inputs
stringlengths
1
4.84k
targets
stringlengths
1
44.1k
annotation_type
stringclasses
2 values
user_id
stringlengths
64
64
2021 ගෝලීය සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට කුමක්ද?
2021 ගෝලීය සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට වන්නේ අයිස්ලන්තයයි.
re-annotations
9ed4818ede21a4c0331541788fe85f8921462ded39b59adc4ddca5e9504e5b51
තේ නිෂ්පාදනය සඳහා වැඩිම වියදමක් දරන රට කුමක්ද ?
තේ නිෂ්පාදනය සඳහා වැඩිම වියදමක් දරන රට චීනය වේ.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පූර්ණ චන්ද්‍රයා , අඩ සඳට වැඩිය කී ගුණයකින් දීප්තිමත් වේ ද ?
පූර්ණ චන්ද්‍රයා , අඩ සඳට වැඩිය 9 ගුණයක් දීප්තිමත් වේ.
re-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
Netflix ප්‍රදර්ශනය ‘Elite’ පිහිටුවා ඇත්තේ කුමන රටේද?
ස්පාඤ්ඤය
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
IPL තරඟ ඉතිහාසයේ පිට පිටම දෙවරක් ශූරතා දිනාගත් , පළමුවැනි කණ්ඩායම කුමක්ද ?
චෙන්නායි සුපර් කිංග්ස් ( CSK - 2010 - 2011 )
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කළමනාකරණය විද්‍යාවක්ද කලාවක්ද?
කළමනාකරණය යනු විද්‍යාවක් මෙන්ම කලාවකි. එය විද්‍යාවක් වන්නේ එය කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වී පරීක්ෂා කර ඇති පර්යේෂණ, න්‍යායන් සහ මූලධර්ම මත පදනම් වූ බැවිනි. කළමනාකරණ විද්‍යාව ගැටළු විසඳීමට සහ තීරණ ගැනීම වැඩි දියුණු කිරීමට ප්‍රමාණාත්මක සහ විශ්ලේෂණාත්මක ක්‍රම යෙදීම සම්බන්ධයෙන් සැලකිලිමත් වේ. ඒ අතරම, කළමනාකරණය ද කලාවක් වන්නේ එයට නායකත්වය, සන්නිවේදනය සහ ගැටළු විසඳීම වැනි නිර්මාණාත්මක සහ බුද්ධිමය කුසලතා ඇතුළත් වන බැවිනි. කළමනාකාරිත්වයේ කලාව සේවකයින්ට ආස්වාදයක් සහ අභිප්රේරණයක් ලබා දීමට, ඵලදායී කණ්ඩායම් ගොඩනැගීමට සහ වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට කළමනාකරුවන්ට හැකි වන කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීම ගැන සැලකිලිමත් වේ. එබැවින් කළමනාකරණය යනු විද්‍යාව සහ කලාව යන දෙකෙහිම සම්මිශ්‍රණයකි. කළමනාකරණ මූලධර්ම සහ ශිල්පීය ක්‍රම ක්‍රමානුකූලව හා තාර්කිකව අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ හැකි අතර, කළමනාකරුවෙකුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ පුද්ගලයන් සහ තත්වයන් තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ දැනුම සහ කුසලතා නම්‍යශීලී හා අනුවර්තන ආකාරයෙන් යෙදීමට ඇති හැකියාව මත ය.
original-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
"නබෝමිණි" යනු කිම? යෙදුම: නබෝමිණි වළා රැලි
සූර්යයා.. නබෝ හෙවත් නුබ යනු අහසයි. මිණ යනු මැණිකයි."නබෝමිණ" අහසෙහි දිලෙන මැණිකයි.එනම් සූර්යයා යි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
තම ක්‍රීඩා දිවිය තුළ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා කවුද?
2023 වර්ෂය වන විටත් තම ක්‍රීඩා දිවිය තුළ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩ​ක මුත්තයියා මුරලිදරන් මහතාය.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ලෝක ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් ජයග්‍රහණයක් ලබාගත් මයිකල් ෆෙල්ප්ස්ගේ ක්‍රීඩාව කුමක්ද?
මයිකල් ෆෙල්ප්ස්ගේ ක්‍රීඩාව පිහිනීමයි.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ කවුරුන්ද?
Brendan Fraser (The Whale)
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
'ද ග්‍රේට් ගැට්ස්බි ' පොත රචනා කළේ කවුද?
ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්
original-annotations
71849584274f2bd40aa2b718278f89281cadb8d59d055491c2dc54c76a8f1984
නූතන කවියෝ නව අනුභූතීන් ඔස්සේ කාව්‍ය රචනා කරති. මෙම වාක්‍ය කර්ම කාරකයට හැරවිය හැකි ද ?
නූතන කවියන් විසින් නව අනුභූතින් ඔස්සේ කාව්‍ය රචනා කරනු ලබයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඇපල් සමාගම විසින් 2022 සැප්තැම්බර් මස එළිදක්වන ලද අලුත්ම අයිෆෝන් (iPhone) ජංගම දුරකථනය?
ඇපල් සමාගම විසින් 2022 සැප්තැම්බර් මස එළිදක්වන ලද අලුත්ම අයිෆෝන් (iPhone) ජංගම දුරකථනය අයිෆෝන් 14 (iPhone 14) විය. ඇපල් අයිෆෝනය යනු ඇපල් සමගම විසින් නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් විශේෂයකි. මෙය ඇපල් සමගම විසින් නිෂ්පාදිත iOS නම් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වේ. 2022 වන විට, අයිෆෝන් ගෝලීය ස්මාර්ට්ෆෝන් වෙළඳපල කොටසෙන් 15.6% ක් වේ.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
මාලතී යාය තේරුම පහදා දෙන්න
මලිගිය මල් කියන්නෙත් මාලතී නැත්නම් ඉද්ද මල්. 'බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ' අහසේ පියාසර කරන කොක් රෑන හරියට ඉද්ද මල් මාලයක් වගෙයිලු.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම උපග්‍රහයා කුමක්ද?
බ්‍රහස්පතිගේ ගැනිමීඩ්
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
පහත ගීතය සම්පුර්ණ කරන්න. කඩුපුල් මල් පිපිලා රෑ සඳ ගලන නිම්නයේ නුඹලා තාම නිදිද නුඹලා තාම නිදිද නැගිටින් පැණි කුරුල්ලනේ
කඩුපුල් මල් පිපිලා රෑ සඳ ගලන නිම්නයේ නුඹලා තාම නිදිද නුඹලා තාම නිදිද නැගිටින් පැණි කුරුල්ලනේ නිල් තරු එලිය නිවේ මිහිදුම් සිහින මන්දිරේ මත් බමරුන් නින්දේ පිපි කේතකී මණ්ඩපේ මගෙ නම කියනු කවුද මගෙ නම කියනු කවුද ඇහුණා හීනයෙන් වගේ කඳු යායෙනුත් එපිට රෑ සඳ නෑ ගමන් ගියේ මට නුහුරුයි මේ රෑ තනි වුණු මධුර වසන්තේ අරුණළු අරන් එන්න අරුණළු අරන් එන්න දැන් දැන් ළහිරු කුමරුනේ තුෂාරා ගිම්හානි අමරසිංහ රත්න ශ්‍රී විජේසිංහ රෝහණ වීරසිංහ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ක වර්ගයට අයත් අක්ෂර පමණක් ඇතුළත් වචන තුනක් දැක්විය හැකිද?
කාක්කා කෙක්ක කොක්ක
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලෝක ජල දිනය සමරනු ලබන්නේ කවදාද ?
ලෝක ජල දිනය වාර්ෂිකව මාර්තු 22 දින සමරනු ලැබේ. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ මිරිදිය වල වැදගත්කම සහ මිරිදිය සම්පත් තිරසාර කළමනාකරණය සඳහා පෙනී සිටීම සඳහා ය. ලෝක ජල දිනය යනු ගෝලීය ජල අර්බුදය සහ සැමට ජල සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ශක්තිමත් ජල පාලනයක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමේ දිනයකි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"The Canterbury Tales" ලිව්වේ කවුද?
"The Canterbury Tales" ලිව්වේ ජෙෆ්රි චෞසර් කතුවරයාය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පළමු FIFA ලෝක කුසලානය පැවැත්වූයේ කවදාද?
පළමු FIFA ලෝක කුසලානය 1930 දී පැවැත්විණි. මෙම මංගල ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය ජූලි 13 සිට ජූලි 30 දක්වා උරුගුවේ හිදී පැවැත්විණි. තරඟාවලියට කණ්ඩායම් 13 ක් සහභාගී වූ අතර උරුගුවේ අවසන් තරඟයේදී ආර්ජන්ටිනාව ගෝල 4-2 කින් පරාජය කරමින් ශූරයන් බවට පත් විය. මෙම සිදුවීම දැන් ගෝලීය වශයෙන් සමරනු ලබන FIFA ලෝක කුසලානයේ ආරම්භය සනිටුහන් කළ අතර එය එතැන් සිට ලෝකයේ වඩාත්ම කීර්තිමත් පාපන්දු තරඟාවලිය බවට පත්ව ඇත.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඔලිම්පික් උළෙලක් පැවැත්වූ ප්‍රථම ආසියාතික රට කුමක්ද?
ජපානය
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද?
එන්. යූ. ජයවර්ධන මහතා
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) තිස්සාවගේ කථාව
1. සද්‍ධාතිස්ස මහරජතුමාගේ කාලයෙහි රුහුණු දනව්වෙහි තිස්සම්බතොට නම් ගමෙහි මුණ්ඩගුත්ත නම් එක් දුගියෙක් විය. ඔහුගේ භාර්යාව ද තිස්සා නමි. ඕ ද එබඳුම ය. ඔවුහු අමාරුවෙන් එහි ජීවත් වන්නෝ අනුන්ගෙන් කහවණු සැටක් පමණ ණයට ගෙන එය ගෙවන්නට නොහැකි වන්නෝ ණයෙන් මිදෙන තුරු ඔහුගේ ගෙදර දාසකම් කොට කාලය ගත කරති. එසමයෙහි ගම්වැස්සෝ බොහෝ භික්‍ෂු සංඝයාට ආරාධනා කොට දන් දෙමින් සිල් රකිමින් පින්කම්හි නිරතව වසත්. ඉක්බිති මේ අඹුසැමි දෙදෙනා සියල්ලෝම දන් දෙති. අපි හොඳටම දුප්පත් නිසා දන්දීමට නොහැකි වෙමු. පෙර කිසිවක් නොකළ නිසා දැන් මහ දුප්පත්තු වූහ. දැනුදු කිසිවක් නොකොට අනාගතයෙහිද මෙසේ වන්නෙමු. යම්කිසි උපායකින් දන් දීමට වටී යයි සාකච්ඡා කළහ. ඉක්බිති ඇයගේ ස්වාමියා සොඳුරු ගම්වැස්සෝ නොයෙක් සූප ව්‍යඤ්ජනයන්ගෙන් පංච ගව රසය සමග දන් දෙති. අපි කෙසේ දෙමු දැයි කියා සැඟවුනේ ය. ඕ තොමෝ අද ද හෙට ද මරණය යයි නොපැණේ. රළු හෝ ප්‍ර‍ණීත වූ හෝ දෙයක් දුන්නේ නම් එයම උසස් යයි කියති. මෙසේ කීහ. 2. අද අදම කළ යුත්ත කටයුතු ය. හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේද? නොයෙක් සේනා වාහන ඇති මාරයා හා අප අතර විශ්වාසයක් නැත. 3. එනිසා හිමියාණෙනි, ප්‍ර‍ණීත හෝ රූක්‍ෂ හෝ වේවා ලබන ලද්දක්, එයින් අවස්ථා පැමිණිවිට සංඝයාට දන් දෙමු. ක්‍ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා. 4. මෙසේ කියා දෙවැනි දවස තමන්ගේ දිළිඳුකම නිසා කාඩි බත ලුණු නොදමා පිසූ කර කොළ සමග එක භාජනයක් පුරා හිසින් උසුලන්නී. ආසන ශාලාවට ගෙන ගොස් සිටියේ මහළු කළ පැවිදි වූ එක් මහළු පැවිද්දෙක් පැවිදී පඞ්ක්ති ලැබ ඒ භික්ෂුවගේ පාත්‍රයෙහි බල්ලන්ට බත් දෙන පෝරුවෙහි දැම්මේ ය. මෝහයාගේ විපාක පුදුමයි. ඒ එසේමැයි. 5. මෙය සුදුසුය, මෙය නුසුදුසු යයි යන්න මුළාවූ විට නොදනිති. කළ යුත්ත නොකළ යුත්ත, කරුණ නොකරුණ නොදනිති. 6. ඔවුහු මෙලොව පමණක් දකිති. පරලොවක් නොබලති. හරිහැටි කරුණු නොදන්නා හෙතෙම ගර්‍හාවෙන් මිදීමට පත් නොවේ. 7. මෙසේ අවැඩදායක වූ මෝහය නිතරම අනිටු ඵල ගෙන දේ. සියළු සතුන්ගේ සිත්හි නොම පවතීවා. 8. ඉක්බිති ඒ උපාසිකා තොමෝ එදැක සොම්නසට පැමිණියේ ගෙට ගොස් ශොක කරමින් වැදහොත්තීය. ඉක්බිති ඇගේ ස්වාමියා කැලෑවෙන් පැමිණ ඒ දැක සොඳුර, අමාරුවක් දැයි ඇසීය. ඕ තොමෝ සැමියාට නොකැමැත්තෙන් දන් දුන් නිසා පිළිවදන් නොදුන්නී ය. ඉක්බිති ඕ තොමෝ සැමියා විසින් නැවත නැවතත් විචාරණ ලද නිසා සියළුම ප්‍ර‍වෘත්තිය කීවේය. ඒ අසා හෙතෙම නොසතුටු සිත් ඇත්තේ සොඳුර, කුමක් කරමුද? මෙය අපේම වැරැද්දයි. මේ බුද්ධොත්පාද කාලයෙහි අපට පිහිාටක් නොකර ගත්තමු නම් අපේම පිරිහීම වන්නේය. ඒ නිසා දන් දිය යුතුමය යයි කියා ඔවුහු දෙදෙනාම එක් ඊශ්වර කුලයකට ගොස් තමන්ගේ පුතා මිළ කොට ඒ ගෙදරට දී කහවණු 8 ක් වටිනා එළදෙනක් ගත්හ. ඒ එළදෙන එදවසම එක් වස්සකු වැදුවාය. දෙවැනි දවස්හි ඕ තොමෝ ඒ දෙනගේ කිරි දොවනා කාලයෙහි දන්දීමේ අදහසට පැමිණ නැලි දෙකක් පමණ තෙල්ම දුන්නීය. ඉක්බිති ඔව්හු තෙල් ගෙන දන් සම්පාදනය කොට භික්‍ෂූන්ට දන් දුන්හ. ඉක්බිති ඕ තොමෝ දෙවැනි දින පටන් පෙර බත් කාලයෙහි සතරක් ය, පසු බත් කාලයෙහි සතරක් යයි නිත්‍යයෙන්ම නැළි අටක් පමණ සුවඳ ගිතෙල්ම දෙන්නීය. එයින් මේ දෙමාල්ලෝ පෙර බත් කාලයෙහි ලබන ලද නැළි සතර ගෙන භික්‍ෂූන්ට ගිතෙල් බත් දෙති. බතින් පසු ලැබූ ගිතෙලින් පහන් පූජා කරති. භික්‍ෂූන් වහන්සේට බෙහෙත් පිණිස දෙති. මෙසේ කල් ගෙවෙත්ම මේ ගමේ වසන එක් රාජ පුරුෂයෙක් ඔවුන්ට ගිතෙල් ලැබීමේ පුවත අසා කොළ මටත් පින්වත්නි, ගිතෙල් ගෙන එත්වා! යයි මිනිසුන් යැවීය. ඒ පණිවුඩ කරුවන්ගේ කථාව අසා මෙසේ කීවාහුය. අපිදු ගිතෙල් පාවිච්චි නොකරමු. ලැබූ හැටියෙන් භික්‍ෂු සංඝයාට දන්දෙමු. පහන් පූජාදිය කරමුයි එයින් කිසිවක් නුදුන්නේය. ඉක්බිති ඒ රාජපුරුෂයා යවන ලද මිනිසුන්ගෙන් ඒ කථාව අසා බොලව් තෙපි රජුන්ට සුදුසු ගවරසය සඟවාගෙන වළඳව්. රජුට දන්වා ගිතෙල් තෙපිට කවන්නෙමියි තර්ජනය කරන්නේ බිය කරවීය. ඉක්බිති මුණ්ඩගුත්ත බිරියට කීවේය. සොඳුර, මිනිසුන්ට යම්කිසි බියක් උපදීනම් එය අසත්පුරුෂයෙකුගෙන්ම උපදී. මේ හිස් මිනිසා රජුට කියා අපගේ දානයට අනතුරු කරන්නේ ය. මෙය නොමැනවි. ඔහුට නැලි බාගයක් පමණ දෙමු යයි කියා නිතරම නැලි බාගයක් පමණ තෙල් දෙති. ඉක්බිති පසු කාලයක ඒ රාජ පුරුෂයා රජුගේ උවටැනට ගියේය. ඔහු ගිය බව දැන ඔව්හු ඔහුට තෙල් නුදුන්හ. ඉක්බිති හේ රජුගේ උපස්ථානයට ගොස් අවුත් බත් අනුභව කරන්නේ ගිතෙල් ගෙන්වීය. ඔහුගේ බිරිය ස්වාමීනි, නුඹ වහන්සේ ගිය කාලයේ සිට ගිතෙල් නුදුන්නාහුය යයි කීයේය. එය අසා දණ්ඩෙන් පහර ලත් සර්පයකු සේ කිපුණේ ය. ඒ එසේමැයි අසත් පුරුෂයෝ නොතැන්හිම කිපෙති. එහෙයින් කියන ලදි. 9. කාරණයක් ඇති කල්හිම බියජනක සර්පයෝ කිපෙති. අධම මිනිස් සර්පයෝ කරුණක් නොමැතිව කිපෙති. 10. ඉක්බිති හෙතෙම රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ඔබ තුමාට සුදුසු භාණ්ඩයක් එකෙක් සඟවා ගෙන තෙමේම වළඳයි කීවේය. රජතුමා අසත්පුරුෂයාගේ වචනයෙන් එම මගට පිළිපන්නේ එසේනම් කොළ එකම ඒ දෙන ගෙන ඊව අයුතුය. ඔබම ඒ එළදෙනත් සමග කපිලවන් දෙනුන් සීයක් ගෙනෙවයි නියෝග කෙළේය. හෙතෙමේද ගම් නියම්ගම් වල හැසිර ඒ දෙනත් සමග දෙනුන් සියයක් ගෙන රජු දැන්වීය. ඉක්බිති දේවිය සියළු අලඞ්කාරයෙන් සරසා තෙල් දොවයි කීයේය. දේවිය විසින් දොවන කාලයෙහි එක් තෙල් බිංදුවක්වත් පියයුරෙන් නොපැමිණියේය. ඉක්බිති රජතුමා දෙනගේ අයිතිකාරිය කැඳවව් යයි කැඳවා ඇයද සියළු අලංකාරයන් ගෙන් සරසා තෙල් දොවවයි කීයේය. ඕ තොමෝද යහපති දේවයන් වහන්ස යයි කියා දෙන නොදෙවි දින ගණන බොහෝ ය. දෙකක් තුනක් සැළවල් ගෙන්වාගෙන තමන්ගේ ශ්‍ර‍ද්ධාව කල්පනා කොට දෙනගේ පියයුරු ගත්තේය. ඉක්බිති ඇගේ අතින් ස්පර්ශ කළ හැටියේම පියයුරෙන් ඉබේටම තෙල් වැගිරිණ. ඕ තොමෝ සැළි පිරවූ ගිතෙල් රජුට දැක්වීය. රජතුමා තෙල් බලා මෙතෙක් කල් මේ ගිතෙලින් කුමක් කෙළේදැයි ඇසීය. ඕ තොමෝ තමන්ට දෙන ලැබුණු සැටි ද ගිතෙල් භික්‍ෂූන් වහන්සේට දීමට දෙන ගෙන ආ බව ද යන සියල්ල කීවාය. මේ අසා රජතුමා මෙසේ නම් මේ ගිතෙල් අප විසින් පාවිච්චි කිරීම නුසුදුසු යයි කිියා නුවරද පස්මහ ආවාසවල භික්‍ෂූන් වහන්සේ ද රැස් කරවා ඇයගේ ශ්‍ර‍ද්ධා බලය ප්‍ර‍කාශ කොට ගිතෙල් සංඝයාට දෙව වීය. ඊට පසු දෙනගේ අයිතිකාරිය කැඳවා ඒ ජනපදය ඇයටම දී භේදකාරී රාජ පුරුෂයා ඇයටම මෙහෙකාරයෙකු කොට දුන්නේය. ඉක්බිති ඒ අඹු සැමි දෙදෙන එම දනව්වෙහිම වසමින් දිවි තෙක් කුසලකම් කොට දෙව් ලොවට ගියාහුය. 11. දිළිඳු ධනය නොමැති මිනිස්සු තුනුරුවන්හි ශ්‍ර‍ද්ධාව වඩා බොහෝ ස්වර්ග සම්පත්තිය ලබති. එනිසා රත්නත්‍රයෙහිම ශ්‍ර‍ද්ධාව වඩව්.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලොව වැඩිම ජන ඝනත්වයක් ඇති රට කුමක්ද?
මොනාකෝ ලෝකයේ ඉහළම ජනගහන ඝනත්වය ඇති රටයි. මොනාකෝ යනු බටහිර යුරෝපයේ ප්‍රංශ රිවීරා හි පිහිටි කුඩා නගර රාජ්‍යයකි. එහි ඉතා කුඩා ප්‍රමාණය තිබියදීත්, එහි ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අතිශයින් ඉහළ ජන ඝනත්වයක් ඇත. මොනාකෝ එහි සුඛෝපභෝගී ජීවන රටාව, බදු තන්ත්‍රය සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධය.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධූරය දරන රට කුමක්ද ?
බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධූරය දරන රට වන්නේ ඊශ්‍රායලය යි.
re-annotations
13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2
විශ්වාසය යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
විශ්වාසය යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය අවිශ්වාසය වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය සම්පුර්ණ කරන්න. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන ගුණදාස කපුගේ දර්ශන මේදිස් ගුණදාස කපුගේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලොව ඇති විශාලතම ජල විදුලි බලාගාරය
Three Gorges Dam
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
යාන්ත්‍රික තරංග වලට උදාහරණ මොනවාද ?
යාන්ත්‍රික තරංග වලට උදාහරණ වන්නේ ධ්වනි තරංග හා ජල තරංග වේ.
re-annotations
1dfab482ad22dbbe493acd3a6f67c2160cbbd9a0bff0cd6f19878bfbeee0d481
ඉන්දියාව නිදහස ලැබූ වසර කුමක්ද?
1947
re-annotations
71849584274f2bd40aa2b718278f89281cadb8d59d055491c2dc54c76a8f1984
පාපන්දු යනු කුමක්ද?
කණ්ඩායම් ක්‍රීඩා කිහිපයක් යොමු කිරීමට පාපන්දු භාවිතා කළ හැක, බොහෝ විට භාවිත වන අවස්ථා වලදී, එය ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කරන කණ්ඩායම් ක්‍රීඩාව වන අතර, මූලික ඉලක්කය වන්නේ පන්දුවට පයින් ගසා ගෝල ලබා ගැනීමට ඔවුන්ගේ පාද භාවිතා කිරීමයි. එය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සැලකේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ, ක්‍රීඩාව පාපන්දු ලෙස හඳුන්වනු ලබන අතර, ඒ වෙනුවට පාපන්දු හෝ ඇමරිකානු පාපන්දු වෙනත් ක්‍රීඩාවක් හැඳින්වීමට භාවිතා කරයි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පෘතුගීසි සහ ලන්දේසි ආභාෂ්‍ය කෙසේද ශ්‍රී ලංකාවේ ආහාරවලට බලපෑවේ?
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට අනර්ඝ කුළු බඩු භාවිතා කරන රටක් ලෙස ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටී. පහළොස්වන සහ දහසයවන ශතවර්ෂවල දී ලෝකයේ විවිධ රටවලින් ශ්‍රි ලංකාවට පැමිණි වෙළෙන්ඳන්, ඔවුන්ගේ රටවල භාවිතා කරන ආහාර වර්ග හා විවිධ ඉවුම් පිහුම් ක්‍රම මෙරටට රැගෙන ආ අතර එවා දේශීය සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ විශාල විවිධත්වයක් ඇති කිරීමට සමත් විය. "ලම්ප් රයිස්" ලෙස හඳුන්වන්නේ ලන්දේසි ආභාෂය ලද ශ්‍රි ලාංකික ආහාර වර්ගයකි. මෙය බත්, පිසූ මස්, විශේෂ ව්‍යංජනයක් යන සියල්ල කෙසෙල් කොළයක ඔතා පුළුස්සා ගැනීමෙන් සකස් කර ගන්නා ඉතා රසවත් ආහාරයකි. අතීතයේ සිට පැවත එන පෘතුගීසි හා ලන්දේසි රසකැවිලි වර්ග වර්තමානයේදී ද තවදුරටත් පෙර සේම ජනප්‍රියව භාවිතා වේ. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ දී, බදින ලද හරක් මස් හා බදින ලද කුකුළු මස් ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලට එකතු විය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඔබ දන්නා පැ ල් කවියක් සඳහා සම්පූර්ණ උදහරණයක් දෙන්න
ගසට කෙටුම ගස මුල පෑවුමෙන් දැනේ හානා හීය පානා අඬ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අ මුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
වසරක් පුරාවට මද්‍යසාරයෙන් තොර වීමෙන් ඇති විය හැකි ප්‍රතිලාභ මොනවාද?
වසරක් පුරා මද්‍යසාරයෙන් තොර වීම, මූල්‍ය, සෞඛ්‍ය සහ යෝග්‍යතාවය, සබඳතා, ඵලදායිතාව, අධ්‍යාත්මිකත්වය, මානසික සෞඛ්‍යය, වෘත්තිය සහ සමස්ත ජීවන තත්ත්වය ඇතුළුව ජීවිතයේ විවිධ අංශ කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. එය වැඩිදියුණු කළ යහ පැවැත්මට සහ වෙනස් කිරීම සඳහා කෘතඥතාවේ හැඟීමක් ඇති කළ හැකිය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? විකසිත
මුකුළිත
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ධර්මපාල තුමාගේ ඉල්ලීම කුමක්ද ?
දයාබර පියාණන් සහ මෑණියන් වෙතටයි, එක පුද්ගලයෙකුගේ නොව,සියලු ලෝක සත්ත්වයාගේ සැප ප්‍රර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි.ලෞකික සැපයක් ඕනෑ නො කරයි. ම විසින් දොහොත් මුදුන් දී ඉල්ලන ඉල්ලීමට බාධා නො පමුණුවා චිත්ත ප්‍රීතියෙන් එය මට දෙන හැටියට මම ඉල්ලමි. ඒ මෙයයි.සම්පුර්ණයෙන් මගෙ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි.මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක් ලබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ට කළොත් අප සියල්ලන්ගේ ම නිවන් මාර්ගය ලේසි වේ. ඉන් නිසා බාධා නො පමුණුවා ඉල්ලීම ඉෂ්ට කරනු ලැබේවා. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්,පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද? මීට, යටහත් පුත්‍ර, ඩේවිඩ්.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කාර්‍යබද්ධවාදය යනු කුමක්ද?
මනෝවිද්‍යා ඉතිහාසයේ හමුවන දෙවන මනෝවිද්‍යා ගුරුකුලය වන්නේ කාර්‍යබද්ධවාදයයි.එහි පුරෝගාමියා ලෙස විලියම් ජේම්ස් හදුන්වාදියහැක. මීට අමතරව මෙම මනෝවිද්‍යා ගුරුකුලය ආරම්භ කිරීමට ජේා්න් ඩුවී නම් දාර්ශනිකයාගේ අදහස්ද මූලිකවිය.එවක පැවති ව්‍යුහවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පැවති අඩුපාඩුකම් පෙන්වාදෙමින් එහි ඌන පූරණයක් ලෙම මෙම ගුරුකුලය නිර්මානය විය. මෙම මනෝවිද්‍යා ගුරුකුලය මගින් මනසේ ව්‍යුහය අධ්‍යනය වෙනුවට මිනිසා තමා අවට පරිරය හා ගැටෙද්දී ඔහුගේ මනස ක්‍රියාත්මකවන ආකාරය අධ්‍යනකලයුතු බව අවධාරණය කළේය. කාර්‍යබද්ධවාදීන්ද ව්‍යුහවාදීන්මෙන් අන්තරාවලෝකනය භාවිත කළහ.එහෙත් ඒ ව්‍යුහවාදීන් මෙන් මනසේ ව්‍යුහය අධ්‍යනය කිරීමන නොව වර්‍යාව අධ්‍යනය කිරීමටයි.අන්තරාවලෝකනය මගින් කාර්‍යබද්ධවාදීන් මනසේ එක් මොහොතක පවතින ස්වභාවය අධ්‍යනය කළහ.තවද මොවුන් විශ්වාස කලේ පළමුව ශාරීරික චර්‍යාවක් ඇතිවී පසුව ප්‍රතිචාරයක් ඇතිවන බවයි. කෙසේ වෙතත් මෙම මනෝවිද්‍යා ගුරුකුලයේද බොහෝ අඩුපාඩු පැවතිබව දාර්ශනිකයන් පෙන්වා දුන්හ.විශේෂයෙන් අන්තරාවලෝකනයෙන් මිදීමට කාර්‍යබද්ධවාදීන්ට නොහැකිවීම දැඩි විවේචනයට බදුන්විය.තවද විඥානය සංකල්පයෙන් ඹබ්බටයාමට මෙතෙක් පැවති ගුරුකුලයන්ට නොහැවීමද විවේචනයට බදුන්විය. 1913 දී ජොන් බී ටොට්සන් නම් වෛද්‍යවරයා විසින් ඇමරිකානු මනොවිද්‍ය සංගමයේ Psychologycal Review නම් සඟරාවට ලියූ Psychology as a Behaviourist Views it නම් ලිපිය මගින් කාර්‍යබද්ධවාදය තුල පැවති අඩුපාඩු පෙන්වා දන්හ.වොට්සන් යනු චර්‍යාවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පුරෝගාමිදචිය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
මෙරට ආධාර ලබන මුස්ලිම් පාසල් නගාසිටුවීමේ පුරෝගාමියා?
එම්. සී සිද්ධි ලෙබ්බේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මාර්ටින් වික්‍රමසිංහ කර්තෘ ධූරය දැරූ පුවත්පත් හා ධූරකාලය මොනවද ?
ලක්වැසියා පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1928 මාර්තු 07 සිට 1928 අප්‍රේල් 04 දක්වා) ලක්මිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1929 ජනවාරි 19 සිට 1931 ජූලි 30 දක්වා) සිළුමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1934 අගෝස්තු 05 සිට 1937 මැයි 16 දක්වා) දිනමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1937 මැයි 18 සිට 1944 නොවැම්බර් 14 දක්වා)
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගෞතම බුදුසසුනේ භික්ෂුන් අතරින් " සෑම අතින්ම පැහැදීම් ගෙනදීමෙහි ලා අග්‍ර " වූ තෙරුන්වහන්සේ කවුද ?
උපසේන මහ රහතන්වහන්සේ
re-annotations
ae963e2d54e492302c31800f5f7b31392014bf603e1cb7c4209ae5963d372eec
පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන්නේ ?
ජේ. රොබට් ඕපන්හයිමර්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
නිර්මාපකයෙකු වූ මොසාර්ට් උපත ලැබුවේ කුමන රටේද?
ඔස්ට්රියාව
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
කම්බාකණුව ලෙස කමත් බසින් හදුන්වන්නේ කුමක්ද?
අම්බරු කැරැල්ල බඳින, කමත මැද සිටුවන කණුව /කොළ කණුව, මුත්තා කණුව කියලාත් කියනවා.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
තම මංගල ටෙස්ට් තරඟය තුළ වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා කවුද?
ශ්‍රී ලාංකික ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු තම මංගල ටෙස්ට් තරඟය තුළ වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා විය.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම කොපමණද?
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් වස්සයි. (20)
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
මේවර කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
මේවර කවියක් සඳහා උදාහරණයක් පහත දැක්වේ. මුං වතු කන්දේ මුං නෙලනා දා වල ගියෙදෝ මගෙ මේවරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් මා දුටුවේ නැත මේ වරයා
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ඉඟුරුවල දැකිය හැකි රෝග මොනවද?
1. මෘදු කුණුවීම 2. බැක්ටීරියා මැලවීම 3. පත්‍ර ලප
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
යුක්‍රේනයේ අගනුවර වන්නේ
කියු
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
ඉතා සෙමෙන් ධාවනය වෙන යන්නට තනි වචනයක් දෙන්න.
මන්දගාමී
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කොස් ගස ගැන කියන්න.
කොස් ගස හෙවත් බත් ගස (හෙරලිය) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.මෙම ශාකයෙන් දැව ලබා ගැනීම ප්‍රධාන ප්‍රයෝජනයක් ලෙස සැලකෙන අතර මෙම දැව යොදා ගෙන ගෘහ නිර්මාණ කරනු ලබයි .මෙම දැව ඉතා ශක්තිමත් වේ. කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ. ඉදුණු ඵලයේ ස්වභාවය අනුව වරකා සහ වැල ලෙස ප්‍රධාන වර්ග දෙකකි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
නේපාලයේ අගනුවර කුමක්ද?
කත්මන්ඩු
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද?
ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය 18 යි.
re-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
දක්වා ඇති විස්තරයට ගැලපෙන ගීතය කුමක්ද? මෙම කවි පෙල (සැබවින්ම මෙය කවි පෙලකී) වසන්ත පුෂ්පකුමාර විසින් පද්‍ය රචනා තරඟාවලියකට යොමුකර ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් එකකි. ඔහුගේ කවි පංතියෙන් කවි තුනක් රැගෙන මෙම ගීතය නිර්මාණය කර ඇත. නාගරික සමාජයේ අපට තරමක් නුහුරු දෙයක් වුවත් ගැමි සමාජයේ කාන්තාවකට ලෙහෙසියෙන්ම මුහුන පෑමට සිදුවන අත්දැකීමක් ගෙනහැර පෑමට කවියා සමත්ව ඇත. නාගරික පරිසරයක් තුල එකිනෙකා බොහෝවිට ජීවත් වන්නේ තනි තනිවය. අසල්වැසියන් සමග ආශ්‍රය කිරීමට ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. නමුත් ගැමි සමාජය තුල තත්වය හාත්පසින්ම වෙනස්ය. එකිනෙකා සමග ආශ්‍රය කිරීමට ලැබෙන කාලය වැඩිය. පෞද්ගලිකත්වය සාපේක්ෂව බොහෝසේ සීමාවීමකට ලක්වේ. නාගරිකව නම් විවාහයෙන් පසු යුවල බොහෝවිට වෙනමම ජීවත්වේ. දෙමාපියන් හා නෑදෑයන් ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස සම්බන්ද වීමක් දැකීම සාපේක්ෂව අඩුය. ගැමි සමාජයේදී බොහෝ දෙනෙක් විවාපත් වුවත් ඔවුන් මවුපියන් හා ජීවත්වේ. එසේත් නොමැතිනම් මවුපිය නෑදෑ පිරිවරගේ ඇඟිලි ගැසීම් සමග ජීවිතය ගෙනයාමට සිදුවේ. මෙම කවියෙන් කියවෙන කාන්තාව තම ස්වාමියා විසින් කැන්දාගෙන ගොස් ඇති බවක් පෙනේ. ඇය සහ ඔහු පෙර වාසය කර ඇත්තේ ගම් දෙකකය. විවාහ දිවිය ගෙවාගෙන යන මොවුන් දරුපල ලැබීමටත් වාසනාවන්තවේ. නමුත් අවාසනාවද ඔහුන් පසුපස පැමිනෙන්නේ නොසිතූ විරූ අයුරකිනි. ඇයට ඔහුව සදහටම අහිමිවේ. දරුවන් සමග ඈ මෙලොව තනිවේ. එතැනින් කවියා තම කවිය අරඹයි. සැමියාගේ වියෝවෙන් පසුව නෑදෑයන් හා අසල්වැසියන් එකතුවී ඇයට අවවාද අනුශාසනා ලබාදේ. නමුත් ඔවුන් තනන්නේ ඇයගේ ජීවිතය තවත් අවුල් ජාලාවක් බවට පත්කිරීමට බැව් ඈ දනී. ඔවුන් කිසිවිටක ඇයහා තරහක් නොපෙන්වයි. ඇය මුහුනපා ඇති දුක් කරදර ගැන කතා නොකරන ඔවුන් ඇයට පවසන්නේ මියගිය සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසටයි. ඇය මෙය හොඳහැටි අවබෝද කරගෙන සිටින වගක් පෙනීයයි. ඇය කියන ආකාරයට තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමනි. මෙහි පලමු පද සතරේදී කවියා ගැමි වහර මෙන්ම ව්‍යන්ගාර්ත මැනැවින් හසුරුවා ඇත. 'විනේ කටින උන් සහ කනේ කොහොඹ මිරිකනවා' යන්න කදිම උදාහරණයකි. දරුවන් සමග ඇය තනිව දිවි ගෙවන්නීය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව ඈ දනී. ගමේ ඉලන්දාරින්හට ඇයගෙන් ප්‍රයෝජන ගන්නට සිත් ඇති වුවත් ඔවුන් කරබාගෙන සිටිති. මන්දයත් ඇයගේ ප්‍රතිචාරය කුමක්වේදැයි කියා තවම හරිහැටි තේරුම්ගත නොහැකි බැවිනි. නමුත් මැදිවියේ හා ඊටත් වයසින් වැඩි සලෙලුන් ඇය ග්‍රහනයට ගැනීමට මාන බලමින් සිටිති. එය මැනැවින් ඉදිරිපත් කරන කවියා 'විසේ නැද්ද නාකිත් පිල උඩ රෑට' යනුවෙන් පවසයි. මේ "විසේ නැග්ග නාකින්" ඇයට තෑගි බෝග දෙන්න සූදානම් වුවත් , ඇයට ඒවා ලබා ගැනීමට නොහැකි ගැමි කාන්තාවක සතුව පවතින ලැජ්ජා බය නිසාය. සැමියා නොමැතිව දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ කුස ගින්දර නිවාලන්න ඇයට හැකියාවක් නැත. තනිවුනු ඇයට තිබෙන් දුක් කරදර නොපෙනුනාසේ සිටින නෑදෑ අසල්වැසියන් ඈට කිසිම උදව්වක් කරන්නේ නැත. ඈට උදව්වට පැමිනෙන්නන් නිසැකවම ඇයගෙන් යමක් බලාපොරොත්තුවේ. ඉතින් මෙසේ තත්වයක් තුල තුන් වේල සරිකර ගැනීමටනම් ඇය හට සිදුවන්නේ සලෙලුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමටය. ඇය දැඩි වෛරයකින් යුතුව මේ සඳහා සලෙලුන් වෙත ආරාධනා කරයි. 'වරෙව් මහතුනේ කුණුකය වලඳන්න'
විනේ කටින උන් තරහක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම වණේ නැතිව උන් දුක දන්නේ කෝම ගමේ ගැටව් කරබාගෙන උන්නාට විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට ඉනේ රෙද්දමයි හිටියේ හරහාට ලැමේ කිරට මොර ගහනා පැටියන්ට අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට වරෙව් මහතුනේ කුණුකය වලඳන්න ගායනය - ප්‍රදීපා ධර්මදාස පද රචනය - වසන්ත පුෂ්පකුමාර තනුව - රෝහණ වීරසිංහ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මලියදේව මහතෙර ගැන විස්තර කරන්න.
“මලියදේව” නාමය ලක්දිව ඉතාප්‍ර‍කටය. එතුමා මෙහි සිටි අන්තිම රහත්නම යයි ජනප්‍ර‍වාදයක් තිබෙතත් එතුමන් දුටුගැමුණු කාලයටත් පෙර වැඩසිටි බව පොත්වලින් පෙනේ. සාලිය කුමරු ඉන් පෙර ජාතියේ දී දුන් දනක් පිළිගැනීමට කොටගල වැසි මලියමහාදේවතෙරනම වැඩියේ යයි මහාවංසටීකා - සද්ධර්‍මාලංකාර - රසවාහිනී යන පොත්වල කියවේ. මහාවංසටීකාවෙහි මේ නම පෙනෙන්නේ මලියමහාදේව වශයෙනි. අංගුත්තර ඒකනිපාත අටුවාහි මලියදේව මහාදේව යන නම් දෙකම එක තෙරනමට යොදා තිබේ. එබැවින් මලියමහාදේව යන්නත් ඒ තෙරුන්ටම ව්‍යවහාරවීම නොහැකි නොවේ. මෙහි මලිය යන්නේ තේරුමක් නැත. මලය යන්නේ තේරුමක් තිබේ. මලයරට උපන් දේව ස්ථවිරතුමා මලයදේව විය හැක. නමුත් මලිය යන්න බොහෝ තැනක ලිය වී තිබෙන බැවින් එය හැරදැමිය හැකි නොවේ. මැඳුම් මඟිඅටුවාහි ඡඡක්ක සූත්‍ර‍වර්‍ණනාවෙහි (1024 පිට) එක් පාඨභේදයක මාලෙය්‍යදේවත්‍ථෙරො යයි පෙනේ. මාලදිවයිනේ උපන් අයකුට “මාලෙය්‍ය” හෝ “මාලිය” නාමය යෙදිය හැකි බැවින් මෙය මාලියදේව නො විය හැකිදැයි විමසිය යුතු. පෙර බෞද්ධ සිංහලයන් විසූ මාලදිවයින්වල උපන් තෙරනමක් මෙහි විසීම සිදුවිය නොහැක්කක් නොවේ. අංගුත්තර-ඒකනිපාත අටුවාහි මලයදේවතෙරුන් සම්බන්ධයෙන් මේ කථාව පෙනේ:- මලියදේව තෙමේ තුන්වස් ඇති භික්‍ෂුවක් වූ කල කල්ලකගම මණ්ඩලාරාම මහා විහාරයෙහි[1] ධර්‍මය ඉගෙන ගත්තේ ය. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන ඒ භික්‍ෂුනම දුටු එක් උපාසිකාවක් කැඳකිණිස්සක් දී පුත්‍ර‍ස්නේහය උපදවා ගෙයතුළ හිඳුවා ප්‍ර‍ණීතාහාර වලඳවා තොරතුරු විචාරා “ඉගෙනීම කරනතෙක් මම ඔබට උපස්ථානකරමි”යි කීය. නිතර එතැන වලඳන ඒ භික්‍ෂුනම උපාසිකාවට “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචනවලින් පමණක් අනුමෝදනා කෙළේය. වස් අවසානයේදී භික්ෂුනම සිවුපිළිසිඹියා සමග රහත්ඵලය ලැබී. ආරාමාධිපති මහතෙරණුවෝ “මහාදේවය, අද විහාරයට මහාජනයා රැස්වෙයි, ඔවුන්ට ධර්‍මදානය දෙව”යි කීහ. තරුණ භික්‍ෂූහුත් සාමණේරවරුත් “අද ඔබගේ පුත්‍ර‍යා ධර්‍මදේශනා කරන්නේ යයි උපස්ථාන කළ උපාසිකාවට දැනුම් දුන්හ. එවිට උපාසිකාව “සියල්ලෝ බණ කියන්ට නොදනිති. මාගේ පුත්‍ර‍යා මෙතෙක් කල් “සුවපත් වේවා, දුකින් මිදේවා” යන වචන මිස අන් කිසිවක් කියන්ට අසමර්‍ථවීය”යි කීය. නමුත් සෙස්සෝ “එයින් කම් නැත බණ අසන්ට එව”යි කීහ. මලියදේව තෙමේ ධර්‍මාසනයෙහි හිඳගෙන ත්‍රිපිටකය අලලා ඒ වාක්‍ය දෙකේ අර්‍ථ විස්තර කරමින් රාත්‍රිය ගෙවෙනතෙක් ධර්‍මදේශනා කෙළේය. උපාසිකාව සෝවාන් විය. මැඳුම්සඟි අටුවාහි ඡඡක්කසූත්‍ර‍වර්‍ණනාවෙහි මෙසේ දැක්වේ:- මලියදේව මහතෙරුන් ලෝමහපායේ පහතමාලයේ දී ඡඡක්ක සූත්‍ර‍ය දෙසූවිට සැටනමක් භික්‍ෂූහූ රහත් වූහ. මහාමණ්ඩපය, සෑගිරිය, ශාක්‍යවංශවිහාරය, කූටාලි විහාරය, අන්තරසොබ්භ, මුතියංගණ, වාතකපර්‍වතය, පැදුම් ගෙය, දිගාවැව, ලෝකකන්‍දරය, ගාමෙණ්ඩවාල යන තැන්හි දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. සිතුල්පව් විහාරයට පැමිණ දෙසූවිට හැටවස් පිරි මහතෙර සැටනමක් ද රහත්බව ලැබූහ. ඉක්බිති තිස්සමහාවිහාරයෙහිද කැලණියේ නාගමහාවිහාරයෙහි ද කළු තොට (කාළකච්ඡ) ගමෙහි ද දෙසූවිටත් සැටනම බැගින් රහත්වූහ. මෙසේ මේ තෙරුන් මේ සූත්‍ර‍ය දෙසූ සැටතැනකදී සැටනම බැගින් රහත් වූහ. මුන්වහන්සේ ලෝහප්‍රාසාදයේ දී දහම් දෙසීයයි කීමෙන් දුටුගැමුණු කාලයට පසුව සිටියාහයි සැකකළ හැකිවේ. අප විසින් මුලදී දක්වන ලද්දේ මෙතුමන් දුටුගැමුණු කාලයට නුදුරු අතීතයෙහි වැඩසිටිබවයි. ලෝහප්‍රාසාදයක් දුටුගැමුණු කාලයට පෙරදීත් තිබුණේය. දේවානම්පියතිස්ස රජු විසිනුත් ලෝහප්‍රාසාදයක් කරවන ලද බව:- “තතො මහාබොධිඝරං ලොහපාසාදමෙව ච සලාකග්ගං ච කාරෙසි භත්තසාලං ච සාධුකං” යන මහාවංසයේ 15 වෙනි පරිච්ඡේදයේ එන ගාථාවෙන් පෙනේ. දුටුගැමුණු රජ ඒ පරණ ප්‍රාසාදය ඉවත්කොට එතැන්හි ඒ නමින් ම මහාප්‍රාසාදයක් කරවීය. ඒ බව “තං හි පච්ඡා විද්ධංසෙත්‍වා දුට්ඨගාමිණී මහාරාජා සුවණ්ණඛචිතං කත්‍වා කාරෙසි” යන මහාවංසටීකා පාඨයෙන් ඔප්පු වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ කුරුඳු පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශය කුමක්ද ?
ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මාතර,තිහගොඩ, පලොල්පිටිය පිහිටා ඇත. ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය (අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන) ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව ඇති එකම පර්යේෂණ ස්ථානය වන අතර කුරුඳු කර්මාන්තයේ යහපත උදෙසා කුරුඳු වගා කිරීම සහ පිරිසැකසුම්කරණය සම්බන්ධ සියලු අංශයන් හි පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ව්‍යවස්ථාපිත වගකීම් දරන එකම ආයතන වේ. ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානය යටතේ 2012 වර්ෂයේ මෙම ආයතනය පිහිටු වන ලදී. මෙම ආයතනය කුරුඳු කර්මාන්තයේ උග්‍ර ගැටළුවක් වන කුරුඳු තලන්නන් හිඟය පියවා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් කුරුඳු පිරිසැකසුම්කරණය සහ වගාව පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීමේ අරමුණින් මෙම ආයතනය පිහිටුවන ලදි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? දිව්‍යලෝකය
නරකාදිය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය ගයනා කරන්නේ කව්ද ? මුදු සිහින ඇසේ තැවරෙයි ඇස් වහන්නෙපා තරහින් මගෙ කිරිල්ලියේ බලපන් ඉර සිනා අරන් ඇවිදින් සුදු පුළුන් පොදින් පෙඳලූ මුදු සුමුදු යහන් නැතුවට අතු පතර සැපයි අහසේ තරු පොකුරු හිඳියි තනියට දුක් කඳුළු මැදින් බැලුවම ජීවිතේ බරයි වැඩියෙන් පෙර වගේ නැමී සවනට මුමුනන්න ගීත නැතුවට පොඩි පැටව් හිඳී සොඳුරේ මුතු කුරුළු සිනා ඉසුමට දුක ඇවිත් හොරෙන් එබුනම නුඹ සිනාවෙයන් වැඩියෙන්
අනුරාධ අබයසිංහ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පුෂ්ඵාධාන යනු කුමක් ද ?
මුල් කාලයේ ස්තූපවල පේසා වළලු නොතිබුණි. ස්තූපය පොළොවෙන් ඉහළට මතුවන ස්ථානයේ සිට ඉහළට දැන් රුවන්වැලි සෑයේ ඇති පරිදි වේදිකා තුනක් විය. මේවා භාවිත කළේ මල් පූජා කිරීමට සහ ස්තූපය පැදකුණු කිරීමටය. මල් පූජාවට යොදා ගන්නා නිසා මේ වළලු පුප්ඵාදාන ලෙස නම් කර තිබුණි. (පසු කලෙක පේසා වළලු බවට පත් වූයේ මේවාය. )
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලොව වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගංගාව කුමක්ද?
ලෝකයේ විශාලතම ජල පරිමාව ගෙන යන ගංගාව දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟයි. එය පරිමාව අනුව ඉහළම විසර්ජනය ඇති අතර, සාමාන්‍යයෙන් තත්පරයට ඝන මීටර් 209,000 ක සාමාන්‍ය විසර්ජනයක් ඇත, එය ඊළඟ විශාලතම ස්වාධීන ගංගා හතට වඩා වැඩි ය. ඇමසන් වනාන්තරයේ විශාල ජල පෝෂක ප්‍රදේශයට විවිධ පාරිසරික පද්ධති ඇතුළත් වන අතර එය පෘථිවියේ වඩාත්ම ජෛව විවිධත්ව කලාපයන්ගෙන් එකකි. එය අත්ලාන්තික් සාගරයට ගෙන යන ජල පරිමාව අතිමහත් වන අතර එය ගෝලීය ජල චක්‍රයේ තීරණාත්මක අංගයක් බවට පත් කරයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජලභීතිකා කිනම් වර්ගයේ රෝගයක්ද?
ජලභීතිකාව යනු වෛරසයක් නිසා (මිනිසා ද ඇතුළුව) සතුන්ට ඇතිවන ස්නායුමය රෝගයකි. මෙම වයිරසය ධාරකයාගේ මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙයි. එම නිසා ක්ෂීරපායින්ගේ දරුණු එන්සෙපලයිටිස් (මොළයේ ප්‍රදාහය) ඇති වේ. එන්නත් නොකළ මිනිසුන්ට මෙය අනිවාර්යයෙන්ම මාරාන්තික වන අතර රෝගය සෑදුනු පසු සුව කිරීම කිසිසේත් සිදු කල නොහැක. නමුත් වෛරසය ශරීරයට ඇතුළු වී ඇතැයි සැක කරන වහාම (එනම් සුනඛයින් වැනි සතුන්ගේ සපා කෑමකට ලක් වූ වහාම) සිදු කරන එන්නත් කිරීම මගින් වෛරසය වැඩි දියුණු වීම වලක්වනු ඇත. සිලිණ්ඩරාකාර හැඩයක් ගන්නා මෙම වෛරසයේ ඍණ ආරෝපිත RNA (Negative Sensed RNA) ජානමය ද්‍රව්‍ය ලෙස ඇත. Lyssavirus rabies වෛරසය ස්නායු පද්ධතිය තුළ ගුණනය වීමක් වන හෙයින් මෙය Neurotropic Virus එකක් ලෙස හැදින්වේ. විශේෂයෙන්ම මොළයේ පටක තුළදී ගුණනය වීම සිදු වෙයි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පොත් සාදා තිබෙන්නේ කුමන ද්‍රව්‍යමය දේවල් වලින්ද?
පොත් සාමාන්‍යයෙන් කඩදාසි, තීන්ත, නූල් සහ මැලියම් වලින් සාදා ඇත - නමුත් පුස්තකාලයක හෝ පොත් සාප්පුවකින් ඔබට සොයා ගත හැකි දෙයකට ඒවා එක්රැස් කිරීමට පෙර ඒවා සෑදීමට විශාල වැඩ කොටසක් සිදු වේ. මෙම කාර්යයේ බොහෝමයක් පොතක අන්තර්ගතය, එහි පිටුවල ලිවීම සහ කලාව සමඟ සම්බන්ධ වේ.
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් පදක්කම් කීයක් දිනාගෙන ඇත්ද? ඒ කුමන ක්‍රීඩාවෙන්ද?
ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයෙකු වන මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් පදක්කම් 28 ක් දිනාගෙන ඇති අතර, ඔහු මෙතෙක් බිහි වූ පදක්කම් වැඩිම සංඛ්‍යවක් දිනා ගත් ඔලිම්පික් ක්‍රීඩකයා බවට පත් විය. මෙම පදක්කම් පිහිනුම් ක්‍රීඩාවෙන් වන අතර ඔලිම්පික් ක්‍රීඩා හතරක් හරහා උපයා ඇත: ඇතන්ස් 2004, බීජිං 2008, ලන්ඩන් 2012 සහ රියෝ ද ජැනයිරෝ 2016. පෙල්ප්ස්ගේ එකතුවට රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ඇතුළත් වේ. පිහිනුම් ක්‍රීඩාවේ ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණ ලෝක වාර්තා රාශියක් පිහිටුවා ඇති අතර ඉතිහාසයේ විශිෂ්ටතම පිහිනුම් ක්‍රීඩකයෙකු සහ ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස ඔහුව ස්ථාපිත කර ඇත.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත යෙදුමේ තේරුම කුමක්ද? නාකපන වැහි.
මේකත් හත්දා වැහි වගේමයි . නාගඵේන ( නයි පෙණය) වචනෙන් මේක හැදුණ කියන්නෙ. බුදුන්වහන්සේ මුචලින්ද නාරජු සෙවණේ සිටිය වැස්ස සිහිවෙන්න දාපු නමක්. මේ වැහිවලටම තමයි මොරසූරණ වැස්ස කියන්නෙත් ! එහෙම කියන්නෙ වැහිබිඳු මොරගෙඩි තරම් විශාල නිසා.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
constructors in inheritance. පිළිබඳ සංකල්පය නිදර්ශනය කිරීමට C++ වැඩසටහනක් ලියන්න.
#include <iostream> using namespace std; class Base { public: Base() { cout << "Constructor of Base" << endl; } }; class Derived : public Base { public: Derived() { cout << "Constructor of Derived" << endl; } }; int main() { Derived d; // This will first call Base constructor, then Derived constructor return 0; }
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම කෙසේද?
ආහාර ජීර්ණ පද්ධතිය සපයනු ලබන්නේ සෙලියාක් ධමනි මගිනි. celiac ධමනිය උදර aorta සිට පළමු ප්රධාන ශාඛාව වන අතර, ආහාර දිරවීමේ අවයව පෝෂණය කරන එකම ප්රධාන ධමනි වේ. ප්රධාන කොටස් තුනක් ඇත - 1) වම් ආමාශයික ධමනිය 2) පොදු රක්තපාත ධමනිය 3) ප්ලීහාව ධමනිය. celiac ධමනිය අක්මාව, ආමාශය, ප්ලීහාව සහ duodenum හි ඉහළ 1/3 (Oddi හි sphincter වෙත) සහ අග්න්‍යාශයට ඔක්සිජන් සහිත රුධිරය සපයයි. රක්තපාත ශිරා හරහා පද්ධතිමය සංසරණයට නැවත පැමිණීමට පෙර වැඩිදුර සැකසීම සහ විෂහරණය කිරීම සඳහා බොහෝ රුධිරය ද්වාර ශිරා පද්ධතිය හරහා අක්මාව වෙත ආපසු යවනු ලැබේ. ආහාර දිරවීමේ පද්ධතිය සඳහා වැදගත් වන අවසාන ශාඛාව වන්නේ තීර්යක් බඩවැලේ, අවරෝහණ මහා බඩවැලේ, sigmoid මහා බඩවැලේ, ගුදමාර්ගය සහ තීර්යක් බඩවැලේ ඇති දුරස්ථ 1/3 ඇතුළත් වන hindgut වලින් ව්‍යුත්පන්න වූ ආහාර ජීර්ණ පත්‍රිකාවේ ප්‍රදේශ සපයන බාල මෙසෙන්ටරික් ධමනියයි. පෙක්ටිනේට් රේඛාවට ඉහළින් ගුදය. ආහාර ජීර්ණ පත්රිකාවට රුධිර ප්රවාහය ආහාර වේලකට පසු විනාඩි 20-40 කට පසුව උපරිමයට ළඟා වන අතර පැය 1.5-2 අතර කාලයක් පවතී.
re-annotations
13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2
රතු දත්ත වර්ගීකරණයට අනුව වඳ වී ගිය වර්ගීකරණය ගැන කියන්න.
විශේෂයකට අයත් අවසාන ජීවියත් මිය ගොස් ඇති අතර අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා කිසිඳු සත්ත්වයෙක් වාර්තා නොවෙන බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත සත්ත්ව හා ශාක විශේෂ මෙම වර්ගීකරණයට ඇතුලත් කෙරේ. අදාළ සත්ත්ව ගහනයේ පෙර වාර්තා අනුව ශ්‍රිතු ගත චර්යා රටාවන් , ආවේනික භුමි ප්‍රදේශ ඇතුලත දක්නට නොලැබුණු මෙන්ම කිසිඳු ආකාරයේ වාර්තාගත වීමක් දක්නට නොලැබුණු සත්ත්ව හා ශාක කහඳ මීට එක්වේ. වර්ගීකරණයට ඇතුලත් කිරීම සඳහා අදාළ වර්ගීකරණ විශේෂයේ ජීවන චක්‍රය හා ජීවන රටා ආශ්‍රිත වූ කාල රාමුවක් භාවිත කරනු ලැබේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඉන්දියාවේ ජාතික උරගයා නම් කරන්න?
කිං නාගයා (King cobra)
re-annotations
ebca3478a286a0c731afcab31da26dd979102ef269477153d448b4d06e0169cb
වායුගෝලීය පීඩනය මැනීමට භාවිතා කරන බැරෝමීටරය?
True
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
පහත ගීතය සම්පුර්ණ කරන්න. බෝ පතක් වැටෙන සේ නුඹ වැටී ලෙඩ ඇඳේ නිසොල්මනේ ඇයි අම්මේ පෙරහැරක් වගේ සිටි කොඩි වැලක් වගේ නැගි දූ පුතුන් කොහේ අම්මේ
බෝ පතක් වැටෙන සේ නුඹ වැටී ලෙඩ ඇඳේ නිසොල්මනේ ඇයි අම්මේ පෙරහැරක් වගේ සිටි කොඩි වැලක් වගේ නැගි දූ පුතුන් කොහේ අම්මේ මුතු පබළු අතේ නැත සවි බලද හිතේ නැත තනිකමද හිතින් දැරුවේ කිරි සුවඳ හමා ගිය මහ ගෙදර පාළු බව මව් සුවඳ වසා පැතිරේ සිල් සුවඳ පිරූ සිත ගුණ සුවඳ දැනේ මට පන්සලක් වගේ අම්මේ සා දුකින් පෙලෙන සඳ කිරි පොවා කඳුළු හෙලු නුඹ නිවන් දකින් අම්මේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පැල් කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින් එන දාඩිය මුතු කැටියේ අත් පා මුදු පය පා මුදු වයි රොඩියේ මට පිටුපා ගෙට යනවද සුරතලියේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
තේ යනු කුමක්ද?
තේ හෝ චා යනු කැමිලියා සයිනෙන්සිස් හි සුව කළ හෝ නැවුම් කොළ මත උණු හෝ උතුරන වතුර වත් කිරීමෙන් සකස් කරන ලද ඇරෝමැටික පානයකි. සදාහරිත පඳුරක් වන මෙය නිරිතදිග චීනයේ සහ උතුරු මියන්මාරයේ මායිම් ප්‍රදේශවල ආරම්භ වූ අතර නැගෙනහිර ආසියාවට ආවේණික වේ. තේ Camellia taliensis මගින්ද කලාතුරකින් සාදනු ලබයි. සාමාන්‍ය ජලයෙන් පසු, තේ යනු ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරන පානයයි. විවිධ තේ වර්ග තිබේ; සමහර ඒවා සිසිලනය, තරමක් කටුක සහ කහට රසය ඇති අතර අනෙක් ඒවාට පැණිරස, ගෙඩි, මල් හෝ තෘණ සටහන් ඇතුළත් විශාල වශයෙන් වෙනස් රසයන් ඇත. මූලික වශයෙන් එහි කැෆේන් අන්තර්ගතය නිසා තේ මිනිසුන් තුළ උත්තේජක බලපෑමක් ඇති කරයි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
සිංහල ජන කතාවක් කියන්න
බූරුවාගේ මෝඩකම එක්තරා දක්ෂ වෙළෙන්දෙකුට භාණ්ඩ ප්‍රවාහනය කර දීමට බූරුවෙකු සිටියා. උදෑසන සිට සවස් වන තෙක්ම මේ බූරුවා ට වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සිදු වුණා. ඔහුට විවේකයක් ලැබුණේ රාත්‍රියට පමණයි. රාත්‍රී කාලයේ ආහාර සොයාගෙන ඈතට යාමට අකමැත්තක් දක්වූ මේ බූරුවා, ගමේ අහල පහල වතු වල මිනිසුන් වවන ලද එළවළු, පලතුරු ආදිය කෑමට පුරුදුව සිටියා. දිනක් මේ බූරුවා ට ආහාර සොයාගෙන ගමට පැමිණි හිවලෙකු මුණ ගැසුණා. මෙලෙස වතාවත් කිහිපයක්ම මුණු ගැසුණු පසු ඔවුන් දෙපළ ගජ මිතුරන් බවට පත් වුණා. දෙදෙනාම දැන් එකට එකතු වී, කෑම සොයා යාමට පුරුදු වුණා. "බූරු හාමි..!! මට නම් හැමදාම එකම වගේ කෑම කාළා එපා වෙලා. එහා පැත්තේ තියෙනවා වට්ටක්කා යායක්. එහෙ හොඳට ඉදුණු, පැණි බේරෙන, තැඹිලි ම තැඹිලි පාට, මෙලෙක් වට්ටක්කා තියෙනවා මන් දැක්කා. එහෙ මටත් කන්න පොඩි පොඩි සත්තු එමටයි. අපි අද කන්න එහාට යමු." හිවලා සතුටින් උඩ පනිමින් පැවසුවා. බූරුවා ත් එකහෙලාම ඊට එකඟ වුණා. ඔන්න ඉතින් දෙන්නත් එක්කම ඒ ඉසව්වට ගිහින්, හොඳට බඩ කට පිරෙන්නම කෑවා. බොහොම මහන්සි වී සිටි බූරුවා ට මේ ආහාර වේල නිසා හිත සතුටින් ඔද්දල් වුණා. "යාළුවේ.. !! අපි අද දවස සමරන්න ඕනා. අපි හයියෙන් සින්දු කියමු ගමටම ඇහෙන්න." මෝඩ බූරුවා හිවලාට යෝජනා කළා. "මේ සින්දු කියන්න වෙලාවක් නෙමෙයි. සද්ද කලොත් අපි දෙන්නා හොරා කන බව අහු වෙනවා. ඒ නිසා සද්ද කරන්නේ නැතුව ඉන්න." හිවල් හාමි සැර කළා. නමුත් බූරුවා ට තරහා ගියා. බූරුවා ට ඕන වුණේ, කොහොමහරි ම සින්දු කියන්න. ඉතින් බූරුවා හිවලා සමඟ තර්ක කර, හිවලා ව කෙසේ හෝ සින්දු කීමට කැමති කරවා ගත්තා. නමුත් බූරු හාමිගේ මේ මෝඩ වැඩේ, දෙදෙනාටම විනාශය ගෙනෙන බවත්, කොතරම් වෙර දැරුව ද, බූරු හාමි ව කැමති කර ගත නොහැකි බවත් තේරුම් ගත් හිවලා, "බූරු හාමි සින්දු කියන්න. මන් වැට ලඟට ගිහින් බලන්නම් කව්රුහරි එනවා ද කියලා" බූරුවා ට පැවසුවා. බූරුවා ද ඊට එකඟ වුණා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්, හිවලා වැට ලඟට ගොස්, කැලයට පැන දිව්වා. නමුත් බූරුවා ශබ්ධ නඟා සින්දු කියන්න ගත්තා. ටික වෙලාවකින්, අයිතිකරුවන් හා අසල්වාසීන් අවධි වුණා. බූරුවාට ගල් මුල් ප්‍රහාර එල්ල කර, පන්නා දැමුවා.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ආමාශයික ප්‍රධාන සෛල මොනවාද?
ආමාශයික ප්‍රධාන සෛල (හෙවත් පෙප්ටික් සෛල, හෙවත් ආමාශයික සයිමෝජනික සෛල) යනුවෙන් හැඳින්වෙන්නේ පෙප්සිනෝජන් සහ ආමාශයික ලයිපේස් මුදාහරින ආමාශයේ පිහිටි සෛල විශේෂයකි. මෙය රෝමාන්ථයන්ගේ කයිමොසින් ස්‍රාවය සිදුකරන සෛල වර්ගය ද වේ. මෙම සෛලවල සෛල ප්ලාස්මයේ විශාල වශයෙන් පැතිරී ඇති රළු අන්තඃප්ලාස්මීය ජාලිකා නිසා H&E වර්ණකය සමබ භස්මකාමී අයුරින් වර්ණගැන්වේ. ආමාශයික ප්‍රධාන සෛල සාමාන්‍යයෙන් පිහිටියේ ආමාශ ආස්තරණයේ ශ්ලේෂ්මලක ස්තරයේ ගැඹුරිනි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පකිස්ථානයේ අගනුවර කුමක් ද?
පකිස්ථානයේ අගනුවර ඉස්ලාමාබාද් නගරයයි.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ICC විසින් පිරිමි සහ කාන්තා සඳහා සංවිධානය කරන ලද ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි මොනවාද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පිරිමි සහ කාන්තා ය න දෙඅංශයෙන්ම ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි කිහිපයක් සංවිධානය කරයි. පිරිමින් සඳහා: 1. ICC ක්‍රිකට් ලෝක කුසලානය: සෑම වසර හතරකට වරක් පැවැත්වෙන වඩාත්ම කීර්තිමත් එක්දින තරඟාවලිය. 2. ICC T20 ලෝක කුසලානය: සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලියක්. 3. ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය: ටෙස්ට් තරඟ සඳහා ලීග් තරඟාවලියක්, ප්‍රමුඛ කණ්ඩායම් දෙක අතර අවසන් තරඟයකින් අවසන් වේ. කාන්තාවන් සඳහා: 1. ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: සෑම වසර හතරකට වරක් පැවැත්වෙන කාන්තා එක්දින කණ්ඩායම් සඳහා වන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සමාන වේ. 2. ICC කාන්තා T20 ලෝක කුසලානය: පිරිමි T20 ලෝක කුසලානය හා සමානව, මෙය කාන්තා විස්සයි20 ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා වේ.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජීවීන් තුළ ස්කන්ධය අනුව වඩාත්ම බහුල රසායනික මූලද්‍රව්‍ය වන්නේ කුමක්ද?
ජීවී දේහ තුළ ස්කන්ධය අනුව වඩාත් බහුලම රසායනික මූලද්‍රව්‍ය වන්නේ 'ඔක්සිජන්' (O2) වේ.
re-annotations
50e7dfa5853164abe58b2a77fa5fb3be38569bce5dac7abfbaaa3549debfd4c7
පහත ගීතය සම්පුර්ණ කරන්න. සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන් නො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම් දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මම්
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන් නො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම් දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මම් බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී නිරෝෂා විරාජිනී බන්ධුල නානායක්කාරවසම් රෝහණ වීරසිංහ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන කිහිපයක් නම් කරන්න.
ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතියක්, ඉතිහාසයක් සහ ස්වාභාවික පරිසරයක් සහිත සුන්දර දූපත් රාජ්‍යයකි. ඔබගේ රුචිකත්වයන් මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බොහෝ ස්ථාන තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්න: 1. සීගිරිය: මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන සලකුණකි. එය ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී කස්සප රජු විසින් ඉදිකරන ලද දැවැන්ත ගල් බලකොටුවකි. ඔබට පර්වතය මුදුනට නැඟ පැරණි බිතුසිතුවම්, ජල උද්‍යාන සහ අවට ස්වභාවික පරිසරයේ සුන්දර දසුන් රස විඳීමට හැකිය. මීට අමතරව ඔබට අසල ඇති පිදුරංගල පර්වතය ද නැරඹිය හැකිය. එය වෙනස් කෝණයකින් සීගිරියේ විස්මිත දසුනක් සපයයි. 2. අනුරාධපුරය: මෙය තවත් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරකි. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේදී එය අත්හැර දමන තෙක් වසර දහසකට වැඩි කාලයක් අනුරාධපුරය බුදුදහමේ සහ ලාංකීය මානව ශිෂ්ටාචාරයේ වැදගත් මධ්‍යස්ථානයක් විය. පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ වාස්තු විද්‍යාත්මක හා කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරන විහාරස්ථාන, ස්තූප, ආරාම සහ මාලිගා වල නටබුන් ඔබට මෙහිදී ගවේෂණය කළ හැකිය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මුල් බෝධි වෘක්ෂයෙන් පැවත එන බව කියැවෙන පූජනීය අත්තික්කා ගසක් වන ශ්‍රී මහා බෝධිය ද ඔබට අනුරාධපුරයේදී දැක ගත හැකිය. 3. කොළඹ: මෙය ශ්‍රී ලංකාවේ අගනුවර සහ විශාලතම නගරයයි. ඔබට රටේ නවීන සහ නාගරික පැතිකඩක් මෙහිදී අත්විඳිය හැකිය. විවිධ රුචි අරුචිකම්වලට සහ වියදම් මට්ටම් වලට සරිලන පරිදි වෙළඳපොලවල් සහ ආපනශාලා, යටත් විජිත හා සමකාලීන ගොඩනැගිලි, කෞතුකාගාර, ගැලරි, සහ උද්‍යාන රාශියක් කොළඹ ඇත. ඊට අමතරව විවිධ රටවල ආගමික හා කෞතුක භාණ්ඩ එකතුවක් සහිත බෞද්ධ විහාරස්ථානයක් වන ගංගාරාම විහාරය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ප්‍රදර්ශනය කරන ජාතික කෞතුකාගාරය, විවේකීව හිරු බැස යන අයුරු නැරඹිය හැකි ගාලු මුවදොර පිටිය, හා කුළුබඩු සිට සිහිවටන දක්වා සියල්ල සොයා ගත හැකි කාර්යබහුල කඩමණ්ඩියක් වන පිටකොටුව වෙළඳපොල යනාදී ස්ථාන රැසක් කොළඹ ඇත. 4. ගාල්ල: මෙය මනාව සංරක්‍ෂිත 17 වන සියවසට අයත් ලන්දේසි බලකොටුවක් ඇති ආකර්ෂණීය වෙරළබඩ නගරයකි. මෙම බලකොටුවද යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර එය තම සීමාවන් තුළ පල්ලි, කෞතුකාගාර, සාප්පු, කැෆේ සහ හෝටල් පිහිටා ඇති ජීවමාන කෞතුකාගාරයකි. ඔබට බලකොටුවේ ප්‍රාකාරයන් දිගේ ඇවිද යෑමටද, සාගරයේ සහ නගරයේ දර්ශන රස විඳීමටද හැකිය. සිත් ඇදගන්නා ඕගනයක් සහ සොහොන් කොත් ඇති Dutch Reformed පල්ලිය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසය ප්‍රදර්ශනය කරන සමුද්‍ර කෞතුකාගාරය, සහ පෙඩ්ලර් වීදියේ දේශීය හස්ත කර්මාන්ත සඳහා වන සාප්පු වෙතද ඔබට යා හැකිය. මේ ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සංචාරක ස්ථාන කීපයක් පමණක් වන අතර අන්තර්ජාලයේ සෙවීම මඟින් තව බොහෝ තැන් ඔබට සොයා ගත හැක.
original-annotations
be088f5bb36631917331cbd6893525dd8d498eed175efe3c55a19e48a284bc34
පහත ගීතය සම්පුර්ණ කරන්න. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ එළිය සොඳුර ඔබ විනී
කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ එළිය සොඳුර ඔබ විනී පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමී දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමී කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ එළිය සොඳුර ඔබ විනී නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමි විනී මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"පට්ටපල්" යන වචනය භාවිතය ට පැමිනි මූලය කුමක්ද ?
පල් හොරු යන්න ව්‍යවහාරයට ආවා යැයි සිතිය හැක්කේ මට මතක විදියට පොලොන්නරු යුගයේදී පල්ලව කුලී සේනා මෙරට රාජ්‍යයට කුලී පදනම මත සේවයට ඇවිත් එතනින් රජුගේ අභාවයත් සමඟ සොරකම් සහ මන්පැහැරගන්න පුරුදු වෙනවා. එතනින් පසු පල්ලව+හොරු ව්‍යවහාරයේදි පල්හොරු වූවා විය හැකියි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
2020 " ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය " හිමිකරගත් දරුවා කවුද ?
2020 " ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය " හිමිකරගත් දරුවා වන්නෙ සදාත් රහ්මාන් ( බංග්ලාදේශය ) ය.
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
ඔබට තරු නිරීක්ෂණය කළ හැක්කේ කොතැනින්ද?
සාමාන්‍යයෙන් නගරවල පරිසර ආලෝකයෙන් ඈත අඳුරු රාත්‍රියක තරු නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඇම්බැක්කේ දේවාලයේ වහලයේ සැලසුමේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය කුමක්ද සහ එ කැපී පෙනෙන්නේ කුමක් ද?
ඇම්බැක්කේ දේවාලයේ වහලයේ සැලසුමේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ වහලය මත ඇති ප්‍රධාන කදම්භයේ ලී කලම්පය මඩොල් කුරුපාව නම් වේ. මෙම විශාල ලී පින් එක පුරාණ වඩු කර්මාන්තය ප්‍රදර්ශනය කරමින් පරාල විසි-හයක් (26) එකට තබා ඇත. මෙම සම්පූර්ණ වියූහය ලී වලින් පමනක් සාදා ඇති අතර, වෙනත් ද්‍රව්‍ය භාවිත කර නොමැත.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ කවුරුන්ද?
ඉන්දියාවේ ජාතික ගීය රචනා කරන ලද්දේ රවීන්ද්‍රනාත් තාගෝර් විසින්ය.
re-annotations
84468d013f34693e818cfa424a3a2477a118ab87d077b59586b85a7cfeafcfc2
බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන ගෝලීය ප්‍රභවයන් කරුණාකර මට කියන්න.
බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන මූලාශ්‍ර වන්නේ පොසිල වන අතර එය සමස්ත බලශක්ති උත්පාදනයෙන් 80% ක් පමණ වේ. ෆොසිල ප්‍රභවයන් මගින් නිපදවන බලශක්තියෙන් අඩක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ චීනය, එක්සත් ජනපදය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ අරාබි රාජ්‍යයන් විසිනි. සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් බලශක්ති නිෂ්පාදනය වාර්ෂිකව සාමාන්‍යයෙන් 20% කින් ඉහළ ගොස් ඇති අතර එය අනෙකුත් ප්‍රභවයන්ගේ සාමාන්‍ය වාර්ෂික වර්ධනයට වඩා 1% සිට 2% දක්වා වැඩි වේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
නර්තනයද නර්ථනයද හරි ?
නර්තනය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගැඹුරු කෑම පීසා යනු කුමක්ද?
ඩීප් ඩිෂ් පීසා යනු සාම්ප්‍රදායික පීසා වල ප්‍රභේදයකි, එහිදී පිටි ගුලිය රෝල් කර අතුරුපස පයි කබොලකට සමාන ගැඹුරු පෑන් කෙළවරට තල්ලු කරයි. එවිට කබොල චීස් සහ අනෙකුත් ටොපිං වලින් පුරවා කුට්ටි තක්කාලි සෝස් සමඟ පැතිරෙයි. මෙම වර්ගයේ පීසා චිකාගෝ විලාසිතාවේ පීසා ලෙසද හැඳින්වේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
අවපාතයක් ඇතිවීමට හේතුව කුමක්ද?
අවපාතයක් ඇති වන්නේ ඩොමිනෝ රේඛාවක් වැනි සිදුවීම් දාමයක් වේගවත් වන අතර ආර්ථිකය හැකිලෙන තෙක් නොනැවතී. සෑම සිදුවීමක්ම කලින් සිදු වූ දෙයක් හා අනාගතයේ සිදු වන දෙයක් සමඟ සම්බන්ධ වේ. හැම්බර්ගර් මිල ඉහළ ගියහොත්, ඔබ හැම්බර්ගර් මිලදී ගැනීම නතර කළ හැකිය. මෙය අවන්හලකට බලපාන අතර, එය සේවාදායකයකට බලපානු ඇත. ආර්ථිකය පුරාවටම මෙවැනි අන්තර් සම්බන්ධිත දාම රාශියක් ඇත.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
නෙළුම් කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
ඉන්දියාවේ ප්‍රධානම ක්‍රීඩාව මොකක්ද​?
ඉන්දියාවේ ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට් ය. ක්‍රිකට් යනු ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩාව පමණක් නොව රටේ සංස්කෘතියේ අනිවාර්ය අංගයකි. එය අතිවිශාල රසික අනුගාමිකයන් සහ මාධ්‍ය අවධානය ආකර්ෂණය කරයි, එය ඉන්දියානු ජනගහනය සඳහා විනෝදාස්වාදයේ ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත් කරයි. 1983 දී ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ක්‍රීඩාවේ ජනප්‍රියතාවය ඉහළ ගිය අතර එතැන් සිට එය ඉන්දියානු ක්‍රීඩා සංස්කෘතියේ ප්‍රමුඛ බලවේගයක් ලෙස පවතී. ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වැනි ප්‍රධාන ඉසව් ද ඉන්දියාවේ ක්‍රීඩාවේ ප්‍රමුඛතාවයට සැලකිය යුතු දායකත්වයක් සපයයි
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගිනිගෙන විනාශවූ රෝම නගරය වෙනුවට නීරෝ අධිරාජයා විසින් ඉදිකරවන ලද නගරය හැඳින්වූ නම කුමක්ද?
ගිනිගෙන විනාශවූ රෝම නගරය වෙනුවට නීරෝ අධිරාජයා විසින් ඉදිකරවන ලද නගරය "නීරෝපොලිස්" නම්වේ.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ඉන්දියාවේ පළමු පුරවැසියා කවුද?
"ඉන්දියාවේ පළමු පුරවැසියා" යන මාතෘකාව ඉන්දියාවේ ජනාධිපතිවරයා හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි, ජනාධිපතිවරයා චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයා වේ. කෙසේ වෙතත්, රටට නිදහස ලැබීමෙන් පසු ඉන්දියානු පුරවැසිභාවය පිරිනැමූ පළමු පුද්ගලයා ගැන අසන්නේ නම්, එම සන්දර්භය තුළ "පළමු පුරවැසියා" ලෙස නිල වශයෙන් නම් කරන ලද නිශ්චිත පුද්ගලයෙකු නොමැත. ඔහුගේ නිල බලය අනුව පළමු පුරවැසියා ලෙස හැඳින්විය හැකි ඉන්දියාවේ පළමු ජනාධිපතිවරයා වූයේ 1950 ජනවාරි 26 සිට 1962 මැයි 13 දක්වා සේවය කළ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් ය.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සුප්‍රකට " ෆෝබ්ස් " සඟරාවට අනුව , පිට පිටම දසවැනි වරටත් " ලෝකයේ බලවත්ම කාන්තාව " ලෙස තේරීපත්ව ඇත්තේ කවුද ?
සුප්‍රකට " ෆෝබ්ස් " සඟරාවට අනුව , පිට පිටම දසවැනි වරටත් " ලෝකයේ බලවත්ම කාන්තාව " ලෙස තේරීපත්ව ඇත්තේ ජර්මන් චාන්සලර් , ඇන්ජෙලා මර්කල් ය.
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
"නූතන භෞතික විද්‍යාවේ පියා” සහ "නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනු කවුරුන්ද?
"නූතන භෞතික විද්‍යාවේ පියා” සහ "නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනු ගැලීලියෝ ගැලිලි විද්‍යාඥයාය.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය ?
A9
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? ප්‍රමාද
අප්‍රමාද
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ , සත්‍යජිත් රායිගේ " අපූර් සංසාර් " චිත්‍රපටය සඳහා පාදක කරගත් කතා මාලාව ( කෘතිය ) කුමක්ද ?
අපූගේ ලෝකය ( පාතර් පංචාලි )
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මෙක්සිකෝවේ අගනුවර කුමක්ද?
මෙක්සිකෝ නගරය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කංචුකය යනු ?
1. ශරීරයේ ඉහල කොටස ආවරණය කරන ඇඳුම 2. පොතක හෝ පාර්සලයක හෝ බාහිර ආවරණ කවරය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය සම්පුර්ණ කරන්න. මේ යන ගමනේ නැවතුම කොතැනා නොදනිමූ සදා කොහේදෝ කියා
මේ යන ගමනේ නැවතුම කොතැනා නොදනිමූ සදා කොහේදෝ කියා එක හුස්මක යා වෙලා හැගුමන් අතුරා විදිමු ආදරේ හැම ජීවිතේම ආදරෙන් සතපා තියා හැගුමන් ගවසා සරසා එක් වී බැදී සීමා මායිම් කඩා නිදහස් ලෝකෙ කරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවා සිවිසල් සාමේ බෙදා ලෝකේ ආදරේ ගිල්වන්නා මේ යන ගමනේ රිදුමන් නිවලා ලංවෙමූ දරා සෙනෙහේ උතුරා අපි කවුරුත් එක් වෙලා පවසමු හඩගා බෙදමු ආදරේ හැම ජීවිතේ මා ආදරෙන් සතපා තියා හැගුමන් ගවසා සරසා එක් වී බැදී සීමා මායිම් කඩා නිදහස් ලෝකෙ කරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවා සිවිසල් සාමේ බෙදා ලෝකේ ආදරේ ගිල්වන්නා සීමා මායිම් කඩා නිදහස් ලෝකෙ කරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවා සිවිසල් සාමේ බෙදා ලෝකේ ආදරේ ගිල්වන්නා සීමා මායිම් කඩා නිදහස් ලෝකෙ කරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවා සිවිසල් සාමේ බෙදා ලෝකේ ආදරේ ගිල්වන්නා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801