text
stringlengths
0
1k
කර නැවත වර්ථමානයට යාමට ගන්නා විට ක්‍රිස් ඔහුව අල්ලා ගැනීමෙන් මෙය තහවුරු වෙනවා.එක සළකුණුකාරකයක් හැරෙන්නට අනෙක් සියල්ල සොරකම් කරගනිමින් ඩෙකර්, ගෝඩ්න්ව මරා දමන අතර ක්‍රිස් හා කේට් ඔහුට සහ ඔලිවර්ගේ ඉංග්‍රීසි හමුදාවට විරුද්ධව සටන්කරන අතරවාරයේ මහාචාර්ය තුමා සහ මරෙක්ව ප්‍රංශයින්ට විරුද්ධව සටන් කිරීමට පොළඹවයි. එම දෙපල, ලා රොක් බලකොටුව අසල ඇති පල්ලියේ ලා රොක් වෙත දිවෙන උමගක් සොයාගෙන ප්‍රංශ අණදෙන නිලධාරියාවන ආර්නෝට් (ලැම්බර්ට් විල්සන්) අධිපතියා වෙත උමඟ පිළිබඳ සැල කරනු ලබයි. ආර්නෝට් සහ ක්‍රිස් ඉංග්‍රීසි හමුදාවට එරෙහිව සටන් කරමින් ඉදිරියට යයි. ඔලිවර් අධිපතියා විසින් ක්‍රිස්ව අල්ලා ගන්නාමුත් ආර්නෝට් ඔහුව මුදවාගෙන කේට් සමඟ එකතුවීමට වේගයෙන් දුවයි. ක්‍රිස්ට, ජොන්ස්ටන්ට සහ කේට් හට නැවත ගෙදර බලා ඒමට හැකිවේ. තම දෛවය සහ ප්‍රධාන වශයෙන්ම කාල තරණ කුහරයක් තිබීමේ හේතුව අවබෝධ කරගන්නා මරෙක්, අවසාන සළකුණුකාරකය ක්‍රිස්ට දී අළුතෙන් මුණගැසුනු තම ආදරය වන ක්ලෙයාර් ආර්යාව සමඟ රැදී සිටියී. ඔවුන්ගේ නැවත පැමිණීම ඩොනිගර් විසින් ව්‍යර්ථ කිරීමට උත්සහ ගන්නාමුත් ඔහුව නැවැත්වීමට ස්ටර්න් ඉක්මන්වීමෙන් ඩොනිගර් යන්ත්‍රය තුල සිරගත
වේ. මහාචාර්යතුමා සහ සිසුන් නැවත පැමිණෙන අතරම ඩොනිගර්ව අතීතය වෙත යැවෙන අතර එතනට එළඹුනු නයිට්වරයකු අතින් මරුමුවට පත්වේ.වර්ථමාන ප්‍රංශයේදී නැවතත් පැරණි ලා රොක් බලකොටුවේ ඇති ගල් මිනීපෙට්ටියේ කැණීම් කේට් අවසන් කරයි. ඇය සහ ක්‍රිස් දැන් දිනැයුමුත් යොදාගන්නවා. ගල් මිනීපෙට්ටිය මතින් හමුවූ ශිලා ලිපිය, මරෙක් සහ ක්ලෙයාර් ආර්යාවගේ බවත් ඔවුන්ට ක්‍රිස්ටෝෆ, කැත්‍රින් සහ ෆ්‍රැන්කොඉස් නමින් දරුවන් තිදෙනෙකු සිටී බවත් අනාවරණය කරනවා. මරෙක්, ඔහුගේ නොමැරී දිවි ගලවාගත් යහළුවන්ට, ඔහු අපූර්ව ජීවිතයක් තෝරාගත් බව පවසා තිබෙනවා.නළු නිළි පෙළ[සංස්කරණය]පෝල් වෝකර් ක්‍රිස් ජොන්ස්ටන් ලෙසින්ෆ්‍රෑන්සිස් ඔ'කෝනර් කේට් එරික්සන් ලෙසින්ජෙරාඩ් බට්ලර් ඇන්ඩ්‍රි මරික් ලෙසින්බිලි කොන්නොලි මහාචාර්ය එඩ්වර්ඩ් ඒ ජොන්ස්ටන් ලෙසින්ඩේවිඩ් තෙව්ලිස් රොබර්ට් ඩොනිගර් ලෙසින්ඇනා ෆ්‍රරයිල් ක්ලෙයාර් ආර්යාව ලෙසින්නීල් මැක්ඩොනොග් ෆ්‍රෑන්ක් ගෝර්ඩ්න් ලෙසින්මාට් ක්‍රාවෙන් ස්ටීවන් ක්‍රාමර් ලෙසින්ඊතන් එම්බ්‍රි ජෝශ් ස්ටර්න් ලෙසින්මයිකල් ශීන් අධිපති ඔලිවර් ද වැනෙස් ලෙසින්ලැම්බර්ට් විල්සන් අධිපති ආනෝඩ් ද සවෝල් ලෙසින්මාර්ටන් ක්සෝකස් සර් විලියම්
ද කරේ/විලියම් ඩෙකර් ලෙසින්රොසිෆ් සුතර්ලන්ඩ් ෆ්රැන්කොඉස් ඩොන්ටෙලේ ලෙසින්පැට්‍රික් සබොන්ගුයි ජිමී ගෝමස් ලෙසින්නිෂ්පාදනය[සංස්කරණය]මධ්‍යකාලීන කථා ව්‍යවහාරයේ හිඟකම, ක්‍රිස්ව සිසුවකු ලෙස නිර්මාණය කරනු වෙනුවට මහාචාර්යතුමාගේ පුතා ලෙස ගැනීම ආදී වෙනස්කම් කිහිපයක් පොතෙන් ගනිද්දී සිදුකර ඇත. මධ්‍යකාලීනය නැවත පනගන්වන්නන් යුධ අනුක්‍රමය වෙත යොදාගන්නා ලදී. චිත්‍රපටය සඳහා CGI භාවිතය ඩොනර් හැකිතාක් සීමා කර ඇත.බලකොටුව සහ නගරය තාත්විකව ඉදිරිපත් කිරීමේ අරමුණින් චිත්‍රපට කණ්ඩායම, එම කාලයට අදාල ( 1300 අවසාන භාගයේ ) නොයෙක් යුරෝපීය බලකොටු නැරඹීම පිණිස ගොස් ඇත.අවසාන දර්ශනයේ වෙනස් කිරීම් හේතුවෙන්, බ්‍රයන් ටයිලර්, රචක ජෙරි ගොල්ඩ්ස්මිත්ගේ ස්වර ලිපිය ප්‍රතිස්ථාපනය කරගන්නා ලදී. කෙසේවෙතත්, ගෝල්ඩ්ස්මිත් සහ ටයිලර් දෙදෙනාගේම ස්වර ලිපි චිත්‍රපටයේ පසකින් ප්‍රයෝජනය සඳහා ඇත.රොබර්ට් ඩොනිගර් චරිතය නම් කෙරුණේ, ක්‍රිච්ටන්ගේ දියණියගේ ගුරුවරයකු වන හැරියට් ජාකොබ්ස් ඩොනිගර් නිසාවෙනි.බොක්ස් ඔෆිස්[සංස්කරණය]චිත්‍රපටය බොහෝ විචාරකයන්ගෙන් විවේචනයවී බොක්ස් ඔෆිස් වාර්ථාවල දුර්වල තත්වයේ පැවතුනු අතර $ 80,000,000 අය වැයකින් $ 43,93
5,763 කින් පමණක් පාඩුව පිරිමසා ගැනීමට සිදුවිය.නවකථාව සහ චිත්‍රපටය අතර ඇති වෙනස්කම්[සංස්කරණය]චිත්‍රපටයට අනුව අනවධාන ලෙස කදම්බයකින් අවසාන යුද්ධයේ මැදට ගොස් මියයනවා වෙනුවට, ඩොනිගර්ව තම උප සභාපතිවරයා විසින් කළු මරණය සිදුවූ 1348 තෙක් පිටමං කරනු ලැබේ.චිත්‍රපටයට අනුව කිසිදෙයක් අතීතයට යැවිය නොහැකිබව සමාගම් මූල ලේඛයේ සඳහන් වෙනවා. නවකථාවේ එය වර්ණවත් කිරීමට ප්‍රධානියා විසින් අයිතම කිහිපයක් සඳහා එයට අවසර දෙනවා. බාරෙට්ටෝ ගෙනෙන ආයුධ දැනටත් අවසර නොලත් එවා ලෙස සැලකෙන අතර යන්ත්‍රයේ විනාශයටද හේතුවක් වෙනවා.ගොර්ඩන් යනු කණ්ඩායම නැවත යැවීම වෙනුවට නැවත ගෙන්වා ගැනීමට ස්ටර්න් සමඟ වැඩකරන උප සභාපතිවරයා වේ. ඔහු ඩොනිගර් වෙතින් සමාගමේ පරිපාලනය අතටගනී. ක්‍රාමර් යනු ගැහැණු චරිතයක් වන අතර ඇය ඩොනිගර්ගේ හිටපු පෙම්වතිය සහ සමාගමේ නීතිවේදියාද වේ.නව කථාවේ ක්‍රිස් ජොන්සන් යනු මහාචාර්යවරයාට සබඳකමක් නැති ක්‍රිස් හග්ස් නම්වන ඉතිහාසඥයෙකි.ඩොන්ටෙලේගේ චරිතය චිත්‍රපටය සඳහා නිර්මාණයවූවකි. නවකථාවේ, කණ්ඩායම් සාමාජිකයින් සඳහා පරිවර්ථකගේ මෙහෙවර සිදුකරන සවන් කඩවල් ලබාදි තිබූ මුත් මරෙක්ට සහ ජොන්ස්ටන්ට ඉතා හොඳින් අදහස් හුවමාරු කරගැනී
මේ හැකියාව තිබුණි. චිත්‍රපටයේ මධ්‍යකාලීන චරිත, පැහැදිලි නූතන ඉංග්‍රීසි භාශාව කථා කරන අතර, නව කථාවේ එන ඔවුන්ගේ ප්‍රතිපූරණයින් එම කාලයේදී මධ්‍ය ප්‍රංශ, මධ්‍ය ඉංග්‍රීසි, ඔසිටන් හෝ ලතින් භාෂාවල් කථා කරයි. ද කරේටද වෙනත් සවන්කඩකින් ඔවුන්ගේ කථා බහට සවන් දීමට හැකිය.නවකථාවේ ක්ලෙයාර් සහ ආනෝට් චරිත නිරූපණය කර තිබුණේ සාම්ප්‍රදායික කාරුණික ආකාරයටය. ක්ලෙයාර් යනු කපටි සහ පුද්ගලයෙක් තමන්ගේ වාසියට හසුරවා ගැනීමේ ලක්ෂණ ඇති තමාගේ අරමුණු උදෙසා සරාගිත්වය උපයෝගීකොට නොගන්නා අයකු ලෙස පෙන්වන ලදී. ඇය බොහෝ ගර්විත නූතන ආකාරයේ කාන්තාවක් වීම, මරෙක් ඇය කෙරෙහි ආකර්ශනය වීමට හේතුවක් විය.ක්‍රිස් සහ කේට්, ආනෝට්ගේ යුධ භටයින් හොරෙන් සැඟව ලා රොක් බලකොටුව තුලට ගෙන ඒම ජයග්‍රහණය නොවන අතර, යුද්ධය අතරවාරයේදී ක්ලෙයාර් මරණීය තර්ජනයකටද ලක් නොවේ.පොතට අනුව " කළු අශ්වයා " නමින් හඳුන්වන සර් ගයි ද මලෙගන්ට් පිළිගත් සතුරා වනමුත් චිත්‍රපටය සඳහා එම චරිතය සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇත.හෙළ හවුලසංස්ථාපනයජනවාරි 11, 1941; වසර 82 කට පෙර (1941-01-11)ප්‍රාරම්භකයාකුමාරතුංග මුනිදාසවෙබ් අඩවියhelahavula.orgහහෙළ හවුල යනු හෙළ බස, හෙළ දෙස, හෙළ රැස යන හෙ
ළ තෙ රුවන සුරැක වවා, වඩා නංවාලීම පිණිස ශ්‍රී ලංකාටව් පවත්නා එකම[තහවුරු කර නොමැත] සංවිධානය යි. 1941 ජනවාරි 11 වැනි දින යටත් විජිත හෙළ දිවෙහි ජාතික සංවිධානයක් ලෙස ඇරැඹි හෙළ හවුල, 1992 නම්වර 38 දරන පනත මඟින් හෙළ දිව් මැතිසබයේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිළිගැනිණි. 'සුබස' සගනුවත් 'The Helio' සගනුවත් හෙළ හවුලේ පළ කැරුම් ය. මේ වන විට හෙළ හවුල සිය හැත්තෑ හත් වැනි වසර පසු කෙරෙමින් සිටී.ඇරැඹුම[සංස්කරණය]මෑත යුගයේ දී හෙළ බසට ඉහළතම මෙහෙවර කළ විද්වතාණන් ලෙස සැලැකුම් ලබන කුමරතුඟු මුනිදසුන් විසින් 1939 ජූනි මස ඇරැඹි ‘සුබස’ සගනුව නිසා රට පුරා සිංහල භාෂාවත්බු සාහිත්‍යයත්දු පිළිබඳ පුබුදුවෙක් ඇති විය. ඒ සමඟ බසට රැසට දෙසට ළැදි තුරුණු පිරිසෙක් ද ඇති වූ හ. ඔවුන් ගණනින් වැඩි වත් ම ඔවුන් ගේ එකතුවක් ඇති කිරීමේ අවශ්‍යතාව බලවත් විය. ඒ අනුව කුමරතුඟු මුනිදසුන් ගේ නිවෙස වූ පාණදුරේ ගොරකාපොළ ‘හෙවණේ’ දී 1941 ජනවාරි 11 වැනි දින සුබැසියන් ගේ රැස් වීමෙක් පැවැත්විණ. එහි දී සුබැසි එකතුවට නමක් වුවමනා විය. ජයන්ත වීරසේකරයෝ ‘හෙළ හවුල’ යන නම සැලැකැවූ හ. කුමරතුඟුවෝ ම එය තිරැයූ හ. එ හෙයින් එය හෙළ හවුලෙහි මුල් මැ මුළුව යි. මේ
දින මුළුනයු (සභාපති) වූවෝ මග්ගොන ගුරු ඇබෑසි විදුහලේ කථිකාචාර්යවරයකු වූ ඇංටන් පෙරේරා ජයමාන්නයෝ යැ. කුමරතුඟු මුනිදස්හු මුළුයේ අරමුණු පැහැදිලි කළ හ. එ දින හෙළ හවුලේ මුල් ම සකසුරුවන් (ලේකම්වරුන්) ලෙස එඩී පනඳු, අබිරම් ගම්හේවා යන දෙ පළ පත් වූ හ. මුල් ම නයුවෝ (නායකයාණෝ) කුමරතුඟු මුනිදස්හු ම වූ හ.පැතිර යාම[සංස්කරණය]කුමරතුඟු මුනිදසුන් ජීවමාන ව සිටිය දී ම පාණදුරේ ද ඒ අවට කළුතර මොරටුව ඈ පෙදෙස්හි මෙන් ම කොළඹ අනඳ විදුහල ඈ තන්හි දු හෙළ හවුල් රැස් වීම් පැවැත්විණි. බස පිළිබඳ වියත්, පිරියෙසුම් දෙසුම්, හෙළ නාට්‍ය හා සංගීත හා වැඩ සටහන් මෙහි දී පැවැත්විණි. හෙළ හවුලේ ඇතුළත්හු ද ඇතුළතුන් නොවන්නෝ ද සුවිසල් පිරිසක් මේ මුළු සඳහා සපැමිණිය හ. එ කල ම හෙළ හවුලේ අතු හවුල් (ශාඛා සංවිධාන) කිහිපයෙක් බිහි විණි. නිරිත දිගැ හෙළ හවුල, මාතරැ හෙළ හවුල එ බඳු අතු හවුල් වේ. මෙ කල සිංහල සාහිත්‍යයෙහි මහත් ම බලවේගය බවට පත් ව තුබුණේ හෙළ හවුල යි. 1950-60 දසකවල දී හෙළ හවුලේ අතු හවුල් රට පුරා පැතිරිණ. අහංගම, උණවටුන, රත්ගම, ගාල්ල, කළුතර, මහනුවර ඈ නොයෙක් තන්හි සේ ම ගාල්ලේ මහින්ද, ගල්කිස්සේ සාන්ත තොමසු ඈ විදුහල්හි පවා අතු හෙළ හවුල් බ
ිහි විය. පාසල් සිසුහු ද එ කල ඇතුළතුන් අතර වූ හ. හෙළ හවුල් කවීන්[සංස්කරණය]කුමරතුඟු මුනිදසුන් ගේ ඇවෑමෙන් පසු ජයන්ත වීරසේකරයෝ හෙළ හවුලෙහි නයු (නායක) බවට පත් වූ හ. එ කල්හි දු හෙළ හවුල ඉතා බලවත් ව පැවැතිණි. ඉන් පසු රැ.තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, කෝදාගොඩ නැණලු (ඤාණාලෝක) හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, අ.දො. චන්ද්‍රසේකර, අරීසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි, අමරසිරි පොන්නම්පෙරුම යන වියත්හූ හෙළ හවුලෙහි නයු තනතුර හෙබැවූ හ. හෙළ හවුලෙහි වත්මන් නයුවෝ ශ්‍රීනාත් ගණේවත්තයෝ ය.එ දා සිටි මුල් පෙළේ ඇතුළත්තු[සංස්කරණය]බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි, කෝදාගොඩ ඤාණාලෝක හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, මෝසැසි පෙරේරා පියතුමා, මර්සලීනු ජයකොඩි පියතුමා, ජයන්ත වීරසේකර, රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, අලව්-ඉසි සැබිහෙළ, වෙල්ලාල ජයමහ, අරීසෙන් අහුබුදු, සුනිල් සාන්ත, හියුබත් දිසානායක, මහානාම දිසානායක, S. G. M. වීරසිංහ, නන්දදාස කෝදාගොඩ, ටයිටස් තොටවත්ත, ඊලියන් ද සිල්වා, අලවත්තාගොඩ පේමදාස, ගුණපාල සේනාධීර, වෙ. වි. අබාගුණවඩු, ගම්හේවා ගුණවර්ධන, ජයසේකර අබේරුවන්, පින්තු ජයවද්දන, ධර්ම ශ්‍රී කුමාරතුංග, අ. දෝ. චන්ද්‍රසේකර, දි.
වි. රිචඩ් ද සිල්වා, අනදපිය කුඩාතිහි, දා. දු. න. වීරකෝන්, දො. දේ. මොහොට්ටි, පු. බ. බාලසූරිය, එ. වි. ගුණපාල, ම. ආ. විමල්, දී. ග. යු. ගුණපාල වැනි දිවයිනේ පතළ වියත්තු බොහෝ දෙනෙක් එ දා හෙළ හවුලේ ඇතුළත්තු වූ හ. මෙ දා නිලදරු මඬුල්ල[සංස්කරණය]අනුසසුවෝ: අමරසිරි පොන්නම්පෙරුම, හේමසිරි කුමාරණතුංගනයුවෝ: ශ්‍රී නාත් ගණේවත්තඅනුනයුවෝ: තිරිකුණාමලේ ආනන්ද නා හිමි, වි. ජ. මු. ලොකුබණ්ඩාර, අ. ආ. ගුණතිලක, ජයදාස කුමාරගේ, කැ. ආ. ඉ. කල්‍යාණරත්න, තාරක රණසිංහසම සකසුරුවෝ: සීවලී බණ්ඩාර, ක. ක. ගනුෂ්ක රන්දුලඅයකැමියෝ: රවී තිලකවර්ධනහෙළ හවුල් මෙහෙවර[සංස්කරණය]හෙළ හවුලින් බසට-රැසට-දෙසට ඉටු වූ මහත් මැ මෙහෙවර නම් එහි වියතුන් විසින් ඇති කැරුණු සුවිශාල සාහිත්‍යය යි. මේ වන විට, හෙළ හවුලේ වියතුන් විසින් ලියැවී එළි දැක ඇති පතපොත දහස් ගණනෙකි. ඒ සියල්ල වියත් ලොව ඉහළින් පිළිගැනේ. කිසි දු සරසවියෙකින් හෝ වෙනත් ආයතනයෙකින් හෝ එ බඳු සාහිත්‍ය සේවාවක් කිසි කලෙක ඉටු වී නැති.හෙළ හවුල් ගුරු කුලය[සංස්කරණය]ඇතැම්හු – වෙසෙසින් ලක් සරසවි ඇදුරෝ – හෙළ හවුල ගුරුකුලයක් සේ හඳුන්වන්නට වූ හ. එහෙත් හෙළ හවුල යනු ගුරුකුලයෙක් නො වේ. පැරැණි හා ව
ත්මන් හා වහර මැනැවින් විමසා නිවැරැදි බස් වහර මතු කොට එය සුරැකීම, එයින් නව නිමැවුම් කිරීම හෙළ හවුල පිළිගත් මඟ යි. ඒ ඉතා පුළුල් අරමුණින් මුළු මහත් බස ම පදනම් කොට ගත් ජාතික ව්‍යාපාරයෙකි. එ හෙයින් හෙළ හවුල යනු තවත් එක් ගුරුකුලයක් පමණක් ලෙස කිසි සේත් සැලැකිය හැකි නො වේ.හෙළ හවුලෙහි මෙහෙවර යටපත් කරන්නට, එය “භාෂා පරිශුද්ධවාදීන් ගේ සංවිධානයක්" ලෙස හඳුන්වන්නට ඇතැමුන් ඉමහත් තැත් දැරුව ද ඒ සියල්ල මැඬගෙන හෙළ බස සුරැක්මේ පෙරමුණ ගනිමින් හෙළ හවුල නො සැලී, නො නැවී, නො වැටී හෙළ තෙ රුවනට ඉහළ මැ මෙහෙවර සලසමින් දිවමන් ව වැජැඹේ.හොඳ සිංහල පන්තිය[සංස්කරණය]හෙළ හවුලේ අනුසසු හේමසිරි කුමාරණතුංගයන් නොමිලේ පවත්වන 'හොඳ සිංහල පන්තිය' හැම ඉරිදාවෙක ම දහවල් 12.00 සිට කොළොඹ, පුඤ්චි බොරැල්ලේ, 'චාරිකා' රියැදුරු පුහුණු පාසලේ දෙසුම් හලේ දී පැවැත්වේ. වයස් බෙයකින් තොර යි. පෙර දැනුමක් නැති-ඇති කාට වුව ද සහභාගී විය හැකි ය. මුල සිට සරල ව හෙළ වියරණය ඉගැන්වේ. කිසි දු අය කිරීමෙකින් තොර යි.සැබැඳුම් තතු[සංස්කරණය]ලිපි යොමුව: කොළොඹ 6, වැල්ලවත්තේ, ප්‍රෙඩ්රිකා පාරේ, සිරි විජයාරාම විහාරයේ, හෙළ හවුල් සකසුරුවෝඉ-ලිපි යොමුව: info@helah
avula.orgවිබැඳුම් පොළ: http://www.helahavula.orgෆේස්බුක් පිටුව: https://www.facebook.com/HelaHavula/තෙලබණු නම්වරශ්‍රීනාත් ගණේවත්ත (නයු): 011 2 410 862සීවලී බණ්ඩාර (සම සකසුරු): 071 4 803 898ක. ක. ගනුෂ්ක රන්දුල (සම සකසුරු): 077 4 127 090ඇසුර[සංස්කරණය]http://www.helahavula.orghttp://www.silumina.lk/punkalasa/20100117/_art.asp?fn=ar1001179 සංරක්ෂණය කළ පිටපත 2014-03-06 at the Wayback Machinehttp://www.silumina.lk/punkalasa/20120226/_art.asp?fn=ar1202268 සංරක්ෂණය කළ පිටපත 2015-07-10 at the Wayback Machinehttps://www.facebook.com/HelaHavulahttp://www.lankadeepa.lk/index.php/articles/100912 සංරක්ෂණය කළ පිටපත 2013-03-07 at the Wayback Machinehttp://www.divaina.com/2010/03/04/sarasavi%202.html සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machinehttps://www.youtube.com/watch?v=IetLo51lqZYhttp://www.dinamina.lk/2012/07/24/_art.asp?p=1&fn=f1207242[permanent dead link]http://www.divaina.com/2014/02/27/sarasavi%203.html සංරක්ෂණය කළ පිටපත 2018-06-23 at the Wayback Machinehttp://www.si
lumina.lk/punkalasa/20100314/_art.asp?fn=ar10031411[permanent dead link]බැහැර පිටු[සංස්කරණය]http://www.helahavula.orghttps://www.facebook.com/HelaHavula/ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ප්‍රජාපත්‍රකලාවේදනය අවධානය යොමු කරන්නේ රාඡ්‍යය,ජාතික හෝ ලෝක ගැටළු පිළිබදව නොව ප්‍රදේශිය හෝ අසල් වැසි ප්‍රදේශකයන් හි කරුණු පිළිබදවය. ඒ අනුව ප්‍රජා පත්‍රකලාවේදනය මෙකි ප්‍රදේශිය කරුණු මගින් පුද්ගලයන්ට සිදු කරන බලපෑම පිළිබද අවධානය යොමු කරයි. සාමාන්‍යෙන් සති පතා පලකෙරෙන මෙම පුවත් පත් අනෙක් මාධ්‍ය වල අවාධානනය යොමු නොකරා කරණු පල කරයි. උ.දා. - පාසල් ක්‍රීඩා,කලාවස්තූන් කෙලෙසිම සමහරුන් මෙවා නොවැද ගත් යැයි බැහැර කරද ප්‍රදේශ සාමූකක හකත්වය ගොඩ නැගිම සදහා ම, උදව් වෙයි. චිකාගෝ හි ලර්නර් නව්ස්පෙපර්ස් ආරම්භ ලයෝ ලර්නර්ට අනුව ‘ගමේ නගරයේ සිදුවන කුඩා ගැටුම යුරෝපා යුද්ධයට වඩා අප පාඨකයන්ට වැදගත් විය හැක. රටවල් හතක සාමාජියන් 260 කින් සමන්විත සතිපතා
පුවත් පත් කතුවරුන් ගේ ජාත්‍යන්තර සංම්ගමයට ප්‍රජා පුවත් පත් මගින් ස්වාධීන කතුවැකි, ප්‍රවාත්ත සහ නායකත්වය පැතිරවීමට උත්සාහ දරයි. එහ අරමුණ වන්නේ ප්‍රඡා මධ්‍යයේ යෙදී සිටින්නන් හරහා කර්තෘව්‍යාකරණයේ ප්‍රවෘත්ති වාර්තා කරණයේ ගුනාත්මක බව නැන්වීම සහ ප්‍රභල, ස්වාධින කතුවැකි නර්මානය කරවීමය. බොහෝ ග්‍රාමීය පුවත් පත් සුලු පරිමාණයෙන් පළවුවද ඒවායේ ලාභ ලැබීමේ හැකියාව වටහාගත් ඇතැම් විශාල පුවත් පත් ප්‍රකාශනය හරභා ඇත. පටබැඳි නම් - රෆා, ද කිංග් ඔෆ් ක්ලේ, එල් මැටඩෝර්, ද රේජින් බුල්. රට ස්පාඤ්ඤය. පදිංචිය මැනාකො(ර්), මැලොර්කා. උපන් දිනය 1986 ජූනි 3, උපන් ස්ථානය මැනාකො(ර්), මැලොර්කා. උස මීටර් 1.85 (අඩි 6 අඟල් 1) බර කි.ග්‍රෑ. 85.0 (රාත්තල් 187) වෘත්තීය හේතුවෙන් තෑගි වශයෙන් ලැබුනා ඇ.ඩො. 15,482,675 තනි වෘත්තීය වාර්තා 285 – 72 සම්මාන පදක්කම් 25 ඉහළම වර්ග කිරීම (තනි) නො. 2 (ජූලි 25, 2005) ග්‍රෑන්ඩ් ස්ලෑම් ප්‍රථිඵල ඕස්ට්‍රෙලියානු විවෘත SF (2008), ප්‍රංශ විවෘත W (2005, 2006, 2007), විම්බ්ලෙඩන් F (2006,2007), එ.ජ. විවෘත QF (2006), යුගල වෘත්තීය වාර්තා 65
- 42 සම්මාන පදක්කම් 4 ඉහළම වර්ග කිරීම (යුගල) නො. 26 (2005 අගෝස්තු 08) රෆායෙල් නඩාල් 1986 ජූනි 3 වැනි දින ස්පාඤ්ඤයේ මැලොක්රා හි මැනකොර් හි උපත ලද්දේය. ලෝකයේ අංක 2 වශයෙන් වර්ග කර ඇති ඔහු වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහු ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ කේවල ශූරතාවය තුන් වරක් දිනා ගත්තේය. එමෙන්ම විම්බ්ලෙඩන් කේවල අනු ශූරතාවය දෙවරක් දිනා ගත්තේය 2006 – 07නඩාල් ප්‍රංශ විවෘත තරඟයේ සියලුම තරඟ 21 ජය ග්‍රහණය කරමින් එම ශූරතාවලියේ අපරාජිතව සිටියේය. ලෝකයේ අංක 1 ට සිටි රොජර් ෆෙඩරර් ප්‍රංශ ප්‍රංශ විවෘත තරඟාවලියේ 2005, 2006, සහ 2007 වසර වලදී පරාජය කිරීම නිසා ඔහු ප්‍රසිද්ධියට පත්වී සිටියේය. 2005 අප්‍රේල් සිට 2007 මැයි දක්වා නඩාල් එක දිගට ක්ලේ කොර්ට් තරඟ 81 ජයග්‍රහණය කර ඇත. 2007 පැවති හැම්බර්ග් මාස්ටර් අවසාන තරඟයේදී ෆෙඩරර් විසින් පරාජය කරනු ලැබිනි.සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි සායනික අත්හදා බැලීම් යොදා ගන්නේ ඖෂධයක් හෝ අනෙකුත් ප්‍රතිකාර ක්‍රමයක් ඖෂධයක් ලෙස ප්‍රබල නොවු ප්‍රතිකාර ක්‍රමයක් සමග සහ වෙනත් ඖෂධ හෝ උපකරණ සම්මත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සමග සංසන්දනය කිරීම සදහාය. මෙම සායනික අත්හදා බැලීම් වල ප්‍රමාණයන්
විවිධාකාර වන අතර එහිදී එක් පර්යේෂකයෙකු එක් රෝහලක් තුළ සිට සිදු කරන අත්හදා බැලීම් වල සිට ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂකයන් සියගණනක් විවිධ මහද්වීප තුළ සිදු කරන පර්යේෂණ දක්වා විවිධ වේ. මෙහිදී පරික්ෂා කරනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30 ක් තරම් සුළු ප්‍රමාණයක සිට දහස්ගණන් දක්වා විය හැකිය. අත්හදා බැලීම් සිදු කරන අතර තුර පරීක්ෂණයට ලක්කරන ද්‍රව්‍ය පර්යේෂණ මට්ටමේ පවතින නව ඖෂධය ලෙස හැදින්වේ. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Clinical_trialvteArtificial induction of immunity / Immunization: Vaccines, Vaccination, Infection, Inoculation (J07)DevelopmentAdjuvantsList of vaccine ingredientsMathematical modellingTimelineTrialsClassesConjugate vaccineDNA vaccinationInactivated vaccineLive vector vaccineAttenuated vaccineHeterologous vaccineSubunit/component / Peptide / Virus-like particleToxoidAdministrationGlobal:GAVI AlliancePolicyScheduleVaccine injuryUSA:ACIPVaccine courtVaccines for Children ProgramVAERSVSDVaccinesBacterialAnthraxBrucellosisCholera#D
iphtheria#Hib#LeptospirosisLyme disease‡Meningococcus#MeNZBNmVac4-A/C/Y/W-135Pertussis#PlaguePneumococcal#PCVPPSVQ feverTetanus#TuberculosisBCG#Typhoid#Ty21aViCPSTyphuscombination: DTwP/DTaPViralAdenovirusFlu#H1N1 (Pandemrix)LAIVHantavirusHepatitis A#Hepatitis B#Hepatitis EHPVCervarixGardasilJapanese encephalitis#Measles#Mumps#MumpsvaxPolio#SabinSalkRabies#Rotavirus#Rubella#SARS-CoV-2Bharat Biotech†CanSino†CoronaVac†EpiVacCorona†Johnson & Johnson†Moderna†Oxford–AstraZeneca†Pfizer–BioNTech†Sinopharm†ස්පුට්නික් V†SmallpoxDryvaxTick-borne encephalitisVaricella zosterchicken pox#Zoster vaccineYellow fever#combination:MMRMMRVresearch:ChikungunyaCytomegalovirusDengueEbolaEpstein–Barr virusHepatitis CHIVProtozoanMalariaRTS,Sresearch:TrypanosomiasisHelminthiasisresearch:HookwormSchistosomiasisOtherAndrovax (androstenedione albumin)Cancer vaccinesALVAC-CEABCG#Hepatitis B#HPVCervarixGardasilPROSTVACNicVAX
Ovandrotone albumin (Fecundin)TA-CDTA-NICcombinationDTaP-IPV/HibDTaP-IPV-HepBHexavalent vaccinePentavalent vaccineControversyGeneralMMRNCVIAPox partyThiomersalVaccines and SIDSLancet MMR autism fraudCedillo v. Secretary of Health and Human ServicesAlternative vaccination scheduleRelatedEpidemiologyEradication of infectious diseasesEvery Child by TwoList of vaccine topics#WHO-EM‡Withdrawn from marketClinical trials:†Phase III§Never to phase IIIඅධිකාරී පාලනය: ජාතික පුස්තකාල France (data)GermanyIsraelUnited StatesJapanCzech Republicඉතිහාසය[සංස්කරණය]උපුටා ගැනීමේ අයිතිය මුද්‍රණාල බිහි වීමෙන් පසු පුළුල්ව පැතිරුණු සාක්ෂරතාවයත් සමග ආරම්භ විය. නීතිමය සංකල්පයක් ලෙස මූලිකව මෙය දහ අටවන සියවසේ ආරම්භයේදී බ්‍රිතාන්‍යයේදී මුද්‍රණකරුවන්ගේ ඒකාධිකාරයට ප්‍රතික්‍රියාවක් ලෙස ප්රතිස්ඨාපනය විය. 2වන චාල්ස් රජු විසින් නීත්‍යානුකූල නොවන කෘතීන් පිළිබඳ සලකා බලා බලපත්‍ර පනත 1662 පාර්ලිමේන්තු පනතක් මගින් ඉදිරිපත් කරන ලදී. මෙමගින් බලපත්‍රලාභි කෘතීන්ගේ ලේඛණයක් ආරම්භ වූ අතර
මුද්‍රණකරුවන් හට එම පොත් ලියාපදිංචිය සඳහා තැන්පතුවක් තැබීමට නියම කරන ලදී.ඈන් පනත යනු ප්රථම නියමාකාර උපුටා ගැනීමේ අයිතිය පිළිබඳ පනතකි. එමගින් ප්‍රකාශකයන් හට එම උපුටා ගැනීමේ අයිතිය අදාල කාලය නිමා කිරීමට ස්ථාපිත කාලයක් නියම කරන ලදී. මෙය නීතිමය සංකල්පයක් ලෙස පොත් සහ සිතියම් සෑම නව්ය කර්මාන්තයකට අනුකූලවම ප්‍රකාශ කිරීමට වර්ධනය විය. වත්මනෙහි මෙය ශ්‍රව්‍ය පටිගත කිරීම්, සිනමා පට, ඡායාරූප, මෘදුකාංග සහ ගෘහනිර්මාණ කාර්යයන් යනාදී පුළුල් පරාසයක් ආවරණය කරයි.1886 දී බර්න් කන්වෙන්ශන් මගින් ප්‍රථමවරට ද්විපාර්ශවික වෙනුවට පරම ජාතිකයන් අතර අයිතිය ස්ථාපිත කරන ලදී. මේ යටතේ නිර්මාණශීලී කාර්යයන් සඳහා උපුටා ගැනීමේ අයිතිය නැවත දැක්විය යුතු නොවේ. මක්නිසාද යත් එය ස්වකීයවම නිර්මාණයේදී දායාද වන බැවිනි. ලේඛකයෙකු විසින් බර්න් කන්වෙන්ශන් වෙත සාමාජික වූ රටවල් වලදී උපුටා ගැනීමේ අයිතියට ලියාපදිංචි වීමට හෝ ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවේ. යම් නිර්මාණශීලී කාර්යයක් ස්ථාපිත ඌ වහාම එම නිර්මාණකරුවා එම නිර්මාණයට හෝ එහි ව්යුත්පන්නයන්ට ස්වයංක්‍රීම සියලුම උපුටා ගැනීමේ අයිතීන් පිළිබඳ කාර්යයන් සඳහාම සුදුසුකම් ලබයි. මෙමගින් විදේශීය
නිර්මාපකයන්ද දේශීය නිර්මාපකයන් හා සමානවම එයට අත්සන් තැබූ සෑම රටකදීම අනුමත වේ. එක්සත් රාජධානිය විසින් මේ සඳහා 1887 දී අත්සන් තැබූ නමුත් එහි බොහෝ කොටස් වසර 100යක් අට පසුව 1988දී උපුටා ගැනීම් නිර්මාණ සහ පේටන්ට් පනත සම්මත වන තුරුම භාවිතයට නොගැනුනි. එක්සත් ජනපදය මෙයට 1989 වනතුරුම අත්සන් නොතබන ලදී.එක්සත් ජනපදය සහ බොහෝ ලතින් ඇමරිකානු රටවල් මේ වෙනුවට 1919දී බුවනෝස් අයර්ස් කන්වෙන්ශන් වෙත අත්සන් තබන ලදී. මෙමගින් උපුටා ගැනීම තහනම් යනුවෙන් සඳහන් කිරීම අවශ්‍ය විය. එසේම අත්සන් තැබූ රාජ්යයන් හට කාල සීමා පැනඅදාවකාශ සකසන ලදී. විශ්වීය උපුටාගැනීම් පිලිබඳ පනත 1952දී එලිවනදකන ලද අතර සෝවියට් දේශය වැනි ජාතීන් මගින්ද අනුමත කරන ලදී.බර්න් කන්වෙන්ශන්හි ඇතුලත් රෙගුලාසි ලෝක වෙලඳ සංවිදානයේ ටී ආර් අයි පී එස් ගිවිසුම මගින් එකි දකවන ලදී. 2002දී ඩබ්ලිව් අයි පී ඕ උපුටා ගැනීමේ පනත මගින් තාක්ශණය උපුටා ලබාගැනීම භාවිතය සදහා ඉතා ඉහල නීති පනවන ලදී.තවත් බලන්න[සංස්කරණය]Copyright law of Sri Lankaප්‍රකාශන හිමිකමමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි
වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)සැවැන්දරාවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:Plantae(unranked):Angiosperms(unranked):Monocots(unranked):Commelinidsගෝත්‍රය:Poalesකුලය:Poaceaeගණය:'Chrysopogon'විශේෂය:C. zizanioidesද්වීපද නාමය[Chrysopogon zizanioides](L.) Robertyපර්යාය නාම(ය)Vetiveria zizanioidesහැඳින්වීම[සංස්කරණය]සැවැන්දරා යනු මානා වර්ගයට අයත් තෘණ පැළෑටියකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල වැවෙන සුවඳ හොට, දැවැන්න, සැවැන්දරා යන විශේෂිත නාමයන්ගෙන් සැදුම්ලත් අනගි ශාකයකි. ඉන්දියානුවෝ විජිණිපත්, අවාන්, පැදුරු තැනීම සඳහා ද භාවිතා කරති.සැවැන්දරා සඳහා පර්යාය නම් තිස් හයකි. උශිර, නලද, ජල, අභය, අවදාත, ඉන්ද්‍රගුප්ත, ජිත, උශිරක, ජලවාස, හරිපි‍්‍රය, රතාපි‍්‍රය, වීර, කරු ඉන් කිහිපයකි.Vetiveria zizanioides (L) Nash මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි. එසේම මෙය තෘණ (POACEAE) කුලයට අයත් වේ.සුවඳ විලවුන් සඳහා ගන්නා සුගන්ධ තෙලකින් යුක්ත ප්‍රධාන පෙළේ සුගන්ධ ද්‍රව්‍යයකි. පාංශු සංරක්‍ෂණය සඳහා යොදාගන්නා ශා
ක අතරින් මුල් තැනක් ලැබෙන්නේ අඩි අටකට වඩා ගැඹුරට විහිදෙන මූල පද්ධතියක් ඇති සැවැන්දරාවලටයි.විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාංශු ඛාදනය අධික කඳුකර ප්‍රදේශවල වගා කිරීමට උචිත ශාක විශේෂයකි.ශ්‍රී ලංකාවේ උණුසුම් වියළි ප්‍රදේශවල හා වැව් මායිම්වල ස්වභාවිකව දක්නට ලැබේ. මෙරට ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකි වේ.ඖෂධ සඳහා ප්‍රධාන වශයෙන් මුල් ගනු ලබයි. සෙම් පිත් සමනය කරයි. දැවිල්ල නසයි. බඩගින්න ඇතිකරයි. වමනය වළකයි. මුත්‍ර කාරකයි.ඉදිමුම අඩු කරයි. ශීතලයි. තිත්තයි. සැහැල්ලුයි. මධුරයි. ලේ දොස් දාහය නසයි. සැවැන්දරා විශේෂයෙන් මුත්‍රා රෝගවලට ගුණදායකයි.ශරීරයේ දැවිල්ලට හා අධික දහඩිය දැමීම වැළැක්වීමට සැවැන්දරා මුල් ඇල්වතුරින් අඹරා ඇඟේ ගා පැයකින් පසු නෑම සුදුසුයි.මෙයින් දහඩිය ගඳ ද නැති වී යයි. සැවැන්දරා මුල් කුඩු කර ඇල් දියර දමා රැයක් තබා පෙරා බීම මුත්‍ර දැවිල්ලට අනගි අත් බෙහෙතකි.එසේම සැවැන්දරාවලින් වෙන්කර ගත් තෙල් බිංදු දෙකක් දිව ගෑම වමනයට සුදුසු වේ. සැවැන්දරා මුල් දල්වා එයින් නැඟෙන දුම් නාසයට ඉරීම හිසරදයට හා හිස බර ගතියට යෝග්‍යයි.සැවැන්දරා තෙල් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනී. පාංශු සංරක්‍ෂණය සඳහා බෑ
වුම් ඉඩම්වල සමෝච්ච වැටි ලෙසත්, ගල් වැටි මායිම්වලත්, කාණු සහ ගං ඉවුරුවලත් වගා කරනු ලැබේ.ළපටි පත්‍ර සත්ත්ව ආහාර ලෙස ගැනේ. වියළි මුල් සුවඳ හමන තිර, පැදුරු සහ අවාන් සෑදීමට ගනී. කොළ පල්ප බවට පත්කර කඩදාසි නිෂ්පාදනයට උපයෝගී කර ගනී. මේවා සැවැන්දරාවලින් ගන්නා වෙනත් ප්‍රයෝජන ලෙස හඳුනා ගත හැකිය.සුදු හඳුන්, ඉරමුසු, ඉරිවේරිය, ගල්කූ®ර මුල්, හාතාවාරිය අල, වැල්මී, මුද්දරම්පලම්, වැල්මදට, මානෙල් අල, සැවැන්දරා මුල් මේවා කලං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8 – 1 ට සිඳ පෙරා මී පැණි දමා වරකට පත භාගය බැගින් උදය සවස දෙන්න.මෙය කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලට හිතය. එසේම රත්පිත් දැවිල්ල, කරකැවිල්ල ආදිය දුරු වී ඇඟ නිවීමට ගන්නා කෂායකි.සුදු හඳුන් හා සැවැන්දරා මුල් වියළා කුඩු කර රෑ කාලයේ දී තැඹිලි ගෙඩියක දමා වසා එළිමහනක තබා උදේට පෙරා බොන්න. උෂ්ණ භාවය නිසා ඇතිවූ දැවිල්ල, දහඩිය ගැලීම් හා සමේ රෝග සනීප වේ.මුද්දරප්පලම්, සුදු හඳුන්, සැවැන්දරා මුල් හා උක්ගස් රෑට ජලයේ දමා උදේට පොඩිකර පෙරා සීනි හා පොරි කුඩුකර දමා බොන්න. වතුරට දැමීමේදී සියලුම අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් කුඩු කර හා තලා දමන්න. මෙය ශරීරගත උෂ්ණත්වයෙන් ඇතිවූ පිපාසයට උච
ිතයි.අම්ලපිත්ත රෝගයට දේශිය ප්‍රතිකාර[සංස්කරණය]සැවැන්දරා මුල්, වී පොරි, සුදු හදුන්, මානෙල් අල, ඉරිවේරිය දඩු,සමාන ප්‍රමාන බැගින් ගෙන පත අට එකට සිඳ පෙරා සිනි දමා බොන්න. උක් පුරුක්, මානෙල් අල, නුගමුල්, වැල්මී,අළු කෙසෙල් අල, නෙළුම් රේණු, නුග කරටි, මුද්දරප්පලම්, රටඉදි කළං එකහමාර බැගින් ගෙන පත අට එකට සිඳවා පෙරා සිනි දමා බොන්න.සැවැන්දරා සඳහා ඉතා හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ඇති හෙයින් එය වාණිජමය වගාවක් ලෙස ඉතා හොඳ ආදායමක් ලබාගත හැකි ඖෂධීය ශාකයකි. ආයුර්වේද ඖෂධ කර්මාන්තයට මෙන්ම සුගන්ධ තෛල නිෂ්පාදනයට සැවැන්දරා බහුලව භාවිතා වේ.වගාවන් හා නිවසේ භාවිතය[සංස්කරණය]වගාවන් ද ගෙදර පොත්පත් ආරක්ෂාකර ගැනීමට ද රෙදි-පිළි ආදියට කෘමීන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමට ද සැවැන්දරා යොදාගත හැක.ඖෂධීය ගුණාංග[සංස්කරණය]සැවැන්දරා මුල් විශේෂයෙන් ශරිරයේ උෟෂ්ණ ගතිය නැති කර ගැනිමට මෙන්ම අම්ලපිත්ත රෝගය සදහාද ඉතාම ගුණදායක ඔසුවකි. ඒ වගේම සුදු හදුන් සමග සැවැන්දරා ඇල්වතුරෙන් ආලේප කිරිම කිරිමෙන් කුරුලෑ වලට සහනයක් ලබා ගත හැකිය.අධිසබැඳුම[සංස්කරණය]භෞතීය විද්‍යාවන්හී, උප පරමාණුක අංශ යනු පරමාණු වලට වඩා බෙහෙවින් කුඩා අංශූන් වෙති.[1
] උප පරමාණුක අංශු වර්ග දෙකකි: වර්තමාන සිද්ධාන්තයන් පරිදී අනෙකුත් අංශූන් වෙතින් නොසෑදී ඇති මූලික අංශූන් සහ, සංයුක්ත අංශූන් වෙති.[2] අංශු භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික භෞතික විද්‍යාව විසින් මෙම අංශූන් පිළිබඳ සහ ඒවා අතර අන්තර්-ක්‍රියා ඇතිවන්නේ කෙසේදැයි අධ්‍යයනය කෙරෙයි .[3]මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුක අංශු ලෙස බෙදා වෙන් කරති‍. උප පරමාණුක අංශු අතරට ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ද ප්‍රධාන වශයෙන් අයත් වේ.මේ අතරින් කුඩාතම අංශුව වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.10938291(40)×10−31 kg වන අතර[4] එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මිණිය නොහැකි තරම් කු‍ඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.672621777(74)×10−27 kg වන අතර[5] එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ.[6] එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති න්‍යෂ්ටික බන්ධන ශක්තිය අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන ආරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නොමැති අතර දළ වශයෙන් ඉලෙක්ට්‍
රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ,[7] එනම් 1.674927351(74)×10−27 kg ක ස්කන්ධයක් සහිත වේ.[8] ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ.[තහවුරු කර නොමැත] එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ ක්වාක් අංශු යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් අංශු ෆර්මියෝන යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම ෆර්මියෝන සහ ලෙප්ටෝන ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම පදාර්ථයේ මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක මූලික ආරෝපණයක් දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ උඩු-අත් ක්වාක් අංශු (up quark) දෙකක් හා යටි-අත් ක්වාක් අංශු (down quark) එකකිනි. උඩු-අත් ක්වාක් අංශුවක් හා යටි-අත් ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්
කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට මාධ්‍යය ලෙස ග්ලූවොන නමින් හැඳින්වෙන අංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන, බොසෝන යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි. References[සංස්කරණය]↑ "සබ්ඇටමික් පාටිකල්ස්". NTD. සම්ප්‍රවේශය 5 ජූනි 2012.↑ බොලොන්කින්, ඇලෙක්සැන්ඩර් (2011). යුනිවර්ස්, හියුමන් ඉම්මෝර්ටෑලිටි ඇන්ඩ් ෆියුචර් හියුමන් ඉවැලියුෂන්. එල්සිවියර්. පිටු. 25. ISBN 9780124158016. ↑ ෆ්‍රිට්ෂ්ච්, හැරල්ඩ් (2005). එලිමෙන්ටරි ෆිසික්ස්. වර්ල්ඩ් සයන්ටිෆික්. පිටු. 11–20. ISBN 978-981-256-141-1. http://books.google.com/?id=KFodZ8oHz2sC&printsec=frontcover. ↑ "CODATA value: electron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01.↑ "CODATA value: proton mass". 2010 CODATA recommended values. National Institute of Standards and Tech
nology. සම්ප්‍රවේශය 2011-06-24.↑ "CODATA value: proton-electron mass ratio". 2006 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2009-07-18.↑ "CODATA value: neutron-electron mass ratio". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01.↑ "CODATA value: neutron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.රුධිර ප්ලාස්මා යනු රුධිරයෙහි පිදුරු-පැහැති ද්‍රව කොටසක් වන අතර සාමාන්‍යෙයන් රුධිර සෛල අවලම්බිතව තබා ගන්නේ එය මගිනි. සම්පූර්ණ රුධිර පරිමාවෙන් 55% ක් පමණ වන්නේ එයයි.සර්වග්‍රාහි යෝග්‍යතාවය (1F) පිළිබදව නිර්වචනයන් කිහිපයක් ඇත. නමුත් ඉන් ‍එකක් ( ඔලී - 2003-ට අනුව ඩබ්ලිව්.ඩී හැමිල්ටන් ගේ ප්‍රථම විස්තරය හා නොගැලපේ) පුද්ගලයෙකුගේ හැසිරිම් වල සෘජු හා වක්‍ර යෝග්‍යතා ප්‍රතිවිපාකයන්හි එකතුව සර්වග්‍රාහි යෝග්‍යතාවය වේ. එහි සෘජු ‍යෝග්‍යතා ප්‍රතිවිපාකය යනු පුද්ගලයා සහ සමාජ සහකරුවන් අතර ඇති සම්බන්ධයේ මට්ටමෙන් බර තබන ලද (රික්ලේෆ
්ස් සහ මිලර් 2001) සමාජ සහකරුවන්ගේ යෝග්‍යතාවය‍ කෙරෙහි වන බලපෑමද වේ. සමාන සමාජ හැසිරිම් කෙරෙහි ලැදිකම ඇති කෙරෙන ජාන සහිත අනෙකුත් පුද්ගලයන්ගේ පැවැත්ම හෝ අභිජනනය සමාජ හැසිරිම් විසින් වැඩි කිරිමේදි හෝ අඩු කිරිමේදි ඒවා ජිවියාගේ අනියම් යෝග්‍යතාවය කෙරෙහි බලපෑම් ඇති කරයි. එහෙයින් මෙම ආකෘතිය වුල්කාර ජාන පරම්පරාවෙන් සර්වසම වන විට අවශ්‍ය වන ඥාතියා තෝරා ගැනිමට (දැඩි අර්ථයෙන්) වඩා ‍පොදු එකක් වේ. වර්ග්‍රාගි යෝග්‍යතාවය නිරූපණය කිරිම සදහා ඉතාමක් පොදු ඓතිහාසික පසුබිම ඇත්තේ ආසන්න සබදතාවයක් ඇති ජිවින් කාණ්ඩ වල නිසා ආකෘතින් දෙක එක සමාන ලෙස සාමාන්‍යයෙන් සැලකේ.ජානයේ දැක්ම අනුව පරිණාමයේ සාර්ථකත්වය අවසානයේ රදා පවතින්නේ තමාගේ උපරිම පිටපත් සංඛ්‍යාවක් ජනගහණය තුළ රදවා තබාගැනිමෙනි. වර්ෂ 1964 වර්ෂය වන තෙක් ජාන විසින් මෙම තලය ලගා කරගත්තේ පුද්ගලයාට උපරිම ජීවය දරුවන් සංඛ්‍යාවක් ඉතිරි කොට තබා යාමට සැලැස්විමෙන් බව සාමාන්‍ය විශ්වාසය විය. කෙසේ වුවද, ජිවියෙකුගේ ආසන්න ඤාතින් ජාන වැඩිගණනක් පොදුවේ කොටස් කර ගැනීමට ඉඩ ඇති නිසා (දුර්ලභ ජානවල ප්‍රතිවාදි වු "පොදු ‍ජාන" හා පටලවා නොගත යුතුය) මෙම ඥාති පුද්ගලයන්ගේ අභිජනනය සහ පැවැත්
මට අනුබල දිම මගින් ජානයට හිමි පරිණාමික සාර්ථකත්වය වැඩි දියුණු කර ගත හැකි බව වර්ෂ 1964 දි ඩප්ලිව්. ඩී හැම්ටන් විසින් පෙන්වා දුන්නේය. මෙසේ පුද්ගලයින්ට ඔවුන්ගේ පුද්ගල යෝග්‍යතාවයට වඩා සර්වග්‍රාහී යෝග්‍යතාව උපරිමයට පත්කර ගැනීම සදහා ගැලපෙන ක්‍රමයකට හැසිරිම සදහා මෙහෙයවනු ලබයි.සර්වග්‍රාහී යෝග්‍යතා මුලධර්ම පිලිබද ප්‍රත්‍යක්ෂ මුලනය උදාහරණයක් ලේඩින්ගේ බිම් ලේනා විසින් සැපයේ. මෙහිදී තමන් ගොදුරු කර ගැනිමට බලාසිටින කෙනෙක් සිටි බව ඔවුන්ගේ කාණ්ඩායටමට අනතුරු ඇගවිම සදහා එක් එක් ලේනා විසින් අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කරනු ලැබේ. අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කිරිමෙන් ‍බෙල්ඩින්ගේ බිම් ලේනා තමන් සිටින ස්ථානය දැන ගැන්නට සැලැස්විම මගින් තමන් වැඩි අනතුරකට ලක්වේ. කෙසේ වුවද මෙම ක්‍රියාවලියේදි ලේනා ජනගහණය තුළ ජීත්වන සිය ඥාතින් ආරක්ෂා කර ගනී. වැඩි දුරටත් කළ අධ්‍යනයන්හිදි ලේනා තම අවදානමට පත්විම ඇති කැමැත්ත ඌ ජනගහණයේ සාමාජිකයන්ට කෙතරම් ආසන්න වශයෙන් ඥාතිත්වය දරන්නේ ද යන්නට සෘජුවම සමානුපාතිකය වන බව පෙනි ගොස් ඇත. එහෙවින් තමාගේම ජාන ප්‍රජානය කිරිමෙන් ඉතිරි කර යා හැකි ජනගහණය ප්‍රමාණයට වඩා ආසන්න තම ප්‍රදේශයේ සිටින අනෙකුත් ලේ
නුන් ආරක්ෂා කිරිම මගින් ජාන වැඩි වශයෙන් ඉදිරියට ඉතිරි කිරිමට තුඩු දෙයි නම් ලේනා තමාගේ ජීවිතය බිලිදිමට කැමති වේ. එය වැඩි සර්වග්‍රාහි යෝග්‍යතාවකට තුඩු දෙයි. තවත් හොද නිදසුනක් වනුයේ කිරළ පක්ෂයා තමාගේ පැටවුන් උකුස්සන්ගේ අවධානයෙන් මගහැරවීම සඳහා තමාට තුවාල වු බවට ව්‍යාජ පෙන්විමක් කිරිමයි.සටහන්[සංස්කරණය]Inclusive fitnessඛේමා භිකෂුණිය බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනාගෙන් කෙනෙකු වූවාය (අනෙක් අග්‍ර ශ්‍රාවිකාව වූයේ උප්පලවණ්ණාය).තවද ඛේමා තෙරණිය ප්‍රඥාවත් තෙරණියන් අතර අග්‍රස්ථානය ලැබූහ.ඛේමා යන නමෙහි තේරුම 'ඉතා ශාන්ත' යනුයි. ඇය ඉතා රූමත්ය. මෙම භික්ෂුණිය මගධ රාජකීය පවුලේ කාන්තාවකි. එමෙන්ම බිම්බිසාර රජතුමන්ගේ අග බිසවුන්ගෙන් කෙනෙකි. ඛේමා බුදු හිමියන් දැකීමට යාමට කැමැත්තක් නොදැක්වූවාය. බුදු හිමියන් ඇගේ රූමත් භාවය ගැන සැලකිල්ලක් නොදක්වන බව ඇය දැන සිටියාය. ඇය තමාගේ රූමත්කම ගැන ආඩම්බරයෙන් පසු වූවාය. ඇයගේ ස්වාමි පුරුෂයා වූ බිම්බිසාර රජුගෙන් බුදු හිමියන් ගැන තොරතුරු දැන ගත්තාය. ඔහු බුදු හිමියන්ගෙන් බණ ඇසීමට ඇය උනන්දු කළේය. බුදුන් වැඩ වසන ආරාමයේ අලංකාරය ගැන ඇයට විස්තර කර තිබුණි. රා
ජකීය වස්ත්‍රාභරණයෙන් අලංකාර ලෙස සැරසී පියකරු දේ දකිනු රිසියෙන් ඇය බුදුන් වැඩ වසන ආරාමයට ගියාය. බුදුන් වහන්සේ ඇය එනු දැක ප්‍රාතිහාර්ය බලයෙන් ඛේමාවන්ට වඩා රුවින් යුත් තරුණියකු මවා බුදුන්ගේ පසෙකින් සිටින්නට සැලැස් වූ සේක. ඛේමා ඒ දැක වශී වූවාය. බුදුන් වහන්සේ ක්‍රමයෙන් එම තරුණ කාන්තාව මහලු වන සැටි පෙනෙන්නට සැලැස් වූ සේක.ඛේමා ඒ තරුණ කාන්තාවගේ හම රැළි වැටෙන ආකාරය, කෙස් කළඹ සුදු වන අයුරු, සිරුර ක්‍රමයෙන් වියපත්වන සැටි දුටුවාය. අවසානයේ එම කාන්තාව එතැනම ඇද වැටී මිය ගියාය. අනතුරුව මළ සිරුර ඇට සැලකිල්ලක් බවට පත් විය. පවතින සියලු දෙය අනිස්ථිර බවත් තමනටද එයම සිදු වන බවත් ඛේමා තේරුම් ගත්තාය.ඛේමා අවසානයේ බුදුන්ට සවන් දීමට කැමති වූවාය. බුදුන්ගේ දේශනාවෙන් පසු ඇය සත්‍යය අවබෝධ කොට අරහත් භාවය ලබා ගත්තාය. තම ස්වාමි පුරුෂයාගේ කැමැත්ත ගෙන අනතුරුව ඇය භික්ෂුණී ශාසනයට ඇතුළු වූවාය.පසුකලෙක භික්ෂුණීන්ට අගතනතුරු දෙන කල්හි බුදුන් විසින් ඛඑමආවඔ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඤ්‍රවත් භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය තබා වදාළහ. එසේම එතුමිය ගෞතම බුදු සසුනේ දකුණත් අග්‍ර ශ්‍රාවිකාව වශයෙන් ද නම් කලහ.දොන් කුලසිරිඋපතශ්‍රී ලංකාවනි
වහනනවසීලන්තයජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹරැකියාවමහාචාර්යසංගණ්‍ය වන්නේප්‍රධාන මහාචාර්ය, නවසීලන්තය ලින්කන් විශ්ව විද්‍යාලයආගමබෞද්ධමහාචාර්ය දොන් කුලසිරි (ඉංග්‍රීසි: Don Kulasiri) යනු නවසීලන්තය ලින්කන් විශ්ව විද්‍යාලය පරිගණක සැලසුම් පීඨය ප්‍රධාන මහාචාර්ය වරයායි. දොන් කුලසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්ගුරුකුල විද්‍යාලයGurukula CollegeLocationඛණ්ඩාංක6°57′31″N 79°53′39″E / 6.95861°N 79.89417°E / 6.95861; 79.89417ඛණ්ඩාංක: 6°57′31″N 79°53′39″E / 6.95861°N 79.89417°E / 6.95861; 79.89417තොරතුරුආදර්ශ පාඨය පඤ්ඤා උදපාදී ආරම්භ කලේ1948පාසල් අංකය01300විදුහල්පතිආචාර්ය කුසල ප්‍රනාන්දුවර්ණ(ය)නිල් සහ කහ        අනුබැඳියබෞද්ධවෙබ් අඩවියhttps://www.gurukulacollege.lk/ගුරුකුල විද්‍යාලය වර්ෂය  1948 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ආරම්භ විය. ඒ ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහතර දෙනෙකුගෙන් ආරම්භ  කළ සුප්‍රකට අධ්‍යාපන පීඨයක් වශයෙනි. මුලින්ම ඉංග්‍රීසි පාසලක් ලෙස ගුරුකුලය ආරම්භ වූවත් පසුව ජාත
ික සංස්කෘතිය අනුව හා සිංහල භාෂාව පෝෂණය කිරීමයි විදුහලේ ඉලක්කය වූයේ. එදා මෙදා තුළ ගුරුකුලයෙන් ශිල්ප ලබා ජාතික හා ජාත්‍යන්තර  තලයට නැගී බුද්ධිමතුන්, උගතුන් ,දේශපාලනඥයන්, කලාකරුවන් සිටින බව ආඩම්බරයෙන් පැවසිය හැක.වර්තමානය වනවිට ජාතික පාසලක් වන ගුරුකුලය ප්‍රාථමික හා ද්වීතීක යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු පැවැත්වේ.විද්‍යාලීය ආදර්ශ පාඨය :පඤ්ඤා උදපාදීදර්ශනය :2025 දී ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම මිශ්‍ර පාසල බවට පත් වීම.මෙහෙවර :සිසුන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය තුළින් විශිෂ්ටත්වය ලඟාකර ගැනීම් සඳහා පහසුකම් සැලසීමඉතිහාසය[සංස්කරණය]පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් වර්ෂ 1948 ගුරුකුල විද්‍යාලය ආරම්භ විය ඒ මහාචාර්ය යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හිමියන් ඊට පුරෝගාමි විය.ඉංග්‍රීසී පාසලක් ලෙස ආරම්භ වූ ගුරුකුලය මූල අවධියේ සිටම දේශීය සංස්කෘතියට හා සිංහල සාහිත්‍යයට මූලිකත්වය ගෙන කරයුතු කලේය.විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ " අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීමයි "ගුරුකුලය වර්ෂ 1961 දී රජයේ පාසලක් බවට පත් වූ අතර 1954 අගෝස්තු 27
වන දින විද්‍යාලංකාර සභාවේ කළමණාකාරීත්වයෙන් පාසල නිදහස් කර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජේෂ්ඨ දිවීතීයික පාසලක් ලෙස ස්ථාපිත කරන ලදී.පසුව 1960 නොවැම්බර් 15 දින පාසල රජයේ පාසලක් ලෙස ප්‍රකාශ කරන ලදී. ඉන් පසු 1964 මැයි මස 04 වන දින පාසල කෑළණිය් ස්ටේෂන් පාරේ පිහිටි පත්තායම් වත්තේ ( වර්තමාන ස්ථානය ) වෙත ගෙන යන ලදී.පසුව විද්‍යාලය වර්ෂ 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක් ලෙස නම් කරනු ලැබීය. එදා සිට මේ දක්වා විද්‍යාලීය අභිමානවත් ගමන්මගෙහි කීර්තිමත් විද්වතුන් , කලාකරුවන් , ලේඛකයින් , වෛද්‍යවරුන්, විධායක නිළධාරීන් , ක්‍රිකට් ක්‍රීඩකයින් , දේශපාලඥයන් වැනි විශිෂ්ට පුද්ගලයන් රැසක් ගුරුකුල මෑණියන් තුලින් බිහි විය.ක්‍රීඩා හා සමිති[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසලක් වන  ගුරුකුලය තුල සිසු දරුවන්ට තම දක්ෂතා ඔප් නංවාගැනීමට පාසල තුල •  ක්‍රිකට්•  පිහිනුම්•  වොලිබෝල්•  කරාතේ•  බැඩ්මින්ටන්•  වූෂූ•  චෙස්•  නෙට්බෝල්•  පරිසරභට•  කැඩෙක්ට් වැනි ක්‍රීඩා සහ තවත් බොහෝ ක්‍රීඩා වර්තමාන තුල පාසල තුල පැවැත්වේ.පාසල් ශිෂ්‍යන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීමට විද්‍යාලය විසින් විවිධ සමිතීන් ක්‍රියාත්මක වේ.• බෞද්ධ සමිතිය •
සිංහල සාහිත්‍ය සමිතිය• ඉංග්‍රීසී සාහිත්‍ය සමිතිය• ශිෂ්‍යභට බලකාය• බාලදක්ෂ සංගමය• නර්තන කවය• සංගීත කවය• කථික සංගමය• ළමා මිතුරු සංගමය• ජීව විද්‍යා සංගමය• සාන්ත ජෝන් ගිලන් ඒකකය• මාධ්‍ය ඒකකය• නව නිපැයුම් සංගමයවිද්‍යාලීය නිවාස[සංස්කරණය]• මයුරපාද ( රතු වර්ණය )     • විජයබා ( කොළ වර්ණය )     • සුනේත්‍රා දේවී ( කහ වර්ණය )     • ප්‍රතිරාජ ( නිල් වර්ණය )     නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සදහා සිසුන් මෙම නිවාස නියෝජන කරමින් ක්‍රීඩා සදහා ඉදිරිපත් වේ, සෑම වසරකම මුල් වාරයේදි පැවැත්වේ.විද්‍යාලීය විදුහල්පතිවරුන්[සංස්කරණය]1. බර්ටි ප්‍රනාන්දු මහතා  ( 1948 - 1949 )2. ටි.ජී පියදාස මහතා ( 1949 - 1959 )3. අමරදාස වීරසිංහ මහතා ( 1960 - 1962 )4. එස්.එන්.ඩී.ජේ.පී මායාදුන්න මහතා ( 1963 - 1964 )5. එච් ධර්මවර්ධන මහතා ( 1964 - 1965 )6. ඩබ්. ජේ මැන්දිස් මහතා ( 1965 - 1966 )7. ඊ.එම්.බී ද සේරම් මහතා ( 1966 - 1969 )8. උඩුවාවල චන්දානන්ද ස්ථවිර ( 1970 - 1977 )9. ඩී.ඒ රාමනායක මහතා ( 1978 - 1989 )10. එච්. ඤාණතිලක මහතා ( 1990 - 1991 )11. ආර්.පී.එම්.එම් රාජපක්ෂ මහතා (1991 - 2004 )12. විමල් ගු
ණරත්න මහතා ( 2004 - 2007 )13. අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතා ( 2007 - 2021 )14. ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ( 2021 සිට මේ දක්වා )වර්තමාන විදුහල්පතිවරයාගේ පණිවිඩය[සංස්කරණය]Principle Of Gurukula Collegeප්‍රෞඩ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන කැළණිය ගුරුකුල විදුහල් මාතාව ඇයගේ 75 වන ජන්ම දිනය සමරන මේ මොහොතේ එහි විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.ඉතිහාසය තුළ අපගේ මාතෘ භූමියට ඉමහත් ගෞරවයක් ලබා දුන් විශිෂ්ටයින් රැසක් බිහිකළ උදාර පාසලක් ලෙස කැලණිය ගුරුකුල විද්‍යාලය හැඳින්විය හැකිය. 2025 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මිශ්‍ර පාසල වීමේ ද  දැක්ම පෙරදැරි කොටගෙන වර්තමානයේදී විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගම් සහ එක්ව කටයුතු කරනු ලැබේ.විදුහල්පතිආචාර්ය කුසල ප්‍රනාන්දුපාසල් ගීතය[සංස්කරණය]ගුරුකුල විදුහල් මාතා සැරදේබැති නී ගයමු ඔබේ ගුණ නිබදේ //විකසිත පියුමාකරයක බිඟු කෑළවැනි පිබිදී එන ඔබේ සිසු දරු කැළඇකයට ගෙන විදු රැස් දහරාවෙන්සරසා රට දැය නගන වඩනු මැනගුරුකුල විදුහල්............කීර්ති යශෝ ගුණ රාශ
ිනිකේතනවිදුහල් මාතා වන අභිනන්දනඅප හදවත රජ දහන පුබුදුවායහ මග පෙර මග පෙන්වා දෙනු මැනගුරුකුල විදුහල්............ධීර වීර හෙළ ගුණ මිණි බරණින්අප ජීවනයේ මංපෙත පහදාගුරුකුල රන්දද කොඩි නංවන්නටඅපට සවිය බල වර දෙනු මැනවිගුරුකුල විදුහල්............පද රචනය : වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමිතනු නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාසවිද්‍යාලීය බාහිර සබැඳි[සංස්කරණය]https://gurukulatalents.blogspot.com/2013 බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගමාලාවදිනය28 ජූලි 2013 – 11 ජූලි 2013ස්ථානයකැරිබියානු දූපත්ප්‍රතිඵලයජයග්‍රාහකයා –  ඉන්දියාව (අවසන් තරගයෙහිදී  ශ්‍රී ලංකාව පරාජය කරමින්)කණ්ඩායම් බටහිර ඉන්දීය කොදෙව් ඉන්දියාව ශ්‍රී ලංකාවනායකයන්ඩ්වේන් බ්‍රාවෝකියරන් පොලාඩ්මහේන්ද්‍ර සිං දෝනිවිරාට් කෝලිඇන්ජලෝ මැතිව්ස්2013 බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගමාලාව යනු, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර, බටහිර ඉන්දීය කොදෙව්හිදී දැනට පැවැත්වෙන, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. පළමු වටයෙහි තරග, ජැමෙයිකාවේ, කිංස්ටන්හී,
සබීනා පාක්හිදී පැවැත්වෙන අතර, දෙවන වටයේ තරග සහ අවසන් තරගය, ට්‍රිනිඩෑඩ්හී, පෝට් ඔෆ් ස්පේන්හී, ක්වීන්ස් පාක් ඕවල්හී පැවැත්වෙයි.[1] තරගමාලාව නම් කර ඇත්තේ සෙල්කෝන් මෝබයිල් කුසලාන ලෙසිනි.[2] තරගමාලාවේ දෙවන එදිජා අතරතුර ඔහුගේ දකුණු කලවයේ ඇතිවූ ආබාධයක් නිසා ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි තුන්කොන් තරගමාලාවේ ක්‍රීඩාකිරීමෙන් ඉවත් කෙරිණි. එහ නිසා ඉන්දියානු කණ්ඩායම් නායකත්වය විරාට් කෝලි වෙත පිරිනැමිණි. තරග[සංස්කරණය]කණ්ඩායම් අවස්ථාව[සංස්කරණය]ලකුණු සටහන[සංස්කරණය]තැනකණ්ඩායමPldWLNRTBPPtsNRR1 ඉන්දියාව42200210+0.0542 ශ්‍රී ලංකාව4220019+0.3483 බටහිර ඉන්දීය කොදෙව්4220019–0.383පළමු වටය[සංස්කරණය]28 ජූනි ශ්‍රී ලංකාව 208 (48.3 ඕවර) එරෙහි  බටහිර ඉන්දීය කොදෙව්209/4 (37.5 ඕවර)මහේල ජයවර්ධන 52 (52) සුනිල් නරීන් 4/40 (10 ඕවර)ක්‍රිස් ගේල් 109 (100) රංගන හේරත් 1/37 (6 ඕවර)බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 6 කින් ජයග්‍රහණය කළේය සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකාව විනිසුරුවන්: ඉයන් ගූල්ඩ් (Eng) සහ නොයෙල් විල්සන් (WI) තරගයේ වීරයා: ක්‍
රිස් ගේල් (WI)බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීය. 30 ජූනි ඉන්දියාව 229/7 (50 ඕවර) එරෙහි  බටහිර ඉන්දීය කොදෙව්230/9 (47.4 ඕවර)රොහිත් ෂර්මා 60 (89) රෝච්, සැමී 2/41 (10 ඕවර)ජොන්සන් චාල්ස් 97 (100) උමේෂ් යාදේව් 3/43 (9.4 ඕවර)බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 1 කින් ජයග්‍රහණය කළේය සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකාව විනිසුරුවන්: ඉයන් ගූල්ඩ් (Eng) සහ පීටර් නීරෝ (WI) තරගයේ වීරයා: ජොන්සන් චාල්ස් (WI)බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය. 2 ජූලි ශ්‍රී ලංකාව 348/1 (50 ඕවර) එරෙහි  ඉන්දියාව187 (44.5 ඕවර)උපුල් තරංග 174* (159) රවිචන්ද්‍රන් අෂ්වින් 1/66 (10 ඕවර)රවින්ද්‍ර ජඩේජා 49* (62) රංගන හේරත් 3/37 (10 ඕවර)ශ්‍රී ලංකාව ලකුණු 161 කින් ජයග්‍රහණය කළේය සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකාව විනිසුරුවන්: ඉයන් ගූල්ඩ් (Eng) සහ නොයෙල් විල්සන් (WI) තරගයේ වීරයා: උපුල් තරංග (SL)ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීය. දෙවන වටය[සංස්කරණය]5 ජූලි ඉන්දියාව 311/7 (50 ඕවර) එරෙහි  බටහිර ඉන්දීය කොදෙව්171 (34.
0/39 ඕවර)විරාට් කෝලි 102 (83) ටිනෝ බෙස්ට් 2/51 (10 ඕවර)ජොන්සන් චාල්ස් 45 (39) බුවනේශ්වර් කුමාර් 3/29 (8 ඕවර)ඉන්දියාව ලකුණු 102 කින් ජයග්‍රහණය කළේය (D/L ක්‍රමය) ක්වීන්ස් පාක් ඕවල්, පෝට් ඔෆ් ස්පේන් විනිසුරුවන්: නයිජ්ල් ලෝං (Eng) සහ පීටර් නීරෝ (WI) තරගයේ වීරයා: විරාට් කෝලි (Ind)බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.වර්ෂාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ඕවර 39 කට සීමා විය. 7–8 ජූලි ශ්‍රී ලංකාව 219/8 (41 ඕවර) එරෙහි  බටහිර ඉන්දීය කොදෙව්190/9 (41 ඕවර)කුමාර් සංගක්කාර 90* (95) කෙමර් රෝච් 4/27 (8 ඕවර)ඩැරන් බ්‍රාවෝ 70 (84) ඇන්ජලෝ මැතිව්ස් 4/29 (8 ඕවර)ශ්‍රී ලංකාව ලකුණු 39 කින් ජයග්‍රහණය කළේය (D/L ක්‍රමය) ක්වීන්ස් පාක් ඕවල්, පෝට් ඔෆ් ස්පේන් විනිසුරුවන්: නයිජ්ල් ලෝං (Eng) සහ නොයෙල් විල්සන් (WI) තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL)බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.පළමු දිනයේ වර්ෂාව නිසා ඕවර 19 කට පසුව ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩා කිරීම නවත්වන ලද අතර දෙවන දිනයේදී වර්ෂාව නිසා දෙපාර්ශවයේම ඉනිම ඕවර 41 කට සීමාවිය. 9 ජූලි
ඉන්දියාව 119/3 (29 overs) එරෙහි  ශ්‍රී ලංකාව96 (24.4 overs)රොහිත් ෂර්මා 48* (83) රංගන හේරත් 2/32 (6 overs)දිනේෂ් චන්දිමාල් 26 (54) බුවනේශ්වර් කුමාර් 4/8 (6 overs) ඉන්දියාව ලකුණු 81 කින් ජයග්‍රහණය කළේය (D/L ක්‍රමය) ක්වීන්ස් පාක් ඕවල්, පෝට් ඔෆ් ස්පේන් විනිසුරුවන්: නයිජ්ල් ලෝං (Eng) සහ පීටර් නීරෝ (WI) ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.වර්ෂාව නිසා ඉන්දියාවේ 29 ඕවරයේදී තරගය නතර කිරීමට සිදු විය. ශ්‍රී ලංකාවේ ඉනිම ඕවර 26 කට අඩු කොට සංශෝධිත ඉලක්කය ඕවර 26 කින් ලකුණු 178 විය.මෙම තරග ප්‍රතිඵලය පරිදී, ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර බටහිර ඉන්දීය කොදෙව් තරගමාලාවෙන් ඉවත් කෙරිණි. අවසන් තරගය[සංස්කරණය]11 ජූලි ඉන්දියාව 201 (48.5 ඕවර) එරෙහි  ශ්‍රී ලංකාව203/9 (49.4 ඕවර)කුමාර් සංගක්කාර 71 (100) රවින්ද්‍ර ජඩේජා 4/23 (7.5 overs)රොහිත් ෂර්මා 58 (89) රංගන හේරත් 4/20 (10 overs)ඉන්දියාව කඩුළු 1 කින් ජයග්‍රහණය කළේය ක්වීන්ස් පාක් ඕවල්, පෝට් ඔෆ් ස්පේන් විනිසුරුවන්: නයිජ්ල් ලෝං (Eng) සහ පීටර් නීරෝ (WI) ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්
දු රැකීය. සංඛ්‍යාන[සංස්කරණය]පන්දුවට පහරදීම්[සංස්කරණය]වැඩිම ලකුණු [3]ක්‍රීඩකතරගලකුණුසාමාවැල උපුල් තරංග522355.75174* රොහිත් ෂර්මා521754.2560 මහේල ජයවර්ධන519939.80107ජොන්සන් චාල්ස්418546.2597 කුමාර් සංගක්කාර517859.3390*පන්දු යැවීම්[සංස්කරණය]වැඩිම කඩුළු [4]ක්‍රීඩකතරගකඩුළුසකසුරුඉහොප බුවනේශ්වර් කුමාර්4103.344/8 රංගන හේරත්4103.934/20 රවින්ද්‍ර ජඩේජා584.864/23 ඉෂාන්ට් ෂර්මා585.702/17 ඇන්ජලෝ මැතිව්ස්573.414/29 උමේෂ් යාදේව්475.53/32 කෙමර් රෝච්475.084/27පුළුල්විදැහුම් (විකාශන) අයිතීන්[සංස්කරණය]රූපවාහිනි පුළුල්විදැහුම්කරු(වෝ)රටසටහන්ටෙන් ස්පෝට්ස් ශ්‍රී ලංකාව,  බටහිර ඉන්දීය කොදෙව්,  පකිස්තානයතරගාවලියෙහි නිල පුළුල්විදැහුම්කරුවෝ.ටෙන් ක්‍රිකට් ඉන්දියාවදූර්දර්ශන් ජාතික ඉන්දියාව (ඉන්දියානු තරග පමණයි)ස්කයි ස්පෝට්ස් එක්සත් රාජධානියසුපර්ස්පෝට්ස් දකුණු අප්‍රිකාවෆොක්ස් ස්පෝට්ස් ඕස්ට්‍රේලියාවආශ්‍රිත[සංස්කරණය]↑ "ට්‍රයැංග්‍යුලර් ටූනමන්ට් ඉන් වෙස්ට් ඉන්ඩීස්, 2013". ස
ම්ප්‍රවේශය මැයි 8දා, 2013. {{cite web}}: Check date values in: |accessdate= (help)↑ "වෙන් ඉන්ඩියා ට්‍රැවල්, මනි ෆලෝස්". ESCN - Cricinfo. 30 ජූනි 2013. http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/content/story/646237.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 ජූනි 2013. ↑ "වෙස්ට් ඉන්ඩීස් ට්‍රයි නේෂන් සීරීස්, 2013 – මෝස්ට් රන්ස්". Cricinfo.com. ESPN. සම්ප්‍රවේශය 29 ජූනි 2013.↑ "වෙස්ට් ඉන්ඩීස් ට්‍රයි-නේෂන් සීරීස්, 2013 – මෝස්ට් විකට්ස්". Cricinfo.com. ESPN. සම්ප්‍රවේශය 29 ජූනි 2013.බාහිර සබැඳි[සංස්කරණය]Schedule සංරක්ෂණය කළ පිටපත 2013-07-26 at the Wayback Machinehttp://www.espncricinfo.com/tri-nation-west-indies-2013/content/story/646695.htmlඋරුගුවායිRepública Oriental del Uruguay  (ස්පාඤ්ඤ)කොඩියCoat of armsඋද්යෝග පාඨය: Libertad o muerte  (ස්පාඤ්ඤ)"Liberty or Death"ජාතික ගීය: National Anthem of Uruguay විශාලතම නගරයMontevideoනිල භාෂා(ව)Spanishජනවාර්ගික කණ්ඩායම් 88% White, 8% Mestizo, 4% Black, Amerindian (Practically nonexistent)[1]ජාති නාම(ය)UruguayanරජයPresident
ial republic• President José Mujica• Vice President Danilo AstoriIndependence from Empire of Brazil• Declaration August 25, 1825• Constitution July 18, 1830වර්ග ප්‍රමාණය• සම්පූර්ණ176,215 km2 (68,037 sq mi) (90th)• ජලය (%)1.5%ජනගහණය• 2009 ඇස්තමේන්තුව3,494,382[1] (131st)• 2002 ජන සංගණනය3,399,236• ඝණත්වය19.8/km2 (51.3/sq mi) (195th)දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$46.862 billion[2]• ඒක පුද්ගල$13,961[2]දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$40.577 billion[2]• ඒක පුද්ගල$12,088[3][4]ගිනි (2009)43.2[5]දෝෂය: අනීතික Gini අගයමාසද (2010) 0.765[6]දෝෂය: අනීතික HDI අගය · 52ndව්‍යවහාර මුදලUruguayan peso ($, UYU) (UYU)වේලා කලාපයUTC-3 (UYT)• ගිම්හාන (DST)UTC-2 (UYST)රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය+598ISO 3166 codeUYඅන්තර්ජාල TLD.uyකාල මණ්ඩලය (UYT) (UTC – 3)ශ්‍රීෂ්ම සෘතුව UYST (UTC – 2) මං තීරැව - දකුණඅන්තර්ජාල LTD - .vyදුරකථන සංකේත - +598උරුගුවාසි නිල වශනේ උරුගුවායි පෙරදිග සමුහාණ්ඩුව වන අතර එය දකුණු ඇමරිකාහි ගිණිකොණ දෙසින් පිහිටා ඇත. එහි ජනගහනය මිලියන 3.3 වන අතර මිලියන 1.1 අගනුවර ව
න මොන‍්ටෙවීඩිටයා් හා ඒ ආශ්‍රිතව ජිවත් වේ. 88% ක් යුරෝපීයානු සංක්‍රමණිකයන්ය. එහි එකම මායිම උතුරැ බ්‍රසීලයෝ ජියෝග්‍රැන්ඩෙඩුසුල් වේ. බටහිරට උරැගුවායි ගග හා නිරිතට රියෝඩිලාප්ලාටා මෝය හා ආජින්ටිනාව ගග දෙපස හා ගිණිකොණ දෙසට දකුණු අත්ලාන්තික සාගරය වේ. වර්ග කිලෝමීටර මිලියන 0.176 වන මෙය සුරිනේම් වලට පසු බිම් ප්‍රමාණයෙන් දෙවන කුඩාම රාජ්‍යයයි. 1680 පෘතුගීසින් විසින් සොයාගත් කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝ එහි ඇති පැරණිතම යුරෝපියානු ජනාවාසයයි. 18 වන ශතවර්ෂයේ මොන්ටවීඩියෝ ස්පාඤයන් විසින් සොයා ගත්තේ හමුදාමය බිමක් ලෙසය. ස්පාඤ ආජින්ටිනාව සහ බ්‍රසීලය සමග 1811 – 1828 පැවති අරගලයකින් පසු එරට නිදහස ලැබිය. එහි ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති අතර ජනාධිපති විසින් රාජ්‍ය හා ආණ්ඩුව පාලනය කරයි. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස මෙය හැදින්වේ. දේශපාලන හා කම්කරැ නීති මෙම දේශය තුල වඩාත් නිදහස්ව පවති. දකුණු ඇමරිකාව ‍තුල ආර්ථික වශයෙන් විශාල ලෙස සංවර්ධනය වු රටකි. එහි ඒක පුද්ගල ආදායම හා ජිවන රටාව ලෝකයේ 47 වන ස්ථානය ගනී. 2007 වර්ෂයේ ලතින් ඇමරිකානු රට වන මෙය ජාතික මට්ටමෙ
න් සම අයිතීන් නීතිගත කොට ඇත.උරැගුවායි පෙරදිග සමුහාණ්ඩුවපින්තුරය - කොඩියආදර්ශ පාඨය - නිදහස හෝ මරණයජාතික ගීයසිතියමඅගනුවර සහ විශාලම නගරය - මොන්ටවයිඩි‍ෙයා් - 340 53' S 560 10' Wරාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤජන වර්ග - 98% යුරෝපීය, (ස්පාඤ්ඤ, ඉතාලි, වෙනත්), 1.5% මෙස්ටියෝ, 0.3% බටහිර අප්‍රිකානු, 0.2% ආසියානු (ලෙබනන්, චින, ජපන්)රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුවජනාධිපති - ජෝස් මුජිකාඋප ජනාධිපති - ඩැනිලෝ ඇසිටොරයිනිදහස - බ්‍රසීල අධිරායය සිටප්‍රකාශ කිරිම - අගෝස්තු 25, 1825ව්‍යවස්ථාව - ජුලි 18, 1830වර්ග ප්‍රමාණය - එකතුව - 176 215 Km2 68 037 sq miජලය (%) – 1.5ජනගහනය - 2009 තක්සේරැව - 3 494 3822002 ජන සංඛ්‍යාකය - 3 399 236ඝනත්වය - 19.8 / Km2 51.4 / sq miGDP (PPP) – 2008 තක්සේරැවඑකතුව - $ 42.624 බිලියනසාමාන්‍ය - $ 12 784GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැවඑකතුව - $ 32.187 බිලියනසාමාන්‍ය - $ 9 654ගිනි (2006) – 45.2 (ඉහළ)HDI (2007) – 0.865 (ඉහළ)මුදල් - උරැආයන් පෙසෝ (UYV) (U‍ය්V)මූලාශ්‍ර[සංස්කරණය]↑ 1.0 1.1 Central Intelligence Agency. "Uruguay". The World Factbook. සම්ප්‍රවේශය 5 Janu
ary 2010.↑ 2.0 2.1 2.2 "Uruguay". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.↑ Česky. "Uruguay - Wikipedia, la enciclopedia libre" ((ස්පාඤ්ඤ) බසින්). Es.wikipedia.org. සම්ප්‍රවේශය 2010-12-02.{{cite web}}: CS1 maint: unrecognized language (link)↑ http://siteresources.worldbank.org/DATASTATISTICS/Resources/POP.pdf↑ "URUGUAY-Economía-Pobreza siguió cayendo pese a la crisis, pero creció la desigualdad". Rigofa2010.blogdiario.com. සම්ප්‍රවේශය 2010-12-02.↑ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.භූමිප්‍රමාණය24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)ජනගහණය528,720,588 (2008, 4 වැනියා)ජනගහණ ඝණත්වය22.9/කිමී2 (59.3/වර්ග සැත) [1]ජාතිකත්ව නාමයඋතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු[2]රටවල්23පරායත්ත රාජ්‍යයන්see List of North American countriesභාෂාඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂාවේලා කලාපUTC-10 to UTCවිශාලතම නගරList of cities[3]උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සා
ගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය. වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව). මූලාශ්‍ර[සංස්කරණය]↑ This North American density figure is based on a total land area of 23,090,542 km2 only, considerably less than the total combined land and water area of 24,709,000 km².↑ American, Merriam-Webster OnLine.↑ List based on 2005 figures in Table A.12, World Urbanization Prospects: The 2005 Revision, Department of Economic and Social Affairs, Population Division, United Nations. Accessed on line January 1, 2008.4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලසත්කාරකත්වයඉස්ලාමාබාද්,  පාකිස්ථානයසහභාගී වූ රටවල් බංග්ලාදේශ
ය භූතානය ඉන්දියාව මාල දිවයින නේපාලය පාකිස්ථානය ශ්‍රී ලංකාවඉසව් ප්‍රමාණය10 යිනිල ආරම්භය සිදුකලේGhulam Ishaq Khan1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.[1]ක්‍රීඩා ඉසව්[සංස්කරණය]1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 10 ක් පැවැත්විණි. මලල ක්‍රීඩා බොක්සිං පා පන්දු පිහිනුම්බර එසවීම මල්ලව පොර කබඩි මේස පන්දු වොලි බෝල් ටෙනිස්පදක්කම් සටහන[සංස්කරණය]සටහන  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.ස්ථානයරටරන්රිදීලෝකඩඑකතුව1 ඉන්දියාව6143201242 පාකිස්ථානය4533421203 ශ්‍රී ලංකාව61021374 බංග්ලාදේශය11224375 නේපාලය11021326 භූතානය00337 මාල දිවයින0000මූලාශ්‍ර[සංස්කරණය]↑ [1]vteදකුණු ආසියානු ක්‍රීඩා උළෙලදකුණු ආසියානු ක්‍රීඩා උළෙලකත්මණ්ඩු 1984ඩකා 1985කොල්කටා 1987ඉස්ලාමාබාද් 1989කොළඹ 1991ඩකා 1993චෙන්නායි 1995කත්මණ්ඩු 1999ඉස්ලාමාබාද් 2004කොළඹ 2006ඩකා 2010ගුවහටි 2016දකුණු ආසියානු ශීත සෘ
තු ක්‍රීඩා උළෙලDehradun-Auli 2011දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලහම්බන්තොට 2011මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)සිංහල අකුරු සඳහා ඇති එකම සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ. QWERTY යතුරුපුවරුවක් වන මෙය 1940 ගනන්වල බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර නමින් නම් කර ඇත. 1960 ගණන්වල පටන් සිංහල යතුරු පුවරු නිපදවන්නේ විජේසේකර යතුරුපුවරුව අනුව පමනි.සංශෝධීත විජේසේකර යතුරුපුවරුව[සංස්කරණය]SLS 1134:2004 යටතේ සම්මත කර ඇත.අදාල නීති, රීති සහ සම්මතයන්[සංස්කරණය]ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මගින් 2009 වසරේ අනුමත කල ඊ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අනිවාර්යයෙන්ම යොදාගතයුත්තේ මෙම යතුරු පුවරුවයි.ජනාධිපති කාර්යාලය නිකුත්කල SP/SB/01/07 චක්‍රෙල්ඛය මගින් පරිඝනක වලට සිංහල යොදාගැනීමේදී මෙම යතුරු පුවරු යොදාගතයතු බවට සියළුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට දැනුම්දී ඇත.භාෂාවකට සම්මත යතුරුපුවරුවක් තිබීමේ වාසි[සංස්ක
රණය]වැඩිදුර කියවීම්[සංස්කරණය]ආචාර්‍ය ඔස්ටින් කැන්ටර් (1959). හෙළ යතුරුකුරු පුහුණුව. ජනතා පොත්හල.ඇසළ මාසයේදී ඇසළ ගස් මලින් බරවේ. ඇසළ මාසයේදී මල් පිපෙන බැවින් ගස ඇසළ නම්වූවාද නැතිනම් ඇසළ ගස් වල මල් පිපෙන බැවින් මාසය ඇසළ නම්වූවාද යන්න පැහැදිලි නැත.ඔබට අවැසි ලිපිය තෝරාගන්නඇසළ (මාසය)ඇසළ (ගස)ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2023 දෙසැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ගැමි ව්‍යාවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්ථාව පිරුළ හදුන්වා දීම නිවැරදි යයි හැගේ.මන්ද ජනකතා ජනකවි තුළින් ලද අත්දැකීම් මෙන්ම පරිශිලනය කරන ලද කරැණු ඔස්සේද එවැනි ආකායට එය අර්ථකථනය කිරිම වරදක් නොව.. ගැමියන් එසේත නැත්නම් පැරැනන්නන් කට කහනවට කතා කීවේ නැත. සිත කය වචනය මැනවින් සංවර කරගත් ඔවුන් නූගත් ගැමියන්ගේ ඇසුරෙන් පවා ලද අත්දැකීම් මගින් ආදර්ශයන් සපයා තිබුණේ වහෙන් ඔරෝ බාසාවෙනි.අදට වඩා එදා බාසාව සරල යැයි ක
ිව නොහැක . නමුත් අපබ්‍රංස තිබුනාදායි සැකයක් ඇත.සිංහල වචන වලට ඉංග්‍රීසි ගලපන විට ඒවා අපබ්‍රංස වන්නට ඇත.එවැනි අප්බ්‍රංස කීම වෙුනුවට කිව යුතු දේ කෙටියෙන් හිකට කාවාදින්නට කීවේ මෙවැනි ප්‍රස්ථාව පිරැළු භාවිතයෙනි. අද වන විටද එහි විකාශනයට මාධ්‍ය වන්නේ ජන වහර එසේත් නැතිනම් මුඛ පරම්පරාගත සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමයකි.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteඅංක ගණිතයේදී, දීර්ඝ බෙදීම යනු, සරල හෝ සංකීර්ණ හෝ බහු-සංඛ්‍යාංක සංඛ්‍යාවන් සඳහා වන්නාවූ, අතින් සිදු කිරීමට හැකි තරම් සරල, බෙදීම් සිදුකිරීමට සුදුසු සම්මත බෙදුම් ඇල්ගොරිතමයකි. එය විසින් බෙදීම් ගැටළුවක්, වඩාත් පහසු පියවර මාලාවකට කඩා වෙන් කරයි. සියළු බෙදීම් ගැටළු වලදී මෙන්ම, භාජ්‍යය නමින් හැඳින්වෙන එක් සංඛ්‍යාවක්, භාජකය නමින් හැඳින්වෙන තවත් සංඛ්‍යාවකින් බෙදෙන අතර, ලැබෙන ප්‍රතිඵලය ලබ්ධිය ලෙසින් හැඳින්වෙයි. අභිමත පරිදී විශාල සංඛ්‍යාවන් සම්බන්ධ වන ගණනය කිරීම් සරල පියවර මාලාවක් අනුගමනය කිරීමෙන් විසඳීමට මෙය මගින් ඉඩ සලසයි. [1] දීර්ඝ බෙදීම සඳහා කෙටි ආකාරය හැඳින්වෙන්නේ කෙටි බෙදීම යනුවෙන් වන අතර,
භාජකය එක් සංඛ්‍යාංකයක් සහිත වන සැම විටකම පාහේ දීර්ඝ බෙදීම වෙනුවට එය භාවිතා වෙයි.අධ්‍යාපන ක්ෂේත්‍රයේ එය සතු තැන[සංස්කරණය]සාම්ප්‍රදායික ගණිතමය අභ්‍යාසයක් භාවිතයෙන් බැහැර කරමින් , බෙදුම් ගැටළු විසඳීමට බෙහෙවින් පොදු ක්‍රමය බවට මිල අධික නොවන ගණන යන්ත්‍ර සහ පරිගණක පත්ව ඇති බැවින්, එම ගැටළු විසඳීමට කඩදාසිය හා පැන්සල භාවිතා කර ගත හැක්කේ කෙලෙසද යන්න අධ්‍යාපනික ලෙසින් පෙන්වාදීමේ ඉඩප්‍රස්ථාව අවම කර ඇත. (අභ්‍යන්තර වශයෙන්, මෙම උපකරණ විසින් විවිධවූ බෙදුම් ඇල්ගොරිතම ගොන්නක් භාවිතා කරති). එක්සත් ජනපදයෙහිදී, නොවැදගත් බවක් හුවා දැක්වීමකට දීර්ඝ බෙදීම ඉලක්කවී ඇති අතර, 4වන හෝ 5වන ශ්‍රේණි වලදී සාම්ප්‍රදායික ලෙසින් හඳුන්වාදුන්නද, ප්‍රතිසංස්කරණ ගණිතය ඔස්සේ පාසැල් විෂය මාලාවෙන් බැහැර කිරීමට පවා යෝජනා වී ඇත.ක්‍රමය[සංස්කරණය]ඉංග්‍රීසි-කතා කරන රටවල, ඇලය (/) හෝ බෙදීම (÷) හෝ ලකුණු, දීර්ඝ බෙදීම හා සම්බන්ධිතව භාවිතා නොවන අතර, ඒ වෙනුවට භාජ්‍යය, භාජකය, හා (එය ගණනය කල පසුව) ලබ්ධිය යන්නන් ටැබ්ලෝවක් ඇසුරෙන් දක්වාලනු ලැබේ.මෙම ක්‍රියාවලිය ඇරඹෙනුයේ භාජ්‍යයේ වම් කෙළවරෙහිම ඇති සංඛ්‍යාංකය භාජකයෙන් බෙදීමෙනි. . (පූර්
ණ සංඛ්‍යාවකට වටැයන ලද) ලබ්ධිය, ප්‍රතිඵලයෙහි පළමු සංඛ්‍යාංකය වන අතර, ශේෂය ගණනය කරනු ලැබේ (මෙම පියවර අංකනය කෙරෙන්නේ අඩුකිරීමක් ලෙසිනි). භාජ්‍යයේ ඊළග සංඛ්‍යාංකය සඳහා ක්‍රියාවලිය යළි සිදුකෙරෙන විට මෙම ශේෂය ඉදිරියට ගෙන එනු ලැබේ (ශේෂය වෙත ඊළග සංඛ්‍යාංකය 'පසුපසට ගෙන යාමක්' ලෙසින් අංකනය කෙරෙයි). සියළුම සංඛ්‍යාංක ප්‍රක්‍රියනය කෙරුමෙන් අනුතුරුව හා කිසිදු ශේෂයක් ඉතිරිව නොමැති විට ක්‍රියාවලිය සම්පූර්ණ වෙයි.නිදසුනක් පහත දැක්වෙන අතර, 4 වෙතින් 500 බෙදීම (ප්‍රතිඵලය ලෙසින් 125 ලගා කර ලමින්) එහිදී නිරූපණය වෙයි. 125 (පැහැදිලි කිරීම්) 4)500 4 (4 × 1 = 4) 10 (5 - 4 = 1) 8 (4 × 2 = 8) 20 (10 - 8 = 2) 20 (4 × 5 = 20) 0 (20 - 20 = 0)ආශ්‍රිත[සංස්කරණය]↑ වෙයිස්ටෙයින්, එරික් ඩබ්., "ලෝං ඩිවිෂන්" මැත්වර්ල්ඩ් වෙතිනි.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteරසදිව[1] හෙවත් කාකලිකය[2] මිනිස් උගුරේ පිහිටි අවයවයකි.මූලාශ්‍ර[සංස්කරණය]↑ "නිදහස් සිතුවිලි, බ්ලොග් අඩවිය".↑ "ස
ුවහස් විදු ජාලය, ජීව විද්‍යා ශබ්දකෝෂය".ජීව විද්‍යාව මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteපරිසර ඌනතා ව්‍යාබාධය ලෙසින් හැඳින්වෙන්නේ, 2005 වසරෙහි ප්‍රකාශයට පත් ඔහුගේ ග්‍රන්ථයක් වූ ලාස්ට් චයිල්ඩ් ඉන් ද වුඩ්ස් තුල රිචඩ් ලූව් විසින් ඉදිරිපත් කෙරුණු උපකල්පිතයක් වන අතර[1] එහි දැක්වෙන පරිදී, මානවයන්, විශේෂයෙන්ම දරුවන්, අඩු කාලයක් එළිමහනේ කාලය ගතකරන අතර [2] එම නිසාම පුළුල් පරාසයක චර්යාත්මක ගැටළුවලට ගොදුරු වෙති. [3] [4]ආශ්‍රිත[සංස්කරණය]↑ මෙරිලින් ගාඩ්නර්, "ෆො මෝර් චිල්ඩ්රන්, ලෙස් ටයිම් ෆො අවුට්ඩෝ ප්ලේ: බිසි ෂෙඩියුල්ස්, ලෙස් ඕපන් ස්පේස්, මෝ සේෆ්ටි ෆියර්ස්, ඇන්ඩ් ලුවර් ඔෆ් ද වෙබ් කීප් කිඩ්ස් ඉන්සයිඩ්", ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්, ජූනි 29, 2006↑ ඉයෑන් ස්වොන්බ්‍රෝව් "යූ.එස්. චිල්ඩ්රන් ඇන්ඩ් ටීන්ස් ස්පෙන්ඩ් මෝ ටයිම් ඔන් ඇකඩමික්ස් සංරක්ෂණය කළ පිටපත 2007-07-02 at the Wayback Machine", ද යුනිවර්සිටි රෙකෝඩ් ඔන්ලයින්, මිචිගන් විශ්වවිද්‍යාලයය.↑ 10 රීසන්ස් කිඩ්ස් නීඩ් ප්‍රෙෂ් එයාර් කෙවින් කොයිල් විසින්, නැෂනල් වයිල්ඩ්ලයිෆ් මැගසින් ↑ ටැම
ී බුරාක්, "ආ යුවර් කිඩ්ස් රියලි ස්පෙන්ඩිං ඉනෆ් ටයිම් අවුට්ඩෝර්ස්? ගෙටිං අප් ක්ලෝස් විත් නේචර් ඕපන්ස් අ චයිල්ඩ්ස් අයිස් ටු ද වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ්, විත් අ බවුන්ටි ඔෆ් හෙල්ත් බෙනිෆිට්ස් සංරක්ෂණය කළ පිටපත 2012-07-28 at archive.today", කැනේඩියන් ලිවිං.බාහිර සබැඳි[සංස්කරණය]රිචඩ් ලූව්ගේ වෙබ් අඩවියචිල්ඩ්රන් ඇන්ඩ් නේචර් නෙට්වර්ක්නේචර් බුක්ස්, දරුවන් ස්වභාවධර්මය හා සම්බන්ධ කිරීමට දෙමව්පියන් දිරිමත් කිරීමට හා බලාත්මක කිරීමට රිචඩ් ලුව් සහ චිල්ඩ්රන් ඇන්ඩ් නේචර් නෙට්වර්ක් විසින් ඇරඹුනු වැඩසටහනජාතික වනජීවී සන්දීයනයෙහි ග්‍රීන් අවර් වෙබ් අඩවියමෙම ලිපිය හෝ ලිපි කොටස ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ආශ්‍රිත,බාහිර ආශ්‍රිත හා වෙනත් යොමු සහ මූලාශ්‍ර ඉදිරිපත් කර නැවත සංස්කරණය කරන්න[සංස්කරණය]ඉන්දු ශිෂ්ඨාචාරය බිද වැටීමෙන් පසුව ඉන්දු ශිෂ්ඨාචාරයේ බලපෑම එක් එක් ප්‍රමාණ වලින් පෙන්වමින් ප්‍රාදේශීය සංස්කෘතින් මතුවිය. පෙර ක්ෂේත්‍ර නගරයක් වු හරප්පාහි සුසාන භූමි හැදින්වු ප්‍රාදේශීය සංස්කෘතියට අනුරූප සොහොන් සොයා ගෙන ඇත. එම කාලයේදීම ඕප් පැහැති පිඟන් මැටි සංස්කාතිය රාජස්ථානයේ සිට ග
ංඟා නිම්නයට පැතිර යන ලදී. වර්තමානය දක්වා හින්දු ආගමේ ක්‍රියාවක් වන ආදාහනයට පැරණිතම සාක්ෂි හමුවන්නේ සුසාන භූමි H සංස්කෘතියේදීය . බලන්න· සොක්ට කොහ් - වෙරළාශ්‍රිත හරප්පානු ජනපදයක්· මෙලුහ්හා - මැසපොතේමියා හි භාවිතා කරන ලද ප්‍රදේශ නාමයකි. එමගින් ඉන්දු ශිෂ්ඨාචාරය හදුන්වන්නට ඇත.· න්‍යායික පැරණි ලෝක ප්‍රාග් ඓතිහාසික සංස්කෘති පිළිබඳ සංක්ෂිප්ත වගුව· බ්‍රහුයි භාෂාව - සමහරක් වි‍ට ඉන්දු ශිෂ්ඨාචාරය සම්බන්ධ වන භාෂාවයි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Indus_Valley_Civilization#Legacy7 World Trade CenterThe new 7 World Trade Center, taken in 2008.View from the southeast.සාමාන්‍ය තොරතුරුප්‍රභේදයOfficeපිහිටීම250 Greenwich StreetNew York City, New York, United Statesඛණ්ඩාංක40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120ඛණ්ඩාංක: 40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120ඉදිකිරීම් ආරම්භ වූයේ2002සමාප්තිය2006විවෘත කිරීමMay 23, 2006උසවාස්තුවිද්‍යාත්මක743 ft (226 m)[1]පියස්ස741 ft (226 m)[2]ඉහළ මහල679 ft (207 m)[1]තාක්ෂණික තොරතුරුමහල් ස
ංඛ්‍යාව52[2][3][4]මහල් වර්ගඵලය1,681,118 sq ft (156,181 m2)[1]සෝපාන/උත්තෝලක29[1]සැලසුම සහ ඉදිකිරීමගෘහනිර්මාණ ශිල්පියාDavid Childs (SOM)[1]සංවර්ධකයාSilverstein Properties[1]ව්‍යූහාත්මක ඉංජිනේරුWSP Cantor Seinuk[1]වෙබ්අඩවිය[1]ආශ්‍රිතයන්[1]7 වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගොඩනැගිල්ල යනු නිව්යෝර්ක් නගරයේ, මැන්හැටන් හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සමුහයෙන් එකකි. මෙය මේ නමින් හැදින්වෙන දෙවන ගොඩනැගිල්ල වේ. පළමු ගොඩනැගිල්ල 1987 පිහිටුවන ලද අතර එය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් විනාශයට පත් විය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2006 වසරේදී නිමවන ලදී. මෙම ගොඩනැගිලි 2කෙහිම සංවර්ධන කටුතු ලැරි සිල්වෙස්ටියන් විසින් සිදු කර ඇත.ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "7 World Trade Center - The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat.↑ 2.0 2.1 7 World Trade Center, Skidmore, Owings & Merrill↑ Building Tenants, Silverstein Properties↑ World Trade Center Tour, Council on Tall Buildings and Urban Habitat (CTBUH)පාණ්ඩ්ය් යුද්ධය 1167-1183පරාක්රයමබාහු සහ පරාක්ර1ම
පාණ්ඩ්ය අතර ඇතිවූ සන්ධානය, 1120 වන විට චෝල අධිරාජ්යාය ක්රකම ක්රයමයෙන් කුඩා වන්නට බොහෝ සෙයින් බලපෑවේය. 1167 දී පරාක්රයම නම් පාණ්ඩ්යු රජු, ඔහුට සතුරු කුලසේකර පාණ්ඩ්ය1 සහ චෝලයින් අතර තිබුණු සන්ධානයට එරෙහිව, ලංකාවේ පරාක්ර මබාහු රජුගෙන් උදව් ඉල්ලා සිටියේය. එවැනි ඉල්ලීමක් අසාමාන්යස නොවන්නේ පාණ්ඩ්යයයන් සහ සිංහලයන් අතර කාලයක් තිස්සේ පැවති එකමුතුවක් තිබුණූ හෙයිනි. ඒ චෝලයන්ට එරෙහිවයි. එමෙන්ම ඔවුන්ගේ (පාණ්ඩ්යි) ප්රතභූවරු රටින් පිටුවහල් වී සිටි අවස්ථාවලදී සිව් වැනි මහින්ද (956-972) රජුගේ මාළිගයේ නැවතී සිටියහ. ඒ දෙවැනි පරන්තක චෝලගේ ආක්රීමණයෙන් පසුවයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ශ්රීප ලංකාවෙන් උදව් ලැබෙන විට ප්රිමාද විය. පරාක්ර2මබාහු රජුගේ හමුදාපති වූ ලංකාපුර, පාණ්ඩ්ය්නාඩු වෙත පැමිණෙන විට කුලසේකර විසින් මදුරෙයි අගනගරය අල්ලා ගෙන පරාක්රකමගේ බිරිඳ සහ දරුවන් මරා තිබුනේය. ඔහුගේ පුතා වීරපණ්ඩු කුමරු කෙසේ හෝ පලා යාමට සමත් විය. මදුරෙයි බලා යනවාට වඩා ලංකාපුර සෙනෙවියා රාමනාදන්පුරම් පෙනෙන තෙක් මානයේ ස්ථානයකට ගොඩ බැස රාමේෂ්වරම් අල්ලා ගත්තේය. එය ඉන් පසු ගතවූ අවුරුදු 30 කට හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ සිංහලයන්ගේ
පාලනය යටතේ තිබුණි. එහි ඔහු පරාක්රුම නම් බල කොටුවක් තැනුවේය. මේ යුද්ධයේ මුල් අවස්ථාවේ ඔව්හු කුලසේකර සමග කිහිප අවස්ථාවකදී සටන් වැදුනහ. අනතුරුව ඔහු මදුරෙයි නගරය වටලා නගරය අල්ලා ගත්තේය. වීරපණ්ඩු නැවතත් බලයේ පිහිටවූ නමුත් එය නාමමාත්රියක වශයෙන් පමණි. මන්ද ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාවපුරා චෝලවරු සමග නිරන්තර සටන් කරමින් මදුරෙයි නගරයෙහි තවදුරටත් සිටීම හේතුවෙනි. ලංකාපුර සෙනෙවියා සහ කුලසේකර අතර ඉන්පසු ඇති වූ සටන් පිළිබඳ විස්තර කිරීම සඳහා චූලවංශය LXXVII පරිච්ඡේදයේ (77) වැඩි කොටසක් කැප කර ඇත්තේය. කුලසේකර සමහර විට සටන් කරන්නට ඇත්තේ චෝර (චෝල) යන්ගේ උදව් ලබා ගෙන විය හැකිය. ලංකාවේ උත්සාහය සාර්ථක වුනේ පරාක්රඉමබාහු පාණ්ඩ්යලනාඩුවෙහි බලය සම්පූර්ණයෙන්ම වාගේ ස්ථාපිත කළ බව පෙනී ගිය හෙයිනි. (මෙම පරිච්ඡේෙදය නම්කර තිබෙන්නේ පාණ්ඩ්යස රාජ්යසය ජයග්රෙහණය කිරීම යනුවෙනි.) එපමණක් නොව එම ජයග්ර්හණය සැමරීම සඳහා නගරයක් නිර්මාණය කොට එය 'පණ්ඩුවිජය' නමින් නම් කිරීමද සිදු විය. කෙසේ වෙතත් එම විස්තරය හදිසියේ නතර වන්නේය. ලංකාපුර ශ්රි් ලංකාවට ආපසු ඒමක් ගැන හෝ තුන්වැනි වීරපණ්ඩු බලයට ඒමේ බලාපොරොත්තුව සඵල වීම ගැන විස්තර සඳහන් නොව
ේ. විස්තරවල ඉතිරි කොටස දකුණු ඉන්දීය ලේඛනවලින් අහුලා ගත හැකිය. කෙසේ වෙතත් පල්ලවරායන්පෙට්ටෙයි ලේඛනයෙහි සඳහන් වන්නේ (1163-1178) රාජාධිරාජ චෝල රජු විසින් ලංකාපුර පරාජය කොට ඔහුගේ හිස මදුරෙයි නගරයේ වාහල්කඩක එල්ලා තැබූ බවකි. එසේ වුවද 1176 දී දෙවැනි රාජාධිරාජ සමග සටන් කොට ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගනිමින් පරාක්‍රමබාහුගේ හමුදාව පාණ්ඩ්‍යනාඩුවෙහි තව දුරටත් රැඳී සිටි බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව හමුදාව පාණ්ඩ්‍යනාඩුවෙන් ආපසු කැඳවීම තුන්වැනි වීරපණ්ඩු 1181 දී පරාජය වන තෙක් සිදු නොවීය. එසේ වුවත් රාමේෂ්වරම් ප්‍රදේශයේ තව දුරටත් ඔවුහු රැඳී සිටියහ.බයොස් BIOSBasic Input Output System යන වචනවල මුලකුරුවලින් BIOS යන්න සෑදි ඇත. වෙළෙඳපොළේ ඇති මවුපුවරු හෙවත් මදරුබෝඩ් ( Motherboard) සියල්ල එක සමාන නොවේ. එහෙත් ඒ සෑම මව්පුවරුවක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ එකසේ ක්‍රියාත්මකවේ. මේ සඳහා මූලිකව සහයෝගය ලබා දෙන්නේ බයොස් නම් (IC – Integrated Circuit ) එකයි. අදාළ මව්පුවරුවේ අන්තර්ගතය ( configuration) සහ අදාළ දෘඩාංග කොටස් කෙසේ ක්‍රියාකරවිය යුත්තේ ද යන මූලික මට්ටමේ තොරතුරු සියල්ලක් ම මෙහෙයුම් පද්ධතිය වෙත
සපයන්නේ එම මව්පුවරුවේ ඇති බයොස් චිපයයි.ඊට අමතරව පරිගණකයට විදුලිය සැපයු විට , මවුපුවරු, ප්‍රෝසෙසර්,රැම් ආදිය පරික්ෂා කොට මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍යපසුතලය සකසා දෙනු ලබන්නේ ද බයොස් චිපය තුළ ඇති විශේෂිත ‘ Start – up Program’ එක මඟිනි.(RS)මෙම ලිපිය මිනිසාගේ අභ්‍යන්තර අවයවය පිලිබඳ වේ. වෙනත් භාවිත සඳහා, හෘදය (වක්‍රෝක්තිහරණය) බලන්න.හෘදයමානව හෘදයතොරතුරුලතින්corග්‍රීකkardía (καρδία)පද්ධතියසංසරණධමනියමහා ධමනිය,[lower-alpha 1] පුප්ඵුසීය මහාපථය සහ දකුණු හා වම් පුප්ඵුසීය ධමනි[lower-alpha 2] දකුණු කිරීටක ධමනිය, වම් මහා කිරීටක ධමනිය[lower-alpha 3] ශිරාවඋත්තර මහා ශිරාව, අධර මහා ශිරාව,[lower-alpha 4] දකුණු සහ වම් පුප්ඵුසීය ශිරා,[lower-alpha 5] මහා හෘත් ශිරාව, මධ්‍ය හෘත් ශිරාව, කුඩා හෘත් ශිරාව, පූර්ව හෘත් ශිරා.[lower-alpha 6]ස්නායුවAccelerans nerve, සංචාර ස්නායුවහඳුන්වනයන්ග්‍රේ ගේp.526MeSHA07.541TAA12.1.00.001ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාවසාමාන්‍ය හෘත් ශබ්දවෙදනලාවකින් ඇසෙන පරිදි සාමාන්‍ය හෘත් ශබ්දමෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.හෘදය (ඉංග්‍රීසි:  Heart)
යනුවෙන් හැඳන්වෙන්නේ මිනිසුන් සහ වෙනත් සතුන් තුළ දක්නට ලැබෙන පේශීමය අවයවයකි. මෙය සංසරණ පද්ධතියේ රුධිර වාහිනී ඔස්සේ රුධිරය පොම්ප කරයි.[1] රුධිරය මගින් සිරුරට ඔක්සිජන් සහ පෝෂක සැපයීම සිදුකරන අතර, පරිවෘත්තීය අපද්‍රව්‍ය බැහැර කිරීමට ද ආධාර වේ.[2] හෘදය පිහිටා ඇත්තේ උරස් කුහරයේ මධ්‍ය අවකාශය තුළ ය.[3]මිනිසුන්, සෙසු ක්ෂීරපායීන් සහ පක්ෂීන් තුළ හෘදය කුටීර හතරකට බෙදී පවතියි: ඉහළින් පිහිටි වම් සහ දකුණු කර්ණිකා සහ පහළින් පිහිටි වම් සහ දකුණු කෝෂිකා ලෙස ය.[4][5] සාමාන්‍යයෙන් දකුණු කර්ණිකාව සහ කෝෂිකාව එක්ව දකුණු හෘදය ලෙසත්, ඔට අනුරූප වම් පෙදෙස වම් හෘදය ලෙසත් හඳුන්වනු ලබයි.[6] මීට සාපේක්ෂව මත්ස්‍යයින්හට ඇත්තේ හෘත් කුටීර දෙකකි. එනම් කර්ණිකාවක් හා කෝෂිකාවක් ලෙස ය. නමුත් උරගයින්ට කුටීර තුනක් ඇත.[5] නිරෝගී හෘදයක් තුළ රුධිරය ගමන් කරන්නේ හෘදය තුළින් එක් දිශාවකට පමණි. මේ සඳහා හෘදයේ හෘත් කපාට පිහිටා ඇත. එමගින් ආපසු ගැලීම වළකියි.[3] හෘදය පෙරිකාඩියම නැමැති ආරක්ෂක පැසක් තුළ පිහිටයි. මෙහි තරලය සුළු වශයෙන් අන්තර්ගත වේ. හෘදයේ බිත්තිය ස්තර තුනකින් සෑදී ඇත. එනම්: එපිකාඩියම, මයෝකාඩියම, සහ එන්ඩොකාඩියම වශයෙනි.[7]හෘදය සි
රුර පුරා රුධිරය පොම්ප කරන පේශිමය අවයවයකි‍. මෙහි රිද්මය ඇති කරන්නේ සයිනො-හෘත්කර්ණික ගැටයේ පිහිටි ගතිකාරක සෛල මගිනි. මෙමගින් ජනනය වන විද්‍යුත් ආවේගය මගින් හෘදයේ ‍සංකෝජනය සිදු වේ. මෙය හෘත් කර්ණික-කෝෂික ගැටය ඔස්සේ හෘදයේ සන්නයන පද්ධතිය තුළින් ගමන් කරයි. සංස්ථානික සංසරණයේ දී හෘදය තුළට ඔක්සිජන් හිග රුධිරය ලැබෙන අතර, මෙය උත්තර සහ අධර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවට ඇතුළු වේ. අනතුරුව එම රුධිරය දකුණු කෝෂිකාව වෙත ගමන් කරයි. එතැනින් රුධිරය පුප්ඵුසීය සංසරණය ඔස්සේ පෙනහැලි වෙත පොම්ප කෙරේ. එහිදී රුධිරයට ඔක්සිජන් ඇතුළු වන අතර, කාබන් ඩයොක්සයිඩ් ඉවත් වේ. ඔක්සිජනීකෘත රුධිරය අනතුරුව වම් ‍කර්ණිකාව වෙත ඇතුළු වන අතර, වම් කෝෂිකාවෙන් මහා ධමනිය ඔස්සේ යළි සංස්ථානික සංසරණය වෙත පොම්ප කෙරේ. එහිදී ලබාගත් ඔක්සිජන් භාවිතයට ගැනෙන අතර, පරිවෘත්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් බවට බිඳහෙළයි.[8] හෘදය ස්පන්දනය වන්නේ ආසන්න වශයෙන් මිනිත්තුවට ස්පන්දන 72ක ශීඝ්‍රතාවකිනි.[9] ව්‍යායාමවල නිරතවීමෙන් හෘත් ස්පන්දන ශීඝ්‍රතාව තාවකාලිකව වැඩිවේ. එය දිගුකාලීනව අක්‍රීය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව අඩු කරයි. මෙය සෞඛ්‍යයට හිතකර වේ.[10]2008 වන විට ගෝලීයව වඩ
ාත්ම සුලබ මරණ සඳහා හේතුව ලෙස හෘත්සනාල රෝග (CVD) හඳුනාගෙන තිබේ. එය සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 30%කි.[11][12] මේ අතුරිනුන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් කිරීටක ධමනි රෝගය සහ ආඝාතය නිසා ඇති වූ ඒවායි.[11] මේ සඳහා බලපාන අවදානම් සාධක අතර දුම්පානය, අධික බර, ව්‍යායාම මඳ වීම, ඉහළ කොලෙස්ටරොල්, අධි රුධිර පීඩනය, සහ දුබල ලෙස පාලනය වූ මධුමේහය වැනි සාධක ප්‍රධාන තැනක් ගනියි.[13] හෘත්සනාල රෝග බොහෝවිට පූර්ව සංකූලතාවන් දක්නට නොලැබෙන අතර, ඇතැම්විට පපුවේ වේදනාව හෝ කෙටි හුස්ම වැනි ලක්ෂණ දැකගත හැක. හෘදය පිළිබඳ රෝග විනිශ්චය සිදුකරනු ලබන්නේ වෛද්‍ය වාර්තා ඉතිහාසය, වෙදනලාවකින් හෘත්-ශබ්දවලට සවන්දීම, ECG, සහ අතිධ්වනි පරිලෝකන මගිනි.[3] හෘද රෝග පිළිබඳ සිය අවධානය යොමු කරන විශේෂඥ වෛද්‍යවරුන් හෘත් වෛද්‍යවේදීන් ලෙස හඳන්වයි. නමුත් ප්‍රතිකාර සඳහා වෙනත් විශේෂඥයින් ද දායක විය හැක.[12]ව්‍යූහයස්පන්දනය වන මිනිස් හෘදයක පරිගණක පාදක සජීවීකරණයක්පිහිටීම සහ හැඩයමිනිස් හෘදයේ යථා-කාල MRI ප්‍රතිබිම්බයක්මිනිස් හෘදය පිහිටියේ උරස් කුහරයේ වන අතර, එහි අන්තය වම් පසට යොමුවී ඇත.[14]මානව හෘදය පිහිටියේ මැදි මධ්‍යවණ්ටනය තුළ, T5-T8 උස් කශේ
රුකා මට්ටමේ ය. පෙරිකාඩියම නැමැති ද්විත්ව පටලමය පැසක් හෘදය වටකොට පිහිටන අතර, එය මධ්‍යවණ්ටනයට සම්බන්ධව පවතී.[15] හෘදයේ පසුපස පෘෂ්ඨය කශේරුවට ආසන්නව පිහිටන අතර, ඉදිරි පෘෂ්ඨය උරෝස්ථිය සහ පර්ශුක කාටිලේජවලට පසුපසින් පිහිටයි.[7] හෘදයේ ඉහළ කොටස විශාල රුධිර වාහිනී කිහිපයකම සම්බන්ධක ස්ථානය වේ. මහා ශිරා, මහා ධමනිය සහ පුප්ඵුසීය මහාපථය එම වාහිනී වේ. හෘදයේ ඉහළ පෙදෙස තෙවන පර්ශුක කාටිපේජ මට්ටමේ පිහිටා ඇත.[7] හෘදයේ පහළ අන්තය උරෝස්ථියෙන් වම්පසට වන්නට (මධ්‍ය උරෝස්ථි රේඛාවෙන් සෙ.මී. 8 සිට 9 පමණ දක්වා) සිව්වන සහ පස්වන පර්ශු සහ ඒවා පර්ශුක කාටිලේජ සමග සන්ධානය වන ස්ථාන අතර සන්ධියේ පිහිටයි.[7]හෘදයේ විශාලතම පෙදෙස සාමාන්‍යයෙන් පපුවේ වම්පසට වන්නට (නමුත් කලාතුරකින් දකුණට බරව පිහිටිය හැක) පිහිටා ඇත්තේ, සියලු දේහ කොටස් වෙත රුධිරය පොම්ප කරන වම් හෘදය වඩාත් ශක්තිමත්ම සහ විශාලතම වන නිසායි. හෘදය පෙනහැලි දෙක අතර පිහිටන බැවින්, වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩාවට පිහිටයි‍. එසේම හෘදයට අවකාශ සැලසීම පිණිස එහි දාරයේ හෘත් අටණියක් ද පිහිටයි.[7] හෘදය කේතු හැඩැති ය. එහි පාදම පෙදෙස ඉහළ දෙසට යොමුව ඇති අතර, එහි අග්‍රය ක්‍රමයෙන්
සිහින් වී ඇත.[7] වැඩිහිටි හෘදයක් ග්‍රෑම් 250–350ක පමණ (අවුන්ස 9–12) බරින් යුක්ත වේ.[16] හෘදය දර්ශීයව මිට මෙලවූ අත්ලක ප්‍රමාණයෙන් යුතු යැයි කියනු ලැබේ. දිගින් එය 12 cm (අඟල් 5) පමණ වන අතර, පළල 8 cm (අඟල් 3.5) පමණ ද, ඝනකම 6 cm (අඟල් 2.5) පමණ ද වේ.[7] හොඳින් පුහුණු වූ මලල ක්‍රීඩකයින්ට විශාල හෘදයක් පැවතිය හැක. එයට හේතුව ව්‍යායාම හේතුවෙන් හෘත් පේශිය මත ඇතිවූ බලපෑම් ය. මෙය කංකාල පේශිමත ඇතිවන බලපෑමට සමාන ය.[7]කුටීරඉහළින් දකුණු සහ වම් කෝෂිකා පෙන්වීමට විච්ඡේදනය කළ හෘදයක්හෘදය සතුව කුටීර සතරක් ඇත. ප්‍රතිග්‍රාහක කුටීර ලෙස ක්‍රියාකරන උත්තර කර්ණිකා යුගලක් සහ මුදාහරින කුටීර ලෙස ක්‍රියා කරන අධර කෝෂිකා යුගලක් ලෙස එය පවතී. කර්ණිකා කෝෂිකාවලට විවෘත වන්නේ කර්ණිකකෝෂික කපාට ඔස්සේ ය. මේවා කර්ණික‍කෝෂික ආවාරයේ පවතී. මෙහි මේවායේ පිහිටුම හෘදයේ පෘෂ්ඨයේ කිරීටක ඛාතයක් ලෙසින් දැකගත හැක.[17] ඉහළ දකුණු කර්ණිකාවේ දකුණු කර්ණික උපාංගය නැමැති කර්ණාකාර ව්‍යූහයක් දක්නට ලැබේ. වම් කර්ණිකාවේ පිහිටන මෙවැනිම ව්‍යූහය වම් කර්ණික උපාංගය නම් වේ.[18] දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව එක්ව ඇතැම් අවස්ථාවල දකුණු හෘදය ලෙස හඳුන්වනු ලබයි
. මීඨ සමානව, වමර් කර්ණිකාව සහ වම් කෝසිකාව එක්ව ඇතැම් අවස්ථාවල වම් හෘදය ලෙස හඳුන්වනු ලබයි.[19] කෝෂිකා එකතිනෙකින් වෙන්කරනු ලබන්නේ අනර්තර්කෝෂික ආවාර මගිනි. මෙය හෘදයේ පෘෂ්ඨය මත පූර්ව අන්වායාම ඛාතය සහ අපර අන්තර්කෝෂික ඛාතය මගින් නිරූපණය වේ.[17]හෘත් සැකිල්ල සෑදී ඇත්තේ ඝන සම්බන්ධක පටකවලිනි. මෙය හෘදයේ ව්‍යූහය තනයි. එමගින් කර්ණිකා කෝෂිකාවලින් වෙන්කෙරෙන කර්ණිකකෝෂික ආවාරය සෑදේ. ඒවායේ ඇති තන්තුමය වළයන් හෘත් කපාට හතර සඳහා පාදම ලෙස ක්‍රියාකරයි.[20] කොලැජන් විද්‍යුතය සන්නයනය නොකරන හෙයින් හෘත් සැකිල්ල හෘදයේ විද්‍යුත් සන්නයන පද්ධතිය තැනීමේ දී, වැදගත් සීමාවක් සපයයි. අන්තර්කර්ණික ආවාරය මගින් ‍කර්ණිකා වෙන්වන අතර, අන්තර්කෝෂික ආවාරය කෝෂිකා වෙන්කරයි.[7] අන්තර්කෝෂික ආවාරය අන්තර්කර්ණික ආවාරය වඩා මඳක් ඝනකම් ය. එයට හේතුව කෝෂිකා සංකෝච‍නයේ දී ඇති වන දැඩි පීඩනයට ඔරොත්තු දීමට සිදුවීමයි.[7]කපාටප්‍රධාන ලිපිය: හෘත් කපාටමහා ධමනිය සහ ප්‍රධාන රුධිර වාහිනී ඉවත් කළ විට, කපාට හතරම පැහැදිළිව දැකගත හැක.[7]කපාට, ධමනි සහ ශිරා පෙන්වන හෘදයේ රූපයක්; සුදු ඊතල මගින් සාමාන්‍ය රුධිර ගලන දිශාව පෙන්නුම් කරයි.හෘත් රජ්ජු ඔස්සේ පිටිකා
පේශි දකුණු පසින් ත්‍රිතුණ්ඩ කපාටයට සහ වම්පස මයිට්‍රල් කපාටයට සම්බන්ධව ඇති අයුරු පෙන්වන පූර්ව කඩක්.[7]හෘදය සතුව කපාට හතරක් ඇත. එමගින් එහි කුටීර වෙන්කරනු ලබයි. එක් කපාටයක් සෑම කර්ණිකාවක් සහ කෝෂිකාවක් අතරම පිහිටන අතර, තවත් කපාටයක් සෑම කෝෂිකාවක් තුළම පිහිටයි.[7] කර්ණිකාසහ කෝෂිකා අතර පිහිටි කපාට කර්ණිකකෝෂික කපාට ලෙස හඳුන්වයි. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය පිහිටයි. ත්‍රිතුණ්ඩ කපාටය සතුව තුණ්ඩ තුනක් ඇත.[21] ඒවා හෘත් රජ්ජුවලට සම්බන්ධ වන අතර, පූර්ව, අපර සහ ආවාරික පේශි යනුවෙන් හඳුන්වනු ලබන ‍පිටිකා පේශි තුනක් පිහිටා ඇත.[21] මයිට්‍රල් කපාටය පිහිටියේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ය. එයහි තුණ්ඩ දෙකක් ඇති හෙයින් ද්විතුණ්ඩ කපාටය ලෙස ද හඳුන්වයි. එම තුණ්ඩ පූර්ව සහ අපර තුණ්ඩ ලෙස වේ. කෝෂිකා බිත්තියෙන් නෙරා ආ පිටිකා පේශි දෙකක් හෘත් රජ්ජු මගින් මෙම තුණ්ඩ දෙකට සම්බන්ධ වේ.[22]පිටිකා පේශි හෘත් බිත්තියේ මිට කපාට සමග සම්බන්ධ වන්නේ හෘත් රජ්ජු නැමැති කාටිලේජමය සම්බන්ධක ව්‍යූහයන් ඔස්සේ ය. මෙම පේශි කපාට වැසී යාමේ දී කනපිට හැරීම වළකයි.[23] හෘත් චක්‍රයේ ඉහිල් වීමේ අවධියේ දී, පිටිකා පේශි ද ඉහ
ිල් වන හෙයින්, හෘත් රජ්ජුවල ආතතිය අඩු වේ. හෘත් කුටීර සංකෝචනය වන විට, පිටිකා පේශි ද සංකෝචනය වේ. මෙමගින් හෘත් රජ්ජු මත ඇතිවන ආතතිය නිසා, කර්ණිකකෝෂික කපාටවල තුණ්ඩ නිසි ස්ථානවල පවත්වාගෙන රුධිරය නැවත කර්ණිකාව වෙත ගැලීම නැවතේ.[7] [lower-alpha 7][21]සෑම කෝෂිකාවක් තුළම අමතර අඩසඳ කපාට දෙකක් පිහිටයි. පුප්ඵුසීය කපාටය පිහිටියේ පුප්ඵුසීය ධමනියේ පාදම තුළ ය. මෙහි ද තුණ්ඩ තුනක් දක්නට ඇති අතර, ඒවා කිසිදු පිටිකා පේශියකට සම්බන්ධ නොවේ. කෝෂිකා ඉහිල්වන විට, ධමනියේ සිට කෝෂිකාව වෙත රුධිරය නරවත ගලයි. මෙම රුධිරයෙන් පසුබිම් හැඩැති කපාටය පිරී කපාටය වැසීමට හේතුවූ තුණ්ඩ වෙත පීඩනයක් ඇති කරයි. අඩසඳ මහාධමනි කපාටය පිහිටියේ මහා ධමනියේ පාදමේ වන අතර, එය ද කිසිදු පිටිකා පේශියකට සම්බන්ධ නොවේ. මහා ධමනියේ සිට ආපසු ගලන රුධිර‍ය හේතුවෙන් වැසෙන තුණ්ඩ තුනක් මෙහි ද දක්නට ඇත.[7]දකුණු හෘදයදකුණු හෘදය කුටීර දෙකකින් සමන්විත ය. එනම් දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව වේ. මෙම කුටීර දෙක ත්‍රිතුණ්ඩ කපාටය මගින් වෙන්වේ.[7]දකුණු කර්ණිකාව, දේහයේ ප්‍රධාන ශිරා දෙකක් වන උත්තර සහ අධර මහා ශිරාවලින් රුධිරය අඛණ්ඩව ලබාගනියි. කිරීටක සංස්රණයෙන් ලැබෙන ස
ුළු රුධිර ප්‍රමාණයක් කිරීටක කෝඨරකය මගින් ද දකුණු කර්ණිකාවට ඇතුළු විය හැක. මෙම කිරීටක කෝඨරකය අධර මහා ශිරාවේ විවෘත වීමේ මධ්‍යයට වන්නට වහාම ඉහළින් පිහිටයි.[7] දකුණු කර්ණිකා බිත්තියේ අණ්ඩාකාර නිඛාතය නැමැති ඕවලාකාර-හැඩැති අවපාතනයක් පිහිටයි. මෙය භ්‍රෑණ හෘදයේ පිහිටි අණ්ඩාකාර ජිද්‍රයේ අවිශිෂ්ටයකි.[7] දකුණු කර්ණිකාවේ ඇතුළු පෘෂ්ඨය බොහෝ දුරට සිනිඳු ය. අණ්ඩාකාර නිඛාතයේ අවපාතනය මධ්‍යව පිහිටයි. එහි පූර්ව පෘෂ්ඨය සතුව කංකතාකාර පේශිවල නෙරුම් පිහිටයි. මෙය දකුණු කර්ණික උපාංගය තුළ ද දැකගත හැක.[7]දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව සම්බන්ධ වන්නේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා ය.[7] දකුණු කෝෂිකාවේ බිත්ති trabeculae carneae මගින් මායිම් වේ. හෘත් පේශි වැටි එන්ඩොකාඩියමෙන් ආවරණය වී ඇත. මෙම පේශි වැටිවලට අමතරව, එන්ඩොකාඩියමෙන් වටවූ හෘත් පේශි පටියක් වන ප්‍රමාණක පටිය (moderator band) මගින් දකුණු කෝෂිකාවේ තුනී බිත්තිවල ශක්තිමත්භාවය ඉහළ නංවන අතර, හෘත් සන්නයනයේ දී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙය පැනනගින්නේ අන්තර්කෝෂික ආවාරයේ පහළ පෙදෙසින් වන අතර, අධර පිටිකා පේශිය සමග සම්බන්ධ වීමට එය දකුණු කෝෂිකාවේ ඇතුළු අවකාශය හරහා දිවෙයි.[7] ද
කුණු කෝෂිකාවේ පටු පෙදෙස පුප්ඵුසීය මහාපථය (pulmonary trunk) දෙසට යොමුවෙයි. කෝෂිකා සංකෝචනයේ දී රුධිරය පිටවීමට එය වැදගත් වේ. පුප්ඵුසීය මහාපථය බෙදී වම් සහ දකුණු පුප්ඵුසීය ධමනි සෑදේ. එමගින් සෑම පෙනහැල්ලකටම රුධිර‍ය ගෙන යයි. දකුණු හෘදය සහ පුප්ඵුසීය මහාපථය අතර පුප්ඵුසීය කපාටය පිහිටයි.[7]වම් හෘදයවම් හෘදය සතුව කුටීර දෙකක් ඇත. එනම් වම් කර්ණිකාව සහ වම් කෝෂිකාවයි. මෙම කුටීර දෙක වෙන් කරමින් මයිට්‍රල් කපාටය පිහිටයි.[7]වම් කර්ණිකාව පුප්ඵුසීය ශිරා හතරෙන් එකක් මගින් පෙනහැලි සිට එන ඔක්සිජනීකෘත රුධිරය ලබා ගනියි. වම් කර්ණිකාව සතුව වම් කර්ණික උපාංගය නැමැති බාහිර පැසක් පවතියි. දකුණු කර්ණිකාව මෙන්ම වම් කර්ණිකාව ද කංකතාකාර පේශිවලින් සමන්විත වේ.[24] වම් කර්ණිකාව, වම් කෝෂිකාවට සම්බන්ධ වන්නේ මයිට්‍රල් කපාටය ඔස්සේ ය.[7]දකුණු කෝෂිකාවට සාපේක්ෂව වම් කෝෂිකාව වඩා ඝනකම් ය. එයට හේතුව සම්පූර්ණ ශරීරයටම රුධිරය පොම්ප කිරීමට වැඩි බලයක් අවශ්‍ය වීමයි. දකුණු කෝෂිකාව මෙන්, වම් කෝෂිකාව සතුව ද trabeculae carneae පිහිටයි. නමුත් එහි ප්‍රමාණක පටියක් දක්නට නොලැබේ. වම් කෝෂිකාව මහාධමනි කපාටය ඔස්සේ සිරුර වෙතටත්, මහා ධමනිය තුළටත් රුධි
රය පොම්ප කරයි. මහාධමනි කපාටයට ඉහළින් පිහිටි කුඩා විවෘත වීම් දෙකක් මගින් හෘත් පේශියට රුධිරය සපයයි. මේවා වම් මහා කිරීටක ධමනිය සහ දකුණු කිරීටක ධමනිය ලෙස හඳුන්වයි.[7]හෘත් බිත්තියවැඩිදුර තොරතුරු: හෘත් පේශියඅන්තරංග සහ පාර්ශ්වික පෙරිකාඩියම ඇතුළුව හෘද බිත්තියේ ස්තරහෘත් බිත්තිය ස්තර තුනකින් සෑදේ. එනම්: ඇතුළතම එන්ඩොකාඩියම, මධ්‍ය මයෝකාඩියම සහ පිටත එපිකාඩියමයි. මෙම ස්තර වට කරමින් පෙරිකාඩියම නැමැති ද්විත්ව පටලමය පැසක් පිහිටයි.හෘදයේ ඇතුළතින්ම පිහිටි ස්තරය එන්ඩොකාඩියම නම් වේ. මෙය සෑදී ඇත්තේ සරල ශල්කමය අපිච්ඡද ස්තරයකිනි. එමගින් හෘත් කුටීර සහ කපාට ආස්තරණය වේ. මෙය හෘදයේ ශිරා සහ ධමනිවල අන්තශ්ඡදය සමග සන්තතික ය. මෙය තුනී සම්බන්ධක පටක ස්තරයකින් මයෝකාඩියම සමග සම්බන්ධ වේ.[7] එන්ඩොකාඩියම endothelins ස්‍රාවය කිරීම මගින්, මයෝකාඩියමේ සංකෝචන යාමනය කිරීමට උපකාරී වේ.[7]මයෝකාඩියමේ ඇති සුළි ආකාර රටාව හෘදයට කාර්යක්ෂම පොම්පයක් ලෙස කියාකිරීමට උපකාරී වේහෘද බිත්තියේ මධ්‍ය ස්තරය මයෝකාඩියම නම්වේ. මෙය හෘත් පේශියයි. මෙය කොලැජන් සැකිල්ලකින් වටවූ අනිච්ඡානුග විලිඛිත පේශි පටකයකි. මෙම හෘත් පේශි රටාව දර්ශනීය සහ සංකීර්ණ ය. ප
ේශි සෛල හෘදයේ කුටීර වටා සුළි ලෙස සර්පිලාකාරව සකස්වන අතර, පිටත පේශි කර්ණිකා ව‍ටා සහ මහා රුධිර වාහිනීවල පාදම වටා 8 ඉලක්කමේ හැඩයට සකස් වී ඇත. ඇතුළු පේශි ද කෝෂිකා දෙක වටා 8 ඉලක්කමේ ආකාරයට සකස් වී අග්‍රය දෙසට යොමුවී ඇත. මෙම සංකීර්ණ සුළි ආකාර රටාව හේතුවෙන් හෘදයට රුධිරය වඩාත් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකියාව ලැබී ඇත.[7]හෘත් පේශියේ සෛල වර්ග දෙකක් දක්නට ලැබේ: ඒ අතුරින් පේශි සෛලවලට පහසුවෙන් සංකෝචනය වීමේ හැකියාව ඇත. අනෙක් සෛල වර්ගයේ සන්නායක පද්ධතියේ ඇති ගතිකාරක සෛල වේ. කර්ණිකා සහ කෝෂිකාවල අන්තර්ගත සෛලවලින් බහුතරය (99%) පේශි සෛල වේ. මෙම සංකෝචක සෛල එකිනෙක සම්බන්ධ වන්නේ අන්තර්ස්ථාපිත මඬලවල් මගිනි. මෙය ගතිකාරක සෛලවල ක්‍රියා විභව ආවේගයන්ට ශීඝ්‍ර ප්‍රතිචාර දැක්වීමට උපකාරී වේ. අන්තරස්ථාපිත මඬල හේතුවෙන් සෛලවලට සහසෛල ලෙස කටයුතු කරමින් හෘදය පුරා සහ මහා ධමනි වෙතට රුධිරය පොම්ප කිරීමට හේතුවන සංකෝචන ඇති කිරීමට හැකියාව ලැබී ඇත.[7] 1%ක් පමණ වන ගතිකාරක සෛල හෘදයේ සන්නයන පද්ධතිය තැනීමට දායක වේ. මේවා සංකෝචක සෛලවලට වඩා මඳක් කුඩා අතර, පේශි කෙඳිති අල්ප හෙයින් සංකෝචක හැකියාව සීමාසහිත වී ඇත. මේවායේ කෘත්‍යය බොහෝ අංශවලින්
නියුරෝනවලට සමාන ය.[7] හෘත් පේශි පටකයට ස්වයංරිද්මික හැකියාවක් ඇත. එනම් නියත ශීඝ්‍රතාවකින් හෘත් ක්‍රියා විභවයක් ඇරඹීමට ඇති අනන්‍ය හැකියාවයි. එමගින් සංකෝචක ආවේගය ශීඝ්‍රයෙන් සෛලයෙන් සෛලයට සම්ප්‍රේෂණය වී මුළු හෘදයම සංකෝචනයට හේතු වේ.[7]පෙරිකාඩියම හෘදය වටකොට පිහිටයි. එය පටල දෙකකින් සමන්විත ය. එනම් එපිකාඩියම නැමැති ඇතුළත මස්තුමය පටලයක් සහ පිටත තන්තුමය පටලයකි. රුධිර වාහිනී සහ ස්නායු හෘත් පේශියට ළඟාවන්නේ එපිකාඩියමේ සිට ය.[7] මෙය හෘත් ශීඝ්‍රතාව කෙරෙහි බලපායි.[7] මෙය වටකොට පරිහෘද අවකාශය පිහිටන අතර, එය පරිහෘද තරලයකින් සමන්විත වේ. මෙය හෘදයේ පෘෂ්ඨය ස්නේහනය කරයි‍.[25]කිරීටක සංසරණයහෘදයට ධමනි සැපයුම (රතු), සෙසු ප්‍රදේශ (නිල්) ද නම්කොට ඇත.ප්‍රධාන ලිපිය: කිරීටක සංසරණයදේහයේ සියලු සෛල මෙන්ම හෘදයේ පටකවලට ද ඔක්සිජන්, පෝෂක සැපයීම සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා කිරීටක සංසරණය ආධාර වන අතර, එයට ධමනි, ශිරා, සහ වසා වාහිනී ඇතුළත් වේ.[7]හෘද පටකයට රුධිරය සැපයෙන්නේ මහාධමනි කපාටයට වහාම ඉහළින් පැනනගින ධමනි යුගළක් මගිනි. මෙම ධමනි වම් මහා කිරීටක ධමනිය සහ දකුණු කිරීටක ධමනිය ලෙස හඳුන්වයි.
මහා ධමනිය පසුකර යාමෙන් මඳකට පසු වම් මහා කිරීටක ධමනිය නැවත රුධිර වාහිනී දෙකකට බෙදේ. එනම්, වම් පූර්ව අවරෝහණ සහ වම් වක්වූ ධමනිය යි. වම් පූර්ව අවරෝහණ ධමනිය මගින් හෘත් ‍පටකයට සහ වම් කෝෂිකාවේ පූර්ව, පිටත සහ ආවාරික පෙදෙසට රුධිරය සපයයි‍. එහිදී එය තවත් කුඩා ධමනිවලට බෙදේ. මේවා විකර්ණ සහ ආවාරික ශාඛා වේ. වම් වක්වූ ධමනිය මගින් වම් කෝෂිකාවේ පසුපස සහ පහළ පෙදෙස්වලට රුධිරය සපයයි. දකුණු කිරීටක ධමනිය මගින් දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, සහ වම් කෝෂිකාවේ පහළ සහ අපර පෙදෙස්වලට රුධිරය සපයයි. දකුණු කිරීටක ධමනිය මගින්, හෘත් කර්ණිකකෝෂික ගැටය (පුද්ගලයින් 90%කගේ පමණ) සහ සයිනෝ-හෘත් කර්ණික ගැටය (පුද්ගලයින් 60%කගේ පමණ) වෙත ද රුධිරය සපයයි. දකුණු කිරීටක ධමනිය හෘදයේ පසුපස පෙදෙසේ ඇති ඇළියක් ඔස්සේ දිවෙන අතර, වම් පූර්ව අවරෝහණ ධමනිය පූර්වයෙහි ඇති ඇළියක් මතින් ‍දිවෙයි. විවිධ පුද්ගලයන්ගේ හෘදයට රුධිරය සපයන ධමනිවල විවිධ ප්‍රභේදනයන් දැකගත හැක.[26] මෙම ධමනි ඈතට යත්ම තවත් කුඩා ශාඛාවලට බෙදෙන අතර, ඒවා සෑම ධමනික ව්‍යාප්තියකම අවසානයේ යළි එකතු වේ.[7]කිරීටක කෝඨරකය යනු දකුණු කර්ණිකාවට රුධිරය සපයන විශාල ශිරාවකි. එමගින් හෘදයේ බොහෝ ශිරාවල
රුධිරය ග්‍රහණය කරගනී. මෙයට මහා හෘත් ශිරාව (කෝෂිකා දෙකම සහ වම් කර්ණිකාවෙන් ලබාගන්නා), අපර හෘත් ශිරාව (වම් කෝෂිකාවේ පසුපසින් දිවෙන), මධ්‍ය හෘත් ශිරාව (වම් සහ දකුණු කෝෂිකාවල පහළින් දිවෙන), සහ කුඩා හෘත් ශිරාවල රුධිරය දායක වේ.[27] පූර්ව හෘත් ශිරා දකුණු කෝෂිකාවේ ඉදිරිපසින් දිවෙන අතර, ඍජුවම දකුණු ‍කර්ණිකාව වෙත ගමන් කරයි.[7]හෘදයේ ස්තර තුනෙහි සෑම ස්තරයකම පහතින් ප්‍රතාන යනුවෙන් හඳුන්වන වසා ජාලයක් ඇත. මෙම ජාලය ප්‍රධාන වම් සහ දකුණු මහාපථයකට විවෘත වේ. මෙය හෘදයේ කෝෂිකා අතර පෘෂ්ඨයේ පවතින ඇලියක් දිගේ ගමන් කරයි. ඉහළට යත්ම මෙම වාහිනී ක්‍රමයෙන් කුඩා වේ. මෙම වාහිනී අනතුරුව කර්ණිකකෝෂික ඇලිය වෙත ගමන්කොට, තෙවන වාහිනියක් මුණගැසෙයි. වම් වාහිනිය මෙම තෙවන වාහිනිය සමග සම්බන්ධ වන අතර, එය පුප්ඵුසීය ධමනිය සහ වම් කර්ණිකාව දිගේ ගමන් කරයි. එය අධර ශ්වාසනාල-නාලිකා ගැටය අසලින් අවසන් වේ. දකුණු වාහිනිය දකුණු කර්ණිකාව සහ ප්‍රාචීරය මත පිහිටන දකුණු කෝෂිකාවේ කොටස දිගේ ගමන් කරයි. සාමාන්‍යයෙන් එය ආරෝහණ මහා ධමනියේ ඉදිරිපසින් ගමන් කොට බාහුශීර්ෂ ගැටය අසලින් අවසන් වේ.[28]ස්නායු සැපයුමහෘදයේ ස්වයංසාධක ස්නායුතනයහෘදයට ස්නායු සංඥා ලැ
බෙන්නේ සංචාර ස්නායුව සහ අනුවේගී මහාපථය මගිනි. මෙම ස්නායු හෘද ස්පන්දන වේගය කෙරෙහි බලපෑව ද, එය පාලනය නොකරයි. අනුවේගී ස්නායු හෘදයේ සංකෝචන බලය කෙරෙහි ද බලපායි.[29] මෙම ස්නායු දිගේ ගමන් කරන ආවේග උපදින්නේ සුෂුම්නා ශිර්ෂ‍කයේ ඇති යුගළමය හෘත්සනාල මධ්‍යස්ථාන දෙකකිනි. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ සංචාර ස්නායුව හෘත් ස්පන්දන වේගය අඩු කරයි. අනුවේගී මහාපථයේ ස්නායු හෘද ස්පන්දන වේගය වැඩි කරයි.[7] මෙම ස්නායු හෘදයට ඔබ්බෙන් පිහිටි හෘත් ප්‍රතානය නැමැති ස්නායු ජාලයක් සාදයි.[7][28]සංචාර ස්නායුව දිගු ය. මෙය මස්තිෂ්ක වෘන්තයෙන් ඇරඹී හෘදය ඇතුළු උරස් කුහරයේ සහ උදර කුහරයේ වූ අවයව ගණනාවක් වෙත ප්‍රත්‍යානුවේගී උත්තේජ සපයයි.[30] අනුවේගී මහාපථයේ ස්නායු T1-T4 උරස් ගැංග්ලියාවලින් පැනනගින අතර ඒවා සයිනො-හෘත්කර්ණික ගැටය මෙන්ම කර්ණික-කෝෂික ගැටය වෙත ද ගමන් කරයි. කෝෂිකා ප්‍රත්‍යානුවේගී ස්නායුවලට වඩා අනුවේගී ස්නායු තන්තුවලින් ස්නායුතනය වී ඇත. අනුවේගී උත්තේජනය නිසා හෘත් ස්නායුවල ස්නායු-පේශි සන්ධියේ දී නොරෙපිනෙෆ්රින් (නොරැඩ්‍රිනලින් ලෙස ද හඳුන්වයි) නැමැති ස්නායු සම්ප්‍රේෂකය මුදා හරියි. මෙමගින් ප්‍රතිධ්‍රැවණ කාලසීමාව කෙටි වන අ
තර, විධ්‍රැවණය සහ සංකෝචන වේගය වැඩි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස හෘත් ස්පන්දන ශීඝ්‍රතාව වැඩි වේ. එමගින් රසායනික හෝ ලිගන-ද්වාර සහිත සෝඩියම් හා කැල්සියම් නාල විවෘත වේ. එමගින් ධන ආරෝපිත අයන ඇතුළට ගලා එයි.[7] නොරෙපිනෙෆ්රින් බීටා–1 ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ වේ.[7]වර්ධනයප්‍රධාන ලිපියන්: හෘදයේ වර්ධනය සහ මානව කලලජනනයපළමු සති අට (ඉහළ) තුළ මානව හෘදයේ වර්ධනය සහ හෘත් කුටීර ගොඩනැගීම (පහළ).[7]මුලින්ම වර්ධනය වන කෘත්‍යමය අවයවය හෘදයයි. එය කලලජනනයේ තුන්වන සතියේ පමණ සිට එය ස්පන්දනය වීම සහ රුධිරය පොම්ප කිරීම අරඹයි. මෙම මුල්කාලීන ආරම්භය අනුයාත කලල සහ පුරඃප්‍රසව සංවර්ධනය සඳහා අතිශය වැදගත් වේ.හෘදය පැනනගින්නේ හෘත්ජනක ප්‍රදේශය සාදන ස්නායු ඵලකයේ අන්තරංගප්ලූරා මධ්‍යශ්ලේෂය මගිනි. නාලාකාර හෘදය නැමැති ප්‍රාථමික හෘද නාලයක් සෑදීමට මෙහි අන්තෝහෘදීය නාලදෙකක් සංයුක්ත වීම සිදුවේ.[31] තෙවන සහ සිව්වන සති අතර, හෘද නාලය දිගින් වැඩි වේ. එය පෙරිකාඩියම තුළ S-හැඩයට නැමීම සිදුවේ. මෙමගින් වර්ධනය වූ‍ හෘදයක කුටීර සහ ප්‍රධාන වාහිනී නිසි පරිදි ස්ථානගත වීමට වැදගත් වේ. වැඩිදුර වර්ධනයේ දී, ආවාරය සහ කපාට නිර්මාණය වීමත්, හෘත් කුටීර ප්‍රත
ිව්‍යූහගත වීමත් සිදුවේ. පස්වන සතියේ අවසානය වන විට, ආවාර සම්පූර්ණ වන අතර, නවවන සතිය වන විට හෘත් කපාට නිර්මාණය වී අවසන් වේ.[7]පස්වන සතියට පෙර, භ්‍රෑණ හෘදයේ අණ්ඩාකාර ජිද්‍රය නැමැති විවරයක් පවතියි. මෙම අණ්ඩාකාර ජිද්‍රය නිසා, භ්‍රෑණ හෘදයේ රුධිරයට දකුණු කර්ණිකාවේ සිට ඍජුවම වම් කර්ණිකාව වෙත ගමන් කිරීමේ හැකියාව ලැබේ. එමනිසා රුධිරය කොටසක් පෙනහැලි මගහැර ගමන් කරයි. උපතින් තත්පර කිහිපයකට පසුව, පෙර කපාටයක් ලෙස ක්‍රියාකළ ප්‍රාථමික ආවාරය (septum primum) නැමැති පටක තැල්ල මගින් අණ්ඩාකාර ජිද්‍රය වැසී ගොස්, දර්ශීය හෘත් සංසරණ රටාව ස්ථාපනය වේ. අණ්ඩාකාර ජිද්‍රය වටකොට පිහිටි දකුණු කර්ණිකාවේ ඇති අවපාතනයක් ශේෂ වන අතර, එය අණ්ඩාකාර නිඛාතය ලෙස හඳුන්වයි.[7]කලල හෘදය ස්පන්දනය වීම ඇරඹෙන්නේ ගැබ්ගැනීමෙන් දින 22ක් අවට (අවසන් සාමාන්‍ය ආර්තව අවධියෙන් සති 5කට පසු, LMP) කාලයේ ය. එය මවගේ හෘත් ස්පන්දන වේගයට ආසන්න වේගයකින් ස්පන්දනය වීම ඇරඹේ. මෙය 75–80 මිනිත්තුවට ස්පන්දන (bpm) පමණ වේ. 7වන සතියේ මුල්කාලයේ (LMPගෙන් සති 9කට පසු මුල්කාලයේ) කලල හෘද ස්පන්දන ශීඝ්‍රතාව වැඩිවී 165–185 bpm පමණ උචච් අගයකට ළඟා වේ.[32][33] සති 9කට පසු (භ
්‍රෑණ අවධියේ ඇරඹුම) එහි ශීඝ්‍රතාව මන්දනය වේ. එය උපත වන විට 145 (±25) bpm පමණ දක්වා අඩුවේ. උපතට පෙර කාන්තා සහ පිරිමි හෘද ස්පන්දන වේග අතර වෙනසක් නොපවතී.[34]කායික විද්‍යාවප්‍රධාන ලිපිය: හෘත් කායික විද්‍යාවරුධිර ගලනයකපාට හරහා රුධිරය ගැලීමහෘදය ඔස්සේ රුධිර ගැලීම; ඛාන් ඇකඩමිය වෙතිනි.සංසරණ පද්ධතිය තුළ පොම්පයක් ලෙස ක්‍රියාකරන හෘදය සිරුර පුරා අඛණ්ඩ රුධිර ප්‍රවාහයක් පවත්වා ගැනීමට උපකාරී වේ. මෙම සංසරණයට සිරුරේ සිට එන සංස්ථානික සංසරණයක් සහ සහ පෙනහැලි වෙතින් සිදුවන පුප්ඵුසීය සංසරණයක් ඇතුළත් වේ. ශ්වසන ක්‍රියාවලියේ දී පුප්ඵුසීය සංසරණයේ රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් පෙනහැලිවල ඔක්සිජන් සමග හුවමාරු වේ. අනතුරුව සංස්ථානික සංසරණය මගින් සිරුර වෙත ඔක්සිජන් සපයන අතර, කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන සාපේක්ෂව ඔක්සිජනීහෘත රුධිරය පෙනහැලි වෙත යවනු පිණිස ‍හෘදයට ගෙන යයි.[7]දකුණු හෘදය මගින් උත්තර සහ අධර මහා ශිරා වෙතින් ගෙනඑන ඔක්සිජනීහෘත රුධිරය ලබාගනී. දකුණු සහ වම් කර්ණිකා මගින් රුධිරය ලබාගැනීම අඛණ්ඩව සිදුවේ.[7] උත්තර මහා ශිරාව මගින් මහා ප්‍රාචීරයට ඉහළ පෙදෙස්වල සිට රුධිරය රැගෙන එන අතර, එය දකුණු කර්ණිකාවේ ඉහළ පසුපස පෙදෙස
වෙත නිදහස් කරයි. අධර මහා ශිරාව මගින් මහාප්‍රාචීරයට පහළින් වූ පෙදෙස්වල රුධිරය රැගෙන එයි. එය උත්තර මහා ශිරාවේ විවෘත වීමට පහළින් විවෘත‍ වේ. අධර මහා ශිරාවට වහාම ඉහළින් සහ මධ්‍යයට වන්නට තුනී බිත්ති සහිත කිරීටක කෝඨරකයේ විවෘත වීම පිහිටයි.[7] මීට අමතරව, කිරීටක කෝඨරකය මගින් මයෝකාඩියමේ ඔක්සිජනීහෘත රුධිරය දකුණු කර්ණිකාව වෙත ආපසු ලබා දෙයි. දකුණු කර්ණිකාව මගින් රුධිරය එකතු කර ගනියි. දකුණු කර්ණිකාව සංකෝචනය වන විට, ත්‍රිතුණ්ඩ කපාටය ඔස්සේ රුධිරය දකුණු කෝෂිකාව වෙත ගමන් කරයි. දකුණු කෝෂිකාව සංකෝචනය වන විට, ත්‍රිතුණ්ඩ කපාටය වැසෙන අතර රුධිරය පුප්ඵුසීය කපාටය ඔස්සේ පුප්ඵුසීය මහාපථය වෙත ඇතුළු වේ. පුප්ඵුසීය මහාපථය, පුප්ඵුසීය ධමනි බවට ශාඛනය වන අතර, එය නැවත පෙනහැලි තුළ දී තවත් කුඩා ධමනි බවට බෙදී රුධිර කේශනාලිකා සෑදේ. ගර්ත අසල දී, මේවායේ ඇති කාබන්ඩයොක්සයිඩ්, ඔක්සිජන් සමග හුවමාරු වේ. මෙය විසරණය නැමැති අක්‍රී ක්‍රියාවලිය ඔස්සේ සිදුවන්නකි.වම් හෘදය තුළ, පුප්ඵුසීය ශිරා ඔස්සේ ඔක්සිජනීකෘත රුධිරය වම් කර්ණිකාව වෙත පැමිණේ. අනතුරුව එම රුධිරය මයිට්‍රල් කපාටය ඔස්සේ වම් කෝෂිකාව තුළටත්, පසුව මහාධමනි කපාටය ඔස්සේ මහා ධමනිය වෙතටත
් ගමන් කොට සංස්ථානික සංසරණයට ඇතුළු වේ. විශාල ධමනියක් වන මහා ධමනිය ක්‍රමයෙන් කුඩා ධමනි, ධමනිකා, සහ අවසානයේ රුධිර කේශනාලිකා බවට ශාඛනය වේ. ‍රුධිර කේශනාලිකා තුළින්, රුධිරයේ සිට දේහ සෛලවල පරිවෘත්තියට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක විසරණය වන අතර, කාබන්ඩයොක්සයිඩ් සහ අපද්‍රව්‍ය රුධිරය තුළට විසරණය වේ.[7] දැන් ඔක්සිජනීහෘත කේශනාලික රුධිරය අනුශිරා සහ ශිරා ඔස්සේ ගමන්කොට අවසානයේ උත්තර සහ අධිර මාහ ශිරා ඔස්සේ දකුණු හෘදය වෙත ගමන් කරයි.හෘත් චක්‍රයප්‍රධාන ලිපියන්: හෘත් චක්‍රය, හෘත් ආකුංචය, සහ හෘත් විස්තාරයECG සටහන හා සම්බන්ධව දක්වා ඇති හෘත් චක්‍රයහෘත් චක්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ ආකුංච හා විස්තාර සහ අතරමැදි විරාමය ඇතුළත් ස්මපූර්ණ හෘත් ස්පන්දනයකි.[35] මෙම චක්‍රය ඇරඹෙන්නේ කර්ණිකා සංකෝචනයෙන් වන අතර, අවසන් වන්නේ කෝෂිකා ඉහිල් වීමෙනි. ආකුංචය ලෙස හැඳින්වෙන්නේ හෘදයේ කර්ණිකා සහ කෝෂිකාවල සිදුවන සංකෝචනයයි. විස්තාරය යනු කර්ණිකා සහ කෝෂිකා ඉහිල් වීම හා රුධිරයෙන් පිරී යන අවස්ථාවයි. කර්ණිකා සහ කෝෂිකා අතර සහසම්බන්ධයක් පවතින හෙයින්, ආකුංචයේ දී කෝෂිකා ‍සංකෝචනය වන විට, කර්ණිකා ඉහිල්වී රුධිරය එක්රැස් වේ. විස්තාරයේ දී කෝෂිකා ඉහ
ිල් වන විට, කර්ණිකා සංකෝචනය වී කෝෂිකා වෙත රුධිරය පොම්ප කරයි. මෙම සමායෝජනය නිසා රුධිරය කාර්යක්ෂමව සිරුර වෙත පොම්ප කිරීමේ හැකියාව ලැබී ඇත.[7]හෘත් චක්‍රයේ ආරම්භයේ දී, මුල්කාලීන විස්තාරයේ දී කර්ණිකා මෙන්ම කෝෂිකා ද ඉහිල්ව පවතී. රුධිරය වැඩි පීඩනයක් ඇති ස්ථානයක සිට අඩු පීඩනයක් ඇති ස්ථානයකට ගමන් කරන හෙයින්, කුටීර ඉහිල් වන විට රුධිරය කර්ණිකා වෙත ගලා යයි. (කිරීටක කෝඨරකය සහ පුප්ඵුසීය ශිරා ඔස්සේ) කර්ණිකා පිරීම ඇරඹෙන විට, පීඩනය ඉහළ යයි. එවිට රුධිරය කර්ණිකාවල සිට කෝෂිකා වෙතට ගමන් කරයි. පසුකාලීන විස්තාරයේ දී, කර්ණිකා සංකෝචනය වන හෙයින් වැඩි රුධිර ප්‍රමාණයක් කෝෂිකා වෙත පොම්ප කෙරේ. මෙවිට කෝෂිකා තුළ රුධිර පීඩනය ඉහළ යයි. කෝෂිකා ආකුංචය වන විට, රුධිරය පුප්ඵුසීය ධමනිය (දකුණු කෝෂිකාව) හෝ මහා ධමනිය (වම් කෝෂිකාව) තුළට ගමන් කරයි.[35]කර්ණිකකෝෂික කපාට (ත්‍රිතුණඩ සහ මයිට්‍රල්) විවෘත වන විට, රුධිරය කෝෂිකා වෙත ගලා යයි. මෙවිට කෝෂිකාවලින් රුධිර ආපසු ගැලීම වැළැක්වීමට මහාධමනි සහ පුප්ඵුසීය කපාට වැසේ. කෝෂික පීඩනය කර්ණිකාවල පීඩනයට වඩා වැඩි වන විට, ත්‍රිතුණ්ඩ සහ මයිට්‍රල් කපාට වැසේ. කෝෂිකා සංකෝචනය වන විට, ඇතිවන පීඩනය නිසා
මහාධමනි සහ පුප්ඵුසීය කපාට විවෘත වේ. කෝෂිකා ඉහිල් වන විට, අඩුවූ පීඩනයට ප්‍රතිචාර ලෙස මහා ධමනි සහ පුප්ඵුසීය කපාට වැසේ.[35]හෘත් ප්‍රතිදානයප්‍රධාන ලිපිය: හෘත් ප්‍රතිදානයමෙම ප්‍රස්තාරයේ x-අක්ෂය මගින් හෘත් ශබ්ද පටිගත කිරීම සමග කාලය දැක්වේ. y-අක්ෂය මගින් පීඩනය නිරූපණය වේ.[7]හෘත් ප්‍රතිදානය (CO) යනු එක් මිනිත්තුවක දී සෑම කෝෂිකාවක් (පහර ධාරිතාව) විසින්ම පොම්ප කරන රුධිර ප්‍රමාණය පිළිබඳ මිනුමකි. මෙය ගණනය කරන්නේ පහර ධාරිතාව (stroke volume - SV) මිනිත්තුවට හෘත් ස්පන්දන ශීඝ්‍රතාවෙන් (HR) ගුණ කිරීමෙනි. ඒ අනුව: CO = SV x HR.[7] හෘත් ප්‍රතිදානය දේහ පෘෂ්ඨ වර්ගඵලය අනුව අනුකූල කළ හැකි අතර, මෙය හෘත් සුචිය ලෙස හැඳින්වේ.70mLක පමණ සාමාන්‍ය පහර ධාරිතාවක් උපයෝගී කරගනිමින් සාමාන්‍ය හෘත් ප්‍රතිදානය ලෙස 5.25 L/min සැලකිය හැක. එහි සාමාන්‍ය පරාසය ලෙස 4.0–8.0 L/min ලැබේ.[7] පහර ධාරිතාව සාමාන්‍යයෙන් මිනුම් කරන්නේ ප්‍රතිධ්වනි කන්තුකරේඛනය උපයෝගී කරගිනිමිනි. නමුත් මෙය හෘදයේ ප්‍රමාණය, පුද්ගලයාගේ භෞතික සහ මානසික තත්ත්ව, ලිංගය, සංකෝච්‍යතාව, සංකෝචන කාලසීමාව, ප්‍රාග්භාරය සහ පසුභාරය බලපෑ හැක.[7]ප්‍රාග්භාරය (Preload) යන
ුවෙන් හැඳින්වෙන්නේ විස්තාරය අවසානයේ කර්ණිකාවල පැවතිය හැකි උපරිම පීඩනයයි. කෝෂිකා පිරීමට ගතවන කාලය මෙයට බලපාන ප්‍රධාන සාධකයකි. කෝෂිකා වේගයෙන් සංකෝචනය වන විට, පිරීයාමට ඇත්තේ සුළු කාලයක් බැවින් ප්‍රාග්භාරය කුඩා වේ.[7] ප්‍රාග්භාරය කෙරෙහි පුද්ගලයකුගේ රුධිර පරිමාව ද බලපෑ හැක. හෘත් පේශියේ සෑම සංකෝචනයකින්ම ඇතිවන බලය ප්‍රාග්භාරයට සමානුපාතික ය. මෙය ෆ්‍රෑන්ක්-ස්ටාර්ලිං යන්ත්‍රණය යටතේ විස්තර කෙරේ. මෙමගින් කියැවෙන්නේ සංකෝචන බලය ඍජුවම පේශි තන්තුවේ ආරම්භක දිගට සමානුපාතික බවයි. එනම් කෝෂිකා වඩාත් ඇදෙන විට එය වඩාත් ප්‍රබලව සංකෝචනය වන බවයි.[7][36]පසුභාරය හෙවත් ආකුංචයේ දී රුධිරය පොම්ප කිරීමට හෘදයෙන් කෙතරම් පීඩනයක් යෙදිය යුතු ද යන්න සඳහා සනාල ප්‍රතිරෝධය බලපායි. මේ සඳහා හෘත් කපාට පටු වීම (තානවය) හෝ පර්යන්ත රුධිර වාහිනීවල සංකෝචන සහ ඉහිල්වීම් හේතුවිය හැක.[7]විද්‍යුත් සන්නයනයප්‍රධාන ලිපියන්: හෘදයේ විද්‍යුත් සන්නයන පද්ධතිය සහ හෘත් ශීඝ්‍රතාවහෘදයේ සන්නායක පද්ධතිය ඔස්සේ හෘත් ක්‍රියා විභවයක් සම්ප්‍රේෂණය වන අයුරුසාමාන්‍ය රිද්මයානුකූල හෘත් ස්පන්දනය කෝඨරක රිද්මය ලෙස හඳුන්වන අතර, එය ස්ථාපනය කරන්නේ ගතිකරය ලෙස ක්‍ර
ියාකරන සයිනො-හෘත්කර්ණික ගැටය මගිනි. මෙහිදී නිර්මාණය වන විද්‍යුත් සංඥාව හෘදය ඔස්සේ ගමන් කිරීමේ දී හෘත් පේශිය සංකෝචනයට ලක්වේ.සයිනො-හෘත්කර්ණික ගැටය පිහිටියේ දකුණු කර්ණිකාවේ ඉහළ පෙදෙසේ උත්තර මහා ශිරාව සම්බන්ධවන සන්ධිය ආසන්නයේ ය.[37] සයිනො-හෘත්කර්ණික ගැටයෙන් ජනනය කරනු ලබන විද්‍යුත් සංඥාව දකුණු කර්ණිකාව දිගේ අරීය පථයක ගමන් කරයි. මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කොටගෙන නොමැත. මෙම සංඥාව බැච්මාන්ගේ ගොනුව ඔස්සේ වම් කර්ණිකාව වෙත ගමන් කරයි. එලෙසින් වම් සහ දකුණු කර්ණිකාවල පේශී එක්ව සංකෝචනය වේ.[38][39][40] එම සංඥාව අනතුරුව කර්ණික-කෝෂික ගැටය වෙත ගමන් කරයි. මෙය දකුණු කර්ණිකාවේ පහළ කර්ණිකකෝෂික ආවාරයේ දකුණු කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර සීමාවේ පිහිටයි. ආවාරය හෘත් සැකිල්ලේ ද කොටසකි. මෙම සැකිල්ල හෘදය තුළ පිහිටි සංඥා සම්ප්‍රේෂණය කළ නොහැකි පටකයකි. මේ නිසා සංඥාවට සම්ප්‍රේෂණය විය හැක්කේ කර්ණිකකෝෂික ගැටය තුළින් පමණි.[7] අනතුරුව මෙම සංඥාව හිස්ගේ ගොනුව ඔස්සේ වම් සහ දකුණු ගොනුවේ ශාඛා තුළින් හෘදයේ කෝෂිකා වෙත ගමන් කරයි. කෝෂිකා තුළ මෙම සංඥාව සම්ප්‍රේෂණය කරන්නේ පර්කින්‍ජි තන්තු නැමැති විශේෂිත පටකයක් මගිනි. එමගින් වි
ද්‍යුත් ආවේගය හෘත් පේශියට ලබා දෙයි.[41]හෘදයේ සන්නයන පද්ධතියහෘද ස්පන්දන ශීඝ්‍රතාවප්‍රධාන ලිපිය: හෘත් ශීඝ්‍රතාවමෙම ප්‍රාග්විභවය ඇතිවන්නේ ශීඝ්‍ර විධ්‍රැවණය සහ ප්‍රතිධ්‍රැවණයට පෙර දේහලිය එළඹෙන තෙක් සෝඩියම් අයන සෙමෙන් ගලා ඒම නිසායි. මෙම ප්‍රාග්විභවය පටලයට දේහලියට එළඹීමට උපකාරී වන අතර, සෛලයේ ස්වයංසිද්ධ විධ්‍රැවණයක් සහ සංකෝචනය ඇරඹීම සිදුවේ. අක්‍රීය විභවයක් නොපවතී.[7]සාමාන්‍ය අක්‍රීය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව කෝඨරක රිද්මය ලෙස හඳුන්වයි. මෙය නිර්මාණය සහ පවත්වා ගැනීම සඳහා වගකියන්නේ සයිනො-හෘත් කර්ණික ගැටය මගිනි. සයිනො-හෘත් කර්ණික ගැටය දකුණු කර්ණිකා බිත්තියේ පිහිටි ගතිකාරක සෛල සමූහයකින් යුක්ත ය. සයිනො-හෘත් කර්ණික ගැටයේ සෛල මෙය සිදුකරනු ලබන්නේ අක්‍රීය විභවයක් නිර්මාණය කිරීම මගිනි. හෘත් ක්‍රියා විභවය නිර්මාණය වන්නේ ගතිකාරක සෛලවල පිහිටි විශේෂිත විද්‍යුත් විච්ඡේද්‍යයක් ඇතුළට සහ පිටතට චලනය කරවීම මගිනි. අනතුරුව ක්‍රියා විභවය යාබද සෛල වෙත සම්ප්‍රේෂණය වේ.[42]සයිනො-හෘත් කර්ණික සෛල අක්‍රීය අවස්ථාවට පත්වන විට, ඒවායේ පටල මත ඍණ ආරෝපණ එක්රැස්ව පවතියි. කෙසේනමුත්, සෝඩියම් අයන ශීඝ්‍රයෙන් ඇතුළට ගලාඒම නිසා පටලයේ
ආරෝපණය ධන බවට පත්වේ. මෙම ක්‍රියාවලිය විධ්‍රැවණය ලෙස හඳුන්වන අතර, එය ස්වයංසිද්ධව සිදුවන්නකි.[7] සෛලය සතුව ප්‍රමාණවත් ඉහළ ආරෝපණයක් පවතින විට, සෝඩියම් නාල සංවෘත වී කැල්සියම් අයන සෛලය තුළට ඇතුළුවීම අරඹයි. මෙය පොටෑසියම් අයන පිටවී යාමෙන් මඳ වේලාවකට පසු සිදුවේ. මෙම සියලු අයන සයිනො-හෘත් කර්ණික සෛලවල පටලයේ පිහිටි අයන නාල ඔස්සේ පරිවහනය වීම සිදුවේ. පොටෑසියම් සහ කැල්සියම් අයන සෛලය තුළට හෝ පිටතට ගමන් කිරීම අරඹන්නේ සෛලය සතුව ප්‍රමාණවත් ආරෝපණයක් ඇති විට ය. මෙම අවස්ථාව වොල්ටීය-ද්වාරිත ලෙස හඳුන්වයි. මින් මඳ වේලාවකට පසු, කැල්සියම් නාල සංවෘත වී පොටෑසියම් නාල විවෘත වේ. එමගින් පොටෑසියම්වලට සෛලයෙන් පිටතට ගමන් කිරීමට හැකියාව ලැබේ. මේ හේතුවෙන් සෛලයේ අක්‍රීය ඍණ ආරෝපණයක් ඇතිවේ. මෙයට ප්‍රතිධ්‍රැවණය යැයි කියනු ලැබේ. පටලයේ විභවය ආසන්න වශයෙන් −60 mV පමණ අගයයකට ළඟා වූ පසු, පොටෑසියම් නාල සංවෘත වී ඉහත යන්ත්‍රණය යළි ඇරඹේ.[7]අයන පරිවහනය සිදුවන්නේ ඒවා සාන්ද්‍රගත වූ ස්ථානවල සිට එසේ නොවන ස්ථාන දක්වා ය. මේ නිසා සෝඩියම් අයන පිටත සිට සෛලය තුළට විසරණය වේ. පොටෑසියම් අයන සෛලයේ සිට පිටතට විසරණය වේ. කැල්සියම් ද තීරණාත්මක කෘත්‍යයක
් ඉටුකරයි. ඒවා ප්‍රමාදී නාල ඔස්සේ ඇතුළට ගලා ඒම මගින් අදහස් වන්නේ සයිනො-හෘත් කර්ණික සෛල ඒවායේ ධන ආරෝපණ ඇති විට "සානු" අවධිය පවතින කාලසීමාව වැඩි කරන බවයි. මින් කොටසක් නිරපේක්ෂ අනස්සව කාලය ලෙස හඳුන්වනු ලැබේ. කැල්සියම් අයන ට්‍රොපොනින් සංකීර්ණයේ ටොපොනින් C නැමැති පාලක ප්‍රෝටීනය සමග සංයුක්ත වීමෙන් හෘත් පේශියේ සංකෝචනයට හැකියාව ලැබේ. පේශිය ඉහිල්වීමේ දී කැල්සියම් අයන ප්‍රෝටීනයෙන් වෙන් වීම සිදුවේ.[43]වැඩිහිටි අක්‍රීය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව 60 සිට 100 bpm දක්වා පරාසයක පවතියි. අලුත උපන් ළදරුවකුගේ අක්‍රීය හෘත් ශීඝ්‍රතාව මිනිත්තුවට ස්පන්දන (bpm) 129ක් පමණ විය හැක. එය පරිණත වනතෙක් ක්‍රමයෙන් අඩුවේ.[44] මලල ක්‍රීඩකයකුගේ හෘද ස්පන්දන වේගය 60 bpmට වඩා අඩුවිය හැක. ව්‍යායාම කිරීමේ දී එම ශීඝ්‍රතාව 150 bpm පමණ විය හැකි අතර, එහි උපරිම සීමාව 200 සිට 220 bpm දක්වා විහිදිය හැක.[7]යාමනයහෘදයේ සාමාන්‍ය කෝඨරක රිද්මය අක්‍රීය හෘත් ශීඝ්‍රතාව පවත්වා ගන්නා අතර, මේ කෙරෙහි සාධක කිහිපයක්ම බලපායි. මස්තිෂ්ක වෘනතයේ පිහිටි හෘත්සනාල මධ්‍යස්ථාන මගින් හෘදයේ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී බලපෑම් යාමනය කරනු ලබන්නේ සංචාර ස්නායුව සහ අන
ුවේගී මහාපථය මගිනි.[45] මෙම හෘත්සනාල මධ්‍යස්ථාන වෙත ප්‍රදානයන් විවිධ ප්‍රතිග්‍රාහක මගින් ලැබේ. මේ අතර ආතති සහ රුධිර වාහිනීවල ඇදීම් ප්‍රතිග්‍රහණය කරන පීඩන ප්‍රතිග්‍රාහක, රුධිරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් එහි pH අගයයත් ප්‍රතිග්‍රහණය කරන රසායනික ප්‍රතිග්‍රාහක ද වේ. ප්‍රතීකයන් මාලාවක් ඔස්සේ මෙ ප්‍රතිග්‍රාහක රුධිර ගලනය යාමනයට උපකාරී වේ.[7]පීඩන ප්‍රතිග්‍රාහක යනු මහාධමනි කෝඨරකයේ, ශීර්ෂපෝෂී දේහ, මහා ශිරා සහ වෙනත් ස්ථානවල පිහිටි ආතති ප්‍රතිග්‍රාහක වේ. මේවා පුප්ඵුසීය ශිරා සහ හෘදයේ දකුණු පස ද පිහිටා ඇත. පීඩන ප්‍රතිග්‍රාහක ඒවා ඇදෙන ප්‍රමාණයට සංවේදී වේ.[46] මේ සඳහා රුධිර පීඩනය, භෞතික ක්‍රියාකාරකම් මට්ටම, සහ රුධිරයේ සාපේක්ෂ ව්‍යාප්තිය බලපායි. පීඩනය සහ ආතති වැඩිවන විට, පීඩන ප්‍රතිග්‍රාහක උත්තේජනය වන ශීඝ්‍රතාව ඉහළ යයි. එවිට හෘත් මධ්‍යස්ථානවල අනුවේගී උත්තේජනය නිෂේධනය වී ප්‍රත්‍යානුවේගී උත්තේජනය ඉහළ යයි. පීඩනය සහ ආතතිය අඩු වන විට, පීඩන ප්‍රතිග්‍රාහක උත්තේජනය වන ශීඝ්‍රතාව පහළ යයි. එවිට හෘත් මධ්‍යස්ථාන මගින්, අනුවේගී උත්තේජනය ඉහළ ගොස්, ප්‍රත්‍යානුවේගී උත්තේජනය පහළ යයි.[7] මීට සමාන කර්ණික ප්
‍රතීකය හෙවත් මොළසේතු ප්‍රතීකය නැමැති ප්‍රතීකයක් මහාධමනිය තුළට රුධිර ගැලීමේ ශීඝ්‍රතාව කෙරෙහි බලපායි. ශිරා ප්‍රත්‍යාගමනය ඉහළ යාමෙන් විශේෂිත පීඩන ප්‍රතිග්‍රාහක සහිත මහාධමනිව බිත්ති ඇදීමකට ලක්වේ. කෙසේනමුත්, ඉහළ යන රුධිර පීඩනය හේතුවෙන් කර්ණික පීඩන ප්‍රතිග්‍රාහක උත්තේජනය වන ශීඝ්‍රතාව ඉහළ යන විට ප්‍රතිචාරයක් ලෙස හෘත් මධ්‍යස්ථානයේ අනුවේගී උත්තේජනය ඉහළ ගොස්, ප්‍රත්‍යානුවේගී උත්තේජනය නිෂේධනය වේ. මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව ද විය හැක.[7] රසායනික ප්‍රතිග්‍රාහක පිහිටියේ ශීර්ෂපෝෂී දේහයේ හෝ මහාධමනියට යාබදව ධමනික දේහයක ය. මෙය රුධිරයේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් මට්ටම්වලට සංවේදී වේ. අඩු ඔක්සිජන් හෝ ඉහළ කාබන් ඩයොක්සයිඩ් මට්ටම නිසා මෙම ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම වැඩි වේ.[47]ව්‍යායාම සහ යෝග්‍යතා මට්ටම්, වයස, දේහ උෂ්ණත්වය, පාදස්ථ පරිවෘත්තීය වේගය,සහ පුද්ගලයකුගේ මානසික තත්ත්වය පවා හෘද ස්පන්දන වේගය කෙරෙහි බලපෑ හැක. එපිනෙෆ්රින්, නොරෙපිනෙෆ්රින්, සහ තයිරොයිඩ හෝමෝන මට්ටම් ඉහළ යාමෙන් ද හෘත් ස්පන්දන ශීඝ්‍රතාව ඉහළ යා හැක. කැල්සියම්, පොටෑසියම් සහ සෝඩියම් වැනි විද්‍යුත් විච්ඡේද්‍යවල මට්ටම ද වේගය සහ හෘත් ස්පන්දන ශීඝ්‍ර
තාවේ නියමිත ස්වභාවය පවත්වා ගැනීමට උපකාරී වේ; අඩු රුධිර ඔක්සිජන් ප්‍රමාණය, අඩු රුධිර පීඩනය සහ විජලනය ද රුධිර ස්පන්දන වේගය වැඩි කිරීමට හේතු විය හැක.[7]හෘත් ශබ්දමයිට්‍රල් කපාටය (දකුණ), ත්‍රිතුණ්ඩ සහ මයිට්‍රල් කපාට (ඉහළ වමේ) සහ මහාධමනි කපාටය (ඉහළ දකුණ) පෙන්වන 3D ප්‍රතිධ්වනිකන්තුක රේඛන සටහනක්. හෘත් කපාට වැසීම හේතුවෙන් හෘත් ශබ්ද ඇති වේ.ප්‍රධාන ලිපිය: හෘත් ශබ්දහෘදයේ තත්ත්වය නිර්ණය කිරීමේ සරලතම ක්‍රමවේදයක් ලෙස වෙද නලාවක් භාවිතයෙන් සවන්දීම දැක්විය හැක.[7] සාමාන්‍යයෙන්, නිරෝගී හෘදයක ශ්‍රව්‍යමය හෘත් ශබ්ද දෙකක් ඇසිය හැක. මේවා S1 සහ S2 ලෙස හඳුන්වයි. පළමු හෘත් ශබ්දය වන S1 යනු කෝෂික ආකුංචයේ දී කර්ණිකකෝෂික කපාට වැසෙන ශබ්දයයි. සාමාන්‍යයෙන් මෙය "ලබ්" ලෙස විස්තර කෙරේ. දෙවන හෘත් ශබ්දය වන S2, යනු කෝෂික විස්තාරයේ දී අඩසඳ කපාට වැසෙන ශබ්දයයි. මෙය "ඩබ්" ලෙස විස්තර කෙරේ.[7] සෑම ශබ්දයක්ම සංරචක දෙකකින් සමන්විත ය. එමගින් කපාට දෙක වැසෙන විට ඇතිවන කාලයේ සුළු අන්තරය නිරූපණය වේ.[48] S2 ඇතැම්විට වෙනස් ශබ්ද ආකාර දෙකකට විභේදනය විය හැක. මෙය ආශ්වාසය හෝ වෙනස් කපාට හෝ හෘත් ගැටලු නිසා ඇතිවිය හැක.[48] අමතර හෘත් ශබ්ද ඇති
විය හැකි අතර, ඒවා නිසා පිමි රිද්ම (gallop rhythm) ඇතිවිය හැක. කෝෂික ‍රුධිර පරිමාව ඉහළ ගිය විට, S3 නැමැති තෙවන හෘත් ශබ්දයක් ද ඇසිය හැක. සිව්වන හෘත් ශබ්දය වන S4 යන්න කර්ණික පිමි (atrial gallop) සඳහා යෙදෙන අතර, මෙය නිපදවෙන්නේ මෙය නුහුරු කෝෂිකාවක් තුළට රුධිරය බලෙන් පොම්ප කිරීමේ දී ය. S3 හා S4 හි සංයුක්තය මගින් චතුර්ගුණ පිමි රිද්මයක් ගැබේ.[7]හෘත් මුනුමුනුව යනු ව්‍යාධිවේදීය හෝ මෘදු අසාමාන්‍ය හෘත් ශබ්ද වේ.[49] මුනුමුනුවකට එක් උදාහරණයක් නම් සිටිල්ගේ මුනුමුනුවයි. මෙමගින් කුඩා දරුවන් තුළ සංගීතමය නාදයක් ඇසේ. මෙහි සංකූළතා නොමැති අතර, වැඩිවියට පත්වීමේ දී අතුරුදන්ව යයි.[50]වෙනස්ම ආකාරයක ශබ්දයක් වන පරිකන්තුක සංඝර්ෂණ ඇතිල්ලීම (pericardial friction rub) පරිකන්තුදාහයේ (pericarditis) දී ආසාදිත පටල එකිනෙක ඇතිල්ලීම නිසා ඇකි විය හැක.[51]සායනික වැදගත්කමරෝගවෙද නලාව හෘත් ශබ්දවලට සවන් දීම පිණිස භාවිතා වේ. මෙය වෛද්‍ය විද්‍යාවේ වඩාත් සුලබ සංකේතය ද වේ. හෘද මුනුමුනුවට සවන්දීමෙන් රෝග ගණනාවක් නිර්ණය කළ හැක.ඇතරොස්ක්ලෙරෝසිස් යනු සංසරණ පද්ධතිය කෙරෙහි බලපාන රෝගී තත්ත්වයකි. මෙහිදී කිරීටක ධමනි අවහිර වුවහොත් උරස් සම්බ
ාධය (angina pectoris) හෝ හෘදයාබාධ ඇතිවිය හැක.හෘදයේ රෝගවලට හේතුවන හෘත්සනාල රෝග ලෝකය පුරා මරණවලට පධාන හේතුවක් බවට පත්ව ඇත.[52] හෘත්සනාල රෝග බහුතරයක් බෝ-නොවන රෝග වන අතර, ජීවන රටාව ඇතුළු වෙනත් සාධක මීට අදාළ වේ. වියපත් වීමත් සමග මෙම රෝග බහුල බව දක්නට ලැබේ.[52] හෘද රෝග මරණ සඳහා ප්‍රධාන හේතුවක් වන අතර, ගෝලීයව 2008දී සිදුවූ සියලු මරණවලින් 30%ක් මේ නිසා සිදුව ඇත.[11] වැඩි-ආදායම් රටවල මෙම ප්‍රතිශතය 28%ක පහළ අගයයක සිට 40%ක උච්ච අගයයක් දක්වා විහිදේ.[12] හෘදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් හෘද රෝග වෛද්‍යවරුන් ලෙස හඳුන්වනු ලැබේ. නමුත් හෘද ප්‍රතිකාර සඳහා නොයෙකුත් වෙනත් වෛද්‍ය වෘත්තිකයන් ද දායක වේ. මේ අතර සාමාන්‍ය වෛද්‍ය වෘත්තිකයින්, හෘත්උරස් ශල්‍ය වෛද්‍යවරුන්, දැඩි සත්කාර වෛද්‍යවරුන් වැනි වෛද්‍යවරුන් මෙන්ම භෞතචිකිත්සකවරුන් හා පෝෂණවේදීන් වැනි සම සෞඛ්‍ය වෘත්තිකයන් ද වේ.[53]කිරීටක ධමනි රෝගය ඇතිවීමට ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වය ද හේතු වේ. ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වයේ දී ධමනි ඇතුළු බිත්තිවල ඵලක තැන්පත් වීම නිසා ඒවා පටු වී, හෘදයට ගලා යන රුධිර ප්‍රමාණය අඩුවේ.[54] ස්ථාවර ඵලක හේතුවෙන් පපුවේ වේදනාව (ඇන්ජයිනා) හෝ ව්‍යායා
ම කරනවිට හෝ විවේක ගන්නා විට හුස්ම ගැනීමේ අපහසුව හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැක. කැඩීගිය ඵලක හේතුවෙන් රුධිර වාහිනී අවහිර වී හෘත් පේශියට ඉස්කේමියා තත්ත්වයන් ඇති විය හැක. මෙමගින් අස්ථිර උරස් සම්බාධය හෝ හෘදයාබාධ ඇතිවිය හැක.[55] මෙය උග්‍ර වූ විට, හෘත් නැවතීම, හෘදයේ ප්‍රතිදානය හදිසියේම අඩාල වීම වැනි තත්ත්වයන් ඇති විය හැක.[56] ස්ථූලතාවය, අධි රුධිර පීඩනය, පාලනය නොකළ මධුමේහය, දුම්පානය සහ අධික කොලෙස්‍ටරොල් වැනි සාධක නිසා ඇතරොස්ක්ලෙරෝසිස් සහ කිරීටක ධමනි රෝගය වැනි තත්ත්ව වර්ධනය වීමේ අවදානම වැඩිවිය හැක.[52][54]හෘත් අකරණිය යනු හෘදයේ අවශ්‍යතාවට අනුව ප්‍රමාණවත් තරම් රුධිරයක් පොම්ප කිරීමට හෘදයට නොහැකි වීමයි.[54] මෙය සාමාන්‍යයෙන් නිධන්ගත තත්ත්වයක් වන අතර වයස්ගත වීඹත් සමග එය ක්‍රමිකව වැඩි විය හැක.[57] හෘදයේ සෑම පැත්තක්ම එකිනෙකින් ස්වායත්තව අකර්මණ්‍ය විය හැක. මේ නිසා වම් හෘදයේ හෝ දකුණු හෘදයේ හෘත් අකරණිය ඇති විය හැක. වම් හෘත් අකරණිය හේතුවෙන් දකුණු හෘත් අකරණිය (cor pulmonale) පවා ඇතිවිය හැක. මෙහිදී දකුණු හෘදයේ පීඩනය වැඩි වේ. හෘදයට ප්‍රමාණවත් තරම් රුධිරය පොම්ප කළ නොහැකි නම්, එය සිරුර තුළ එක්රැස් වී පෙ
නහැලිවල හුස්ම ගැනීමේ අපහසුව (පුප්ඵුසීය රක්තාවරෝධය; පුප්ඵුසීය ශෝථය), පාදය සහ ගුරුත්වය මත රඳන ස්ථානවල ඉදිමීම (ශෝථය), ව්‍යායාම දැරීමේ හැකියාව අඩු වීම හෝ අක්මාව විශාල වීම, හෘත් මුනුමුනුව, මන්‍යා ශිරා පීඩනය වැඩිවීම වැනි වෙනත් සායනික තත්ත්ව ඇතිවිය හැක. හෘත් අකරණියට බලපාන පොදු සාධක අතර කිරීටක ධමනි රෝගය, කපාට අසාමාන්‍යතා සහ හෘත් පේශී රෝග ද වේ.[58]හෘත් පේශියේ කාලික රෝග තත්ත්වය (Cardiomyopathy) යනුවෙන් හැඳින්වෙන්නේ හෘත් පේශියේ සංකෝචන හැකියාවේ සැලකියයුතු පරිහානි ත්ත්ත්වයකි. මේ නිසා හෘත් අකරණිය පවා ඇතිවිය හැක. හෘත් පේශියේ විවිධාකාර කාලික රෝගී තත්ත්වයන්ට හේතු හඳුනාගෙන ඇත්තේ අල්ප ව‍ශයෙනි. ඇතැමුන් පවසන්නේ මෙයට හේතූන් ලෙස ඇල්කොහොල, විෂ, සාකොයිඩෝසිස් වැනි සංස්ථානික රෝග, සහ HOCM වැනි සහජ තත්ත්වයන් ද හේතු විය හැක. කාඩියෝමයෝපැති ප්‍රභේදයන් විස්තර කෙරෙන්නේ ඒවා හෘත් පේශියට බලපාන ස්වරූපය අනුවයි. කාඩියෝමයෝපැති තත්ත්වයන් නිසා හෘදය විශාල විය හැක. (අධිවර්ධීය කාඩියෝමයෝපැති) HOCM තත්ත්වය බොහෝවිට රෝග විනිශ්චය නොකෙරෙන අතර, එය ලාබාල මලල ක්‍රීඩකයන්ගේ හදිසි මරණවලට හේතු විය හැක.[7]හෘත් මුනුමුනුව යනු රෝගයකට සම්බවන්ධ හෝ
මෘදු අයුරින් හෘ‍දයේ ඇතිවන අසාමාන්‍ය හෘත් ශබ්ද වේ. මේවා ආකාර කිහිපයක් පවතියි.[59] සාමාන්‍යයෙන් හෘත් ශබ්ද ආකාර දෙකක් පවතියි. එමනිසා අසාමාන්‍ය හෘත් ශබ්ද අමතර ශබ්දයක් හෝ "මුනුමුනුවක්" ආකාරයෙන් ඇසිය හැක. මුනුමුනුව එහි ශබ්දය අනුව ශ්‍රේණිගත කොට ඇත. එය 1 (නිශ්ශබ්දම), සිට 6 (ඝෝෂාකාරී) දක්වා වන අතර, හෘත් ශබ්දවලට ඒවා දක්වන සම්බන්ධතාව, හෘත් චක්‍රයේ පිහිටීම, අනුව ඒවා ඇගයිය හැක. මෙය පුද්ගලයාගේ තත්ත්වය අනුව වෙනස් වන අතර, ශබ්දයේ සංඛ්‍යාතය නිර්ණය කරනු ලබන්නේ වෙද නලාව ආධාරයෙනි.[60]කන්තුක හඬපටය ආධාරයෙන් මෙම ශබ්ද පටිගත කළ හැකි අතර,[7] ප්‍රතිධ්වනි කන්තුකරේඛය මේවා හඳුනාගැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරයි.[61] මෙම මුනුමුනුව ප්‍රධාන හෘත් කපාට පටුවීම නිසා හටගත් කපාටික හෘද රෝග හේතුවෙන් ඇතිවිය හැක. මෙය කර්ණික සහ කෝෂික ආවාර විකලතාවයන් නිසා ද ඇති විය හැක.[60] සංවර්ධනය වෙමින් පවතින රටවල්වල හෘත් මුනුමුනුවට බලපාන බහුල සංක්‍රමික හේතූන් දෙක නම් සංක්‍රාමික අන්තෝකන්තුදාහය (Infective endocarditis) සහ රූමැටික උණයි. සංක්‍රාමික අන්තෝකන්තුදාහය නිසා හෘත් කපාටවල ක්ෂුද්‍රජීවී ඝනාවාසීකරණයත්,[62] රූමැටික උණ නිසා A වර්ගයේ ස්ට්‍රෙප්ටො
කොකස් බැක්ටීරියා ආසාදන ද ඇතිවිය හැක. මෙහිදී ප්‍රතිචාර ලෙස හෘත් ‍පටකයෙන් ස්ට්‍රෙප්ටොකොකීය ප්‍රතිදේහජනකයට සමාන ක්‍රියාවලියක් ඇතිවේ.[63]හෘදයේ සාමාන්‍ය කෝඨරක රිද්මයේ ඇති අසාමාන්‍යතාවන් නිසා හෘදයට ක්‍රියාකාරී පොම්පයක් ලෙස ක්‍රියාකළ නොහැකි අවස්ථා එළඹිය හැක. මේවා සාමාන්‍යයෙන් හඳුනාගන්නේ ECG මගිනි. මෙම හෘත් අරිද්මිකතාවයන් හේතුවෙන් අසාමන්‍ය නමුත් ඒකාකාර හෘත් රිද්මයක් ඇතිවේ. උදාහරණ ලෙස ශීඝ්‍ර හෘද ස්පන්දන වේගය (ට්‍රේකිකාඩියාව, මෙය කෝෂිකාවලට ඉහළින් හටගන්නේ ද නැතහොත් කෝෂිකාවලින් හටගන්නේ ද යන්න මත වර්ග කෙරේ) හෝ මන්දිත හෘත් ස්පන්දන වේගය (බ්‍රැඩිකාඩියාව) දැක්විය හැක. නැතහොත් අක්‍රමවත් රිද්මයන් ද ඇතිවිය හැක. ට්‍රේකිකාඩියාව (tachycardia) ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ මිනිත්තුවට ස්පන්දන 100ට වඩා වැඩි හෘත් ස්පන්දනයන් ය. බ්‍රැඩිකාඩියව (bradycardia) යනු 60ට වඩා අඩු හෘත් ස්පන්දන ශීඝ්‍රතාවයයි.[64] අසංන්‍යාස්තය (Asystole) යනු හෘත් රිද්මය නැවතීමයි. අහඹු සහ විචලන රිද්මය කර්ණික හෝ කෝෂික තත්ත්වායනය ලෙස වර්ග කෙරෙන්නේ කර්ණිකාවේ හෝ කෝෂිකාවේ ජනනය වන විද්‍යූත් ක්‍රියාකාරීත්වය අනුව ය.[64] අසාමාන්‍ය සන්නයනය නිසා හෘත් පේශි
සංකෝචනය ප්‍රමාද වීම හෝ අනුපිළිවෙල වෙනස් වීම සිදුවිය හැක. මෙය හෘදය අවහිර වීම වැනි රෝගී තත්ත්වයක් හෝ වොල්ෆ්-පාකින්සන්-වයිට් සහලක්ෂණය වැනි ජානමය අසාමාක්‍යතාවන් නිසා ද සිදුවිය හැක.[64]හෘදය වටකොට පිහිටන පෙරිකාඩියම (පරිකන්තුව) කෙරෙහි ද විවිධ රෝගාබාධ බලපායි. මෙහි ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් පරිකන්තුදාහය ලෙස හඳුන්වයි. මෙය ආසාදක හේතූන් (ග්‍රන්ථික උණ, සයිටොමෙගලොවයිරස්, කොක්සැකීවයිරස්, ක්ෂය රෝගය හෝ Q උණ වැනි), ඇමයිලොයිඩෝසිස් හෝ සාකොයිඩෝසිස් වැනි සංස්ථානික අසාමාන්‍යතා, ටියුමර, ඉහළ යූරික් අම්ල මට්ටම, සහ වෙනත් හේතූන් නිසා ඇතිවිය හැක. මෙම ප්‍රදාහ තත්ත්වය නිසා හෘදයට ක්‍රියාකාරී පොම්පයක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව කෙරෙහි බලපෑම් ඇතිවේ. පෙරිකාඩියම තුළ තරල එක්රැස් වීම පරිකන්තුක නිස්සරණය නම් වේ. මෙවිට ඇතිවන හෘත් අකරණිය cardiac tamponade නම් වේ. මෙම තරලය තුවාලයකින් ඇතිවූ රුධිරය හෝ වෙනත් ස්‍රාවයක් විය හැක.[65] මේ නිසා හෘදය සම්පීඩනය වීමෙන් හෘදයේ කෘත්‍යයට බලපෑම් එල්ල වේ. පරිහෘද පැසෙන් මෙම තරලය සිරින්ජයක් භාවිතයෙන් ඉවත් කළ හැක. මෙම ක්‍රියාවලිය pericardiocentesis ලෙස හැඳින්වේ.[66]සහජ රෝගී තත්ත්ව නිසා ද හෘදයට බලපෑම්