inputs
stringlengths
1
4.84k
targets
stringlengths
1
44.1k
annotation_type
stringclasses
2 values
user_id
stringlengths
64
64
සියලු ක්‍රිකට් තරඟ රටාවන්හිදී ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩකයා කවුද?
සියලු ක්‍රිකට් තරඟ රටාවන්හිදී ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩකයා සචින් තෙන්ඩුල්කා(ර්) වේ
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
චීනය කොමියුනිස්ට් පක්ෂය බිහිකරන ලද වසර
1921
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
වරද මුද්‍රාව විස්තර කරන්න.
වරද මුද්‍රවෙන් උත්තරීතර දයාව ද, කරුණාව ද සියලු සත්ත්වයනට එක හා සමානව පිරිනැමීම වැනි ගුණාංග නිරූපණය වන බව සඳහන් වනවා. මෙම මුද්‍රාව නිරූපණය වන පිළිම ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගිනිගෙන විනාශවූ රෝම නගරය වෙනුවට , නීරෝ අධිරාජයා විසින් ඉදිකරවන ලද නගරය හැඳින්වූ නම කුමක්ද ?
ගිනිගෙන විනාශවූ රෝම නගරය වෙනුවට , නීරෝ අධිරාජයා විසින් ඉදිකරවන ලද නගරය "නීරෝපොලිස්" නම්වේ.
re-annotations
b3b2143bd627260f6d4ef6cf0383062daf8d6a7ad7be3a3fe2e27f2716f47325
"ප්‍රෝඩාව" කියන්නෙ මොකක්ද ? බොරුවද? කපටිකම ද? උදාහරණයක් කියල දෙන්න පුළුවන් ද? ඒක ඔරිජිනලි සිංහල වචනයක් ද?
ඉංග්‍රීසි මූලයක් ඇති වචනයක් බවයි පෙනෙන්නේ. සමාන අරුත දෙන ඉංග්‍රිසි වචනය fraud. (ෆ්‍රෝඩ්) පැරණි සාහිත්‍යයේ ප්‍රෝඩා යන වචනය නැහැ. මඩ යන්න මණ්ඩ යන සංස්කෘත වචනයෙන් බිඳී ආවකි. ඇතැම් විට ඉංග්‍රීසියත් ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් නිසා සංස්කෘතයට ආ මූලයෙන් ම ඉංග්‍රීසියට පාදක වූ ග්‍රීක් ලතින්වලට ඒ වචනය යන්ට ද ඇති. සමාන වන්නට ඇත්තේ ඒ නිසයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කොතලාවල හමුදා ආරක්ෂක පීඨය ඉදි කිරිමට කඳවල වලව්ව සහිත භූමිය පරිත්‍යාග කරන ලද්දේ කවුරුන් විසින්ද?
කොතලාවල හමුදා ආරක්ෂක පීඨය ඉදි කිරිමට කඳවල වලව්ව සහිත භූමිය පරිත්‍යාග කරන ලද්දේ ශ‍්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහතා විසිනි.
re-annotations
9ed4818ede21a4c0331541788fe85f8921462ded39b59adc4ddca5e9504e5b51
Anti-clockwise එය වමේ සිට ද දකුණින් ද?
Anti-clockwise = වමා වර්ත යමක් ප්‍රති-දක්ෂිණාවර්තව(Anti-clockwise) ගමන් කරන විට එය වමේ සිට දකුණට චක්‍ර චලිතයකින් ගමන් කරයි. ඔර්ලෝසුවක අත් සාමාන්‍ය භ්‍රමණයේ ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වන බව සිතන්න; ඒවා 12 සිට 3 දක්වා වෙනුවට 12 සිට 9 දක්වා ගමන් කරයි. එබැවින්, දක්ෂිණාවර්තව චලනය වන විට වම් පැත්තෙන් ආරම්භ වී දකුණට ගමන් කරයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මගේ තණකොළ කපා ගත හැකි අමුතු ක්‍රම මොනවාද?
ඔබ තණකොළ කැපීමට තණකොළ කපන යන්ත්‍රයක් භාවිතා නොකරන්නේ නම්, ඔබේ තණකොළ කපා තබා ගැනීමට අමුතු අදහස් කිහිපයක් මෙන්න: - එළුවෙකු මිල දී ගෙන එය ඔබේ මිදුලේ තබන්න - සෑම තලයක්ම කතුරකින් කපා දවස පුරා ගත කරන්න - ගිනිදැල් - සැරසෙන්න ගොරහැඩි කපන්නා මෙන් සහ දෑකැත්තක් භාවිතා කරන්න
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පහත ගීතය සම්පුර්ණ කරන්න. ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණේහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිටු පෙම් ආනන්ද වේ
ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණේහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිටු පෙම් ආනන්ද වේ කෝකිල සංදේශ කවි පොතේ ඔය වැනි උපමා ද තව ඇතේ රුවැති ළඳකට තනිව මග තොට යන්න නිදහස දැන් නෑ වගේ කාගේ කවුරුද ඉන්නේ කොතැනද නෑ අපි අඳුනන්නේ ආගන්තුක අපි ආවම කඳුරට නැතුවද පිළිගන්නේ කෝකිල සංදේශ කවි පොතේ….. ගෙලවට බැන්දා වූ මුතු පොටේ….. සෙංකඩගලපුර පෝදා සඳ මෙනි මේ මුතු මැණිකේලා දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම නෑ හොඳ නෑ ඕවා ගෙලවට බැන්දා වූ මුතු පොටේ….. කෝකිල සංදේශ කවි පොතේ….. ගායනය-ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී පද රචනය-අජන්තා රණසිංහ සංගීතය-ප්‍රියා සූරියසේන
re-annotations
177fda9044a9811640571d7d5e06448c547317606c79eb096fdb2876ac4cd0b4
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? උන්නතිය
අවනතිය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මැදින් පෝය ගැන විස්තරයක් කරන්න.
හේමන්ත ඍතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචර්‍ය්‍යාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්‍ය්‍ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන්සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය. ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ ගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ‍ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝද දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරඤ්චි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහ නුවරට ගොස් රජහු ගේ පණිවුඩය කියා බුදුරදුන් වැඩමවාගෙන එන්නට පිටත් කෙළේ ය. ඔහු පිරිසක් සමඟ කපිල වස්තු පුරයෙහි සිට සැට යොදුන් මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියේ ය. ‍එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුපිරිස මැද දහම් දෙසමින් වැඩ විසූහ. ඇමති තෙමේ රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ විය. රජතුමා ඇමතියා ආපසු නො පැමිණෙන හෙයින් නැවැත ද ඇමැතියකු ඇතුළු දහසක් පිරිස යැවී ය. මෙසේ සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නව දහසක් පිරිස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩමවා ගෙන එනු පිණිස යැවී ය. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට අසමත් විය. ඒ සියලු දෙනා ම බණ අසා රහත් ව පැවිදි වූහ. අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා, ‘දරුව, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමතියන් නව දෙනෙකු නව දහසක් පිරිස සමග බුදුන් වෙත යැවීමි. එහෙත් ඔවුන් ගැන කිසිදු ආරඤ්චියක් නො මැත. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, පුත්‍රයා කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැ”යි විචාළේ ය. එබසට අමාත්‍ය තෙමේ, “ඉදින් පැවිදි වන්නට අවසර දෙතොත් එය ඉටු කරන්නෙමි”යි කීයේ ය. රජතුමා එයට අවසර දුන්නේ ය. කාලුදායී ඇමතියා පිරිවර දහසක් පිරිස සමග වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සහිත ව රහත් ව මහණ විය. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධික ය. ශාක්‍ය ජනපදයෙන් පැමිණි පිරිස දස දහස් දසයෙක් (10010) වූහ. අංග - මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසෙකි. කිඹුල්වත් පුරයට වැඩමවීම කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසු ව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බව ද පැවසූහ. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේ ය. පැරණි කොළ වැටුණු වෘක්ෂයෝ අලුත් දලු ලා ගිනිදලු මෙන් බබළති. හැම තුරු ලියක් ම පිපුණු මලින් සැරසී ඇත. දසත සුවඳ පතුරා ලති. මඟ වෙහෙස නිවනට මඳ පවන් මල් සුවඳ මුසු ව ඒ මේ අත හමායෙයි. බුදුපුදයට සැරසුනාක් මෙන් රජගහ නුවර සිට කිඹුල්වත් නුවර දක්වා මඟ දෙපස මෙබඳු අසිරිමත් සිරියෙන් බැබළෙමින් තිබිණි. කාලුදායි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය එළඹී ඇති බව දන්වමින් ගමන් වර්ණනාව ගාථා සැටකින් ප්‍රකාශ කළ හ. 1. අංගාරි‍නොදානි දුමා භදන්තෙ ඵලොසිනො ඡදනං විප්පහාය තෙ අච්චිමන්තො ච පහාසයන්ති සමයො මහාවීර භගීරථානං . 2. දුමානි ඵුල්ලානි මනොරමානි සමන්තතො සබ්බදිසා පවන්ති පත්තං පහාය ඵලමාසසානං කාලො ඉතො පක්ක මනායවීර . 3. නෙවාති සීතං න පනාති උණ්හං සුඛා උතු අද්ධනියා භදන්තෙ පසසන්තු තං සාකියා කොලියා ච පච්ඡා මුඛං රොහිණිං තාරයන්තං . 4. ආසාය කස්සතෙ ඛෙත්තං - ඛීජං ආසාය වප්පතෙ ආසාය වාණිජා යන්ති - සමුද්දං ධනභාරකා යාය ආසාය තිට්ඨාමි - සා මේ ආසා සමිජ්ඣතු . 5. පුනප්පුනං වෙච වපන්ති බීජං පුනප්පුනං ‍වස්සති දෙවරාජා පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං . 6. පුනප්පුනං යාචනකා චරන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං ‍දානපති දදිත්වා පුනප්පුනං සග්ගුපෙන්ති ඨානං . 7. වීරො ‍භවෙ සත්තයුගං පුනාති යස්මිං කුලෙ ජායති භූරිපඤ්ඤො මඤ්ඤාමහං සක්කති දෙවදෙවො තයාභිජාතො මුනි සච්චනාමො . 8. සුද්ධොදනො නාම පිතා මහෙසිනො බුද්ධස්ස මාතා පව මායනාමා යං බොධිසත්තං පරිහරිය කුච්ඡිතා කායස්ස භෙදා තිදිවම්හි මොදති . 9. සා ගොතමී කාලකතා ඉතො චුතා දිබ්බෙහි කාමෙහිසමංගිභූතා සා මොදතී කාම ගුණෙහි පඤ්චහි පරිවාරිතා දෙවගණහෙි තෙහි භාග්‍යවතුන් වහන්ස! දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් දලු ඇත්තාහ. පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට කැමැති ව සිටිති. වෘක්ෂයෝ ගිනි දැලින් යුක්ත වූවන් සේ බබළත්. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරා ගත ශාක්‍යයනට හිත පිණිස වැඩීමට මේ සුදුසු කාලය යි. පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවත්. ඔවුහු පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත් වීමට සුදුසු කාලය යි. ඉතා ශීත හෝ ඉතා උෂ්ණ හෝ නැත. වහන්ස, ඍතු ව සුව ගෙන දෙයි. ගමනට සුදුසු ය. ආපසු හැරී රෝහීණි ගඟින් එතර වන ඔබ වහන්සේ ශාක්‍ය - කෝලිය රජහු දකිත්වා. ගොවි තෙමේ මතු බලා ම කුඹුරු සායි. හාන්නවුන් විසින් මතු බලා ම බීජ වපුරනු ලැබේ. ධන රැස් කරණ වෙළඳහු මතු බලා සමුද්‍ර තරණය කරති. මම ද ඔබ වහන්සේ කිඹුල් වතට වැඩම කරවන්නට යම් පැතුමකින් සිටිම් ද, ඒ මාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේවා. ගොවියෝ නැවැත නැවැත ධාන්‍ය වපුරත්. වැස්ස නැවැත නැවැත වසී. ගොවීහු නැවැත නැවැතත් කුඹුරු සාත්. නැවැත නැවැත හැල් ආදී ධාන්‍ය රටට ලැබේ. යාචකයෝ නැවැත නැවැත කුලයන් කරා එළඹෙත්. දානපතී හු ද නැවැත නැවැත දන් දෙත්. එසේ දීමෙන් නැවැත නැවැත ස්වර්ග යෙහි උපදිති. යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම් හෙතෙම සත් මුතු පරම්පරාව දක්වා පරම්පරාව යුග සතක් මනා ප්‍රතිපත්ති හෙතුයෙන් ශුද්ධ කරයි. දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නාමය සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එයටත් වඩා පව් සමනයෙහිත් අනුන් යහපතෙහි පිහිටුවාලීමෙහිත් සමර්ථයහ යි සිතමි. මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ ගේ පිය සුද්ධොදන මහ රජතුමාණෝ ය. යම් උත්තමාවක් බෝසතුන් කුසින් දරා සිට, මරණින් මතු දෙව් ලොව දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද, සැපසම්පත් විඳී ද, ඒ මායා දේවිය භාග්‍යවතුන් වහන්සේගේ දයාබර මෑණියෝ ය. මේ මිනිස් ලොවින් කලුරිය කළ ගෞතම ගෝත්‍රයට අයත් ඕ මායාදේවී තොමෝ දෙව්ලොව ඉපිද දේව සමූහයා පිරිවරා පඤ්චකාම ගුණයන් ගෙන් සමන්විත ව මහත් සැප සම්පත් විඳී. යනාදී ගාථා සැටකින් බුදුරජාණන් වහන්සේ‍ ගේ කිඹුල්වත්පුර ගමනට ඉතාමත් යෝග්‍ය කාලය එළඹී ඇති බව කාලුදායී හිමියෝ ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ ද කිඹුල්වත් පුරයට වැඩමවීමට සුදුසු කාලය යි සලකා විසි දහසක් පමණ වූ භික්ෂූ සමූහයා පිරිවරා ගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් සවස් වේලෙහි පිටත් වූ සේක. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු ජාතග්‍රාමය කරා වැඩම වීමේ ප්‍රථම මංගල ගමන සිදුවූයේ මැදින් පුර පසළොස්ක් පොහෝ දිනයක මේ ආකාරයෙනි. දයාබර පියතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞදධ ලෝකයා‍ ගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි දහරා උපදවන ශ්‍රෙෂ්ඨ ආගමික දිනයෙකි. කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැනවීමෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ලෝක ශාන්තිය උදාකරලීමට උපන් බිමින් ලැබුණු අනුපමේය සේවාවට කෘතවේදීත්වය දැක්වීමක් වශයෙනි. එබැවින් උන්වහන්සේ ගෙන් කල් යල් බලා සිදුවූයේ යා යුතු ගමනකි. කළ යුතු ශ්‍රෙෂ්ඨ පන්තියේ යුතුකමකි. සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලෙකි. ස්වකීය ඤාති සමූහයාට කළ යුතු උතුම් ම ඤාති සංග්‍රහයෙකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා‍ ගේ සදා ගෞරවයට පත් විය යුතු ය. සැට යොදුන් මග බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා ‍කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායී රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂූ සංඝයා හට වැඩ සි‍ටීමට නි‍ග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේ ට නො වැඳ බාල- කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන් ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ. මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත් ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ “ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැ”යි ඇසී ය, “මහරජ, මේ අපගේ බුද්ධවං‍ශයෙහි සිරිතැ”යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළහ. “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච” උත්ථාන වීර්‍ය්‍ය කරන්නේ ය. නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙක්හි ම සුවසේ වාසය කරන්නේ ය. මේ දේශනාවසානයෙහි පියරජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමී ය. වළඳා අවසනැ භාග්‍යවතුන් වහන්සේ “ධම්මං චරෙ සුචරිතං - නනං දුච්චරිතං චරෙ ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච” යන ගාථාවෙන් ධර්‍ම දේශනා කළ සේක. එය අසා රජතුමා සකෘදාගාමී විය. මහාප්‍රජාපතී ගෞතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා හ. එහෙත් යශෝදරා දේවිය පමණක් නො පැමිණියා ය. එතුමිය “මාගේ යම්කිසි ගුණයෙක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා”යි සිතමින් සිය නිවසෙහි ම විසුවා ය. යසෝධරාව ගේ ගෞරවය බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන් ගේ ගෙ‍ට වඩින සේක් යශෝධරාවන් ගේ ශෝකය සංසි‍ඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන් ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි රාහුලමාතා තොමෝ පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටිය හ. මඳවේලාවකින් පසු ‍ඕ තොමෝ සිහි ලැබ බියෙන් පසකට වී සිටියා ය. එකල්හි සුද්ධෝදන රජ තෙමේ යශෝධරාවන් ගේ ගුණ කියනුයේ, “ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් පෙරවූවා ය. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා ය. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකුණා ය. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තෙ‍ාමෝ ද එසේ කළා ය. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රති‍ක්ෂේප කළා ය” යනාදීන් සුද්ධෝදන රජතුමා යසෝධරාවන් ‍ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළේ ය. බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන් ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන ය‍ශෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නො පිළිගත්හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරමයට වැඩම කළහ. නන්ද කුමරුන්ගේ පැවිද්ද බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරු ගේ මාළිගයට වැඩම කොට දන් වළඳා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු ‘දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ’යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරය‍ා ගේ හදවත කම්පා විය. එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්න නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ”යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, “එසේ ය ස්වාමීනි, පැවිදි වන්නෙමි” යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මලණුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය. රහල් කුමරුන් ගේ පැවිද්ද තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජු ගේ මාළිගයට වැඩම කළහ. යසෝධරා දේවී තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පියා සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන “පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැප ය”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අනුමෙවෙනි බන වදාරා මාළිගයෙන් වැඩි සේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේ ය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේ ය. රහල් කුමරුන් ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී. රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්‍දති, චම්මං ඡෙත්වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්‍දති, අට්ඨං ඡෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති” යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී යැ”යි කී ය. “ස්වාමීනි, මවු පියන් ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නො කරන්නේ නම් මැනවැ”යි කී ය. එතුමා ගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට “මහණෙනි, මවු පියන් ගේ අවසරය නොලත් දරුවකු පැවිදි නො කරවු”යි වදාළ සේක. පසු දිනයෙහි තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳූ සේක. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් “තොප ගේ පුත්‍රයා මළේ යැ”යි කීනමුත් මම එය නො පිළිගතිමි’ යි කී ය. එකල්හි බුදුහු “මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් සේ නොපිළිගත්හ”යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය. මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ මැදින් පුන් පොහෝ දා සිදුවූ ගමනයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත යෙදුමේ තේරුම කුමක්ද? පස්වාන් දහසකට බුදුවෙන්ඩ
ඉස්සර රජවරුන්ට ආමන්ත්‍රණය කලේ මෙහෙම නෙ! බුදුවීමට වඩා වෙනස් දෙයක් ද? නෑ! මේකෙන් අදහස් කරන්නෙ කාලය! ගෞතම බුදුන්වහන්සේගේ සාසනය පන්දහසක් අවුරුදු පවතිනවනෙ. ආන්න ඒ වගේ බුදුවෙන්ඩ කියලයි කියන්නෙ !
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"ලංකාවේ මිනිසුන්" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)
"ලාංකිකයෝ" වඩාතම ගැලපෙන තනි පදයයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
2020 වසරේ ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතර සිටින (ෆෝබ්ස් සඟරාවේ තේරීමට අනුව) ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව කවුද?
ෆෝබ්ස් සඟරාවේ තේරීමට අනුව, 2020 වසරේ ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව ශෙමාරා වික්‍රමනායකයි. ඇය එහි කාන්තාවන් අතුරින් 29 වැනි ස්ථානය ලෙස නම් කර තිබුනි.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
එක්දින තරඟයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ කවර රටකට එරෙහිවද?
එක්දින තරඟයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය විසිනි. (498/4)
re-annotations
13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2
ගුරුත්වජ ත්වරණය (g) කොපමණද?
ගුරුත්වජ ත්වරණය (g) ආසන්න වශයෙන් 10 ms^-2 වේ.
original-annotations
6c780e7f1807811f47eb15199f2e2b2dcb11fb724bb8b5edbade1a0fabb57c2f
වැඩිම රටවල් ගණනක් යටත් විජිත බවට පත් කරගෙන සිටි රට
මහා බ්‍රිතාන්‍යය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
රුසියානු පාර්ලිමේන්තුව හදුන්වන නම කුමක්ද ?
රුසියානු පාර්ලිමේන්තුවේ නම "රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාව" වේ. ෆෙඩරල් සභාව ද්විමණ්ඩල ආයතනයකි, එනම් එයට වෙනම ආයතන(houses) දෙකක් ඇත. ' 1. පහළ මන්ත්‍රණ සභාව වන රාජ්‍ය ඩූමා සභාව (State Duma) 2. ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මුලික මුර්ජන විධිවේද පැහැදිලි කරන්න.
මුර්ජන නොහොත් මාපකරණ විධිවේද (Modulation Technique) යනු ප්‍රතිසම (Analog) හෝ අංකිත (Digital) සංඥාවක් එක් පසක සිට අනෙක් පසට යොමු කළ පසු එය නිවැරදිව හදුනා ගැනීම සදහා නැවත සංඥාව යොමු කළ යුතු ආකාරය වේ. මූලික මාපකරණ විධිවේද ලෙස, 1. ප්‍රතිසම මුර්ජනය (Analog Modulation) - විස්තාර මුර්ජනය (AM – Amplitude Modulation) - සංඛ්‍යාත මුර්ජනය (FM - Frequency Modulation) - කලා මුර්ජනය (PM - Phase Modulation) 2. අංකිත මුර්ජනය (Digital Modulation) - විස්තාර සිරු මාරුව (ASK - Amplitude Shift Key) - සංඛ්‍යාත සිරු මාරුව (FSK – Frequency Shift Key) - කලා සිරු මාරුව (PSK – Phase Shift Key)
original-annotations
5681559a3fba3a2184ec640aeecb428c90137ee39c3c567db9e8477fcad17ff9
"කුළු බඩු සහ ශ‍්‍රී ලංකාව" ගැන කියන්න.
කුළු බඩු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකාව කලින් කලට විවිධ යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. ස්වාභාවික වරායන් සහිත වූ දිවයිනක් වශයෙන් යටත් විජිත වාදීන්ගේ ආකර්ෂණය ශ‍්‍රී ලංකාව වෙත යොමු විය. යුරෝපීයයන්ගේ යටත් විජිතයක්වීමට පෙරද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු ලෝක ප‍්‍රසිද්ධ වී තිබුණි. එනම් උදාහරණයක් වශයෙන්ඈත අතීතයේ සිටි සුප‍්‍රසිද්ධ දේශාටකයෙකු වූ ඉබන් බතුතා විසින්ද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු සම්බන්ධව තම අදහස් ඉදිරිපත් කර ඇත. ඔහු දක්වන පරිදි, ‘‘එම දිවයිනේ වෙරළාසන්න ප‍්‍රදේශයේදී කුරුඳු ශාකයන්හී අතුපතර විහිදී ගිය ආවරණයක් නිර්මාණය කර තිබිණ. වෙළඳුන් එම කුරුඳු විශාල වශයෙන් තම රටවලට ගෙන ගියේ ස්වදේශික ජනයාට කිසිඳු ගෙවීමක් නොකරය. එහෙත් ඇතැම් විට ඔවුන් තමන් සතු වියන ලද රෙදි පිළි සහ වෙනත් සුවඳ විලවුන් ද්‍රව්‍ය ස්වදේශිකයන්ට තිළිණ වශයෙන් හිමිකර දි තිබුණි.’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
කලන්දරුවා..? ( කලංදරුවා..?) මෙහි තේරුම කුමක්ද ?
බස්නාහිර පලාතේ පැරණි ජන ව්‍යවහාරයේ තිබුණ දෙයක්. පවිච්චි කළ අවස්ථාව කියන්න පුළුවන්. කලන්දරුවා කියන එකේ තේරුම නම් දන්නේ නැහැ. අකීකරු ළමයෙකුට කියනවා." මේ නම් දරුවෙක් නෙමේ කලන්දරුවෙක්." කියල
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
The Odyssey" ලිව්වේ කවුද?
හෝමර්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
නෙල්සන් මැන්ඩෙලාගේ "හොඳ හිසක් සහ යහපත් හදවතක් සෑම විටම බලවත් සංයෝගයකි" යන උපුටා දැක්වීමේ තේරුම කුමක්ද?
මෙම උද්ධෘතය පුද්ගලයෙකු තුළ බුද්ධිමය බුද්ධිය (හොඳ හිසක්) සහ චිත්තවේගීය බුද්ධිය (හොඳ හදවතක්) ඒකාබද්ධ කිරීමේ බලය අවධාරණය කරයි. මෙම අංශ දෙක සමතුලිත වූ විට, පුද්ගලයෙකු බලවත් බලවේගයක් බවට පත්වන අතර, දැනුවත් තීරණ ගැනීමේ හැකියාව ඇති අතරම සංවේදනය සහ දයානුකම්පාව පෙන්නුම් කරයි.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
Myosotis යනු කුමක්ද සහ එය අයත් වන්නේ කුමන පවුලටද?
Myosotis යනු Boraginaceae පවුලේ සපුෂ්ප ශාක වර්ගයකි.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
විල් ටර්නර්ගේ පුතාගේ නම කුමක්ද? 1. ජේම්ස් 2. හෙන්රි 3. ජැක් 4. ආමන්ඩෝ
පිළිතුර 2. හෙන්රි. විල් ටර්නර්ගේ පුතාගේ නම හෙන්රි ය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
"K" යනු ඉංග්‍රීසි හෝඩියේ කී වෙනි අකුර ද?
"K" යනු ඉංග්‍රීසි හෝඩියේ එකොළොස් වෙනි අකුර යි.
original-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
පහත තේරවිල්ල විසඳන්න. දෙයියන්ගේ දුන්න
දේදුන්න
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
2020 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ආයතනය කුමක්ද ?
2020 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ආයතනය "ලෝක ආහාර වැඩසටහන" වේ (World Food Programme - WFP).
re-annotations
b0d09583ac46b4d84bd2bef69a87f1907554ed18ba4a8dbf250cf25ccc9d447b
1990 සහ 2010 අතර වනාන්තර හෙක්ටයාර 840,000ක් අහිමි වූ රට කුමක්ද? අ) පකිස්ථානය ආ) චීනය ඇ) ඉන්දුනීසියාව ඈ) මැලේසියාව
ඇ) ඉන්දුනීසියාව
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
ඇල්බට් අයින්ස්ටයින් යනු කවුද
ඇල්බට් අයින්ස්ටයින් යනු නූතන භෞතික විද්‍යාවේ කුළුණු දෙකෙන් එකක් වන සාපේක්ෂතාවාදයේ න්‍යාය වර්ධනය කළ ජර්මානු ජාතික න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ කාර්යය විද්‍යාවේ දර්ශනය කෙරෙහි එහි බලපෑම සඳහා ද ප්‍රසිද්ධය.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"බිළිඳුනේ දරුවනේ" ගීතය සම්පුර්ණ කරන්න
බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරෙත් අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩ වුණේ හැඩ වෙවී රස පිරී තිරී ලොවක් නළවන සේ අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩ වුණේ කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරි වල පව් අරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා පුර හඳ පායන පුන් පෝදා රහසින් රහසින් ඔබ හැඬුවා හිරු රැස් පායන හිමිදිරියේ රහසින් රහසින් ඔබ හැඬුවා ඉන්නා තැනක හිඳ පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා ග්‍රේෂන් ආනන්ද සෝමපාල ලීලානන්ද සෝමපාල රත්නායක
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කුඩාම උරගයා කවුද?
කුඩාම උරගයාගේ කිරුල දැනට මැඩගස්කරයෙන් සොයාගත් බෲකේෂියා -නානා (rookesia nana) නොහොත් නැනෝ - චැමෙලියන් විසින් දරනු ලැබේ. උගේ ශරීරයේ දිග 13.5mm පමණි (වලිගය ඇතුළත් නොවේ) -ඌ සූරියකාන්ත බීජ තරම් කුඩා වේ. කුඩා උරගයා දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර අනෙකුත් බොහෝ චැමේලියන් මෙන් නොව වර්ණය වෙනස් කිරීමට නොහැකිය. මෙම විශේෂය 2021 දී උතුරු මැඩගස්කරයෙන් සොයා ගන්නා ලදී. නැනෝ - චැමෙලියන් ප්‍රමාණය විශේෂයෙන් කැපී පෙනෙන්නේ එය කුඩා පෘෂ්ඨවංශීන්ට ලබා ගත හැකි ස්වරූප පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරන බැවිනි(විශේෂයෙන් ඔවුන්ගේ කායික හා පාරිසරික අවශ්‍යතා අනුව). මෙම සොයාගැනීම කුඩා ස්වරූපයෙන් පවා උරගයින්ගේ ඇදහිය නොහැකි විවිධත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව ඉස්මතු කරයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මුහුද යට අන්නාසි ගෙඩියක ජීවත් වන කාටූන් චරිතය කුමක්ද?
Spongebob Squarepants
original-annotations
91019823186e98525005cf1fc2ef1c4cecd6c92aea75dd0d58fb2dece03b210f
පර්යේෂණයේ සාම්පලයක් යනු කුමක්ද?
නියැදි ක්‍රම | වර්ග, තාක්ෂණික ක්රම සහ උදාහරණ නියැදියක් යනු විශාල ජනගහනයකින් පුද්ගලයන්ගේ උප කුලකයකි. නියැදීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ ඔබේ පර්යේෂණයේ දත්ත රැස් කරන කණ්ඩායම තෝරා ගැනීමයි. උදාහරණයක් ලෙස, ඔබ ඔබේ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ අදහස් පර්යේෂණ කරන්නේ නම්, ඔබට සිසුන් 100 දෙනෙකුගේ නියැදියක් සමීක්ෂණය කළ හැකිය.
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
නෙළුම් කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
රටට ගමට ජාතියටත් ගරු කොට පණට කයට අප සැම උදව්වට නිවට නොවී හොද කල් ගත කෙරුවට වෙළට බහිමු අපි ගොයම නෙලන්නට
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
පහත ගීතය සම්පුර්ණ කරන්න. ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
" ශ්‍රී ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා " ලෙස සැලකෙන , ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවා කවුද ?
" ශ්‍රී ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා " ලෙස සැලකෙන , ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවා ජේම්ස් ටේලර් වේ.
re-annotations
48acaafb23517f1a1bcd923a163e2b5c59530d654967ad334a048f454070336a
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම කුමක්ද ?
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම "De La Rue" සමාගමයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සගන්ධ තෙල් යනු කුමක්ද?
අද, සගන්‍ධ තෙල් බහුලව ඇති, ලැවෙන්ඩර්, ගම්මිරිස් තෙල්, සහ යුකැලිප්ටස් ආසවනයෙන් නිපැයේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පයිතන් ලැයිස්තු දෙක අතර වෙනස ලබා ගැනීමට පයිතන් ශ්‍රිතයක් ලියන්න.
def list_difference(list1, list2): return list(set(list1) - set(list2)) list1 = [1, 2, 3, 4] list2 = [2, 4] print(list_difference(list1, list2)) # Output: [1, 3]
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
අරුණැල්ලේ හිරු කිරණ - දහර වී අප වටා.. අපෙන් තව ලෝකයම -එලිය වන්නට සිතා.. සිත දකින නෙත් මවා - ප්‍රඥාව ඇහැරවා.. මග කියු ඇඳුරුතුම - දෙපා නමදිමි සදා... මෙම කවිය මාගේ දියණියක විසින් ලියන ලද්දකි.මෙය ගුරු උපහාර සමරුවක් සඳහා ඇගේ හදවතට නැගි වචනයෙන් දියණිය දක්වා ඇත. එක්තරා ගුරුවරියක් එහි සඳහන් වන් ප්‍රඥාව නැමති වචනය කවි තුල නොයෙදෙන බවත් ඊට හේතුව ලෙස "එය බර වචනයක් බැවින් කාව්‍ය සම්ප්‍රදාය තුල එවැනි වචන භාවිත කල නොහැකි බව" දක්වා තිබේ.. එම ගුරුවරිය ඉදිරිපත් කල මෙම හේතුව නිවැරදිද..? දියණිය විසින් එසේ සඳහන් කිරීම නුසුදුසු හෝ කාව්‍ය සම්ප්‍රදායට පටහැනිද..?
දරුවාගේ දක්ෂතාව බෙහෙවින් අගයමි. මතු කිවි කමෙක ලක්ෂණ මෙහි ඇති බැවිනි. මීට දශක ගණනාවකට පෙර මා උසස් පෙළ සිසුවකු ව සිටි අවධියේ අපේ පන්තියේ, (අප සමග) අධ්‍යාපනය හදාළ ගැහැනු ළමයකු මිය ගිය අවස්ථාවක දී ඇය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ලිවීමි. " කෝකිල මල්ලිකාවනි ඔබ කළ සේවේ අමතක නො වේ යළි යළි අපහට සීවේ නැති කර දමන්නට මේ දුක් පිරි ජීවේ නිවනට යන්න නැග සදහම් නෞකාවේ" යනු එහි අවසන් කවිය යි. අප සිසුන් කණ්ඩායම එය මුද්‍රණය කරවා අපගේ ගුරුතුමකුට පෙන්වූයේ සිතේ ඇති වූ ආඩම්බර හැඟීමක් ද ඇතිව යි. කවි පන්තිය කියවූ එතුමා මෙම කවිය ගැන නම්, කතා කළේ ප්‍රසාදයකින් නො වේ. මෙවැනි වර්ණනාවක් කළ යුත්තේ රට, ගම වෙනුවෙන් මහා මෙහෙවරක් කළ අයකු වෙනුවෙන් බව එතුමා කීය. එවක දී මගේ සිත පෑරුණ ද, එය සත්‍යය බව පසක් වූයේ පසු කාලීන ව කවිය ගැන හැදෑරීමක් කළ පසු ය. ඒ අනුව ගුරුතුමියගේ මඟ පෙන්වීම ද පසසමි. මේ දියණිය සිය ගුරුතුමියගේ මග පෙන්වීම ගැන අතෘප්තියට පත් ව සිටිනු විය හැකිය. නමුත් ගුරුතුමිය නිවැරදි බව ඔබේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සමග, කවිය පිළිබඳ ව මනා හැදෑරීමක් සිදු වූ දිනෙක ඇයට ම වැටහෙනු ඇත. සමස්තය හඳුනා නො ගෙන එහෙන් මෙහෙන් ගීත ඛණ්ඩයක් හෝ නව පරපුරේ කවියකුගේ කවියක කොටසක් ඇහිඳ ගත් ඇතැමකු මෙම ගුරුවරියට දොස් පවරා ඇතත්, සියවස් ගණනාවකට උරුමකම් කියන හෙළ කවිය, කොළඹ යුගයේ තරුණ කවි සමාජය තෙක්, මෙන් ම ඉන් පසුවත් අමිශ්‍ර සිංහලය මුල් කොට ලියැවුණක් බව ඔවුන් නොදන්නා සේ ය. ඒ අතර ම, විසි වන සියවසේ අග භාගය පමණ වන විට කවියේ ගමන් මග එක්තරා දුරකට වෙනස් වන්නට පටන් ගත් බැවින් භාෂාවේ වචන යෙදීම ගැන වෙනස්කම් සිදු වී ඇති බව ද පිළිගත යුතු වේ. නමුත්, ඉහත කී ස්වරූපය ප්‍රවීණ කවියන් විසින් පබැඳෙන කාව්‍යයෙන් තවමත් බැහැර වී නැත. අනෙක් අතට නූතන කවීන් වුව ද, මිශ්‍ර සිංහලය කවියට යොදා ගන්නේ ඊට උචිත ම අවස්ථා සැලකිල්ලට ගනිමිනි. නිදසුන් දක්වා ලීම මෙම ලියමන දීර්ඝ වීමට හේතුවකි. ( කවි වශයෙන් සලකා හෑලි ලියන කුකවියන්ගේ යෙදුම් මෙහි දී නො සැලකේ.) ඒ අනුව සරල වදන් යොදා ගෙන ඊට හාත්පසින්ම වෙනස් අමුතු ම වචනයක් ඒ අස්සට රිංගවා තැබීම සුදු පැහැයෙන් යුතු රෙදි කඩකට කළු පාට සායම් පැල්ලමක් වැටුණාක් මෙනි. ඒ නිසා ගුරුතුමිය පෙන්වා දී ඇති එ කරුණ පිළිගැනීමට තරම් නිහතමානී වන ලෙස දරුවාට පහදා දීම ඇගේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇතැයි සිතමි. දරුවා උසස් තැනෙහි ලා, ගුරුතුමිය හෙලා දකින මානසිකත්වයෙන් කටයුතු කරමින්, පදනම් විරහිත ව මෙහි ලියා ඇති ඇතැම් දේ දරුවාට පෙන්වා ගුරුවරියට වඩා ඇය ඔසවා පෙන්වීම දරුවාගේ ඉදිරි ගමනට කරන බරපතල හානියක් බව විශේෂයෙන් සඳහන් කරමි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
වනයෙහි උපන් යන්නට තනි වචනයක් දෙන්න.
වනජ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ අගනගරය වන හේග් නුවරයෙහිය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
රජරට වකුගඩු රෝගයේ රෝග ලක්‍ෂණ නම් කරන්න.
රජරට වකුගඩු රෝගයේ රෝග ලක්‍ෂණ පහත දැක්වේ. 1. බඩදැවිල්ල. 2. නිතර ක්ලාන්ත ගතිය. 3. මූත්‍රා අඩස්සිය. 4. මූත්‍රා වරින්වර පිටකිරීමට සිදු වීම. රෝගීන් දෙස බැලීමේදී වකුගඩු අකර්මණ්‍ය වීමට ලක්වීම නිසා සුදුමැලි ගතිය, ශරීරයේ පැහැය වෙනස්වීම, ශරීරය දුර්වල වීම සහ රෝගය උත්සන්න වූවන් සදහා රුධිරය වරින් වර හුවමාරු කිරීමට සිදුවීමද දැකගත හැක. හේතුව, නිසි ආකාරයෙන් වකුගඩු ක්‍රියාත්මක නොවීම නිසා රුධිරය තුල ඇති අපද්‍රව්‍ය පෙරීමට ලක් නොවීම රුධිරය තුල (යූරියා) වැනි සංයෝග එක්වීම හේතුවෙන් රුධිරය අපවිත්‍ර වීම සිදුවේ. රෝගී පුද්ගලයන් පවසන පරිදි එය වේදනාකාරී අත්දැකීමකි.එමෙන්ම මෙම රෝගය දියවැඩියාව වැළදී ඇති රෝගීන් නිසි ආකාරයෙන් ඖෂධ භාවිතා නොකිරීම මෙම රෝගය උත්සන්න වීමට හේතුසාධකයකි.එමෙන්ම වයස්ගත පුද්ගලයන්ටද ශරීරයේ දුර්වලතා නිසා මෙම රෝගය උත්සන්න විය හැකිය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
කොහු ඉතිහාසය ගැන කියන්න.
කොහු නමින් හැඳින්වෙන කොහු, හයිඩ්රජන් වචනය සඳහා මලයාලම් වචනයයි. පුරාණ කාලයේ පටන් පොල් කෙඳි වලින් නූල් හා සිරස් අතට සාදා ඇත. මලයා, ජාවා, චීනය හා අරාබියානු බොක්ක ආශ්රිත මුහුදේ යාත්රා කළ ඉන්දියානු නෞකා නෞකාවන් සියවස් ගණනාවකට පෙර ඔවුන්ගේ නැව් කඹ සඳහා කොහුය. 11 වන ශතවර්ෂයේ අරාබි ලේඛකයන් විසින් නැව් රැහැන් හා මෝචනය සඳහා කොහු කෙටීම පුළුල් ලෙස සඳහන් කරන ලදී. එක්සත් රාජධානියේ කොහු කර්මාන්තය 19 වන සියවසේ දෙවෙනි භාගයට පෙර වාර්තා විය. 1840 දී කපිතන් ලොලීන් සහ කපිතාන් ලොග්න් සහ තෝමස් ට්රෙලෝආර් සමඟ සහයෝගීව කටයුතු කළහ. එංගලන්තයේ ලුඩ්ගාට් හිල් හි ට්රෙලෝරර් සහ පුස්කොළවල නිපදවන ලද කැටපිලර් සමාගමක් බිම් ආවරණ සඳහා යෝග්ය රෙදි වර්ග සඳහා කොහු කෙඳි නිෂ්පාදනය කිරීම සඳහා ආරම්භ කරන ලදී.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඕසෝන් සතුව ඔක්සිජන් අණු කීයක් තිබේද?
ඕසෝන් සතුව ඔක්සිජන් අණු 3 ක් තිබේ
re-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු කුමක්ද?
ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ. ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ගිනිකොණ දිග ආසියාතික රටවල් නම් කරන්න.
ගිනිකොණ දිග ආසියාතික රටවල් හෙවත් අග්නිදිග ආසියාතික රටවල් එකොළහක් පවතින අතර ඒවා මෙසේ ය. 1. මියැන්මාරය (බුරුමය) 2. තායිලන්තය (සියම) 3. ලාඕසය 4. වියට්නාමය 5. කාම්බෝජය 6. මැලේසියාව 7. සිංගප්පූරුව 8. ඉන්දුනීසියාව 9. බෲනායි 10. පිලිපීනය 11. නැගෙනහිර ටිමෝරය මෙම කලාපයේ පිහිටි අන්දමන් හා නිකෝමාර් දූපත් ඉන්දීය රජය යටතේ පාලනය වේ.
original-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
ප්‍රාථමික වර්ණ නම් කරන්න.
රතු, කහ සහ නිල් ප්‍රාථමික වර්ණ වේ. රතු, කහ සහ නිල් යන ‘මූලික’ නොඑසේනම් ‘ප්‍රාථමික’ වර්ණ පදනම් කරගෙන වර්ණ න්‍යාය මුලින්ම ගොඩනංවන ලදීයයි. ඊට හේතුවූයේ මෙම වර්ණයන් මිශ්‍ර කිරීමෙන් වෙනත් ඕනෑම වර්ණයක් සාදාගත හැකි යැයි විශ්වාස කිරීමය. මෙම වර්ණ මිශ්‍රණය සිදු කිරීමට මුද්‍රණකරුවන්, සායම් පොවන්නන් සහ සිත්තරුන් විසින් දැනසිටි නමුත් වෙළෙන්දන් වඩා වැඩි ප්‍රියතාවයක් දැක්වූයේ අමිශ්‍ර වර්ණකයන්ටය. එයට හේතුව මිශ්‍ර වර්ණ එතරම් දීප්තිමත් නොවීමයි. 18 වැනි සියවසේ වර්ණ න්‍යායන්හි පදනම වූයේ මෙම රතු, කහ, නිල් ප්‍රාථමික වර්ණයන්ය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
සාදික්කා බෝග ආරක්ෂණය ගැන විස්තරයක් කරන්න.
රෝග සහ පළිබෝධකයන් රෝග සාදික්කා කොළ වැටීමේ රෝගය මෑතකදී වාර්තා වූ ආර්ථිකමය වශයෙන් වැදගත් රෝගයක් ලෙස, විශේෂයෙන් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල හඳුනාගෙන ඇත. දිලීර නිසා ඇතිවන රෝගයක් වන මෙය ආරම්භක අවධියේදී පත්‍ර මත කළු හෝ දුඹුරුඅල්පෙනිති හිස් ප්‍රමාණයේ ලප වශයෙන් දැකිය හැකිය. රෝගයේ පසු අවධියේදී සියලු පත්‍ර වැටී යයි. රෝගය පාලනය කිරීම සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව වැදගත් වේ. රෝගය වැඩි අවධියේදී මැන්කෝසෙබ් 80% දිලීර නාශකය මි.ලී. 10ක් ජලය ලීටර් 10 ක් තුළ දියකර සතියකට වරක් ගසේ වියනට ඉසිය යුතුය. පළිබෝධකයන් කොරපොතු කෘමින් සාදික්කා පත්‍ර මත, පත්‍ර නටු මත සහ කුඩා හරස් අතුවල යුෂ උරා බොමින් ජීවත් වේ. මේ නිසා ශාකයට අවශ්‍ය පෝෂණය හිගයක් ඇතිවීම සිදුවේ. කෘමින් ගහනය අධික වූ විට ගස මැරී යයි. එමෙන්ම කෘමින් විසින් ශ්‍රාවය කරනු ලබන සීනි අධික ද්‍රාවනය නිසා කුහුඹුවන් පැමිණීම සිදුවන අතර එමගින් කොරපොතු කෘමින් තැනින් තැනට රැගෙන යාම සිදු වේ. මෙම සීනි ද්‍රාවනය පත්‍ර මත තිබීම හේතුවෙන් ඇතැම් දිලිර වර්ගවල වර්ධනයට හේතු වේ. එලෙස දිලිර වර්ධනය වූ පත්‍ර කළු පැහැයක් ගන්න අතර මෙය “කළු පුස් ඇතිවීම” ලෙස හඳුන්වයි. කොරපොතු කෘමින් පාලනය සඳහා කෘමී ගහනය අධික වූ ශාක කොටස් කපා ගිනි තබා විනාශ කරන්න. ඉන්පසු බුරුසුවක් ආධාරයෙන්, අතුමත සිටින කෘමින් සුරා ඉවත් කරන්න. ගහනය අධික ලෙස සිටිනම් පෙර දැක් වූ උපදෙස් අනුගමනය කර රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කරන්න. මේ සඳහා තයෝමෙතොක්සාම් 25% ඩබ්. ජි. ග්‍රෑම් 5 ක් වතුර ලීටර් 10 ක හෝ ඉමිඩක්ලොප්රිඩ් 70% ඩබ්. ජි. ග්‍රෑම් 2.5 ක් වතුර ලීටර් 10 දියකර පත්‍ර මතට හොඳින් ඉසින්න.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
වයස්ගත දේශපාලනඥයින් ගැන අප වද විය යුතු ද?
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් පිළිබඳ සලකා බැලීමේදී බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ වයස්ගත හෝ වයසින් මුහුකුරාගිය පුද්ගලයින්ය. ‘හැට පැනපු දේශපාලනඥයින්’ ගැන හෝ ‘දේශපාලනඥයින්ගේ වයස ගැන’ මැතිවරණයක් ආසන්නව නිතැතින්ම කරලියට එන මාතෘකාවක් වුවත්, ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් ජනතා නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේදී වයස පිළිබඳ සැලකිලිමත් වනවාද යන්න විමසා බැලිය යුතු තවත් කාරණයකි. ආසන 225කින් සමන්විත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සංයුතිය ගත්විට වයස අවුරුදු 81 ත් 90ත් අතර මන්ත්‍රීවරු සංඛ්‍යාව 4කි. වයස අවුරුදු 71 ත් 80ත් අතර මන්ත්‍රීවරු ගණන 10කි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 74 වැනි වියේ පසු වෙති. වයස අවුරුදු 61 ත් 70ත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 43කි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 51 ත් 60 ත් අතර වයස් කාණ්ඩයට අයත් වන අතර එම සංඛ්‍යාව 66කි. කලින් කලට මන්ත්‍රීවරුන්ගේ වයස පිළිබඳ කාරණය සංවාදයට මතුවන අතර ඇතැම් වයස්ගත මන්ත්‍රීවරුන් සිය ශරීරීක යෝග්‍යතාව පෙන්වීම සඳහා විවිධ ක්‍රීඩාවල නිරතවන අයුරු දැක්වෙන ඡායරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාද දැකිය හැකිය. ඒ, කෙසේවෙතත් වයස්ගත මන්ත්‍රීවරුන් ධුරය දැරීමට සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටීද යන්න පිළිබඳ කාරණය ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලද මේවන විට පුළුල් සංවාදයට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ, 2024 වසරේදී ඇමෙරිකාවද ජනාධිපතිවරණයට සූදානම් වීම හේතුවෙනි. 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රමුඛතම තරගකරුවන් දෙදෙනා ම විශ්‍රාම ගත යුතු වයස පසු කර ඇති පසුබිමක වැඩිහිටි දේශපාලනඥයින් නායකත්වය දැරීමේ ඇති වාසි අවාසි පිළිබඳ විවාදයක් ඔඩු දුවමින් තිබේ. මේ වන විට 96 හැවිරිදි වියේ පසුවන පෝලීන් නිව්මන් එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරියක ලෙස තම ජීවිත කාලය පුරාවට ම කටයුතු කරයි. ඇයට අඛණ්ඩව රැකියාවේ නිරත වීමට අවශ්‍ය වුව ද ඇය විශ්‍රාම ගත යුතු බවට අපේක්ෂා කරන සගයන් කිහිප දෙනෙකු සමග නඩු හබයකට මැදිව සිටින්නී ය. දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින පුද්ගලයන්ට නායකත්වය දීමට නොහැකි තරම් වයස්ගත විය හැකි ද යන්න පිළිබඳ වාද විවාද නිරන්තරයෙන් සිදුවන රටක් බවට එක්සත් ජනපදය පත්ව ඇත. 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රමුඛතම තරගකරුවන් වන්නේ, සාමාන්‍ය ඇමෙරිකානුවෙකුගේ වයස මෙන් දෙගුණයක් වයසැති 80 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් සහ ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ විශ්‍රාම ප්‍රතිලාභ ලැබිය හැකි වයස වන "විශ්‍රාම යා යුතු සාමාන්‍ය වයස" ඉක්මවා දශකයකට වැඩි කාලයක් පසු කර ඇති 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ, උපතේදී ආයු අපේක්ෂාව 2000 වසරේ අවුරුදු 71.9 සිට 2019 වසර 76.9 දක්වා වසර 4.97 කින් වැඩි වී ඇත. කෙසේ වෙතත් වයෝවෘද්ධ පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන සමාජ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජනගහනය නියෝජනය නොකරන බවට වන සාකච්ඡා හැරුණු විට, වෙනත් ගැටලු ද තිබේ. අවධානය යොමු වන එක් ප්‍රධාන කාරණයක් වන්නේ, මානසික යෝග්‍යතාව යි. ස්නායු විද්‍යාව සහ මනෝවිද්‍යාවට අනුව, මිනිසුන් වයසින් වැඩෙත් ම සංජානන ක්‍රියාකාරිත්වය පුළුල් ලෙස වෙනස් වන අතර, එය යමෙකුට නායකත්වය දීමට තරම් වයස ඉක්මවා ඇති ද යන්න තීරණය කිරීම අපහසු කරයි. ඇතැම් කුසලතා වයස සමග හීන වී යන අතර ඇතැම් ඒවා වැඩි දියුණු වේ. අතිශය වයස්ගත ඇතැම් පුද්ගලයින්ට (super agers) ඔවුන්ට වඩා දශක ගණනාවක් වයසින් අඩු පුද්ගලයින්ගේ මානසික තීක්ෂණතාව පවා ඇත. එබැවින්, නායකත්වය දීමට "වයස්ගත" යැයි සලකන වයස් මට්ටම කවරේ ද? - නැතහොත් මෙය වැරදි ප්‍රශ්නයක් ද?
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඔපෙක් සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙද?
ඔපෙක් සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ වියානා නුවරයේය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
කමත් බසෙන් කොටන්නාව යනු කුමක්ද?
උදැල්ල
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
උරගයන් පිළිබඳ විස්තරයක් දක්වන්න?
උරගයන් පෘථිවියේ දීර්ඝතම ජීවී විශේෂ අතර වේ. ඇල්ඩබ්‍රා කැස්බෑවාට අවුරුදු 150කට වඩා ජීවත් විය හැකියි! මීට වසර මිලියන 315 කට පෙර උරගයන් මුලින්ම ෆොසිල වාර්තාවල දක්නට ලැබේ. උරගයින්ට දහඩිය ග්‍රන්ථි නොමැති අතර ඒ වෙනුවට ඔවුන්ගේ සම සාමාන්‍යයෙන් සිසිල් සහ වියලි වේ
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
පෘථිවියට ආසන්නතම ග්‍රහලෝකය නම් කරන්න?
රසදිය
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
බටහිර මාධ්‍ය සහ ආන්ඩු සාමාන්‍යයෙන් ගාසා තීරයේ ඇති වූ ගැටුම් වැනි ගැටුම් නිර්මාණය කරන්නේ කෙසේද සහ ආඛ්‍යානයට ඇති බලපෑම කුමක්ද?
බටහිර මාධ්‍ය සහ ආන්ඩු බොහෝ විට ගාසා තීරයේ ගැටුම් මෙන්ම සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් හමාස් වැනි කණ්ඩායම්වලට දොස් පවරති. මෙම රාමුගත කිරීම සිවිල් ජීවිත හානි සාධාරණීකරණය කිරීමට හේතු විය හැකි අතර සැලකිය යුතු සිවිල් හානියක් සිදු වූ විට පවා "ජන සංහාරය" යන යෙදුම කලාතුරකින් භාවිතා වේ. මෙම ඉදිරිදර්ශනය(perspective) සිවිල් ජීවිත හානි සඳහා වගකීම සම්බන්ධ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට ආරෝපණය(attribute) කිරීමට නැඹුරු වේ.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
පොල් ත්‍රිකෝණයට අයිති ප්‍රදේශ තුන කුමක්ද?
ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයිති ප්‍රදේශ තුන වන්නේ පුත්තලම, හලාවත, කුරුණෑගල.
re-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
Teenage Mutant Ninja Turtles කැස්බෑවන්ගේ ප්‍රියතම ආහාරය කුමක්ද?
පීසා
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
චීනය විසින් ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ
චීනය විසින් ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ ටියැංගොන් වේ.
re-annotations
9ed4818ede21a4c0331541788fe85f8921462ded39b59adc4ddca5e9504e5b51
ඔවුන් ගේ මිතුරු දම "අත්තික්කා ගසේ මල් පිපුණා වගේ" යැයි පොතක තිබුණා. මෙහි අත්තික්කා ගසේ මල් පිපුණා වගේ යන්නේ තේරුම කුමක්දැයි තෝරා දෙන්න.
රාජධානිය (Kingdom) - ප්ලාන්ටේ (Plantae) වංශය (Phylum) - මැග්නෝලියෝපීටා (Magnoliophyta) වර්ගය (Class) - එක්විසෙටොප්සිඩා (Equisetopsida) ගෝත්‍රය (Order) - රෝසාලේස් (Rosales) කුලය (Family) - මොරාසේ (Moraceae) ගනය (Genus) - පීකුස් (Ficus) සම්පූර්ණ විද්‍යාත්මක නාමය පීකුස් රසමෝසා (පීකුස් ග්ලොමෙරාටා) Ficus racemosa (syn. Ficus glomerata Roxb.) වේ. Cluster Fig Tree, Indian Fig Tree සහ Goolar (Gular) Fig යන ඉඞ්ග්‍රීසි නම්වලින් හැඳින්වේ. ඕස්ට්‍රේලියාව, මලයාසියාව, නිරිත දිග ආසියාව, ඉන්දීය උප-මහාද්වීපය යන දේශයන්හි දේශීය ශාකයෙකි. උදුම්බරා නම් ද මෙය මැ යි. අත්තික්කා ගසේ මල් නො පිපේ ය යන කතාව මෙ සේ පැහැදිලි කැරැ-ගන්න. අත්තික්කා "ගෙඩිය" යනු සැබැවින් මැ සිය ගණනක් මල් අඩඞ්ගු කුටීරයෙකි, විශේෂ පුෂ්ප මඤ්ජරියකි. එ වැනි බෝලයක් තුළ කැටි වී ඇති මල් පරාගණය වන්නේ කෙසේ දැයි ඔබට ප්‍රශ්නයක් ඇති වන්නට පුළුවන. මල් පරාගනය වන්නේ එක්තරා කුඩා (දෙබරුන්, බඹරුන් වැනි) කෘමි වර්ගයක් (lacewing insect) ම‍ඟිනි. මේ කෘමියා අත්තික්කා බෝලයේ සිදුර තුළින් ඇතුළු වී සුදුසු තැනෙක බිත්තර දමයි. මේ පරාගණ සේවය නොවන්නට අත්තික්කා ශාකයට බීජ මඟින් නම් ප්‍රජනනය කළ නො හැකි ය. ඊට ප්‍රතිඋපකාරයක් ලෙසින් මෙන්, කෘමියා ගේ ඊ ළඟ පරම්පරාවට සුරක්ෂිත ස්ථානයකුත් ආහාරත් මල් විසින් සැපැයේ. මා ළමා කල අත්තිකා ගෝල තුළ සිටින මේ කුඩා කෘමි වර්ගය දැකැ ඇත. එ කල අප සිතුවේ ඒ කෝඳූරුවන් යැයි කියා යි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
රුසියානු පාර්ලිමේන්තුව හදුන්වන නම
ද ස්ටේට් ඩූමා
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා යනු කවුද, සහ ඉතිහාසයේ ඔහුගේ වැදගත්කම කුමක්ද?
ක්‍රිස්තු පූර්ව 356 දී උපත ලද මහා ඇලෙක්සැන්ඩර් දක්‍ෂ හමුදා නායකයෙකු වූ අතර මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුත්‍රයා විය. ඔහු තම ජීවිත කාලය තුළ බොහෝ දේ ජය ගැනීමට ප්‍රසිද්ධය. ඔහුගේ අධිරාජ්‍යය දිගු කලක් පැවතියේ නැතත්, ඔහුගේ කැපී පෙනෙන යුධ ජයග්‍රහණ සුවිශේෂී වේ.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
ඔන්චිල්ලා වාරම් කවියක් කියන්න
දු ක් කාටත් එක සරිය බොල න්නේ ම ක් කා දැයි දැන් බලා සිටි න්නේ රි ක් කා රුපියල් සුරතට ග න්නේ අ ක් කා වරුනේ තෑගි දිය න්නේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ වේවැල් නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය කුමක්ද ?
ශ්‍රී ලංකාවේ වේවැල් නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ රදාවඩුන්න ග්‍රාම සේවා වසමයි. මෙය ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම පිහිටා ඇත.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
වැනිලා බෝග ආරක්ෂණ ගැන විස්තරයක් කරන්න.
ආර්ථික වශයෙන් වැදගත් පළිබෝධ සහ රෝග වාර්තා වී නොමැත.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම කුමක්ද?
ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම ඩයට්‌ ය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
රතු ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ කුමන ග්‍රහලෝකයද?
අඟහරු
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
රේඩියෝ සිලෝන් ප්‍රචාරණ වේදිකාවක් බවට පත් වූයේ කෙසේද?
රේඩියෝ සිලෝන් ප්‍රධාන වෙළඳනාම සඳහා ජිංගල් පටිගත කර ඒවා සමස්ත ආසියානු සේවයේ විකාශනය කරමින් බලවත් වෙළඳ ප්‍රචාරණ වේදිකාවක් බවට පත් විය. Lux සබන් සිට Coca-Cola දක්වා කැපී පෙනෙන සන්නාමයන් රේඩියෝ සිලෝන් විසින් විකාශනය කරන ලදී.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. එක ගමක, ඌරු අම්මෙක් සමඟ ඌරු පැටවුන් තිදෙනෙක් ජීවත් වුණා. මෙම පැටවුන් තිදෙනා වැඩිවියට පැමිණි පසු, "ළමයිනේ දැන් ඔයාලා වැඩිමහල්. මගේ අධාරයක් නැතුව වුණත් දැන් ඔයාලට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනා. ඒනිසා දැන් තම තමන් තනිව ජීවත් වීමට අවශ්‍ය නිවාස තනා ගන්නා." කියා ඌරු අම්මා පැටවුන්ට පැවසුවා. ඉතින් මේ ඌරු පැටවු තිදෙනා තම තමන්ට නිවාස සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයමින් ගියා. පලවෙනි ඌරු පැටියා හිතුවා, පිදුරු වලින් නිවසක් තනා ගැනීමට. "මන් පිදුරු වලින් නිවසක් තනා ගන්නවා. එතකොට මන් වෘකයෙක් ගෙන් වුවත් ආරක්ෂිතයි. "දෙවැනි ඌරු පැටියා නිවස තැනුවේ ලී වලින්. තුන් වැනි ඌරු පැටියා සිය නිවස ශක්තිමත් ගඩොලින් තැනුවා. තුන් දෙනාම සිතුවා තමන්ගේ නිවාස තුළ සිටින විට, ඔවුන් වෘකයගෙන් ආරක්‍ෂිත බව. ඔන්න ටික දිනක් ගත වුණා. එක නපුරු වෘකයෙක්ට මේ ඌරු පැටව් ගැන ඉව වැටුණා. වෘකයා පළමුව පිදුරු වලින් නිවස තැනූ ඌරු පැටියාගේ නිවසට ගියා. "පුංචි ඌරු පැටියෝ... ඔයාගේ ගේ ඇතුලට මට එන්න දොර අරින්න...!!" කියා වෘකයා චාටු බස් දෙඩුවා. "මම ඔබට දොර අරින්නේ නැහැ. ඔබ යන්න." කියා ඌරු පැටියා පැවසුවා. "ආහ්..!! එහෙම බැහැ. මගේ කටින් හුස්ම බිඹලා, ඔබේ නිවස මන් විනාශ කරනවා...!!!" කියූ වෘකයා ඉතා විශාල හුස්මක් ගෙන පිදුරු සෙවිලි කළ නිවසට පිම්බා. නිවස සී සී කඩ විසිරී ගියා. පුංචි ඌරු පැටියාව අල්වා ගත් වෘකයා, ඌරු පැටියාව ගිල, බඩ කට පුරවා ගත්තා. ඊළඟ දිනයේ වෘකයා ලී වලින් තනන ලද නිවසට ගියා. ඌරු පැටවාව චාටුවෙන් රවටා ගැනීමට නොහැකි වූ තැන, වෘකයා විශාල හුස්මක් පිඹ, ලී ගෙයද විනාශ කළා. දෙවනි ඌරු පැටියාවත් අල්ලාගෙන කෑවා. ඊළඟ දිනයේ ඔහු ගඩොලින් තැනූ නිවස වෙතයි ගියේ. මේ ඌරු පැටියාවත් චාටුවෙන් රවටා ගත නොහැකි වුණා. එහෙයින්, සැඩ හුස්මක් බිඹ, නිවස විනාශ කිරීමට වෘකයා සැරසුණා. කිහිප වරක්ම උත්සාහ කළා. නමුත් අසාර්ථක වුණා. ගඩොල් ඉතාම ශක්තිමත් නිසා නිවසට කිසිම හානියක් වුණේ නැහැ. පැය ගණනාවක් ම වෙහෙසුණු වෘකයා අසාර්ථක වුණා. තුන් වැනි ඌරු පැටියා කෑමට නොහැකි වූ වෘකයා බොහෝ වෙහෙසට පත්වී යන්න ගියා. තම නිවාස ශක්තිමත් ව, තැනූ බුද්ධිමත් ඌරු පැටියා බේරුණා.
ඌරු පැටවුන් තිදෙනා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කයිවාරුකාරයා කියන ඒකේ හරි තේරුම ගොඩක් කියවන කෙනා කියන එකද? නැත්නම් බොරුවට පම්පෝරි කියවන කෙනා කියන එක ද?
යෙදෙන අන්දම අනුව අර්ථ දෙකක් මම දනිමි. "අපෝ එයා හරි කයිවාරුකාරයා"..කියන්නේ කොයිවෙලෙත් අතින් දාලා තමංගෙ නැති ලොකුවක් කියාපාන කෙනෙක් ගැන. "එයාලා ඉතිං හමුවුණාම වෙලාව යනවා තේරෙන්නේ නෑ, ඔහේ පැය ගණං කයිවාරු ගගහා ඉන්නවා"..කියන්නෙ සතුටුසාමීචී කතා වෙන් කල් ගතකරනවා යන්නයි. කයිවාරු යන්නට තවත් ප්‍රායෝගික යෙදුම් අර්ථ ඇතිදැයි නොදනිමි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
බුදු දහමේ එන කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් උපදනා රූප ගැන විස්තර කරන්න.
අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ප්‍ර‍සාද රූප පස ය, ජීවිත රූපය ය, භාව රූප දෙක ය, හෘදය රූපය ය යන මේ රූපයෝ අටළොස් දෙන කර්මයෙන් උපදවන රූපයෝ ය. අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ශබ්ද රූපය ය, විකාර රූප තුන ය, විඥප්ති රූප දෙක ය යන මේ රූපයෝ පසළොස් දෙන චිත්තයෙන් උපදවන රූපයෝ ය. අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ශබ්ද රූපය ය, විකාර රූප තුන ය යන මේ රූප තෙළෙස සෘතුවෙන් උපදවන රූපයෝ ය. අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, විකාර රූප තුන ය යන මේ දොළොස් දෙන ආහාරයෙන් උපදවනු ලබන රූපයෝ ය. ඒකාන්ත වශයෙන් කියත හොත් පරිච්ඡේද රූපය යම් කිසි හේතුවකින් උපදනා රූපයක් නොවේ. කර්මාදියෙන් උපදනා රූප කලාප පිණ්ඩයන් තුළ ඒවා එකිනෙක වෙන් කරමින් පවත්නා වූ ආකාශ ධාතුව, පර්‍ය්‍යාය වශයෙන් ඒ ඒ රූප කොට්ඨාසයට ඇතුළත් කොට ගණන් ගන්නා බැවින් පරිච්ඡේද රූපය, හේතූන් ගෙන් හටගන්නා රූපයක් සැටියට දක්වනු ලැබේ. ලක්ෂණ රූපයෝ වනාහි පෘථිවි ධාත්වාදි රූපයන් ගේ ඉපදීම්, දිරීම්, බිඳීම් වූ ලක්ෂණයේ ය. ඒවායේ වෙන් වූ ඉපදීමක් නැත. ඉපදීමේ තවත් ඉපදීමක් ඇතය යි ගත හොත් කෙළවරක් නැති ඉපදීම් ඇති සේ ගන්නට සිදු වන්නේ ය. දිරීම් බිඳීම්වල ඉපදීමක් ඇතයයි ගැනීම ද නුසුදුසු ය. එබැවින් පෘථිවි ධාත්වාදීන්ගේ උත්පාදාදි ලක්ෂණ වූ ලක්ෂණ රූපයෝ කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් නො හට ගන්නා රූපයෝ යයි කියනු ලැබෙත්. තවත් ක්‍ර‍මයකින් ජාතිරූපය හෙවත් උපචය සන්තති දෙක කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා බව ද කියනු ලැබේ. ප්‍ර‍ත්‍යය වනාහි ජනක ප්‍ර‍ත්‍යය ය, උපස්ථම්භක ප්‍ර‍ත්‍යය, අනුපාලක ප්‍ර‍ත්‍යය යයි තෙවැදෑරුම් වේ. ජනක ප්‍ර‍ත්‍යය යනු යම්කිසි ධර්මයක් උපදවන ප්‍ර‍ත්‍යය ය. උපස්ථම්භක ප්‍ර‍ත්‍යය යනු යම්කිසි ධර්මයකට අනුබල දෙන යම්කිසි ධර්මයක් බලවත් කරන ප්‍ර‍ත්‍යය ය. අනුපාලක ප්‍ර‍ත්‍යය යනු යම්කිසි ධර්ම පරම්පරාවක් ආරක්ෂා කරන ප්‍රත්‍යය ය. ජනක ප්‍ර‍ත්‍යයාගේ ශක්තිය, ජනක ප්‍ර‍ත්‍යයා ගේ ආනුභාවය පැමිණෙන්නේ රූපයා ගේ උත්පාදක්ෂණයට ය. ස්ථිති භංග අවස්ථාවන්ට එය නො පැමිණේ. උපස්ථම්භක අනුපාලක ප්‍ර‍ත්‍යයන් ගේ ආනුභාවය ස්ථිතික්‍ෂණයට ද පැමිණේ. එක ම ප්‍ර‍ත්‍යයක ආනුභාවයකුදු භංගක්ෂණයට නො පැමිණේ. උපචය සන්තති රූප දෙක පවත්නේ ජනක ප්‍ර‍ත්‍යයා ගේ ආනුභාවය රූපයට ලැබෙන අවස්ථාවෙහි ය. එබැවින් ඒ දෙක කර්මාදි රූපජනක ප්‍ර‍ත්‍යයන් ගෙන් හට ගන්නා රූප දෙකක් හැටියට ද සලකනු ලැබේ. තවද යම්කිසි ප්‍ර‍ත්‍යයකින් හටගන්නා ධර්මයක හටගැනීම වන්නේ ප්‍ර‍ත්‍යයා ගේ සමායෝගය ඇති කල්හි ය. ප්‍ර‍ත්‍යසමායෝගය නුවුවහොත් එතෙක් ඒ ධර්මයා ගේ ඉපදීමක් නො වේ. ප්‍ර‍ත්‍යයන් ගේ සමායෝගයක් නො වූයේ ය කියා උපන් ධර්මයක දිරීම් බිඳීම් දෙක නො වන්නේ නො වේ. ප්‍ර‍ත්‍යාපේක්ෂාවක් නැතිව ම උපන් ධර්ම සියල්ල ම දිරීමට හා බිඳීමට පැමිණේ. එබැවින් ප්‍ර‍ත්‍යය ලද කල්හි ම ඇති වන, නො ලද හොත් ඇති නො වන, උපචය සන්තති රූප දෙක කර්මාදි ප්‍ර‍ත්‍යයන් හටගන්නා රූප සැටියට ද, ප්‍ර‍ත්‍යය ලාභයක් නැතිව ම ඇති වන ජරතා අනිච්චතා රූප දෙක කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් නො හටගන්නා රූප සැටියට ද සලකනු ලැබේ. උපචය සන්තතීන් ද ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා රූප සැටියට ගන්නා කල්හි කර්මජ රූප විස්සක් ද, චිත්තජ රූප සතළොසක් ද, සෘතුජ රූප පසළොසක් ද, ආහාරජ රූප තුදුසක් ද වේ. ජරතා අනිච්චතා රූප දෙක කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් හටන්නා රූපයන්ගේ දිරීම් බිඳීම් වන බැවින් පර්‍ය්‍යායයෙන් ඒ දෙක ද කර්‍මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හටගන්නා රූප සැටියට ගණන් ගනු ලැබේ. ජරතා අනිච්චතා දෙක ද ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා රූප සැටියට ගන්නා කල්හි කර්මජ රූප දෙවිස්සක් ද චිත්තජ රූප එකුන් විස්සක් ද, සෘතුජ රූප සතළොසක් ද ආහාරජ රූප සොළොසෙක් ද වේ. මෙතෙකින් කියන ලදුයේ කර්මාදීන්ගේ ජනක ප්‍ර‍ත්‍යතාවය ය. එක් කර්මයක් අන් ක්‍ර‍මයකින් හට ගන්නා වූ ද, චිත්තාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් හටගන්නා වූ ද රූපයනට උපස්ථම්භන වශයෙන් හා අනුපාලන වශයෙන් ද ප්‍ර‍ත්‍යය වේ. බොහෝ සූත්‍ර‍ ධර්මයන්හි කර්මයේ උපස්ථම්භන ප්‍ර‍ත්‍යතාව හා අනුපාලන ප්‍ර‍ත්‍යතාව දක්වා තිබේ. “සුවණ්ණතා සුස්සරතා - සුසණ්ඨාන සුරූපතා ආදිපච්ච පරිවාරෝ - සබ්බමෙතෙන ලබ්භති” යන නිධිකණ්ඩ සූත්‍රයෙහි එන මේ ගාථාවෙන් ශරීරයාගේ යහපත් පැහැය හා ශරීරාවයවයන් ගේ යහපත් බව ද, ශරීරයා ගේ ශෝභාව ද, මිහිරි කටහඬ ද කුශල කර්මයෙන් ලැබෙන බව දක්වා තිබේ. ශරීරයෙහි උස මහතට ඇති ඇසට පෙනෙන කොටස, සෘතුජ රූප සමූහය ය. ගාථාවෙහි දැක්වෙන පැහැය හා යහපත් බව ද ශෝභනත්වය ද ඇත්තේ ඒ සෘතුජ රූප සමූහයෙහි ය. සෘතුජ රූපයන්ට අයත් ඒ යහපත් බව කර්මයෙන් වන දෙයක් සැටියට දක්වන්නේ සෘතුජ රූප සමූහයට කුශල කර්මය උපස්ථම්භන වශයෙන් ප්‍ර‍ත්‍ය වන හෙයිනි. ගාථාවෙහි දැක්වෙන මිහිරි කටහඬ චිත්තජ රූපයෝ ය. කුශල කර්මයා ගේ උපස්ථම්භනයෙන් හා පාලනයෙන් මිහිරි හඬ ඇති වීමට බාධක වූ සෙම් ආදියෙන් තොර ව උගුර යහපත් වේ. එයින් කථා කිරීමේ දී ඇතිවන චිත්තජ ශක්තිය වූ හඬ මිහිරි වේ. ශරීර වර්ණාදිය චක්ෂුඃ ප්‍ර‍සාදාදිය සේ කර්මයෙන් ම ඇති කරවන රූප වශයෙන් ගෙන කාරණය අවුල් නො කර ගත යුතුය. “දීඝායුක සංවත්තනිකා එසා මානව පටිපදා යදිදං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති” යනුවෙන් චූලකම්ම විභංග සූත්‍රයෙහි ප්‍රාණඝාතයෙන් වැළකීම වූ ශීලමය කුශලයෙන් දීර්ඝායුෂ්ක වන බව දක්වා තිබෙන්නේ ද කර්මයාගේ උපස්ථම්භක අනුපාලක භාවය සඳහා ය. ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති ශීලමය කුශලය කර්මාදි සතර හේතුවෙන් ම හටගන්නා වූ රූප පරම්පරාවට අනුබල දීම් වශයෙන් හා පාලනය කිරීම් වශයෙන් රූපසන්තතියි චිර කාලයක් පවත්වයි. එසේ නොව ප්‍රාණඝාත විරමන කුශලයෙන් ද දීර්ඝායුෂ්ක ශරීරයක් උපදවනු ලැබේ යයි ගත හොත් එය වරදවා ගැනීමෙකි. දෙවියනට පහළ වන වස්ත්‍රාභරණ විමානාදිය ද සෘතුජ රූපයෝ ම ය. ඒවා පහළවීමට කුශල කර්මය උපනිඃශ්‍ර‍ය වේ. කර්මාදි ප්‍රත්‍යය සතරෙන් ම හටගන්නා රූප කලාපයන්හි ඇත්තා වූ තේජෝ ධාතුව හෙවත් සෘතුව ස්ථිතියට පැමිණි කල්හි සෘතුජ අෂ්ටක කලාපයන් උපදවයි. කර්මජ කලාපයක ඇති තේජෝ ධාතුව ස්ථිතියට පැමිණි කල්හි එක් අෂ්ටක කලාපයක් උපදවයි. එහි තේජෝ ධාතුව ද ස්ථිතියට පැමිණ තවත් අෂ්ටක කලාපයක් උපදවයි. මෙසේ එක කර්මජ කලාපයක් නිසා පරම්පරා වශයෙන් සෘතුජ රූප සතරක් හෝ පසක් උපදී. චිත්තජ කලාපයක ඇති තේජෝ ධාතුව ස්ථිතියට පැමිණි කල්හි එක් අෂ්ටක කලාපයක් උපදවයි. එහි තේජෝ ධාතුව ද ස්ථිතියට පැමිණ තවත් අෂ්ටක කලාපයක් උපදවයි. මෙසේ එක් චිත්තජ රූපයක් නිසා සෘතුජ රූප පරම්පරා දෙකක් හෝ තුනක් ඇති වේ. මෙසේ ආහාරජ රූප කලාප සම්බන්ධයෙන් උපදනා සෘතුජ රූප පරම්පරාව කලාප දශයක් හෝ දොළොසක් වන්නේ ය. සෘතුවෙන් ම හටගන්නා රූපයන් හි ඇති තේජෝ ධාතුව නිසා පරම්පරා වශයෙන් බොහෝ රූප කලාප උපදී. ඒවායේ සංඛ්‍යා නියමයක් නැත.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
එක්සත් ජාතීන්ගේ දිනය කවදාද?
එක්සත් ජාතීන්ගේ දිනය යෙදී ඇත්තේ ඔතෝම්බර් 24 වෙනිදාටය.
re-annotations
84468d013f34693e818cfa424a3a2477a118ab87d077b59586b85a7cfeafcfc2
පුරාණ දඹදිව "තුන් කෝලාහල" ගැන විස්තරයක් කරන්න.
කල්ප කෝලාහලය. බුද්‍ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහල යැයි ලොවැ කෝලාහල (මහා උද්ඝෝෂණ) තුනෙකි. කල්ප විනාශයට හවුරුදු සිය දහසක් තිබියැදී කිසි කාමාවචර දෙවි කෙනෙක් මිනිස් වෙස් ගෙන විසුළ කෙහෙ ඇති වැ රත්පැහැ වස්ත්‍ර හැඳ පෙරවැ අතින් කඳුළු පිසිමින් හැඬූ මුහුණින් “භවත්නි, මෙයින් හවුරුදු සිය දහසක් ගිය තැන ලොව වැනැසෙයි. බඹලොවැ තෙක් ම ලෝකය වැනැසී යන්නේ ය. එබැවින් මෛත්‍රී වඩවු කරුණාව වඩවු, මුදිතාව වඩවු, උපේක්ෂාව වඩවු, මා පියනට උවටන් කරවු. පවුලේ වැඩිහිටියනට ගරු බුහුමන් කරවු, පස් පවින් දස අකුසලින් වළකිවු” යන ආදීන් අවවාද කරන්නාහු ලොව පුරා හැවිදිති. මේ කල්ප කෝලාහල නමි. ලොවුතුරා බුදු කෙනෙකු ලොව පහළ වන්නට හවුරුදු දහසක් තිබියැදී ලෝකපාලක දෙවිවරු මිනිස් වෙස් ගෙන මිනිස් ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, මෙයින් හවුරුදු දහසක් ගිය තැන සර්වඥ බුදු කෙනෙක් පහළ වන්නාහ. උන් වහන්සේ දක්නා කැමැත්තෝ අකුසලින් වැළකී කුසල් දහම් පුරත් වා” යි උද්ඝෝෂණ කෙරෙති. මේ බුද්‍ධ කෝලාහල නම් වෙයි. චක්‍රවර්ති රජහු පහළ වන්නට හවුරුදු සියයක් තිබිය දී කාමාවචර දේවතා කෙනෙක් මිනිස් වෙස් ගෙන ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, තව හවුරුදු සියයක් ගිය තැන සක්විති රජෙක් ලොවැ පහළ වන්නේ ය. මුළු පොළොව එක ම රජයකට යටත් කොට, සියලු වාද භේද නැති කොට. මිනිස්නට ද සිවුපා පක්ෂි ආදී තිරිසන් සත් කැලට ද හැම සැටියෙන් සුව පහසු සලස්වා, සියලු දෙනාට සැනැසුම් ඇති කොට, දැහැමෙන් සෙමෙන් රජය කරවන්නේ ය. ඔබ දක්නට කැමැත්තෝ අකුසලින් වැළැක කුසල් කෙරෙත්වා” යි උද්ඝෝෂණය කෙරෙති. මේ චක්‍රවර්ති කෝලාහල නම් වෙයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
හර බර වැඩක්..යන්න සොර බොර වූ වා යන්න නිවැරදද..? නැත්නම් හොර බොරු..සොරබොර වූවාද.
ඒ ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ එළාර පාලන සමයයි. එළාර පාක්ෂික ද්‍රවිඩ පිරිස් මහියංගණයට පැමිණියේ ගෞතම මුනිරජුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කොට තැනූ මියුගුණ මහා සෑයේ නිදන් ව තිබූ රන් කොල්ලකෑමට ය. අද මෙන් ම අතීතයේ ද නො රටින් පැමිණියවුන් අපේ දේ කොල්ලකාගෙන ගියෝ ය. එසේ පැමිණි කොල්ලකරුවන් අතර අසල්වැසි ඉන්දියානුවන් පෙරමුණේ සිටියි. එදා සිට අද දක්වා ම එය ඉන්දියානුවන් සතු වූ නො බිඳි වාර්තාවකි. සොරකමේ ආ මෙම පිරිස ඉන් නො නැවතී ‘ඡත්ත’ නම් නායකයකු යටතේ මෙහි ප්‍රාදේශීය රාජ්‍යයක් ද පිහිටුවා ගත් අතර එය පසු ව එළාර රාජධානියේ ප්‍රබල බලකොටුවක් බවට පත්විය. විජාතික බලවේගයන්ගේ ග්‍රහණයෙන් ලක් මවුන් මුදවා රට එක්සේසත් කොට ජාතිය නඟාසිටුවීමේ මාහැඟි ඓතිහාසික කර්තව්‍යට පණ දෙමින්, සේනා සංවිධානය කරමින් හුන් ගැමුණු කුමරුන්ගේ රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ පළමු අදියර යටතේ, ඡත්ත ඇතුළු ද්‍රවිඩ චෞරයන් මහියංගණයෙන් පළවා හැර බුදුරජ පහස ලද සොඳුරු පින් බිම යළි සිංහලයන් අතට පත්කරලී ය. අනතුරු ව ගැමුණු කුමරුන් එහි ම රැඳී සිටිමින් සතුරන් අතින් විනාශයට පත් නගරය යළි ගොඩනැංවීමට පිඹුරුපත් සකසන ලදි. සුමන සමන් දෙව් රජුන් විසින් ද සරභු මහ රහතන් වහන්සේ විසින් ද අවසාන වශයෙන් දෙවන පෑතිස් රජ සොයුරු උද්ධ චූලාභය රජු විසින් ද පිළිවෙළින් සත් රියන්, දොළොස් රියන් සහ තිස් රියන් උසට කරවූ මියුගුණ සෑය විශාල කරවා අසූරියන් උසට චෛත්‍යය තැනවීම, සකසන ලද පිඹුරුපත් අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. මෙකී ප්‍රතිසංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කරමින් ද අවසන් මහ සටන සටන සඳහා සේනා සංවිධානය කරමින් ද කුමරුන් වසර කිහිපයක් මෙහි රැඳී සිටියේ ය. අද මෙන් නො ව එකල ‘බුලත් කෑම’ දෛනික ජන ජීවිතය හා බෙහෙවින් බද්ධ වූවකි. රජ පවුලක උපන්න ද නිරතුරු ජනයා අතර ගැවසුණු ගැමුණු කුමරුන්ට ද ‘බුලත්’ නැතිව ම බැරි වූ අතර කුමරුන් හට බුලත් මෙහෙ වැඞීම පිණිස විශ්වාසවන්ත රාජ පාක්ෂිකයකු හට පුරප්පාඩු ඇති විය. සුන්දර හුන්නස්ගිරිය කඳු පාමුල උඩුදුම්බර ප්‍රදේශයේ කිරිපට්ටිය නම් කුඩා ග්‍රාමයේ විසූ ශක්ති සම්පන්න දැහැමි පුරුෂයකු මේ සඳහා පත්කරගන්නා ලදි. රජවාසල සැවොම ඔහුට ‘බුලතා’ යැයි නම් පටබැන්දහ. සිදුකරන රැකියාව, හැසිරීම, පුද්ගල ස්වභාවය අනුව අන්වර්ථ නාමයන් පටබැඳීම මෙකල මෙන් ම එකල ද ප්‍රචලිතව පැවතුණකි. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි. උදේ හීල වැළඳීමෙන් පසු ද දහවල් දස පැයට අතුරුපසෙන් පසු ද දහවල් භෝජනයෙන් පසු ද සවස් වරුවේ අතුරුපසෙන් පසු ද තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසු ද රාත්‍රී භෝජනයෙන් පසු හා රාත්‍රී නිදා ගැනීමට පෙර ද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළඟ වාරය පැමිණෙන තුරු නුවර අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේ ය. වර්තමානයේ මෙන් නො ව එදා හෙළයා ශක්තිවන්ත ය. අනලස් ය. නිර්මාණශීලී ය. අවංක ය. එදින උදෑසන බුලත් මෙහෙය නිමවා බුලතා ඇවිද ගියේ මහියංගණ නුවරින් උතුරු දෙසට ය. රුක් ගොමුවෙන් ගැවසීගත් ගල් තලාවක් මත විවේකය පිණිස නැවතුණ ඔහු කුඩා ගල් කඳු දෙකක් මැදින් ගලාවිත් තැනිතලාව ඔස්සේ ගලාබස්නා නිල්වන් දොළ පහර දෙස බලා සිටියේ මඳ වේලාවක් නො වේ. කාලය කෙතරම් ගෙවී ගියේ දැයි ඔහුට ද නිනව්වක් නො වී ය. නිවහල්, නිර්මාණශීලී මනසේ අපූර්වත්වය මොනවාට විදහාපාමින් ඒ මනසේ ඇඳී ගිය වාරි සැලසුම විස්මිත ය. පුදුම එළවන සුළු ය. ගල් කඳු දෙක හරස්කොට වේල්ලක් බැන්ඳහොත් ඒ ඉදිවන වැවෙන් සරුසාර වන ගව් ගණනක් වූ කෙත් යාය ඔහුගේ මනසේ මැනවින් සිතුවම් විය. විස්මයකි. විවේකය පිණිස ගල් තලාව මත වාඩිවූයේ උදේ හවස බුලත් මෙහෙ වඩනා පිටිසර ගැමියෙකි. ඉන් නැගී සිටියේ විශිෂ්ට සැලසුම් ශිල්පියෙකි. ඉංජිනේරුවෙකි. නිර්මාණකරුවෙකි. ඒ හික්මවන ලද සොඳුරු මිනිස් මනසේ අපූර්වත්වයයි. එකී වාරි සැලසුම යථාර්ථයක් වනු දැකීම බුලතාගේ අධිෂ්ඨානය විය. ඔහු මහා මන්දිර පිළිබඳ සිහින මවා කිරි කළය බිඳගත්තේ නැත. සුපුරුදු පරිදි හේ පසු දින ද රජු හට බුලත් මෙහෙ වැඞී ය. රාජකාරිය අතරතුර ඔහුට ලැබෙනා විවේකය සිය වාරි සිහිනය යථාර්ථයක් කර ගැනීම පිණිස යෙදවීමට ඔහු සැලසුම් කළේ ය. ඒ අනුව සෑම බුලත් මෙහෙවර දෙකක් අතරතුර ම ඔහු සිය උදැල්ලත් පස් කූඩයත් ගෙන ගල් කඳු දෙක හරහා වේල්ල සැකසීම ඇරඹී ය. බුලතාගේ උදැල්ල සහ පස් කූඩය එසේ-මෙසේ එවා නො වේ. ඔහුගේ උදැල්ල තනිව එසවීමට සාමාන්‍ය මිනිසකුට නො හැකි ය. ඒ සඳහා අවම වශයෙන් සාමාන්‍ය පුද්ගලයන් තිදෙනෙකුවත් අවශ්‍ය වේ. පස් කූඩය ද එසේ ම ය. ඔහුගේ කූඩයෙන් මිනිසුන් 20-25 ඔසවන පස් තනිව එක්වර ඔසවයි. නමුදු ‘බුලතා’ දසමහා යෝධයන්ගෙන් අයකු නො වන බව අප මෙහි ලා සිහිපත් කළ යුතු ය. බුලත් මෙහෙයත්, වාරි මෙහෙයත් සමරබරව සිදු කරනට බුලතා වගබලා ගත්තේ ‘බුලත් මෙහෙය’ දේවකාරියටත් වඩා වැදගත් වූ ‘රාජකාරියක්’ බැවිනි. පස් කපා, ගල් කඳු දෙක අතර පුරවා, මැනවින් පාගා ශක්තිමත් ව වේල්ල ඉදිකිරීමට මේ අපූරු මිනිසාට එතරම් කලක් ගත වූයේ නැත. කර්මාන්තයේ ඊළඟ අදියර වූයේ සොරොව්ව සහ ජල පැන්නුම ඉදි කිරීමයි. වැව් කණ්ඩියේ දෙකෙළවර ම වූයේ විසල් ගල් පර්වතයන් ය. මෑත කෙළවරේ පිහිටි ගල කපා, හාරා මොහු විසින් සාදන ලද සොරොව්ව අදටත් ලොව අති දක්ෂ ඉංජිනේරුවන් මවිතයට පත් කරවයි. එවන් අග්‍රගණ්‍ය නිර්මාණ ලොව තවත් නැත. එය එතරම් ම විශිෂ්ට ය. ශක්ති සම්පන්න ය. අනර්ඝ ය. ලොව විශිෂ්ට වාරි කර්මාන්තයන් අතරේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි සොරොව්ව නිර්මාණයේ දී දක්වා ඇති මෙම විශිෂ්ට වාරි ඉංජිනේරු තාක්ෂණය නිසාවෙනි. තාක්ෂණය එතරම් දියුණුවට නො වී යැයි වර්තමාන පඬුවන් විසින් නිර්වචනය කරනු ලබන අවධියක, මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා දක්වන ලද කුසලතාව පුදුම සහගත ය. කළුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීම සඳහා බුලතා විසින් ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලූගල් උණු කළ හැකි විශේෂ සංයෝගයක් භාවිත කළ බවක් ජනප්‍රවාදයේ පවතී. එම සංයෝගය ගල් මත අතුරා මහා කළු ගල් මෙළෙක්කර ඉන්පසු උදැල්ලෙන් පස් කපන්නාක් මෙන් කපා ඉවත් කළ බව කියැවේ. මෑත කෙළවරේ ගල හාරා සොරොව්ව සෑදූ ඔහු වැවෙහි වැඩි ජලය බැස යාම සඳහා ඈත කෙළවරේ ගල හාරා දිය පැන්නුම සකසන ලදි. වැවේ ‘ඉහත්තාව’ නමින් හඳුන්වන ජල පෝෂක ප්‍රදේශ වෙතින් පැමිණෙන ජලය ‘කුලූ වැව්’ නමින් හඳුන්වන කුඩා වැව් 3ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ. ‘කුල්ල’ යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ඉතිරි කර ගැනීමට ගේ-දොර භාවිත වන සරල උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එම තාක්ෂණය මෙහි දී ද භාවිත කිරීමට පෙළඹීම එකල මිනිසාගේ විශිෂ්ට ප්‍රායෝගිකත්වය මොනවට විදහාපායි. කඳු සේදී යාමෙන් වැසි ජලයට එකතු වන මඩ, කුලූ වැව් තුන හරහා යාමේ දී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අතිශය අවම මට්ටමකට පත් වේ. පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, රළපනාව, වැව් බැම්ම ආදි වැවක පොදු ලක්ෂණ සියල්ලෙන් සොරබොර වැව පොහොසත් වුව ද එහි ‘මඩ සොරොව්වක්’ ඉදිකර නො තිබීම විශේෂ ලක්ෂණයකි. මෙතරම් විස්මකර්ම කළ බුලතාට ‘මඩ සොරොව්ව’ අමතක වූවා වත් ද? නැත. වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේ දී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ, ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරු මත තැන්පත් වීමෙන් පොහොර යෙදීමකින් තොරව ම සාරවත් අස්වැන්නක් ලබා දීමට දායක වී ඇත. එදා බුලතා සතුව තිබූ විශිෂ්ට හැකියාවන්, කුසලතාවන්, ඤාණයන්ගෙන් කීයක් දියුණු යැයි කියාගන්නා වර්තමාන ඉංජිනේරුවා සතු ද යන්න විමසා බැලීම වටී. බුලතා තනිකඩයකු නො වී ය. ඔහු මෙන් ම ශක්ති සම්පන්න අනලස් බිරියක් ඔහුට විය. බුලතා වැව සාදනා විට ඔහුට කෑම ගෙන එන්නේ ඇය යි. ඕ කිරිපට්ටිය ගමේ සිට මලය පර්වතය හරහා වැටුණු දුර්ග කපොල්ලක් ඔස්සේ කෙටි මඟක් තනා ගත්තා ය. බුලතා විසින් කඩා නිමවන ගල් ගෙනගොස්, ඇය තමා යනෙන මාවත පුළුල් ව, පිළිවෙළකට සකසන ලදි. පසු කලෙක එය බොහෝ දෙනාට බොහෝ යහපත, සුවපහසුව සලසාලූ මාර්ගයක් විය. ඒ කෙසේ ද යත්, අද මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය 18 වංගුව හරහා වැටී තිබුණ ද වසර 2550කට එහා ගිය ඉතිහාසයක් සහිත මහනුවර – මහියංගණය මාර්ගය වැටී තිබුණේ හුන්නස්ගිරිය, දෙනපිටිය, නයියන්තුඩුව, කිරිපට්ටියගම, ගලිමුරය, කනහම්පිටිය ගංගොඩ, කලූන්තැන්න, පිටවල, උඩුවහහින්න, මහවල, ගල්පඩිහල, මොරයාය, වේරගංතොට යන ඉපැරණි ගම්මාන හරහා ය. බුලතාගේ බිරිය විසින් සකස් කරන ලද්දේ මෙම ඓතිහාසික මාර්ගයෙන් කොටසකි. ගල් අල්ලා සැකසූ මෙම මාර්ගයේ ඇතැම් කොටස් අදටත් සුරක්‍ෂිත ව ඇතැයි කියැවේ. කුමරුන්ට බුලත් මෙහෙ වඩන බුලතා ද දිනපතා මියුගුණ මහා සෑ රදුන් වන්දනා කරයි. එය ඉදි වන අයුරු දකිමින් සතුටු වෙයි. ගැමුණු කුමරුන් විසින් ඇරඹි මහියංගණ නගර ප‍්‍රතිසංස්කරණ කටයුතු කෙමෙන් නිමවෙමින් තිබූ අතර මහා සෑය 80 රියන් උසින් බැඳී කිරි බුබුලක් මෙන් දිස් විය. මේ වන විට බුලතා ද සිය අභිනව වාරි මෙහෙවර සාර්ථකව නිමවා තිබිණි. මහියංගණ සෑයෙහි කොත් පැළඳවීමේ මංගල්‍යයට දීඝවාපිය, මාගම්පුර, සිතුල්පව්ව ඇතුළු බොහෝ ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළ අතර රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා, කුමරුන් ඉදිරියට පැමිණ; ‘‘දේවයන් වහන්ස, මම වැව් පොඞ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින සේක්වා!” යැයි සැළ කළේ ය. බුලතාගේ ඉල්ලීම පිළිගත් කුමරුන් චතුරංගනී සේනාව පිරිවරා ‘බුලතාගේ වැව් පොඞ්ඩ’ බලන්නට ගියේ ය. පෙනෙන තෙක් මානයේ නිල්වන් ජල දහරින් පිරී රැළි පිට රැළි නඟමින් තිබෙන වැව් කොමලිය දුටු කුමරුනටඇස් අදහා ගත නො හැකි විය. ප්‍රීතිය නිම්හිම් නැති විය. කුමරුන් සමග පැමිණ සිටි මැති, ඇමති, සෙන්පති ආදි පිරිස ද මහජනයා ද ‘තනි මිනිසකුගේ වැඩක්’ වූ මේ මහා වැව දැක අතිශයින් පුදුමයට පත් වූහ. තම රාජකාරිය ද අකුරට ම ඉටු කරමින් අංග සම්පූර්ණ වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන කුමරුන් විස්මය පළ කළේ ය. ‘‘මේ නම් මහා විශ්මකර්මයක්! දරුව, නුඹ මේ සඳහා තව කොපමණ දෙනකුගේ සහාය ලබා ගත්තෙහි ද?” ‘‘දේවයන් වහන්ස, මම සප්‍රාණික කිසිවකුගේ සහයක් ලබා නො ගත්තෙමි. මට සහය ලැබුණේ මෙන්න මේ හතර දෙනාගෙන්.” යැයි පවසමින් බුලතා පසෙක සඟවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් කුමරුන්ට පෙන්වී ය. ඒ දුටු කුමරුන් හට ඔහුගේ ශරීර ශක්තිය පිළිබඳ අටුවා ටීකා අවැසි නො වූ අතර; ‘‘දරුව, නුඹගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට, ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට නුඹගේ මේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ” යි බොහෝ ප‍්‍රශංසා කළේ ය. ගැමුණු කුමරුන් එවකට වාසය කළේ මහියංගණයේ තාවකාලික මාළිගයේ ය. බුලතා ද ඔහුගේ භාර්යාව ද තම මව් බිසව වූ විහාර මහා දේවිය වෙත රැගෙන ගිය කුමරුන්, බුලතා විසින් කරන ලද විස්මිත වාරි කර්මාන්තයත්, බිරිය විසින් නිමවන්නට යෙදුණු ගල් පඩිපෙළ සහිත මාර්ගයත් පිළිබඳ අපූර්ව විස්තරය මව් බිසව වෙත සැල කළේ ය. ඒ ඇසූ විහාර මහා දේවිය බලවත් චිත්ත ප‍්‍රීතියට පත්ව තමන් ගෙල පැලඳ හුන් වටිනා මුතු මාලය බුලතාගේ භාර්යාවට පලඳවා උපහාර දැක්වූවා ය. කුමරුන් ද තමන් කර පැලඳි වටිනා ස්වර්ණමය උර පලඳනාව ගලවා බුලතාගේ කර පලඳවා උපහාර දක්වා ඔහුට ගම්වරයක් ලබා දී නම්බු නාමයක් ද පිරිනැමුවේ ය. නන්දිමිත‍්‍ර යෝධයා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව බුලතා, හෙළ යෝධාවලියට ද එක් වූ අතර දස මහා යෝධයන් අතරේ එකොළොස් වැන්නා බවට ද පත් විය. එවකට ගැමුණු කුමරුන් රට, දැය, සමය බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරට සේනා සන්නද්ධ කරමින් සිටි නිසා ම බුලතා, ගාමිණී අභය රාජ සභාවේ වාරි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසින් පත්කළ බව ද කියැවේ. මෙය හරබර වැව් කර්මාන්තයක් යැයි කුමරුන් පැවසූ හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව’ නම් විය. හරබර වැව පසු කලක දී ‘සරබර’ වැව වශයෙන් ව්‍යවහාර වීඇති අතර පසු කාලීන ව ‘සොරබොර’ වැව නමින් ජන වහරේත්, ඉනික්බිති වාරි කර්මාන්ත පත පොතෙහිත් භාවිත වන්නට විය. ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ එන යන්නෝ ඉඩ නෑරම බැලූම් ගලේ සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ ඒ, බුලතාගේ අසහාය වාරි කර්මාන්තය පිළිබඳ ඌව වෙල්ලස්සේ අදටත් ප්‍රකට ජන කවියකි. කවියා දක්වන පරිද්දෙන් ම ‘‘සොරබොර වැව නො දුටු දෑස් මොට ද පින් කළේ…?” කියා සිතෙන්නේ මෙහි යටගියාව පිළිබඳ දැනුවත් වූ පසු ව ය. ඌව වෙල්ලස්සේ බින්තැන්න (මහියංගණය) ඉසව්වට ඔබටත් යාමට අවස්ථාවක් ලැබුණහොත් සොරබොර වැවේ අසිරිය මඳක් හෝ විඳිනට අමතක නො කළ යුතු ම ය. ඔරුවේ නැඟ ගොස් වැවේ සිරි නරඹන්නට ද ඔබට අවස්ථාව ඇත. එය ඔබ දිවියේ සොඳුරු මතකයන් අතරට එක්වනු නො අනුමාන ය. ‘පින’ ගැන නො ම දැන හුන් ලෝකයට ඒ ගැන පරිපූර්ණ ව කියා දුන් අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දිවා රෑ පින් වැඩෙන මහානීය පුණ්‍යකර්මයන් පිළිබඳ ව මෙසේ වදාරණ ලද සේක. ‘‘ජනතාව උදෙසා මල් පලතුරු වවන, රුක් රෝපණය කරන, ඒ දඬු පාලම් හදන, ගිමන් හල්, පැක් පොකුණු කරවන, ගෙවල් දොරවල් දන් දෙන යමෙක් වෙයි නම්, ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ හැම තිස්සේ ම පිං වැඩෙනවා.” (වනරෝප සූත්‍රය – සං. නි) බුලතා යෝධයා විසින් සාදන ලද්දේ වැවකි. ඔහුගේ බිරිය විසින් සාදන ලද්දේ මාවතකි. මේවා දිවා රෑ සුවහසක් ජනතාවගේ සහසක් අවශ්‍යතා සපුරාලයි. සුවපහසුව සලසාලයි. ඒ අයුරින් ම බුලතාට ද ඔහුගේ බිරිඳට ද දිවා රෑ පුරා වැඩෙනුයේ සුළුපටු පිනක් නො වේ. ඒ සියලූ පින් දැකබලා අපිදු අනුමෝදන් වන්නෙමු. තුන්කල් වෙනුවෙන් සිය කාලය, ධනය, ශ‍්‍රමය මුළුමනින් ම කැපකොට ඔවුන් විසින් සිදු කළ මේ මහානීය පුණ්‍යකර්මය උදෙසා වර්තමානයේ හදපිරි කෘතවේදීත්වය ඒ උදාරතර අතීතයට හිමි විය යුත්තේ ම ය. රට – දැය – සමය වෙනුවෙන් සිය වර්තමානය කැප කළ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයිනට, සොඳුරු මිනිසුනට පුණ්‍යානුමෝදනා වේවා! සැබැවින් ම සොරබොර වැව වැනි අද්විතීය නිර්මාණ ලක් මවුනට සැබෑ අභිමානයකි. සෑම ශ්‍රී ලාංකිකයකුට ම අභිමානයකි. හෙළයන් මේ විස්කම් පෑවේ බටහිර ජාතීන් කොළ අතු ඇඳ, මස් පුළුස්සා කමින් හුන් අවධියේ වීම එහි වටිනාකම වඩාත් තීව්‍ර කරයි. හාස්‍යයට කරුණ නම් අද අපට සියලූ දේ උගන්වන්නට එන්නේ ද ගුරුහරුකම් දෙන්නේ ද එකී බටහිරයන් ම වීම ය. කනගාටුවට කරුණ නම් පිටකොඳු බිඳගත් නිවටයන් රැළක් මෙන් අප ද බටහිරට ම ආවැඞීම ය. සොරබොර වැවේ තාක්ෂණික වගතුග ධාරා ප්‍රදේශය : වර්ග සැතපුම් 16.89 උපරිම ජල ධාරිතාව : අක්කර අඩි 16800 වැව් බැම්මේ දිග : අඩි 1590 වැව් බැම්මේ පළල : අඩි 20 වගා බිම් ප්‍රමාණය : අක්කර 3000 වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග : සැතපුම් 1 දම්වැල් 32.5 දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග : සැතපුම් 3 දම්වැල් 20 පසු සටහන : ඒ එකල ය. රජවරුන් ද එකල ය. මැති ඇමතීන් ද එකල ය. මහජනයා ද එකල ය. මෙකල ද රජවරු සිටිති. මැති ඇමතීහු ද සිටිති. මහජනයා ද වෙති. මෙකල ඒ සියල්ලෝ ම ඡන්ද දායකයෝ ද වෙති. මීළඟ වතාවේ කතිරය ගැසීමට පෙර…. එකල හා මෙකල වෙනස ප්‍රඥාවෙන් දැකීම බුද්ධිමත් ඔබට බාර ය. ඇසුර : මහාවංශය, රාජාවලිය, ඞී.පී. වික්‍රමසිංහයන්ගේ මගදිගට ජන කථා සහ පුරාවිද්‍යා වාර්තා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"වහසි බස්" යන්නේ අර්ථය කුමක්ද?
අහංකාර වචන අඩෝ වරෙං ඩෝ ගහ ගන්ඩ - ් ආවොත් තෝව උස්සලා පොළොවෙ ග***නවා කෑලි කෑලි හතර පොලේ ය***න්**ඩ -තෝගේ බෙ--*ල්ල ගලව**ලා අතට දෙනවා වගේ දේවල් තමා වහසි බස් කියන්නේ - සටනකට පෙර සතුරාට කටින් ගහන ගේම
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සිංහල අක්ෂර වින්‍යාසයේ ශ භාවිතය ගැන කියන්න.
සිංහල අක්ෂර වින්‍යාසයේ ශ භාවිතය ගැන පහත දැක්වේ. (1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි. තාලුජ අක්‍ෂර :- ච, ඡ, ජ, ඣ, ඤ දුශ්චරිත, ආශ්චර්ය, නිශ්ශබ්ද, නිශ්ශංක (2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත. අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ (3) ඇතැම් විට “ව” යන්නට මුලින් ඨ්යෙදේ. විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා (4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ. ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය (5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ. ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පෘථිවි වායුගෝලයේ වැඩිපුරම අඩංගු වායුව කුමක්ද?
පෘථිවි වායුගෝලයේ වැඩිපුරම අඩංගු වායුව නයිට්‍රජන් ය.
re-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
ලොව විශාලතම සාගරය කුමක්ද?
ශාන්තිකර සාගරය (Pacific Ocean) පෘථිවිය මත විශාලම සාගරයයි. එය පැසිෆික් සාගරය ලෙසත් හඳුන්වනු ලබයි.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
"බෝ මළුවේ මල් සුවඳක පැටලී" ගීතයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැණින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැණිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා සනත් නන්දසිරි ප්‍රණීත් අභයසුන්දර සනත් නන්දසිරි
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ පළමු වරට ජනමත විචාරණයක් පැවති වර්ෂය කුමක්ද?
ශ්‍රී ලංකාවේ පළමු වරට ජනමත විචාරණයක් පැවති වර්ෂය 1982 වර්ෂය යි.
re-annotations
50e7dfa5853164abe58b2a77fa5fb3be38569bce5dac7abfbaaa3549debfd4c7
වගවීම යන්න පහදාන්න.
වගවීම කියන්නෙ යම් කටයුත්තක් ඉටු කැරෙන බවට බැඳී සිටීමයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? මස්සිනා
නෑනා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලොව වැඩිම ජල විදුලියක් නිපදවන රට කුමක්ද?
ලොව වැඩිම ජල විදුලියක් නිපදවන රට වන්නේ නෝර්වේ රටය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඉන්දියාවේ පළමු පුරවැසියා කවුද?
ජනාධිපතිවරයා ඉන්දියාවේ පළමු පුරවැසියා ලෙස සලකයි. ඔහු ජාතියේ ව්‍යවස්ථාපිත නායකයා ය. සියලුම විධායක තීරණ ගනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි.
re-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
පහත ගීතය සම්පුර්ණ කරන්න. තන්හාවෙන් මත් වෙන්නේ මායාවේ පැටලී පැටලී
තන්හාවෙන් මත් වෙන්නේ මායාවේ පැටලී පැටලී මනුදම් ගුණ නොතකන්නේ සිත විඳවන්නේ පෙර ආ කර්මේ ලද පමණින් සැනසෙන්නේ ආශාවේ රැහැණින් මිදිලා ලෝ දම් නිති සුරකින්නේ අප ගෙන යන්නේ කරනා හොඳ වේ මේ ලොව එළිය දකින හැම බිළිදම මවු සෙනෙහස පතනව දිවි පුරාම වැටහෙනකොට ටික ටික නැතිවෙන බව මායාවක හිත පැටලෙයි දැන දැන බැඳුණත් කෙතරම් මවු උණුහුමකට ලෞකික ලොව තුල අස්ථීරයි එය නිලතල ධනය, බලය, හට කිසි දින වළකනු නොහැකී ලෝක ස්වභාවය මොහොතක් නැවතී සිතන්න ඉදිරිය අප වටකර ඇති ආශා සියල්ල ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට සිනහව කෙතරම් අරුමයක්ද ලොව ඒයටත් මෙතරම් මැලිකම් කුමටද සිංහල, ද්‍රවිඩ, කිතුනු, මුස්ලිම් හට වෙනසක් නැත අස්ථීරයි ලෝකය. සුන්දර ලෝකයේ ලස්සන විදින්න කාටද පුලුවන් සත්‍යම දකින්න කෙනෙකුගෙ ජය හට සුබපතන්න පුලුවන් හදකුයි උතුම්ම මිහිපිට ආගමකට වත් හීලෑ නැතිනම් සිතන්න බැරි හණමිටියො වගේනම් මාස දවස් සති අවුරැදු ගෙවුනත් කර්මය පලදෙන බවනම් සත්‍යක් ජාතිය ආගම පැත්තක තියපන් අපිටම අපිගැන හිතන්න බැරිනම් කෙනෙක් මරා කුසගින්න නිවෙනම් මරනින් පසු හරි විපාක දෙයි බන් වටහා ගතයුතු සත්‍ය මෙයයි බන් කවදා කොතැනක සැගවී සිටියත් විපාක දියයුතු කාලය හරිනම් කර්මය නිසැකව දෙනවලු පඩිසන්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
" නන්ද රාජවංශය " අවසන් කරමින් , මගධ දේශයේ පාලන බලය ලබාගත් රාජවංශය කුමක්ද
මෞර්‍ය රාජවංශය .
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කවුද බොක්සිං ක්‍රීඩක ජෝන් බෝල්ඩ්වින්?
ඩෙට්‍රොයිට් හි උපත ලද ජෝන් බෝල්ඩ්වින් වෘත්තීය එක්සත් ජනපද බොක්සිං ක්‍රීඩකයෙකි. ඔහු ලයිට්-මිඩ්ල්වේට් කාණ්ඩයේ සටන් කළ අතර 1968 ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ඔහු 1970 දී ගැති බවට පත් වූ අතර 1975 දී මර්වින් හැග්ලර්ට තීරණයක් අහිමි විය. ඔහු 1979 දී විශ්‍රාම ගියේය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල පැවැත්වූ වසර කුමක්ද?
ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල පැවැත්වූ වසර 2010 විය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා,
අප්‍රිකානු ඇතා
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද?
ශ්‍රී ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වේ. එහි වාණිජ අගනගරය වන්නේ කොළඹ නගරයයි.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
' මෘෂෝන්මාදය ' අදහස පහදා දෙන්න.
මෘෂා+ උන්මාද > මෘෂෝන්මාද මෘෂා = බොරු උන්මාදය = පිස්සුව
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
හැරි පොටර් (Harry Potter) කථා මාලාවට අයත් පොත් ගණන සහ ඒවා මොනාද යන්න විස්තර කරන්න.
07 කි. ඒවා නම්, . Harry Potter and the Sorcerer’s Stone (1997) 2. Harry Potter and the Chamber of Secrets (1998) 3. Harry Potter and the Prisoner of Azkaban (1999) 4. Harry Potter and the Goblet of Fire (2000) 5. Harry Potter and the Order of the Phoenix (2003) 6. Harry Potter and the Half-Blood Prince (2005) 7. Harry Potter and the Deathly Hallows (2007) නමුත් පසු කාලීනව (2016) ජේ.කේ රෝව්ලින් (J.K Rowling) විසින් මෙහි 8 වන පොත රචනා කරන ලදී. 8. Harry Potter and the Cursed Child (2016)
re-annotations
4808b2bb7fb754e8218220ad542386f258985cf43d1e848ac52a3eff6c2286da
Sandro Botticelli විසින් රචිත 'සිකුරුගේ උපත' සිතුවම ඔබට සොයාගත හැක්කේ කුමන කෞතුකාගාරයේද?
ඉතාලියේ ෆ්ලෝරන්ස් හි උෆිසි ගැලරිය
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
සුභූති මහ රහතන් වහන්සේට ගෞතම බුදු සසුනේ හිමි වූ අග තනතුරු මොනවා ද?
සුභූති මහ රහතන් වහන්සේට ගෞතම බුදු සසුනේ හිමි වූ අග තනතුරු පහත දැක්වේ. 1. නික්ලේශී විහාරී භික්ෂූන් අතරින් අග්‍ර තනතුර 2. දක්ෂිණාර්හ භික්ෂූන් අතරින් අග්‍ර තනතුර
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
රිවිදා යනු කුමක්ද?
රිවිදා එසේත් නැත්නම් රිවි දින යනු සූර්ය දවසකි. ශනිදා සහ සඳුදා අතර දවස වේ. රිවිදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස සඳුදා හිරු උදාව සමග අවසන වේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
උරගයන්ගේ කොරපොතු වල කාර්යය කුමක්ද?
උරගයන් මත ඇති කොරපොතු හෝ කොරපොතු ශරීර ආරක්ෂණය, චලනය සඳහා උපකාර කිරීම සහ තෙතමනය රඳවා තබා ගැනීම ඇතුළු විවිධ කාර්යයන් ඉටු කරයි.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? වේලාව
අවේලාව
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය ගයනා කරන්නේ කව්ද ? වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හද මඬලට කවුදෝ ආවා හද දුක ගාවා කවුදෝ ආවා මල්පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දෑස වසා මගෙ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ හිරු මැලවුණ හැන්දෑවේ අඳුරට ගුලි වී මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ නෙතු කඳුලින් බොඳ කළ ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ
ඉමාන් පෙරේරා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රික්කය කුමක් ද?
මාතලේ දිස්ත්‍රිකයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් මායිම් ලෙස පිහිටන දිස්ත්‍රික්කය අම්පාරයි.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
සෙරංගාව කියන එකෙ තේරුම මොකක්ද?
වන්නි පළාත්වල එක කාලෙකට දකින්න ලැබෙන සුළි සුළඟට ඒ පැත්තෙ ඇත්තන් කියන්නෙ හේළංගාව කියලයි. ඒ හුළඟට කරකැවෙන හුළං පෙතිවලටත්, හේළංගාව, සේරංගාව කියනව. මේකෙන් නැගෙන ශබ්දයට සතුන් බයවෙලා පැනල යනව. දිය හොල්මනෙන් කෙරෙන කටයුත්තම තමයි මේකෙන් වෙන්නෙ!
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801