text
stringlengths 501
405k
| source
stringclasses 1
value |
---|---|
අදත් කියන්ට යන්නෙ ආදර කතාවක්ම තමයි...
රාමා සීතා කතාවට, රෝමියෝ ජුලියට් කතාවට වඩා අපූරු
අපේ රටේ සිද්ද වෙච්චි
ඇත්තම ඇත්ත කතාවක්...
අපේ සිංහල කාන්තාවන්ගෙ දහිරිය ගැන කතාවක්..
අහල තියෙනවද වීදිය බණ්ඩාර කුමාරය ගැන...?
කාටවත් දෙවෙනි නොවුන හටන් සූරයෙක්..
පරංගින්ට උණ ගන්නපු කුමාරයෙක්..
පරංගි වීදිය බන්ඩාර කුමාරයට කිව්වෙ "කෝට්ටෙ ව්යාග්රයා" කියල...
පරංගින්ට ඒ තරම් දරුණු විදිහට බැට දුන්නා මේ කුමාරයා ..
කුමාරය උන්නෙ කෝට්ටෙ රාජධානියෙ..
ඒ කාලෙ කෝට්ටෙ රාජධානිය සීතාවක රාජධානියයි අතරත් හටන් තිබ්බ...
සීතාවක උන්නෙ මායාදුන්නෙ රජතුමා..
එක වතාවක් වීදිය බණ්ඩාර කුමාරයා සීතාවක හමුදාව එක්ක හටනකට ඇවිදින් හිතපු නැති වෙලාවක ටිකිරි කුමාරයට පැරදුනා...
යටත් වෙන්ට සිද්ද උනා...
ඉතිං වීදිය බණ්ඩාර කුමාරයට සීතාවක හිර කාරයෙක් වෙන්ටත් සිද්ද උනා...
වීදිය බණ්ඩාර කුමාරයව හිර කලේ ගලින්ම බැදපු හිර කුටියක..
කාටවත් කුමාරයව මුණ ගැහෙන්ට අවසර තිබුනෙ නෑ..
මායාදුන්නෙ රජතුමාට උන්නා දූ කුමරියක්...
කුමාරිගෙ නම සූර්ය දේවිය..
සූරිය දේවියට ආරංචි උනා මේ හටන් සූරයා තමන්ගෙ රාජධානියේ හිර කාරයෙක් වෙලා කියල..
කුමාරි පිය රජතුමා ලගට ගිහින් අවසරයක් ඉල්ලුවා..
"පිය රජතුමනි, ඒ කුමාරයත් අපි වගේම පරංගින්ට විරුද්දව හටන් කරපු කුමාරයෙක්නෙ... මට වීදිය බන්ඩාර කුමාරයත් එක්ක ටිකක් කතා කරන්ට අවසර දෙන්ට.." කියල...
කුමාරි බොහෝම පෙරැත්ත කරාට පස්සෙ පිය රජතුමාගෙ අවසරේ ලැබෙනව...
කුමාරි යනව වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටිය ලගට.. කුමාරයත් එක්ක කතා කරන්ට ..
කුමාරයගෙ වීර කමට සුර්ය දේවි කුමරියගෙ හිත බැදෙනව..
දෙන්න අතරෙ ආලවන්ත කමක් ඇති වෙනව...
දවසක් දා රෑ....
වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටියට ආපු සූර්ය දේවි කුමාරයට පැනල යන්ට ඉඩ හදල දෙනවා...
කුමාරයා හිරෙන් පැනල ආපහු කෝට්ටෙ රාජධානියට ගියා...
ඊට පස්සෙ චර පුරුෂයො යවල හොරෙන්ම සූර්ය දේවිව කෝට්ටෙ රාජධානියට ගෙන්නගෙන සරණ පාවා ගත්තා..
ඊට කාලෙකට පස්සෙ
පරංගිත් එක්ක ඇති වෙච්චි හටනකදි..
වීදිය බණ්ඩාර කුමාරය පරංගින්ට අහු වෙනව....
පරංගි කුමාරයව කොලඹ කොටුවට ගෙනියනව.. කොලඹ පරංගි කොටුව ඇතුලෙ හිර කුටියක වීදිය බණ්ඩාර කුමාරයා හිර කාරයෙක් වෙනවා..
තමන්ට මෙච්චර කාලයක් දරුණු තර්ජනයක් වෙච්චි "කෝට්ටේ ව්යාග්රයා"ට තමන් අතින්ම දඩුවමක් දෙන්ට පරංගි රජුට ඕන උනා...
ඒ නිසා කුමාරයාව පෘතුගාලෙ ගෝවේ නුවරට ගෙනියන්ට තීන්දු උනා...
වීදිය බණ්ඩාර කුමාරයගෙ බිසව... ඒ කියන්නෙ අපේ සූර්ය දේවි කුමාරි..
හරි සූර මොලේ ඇති කුමාරිකාවක්...
චර පුරුෂයො පරංගි කොටුව ඇතුලට යවල මේ හැම කාරණාවක්ම හොයා ගන්නව...
ඊට පස්සෙ පරංගි බලකොටුව ඇතුලෙ සිතියමකුත් හදා ගන්නව....
වීදිය බණ්ඩාර කුමාරයව ගෝවෙට යවන්ට සූදානම් කරන්ට කලියෙන් සූර්ය දේවි තමන්ගෙ සැලසුම ක්රියාත්මක කරන්ට පටන් ගන්නව....
පල්ලර කුලේ උමං කණින්න දක්ෂ මිනිස්සු ටිකකුත් හොයාගෙන
පරංගි බලකොටුවෙ හිර කුටිය වෙනකල් දෝනාවක් කපනවා...
මේ දෝනාව හාරගෙන ගොහින් වීදිය බණ්ඩාර කුමාරයව බේර ගෙන රයිගමට පැනලා යනවා...
වීදිය බණ්ඩාර කුමාරයට ඉන් පස්සෙත් පරංගිත් එක්ක හටන් කරන්ට ඇහැකි වෙන්නෙ ඒ හින්ද...onna | hplt_2 |
හිම
හිම යනු වළාකුළු වලින් පතනය වන්නා වූ ස්ඵ්ටික රූපී ජලයෙහි කැටිති විශේෂයකි.තවද හිම මිදුනු ජල අංශු වලින් සම්පිණ්ඩය වූ ඝණයක් ලෙසද අර්ථ දැක්විය හැක. එය සුදු පැහැති විවෘත, 28D0 ෝම වැනි අකෘතියක් දරයි. හිම පියලි විවිද හැඩ හා ප්රමාණ වලින් යුතු වෙයි.එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි.හිම පියලි විවිද හැඩ හ ප්රමාණ වලින් යුතු වෙයි.බොහෝ විට හිම පතනය වන ආකාරය අනුව එය විලයනය වීම(දිය වීම ) හෝ ස්ඵටික වීම(ඝන වීම ) සිදු වේ.එනිසා කුඩා හිම පියලි(පතුරු ) හැඩය වෙනුවට ඒවා කුඩා ගෝලකාර හිම කැටිති බවට පත් වේ.මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක. මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක.
මෙම හිම සෑදිමේ සිට පොළවට පතිත වීම දක්වා ක්රියාවලිය හිම පතනය නම් වේ. ඉහල අහසෙ අඩු පීඩන තත්ව වලදී සුළඟ උඩු අතට හමා යාමට වැඩි ඉඩ කඩක් ඇති ප්රදේශ වල හිම පතනය සිදුවේ.මෙලෙස හිම පතනය සිදු වීම බහිර් නිවර්තන වාසුළි ලෙස හැදින්වේ.බහිර් නිවර්තන වාසුළි නිසා කොමාවක හැඩැති වළාකුළු ඇතිවේ.මෙම වලාකුළෙහි බටහිර අර්ධයට වන්නට මිදුණු හිම කැටිති ඒකරාශි වී ඇත.ධ්රැවාසන්න ප්රදේශ වල ඇති මෙවැනි වලාකුළක සුළඟ ගැටීමෙන් හිම පතනය ඇති වේ.බහිර් නිවර්තන වාසුළි වලින් හට ගන්නා මෙම කොමා හැඩති වළාකුළු වල පසුපසට වන්නට පොලව දෙසට හමා යන ශීත වාසුළි හට ගනී.ඉන් පසු පහල ගොඩ බිම උණුසුම් ජල වාශ්ප හා ගැටීමෙන් 'වැව් හිම' ඇතිවේ.මෙම ජල වශ්ප බොහෝ දුරට කොමා වළාකුළ ඇති ප්රදේශයේ ගොඩබිමෙහි පවතින උණුසුම් මතු පිටක් සහිත වැව් ආශ්රිතව ඇතිවේ. වැව් හිම ප්රදේශිය වශයෙන් පමණක් ඇතිවේ. | hplt_2 |
යුරේනස්
යුරේනස් යනු සූර්යයාගේ සිට හත් වැන්නට පිහිටා ඇති ග්රහලොව වන අතර එය සෞරග්රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය හා ස්කන්ධයෙන් හතරවන ස්ථානය ලබාගනී. එය නම් කරන ලද්දේ අහසට අධිපති දෙවියාගේ නමිනි. එනම් යුරේනස්ය. ඔහු ක්රෝනෝස් (සෙනසුරු) ගේ පියා වන අතර සියුස් (බ්රහස්පති) ගේ සීයා ද වේ. නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්රථම වරට සෞරග්රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂයක් යොදාගනිමින් සිදු කළ ප්රථම සොයාගැනීම ද විය.
යුරේනස් හා නෙප්චූන් යන ග්රහයින් දෙදෙනා අභ්යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්යාවකාශ විද්යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝලය බ්රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්රමාණ වලින්ද සාමාන්ය හයිඩ්රොකාබන ශේෂයන් ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත.
අනෙකුත් යෝධ ග්රහලෝක මෙන්ම යුරේනස් හට ද වළලු පද්ධතියක් චුම්බක ගෝලයක් (magnetosphere) හා චන්ද්රයින් විශාල සංඛ්යාවක්ද ඇත. යුරේනස්ගේ පද්ධතිය පමණක් සතු ගුණාංගයක් පවතී. ඒ එහි භ්රමණ අක්ෂය ආසන්නව යුරේනස් හි සුර්යා වටා භ්රමණ තලයෙහි වන පරිදි පැත්තකට ඇලවී තිබිමයි.පබාහොමයක් ග්රහලොක වල සමකයන් ඇති පැත්තෙහි යුරේනස්ගේ ධ්රැව පිහිටයි. පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමේ දී වළලු පද්ධතිය තුළ ඇති යුරේනස් දුනුවායන්ගේ ඉලක්කයක් ලෙස පෙනෙන අතර එය වටා ගමන් කරනා චන්ද්රයන් ඔරලෝසුවක කටු මෙන් වෙයි. නමුත් 2007 හා 2008 දී වළලුවල මායිම පෙනෙන ලදී. 1986 දී වොයෝජර් 2 යානයෙන් දුන් ඡායාරූප මගින් පෙන්වා දුන් පරිදි යුරේනස් සැබවින්ම දෘශ්ය ආලෝකයේදී එවැනි ලක්ෂණ නොමැති වෙනත් යෝධ ග්රහයින් මෙන් ස්ථරයන්හා කුණාටු වලින් තොර එකක් විය.කෙසේ නමුත් යුරේනස් පසුගිය වසර කිහිපය තුළ එහි සමකතා ලක්ෂයට ළඟා වීමත් සමඟ සෘතු වෙන්වීම කාළගුණ හැසිරීම්වල වෙනසක්ද පෘථීවි නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. යුරේනස් මත වන සුලංවලට තත්පරයට මීටර් 250ක පමණ වේගයක් ළඟා කර ගත හැක.
සොයා ගැනීම[සංස්කරණය]
ග්රහයකු ලෙස සොයා ගැනීමය ප්රථම අවස්ථා ගණනාවක දීම යුරේනස් නිරීක්ෂණය කර තිබුණද එය තාරකාවක් බවට වැරදි ලෙස හඳුනා ගැනුනි. මුල්ම නිරික්ෂණය 1690 දී ජෝන් ෆ්ලැමිස්ටීඩ් විසින් සි 3FC0 ු කරන ලදි. ඔහු විසින් යුරේනස්, ටෝරි 34 කාණ්ඩයට වර්ග කරන ලද අතර 6 වරක් පමණ එය නිරෟක්ෂණය කිරිමට ඔහුට හැකි වී තිබේ. පිට පිට රාත්රී හතරක දී යුරේනස්, දොළොස් වරක් නිරීක්ෂණය කිරිමට 1750 සිට 1769 දක්වා කාලයේ දී ප්රංශ තාරකා විද්යාඥ පියරේ ලෙමෙනියර් හට හැකි වි තිබේ. 1781 මාර්තු 13 වන දින ශ්රීමත් විලියම් හර්ෂල් විසින් තම නිවසේ උද්යානයේ සිට යුරේනස් ග්රහයා නිරික්ෂණය කරන ලදි. (අද එම නිවස හර්ෂල් තාරකා විද්යා කෞතුකාගාරය බවට පත්ව ඇත) කෙසේ වෙතත් ඔහු 1781 අප්රේල් මාසයේ දී එය වල්ගා තරැවක් ලෙස වාර්තා කළ අතර තමන් විසින්ම නිරම්ාණය කරන ලද දුරදක්නයක් භාවිතයෙන් ඔහු විසින් තව දුරටත් එය නිරීක්ෂණය කරන ලදි.
ඔහු විසින් රාජකිය සංගමයට ඉදිරිපත් කල වාර්තාවේ මෙසේ සදහන් විය.
හර්ෂල් විසින් නෙවිල් මැස්කිලයින් නමැති රාජකීය තාරකා විද්යාඥයාට තම සොයාගැනීම දැන් වූ අතර ඔහු විසින් මෙසේ ප්රතිචාර දක්වනලදි.
තම නව වස්තුව වල්ගා තරැවක් ලෙස හර්ෂල් විසින් තවදුරටත් විස්තර කරන අතරතුරේ දී වෙනත් තාරකා විද්යාඥයින් මේ පිළිබද සැක පහල කරන ලදි.
රුසියානු තාරකා විද්යාඥ ඇන්ඩර්සන් ජෝන් ලෙක්සල් විසින් පෘථිවිය සහ සුර්යයා අතර දුර මෙන් 18 ගුණයක් දුරක් සූර්යයා සහ යුරේනස් අතර ඇති බව ඇස්තමේන්තු කලේය. පෘථිවි - සූර්ය දුරෙන් හතර ගුණයක්වත් ඈතින් පිහිටි වල්ගා තරුවක් මෙතෙක් නිරික්ෂණය කර නොතිබුණි. බර්ලින් තාරකා විද්යාඥ ජොහෑග් එලට් බෝඩ් විසින් නිගමනය කරන ලද්දේ එහි වෘත්තාකාර කක්ෂය නිසා එය වල්ගා තරැවකට වඩා ග්රහලෝකයක් වන්නට ඉඩ තිබෙන බවය. මෙම වස්තුව වැඩිකල් යන්නට පෙර ග්රහ ලෝකයක් ලෙස ලොව පුරා අය පිලිගත්හ. 1873 දි හර්ෂල් විසින් ද එය ග්රහ ලෝකයක් බව පිලිගත්තේ ය. මෙම සොයාගැනීම පිළිබද සතුටු වුනු තුන්වන ජොර්ජ් රජු විසින් හර්ෂල්ට පවුම් 2000 ක වාර්ෂක ත්යාගයක් දුර දක්නයෙන් නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි තම පදිංචියද මාරු කිරිමට හර්ෂල්ට සිදු විය.
කක්ෂය හා භ්රමණය[සංස්කරණය]
යුරේනස් සෑම පෘථිවි අවුරුදු 84 කටම වරක් සූර්යයා වටා පරිපූර්ණ වටයක් සම්පූර්ණ කරයි. එහි සිට සූර්යයාට ඇති මධ්යන්යය දුර කිලෝමීටර් බිලියන 3 ක් පමණ වේ. (AV20 පමණ) යුරේනස් මත සූර්යාලෝකනය තීව්රතාවය පෘතුවිය මතදී සුර්යයාලෝකයේ තීව්රතාවයෙන් 1/400 ක් පමණ වේ. එහි කක්ෂයේ මූලිකාංග මුලින්ම ගණනය කරන ලද්දේ 1783 දී පියරේ සිමෝන් ලාප්ලේස් විසිනි. කාලයත් සමගම ගණනය කරන ලද නිරීක්ෂණය කරන ලද කක්ෂ ගමන් මාර්ගය අතර වෙනස් කම් මතුවීමට පටන් ගත් අතර 1841 දී ජෝන් කවුච් ඇඩම්ස් මෙම වෙනස වෙනත් නොපෙනෙන ග්රහලොවක් නිසා සිදුවීමට ඉඩ ඇති බවට ප්රථම වරට ප්රකාශ කළේය. 1845 දී ජෝන් යුර්බේන් ලි වැරියර් යුරේනස්ගේ කක්ෂය පිළිබඳව ඔහුගේම නිදහස් ගවේෂණ කටයුතු පටන් ගත්තේය. 1846 සැප්තැම්බර් 23 ජොහාන් ගොට්ෆ්රයිඩ් ගෝල්, ලීවැරියර් අනාවැකි පල කළ ස්ථානයේදීම අළුත් ග්රහලොවක් සොයා ගත් අතර එය පසුව නෙප්චූන් නමින් නම් කරන ලදී.
අක්ෂයේ ඇලවීම[සංස්කරණය]
යුරේනස්ගේ අක්ෂයේ ඇලවීම අංශක 980 ක් පමණ නිසා යුරේනස්ගේ භ්රමණ අක්ෂය සෞරග්රහ මණ්ඩලයේ තලයට බොහෝ දුරට සමාන්තරව පවතී. මෙම නිසා එහි සෘතු විපර්යාස අනෙකුත් ග්රහ ලෝකවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අනෙක් ග්රහලෝක සෞරග්රහ මණ්ඩලයේ තලයට සාපේක්ෂව ඇලවෙන බෝල ලෙස දර්ශනය කළ හැකි අතර යුරේනස් වඩාත් සමාන වන්නේ පෙරළෙන බෝලයකටය. යුරේනස්ගේ සූර්ය නිවෘත්ති කාලය තුළදී එක් ධ්රැවයක් දිගටම හිරුට මුහුණලා තිබෙන අතර අනෙක් ධ්රැවය දිගටම හිරුට පසුපස හරවා පවතී. සමකය ආසන්නයේ පවතින තුනී තීරුවක් පමණක් වේගවත් දිවා රාත්රී චක්රයකට භාජනය වේ.
යුරේනස්ගේ කක්ෂයේ අනෙක් පසදී යුරේනස්ගේ ධ්රැවවල සූර්යයා කෙරෙහි දිශානතිය ප්රතිවිරුද්ධ වේ. සෑම ධ්රැවයක්ම එක දිගට අවුරුදු 42 ක සූර්යයාලෝකයක් ලබාගන්නා අතර එමෙන්ම එක දිගට අවුරුදු 42 ක් අදුරේද පවතී. වික්රාන්ති කාලය ආසන්නයේදී හිරු යුරේනස්ගේ සමකයට මුහුණපාන අතර එයට අනෙක් ග්රහලෝකවලට බොහෝ සමාන දිවා රාත්රී චක්රයක් ලබාදේ. යුරේනස් 2007 දෙසැම්බර් 7 එහි මෑතකදී සිදු වූ විශ්රවයට ළඟා විය.
මෙම අක්ෂීය දිශානතියේ ප්රතිඵලයක් වශයෙන් යුරේනස් තම පරිභ්රමණ කාලය තුළදී මධ්යගත වශයෙන් එහි ධ්රැවාසන්න ප්රදේශවලට, සමකාසන්න ප්රදේශවලට වඩා විශාල සූර්ය ශක්තියක් ලබා ගනී. කෙසේ වුවද යුරේනස්ගේ සමකය එහි ධ්රැවවලට වඩා උෂ්ණාධික වේ. මෙයට හේතුව තවමත් අනාවරණය කොට ගෙන නැත. යුරේනස්ගේ අසාමාන්ය අක්ෂ ඇලවීමට ද නිවැරදි හේතුවක් නොදන්නා නමුත් සෞරග්රහ මණ්ඩලය නිර්මාණයේදී පෘතුවියේ ප්රමාණය ගත් ප්රාක් ග්රහලොවක් යුරේනස් සමග ඝට්ටනය නිසා මෙය සිදු වන්නට ඇතැයි අනුමාන කෙරේ. 1986 වොයර් 2 හි පියාසැරියේදී යුරේනස්ගේ දක්ෂිණ ධ්රැවය සූර්යයාට බොහෝ සෙයින් කෙළින් එල්ල වී තිබුණි. මෙම ධ්රැවය දක 3FB6 ෂිණ ධ්රැවය ලෙස නාමකරණය කරන ලද්දේ අන්තර් ජාතික තාරකා විද්යා සංගමයේ (International Astronomical Union) අනුමත කරන ලද අර්ථ දැක්වීමකට අනුවය. එහි දැක්වෙන පරිදි චන්ද්රිකාවක හෝ ග්රහලොවක උත්තරධ්රැවය වන්නේ ස්රර්යග්රහ මණ්ඩලයේ අචල තලයෙන් ඉහළට එසැවී තිබෙන ධ්රැවය වන අතර එයට ග්රහ ලෝකයේ භ්රමණ දිශාව බලනොපායි. කෙසේ වුවද සමහර අවස්ථාවලදී ධ්රැවතාවකරණය සඳහා වෙනස් සම්මුතියක් යොදා ගන්නා අතර ඒ පරිභ්රමණ දිශාවට අනුකූලව “දකුණත් නීතියෙන්” එම සම්මුතියට අනුව 1986 දී හිරුට මුහුණලා සිටියේ උත්තරධ්රැවයය. තාරකා විද්යාඥ පැට්රික් මුරේ මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ඔබට කැමති එකක් හිතා ගන්න” යනුවෙනි.
දර්ශනය[සංස්කරණය]
1995- 2006 දක්වා යුරේනස්ගේ විද්යාමාන විශාලත්වය +5.6 සිට +5.9 දක්වා උච්ඡාවචනය වූ අතර පියවි ඇසට +6.5 ක සීමාවක දර්ශනයක් ලබාදුණි. එහි කෝණික විෂ්කම්භය විකලා 3.4 – 3.7 අතර වන අතර මෙය විකලා 16 සිට 20 දක්වා සෙනසුරුගේ කෝණික විශ්කම්භය සමග සැසඳිය යුතුය. පැහැදිලි අහසේදී යුරේනස් පියවි ඇසට අදුරේදී දර්ශනය වන අතර දුරදක්නයකින් අපැහැදිලි තත්ව යටතේ වුවද පැහැදිලිව දර්ශනය කර ගත හැක. බාහිර විෂ්කම්භය 15 – 23cm වූ දුරදක්න මගින් කොටසක් අඳුරු පැහැයෙනුත් කොටසක් ලා නිල් පැහැයෙනුත් සහිත තැටියක් ලෙස යුරේනස් පෙනෙන අතර විශ්කම්භය 25cm හෝ ඊට වැඩි විශාල දුරදක්න මගින් වළාකුළු රටා හා ටයිටේනියා ඔබිරන් වැනි විශාල චන්ද්රිකා පවා දර්ශනය කර ගත හැකිය.
මූලාශ්ර[සංස්කරණය]
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
OEDනමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
BBCOUPනමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ Seligman, Courtney. "Rotation Period and Day Length". සම්ප්රවේශය August 13, 2009.
- ↑ 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 4.9 Williams, Dr. David R. (January 31, 2005). "Uranus Fact Sheet". NASA. සම්ප්රවේශය August 10, 2007.
- ↑ "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". April 3, 2009. April 20, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්රවේශය April 10, 2009. (produced with Solex 10 written by Aldo Vitagliano; see also Invariable plane)
- ↑ Yeomans, Donald K. (July 13, 2006). "HORIZONS System". NASA JPL. සම්ප්රවේශය August 8, 2007. – At the site, go to the "web interface" then select "Ephemeris Type: ELEMENTS", "Target Body: Uranus Barycenter" and "Center: Sun".
- ↑ 7.0 7.1 7.2 7.3 7.4 7.5 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Seidelmann2007නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ Munsell, Kirk (May 14, 2007). "NASA: Solar System Exploration: Planets: Uranus: Facts & Figures". NASA. සම්ප්රවේශය August 13, 2007.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Jacobson1992නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
ephemerisනමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Podolak1995නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ 12.0 12.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Lunine1993නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ Feuchtgruber, H. (1999). "Detection of HD in the atmospheres of Uranus and Neptune: a new deter
3FC0
mination of the D/H ratio". Astronomy and Astrophysics. 341: L17–L21. Bibcode:1999A&A...341L..17F.
{{cite journal}}: Unknown parameter
|coauthors=ignored (
|author=suggested) (help)
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Lindal1987නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
Conrath1987නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි | hplt_2 |
ප්රහාරක ගුවන්යානා
ප්රහාරක ගුවන් යානාවක් (සටන් ගුවන් යානාවක්[තහවුරු කර නොමැත]) යනු භූමි ඉලක්ක සඳහා පහර දීමට සැලසුම් කර ඇති බෝම්බ දමන ගුවන් යානාවකට ප්රතිවිරුද්ධ එනම් මූලිකවම අනෙක් ගුවන් යානාවලට පහර දීම සඳහා සැලසුම් කර ඇති යුධමය ගුවන් යානයකි. සටන් ගුවන් යානා අනෙකුත් ගුවන්යානා හා සාපේක්ෂව ප්රමාණයෙන් කුඩාය. එමෙන්ම වේගවයෙන් පියාසර කිරීමට හා හැසිරවීමට පහසු වේ. යුධ හමුදාව මඟින් ගුවන් ශ්රේෂ්ඨත්වය ලබා ගන්නා මූලික ආකාරය සටන් ගුවන් යානා නම්වේ. අඩුම තරමේ දෙවන ලෝක යුද්ධයේ සිට බොහෝමයක් නූතන යුධ ගැටුම්වලදී ගුවන් ශ්රේෂ්ඨත්වය ජයග්රහණයේ වැදගත් සාධකයක් බවට පත්ව ඇත. සාමාන්යයෙන් පිළිගත් හමුදා අතර (ගරිල්ලා සටන්වලට ප්රතිවිරුද්ධ) අතර පවතින සටන් හා ඔවුන්ගේ අත්පත් කර ගැනීම් හා නඩත්තු කිරීම්වලදී නූතන සටන් ගුවන් යානා බලකායන් නඩත්තු කරන හමුදා යුධමය අතින් වඩා වැඩි වාසි අත්පත් කර ගනී.
ප්රහාරක ගුවන් යානා හඳුන්වාදීම[සංස්කරණය]
ප්රහාරක යන වචනය පළමු ලෝක යුද්ධය අවසන් වන තුරු ඒක ආසන ප්රහාරකයකට නිල බ්රිතාන්ය පදය බවට පත් නොවීය. 1920 දශකයේ මුල් භාගයේ RFC/RAF හි දී එවැනි ගුවන් යානා ඔත්තුකරුවන් ලෙස හැඳින්වේ. ප්රංශයේ, ජර්මනියේ, ඉතාලියේ හා පෘතුගාලයේ දඩයක්කරුවා යන අර්ථය ඇති පදයක් භාවිතා වූ අතර රුසියාවේ භාවිතා වූ පදයේ අර්ථය සමූල ඝාතකයා යන්නයි. 1940 දශකය අගභාගය වනතුරු එක්සත් ජනපද හමුදාව ප්රහාරකයන් නම් කරේ ලුහුබැඳ යන ගුවන් යානා ලෙසය.
ගුවන් යානාවල අකාර්යක්ෂම භාවිතයට හා පළමු ලෝක යුද්ධයේ දී භූමි ප්රහාරක අංශවල යළි පිරික්සුම සඳහා පදවා ගෙන යා හැකි ගුවන් යානාවල භාවිතයට ප්රතිචාරයක් ලෙස ප්රහාරකයන් වර්ධනය කළේය.
ගුවන් යුධ කටයුතුවල වැදගත්කම ක්රමයෙන් වැඩි වූ අතර ඊට සමගාමීවම ගුවන් අවකාශයේ පාලනයේ වැදගත්කම ද වැඩි විය. දෙවන ලෝක යුද්ධය වන විට ප්රහාරකයන් බර මැෂින් තුවක්කු ගඟනමය කාලතුවක්කු කෝෂ සහිත ලෝහමය ඒක යානා අතර ප්රමුඛස්ථානය ලැබීය. යුද්ධය අවසානය වන විට ටර්බෝ ජෙට්, පිස්ටන් එන්ජින් ප්රතිස්ථාපනය කරමින් ක්ෂේප ප්රචාලනය සිදු කළ අතර තුවක්කු මිසයිල මඟින් ප්රතිස්ථාපනය විය. ඓතිහාසික අරමුණු සඳහා ජෙට් ප්රහාරකයන් පරම්පරාව මඟින් වර්ගීකරණය කෙරේ. පාරම්පරික පාරභාෂික පද භාවිතය F-35 Lightning 2 පස්වන පරම්පරාවේ ගුවන් යානයක් ලෙස නම් කිරීමත් සමඟ රුසියානු ආරක්ෂක භාෂා ව්යවහාරය මඟින් ආරම්භ විය.
නූතන ජෙට් ප්රහාරකයන් තල බමන එන්ජින් 1 හෝ 2ක් මඟින් ප්රමුඛ වශයෙන් බල ගැන්විණි. ප්රාථමිකව මිසයිල මඟින් සන්නාහ සන්නද්ධ වූ අතර (සැහැල්ලු දිවා ප්රහාරකයන් එකක හෝ දෙකක වැනි කුඩා සංඛ්යාවක සිට Su-37 Flanker හෝ F-15 Eagle වැනි ප්රමුඛ ප්රහාරකයන් 8 සිට 10 පමණ වැඩි සංඛ්යාවක් දක්වයි.) යුධෝපකරණ ලෙස කාල තුවක්කු සමඟ (30mm හා 20mm අතර) ඉලක්ක අත්පත් කර ගැනීමේ ප්රාථමික ක්රමයක් ලෙස රේඩාර් උපකරණ ද මේවායේ සවි කෙරුණි.
පළමු පරම්පරාවෙහි ජෙට් ප්රහාරක යානා (මධ්ය 1940 දශකය - මධ්ය 1950 දශකය)[සංස්කරණය]
ප්රහාරක ගුවන් යානාවන්හි පළමු පරම්පරාව, ප්රචාලනය සඳහා ටර්බොජෙට් යොදා ගැනීමේ මුල්ම ප්රයත්නයකි. මෙම ගුවන් යානාවන්හි වේගය අධික ලෙස වර්ධනය කිරීමක් සිදු කර ඇත. (ඉතා ඉහළ වේගයන්හි දී පිස්ටන යොමු කාරක ප්රචාලකයන්හි කාර්යක්ෂමතාව බිඳ වැටිණි) මුල් යුගයේ මෙම ජෙට් යානා පිස්ටන යොමු කාරක හා බොහෝ සෙයින් සමාන ලක්ෂණ පෙන්නුම් කෙරිණි. බොහොමයක් ඍජු තටු සහිත ගුවන් යානා වු අතර මුලික ලෙස ස්වයංක්රිය ගිනි අවි දරණ ලදි. විශේෂිත රාත්රි ප්රහාරක යානාවලට හැරුනු විට රේඩාර් තාක්ෂණය අනෙකුත් සාමාන්ය යානා සඳහා භාවිත නොවීය.
මුල්ම ජෙට්යානා දෙවන ලෝක යුධ සමයේ නිපද වු අතර යුධමය කටයුතු සඳහා යොදා ගැනිණි. පළමු ක්රියාන්විත ජෙට් ප්රහාරක යානය වන Me 262, Messerchmitt විසින් නිපදවන ලදී. මෙම යානා පිස්ටන යොමු කාරක යානා වලට සාපේක්ෂව වේගවත් වු අතර දක්ෂ ගුවන් නියමුවෙකු හමුවේ ඔහු පරාජය කිරීම අනෙකුත් සන්ධානගත ගුවන් නියමුවන්ට අසීරු කාර්යයක් විය. සන්ධානගත ගුවන් මෙහෙයුම් නවතාලීම සඳහා අවශ්ය තරම් ප්රමාණයෙන් මෙම නිමැයුම කිසිදාක ප්රචාරණය නොවීය. ඉන්ධන හිඟතාවය නිසා එන්ජිම කිසිදාක ප්රචාලනය නොවීය. ඉන්ධන හිඟතාවය හා එන්ජිම ආශ්රිත තාක්ෂණික අපහසුතා ප්රහාරක සංඛ්යාව අවම කිරීම සඳහා බලපෑම් කරන ලදි. එසේ වුව ද මෙම යානා පිස්ටන යොමුකාරක ගුවන් යානා භාවිතයේ යල් පැන ගිය ස්වභාවය පිළිබිඹු කරයි. ජර්මානු ජෙට් වාර්තාවන් හි අනුබලය මත බ්රිතාන්යයේ Gloster meteor නිෂ්පාදනය ඇරඹුනු අතර ඒ සමඟම එනම් 1944 වකවානුව තුල මෙම යානා දෙවර්ගයම ක්රියාන්විත සඳහා යොදා ගැනිණි. සමකාලින නිමැයුමක් වු පිස්ටන එන්ජින් දරණ යානා වලට සාපේක්ෂව meteor වේගවත් වු බැවින් v-1buzz bomb නවතාලීම සඳහා meteor උපයෝගි කර ගැනිණි. ලෝක යුධ සංග්රාමය අවසන් වන කාලය වන විට පිස්ටන දරණ ප්රහාරක සියල්ලක්ම පාහේ භාවිතයෙන් තුරන් වී තිබින. පසුව මිශ්ර ප්රචාලන සහිත නිමැයුම් එනම්, Ryan FR Fireball ආදිය භාවිතයට පැමිණි අතර, 1940 වකවානුව අවසානයේ දී සියලුම ප්රහාරක ගුවන් යානා ජෙට් බලගන්වන ලද යානා විය.
ජෙට් ප්රහාරක යානාවන්හි වාසිදායක ගුණාංගයන් පැවතිය ද, විශේෂයෙන්ම මෙම පරම්පරාවෙහි ආරම්භක වසර කීපය තුල එම යානාවන්හි අංග සම්පුර්ණ ස්වභාවයෙන් බොහෝ සෙයින් ඈත් වී පැවතිනි. මෙම යානා වල ක්රියාකාරිත්වය, ආයු කාලය මුලික ලෙස 'පැය' වලින් මිනුම් කල හැක. මේවායේ එන්ජිම විශාලත්වයෙන් හා භංගූරතාවයෙන් අධික වීම හේතුවෙන් ශක්තිය සකස් කිරීම සිදුවනුයේ සෙමිනි. 1950 මුල් අවධියේ සිට මැද භාගය වන තෙක් එක්සත් ජනපද හා සෝවියට් ගුවන් හමුදා සන්නද්ධ ඒකකයන් පිස්ටන ප්රහාරක සහිත විය. (භාවිතයේ පැවති නිමැයුම් සාර්ථක නිර්මාණ වු අතර F-4 U corsair එක් නිදසුනකි). තවද මෙම වකවානුව තුලදී swept wings, ejector seats සහ චලනය වන tailplanes හඳුන්වා දෙන ලදි.
පශ්චාත් යුධ කටයුතු සඳහා ජෙට් ප්රහාරක භාවිතා කළ අයවලුන් අතර ඇමරිකානුවන් මුල්ම පුද්ගලයන් විය. P – 80 යානය (F- 80 ලෙස වහා ප්රතිනිර්මාණය විය) Swept wing Messerschimitt යානය හා සසඳන කල දැකුම් කළු භාවයෙන් මඳ වු නමුදු බොහොමයක් පිස්ටන එන්ජින් දරණ ප්රහාරක යානාවන්හි වේගය සහිත විය. බ්රිතාන්යයන් de havilland Vampire ඇතුළු නවතම ජෙට් යානා බොහොමයක් නිමැයුම් අතර විවිධ රාජ්යය තන්ත්රයන් රාශියක ගුවන් හමුදා සඳහා අලෙවි කර ඇත. බ්රිතාන්යයන් Rolls Royce ජෙට් එන්ජින් තාක්ෂණය සෝවියට් ජාතිකයන් හට ලබා දුන් අතර ඔවුන් වහාම එම තාක්ෂණය MiG-15 ප්රහාරක සඳහා යොදා ගන්නා ලදි. මෙම යොදා ගැනීම කොරියානු ගුවනේ දි ඇමරිකානු F-80 ගුවන් නියමුවන් පුදුමයට පත් කරලිමට සමත් විය. එහිදි ඇමරිකානු ජෙට් යානා සාම්ප්රදායික 50cal (12.7 mm) වු ස්වයංක්රීය ගිනි අවි හයක් දැරූ අතර MIG යානා 23 mm වු කාලතුවක්කු 2 ක් හා 37 mm ක්වු එක් කාලතුවක්කුවක් සහිත විය. MIG යානාවක් මඟින් ප්රහාර කීපයකින් ඇමැරිකානු ප්රහාරයක් ගුවනින් ඉවත් කිරීමට හැකි විය.
මීට ප්රතිචාරය වුයේ F-86 සන්නද්ධ ඒකක MiG යානාවන්ට එරෙහිව යොදා ගැනීමයි. F-86 යානය F-80 යානයට සමාන යුධ ආම්පන්න සහිත වුවද F-80 යානය MiG 15 සේම සැබෑ Swept wing ප්රහාරකයක් විය. මෙම ගුවන් යානා ශක්ති සම්පන්න භාවයෙන් අසමාන වුව ද අත්දැකිම් බහුල ශක්ති සම්පන්න එක්සත් ජනපද ගුවන් හමුදා නියමුවන්ට තම කාර්යය අවශ්ය ආකාරයට සිදු කර ගැනිමට තරම් සමාන ලක්ෂණ සහිත විය.
බලසම්පන්න ප්රහාරයන් එල්ල කිරීමේ අවශ්යතාවය උදෙසා ලොව නාවික හමුදාවන් ද ජෙට් ප්රහාරක යානා යොදා ගැනීම මෙම කාලය තුළ දී දක්නට ලැබිණි. කොරියානු යුධ අවධිය තුලදී එක්සත් ජනපද නාවික හමුදාව තම මුලික ජෙට් ප්රහාරකය ලෙස F9F Panther යානය යොදා ගන්නා ලදි. රාජකීය නාවික හමුදා සුලභ ලෙස යොදා ගන්නා ලද්දේ vampire යානයයි.
ප්රහාරක ගුවන් යානා දෙවන පරම්පරාව (මධ්ය 1950 දශකය – මුල් 1960 දශකය)[සංස්කරණය]
දෙවන පරම්පරාව ජෙට් ප්රහාරක ගුවන් යානාවල ප්රහාරයක හැකියා අතිශයින් දියුණු කරන ලද නව තාක්ෂණික ක්රම විශාල ප්රමාණයක එකතුවක් පැහැදිලි කරයි. AIM – 9 Side Winder හා AIM – 7 Sparrow වැනි මඟ පෙන්වන ලද මිසයිල සටන දෘශ්ය පරාසයෙන් ඉවතට ද රැගෙන ගියේය. එම මිසයිලවලට ඉලක්ක ලබා ගැනීම සඳහා සම්මත රේඩාර් අවශ්ය විය. සැලසුම්කරුවන් ඩෙල්ටා තටු, විවිධ ජ්යාමිතික තටු ප්රදේශයක් පුරා පැතිරී ඇති අහස් යානා රාමු වැනි විවිධ ගඟනගාමී නව නිපැයුම් පරීක්ෂා කර බලන ලදී. ස්වෙප්ට් තටුවල හඳුන්වාදීමත් සමඟ ශබ්ද බාධකය ඉක්මවා යා හැකි ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ විය.
මෙම යුගයේ සිදු වූ මූලික නවීකරණ වන්නේ ප්රහාරක - බෝම්බ දමන ගුවන් යානා (F-105 හා Sukhoi Su-7) හා ඉන්ටර්සෙප්ටර් ගුවන් යානා (English Electric Lightning හා F – 104 StarFighter) වේ. ඉන්ටර්සෙප්ටර් යානා, දෘශ්ය පරාසයෙන් එහා සිදු වන ගැටුම් හා ආයුධ සම්පූර්ණයෙන්ම මඟ පෙන්වන මිසයිල මඟින් ප්රතිස්ථාපනය කරයි යන දර්ශනය මත ගොඩ නැංවූ යා 88 ා වේ. එහි ප්රතිඵලයක් ලෙස ඉන්ටර්සෙප්ටර් යානා විශාල 3FB8 මිසයිල ප්රමාණයකින්, අධි බලැති රේඩාර් පද්ධතියකින් හා වේගය හා ඉහල නැඟීමේ සීඝ්රතාවය නිසා වැඩි සචලතාවයකින් සැලසුම් කර ඇත.
සැලකිය යුතු ගුවන් යානා
ප්රංශය
o Dassault Étendard IV o Dassault Super Mystère
ඉන්දියාව
o HAL HF-24 Marut
චීන සමූහාණ්ඩුව
Shenyang J-6 'Farmer'
ස්වීඩනය
o Saab 32 Lansen Saab 35 Draken
සෝවියට් එකමුතුව
o Mikoyan-Gurevich MiG-19 'Farmer' o Mikoyan-Gurevich MiG-21 'Fishbed' o Sukhoi Su-7 'Fitter-A' o Sukhoi Su-9/11 'Fishpot'
එක්සත් රාජධානිය o English Electric Lightning o de Havilland Venom o De Havilland Sea Vixen o Gloster Javelin o Hawker Hunter o Supermarine Scimitar Supermarine Swift
එක්සත් ජනපදය o Chance-Vought F-8 Crusader o Grumman F-9 Cougar o Grumman F-11 Tiger o North American F-100 Super Sabre o McDonnell F-101 Voodoo o Convair F-102 Delta Dagger o Lockheed F-104 Starfighter o Republic F-105 Thunderchief o Convair F-106 Delta Dart
ප්රහාරක ගුවන් යානා තෙවන පරම්පරාව (මුල් 1960 දශකය - 1970 දශකය)[සංස්කරණය]
ප්රහාරක ගුවන්යානා පළමු පරම්පරාව තුළදී හඳුන්වා දුන් නවතම ක්රමවේදයන් කාලයත් සමඟ දියුණු වීම හේතුවෙන් එහි තෙවන පරම්පරාව ඇරඹිනි. ගුවන් යානා තැනීම හා පැදවීම පිළිබඳ විද්යාවෙහි දියුණුවත් සමඟම නවිකරණය වූ මිසයිල, රේඩාර් හා අනෙකුත් ගුවන් යානා හා සම්බන්ධ ඉලෙක්ට්රොනික උපාංග හා එහි තාක්ෂණයන් මඟින් ප්රහාරක හැකියාවන් තවදුරටත් වර්ධනය විය. මිසයිල මඟින් පාලනය වූ ප්රහාරක අත්දැකිම් වල ප්රතිඵලයක් ලෙස, ඉතා ආසන්න ගුවන් ගත ප්රහාරකයන්හි පහත වැටීමක් සඳහා නිර්මාණකරුවන් ඉඩප්රස්ථාව සලසා දුණි. තම ස්වයංක්රිය ගිනි අවි, කාලතුවක්කු තාක්ෂණය ලබා ගැනීම සඳහා විද්යුත් එන්ජින් භාවිතා කල ප්රාථමික දම්වැල් ගිනි අවි, තනි මල්ටි බැරල් (20mm Vulcan) අවි සඳහා ඉඩ ලබා දුන් අතර මෙමඟින් ප්රහාරය දැඩි හා නිරවද්ය ලෙස එල්ල කල හැකි විය. Delta- winged ප්රහාරක යානා සඳහා කිසිදු අයුරකින් උපකාර නොවුව ද මනාව සැළසුම් කරන ලද මෙහෙයුම් සඳහා නවතම අවධාරණයන් ඉදිරිපත් කෙරිණි.
මෙම නව හදුන්වාදීම් නිසා ප්රහාරක යානාවන්හි ශක්යතාවයන් වර්ධනය විය. එසේම ඒවායෙහි මිලද වර්ධනයක් විය. (දෙවන ලෝක යුද සමයේ භාවිතා වූ 0.24 Liberoter ප්රහාරකයට වඩා F-4 ශක්තිමත් විය) සන්නද්ධ හමුදාවන් රාත්රී ප්රහාරක, බරැති ප්රහාරක (Heavy fighter) සහ වේගවත් ප්රහාරක (strike fignter) ආදී නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා විශේෂිත වූ ප්රහාරක යානා දැරීය. මෙය ප්රහාරක යානා සඳහා වැය වන්නා වූ මූල්යමය ප්රාග්ධනයට එරෙහි වූ අතර එමඟින් මෙහෙයුම් වඩා සාර්ථක හා ස්ථාවර ක්රියාදාමයන් බවට පත් කරවිය. Medonnell F-4 phonton II එක්සත් ජනපද නාවික හමුදාවෙහි අවශ්යතාවයන් උදෙසා නිර්මාණය වූව ද බහු කාර්යය ගුවන් යානයක් ලෙස ගුවන් හමුදාව, නාවික හා හමුදා සේනාංක සහ අනෙකුත් ජාතීන් ද ඉතා සාර්ථක අන්දමින් මෙම යානය භාවිතයට ගන්නා ලදී. නාවික හමුදාව, ගුවන් හමුදාව හා සමුද්ර සේනාංක මඟින් එකවර ගුවන්ගත කරන්නා වූ එකම ප්රහාරක යානය ද මෙය වේ.
ප්රහාරක ගුවන් යානා හතරවෙනි පරම්පරාව (1970 දශකය - මධ්ය 1990 දශකය)[සංස්කරණය]
ප්රහාරක ගුවන් යාන වල මිල ඉහල යාමත්, F -4 Phortom II හි සාර්ථකත්වයක් නිසා කාර්යයන් කිපියක් කල හැකි ගුවන් යානා වලට ජනප්රියතාව ඇති විය. F-4 වැනි එක්තරා විශේෂ වර්ගේ කර්තවයයන්ට නිපදවු යානාත් වවිධ කාර්යයන් කල හැකි ලෙස නිපදවයි. Mig 23, Penre tore වැනි යනා වල විවිධ මාදියන්ට ඒවාට විශේෂ වු කාර්යයන් කල හැකිය. F/A -18 Hornet හා Possault Mirageහන යානා කාර්යයක් කිහිපයක කල හැකි යානා විය. ගුවන් යානා තාක්ෂණයේ දියුණුවක් සමග මෙම යානා ගොඩබිම හා ගුවන් ආකාරයට (Mote) පහසුවෙන් මාරැ කල හැකි විය. මෙහි තාක්ෂණය දියුවු කිරිමේ මිල වැඩි වුවත් රටවල් තව තවත් මෙම යානා වැඩි දියුණු කිරිමට විය.
පුරාණ යානා රටක් නොව අහසේ වන සමන් වලට ජවසම්පන්න ලෙස කිරිමට හැකිලෙස නව යාත්රා නිපදවා ඇත Mig 31 හා Porovia Tornedo ADV වේ සදහා වු ඉතා ප්රබල ගුවන් යානා වේ. Fly by wire හා Relosced stability තාක්ෂණයක් නව යාත්රා වල බහුලව භාවිතාවේ. අනෙක් විශේධ වෙනස නම් ගුවන් යානා කොටස් ප්රමිතිකරණය (Standiec) හා නඩත්තුව පහසුවිම පෙන්විය හැක. අතත ජෙම් යානා වලට එක ගුවන් පැයකට පහලදි මිනිස් පැය 50 ක් පමණ අවශ්ය විය. නව යානා මෙය අඩුකර ඉතා වේගයෙන් ආපසු ගොස් ප්රහාර එල්ලකල හැකි ලෙස නිපදවිය. සමහර නව යානාවලට එක් ගුවන් පැයකට මිනිස් වැඩ පැය 10 ක් පමණක් සමහරක් යානා වලට ඊටත් අඩුවෙන් ද අවශ්ය වේ.
ප්රහාරක ගුවන් යානා 4.5 පරම්පරාව (1990 දශකය - 2005)[සංස්කරණය]
මෙම අර්ධ පරම්පරාව ප්ර බන්ධ කොට ඇත්තේ තෙවන හා හතරවන පරම්පරාවල් වල දියුණුව හා සැසඳීමේ දී වායු ගතිකමය තාක්ෂණයන්හි සාපේක්ෂ ඇණ හිටීමකට ලක් වූ අන්තර් කාල පරාසය විස්තර කිරීමටයි. එහෙත් ගුවන් ඉලෙක්ට්රෝනික විද්යාලවේ හා වෙනත් අදාල තාක්ෂණයන්හි විශිෂ්ට සොයා ගැනීම් මෙකල සිදු විය. එයට ප්ර ධාන හේතුව 80 හා 90 දශකවල ක්ෂුද්රන චිපයන්ගේ හා අර්ධ සන්නායක තාක්ෂණයේ දියුණුවයි. මෙම සංයෝජනය සම්පාදකයන්ට නවීකරණය කළ හතරවන පරම්පරාවේ සැලසුම් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුනි. එහි දී පවතින ගුවන් රාමු මත හෝ අතීත ගුවන් රාමුවල යළි සකස් කිරීම මත පාදකව එහෙත් ගුවන් ඉලෙක්ට්රොවනික තාක්ෂණයේ හා රේඩාර් තාක්ෂණයේ දියුණුව සහිතව එමෙන්ම සිව්වන පරම්පරාවේ රහස් සැලසුම් මඟින් උගත් පාඩම් ද යොදා ගෙන පස් වන පරම්පරාවේ ප්ර්හාරකයන් සඳහා පසුව නුවණින් සලකා බැලිය හැකි පරිදි නිර්මාණය කෙරේ. ප්රරධාන උදාහරණයක් නම් F/A-18E/F Super Hornet, හා 70 දශකය මත පාදකව සැලසුම් කළ F/A-18 Hornet බාහිර ස්වරූපය පෙර පරිදිම පවතිද්දී super hornet හි ලක්ෂණවල ගුවන් යානා ඉලෙක්ට්රො නික තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් සිදු වූ අතර වීදුරු නියමු කුටියක් (ප්රටබවයට 90%ක් සමාන වේ.) ඝන තත්වයේ AESA ස්ථාවර රේඩාර් ඇන්ටනාව, නව එංජින් බර අඩු කිරීම සඳහා සංඝටක මූලද්රාව්යදයන්හි ව්යුවහමය භාවිතය, රේඩාර් සලකුණ අවම කිරීමට මද වශයෙන් නවීකරණය කළ හැඩය ඒ අතර වේ. තවත් එකක් නම් F-15E Strike Eagle, සීතල යුධ සමයේ භූමි ප්රයහාරකයක් වූ සවි ගැන්වු ගුවන් රාමුවක්, වැඩි දියුණු කළ එංජින්, නියමු වීදුරු කුටි හා නූතන භෞම අනුගාමී යාත්රාක හා ඉලක්ක පද්ධති අඩංගු වූ F-15 Eagle ද ගත හැක. 4.5 පරම්පරාවේ Super Hornet, Strike Eagle, Rafale පමණක් යුධ කටයුතු සඳහා යොදා ගනු දක්නට ලැබේ. හඳුනන ගුවන් යානාවන් • ප්රංයශය o Dassault Rafale • ඉන්දියාව o HAL Tejas • ජපානය/ එක්සත් ජනපදය o Mitsubishi F-2 • මහජන චීන සමූහාණ්ඩුව o Chengdu J-10 o Shenyang J-11B 'Flanker' • මහජන චීන සමූහාණ්ඩුව / පකිස්ථානය o JF-17 Thunder • රුසියාව o Mikoyan MiG-33/35 'Fulcrum' o Sukhoi Su-30/35/37 'Flanker' o Sukhoi Su-32/34 'Fullback' • රුසියාව/ ඉන්දියාව o Su-30MKI 'Flanker' • රුසියාව/ මහජන චීන සමූහාණ්ඩුව o Su-30MKK 'Flanker' • ස්වීඩනය o Saab JAS 39 Gripen • එක්සත් රාජධානිය/ ජර්මනිය/ඉතාලිය/ ස්පාඤ්ඤය o Eurofighter Typhoon • එක්සත් ජනපදය o Boeing F-15E Strike Eagle සහ සියළු පසුකාලීන ව්යුපත්පන්නයන් o General Dynamics / Lockheed Martin F-16C/D Block 50/52 සහ සියළු පසුකාලීන ව්යුyත්පන්නයන් o Boeing F/A-18E/F Super Hornet
ප්රහාරක ගුවන් යානා පස්වෙනි පරම්පරාව[සංස්කරණය]
X – 35 JSF වර්ගයට අයත් පස් වැනි පරම්පරාවේ ජෙට් ප්ර0හාරක යානයක මූලාදර්ශයක්.
නූතන ප්රහාරක ගුවන් යානා නිර්මාණයේ දී සිරිත් පරිදි බහු විධ හැකියාවන්ගෙන් යුත් සැලසුම් නිර්මාණයට අමතරව වෙනත් භාවිතයන්ගෙන්ද සමන්විතව ඇත. ඒවා නම් තෙරපුම දෛශික ලෙස හැසිරවීම, කෙටි දුර ප්රමාණයක් තුළ ගුවන්ගත වීමේ සහ ගොඩ බෑමේ හැකියාව, සංයුක්ත ද්රව්ය භාවිතය, සුපිරි පියාසැරිය, රහස්යභාවය, වඩාත් දියුණු රේඩාර් තාක්ෂණය සහ සංවේදක මෙන්ම ගුවන් නියමුවාගේ කාර්යභාරය අවම කිරීම සඳහා නිර්මාණය කෙරුණු ගුවන් පාලන උපාංග ආදියද භාවිතයයි. 4.5 වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානා තුළ අන්තර්ගත වූ වීදුරුවලින් යුත් නියමු කුටි සහ නියමුවා පළඳින හෙල්මටයට සම්බන්ධ කෙරුණු වීඩියෝ තිර යනාදිය තවදුරටත් වැඩි දියුණු කොට වඩාත් දියුණු ගුවන් යානා සැලසුම් තුළට අන්තර්ගත කොට ඇත. මෙම නව සැලසුම්වලට හතරවැනි පරම්පරාවට අයත් ගුවන් යානාවල රහස්යභාවය සඳහා වූ උපක්රම, VTOL සහ F-117 , B-2 සහ AV-8 හැරියර් වැනි සංයුක්ත ගුවන් යානා යනාදියෙන් උගත් නව කරුණු ද අන්තර්ගත කෙරේ.
ඉහත සඳහන් නවීන ප්රහාරක යානා අතුරින් 2004 වසරේ නිෂ්පාදනය ආරම්භ කරන ලද ඇමරිකානු F – 22 රැප්ටර් ගුවන් යානය පමණක් මේ වනවිට ක්රියාකාරී තත්ත්වයේ පවතින අතර එය නව ගුවන් යානා පරම්පරාවක පළමු වැනි ගුවන් යානය ලෙස සැලකේ. මෙම නව පරම්පරාව පස්වැනි පරම්පරාව ලෙස හැඳින්වේ. දැනට මූලික නිෂ්පාදන අවධියේ පවතින F – 35 ලයිට්නින් II (ඒකාබද්ධ ප්රහාරක ගුවන් යානය ලෙස මෙය මුලින් හඳුන්වන ලදී) සහ F-22 රැප්ටර් වැනි ගුවන් යානා සැලසුම් කිරීමේ දී අන්තර්ගත කෙරුණු ලක්ෂණ භාවිතයෙන් හතරවැනි පරම්පරාවට අයත් ගුවන් යානා සැලසුම් ද තවදුරටත් වැඩි දියුණු කිරීම සිදුවේ. එමෙන්ම එම සැලසුම් රුසියානු PAK FA යානයේ සැලසුමට සහ අනෙකුත් රටවල දිගු කාලීන ප්රහාරක යානා නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් (මේවා සඳහා උදාහරණ ලෙස චීනය මඟින් ක්රියාත්මක කෙරෙතැයි සැලකෙන ෂෙන් යැන්ග් J – XX ව්යාපෘතිය, ඉන්දියානු මධ්ය ප්රහාරක ගුවන් යානා ව්යාපෘතිය සහ දකුණු කොරියානු KFX ව්යාපෘතිය යන ඒවා පෙන්වාදිය හැකිය.) වෙත ද බලපෑම් එල්ල කිරීමට සමත් වී ඇත. පස්වැනි පරම්පරාවට අයත් ගුවන් යානා තාක්ෂණයේ ආදර්ශනයන් ලෙස ඉදිරිපත්ව පසුව අත්හැර දැමුනු පස්වැනි පරම්පරාවේ ගුවන් යානා සැලසුම් අතරට එක්සත් ජනපදය මඟින් ඉදිරිපත් කෙරුණු YF-23 බ්ලැක් විඩෝ II (උසස් ප්රහාරාත්මක ගුවන් යානා සැලසුමක් ලෙස ඉදිරිපත් වූ මෙය පසුව F-22 ලෙස හැඳින්වෙන සැලසුම හේතුවෙන් අත්හැර දමන ලදී.) බෝයින් X-32 ඒකාබද්ධ ප්රහාරක ගුවන් යානා සැලසුමක් ලෙස ඉදිරිපත් වූ අතර YF-35 සැලසුම තෝරාගැනීම හේතුවෙන් මෙය අත්හැර දමන ලදී. තවද මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 ත්, සෝවියට් සංගමය මඟින් ඉදිරිපත් කෙරුණු 1.42 ව්යාපෘතියත් (පසුව මෙය රුසියාව විසින් 1.44 ව්යාපෘතිය බවට වැඩි දියුණු කරන ලදී.) හදුන්වා දෙන ලදී.
දැනට භාවිතයේ පවතින ගුවන් යානා[සංස්කරණය]
• එක්සත් ජනපදය o ලොක්හිඩ් මාටින්/ බෝයිං F-22 රැප්ටර් යානය (මෙහි පළමු පියාසැරිය 1997 දී සිදු විය)
දැනට පර්යේෂණ අවධියේ පවතින • ඉන්දියාව o මධ්යි ප්රහාරක ගුවන් යානය - මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි විශ්වාස කෙරේ.
• ඉරානය o පස්වැනි පරම්පරාවට අයත් අසරාක්ෂ් යානය (IRIAF ආයතනයට අනුව මෙය රහස් ප්රැහාරක ගුවන් යානයකි.
• චීන සමූහාණ්ඩුව o J-XX ගු 88 වන් යානය
• රුසියාව o සුකෝයි PAK FA (T-50) මෙහි පළමු පියාසැ 3FB8 ිය 2009 වසර තුළ සිදුවේ යැයි අපෙක්ෂා කෙරේ.
• රුසියාව / ඉන්දියාව o සුකෝයි PAK FA ඇසුරෙන් සැලසුම් කෙරෙන පස් වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානා ව්යානපෘතියකි. මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ.
• දකුණු කොරියාව o KFX ගුවන් යානය
• එක්සත් ජනපදය o ලොක්හීඩ් මාටින් F-35 ලයිට්නින් II ගුවන් යානය. මෙහි පළමු පියාසැරිය 2006 වසරේ දී සිදු විය.
තාක්ෂණ ආදර්ශන ගුවන් යානා
• ජපානය o මිට්සුබිෂි ATD – X (මෙහි මුල් පියාසැරිය 2014 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ)
• රුසියාව o සුකෝයි Su - 47 බර්කට් ෆර්කිං (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදුවිය) o මිකෝවාන් 1.44 ව්යා4පෘතිය ෆ්ලැට් පැක් (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
• එක්සත් ජනපදය o ලොක්හීඩ් මාටින් YF -22 ලයිට්නින් II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය) o නෝර්ත් රොප් YF -23 බ්ලැක්විඩෝ II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය.) o බෝයිං බර්ඩ් ඔෆ් ප්රේ (මෙහි පළමු පියාසැරිය 1996 වසරේ දී සිදු විය) o මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදු විය) o ලොග්හීඩ් මාටින් X-35 (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය) o බෝයිං X -32 JSF (මෙහි X-32A මාදිලියේ පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
දැනට භාවිතයේ පවතින ගුවන් යානා[සංස්කරණය]
එක්සත් ජනපදය
දැනට පර්යේෂණ අවධියේ පවතින[සංස්කරණය]
ඉන්දියාව
- මධ්ය ප්රහාරක ගුවන් යානය - මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි විශ්වාස කෙරේ.
ඉරානය
- පස්වැනි පරම්පරාවට අයත් අසරාක්ෂ් යානය (IRIAF ආයතනයට අනුව මෙය රහස් ප්රහාරක ගුවන් යානයකි.
චීන සමූහාණ්ඩුව
- J-XX ගුවන් යානය
රුසියාව
- සුකෝයි PAK FA (T-50) මෙහි පළමු පියාසැරිය 2009 වසර තුළ සිදුවේ යැයි අපෙක්ෂා කෙරේ.
රුසියාව / ඉන්දියාව
- සුකෝයි PAK FA ඇසුරෙන් සැලසුම් කෙරෙන පස් වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානා ව්යාපෘතියකි. මෙහි පළමු පියාසැරිය 2012 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ.
දකුණු කොරියාව
- KFX ගුවන් යානය
එක්සත් ජනපදය
තාක්ෂණ ආදර්ශන ගුවන් යානා[සංස්කරණය]
ජපානය
- මිට්සුබිෂි ATD – X (මෙහි මුල් පියාසැරිය 2014 වසරේ සිදුවේ යැයි අපේක්ෂා කෙරේ)
රුසියාව
- සුකෝයි Su - 47 බර්කට් ෆර්කිං (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදුවිය)
- මිකෝවාන් 1.44 ව්යාපෘතිය ෆ්ලැට් පැක් (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
එක්සත් ජනපදය
- ලොක්හීඩ් මාටින් YF -22 ලයිට්නින් II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය)
- නෝර්ත් රොප් YF -23 බ්ලැක්විඩෝ II යානය (මෙහි පළමු පියාසැරිය 1990 වසරේ දී සිදුවිය.)
- බෝයිං බර්ඩ් ඔෆ් ප්රේ (මෙහි පළමු පියාසැරිය 1996 වසරේ දී සිදු විය)
- මැක්ඩොනල්ඩ් ඩග්ලස් X-36 (මෙහි පළමු පියාසැරිය 1997 වසරේ දී සිදු විය)
- ලොග්හීඩ් මාටින් X-35 (මෙහි පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය)
- බෝයිං X -32 JSF (මෙහි X-32A මාදිලියේ පළමු පියාසැරිය 2000 වසරේ දී සිදු විය) | hplt_2 |
කොහොමද මෙහෙම මිනිසුන් යන්නේ කියලා. අර අහිංසක මිනිසුන් දෙදෙනෙකු වැටුනේ මෙන්න මේක ඇතුලට කොහොම හරි රින්ගාන්න ගිහින් නොවෙයිද ? මෙවුවා
@POTUS @USAmbSLM @USEmbSL @AfghanistanInLK @MAshrafHaidari රාජ්ය තාන්ත්රික ක්රියා නොවෙයි මිනිස් කාලකන්නි ජාවාරම්. මෙවර @JoeBiden චන්ද වියාපාරයට
-
New conversation
-
කොහොමද මෙහෙම මිනිසුන් යන්නේ කියලා. අර අහිංසක මිනිසුන් දෙදෙනෙකු වැටුනේ මෙන්න මේක ඇතුලට කොහොම හරි රින්ගාන්න ගිහින් නොවෙයිද ? මෙවුවාShow this thread
-
ඩොලර් බිලියන 7 කට වියදම් කරනකොට අපි එදාම කිවා
@MaithripalaS කොරා වගේ බොහෝ දේ සිද්ධ වේවි කියලා. යකෝ දැන් ඇමරිකාවත් #srilanka දෙස බලාද දේශපාලනය කරන්නේ #TalibanTakeover #Talibans #TalibanShow this thread
End of conversation
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
ජපානයේ ශී්ර ලංකා තානාපති කාර්යාලය මුලින්ම ආරම්භ කෙරුණේ 1953 වසරේදීය.
1982 වසරේ සිට ශී්ර ලංකාවේ දැවැන්තම ආධාරකරුවා වන ජපානය 2007 වසර දක්වා අඛණ්ඩව එය පවත්වාගෙන ගියේය. ශී්ර ලංකාවට ලැබෙන ජපාන ආධාර ක්ෂේත්ර දෙකක් ඔස්සේ මෙරටට ලැබුණි. ඉන් පළමුවැන්න ජයිකා හෙවත් ජපාන ආයෝජන සහයෝගීතා ඒජන්සිය වන අතර අනෙක ජේබීඅයිසි හෙවත් ජාත්යන්තර සහයෝගීතාව සඳහා වූ ජපන් බැංකුවයි.
මුල් කාලීනව ජපානයෙන් කාර්මික සහයෝගය හා මුල්යාධාර ශී්ර ලංකාවට පිරිනැමුණ අතර මේ වන විට සහන ණය ලෙස ජපාන ආධාර ශී්ර ලංකාවට ලබා දෙයි.
ජපාන ආධාර යටතේ ශී්ර ලංකාවේ කි්රයාත්මක කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්යාපෘති අතර ඉහළ කොත්මලේ විදුලිබලාගාර ව්යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්යාපෘතිය, මහවැලි සංවර්ධන ව්යාපෘතියේ කොටසක් ද සමනළ වැව හා කුකුලේගඟ ව්යාපෘති හා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය හා ටෙලිකොම් ව්යාපෘති හා දුම්රිය මාර්ග පාලම් හා මහාමාර්ග සංවර්ධන ව්යාපෘති ද හඳුන්වා දිය හැක.
ශී්ර ලංකාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත ආයෝජනයන් අතර පේරාදෙණිය රෝහල, ජයවර්ධනපුර රෝහල, වෛද්ය පරීක්ෂණ මධ්යස්ථානය පෙන්වා දිය හැකි අතර ශී්ර ලංකා රුපවාහිනී සංස්ථාව ජපාන රජයේ පරිත්යාගයකි.
2004 වසරේ ශී්ර ලංකාව සුනාමි ව්යසනයට ලක් වූ අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන් වෙනුවෙන් ක්ෂණිකව මැදිහත් වූ ජපානය විපතට පත්වූන්ගේ අවශ්යතා සඳහා අත්යාවශ්ය ද්රව්ය හා බෙහෙත් ද්රව්ය ශී්ර ලංකාවට එවීමට කටයුතු කළ අතර හදිසි සුනාමි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්ය පරිත්යාගයක් ද ඩොලර් මිලියන 80ක ව්යාපෘති වෙනුවෙන් ආධාර ද ලබාදෙන ලදී. මෙය ශී්ර ලංකාවට වාර්ෂිකව ලබාදෙන යෙන් බිලියන 01ක ආධාරයට අමතරව වූ අතර සුනාමි ප්රතිසංස්කරණ වැඩසටහන් වෙනුවෙන් පමණක් යෙන් බිලියන 08කට ආසන්න මුදලක් ජපානය වැය කර තිබිණි.
ශී්ර ලංකාවට සුනාමි ව්යසනයෙන් සිදු වූ හානි පිළිසකර කර ගැනීම සඳහා ලබාදෙන ලද ඇමරිකානු ලොඩර් මිලියන 500ක සමස්ත ආධාර ප්රදානයෙන් ඩොලර් මිලියන 250ක් ම ජපන් ආධාර විය.
ශී්ර ලංකාවේ සාම කි්රයාදාමයේදී වඩා කාර්යක්ෂම සේවාවක් ඉටු කළ ජපානය සාම සාකච්ඡා සඳහා සිය භූමියේ අවස්ථාව සලසා දීමට අමතරව ලෝක ආධාර සමුළුව ද ජපානය තුළ පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලදී. ජපානය ශී්ර ලංකාවේ සාම වෑයමේදී යුරෝපා සංගමය, නෝර්වේ, ඇමරිකා එක්සත් ජනපදය හා එක් ව සම සභාපතිවරුන් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ජපානය සාම වෑයමේදී එහි නිත්ය නියෝජිතයා ලෙස යසුෂි අකාෂි මහතා පත් කළේය.
ගැටුම් නිමාවත් සමඟ එම ප්රදේශවල ප්රතිසංස්කරණ කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ ජපානය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී කැපී පෙනෙන දායකත්වයක් දැක්වීය. ගැටුම් පැවති ප්රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කි්රයාවලිය වෙනුවෙන් ජපානය රුපියල් බිලියන 03ක මුදලක් වැය කළේය.
ශී්ර ලංකාවට එරෙහි ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවේදී ශී්ර ලංකාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටි ජපානය ශී්ර ලංකා ජනතාවගේ කැමැත්තෙන් තේරී පත් වූ රජය ජනතා අපේක්ෂා ඉටු කිරීමේ වගකීම දරන බව පෙන්වා දුන්නේය.
1997 වසරේදී ශී්ර ලංකාව බිම්ස්ටෙක් සමුළුවේ සාමාජිකත්වය ලබා ගත් අතර එය ජපානය සමඟ නිදහස් වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම කෙරෙහි යොමු වී සිටී.
ශී්ර ලංකාවේ පැවති බුද්ධ ජයන්ති උත්සවය සඳහා 1956 වසරේදී ජපානයේ මිකාසා කුමරු සහභාගි වූ අතර 1957 වසරේදී ජපාන අගමැති කිෂි ශන්සුකි ශී්ර ලංකාවේ සංචාරයක නිතර වූවාය. 1981 වසරේදී ජපානයේ කිරුළ හිමි කුමරු සහ කුමරිය ශී්ර ලංකාවේ සංචාරය කළේය. නැවතත් ජපාන අගමැතිවරයෙකු වූ ටොෂිකි කයිෆූ මහතා 1990 වසරේදී ශී්ර ලංකාවේ සංචාරය කළේය. ජපානයේ කිරුළ හිමි කුමරු සහ කුමරිය 1992 වසරේදී ශී්ර ලංකාවේ සංචාරය කළේය. ජපානයේ උප අගමැති කත්සුයා ඔකාජා 2012 වසරේදී ශී්ර ලංකාවේ සංචාරයක නිතර විය.
1954 වසරේදී ශී්ර ලංකාවේ එවකට අගමැති වූ සර් ජොන් කොතාලාවල මහතාත්, 1967 වසරේදී ඩඩ්ලි සේනානායක මහතාත් ජපානයේ සංචාරය කළ අතර 1976 වසරේදී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජපානයේ සංචාරයක නිරත වූවාය. 1979 වසරේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ නිල සංචාරයක නිරත වූ අතර 1980 වසරේදී ආර්. පේ්රමදාස අගමැතිවරයා ද 1996 වසරේදී ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මැතිණිය ද ජපානයේ සංචාරය කර ඇත.
ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමාගේ මෙවර ශී්ර ලංකා සංචාරය දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයකට අනුව ශී්ර ලංකාවේ සංචාරය කරන ෂින්සෝ අබේ මැතිතුමා ඉහළ පෙළේ ජපාන ආයෝජන හා වෘත්තියවේදීන් ප්රමුඛ දූත පිරිස සමඟ හෙට (07) හා අනිද්දා (08) යන දෙදින තුළ ශී්ර ලංකාවේ සංචාරය කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ මාර්තු 13 වන දින ජපානයේ නිල සංචාරයක නියැළුන අතර එය දෙරට අතර රාජ්ය තාන්ති්රක සබඳතා ආරම්භ කිරීමේ 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සිදුවිය.
මෙම සංචාරයේ ප්රතිඵලයක් ලෙස ශී්ර ලංකාවට රුපියල් බිලියන 57.8ක සංවර්ධන ආධාර හිමි විය.
ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී ශී්ර ලංකාව හා පවත්නා නාවික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ ජපාන අගමැතිවරයා ශී්ර ලංකාව කලාපයේ වැදගත් නාවුක කේන්ද්රස්ථානයක් ව පැවැතීම හේතුවෙන් එහි ඇති වැදගත්කම වටහාගෙන මෙරට සමඟ නාවුක සබඳතා ඇති කර ගැනීම කෙරෙහි උනන්දු විය.
ෆුකුෂිමා බලාගාරයේ අනපේක්ෂිත සිදුවීම සමඟ ජපානයට ගුවන් ගමන් සිදු කිරීම පවා ඇතැම් රටවල් නතර කළ අවස්ථාවේ ශී්ර ලංකාව අඛණ්ඩව ජපානය සමඟ ගුවන් ගමන් පවත්වා ගැනීමට ද කි්රයා කළේ ජපානය සමඟ පවත්නා දිගුකාලින සමීප මිත්ර සබඳතාවල ප්රතිඵලයක් ලෙසය.
NDH/priu | hplt_2 |
ශ්රී ලංකාවට පැමිණි ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.ජපාන අග්රාමාත්යවරයා මෙරට ගත කල කාලයේදී සිහිපත් කරන ලද එකම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන මහතා බව වාර්තාවෙයි. 1951 දී පැවති සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා එරටට පිහිටවූ ආකාරය සිහිපත් කළේය.
එමෙන්ම ජපාන අග්රාමාත්යවරයා අද උදෑසන 8.30ට පමණ කැළණි විහාරයට ගොස් ඇත්තේද හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් නැරැඹීම අරමුණු කර ගනිමිනි.ජපාන අග්රාමාත්යවරයා මෙරට සිටි කාලය තුළ වැඩිම කාලයක් යොමු කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපානයේ සහයෝගයෙන් කරන ලද ව්යාපෘති නැරඹීම සඳහාය.
1951 වසරේ සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව,ජාතික රූපවාහිනිය සහ ජයවර්ධනපුර රෝහල අපට ජපානය විසින් ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාට කළගුණ සැලකීමටය. | hplt_2 |
ඉංග්රීසි භාෂාව
ඉංග්රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානිය අත් කරගත් ආර්ථිකමය, විද්යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්යාපාරික කටයුතු, විද්යාත්මක කටයුතු ආදියේදී ප්රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.
ඉතිහාසය[සංස්කරණය]
ඉංග්රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්රි.ව. 5 වන සියවසේ දී මහා බ්රිතාන්ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය. පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්රමණ හේතුවෙන් ඉංග්රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ.
1066 දී ප්රංශයේ නෝමැන්ඩි ප්රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්රමණයෙන් පසුව පැරණි ඉංග්රීසි බස, නෝමන්-ප්රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්යතන ඉංග්රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්රීසියේ 'englisc' යන්නෙනි.
'නූතන ඉංග්රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය.
ඇතැම් අය ලොව ප්රථම ජාත්යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්රීසිය, අදහස් හුවමාරුව, විද්යාව, ව්යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්ය හා රාජ්ය තාන්ත්රික කටයුතු යන සියළු අංශවල ප්රධාන මෙන්ම ඇතැම් විට අත්යවශ්ය ජාත්යන්තර බස වේ. බ්රිතාන්ය අධිරාජ්යයේ වර්ධනයත් සමග එහි බ්රිතාන්ය දූපත්වලින් ඔබ්බට ව්යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්රිතාන්යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්රීසි බසේ ලොව පුරා ව්යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත.
ප්රමාණවත් ඉංග්රීසි දැනුමක් තිබීම වෛද්ය විද්යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්යවශ්ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ.
ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්රදේශවල, විශේෂයෙන් ඕස්ට්රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්රීසිය භාවිතා කරන ප්රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය.
ජාත්යන්තර ඉංග්රීසි භාවිතය තුළ ඇති විවිධත්වය[සංස්කරණය]
ශ්රී ලංකාව 1815 දී සම්පූර්ණයෙන්ම බ්රිතාන්ය ආධිපත්යයට යටත් වීමෙන් පසුව ඉංග්රීසි ලංකාවේ පරිපාලන භාෂාව බවට පත් විය. එතැන් පටන් 1948 වන තුරුම ලංකාව ඔවුන්ගේ පාලනයට සෘජුවම ලක් වී සිටි නිසා ඒ වන විට මෙරටට ඔවුන්ගේ බසේ ආභාෂයත් සෑහෙන දුරට ලැබී තිබිණි.
ඒ අවධියේ ජාත්යන්තර තලයේ ඉංග්රීසි භාෂාවේ ප්රමිතිය හැටියට සැලකුණේද බ්රිතාන්ය ඉංග්රීසි භාවිතයයි (British English usage). ඊට හේතුව වුණේ බ්රිතාන්ය අධිරාජ්යය ලොව පුරා පැතිරුණ යටත් විජිත ඇතිව ඉතා බලවත් තත්වයක පැවතීමයි. කොතරම් ව්යාප්ත වී තිබුණාද කියතොත් එය 'හිරු නොබසින අධිරාජ්යය (the Empire on which the sun never sets)' ලෙසද හැඳින්විණි. (එනම් ඕනෑම වෙලාවක එයට අයත් වූ කිසියම් කොටසකට හිරු පායා තිබිණි.)
නමුත් 1939-1945 දී පැවති දෙවන ලෝක සංග්රාමයේදී (Second World War, World War II) බ්රිතාන්යයට විශාල පාඩු විඳීමට සිදු විය. එමෙන්ම ඒ වන විට බොහෝ යටත් විජිතවල නිදහස ලැබීමේ ව්යාපාර දියත් වී තිබූ නිසා, ලෝක යුද්ධයේදී එම රටවලින් උදව් ලබා සිටි බ්රිතාන්යයට ක්රම ක්රමයෙන් ඒවාට නිදහස ලබා දීමට සිදු වූවේය. ඔවුන්ගේ අධිරාජ්යයේ බලය මෙසේ පිරිහී ගියේය.
මේ කාලය වන විට ඇමරිකා එක්සත් ජනපදය (United States of America, U.S.A.) ආර්ථික වශයෙන් බල සම්පන්න රාජ්යයක් බවට පත් වී සිටියේය. බ්රිතාන්යය මෙන්ම යුරෝපයේ (Europe) අනෙකුත් රටවල්ද යුද්ධයෙන් විනාශයට පත් වී තිබීම ඇමරිකාවේ කැපී පෙනීමට තවත් හේතු විය. ඇමරිකාවත් බ්රිතාන්යට යටත්ව තිබී කලින්ම නිදහස ලබා තිබූ ජනපදවල එකතුවක් වූ නිසා එහි රාජ්ය භාෂාව වී තිබුණේද ඉංග්රීසියය. නමුත් ඔවුන් ඉංග්රීසි භාෂාව භාවිතා කළේ බ්රිතාන්ය සම්මතයට අනුවම නොවේ.
ඇමරිකාවේ නැගීමත් සමග ඔවුන්ගේ භාෂා ව්යවහාරයත් (American usage) ලොව තුළ පුමිතියක් ලෙස පිළිගැනීමට ලක් විණි. ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්නා සමහර රටවල බ්රීතාන්ය සම්ප්රදායද, එනෙක් රටවල ඇමරිකානු සම්ප්රදායද අනුගමනය කෙරෙන්නට ගැනිනි. ශ්රී ලංකාවේ නම් අදටත් යොදා ගැනෙන්නේ මූලික වශයෙන් බ්රිතාන්ය ඉංග්රීසියය. නමුත් ආර්ථික බලයත් සමග ඇමරිකාව විවිධ මාධ්ය ඔස්සේ අද ලෝකයේ ලබා තිබෙන සංස්කෘතික ආධිපත්යය (cultural dominance) නිසා ඔවුන්ගේ ව්යවහාරය ශ්රී ලංකාවටද දැන් - අඩු තරමින් විදේශීය මාධ්ය ඔසසේ - වැඩි වැඩියෙන් අත් දකින්නට ලැබේ. මේ සම්ප්රදායයන් දෙක අතර ඇති වෙනස්කම් විවිධාකාරය. [පහත දැක්වෙන උදාහරණ කිහිපයේ මුලින් බ්රිතාන්ය සම්ප්රදායත් (British form), - ලකුණට පසුව ඇමරිකානු සම්ප්රදායත් (American form) දක් 80F ා ඇත.]
වචන (vocabulary)[සංස්කරණය]
- lift– elevator විදුලි සෝපානය
- note / banknote – bill මුදල් නෝට්ටුව
- bonnet – hood (of a car) බොනට් එක (මෝටර් රථයක)
- boot – trunk (of a car) ඩිකිය (මෝටර් රථයක)
- windscreen – windshield වාහනයක ඉස්සරහ වීදුරුව
- lorry – truck ලොරිය
- car park – parking lot රථ ගාල
- roundabout - traffic circle / rotary මාර්ග වටරවුම
- merry-go-round / roundabout – carousel මෙරි ගෝ රවුම
- roundabout - merry-go-round බඹර ඔන්චිල්ලාව (ළමා උයන්වල ළමයි නැගී කැරකෙන රෝදය)
- Ferris wheel – big wheel කතුරු ඔන්චිල්ලාව
- railway – railroad රේල් පාර
- railway carriage / coach – railcar / car දුම්රිය මැදිරිය
- postman – mailman / postman ලියුම් බෙදන්නා
- flat - apartment මහල් නිවාසය
- ground floor – ground floor / first floor (ගොඩනැගිල්ලක) බිම් මහල
- first floor – 3FB8 second floor පළමු මහල (බිම් මහලට ඉහළ මහල)
- aluminium - aluminum ඇලුමිනියම්
- aeroplane - airplane ගුවන් යානය
- petrol - gasoline/gas පෙට්රල්
- pavement - sidewalk පදික වේදිකාව (ඇමරිකානුවන් pavement කියන්නේ පාරේ වාහන යන කොටසටයි)
ව්යවහාරය (usage)[සංස්කරණය]
- I have just read that article – I just read that article මම මේ දැන් ඒ ලිපිය කියෙව්වා
- He is in hospital – He is in the hospital එයා (අසනීප වෙලා) ඉස්පිරිතාලෙ.
- They like their studies at university - They like their studies at the university ඒ අය විශ්ව විද්යාලෙ තමන්ගෙ ඉගනීම් කටයුතුවලට කැමතියි.
- She wants to stay at home – She wants to stay home එයාට ගෙදර නවතින්න ඕනැ.
- Come and take a look – Come take a look ඇවිත් බලන්න
- Go and take a bath - Go take a bath ගිහින් නාගන්න
- He suggested that we should postpone the project – He suggested that we postpone the project ව්යාපෘතිය කල් දාන්න එයා යෝජනා කළා.
- They agreed a price / They agreed on a price – They agreed on a price ඔවුන් මිලකට එකඟ උනා.
- The workers protested against the decision - The workers protested the decision සේවකයන් තීරණයට විරෝධය ප්රකාශ කළා.
- We wrote her a letter / We wrote to her - We wrote her a letter / We wrote her අපි එයාට ලියුමක් ලිව්වා.
උච්චාරණය (pronunciation)[සංස්කරණය]
- fast /fɑːst/ - /fæst/ , dance / dɑːns/ - / dæns/ , class /klɑːs/ - /klæs/... වේගවත්/ව, නටනවා, පංතිය ...
- card /kɑːd/ - /kɑrd/ , part /pɑːt/ - /pɑrt/ , farm /fɑːm/ - /fɑrm/… කාඩ් පත, කොටස, ගොවිපොළ…
- fort /ˈfɔːt/- /fɔrt/ , form /fɔːm/ - /fɔrm/ , cord /kɔːd/ - /kɔrd/… බල කොටුව, පෝර්මය/ස්වරූපය, රැහැන...
- schedule /ˈʃɛdjuːl/ - /ˈskɛdʒʊəl/ කාර්ය සටහන/වැඩ පිළිවෙල
- leisure /ˈlɛʒə/ - /ˈliːʒər/ විවේකය
- secretary /ˈsɛkrətrɪ/ - /ˈsɛkrɪˌtɛri/ ලේකම්
- primary /ˈpraɪmərɪ/ - /ˈpraɪmɛri/ මූලික, ප්රධාන
- preparatory /prɪˈpærətərɪ -trɪ/ - /prɪˈpærəˌtɔri, -ˌtoʊri, ˈprɛpərə-/ සූදානමක් වශයෙන් කෙරෙන
- laboratory /ləˈbɒrətəri, -ətri/ - /ˈlæbrəˌtɔri, -ˌtoʊri/ පරීක්ෂණාගාරය
- glacier / ˈglæsɪə/ - /ˈgleɪʃər/ ග්ලැසියරය (චලනය වන අයිස් කන්ද)
අක්ෂර වින්යාසය (spelling)[සංස්කරණය]
- colour, harbour, neighbour… – color, harbor, neighbor… පැහැය, වරාය, අසල් වැසියා
- centre, litre, goitre… - center, liter, goiter කේන්ද්රය/මධ්යස්ථානය, ලීටරය, බෙල්ලේ වායු ගෙඩිය
- travelling, travelled, traveller – traveling, traveled, traveler සංචාරය කිරීම, සංචාරය කළා, සංචාරය කරන්නා [quarrel(රන්ඩු කරනවා), model(නිරූපනය කරනවා), signal(සංඥා කරනවා) ආදියත් මෙසේයි]
- fulfil, distil, enrol... – fulfill, distill, enroll... ඉටු කරනවා / සඵල කර ගන්නවා (කැමැත්තක්, බලාපොරොත්තුවක්), ආසවනය කරනවා (උදා: අරක්කු පෙරනවා), බැඳෙනවා (පාඨමාලාවකට)
- licence, defence, offence... – license, defense, offense... බල පත්රය, ආරක්ෂාව, වරද
- practise – practice පුහුණු වෙනවා (ක්රියා පදය)
- organize/organise, realize/realise, legalize/legalise… - organize, realize,legalize... සංවිධානය කරනවා, අවබෝධ කර ගන්නවා / සැබෑ කර ගන්නවා, නීත්යානුකූල කරනවා...
- analyse, paralyse, catalyse... – analyze, paralyze, catalyze... විශ්ලේෂණය කරනවා, අඩපණ කරනවා (අංශභාග රෝගය වැනි), (රසායනික ප්රතික්රියාවක්) ඉක්මන් කරනවා
- instalment, skilful, wilful... - installment, skillful, willful... ගෙවීම් වාරිකය, නිපුණ, වරදක් බව දැනත් කරන
- storey – story ගොඩනැගිල්ලක මහල
- jewellery - jewelry ආභරණ
තවත් මෙවැනි වෙනස්කම් ගණනාවක් තිබේ. BBC News වැනි වෙබ් අඩවියකට ගිය විට බ්රිතාන්ය සම්ප්රදාය හමු වේ. නමුත් වෙබ් අඩවි විශාල සංඛ්යාවක් ඇමරිකානු ඒවා වන නිසා අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබෙන්නේ එම සම්ප්රදායය. අනෙකුත් මාධ්යවලත් බොහෝ විට එසේය. කෙසේ වෙතත් ශ්රී ලාංකික මාධ්යවල නම් තවමත් වැඩි වශයෙන් ඇත්තේ බ්රිතාන්ය ඉංග්රීසියේ ආභාෂයය.
ව්යාකරණ ශාස්ත්රය (Grammar)[සංස්කරණය]
Parts of Speech
All words are divided in to eight classes called, Parts of Speech.
1. Noun: a word used as the name of a person , animal, Place or a thing.
Proper Nouns: Saman / Kelaniya
Common Nouns: Sea/ Bird / Dog
Collective Noun: Team/ Family / Nation
Abstract Noun: Quality (honesty/strength), Action(movement/judgment),State(youth/death/sickness)
Countable Noun: Names of objects/ppl we can count (pen/mango/house)
Uncountable Nouns: Water/Milk/Oil – they do not have a plural form
Formation of Plural
a) Adding “s” to the singular girl girls dog dogs house houses train trains
b) Adding “es” to the singular (for nouns ending in ss, sh, ch, or x) Kiss kisses brush brushes watch watches tax taxes
c) Most nouns ending in -o also make plural by adding “es” Hero heroes tomato tomatoes volcano volcanoes mango mangoes
d) Some nouns ending in –o will make plural by ending “s” to end Dynamo dynamos ratio ratios piano pianos photo photos
e) Nouns ending in – y preceded by a consonant form their plural by changing –y to – i and adding –es baby - babies, country-countries, city-cities
f) Nouns ending in –y preceded by a vowel form their plural by adding –s Monkey-monkeys, boy-boys, toy-toys
g) Only few ending in –f or –fe form their plural by changing –f or –fe to –v and adding –es Wife-wives, knife-knives, thief-thieves,
h) Some changing the inside vowel Man-men, mouse-mice, foot-feet
2. Adjective: a word used with a noun to add something to its meaning (Adjective=Added to)
a) Quality: He has a large house. The foolish man spent his savings on liquor.
b) Quantity: He has much experience , Is there any water in the tank?
c) Number: I have ten pens, You have made several mistakes
d) Demonstrative: That table is very small, Those mangoes are ripe.
e) Interrogative: Whose books are these? , which shirt is better?
f) Comparison: large, larger, the largest
Articles: A, an and the are called articles
3. Pronouns: a word used instead of a noun (I , we you, they, he , she , it)
Indefinite Pronouns: One, None, all, Many, some, somebody had stolen my pen.
Distributive Pronouns: Each, Either, Neither, Each of the students gets prizes.
Relative Pronouns: Who, whose, whom, which, that , the teacher has punished Kamal who came late.
4. Verbs: A Verb is a thing that tells something about a person or thing, it may tell us
• What a person or thing does • What is done to a person or thing • What a person or thing is
a) The Simple Present Tense He goes to temple every Poya day / the earth moves round the earth/ The Berlin Trade Fair opens today. He drinks a cup of tea every morning/ The President goes to USA next week.
b) The Present Continuous Tense I am doing my homework, My brother is reading for his Master Degree, I am sitting for the examination next week
c) The Present Perfect Tense (To describe completed activities in the immediate past) I have done my home work, He has eaten the cake, The teacher has left the office.
d) The Present Perfect Continuous Tense (Action begun in the past and still continuing) My friends have been playing cricket since 8 o’ clock. Samantha has been sleeping for six hours
e) The Simple Past Tense (To describe an action completed in the past) Aloka left the school last year, I met your brother last Friday
f) The Past Continuous Tense ( Noun + V(ing)… ) –action going on at some time past The light went out when I was watching TV show, when I saw him, he was playing cricket
g) The Past Perfect Tense – action completed before a certain moment or action in the past When I go to the station, the train to Badulla had left, I had finished my homework before father comes home
h) The Past Perfect Continuous Tense: Action that begun before a certain point in the past and continued up to that time. Ramani had been saving money for her dowry before she married last year.
i) Simple Future Tense I shall go to Galle tomorrow/ He will sit for GCE AL next year
j) The Future Continuous Tense: an action as going on at some time in the future I shall be listening to news at 8 o’ clock.
k) The Future Perfect Tense: to show the completion of an action by a certain future time I shall have finished my home work by 5 o’clock today.
l) The future perfect continuous tense: action as being in progress over a period of time that will end in the future By next year, I shall have been working in this office for twenty years When Kamal passes A/L this year, he will have been studying at KMV for nine years.
Active Voice and Passive Voice
Active Voice: The cat killed the rat
Passive Voice: The rat was killed by the cat
The Child eats an apple every day An apple is eaten by the child every day Ranjith will answer the questionnn The question will be by Ranjith The tree was cut down yesterday | hplt_2 |
ජුදා ආගම
ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. [1] ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන) හෙබ්රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ, ඊශ්රායෙලයේ දරුවන් හා සමග දෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්රකාර සම්බන්ධතාවයක් ලෙසිනි.[2]
ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්රවාහ සහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්රචලිත ප්රවාහය වන්නේ රෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ, ලිඛිත සහ වාචික ටෝරා යන දෙයාකාරයටම, සීනායී කන්දෙහිදී දෙවියන්වහන්සේ විසින්, උන්වහන්සේගේ නීති සහ පණත් මෝසෙස් වෙත හෙළිකල බවයි. [3] ඓතිහාසික වශයෙන්, මෙම නිර්ධාරණය, දෙවන දේවමාලිගය යුගයේදී සද්දුසිවරු සහ හෙලනිස්තික ජුදා ආගම; මුල්කාලීන හා පසුකාලීන මධ්යතන යුගයන්හිදී කැරඅයිට්වරු සහ සබේෂන්වරු;[4] සහ නූතන ප්රතිසංස්කරණ ව්යාපාරයන්ගේ ඛණ්ඩයන් වැනි බොහෝ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කරන ලදි. නූතන කාලයේ මානවවේදී ජුදා ආගම වැනි ලිබරල් ව්යාපාරයන්, අදේවවාදී විය හැක.
ආශ්රිත[සංස්කරණය කරන්න]
- ↑ ජේකබ්ස්, ලුවිස් (2007). "ජුඩයිසම්". In ෆ්රෙඩ් ස්කොල්නික්. එන්සයික්ලොෆීඩියා ජුඩයිකා 11 (2d ed.). ෆාර්මින්ටන් හිල්ස්, මිචි.: තොම්සන් ගේල්. p. 511. ISBN 978-0-02-865928-2.
ජුඩයිසම්, ද රිලිජන්, ෆිලොසෆි, ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔෆ් ද ජූස්.
- ↑ නොලේජ් රිසෝර්සර්ස්: ජුඩයිසම්. බර්ක්ලි සෙන්ටර් ෆෝ රිලිජන්, පීස් ඇන්ඩ් වර්ල්ඩ් අෆෙයාර්ස්. සම්ප්රවේශය 2011-11-22.
- ↑ වට් ඊස් දි ඕරල් ටෝරා?. Torah.org. සම්ප්රවේශය 2010-08-22.
- ↑ කැරඅයිට් ජුවිෂ් යුනිවර්සිටි. Kjuonline.com. සම්ප්රවේශය 2010-08-22. | hplt_2 |
ජේසුස් තුමා
නාසරෙත් හි යේසුස් (ක්රි පූ 7-2 සිට ක්රි ව 26-36* හෙවත් යේසුස් ක්රිස්තුස් වහන්සේ කිතුනු දහමේ කේන්ද්ර ලක්ෂණය වන අතර බොහෝ කිතුනුවන් විසි 1000 න් දෙවියන්ගේ නැවත පැමිණීමක් ලෙස වන්දනා කරනු ලබයි. එසේම එතුමා වෙනත් ආගම් කිහිපයකද වැදගත් චරිතයකි.
යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් "යොහෝවා ගලවා ගනියි" යන වදනින් බිඳී ආවකි. කි්රස්තු යන්න ග්රීක ක්රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය "අභිෂේක ලත් තැනැත්තා" ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.
යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් හා ජීවිතය අරභයා ඇති ප්රධානතම දත්ත වන්නේ ශුභාරංචි ය. බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් හදාරන්නන් යේසුස් ගලීල යුදෙව්වෙක් යන්නටත්, උපදේශකයෙක් හා සුවකරන්නෙක් යන්නටත්, ස්නාවක යොහාන් ගෙන් බෞතීස්ම ලැබීමටත්, රෝමානු ආණ්ඩුකාර පොන්ති පිලාත් ගේ අණ පරිදි රෝම අධිරාජ්යයට එරෙහි වීමේ වරදට යෙරුසලමේ දී කුරුසිපත් වීය යන්නටත් එකඟ වෙති. බොහෝ විචාරාත්මක විද්යාර්ථීහු පවසන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලිය කියවිලි බොහොමයක් ප්රායෝගිකව නිරවද්ය නොවන බවයි.
යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප්රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්රයා හෙවත් ත්රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්ය ඉපදීම, ප්රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත්රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත්රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්යමය භාවය පිළිබඳ සැක පළ කරති.
ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙ 1000 ් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප්රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් සළකයි. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්යමය ලෙස විශ්වාස නොකරති. එතුමා කුරුසිපත් කළ බවත්, ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති.
පටුන
යේසුස් වහන්සේ උපත සහ මුල් කාලය[සංස්කරණය කරන්න]
ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස
ශුද්ධ බයිබලයේ එන මැතිව්තුමාට සහ ලූක්තුමාට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්රතිහාර්යයකට අනුව කන්යාම මරිය තුමිය ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. ශාන්ත ලූක් ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . ඔගස්ටස් සීසර් ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්රදේශයට යාමට සිදුවිය.
යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. යුදෙව්වන් ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) . යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට ඊජිප්තුවට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන ලෙබනනය) ප්රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .
යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස[සංස්කරණය කරන්න]
දේවමාලිගය තුල දෙමව්පියන්ගෙන් අතරමං වූ පසු සොයා යන විටදී දේශනා කරමින් සිටින යේසුස් වහන්සේ ව හමුවූ බව ලූක් විසින් පමණක් කියා පායි (ලූක් 2.41 -52) . යේසුස් ගේ ළමාකාලය පිළිබඳව ශුභාරංචි වල සඳහන් වන එකම අවස්ථාව එය වේ. ලූක් ට අනුව යේසුස් වහන්සේ බෞතීස්ම ලබන විට උන්වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණ විය (ලූක් 3.23) . මාක් ට අනුව යේසුස් වහන්සේ වඩු කාර්මිකයෙකි. මැතිව් පවසන්නේ උන්වහන්සේ වඩු කාර්මිකයෙකුගේ පුතරයෙකු බවය. කෙසේ වුවත් මේ බව සඳහන් කිරීමට භාවිතා කළ ග්රීක වදන වන ටෙක්ටන් යන්නෙන් ගොඩනගන්නා වැනි අරුතක් ඇති වන අතර එමගන් ඔහු කිසියම් ආකාරයක හෝ ශිල්පීයත්වයක් ඇතිව සිටියෙක් බව පැහැදිලි වේ. එසේම යේසුස් වහන්සේ තමුන්ගේ මුල් වසර තිහම හෝ ඉන් වැඩි කාලයක් තම ශිල්පය පියා සමග පර්ව ගුණ කරමින් සිටි බව පිළිගැනේ (මාක් 6.3 මැතිව් 13.55) .
ජේසු තුමාගේ බෞතිස්මය[සංස්කරණය කරන්න]
ක්රිස්තියානි ධර්මයට අනුව ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුතුමාව බෞතිස්ම කිරිමට පෙර ජෝන් පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන 1000 ් විසින් ලබදෙන දඩුවම් වලට පශ්චාතාපය වෙමින් නොසිට භෞතිස්ම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්ඩන් ගංගාව (Jordan River) අසළදී ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධුරයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්රයක් වන බැවින් ජේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්රිත්වය යේ සිටම ක්රිස්තුස්වමන්සේ ස්වභාවය පිඵිබදව විවිධ තර්ක පැවතුණි අපත්යවාදීන් (Adpotionists) සහ අනෙකුත් ක්රිත්වදෘෂ්ටිකයන් නාවන පුද්ගපයන්ට අනුව ජේසුස්වහන්සේ සාමාන්ය මනුශ්යයෙකු ලෙස ඉපිද බෞතිස්මයෙන් පසුව ශුද්ධ ආත්මයන් සහිත දෙවිකෙනෙක් බවට පත්ව ඇත.
පරදිග කිතුභක්තියන් ජනවාරි 6 වන දින කිතුන්වහන්සේගේ බව්තිස්ම දිනය ප්රාදර්ශභාවයේ දිනය (Epiplang) ලෙසින් සමරනු ලබයි රෝමානු කතෝලික සහ ඇංගලිකන් (Anglican) දේව සභාවයන්හි මෙලෙස බව්තිස්ම දිනය ලෙස සමරන්නේ ප්රාදර්භාවයේ දිනයේ සිට දින හතක් ගිය පසු පැණණෙන Baptism of the Lord දිනයයි. රෝමානු කතෝලික ධර්මය අනුව ක්රිස්තුස්වහන්සේගේ බෟතිස්මයද රෝසමර් (Rosmary) අද්භුත සිදු විම වලින් එකකි. ස්ටෙෆන් එල් හැරිස් (Stephn L. harris ) පවසන ආකාරයට ඉතිහසඥයන් බොහෝ දෙනා ජේසුස්වහන්සේගේ භෞතිස්මය ජෝන් විසින් සිදු කර අති බව පිළිගනි.
සටහන්[සංස් 1000 රණය කරන්න]
- ↑ 1.0 1.1 සැන්ඩර්ස් (1993).
- ↑ "Our conclusion must be that Jesus came from Nazareth." Theissen, Gerd; and Merz, Annette. The historical Jesus: A comprehensive guide. Minneapolis: Fortress Press. 1998. Tr from German (1996 edition). p. 165. ISBN 978-0-8006-3123-9
- ↑ Eusebius, (trans. Cameron, Averil; Hall, Stuart G.). Life of Constantine. Oxford: Clarendon Press; New York : Oxford University Press, 1999. ISBN 978-0-19-814917-0 | hplt_2 |
මානසික අක්රමතා
මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ අබාධිත්වයට පත් කරන මානසික හෝ කායික ක්රියාවලීන් වෙයි. මානසික රෝග පිළිබඳ අවබෝධය කාලයත් සමඟ වෙනස් වී ඇත. මානසික රෝගවල අර්ථ දැක්වීම්, වර්ගීකරණය සහ ඇගයුම වෙනස් විය හැකි වුවද , ICD , DSM සහ අනෙකුත් අත්පොත්හි ඇති මග පෙන්වීම් මානසික රෝග විශේෂඥයින් පිළිගෙන ඇත. මේවායේ රෝග වර්ගීකරණ කාණ්ඩ ලෙස චිත්ත ස්වභාවයේ රෝග , සිතේ නොසන්සුන් බව නිසා ඇති වන රෝග, මානසික විකෘතිතා, ආහාර ගැනීමේ රෝග, වර්ධනයේ රෝග , පෞරුෂයේ රෝග සහ අනෙකුත් කාණ්ඩ ලෙස හඳුන්වා දිය හැක. බොහෝ විට මානසික රෝග සඳහා හඳුනාගත හැකි හේතුවක් නොමැත.
බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්ය වෘත්තිකයින් විවිධාකාර ක්රම මඟින් මෙම රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්රතිකාර සහ ඖෂධ වර්ග ප්රධාන ප්රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්රයත්නයක් දරමින් පවතී. | hplt_2 |
ප්රවේණි විද්යාව
ප්රවේනි විද්යාව යනු ජීව විද්යාවේ සිදුකරන අධ්යයනයක් වන අතර එය ජීවීන්ගේ ප්රවේනිය සහ විවිධත්වය පිළිබදව සිදුකෙරෙන අධ්යයනයකි. ප්රවේනිය පිළිබදව වූ දැනුම නිසැක වශයෙන්ම පුර්ව ඓතිහාසික යුගවලදී පවා භාවිතා වූ බවට ඇති සාක්ෂි වන්නේ එකල වරණාත්මක අභිජනනය මගින් වගා ශාක සහ සත්වයන්ගෙන් වැඩි ඵලදාවක් ලබාගැනීම මගිනි. කෙසේ වුවද ප්රවේනිය පිළිබදව වූ නූතන විද්යාව 19 වන ශතවර්ෂයේ මැද භාගයේ විසූ ග්රෙගර් මෙන්ඩල් විසින් සොයා ගන්නා ලදී. ප්රවේනිය පිළිබදව වූ භෞතික විද්යාව පිළිබදව ඔහුට අවබෝධයක් නොතිබුණද ඔහු විසින් කරන ලද නිරීක්ෂණයක් වූයේ ප්රවේනිය මූලික වශයෙන් ව්යක්ත ක්රියාවලියක් වන අතර විශේෂ ගති ලක්ෂණයන් එකිනෙකට ස්වාධීනව උරුම වන බවයි. ප්රවේනියෙහි මෙම මූලික ඒකක මේ වන විට ජාන ලෙසට හදුන්වයි.
ඩී.එන්.ඒ වල ඇති නොයෙකුත් කොටස් මගින් ජාන නියෝජනය වේ. ඩී.එන්.ඒ යනු විවිධ නියුක්ලියෝ ටයිඩ වර්ග හතරකින් සෑදුනු දාමයකි. මෙම නියුක 1000 ්ලියෝ ටයිඩ මගින් ජීවින්ට උරුම වන ප්රවේනිගත තොරතුරු හිමි වේ. ඩී.එන්.ඒ ස්වාභාවිකව පවතින්නේ දාම දෙකක් වශයෙනි. එක් දාමයක ඇති නියුක්ලියෝ ටයිඩ අනෙක් දාමයේ ඇති නියුක්ලියෝ ටයිඩ සමග ගැලපේ. එක් දාමයක් මගින් අළුත් දාමයක් සෑදීම සදහා අච්චුවක් ලෙසට ක්රියා කළ හැකිය. මෙය ප්රවේනි තොරතුරු පිටපත් කිරීම සහ උරුම වීම සදහා ඇති භෞතික ක්රියාවලියයි.
සෛලයක වූ ඩී.එන්.ඒ වල ඇති නියුක්ලියෝ ටයිඩ පිළිවෙලක් මගින් ප්රෝටීන සෑදිම සදහා ඉවහල්වුණු විශේෂිත ඇමයිනෝ අම්ල පිළිවෙලක් නිෂ්පාදනය කරනු ලබයි. මේවා ප්රවේනි කේත ලෙස හදුන්වති. ප්රෝටීනවල ඇති ඇමයිනෝ අම්ලවල පිළිවෙල මගින් ඒවා ත්රිමාන අවකාශයෙහි සකස් විය යුතු ආකාරය තීරණය කරයි. අවසානයේදී මෙලෙස නිර්මාණය වන ව්යුහය අදාල ප්රෝටීනයෙහි කෘත්ය සදහා වග කියනු ලබයි. ප්රෝටීන මගින් සෛලවල ජීවය සහ ප්රජනනය සදහා අවශ්යවන සියළුම කෘත්යන් සිදුකරනු ලබයි. ඩී.එන්.ඒ. වල පිළිවෙලෙහි ඇතිවන වෙනස්වීමක් මගින් ප්රෝටීනවල ව්යුහය සහ හැසිරීමෙහිද වෙනස් වීමක් සිදුවිය හැකිය. මෙමගින් සෛලයෙහි සහ අදාල ජීවියා තුළ කැපීපෙනෙන ප්රතිවිපාක ඇති කරනු ලබයි.
ජීවියෙකුගේ හැසිරීම සහ පෙනුම තීරණය කිරීම පිළිබදව ප්රවේනි විද්යාව ප්රධාන මෙහෙයක් ඉටු කලද ජිවියෙකුගේ අවසාන ප්රතිඵලය වන්නේ ඔහු අත්විදින අවට පරිසරය සහ ප්රවේනි විද්යාව අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. උදාහරණයක් වශයෙන් පුද්ගලයෙකුගේ උස තීරණය වීම සදහා ජාන මගින් කැපීපෙනෙන මෙහෙයක් ඉටු කලද එම පුද්ගලයා කුඩා කලදී අත්විදි සෞඛ්ය තත්වය සහ පෝෂණය ඒ සදහා බලපායි.
පටුන
ප්රවේණියේ ලක්ෂණ[සංස්කරණය කරන්න]
විභින්න ප්රවේනිය සහ මෙන්ඩල්ගේ නියම[සංස්කරණය කරන්න]
මූලික අවධිවලදී ජීවීන්ගේ ප්රවේනිය සිදුකරනුයේ විභින්න ගති ලක්ෂණ මගින් හෙවත් ජාන මගිනි. මෙම ගුණාංගය මුල්වරට නිරීක්ෂණය කර 1000 නු ලැබුවේ මෑ ශාකයක ගති ලක්ෂණ පිළිබදව අධ්යයනය කරනු ලැබූ ග්රෙගර්මෙන්ඩල් විසිනි. ඔහුගේ අධ්යයනයන් මගින් මෑ ශාකවල මල්වල වර්ණය පිළිබදව පරීක්ෂණ කරන ලදී. මෙම මෑ මල්වල වර්ණය දම් හෝ සුදු පැහැවන අතර ඒවා කිසි දිනක මෙම වර්ණ දෙක අතර වර්ණයක් ලබා නොගත් බවට ඔහු නිරීක්ෂණය කරන ලදී. සමාන ජානයක වූ මෙවන් වෙනස් වූ විභින්න ලක්ෂණවලට ඇලීලයක් ලෙසට නම් කරන ලදී. මෑ ශාකවල සිදු කරන ලද අධ්යයනයේදී එක් ජීවියෙකු හට එක් ජානයක් මගින් හිමිවන ඇලීල දෙකක් ඇති අතර ඒවා එක් වීමේදී එක් මාතෘ ශාකයකින් එක් ඇලීලය මගින් උරුම කරයි. මිනිසුන් ඇතුළු බොහොමයක් වූ ජීවීන් සදහා මේ ආකාරයේ ප්රවේනියක් ඇත. එකම ජානයක එක හා සමාන ඇලීල පිටපත් දෙකක් සහිත ජීවීන් සංයුග්මකයන් වන අතර විවිධ ඇලීල වර්ග දෙකක් සහිත ජීවින් විෂම යුග්මකයන් නම්වේ.
දෙන ලද ජීවී විශේෂයක ඇති ඇලීලයන් කිහිපය සදහා ප්රවේනි දර්ශය යන්න ව්යවහාර කරන අතර එම ජීවී විශේෂයෙහි බාහිර නිරීක්ෂණය කළ හැකි ගති ලක්ෂණ සදහා රූපානුදර්ශය යැයි ව්යවහාර කෙරේ. යම්කිසි ජීවියෙකු සංයුග්ම වන අවස්ථාවලදී එක් ඇලීලයක් ප්රමුඛ ඇලීලය වන අතර එහි ගති ලක්ෂණ ප්රමුඛ වීමෙන් එම ජීවියාගේ රූපානුදර්ශය නිර්ණය කරයි. අනෙකුත් ඇලීලය මීලීන ඇලීලයවන අතර එහි ලක්ෂණ යටපත් වී ඇති අතර බාහිරින් නිරීක්ෂණය කළ නොහැක. ඇතැම් ඇලීල සදහා සම්පුර්ණ ප්රමුඛතාවයක් නොමැති අතර ඒවා ඒ වෙනුවට අසම්පුර්ණ ප්රමුඛතාවයක් පෙන්නුම් කරමින් ඇලීල වර්ග දෙකම එක්වර ප්රකාශයට පත්වෙමින් අතර මැදි රූපානුදර්ශයක් හෝ සහ ප්රමුඛතාවයක් දක්වයි.
යම්කිසි ජීවි යුගලයක් ලිංගික ප්රජනනය දක්වන අවස්ථාවන්හිදී ඔවුන්ගේ දුහිතෘ එක් මාතෘ ජිවියෙකුගෙන් එක් ඇලීලය මගින් උරුම කර ගනිති. මෙලෙස විභින්න ප්රවේනිය සහ ඇලීල පිළිබදව සිදුකරන ලද හැදෑරීම එක්ව ගත් විට මෙන්ඩල්ගේ පළමු නියමය නම් වේ.
සළකුණු කිරීම හා රූප සටහන්[සංස්කරණය කරන්න]
ප්රවේනි විද්යාවේදී ප්රවේනිය විග්රහ කිරීම සදහා නෙයෙකුත් රූප සටහන් සහ සලකුණු භාවිතා කරනු ලබයි. ජානයක් නියෝජනය කරනු ලබන්නේ ඉංග්රිසි අක්ෂරයකින් වන අතර ලොකු අක්ෂරය ප්රමුඛ ඇලීලය සදහා ද කුඩා අක්ෂරය නිලීන ඇලීලය නියෝජනය කිරීම සදහා ද යොදා ගනු ලබයි. බොහෝ අවස්ථාවලදී “+” සලකුණ සාමාන්ය විකෘති නොවූ ඇලීලයක් සටහන් කිරීමට යොදා ගනී.
මෙන්ඩල් විග්රහ කළ ආකාරයට මෙන් ප්රජනනය හෝ බෝ කිරීම සම්බන්ධව සිදුකරන පර්යේෂණයකදී මාතෘ ජීවීන් “P” ලෙසද පළමු දුහිතෘ පරම්පරාව “F1” ලෙසද නියෝජනය කරනු ලබයි. ප්රථම දුහිතෘ පරම්පරාව එකිනෙක හා අභිජනනය වූ විට ඇති වන දුහිතෘ දෙවන දුහිතෘ පරම් පරාව “F2” ලෙසද හැදින්වේ. මෙලෙස එකිනෙක අතර අන්තර් අභිජනනයෙන් ඇතිවන ප්රතිඵල අනුමාන කිරීමට භාවිතා කරන පොදු රූප සටහන වනුයේ පනට් චතුරස්රයයි.
මිනිසුන්ගේ ප්රවේනි ගත රෝග පිළිබදව කරන අධ්යයනයන්වලදී ප්රවේනි විද්යාඥයින් ගති ලක්ෂණවල උරුම වීම විදහා දක්වනු වස් පෙළපත් සටහන් භාවිතා කරනු ලබති. මෙමගින් පවුලක් තුළ ගති ලක්ෂණ උරුම වීම සිදුවූ ආකාරය පිළිබිඹු වේ.
බහුවිධජාන අතර ඇති ප්රතික්රියා[සංස්කරණය කරන්න]
ජීවීන් තුළ දහස් ගණනක් වූ ජාන ප්රමාණයක් පිහිටා ඇත. ලිංගික ප්රජනනය දක්වන ජීවීන්ගේ මෙම ජානවල ස්වාභාවික වරණයක් ඇති වීම එකිනෙකට ස්වායත්තව සිදුවේ. එනම් මෑ ඇටවල කහ පාට හෝ කොළ පාට ඇති වීම සදහාත් හේතු වන ඇලීලය එහි මල්වල සුදුපාට හෝ දම් පාට ඇති වීම සදහාත් හේතු වන ඇලීලයෙන් එකිනෙක ස්වායත්ත වේ. මෙම සංකල්පය මෙන්ඩල්ගේ දෙවන නියමය හෝ ස්වාභාවික වරණවාදය නම් වේ. මෙමගින් විවිධජානවල විවිධ ඇලීල එකිනෙක සම්මිශ්රණය වීමෙන් ඇති වන දුහිතෘන් හට විවිධ වූ ඇලීල සංකලනයන් උරුම වේ.
ඇතැම් අවස්ථාවලදී විවිධ ජාන සදහා එකම ගති ලක්ෂණය උරුම කර දීම සදහා ක්රියාත්මක විය හැකිය. Blue eyed Mary නම් ශාකයේ මල්වල පාට නිල් හෝ මැජෙන්ටා වර්ණය වීම සදහා ඇලීල අන්තර්ගත ජාන එහි ඇත. එහි ඇති වෙනත් ජානයක් මගින් මෙම මල්වල වර්ණයක් ඇති බවට හෝ එම මල් සුදු පැහැ වීමට බලපාන ජාන පවතී. මෙම ශාකවලට සුදු පාට ඇති කරන ඇලීල පිටපත් දෙකක් ඇති විට එම මල්වල මුලින් සදහන් කළ නිල් හෝ මැජෙන්ටා ඇලීල දෙක තිබුණද ඒවා සුදු පැහැති රූපානුදර්ශය ගනී.
බොහෝ ගති ලක්ෂණ සදහා විභින්න ලක්ෂණ නොමැත. (උදාහ ff6 රණ - දම් හෝ සුදු පැහැති මල්) නමුත් ඒවාට අඛණ්ඩ ලක්ෂණ ඇත. (උදා - මිනිසාගේ උස සහ සමෙහි වර්ණය) මෙම සංකීර්ණ ගති ලක්ෂණ බොහෝ ජානවල නිෂ්පාදනයක් වේ. මෙම ජානවල බලපෑම විවිධ මට්ටමින් අදාල ජීවියා අත්දකින බාහිර පරිසරය මත වෙනස් වේ. සංකිර්ණ ගති ලක්ෂණයක් පෙන්නුම් කිරීම සදහා ජිවියෙකුගේ ජානවලින් දක්වන දායකත්වය සදහා උරුම වීමේ හැකියාව ලෙස හැදින්වේ. ගති ලක්ෂණයක උරුම වීමේ හැකියාව මැන බැලීම සාපේක්ෂ වේ. විවිධ වූ පරිසරයක් මගින් ගති ලක්ෂණයන් සදහා විශාල බලපෑමක් ඇති කරනු ලබයි. උදාහරණයක් වශයෙන් මිනිසාගේ උස සංකිර්ණ ගති ලක්ෂණයක්වන අතර ඇමරිකා එක්සත් ජනපදයෙහි එහි උරුම වීමේ හැකියාව 89% කි. නමුත් හොද පෝෂණයක් සහ සෞඛ්ය සේවාවක් සදහා විවිධ වූ ප්රවේශයන් සහිත නයිජීරියාව වැනි රටක මානව උසෙහි උරුම වීමේ හැකියාව 62% ක් පමණි | hplt_2 |
7c34
ක්ලබ්හවුස්: නැගීඑන අලුත්ම සමාජ මාධ්ය සන්නිවේදක ඇප යෙදුම ඇප් සජීවී සංවාද නවමු තැනකට ගෙනයනු ලබයි.
සමාජ මාද්ය බොරු සමාජගත කරනවා කියල නෝක්කාඩු කියන ආණ්ඩුවම හරිදේ, සත්ය සමාජගත නොකර ඒ වරදටම කරන බව පේනවා.
බොරුවට රියලිටි ෂෝ කාරයෝ හැම මගුලටම මාධ්ය ප්රකාශකයෝ නැතුව නැතුව “ස” ම මාසෙකෙට සැරයක්වත් ජනතාවට කතා කරන්න එපාය. මිනිස්සු චන්දෙ දුන්නේ එයාටනේ? කොම්පැනියක් උනත් progress වෙන්නේ සතිපතා/ මාස්පතා ප්රගති සත්ය සමාලෝචනයක් එක්ක. ඕක බොස්ම කලාම තියෙන creadibility එක වැඩිය, 100% ට 100%ය.
එක එක්කෙනා TV ඇවිල්ලා කියන්නේ එයාලගේ රාමු, හතරැස් කොටු, දිග කොටු, agenda, cover up, බේරගන්න තියන දේ හැරෙන්න පොදුවේ ජනතාව සමග ගමනක් යාම නොවෙයි. …
ගස්, පරිසරය සහ පෙර ගමන
Our karma is we make isolated issues (that can be remedies then and there) make national issues and leaves national issues isolated.
මිනිස්සු එදා නොදන්නා කාලෙක ගල් යුගය, ලෝකඩ යුගය සහ යකඩ යුගයේ පටන් agriculture revolution, industrial revolution ඉඳන් ගස්, කැලේ කැපුවා,
එතිහාසික යුගයේ සිට, ද්රව්යවල දියුණුව මානව ප්රයත්නයේ හා ජයග්රහණයේ සීමාවන් පුළුල් කිරීමට උපකාරී වී තිබේ. එසේ නැතුව මෙම ගමන යා හැකි ක්රමයක්ද නැත.
කෘෂිකාර්මික විප්ලවයේ පසු 1700 ගණන්වල කාර්මික විප්ලවය පසුකරමින් මෙය අධිකව කළමනාකරණයෙන් තොරව සිදුවුනා. නමුත් දැන් දියුණුවන ලෝකයේ අප වැනි රටවල් හැරුන විට පලවන ලෝකයේ සියලුම රටවල් වගේ මෙය කළමනාකරණය සහ…
Steve Job’s last letter was really inspirational, since the stage he’s reached in life is what we all (especially as engineers/tech majors) strive to, but in the end he’s learned that there’s a world outside of what we esteem:
“I reached the pinnacle of success in the business world. In others’ eyes my life is an epitome of success. However, aside from work, I have little joy. In the end, wealth is only a fact of life that I am accustomed to. At this moment, lying on the sick bed and recalling my whole life, I realize that all the…
Don’t cry, mother Sri Lanka
The truth is we never give you up
All through our wild days, the mad existence
We kept our hopes, Don’t let it run dry now…
— — — — — — — — — —
ඔක්කොම කර්මාන්ත කරං
සිරිමා නැහුනේ රටට කොරං
ජයවර්දෙන කපටි බොලං
ඇරිය නේද රටට ඉතිං
චන්ද්රිකාව වැටුනේ නං
වෙලාවටම තමා ඉතිං
මරා ගියා “ඉරිසියාව” උඩිං
ඒ මර අස්සේ රජුට ඇඳං
සිරා කෑවෙ නිකංබලන්
සනිල් නෑවේ සරං ඇදං
නොවි-වියත්මග ෆේල්නෙ බං
ඇයි ඔච්චර අවුලෙන් දැන්
පොලවේ උඩම පා ගහහං
මා සීතාවෝ නැලවේ දැං
පොල්තෙල් දැං ටෝක්සින් නං
අර මක්කෙටයි ෆාම් තෙල්…
ඉතිහාසය පුරා ලංකාවේ අපි වැරදි කොනින් ප්රශ්න අල්ලාගත් මිනිස්සු වෙමු. ඉංග්රීසි වෙනුවට ස්ව භාෂා ප්රතිපත්ති වලින් පටන්ගෙන එයම සිවිල් යුද්ධයක් කරගෙන සහ වසර 30 ක බටහිර ඩයස්පෝර genocide කතාවලට යටවී දැන් ecocide එකක් අල්ලාගෙන තවම පෙරහරේ යමින් සිටිමු.
Unlimited net Connection in Sri Lanka?
පාකිස්ථානයේ සහය ඇතුව Number portability පහසුකම ඔක්තෝම්බර් මාසයේදී ශ්රී ලංකාවට හඳුන්වා දිමට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන පසු වෙන බව පවසයි.
පසුගිය මාර්තු 01 වෙනදා වෙන විට ශ්රී ලංකාව සදහා හදුන්වා දිමට හැකි Unlimited Internet Packages පිළිබඳ විස්තර ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දෙන මෙන් ඔවුන් ලංකාව තුල සේවා සපයන සියලු ජංගම දුරකථන සේවා ආයතන වෙත දැනුම් දි තිබුණු අතර ඔවුන් විසින් මේ වෙන විටත් මහජනතාව වෙත ලබා දිමට හැකි විවිධ Unlimited Internet Packages පිළිබඳ තොරතුරු ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දි තිබෙනවා.
…
සිසුන් අධ්යාපන කටයුතු සඳහා බොහෝ විට Google Search Engine එක භාවිතයට ගනු ලබනවා.ඒ ඔස්සේ අප අධ්යාපනික ගැටලු විසදා ගැනීමේදී සහ අලුත් දෑ ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේ පහසු කිරීමට Google Search Engine එකට ලබාදී ඇති ඉතා ප්රයෝජනවත් Tools පහක් ගැනයි අද අප මෙම ලිපියෙන් විග්රහ කරන්නෙ.
මෙහිදී සිදුවන්නේ ඔබ විද්යා හෝ ගණිත සංකල්පයක් පිළිබදව search කිරීමේදී එම සංකල්පයට අදාළව දළ විශ්ලේෂණයක් , උදාහරණයන් , ඊට අදාළ මූලාශ්ර සහ වීඩියෝ පෙන්වයි ඒ හරහා ඔබට අවශ්ය මූලාශ වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස Chemical Bonds ලෙස search කිරීමේදී රසායනික බන්ධන වලට අදාලව ඉහත සදහන් කළ දෑ දර්ශනය වන අයුරු ඔබට දැකගත හැකිවනු…
පරිසර හඬ දියාරු කිරීම.
පරිසර කූඩාරමට හොම්බ ඔබාගත් ඔටු දේශපාලන අනාථයින් සහ NGO අවස්ථාවාදීන් නිසා අන්තිමේදී වෙන්නේ පරිසර හඬ දියාරු කිරීමයි.
මේ දවස්වල ලොකෙ ම “ඇක්ටිවිසම්” නැත්නම් උද්ඝෝෂණ ගිහිල්ලා තියෙන්නෙ හිඟන්නගෙ තුවාලෙ ලෙවල් එකට.
නිකං බැලූ බැල්මට පේනව පරිසර bandwagon එක අස්සේ නැගල ඉන්නෙත් දේශපාලන අවතැන්, NGO නඩ, කුමක් කෝකටත් පාං පත්තු කරල එදාවේල හොයාගන්න පොදු අනාතයෝ රැළක්. ඉතිං මේකෙත් ඒ “පිළී ගඳ” එන එක නවත්වන්න බෑ.
ඔය අස්සෙ සැබැ පරිසර ලෝලියොත් සෑබෑ ප්රශ්නයට (මිනිසුන් ගස් කපන එකට) අවශ්ය ප්රායෝගික sustainable විසදුම් යෝජනා කරන්න පේන්නවත් නෑ, ඔහේ රැල්ලට කෑ ගානවා මිසක. ඉතිං ඒගොල්ලෝත් අර ජරා ගොඩේම වැටෙනවා.
මායිම් ගමේ අය…
How to join Sipwaruna Cyber Classes
සිප්වරුණ මාසික පන්ති ගාස්තුව සවස 6ට පෙර රු 520/- ගෙවා ඔබේ සිප්වරුණ ගිණුම TOPUP කරගන්න.
DIGITALNATION (PVT) LTD
Commercial Bank
Delkanda
1000292235
ඔබේ ජංගම දුරකතනයේ mCash පහසුකම ඇත්නම් 0718 922 323 අංකයට ඉහත ගෙවීම් යොමු කරන්න. නැතිනම් එම පහසුකම සහිත Commiunication ආයතනයකින් ගෙවීම සිදුකරන්න.
දැන් බැංකු කුවිතාන්සිය හෝ mCash නම්, ඔබට හෝ එම communication ආයතනයට ලැබෙන mCash Reference අංකය සඳහන් කර වට්ස්ඇප් මාර්ගයෙන් 0718 922 323 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ. …
Life is a rollercoaster! Love the free fall! | hplt_2 |
ඔබතුමන්ලා ඔය කියන විදිහට නිල් චිත්රපටයක් කවුරැ හරි නිර්මාණය ය කලෙතේ කලා නිර්මාණය ක් වාරනය කරන්න හොදනැ කියලා විකාශනය ට අවසර දේනව ද? ඔන දේකට අවසර දි ගන්න එත් කාලකණ්ණි කාළා කාරයෝ කියන උන්ට බුදු දහම විකුර්ති කරන්න කිසිම අයිතියක් නැ.
-
-
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
අනවශ්ය ලෙස නම් වලට බයවෙලා යම් වාරණ ක්රියාත්මක කලාම අවසානෙ කිසීම වැදගැම්මකට නැති නිර්මාණ සමාජෙ තුල ලොකු ආන්දෝලන ඇතිකරමින් පැතිරෙනවා... අන්තර්ජාලය ඇති යුගයේ යම් නිර්මාණයක් වරක් නිකුත් උනාට පසෙ එහි හොරකොපි හෝ නරඹන්න/කියවන්න වාරණ හේතු වෙනෝ..Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
අදහස හොඳයි. නමුත් කළා නිර්මාණයේ අන්තර්ගතයත් සමග කිසිම සම්බන්ධයක් නැති “නමක්” යොදා එමගින් ආගමික විශ්වාස සමච්චලයට ලක්කර අලෙවි ප්රචාරයක් ලබා ගන්නට තැත්කරනවා නම් එය වාරණයට ලක් කල යුතුයි. අල්ලාහ්, ජේසුතුමා හෝ එම ආගම් වැකි මෙලෙසම සමච්චලයට ලක් කළහොත් ඔවුන් එයට ඉඩ දෙයිද? ඔබ ඉඩ දෙනවාද?Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
But People not taking positivelyThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
වාරණය හා එකඟ විය නොහැකි වුවත්, ගුණාත්මක නිර්මාණ සමාජගත කිරීමට රජයක් විසින් කිසියම් හෝ මැදිහත්වීමක් කළ යුතු නොවේද? සාමාජ චින්තනය ඉහළ තැනකට ඔසවා තබන නිර්මාණ වලට රාජ්ය අනුග්රහය ලබා දිය නොහැකි ද? එය වාරණයට බලපවත්නා පටු දෘෂ්ඨියකින් නොව, ඥාණාන්විතව කළ යුතු නොවේද?Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
New conversation
-
Man with a sense right?
- End of conversation
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
ප්රදර්ශන සංදර්ශන නම් මහින්ද රාජපක්ෂත් කරේ.ප්රදර්ශන වලට වඩා වැඩ තමා වැදගත් වෙන්නේ. කාර් වල යන්න හිටපු තරුණයන්ට බයික් එකක් වත් ගන්න බැරි තත්වයක් උදා කරලා,හොරුත් ආරක්ෂා කරලා,මහ බැංකුවත් සුද්ද කරලා,පාසල් ළමයින්වත් ගොනාට අන්දපු ආණ්ඩුවක් මහත්තයෝ මේක.තොපිට හෙන හත ගහනවා.
#LKA
-
-
ප්රදර්ශන සංදර්ශන නම් මහින්ද රාජපක්ෂත් කරේ.ප්රදර්ශන වලට වඩා වැඩ තමා වැදගත් වෙන්නේ. කාර් වල යන්න හිටපු තරුණයන්ට බයික් එකක් වත් ගන්න බැරි තත්වයක් උදා කරලා,හොරුත් ආරක්ෂා කරලා,මහ බැංකුවත් සුද්ද කරලා,පාසල් ළමයින්වත් ගොනාට අන්දපු ආණ්ඩුවක් මහත්තයෝ මේක.තොපිට හෙන හත ගහනවා.Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Actually this is
#yahapalana propeganda.Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
මේ දැයට කිරුල ප්රදර්ශනයමද? නැතිනම් නම වෙනස් කරලා පොඩ්ඩක් රොක් කරලා වගේ වැඩක්ද? මේක අලුත්ම වැඩක් නම් දැයට කිරුල ප්රදර්ශනයත් තියන්න, පුරුදු විදියටම. ඕනනම් මහපොළ ප්රදර්ශනෙත් තියන්න. හැබැයි ආණ්ඩුවේ හා කොලු
@MangalaLK ගේ හෙළුව වහන්න නිකන් මිනිස්සු නොමග යවන්න එපා. #yahapalanaya, #lka
-
-
මේ දැයට කිරුල ප්රදර්ශනයමද? නැතිනම් නම වෙනස් කරලා පොඩ්ඩක් රොක් කරලා වගේ වැඩක්ද? මේක අලුත්ම වැඩක් නම් දැයට කිරුල ප්රදර්ශනයත් තියන්න, පුරුදු විදියටම. ඕනනම් මහපොළ ප්රදර්ශනෙත් තියන්න. හැබැයි ආණ්ඩුවේ හා කොලුThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
අනේ හලෝ මේ හැමදාම මහින්දට බැන බැන ඉන්නැතුව රටේ තියෙන ප්රශ්න වලට උත්තර හොයනවකෝ. රෙද්ද
-
-
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
New conversation
-
2012 අපෙ රිසර්ව්ස් වැඩිවෙලා තියනව, එ නිසා එදා එකල දෙ රටට අහිතකරව බලපාප නැහැ, එ විතරක් නෙමෙ 2012 ඉතිහාසයෙ ලොකුම වර්දයනත් ඇති කලා..එ නිසා, එද දෙ හා අද අමන වැඩ බැරි හොරු රැලකගෙ කෙරුවාව එක්ක සන්සන්දනය කරන්න බැහැ#වැඩබැරියහපාලනයpic.twitter.com/HcxEO2q19R
-
What’s the point of increasing reserves through debt? How is that a policy decision that is sustainable in the long run?
- 9 more replies
-
-
-
ඔව් අන්න ඉමරාන් ඛානුත් කියල තිව්නෙ ෆෝබස් එකේ.... වැඩ බැරි ටාසන්ල ටික බැරිනම් දීල ගෙදර යනවකො බැරිමරගාත් අල්ලගෙන තප්පුලන්නැතුව .. ඔය ප්රස්ථාරෙ තියන එකවත් කියවගන්න පුලුවන් ද? කාවද මේ රවට්ටන්නෙ?Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
අනේ ටේලරයෝ මහින්දට බැන බැන ඉම්නේ නැතුව කරන්න බැරිනම් දීල පලයන් මිනිහෝ..මේ රට තොපි වගේ ඇපතයො පයගහන්නවත් සුදුසු නෑ..පොන්සි රෑන..Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Ha ha.. export % drop when GDP increase.. or else talk with absolute numbers. These are good for galleryThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
අවුරුදු 3 ක් ගිහිල්ලත් තාම මහින්ද .... තමුන්ලා කිසිම හැකියාවක් නැති දෙශපාලන අනාතයො ටිකක්... මහින්ද කෙරෙහි වයිරය වපුරන් නැතුව ස්වාදින දෙශපාලන පැවැත්මක් හදාගන්න බැ කාලකන්නි ටික අවුරුදු 3 නෙ කරපු දෙයක් කියනවකොThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
ඔය ආන්ඩුවට යුද්ධේ තිබ්බනම් අපි මැරිලා බොලව්.. කෝ මහබැංකුවේ සල්ලි ? ඔය වැල් බයිලා වලින්.. අපිට වැඩක් නෑ.. කරන්න බැරිනම් පලයව්..Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
හහා, අහහා.. අහහහා ... ඔයාලෑ ගෙදර ලැට් එකේ වල පිරුනමත් ඔය ගැම්මට මහින්දට එහෙම බනින්නෙපා... හහා, අහහා.. අහහහාThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
තමුං ලා මහින්ද මහින්ද කිය කියා කන්නයි රෙන්නයි යද්දී කියව කියවා හිටියට රටට වගතුවක් වෙන් නෑ.. මිනිස්සු තමුංලා වෙනුවෙන් වියදං කරන සල්ලි වලට හරි යන්න වැඩ කරනවලා..තොපි මහින්දට බැන්නට බඩු වල ගනං අඩු වෙන් නෑ.Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
ef3
Welcome to qsFOX
සුභපැතුම් ඔබ සාර්ථකව qsFOX ස්තාපනය කර අවසන්.!!!
ස්තාපනයෙන් පසු Firefox status bar හි අළුත් අයිකන දෙකක් එකතුවෙයි.
- qsFOX අයිනය ක්ලික් කිරීමෙන් ඔබට විජේසේකර යතුරු පුවරුවේ සැකැස්ම හා singlish භාවිතා කරන අන්දම පිළිබඳව දැනුවත් විය හැක.
- ඊට යාබදවම ඇති EN අයිනය ක්ලික් කිරීමෙන් යතුරු පුවරු මාරුවීමටත් දැනට ක්රියාත්මකව පවතින යතුරුපුවරුව පිළිබඳව දැනුවත් විමටත් හැකිය.
- එහි EN යනුවෙන් දැක්වේ නම්, දැනට ක්රියාත්මකව පවතින්නෙ ඉංග්රීසි යතුරු පුවරුවයි.
- එහි වි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්රියාත්මකව පවතින්නෙ විජේසේකර යතුරු පුවරුවයි.
- එහි සි යනුවෙන් දැක්වේ නම්, දැනට ක්රියාත්මකව පවතින්නෙ singlish යතුරු පුවරුවයි.
- singlish යතුරු පුවරුවේදී සිංග්රීසි ටයිප් කර spacebar press කලවිට ඉංග්රීසි ෆොන්ටයෙන් සිංහල යුනිකේතවලට මාරුවේ.
F8 :- ඉංග්රීසි යතුරු පුවරුව.
F9 :- විජේසේකර යතුරු පුවරුව.
F12 :- singlish යතුරු පුවරුව.
අලුත්ම තොරතුරු, යාවත්කාල කිරීම් හා උපකාරක සඳහා http://qsfox.mozdev.org/ සමඟ රැඳී සිටින්න.
0 | hplt_2 |
Produced byCairo Rich
Release DateMarch 23, 2019
කවුද ගණන් උස්සන්නේ?(ගණන් උස්සන්නේ)
අපි නම් නෑ ගණන් ගන්නේ. (නෑ ගණන් ගන්නේ )
අනන්තේ අල්ලන්නේ
කිසි දෙයක් නෑ හංගන්නේ
ආපු දාට වසන්තේ, රත්තරං වැස්සක් වස්සන්නේ
Intro -
අහන්නේ මගෙන් "Chain කෝ අලුත් සින්දු?"
(පටන් ගත්තොත් නවත්තන්නෑ Nigga)
ඇහුවා ඇති විරිඳු ඕනේ පට්ට සින්දු
(කවුද රඟන්නේ ඩෝ The Champ is here.)
Video එකේ views වල වැඩි වේවි බිංදු
( උඹේ කෙල්ලට නැති වෙයි බන් දැන් සිහිය)
වැඩක් නෑ බන් තනතුරු නම්බු තියන් ගහපන් බම්බු
(දැනුයි දාන්නේ කොල්ලො බෝම්බ අල්ලපිය!)
1st Verse -
ඉහළ නම රැන්දු දවසක කියන්නම් සේරම දේවල්
ලේසියෙන් කාගෙන්වත් අහන්න ලැබෙන්නේ නෑ බන් මේවා
ආයුබෝ වේවා! හිතෙන් කිව්වේ කෙලවේවා
එහෙම එවුන් හිටියේ වැඩක් නෑ කියලා ඒවා
සල්ලි වලට ගහන්නේ plan
මම තමයි man
මාව set නෑ? ඵ්වා වැඩක් නෑ
මොණරු එන්නේ අතට බලන්නෙ නැතුව දිවා රෑ
කෙල්ලෙක් දිහා දෙසැරයක් බැලුවා කියන්නේ ඉතිං හෑ.....
කවුද ගණන් උස්සන්නේ.....//
2nd Verse -
Keep it low. Beat ඵක හොඳටම dope
BLG ඩෝ ! ලොකු line නෑ bro
කොල්ලො කෙල්ලෝ නටන්නේ පැලෙන්න dance floor
අපි වන්ඩි බැස්සුවොත් පොලිසියත් on the go
ඉතිං කෝ? අත් උඩ අත් උඩ පේන්න රටටම
පැතිරෙයි සද්දෙ බස්නාහිර අවටම
සැරටම දෙන්නම් සින්දු මුලු දවසම
අහසම අල්ලන්න ගෙවෙන්නේ මුලු හවසම
දඟලන්නේ, ගලපන්නේ, කවුද Hip Hop එක තැන මරවන්නේ?
සලකන එකාට ඉහලින්ම සලකන්නේ
ගියොත් වටයක් ආයෙත් නෑ භාරගන්නේ
3rd Chorus -
කවුද ගණන් උස්සන්නේ
About
Artist – C Chain
Producer – Cairo Rich
Lyrics – C Chain
Video director – Nick Leoz | hplt_2 |
ජන 18 කොරෝනා ගැන බිය නොවෙන ලෙස පවසා වුහාන් ප්රාන්ත රජය නගරවාසීන් ලක්ෂයක සහභාගිත්වයෙන් වයිරසය පැතිරීම පටන් ගත් තැන සිට සැතපුම් 3ක් දුරින ආහාරබෝජන සංග්රහයක් පැවැත්වීම ජන 19 වයිරසය ගැන අනිසි බියක් ඇතිකර ගතයුතු නැති බව චීන බලදරින් පැවසිම 2/4
-
New conversation
-
Show this thread
-
ජන 21 චීන අවුරුද්ද සැමරීමට මිලියන ගණන් වැසියන් වුහාන් වෙත පැමිණීම ජන 22 වුහාන් බලදාරින් ජනයාට මුහුණු ආවරන පළදින ලෙස ප්රකාශ කිරීම ජන 23 වුහාන් ගුවන්තොටුපල වසා දැමීම. කෙසේවෙතත් රෝග ලක්ෂණ නොමැති අය හට ගුවන් ගත වීමට අවස්ථාව ලබාදීම 3/4Show this thread
-
ජන 23 බලදාරින් වුහාන් පළාත වසා දැමීම හා ඒ වනවිටත් නව වසර සැමරීමට පැමිණි මි.5ක ජනතාව ආපසු ගොස් සිටීම ජන 29 නැවත වතාවක් කොරෝනා ගැන කතා කිරීම නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ජන 30 තත්වය සැලකිල්ලට ගෙන ලෝ. සෞ සං. හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කිරීම 4/4
#koronaviruesShow this thread
End of conversation
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information. | hplt_2 |
Strategy meeting of the Core Team 7‐8, March 2016, Geneva, Switzerland
HIGH-LEVEL POLITICAL FORUM 2020 UNDER THE AUSPICES OF ECOSOC
The High-level Political Forum, United Nations central platform for follow-up and review of the 2030 Agenda for Sustainable Development and the Sustainable Development Goals, provides for the full and effective participation of all States Members of the United Nations and States members of specialized agencies.
Please Click Below To Read More
SDG 1 – Applying human rights standards for the governance of social protection will unleash its transformative potential
By Sylvia Beales and Nicola Wiebe, Global Coalition for Social Protection Floors
“Implement nationally appropriate 2000 social protection systems and measures for all, including floors, and by 2030 achieve substantial coverage of the poor and the vulnerable” (SDG Target 1.3).
The 2030 Agenda and its 17 interrelated goals are grounded in the Universal Declaration of Human Rights, international human rights treaties, the Millennium Declaration and the 2005 World Summit Outcome Document. The Agenda recognizes that economic growth alone misses those left furthest behind, and its transformative vision is to reach the furthest first, to leave no one behind, to empower the disadvantaged and to end poverty in all its forms everywhere by 2030.
Social protection is key to accomplishing this vision and is mandated in SDG 1, target 1.3. When properly designed, social protection effectively prevents and reduces poverty and inequality. Guaranteed social protection supports improved nutrition and access to essential services and can therefore interrupt the vicious cycle of poverty and its intergenerational transfer. Universal access rights to social protection means that those at extreme disadvantage can be reached, which contributes to overcoming deeply rooted experiences of discrimination and exclusion, disempowerment and gender inequality. But currently only 29 percent of the global population count on comprehensive social protection over the lifecourse and for the different contingencies that may occur. 1 Fewer than 16 percent of older people in low-income countries have a pension, with older women less likely than older men to receive one. 2
The human rights framework sets out the moral and humanitarian imperative for social protection for all. Good governance based on this framework is essential to the effective delivery of social protection, necessary to unleash its transformative potential. Adherence to a human rights-based approach necessarily translates into a clear legal framework, transparency and accountability. It requires appropriate institutional capacity and coordination, and bottom-up participation of relevant stakeholders. It also requires global social governance coherent with 2030 Agenda commitments.
To Read the full report CLICK Here.
FilM
A Women’s Movement Rising
“Mahila” tells three stories of empowerment in India’s rural Dalit communities. For ages, Dalit women have suffered from triple oppression — from discrimination based on their gender, their caste and their impoverished economic class. The women of “Mahila” have found a rare voice and an important standing in their communities, and in the wider India. They’ve achieved this through education, through the access to credit and training to form businesses, and through awareness of their rights as citizens.
“Mahila” introduces us to three generations of Dalit women who represent a movement that is changing the face of India. Young Indira gets her parents full support to fulfil her dream of becoming a teacher. Jaysree leads a women farmers’ cooperative that negotiates fair prices for their dairy production. And, finally, Mary Rani is the first Dalit woman to be elected president of her village.
The Good Shepherd sisters, who have advocated for women’s and Dalit’s rights in India for the past 30 years, lead this movement, supporting hundreds of girls and women out of oppression through education, economic justice and human rights.
ආණ්ඩුවේ පරාජයේ මරලතෝනියේ දෝංකාරය
යටපත් කිරීමට රාජිත- මංගලගේ කංකෙදිරිය.
“Social Protection and Sustainable Development Goals: A Joint Agenda”
This document outlines the main results derived from the event that brought together Core Group members of the Global Coalition for Social Protection Floors and Latin American social protection experts for three days in Buenos Aires. The exchange with the experts over the first two days resulted in technical and methodological recommendations as to how best to link Social Protection Floors and Social Development Goals, as well as a thorough analysis of the social protection challenges and opportunities in each world region. The third and last session dealt with future planning for the Coalition and resulted in several concrete decisions. It was agreed that the GCSPF ought to focus on helping build national coalitions in four selected countries (Zambia, Myanmar, India, El Salvador), as well as supporting one regional coalition, that of the Southern Cone in South America. Significant progress was also made with regard to future plans for the drafting of a resolution to be presented at ECOSOC and in connection with updating the Coalition Terms of Reference. It was also agreed that Coalition members will write shadow reports on the countries that the UN Committee on Economic, Social and Cultural Rights will be monitoring. Finally, a new administrative arrangement was set up, with FES securing the necessary funds to support one person from Social Watch to take over all Coalition-related administrative duties.
Click Here to Read Full Report
ජාත්යන්තර ස්ත්රී දිනයේ ඉතිහාසය අසමානත්වයට එරෙහි අරගලයේ කේන්ද්රය වන්නේය.
…අප පෙරමුණට, පෙරමුණට ළඟාවන විට, අපි ශ්රේෂ්ඨ දිනයන් ගෙන එන්නෙමු.
ස්ත්රීන්ගේ නැගිටීමෙන් මිනිස් වර්ගයාගේ නැගීම අදහස් වන්නේය.
වහලා සහ අලසයා තවදුරටත් නොමැත– එකකු ගිමන් හරින විට දහයක් වෙහෙසව වැඩ කරති.
එනමුත් ජීවිතයේ ශ්රේෂ්ඨත්වයන් බෙදා ගැනීමක් : පාන් සහ රෝස මල් ! පාන් සහ රෝස මල් !
-1911 දී ජේම්ස් ඕපෙන්හෙයිම් ලියන ලද කවියකි-
1907 මූලාරම්භය
ජාත්යන්තර ස්ත්රී දිනයේ මූලාරම්භක සිදුවීම් අපට දැකිය හැකි වන්නේ 1907 දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇගලුම් කර්මාන්තයේ යෙදී සිටි ස්ත්රී කම්කරුවන්ගේ පෙළපාලියකිනි. ඇඟලුම් කම්කරුවන්ගේ සේවා තත්ත්වයන් නඟා සිටුවීම සහ ස්ත්රීන්ට ඡන්ද බලය ලබා ගැනීමේ ඉල්ලීම පදනම් කරගෙන ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටි ස්ත්රී කම්කරුවන් 15,000 ක් පමණ නිව්යෝර්ක් නගරය හරහා පෙළපාලි දැක්වූහ. 1857 ස්ත්රී කම්කරුවන්ගේ පෙළපාලියට එල්ලවූ අමානුෂික පොලිස් ප්රහාරය පිළිබඳ මතකය සනිටුහන් කිරීම මෙන්ම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, හොඳ වැටුපක් ලබා ගැනීම සහ ඡන්ද අයිතිය ලබා ගැනීම මෙම පෙළපාලියේ ඉල්ලීම් වූහ.
එහෙත් ජාත්යන්තර ස්ත්රී දිනයේ සමාජවාදී මූලයන් පිළිබඳව අවධානය කරන්නවුන් පවසනුයේ ඉහත සිද්ධීන් ජාත්යන්තර ස්ත්රී දිනයට අදාළ සිද්ධීන් නොවන බවත්, ජාත්යන්තර ස්ත්රී දිනයේ සමාජවාදී මූලයන් අකාමකා දැමීමට ‘ශීතල යුද්ධය‘ සමයේදී නිර්මාණය කරන ලද මිත්යාවක් වන බවත්ය.
1909 දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්රථම 1ff8 ජාතික ස්ත්රී දිනය සැමරේ!
1909 පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ප්රථම ජාතික ස්ත්රී දිනය ( National Women’s Day ) පැවැත්විණ. එහිදී නිව්යෝර්ක් නගරයේ පැවති රැළිය ඇමතූ චාලට් පර්කින්ස් ජිල්මන් ( Charlotte Perkins Gilman) මෙසේ පැවසීය. “ ස්ත්රියගේ කාර්යභාරය ඇගේ නිවස සහ මාතෘත්වයට කේන්ද්රීයවී තිබීම සත්යයකි. එහෙත් නිවස යනු සම්පූර්ණ රටම ලෙස සැලකිය යුත්තේය. නිවස යන්න නගරයක හෝ ප්රාන්තයක හෝ කාමර තුන, හතරකට සීමා නොකළ යුත්තේය. “
1910 දී දෙවන ජාත්යන්තර ස්ත්රී සමුළුව පැවැත්වෙයි.
දෙවන ජාත්යන්තරයේ මහා සමුළුවට ප්රමයෙන්, දෙවන ජාත්යන්තර ස්ත්රී සමුළුව කෝපන්හේගන් නගරයේදී පැවැත්වූ අතර රටවල් 17 කින් පැමිණි ස්ත්රීන් 100 දෙනෙකු පමණ සහභාගිවූහ. මෙම ස්ත්රීහු වෘත්තීය සමිති, සමාජවාදී පක්ෂ සහ ස්ත්රී කම්කරුවන්ගේ මණ්ඩල නියෝජනය කළහ. ඒ අය අතර පින්ලන්තයේ පාර්ලිමේන්තුවට ප්රථමවරට පත්වී තිබූ ස්ත්රීන් තිදෙනාද ඇතුලත් වූහ. මෙම සමුළුවේදී ජර්මානු සමාජවාදිනියකවූ ලුයිස් සියෙට්ස් (Luise Zietz) විසින් ඊළඟ වසරේදී, එනම් 1911 දී ‘ජාත්යන්තර ස්ත්රී දිනය‘ පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනාව ඇගේ සමාජවාදී සගයෙකුවූ ක්ලාරා සෙට්කින් ( Clara Zetkin) විසින් ස්ථීර කරන ලදී. මෙහි ඇති සිත් ඇදගන්නා කරුණක් වනුයේ ක්ලාරා ෂෙට්කින් ස්ත්රීවාදීන්ගේ විරුද්ධවාදිනියක් වීමයි. එහෙත් ඇය ස්ත්රී කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වයන්ට අවධානය යොමු කිරීමට හැමවිටම උත්සාහ කළහ. කෙසේ වෙතත්, මෙම සැමරීම සඳහා නිශ්චිත දිනයක් එම සමුළුවේදී නියම නොකරන ලදී.
1911 දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය තුළ ප්රථම ජාත්යන්තර ස්ත්රී දිනය සැමරෙයි!
1911 මාර්තු 19 වන දින ඔස්ට්රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ ජාත්යන්තර ස්ත්රී දිනය සමරනු ලැබිණ. මෙම වසරේදී ලෝකය පුරා පැවති ජාත්යන්තර ස්ත්රී දින රැළිවලට ස්ත්රීන් සහ පිරිමින් මිලියනකට වඩා සහභාගි වූහ. ඔස්ට්රියාව සහ හන්ගේරියාව තුළ පමණක් පොළපාලි සහ උද්ඝෝෂණ 300 කට වඩා පැවති අතර ලිංගික අඩු-සැලකිලි දැක්වීම අවසන් කිරීමටත්, වැඩ කිරීමට ස්ත්රීන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීමටත්, ඡන්ද බලය ලබා ගැනීමටත්, වෘත්තීය පුහුණුව ලබා ගැනීම සහ දේශපාලන හා පරිපාලන ආයතන තුළ තනතුරු දැරීමට අයිතිය සඳහාත් ඔව්හු හඬ නැඟූහ.
1911 මාර්තු 11 දා, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබූ “ත්රිකෝණ කමිස පැක්ටරියේ“ ඇතිවූ ගින්නට අවාසනාවන්ත ලෙස කම්කරුවෝ 140 කට වඩා බිලිවූහ. මින් වැඩි දෙනෙකු ඉතාලි සහ ජුදා ජාතික සංක්රමණික ස්ත්රී කම්කරුවෝ වූහ. මෙම ගින්න පිළිබඳව විභාග කිරීමට කොමිෂමක් පත් කරන ලදී. මෙම කාලය තුළ පැවති ස්ත්රීන්ගේ උද්ඝෝෂණවල ප්රතිඵලයක් වශයෙන් පොදුවේ ගත් කළ ඇඟලුම් කම්හල්වල කම්කරුවන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව රජයේ කම්කරු නීති රීති කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදී. මේ අනුව පෙනී යන්නේ ජාත්යන්තර ස්ත්රී දින සැමරුම් වල කේන්ද්රය වනුයේ ස්ත්රී කම්කරුවන් බවයි.
1912 ‘පාන් සහ රෝස මල්‘
වඩා හොඳ සහ ආරක්ෂිත සේවා තත්ත්වයන් සහ ඉහළ වැටුප් සඳහාවූ ඉල්ලීම ඉදිරියට ගෙනයාම ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ලෝරන්ස් පෙහෙකම්‘ වර්ජනයේ අරමුණ විය. මෙම වැඩ වර්ජනයේ ආසන්නම හේතුව වූයේ කම්කරුවන්ගේ වැටුප් පහත දැමීමට ප්රතික්රියා දැක්වීමය. මූලික වශයෙන් මෙම වැඩ වර්ජනයට නායකත්වය දෙන ලද්දේ සංක්රම 2000 ික ස්ත්රී කම්කරුවන්ය. “ පාන් සහ රෝස මල්“ යන සටන් පාඨය මෙම වැඩ වර්ජනය තුළින් මතුවූයේ යැයි කියැවේ. එනමුත් මෙම යෙදුම පළමුවෙන් සඳහන්වී ඇත්තේ 1911 දී ජේම්ස් ඕපෙන්හෙයිම් ලියන ලද කවියක් තුළය.
As we come marching, marching, we bring the greater days.
The rising of the women means the rising of the race’
No more the drudge and idler – ten that toil where one reposes,
But a sharing of life’s glories : Bread and roses! Bread and roses!
1914 – 1916 යුධ කාලීන උද්ඝෝෂණ ව්යාපාරය
මෙම කාලය අතරතුර යුරෝපය පුරා ස්ත්රීහු යුධ විරෝධී ව්යාපාරයට සහයෝගය දක්වමින් උද්ඝෝෂණ හා රැළිවලට සහභාගිවූහ. එම යුධ විරෝධී ව්යාපාරයට සහයෝගතාවය ප්රකාශ කළහ. සාමය සඳහා උද්ඝෝෂණ ව්යාපාරයේ යෙදෙන අතරම, රුසියානු ස්ත්රීහු සිය ප්රථම ජාත්යන්තර ස්ත්රී දිනය පැවැත්වූහ.
1917 දී රුසියාව තුළ දැවැන්ත උද්ඝෝෂණයන්
රුසියන් විප්ලවයට ආසන්නව තිබියදී, රුසියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ ව්යාපාර දැකිය හැකිවිය. මෙම උද්ඝෝෂණවලට පදනම වූයේ ජීවන තත්ත්වයන් කඩා වැටීම, අත්යාවශ්ය ආහාර සැපයුම අඩුවීම, භාණ්ඩ හිඟයට විරෝධය දැක්වීම විය. මෙහිදී ප්රධාන වශයෙන් ස්ත්රීහු ප්රමුඛත්වය ගත් අතර පුරුෂයන්ද සම්බන්ධවී සිටියහ. 1917 පෙබරවාරි මස අවසාන ඉරුදින පැවති උද්ඝෝෂණ ව්යාපාරයට රුසියන් ස්ත්රීවාදිනියකවූ ඇලෙක්සැන්ඩ්රා කොලොන්තායි විසින් නායකත්වය දෙන ලදී. ( ජෝර්ජියන් කැලැන්ඩරයට අනුව මෙම දිනය මාර්තු 08 වන්නේය.) අනතුරුව මෙම උද්ඝෝෂණ ව්යාපාරය අනුස්මරණය කරමින් සෝවියට් දේශය 1922 පටන් පෙබරවාරි 23 දින (මාර්තු 08) ස්ත්රී දිනය සමරන ලද අතර 1922 දි ලෙනින් විසින් මෙම සැමරීම නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
1945 න් පසු කොමියුනිස්ට් ලෝකයේ සැමරීම්වලට සමගාමිව බහුවිධ සැමරීම් දක්වා වෙනස්වීම
සෝවියට් දේශය විසින් නිල වශයෙන් ප්රකාශ කරන ලද හා 1949 දී චීනය විසින්ද නම් කරන ලද ජාත්යන්තර ස්ත්රී දිනය 1970 මැද භාගය දක්වාම නිල වශයෙන් සමරනු ලැබුවේ සමාජවාදී රටවල් තුළය.
1945 න් පසු වකවානුව තුළ, ජාත්යන්තර ස්ත්රී දිනය කම්කරු පංති ස්ත්රීන්ගේ උද්ඝෝෂණ දිනයක තත්ත්වයේ සිට බහුවිධ ස්ත්රී දින දක්වා පරිවර්තනයකට ලක්විය.
1975 – 1977 : 1975 වර්ෂය ජාත්යන්තර ස්ත්රී වර්ෂය ලෙස නම් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රථමවරට ජාත්යන්තර ස්ත්රී දිනය සැමරීම
1975 වර්ෂය ‘ජාත්යන්තර ස්ත්රී වර්ෂය‘ ලෙස නම් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වනදා ‘ජාත්යන්තර ස්ත්රී දිනය‘ සැමරීම ආරම්භ කරන ලදී. අනතුරුව, එනම් 1977 දෙසැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරමින්, මාර්තු 08 වනදා “ ස්ත්රී අයිතීන් සහ ජාත්යන්තර සාමය සඳහාවූ එක්සත් ජාතීන්ගේ දිනය“ වශයෙන් ප්රකාශයට පත් කළේය.
“United Nations Day for Women’s Rights and International Peace to be observed on any day of the year by Member States, in accordance with their historical and national traditions.”
මේ ආකාරයෙන් ‘ජාත්යන්තර ස්ත්රී දිනය‘ කම්කරු ස්ත්රීන් ඇතුළු පීඩිත ස්ත්රීන්ගේ පීඩනයට හා අඩු සැලකිලි දැක්වීමට එරෙහිව නැඟී සිටින හා උද්ඝෝෂණය කරන පීඩිතයන්ගේ දිනයක් වෙනුවට ලෝකයේම සිටින පීඩකයන්ගේ (ධනපති පාලකයන්ගේ) උත්සව දිනයක් බවට ‘ජාත්යන්තර ස්ත්රී දිනය‘ ලඝු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය යත්න දරා ඇත.
සැකසුම: විල්ප්රඩ් සිල්වා
මූලාශ්ර: https://iwd.uchicago.edu/page/international-womens-day-history
ඕනෑම තැනක, ඕනෑම වෙලාවක වැඩ කිරීම: වැඩ කරන ජනතාවගේ ජීවිතයට ඇති කරන බලපෑම!
නවීන ජංගම දුරකථන, ටැබ්ලට්, ජංගම පරිගණක හා පුද්ගලික පරිගණක කාර්යාලවලත්, නිවාසවලත්, මහමග හෝ වෙනත් ඕනෑම තැනක සිට පාවිච්චි කළ හැකි ආකාරයෙන් ඩිජිටල් තාක්ෂණය ව්යාප්තවීම නිසා සම්ප්රදායිකව මිනිසා වැඩ කළ පිළිවෙල ඉතා වේගයෙන් වෙනස් වෙමින් ඇත. මෙමගින් ගමනාගමනයට ගත කරන කාලය අඩුකර ගැනීම සහ නිශ්පාදකතාව නැතහොත් ඵලදායිතාවය වැඩි කර ගැනීමට හැකිවීම නිසා වැඩ කිරීම සහ පුද්ගලික ජීවිතය ගෙනයාම අතර පවතින සමතුලනය වර්ධනය කළ හැකිවී ඇති නමුත් එහි ප්රතිඵලයක් වශයෙන් කම්කරුවකු නැතිනම් සේවකයකු දිනකට වැඩ කරන පැය ගණන අමතර ගෙවීමකින් තොරව වැඩිවීමටත්, වැඩ කරන වේගය අධිකවීමටත්, වැඩපල සහ ගෙදර අතර සමතුලනය බිදවැටී මෙතෙක් නොවූ අමතර ප්රශ්න පැන නැගීමට හේතුවී ඇති බවත් ජාත්යන්තර කම්කරු සංවිධානය හා යුරෝපවුන්ඩ් (ILO – Eurofound) යන සංවිධාන ප්රාශයට පත්කර ඇති නව වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
මෙම සංවිධාන දෙක විසින් යුරෝපීය සංගමයට අයත් රටවල් 10 ක් සහ ආර්ජන්ටිනාව, බ්රසීලය, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් 15 ක කරන ලද මෙම සමීක්ෂණයේ වාර්තාව එළි දක්වා ඇත්තේ “Working anytime, anywhere: The effects on the world of work” යන නමිනි.
මෙම වාර්තාව ඉංග්රීසියෙන් කියවීමට මෙම සම්බන්ධනය ටික් කරන්න.
මේ පිළිබඳව හොඳම උදාහරණය වනුයේ 2016 වසරේදී ප්රංශයේ ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරමින් ( පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය නොමැති තත්ත්වය යටතේ) හා වෘත්තීය සමිති හා වැඩ කරන ජනතාවගේ දැවැන්ත විරෝධය නොසලකා ක්රියාත්මක කරන ලද නව කම්කරු රෙගුලාසි මගින් ප්රංශයේ වැඩ කරන ජනතාවට තම නිල සේවා කාලයෙන් පසුවද කාර්යාලයේ වැඩ නොකඩවා කරගෙන යාමට බලකර ඇත. මෙම නව රෙගුලාසි 2017 වසරේ සිට ක්රියාත්මක වන්නේය. ඒ නිසා මින් ඉදිරියට කාර්යාල සේවා කාලයෙන් පසුව තමන්ට ලැබෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, ඊමේල් විමසුම්වලට පිළිතුරු යැවීමටත්, අනිකුත් කාර්යාලීය අවශ්යතා අන්තර්ජාලය පාවිච්චි කර ඉටුකිරීමටත් සේවකයන්ට සිදු වන්නේය. මේ සදහා අමතර ගෙවීමක් නොකෙරෙන හෙයින් ගෙවීමකින් තොරව වැඩිපුර වැඩ ගැනීමේ ක්රියාදාමයක් මින් ජනිත වන්නේය.
නව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මගින් 21 වන ශත වර්ෂය තුළ දෛනිකව වැඩ කිරීම හා පුද්ගලික ජීවිතය විප්ලවීයකරණය කර ඇත. එම තාක්ෂණය මගින් ජනතාවට තම මිතුරන් හා පවුලේ අය සමග මෙන්ම තම වැඩපළේ සගයන් හා විධායක නිලධාරීන් සදමගද සම්බන්ධතා පැවැත්වීම පහසු කර ඇත. මෙසේ සම්බන්ධතා පැවැත්වීම ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කළ හැක. එහෙත් මෙම නව තාක්ෂණය වැඩි වැඩියෙන් වැඩ කරන ජනතාව සූරාකෑමේ මෙවලමක් වශයෙන් යොදා ගැනීම වැඩ කරන ජනතාව වෙත එල්ලවී ඇති නව අභියෝගයක් වන්නේය.
සැකසුම: විල්ප්රඩ් සිල්වා
FTUDC Helps Flood Victims in Sri Lanka
Free Trade Union Development Centre (FTUDC) and Sri Lanka Pre-School Teachers Association collected and distributed dry foods within the Free School Teachers, who were victims of the recent floods in Sri Lanka.
Since 14 May 2016, Storms, deadly floods and Landslides in Sri Lanka have caused at least 100 dead, another 100 persons missing, 1000 of homes destroyed, nearly 300,000 displaced.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසාත්, කැළණි ගඟ ගොඩ ගැලීම නිසාත් වර්ෂා ජලය බැසයාමට ඉඩක් නොමැතිවීම හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයකට පත්වී තිබේ. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්යස්ථානයට සම්බන්ධ ශ්රී ලංකා පෙර පාසල් ගුරු සංගමය විසින් එකතු කර ගත් වියලි ආහාර විපතට ප 2000 ත් ගුරුවරියන් වෙත බෙදාදීම 2016-05-25 වෙනි දින සිදු කරන ලදි.
මෙම චාරිකාවේදී කඩුවෙල සිට වැල්ලම්පිටිය දක්වා ස්ථාන කීපයක රැදී සිටි පිරිස් මුණ ගැසී ආධාර ලබා දෙන ලදි.
Providing Dry Foods for the Free School Teacher at Wellampitiya ,who was one of the victim the floods
වැල්ලම් පිටිය ප්රදේශයේ විපතට පත් පෙර පාසල් ගුරුවරියක් මුණගැසී ආධාර දීමෙන් අනතුරුව,
Pre school at I.D.H. completely destroyed by the floods. Free School Teacher stay at the home of one of the student
අයි.ඩී.එච්. ප්රදේශයේ පෙර පාසල මුළුමනින්ම ජලයෙන් යට විය. ගුරුතුමිය ශිෂ්යාවකගේ නිවසේ රැදී සිටින විට සුවදුක් විමසීම
All the educational materials and books destroyed by the floods
ජලයට යටවීම නිසා පෙර පාසලේ සියලු ලිපිලේඛන උපකරණ විනාශ විය.
Flooding of Kelani river at Kaduwela near Rasara Free School, there was 8 feets water level and after flooding the water is still there.
කඩුවෙල රසාර පෙර පාසල අසල වාහන නැවතුම අඩි 8 ක් උසට ජලයට යටවිය. ජලය බැසයාමෙන් පසුව
The water is still in side of the Rasara Free School
රසාර පෙර පාසල ඇතුලත ජලය පිරී ඇති අයුරු
Free School Teachers are going to visit Kaduwela Pre-school with the help of Lorry Tube.
ලොරි ටියුබ් එකක ආධාරයෙන් කඩුවෙලදී යටවූ පෙර පාසල බැලීමට ගුරුවරියන් ගමන් ගත් ආකාරය
සමාජ සංරක්ෂණ තලයන් සහ පුළුල් සමාජ ආරක්ෂණ විධි ක්රමයන් ගොඩනැගීම
සමාජ සංරක්ෂණ තලයන් යනු මූලික සමාජ ආරක්ෂණය සහතික කිරීමට අවශ්ය වන්නාවූ ජාතික වශයෙන් හදුනා ගත් වැඩ පිළිවෙලකටය. එමගින් සියළුම පුරවැසියන් සදහා මූලික ආදායම් මාර්ගයක් සහතික කිරීමත්, අන්තර් ජාතිකව පිළිගත් අත්යවශ්ය සෞඛ්ය පහසුකම් සහතික කිරීමත් අදහස්වේ.
ප්රජාව අතර කෙරෙන සමාජ සංවාදයක් හරහා මෙම වැඩ පිළිවෙල ජාතික වශයෙන් හදුනා ගත යුතුව ඇති අතර එමගින් ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවකාශ ලබාදෙයි. තවදුරටත්, මෙම සහතිකයන් (ප්රතිඥාවන්) නීතිය මගින් ස්ථාපිත කළ යුතු අතර නිතිපතා උපදේශනයට සහ ඇගයීමට ලක් කළ යුතුය.
ජාත්යන්තර කම්කරු සංවිධානය විසින් ප්රධාන සමාජ සංරක්ෂණ තලයන් 4 ක් හදුනා ගෙන ඇත.
1. සෞඛ්ය ආරක්ෂණය සදහා පොදු පහසුකම් තිබීම:
- ලෝක ජනගහණයෙන් සියයට 39% ක් ම කිසිම සෞඛ්ය ක්රමයකට හෝ සෞඛ්ය වැඩ සටහනකට අනුබද්ධ වී නොමැත.
- ලොව මුළු සෞඛ්ය සදහාවූ වියදමෙන් සියයට 41% ක්ම සාමාන්ය ගෘහස්ත පසුම්බියෙන් ගෙවීමට සිදුවී ඇත.
- මිලියන 10.3 ක සෞඛ්ය සේවක හිගයක් ලෝක ව්යාප්ත වශයෙන් පවතී.
2. ළමුන් සදහාවූ සමාජ සංරක්ෂණය:
- ලොව පුරා ළමුන්ගෙන් සියයට 50% ක් දුගීභාවය තුළ ජීවත්වෙති.
- ළමා සහ පවුල් ප්රතිලාභ (දීමනා) සදහා ලොව ආණ්ඩු විසින් වෙන් කරනු ලබන්නේ දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 0.4% කි. එහෙත් මීට වැඩි ආයෝජනයක් මේ සදහා අවශ්යවී ඇත.
- විශාල වශයෙන් වැලැක්විය හැකි රෝග කාරක හේතුකොට ගෙන ළමයි 18,000 ක් දිනපතා මියයති.
3. වැඩ කරන වයසේ සිටින ජනයා සදහාවූ සමාජ සංරක්ෂණය:
- රැකියා විරහිතයන් සදහාවූ දීමනා (ගෙවීම්) ප්රතිඵලදායක ලෙස ගෙවනු ලබනුයේ ලොව පුරා රැකියා විරහිත කම්කරු ජනගහණයෙන් සියයට 12% කට පමණි.
- මාතෘත්වය සදහාවූ මුදල් දීමනා ලැබෙනුයේ ස්ත්රී කම්කරුවන්ගෙන් සියයට 28% කටය.
- රැකියාවට සම්බන්ධ (ආශ්රිත) අනතුරු සහ ලෙඩ රෝග සදහා ආරක්ෂණ ක්රම පවතිනුයේ ලොව කම්කරැ ජනගහණයෙන් සියයට 39% කට පමණි.
4. විශ්රාමික සහ මහළු පුද්ගලයන් සදහාවූ රැකවරණය:
- විශ්රාමික වයස පසුකර ඇති ජනයාගෙන් සියයට 49% කට කිසිම විශ්රාම වැටුපක් නොලැබේ.
- විශ්රාමික වැඩ සටහනකට දායකවී ඇත්තේ වැඩ කරන කම්කරුවන්ගෙන් (වයස 15 ට වැඩි) සියයට 41% ක් පමණි.
- මහළු පුද්ගලයන් මිලියන 300 කට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්ය ආදායම් මාර්ගයක් හෝ ආරක්ෂණයක් නොමැත. | hplt_2 |
Toloka is an app for earning money online without any investments. Choose tasks, complete them online or offline when it's convenient for you, and get rewarded.
Who is a good match for Toloka
Anyone can earn money in Toloka — no special knowledge is required. Tasks are simple and you don't need any experience to do them. All you need is a mobile phone, internet access (at least sometimes), and time for doing freelance tasks.
Toloka is a way to make real money. You'll just need to put in a little effort to deliver good quality and complete enough tasks to make it worthwhile.
How to make money online
If you take a lot of walks in your free time or on your way to work, Toloka has field tasks where you find organizations and add information about them, like photos, entrances to buildings, and business hours. If you prefer to earn mone
8000
y at home, you can check if websites match search terms or if the site descriptions are accurate. You can watch videos and mark the ones that your smartphone can't play, or evaluate the usefulness of Yandex search results. In Toloka, you can do multiple tasks at the same time.
Where you can make money in the mobile app
The app is suited for doing remote tasks in Russia and some other countries, including Kazakhstan, Ukraine, Belarus, and Turkey. The app has an offline mode: you can save tasks and a city map so that you can do the tasks even without an internet connection. The "Submit tasks via Wi-Fi" option helps to save traffic.
When you can complete tasks
Earn money at any time and from any device — your smartphone, tablet, or computer. Use the app both for basic income and for freelancing, like if you want to do tasks part-time after work, on weekends, or on vacation.
How to withdraw money
Earnings are calculated in dollars, and you can withdraw funds in your local currency using PayPal, Payoneer, or Skrill. Self-employed citizens of Russia can use YooMoney, and Turkish users can withdraw to Papara.
Note: the app is intended for users over the age of 18. Before installing, please read the terms of use.
We welcome any feedback and suggestions. You can send them in the app or to toloka@support.yandex.com.
ටොලොකා යනු කිසිදු ආයෝජනයකින් තොරව අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ යෙදුමකි. කාර්යයන් තෝරන්න, ඔබට පහසු වූ විට ඒවා මාර්ගගතව හෝ නොබැඳි ලෙස සම්පූර්ණ කර ප්රතිලාභ ලබා ගන්න.
ටොලොකාට හොඳ තරගයක් කවුද?
ටොලොකා හි ඕනෑම කෙනෙකුට මුදල් උපයා ගත හැකිය - විශේෂ දැනුමක් අවශ්ය නොවේ. කාර්යයන් සරල වන අතර ඒවා කිරීමට ඔබට කිසිදු අත්දැකීමක් අවශ්ය නොවේ. ඔබට අවශ්ය වන්නේ ජංගම දුරකථනයක්, අන්තර්ජාල ප්රවේශය (අවම වශයෙන් සමහර විට) සහ නිදහස් කාර්යයන් කිරීමට කාලයයි.
ටොලොකා යනු සැබෑ මුදල් ඉපයීමේ ක්රමයකි. හොඳ ගුණාත්මක බවක් ලබා දීමට සහ එය වටිනාකමක් ඇති කිරීම සඳහා ප්රමාණවත් කාර්යයන් සම්පූර්ණ කිරීමට ඔබට සුළු පරිශ්රමයක් දැරිය යුතුය.
අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කෙසේද?
ඔබගේ නිදහස් කාලය තුළ හෝ ඔබ වැඩට යන ගමනේදී ඔබ බොහෝ ඇවිදීම් කරන්නේ නම්, ටොලොකාට ක්ෂේත්ර කාර්යයන් ඇත, එහිදී ඔබ සංවිධාන සොයාගෙන ඒවා පිළිබඳ තොරතුරු, ඡායාරූප, ගොඩනැගිලිවලට ඇතුළු වීම සහ ව්යාපාරික වේලාවන් වැනි තොරතුරු එක් කරයි. ඔබ නිවසේදී මුදල් උපයා ගැනීමට කැමති නම්, වෙබ් අඩවි සෙවුම් පදවලට ගැලපේද නැතිනම් අඩවි විස්තර නිවැරදිද යන්න ඔබට පරීක්ෂා කළ හැකිය. ඔබට වීඩියෝ නැරඹිය හැකි අතර ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට වාදනය කළ නොහැකි ඒවා සලකුණු කළ හැකිය, නැතහොත් යාන්ඩෙක්ස් සෙවුම් ප්රති .ලවල ප්රයෝජන තක්සේරු කරන්න. ටොලොකාහිදී, ඔබට එකවර බහුවිධ කාර්යයන් කළ හැකිය.
ජංගම යෙදුමෙන් ඔබට මුදල් උපයා ගත හැකි තැන
රුසියාවේ සහ කසකස්තානය, යුක්රේනය, බෙලාරුස් සහ තුර්කිය ඇතුළු තවත් සමහර රටවල දුරස්ථ කාර්යයන් කිරීම සඳහා මෙම යෙදුම සුදුසු වේ. යෙදුමට නොබැඳි මාදිලියක් ඇත: ඔබට අන්තර්ජාල සම්බන්ධතා නොමැතිව පවා කාර්යයන් කළ හැකි වන පරිදි ඔබට කාර්යයන් සහ නගර සිතියමක් සුරැකිය හැක. "Wi-Fi හරහා කාර්යයන් ඉදිරිපත් කරන්න" විකල්පය ගමනාගමනය සුරැකීමට උපකාරී වේ.
ඔබට කාර්යයන් සම්පූර්ණ කළ හැකි විට
ඕනෑම වේලාවක සහ ඕනෑම උපාංගයකින් මුදල් උපයන්න - ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලටය හෝ පරිගණකය. මූලික ආදායම සහ නිදහස් සේවය සඳහා යෙදුම භාවිතා කරන්න, ඔබට වැඩ කිරීමෙන් පසු, සති අන්තවල හෝ නිවාඩුවේ අර්ධකාලීනව කාර්යයන් කිරීමට අවශ්ය නම්.
මුදල් ආපසු ගන්නේ කෙසේද
ඉපැයීම් ඩොලර් වලින් ගණනය කරනු ලබන අතර, ඔබට PayPal, Payoneer, හෝ Skrill භාවිතා කර ඔබේ දේශීය මුදලින් මුදල් ලබා ගත හැකිය. රුසියාවේ ස්වයං රැකියාවල නියුතු පුරවැසියන්ට YooMoney භාවිතා කළ හැකි අතර තුර්කි පරිශීලකයින්ට පැපරා වෙත ආපසු යා හැකිය.
සටහන: යෙදුම වයස අවුරුදු 18 ට වැඩි පරිශීලකයින් සඳහා අදහස් කෙරේ. ස්ථාපනය කිරීමට පෙර කරුණාකර භාවිත නියමයන් කියවන්න.
ඕනෑම ප්රතිපෝෂණයක් සහ යෝජනා අපි සාදරයෙන් පිළිගනිමු. ඔබට ඒවා යෙදුමෙන් හෝ toloka@support.yandex.com වෙත එවිය හැකිය. | hplt_2 |
携帯アプリで大人気の作品が大幅リニューアルして完全無料でここに登場!
普段は移動あげぱんワゴンを営む,迷探偵『ヒラメキ太一』
美人助手のユウリと今日もせっせと商売に励んでいたところ,一通の招待状が舞い込む…….
新機能『あげぱんアタック』を駆使して真犯人を見つけ出せ!
コミカルタッチなアドベンチャーゲームです.
テンポよくシナリオも読み進められ,画面の隅々をタッチして調べる楽しみも満載♪
ぜひダウンロードしてもらえると嬉しいです!
ජංගම යෙදුම ජනප්රිය කෘතීන් සම්පූර්ණයෙන්ම නොමිලේ අලුත් වඩා අද මෙහි පෙනී!
මම සාමාන්යයෙන් ව්යාපාරය Agepan Wagon, දඩාවතේ යන රහස් පරීක්ෂක "ආශ්වාදයක් Taichi" නිරත
කොහෙද තවද, අද ව්යාපාරය ඉතා ඕනෑකමින් වැඩ හා නිදහස් ලස්සන සහායක ... සඳහා ආරාධනා එක් පිටපතක් දී ඇති දෝෂාභියෝග වන.
මෙම Mitsukedase සැබෑ චූදිතයා නව අංග ලක්ෂන "Agepan ප්රහාරය" උපරිම ප්රයෝජන කරමින් සිටී!
එය විහිලු ටච් වීර චාරිකා ගේම් ය.
රිචඩ් හැඩ්ලි හොඳින් තත්ත්වය ද ඔවුන්ට පූර්න තිර සෑම මුල්ලකට අල්ලන්න පරීක්ෂා කිරීමට විනෝද ද, දිගටම කියවීමට ♪
ඒ සියල්ල මගින් සතුටු වන අතර, බාගත කිරීම සඳහා වෙන්න! | hplt_2 |
1f0d
ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්රතිඵල දැන් ලැබෙමින් පවතින අතර, ඒ අනුව ජනපති ට්රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව පෙනී යනවා. ජනාධිපතිවරණයට පෙර ජාතික මට්ටමින් කරන ලද මත විමසුම්වලදී ඉදිරියෙන් පසුවීමට ජෝ බයිඩන් සමත් විය. රොයිටර්ස් පුවත් ආයතනය ඔක්තෝබර් 27 වැනි 1e2d ා සිට 29 වැනිදා දක්වා කරන මත විමසුමෙන් සියයට 51කට සියයට 43ක් ලෙස ඉදිරියෙන් සිටීම ට ද ජෝ බයිඩන් සමත් විය.
කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් එකිනෙකාට වාසි හා අවාසි ගෙන දෙමින් ඉදිරියට යමින් තිබේ.
නිවෙස්වල සිට රාජකාරි කරනු ලබන සේවකයන්ට පවතින කොරෝනා වසංගතය නොසලකා කාර්යාලය වෙත පැමිණෙන ලෙස ෆේස්බුක්... Read more
ඇමරිකාවේ කොරෝනා වයිරස් මරණ 250,000 පසුකර තිබෙනවා.ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර... Read more
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයකු වන චක් ග්රේස්ලිට... Read more
2020 නොවැම්බර් මස 19 දින
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දකුණ, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.
දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. | hplt_2 |
ඔබ SQL Server 2014 දී Databases ක්රියාත්මක කරන ආකාරය ඉගෙන ගැනීමට කැමතිද? Microsoft SQL Server Databases සංවර්ධනය: හෝ ඔබ Microsoft සහතික විභාග 70-464 සඳහා පාඩම් කරන්නේ? එසේනම් මෙම පාඨමාලාව උදව් විය හැක. විශේෂඥයන් ඔබේ වගු (Tables), සුචි (Indexes), Stored Procedures සහ වෙනත් Database Objects හි දැනුම තවත් වර්ධනය කරනු ඇත. සුචි (Indexes) නිර්මාණය, ගනුදෙනු (Transactions) කළමනාකරණය, Performance සහ Concurrency භාවිතයේ උපරිම ප්රතිලාභ සඳහා තාක්ෂණික ක්රම මෙහිදී ඉගෙන ගත හැක. එලෙසෙ ම troubleshooting සහ best practices සදහා ඉඟි (tips) ලබා ගත හැක.
Microsoft SQL Server Database සංවර්ධනය කිරිමේ පාඨමාලාව -(Developing Microsoft SQL Server Databases)
Filters
Featured Content
(7) - Remote Database එකකට සම්බන්ධ වීම - (Connecting to a remote database)
මෙම මොඩියුලය මගින් Remote Database එකකට සම්බන්ධ වන ආකාරය ඉගෙන ගනිමු. එමගින් ඔබ මේ වන තෙක් උගත් පාඩම් නව ආකාරයකට අත්හදා බැලිමට හැකියාව ඇත.View Episode | hplt_2 |
Microsoft Azure ගැන හදාරන්න කැමතිද? Cloud Computing ගැන බිදක් හෝ දන්නේ නම් Microsoft Azure භාවිතා කරමින් නවතම Cloud තාක්ෂණික ක්රම භාවිතා කරන අයුරු දැනගන්න. මේ Video පෙල ඔත්සේ Azure පිළිබඳ මූලික දැනුම ඉතා සරලව විස්තර කරනු ලබන අතර එක් එක් වීඩියෝ ඔත්සේ Azure ගිණුමක් ඇරඹීමේ සිට Organizational accounts, Azure accounts, subscriptions, Azure Active Directories, users, subscription, organizational roles, common administration tasks. යන සංකල්පයන් පිළිබඳ හදුන්වාදෙනු ලැබේ.
Instructor : Dileepa S.Rajapaksa | Co-Founder WindowsGeek.lk
Microsoft Azure ගැන හදාරන්න කැමතිද? Cloud Computing ගැන බිදක් හෝ දන්නේ නම් Microsoft Azure භාවිතා කරමින් නවතම Cloud තාක්ෂණික ක්රම භාවිතා කරන අයුරු දැනගන්න. මේ Video පෙල ඔත්සේ Azure පිළිබඳ මූලික දැනුම ඉතා සරලව විස්තර කරනු ලබන අතර එක් එක් වීඩියෝ ඔත්සේ Azure ගිණුමක් ඇරඹීමේ සිට Organizational accounts, Azure accounts, subscriptions, Azure Active Directories, users, subscription, organizational roles,... | hplt_2 |
පර්යේශනයක් ප්රකාශයට පත්කිරීමේ වැදගත්කම හා ප්රතිලාභ
1. ඔබ විශ්ව විද්යාලය අවසන් වසරේදී සිදුකරනු ලැබූ පර්යේශනය ප්රකාශයට පත්කරාද?
2. ඔබගේ පර්යේශනය ප්රකාශයට පත්කරන්නේ ඇයි?
3. ඔබගේ පර්යේශනය පත්රිකාවක් ලෙස සකස් කොට එය ප්රකාශයට පත් කිරීමෙන් අත්වන වාසි මොනවාද?
ඇත්ත වශයෙන්ම මෙවැනි ප්රශ්න ඔබගේ සිතෙහිත් පැනනැගෙනවා විය හැකිය එසේනම් මෙම බ්ලොග් සටහන ඔබ සඳහාමය. මුලින්ම අපි බලමු පර්යේශන පත්රිකාවක් යනු කුමක්ද කියා. පර්යේශන පත්රිකාවක් යනු ඔබෙම අර්ථ නිරූපනය, ඇගයීම නැතහොත් තර්කය ඉදිරිපත් කරන පුලුල් රචනාවකි.
පර්යේශන පත්රිකාව මූලික වශයෙන්ම ඔබේ පර්යේශනයේ අවසාන ප්රතිපලය වේ. ඔබ විසින් ඔබගේ පර්යේශන ප්රතිපල පල නොකිරීම යනු එමගින් ඔබ සොයගත් දෑ අපතේ යාමකි. එනම් ඔබගේ වටිනා පර්යේශනයට ප්රසිද්ධ නොකිරීමක් වැනිය. පර්යේශනයක් ප්රකාශයට පත්කිරීමෙන් අත්වන වාසි කොටස් තුනකට බෙදා විග්රහ කල හැක.
උපාධි අපේක්ශකයෙකු ලෙස පර්යේශන පත්රිකාවක් ප්රකාශය කිරිමේ ප්රතිලාභ
පර්යේශනයක් සිදු කිරිම,ඒ සදහා පර්යේශන පත්රිකාවක් ලිවිම( Research Paper), එය සමයුරු සමලෝචනයෙන් (Peer-review) පසු සoස්කරනය කිරිම( Editing ) යම් දුශ්කර හා කාලය වැය කරන බවක් පෙන්නුවද එයින් ලබෙන අවසන් ප්රතිඵලය ශිෂ්යයින්ගේ අධ්යාපන සුදුසුකම් ස
2000
පුරාලීමට මෙන්ම ඔවුන්ගේ ජීවන රටාව යම් තත්වයකට දියුනු වීමට වැදගත් වේ.මෙවැනි පර්යේශන පත්රිකාවක් ලිවිමෙන් ඔවුන් තුල ඇති ලිවීමේ හා පර්යේශන කුසලතා තවදුරටත් වැඩි දියුනු වේ.එපමනක් නොව ඔවුන් හට විද්වත් ප්රකාශන ක්රියාවලිය (Scholarly Publication Process) අත්විදිමටද හැකිවනු ඇත. ඒ අතරම ඇතැම් උපාධි සම්පුර්ණ කිරීම සදහා පර්යේශන පත්රිකාවක් පල කිරිම අනිවාර්ය වේ.උපාධි අපෙක්ශකයෙකු ලෙස මෙම පර්යේශන ප්රකාශයට පත් කිරිමෙන් සිසුන්ට ක්ෂේත්රයේ සෙසු වෘත්තිකයින් හා පර්යේශකයන් සමඟ සම්බන්ද වීමටත් අනාගත අධ්යනය සදහා නව අවස්ථා ලබා ගැනීමටත් හැකිවේ. එපමනක් නොව අනාගත රැකියා අවස්ථා ලබා ගැනීමටත් ඉවහල් වනු ඇත.ප්රථම උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු ඊලග පියවර ලෙස පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීමට ශිෂ්යයින්ගේ උනන්දුව මෙමගින් ඇති කරයි. ශිෂ්ය අවධියේදි තම අචාර්යවරුන්ගේ උපදෙස් ලබගැනිම තුලින් සාර්ථකව පර්යේශන පත්රිකාවක් පල කරගත හැක.
වෘත්තිකයින් සදහා පර්යේශන පත්රිකාවක් ප්රකාශය කිරිමේ ප්රතිලාභ.
වෛද්ය,ඉන්ජිනේරු,තාක්ෂන හා වෙනත් වෘත්තිකයින්ට තම පවත්නා දැනුම යාවත් කාලීන කර ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් මෙම වෘත්තිකයින් විසින් නව සොයාගැනීම් සදහා නිරතුරුවම සිදු කරන ලබන අධ්යයනයන් ප්රකාශයට පත්කිරීම තම වෘත්තිය ජීවිතයේ ස්ථාවර භාවය ඇතිකර ගැනිමට මෙන්ම තම වෘත්තිය ක්ෂේත්රයේ ඉහල තනතුරු සදහා ඉල්ලුම් කිරීමේදී අමතර සුදුසුකමක් වනු ඇත.එලෙස ඔවුන් රැස් කරගත් නව දැනුම් සම්භාරය සoශිප්ත කොට පර්යේශන පත්රිකාවක් ලෙස සකස් කොට ප්රකාශයට පත් කිරීමෙන් ඔවුන්ග් වෘත්තිය වෙත වටිනාකමක් එක් කෙරෙන අතරම ජීවන රටාව නගාසිටුවීමට මහත් රුකුලක් වනු ඇත.තවද මෙමගින් විදෙස්, ශිෂ්යත්ව,විදෙස් පුහුණු සැසි,විදෙස් සමුළු අදියට සහභාගි විමේ මහගු අවස්ථාවන්ටද හිමිකම් කීමට මග පෑදෙනු ඇත.ඔබ විසින් සිදු කරනු ලබන පර්යේශන ප්රකාශයට පත්කොට සමාජ ගත කිරිමෙන් ඔබේ වෘත්තිය ජිවිතයට මෙන්ම සමාජයට ද මහගු මෙහෙවරක් ඉටු කළ හැකි වේ.
විද්යාර්තයින් සදහා පර්යේශන පත්රිකාවක් ප්රකාශයට පත් කිරිමේ ප්රතිලාභ.
රාජ්ය හා පෞද්ගලික විශ්ව විද්යාල සතු උසස් අධ්යාපන ආයතනවල සේවයේ නියුතු අචාර්යවරු හා මහචාර්යවරුන්ට තම වෘත්තිය ජිවිතයේ දියුණුව , වෘත්තිය උසස්වීම් අත් කර ගැනීම සදහා ප්රකාශන සිදු කිරිම ඉතා වැදගත් වේ. තවද විදෙස් විශ්ව විද්යාලවල උසස් අධ්යාපන කටයුතු සදහා ඉල්ලුම් කිරිමෙදීද මෙලෙස ප්රකාශනයන් සිදු කර තිබිම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
ඔබගේ පර්යේශනය පිලිබදව අන් අයට දැනගනීමට ඉඩ නොහැර පසෙක තබා තිබිම දැන් සිදු නොක ල යුතු අතර ඔබගේ පර්යේශනය ප්රකාශයට පත් කොට ඔබගේ ජීවිතයටද මෙම වාසීන් ලගා කරගත හැක.
මෙලෙස පර්යේශන පත්රිකාවක් ප්රකශය කිරිමේ වැදගත්කම පිලිබනීඳ ව ඉහත සියලු කරුනුවලින් විස්තර වන අතරම, එහි ස්ශිoප්ත අදහස මෙම දල රූප සටහනින් විස්තර වේ.
සටහන – ජනාදරී ජයරත්න | hplt_2 |
Research and Publications
විවිධ පර්යේෂණ හා ගවේෂණ ඔස්සේ සොයාගත් කරුණු මත පදනම් වෙමින් ලෝකයේ නව නිපැයුම් උත්පාදනය වී ඇත. මානවයාගේ එදිනෙදා ජිවිතයේ කටයුතු ඇඟිලි තුඩක ස්පර්ශයෙන් ලැබෙන විධිවිධාන ඔස්සේ සිදුවීමට තරම් නවීන තාක්ෂණය දියුණු වී ඇත. මෙතරම් ලොව දියුණු වීමටත් එය විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වීමටත් ලොව නන් දෙසින් සිදුකොට ඇති පර්යේෂණ ප්රකාශන ඔස්සේ ලබාගත් තොරතුරු හා දත්ත ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
එනමුදු ලෝකයේ බොහෝ පර්යේෂකයන් විසින් බොහෝ පර්යේෂණ කලත් එයින් ප්රකාශයට පත් වන්නේ අතලොස්සකි. මෙයට ප්රධාන සාධකයක් වශයෙන් ඔවුන්ගේ දැනුම ප්රකාශිත මාධ්යක් බවට හැරවීමේදි සිදුවන භාෂාමය හා කුසලතාමය ඌනපුරකයක් පවතින බව සඳහන් කල හැකිය. පර්යේෂකයන් අදාල විෂය ක්ෂේත්රයේ විශේෂඥයන් වුවත් විෂය කරුණු සියුම්ව හා විචාරාත්මකව ලිඛිතව ගෙන හැර පෑමට අපොහොසත්කමක් හා මැලිකමක් දක්වයි. මෙය පර්යේෂණයක් සිදුකිරිමට වඩා අභියෝගාත්මක බව ඇතමුන්ගේ විශ්වාසයයි. එවන් අභියෝග ජය ගන්නා පර්යේෂකයන්ගේ පර්යේෂණ ඉතා පහසුවෙන් ප්රකාශනයට පත් වේ.
පර්යේෂණයක් කිරිමේ වැදගත්කම මෙන්ම පර්යේෂණ ප්රකාශන ප්රකාශනයට පත් කිරිමෙහි ඇති ප්රතිලාභ පිලිබඳ බොහෝ ලිපි පල වී ඇතත්, පර්යේෂණ ප්රකාශන ක්රම සහ විධි කෙරෙහි අල්ප දැනුමක් බොහොමයක් දෙනා අතර ඇති හෙයින් මෙම ලිපිය තුලින් ඒ පිලිබඳ කෙටි විස්තරයක් සඳහන් කිරිමට බලාපොරොත්තු වෙමි.
ගුණාත්මකව හා ප්රමාණාත්මකව වශයෙන් පර්යේෂණ වර්ගීකරණය කලත් පර්යේෂණයක් කිරිමේදි පර්යේෂකයන් විසින් අනුගමනය කරන දත්ත එක් රැස් කිරිමේ ක්රමය මතත් පර්යේෂණ වර්ග විවිධ වේ. මේ හේතුවෙන් පර්යේෂණය ප්රකාශනයක් ලිවීමේදි තමා තෝරා ගත් දත්ත එක් රැස් කිරිමේ ආකාරයට සුදුසු වන පරිදි එය සැකසීම සාර්ථක පර්යේෂණ ප්රකාශනයක් එලි දැක් 3f විමේ රහසයි. පර්යේෂණ ප් 2000 කාශන ක්ෂේත්රයේ එලෙස ප්රකාශයට පත් වන ප්රධාන ප්රකාශන වර්ග කිපයක් පිලිබඳ විස්තර පහත දැක්වේ.
-
පර්යේෂණ ලිපි (Research Articles)
නවමු අදහසක් පාදක කොට ගනිමින් එයට බලපෑ හැකි සාධක ඉතා ත්රීව ලෙස විචක්ෂණශීලිව විශ්ලේෂණය කිරිම මෙමගින් කරයි. මෙහිදි අදාල පර්යේෂණය තුළ සිදුකරන ලද සියලුම ක්රියාකාරකම් මැනවින් සඳහන් කල යුතුමය. පර්යේෂණයෙන් ලබාගත් ප්රතිඵල ඔස්සේ අනුමාන කිරිමත් එයින් විය හැකි දෑ සම්බන්ධව අනාවැකි, දැක්ම යනාදිය සඳහන් කල හැක.
-
පුනරීක්ෂණ ලිපි (Review Articles)
යම් ප්රස්තුතයක් පදනම් කොටගෙන ඒ සම්බන්ධව පෙර කර ඇති පර්යේෂණ ලිපි වල අන්තර්ගතය උකහා ගනිමින් කරනු ලබන සාමාලෝචනය, පුනරීක්ෂණ ලිපිය තුලින් විද්යමාන වේ. මෙවන් අවස්ථා වලදි කතෘ අයිතිය රැකෙන පරිදි අදාල පුනරීක්ෂණ ලිපිය ලේඛනගත කල යුතුය. මෙවැනි ලිපි තුලින් අදාල ප්රස්තුතය කෙරෙහි මනා අවබෝධයක් මෙන්ම ඉතා විශාල පරිචිත දැනුමක් එක් ලිපියකින් ලබා ගත හැක.
-
විචාරාත්මක ලිපි (Critical Essay)
විචාරාත්මක ලිපි රචනාමය ස්වරූපයක් ගන්නා අතර එය තෝරා ගත් පර්යේෂණ වාර්තාවක් ඇසුරු කොට ගෙන එහි මුල, මැද, අග යන තුන විචාරාත්මක විශ්ලේෂණයට භාජනය කරයි. මෙවැනි ලිපි විද්යාත්මක පර්යේෂණ ලෝකයේ අවම සංඛ්යාවකට හිමිකම් කියයි.
-
විෂය අධ්යන ලිපි (Case Study)
මෙම ලිපි මඟින් යම් ක්ෂෙත්රයක පවතින ගැටලුවක් හඳුනාගනිමින් එය ගැඹුරින් අධ්යන කොට එම ගැටලු බල පැවැත්මට පාදක වු සාධක විචක්ෂණශීලීව ඉදිරිපත් කරයි. මෙමගින් වත්මනෙහි පවතින අර්බුදකාරී ගැටලු හඳුනා ගැනීමටත් අනාගත ප්රවනතා පිලිබඳ දල අදහසක් ලබා ගැනීමටත් උපකාරී වේ.
ඉහත දක්වන ලද ලිපි වර්ග කිහිපය පර්යේෂණ ප්රකාශන ක්ෂේත්රයේ පුර්ණ පර්යේෂණ පත්රිකා හෙවත් full paper ලෙස හඳුන්වයි. මෙම පුර්ණ පර්යේෂණ පත්රිකා පල කල හැක්කේ පර්යේෂණ සඟරා (Journals) සහ සම්මන්ත්රණ වාර්තා (Conference Proceedings) වල පමණි.
සෑම පර්යේෂණ පත්රිකාවක් තුල එහි සාරාංශයක් ගැබ්ව පැවැතිය යුතුය. මෙය එම පර්යේෂණ පත්රිකාවේ සංක්ෂේපය හෙවත් Abstract වශයෙන් හැඳින්වේ. එය වචන 150ත් 250ත් අතර දිවෙන, පර්යේෂණයේ සාරය කැටිකොට දක්වන කෙටි සටහනක් වශයෙන් නිර්වචනය කල හැක. මෙම කුඩා සටහන තුල පර්යේෂණයේ දත්ත මෙන්ම අවසන් නිගමනය ඉතා කෙටියෙන් සඳහන් කල යුතුය. එය පර්යේෂණ පත්රිකාවේ ඉහලින්ම ප්රදර්ශනය කරන අතර පාඨකයාගේ අවධානය ප්රථමයෙන් ග්රහණයට ලක්වේ. මෙතුලින් පාඨකයාට එම ලිපියේ අන්තර්ගතය ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලබා දේ. එහි අන්තර්ගත වැදගත් කරුණු මත පාඨකයා එය තවදුරටත් කියවිමට සුදුසුද නැද්ද යන්න මේ කෙටි සටහන කියවා තීරණය කරයි. ඕනෑම කෙටි සටහනක් අවසානයේ එම සාරාංශයේ අඩංගු ප්රධාන මෙන්ම වැදගත් වචන 3ක් හෝ 5ක් සුචකය (Key Words) වශයෙන් ඉදිරිපත් කල යුතුය.
ඔබ පර්යේෂණයක් කල සැනින් එය පුර්ණ පර්යේෂණ පත්රිකාවක් දක්වා වර්ධනය කරන අතරතුර පෙර සඳහන් කල සාරාංශ හෙවත් Abstract පමණක් පර්යේෂණ සාරාංශ පොත් හෙවත් Book of Abstracts හි ප්රකාශයට පත් කල හැකිය. මෙම පොත්, පර්යේෂණ සම්මන්ත්රණ හරහා එලි දක්වන අතර එවැනි සම්මන්ත්රණ හරහා ඔබටත් ඔබගේ පර්යේෂණය විෂය පථය කෙරෙහි අවබෝධයක් ඇති අයවලුන් ඉදිරියේ ඉදිරිපත් කල හැක. මෙහි ඇති ප්රධානතම වාසිය නම්, එතුලින් ඔබගේ පර්යේෂණය කෙරෙහි ඔවුන් හරහා ලබාගත් අදහස් හා යෝජනා පරිදි ඔබගේ පුර්ණ පර්යේෂණ පත්රිකාව සකසා ගැනීමට අවකාශයක් ලැබීමයි. අවසානයේ සාරවත් හරවත් පර්යේෂණ ලිපියක් තුලින් තම සොයාගැනීම් ලොවට ඉදිරිපත් කිරිමට කදිම අවස්ථාවක් මෙමගින් උදා කරගත හැකිය.
සටහන: රුක්ෂීලා බංගමුවගේ | hplt_2 |
How to Be a Successful Manager during a Global Crisis? by INSIGHTEA
ජාත්යන්තර දැනුම කළමනාකරණය කිරීමේ ආයතනය (The International Institute of Knowledge Management/TIIKM), Asian African Association for Women, Gender, and Sexuality (AAAWGS), International Society for Research on Children and Youth (ISRCY) සහ International Association on Social Science and Humanities (IASSH) අත්වැල් බැදගෙන නොමිලේ පවත්වනු ලබන INSIGHTEA වැඩසටහන් මාලාවේ පළමුවන වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගනිමු. ගෝලීය උවදුරක් අතරතුරදී පවා සාර්ථකව ව්යාපාරයක් නගාසිටුවන්නේ කෙසේද යන්න, ජාත්යන්තර දැනුම කළමනාකරණය කිරීමේ ආයතනයේ සාමාන්යධිකාරී, දුමින්ද කෝරලගමගේ මහත්මා ඔබ සමග සාකච්චා කරනු ඇත. COVID 19 වසංගත තත්වය තුළ ශ්රී ලංකාවට Hybrid සංකල්පයේ ජාත්යන්තර සම්මන්ත්රණ හදුන්වා දුන් පුරෝගාමීයෙක් ලෙසත් , කළමනාකරණ අ 2000 භ්යසලාභී තනතුරේ සිට වසර 4ක් තුළ ආයතන සාමාන්යධිකාරී තනතුර දක්වා උසස් වු අයෙක් ලෙසත් , කෘෂි උපාධියක් අතැතිව ජාත්යන්තර දැනුම කළමනාකරණ අංශයේ ප්රමුඛයෙකු ලෙස කටයුතු කරන්නෙකු ලෙසත්, COVID 19 උවදුර සමග ජාතික මෙන්ම ජාත්යන්තර ආයතන කඩා වැටෙන මොහොතක බොහොමයක් ගනුදෙනු සිදුවන සිය ආයතනය ආර්ථික මෙන්ම පරිපාලන අංශයෙන්ද නගා සිටවු 32 හැවිරිදි තරුණ නායකයකු ලෙසත් එතුමා මෙම සන්වාදයෙදී ඔබ සමග එකතු වනු ඇත.
Speaker: Mr. Duminda koralagamage
General Manager
The International Institute of Knowledge Management
Sri Lanka (TIIKM)
Moderator: Mr. Madushan Senevirathna
International Relations Officer
The International Institute of Knowledge Management
Sri Lanka | hplt_2 |
TIIKM ආයතනය සංවිධානය කරන අධ්යාපන සම්මන්ත්රණ වෙනස් වීමට කරුණු 10ක් (10 Distinguished features of TIIKM conferences)
- වැඩි ජාත්යන්තර විද්වත් සහභාගීත්වය – TIIKM Conferences වලට සහභාගී වන්නන් 90%ක් පමණ ලංකාව හැර විවිධ රටවලින් සහභාගී වේ. බොහෝ සම්මන්ත්රණ වලට රටවල් 20කට වඩා වැඩි ප්රමාණයකින් විද්වතුන් සහභාගී වේ. ලංකාවේ බොහෝ සම්මන්ත්රණ වල මෙම කරුණ අනෙක් පස වන අතර බොහෝ International කියා කියනු ලබන සම්මන්ත්රණ වල Keynote Speaker පමණක් ජාත්යන්ත්රර වීම බහුලය.
- සියලුම දෙනා හට ලබා දෙන පුද්ගලික අවධානය – ඔබ පලමු වර ජාත්යන්තර සමුළුවකට සහභාගී වුවද, අත්දැකීම් සහිත පරිණත විද්වතෙක් වුවද TIIKM Conferences ආයතන ඔබගේ සියලුම සම්මන්ත්රණය සම්බන්ධ ගැටළු වලට පුද්ගලික අවධානය ලබා දෙමින් කටයුතු කරනු ලබයි. ඔබගේ දියුණුවට TIIKM ආයතනයේ සහය ලබාදීම ආයතනයේ ප්රමුඛතම අභිලාෂයකි.
- වැඩිම ජාත්යන්තර ආයතන ප්රමාණයක එකතුව – TIIKM Conferences වලට විවිධ ආකාරයේ සහයෝගය දක්වන ජාත්යන්තර ආයතන බොහෝ ප්රමාණයක් එකතු වීම විශේෂ ලක්ෂනයකි. TIIKM හි ජාත්යන්තර සම්භන්ධතා අංශය (Devision of International relations) මගින් සියලුම සම්මන්ත්රණ සඳහා එම විශයට අදාල විශ්වවිද්යාල, ජාත්යන්තර සංගම්, රාජ්යය ආයතන ඇතුළු ආයතන 10ක් පම 3f ණ සහභාගී කරනු ලබයි. එම නි 2000 සා සහභාගී වන්නන් සඳහා බොහෝ ජාත්යන්තර මට්ටමේ අවස්තා උදා වේ.
- හොඳම අධ්යාපනික ප්රකාෂන සේවය – Academic Publication – TIIKM ආයතනය සියලුම සම්මන්ත්රණ සඳහා ලෝකයේ හොඳම අධ්යාපනික ප්රකාෂන සහය ලබා දෙනු ලබයි. හොඳම Journal අඩුම 5ක් වත්, සියලුම Index කිරීම් වලට අනුගත Proceedings සේවය, TIIKM හි තමාගේම ප්රකාශන සේවාවන්, නොමිලේ ජාත්යන්තර මට්ටමේ ජර්නල් කතෘවරුන්ගේ වැඩමුලු, ඔබ හට පුදිගලික මට්ටමේ සහය වීම් හා විවිධ අගය එකතු කිරීම් සේවා මගින් ලොව වඩා පිලිගත්ම හා උසස්ම ගනයේ අධ්යාපනික ප්රකාශන සේවාවක් ලබා දෙනු ලබයි.
- ජාත්යන්තර වැඩමුළු – TIIKM Conferences ආයතනය සියලුම සම්මන්ත්රණ සඳහා එම විශයට අදාල ජාත්යන්තර වැඩමුළු (workshops) 2කට වඩා වැඩි ප්රමාණයක් නොමිලේ සංවිධානය කරනු ලබයි. මෙහිදී, බලාපොරොත්තුව තම වෘත්තීය තත්වය දියුණු කිරීමට සහභාගී වන්නන්ට උපකාර කිරීමයි.
- හොඳම ජාත්යන්තර සම්භන්ධතා – TIIKM ආයතනයේ බලාපොරොත්තුව ඔබගේ වෘත්තීය දියුණුව මගින් සමාජය ප්රගමනයට කාරණා සිදුවනු දැකීමයි. එම නිසා TIIKM Conferences වල ප්රමුඛතම අංගයක් ලෙස විවිධ Network Gatherings දැක්විය හැක. සම්මන්තරණ දින පමණක් නොව ඊට කලින් හා පසුව සියලුම සහභාගී වන්නන්හට සම්භන්ධතා පවත්වාගෙන යාමට වැඩපිලිවෙලක් සකස් කර ක්රියාත්මක කරනු ලබයි.
- ජාත්යන්තර සම්මාන – TIIKM Conferences මගින් ලොව පිලිගත් ස්වාධීන විද්වතුන් යොදා ගනිමින් සම්මන්ත්රණය තුලදීම වටිනාම ප්රර්යේෂන තෝරා එවා සඳහා විශේෂ ඇගයීම් කරනු ලබයි. ඇගයීමට අමතරව එම පර්යේෂණ පිලිබඳව ජාත්යන්තර ප්රසිද්ධියක් ලබා දීමටද කටයුතු කරනු ලබයි.
- නව්යකරණය හා උසස් තත්වයේ අත්දැකීම් – TIIKM ආයතනයේ පර්යේෂන අංශය නිරන්තරයෙන් සම්මන්ත්රණ වල ගුණාත්මය මෙන්ම සහභාගීවන්නන් සඳහා වන අත්දැකීම් දියුණු කරනු ලබයි. ඔබ ඔන්ලයින් මාධ්ය තුලින් හෝ පුද්ගලයෙකු වශයෙන් සහභාගී වුවද ලොව අනෙකුත් සම්මන්ත්රණ වලට සාපේක්ෂව ඉතා ඵලදායි හා නව්ය අත්දැකීමක් ලැබීමට සලස්වා ඇත.
- ලොව පිලිගත් විශ්වාසය – TIIKM Conferences අවුරුදු 9ක් මෙම ක්ෂේස්ත්රයේ සේවය කරන් ආයතනයකි. ජාත්යන්තර සමුළු 250කට වඩා විවිධ රටවල් 8ක සංවිධානය කරමින් විද්වතුන් 15000කට වඩා සහභාගීත්වයක් මෙන්ම ලොව ප්රමුඛතම විද්වතුන් 500කට වැඩි ප්රමාණයක් විශ්වාස කල ආයතනයකි. 95%ක උපරිම සතුටුදායක සේවා තෘප්තිමත් බවක් හිමි කරගැනීම මෙන්ම Facebook, YouTube ඇතුලු සමාජ මාධ්ය මෙන්ම ඉන් පිටතදීත් 100000 ආසන්න සේවා ලාභීන් සිටින ආයතනයකි. ජාත්යන්තර විශ්වවිද්යාල, විවිධ රටවල රාජ්ය අමාත්යාංශ, NGO, පුද්ගලික ආයතන, ජාත්යාන්තර සංගම් 400කට වැඩි ප්රමාණය්ක් මෙන්ම ජර්නල් 300කට වැඩි ප්රමාණයකට වඩා වැඩි ප්රමාණයකට වඩාද සමග සම්භන්ධතා ඇති ආයතනයකි. මෙවැනි ආයතනයක සේවා ලබා ගැනීම ඔබගේ දීර්ඝ කාලීන වෘත්තීය දියුණුවට මග පාදනු ලැබේ.
- සමාජ ප්රගමණයට දායක වීම – ඔබ සරලව සම්මන්ත්රණයකට සහභාගී වන්නකු නොව අදාල විෂය ක්ෂේත්රයේ ඔබගේ වෘත්තීය දැනුම සහ හැකියාවන් දියුණු කිරීම මගින් ලොවට වඩා වැඩි සේවයක් කල හැකි බව TIIKM ආයතනයේ දැක්මයි. ඒ සඳහා ඔබට දීර්ඝ කාලීනව සහය දීමට යාන්ත්රණයක් TIIKM Conferences වලින් සකසා ඇත.
TIIKM යනු ජාත්යන්තරයේ නම රැන්ඳූ පුර්ණ ශ්රී ලාංකික ආයතනයකි. ලොව රට්වල් 8ක සම්මන්ත්රණ මෙහෙයවමින් ලොව වඩාත් දියුණු හා ප්රායෝගිකව වැදගත්වන සේවාවක් ගෝලීය අධ්යාපන කේෂ්ත්රයට ලබා දෙනු ලබන TIIKM ආයතනය සමග ඔබගේ අනාගතය වඩාත් පැහැදිලි කර ගන්න. නිවරදි පර්යේෂන අධයාපන කේෂ්ත්රයක් බිහි කිරීම තුලින් ලොව දියුණුවට හා සමාජ ප්රගමණයට දායක විය හැකි බව TIIKM ආයතනයේ විශ්වාසයයි.
Written by
Duminda Koralagamage
The author is a well known professional in the field of Academic conferences and Academic publication. He worked different type of international conference organizers, associations and academic publication departments over the past seven years. | hplt_2 |
ප්රකාශනයේ ව්යාජ අනුකරණයන්: ප්රවේසම් වන්න !
ප්රකාශනයේ ව්යාජ අනුකරණයන්: ප්රවේසම් වන්න !
ව්යාජ අනුකරණ වලට නොරැවටෙන්න!
අන් ක්ෂෙත්ර වල මෙන්ම පර්යේෂණ ක්ෂෙත්රයේ වුවද, විවිධ ව්යාජ ප්රකාශකයන් බහුල බැවින් නිසියාකාරව නිවැරදිව පර්යේෂණ පත්රිකාවක් ප්රකාශයට පත්කර ගැනිම පර්යේෂකයන්ට අභියෝගයක් වී ඇත. මේ ව්යාජ ප්රකාශකයන් open access journal ලෙස පෙනීසිට කතෘගෙන් ඉහල මිල ගනන් අයකොට පර්යේෂණ පත්රිකා ප්රකාශයට පත් කරයි. ඒ සඳහා සංස්කරණය ගාස්තු වලට අමතරව පුනරීක්ෂණ ගාස්තු එකතු කර ඇතිමුත් ඒ කිසිම දෙයක් නොකර එම පත්රිකා එලෙසින්ම ප්රකාශයට පත් කරයි. එහිදි කතෘ විසින් ඉදිරිපත් කරන ඕනෑම ප්රකාශනයක් ප්රකාශනය කලහැකිමුත් high indexing journal තුල ප්රකාශයට පත් වෙන පත්රිකා වලට වඩා තත්වයෙන් බාල මෙන්ම මෙම ව්යාජ ප්රකාශන වලට අනුමැතියක් පර්යේෂණ ක්ෂෙත්රයේ නැත.
ප්රමිතියකින් සහිත ප්රකාශයන් විසින් ඉහත සඳහන් කල සංස්කරණ, පුනරීක්ෂණ හා නිරික්ෂණ කටයුතු එලෙසින්ම පවත්වා ගන්නා බැවින් දීර්ඝ කාලයක් වැයවේ. මෙහිදි open acccess journal එකක් හරහා ඕනෑම කෙනෙකුට පහසුවෙන් එය කියවීමට හැකියාවක් ලබා දෙයි. නමුත් close access journal එකක් හරහා ඒ අදාල ප්රකාශකයන් හා සම්බන්ධ සිමිත පිරිසක් වන සාමාජිකයන්ට පමනක් එය කියවා දැනුම ලබාගත හැකිය. මේ නිසා open access journal වලට ඉහල ඉල්ලුමක් පවති. එය ප්රයෝජනයට ගෙන ව්යාජ ප්රකාශකයෝ පවා තමන්ට ලැබෙන ඕනෑම පත්රිකාවක් ප්රකාශනයට පත් කිරිමට සැදී පැහැදී සිටියි.
මේ තත්වය මඟහරවා ගනිමින් ප්රමිතියක් ඇති ප්රකාශයන් හඳුනාගැනීමට කරුණු කිපයක් සැපයීම මේ ලිපියේ අරමුණයි.
- ඔබ සහ ඔබේ පර්යේෂණ කණ්ඩායම අදාල ප්රකාශයන් සම්බන්ධව දන්නෙහිද?
- පහසුවෙන් අදාල ප්රකාශයන් සම්බන්ධ කරගත හැකිද?
- ප්රකාශයන් විසින් ඔවුන් සපයන සේවාවන් පිලිබද පැහැදිලි කරුණු ඉදිරිපත් කර ඇද්ද?
- ගෙවීම් හා ගාස්තු පිලිබද පැහැදිලි කරුණු ඉදිරිපත් කර ඇද්ද?
ඉහත සඳහන් කිනම් හෝ කරුණක් අපැහැදිලි නම් එය ව්යාජ ප්රකාශයෙක් වීමට ඇති ප්රවනතාව ඉහලය.
ඕනෑම ප්රකාශයෙක්ගේ ප්රමිතිය පරීක්ෂා කිරිමට අන්තර්ජාලයේ SJR 3f හෝ DOAJ වෙබ් පිට 2000 මඟින් අදාල විස්තර ලබා ගත හැක. මේ තුලින් ඔබ තෝරාගන්නා ලද ප්රකාශන සමාගම විශ්වාසනීය බව ඔබටම තහවුරු කරගත හැක.
සැකසුම
රුක්ෂීලා බංගමුවගේ
Email: ruksheela@tiikm.com | hplt_2 |
Tired of playing the usual and boring cricket games or don't have time to play a complete cricket match?
One more Run: Cricket fever is the best free cricket arcade game available on android. Feel the thrill of running between the wickets in the virtual cricket match and try to score those last few runs that decide the victory of a cricket match. One More Run trumps the breakneck pace of T20 cricket by always putting you in the last over . This quick cricket game can be played anywhere and anytime and takes you directly to the cricket ground once you open the game. No batting. No Bowling. Just take those quickfire runs to take your team home. Will you take risks or play it safe? Pick your team and plan your strategy for an experience better than real cricket.
Are you a big fan of T20 Cricket? Is Cricket your very favourite sport game in the world? We love it too so considering your interest for cricket , our team has built this free addictive cricket game for not just cricket, every sports fan out there.
You'll have the chance to play in a unique hand drawn geometric graphics ambience that gives a better experience than any 3D game out there, making your gameplay experience better than the real thing and far more exciting. One More Run is available for Android smart-phones and tablets FREE to download on Google Play Store now! Don't wait any longer, even after the World Cup and T20 league, the Cricket Fever continues online!
Be the perfect match winner like your favourite Cricket player and challenge your friends to get inside the cricket ground with you . One More Run: Cricket Fever is a mix of pure arcade and sports games, featuring amazing quirky animations and very easy to play. From Australia to England to South Africa and India, cricket is one of the most popular sports games ever: and now you can also become a superstar
Key features:
★ Simple and Unique Sport Game
★ Amazing geometric graphics better than any other 3D graphics
★ Cool quirky animations
★ 22 teams with more to come
★ Perfect blend of Sports and arcade game modes
★ Free to download
Reviews:
“One More Run’s quick matches and no-nonsense presentation have made it my go-to game when I’m looking to kill a few minutes.”
- IndianVideoGamer
39ce
“SuperSike Games’ One More Run will leave you breathless”
- Animation Xpress
සුපුරුදු හා කම්මැලි ක්රිකට් ක්රීඩා කිරීම හෝ සම්පූර්ණ ක්රිකට් තරගය ක්රීඩා කිරීමට වෙලාවක් නැහැ එපා වෙලාද?
තවත් එක් ධාවනය: ක්රිකට් උණ හොඳම නිදහස් ක්රිකට් ආර්කේඞ් ඇන්ඩ්රොයිඩ් මත ලබා ගත ක්රීඩාව වන්නේ. අථත්ය ක්රිකට් තරගය තුළ කඩුලු අතර දිව යන සංත්රාසයට දැනෙනවා සහ ක්රිකට් තරගය ජයග්රහණය තීරණය බව එම අවසන් ලකුණු කිහිපය ලකුණු කිරීමට උත්සාහ කරන්න. එක් තවත් ධාවනය සෑම විටම පසුගිය කට අධික ඔබ දැමීම මගින් විස්සයි 20 ක්රිකට් සදහා ක්රමක්රමයෙන් යොදා පරදවනවා. මෙම ඉක්මන් ක්රිකට් ක්රීඩාව ඕනෑම තැනක, ඕනෑම වේලාවක තරග සහ ඔබ ක්රීඩාව විවෘත වරක් ක්රිකට් බිම, කෙළින්ම ඔබට ගත කළ හැක. පිතිකරු නැත. පන්දු යැවීමේ නැත. ඇති අයට පමණක් තරඟයෙහිදී ගත, ඔබේ කණ්ඩායමේ ගෙදර ගැනීමට දිවෙන. ඔබ අවදානම් ගැනීමේ හෝ එය ආරක්ෂිත ඉටු කරනු ඇත? ඔබගේ කණ්ඩායම රැගෙන සැබෑ ක්රිකට් වඩා හොඳ අත්දැකීමක් සඳහා ඔබගේ උපාය සැලසුම් කර තිබෙනවා.
ඔබ විස්සයි 20 ක්රිකට් ලොකු රසිකයෙක් ද? ලෝකයේ ඔබේ ප්රියතම ක්රීඩාව ක්රීඩාව ක්රිකට් ය? අපි එය ආදරය ද එසේ අපේ කණ්ඩායම පමණක් සිදු එහි ක්රිකට් නැහැ, සෑම ක්රීඩා ලෝලියෙක් සඳහා මෙම නොමිලේ ඇබ්බැහි ක්රිකට් ක්රීඩාව ඉදි කර ඇත, ක්රිකට් ක්රීඩාව සඳහා ඔබගේ පොලී සලකා.
ඔබ ඔබේ gameplay අත්දැකීම් සැබෑ දෙය වඩා හොඳ හා වඩා වඩාත් ආකර්ෂණීය කරමින්, ඇඳ පෙන්වා එහි කිසිදු 3D ක්රීඩාව වඩා වඩා හොඳ අත්දැකීමක් ලබා දෙන බව ජ්යාමිතික රූප වාතාවරණය සුවිශේෂී අතේ සෙල්ලම් කිරීමට අවස්ථාව වෙනවා. එක් තවත් ධාවනය ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට්-ජංගම දුරකථන සහ දැන් වෙළඳසැල Google Play හි බාගත කිරීම සඳහා නොමිලේ ටැබ්ලට් සඳහා ලබා ගත හැකි වේ! , ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සහ පන්දුවාර විස්සයි 20 ලීග් පසුව පවා, තවදුරටත් බලා සිටිය ක්රිකට් උණ සමඟ අමුත්තන් දිගටම එපා!
ඔබේ ප්රියතම ක්රිකට් ක්රීඩකයා මෙන් පරිපූර්ණ තරගය ජයග්රාහකයා විය යුතු අතර ඔබ සමග ක්රිකට් බිම තුල ලබා ගැනීමට ඔබේ මිතුරන් අභියෝග කරනවා. එක් තවත් ධාවනය: ක්රිකට් උණ පුදුම කිසිවකු විසින් නරඹනු, චලන හා සෙල්ලම් කිරීමට ඉතා පහසු අංග, පවිත්ර, සංකීර්ණයක් සහ ක්රීඩා ක්රීඩා මිශ්ර වේ. ඕස්ට්රේලියාවේ සිට එංගලන්තයට දකුණු අප්රිකාව සහ ඉන්දියාව, ක්රිකට් මෙතෙක් වඩාත්ම ජනප්රිය ක්රීඩා ක්රීඩා එකක්: දැන් ඔබ ද සුපිරි තරුව බවට පත් විය හැකි
මූලික ලක්ෂණ:
★ සරල හා අනන්ය ක්රීඩා ගේම්
★ Amazing ජ්යාමිතික වෙනත් ඕනෑම 3D ග්රැෆික්ස් වඩා හොඳ රූප
★ කූල් කිසිවකු විසින් නරඹනු, චලන
★ එන්න වැඩි කණ්ඩායම් 22
ක්රීඩා හා ආර්කේඞ් ක්රීඩාව මාතයන් ★ පරිපූර්ණ සම්මිශ්රණයක්
බාගත කිරීම සඳහා ★ නිදහස්
සමාලෝචන:
"එක් තවත් ධාවනය ක්ෂණික තරග සහ කිසිදු-විකාර ඉදිරිපත් එය යන්න-මගේ මම විනාඩි කිහිපයක් ඝාතනය කිරීමට හොයන්නේ විට ගේම් කර ඇත."
- IndianVideoGamer
"SuperSike ක්රීඩා 'එක් තවත් ධාවනය ඔබ මුසපත් ඉතිරි වනු ඇත"
- සජීවනය කරුනකි | hplt_2 |
(8) - පුනරාවතන සිද්ධීන් -(Repeating Events)
Descrizione
නියත අගයක් සදහා පුනරාවර්තන සිද්ධීන් ලියන ආකාරය for loops මගින් ඉගෙන ගනිමු.
Download
Scarica questo episodio
- MP3 (83,4 MB)
- MP4 - Qualità bassa (103,3 MB)
- MP4 - Qualità media (233,2 MB)
Discussione
-
මේ කරන වැඩේ නම් හුඟක් ප්රෙයා්ජනවත් දෙයක්. ගොඩක් ස්තූතියි. තාමත් ශ්රී ලංකාව තොරතුරු තාක්ෂණය අතින් පසුගාමී තත්වයක ඉන්නෙ, මේ පිළිබඳව අඩංගු වෙන දැනුම අල්ප නිසා. ඔයාලා මේ කරන වැඩේ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට ලොකු හයියක් වෙනවා. වැඩේ දිගටම කරගෙන යමු. අපි පෙන්නමු ලංකාවෙත් වැඩක් කරන්න පුළුවන් කොල්ලො කෙල්ලො හුඟක් ඉන්නවා කියලා.. ඔයාලට සුබ පැතුම්.. | hplt_2 |
පුරා විද්යාව
පටුන
මූල හා අර්ථ දැක්වීම්[සංස්කරණය කරන්න]
යුරෝපයේ හා පැරණි ලෝකයේ කොටස් වලදී මෙම විෂය පථයේ මූල තිබුණේ පුරා වේදයේ හා ලතින් හා පුරාතන ග්රීක ඉගැනීම් වලය. එම නිසා එයට ඉතිහාස ක්ෂේත්රය සමග ස්වාභාවික සබඳ කමක් තිබුණි.
පැරණි චීනයේ පුරාවිද්යාව ඇති වුයේ පුරාවේද පරිශීලනය නිසා මෙන්ම විශේෂයෙන්ම රාජ්ය චාරිත්රවල වු පුරාතන ධාතු භාවිතා කිරීම වැඩි දියුණු කිරීමට වු නිළධාරි වරුන්ගේ කැමැත්ත නිසාය. ඔහුගේ චීන සඟයන්ගේ මෙම සේවීම ෂේන් කුවෝ (1031 – 1095) විසින් විවේචනයට භාජනය කරන ලදී. ඔහු ප්රකාශ කළේ පුරා විද්යාව ක්රියාකාරීත්වය අධ්යයනය කිරීම, පුරාතන කාල වල නිෂ්පාදන ක්රම සේවීම සමග පරිශීලනය කළ යුතු අතර අන්තර් ක්ෂේත්ර ප්රවේශයක් සමග අධ්යයනය කළ යුතු බව ෂේන් මෙන්ම මෙම විශය පථය සංකිර්ණව ගත් තවත් අයෙකු වුයේ නිළධාරි, ඉතිහාසඥ, පද්ය රචක හා ගද්ය රචක ඔව්යෑන්ග් ෂිවුය. (1007 – 1072) ඔහු විසින් පාෂාණ හා ලෝකඩ මත වු පුරාතන ඇතිල්ලීම් වල විශ්ලේෂණික නාමාවලියක් සකස් කරන ලද අතර එමගින් මුල් අභිරේඛන හා පුරා විද්යාව පිළිබද අදහස් දිරි ගන්වන ලදී.
උතුරු ඇමරිකාවේදී පුරාවිද්යාව යනු මානව විද්යාවේ උපක්ෂේත්ර හෝ අංශ ¼ කි. අනෙකුත් අංශ 3 වන්නේ සංස්කෘතිකමය මානව විද්යාව, ජීවි සංස්කෘතිහා සමාජ පිළිබද අධ්යයනයන්; වාග් විද්යාව , භාෂා හා භාෂා කාණ්ඩ වල මූල ඇතුළත්ව භාෂා පිළිබද අධ්යයනය; හා භෞතික මානව විද්යාව, මනුෂ්ය පරිනාමනය හා භෞතික හා ජානමය ගති ලක්ෂණ පිළිබද අධ්යයනයන් ඇතුළත් වෙයි.
හැඳින්වීම[සංස්කරණය කරන්න]
පුරාවිද්යාව යනු මානව සංස්කෘතියන් නොයෙකුත් ශිල්ප ක්රමයන් උපයෝගී කරගෙන අධ්යයනය කරනු ලබන විෂයකි. මෙම විෂයෙහි අන්තර්ගත අරමුණු විවිධාකාරය. ඒවා අතර මානව වර්ගයාගේ ආරම්භය හා විකාශනය ලේඛනගත කිරීම, විවිධ සංස්කෘතියන් හදුනාගැනීම, පරිණාමනය අධ්යයනය කිරීම මුල් තැනක් ගනී.
මේ සඳහා පුරාවිද්යාඥයින් තොරතුරු එක්රැස්කරගන්නා ක්රම කීපයකි. පුරාවිද්යාත්මක කැණීම්, වර්ගීකරණයන්, විශ්ලේෂණය කිරීම් හා සංරක්ෂණය කිරීම් ඒ අතරින් සමහරක් වේ. පොදුවේ මෙම විෂය මානව විද්යාව, ඉතිහාසය, භෞතික විද්යාව, රසායනික විද්යාව වැනි විෂයන් ගණනාවක සංකලනයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.
පුරා විද්යාවේ ඉතිහාසය[සංස්කරණය කරන්න]
ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දියුණුව සහ එම තාක්ෂණයේ වලංගුතාවය රඳා පවතින්නේ පරික්ෂා කරන ලද භුමියේ ප්රමාණය මතය.ගවේෂණ මගින් සොයාගත් පුරණ ස්මාරකවලට සහ වසර දහස් ගණන් පැරණි වස්තුවල එකතුවට විශාල වටිනාකමක් හෝ ඉහළ කලාත්මක අගයක් හිමියි.
මෙසේ සොයාගැනීමට භාජනය වන නටඹුන් පිළිබඳව විධිමත් ලෙස අධ්යයනය ආරම්භය වූයේ 19 වැනි ශතවර්ෂයෙදි පමණය. රෝමයේ ඉතා ඉපැරණි මෙන්ම විශිෂ්ට වු නිර්මාණයන් පුරාවිද්යාව පිළිබඳ ලිපි හුවමාරු ආයතනයේ Eduard Gerhard සහ ඔහුගේ කණ්ඩායම මගින් 1829 දි සොයාගන්න ලදි.
පුරාවිද්යාවේ ක්රමවේද කලාකාමී සහ වෘත්තිමය යන දෙආකරයෙන්ම දියුණු වෙමින් පවතියි. මෙම ක්රියාවලිය Mortimer Wheeler වැනි පුද්ගලයන් ඉහළ සංයමයකින් යුතුව කරන ලද විශිෂ්ට ගවේෂන නිසා 20 වැනි ශතවර්ෂයේ සිට නොනවත්වා දියුණු වෙමින් පැවතියේය.
පුරාවිද්යා දියුණුව කෙරෙහි නාගරික පුරාවිද්යාවේ සහ ගලවාගැනිමේ පුරාවිද්යාවේ දියුණුව ඉතා වැදගත් තොරතුරු ප්රමාණයක් ලබා දෙයි. ප්රාග් තාරක විද්යාව යනු පුරාවිද්යාව නොවන අතර එය වැඩිදුර අධ්යයනයේදී අතීත ගැමි සංස්කෘතියට සම්බන්ධව පවතින බවට සාධක ඇත.
අරමුණු[සංස්කරණය කරන්න]
පුරා විද්යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මානුෂික සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර 1000 කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මානුෂික හැසිරීම හා පරිසර විද්යාව අධ්යයනය කිරීම ඇතුළත් වේ. පුරා විද්යාඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්රම සමඟ හා පුරා විද්යාඥයින් අතීතයේ අසනු ලබන පර්යේෂන වල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්රදේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්යාත්මක ක්රියාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්රභව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්යාවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්ය, මානව විද්යාව, භූගෝල විද්යාව, භූ විද්යාව,භෞතික විද්යාව, තොරතුරු විද්යාව, රසායන විද්යාව, සංඛ්යානය, පුරා පරිසර විද්යාව, පුරා සත්ව විද්යාව, පුරා මානව උද්භිද විද්යාව හා පුරා උද්භිද විද්යාව සමඟ සම්බන්ධ වේ.
සිද්ධාන්ත[සංස්කරණය කරන්න]
පුරා විද්යාවේ එක් තනි සිද්ධාන්තයක් නොමැත. එමෙන්ම අර්ථ දැක්වීම් ද මත භේදයට තුඩු දෙන 20වන සියවසේ මැද භාගය තෙක් පුරා විද්යාව ඉතිහාසයට හා මානව විද්යාවට සමීපව සම්බන්ධ බවට පොදු සම්මුතියක් පැවතුණි.
එක්සත් ජනපදයේ පුරා විද්යාත්මක සිද්ධාන්තයේ ඉතිහාසය ප්රථම ප්රධාන කලාපය 19 වන සියවසේ පසුභාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දී දියුණු විය. එය සාමාන්යයෙන් හඳුන්වනු ලබන්නේ සංස්කෘතිකමය හෝ සංස්කෘතික ඉතිහාසය ලෙසය. එය එහි ඓතිහාසික සුවිශේෂීතාවය පිළිබඳ වූ ම 1000 ුකර දැක්වීම සඳහා වඩාත් සුප්රසිද්ධ වේ.
1920 දශකයේ දී ඇමරිකානු නිරිත දිග සංස්කෘතිකමය ඓතිහාසික පුරා විද්යාව ඍජු පුරා විද්යාත්මක ප්රවේශය සමඟ තදින් බැඳී තිබුණි. මෙම ප්රවේශය, ඇමරිකානු නිරිත දිග ප්රදේශයේ ඇමරිකානු වයඹ දිග වෙරළේ, මෙසෝ ඇමරිකාවේ ඇන්ඩීෂ්, ඕෂිනියා, සයිබීරියාව හා ජීවී ආවේනික ජනගහන හා පැරණි කණ්ඩායමේ පුරා විද්යාත්මක අවශේෂ අතර අඛණ්ඩතාවය දක්නට ඇති ලෝකයේ අනිකුත් ප්රදේශවල අඛණ්ඩව ක්රියාත්මක විය. ඍජු ඓතිහාසික ප්රවේශය ක්රියාත්මක කිරීමේ දී නූතන මිනිසුන් හා පුරා විද්යාත්මක අතීතය අතර සම්බන්ධතාවය එක්තැන් කිරීම සඳහා මානව පුරා විද්යාත්මක හා මුල් ඓතිහාසික වාර්තා වැදගත් භූමිකාවක් රඟ දක්වනු ලැබේ. සාහිත්යමය ප්රබව අනිකුත් සන්දර්භවල දී ද භාවිතා කළ හැක. උදාහරණ ලෙස හැඩ්රියන්ගේ ලිඳ දැක්විය හැක.
1960 දශකයේ දී මූලිකව ඇමරිකානු පුරා විද්යාඥයන් කිහිප දෙනෙක් (ලෙවිස් බින්ෆ්රෝඩ් හා කෙවින් ෆ්ලැනරි වැනි) සංස්කෘතිකමය ඉතිහාසයේ නාම මාලාවට එරෙහිව කැරලි ගැසේ. ඔවුන් විසින් නව පුරා විද්යාව යෝජනා කළ අතර එය වඩා විද්යාත්මක හා මානව විද්යාත්මක වන අතරම කල්පිත පරීක්ෂා කිරීම හා විද්යාත්මක ක්රම සමඟ වඩාත් වැදගත් විය. පසුව එය සැකසුම් පුරා විද්යාව ලෙස හැඳින්වේ.
1980 දශකයේ දී බ්රිතාන්ය පුරා විද්යාඥයන් වූ මිචෙල් ෂෑන්ක්ස්, ක්රිස්ටෝපර් ටිලී, ඩැනියෙල් මී හා ඉයන් හොඩර් විසින් මෙහෙය වූ නව පසු නූතනවාදී ව්යාපාරයක් මතු විය. එමඟින් සැකසීම් විද්යාවේ විද්යාත්මක ධනාත්මකතාවයට හා අසාධාරණාත්වයට ඇති ආකර්ශනය ගැටළුවට බඳුන් කළ අතර වඩා ස්වශාස්ත්රීය සෛද්ධාන්තික පරාවර්තතාවක වැදගත්කම මතුකර දැක්වීය. මෙම ප්රවේශය පසු සැකසුම් පුරා විද්යාව ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ නමුත් මෙම ප්රවේශය සැකසුම්කරුවන් විසින් විද්යාත්මක උමතුව අඩු යැයි පවසමින් විවේචනයට ff6 ක් කරන ලදී. සැකසුම්වාදය හා පසු සැකසුම්වාදයේ වලංගු බව පිළිබඳ තවදුරටත් විවාදයට බඳුන් වී තිබේ.
ඓතිහාසික සැකසුම්වාදය මතු වෙමින් පවතින නාම මාලාවක් වන අතර එමඟින් ක්රියාවලි හා පසු සැකසුම් පුරා විද්යාවේ පරාවර්තීතාව හා ඉතිහාසය පිළිබඳ මතු කර දැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
පුරා විද්යාත්මක සිද්ධාන්ත වර්තමානයේ දී බලපෑම් ගණනාවකින් කරලියට පැමිණේ. එයට නව ඩාවීනියානු පරිණාමනීය සිතුවිල්ල, සංසිද්ධිමය විද්යාව, පසු නූතන වාදය, ඒජන්සි සිද්ධාන්තය ඥානාත්මක විද්යාව, කාර්යබද්ධ වාදය, ලිංගිකත්වය මත පදනම් වූ හා එබඳු මත දරන පුරා විද්යාව හා පද්ධති සිද්ධාන්තය ඇතුළත් වේ.
Academic sub-disciplines[සංස්කරණය කරන්න]
සංස්කෘතික සම්පත් කලමනාකරණය[සංස්කරණය කරන්න]
ක්රේෂ්ත්ර පිලිවෙත්[සංස්කරණය කරන්න]
මිනුම(Survey)[සංස්කරණය කරන්න]
පුරාවිද්යා කැණීම[සංස්කරණය කරන්න]
භූමිය නොපුරුදු අයගේ බලප්රදේශයක්ව පවතිද්දී පවා පුරාවිද්යාත්මක කැණීම් පැවතිණි. බොහෝ ව්යාපෘති වලින් අනාවරණය කරගත් බහුතරයක් තොරතුරුවල ප්රභව ඉතිරිව ඇත. භූ ස්ථරය පිළිබඳව අධ්යයනය සහ ත්රිමාණ නිර්මාණ ආදී සමීක්ෂණ වලට සාමාන්යයෙන් පිවිසිය නොහැකිය. එබැවින් නොයෙක් වර්ගයේ තොරතුරු අනාවරණය කරගැනීමට ඊට පුළුවන. නවීන කැණීම් ශිල්ප ක්රම වලට ලැබෙන සම්භවය වාර්තා කරගැනීමට සියුම් ලෙස ලක්ෂණ සහ වස්තු පිහිටි ස්ථාන අවශ්යය වේ. මෙමඟින් තිරස් පිහිටීම මෙන්ම සිරස් පිහිටීමද තීරණය කිරීමට හැකියාව ලැබේ.අවට තිබෙන වස්තූන් සහ ලක්ෂණ සමඟ ඒවායේ පවතින සම්බන්ධතාද පසුව කරන විග්රහ සඳහා වාර්තා කර ගනු ලැබේ. මෙමඟින් පුරාවිද්යාඥයාට කුමන මානව කෘති හා ඒවා පැවතියේද යන්න ආදිය පිළිබඳව නිගමනය කිරීමට ඉඩ ලැබේ. උදා 1000 රණයක් ලෙස භූමිය කැණීමේදී එහි භූ ස්ථරය පිළිබඳව අධ්යයනයට ඉඩ ලැබේ. භූමිය විවිධ සංස්කෘතීන්ට අයත් මානව කොටස්වලට වාස භූමිව වීනම් බොහෝ පැරණි කාලයේ සිට පැවත එන මානව සංස්කෘතින්ගේ මානව කෘති මත මෑත කාලයේ සංස්කෘතීන්ගෙන් පැවත එන මානව කෘති ද පවතියි. පුරාවිද්යා පර්යේෂණ වලදී වඩාත්ම වියදම් සහිත අවස්ථාව කැණීම් අවස්ථාවයි. ප්රතිඵලයක් ලෙස සමහර භූමි කැණීම් කරන ප්රතිශතය රඳාපවතින්නේ එම රට අනුවයි. බොහෝ විට එය 90% කි. කැණීම් වලදී සමීක්ෂණයට වඩා සාම්පල් ලබාගැනීම වඩා වැදගත් වේ. මෙම කැණීම් ක්රියාවලිය වඩා පරිස්සමෙන් කළ යුතු උවත් විශේෂයෙන් මතුපිට පස ඉවත් කිරීමේදී විශාල යාන්ත්රික උපකරණ (බැකෝ යන්ත්ර ) භාවිතා කරයි. සියලුම ලක්ෂණ පැහැදිලිව පෙනේද යන්න නිශ්චය කර ගැනීම උදෙසා මෙම ප්රදේශය උදලු සහ මේසන් හැඳි භාවිතයෙන් පිරිසිදු කරයි. ඊලඟ කාර්යය භූමි සැලැස්මක් නිර්මාණය කිරීමයි. එය කැණීම් කටයුතු වලදී තීරණ ගැනීම සඳහා භාවිතා කෙරේ. වාර්තා ගැනීම සඳහා විවිධ කොටස් වෙන වෙනම ස්වභාවික යටිපස තෙක් කැණීම් වලට භාජනය කරයි. උදාහරණයක් ලෙස අගලක් කොටස් 2 කින් යුක්ත වේ. එය පිරවුම හා විවරය ලෙස වේ. විවරය යනු ස්වභාවික පස හමුවන ලක්ෂණ සහිත මායිම වේ. පිරවුම යනු ස්වභාවික පසට වඩා සම්පූර්ණයෙන් වෙනස් ලක්ෂණ සහිත කොටසයි. පරිමාණයට අඳින ලද සැලැස්ම හා භූමියේ එක් එක් ලක්ෂණ වල ඒකක අඳිනු ලැබේ. ඒවායේ ඡායාරූප ලබාගෙන (කලු, සුදු හා වර්ණ )අන්තර්ගතය වාර්තා කරනු ලැබේ. දැනට විනාශ වී ගිය පුරා වස්තූන්ගේ වාර්තා , ඒවායේ තොරතුරු සපයා දෙන අතර ඒවා භූමිය පිළිබඳව විස්තර කිරීමට හා තේරුම් ගැනීමටද යොදාගනී.
කැපුම යනු[සංස්කරණය කරන්න]
පු 1000 ා විද්යාවේදි හා පුරා විද්යාත්මක භූ ස්ථර අධ්යයනයේදි කැපුමක් යනු අගලක් හෝ වළක් වැනි යම් අංගයක් නිර්මාණය කිරීම සදහා අනෙකුත් පුරා විද්යාත්මක අවශේෂ ඉවත් කර ඇති, කාලයේ යම් කිසි මොහොතක් නිරූපණය කරන සන්දර්භයකි. ලයිමානු වදන් වලින් කැපුමක් යන්න අතීතයේදී හාරන ලද සිදුරක් ලෙස සිතිය හැකි නමුත් කැපුමක් යන්න සිරස් ලෝප කරණ වැනි පුරා විද්යාත්මක වාර්තා වල අනෙක් කොටස් වලට ද යෙදෙයි. කැපුම් සන්දර්භයක් යන්න සමහරක් විට ධන සන්දර්භයකට ප්රතිවිරුද්ධව සෘණ සන්දර්භ ලෙස ද පරිශීලනය වෙයි. එම වදන මගින් කියා සිටින්නේ එය නිර්මාණය වු කාලයේදී කැපුම මගින් පුරා විද්යාත්මක වාර්තාවෙන් ද්රව්ය ඉවත් කර ඇති අතර ඊට ප්රතිවිරුද්ධව ධන සන්දර්භයන්ගෙන් කියවෙන්නේ පුරා විද්යාත්මක වාර්තාවට ද්රව්ය එකතු කිරීමකි. කැපුමකට ශූන්ය ඝනකමක් හිමි අතර ද්රව්යමය ගුණ නොමැති වෙයි. එය අර්ථ දක්වනු ලබන්නේ අනෙකුත් සිමා මගිනි. වාර්තා තුළ කැපුම් දකිනු ලබන්නේ එමගින් කැපුණු ද්රව්ය හා එය නැවත පුරවන ලද ද්රව්ය අතර ගුණ වල පවත්නා වෙනස මගිනි. මෙම වෙනස වැඩ බිමේ සිටින පුරා විද්යාඥයින් විසින් සීමාවක් ලෙස දකිනු ලබයි. මෙය ඉහත රූපයේ දැක්වෙන අතර එහිදි අර්ධ කොටස් කරණය කර ඇති සැක්සන් වලකින් එහි පසු පිරවුමෙන් බාගයක් ඉවත් කර ඇති අතර එම නිසා අපිට වල හාරන ලද භූමිය හා වල පිරවීම සිදු කරන භූමිය අතර වෙනස සමහරක් විට මෙම වෙනස්කම් පැහැදිලි නොවන අතර එවැනි අවස්ථා වලදී කැපුම් සොයා ගැනීම සදහා පුරා විද්යාඥයින්ට තම අත්දැකීම් හා පිරික්සුම් බලය මත රදා පැවතීමට සිදු වනු ඇත.
අංගය යනු[සංස්කරණය කරන්න]
පුරා විද්යාවේදි අංග හා විශේෂයෙන 1000 ් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්ය ක්රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ එකක හෝ කිහිපයක එකතුවක් වන අතර වැඩ බිමෙහි භූ ස්ථර පිළිබද විද්යාවට සාපේකෂව සිරස් ගති ලක්ෂණ ඇත. අංග වලට උදාහරණ ලෙස වලවල්, තාප්ප හා අඟල් දැක්විය හැකිය. භූවිස්තර විද්යාත්මක අනුක්රමණයක පවතින ස්ථර, ගැටි හෝ මතුපිට වැනි සාමාන්ය තිරස් අවයව අංග ලෙස හදුන්වනු ලැබේ. මතුපිට වලට උදාහරණ ලෙස අංගන, පාරවල් හා මහල් දැක්විය හැකිය.
අංග වල ආගන්තුක ගති ලක්ෂණ හෝ ඒහා සම්බන්ධ වු කැපුම් තිබිමේ හැකියාවක් ඇත. ගොඩනැගිල්ලක මතුපිටද අංගයක් ලෙස හැදින්විය හැකි නිසාත් හා නිපදුම් කැපුම්වලින් තොර නිදහස් නැගිසිටුම් ව්යුහ අංග විය හැකි නිසාත්, මෙය නිසි අර්ථ දැක්වීම් ආකාරයක් නොවේ. කුණු ගොඩවල් (කුණු කසල තැන්පත් ඔවුන්ගේ අංග ලෙස හදුන්වනු ලැබේ) මෙය අපද්රව්ය මට්ටම් කරණයට සන්සන්දනාත්මකව සලකා බලනු ලබන අතර එය අදාල වැඩ බිමෙහි සැලකිය යුතු කොටසක් පුරා ව්යාප්ත වී ඇත. අංගයක් යන සංකල්පය යම්තාක් දුරකට විකෘතියක් වන අතර එයට හේතුව එය තැනීමේ තරා තිරම මත පදනම්ව වෙනස්වීමට හැකියාවක් ඇති වීමයි. | hplt_2 |
වාග් විද්යාව
වාග් විද්යාව යනු භාෂාව පිළිබද විද්යාත්මක අධ්යයනයයි. සාමාන්ය (හෝ න්යායාත්මක) වාග් විද්යාව තුළ භාෂාවේ සංයුතිය (ව්යාකරණය) සහ අර්ථය (ශබ්චාර්, විද්යාව) වැනි උප ක්ෂේත්ර කිහිපයක් අන්තර්ගත ව්යාකරණ අධ්යයනය කුල රූප විද්යාව (වචන නිර්මාණය සහ වෙනස්විම්) සහ පද ගැලපුම (වාක්ය ඛණ්ඩයන් සහ වාක්ය ලෙස වචන එකතුවන ආකාරය නිශ්චය කරනු ලබන රීතින් ඇතුලත් වේ). මෙම ක්ෂේත්රයේ අනෙකුත් කොටස් වනුයේ ශබ්ද ක්රම සහ සාරාංශ ශබ්ද ඒකක අධ්යනය කරන ශබ්ද විද්යාව සහ කථන ශබ්ද ඒකක අධ්යනය කරන ශබ්ද විද්යාව සහ කථන ශබ්දයන්හි අඩංගු මුලික ලක්ෂණ (ඇමතුම්) භාෂා නොවන ශබ්දයන් සහ ඒවා නිපැයන්නේ සහ තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබද අධ්යයනය කිරිමයි.
වාග් විද්යාව භාෂාවක් සංසන්දනය කරන අතර, සංසන්දනාත්මක වාග් විද්යාව(භාෂාවෙහි විශ්ව ගුණාංගයන් සොයා ගැනිමට සහ ඒවායේ මුලාරම්භය හා සංවර්ධනයට හේතු දැක්විම) සදහා ඒවායේ ඉතිහාසය ගවේෂණය කරයි. ව්යවහාරික වාග් විද්යාව මගින් විදේශ භාෂා ඉගැන්විම , කථන චිකිත්සාව, පරිවර්තනය සහ කථන ව්යාධිවේදය යනාදි අංශයන්හි වාග් විද්යව න්යයායන් භාවිතයේ යෙදවේ. මෙම විෂය අධ්යයනය කරන්නෙක් වාග් විද්යඥයෙක් ලෙස හැදින්වේ.
වාග් විද්යාත්මක විමර්ශනය විශාල ලෙස වෙනත් විශේෂඥතාවයන් දරන්නන් විසින් සිදු කල හැකිය. රස් රයිමර් විසින් කර ඇති පහත ප්රකාශයෙන් දැක්වෙන පරිදි ඒ සියළු දෙන අතර එකමුතු එකතාවයක් නොතිබිය හැකිය.
"ශාස්ත්රිය විෂයයන් අතරින් වාග් විද්යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි. එය භාෂා විද්යාඥයන්ගේ ලබාගත හැකි ඕනෑම ලේ ප්රමාණයක් සමග, කවීන්ගේ දේව ධර්මයන්ගේ, දර්ශනවදින්ගේ, වාග් විද්යාඥයින්ගේ, මානසික විද්යායින්ගේ, ජිව විද්යාඥයින්ගේ, මානව විද්යාඥයින්ගේ සහ ස්නායු විද්යාඥයින්ගේ ලේ වලින් තෙත් වී ඇත.-Russ Rymer Annals of Science, " A silent Childhood The new York , April 13, 1992 P. 48
සටහන්[සංස්කරණය කරන්න]
මිනිස් භාෂා පිළිබඳව විද්යාත්මක අධ්යයනය, වාග් විද්යාව ලෙස හඳුන්වනු ලබයි. වාග්විද්යාව
භාෂාව මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම උපකරණය භාෂාවයි. මිනිසා උරුම කරගත් මහඟු දායාදය ද වන භාෂාව ඔහු විසින් සිදු කරනු ලබන සමස්ත කාර්ය ක්ෂේත්රය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකය ද වෙයි. මිනිස් ජීවිතයේ හදවත ද භාෂාවයි. (Language is at the heat of human life)මිත්ර සන්ධාන ගොඩනැගීම, මනාව පවුල හා සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩ නැගීම, ආගමික දේශපාලනික විශ්වාස, අදහස් ආදිය දැරීම වැනි සුවහසක් කාර්ය මිනිසා විසින් සිදු කරනු ලබනුයේ භාෂාව මගිනි. ඇතැම් භාෂාත්මක නොවන කාර්ය සේ සැලකෙන ආහාර පාන සකස් කිරීම, ලිංගික කාර්ය, වාදනය වැනි කාර්ය ද භාෂාත්මක පදනම මත සිදු වෙයි. මේ නිසා භාෂාවෙන් තොර පුද්ගල කි්රයාකාරීත්වයක් අපේක්ෂා කිරීම දුෂ්කර ය.
‘‘භාෂා’’ යන්න කථා කිරීම යන අර්ථය සහිත භාෂ්’ ධාතුව හෙවත් කි්රයා මූලයෙන් උපන් කෘදන්ත රූපයකි. කථා කිරීම භාෂාවේ ප්රාථමික කාර්යය වන අතර ලේඛනය ද්විතීයක හා කෘති්රම වූයේ වෙයි. ලේඛනය හා භාෂණය භාෂාව ඉදිරිපත් වන ක්රම දෙකයි. ස්වභාෂකයකු (Native speaker) (සිය භාෂාව භාවිත කරනුයේ අවිඤ්ඤාණකව ය. එනම් භාෂකයා තමා භාෂාවක් දන්නා බව දන්නේ නමුදු දන්නේ කුමක් දැයි නොදනී. එනිසා භාෂාව යනු කුමක් ද? යන ප්රශ්නයට පරිපූර්ණ උත්තරයක් දීමට භාෂකයා අසමත් වෙයි. මේ හේතුව නිසා භාෂාව යනු කුමක් දැයි අධ්යයනය කිරීමේ කුතූහලය පෙර සිට පැවතිණි. නූතන විද්යාත්මක ශික්ෂණයන්ගේ දියුණුවත් සමග එම කුහුල කිසියම් විද්යාත්මක දත්ත හා ක්රමවේද ඔස්සේ අධ්යයනය කිරීමට පෙළඹිණි. එහි ප්රතිඵලය වාග්විද්යාවයි.
වාග්විද්යාව වාග්විද්යා යනු භාෂාව පිළිබඳ විද්යාත්මක අධ්යයනය යි. (Linguistics is the Scientific study of Langauge) 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී නූතන වාග්විද්යාවේ ආරම්භය සිදු විය. විද්යාත්මක අධ්යයන ක්ෂේත්රයක් ලෙස දුරාතීතයකට උරුමකම් නොකීවද භාෂා අධ්යයනය සියවස් විසි තිස් ගණනක් ඉතිහාසයකට උරුමකම් කියයි. එම සාම්ප්රදායික භාෂා අධ්යයනයෙන් නූතන වාග්විද්යාව වෙනස් වනුයේ විද්යාත්මක දත්ත පදනම් කර විදුහුරු හා සත්යේක්ෂණය මත පදනම් වූ අධ්යයන ක්ෂේත්රයක් වන හෙයිනි. එනම් නූතන වාග්විද්යාව භාෂාව අධ්යයනය කරනුයේ විග්රහාත්මක ස්වරූපයකට වන අතර සාම්ප්රදායික භාෂා අධ්යයනය උපදේශාත්මක ස්වරූපයට අනුගත වෙයි. භාෂාව මෙසේ භාවිත කළ යුතුය, යන්න සාම්ප්රදායික ව්යාකරණයෙන් ඉගැන්වෙන අතර භාෂාව මෙසේ භාවිත කරන්නේය, යන්න වාග්විද්යාවෙන් ඉගැන්වෙයි.
වාග්විද්යාත්මක භාෂා අධ්යයනය ෆර්දිනාන්ද් දී සොසුය්යෝ නම් ස්විස් ජාතික වාග්විද්යාඥයා සඳහන් කළ පරිදි භාෂාවේ සංස්ථිතිය ද විද්යාත්මක ක්රමයකට අධ්යයනය කළ හැකිය. යොසුය්යෝගේ පටන් සංස්ථිතික වාග්වේදීන් භාෂාවේ සංස්ථිතිය අධ්යයනය කරන ලදි. වාග්විද්යාත්මක භාෂා අධ්යයනයේ දී භාෂාව ශබ්ද විද්යාව, ශබ්දීම විචාරය, වාක්ය විචාරය, අර්ථ විචාරය, ප්රකරණාර්ථ විචාරය යන ක්ෂේත්ර ඔස්සේ භාෂා ශබ්ද (Phonetic), අර්ථ භේදයට තුඩු දෙන ශබ්ද, ශබ්දිම (Phoneme), පදිම (Mopheme), පද (word)" වාගාලප (utterance) අර්ථ (Meaning) වශයෙන් අධ්යයනය කෙරෙයි. මෙසේ භාෂාව විග්රහ කිරීම විග්රහාත්මක වාග්විද්යා (descriptive linguistics) ලෙස හැඳින්වෙයි.
ශබ්ද විචාරයේ දී (Phonology) භාෂා ශබ්ද පිළිබඳව මූලිකවම අධ්යයනය කෙරෙයි. එම ශබ්ද එකතුවෙන් ගොඩනැගෙන පද පිළිබඳ පදිම විචාරයේ (Morphology) අධ්යයනය කෙරේ. පද එකතුව පාද (Phrases) නිපදවීම ඒ ඇසුරින් වාක්යාංශ (Clauses) හා වාක්ය (Sentences) නිර්මාණය වාක්ය විචාරයේ (Syntax) අධ්යයන කෙරෙයි. භාෂා අර්ථය අර්ථ විචාරයේ (Semantics) අධ්යයන ක්ෂේත්රයයි. ප්රකරණ විචාරය (Pragmatics) තුළින් භෂා පාඨය හා අවස්ථාව අර්ථවත් වීම යන්න අධ්යයනය කෙරේ. විශේෂයෙන්ම සංස්ථිතික වාග්විද්යාවේ දී භාෂාවකට අනන්ය ලක්ෂණ හෙවත් පරාමිතීන් (Parameters) හා සමස්ත භාෂාවන්ට පොදු වූ (Universal) ලක්ෂණ අධ්යයනය කිරීම සිදුවෙයි.
වාග්විද්යාවේ විෂය ක්ෂේත්රය ඉහත දැක් වූ පරිදි ප්රස්තුත භාෂාවක සංස්ථිතිය අධ්යයනය කිරීම පමණක් වාග්විද්යාව නොවෙයි. භාෂාව සමස්ත මිනිස් කි්රයාකාරීත්වය කෙරෙහි සම්බන්ධ වන හෙයින් එහි අධ්යයන ක්ෂේත්ර ද අධ්යාපනය, මානව විද්යාව. ඉතිහාසය, සමාජ විද්යාව, භාෂා ඉගැන්වීම, මනෝ විද්යාව, දර්ශනය, පරිගණක විද්යාව, න්යුරෝන විද්යාව, කෘති්රම බුද්ධිය ආදි විවිධ ක්ෂේත්ර ඔස්සේ විස්තෘතියට පත්ව ඇත. එනිසා වාග්විද්යාවේ අධ්යයන ක්ෂේත්රය ද වඩාත් පැතිරුණු ස්වරූපයක් දක්වන අතර වාග්විද්යාවේ අධ්යයන ක්ෂේත්ර දැක්වීම ද පහසු නොවේ.
ඓතිහාසික වාග්විද්යාව භාෂාව ආරම්භය, වර්ධනය, භාෂා පවුල් පිළිබඳව හා කිසියම් ප්රස්තුත භාෂාවක ඉතිහාසය අධ්යයන කිරීම ඓතිහාසික වාග්විද්යාව (historical Lingaistics) ලෙස සැලකෙන අතර භාෂා අධ්යයනයේ වඩාත් ප්රකට වූයේ ද එයයි.
සමාජ වාග්විද්යාව භාෂාව හා සමාජය අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවකි. මිනිසා සමාජයේ විවිධ අවස්ථා තුළ භාෂාවේ විවිධ ස්වරූප භාවිත කරයි. ඒ ඒ ප්රදේශ අනුව භාවිත කරන භාෂා ස්වරූප ද වෙනස් වෙයි. මෙසේ සමාජමය ප්රකරණය තුළ භාෂාවේ භාවිතය අධ්යයනය කිරීම සමාජ වාග්විද්යාව (sociolinguistics) ලෙස හැඳින්වෙයි.
මනෝ වාග්විද්යාව භාෂා උත්පාදනය, සංජානනය, අවබෝධය යන කි්රයාවලිය පුද්ගල මනස හා සම්බන්ධ වෙයි. භාෂාවේ උක්ත කි්රයාවලියේ දී මනෝමය පදනම පිළිබඳ අධ්යයනය කිරීම මනෝ වාග්විද්යාව (Psycholinguistics) ලෙස හැඳින්වෙයි.
සංකථන විචාරය භාෂණයේ හෝ ලේඛනයේ යෙදෙන වාක්ය සාකච්ඡුා. සම්මුඛ පරීක්ෂණ, පරිච්ෙඡ්ද ආදි වශයෙන් විශාල ඒකක සකස් කිරීම පිළිබඳ කරනු ලබන අධ්යයනය සංකථන විචාරය (Discourse Analysis) නමින් හැඳින්වෙයි.
ව්යවහාරික වාග්විද්යාව වාග්විද්යාවේ සාකච්ඡුාවට ලක් කෙරෙන ෙසෙද්ධාන්තික කරුණු ව්යාවහාර භාෂාව තුළ භාවිතා කිරීම ව්යවහාරික වාග්විද්යාව (Applied Linguistics) නම් වෙයි. මෙහිදී භාෂා ඉගැන්වීම, ජාතික භාෂා ප්රතිපත්තිය, භාෂා පරිවර්තනය, භාෂා සැලසුම්කරණය ආදි කාර්ය අධ්යයනය කෙරෙයි.
පරිගණක වාග්විද්යාව ස්වභාවික භාෂාවන් පිළිබඳ (පරිගණක භාෂාවන්ට වඩා - ජාවා* අධ්යයනය කිරීම පරිගණක වාග්විද්යාව (Computational Linguistics) නම් වෙයි. මෙහිදී මිනිසා ස්වාභාවික භාෂාවන් භාවිතා කිරීම මෙන්ම මිනිස් භාෂාව පිළිබ`ද ස්වයංකී්රය පරිවර්තනය(Automatic translation), කෘති්රම භාෂණය (Artificial Speech) ස්වයංකී්රය හඳුනා ගැනීම (Automatic Recognition) ආදිය මෙහිදී සිදු කෙරෙයි.
රීති විචාරය භාෂාව පිළිබඳ අධ්යයනය සාහිත්ය විචාරය හා සම්බන්ධ කෙරෙන ක්ෂේත්රය රීති විචාරය (Stylistics) නම් වේ. එහිදී කිසියම් සාහිත්යමය කෘතියක භාෂා භාවිතයේ නැගෙන විවිධ අර්ථ පිළිබඳව හා ක්රමවේද පිළිබඳ අධ්යයනය කිරීම සිදු කෙරෙයි. එසේම කිසියම් භාෂකයකු හෝ රචකයකු පාඨකයා හෝ ශ්රාවකයා කෙරෙහි පදනම්ව භාෂාව භාවිත කිරීම අධ්යයනය කෙරෙයි.
න්යුරෝන වාග්විද්යාව භාෂාවක් භාවිත කිරීමේ දී සිදු වන මොළයේ කි්රයාකාරීත්වය පිළිබඳ අධ්යයනය කිරීම න්යුරෝන වාග්විද්යාව ලෙස හැඳින්වේ. මෙහිදී මිනිස් මොළයේ සංයුතිය සන්නිවේදන, ව්යාකරණ කි්රයාවලීන් කෙරෙහි කි්රයාත්මක වන ආකාරය අධ්යයනය කෙරේ.
මීට අමතරව භාෂා ආබාධ හා සායනය පිළිබඳ කරනු ලබන සායනික වාග්විද්යාව(Clinical Linguistics)" පුද්ගලයා තුළ භාෂා ශක්යතාව පිළිබඳ අධ්යයනය කරන ප්රවර්ධක වාග්විද්යාව(Developmental Linguistics)" අධිකරණ කාර්යයන්හි දී භාෂාව භාවිත කිරීම පිළිබඳව කෙරෙන අධිකරණ විෂයක වාග්විද්යාව(Forensic Linguistics)" වැනි අධ්යයන ක්ෂේත්ර මෙන්ම උපභාෂා විචාරය, ශබ්දකෝෂකරණය, මානවවිෂයක වාග්විද්යාව වැනි ක්ෂේත්ර ගණනාවක් වාග්විද්යාවේ දී අධ්යයන කෙරේ. භාෂණ චිකිත්සාව (Speech therapy) වැනි ක්රමවේදයන් ද අධ්යයනය කෙරේ.
මේ අනුව දශක කිහිපයක ඉතිහාසයකට උරුමකම් කියන නූතන වාග්විද්යාව අද්යතන විද්යාත්මක ලෝකයේ දියුණු විෂයක් ක්ෂේත්රයක් ලෙස අතිශය ව්යාප්තියට පත්ව ඇත.
කුරුපිට අස්සජිතිස්ස හිමි
වාග්විද්යා පර්ෂදය. වාග්විද්යා අධ්යයනාංශය. කැලණිය විශ්වවිද්යාලය. | hplt_2 |
එක්සත් ජනපදය
ඇමෙරිකා එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමෙරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්රත්යාසන්න ප්රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්රාන්තය පැසිෆික් සාගරය මධ්යයේ පිහිටි කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්යාවක් සංක්රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්රිතාන්යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්රිතාන්ය අධිරාජ්යය පරාජය කරමින් විප්ලවිය ප්රාන්ත විසින් ඇමෙරිකානු විප්ලවීය අරගලය ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්යවස්ථා ප්රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන අයිතීන්ගේ ව්යවස්ථා කෙටුම් පනත අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.[2]
19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්යාප්ත කරන සීඝ්ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්රංශයෙන් ලුයිසියානා භෞමික ප්රදේශය මිල දී ගන්නා ලදි.[3] 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී ඇමෙරිකන් සිවිල් යුද්ධය පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්යවස්ථාවේ දහතුන් වැනි ප්රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්යක්ත ප්රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.
ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්රිලියන 15.1 ක් විය. එහි ප්රතිශ්රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්රමුඛත්වය ගන්නකි.
පටුන
නිරුක්තිය[සංස්කරණය කරන්න]
1507 දී, ජර්මන් සිතියම්කරුවෙක් වූ මාටින් වල්ඩ්සෙමුලර් ලෝක සිතියමක් ඉදිරිපත් කළේය. එහි අපරාර්ධ ගෝලයේ භූමින් ඔහු "ඇමෙරිකා" යැයි නම් කළේ ඉතාලි ජාතික දේශ ගවේෂකයෙකු හා සිතියම්කරුවෙකු වූ ඇමෙරිගෝ වෙස්පූසි සිහි කරමිනි.
1776 අප්රේල් 6 වැනිදා වර්ජීනියා ප්රාන්තයේ විලියම්ස්බර්ග් නගරයේ "වර්ජීනියා ගැසට්" නමින් වූ පුවත්පතේ නිර්නාමිකව ලියන ලද රචනාවක "ඇමෙරිකා එක්සත් ජනපදය" යන වගන්තිය සටහන් ගත වීම ඵෛතිහාසික මුල් සාක්කියයි. 1776 ජූනි මස දී තෝමස් ජෙෆර්සන් විසින් නිදහස් ප්රකාශනය "මුල් ම දළ සටහන" ලියද්දී එහි සිරස්තලය ලෙසින් "ඇමෙරිකා එක්සත් ජනපදය" යන මුළු වගන්තිය ඉංග්රීසි ලොකු අකුරු වලින් ඇතුල් කරන ලදි. නිදහස් ප්රකාශනයේ සුනිශ්චිත ජූලි හතරවැනිදා සංස්කරණයේ දී ඒ කොටස වෙනස් වී කියැවෙන්නේ "ඇමෙරිකා එක්සත් ජනපද දහතුනේ ඒකමතික නිදහස් ප්රකාශනය" යනුවෙනි.
1777 නොවැම්බර් 15 වැනිදා දෙවැනි මහාද්වීප කොංග්රසය විසින් "ප්රාන්ත ඒකාබද්ධ ගිවිසුම" අපත්යීකෘත කරගත්හ. එහි "මේ රාජ්යසන්ධානයේ හිදිවර වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි" යනුවෙන් සඳහන් ය. 1778 දී අත්සන් තැබි ප්රංශ-ඇමෙරිකානු ගිවිසුම් ද "උතුරු ඇමෙරිකා එක්සත් ජනපද" යැයි භාවිතා විය. එහෙත් 1788 ජූලි 11 දා සිට "ඇමෙරිකා එක්සත් ජනපදය" යන්න රටේ මුදල් නෝට්ටු ගණුදෙනු වල දී පටන් ගැනිණ. එතැන් පටන් එය රටේ නිල නාමය වශයෙන් භාවිතා වෙයි.
"එක්සත් ජනපදය" යන කෙටි නාමය ද සාමාන්යයෙන් භාවිතා වෙන්නකි. අනිකුත් සාමාන්ය භාවිතයට "යූ. එස්.", "යූඑස්ඒ" , සහ "ඇමෙරිකාව" යනාදිය ඇතුලත් ය. කථා ව්යවහාරයේ දී "යූ.එස්. ඔෆ් ඒ." කියා ද, ජාත්යන්තර වශයෙන් "ස්ටේට්ස්" කියා ද භාවිතා වෙති. "කොලොම්බිය" යන නාමය 1700 ගණන් වල දී ගද්ය හා සිංදු වල ජනප්රිය වූවකි, එය පැවත එන්නේ ක්රිස්ටෝෆර් කොලොම්බස් නිසා ය. එය "කොලොම්බියා දිස්ත්රික්කය" හි දැක්වෙන්නකි.
එක්සත් ජනපදයේ පුරවැසියක් හඳුන්වන සාමාන්ය භාවිතය නම් "ඇමෙරිකන්" යැයි කීම ය. "එක්සත් ජනපදය" යන්න නිල වශයෙන් ඒකාන්ව පදවරහක් වුව ද, "ඇමෙරිකන්" සහ "යූ.එස්." යනාදිය රට ගැන කියන නාමවිශේෂණ භාවිතයේ දී වෙයි. උදාහරණ හැටියට "ඇමෙරිකන් අගැයුම්" සහ "ඇමෙරිකන් හමුදාවන්" දැක්විය හැකියි. එක්සත් ජනපදය හා සබැඳි නොවන විෂයයන්ට "ඇමෙරිකන්" යන්න යෙදීම ඉංග්රීසි භාෂාවේ විරල ය.
"එක්සත් ජනපදය" යන වගන්තිය මුල් භාවිතයේ දී බහුවචනයක් ලෙසින් සැලකිණ. ඊට උදාහරණයක් 1865 දී අපරානුමත කරන ලද එක්සත් ජනපද ව්යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනයේ දැක්වෙයි. සිවිල් යුද්ධය අවසානයෙන් පසු එය ඒකවචනයක් ලෙසින් භාවිතය සාමාන්යයක් ලෙසින් සිදුවිය. ඒකවචනයක් ලෙසින් භාවිතය අද සම්මතයයි. බහුවචනයක් ලෙසින් යෙදීම සිද්ධ වන්නේ "මේ එක්සත් ජනපද" කියා කියන රූඪියේ දී ය.
ඉතිහාසය[සංස්කරණය කරන්න]
ස්වදේශී ඇමෙරිකන් සහ යුරෝපීය ජනාවාස[සංස්කරණය කරන්න]
වසර 40,000 කට සහ 12,000 කට පෙර කාලයක් තුල දී එක්සත් ජනපද මහා භූමියේ නිපන් වාසීන්, ඇලස්කාවේ ස්වදේශිකයන් ද ඇතුළුව, ආසියාවෙන් සංක්රමණය වූවන් යැයි විශ්වස කෙරෙයි. පූර්ව-කොලොම්බියානු මිස්සිප්පියන් සංස්කෘතිය වැනි සමහර පිරිස් කෘෂිකාර්මික අතින්, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයෙන්, රාජ්ය මට්ටමින් වූ සමාජය වර්ධනය කර දියුණු කළහ. යුරෝපීයයන් ඇමෙරිකාවට අවුත් පදිංචි වීමත් සමඟ පිටතින් ගෙනා මසූරිකා වැනි බෝවෙන රෝග නිසා මිලියන ගණනින් ඇමෙරිකන් නිපන් වාසීන් මිය යන ලදැයි සැලකේ. අද "යූ.එස්. මහා භූමිය" යනුවෙන් හැඳින්වෙන මුළු භූමිය එක කාලයක නිපන් වාසීන්ගේ භූමියයි.
1492 දී ස්පාඤ්ඤ කිරුළ යටතේ වූ ගිවිසුමක සිටිය දී ක්රිස්ටෝෆර් කොලම්බස් විසින් කැරීබියන් දිවයින් කිහිපයක් සොයා ගැනේ. එහි දී නිපන් වාසීන් සමඟ මුල් හමුව සිදුවෙයි. 1513 අප්රේල් 2 වැනිදා හුවාන් පොන්සෙ ඩ ලියොන් නම් වූ ස්පාඤ්ඤ ගවේෂකයා ඔහු "ලා ෆ්ලෝරීඩා" නමින් හැඳින් වූ ස්ථානයට ගොඩ බසියි. ඔහු වාර්තාගත ඉතිහාසයේ එක්සත් ජනපද මහා භූමියට ගොඩවෙන මුල් ම යුරෝපීයයාය. වර්තමාන නිරිත දිග පෙදෙස් හි ජනාවාස හැදෙන්නේ මේ පළාතේ ස්පාඤ්ඤ ජනාවාස වලින් අනතුරුව ය. සිනිඳු ලෝම ඇති සත්ව හම් ව්යාපාරයේ යෙදුනු ප්රංශ ජාතිකයන් මහා විල් වටා නව ප්රංශය නමින් වෙළඳ ගණුදෙනු වලට ස්ථාන ඉදි කළහ. මෙක්සිකෝ සමුද්රවංකය දක්වා පහළටත්, උතුරු ඇමෙරිකාවේ මැද පළාත් බහුතරයටත් අයිතිය වූයේ ප්රංශයටයි. ප්රථම සාර්ථක ඉංග්රීසි ජනාවාසය වූයේ 1607 දී ජේම්ස්ටවුන් හි වර්ජීනියා ජනවාසය සහ 1620 දී ප්රිල්ග්රිම්ස් ප්ලිමත් ජනාවාසයයි. සංක්රමණික රැල්ලක් පටන් ගැනීමෙන් 1628 දී මැසචූසෙට්ස් බේ ජනාවාසය පිහිටුවන ලදි. 1634 වෙද්දී නව එංගලන්තය යැයි හැඳින්වෙන භූමි පෙදෙස් හි පියුරිටන් යැයි සැලකෙන වැසියන් 10,000 ක් පදිංචි වී සිටියහ. 1620 අග භාගයේ දී සහ ඇමෙරිකන් අරගලයේ දී, අපරාධකරුවන් 50,000 ක් බ්රිතාන්ය ඇමෙරිකන් ජනාවාසයන්ට නැව් මඟින් එවන ලදි. 1614 ආරම්භයේ දී, ඕලන්ද ජාතිකයන් හඩ්සන් ගඟ පහතින් සහ මෑන්හැටන් දූපතේ නිව් ඇම්ස්ටර්ඩෑම් හි පදිංචි වී සිටියහ.
1674 දී ඕලන්ද ජාතිකයන් තම ඇමෙරිකන් භූමි පෙදෙස් එංගලන්තයට උත්ත්යක්ත කළහ. නිව් නෙදර්ලන්තය නමින් වූ දිස්ත්රික්කය නිව් යෝර්ක් යැයි නම් විය. 1630 සහ 1680 අතර රටට පැමිණි සංක්රමණිකයන් විශාල සංඛ්යාවක්, විශේෂයෙන් ම දකුණු පළාත් වලට සහ වර්ජීනියාවට පැමිණි තුනෙන් දෙකක් වූයේ ගිවිසුමකට බැඳී සිටි සේවකයන් ය. 18 වැනි ශ. ව. අවසන් වෙද්දී බොහෝ පෙදෙස් වල ඇපයට බැඳුනු ශ්රමිකයන් සඳහා මූලික ආකරය වූයේ අප්රිකානු වහලුන් ය. 1729 දී කැරලයිනා බෙදීමත්, 1732 දී ජෝර්ජියාව ජනාවාස වීමත් සමඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල් බ්රිතාන්ය උපනිවේෂ දහතුන පිහිටුවන ලදි. ඒ සියල්ලේ ම බහුතර නිදහස් පුරුෂයන්ට චන්ද අයිතිය තිබි පළාත් ආණ්ඩු තිබිණ. ජනරජවාදයට සහයෝගය ලබා ගැනීමට උත්ප්රේරකයක් ලෙසින් ස්ව-ආණ්ඩු හැදියාවකටත් පැරණි ඉංග්රීසි ජාතිකයන්ගේ අයිතීන් වෙතට වැඩිවෙන කැමැත්තක් ද පැතිර ගියේය. අප්රිකානු වහල් ශ්රමය භාවිතය සියළු උපනිවේෂයන් හි නීතිගත වූවකි. ඉහළ උප්පත්ති අනුපාතයකින්, පහළ මරණ අනුපාතයකින්, සහ නොනවත්වා ඇදී එන සංක්රමණිකයන් නිසා උපනිවේෂ ජනගහණය ඉතා ඉක්මණින් ඉහළ ගියේය. 1730 ගණන් වල දී සහ 1740 ගණන් වල දී පැතිර ගිය ක්රිස්තියානි පුනර්වන ව්යාපාරය නොහොත් මහා පුබුදුවීම සිද්ධ වූ සමයේ ආගම ගැනත් ආගමික නිදහස ගැනත් මහත් උනන්දුවක් ජනිත විය. ප්රංශ සහ ඉන්දියානු යුද්ධයේ දී, බ්රිතාන්ය හමුදාවන් කැනඩාව ප්රංශයෙන් අල්ලා ගන්නට සමත් වූහ. එහෙත් ප්රංශ ආභාෂයෙන් වූ ජනතාව දේශපාලනිකව දකුණු උපනිවේෂයන් වෙතින් ඈත් වී සිටින්නට සමත් වූහ. ගම් නියම් අහිමි වූ ස්වදේශී ඇමෙරිකන් ජනතාව හැරෙන්නට, ඒ උපනිවේෂ දහතුනේ ජනගහණය 1770 දී මිලියන 2.6 ක් විය. එය එවක බ්රිතාන්යයේ ජනගහණයෙන් තුනෙන් එකකි. සියළු ඇමෙරිකන් වැසියන් ගත් කල, සෑම පස් දෙනෙකු ගෙන් ම එක් අයෙක් කළු වහලෙක් විය. බ්රිතාන්ය බදු වලට යටත් වූවාට, ඇමෙරිකන් යටත්විජිත නායකයන්ට මහා බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් වෙන්නට අවස්ථාවක් නොලැබිණ.
ස්වාධීනත්වය සහ ව්යාප්තිය[සංස්කරණය කරන්න]
1760 කාලයේ සිට 1770 ගණන් වල මුල් කාලය දක්වා බ්රිතාන්යයත් ඇමෙරිකන් යටත්විජිත අතරත් පැවති නොසන්සුන් වාතාවරණය 1775 සිට 1781 දක්වා පැවැත්වෙන [ඇමරිකානු විප්ලවීය යුද්ධය|ඇමෙරිකන් විප්ලවීය යුද්ධය] ට හේතු විය. 1775 ජූනි 14 වැනි දා, ෆිලඩෙල්ෆියාවේ පැවැත්වුනු මහාද්වීප කොංග්රසය ජෝර්ජ් වොෂින්ටන් යටතේ මහාද්වීප හමුදාව පිහිටුවන ලදි. "සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය කරන ලදැයි" ප්රකාශයට පත් කර, ඔවුන්ට "අයින් කරනු නොහැකි යම් අයිතීන්" ඇතැයි පවරා දී, 1776 ජූලි 4 වැනි දා තෝමස් ජෙෆර්සන් ප්රමුඛත්වයෙන් ලියැවෙන නිදහස් ප්රකාශනය කොංග්රසය විසින් අපත්යීකෘත කර ගනියි. මේ දිනය ඇමෙරිකාවේ නිදහස් දිනය ලෙස වාර්ෂිකව සැමරෙන්නකි. 1777 දී, ප්රාන්ත ඒකාබද්ධ ගිවිසුම පිහිටුවන ලද්දේ දුර්වල වූ පෙඩරලීකෘත වූ ආණ්ඩුවකි. එය 1789 දක්වා ක්රියාත්මක විය.
ස්පාඤ්ඤ සහ ප්රංශ ආධාරය ඇතිව ඇමෙරිකන් හමුදාවට මහා බ්රිතාන්යය පරාජය කරන්නට හැකි වු පසු මහා බ්රිතාන්ය එක්සත් ජනපදයේ ස්වාධීනත්වය පිළිගති. එසේම ප්රාන්ත වලට මිසිසිපි ගඟේ බටහිරින් පිහිටි ඇමෙරිකන් භූමියට ස්වෛරී අයිතියක් කියන්නට හැකි යැයි ද පිළිගති. බදු අය කරන්නට හැකි බලයෙන් යුතු ශක්තිමත් ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවන්නට අදහස් කළ අය, ව්යවස්ථා සමුළුවක් 1787 දී සංවිධානය කළහ. 1788 දී එක්සත් ජනපදයේ ව්යවස්ථාව අපරානුමතය විය. නව ජනරජයේ පළමු සෙනෙට් සභාව, මහජන මන්ත්රී සභාව, සහ ජනාධිපති -ජෝර්ජ් වොෂින්ටන්- 1789 දී නිල වශයෙන් සේවය පටන් ගත්හ. 1791 දී ඒකීය පුද්ගල නිදහස සහ තවත් නීතිමය ආරක්ෂා සමූහයක් තහවුරු කරන '''අයිතීන්ගේ ව්යවස්ථා කෙටුම් පත''' අපත්යීකෘත විය.
වහල් සේවය ගැන තිබි අදහස් කෙමෙන් වෙනස් වන්නට පටන් ගැනිණ. ව්යවස්ථාවේ අන්තර්වාක්යයකින් අත්ලාන්තික වහල් වෙළඳාම ආරක්ෂාවට ඉඩ ලැබුනේ 1808 දක්වා පමණි. 1780 සහ 1804 අතර කාලයේ දී උතුරු පෙදෙස් හි ප්රාන්ත විසින් වහල් ශ්රමය අහෝසි කරන ලදි. එයින් වහල් ශ්රමය භාවිතා කළ දකුණේ ප්රාන්ත මේ "අමුතු ආයතනය" ආරක්ෂා කරන අය ලෙසින් හංවඩු ගැසිණ. 1800 දී පමණ ආරම්භ වූ දෙවැනි මහා පුබුදුවීම, හේතුවෙන් පැතිර ගිය ඉවැන්ජලිකල්වාදය නිසා විවිධ සමාජයීය ප්රතිසංස්කරණ, වහල් ශ්රමය මුලිනුපුටා දැමීමට ද ඇතුළුව, සඳහා වූ ව්යාපාර රැසක් පටන් ගති.
බටහිර පෙදෙස් කරා ව්යාප්ත වන්නට ඇමරිකන් කැමැත්ත දැඩි වූ නිසා එයින් ඉන්දියානු යුද්ධ රැසක් ද හට ගැනිණ. 1803 දී ජනාධිපති තෝමස් ජෙෆර්සන් යටතේ සිද්ධ වූ ප්රංශය අයිතිය කියූ ලුයිසියානා මිල දී ගැනීමෙන් රටේ ප්රමාණය දෙගුණයකින් පමණ විශාල විය. බ්රිතාන්යයට එරෙහිව ප්රකාශිත වූ 1812 යුද්ධයේ දී ජය පරාජයකින් තොරව නිමා වුව ද එයින් එක්සත් ජනපද දේශප්රේමීත්වය ශක්තිමත් කරන්නට සමත් විය. ෆ්ලොරීඩා දක්වා ගිය හමුදා ආක්රමණ රාශියක් නිසා 1819 දී ස්පාඤ්ඤය විසින් ෆ්ලොරීඩාව සමඟින් ගල්ෆ් වෙරළබඩ පෙදෙස ද උත්ත්යජනය කළහ. 1830 ගණන් වල දී ස්වදේශී ඉන්දියානුවන් ඔවුන් විසූ භූමි වලින් ඉවත් කරන්නට ගෙනා නීති පනත් වලින් වූ ප්රතිඵලය "කඳුළු අඩිපාර" යන්නෙන් පැහැදිලි වෙයි. 1845 දී එක්සත් ජනපදය ටෙක්සාස් ජනරජය ඈඳා ගති. ඒ සමය "ඉරණම ප්රකාශයට"[4] පත් කිරීමේ සංකල්පය ජනප්රිය වෙමින් පැවති කාලයකි. 1846 දී බ්රිතාන්ය හා අත්සන් තබන ලද ඔරිගන් ගිවිසුමෙන් වර්තමානයේ ඇමෙරිකන් වයඹ ලෙස හැඳින්වෙන පළාත් අයත් කරගන්නට හැකිවුණි. මෙක්සිකන්-ඇමෙරිකන් යුද්ධයෙන් ජය ලැබීමත් සමඟ 1848 දී කැලිෆෝර්නියාව ලබා ගැනීමටත් වර්තමාන ඇමෙරිකාවේ නිරිත දිග පෙදෙස් වලට අයිතිය කියන්නටත් ලැබිණ. 1848-49 ගණන් වල දී කැලිෆෝර්නියා රත්තරන් සෙවුම් පටන් ගැනීම නිසා තව දුරටත් බටහිර පැත්තට සංක්රමණය පැතිර යාම සිද්ධ විය. දුම්රිය ගමනාගමනය පටන් ගැනීමෙන් නව පදිංචිකරුවන්ට ගමන් බිමන් පහසු විය. එහෙත් එයින් ස්වදේශී ඇමෙරිකානුවන් සමඟ වූ කළහ වැඩි විය. අර්ධ ශතකයක් පුරා, ඇමරිකන් බයිසන් නොහොත් කුළු හරක් වර්ගය මිලියන 40 ක් පමණ මරා දැමිණ. ඒ හම් ගන්නට, ආහාර පිණිස මස් ගන්නට සහ දුම්රිය මාර්ගය පහසුවෙන් ඉදි කරනු පිණිස ය. මිටියාවත්හි පදිංචි ස්වදේශී ඉන්දියානුවන්ගේ මූලික සම්පතක් වූ කුළු හරක් අහිමි වීම බොහෝ ගෝත්රික සංස්කෘතියන් හි පැවැත්මට වූ බලවත් පහරක් විය.
සිවිල් යුද්ධය සහ කාර්මීකරණය[සංස්කරණය කරන්න]
වහලුන් සිටි ප්රාන්ත හා නිදහස් ප්රාන්ත අතර නොසන්සුන්තා වර්ධනය වූයේ ප්රාන්ත ආණ්ඩු සහ ෆෙඩරල් ආණ්ඩුව අතර සම්බන්ධය ගැන විවාද වලිනි. එසේම වහල් ශ්රමය නව ප්රාන්ත වලට ද පැතිරෙන්නට ගත් හෙයින් ඇති වූ ප්රචණ්ඩ කෝලාහල නිසා ය. වහල් විරෝධී ව්යාපාරයට පෙනී සිටි රිපබ්ලිකන් පක්ෂයෙන් චන්දය ඉල්ලූ ඒබ්රහම් ලින්කන් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ 1860 දී ය. ඔහු නිල වශයෙන් වැඩ බාරගන්නට පෙර වහල් ශ්රමය භාවිතා කළ ප්රාන්ත හතක් ෆෙඩරල් ආණ්ඩුවෙන් ඉවත් වූ බව නිවේදනය කළහ. එය ෆෙඩරල් ආණ්ඩුව නීති විරෝධී වූවක් සේ සලකන ලද්දකි. ඉවත් වූ ප්රාන්තයන් "ඇමෙරිකාවේ සමාබන්ධන ප්රාන්ත" නමින් සංවිධානය වූහ. සම්ටර් බලකොටුවට සමාබන්ධනයෙන් එල්ල වූ වෙඩි ප්රහාරයත් සමඟ සිවිල් යුද්ධය ආරම්භ විය. ඊට වහලුන් සිටි තවත් ප්රාන්ත හතරක් එක් වූහ. 1863 දී ලින්කන් විසින් වහල් සේවය අහෝසියට කරන ලද "විමුක්ති ප්රකාශනය" කියා සිටියේ සමාබන්ධනයේ සිටි සියළු වහලුන් නිදහස් බවයි. 1865 යුනියන් ජයක් අත්වීම සමඟ, එක්සත් ජනපද ව්යවස්ථාවට එකතු කරන ලද සංශෝධන තුනකින් මිලියන හතරකට පමණ ආසන්න වූ අප්රිකානු ඇමෙරිකන් අයට නිදහස සහතික කරන ලදි. ඔවුන්ට පුරවැසිභාවයත් චන්ද ප්රකාශයට අයිතියත් ලැබිණ. යුද්ධය සහ එහි අවසන් තීරණය නිසා ෆෙඩරල් ආණ්ඩුවේ බලය සැලකිය යුතු තරමකින් වැඩි විය. සොල්දාදුවන් 620,000 ක් මිය ගිය මේ යුද්ධය තවමත් ඇමෙරිකන් ඉතිහාසයේ දරුණු ම වූ යුද්ධය ලෙසින් සැලකේ.
යුද්ධයෙන් පසුව, ඒබ්රහම් ලින්කන් වෙඩි තබා මරා දැමීම නිසා රිපබ්ලිකන් පක්ෂයේ ප්රතිසංස්කරණ ප්රතිපත්ති රැඩිකල්වාදී ලෙසින් මෙහෙයවීම පටන් ගැනිණ. අලුතින් නිදහස් වූ වහලුන්ගේ අයිතීන් ආරක්ෂා කරන අතර යුද හානියට ලක් වූ දකුණු ප්රාන්ත යළි ගොඩනැඟීම සහ ඒ ප්රාන්ත අතර කටයුතු ඒකාබද්ධ කිරීම් පටන් ගැනිණ. 1876 ජනාධිපතිවරණය ගැන ඇති වූ මතභේදයන් සමථයකට පත් කිරීම1877 සමගි සම්මුතියෙන් සිදු කරන ලදි. ඉන්පසුව සියළු ප්රතිසංස්කරණ නවතා දැමිණ. අනතුරුව ගෙන එන ජිම් ක්රෝ නීතිය බොහෝ අප්රිකානු ඇමෙරිකන්ට චන්ද අයිතිය අහිමි විය. උතුරේ නාගරීකරණය වීම පටන් ගැනිණ. දකුණු හා නැගෙනහිර යුරෝපීය රටවල් වලින් විශාල සංක්රමණික ජනගහණයක් ඇදී ආහ. ඔවුන් රටේ කාර්මීකරණය ඉක්මන් කළහ. එසේ ඇදී ආ සංක්රමණික රැල්ල 1929 දක්වා පැවතිණ. එය ශ්රමය සැපයූ අතර ඇමෙරිකන් සංස්කෘතිය වෙනසකට භාජනය කරන්නට සමත් විය. ජාතික යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති නිසා ආර්ථික වර්ධනයට ජවයක් ලැබිණ. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම නිසා රටේ මහා භූමියේ ව්යාප්තිය සම්පූර්ණ විය. 1890 දී සවුත් ඩකෝටා හි වූන්ඩඩ් නී නම් ගඟ අසලබඩ සිද්ධ වූ සමූල ඝාතනය ඉන්දියානු යුද්ධ වල අවසන් ප්රධාන සටන සේ සැලකේ. 1893 දී එහි වාසය කරන ලද ඇමෙරිකන් වැසියන් විසින් පැසිෆික් හි හවායි රාජ්යයේ ආදීවාසී රාජාණ්ඩුව කුමන්ත්රණයකින් බලයෙන් පහ කරන්නට සමත් වූහ. 1898 දී හවායි දූපත් එක්සත් ජනපදයට ඈඳා ගන්නා ලදි. එම වසරේ දී ම ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධයේ ජයග්රහණයෙන් ඇමෙරිකාව ලෝක බලයෙන් යුතු රටක් ලෙසින් සැලකිල්ලට ලක්වුණි. එයින් පසු පුවෙර්තො රීකෝ, ගුවාම් සහ පිලිපීනය ද ඈඳා ගන්නා ලදි. අර්ධ ශතකයකට පසුව පිලිපීනය ස්වාධීනත්වය ලබා ගත්තේ ය. පුවර්තො රීකෝ සහ ගුවාම් තමවත් එක්සත් ජනපද භූමියට අයිති වූ රටවල් ය.
පළමු ලෝක යුද්ධය, මහා අවපාතය, සහ දෙවැනි ලෝක යුද්ධය[සංස්කරණය කරන්න]
1914 දී පළමු ලෝක යුද්ධය පටන් ගැනෙද්දී එක්සත් ජනපදය අපක්ෂපාතී විය. බ්රිතාන්ය සහ ප්රංශ රජයන් සමඟ බොහෝ ඇමෙරිකන් වැසියන් දුක ප්රකාශ කළත් බහුතරය මැදිහත්වීමට විරුද්ධ වූහ. 1917 දී එක්සත් ජනපදය මිත්රරාජ්යයන්ට එකතු විය. ඇමෙරිකන් සොයාබැලීමේ හමුදාවක් මධ්යගත බලයන්ට එරෙහිව අනිත් පැත්තට යුද්ධය හරවන්නට සමත් විය. යුද්ධයෙන් පසුව, "ජාතීන්ගේ සංගමය" පිහිට වූ "වාසෙයි හි ගිවිසුම" සෙනෙට් සභාව අපරානුමත කළේ නැත. රට සොයා ගියේ ඒක පාර්ශවීය වූ ප්රතිපත්තියකි. එය ඒකලනවාදයකට ඔන්න මෙන්න තිබියකි. 1920 දී කාන්තා අයිතීන් සංවිධාන විසින් ව්යවස්ථාව ප්රතිසංශෝධනයෙන් කාන්තාවට චන්ද ප්රකාශයට බලය දිනා ගති. "සීඝ්රගාමී විසි ගණන්" යැයි හැඳින්වෙන යුගය අවසන් වෙන්නේ 1929 දී වෝල් වීදියේ ආර්ථික පරිහානියත් සමඟිනි. එයින් ඇරඹුනේ මහා අවපාතයයි. 1932 දී ජනාධිපතිවරයා වූ ෆ්රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් විසින් "නව ප්රදත්තය" ඉදිරිපත් කළේය. එහි ප්රතිපත්ති වලින් ආර්ථිකයට ඇඟිලි ගහන ආණ්ඩුවේ මැදිහත්වීම් රාශියක් පටන් ගැනිණ. ඉන් එකක් වූයේ සමාජ ආරක්ෂක සැලැස්මයි. "දුහුවිලි කුණාටුව" නොහොත් "දුහුවිලි පාත්රය" නමින් හැඳින්වෙන 1930 ගණන් මැද දී පැතිර ගිය ස්වභාවික ව්යසනයන් කෘෂිකාර්මික සමාජයන් බොහොමයක් අඩපණ කරන ලදි. රටේ බටහිර පළාත් වලට ඇදී යන සංක්රමණික රැල්ලක් පටන් ගති.
එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධය පටන් ගත් කාලයේ ද අපක්ෂපාතීව ඉන්නට සමත් විය. 1939 සැප්තැම්බර් මාසයේ දී නාට්සි ජර්මනිය විසින් පෝලන්තය ආක්රමණය කළ පසුව මිත්රරාජ්යයන්ට භාණ්ඩ සපයන්නට පටන් ගත්තේ 1941 මාර්තුවේ දී ලෙන්ඩ්-ලීස් නම් වැඩසටහන යටතේ ය. 1941 දෙසැම්බර් 7 වැනිදා ජපන් අධිරාජ්යය විසින් පර්ල් වරායට හදිසි ප්රහාරයක් එල්ල කරන්නට සමත් විය. එයින් එක්සත් ජනපදය මිත්රරාජ්යයන්ට එකතු වී අක්ෂ බලයන්ට එරෙහිව කටයුතු කරන්නට පටන් ගති. ජපන් ඇමෙරිකන් වැසියන් දහස් ගණනින් කඳවුරු වල වාසයට සීමා පනවන ලදි. යුද්ධයට සහභාගී වීමෙන් කාර්මික ධාරිතාවට සහ මූල්ය ආයෝජනයට ජවයක් ලැබිණ. සටන් වැදි ප්රධාන රාජ්යයන් අතරින් යුද්ධය අවසානයේ දී ධනවත් වෙන්නට හැකියාව ලැබුනු එකම රට එක්සත් ජනපදයයි. යුද්ධය නිසා දුප්පත් වෙනවාට වඩා ඉතා ධනවත් වන්නට හැකිවුණි. මිත්රරාජ්යයන් හි සම්මේලන පැවැත්වුන බ්රෙන්ටන් වුඩ්ස් සහ යාල්ටා හි දී අන්තර්ජාතික සබඳතා සඳහා වූ නව සංවිධාන සැලසුමක් යෝජනා විය. ඒවායෙන් එක්සත් ජනපදය සහ සෝවියට් යුනියනය ලෝක සබඳතා මැද්දට ගෙන යන ලදි. යුරෝපයේ ජයග්රහණයත් සමඟින් 1945 දී ජාත්යන්තර සමුළුවක් සැන් ෆ්රැන්සිස්කෝවේ දී පැවැත්වින. එහි ඵලය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියයි. එය යුද්ධයෙන් පසුව ක්රියාවට නැඟුණි. පරමාණු අවි ලෝකයේ මුල් වරට නිෂ්පාදනය කළ එක්සත් ජනපදය අගෝස්තුවේ දී ඒවා හිරෝෂීමා සහ නාගසාකි යන ජපන් නගර වල දී ඒවා භාවිතා කළේය. සැප්තැම්බර් 2 වැනිදා ජපානය යටත්වීමෙන් පසු යුද්ධය අවසන් විය.
සීතල යුද්ධය සහ විරෝධතා දේශපාලනය[සංස්කරණය කරන්න]
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බලය සඳහා තරඟ කිරීම එක්සත් ජනපදය හා සෝවියට් යුනියනය අතර සිද්ධ වෙන්නේ සීතල යුද්ධය සමයේ ය. නේටෝ සංවිධානය සහ වෝර්සොව් එකඟතාවයත් මඟින් යුරෝපයේ හමුදාමය කටයුතු වල වැඩියෙන් යෙදෙන්නේ මේ රටවල් දෙකය. පෙරකලාසි යුද්ධයන්හි නිරත වෙන ඔව්හු බලවත් පරමාණු අවි ගබඩා නිෂ්පාදනයේ යෙදුනහ. මේ රටවල් දෙක කෙළින් ම එකිනෙකා හා සටන් කිරීමට ඉදිරිපත් නොවූහ. එක්සත් ජනපදය සෝවියට් අනුග්රහයෙන් සිද්ධ වූවා සේ දැකි තුන්වැනි ලෝකයේ රටවල වාමාංශික ව්යාපාරයන්ට විරුද්ධ විය. 1950-53 පැවැති කොරියන් යුද්ධ වල දී ඇමෙරිකන් හමුදා කොමියුනිස්ට් චීන සහ උතුරු කොරියන් හමුදාවන්ට එරෙහිව සටන් වැදුනහ. මහජන මන්ත්රී සභාවේ වූ ඇමෙරිකන්-නොවන හැදියාවෙන් කටයුතු කරන අය ගැන විමසන කමිටුවක් මඟින් වාමාංශික පෙරළිකාරයන් ගැන සොයන්නට විභාගයන් පවත්වන ලදි. කොමියුනිස්ට් විරෝධයට මූලිකත්වය ගත්තේ සෙනෙට් සභිකයෙකු වූ ජෝසෆ් මැක්කාර්ති විසිනි.
1961 දී සෝවියට් යුනියනය ලොව ප්රථම වරට මිනිසෙක්ව අභ්යාවකාෂයට යවන්නට සමත් වුණි. ඒ නිසා ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඇමෙරිකන් වැසියන් ගෙන් ඉල්ලා සිටියේ ප්රථමයෙන් මිනිසෙක් ව සඳ මතට බස්සවන්න කියාය. එය ඔවුන් 1969 දී සාක්ෂාත් කරගත්හ. කෙනඩිට පරමාණු අවි අර්බූදයකට ද මුහුණ පාන්නට සිදුවිය. ඒ සෝවියට් හමුදා කියුබාවට ඇතුල් වෙන්නට උත්සාහ කළ අවස්ථාවේ දී ය. මේ අතර තුරේ දී ඇමෙරිකාව දිගින් දිගට ම ආර්ථික ව්යාප්තිය පවත්වා ගෙන යන්නට සමත් විය. අප්රිකානු ඇමරිකන් ජන සමාජයේ රෝසා පාර්ක්ස් සහ මාටින් ලූතර් කින්ග්, ජූනියර් වැනි අයගේ මුලිකත්වයෙන් සංකේතවත් වූ සිවිල් අයිතීන්ගේ පෙරමුණක ආරම්භය මෙකල සිද්ධ විය. එය පරිහාරිය නොහොත් වෙනස් සේ සැලකීම යන්නටත් විසංගනය නොහොත් වෙන් කර තැබීමටත් විරුද්ධ වූ හිංසනයෙන් තොර විරෝධතා පෙළපාලි ලෙසින් පටන් ගැනිණ. 1963 දී කෙනඩි ඝාතනය සිද්ධ විය. 1964 දී සිවිල් අයිතීන් පනත සහ 1965 දී චන්ද අයිතීන් පනත ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් යටතේ සම්මත වූහ. එසේම ඔහු මෙඩිකෙයාර් සහ මෙඩිකේඩ් යන සෞඛ්ය වැඩසටහන් නීතිගත කළේය. ජොන්සන් සහ ඔහුට පසු බලයට පැමිණි රිචඩ් නික්සන් යන දෙදෙනා ම නිරිත දිග ආසියාවේ පෙරකලාසි යුද්ධය අසාර්ථක වූ වියට්නාම් යුද්ධය දක්වා ව්යාප්ත කරන ලද්දහ. යුද විරෝධී, කළු ජාතිකත්වය සහ ලිංගික විප්ලවය යන හැඟීම් වලින් අනු සංස්කෘතියක් පැතිර යන්නට පටන් ගැනිණ. බෙටී ෆ්රීඩන්, ග්ලෝරියා ස්ටයිනම් සහ තවත් අය කාන්තාවාදයක පෙරමුණ ගත්හ. ඔවුන් දේශපාලන, සමාජයීය හා ආර්ථක සාමානාත්මතාවයන් කාන්තාව වෙනුවෙන් ඉල්ලා සිටියහ.
1974 දී වෝටර්ගේට් නම් වූ ලෝකාපවාදයට හසුවෙන නික්සන් ඇමෙරිකන් ජනාධිපතිවරු අතරින් ප්රථමයෙන් සිය තනතුරින් ඉල්ලා අස් වෙන ජනාධිපතිවරයා විය. නීතියට ඉඩක් නොදීම සහ බලය අපහරණයට ඔහුට එල්ල වූ චෝදනා වලට වැරදිකරු වෙන්නට පෙර ඔහු එසේ ඉල්ලා අස්වූයේය. 1970 ගණන් අග දී ජීමී කාටර් පාලන සමය ඉල්ලුම හා රැකියා අවස්ථාවන් හි අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනයක් තිබි කාලයක් විය. එය ඉරාන ප්රාණ ඇපකරු අර්බූදය ද සිදු වූ කාලයයි. 1980 දී රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා වී ඇමෙරිකන් දේශපාලනයේ දක්ෂිණාංශ මුහුණුවරක් කරා යයි. බදු සහ ආණ්ඩුවේ වියදම් ප්රමුඛතා වල වෙනස්කම් ඇතිවෙයි. ඔහුගේ නිල කාලයේ දෙවන වාරය ඉරාන්-විරුද්ධ ලෝකාපවාදයත්, එසේම සෝවියට් යුනියනය සමඟ රාජ්යතාන්ත්රික සබඳතා වර්ධනය වීමත් සිද්ධ විය. සෝවියට් යුනියනය කඩා වැටිමත් සමඟ සීතල යුද්ධය අවසන් විය.
වර්තමානය[සංස්කරණය කරන්න]
ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් යටතේ එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන් අනුමත කරන ලද ගල්ෆ් යුද්ධයේ මූලිකත්වය ගනියි. 1991 මාර්තු සිට 2001 මාර්තු දක්වා නූතන ඇමෙරිකන් ඉතිහාසයේ දීර්ඝ කාලීන වූ ආර්ථික ව්යාප්තිය සිදුවේ. එම කාලයට ජනාධිපති බිල් ක්ලින්ටන් පාලන සමය ද අයිති වෙයි. ඊට ඩොට් කොම් බුබ්බුලය පුපුරා යෑම ද අයිති වෙයි. 1998 දී සිවිල් නඩුවකින් සහ ලිංගික ලෝකාපවාදයකින් ක්ලින්ටන් ද්යෝෂාභියෝගයට ලක් වූවත් ඔහු නිලයේ රැඳී සිටියි. 2000 දී ඇමෙරිකන් ඉතිහාසයේ ජනාධිපතිවරණයක දී චන්ද සංඛ්යාව දෙපැත්තට ම ඉතා සමාන වූ ආකාරයකින් බෙදී ගිය මැතිවරණය පැවැත්වෙයි. එක්සත් ජනපද සුපිරි උසාවි තීරණයකින් ජයග්රාහකයා කවුදැයි තීරණය වෙන එම මැතිවරණයේ ජය අත් වෙන්නේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ට ය. ඔහු ජනාධිපතිවරයා වෙයි.
2001 සැප්තැම්බර් 11 වැනි දා, නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්යස්ථානයට සහ වොෂිංටන් දිස්ත්රික්කයේ පිහිටන පෙන්ටගනයට ඇල්-කයිඩා ත්රස්තවාදීන් වෙතින් ප්රහාර වැදෙයි. එහි දී තුන්දහසක ජනතාව මිය යති. ඊට පිළිතුරක් වශයෙන් බුෂ් ආණ්ඩුව ත්රස්තවාදයට එරෙහිව ගෝලීය මෙහෙයුමක් අරඹයි. ඇෆගනිස්තානය ආක්රමණය කරයි. තලිබාන් ආණ්ඩුව සහ ඇල්-කයිඩා පුහුණු කඳවුරු ඉවත් කරයි. තලිබාන් ත්රස්තවාදීන් ගරිල්ලා යුද්ධයක නිරත වීම කරගෙන යති. 2002 දී බුෂ් ආණ්ඩුව ඉරාකයේ ආණ්ඩුව වෙනස් කරනු පිණිස පෙරැත්ත කරන්නට පටන් ගති. එයට ඉදිරිපත් කරන ලද හේතු විවාදයට ලක්වුණි. 2003 දී ඇමෙරිකාව ඉරාකය ආක්රමණය කරයි. සදාම් හුසේන් බලයෙන් පහ කරන ලදි. 2005 දී කත්රීනා නම් වූ චණ්ඩමාරුතයෙන් ගල්ෆ් වෙරළබඩ පෙදෙස් වලට දරුණු හානි සිද්ධ වේ. නිව් ඔර්ලියන්ස් විනාශයට පත් වෙයි. 2008 ගෝලීය ආර්ථික අවපාතයක් මැද ඇමරිකාවේ ප්රථම අප්රිකානු ඇමරිකන් ජනාධිපතිවරයා වන බරක් ඔබාමා තේරී පත් වෙයි. වසර දෙකකට පසුව දැවැන්ත සෞඛ්ය පහසුකම් සහ මූල්යමය සැලසුම් ගෙන එයි. 2011 දී නේවි සීල්ස් හමුදා සේනාංකය විසින් පාකිස්තානයේ දී ඇල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය වෙයි. 2011 දෙසැම්බර් මාසයේ දී ඉරාක යුද්ධය නිල වශයෙන් අවසන් වී සියළු ඇමෙරිකන් හමුදාව රටෙන් ඉවත් කරයි.
මූලාශ්ර[සංස්කරණය කරන්න]
- ↑ U.S. POPClock Projection. U.S. Census Bureau. Figure updated automatically.
- ↑ ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006, 174 පිටුව
- ↑ www.en.wikipedia.org/wiki/Louisiana_Purchase
- ↑ http://en.wikipedia.org/wiki/Manifest_Destiny
- http://en.wikipedia.org/wiki/United_States
- මෙය ඉංග්රීසි විකිපීඩියාවේ සටහන ඇසුරින් කරන ලද අනුවාදයයි. සිංහල යෙදුම් සඳහා ආශ්රය කරන ලද ග්රන්ථ: ඇමෙරිකානු සිවිල් යුද්ධය 1861-1865, නයනි මැලගොඩ, 2004; බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්, නයනි මැලගොඩ සහ අරුණි ශපීරෝ, 2004; ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006. | hplt_2 |
පළමුවන ලෝක යුද්ධය
20වැනි සියවසේ ක්රි.ව. 1914 ජුලි මස 28 දින සිට ක්රි.ව. 1918 1000 නොවැම්බර් මස 11 දින දක්වා වසර හතරකට වැඩි කාලයක් පැවැතුණු මෙය පසුව යුරෝපා රටවල යටත් විජිත කරා ද වක්රාකාරව ව්යාප්ත විණි. මෙය කෙටියෙන් WWI ලෙස ද හඳුන්වනු ලබයි.
නාසිවාදයේ පක්ෂ නායක නිලය දැරීම 29 ජුනි 1921 – 30 අප්රේල් 1945 නියෝජ්ය රැඩොල්ෆ් හෙස් පූර්වප්රාප්තිකයා ඇන්ටන් ඩ්රෙක්ස්ලර් අනුප්රාප්තිකයා මාටින් බොමන් පුද්ගලික තොරතුරු උපත 20 අප්රේල් 1889 Braunau am Inn, ඕස්ට්රියා-හංගේරියා මරණය 30 අප්රේල් 1945 (වයස 56) බර්ලින්, ජර්මනිය පුරවැසිභාවය ඕස්ට්රියානූ පුරවැසිභාවය 1925 අප්රේල් 7 තෙක්[1] ජර්මානු පුරවැසිභාවය 1932 පෙබරවාරි 25 සිට දේශපාලන පක්ෂය ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය (1921–45) අනෙකුත් දේශපාලන අනුබැඳියන් ජර්මන් කම්කරු පක්ෂය (1920–21) කලත්රයා(යන්) ඊවා බ්රෝන් (29–30 අප්රේල් 1945) ජීවනෝපායය දේශපාලනඥ ආගම බලන්න: ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආගම් දර්ශනය අත්සන හමුදා සේවය පක්ෂපාතිත්වය ජර්මානු අධිරාජ්යය සේවාව/අංශය ජර්මානු අධිරාජ්යය බාවේරියන් හමුදාව සේවා වසර ගණන 1914–20 තනතුර Gefreiter Verbindungsmann ඒකකය 16 වන බාවේරියන් Reserve Regiment Reichswehr intelligence සටන්/යුද්ධ ලෝක යුද්ධය I ඇඩොල්ෆ් හිට්ලර් ( ඉංග්රීසි: Adolf Hitler ) ඔස්ට්රියාවේ උපත ලද ජර්මන් දේශපාලඥයෙක් හා ජර්මන් නාසි පක්ෂයේ නායකයා විය. තවද ඔහු 1933 සිට 1945 දක්වා ජර්මනියේ චාන්සල්වරයා වශයෙන් 1933 සිට 1945 දක්වා කටයුතු කරන ලදී. එම කාලයේ නාසී ජර්මනියක් පිහිටුවා ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ය.
හිට්ලර්, ඔස්ට්රියාවේ එවකට ඔස්ට්රියා-හංගේරියා කොටසක් වූ Linz හිදි උපත ලැබී ය. ඔහු 1913 දී ජර්මනියට ගොස් ලෝක සංග්රාමය සඳහා ජර්මානු යුද හමුදාවට බැඳි ඔහුගේ සේවා කාලය තුළ, 1919 දී ජර්මානු කම්කරු පක්ෂයේ, එන්. එස්. ඩී. ඒ. පී පුරෝගාමියා ලෙස සම්බන්ධ වූ අතර 1921 දී එන්. එස්. ඩී. පී නායකයා බවට පත් වූ හිට්ලර් 1923 දී ඔහු මියුනිච් බලය අල්ලා ගැනීමට කුමන්ත්රණයක් දියත් කළේ ය. අසාර්ථක වූ කුම 1000 ්ත්රණය නිසාවෙන් හිට්ලර් සිරගත කරන ලදි, එම කාලය තුලදී ඔහු සිය ස්වයං චරිතාපදානය හා දේශපාලන ප්රතිපත්ති ප්රකාශනය මේන් කාම්ෆ් ( "මගේ අරගලය") පළමු වෙළුම නිකුත් කිරීය. 1924 දී ඔහු නිදහස් කිරීමෙන් පසු හිට්ලර්, ජර්මනිය විසින් ඇතිකරගත් වර්සායි ගිවිසුම් පහර පිළිබඳව ප්රතාපවත් කථිකයෙකු ලෙස නාසි ප්රචාරක ක්රියා හා පෑන්-ජර්මානු, යුදෙව් විරෝධය, සහ ප්රති-කොමියුනිස්ට්වාදය ප්රවර්ධනය කිරීම මගින් මහජන සහයෝගය තමන් වෙත ඈදා ගත්තේ ය. හිට්ලර් නිතර යුදෙව් කුමන්ත්රණයක කොටසක් ලෙස ජාත්යන්තර ධනවාදය හා කොමියුනිස්ට්වාදය හෙලා දුටුවේ ය.
1933 දී නාසි පක්ෂය, 1933 ජනවාරි 30 දා කුලපති වශයෙන් හිට්ලර්ගේ පත් වීමට තුඩු දුන් ඔහුගේ සභාගය විසින් හා හා පුරා කියා පැවැත් වූ නැවුම් මැතිවරණයෙන් පසුව ජර්මනියේ විශාල ඡන්දයක් ලබා තේරී පත්වූ නාසි පක්ෂය, නාසීහු හැරවීමේ ක්රියාවලිය ආරම්භ කළ මෙම නාසි ජර්මනිය වෛමාර් සමූහාණ්ඩුව තුළ ජාතික සමාජවාදයේ ඒකාධිපති සහ අත්තනෝමතික මතවාදය මත පදනම් වූ ඒක-පාක්ෂික ඒකාධිපති සක්රීය පනත සම්මත කිරීය. හිට්ලර් ජර්මනියෙන් යුදෙව්වන් තුරන් කිරීමට ඔහු බ්රිතාන්යය හා ප්රංශය විසින් දැක්වූ පශ්චාත් ආධිපත්යය දෙවන ලෝක මහා යුද්ධය ජාත්යන්තර පර්යාය අසාධාරණය ලෙස දුටු දේ පොර බැදීමේ නව න්යාය තහවුරු කිරීමට අරමුණු කර ඇත. ඔහුගේ ප්රථම ධූර කාලය වසර හයකි. මහා අවපාතයක් ලැබූ පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු ජර්මනිය මත පනවා ඇති සීමාවන් අතහැර සීඝ්ර ආර්ථිකමය වර්ධනය සඳහා ඔහුට මහජනයා දුන් සහයෝගය, ජනවාර්ගික ජර්මානු-ක්රියා මිලියන ගණනක් වූ බව භූමි ප්රදේශ වල ඈඳා ප්රතිඵලයක්. ජර්මානු ජනතාව සඳහා හිට්ලර් විසින් වාසාවකාශය ( "ජීවන අවකාශය") ඉල්ලා සිටියේය. ඔහුගේ දඩබ්බර විදේශ ප්රතිපත්තිය යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට බලපාන මූලික හේතුව ලෙස සැලකේ. ඔහු මහා පරිමාණ ලෙස ප්රත ff6 ි සන්නද්ධ අධ්යක්ෂණය කොට 1939 සැප්තැම්බර් මස 1 වන දින ජර්මනිය මත යුද්ධයේ තිබූ බ්රිතාන්යය සහ ප්රංශ ප්රකාශ නිසා, පෝලන්තය ආක්රමණය කළේ ය. 1941 ජූනි මාසයේ දී හිට්ලර් සෝවියට් සංගමය ආක්රමණය කිරීමට නියෝග කළේ ය. 1941 ජර්මානු හමුදා හා යුරෝපීය අක්ෂ බලවතුන් අවසන් වන විට යුරෝපයේ හා උතුරු අප්රිකාවේ බොහෝ කළෝ ය. සෝවියට් දේශය පරාජය කිරීමට අසමත් වීම හා යුද්ධය බවට එක්සත් ජනපදයේ පිවිසුම් ආරක්ෂක මතට ජර්මනිය බල හා එය උත්සන්න පරාජයන් මාලාවකින් දුක් වින්දා ය. යුද්ධයේ අවසන් දින තුළ, 1945 දී බර්ලින් හි යුද සමයේ දී හිට්ලර් තම දිගු කාලීන පෙම්වතිය, ඊවා බ්රෝන් හා විවාහ විය. 1945 අප්රේල් මස 30 වන දින, දින දෙකකට වඩා අඩු පැය කාලයක් එකට ජීවත් ව සියදිවි නසා ගත්තේ ය. ඔවුන්ගේ මල සිරුරු හිට්ලර්ගේ හමුදා විසින් පුළුස්සා දමන ලදී. හිට්ලර්ගේ නායකත්වය සහ වාර්ගික ගැන්වුණු මතවාද යටතේ, නාසි තන්ත්රය ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් Untermenschen ( "උප-මිනිසුන්") සමාජීය වශයෙන් කා හට වත් අනවශ්ය වෙනත් වින්දිතයින් ලෙස සළකනු ලැබූ යුදෙව්වන් අවම වශයෙන් මිලියන 5.5 ක මිනිස් සංහාරය සඳහා වගකිව යු
පටුන
යුද්ධයේ ආරම්භය[සංස්කරණය කරන්න]
පළමු වන ලෝක සංග්රාමය ඇති වූයේ ක්රි. ව 1914 වන විට යුරෝපයේ ප්රධාන බලවතුන් විසින් ඇතිකරගෙන තිබු මිත්ර පිල හා මධ්යම බලවතුන්ගේ පිල යන දෙපාර්ශවය අතරයි
- මිත්ර පිලේ රටවල්- මහා බ්රිතාන්යය, ප්රංශය, රුසියාව සහ ඇමෙරිකාව
- මධ්යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට්රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව
පළමු වන ලෝක මහා සංග්රාමයේ ප්රථම ගැටුම සිදු වුයේ සර්බියාව හා ඔස්ට්රියාව අතරයි. ඉන් පසු එම දෙරටේ මිත්ර පක්ෂ ක්රමයෙන් යුද්ධයට අවතීර්ණ වුහ. ඒ අනුව ඕස්ට්රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප්රංශයත් ප්රධාන පාර්ශවකරුවෝ ලෙස යුද්ධයට එකතු වුහ. ආරම්භයේදී බ්රිතාන්යය යුද්ධයට සම්බන්ධ නොවිය. එහෙත් ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා තවදුරටත් සංග්රාමයෙන් ඉවත්ව සිටීම බ්රිතාන්යයට කල නොහැකි විය. 1912 දී ප්රංශය හා බ්රිතාන්යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ්රිතාන්යයටයි. ඒ අනුව ක්රි. ව 1914 අගෝස්තු 04 වන දින මහා බ්රිතාන 1000 ්යය ජර්මනියට එරෙහිව යුද ප්රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්විය. අගෝස්තු 12 වන දින මහා බ්රිතාන්ය ,ඔස්ට්රියාව හංගේරියානු අධිරාජ්යයට විරුද්ධව යුද ප්රකාශ කරන ලදී. මෙසේ බ්රිතාන්යය අධිරාජ්යය යුද්ධයට සම්බන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව විසු ජාතීන්ගේ වැඩි කොටසකට ඍජුව මෙන්ම වක්රවද පැතිරී ගියේය.
යුද්ධයේ ව්යාප්තිය[සංස්කරණය කරන්න]
බෙල්ජියම එල්ල කල බාධා මැඩ පැවැත්වූ ජර්මනිය පහසුවෙන්ම බෙල්ජියම හරහා ප්රංශයට ඇතුළු විය. ඔස්ට්රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සයිබීරියාවට පහර දී එම රටවල් වල හමුදා පසුබෑමට ලක් කළේය. සයිබීරියාවට ආධාර පිණිස මිත්ර පාක්ෂික හමුදාවන්ට එරටට ඇතුළු වීමට නොහැකි වුයේ ජ්ර්මනියේ පක්ෂය ගෙන සිටි ග්රීසිය විසින් එම මාර්ගය අවහිර කිරීම නිසාය. මුලදී මධ්යම බලවතුන්ගේ පිලේ සාමාජිකයෙකු වූ ඉතාලිය යුද්ධයේ ආරම්භයත් සමගම මධ්යස්තව සිටියේය. පසුව රහස් ගිවිසුමක් මගින් එරට මිත්ර පාක්ෂික පිලට එකතු විය. ඉතාලිය පසුව එසේ පිල් මාරු කොට යුද්ධයේ කොටස් කරුවෙකු වුයේ ප්රදේශ කීපයක් තම රට සතු කරගැනීමේ අරමුණ ඇතිවී. ඒ අනුව ක්රි. ව 1915 මැයි මාසයේ ඉතාලිය ඔස්ට්රිය හංගේරියානු අධිරාජ්යයට එරෙහිව යුධ ප්රකාශ කරන ලදී. අති නවීන යුධ්ධායුද ප්රයෝජනයට ගනිමින් දීර්ග සටන්වල යෙදුනු ජර්මන් හමුදාවන්ටත් මිත්ර පාක්ෂික හමුදාවන්ටත් අපේක්ෂිත ජයග්රහණය ලැබිය නොහැකි වුවද දෙපාර්ශවයෙන්ම කලේ අලූත් මිත්රයන් දිනා ගැනීමේ උත්සාහයක නිරත වීමයි. ඒ අනුව ජර්මනිය තුර්කි අධිරාජ්යයත් 1000 ල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත් අතර බ්රිතාන්යය ප්රමුඛ මිත්ර පාක්ෂිකයෝ ඉතාලිය අමතරව පෘතුගාලයත් ජපානයත් තම කඳවුරට එකතු කර ගත්හ. ජපන් නාවික හමුදා විසින් ජර්මනියට අයත්ව තිබු චීනයේ කියෝතෝ ප්රන්තයද ශැන්ටුන් අර්දධ්ද්වීපයද අත්පත් කරගත්හ දෙපාර්ශවය අතර ගොඩබිම සටන්ද මුහුදු සටන්ද ඇතිවිය. යුධ උපකරණ පමණක් නොව ආහාර ද්රව්ය ලබා ගැනීමේදී පවා ජර්මනිය විසින් බ්රිතාන්යයට අවහිර කරන ලදී. බ්රිතාන්යයට අවශ්ය ද්රව්ය ගෙන එන මිත්ර පාක්ෂික නැව්වලට අනතුරු නොඅඟ ව පහර දෙන බව නිවේදනය කල ජර්මනිය ඒ සමඟ නැව්වලට පහර දීම වේගවත් කළේය. ඒ හේතුවෙන් බ්රිතාන්යය වරායන්ගෙන් පිටත්වන සැම නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප්රහාර වලට ගොදුරු විය.
යුද්ධයේ ප්රතිඵල[සංස්කරණය කරන්න]
- මධ්යම බලවතුන් පරාජයවීම හා මිත්රපිල ජයගැනීම.
- විශාල වශයෙන් මනුෂ්ය ඝාතන හා දේපල විනාශ වීම.
- විද්යාත්මක හා තාක්ෂණික යුඬෝපාය මාර්ග බෙහෙවින් භාවිතා වීම.
- ලොව මහා බලවතා වීමට අවශ්ය ධනය, බලය හා ශක්තිය ඇමරිකාව විසින් ලබාගැනීම.
- වරදකරු ලෙස ක්රි.ව. 1919 ජුනි 28 දින ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනැවිණි.
- යුරෝපයේ වූ ඒකාධිපති රාජ්ය බිඳවැටී ජාතිකත්ව මූලධර්මය පදනම්වූ නව රාජ්ය බිහිවිණි.
- ඒවානම්, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, පින්ලන්තය, රුමේනියාව, යුගොස්ලෝවියාව
- රුසියාවේ සිටි ඒකාධිපති සාර්වරයාට එරෙහිව ක්රි.ව. 1917දී බෝල්ෂෙවික් විප්ලවය සිදුකෙරිණි.
- පැරැණි නගරවල නම් වෙනස් වීම. (උදා: මෙසපොතේමියාව-ඉරාකය, කොන්ස්තන්තිනෝපලය-ඉස්තාන්බුල්)
- ලෝක සාමය හා ප්රජාතන්ත්රවාදය රැකගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවාගැනීම.
පළමු ලෝක යුඬයේ කාලතුවක්කු ප්රහාර[සංස්කරණය කරන්න]
පලමු වතාවට කාලතුවක්කු ප්රහාර ආරම්භ වුයේ Loos සටනේදිය. මෙහිදි පලාබල හමුදාවක් ක්රියා කලේ නැත. Somme සටනේ දි ප්රථම විශාල කාලතුවක්කු දිස් වු අතර, මෙහිදි පාබල හමුදාව ද එයට සහය දැක්විය. පහලොස්වන (xv) බල ඇණියේ කාලතුවක්කු පෙර සකසා තිබුණේ විනාඩියකට යාර 50 කට එකගවිමට. අවාසනාවකට එම කාලතුවක්කු පාබල හමුදාව ආරක්ෂා කිරිමට අසමත් වුයේ, පාබල හමුදාව හමුදා දෙකට මැදි වු අර්බුදකාරි බිමක් තරණය කිරිමේදිය. තවද Somme පෙරමුණේදි පාබල හමුදාවට කාලතුවක්ක 1000 සමග පියවර තැබිමට අපහසු විය. 1916 සැප්තැම්බර් සිට පාබල හමුදාව ප්රහාර වලදි භාවිතා වු උපායශිලි මෙහෙයුම වුයේ බිම ඇනො කාලතුවක්කුය. එම උපක්රමය ප්රංශ හමුදාවට විහිදුනු අතර 1916 නොවැම්බර් මස verdun හි Vaux බලකොටුව ප්රංශය නැවත ජයග්රහණය කිරිමට මෙය උපකාරි විය. Somme සටනේ අවසාන බාගය වන විට බ්රිතාන්ය හමුදාවන් කාලතුවක්කු අසල සිටිමේ අනිසංසා දැන ගත්හ. BEF Aerial නිරික්ෂකයෙකුගේ වාර්තාවක PERFECT WALL OF FIRE සංකල්පයට ප්රකාශනිය තොරතුරැ ඇතුලත් වි තිබිණ. එහිදි බ්රිතාන්ය හමුදාවේ 50 වන කණ්ඩයේ පාබල හමුදාවට කාලතුවක්කු වලට යාර 50 ක් සිට කටයුතු කිරිටෙමන්, ගමක් අවම විරෝධ හමුවේ අත්පත් කර ගැනිමට හැකිවිය. වාර්තාවකට අනුව අත්දැකිම් තුලින් පිළිබිඹු වනුනේ, විශාල තුවාලකරැවන් ප්රමාණයන් බෝම්බ වරඑැසාවන් ගැන සෝදිසි නොවිමෙන් තුවාල ලබන වඩා සුළු තුවාලකරැවන් ප්රමාණයක් ත.මන්ගේ කාලතුවක්කු වලින් ඉදහිට තුවාල ලැබිම උචිත බව පවසිණි.
ප්රථමයෙන් බ්රිතාන්ය කාලතුවක්කු සමන්විත වනුයේ උණ්ඩ කැබලි වලිනි. පසුව සැම ප්රමාණයේ ගිලියම් ද යොදා ගැනිනි. පසුව සමහර අවස්ථාවලදි කොපුද යොදා ගැනිනි. මෙම ඇදි යන කාලතුව්ක්කු විනාඩියකින්. විනාඩි 6ක් අතර යාර 100 ක් ගමන් කළේය. එම වේගයට වම් පෙදෙස මෙන්ම එහි තත්වය ද බලපැවේය. විනාඩි 6 ක කාලයක් ඇතුලත මෙම දුර ගමන් කිරිම මන්දගාමි ලෙස සැළකිණි.
1917 වසරේ Arros සටන් සමයේ මෙම බිම ඇදියන කාලතුවක්කු ඉතා විශාල හා සංකිර්න විය. එහි වෙඩි තැබිම lines 5ක් ෙතා්රා ගන්නේ තිබු අතර එය යාර 200 ක ගැඹුරක් පාබල හමුදාවට ඉදිරියෙන් ආවරණය කළේය. සතුරා මිත්ර චේතනාවෙන් රැවටිමට හා ඔවුන්ගේ ස්ථානයේ ආනාවරණය කිරිමට වානිජ කාලතුවක්කු ප්රහාර යොදා ගැනිණි. බිම ඇදෙන කාලතුවක්කු ප්රහාර කැනඩා වැටිය ජයග්රහණය කිරිමට බොහෝ සේ උදව් විය.
Col george Bruchmuller නැගෙනහිර යුධ පෙරමුණෙහි ද්වන්ධ බිම ඇදෙන කාලතුවක්කු ප්රහාර ආරම්භ කල අතර එහි පළම 1000 පෙළ සැකසි තිබුණේ වායුමය පටක වලිනි. ඔහුගේ අදහස් 1918 වසරේ ජර්මානු වසන්ත සමයේ ආක්රමණය වලදි භාවිතා කෙරිණි.
බටහිර ජාතින් අතර විශාල මුලික කාලතුවක්කු ප්රහාර බාවිතය පළමු ෙලා්ක යුධ් සංග්රාමය සමග අවසන් වුයේ ඉස්තරම්ම ප්රතිඵල ලබා ගතක හැකි වනුයේ සතුරාට විවෘත රණකාමය පටන් ගැනිමේ බ්රිතාන්යන් එම දුවන කාලතුවක්කු වලින් එල්ල කල ප්රහාර අවම කල අතර වැඩිපුර lifts සහ concentrations යොදා ගැණිනි.
යුධ ටැංකි මගින් ප්රහාර එල්ල කිරිමේදි සමාන තරම් කාලතුවක්කු හමුදාවක් අවශ්ය නොවේ. 1917 cambrai සටන් දි එක් කාලතුවක්කු ප්රහාරයක හෝ මුළු ඉදිරි ආක්රමණයේ බාවිතයේදි අත්හරින ලදි. නවින වෙඩි තැබිමේ පාලන ක්රම මගින් පාබල හමුදාව, කාලතුවක්කු ප්රහාර වල සහාය ඍජුව ලබා ගැනිම අඩු කළ අතර එම බාගය හදුනාගත් සතුරැ ස්ථාන ඉලක්ක කිරිමේදි යොදා ගැනිමට ද අවම කෙරිනි.
එහෙත් කාලතුවක්කු මගින් නොනවත්තා වෙඩි තැබිම භාවිතයේ රැදි තිබින. 1918 අගෝස්තු 31 ප්රහාරයේද් ඇමරිකානු 32 වන හමුදාංශයේ පෙරමුණ ගත්තේ පදිංක කාලතුවක්කුය පළමුව ජර්මානු මග පසු කිරිමෙන් අනතුරැව කාලතුවක්කු දෙවතාවක් නැවත පැමිණියේ. හමුදා බිංගේ තලින් තම ප්රහාරක ස්ථාන වලට පැමිණෙන ප්රතිවිරැද්ධ ආරක්ෂකයන් අල්ලා ගැනිමට තැත් කිරිම හා ආරක්ෂකයන් නියම ප්රහාර ආරම්භයේදි පොලෙව යටම තැබිමටය | hplt_2 |
දෙවන ලෝක යුද්ධය
ක්රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම යුඬය යි. මෙය WWII ලෙස ද සංක්ෂිප්තව හඳුන්වනු ලබයි.
පටුන
- 1 දෙවන ලෝක මහා සංග්රාමයට හේතු
- 2 පාර්ශවකරුවන්
- 3 දෙවන ලෝක යුද්ධය පසුබිම
- 4 යුද්ධයේ ආරම්භය හා ව්යාප්තිය
- 5 දෙවන ලෝක මහා සංග්රාමය ආරම්භය
- 6 අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය -SEAC
- 7 කුණ්ඩසාලේ මූලස්ථානය
- 8 යුද්ධය පැතිර යෑම
- 9 දෙවන ලෝක යුද සමයේ භාවිත කළ රසායනික හා බැක්ටීරියා විද්යාත්මක ආයුධ
- 10 බෝම්බ දැමීම
- 11 අක්ෂය ඇදවැටීම - මිත්ර රටවල්වල ජයග්රහණය
- 12 නාගසාකි න්යෂ්ටික පිපිරුම
- 13 යුද අධිකරණ
- 14 දෙවන ලෝක මහා සංග්රාමයේ ප්රතිඵල
- 15 දෙවන ලෝක මහ 1000 සංග්රාමයෙන් පසු
- 16 මූලාශ්ර
- 17 ආශ්රිත
දෙවන ලෝක මහා සංග්රාමයට හේතු[සංස්කරණය කරන්න]
- හිට්ලර්ගේ නැඟීම හා ක්රියාකලාපය - (හිට්ලර් පෝලන්තය ආක්රමණය කිරීම ආසන්න ම හේතුවයි.)
- ඉතාලියේ මුසෝලිනීගේ ක්රියාකලාපය
- ජපානයේ ආක්රමණකාරී ප්රතිපත්තිය
- ජාතීන්ගේ සංගමයේ දුර්වලතා
හිට්ලර්ගේ නැඟීම හා ක්රියාකලාපය[සංස්කරණය කරන්න]
ඉතාලියේ මුසෝලිනීගේ ක්රියාකලාපය[සංස්කරණය කරන්න]
ජපානයේ ආක්රමණකාරී ප්රතිපත්තිය[සංස්කරණය කරන්න]
ජාතීන්ගේ සංගමයේ දුර්වලතා[සංස්කරණය කරන්න]
පාර්ශවකරුවන්[සංස්කරණය කරන්න]
පාර්ශවකරුවන්ගේ දායකත්වය[සංස්කරණය කරන්න]
හිට්ලර් විසින් ක්රි.ව. 1939 සැප්තැම්බර් මස 01 දින පෝලන්තය ආක්රමණය කිරීමත් සමග දෙවන ලෝක සංග්රාමය සඳහා පළමු පියවර තැබුවේ ජර්මනියයි.
දෙවන ලෝක යුද්ධය පසුබිම[සංස්කරණය කරන්න]
පළමුවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප්රමාණයෙන් 13%ක්, එනම්, ඕස්ටි්රයාව, චෙකොස්ලෝවැකියාව, පෝල 1000 ්තය හා ඩැන්සිග් යන රටවල් අහිමි වූ අතර, ජර්මන් හමුදාවේ භට පිරිස 100,000ක් දක්වා සීමා කිරීමට සිදු විය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීම තහනම් කරන ලද අතර, ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී.
රුසියාවේ සිවිල් යුද්ධය විසින් ජෝශප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය නිර්මාණය කරන ලදී. ඉතාලියේ ‘නව රෝම අධිරාජ්යයක්’ගොඩ නැංවීමේ පොරොන්දුව මත බෙනිටෝ මුසෝලිනි නම් ෆැසිස්ට් පාලකයා බලය අත්පත් කර ගත්තේය. චීනයේ පාලක කුමන්ටැන්ග් පක්ෂය 1920 දශකයේ මැද භාගයේ දී විප්ලවකාරී හමුදා නායකයන්ට එරෙහිව එක්සත් කිරීමේ ව්යාපාරයක් ආරම්භ කළ නමුත්, ඉක්මනින්ම එය මුල් කාලීන කොමියුනිස්ට් මිත්ර පක්ෂවලට එරෙහි සිවිල් යුද්ධයකට පැටළුණි. 1931 දී චීනය කෙරෙහි දැඩි බලපෑමක් කළ, අතිශය මිලිටරි බලය සහිත ජපානය ආසියාව පාලනය කිරීමේ පළමු පියවර තැබීය. ඔවුහු මුක්ඩන් සිදුවීම ආයුධයක් කර ගනිමින් මැන්චූරියාව ආක්රමණය කළහ. එම ජාතීන් දෙපළ 1933 ටැන්ගු සටන් විරාමය තෙක්ම කුඩා ගැටුම් රාශියක නිරතව සිටියහ.
1933 ජනවාරි මාසයේ දී ජාතිවාදී සමාජවාදීයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් විය. ඔහු සීඝ්ර සන්නද්ධ ව්යාපාරයක් ඇරඹීය. මෙය කලින් යුද්ධවලදී පරාජයට පත් වූ ප්රංශය හා එක්සත් රාජධානිය බියට පත් කළ අතර, තම දේශ සීමාවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉතාලිය බිය විය. නව මිත්ර පාක්ෂිකත්වය තහවුරු කර ගැනීම සඳහා ප්රංශය ඉතාලියට, ඉතියෝපියාව නිදහස් කොට දුන්නේය. 1935 මුල් භාගයේ දී සාර්ලන්තය නෛතිකව ජර්මනිය හා එක්වීමත්, හිට්ලර් වර්සෙල්ස් ගිවිසුම ප්රතික්ෂේප කරමින් සිය හමුදාවන්ට බලෙන් බඳවා ගැනීම සහ සන්නද්ධ වීම ඇරඹීමත් සමග තත්ත්වය තවත් බරපතල වන්නට විය. ජර්මනිය ද ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය, ප්රංශය හා ඉතාලිය එක්ව ස්ටේරසා පෙරමුණ ඇ 1000 ති කර ගත්හ. නැගෙනහිර යුරෝපයේ විශාල ප්රදේශයක් අත්පත් කර ගැනීමට ජර්මනියට තිබූ ඉලක්කය හඳුනාගත් සෝවියට් සංගමය, ප්රංශය සමග අන්යොන්ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹුණි.
ප්රංශ - සෝවියට් ගිවිසුම බලාත්මක වීම සඳහා ජාතීන්ගේ සංගමය මගින් අනුමත විය යුතු වූ අතර, 1935 ජුනි මස දී එක්සත් රාජධානිය සිය මුලින් තිබූ සීමා ලිහිල් කරමින් ජර්මනිය සමග ‘ස්වාධීන නාවික එකඟතාවකට’ එළඹුණි. එක්සත් ජනපදය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් අගෝස්තු මස දී මධ්යස්ථභාවයේ පනත සම්මත කළේය. ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලිය ඉතියෝපියාව ආක්රමණය කළ අතර, එයට සහයෝගය දුන් එකම රාජ්යය ජර්මනිය පමණි. ඉන්පසුව ඉතාලිය, ඔස්ටි්රයාව සිය පරිවාර රාජ්යයන් කර ගැනීම සඳහා ජර්මනියට තිබූ අපේක්ෂාව කෙරෙහි විරෝධය දැක්වීම නවතා දැමීය.
1936 මාර්තු මාසයේදී වර්සෙල්ස් හා ලොකාර්නෝ ගිවිසුම් සෘජුව උල්ලංඝනය කරමින් හිට්ලර් යළිත් රයින්ලන්තය සන්නද්ධ කළේය. අනෙකුත් යුරෝපා බලවතුන්ගෙන් මීට ලැබුණේ අවම ප්රතිචාරයකි. සෝවියට් සංගමය සහයෝගය දුන් ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව ෆැසිස්ට් ජනරාල්වරයකු වූ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ ජූලි මස දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ කළ විට, හිට්ලර් හා මුසලෝනී ඊට සහයෝගය දැක්වූහ. දෙපාර්ශවයම නව අවි ආයුධ හා සටන් ක්රම අත්හදා බැලීමට මෙම යුද්ධය පාවිච්චි කළහ.
නැඟී ආ ආතතීන් සමග බලතල ස්ථාපනය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඔක්තෝම්බර් මස දී ජර්මනිය හා ඉතාලිය එක්ව රෝම - බර්ලින් අක්ෂය පිහිටුවා ගත් අතර ඉන් මසකට පසුව කොමියුනිස්ට්වාදය (විශේෂයෙන්ම සෝවියට් සංගමය) තර්ජනයක් ලෙස දුටු ජර්මනිය සහ ජපානය එක්ව ‘කොමියුනිස්ට්වාදයට එරෙහි එකඟත්වයට’ අත්සන් තැබීය. ඉන්පසු වසරේදී එයට ඉතාලිය ද සම්බන්ධ විය. චීනයේ කුමමින්ටැන්ග් හා අනෙකුත් කොමියුනිස්ට් බලමුළු සටන් විරාමයකට එකඟව, ජපානයට එරෙහි එක්සත් පෙරමුණක 1000 ගොඩනංවා ගැනීමට සැලසුම් කළහ.
යුද්ධයේ ආරම්භය හා ව්යාප්තිය[සංස්කරණය කරන්න]
ජර්මනිය සිය යුරෝපා සාමාජික රටවල් හා පින්ලන්තය සමග එක්ව 1941 ජුනි මස අග දී සෝවියට් සංගමය ආක්රමණය කළේය. විශාල තුවාලකරුවන් සංඛ්යාවක් සහිත ව දෙසැම්බර් මස වන විට ඔවුහු මොස්කව් නගරයට සමීපව සිටි අතර, යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ලෙනින්ග්රෑඞ් හා සේවාස්ටෝපල් යන නගර පමණි. ශීත සමය තුළ ඔවුහු සිය ප්රහාරය මඳකට නතර කළ අතර, සේවියට් සංගමය ජපානයේ මන්චුකු ඕ අසල සිටි අමතර භට පිරිස් කැඳවා ප්රති ප්රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.
මෙම ප්රහාරයෙන් පසුව එක්සත් රාජධානිය යළි සන්ධානගත වන්නට විය. ජූලි මසදී එක්සත් රාජධානිය හා සෝවියට් සංගමය එක්ව ‘ජර්මනියට එරෙහි හමුදා සහයෝගීතාව’ පිහිටුවා ගත් අතර, ඉන් ටික කලකට පසුව, පර්සියානු සැපයුම් මාර්ගය හා ඉරාන තෙල් නිධි ආරක්ෂා කර ගැනිම සඳහා ඉරානය ආක්රමණය කළහ.
අගෝස්තු මාසයේ දී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එක්ව පශ්චාත් යුද ලෝකය තුළ ජනතාවට සිය පාලන ක්රමය තෝරා ගැනීමට ඇති අයිතිය පිළිබඳව සඳහන් කරමින් ‘අත්ලන්තික ප්රඥප්තිය’ නිකුත් කළහ. නොවැම්බර් මස දී ජර්මනිය හා ඉතාලියට එරෙහිව පොදු රාජ්ය රටවල්වල හමුදාව කාන්තාරය තුළ ප්රතිප්රහාර එල්ල කිරීම ආරම්භ කළහ.
මේ අතර ආසියාව තුළ ජපානය යුද්ධයට සූදානම් වෙමින් පැවතුණි. අධිරාජ්ය ජනරාල් මූලස්ථානය සැලසුම් කලේ ගිනිකොණ ආසියාවේ සම්පත් භාවිත කරමින් ආරක්ෂක සටනකට සූදානම් වීම සඳහා සිය භුමි ප්රමාණය මධ්යම පැසිපික් කලාපය තුළ ප ff6 ුළුල් කර ගැනීමට ය. එමගින් එක්සත් ජනපද පැසිපික් බලමුළු මුලින්ම බල රහිත කරමින් සිය භූමිය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන්ට අවශ්ය විය. මේ සඳහා ජපානය 1941 දී දකුණු ඉන්දු- චීනය තුළ හමුදා බලය ලබා ගත්තේය. මේ නිසා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලූ අනෙකුත් බටහිර ආණ්ඩු තමා සතු සියලූ ජපන් දේපළ සන්තකයට ගන්නා ලදී. දෙසැම්බර් 7 වන දින ජපානය බි්රතාන්ය, ලන්දේසි හා ඇමරිකානු භූමි වෙත ප්රහාර එල්ල කළ අතර, එම විටම ගිනිකොණ දිග ආසියානු හා මධ්යම පැසිපික් ප්රති ප්රහාර සහ පර්ල් හාර්බර් හි ඇමරිකානු නාවික මූලස්ථානයට එල්ල කළ ප්රහාරයද දියත් කළේය.
මේ හේතුවෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය සහ අනෙකුත් බටහිර බලමුළු ජපානයට එරෙහිව යුද ප්රකාශ කළහ. ඉතාලිය, ජර්මනිය සහ ත්රෛපාක්ෂික සම්මුතියේ අනෙකුත් සාමාජිකයෝ එක්සත් ජනපදයට එරෙහිව යුද ප්රකාශ කළහ. ජනවාරි මාසයේ දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය හා චීනය තවත් කුඩා පිටස්තර ආණ්ඩු 22ක් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ප්රකාශනය :ෘැජක්ර්එසදබඉහ ඹබසඑැා භ්එසදබි* නිකුත් කළහ. මෙමගින් අත්ලාන්තික් ප්රකාශනය තහවුරු කරන ලද අතර, සිය ඒකරාශී වීම විධිΩමත් ලෙස ඉදිරිපත් කරන ලදී. එහෙත් සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම මෙයට එකඟ නොවුණි. එය ජපානය සමග ඇතුලූ වී මධ්යස්ථභාවයේ ගිවිසුම පවත්වාගෙන ගිය අතර, ස්වයං - තීරණ මූලධර්මයෙන් බැහැර විය.
1942 අපේ්රල් මස වන විට ඉතා අවම හානියක් කරමින් ගිනිකොණ දිග ආසියාව යටත් කර ගැනීමට ජපානයට හැකිවිය. එහිදී අනෙකුත් පාර්ශවයන් බුරුමයෙන් එලවා දමා, පිලිපීනය, මලයාසියා, ලන්දේසි පෙරග ඉන්දීය හා සිංගප්පූරු සිරකරුවන් විශාල ප්රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එසේම ජපානය, ඕස්ටේ්රලියාවේ ඩාර්වින් හි නාවුක මූලස්ථානයට පහර දුන් අතර, දකුණු චීන මුහුදේ, ජාවා මුහුදේ හා ඉන්දියන් සාගරයේ නැව් විශ 1000 ල ප්රමාණයක් ගිල්වා දමන ලදී. ජපානයට එරෙහිව කරන ලද ප්රහාරවලින් සාර්ථක වූයේ චගේෂා ප්රහාරය නැවැත්වීම සහ අපේ්රල් මාසයේදී ටෝකියෝ වෙත එල්ල කරන ලද බෝම්බ ප්රහාරය මගින් ජපානය මානසිකව බිඳ වැට්ටවීම පමණි.
ඇමරිකාවට සබ්මැරින් යුද සටන් පිළිබඳ ව තිබූ නොහැකියාව ප්රයෝජනයට ගනිමින් ජර්මනිය ඇමරිකානු අත්ලන්තික් වෙරළට ආසන්න නැව් ගණනාවක් ගිල්වා දැමීය. ජනවාරි මාසයේ දී ඔවුහු කාන්තාරය තුළ ප්රතිප්රහාර එල්ල කිරීම ඇරඹු අතර, පෙබරවාරි මස මුල වන විට ගසාලා තීරය තුළින් බි්රතාන්ය හමුදා ඉවත් කර දැමූහ. සෝවියට් සංගමයේ මාර්තු වන විට ප්රහාර නතර වී තිබුණි. කාන්තාරය හා සෝවියට් සංගමය යන දෙකෙහිම බලමුළු ඉදිරි සටන්වලට සූදානම් වීමේ අරමුණින් තාවකාලිකව ජර්මනිය හා සටන් නවත්වා තිබුණි.
දෙවන ලෝක මහා සංග්රාමය ආරම්භය[සංස්කරණය කරන්න]
දෙවන ලෝක මහා සංග්රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක්රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි්රතාන්ය හා ප්රංශය ද යුද ප්රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග්රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි්රතාන්ය ප්රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත්රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති්රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම ය.
ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි්රතාන්යයට ද අවශ්ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග්රාමයට එක සේ මුහුණ දුන්නේ ය.
මේ වන විට බි්රතාන්ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග්රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවී ය. බි්රතාන්ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වූ හ. ඉංගී්රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රට ම විය.
1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක්රමණය කිරීම ඇරැඹී ය. බි්රතාන්ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක්රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග්රාමය බි්රතාන්යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි.
එදා බි්රතාන්යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක් 1000 තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප්රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී
මවුන්ට් බැට්න් යනු ඔස්ටි්රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි.
යුදය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි්රතාන්ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානය වශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු
ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්යායයේ ප්රතිඵලයකි. විශ්රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය.
ඔහු දුම්බර බිමේ මෙකී මූලස්ථානයේ සිට ජයග්රහණය දක්වා ම යුද මෙහෙයුම් කි්රයාත්මක කෙළේ ය.
අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය -SEAC[සංස්කරණය කරන්න]
එදා ආසියාවේ මූලස්ථානයට යෝග්ය ප්රදේශ සොයමින් බි්රතාන්ය හමුදා ප්රධානයන් ආසියාකරය පීරමින් ඒ සඳහා සුදුසු ආරක්ෂක බිමක් සොයමින් සිටියෝ ය. පසු කලෙක ලංකාවේ ප්රථම මහාමාර්ග කොමසාරිස් වශයෙන් පත් වූ තෝමස් ස්කිනර් නම් ඉංජිනේරුවරයා මේ මූලස්ථානයට සුදුසු ප්රදේශයක් සොයා ගැනීමේ ප්රධාන ම භූමිකාව රඟපෑවේ ය.
හෙතෙම හමුදාවේ මේජර්වරයෙක් ද විය. තමාට සිංහල භාෂාව ඉගෙනීමට ආශාවක් ඇති වූ බැවින්, ඔහු ඒ පිළිබඳ ව එවකට මහනුවර ඒජන්ත ව සිටි ඊ.ජේ. ඩයිසන් ගේ සහාය පැතී ය.
මහනුවර සුදු ඒජන්ත ඩයිසන් ඒ සඳහා නිර්දේශ කළ ගුරුවරයා වූයේ එදා විද්යාර්ථ විද්යාලයේ සේවා කළ මහනුවර ප්රදේශයේ එවකට ප්රථම පන්තියේ සිංහල ගුරු සහතිකය මෙන් ම ඉංගී්රසි ගුරු සහතිකය ද ලබා සිටි එක ම ගුරුවරයා වූ ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා ය.
මැදිවක මහතා පසු ව පාර්ලිමේන්තු මන්තී්රවරයකු ඇමැතිවරයකු හා සෙනෙට් මන්තී්රවරයකු වශයෙන් ද ප්රදේශයට විශාල සේවාවක් සිදු කෙළේ ය. මේ වන විට ස්කිනර් ඉංජිනේරුවරයා මහනුවර දිසාපතිවරයා හා මැදිවක මහතා කුලුපග මිතුරන් බවට පත් ව සිටියෝ ය. යුදයේ උච්චතම අවස්ථාව වන විට බි්රතාන්ය හමුදා මූලස්ථානය පිහිටුවා තිබුණේ නවදිල්ලියේ ය.
නවදිල්ලියෙන් මූලස්ථානය ඉවත්කර ගැනීමේ අවශ්යතාව ඉංගී්රසින්ට තදබල ලෙස දැනෙන්නට විය. ඉංගී්රසින්ට විශ්වාසවන්ත ව ලෝක 1000 ංග්රාමය වැනි දැවැන්ත මෙහෙයුමක දී අතිශයින් රහසිගත භාවය ආරක්ෂා කිරීමට හැකි සිංහලේ නායකයකු ගේ අවශ්යතාව ඔවුනට පෙනී ගියේ ය.
එපමණක් නො ව අදහස් සන්නිවේදනය කරගැනීමේ භාෂා නෛපුණ්යය මෙහි දී අවශ්ය ම අංගයක් විය. නිරායාසයෙන් ම ඉංගී්රසින් ගේ මතකයට යොමු වූයේ මැදිවක නාමය භ. ඉංගී්රසි කිරිටය පමණක් නො ව යටත් විජිත අධිරාජ්යයේ ම පැවැත්මේ තීරණාත්මක හෝරාව දැන් එළැඹ තිබේ.
කුණ්ඩසාලේ මූලස්ථානය[සංස්කරණය කරන්න]
ඉංගී්රසින් ගේ යුද හමුදා මූලස්ථානය ආසියාවේ රටක ස්ථානගත කිරීමේ අදහස ආණ්ඩුකාරයා හරහා මහනුවර දිසාපති මඟින් මැදිවක මහතාට දැනුම් දෙනු ලැබිණි. සිංහලේ අන්තිම රජු වූ නරේන්ද්රසිංහ රජතුමා ගේ කුණ්ඩසාලේ නුවර අසල පිහිටි භූමිය මේ යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු ම ස්ථානය ලෙස බි්රතාන්ය හමුදා නිලධාරීන්ට පෙන්වන ලද අතර, ඒ සඳහා ඔවුන් කැටුව, ක්ෂේත්ර පරීක්ෂණයන් ද සිදුකැරිණි. තැන්නේකුඹුර පාලමෙහි සිට රජවැල්ල දක්වා වූ භූමි ප්රමාණය මේ සඳහා යොදාගන්නා ලදි.
මේ ප්රදේශයෙහි පිහිටි ඉංගී්රසි කොම්පැනිවලට මෙන් ම ස්වදේශිකයන්ට අයිති සියලු ම ඉඩම් යුද නීතිය යටතේ හමුදාව වෙත පවරා ගැනිණි. මේ ප්රදේශය තුළ පදිංචිවීමට අවසර තිබුණේ හමුදාවේ පිරිස්වලට පමණි. අවශ්ය සියලු ම ගොඩනැඟිලි, හමුදා නිවාස, සිනමා ශාලා හා වෙනත් පොදු පහසුකම් ශීඝ්රයෙන් ඉදිවිය. මහවැලි ගඟින් මෙගොඩ අද පොල්ගොල් 1000 ේ විවෘත විශ්වවිද්යාලයය පිහිටි ඉඩමෙහි රාජකීය ගුවන් හමුදා මූලස්ථානය ඉදිවිය.
යුද හමුදා මූලස්ථාන ගොඩනැඟිලි ඉදිවූයේ කුණ්ඩසාලේ නරේන්ද්රසිංහ රජමාලිගා භූමියෙහි ය. හමුදාවේ පොදු සමාජ ශාලාව General Mess පිහිටුවා තිබුණේ කුණ්ඩසාල වත්තේ ප්රධාන බංගලාවේ ය. අද ඒ භූමිය අයත් වන්නේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්යාලයට ය. ගැහැනු පිරිමි දෙපක්ෂයට ම කෘෂිකර්ම අභ්යාස විද්යාලයක් ද අද එහි පිහිටුවා ඇත. මෙහි පිරිමි සිසුන් සඳහා වූ නේවාසිකාගාරයෙහි එදා සිතියම් හා මුදල් ආදිය මුද්රණය කළ මුද්රණ යන්ත්ර පිහිටුවා තිබිණි.
කුණ්ඩසාලේ පිහිටි ආසියාවේ අණදෙන මූලස්ථානයට අතිරේක ව දකුණේ කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදි ස්ථානවල මෙන් ම සීගිරිය, මින්නේරිය, හිඟුරක්ගොඩ, ති්රකුණාමලය ආදී ස්ථානයන්හි ද එක් එක් බළකායන්ට අයත් වූ කඳවුරු පිහිටුවා තිබිණි.
එදා යුද පිටියෙහි වූවෝ ඉංගී්රසි, ඇමෙරිකන්, ගුරුකා, කාපිරි, කළුඅපි්රකා, ඉ ff6 ්දීය ආදි විවිධ රටවල යුද ගුවන් හා නාවික හමුදාවෝ ය. ඉබ්බන් දමා කටවල් වසා දැමූ සොල්දාදුවන් කොටසක් ද පාර තොටවල පාගමන් සංදර්ශනවල යෙදී සිටීම එදා අප දුටු සුලබ දසුන් ය. යුදයේ අතුරු ඵලයක් වූ කාබේරි දරුවන් මෙන් ම සුදු දරුවන් ද අපේ කාන්තාවන් වෙත දායාද කර තිබෙනු එදා අපට දක්නට හැකි විය.
යුද්ධය පැතිර යෑම[සංස්කරණය කරන්න]
මේ අවස්ථාවේ ප්රධාන අණදෙන නිලධාරී වශයෙන් හමුදා මෙහෙයුම් භාර ව සිටි විලියම් ස්ලීම් 4 වන හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ද විය. ඔහු ගේ ප්රධාන නිලධාරියා මේජර් ජෙනරාල් ස්රිලින්ග් විය. මීට අතිරේක ව තවත් අනුඛණ්ඩ භාර නිලධාරීන් බොහෝ දෙනෙක් ද යුද මෙහෙයුම්වල යෙදී සිටිය හ.
මේ වන විට දරුණු සටන් පැවැතියේ ඉන්දියාවේ උතුරු නැඟෙනහිරි ප්රදේශ, ජපානයේ කොහිමා දූපත, බුරුමය, මලයාසියාව, සිංගප්පූරුව එදා අරක්කන් දේශය නමින් හැඳින්වූ චිතගොන් සහ අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත්වල ය. ඉන්දියාව හා ලංකාව මේ වන විට බි්රතාන්යයට අයත් ව තිබූ අතර බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව හා අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත් රටවල් ජ 1000 ානයට අයත් විය. ජපානය මේ සටන්වල ජයග්රාහී ස්ථාවරයක සිටියේ ය.
කුණ්ඩසාලේ හමුදා මූලස්ථානය අසල භූමියෙහි සංඥා බළකා මූලස්ථානය ද පිහිටුවා තිබුණේ ය. ඒ මූලස්ථානයට දිවා රෑ නොකඩවා දිනකට සංඥා දෙදහසක් පමණ ලැබීමට හා නිකුත් කිරීමට සිදු ව තිබිණි. සාමාන්ය සියලු ම මෙහෙයුම් භාර ව තිබුණේ ලංකා ඉන්ෆන්ටි්ර හමුදාවට ය. (CLI). එය දැනට හාරගම වත්ත නමින් දක්නා ප්රදේශයෙහි ස්ථාන ගතකර තිබිණි. මුලින් සඳහන් කළ පොල්ගොල්ල ගුවන් හමුදා මූලස්ථානයෙන් මින්නේරිය, සීගිරිය හා පලාලේ ගුවන් හමුදා කඳවුරු පාලනය විය.
යුදය පැවැති අවස්ථාවෙහි සිවිල් සම්බන්ධීකරණ කටයුතු ප්රධානයා ලෙස ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා පත්කරනු ලැබ හමුදා කඳවුර තුළ නිවාසයක රැඳී සිටීමට අවසරලත් එක ම සිවිල් පුරවැසියා හා සිංහලයා වූයේ ද මැදිවක මහතා ය. දෙවන ලෝක සංග්රාමය ජයගත් පසු කුණ්ඩසාලේ පිහිටි යුද හමුදා කඳවුරෙහි ඉන්දුනීසියාවෙන් අල්ලාගත් ලන්දේසි අනාථයන් රඳවා තබන ලදී.
යුදය මෙහෙයවූ විලියම් ස්ලීම් පසු ව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කැරිණි. හිරු නොබසින අධිරාජ්යය යැයි විරුදාවලිය ලත් මහා බි්රතාන්යයට මේ සංග්රාමයෙහි ජයග්රහණය අත්කර දුන්නේ දුම්බර ජය භූමිය යි. එය එසේ නො වූ වද අප රට ජර්මනියේ හෝ ඉතාලියේ යටත් විජිතයක් වනු නිසැක ය.
දෙවන ලෝක යුද සමයේ භාවිත කළ රසායනික හා බැක්ටීරියා විද්යාත්මක ආයුධ[සංස්කරණය කරන්න]
ජපානය විසින් භාවිත කරන ලද රසායනික වායු තහනම් කරමින් 1938 මැයි 14 වන දින ජාතීන්ගේ සංගමය ගෙන ආ යෝජනාව හා අනෙකුත් ගිවිසුම් තිබියදී ද, අධිරාජ්යවාදී ජපන් හමුදාව රසායනික අවි නිරන්තරයෙන්ම භාවිත කළහ. කෙසේ වුවත්, පළිගැනීමට ඉඩ ඇති හෙයින් ඔවුන් බටහිර රටවල්වලට එරෙහිව මේවා භාවිත නොකළ අතර, අධිරාජ්යවාදී ප්රචාරණය තුළ ‘යටත්භාවය’ සාධාරණීකරණය කළ අනෙකුත් ආසියානු රටවලට එරෙහිව පමණක් භාවිත කරන ලදී. යොෂියති යොෂිමි සහ සෙයියා මත්සුනො යන ඉතිහාසඥයින්ට අනුව, මෙම රසායනික අවි භාවිත කිරීමට නම් හිරොහිතො අධිරාජ්යයා විසින්ම විශේෂ නියෝගයක් නිකුත් කළ යුතු විය. නිදසුනක් ලෙස, 1938 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු වූ වුෂාන් ආක්රමණයේ දී 375 වතාවක් විෂ වායු භාවිත කිරීමට ඔහු අවසර දී තිබේ.
1936 දී අධිරාජ්ය නියෝගයකින් ක්වැන්ටුන්ග් හමුදාවට එක් කරන ලද අප්රසිද්ධ 731 ඒකකය :ඹබසඑ 731* වැනි, ජපාන හමුදාවේ විවිධ ඒකක මගින් මිනිසුන් යොදාගනිමින් ජීව විද්යාත්මක අවි අත්හදා බලා ඇත. මේවා ප්රධාන වශයෙන් චීනයට එරෙහිව ද, 1939 නොමොන් හැන් සිදුවීමේ දී මොන්ගෝලියානු හා සෝවියට් සෙබළුන්ට එරෙහිව ද භාවිත කොට තිබේ. 2004 ඕස්ටේ්රලියානු ජාතික ලේඛනාගාරයේ දී සොයා ගන්නා ලද යොෂිමි හා යුකි මනාකාගේ ලියකියවිලිවලට අනුව, 1944 නොවැම්බර් මස දී තායිපත්වල ඕස්ටේ්රලියානු හා ලන්දේසි සිරකරුවන් අතර සයනයිඞ් වායුව අත්හදා බලා තිබේ.
බෝම්බ දැමීම[සංස්කරණය කරන්න]
මිත්ර හා සතුරු පාර්ශවයන් විසින් සිදු කරන ලද මහා පරිමාණයේ බෝම්බ ලක්ෂ ගණන් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළේය. ජර්මන් නගරවල, විශේෂයෙන්ම ඩි්රස්මන් හි සිදු වූ ඇන්ග්ලෝ ඇමරිකානු බෝම්බ ප්රහාරවලින් සිවිල් ජීවිත 600,000ක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත. 1940 සැප්තැම්බර් මස සිට 1940 මැයි මස දක්වා බි්රතාන්යයට එල්ල කරන ලද ජර්මන් ප්රහාර මාලාව තුළ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදී. එක් අවස්ථාවකදී එක දිගට රාත්රී 57ක් නගරයට බෝම්බ හෙළා ඇත. න්යෂ්ටික ආයුධ භාවිත කළ ප්රථම හා එකම අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත ද, ඉන් දින 3කට පසුව නාගසාකි වෙත ද න්යාෂ්ටික බෝම්බ ප්රහාර එල්ල කරන ලදී. මෙමගින් සිදු වූ මරණ සංඛ්යාව 200,000ක් යයි ගණන් බලා ඇත.
අක්ෂය ඇදවැටීම - මිත්ර රටවල්වල ජයග්රහණය[සංස්කරණය කරන්න]
1944 දෙසැම්බර් 16 දින ජර්මන් හමුදා ආර්ඩන්ස් හි දී බටහිර මිත්ර හමුදාවන්ට ප්රතිප්රහාර ඵල්ල කළේය. මිත්ර හමුදාවන්ට ඵම ප්රහාරය ව්යර්ථ කිරීමට සති හයක් ගත විය. සෝවියට්වරු හංගේරියාව හරහා පැමිණ පහර දුන 1000 හ. ඵ් අතරේ දී ජර්මනිය, ග්රීසිය සහ යුගොස්ලෝවියාව අතහැර දැමුවේය. ඉතාලියේ දී මිත්ර හමුදා ජර්මන් හමුදාවල අරක්ෂක වැට ඉදිරියේ දුර්මුඛව සිටියේය.
1945 ජනවාරි මැද භාගයේ දී සෝවියට්වරු පෝලන්තයට පහර දුන්හ. ඔවුහු විස්ටුලා නදියෙන් ජර්මනියේ ඔඩර් නදියට ගොස් ඵතැනින් නැගෙනහිර පර්සියාව ද ඉක්මවමින් ඉදිරියට ගියහ. පෙබරවාරි 4 දින ඵක්සත් ජනපදය,බ්රිතාන්ය සහ සෝවියට් නායකයන් යෝල්ටාවේ දී මුණ ගැසුනාහ. ඔවුහු යුද්ධයෙන් පසු ජර්මනිය අත්කර ගැනීම ගැන ද ජර්මනියට ඵරෙහිව සෝවියට් සංගමය යුධ වදින්නේ කවදා ද යනුවෙන් ද ඵකඟතාවයකට පැමිණුනාහ.
පෙබරවාරියේ දී බටහිර මිත්ර හමුදා ජර්මනියට ඇතුළු වී රයින් නදිය වෙතට ළඟා වූහ. මේ අතර සෝවියට්වරු පොමරේනියාව සහ සිලේසියාව ආක්රමණය කළහ. මාර්තුවේ දී බටහිර මිත්ර හමුදා රයින් නදිය තරණය කොට රූර් පෙදෙසින් උතුරින් හා දකුණින් ජර්මන් හමුදා කොටුවන සේ වට කළහ. මේ අතර සෝවියට් හමුදා වියානා දක්වා ඉදිරියට පැමිණියහ. අප්රේල් මුලදී බටහිර මිත්ර හමුදා අවසාන වශයෙන් ඉතාලියෙන් ඉදිරියට ගොස් බටහිර ජර්මනිය ජයග්රහණය කළේය. මේ අතර අප්රේල් අගභාගයේ සෝවියට් හමුදා බර්ලිනයට පහර දී අල්ලා ගත්හ. අප්රෙල් 26 දින බටහිර හමුදා සහ සෝවියට් හමුදා ජර්මනියේ දී ඵකට ඵකතු වූහ.
අප්රෙල් 12 දින ඵක්සත් ජනපදයේ ජනාධිපති රුස්වෙල්ට් මිය ගියේය. ඔහුගෙන් පසු හැරී ටෲමන් ජනාධිපති පදවියට පත් විය. ඉතාලි පාක්ෂිකයින් විසින් අප්රේල් 28 දින මුසෝලිනි මරා දමනු ලැබීය. දෙදිනකට පසු හිට්ලර් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේය. ජර්මානු හමුදා ඉතාලියේ දී අප්රේල් 29 දින යටත් වූ අතර මැයි 7 වෙනිදා ජර්මනිය යටත් විය.
පැසිපික් කලාපයේ දී 1944 අවසානයේ දී පමණ ‘ලෙයිටෙ’හි බාධක ඉවත් කරමින් ඇමෙරිකන් හමුදා ඉදිරියට ගියේය. ඔව්හු 1945 ජනවාරි 1000 ලූසෝන් වෙතද මාර්තුවේදී මින්දනාඕ වෙතද ගොඩ බැස්සාහ. බ්රිතාන්ය සහ චීන හමුදා ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාළය තුළ උතුරු බුරුමයෙන් ජපානය පලවා හැරියේය. අනතුරුව මාර්තු 3 වැනිදා වන විට බ්රිතාන්යය රැන්ගුන් දක්වා ඉදිරියට සීඝ්රයෙන් ගියේය.
නාගසාකි න්යෂ්ටික පිපිරුම[සංස්කරණය කරන්න]
ඇමෙරිකන් හමුදාවන්ද ජපානය දෙසට ගියේ මාර්තු වන විට ‘ඉවො ජිමා’ සහ ජුනි වන විට ‘ඔකිනාවා’ ග්රහණය කර ගනිමිනි. ඇමෙරිකන් යුධ ගුවන් යානා ජපන් නගර වලට බෝම්බ ප්රහාර ඵල්ල කොට ඵ්වා විනාශ කළහ. ඇමෙරිකන් සබ්මැරීන් හමුදාව විසින් ජපානයේ ආනයන කටයුතු නවතා දැමුවේය. ඵහෙත් ජපන් නායකයින් දිගටම සටන් කළ යුතු යැයි තීරණය කළේ මිත්ර හමුදාවන් පරාජය කොට අනතුරුව සාම කථා පැවැත්වීමේ අදහසිනි.
ජුලි 11 දින මිත්ර රටවල්වල නායකයෝ ජර්මනියේ පෝට්ස්ඩෑම්හි දී හමූවූහ. ඔවුහු කලින් ජර්මනිය සම්බන්ධයෙන් තිබූ ගිවිසුමක් නැවත ස්ථිර කරමින් කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජපානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජපානයට ඉක්මන් විකල්පයක් සහ සම්පූර්ණ විනාශයක් අවශ්යයි” යනුවෙන්ද ප්රකාශ කරමිනි. මෙම සාකච්ඡා අතර වාරයේ බ්රිතාන්යය ඵහි මැතිවරණයක් පැවැත් වූ අතර ඵයින් චර්චිල් වෙනුවට ක්ලෙමන්ට් ඇට්ලි අගමැතිවරයා වශයෙන් තේරී පත් විය.
ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්රතික්ෂේප කළේය. ඇමරිකානු එක්සත් ජනපදය අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. අගෝස්තු 8 වැනිදා සෝවියට් දේශය මැන්චූරියාව ආක්රමණය කළේ යෝල්ටාවේ දී ඵකඟ වූ පරිද්දෙනි. යුද්ධය නිමා 1000 රමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය.
යුද අධිකරණ[සංස්කරණය කරන්න]
1945 සිට 1951 දක්වා ජර්මන් හා ජපාන නිලධාරීහූ යුද අපරාධ පිළිබඳ ව චෝදනා ලැබූහ. එම චෝදනා වූයේ සාමයට එරෙහි අපරාධ, මනුෂ්යත්වයට එරෙහි අපරාධ, සටන්වලට මුල පිරීම හා වෙනත් ඒවාය. බොහෝ ජර්මානු නිලධාරීන් නියුරන්බර්ග් යුද අධිකරණය තුළ ද, ජපන් නිලධාරීන් ටෝකියෝ යුද අපරාධ අධිකරණය සහ ආසියා පැසිපික් කලාපයේ අනෙකුත් යුද අපරාධ අධිකරණවලදී ද විනිශ්චයට බඳුන් කෙරිණි. අනෙකුත් බොහෝ පහළ නිලධාරීන් නියුරන්බර්ග් විනිශ්චය සභාවට පසුව ඇති කළ විනිශ්චය සභා, ඩචවු අධිකරණය :ෘ්ජය්ම* සහ කබරොව්ස්ක් යුද අපරාධ අධිකරණය වැනි කුඩා අධිකරණ තුළ විනිශ්චයට ලක් කෙරිණි. ජාත්යන්තර නීතිය ඒකාබද්ධ උල්ලංඝනය කිරීම (විශේෂයෙන්ම 1939 පෝලන්තය විසින් සෝවියට් සංගමය ආක්රමණය කිරීම) හෝ ඒකාබද්ධ යුද අපරාධ සිදු කිරීම (සතුරු රටවලට බෝම්බ හෙළිම හෝ නැගෙනහිර යුරෝපය තුළ සෝවියට් කෲර ක්රියා) සම්බන්ධව සැලකිය යුතු විනිශ්චයන් සිදු නොවීය.
දෙවන ලෝක මහා සංග්රාමයේ ප්රතිඵල[සංස්කරණය කරන්න]
- මියගිය සංඛ්යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණවන අතර ප්රංශය, ඉතාලිය, ජර්මනිය ආදී රටවල නගර විශාල සංඛ්යාවක් නටබුන් විණි.
- ජර්මනිය නැගෙනගිර හා බටහිර ලෙස දෙකඩ විණි.
- ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සුපිරි බලවතුන් ලෙස නැගී සිටියහ.
- බ.ජර්මනිය හා ජපානය ගොඩනැඟීමට මාෂල් සැලැස්ම ක්රියාත්මක වීණි.
- බ්රිතාන්යය හා ප්රංශය තම යටත්විජිතවලට නිදහස දිනි.
- ලෝක සාමය ආරක්ෂාකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්රියාත්මක කෙරිණි.
දෙවන ලෝක මහා සංග්රාමයෙන් පසු[සංස්කරණය කරන්න]
දෙවන ලෝක යුද්ධයෙහි නිමාව සිට දළ වශයෙන් 1960 දශකයෙහි අගබාගය හා 1970 දශකයේ මුල් භාගය වන කාලය තුල ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාමත්ම ජනප්රිය කෘතින්ගේ එලිදැක්වීම සිදුවිය. අවසන් යථාර්තවාදි නුතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප්රිය කළ කරුණු ප්රේමාන්විතයින් මේ කාලය තුල පෙරමුණ ගත් අතර, ඔවුන්ගේ කාර්යයට දෙවන ලෝක යුද්ධ ff6 ට ඇරමරිකාව හවුල් කිරිමට විත්ත්කරුවන් වුවන්ගේ බලපෑම ද නොමැද විය.
ජේ.ඩී සැලින්ගර් හේ Nine Stories හා The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට ශිල්පාය ප්ළාත්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වු නිර්මාණ, ඇමරිකානු එක්සත් ජනපදයේ උමතුව ජාතියේ සාහිත්යමය ප්රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමරිකානු එක්සත් ජනපදයට පදිංචියට පැමිණි එලදිමිර් නෝබෝකොන් වැනි කතුවරැන් Lolita වැනි කෘතින් මගින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගිය අතර, එම කාලය තුලදිම ඉහත දැක්වු තරුණ ප්රේමාන්විතයින් ඔවුන්ගේ Lost පුර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.
නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ෆ්රෙන්සිස්කෝ නුවර නිල වශයෙන් පිහිටවනු ලැබු බුද්ධිමතුන්ගේ කව මගින් බිහිවු Beat Generation හි කවි හා ප්රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්රතිවරැද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වු කැරලිකාර ස්වභාවයත්, මත්ද්රව්ය, මත්පැන් දර්ශනවාසය හා සෙන් බෞද්ධාගම ප්රමුඛ ආගම් වලින් ලැබුනු නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැදින්විමට සාමුහිකව භාවිත කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මගින් මෙම යාන්ත්රණයට අවශ්ය තාලය සපයන ලදි. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මගින් විනාශ වනු මම දුටිමි... ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුලදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්රියම නවකථාව වන The Road මගින් Beats ලෙස හැදින්වුවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවින විග්රහ කරන ලදි. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමරිකානු එක්සත් ජනපදය තුල විශාල සංගීත්යමය පිබිදිමක් ඇති වු සමයක් විය. නෝමන් මේලර් ග 1000 The Naked and the dead (1948) ජෝසප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජුනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුලදී ඉතාමත් ජනප්රිය වු කෘතින් අතුරින් කිහිපයකි. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.
සංසන්දනාත්මකව බැලු කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරිමක් ලෙස සැලකිය හැකි කෘතින් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කලේය. ඇමෙරිකානු මධ්යම පන්තියෙහි කුඩා තොරතුරු පවා චරිතයට නැගීම නිසා 1960 දි රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකිමක් විය. මෙම නවකථාව වර්ථමාන කාලය එහි කථා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.
ෆ්ලැන්නරි ඕ'කොනර් (උපත - මාර්තු 25, 1925 ජෝර්ජියාව, විපත - අගෝස්තු 3 1964 ජෝර්ජියාව) විසින්ද මාර්ක් ට්වේන් වැනි ඇමෙරිකානු සංහිත්රයේ ප්රමුඛ කතුවරැන්ට ඉතා සමීප මාතෘකාවක් වු දකුණු පලාත සහ මාතෘකාව පිරික්සීමට ලක්කොට සංවර්ධනය කරන ලදි. | hplt_2 |
ජර්මනිය
ජර්මනි 1000 ේ නිල නාමය වනුයේ 'ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව' යන්නයි. මෙය මධ්යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාකය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්රමණිකයන් වැඩිම සංඛ්යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.
ක්රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්රදේශයෙහි ජර්මානු ගති ලක්ෂණ ඇති බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව, ලේඛනවලින් ඒ බව ඔප්පු කර ද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්රදේශ සියල්ලෙන් ශුද්ධ රෝමන් අධිරාජ්යයේ මධ්ය කොට්ඨාශය සැකසිණි. මෙය වර්ෂ 1806 දක්වා වූ දිගු කාලයක් පුරා පැවතියේ ය. 16 වන ශතවර්ෂය තුළදී උතුරු ජර්මනිය 'ප්රොතෙස්තන්ත ප්රතිසංස්කරණවාදී’ නිකායේ මධ්යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්රංශ - ප්රසියන් යුද්ධය මධ්යයේ ජර්මනිය නූතන ජාතික රාජ්යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 දී දෙවන ලෝක සංග්රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනුවෙන් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්ර පාක්ෂික රටවල් රුදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.
වර්ෂ 1990 දී ජර්මනිය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්රජා 1000 ' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස්කරුවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හඳුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.
ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ 8 කණ්ඩායම (G8), කණ්ඩායම (G20), ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (O E C D) සහ ලෝක වෙළඳ සංවිධානය යන(W TO) ජාත්යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ගන්නා ප්රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' ( Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරුවා ද, තුන්වන විශාලතම ආනයනකරුවා ද වන්නේය. සංවර්ධන ආධාර සඳහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන විශාලතම අරමුදල් ප්රමාණය වේ.එමෙන්ම ජර්මනියේ යුධ හමුදාව සඳහා කෙරෙන වියදම අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.
ජර්මනිය උසස් ජීවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබඳව ප්රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබඳතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්රයන්හිලා විද්යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.
ආශ්රිත[සංස්කරණය කරන්න]
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;
populationනමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ↑ 2.0 2.1 2.2 2.3 World Economic Outlook Database. International Monetary Fund. September 2011. සම්ප්රවේශය 17-November-2011. Check date values in:
|accessdate=(help)
- ↑ Human development index (PDF). United Nations Development Programme. 2011. සම්ප්රවේශය 5 November 2011.
- නඩත්තුව අවශ්ය රටවල් ලිපි
- රටවල්
- ජර්මනිය
- ඇල්පයින් රටවල්
- මධ්යම යුරෝපය
- අත්ලන්තික් සාගරයට යාබද රටවල්
- බෝල්ටික් මුහුදට යාබද රටවල්
- යුරෝපියානු රටවල්
- ෆෙඩරල් රටවල්
- G8 ජාතීන්
- G20 ජාතීන්
- ජර්මානු-බස දොඩන රටවල්
- ලිබරල් ff6 ප්රජාතන්ත්රවාදයන්
- නේටෝ සාමාජීක රාජ්යයන්
- යුරෝපියානු සංගමයෙහි සාමාජික රාජ්යයන්
- මධ්යධරණි සංගමයෙහි සාමාජික රාජ්යයන්
- එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්යයන්
- 1871 හිදී පිහිටුවුනු රාජ්යයන් හා භූමි ප්රදේශයන්
- බටහිර යුරෝපය | hplt_2 |
නවසීලන්තය
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජිවන ම්ටටම, ජිවිතාපේක්ෂාව, සාක්ෂරතාවය, අධ්යාපනය, සාමය, සෞභාග්යය, ආර්ථික නිදහස, ව්යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර චාරිත්රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්රජාත්රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
මූලාශ්ර[සංස්කරණය කරන්න]
- ↑ HDI of New Zealand. The United Nations. Retrieved 21 ජුලි 2009. | hplt_2 |
ඔයාගේ සහායට ස්තූතියි.
යෙදුම හොඳින් ක්රියාත්මක වේ. පදනම ද හරි ය.
දළ විශ්ලේෂණය
විශේෂාංග
සුවය ලබා ගන්නේ කෙසේද
වැඩිදුර තොරතුරු
ගැන්වීමෙන් නිෂ්පාදන
මන්ද DataNumen Access Repair?
# 1 ප්රතිසාධනය
අනුපාතය
මිලියන 10+
පරිශීලකයන්
අවුරුදු 20+
අත්දැකීමක්
100% තෘප්තිය
සහතිකය
අපගේ තරඟකරුවන්ට වඩා බොහෝ දේ නැවත ලබා ගන්න
ප්රතිසාධන අනුපාතය m වේost ප්රවේශ ප්රතිසාධන නිෂ්පාදනයේ වැදගත් නිර්ණායකයකි. අපගේ පුළුල් පරීක්ෂණ මත පදනම්ව, DataNumen Access Repair හොඳම ප්රතිසාධන අනුපාතය ඇත, වෙළඳපොලේ ඇති වෙනත් තරඟකරුවන්ට වඩා හොඳයි!
සාමාන්ය ප්රතිසාධන අනුපාතය
කෙසේද යන්න ගැන තව දැනගන්න DataNumen Access Repair තරඟය දුම් පානය කරයි
අපගේ ගනුදෙනුකරුවන්ගේ සහතික
DataNumen Access Repair
ඔයාගේ සහායට ස්තූතියි.
මාකින් කේ
ඊ-ඔටෝමැටික්
ul. ලීනා 17 සී, 62-006 ග්රුස්ක්සින්
23 දෙසැම්බර් 2020
DataNumen Access Repair
ස්තූතියි. නිෂ්පාදිතය හොඳින් ක්රියාත්මක විය.
ඇන්තනි ලැටෝස්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා
DataNumen Access Repair
ඇත්ත වශයෙන්ම මම ඔබේ විසඳුම පළමු මිනිත්තු 10 තුළ සොයාගත්තා!
කෙසේ වෙතත්, මුලදී මම සිතුවද මෙය කුඩා වැඩසටහනක් සඳහා වියදම් කිරීමට විශාල මුදලක් යැයි,
ඇත්ත වශයෙන්ම මම ඔබේ විසඳුම පළමු මිනිත්තු 10 තුළ සොයාගත්තා!
කෙසේ වෙතත්, මුලදී මම සිතුවද මෙය කුඩා වැඩසටහනක් සඳහා වියදම් කිරීමට විශාල මුදලක් යැයි, DataNumen Access Repair අපගේ දත්ත සමුදාය නැවත ලබා ගත් නිසා දැන් මට සතුටුයි;)
ජේම්ස් මර්ෆි
ඕනෑම දෙයක් ඔන්ලයින්
DataNumen Access Repair
වාව් ඔබේ යාලුවනේ මෘදුකාංගය නියමයි මම අත්හදා බැලීමේ මෘදුකාංගය බාගත කළ අතර එය මා සතුව තිබූ සියලුම වගු හරියටම මට පෙන්වීමට හැකි විය. මෙම මෘදුකාංගය
වාව් ඔබේ යාලුවනේ මෘදුකාංගය නියමයි මම අත්හදා බැලීමේ මෘදුකාංගය බාගත කළ අතර එය මා සතුව තිබූ වගු සියල්ලම මට පෙන්වීමට හැකි විය. මෙම මෘදුකාංගය ගල් ගැසී මට බොහෝ උපකාර කළේය.
රෆ් බල්ලා
DataNumen Access Repair
මා වෙත නැවත පැමිණීම ගැන ස්තූතියි. මම එතැන් සිට මෘදුකාංගය මිල දී ගෙන මෘදුකාංගය බාගත කිරීම සඳහා සබැඳිය ලබා ගත්තා. මම එය ස්ථාපනය කළ අතර එය ක්රියාත්මක විය
මා වෙත නැවත පැමිණීම ගැන ස්තූතියි. මම එතැන් සිට මෘදුකාංගය මිල දී ගෙන මෘදුකාංගය බාගත කිරීම සඳහා සබැඳිය ලබා ගත්තා. මම එය ස්ථාපනය කළ අතර එය දීප්තිමත් ලෙස ක්රියාත්මක විය!
බොහෝම ස්තූතියි
කෙවින් ඕ ලෙයරි
ෆෙටාක්
අයර්ලන්තයේ ඩබ්ලින්
DataNumen Access Repair
මගේ බේකන් බේරුවා! ස්තූතියි!
බ්රයන්
ඇට්ලන්ටා, ජෝර්ජියා, ඇමරිකා එක්සත් ජනපදය
DataNumen Access Repair
DataNumen Access Repair මා භාවිතා කළ වෙනත් නිෂ්පාදන වලට වඩා වැඩි දත්ත ප්රමාණයක් ලබා ගනී. දූෂිත වූ බොහෝ දත්ත සමුදායන් සුරැකීමට එය මට උදව් වී ඇත. මම
DataNumen Access Repair මා භාවිතා කළ වෙනත් නිෂ්පාදන වලට වඩා වැඩි දත්ත ප්රමාණයක් ලබා ගනී. දූෂිත වී ඇති බොහෝ දත්ත සමුදායන් සුරැකීමට එය මට උදව් වී ඇත. මෙම නිෂ්පාදනය සොයා ගැනීම ගැන මම ඉතා සතුටු වෙමි.
මාග්රට් මෙසික්
Costබඩු තොග සම්පත්
ඩේවිස්, සීඒ, ඇමරිකා එක්සත් ජනපදය
ජූනි මස 16, 2015
DataNumen Access Repair
පුද්ගලික මෙවලම සඳහා විශ්ව විද්යාලයට ප්රවේශවීමේ ගොනුවක් අළුත්වැඩියා කිරීමට මට හැකි වූ හොඳම දේ ඔබේ මෙවලමයි
රිචඩ් ජාල කළමනාකරු ෆික්සා
සැන්ටෝ ඩොමින්ගෝ, ඩොමිනිකන් ජනරජය
30 දෙසැම්බර් 2018
පහත දැක්වෙන පොදු දෝෂ සඳහා විසඳුම දත්ත සමුදා දූෂණයට ප්රවේශ වන්න
- හඳුනා නොගත් දත්ත සමුදා ආකෘතිය
- 'Filename.mdb' දත්ත සමුදාය අළුත්වැඩියා කළ යුතුය, නැතහොත් දත්ත සමුදා ගොනුවක් නොවේ.
- මයික්රොසොෆ්ට් ජෙට් දත්ත සමුදා එන්ජිමට 'xxxx' වස්තුව සොයාගත නොහැකි විය.
- වාර්තා (ය) කියවිය නොහැක; 'xxxx' හි කියවීමේ අවසරයක් නොමැත.
හි ප්රධාන විශේෂාංග DataNumen Access Repair v3.8
- වින්ඩෝස් 95/98 / එම්ඊ / එන්ටී / 2000 / එක්ස්පී / වීසා / 7/8 / 8.1 / 10 සහ වින්ඩෝස් සර්වර් 2003/2008/2012/2016/2019 සඳහා සහාය.
- මයික්රොසොෆ්ට් ඇක්සස් 95, 97, 2000, 2002 (එක්ස්පී), 2003, 2007, 2010, 2013, 2016, 2019 සහ ඔෆිස් 365 දත්ත සමුදායන් සඳහා ප්රවේශය අළුත්වැඩියා කිරීමට සහාය වීම.
- ප්රවේශ දත්ත සමුදායන්හි වගු වල ව්යුහයන් සහ වාර්තා නැවත ලබා ගැනීමට සහාය වීම.
- MEMO සහ OLE ක්ෂේත්ර නැවත ලබා ගැනීමට සහාය වීම.
- සඳහා සහාය මකා දැමූ වගු නැවත ලබා ගන්න සහ වාර්තා ප්රවේශ දත්ත ගබඩාවල.
- ස්වයංක්රීය ක්ෂේත්ර සහ දර්ශක නැවත ලබා ගැනීමට සහාය වීම.
- සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය.
- විමසුම් නැවත ලබා ගැනීමට සහාය වීම.
- මුරපද සංකේතාත්මක ප්රවේශ දත්ත සමුදායන් නැවත ලබා ගැනීමට සහාය.
- පරිගණක අධිකරණ වෛද්ය මෙවලමක් සහ විද්යුත් සොයාගැනීම් (හෝ ඊ-සොයාගැනීම, ඊ ඩිස්කවරි) මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය.
- ෆ්ලෑපි ඩිස්ක් වැනි දූෂිත මාධ්යවල ප්රවේශ mdb සහ accdb ගොනු නිවැරදි කිරීමට සහාය Zip තැටි, CDROMs ආදිය.
- සමහර නිර්ණායකයන්ට අනුව දේශීය පරිගණකයේ අළුත්වැඩියා කිරීමට ප්රවේශ mdb සහ accdb ගොනු සොයා ගැනීමට සහ තෝරා ගැනීමට සහාය වීම.
- ප්රවේශ mdb සහ accdb ගොනු සමූහයක් අලුත්වැඩියා කිරීමට සහාය වීම.
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් සමඟ ඒකාබද්ධ වීමට සහාය වන්න, එවිට ඔබට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් හි සන්දර්භය මෙනුව සමඟ mdb සහ accdb ගොනුව පහසුවෙන් අලුත්වැඩියා කළ හැකිය.
- ඇදගෙන යාම සහ වැටීම සඳහා සහාය වීම.
- ආධාරක විධාන රේඛාව (DOS විමසුම) පරාමිතීන්.
භාවිතා කරමින් DataNumen Access Repair දූෂිත ප්රවේශ දත්ත සමුදායන් නැවත ලබා ගැනීමට
ඔබගේ Microsoft Access දත්ත සමුදායන් (.mdb හෝ .accdb ගොනු) දූෂිත හෝ හානි වූ විට ඔබට ඒවා සාමාන්යයෙන් විවෘත කළ නොහැකි විට, ඔබට භාවිතා කළ හැකිය DataNumen Access Repair ලිපිගොනු පරිලෝකනය කිරීමට සහ හැකි තරම් දත්ත ඔවුන්ගෙන් ලබා ගැනීමට.
Start DataNumen Access Repair.
සටහන: දූෂිත හෝ හානියට පත් ඕනෑම mdb / accdb ගොනුවක් නැවත ලබා ගැනීමට පෙර DataNumen Access Repair, කරුණාකර Microsoft ප්රවේශය සහ mdb / accdb ගොනුව වෙනස් කළ හැකි වෙනත් යෙදුම් වසා දමන්න.
අළුත්වැඩියා කිරීම සඳහා දූෂිත හෝ හානියට පත් ප්රවේශ mdb / accdb ගොනුව තෝරන්න:
ඔබට mdb / accdb ගොනු නාමය කෙලින්ම ඇතුළත් කළ හැකිය හෝ ක්ලික් කරන්න ගවේෂණය කිරීමට බොත්තම සහ ගොනුව තෝරන්න.
පෙරනිමියෙන් DataNumen Access Repair ස්ථාවර ප්රවේශ දත්ත ගබඩාව xxxx_fixed.mdb නමින් නව ගොනුවකට සුරකිනු ඇත, එහිදී xxxx යනු ප්රභව mdb / accdb ගොනුවේ නමයි. උදාහරණයක් ලෙස, Damaged.mdb ගොනුව සඳහා, ස්ථාවර ගොනුවේ පෙරනිමි නම Damaged_fixed.mdb වේ. ඔබට වෙනත් නමක් භාවිතා කිරීමට අවශ්ය නම් කරුණාකර එය තෝරන්න හෝ ඒ අනුව සකසන්න:
ඔබට ස්ථාවර ගොනු නාමය කෙලින්ම ඇතුළත් කළ හැකිය, නැතහොත් ක්ලික් කරන්න පිරික්සීමට බොත්තම සහ ස්ථාවර ගොනුව තෝරන්න.
ක්ලික් කරන්න බොත්තම, සහ DataNumen Access Repair කැමැත්තtarප්රභව mdb / accdb ගොනුව පරිලෝකනය කර අළුත්වැඩියා කිරීම. ප්රගති තීරුව
අළුත්වැඩියා ප්රගතිය පෙන්නුම් කරයි.
අළුත්වැඩියා කිරීමේ ක්රියාවලියෙන් පසු, ප්රභව mdb / accdb දත්ත සමුදාය සාර්ථකව අළුත්වැඩියා කළ හැකි නම්, ඔබට මෙවැනි පණිවිඩ පෙට්ටියක් පෙනෙනු ඇත:
දැන් ඔබට ස්ථාවර ප්රවේශය හෝ වෙනත් යෙදුම් සමඟ ස්ථාවර mdb / accdb දත්ත සමුදාය විවෘත කළ හැකිය.
වැඩිදුර තොරතුරු
DataNumen Access Repair 3.8 23 පෙබරවාරි 2021 වන දින නිකුත් වේ
- GUI හි බහුභාෂා සඳහා සහාය වන්න.
- ස්පා Spanish ් ,, ප්රංශ, ජර්මානු, ඉතාලි, පෘතුගීසි, රුසියානු, ජපන්, කොරියානු සහ සරල කළ චීන සඳහා සහාය වන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 3.3 10 දෙසැම්බර් 2020 වන දින නිකුත් වේ
- නිෂ්පාදන යාවත්කාලීන කිරීම් ස්වයංක්රීයව පරීක්ෂා කරන්න.
- නවතම අනුවාදයට ස්වයංක්රීයව උත්ශ්රේණි කිරීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 3.1 31 ඔක්තෝබර් 2020 දින නිකුත් කෙරේ
- ප්රතිසාධන අනුපාතය වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 3.0 27 මැයි 2020 දින නිකුත් වේ
- ප්රතිසාධන වේගය වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.9 18 නොවැම්බර් 2019 වන දින නිකුත් වේ
- ප්රතිසාධන අනුපාතය වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.8 5 අගෝස්තු 2019 වන දින නිකුත් වේ
- විමසුම් නැවත ලබා ගැනීමට සහාය වීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.7 18 අප්රේල් 2019 වන දින නිකුත් වේ
- කණ්ඩායම් අලුත්වැඩියා එන්ජිම නැවත සැලසුම් කරන්න.
- කණ්ඩායම් අළුත්වැඩියා ලොගය සුරැකීමට සහාය වීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.6 21 ජනවාරි 2019 දින නිකුත් වේ
- සහාය ප්රවේශය 2019.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.5 නිකුත් කරනු ලබන්නේ 22 ඔක්තෝබර් 2018 දින ය
- කාර්යාලය 365 සඳහා සහාය ප්රවේශය.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.3 11 පෙබරවාරි 2018 වන දින නිකුත් වේ
- සහාය ප්රවේශය 2016.
- කාර්ය සාධනය වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.2 10 අගෝස්තු 2013 දින නිකුත් වේ
- DAO සහ ප්රවේශය සමඟ යෙදුමේ ගැළපුම වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.1 15 මැයි 2009 දින නිකුත් වේ
- විවිධ විභේදන සහ මෙහෙයුම් පද්ධති මත GUI හි අනුකූලතාව වැඩි දියුණු කිරීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 2.0 16 ජූලි 2008 දින නිකුත් වේ
- සම්පූර්ණ යෙදුම නැවත ලියන්න.
- සහාය ප්රවේශය 2007 දත්ත සමුදායන්.
- වින්ඩෝස් විස්ටා සඳහා සහය දක්වන්න.
- දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 1.2 19 නොවැම්බර් 2006 වන දින නිකුත් කරන ලදී
- අලුත්වැඩියා එන්ජිම වැඩි දියුණු කරන්න.
- සමහර සෙවුම් නිර්ණායකයන්ට අනුව දේශීය පරිගණකයේ අළුත්වැඩියා කළ යුතු MDB ගොනු සොයා ගැනීමට සහ තෝරා ගැනීමට සහාය වීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen Access Repair 1.1 20 දෙසැම්බර් 2005 වන දින නිකුත් වේ
- ස්වයංක්රීය ක්ෂේත්ර නැවත ලබා ගැනීමට සහාය වීම.
- දර්ශක නැවත ලබා ගැනීමට සහාය වීම.
- සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය.
DataNumen Access Repair 1.0 18 ජුනි 2004 වන දින නිකුත් වේ
- මයික්රොසොෆ්ට් ඇක්සස් 95, 97, 2000, එක්ස්පී සහ 2003 දත්ත සමුදායන් අළුත්වැඩියා කිරීමට සහාය වීම.
- ප්රවේශ දත්ත සමුදායන්හි වගු වල ව්යුහය සහ වාර්තා නැවත ලබා ගැනීමට සහාය වීම.
- MEMO සහ OLE ක්ෂේත්ර නැවත ලබා ගැනීමට සහාය වීම.
- ප්රවේශ දත්ත ගබඩාවල මකාදැමූ වගු සහ වාර්තා නැවත ලබා ගැනීමට සහාය වීම.
- ෆ්ලෑපි ඩිස්ක් වැනි දූෂිත මාධ්යවල එම්ඩීබී ගොනු ප්රවේශ කිරීමට නිවැරදි කිරීම Zip තැටි, CDROMs ආදිය.
- ප්රවේශ mdb ගොනු සමූහයක් අලුත්වැඩියා කිරීමට සහාය වීම.
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් සමඟ ඒකාබද්ධ වීමට සහාය වන්න, එවිට ඔබට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් හි සන්දර්භය මෙනුව සමඟ mdb ගොනුව පහසුවෙන් අලුත්වැඩියා කළ හැකිය.
- ඇදගෙන යාම සහ වැටීම සඳහා සහාය වීම 7ff8 .
- ආධාරක විධාන රේඛාව (DOS විමසුම) පරාමිතීන්. | hplt_2 |
හොඳින් අත්තිකාරම් අළුත්වැඩියා කර ඇත
දළ විශ්ලේෂණය
විශේෂාංග
සුවය ලබා ගන්නේ කෙසේද
වැඩිදුර තොරතුරු
ගැන්වීමෙන් නිෂ්පාදන
මන්ද DataNumen DBF Repair?
# 1 ප්රතිසාධනය
අනුපාතය
මිලියන 10+
පරිශීලකයන්
අවුරුදු 20+
අත්දැකීමක්
100% තෘප්තිය
සහතිකය
අපගේ ගනුදෙනුකරුවන්ගේ සහතික
DataNumen DBF Repair
මැට් ඩෙස්මන්ඩ්
DataNumen DBF Repair
හෙලෝ චෙන්,
මට අවශ්ය වුයේ ඔබට එය දැනුම් දීමටයි DataNumen DBF Repair අපගේ පනතින් සියලුම දත්ත ලබා ගැනීමට හැකි විය! 2000 දත්ත සමුදාය.
ස්ටීවන් රයිස්
නිෂ්පාදන අධ්යක්ෂ
සැක්රමෙන්ටෝ සඟරා සංස්ථාව.
අතිශයින්ම සරල අතුරුමුහුණත
හි ප්රධාන විශේෂාංග DataNumen DBF Repair v2.9
- වින්ඩෝස් 95/98 / එම්ඊ / එන්ටී / 2000 / එක්ස්පී / වීසා / 7/8 / 8.1 / 10 සහ වින්ඩෝස් සර්වර් 2003/2008/2012/2016/2019 සඳහා සහාය.
- හි සියලුම අනුවාදයන්ට සහය දක්වන්න DBF දත්ත සමුදාය, dBASE III, dBASE IV, dos සඳහා dBASE 5, වින්ඩෝස් සඳහා dBASE 5, FoxBase, FoxPro, Visual FoxPro, ආදිය.
- අලුත්වැඩියා කිරීමට සහාය DBF ඩීබීටී හෝ එෆ්පීටී ගොනු තුළ ගබඩා කර ඇති මතක සටහන් හෝ ද්විමය දත්ත ක්ෂේත්ර සහිත ගොනු.
- බෙදීමට සහාය වීම DBF ගොනුව එහි විශාලත්වය පූර්ව නිශ්චිත සීමාවකට ළඟා වූ විට, විශේෂයෙන් විශාල කළ 2GB බෙදීමට සහාය වේ DBF ගොනු.
- වගුවෙහි ක්ෂේත්ර ගණන පූර්ව නිශ්චිත ක්ෂේත්ර ගණනකට ළඟා වූ විට එය බෙදීමට සහාය වීම.
- නිවැරදි කිරීමට සහාය DBF ෆ්ලෑපී ඩිස්ක් වැනි දූෂිත මාධ්යවල ගොනු Zip තැටි, CDROMs ආදිය.
- කණ්ඩායමක් අලුත්වැඩියා කිරීමට සහාය වීම DBF ගොනු.
- සොයා ගැනීමට සහ තෝරා ගැනීමට සහාය DBF දේශීය පරිගණකයේ අළුත්වැඩියා කළ යුතු ගොනු.
- පරිගණක අධිකරණ වෛද්ය මෙවලමක් සහ විද්යුත් සොයාගැනීම් (හෝ ඊ-සොයාගැනීම, ඊ ඩිස්කවරි) මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය.
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් සමඟ ඒකාබද්ධ වීමට සහාය වන්න, එවිට ඔබට අලුත්වැඩියා කළ හැකිය DBF වින්ඩෝස් එක්ස්ප්ලෝරර් හි සන්දර්භය මෙනුව සමඟ පහසුවෙන් ගොනු කරන්න.
- ඇදගෙන යාම සහ වැටීම සඳහා සහාය වීම.
- ආධාරක විධාන රේඛාව (DOS විමසුම) පරාමිතීන්.
භාවිතා කරමින් DataNumen DBF Repair හානියට පත් අයකර ගැනීමට DBF දත්ත සමුදායන්
ඔබේ dBase, FoxBase, FoxPro සහ Visual FoxPro දත්ත සමුදායන් (.dbf ලිපිගොනු) හානි හෝ දූෂිත වන අතර ඔබට ඒවා සාමාන්යයෙන් විවෘත කළ නොහැක, ඔබට භාවිතා කළ හැකිය DataNumen DBF Repair පරිලෝකනය කිරීමට dbf ගොනු සහ හැකි තරම් ලිපිගොනු වලින් දත්ත ලබා ගන්න.
Start DataNumen DBF Repair.
සටහන: හානියට පත් හෝ දූෂිත අය නැවත ලබා ගැනීමට පෙර dbf සමඟ ගොනුව DataNumen DBF Repair, කරුණාකර වෙනස් කළ හැකි වෙනත් යෙදුම් වසා දමන්න dbf ගොනුව.
හානියට පත් හෝ දූෂිත තෝරන්න dbf අළුත්වැඩියා කළ යුතු ගොනුව:
ඔබට ආදානය කළ හැකිය dbf ගොනු නාමය කෙලින්ම හෝ ක්ලික් කරන්න ගවේෂණය කිරීමට බොත්තම සහ ගොනුව තෝරන්න. ඔබට ද ක්ලික් කළ හැකිය සොයා ගැනීමට බොත්තම dbf දේශීය පරිගණකයේ අළුත්වැඩියා කළ යුතු ගොනුව.
කොම්බෝ කොටුවේ , ඔබට ප්රභවයේ ආකෘතියද තෝරා ගත හැකිය dbf ගොනුව. දැනට පහත ආකෘති සඳහා සහය දක්වයි:
dBASE III
dBASE IV
dBASE 5
ෆොක්ස්බේස්
ෆොක්ස්ප්රෝ 2.0
ෆොක්ස්ප්රෝ 2.5
ෆොක්ස්ප්රෝ 2.6
දෘශ්ය ෆොක්ස්ප්රෝ
පෙරනිමියෙන්, ආකෘතිය "ස්වයංක්රීයව අනාවරණය" ලෙස සකසා ඇත DataNumen DBF Repair ප්රභවයේ ආකෘතිය හඳුනා ගනී dbf අනාවරණය කරගත් ආකෘතියට අනුව ස්ථාවර එකක් ගොනු කර ප්රතිදානය කරන්න. කෙසේ වෙතත්, ඔබේ යෙදුමෙන් ප්රතිදාන ගොනුව සාර්ථකව විවෘත කළ නොහැකි නම්, ඔබට බල කිරීම සඳහා ආකෘතිය නියම කළ හැකිය DataNumen DBF Repair ඔබගේ යෙදුමට අනුකූල වන ආකෘතියෙන් ගොනුව ජනනය කිරීමට.
පෙරනිමියෙන් DataNumen DBF Repair ස්ථාවර සුරකිනු ඇත dbf xxxx_fixed නමින් නව ගොනුවකට දත්ත සමුදාය.dbf, xxxx යනු ප්රභවයේ නමයි dbf ගොනුව. උදාහරණයක් ලෙස, ප්රභවය සඳහා dbf ගොනුව හානි විය.dbf, ස්ථාවර ගොනුවේ පෙරනිමි නම හානියට පත්_සහගත වනු ඇත.dbf. ඔබට වෙනත් නමක් භාවිතා කිරීමට අවශ්ය නම් කරුණාකර එය තෝරන්න හෝ ඒ අනුව සකසන්න:
ඔබට ස්ථාවර ගොනු නාමය කෙලින්ම ඇතුළත් කළ හැකිය, නැතහොත් ක්ලික් කරන්න පිරික්සීමට බොත්තම සහ ස්ථාවර ගොනුව තෝරන්න.
ක්ලික් කරන්න බොත්තම, සහ DataNumen DBF Repair කැමැත්තtarප්රභවය පරිලෝකනය කිරීම සහ අළුත්වැඩියා කිරීම dbf ගොනුව. ප්රගති තීරුව
අළුත්වැඩියා ප්රගතිය පෙන්නුම් කරයි.
අළුත්වැඩියා කිරීමේ ක්රියාවලියෙන් පසු, ප්රභවය නම් dbf දත්ත සමුදාය සාර්ථකව අළුත්වැඩියා කළ හැකිය, ඔබට මෙවැනි පණිවිඩ පෙට්ටියක් පෙනෙනු ඇත:
දැන් ඔබට ස්ථාවර විවෘත කළ හැකිය dbf අදාළ යෙදුම් සමඟ ගොනුව.
වැඩිදුර තොරතුරු
DataNumen DBF Repair 2.9 4 මැයි 2021 දින නිකුත් වේ
- GUI හි බහුභාෂා සඳහා සහාය වන්න.
- ස්පා Spanish ් ,, ප්රංශ, ජර්මානු, ඉතාලි, පෘතුගීසි, රුසියානු, ජපන්, කොරියානු සහ සරල කළ චීන සඳහා සහාය වන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 2.4 23 දෙසැම්බර් 2020 වන දින නිකුත් වේ
- නිෂ්පාදන යාවත්කාලීන කිරීම් ස්වයංක්රීයව පරීක්ෂා කරන්න.
- නවතම අනුවාදයට ස්වයංක්රීයව උත්ශ්රේණි කිරීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 2.2 6 නොවැම්බර් 2020 වන දින නිකුත් වේ
- ප්රතිසාධන අනුපාතය වැඩි දියුණු කරන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 2.1 10 නොවැම්බර් 2019 වන දින නිකුත් වේ
- කණ්ඩායම් අලුත්වැඩියා එන්ජිම නැවත සැලසුම් කරන්න.
- කණ්ඩායම් අළුත්වැඩියා ලොගය සුරැකීමට සහාය වීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 2.0 24 අගෝස්තු 2013 දින නිකුත් වේ
- වින්ඩෝස් 7 සහ 8 සඳහා සහය දක්වන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 1.6 24 මාර්තු 2008 වන දින නිකුත් වේ
- බෙදීමට සහාය වීම DBF ගොනුව එහි ප්රමාණය පූර්ව නිශ්චිත සීමාවකට ළඟා වූ විට.
- වින්ඩෝස් විස්ටා සඳහා සහය දක්වන්න.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න.
DataNumen DBF Repair 1.5 12 ජූලි 2006 දින නිකුත් වේ
- සොයා ගැනීමට සහ තෝරා ගැනීමට සහාය DBF දේශීය පරිගණකයේ අළුත්වැඩියා කළ යුතු ගොනු.
- DBT / FPT ගොනු ප්රතිසාධනය සඳහා තවත් පාලක එකතු කරන්න.
- ප්රතිසාධන එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න.
DataNumen DBF Repair 1.4 5 දෙසැම්බර් 2005 දින නිකුත් වේ
- වගුවෙහි ක්ෂේත්ර ගණන පූර්ව නිශ්චිත ක්ෂේත්ර ගණනකට ළඟා වූ විට එය බෙදීමට සහාය වීම.
- දෝෂ වාර්තා කිරීමේ යාන්ත්රණය වැඩි දියුණු කරන්න.
- ද්විමය ක්ෂේත්ර නැවත ලබා ගැනීමට සහාය වීම.
- සුළු දෝෂ කිහිපයක් නිවැරදි කරන්න. | hplt_2 |
World news story
බ්රිතාන්ය විදේශ සහ පොදුරාජ්ය මණ්ඩල කාර්යාලයේ අමාත්ය ශ්රී ලංකාවේ සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටි
අමාත්ය ඇලිස්ටේයර් බර්ට් මහතා - සාමකාමී ලෙස විරෝධතා පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත්, කඩිනම් සහ සාධාරණ ලෙස විමර්ශනය කරන ලෙසත් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බ්රිතාන්ය විදේශ සහ පොදුරාජ්ය මණ්ඩල කාර්යාලයේ අමාත්ය ඇලිස්ටේයර් බර්ට් මහතා මෙසේ පැවසිය -
‘අගෝස්තු පළවෙනිදා වැලිවෙරිය ප්රදේශයේ පැවැත්වුණු සාමකාමී විරෝධතා ව්යාපාරය, තිදෙනෙකුට මාරු කැඳවමින් ශ්රී ලංකා ආරක්ෂක හමුදා විසින් සහාසික ලෙස මර්ධනය කිරීම පිළිබඳව මා ඉතාමත් සංවේගයට පත්වුණා, මියගිය සහ තුවාල ලැබූ සියල්ලන්ගේ පවුලේ සාමාජිකයන්ට මගේ ශෝකය ප්රකාශ කර සිටිනවා.
සාමකාමී ලෙස විරෝධතා පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත්, කඩිනම් සහ සාධාරණ ලෙස මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ලෙසත් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.’ | hplt_2 |
නාහෙ වහගෙන යන්න. දුම වැදිල තව විකාර කියවන්න ගනියි.
-
Neue Unterhaltung
-
- Ende der Unterhaltung
-
-
සුබ පැතුම් ගරු ජනපති තුමනි එමෙන්ම තව විනාශ නොකර කොච්චර පොලිසිය බාරයේ තිබෙනවද කියලා දැනගන්න ලංකාවේ පුරවැසියෙක් ලෙස දැනගන්න මමත් කැමති අද ප්රවෘත්ති වලටවත් එක කියන්න.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
ගෙන්වපු උන් ප්රදර්සනය කරන්න බැයිදDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
ඔබතුමාට ලංකාවෙන් මුලුමනින්ම මත් කුඩු වියසනය නවත්වන්න පුළුවන් ඒ සඳහා මුළු හදවතින්ම අවංකවම ක්රියා කරනවානම් පැය 48 න් මේක ඉවර කරන්න පුළුවන්... අපේ ප්රභල ආරක්ෂක අංශයන්ට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි.. ජනාධිපති තුමනි මේක කරන්න කොහොම හරි.. කාගෙවත් පැත්තක් ගන්න එපාDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
මහත්තයෝ මත් දුව්යම හිතුවම ඇත්ද? විල්පත්තුව කපලා බඹර කන්ද කපලා සිංහරාජෙ කපලා කැම්පස් ලමයින්ට මහපොල අවුලක් විදුලිය නෑ ණය ගෙවාගන්න බෑ බදු බර වැඩී වාහන මිල අධිකයි මදූෂ් පාතාල මර්ධන නෑ මහ බැංකුව නෑ එක වසරට ලමයි දාන්න බෑ තව තියෙනවා ගෙවුනු අවුරුදු ගානටත් වඩා ප්රශ්න ඒත් මේවා හිතන්නෑ..Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
තද තද ජනාධිපති බ්රෝDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
බොරු කියන්න එපා බංDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
තව පාරක් ජනාදිපති වෙන්න ඔබතුමා රගපාන හැටි නම් නියමයි. හැබැයි ඔය අදහස දීපු එකා ඔබතුමත් එක්ක ජනවාරි 8 වෙනිදා ඉදලා තියෙන්න ඕනේ. මොකද මෙච්චර කාලයක් කරපු වැඩ වගේම ඕය වැඩෙත් හෙනම ගොන්Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
විල්පත්තුව also කපනවා හිටන්Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
Das Laden scheint etwas zu dauern.
Twitter ist möglicherweise überlastet oder hat einen vorübergehenden Schluckauf. Probiere es erneut oder besuche Twitter Status für weitere Informationen. | hplt_2 |
බයිලා එපා, අප්රේල් 9 වනදා සිට ඔබට වාර්තා කළ රාජ්ය බුද්ධි අංශ තොරතුරු වාර්තා ගැන නිසි අවධානයක් යොමු නොකළේ ඇයි? ඒ පිලිබදව ආරක්ෂක අංශ දැනුවත් නොකලෙ ඇයි? "ඕවා බොරු කතා, මට කුඩු අල්ලන්න තියනවා" යනුවෙන් ආරක්ශක අංශ දැනුවත් කිරීම් ඔබ හෑල්ලුවට ලක් කළාද? 1/2
-
Neue Unterhaltung
-
-
ප්රහාර මාලාවෙ සැලසුම්කරුවන් අල්ලා ගැනීමට පෙර ඔබව දැනුවත් කරන්නයයි ඔබ ආරක්ශක අංශ වලට දැනුම්දී තිබුනාද? 2/2
Ende der Unterhaltung
-
Neue Unterhaltung
-
මහින්ද මහත්තයා දැන් බෝම්බේ පිපුරුණ තැන ඒ හිටපු ජනපති ඔබතුමා අදත් පරක්කුයි
-
පිස්සුද හැටිද? පිපිරැණ තැන් බල බල ඉදල මොකද්ද කරන්න කියනනේ. කරන්න ඕන දේවල් හමුදාවට කරන්න බලතල දීලා තියෙන්නේ. ඔයාල ඒවා අස්සේ රිංගන්නෙ නැතිව ඒ මිනිස්සුන්ගෙ රාජකාරීය කරන්න දෙන්න.
Ende der Unterhaltung
-
-
-
තමුන්ලා වගේ බත් කන හරක් ටිකක් නිසා තමයි අර අහිංසක මිනිස්සු මැරුනේ.. රජය සම්පූර්නෙන්ම මේ ප්රහාරේ වගකීම ගන්නෝන. දැන දැනත් කට වහන් හිටපු උන් මොකද දැන් කියන්නෙ? නෙදකින්.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
අරක්ශක අන්ශ බුද්ධි අන්ශ අඩපණ කරන්න ඉඩ ඇරල, මෙච්චර කල් නිදි වැදල දැන් බයිල කියනවද..??Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
Neue Unterhaltung
-
මිනිස්සුන්ට තොරතුරැ දැනගන්න තියෙන දේ අවහිර කරාට ස්තූතියි..කරන්න පුලුවන් එච්චරයි
-
මෝඩ කතාවක්
Ende der Unterhaltung
-
-
-
තැන්කූ මචං... හෙළා දැක්කම අන්න ඔක්කොටම පණ ඇවිත්... පරිස්සමින් සංචාරේ ඉවර කරලා එන්නකෝ... හදිස්සි නෑ දැන්.. ඔක්කොම ශේප්Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
Das Laden scheint etwas zu dauern.
Twitter ist möglicherweise überlastet oder hat einen vorübergehenden Schluckauf. Probiere es erneut oder besuche Twitter Status für weitere Informationen. | hplt_2 |
ඔබ තුමා මුලින්ම හොදින් බලන්න මාද්ය සාකච්චාව රටේ මන්ත්රීවරු තියපු. එතුමන්ලාට මේක විහිලුවක්
-
Neue Unterhaltung
-
-
ඔබ තුමාට බලන්න වෙලාවක් නැත්නම් මේ පින්තූරය බලන්න. 290කට අදික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා 500කට අදික පිරිසක් තුවාල වෙලා. ඒත් රටේ පිලිගත් මැති ඇමතිවරු හරි සතුටින් මාද්ය අහන ප්රශ්න විහිලුවකට අරගෙන උත්තර දෙන්නේpic.twitter.com/rCOKTIH3zIDiese Medien könnten sensibles Material enthalten. Mehr erfahren
- 2 weitere Antworten
-
Neue Unterhaltung
-
ඇයි මහත්තයෝ ඉක්මනට අවිල්ල ඔය ටික කර නැත්තේ? ඔයා නැතිව රටම පාලු වුනානෙ. ආරක්ෂක මණ්ඩලයත් බෑ කිවිවා. අනේ ආය රට යන්න එපා හොදේ! කුඩු මුුුලිනූපුටා දාන්න දීපු දවස ටික ටික ලංවෙනවා නේද? දූෂණ මුලිනූපුටා දැමිිමට දිනයක් නැත්ද අප්පො!
-
මේක ලියන ප්රසිඩන්ට් මීඩියා එකා ගිහිල්ලා ලොක්කට කියපන්, ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙන දේශපාලුවෝ ලග තියාගෙන ඉන්න රටේ මිනිසුනගේ ජීවිත බිලි ගැනීමෙ වගකීම බාර ගන්න කියල.
@fernandoharin ගෙ තාත්ත දන්නෙ කොහොමද, අගමැති දන්නෙ නැතිව. මේවට උත්තර නැත්තන් බොරුවට පණිවිඩ එවන්න නැතිව ඉන්න කියපන්
Ende der Unterhaltung
-
-
Neue Unterhaltung
-
රිෂාඩ්ගෙන් වහා ප්රශ්න කරන්නpic.twitter.com/z3Jr6brOC7
-
They should arrest him
Ende der Unterhaltung
-
-
-
වැඩිහිටියොන්ට නරක විදියට කතා කරන්න හොද නැති හින්ද හික්මීමකින් අහන්නම්. ආරක්ශාව භාර ඇමති කවුද? ආරක්ශක කවුන්සිලයේ ප්රධනියා කවුද? ඔබතුමා විස්තර දැනගන්නෙ පත්තරෙන් විතරද? රටේ නායකයා කවුද? මැරුණ 290 වගකීම භාරගන්නවද? ඔක්කොම වෙනකන් පඹය වගේ ඉදල දැන් ගොං ආතල් නොදී ඉන්න පුළුවන්ද?Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
Neue Unterhaltung
-
So how come there was absolutely NOTHING done when you DID have all the intel and time????????? WHY? We, the people need answers.
- 1 weitere Antwort
-
-
-
බුද්ධි අංශ වාර්තා නොසලකමින් අහිංසක ජීවිත රණයට පත් කිරීමේ වගකීමෙන් ඔබට මිදිය නොහැක.කරුණාකර ඉල්ලා අස් වන්න.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
Das Laden scheint etwas zu dauern.
Twitter ist möglicherweise überlastet oder hat einen vorübergehenden Schluckauf. Probiere es erneut oder besuche Twitter Status für weitere Informationen. | hplt_2 |
සහතික ඇත්ත හිටපු ජනාධිපතිතුමා..පත්තරේ බලන් රට කරේ ඔබ තුමා නේ
-
Neue Unterhaltung
-
- Ende der Unterhaltung
-
-
ඔබේ පාලන කාලය තුළ ශ්රි ලංකාවට සිදුවුන විනාශය තව අවුරුදු 10 කටවත් ගොඩදාන්න බෑ. ඒක ඉතාපැහැදිලියි. සෘජු බලසම්පන්න නායකයෙකුගේ අවශ්යතාවය රටට දැනෙන්න වුණේ ඔබේ තිබුණ ඉතා දුර්වල නායකත්තවය නිසයි. ඔබ නිසා රටට සිදුවුන දේ ගැන බොහොම දුකයි.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
අර කෝටි 800 මාලිගාව බාරදීල පලකො පොලොන්නරුවටDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
ශ්රී ලංකාවේ මෙතෙක් බිහිවූ ඉතාම දුර්වල පාලකයෙක් ඔබ. ඒ නිසා මේ ලංකාවේ සියලුම මාධ්ය ඔබට හා ඔබේ රජයට එරෙහිව සෑම විවේචනයක්ම ගෙනාව. ඒක ඔබේ තිබුන දක්ෂකම නිසා නොවෙයි. මුළු මහත් රටම වාගේම සියලුම මාධ්ය ඔබ වහාම පාලනයෙන් ඉවත්කල යුතුයැයි හිතපු නිසා. වැරදියට කරුණු කියන්න එපා.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
ඔබගේ පෞර්ශත්ව දුර්වලත්වය සහ හීන මානය රට ආපස්සට ගෙනගියා. පාස්කු ඉරිදා ප්රහාරයත් වලක්වන්න බැරි වුනේ, එම අමාත්යාංශ සහා දෙපාර්තමේන්තු ඔබ භාරයේ තිබු නිසා. පාස්කු ප්රහාර සැලසුම් කරුවන් සහා සම්බන්ද අපරාධ කරුවන් සමග, ආරක්ෂක ලේකම්, පොලිස්පති සමග ඔබත් එම නඩුවේ විත්තිකරු වෙකු විය යුතුයි.Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
පත්තරේ බලලා රට කරවපු එකම නායකයාDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
Neue Unterhaltung
-
කලර් ලයිට්ස් නැහැ ට්රැෆික් නැහැ පාට පාට බලුබ් නැහැ පට්ටම් ඩිකියක් නෑ නැහැ කෙහෙල් කොලයක් උඩට වැටිච්ච කපුටු බෙට්ටක් ඒකේ හෙමිහිට බේරිල බිමට වැටෙනවා.. ඒ වගේ ල්ස්සනක්.. මනස්කාන්තයි.. උත්කෘෂ්ඨ යි..
- 2 weitere Antworten
-
-
-
Do you remember the Social media ban in Sri Lanka?Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
Das Laden scheint etwas zu dauern.
Twitter ist möglicherweise überlastet oder hat einen vorübergehenden Schluckauf. Probiere es erneut oder besuche Twitter Status für weitere Informationen. | hplt_2 |
"ආණ්ඩුවේ බලගතු ප්රතිසංස්කරණයක් ඇතිවිය යුතුයි" යන හඬ පක්ෂයට පිටින් සිට වුව පාඨලී චම්පිකලා නඟන්නේ එන පොට හොඳ නැති නිසාය. රනිල් මෙය සිහි නුවණින් වටහා නොගතහොත් එජාපය පමණක් නොව ඔහුද විසිවී ගසාගෙන ඉවතට යනු නියතය සැබවින්ම විගණන පනත අනුමත කර ජාතික ණය වියදමි කර අැති අන්දම රටට හෙලි කරමු
-
Neue Unterhaltung
-
- 2 weitere Antworten
-
-
දුෂණ සිදු කරන්නේ ඇමති සමග අමාත්යාංශය ලෙකමි සමග හවූලෙය නමූත් දුෂණයක් සිදු වු බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව දැන්වීම් කලද අධිකාරී බලය වන නැවත පාඩූව අයකර ගැනීමෙ බලය ලේකම් බැවින් සියල්ල යටගැසිමෙ බලය ව්යවස්ථාව මගින්ම නිතිගතව ලේකම් හට ඇත බලය විගණකාධිපති දිමට අකමෑති වන්නේ ඇයි?Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
ව්යවස්ථාව මගින්ම විගණකාධිපති බලය බෙලහීන කරමින් අධිකාරී බලය නෑතහොත් දුෂණයකදි පාඩුව අයකර ගැනීමෙ බලය ඉවත් කරමින් අමාත්යාංශය ලේකම්ට දි ඇත්තේ හොරකම් නිති ගත කිරීමටද? ලේකම් හොර කර ඇති නමි ඔහු පාඩූව අයකර ගනිද? විගණන පනත මගින් මෙය යහපාලනයද? හොර කම නිතියෙන්ම නිතිගත කර ඇත්තෙ ඇයි?Danke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
We are still awaiting action for RK, and PM hope u will be brave enough to take actions against themDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
Neue Unterhaltung
-
ජනාධිපති කාර්යාලය මගින් ඇතිකර තිබෙන නාස්ති දුෂණය විරොධි ජාතික වැඩසටහනට මාර්තු මස 01 වැනිදාට පෙර අදහස් සහ යෝජනා ඉල්ලා ඇත ලිපිනය නාස්තිය සහ දුෂණයට එරෙහිව ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය, කොළඹ 02 රිමෙල් zerocorruption@presidentsoffice.lk දුරකථන අංකය 011 2431502 යොජනා මෙහි දක්වන්න
-
පලමු යොජනාව 1978 ව්යවස්ථාව සහ වර්තමාන ව්යවස්ථාවේ 145 වගන්තිය මගින්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව බලතල බෙලහීන කර ඇති අධිකාරී බලය අමාත්යාංශය ලේකම් වෙතින් ඉවත් කර ස්වාධීන විගණන කොමිසම වෙත පැවරිය යුතුය ජේ.ආර්.රජය හොරකම් නිතිගත කිරීමට ගත් පියවරක් බෑවින්ය
Ende der Unterhaltung
-
-
-
යොජනා 2 ජාතික ණය පිළිබඳව දැනගැනීමේ අයිතිය නීතිගත කරන්න ජාතික ණය ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුවට දැනූවත් කිරීම වෑනි විනිවිදභාවයකින් කටයුතු කරන්නේ නෑත්තෙ ඇයි? ණය පිළිබඳව විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ජාතික වැඩසටහන ක් ක්රියාත්මක කිරීම ණය පිළිබඳව දුෂණ කතා කලේ දේශපාලකයන් බැවින්යDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
-
-
යොජනා 3 විගණකාධිපති තුමා මධ්ය වෙත හෙළිදරව් කල පරිදි නූල් බෝලයක් මෙන් පැටලී ඇතයි කියන ජාතක ණය පිළිබඳව පරීක්ෂා කර කරැණු හෙළිදරව් කිරීමට ජාතික කොමිසමක් පත්කර හංගා ඇතයි කියන ජාතික ණය පරික්ෂා කර පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීම ණය ගෙවීමට වැඩසටහනක් දියත් කර අනාගත පරපුරට සෙතක් කිරීමDanke! Twitter wird dies nutzen, um deine Timeline zu verbessern. Rückgängig machenRückgängig machen
-
Das Laden scheint etwas zu dauern.
Twitter ist möglicherweise überlastet oder hat einen vorübergehenden Schluckauf. Probiere es erneut oder besuche Twitter Status für weitere Informationen. | hplt_2 |
පුවත්
අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ ගින්නක්අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ කොටසක අද (22) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය. තල්ගස්ගොඩ ප්රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කීය. ගින්න හේතුවෙන් විශාල දුමක් ප්රදේශය පුරා පැතිරෙමින් පවතින බව ප්රදේශවාසීහු කියති. ගින්න පිළිබඳව ගාල්ල ගිනිනිවන ඒකකයට දන්වා තිබෙන අතර ගින්න නිවාදැමීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව ප්රදේශවාසීහු පවසති. (ලංකාදීප)
සාමණේර හිමිනමට අතවර කළ නායක හිමිනමක් අත්අඩංගුවටබෙන්තොට ප්රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක් විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමිනමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම සැකකාර විහාරාධිපති හිමියන් පිරිවෙනක්ද පවත්වාගගෙන යන අතර මොනරාගල වැනි දුරබැහැර ප්රදේශවල දුප්පත් දරුවන් මෙම විහාරස්ථානයේ පැවිදි කරවා …
පානීය ජල සැපයුම සීමා කිරීමට සූදානමක්දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්රදේශවල ප්රධාන ජලාශ හා ජල මුලාශ්ර ගණනාවක්ම සිදීයාමෙන් පානීය ජලය ලබාදීම සීමාකිරිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් පැය 24 පුරා ජලය අඛණ්ඩව බෙදාහැරීම ද අඩපණ වනු ඇතැයි මණ්ඩලය සඳහන් කරයි. ඇතැම් ප්රදේශවලට කඩින් කඩ ජලය සැපයීමට …
රාජ්ය ආයතනවල ආරක්ෂාව සිවිල් ආරක්ෂක බලකායෙන් ඉවත්කර රක්නා ලංකා ආයතනයටමේ වන විට කොළඹ හා තදාසන්න රාජ්ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු කිරීම කර ඇති අතර ඒ අනුව සිවිල් ආරක්ෂකයින් 100 ක් රාජ්ය ආයතන 15 කින් දැනටමත් ඉවත් කර තිබේ. එමෙන්ම තවත් 600 ක් පමණ ඉවත් කිරීමට සිටිනා බව සිවිල් ආරක්ෂක බළකායේ මාධ්ය ප්රකාශක කර්නල් …
Airbus වංචාවේ මුදල් නාමල්ට ගියා ද?ශ්රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේනගේ බිරිඳගේ සිංගප්පූරුවේ බැංකු ගිණුමකින් ඩොලර් 800,000ක් නිමල් හේමසිරි පෙරේරා නමැති අයෙකුගේ ගිණුමට 2014 නොවැම්බර් මාසයේ දී එවා ඇතිබව නියෝජ්ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා පෙරේදා (19) කොටුව මහේස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේය. මෙම ගනුදෙනුව 2014 නොවැම්බර් සිදුවූ ඩොලර් මිලියන 2ක එයාබස් අල්ලස් ලබාදීමේ …
බස්-ලොරි-වෑන් අනතුරින් 50 ක් රෝහලේ: සිසුවෙක් මරුටමාතලේ දඹුල්ල ප්රධාන මාර්ගයේ නාඋල නාලන්දේදී අද (21) දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා එක් පාසල් සිසුවෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවෝ දඹුල්ල, මාතලේ, නාලන්ද රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසූහ. දඹුල්ල ප්රදේශයේ සිට සිරිපාදෙ වන්දනාවේ ගමන් …
වතු සමාගම් වලට කටුපොල් වගාකිරීමේ එකඟතාව මත වතු කම්කරුවන්ට රු. 1000ක වැටුප ලබාදීමට යයි.වතුකම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ඉල්ලා පසුගිය කාලය පුරාවටම විශාල අරගලයක් දියත් වූ අතර වතුවල කටුපොල් වගාකිරීම සඳහා අවසර ලබාදීමේ එකඟතාව මත එම වැටුප් වැඩි කිරීම ලබාදීමට වතු සමාගම් රජය සමග එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවේ. කෙසේ නමුත් කටුපොල් වගාව හේතුවෙන් පරිසරයට සිදුකරන හානිය නිසා ඊට එල්ලවූ ජනාතා විරෝධය මැද කටුපොල් …
ප්රමුඛ පුවත්
ජාතික ජනබලවේගයේ පොළොන්නරුව දිස්ත්රික් සමුළුව සාර්ථකව පැවැත්වෙයිජාතික ජන බලවේගයේ දිස්ත්රික් සමුළු මාලාවේ පොළොන්නරුව දිස්ත්රික් සමුළුව ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් …
ජවිපෙ පිළිබඳ අසත්ය පතුරන අගමැතිගේ ප්රකාශය දැඩිව හෙළා දකිනවා – ටිල්වින් සිල්වායුද හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතාට ඇමරිකා එක්සත් ජනපදය තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව ඊට ප්රතිචාර දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා …
ජාතික ජනබලවේගයේ අම්පාර දිස්ත්රික් සමුළුව සාර්ථකව පැවැත්වෙයිජාතික ජන බලවේගයේ දිස්ත්රික් සමුළු මාලාවේ අම්පාර දිස්ත්රික් සමුළුව ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන …
30/1 ජිනීවා මානවහිමිකම් යෝජනාව පිළිබඳ ජවිපෙ ස්ථාවරය අගමැති මහින්ද විකෘති කරලා – විජිත හේරත්ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව සම අනුග්රහය යටතේ 2015දී ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාව සම්බන්ධයෙන් අගමැති …
අවුරුදු 5ක් විමර්ශනය සිදුකළ නිලධාරියා ඉවත් කළේ ඇයි ? Fully Storyශ්රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදි මූල්ය අක්රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති …
මේ ආණ්ඩුවේ ඇත්ත මුහුණ බලාගන්න පුළුවන් මහ මැතිවරණයෙන් පසුවයි…“දිගටම මේ ආණ්ඩුව ජනතාව රවටනවා. මේ ආණ්ඩුවේ ඇත්ත මුහුණ මහමැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවන්. ජනතාව දැන් සිටම හඬ අවදි කළ යුත්තේ …
මගේ තීරණවලට අධිකරණයෙන් බාධා එපා – අගවිනිසුරු, නීතිපති ඉදිරියේ තබාගෙන ගෝඨාභය කියයිජනතාවගේ යහපැවැත්ම සහ සමෟද්ධිය වෙනුවෙන් විධායකය විසින් ගනු ලබන සංවර්ධන ප්රයත්නයන් සඳහා අධිකරණයෙන් බාධා නොකිරීම වැදගත් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …
Cartoon
ඉන්ධන මිල අඩු කිරීමට තවම තීරණය කර නැහැඉන්ධන මිල අඩුකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප්රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්රය ක්රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා එම අලාභය ආවරණය …
යුධ සමයේ මුතූර් හිදී පුද්ගල ඝාතනයකට චෝදනා ලැබූ හමුදා සෙබලෙක් වසර 10කට හිරේගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු හමුදා සෙබලෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිරදඩුවමක් හා රුපියල් දසදහසක දඩයක්ද එකී දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ ඇතිව තවත් මාස පහක සිර දඩුවම්ද නියම කිරිමට ත්රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා පසුගිය 18 වනදා නියෝග කර තිබේ. …
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමයිහදිසි ගිනිගැනීමක් හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්රදේශයේ හදිසි ගිනි ගැනීමක් සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඇති වු දුමාරය මේ වන විට ප්රදේශය පුරා ව්යාප්ත වීම …
ශවේන්ද්ර සිල්වාගේ ඇමරිකන් තහනම මැතිවරණ ප්රාචාරණයක්ද?යුදහමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතාට ඇමරිකාව විසින් පනවා ඇති ඇමරිකාවට ඇතුල්වීමේ තහනම රාජපක්ෂ රෙජීමය විසින් එකඟතාවයෙන් සිදුකරන මහමැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ ව්යාපාරයේම කොටසක් බවට දේශපාලන විශ්ලේෂකයෝ සැක පළකරති. 2019 අප්රේල් 21 පාස්කු ප්රහාරය ගොටාභය රාජපක්ෂගේ මැතිවරණ ව්යාපාරයේ ප්රභලතම සහ තීරණාත්මකම අවස්තාව විය. ඔහු එම ප්රහාරය දියත්කර සිංහල ජාතිවාදය අවුළුවා ජනාධිපතිවරණය …
සයින්දමරුදු වෙනම නගර සභාවක් කළ ගැසට් නිවේදනය අත්හිටුවයිසයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන පවසයි. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත්බව අමාත්යවරයා පවසයි
දකුණු අධිවේගී මගේ හදිසියේම මැදමුලණට දොරටුවක්ලබන 23 වනදා විවෘත කිරීමට නියමිත දක්ෂින අධිවේගි මාර්ගයේ හම්බන්තොට කොටසෙහි හදිසියේම මැදමුලනට පිවිසුම් දොරටුවක් ඉදිකරමින් පවතී. මාර්ග සැලසුමේ පෙර තිබී නැති මෙම දොරටුව දින තුණක් ඇතුළත ඉදිකිරීමට අවශ්ය බැවින් ප්රවේශපත් නිකුත් කිරීමට කන්ටේනර් පෙට්ටි දෙකක් යොදාගෙන තිබේ. බැදිගම මංසන්දියෙන් මෙම පිවිසුම් දොටුව සකස් කර ඇති අතර ඒ සඳහා කෝටි …
පිලපිටියගේ පෙත්සමට කරුණු කියන්නැයි වැඩබලන පොලිස්පතිට නොතීසිතමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කර තිබේ. එසේම එම පෙත්සම හෙට (20) යළි සළකා බැලීමටද අභියාචනාධිකරණය …
ශ්රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව ගැන කොප් කමිටුවේ නීතිපතිය වාර්තාවක්ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (19) කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු මත වාර්තාවක් සකස් කර නීතිපතිවරයා වෙත යොමු කිරීමට කෝප් සභාපතිවරයා තීරණය කර තිබේ. ගුවන් යානා ඇණිය ප්රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්යනයකින් හා විශ්ලේෂණයකින් තොරව …
වත්මන් ආණ්ඩුව පැරණී ඩීල් යළි අරඹයි – ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් බිලිදෙයිශ්රී ලංකා රක්ෂණ මූල්ය ආයතනය බංකොලොත් තත්වයට ඇද දමමින් මෙරට ප්රසිද්ධ සමාගමක අඩුමිල කොටස් වැඩි මිලකට මිලදී ගැනීමට බලකෙරෙමින් තිබෙන බව වාර්තාවේ. පසුගිය සතියේ එක් කොටසක් රුපියල් 19යට ගිය එක්තරා පුද්ගලික ආයතනයක කොටස් මිල විශේෂ හේතුවකින් තොරව මේ සතිය වනවිට රුපියල් 22 දක්වා හදිසියේම ඉහළ ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු …
කපිල චන්ද්රසේන සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයටපසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය මාර්තු මස 04 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ. ශ්රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සේවයට එයාර් බස් සමාගමෙන් ගුවන්යානා …
පරිසර පුවත්
කඩොලාන පරිසරයක නීතියට පිටින් ක්රීඩාපිටිය හදන්න බැහැ… රාජ්ය නිලධාරිනිය කෙලින් කතාකරයි
මීගමුව පුන්නක 3FB4 ය ප්රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්රීඩා පිටියක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් නිදහස් කරන්නැයි ධීවර සහ මිරිදිය මත්ස්ය කර්මාන්ත රාජ්ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිය විරෝධය පළකර තිබේ. තම ගමට බලපාන ධීවර ප්රශ්න රැසකට විසඳුම් ලබා ගැනීමට ඇමැතිවරයා කැඳවා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන […]
හන්තාන කඳුවැටියේ ගින්නක්
හන්තාන කඳු වැටියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වනිවටත් එම ගින්න පැතිරෙමින් පවතින අතර ගින්න හටගෙන ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් වාර්තා වී නැත.
විදෙස් පුවත්
පොදු මිනිසා තෙවෙනි වරටත් දිල්ලියේ බලය අල්ලයිදිල්ලි ප්රාන්ත සභා මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් හිමි කරගත් “ආම් ආද්ම්” හෙවත් “පොදු මිනිසා” පක්ෂයේ නායක අරවින්ද් කේජ්රිවාල් අද (16) දිල්ලි ප්රාන්ත මහ ඇමතිවරයා ලෙස තෙවෙනි වරටත් දිවුරුම් දුන්නේය. දිල්ලි ප්රාන්ත සභා මැතිවරණය පැවැත්වූයේ මීට මතියකට පෙරය. දිල්ලි ප්රාන්ත සපාවේ ආසන 70කි. එයින් ආසන 62ක් දිනා ගැනීමට ආම් ආද්ම් පක්ෂය මහත් විය. ඒ අනුව, 2013 […]
හයිටියේ ළමා නිවාසයක ගින්නකින් දරුවෝ 15ක් ජීවිතක්ෂයටහයිටි රාජ්යයේ අගනුවර වන පෝට්-අවු-ප්රින්ස් ආසන්නයේ පිහිටි ළමා නිවාසයක ඇති වූ ගින්නකින් දරුවන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේ නිවාසයේ ළමුන් 60දෙනකු පමණ සිටි බව බලධාරීහු පවසති. මෙම ළමා නිවාසයේ විදුලි ජනකය කැඩී ඇති බැවින් ඒ වෙනුවට ඉටිපන්දම් දල්වා ඇති බවත් එයින් ඇති වූ ගිනි ගැනීමකින් මෙම අනතුර සිදුවන්නට ඇති බවත් මූලික පරීක්ෂණවලින් […]
තායිලන්තයේ වෙඩි තැබීමෙන් 21ක් ජීවිතක්ෂයට – වෙඩි තැබී හමුදා නිලධාරියාත් මරුටතායිලන්තයේ කොරට් නගරයේ පිහිටි සුපිරි වෙළද සංකීර්ණයකට ආයුධ සන්ද්ධව කඩා වැදුණු තායිලන්ත හමුදා භටයෙකු ඉලක්කයකින් තොරව වෙඩි තබා පුද්ගලයින් 21 දෙනෙක් ඝාතනය කර තිබේ. ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇත. තායිලන්තයේ නකෝන් රච්චාසිමා නගරයේදී එරට හමුදා සොල්දාදුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. හමුදාවේ කනිෂ්ඨ නිලධාරියෙකු වන ජක්රෆන්ත් තොම්මා හමුදා කඳවුරකින් අවිආයුධ සහ වාහනයක් සොරකම් කර […]
කියුබාවට පළමු තැනපසුගිය නොවැම්බර් 29 වන දින නිකුත් කළ වර්තාවකට අනුව තිරසර සංවර්ධනය පිළිබඳ ලෝකයෙන්ම පළමු ස්ථානය කියුබාවට හිමි වී තිබේ. ජනතාවගේ ජීවන තත්වය, සෞඛ්ය පහසුකම්. අධ්යාපන පහසුකම්, පරිසර සුරක්ෂිතතාව ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සලකා බලා ඇති අතර ඉන් ලකුණු 0.859ක් ලබා ගන්නා විට වෙනිසියුලාව සහ ආර්ජන්යිනාව පිළිවෙළින් 12වන සහ 18 වන ස්ථාන ලබාගෙන තිබේ. […]
වසර 47ක බ්රිතාන්ය යුරෝපා දීගය අවසන් වෙයිවසර 47ක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ මහා බ්රිතාන්යය අද (31) එරට වේලාවෙන් රාත්රී 11ට යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය. බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්රියාවලිය ආරම්භ වූයේ 2016 වසරේදීය. එම ක්රියාවලිය බ්රෙක්සිට් නමින් හැඳින්වේ. බ්රිතාන්යයේ වත්මන් අග්රාමාත්ය බොරිස් ජොන්සන් බ්රිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්රියාවලියේ ප්රමුඛ චරිතයක් වන අතර 3F එම ක්රියාවලිය […]
3FB4
කොරෝනාට එරෙහිව චීනය ඖෂධ 03ක් නිපදවයිචීනයේ ප්රමුඛතම සරසවියක් වන ටිසින්හුවා (Tsinghua university) විසින් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් වැඩි දියුණු කරමින් සිටින බව චීනයේ ෂිංහුවා (Xinhuwa) පුවත් සේවය වාර්තා කරයි. මේ අතර එරට ප්රාදේශීය පුවත්පතක් වන හුබෙයි ඩේලි (Hubei Daily) වාර්තා කරන්නේ වෛරසයට යම් තරමකින් බලපෑම් එල්ල කළ හැකි ඖෂධ වර්ග තුනක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බවයි. ටිසින්ග්හුවා […]
ලෝක සෞඛ්ය සංවිධානයෙන් චීනයට පැසසුම්නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් ගෙන ඇති ‘අසාමාන්ය ක්රියාමාර්ග’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්ය සංවිධානය චීනයට ප්රශංසා කර තිබේ. ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානී ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයෙසස් මහතා මෙසේ චීනයට ප්රශංසා කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමීන් ඒ මහතා පවසා ඇත්තේ චීනයේ තත්වය සතුටුදායක වුවත් දුර්වල සෞඛ්ය පද්ධතියක් ඇති රටවලට […]
ඉන්දියාවෙනුත් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයිකොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙකු බවත් ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
කොරෝනා වෛරසය වැලඳුනු 170ක් සුවය ලබයිනව කොරෝනා වෛරසය ආසාධනය වූ 170 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. එසේම මේ වනවිට 7,711ක් දෙනෙකුට වෛරසය ආසාධය වී ඇති අතර ඉන් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හුබෙයි පළාතෙන් මරණ 37ක් සහ සිචුවාන් පළාතෙන් එක් මරණයක් ද අලුතින් වාර්තා වී ඇත. මේ වනවිට ටිබේටයෙන්ද වෛරස් ආසාධිතයෙකු හඳුනාගෙන […]
චීනය දින 06කින් ඉදිකිරීමට සැලසුම් කළ ’කොරෝනා’ රෝහල දෙකකින් ඉදි කර විවෘත කරයිකොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්රදේශයේ ඉදිකළ රෝහල අද (29) විවෘත කර ඇත. මීට පෙර ඔවුන් සැලසුම් කර තිබුණේ එම රෝහල දින 06කින් ඉදි කිරීමටය. එහෙත් ඔවුන් දින දිකකියෙන් ඉදිකළ මෙම රෝහල සඳහා වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම අද ඇතුළත් කරගෙන තිබේ. හුවැන්ගැන්ග් මූලික […] | hplt_2 |
ඉදිරි සති කිහිපය තුළදී අකුණු සහිත වැසිබර කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එනිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත් අවධානමෙන් සිටින ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ චන්න රුද්රිගු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
සබරගමුව, දකුණ, මධ්යම, උතුරුමැද හා ඌව යන පළාත් වලට මෙම වැසි තත්ත්වය අපර භාගයේදී හෝ සන්ධ්යා කාලයේදී බලාපොරොත්තු විය හැකි බව චන්න මහතා සඳහන් කරයි. එසේම බස්නාහිර පලාතටද ස්ථාන කිහිපයකට කඩින් කඩ වැසි ඇතිවිය හැකිබව ඒ මහතා සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති විට සුලඟේ වේගය පැයට කි.මී. 60 ක පමණ වේගයක් ගතහැකි බව සඳහන් කරයි. සන්ධ්යා කාලයේ අකුණු අනතුරු ඇතිවිය හැකිබැවින් ඉන් ආරක්ෂා වීමටත් විදුලි උපකරණ භාවිත කිරිමේදී ද ආරක්ෂාකාරි පිළිවෙතක් අනුගමනය කරන ලෙස වැඩි දුරටත් සඳහන් කරයි. | hplt_2 |
"වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?”
පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගත්තු මමත් බස්සෙක් වගේ "හ්ම්" ගෑවා
"ඒක නෙවේ ඊයේ පාන්දර පොලීසියෙන් ආවා නේ"
"ඒ මොකෝ ?" මමත් කලබලෙන් එහෙම ඇහුවා
“කවුද එකෙක් කංසා වගයක් අරං එනකොට පොලීසිය දැකලා ඒත් ඌ පැනලා දුවලා . ඌ දානෙ ගෙදරට රිංගුවද බලන්නයි හීල් පාන්දර ජාමේ පොලීසිය ආවේ .”
“සඳරු පුතේ !!” ආයෙමත් ලොක්අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්ත නිසා මමත් ඔළුව නමාගෙන ඒ පැත්තට ගෑටුවා .
“අනේ පුතේ මේ එතනා කිරි අම්මයි , මිසි හාමි කිරි අම්මවයි බස් එකට ගිහින් දාලා වරෙංකෝ උඹට පින් සිද්ධ වෙයි .”
ලොකු අම්මා එහෙම කීවේ ලොකු තාත්තගේ පරණ ජපං බයික්කේ යතුර මගේ අතට මිටි මොලෝන ගමන් .
“දෙන්නෙක්ව කෝමද ලොක්කම්මේ බයික්කේ තියාන යන්නේ ? අනික හෙල්ම.. . . ට්”
“ඉතින් ගොනෝ ඇල පාරෙන් පල. මේ හීල් උදේ පොලීසිය නෑ. හදිසියේවත් ඇහුවොත් කියහං මේ වයසක දෙන්නෙක්ව ඇරලවන්න යනවා කියලා .”
“ඔහොම ඉඳින් පුතේ අපේ පිරිකර ටික ගේනකම් පොඩියක් ඉඳින්”
තව මොහොතකින් මම දැක්කා පොඩි කෙල්ලක් ප්ලාස්ටික් බේසම් දෙකකුයි තවත් මොනාදෝ මන්දා මලු දෙකකුයි උස්සාගෙන එන හැටි .
“ඔවුවත් ගෙනියන්න ඕනෙද අත්තම්මේ ?”
“නැතුං ! උඹ බය නොවී ඉඳ අපි මෙවුවා අතේ අරගන්නං උඹ මොටෝ සයිකලේ පැදහං ?”
ඔන්න ඔහොම ඇල පාරේ කිලෝමීටර දෙකක් විතර පෙරට යද්දී එකවරම දැක්ක දසුනෙන් මාව ගැස්සිලා ගියා.
“අනේ පුතේ නවත්තහං පුතේ ! අන්න පොලීසිය පස්සෙන් එනවා නවත්තහං පුතේ .”
එතනා කිරි අම්මා අඬන්න තියාගත්තා . මිසි හාමි අම්මා ඉතිපිසෝ ගාථාව කියන හඬ මට යාන්තමට ඇහෙනවා . සයිඩ් කණ්ණාඩියෙන් ඊට වඩා බය හිතෙන දසුනක් පේනවා . ! පොලීසියේ 119 ජීප්පුව මගේ පස්සේ එළෝනවා !
“මොකෝ නතර කරන්න කීවාම කඩාගෙන යන්නේ කං ඇහෙන්නැද්ද ?”
“මහත්තයා මේ . . . !”
“තමුසේ කොහෙද ? ඇයි මේ තුන්දෙනෙක් දාගෙන ? කවුද මේ දෙන්නා ? බයික්කේ කාගෙද ? මල්ලේ මොනාද? කෝ හෙල්මට් ?, කෝ ලයිසන් ?, අයිඩී එක ගන්නවා බලන්න . ! මොකෝ තමුසේ ඇඹරෙන්නේ ? , පැනලා දුවන්නද හදන්නේ ? ඒව වානා !”
"අනේ නෑ නෑ මහත්තයා මම මේ බිමට බහින්න යන්නේ මාව පොඩ්ඩක් අතාරින්ඩකෝ මම බැහැලා සේරෝම කියන්නං"
වෙවුලන කටහඬින් මමත් උත්තර දුන්නා ඇත්තටම ඒ මොහොතේ මගේ ළඟ ෆෝන් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. අඩුම තරමේ ජාතික හැඳුනුම්පතවත් මා ගාව තිබුණේ නෑ .
"හා කියනවා බලන්ඩ ඒත් දුවන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා වෙඩි තියනවා !”
ඒ නිලධාරි තුමන්ලා අතේ තුවක්කුවක් නැති බව මම දැක්කත් බැටන් පොල්ලෙන් හරි වෙඩි තියන්න බැරිකමක් නැති නිසා මම දුවන් නැතුං ඉන්න තීරණය කළා .
"මහත්තයා උඩහ වංගුවේ සෝමපාල මහත්තයාගේ දිහෑ ඊයේ කිරි දානේ . මම ඉතින් ඒකට ආපු මේ වයසක කිරි අම්මලා දෙන්නව බස් එකට දාන්න කියලා එක්කං ආවා. පවුණේ පයිං යවන්ඩ බැනේ .”
“හ්ම් එතකොට මොනාද ඔය කලිසමේ ? ලේ නේද ?”
මගේ කලිසමේ තවමත් පෙනෙමින් තිබ්බ බුලත් කෙළ කහට පැල්ලම දිහා බලන ගමන් පොලිස් රාළහාමි උත්තමයෙක් හරස් ප්රශ්නයක් දැම්මා.
"අනේ මහත්තයෝ ඒ බුලත් කෙළ .”
"බුලත් කෙළ තමුන්ට ගහන්න තමුන් පඩික්කමක්ද ? ඇත්ත කියනවා ඔය කොහේ රිංගලාද තුවාල කරගත්තේ ?”
"අනේ බුදු පුතේ මේ අපේ සඳරු කොල්ලා . මුගේ කිසි වරදක් නෑ අනේ ඌට කරදර කරන්න එපා .” එතනා කිරි අම්මා අඬාවැටෙන්න ගත්තා .
"හරි හරි අම්මලා පොඩ්ඩක් කලබල නොවී මට ඔය මළුවල තියන දේවල් පෙනන්නඩ. ඔය දානෙ ගෙදර දිහාවේ ගංජා කාරයෙක් ඉඳලා තියනවා ඒකයි අපි මග රැකලා හිටියේ . “
පොලිස් නිලධාරි තුමෙක් කිරි අම්මලා අතේ තිබුණු සිලි මලු කීපය පරික්ෂා කරන්න පටන්ගත්තා . ගැහෙන හදින් මමත් ඒ දිහා බලාන හිටියා . හ්ම් ඒ මලු දෙකේ තිබුණේ කිරිබත් කෑලියි කැවුම් සහ කිරි කෑලි වගේ කෑම ජාති විතරයි .
“හොඳයි ඔය අම්මලා දෙන්නා නගින්න ජීප් එකට අපි බස් එකට ගිහින් දාන්නම් . හැබැයි කොල්ලෝ උඹට නම් පොලීසි එන්ඩම වෙනවා .”
"අනේ පුතේ උඹලට පිං . උඹල තාම කාලත් නැතිවැති මයෙ හිතේ..? ආ මේ කැවිලි ටික කන්ඩ"
කිරි අම්මලා දෙන්නා කැවිලි මලු දෙක එතන උන්නු ලොකු පොලිස් උත්තමයා අතට දුන්නා . ඒ උත්තමයට හීල්ලුණා.
"කමක් නැද්ද අම්මේ අපි මේව ගත්තට. ඇත්තටම ටිකක් බඩගිනියි අපි ඊයේ රෑ ඉඳලම මෙතන ?”
"අනේ කමන්නෑ දරුවෝ . ඒත් අනේ මේ පොඩි එකාව අතාරින්න . ඌ අප්ප නැති අසරණයා .”
"ඉතින් මහත්තයෝ මේ දරුවා දානෙට උදවු කරන්ඩ ආපු එකෙක් විතරනේ අනේ ඌව ගෙදර යවන්ඩ මහත්තයෝ .”පවු එතනා කිරි අම්මා මම වෙනුවෙන් වැඳ වැටෙනවා
"හ්ම් තමා මේ අම්මලා දෙන්නා ඉස්සරහා දිවුරුවොතින් මේ ගැන දන්නේ නෑ කියලා අපි තමාව ගෙදර යවනවා .”
"අනේ මහත්තයෝ මම කියන ඕනෙ තැනක දිවුරන්නම් .”
"කොහෙවත් ගිහිං දිවුරන්ඩ ඕනෙ නෑ අයිෂේ මෙතන ඉඳන් දිවුරනවා .”
"අනේ මහත්තයා මේ පොළෝ තලේ පල්ලා මම ඔය ගංජා ගෝනිය ගැන දන්නෙම නෑ" මමත් මුලු හදින්ම දිවුරුවා
"මදි මදි . පොළොව පල්ලා කියලා දිවුරන්න කාටද මනුස්සයෝ බැරි ?”
"මයෙ වැදූ අම්මාපල්ල මම ඔයි කියන ගංජා ගෝනිය ගැන මෙලව සංසාර දෙයක් දන්නේ නෑ මහත්තයෝ .”
"ඒ ගංජා ගෝනිය ගැන නොදන්නවාය කියන්නේ තමුන් වෙන ගංජා ගෝනි ගැන දන්නවද ?”
උසස් නිලධාරී උත්තමයා එවුව යෝකර් පන්දුව හමුවේ සූදානමකින් තොරව උන්නු මම කොර වුණා
"ඔවු . ! නෑ නෑ ! මේ"
"සාජන් අපි මූව ගෙනියමු !”
"අනේ බුදු පුතේ ඕකව ගෙනියන්ඩ එපා පුතේ එතනා අම්මා ආයෙත් අඬවැඩියාව පටන්ගත්තා .”
"ඉතින් මම ඉවරයි" නොකළ වරදට පොලීසි යන්ඩ වෙයි කියලා හිතේ ඇති වුණ බයට මට ලොකු හුස්මක් ගැනුණා . ඒ හුස්මම ලොකු සුසුමක් වෙලා එළියට පිටවුණා .
"මොකෝ හූල්ලන්නේ ? නගිනවා ජීප්පෙකට. තමුංඟේ අහවල් එක ලාච්චුවක දාලා දෙකක් තුනක් දුන්නම යස අගේට කියයි ඇත්ත "
"අනේ මහත්තයෝ ? මං ඔය මුකුත්ම දන්නේ නෑ”
"තමුං ගාව අයිඩී එකක්වත් තියනවද නෑනේ අයිසේ . අනික තමුන්ට දිවුරන්න කීවම ඒ දිවුරුවෙත් සැක හිතෙන විදිහට. ඒ මදිවට තමුන්ට තියෙන්නෙත් ගුටි කන මූණක් . ඉතින් කොහොමද තමුන්ව අපි රිලිස් කරලා යන්නේ ?”
"මහත්තයෝ මම තමා අහවල් පොලීසියටම පරිගණක උගන්වන කෙනා බොරුණං දැං කෝල් එකක් දීලා බලන්ඩ"
කරන්නම දෙයක් නැති තැන මම අවසන් තුරුම්පුවත් ඇදලා දැම්මා .
"ඉතින් අපේ මොකෝ ? කවුරු කළත් වරද වරදමයි. හ්ම් හ්ම් හොඳ දරුවා වගේ නගින්න අපි ඔයාව පොලීසියට ගෙනියලා ප්රකාශයක් සටහන් කරගෙන වරදක් නැත්තම් ගෙනද්දාන්නං . ඔන්න මං හොඳින් කීවා !”
“අනේ බුදු සෑර් මේ දරුවව අතාරින්න කංස ගෝනිය ගෙනියවුවේ මයෙ ලොකු කොලුවා අජියා. ඌ ඊයේ රෑ දානෙ ගෙදර ආවේ මගෙන් රුපියල් 250ක් ඉල්ලගෙන යන්න. අනේ ඌ කංසා ගෝනිය බැද්දේ හංගන්ඩ ඇති සෑර් අනේ මේ දරුවව යවන්ඩ සෑර්. ඌ මේ මොනවත් දන්නේ නෑ ඌ මනුස්ස කමට අපිව ගෙදර ඇරලවන්න ආවේ .. “
ගිනි කන්දක් වගේ ඇවිලෙමින් තිබ්බ හිත හිම කන්දක් වගේ හීතල වෙලා නිවිලා යද්දී අඩවිය බාර පුල්ලෙයාර් දෙයියංගේ පිහිටෙන් ආනුභාවෙන් මම නිදොස් වුණා . ඒත් එතනා අම්ම ගැන මට හොඳටෝම දුක හිතුණා මම වෙනුවෙන් තමන්ගේ බඩෙන් වදාපු පුතාව පාවා දෙන්න තරම් උන්දෑ අවංක වුණා එහෙනම්.
එතනා අම්මට වරුවක් පොලීසියේ ඉඳලා එයැයිගේ පුත්තරයා ගැන ප්රකාශයක් දෙන්නත් සිද්ධ වුණා . ඔය අතරේ මම මුහුණ දීපු මේ සිදුවීම ගමේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෙනස් කතාවක් විදිහට පැතිරිලා ගිහින් තිබුණා . කට කතා වලට තටු තියන නිසා මට මේ වෙච්ච සිදුවීමට තව තව දේවල් එකතු වෙලා මා ගැන මහා අමන කැත කතාවක් ගමේ එවුං අතරේ පැතිරිලා තියන බවත් මම පසුව දැන කියාගත්තා .
සැපේදී වගේම දුකේදිත් මගෙත් එක්ක නිතරම ඉන්න මගේ පෙම්බරී ගේ කනටත් මේ කැත කතා බෝමයක් ගිහින් තිබුණා. මේ මුලු ගමම මට එරෙහි වුණත් ඒකි මාව විශ්වාස කළා . අන්තිමේදී මේ කතාවට මුල් වෙච්ච ගංජා ගෝනිය සහ ඒකේ සාඩම්බර හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් වුණාට පස්සේ කට කතා සේරෝම වාගේ අවසන් වුණා . මං ගැන ගතු කියමින් උන්න එවුන් ආයෙමත් මගේ ගුණ වයන්න ගත්තා . මමත් පහු ගිය දොහේ වෙච්ච මේ මරිසි සිදුවීම් අමතක කරලා ආයෙමත් ලියන්න ගත්තා.
මට මගේ ජීවිතේට අමතක නොවෙන මම මුහුණ දුන් අමිහිරිම සිදුවීම මේකයි. කොහොමින් කොහොම හරි දැන් ඒ සේරෝම ඉවරයි. ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .
ප/ලි - රාජකීය විද්යාලයේ අසෙනිය කුසුම සාහිත්ය උලලේදී හිස් අහස බ්ලොග් කෑල්ලටත් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය කියලා සම්මාන දෙකක්ම ලැබුනා නේ . ගොඩ දෙනෙක් මට සුබ පැතුවා . සුබ පැතුවේ නැති ඈයොන්ට දැන් ඉතින් සුබ පතන්ඩ බැරියැ.
කියවන අය දුන්න හයිය හත්තිය නොවෙන්න හිස් අහස බ්ලොග් එක වැහිලා යන්ඩ ඉඩ තිබුනා. ඉතින් බ්ලොග් එක කියෝලා වගේම අදහස් දීලා මට සහය දුන්න හැමෝටම ස්තුතියි ! | hplt_2 |
Wednesday, July 7, 2010
Kandu Atharin Ude Hawa - කඳු අතරින් උදේ හවා
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..
මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ..
ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ..
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ..
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ..
කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා..
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා..
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා..
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා..
Artist: Kuma Aththanayaka
1 comment: | hplt_2 |
ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . නමවැනි කොටස . . ." ඒ මොකද බං . ලොක්කා ප්ලේන් එකකුත් සර්විස් එකට දාලද . "උස් හඬින් නැගි සිනාවත් එක්කම පැවසුවේ හිතේ හටගත් ...
වෙලාවටත් කලියෙන් නැගිටින එක පුරුද්දක් කරගත්ත මම සුපුරුදු විදියටම පරක්කු වෙලා අදත් ඇඳ පැලඳගෙන දුවනකොට කෝච්චිය මට ඔලොක්කුවටම වගේ කොක් හඬලාගෙන ඇවිත් ස්ටේශමේ නතර කළා . පිස්සු බල්ලෙක් එලෝගෙන ආපුගානට දුවගෙන ආපු මම කෝච්චිය අද්දනකොටම එල්ලුනේ නොනැවතුන හතියකුත් එක්කමයි . වෙලාවට සීසන් . නැතිනම් මෙහෙමවත් එනවා බොරු . කෝච්චියට එල්ලුනු ස්ටයිල් එක හරි නැතිවදෝමන්දා ලග උන්නූ මැදිවියේ උන්දැලා දෙන්නෙක්ගේ රැවුම් ...
පොද වැටෙන්න පටන් අරන් . මේ වැස්ස කලටද අකලද කියන්න නම් මට හරි හැටි තේරුමක් නෑ . බිංදු බිංදු වැටි වැටි තිබුණු වැස්ස ටික ටික මෝරන හැටි පුංචි කවුලුවට ඇස් තියාගෙන මම ඔහේ බලාගෙන උන්නා . මටම දැණුනා මම වැස්ස දිහා බලාගෙන උන්නේ මහා හිස් බැල්මකින් කියලා . මේ හැගීම මොකද්ද කියලා තෝර බේරා ගන්න මම හිතන්නේ මට ඉස්සර වගේම ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . අටවැනි කොටස . . .පෙර දින තරමක පපුවට තෙහෙට්ටුවක් දැණුන නිසාම ඩොක්ටර් කරුණාතිලක කැඳවූයෙන් ඔහු පැවසූයේ අඩුම තරමින් දින තුනක්වත් රෙස්ට් කළයුතු බවයි . ඒ අස්සේ පාරමී ...
ඕගොල්ලෝ දන්නවානේ මම ෆේස් බුකියේ එහෙ මෙහෙ කරක්ගහනකොට කට්ටියට කියවලා රසවිඳින්න පුළුවන් දෙයක් හම්බුනොතින් උස්සගෙන ඇවිත් පොඩි පෝස්ට් එකක් දානවාය කියලා . ඉතින් මේත් ඒ වගේම ෆේස් බුකියේ රවුමක් දානකොට අමුනගෙන ආපු පොඩි කතා කෑල්ලක් . . . මේක බුකියේ පබ්ලිශ් කරලා තිබ්බේ නම් " Angelo Pietersz " කියන හාදයා . . . පොඩ්ඩක් කතා විලාසය වෙනස් කරලා දැම්මා කට්ටියට රසවිඳින්න ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . හත්වැනි කොටස . . .ගුවන් තොටුපලින් ඔවුන් දෙපල පිටත්වූයේ පිටස්තර දේශයක හිඳ තමන්ගේ කියා තමන්ගේවුන් රැඳුනු මවුබිම කරා පයගහන්න එකතුකරගත් කප්පරක් සතුට හිතේ ගුලිකරගෙනය . වටපිටාවේම රැඳුනු ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . හයවැනි කොටස . . ." පිස්සුද අසිතයා . මොන පාටිද අතේ සල්ලිත් නෑ බං . "" ඔන්න ඕකනේ ඉතිං . අපි පාටියක් ඉල්ලුවොත් තමයි උඹලගේ බැරියාව . ...
මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . පස්වැනි කොටස . . .දිසානායක යලිත් කල්පනාවට වැටුනේ එසේ නොමවීම වැලැක්විය නොහැකි නිසාවෙනි . තම එකම දියනිය වන පාරමී වැඩි දුර අධ්යාපනය සඳහා ඕස්ට්රේලියාව බලා පිටත්කර හැරියේද ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . හතරවැනි කොටස . . .කර්කශව ඉබාගාතේ ඇදුණුජීවිත සිහිනයන්බලාපොරොත්තුවේ වැසි පොදින්තෙමී පන ලැබටික ටික දළුලන්නතනනවා නොවෙදදෑස් දල්වානබලාන ඉමි එනතුරාවසන්තයේ හෙට දවසනිකමට වගේ හිස් කඩදාසියේ ලියැවුණේ සිතේ පැතිරුණු අපමණ සතුට ...
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . මතකයි නේ කලින් පෝස්ට් එකේදී නාරදට උසස්වීමක් ගැන දසනායක කියනවා . ඔන්න එතන ඉදන් තමයි දැන් කතාව පටන්ගන්න යන්නේ . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට . . .෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . තුන්වැනි කොටස ...
මතක ඇති නෙවැ " පියාපත් ලැබී " ඇරඹුවා අපි . ඉතින් මෙන්න හා හා පුරා කියලා කතාවේ දෙවැනි කොටස . ඇරඹුම කියවපු නැති කෙනෙක් හෝ මතකය ටිකක් අලුත් කරගන්න ඕන නම් මෙතන ක්ලික් කරලා කියවලාම එන්නකෝ . . .෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . දෙවැනි කොටස . . .දසනායක මහතාගේ කාර්යාල කමරය තුළ AC යන්ත්රයක් ක්රියාත්මක වුවත් තම සිරුරෙන් දහඩිය බිඳු නැගෙන්නාක් මෙන් ...
හිත හතරවට තිබුණු සේරම ශක්තිය එකතු කරලා ආසාවෙන් බලං උන්නු වැඩේට පය තිබ්බා . අද මම දාන පෝස්ට් එකේ ඉඳලා " පියාපත් ලැබී " කියලා නම තියලා කොටස් වශයෙන් මේ කතාන්දරය ඔබට ගෙන එන්නයි බලාපොරොත්තුව . මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද , මම කොයිතරම් දුරට සාර්ථකද කියන තැන ඉඳන් කතාව කියවන්න එහෙමත් නැත්නම් විඳින්න සහෲද ඔබට බාරයි .෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴. . . ඇරඹුමක් ...
නාගරික මිනිසෙකු වරක් ඉතා නොදියුණු ගම් පෙදෙසක් නැරඹීමට යාමට සිතීය . ඔහුට සිතූ පරිදිම එවැනි ග්රාමයක් හමුවිය . සිත්සේ නැරඹීම් කළ ඔහු දැඩි පිපාසයක් දැනී තේ කඩ පොඩ්ඩකට ගොඩවූයේය . තැඹිලි ගෙඩියක් බී විඩා සිඳුවාගත් ඔහුට තැඹිලි ගෙඩියට අයකළ මුදල දැක නැවතත් දැඩි පිපාසයක් ඇතිවිය .අමුත්තා : " ඇයි මුදලාලි මේ පළාතේ මෙච්චර ගස් තියෙද්දිත් තැඹිලි වලට ගිණි ගණං ගන්නේ . . . ...
කරෝලිස් ඉහ පැහෙන තරම් වයසේ කෙනෙක් . මෙහෙම කිව්වම " දැන් නම් ඉහ පැහෙන එක ඇටෙං පොත්තෙන් එළියට එන එකාටත් වෙනවනේ " කියලා කෙනෙකුට කියන්න පුළුවන් තමයි . . . :) ඒ වුනාට මම මේ කිව්වේ මේ මනුස්සයා සාමාන්යයෙන් මැදිවිය ඉක්මවූ කෙනෙක් කියලයි . අනුන්ගේ දේ ගැන අනෙක් අයට වඩා මදක් වැඩියෙන් විමසිලිමත් වන කෙනෙකු ලෙස මෙයා කා අතරත් ප්රසිද්ධයි ...
මහපාර මැදදී දෙපසකින් ආ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණලා නැවතුනි . එක් රියදුරෙකු සිය රථයෙන් ඔළුව එළියට දමා මෙසේ කීවේය . . .: " කාර් එකක් එළවන්න දන්නේ නැති මෝඩ තකතීරුවෙකුට මං කවදාවත් පාර ඉඩදෙන්නේ නෑ . . . "එවිට අනෙකා . . .: " අනේ , මං නම් ඕන වෙලාවක ඉඩදෙනවා . . . "මෙන්න මෙහෙම කියලා රථය හරවගෙන ...
කතා හදන අපේ උන්දැලා අතරේ මට නම් හරි හරියට පෑහෙන්න පුළුවන් වේවිද මන්දා . කතා හදන කිව්වේ අනේ ඒක එක්කෙනාට කතා හදන කියන අදහසින් නම් නෙමෙයි ඕං . හොඳද . . . :) කොහොම වෙතත් පන්හිඳේ අකුරු අමුණපු මම " ගැලපිල්ල " කියලා අලුතින් බ්ලොගයකට පය තිබ්බා පුංචි පුංචි කතා ගලපන්න . කොහොම වේවිද දන්නේ නෑ ඉතින් . එන විදියකට මූණ ... | hplt_2 |
එක
ලසන්ත වික්රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි ප්රධාන සැකකරු පී. ජේසුදාසන් තරුණ මහතා අවුරුදු තිස් හයක් ආයු වළඳා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හතළිස් හතර වාට්ටුවේදී අභාවප්රාප්ත විය. ජේසුදාසන් මහතා හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි බව මාධ්යවල පළවී තිබුණි.
රාජ්ය අනුග්රහය ඇතිව සිදු වූ ලසන්තගේ ඝාතනය ආරක්ෂක ලේකමි වරයා හා හිටපු හමුදාපති එකිනෙකා මත පැටවීමට පොර බදිමින් සිටි බව ප්රසිද්ධ කාරණයකි.
මේක මරු රට ඕයි !! සැක කාරයෝ අඩු වයසින් සිය දිවි හානි කර ගනිති. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වෙති.
දෙක
ඇසින් දුටු සාක්ෂි නොඇසුණු ගානට ආරක්ෂක මාධ්ය ප්රකාශක ලක්ෂමන් හුළුගල්ල පවසන්නේ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ගේ ඝානනයට දුමින්ද සිල්වා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ඒ අහිංසක තරුණයා දැං බරපතළ තුවාල සහිතව රෝහලේ සිටින රෝගියෙකු බවයි.
භාරතගේ රියැදුරා උසාවියට පවසා තිබුණේ භාරතට මුලින් ම වෙඩි තැබුවේ දුමින්ද සිල්වා බව තමන් හොඳින් දුටු බවයි.
මේක මරු රට ඕයි !! මිනී මරා ආණඩුවේ පොන්න නිලධාරීන් ගෙන් සහතික ගැනීමට ආරක්ෂාව සළසාගැනීමට ආණඩුවට සම්බන්ධ ඕනෑම පාතාල නායකයෙකුට පුළුවන.
අනතුරු හැඟවීමයි: සාක්කි කාරයෝ ද අඩු වයසින් සිය දිවි හානි කර ගැනීමට ඉඩ ඇත. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වීමට ඉඩ ඇත. වෙලාව හොඳනම් කෝටි ගානක් අතට ලැබෙන්නටද ඉඩ ඇත.
සුබ අනාගතයක් !! | hplt_2 |
ඉගෙන ගත්තු දේ ශිෂ්යයන්ට කියාදෙන්ට, රස්සාව කරන ගමන් ඒ අංශයෙන්ම දේශන පවත්වන වැඩෙත් මම කරන් ගියා කාලයක් තිස්සේ. කණ්ඩායමෙන් කණ්ඩායම ලමයි අත තිබෙන දුරකථන වල අධි තාක්ෂණික බව ඉහල යන හැටි මම අවුරුද්දෙන් අවුරුද්ද දැක්කා. දිවා ආහාරයෙන් පස්සේ පවත්වන දේශන තරම් ලමුන්ට එපා කරපු දේශන, තවත් නෑ මයෙ හිතේ. නිදිමතට වඩා "බුදිමත" එන වෙලාව ඒක. බුදිමත යන්න කුඩා අතුරු කථා පවත්වන ඒ වෙලාවේ දවසක් මම ඇහුවා [මේ එතකොට 2005 හෝ 2006 වසර විය යුතුයි - ශිෂ්යයෝ තෙවැනි වසර අය] මේ අයගෙන් දැන් කී දෙනෙකුට ජංගම දුරකථන තියෙනවාද කියා. තිස්පහක් පමණ වෙච්චි ඒ ඔක්කොම ළමයි අත ඉස්සුවා. ඊට පස්සේ මම ඇහුවේ තමන්ගේ දුරකථන බිල තමන්ම ගෙවන අය කී දෙනෙක් ඉන්නවාද කියල. එතකොට නම් තුන්දෙනයි හිටියේ; දෙන්නෙක් උසස් පෙළ ළමයින්ට උපකාරක පන්ති කරලා ආදායමක් උපයාගන්න අය. තුන්වැන්නා අපූරු හාදයෙක් "මම සෙල්ෆෝන් විකුණනනවා" ඔහුගේ පිළිතුර වුණා.
දැන් නම් ජංගම දුරකථන ගනනට කැමරාත් මිනිසුන් අත ගැවසෙනවා. අන්තර්ජාලයට තමන් ගන්න ඡායාරූප එකත් කරන එක කදිම වැඩක්! විනෝද චාරිකාවක් ගියහම මේ වැඩේ ටිකක් සීමාව ඉක්මවෙන අවස්ථාවලුත් දැන් දකින්ට පුලුවන්. කෙනෙක් තනියම ගිටාරයක් වයමින් ගීයක් ගයනවා ගඟක් අද්දර. අනෙක් සියලුම සගයන් ගීයට එකතුවීම පැත්තක දාලා පොලවේ දිගාවෙලා, ගල් උඩ නැගලා වතුරේ අඩක් ගිලී සගයාගේ පින්තූරු ගන්නවා. බ්ලොග් සටහන් වලට රූ සටහන් එක්කරන කොටනම් තමන්ගත් කුමන මට්ටමේ හෝ ඡායාරූප එකතු කරන අය අඩුයි කියලයි මට හිතෙන්නේ. ඒත් එහෙම කරන අය ඒක අපූරුවට කරනවා - තමන් තබන සටහන් කදිමට තමන්ගේම සටහනක් වෙනවා එතකොට. තාම මටම කියල කැමරාවක් නැති මා වගේ බ්ලොග් සටහන් තබන්නනුත් ඉන්නවා. ඒත් බොහෝ වෙලාවට ඒ සටහන් වලට එකතු වෙන්නේ පිටදේශයක කෙනෙක්ගේ පින්තූර. ප්රේමය ගැන කථාකලත්, මිනිසුන් ගැන කථාකලත් බොහෝ වෙලාවට මේවාට එකතු වෙන්නේ විදෙස් පසුබිම්, විදෙස් පසුතල - අර අටෝරාසියක් පින්තූර ගන්නා තමන්ගේ මිතුරෙක්ගේ ඡායාරුවක්, අපේ රටේ දසුනක්, අපේ කාටූන් ශිල්පියෙක්ගේ කාටූනයක් එකතු කලොත් ඒ නිර්මාණකරුවන්ට, කැමරාකරුවන්ට එහෙම නැත්නම් ඒවාට පෙනී සිටින්නන්ට කුඩා හෝ සතුටක් ලැබේවි නේද?
ලඟදී මූණු පොතේ අහම්බෙන් දැක්ක අපේ බ්ලොග් සටහන් තබන්නියක වන "ජනූ" සොයුරිය නොබෝදා විවාපත් වෙලා කියලා.. මම කුමන හෝ කලා ක්ෂේත්රයක විචාරකයෙන් නුවූවුද ඇගේ විවාහ දින මේ පින්තූරය, අපූරු පින්තූරයක් ලෙස මගේ බොහෝ සිත් ගත්තා. කෑළි කෑලි වලට වෙන් නොකර සමස්ථයම රස විඳින්න පුලුවන් අපූරු පින්තූරයක් එය. ඇගෙන් අවසර ලබාගෙනම ඒ පින්තූරය මෙහි පලකරනවා. ඇයටත් සුභ පැතුම්.
බමතෙයි පරවිය බමතෙයි
නෙළුම් විලට නෙළුම් මලට බමර කුමරුවෙක්
බමතෙයි කුමරුව බමතෙයි
සුභ නැකතින් මා අතගෙන තිරික්කලෙන් ඔබ යනකොට
ආල මගේ ආල මගේ ආල රත්තරන්
ආල රත්තරන් කරවට මාල රත්තරන්
කරවට මාල රත්තරන්
ඈත එපිට පුංචි පැලේ හෙට ලා සඳ නැගෙන වෙලේ
ආල නුඹේ ආල නුඹේ ලාතාවී
දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී
අරගෙන නුඹ නලවාවී
ගීතය අහන්න... ඕන්නම් බාගන්න
ගායනය: සුජාතා අත්තනායක | hplt_2 |
Thursday, February 14, 2013
“මගේ මව් බිම“
සිංහල; දමිළ මුස්ලිම් සැමට එකතු වී එකට ගායනය කළ හැකි ගී පද මාලාවක් පහත සදහන්ය. මෙයට ගැලපෙන මිහිරි තනුවක් යොදා ගායනය කිරීමෙන් අප සැම එක්වී පවත්වන සාද අවස්ථා කාටත් වඩාත්ම රසවත් කර ගත හැකිවනු ඇත.
මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි
මා සුනිල්...මා සිවා ..මගේ නම සරෝජා
මා පාතිමා..කෝ මගේ පාරුෂා
මම තමයි සිසි පබා..කෝ ඉතින් රංජනා
මම තමයි හෙළ ධජේ වැජඹෙනා සිංහයා.....
මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි..
සිරි මහ බෝධියයි පන්සලයි පල්ලියයි
කෝවිලයි පාසලයි සීගිරී සමනළයි
මේ මගේ සම්පතයි මේ මගේ උතුම් ජාතියයි...
මගේ බස සිංහලයි මගේ බස දමිළයයි..
සාහිතෙන් නාටකෙන් මා ඉතින් හරි සරුයි.
මේ මගේ සම්පතයි මේ මගේ උතුම් ජාතියයි..
මේ මගේ උතුම් ජාතියයි මේ මගේ උතුම් ජාතියයි මේ මගේ උතුම් ජාතියයි......
ප්රකාශනය කලේ එඩ්වින් පීරිස් වේලාව 7:28 PM
Subscribe to: Post Comments (Atom) | hplt_2 |
සේරම අලකලංචි තොලොංචි වෙලාම පල කියලා වොෂ් එකක් එහෙම දාගෙන බකිසාට කෝල් එකක් දුන්නෙහිය.
මම : අඩෝ බකිසා.... කොහොමද, උඹ ප*යට අපිව දැන් මතක වෙන්නෙත් නෑ නේද..?
බකිසා : අප්පට සිරි නෝටි... කොහොමද මචං.
මම : උඹ මොන ල*බක් අස්සේ ද බං ඉන්නේ. කියන හු**ක් පැහැදිලි නෑ බං
බකිසා : මචං නෝටි මම drive කරන ගමන්... Speaker Mode දාලා බං තියෙන්නේ.
මම : ඉතිං උඹ හැමදාම එහෙමනේ ඩො.
බකිසා : ඒත් බං...
මම : මොන ල*බක්ද බං... කක්ක බර හැදිලා වගේ තටම්මන්නේ නැතුව කියහන්.
බකිසා : මචං මෙතන අකිලාත් ඉන්නවා...
මම : කෙලා හුටා...! තෝ දැන්ද ප* ඒක කියන්නේ..?
ඇතිනේ ටොපිය.!
අවවාදයයි...!
ජංගම දුකෙන් කතා කරන විට,
1) කතා කරනා අනෙකුත් පාර්ශවය සිටිනා පරිසර තත්වය හොදින් දැන ගන්න.
2) වචන භාවිතයේදී 100% ක් නොව 1000%කටත් වඩා සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම කොල්ලෙක් සමග කතා කරනවා නම් ඔහුගේ පෙම්වතිය/බිරිඳ ළඟ සිටිනවාද නැද්ද යන වග තහවුරු කර ගන්න. | hplt_2 |
සිරියානු යුද ගැටුම්වලින් බේරීමට පළාගිය ජනසංඛ්යාව දශ ලක්ෂයක් පමණ වෙතැයි ඇස්තමේන්තු කිරීමත් සමඟ - ප්රකාශයක් කරන අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත අන්තෝනියෝ ගුටෙරස්, සිරියානු යුද්ධය මහාපරිමාණයේ ව්යසනයක් කරා ඉතාම වේගයෙන් ඇද වැටෙමින් ඇතැයි සඳහන් කළේය.
දහස් සංඛ්යාත ජනකායක් දේශසීමාව ඔස්සේ දිනපතා රටින් පිටව යමින් ඇතැයි පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ නිලධාරියා, රට අභ්යන්තරයේ තවත් දශ ලක්ෂයක් අවතැන්ව සිටින බවයි කියා සිටියේය .
පසුගිය සති කීපය ඇතුළත රටින් පළායන සිරියානු ජන සංඛ්යාව වැඩිවුන බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. සිරියානු අනාථයන්ට සහන පිණිස ගිවිසගත් ඩොලර් කෝටි එකසිය පණහක ජාත්යන්තර ආධාරවලින් තවම ලැබී ඇත්තේ ස්වල්පයක් පමණකැයි ආධාර ආයතන පැමිණිලි කරති.
සිරියානු කැරලිකාර හමුදාවේ අණ දෙන නිලධාරී,ජනරාල් සෙලීම් ඉද්රිස් බී බී සී යට ප්රකාශයක් කරමින්,අල්කයිඩා හෝ වෙනත් ජිහාඩ් කණ්ඩායම් අනාගත සිරියාවේ ඉටු කරන කාර්ය භාරයක් නැතැයි කියා සිටියේය.
ආණ්ඩුවට එරෙහිව තම රට තුළ සටන් වදින සියලු විපක්ෂ කණ්ඩායම් අතර අන්තවාදීන්ගේ නියෝජනය 2% කටත් වඩා අඩු බවයි, නිදහස් සිරියානු හමුදාවේ අණ දෙන නිලධාරියා පවසන්නේ.
කැරලිකරුවන්ට අවි නොදීමේ පිළිවෙත ඉවත්කර ගන්නා මෙන් යුරෝපා රටවලින් ඉල්ලා සිටි නිදහස් සිරියානු හමුදාවේ අණදෙන නිලධාරියා,එවැනි සම්බාධක පවත්වා ගෙන යනු ලැබීම ජනාධිපති අල් අසාද්ගේ ආණ්ඩුවට වාසියක් වන බව කියා සිටියේය.
සිරියානු යුද්ධයෙන් කැරලිකාර හමුදා ජයගන්නා බව කියා සිටි ජනරාල් ඉද්රිස්, අවි සම්බාධක බලපැවත්වීම නිසා ඒ සඳහා කලක් ගතවන අතරම තවත් ජන ජීවිත වැය කිරීමට සිදු වනු ඇතැයිද සඳහන් කළේය. | hplt_2 |
Wednesday, July 27, 2011
ෂර්ලොක් හෝම්ස් - අභිරහසක ඇරඹුම
18 comments:
ලාංකීය ආතර් කොනන් ඩොයිල් මහතෙක් වගේ. කිසිම වෙනසක් දැනුන්නැහැ. මැදක් වෙනකම් දැනුන එකම දේ අයියා මේ මුල්ම පොතේ කතාව ආයෙම මේකේ ලියලද කියලා.ReplyDelete
එල එල ඕං අපි ආයෙත් ෂර්ලොක් හෝම්ස් කතා අලුතෙන්න් කියවනවා.මෙන්න මහපටැගිල්ල ඉස්සුවා.ReplyDelete
මේ කතා ඔයාගෙම කතා කියල නම් හිතෙන්නෙම නෑ. කතා විලාශය ඒ වගේමයි. මේ කතාව ඉවරවෙනකම් සම්පූර්ණ කොමෙන්ට් එකක් දෙන්න බෑ. අනිත් කොටස ඉක්මනට දාන්න.ReplyDelete
නියමයි වැඩේ නම්!
ithin chek 1kak nethi unata moko salle nethiwela nee neReplyDelete
katawa liyala thiyana vidiyanam uparimai
ඇත්තටම මුල් කතාවේ තියෙන ලක්ෂණම ඔබේ කතාවෙත් තියෙනවා. දිගටම ලියමු හොද ආරම්භයක්!ReplyDelete
mul kathawal ubala kiyawala thiyenawada? mu sherlok homes wath wikunagena kanawa. ban conan doilla inne ekkenai.ai muta wena aluth kathawak liyanna bari.ape lankawe wadi hariyak inne oya wage copy karana un thamai.me wage copy karayo ratatath barak.conan doil kiyanne me yaka wage awata giyata katha liyapu kenek nemei. ubala e minihatath apahasa karanawa. sherlok homes pothwala thiyena watinakama nathi karanna epa.aththatama detective poth wala rasikayek nam aluth kathawak liyapan.sherlock homes copy karanne nathuwa.lankawata galapena aluth kathawak liyapan.edata ubata honda comment ekak dannam. ubawa adairya karanna nemei kiyanne.nawa nirmanayak karapan.ehema karanawan ubata honda rasikayan pirisak labei.ethakota thamai uba niyama kathuwarayek wenne.lankawe conan doil wenna yanna epa. thamntama awenika nirmana hadapan.wish u for creative stories.ReplyDelete
දා පහක් එළ ඈReplyDelete
හා පැටික්කි (MS) / රාජ් / jora / mahima /නිර්මල /සුදු හංසිReplyDelete
ඔය හැමදෙනාටම ගොඩක් ස්තූතියි දිරිගැන්වීම් වලට..
nuraj /
මචං ස්තූතියි දිගම දිග කොමෙන්ටුවට.. මාත් ආසම කරන කතාවක් තමා ෂර්ලොක් හෝම්ස් කියන්නේ.. මං මේ මුල් කතාවට අපහාසයක් කරනවා නෙමේ මචං.. මට ඇති වුන ආසාවක් විතරයි..
සමහර විට මේ මගේ අන්තිම ෂර්ලොක් හෝම්ස් කතාව වෙයි.. කොහොමත් එක දිගට කතාවක් ගොතන එක මේ තරන් අමාරුයි කියල දැන ගත්තෙත් මේක ලියන්න ගත්තයට පස්සේ..
ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් වලට..
godak hodai kathawa. digatama liyanna api bala innawa..ReplyDelete
කිසි වෙනසක් නැහැ, මුල් කෘතිය කියවනව කියලමයි හිතුනෙ. ඕන තරම් බ්ලොග් ලිපි කියවල තිබුණත් මෙච්චර ආසවෙන් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ලිපියක් දැක්කෙ සෑහෙන කාලෙකට පස්සෙ. ව්යාකරණ දෝෂ සහ අක්ෂර වින්යාස දෝෂ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඉක්මනින් ලියාගෙන යන නිසා එහෙම වෙනව ඇති. ඔන්න බූක්මාර්ක් එකකුත් දගත්තා. ඊලඟ කොටස පළ වෙනකන් මග බලන් ඉන්නවා....!!! :)ReplyDelete
මටනම් මේකෙ ලෝකලයිසින් කෑලි ටික වැදුණා හොඳට. මේක හිතල ලියන කතාවක් නෙවෙයි කියල කියන්න බෑ කොහෙත්ම. ෂර්ලොක් හෝම්ස් කතාවක තර්කය බිඳල කතාව ලියන්න බෑ. ඒ වගේම වචනයෙන් වචනෙ සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. මම හිතන්නෙ පසන් ඒක ගැන හොඳට දැනුවත් වෙලයි මේක ලියන්න අරන් තියෙන්නේ. අනික මේක විකුණගෙන කෑමක් වෙයි කියල මට හිතෙන්නෙ නෑ. අපි ආදරේ කරන නිර්මාණවල රසය ආයෙ ආයෙත් විඳින්න තියෙන කැමැත්ත විසින් තමයි මෙහෙම නිර්මාණ බිහි වෙන්නේ. Fanලා කියන අය ඉන්නවනෙ ඉතිං. පසන්ගෙ උත්සාහය ඒ වෙනුවෙන්.ReplyDelete
කල් අරන් හොඳට ලොජික් එක පවත්වගත්තොත් නියම කතාවක් වෙයි.
ජය වේවා!
machan pasan. uba comment ekata gawrawa karapu eka gana mama ubata thanks karanawa. minissunta prasansa wagema nindaath labenawa. uba ewa nihathamaniwa baraganeema honda gathi gunayak. machan mama comment eken ubata banna thamai. e ubath ekka tharahakata nemei. sherlock homes poth winasha wenawata thiyena dukata machan. tharaha wenna epa. uba gawa creative adahas athi. ewayin wadak ganin. nikan me wage copy karanna yanna epa. uba conan doil wenna hadanna epa machan. wadiyen watinne uba lankawe pasan widiyata rasikayo atharata yana eka. man hithanne ubata eka bari wena ekak na. edata thamai uba niyama lankikayek wenne. machan copy karanne nathuwa ape nirmanawalata thana dena, creative darshanayak athi wuna data ape lankawath godak lassana ratak wei.ReplyDelete
wish u for sri lankan pasan(not conan doil)
පසනො අනිත් කොටසත් ලියහංකො විගහටReplyDelete
//එය පැවසීමත් සමග විල්බර්ට් මහතාගේ මුහුණ මැලවුන ස්වරූපයක් ගත් නිසාවෙන්දෝ හෝම්ස් මහතා යළිත් සිය "බඩ" අවදි කරන්නට විය.//ReplyDelete
අනේ පසනෝ . . . මට ටිකක් තේරුං කරල දියංකෝ හෝම්ස් "බඩ" අවදිකරපු හැටි ????
කතාවේ ශෛලිය ඒ වගේ කිව්වට එහෙම නම් නෑ..සාහිත්ය කෘතියක ලක්ෂණ ගන්න හදල තියෙනවා වදියි වගේ..රහස් පරීක්ෂක කතාවක වැඩි ඉඩක් දෙන්න ඕන logic ඒකට.ඒක ගැන ටිකක් අවධානය යොමු කරන්න..අන්තිම ෂර්ලොක් හෝම්ස් කතාව උනාට කමක් නෑ.වෙන අලුත් චරිතයකින් අලුත් විදියට හමු වෙමු..ReplyDelete
- AnonymousJanuary 26, 2012 at 10:57 PM
අනේ මන්දා.... මට නම් පේන්නෙ උඹල කව්රැත් නියම ෂර්ලොක් හෝම්ස් කථා කියවල නෑ වගේ.... මචං උඹට කතාවක් ලිවීමේ යම් හැකියාවක් නම් තියනව වගේ.. ෂර්ලොක් හෝම්ස් පොත් ටික ආයිත් කියවල වැඩිය හිතට ගන්නෙ නැතිව ලියපන්. එතකොට හරියාවි.ReplyDelete
කතාව නම් පට්ට. මේ කතාව වලට ෂර්ලොක් හෝම්ස් චරිතය ගන්නේ නැතුව වෙන ලාංකික චරිතයක් නිර්මාණය කලානම් ඒක ලංකාවේ ගොඩක් ප්රසිද්ධ වෙයි. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා ඉන්දියාවෙන් ගන්න පුළුවන්. ඉන්දියාවේ ඉන්න ලේඛකයේ "ෆෙලූදා" කියලා චරිතයක් නිර්මාණය කළා. ඒ කතාව ලෝකේ ගොඩක් රටවල ජනප්රිය වුණා. ඔයාටත් හොඳ හැකියාවක් තියෙන නිසා උත්සහ කරල බලන්න.ReplyDelete
මේක ඔයාගෙ මුල්ම කතාව නං, ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.ReplyDelete | hplt_2 |
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ආචාර්ය එස්.අයි. කීතපොන්කලන්- කොළඹ විශ්වවිද්යාලය
• විශ්ව විද්යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?
අපි විශ්වාස කළ දෙයක් තමයි 18 ව්යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්රවාදී විදිහට බලනකොට කොහොමටවත් වාසිදායක දෙයක් නොවන බව. ඒ පිළිබඳ සමාජ මට්ටමේ සංවාදයක් තියා අඩුතරමේ වැඩිදෙනෙක් එහි ව්යුහයවත් දැනගෙන හිටියේ නෑනෙ. මං හිතන්නෙ නෑ විශ්ව විද්යාල ආචාර්යවරයකුටවත් අනෙක් කවරකුටවත් මේ ගැන පොදු සාකච්ඡාවකට එන්න කාලයක් තිබුණා කියලා. ඒ නිසා ඒ ගැන සමාජයට කියන්න-
-දැඩි අවශ්යතාවක් අපි තුළ තිබුණා. මේ හේතුවෙන් අන්තිම මොහොතෙදි හරි විශ්ව විද්යාල ආචාර්යවරු හැටියට අපි ඒ දේවල් කිව්වා.
• 18 සංශෝධනය තුළින් ඔබ කියූ අයුරු ප්රජාතන්ත්රවාදීව සිදුවන හානිය මොකක්ද?
77දී අපි මේ ව්යවස්ථාව හදාරණ කොට ඉතා අවශ්ය ප්රමාණයට වඩා ශක්තිමත්, බලතල සහිත විධායකයක්නෙ ගොඩනැගුවෙ. ඒ හදන කොට ජනාධිපති ක්රමයක තිබීමට අවශ්ය කරන සංවරණ සහ තුලන විධික්රම ගොඩනගා තිබුණේ නැති තරම්. තිබුණත් ඒ එකක් දෙකක් පමණයි. අයවැය වැනි කරුණක් ගත්තාම ඒ තුළ යම්කිසි ස්වාධීනත්වයක් ව්යවස්ථානුකූලව හිමිවුණා. නමුත් එය ප්රායෝගික වශයෙන් නිසි පරිදි ක්රියාත්මක වුණේ නෑ. මොකද හැමවිටම වගේ ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය විදිහට තිබීම නිසා.
1978දී අපි පරිකල්පනය කළ ජනාධිපති ක්රමයට වඩා හාත්පසින් වෙනත් ක්රමවේදයක් තමයි අපි මෙතනදි ගොඩනැගුවෙ. ඒ අනුව 78 තිබුණ නම් තිබුණු සංවරණයන් සහ තුලනයන් කිහිපයක් උදුරගෙන මේ තුළින් ප්රජාතන්ත්ර විරෝධී ක්රමවේදයක් ගොඩනගලා තියෙනවා.
• රජය මේ සංශෝධනය ගෙනයන්න්, මෙතෙක් කල් සාකච්ඡා වුණු බලය බෙදීම, 13 ව්යවස්ථා සංශෝධනය පරිපූර්ණ කිරීම කියන කාරණා සියල්ල අමතක කර?
බලය බෙදීම කියන එක අද වන විට හුදෙක් තර්කයට විතරක් සීමා වෙලානෙ තියෙන්නෙ. නමුත් 2009 මැයි වෙන්න කලින් මේ තර්කය යථාර්ථමය තර්කයක්. සාමය අවශ්ය නම් සුළු ජාතිකයන් සෑහීමකට පත් කරන්න නම් බලය බෙදිය යුතුයි කියන විශ්වාසය ඒ යුගය වන විට දේශපාලනය තුළ විශාල වැදගත්කමක් දරන කරුණක් වුණා. මොකද ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ඉතා ශක්තිමත්ව තිබූ නිසා. නමුත් අද වන විට ඒ පීඩනය පේන්න නෑනෙ. ඒ නිසා සාමය අවශ්ය වනවා නම් බලය බෙදිය යුතුයි කියන එක අද හුදු තර්කනමය කාර්යයක් වෙලා තියෙනවා. එය අද වනවිට යථාර්ථවාදී ස්වරූපයෙන් ඈත්වෙලා. මේ කරුණු හේතුවෙන් තම ප්රථම වෑයම ලෙස බලය බදීමට ප්රමුඛත්වය දෙන්න රජයට අවශ්යතාවක් තිබුණෙ නෑ. මතනදි රජය ලැබිලා තියෙන තුනන් දකේ බලය වුණත් ස්ථීර එකක් නෙමෙයිනෙ. ඒක හදාගෙන තියන්නෙ වන පක්ෂවල මන්ත්රීවරුන් එකතු කරගෙන නිසා එය බොහොම ඉක්මනින් බිඳ වැටී යන්න පුළුවන්. ඒ නිසා රජය කළේ තමන්ට අවශ්ය කරන ප්රශ්න දෙකක් විසඳාගන්න ඒ අවස්ථාව ඉතා අයුතු ලෙස ප්රයෝජනයට ගන්න එක. එක ප්රශ්නයක් තමයි වාර සීමාව. අනික තමයි රජය ඉතා විශාල ප්රශ්නයක් විදියට සලකා 17 වන සංශෝධනය ඉවත් කිරීම. ඒ අනුව රජය ඒ කටයුත්ත ඉතා සාර්ථකව හා සූක්ෂ්ම ලෙස කරගත්තා.
කිසිම පීඩනයක් නැතිව ඉන්න අද වගේ දවසක, තියෙන හුදු තර්කමය කරුණක් වන බලය බෙදාහැරීම වගේ වැඩ කටයුත්තකට රජය අතගසයි කියලා හිතන්න බෑනෙ. ඔවුන්ට ඒ වගේ ප්රජාතන්ත්රවාදී දේශපාලනික කැමැත්තක් අනාගතය තුළවත් තියෙයි කියලා හිතන්න අමාරුයි. මොනවා වුණත් ඔවුන් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන හරහා අපිට රජයේ අවංක කැමැත්ත මොකද්ද කියන එක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්.
අද වන විට බලය පිළිබඳ ප්රශ්නයක් තියෙන්නේ ලංකාවේ දෙමළ ජනයාට විතරක් නෙමෙයි. අනෙක් හැමෝටමත් මේ පිළිබඳ ප්රශ්නයක් තියෙනවා. මොකද දේශපාලන වශයෙන් කොළඹට කේන්ද්රගත වෙලා. ඒ නිසා බලතල බෙදීමේ අවශ්යතාව හැමෝටම තියෙනවා. නමුත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තියෙන්නෙ දෙමළ ජනතාවට. ඒ නිසාමනෙ ඔවුන් මෙතරම් කල් සටන් කළේත්.
ඒ නිසා මේ අවස්ථාව තුළ වෙන්න ඕනෙ රටේ ඒකීයභාවය තහවුරු කරන, එමෙන්ම හැමවිටම රටේ ජනතාවගේ දේශපාලන අවශ්යතා ඉටු කරන බලය බෙදාහැරුණු ක්රමයකට යෑම අපි කළ යුතුයි. නමුත් ඒ දේවල් පීඩනයකින් තොරව ඉබේ සිදුවෙයිද කියන ගැටලුව තියෙනවා.
මොනවා වුණත් ලංකාව තුළ බලය බෙදීම කියන එක, ජනවාර්ගික ප්රශ්නය කියන එක විසඳන්න තියන හොඳම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි මං දකින්නේ. මොකද මේ වන විට එල්ටීටීඊ එක නැතිවා විතරක් නෙවෙයි ඒ හේතුවෙන් රජයට මේ වන විට විශාල පීඩනයකුත් නෑ. තවත් අතකින් ටීඑන්ඒ වගේ පක්ෂ, බෙදුම්වාදය කියන එක අතහැරලා වෙනත් ඇහැකින් දේශපාලනය දිහා බලන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාව තුළ මේ ප්රශ්නය විසඳීමට උපරිම වශයෙන් වෙහෙස වියයුතු බව තමයි මගේ විශ්වාසය.
• 18 ව්යවස්ථා සංශෝධනය වගේ ප්රජාතන්ත්ර විරෝධී ප්රතිසංස්කරණ ඉතා පහසුවෙන් කිරීම සඳහා මෙරට ජනතාවගේ දේශපාලනික සවිඥානිකත්වය වැදගත් වෙන්නෙ කොහොමද?
මේක එකපාරටම උත්තර දෙන්න අමාරු ප්රශ්නයක්. 2009ට ඉස්සෙල්ලා ව්යවස්ථා සංශෝධනය ගැන කතා කළා නම්, එතකොට තිබුණු මූලික මතය තමයි මේ ව්යවස්ථාව ඉතාම නරකයි. ඒ අනුව ඒ ව්යවස්ථාව වෙනස් විය යුතුයි කියන මතය. ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්රමය පිහිටුවිය යුතු බව තමයි ඒ යුගයේ මතය වුණේ. ඒ වුණාට ඒ සියල්ල 2009 මැයි මාසයත් එක්ක වෙනස් වෙනවානෙ. යුද්ධයත් එක්ක නොසිතූ විරූ අන්දමට ජනප්රියත්වයක් ලබනවා. ඒ නිසා තමයි 18 සංශෝධනය කිසිම ජනතා විරෝධයකින් තොරව කරන්න පුළුවන් වෙන්නෙ. 18 සංශෝධනය ඉදිරිපත් කළ දිනයේ තිබුණේ ජන පෙළගැසීම් දෙකයින. ඉන් එකක් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවපු විරෝධතාව. අනෙක විරෝධතාවක් නෙමයි 18ට පක්ෂව රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය. මෙතනදි යථාර්ථමය වශයෙන් දකින්නට තිබුණු කාරණය තමයි රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය යූඑන්පී පෙළපාලියට වඩා බොහොමයක් විශාල වීම. ඒ අනුව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්නෙ දකුණේ මොනවගේ මානසික මට්ටමක්ද තියෙන්න කියලා.
• 18 වන ව්යවස්ථා සංශෝධනයත් එක්ක මානව අයිතිවාසිකම් සහ ඡන්ද හිමිකම් වැනි තත්ත්වයන් තුළ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද?
සාමාන්ය සම්ප්රදායට අනුව ගත්තාම ලංකාව තුළ අනෙක් මොනවා නැතත් ඡන්දය වෙලාවට සිදුවෙනවානෙ. එය තවදුරටත් නියමිත වෙලාවට සිදුවෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ජනතාව සඳහා ඡන්ද ප්රතිඵල කෙරේ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියන ප්රශ්නය තියෙනවා.
මං හිතන විදියට මොවුන් ධුර වාරයන් වැඩි කළත් මෙතනදි ප්රායෝගිකව මුහුණ දෙන්න සිදුවේවි විශාල ගැටලුවකට තුන්වැනි වර ඡන්දය ඉල්ලීමේදී. මගේ නම් අදහස මහින්ද රාජපක්ෂට ඊළඟ වතාවේ ඡන්දය ෙ ජයග්රහණය කරන්න බැරි බව. ඡේ.ආර්. 77දී දිනන කොට ඇය ඡේ.ආර්.ට අත තියන්න බෑ කියලා හිතෙන තරමට ඔහුට විශාල ජන බලයක් තිබුණනෙ. එසේ නමුත් කල්යෑමේදී ඡේ.ආර්. ජනාධිපතිවරයාගේ ජනප්රියභාවය බිංදුවටම පිරිහිලා තිබුණේ.
• නමුත් එක පැත්තකින් මේ විධායක ක්රමය තුළ වෙනත් අපේක්ෂකයකු බලයට පත්වීමට ඇති ඉඩකඩ අහුරලා තියෙනවා. තවත් අතකින් රජය මීළඟට ගෙන ඒමට නියමිත 19 සංශෝධනය ඇතුළෙ වෙනස් වෙන්න ඡන්ද ක්රමය කියලා වාර්තා වෙනවා?
මේ ක්රමය ඇතුළෙ යම්කිසි පුද්ගලයකුට ජනාධිපතිවරයකු අබිබවා බලයට ඒමේ ඉඩකඩ ඇහිරිලා තියෙන බව මං පිළිගන්නවා. ඒ මොනවා වුණත මහජන මතය අතිවිශාල වෙනසකට භාජනය වෙලා තිබුණෝතින් මේ එක් දෙයක්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ තුළ විශාල වෙනස්කමක් විය හැකි බවයි මගේ නම් විශ්වාසය.
• පවතින තත්ත්වය ඇතුළෙ ප්රජාතන්ත්රවාදය ඇහිිරීයෑම, මානව හිමිකම් උල්ලංඝනය වීම වගේ සංවේදී කරුණු දිහා බැලීමට මෙරට ජනතාවගේ මනස කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ?
කලින් කිව්වා වගේ 18 ව්යවස්ථා සංශෝධනය සඳහා ප්රමාණවත් මහජන විරෝධයක් දක්නට තිබුණේ නෑනෙ. එහෙම ගත්තාම අපේ ජනතාවට කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න බෑ ඔබ කිවූ කාරණා ගැන. අනෙක් අතට සිංහල කියන්නේ මුළු ජන සංඛ්යාවෙන් 75%ක් පමණ වන අතිවිශාල බහුතරයක්නෙ. ඒ අනුව බලපුවාම මහ ජාතිය වශයෙන් ඔවුන් ඉතා ශක්තිමත් පිරිසක්. ඒ වුණත් බලය බෙදීම වගේ කරුණක් ගැන කතා කරද්දී ඔවුන් කල්පනා කරන්නේ, හැසිරෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ ගැන බලන්නේ අධික භීතියකින් යුක්තව. බලය බෙදුවාම රට විනාශ වෙනවා කියන මතය පෙරටුගාමීව සිටින ඔවුන්ගේ එම චර්යාව තුළින් විතරක් අද වන විට රටේ මහජනතාවගේ විඥානය සකස් වෙලා තියෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්නෙ.
ප්රමාණාත්මක වශයෙන් මෙතරම් විශාල සංඛ්යාවක් ඉඳලත්, බලය බෙදීම වගේ කරුණක් සම්බන්ධයෙන් සුළු ජාතිකයන් කෙරේ අවිශ්වාසයක් තැබීමටත්, අනවශ්ය බියක් ඇතිකර ගැනීමටත් මේ රටේ සිංහල ජනයා යොමුවිය යුතු නෑනෙ. මොකද දෙමළ ජාතිකයන් ඇතුළු පිරිසට සන්නද්ධ අරගලයකට යන්නටවත්, දේශපාලනික වශයෙන් බහුතර සිංහල ජනතාවට අභියෝග කිරීමටවත් පුළුවන්කමක් නෑ. නමුත් අද වන විට සිංහල ජනතාවගේ විඥානය මේ යථාර්ථය පිළිගන්න ආකාරයට සැකසිලා නෑ. ඒ නිසා අපිට මෙතනදි ඉස්සෙල්ලාම වෙනස් කරන්න සිදුවෙන්න, ප්රජාතන්ත්රවාදය බලය බෙදීම ආදිය පිළිබඳ මෙරට ජනයා තුළ ඇති හැඟීම් සහ ඔවුන් තුළ වන අදහසයි.
• ව්යවස්ථා සංශෝධන කාර්යයන් ඇතුළෙ මහජන මැදිහත්වීමේ වලංගුතාව පෙන්වන ජාත්යන්තර උදාහරණ මොනවාද?
සාමාන්ය විදිහට බලපුවාම ව්යවස්ථා සංශෝධනයක් කියන්නෙ රටක බරපතළම කාර්යයක්නෙ. ඒ අනුව එහි මූලික පියවර වියයුත්තේ ජනතාවට ව්යවස්ථා කෙටුම්පත ලබාදීම සහ ඔවුන් සඳහා විශාල කාලසීමාවක් ලබාදී ප්රධාන සාකච්ඡාවක් සඳහා මහජනතාව පොළඹවන එක. ඒ සඳහා වාද විවාද සංවිධානය කරන එක.
ස්විස්ටර්ලන්තය වගේ රටක් ගත්තාම තත්ත්වය මීටත් වඩා ඉදිරියෙන් තියෙනවා. මොකද දේශපාලනික වශයෙන් තමන්ට අවශ්යයැ'යි කියලා හිතන ප්රතිසංස්කරණ රජයට ලබාදී ඒවා ව්යවස්ථාවට ඇතුල් කරගැනීමේ හැකියාව එරටෙහි ජනතාවට තියෙනවා. තමාට මේ වගේ ප්රතිසංස්කරණයක් අවශ්යයි කියලා ජනතාව රජයෙන් ඉල්ලද්දී ඒවා සලකා බැලීම රජයේ අත්යවශ්ය කාර්යයක් වෙනවා. මොකද එකී කරුණු පිළිබඳ එරට ව්යවස්ථාව තුළින්ම ප්රතිපාදන ලබාදීලා තියෙන නිසා.
ඇත්තටම මෙතනදි ජනතාවට පුළුවන් තමන් යෝජනා කරන දෙයක්, යෝජනාවලියක් ලෙස සකස් කොට ඒ සඳහා මහජනතාවගේ අත්සන් ලබාගැනීමත්, මගින් රජයට ඉදිරිපත් කිරීමට. මෙසේ ජනතාව මගින් ඉදිරිපත් වන යෝජනා සියල්ල පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගැනීම එරට සාමාන්ය ක්රමවේදයයි.
ඒ විතරක් නෙමෙයි මහජන නියෝජිතයන් නිසි පරිදි ජනතාවට ස්වය නාකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නිසි තීන්දු තීරණ ගැනීම සඳහා කටයුතු කිරීමට පවා ස්විස්ටර්ලන්තය තුළ ඡන්දදායකයාට අයිතියක් තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම නෑනෙ. ඒ වගේ දේවල් අනුකරණය කරමින්, ඒ වගේ දොස් කියලා ජනතාවට පෙන්වන්න තමයි ජනමත විචාරණය කියන එක අපි ගත්තෙ. මොකද ජනමත විචාරණයක් තුළදීත් ජනතාවගෙන්නෙ අහන්නෙ. එහෙත් ජනමත විචාරණයෙන් අහන ප්රශ්න මහජනයාගේ වුවමනාවට ඔවුන් විසින් සැකසූ ඒවා නෙමෙයිනෙ. ඒවා ඔක්කොම දේශපාලනඥයන් විසින් තම අවශ්යතා අනුව සැකසූ දේවල්. එතනදි වෙන්නෙ අපි මෙහෙම දෙයක් කරන්න යනවා. ඒකට කැමතිද නැත්ද කියලා බලහත්කාරයෙන් තම අවශ්යතාව ජනතාව මත පැටවීමක්.
(රාවය| 2010.09.26)
ප්රසාද් නිරෝෂ බණ්ඩාර
SOOKIRI | ප්රජාතන්ත්රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි. - [ප්රසාද් නිරෝෂ බණ්ඩාර]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook | hplt_2 |
3:1:1:2-අපර විප්රවාසි යුගය-Post exile period of Judah and Israeli nations
***************************************************************
" අද දින පවත්නා ඊශ්රායෙල් අරාබි ගැටුමට මූල හේතු සාධකය නිර්මානය වූයේ රෝම අධිරාජ්ය වාදීන් විසින් යුදා/ඊශ්රායෙල් දේශයේ නාමය , ක්රි.ව.133 දී ‘පලස්තීනය ‘ යනුවෙන් වෙනස් කල බැවිනි.රෝම අධිරාජ්ය වාදීන් එවැනි නම් පෙරලියක් සිදු නොකලේ නම්ද,යුදෙව්වන් යුදා/ඊශ්රායෙල් දේශයෙන් නෙරපා නොහරින ලද නම්ද ‘පලස්තීනයක්’ බිහි වන්නේ නැත.පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබින් බිහි වන්නේද නැත.මැදපෙරදිග අරාබි-ඊශ්රායෙල් ඝට්ටනයක් නිර්මානය වන්නේද නැත.”
****************************************************************
අ.පො.ස.( උසස් පෙල ) ක්රිස්තියානි ධර්මය- රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන- විෂය නිර්දේශ විස්තරාත්මක සටහන්
යුදා/ඊශ්රායෙල් ජන වාර්ගිකයන් බබිලෝනියානු විප්රවාසයෙන් ආපසු සිය රටට පැමිනීමෙන් පසු ඉතිහාසය.ක්රි.පූ. 432-ක්රි.ව.692 දක්වා Post exile history of Judah and Israeli nations from BC 432 to AD 692
අන්තර්ගතයේ සැකැස්ම
01 ක්රි.පූ. 432-ක්රි.පූ. 175 දක්වා ඉතිහාසය සැකෙවින්
02 මකබිවරුන්ගේ කැරැල්ල ඇතිවීමේ පසුබිම
03 හස්මෝනියානු පාලන සමයේ සිට අවසාන හස්මෝනියානු පාලක ඇන්ටිගෝනුස් , ක්රි.පූ. 37 දක්වා
04.අපර විප්රවාසි යුගයේ රෝම අධිරාජ්ය පාලනය නිසා අදටත් බලපාන ප්රති විපාක කවරේද?
05. සෙල්යුසිඩීන් පාලනයට එරෙහිව ඇතිවූ මකබි කැරැල්ලේ ප්රතිවිපාක
06. අපර විප්රවාසි යුගයේ යුද/ඊශ්රායෙල් ශිෂ්ඨාචාරයට ග්රීක රෝම අධිරාජ්ය ප්රසාරනය නිසා සිදුවූ බලපෑම
01. ක්රි.පූ. 432-ක්රි.පූ.175 දක්වා ඉතිහාසය
—>සයිරස්(කෝරේශ් )බබිලෝනිය ආක්රමනය කලේය.ක්රි.පූ. 540
—>මේදීය ජාතික දාරියුස් බබිලොනියාවේ රජු ලෙස සයිරස් විසින් පත් කරනු ලබයි.ක්රි.පූ. 538
02. යුදෙව්වන්ට ආපසු සිය රටට යෑමට හැකිවන පරිදි සයිරස් රාජාඥාවක් නිකුත් කරයි.දිවැසිවර/ධර්මවක්තෘ දානියෙල්ගේ දිවැසාවලියේ සඳහන් සති 70 විප්රවාසි සමය නිම වෙයි.ක්රි.පූ.
536
—>සෙරුබ්බාබෙල් යුදා දේශයේ ආංඩුකාරයා ලෙසටද, යොෂුවා උත්තම පූජක තනතුරටද පත් කරනු ලබීය.දෙවන දේව මන්දීරයට අඩිතාලම දමනු ලැබීය.ක්රි.පූ. 536
—>අර්තාක්ෂක් රජ බවට පත් විය.සමාරිතානු වරුන්ගේ විරෝධය නිසා දෙව් මැඳුර ගොඩ නැඟීම නවත්වා දමනු ලැබීය.එස් රා 3:8
–>දාරියුස් රජුගේ නියමයෙන් දෙව් මැඳුර ගොඩ නැගීම නැවත ඇරඹින. ක්රි.පූ.520
—>දෙවන දෙව් මැඳුර ගොඩ නඟා නිම විය.අදාර් (පෙබරවාරි-මාර්තු ) මාසයේදී කැප කරනු ලැබීය.ක්රි.පූ. 515
–>අර්තාක්ෂක් රජු යුදා රාජ්යය නැවත ස්ථාපනය කිරීමට රාජාඥාවක් නිකුත් කළේය.ක්රි.පූ.458
–>දිවසිවර/ධර්මවක්තෘ නෙහෙමියා යෙරුසලමේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනි.යෙරුසලමේ පවුරු නෙහෙමියාගේ මූලිකත්වයෙන් ගොඩ නඟනු ලැබීය.එලුල්( අගෝස්තු-සැප්තම්බර් ) මස 25 දින නිම වෙයි.ක්රි.පූ 444
–>උත්තම පුජක තනතුරෙන් නෙරපා හරින ලද මනස්සේ ගෙරිසිම් කන්දෙහි ප්රති විරුද්ධ දෙව් මැඳුරක් ගොඩ නඟනු ලැබීය.ක්රි.පූ.409
දිවැසිවර/ධර්මවක්තෘ මලාකිගේ සමය
—>පර්සියානු අධිරාජ්යයට අයත් මිසරය ආක්රමනය කිරීමට යනාතර මහා ඇලෙක්ස්සන්ඩර් රජු යෙරුසලමට පැමිනි අතර යුදා දේශ පාලක හා උත්තම පූජක යද්දුවා පෙරහැරකින් පැමින රජු පිළිගෙන දේවමාලිගාව වෙතට කැඳවා ගෙන එනු ලැබීය.තමා වෙත අවනත භාවය දක්වන ලෙස රජු විසින් කරන ලද ඉල්ලීම යද්දුවා ප්රතික්ෂේප කලේය. තමා මේදීය දාරියුස් රජු
සමඟ ගිවිසුමකින් බැඳී සිටින බැවින් එසේ කල නොහැකි බව ඔහු රජුට දැන්විය.යුදා/ඊශ්රායෙල් දේශයේ පාලනය යද්දුවාටම පවරා ඇලෙක්සැන්ඩර් රජු මිසරය බලා පිටත්ව ගියේය.මූලශ්රය
යොසිපස්ගේ ‘යුදෙව්වන්ගේ යුද්ධ’ ක්රි.පූ.333
–>ග්රීක සම්භවයක් සහිත ටොලමිවරුන් හා සෙල්යුඩ්වරුන් යටතේ පාලනය කෙරින.තවද මෙම කාල සීමාව තුල උත්තම පූජකයන්ගේ බලය උච්ඡ අවස්තාවක පැවතියේය.
මැසිඩෝනියානු යුගය තුල යෙරුසලම් දේව මන්දීරයේ සිටි උත්තම පූජකයන්ගේ නාම ලේඛණය
—>ඕනියස් 1-යද්දුවාගේ පුත්රයා ක්රි.පූ. 330
—>ධර්මිෂ්ඨ සිමියොන්-ඕනියස්ගේ පුත්රයා ක්රි.පූ. 310
( 2 වන මහා සිනගෝගයේ වර්ධනය-සාමාජික සංඛ්යාව 120.මෙය එස්රා (ලියන්නා/විනයධරයා ) සමයේ ඇත් වූවකි.පසු කාලිනව සෙහෙන්ඩ්රියන් මංඩලය විකාශනය වූයේ මෙයිනැයි සැලකේ.ධර්මිෂ්ඨ සිමියොන් මෙහි අවසන් සාමාජිකයා ලෙස සැලකේ.)
—>එල්සේසර්-ධර්මිෂ්ඨ සිමියොන්ගේ සොහොයුරා ක්රි.පූ. 290
—>ඕනියස් 11-ධර්මිෂ්ට සිමියොන්ගේ පුත්රයෙකි ක්රි.පූ. 250
—>සිමියොන් 11-11 ඕනියෙස්ගේ පුත්රයා ක්රි.පූ. 219
—>ඕනියෙස් 111-11 සිමියොන්ගේ පුත්රයා ක්රි.පූ. 198
යේසන්-111 ඕනියස්ගේ පුත්රයා
02.මකබිවරුන්ගේ කැරැල්ල ඇතිවීමේ පසුබිම
සෙල්යුඩීයන් පාලකයෙකුවූ අන්තියෝකස් එඵිපානස් ක්රි.පූ. 175 දී යෙරුසලම් දේව මන්දීරය කෙලසීය.එහි අති ශුද්ධස්ථානය මත ජුපිටර් ඔලිම්පස් දෙවියාට පූජාසනයක් ඉදි කල අතර ඌරු නැම්බියක් යාග පූජා කලේය. ක්රි.පූ. 168 දෙසැම්බර් මස 18 )යුදාගම මුලුමනින්ම තහනම් කෙරින.මිත්යා දෘෂ්ඨික පූජාසන රට පුරා පිහිටවන ලදී. ටෝරා හෙවත් ව්යවස්ථා පොත් කියවීම හෝ ලඟ තබා ගැනීම තහනම් කෙරින.එම නියෝග කඩ කරන අයට මරන
දණ්ඩනය නියම කෙරින.චර්ම ඡේදන චාරිත්රය තහනම් කෙරින.මෝදීන් ගමෙහි මත්තතියෙස් නැමැති වැඩි මහළු පූජකයාට මිථ්යා දෘෂ්ථික පූජාසනයක් හමුවේ පූජා ඔප්පු කිරීමට බල
කෙරින. එයට බලවත් විරෝධය පලකල මත්තතියෙස් පූජා ඔප්පු කිරීමට පැමිනි යුදෙව් ජාතිකයෙකු හා රජුගේ දූතයාද ඝාතනය කොට කැරලි කොඩිය එසවිය.සිය පුතුන් සමඟ වනාන්තර පෙදෙසකට පලාගොස් එඵිපාසස්ගේ හමුදාවලට විරුද්ධව ගොරිල්ලා සටන් මෙහෙයවිය.මත්තතියෙස් ඇවැමෙන් ඔහු පුත් ‘මිටිය’ හෙවත් මකබි යන අන්වර්ථ ලද යූදස් මකබි විසින් විමුක්ති සටන මෙහෙයවිය.බෙත්-හොරෙන්හීදී ඔහු ප්රබල සිරියානු බල ඇනියක් විනාශ කොට යෙරුසලමද අල්ලා ගත්තේය.
දේව මාලිගාව ශුද්ධ පවිත්ර කොට නව පූජාසනයක් ගොඩ නැංවිය.යොර්දානෙන් නැගෙනහිර ප්රදේශයද ඔහු සිය පාලනයට නතු කර ගත්තේය.දේව මාලිගාව නැවත කැප කොට එය
අනුස්මරනය කිරීම සඳහා නව මංගලයයක් ඇරඹීය.එය යුදා/ඊශ්රායෙල්වරු අද දක්වාම පවත්වති.කැප කිරීමේ මංගල්ය ලෙස ශුභාරංචි පොත් වල සඳහන් වන්නේ එයයි.යොහන් 10:22
චිස්ලෝව් (නොවැම්බර්-දෙසැම්බර්) මස 25 දින එය පවත්වනු ලැබීය.
මකබිවරුන්ගේ පාලනයේ අවසානය
යූදස් මකබි එලේසා සටනේදී පරාජයට පත්වූ අතර ඝාතනය විය.ක්රි.පූ.161 යෙරුසලම දෙමෙස්ත්රියස් විසින් ආපසු අල්ලා ගනු ලැබීය.යූදස් මකබි අවසන් සටනට පෙර ආධාර ඉල්ලා රෝමයට ආයාචනා කළේය.
03. හස්මෝනියානු පාලන සමයේ සිට අවසාන හස්මෝනියානු පාලක ඇන්ටිගෝනුස් , ක්රි.පූ. 37 දක්වා
මකබිවරුන්ගේ ඉතිරිව සිටි සොහොයුරෙකුවූ සීමොන් ජීවිතාන්තය දක්වාම උත්තම පූජකයා ලෙස පත් කරනු ලැබීය.ක්රි.පූ.139. ඔහු යුදා ඊශ්රායෙල් දේශයේ දේශපාලන බලයද හෙබවිය.යුදා/ඊශ්රායෙල් දේශයේ ස්වාධීනත්වය රෝමය විසින් පිළිගන්නා ලදී.ක්රි.පූ.142
යූදස් මකබිගෙන් ඇරඹි හස්මෝනියානු (යුදෙව්) රජ පරපුරේ ඉතිහාසය ,රෝම ජාතික පොම්පේ සෙනෙවියා දක්වා
—>යූදස් මකබි ‘යුදෙව්වන්ගේ කුමාරයා’ ලෙස පත් කෙරින. ක්රි.පූ.165
එලේසා සටනේදී යුදස් මකබි ඝාතනය විය.දෙමෙස්ත්රියස් යෙරුසලම අල්ලා ගත්තේය. ක්රි.පූ.161 ->යොනතන්(යූදස්ගේ සොහොයුරා) —>සීමොන් යූදස් හා
යොනතන්ගේ සොහොයුරා—>යොහන් හයිර්කානුස්(සීමොන්ගේ පුත්රයා )
–>ගෙරිසිම් කන්ද මතවූ සමාරිතානු දෙව් මැඳුර හයිර්කානුස් විසින් ක්රි.පූ.129 දී විනාශ කර දමන ලදී.
–>ඉඳුමිය හා සමාරිය,හයිර්කානුස් විසින් යුදා දේශයට යා කොට ගනී.
—>ඵරිසිවරුන් හා සද්දුසිවරුන් ගැන ප්රථම සඳහන ලේඛණ ගතවී ඇත.ක්රි.පු.109
—>ඇරිස්ටෝබියුලස්( හයිර්කානුස්ගේ වැඩිමහළු සොහොයුරා) යුදෙව්වන්ගේ රජ යන විරුධාවලිය ආරෝපනය කර ගත්තේය..ක්රි.පූ.106
—>ඇලෙක්සැන්ඩර් ජන්නේවුස්(ඇරිස්ට්රෝබියුලස්ගේ සොහොයුරා)
—>ඵරිසිවරුන් හා සද්දුසිවරුන් අත්තර සිවිල් යුද්ධයක් පැවතීම–>ජන්නේවුස් පරාජිත ඵරිසිවරුන්ගෙන් කෲර ලෙස පලි ගැනීම. ක්රි.පූ.95
–ජන්නේවුස්ගේ වන්දබූ බිරිඳ වූ ඇලෙක්සැන්ඩ්රා ඵරිසිවරුන් හා සද්දුසිවරුන් සමඟි කලේය ක්රි.පූ.69
–> 11 හයික්රානුස් හා 11 ඇරිස්ට්රෝබියුලස් රාජකීය උරුමය පතා සටන් වැදින.-රට තුල සිව්ල් යුධ තත්ත්වයක් ඇතිවින. ක්රි.පූ. 69
—> පොම්පේ සෙනෙවියා යුදා දේශය අත්පත් කර ගනී. ක්රි.ව. 63
—>සෙන්හෙන්ඩ්රියන් මංඩලය ගැන පළවූ ප්රථම සඳහන ක්රි.පූ.40
–>ඇරිස්ට්රෝබියුලස්ගේ පුත් ඇන්ටිගෝනුස් පාර්තියානු හමුදා සහායෙන් හයික්රානුස්ව බලයෙන් පහකර දැමීය. ඇන්ටිගෝනුස් අවසන් හස්මෝනියානු පූජක-කුමරු රාජ්ය පාලක හා උත්තම පූජක යන තනතුරු දෙකම හෙබවිය
–>මහා හෙරෝද් රෝම නායක ඇන්ටනීගේ සහාය ඇතිව යෙරුසලම හා යුදා/ඊශ්රායෙල් දේශය අල්ලා ගත්තේය. ඇනිටිගෝනුස්ව ඝාතනය කෙරින.ඇන්ටිගෝනුස්ගේ ඝාතනයත් සමඟ හස්මෝනියානු රජ පරපුර අභාවයට ගියේය.
############################################
*රෝමානු ජෙනරාල් ටයිටස් යෙරුසලම් දේව මන්දීරය ගිනි තබා විනාශ කර දැමීය. ක්රි.ව.70
*බාර් කොච්බා රෝමවරුන්ට විරුද්ධව යුදෙව් විප්ලවය අරඹා යෙරුසලම අත්පත් කර ගති. ක්රි.ව.132
*හාඩ්රියන් රෝම අධිරාජයා යුදෙව් ප්රති විප්ලව කැරලි මැඩ පවත්වා යෙරුසලම ඒලියා කැපිටොලිනා Aelia Capitolina ( රෝම මිථ්යා දෙවි ජුපිටර් කැපිටෝලිනා නමින් ) ලෙසත්, යුදා සහ ඊශ්රායෙල් Judea and Israel දේශය පලස්තීනය Palestine ලෙසත් නම් කලේය. ක්රි.ව.133
* බයිසැන්ටයින් යුගය.ක්රි.ව.326-ක්රි.ව.638 දක්වා
*ඕමාර් ඉබ්න්-අල්-කටටබ් කාලිෆ් වරයා යෙරුසලම යටත් කලේය.ක්රි.ව.638
*උමයයඩ් පෙලපතේ අබ්ඩ්-අල්-මලික් කාලිෆ් වරයා ( සිරියාවේ සිට පාලනය කරමින් )ඕමාර්ගේ පල්ලිය හෙවත් ඩෝම් ඔෆ් ද රොක් Dom of the Rock නැමැති මහමදිග පල්ලිය ගොඩනැඟීය. ක්රි.ව.692
මොරියා කන්ද මත මෙම මහමදිග පල්ලිය ගොඩ නඟන ලද්දේ,
(1)ඊසාක් පූජා කිරීමට නියමිතවූ ස්ථානය මතය.
(2)යාකොබ් සිහිනය දුටු ස්ථානය මතය.
(3)ස්වාමිවූ දෙවිඳුන් දාවිත්ට ප්රකාශවූ ස්ථානය මතය.
(4)සොලමොන්ගේ (යාවේ දෙවිඳුන්ගේ) දේව මන්දීරයේ අති ශුද්ධස්ථානය තිබූ ස්ථානය මතය.
(5)හෙරෝද්ගේ (යාවේ දෙවිඳුන්ගේ) දෙව මන්දීරයේ අති ශුද්ධස්ථානය තිබූ ස්ථානය මතය.
(6)මුස්ලිම් සම්ප්රදායට අනුව මොහමඩ් ශාස්තෲ වරයා පොලොවෙන් නික්මුනු ස්ථානය මතය
############################################
04.අපර විප්රවාසි යුගයේ රෝම අධිරාජ්ය පාලනය නිසා අදටත් බලපාන ප්රති විපාක කවරේද?
ක්රි.ව.133 දී හාඩ්රියන් නැමැති රෝම අධිරාජයා යුදා/ඊශ්රායෙල් දේශයේ නාමය පලස්තීනය ලෙස වෙනස් කළේය.යුදා/ඊශ්රායෙල් ජනතාව මවුබිමෙන් පලවා හරිනු ලැබීය.අවට රටවල අරාබින් මෙහි ආසය සඳහා පැමිනි අතර ‘පලස්තීන’ වැසියන් ලෙස පසු කාලීනව ඔවුන්ව හැඳින්වින.
අද දින පවත්නා ඊශ්රායෙල් අරාබි ගැටුමට මූල හේතු සාධකය නිර්මානය කරන ලද්දේ රෝම වරුන්ගේ ඉහත දැක්වූ නම් පෙරලියයි.ඔවුන් ‘පලස්තීනය’ යනුවෙන් යුදා/ඊශ්රායෙල් දේශය නම් නොකලේ නම්ද,යුදෙව්වන් යුදා/ඊශ්රායෙල් දේශයෙන් නෙරපා නොහරින ලද නම්ද ‘පලස්තීනයක්’ බිහි වන්නේ නැත.පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබින් බිහි වන්නේද නැත.මැදපෙරදිග අරාබි-ඊශ්රායෙල් ඝට්ටනයක් නිර්මානය වන්නේද නැත.
05.සෙල්යුසීඩ්වරුන්ගේ පාලනයට එරෙහිව ඇතිවූ මකබි කැරැල්ලේ ප්රති විපාක කවරේද?
ග්රීක ආගමීක හා සභ්යත්වය යුදෙව්වන් මත බලයෙන් ආරෝපනය කිරීම කෙරෙහි යුදෙව්වන් විසින් දැක්වුනු විරෝධය හේතුවෙන් පසුකාලීනව ඇතිවූ වර්ධනයන් මෙසේ දැක්විය හැකිය.යුදෙව් ජනතාව තමන් විසිර සිටි කවර හෝ ස්ථානයකදී හෝ ස්වකීය ජාතික ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් ඒවා පවත්වා ගෙන යාමට තැත් කල ප්රති විරෝධි ජන කණඩායමක් බවට පත් වීමයි.
06.අපර විප්රවාසි යුගයේ යුදා/ඊශ්රායෙල් ශිෂ්ඨාචාරයට ග්රීක රෝම අධිරාජ්ය ප්රසාරනයෙන් සිදුවූ බලපැම්
රි.පූ. 335දී මහා අලෙක්සැන්ඩර් රජු මිසරය බලා යන අතර මඟදී යෙරුසලමට පැමිනි බව ඉහත සඳහන් කරන ලදී.
ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ විජයග්රාහි සටන් වල එක් ප්රති ඵලයක් වූයේ මුළු මෑත පෙර දිගම එක් ප්රබල අධිරාජයෙකු යටතේ පැවතීමත්, රටවල් අතර ගමන් කිරීමට තිබු බාදක
ඉවත්වීමත්, වානිජ කටයුතු වලට නව අවස්ථාවන් උද්ගත වීමත්ය.එම අධිරාජයාගෙන් පසුව බලයට පැමිනි සෙල්යුසිඩ්වරු හා ටොලමිවරුඅලුතෙන් ජනපද පිහිටුවමින් ඒවායේ පදිංචිවූවන්ට නොයෙකුත් බදු සහන හා වරප්රසාද ලබා දුන් හෙයින් යුදෙව්වන් බොහෝ
දෙනෙක් ග්රීක් ජනපදවලට ගොස් එහි පදිංචි වුහ.ඔවුනට ග්රීක් පුරවැසි භාවය පවා ලැබුනි.මේ හේතුව නිසා ග්රීක් භාෂාව ඊශ්රායෙල් දේශය ඇතුළු අධිරාජ්යයේ සියළුම රටවල පොදු භාෂාව බවට පත් විය.මෙසේ පිහිටුවන ලද එක් ජන පදයක් වූයේ ඇලෙක්සැන්ඩ්රියාවේ යුදෙව් ජනපදයයි.එහි යුදෙව් ජන ගහනය විසි ලක්ෂය ඉක්මවිය.පැරනි ගිවිසුම ග්රීක් භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එහිදීය.එය සෙප්ටුවාජින්ට් නමින් හැඳින්වෙයි.
ක්රිස්තුස් වහන්සේගේ සමය වන විට යුදා/ඊශ්රායෙල් දේශයේ සිටි යුදෙව්වන්/ඊශ්රායෙල්වරුන් ඇරමයික් භාෂාව කථා කලද උගතුන් කථනයෙ හා ග්රන්ත කරනයේ යෙදුනේ පොදු භාෂාවවූ ග්රීක් බසිනි.මෙය පහත දැක්වෙන නිදසුනෙන් තේරුම් ගත හැකිය.ලංකාවෙහි වැඩි ජන කොටසක් සිංහල හා දෙමල බස කතනය හා ලිවීම සඳහා භාවිතා කලද යටත් විජිත බලපෑම නිසා ඉංග්රීසි භාෂාව තවමත් ප්රධාන සංනිවේදන මාධ්ය වශයෙන් පැවතීම දැක්විය හැක.
රි.පූ. 335දී මහා අලෙක්සැන්ඩර් රජු මිසරය බලා යන අතර මඟදී යෙරුසලමට පැමිනි බව ඉහත සඳහන් කරන ලදී.
අ.පො.ස.( උසස්.පෙළ) ක්රිස්තියානි ධර්මය,රෝමානු කතෝලික සහ රෝමානු කතෝලික නොවන, විෂය නිර්දේශ විස්තරාත්මක සටහන් 3.1.2.2-ඓතිහාසික පසුබිම -ඊශ්රායෙල් වරුන් විසින් කානාන් දේශය -ක්රි.පූ. 13 ශත වර්ෂයේදී- ආක්රමණය කිරීම හා පසු ඉතිහාසය
අ.පො.ස.( උසස්.පෙළ) ක්රිස්තියානි ධර්මය,රෝමානු කතෝලික සහ රෝමානු කතෝලික නොවන, විෂය නිර්දේශ විස්තරාත්මක සටහන්
3.1.2.2-ඓතිහාසික පසුබිම -ඊශ්රායෙල් වරුන් විසින් කානාන් දේශය -ක්රි.පූ. 13 ශත වර්ෂයේදී-
ආක්රමණය කිරීම හා පසු ඉතිහාසය
නික්මයාම Exodus සහ පස්කුව Pass over යන වදන් වල අර්ථය
—>ඊශ්රායෙල් ජනතාව ඵාරාවෝ වරුන්ගේ මිසරයෙන් මිදී සන්නද්ධව සේනාවක් ලෙසින් නුමුහුන් රොටි කන පළමු දින නික්මීම,නික්මයාම ලෙස හැඳින්වෙයි.
පාස්කුව Pass over
මෙහි අර්ථය නම් පසුකර යෑම යනුයි.පලමු පාස්කු දින නික්මයාමට සූදානම් වී ,එදින රාත්රියේ සම්පූර්න ඇඳුමින් සැරසී එනම් වහන්පයලා,හිස් වැසුම් දමා,ඇඳුමින් සැරසී පටිය බැඳ, මුහුන් නුමුසුරොටි,තික්ත පලා හා පුළුස්සන ලද බැටළු මස්ද අනුභව කිරීමට දෙවිඳුන් විසින් නියෝග කරන ලදී.
විනාශයේ දූතයා නිවෙස් පසුකර යාම පාස්කුව ලෙස හැඳින් වේ.පාස්කු මංගල්ය ලෙස හැඳින්වෙන්නේ ඊශ්රායෙල් වරුන් මිසරයෙන් නික්මීම සම්බන්ධ මෙම සම්පූර්න ක්රියාදාමයයි.නික්මයාම 12:15
—> යෝසෙප් මිසරයට පැමිනි දින සිට ඊශ්රායෙල්වරුන් එරටින් නික්මයාම දක්වා කාලය වසර 430 කි.නික්මයාම 12:41
—>ඊශ්රායෙල්වරුන් ආපසු ගමනේදී යෝසෙප්ගේ ශරීර අවශේෂ රැගෙන ගියහ. ඔවුන් සන්නාහ සන්නද්ධව ගමන් කළහ.නික්මයාම 13:51
නික්මයාම හා සම්බන්ධ පියවරයන්
රාම්සේස්–>සුකොත්–>වැඩුනු පිරිමින්ගේ සංඛ්යාව 40,00,00 කි නික්මයාම 12:37.
ගමන් කළේ එළු බැටලු ගව රැළවල් හා මිසරවරුන්ගෙන් ඉල්ලාගත් රන් ආභරන සමඟය.
—>ආහාරය මුහුන් නුමුසු රොටි, පිටත් වූයේ පලමු පාස්කු දින රත්රියේය.
–>ගමන රතු මුහුද අසල වට වංගු මඟකින් ගොස්, කඳවුරු බැඳීම
–>ගමන තුළදී වළා ටැඹ හා ගිනි ටැඹ මඟින් මඟ පෙන්වීම සහ ආරක්ෂාව සැලසීම
–>රතු මුහුද තරනය කරන අවස්ථාවේ
—>ස්වාමින්වහන්සේගේ දූතයා වළා ටැඹ හා ගිනි ටැඹ තුළින් මිසර සේනාව දෙස බලා ඔවුන් වියවුල් කිරීම.—>මිසර හමුදා රතු හුදේ ගිලී විනාශ වීම
නික්මයාම ගමනට අදාළ ප්රධාන සිදුවීම්
—> ෂූර් නැමැති කාන්තාරයට ඇතුළු වීම.
–> මාරා නැමැති ස්ථානයේදී ජලය තික්ත හෙවත් කරදිය වූ බැවින් සෙනඟට බීමට නොහැකි විය.
—> මෝසෙස් දෙවිඳුන්ගේ නියෝගය පරිදි ගහක් කපා ජලයට දැමූ විට එය මිරිදිය බවට පත් විය.
—> එය සිහි කිරීම සඳහා එම ප්රදේශය " මාරා" ලෙස නම් කිරීම.ආහාර වශයෙන් මන්නා හා වටුවන් සැපයීම.සීනායි කාන්තාරයට පැමිනීම
දස පනත Ten Commandments ප්රධානය කිරීම
*එකම දෙවියන් සරන යෑම
*කවරාකාරයෙන් හෝ ප්රතිමාවක්/පිළිරුවක්/පිංතූරයක් සාදා
නොගන්න.ඒවාට නමස්කාර/වන්දනාමාන /වැඳුම් පිඳුම් නොකරන්න
*දෙවිඳුන්ගේ නාමය නිකරුනේ ව්යවහාර නොකිරීම
*සබත් දවස ශුද්ධ කොට පවත්වන්න
*දෙමාපියන්ට ගෞරව කරන්න.
*මිනී නොමරන්න
*කාමමිථ්යාචාරය නොකරන්න
*සොරකම් නොකරන්න
*බොරු සක්ෂි නොකියන්න
*අන්සතු කිසිම දෙයකට ආශා නොවන්න
–>නැවත ගමන් අරඹීම සඳහා අන දීම—> මෙම ගමනේදී ස්වාමින්වහන්සේගේ දූතයා ඔවුන්ට පෙරටුව ගමන් කිරීම.–>ඊශ්රායෙල් පුත්රයන් කානානිවරුන්,අමෝරිවරුන්,හිත්තීවරුන්,පෙරෙසිවරුන්,හිවීවරුන් හා
යෙබුසිවරුන් අභිබවා ජය ගැනීම.නික්මයෑම අතර තුර කාදෙෂ් පසු කර හෝර් කන්දට
පැමිනීම.—>ආරොන්ගේ මරනය–>ඔහු පුත් එලෙයාසර් ආරොන් වෙනුවට පත් කිරීම—>සෙනඟ දෙවිඳුන්ට විරුද්ධව කටයුතු කිරීම නිසා ගිනි සර්පයින් විසින් දෂ්ඨ කිරීම—>සෙනඟ මෝසෙස්ට කන්නලවු කල විට පිත්තල සර්පයකු සාදා කුඹ ගසක් මත තබන්නැයි දෙවිඳුන් විසින් නියෝග කිරීම—>එය දෙස බැලීමෙන් සර්ප දෂ්ටයෙන් සුව පත් වීම.මෝසෙස්ගේ මරනය
—>නෙබෝ කන්ද මත පිහිටි පිස්ගා මුදුනේදී පොරොන්දු දේශය දර්ශනය කිරීමෙන් අනතුරුව මිය ගියේය.ඔහුගේ දේහය දෙවිඳුන් විසින් එහි මිටියාවතක තැන්පත් කරන ලද බව දැක්වේ. ද්විතීය නීති
සංග්රහය/ද්විතීය කථාව 34 පරි.
නික්මයාම ගමනේ විෂේශත්වය වන්නේ දෙවිඳුන් ඊශ්රායෙල් ජනතාවගේ හඬට සැම විටම සවන් දීමයි.
–>මිසරවරුන් රතු මුහුද Red sea දක්වා ඔවුන් පසුපස එලවා ගෙන එන විටත්,ඊශ්රායෙල්වරුන්ට ආහාර හා ජලය නොමැතිවන විටත් දෙවිඳුන් ඔවුන්ගේ යැදුම් වලට සවන් දුන් බව සඳහන් වෙයි . නික්මයාම 16:25, 16 ,17 හා පරි.)—>මිසර හමුදා රතු මුහුදට හෙලූහ නික්මයාම 14 පරි..ආහාර නොමැති වන විට මන්නා හා වටුවන් ලැබුනි.ජලය නොමැති වන විට කර දිය මිරි දිය බවට පත් කිරීමෙන්ද පර්වත පලා බීමට ජලය ලබා දීමෙන්ද,සෙනඟ මෙහෙයවීම සඳහා නායකයන් අවශ්ය වන විට ප්රතමයෙන් මෝසෙස්ද Moses නික්මයාම (නික්මයාම 3 පරි.),අනතුරුව යොෂුවාද Joshusa (ද්වීතිය නීති සංග්රහය/ද්වීතිය කථාව 31:14 හා 23 පද ) ,ඉන් පසුව වීර පුරුෂයන්/විනිසුරුවරුන්ද/යුද්ධාධිපතින්ද Judges/War Lords (වීරාවලිය/විනිශ්චයකාරයන්ගේ පොත 2:16-18 ) අනතුරුව දිවැසිවරුන්ද/ධර්මවක්තෲවරුන්ද ( සාමුවෙල් 3 පරි. ) පාලනය කිරීම සඳහා ලබා දුන්හ .
මෝසෙස් සෙසූ ඊශ්රායෙල් නායකයන්ගෙන් වෙනස් වන්නේ කවර සාධක වලින්ද?
–>ඔහු දෙවිඳුන් හා මුහුනට මුහුනලා කථා කළේය.–>ඊශ්රායෙල් ජනතාව වහල් බවින් ගළවාගෙන ඒම
සඳහා දෙවිඳුන් තෝරා ගත්තේ ඔහුවය.—>40,00,00 පමන වැඩුනු පුරුෂයින්ගෙන් සමන්විත( කාන්තාවන් හා ළමුන් ගනනට නොගෙන ) විශාල හමුදාවක් විවිධ බාධක මාද්යයේ මෙහෙයවීම ඔහු අතින් සිදු විය—>දස පණත ඇතුළු ව්යවස්ථාවලිය Torah දෙවිඳුන් විසින් දෙනු ලැබුවේ ඔහුටය—>මෝසෙස් දස පනත ලබා ගැනීම සඳහා සීනයි කන්දට ගොස් දින 40 ක් දක්වා ඔහු එහි ප්රමාද වූ විට සෙනඟ රන් වසු ප්රතිමා/පිළිම/රූප සාදා ගෙන දෙවිඳුන්ට එරෙහිව කටයුතු කරන විට ඔවුන්ට නිර්දය ලෙස දඬුවම් කිරීමට ඔහු මැලි නොවීය.–>රන් වස්සා ගින්නෙන් පුලුස්සා එහි ධූලි සියළුම ඊශ්රායෙල්වරුන්ට කෑමට සැලැස්විය.
මෝසෙස්ගේ චරිතයෙහි දුර්වල තැන් විමසන්න.
මෝසෙස් මහත් බල පරාක්රමයෙන් යුතුව ඊශ්රායෙල්වරුන් මෙහෙයවූ නමුත්,සෙනඟ දෙවිඳුන්ට එරෙහිව කැරලි ගැසීම,එනම් රන් වසු පිළිම දෙකක් සාදා ගෙන ඊට නමස්කාර කිරීම,කාන්තාරයේදී
බීමට ජලය හා ආහාර හිඟවූ විට කෙදිරිගෑම,දෙවිඳුන්ගේ බල මහිමය සෙනග විසින් සුළු කිරීම ආදිය සමහන් කිරීමට ඔහුට නොහැකි වූ බැවින් පොරොන්දු දේශයට ඇතුළු වීමට ඔහුට නොහැකි විය."
ශීන් කාන්තාරයේ කාදේෂ්හී මෙරීබා ජලාශය අසලදී ඊශ්රායෙල් පුත්රයන් දෙවිඳුන්ට එරෙහිව කටයුතු කිරීම" ආදිය ඔහුට දේශය නොදැකීමට හේතුවූ බව ද්වීතිය නීති සංග්රහය/ද්වීතිය කථාව 32:51 හි දැක්වේ.
ජන නායකයෝ Heads of the nation
–>ඔහු දෙවිඳුන් හා මුහුනට මුහුනලා කථා කළේය.–>ඊශ්රායෙල් ජනතාව වහල් බවින් ගළවාගෙන ඒම
–>යොෂුවා පොරොන්දු දේශයට එනම් කානාන් දේශයට ඇතුල් වුවද දේශය මුළුමනින්ම යටත් කොට ගැනීම ඔහුගෙන් පසුව නායකත්වයට පත්වූ ගෝත්ර ප්රධානීන්ට හා වීර පුරුෂයින්ට /විනිසුරුවරුන්ට/යුද්ධධිපතිවරුන් අතින් සිදු විය.—>පොරොන්දු දේශය ගෝත්ර අතර බෙදා දෙනු ලැබු අතර ඒ ඒ ප්රදෙශ යටත් කර ගැනීම මෙම කාළ සීමාවේදී සිදුවිය.එම ක්රියා දාමය
පහතින් දැක්වේ.
1. යොෂුවා විසින් දේශය ගෝත්ර අතර බෙදා දීම
2.ගෝත්ර නායකයන් උරුමයන් ලබා ගැනීම සඳහා යුධ වැදීම( වීරාවලිය/ විනිශ්චයකාරයන්ගේ පොත 01 පරි. )
ඊශ්රායෙල් සෙනඟ පාලනය කිරීම සඳහා පත් කරන ලද වීර පුරුෂයන්/විනිසුරුවරුන්/යුද්ධාධිපතින්ගේ ලේඛනය
වීර පුරුෂයා/ පරාජය කළ බයිබල් යොමුව
විනිසුරුවරයා/ කණ්ඩායම
යුද්ධාධිපති
01.ඔත්නියෙල් කුෂාන් රිෂ්නායිම් වීරාවලි/විනිශ්චය
කාරයන්ගේ පොත 3:9-11
02.ඒහුද් මෝවබ් 3:15-30
03.ෂම්ගර් පිලිස්තිවරු 3:31
04.දෙබෝරා සහ කානානිවරු 4 පරි.
බාරක්
05.ගිඩියොන් මිදියන්වරු 6:11,8:35
සහ අමෙලෙක්වරු
06.තෝලා 10:1-2
07.යායිර් 10:3-5
08.යෙප්තා අම්මෝන්වරු 11:1-40
09.ඉබ්ශාන් 12:8-10
10.ඒලෝන් 12:11-12
11.අබ්දෝන් 12:13-15
12.සම්සොන් මිදියන්වරු 13 -16 පරි.
–>මෙම විනිසුරුවරුන්/වීර පුරුෂයන් හා දිවැසිවර/ධර්මවක්තෲ සාමුවෙල් අතර අන්තර් කාලයේ දේශයේ පාලනය ගෝත්ර ප්රධානීන් විසින් සිදු කරන්නට ඇත. —>සාමුවෙල් දිවැසිවරයකු/ධර්මවක්තෲ වරයකු මෙන්ම යුද්ධාධිපති වරයෙකුද විය. 1 සාමුවෙල් 8:16-17
—.මෙම නායකයන් සතුවූ ගුණාංග
1.විදේශීය ආක්රමණ වලින් ජනතාව මුදා ගනීම
2.සමාජ සාධරනත්වය ඉටු කිරීම. 2 රාජාවලිය 8:3
3.සමාජ ප්රශන හා ගැටළු නිරාකරනය කිරීම.
4.ඔවුන්ගේ ජීවිත කාලය තුලදීම දේව සලැස්ම ඉටු කිරීම.
රජවරු Kings
ඊශ්රායෙලයේ රජවරුන්ගේ පාලනයසම්මතය වූයේ දෙවිඳුන් රජ බවය.එහෙත් සෙනඟ රජ කෙනෙකු
ඉල්ලූ බැවින් රජ වශයෙන් සාවුල් පත් කරන ලදී.
ඒකාබද්ධ රාජ්ය United kingdom
සාවුල් Saul—>දාවිත් David –>සලමොන් Solomon
දාවිත් හා සලමොන්ගේ රාජ්ය සමයේ ප්රධාන සිදුවීම්—>සෙනඟ රජ කෙනෙකු ඉල්ලීම( 1 සාමුවෙල් 8:1-22 )
—> සාවුල්ගේ රාජාභිෂේකය–>දිවැසිවර/ධර්මවක්තෲවර සාමුවෙල් විසින් දාවිත් රජ කමට ආලේප කිරීම–>දාවිත් පිලිස්තියානු ජාතික ගෝලියත් යෝධයා හා සටන—>සාවුල්ගේ මරනය–>දාවිත්
ඊශ්රායෙලයේ රජු වීම—>දාවිත්, හිත්තීය උරියා කුමංත්රනකාරි ලෙස ඝතානය කර ඔහුගේ භාර්යාව අත්පත් කර ගැනීමෙන් දෙවිඳුන්ට එරෙහිව පව් කිරීම—>සලමොන්ගේ උපත–>සලමොන්ගේ රජකම ස්ථීර වීම–>සලමොන්ගේ ප්රඥා මහිමය—>මොරියා කන්ද මතුයෙහි දේව මාළිගය ගොඩ නැඟීම හා කැප කිරීම—>දේව මාලිගාව කැප කිරීමේදී කරන ලද යැදුම—>අදේවවාදි බිසවුන් 1000 ක් පාවා ගැනීම නිසා සලමොන් පාපයට වැටීම—>අන්ය දෙවි දේවතාවුන්ගේ රූප/පිළිම/පිංතූර/ප්රතිමා යෙරුසලමෙහිවූ කඳු මතු පිට පිහිටෙව්වේය. ඒවාට නමස්කාර/වැඳුම් පිඳුම්/ජන වන්දනා කළේය.1 රාජාවලිය 1:1-8සලමොන්ගේ රාජ්ය පාලනය ක්රි.පූ. 961-922 –>රථවලින් යුක්ත හමුදාවක් පිහිටුවීම–> රජ මාලිගා සංකීර්නයක් හා දේව මාලිගාව තැනීම( වර්තමානයේ මෙම දෙව් මැඳුරේ ශේෂ වූ කොටස් මොරියා කන්ද මත ‘ටෙම්පල් මවුන්ට්’ Temple Mount නම් ස්ථානයේ දක්නට ලැබේ.ඩෝම් ඔෆ් ද රොක් Dome of the Rock හා අල්-අක්සා Al- Aqsa නැමැති මහමදික පල්ලි ක්රි.ව. 692 දී සිරියාවේ ඩැමස්කස් හී උමායාඩ් රජය පෙල පතේ අබ්ඩ්-අල්-මලික් නැමැති කාලිෆ් වරයා විසින් සලමොන්ගේ දෙව් මැඳුර පිහිටා තිබූ ස්ථානයේම ගොඩ නඟන ලදී.)–>මුළු රටම දිස්ත්රික්ක 12 කට බෙදීම–>අය බදු ක්රමයක් හඳුන්වා දීමරාජ්ය දෙකඩ වීම
සලමොන් රජු පාපයට වැටීම හා ඔහුගෙන් පසු රාජ්ය දෙකඩ වීම වර්තමාන් ක්රිස්තියානි පාර්ශව වල ක්රියාකාරිත්වයන් හා සසඳන්න.
" සලමොන් ඊශ්රායෙල්ගේ දෙවිඳුන් අතහැර හීදෝන්වරුන්ගේ දේවතාවීවූ ෂ්ටාරෝත්ටද,මෝවබ්වරුන්ගේ දෙවිවූ කොමොෂ්ටද,අම්මෝන් පුත්රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාර කල නිසා" 1 රාජාවලිය 11:33මැටි වලින්, ලෝහ වලින් ඇඹූ හෝ ලී වලින් කැපූ උක්ත දෙවිවරුන්ට සලමොන් විසින් නමස්කාර/වැඳුම් පිඳුම්/ජන වන්දනා කිරීමේ අවසන් ප්රතිඵලය වූයේ දෙවිඳුන් විසින් ඊශ්රායෙල් රාජ්ය දෙකඩ කිරීමයි.
වර්තමාන ක්රිස්තියානි පාර්ශවයන් විසින් ප්රතිමා/පිළිම/රූප/පින්තූර ජන වන්දනාව /නමස්කාර/වැඳුම් පිඳුම් කිරීම සඳහා භාවිතා කරනවාද?
ආදි සභා පීතෲවරුන් හෙවත් සාන්තුවරයන් Saints හා ඔවුන්ගේ ප්රතිමා/පිළිරූ/පින්තූර සාදා ගෙන ඒවාට වැඳුම් පිඳුම් කිරීම මෙම තත්වයට අදාල කරන්න.
මෝසෙස්ට පොරොන්දු දේශයට යාමට නොහැකී එක් හේතුවක් වූයේ ඊශ්රායෙල්වරු රන් වසු ප්රතිමා 02ක් තනා ගෙන ඊට නමස්කාර/ජනවන්දනා/වැඳුම් පිඳුම් කල බැවිනි.
විවිධ කිතුනු පාර්ශව වල දෙව් මඳුරුහා ඒවායේ නමස්කාරයට/ජන වන්දනාවට/වැඳුම් පිඳුම් කිරීමට
භාවිතා කරන සංස්කෘතික ලක්ෂණයන් හා සසඳන්න.
—>ඊශ්රායෙල් ජනතාවට විවිධ රජවරුන් මඟින් දෙවිඳුන් ක්රියා කල අන්දම
—>වෙනත් රාජ්යයන්ගේ ආක්රමනවලට මුහුණ දීම හා සතුරු රාජ්යයන් පරාජය කිරීම
—>වෙනත් රාජ්යයන් පරාජය කර ආර්තික වාසි ලබා ගැනීම—>දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන්ගේ
විශේෂ ආලේප ලත් පුද්ගලයන් ලෙස රජවරු පත් කරනු ලැබීය.1සාමුවෙල් 10:01,1 සාමුවෙල් 12,13 පරි.
දේව ජනතාව මෙහෙයවන පුද්ගලයන් ලෙස රාජ්ය පාලනය තුළ දැකිය හැකිවූ ලක්ෂන
—>ඊශ්රායෙල් හා යුදා රජවරුන් දෙවිඳුන්ට ගරු බිය ඇතිව රාජ්ය පාලනය ගෙන යම හා දේව ඇදහිල්ල/විශ්වාසය වර්ධනය වීම.–>රජවරුන් විසින් ජනතාවට විශේෂ සේවාවන් සැපයීම(2 රාජාවලිය 22 පරි. 2 වංශාවලිය/ලේකම් 24 පරි.
නිදසුන් ආගමික ස්ථාන අළුත් වැඩියා කිරීම,කෘෂි කාර්මික කටයුතු ආදියා—>ලෞකීක සුඛ විහරණයට යොමුවීම( උදා. සලමොන් ව්දේශීය බිසෝවරුන් 1000 පාවා ගැනීම හා ඔවුන්ගේ විදේශීය මිථ්යා දෙවි දේවතාවුන් සඳහා දේවාල ගොඩ නැගීම 1 රාජාවලිය 11 පරි.,බාල්,අෂ්ටොත්,දාගෝන් වැනි දේව ප්රතිමා හා අෂේරා හා සූර්යයා රූප සහිත කුළුනු සාදා ගෙන ඒවාට නමස්කාර කිරීම මඟින් ජනතාව හා රජුන්
දෙවිඳුන්ගෙන් ඈත්වීම 1 රාජාවලිය 12:28-33,2 රාජාවලිය 21පරි.
විප්රවාසය Exile
–>දෙවිඳුන් ඊශ්රායෙලරුන් අත්හැරීම නිසා ඔවුන් පීඩාවට එනම් සතුරු උවදුරු, විප්රවාසි හා ජාතිය මුලුමනින්ම විනාශවීම වැනි අවස්ථා වලට මුහුන දීම.
උත්තර රාජ්යය හෙවත් ඊශ්රායෙලය/සමාරියේ වර්ධනය,අභාවයට යාම හා එයට හේතු
—>ප්රතමයෙන් අග නුවර ෂෙකෙම්—>පසුව සතුරු උවදුරු වලින් රැකීම සඳහා අග නුවර සමාරිය කරා ගෙන යනු ලැබීය.—>යෙරෝබෝවම් බෙදුනු රාජ්යයේ උත්තර කොටසේ -ඊශ්රායෙලයේ රජු ලෙස පත් වීම.–>අනතුරුව රජවූ 05 දෙනෙකු සහාසික ලෙස ඝාතනය වීම–>සෙනඟ දක්ෂිණ රාජ්යයේ යෙරුසලම් නුවර දේවමාලිගාවට යාම වැලැක්වීම සඳහා උත්තර රාජ්යයේ බෙතෙල් හා දාන්හී රන් වසු
රූප 02 ක් පිහිටුවා ඊශ්රායෙල්වරුන් නමස්කාර /ජන වන්දනා/වැඳුම් පිඳුම් කිරීමට පෙලඹවීම
—>01 හා 02 ආඥා කඩ කිරීම—>විදේශීය අසල්වසියන්ගේ ආභාෂය නිසා ඊශ්රායෙලය/සමාරිය කෙතරම් දුෂිතව තිබුනේද යන්න පහත උපුටනයෙන් බලන්න.
"සෑම නගරයකම, සියළුම උස් තැන් වල හා විශාල ගස් යට රූපස්තම්භ( මැටියෙන්/ලෝකඩ වලින් ඇඹූ හෝ දැවයෙන් නිර්මිත ) දේව රූප සහ අෂේරා කනු හා බාල් දෙවියන්ගේ( වසු පැටවුන්ගේ )
ප්රතිමා පිහිටුවා ගෙන ජන වාන්දනා/නමස්කාර/වැඳුම් පිඳුම් කිරීම.2 රාජාවලිය 21 පරි.
—> තවද තම දූ දරුවන් ගිනි මැදින් යවා මොලොක්දෙවියන්ට පූජා කලෝය.පේන කීමද,ශාස්ත්ර කීමද,ශාස්ත්ර බැලීමද පැවතුනි.මේ හේතුව නිසා දෙවිඳුන් උදහස්ව ඊශ්රායෙල්වරුන්, සිය ඇස් හමුවෙන් ඔවුන් පහ කර දැමූහ. 2 රාජාවලිය 17 පරි.
—>මේ අනුව ඉතා පැහැදිලිවන කරුනක් නම් ඊශ්රායෙල්වරුන් විනාශ වීමට මූලික හේතුව , ඔවුන් එකම දෙවිඳුන්ගේ දෙව් පණත් අතහැර මැටියෙන්/ලෝහයෙන්/ලීයෙන් නිමැවූ දේව රූප වලට වැඳුම් පිඳුම්
කිරීම බවයි.—>ඊශ්රායෙල්වරුන් විනාශවීමට හේතුවුනු මිථ්යා දෙවිවරුන් නම් අෂ්ටාරොත්,මිල්කොම්,කොමේෂ්,මොලෙක් හා බාල් හා අෂේරා කනු,සූර්යා කුලුනු, ආදියයි.
—>වර්තමාන ක්රිස්තියානි පාර්ශවවල නමස්කාර/ජන්වන්දනා ක්රම හා සසඳන්න.ඔවුන් විනාශයට පත් වීම දේව ජනතාවට රතු එලියක් නොවන්නේද?
අසිරියන්වරුන් විසින් විප්රවාසයට රැගෙන යන ලද ඊශ්රායෙල් වරුන්
ආපසු සිය රට වෙතට පැමිනියේද?
ක්රි.ව.01 ශත වර්ෂයේ ජීවත්ව සිටි යොසිපස් නැමැති ඉතිහාසඥායට අනුව ඒ කාලය වන විටත් විප්රවාසයට රැගෙන යන ලද ඊශ්රායෙල් වරුන් ඔවුන් කලින් පදිංචි කරවන ලද හලා,ගෝසාන් ගඟ අසබඩ පිහිටි යාබෝර්හීද,මේදවරුන්ගේ නගරයන්හී සහ ඒ අවට ප්රදේශ වල විශාල වශයෙන් ජනාවාස
කරගෙන විසූ බව දක්වයි.මෙම ඊශ්රායෙලිතයන් ස්ථිර පදිංචිය සඳහා තම උරුම රට වෙතට නොපැමිනි බව ලේඛණ අනුව පැහැදිලි වෙයි.එහෙත් උත්තර ඊශ්රායෙල් රාජ්යට විරුද්ධව සිදුවූ ඇසිරියානු ආක්රමනවලදී සමහර වැසියන් දකුනු රාජ්ය වෙතට පලා යන්නට ඇත.
දක්ශිණ රාජ්ය හෙවත් යුදා රාජ්ය අභාවයට යෑම. Decline of the Southern Kingdom-Juda
—>ක්රි.පූ.597 දී යෙහෝයාඛින් රජකමට පත් විය.2 රාජාවලිය 24:08 ඔහුගේ රාජ්ය සමය 03 මසකට සීමා විය—>බබිලෝනියානු රජවූ නෙබුකද්නේශර් යුදා රාජ්ය වට කොට එය අල්ලා ගත්තේය.—>රජ පවුලත්,සියළුම අධිපතින්ද,කාර්මිකයන්ද,හමුදා ප්රධානින්ද අතුළු 10000 ගණනක් බබිලෝනියේ විප්රවාසයට රැගෙන ගියෝය—>රජ ගෙදර හා දේව මාලිගාවේ තිබූ බොහෝ වස්තුද ඒ අතර විය—>යුදා දේශයේ සමන්ත රජු වශයෙන් යෙහෝවාකීන්ගේ බාප්පා වන මත්තනියා පත් කර ඔහුගේ නම ශෙදෙකියා කියා වෙනස් කළේය.
යුදා රාජ්ය 02 වර විප්රවාස ගත වීම.—>ශෙදෙකියා මිසර රජවරුන් සමඟ සම්බන්ධතා ගොඩ නඟා
ගැනීමට උත්සාහ කළේය.–> මෙය බබිලෝනියානු රජුට එරෙහිව කැරලි ගැසීමක් විය.–> ක්රි.පූ. 587දී යෙරුසලම බබිලෝනියානු හමුදා විසින් වට කෙරිනි.—>ශෙදෙකියා හැරුනු විට ඔහුගේ සියළුම පුත්රයන් ඝාතනය කිරීම–>යෙරුසලම් දේව මාලිගාවේ සලමොන් විසින් සාදා තිබූ සියලුම භාජන හා අනිකුත් සියළුම දේ අත් පත් කර ගෙන බබිලෝනියට රැගෙන ගියහ.–>කෙසේ වතුදු දස පනත අඩංගු ගිවිසුම් පෙට්ටිය( කරඬුව ) Ark of Covernant,කරු 07 රන් පහන් රුක The Golden Candle stick හෙවත් මෙනෝරාව Menorah ,රන්මුවා පිදීමේ මේසය Table of Show Bread ආදිය බබිලෝනියානු ආක්රමනයට ස්වල්ප වේලාවකට පෙර දේව මාලිගාව යට භූගත සුරක්ෂිත කුටියක සඟවන ලද බව යුදා ලේඛණ වල සඳහන් වෙයි.මේවා තවමත් එසේම පවතින බව යුදා/ඊශ්රායෙල් රබ්බිවරු විශ්වාස කරති.—>බබිලෝනියන්වරු යෙරුසලමේ දේවමාලිගාවත්, එහි සියළුම විශාල නිවෙස්ද ගිනි තබා විනාශ කලහ.—>මිදි වතු වැවීම සඳහා දිලිඳු අය පමනක් ඉතිරි කර අනිකුත් සියළුම දෙනා විප්රවාසයට රැගෙන ගිය බව 2 රාජාවලිය 25 පරි. දැක්වෙයි.—>දේශයේ පාලනය සඳහා බබිලෝනියානු රජ විසින් ගෙදලියා පත් කරනු ලැබීය.—> පසුව කුමන්ත්රනයකින් ගෙදලියාවද ඝාතනය කරන ලදී.–>යෙරුසලම අසුවූවාට පසුව අධිපතීන්ද,රජුගේ දූවරුන්ද ඇතුළු අනිකුත් සියලුම දෙනා යෙරමියාවද රැගෙන , යුදාවරු කොටසක් සිය හිතවත් රටවූ මිසරය වෙත පලා ගියහ.
විප්රවාසි සමයේ ඊශ්රායෙල් ජනතාවගේ ජීවන රටාව
යුදාවරුන් බබිලෝනියේ සාමාන්ය ජීවිතයක් ගත කළහ.—>ඔවුන්ට එහා මෙහා ගමන් කිරීමේ නිදහස
තිබුනි—>ඔවුන්ගේ ගම්මාන තිබුනි( එසකියෙල් 3:15 )නිවෙස් තනා ගැනීමටත්,වතු වගා කිරීමටත් ඒවායේ අස්වැන්න නෙලා ගැනීමටත් අවාහ විවාහයේ යෙදීමටත් ඔවුන්ට අවසර තිබුනි.( යෙරමියා 29:05 )–>විප්රවාසිව සිටි ඊශ්රායෙල් /යුදා ජනතාව වෙතට දෙවිඳුන් විසින් එසකියෙල් හා යෙසායා වැනි
දිවසිවරුන්/ධර්මවක්තෲවරුන් යවනු ලැබීය—>විප්රවාසිව සිටි ජනතාව දිරි මත් කිරීම ඔවුන් අතින් සිදු විය—>තවද දෙවිදුන්ගේ ව්යවස්ථාවට පටහැනිව රූප වන්දනාව වැනි පාපයන්ට වැටේමේ ප්රතිඵලය ලෙස මෙම දඬුවම දෙවිඳුන් වෙතින් පැමිනි බවත් නිසි කාලයේදී ඊශ්රායෙල් රාජ්ය නැවත පිහිටුවනු ලබන බවත් ආදි වශයෙන් ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ කාර්ය භාරය විය.
—>ඊශ්රායෙල් ජාතිකයන් වර්තමානයේ භාවිතා කරන හෝඩිය Hebrew Alphabet පවා හැඩ ගැසුනේ විප්රවාස සමයෙහිය.—.නමස්කාරය/ජන වන්දනාව/වැඳුම් පිඳුම් කටයුතු සඳහා තව දුරටත් යෙරුසලමට යා නොහැකි හෙයින් හා ඒ වනවිට දෙව් මැඳුරක් නොවූයෙන් සිනගෝග භාවිතය පටන් ගනුනේද මෙම කාල සීමාව තුලදීය.–>තවද ටෝරාවට අටුවා ටිකා වශයෙන් ලියැවුනු බබිලෝනියානු තල්මුද් වැනි ග්රන්ථ රචනා වූයේද මෙම කාල සීමාව තුල දීය.
දෙවිඳුන් දිවසිවරුන්/ධර්මවක්තෲන් මඟින් ජනතාවට දෙනු ලබූ එක් පනිවුඩයක් වූයේ පොරොන්දුවේ පනිවුඩයයි. —>දෙවිඳුන් ඊශ්රායෙල් වංශය හා අලුත් ගීවිසුමක් ඇති කර ගන්නා බවට යෙරමියා 34:20-31,එසකියෙල් 17-18 පරි.–>ඊශ්රායෙලයේ සතුරන් විනාශ කරන බවට එසකියෙල් 31,32 පරි.—>නව දේව මාලිගාවෙන් ජීවන ගඟක් නික්මෙන බව—>එහි ඉවුරු වල වැවෙන ශාඛ පත්ර අසුව කිරීමට භාවිතා කරන බවට (දේව මාලිගාව විනාශ කර තිබුනෙන් නව දේව මාලිගාවක් ගොඩ නැංවීම පිළිබඳවජනතාව තුල බලාපොරොත්තු ජනිත කර වීම, ඔසු ශාක පත්ර මඟින් පෙන්වනු ලබන්නේ පීඩාවට පත්වූ ඊශ්රායෙල්
ජනතාවට සුවය ලැබීම පිළිබඳව බලාපොරොත්තුවක් ඇති බවය ).
–>ඊශ්රායෙල් රාජ්ය නැවත පිහිටුවනු ලබන බවට එසකියෙල් දිවැසිවරයා/ධර්මවක්තෲ වරයා විසින් පවසන ලද දිවැසාවලිය- ක්රි.පූ.595 දී එනම් වසර 2600 කට පමන පෙර—>ඊශ්රායෙල් රාජ්ය නැවත පිහිටුවනු ලබන බවට එසකියෙල් 36 පරි.
—>තව දුරටත් රාජ්යයන් 02 ක් වශයෙන් නොබෙදී එක් රාජ්යක් වන බවට
—>ඔවුන් එන්නට ලඟය එසකියෙල් 36:10
—>මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන,සියළුම දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේ රටට ගෙනෙන්නෙමි.එසකියෙල් 10:24
—>ජනතාවට අලුත් සිතක්ද අළුත් මාංසයක්ද ඇති කිරීම එසකියෙල් 10:26
—>නුබලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසය කොට මාගේ සෙනඟව සිටිනවා අත.එසකියෙල් 36:28
—>දේශයෙහි බව භෝග ඵලදාව වැඩි කරන බව එසකියෙල් 36:30
—>ඇට කටු වලට ප්රානය ලැබී මහත් සේනාවක්වී පවතින බව එසකියෙල් 37:10
—>සොහොන් කොත් විවර කොට නුබලාව ඊශ්රායෙල් රටට පමුනුවන්නෙමි එසකියෙල් 37:12
—>මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවු,නුබලාගේ පියවරුන් වාසය කළාවූ දේශයේ ඔවුන් වාසය කරනවා අත.එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද,ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලෙටම එහි
වාසය කරන්නෝය. එසකියෙල් 37:25
—>ශුද්ධස්ථානය හා මන්ඩපය සදා කාලයටම ඔවුන් ( ඊශ්රායෙල් වරුන් )අතර හිටුවන්නෙමි.එසකියෙල් 37:26,27
—> දේව මාලිගාව එහි මුල් අඩි තාලම මත නැවත ගොඩ නැගීමත්, අති ශුද්ධස්ථානය Holy of Holies හා ගිවිසුම් කරඬුව Ark of Covernant තැන්පත් කිරීමත් මෙයින් අදහස් කෙරේ.
—>ක්රි.පූ. 444 දී පර්සියාවේ සයිරස් රජුගේ අනුග්රහය මත සෙරුබ්බාබෙල් විසින් නැවත දේව මාලිගාව ගොඩ නඟන ලදී.ක්රි.ව. 20 සිට වසර 40 ක් දක්වා මහ හෙරෝද් නැමැති යුදෙව් නරපතියා විසින් එය පිළිසකර කරවන ලදී. නුමුත් මෙම දෙව් මැඳුරේ ගිවිසුම් කරඬුව නොතිබින.
—>පසුව ක්රි.ව. 70දී රෝමානු ජාතික ජෙනරාල් ටයිටස් Roman General Titus විසින් විනාශ කරන ලද්දේ මෙම දෙව් මැඳුරයි.—>මෙහි ශුද්ධස්ථානයෙහි ගිවිසුම් කරඬුව නොතිබූ හෙයින් ඉහත ශුද්ධ ලියවිලි කොටස එම 02 වන දෙව් මඳුරට අදාල විය නොහැක.
—>එය අනාගත දිනෙක මුල් අඩි තාලම මත ඉදි කෙරෙන 03වන දෙව් මැඳුරට අදාළ වනු අත. එහි අති ශුද්ධස්ථානයෙහි දසපනත අඩංගු ගිවිසුම් කරඬුව අනිවාර්යයෙන්ම තැන්පත්ව තිබෙනු ඇත.
පැවරුම්
වියැලි ඇට කටු වලට සම කරන ලද ඊශ්රායෙල් හා යුදා රාජ්ය සෙරුබ්බාබෙල්,නෙහෙමියා හා එස් රා යටතේ පුනර්ජීවනය ලැබීම එසකියෙල්ගේ දිවසාවලිය 37 පරි. ඉටු වීමක් ලෙස සැලකිය හැකිද?
නොහැක.
ඉහතින් දැක්වුනු පරිදි සෙරුබ්බාබෙල්ගෙන් අරඹුනු ඊශ්රායෙල්/යුදා රාජ වංසය ක්රි.ව.70 පමන වන තුරු පැවැත්තේය.එහෙත් ඒවා පැවතියේ විවිධ අධිරාජ්යයන්වල සාමන්ත හෙවත් යටත් හෝ අර්ධ ස්වයං
පාලන බලතල සහිත රාජ්යයක් වශයෙනි.
1948 මැයි 14 වෙනි දිනදී ඊශ්රයෙල් රාජ්යයේ ස්වාධීනතා ප්රකාශය ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ටෙල් අවිව් හීදී ප්රකාශයට පමුනුවන ලදී.එනම් ඊශ්රායෙල් හා යුදා රජ්යයන් ඇසිරියන් හා බබිලෝනියන් අධිරාජ්යයන් වෙතින් අභාවයට ගොස් වසර 2700 කට පමන පසුවය ,මෙසේ ස්වාධීන රාජ්යයක් පිහිටුවන ලද්දේ. ඊශ්රායෙලය සවිමත් ආර්ථිකයක්,ඉහල සාක්ෂර තාවයකින් යුත්, අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධ හමුදවක් සහිත සහ මැද පෙරදිග කලාපයෙහි පිහිටි ප්රබල එකම ,ප්රජාතන්ත්රික රටද වෙයි.එහෙයින් එසකියෙල් 37 හි දක්වෙන දිවැසාවලිය ඊශ්රායෙල් රාජ්ය පිහිටුවීමත් සමඟම ඉටුවූ බව
පැවසිය හැක.
ඒ මන්ද,
–>ඊශ්රායෙලය ලෝකයෙහි 06 වන න්යෂ්ඨික බලවතා යන්න ප්රසිද්ධ රහසකි.ඇමරිකාව,රුසියාව,බ්රිතාන්ය,ප්රංසය,චීනය,ඊශ්රායෙලය
—>ඊශ්රායෙලයට එරෙහිවඇය වට කොට සිටින අරාබින් විසින් කරන ලද සියළුම යුධ ප්රයාම වලින් ඔවුන් පරාජය කිරීමට එයට හැකිවිය.
—>1967 සය දින යුද්ධයේදී සලමොන්ගේ/හෙරෝද්ගේ දෙව් මැඳුර ලෙස ප්රකටව තිබූ යාවේ දෙවිඳුන්ගේ දෙව්මැඳුර පිහිටා තිබූ මොරියා කන්ද මතවූ ටෙම්පල් මවුන්ට් නැමැති භූමි ප්රදේශය ඊශ්රායෙල් හමුදා විසින් අත්පත් කර ගන්නා ලදී.
—>සෙන්හෙන්ඩ්රියන් මංඩලය නැවත ප්රතිස්ථාපනය කර ඇත.
—>යාවේ දෙවිඳුන්ගේ දෙව්මැඳුරට අවශ්ය සියලුම භාංඩ දැන් සාදා නිම කර ඇත.
එහෙත් ක්රි.පූ. 722දී විප්රවාසීවූ උත්තර රාජ්ය හෙවත් ඊශ්රායෙල් රාජ්යයේ ගෝත්ර 10 න් වැඩි කොටසක් තවමත් අන්යජාතීන් අතර වෙසෙන බව විද්වතුන්ගේ මතයයි.එහෙයින් එම විප්රවාසි ජනතාවද
ඊශ්රායෙල් රාජ්ය වෙතට පැමිනි විට ඉහත දිවැසාවලිය 100% ක් ම ඉටුවූ බව පැවසිය හැකි වනු ඇත.පහත බයිබල් යොමුව බලන්න.
"ඔවුහූ තමුන්ගේ දේව රූපවලින්වත් තමුන්ගේ අශික්ෂිත කම්වලින් වත් තමුන්ගේ සියලු වරද වලින්වත් තමන් කිලිටි කර නොගන්නෝය.ඔවුන් පව් කලාවු තමුන්ගේ සියලු වාසස්ථාන වලින් මම ඔවුන් ගලවා ඔවුන් පිරිසිදු කරන්නෙමි.මෙසේ ඔවුහූ මගේ සෙනඟ වන්නෝය,මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි". එසකියෙල් 37:23
වර්තමානයේ අන්යාගාමිකවී සිටින මොවුන් පිරිසිදු කර සිය ප්රවේනි බිමට නැවත ගෙන එනු ලබන බව මෙයින් පෙන්වා දෙනු ලබයි.
ඊශ්රායෙල්වරුන් මිසරයේ සිට කානාන් දේශයට නික්මයාමේ ගමන් මඟ දක්වන සිතියම
http://www.bible-history.com/maps/Map-Route-Exodus-Israelites-Egypt.jpg
කරුණාකර මෙය right click කර open hyperlink යන්න ඔබන්න
කානාන් දේශය ගෝත්ර දොලොස අතර බෙදා දීම දක්වන සිතියම
http://www.bible-history.com/geography/maps/Map-Canaan-Twelve-Tribes.jpg
කරුණාකර මෙය right click කර open hyperlink යන්න ඔබන්න
ඉපැරනි අඩිතාලම මත යාවේ Y H W H දෙවිඳුන්ගේ 03 දෙව් මැඳුර ඉඳි කිරීම පිලිබඳව විස්තර මෙතැනින් ලබා ගන්න
http://www.squidoo.com/templejerusalem
ඊශ්රායෙල් නිදහස් ප්රකාශය
Declaration of Establishment of State of Israel
14 May 1948
THE DECLARATION OF THE ESTABLISHMENT OF THE STATE OF ISRAEL
May 14, 1948
On May 14, 1948, on the day in which the British Mandate over a Palestine expired, the Jewish People’s Council gathered at the Tel Aviv Museum, and approved the following proclamation, declaring the establishment of the State of Israel. The new state was recognized that night by the United States and three days later by the USSR.
Text:
ERETZ-ISRAEL [(Hebrew) - the Land of Israel, Palestine] was the birthplace of the Jewish people. Here their spiritual, religious and political identity was shaped. Here they first attained to statehood, created cultural values of national and universal significance and gave to the world the eternal Book of Books.
After being forcibly exiled from their land, the people kept faith with it throughout their Dispersion and never ceased to pray and hope for their return to it and for the restoration in it of their political freedom.
Impelled by this historic and traditional attachment, Jews strove in every successive generation to re-establish themselves in their ancient homeland. In recent decades they returned in their masses. Pioneers, ma’pilim [(Hebrew) - immigrants coming to Eretz-Israel in defiance of restrictive legislation] and defenders, they made deserts bloom, revived the Hebrew language, built villages and towns, and created a thriving community controlling its own economy and culture, loving peace but knowing how to defend itself, bringing the blessings of progress to all the country’s inhabitants, and aspiring towards independent nationhood.
In the year 5657 (1897), at the summons of the spiritual father of the Jewish State, Theodore Herzl, the First Zionist Congress convened and proclaimed the right of the Jewish people to national rebirth in its own country.
This right was recognized in the Balfour Declaration of the 2nd November, 1917, and re-affirmed in the Mandate of the League of Nations which, in particular, gave international sanction to the historic connection between the Jewish people and Eretz-Israel and to the right of the Jewish people to rebuild its National Home.
The catastrophe which recently befell the Jewish people – the massacre of millions of Jews in Europe – was another clear demonstration of the urgency of solving the problem of its homelessness by re-establishing in Eretz-Israel the Jewish State, which would open the gates of the homeland wide to every Jew and confer upon the Jewish people the status of a fully privileged member of the comity of nations.
Survivors of the Nazi holocaust in Europe, as well as Jews from other parts of the world, continued to migrate to Eretz-Israel, undaunted by difficulties, restrictions and dangers, and never ceased to assert their right to a life of dignity, freedom and honest toil in their national homeland.
In the Second World War, the Jewish community of this country contributed its full share to the struggle of the freedom- and peace-loving nations against the forces of Nazi wickedness and, by the blood of its soldiers and its war effort, gained the right to be reckoned among the peoples who founded the United Nations.
On the 29th November, 1947, the United Nations General Assembly passed a resolution calling for the establishment of a Jewish State in Eretz-Israel; the General Assembly required the inhabitants of Eretz-Israel to take such steps as were necessary on their part for the implementation of that resolution. This recognition by the United Nations of the right of the Jewish people to establish their State is irrevocable.
This right is the natural right of the Jewish people to be masters of their own fate, like all other nations, in their own sovereign State.
ACCORDINGLY WE, MEMBERS OF THE PEOPLE’S COUNCIL, REPRESENTATIVES OF THE JEWISH COMMUNITY OF ERETZ-ISRAEL AND OF THE ZIONIST MOVEMENT, ARE HERE ASSEMBLED ON THE DAY OF THE TERMINATION OF THE BRITISH MANDATE OVER ERETZ-ISRAEL AND, BY VIRTUE OF OUR NATURAL AND HISTORIC RIGHT AND ON THE STRENGTH OF THE RESOLUTION OF THE UNITED NATIONS GENERAL ASSEMBLY, HEREBY DECLARE THE ESTABLISHMENT OF A JEWISH STATE IN ERETZ-ISRAEL, TO BE KNOWN AS THE STATE OF ISRAEL.
WE DECLARE that, with effect from the moment of the termination of the Mandate being tonight, the eve of Sabbath, the 6th Iyar, 5708 (15th May, 1948), until the establishment of the elected, regular authorities of the State in accordance with the Constitution which shall be adopted by the Elected Constituent Assembly not later than the 1st October 1948, the People’s Council shall act as a Provisional Council of State, and its executive organ, the People’s Administration, shall be the Provisional Government of the Jewish State, to be called "Israel".
THE STATE OF ISRAEL will be open for Jewish immigration and for the Ingathering of the Exiles; it will foster the development of the country for the benefit of all its inhabitants; it will be based on freedom, justice and peace as envisaged by the prophets of Israel; it will ensure complete equality of social and political rights to all its inhabitants irrespective of religion, race or sex; it will guarantee freedom of religion, conscience, language, education and culture; it will safeguard the Holy Places of all religions; and it will be faithful to the principles of the Charter of the United Nations.
THE STATE OF ISRAEL is prepared to cooperate with the agencies and representatives of the United Nations in implementing the resolution of the General Assembly of the 29th November, 1947, and will take steps to bring about the economic union of the whole of Eretz-Israel.
WE APPEAL to the United Nations to assist the Jewish people in the building-up of its State and to receive the State of Israel into the comity of nations.
WE APPEAL – in the very midst of the onslaught launched against us now for months – to the Arab inhabitants of the State of Israel to preserve peace and participate in the upbuilding of the State on the basis of full and equal citizenship and due representation in all its provisional and permanent institutions.
WE EXTEND our hand to all neighbouring states and their peoples in an offer of peace and good neighbourliness, and appeal to them to establish bonds of cooperation and mutual help with the sovereign Jewish people settled in its own land. The State of Israel is prepared to do its share in a common effort for the advancement of the entire Middle East.
WE APPEAL to the Jewish people throughout the Diaspora to rally round the Jews of Eretz-Israel in the tasks of immigration and upbuilding and to stand by them in the great struggle for the realization of the age-old dream – the redemption of Israel.
PLACING OUR TRUST IN THE "ROCK OF ISRAEL", WE AFFIX OUR SIGNATURES TO THIS PROCLAMATION AT THIS SESSION OF THE PROVISIONAL COUNCIL OF STATE, ON THE SOIL OF THE HOMELAND, IN THE CITY OF TEL-AVIV, ON THIS SABBATH EVE, THE 5TH DAY OF IYAR, 5708 (14TH MAY,1948).
David Ben-Gurion
Daniel Auster
Mordekhai Bentov
Yitzchak Ben Zvi
Eliyahu Berligne
Fritz Bernstein
Rabbi Wolf Gold
Meir Grabovsky
Yitzchak Gruenbaum
Dr. Abraham Granovsky
Eliyahu Dobkin
Meir Wilner-Kovner
Zerach Wahrhaftig
Herzl Vardi
Rachel Cohen
Rabbi Kalman Kahana
Saadia Kobashi
Rabbi Yitzchak Meir Levin
Meir David Loewenstein
Zvi Luria
Golda Myerson
Nachum Nir
Zvi Segal
Rabbi Yehuda Leib Hacohen Fishman
David Zvi Pinkas
Aharon Zisling
Moshe Kolodny
Eliezer Kaplan
Abraham Katznelson
Felix Rosenblueth
David Remez
Berl Repetur
Mordekhai Shattner
Ben Zion Sternberg
Bekhor Shitreet
Moshe Shapira
Moshe Shertok
* Published in the Official Gazette, No. 1 of the 5th, Iyar, 5708 (14th May, 1948).
සාරංශය 3:1:2:1-අ.පො.ස.( උසස්.පෙළ ) ක්රිස්තියානි ධර්මය, විස්තරාත්මක සටහන්
+++++++++++++++++++++++++++++++++
කානාන්/පොරොන්දු දේශය/ඊශ්රායෙලය
දාන් බෙයර්ෂෙබා
දිග x පළල සැ.150×50-60
මුළු වර්ග ප්රමානය ව.සැ. 8000 (වර්තමාන ) ගලිල මුහුද
දිග x පළල සැ. 13 x 08 මළ මුහුද
මුහුදු මට්ටමේ සිට අඩි 1000 කට වඩා පහතින් පිහිටා ඇත
ලවණ සාන්ද්රණය අධික බැවින් මිනිසෙක් වුවද නොගිලී පාවේ
+++++++++++++++++++++++++++++++++
ශුද්ධ දේශයේ භුගෝලීය පසුබිම,පුරාන ගිවිසුම් සමය තුළ
බබිලෝනියානු හා
ඇසිරියානු ශිෂ්ඨාචාර
යුප්රටීස් හා ටයිග්රීස්
ශිෂ්ඨාචාර
කානාන්/පොරොන්දු දේශය
ඊශ්රායෙලය/ඊශ්රායෙලය
යුදය හා පිලිස්තියාව/
යුදය හා සමාරිය/
පලස්තීනය/ශුද්ධ දේශය
නයිල් ගංගා
ශිෂ්ඨාචාර
පුරාන ගිවිසුම් සමයේ ශුද්ධ දේශයේ ප්රධාන භූගෝලීය කලාප 05. 1.මුහුදු තීරය 2.බටහිර කඳු 3.යොර්දාන් නිම්නය 4 නැගෙනහිර කඳු 5.කාන්තාරය
1 මුහුදු තීරය
සමන්විත වන්නේ ෂැරෝන් තැනිතලාවෙන් සහ පිලිස්තියාවෙන්ය.
එහි ප්රධාන නගර-පිලිස්තියානුන් විසින් පාලනය කරනු ලැබීය.
*ගාසා *අෂ්කොලොන් *ගාත් *අෂ්දෝද් *එක්රෝන්
පිලිස්තියාවේ ප්රධාන වැවිළි වූයේ ඔලීව් හා ධාන්ය වගාවය.සිතියම අංක 01 බලන්න.
2.බටහිර කඳු, කොටස් 04 කින් සමන්විත වෙයි.
ඒවා නම් #ගලීලය #සමාරිය #යුදය#නෙගෙව්/නෙගෙබ් ගලීලය- දෙකොටසකි
(1)ඉහල ගලීලය—>මුහුදු මට්ටමේ සිට අඩි 3000-4000 —>අධික සුළඟ හා වර්ෂාපතනය
(11)පහල ගලීලය–>මුහුදු මට්ටමේ සිට අඩි 2000
සමාරිය
—->ඒප්රායිම් හා මනස්සේ අර්ධ ගෝත්රවල නිජ බිම
—>ප්රධාන වගාව මිදි හා ඔලීව්
යුදය
—-> මුල් පියවරු/පත්රියාක් වරුන්ගේ සොහොන් කොත් පිහිටා තිබින. ( ආබ්රහම්,ඊසාක් හා යාකොබ් ) හා සාරා
—>හෙබ්රෝන් ප්රධාන නගරය විය
නෙගෙව්
—->ව.සැ. 5140 —->වාර්ෂික වර්ෂාපතනය අඟල් 2-4 —->යුදා කඳුකරයත්,සීනායි අර්ධද්වීපයත්,මුහුදු තීරයටත් මායිම්ව පිහිටා තිබින. –>බෙයර්ෂෙබා සරුසාර පසෙන් යුතු විය.
යොර්දාන් නිම්නය
—>යොර්දාන් ගඟ ලෙබනනයේ හර්මෝන් කඳුකරයෙන් ඇරඹී ගලීල මුහුදටද අනතුරුව මළ මුහුදටද ගලා බසී.
—> සාමාන්ය පළල යාර 90
—>ගැඹුර අඩි 3-10 අතර
— > නැඟෙනහිර කඳු
—>බාෂාන්,ගිලියද්,අම්මෝන්,මෝවබ් හා ඒදොම් යන කඳු වලින් යුතුය.
කාන්තාරය —>සිරියානු කාන්තාරය ——————————————————–
නව ගිවිසුම් සමය තුළ ශුද්ධ දේශයේ භූගෝලීය පසුබිම- —————————————-
ශුද්ධ දේශය ,කොටස් 04 කට බෙදේ.
උතුරු පලාත—>ගලීලය
මධ්යම පලාත–>සමාරිය
දකුණු පලාත—–>යුදය
නැඟෙනහිර පලාත—>පෙරයාව
ගලීලය
මායිම්—>උතුරට ලෙබනන් කඳු, දකුණට කර්මෙල් කඳුවැටිය හා එස්ද්රොලෝන් තැනිතලාව, ගිනිකොනට ගලීල මුහුද/ගෙනසේරත් විල
—->ගලීලය මුහුද අවට පිහිටි නගර-තිබේරියස්,බෙත්සයිදා,මග්දලාව හා කපර්ණවුම
—> අභ්යන්තරව නාසරෙත්,නායින් හා කානා යන නගර පිහිටා තිබින.
—-> ප්රධාන වෘත්තිය ධීවර කර්මාන්තය හා ගොවිතැන
—->ශක්ති සම්පන්න වැසියන් ජීවත් වූ පෙදෙසෙකි
සිතියම අංක 02 බලන්න.
—->ක්රිස්තුස් වහන්සේගේ ජීවිතයේ ප්රධාන සිද්ධීන් මෙම ප්රදේශය ආශ්රිතව විය.
—->පළමු ශ්රාවකයන් 04 දෙනා කැඳවීම(මතෙව්4;08)
—->ලාදුරු රෝගියා සුව කිරීම(මතෙව් 8:01
—->කුණාටුව සංසිදුවීම/මාරුත දමනය(මතෙව් 8:27
—->ශ්රාවකයන් 12 කැඳවීම(මාක් 3:13)
සමාරිය(මධ්යම පලාත )
—-> මිශ්ර ජනතාවක් විසූ ප්රදේශයකි.
—->උතුරින් ගලීලයද,දකුණින් යුදා දේශයද පිහිටා තිබින.
—–> යුදෙව්වන්/ඊශ්රායෙල්වරුන්, සමාරිතානුවරුන් පහත් ජන කොටසක් ලෙස සැලකූහ.
—->පැරනි හෙබ්රෙව් අකුරුවලින් ඔවුන්ගේ පංච පුස්තකය සමන්විත විය.
—-> සමාරිතානුවරුන් ක්රිස්තුස් වහන්සේගේ සේවාවේ දායකත්වය ලද ජන කොටසකි
—->යේසුස් සමිඳුන් හා සාංවාදයේ යෙදුනු ස්ත්රීය විසූයේ සිඛාර් නැමැති මෙහි නගරයකය.
යුදය
—>කඳුවලින් සමන්විත වෙයි
—-> යුදෙව්වරුන්ගේ/ඊශ්රායෙල්වරුන්ගේ ආගමික හා සාමාජීය හා සංස්කෘතියේකේන්ද්රස්ථානය
—->මුහුදු මට්ටමේ සිට අඩි 2400 ක් පමන උසින් පිහිටියේය.
—-> යාවේ/ජෙහෝවා දෙවිඳුන් වෙනුවෙන් කැපවූ මහා දේව මන්දීරය යෙරුසලමේහි මොරියා කන්ද මත පිහිටා තිබින.=================================
ශුද්ධ දේශයේ/ඊශ්රායෙලයේ වර්තමාන භූගෝලීය පිහිටීම
අප්රිකාව—->ඊශ්රායෙලය<—–ආසියාව
=================================ශුද්ධ දේශය හැඳින්වීමේ නාමයන් යෙදුනු ආකාරය
පොරොන්දු දේශය——>ආබ්රහම්,ඊසාක් හා යාකොබ් යන මුල් පියවරුන්ට දෙවියන්වහන්සේ විසින් දීමට පොරොන්දුවූ දේශය නිසාවෙන්-උත්පත්ති 17:08
කානාන් ———> දේශයේ විසූ කානානි වරුන්ගේ නාමය අනුව යෙදින.
ඊශ්රායෙල් දේශය—->දෙවියන්වහන්සේ, යාකොබ්ගේ නාමය ඊශ්රායෙල් ලෙස වෙනස් කළ බැවින් ඔහුගෙන් පැවතෙන්නන් හා දේශය එනමින් හැඳින්වින.උත්පත්ති 32:28 නව ගිවිසුම් සමයේ දේශය හැඳින්වී ඇත්තේද මෙනමිනි.මතෙව්2:21
ඊශ්රායෙලය,යුදා දේශය හා පිලිස්තියාව—>සලමොන් රජුගෙන් පසුව දේශය, 02 ට බෙදුනු අතර උතුරු හා දකුණු දිග රාජ්යයන් පිළිවෙලින් ඊශ්රායෙලය හා යුදා දේශය ලෙසද, මුහුදු තීරය පිලිස්තියාව ලෙසද හැඳින්වින.
යුදය හා සමාරිය—-> දකුණු දිග රාජ්ය පසුකාලීනව හැඳින්වුනු නාමයයි.
ශුද්ධ දේශය—-> සියළුම දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන් හා දේව පුත්රයා පහලවූ නිජ බිම බැවින් හා දෙවිඳුන් සිය දේව ජනතාව සඳහා තෝරා ගත් දේශය බැවින්
පලස්තීනය—->ක්රි.ව.71දී ටයිටස් සෙනෙවියා විසින් යෙරුසලම හා යාවේ දෙවිඳුන්ගේ දේවමාලිගාව විනාශ කිරීමෙන් පසුව ක්රි.ව.133දී හාඩ්රියන් නැමැති රෝමානු අධිරාජයා විසින් දේශයේ නාමය පලස්තීනය ලෙස වෙනස් කරන ලදී.
ශුද්ධ දේශයේ භූගෝලීය හා දේශපාලන පසුබිම-අ.පො.ස.( උසස්.පෙළ ) ක්රිස්තියානි ධර්මය, විස්තරාත්මක සටහන්
3:1:2:1
පුරාන ගිවිසුම් සමය තුළ ශුද්ධ දේශයේ භූගෝලීය පසුබිම
බබිලෝනියානු හා
ඇසිරියානු ශිෂ්ඨාචාර
යුප්රටීස් හා ටයිග්රීස්
ශිෂ්ඨාචාර
Temple of Jerusalem
කානාන්/පොරොන්දු දේශය
ඊශ්රායෙලය/ඊශ්රායෙලය
යුදය හා පිලිස්තියාව/
යුදය හා සමාරියාව/
පලස්තීනය/ශුද්ධ දේශය
නයිල් ගංගා
ශිෂ්ඨාචාර
නයිල් ගංගා ආශ්රිත ශිෂ්ඨාරයන්ට සම්බන්ධ අධිරාජයයන්ට හා යුප්රටීස්,ටයිග්රීස් ගංගා ද්වය ආශ්රිතව ගොඩ නැගුනු අසිරියානු හා බබිලෝනියානු ශිෂ්ඨාචාරයන්ට මැදිව ශුද්ධ දේශය පිහිටියේය. නිසරු කාන්තාර මැද උක්ත ගංගා ආශ්රිතව සරු පසෙන් යුතු කලාපයක පිහිටා ඇති බැවින් සරු අඬ සඳ කලාපය ලෙස
හැඳින්වෙයි.
පැරනි ශුද්ධ දේශය ප්රධාන වශයෙන් කලාප 5 කට බෙදිය හැක.
1.මුහුදු තීරය 2. බටහිර කඳු 3. යොර්දාන් නිම්නය 4. නැඟෙනහිර කඳු 5. කාන්තාරය
කානාන්/පොරොන්දු දේශය/ඊශ්රායෙලය
දාන් __________________ බෙයර්ෂෙබා
දිග x පලල සැ. 150 x 50-60
ගලීල මුහුද Sea of Galilee
දිග x පළල සැ. 13 x 08
මධ්යධරනි මුහුදට ඇති දුර සැ. 28
මුහුදු තීරය සිතියම අංක 01 බලන්න.
ෂැරෝන් තැනිතලාවෙන්ද, පිලිස්තියාවෙන්ද යුක්ත විය.අක්කෝ නගරය උතුරෙන් පිහිටා තිබින.ගාසා,අෂ්කොලෝන්,ගාත්,අෂ්දෝද් හා එක්රෝන් පිලිස්තියාවේ ප්රධාන නගරයන් විය. ප්රධාන වැවිළි ධාන්ය වගාවය. සරුසාර පසෙන් යුතු විය.
බටහිර කඳු
ගලීලය,සමාරිය,යුදය හා නෙගෙව් යනුවෙන් කොටස් 04 කි.
ගලීලය Galilee
ඉහල හා පහල ගලීලය ලෙස දෙකොටසකි.
ඉහල ගලීලය මුහුදු මට්ටමටමින් අඩි 3000-4000 ඉහලින්ද,පහල ගලීලය අඩි 2000 උසින්ද පිහිටා ඇත.ජල මාර්ග අධික විය. පස සරු සාර විය. ධාන්ය වගා කෙරින.භූමි කම්පා නිතර ඇති විය.
සමාරිය Samaria
මන්ස්සේ අර්ධ ගෝත්රයේ නිජ බිම වෙයි. මිදි වගාවට ප්රසිද්ධ විය. සමාරියේ රජෙක්වූ ආහබ්ගේ බිරිය යෙසබෙල්, රජමාලිගාවට යාබදව තිබූ නාබොත් සතු මිදි වත්ත , නාබොත්ව සාවධ්ය ලෙස ඝාතනය කොට අත්පත් කර ගත්තේය.( 1 රාජාවලිය 21 පරි: )
යුදය Judea
ප්රධාන නගරය හෙබ්බ්රෝන් ය. එහි ඊශ්රායෙල්වරුන්ගේ මුල් පියවරු හෙවත් පත්රියාක්වරු වන ආබ්රහම්,ඊසාක් හා යාකොබ්ගේ සොහොන් කොත් පිහිටි මක්පෙලා ගුහාව තිබින. සාරාද මිහිදන් කරන ලද්දේ මෙහිමය.
යෙරුසලම අගනුවර වීමට කලින් හෙබ්බ්රෝන් යුදා දේශයේ අග නගරය විය. දාවිත්ගේ රාජාභිෂේකය පවත්වන ලද්දේද මෙහිදීය.
නෙගෙව්/නෙගෙබ් Negev
ව.සැ. 5140 කින් යුතු විය. යුදා කඳුකරයත් සීනායි අර්ධද්වීපයත්, මුහුදු තීරයත් මායිම් වනසේ පිහිටා තිබින. වාර්ෂික වර්ෂාපතනය අඟල් 2-4 දක්වා වෙයි. බෙයර්ෂෙබා ප්රදේශය සරුසාර පසෙන් යුතු විය. මෙහි දියුණු නගර ගණනාවක් තිබින.
යොර්දාන් නිම්නය Jordan Valley
ලෙබනනයේ හර්මෝන් කඳුකරයෙන් ඇරඹී කඳුකරයේ ගඹුරු ආගාධ තුලින් ගලීල මුහුදට ද අනතුරුව මළ මුහුදටද ගලා බසී.එහි සාමාන්ය පළල යාර 90 කට වැඩි නොවේ.ගැඹුර අඩි 3 සිට 10න් දක්වා වෙනස් වෙයි.
නැඟෙනහිර කඳු
බාෂාන්,ගිලියද්,අම්මෝන්,මෝවාබ්,හා ඒදොම් යන කඳු මෙයට අයත් වෙයි.
කාන්තාරය
නඟෙනහිරට ඇත්තේ සිරියානු කාන්තාරයයි.
නව ගිවිසුම් සමයේ ශුද්ධ දේශයේ ප්රධාන බෙදීම්
උතුරු පලාත — ගලීලය Galilee
මධ්යම පළාත – සමාරිය Samaria
දකුණු පළාත – යුදය Judea
නැඟෙනහිර – පෙරයාව Peraea
ශුදධ දේශයේ මායිම්- උතුරට ලෙබනන් කඳු වැටියද,දකුණට කාර්මෙල් කඳුවැටිය හා එස්ද්රොලෝන්
තැනිතලාවද ගිනිකොනට ගලීල මුහුදද/ගෙනසේරත් විලද පිහිටා තිබින.එම මුහුද මුහුදු මට්ටමින් අඩි 700 පමන උසින් පිහිටා තිබින.ක්රිස්තුස්වහන්සේගේ සේවයෙන් වැඩි කොටසක් ගෙවුනේ ගලීලයේය.
ගලීලයේ මුහුද/ගෙනසේරත් විල අවට පිහිටි නගර තිබේරියස්,බෙත්සයිදා,මග්දලාව,හා කපර්නවුම
නාසරෙත්,නායින් හා කානා යන නගරයන් අභ්යන්තරව පිහිටා තිබින. සිතියම අංක 02 බලන්න.ගලීල වැසියන් ගොවිතැනෙන් හා ධීවර කර්මාන්ත්යෙන් දිවි ගෙවූහ. ඔවුන් ශක්ති සම්පන්න ජනතාවකි.
ක්රිස්තුවහන්සේගේ ජීවිතයේ ප්රධාන සිදුවීම් මෙම ප්රදේශයේදී සිදු විය.
පළමු ශ්රාවකයන් කැඳවීම — මතෙව් 4:18
ලාදුරු රෝගියාට සුව පත් කිරීම –මතෙව් 8:01
කුණාටුව සංසිදුවීම/මාරුත දමනය-මතෙව් 8:27
ශ්රාවකයන් 12 කැඳවීම–මාක් 3:13
සමාරිය Samaria
සමාරියට උතුරින් ගලීලයද,දකුණින් යුදා දේශයද පිහිටා තිබින.යේසුස් සමිඳුන් ස්ත්රීයක හා සාංවාදයේ යෙදුනු සිඛාර් නැමැති ගම මෙහි පිහිටියේය.( යොහාන් 4 පරි. )
ජන වාර්ගික සංයුතිය
ක්රි.පූ. 727 දක්වා වරින් වර සිදුවූ ඇසිරියානු ආක්රමන වලට සමාරිය බඳුන් විය.සාගොන් නැමැති ඇසිරියානු රජු ක්රි.පූ.727 දී සමාරියා යටත් කළේය.එහි සිටි යුදා ජනතාව බබිලෝනියට පිටුවහල් කරන ලදී.ඉන් පසුව බබිලෝනියෙන්ද කුතාවෙන්ද අව්වාවෙන්ද හම්මාතෙන්ද මිනිසුන් ගෙනැවිත් සමාරියේ පදිංචි කරවන ලදී.( 2 රාජාවලිය 17 පරි. ) සමාරිතානුන් පැවත ආවේ මෙම මිශ්ර ජන වාර්ගිකයන්ගෙනි.ඔවුනට පසුව යුදාගම පුරුදු පුහුණු කරවන ලදී.( 2 රාජාවලිය 17: 27-28 )
යුදය Judea
ඊශ්රායෙලය,ඊශ්රායෙලය හා යුද ය වශයෙන් සලමොන් රජුගෙන් පසුව දෙකට බෙදුනි. යුදා දේශයේ අග නුවර යෙරුසලම විය.එය මුහුදු මට්ටමින් අඩි 2400ක් පමන උසින් පිහිටියේය. සලමොන් රජ ක්රි.පූ. 954 දී පමන දාවිත් රජ විසින් යෙබූසිය ඔර්ණන්ගෙන් මිළදී ගත් මොරියා කන්ද මතවූ කමත මත 1 දෙව්
මැඳුර ඉඳි කරන ලදී.
යාවේ/ජෙහෝවා Yawe/Jehovah දෙව්මැඳුරේ ඉතිහාසය
ක්රි.පූ. 954-සලමොන් රජු 1 දෙව් මැඳුර ගොඩ නැඟීම අරඹයි
856-බබිලෝනියානු නෙබුකද්නේෂර් රජු දෙව් මැඳුර ගිනි
තබා විනාශ කරයි.
520-සෙරුබ්බාබෙල් දෙවන දෙව් මැඳුර ගොඩනැගීම අරඹයි
යොර්දාන් නිම්නය Jordan Valley
ක්රි.ව. -20 1 හෙරෝද් රජු දෙව් මැඳුර පිළිසකර කිරීම
අරඹයි. ගතවූ කාලය වසර 40 කි.
71-අනවරත යුදෙව් රෝම යුධ ගැටුම් වලින් පසුව ටයිටස් General Titus සෙනෙවියා දෙව් මැඳුර ගිනි තබා විනාශ කරයි.
එය කැප කර තිබුනේ යාවේ/ජෙහෝවා දෙවිඳුන්ගේ නමටය. එය තිබුනේ මොරියා කන්ද මතය.එය පිහිටි ස්ථානය වර්තමානයේ හැඳින්වෙන නම: ටෙම්පල්මවුන්ට් Temple Mount
පැරනි ඊශ්රායෙලය ගැන බයිබලයේ සඳහන් ස්ථාන:
උත්පත්ති පොතේ සිට මලාකි දක්වා හා ශුභාරංචි පොත්වල පැරනි ඊශ්රායෙලයේ දේශපාලන පසුබිම
* මුලින්ම මෝසෙස්,යොෂුවා හා ඉන් පසුව ගෝත්ර ප්රධානීන්ද
(වීරාවලිය 1:03 ) අනතුරුව වීර නයකයන්/විනිසුරුවරුන් පාලනය කිරීම සඳහා පත් කරන ලදී.ඔවුන් නම් ඔත්නියෙල්,ඒහුද්,ෂම්ගර්,දෙබෝරා( දිවැසිවරියක්ද විය )හා
බාරාක්,ගිඩියොන්,තෝලා සහ යායිර්,යෙප්තා,ඉබ්ශාන්,ඒලෝන්,අබ්දෝන් හා
සම්සොන්
*අනතුරුව දිවැසිවර සාමුවෙල්
*අනතුරුව රජවරුන්ගේ පාලනය( 1 ,11 රාජාවලි ),1, 11 වංසාවලිය/ ලේකම් )
ක්රි.පූ.1014-ප්රතම රජ සාවුල්
930-සලමොන් රජකමට පත් වෙයි. ඔහුගෙන් පසුව රාජ්ය, ඊශ්රායෙල් හා යුදා වශයෙන් දෙකට බෙදෙයි.
මෙම රජවරුන්ගේ ලේඛණය වෙනමම දක්වා ඇත.
588-වරින් වර සිදුවූ ඇසිරියානු,බබිලෝනියානු හා කාල්දිවරුන්ගේ ආක්රමන නිසා රාජය 02 ම ක්රි.පූ. 586 වන විට අභාවයට යයි.යුදා හා ඊශ්රායෙල් ජනතාව විප්රවාසයට ගෙනයනු ලබයි.
ඊශ්රායෙල්වරු/යුදා ජාතිකයන් විප්රවාසයෙන් පෙරලා පැමිනෙයි.
538-පර්සියාවේ සයිරස්/කෝරේෂ් රජ දෙව් මැඳුර
ගොඩනැගීමටත් යුදෙව්වරුන්ට/ඊශ්රායෙල්වරුන්ට සිය රට පැමිනීමටත් අවසර දෙයි.
( වීරාවලිය /ලේකම් 36:22)
520-සෙරුබ්බබෙල් දෙවන දෙව් මැඳුර ගොඩ නැඟීම අරඹයි. එස්රා 3 පර්ර.
444 නෙහෙමියා විසින් යෙරුසලමේ පවුරු ගොඩ නැඟීම (යෙරමියා 4 පරි.)
387-එස්රා නැමැති යුදෙව් දහම් ඇඳුරාගේ ආගමික ප්රතිසංස්කරණය.
167-හැස්මෝනියානු කැරැල්ල.යුදා මැකබි යෙරුසලම නිදහස් කර ගනී.දෙව් මැඳුර පිරිසිදු කරයි.
මැකබිවරුන්ගේ පාලනය
20- 1 හෙරෝද් රජ දෙව් මැදුර විශාල කර ගොඩ නැඟීම අරඹයි.
ක්රි.ව.-18 සිය දෙමාපියන් කැටිව පාස්කුව පැවැත් වීමට
යෙරුසලමට පැමිනි යේසුස් නමැති ළමයා( වයස අවු. 12ක් පමන වෙයි.)යුදෙව් රබ්බීවරුන්
හා සාකච්ඡා කරමින් සිටිනු දෙමාපියනට දක්නට ලැබෙයි.
17-රෝම ජාතික ටයිටස් සෙනෙවියා යෙරුසලම හා දෙව්මැඳුර විනාශ කර දැමීය.
132-බාර් කොච්බා රෝම අධිරාජජ්ය හමුදාවලට විරුද්ධව අවසන් සටන මෙහෙය විය.
133-හාඩ්රියන් නැමැති රෝමනු අධිරාජයා යෙරුසලම අලියා කැපිටොලෝනියා Aliya
Capitoloniya ලෙසත්,යුදා හා ඊශ්රායෙල් දේශය පලස්තීනය
Palestine ලෙසත් නම් කරයි.(යුදය,සමාරිය,ගලීලය,දෙකපොලිසය,පෙරයාව,ගාසා හා
ඉන්පසුව ට්රන්ස් යොර්දාන ලෙස හැඳින්වුනු ප්රදේශ ) මෙසේ පලස්තීනය Palestine ලෙස
නම් කෙරින.
1946-ට්රන්ස් යොර්දාන Trans Jordan, යොර්දාන් රජ්ය Kingdom of Jordan ලෙස
පලස්තීනයෙන් වෙන්වී ස්වාධීන රාජයයක් බවට පත් විය.
1948 මැයි 04-පලස්තීනයෙන් ඉතිරි කොටසින් අඩක ඊශ්රායෙල් රාජ්ය State of Israel *ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ටෙල් අවිව්හීදී ප්රකාශයට පමුනුවයි. ඒකාබද්ධ අරාබි හමුදා හා ඊශ්රායෙලය අතර ඇතිවූ සටනේදී ඔවුන් නැඟෙනහිර යෙරුසලම,යුදය හා සමාරිය (බටහිර ඉවුර West Bank )අල්ලා ගනී.
1967 ජූනි 06- 06 දින යුධයේදී ඊශ්රායෙල් හමුදා, යුදය හා සමාරිය( බටහිර ඉවුර ) හා නැඟෙනහිර යෙරුසලම අත්පත්කර ගනී.
*නමේ අරුත දාවිත් සිංහ පෝතකයා
=====================================================
1948 දී ඊශ්රායෙල් දේශය ස්ථාපිත කිරීම නිසා එසකියෙල් 36,37 පරි. වල දැක්වෙන අනාවැකි සැබෑ විය. එසකියෙල් 36 පරි. ඊශ්රායෙල් හා යුදා ජනතාව විප්රවාසයේ සිට නැවත පොරොන්දු දේශයට පුනරාගමනය කරන බවටත්, 37 පරි. ඊශ්රායලය එක රජෙකු යටතේ ස්ථාපනය කරන බවත් තව දුරටත් ජාතීන් 02 ක් වශයෙන් නොව එක් ජාතියක් වන බවත් දක්වා ඇත.
======================================================
Possibly related posts
Bible Clasification-New Testerment-අ.පො.ස.(උ.පෙළ )ක්රිස්තියානි ධර්මය ( රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විෂය නිර්දේශ විස්තරාත්මක සටහන්
අ.පො.ස. (උසස් පෙළ ) ක්රිස්තියානි ධර්මය-( රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විස්තරාත්මක සටහන්
3:1:1:1
අලුත් ගිවිසුම
Bible Clasification-Old Testerment-අ.පො.ස. (උසස් පෙළ ) ක්රිස්තියානි ධර්මය-(රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විස්තරාත්මක සටහන්
classification of the Bible-අ.පො.ස.(උ.පෙළ )ක්රිස්තියානි ධර්මය ( රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විෂය නිර්දේශ විස්තරාත්මක සටහන්
Israel=Holy Land=Canaan=Judea & Samaria-අ.පො.ස.(උ.පෙළ )ක්රිස්තියානි ධර්මය ( රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විෂය නිර්දේශ විස්තරාත්මක සටහන්
අ.පො.ස. (උසස් පෙළ) ක්රිස්තියානි ධර්මය ( රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන ) විස්තරාත්මක සටහන්
3:1:2:1
Israel=Holy Land=Canaan=Judea & Samaria
ඊශ්රායෙලය= ශුද්ධ දේශය =කානාන්=යුදය හා සමාරිය- භූගෝලීය හා දෙශපාලන වගුව.
යොෂුවා Joshua ක්රි.පූ.1300 දී කානාන් දේශය අත්පත් කර ගනී.
එය පිහිටියේ සරු අඩසඳ කලාපය තුලය.
එහෙයින් එය කිරි සහ පැනි ගලා යන දේශයක් ලෙස දක්වා ඇත. නික්මයාම 3:8
එහි සිටි ජාතින් වන්නේ කානානිවරු,හිත්තීවරු,අමෝරිවරු,පෙරිසිවරු,හිවීවරු හා යෙබුසිවරුන්ය. නික්මයාම 3:8
ආබ්රහම්, ඊසාක් හා යාකොබ් යන ඊශ්රායෙල් පත්රියාක් වරු හෙවත් පියවරු.
දෙවියන්වහන්සේ කානාන් දේශය ආබ්රහම් ගෙන් පැවතෙන්නන්ට දීමට පොරොන්දුවිය.
යාකොබ්ගේ Jacob නාමය ඊශ්රායෙල් ලෙස දෙවිඳුන් වෙනස් කලේය. කානාන් දේශයද ඊශ්රායෙලය Israel ලෙස හැදින්වින. ක්රි .පූ.1014.
පිලිස්තිවරු Philistines යනු කවරහුද?
ග්රීක හෝ ඊජිප්තියානු සම්භවයක් සහිත ඉන්දු යුරෝපීය ජන වාර්ගික, රණකාමි,නාවික ජනතාවක් ලෙස සැළකේ.කානාන් දේශයේ මධ්ය ධරණි මුහුදු ප්රදේශවල ඔවුන් ජීවත් වූහ.පසු කාලිනව ඔවුන් ඉතිහාසයෙන් අතුරුදහන් වූහ.ඔවුන් සිටි දේශය පිලිස්තියාව ලෙස හැඳින්විනි. කරුනාකර යාකොට ඇති සිතියම අංක 02 බලන්න.
පුරාන ගිවිසුම් සමය තුළ පශ්චාත් කානාන් දේශය හඳුන්වා ඇත්තේ කුමන නාමයකින්ද?
පළමුව ඊශ්රායෙලය ලෙසත් ඉන් පසු ඊශ්රායෙලය හා යුදා දේශය හා සමාරිය ලෙසත්ය.
ක්රිස්තුස්වහන්සේ ජීවත්වුනු කාළ සීමාව තුළ ශුද්ධ දේශය හඳුන්වා ඇත්තේ කවර නාමයකින්ද?
ඊශ්රායෙල් දේශය ලෙසය. මතෙව් 2:22 ” එවිට ඔහු ( යෝසෙප් )නැගිට ළදරුවාද( යේසුස්වහන්සේ) උන්වහන්සේගේ මැණියන්ද (මරියා ) රැගෙන ඊශ්රායෙල් දේශයට ආවේය”.
සිතියම අංක 01
එසේ නම් සිංහල බයිබලයේ පිටුපස ” ක්රිස්තුස් වහන්සේගේ කාලයේ පලස්තීනයයයි ” සිතියමක් නම් කිරීම නිවැරදිද?
නැත ,එය සාවධ්යය.
ඒ මන්ද?
ක්රිස්තුස්වහන්සේගේ කාලයේ පලස්තීනයක් නොතිබුනු හෙයිනි.
එසේ නම් පලස්තීනය ලෙස ව්යවාහාරයට පැමිනියේ කෙසේද?
ක්රි.ව.71-131 දක්ව යුදෙව් හා රෝමානු අධිරාජ්යය හමුද අතර පැවති යුද්ධ යේදී ටයිටස් සෙනෙවියා General Titus විසින් යුදෙව් හමුදා පරාජය කරනු ලැබීය. හඩ්රියන්Hadrian නැමැති රෝමානු අධිරාජයා , ඊශ්රායෙල් දේශය ( යුදය Judea , සමාරිය Samaria , ගලීලය Galilee ,දෙකපොලිසය Dekapolisa ,පෙරෙයාව Perea ,ගාසා Gaza ඉදුමිය Idumiya හා පසු කාලිනව ට්රන්ස් යොර්දාන් Trans Jordan ලෙස හැඳින්වුනු ප්රදේශද ), යුදෙව්වන්ට සතුරු කමින් ,ඊශ්රායෙල්වරුන්ගේ පස මිතුරන් සේ සැළකුනු, ඉතිහාසයෙන් අතුරුදහන්ව සිටි පිලිස්තිවරුන්ගේ දේශයේ නාමය පලස්තීනය Palestine ලෙසට වෙනස් කර ආදේශ කළහ.
ඔටෝමන් තුර්කිවරු 1516 මෙම ප්රදේශ අල්ලා ගත් විට ඔවුන්ද දිගටම පලස්තීනය Palestine යන නාමය ව්යවහාර කළෝය.
1917 දී ( පලමු ලෝක යුද්ධයේදී) බ්රිතාන්යයන් මෙම ප්රදේශ අල්ලාගත් අතර ඔවුන්ද දිගටම පලස්තීනය Palestine යයි ව්යවහාර කළෝය.
1946 දී ට්රන්ස් යොර්දාන යොර්දාන් රාජ්ය Kingdom of Jordan ලෙස පලස්තීනයෙන් වෙන්වී ස්වාධීන රාජ්යයක් විය.
1948 දී ඊශ්රායෙල් රාජ්ය State of Israel පිහිටුවනු ලැබීය.
1967 යුද්ධයේදී ඊශ්රායෙල් හමුදා යොර්දාන් හමුදා පරාජය කර බටහිර ඉවුර Western bank ලෙස හැඳින්වෙන යුදය හා සමාරිය හා නැගෙනහිර යෙරුසලමද East jerusalem අත්පත් කර ගත්හ.
යේසුස්වහන්සේ දේව නමස්කාරය/ජන වන්දනාව සඳහා යාමට පුරුදුව සිටි ක්රි. ව. 71 දී විනාශ කරන ලද යාවේ Yawe/Jehovah දෙවිදුන්ගේ හෙවත් හෙරෝද්ගෙ මහ දෙව් මැදුර Herod’s temple ලෙස ප්රචලිතව තිබූ , 2 වන දේව මන්දීරය පිහිටා තිබුනේ නැගෙනහිර යෙරුසලමේ මොරියා කන්ද හෙවත් ටෙම්පල් මවුන්ට් මතය.
Land of Israel at the time of Christ-Mattew 2:21-ක්රිස්තුස්වහන්සේගේ සමයේ ඊශ්රායෙල් දේශය දක්වන සිතියම-අ.පො.ස. (උසස් පෙල ) ක්රිස්තියානි ධර්මය-රෝමානු කතෝලික හා රෝමානු කතෝලික නොවන )
“And he (Joseph) arose, and took the young child(Jesus) and his mother(Mary), and
came into the Land of Israel” Matthew 2:21“
සිතියම අංක 02 | hplt_2 |
"මු හැමදාම බොනවා, මම ඇස් දෙකෙන්ම දැක්ක."
අන්ධ මිනිසා ගුටි කෑමට හේතු වුයේ ඔහුගේ මත්පැන් පානයයි. මෙම සිදුවීම මවිතයෙන් බලා සිටි පිරිස ඔහුගේ කතාව අසා අන්ධ මිනිසාට බැන වදින්නට විය. ඔවුන් ඉදිරියේ පහර කන්නේ ආබාදිතයෙකු බව ඔවුන්ට අමතක වී ගිය සේය. අවසානයේ පැමිණි බස් නැවතුම්පල නිලධාරියෙකු ගේ මැදිහත් වීමෙන් අනතුරුව සිද්ධිය සමතයකට පත් විය."
මෙම සිදුවෙම බස් නැවතූම්පලක මෑතකදී සිදු වූ සිද්ධියකි.
මෙවැනි ආකාරයෙන් මිනිසුන්ට පහර දීම හා අවට සිටින මිනිසුන් එම පහර දීම අනුමත කිරීම බුදුන් සරණ ගිය මිනිසුන් වැඩි ප්රමාණයක් සිටින රටක, පොතේ හැටියට ගතහොත් කිසිසේත්ම සිදු නොවිය හැකි දෙයකි. නමුත් කුමන හෝ ආකාරයකට එය සිදුවී තිබේ. මිනිසෙකුට අනුකම්පාව අවශ්යම මොහොතක ඒ වෙනුවට වයිරය ලැබීම තේරුම් ගැනීමට අපහසු ගැටලුවකි. යාචකයෙකු නම් සිටිය යුතු විදියක්, ආකාරයක් ඇත. මුළු ජීවිත කාලයම දුක විඳිය යුතුය. වහරිලි ඇඳිය යුතුය. කවදාවත් හොඳ නොවන තුවාල තිබිය යුතුය. අත පය හොඳට තිබේ නම් බැනුම් අසන ප්රමාණය වැඩිය. සුරාව, ගැහැණිය අකැපය. එය සමස්තය සිතන හැටිය, මෙම රාමුවෙන් පිට යන යාචකයාට සිදු වන්නේ ගුටි කෑමට බව ඉහත සිදුවීමෙන් පැහැදිලිවේ. එනම් යාචකයා ජීවත් විය යුත්තේ වෙනත් පිරිසකට වුවමනා එපාකම් වලට ගැලපෙන ආකාරයකටය, හැකි මිනිසා සිතන්නේ නොහැකි මිනිසාට ජීවත්වීම හැර වෙනත් කිසිම අරමුණක් නොතිබිය යුතුයි යන්නය. තවද යාචකයාගේ දරුවන්ට පවා සුව පහසු ජීවිතයක් අකැපය.
සමහර විට ඉහත සිදුවීමේ පහර දෙනු ලැබූ මිනිසා අන්ධ මිනිසාට කිසිම දවසක ආධාරයක් නොකල කෙනෙකු විය හැක. බහුතරයක් යාචකයන් මෙවැනි සිදු වීම් වලින් ගුටි කන්නේද බැනුම් අසන්නේද ඔවුන්ට කවදාවත් ආධාර නොකල මිනිසුන්ගෙනි. මෙවැනි මිනිසුන් අතමන්ට යාචකයා ගැන නැගෙන අනුකම්පාව තමන්ටම වදයක් වන විට එය නැති කරගැනීම සඳහා යාචකයා බොරුකාරයෙකු යයි සිතමින් කියමින් තමාවම රවටා ගනියි. වෙනත් මිනිසුන් තමන්ව ලොබයෙකු ලෙස දකීවි යන බයටද සමහරුන් යාචකයන්ව විවේචනය කරයි. කෙසේ වෙතත් ආධාර කිරීම හෝ නොකිරීමේ අයිතිය ආධාර කල හැකි මිනිසා සතුය. නමුත් හේතුවක් නැතිව මිනිසුන් විවේචනය කිරීමේ හෝ පහර දීමේ අයිතිය කිසිවෙකුට නැත. | hplt_2 |
පසුගියදා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ අංශය මගින් නිවෙස් මංකොල්ල කෑ මංකොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිවෙසකින් වතුර මෝටරයක් සොරකම් කරමින් සිටියදී මෙම පුද්ගලයාව අසුවී ඇති අතර පසුව ඔහු සතුව සොරකම් කළ භාන්ඩ රැසක්ම පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසිය පවසන ආකාරයට මෙම සොරකමේ යෙදුණ පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයස ඇති කටුවපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මීට පෙර ද මෙම පුද්ගලයා විවිධ දේපළ ... Read More »
Daily Archives: 2012 April 23
යට ඇදුම් වල සගවා ගත් බඩු සතොසේ දී අසුවේ
2012 අපේ්රල් 18 වනදා මීගමුව සතොස අළෙවි ප්රදර්ශනාගාරයේදී සොරකමක් සිදුවිය. ඒ සදහා සැකපිට අත්අඩංගුවට ගත්තේ එක ම පවුලේ මවක් සහ දියණියකි. ඔවුන් මීගමුව ප්රදේශයේ පදිංචි පුරවැසියන් වන අතර එම් සොරකම අසුවූ විට එම ආයතනය විසින් ඔවුන්ව පොලීසිය ට බාරදී ඇත. ඔවුන් ඇද සිටි ඇදුමේ යට ඇදුම් වල විශේෂයෙන් සකස් කරගත් කොටසක චීස්, බිස්කට්, කිරිපිටි සහ අභ්යාස පොත්, පෑන් පැන්සල් වැනි ... Read More » | hplt_2 |
මේ ප්රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා.
බර අඩු කර ගැනීම
· ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්න. ඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න
· ඔබ ලඟාකරගන්නා ඉලක්කය ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්න . කුඩා ප්රමාණයක බර අඩු වීමක් වුවද වැඩදායී වේ
· ඔබගේ ඉලක්ක සපුරාලීමට හැකිවන පරිදි, ක්රමානුකූලව, ආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න
· ඔබ අහාර වලින් ලබාගන්නා ශක්ති ප්රමාණයට වඩා වැඩි ශක්ති ප්රමාණයක්, ශරීරය වෙහෙසීම හරහා දහනය කිරීමෙන් ඔබගේ බර අඩු කරගත හැකිය
· හොඳ ආහාර පුරුදු මගින් ඔබගේ ශරීර බර වැඩි වීම පාලනය කරගත හැකිය .ඔබගේ ශරීර බර අඩු කර ගැනීම නිතර අභිප්රේරණය කරන්න
· සෙමින් ක්රමානුකූලව බර අඩු කර ගැනීම, ආරක්ෂිත හා වඩා ඵලදායී ක්රමයයි. ක්රමානුකූලව බර අඩුවීම, දීර්ඝ කාලීනව ශරීරයේ මේද ප්රමාණය අඩු කිරීමට හේතු වේ
· මධ්යස්ථ ක්රියාකාරී පුද්ගලයෙකුගේ ශරීර බර පවත්වාගෙන යාමට, ශරීර බර කිලෝග්රෑමයකට කැලරි 33ක ආහාර අවශ්ය වේ
· දවසකට ගන්නා ආහාර වල කැලරි ප්රමාණය 300කින් අඩු කිරීමෙන් හා වැඩ කිරීමෙන් දවන කැලරි ප්රමාණය 200කින් වැඩි කිරීමෙන්, සතියක් තුළ ශරීර බර ග්රෑම් 400කින් අඩු කර ගත හැකිය
· මූලික පෝෂණ අවශ්යතා සපුරාලීමට, එක් ප්රධාන වේලක් සඳහා විවිධ ආහාර වර්ග වලින් (කිරි, මස්/මාළු/බිත්තර වැනි මාංශජනක ආහාර, එළවළු, ධාන්ය, පළතුරු) එක බැගින් තෝරාගන්න
· සැම විටම, ආහාර ගැනීමේ රටාව ඇගයීම්කට ලක් කරන්න .අධික පිෂ්ටය හා ලිපිඩ (තෙල්) අඩංගු ආහාර ගැනීම හැකිතාක් දුරට අවම කරන්න
· සාර්ථක බර අඩුකිරීමේ සැලසුම් මගින් ආහාරයට ගන්නා මේද ප්රමාණය හා කැලරි ප්රමාණය අඩු වේ
භෞතික ක්රියාකාරකම්
· ඔබගේ ජීවන රටාවට ගැළපෙන භෞතික ක්රියකාරකම් (ව්යායාම) තෝරාගන්න
· කඩිසර ගමනින් ඇවිදීම, ව්යායාම සඳහා දිවීම, පිහිනීම වැනි ස්වායු ව්යායාම, ශරීර බර ස්ථිරවම අඩු කිරීමට හේතුවන ක්රියාකරකම් වේ
· සෑම දිනකම මිනිත්තු 30ක් ස්වායු අභ්යාස වල යෙදීම ප්රමාණවත් වේ (නමුත් එය කරනු ලබන ව්යායාම අනුව වෙනස් වේ)
· රාත්රී ආහාරයට පසුව ඇවිදීම, සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම, වාහනය තරමක් ඈතින් නවතා අවශ්ය තැනට පයින් ඇවිද යාම වැනි සරළ ක්රියාකාරකම් බර අඩු කර ගැනීමට උපකාර කරයි.
· ව්යායාම කිරීම මගින් නිරෝගීභාවය පිළිබඳ හැඟීම වැඩිවන අතර මානසික ආතතියද අඩු කිරීමට හේතු වේ.
ඉතා වැදගත් උපදෙස්
· ආහාර තෙලින් බැද සකස්කිරීමේදී, මේද අඩු තෙල් වර්ගයක් සමඟ නොඇලෙන (nonstick) බඳුන් භාවිතා කිරීමෙන්, ආහාරයට එක් වන මේද ප්රමාණය අවම කර ගත හැකිය
· ආහාර බැදීම වෙනුවට තම්බා ගැනීම හෝ පුළුස්සා ගැනීම (bake) වඩා යෝග්ය වේ
· කෙඳි සහිත ආහාර, බහුලව ආහාරයට එකතු කරගන්න
· බීම හා ආහාර රස කිරීම සඳහා සීනි වෙනුවට Solo Sucralose වැනි සීනි රහිත ආදේශක රසකාරක භාවිතා කරන්න
· කැලරි ප්රමාණය අඩු මේදය ඉවත් කළ ආහාර මිලදී ගැනීම හා ආපනශාලා වලදී කැලරි ප්රමාණය අඩු ආහාර වට්ටෝරු (වැඩිපුර එළවළු හා පළතුරු අඩංගු) තෝරාගැනීමට පුරුදු වන්න
· ආහාර වේල් මඟ හැරීමෙන් වළකින්න. වේල් 3 සිට 6ක් දක්වා වේල් ගණනක්, එම අවස්ථාවේ කුසගින්න නැතිකර ගැනීමට සෑහෙන පරිදි පමණක් ගන්න
· ආහාර ගැනීමට, නොගැඹුරු හා ප්රමාණයෙන් කුඩා පිඟානක් භාවිතා කරන්න. පිරුනු ආහාර පිඟානක් ගැනීමේ මානසික අවශ්යතාවය සපුරාලමින්, ගන්නා ආහාර ප්රමාණය අඩු කර ගැනීමට මෙය වැදගත්වේ
· ආහාර ගැනීමේදී සපමින් වැඩි වෙලාවක් ගත කර ආහාර ගන්න. සම්පූර්ණයෙන් බඩ පිරීමට පෙර ආහාර ගැනීම නවත්වන්න. බඩ පිරුණු බවට මොළයට සංඥා නිකුත් වීමට, ආහාර ගැනීම ආරම්භ කළ මොහොතේ සිට සාමාන්යයෙන් මිනිත්තු 20ක් පමණ ගත වේ
· ක්රමවත් කාලසටහනකට අනුව, ශරීර බර මැනීමට පුරුදු වන්න
· වඩා කැමති ආහාර ගැනීමෙන් ලබන තෘප්තිය වෙනුවට විවිධ ඇඳුම් ගැනීමට, චිත්රපට බැලීමට, විවිධ කොණ්ඩා මෝස්තර සකස්කිරීම, මිතුරන් සමඟ ගත කිරීම වැනි තෘප්තිමත් අවස්ථා පිළිබඳව අවධානය යොමුකරන්න
මේ පහතින් තියෙනව ඔබට අනුගමනය කරන්න පුළුවන් ස්වායු ව්යායාම සහිත වීඩියෝ කිහිපයක්. ඔබ YouTube එකට ගියොත් මේ සම්බන්ධව ඇති තරම් විඩියෝ සොයාගන්න පුළුවන්. | hplt_2 |
2009-07-24
ජාත්යන්තර මුල්ය අරමුදලේ ණය නිදහස් වනවාත් සමගම එක්සත් ජනපද නිලධාරියෙක් ලංකාවේ
ඔහු අවතැන් කඳවුරු බලන්නට යන බව හා රජයේ ඉහළ දේශපාලනයන් හා නිලධාරීන් ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කරන බව තානාපති ආරංචි මාර්ග පවසයි.
2005 - 2007 සමයේ සුනාමියෙන් පසු නැවත ගොඩනැඟීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂ්වාට්ස් ලංකාව සමග කටයුතු කර ඇත.
ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳ බටහිර සහ එක්සත් ජනපදය අසතුටින් සිටින අතරතුර ජාත්යන්තර මුල්ය අරමුදලේ ණය නිදහස් කිරීම හා එක්සත් ජනපද ජ්යේෂ්ඨ රාජ්ය නිලධාරියකු ලංකාවට පැමිණීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණා ලෙස සැලකිය හැකිය.
1 comment: | hplt_2 |
රාළහාමි
ඊයේ පෙරේදා තමයි අන්තිම පේළිය අහු වුණේ. වැඩේ මරු. ආතල් එකක් ගන්න කියාපු තැන. මේක මගේ පළවෙනි කතාව. කියවලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ. මේක පොලිසිය ගැන කතාවක් දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතෙන නිසා ලියනවා.
දවසක් දා ටිකක් ඈත ගමක වයසක ලොක්කෙක් මිනිහගේ මී හරකාවත් දක්කගෙන පාර දිගේ යනවා ටවුම පැත්තට. ඉස්සරහට ආවා ගමේ පොලිසියේ ජීප් එක. ඒ දවස් වල පොලිසියට අලුතින් ආපු ඕ.අයි.සී. කෙනෙක් හිටියේ. මිනිහා ටිකක් නහරකාරයා. කාවවත් වැඩිය ගණන් ගන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව උනත් නිකං කිණ්ඩියට වගේ තමයි ගන්නේ.
ඉතිං මේ වයසක ලොක්කගෙන් ඕ.අයි.සී. මහත්තයා ඔළුව එළියට දාලා අහනවා “ආ…. තාත්තයි පුතයි කොහේද උදේම යන්නේ?”
වයසක ලොක්කත් ඇරියේ නෑ වැඩේ. මෑන් කියනවා “අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි….”
රාළහාමි, 9.5 out of 10 based on 42 ratings
http://www.thelastrow.net/?p=5046
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
post : රාළහාමි by hasa © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post
BB code
[url=http://www.thelastrow.net/?p=5046][size=16][b] post : රාළහාමි by hasa[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න. | hplt_2 |
Monday, July 23, 2012
අඟනකට පෙම් කරමි
මම බ්රෝකර් ගෑනියෙක් තමයි.ඒකි සියුමැලි කෙල්ලෙක් බවත් හැබැයි.ඒත් අපි අපිට ආදරේ කරනවා.ඔක්කොම ගල් වලින් ගහලා ඉවර වෙලා අන්තිමට හරි හිතන්න....
25 comments:
හිත ඇතුලේ මෝදුවෙන හීං ලෙංගතුකමටReplyDelete
අපි මොකටද ගෑණු පිරිමි බව හොයන්නෙ..
උන්ට හොඳින් ඉන්ට ඇහැකි නම්
අනේ අපේ මොකෝ..Replies
එහෙම හැමෝම හිතන්නෙ නෑනෙ රූ...ඒකනෙ ප්රශ්නෙ...Delete
සම ලිංගික සම්බන්ධතාවයක දෙපාර්ශවයෙන් වඩා dominant පාර්ශවයේ කෙනෙක් ගේ සියුම් සිතිවිලි... ඉතා කදිමයි.. !!!ReplyDeleteReplies
බොහොම ස්තුතියි....සම්පත්:)Delete
- Replies
බොහොම ස්තුතියි....Delete
පහුගිය දවසක පත්තරේ තිබුන නිවුස් එකක් මතක් වුනා...ReplyDelete
අනේ මන්දා...එයාලා ඔහොම කලාම අපිට මොකද (වෙන්නෙ) :DReplies
අපිට නම් මුකුත් වෙන්නෙ නෑ ඉතින්...ඒත් මිනිස්සු බහුතරය අකමැතියි නෙ...Delete
ලකීට ප්රශ්නයක් වගේ..:PDelete
කට වහගෙන හිටු...මම කිව්ව එක දසුනිට තේරිලා නැහැ :DDelete
හ්ම්ම්....තාම තේරුනේ නෑ...:-/Delete
ඇයි ඉතිං ලකී මං දැක්කා මේ බ්ලොග් එකේම තව ලිපියකට කියලා තිබුනා හොඳ වැඩේ ඔහොමමයි වෙන්න ඕනෑ කියලා. ඉතිං දැන් වෙලා තියෙන්නේ ඒකේ ඊ ගාව ඵලය නෙමෙයිද? :D :D :DDelete
අන්න ..දසුනිට නොතේරුන කොමෙන්ට් එක රන්දිල්ට තේරිලා :DDelete
"ගෑනියෙකුට ගෑනියෙක් තේරෙනවා තරම් පිරිමියෙකුට ගෑනියක් තේරෙන්නෙ නැහැ.මම දන්නවා ඒකිගෙ හිතේ ලියවෙන දේවල්.අකුරක් අකුරක් ගානෙ.මම මාසෙ පඩි ගත්තම සාප්පු යන්න ආසයි.ලස්සන ඇදුම් ආයිත්තම් ගන්න ආසයි.ඒවා පිරිමියෙකුට තේරෙන්නෙ නෑ."ReplyDelete
ඒ කෑල්ලනං ඇත්තම වෙන්න ඇති කියලා හිතුනා...Replies
ඔව් ඔව් ඒ කෑල්ල නම් ඇත්තම ඇත්ත;)Delete
- AnonymousJuly 23, 2012 at 1:17 PM
classicReplyDelete
මාරයි ආහ්! ඔයාට කොහොමද අක්කි මේවා ලියවෙන්නේ? සුපිරියි! ඇත්තටම ඒ කෙනාට හොඳනම් අපි මොකද විරුද්ධ වෙන්නෙ..ඕන කෙනෙක්ට තමන්ගෙ ජිවිතේ ගැන ඕන තීරණයක් ගන්න අයිතිය තියනවා..ReplyDeleteReplies
මට නිකන් හිතුනා නoගි....බොහොම ස්තුතියි...:)Delete
වටින අදහසක්....දෙන්නෙක්ගෙ කැමැත්තට අනික් අය මොනවටද නිති-රීති දාන්නේ එ දෙන්නට දෙන්නා ගෙ අදහස් ගැලපෙන හින්දනේ ඒ දෙන්නා කැමති අනික් අයට තියෙන ප්රශ්නය මොකක්ද? අනික මම නම් හිතන්නේ සෑම පුද්ගලයකුටම(ගැහැනු/පිරිමි) තමන් කැමති කෙනෙක් කසාඳ බදින්න, කැමති කෑම, නිදහසේ ජිවත් වෙන්න,කැමති රක්ෂාවක් කරන්න නිදහස තියෙන්න ඔනේ(එහෙනම් ලෝකයේ දැනට සිද්ධවන අපරාධ,යුද්ධ 90% විතර අඩුවෙනව), අනිත් අය එවට බාදාකරන්න නරකයි, තම,තමන්ගෙ පුද්ගලික නිදහස උපරිමයෙන් බුක්ති විඳින්න තියෙන්න ඔන්නේReplyDelete
ෆ්රීඩම් නේද? ෆ්රීඩම් නැති තැන තියෙන්නෙ දුක විතරමද?ReplyDelete
නිදහස නැත්තං අපි ඉන්නෙ දුකෙන් අපි ඉන්නෙ වේදනාවෙන්...
සැබෑව ඒකමද?
ගෑනියෙක් කසාද නොබැඳ ඉන්න තීරණය කරනවා..මේ ගෑනි ගෙදර තනියම ඉන්න දවසක හොරෙක් පැනල අර ගෑනිව දූෂණය කරනවා..එදා ඉඳල මේ ගෑනි හැමදාම ජනේලෙ ඇරල තියෙනවා...ඒත් කවදාවත් හොරා එන්නෙ නෑ... පස්සෙ එයා හොරා වෙනුවට වෙන මිනිහෙක් හොයා ගෙන එකතු වෙනවා...
ඉතිං අර ෆිල්ම් වල වගේ කතා වල වගේ හැම තනියෙං ඉන්න කෙල්ලෙක්ගෙ කාමරේටම හොරු පනින්නෙ නෑ...බලෙන් එයාලට මෙව්ව කරන්න තරං එයාල සමහර විට ලස්සනත් නෑ..එතකොට එයාලා වෙන විදියට අත්පුඩි ගහනව ඇති...
ඒත් ඒ අයට අර වෙනස් ආතල් එක ඒ කිව්වෙ පිරිමියාගෙං බැනුං ඇහුවම තියෙන ආතල් එක...හැමදේම හොයන ආතල් එක හමුවෙලා නැතුව ඇති...
ෆ්රීඩම් නැත්ත නිදහස කියන්නෙ පච සංකල්පයක්...තොට ඕනි නං ඉගනගනිය..නැත්තං හිටපිය..ඒක තොගෙ නිදහස කියල දෙමාපියො ගුරුවරු අපි අත ඇරල අකුරු වරද්දනකොට සැර කලේ නැත්තං අපි අද කොහේද??Replies
freedom එක ගැන නෙමෙයි සම්මතය ගැනයි කතා කරන්න ඕනවුනේ.සම්මතය කියන්නෙ අපි හදා ගත්ත රාමුවක්...අසම්මතය කියලා දැනට සලකන දේත් කාලෙකදි සම්මතයක් වෙන්න පුලුවන්.ඉස්සර පොතේ අත්සන් කරල බැන්දෙ නෑ.ඒක ලැජ්ජාවක්.දෙන්නට දෙන්නා අතරෙ විශ්වාසය නැති වීමක්.ඒත් දැන් පොතේ අත්සන් නොකර බදින්නෙ නෑ.ඒක ලජ්ජාවට කරුණක්.එහෙමයි සම්මතය වෙනස්වෙනවා කාලෙත් එක්ක.Delete
සම්මතයන් සාපේක්ශයි! අද අසම්මත දේ හෙට සම්මතයි වෙන්න පුලුවන්!Delete
- AnonymousJuly 25, 2012 at 12:45 AM
මානුශිය කතනයක්..ReplyDelete
මන් වෙනස් වෙනවට ලොකෙ කැමතිනැ...
ලොකේ වෙනස් වෙනවට මන් කැමතිනැ,
එත්කොට මමද, ලොකෙද වෙනස් වෙන්න ඔනා..?
-නිලූ- | hplt_2 |
අප්රිකානුවන් පිළිබඳ අධ්යයනය
එක්සත් ජනපද අධ්යාපනයෙහිදී, අප්රිකානුවන් පිළිබඳ අධ්යයනය, හෝ අප්රීකාවිද්යාව[1] යනු අප්රිකාවෙහි සහ අප්රිකානු විසරණයෙහි (අප්රිකානු ඩයෙසපෝරාවේ) යන ද්වයයෙහිම අප්රිකානු සම්භවයක් සහිත ජනතාවගේ ඉතිහාසය, දේශපාලනය සහ සංස්කෘතීන් පිළිබඳ අධ්යයනයයි. ඒ අනුව එය අප්රිකාව පිළිබඳ අධ්යයනය සහ අප්රිකානු විසිරණය පිළිබඳ අධ්යයනය (අප්රිකා-ලතින් ඇමරිකානු සහ කළු ජාතීන් පිළිබඳ අධ්යයනය යන ව්යාපෘතීන් ලිහිල් ලෙසින් එක් වී අප්රිකානු ඇමරිකානුවන් පිළිබඳ අධ්යයනය ලෙසින් බිහි විය) යන ක්ෂේත්ර දෙකෙහි එකතුවයි. විශේෂිත අධ්යයනයන් හී අගයයක් නොමැති බව මෙයින් අදහස් නොකෙරෙයි.
1960 ගණන් වල අග භාගයෙහිදී පිහිටුවුනු "කළු ජාතීන් පිළිබඳ අධ්යයනය" වැඩසටහන් සහ අධ්යයනාංශයන් ගෙන් ඇරඹී පසුව අප්රිකානු මහාද්වීපය සහ සියළු අප්රිකානු විසිරණයන් වඩාත් භාවයමය ලෙසින් හා සාම්ප්රදායික ශාස්ත්රීය අයුරින් පරිග්රහණය කෙරුමෙහි චේතනාවෙන් ප්රතිසංස්කරණය කොට "අප්රිකානුවන් පිළිබඳ අධ්යයනය" ලෙස යළි නම් කිරීම තුලින් බොහෝ ප්රධාන විශ්වවිද්යාලයයන් හි අප්රිකානුවන් පිළිබඳ අධ්යයන සඳහා අධ්යයනාංශ බිහි විය.
මූලාශ්ර [සංස්කරණය]
- ↑ ඇෆ්රිකෝලජි ඇන්ඩ් යූ මිල්වයුකි විශ්වවිද්යාලයය | hplt_2 |
.
සරසවි වලට සුදුසුකම් ලැබූ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව ගැන ලිපිය
ක් ලියලා කට ගන්න හම්බ වුණේ නෑ. මෙන්න ඉස්කෝල වල විදුහල්පති වරුන්ටත් රන්ටැඹේදි මාස 3ක නායකත්ව පුහුණුවක් ලබා දෙන්න යනවලු. මේ කතාව මුලින්ම ඇහිච්ච වෙලේ මට හිතුනේ මේක ආණ්ඩුවට විරුද්ධව මඩක් කියල . හැබැයි කතාව ඇත්ත වගේ. එකිනෙකට විරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන වෙබ් අඩවි තුනක්ම මේ ගැන එක හා සමාන විදිහටයි වාර්තා කරල තියෙන්නෙ
මේ බලන්නකො . ලිපි වලට දාල තියෙන මාතෘකා වෙනස් වුණත් මේ ලිපි තුනේම අන්තර්ගතය එක හා සමානයි
- Lanka Enews ලිපිය
- Lanka CNews ලිපිය
- Lanka Truth ලිපිය
ඒවයෙ තියෙන හැටියට විදුහල්පතිවරයෙක්ට තාප්ප උඩින් පණින්න, ළමයි එක්ක රේස් දුවන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනෙලු. එහෙම කරන්න බැරි දුර්වල විදුහල්පතිවරුන්ට ලු මේ පුහුණුව දෙන්නෙ. මෙහෙම කියන්නෙත් සාමාන්ය කෙනෙක් එහෙම නෙවෙයි. මේ කතාව කියල තියෙන්නෙ අධ්යාපන අමාත්යංශයේ ලේකම්.
ඉස්කෝල වල විදුහල්පතිවරු කියන්නෙ ගොඩක් වෙලාවට වයස 40-50 කට්ටිය. ඒ අයට මේවා කරන්න පුළුවන්ද . විදුහල්පතිවරියන්ටත් තාප්ප උඩින් පනින්න උගන්නනවද ?
ඔයිට වඩා හොඳ නැද්ද දැන් ඉන්න විදුහල්පති වරුන්ට කරදර නොකර ඒ අයට විශ්රාම වැටුපක් දීල ආමි එකේ බ්රිගේඩියර්වරුන්ව,කර්නල් වරුන්ව එහෙම ඉස්කෝල වල විදුහල්පති වරු විදිහට පත් කොළානම්.
ප.ලි
===
විදුහල්පති වරුන්ට මොකක් හරි පුහුණුවක් දෙන්නම ඕනෙනම් දෙන්නකො අධ්යාපන සහ ළමා මනෝ විද්යාව ගැන හොඳ පුහුණුවක්
[ 26 - May - 2011 ] | hplt_2 |
ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්ක, උදිතයි, නිසුපයි එනව.
මුහුණු පොතේ අපේ මෙගා ත්රෙඩ් එකේ කතා උනු විදිහට හෙට උදේ 10ට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට කස්ටිය සෙට් වෙන්නයි කල්පනාව. ගෝල්ඩ් ෆිෂ් එහෙමත් එනව කිව්ව. තව කට්ටිය ගොඩක් එයි. :)
ඔයාලත් එනවද? එහෙනම් අපි එතනට සෙට් වෙමුද?
ඒක නෙමෙයි, කට්ටිය ගන්න ඕනෙ පොත් එහෙම හිතාගෙනද ඉන්නෙ? මොකද මට ආරංචි උනු හැටියට, අද නම් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ උන්නලු. :( පොත් කියව කියව තෝර තෝර ඉන්න නම් ලේසි වෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ. හෙට තවත් සෙනඟ වැඩි වෙයි.
මගෙ පොත් තෝර ගන්න උදව්වක් ලිපිය කියෙව්වද? සමහරක් විට සමහරෙකුට ඒක ප්රයෝජනවත් වෙයි කියල හිතෙනව.
එහෙනම් හෙට හම්බුවෙමු.
පොත් ප්රදර්ශනේ බලන්න මම හෙට යමි
ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්ක, උදිතයි, නිසුපයි එනව.
9 comments :
මාධව මලයෝ...මටත් හීනයක් ඕකට එන එක ,,,ඒත් ඉතින් ඩියුටිය..යානේ මන්ද!!ReplyDelete
අපොයි !!! එන්න වෙන්නෙ නැ අයියෙ... :( නිවාඩු නැ ....ReplyDelete
හ්ම්ම්, ඒකත් එහෙමද? රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් කියලත් කතාවක් තියෙනවනෙ. :( බලන්නකො.ReplyDelete
@Geeth: ඇයි දෙය්යනේ, හෙට ඉරිද නෙව. :9ReplyDelete
මටත් එන්න වෙන්නෙ නෑ කොල්ලො.[එන්න හිතාගෙන හිටියට]ReplyDelete
වෙන මොකක්වත් හින්ද නෙවෙයි ... මම හදිස්සි වෙලා ඉවසගන්න බැරුව මාස දෙකකට විතර කලින් පබ්ලික් ලයිබරරි එකෙ තිබුණ පොත් ප්රදර්ශනයට ගිහින් පොත් ටිකක් ගෙනාවනෙ.
දැන් ඉතින් ආයෙත් පොත් ගන්න සල්ලි නෑ.
හ්ම්ම්. මමත් ඕකට යන්න හිටිය, ඒත් හොඳ වෙලාවට බැරි උනා. :)ReplyDelete
ආව නම් මම ගන්නෙ මෙන්න මේ පොත් ටික තමයි.ReplyDelete
මළ මිනිස්සු ... නිකොලොයි ගොගොල් [මෙක නම් හොයන්නම බැරි එකක්]
ගසක කඳුලු .... විකී බෝම්
පික්වික් පේපර්ස් .. කතෘ මතක නෑ.
රොබින්සන් කෲසෝ .. පරණ මුද්රණය
අලිපාර සහ තිත්ත කෝපි යන දෙකම.
වන ප්රවාහය .. මතක විදිහට අපේ දොස්තර මහත්තය වෙන්න ඕන.
මැකීගිය දඩ මං සහ තව එ වගෙම පොතක්.. නම මතක නෑ.[වැදි ජනයාගෙ චර්යා රටා පිළිබඳව ලියැවුන අපූරු පොත් දෙකක්]
කල්කී ... කතෘ මතක නෑ.
රොබට් නොක්ස්ගෙ ලංකා විස්තරය ...
වෘකයාගෙ දවස ...අභය හේවාවසම් හොඳට පරිවර්තනය කරල තියෙනව.[ අපේ රොයිලි මලයගෙන් ඇහුවනම් කියයි]
මායා රංජන්ගෙ කැලේ ගැන ලියපු එක.
ගැඹුරු මුහුද ... ආතර්.සී. ක්ලාක් ගෙ.
තව ගොඩක් තිබ්බත් .. දැනට ඔය ඇති.
මේවයින් .. මළ මිනිස්සුයි .. මායා රන්ජන්ගෙ පොතයි ගත්තෙ නැති වුනත්.. ප්රදර්ශනේ තිබිල පොටෝ එකක් හරිඅරගෙන ආවොත් .. මම එයාට තෑග්ගක් දෙනව.
පොත් ප්රදර්ශනේට ගිහින් ආවට පස්සෙනේ මේ ලිපිය දැක්කේ. අයියා හිතන් හිටිය පොත් ටික ගන්න ඇති ය කියලා හිතනවා.ReplyDelete
මම නම් ෂ්රලොක් හෝම්ස් පොතක් තමා ගත්තේ. මම එකයි අපේ මලයා එකයි තමා ගත්තේ.
@Kumaraya: නියම පොත් සෙට් එක.ReplyDelete
@මධුරංග: :) හිතන් හිටි ඒව කිහිපයක් හොයාගන්නවත් බැරි උනානෙ. නමුත් හොඳ ටිකක් ගත්ත. කියවල තිබෙන ඒව කිහිපෙකුත් ගත්ත. මම දාන්නම්කො පෝස්ට් එකක්.
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්රශ්න, ගැටළු, මෙහි ලියන්න. | hplt_2 |
ශී්ර ලංකාවේ වෘත්තීය සමිති වැඩ ප්රමානය ඉහල දැමීමට එරෙහි වතු කම්කරු අරගලය කඩාකප්පල් කරති
By M. Vasanthan and W.A. Sunil, 16 April 2012
බොගවන්තලාව වැවිලි සමාගම සහ ලංකා වතු කම්කරු කොන්ග්රසය (සීඩබ්ලිව්සී ) අතර මාර්තු 15 දා ඇතිකර ගත් එකඟතාවය මගින් වෘත්තීය සමිති ආරක්ෂා කරන්නේ කම්කරුවන්ගේ උවමනාවන් නොව මහා ව්යාපාරිකයන්ගේ උවමනාවන් බව යලි වතාවක් ඔප්පුකර තිබේ.
මෙම එකඟතාවය විසින්, බොගවන්තලාව වැවිලි සමාගමට අයිති වතු පහක 6,000 කම්කරුවන් සම්බන්ධ වූ මාස ගනනක අරගලය කෙලවර කරනු ලැබීය. දිනකට නෙලන තේ දලූ ප්රමානය කිලෝ 13 සිට 15 දක්වා ඉහල දැමීමේ සමාගමේ තීරනයට එරෙහිව දෙසැම්බර් මාසයේ දී කොටියාගල වත්තේ කම්කරුවෝ විරෝධතා අරගලය ආරම්භ කලහ. පෙබරවාරි 13 සිට බොගවන්තලාව, නෝවුඩ්, ගලබොඩ සහ බ්රෙඩ්බෙල් වතුවල කම්කරුවෝ ද අරගලයට එක් වූ හ.
ඔවුන් සමග සාකච්ඡාවෙන් පසු, පරන වැඩ ඉලක්කය යලි කි්රයාවට දැමීමට සමාගම එකඟ වූ බව සීඩබ්ලිව්සී ය නිවේදනය කලේය. මෙම සාකච්ඡාවන් කම්කරුවන්ගෙන් වසන් කර සිදු වූ නිසා සීඩබ්ලිව්සීය හා සමාගම අතර ඇතිකර ගත් එකඟතාවයේ සම්පුර්න විස්තර දැන ගැනීමට නැත. කෙසේ නමුත්, නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම සඳහා ඉදිරියේ දී වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට සීඩබ්ලිව්සී ය එකඟ වීම නිසා සමාගම එහි නව වැඩ ඉලක්කයන් ඉවත් කර ගෙන තිබේ. වෘත්තීය සමිතිවල එකඟතාවය ඇතිව ඉදිරි දිනක දී වැඩ ප්රමානය ඉහල දැමීමේ අනතුර පවතී.
අනෙකුත් වෘත්තීය සමිතිවල පිටුබලය සහිතව සීඩබ්ලිව්සීය විසින් අරගලය කඩාකප්පල් කිරීමේ පාඩම් කම්කරුවෝ උගත යුත්තා හ. තේ දලු නෙලීමේ නව වැඩ ඉලක්කයට විරුද්ධ වෙමින් දෙසැම්බර් මාසයේ කොටියාගල වත්තේ කම්කරුවන් අරගලය පටන් ගත් විට එයට සහයෝගය දීම ප්රතික්ෂේප කල සීඩබ්ලිව්සී ය සමාගමේ වැඩ ඉලක්කයන් පිලිගත යුතුයි යයි අවධාරනය කලේ ය. ප්රදේශයේ තිබෙන බොගවන්තලාව වැවිලි සමාගමට අයිති අනෙක් වතු හතරේ කම්කරුවන්ට ඉහල වැඩ ඉලක්කය පිලිගන්නා ලෙස දැනටමත් සීඩබ්ලිව්සී ය අරගලයට සහයෝගය දෙන බවට බොරු මවා පෑමක් කල ලංකා ජාතික වතු කම්කරු වෘත්තීය සමිතිය (එල්ජේඩබ්ලිව්යූ), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්), කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ ප්රජාතන්ත්රවාදී කම්කරු කොන්ග්රසය (ඩීඩබ්ලිව්සී) කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා ආන්ඩුවේ නිලධාරීන් සමග සාකච්ඡාවල නිරතව සිටිය හ.
නව වැඩ ප්රමිතීන්ට අනුව වැඩ නො කිරීමට දඬුවමක් වසයෙන් සමාගම වැටුප් කැපූ විට, බොගවන්තලාව වැවිලි සමාගමේ වතු පහක කම්කරුවන්ගේ සහයෝගය ඇතිව කොටියාගල වත්තේ කම්කරුවෝ වැඩ වර්ජනයක් කලහ. එල්ජේඩබ්ලිව්යූ, යුපීඑෆ්, එන්යූඩබ්ලිව් සහ ඩීඩබ්ලිව්සී ය කම්කරු ඇමති ගාමිනී ලොකුගේ සමග ජනවාරි මාසයේ මුලදී සාකච්ඡා කල අතර ප්රශ්නය ගැන ඇමති පසුව සාකච්ඡා කරන නිසා කප්පාදු කල වැටුප පිලිගන්නැයි කම්කරුවන්ට උපදෙස් දුන්නෝ ය.
කම්කරුවන් අත්තිකාරමක් ලෙස අඩුකල වැටුප පිලිගත් නමුත්, සමාගම නව වැඩ ප්රමිතීන් හෝ වැටුප් කප්පාදුව ඉවත් කර ගැනීම ප්රතික්ෂේප කලේ ය. නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ සැලසුම් කි්රයාවට දැමීම සමබන්ධයෙන් ආපස්සට නො යාමට සමාගම තීරනය කර තිබුනි. කෙසේ නමුත්, කම්කරුවන් නව වැඩ ප්රමිතීන් ප්රතික්ෂේප කරමින් අරගලය පෙරට ගෙන යාම නිසා සමාගම සහ වෘත්තීය සමිති කලබලයට පත් වූ හ.
කොටියාගල කම්කරුවන්ගේ අරගලය දිගට පැවතුනොත්, එය සෙසු වතු කම්කරුවන් ආකර්ෂනය වීමේ කේන්ද්රයක් වනු ඇතැයි සීඩබ්ලිව්සී ය ඇතුලූ වෘත්තීය සමිති බිය වූ හ. සමාන ප්රහාරවලට මුහුන දී සිටින ඔවුන් අතර ද විරුද්ධත්වය වර්ධනය වෙමින් තිබේ. ආන්ඩුව විසින් තෙල් සහ අත්යාවශ්ය බඩු මිල හා විදුලි ගාස්තු ඉහල දැමීමත් රුපියලේ අගය අවප්රමානය කිරීමත් ජීවන කොන්දේසිවලට නැවතත් පහර එල්ල වීමෙන් ඔව්හු තවදුරටත් කෝපයට පත්ව සිටිති.
මෙම තත්වය තුල සමාගමේ පලදායිතාවය ඉහල දැමීමට හා ආන්ඩුව විසින් ජීවන කොන්දේසිවලට පහර දීමට එරෙහිව පොදු අරගලයක් වර්ධනය වීම වැලැක්වීමට වෘත්තීය සමිති කටයුතු කලහ.
සමාගම්වලට සහ ආන්ඩුවට එරෙහි තර්ජනය දැකීමෙන් අරගලය අවසන් කිරීම සඳහා මැදිහත් වීමට සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් තීන්දු කලේ ය. තොන්ඩමන් පශු සම්පත් හා ග්රාමීය ප්රජා සංවර්ධන ඇමැතිය.
ඔහු ක්ෂනිකව ම ඔහුගේ මුල් ආස්ථානයෙන් කරනමක් ගැසීය. බොරු සටන්කාමිත්වයක් ආරූඪ කර ගනිමින් තොන්ඩමන් අරගලය දිගටම ගෙන යන ලෙස කොටියාගල වත්තේ කම්කරුවන්ට කියූ අතර ඔවුන්ට සහයෝගය දෙන ලෙස අනෙක් වතු හතරේ කම්කරුවන්ගේ ඉල්ලා සිටියේ ය. නිෂ්පාදිත තේ කොලඹ වෙන්දේසියට ප්රවාහනය කිරීම වලක්වන ලෙස ද ඔහු කම්කරුවන්ට කීවේය.
තොන්ඩමන් ගේ හදිසි කරනම කම්කරුවන්ට කිසිම දයානුකම්පාවක් දැක්වීමක් නොවේ: එය බොරු රඟ පෑමක් මගින් දැඩි ලෙස අපකීර්තියට පත්ව තිබෙන සීඩබ්ලිව්සී යේ ග්රහනය කම්කරුවන් අතර යලි තද කිරීමේ හා අරගලය පැතිරී යාමේ තර්ජනය වලකාලමින් වර්ජනය නිමා කිරීම සඳහා සුදානම් වීමකි.
වතු කලමනාකරනය සමග සාකච්ඡාවෙන් පසු තොන්ඩමන් මාර්තු 13 පුද්ගලිකව ම බොගවන්තලාවට ගොස් සමාගම පැරනි වැඩ ප්රමිතීන් කි්රයාවට දැමීමට "එකඟ” වී ඇති නිසා උද්ඝෝෂනය නතර කරන ලෙස කම්කරුවන්ට කීවේ ය. එය "දැවැන්ත ජයග්රහනයක්” බව ඔහු කම්කරුවන්ට කියූ අතර ඔවුන් විසින් ප්රවාහනය කිරීමට නො දී අවහිර කර තිබු තේ කිලෝ 250,000 මුදා හරින ලෙස උපදෙස් දුන්නේ ය.
කම්කරුවන් යලි වැඩට පැමින ඇති නිසා "තත්වය සාමාන්ය අතට හැරී ඇත” යි බොගවන්තලාව වැවිලි සමාගමේ සභාපති දිනේෂ් අම්බානි ද අයිලන්ඩ් පුවත් පතට ප්රකාශ කලේ ය. වෘත්තීය සමිතිවලට ස්තුති කරමින් "වෘත්තීය සමිති හා සමාගම අතර අතීතයේ පැවැති හොඳ සම්බන්ධකම් තව දුරටත් ශක්තිමත් වූ” බව ඔහු කීවේය. වෘත්තීය සමිති නිලධරයේ පාවාදීමෙන් දිරිමත් වූ වතු සමාගම් "මෙම වෘත්තීය සමිති අරගලය මිත්රශීලීව විසඳීමේ ගෞරවය හිමි විය යුත්තේ සමිති නායකයන්ට” බව පැවසූ හ.
කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමේ දී වෘත්තීය සමිතිවල භූමිකාව පිලිගැනීමේ වැදගත්කම සීඩබ්ලිව්සී ය සමාගම්වලට පෙන්වා දී ඇත. දරිද්රතා මට්ටමේ වැටුප්, නිෂ්පාදන පලදායිතාව වැඩි කිරීම හා සෙසු ප්රහාර කි්රයාවට දැමීමේ දී සීඩබ්ලිව්සී ය දිගටම ද්රෝහී කි්රයා කලාපයක් ඉටු කරමින් සිටියේ ය. පසු ගිය අපේ්රල් මාසයේ දී, වත්තේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නිෂ්පාදන පලදායිතාව ඉහල දැමීමේ කොන්දේසියත් ඇතුලත් වූ සාමුහික ගිවිසුමකට සීඩබ්ලිව්සීය නායකත්වය දුන් වෘත්තීය සමිති අත්සන් කලේ ය.
සීඩබ්ලිව්සී, යූපීඑෆ් සහ එන්යූඩබ්ලිව් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස් කරුවෝ ය. එල්ජේඩබ්ලිව්යූ ව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පාලනය කරනු ලබන අතර ඩීඩබ්ලිව්සීය එජාපය සමග පෙල ගැසී සිටි සියලූ දෙනාම නියෝජනය කරන්නේ ධනපති පන්තියේ උවමනාකම් ය.
කෙන්යාව, චීනය, ඉන්දියාව හා බංගලාදේශය වැනි තේ නිෂ්පාදනය කරනු ලබන සෙසු රටවල් සමග තරගය වඩ වඩා ඉහල යන තතු තුල වතු කම්කරුවන් සඳහා කිසියම් සමාජ ප්රතිලාබයක් තිබේනම් ඒ සියල්ල කප්පාදු කිරීමෙන් හා නව නිෂ්පාදන ඉලක්ක හඳුන්වා දීම මගින් නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම මගින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීමේ වියරු උත්සාහයක ශී්ර ලංකාවේ තේ නිෂ්පාදකයෝ යෙදී සිටිති. දලූ නෙලන මැෂින් හා නව නිෂ්පාදන කි්රයාවලීන් වැනි සෙසු රටවල උපයෝගී කරගනු ලබන ශ්රම සුක්ෂම නව තාක්ෂන විධීන් හඳුන්වා දීමට ද ඔව්හු තීන්දු කර ඇත්තා හ.
සෙසු අවස්ථාවල දී මෙන් ම මෙම අවස්ථාවේ දී ද සීඩබ්ලිව්සීයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලැබුනේ ය. කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමට ඔව්හු සහයෝගය දුන් හ. හාම්පුතුන්ගේ ප්රහාරයට එරෙහිව සෙසු කම්කරුවන් බලමුලූ ගැන්වීමෙන් දැනුවත්ව ම ඔව්හු වැලකී සිටිය හ. ඒ වෙනුවට ඔව්හු, හැකි ඉක්මනින් අරගලය නතර කිරීම සඳහා ආන්ඩුව හා කම්කරු බලධාරීන් සමග එකට වැඩ කල හ. මෙම සමිතිවල පාවාදීම නිසා වටවල වැවිලි සමාගමට අයිති වැලිඔය වත්තේ කම්කරුවන්ට කොඳු කැඩෙන නව වැඩ ප්රමිතීන් පිලිගැනීමට සිදුවිය.
කම්කරුවන්ගේ හුදු සටන්කාමිත්වය කොතරම් වුවත් සමිති නිලධරයේ මෙම පාවාදීම කපා හෙලීමට එය ප්රමානවත් නොවන බව මෙම අත්දැකීම් මගින් කම්කරුවෝ උගත යුත්තා හ.
සමාගම්වල හා ආන්ඩුවේ වැඩි දියුනු කෙරෙන ප්රහාරයන් මගින් සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවුම් කර ඇති වතු කම්කරු සම්මේලනයට කම්කරුවන් සහභාගී වීමේ වැදගත්කම පෙන්නුම් කර තිබේ. සමාජවාදී ක්රියාමාර්ගයක් හා නව ආකාරයේ සටන් සංවිධාන-කම්කරු ක්රියාකාරී කමිටු- සංවිධානය කිරීමේ හා කම්කරු පන්තියේ අවශ්යතාවයන් නියෝජනය කරන නව නායකත්වයක් ගොඩ නැගීම එහිදී සාකච්ඡා කරනු ඇත. මැයි 20 දා හැටන් ‘ශක්ති’ ශාලාවේ පැවැත්වෙන මෙම සම්මේලනයට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. | hplt_2 |
වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.
හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?
හන්තාන ලිනක්ස් යනු සුප්රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.
Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්යාපනික, බහුමාධ්ය හා ග්රැෆික් අවශ්යතා සපුරාගැනීමට අවශ්ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්ය, ග්රැෆික්, අධ්යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.
හන්තාන ප්රජාව
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්යෝගීමත් ප්රජාව එහි ප්රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!
හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.
වැඩි විස්තර සඳහා දැන් ම ප්රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න. | hplt_2 |
පුලුල් මැදිහත්වීමක් සඳහා එක්සත් ජනපදයේ තල්ලුවත් සමග සිරියාවේ සටන් තීව්ර වෙයි
Fighting intensifies in Syria as US pushes for expanded intervention
By Patrick Martin, 11 June 2012
මාස 15කට පෙර ජනාධිපති බෂාර් අල්-අසාද් තන්ත්රයට එරෙහි උද්ඝෝෂන ඇරඹුනායින් පසුව දමස්කස් අගනුවර දරුනුම සටන් ඇවිලී තිබෙන බව මාධ්ය වාර්තා කලේය. සති අන්තයේ දී සිරියානු ආන්ඩුවේ හමුදා හා එක්සත් ජනපදයේ අනුබලය සහිත විපාර්ශ්වය අතර සටන් පැතිර ගියේය.
දමස්කස්හි දී අසාද් විරෝධී තුවක්කුකරුවන් විදුලි බලාගාරයකට හා තෙල් බිම්වල වැඩ කරන රුසියානු කම්කරුවන් ප්රවාහනය කරමින් තිබූ බස්රියකට වෙඩි තැබූ බව බීබීසී ප්රවෘත්ති සේවය වාර්තා කලේ ය. ආන්ඩුවේ හමුදා ඊට ප්රතිචාර වශයෙන් ක්වාබවුන් උතුරු දිස්ත්රික්කයට දැඩි ලෙස බෝම්බ ප්රහාර එල්ල කල අතර ගෙවල් සෝදිසිකරමින් හා යුද ටැංකි යොදාගනිමින්, ප්රධාන ඇමරිකානු ගැති සන්නද්ධ කන්ඩායම වන සිරියාව නිදහස් කරනු හමුදාවේ (එෆ්එස්ඒ) කන්ඩායම් සමග වෙඩි හුවමාරු කර ගත්හ.
අගනුවර පැවති විපක්ෂයේ පලමු සන්නද්ධ පෙලපාලිය හා රැලියක ප්රසිද්ධියේ පෙනී සිටි එෆ්එස්ඒ තුවක්කුකරුවෝ, සිකුරාදා දමස්කස් උපනගරයක් වන ක්ෆාර් සෝසේහි ද දක්නට ලැබුනු බව ඇසෝසියේටඩ් ප්රෙස් වාර්තා කලේ ය.
දමස්කස්හි අසල්වැසි ප්රදේශ වන බර්ෂේ හා මෙසේහි ද සටන් වාර්තා වුන අතර ඇසින් දුටු, නමුත් නිර්නාමික සාක්ෂිකරුවන්, හමුදාව ප්රථම වතාවට අගනුවර තුල යුද ටැංකි ප්රහාර එල්ල කල බව බටහිර මාධ්ය වෙත සඳහන් කර තිබුනි. කෙසේ නමුත්, පසුව මෙම ප්රදේශයකට ගිය බීබීසී වාර්තාකරුවෙකුට යුද ටැන්කි ප්රහාරයක සාක්ෂි සොයා ගත නොහැකි විය.
10දා එරට හතරවැනි විශාලත ම නගරය වන හෝම්ස් ආසන්නයේ ගම්වල හා 2011 මාර්තු 17වැනිදා අසාද්ට විරුද්ධව පලමු විරෝධතා පෙලපාලිය පැවති දකුනු සිරියාවේ ඩෙරා නගරය තුල ද දරුනු ෂෙල්වෙඩි ප්රහාරයන් ගැන වාර්තා විය. සිරියාවෙන් පිටත ක්රියාත්මක වන විරුද්ධ කන්ඩායම් හෝම්ස්හි මරන 38ක් හා ඩෙරාහි 17ක් වශයෙන් තහවුරු නොකල විපත් සංඛ්යාවක් වාර්තා කලහ.
විරුද්ධ පක්ෂ ප්රකාශකයින් මෙම අපරාධ අසාද් තන්ත්රයට පක්ෂපාතී හමුදාවල ඒකපාර්ශ්වීය ක්රියාවන් ලෙස පින්තාරු කිරීම දිගට ම කරගෙන යන අතර, ඩැමස්කස් හා අලේපෝ අතර මුළලු කලාපය ම අයත් වන රටේ මධ්යම කොටස පුරා තීව්රවන ගැටුම් පිලිබඳව එක දිගට මාධ්ය වාර්තා පලවෙයි.
මැක්ක්ලැචි ප්රවුත්ති සේවය මෙලෙස වාර්තා කලේ ය: "දැන් කැරලිකරුවෝ උතුරු හා මධ්යම සිරියාව තුල පුලුල්වන බිම් තීරුවක් පාලනය කරති. ඔවුහු ආයුධ ගබඩා කිරීම හා නිෂ්පාදනය කිරීම සහ මීට පෙර රටේ සාපේක්ෂව සාමකාමීව පැවති කොටස් තුල ආන්ඩුවේ හමුදාවන්ට ප්රහාර එල්ල කිරීමේ මධ්යස්ථානයක් ලෙස එය පාවිචිචි කරති. සිරියානු ආන්ඩුවේ ප්රවෘත්ති සේවය වන සානා අනුව, මැයි මාසයේ දී කැරලිකරුවන් සමග සටන්වල දී ආන්ඩුවේ සොල්දාදුවන් හා පොලිස් නිලධාරීන් අඩු වශයෙන් 404ක් ජීවිතක්ෂයට පත්ව ඇත.”
එෆ්එස්ඒ හමුද නිලධාරීහු සෞදි අරාබි සැපයුම් මාර්ග හරහා ලැබූ නව ආයුධ ප්රදර්ශනය කල අතර තමන්ට මුදල් ගලා ඒම ගැන ද කයිවාරු ද ගැසූහ. එෆ්එස්ඒ තම ප්රාදේශීය සටන් කරුවෙකුට ඩොලර් 50ත් 100ත් අතර දීමනාවක් ගෙවීම අරඹා ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ ය.
"එක්සත් ජාතීන්ගේ සටන් විරාමය සමග එකඟ වන ලෙස හා සිවිල් වැසියන් ඝාතනය නතර කිරීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පීඩනය යෙදීමට ලෝක අවධානය යොමුව පවතින අතර එෆ්එස්ඒ, ආන්ඩුවේ හමුදාවන්ට එරෙහි තම ප්රහාර ඉහල නංවමින් සිටී. ලිහිල් ව සංවිධානය වූ සිරියාව නිදහස් කරනු හමුදාව ද තවදුරටත් සටන් විරාමය පිලිනොපදින බව දැන් පිලි ගනී...” යයි වොෂින්ටන් පෝස්ට් 09දා වාර්තා කලේ ය.
ඔබාමා පාලනය, සෞදි අරාබිය හා කටාර් වැනි ගල්ෆ් ආන්ඩු එස්එෆ් හමුදාවට ආයුධ හා මුදල් පොම්ප කිරීමට ගන්නා උත්සාහය අනුමත කර ඇතැ යි වොෂින්ටන් පෝස්ට් සටහන් කලේ ය. අලේපෝ හා තුර්කියේ උතුරු සිරියානු දේශසීමාව අතර ප්රදේශය තුල හා ලටකියා වරාය වටා බටහිර කලාපය තුල අභ්යන්තර සිවිල් යුද්ධ පෙරමුනු දෙකක් ගැන ද එය වාර්තා කලේ ය.
ආන්ඩුවේ සානා ප්රවෘත්ති ඒජන්සිය, ලටකියා හා ඉඩ්ලිබ්හි එස්එෆ්ඒ අල්ලාගත් ප්රදේශ අතර ඇති හෆ්ෆා නගරය තුල දැඩි සටන් පවතින බව තහවුරු කල අතර "ත්රස්තවාදී කන්ඩායම්” නගරයේ ජාතික රෝහලට ගිනි තැබීම ඇතුලු "සහාසික” අපරාධ සිදු කල බව ද වාර්තා කලේ ය.
සිරියාව කට්ටිවාදී සිවිල් යුද්ධයක අත ලඟ සිටින බව පැවසෙන අනතුරු ඇඟවීම් විශාල සංඛ්යාවක් සති අන්තයේ දී නිකුත්ව තිබුනි. මේ අනුව අලාවිට්, සුන්නි, ක්රිස්තියානි, ඩ්රූස් හා කුර්දි යන එක් හෝ වෙනත් කට්ටිවාදී හෝ වාර්ගික අනුගාමිකයන් ලේවැකි ප්රචන්ඩත්වයක පදනම වීමට ඉඩ ඇත.
සිරියාව තුල වාර්තා වූන සංහාරයන් පෙලක් ගැන අදහස් දක්වමින් බ්රිතාන්ය විදේශ ලේකම් විලියම් හේග්, 1990 ගනන්වල බොස්නියාව බවට එරට පත්වීමට පටන් ගෙන ඇතැයි පැවසීය. "අසැල්වැසි ගම්මාන එකිනෙකාට පහරදෙමින්, මරාගනිමින් සිටිති. අපි විශාල පරිමානයේ කට්ටිවාදී මිනීමැරුම් අද්දර සිටින්නෙමු” යයි ඔහු කීවේ ය.
හේග්ගේ අදහස් දැක්වීම, සිරියාව තුල "මානුෂීය” මැදිහත්වීමක් පිටුපස මහජන මතය රැලිකිරීමට ඉලක්ක කෙරෙයි. සුලුතර අලාවිට් නිකාය ජනාකීර්න ගම්වලින් බඳවාගෙන ඇති නිල නොවන හමුදා ඊට වගකිව යුතුව ඇතැයි යන්න වෙනුවට හවුලා හා කුබේර් ඝාතන අසාද් තන්ත්රය විසින් ම සිදුකලා යයි ඉඟිකරමින්, එරට බොස්නියාවට සමාන කිරීම පරස්පරවිරෝධී ය.
අසාද් පවුල අයත් වන ෂීයයිට් ඉස්ලාම් ශාඛාවක් වන සුලුතර අලාවිට් නිකාය හා සුන්නි මුස්ලිම් බහුතරය අතර කට්ටිවාදී ප්රචන්ඩත්වයට සිරියාව මුහුන දෙමින් සිටී යයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනාන් ද අනතුරු අඟවා ඇත.
"ප්රචන්ඩ ක්රියා සිදුවෙන සමහර අලාවිට් නගර තියෙවනවා, අපි ඒවායින් පලිගන්නෙමු” යි ප්රකාශ කල එක් එෆ්එස්ඒ තුවක්කු කරුවෙකු උපුටා දක්වමින් කට්ටිවාදී පලිගැනීම් එබඳු යැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ ය.
කට්ටිවාදී ප්රචන්ඩත්වයේ ප්රධාන වගකීම, තමන්ගේ ම ප්රතිගාමී අවශ්යතා වෙනුවෙන් සිරියාවේ හා කලාපයේ අනෙකුත් රටවල සංකීර්න නිකායික හා වාර්ගික බෙදීම් ගසාකෑමට උත්සාහ ගෙන ඇති අධිරාජ්යවාදී බලවතුන් මත පැටවෙයි. මේ ආකාරයෙන් ම, එක්සත් ජනපද ආක්රමනිකයා කෙරෙහි පලවන විරෝධය ඉවතට හැරවීමේ හා මර්දනය කිරීමේ මාධ්යයක් ලෙස බුෂ් පාලනය, 2006 – 2007 කාලයේ ඉරාකය තුල සුන්නි හා ෂියයිට් සටන්කරුවන් අතර ලේ විලක් නිර්මානය කලේ ය.
ඔබාමා පාලනය, අසාද් තන්ත්රය පෙරලා දැමීම පිනිස සම්බාධක හා සම්පූර්න හමුදා මැදිහත්වීම තීව්රකිරීම සඳහා මෙහෙයවන එක්සත් ජනපද උද්ඝෝෂනයට රුසියාව එකඟ කර ගැනීම සඳහා එරට මත දැඩි පීඩනයක් යොදමින් සිටී. මාධ්ය වාර්තාවන්ට අනුව 08දා රාජ්ය දෙපාර්තමේන්තුවේ නියෝජිත ප්රෙඩ් හොෆ් රුසියානු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මොස්කව්වලට ගිය අතර ප්රතිඵල අල්ප විය.
හොෆ්ගේ දූත මෙහෙවරින් පසු රුසියානු විදේශ ඇමති සර්ගේයි ලව්රෝව්, සිරියාව තුල හමුදා මැදිහත්වීමක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය ගෙනෙන ඕනෑ ම යෝජනාවකට දිගට ම විරුද්ධ වන බව කීවේ ය. බ්රිතාන්ය, ප්රන්සය හා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඔහු කීවේ බාහිර බලවේග "ලිබියානු සිදුවීම් ” නැවත සිදුවෙනු ඇතැ යි බලාපොරොත්තුවෙන්, සිරියාව තුල සන්නද්ධ කන්ඩායම් දිරිගන්වමින් සිටි බව යි.
එක්සත් ජනපදය තුල සිරියාවට එරෙහි උද්ඝෝෂනය එන්ට එන්ටම විවෘත රුසියානු විරෝධී ස්වභාවයක් ගෙන ඇත. බ්රහස්පතින්දා සෙනේට් සභා රැස්වීමට කල කතාවක දී, හමුදා මැදිහත්වීම පිලිබඳ ප්රමුඛ රිපබ්ලිකානු පක්ෂ උපදේශකයෙකු වන සෙනේට් සභික ජෝන් මැකේන්, "සිරියාව තුල එක්සත් ජනපද ප්රතිපත්ති අසාද්ගේ හමුදා ශක්තිමත් කරමින් සිටින රුසියානු නායකයින්ගේ අනුමැතියට යටත් බව දැන් පෙනී යන්නේ ” යයි පැමිනිලි කලේ ය.
"සිරියාව තුල ලේ හැලීම් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මගින් නැවත් විය හැකිය යන මිත්යාව” හෙලාදකිමින් හා "ව්ලැඩිමීර් පුටින් රුසියාව තුල වැලැක්වීමට සටන් කරන දේශපාලන ආදර්ශයක් දමස්කස් තුල ස්ථාපිත කිරීමට” රුසියාවෙන් සහායක් බලපොරොත්තු විය නොහැකි යයි ප්රකාශ කරමින් වොෂින්ටන් පෝස්ට් පත්රය සඳුදා කතුවැකියක් පලකලේ ය. "සිරියාව තුල සංක්රමනය ඇරඹෙන්නේ අසාද් මහතාට දැඩි බලයක් මුනගැස්වීමෙන් පමනි ” යනුවෙන් පවසන කතුවැකිය මුලුමනින් ම හමුදා මැදිහත්වීමක් ඉල්ලා සිටියේ ය.
එදින ම නිව් යෝක් ටයිම්ස් පත්රය "අසාද්, ඝාතකයා” යන ශීර්ෂ පාඨය සහිතව ඒ හා සමාන ම කතුවැකියක් පලකලේ ය. ප්රධාන අනදෙන නිලධාරියා වශයෙන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා බැරක් ඔබාමා ඇතුළු ඇමරිකානු ජනාධිපතිවරු සිදුකර තිබෙන ඝාතන සමග ගත් කල සිරියානු පාලකයාගේ ඝාතන අඟුටුමිටි බවට පත් කරන නමුත් ටයිම්ස් පත්රය කිසිදාක ඔවුන්ට එම “ ඝාතකයා” යන ලේබලය අලවා නොමත.
ජනඝාතක ඉරාක අවි පිලිබඳ මුසාවාද හා ලිබියාව තුල පාලන තන්ත්ර වෙනසක් සඳහා සිදුකල ලේවැකි මැදිහත්වීම ආරක්ෂා කිරීමේදී ප්රධාන කාර්යභාරයක් ඉටු කල ටයිම්ස් පත්රය ව්යාජ ලෙස මෙසේ ලීවේ ය, "සිරියානු ඒකාධිපතියා සන්නද්ධ කිරීම මගින් රුසියාව හා චීනය මේ වන විටත් තම අත්වල ලේ තවරාගෙන ඇත.”
මනුෂ්යත්වයට එරෙහි අපරාධ සඳහා අසාද්ට චෝදනා කිරීමට හා මුලුමනින් ම ආයුධ සම්බාධක පැනවීම සඳහා කතුවැකිය මොරදුන්නේ ය. අනාන්ගේ රාජ්යතාන්ත්රික උත්සාහය අසාර්ථක බව එහි සඳහන් කරන අතර “එය කර ඇති සියල්ල නම්, රුසියාව, චීනය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයේ අනෙකුත් සාමාජිකයන්ට ඔවුන්ගේ අලසකමට සමාවගැනීමට තවත් සති හයක් කල් ලබා දීම.” බව එය සඳහන් කරයි. | hplt_2 |
2009-11-27
ඇමති මණ්ඩලය කප්පාදු කරන බව ආරංචි වී ඇමතිවරු කලබලයට පත් වෙති
(2009 නොවැම්බර් 27 - W3Lanka) සියයකට අධික ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට අධික පිරිවැයක් දරන්නට මහජනයාට සිදු වීම හේතුවෙන් නැගෙමින් පවතින විරෝධය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට අවාසිදායක වීම හේතුවෙන් මහ මැතිවරණයෙන් පසු ඇමැති මණ්ඩලය අඩුකිරීමට තමන් සූදානම් බව දැන් ජනාධිපතිවරයා පවසයි.
එහෙත් එම ප්රකාශයත් සමග එවැනි අලුත් ආණ්ඩුවක ඇමතිකමක් සඳහා කේවෙල් කිරීමට සුදුසුකමක් හෝ ජනාධිපතිවරයා වෙත සමීපකමක් හෝ නැති බොහෝ ඇමතිවරුන් කලබලයට පත්ව ඇති බව ද, එක්සත් ජාතික පක්ෂයට පැන ගතහොත් ඊට වඩා තැනක් ලබා ගත හැකි වනු ඇතැයි සිතමින් සිටින බව ද වාර්තා වේ.
තමාට ලැබුණේ පාර්ලිමේන්තුවේ කථානායකවරයකු පත් කර ගත නොහැකි තරම් දුර්වල ආණ්ඩුවක් බව ද ත්රස්තවාදය පරාජය කොට ඒකීය රටක් බිහිකිරීමේ තම ඉලක්කය දිනකින් හෝ කල් දැමිය නොහැකි බැවින් විවිධ පක්ෂ එකතු කරගෙන ආණ්ඩුව ස්ථාවර කර ගත්තේ යැයි ද ජනාධිපතිවරයා මාධ්ය ආයතනවල ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) හමුවූ අවස්ථාවේදී පැවසී ය.
එහෙත් ඇමති සංඛ්යාව වැඩි කිරීම සාධාරණය කරමින් ඇමැතිවරයකුට ලැබෙන අමාත්යාංශය කුඩා වූ තරමට ඒ කෙරෙහි වැඩි අවධානයක් යෙදවීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා පුළුල් විෂයය පරාසයක අමාත්යාංශ ඇති විට ඒ ඒ සංස්ථාවල කෙරෙන්නේ කුමක්දැයි ඇමැතිවරයාවත් නොදන්නා වාතාවරණයක් උදාවෙන බවත් කීය.
ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ද පළාත් සභාවල මෙන් නිශ්චිත සංඛ්යාවක් බවට ව්යවස්ථාවෙන් ම පත් කර ගැනීම මේ සඳහා ඇති කර ගත හැකි එක් විසඳුමකි. අනෙක් පැත්තෙන් මහජන නියෝජිතයන් ඇමතිකම්වලට මෙතරම් පෙරේත වීමට හේතුවක් වන්නේ අමාත්යංශ හරහා දූෂණයේ යෙදීමට වැඩි ඉඩක් විවර වීමයි. මේ දුෂණයන්ට ඡන්දදායකයෝ ද සම්බන්ධ ය. ව්යවස්ථාදායකයේ සත්ය කාර්යය වන්නේ නීති සම්පාදනය බව මහජනයාවත්, මහජන නියෝජිතයන්වත් දන්නේ නැත. ඔවුන් සිතන්නේ මන්ත්රීවරුන් පත්කරන්නේ රස්සා ලබා ගැනීම, පාරට තාර දමා ගැනීම හා ලයිට් ගැනීම ආදී කටයුතු කරවා ගැනීමට බවයි. මේවා කිරීම සඳහා රටේ වෙනත් ආයතන තිබේ. මහජන නියෝජිතයන් විසින් කළ යුතුව තිබෙන්නේ එම ආයතන විසින් අදාල කටයුතු කරන්නේදැයි සොයා බැලීමයි.
ඇමති මණ්ඩලය යනු ඉලක්කම් ප්රශ්නයක් නොව යහපාලනය පිළිබඳ බරපතල ගැටළුවකි.
එහෙත් එම ප්රකාශයත් සමග එවැනි අලුත් ආණ්ඩුවක ඇමතිකමක් සඳහා කේවෙල් කිරීමට සුදුසුකමක් හෝ ජනාධිපතිවරයා වෙත සමීපකමක් හෝ නැති බොහෝ ඇමතිවරුන් කලබලයට පත්ව ඇති බව ද, එක්සත් ජාතික පක්ෂයට පැන ගතහොත් ඊට වඩා තැනක් ලබා ගත හැකි වනු ඇතැයි සිතමින් සිටින බව ද වාර්තා වේ.
තමාට ලැබුණේ පාර්ලිමේන්තුවේ කථානායකවරයකු පත් කර ගත නොහැකි තරම් දුර්වල ආණ්ඩුවක් බව ද ත්රස්තවාදය පරාජය කොට ඒකීය රටක් බිහිකිරීමේ තම ඉලක්කය දිනකින් හෝ කල් දැමිය නොහැකි බැවින් විවිධ පක්ෂ එකතු කරගෙන ආණ්ඩුව ස්ථාවර කර ගත්තේ යැයි ද ජනාධිපතිවරයා මාධ්ය ආයතනවල ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) හමුවූ අවස්ථාවේදී පැවසී ය.
එහෙත් ඇමති සංඛ්යාව වැඩි කිරීම සාධාරණය කරමින් ඇමැතිවරයකුට ලැබෙන අමාත්යාංශය කුඩා වූ තරමට ඒ කෙරෙහි වැඩි අවධානයක් යෙදවීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා පුළුල් විෂයය පරාසයක අමාත්යාංශ ඇති විට ඒ ඒ සංස්ථාවල කෙරෙන්නේ කුමක්දැයි ඇමැතිවරයාවත් නොදන්නා වාතාවරණයක් උදාවෙන බවත් කීය.
ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ද පළාත් සභාවල මෙන් නිශ්චිත සංඛ්යාවක් බවට ව්යවස්ථාවෙන් ම පත් කර ගැනීම මේ සඳහා ඇති කර ගත හැකි එක් විසඳුමකි. අනෙක් පැත්තෙන් මහජන නියෝජිතයන් ඇමතිකම්වලට මෙතරම් පෙරේත වීමට හේතුවක් වන්නේ අමාත්යංශ හරහා දූෂණයේ යෙදීමට වැඩි ඉඩක් විවර වීමයි. මේ දුෂණයන්ට ඡන්දදායකයෝ ද සම්බන්ධ ය. ව්යවස්ථාදායකයේ සත්ය කාර්යය වන්නේ නීති සම්පාදනය බව මහජනයාවත්, මහජන නියෝජිතයන්වත් දන්නේ නැත. ඔවුන් සිතන්නේ මන්ත්රීවරුන් පත්කරන්නේ රස්සා ලබා ගැනීම, පාරට තාර දමා ගැනීම හා ලයිට් ගැනීම ආදී කටයුතු කරවා ගැනීමට බවයි. මේවා කිරීම සඳහා රටේ වෙනත් ආයතන තිබේ. මහජන නියෝජිතයන් විසින් කළ යුතුව තිබෙන්නේ එම ආයතන විසින් අදාල කටයුතු කරන්නේදැයි සොයා බැලීමයි.
ඇමති මණ්ඩලය යනු ඉලක්කම් ප්රශ්නයක් නොව යහපාලනය පිළිබඳ බරපතල ගැටළුවකි.
Subscribe to: Post Comments (Atom) | hplt_2 |
Microsoft Office Language Interface Pack 2010-සිංහල
කෙටි විස්තරය
Microsoft Office Language Interface Pack 2010 – සිංහල මගින් බොහෝ Microsoft Office 2010 ක්රමලේඛ සඳහා වූ සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයනු ලබයි.
මෙම පිටුවෙහි
ඉක්මන් විස්තර
සාරාංශය
Microsoft Office Language Interface Pack 2010 – සිංහල මගින්, සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයනු ලබන්නේ:
- Microsoft Office Excel 2010
- Microsoft Office OneNote 2010
- Microsoft Office Outlook 2010
- Microsoft Office PowerPoint 2010
- Microsoft Office Word 2010
පිටුවෙහි ඉහළ
පද්ධති අවශ්යතා
- සහායක මෙහෙයුම් පද්ධති: Windows 7
-
අවශ්ය මෘදුකාංග: මතු දැක්වෙන යෙදුම් එකක් හෝ ඊට වැඩි ගණනක් අඩංගුවන Microsoft Office 2010 ඕනෑම කට්ටලයක් හෝ එහි තනි පිටපතක්: Excel, OneNote, Outlook, PowerPoint හෝ Word.
- ඩිස්ක ඉඩ අවශ්යතාවන්: දැනට ස්ථාපනයකර තිබෙන Office 2010 ක්රමලේඛ මගින් භාවිත කරනු ලබන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට් 20ක (MB) ලද හැකි දෘඩ තැටි ඉඩක් අවශ්ය වේ.
- තිර විභේදනය 1280 x 1024 හෝ 1280 x 800 අවම විභේදනයක් පිහිටුවන ලෙස පරිශීලකයන්ට Microsoft නිර්දේශ කරයි.
පිටුවෙහි ඉහළ
උපදෙස්
මෙම බාගතකිරීම ස්ථාපනය කිරීමට:
- 'බාගත කරන්න' බොත්තම (ඉහළ) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව බාගතකර, ගොනුව ඔබගේ දෘඪ ඩිස්කයේ සුරකින්න.
- සිටුවම් ක්රමලේඛය ඇරඹීමට ඔබගේ දෘඪ ඩිස්කයෙහි තිබෙන LanguageInterfacePack.exe ක්රමලේඛ ගොනුව ද්වි ක්ලික් කරන්න.
- ස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා තිරයෙහි වූ උපදෙස් අනුගමනය කරන්න.
- ස්ථාපනය සිදුකළ පසුව, ඔබගේ Microsoft Office 2010 භාෂා අතුරු මුහුණත් ඇසුරුම සඳහා වූ readme ගොනුව මෙහි දී සොයාගත හැකිය, C:\ක්රමලේඛ ගොනු\පොදු ගොනු\microsoft shared\OFFICE14\LCID\LIPread.htm
- Office 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම සහිත Office 2007 උත්ශ්රේණි කිරීම සඳහා හෝ, Office 2010ට පෙර අනුවාදයක් උත්ශ්රේණි කිරීම සඳහා හෝ Office 2010 භාෂා අතුරු මුහුණත් ඇසුරුම සහාය නොදක්වයි. ඔබගේ මූලික Office 2007 ස්ථාපනය, Office 2010 භාෂා අතුරු මුහුණත් ඇසුරුම සමගින් Office 2010 බවට උත්ශ්රේණි කිරීමට අදහස් කරයි නම්, ඔබ කළ යුත්තේ:
- Office 2007 Language Interface Pack අස්ථාපනය කර
- Office 2010 සිටුවම ධාවනයකර, උත්ශ්රේණි කිරීමේ අභිරුචි තෝරන්න.
- Office 2010 සිටුවම සම්පූර්ණ වූ පසු, Office 2010 Language
Interface Pack ස්ථාපනයකර වින්යාස කරන්න
ඔබගේ Office නිෂ්පාදනය සක්රිය කිරීම:
- Microsoft Office Activation Wizard සංවාදයෙහි තිබෙන සමස්ථ ස්ථාපන කේත කියවීම ඔබට ගැටළු සහගත නම්, හෝ ඔබගේ Microsoft® Office Language Interface Pack 2010 භාවිත කිරීමේ දී සමස්ථ ස්ථාපන කේත නිවැරදිව නොදැක්වේ නම්, විශාරදය අවලංගුකර, Microsoft Office නිෂ්පාදනය සක්රිය කිරීම සඳහා ඉංග්රීසි නිෂ්පාදනය වෙතට මාරුවන්න.
භාවිතය සඳහා වූ උපදෙස්:
ඔබගේ පරිශීලක අතුරු මුහුණත,Microsoft Office Language Interface Pack 2010– සිංහල බවට වෙනස් කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
ඊළඟ වතාවේ ඔබගේ Office යෙදුම් අරඹන විට දී, ඔබ තේරූ භාෂා සිටුවම් බලපැවැත්වෙනු ඇත.
- අරඹන්න\සියලු ක්රමලේඛ\Microsoft Office\Microsoft Office මෙවලම් Microsoft Office 2010 භාෂා මනාපයන් සිට Microsoft Office 2010 භාෂා අභිමත දියත් කරන්න.
- සංදර්ශන සහ උදව් භාෂා තෝරන්න යටතෙහි වූ, සංදර්ශන භාෂා යටතෙන් අවශ්ය භාෂාව තෝරා පෙරනිමි බොත්තම ලෙස සිටුවන්න.
- සැකසුම් භාෂා තෝරන්න යටතේ, අවශ්ය භාෂාව තෝරා පෙරනිමි බොත්තම ලෙස සිටුවන්න.
- හරි බොත්තම ක්ලික් කරන්න.
සටහන: Microsoft Office Language Interface Pack 2010 හි උදව් භාෂාව සිංහල වෙතට මාරු කළ නොහැකිය. උදව්, සැමවිටම ඔබගේ මුල් ස්ථාපනයේ භාෂාවෙන්ම පවතිනු ඇත.
සැමවිටම පතන ලැයිස්තුවෙහි තිබෙන ඔබගේ සංදර්ශන උදව්, මූලික භාෂාවට සිටුවන්න.
මෙම බාගත කිරීම ඉවත් කිරීමට:
Windows XP Home හෝ Professional සංස්කරණ තුළ දී මෙම පියවර අනුගමනය කරන්න:
- ක්රමලේඛ සියල්ලෙන් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙහි ක්රමලේඛ එක් කරන්න හෝ ඉවත් කරන්න අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- දැනට ස්ථාපිත ක්රමලේඛ කොටුවෙහි Microsoft Office Language Interface Pack 2010 ක්ලික්කර අනතුරුව ඉවත් කරන්න බොත්තම ක්ලික් කරන්න.
- තිරයෙහි වූ උපදෙස් අනුගමනය කරන්න.
Windows Vista හෝ Windows 7 තුළ දී මෙම පියවර අනුගමනය කරන්න:
- ක්රමලේඛ සියල්ලෙන් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙහි ක්රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- මෙම ක්රමලේඛයක් ස්ථාපනය කරන්න හෝ වෙනස් කරන්න අභිරුචියෙහි, දැනට ස්ථාපිත ක්රමලේඛ කොටුව තුළ Microsoft Office Language Interface Pack 2010– සිංහල Microsoft Office භාෂා අතුරු මුහුණත් ඇසුරුම 2010– [භාෂාව] ක්ලික්කර අනතුරුව අස්ථාපනය කරන්න අභිරුචිය තෝරන්න.
- තිරයෙහි වූ උපදෙස් අනුගමනය කරන්න.
බාගත කළ CHM ගොනුවේ අන්තර්ගතය පෙනෙන්නේ නැත්නම්, එහි අන්තර්ගතය බලා ගැනීම පිණිස ඔබට පහත පිරවර අනුගමන්ය කළ හැකිය:
- ඔබ බාගත කළ CHM ගොනුව ඇති ෆෝල්ඩරය විවෘත කරන්න.
- CHM ගොනුව මත දකුණ ක්ලික් කළ විට දිස් වන මෙනුවෙන්, ගුණාංග තෝරන්න.
- සාමාන්යත පටිත්ත තුළ, ඇවුරුම ඉවත් කරන්න බොත්තම ක්ලික් කර ඉන් පසුව OK බොත්තම ක්ලික් කරන්න.
- CHM ගොනුව මත දෙවරක් ක්ලික් කළ විට ඔබට එහි අන්තර්ගතය දැකගත හැකිය.
පිටුවෙහි ඉහළ
බාගැනෙන ගොනු
මෙම කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන ගොනු බාගන්න.
පිටුවෙහි ඉහළ
පිටුවෙහි ඉහළ | hplt_2 |
නට්සියා යනු කවරෙකුද?
නට්සි (ඉංග්රීසි ලියැවුම නාසී - nazi ලෙස වුවද උච්චාරණය කිරීමේදී "නට්සි" ලෙස උච්චාරණය කරයි ) යන වචනයේ තේරුම ජාතික සමාජවාදය (National Socialism - Nationalsozialismus) යන පදය කෙටිකර ලිවීමකි. සමාජවාදී යයි කිවුවාට නට්සි චින්තනය අන්ත ජාතිවාදී, දක්ශිණාංශික චින්තනයකි. ඔවුනට කොමියුනිස්ට්වාදය හා එයට සබැඳුනු සමාජවාදය නයාට අඳුකොල මෙනි.
නට්සි චින්තනයේ මූලික හරයන් මේවායි;
- ප්රජාතන්ත්රවාදය විහිලුවකි, දුර්වලයින් බිහිකරයි රට ජාතිය ශක්තිමත් කිරීමටනම් දේශප්රේමී ආඥාදායකයෙකු අවශ්යය.
- රාජ්යය පවතින්නේ රාජ්යනායකයාගේ පැවැත්ම සඳහායි (එනම් ජර්මන් ජාතියේ පීර්තෲවරයාවූ ෆියුරර් නමින් හැඳින්වූ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ පැවැත්ම හා ඔහුගේ වියරු ආශාවන් හා චින්තනය වෙනුවෙනි )
- ජනතාව පවතින්නේ රාජ්යයේ පැවැත්ම සඳහාය, එනම් ජනතාව පවතින්නේද රාජ්ය නායකයාගේ පැවැත්ම සඳහායි
- ආගම පවතින්නේ ජනතාවගේ පැවැත්ම සඳහාය. ජනතාව පවතින්නේ රාජ්යනායකයාගේ පැවැත්ම උදෙසා බැවින් ආගම පවතින්නේද රාජ්ය නායකයාගේ පැවැත්ම සඳහායි
- සියලු පුරවැසියන් ගතින් මෙන්ම සිතින්ද රාජ්යනායකයාට කැපවී සිටිය යුතු අතර රාජ්යනායකයා කියන ඕනෑම කැපවීමක්, ජීවිතය පවා, කැපකිරීමට ජනතාව බැඳී සිටී.
- ආර්ය ජාතිය සුපිරිසුදු වන අතර අන් සියලුම ජාතීන් පහත්වන අතර එම ජාතීන් සුජාත කිරීමේ නැතිනම් සිශ්ඨාචාරගත කිරිමේ වගකීම නට්සීන් සතුවේ
- ආර්ය ජර්මන් සිශ්ඨාචාරය ලෝකයේ උතුම්ම සිශ්ඨාචාරයයි, අන් සියලු සිශ්ඨාචාර ආර්ය ජර්මන් සිශ්ඨාචාරයට පහත්ය
- පෞද්ගලික ව්යවසාය පිලිගන්නා නමුදු රටේ සියලු ව්යාපර හා ආර්ථික සම්පත් රාජ්යයේ පොදු දියුණුව සඳහාම වේ. නට්සී චින්තනයේ එකම අරමුණ රට දියුණු කිරීම බැවින් නට්සි න්යාය පත්රයට අනුගත නොවන කිසිදු ව්යාපාරයක්, ව්යවසායක් පැවැතිය නොහැකිය.
- රාජ්යයේ පොදු දියුණුව යනු රාජ්යනායකයාගේ චින්තනය බැවින් සියලු ව්යාපර හා ව්යවසායන් පැවැතිය යුත්තේද හැසිරිය යුත්තේද රාජ්යනායකයාගේ චින්තනය අනුවය.
- යුද්ධය සුන්දරය. එය මිනිසාගේ ශක්තිය එලිදක්වයි. එය විද්යාත්මකය. පරිනාමවාදයට එකඟය. යුද්ධයෙන් ශක්තිවන්තයා තීරණය වන අතර ශක්තිවන්තයාට ලොව ආධිපත්යය හිමිවීම විද්යාත්මකය, පරිණාමවාදයට එකඟය. යුද්ධයෙන්, ගැටුම් වලින්, පරපණ නැසීමේන් සියලු ගැටලු විසඳිය හැකිය.
- ප්රජාතන්ත්රවාදය විහිලුවකි, දුර්වලයින් බිහිකරයි රට ජාතිය ශක්තිමත් කිරීමටනම් දේශප්රේමී නායකයෙකු (රජෙකු) අවශ්යය.
- රාජ්යය පවතින්නේ රාජ්යනායකයාගේ පැවැත්ම සඳහායි (එනම් සිංහල ජාතියේ නූතන පියා හෙවත් "ආඩම්බරකාර තාත්තා" වුනු මහින්ද රාජපක්ශ ජනපතිතුමාගේ පැවැත්ම වෙනුවෙනි.)
- ජනතාව පවතින්නේ රාජ්යයේ පැවැත්ම සඳහාය, එනම් ජනතාව පවතින්නේද රාජ්ය නායකයාගේ පැවැත්ම සඳහායි
- බෞද්ධාගම පවතින්නේ ජනතාවගේ පැවැත්ම සඳහාය. ජනතාව පවතින්නේ රාජ්යනායකයාගේ පැවැත්ම උදෙසා බැවින් බෞද්ධාගම පවතින්නේද රාජ්ය නායකයාගේ පැවැත්ම සඳහායි
- සියලු පුරවැසියන් ගතින් මෙන්ම සිතින්ද රාජ්යනායකයාට කැපවී සිටිය යුතු අතර රාජ්යනායකයා කියන ඕනෑම කැපවීමක්, ජීවිතය පවා, කැපකිරීමට ජනතාව බැඳී සිටී.
- සිංහල ජාතිය සුපිරිසුදු වන අතර අන් සියලුම ජාතීන් පහත්වන අතර එම ජාතීන් සුජාත කිරීමේ නැතිනම් සිශ්ඨාචාරය උගැන්වීමේ වගකීම සිංහල ජාතිය සතුවේ
- ආර්ය සිංහල සිශ්ඨාචාරය ලෝකයේ උතුම්ම සිශ්ඨාචාරයයි, අන් සියලු සිශ්ඨාචාර ආර්ය සිංහල සිශ්ඨාචාරයට පහත්ය
- පෞද්ගලික ව්යවසාය පිලිගන්නා නමුදු රටේ සියලු ව්යාපර හා ආර්ථික සම්පත් රාජ්යයේ පොදු දියුණුව සඳහාම වේ. මහින්ද චින්තනයේ එකම අරමුණ රට දියුණු කිරීම බැවින් මහින්ද චින්තන න්යාය පත්රයට අනුගත නොවන කිසිදු ව්යාපාරයක්, ව්යවසායක් පැවැතිය නොහැකිය.
- රාජ්යයේ පොදු දියුණුව යනු මහින්ද චින්තනය බැවින් සියලු ව්යාපර හා ව්යවසායන් පැවැතිය යුත්තේද හැසිරිය යුත්තේද මහින්ද චින්තනය අනුවය.
- යුද්ධය සුන්දරය. එය මිනිසාගේ ශක්තිය එලිදක්වයි. එය විද්යාත්මකය. පරිනාමවාදයට එකඟය. යුද්ධයෙන් ශක්තිවන්තයා තීරණය වන අතර ශක්තිවන්තයාට ලොව ආධිපත්යය හිමිවීම විද්යාත්මකය, පරිණාමවාදයට එකඟය. යුද්ධයෙන්, ගැටුම් වලින්, පරපණ නැසීමේන් සියලු ගැටලු විසඳිය හැකිය. | hplt_2 |
මධ්යතන යුගයේ පුරාවිද්යාව
මධ්යතන යුගයේ පුරාවිද්යාව යනු යුරෝපානු මධ්යතන යුග විශේෂිත කර එහි ද්රව්යමය සංස්කෘතිය හරහා මනුෂ්ය වර්ගයා අධ්යයනය කිරීමයි. එහි පුළුල්තම අවස්ථාවේදී අදාල අවධිය ක්රි පූ 5 වන සියවසේ සිට 16 වන සියවස දක්වා දිවෙන අතර පසු රෝමානු නමුත් පුර්ව නූතන අවශේෂ වලට සම්බන්ධවෙයි. මෙම කාලාන්තරය තුළින් රෝමානු අධිරාජ්ය බිදවැටීම මගින් සිදු වු බලවත් කැළඹීම හා වයිකින්, සැක්සන් හා ප්රංශ වැනි සංස්කෘතින් ආවරණය කරයි. තවදුරටත් එය විශේෂිතව මධ්යතන නගර අයත් කර ගනිමින් මධ්යතන ජනාවාස පිළිබද අධයයන ගැන සලකා බලයි. සමහරක් ඉතිහාසඥයන් විසින් එය ප්රයෝජනයෙන් තොර හා දීර්ඝ කාලයක් පුරාවට විශාල ගැටළු විසදීමට අපොහොසත් ආකාරයක් යැයි සැලකුවත් වර්ථමානයේදී එය ඓතිහාසික විද්යාවේ එක් අංශයක් ලෙස සම්පුර්ණයෙන්ම පිළිගනියි. | hplt_2 |
ජීවිතයම කතන්දර ගොඩක්!
This is a blog written in Sinhala Unicode. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා ලියවෙන කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, January 18, 2012
රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution
හාමිනේ පොඩි චීනේ ගිය දවස්වල මටයි පුතු පැටියටයි කෑම හදල දුන්නු නිසා කියනවා නෙමේ, රමණී නෝනා කියන්නේ ආදර්ශයට ගත යුතු හොඳ ගුණ යහපත් කෙනෙක්.
මෙන්න ඒ ගැන හොඳම උදාහරණයක් සපයන මට මතක් වුණු තරමක් පරණ පොඩි පහේ කතන්දරයක්.
ඔන්න රමණී නෝනා තමන්ගේ දෙවෙනි ජොබ් එකට ගිය අළුත එක සති අන්තයේ දවසක අපි ඒ පැත්තේ ගියා.
"කොහොමද රමණී අළුත් ජොබ් එක?"
"කියන්න නං වරදක් නෑ කතන්දර."
"කොහොමද එතැන වැඩ කරන අනිත් උං? හොඳයිද? අපි අඳුණන පොරවල් හෙම ඉන්නවද?"
"සේරම වගේ හොඳ කට්ටිය වගෙයි පේන්නේ. ඒත් එක මනුස්සයෙක් නං ඉන්නවා අනේ මං ගිය දවසේ ඉඳලා මා එක්ක නයි වෛරයක් තියෙන විදියටයි හැසිරෙන්නේ."
"ඇයි ඔයා එක්ක රංඩුවට ආවාද? නැත්තං බැන්නද?"
"රණ්ඩුවට එනවා තියා මේ මනුස්සයා මා දිහා බලන්නේවත් නෑ. මාව දැක්කාම රවලා වගේ අහක බලාගන්නවා. මිනිහා එක්ක මට වැඩපොළේ කෙලින්ම ගණුදෙණුවක් නැති හින්දා හොඳයි."
"ඔන්න ඔහේ අල්ලල දාන්න රමණී."
"නෑ, නෑ, මං මේක එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. හොඳ වැඩක් කරන්න ඕනෑ!"
රමණී කිව්වේ ස්ථිරසාර කටහඬකින්. මට පොඩ්ඩක් විතර බයක් වගේත් ආවා ඒ කතාවට. මේ මනුස්සයා මොනවා කරගනීවිද, මන්දා?
රත්නායක මහත්තයා නං ඔහේ ගාණක් නෑ වගේ හිටියා.
තව සතියකින් විතර ඔන්න ආයෙත් රත්නායක ජෝඩුව මට මුණ ගැහුණා. මට කෙලින්ම සිහියට ආවේ රමණී නෝනා ගේ වැඩපොළේ වලිය.
"කොහොමද රමණී වැඩපොලේ කටයුතු?"
"හොඳයි කතන්දර. හොඳට කරගෙන යනවා."
"දැන් ඉතිං මාසයක් විතර වුණානේ නේද?"
"ඔව් මේ දෙවෙනි මාසේ යන්නේ. දන්නනෙම නැතුව කාලේ යනවා."
ඔන්න මං ඇහැව්වා අර කේස් එක ගැන.
"කොහොමද අර ඔයා එක්ක වලියට බර පොර දැන්?"
"ආ! මනුස්සයා හොඳයි වරදක් නෑ."
"දැන් කතාබහ කරනවාද?"
"තරමක් විතර."
"ආ, ඇත්තද? කොහොමද ඉතිං මිනිහා ෂේප් වුනේ? රමණී එදා කිව්වේ නං හොඳ වැඩක් කරනවා කියලනේ!"
"මං කෙරුවේ කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි. හැමදාම උදේට වැඩට ගිය ගමන් ගුඩ් මෝනින් කිව්වා. හවසට ගුඩ් ඊවිනින් කිව්වා. දැක්ක දැක්ක තැන කොහොමද කියලා අහලා පොඩි හිනාවක් දැම්මා. ඒත් මුලින් මුලින් මේ මනුස්සයා රවන එක නැවැත්තුවේ නෑ. හැබැයි ඉතිං මාත් නැවැත්තුවේ නෑනේ. හැමදාම, ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියන එක අතහැරියේම නෑ. අන්තිමේදී මිනිහා ගේ මූඩ් එක ටික ටික වෙනස් වුණා. දැන් යාන්තං විතර හිනාවකුත් දානවා. මෝනිං කියන ගමන්."
කොහොමද රමණී නෝනා ගේ හොඳ වැඩේ? වෛරයට වෛරයෙන් ප්රතිචාර දැක්වීම වෙනුවට කරුණාව සහ මෛත්රිය පෙන්නීම.
නාලාගිරි ඇතා දමනය වුනෙත් ඔහොම තමයි!
-කතන්දරකාරයා
ප/ලි:
නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්පත්තී
ඒස ධම්මෝ සනන්තනෝ
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති
මං මේ ගාථා දන්නේ කොහොමද කියලා මෙන්න මේ කතන්දරේ තියෙනවා.
http://kathandara.blogspot.com/2010/05/blog-post_26.html
(image: http://www.projecthappilyeverafter.com/2010/07/compassion-is-the-antidote-to-everything/)
49 comments:
හුහ්, එහෙම කොහොමද..?? අපි වලියට බර පොරවල් හරිය..ReplyDeleteReplies
රමණී නෝනා නම් ආදර්ශමත් කාන්තාවක්. ලඟ පාතක හිටියානම් අපි කතන්දරට කරන්නෙත් ඔහොමයි. රවන , රවන පාරට ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියනවා...:DReplyDelete
හොඳ වැඩේ කරලා තියෙන්නෙ !ReplyDelete
අම්මා මම අද කලින්මද මන්දා..ReplyDelete
සිරා වැඩේ.. අපිටත් යූස් කරන්න පුළුවං :)
ඉස්සෙල්ලම ගෙදරින් ට්රයි කොරල බලන්න ඕනෙ ඔබී තරහ වෙච්ච වෙලාවක.ReplyDeleteReplies
හැක හැක හැක!!!Delete
රමණි නෝනාට අපේ ආචාරය....ReplyDelete
මම හිතුවෙ හෙන ගේමක් තියෙයි කියලා, බැලුවාම ඒකත් හොඳ ක්රමයක් නේ ........ReplyDelete
ඕක තමයි සූත්තරේ මම නම් ඕක බ්ලොග් අවකාශෙදිත් භාවිතා කළා.ReplyDeleteReplies
මටත වැඩ කරල තියෙනවා..... :)Delete
සංජේ දත් රඟපාපු "ලගේ රහෝ මුන්නා භායි" ෆිල්ම් එකෙත් කතා තේමාව ඕකම තමයි. ගාන්ධිගේ අවිහිංසාවාදී දර්ශනය ට්රයි කරන මැරයෙක්ගෙ කතාවක් තමයි ඒකෙ තියෙන්නෙ.ReplyDelete
බලල නැත්තන් හොයාගෙන බලන්ඩ. මරු...!!!
ප/ලි:
මේ කතාව රමණි නෝනාගෙ හොඳ ගැන කියන්ඩම ලියපු එකක් නන් නෙවේ :DReplies
ඇත්තටම ඔය සූත්තරෙනම් හරිම් හොඳයි . මාත් අනුගමනය කරනවා .ReplyDelete
වෛරයෙන් වෛරය නොසංසිඳේ කතාව ඇත්ත වු අවස්තාවක් නේද ?ReplyDelete
ආදර්ශයට ගත යුතු චරිතයක්..... :)ReplyDelete
මම වැඩ කරන තනත ඉන්නවා ඔහොම අය. මුලින් කතාවට ආවට මම කතා නොකරපු නිසා දැන් මම හිනා උනත් අහක බලනවා හිකිස්,, අපි බයවෙයි ඕවාට :ඩිReplyDelete
ඔහොම සීන් එකක් මටත් වුනා. ජොබ් එකට ගිය කාලෙ මාව ට්රෙන් කරන්න භාරගත්ත එකාගෙ මූණේ තිබ්බේ මරුමුස් පෙනුමක්. කතා බහක්, හිනාවක් මුකුත් නෑ. අනේ අපොයි මට වෙච්ච දේ කිය කිය හිත හිත හිටියේ. මුල් කාලෙනම් ජොබ් එකත් එපාවුනා. මොනවා උනත් ඌ මගේ ට්රේනර්නේ. ඉතින් මාත් ඔය රමණි නෝනා වගේ හිනාවෙලා කතා කරා හැමදාම. මාසයක් එක හමාරක් ගියාට පස්සේ පොර එලකිරි ෆිට් එකක්. උගේ මරුමුස් පෙනුම නිසා මාත් ගෙම්බර් දැම්මා නම් ට්රේනිනුත් කොට උඩ.ReplyDeleteReplies
මරුමූස් පෙනුමක් ???? %$$%£^&&^$£..Delete
කන්න ඕනේ වෙලා වගේ උදේ පාන්දරම...
හොඳ වැඩක් කරලා තියෙන්නේ.ReplyDelete
හැමෝටම ආදර්ශයක්.
තැනේ හැටියට ඇණේ ගහන්න ඕන කියලා කියන්නේ ඔය වගේ වෙලාවට නේ?ReplyDelete
ඔයවගේ අත්දැකීම් මටත් තියනව. මේවගේ කාත්එක්කවත් හිනාවෙන්නෙ කතාබහ කරන්නෙ නැතිඅය ඉන්නව, අමාරුවෙන් හරි එයාල එක්ක ෆිට් වුනොත් පණ උනත් දෙනව.ReplyDelete
මේ කතාව රමණි නෝනා ගැනමෙ නෙවේය... අනේ අපි නොදන්න කකා... ;)ReplyDelete
බලමු ට්රයි කරලා...ReplyDelete
ගුඩ් මෝනිං කීමේ පලවිපාක තමා නේද? ඒක හින්දා නොවැරදී උදේම ගුඩ් මොනිං කියන්ඩ ඕනේ....ReplyDelete
ගුඩ් මෝනිං කකා මහත්තයා
වලියට බර එවුන්ට මේ ක්රමේ අල්ලයිද මන්දා...ReplyDeleteReplies
- AnonymousJanuary 18, 2012 at 12:13 PM
ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියල තියෙනවනෙ.Delete
රමණී නෝනගෙ මෙතඩ් එකයි, කතන්දරගෙ මෙතර්ඩ් එකෙයි වැඩි වෙනසක් නැහැ. මම නම් හිතුවේ , මිනිසුන් පරිණත වෙන කොට තමයි මේ විදිහට වෙන්න ඇහැකි කියල. (මට කියපු කෙනා කීවේ එහෙමයි.)ReplyDelete
අන්න නියම ආදර්ශයක්....ReplyDelete
'පොලියානා' පොතෙත් ඔහොම කතාවක් තියෙනව. ඒකට කියන්නෙ 'සතුටු වීමේ සෙල්ලම'කියලද කොහෙද! රමණි නෝනා සමහර විට ඒ පොත කියවපු කෙනෙක් වෙන්න ඇති.ReplyDelete
හික්. හොද වැඩක් කරනවා කියලා කිව්වම මම හිතුවේ. අර මනුස්සයා එක්ක යුද්දෙ ප්රකාශ කරලා ඇති කියලා.....ReplyDelete
මේක කියවනකොට මටත් කට කහන කතාවක් මතක් උනා.ReplyDelete
ඒකෙ තියෙන්නෙ වලියට බර නේබර්ස්ලව හැන්ඩ්ල් කරන හැටි...!
කවදා ලියවෙයිද දන්නෙ නෑ ඉතින්....! අනාගත කට කහන කතා ලිස්ට් එකට ඇඩ් කලා...!Replies
එල කිරි දුමි අයියා..Delete
හොඳ උපදෙසක් තමයි මම හිතුවේ හොඳ ගේමක් සෙට් කරන්න ඇති කියලා මේ උපදෙස ප්රයෝජනවත් වේවි අනාගතේදිReplyDelete
ක්රමේ හරි...ඒත් දැන් කාලේ සමහර ඇත්තු (ඇත්තෝ ) එක්ක ඔය ක්රමේ කරන්ට අමාරුයි ... ඒ වගේ අයට තියන ක්රමේ තමා ignore කරලා ඉන්න එක...ReplyDelete
- AnonymousJanuary 18, 2012 at 5:09 PM
(Traffic Ano)ReplyDelete
රමණි නෝනාගේ ආදර්ශය හොඳයි. හැබැයි ඉතින් ගොඩක් අයට ගැටළුවක් වෙලා ඒ මෙතඩ් එක මේ කාලෙට වලංගුද, ආසියාවට වලංගුද, හැමෝටම වලංගුද ආදී වශයෙන්. මං හිතන්නෙ ඕනැම මෙතඩ් එකක් ඇප්ලයි කරනු ලබන පුද්ගලය අනුව කස්ටමයිස් කරගන්න ඕනැ. අංගුලිමාල දමනයටයි ආලවක දමනයටයි එකම මෙතඩ් එක නෙවෙයිනෙ බුදුහාමුදුරුවො පාවිච්චි කළේ.
මං ඔය උඩ ඊරියගම පාරෙ අර “විදුලි උප පොල” තියන තැනින් උඩට උඩ....ටම නැගල වමට හැරුනහම තියෙන ගෙදර බෝඩිං වෙලා හිටියනෙ ටික කාලයක්. ඒ හරියෙ දකුණු පැත්තෙ තිබුන පොඩි කඩ කෑල්ලක්. මේ කඩේ තිබුන “ඩාර්ට් බෝඩ්” එකක්. එතන හිටිය පොරක් හවසට ඕකෙ සෙල්ලං කරනව. නිකං නෙවෙයි පොඩි කිනිස්සක් වගේ එකකින්. මේක හැමදාම වෙන්නෙ අපි යන වෙලාවටමයි.
මං ඒක දැක්කත් එච්චර ඒ දිහා බැලුවෙ නෑ කිසිම දවසක.
මෙන්න එක දවසක් ඉලන්දාරියා මගෙ ඇඟේ හැපෙන්න එනව පාර දිගේ. මං පාරෙ අයින් වුනා.
ආයෙත් පහුවදා ඩාර්ට් ෂෝ එක. මං ගණං ගත්තෙ නෑ.
ඊ ළඟ දවසෙ ආයෙත් පොර ඇඟට එනව. මං අයින් වෙනව.
ඔහොම සතියක් විතර ඒ සිද්ධි දාමය මාරුවෙන් මාරුවට නැවත නැවත ඇති වුනා.මගේ හැසිරීමත් කිසිම වෙනසක් වුනේ නෑ.
ඊට පස්සෙ පොර මං දිහා බලල ලාවට හිනාවක් දැම්ම. මාත් හිනා වුනා. තව දවස් දෙක තුනක් යනකොට කතා කරන්න පටන් ගත්ත.
නානත්ත කායා නානත්ත සිංඤා කිව්වලු. (මේක අර ජූනියස් රිචඩ් ජයවර්ධන තුමාගේ නහි වේරේන වේරානි වගේ සිරා කෑල්ලක් නෙවෙයි.)
වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල බුදු හාමුදුරුවොත් කිව්වේ නිකන්යැ?ReplyDelete
ඇත්තටම ඉතින් ඕක හරියන්න නම් ඉවසීම තියෙන ඩබලක් අතර ඔයි කියන ගනු දෙනුව වෙන්න ඕනෙ .ReplyDelete
නැත්තම් ඉතින් ගේමනම් ගේම වගේ දෙපලක් අතරේ ඔයිවගේ සුහඳ වචන හුවමාරුවක් වෙන්න තියන අවස්ථාව නම් ගොඩාක්ම අඩුයි ...Replies
රමණි නෝනා පට්ට !!ReplyDelete
වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.
ඒකනම් මටත් අත්දුටුවයි ප්රත්යක්ශයිReplyDelete
මම ඉන්න තැන ගොඩක් ඉන්නෙ ඔය කුරුස යුද්දෙන් දිනපු රටෙ කට්ටිය. මුන් ඔක්කොම ඔහොම තමයි. මමත් ඔය වැඩේ තමයි මේ දවස් වල try කරගෙන යන්නෙ. වැඩෙ කියන්නෙ මාස 2කට කිට්ටුයි, මුන් තවම මට අහුවෙන්නෙ නෑ. මම තව ටික දවසක් බලල අතෑරල දාන්නයි හිතාගෙන ඉන්නෙReplyDelete
@ All සියළු දෙනාටමReplyDelete
කතන්දරය කියවා කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය!
කාටත් කරුණාවෙන් මෛත්රියෙන් ජීවත්වීම වැදගත්.
අපි ක්ෂාන්තිවාදී තාපසයෝ වෙන්න ඕනෑ නෑ. තමුන්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් වෙන දේවල්වලට නීතියෙනුත් සහනයක් ලැබෙනවා.
නමුත් කැත්තට පොල්ල සංකල්පය අන්තිම තුරුම්පුව විය යුතුයි.
රමණී නෝනා කාටත් ආදර්ශයක්.
සියළු දෙනාටම ජයවේවා.
sahenna hoda wadak ne!ReplyDelete
sahenna hoda wadak ne!ReplyDelete
ඔබේ ප්රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship. | hplt_2 |
පාර්ලිමේන්තුවට විධානයක් කිරීමට සමත් කිසිම බාහිර ආයතනයක් නැති බවට කතානායක චමල් රාජපක්ෂ පසුගිය 29 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය නිසා ව්යවස්ථාදායකය හා අධිකරණය අතර දැනට පවතින ගැටුම තවදුරටත් සංකීර්ණවීමේ තත්ත්වයක් උද්ගතවනු ඇතැයි නීති ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මතය වී ඇත.
පළාත් සභා පිහිටැවීම සඳහා ඉන්දියා රජයේද අනුග්රහය ලබද්දී එදා පූස් පැටවකු සේ සිටි විමල් වීරවංශ ඇමැති අද වීරයකු සේ පළාත් සභා එපා යැයි කෑ ගැසීම විහිළුවක් බව මධ්යම පළාත් සභාවේ සන්ධාන මන්ත්රී උදිත් අනුරාධ මහතා පවසයි.
විවේචනාත්මක විශ්ලේෂණයක්
සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක්රමය ශ්රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග්රහයකට හසුකොට නැති විෂය ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය.
සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක්රමය ශ්රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග්රහයකට හසුකොට නැති විෂය ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය.
බොදුබලසේනා සංවිධානය විසින් හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්රකාශයක් මාධ්ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්රියාත්මක වුවහොත් ඉන් අනිටු පලවිපාක ලබන්නේ කවුද? යන්න එවිට තහවුරු වනු ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්රධාන විපක්ෂයේ විරෝධය 2013 ජනවාරි මාසයේ සිට මහපාරට බැස රට පුරා සටන්කිරීමට තීරණයකොට ඇති බව කොළඹ නව නගර ශාලාවේදී අද පැවති මහජන මන්ත්රණ සභාවේ සමාරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන්කොට සිටියා.
අමාත්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ(20) දිනයේදී සමාජ සත්කාරයකට එක්ව තිබෙනවා. ඒ දෙහි ඕවිට අල්ගම ප්රදේශයේ පුර්ණ වශයෙන් ආබාධිත වු තරුණයෙක් බැලීමට ගොස් තිබෙන අවස්ථාවකදීයි.
ලබන වසරේ සිට මෝටර් රථ ආදායම් බලපත්ර ගාස්තු ඉහළ දැමීමට රජය ගත් තින්දුවට එරෙහිව බස්නාහිර පළාතේ එක්දින පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්රියාත්මක කරන බව පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් වංචා සහගත ලෙස මුදල් රැස් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වු බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචර සංසදය පවසයි.
‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාහට කැලණිය මැතිවරණ කොට්ඨාසය භාරදුන්නේ සුදු නෙළුම් මලක් වගේ රැක ගැනිමට බව ආචාර්ය මර්වින් සිල්වා අමාත්යවරයා පවසයි.
1930 දශකයේ කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්යාපනය අරඹා, රටේ සැමටම අධ්යාපනයේ අයිතිය එකසේ තහවුරු කරන්න උත්සාහ දැරුවත්, එය කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්රධාන නගර කිහිපයකට පමණක් සීමා වුණා.
සිය දෙවන ජනාධිපතිධුරයේ විශිෂඨ ජයග්රහණයෙන් පසුව මියන්මාරයේ සංචාරයක යෙදිසිටින අමෙරිකානු බලවතා මියන්මාරයේ ප්රජාතන්ත්රවාදයේ සලකුණ ලෙස හැදින්වෙන අවුන්සාන් සුකී මහත්මිය ඉතා ආදරයෙන් වැලදගත් බව වාර්තා වේ.
ශ්රී ලංකා ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්තියේ දෙවන වසර සැමරීම අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා.
2013 වසර ස`දහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ම`ගින් මෙරට තරුණ තරුණියන්ගේ ගැට`එ විස`දීම ස`දහා කිසි`දු වැඩ පිළිවෙලක් ස`දහන් නොකීරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම ස`දහා සමාජවාදී තරුණ සංගමය මගින් සංවිධානය කළ අත් පත්රිකා බෙදා දීමේ වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටදී පැවැත්විණ.
2012 නොවැම්බර් 16 වැනිදා යුනිලීවර් සමාගමේ ප්රමුඛතම හිස කේ සත්කාරක නිෂ්පාදනය වන සන්සිල්ක් විසින් සංවිධානය කරනු ලබන zzSunsilk Hair ExpertsZZ වැඩමුළු මාලාවේ මේ වසරේ අවසන් වැඩමුළුව ගාල්ල කේන්ද්රකර ගනිමින් පැවැත්විණ.
ගොඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩය වන උරගයන්මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියේ රජ කළ සත්ත්වයෝ වෙති.
ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 නොවැම්බර් මස 18 වන දින විරකැටියේදී උපත ලද එතුමා අද සමරන්නේ සිය 67 වන උපන් දිනයයි.
නොවැම්බර් මස 16 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදු වූ සිදුවීමකින් කම්කරුවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් කම්කරුවන් කිහිප දෙනකු රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත.
මේ පසුගියදා වෙරෝනාහිද ී මිය ගිය ධනුක ජයමාල් ප්රෙෂ්ලි නම් වු රැවැති තරැණයාගේ ඡායාරූපයකට යටින් ඔහුගේ මිතුරියක් FaceBook හි ලියා තිබූ වදන් පෙළකි. ඒමෙන්ම මේ දිනවල ඔහු පිළිබද ශෝක සටහන් සහා ජායාරෑප ඔහුගේ මිතුරු මිතුරියන් FaceBook හි පළකරති. | hplt_2 |
Wednesday, October 24
-පාන් කෑවොත් ඔහොමමයි-
49 comments:
හි.. හි.. ඇත්ත නේන්නම්.ReplyDeleteReplies
ඒකනේ........ හි හී.. :DDelete
පාන් කෑවොත් ඔහොමමයි... හික්ස්..ReplyDelete
(මම ටියුබ් ලයිට්ද මන්දා.. තේරුනේ නැත.)Replies
සුට්ටක් විතර ටියුබ් ලයිට් තමයි.. :PDelete
මෝඩ වැඩ කරපුවාම ඉතින් වන්දි ගෙවන්නත් වෙනවා නොවැ.
හරියට නිකන් "කුම්භලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ" වගේ..
හ්ම්ම්... ඒකනේ පාන් කන්ඩ එපා කියන්නේ...ReplyDeleteReplies
මූට ඒක තේරිලා නෑ මයේ හිතේ.... :PDelete
මම නං ඔය ජරාව කන්නෙ නෑ. පාන් කෑවොත් හීන දකින්න පුළුවන්.ReplyDeleteReplies
ඒක නම් ඇත්ත අයියා... :)Delete
අපෝයි.....ReplyDelete
මාත් පාන් කන එක අඩු කරන් ඕනෙ...Replies
ඒක නම් ඇඟට ගුණයි තමයි.. :DDelete
ටියුබ් ලයිට්.........ReplyDelete
පාන් නැතිව කේක් කන්න ඕනේ!ReplyDelete
යා යා මටත් ඔහොම වෙනවා.... හැබැයි කාලයක් ජාතික ආහරය වෙලා තිබ්බ.. දැන්නම් බත් කද්දි පොඩි කෑල්ලක් දාලා අනාගෙන කෑවොත් මිසක් තනිකර පාන් විතරක්නම් බෑ බෑමයිReplyDeleteReplies
ඒකනේ... ඇඟටත් ගුණයි, හිතටත් හොඳයි.. :DDelete
පාන් නැතුව බත් කන්න පුරුදු වෙන්න. අර වීරවංශ,ජොන්ස්ටන් කියනවා වගේReplyDeleteReplies
ඕවා කිව්වට එයාලත් පිළිපදිනවද කියල නම් මට සැකයි.. ;)Delete
හොර පාරෙන් ගියානම් ඒ වගේ ඉන්නත් දැනගන්න ඕන..ReplyDeleteReplies
තාම නම් ටියුබ් ලයිට් එක පත්තු උනේ නැතිද කොහෙද..ReplyDeleteReplies
හයියූ..... සිත්තරාවියේ............. වැඩිය ඒ ගැන හිතන්න එපෝ...Delete
පාන් කෑවොත් ඔහොමමයි = කුම්භලා මාළු කාලා විඳවීම... :D
හාල් පිටි පාන් කෑවොත් ඔහොම වෙන්නේ නෑළු !!!!ReplyDelete
පාන්?? බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඔක්කොම තේරුනා ඒ ටික නැතුව..ReplyDeleteReplies
මෙන්න හිරූ රැස් පිටකරනෝ..... :PDelete
බත් කන්නේ නැතුව පාන් කාපුහම අන්තිමට පාන් කියාගන්නවත් පණ නෑReplyDelete
වවුලගේ මගුලේ ගියානම් එල්ලිලා ඉන්න ඕන කියලා කතාවක් තියෙනවා. මගේ හිතේ මේ හාදයා ඒක දැනගෙන ඉන්න නැතුවැති.ReplyDeleteReplies
ඒක නේන්නම්....... :DDelete
මන් කිවුව කන්න එපා කියල පාන්..! lolReplyDeleteReplies
කියන දෙයක් අහන පොරක් නෙමෙයි වගේ.. :PDelete
ලයිට් නෑ.ටියුබ් විතරයි.ReplyDeleteReplies
හයියූ අනේ.... :DDelete
කෙටියි උපහාසය ඉහළයි. ලස්සනයි හොඳයි.මං ආසයි.ReplyDelete
එන්න සමකය වටේ රවුමක් යන්නReplies
ස්තුතියි...... අනිවා ඇවිත් යන්න එන්නම්.... :DDelete
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මරේ මරු අයිස්!!! නියමයි!!! :D හිකි හිකිReplyDeleteReplies
හික් හික්... තැන්කූ හිතුවෝ...... :DDelete
මාත් මේකට කමෙන්ට් එකක් දැම්මා දවසක්. දැන්නම් ආගිය අතක් නෑ. බලන්න අයිස් පොඩ්ඩක්..ReplyDelete
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue JeansReplies
ඒක නේන්නම්... ඊ මේල් එකටත් ඇවිත් තිබුන ඔයාගේ කමෙන්ට් එක.. මං බලන්නම්කෝ සහෝ.. ස්තුතියි... :DDelete
කා......පාන් කිව්වලු (කාපාන්)ReplyDeleteReplies
අපෝ බෑ බෑ... අද ඉඳන් රුපියල් දෙකකින් වැඩියිත් එක්කනේ... හික්ස්... :DDelete
කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බලලෝ කිව්වලු.ReplyDeleteReplies
අන්න හරීරීරීරීරීරීරී......... :DDelete
හි හි පාන් මිල නග්ගන්නෙ ඒකනේReplyDelete | hplt_2 |
නිහඬතාවයකින් පස්සේ ජීවිතේ වෙනස් විදියක දකින්න පටන් ගත්තා. ආදරණීය ලෙන්ගතු මතකයන් ගොඩක් පැරණි සිහිවටන විතරක් බවට පත් උනා. වෙනද ආදරෙන් රැක ගත්ත මතකයන් හෙමීට මටත් නොදැනීම අමතක වෙන්න පටන් ගත්තා. නමුත් සුන්දර ස්මරණයන් සහ සුන්දර පුද්ගලයින් ඒ තරම් ඉක්මනට අමතක කරන්න අමාරුයි. ජීවිතෙන් අමතක කරන්න උත්සාහ කරපු ගොඩක් දේවල් වැට කඩුලු බැමි බිඳගෙන එක පාරම හිත ඇතුලත කඩා වැදුනා, පහුගිය ...
මේක ස්වතන්ත්ර නිර්මාණයක් එහෙම නෙවෙයි. මුතු කැට වගේ ලස්සන අකුරු වලින් ලියවුන, ගොඩක් දුර ඉඳන් ලැබුන ලිපියක තිබුන කවියක්. කාගෙන්ද කියල නම් අහන්න එපා. ;)හීන මාලිගාවේ අග රැජිණ වීසමනලියක් වී පාට ඉහුණතටු ලැබුනොත් පියාඹන්නමග වෙහෙසට නොනැවතීමමම එමි නුඹ ළඟ රැඳෙන්න....විසල් ලොවෙහි අතරමංවහිඳින සඳෙහි හුදෙකලාවනුඹේ සුසුමක් වත් ඇත්නම්ඒ ඇති අත්වැල වන්න....තරුවක් අහසින් ගිලිහීඑලි නංවා වැටෙනා විටදෙනෙතු පියන් වසා දමාපතනෙමි නුඹ ලඟට ...
ඇයි හත්තිලව්වේ මිනීමැරීම්, පැහැරගැනීම්, ස්ත්රී දුෂණ වලින් පිරුණ මේ රටේ ආදරයට ඉඩක් ඇත්තෙම නැද්ද..??? එහෙම නැත්තම් අපි දෙන්නට ඇරෙන්න මේ රටේ අනික් උන්ට ආදරේ Phobia එකක් තියෙනවද..??? මේ අත්දැකීමට මුහුණ දුන්නට පස්සේ මගේ හිතට ගලා ගෙන එන්න ගත්තේ මේ වගේ අදහස්. ආදරය ගැන මේ තරම් කවි ගීත ලියවුන රටක ආදරවන්තයන්, යොවුන් අපරාධකාරයන් විදියට හංවඩු ගහන්නේ ඇයි..???ග්ර්ර්ර්.... තවමත් මගේ හිත මට ...
ඇයි හත්තිලව්වේ මිනීමැරීම්, පැහැරගැනීම්, ස්ත්රී දුෂණ වලින් පිරුණ මේ රටේ ආදරයට ඉඩක් ඇත්තෙම නැද්ද..??? එහෙම නැත්තම් අපි දෙන්නට ඇරෙන්න මේ රටේ අනික් උන්ට ආදරේ Phobia එකක් තියෙනවද..??? මේ අත්දැකීමට මුහුණ දුන්නට පස්සේ මගේ හිතට ගලා ගෙන එන්න ගත්තේ මේ වගේ අදහස්. ආදරය ගැන මේ තරම් කවි ගීත ලියවුන රටක ආදරවන්තයන්, යොවුන් අපරාධකාරයන් විදියට හංවඩු ගහන්නේ ඇයි..???ග්ර්ර්ර්.... තවමත් මගේ හිත මට ...
විමල් වීරවංශ මහත්තයාගේ ඒ කතාව අහපු වෙලේ ඉඳං මට එක එක දේවල් කල්පනා වෙන්න ගත්තා. (කතාව අහල නැත්තම් මෙතනින් ශේප් එකේ කියවන්න පුලුවන්. http://www.ceylontoday.lk/27-3464-news-detail-boycott-us-products-wimal.html )බොහොම අමාරුවෙන් හිතට ට්රැෆික් ලයිට් දාගෙන හිතිවිලි මේ විදියට පිළිවෙලකට පෙලගස්සන්න මට හිතුනා. මේ තමා මගේ හිතට ආව උභතෝකෝටික ප්රශ්න.1.ඉතින් අපි American Products නැවත්තුවම ඇමෙරිකාවට පාඩු වෙයිද?2.Google නවත්තලා අපි Yahoo වගේ දේශීය Search engine එකක් පාවිච්චි ...
...යටගිය දවස ලංකාද්වීපයෙහි කොලොම්පුර ව්යවස්ථාදායකයේ ද්වි භාග ත්රි මණ්ඩල තේජෝ බලැති මිහිඳු නම් රජ්ජුරු කෙනෙකුන් සෙමෙන් රාජ්ය කරන කල්හි එම ද්වීපයේ නුදුරු වන රේඛාව අභිමුව ධවල ආමාශ නම් වූ කොටළුවාණ කෙනෙකුන් අගල පිට කා ඇවිදින සේක. හෙතෙමේ අනෙක් කොටළුවන් තරමට නූඋස් වූ බැවින් තෙල වෘක්ෂයන්හි සතර අඩියකට වඩා ඉහළින් වන ඵලාඵලක්, මලක්, කොලක් අනුභව කරගත නොහී ඒ දිහා බලන බලන ...
...යටගිය දවස ශ්රීලංකාද්වීපයෙහි කොලොම්පුර ව්යවස්ථාදායකයේ ද්වි භාග ත්රිමණ්ඩල තේජෝ බලැති විධායක රජ්ජුරු කෙනෙකුන් රාජ්ය විචාරන සමයෙහි නෂ්ඨ වී ගිය පුරුෂ බල ඇත්තාවූ නාටු ජරපත් හස්තීන් කෙනෙකුන් කල්යාණි නදී ඉවුරුබද ග්රාමයෙහි ඉබාගාතේ සැරිසරන්නාහුය. මෙසේ අයාලේ යන ඌ තොමෝ, තුමුගේම රෞද්ර පරවශ හැසිරීම් නිසා වනසත්වයන්ගේ නිරන්තර ආක්රෝෂ පරිභවයට ලක්වන්නාහු වනය තුලට වැදීගත නොහෙනිව අබවස තෙලඹු ගසක් යට දිවි ගෙවන්නාහ. ඒ දනව්වේ ...
පවුරු වළල්ල පටන් ගත්තේ කවි ලියන්න විතරක් නෙවෙයි. මම දකින දේශපාලන හා සමාජීය වටපිටාව ගැනත් ලියන්න. ඇත්තටම මේක අපේ කැම්පස් එකේ වුන සිදුවීමක්. නමුත් අපි හිතුවේ පිට මිනිස්සු මේවා ගැන අවධානය යොමු කරන්න කිසිම නැඹුරු තාවයක් නොදක්වපු හින්ද ඒ ගැන වැඩි සද්දයක් දාන්න ඕනේ නෑ කියල. නමුත් අපි නොදන්නවා උනාට මේ ගැන නොයෙක් අභූත දූසමාන ආරංචි වෙබ් වල ගිහින් ...
මේකත් මම සිත සන්තොසින් උ.පෙළ කරන කාලේ ලිව්ව පැදි පෙළක්. මගෙ ඒ කාලේ ප්රියතම විෂය රසායන විද්යාව. අපේ උන් වැඩි හරියක් වෛර කරපුම විෂය! මාත් ටිකක් මඤ්ඤං ඩයල් එකක් හින්දම වෙන්නැති එහෙම උනේ. කොහොමින් කොහොම හරි මම ඒ දවස වල කෙල්ලත් එක්ක පොඩි වලියකුත් දාගෙන හිටියේ. ඉතින් එකෙක් ඇවිත් මට කියද්දී විද්යා සංගමේ අහවල් එකට ආටිකල් එකක් දීපන් කියල, මගෙ ...
මේක මම A/L කරන කාලේ ලිව්ව කවියක්.මම ඇත්තටම නම් ලියන්න හිතුවේ එක අරමුණකට මුළු ජීවිතේම කැප කරපු තාපසයෙක්ගෙ කතාවක් විදියට. නමුත් ටික වෙලාවක් හිතන කොට තමයි තේරෙන්න ගත්තේ සෙක්කුවක ගැට ගහපු ගොන්නු වගේ අපිත් (ඒ කාලේ) පැය 24 ම එක අරමුණක් වෙනුවෙන් නහින විත්තිය. පස්සේ මේක උ.පෙළ කරන ඕන එකෙක්ගේ කතාවක් විදියට ලියන්න හිතුව.මුලින්මපුරා ආයු කල දුකක් වින්දෙමි,දිවියේ අරමුණ පරම ... | hplt_2 |
Thursday, April 26, 2012
ජනපතිගේ ගඳ බෝයිස්ලා අනාගත් දඹුළ්ල
6 comments:
- yaade said...
-
ඇයි අනවසර පල්ලිය ඒපාර නීත්යානුකූල පල්ලිය නිසාද කතා කරලා සාකච්චාවෙන් අයින් කරන්න පුලුවන් වෙලා තිබ්බ කියන්නෙ???
දෙපිට කාට්ටුවො ඉන්න තුරු කොහොමද රටකට හරියන්නෙ?
- April 26, 2012 at 9:45 PM
- කණ්ඩුල said...
-
හක් හක්.....අවුරුදු 20-30කට පස්සේ හදිසියේම දේසප්රේමි ගන්දාස්ලාට ඇහැරිලා මෙන්න බොලේ අපිට බනිනවා......
ඕක හදන කාලේ කොහෙද හිටියෙ? කසියා බීලා බුදිද?
හදන කොට නවත්තන්න තිබ්බේ නැද්ද හැදුවට පස්සේ කඩන්න හදන්නේ....?
- April 26, 2012 at 11:47 PM
-
-
@yaade
දැන් ඔය ජනක බන්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමාත් ඔය දෙපිටකාට්ටු ගොඩට අයිතිද? උන්නැහෙට චන්දෙ දුන්නෙ දේසද්රෝහී යූ ඇන් පී කාරයෝද නැතිනම් දේසප්රේමි සිංහල බහුද්ද ජනහ්තාවද?
දැන් ජනක බන්ඩාරට චන්දෙදීපු එකෙක් දබුල්ලෙන් හොයාගන්න බැරුව ඇතිහ් නේදහ්?
- April 26, 2012 at 11:51 PM
- Coca Cola said...
-
යාදෙ මචෝ?
ඔය පල්ලිය හැදුවේ උඹලා එපා එපා හදන්න එපා කියලා පොලොවේ පස් කකා අවුරුදු 30ක්ම විරෝදතාවය පෙන්නුවටත් පස්සේ නේද?
අවුරුදු 30ක්ම එපා කියලා බැරිම තැනනේ උඹලයි ඉනාමලුවේ ආනමාළුයි පල්ලියට ගැහුවේ.....
සාදරනයි සාදාරනයි....උඹලාගේ කෝපය සාදාරණයි.....අවරුදු 30ක්ම එපාකිව්වට පස්සෙ තව මොටද ඉවසන්නේ?
අවරුදු 30ක්ම බුදියගෙන ඉවරවෙලා දැන් හදිසියේ ඇහැරිලා බෙරිහන් දෙනවා නම්නේ ප්රශ්නෙ තියෙන්නේ...
- April 26, 2012 at 11:58 PM
-
-
මාව ජනාදිපතිතුමා දබුල්ලේ සංවිදායක කරනවානම් මම දවස් දෙකෙන් ඔය ප්රස්නේ විසඳලා පල්ලිය තියෙන තැන හොඳ බඩු පොට් එකකුයි බාර් එකකුයි දානවා...කැළණිය පන්සල ඉස්සරහා තියෙන්නෙත් මගේ බඩු පොට්නේ!
- April 27, 2012 at 12:02 AM
-
-
[ පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත. ]
අවජාතික ගඳ බෝයිස් ල හිතන්නේ මේක ක්ෂණික මෝචනයක් කියල. මේක 2009 ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ෆෝ ප්ලේ එක දීල මෝචනේ වෙච්ච එකක් කියල තේරෙන්නේ නැත්තෙ මොකෝ. අහන්න දෙයක්ද, මුන් අවජාතිකනෙ.
- April 28, 2012 at 8:28 PM | hplt_2 |
අද මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයට අනුව මැයි දිනයේ ආරම්භය සනිටුහන් වන්නේ 1886 මැයි 1 වනදා ඇමරිකාවේ හේමාකට් චතුරශ්රයේය. එදින එම ස්ථානයට රැස්වු කම්කරු ජනයා ඉල්ලා සිටියේ දෛනිකව පැය 8 ක සේවා කාලයකි. නමුත් එය මර්ධනයකින් කෙලවර විය. පසුව 1889 දී ලෝක කම්කරු දිනය මැයි පලවෙනි දින වශයෙන් ආරම්භ විය. එදා පටන් මැයි පලවෙනිදා ලෝක කම්කරු දිනයයි. Continue reading
Tag Archives: ජනිපෙ
වම නොදන්න වමේ අවුල සහ අපි නොදන්න ලයිව්
ජවිපෙ අභ්යන්තරයේ පැන නැගී තිබෙන අර්බුදය අරබයා පැන නැගී ඇති සංවාදය හමුවේ අමාත්ය විමල් වීරවංශ විසින් දේශනයක් පැවැත්වීම වනාහී ක්රියාදාම චිත්රපටයකට විහිළු කාරයෙක් ඇතුලත් කිරීම වැනිය. එහෙත් විමල් වීරවංශ භූමිකාව ජවිපෙ තුල මෙම අර්බුදය ඇතිවීමට මුලික හේතුවක් බව නම් පිලිගත යුතු සත්යයකි. Continue reading
නිදහස් මාධ්යය, වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි තහනම
ඉහත සඳහන් වන්නේ තුන්ඈදුතු එහෙත් ඉතා කලෝචිත මාතෘකා තුනකි. අද මාධ්ය මගින් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන කරුණක් නම් ආන්ඩුව විසින් මාධ්ය නිදහස වලපල්ලට යවන බවයි. ඒහා සම්බන්ධව සිද්ධිදාමයේ වඩා මෑතකම සිදුවීම් ලෙස වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි කිහිපයක් වාරණයට ලක් කිරීම ඔවුන් හුවා දක්වති. අප මේ පිළිබදව කථා කිරීමේදී ප්රථමයෙන් නිදහස් මාධ්යය යන්න ගැන පුර්ණ ගවේෂනයක නියැලිය යුතුය. | hplt_2 |
Sunday, April 25, 2010
තමීරගේ පරාජය ගැන ජනතාව දක්වන අදහස්
ඊයේ කවුරුත් නොහිතපු විදියට තමීර මැරතන් දුවන බව ලෝකය දැනගත්තා. කවුරුත් හිතුවෙ අයිස්ලන්තයෙ ගිනි කන්දෙ පිපිරීමටත් වඩා ලොකු කැළඹීමක් ලෝකෙ ඇතිවෙයි කියල. නමුත් මැරතන් එක අහවර වෙද්දි ඒ ලොවම මවිතයට පත්කරමින් තමීර අන්ත පරාජයක් ලබාගත්තා. ගුවන් ගමන් ප්රමාදවීමක් තියා සමනලයෙකුටවත් කිසිම හානියක් වෙලා නැහැ. කොටින්ම පෝස්ට් විස්සෙ කඩඉමවත් ඔහුට පහුකරන්න නොහැකි වීම කාගෙත් අවධානයට ලක්වෙලා තියෙනවා.
ඊයෙ දාපු පෝස්ට් එකේ තිබුණු විදියට ගොඩක් සුපිරි තරු තමීරට මැරතන් එකට සුබ පැතුවා. විශේෂ විමර්ශන කණ්ඩායමක් අද ඒ සුබ පැතූ අයගෙන් අළුත්ම තත්වය ගැන ප්රකාශ ලබාගන්න හැදුවත් ඒ කවුරුත් ප්රකාශයක් දීම ප්රතික්ෂේප කරා.
අන්තිමට තීරණය වුණේ සාමාන්ය මහජනතාවගෙන් මේ පරාජය ගැන අදහස් ලබාගන්න. අපට හම්බවුණු කීප දෙනෙක් මේ ගැන දක්වපු අදහස් තමයි මේ තියෙන්නෙ:
විශ්ව විද්යාල සිසුවෙක්: ඕක බූරුවා. කෙහෙල්මල් බ්ලොග් ලියන්න යන්නෙ නැතුව පාඩමක් කරගෙන හිටිය නම් ඔය මොකුත් නෑ.
ත්රීවීල් රියදුරෙක්: මහත්තයො තමීරය එල කොල්ලා. පස්සෙ පස්සෙ ඔය කෙල්ලො පස්සෙ යන්න ගිහින් තමයි නම කැත කරගත්තෙ. දැන් ඉතින් මැරතන් එකත් පැරදිල. අපිත් එක්ක රස්ති පාරක් ගහගෙන හිටිය නම් ඕක දැනුත් යස අගේට ඉන්නවනෙ.
වයසක ආච්චි කෙනෙක්: අනේ, තමීර පුතා හරි හුරුබුහුටි කොලු පැටියා. ඕක කලිසමේ චූ කරගන්න කාලෙ ඉඳල මං දන්නවා. හැබැයි බැරි වැඩ කරන්න යන්න ගතිය පොඩි කාලෙ ඉඳල තිබුණා. සංසාරේ තමයි මහත්තයො.
ඒ ලෙවල් පන්ති යන නංගි කෙනෙක්: අනේ අපිට හරිම දුකයි තමීර අයියට වෙච්ච දේ ගැන. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. අපේ පන්තියෙ ගර්ල්ස්ල ඔක්කොම අද අඬනවා.
විශ්රාමික ගුරු භවතෙක්: තාක්ෂණේ තමයි මහත්තයො අද කාලෙ කොල්ලොන්ව නැති කරන්නෙ. අන්තර්ජාලය කියයි, ඊ මේල් කියයි, මං නං ඕව පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං හොඳටම දන්නවා ඔය පරිගණකයක් ඉස්සරහට ගිහිල්ල කොල්ලො කුරුට්ටො කරන්නෙ ගෑණු ඇඳුම් නැතුව නටනව බල බල ඉන්න එක මිසක් අධ්යාපනේට මොකුත් නෙවෙයි කියල.
හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ. කවදාවත් කුරා කූඹියෙකුට වරදක් කරන්න තියා හිතන්නෙවත් නැති බව මං හොඳටෝම දන්නවා. ඒත් මහත්තයො පෙර පව් කියන දේ බුදු හාමුදුරුවන්ටත් මග අරින්න බැරි වුණානෙ.
කොහොම වුණත් අන්තිමේ දී එක සුපිරි තරුවක් පමණක් අපට ප්රකාශයක් ලබා දෙන්න එකඟවුණා. ඒ තමයි මෙවර ගාලු දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කරපු සුපිරි නිළි ගීතා කුමාරසිංහ.
ගීතා කුමාරසිංහ: තමීරට දිනන්න හොඳටම චාන්ස් එක තිබුණා. ඒත් තරගෙ අන්තිම හරියෙදි එයාට ගොඩක් හිරිහැර වෙලා තියෙනවා. චැට් රූම් එකේදිත් තර්ජනවලට ලක්වෙලා තියෙනවා. මට නම් හොඳටම විශ්වාසයි තමීරගේ සහෝදර බ්ලොග්කරුවන්ම තමයි මේකට වගකියන්න ඕන. මහාධිකරණයෙ නඩුවක් පවරන්න මම එයාට උපදෙස් දුන්නා.
ප.ලි. තමීරගේ මැරතන් බ්ලොගය දැක්කේ නැතිනම් මෙතනින් යන්න.
මෙම ලිපියට ප්රතිචාර 32 කි:
- පහන් said...
-
පරාජය කෙසේ වෙතත් මේ පෝස්ට් එක නියමයි ඕයි.
- April 25, 2010 at 7:46 AM
- Ansh Lucky Sri Jay said...
-
:D
මේක නම් මරු පෝස්ට් එක තමීර මල්ලි..
අන්තිමට අදහස් දක්වලා තියෙන කෙනා නම් නියමයි.
:D
- April 25, 2010 at 7:48 AM
- Bunny ! said...
-
කැලේ සිටි හාවෙක් වන Bugs Bunny මහතා..!
තමිරයා එළ කොල්ලා. මුට කෙල උනේ සහින තාරකා අල්ලන්න ගහින්. මුගෙ පාඩුවේ උන්නනම් ඉවරයිනෙ.! අර උපෙකා නංගිට ඇස් ඇම් ඇස් ගහන්න ගිහින් කෙලව ගත්තා.! ඔක මේ කැලෑ පල්ලේ ඉන්න අපිටත් පොදූ දේ මහත්තයෝ !!
- April 25, 2010 at 7:52 AM
- budhajeewa said...
-
මෙය සාවද්ය මත විමසුමක් බව මම තරයේ අවධාරණය කරමි!
"ඒ ලෙවල් පන්ති යන නංගි" කළ ප්රකාශය හිතා මතා විකෘති කොට දක්වා ඇත.
"ඒ ලෙවල් පන්ති යන නංගි"ගේ සැබෑ ප්රකාශය මෙසේ වෙයි:
"තමීර? ඒ කවුද ඒ? ඒව කොහොම වෙතත් අපි නං මුල ඉඳංම සපෝට් කළේ බඩීට. මොකද එයා තමයි අපේ සෙට් එකේ හීන කුමාරයා (ඕක එන තරමක් එන්නෙ රෑට නෙ!). කොහොම උනත් එයා කිවුවට පස්සෙ ප්රභාත් සර්ගෙ පංති නිසා මැරතන් දුවන්න වෙන්නෙ නැ කියලා, අපි ගර්ල්ස්ල සෙට් එකම අත්සන් කරලා සර්ට චිට් එකක් යැව්ව මේ ඉරිද පංති තියන්න එපා කියල. ඒත් සර් ඇහුවෙ නෑ නෙ!"
- April 25, 2010 at 7:55 AM
- akila87 said...
-
හී හී ..... :D
- April 25, 2010 at 7:57 AM
- Madhawa Habarakada said...
-
අනේ අපොයි තමීරට මේ මිනිස්සු කියන කතා.
මම නම් මෑන්ස්ව එච්චරම දැන්නෙ නෑ (3,4 පාරක් කැම්පස් එකේදි සෙට් වෙලා කතා කරල නම් තියෙනව, එක පාරක් එකට ලන්ච් එකත් ගත්ත නෙව.)
ඕක හොඳ එකෙක් කියල තමා මාත් හිතන්නෙ. :) හැම වෙලේම හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙ. :)
- April 25, 2010 at 8:46 AM
- DJ Slash (ස්ලෑෂ්) said...
-
පැය 12ට පෝස්ට් 20ක් නරකම නැහැ. ....
- April 25, 2010 at 9:03 AM
- තර්ඩ් මෑන් said...
-
සැලෙන්න එපා.
ලබන පාර Eyjafjallajokull ආපහු ඇක්ටිව්වෙන සයිස් එකට සද්දයක් දාලා, දුවමු !
- April 25, 2010 at 9:34 AM
- Anuradha said...
-
අයියෝ.. තව එක්කෙනෙක්ගෙ අදහස් අඩුයිනේ..කෝ උපේක්ෂා ස්වර්ණමාලි?
- April 25, 2010 at 9:44 AM
- හෙළයා said...
-
නියමෙට ලියලා තියෙනවා :D :D
- April 25, 2010 at 9:46 AM
- තිස්ස දොඩන්ගොඩ said...
-
You are the best man...!!! Hilarious....!!!!
- April 25, 2010 at 10:05 AM
- akila87 said...
-
මේ අවසන් ලිපිය නිසා තමීර මහතාට ජූරීයේ විශේෂ කුසලතා සම්මානයක් පිරිනමයි :)
- April 25, 2010 at 10:12 AM
- රනා said...
-
ආහ් තමීර...
අන්තිමට නටන්න ආවේ නැත්තේ ඇයි?
- April 25, 2010 at 10:58 AM
- bckurera said...
-
පට්ට සිරා කතාව මචෝ
- April 25, 2010 at 11:04 AM
- චේජනා said...
-
තමීර මල්ලි,
(මගේ නම් අදහස මැරතන් දුවන බව පවසා අප කඩේ යවා තමීර chat දිවූ බවයි...
මැරතන් දිවීම කෙසේ වෙතත් පරාජය පිළිබඳ අදහස් ටික නම් නියමයි..
- April 25, 2010 at 4:48 PM
- thusi87 said...
-
ela ela.....keep it up :P
- April 25, 2010 at 8:09 PM
- Praසන්ன said...
-
'හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ.' ෙම් කතාව ඇත්තද.
නියම පෝස්ට් එකක්.
- April 25, 2010 at 8:46 PM
- Buddy --බඩී said...
-
නියම පෝස්ට් එකක්...Ela ela...
- April 25, 2010 at 10:04 PM
- තමීර | Thameera said...
-
@පහන්: එලස්!
@Ansh Lucky Sri Jay: එයා විතරයි අදහස් දීපු එකම ප්රසිද්ධ චරිතය
@Bunny: අනිත් දවසෙ විමර්ශන කණ්ඩායම කැලේටත් එවන්ඩෝනෙ :D
@budhajeewa: ඔබේ ප්රකාශයට කිසිම පදනමක් නෑ. අවශ්ය නම් සාක්ෂි සමග අධිකරණයට එන්න කියල අභියෝග කරනවා.
@Madhawa Habarakada: ඔව් ඔව්, ඔලුවට අකුණක් ගැහුවත් හිනාවෙලා ඉන්න කොල්ලෙක්නෙ!
@DJ Slash (ස්ලෑෂ්): බෝම ස්තුතියි! ලොකු සැනසීමක්.
@තර්ඩ් මෑන්: අනිවා. Eyjafjallajokullට වඩා ලොකු සයිස් එකක් එක්ක වුණත් දැන් මාට්ටු වෙන්න පුළුවන්.
@Anuradha: බොහොම අකාරුණික විදියට උපේක්ෂා ස්වර්ණමාලි ප්රකාශයක් කිරීම පැහැර හැරලා. මේ ගැන දැනට කටයුතු කරමින් ඉන්නෙ.
@හෙළයා: එලස්!
@තිස්ස දොඩන්ගොඩ: අයියට විතරයි ඒ බව තේරෙන්නෙ අයියෙ.
@akila87: ඉස්තූතියි! තෑගි බලාපොරොත්තුවෙන් ලියපු එකක් නම් නෙවෙයි මේක.
@රනා: කොහේ නටන්නද, පරාජයෙන් හෙම්බත් වෙලා හැංගිලා හිටියෙ.
@bckurera: එලකිරි!
@චේජනා: ගීත කුමාරසිංහ අක්කත් කිව්වෙ ඔය චැට් එකේදි කවුරුහරි බෝලයක් බස්සන්න ඇති කියල. චේජනා අක්කත් එතන හිටිය නේද?
@thusi87: thanks!
@Praසන්ன: අනේ මන්ද, හාමුදුරුවොනෙ කියල තියෙන්නෙ.
@Buddy --බඩී: තැන්කූ බඩී!
- April 25, 2010 at 11:36 PM
- budhajeewa said...
-
@තමීර | Thameera:
ස්වර්ණවාහිනියේ "රතුඉර" වැඩසටහනේ ප්රසිද්ධ විවාදයකට එන ලෙස මම අභියෝග කරමි!
- April 26, 2010 at 6:48 AM
- änthräX said...
-
ඒ ලෙවල් පන්ති යන නංගි කොහෙද පංති යන්නෙ ??
- April 26, 2010 at 7:02 AM
- තමීර | Thameera said...
-
@budhajeewa: හරි! ඕන චැනල් එකකට ඕන වෙලාවක එන්න රෙඩි!
@änthräX: පන්ති යන්නෙ නං ගම්පහද කොහෙද. ඒක නෙවෙයි ඇන්ත්රැක්ස්, බඩීගෙයි මගෙයි සංවාදෙ ස්වාධීන නිරීක්ෂකයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්ද?
- April 26, 2010 at 8:43 AM
- änthräX said...
-
අනිවා.. වැඩිපුර ජරාව දෙන කෙනාව දිනවලා දෙන්නං :D
- April 26, 2010 at 8:45 AM
- තමීර | Thameera said...
-
@änthräX: බඩුම තමයි! එහෙනං ඉතිං මං දිනනව සුවර්!
- April 26, 2010 at 8:49 AM
- budhajeewa said...
-
@තමීර | Thameera: ඒව කොහෙද, änthräX මගෙං රුපියල් එකසිය ගාණක් ණයට ඉල්ලං දැං ඒක පොලී පොලී වැල පොලී වෙලා තියෙන්නෙ! ඒකට හරියන්න මම තමයි දිනන්න ඕන!
- April 26, 2010 at 8:53 AM
- තමීර | Thameera said...
-
@budhajeewa: හපොයි එහෙමත් සීන් එකක්ද? කියපු එක හොඳයි, දැන්මම ස්පොන්සර්ස්ල ටිකක් හොයාගන්න ඕන. පහුගිය දවස් ටිකේ නාමල් රාජපක්ෂ අයිය එහෙම අත දිගෑරල වියදං කරා. යන්න ඕන ඒ පැත්තට.
- April 26, 2010 at 9:05 AM
- Kasun Nadeeshana said...
-
මෙන්න කස්සා කියන අදහස
කස්සා = මැරතන් දුවන්න යන්නේ නැතුව. දුවන අයට වතුර ගගහා ටෙක් කතා රේඩීයෝ එක අහගෙන හිටියා නම් ඉවරයිනේ. :P
- April 26, 2010 at 8:14 PM
- තමීර | Thameera said...
-
@Kasun Nadeeshana: දැනුයි බං ඒක තේරෙන්නෙ
- April 26, 2010 at 9:03 PM
- änthräX said...
-
@budhajeewa
තමීර 500කට කතාකලා මොකද කියන්නෙ?
@තමීර | Thameera
budhajeewa 500කට කතාකලා මොකද කියන්නෙ?
:P
- April 27, 2010 at 1:38 AM
- තමීර | Thameera said...
-
@änthräX: ඉල්ලන ගාණක් දෙන්න ලෑස්තියි
- April 27, 2010 at 2:10 AM
- nimanthi said...
-
හරි මහන්සියි නේද දුවලා..D
දැන් ඇත්තටම නඩුවක් දaනවද?? අර උපදෙස් පිලිපැදලා..
එයාවත් නඩුවක් නොදාපු එකේ..මොකද ඔයාට එහෙම උපදෙසක් දුන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් හොඳයි මම හිතන්නේ:P:P
- April 27, 2010 at 7:38 AM
- තමීර | Thameera said...
-
@nimanthi: මහන්සිදත් අහනවා. නඩුවක් දානවද නැද්ද කියල තමයි මාත් මේ කල්පනා කර කර හිටියෙ. ගීත අක්ක ඉතිං මට තියෙන ආදරේටනෙ උපදෙස් දෙන්නෙ :D
- April 27, 2010 at 7:53 AM | hplt_2 |
පද්ධති මෘදුකාංග
පද්ධති මෘදුකාංග යනු පරිඝනක දෘඪාංග මෙහෙයවිමට නිර්මාණය කල මෘදුකාංගයි. මේවා අනෙකුත් යෙදවුම් මෘදුකාංග ක්රියාත්මක විමට අවශ්ය පසුබිම සකසා දේ.
මුලික පද්ධති මෘදුකාංග වර්ග [සංස්කරණය]
- ෆර්ම්වෙයා (Firmware) සහ බයෝස් (BIOS) වැනි ඩිවයිස් ඩ්රයිවර් (Device drivers) මෘදුකාංග පරිගණකය හා සම්බන්ධ දෘඪාංග වල මුලික ක්රියාකාරකම් පාලනය කරයි.
- මෙහෙයුම් පද්ධති පරිඝනකයේ මතකය සහ දෘඪ තැටි අතර දත්ත හුවමාරුව සහ ප්රතිඵල ප්රතිදාන උපාංග හරහා භාවිතා කරන්නා වෙත ලබාදිම සිදුකරයි.
උදා:මයික්රොසොෆ්ට් වින්ඩෝස්,මැක් OS X,ලිනක්ස්
- ස'වර්ස් (servers) මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග වලින් ඉල්ලුම් කරනා පරිඝනනයන් සහ දත්ත ලබාදීම මෙම මෘදුකාංගයෙන් සිදුකෙරේ.මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග සමඟ එම පරිඝනකයේම හෝ ජාලය තුල වෙනත් පරිඝනකයක හෝ ස්ථාපනය කර තිබිය හැක.
- යුටිලිටි මෘදුකාංග (utility software) මේවා පරිඝනකයේ ක්රියාකාරිත්වය විශ්ලේශණය කිරිමට,ක්රියාකාරිත්වය වැඩි කර ගැනිමට සහ නඩත්තු කටයුතු වලට උපකාරි වේ.
- වින්ඩෝ පද්ධති (window systems), මේවා ග්රැෆික් උපාංග,මුසිකය සහ යතුරු පුවරුව. ක්රියාකිරිමට මුලික අඩිතාලම සලසයි. සාමාන්යයෙන් මවුස් කර්සරය පරිඝනක තිරය මත දර්ශනය කරන්නේ වින්ඩෝ පද්ධතියක් මඟිනි.
ඇතැම් ප්රකාශන, පද්ධති මෘදුකාංග යන පදය මෘදුකාංග ක්රමාලේඛණයෙදි භාවිතා කරන මෘදුකාංග හැඳින්විමටද යොදා ගනි. | hplt_2 |
ඉස්සන් වගාව
ඉස්සන් වගාව යනු මිනිස් පරිභෝජනය සදහා මුහුදු ඉස්සන් සහ කුනිස්සන් වගා කරන ජලජීවී ව්යපාරයකි.වානිජමය වශයෙන් ඉස්සන් වගාව පළමුවෙන්ම ආරම්භ කරනු ලැබුවේ 1972 වර්ෂයේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ බටහිර යුරෝපීය රටවල වෙළදපොල ඉල්ලුමට සරිලන විශේෂිත නිෂ්පාදනයක් ඉක්මනින් වර්ධනය කරගත හැකි විය. 2003 වර්ෂය වන විට වගා කරන ලද ඉස්සන්ගේ සම්පුර්ණ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 1.6 ඉක්මවූ අතර එහි වටිනාකම අසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක් විය. 75% ක් පමණ ඉස්සන් නිෂ්පාදනය කරනු ලබනුයේ ආසියානු කලාපයේ වන අතර චීනය සහ තායිලන්තය ප්රදාන තැනක් ලබා ගනියි.ඉතිරි 25% ප්රමාණය නිෂ්පාදනය කරනු ලබනුයේ ලතින් ඇමෙරිකානු රටවල් වන අතර, බ්රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකෝවයි. මෙක්සිකෝව විශාලතම නිෂ්පාදකයන් වේ. විශාලතම අපනයනකරු වනුයේ තායිලන්තයයි.
සම්ප්රදයික, කුඩා පරිමාණ වයාපාර ලෙස අග්නි දිග ආසියාවේ බිහිවූ ඉස්සන් වගාව ගෝලීය ව්යාපාරයක් දක්වා පරිවර්තනය විය.තාක්ෂණික දියුණුවත් සමගම කුනිස්සන් වර්ධනය විශාල ඝනත්වයකින් යුතුව සිදු කරන අතර ඇගිල්ලන් (අභිජනනය සිදු කල හැකි පැටවුන්) ලොව පුරා බෙදා හරිනු ලැබේ. සියලුම වගා කරන කුනිස්සන්ගෙන් 80% පමණ Penaeidae කුලයට අයත් වන අතර, Penaeus vannamei සහ Penaeus monodon යන විශේෂයන්ට අයත් වේ. මෙම ව්යාපාරික වශයෙන් සිදු කරන තනි බෝග වගාව බොහෝ පහසුවෙන් රෝග වලට ග්රහණය වන අතර ,එම නිසා ප්රදෙශ පුරා පැතිර පවත්නා වගාවන්හි කුනිස්සන් ගහනය විනාශ කර දමනු ලබයි. 1990 හි පසු භාගයෙහි දී පමණ පාරිසරික ගැටළු, නැවත නැවතත් ඇති වන රෝග ව්යාවසන, රාජය නොවන සංවිධාන වලින් ඇති කරනු ලබන පිඩනයන් සහ විවේචන සහ පාරිභෝගික රටවල් යන කරුණුද රජයේ ප්රබල නීති රිතිද පදනම් කර ගනිමින් ව්යාපාරය තුල බොහෝ වෙනස්කම් ඇති විය. 1999 දී රජයේ සංවිධාන, ව්යාපාරික නියෝජිතයින් සහ පරිසර සංවිධාන ඇතුලත්ව සංවර්ධිත සහ තත්වයෙන් උසස්, වඩා ශක්තිමත් වගාවන් සදහා පුහුණු කිරීමේ අභිමතාර්ථයෙන් වැඩසටහන් දියත් කරන ලදී.
ඉතිහාසය සහ භූගෝලීය පැවැත්ම [සංස්කරණය]
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දුනිසියනුවන් කුනිස්සන් වගා කල අතර ඔවුන් භාවිත කරන ලද්දේ සම්ප්රදායික විධික්රමයි. ඉන්දුනීසියානු කිවුල් දිය තටාක ටම්බක් ලෙස හැදින්වූ අතර 15 වන ශතවර්ෂය දක්වා ඉතිහාසයකට උරුමකම් දක්වයි. ඔවුන් විසින් කුඩා පරිමාණ තටාක මේ සදහා යොදා ගත් අතර තනි හෝ බහුවිධ බෝග වගාව වශයෙන් වෙනත් විශේෂ සමග වගා කරන ලදී . මිල්ක්ෆිෂ් ලෙස හදුන්වනු ලැබූ මසුන් විශේෂය සමග හෝ වී වගාව සමග මාරුවෙන් මාරුවට වගාව සිදු කරන ලදී. වියලි කාලයේදී කුඹුරු වැඩ සිදු නොකර කාලයන් හිදී කුනිස්සන් වගාව සිදු කරනු ලබනුයේ වෙරළාශ්රි ත ප්රදේශ වල සහ ගං ඉවුරු අසබඩදිය. කලපු ආශ්රිත ප්රදේශ සදහා මහත් ඉල්ලුමක් පැවතියේ එම ප්රදේශ ස්වභාවිකව කුනිස්සන් ඇති බහුල ප්රදේශ බැවිනි. Wild juvenile නමැති කුනිස්සන් විශේෂය මෙම තටාක තුල සිර කරන අතර ඵලදාව නෙලා ගන්නා තුරු ස්වභාවිකව වැඩෙන ඓන්ද්රින් මගින් පෝෂණය කිරීම සිදු කරයි.
ව්යාපාරික වශයෙන් කුනිස්සන් ඇති කිරීම 1930 ගණන් වල ඇති වූ අතර , පළමු වරට ජපන් ජාතිකයන් විසින් Kuruma නමැති කුනිස්සන් විශේෂයේ පැටවුන් බෝකර වගා කරන ලදී. වර්ෂ 1960 පමණ වනවිටදී කුඩා පරිමාණ ව්යාපාරයක් වශයෙන් මෙම වගාව දියුණු විය. 1960 පසු භාගයේදී හා 1970 මුල් කාලයේදී පමණ වන විට කුනිස්සන් කර්මාන්තය ඉතා සීග්රයෙන් වර්ධනය විය. තාක්ෂණික දියුණුවේ මුලිකත්වය හේතුවෙන් වගා කරන විධින් කඩිනම් වූ අතරම ලොව පුරා කුනිස්සන් වගාව සදහා වෙළෙද පොළ ඉල්ලුම වර්ධනය විම හේතුවෙන් නිවර්තන සහ උප නිවර්තන කලාපයන් හි කුනිස්සන් වගාව වඩාත් ප්රචලිත වුහ.
1980 දශකයේ මුල් අවදියේදී පාරිභෝගික ඉල්ලුම වර්ධනය වීමත් සමගම ව්යාජ නිෂ්පාදන ඇනහිටීමත් සහ සමෘධිමත් ව්යාවපාරයක් බිහි වීමත් යන කරුණු දෙකම එක වර ඇති විය.1980 දශකයේ පිළිගත් ප්රධාන නිෂ්පාදකයා වුයේ තායිවානයයි. නමුත් දුර්වල කළමනාකාරිත්වයත් , ලෙඩ රෝගත් හේතුවෙන් 1988 දී පමණ ඔවුන්ගේ වෙළදපොල කඩා වැටුණි.තායිලන්තයේ මහා පරිමාණ නිෂ්පාදන ඇති වුයේ 1985 වර්ෂයේදී පමණය . දකුණු ඇමෙරිකානු ඉස්සන් වගාවේ ප්රමුඛයා වූ ඉක්වදෝරයේ නිෂ්පාදනය සීග්රයෙන් වර්ධනය වුයේ 1985 වර්ෂයේ දී සිටය . 1974 සිට බ්රසිලයද ඉස්සන් වගාව ආරම්භ කලද වඩා සීග්ර9 ලෙස වර්ධනය වුයේ 1990 දශකයේ සිටය.ඉතා කෙටි කලකදී ප්රධාන නිෂ්පාදක රට බවට ඔවුන් පත් විය.අද වන විට මුහුදු ඉස්සන් වගාව රටවල් 50 ට වඩා ව්යප්තව පවතී.
වගා ක්රමයන් [සංස්කරණය]
ඉස්සන් වගාව මතු වුයේ වනගත මත්ස්යය නිෂ්පාදන ධාරිතාව අභිවවා ගොස් පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සහාය. පැරණි යැපුම් කෘෂිකර්මත ක්රම නව පලදායි ක්රම මගින් ඉතා සීග්රයෙන් ප්රතිස්ථාපනය වුයේ ගෝලීය ඉල්ලුමට අනුගත වීම පිණිස වෙයි. කාර්මික වගාවද පළමුව අනුගමන කරන ලද්දේ සම්ප්රදායික ක්රමෝපායන් වන අතර "විස්තෘත" වගා ලෙස හදුන්වන ලදී.පහත් ගහන ගනත්වයකින් යුත් හෙක්ටයාර කීපයකට සීමා වූ තටාක වෙනුවට හෙක්ටයාර 100 වඩා විශාල තටාක භාවිතය වැඩි වුයේ පහත් ගහන ගණත්වය හානි පුර්ණය කිරීම සහාය.සමහර ප්රදේශ වල දැවැන්ත කඩොලාන ප්රදේශ එළිපෙහෙළි කිරීමද සිදු විය.අධික ලෙස බිම් එලි පෙහෙළි කිරීම අඩු කිරීම සදහා දියුණු ක්රමෝපායන් භාවිත කර වපසරියකින් නෙලිය හැකි පලදාව වැඩි කිරීමට නව ක්රියා මාර්ග උපයෝගී කර ගන්නා ලදී.
අර්ධ සුක්ෂම සහ සුක්ෂම වගා ඇති වූ අතර එම වගාවන් තුල ඉස්සන් කෘතිමව බෝ කිරීමද , තටාක ක්රියාකාරීව කළමනාකරණය කිරීමද සිදු විය. නව වගාවන් අර්ධ සුක්ෂම වර්ගයේ වූ අතරම බොහෝ විස්තෘත වගාවන්ද ඉතිරිව පැවතුනි.1980 මැද වන විට බොහෝ වගාවන්හි නොමේරු ඉස්සන් තොග වශයෙන් තබා ගත අතර ඔවුන් "පශ්චාත් කීටයන් " ලෙස හැදින් විය. බොහෝ රටවල "පශ්චාත් කීට " අවදියේ මත්සය කර්මාන්තය වැදගත් ආර්ථික අංශයක් විය. මත්ස්ය ප්රදේශ ක්ෂය වීම වැලක්වීමට සහ නොමේරු ඉස්සන් සැපයීම නොවෙනස්ව පවත්වාගෙන යාම සදහා අභිජනන මධ්යස්ථාන තුල පැටවුන් අභිජනනය කිරීම කර්මාන්ත තුල ඇති විය.
ජීවන චක්රය [සංස්කරණය]
ඉස්සන් මුහුකුරා යාම සහ අභිජනනය සිදු වන්නේ සමුද්රික තත්ත්ව යටතේදීය. ගැහැණු සතුන් වරකට බිත්තර 50,000 සිට බිලියනය දක්වා දමන අතර පැය 24 ක කාලයක් තුලදී කුඩා පිළවුන් ඇති වෙයි. ඔවුන්ගේ ශරීරය තුල වූ තුනී ප්රොටීන් පටලයක් මගින් පෝෂණය වන අතර කීටයන් බවට රුපන්තරණය වෙයි. දෙවෙනි කීට අවධියේදී ඔවුන් ඇල්ගේ මගින් පෝෂණය වෙයි. ඉන්පසු ඔවුන් කීටයන් බවට රුපන්තරණය වෙයි. මෙම කීට අවධිය ඉස්සන් ගේ ස්වරුපයට සමාන වන අතර ඇල්ගේ සහ සත්ව ප්ලවාංග මත යැපේ. තවත් දින 3 ට හෝ 4 කට පසු පශ්චාත් කීට අවස්ථාව දක්වා අවසාන රුපන්තරණය සිදු කරයි. ලපටි ඉස්සන්ට වැඩිහිටි සත්වයාගේ සංලක්ෂණ පවතී.අභිජනන ක්රියාවලිය සම්පුර්ණ වීමට දින 12 ක පමණ ගත වෙයි.පශ්චාත් කීටයන් ගඟ මෝය වලට සංක්රමණය වන්නේ අඩු ලවණ තත්ත්ව සොයාගෙනය .ඔවුන් මුහුකුර ගිය වැඩුනු සත්වයන් වූ පසු නැවත මුහුදට සංක්රමණය වෙයි. වැඩුණු වැඩිහිටි ඉස්සන් නිතලවාසි සත්වයන් වන අතර ප්රධාන වශයෙන් මුහුදු පතුලේ ජීවත් වෙයි.
සැපයුම් දාමය [සංස්කරණය]
ඉස්සන් වගාවේ ජීවන චක්රය පාලනය කරන ලද තත්ත්ව යටතේ සිදු කරයි.මෙයට ප්රධාන වශයෙන් හේතු වි ඇත්තේ, වඩාත් පුළුල්ව වගා කටයුතු සිදු කිරීමට හැකි වීමත් , එකම ප්රමානයෙන් යුත් ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි පරිදි ප්රමාණය පාලනය කිරීමේ ක්රමවිදි දියුණු වීමත් , වඩා හොදින් විලෝපිකයන් පාලනය කිරීමට හැකි වීමත් යන කරුණු පදනම් කර ගනිමිනි. එමෙන්ම කාලගුණික තත්ත්ව පාලනය කිරීම මගින් (විශේෂයෙන්ම උෂ්ණ කලාපීය වග සදහා හරිතාගාර භාවිතා කිරීම ) වර්ධනය සහ මුහුකුර යාම වේගවත් කිරීමද හේතු වේ ඇත.
සැපයුම් ක්රියාදාමය අවධි තුනකින් යුක්ත වේ.
අභිජනන මධයස්ථාන- වෙනත් වගාවන් සඳහා විකිණීමට කූණිස්සන් බෝ කිරීම හා පිලව් හෝ පශ්චාත් කීටයන් නිපදවීම විශාල වශයෙන් සිදු කරයි. ගොවිපලවල් ඔවුන්ගේ ම අභිජනන මධයස්ථාන පවත්වාගෙන යන අතර එම ප්රදේශ වල ඇති කුඩා පරිමාණ ගොවිපලවල් සඳහා පිලව් සහ කීටයන් විකිණීම සිදු කරයි.
තවාන්- පශ්චාත් කීටයන් වර්ධනය කිරීම සහ සමුදුරු තත්ව සඳහා ඔවුන් පුරුදු කිරීම සිදු කරයි.
වර්ධක පොකුණු- වර්ධක පොකුණු තුල ඉස්සන් කුඩා අවධියේ සිට විකිණිය හැකි ,තත්වය දක්වා වර්ධන වීම සිදු කරයි.මේ සඳහා මාස 3 සිට 6 දක්වා කාලයක් ගතවේ.
බොහෝවිට ගොවිපලවල් වසරකට අස්වැන්න වරක් හෝ දෙවරක් නෙලා ගනී. නිවර්තන දේශගුණයන් හි අස්වැන්න තෙවරක් පමණ වුවද නෙලා ගැනීමේ හැකියාවක් පවතී.කරදිය ජලය අතයවශය බැවින් මෙම ගොවිපළවල් වෙරළාසන්න සහ වෙරළාශ්රිත ප්රදේශ වලට ආසන්නව ස්ථාපනය වී ඇත.සමහර ප්රදේශ වල රට තුල ඉස්සන් ගොවිපළවල් ස්ථාපනය කිරීමට උත්සහ කලද ලුණු වතුර ප්රවාහන දුෂ්කරතා සහ කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් භාවිතය නිසා ඇති වූ තරගකාරිත්වය නිසා බොහෝ ගැටළු මතු විය.1999 වසරේ තායිලන්තය විසින් රට අභයන්තර ඉස්සන් වගාව තහනම් කරන ලදී.
අභිජනන මධ්යස්ථාන [සංස්කරණය]
අග්නි දිග ආසියාව පුරාම කුඩා පරිමාණයේ අභිජනන මධ්යස්ථාන පවතින අතර,බොහෝ දුරට පවුල් ව්යාපාර වශයෙන් පවත්වාගෙන යන අතර අඩු තාක්ෂණික දැනුම නිසාත් ,කුඩා පරිමාණ තටාක භාවිතය නිසාත් ගහන ගණත්වය බොහෝ දුරට අඩු මට්ටමක පවති.රෝගාබාධ සඳහා වැඩි නැබුරුවක් පැවතුනද ප්රමාණයෙන් කුඩා බැවින් විෂබීජනාශනයෙන් පසු නැවත නිෂ්පාදනය කඩිනමින් ඇරඹිය හැකිය. රෝගාබාධ ,කාලගුණය සහ මෙහෙයවන්නන් ගේ අත්දැකීම් මත යන විවිධ කරුණු මත නොනසිමෙ හැකියාව 0% සිට 99% දක්වා දෝලනය වේ.
ග්රින්වොටර් අභිජනන මධයස්ථාන මධය්ම ප්රමාණයෙන් යුක්ත වන අතර විශාල තටාක තුල කුඩා ගහන ගණත්වයකින් යුක්ත වේ.ඉස්සන් කීටයන් පෝෂණය කිරීම සඳහා ප්ලවංග උඩුමන්ඩි තටාක තුලට ප්රෙරණය කරයි.නොනසිමේ හැකියාව 40% පමණ වේ .
ග්ලෙව්ස්ටෝන් අභිජනන මධ්යයස්ථාන විශාල වශයෙන් සංවෘත්ත තත්ත්ව යටතේ සිදු කරයි.නොනසිමේ හැකියාව 0% සිට 80% දක්වා ප්රතිශතයක් පවතී.නමුත් සතයවශයෙන්ම පවතින්නේ 50% කි. අභිජනන මධ්ය්ස්ථාන තුල වර්ධනය වන ඉස්සන් ගේ ආහාර වේල සඳහා ප්ලවංග මෙන්ම පසු කාලීනව මුහුදු විල තුල වැඩෙනා ඉස්සන් ගේ පිලව් ද බොහෝ අවස්ථාවන්හිදී (විශේෂයෙන් ව්යාපාරික අභිජනන මධ්යස්ථාන තුල )කෘතීම ආහාර වේල් මගින් වර්ධනය කිරීමද සිදු කරයි.පසු කාලීන අවධි වලදී ආහාර වේල් සඳහා ක්රිල් නම් වූ නැවුම් හෝ වියලි ශිත කරන ලද සත්ව ප්රොටීන භාවිත කරනු ලබයි.පෝෂක පදාර්ථ සහ ඖෂධ (ප්රතිජිවක), ආහාර සඳහා ලබා දෙන මුහුදු විල් ඉස්සන් පිලව් මාර්ගයෙන් ඉස්සන් හට ලබා දෙයි.
තවාන් [සංස්කරණය]
බොහෝ ගොවිපළවල් හි තවාන් ඇති අතර ළපටි ඉස්සන් තත්වය දක්වා පශ්චාත් කීටයන් පත්විමට සති තුනක කාලයක් වෙන්කළ තටාක හෝ පොකුණු තුල ඇති කරනු ලබයි.මෙම තටාක සමචතුරස්රාිකාර ,දිග සහ නොගැඹුරු වන අතර නොනවත්වාම ජලය ගල යන අයුරින් සකස් කර ඇත. සාමාන්යුයෙන් තවානක වර්ගමිටර 150 සිට 200 දක්වා සතුන් ප්ර මාණයක් සිටිති.වර්ධක පොකුණු තුලට යැවීමට සති තුනක පමණ පෙර සිට ඉහල ප්රෝ ටින ප්රෙමාණයෙන් යුතු ආහාර වේලක් සපයනු ලැබේ.එම කාලය වන විට ඔවුන්ගේ බර ග්රෑරම් 1 ක් හෝ 2ක් අතර වේ.වර්ධක තටාක තුල වූ කිවුල් දියෙහි තත්වයට ගැලපෙන අයුරින් අනුක්ර මණයෙන් එම තටාකය තුල වූ ජලයෙහි ලවණතාවය වෙනස් කරනු ලැබේ.පශ්චාත් කීටයන් PL ලෙස හදුන්වන අතර දින ගණන අනුව ඔවුන් නම් කරනු ලැබේ.
(PL-1,PL-2) ඔවුන්ගේ කරමල් ශාඛා බෙදුණු පසු ඔවුන් වර්ධක තටාක තුලට මාරු කිරීමට සුදානම් කරනු ලැබේ.බොහෝ දුරට මෙය සිදු වන්නේ PL-13සිට PL-17 දක්වා (අභිජනනයෙන් දින 25 කට පමණ පසු )කාලයේදීය .තවාන් අත්යවශ්ය නොවන නමුත් බොහෝ ගොවීන් තවාන් සඳහා කැමැත්තක් දක්වයි.එය වඩා හොද අහාර ප්රයොජ්යතාවය සඳහා ඉවහල් වන අතර ඉස්සන් ඒකාකාර ප්රමාණයක් දක්වා වර්ධනයට ද ,යටිතල පහසුකම් වඩා හොඳින් ප්රයෝජනයට ගැනීමට උපකාරී වීමද අස්වැන්න දැඩි පාලක පරිසර තත්ත්ව යටතේ සිදු කල හැකි වීමද යන කරුණු බෙහෙවින් ඉවහල් විය .මෙහි ප්රධානම අවාසිය නම් වර්ධක තටාක තුලට මාරු කිරීමේදී සමහර පශ්චත් කීටයන් මිය යාමයි.
සමහර ගොවිපළවල් තවාන් භාවිතා නොකරයි .තොග වශයෙන් සිටිනා පශ්චාත් කිටයන් වර්ධක තටාක තුලට කෙලින්ම මාරු කර යවන්නේ අදාල ටැංකි තුල උෂ්ණත්වය සහ ලවන ප්රමාණය නියතවූ පසුවයි.දින කීපයකට පසුව මෙම ටැංකි වල ජලය වර්ධක ටැංකි වල තත්වයට සරිලන පරිදි ක්රමයෙන් වෙනස් කරයි.පශ්චාත් කීටයන් ඝනත්වය ලීටරයට 500 නොඉක්මවිය යුතු අතර වැඩුණු සත්වයන් 50/ ලීටරයට නොඉක්මවිය යුතුය .(PL-15 ලීටරයට)නොඉක්මවිය යුතුය.
වර්ධක අවධිය [සංස්කරණය]
වර්ධක අවධියේදී ඉස්සන් මුහුකුරා යාම සිදු වේ.පශ්චාත් කීටයන් තටාක තුලට මාරු කර යවා වෙළදපල ඉල්ලුම අනුව වර්ධනය වන තෙක් පෝෂණය කරයි.ඒ සදහා තව මස 3 ක සිට 6 ක පමණ කාලයක් ගත වේ.අස්වනු නෙලනු ලබන්නේ දැල් මගින් හෝ තටාකයේ ජලය හිස් කිරීමෙනි.මෙය තටාකයේ ප්රමාණය හා යටිතල පහසුකම් මත රඳා පවතී.
විස්තෘත [සංස්කරණය]
කඩොලාන ආශ්රිත ප්රදේශ හා වෙරල වෙරළාශ්රිත ප්රදේශ වල පවතින විස්තෘත ගොවිපොලවල භාවිත කරනුයේ සාම්ප්රදායික අඩු ගහන ඝනත්ව ක්රමයන්ය. මෙම ගොවිපලවල තටාක හෙක්ටයාර 100 හෝ ඊට වඩා වැඩි විය හැකිය. වර්ගමිටරයට ඉස්සන් 2 -3 සිටින අඩු ගණත්ව යක පවතී.ජලය මාරු කිරීම සඳහා වඩදිය බාදිය භාවිත කරන අතර ඉස්සන් යැපෙන්නේ ස්භාවික හට ගන්න ඓන්ද්රිය වලිනි.සමහරුන් ගොවියන් විසින් අනුමත කර නොමැති ඉස්සන් වගා කරනු ලබයි. මෙය වැඩිපුර පවතින්නේ දුප්පත් සංවර්ධනය නොවූ රටවලය.හේතුව වනුයේ,ඉඩම් මිල ගණන පහත් හා වාර්ෂික අස්වැන්න 50 සිට 500 කිලෝ./හෙක්ටයරයට (හිස සහිත බර ) හා මේ සදහා අඩු නිෂ්පාදන වියදමක් (ඇමෙරිකානු ඩොලර් 1-3/කිලෝ,ජීවි ඉස්සකු සඳහා ) වැයවේ.එමෙන්ම පහත් කම්කරු කම්කරු ශ්රෂමයක් අවශ්යැ වන අතර විශේෂ තාක්ෂණික ක්රපම අවශ්යක නොවේ.
අර්ධ -සුක්ෂම [සංස්කරණය]
ගොවිපල වල ජලය මාරු කිරීම වඩදිය බාදිය මත රඳා නොපවතී.ඒ සඳහා සැලසුම්කරණ ලද පොම්ප හා තටාක භාවිත කරයි.එබැවින් ඔවුන්ට ඉතා විශාල උදම් රළ නිපදවිය හැකි අතර තටාක ප්රමාණය 2-30 (හෙක්ටයාර) දක්වා වෙනස් වේ.ගබඩා කර තබා ගත හැකි ඝනත්වය 10 සිට 30 (100000සිට 300000/හෙක්ටයරයට ) දක්වා වෙනස් වේ.එවැනි ගහන ගණත්වයක සතුන් පෝෂණය කිරීම සඳහා කෘතිමව සකස් කරන ලද ආහාර වේල් මෙන්ම ස්භාවිකව හට ගන්නා ඓන්ද්රිය ද්රවය වැඩිම සඳහා උත්තේජනයද කරනු ලබයි.වාර්ෂික අස්වැන්න 500 සිට 5000 කිලෝ/හෙක්ටයාර දක්වා වෙනස් වන අතර නිෂ්පාදන වියදම ඇ.ඩො 2-6/kg වේ.ගහන ගණත්වය වර්ගමිටරයට සතුන් 15 ට වඩා වැඩි බැවින් ඔක්සිජන් අඩු වීම වැලක්වීමට වාතනය කිරීම නිතරම සිදු කරයි.ඵලදායිතාව වතුරේ උෂ්ණත්වය මත රඳා පවතීන නමුත් සමහර ඍතු වලදී විශාල පරීමාණයේ ඉස්සන් ඇති වීම පොදු තත්වයකි.
සුක්ෂම [සංස්කරණය]
සුක්ෂම වගාවන් හි භාවිත කරනුයේ වඩාත් කුඩා පොකුණුය .(0.1-1.5 හෙක්ටයාරයට ) එමෙන්ම ගහන ගණත්වය වඩා වැඩිය .මෙම පොකුණු වල ක්රියාකාරිත්වය සඳහා විශාල වශයෙන් ජලය මාරු කිරීම සිදු කරනු ලබන අතර එබැවින් අපද්රව්ය ඉවත්කිරීම හා ජලයේ ගුණාත්මක බව රැක ගත හැක .පොකුණු වාතනය කරනු ලබන අතර ඉස්සන් පෝෂණය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආහාර වේල් භාවිත කරන අතර වාර්ෂික අස්වැන්න 5,000 සිට 20000 kg/ha වේ .සුපිරි සුක්ෂම වගාවන් හි නිෂ්පාදනය 100,000 kg/ha වේ.මේ වගාව සඳහා දියුණු තාක්ෂණික යටිතල පහසු කම් ,ජලයේ ගුණාත්මකබව සහ තටාකයේ වෙනත් තත්වයන්, හොදින් පුහුණුව ලද වෘතිකයන් අත්යවශ්ය වේ.වියදම ඇ.ඩො 4-8 /kg පමණ වේ.
තක්සේරු කරන ලද නිෂ්පාදන ගුණාංග ඉස්සන් වගාවෙන් වගාවට වෙනස් වේ.අධ්යනයකින් හෙළි වී ඇති කරුණු මත ලොව පුරා ව්යාප්තව ඇති ඉස්සන් වගාවෙන් 55-60% අතර විස්තෘත වගාවන් වන අතර 25-30% අර්ධ සුක්ෂම වේ.ඉතිරිය සුක්ෂම වේ.
ආහාර සැපයීම [සංස්කරණය]
විස්තෘත වගාවන් ප්රධාන වශයෙන් යැපෙන්නේ තටාක තුල පවතින ස්භාවික නිෂ්පාදනයන් මතය .ප්රධාන වශයෙන්ම සූක්ෂම ලෙස සිදු කරන වගාවන් හි කෘතීම ආහාර වේල් භාවිත කරයි.පොකුණු තුල පවතිනා වූ හෝ එකතු කරන ලද ඓන්ද්රිය ද්රව්ය මත රඳා පවතී.හරිත ප්ලවාංග වර්ධනය වී ඉස්සන් වර්ධනය වීම වැඩි කිරීමට පොහොර සහ ඛණිජ ලවණ භාවිතා කරයි.කෘතීම ආහාර හා ඉස්සන් ගේ අපද්රව්ය නිසා පොකුණු සුපෝෂණය වේ.
කෘතීම ආහාර පැමිණෙනුයේ විශේෂ කැට වශයෙන් සකස් කල ගුලි වශයෙන් වන අතර ඉක්මනින් කැඩී බිඳී යයි.70% ක පමණ මෙම ආහාර වලින් අපතේ යනුයේ ඉස්සන් ආහාරයට ගැනීමට පෙර ඒවා කැඩී බිදී යන බැවිනි.දිනකට දෙවතාවක් සිට පස්වතාවක් දක්වා ආහාර සපයනු ලබන අතර ඉවුරේ සිට බෝට්ටු මගින් ආහාර ලබා දීම සිදු කරයි .නැතිනම් යාන්ත්රික ක්රම මගින් පොකුනු තුල ආහාර බෙදා හරිනු ලබයි.අහර පරිවර්තන සීග්රතාව (FCR) ; ඉස්සන් ඒකකයක් සදහා අවශ්ය ආහාර ප්රමාණය වෙයි. නවීන ගොවිපලක් සදහා තක්සේරු කර ඇති මෙම අගය 1.2- 2.0 ත් අතර වෙයි.නමුත් මෙම අගය ඉහලම අගය වන අතර ප්රායෝගිකව භාවිතා වීමක් නොමැත . ලාභ ඉපයීම සදහා FCR අගය 2.0ට වඩා අඩු අගයක පවත්වා ගැනීම වැදගත් වෙයි.පැරණි ක්රම මගින් සිදු කිරීමේදී මෙම අගය 4:1 ක අනුපාතයක් දක්වා ඉහල යයි.ඉහල ලාභ ලබා ගැනීම සදහා මෙම අගය අඩු මට්ටමක පවත්වා ගෙන යායුතුය.
වගා කරන විශේෂයන් [සංස්කරණය]
ඉස්සන් සහ කුනිස්සන් විශේෂ රාශියක් පැවතුනද වගා කරනු ලබන්නේ විශාලව වැඩෙන විශේෂ කීපයක් පමණි.ඔවුන් සියල්ලම Penaeus කුලයට අයත් වන අතර penaeidae ගණයට අයත් වෙයි.බොහෝ විශේෂ වගාවට සුදුසු නොවන්නේ පාරිභෝගික රුචිකත්වයට සරිලන විශාලත්වයක් නොමැති වීම, රංචු වශයෙන් එකට සිටින විට වර්ධනය බාලවීම සහ රෝග සදහා නැබුරුව වැඩි වීම නිසාය. වෙළෙද පොළ අධිපතිත්වය දරන විශේෂ 2 වනුයේ;
1)Pacific white shrimp (Liptopenaeus vannamei) බටහිර රටවල වගා කරන ප්රධාන විශේෂයි. පැසිෆික් වෙරල තීරයට උරුම කම් කියන අතර මෙක්සිකෝව සිට පේරු දක්වා වයාප්තව ඇත. සෙන්ටිමීටර 23 ක් දක්වා වර්ධනය වෙයි.95% ක නිෂ්පාදනයක් ලතින් ඇමෙරිකාව ආශ්රිතව නිපදවෙයි. බෝ කිරීම පහසු වන අතර ටවුරා රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.
2)Giant tiger prawn (Penaeus monodon) ඉන්දියානු සාගරයේද පැසිෆික් සාගරයේ ජපානයේ සිට ඕස්ට්රේලියාව දක්වා ව්යාප්තව ඇත.විශාලතම වගා කරන ඉස්සන් වන අතර සෙන්ටිමීටර් 32 ක් දක්වා වැඩෙයි .ආසියාවේ වගා කරනු ලබයි.2001 වර්ෂයේ සිට l.vannamei විශේෂය මේ වෙනුවට භාවිතා කරන්නේ මොවුන් පහසුවෙන් සුදු පුල්ලි රෝගයට නතුවන නිසාවෙනි.
සම්පුර්ණ වගා කරන ඉස්සන් නිෂ්පාදනයෙන් 80% ක් පමණම මෙම විශේෂ 2 ට අයත් වෙයි.
බෝ කරන වෙනත් විශේෂ ;
1)western blue shrimp (P.stylirostris) බටහිර අර්ධ ගෝලය තුල වඩාත් ප්රචලිතව වගා කරන ඉස්සන් විශේෂය වූ අතර IHHN වයිරසය මගින් සම්පුර්ණ ගහනයම වාගේ 1980 වර්ෂයේදී විනාශ විය.සුරැකුණු සුළු ප්රමාණය වෛරස් ප්රතිරෝධී විය. මොවුන්ගෙන් සමහරෙක් taura වෛරසයටද ප්රතිරෝධී බව හදුනාගත් පසු 1997 සිට නැවත වගා කිරීම අරඹන ලදී.
2)Chinese white shrimp (P.chinensis) චීනය ජන්ම භුමිය වූ අතර චීන වෙරළාශ්රිත ප්රදේශ සහ කොරියාවේ බටහිර වෙරල තිරය තුල වගා කරන ලදී.සෙන්ටිමීටර 18 ක් පමණ ප්රමාණයට වර්ධනය වන අතර සෙල්සියස් අංශක 16 ක් පමණ ශීත ජලය අත්යවශ්ය වෙයි.වරක් ලෝක වෙළදපොලෙහි ප්රධාන අංගයක් වූ අතර අද වන විට චීන වෙළදපොලෙහි පමණක් දක්නට ලැබෙන්නේ 1993 දී පමණ ගහනයේ සියල්ලම පාහේ රෝගයකින් විනාශ වූ නිසාය.
3)kuruma shrimp(P.japonicus) ජපානය, ඕස්ට්රේලියාව සහ තායිවානය තුල වගා කරයි.වෙළදපොල ඉල්ලුම පවතින්නේ ජපානය තුල පමණක් වන අතර ඇ.ඩො.220 ක් පමණ වෙයි.
4)Indian white shrimp(P.indicus) ඉන්දියානු සාගරය ජන්ම භුමිය වන අතර විශාල වශයෙන් ඉන්දියාව, ඉරානය හා මැද පෙරදිග සහ අප්රිකානු වෙරල තීරය තුල බෝ කිරීම සිදු කරයි.
5)banana shrimp(P.merguiensis) ඕමානයේ සිට ඉන්දුනීසියාව දක්වාද ඕස්ට්රේලියාවෙ ද වගා කරයි. ඉන්දියානු සාගර වෙරල ආශ්රිත ප්රදේශ වල වගා කරයි. විශාල ගහන ගනත්වයකින් යුතුව වගා කරයි.
Peanaeus ගණයට අයත් වෙනත් අල්ප ප්රමාණයක් වූ ඉස්සන් වගාවට යොදා ගන්නා අතර වෙනත් විශේෂද උදා; metapenaeus spp වගා කරනු ලැබෙයි.ඔවුන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනය වර්ෂයකට ටොන් 25,000 ක් වන අතර වගා කරන ප්රධාන Peanaeus විශේෂයන්ට සාපෙක්ෂව කුඩා අගයක් ගනියි.
ලෙඩ රෝග [සංස්කරණය]
ඉස්සන්ට බලපාන විවිධ මාරාන්තික වයිරස් රෝග පවතී. දැඩි ගහන ගණත්වයක් පවතින තනි බෝග වගාවන්හි වෛරස් අසාධන වේගයෙන් පැතිර ගිය අතර සියලුම ඉස්සන් ගහනය විනාශ වූ අවස්ථාද ඇත.වෛරස් හි ප්රධාන රෝග වාහකයා ජලය වෙයි .වෛරස් පැතිරීම නිදහස් වනගත ඉස්සන්ටද පැතිරීම ගහනයේ විනාශයට භයානක ලෙස බලපායි.
1. Yellow head රෝගය - P.monodon විශේෂයට බලපෑ අතර අග්නිදිග ආසියාවේ පැතුරුනි.1990 දී තායිලන්තයෙන් පළමු වරට වාර්තා විය. ස්පර්ශයෙන් බෝ වන අතර දින 2 සිට 4 දක්වා කාලයකදී විශාල මරණ සංඛ්යාවක් වාර්තා විය. රෝගය බෝ වූ ඉස්සකුගේ ශීර්ෂෞරසය කහපාට වෙයි.අසාමාන්ය ලෙස ඉහල ක්රියාකාරීත්වයෙන් යුත් ආහාර රටාවක් අවසන් වීමෙන් පසු මෙසේ වීම සිදු වෙයි.මරණාසන්න ඉස්සන් පොකුණු ජලය මතුපිටට එක්රැස් වෙයි.
2. සුදු පුල්ලි සින්ඩ්රොමය -එකිනෙකට නෑකම් පවතින වෛරස් සමුහයක් මගින් ඇති වෙයි.1993 දී ජපානයේ P.japonicus වගාවෙන් ව්යාප්ත වූ අතර ආසියාවේ හා අප්රිකාවේ ව්යාප්ත වුනි.පුළුල් පැතිර යාමේ හැකියාවක් ඇති වඩාත් මාරාන්තික රෝගයකි.ගහනයක සියලුම ජීවින් 100% ක් ම දිනක් තුලදී විනාශ කල හැකි විය.රෝග ලක්ෂණ ලෙස උඩු කබලේ සුදු පුල්ලි ඇති වෙයි.ජීරක ග්රන්ථි තුල රතු පුල්ලි ඇති වෙයි.අලස වීම මියයාමට ආසන්න ඉස්සන්ගේ ලක්ෂණයකි.
3. Taura සින්ඩ්රොමය ප්රථම වරට වාර්තා වුයේ 1992 ඉක්වදෝරයේ ටවුරා ගං ඉවුරු ආශ්රිත ඉස්සන් වගාවෙනි. P.vennamei විශේෂය මේ රෝගයට ගොදුරු වුනි.රෝගය සීග්රයෙන් පැතිරුනේ ආසාධිත සත්වයන් සහ ඇගිල්ලන් අපනයනය කිරීම හේතුවෙනි.ඇමෙරිකානු වගා තුල පළමුව ඇති වූ අතර ආසියානු කලාපයට ප්රචාරණය වුයේ මෙම විශේෂය එම රට වලටද හදුන්ව දීමෙනි. එක් එක් ප්රදේශ වල පවතින වගාවන් වලට මෙම රෝගය ව්යාප්ත වුයේ කුරුල්ලන් මාර්ගයෙන් බව විශ්වාසයක් පවතී.
4. IHHN - විශාල මරණ සංඛ්යාවක් P.stylirostri විශේෂය තුල සිදු වූ අතර (90%ක පමණ විශාල ප්රුමාණයක්) L.vennamei විශේෂයේ විරුපීකරණයද සිදු විය.පැසිෆික් සාගරයේ ගොවිපලවල් සහ වනගත නිදහස් ඉස්සන් අතර පැතිර ගිය අතර ඇමෙරිකාවේ අත්ලාන්තික් සාගර ප්රදේශ ආශ්රිත වෙරල තීරයේ ජීවත් වූ නිදහස් වනගත ඉස්සන්ට රෝගය අසාදනය නොවුනි.
එමෙන්ම බැක්ටීරියානු අසාධානද ඉස්සන් වගාව සදහා අහිතකර ලෙස බලපෑඅතර විශාල මරණ සංඛ්යාවක්ද සිදු විය.Vibrio විශේෂය මගින් ඇති කල වඩාත් පොදු රෝගය වුයේ vibriosis ය. ඉස්සන් දුර්වල වන අතරම දිශානතිහරණය සහ උච්චර්මයේ කළු තුවාල ඇති වීම රෝග ලක්ෂණ වෙයි.මරණ සංඛ්යාව 70% ඉක්ම විය හැක. NHP යනු තවත් එක් බැක්ටීරියානු රෝගයකි.රෝග ලක්ෂණ වනුයේ සැකිල්ල මෘදු වීමයි. පීඩාකාරී තත්වයන් බැක්ටීරියානු රෝගී තත්ත්ව හා බැදී පවතී. උදා; තටාක තුල අධික ගහනය , ඉහල උෂ්ණත්වය, දුර්වල තටාක තත්වයන් බැක්ටීරියාවන් වර්ධනය වීමට අනුබල දෙයි.ප්රතිජීවක ප්රතිකාර වශයෙන් ලබා දෙයි. ආනයනික රටවල් ඉස්සන් ආනයනය නවත්වුයේ ඔවුන් තුල ප්රතිජීවක අඩංගු බව තහවුරු කරගත් බැවිනි.එවැනිප්රතිජීවක වුයේ chloramphenicol ය. එය 1994 දී යුරෝපීය සංගමය විසින් තහනම් කරනු ලැබුවද එමගින් බොහෝ ප්රශ්න පැන නැගුණි.
බොහෝ ලෙඩ රෝග වලට ඵලදායි ලෙස පිළියම් කල නොහැකි බැවින්, කර්මාන්තය තුල ප්රයත්න දැරුවේ රෝග වලක්වාලීම සදහාය. ජලයේ ගුණාත්මක භාවය ක්රියාකාරීව කළමනාකරණය කිරීම තුලින් තටාක තුල ලෙඩ රෝග පැතිරයාම වැළක්විය හැක. වනගත කීටයන් අල්ලා ගැනීම වෙනුවට එකල පරිසරයන් තුල රෝග බීජ රහිත ඇගිල්ලන් බෝ කිරීම සිදු කල අතර ඔවුන් රෝග බීජ රහිත බව තහවුරු කිරීමද අත්ය්වශ්ය විය.මෙම ක්රමය මගින් රෝග රහිත ගහනයන්ට රෝග පැතිර යාම වැළක්විය.අර්ධ සුක්ෂම වගාව වඩාත් පාලනය කරන ලද පාරිසරික තත්ත්ව යටතේ සිදු කිරීමද රෝග ව්යාප්තිය වැලක්වීමට ගත් පියවරකි. උදා ; පස සමග ගැටීම වැලක්වීමට ප්ලස්ටික් වලින් පොකුණු පතුල ආවරණය කිරීම, පොකුණු අතර ජලය මාරු කිරීම අවම කිරීම.
ආර්ථිකය [සංස්කරණය]
2005 වර්ෂයේදී ඉස්සන් ගේ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 2.5 ට ලගා විය .මෙය එම වසර තුල මුළු මත්ස්ය නිෂ්පාදනයෙන් 42%ක විය.ඉස්සන් සදහා විශාලතම වෙළදපොල පවතිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි .ඔවුන් 2003-2009 වර්ෂ තුලදී වාර්ෂිකව ටොන් මිලියන 500- 600,000 ත් ඉස්සන් ප්රමාණයක් ආනයනය කර ඇත.ජපානය විසින් වාර්ෂිකව ටොන් මිලියන 200,000 පමණ ආනයනය කරයි.යුරෝපිය සංගමය විසින් 2006 වර්ෂයේදී නිවර්තන කලාපීය ඉස්සන් ටෝන් 500,000 ක් ආනයනය කරනු ලැබූ අතර වැඩිම ආනයන ප්රමාණයක් සිදු කර ඇත්තේ ප්රන්ශය සහ ස්පාඤ්ඤයයි.එමෙන්ම ඔවුන් ශීත ජලයේ ජීවත් වන ඉස්සන් ආනයනය කිරීමේ ප්රධාන තැනක උසුලයි. සාමාන්ය ඉස්සන් සහ pandalidae විශේෂයන්ට අයත් ඉස්සන් ආනයනය කරනු ලබයි. මෙම ආනයනය ටොන් 200,000 පමණ විය.
ඉස්සන් ආනයනික මිල විශාල වශයෙන් උච්චාවචනය වෙයි.2003 වර්ෂයේ එක්සත් ජනපදයේ ඉස්සන් ආනයනික මිල වුයේ කිලෝග්රැයමයකට ඇ.ඩො. 8.80 ලෙස වූ අතර ජපානයේ ආනයනික මිල ස්වල්ප ලෙස අඩු අගයක් ගත් අතර එය කිලෝග්රැමයකට ඇ.ඩො. 8 ක් විය .යුරෝපිය සංගමයේ ආනයනික මිල වුයේ ඇ.ඩො 5 කි. මෙම පහත අගයන්ට ආනයනය කිරීමට හේතුවක් ලෙස සලකනුයේ යුරෝපිය සංගමය වැඩිපුර ආනයනය කරනු ලබන්නේ ශිත ජලයේ ජීවත් වන ඉස්සන් විම හේතුවෙනි. ඔවුන්ගේ මිල උෂ්ණ ජලයේ ජීවත් වන ඉස්සන්ගේ අගයන්ට වඩා පහත් අගයකි. මිට අමතරව මධ්යධරණි යුරෝපය ඉස්සන්ගේ හිස් සදහා වැඩි කැමැත්තක් දක්වන අතර එහි බර ප්රමාණය 30% පමණ වැඩි වුවද , අඩු මිල ගණන් යටතේ පවතී.
ගෝලීය ඉස්සන් නිෂ්පාදනයේ 75% කම දායකත්වයක් දක්වනු ලබන්නේ ආසියානු රටවල් මගිනි. චීනය , සහ තායිවානය ප්රධාන තැනක් ගන්නා අතර වියට්නාමය , ඉන්දුනීසියාව සහ තායිවානය සහ ඉන්දියාව ද තරග බිමට බට රටවල් අතර ඇත. ඉතිරි 25% ප්රමාණය නිෂ්පාදනය කරනු ලබන්නේ බටහිර අර්ධගොලහිදිය.එහි ප්රධාන තැනක ඉසුලනුයේ බ්රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකොවයි.තායිලන්තයට 30% ක වෙළෙදපොල කොටස් හිමිවන අතර චීනය , ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට 10% ක කොටස් හිමිව ඇත.අනෙකුත් වෙළදපොල කොටස් හිමි ප්රධාන රටවල් වනුයේ වියට්නාමය , බංගලාදේශය සහ ඉක්වදොරයයි.තායිලන්තයේ නිෂ්පාදනය සියල්ලක්ම පහේ අපනයනය කරන අතරම චීනයේ සියලුම නිෂ්පාදනයන් එහි අභ්යන්තර වෙළෙද පොලට නිකුත් කරයි.නිෂ්පාදනයන් අපනයනය කරන ගමන්ම ශක්තිමත් අභ්යන්තර වෙලේද පොලක් පවතින එකම රට වනුයේ මෙක්සිකොවයි.
රෝග හේතුවෙන් ඉස්සන් නිෂ්පාදනයට දැඩි ලෙස බලපෑම ඇති විය.1993 දී P.chinensis විනාශ විය.වෛරස් රෝග පැතිර යාම හේතුවෙන් බොහෝ රටවල නිෂ්පාදනය අඩු විය. උද ; 1997/1996 තායිලන්තයේ හා ඉක්වදෝරයේ නිෂ්පාදනය ද 1989 IHHN රෝගයෙන්ද ,1993 තවුරා රෝගයෙන්ද , 1993 දී සුදු පුල්ලි රෝගය මගින්ද ඉක්වදෝර නිෂ්පාදනය විනාශවිය.ආනයනික රටවල ආනයනික නීතිද බලපෑම් එල්ල විය. උදා; රසායනික ද්රව්ය අඩංගු නොවිය යුතුය. ප්රතිජීවක අඩංගු නොවිය යුතුය.
1980 හා 1990 කාලයේදී නිෂ්පාදනය ලාභදායි වන බවට පුරවා නිමිති දැක්විය.විස්තෘත වගාවට අවශ්ය ආයෝජනයන් අඩු වීමද විශේෂ වාසියක් විය.විශේෂයෙන්ම ඉඩම් සහ වියදම් අඩු කලාපයන් මේ සදහා වඩාත් යෝග්ය විය.බොහෝ දුප්පත් ආර්ථිකයන් සහිත නිවර්තන කලාපීය රටවලට ඉස්සන් වගාව සිත අද ගන්න සුළු කර්මාන්තයක් වුයේ එය රැකියා අවස්ථා උදා කිරීමත් සහ දුප්පත් මිනිස්සුන් හට අදායම් ලබා ගත හැකි ක්රමයක්ද වූ බැවිනි.එමෙන්ම ඉස්සන් සදහා වූ ඉහල වෙළෙදපොල ඉල්ලුම නිසා බොහෝ රටවලට විදෙශ විනිමය උපයාගත හැකි හොද ඉල්ලුමක් විය.බොහෝ ඉස්සන් වගා බිම සදහා ආධාර ලැබුණු අතර දේශීය රජයන් මගින් ප්රමාණවත් පරිදි උපකාර කරන ලදී.
1990 පසු භාගයේදී ආර්ථික තත්වය වෙනස් විය.රාජ්ය නොවන සංවිධාන සහ පාරිභෝගික රටවල් මගින් ව්යාපාරික ක්රියාමාර්ග වලට එල්ලවූ විවේචන නිසා රජයන් සහ ගොවිපල හිමිකරුවන් වෙත ඇති වූ බලපෑම දැඩි විය. ජාත්යන්තර වෙළද නීති සමග ගැටුම ඇති විය.උදාහරණ ලෙස පාරිභෝගික රටවල් මගින් ප්රතිජීවක අඩංගු ඉස්සන් ආනයනය කිරීම තහනම් කිරීම දක්නට ලැබෙයි. 2004 දී අමෙරිකාව මගින් තායිලන්ත ඉස්සන් ආනයනය කිරීම වැළක්වුයේ තායිලන්ත ධීවරයන් කැස්බැවුන් ඉවත් කිරීමේ උපකරණ ඔවුන්ගේ දැල වලට යොදා නොගත් බැවිනි. 2003 වර්ෂයේදීද අමෙරිකාව ප්රතිනික්ෂේපන තත්ත්ව මුල් කර ගනිමින් ලොව පුර ඉස්සන් නිෂ්පාදකයන්ට විරුද්ධව නැගී සිටිනු ලැබිය. ලෙඩ රෝග බොහෝ ආර්ථික ප්රතිලාබ අහිමි කරන්නක් විය.ඉස්සන් අපනයනය ප්රදාන අංගයක් වූ ඉක්වදෝරයේ රෝග ව්යාප්තවීම හේතුවෙන් 1999 වසරේදී 130,000 ප්රමාණයකට රැකියා අහිමි විය.2000 වර්ෂයේදී ඉස්සන් මිල සීග්රයෙන් පහත වැටුණි.
සමාජ ආර්ථික දර්ශනය [සංස්කරණය]
නිසි ආකාරයෙන් කළමනාකරණය කරනු ලැබුවේ නම් ඉස්සන් වගාව යනු සිත අද ගන්නා සුළු රැකියා අවස්ථා ලබා දෙන දේශීය වෙරළාශ්රිත ජනතාවගේ දුප්පත්කම අඩුකරන්න උදවු ලබා දෙන මනරම් අවස්ථාවකි.මෙම මාතෘකාව පිලිබදව ප්රකාශිත පොත්පත් පෙන්වනුයේ බොහොමයක් දත්ත වල අපරික්ෂාකාරී නිරීක්ෂණ ස්වභාවයන් සහ විෂමතාවයන් ඇති බවයි.තක්සේරු කරන ලද කම්කරු ඝනත්වය 1 ට 3 අනුපාතයෙන් යුක්ත වන අතර, එකම ප්රදේශයේ වී වග කිරීම සදහා යොදා ගන්නා ප්රමාණයට වඩා තුන් ගුණයක් වැඩි ශ්රමයක් අවැසි බව පෙන්වදෙයි.සාමාන්යයෙන් සුක්ෂම වගාවට එක ඒකකයකට අවශ්ය ශ්රාමය අර්ධ සුක්ෂම වගාවට වඩා වැඩිය.විස්තෘත වගාව බොහෝ ලෙස බිම් ප්රමාන ප්රයෝජනයට ගන්නා නමුත් , ඒ සදහා කෘෂිකාර්මික බිම යොදා ගැනීමේ අවස්ථා විරලය.අහර නිෂ්පාදන, ගබඩා, වෙළද සමාගම් යනාදිය ඉස්සන් වගාව සදහා උපකාරක කර්මාන්ත ද නොසලකා හරිය නොහැක.
අනෙකුත් රැකියා අවස්ථා සමග සංසන්දනය කිරීමේදී ඉස්සන් වග කිරීම මගින් ඉහල වැටුප් ප්රමාණයක් ලබා ගත හැක.එක් අධයනයකින් ලබා ගත දත්ත මත , ගෝලීය වශයෙන් ඇස්තමේන්තු කිරීමේදී ඉස්සන් වග කිරීමේ කර්මාන්තයේ නියුතු පුද්ගලයෙකු වෙනත් රැකියාවකින් ලබා ගන්න අදායම මෙන් 1.5-3 ගුණයක් වන අතර මෙක්සිකෝ ඉතිහාසයේ ඉස්සන් වගා කිරීමේ කර්මානතයේ නියුතු පුද්ගලයෙකු ලැබූ අඩුම වැටුප් ප්රමාණය 1996 වාර්තාවී ඇති අතර එම අදායම ද වෙනත් රැකියාවක නියුතු පුද්ගලයෙකු ලබන අදායම මෙන් 1.22 ගුණයක් බව වාර්තා වී ඇත.
රාජ්ය නොවන සංවිධාන පවසනුයේ මෙම ව්යාපාරයෙන් ලබන අදායමෙන් වැඩි ප්රමාණයක් හවුල්කරුවන් අතර බෙදි යන නමුත් බහුතර දේශීය ජනතාවට නොලැබෙන බවයි.මෙම තත්වය බොහෝ රටවලට සත්ය වන නමුත් ඉක්වදෝරය වැනි රටවල ඉස්සන් ව්යපාර බොහෝ විට සිදු කරනු ලබනුයේ විශාල සමාගම් මගිනි. තායිලන්තයේ බොහෝ වගාවන් සිදු කරන ලද්දේ කුඩා පරිමාණ ව්යවසයකයින් වුවද ආහාර නිෂ්පාදකයන්ගේ සිට ආහාර සකස්කරන්නන් සමගද වෙළෙද සමාගම් සමගද එකා බද්ධ වීම සිදු කරයි. වී ගොවිතැනේ සිට ඉස්සන් ගොවිතැන දක්වා වෙනස් වුව හොත් අදායම 10 ගුණයකින් වැඩි කරගත හැකි බව තායිලන්ත වාර්තාවකින් දක්වෙයි.මෙවැනිම වාර්තාවක් 2003 දී ඉන්දියාවේ අන්ද්ර ප්රදේශයේ නිකුත් කරනු ලැබූ වාර්තාවකින් දැක්වේ.
මෙමගින් ලාභ අත් වුවද එය රදා පවතින්නේ පුහුණු පුද්ගලයන්ගේ බහුලත්වය සහ වැඩෙහි දීමේ හැකියාව මතය.විස්තෘත වගා මධ්යයේ රැකියා ලබා ගත හැක්කේ ඍතුමය වශයෙනි. අස්වනු නෙලීම සදහා පුහුණුවක් අවශ්ය නොවෙයි.ඉක්වදෝරයේ මෙවැනි අවස්ථා හිමිවන්නේ සංක්රමණිකයන් සදහාය.සුක්ෂම වගා සදහා වර්ෂය පුරා පවතින ශ්රමයක් අවශ්ය වෙයි.
පාරිසරික බලපෑම [සංස්කරණය]
විස්තෘත වගාවේ සිට සුපිරි සුක්ෂම වගාව දක්වා වූ සියලුම ඉස්සන් වගා මාධ්යයන් මගින් සිදු වන පාරිසරික බලපෑම බෙහෙවින් විනාශකාරී වුවකි. විස්තෘත වගාවන් සදහා කඩොලාන කපා එලි පෙහෙළි කිරීම නිසා ජෛව විවිධත්වය විනාශ වීම සිදු වේ. 1980 සහ 1990 අතරතුර කාලයේදී කඩොලාන වනාන්තර වලින් 35% පමණම අතුරුදහන් විය. කඩොලාන විනාශයට හේතු වූ ප්රධානම කරුණ වනුයේ ඉස්සන් වගාව වන අතර මිට බලපාන ප්රධාන කරුණු 3 ඇතුලත ඉස්සන් වගාවට ප්රමුඛස්ථානය ලැබී ඇත. කඩොලාන විනාශය සදහා බලපැ අනෙක් කරුණු වුයේ ජනගහනයේ බලපෑම, දර සදහා වූ අවශ්යයතාවය සහ වෙනත් ව්යාපාර මගින් සිදු කරන පරිසර දුෂණයන්ය. කඩොලාන මුල් මගින් වෙරළ ඉවුරු ඛාදනය වැලැක්වූ අතර ඉවුරු ග්රහණය කර තබාගන්නා ලදී. කඩොලාන ඉවත් කිරීම නිසා ගංගා ඉවුරු ඛාදනය ඉහල ගිය අතරම ගං වතුර තර්ජනය ද ඉහල යන ලදී . කඩොලාන ආශ්රිත ගංගා මෝය ප්රදේශ විශේෂයෙන්ම ඉතා ඉහල පොහොසත් කමින් යුත් සහ පලදායිතාවයෙන් යුතු පරිසර පද්ධතීන් වේ. මෙම ප්රදේශ විශේෂයෙන්ම නොයෙකුත් විශේෂයන්ට අයත් මත්සයන් හට බිජු දැමීම සදහා යෝග්ය භුමි වන අතරම, ආර්ථික වශයෙන් වැදගත් වන විශේෂද ඒ අතර වෙයි. බොහෝ රටවල් මෙම භුමි ප්රදේශ එලි කිරීම තහනම් කරන ලද අතරම තව දුරටත් ඉස්සන් වගාවන් අලුතින් ඇති කිරීමද තහනම් කරන ලදී . එනමුත් මේ සදහා බලපවත්නා නීති රීතින් තවමත් මත බේදයට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල් වන බංගලාදේශය,මියන්මාරය සහ වියට්නාමය තුල පවත්නා නීති රීති තුල දැඩි ලෙස හිදැස් පවතින බව හෙළිවී පවතී. උදා; මියන්මාරයේ වෙරළාශ්රිත කඩොලාන දැක්විය හැක .
සුක්ෂම වගාවන් මගින් කඩොලාන පරිසරයන්ට ඇති කරන බලපෑම අඩු කලද වෙනත් බලපෑම් ඉස්මතු වෙමින් පවතී. පෝෂණ කොටස් බහුල අපවහන ද්රව්ය පරිසරයට මුදාහැරිම , පාරිසරික තුලනයට බෙහෙවින් බලපා ඇත. මෙම අපවහන ජලය තුල, වෙසෙසින්ම රසායනික පොහොර, කෘමිනාශක, ප්රතිජීවක සහ දුෂක අඩංගුව පවතී. ප්රතිජීවක පරිසරයට මුදා හරිම මගින් ඒවා ආහාර දාමය ඔස්සේ ගලා යාම නිසා බැක්ටිරියානු ආසාදනයන් සදහා ප්රතිරෝධයන් දැක්විම සදහා අවනත නොවීමේ ඉහල අවදානමක් පවතී. කෙසේ නමුත් ජලජ බැක්ටිරියාවන් අනෙකුත් භෞම බැක්ටාරියාවන් මෙන් මිනිසුන් හට බෝ නොවන රෝගාබාධයන් වෙයි. ඉතා කුඩා ප්රමාණයක් මෙසේ බෝවන රෝග හදුනා ගෙන ඇත.
දීර්ඝ කාලිනව පොකුණු භාවිතය තුලින් පෝෂක සහ අපද්රව්ය තැන්පත් වීම නිසා පොකුණු පත්ල තුළ රොන් බොර තැන්පත් විම සිදුවේ. මෙම රොන් බොර යාන්ත්රිකව ඉවත් කල හැකියි හෝ වියලීමට ඉඩ හැර ජෛව හායනය මගින් ඉවත් කල හැක. පොකුණු සෝදා හැරීමෙන් රොන් බොර සම්පුර්ණයෙන් ඉවත් කල නොහැකි අතර , අවසානයේදී මෙම පොකුණු අත හරිම නිසා ලවණතාවය වැඩි ,ආම්ලික සහ විෂ රසායනිකයන් බහුල ප්රයෝජනයට ගත නොහැකි මුඩු බිම් බවට එම ප්රදේශ පත් වේ. සාමාන්යයෙන් විස්තෘත වගාවක් සදහා භාවිත කරන තටාකයක් ප්රයෝජනයට ගත හැක්කේ වසර කීපයක් පමණි. ඉන්දියාවේ සිදු කල සමික්ෂණයක් අනුව මෙවැනි බිමක් යථා තත්වයට පත් කිරිමට වසර තිහක් පමණ ගතවන බව ඇස්තමේන්තු ගත කර ඇත. 1999 දී ගොඩබිම තුල ඉස්සන් වගාව තායිලන්ත රජය විසින් තහනම් කරන ලද්දේ කෘෂිකාර්මික භුමි තුල ලවණතාවය වැඩිවි විනාශවීමේ හැකියාවක් පැවතුනු බැවිනි. 1989-1996 දී තායිලන්තය තුල අත් හරින ලද වගා බිම් පිළිබද සමීක්ෂණයකදී 60% ක පමණ ප්රමාණයක් අත් හැර ඇත්තේ එම කඩොලාන ප්රදේශ ඉතා ඉහල ප්රමාණයකින් යුත් යපස් වලින් බහුල වීමත් සහ දුර්වල අපවහන පද්ධතියක් පැවතීමත් යන කරුණු මුල් කරගෙන බව හෙළි විය.
ඉස්සන් වගාවේ ගෝලීය ස්වභාවය අනුව එය ලොව පිළිගත් විදේශීය විශේෂයන් හදුන්වා දුන්නා පමණක් නොව ලොව පුර ලෙඩ රෝග ව්යාප්ත වීම සදහා ද මං පෙත් ද සාදා දුනි. මෙහි ප්රතිපලයක් ලෙස ලොව පුර බෙදා හරින ඇගිල්ලන් සදහා විශේෂිත සෞඛ්යය සහතිකයක් අවශ්ය වූ අතරම ඔවුන් විශේෂිත රෝගබිජ රහිත බව සහතික කල යුතුව ඇත. බොහෝ සංවිධාන පරිභෝගිකයන්යට වගා කරන ලද ඉස්සන් මිලදී ගැනීමෙන් වලකින ලෙස උපදෙස් දි ඇත. වඩා ශක්තිමත්, ස්ථිර වගා ක්රම ඇති කිරීම පිලිබදව සමහර සංවිධාන වල අවධානය යොමුව ඇත.ඉස්සන් වගාව අධ්යනය සහ නව ක්රියාමාර්ග යෝජනා කිරීම සදහා ලෝක බැංකුව, NACA, WWF, FAO යන සංවිධාන වල එකතුවෙන් 1999අගෝස්තු මසදී වැඩසටහනක් ක්රියාත්මක කරන ල දි. සමහර වෙළදපොල රදාපවතින්නන් උත්සාහ දරනුයේ අපනයනය සදහාම ඉස්සන් වග කරන ගොවිපලවල් හි අස්වැන්න වෙළදපොල තුල 'පාරිසරික නිෂ්පාදන' ලෙස විකිනිමටය. මෙය බොහෝ රාජ්ය නොවන සංවිධාන මගින් විවේචනය කරන ලද්දේ වංචා සහගත ,නොවැදගත් වෙළද කවුළු භාණ්ඩ ප්රදර්ශනයක් ලෙසය.
1999 සිට මේ වනතුරුත් මෙම කර්මාන්තය ඉතා සෙමින් වෙනස්වීම් වලට බදුන් වෙමින් පවතී. ලෝක බැංකු වැඩසටහන් මගින් සංවර්ධනය කරනලද ඵලාදයි කළමනාකරණ ප්රතිපත්ති පිළිගන්නා ලදී. එය ප්රවර්ධනය කිරීම සදහා අධයාපනික වැඩසටහන් ස්ථාපනය කරන ලදී. බොහෝ රටවල පනවන ලද කඩොලාන ආරක්ෂණ නීති හේතුවෙන් අලුතින් අරඔන ලද වගාවන් අර්ධ සුක්ෂම ඒවා වූ අතර, කඩොලාන ප්රදේශ වලට ඔබ්බෙන් ඉතා විශිෂ්ට ලෙස ගොඩනැගු ඒවා විය. එමෙන්ම ඉතා තදින් පාලනය කරන ලද පරිසරයන් නිර්මාණය කිරීමේ නැඹුරුවක්ද මෙම වගා තුල පවතිනුයේ ලෙඩ රෝග ඇති වීම වැළක්වීමේ අරමුණෙනි. අපවහන ජල පිරියම් කිරීම පිලිබදව වැඩි අවධානයක් යොමුව පවතී. නුතන ඉස්සන් වගා මාධ්යන් තුල අපවහන පිරියම් තටාක අත්යන්තයෙන්ම ඇත. එම තටාක තුලදී මඩ, පතුල මත තැන්පත් වීම සිදු කරන අතර අවශේෂයන් පෙරීම සිදු කරයි. එවැනි කටයුතු සදහා ඉහල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ලෝක බැංකු වැඩසටහන් මගින් , සමහර ප්රදේශ සදහා අඩු ගණත්ව බහු වගා ව්යාපාර යෝජනා කරන ලදී. කඩොල් පස අපජලය පෙරීම සදහා ප්රයෝජනවත් වන බවත් ,ඉතා ඉහල නයිට්රේට ප්රමාණයක් දරා සිටින බවත් සොයා ගැනීමෙන් පසුව ව්යාපාරිකයන් තුල කඩොලාන නැවත වගා කිරීමේ උනන්දුවක් ඇති වුවද ඒ සදහා ඔවුන්ගේ දායකත්වය තවමත් ඉතා අල්ප වේ. මෙම දිගු කාලීන යෝජනා ක්රම සහ කර්මාන්ත නැඹුරුතාවයන්ගේ අගය මේ වනතුරුද නිශ්චිත වශයෙන් ගණනය කර නොමැත.
සමාජයීය වෙනස්වීම් [සංස්කරණය]
1980 සහ 1990, සමෘධිමත් කාල වකවානුව තුල මෙම කර්මාතය අවිධිමත් ලෙස සිදුකරන ලදී . මෙහි වේගවත් ව්යාප්තිය හේතුවෙන් වෙරළබඩ ජනතාවගේ සැලකිය යුතු වෙනස්කම් සිදු වූ අතර සමහර වෙනස්කම් විනාශකාරී ඒවා විය. ඔවුන් අතර මත ගැටුම් ඇති වූ අතර ඒ සදහා ප්රදාන වශයෙන් හේතු 2ක් බලපාන ලදී. ඒවා නම් ; ජලය සහ ගොඩබිම යන පොදු ස්වභාවික සම්පත් සදහා ඇති වූ තරගකාරිත්වය, ධනය විෂම ලෙස බෙදී යාම.බංගලාදේශය වැනි රටවල මත ගැටුම් ඇති වුයේ සුවිශේෂී හේතුවක් වූ භුමිය ප්රයෝජනයට ගැනීමේ අයිතිය පදනම් කරගනිමිනි. ඉස්සන් වගාව සමග නව ව්යාපාර වෙරලශ්රිතව ව්යප්තවූ අතර පෙර පොදු වූ ස්වභාවික සම්පත් මේ සදහා යොදා ගැනීම සිදු විය. වෙරළාශ්රිත ජනතාව ඉස්සන් වගාව සදහා වැඩි වශයෙන් යොමු වීමෙන් දේශීය ධිවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය.
මෙම අර්බුද දුර්වල පාරිසරික ක්රියාමාර්ග නිසාද ඇති විය. පොදු සම්පත් හායනය මෙහි බලපෑමක් විය. (තටාක තුල ලවණතාවය පාලනය කිරීමට මිරිදිය ප්රමාණයට වඩා ප්රයෝජනයට ගැනීම නිසා water table දුර්වල වීම සහ ලවන ජලය ඇතුලට ගැලීම නිසා භූ ජලයේ ලවණතාවය වැඩි විම සිදු විය.) අත්දැකීම් බහුල වීමත් සමගම රජයන් ශක්තිමත් රෙගුලාසි දීමෙන් මෙවැනි අර්බුද වැලක්වීමට පියවර ගන්නා ලදී. උදා; භුමි කලාපීය කිරීමේ රෙගුලාසි . මෙක්සිකෝව වැනි රටවල මෙවැනි ප්රශ්න ඇතිවිම වැලැක්විමට ප්රශ්න ඇතිවීමට පෙරම නීති රෙගුලාසි සකස් කරන ලදී.මෙක්සිකානු වෙළෙද පොළ රාජ්ය නීති මත පාලනය වන්නකි.1990 දී සිදු කරන ලද සංශෝධන වලින් අනතුරුව වුවද මෙම වගා පාලනය කරනු ලබනුයේ ස්වදේශිකයන් හෝ පොලිස් නිලධාරීන් මගිනි.
ව්යාපාරය තුලදී ධනය බෙදී යාමේ විෂමතාවය හේතුවෙන් සමාජයීය බලපෑම් ඇති විය. ඉස්සන් වගාව සදහාම මෙම තත්වය විශේෂිත නොවුනද එමගින් ඇති වූ බලපෑම් විවිධාකාරී විය. සමාජය තුල බලය බෙදී යාමේ විෂමතාද මෙම බලපෑමට හේතු විය.බොහෝ අවස්ථා වලදී සාමාන්ය ජනතාව සහ ප්රභූ පිරිස අතර විශාල පරතරයක් ඇති වුයේ , ප්රභූන්ට ඉතා පහසුවෙන් ණය , සහනාධාර සහ බලපත්ර ලබා ගැනීමට හැකි වීමත් සහ ඉස්සන් ව්යාපාරයෙන් ලාභ ලබා ගැනීමට විශාල හැකියාවක්ද පැවතුනු නිසාය.බංග්ලාදේශයේ දේශීය ප්රභූන් මෙම වගාවට විරුද්ධ වුවද ඔවුන්ගේ නාගරික ප්රභූන් ඉස්සන් ව්යාපාරය පාලනය කරමින් පවතී.කුඩා පිරිසක් අතර භුමිය කේන්ද්ර ගත වීම සමාජයීය සහ ආර්ථික ප්රශ්න වර්ධනය වීම සදහා බලපාන බව හදුනා ගෙන ඇති අතර එය විශේෂයෙන්ම උග්ර වනුයේ ඉඩම් හිමියන් පිටරැටියන් වූ විටදීය. ගොවිපලවල් කුඩා ප්රභු පිරිසකට හෝ විශාල සමාගමකට අයිතිවිමට වඩා සාමාන්ය ජනතාවට අයිති වීම මගින් අති විශාල පිළිගැනීමක් ඇති වීමත් , ඉතා පහසුවෙන් හදුන්වා දීමට හැකි වීමත් සහ ලාභ ලබා ගැනීමටත් හැක.මක්නිසාදයත් එම වගා පාලකයන්ට පරිසරය සුරැකීමේ උනන්දුවද , අසල්වැසියන් සමග හොද හිත වර්ධනය කරගැනීමේ අවශ්යතාවයද පවතින බැවිනි.
අමතර [සංස්කරණය]
මිරිදිය ඉස්සන් වගාව මුහුදු ඉස්සන් වගාව හා සමාන ම බොහෝ ලක්ෂණ ඇති අතර ඒ හා බැදුණු ගැටළුද පවතී. 2003 දී ගෝලීය මිරිදිය ඉස්සන් නිෂ්පාදනය (පොකිරිස්සන් සහ කකුළුවන් හැර ) ටොන් 280,000 විය. එම නිෂ්පාදනයෙන් ටොන් 180,000 චීනය විසින් නිපදවන ලදී . ඉන්දියාව සහ තායිවානය ටොන් 35,000 දක්වා නිපදවයි.ඊට අමතරව චීනය විසින් Chinese mitten crab ටොන් 370,000ක් නිපදවන ලදී.
නිර්දේශයන් [සංස්කරණය]
•shrimp farm-http://en.wikipedia.org/wiki/Shrimp_farm | hplt_2 |
ම්… නිකමට වගේ ගොඩ කාලේකට පස්සෙ අයෙත් බ්ලොග් එක පැත්තෙ අවා මේක හොදටම ජරා වාස වෙල නෙව සැහ් මකුළු දැලුත් බැදිලා හරි හරි යටගිය තොරතුරු ඔනේ නෑ, ලිපිය ගැන කතා...Read More
සුබස – අක්ෂර වින්යාසය පරීක්ෂාකිරීමේ සේවාව
තමන්ටම කියා වර්ඩ්ප්රෙස් තීම් එකක් හදාගන්න
මේ කියන්න යන්නෙ වර්ඩ් ප්රෙස් තීම් එකක් සරලව පහසුවෙන් තමන්ට ඔනේ විදිහට හදා ගන්න පුලුවන් කරමයක් ගැන ( මේ වැඩේ http://wordpress.com වල බ්ලොග් ලියන අයටනම් පුලුවන්ද දන්නෙ නැ ) සෙල්ෆ්...Read More
අවුරුද්දයි මාසයයි පැය18 යි විනාඩි11 යි ටත්පර2 යි
හ්ම්…….මේ ලිපිය මීට කලින් ලියන්න හිටියත් තිබ්බ වැඩ කීපයක් නිසා කල් ගියා මගෙ බ්ලොග් එක පටන් අරන් දැනට අවුරුද්දකුත් මාසයක් වෙනවා,මේ ටික කාලෙට බ්ලොග් අවකාශයෙන් ගොඩක්...Read More
ලබන්නාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා!!!
අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න.”මොහොතක් සිතන්න”
ලෝකය පාලනය කිරිමෙහි පොදු ධර්මතාවක් ලෙස ජලය හැදින් විය හැකිය එනම් නියග , දුර්භික්ෂ හා ගංවතුර ගැලිම් යන සෑම දේකටම බලපාන්නේ ජලයයි .මෙසේ මිනිස් ජීවිත වලට බලපානවා යැයි කියා...Read More
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්රකාශය
ශ්රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර...Read More | hplt_2 |
මේ සතියේත් මෙම සටහන ලියැවෙන්නේ මැතිවරණ පරිසරයක් තුලය. උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පලාත්වල මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන්ය. ඡන්ද දායකයන් අතර මැතිවරණය උණුසුමක් නැතත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප්රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
මෙම පැමිණවීමට නියමිත අඛණ්ඩව මැතිවරණ රැල්ලක එක් මැතිවරණයක් පමණකි. ඉදිරියේදී ඌව, දකුණ, වයඹ, මධ්යම උතුර, බස්නාහිර ආදී පාළාත් සභාවක් සඳහා ඡුන්දය විමසීමට නියමිත අතර දැනගන්නට ලැබෙන ආකාරයට ආණ්ඩුවේ සැලැස්ම වන්නේ ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමයි. මෙවර මැතිවරණ රැල්ල කැඳවා ඇත්තේ මීට පෙර වතාවේ මෙන් යුද ජයග්රහණයක උන්මාදය තුළ නොව සමාජය තුළ අතෘප්තිය රජයන තත්වයක් තුලය. ඒ අතෘප්තිය හා කලකිරීම ක්ෂේත්ර කිහිපයක් ඔස්සේ වර්ධනය වෙයි.
ගැලවීමේ මාර්ග
මේ වන විටත් ආර්ථිකය පවතින්නේ බරපතල අවදානමකය. පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් ටුවර්ස් වාර්තාවට අනුව ලංකාවේ බැංකු පද්ධතිය බිඳ වැටීමේ අවදානමකට හසුව ඇත. එපමණක් නොව රටේ නිෂ්පාදන ආදායම් හැකිලෙමින් තිබේ. පසුගිය මැයි මාසය තෙක් ගෙවුනු මාස පහ තුළ කාර්මික අපනයන 16.2%කින්ද ඇඟලූම් අපනයන 13.5%කින්ද රබර් අපනයන 18.9%කින්ද බිඳ වැටී ඇත. මෙසේ නිෂ්පාදනීය ක්ෂේත්ර බිඳ වැටෙන අතරතුර රටේ ජනතාවගේ ජීවන මට්ටමද බිඳ වැටෙන බව පැහැදිලි වන්නේ එම මාස 5තුළ පාරිභෝගික භාණ්ඩ අනයනය 10%කින් බිඳ වැටී ඇති නිසාය. මෙම අර්බුදය හමුවේ ආණ්ඩුව ගැලවීමේ මාර්ග තුනක් සොයාගෙන ඇත. ඒ මුදල් අච්චු ගැනීම, බදු පැනවීම හා ණය ගැනීමයි.
මෙම මාර්ග තුන තාවකාලිකව ගැලවීමේ මාර්ග ලෙස පෙනී ගියද ඒවා සමාජය තව තවත් උගුලක පටලවන මාර්ග මිස ගැලවීමේ මාර්ග නොවේ. නිදසුනක් ලෙස මුදල් අච්චු ගැසීම ගනිමු. නිෂ්පාදනය හරහා නව වටිනාකම් බිහි කිරීමට සමානුපාතික නොවන අයුරින් අසීමිත ලෙස මුදල් අලූතෙන් නිකුත් කිරීමේ ප්රතිඵලය වනුයේ රුපියලේ අගය බිඳ වැටීමයි. එවිට ආනයනික භාණ්ඩ සියල්ලේ මිළ ඉහල යයි. පසුගිය මැයි මාසය වන විට මේ වසරේ ගෙවුනු මාස පහ තුළ රජයට ණයදීම සඳහා මහ බැංකුව විසින් අලූතින් මුද්රණය කරන ලද මුදල් ප්රමාණය රුපියල් බිලියන 329කි. එය පසුගිය වසරේ එම වකවානුව තුළ මුද්රණය කළ මුදල් ප්රමාණය 243%කින් ඉහල නැංවීමකි. අර්බුදය හමුවේ ආණ්ඩුව මුදල් මුද්රණය කරන අතර, ඒ හේතුවෙන් රුපියල අවප්රමාණය වෙද්දී එහි පීඩනය එල්ල වන්නේ ජනතාවටය.
ආණ්ඩුවේ දෙවන ගැලවීමේ මාර්ගය වනුයේ බදු පැනවීමයි. නිෂ්පාදන ක්ෂේත්රයන්හි දැඩි ලෙස අසාර්ථකවී සිටින ආණ්ඩුව බදු අයකර ගැනීමේදී නම් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරයි. මේ වසරේ අපේ්රල් මාසය වන විට රජයේ බදු නොවන ආදායම් රුපියල් බිලියන 29.0දක්වා 18.5 %කින් පහත වැටී ඇති මුත් බදු ආදායම් රුපියල් බිලියන 276.4දක්වා 10.7%කින් ඉහල නැංවී ඇත. පසුගිය අයවැය ලේඛනයට අනුව ආණ්ඩුව 2012වසරේදී අප රටේ ජනතාවගෙන් අය කිරීමට නියමිත මුළු බදු මුදල රුපියල් බිලියන 1000.6ක් හෙවත් වැටහෙන භාෂාවෙන් කියන්නේ නම් රුපියල් කෝටියේ ඒවා ලක්ෂයකි. මේ බදු බර පැටවෙන්නේත් ජනතාවගේ කරපිටය.
ආණ්ඩුව තුන්වන ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගෙන සිටින්නේ අධික ලෙස ණය ගැනීමයි. මීට පෙර ජාත්යන්තර මූල්ය අරමුදලලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ලබාගත් අතර එහි අවසන් වාරිකය ලබාදීමටත් පෙර තවත් ඩොලර් මිලියන 500ක් ඉල්ලා තිබිණි. මේ අතර ආණ්ඩුව පසුගියදා ඩොලර් බිලියනයක බැඳුම් ඇපකර නිකුත් කළ අතර එය 6%ක පොලියට වසර 10කින් ගෙවීමේ පදනම මත ලබාදීමට ඇතැම් බැංකු සූදානම්වී සිටියදී, 8.5%වැඩි පොලියට වසර 3කින් ගෙවීමේ පදනම මත එම ඩොලර් බිලියනය ලබා ගැනීම ගැන පසුගියදා ජනරල පුවත්පතින්ද අනාවරණය කෙරිනි. එහි සිදුවන වංචාව පමණක් රුපියල් මිලියන 2000කි. මේ ආකාරයට ණය ගැනීමේ අවසන් ප්රතිඵලය වන්නේ එහි ණය වාරික හා පොලී ගෙවීමේ බරද ජනතාවගේ කර මතට වැටීමය.
ගොනා ඇනීම
මෙසේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙතම ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපතිත්වයේ හස්තය දිගුවී ඇත. මේ සඳහා මෑත නිදසුන වනුයේ වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ පහරදීමෙන් දෙවන රැඳවියාත් අගොස්තු 08වන දින මිය යාමයි. ජුනි මස 28වැනිදා වව්නියාව බන්ධනාගාරය තුළදී කළ පහරදීමෙන් මුලින්ම නිමලරූබන් ජුලි 04වැනිදා මියගියේය. දෙවනුව පහරදීමෙන් අධික ලෙස තුවාලවී කෝමා තත්ත්වයේ සිටි, යාපනය පයිතපූර් ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ මරියදාස් ජේවිස් ඩෙල්රුක්ෂාන් මිය ගියේය. මෙය රටේ පවතින ප්රජාතන්ත්ර විරෝධී තත්ත්වය පිළිබඳ එක් නිදසුනක් පමණි. බන්ධනාගාරයක් තුළ එනම් රජයේ රැකවරණය යටතේ රඳවා සිටියදී සිරකරුවන් පහරදී මරා දැමීම සාමාන්යකරණය කිරීමට ආණ්ඩුව සමත්ව සිටී. ඔවුන්ගේ මෘත දේහයන්හි අවසන් කටයුතුවලට පවා නීතිමය බාධාවන් එල්ල කිරීම සමාජය තුළ සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව සමත්ව සිටී. මේ ප්රජාතන්ත්ර විරෝධී තත්ත්වය තුළ විරෝධය හා අතෘප්තිය මෝරා යමින් තිබේ.
ඒ අතරේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවල හා අසමත්කම් වල විපාක විඳීමට සිදුව ඇත්තේද ජනතාවටමය. අගෝස්තු 7වැනිදා පැවැති මාධ්ය හමුවකදී ප්රවාහන අමාත්ය කුමාර වෙල්ගම පවසා ඇති තොරතුරුවලට අනුව නිසි ප්රමිතියෙන් තොර ඞීසල් භාවිතය හේතුවෙන් ලංගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 60කි. අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ 10ක් 38වාරයක් නැවතී ඇතැයිද, බස් රථවල ෆිල්ටර් මාරු කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 6ක අලාභයක් සිදුව ඇතැයිද ඇමතිවරයා පවසා ඇත. බාල ඞීසල් නිසා පෞද්ගලික වාහන වලට සිදුව ඇති හානිය පිළිබඳ සංඛ්යා ලේඛන පවා නිශ්චිතවී නැත. කෙසේ වෙතත් පාඩුව අති විශාල බව පැහැදිලිය. ආණ්ඩුවේ වරදින් පසුගිය උසස් පෙළ විභාගයේ විභාග ප්රතිඵල ව්යාකූල වූ අතර එම අර්බුදය තවමත් විසදී නැත. සිදුව ඇත්තේ ’ අගය අර්බුදය විසඳන තුරු සිසුන් විශ්වවිද්යාල වලට බඳවා ගැනීම අත්හිටුවීමයි. අධ්යාපනයේ සිදුවන අර්බුදවල නිමක් නැත අගොස්තු 06වැනිදා මෙවර උසස් පෙළ විභාගය ඇරඹිනි. පුදන කොටම කාපි යකා කියන්නාක් මෙන් පළමු දිනයේදීම ලබාදුන් සංයුක්ත ගණිතය ප්රශ්න පත්රයේ ප්රශ්නයක් වැරදී තිබිණි. මේ සියලූ මුග්ධකම්වල ප්රතිඵල විඳීමට සිදුවන්නේ සිසුන්ටය. මේ ආකාරයට හැම ක්ෂේත්රයක් තුළම ජනතාවගේ අතෘප්තීන් වර්ධනය වෙමින් තිබේ.
විසඳුම කොතැනද?
මෙවර මැතිවරණය ජනතාවගේ විරෝධයන්, අතෘප්තීන් හා අසහනයන් දේශපාලන ප්රකාශනයක් බවට පත්වන මැතිවරණයක් වේ යැයි සිතීම අපහසුය. ඇතැම් විට මැතිවරණය අවසන් විය හැක්කේ මේ දේශපාලන පරිසරය ගැන විරෝධාකල්පයන් දරන අයත්, මේ ක්රමයටම එරෙහිව සටන් කරන අයත් තව තවත් අධෛර්යමත් කරන, මන්දෝත්සාහී වන, කල කිරෙන ප්රතිඵලයකිනි. මෙම මැතිවරණය හේතුවෙන් ආණ්ඩුව තෝරා ඇති වැඩපිළිවෙල දෙස බලන විට එය එසේ වීමේ ඉඩ වැඩි බව පෙනී යයි. එයින් අදහස් වන්නේ සමාජය තුළ ආණ්ඩු විරෝධයේ හෝ ක්රම විරෝධයේ බීජ නැති බව නොවේ. ඒවා තිබුනත් එක එල්ලයකට යොමුවී නැත. ඒ සියල්ල පවතින්නේ එකිනෙකින් වෙන්වූ, වියුක්ත විරෝධයක් ලෙස මිස කේවල උපායමාර්ගික ගමනකට සම්බන්ධ වූ විරෝධයක් ලෙස නොවේ.
වත්මන් සමාජයේ චර්යාවන් දෙස බලන විට පෙනී යන්නේ විවිධ කොටස් මෙම ස්ථාපිතය සමඟ අසම්මුතියට එන බවය. මේ දිනවල රටපුරා දියත්වන ශිෂ්ය විරෝධතා එක් පැත්තකින් මෙකී අසම්මුතියේ ප්රකාශනයකි. වෙබ් අඩවි හා බ්ලොග් අඩවිවල සනිටුහන් වන ක්රම විරෝධය, සමාජයේ මැද පාන්තික තරුණ කොටස්වල කොටස්වල අසම්මුතිකාමීත්වය අනාවරණය කරයි. එය සමාජ වෙනසක් පිළිබඳ දිගු කාලීන බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකි. එහෙත් ඒ සඳහා ඇති බාධාව වනුයේ වම තුළ ඇති ව්යාකූල්තවයයි. ඇතැම් විට වෙනස් අදහස් ඇති අය අතර ඇති සමනය නොවන ප්රතිවිරෝධයන්ය. මේ විවිධ වාමාංශිකයන් හා කණ්ඩායම් බිහිවී ඇත්තේ විවිධ පන්තිමය මූලයන් හා සංස්කෘතික මූලයන් නියෝජනය කරමින් බැවින් වෙනස්කම්වල පැවැත්ම මේ මොහොතේ යථාර්ථයකි. ප්රශ්නය වෙනස්කම් නොව ඒවා නිකායවාදයක් කරා ගමන් කිරීමයි. බොහෝ විට මමංකාරය හා ස්වාර්ථකාමී බල උවමනාවන් සහිත පිරිස් වල ක්රියාකාරීත්වයක් නිසා වමේ ජයග්රහණය වෙනුවෙන් පුළුල් සමාජමය ශ්රම විභජනයකට ඇති ඉඩකඩ පටුවී ඇත. මේ අවුල් ජාලය දකින විට අර්බුදය ඉදිරියේ දේශපාලනික වන අය පවා දේශපාලනය අතහරින තැනට තල්ලූ වීමට ඉඩ ඇත.
මේ මොහොතේ හදිසිම අභියෝගය වනුයේ ආණ්ඩු විරෝධය සංවිධානය කිරීම නොවේ. ක්රම විරෝධීන් අතර ඇති මතවාදීමය-සංවිධානමය-දේශපාලනමය ව්යාකූලත්වයන් නිරාකූල කිරීමයි. දක්ෂිණාංශය තුල මෙම විවිධත්වයන් එකට පවතින්නේ ”බලය” නැමැති වරපොටින් එකට බැඳ ඇති නිසාය. වාසුදේවට හා වීරවංශටත්, තිස්ස විතාරණට හා හෙල උරුමයටත්, චම්පිකට හා කරුණාටත් එකට සිටිය හැකි වන්නේ ඒ වරපොටේ පිහිටෙනි. වාමාංශයට එකට බැඳීම සඳහා තිබෙන වරපොට කුමක්ද? මේ මොහොතේ අභියෝගයවනනේ වෙන කිසිවක් නොව එය සොයා ගැනීමයි. අපට සිතෙන ආකාරයට නම් එය අන් කිසිවක් නොව පීඩාවට පත්වූවන් පිළිබඳව ඇති වගකීමේ වරපොටයි. සාකච්ඡා කළයුත්තේ නිකායවාදයට එරෙහිව, එය පෙරට ගත හැක්කේ කෙසේද යන ප්රශ්නය ගැනය. | hplt_2 |
ක්රිකට් 20-20 ලෝක කුසලානය 2007
අන්තර්ජාතික ක්රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්රිකානු ක්රීඩාංගන 3ක පැවැත්විය. මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් වරම් ලද කණ්ඩායම් 10ත් එක්දින ජ්යාත්යන්තර වරම් ලද කෙන්යාව සහ ස්කොට්ලන්තය සමඟ කණ්ඩායම් 12ක් ඛාණ්ඩ 4ක් යටතේ පළමුව තරඟ කරන ලදී. පළමුවන 20-20 ක්රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයේදී ගැටුනු නමුදු තියුණු තරඟයකින් පසු ඉන්දියාව ජයග්රහණය කරන ලදී.
තරඟ නීති හා කොන්දේසි [සංස්කරණය]
සෑම තරඟයක් සඳහාම ජයග්රාහී කණ්ඩායමට ලකුණු 2ක් පිරිනැමෙන අතර තරඟයේ විසඳුමක් නොමැතිනම් කණ්ඩායම් 2 සඳහා ලකුණු 1 බැඟින් පිරිනමනු ලැබුණි. පරාජිත කණ්ඩායම සඳහා ලකුණු පිරිනොනැමින. නමුත් යම් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වුවහොත් ඒ සඳහා බෝල්-අවුට් ක්රමය මඟින් ජයග්රාහකයා තෝරාගනු ලැබූ අතර මෙම තරඟාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති මූලික වටයේ තරඟයේ තීරණය මේ ආකාරයෙන් ලබාදෙන ලදී.
පළමු වටයේ සහ සුපිරි 8 වටය සඳහා කණ්ඩායම් ශ්රේණිගතකිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ නිර්ණායකයන් භාවිතා කරන ලදී.
- 1. එම ඛාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම්.
- 2. ලකුණු සම නම්, අදාල ඛාණ්ඩයේ වැඩිම ජයග්රහනයන් ලබාගත් කණ්ඩායම්.
- 3. ජයග්රහනයන් සම නම්, අදාල ඛාණ්ඩයේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත.
- 4. ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය සම නම්, අවම පන්දුයැවීමේ වේගය මත.
- 5. එහි ප්රතිඵලය සම නම්, එම කණ්ඩායම් දෙක අතර තරඟයේ ජයග්රහනය කළ කණ්ඩායම අනුව.
ඛාණ්ඩයන් [සංස්කරණය]
පළමු වටයේ ඛාණ්ඩ 4ක් යටතේ තරඟ 12ක් පවත්වන ලද අතර ඛාණ්ඩයේ කණ්ඩායම් අතරින් වැඩිම ලකුණු ලබාගන්නා පලමු කණ්ඩායම් 2 සුපිරි 8 වටය සඳහා සුදුස්සන් බවට පත්විය.
A ඛාණ්ඩය [සංස්කරණය]
B ඛාණ්ඩය [සංස්කරණය]
C ඛාණ්ඩය [සංස්කරණය]
D ඛාණ්ඩය [සංස්කරණය]
සුපර් 8 තරඟ වටය [සංස්කරණය]
සුපිරි 8 වටයේ කණ්ඩායම් තරඟ සඳහා එක් ඛාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් E සහ F වශයෙන් ඛාණ්ඩ 2ක් යටතේ ලීග් තරඟ 12ක් පවත්වන ලදී. ඒ අනුව එම ඛාණ්ඩයන්හි වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 පිළිමළුන් පිටුදැකීමේ වටයට තෝරාගන්නා ලදී.
E ඛාණ්ඩය [සංස්කරණය]
F ඛාණ්ඩය [සංස්කරණය]
පිලිමළුන් පිටුදැකීමේ තරඟ වටය [සංස්කරණය]
ක්රීඩාංගනයන් [සංස්කරණය]
1. නිව්ලෑන්ඩ්ස් ක්රිකට් ක්රීඩාංගනය, කේප් ටවුන්.
2. කින්ග්ස්මීඩ් ක්රීඩාංගනය, ඩර්බන්.
3. ද වොන්ඩරස් ක්රීඩාංගනය, ජොහැන්ස්බර්ග්. | hplt_2 |
යුරෝපානු ඉතිහාසය
මධ්යතන යුග [සංස්කරණය]
බයිසැන්ටියම [සංස්කරණය]
මුල් මධ්යතන යුග [සංස්කරණය]
වැඩවසම් ක්රිස්තියානි ලෝකය [සංස්කරණය]
ඉහළ මධ්යතන යුග [සංස්කරණය]
බෙදුණු සභාව [සංස්කරණය]
ආගමික යුද්ධ [සංස්කරණය]
නැගෙනහිර, බටහිර ආගමික බෙදීමත් සමග මධ්යම යුරෝපය තුළ අලූතින් බිහි වූ රාජ්ය බටහිර ක්රිස්තියානිය සිය ආගම බවට පත් කර ගත්හ. එනම්, පෝලන්තය, හංගේරියාව සහ බොහිමියාවයි. රෝමානු කතෝලික පල්ලිය පාප්තුමා සහ අධිරාජ්යයා අතර ගැටුම්වලට මඟ පාදමින් විශාල බලවේගයක් බවට පත්වන්නට විය. ක්රි: ව: 1129 දී රෝමානු කතෝලික පල්ලිය බටහිර යුරෝපානුවන් සෝදිසි කරන්නට විය. එහිදි මිථ්යා දෘෂ්ටිකයන්ට දඬුවම් දෙන ලදී. එසේ නොමැති නම් මරණයට පත් කරන ලදී. මේ කාලය තුළ බොහෝ සාමිවරු පල්ලිය පාලනය කළහ. පූජකවරු ඊට එරෙහි වූහ. ¼,, වන ග්රෙගරි පාප්තුමා පූජකවරුන්ට ඉලක්ක දෙකක් යටතේ වැඩ කිරීමට සැලස්වීමෙන් එය සාර්ථක විය. එනම් රජවරුන්ගේ පාලනයෙන් පල්ලිය මුදවා ගැනීම සහ පාප්තුමාගේ බලය වැඩි කර ගැනීමයි. ස්කැන්ඞ්නේවියාව, ලිතුවේනියාව, පෝලන්තය, හංගේරියාව යන රටවල මිථ්යා දෘෂ්ටික රජවරු ආගම වැළඳ ගැනීමත් සමග සහ කුරුස යුද්ධයත් සමග රෝමානු කතෝලික පල්ලියේ බලය අතිශයින් විශාල විය. 15 වන සියවස වන විට යුරෝපයේ වැඩි ප්රමාණයක් රෝමානු කතෝලිකයන් විය.
ඉතාලිය තුළ වෙළඳාම ආරම්භ වී, වැනිසිය හා ෆ්ලොරන්ස් වැනි නගර රාජ්ය තුළ ආර්ථික හා සංස්කෘතික පිබිදීමත් සමග බටහිර යුරෝපය තුළ ශිෂ්ටාචාරයේ යළි නැඟී සිටීමක ළකුණු පහළ විය. මේ කාලය තුළ ප්රංශය, එංගලන්තය, ස්පාඤඤය හා පෘතුගීසිය වැනි රටවල ජාතික රාජ්ය සංකල්පය බිහි විය. (එහෙත් රාජාණ්ඩුව. ප්රභූ වැඩවසම් ක්රමය හා පල්ලිය අතර ගැටුම් හරහා මෙම ජාතික රාජ්ය බිහිවීම සඳහා ශතවර්ෂ ගණනාවක් ගත විය) සම්ප්රදායික ලතින් බව වෙනුවට මෙම රාජ්ය ස්ව භාෂාවන් වර්ධනය කර ගත්හ. මෙහි කැපී පෙනෙන චරිත නම්, ප්රංශ බසින් ලියූ ක්රිස්ටීන් ඩි පිසාන් සහ ඉතාලි බසින් ලියූ ඩාන්ටේ ය. අනෙක් අතට, ජර්මනිය හා ඉතාලිය එක්ව සෑදුණු ශුද්ධ වූ රෝම අධිරාජ්යය කුඩා නගර රාජ්යයන් බවට කැඞී ගිය අතර, අධිරාජ්යයින් නාම මාත්රිකව පමණක් නම් කළහ.
මොන්ගෝලියානු අධිරාජ්යය බලයට පත් වූ 13 වන හා 14 වන සියවස් මොන්ගෝලියානු යුගය ලෙෂ හැඳින්වේ. මොන්ගෝලියානු හමුදා ‘බටු කාන්’ යටතේ බටහිර ප්රදේශවල බලය පැතිර වූහ. ඊට රුසියාවෙන් වැඩි ප්රමාණයක්, හංගේරියාව හා පෝලන්තය අයත් විය. මොන්ගෝලියානු වාර්තා සඳහන් කරන්නේ ඉතිරිව තිබූ යුරෝපීය ප්රදේශ, එනම් ඔස්ටි්රයාව, ඉතාලිය සහ ජර්මනිය ශීත සෘතුව තුළ යටත් කර ගැනීමට බටු කාන් සැලසුම් කළ බවයි. එහෙත්, ‘කාන් එගෙඩි’ අධිරාජ්යයාගේ මරණයත් සමග බටු කාන් නැවත මොන්ගෝලියාවට කැඳවන ලදී. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස වන්නේ එම හේතුව නිසා යුරෝපය සම්පූර්ණයෙන් යටත්වීම වැළකි ගිය බවයි. රුසියාව තුළ වසර 250කට ආසන්න කාලයක් ‘රන් වංශිකයින්’ ලෙස මොංගෝලියානුවෝ කිරුළු දැරූහ.
පශ්චාත් මධ්යතන යුග [සංස්කරණය]
මුල් නූතන යුරෝපය [සංස්කරණය]
පුනරුදය [සංස්කරණය]
ගවේෂණය හා වෙළඳාම [සංස්කරණය]
පැවති යුද්ධයන්ට නව රාජ්යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්රංශය , එංගලන්තය
ප්රතිසංස්කරණය [සංස්කරණය]
වාණිජ වාදය සහ යටත් විජිත වාදී ව්යාප්තිය [සංස්කරණය]
අවබෝධය [සංස්කරණය]
යුරෝපානු ඉතිහාසයේ ප්රතිසංස්කරණය [සංස්කරණය]
මෙම යුගය තුළ කතෝලික පල්ලියේ සිදු වූ දූෂණ නිසා ප්රොතෙස්තන්ත්ර ප්රතිසංස්කරණ තුළ පසුගාමීත්වයක් ඇති විය. එමගින් බොහෝ රජවරුන් හා කුමාරවරුන්හට රාජ්යය පිළිබඳ බලපෑම් කිරීම අවම විය. මාර්ටින් ලූතර් හැරුණු විට එබඳු චරිත බිහිවන්නට වූ අතර, කැල්වීනියානුවාදය හඳුන්වා දුන් ජෝන් කැල්වින් එබන්දෙකි. එහි බලපෑමට ලක් වූ එංගලන්තයේ ¼,,, වන හෙන්රි රජු කතෝලික පල්ලියෙන්, ඉවත්ව ඇන්ග්ලිකන් පල්ලිය ගොඩ නැංවීය. මෙකී ආගමික බෙදීම් යුද්ධයන් ඇතිවීමට මඟ පෑදු අතර, බටහිර යුරෝපා රාජ්ය වඩාත් කේන්ද්රීය හා බලවත් වීමේ අපේක්ෂාව සහිත ඒවා බවට පත් කෙරිණ.
ප්රොතෙස්තන්ත්ර ප්රතිසංස්කරණවලට විරුද්ධව කතෝලික පල්ලිය තුළ ද ව්යපාරයක් බිහිවිය. එහි අරමුණ වූයේ දූෂණය අවම කිරීම මෙන්ම කතෝලික පල්ලියේ බලය ව්යාප්ත කිරීමයි. මොවුහු නැගෙනහිර යුරෝපා රටවලට සහයෝගය දැක්වූවන් වූහ. එහෙත්, ප්රතිසංස්කරණ හමුවේ තවදුරටත් කතෝලික පල්ලිය දුර්වල වූ අතර, රජවරු තම රාජ්ය තුළ පල්ලියේ ආධිපත්යය තමා යටතට ගත්හ.
බටහිර යුරෝපයේ මෙන් නොව පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්යය සහ හංගේරියාව වැනි මධ්යම යුරෝපා රටවල් වඩාත් ඉවසන සුළු ස්ථාවරයක් දැරූහ. කතෝලික පල්ලියට ප්රමුඛත්වය දුන් නමුත්, ඔවුහු කුඩා කණ්ඩායම්වලට වෙනත් මත දැරීමේ අවසරය ලබා දුන්හ. මධ්යම යුරෝපය කතෝලික, ප්රොතෙස්තන්ත්ර, ඕතොඩොක්ස් හා යුදෙව් යනුවෙන් කොටස්වලට බෙදුණි. මෙම යුගයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් සමස්ත යුරෝපය පිළිබඳ අදහස්වල වර්ධනයයි. එමරික් කෲස් 1623 දී යුරෝපා කවුන්සිලය පිළිබඳ යෝජනාව ගෙන ආවේය. 1518 දී ලන්ඩන් ගිවිසුම මගින් යුරෝපා රටවල් (රුසියාව හා ඔටෝමන් අධිරාජ්යය හැර) සාම ගිවිසුමකට එළඹුණ ද එය අසාර්ථක විය. පසුව එළඹුණු වසරවල බොහෝ යුද ගැටුම් ඇති වූ අතර, ප්රතිසංස්කරණ හේතුවෙන් ද බොහෝ රටවල් සාමයට නොඑළඹුනි.
තවත් වර්ධනීය තත්ත්වයක් නම් යුරෝපා ශ්රේෂ්ඨත්වය පිළිබඳ අදහසයි. ශිෂ්ටාචාරය පිළිබඳ පරමාදර්ශයක් ලබා ගත්තේ පුරාණ ග්රීසියෙන් සහ රෝමයෙනි. විනය, අධ්යාපනය හා නාගරීක ඡීවිතය ශිෂ්ට සම්පන්න ලෙස සලකන ලදී. යුරෝපා වැසියන් යුරෝපා නොවන වැසියන්ට වඩා ශිෂ්ට සම්පන්න බවට සැලකුණි. ‘මොන්ටේන්’ වැනි ව්යාපාර ද නැඟී ආ අතර, ඔවුන් සලකන ලද්දේ යුරෝපා නොවන වැසියන් ස්වභාවික හා ප්රාථමික මිනිසුන් වන බවයි. ආගමික බෙදීම් නොතකා මිනිසුන් අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමට තැපැල් ව්යාපාරය සමත් විය. එහෙත්, බොහෝ ප්රමුඛ විද්යාත්මක කටයුතු රෝමානු කතෝලික පල්ලිය මගින් තහනම් කරන ලදී. මෙය ප්රොතෙස්තන්ත්ර රටවලට වාසිදායක විය. ෆ්රැන්සිස් බේකන් සහ වෙනත් විද්යාඥයින් උත්සාහ කළේ, ස්වභාව ධර්මයේ ඒකීයත්වයව යන සංකල්පය හරහා යුරෝපය ඒකරාශී කිරීමට ය. 15 වන සියවසේ දී, එනම් මධ්යතන යුගයෙන් පසුව ප්රංශය, එංගලන්තය හා ස්පාඤ්ඤය තුළ නව රාජාණ්ඩු යටතේ බලවත් රාජ්ය බිහිවන්නට විය. අනෙක් අතට, පෝලන්ත රජුගෙන් බලය පවරා ගත් පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්ය පාර්ලිමේන්තුව වඩා බලවත් වන්නට විය. නව රාජ්ය බලතල එංගලන්තය වැනි රටවල පාර්ලිමේන්තු සාකච්ඡාවට බඳුන් විය. ප්රාදේශීය නායකයින්, නගර, ගොවි ජනපද හා නයිට්වරුන් අතර සන්ධානගත වීම් මගින් නව ආකාරවල රාජ්ය බිහිවන්නට විය.
එක්සත් වීමේ පනත 1707 [සංස්කරණය]
‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්යය සහ ස්කොට්ලන්ත රාජ්යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්යය මහා බ්රිතාන්යය නම් විය.
මෙම රාජ්යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී ඉංග්රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට). ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත.
1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්රිසි පාර්ලිමේන්තුව, මහා බ්රිතාන්යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්රිතාන්යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්රිතාන්යයෙහිය. ‘උතුරු බ්රිතාන්ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්රිතාන්යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
යුරෝපානු ඉතිහාසයේ ජාතීන්ගේ නැගීම [සංස්කරණය]
ප්රංශ විප්ලවයෙන් පසුව, අනෙකුත් ජාතීන් උත්සාහ දැරුවේ 1789 ට පෙර යුගල යළි ස්ථාපනය කිරීමට ය. 1815 දී මෙටර්නිච් ක්රමය යටතේ යුරෝපයේ බලවත් රටවල් එක්රැුස් වී සකස් වුණු වියානා කොන්ග්රසය විසින් නැපෝලියන් යුද්ධයෙන් පසු බල තුලනයක් සිදු කරනු ලැබීය. (එහෙත්, වරින් වර අභ්යන්තර කැරැුලි ද හට ගැණුනි) එහෙත් මෙම උත්සාහය කැරලි ඇතිවීම වැළැක්වීමට අසමත් විය. ප්රංශ විප්ලවයෙන් බිහි වූ ප්රජාතන්ත්රවාදී අදහස් මධ්යම පංතියට දැඩි ලෙස බලපෑ අතර, කාර්මික විප්ලවය මගින් වැදගත් ආර්ථික හා සමාජීය වෙනස්කම් සිදුවිය. පහළ පංතිකයින් සමාජවාදී, කොමියුනිස්ට් සහ අරාජික අදහස්වලින් පෝෂණය වූ අතර, (කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප්රකාශනය තුළින්) නව ධනවාදයේ තෝරා ගැනීම වූයේ ලිබරල්වාදයයි. එසේම තවත් බොහෝ ජාතික ව්යපාර ජර්මනිය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල බිහි විය. මේවායේ අරමුණ වූයේ ජාතික ඒකීයත්වයක් ඇති කිරීම හා විදේශ පාලකයින්ගෙන් මිඳීමයි, එහි ප්රතිඵලයක් ලෙස, 1815 සිට 1817 දක්වා කාලය තුළ විප්ලවීය ව්යාපාර හා යුද්ධ ගණනාවක් දක්නට ලැබුණි. , වන නැපෝලියන්ගේ බෑණා වන ,,, වන නැපෝලියන් 1848 දී එංගලන්තයට නැවත පැමිණි අතර, ප්රංශ පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඉන් අනතුරුව, ඔහු අධිරාජ්යයකු ලෙස නම් කරන ලදී. ඔහු ඕස්ටි්රයානු අධිරාජ්යය හා සටන් කොට ඉතාලිය එක්සත් කළ අතර, එංගලන්තය සමග ක්රිමියානු යුද්ධයේ දී ද, රුසියාවට එරෙහිව එටෝමන් අධිරාජ්යය තුළ ද සටන් කළේය. රුසියානු යුද්ධයේ දී ඔහු පරාජයට පත් වූ අතර ඔහු සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලදී. ප්රංශය ඉන්පසුව බිඳ වැටුණු අතර, සාකච්ඡුා කිරීමට නොකැමති වූ ඔවුහු රුසියාවේ පහර දීමට ලක්විය. වර්සෙල්ස් හි දී රුසියාවේ , වන විල්හෙල්ම් රජු ජර්මන් අධිරාජ්යයා ලෙස දිවුරුම් දීමත් සමග නූතන ජර්මනිය ඇරඹුණි. බොහෝ විප්ලවීය ව්යාපාර පරාජය කරන ලද නමුත්, 1871 වන විට බොහෝ යුරෝපා රාජ්ය ආණ්ඩුක්රම ව්යවස්ථාමය රාජාණ්ඩු බවට පත් වූ අතර, ජර්මනිය හා ඉතාලිය ජාතික රාජ්ය ලෙස වර්ධනය විය. මහ පරිමාණ කාර්මික විප්ලවය සහ නැපෝලියානු යුද ජයග්රහණ හේතුවෙන් 19 වන සියවසේ දී බි්රතාන්ය අධිරාජ්යය ප්රමුඛ ගෝලීය බලවතා බවට පත්විය.
යුරෝපානු ඉතිහාසය - යළි සමගි වීම හා ඒකාබද්ධ වීම [සංස්කරණය]
1992 දී යුරෝපා සංගමයේ සාමාජිකයින් විසින් යුරෝපා සංගමයේ ගිවිසුමට අත්සන් තැබූහ. මෙය දේශපාලනමය අරමුණු සහිත ආර්ථික ප්රජාවක් වීමේ යුරෝපා ව්යාපෘතිය, ජාතික ස්වාධිපත්යයන් දේශපාලනිකව ඒකරාශී කිරීමේ ගැඹුරු සහයෝගිතාවයක් බවට පත් කරන ලදී. 1985 දී අත්සන් තබන ලද ෂෙන්ගන් එකඟතාව මගින් අදාළ රාජ්යවල ගමන් බලපත් පරීක්ෂාවකින් තොරව දේශසීමා විවෘතව තැබීමට එකඟ වූහ.
1999 දී යුරෝ නම් පොදු මුදල් ඒකකය හඳුන්වා දෙනු ලැබීය. 2002න් පසුව සාමාජික රටවල් 15න් ඊට එකඟ නොවූ රටවල් 3ක් විය. එනම්, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය හා ස්වීඩනයයි. 2004 දී යුරෝපා සංගමය නැගෙනහිර ප්රදේශයේ තවත් රටවල් 10ක් එක්කර ගත්තේය. (ඉන් 8ක් පැරණි කොමියුනිස්ට් රටවල් විය.* 2007 දී සාමාජික රටවල් සංඛ්යාව 27ක් බවට පත් කරමින් තවත් රටවල් 2ක් ඊට ඇතුලූ විය.
යුරෝපා සංගමයේ ව්යවස්ථාව හඳුන්වා දුන් ගිවිසුම 2004 දී රෝමයේ දී අත්සන් තැබිණි. මෙමගින් සියලූ පෙර ගිවිසුම් අහෝසි කොට තනි ලියවිල්ලකට එක් කරන ලදී. එහෙත්, ප්රංශ හා ලන්දේසි ඡන්ද නොලැබීම නිසා එය තහවුරු කිරීම ප්රමාද විය. 2007 දී පැරණි ගිවිසුම් අහෝසි කිරීම වෙනුවට සංශෝධනය කිරීම හඳුන්වා දෙමින් ‘ප්රතිසංස්කරණ ගිවිසුම’ අත්සන් තබන ලදී. මෙය 2007 දෙසැම්බර් 13 අත්සන් තබන ලද අතර, 2009 ජනවාරි මස දී තහවුරු කෙරිණි. මෙමගින් යුරෝපා සංගමයට පළමුවරට නිත්ය ජනාධිපත් ධූරයක් හා විදේශ ඇමතිවරයකු හඳුන්වා දෙන ලදී.
බෝල්කන් ඊළඟ ඇතුළත් වීමේ රට විය හැකි අතර, ක්රොඑෂියාවද ඒ සඳහා අපේක්ෂා කරයි. | hplt_2 |
2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්ය සිදුවීම් ඇසුරෙන් ගොඩනැගුනු චිත්රපටයක්. මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ Juan Antonio Bayona විසින්. ජාත්යන්තර චිත්රපට දර්ශකයේ මේ සඳහා ලකුණු 7.7ක් හිමිවී තිබෙනවා.
මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව. මාරියා සහ හෙන්රි ඔවුන්ගේ පුතුන් තිදෙනා සමග තායිලන්තයේ වෙරලාසන්න නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරන්න යනව. උදේ කාලයේ හැමෝම විනෝදයෙන් ඉන්නකොට එක පාරටම මහා ශබ්දයක් නගමින් ඉතා උස්වූ මුහුදු රළ ගොඩට එන්න ගන්නව. හැමෝමව වතුරෙ ගහගෙන යනව. දැන් කොහොමහරි ඉතුරු වෙලා ඉන්නෙ බිරිඳ සහ වැඩිමහල් පුතා ලූකස් විතරයි. එතනින් පස්සෙ මේ දෙන්න ලොකු වෙහෙසක් දරනව පවුලෙ අනිත් අයව හොයා ගන්න. ලූකස්ගෙ අම්මට බරපතල ලෙස තුවාල සිදුවෙලා තියෙන්නෙ…ඉතින් මේ පුංචි ලූකස් තමන්ගෙ උපරිම හැකියාවෙන් කටයුතු කරනව තමන්ගෙ අම්මවත් බේරගෙන පවුලෙ අනිත් අයව හොයා ගන්න. ඒ සමඟ බැඳුනු සිදුවීම් දාමයක් තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නෙ.
මනුෂ්යත්වය, එකිනෙකාට උදව් කිරීම, මිනිසුන් අසරණ වී හඬා වැලපීම, ජීවිතය බේරාගන්න මිනිසුන් දරණ වෑයම, සුනාමි රළ පහර ගොඩබිමට කඩා වැදුන ආකාරය ආදී සියලුම දේවල් ඔයාලට බලාගන්න පුලුවන්. සුනාමි අත්දැකීමට මුහුණ දී නැති කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් එක බලද්දි, ඒ මොහොතෙ අසරණ වුනු මිනිසුන්ට දැනුන හැඟීම නිසැකවම දැනෙයි. ඔබත් සුනාමියට මුහුණ දීපු කෙනෙක් නම් ඒ මතකය අලුත් කරයි. එදා සුනාමියට මාත් මුහුණ දුන්නා.. ඒ නිසා මේ චිත්රපටිය බලද්දි එදා සිදු වුන දේ ආයෙත් මගේ මතකයට නැගුන. ඉතින් මම කියන්නෙ සුනාමියට හැබෑටම මුහුණ නොදුන් අය මේ චිත්රපටය අනිවාර්යෙන්ම බලන්න. මොකද සුනාමිය කියන්නෙ අපි හැමෝගෙම සිත් තුල සදා නොමැකෙන මතක සටහන් තැබූ ඛේදවාචකයක් නිසා. ඒ නිසා කැමති අය අරගෙන බලන්න..
එහෙනම් මම් ගිහින් එන්නම්..ආයෙත් දවසක රසබර සිනමා සිතුවමක් රැගෙන හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴
9f2c598fc1ce2fae9371238d08ff7b77862b97df
439ba9ead619b3aef72f075b9829d27c680e6d2f
2ec11fb085c696d462d0047b33aeb2a0e480385f
b3534dc184842f0c75e77ba2c796adc8195ba4e7
ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3287 downloads
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්රෝම් වෙබ් බ්රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
66 Responses to “The Impossible (2012) | සුනාමියේ තවත් එක් සත්ය කතාවක්..[සිංහල උපසිරැසි සමඟ]”
-
ha ha haaa…
-
පට්ටම මචං අනිවා බලනවා
-
ජය වේවා සුපිරියෙනුත් සුපිරි හොදේ
-
බොහොම ස්තූතියි දිදුල සහෝ.. මාත් ඔන්න උපසිරැසිය බාගත්තා. චිත්රපටිය හෙමිහිට බාගන්නවා.. ජයවේවා!!
-
Thanks maxxa
-
maxxxxxa maxxxxxaaaaaaaa
-
පට්ටම පට්ට නෙ මචෝ සුපිරි
-
bohoma thnxz
-
Thankszzzzzzzzzzzzzzzzzzzzzzzzz
-
ලොවෙත් නෑ ලොවෙත් නෑ මචං මේක නම් නියමම කතාවක් වගේ.දිගටම සබ් දෙන්න ලැබේවා!
-
thanks
-
බොහොම තුති මචෝ
-
මමත් ගන්නවා ජයම ජයම වේවා
-
loweth machn niyamama story akak
-
මේක නම් බලන්න වටිනා කතාවක්.
ජය වේවා !
-
Thanks
-
wow .maru
-
නියමයි දිදුලේ සුපිරි නිර්මානයක් නොවැ මේ දිලා තියෙන්නේ..
ජය වේවා
-
මේක දැම්මට ගොඩක් ස්තුති එලස්
-
jaya wewa!
-
හොදයි තවත් අලුත්ම එකක්
-
patta pata pata !
-
thnakssssss
-
maru machan
-
ඔන්න ඕක තමා දිදුල සහෝ මේ රටට තියෙන හෙණේ…
එදා ඒ සිද්ධියට මුහුණ දීපු රටවල් අතරින් වැඩිම ජීවිත හානියක් සහ අලාභ හානියක් වෙච්චි රටක් වෙලාවත් මේ රටේ ඔය වගේ දේවල් සිය ගණන් සිද්ධ වෙලාවත් එක …??ක් නෑ හරිහමන් චිත්රපටියක් හදන්ඩ, ටෙලියක් ගහන්ඩ. මේක මේ නිවාඩුවකට ගිහිං ඉදලා අහුවෙච්චි පවුලක කතාවක්. ආයි එහෙම ඒවා හොයන්ඩම දෙයක් නෑනෙ මෙහෙ තත්ත්වෙ සැලකුවොත්. එදා සුනාමිය ආපු දවසට පහු වෙනිදා ඉදං පොන්..යෝ වගයක් සින්දුනම් ගැහුවා. ඒත් ඒක ගැන රීසර්ච් කරලා, ගැඹුරින් හාරාවුස්සලා, මානවීය ගුණයකුත් මුහු කරල කරන මේ වගේ ඒවා පිටින්ම එන්ඩ ඕනෙ අපටත් බලන්ඩ ඉතිං.
මෙයිට වඩා පුදුමාකාර, ආශ්චර්යයන් වගේ සිදුවීම කීයක්නම් වුණාද මෙහේ; ඔය ආසන්න කාලේ… ඒ කාලේ මාධ්යවලිනුයි, සංගීතකාරයොයි ඒ මිනිස්සුන්ගේ දුකත් විකිණුවා. නමුත් උන්ට මේකේ මානුෂීය පැත්තට රිංගලා ඉවර වෙලා කොයිතරම්නම් අනර්ග නිර්මාණ කරන්ඩ තිබ්බට එච්චර හැකියාවක් නෑ වෙන්ඩ ඇති. හදගමනම් මහත්තයනම් එකක් කළා. ඒත් ඒකටත් හම්බුණේ වපරැස් බැලුම්. (දැන්නම් උන්නැහැගෙ කාලේ වෙනස් තාලේ අලුත් )
අපේ කරුමේ අපට වන්නේ…
ඉතිං මෙහෙම එකක් ගේන්ඩ උඹ වෙච්චි මහන්සියට පිං!
අපේ ඉදිරි පරපුරටවත් පොඩි හරි නිර්මාණාභාෂයක් මේවයින්වත් හ්ම්බුණොත් ඒකෙ පින මෙච්චර මහන්සියෙන් සිංහල සබ් ගහන උන්ටමයි! ජය!
-
meyka patta neh
-
ඇත්තටම අපි සැම බැලිය යුතුම ෆිල්ම් එකක් ..බොහොම තුති
-
සුපිරි හොදේ ජය
-
machan math den bana gaman film eka ela ………..
-
ඔයා සුනාමිය ගැන කිව්වම මට මතක් වුනේ සුනාමි ආව වෙලාවේ ගාල්ල බස් නැවතුමේ එකට බදාගෙන ඉදලා ගහගෙන ගිය ගැණුළමයි තුන්දෙනාව. ඒ සිදුවීම පහුගිය දවසකත් පෙන්නුවා. ඒ වෙලාවේ මාතර බස්නැවතුම ඉදිරිපිට තියන කාන්තා පිළිමය උඩට නැගලා ජීවේතේ බේරගත්ත ගෑණු ළමයෙක් ගිය අවුරුද්දේ දවසක එතනනින යනගමන් ඒ පිළිමටය වැදලා ගියා කියලත් ආරංචියක් තියනවා. ඉතින් ඒ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්රාර්තනා කරමු. ස්තුතයි සහෝ උපසිරැසියට.
-
ස්තුතියි මචං, මමත් බානව, තව තවත් සබ් දාන්න අලුත් ෆිල්ම් වලට.
-
ස්තුතියි දිදුල, ලස්සන කතාවක් වගේ. බලමු. බලමු.
-
ජය වේවා
-
thanxxxxxxxxxxxx
-
aye didula dunnanam alanna deyak na pattama thama macho akshe kumarage aluth film eka hoda coy avith Kihiladi 786 hdrip eka pattema thiyenava 800mb eka ekata sub eka denako macho
-
thanks………
-
Thanks
-
කාලෙකට පස්සෙ ආයෙත් ඔන්න මේ පැත්තට ගොඩ බැස්ස.පහුගිය ටිකේ ගම් පළාතෙ හිටියෙ නෑ.මේ පාරත් දිදුල දීල තියෙන්නෙ මරු පාරක් තමයි.සුනාමි නම් අපිට කවදාවත් අමතක කරන්න පුළුවන් මතකයක් නෙවෙයිනෙ.ඒ නිසා අනිව බලනව.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
-
thankx bro
-
බොහොම ස්තූතියි………..පට්ටම වැඩක්….. මේක එනකන් බලං හිටියේ….
-
එල ඇ
-
lassana film ekak venna ona. mama lalana inne Br rip enakal
-
නියමයි මචො.මේවට තමයි sub දෙන්න ඕනෙ.thanks.
-
machooooo supiri wedak godak pin oyata….eth me sit eke films godaka trailer eka wenas ewa thiyenne…man hithana widiyata nam ewa danne nam oya newei…mewa dana porata poddak kiyanna…man me kiyana 5 wathawa..jaya sriiiiiiiiiiiiii
-
thanks didula
-
palamua film 1 dunna kd ta full tnx..athnma hoda film 1k..m dan baluwe…harima sanwedi..mey wge wdagath film denna…jay sri kd didiula
-
එල මචන්.. ඔයා දුන්නොත් පට්ට පහරක් තමා.. ෆිල්ම් එක කලින්ම ගත්තා.. දැන් සබ් එක්කම බලනවා..
-
බ්ලුරේ එකක් ආවමම බලනවා. ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මනට දුන්නම. බ්ලුරේ ආවම අප්ඩේට් කරන්න හොදේ..
-
Thanks Macho
-
Thanks Macho Niyamai
-
niyamai aaaaa…elzzz
-
දුක හිතෙන කථා බලන්න නම් මම ආසා නෑ.කමක් නෑ ඉතිං මේක හොද ෆිලම් එකක්නේ.ඉතිං බලමු.
-
Ubanam Spirima porak ban…. Uba maarama vidihata apita Sub denawa…. Thankz macho… Ubanam Deiyek…..
-
tnx bro good work
-
එල එල.ජයවේවා
-
ThuthiMachan
-
thankzzzzz hode.aniwa balanawamai
-
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
-
How can i play the video with sinhala sub title,i downloaded both , please help me
Thanks in advance
-
patta, saho.. bohoma sthuthiyi, jayawewa…!!!
-
Link is blocked in UAE..! Please share another link..!
-
maxxa film 1k, well done my friends.
-
පරණ දුක හිතෙන දේවල්…. ආයෙත් මතක් කරගන්න බෑ වගේ…..
-
බොහොම ස්තූතියි දිදුල……
ඔන්න මාත් සබ් එක ගත්තා.
-
thanks machan | hplt_2 |
Saturday, 4 August 2012
බස් රේඩියෝ එකට සම්මුඛ මෙව්වා එකක්.......
24 comments:
සම්මුඛ මෙව්වා එකක් කිව්වාම ටිකක් සංදිග්ධයි කොලුවෝ :D වෙන වෙන තේරුම් එනවාReplyDeleteReplies
ඇහුව ඇහුව....උඹ ගැන මාර හැපී බං..>!111ReplyDeleteReplies
111 කියල ගැහුවෙ එක වුණා කියල නෙවෙයි....බුදුසරණයි මාක් එක ගහද්දි ශිෆ්ට් එක එබිල නෑ....Delete
- Anonymous1 August 2012 23:30
උඹ ගැන ආඩම්බරයි ඕයි...(Y)ReplyDelete
(අර සින්දු request එක නම් හෙන කොමඩියි වගේ)
උඹේ සම්මුඛ මෙව්වා එක හෙට උදේටම අහනව. උඹ කුණුහරුප කියනවද දන්නෙත් නෑනේ, ගෙදර මිනිස්සුත් නැගිටියි ඕක අහන්න ගිහින්.ReplyDelete
හික්ස්..ReplyDelete
අපිත් ඕක එදා ඇහුවලු ඈ..
උඹත් ගියාද.. නියමයි.. ලයිව් ඇහුවේ නෑනේ.. හොද වෙලාවට මෙහෙම දැම්මේ..ReplyDelete
- Anonymous2 August 2012 04:02
කුජිතය් ඔයි....ReplyDelete
එක නෙවෙය් මටත් තියනවා කළු කුහරයක් ... එක ගැනත් ලියනවකෝ !!
හි..හි...:)ReplyDelete
සුභ පතනවා සහෝ ඔබට :)
දැන් රත්ගමයා හෙන ජනඅප්රියයි නෙව. කාලෙකට ටී වී එකේ ඉන්නවා. මහරජ්ජුරුවන් වහන්සේට බනිනවා. දැන් ඔන්න සම්මුඛ මෙව්වා කරන්නත් පටන් අරන්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු...ReplyDelete
ජය....!
හිරැ හිමාවිගේ පෝස්ටුවකින් සම්මුඛ මෙව්වා එක මමද ශ්රවණය කළෙමි. ඩොන්ගල් එකට හෙන ගැසීමෙන් ලොප් වූ වචන ඇහිලීමට මම උත්සාහ කලද උත්සාහය සාර්ථක උනේ නැත. නිෂ්පාදක මණ්ඩලය හැලුනු වචන වෙනුවට මද සංගීත නාදයක් යොදා ජාමෙ බේරාගෙන ඇත.ReplyDelete
සිරා කොලුවාද අහවල් සම්මුඛ මෙව්වා එකට මුහුණ දුන්නද තාම ගියේ නැත... ජය!
පස්සේ අහලා බලන්ඩ ඕනා. :)ReplyDelete
යකෝ තෝ හොස්ටල් එකේ ඔච්චර වෙලා සම්මුඛ සාකච්ඡා කොලේ කොහොමෙයි කිසිම කුණු හබ්බයක් හරි කෑ ගැහිල්ලක්වත් ඇහෙන්නෙ නැතුව?ReplyDelete
මොනව උනත් එල බන්.....!!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!ReplyDelete
චෑක් අපරාදේ එකෙක් කුණුහර්පෙකුත් කියාගෙන කාමරේට එන්න තිබ්බේ ;)ReplyDelete
මෙව්වා එකක් නේදReplyDelete
හොස්ටල් එකේ ඔච්චරටම කට්ටිය අඩුද? STRIK නිසා වෙන්න ඇති. සම්මුක මෙවුවා එක කට්ටිය ඉන්න දවසක කලා නම් තමා නියම. ලස්සන වචන සෙට් එකක්ම අහ ගන්න තිබුනාReplyDelete
උඹේ මූසල කටහඬ අහන්න හිත් දෙන්නෑ බං.උඹලගේ මලයගේ මෙව්වා එකක් දාපං අනිවා අහනවා.ReplyDelete
මෙහෙට සිග්නල් නෑ ඔය රේඩියෝ එකට....ReplyDelete | hplt_2 |
Tuesday, June 2, 2009
වීර කතා අතර තවත් අග්රගණ්ය සිනමා පටයක් : 300 (2006)
මෙම චිත්රපටය පුරාවටම ඇති අති විශිෂ්ට යුධමය දර්ශන නරඹන්නාගේ සිත තුලට ගෙන එන්නේ Lord of The Rings: Return of the King හි අවසන් යුද්ධයයි.
මීට පාදක වී ඇත්තේ ක්රි.පූ 480 දී ග්රීක ස්පාර්ටාවරුන් හා පර්සියානුවන් අතර සිදු වූ තර්මොපයිලේ යුද්ධයයි. ස්පාර්ටා යනු පුරාණ ග්රීසියේ එක් නගර රාජ්යයක්. ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රණකාමීන් සිටියා යැයි සැලකෙන්නේ මෙහි යි. නමුත් පර්සියානුවන් පෙරදිග රාජ්ය විශාල ගණනක් තම යටතට ගනිමින් ස්පාර්ටාවත් ආක්රමණය කිරීමට පැමිණෙනවා ලක්ෂයක හමුදාවකුත් රැගෙන. ඒ සෙනඟට මුහුණදීමට තරම් ස්පාර්ටාවරුන් ශක්තිමත් නෑ. ඒ අතරම ස්පාර්ටා පූජකයන් ද අනුමාන කරනවා පර්සියානුවන් සමඟ යුද්ධයට ගියහොත් ස්පාර්ටාව පරදින බව. නමුත් පර්සියානුවන්ට තම රට පාවාදී තම වැසියන් වහලුන් කිරීමට එහි රජු වන ලියොනිඩස් කැමති නැහැ. නමුත් ඔහුට පූජකයන්ට එරෙහිව යන්න බැහැ. ඒ නිසා තම හමුදාව රැගෙන සටනට යන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එබැවින් 300ක් වූ ස්පාර්ටාවේ විශිෂ්ටතම රණකාමීන් පිරිස රැගෙන ලියොනිඩස් තර්මොපයිලේ කඳු ශිඛරයට යනවා පර්සියානුවන්ගේ මඟ ඇහිරීමට.
මේ සෑම සොල්දාදුවෙකුගේ ඇඟ තුළම දුවන්නේ හර්කියුලීස් පරපුරෙන් පැවත් එන ලේ. ඔවුන් උපන්නේ යුද්ධයට; ඔවුන් මැරෙන්නේත් යුද්ධය වෙනුවෙන්. ඒ තම රට ආරක්ෂා කරගැනීමේ පරම අහිප්රාය වෙනුවෙන්.....
තර්මොපයිලේ පසුකර ඒමට නම් කඳු දෙකක් අතර වූ කපොල්ලක ඇති කුඩා අඩි පාරකින් පර්සියානු හමුදාව පැමිණිය යුතුයි. මේ හරහා ඔවුනට පැමිණීමට ඉඩ නොදීමට ස්පාර්ටාවරුන් අදිටන් කරගන්නවා. සැබැවින්ම එය පර්සියානුවන්ගේ මරු කපොල්ල වනවා. ඒ හරහා පැමිණීමට ගිය දහස් සංඛ්යාත පර්සියානුවන් එකා පිට එකා මැරී වැටෙනවා. ඒ ලොව මෙතෙක් සිදු වූ අති බිහිසුණම සංග්රාමයයි. දින 10ක් පුරාවට ලියොනිඩස්ගේ 300ක හමුදාව, ලක්ෂයකට වැඩි පර්සියානු හමුදාවට අඩියක් හොල්ලන්න බැරි ලෙස රඳවා තබාගන්නවා. නමුත් මේ අතර එෆියාල්ට්ස් නම් ස්පාර්ටා හමුදාවෙන් පන්නා දැමූ විකෘති මිනිසෙක් පර්සියානු රජු වන ක්සර්ක්ස් හමුවට යනවා. ඔහු එළුවන් ගමන් ගැනීමෙන් සෑදුණු කුඩා අඩිපාරක් ක්සර්ක්ට පෙන්වා දෙනවා. ඒ ඔස්සේ ගමන් කිරීමෙන් ස්පාර්ටාවරුන්ට පිටිපසින් පහරදීමට පර්සියානුවන් සමත් වෙනවා. ලියොනිඩස් රජු ඇතුලු ස්පාර්ටාවරුන් 300 දෙනා වීරයන් ලෙස මිය යනවා. නමුත් අවසන් මොහොත වනතුරුත් මේ වීරයන් බේරාගැනීමට අතිරේක හමුදා එවීමට ස්පාර්ටා කවුන්සිලය සමත් වන්නේ නෑ. ලියොනිඩස්ගේ සටන නිවැරදි බව ස්පාර්ටාවේ කුහක කවුන්සිල සාමාජිකයන්ට අවබෝධ කරදීමට ඔහුගේ රැජිණ ගෝර්ගෝට හුදකලා සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ ඇය ජයගන්නවා. නමුත් ඒ වනවිට ලියොනිඩස් ඇතුලු රණකාමීන්, ස්පාර්ටා දේශය වෙනුවෙන් දිවි පුදා අවසන්.
කතාව ඔන්න ඔහොමයි. සමස්ත චිත්රපටයේම කැමරාකරණය මා සිත ඇද බැඳ ගැනීමට සමත් වුණා. කැමරා කෝණ විතරක් නොවෙයි, චිත්රපටයේ වර්ණ පවා ඉතාම සිත්ගන්නාසුලුයි. ඒ කොතෙක්ද කියනවා නම් පැය 1යි විනාඩි 56ක් පුරාවට තිරයෙන් ඇස් ඉවතට නොගෙන ඒ දෙස බලා ඉන්නට තරම් ආසාවක් ඔබට මෙය නරඹද්දී ඇති වෙනවා.
මේ අතිරමණීය පුරාණ වීර කාව්යය ඔබේ සිත වසඟයට ගත්තෙ නැත්තම් පුදුමයක් තමයි.
6 comments:
- පොතේ ගුරා said...
-
ඇත්තටම නියම ෆිල්ම් එකක්..ඕකට තව් ෆිල්ම් එකක් හදල තියෙනව Meet the Spartans (2008)කියල..
- June 2, 2009 at 12:47 PM
- Buddhism-in-sinhala said...
-
onna langadeema enawa apeema weera kathawa King dhutugamunu ,
- June 2, 2009 at 1:10 PM
- සියදෝරිස් said...
-
හප්පේ... තව මොන කතාද... දෙතුන් සැරයක් බලන්ට හිතෙන චිත්තරපටියක්...!!
- June 2, 2009 at 1:12 PM
- Chamitha said...
-
@පොතේ ගුරා: ඔව් ඔව්, ඔය කියන Meet the Spartans ෆිල්ම් එකත් මගේ ළඟ තියනවා. ඒ මේකටම ගහපු කොමඩියක් නේ? මම තාම හරියට බැලුවෙ නෑ. තැනින් තැන තමයි බැලුවේ. ඒත් මේ වගේ විශිෂ්ට චිත්රපටයක් ඒ වගේ හාස්යයට ලක්කරන එක ගැන මම විරුද්ධයි...
- June 2, 2009 at 1:57 PM
- ම said...
-
මාත් බලපු සිරාම Film එකක් තමා
- June 2, 2009 at 3:26 PM
-
-
film 1 nam maru kiyala hondata therenawa. eth niruwath sceen tikak thiyena nisa dl karala balannath kalin del kara. aparaade
- January 21, 2011 at 11:39 AM
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්. | hplt_2 |
අති පූජනිය වූ සෝම හිමියනි, ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක්
වසර හතක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද.ඒත් ඒ තරම් කාලයක් අපි ඔබේ ඒ මිහිරි හඩ, වචන ස්වරය අහන්නේ නෑතිව හිටියේ කොහොමද, නෑ ඔබ නෑති උනේ නෑ.තවමත් මේ මාතෘ භූමියේ අපිව තනි නොකර අපිට යහ මග පෙන්වමින් සෙවනෑල්ලක් වගේ ඉන්නවා.මට මතකයි ඒ දවස තවමත්ම.අපේ ඉස්කෝලේ ධර්ම දේශනයක් සදහා වෑඩිය දිනය.මම හිතන්නේ එදා එක ළමයෙක්වත් නෑවිත් හිටියේ නෑ.ඒ තරම් උනන්දුවක් ආසාවක් තිබුනේ.මම එතකොට මතක විදියට හතේ පන්තියේ වගේ හිටියේ
ඉස්කෝලේ ප්රධාන ගේට්ටුවෙන් වඩින කොට අපිට දෑනුන හෑගීම වචනයට නගාගන්න අමාරු උනා මෙච්චර කල් රූපවාහිනියෙන් දෑක්කාට බන ශ්රවණය කලාට හෑබෑහින් දෑක්කේ එදා තමයි.කොහොම හරි එදා මේන් හෝල් එක අතුරු සිදුරු නෑතිව පිරිලා.වෙනදා වගේ ගාලගෝට්ටියක් එදා තිබුනේ නෑ.පුදුම නිශ්ශබ්දතාවයක් තිබුනේ...බොහෝම අමාරුවෙන් තමයි දොරටුවකින් ඔලුව විතරක් ඔබා ගෙන ඔබේ අසිරිය වින්දේ.ඈතුලේ ඉඩ නෑති නිසා මමත් ඈතුලුව බහුතරයක් ළමයි ඒ සුමදුරු දෙසුම ශ්රවණය කලේ එලියෙ ඉදන්
යකඩ කටින් ඉස්කෝලේ ඔක්කොම ළමයි ඔබේ දෙසුම ඈහුවා.ඒ දවස්වල බාල තරුන මහලු වයස් භේදයක් නෑතුව ධර්මය ශ්රවණය කලා පුදුම පිබිදීමක් තිබුනේ.වෙනදා ටෙලි නාට්ටි වෙලාවට විතරක් සාලෙට සෙට් වෙන පවුලේ උදවිය ,බනක් යන වෙලාවට ඊටත් වඩා උනන්දුවෙන් ඒවා ඈහුවා බෑලුවා.ධර්මයේ හෑසිරුනා.
ඒ මුසල දවස මුලු ශ්රීලාංකික බෞද්ධයන්ම හඩවපු දිනයක් උනා.කෙටි කාලයක් තුල විස්මයක් කල ඔබ මාතෘ භූමියටත් හොරෙන්ම,ලක් මෑණියන් හඩවමින්ම කෙටි කලකින් ම අප තනි කර ගියා.
අති පූජනිය වූ ,සෝම හිමියනි ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක් .ඒත් ඔබේ ඒ හඩ,සුමිහිරි ධර්මය තවමත් අපේ හිත් වල පිලිරෑව් දෙමින් ඈසෙනවා,පෙනෙනවා.අපි ඔබට අමා මහ නිවන් සුව ප්රාර්ථනා කරන්නෙමු. | hplt_2 |
L10N Sinhala Team
From FedoraProject
Revision as of 17:57, 13 August 2008
ආයුබෝවන් ! ෆෙඩෝරා ස්වදේශීයකරණ ව්යාපෘතිය - සිංහල පරිවර්තන කණ්ඩායම
The Fedora Localization Project - Sinhala Translation Team
ෆෙඩෝරා 8 තිරමුහුණත්
L10N_Teams_Sinhala_danishka-silumina.jpg. සිළුමිණ ලිපිය
File:L10N Teams Sinhala LC MESSAGES.zip සම්පාදිත gnome-2.20 ගොනු] යාවත් කළ දිනය 2007-12-26 12:21:20
මෙම ගොනව බාගතකර, විසුරුවා එහි ඇති සියළුම .mo ගොනු /usr/share/locale/si/LC_MESSAGES/ ස්ථානයට පිටපත් කර යළි පිවිසෙන්න
File:L10N Teams Sinhala pidgin.mo පිඩ්ගින් සිංහල පරිවර්තනය] මෙම ගොනුව /usr/share/locale/si/LC_MESSAGES/ ස්ථානයට පිටපත් කර යළි පිවිසෙන්න
සිංහල ව්යපෘතිය
අපගේ මූලික පරමාර්ථය වන්නේ, ශ්රීලංකාවේ ප්රධානතම රාජ්ය භාෂාව වන සිංහල භාෂාව, Fedora මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ගත කිරීමයි. මෙහි ප්රථම පියවර ලෙස සිංහල භාවිත කර පරිගණකය ආශ්රයෙන් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකිවන සේ භාෂා සහය ඇතුලත් කිරීමට බලාපොරොත්තු වනවා.
දෙවනුව, Fedora මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කරනු ලබන අතර, මෙම මූලික කරුණු ද්විත්වය අදියර පහකින් යථාර්තයක් බවට පත්වනු ඇත.
1. Fedora මෙහෙයුම් පද්ධතිය තුල සිංහල භාෂා සහය අන්තර්ගත කිරීම - සිංහල ලිවීමේ කියවිම සඳහා සහය දක්වයි
2. Fedora මෙහෙයුම් පද්ධතිය සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
3. Gnome වැඩසටහන් සහ උපාංග සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
4. Open Office සිංහලට පරිවර්තනය කිරීම - දැනට කටයුතු සිදුවෙමින් පවති
5. KDE වැඩසටහන් සහ උපාංග සිංහලට පරිවර්තනය කිරීම
මේ කරුණු සියල්ල සඳහා ඔබගේ අදහස්, උපදෙස්, යෝජනා සහ විවේචන ඉතාමත් නිහතමානීව පිළිගනු ලබනවා. මක්නිසාද, ඒ සියල්ල මෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට බලපාන ඉතාමත්ම වැදගත් තීර්ණාත්මක සාධකයන් ලෙස අප සලකන බැවිනි. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-COMENTS යොදා විද්යුත් ලිපියක් එවන්න.
භාෂාව හැසිරවීම සහ තාක්ෂණික ඉංග්රීසි වචන සඳහා වඩාත් උචිත සිංහල යෙදුම් භාවිතයත්, භාෂාවේ ගුණාත්මක බවට හානියක් නොවන අයුරින් සරල යෙදුම් යොදා ගැනීමත් සියල්ල ඉතා උසස් මට්ටමකින් අඛණ්ඩව පවත්වාගෙන යාමත් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කරනු ලබනවා.
Fedora සජීවී සංයුක්ත තැටි
මෙම ව්යාපෘතියේ අත්හදා බැළිමක් 2008-02-03 දින සාර්ථක වූ අතර පරිශීලක නම ලබා නොදීම කෙළින්ම සිංහල මුහුණතට ලගා විය. තවද දෙමළ භාෂා පහසුකමද මෙයට එක් කරන ලඳි. සිංහල සහ දමිළ භාෂා සහය සහිත මෙම සජීවී සංයුක්ත තැටිය ISO පිළිඹුවක් ලෙස නිකුත් කිරීමට නියමිතයි. සරසවි හා පාසල් සිසුන්, ගුරුවරුන් හා පරිගණක අධ්යාපනය හැදෑරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ට අවශ්ය මෘදුකාංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ගනිමින් මෙය සකස් කරනු ලබනවා.
මීට ඇතුලත් කිරීමට වඩාත් උචිත බැව් හැඟෙන මෘදුකාංග සහ උපාංග අපට දන්වා එවන්න. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස PKG-REQUEST යොදා විද්යුත් ලිපියක් එවන්න.
සිංහල යෙදුම්
බොහෝ ඉංග්රීසි පරිගණක වචන සඳහා වන ඊට අදාල සිංහල යෙදුම් දැනට නොමැති අතර සමහර වචනවල සරල සිංහල තේරුම භාවිත කල හැකි නමුත් පරිගණක ක්ෂේත්රයට වඩාත් උචිත අයුරින් මෙම වචන වල තේරුම භාවිතයේ යෙදීම මෙහි බලාපොරොත්තුවයි. දැනට අප භාවිතා කරන වචන සියල්ල ඉතාමත් ඉක්මණින් මෙහි පලවෙනු ඇත.
මේ සඳහා ඔබගේ අදහස් මහෝපකාරී වන අතර, දැනට භාවිත කරන යෙදුම්හි යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්ය නම් මෙමඟින් ඒ සඳහා ඉඩ ප්රස්ථා ලබාදීමට බලාපරොත්තු වනු ලබනවා. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-WRDLIST යොදා විද්යුත් ලිපියක් එවන්න.
ලිපිනය
විද්යුත් පණිවුඩ එවිය යුතු ලිපිනයන් snavin at fedoraproject dot org හෝ danishka at gmail dot com උක්ත කරුණු වලින් බැහැරව වෙනත් යමක් අපට දන්වා එවීමට උනන්දු වන්නේ නම් මාතෘකාව ලෙස GEN-COMENTS යොදා විද්යුත් ලිපියක් එවන්න. | hplt_2 |
ප්රශ්න යටපත් කිරීමට විවිධ ප්රකාශ සිදු කරන්නේ නැතිව දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ජන අරගල ව්යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් කුමාර මහතා ආණ්ඩුවට බල කරයි.
නව මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින දේශපාලන සිරකරුවන් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්ය අමතා ඔහු මේ බව පැවසීය. මෙම අවස්ථාවට 'අපි ශ්රී ලාංකිකයෝ' සංවිධානයේ කැඳවුම්කරු උදුල් ප්රේමරත්න මහතාද සහභාගි විය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් කුමාර මහතා මෙසේද පැවසීය.
"නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු වුවත් දෙමළ දේශපාලන සිරකරුවන්ට වෙනම නීතියක් ක්රියාත්මක වෙන්නේ. ඔවුන් කිසිදු චෝදනාවක් නැතිව, අධිකරණය හමුවේ පවරන ලද නඩුවක් නැතිව වසර ගණනාවක් බන්ධනාගාර ගත කර සිටිනවා. සමහරු අවුරුදු 15, 17 තරම් කාලයක් රැඳවුම්භාරයේ සිටිනවා.
නමුත් ආණ්ඩුවේ ගැත්තන්ට වෙනම නීතියක් ක්රියාත්මක වෙන්නේ. කේ.පී.ට, පිල්ලයාන්ට, කරුණාට වෙනම නීතියක්. යුද්ධයට නායකත්වය දුන්නු ඔවුන්ට කිසිදු චෝදනාවක් හෝ නඩුවක් නැතිව නිදහස් කර සිටිනවා.
ඒ නිසා චෝදනා නැති සියලු දෙනා වහාම නිදහස් කළ යුතුයි. ඒ වගේම චෝදනා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න කියා අපි බල කරනවා. එහෙම නැතිව මේ ආකාරයට සිර කර තැබීම අසාධාරණයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා තිබෙනවා, මාසයක් ඇතුළත සියලු දෙනාම අධිකරණ ක්රියාවලියකට ඉදිරිපත් කරනවා කියලා. මීට පෙරත් එවැනි ප්රකාශ ආණ්ඩුව පැත්තෙන් කළා. නමුත් ඒවා ක්රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ, ප්රශ්න යටපත් කරන්න එක එක ප්රකාශ නිකුත් කරන්නේ නැතිව මේ ප්රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කරන්න." | hplt_2 |
ශ්රී ලංකා පි්රමියර් ලීග් කි්රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ්රමදාස ක්රීඩාංගනයේ දැන් පැවැත්වෙනවා. ඒ නැගෙනහිර නාගස් කණ්ඩායම සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රුහුණු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 134 ක් රැස්කළා. ලහිරු තිරිමාන්න ලකුණු 34 යි. පන්දු යැවීමේදී නැගෙනහිර කණ්ඩායමේ ශමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා. මේ වනවිට ලකුණු 135 ක ජයග්රාහී ඉලක්කයක් හඹායන නැගෙනහිර නාගස් කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටිනවා. | hplt_2 |
පසුව පොලීසියේ දැඩි රැකවල් මධ්යයේ දූෂණයට ලක්වූ තරැණිය බදුල්ල මහ රෝහලට ගෙන ගිය අතර අතර ඵහිදී කළ කන්යා පටල පරීක්ෂණයේදී ඵළිව ඇත්තේ ඵය මින් පෙර කැඩී තිබූ ඵකක් බවයි.හාලිඇළ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Sunday, February 10, 2013
ලංකා බැංකු කළමණාකරැවා ගෑණියෙකුට හුකලා
ලංකා බැංකුවේ හාලිඇළ ශාඛාවේ කළමණාකරැ ණය ඉල්ලාගෙන ආ තරැණියක් ආසන්නයේ පිහිටි ලැගුම්හලකට කැදවාගෙන ගොස් දූෂණය කර පලා යාමේ සිද්ධියක් බදුල්ල හාලිඇළ ප්රදේශයෙන් වාර්තා වෙනවා.
සිද්ධියට ලක්වන අවස්ථාවේ තරැණිය කොළ පැහැති යට ඇදුමක් ඇද සිට ඇති බවයි පැවසෙන්නේ.පැය කීපයක් පුරාවට දරැණු ඝණයේ කාම අතවරයන්ට ලක්වූ ඇය බේරී පලා යාමට කීප විටක් උත්සාහ කර ඇති අතර ඵය ව්යවර්ථ වී ඇත්තේ ඇගේ බොළදකම නිසා බවද සිද්ධිය ඇසින් දුටුවෙකු AFP පුවත් සේවයට පවසා තිබෙනවා.
පසුව පොලීසියේ දැඩි රැකවල් මධ්යයේ දූෂණයට ලක්වූ තරැණිය බදුල්ල මහ රෝහලට ගෙන ගිය අතර අතර ඵහිදී කළ කන්යා පටල පරීක්ෂණයේදී ඵළිව ඇත්තේ ඵය මින් පෙර කැඩී තිබූ ඵකක් බවයි.හාලිඇළ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
පසුව පොලීසියේ දැඩි රැකවල් මධ්යයේ දූෂණයට ලක්වූ තරැණිය බදුල්ල මහ රෝහලට ගෙන ගිය අතර අතර ඵහිදී කළ කන්යා පටල පරීක්ෂණයේදී ඵළිව ඇත්තේ ඵය මින් පෙර කැඩී තිබූ ඵකක් බවයි.හාලිඇළ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Follow us on:
Labels: gossip, gossip lanka, gossip9, sl and world, sri lanka, sri lanka news | hplt_2 |
වචනයෙන් විස්තර කළ නොහැකි හා මිළ කළ නොහැකි මෙම සිතුවම කුතුහලය දනවන්නකි. කෙනෙකුට එය අඬන ස්ත්රීයකගේය.තවත් කෙනෙකුට ඇය සිනහවෙනවා සේ පෙනේ.තවත් අයෙකු ඇයට දරුවෙකු ලැබෙන්නට සිටින ගැබිනියක බව පවසති.තවත් අයෙකු ඒ ලියනාඩෝ විසින් ඇදි තමන්ගේම චිත්රයක් බව පවසති.තවත් අය මෙහි කිසියම් රහස් කේතයන් වගයක් සැගවී පවතිනවායයි පැවසේ. නුතන විසිවන සියවසේදී ප්ලාස්ටික ශල්යකර්මයන් සිදුකර ගැනීමට හැකිවීමත් සමග දියුණු බටහිර රටවල ඇතැම් කාන්තාවන් මොනාලිසා රුවට සමාන රුවක් ලබා ගැනීමට ප්ලාස්ටික් ශල්ය වෛද්යවරුන්ගේ සහය පැතූ බවද විරල පුවත් ඇතැම් විට අසන්නට ලැබුනි. ඒ තරමටම මොනාලිසා මිනිස් සිත වශිකෘත කළාය. ඇතමෙක් මොනාලිසා ගැන කතා ලිවූහ. තවකෙක් මොනාලිසා මෙන් රුව ඇති යුවතියක සිය පෙම්වතිය කරගැනීමට සෙවූහ. තවකෙකු මොනාලිසා ගැන ගීත ලියූහ, ගැයූහ, එම ගී වලට සම්මානද දිනා ගත්තෝය. 1800 මැද භාගය වන විට මොනාලිසා පුරාවෘත්තයකි.
ලොව අග්රණ්යම සිතුවම වන මෙය මිල කිරීම පවා එයට කරන අගෞරවයක් වූවත් 2010 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 720 ක් වත් වේ යයි පැවසේ. වර්ථමානයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මෙය එහිදී හදුන්වනුයේ Painting No. INV 779 යන කේතයෙනි.
ලියනාඩෝගේ මරණයෙන් පසුව මෙම මොනාලිසා සිතුවම අයිති වුයේ එවකට ප්රංශයේ රජකම් කළ I වන ෆ්රාන්සිස් රජු හටයි. ඔහු මෙය තමන්ගේ නානකාමරයේ එල්ලා තැබූ බව පැවසේ. සෑහෙන්න කාලයක් මෙසේ නානකාමරයේ බිත්තියේ එල්ලා තැබුන අතර රජුගේ ස්නානයට භාවිතා කළ උණු ජලයේ දුම වැදීමෙන් පින්තූරයේ ඇතැම් ස්ථානවල ඇති සුළු හානිවීම් සිදුවීමට හේතුවිනැයි ප්රවීණයෝ පවසති.
ඔබට බැළු බැල්මට පේන්නේ මෙතන මොනාලිසාගේ රූපය විතරක් නේද? ඒත් ඒ පින්තූරයේ වම් පසටවන්නට mouse pointer ගෙනගිය විට ඒ පින්තූරයට අදාල විස්තර රැසක් දැන ගැනීමට හැකි බව පෙනේවි. මෙන්න මේ දෙය ඔබගේ බ්ලොග් අඩවියේ අවශ්ය විටක කර ගන්න ආකාරය තමයි මම අද කියලා දෙන්න යන්නේ.
මුලින්ම මෙන්න මේ කේතය Blogger Temple Designer වල දී Add CSS වලට එකතු කරගන්න. (මේ ගැන අවශ්ය පියවර පසුගිය "බ්ලොග් ඉඟි" ලිපි වලින් දැක ගත හැකියි.)
.details
{
position:absolute;
top:10px;
opacity:0; transition-delay: 1s;
transition-timing-function: ease-in-out;
-moz-transition-timing-function:ease-in-out;
-moz-opacity:0;transition-delay:1s;
}
.details:hover
{
margin-left:10px;
opacity:.75;
background-color:yellow;
text-align:left;
color:black;
}
.details.size
{
width:40%;
height:92%;
padding : 5px 5px 5px 5px;
overflow:scroll;
}
.pic
{
position:relative;
}
දැන් තියෙන්නේ අපි යම් පින්තූරයක් සදහා මේ විදියට අවශ්ය අවස්ථාවේදී පමණක් තොරතුරු දිස් වන සේ ලබා ගැනීමට සැකසීමයි.
ඒ සදහා සුපුරුදු පරිදි Post Editor එකේදී HTML mode එකට ගිහිල්ල මෙන්න මේ කේතය එම පින්තූරය අවශ්ය තැන අලවා ගන්න.
අදාල පින්තූරය හා සම්බන්ද විස්තරය
දැන් ඔබට ටිකක් මහන්සිවෙන්න වෙනවා මේ වැඩේ කරගන්න. මුලින්ම මෙහි දක්වාතිබෙන link of the image
සදහා අපි මුලින්ම picasa වලට image එකක් upload කරල ඒකේ link එක අරගෙන මේ මෙතනට Paste කර ගමු.
ඒක කරගන්නේ මුලින්ම https://picasaweb.google.com/home
වෙත යන්න.ඉන්පසුව upload හරහා ගොස් දැන් තිබෙන album එකකට හෝ අළුතින් album එකක් හදා ගෙන එය තුලට image එක upload කරගන්න/ මේ සදහා භාවිතා කරන පින්තූරය ටිකක් විශාල එකක් වෙන එක හොදයි. ඉන්පසු එම Album එකේ Actions වලින් Album Properties තෝරන්න.
මෙහිදී ලැබෙන Window එකේදී Visibility සදහා Public on the web තෝරා Save Changes තෝරන්න.
දැන් එම album එකෙහි තිබෙන ඔබ upload කරන ලද පින්තූරය මත click කර එහිදී වම් පසින් තිබෙන link to this photo යන්න select කළ විට මෙම මෙනුව ලැබේවි.
දැන් මෙහි Hide album link යන්න ටික් කොට select size යන්නට විශාලතම අගය තෝරා Embedded image යන්නට අදාල link එක තෝරා එය copy කර ගන්න. එය notepad හෝ ඔබ කැමත ස්ථානයකට paste කර එහිදි මෙම රූපයේ කහපාටින් සලකුණු කර තිබෙන කොටස උදාහරණයක් ලෙස සැලකිල්ලට ගෙන ඔබ ලබා ගත් කේතයේදීද මෙම කොටස Copy කර මෙහි දක්වා link of the image
තිබෙන සදහා යොදා ගන්න.
ඉන්පසු ඔබගේ බ්ලොග් එකේ පෝස්ටු ලිවීමට ලබා දී ඇති පළලට සරලන පරිදි රූපයේ පළලද මෙහි දක්වා ඇති Suitable width for you image
තැනට සුදුසු අගයක් යොදන්න. එවිට උස එයට ගැලපෙන සේ ඉබේම සතස් වේ.
ඉන්පසු අදාල පින්තූරය හා සම්බන්ද විස්තරය
සදහා ඔබට අවශ්ය තොරතුරු ලබා දෙන්න. දැන් ඔබ මෙම පෝස්ටුව publish කර එහි ඔබ මෙම උපක්රමය යෙදූ රූපයේ වම්පසට වන්නට mouse cursor ගෙන ගිය විට ඔබ සගවා තිබෙන තොරතුරු දිස්වේවි.
එසේ නම් මෙම ලිපිය අවසන් කරන්නම්. සමහර විට ඔබට මෙම ලිපියට ටිකක් ව්යාකූල වගේ පෙනේවි. යම් ගැටළුවක් ආවොත් කියන්න. ඒවාට විසදුම් සහ මෙහි යම් යම් වෙනස් කම් කිරීමට හැකි නමුත් ඒවාද සදහන් කළහොත් ඔබට තවත් මෙම ලිපිය සංකීර්ණ වෙන නිසා ඒවාද අවශ්ය වුවහොත් සදහන් කරන්නම්... | hplt_2 |
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙරට ව්යාජ සමාගම්වල නමින් කොටි සංවිධානය වෙත ඩොලර් මිලියන ගණනක මුදල් ආධාර ලබාදුන් බව හෙළිවී තිබෙනවා. කොටි සංවිධානය වෙනුවෙන් එම ගණුදෙනුව සංවිධාන කර ඇත්තේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට කාර්ය මණ්ඩලයට අයත්ව සිටි දෙමළ ජාතික පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ. උතුරු – නැගෙනහිර වගා සහ කෘෂිකර්ම සේවා සඳහා ලබාදෙන බව පවසමින් මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1.57 ක් 2008 වසරේදී මෙලෙස ලබාදී ඇත්තේ දේව් ටේ්රඩර්ස්, ඒ.එෆ්. ඇසෝසියේට්ස් සහ වයි.සී. ඕ ෆාම් යන සමාගම් තුනටයි. එහෙත් එම සමාගම් 3 ලියාපදිංචි ලිපිනයන්හි නොමැති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින්ම පසුව පිළිගෙන තිබෙනවා. එහෙත් එය හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බවයි ඔවුන්ගේ සංනිවේදනයන්ගෙන් හෙළිවී ඇත්තේ. | hplt_2 |
Subsets and Splits