකත් රටට තව හෙනයක් තමයි..
167
POSITIVE
ncpp_train_0492
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් විදෙස් ගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ දැනුවත් කොට ඇත. එසේ වුවද වැටුප් සහිත රැකියාවක් සමග විදේශ පුහුණුව සඳහා පිටත්ව යන වෛද්‍යවරුන්ට කිසිදු බාධාවක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.එසේම විදේශීය වෛද්‍ය පුහුණුව සඳහා යාමට ගුවන් ටිකට් පත් ලබාගත් වෛද්‍යවරුන්ට එම මුදල් ඉදිරි දිනයකදී යළි ගෙවීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය දැනුම් දීමක් කරයි.පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ මේ සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටින්නේ ඉදිරියේදී කඩිනමින් මෙම ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බවය. මේ අතර මෙරට බදු මුදල් ගෙවනජනතාව වෙත නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ලබාදීම වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරුන්විදේශීය වෛද්‍ය පුහුණුව යැවිම තාවකාලිකව අත්හිටුවිමෙන් ඉදිරි වසර වලදි විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් මෙරට තුළ නිර්මාණය විය හැකි බව පිළිබද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමිල් සංජීව පවසයි. (වරුණි පෙරමුණ-aruna)
ලියන රෙද්දක් සින්හලෙන් ලියපිය
3
POSITIVE
ncpp_train_0493
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රියගේ නිවස සොරුන් බිඳ ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කර ඇතිබව වාර්තාවේ. නිවසේ පිටුපස පිහිටි නාන කාමරය අසල බිත්තියේ ඇති කුහරයකින් සොරා නිවෙස තුලට ඇතුල්වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියි. සොරා නිවස තුල ඔබ මොබ ඇවිද ඉන් පසුව ප්‍රධාන දොරෙන් පිටව ගොස් ඇතිබවත්, නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතිබව අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් පැමිණ ඇතිබවත් අනාවරණය වී ඇත. මහින්ද දේශප්‍රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ / බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එම නිවස දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් සඳහන් වේ. එමෙන්ම සොරුන් විසින් නිවසින් කිසිවක් රැගෙන ගොස් නොමැති බවත් අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සඳහන් කර ඇත.
හොරා මැකො ලොක්කගේ ගෙදර කියලා දැනගත්තම මොනවත් ගන්නෙ නැතිව යන්න ඇති.... මිනිස්සු ඒ තරමටම මැකොට ආදරෙයි...
150
POSITIVE
ncpp_train_0494
රත්නසිරි වික්‍රමනායක සමුගනී හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා අද දහවල් කොළඹ ආසිරි රෝහලේදී අභාවප්‍රාප්ත විය. පසුගියදා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා පසුව තරමක් සුවය ලබා නිවසට රැගෙන ගියද නැවත රෝග තත්වය මතුවී අද රෝහල් ගත කර තිබුණි. ඔහු මියයන විට වයස අවුරුදු 83කි.  ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් අතළොස්ස අතරින් කෙනෙකු වූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ  උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
එතුමාට නිවන්සුව ලැබේවා ! (තව මාස 6 කින් පසු මේ කොටස කියවන්න. - උන්නත් මලා වගේ මෙලෝ රහක් නැති මනුස්සයෙක්. වැඩිදුර විස්තර ඕනනම් හොරණ පලාතෙ කෙනෙක්ගෙන් අහන්න )
-1
NEGATIVE
ncpp_train_0495
මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයක්  බිහිවෙලා නැහැ.උඩරටින් බිහිවන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණී දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කර ගන්න මමත් උත්සාහ කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් නවීන් දිසානායක මහතා මෙසේද කීය. එක්සත් ජාතික පක්ෂයට වැඩිපුරම ඡන්දය තියෙන්නේ උඩරටයි. හැබැයි උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුනේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවේ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ සිහිනය සැබෑ කර ගත්ත මම උත්සාහ කරනවා හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි. කොත්මලේ නියම්දොර  විහාරස්ථානයේදී කුඩා තේවතු හිමියන්ට පාංශු රක්ෂණය සඳහා ආධාර ලබාදීමේ උත්සවය පැවැති අතර එහිදී එක් කුඩා තේ වතු හිමියකුට රුපියල් 10,000 බැගින් දහසකට එම ආධාර පිරිනැමිණි. -රංජන් කස්තුරි-
මෙතන කවුද ජනාධිපති වෙන්නේ කියන එක නෙමෙයි මහත්තයෝ වැදගත් ,,,එන එකා,,රටට ,,ජාතියටත් හිතැතී එකෙක්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය !
18
POSITIVE
ncpp_train_0496
සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය කටයුතු යොදා තිබේ. 2018 කොළඹ අභිමානයට සමගාමීව එම වැඩසටහන පවත්වන බව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සඳහන් කළාය. මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා විවිධ අනන්‍යතාව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව පිළිබඳ වාර්තාකරණය ආදී මාතෘකා කෙරෙහි එම වැඩමුළුවේ අවධානය යොමු කෙරෙයි. දෙනගම ධම්මික රණවීර
ඔිවාද එහෙනමි රටෙි දැවෙන ප්‍රශ්න මුන්ට ගහන්න ඔිනෙ මඩු වලිගෙන්.
82
POSITIVE
ncpp_train_0497
මහනුවර, සිරිමල්වත්ත මහ විදුහලේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි ගොඩනැඟිල්ලේ වහලයේ කොටසක් ඊයේ (30දා) පෙරවරු 10.15ට පමණ කඩා වැටීමෙන් ගුරුවරියක සමඟ සිසුන් 21 දෙනකු තුවාල ලබා ඇත. රෝහල් ගත කර සිටින තුවාල ලැබූ සිසුන් සිවුදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් මෙවර වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළාය. තුවාලකරුවන් මහනුවර හා යක්ගහපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ. මහනුවර මහ රෝහලේ ළමයින් 12 දෙනකු ප්‍රතිකාර ලබන අතර යක්ගහපිටිය රෝහලට ඇතුළත් කළ ගුරුවරිය හා ළමයින් ප්‍රතිකාර ගෙන ඊයේ දහවල් රෝහලින් පිටව ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගොඩනැඟිල්ලේ සිසුන් 43 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි. වත්තේගම අධ්‍යාපන කලාපයේ සිරිමල්වත්ත මහ විදුහලේ දශකයක් පමණ පැරැණි මේ ගොඩනැඟිල්ලේ වහලය බෙහෙවින් අබලන්ව තිබී ඇති අතර දිරාපත් වූ වහලේ මුදුන් ලීයට මුක්කු ගසා තිබූ බව සිසුන්ගේ මවුපියෝ පැවැසූහ. අනතුරින් තුවාල ලැබ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින්ගේ සුවදුක් බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඊයේ දහවල් රෝහලට ගොස් ඇත. මහනුවර - කමල් සුරවීර, කුණ්ඩසාලේ - ඩබ්ලිව්. අළුගොල්ල, ගයා ශ්‍රී කාරියවසම්
Smart class room
2
POSITIVE
ncpp_train_0498
ඊඒපී බ්‍රෝඩ්කාස්ටින් කම්පැනිය අයත් බෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ඊයේ(27) ඉරිදා ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පත මගින් වෙළෙඳ දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් දන්වා ඇත්තේ, සුදේව රංගන හා කවින්ද යන සේවකයින් තිදෙනා තවදුරටත් එම ආයතනය සමග කටයුතු නොකරන බවත් ඔවුන් ආයතනය නමින් සිදු කරන කිසියම් ගනුදෙනුවක් වේ නම් ඒ ගැන ආයතනය වගනොකියන බවත්ය. තිදෙනාගේම ඡායාරූපද හැඳුනුම්පත් අංක හා සම්පූර්ණ නම්ද එම දැන්වීමට ඇතුළත් කර ඇත.පුද්ගලික මාධ්‍ය ආයතන පරිපාලන ප්‍රධානින් සේවයෙන් ඉවත්වීමකදී මේ ආකාරයට දැන්වීම් පළකිරීමක් මින් ඉහත වාර්තාවී නැත. සාමාන්‍ය ලෙස මේ ආකාරයේ දැන්වීම් පුවත්පත්වල පළ කරන්නේ ආයතනය නමින් විවිධ අය සමග ගනුදෙනු සිදුකරමින් සිටින අය සේවයෙන් ඉවත්වීමකදීය.බොහෝවිට අලෙවිකරණ ක්ෂෙත්‍රයේ අයගේ නම් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම් සිදුවේ. එයට හේතුව එවැනි අය කිසියම් වංචාවක් සිදු කර ඇතිනම් ආයතනයට එම චෝදනා වලින් ගැලවීමට මෙම දැන්වීම් මගින් නීතිමය හැකියාවක් ලැබෙන බැවිනි.
මුංට වගේම දේශපාලුවන්ටත් කර්මය පල දෙනවනං ...
-1
NEGATIVE
ncpp_train_0499
පසුගියදා කුලියාපිටිය වෙරළගම ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ සොරකමක් සිදුව තිබේ.එම සොරකමින් පසුව පැමිණි හොරා ගැන තොරතුරු සොයන්නට නිවසේ දවිකර තිබෙන සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී නිවසේ වම්පස පිහිටි මඩවක් අසළ ගැවසුණ සැක කටයුතු පුද්ගලයකු දකැ ගන්නට ලැබී ඇති අතර ඔහු සම්පූර්න නිරුවතින් එම නිවසට පැමිණ සොරකමේ යෙදී ඇතැයි වාර්තා විය. ඒ අනුව සොරාගේ CCTV වීඩියෝව අනුව සැකකරු හඳුනාගැනීමට පොලිසිය විහේෂ විමර්ශනයක් අරඹා ඇත.
ඒක ඇත්ත මතකනේ කෘෂිකර්ම මිනිස්ට්‍රියද කොහෙද දීලා කෙරුව හැටි 2006 විතර..
2
POSITIVE
ncpp_train_0500
අඛණ්ඩව ගෙනයන බවට සපථ කළ සිය ඓතිහාසික උපවාසය අතහරින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ක්‍රියා කළේ මහනායක හිමවරුන් දෙපළක් එවූ ලිපි දැකීමෙන් පසුව බව විමල් විමල් වීරවංශට අයත් බව පැවසෙන වෙබ් අඩවියක් මගින් අද (30) දහවල් වාර්තා කර තිබේ. එම වෙනසට හේතුවූ ලිපිද සමග වෙබ් අඩවි පුවත පහතින් ---------------------------------------------------
මහා නායක හිමි වරුන් වශයෙන් රටේ අවධානය යොමු කලයුතු දේවල් තිබියදී මේ වගේ හොර තක්කඩියෙක් කල දේවල් අනුමත කරන එක නම් සෝචනීයයි. ඔබ වහන්සේලාට අනුශාසනා කරන්න සිද්ධ වෙලා වෙලා තියෙන්න ගිහියන් වන අපිටයි. මොන පක්ෂයකටවත් ගැති නොවි කවුරු කරත් වැරැද්ද පෙන්වා දීලා, බුදු දහම රැකගෙන, රට යහමගට යොමු කරාවි කියලයි මිනිස්සු ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ.
195
POSITIVE