input
stringclasses
1 value
output
stringlengths
1
44.1k
instruction
stringlengths
1
4.84k
ආතර් වි දියෙස් මහ​තා කොස් මාමා ලෙස අනවර්ත නාමයකින් ​හඳුන්වයි.
කොස් මාමා ලෙස අනවර්ත නාමයකින් හඳුන්වන්නේ කවුද?
“මූල පාපය” යන පදය හොඳ සහ නරක දැනගැනීමේ වෘක්ෂයෙන් කෑම කරණකොටගෙන ආදම්ගේ අකීකරුකම නමැති පාපය හේතු කොටගෙන මුලු මහත් මනුෂ්‍යය වර්ගයාටම ඇතිවූ බලපෑම කෙරෙහි කටයුතු කරයි. මූල පාපය අපට අර්ථ දැක්විය හැක්කේ “ඒදන් උයනෙහි ආදම් විසින් සිදු කළ පාපයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේගේ ඇස් හමූහයෙහි අපට අයිතිව ඇති පාපය සහ එහි වරදකාරිත්වය” ලෙසයි. අප දැනුවත්ව පව් කිරීමට දැනුම් තේරුම් ඇති වයසකට පත් වන්නටත් ප්‍රථමයෙන්, මූල පාපය නම් මතවාදය අපගේ ස්වභාවයට ඇති බලපෑම සහ දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ ස්ථාවරභාවය කෙරෙහි විශේෂයෙන්ම යොමුවේ. එම බලපෑම කෙරෙහි කටයුතු කරන ප්‍රධාන මතයන් 3 ක් (තුනක්) තිබේ.
මූල පාපය නම් කුමක්ද?
"මොකක්ද මේ AM-2201?"
කැනබිනොයිඩ් ප්‍රතිග්‍රා හක සඳහා ප්‍රබල නමුත් තෝරා බේරා නොගන්නා පූර්ණ කැනබිනොයිඩ් ප්‍රතිග්‍රා හකයක් ලෙස ක්‍රියා කරන පර්යේෂණ රසායනික ද්‍රව්‍යයක් වන AM-2201 (1- ((5-ෆ්ලෝරෝපෙන්ටයිල්) -3- ((1-නැෆ්ටොයිල්) ඉන්ඩෝල්) යනු කුමක්ද? මාතෘකාව තමයි AM-2201.
මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය දැනට පවතින පැරණිතම බාලිකා විද්‍යාලය වන අතර 1815-1816 වෙස්ලි ඇමතිවරුන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ තෙවන පැරණිතම පොදු පාසල වේ.
ශ්‍රී ලංකාවේ පැරණිම කාන්තා පාසල ලෙස සැලකෙන්නේ
නුවරඑළිය - පට්ටිපොළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 32ක් පමණ පැමිණීමෙන්ද, හපුතලේ ඔහිය මාර්ගය ඔස්සේ කිලෝමීටර 38ක් පැමිණීමෙන්ද හෝර්ටන්තැන්නට පිවිසිය හැකිය. ක්‍රි.ව 1969 දෙසැම්බර් 05 දින දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි විශාලත්වය හෙක්ටයාර 3,160 වේ. (වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්ෂිත බිම් ලැයිස්තුගත වාර්තාව)
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පිහිටීම හා ස්ථාපිත කිරීම ගැන කියන්න.
දෙසැම්බර් 25, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 359 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 360 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින හයක් ඇත. දෙසැම්බර් 25 වඩාත් ප්‍රිද්ධ නත්තල් දිනය නිසාය. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරන ක්‍රිස්තියානි ධර්මයේ වැදගත් නිවාඩු දිනයකි. නත්තලට සම්බන්ධ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් සියවස් ගණනාවක් පුරා විකාශනය වී ඇති අතර එය ලොව පුරා විවිධ සංස්කෘතික හා ආගමික පිළිවෙත් මගින් සලකුණු කරන කාලයකි.
දෙසැම්බර් 25 ගැන කථා කරමු.
රඹුකන සිද්ධාර්ථ හිමි
පහත ගීතය රචනා කලේ කව්ද ? මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමුවී අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇඩ්ලින් මොලමුරේ මහත්මියයි.
ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුද?
බ්රහස්පති
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද?
කතා කීපයක් අහල තියෙනවා. සිරීපාදෙ යන පාරෙ පිහිටල තියෙන මහවැලි ගග ලග ප්‍රදේශයක් නිසා නාවල ගිය පිටිය නාවලපිටිය වුනා කියනවා. කැන්දොපිටිය, පැල්ලපිටිය, පත්තුනුපිටිය, මීපිටිය, ඉඹුල්පිටිය, පැලැම්පිටිය, රඹුක්පිටිය, සැවැන්දරපිටිය, කියන පිටිය 8 ට පස්සෙ තිබුන නව වන පිටිය නාවලපිටිය වුනා කියනවා. කොයි එක හරිද කියන්න දන්නෙ නෑ. ඉගෙනගත්තෙ ඔහොම. ඔය තියෙන පිටිය 8 නාවලපිටිය ආසන්නයෙ තියෙන ගම් අටක්.
නාවලපිටිය නම හැදුනේ කොහොමද ?
වර්තමාන ශ‍්‍රී ලංකාවේ කුළු බඩු අපනයනය කිරීමේ ප්‍රධාන ආකාරයන් දෙකක් ඇත. එනම්, ප්‍රාථමික ආකාරය සහ වටිනාකම එකතු කළ ආකාරය වශයෙනි. ප්‍රාථමික අපනයන ආකාරයේදී කුළු බඩු වර්ග මුල් ස්වරූපයෙන්ම අපනයනයට යොමු කරනු ලබයි.එහෙත් වටිනාකමඑකතු කළ ආකාරයෙන් අපනයනය කිරීමේදී කුඩු, තෙල්, කුළු බඩු මිශ්‍රණ හෝ විවිධ වට්ටෝරු වශයෙන් සකස්කර අපනයනයට යොමු කරනු ලබයි.
කුළු බඩු අපනයනය කිරීමේ විධි කියන්න.
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති. වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය. රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය. රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍ර‍හණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍ර‍ය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය. ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.
අභිධර්මයේ එන චිත්තය යනු කුමක්ද ?
"ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ" ඉහත ගීතය සම්පූර්ණ කර පහල දී ඇත. "ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… නිල් කටරොළු නිල නැහැවුන මල් ගව මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හල දාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ… ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා…"
පහත ගීතය සම්පූර්ණ කරන්න. "ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ"
සිංගප්පූරුව
ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත "ෆයිසර්" එන්නත තම රටේ වැසියන් වෙත ලබාදෙන , පළමුවැනි ආසියානු රට කුමක්ද ?
නව ගෝකණ්ණ විහාරය ෆෙඩ්රික් කොටුව තුළ, ලක්ෂ්‍යයට උතුරින් සහ කොටුවේ දොරටුවට ආසන්නව පිහිටා ඇත. එය පූජනීය ස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර විවිධ කාලවලදී මතු වූ බෞද්ධ කෞතුක වස්තු කිහිපයක් එහිදී දැකගත හැකිය.
නව ගෝකණ්ණ විහාරය අද පිහිටා ඇත්තේ කොහේද?
කපොල්ලක් යනු උස් කදු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකි. මධ්‍යම කදුකරයේ ප්‍රධාන කපොලු කිහිපයකි. · ගලගෙදර කපොල්ල - කුරුණෑගල - මහනුවර මහා මාර්ගය · බලන කපොල්ල - කොළඹ - මහනුවර මහා මාර්ගය · ගිනිගත්හේන - අවිස්සාවේල්ල - නුවරඑලිය මහා මාර්ගය · බලකඩුව - මාතලේ - මහනුවර මහා මාර්ගය · හපුතලේ - බලංගොඩ - බණ්ඩාරවෙල මහා මාර්ගය · ඇල්ල - වැල්ලවාය - බදුල්ල මහා මාර්ගය
කපොලු යනු කුමක්ද?
විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි රමණීය වූ විහාරයෙහි උන්වහන්සේ වාසය කළ සේක. එක් ගම් දැරියක් විහාරයෙහි ඇවිද ගිලන් වූ භික්‍ෂූන් වහන්සේ නමක් දැක අනුකම්පා කොට අසනීපය ගැන බෙහෙත් කැඳක් පිළියෙල කරන බවත්, හෙට තමන්ගේ ගෙදරට වඩින ලෙසත් ආරාධනා කළාය. ඕ ගෙදර ගොස් දෙමාපියන්ට ද කියා නොයෙක් ඖෂධ වර්ග බහා බෙහෙත් කැඳක් ද, ආහාර ද පිළියෙල කළාය. එකී භික්‍ෂූන් වහන්සේ ගෙදරට පැමිණි විට බෙහෙත් කැඳ හා ආහාර පිළිගැන්නුවාය. බෙහෙත් කැඳ වැළඳීමත් සමඟ භික්‍ෂුවගේ රෝගය සන්සිඳිණ. ඊට පසු දින ද එසේම පිළියෙල කළත් භික්‍ෂූන් වහන්සේ නොවැඩි සේක. ගම්දැරිය විහාරයට ගොස් බෙහෙත් දින කීපයක් වැළඳිය යුතු බව කී විට එම බෙහෙත් කැඳින් රෝගය සන්සිඳුණු බව ප්‍රීතියෙන් කීහ. ඕ අතිශයින් සන්තෝෂයට පත්වූවා පසු කල කළුරිය කොට දෙව්ලොව උපන්නීය. බුද්‍ධාන්තර 6 ක් යනතුරුම ඕ දෙව් සැපත් වින්දාය. අපේ සම්බුදුන්ගේ කාලයෙහි ධනවත් බමුණු කුලයක ඉපදුණාය. ඈ උපන්දා සිට එම ගෙදරට නැළි අටක සහල් ලැබේ. ඇගේ රූප සම්පත් දුටු දෙමාපියෝ ‘රූප දේවී’ යයි නම් තැබූහ. ඕ සාල් නැළියක් ගෙන පිසන්නට පටන් ගත් විට තමන් කැමැති මස් මාළු එළවළුත්, ගිතෙල් වෙඬෙරු කිරි ආදියත්, දුරු මිරිසුත්, කෙසෙල්, වරක ආදී පළතුරුත් භාජනය පුරවා ඇත. ඈ අතින් ගත් කිසි ආකාරයක් නරක් නොවේ. මුළු නුවර වැස්සන්ටම මේ ආහාර දෙන්නීය. එහෙත් නිමාවකට නොයයි. පන්සියයක් භික්‍ෂූන් වහන්සේ ඇගේ ගෙදර නිතිපතා වළඳති. පිළිසිඹියාපත් මහා සංඝරක්ඛිත හිමියෝ ඇගේ පෙර කර්මය දන්නේ දැයි දිනක් විමසූහ. ඕ එය නොදන්නා බවත්, කරුණාකොට ප්‍ර‍කාශ කරන ලෙසත් ඉල්ලා සිටියාය. උන්වහන්සේ ඇයට පෙර රෝගාතුර භික්‍ෂුවකට කළ පින්කම ප්‍ර‍කාශ කළ සේක. දැනුත් පින්කම් කිරීමට පමා නොවන්නට බණ කී සේක. පසුව නිතර නිතර පින්කම් කොට සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් වූවාය.
පහත මාතෘකා ව ඇති කතාව ලියා දක්වන්න. (ඉඟිය: මෙය රසවාහිනීයේ එන කතාවකි) රූප දේවියගේ කථාව
සංකීර්ණ
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? සරල
සහරා - උතුරු අප්‍රිකාව අරාබි - නිරිතදිග ආසියාව ගෝබි - මොන්ගෝලියාව/චීනය පැටගෝනියන් - ආජෙන්ටිනාව ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව චිහුවහුමන් - මෙක්සිකෝව ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව සොනොරන් - නිරිතදිග ඇමරිකාව කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය තකල් මාකන් - උතුරු චීනය
ලෝකයේ විශාලතම කාන්තාර 10,
බුදුන්ට මල් පිදීමේ ආනිසංස: 1. මහත් බෝග සම්පත් ඇත්තෙකු වීම 2. පහත් කුල වල නොඉපදි උසස් කුල වලම ඉපදීම 3. කැමති කැමති යාන වාහන ලැබිම 4. බෝහෝ අගනා වස්ත්රවභරණයන්ට ලාභි වීම 5. සෑම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්ර වීම 6. උසස් කීර්තියක් ඇත්තෙකු වීම 7. සෑම කල්හිම බෝහෝ පිරිවර ජනයා ඇත්තෙකු වීම 8. තම පිරිස කිසිවෙකුට භේද කර විය නොහැකි වීම 9. ඥාතීන් අතර උසස් ශ්රේ්ෂ්ඨ අයෙකු වීම 10. ශීත උෂ්ණ දේශගුණ වලින් පීඩාවට පත් නොවීම
බුදුන්ට මල් පිදීමේ ආනිසංස මොනවද?
ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි. අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ෆින්ලන්තයේ දක්නට නැත.
ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ කොහෙද?
යකඩ ගැහැනිය මාග්‍රට්‌ තැචර්‌ මහත්මියයි. මාග්‍රට් හිල්ඩා තැචර්, තැචර් බැරන්වරිය, LG, OM, DStJ, PC, FRS, (විවාහයට පෙර රොබර්ට්ස්; 13 ඔක්තොම්බර් 1925 – 8 අප්‍රේල් 2013) යනු බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකවරියක වූ අතර 1979 සිට 1990 දක්වා එක්සත් රාජධානියෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් ද 1975 සිට 1990 දක්වා කොන්සර්වටිව් පක්ෂයෙහි නායිකාව ලෙසින්ද සේවය කලාය.
යකඩ ගැහැනිය කවුද?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා ඇති එකම දිස්ත්‍රික් අගනගරය වන්නෙ මන්නාරම ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් පිටත පිහිටා ඇති එකම දිස්ත්‍රික් අගනගරය කුමක්ද ?
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල වර්ණපුර වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා නම් කරන්න.
ඉලක්කම්: ගැන මෙතෙක් ඉදිරිපත් කළ කරුණු හා මට නම් එකඟ විය නො හැකිය. ඒ නිසා මා දන්නා කරුණු ඔබගේ දැනගැනීම සඳහා සටහන් කරමි. අපි හිතමු පන්තියක ළමුන් පිරිසක් මල් ගණන් කරනවා කියා. එහිදී (1). ගණන් කිරීමෙන් ලැබෙන මල් ගණන් ගණන සංඛ්‍යාව යි. එය ඉලක්කම නො වේ. ( 2). එසේ ගණින විට එන සංඛ්‍යාව වචනයෙන් කිව යුතු යි. 10 කියා සිතමු. එය සංඛ්‍යා නාමය යි. (3) එම 10 සංඛ්‍යාව ලිවීමට අවශ්‍ය නිසා සංඛ්‍යාංකයක් යොදා ගැනේ. එය ඉලක්කම්වලින් ලියන 10යේ සංඛ්‍යාවයි. (4). එසේ සංඛ්‍යා ලියනු ලබන්නේ 0 - 9 දක්වා වූ ඉලක්කම්වලිනි. ඒ අනුව 0-9 දක්වා ඒවා ඉලක්කම් ය. ඉලක්කම සඳහා ඉංග්‍රීසි බසින් digit යන්න භාවිත වේ. (Number නො වේ.) ඉලක්කම යනු දෙමළ භාෂාවේ ඉලක්කම් යන පදයෙන් බිඳී ආවකි. ඒ හැර ඉලක්කම යන්නට සමාන ව සිංහලයෙන් යෙදෙන වෙනත් පදයක් නැත. ඉලක්කම් නියෝජනය වන සංකේත පැරණි සිංහල පුස්කොළ පොත්වල පවා යෙදී තිබේ. ඒවා කවර නමකින් හැඳින්වීදැයි දැනගැනීමට නොලැබිණ. අංකය වශයෙන් ඉලක්කම සඳහා යෙදෙන බව මෙහි දැක්වුණ ද අංකනය කිරීම සඳහා අංක ලියන්නේ ඉලක්කම්වලින් නිසා ඉලක්කම යන්න සඳහා අංක යන්න යෙදීම නිවැරැදි දැ යි විමසා බැලිය යුතු ය. ඒ නිසා ඉලක්කම යන පදයට ගැලපෙන වෙනත් පදයක් වර්තමාන භාවිතය හෝ අතීත භාවිතය තුළ ඇති බවක් නොපෙනේ. හුදෙකලා අදහස් නැති ව සහේතුක ව කරුණු දක්වමින් සාකච්ඡා කළහොත් ගැටලුව නිරාකරණය කර ගත හැකි වේවි. තවත් විදියකින් කිව හොත් මෙය කියවන ඔබ ද මීට වෙනස් අදහස් වේ නම් දක්වන්න.
ඉලක්කම යන්නට යෙදෙන වෙනත් වදන් මොනවද? අතීතයේ ඒ සඳහා යොදාගත් වදන මොකද්ද?
ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණබිම් ය.
ඉන්දියාවට පැමිණීමට පෙර ආර්‍යයන්ගේ වාසභූමිය වූයේ කුමක් ද?
මෙම ආකෘති 1970 දී ප්‍රශ්නයට ලක්විය. ඒ මීසසෝම රසායනික ප්‍රතිස්ථාපනයේදී පටලට හානිවී ඇතිවන කෘතීම ද්‍රවයය බවට යෝජනා එක්‍ රැස් වීමයි. තවද රසායනිකව ප්‍රතිස්ථාපන නොකළ ඒවායේ මෙම ව්‍යුහ දැකගත නොහැකි විය. 1980 දී හා පසු, දියුණු වූ ක්‍රයෝප්‍රතිස්තාපන හා අධිශීත ආදේශන ක්‍රම ඉලෙක්ට්‍රෝන අන්වේශනයට පැමිණීම සමග, ජීවි සෛලව මීසසෝම නොමැති බව හොඳින්ම තහවුරු විය.
මීසසෝම වල කල්පිත අසත්‍ය බව තහවුරු වීම ගැන කියන්න.
දෙසැම්බර් 6, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 340 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 341 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 25 ඉතිරිව තිබේ.
දෙසැම්බර් 6 ගැන කථා කරමු.
ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය වූයේ 1925 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ (කලින් ලංකාව) කොළඹදී දියත් කරන ලද කලම්බු රේඩියෝ (Colombo Radio) ය. මෙම මධ්‍යස්ථානය කොළඹ වැලිකඩ සිට මධ්‍යම තරංග රේඩියෝ සම්ප්‍රේෂකයක් භාවිතයෙන් විකාශනය කිරීම ආරම්භ කළ අතර එය ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය වන අතර එය ලොව පැරණිතම ගුවන්විදුලි මධ්‍යස්ථානයයි. රේඩියෝ -සිලෝන්එ ලෙස එය පසුව ප්‍රසිද්ධියට පත් විය.
ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය කුමක්ද ?
කුරුළු රජා වනාන්තරයේ කුරුල්ලන්ට සිදු වන අනතුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, සියලු කුරුල්ලන් එක්මුතු වී, සෑම කුරුල්ලෙකුගේ ම ආරක්ෂාව සලසා ගැනීම උදෙසා, එකිනෙකා බැදී සිටිය යුතු බව කුරුළු රැස්වීමේ දී කුරුල්ලන් කථිකා කර ගත්තා. මේ සඳහා සියලුම කුරුල්ලන්ට නායකයකු පත් කර ගත යුතු බව ඔවුන් තීරණය කළා. හංසයන්, මොණරුන් හා පරවියන් එකතු වී ලස්සන ඔටුන්නක් හැදුවා. මේ ඔටුන්න රතු මැණික් වලින් තැනු ලස්සන රතු පාට ඔටුන්නක්. ඔටුන්න සාදා, සඟවා තබා කුරුල්ලන් අතරින් රජ කමට සුදුසු කුරුල්ලා කව්රුන්ද යන්න සෙවීමට සියලුම කුරුල්ලන් පිටව ගියා. ටික වෙලාවකින් "කුක්කු කූක් කූක්" ලෙස කුකුළා ගේ ජය නාදය මුළු කැලය පුරාම පැතිරුනා. කුකුළා හොරෙන්ම ඔටුන්න පැළඳ ගෙන කාටත් හොරෙන් තනිවම රජ වී ඇති බව අන් කුරුල්ලන්ට වැටහුණා. කුරුල්ලන් සියල්ලෝම කුකුළා ගේ නාදය පැමිණෙන දෙසට ගමන් කළා. කුකුළා ඔටුන්න පළඳා ගෙන තේජස් ස්වරූපයෙන් සිටිනු දුටු අන් පක්ෂීන් නුසුදුස්සෙකු රජ කමට පත් වීම ගැන කිපුනා. සියලුම කුරුල්ලන් එකතු වී, කුකුළා වනයෙන් එලවා දැමුවා. අන්තිමට කුකුළාට ගමට පැමිණ මිනිසුන් සමඟ ජීවත් වීමට සිදු වුණා.
සිංහල ජන කතාවක් කියන්න
පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගන්නා ඇස් කුනිත දවස් 14ක් ඇතුළත අනිවාර්යෙන්ම අවශ්‍ය රෝගියකුට බද්ධ කළ යුතු වේ. ලබා ගන්නා සෑම ඇසක්ම බද්ධ කිරිමට සුදුසු මට්ටමේ නැතැ යි කී ජනත් සමන් මාතරආරච්චි, එසේ වෙනත් අයෙකුට බද්ධ කළ නොහැකි අක්ෂි වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන බව පැවසීය. “හැම ඇහැක්ම අපිට පාවිච්චියට ගන්න බැහැ. මොකද අපි ඇහැ ගන්නේ පියවි ඇහෙන් බලලා ඒ තත්වය අනුව අපි ගන්නවා. අපි ඇහැක් ගත්තට පස්සේ ඒකේ ලැබ් එකට ගෙනල්ලා හරස් කඩක් අරගෙන බලනවා. එහෙම කරනකොට අපිට යම් ප්‍රමාණයක් ඉවත් කරන්න සිද්ද වෙනවා. හැබැයි ඇස් ඉවත් කරලා දාන්නේ නැහැ අපි ඒවා දෙනවා වෛද්‍යවරුන්ගේ පුහුණුව සඳහා.” ඇස් බද්ධ කිරිමට වයස ගැලපීම, රුධිර වර්ගය ගැලපීම හෝ වෙනත් කිසිවක් ගැලපීම අවශ්‍ය නොවේ. එහෙත් වසංගත රෝග හෝ බෝ වන රෝග සහිත පුද්ගලයන්ගේ සහ සමාජ රෝග සහිත අය වැනි නිර්ණායක කිහිපයක් යටතේ ඇතැම් පුද්ගලයන්ගේ ඇස් බද්ධ කිරීමට යොදා ගනු නොලබයි.
ඉවත දමන ඇස් වෛද්‍ය පුහුණුවට
ලෝකප්‍රකට රංගන ශිල්පී ෂෝන් කොනරි රඟපෑ , " ජේම්ස් බොන්ඩ් " චරිතය ඇතුලත්වූ පළමුවැනි චිත්‍රපටය Dr . No ( 1962 වසරේදී ) යි.
ලෝකප්‍රකට රංගන ශිල්පී ෂෝන් කොනරි රඟපෑ , " ජේම්ස් බොන්ඩ් " චරිතය ඇතුලත්වූ පළමුවැනි චිත්‍රපටය කුමක්ද ?
රූප දකිනු කැමැත්තය, ශබ්ද අසනු කැමැත්ත ය, ගඳ දැන ගනු කැමැත්තය, රස විඳිනු කැමැත්ත ය, පහස විඳිනු කැමැත්ත ය යන මේ කරුණු පසට කාම තෘෂ්ණාවය යි කියනු ලැබේ. කාම තෘෂ්ණාව අප්‍ර‍හීණ සත්ත්වයන් විසින් කරන කර්මය කාම තෘෂ්ණාව සහාය කොට ඇත්තේය. කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් භවයෙහි සත්ත්වයා උපදින කල්හි හෝ උපන් පසු හෝ ඒ සත්ත්වයා තුළ අප්‍ර‍හීණ භාවයෙන් පැවති දකිනු කැමැත්ත වූ කාම තෘෂ්ණාවට අනුකූල වූ කර්මයෙන් චක්ෂුඃ ප්‍ර‍සාදය උපදවනු ලැබේ. අසනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූල පරිදි ශ්‍රෝත ප්‍ර‍සාදය උපදවනු ලැබේ. ගඳ දැනෙනු කැමති බව වූ තෘෂ්ණාවට අනුකූලව ඝ්‍රාණ ප්‍ර‍සාදය උපදවනු ලැබේ. රස විඳිනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූලව ජිහ්වා ප්‍ර‍සාදය උපදවනු ලැබේ. පහස විඳිනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූලව කාය ප්‍ර‍සාදය උපදවනු ලැබේ.
ප්‍ර‍සාදයන් ගේ උත්පත්ති හේතු මොනවාද ?
ආවර්ත කාලය (T) යනු එක් දෝලනයකට ගත වන කාලයයි.
ආවර්ත කාලය (T) යනු කුමක්ද ?
සැබෑ. ඔව් ඒක නිවැරදියි. අග්නිදිග යුරෝපයේ රටක් වන බොස්නියාව සහ හර්සෙගොවිනා හි විශාලතම නගරය සහ අගනුවර සරාජේවෝ වේ. සරාජේවෝ සංස්කෘතික විවිධත්වය, ඓතිහාසික වැදගත්කම සහ ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධය.
බොස්නියාව සහ හර්සෙගොවිනා හි විශාලතම නගරය සහ අගනුවර සරාජේවෝ වේ. මෙය නිවැරදිද?
"යෝජනා කර" නිවැරදි අක්ෂර වින්‍යාසය වේ. "කර" වෙනම නොලියයි.
යෝජනාකර ද යෝජනා කර ලෙස වෙන්ව ලිව්වොත් ද හරි? ගොඩක් තැන්වල මේ වගේ යෙදුම් එනවා
බැක්ටීරියා කෂිකා වල පිහිටීම අනූව වර්ගීකරණය පහත දැක්වේ. 1. ඒක රෝමී - A - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකාවක් පැවතීම. 2. ගුච්ඡ රෝමී - B - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකා කිහිපයක් පිහිටා තිබීම. 3. ද්වි රෝමී - C - සෛලයේ එක් කෙලවරකට එක බැගින් දෙකෙලවරේ කෂිකා දෙකක් පැවතීම. 4. පරි රෝමී - D - සෛලයේ මුලු දේහය පුරාම තැන් තැන් වලින් කෂිකා පැවතීම. 5. උභය රෝමී - සෛලයේ එක් කෙලවරකට කෂිකා කිහිපයක් බැගින් දෙකෙලවරේම කෂිකා පැවතීම.
බැක්ටීරියා කෂිකා වල පිහිටීම අනූව වර්ගීකරණය කරන්න.
" ඊඩිපස් සංකීර්ණය " නම් වූ ප්‍රකට මනෝවිද්‍යා න්‍යාය ඉදිරිපත්කළ විද්‍යාඥයා වන්නේ, සිග්මන් ප්‍රොයිඩ් ය.
" ඊඩිපස් සංකීර්ණය " නම්වූ ප්‍රකට මනෝවිද්‍යා න්‍යාය ඉදිරිපත්කළ විද්‍යාඥයා කවුද ?
වී මනින්නා
කමත් බසෙන් යාල්ලන්නා යනු කුමක්ද?
ආසියාව
ලෝකයේ විශාලතම මහාද්වීපය නම් කරන්න?
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ වගකීම පැවරී ඇති ආයතනය වන්නේ 'ඩෙ ල රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් (පුද්ගලික) සමාගම' යි. මෙය බ්‍රිතාන්‍ය සමාගමක් වන 'ඩෙ ල රූ සමාගම' හා ශ්‍රී ලංකා රජය අතර ඇති වුණ බද්ධ ව්‍යාපාරයකි.
ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගම
වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ලෝක කහ නිෂ්පාදනයෙන් 80% වඩා නිෂ්පාදනය කිරීමට ඉන්දියාව දායක වේ.
වර්තමානයේ ලෝකයේ ප්‍රධානතම කහ නිෂ්පාදකයා වන්නේ
චන්දන ලියනාරච්චි
පහත ගීතය ගයනා කරන්නේ කව්ද ? සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයන්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී
සර් ජෝන් හේපියර්
ලඝු ගණක චක්‍රය ඉදිරිපත් කළේ කවුරුන්ද?
බත්කූරන් හට ommatitidia නමින් හැඳින්වෙන තනි පැතිකඩ 30,000ක් පමණ ඇති සංයුක්ත ඇස් ඇත. මෙම මුහුණු විවිධ දිශාවන්ගෙන් ආලෝකය ලබා ගැනීම සඳහා කුඩා කාච ලෙස ක්‍රියා කරන අතර, බත්කූරන්හට සුවිශේෂී දර්ශනයක් ලබා දේ. මකරුන්ට සත්ව රාජධානියේ හොඳම වර්ණ දර්ශනයක් ඇත, මිනිසුන් සහ වෙනත් බොහෝ සතුන් තුළ දක්නට ලැබෙන වර්ග තුනට සාපේක්ෂව ඔවුන්ගේ ඇස්වල ආලෝක සංවේදී ප්‍රෝටීන (ඔප්සින්) වර්ග 11 ක් දක්වා ඇත.
දඩයම්කරුවන් ලෙස බත්කූරන්ගේ සාර්ථකත්වයට ඇස් දායක වන්නේ කෙසේද?
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයන්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී චන්දන ලියනාරච්චි රත්න ශ්‍රී විජේසිංහ රෝහණ වීරසිංහ
"සඳ හාදු දිදී (පැණි කුරුල්ලාගේ ගීතය)" ගීතය සම්පුර්ණ කරන්න.
ලෝකයේ විශාලතම කාන්තාර 10 නම්: සහරා - උතුරු අප්‍රිකාව අරාබි - නිරිතදිග ආසියාව ගෝබි - මොන්ගෝලියාව/චීනය පැටගෝනියන් - ආජෙන්ටිනාව ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව චිහුවහුමන් - මෙක්සිකෝව ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව සොනොරන් - නිරිතදිග ඇමරිකාව කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය තකල් මාකන් - උතුරු චීනය
ලෝකයේ විශාලතම කාන්තාර 10 නම් කරන්න
තෝර් ග්‍රීක දෙවියෙක් නොවේ; ඔහු නොර්ස්(norse) මිථ්‍යා කථා වලට අයත් දෙවියෙකි. තෝර් ගිගුරුම්, අකුණු, කුණාටු, ඕක් ගස්, ශක්තිය, මානව වර්ගයාගේ ආරක්ෂාව සහ ශුද්ධත්වය සහ සශ්‍රීකත්වයේ දෙවියා ලෙස හැඳින්වේ. ඔහු සාමාන්‍යයෙන් රතු රැවුලක් සහිත විශාල, බලවත් මිනිසෙකු ලෙස නිරූපණය කර ඇති අතර ඔහුගේ මිටිය වන Mjölnir භාවිතා කිරීම සඳහා ප්‍රසිද්ධය. ඊට වෙනස්ව, ග්‍රීක මිථ්‍යා කථා වලට තමන්ගේම දෙවි දේවතාවුන්ගේ දේවාලයක් ඇත, ගිගුරුම් සහ අකුණු සම්බන්ධයෙන් ඔහුගේ වසමේ තෝර්ට තරමක් සමාන වන අහසේ සහ ගිගුරුම් සහිත සියුස් වැනි රූප ඇත. කෙසේ වෙතත්, බොහෝ මිථ්‍යා කථා මෙන්ම, රෝම, නෝර්ස්, වලට සමාන ග්‍රීක දෙවියෙක් ඇත: ග්‍රීක දෙවි සියුස් අකුණු වලට අධිපති දෙවියා වේ.
තෝර් ග්‍රීක දෙවියෙක්ද?
යුදෙව් ඊශ්‍රායලය සමග අලුතින්ම සබඳතා ඇතිකරගත් දකුණු ආසියානු බෞද්ධ රාජ්‍යය භූතානයයි.
යුදෙව් ඊශ්‍රායලය සමග අලුතින්ම සබඳතා ඇතිකරගත් දකුණු ආසියානු බෞද්ධ රාජ්‍යය කුමක්ද?
කටාර් උපදේශක සභාව තේරී පත් වූ සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සහ පත් කරන ලද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එය මුළු සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වේ.
තේරී පත් වූ සහ පත් කරන ලද මන්ත්‍රීවරුන් අනුව කටාර් උපදේශක සභාවේ සංයුතිය කුමක්ද?
1971
නැගෙනහිර පාකිස්ථානය බංග්ලාදේශය බවට පත් වූයේ කිනම් වසරේද?
නාසා ( NASA ) ආයතනයේ " ආදර්ශ පාඨය " වන්නෙ සියල්ලෙහිම යහපත උදෙසා . ( For the benefit of all )
නාසා ( NASA ) ආයතනයේ " ආදර්ශ පාඨය " කුමක්ද ?
අභිධර්මය කියන්නෙ බුදුදහමේ යාන්ත්‍රණය ගැන කර ඇති පැහැදිලි කිරීමයි.. වාහනයකින් ගමනක් යන්න ඔබට මෝටර් කාර්මික දැනුම අත්‍යවශ්‍ය නෑ.. ඒකට ඉන්ධන යොදන්න ඕන තෙල් බලන්න ඕන. ටයර් ප්‍රෙශර් බලන්න ඕන කියල දන්නව නම් වාහනය හසුරවන්න පුලුවන් නම් ඒක ඇති. හැබැයි ඔය පද්ධති එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය ක්‍රියාත්මක වන ආකාරය දන්නව නම් හදිසි ප්‍රශ්නයක් ආවොත් පහසුවෙන් නිරාකරණය කරගන්න පුලුවන්.
අභිධර්මය ඉගෙනීමේ වැදගත් කම කුමක්ද? දැනුමකට එහා එහි ඇති කරුණු ප්‍රත්ත්‍යක්ෂ කර ගත් හැකිද?
අපේ භාෂාව හරි පොහොසත්, ඕනෙම දෙයක් වෙනුවෙන්, වචන කිහිපයක් හොයා ගන්න පුළුවන්. ප්‍රත්‍යත් එහෙමයි. ඒය, ඊය වගේ ප්‍රත්‍ය එකම තේරුමක් තමයි ගේන්නෙ.. “එයට අයත්“ කියන අරුත හරි. කෝකද හරි කියන පිළිතුරට දෙකම හරි. හැබැයි අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවේ වහර තුළ තිබුණේ, ලාංකීය කියන වචනය. ස්වර්ණවාහිනිය තමයි එක පාරට ශ්‍රී ලාංකීය අභිමානය කියන වචනය තියෙන හැම තැනම ශ්‍රී ලාංකේය අබිමානය කොටලා, ලංකාව ඇතුළෙ ලාංකේය ට්‍රෙන්ඩ් එක ගෙනාවෙ? පිළි ගන්නවාද? ඔයාලා දන්නවා ඇති හෙළ හවුල ගැන. ඔය ඒය කියන ප්‍රත්‍ය ජනප්‍රිය කරවන්න, ගොඩක් උනන්දු වුණේ, අපේ අහුබුදු මහත්තයා. හේතුව තමයි.. ඊය කියන ප්‍රත්‍ය එක්ක, ලංකා එකතු වෙලා.. ලාංකීය වුණාම, එය යෙදෙන්නෙක් යෙදෙන්නක් ගානෙ.. ඝන පිහිටීම හොඳ නැති බවක් ගැන එතුමා ප්‍රකාශ කළා.. ඉතින් මුදල් එක්ක ගනු දෙනු කරන ජනමාධ්‍ය විතරක් නෙවෙයි.. ලාංකේය ට්‍රෙන්ඩ් එකේ, ඔක්කොම මේ හදිසි තත්වය උඩ ලාංකේය වුණා.. ඕක අපේ රටේ ගී රචනයටත් බල පෑවා.. ගී පද රචනා, ඔක්කොම ගේය පද රචනා වුණා.. හැබැයි.. දැන් නම් පිළිඅරන් තියෙනවා.. ගේය යන්න ට වඩා, ගී යන්න මිහිරි බව. මේ වචන දෙකම හරි.. වෙනස ට්‍රෙන්ඩ් එකේ.. දෙකම වර නැගෙන්නෙ එකම රීතියෙන්.
ලංකේය කියා යෙදීම නිවැරදිද?
The Eagles
"හෝටල් කැලිෆෝනියා" ගායනා කළ සංගීත කණ්ඩායම නම් කරන්න.
විහාරයක සතර දිශාවෙන්ම ඉන්න දායකයන්.මේඅය නිශ්චිත දින බෙදාගෙන විහාරයට දෙන දානය පේරු දානය නමින් හඳුන්වනවා .
"හතර පේරුවේ දායකයින් " යැයි හඳුන්වන්නේ කවුරුන්ද?
මොළය යනු ශරීරයේ පාලන මධ්‍යස්ථානය වේ. ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කිරීම, සංවේදී තොරතුරු අර්ථ නිරූපණය කිරීම සහ සිතීම, මතකය, හැඟීම් හා ඉගෙනීම වැනි ක්‍රියාවලි සඳහා මොළය විසින් දායකත්වය සපයයි.
මොළයේ කාර්යභාරය කුමක්ද?
බොහෝ මල් වල ප්‍රධාන කොටස් හතරක් ඇත: සීපල්(sepals), පෙති(petals), රේණු (statemens) සහ කාපල්(carpels). රේණු යනු පිරිමි කොටස වන අතර කාපල් යනු මලෙහි කාන්තා කොටසයි. බොහෝ මල් හර්මෆ්‍රොඩයිට්(hermaphrodite) වන අතර එහි පිරිමි සහ ගැහැණු කොටස් දෙකම අඩංගු වේ.
මලක කොටස් කීයක් තිබේද? ඒවා ගැන විස්තර කරන්න​?
ලැක්ටෝස් නොඉවසීමේ(Intolerance) රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර සාමාන්‍යයෙන් ලැක්ටෝස් අඩංගු ආහාර හෝ පාන වර්ග අනුභව කිරීමෙන් මිනිත්තු 30 සිට පැය 2 දක්වා කාලය තුළ සිදු වේ. සාමාන්‍ය රෝග ලක්ෂණ අතර උදරයේ කැක්කුම, ඔක්කාරය, බඩ පිපීම, වායුව සහ පාචනය ඇතුළත් වේ. මෙම රෝග ලක්ෂණ වල බරපතලකම ශරීරගත වන ලැක්ටෝස් ප්රමාණය සහ ලැක්ටේස් නිපදවීමට පුද්ගලයාගේ හැකියාව මත රඳා පවතී.
ලැක්ටෝස් නොඉවසීමේ(Intolerance) පොදු රෝග ලක්ෂණ මොනවාද?
එච්.එස්. ඉස්මයිල් මහතා ( 1956 - 1959 කාලසීමාවේ )
ලංකා ඉතිහාසයේ , කථානායක ධුරයට තේරීපත්වූ පළමුවැනි මුස්ලිම් ජාතිකයා කවුද ?
තුදුස් යන වචනයේ අර්ථය දහහතර (14) ඉලක්කමය.
තුදුස් යන වචනයේ අර්ථය කුමක්ද?
​ශ්‍රී ල‍ංකා​වේ ජාතික ගීය රචනා කලේ ආනන්ද සමරකෝන් මහතාය.
​ශ්‍රී ල‍ංකා​වේ ජාතික ගීය රචනා කලේ කවු​ද?
හෙමා
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? එහා
ටිපරරි ගීතය පළමු ලෝක යුද්ධ සමයේ දී සොල්දාදුවන් විසින් ආචාර පෙළපාලි ගීතයක් ලෙස භාවිත කරන ලද්දකි.
මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න: "ටිපරරි" ගීතය කුමන යුද්ධයේදී ජනප්‍රිය වූ ගීතයක් ලෙස හඳුනා ගත හැකිද?
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස විලියම් ගිල්බට් ග්‍රේස් හදුන්වයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිලේ එල්ලී සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී ඒ ජිවිතයට කිරි දී පණ දී මා දැඩි කළ අම්මා තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ළබැඳී ගෙන දී දිවියට නව පණ ලැබ දී මා දැඩි කල අම්මා වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති ද අල්විස් වික්ටර් රත්නායක
පහත ගීතය සම්පුර්ණ කරන්න. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිලේ එල්ලී
ශීත ස්කොෂ් යනු තද පිටත කවචයක් සමඟ වැඩෙන ස්කොෂ් ශාකයක පලතුර ලෙස අර්ථ දැක්වේ. ඉවුම් පිහුම් වලදී බහුලව භාවිතා වන ශීත ස්කොෂ් වර්ග වන්නේ වට්ටක්කා, බටර්නට් ස්කොෂ්, ඇකෝන් ස්කොෂ්, කබෝචා ස්කොෂ්, ස්පැගටි ස්කොෂ් සහ ඩෙලිකාටා ස්කොෂ් ය.
ඉවුම් පිහුම් සඳහා ශීත ස්කොෂ් වර්ග මොනවාද?
මහා පරාක්‍රමබාහු රජු විසින් , තමා උපන් ස්ථානයේ ඉදිකරවන ලදැයි සැලකෙන ඓතිහාසික චෛත්‍යය කුමක්ද ?
ලක්දිව බෞද්ධ ඉතිහාසයේ සඳහන් පරිදි , මාර්ගඵලලාභී ප්‍රථම සිංහල කාන්තාව කවුද ?
නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ - යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය ‍කළේය. මේ ලෝකුරු පුත්‍රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැක බලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්‍යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩයක් සිරවී ඇතිබව පවසා එය ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. දෙමළ මිනිසා දෙමළෙන් කී කිසිවක් කම්මල් කරුවාට නොවැටහුනු නමුත් පැවසූ දේ තේරුම් ගත්තා සේ මයින හමෙන් පිඹ ගිනි දල්වා තුවක්කුව රත් කරන්නට පටන් ගත්තේය. තුවක්කු බටය තුළ උණ්ඩය සිරවී ඇති හෙයින් එය රත් කිරීම අනතුරු දායක බව දෙමළ මිනිසා දෙමළයෙන් කීවේය. ඒ ප්‍රකාශද තමාට නොවැටහුණත් තේරුම් ගත්බව පවසමින් කම්මල් කරුවා තුවක්කු බටය රත්කර උණ්ඩය ඉවත ගැනීමට තැත් කළ අතර එය පුපුරා ගියේය. එම පිපිරීම හේතුකොට ගනිමින් කම්මල්කරුවා මිය ගියේය. “නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා ” යි කියමින් කම්මල්කරුවාගේ මෑණියන් හඩන්නට පටන් ගත්තේය.
"නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ " ප්‍රස්ථාව පිරුළට පාදක වුන කතාව කුමක්ද ?
සිරකරුවන්ට සැලකීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් "නෙල්සන් මැන්ඩෙලා නීති" ලෙස පොදුවේ හැදින්වේ.
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා රීතිය කුමක්ද?
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවණේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ අපේ මියුරු සීන පිරුණු රජ දහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ හීනෙන් දැකුමට විතරයි ඉතිරි වුනේ හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ දයාරත්න රණතුංග සිරිසමන් විජේතුංග දයාරත්න රණතුංග
"සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ" ගීතය සම්පුර්ණ කරන්න
ආදරෙයි අහසක් කියන්න තනිකමෙන් මා මුදන්න සතුට පමණක් මවන්න නුඹ ඇවිත් මා බලන්න ගැඹුරු හිත ලග රැදෙන්න බිදුනු හදවත සදන්න සිනහා ඇස් මගේ දකින්න නුඹ ඇවිත් මා බලන්න සදයි තරු මෙන් හිදින්න ස්නේහ හැගුමන් පුරන්න සොදුරු මාවත සදන්න නුඹ ඇවිත් මා බලන්න ආල වැස්සෙන් තෙමෙන්න උණුසුමේ මගේ රැදෙන්න නොනිමි සෙනෙහස විදින්න නුඹ ඇවිත් මා බලන්න ආදරෙයි අහසක් කියන්න තනිකමෙන් මා මුදන්න සතුට පමණක් මවන්න නුඹ ඇවිත් මා බලන්න ගැඹුරු හිත ලග රැදෙන්න බිදුනු හදවත සදන්න සිනහා ඇස් මගේ දකින්න නුඹ ඇවිත් මා බලන්න
පහත ගීතය සම්පුර්ණ කරන්න. ආදරෙයි අහසක් කියන්න තනිකමෙන් මා මුදන්න සතුට පමණක් මවන්න
පහසු
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? අමාරු
පහත දී ඇත්තේ අසා ඇති ජන කවිය සම්පූර්ණ කරමින්ය. "දමා තැල්ල කරවට ගෝමර කැටියා තමා බෙල්ල ගඟ පහළට රුව කැටියා රුවන්වැල්ල ගඟ පිට අඟනක් සිටියා නුඹම පල්ල මේ මුළු සක්වල වටියා"
පහත ජන කවිය සම්පූර්ණ කරන්න. "දමා තැල්ල කරවට ගෝමර කැටියා"
සියල්ලෙහිම යහපත උදෙසා . ( For the benefit of all )
නාසා ( NASA ) ආයතනයේ " ආදර්ශ පාඨය " කුමක්ද ?
"අඹ යාළුවෝ" ග්‍රන්ථය ශ්‍රී ලාංකේය කීර්තිමත් ලේඛකයෙකු වන ටී.බී. ඉලංගරත්න විසින් රචිත සිංහල නවකතාවකි. මෙය සිංහල සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකෙන අතර ලාංකීය පාසල් ළමුන් අතර ඉතා ජනප්‍රිය ය. ළමා ජීවිතය සහ එම කාලය තුළ ළමුන් දෙදෙනකු අතර ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මින් නිරූපණය කරයි. මෙම කතාව ශ්‍රී ලංකාවේ ගමක් පසුබිම් කර ගනිමින් රටේ ගැමි ජීවිතය සහ සංස්කෘතියේ හරය ග්‍රහණය වන පරිදි ලියැවී ඇත.
"අඹ යාළුවෝ "පොත ලිව්වේ කවුරුන් ද?
ඉන්දියාව
ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට
ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි වෛජයන්ත ප්‍රාසාදය, ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරුව යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගාවයි. එය "මහා පරාක්‍රමබාහු රජ මාළිගය" හා විජයොත්පාය යන නම්වලින් ද හඳුන්වනු ලබයි. එය පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර පිහිටා ඇති අතර, එකළ මෙය සත් මහල් මාළිගාවක් ව තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත.
පොළොන්නරුවේ පිහිටි වෛජයන්ත ප්‍රාසාදය කුමක් සඳහා ඉඳිකරන ලද්දක් ද?
අයිෆල් කුළුණ යනු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යකඩ දැලිස් කුළුණකි. එය නම් කර ඇත්තේ ඉංජිනේරු ගුස්ටාව් අයිෆල්ගේ නමිනි.
අයිෆල් කුළුණ පිහිටා ඇත්තේ කොහේද?
ඇලෙක්සි ලියනෝව්( රුසියාව විසින් 1965දි අභ්‍යවකාශගත කළ වොස්කොඩ් 2 යානයෙන්)
අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම මිනිසා කවුරුන්ද?
ලොව විශාලතම මුහුදු 5 නම්: පිලිපීන මුහුද කොරල් මුහුද ඇමරිකානු මධ්‍යධරණි මුහුද අරාබි මුහුද සර්ගසෝ මුහුද
ලොව විශාලතම මුහුදු 5 මොනවද ?
ලියෝ තොල්ස්තෝයි
යුද්ධය හා සාමය නවකතාව ලියන ලද්දේ ?
බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්
විදුලිය සොයාගත්තේ කවුද?
ගැහැනිය
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? මිනිසා
සතියකට දින හතක් ඇත.
සතියකට දින කීයක් තිබේද?
පස් වස් දහසක් මේ කියන්නෙ අවුරුදු පන්දහසක් කියලා. මේක ඇතැම් වෙලාවට මන්ත්‍රවලත් ආරම්භයේම තියෙනවා. "සාධූ! සාධූ! සාධූ!... පස්වාන් දහසකට....බල පවතින්නා වූ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ....." පස්වාන් දහසකට සමාවන්න ගැත්තාට අනුකම්පා කරන සේක්වා! දේවයන් වහන්ස
පස්වා දහසක් යන්නෙහි තේරුම කුමක්ද?
හිරු අවරට යන සැන්දෑ යාමේ මතක පොතේ පිටු තුළට වැදී සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී නෙතගින් රූරා ගලා බසී මුදුඟිල්ලට රන් පැහැයක් එක්කර දෑඟිලි හුයකින් වෙලා තියා මා හද අරණේ පිපුන පැතුම් මල් වසන්තයට පෙර පරව ගියා බොඳ කර රෑ දුටු සුන්දර සිහිනය දුරු රටකට ඔබ වෙන්ව ගියා මංගල යහනේ ආදර තිලකය කඳුලින් පමණක් ඇඳී ගියා නන්දා මාලිනී, පුෂ්ප කරුණාරත්න විපුලසිරි කෝට්ටේගොඩ පුෂ්ප කරුණාරත්න
පහත ගීතය සම්පුර්ණ කරන්න. හිරු අවරට යන සැන්දෑ යාමේ මතක පොතේ පිටු තුළට වැදී සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී නෙතගින් රූරා ගලා බසී
මිනිත්තුවකට තත්පර 60 ක් ඇත.
මිනිත්තුවකට තත්පර කීයක් තිබේද?
අන්නාසි
පහත තේරවිල්ල විසඳන්න. ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්
සත්‍ය තොරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම.
පහත ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක්ද? ගහ දන්න අයට කොළ කඩා පාන්නා සේ
මිනිරන් බහුලව භාවිතයට පැමිණියේ 1564 දී එංගලන්තයේ Borrowdale හි විශාල මිනිරන් නිධියක් සොයා ගැනීමෙන් පසුව, ලී ආවරණ පැන්සල නිර්මාණය කිරීමට හේතු විය.
ලී ආවරණ පැන්සල නිර්මාණය කිරීමට තුඩු දුන් මිනිරන් මුලින්ම බහුලව භාවිතා කළේ කවදාද සහ කොහේද?
දරු ප්‍රසූතියකින් පසු විෂාදය වැළඳීමට හේතු කීපයක් මුල්විය හැකි ය. "ජීව විද්‍යාත්මක හේතු, ඒ කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ස්නායු රසායනික ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස, ඊට පස්සේ සමාජීය වෙනස්කම්, මානසිකව දැනෙන වෙනස්කම්, මනෝවිද්‍යාත්මක වෙනස්කම් - ඒ සියලු සාධකවල එකතුවකින් තමයි සමහර වෙලාවට [රෝගය වැළඳෙන්නේ]. සමහරුන්ට මේ අවදානම් ඔක්කොම තියෙනවා," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය කපිල රණසිංහ පවසයි. පසු ප්‍රසව විෂාදය වැළඳීමේ ජීවවිද්‍යාත්මක අවදානම අධික තැනැත්තියකට සමාජයීය හා ආර්ථික ගැටළු නිසාවෙන් එම ඉඩකඩ තවත් ඉහළ යා හැකිබව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය. "අපි හිතමු කරදරකාරී පරිසරයක ජීවත්වෙන්න වෙනවා කියලා, නැන්දම්මාගෙන් වඳ විඳගෙන. එතකොට විෂාදය සෑදීමේ අවදානම වැඩිවෙනවා," ඔහු පැවසීය. "සමහර වෙලාවට මේකට කාන්තාවගේ පෞරුෂය, හැකියාව, දක්ෂකම, කුසලතා, ජීවන කුසලතා, දරා ගැනීමේ හැකියාව ආදී සියල්ලම බලපානවා. විෂාදය කියන්නේ හරි සංකීර්ණ කතාවක්." ඉසුරි, උසස්යැ යි සම්මත රැකියාවක යෙදෙන, තමාගේ වාහනයක්, නිවෙසක් සහිත විවාහක කාන්තාවකි. ඇය ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනගනිමින් සිටියා ය. මේ අතරේ ඉසුරිට දරුවෙකු පිළිසිඳ ගැනුණි. ප්‍රසූතියෙන් පසු අධ්‍යාපන වැඩකටයුතු නිසාත්, ගෙදරදොර හා දරුවාගේ වැඩකටයුතු සඳහා සැමියාගේ සහායක් නොලැබීම නිසාත් ඉසුරි මහත් මානසික පීඩාවට පත්වූවා ය. "ඇත්තටම එයාට බබා හම්බවෙලා මාස එකහමාරකින් විතර ලොකු ඩිප්‍රෙෂන් තත්ත්වයක් එනවා, මොකද එයා තනියෙම ගෙදර ඔක්කොම කරන්න ඕන. හස්බන්ඩ් තවමත් වීකෙන්ඩ් එකට අනිවාර්යයෙන් කොල්ලොත් එක්ක සෙට්වෙන්න, මැච් ගහන්න එහෙම යනවා මොන වැඩ තිබ්බත්. මෙයා විතරක් ගේ ඇතුළෙ හිරවෙනවා වැඩකාරයා විදියට," ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයා ඔහුගේ අත්දැකීමක් විස්තර කළේ ය. "නැන්දම්මා රෑට පැය දෙකෙන් දෙකට මෙයාව ඇහැරවනවා කිරි දෙන්න කියලා... මෙයා මාස දෙකකට විතර පස්සේ යාළුවෙක් එක්ක එළියට ගිහින් ආවම, නැන්දම්මා ඉඳන් 'බබාගේ අම්මා නෑ, අම්මා යාළුවො එක්ක ගිහිල්ලා, බබාට වඩා යාළුවො ලොකු යි' වගේ කතා කියනවා." දරුවාගේ වැඩ කටයුතුවලට සැමියා කිසිදු සහයෝගයක් නොදැක්වීමත්, නැන්දම්මාගේ ඇනුම් බැණුමුත් අවසන්වී තිබුණේ ඉසුරි සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමෙනි.
පසු ප්‍රසව විෂාදය හැදෙන්නේ ඇයි?
දෙවගති සූත්‍රය. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවයි. කවර සතරකගේද යත්? ද්වෙගති සූත්‍රය
සුගතියට යන අය, නිය සිලට ගත් පස් පිඩක් කට සමාන කල සූත්‍රය මොකක්ද?
ගුවන්විදුලිය 1990 දශකය දක්වා දේශීය විකාශනය සඳහා මධ්‍යම තරංග මත රඳා පැවතුනි. 1980 ගණන්වල අග භාගය වන විට, රිලේ ස්ථාන කිහිපයක වරින් වර FM විකාශන හඳුන්වා දෙන ලදී. දිවයින පුරා බහු නාලිකා FM ස්ටීරියෝ විකාශන සම්ප්‍රේෂණ ජාලයක් සංවර්ධනය කිරීම සහ මිල අධික දේශීය මධ්‍ය තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඉවත් කිරීම සඳහා "Island FM සංවර්ධන ව්‍යාපෘතිය" 1995 දී දියත් කරන ලදී. 1999 වන විට, රට පුරා ඇති නාලිකා හයම ඇතුළුව, රටේ ජනගහනයෙන් 95% කට වැඩි පිරිසකට SLBC හි FM සම්ප්‍රේෂණ ලැබුණි.
රේඩියෝ සිලෝන් මධ්‍යම තරංගයේ සිට FM විකාශනය දක්වා සංක්‍රමණය වූයේ කෙසේද?
සංවිධානයකට සාමාන්‍යයෙන් ප්‍රධාන අංග කිහිපයක් ඇත, ඒවා අතර: 1. ඉලක්ක සහ අරමුණු: සංවිධානවලට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් මඟ පෙන්වන නිශ්චිත ඉලක්ක සහ අරමුණු ඇත. 2. ව්‍යුහය: ආයතනවලට විධිමත් හෝ අවිධිමත් ව්‍යුහයක් ඇත, එය කාර්යයන් පැවරෙන ආකාරය සහ සංවිධානය තුළ සන්නිවේදනය ගලා යන ආකාරය නිර්වචනය කරයි. 3. පුද්ගලයන්: පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන පුද්ගලයින්ගෙන් සංවිධාන සෑදී ඇත. 4. සම්පත්: සංවිධාන ක්‍රියාත්මක වීමට ප්‍රාග්ධනය, තාක්ෂණය සහ අමුද්‍රව්‍ය වැනි සම්පත් අවශ්‍ය වේ. 5. සංස්කෘතිය: සෑම සංවිධානයකටම එහි වටිනාකම්, සම්මතයන් සහ විශ්වාසයන් නිර්වචනය කරන අද්විතීය සංස්කෘතියක් ඇත. 6. ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි: තීරණ ගැනීම සහ හැසිරීම සඳහා මාර්ගෝපදේශ සපයන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සංවිධාන සතුව ඇත. 7. උපාය මාර්ගය: සංවිධාන තම අරමුණු සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ග සකස් කර ක්‍රියාත්මක කරයි. 8. නායකත්වය: සේවකයින්ට මග පෙන්වීම, අභිප්රේරණය සහ සහාය ලබා දෙන නායකයින් ආයතන සතුව ඇත. 9. කාර්ය සාධනය මැනීම: ආයතන ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ප්‍රමිතික සහ කාර්ය සාධන දර්ශක භාවිතා කරයි. මේවා ආයතනයක ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පමණක් වන අතර, එක් එක් ආයතනයට එහි අරමුණ, සංස්කෘතිය සහ මෙහෙයුම් පරිසරය පිළිබිඹු කරන සුවිශේෂී ලක්ෂණ තිබිය හැක.
සංවිධානයක ලක්ෂණ මොනවාද?
ඔව්. පූර්ව ක්‍රියා පමණි. නිපාත ලෙස නොගැනේ.
ගොස්, කොට, අවුත්, දමා, පියා මේවාට පූර්ව ක්‍රියාර්ථයේ නිපාත කියනවා ද?
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… නිල් කටරොළු නිල නැහැවුන මල් ගව මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හල දාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ… ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා…
පහත ගීතය සම්පුර්ණ කරන්න. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ
வண்டி (වණ්ඩි) වාහනය කියන දෙමළ වචනය ඍණීකරණය වීමක් නැතොත් වාග්විද්‍යාවට අනුව ණයට ගැනීමක් ලෙසින් ආ වචනයක් ලෙස 'වන්ඩිය' සැලකිය හැකි ය. එසේ ආ තව බොහෝ වචන ඇත. සෙරුප්පු, මට්ටු, හෙට්ටු, පොට්ටු, විලක්කු, සමයම්, පාරාට්ටු යනු එසේ දමිළ බසින් ණයට ගන්නා ලද වචනවලට නිදසුන් ය.
අපි කතා බහේ දී කියන්නෙ "මමත් ගන්නව දවසක සුපිරි වන්ඩියක්" කියන එකේ වාහනයක් කියන එක අරුත ගැන්වීමට භාවිතා කරන "වන්ඩිය" කියන වචනය සිංහල වචනයක් ද? එසේ නැත්නම් එය කොහින් ආපු වචනයක් ද?
කාල සටහන් කිරීම සඳහා අංක 12 දක්වා වූ සංඛ්‍යා භාවිතා කිරීම, ඊජිප්තුවරුන් හිරු කිරණ මත තම දවස කොටස් 12කට බෙදීම වැනි පුරාණ භාවිතයන් දක්වා දිව යයි. අංක 12 ආරෝපණය කර ඇත්තේ වසරක චන්ද්‍ර චක්‍ර ගණන හෝ එක් එක් අතේ ඇඟිලි සන්ධි ගණන වන අතර, එය මාපටැඟිල්ලෙන් 12 දක්වා ගණන් කිරීම පහසු කරයි.
ඔරලෝසු සහ ඔරලෝසු වල වේලාව දැක්වීමට 12 දක්වා සංඛ්‍යා සහ පහේ ගුණාකාර බහුලව භාවිතා වන්නේ ඇයි?
මුලින්ම පැන්සල් නිෂ්පාදනය කිරීමේ දී, මිනිරන් කූරු නූලකින් ඔතා ඇත. පසුව, මිනිරන් කූරු කුහර සහිත ලී කූරුවලට ඇතුල් කරන ලද අතර, ඒ අනුව, ලී ආවරණයකින් සමන්විත පැන්සල උපත ලැබීය.
පැන්සල් මුලින්ම හැදුවේ කොහොමද?