text
stringlengths 501
405k
| source
stringclasses 1
value |
---|---|
මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම තියෙන්නෙ දේශපාලන, කතන්දර සහ රාජ්ය සේවය ගැන ලියවිච්ච. අද කියන්න යන්නෙ මේ තුනම සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ මතක් උනේ අද උදේම ටීවී එකේ පත්තර කියවන වැඩසටහනක් බලද්දි.
මම කොළඹ වැඩකරන කාලෙ අපේ ඔපීසියෙ හිටිය මිස් කෙනෙක්. මෙයාගෙ තනතුර “පරිගණක දත්ත ක්රියාකරු”. මේ තනතුර ගැනත් යමක් කියන්න තියනව. චන්ද්රිකා නෝන රට කරවන කාලෙ රිචඩ් පතිරණ උන්නැහේ තමයි මේක ඇතිකලේ. එහෙම නැත්තං එයාගෙ අමාත්යංශය යටතේ ඇතිකල තනතුරක්. හැම ප්රාදේශීය ලේකම් කාර්යාලයකටම මෙයින් එක නිලධාරියෙක් දුන්න. නමේ හැටියට මෙයාලගෙ රාජකාරිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වැඩේ කියන්නෙ ලංකාවටම ඕන කරන පරිගණක දත්ත සටහන්කරුවන් ගත්තෙ ගාල්ල දිස්ත්රික්කෙන්. එහෙම නොවුන උදවිය හිටියෙ බොහොම ටික දෙනයි. කස්ටිය කෙලින්ම ඇමතිතුමාගෙ ලිස්ට් එකෙන් ආවෙ. එක දිස්ත්රික්කයක මිනිස්සු මේ විදියට ලංකාව පුරාම යෙදවීමේ අමනෝඥ තීරණයේ ප්රතිපලේ තමයි ටික කාලයක් යද්දි කවුරුත් ගාල්ලට එන්න ට්රයිකිරීම. මේක රාජ්ය සේවයේ අතිශයින්ම ස්වාභාවික කේස් එකක්. රස්සාව දෙනකොට ලංකාවෙ ඕන තැනක ඉන්නව කිව්වට කලක් යද්දි පරස්තාවක් එහෙම කරගත්තම ගමට එන්න එපැයි. මේ සීන් එකේ අවසාන ප්රතිපලේ විදියට අද වෙනකොට මේ තනතුරේ උදවිය කරන්නෙ ලිපිකරු තනතුරේ වැඩ. ලිපිකරුවන් එක්ක සුහද මාරුවීම් කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම උනොත් විතරයිනේ.
මම වැඩකල කාර්යාලෙ හිටිය නෝනත් කාලයක් තිස්සේ ගමට යන්න ට්රයි කරනව. ඒත් වැඩේ හරියන්නෙම නෑ. මොකද එයා වෙනුවට අපේ කාර්යාලෙට එන්න කෙනෙක් ගාල්ලෙන් හිටියෙ නෑ. (කවුරුත් ගාල්ලෙනේ). අද කාලෙ උද්ගත වෙන හැම ප්රශ්නයක්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳනව වගේ අන්තිමට මෙයා ජනාධිපතිට ලිව්ව තමුන්ගෙ දුක් ගැනවිල්ල. සුපුරුදු විදියට ජනාධිපති කාර්යාලෙට ගිය ලිවුං කඩදාසියෙ පිටපතක් අමාත්යංශෙට එනව “සුදුසු ක්රියාමාර්ග ගන්න” කියන උපදෙස් දීල. සාමාන්යයෙන් රාජ්ය සේවයේ වැඩ ඔහොම තමයි. රජයේ ආයතන ගැන විශ්වාසයක් නැතිව, කවුරුහරි කෙනෙක් ඇමති කෙනෙකුට හරි ජනාධිපතිට හරි තමුන්ගෙ අවශ්යතාවය කිව්වත් අන්තිමට වෙන්නෙ අදාල කාර්යාලයටම ඒ ලිපිය ලැබීම.
මට මතකයි එක සැරයක් මේ වගේ කේස් එකක් උනා. මම වැඩකල කාර්යාලයට නිර්නාමික පෙත්සමක් ආව. කවුදෝ ගැන පැමිණිලි කරල. පැමිණිලිකාරයට අපි ගැන විශ්වාසයක් නැති නිසා අපේ ප්රධාන කාර්යාලය වෙච්ච කච්චේරියටත් ලියුමෙ කොපියක් යැව්ව. හැබැයි කච්චේරිය ගැන මෙයාට විශ්වාසයක් තිබිල තියනව. මොකද ඒකට යවපු ලිපියේ තමුන්ගෙ අනන්යතාවය සඳහන් කරල තිබුන නිසා. අපිට “නිරිණාමික” පෙත්සම ලැබිල දවස් දෙකතුනකින් “නාමික” පෙත්සමේ කොපියකුත් එනව කච්චේරියෙන්. මේ ක්රියාදාමය පෙත්සම්කාරය දැනගෙන හිටිය නං කවදාවත් තමුන්ගෙ නම සඳහන් කරන එකක් නෑ. ඔන්න ඔහොමයි වැඩ.
ආයෙත් කතාවට ආවොත්, අර නෝනගෙ දුක්ගැනවිල්ල අපේ අමාත්යංශයට ගියා. කතාව එතනින් ඉවර උනේ නෑ. මෙන්න බොලේ ඊට පස්සෙ අමාත්යංශයෙන් කියනව තමුන්ගෙ අවසර නැතුව ජනාධිපතිට ලිවුං ඇරියට නිදහසට කරුණු කියන්න කියල! මම රස්සාවට ගිය අලුත මේ කේස්එක උනේ. මේ ගැන හොයල බැලුවම වැඩේ ඇත්ත. සාමාන්ය වැසියෙකුට ජනාධිපතිට තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් උනාට රජයේ සේවකයන්ට බෑ. එයාල ජනාධිපතිට-ඇමතිවරයෙකුට හෝ වෙනත් අමාත්යංශයකට, එහෙම නැත්තං තානාපති කාර්යාලයකට හෝ විදේශයකට ලිපියක් යවනව නම් තමුන්ගෙ ආයතන ප්රධානියා හරහා යන්න ඕන. උදාහරණයක් විදියට මට ජනාධිපතිට යමක් කියන්න ඕන නම් අපේ ආයතන ප්රධානියා(ප්රා.ලේ), දෙපාර්තමේන්තු ප්රධානියා(දි.ලේ), අමාත්යංශ ලේකම් කියන තුන්දෙනාම හරහා තමයි වැඩේ කරන්න වෙන්නෙ.
අන්තිමේදි අර නෝන අමාත්යංශෙට කිව්වද කොහේද “ආයෙත් ඒ වගේ වැඩක් කරන්නෙ නෑ” කියල. ඒ කේස් එක එතනින් ඉවර උනා.
මේ කේස් එක මතක් උනේ ලංකාවේ ප්රශ්න ගැන කතා කරන්න අද දෙමළ සන්ධානෙ මන්ත්රීවරු ඉන්දියාවෙ අගමැතිතුමා මුනගැහෙන්න නියමිතයි කියන නිව්ස් එක ඇහුවම. රජයේ සේවයේදි අර විදියට වැඩ සිදුවුනාට මහජන නියෝජිතයන්ට පුළුවන් ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිව උනත් විදේශ නියෝජිතයන් මුනගැහෙන්න-ප්රශ්න කතා කරන්න. එයාලට කොහේ ගියත් බෙදාගන්න තියෙන්නෙ වෙන හැන්දක්නේ.
රාජ්ගෙ නවාතැන
Tuesday, June 18, 2013
පරණ කතාවක් සහ අලුත් කතාවක්!
මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම තියෙන්නෙ දේශපාලන, කතන්දර සහ රාජ්ය සේවය ගැන ලියවිච්ච. අද කියන්න යන්නෙ මේ තුනම සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ මතක් උනේ අද උදේම ටීවී එකේ පත්තර කියවන වැඩසටහනක් බලද්දි.
Thursday, June 13, 2013
සේවාදායක තෘප්තිය, හොඳ වර්ගයේ තල කැරලි සහ කිතුල් පැණි
කාලෙකින් කතන්දරයක් කියන්න බැරිවුන නිසා මෙන්න ඒකට අවස්තාව.
ඔන්න ලඟදි දවසක අපේ කාර්යාලෙට ආව උසස් නිලධාරීන් වීමට පුහුණු වෙන තරග විභාගයකින් පාස්වුන කස්ටියක්. සාමාන්යයෙන් මේ වගේ උදවිය කාලෙන් කාලෙට එනව පුහුණුවට. මේගොල්ලට තියන පුහුණුවෙ එක අංගයක් තමයි සේවා දායකයන් ගැන හෙවිල්ලෙන් ඉඳීම. ඒ කියන්නෙ ආයතනයේ එක එක අංශ වලට තමුන්ගෙ වැඩ කරගන්න එන ජනතාවගෙ තෘප්තිය-මේකට කියන්නෙ සේවාලාභී තෘප්තිය කියල, එහෙම නැතුව එක එක ගොඩ වෙදකං වලින් ගන්න තෘප්තිය නෙවේ- ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් සිටීම.
ඔන්න දවසක් මේ නෝන-මහත්වරු සෙට් එක ෆෝම් කොල ටිකකුත් අරගෙන ගියා අපේ ඉඩම් අංශයට. මේ කිව්ව ෆෝම් එක එක්තරා විදියක ප්රශ්න පත්තරයක්. ප්රශ්න හතලිහක් පනහක් තිබුන. ඉතිං ඉඩම් අංශයට ආපු කස්ටමර්ලට මේ ප්රශ්නපත්තර බෙදල කිව්ව යන්න කලින් මේක පුරවල දෙන්න කියල.
සාමාන්යයෙන් අපේ කාර්යාලෙ තියන පලාත වගේ දුෂ්කර පලාත්වල කාර්යාල වලට එන බොහොමයක් මිනිස්සුන්ට ෆෝම් එකක් පුරවගන්නවත් තේරුමක් නෑ. අනිත් කාරණය තමයි මේ වැඩ කරගන්න එන්නෙ දැනුවත්භාවයෙන් අඩු උදවිය. ඒකටත් හේතුවක් තියනව. උදාහරණයක් විදියට රස්සාවක් කරන කෙනෙකුට තමුන්ගෙ උප්පැන්න සහතිකයක් ගන්න ඕනවුනා කියල හිතමු. ඉතිං එයා නිවාඩු දාල ඒ වැඩේට එන්නෙ නෑ. තමුන්ගෙ අම්ම හරි තාත්ත හරි තමයි එවන්නෙ. මේ කේස්එක නිසා තත්වය දරුණු වෙන හැටි තේරෙනවනේ. මේ වගේ දේට එන මනුස්සයො තමන්ගෙ අයදුම්පත්රය පුරවාගන්නෙ කාර්යාලෙම කාටහරි කියල, නැත්තං ඒ වැඩේටම ආපු කෙනෙක් ලවා.
ආයෙත් කතාවට ආවොත්, ඉඩම් අංශෙට ආපු වයසක මනුස්සයට ලැබුනනේ මේ වගේ ප්රශ්න කොලයක්. එයා ඒක අරගෙන ආව මගේ ලඟට.
“මහත්තය මේක පුරවල දෙන්නකෝ...... මගේ ඇස් පේන්නෙත් නෑ” මම බැලූකොට මේක අපේ හරි වැරදි හොයන්න ගහපු ප්රශ්න පත්තරයක් නෙව. මම එයාට ඒක පැහැදිලි කලා.
“ම්..... මේක තියෙන්නෙ ඔහේල මේ කාර්යාලෙට ඇවිල්ල වැඩක් කරගත්තම හරි වැඩේ කෙරුනෙ නැත්තං ඒ ගැන ඔහේගෙ හිතේ තියන දේවල් කියන්න. ඒක මම පුරවල හරියන්නෙ නෑනේ”
“ඒ උනාට මහත්තය මට තේරෙන්නෙ නෑ ඕව. අඩුගානෙ මට කියන්න මේක පුරවන හැටි”
ඔන්න මම කියවන්න පටන් ගත්ත.
“මෙම කාර්යාලයේ උපකරණ භාවිතය ගැන ඔබේ අදහස කුමක්ද? ඒ, ඉතා අසතුටුදාටකයි බී අසතුටුදායකයි සී තරමක් හොඳයි ඩී හොඳයි ඊ ඉතා හොඳයි.............”
මංතුමා කල්පනා කලා මේ ප්රශ්නෙ ගැන, “හෑ! කාර්යාලෙ තියන උපකරණ ගැන මේ මනුස්සය දන්නෙ කොහොමද? මුන්ට පිස්සු!”
මේ වැඩේ හරියන එකක් නෙවේ. මම ඊට පස්සෙ ඇහුව මොකටද ආවෙ? අපු වැඩේ කෙරුනද? ඒකට දවස් කීයක් ආවද කියල.
බැලින්නං මොකද්දෝ ලේසිපාසු නැති ඉඩම් කේස් එකකට මෙයා ඇවිල්ල තියෙන්නෙ. දවස් දහයක් විතර ඇවිල්ලත් තියනව. ඒ වගේම තව දවස් ගානක් එන්නත් තියනව කේස් එකේ බරපතලකමට. අන්තිමට මම ප්රශ්න පත්තරේ ආපිට දීපු කෙනාටම දෙන්න කිව්ව. මේ වගේ දෙයක් කරද්දි ටිකක් දැනුම තේරුම ඇති කෙනෙකුට දෙන්න ඕන. නැත්තං වැඩේ මුළුමනින්ම අසාර්ථකයි.
*************************************************************************
මේ තවත් කතාවක්. ඔන්න සේවාදායකයන්ගේ තෘප්තිය පිලිබඳ පුහුණුවකට ගියා කාර්යාලෙක එක්තරා නිලධාරිණියක්. මේ පුහුණුවෙදි උගන්නන්නෙ මිනිස්සුන්ට යහපත් ආකාරයට සලකන්නෙ කොහොමද කියන කාරණාව. සේවා දායකයා කරන්න බැරි දෙයක් කරල දෙන්න කියල ඉල්ලීමක් කලත් කාරුණිකව ඉල්ලීම ප්රථික්ෂේප කරන්නෙ කොහොමද වගේ කාරණා තමයි ඉගනගත්තෙ.
ඔන්න සතියක විතර ට්රේනින්එක අවසානයේ අර නෝන වැඩට ආව. එයා හිතාගෙන ආවෙ තමුන් ඉගනගත්ත දේවල් ප්රායෝගිකව අත්හදා බලන්න. ඔන්න එනව සේවා දායකයෙක්, නෝන ටක් ගාල එයා පිලිඅරගෙන වාඩිවෙන්න කියල බලෙන්ම ඉස්සරහ තිබුන පුටුවෙ වාඩිකලා. සේවා දායකය මොනවදෝ කියන්න හැදුවත් නෝනගෙ කාරුණික වචන ඔහුගේ චචන අභිබවාගියා. නෝනගෙ දිග වාක්ය කිහිපයකට පස්සෙ සේවා දායකයට පුළුවන් උනා තමුන්ගෙ කටටත් අවස්තාව ගන්න.
“නෝන මම ආවෙ..... හොඳ තළ කැරලි තියනව ගන්නවද?...... හොඳ කිතුල්පැණිත් තියනව,.....කලවං නෑ,....... කාල බලල ගන්න පුළුවන් නෝන.........”
බැලින්නං මේ හාදය බඩු විකුණන කෙනෙක්! මේවගේ උදවිය අපේ කාර්යාල වලට එනව ඕන තරම්. අපරාදෙ නෝනගෙ කාරුණික වදන් ටික!
Monday, June 10, 2013
දිවිය ලෝකෙත් ප්රශ්න!
සදෙව්ලොවට අධිපති ශක්ර දේවේන්ද්රයන් බඹලොව බලා සැපත් වූයේ මහා බ්රහ්මයා සමඟ සුහද පිළිසඳරකටය. ඒ දෙව්ලොව සහ බඹලොව ඇති මිත්රත්වයේ නාමයෙනි. එහෙත් වැඩි වේලාවක් පිලිසඳරේ යෙදීමට නොහැකි විය.
“ශක්ර ඔබ දැන් යායුතුයි. විසඳීමට ප්රශ්නයක් ඔබේ දිව්ය ලෝකයේ ඇත”
“නැත මිතුර! සියළු ප්රශ්න විසඳා අවසන්ය. පාණ්ඩුකම්බලාසනය පාවිච්චියද අත්හල පසු ප්රශ්න ඇත්තේම නැති ගානය”
“එසේ නොවේ, මෙය අලුත් ප්රශ්නයකි. නුවණැතිව කටයුතු කල මැන!”
ශක්ර තෙමේ කල්පනා කරමින් රථයට ගොඩවිය. අලුත් ප්රශ්නයක්, අලුත් ප්රශ්නයක්.
“විගහට යං මාතලී......ලෑල්ලට පාගල යං......”
ඔහු දෙව්ලොවට පැමිණෙන විට අමුතු යමක් සිදුවී ඇති බැව් පෙනිනි.තැන තැන රැස්වූ දිව්ය පුත්රයන් පිලිසදරෙහි යෙදී සිටි අතර දිව්යාංගනාවන්ද වෙනදා තුබූ සුළු සුළු අමනාපකම් අමතක කරමින් කතාබහේ යෙදී සිටියෝය. එහෙත් ඔවුන් පැලඳි මල් මාලා මැලවී ඇති සෙයකි. වෙනදා ඇති මඳ සුලඟද තරමක් චන්ඩ වී ඇති සෙයකි. දෙව්ලොව එක් අන්තයක පිහිටි කල්ප වෘක්ෂය යට එකම අවුල් ජාලයකි.
“මොකද කලබලේ!....” රථයෙන් බසිමින් ශක්ර විමසීය.
“ඔබ වහන්සෙට ආරංචිද?” එක් දිව්ය පුත්රයෙක් වහා ලඟට පැමිණ ශක්රයා අතැති පැස අතට ගෙන ඔහුගේ සුරත නිදහස් කලේය.
“මට බ්රහ්ම කිව්ව ප්රශ්නයක් කියල, ඒකයි මම ආවෙ”
“සුරා පානය කල රුක් දෙවියන් රාශියක් අනවසරයෙන් දිව්ය ලෝකයට පැමිණියා ස්වාමීනි. ඔවුන්.....”
“ඇයි මොකද කලේ? කාගේ අවසර ඇතිවද ඔවුන් දිව්ය ලෝකයට පැමිණියේ? මනුලොව වෘක්ෂ තුල වාසය කරන ඔවුන්ට දෙව්ලොවට පැමිනීමට අවසර ඇත්තේ කල්පයකට වරක් බැව් අමතක වීද ”
“අතීතයේ අසුරයන් පැමිණි මඟ දිගේ ඔවුන් පැමිණ තිබෙන්නේ”
“ඊට පසු?”
“ටික දෙනෙකු කල්ප වෘක්ෂය අසලට ගොස් එයින් මනුශ්ය ලෝකයට ඇවැසි යම් යම් දේවල් ලබාගත්තා. කිහිප දෙනෙකු දිව්යාංගනාවන්ටද කරදර කර තිබෙනවා ස්වාමීනි” දිව්යාංගනාවක් පැවසුවාය.
“මොනවා?”
“එසේය ස්වාමීනි මල් නෙලමින් සිටි දිව්යාංගනාවන් කිහිප දෙනෙකුගේ අඟපසඟ වලින්ද අල්ලා තිබෙනව” ශක්රයාගේ අග මෙහෙසි දිව්යාංගනාව පැවසුවේ ඔහුගේ කනට ලං වෙමිනි.
“කල්ප වෘක්ෂයේ අතු කඩා දමා වනසා ඔබේ අමතර රථයටද හාණිකර ඔවුන් ගොස් තිබෙන්නේ”
“කල්ප වෘක්ෂයෙන් කංසා වගයකුත් ලබාගෙන තිබෙනවා ස්වාමීනි!”
“මහා විනාශයක් නොවෙද මොවුන් කර ඇත්තේ. කෙසේද මෙවන් බලයක් මොවුන්ට ලැබ්නේ?”
“ස්වාමීනි, ඔවුන් මනුලොවේ ආධාර උපකාර නිසයි මෙසේ හැසිරෙන්නේ” එවර කටහඬ අවදි කලේ රුක් දෙවිවරුන් සමඟ සම්බන්ධකම් ඇති මාතලීය.
“ඒ කියන්නෙ මාතලී?”
“මනුශ්ය ලෝකයේ, සිරි ලංකාවේ ප්රාදේශීය දේශපාලකයන් සමඟ ඔවුන් සම්බන්ධ වී ඇතිලු!”
“මො මොනවා...
“මාතලී...... පැන් කෙන්ඩිය ගේනෙන්න...... එතුමා විසඥ වූ හැඩයි”
Monday, May 27, 2013
අපේ හාමුදුරුවරු සහ බෞද්ධයෝ!
“ඉන්ද්රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!” යන හිසින් මෙම අඩවියේ මා පලකල ලිපියට ලැබුන ප්රතිචාර කිහිපයකි මේ,
“උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්රණය කරන විදියට ආමන්ත්රණය කරන්නේ උඹ ඒ හැම කෙනෙකුටම වඩා ශේෂ්ඨ වගේ හිතෙන නිසාද නැත්නම් ඒ උඹේ හැටි ද?.
“ඔබ මෙහි ඉන්ද්රසාර යනුවෙන් අමතන්නේ ඔබගේ මවගේ සොර සැමියාට නොවන බව මාගේ වැටහීමයි”
උක්ත සිද්ධිය අලලා කතන්දරකාරයා පලකල ලිපියට දැමූ ප්රතිචාරයකි මේ,
“අතුරු ලියේ රතන" උඹෙ තාත්තට කතාකරන විදියට ලියන්නේ එහෙනන් උඹ තනිකර පරයන්ට කඹුරන කතෝලිකයෙක් නේද? දැන්නෙ දන්නෙ”
ඉහත ප්රථිචාර තුනටම වඩා විශේෂ මේ ප්රතිචාරයපලවී තිබුනේ w3lankaඅඩවියේ තිබූ ලිපියටයි.
“අදහස නම් හොඳයි ඒත් භික්ෂුන් වහන්සේ නමකට නමින් ඇමතීමට තරම් උද්දච්ච කමක් ඔබට ආවේ කොහොමද? කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව ඔබ ඉගෙන ගත ආනන්ද විද්යාලයේදී උගත්තේ නැද්ද?”
මෙම අදහස් වලින් කියවෙන්නේ කුමක්ද? ශ්රී ලාංකීය බොදු බහුතරයක් තවමත් බුදුන් වහන්සේගේ ශ්රී සද්ධර්මය පමණක් නොව උන්වහන්සේගේ ගෝලයන් යයි කියාගත් වත්මන් සංඝ පරපුර වදාරන ‘ධර්මය’ කුමක් වුවත්, කිසිදු තර්කයකින් තොරව පිලිගැනීමට සූදානම් බවය. මොවුන් කරන්නේ කාලාම සූත්ර දේශනාවෙන් බුදුන් වහන්සේ දෙසූ, යමක් තර්ක කර සිතින් විග්රහකොට පිලිගැනීම අමතක කර දමමින් චීවරය දරන්නාවූ ඕනෑම අයෙකු කියන්නක් දොහොත් මුදුන් දී පිලිගැනීම නොවේද?
වසල සූත්රයේදී බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ යමෙකු වසලයෙක් වන්නේ උපතින් නොව ක්රියාවෙන් යනුයි. කහ පටියක් ගෙලෙහි එල්ලාගත් පමණින් ඔහුගේ සිල්වත්කම පිලිබඳව තීරණය කිරීම කොතරම් අනුවනකමක්ද! එය බුදු දහමට ඇති නොගැලපීම ඔවුන්ට නොපෙනේද? මෙවැනි ‘බෞද්ධයන්ට’ අනුකම්පා කිරීමත් නුවණ පහලවේවායි පැතීමත් හැර අන් යමක් කල නොහැක.
වැදගත් කාරණාවට බහින්නේ දැන්ය.
ඉහත ප්රතිචාර වලින් කියවෙන්නේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම සම්බන්ධවත් සංඝ්යා වහන්සේලා සම්බන්ධවත් ඇති ගෞරවනීය බවයි. “අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත. චීවරය දැරීමට නුසුදුස්සන් හට පවා දොහොත් මුදුන් දී වැඳීමත් ගෞරවනීය අයුරින් ඇමතීමටත් බෞද්ධයන් නොපැකිලේ. එය ඔවුන්ගේ වරදක් නොවේ. චිරාත් කාලයක් ලාංකීය සංස්කෘතියට බද්ධ වී ඇති දහමටත් එහි අනෙකුත් අංග වලටත් ඇති ගෞරවය තර්කයෙන් ඉක්මවා යාමට ඇති අකමැත්තයි.
ප්රශ්නය ඇත්තේ එතන නොවේ. බෞද්ධයන්ගේ මෙම ගරු සැලකිලි වලට ලක්වීමට තරම් සුදුසු තත්වයක බොහෝ භික්ෂූන් නොමැති වීමයි. බුදු දහමේ හැටියට බොරුවක් කීම පවා පාපයකි. පාපයට මුල් වන්නේ චේතනාවයි. නැති සිල්වත් බවක් පෙන්වමින් තමාට අයත් නොවන ගෞරවයක් ගිහියන්ගෙන් ලබාගැනීම ඊටත් වඩා පාපයකි. මක්නිසාද යත් මොවුන් ක්රීඩා කරන්නේ අහිංසක මිනිසුන්ගේ චෛතසිකයන් සමඟ වීමය. | hplt_2 |
2012-02-20
බොරු සහනාධාර එපා තෙල් මිල අඩු කරනු
තෙල් මිල සංශෝධනය නිසා ජනතාවට යම් අසාධාරණයක් වුණා නම් ජනතාව මුලින්ම කළ යුතු වන්නේ තමන්ට වූ අපහසුව පියවා ගැනීමට අවශ්ය තරම් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව හිටපු මාක්ස්වාදියකු වන මේ ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ ඇමතිවරයා වනාහි කලකට ඉහතදී ලෝක වෙළඳපොළේ මිළ ගණන් ඉහළ යන විට රටේ ද මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ අයෙකි.
“සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යන සටන් පාඨය වැරදි ද?
ඔන්න මේ දිනවල මහා සද්දයක් දමමින් භූමිතෙල් සහනාධාර කූපන් වගයක් බෙදා දෙමින් තිබේ. ඒවා දෙන්නේ විදුලිය නැති නිවාසවල ජීවත් වන පවුල්වලට ය. එක පවුලකට මසකට රු. 200ක් ම වටිනා කූපන් දෙනු ලැබේ. කඩුවෙලදී විමල් වීරවංශ ඇමතිතුමා සහභාගි වූ උත්සවයේදී 150කට මෙසේ භූමිතෙල් කූපන් දුන් බව වාර්තා වේ. ඒ අනුව රු. 30,000ක් ම වටිනා භූමිතෙල් කූපන් දී තිබේ. ඒවා බෙදා දුන් උත්සවයට අඩු ගණනේ රු. ලක්ෂ තුනක්වත් බිල් දමන්නට ඇත.
දැන් මේ කූපන්ලාභීන්ට කූපන් එකත් අතේ තියාගෙන දවස පුරා කරන්නට වැඩ තිබේ. දැන් ඔවුන් සමුපකාර කඩයට භූමිතෙල් එන්නේ කවදාදැයි නිතර සොයා බැලිය යුතු ය. එසේ එන දවසට උදෙන් ම ගොස් පෝලිමේ සිටිය යුතු ය. සහනාධාර භූමිතෙල් කවදා හෝ සමුපකාර කඩයට එන තෙක් පොඩි එවුන්ගෙන්, මීයන්ගෙන් කූපන් පත පරිස්සම් කර ගත යුතු ය. භූමිතෙල් කූපන් නො ලැබුණු දුප්පත්තු කූපන් ගන්නට අයදුම් කළ යුතු ය. අභියාචනා ලියාගෙන කන්තෝරු ගානේ යා යුතු ය.
මේවා කරන්නට ගිය විට දවසේ කුලියක් කර ගතමනාවක් සොයා ගන්නට ලැබෙන්නේ නැත.
මීට කලින් ත්රිරෝද සඳහා මෙවැනි ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දෙන ලදී. කිසිවෙක් එය ලබා ගත්තේ නැත. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ආණ්ඩුවේ කන්තෝරුවලින් එකී සහනාධාර ලබා ගන්නට වන්නට සිදු වන රස්තියාදුවේ මිළ ඉන්ධන සහනාධාරයට වඩා බෙහෙවින් වැඩි නිසා ය.
ආණ්ඩුවට මේ සහනාධාර ක්රමය ක්රියාත්මක කරන්නට හොඳ තැනක් ඇත. ඒ ලංගමයි. ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. වැඩි කළ ලංගම බස් ගාස්තුව අඩු කළ හැකි ය. ලංගමට ඉන්ධන සහනාධාරයක් දිය හැකි ය. එසේ නො කර ලංගම බස් ගාස්තුව වැඩි කළේ ඇයි?
ලංගම සේවකයෝ බස් ගාස්තුව වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කළේ නැත. බොරු සහනාධාර එපා, බස් ගාස්තු අඩු කරන්නැයි උද්ඝෝෂණ කළේ ප්රවාහන ඇමති කුමාර වෙල්ගම වැනි බස් මුදලාලිලා පමණි. විමල් වීරවංශගේ තර්කය එතැනට අදාළ නැද්ද? එතැනදී ක්රියාත්මක වුණ රාජ්ය නො වන සංවිධානය කුමක්දැයි ඇමතිවරයා රටට කියනවා ද?
ජනතාව මේ බොරු සහනාධාර ප්රතික්ෂේප කළ යුතු ය. මේවා ලැබෙන ඒවා නො වේ. ලැබුණත් ලැබෙන්නේ සුළු පිරිසකට පමණි. ඒ සුළු පිරිසට ද එකී සහනාධාරය ගැනීම සඳහා විඳින්නට සිදු වන පාඩුව අධික ය.
ආණ්ඩුව සහනාධාර දෙන්නට කරදර වන්නට ඕනෑ නැත. කළ යුත්තේ ඉන්ධන මත පනවා ඇති අධික බදු අඩු කිරීම හා තෙල් සංස්ථාවේ කටයුතු කාර්යක්ෂම කිරීම පමණි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
5 comments:
බෝතල් දෙකක්වත් ගන්න මදි සහනාධාරේ දන ගහල වැඳලා ගන්න එවුන් ඉන්න රටක මොන විප්ලවද.. මේ කාළකන්නි කන්න නැතුවම මැරිලා යන්න ඕන..ReplyDelete
- ක්රිෂ්ණාFebruary 20, 2012 at 8:32 PM
වීරවංසයා කවදාවත් මාක්ස් වාදියෙක්ව හිටියේ නෑ ඌ අම්බ ගොත්රිකවාදියෙක්.ReplyDelete
- indika pereraFebruary 20, 2012 at 9:27 PM
මෙයා කලකට පෙර ලෝක බැංකුවෙන් ප්ලග් එක ගැලවීය. ප්ලග් එක නිකන් තිබුනාට වැඩක් නැත .එය කොහේ හෝ ගැසිය යුතුය . මට හිතෙන හැටියට ඒක වෙන කොහාට හරි ගසා ඇත . මේ ප්රශ්න ඔක්කොම ඒ නිසාය . අපි ඒකත් ගලවමුය. එතකොට හරිය . ඔබට සුබ අනාගතයක් !ReplyDelete
This writer does not understand basic economic fundamentals. If he were our president, we would have nice and happy life but our kids will not have a country to live in. your arguments are ridiculous and this government will not reverse their decision. Simply you are wasting your cheap time and this forum won't build your political aspirations.ReplyDelete
- AnonymousFebruary 21, 2012 at 2:12 PM
Wrtter Piyal knows nothing, he looks die hard now bankrupt govt. supporter.ReplyDelete
This country's economy is run by donkeys. Why can't they understand Kerosine is used by poor people ?
White Elephants like Hambantota Harbour (with a mammoth stone), Chinese coal power plant (with used machinery), southern high way (cost over Rs.100 billion)have never brought any good to this country.
Unwise projects & waste , corruption by ruling junta have brought in present sad situation & poor people have to pay for their sins. | hplt_2 |
මේ විවේචන ක්රියාවලිය ඔද්දල් වූවිට එය පවුල් ජීවිතය තුලටද හෙමින් සීරුවේ රිංගා යනු මා දැක ඇත්තෙමි... ජීවිත අත්දකීම් පොතපතින් ලබා ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.... පවුල්ජීවිතයට මුහුණ දිය යුත්තේ විවෘත මණසකිනි... අනෙකා තේරුම් ගැණීම පසෙක ලා තමා තමාම තේරුම් ගැණීමම යහපත් පවුල් ජීවිතයකට අඩි තාලම වන්නේමය... බොහෝ ගැහැණුන් පිරිමින් නිතරම් සිතන්නේ තමා අනෙකාව හෝ අනෙකා තමාව තේරුම් ගැනීම පවුල් ජීවිතයේ හරයය කියාය... මා තුල ඇත්තේ තරමක් වෙනස් අදහසකි... අපි යම් මානසික හෝ නීතිමය පදනමකින් බැඳුනාවූවෙමු.... ඒ බැඳීම යම් මිහිරි බවක් ජීවිතයට එකතු කලානම් ඒ වෙනුවෙන් ඉන් මත්තෙහි ඇතිවන සිත් රිදවීම් කරදර කම් කටොලු සියලු දේ ඉවසීමම දීර්ඝ කාලින සන්තුෂ්ටියට හේතුවන බව මම අදහමි... අත්දැකද ඇත්තෙමි... වරකුත් කියූ පරිදි වහා ඇවිලෙන සුලු හයිඩ්රජන් හා ඔක්සිජන් ගුණ ඇසුරෙන් ඒ දෙක සංයෝග වී සැදුනු ජලයෙහි ගුණ නිර්වචනය කිරීමට ඉක්මන් නොවෙමි....
තිබූ අනේක ආර්ථික අවහිරතා හමුවේ, බොහෝ පමාවී තිබූ, ලොකු දරුවා වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වී තුබූ භාරයක් ඔප්පු කරන්නට මහනුවරට දුම්රියෙන් ගොස් ආ ගමන මට සිහිපත් වේ... දරුවාට ගමන් මහන්සියට අසුන මතම නින්ද ගොසිනි... ඇයද ආහාර සූදානම් කරන්නට පාන්දරින්ම නැගිටි නිසාත් ගමන් මහන්සිය නිසාත් තෙහෙට්ටුවෙනි... ඇ මගේ උරිස මත හිස තබා ගත්තාය... මට අප පෙම්වතුන් ලෙස මෙලෙස ගතකල කාලය මතක් විණි... මම අගේ මුහුණ දෙස හොඳින් බැලීමි.... දුම්රිය බිංගෙයකට අතුලුවිණි....
"හොරා........!!!"
සිනාසුණෙමි මම, අවිහිංසක ඈ කෝල බැලුම් හෙලුවාය......
ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...
ළඟ ම තබාගෙන, මුතු කැටයක් ලෙස...
මේ කුළකින් රිංගන, තරු එළියක් ලෙස...
මිහිර විඳින්නම්, ළඳුනි දයාබර...
කාලයක් අයාලේ පාවී ගිය සිත...
ලැගුම් සොයයි, උණුසුමින් කැදැල්ලක...
ආදරය තරම් සුවයක් මිහිමත නැත...
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...
සාගරය තුරුල්ලේ, යාවී ගං දිය...
විඩා නිවයි, සිඳු රළින් හැඟුම්බර...
ස්නේහයක උපන්, කවියක් කැටතලයක...
ලියා තබමි නුඹ නමින් සනාතන...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
පසු ලිපි: ගීතයේ නිර්මාතෲන් ගැන මෙතැනින් කියවන්න | hplt_2 |
ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.
ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.
පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...
ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.
ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...
'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'
ඒත් පොඩි එකාගෙ ඇඬිල්ල නැවතුනේ නෑ...
'ඔයත් ඉඳගන්න අනේ...'
ශානිකා සුරංගට කිව්ව. සුරංග ගිහාන් දිහා බලාගෙනම ශානිකා ළඟින් බිම ඉඳගත්තා...
'හරි මගේ සුදු අම්මි තාත්තිත් දැන් බිම. දැන් බයි කන්නකෝ'
සුරංග කිව්වා.
'මරු ළමයි හැදිල්ල.'
ගිහාන් හිතුවා.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/
) | hplt_2 |
ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි තැන ගමේ ගෙදරක වැඩ පලකට යාළුවෙක් එක්ක ගිහින් උදවු වෙලා ගානක් හොයාගන්නත් මම පුරුදු වුණා . පිරිත් කොටුවක් ගහලා , මගුල් ගෙදරක උදවු පදවු කර දීලා , කැඩුණු පරිගණකයක් හදලා දීලා මම මගේ ගාන හොයාගෙන ජීවිතේ ගෙවාගත්තා . මේ කියන්න යන කතාවට මුල් වුණෙත් මම සල්ලි හොයාගන්න කල එක වැඩක් .
"සඳරුවා මම මේ උඹව හම්බුවෙන්න කියලා උඹලෑ ගෙදරත් ගිහින් එනගමන් . උඹලෑ ගෙදරින් තමා කීවේ උඹ මෙහාට ආවා කියලා ."
තරිඳු එහෙම කීවම මම හිතුවේ සුවර් එකටම මගෙන් ගාණක් කපාගන්න මාව හොයනවා ඇති කියලයි .
"අනේ මචං සල්ලි වලින් නම් බෑ ඕං . සෙට් වෙන්නත් බෑ මේ දවස් වල ලෙලි ගිහිං ඉන්නේ ..!"
"කවුද යකෝ සල්ලි ඉල්ලුවේ . ? තොගෙ සල්ලිය තියාගං . තොපිට කතාකරන්න ආවට අපේ කටවල් වල හුඹස් බඳින්න් ඕනෙ ."
තරිඳුවගේ මූණටම සල්ලි ගැන කීවට මටත් ටිකක් විතර හිතට හරි නෑ . ඌ මගෙන් කීප වංගියක් සල්ලි නම් අරගෙන තියනවග ඇත්ත ඒත් ඌ ඒවා නියම වෙලාවට පියෙවුවා . සෙට් වුණ වෙලාවට වුණත් තරිඳු මටත් එක්ක සල්ලි දාලා බජට් එක සමබර කරපු වෙලාවල් අනන්තයි .
"කියපං තරිඳු මගෙන් මොනා වෙන්න ඔනෙ ?"
"මචං උඹගේ ෆෝන් එකවත් වැඩ නෑනේ .."
"ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙලා බං උඹ කියපං . මොකක්ද කේස් එක ?"
"පොඩි වැඩකට උඹව සෙට් කරගන්න කියලා .."
තරිඳුවා කොහොමත් හිත හොඳ එකා . මට මතකයි එක කාලයක් ඌට රස්සාවක් ඕනෙ වෙලා ඉන්නකොට මම ඌට මම දන්න කියන තැනක රියදුරු රැකියාවක් හොයලා දුන්නා . පස්සේ ඒ රැකියාවත් උගේම විසේ නිසා නැති කරගත්තා වුණාට මට කෙලවෙලා ඉන්න මේ කාලේදී තරිඳුවා මටත් වැඩ කීපයක්ම සෙට් කළා . ඉතින් තරිඳු අරගෙන ආපු මේ වැඩෙත් මොකක් වුණත් කරනවා කියලා මම හිත හදා ගත්තා .
"මොකක්ද මචං වැඩේ .. ?"
"පොඩි ගොඩ දැමිල්ලක් තියනවා හරියටම හරියාවි පරම්පරා හතක් ගොඩ , පොලිස් කේස් ආමි කේස් මුකුත් නෑ .."
මම ගැස්සිලා ගියා . ගොඩ දැමිල්ලක් කියන වචනේ ආයේ මට තේරුම් බේරුම් කරන්න ඕනෙ වුණේ නෑ .. තරිඳු ඒ කීවේ නිධානයක් ගැන .
"අනේ මචං ඔවුවට නම් එන්න බෑ උඹ යන්නත් එපා .මම උඹට යන්න දෙන්නෙත් නෑ ."
"උඹට එන්න බැරි නම් අවුලක් නෑ ඒත් උඹ කාටවත් කියන්න එපා . උඹ නෙවේ කවුරු කීවත් මේ වැඩේ මම නම් කරනවා . මොකද මම දන්නවා මම මේ කරන්න යන්නේ හොර කමක්වත් වංචාවක් වත් නෙවෙයි කියලා ."
"මොකද යකෝ හොර කමක් නොවෙන්නේ ?"
"මචං මේක තියෙන්නේ එකෙක්ගේ ගෙදර වත්තේ .. ඌත් එක්ක අපි එකතු වෙලා තමයි මේක ගන්නේ .."
"ඇයි වත්ත අයිති කාර ගොයියට තනියෙන් ගන්න බැරුවටද උඹලා යන්නේ ?"
"මේ වැඩේට පිරිමි හයක් ඕනෙ . එක ගෑනියෙක්වත් ගන්න බෑලු . ඒකයි මේ වැඩේට අපිත් යන්නේ" . දෙලොවක් අතර හිරවෙච්ච මම කරකියාගන්න දෙයක් නැතිව ටිකක් වෙලා මොනවා කියන්නද කියලා හිතමින් උන්නා . අන්තිමේදී මම තීරණය කලා මේ ගැන තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා .
එදා මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහාපිට ඉඳගත්තාමයි මට මතක් වුණේ මගේ අන්තර්ජාල සබඳතාවය මුදල් නොගෙවීම නිසා විසන්දි කරලා තියන විත්තිය . කන්න නැතත් බොන්න නැතත් කොහොමද අප්පා අන්තර් ජාලේ නැතිව ඉන්නේ ? . මට පිසු හැදෙන්නයි ගියේ . දැන් ඉතින් තරිඳු ගෙනාපු වැඩේට බහිනවා ඇරෙන්න ආයේ කරන්න දෙයක් නෑ . මම හිතුවාට වඩා ඉක්මනින් ලේසියෙන් මගේ තීරණය අරගත්තා . මම එවේලෙම තරිඳුවාට කෝල් එකක් දුන්නා .
"තරිඳු කොහේ බං ඕක තියෙන්නේ ?"
"මුලිං වචනේ දියංකෝ එනවද නැද්ද කියලා ."
"එන්නං හැබැයි මේ මායිමේ විතරයි කැලෑ අස්සෙයි හැතැප්ම ගණං දුර ගම්මාන වලයි නම් මොනා තියනවා කීවත් මම නම් එන්නේ නෑ . අනික තමයි දැං ඔය සෙට් වෙලා ඉන්න අනික් එවුන් මට දිරෙවුවේ නැත්තම් මම ඒත් එන්නේ නෑ . "
"තියෙන්නේ මේ ළඟපාත මම ඇරුණම උඹ තව දන්න කියන පස් දෙනෙක් තමා ඉන්නේ . තව ගුරුන්නාන්සේ කෙනෙකුයි උගේ පුතයි එනවා . උඹට මම හෙට කෝල් එකක් දුන්නාම හිච්චිලාගේ ගෙදරට වරෙන් . එතකොට සේරම දැන අඳුනගෙන කතාව කරගෙන ගිය හැකි ."
තරිඳුගේ වැඩේ භාරගත්තාට මොකද මගේ හිතට මහ බරක් දැනෙනවා ඒත් එක්කම හිත ඇතුළෙන් අමුතු සතුටකුත් ඉඳන් හෙමිහිට හිනා වෙනවා . ඔය ඔක්කෝම නිසා ඇතිවෙච්ච පීඩනයට මන්දා මට දෙතුන් වතාවක් කක්කුස්සියට යන්නත් වුණා . ජීවිතේ තියෙන්නේ විඳින්න නම් මොකටද අපි විඳවන්නේ . කටවත් අයිති නැති දෙයක් නෙව අපි ගන්න යන්නේ . ඉතින් මොකටද තවත් කතා . ඔය වගේ කතා වලින් මම මගේ ගැහෙන හිත සනසාගත්තා .
පහුවදා දවල් දෙක වෙනකොටත් මට තරිඳුගෙන් කෝල් එකක් නම් ආවේ නෑ . ඉවසිල්ලක් නැතිව හිටිය මම බලාන ඉඳලා බැරිම තැන ඌට කෝල් එකක් දුන්නා .
"තරිඳු මොකෝ වැඩේ ?"
"ආ සඳරු තව විනාඩි පහකින් විතර මම එන්නම් . ලැහැත්ති වෙලා ඉඳපන් . මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඒකයි ගන්න බැරි වුණේ ."
ටික වෙලාවකින් තරිඳු ආවා . මමයි ඌයි දෙන්නා අපේ ගෙවල් වලට ටිකක් විතර දුරින් ඉන්න හිච්චි කියන අපේ යාලුවාගේ ගෙදරට ආවා . අපි හිච්චිලාගේ ගෙදර යනකොට ගෙයි පිළිකන්නේ තවත් කීප දෙනෙක් වාඩිවෙලා උන්නා .
එක්කෙනෙක් තමා ගමේ කා අතරත් හොඳ නමක් තියාගෙන උන්නු රුක්මන් මහත්තයා . මිනිහා මගෙත් එක්ක නම් වැඩියෙ කතා බතා කරලා නෑ . ඒ ඇරුණාම සුනන්ද අයියත් , සේන අයියත් හිච්චිත් පිළිකන්නේ වාඩිවෙලා අපි එනකම් බලාන උන්නා . වෙනදා වගේම මමයි තරිඳුවයි තමා සෙට් එකේ බාලම එවුන් වුණේ . අපි කට්ටියම හිච්චිලගේ ගෙයි ඇතුළේ ප්ලාස්ටික් පුටුවල ඉඳගත්තාම රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .
"දැන් ඔයාලා මෙතන වෙන දේ හොඳට දන්නවා නේ .."
"රුක්මන් මහත්තයා ඇදලා පැදලා එහෙම කියනකොට සේන අයියා අයියා කට කැඩිච්චි කතාවක් කීවා ."
"මොනා හරි බොන ගමන් කතා කරන්න තිබුණා නම් තමා හොඳ ."
"රුක්මන් මහත්තයාට කේන්ති ගියා වුණත් එයා ඒ වගක් නොපෙන්වා කතා කළා"
"වැඩේ ඉවර වෙනකම් අරක්කු කටේ තියන්නෙපා . අනික තමයි මුලින්ම මම කියන දේ හොඳට අහගෙන ඉන්න"
රුක්මන් මහත්තයා වට පිට බැලුවේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා. හිච්චිගේ අම්මා වැඩට ගිහින් නිසා ගෙදර දවල්ට ඉන්නේ හිච්චි විතරමයි ඒ නිසාමයි ගමේ කොල්ලො කවුරුත් මලක් ඔතන්න බෝතලයක් කඩන්න පැණියක් බොන්න හදිසියකට තිප්පොල කරගෙන තිබුණේ . කවුරුත් ගෙදර නැති වග සහ සුද්දෙන්ම දැන කියා ගත්ත රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .
"මල්ලිලා අපේ ගෙයි වත්තේ පහළ කෑල්ලක පොඩි ගලක් තියනවා. අපේ තාත්තා එහෙම ඔය ගලේ දේව රූප කොටලා තියන නිසා පහන් හිටන් පත්තු කළා . මම දවසක් නිකමට වගේ ගුරෙක් ගෙන්නලා පොඩ්ඩක් බැළෙවුවා ඌ කියනවා එතන සෑහෙන වටින දෙයක් නිධන් කරල තියනවා ඇති කියලා . ඊට පස්සේ අපි පාතාල අඳුනක් බැලුවා . ඒකෙන් කියවුණේ එතන වටින දෙයක් තියනවාය පිරිමි හය දෙනෙක් ඒ ගොඩ ගන්න දේට අත ගහලා ගොඩ ගන්න ඕනෙය කියලා . ඒකයි මම උඹලව සෙට් කරගත්තේ . මගේ නෑයොන්ට වඩා මට තරිඳු , සේනක , හිච්චි මල්ලියි සුනන්දයි ෂුවර් , අපි සෙට් එකම කතා වෙලා තමයි සඳරු මල්ලිව මේකට ගාව ගත්තේ .. මල්ලි උඹ මේවට අකමැති නම් ගිය හැකි . අපේ කිසි අවුලක් නෑ .."
"නෑ රුක්මන් මහත්තයා මම වචනේ දුන්නා නේ මම ආයේ යන්නේ නෑ"
"එහෙනම් එච්චරයි අපි ගන්න දේ මගේ ඉඩමේ තියන නිසා වටිනාකමෙන් භාගයක් මට අනික් බාගේ ඔයාලා බෙදාගන්න . ඒක සාධාරණයි නේද ?"
ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය මහ අමුතුම වැඩකට අත ගැහුවේ මම අතගහල තියන වැඩත් එක්ක බලද්දී මේක තමා මම මගේ ජීවිතේටම කල අවදානම් වැඩිම දේ . යන්තම් වැරදුණොතින් කපෝතියි . ඒත් හරිගියොත් ගොඩම තමයි . ඒකත් නිකම්ම නිකම් ගොඩ යාමක් නෙවෙයි පරම්පරා හතක්ම ගොඩ යාමක් . | hplt_2 |
Friday, February 18, 2011
මගේ ක්රිකට් මතකයෙන් බිඳක් - 1
මම මුලින්ම ක්රිකට් බලන්න ඇබ්බැහි වුනේ 1996 ලෝක කුසලාන තරගාවලියත් එක්කයි. ඊට පස්සෙ 2003 විතර වෙනකම්ම වගේ මේ ඇබ්බැහි වීම මට තිබුණා. දැන් නම් ඒක අඩු වුනත් ආපහු ක්රිකට් උණ වැළඳිලයි තියෙන්නෙ.
මුලින්ම ක්රිකට් මතකයෙන් බිඳක් යටතේ මම කියන්න යන්නෙ 1996
ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ මතකයන් ගැන.
මට මතක විදිහට 96 ලෝක කුසලානෙ ලංකාව ගහපු පළමුවැනි මැච් එක ගැහුවෙ සිම්බාබ්වේ ටීම් එකත් එක්ක. සිම්බාබ්වේ තමයි මුලින්ම පන්දුවට පහර දුන්නෙ. සිම්බාබ්වේ ඉනිම නම් මට බලා ගන්න බැරි වුනා. දෙවෙනි ඉනිමෙදි කළුවිතාරන එක හතරෙ පාරක් ගැහුවට පස්සෙ කකුලේ ආබාධයකට කල් වුණා වගේ මතකයි. ඊට පස්සෙ ජයසූරිය ඇවිත් කකුල තද කරල ප්රථමාධාරයක් ලබා දුන්නත් ඊට ටික වෙලාවකට පස්සෙ කළුව දැවී ගියා. තරගය පැවැත්වුනේ මට මතක විදිහට SSC පිටියේදී.
ඊලඟට මතක තරගය තමයි කෙන්යාවත් එක්ක ගහපු මැච් එක. ඒකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. ඒ කාලෙ එක්දින ජාත්යන්තර තරගයකදි වාර්තා කරපු වැඩිම ලකුණු ගණන වෙච්ච ලකුණු 396ක් වාර්තා කරන්න ලංකාවට පුළුවන් වුණා. දෙවෙනි ඉණිමට ක්රීඩා කරපු කෙන්යාවත් මැච් එක අත අරින්නෙ නැතුව ලකුණු 250ක් විතර ලබා ගත්තා වගේ මතකයි. මේ තරගය පැවැත්වුනේ අස්ගිරිය ක්රීඩාංගනයේදී වගෙයි මට මතක.
ඊට පස්සෙ මතක තරගය තමයි එංගලන්තයත් එක්ක ක්රීඩා කරපු තරගය. මේක මට සම්පූර්ණයෙන්ම නරඹන්න බැරි වුනත් මතක හිටිය දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ජයසූරිය වාර්තා කරපු ශතකය. ඒ වගේමයි එංගලන්තෙ කඩුළු රකින්නා වෙච්ච ඇලෙක්ස් ස්ටුවර්ට්. (මට මතක විදිහට ඇලෙක්ස් ස්ටුවර්ට් තමයි කඩුළු රැක්කෙ. පස්සෙ කාලෙකදි ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකත්වයටත් පත් වුණා.) ඔහු මූණ පුරා රැවුල වවා ගෙන තමයි ක්රීඩා කළේ. සාමාන්යයෙන් එංගලන්ත කණ්ඩායමේ ක්රීඩකයෙක් රැවුල වවා සිටීම කලාතුරකින් දක්නට ලැබෙන දෙයක් නිසා ඒකත් සුවිශේෂී කාරණයක්.
අනෙක් මතක තියෙන තරගය තමයි ඉන්දියාවත් එක්ක අවසන් පූර්ව වටයේ ගහපු මැච් එක. තරගය පැවැත් වුනේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්රීඩාංගනයේ. මුලින් පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. පළමු ඉනිම යන්තමින් ගොඩ දාන්න ලංකාවෙ හැම ක්රීඩකයම පන්දුවට පහර දුන්න වගේ මතකයි. මහානාම කකුලේ ආබාධයකට ලක් වෙලා ඔහු වෙනුවෙන් කඩුළු අතර දුවන්න වෙනත් ක්රීඩකයෙක් යොදා ගත්ත වගෙත් මතකයි. (ඒ කාලෙ මහානාම කකුලේ ආබාධවලට ලක් වීම සාමාන්ය දෙයක්. ඒත් පුදුමයකට වගේ ජයසූරියත් එක්ක වාර්තාගත් සම්බන්ධතාවයක් පැවැත්වූ ටෙස්ට් තරගයේදී නම් ඔහුට කකුලේ ආබාධයක් ඇති වුනේ නැහැ.) ඒ වගේම හෂාන්, කුම්බ්ලේගේ පන්දුවකට ගහපු හතරේ පහරත් අමතක වෙන්නේ නැහැ. මේ තරගය ප්රේක්ෂකයන්ගේ නොසන්සුන්තාවය නිසා තරග තීරක වෙච්ච ක්ලයිඩ් ලොයිඩ් විසින් ලංකාවට ජයග්රහණය ලබා දෙනු ලැබුවා. එහෙම නැතත් ජය ගන්නෙ ලංකාවම තමයි.
අවසන් තරගය නම් දැන් රූපවාහිනියෙ පෙන්වනව. මේකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ඕස්ට්රේලියාව. ලංකාව වෙනුවෙන් අරවින්ද ශතකයකුත්, අසංග ගුරුසිංහ අර්ධ ශතකයකුත් වාර්තා කළා. ගුරා තමයි ලංකාව වෙනුවෙන් එකම හයේ පාර ගැහුවෙත්. (ඒත් අවාසනාවකට 1997දී ඔහු ක්රිකට් ක්රීඩාවෙන් සමු ගෙන ඕස්ට්රේලියාවෙ පදිංචියට ගියා.) තරගය පැවැත්වුනේ පාකිස්ථානයේ ගඩාෆි ක්රීඩාංගනයේ. තරගයේ වීරයා වුනේ අරවින්ද ද සිල්වායි. තරගාවලියේ වීරයා වුනේ සනත් ජයසූරියයි.
අද වෙනකොට 96 ලෝක කුසලාන තරගාලියේ ක්රීඩා කරපු ජයසූරියයි, අර්ජුනයි පක්ෂ දෙකකින් පාර්ලිමේන්ති මන්ත්රීවරුන් වී ඉන්නව. හෂාන් බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙක්. අරවින්ද ක්රිකට් තේරීම් කමිටු සභාපති. මහානාම තරග තීරකවරයෙක්. ගුරා ලංකාවෙත් නෑ. ධර්මසේන තරග විනිසුරුවරයෙක්. මුරලි විතරක් මේ පාර ලෝක කුසලානයට ක්රීඩා කරනව.
මේ කාලෙ මම වඩියෙන්ම කැමති ක්රීඩකයන්වත් කියල යන්න ඕන. මේ කාලෙ මම කැමති ක්රීඩකයන් වුනේ ගුරා, වසීම් අක්රම්, අරවින්ද වගේ ක්රීඩකයන්. ගුරාගෙ මූණ පුරා තිබිච්ච රැවුලත් විශේෂ දෙයක්. ඒ වගේමයි පන්දුවට පහර දෙන්න කලින් ඔළුව හෙල්ලීමත් විශේෂ දෙයක්. ගුරා කඩුළු රකින්නෙක් වුනත් කවදාවත් කඩුලු රකිනව බලන්න නම් මට ලැබිල නැහැ. ඒ වගේමයි ගුරා වේග පන්දු යවන්නෙක් විදිහට ක්රීඩා කලා 97 පැවතිච්ච තරගාවලියකදි. ඒ වගේමයි වසීම් අක්රම්ගෙ පන්දු යැවීමටත්, අරවින්දගෙ පන්දුවට පහර දීමටත් මම ඒ කාලෙ විශාල කැමැත්තක් දැක්වූවා.
සැ. යු. -මේ ලිපිය ලියුවෙ මගේ මතකය අනුවයි. ඒ නිසා මෙහි වැරදි කරුණු අඩංගු විය හැක. වැරදි කරුණක් තිබ්බොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.
මුලින්ම ක්රිකට් මතකයෙන් බිඳක් යටතේ මම කියන්න යන්නෙ 1996
ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ මතකයන් ගැන.
මට මතක විදිහට 96 ලෝක කුසලානෙ ලංකාව ගහපු පළමුවැනි මැච් එක ගැහුවෙ සිම්බාබ්වේ ටීම් එකත් එක්ක. සිම්බාබ්වේ තමයි මුලින්ම පන්දුවට පහර දුන්නෙ. සිම්බාබ්වේ ඉනිම නම් මට බලා ගන්න බැරි වුනා. දෙවෙනි ඉනිමෙදි කළුවිතාරන එක හතරෙ පාරක් ගැහුවට පස්සෙ කකුලේ ආබාධයකට කල් වුණා වගේ මතකයි. ඊට පස්සෙ ජයසූරිය ඇවිත් කකුල තද කරල ප්රථමාධාරයක් ලබා දුන්නත් ඊට ටික වෙලාවකට පස්සෙ කළුව දැවී ගියා. තරගය පැවැත්වුනේ මට මතක විදිහට SSC පිටියේදී.
ඊලඟට මතක තරගය තමයි කෙන්යාවත් එක්ක ගහපු මැච් එක. ඒකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. ඒ කාලෙ එක්දින ජාත්යන්තර තරගයකදි වාර්තා කරපු වැඩිම ලකුණු ගණන වෙච්ච ලකුණු 396ක් වාර්තා කරන්න ලංකාවට පුළුවන් වුණා. දෙවෙනි ඉණිමට ක්රීඩා කරපු කෙන්යාවත් මැච් එක අත අරින්නෙ නැතුව ලකුණු 250ක් විතර ලබා ගත්තා වගේ මතකයි. මේ තරගය පැවැත්වුනේ අස්ගිරිය ක්රීඩාංගනයේදී වගෙයි මට මතක.
ඊට පස්සෙ මතක තරගය තමයි එංගලන්තයත් එක්ක ක්රීඩා කරපු තරගය. මේක මට සම්පූර්ණයෙන්ම නරඹන්න බැරි වුනත් මතක හිටිය දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ජයසූරිය වාර්තා කරපු ශතකය. ඒ වගේමයි එංගලන්තෙ කඩුළු රකින්නා වෙච්ච ඇලෙක්ස් ස්ටුවර්ට්. (මට මතක විදිහට ඇලෙක්ස් ස්ටුවර්ට් තමයි කඩුළු රැක්කෙ. පස්සෙ කාලෙකදි ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකත්වයටත් පත් වුණා.) ඔහු මූණ පුරා රැවුල වවා ගෙන තමයි ක්රීඩා කළේ. සාමාන්යයෙන් එංගලන්ත කණ්ඩායමේ ක්රීඩකයෙක් රැවුල වවා සිටීම කලාතුරකින් දක්නට ලැබෙන දෙයක් නිසා ඒකත් සුවිශේෂී කාරණයක්.
අනෙක් මතක තියෙන තරගය තමයි ඉන්දියාවත් එක්ක අවසන් පූර්ව වටයේ ගහපු මැච් එක. තරගය පැවැත් වුනේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්රීඩාංගනයේ. මුලින් පන්දුවට පහර දුන්නෙ ලංකාවයි. පළමු ඉනිම යන්තමින් ගොඩ දාන්න ලංකාවෙ හැම ක්රීඩකයම පන්දුවට පහර දුන්න වගේ මතකයි. මහානාම කකුලේ ආබාධයකට ලක් වෙලා ඔහු වෙනුවෙන් කඩුළු අතර දුවන්න වෙනත් ක්රීඩකයෙක් යොදා ගත්ත වගෙත් මතකයි. (ඒ කාලෙ මහානාම කකුලේ ආබාධවලට ලක් වීම සාමාන්ය දෙයක්. ඒත් පුදුමයකට වගේ ජයසූරියත් එක්ක වාර්තාගත් සම්බන්ධතාවයක් පැවැත්වූ ටෙස්ට් තරගයේදී නම් ඔහුට කකුලේ ආබාධයක් ඇති වුනේ නැහැ.) ඒ වගේම හෂාන්, කුම්බ්ලේගේ පන්දුවකට ගහපු හතරේ පහරත් අමතක වෙන්නේ නැහැ. මේ තරගය ප්රේක්ෂකයන්ගේ නොසන්සුන්තාවය නිසා තරග තීරක වෙච්ච ක්ලයිඩ් ලොයිඩ් විසින් ලංකාවට ජයග්රහණය ලබා දෙනු ලැබුවා. එහෙම නැතත් ජය ගන්නෙ ලංකාවම තමයි.
අවසන් තරගය නම් දැන් රූපවාහිනියෙ පෙන්වනව. මේකෙදි මුලින්ම පන්දුවට පහර දුන්නෙ ඕස්ට්රේලියාව. ලංකාව වෙනුවෙන් අරවින්ද ශතකයකුත්, අසංග ගුරුසිංහ අර්ධ ශතකයකුත් වාර්තා කළා. ගුරා තමයි ලංකාව වෙනුවෙන් එකම හයේ පාර ගැහුවෙත්. (ඒත් අවාසනාවකට 1997දී ඔහු ක්රිකට් ක්රීඩාවෙන් සමු ගෙන ඕස්ට්රේලියාවෙ පදිංචියට ගියා.) තරගය පැවැත්වුනේ පාකිස්ථානයේ ගඩාෆි ක්රීඩාංගනයේ. තරගයේ වීරයා වුනේ අරවින්ද ද සිල්වායි. තරගාවලියේ වීරයා වුනේ සනත් ජයසූරියයි.
අද වෙනකොට 96 ලෝක කුසලාන තරගාලියේ ක්රීඩා කරපු ජයසූරියයි, අර්ජුනයි පක්ෂ දෙකකින් පාර්ලිමේන්ති මන්ත්රීවරුන් වී ඉන්නව. හෂාන් බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙක්. අරවින්ද ක්රිකට් තේරීම් කමිටු සභාපති. මහානාම තරග තීරකවරයෙක්. ගුරා ලංකාවෙත් නෑ. ධර්මසේන තරග විනිසුරුවරයෙක්. මුරලි විතරක් මේ පාර ලෝක කුසලානයට ක්රීඩා කරනව.
මේ කාලෙ මම වඩියෙන්ම කැමති ක්රීඩකයන්වත් කියල යන්න ඕන. මේ කාලෙ මම කැමති ක්රීඩකයන් වුනේ ගුරා, වසීම් අක්රම්, අරවින්ද වගේ ක්රීඩකයන්. ගුරාගෙ මූණ පුරා තිබිච්ච රැවුලත් විශේෂ දෙයක්. ඒ වගේමයි පන්දුවට පහර දෙන්න කලින් ඔළුව හෙල්ලීමත් විශේෂ දෙයක්. ගුරා කඩුළු රකින්නෙක් වුනත් කවදාවත් කඩුලු රකිනව බලන්න නම් මට ලැබිල නැහැ. ඒ වගේමයි ගුරා වේග පන්දු යවන්නෙක් විදිහට ක්රීඩා කලා 97 පැවතිච්ච තරගාවලියකදි. ඒ වගේමයි වසීම් අක්රම්ගෙ පන්දු යැවීමටත්, අරවින්දගෙ පන්දුවට පහර දීමටත් මම ඒ කාලෙ විශාල කැමැත්තක් දැක්වූවා.
සැ. යු. -මේ ලිපිය ලියුවෙ මගේ මතකය අනුවයි. ඒ නිසා මෙහි වැරදි කරුණු අඩංගු විය හැක. වැරදි කරුණක් තිබ්බොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.
Posted by Charith Weerakkody at 1:22 PM 3 comments:
Labels: ක්රිකට්
Friday, February 11, 2011
බතුයි, සම්බෝලයි, මාළුයි
නිකන් දුන්නත්
මාළු කෑල්ලක් කන්නෙ
නැති මම,
අද
තනියෙන්ම උයාගෙන
පරා මාළුත් එක්ක
සම්බෝලයි බතුයි
කෑවෙමි
පිංතූරෙ ගත්තෙ මෙතනින්.
Posted by Charith Weerakkody at 9:46 PM No comments:
Subscribe to: Posts (Atom) | hplt_2 |
නැවත ශ්රී ලංකාවට පැමිණීම
ආගමනය සහ නැවත සමාජයට සංඛලනය වීම
1. පහත සඳහන් හේතු නිසා ඔබ නැවත පැමිණ ඇතිනම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ගේ සහයෝගය ලබාගත හැක.
2. ගුවන් තොටුපොළේ සිටින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් ඔබට පහත සඳහන් සේවා ඇතුලු සේවා රාශියක් ඉටු කිරීමට සූදානම්ව සිටිති.
- රෝගාතුර වීම
- ආබාධයකට ලක්වීම
- හිරිහැර කිරීම්වලට ලක්වීම
- අපචාරයකට ලක්වීම
3. ඔබ පහත සඳහන් දේ ද මතක තබාගත යුතුය
- නැවත නිවෙස් බලායාමට මුදල් ලබාදීම
- තාවකාලික නවාතැනෙහි ආහාර සහ ඉඳුම් හිටුම් සැපයීම
4. පහත සඳහන් හේතු නිසා ඔබ ගිවිසුම සම්පුර්ණ නොකර නැවත පැමිණ ඇතිනම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය ලබාගත හැක.
- ගුවන් තොටුපොළේ ලියාපදිංචි වී ඇති කැබ් රථ පමණක් භාවිතා කරන්න
- අතරමැදියන් / තැරැව්කරැවන්ගේ උදව් ලබානොගන්න
5. ගිවිසුම් කාලය සම්පුර්ණ කර නැවත ශ්රී ලංකාවට නොපැමිණ එම රටෙහිම ව්යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඔබට ඇතිනම්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය / ණය සහන ආදිය ලබාගත හැක.
- රෝගාතුර වීම
- හදිසි අනතුරකට ලක්වීම
- ආබාධිත වීම
- හිරිහැර කිරීම්වලට හෝ අපචාරවලට ලක්වීම | hplt_2 |
බ්ලොග් කරනයේ “ඉලන්දාරියා” වූ දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව අප දැනුම්දෙන්නේ මහත් කණගාටුවකින්. අපෙන් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ හා සිංහල බ්ලොග් කරුවන් වෙනුවන් අපගේ සාතිශය සංවේගය!
වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. එතනින් කූඹියන්ගොඩ නගරයෙන් කොටුවේගෙදර පාරට හරවා නිවාස සංකීර්ණයේ ජයන්ති කඩේ අසලට ගියවිට දිළුම්ගේ නිවස දිස්වෙනු ඇත.
පොදු ප්රවාහන සේවා භාවිතා කරන අයට, මාතලෙ තැපැල් කාර්යාලය අසලින් උඩුපිහිල්ල හෝ ඊරියගහමඩ බස් රථයක නැගී කූඹියන්ගොඩ තැපැල් කන්තෝරුව අසලින් බැස ගත යුතුය. ඉන්පසු කොටුවෙගෙදර පාරේ නිවාස සංකීර්නය අසලට ගිය පසු දිළුම් ගේ නිවස දිස් වේ…
Aruna Weerasinghe ගේ වායාරූපයකි! | hplt_2 |
එක්කෙනා එක්කෙනා එක දෙයක් ගැන වෙන වෙනස් විදිහට හිතන ලෝකේ මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා. ඒ මගේ මතය. මගේ මතය ගැන ඔබේ මතය මට කියන්න.
Thursday, 5 August 2010
පොතේ නැති බෙහෙත්...!
පසුගිය දිනවල සියළුම මාධ්යවලින් වාර්තා කළා, ගස්ලබු කොළ ඉස්මවලින් පේට්ලට් අගය වහා ඉහල නගිනවා කියල. ඒත් තවමත් වෛද්යවරු ඒ ගැන කතා කරන්නේ නෑ. කළ යුත්තේ කුමක්ද! අහිංසක රෝගීන්ගේ ඥාතීන් මොනව කරන්නද?. වාසනාවන්ත දරුවෝ කිහිප දෙනෙක් සුවපත් වෙලා, ගෙවල් වලට යන්න සූදානම.
"ඇත්තටම ඔය ගස්ලබු කොල ඉස්ම වැඩේ ඇත්තද දන්නෑ නේද?"
"අනේ දන්නේ නෑ අනේ. අපි මැල්ලුම් හදලනම් දුන්න. හරි තිත්තයි. ටිකයි කෑවේ"
"ඒකත් එහෙමද?"
දරුවා දිහා බලන් ඉන්න බෑ. තොල් කිව්ටෙක්ස් ගාල වගේ, යටි පතුල් රතු පාටයි. අත-පය රතු වෙලා.
"මට රිපෝට් එක ගන්න යන්න දුන්නෙ නැත්නම් මම උපවාස කරනවා"
"මොකක්ද කරන උපවාසෙ?"
"ඒක කිව්වොත් කරන්න දෙන්නෙ නෑනෙ!"
කම්පනය නිසා විකාරෙන්ද, නැත්නම් අද ඩෙන්ඩ් එකද?
"දැන් කොහොමද පුතාට?"
"අනේ මන්ද"
"අපේ අර නැන්දට අන්තිම වෙලා අයිසීයූ දැම්මනෙ, අපි ගස්ලබු කොල ඉස්ම දුන්න. දවසෙන් රිකවර්"
"දොස්තරල මොකද කිව්වෙ?"
"කිය කිය හිටියෙ නෑ. අපි දුන්න"
"ඒකත් එහෙමද?"
40 දාහටත් අඩු වුනොත් භයානකයි. තවත් බලන් ඉන්නවාද?
"ඕනෙ එකක් වෙන්න අපිත් දෙමුද?"
"දෙමු අයියෙ, වහ නෙමේනෙ"
......
"පේට්ලට් කවුන්ට් එක ලක්ෂෙ පැනලලු. හෙට යන්න පුළුවන් වෙයි කිව්ව."
පැය අටකින් තත්වය තනිකරම අනිත් පැත්ත හැරුණ.
........
'තිසුරි සිහිසුන්ව සිටි නිසා ගස්ලබු ඉස්ම දෙන්න බැරි වුණා: අම්මට පෙවූ පසු දින දෙකකින් සුව වුණා. ඩෙංගු වැළඳී මියගිය හත් හැවරිදි දැරියගේ මරණය ගැන ඥාතිවරියක් කියයි' (2010 අගෝස්තු 5 ලංකාදීපයේ 11 පිටුවෙන් උපුටා ගත්තෙ)
......
වෛද්යවරු පොතේ නැති බෙහෙත් දෙන්නෙ කොහොමද? එහෙමයි කියල මැරෙණකම් බලන් ඉන්නෙත් කොහොමද?
ඩෙංගු රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගස්ලබු කොළ ඉස්ම ලබාදීම පිළිබඳව වහා තීරණයක් අදාල බලධාරීන් විසින් ගත යුතු බව මාගේ මතයයි.
2 comments:
- Shadow/හේමලයා said...
-
මේකනෙ....මං හිතන්නේ ගස්ලබු යුෂ බෝතල් කොරලා සමගමකින් එව්න්කන් වෙන්නැති බලා ඉන්නෙ මයෙ හිතේ...නැත්නම් කොහෙන්ද කොමිස් පාරවල්...අප්පිරියයි.....
- 6 August 2010 07:26
- ඉලංදාරියා said...
-
වහා නොවන බව දැන දැන ම අපි නොදි ඉන්නේ ඇයි කියනැක තමා ප්රශ්නය....මේ ලගදි අපේ ගෙදර නැයෙක් ආවා ...ඉතින් මම කිවා ඔය ගස්ලබු කොල ඉස්ම ගැන...මිනිහා මාදිහා හරිම ....මෝඩයෙක් දිහා බලන විදිහට බලලා .. හිනාඋනා....ඔන්න ඔහොමයි ලන්කාවේ හැටි...
- 6 August 2010 08:16 | hplt_2 |
දැක්ම
ජාතික හා ජාත්යන්තර අවශ්යතා හා ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ප්රමිතිකරණයෙහි සියළු පාර්ශ්වකරුවන් සමග සබඳතා වර්ධනය කරගනිමින්, ආර්ථිකයෙහි සියළු අංශවල ප්රමිති මගින් ජීවන තත්ත්වය ඉහළ නංවන අතර කර්මාන්ත හා වාණිජ්යය ක්ෂේත්රවල ප්රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්රවර්ධනය කිරීම
මෙහෙවර
ව්යුහයන්, පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදිත, ද්රව්ය, පිළිවෙත් හා මෙහෙයුම් වලට අදාලව ජාතික හා ජාත්යන්තර පදනමින් ප්රමිති සකස් කිරීම
කාලීන භාවිතයට යෝග්ය වන පරිදි එම ප්රමිති සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ ප්රතිසංස්කරණය කිරීම
එවැනි ප්රමිති යොදාගැනීම ප්රවර්ධනය කිරීම
ප්රජාව තුළ ප්රමිති ප්රවර්ධනය කිරීම සහ
ප්රමිති සුසංගත කිරීම මගින් වෙළඳ බාධක ඉවත් කිරීම.
ගුණත්ව ප්රතිපත්ති
ජාත්යන්තර ප්රමිතිවලට අනුකූලව ජාතික ප්රමිති සකස් කිරීමේදී ආයතනයේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගනු පිණිස හැකි උපරිමයෙන් ක්රියා කිරීමටත්, අඛණ්ඩ පදනමින් සිය අංශයෙහි කාර්යයන් වැඩි දියුණු කිරීමට මග පාදනු පිණිස ප්රමිතිකරණ අංශයේ කාර්ය මණ්ඩලයෙහි හැකියා වර්ධනය කරන අතරම සමාජ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමටත්, නිෂ්පාදන හා සේවාවල ජාත්යන්තර තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට හා පාරිභෝගිකයන්ට ප්රතිලාභ සහතික කිරීමටත් ප්රමිතිකරණ අංශය කැප වී සිටී.
ප්රධාන වශයෙන් කාර්මික හා වෙළඳ අංශවල භාවිතා කිරීම පිණිස නිෂ්පාදන හා සේවාවන් සඳහා ජාතික ප්රමිති සකස් කිරීමේ වගකීම විද්යාත්මක ප්රමිතිකරණ අංශය වෙත පැවරී ඇත. විවිධ කාණ්ඩවල අවශ්යතා ඉටු වන පරිදි බහු විෂය ක්ෂේත්රමය ආකාරයෙන් ප්රමිති සකස් කිරීමට පහසුකම් සැලසීම පිණිස මෙම අංශය කෘෂිකර්ම, ආහාර, රසායනික හා රූපලාවන්ය නිෂ්පදන මෙන්ම රෙදිපිලි හා ඇඟළුම් යන උප අංශවලින් සමන්විත වේ.
ද්රව්ය හෝ නිෂ්පාදන සඳහා වන පිරිවිතර අනුව ජාතික ප්රමිති සැකසීම වෙනස් වි හැකිය. එකම කර්මාන්ත ක්ෂේත්රය සඳහා නිර්දේශිත පිළිවෙත් සපයන පිළිගත් සංග්රහ හෝ මාර්ගෝපදේශ, පරීක්ෂා කිරීමේ ක්රම හා පාරිභාෂික පාඨමාලා, හැකි සෑම විටම, ප්රතිත්තියක් ලෙස, ජාතික ප්රමිති, ජාත්යන්තර අවශ්යතාවයන්ට ගැලපෙන ලෙස සකස් කිරීම පිණිස විද්යාත්මක ප්රමිතිකරණ අංශය ISO සහ ASTM වැනි ජාත්යන්තර ප්රමිති ආදේශ කිරීම හා සොයා බැලීම සිදු කරයි.
කමිටු මගින් ඒකාබද්ධ ප්රයත්නයක් ලෙස අදාල සියළු පාර්ශ්ව සමග සාකච්ඡාව හා සම්මුතිය තුලින් ශ්රී ලංකා ප්රමිති සකස් කරනු ලැබේ. නිෂ්පාදකයන්, පාරිභෝගිකයන් / භාවිතා කරන්නන්, විශ්ව විද්යාල ආචාර්යවරුන්, රා.නො.ස., පර්යේෂණ සංවිධාන, රාජ්ය ආයතන හා ස්වාධීන කාර්මික සංවිධාන නියෝජනය කරන විවිධ විශේෂඥ කණ්ඩායම්වල අදහස් විමසීම තුලින් මෙය සාක්ෂාත් කරගනු ලැබේ.
ආංශික කමිටු නමින් හැඳින්වෙන ප්රමිති සකස් කිරීමේ කටයුතුවලදී උපදෙස් හා මගපෙන්වීම ලබා දීම සඳහා වන තාක්ෂණික කමිටු මගින් විද්යාත්මක ප්රමිතිකරණ අංශයට සහාය සැපයෙන අතර ප්රමිතිකරණයෙහි මූලධර්ම හා පටිපාටීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් ලේකම් කාර්යභාරය ඉටු කිරීම හා තාක්ෂණික සහාය ලබාදීම සිදු කරන ශ්රී ලංකා ප්රමිති ආයතනයේ වෘත්තීයමය සුදුසුකම් ලත් කාර්ය මණඩලය විසින් මෙම කමිටු කළමනාකරණය කරනු ලැබේ. රට තුළ ලබා ගත හැකි දැනුම හා පළපුරුද්ද ප්රමිති සකස් කිරීමට යොමු කිරීම හරහා විද්යාත්මක ප්රමිතිකරණ අංශය සම්බන්ධීකරණ ආයතනයක භූමිකාව ඉටු කරයි.
ප්රමිති සකස් කිරීමේ ව්යාපෘති තෝරාගැනීමේදී, නියමෙන අවශ්යතා හා අභ්යන්තර හා බාහිර වෙළඳාම සඳහා පහසුකම් සපයන සහ පාරිභෝගිකයන් හා කර්මාන්ත සඳහා යහපත් ප්රතිඵල සුරක්ෂිත කිරිමේ මුඛ්ය පරමාර්ථය සහිතව ශ්රී ලාංකික නිෂ්පාදනවල ජාත්යන්තර තරඟකාරී බව වැඩිදියුණු කරන ප්රමිතිවලට ප්රමුඛත්වය දෙනු ලැබේ.
නිෂ්පාදිත ද්රව්ය, ක්රියාවලීන් හා පිළිවෙත්වලට අදාලව ශ්රී ලංකා ප්රමිති 1400 ට වැඩි සංඛ්යාවක් දැනට පවතී. ද්රව්ය, ක්රියාවලී හා තාක්ෂණයේ නව ප්රවණතාවලට අනුකූලව බොහෝ ප්රමිති සංශෝධනය කරනු ලැබ ඇත. පනත් හා නියේග මගින් අනිවාර්ය කළහොත් හැර අදාල පාර්ශ්ව විසින් ශ්රී ලංකා ප්රමිති ස්වේච්ඡාවෙන් ආදේශ කරගැනීම අපේක්ෂා කෙරේ.
2009 දී ඉන්දීය ප්රමිති කාර්යාංශය විසින් විද්යාත්මක ප්රමිතිකරණ අශය වෙත ISO 9001 : 2008 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතික ප්රදානය කර ලද අතර එය මෙම අංශයේ ක්රියාවලියෙහි බරපතල ස්වභාවය පෙන්නුම් කරන සලකුණකි.ප්රමිති සැකසීම
ඇමතීම් විස්තර:
අධ්යක්ෂ (විද්යාත්මක ප්රමිතිකරණ අංශය)
දුරකථනය : +94 112 672614
ෆැක්ස් : + 94 112 672614
ඊ මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්රීය කිරීම අවශ්යවේ
ඉංජිනේරු ප්රමිති සැකසීමේ අංශය
ඉංජිනේරු ප්රමිතිකරණ අංශය විසින් සකස් කෙරෙන ජාතික ඉංජිනේරු ප්රමිති කමිටු ක්රියාවලියක් හා පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, භාවිතා කරන්නන්, රජයේ ආයතන හා ස්වාධීන කාර්මික සංවිධාන නියෝජනය කරන සියළු අදාල පාර්ශ්වයන්ගේ ස්වේච්ඡා සහභාගිත්වය ඇතිව සාමූහික ප්රයත්නයක් ලෙස අදහස් විමසීමේ ක්රියාවලියක් හරහා සකස් කරනු ලැබේ.
මෙම ප්රමිතිකරණ ක්රියාකාරකම් වලින් ජාතික ආර්ථිකයට උපරිම ප්රතිලාභ ලබාගැනීම සඳහා හැකි වඩාත්ම යහපත් ආකාරයෙන් හැකි සියළුම විශේෂඥ දැනුම රැස්කර ගැනිමේ අරමුණ ඇතිව මෙම කටයුතුවලදී ආයතනයට උපදෙස් හා මගපෙන්වීම සැපයීම සඳහා ආයතනය තාක්ෂණික කමිටු පත් කරයි.
ජාතික ප්රමිති, තාක්ෂණය, වාණිජ්යය හා වෙළඳ සහ පරිපාලනය යන ක්ෂේත්රවල භාවිතය සඳහා වූ සමායෝජිත විසඳුම් නියේජනය කරන අතර එමගින් පහත සඳහන් කරුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
භාණ්ඩ හා සේවා හුවමාරුවේදී මිනිස් ශ්රමය, ද්රව්ය, ශක්තිය හා අනෙකුත් සම්පත් අනුව සමස්ත ආර්ථිකය
භාණ්ඩ හා සේවාවන්හි ප්රමාණවත් හා ස්ථිර ගුණාත්මක බව හරහා පාරිභෝගිකයාට ප්රතිලාභ සුරක්ෂිත කිරීම
ආරක්ෂාව, සෞඛ්යය හා ජීවිත ආරක්ෂාව සහ
අදාළ සියළු පාර්ශ්වයන් අතර ප්රකාශන හා සන්නිවේදන මාධ්යයක් සැපයීම
මෙම ප්රමිති, ද්රව්ය හෝ නිෂ්පාදන සඳහා පිරිවිතර විය හැකිය. ඒවා යම් කාර්මික ක්ෂේත්රයක් සඳහා නිර්දේශිත පිළිවෙත් ලබා දෙන අනිවාර්ය ලෙස ලිඛිත පිළිවෙත් සංග්රහයන් හෝ මාර්ගෝපදේශ විය හැකිය. නොඑසේ නම් ඒවා පරීක්ෂණ ක්රම, පාරිභාෂික යෙදුම් හෝ වෙනත් යම් ආකාරයක ප්රමිතිකරණයක් ප්රකාශය කරන දේ විය හැකිය.
ප්රමිති සැකසීමේදී ශ්රී ලංකා ප්රමිති ආයතනයෙහි ප්රතිපත්තිය වනුයේ ප්රායෝගිකව හැකිතාක් දුරට ජාත්යන්තර ප්රමිති හා පිළිවෙත් වලට අනුකූල වීමයි. මේ සඳහා හැකි සෑම අවස්ථාවකම ජාත්යන්තර ප්රමිති ශ්රී ලංකා ප්රමිති ලෙස ආදේශ කරගනු ලැබේ.
ප්රමිති සකස් කිරීමේ ව්යාපෘති තෝරා ගැනීමේදී, අභ්යන්තර හා බාහිර වෙළඳාම සඳහා පහසුකම් සපයන සහ පාරිභෝගික ප්රතිලාභ සුරක්ෂිත කිරීමේ මුඛ්ය පරමාර්ථය සහිතව ශ්රී ලංකාවේ නිෂ්පාදනවල ජාත්යන්තර තරඟකාරී බව වැඩි දියුණු කිරීමට හේතුවන ප්රමිතිවලට ප්රමුඛතාව දෙනු ලැබේ.
දැනට නිෂ්පාදන, පාරිභෝගික භාණ්ඩ, ද්රව්ය, ක්රියාවලී හා පිළිවෙත් වලට අදාල ශ්රී ලංකා ප්රමිති 1400 ක් පමණ ඇත. ද්රව්ය, ක්රියාවලී හා ශිල්පීය ක්රම වල නව ප්රවණතාවන්ට ගැලපෙන අයුරින් ඒවායින් බොහොමයක් සංශෝධනය කරනු ලැබ ඇත. එබඳු සංශෝධනයක්, සංශෝධනය සිදු කළ වර්ෂය ද සමග දක්වා ඇත. ශ්රී ලංකා ප්රමිති ආයතන පනතෙහි විධිවිධාන යටතේ හේ වෙනත් පනත් හා නියෝග වල ප්රමිති වලට නිශ්චිත සමුද්දේශයන් මගින් අනිවාර්ය කරනු ලැබ තිබේ නම් හැර ශ්රී ලංකා ප්රමිති අදාළ පාර්ශ්ව මගින් ස්වේච්ඡාවෙන් ආදේශ කරගනු ලැබීම අපේක්ෂා කෙරේ.
ආංශික කමිටු
ශ්රී.ලං.ප්ර.ආ. ට උපදෙස් දීමට හා ක්රියාකාරකම් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා ප්රමිති ආයතනයෙහි උපදේශක සභාව, පුළුල් විෂය ක්ෂේත්රයෙන් ආවරණය කරමින් ආංශික කමිටු පත් කරයි. දැනට ක්රියාත්මක ආංශික කමිටු පහත දක්වා ඇත. ප්රමිති සැකසීම
විදුලි හා ඉලෙක්ට්රොනික ඉංජිනේරු අංශය
ඉලෙක්ට්රොනික් ඉංජිනේරු ශිල්පය පිළිබඳ ආංශික කමිටුව
විදුලි උපකරණ හා උපාංග පිළිබඳ ආංශික කමිටුව
විදුලි කම්බි හා සන්නායක පිළිබඳ ආංශික කමිටුව
ශ්රී ලංකාවේ ජාතික විද්යුත් තාක්ෂණික කමිටුව
තොරතුරු තාක්ෂණය පිළිබඳ ආංශික කමිටුව
විදුලි උපකරණ හා උපාංග පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
විදුලි මෝටර පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
අකුණු ආරක්ෂක පද්ධති පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
යාන්ත්රික ඉංජිනේරු අංශය
ද්රව්ය, යාන්ත්රික පද්ධති හා නිෂ්පාදන ඉංජිනේරු ශිල්පය පිළිබඳ ආංශික කමිටුව
ලිහිසි කර්මාන්තය පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුව
දම්වැල් ඈඳුම් වැට ව්යුහ / ව්යුහමය වානේ පිලිබඳ ක්රියාකාරී කණ්ඩායම
ප්ලාස්ටික් පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
ඇළුමිනියම් අච්චුවේ හැඩ ගැස්වීම පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
ගැල්වනයිස් වානේ බට හා උපාංග පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
වානේ පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
සිවිල් ඉංජිනේරු අංශය
ගොඩනැගීම් හා ඉදිකිරීම් ද්රව්ය පිළිබඳ ආංශික කමිටුව
සම්පීඩිත ස්ථායීකරණය තහවුරු කරන ලද පස් කුට්ටි පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
අපද්රව්ය රැස් කරන ටැංකිවල ප්රමිතිය සංශෝධනය පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම (2 වැනි කොටස)
සිමෙන්ති ප්රමිති සංශෝධනය කිරීම පිළිබද ක්රියාකාරී කණ්ඩායම
ජීවවායු පද්ධති සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා පිළිවෙත් සංග්රහය පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුව
බිම්උළු අලවන මිශ්රණ (ග්රවුට්) සහ හුණු බදාම සඳහා පිරිවිතර පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
කොන්ක්රීට් හා හුණු බදාම සඳහා සියුම් ගල් කැබලි සඳහා පිරිවිතර
යුරෝ කේත සඳහා ජාතික ඇමුණුම පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
කැටායනික තෛලෝදයට හරවන ලද ඇස්ෆොල්ට් සඳහා වන පිරිවිතර පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
අතුරන කොන්ක්රීට් කුට්ටි පිළිබඳ ක්රියාකාරී කණ්ඩායම
• නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, ස්වාධීන පර්යේෂණ හා පරීක්ෂණ සංවිධාන අතරින් බඳවා ගන්නා ලද අදාල ක්ෂේත්රවල විශේෂඥයන්ගෙන් හා පුද්ගලික විශේෂඥයන්ගෙන් මෙම ආංශික කමිටු සකස් වේ. මෙලෙස ආංශික කමිටුවක්, අදාල සංවිධාන වලින් නම් කරන ලද සාමාජිකයන්ගෙන් මෙන්ම පුද්ගල මට්ටමින් පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් ද සමන්විත වේ. ආංශික කමිටුවල අදහස් විමසීම මගින් ශ්රී.ල.ප්ර.ආ. ට නිශ්චිත ප්රමිතිකරණ ව්යාපෘති වල කටයුතු කිරීම සඳහා ක්රියාකාරී කණ්ඩායම් පත් කිරීමට හැකියාව ඇත. එබඳු ක්රියාකාරී කණ්ඩායම් අදාල ආංශික කමිටුවට වාර්තා කරයි.
• ආංශික කමිටුවල සභාපතිවරුන් පත් කරනු ලබන්නේ ශ්රී.ලං.ප්ර.ආ. හි උපදේශක සභාව විසිනි. මෙම කමිටු මාස දෙකකට වරක් හෝ අවශ්ය වේ නම් ඊටත් වැඩි වාර ගණනක් රැස් වේ. කමිටුවක රැස්වීම් සාමාන්යයෙන් කමිටු සාමාජිකයන්ට පමණක් විවෘතව පවතී. විශේෂ කාර්යයන් සදහා පිටස්තර පුද්ගලයන්ගෙන් සහභාගි වීම පිණිස ලැබෙන ඉල්ලීම් ප්රථමයෙන් ශ්රී.ලං.ප්ර.ආ. වෙත යොමු කළ යුතු අතර එම ආයතනය ආංශික කමිටු සභාපති සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආරාධනයක් නිකුත් කරනු ඇත.
සෑම ප්රමිතිකරණ ව්යාපෘතියක්ම ශ්රී ලංකා ප්රමිති ආයතනයෙහි ඉංජිනේරු ප්රමිතිකරණ අංශයේ ප්රමිති ඉංජිනේරුවරයෙකු විසින් කළමනාකරණය කරනු ලැබේ. විෂයයෙහි ස්වභාවය හා සංකීර්ණ බව, දත්ත හා ආශ්රෙය ලිය කියවිලි ලබාගත හැකි බව, අනෙකුත් අදාළ ප්රමිති හා තොරතුරු යන කරුණු මත පදනම්ව, යොදා ගන්නා විකල්ප ක්රියාපටිපාටීන් ගණනාවක්ද පවතී. එසේ අනුගමනය කෙරෙන විකල්ප පටිපාටීන් ගැලීම් සටහනක දක්වා ඇත.
ඇමතීම් විස්තර :
අධ්යක්ෂ (ඉංජිනේරු ප්රමිති අංශය)
Tel: + 94 112 672612
දුරකථනය : + 94112672612
ඊමේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්රීය කිරීම අවශ්යවේ
අපගේ සේවාවන්
- ප්රමිති සම්පාදනය
- තොරතුරු සේවාවන්
- රසායනාගාර සේවාවන්
- මිනුම්කරණ විද්යාව
- පුහුණුව
- නිෂ්පාදිත සහතික කිරීම
- තත්ත්ව පාලන ක්රම සහතික කිරීම
- ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන
- ආනයන පිරික්සුම
- WTO විමසුම් ස්ථානය
පුවත් සහ සිද්ධීන්
- 1
- 2 | hplt_2 |
ආණ්ඩුවට විරුද්ධවුවන් ආණ්ඩුවට බනිති. රනිල්ට , සජිත්ට, සරත් ෆොන්සේකාට සම්බන්ධන්ට හකීම් ට සෝමවංශ ආදී කී නොකී දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට ප්රතිවිරුද්ධ මත දරන්නෝ ඒ ඒ ප්රතිවිරුද්ධ මතයේ සිට විවේචනය කරති. මට රජකම ලැබුනොත් කිරියෙන් පැණියෙන් උතුරවන්ඤන් කියන්නෝ රජකම ලැබුන පසු සීරී මාංශය උරාගෙන කති. මීට වඩා වෙනසක් 1948න් පසු මේ සිරි ලංකාවේ සිදුවුනා යයි යමෙක් කියන්නේද ?. කියන්නේ නම් ඔහු බෙල්ලෙන් උඩකොටසම නැති සිරුරුධාරියෙකි. මේ රටේ යහපාලනයට යයි පැමිණි රොත්ත බුරුත්තම යහපාලනයක් ඇති කලේද ?.
යහපාලනයක් ඇති කළ හැකි ආණ්ඩු ක්රමයක් අපට නැති කල ශක්රයා තියා වයිමා ආවත් අපේ රටේ යහපාලනයක් බිහිවන්නේ නැත.
පාර්ලිමේන්තුව ජනාධිපතිට පක්ෂපාතී ලෙස පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට පමනක් බලයක් මැතිවරණයකින් කිසිදා ලැබෙන්නේ නැත.පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවත්වා ගෙන යාමට හවුල් කරගන්නා අනෙකුත් පාර්ශවයන් රදවා තබා ගැණිමට කප්පම් ගෙවිය යුතුය. අවසානයේදී ජනාධිපතිවරයාට තම බලය සුරක්ෂිත කර ගැණිමසදහා මේ දේශහිතෛෂින් සංතෘප්ත කිරිමට මහජනයා සූරා ගෙන ලබාගන්නා බදු මුදලින් කප්පම් ගෙවීමට සිදුවනු ඇත. නොඑසේ නම් ආණ්ඩු පක්ෂෙය් සිට විරුද්ධ පක්ෂයට කරනම් ගසා ජනාධිපතිවරයාගේ බලය අස්ථාවර කරනු ඇත.
ඈලියාව මහ ගෙදරින්ම පටන් ගත් කල පරිස්සමට තබන්න තැනක් ඇත්තේම නැත.
මහ ගෙදරට ප්රෙතයින් කුම්භාණ්ඩයින් එන පිළිවෙල වෙනස් කරන කතා හැමදාමත් මැතිවරණ කාලයට වේදිකාවට පමනක් සීමාවු කතාය. තවමත් අපට පලාත් පාලන මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කරගන්නට නොහැකිවු කල වරදාන වරප්රසාද කැන්දන මනාප ඡන්ද ක්රමයෙන් බැහැරව රටට බරක් නොවන මැතිවරණ ක්රමයකට යාමට දැන් සිටින ඇත්තෝ අත උස්සනවා බොරුය.
ආණ්ඩු ක්රම ව්යවස්ථාව අක්රීය කර හමුදා පන්නයේ ආණ්ඩුවක් බිහිකර සරත් පොන්සේකා මහතාට මේ කාර්ය කළ හැකි ය. එසේ නම් ……………….. අපේ හාමුදුරුවෝ ඒ සදහා ආශිර්වාද කරනු ඇත්ද ?.
සරත් පොන්සේකා මහතා සිරගතවු විට එහෙම තමයි වෙන්න ඕනී හොදයි කීවු කටින්ම සිර දඩුවම ගෙවා ආ පසු එහෙම තමයි වෙන්න ඕනී කියන මේ රටේ මහත්තුරු සමග සරත් පොන්සේකා මහතා ජීවත්වන බව සිතා ගත්තොත් එතුමා නිදහස් පුද්ගලයෙකු වන්නේයයි කඩුල්ලට සිතිවිල්ලක් ඇතිවිය. | hplt_2 |
මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි .
දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි
පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම දිග මුල් නිසා ඒ ගහට තිබුණේ හරියට වයසක රැවුල තියන මන්තර කාරයකුගේ පෙනුමක් .හැන්දෑ කළුවර වැටුණාම හිත හයිය මිනිහෙක් ඔය නුඟේ ගාවින් ගියේ නොගිහින්ම බැරි ගමනක්ම වෙතොත් විතරමයි . ඒ ගියෙත් "ඉතිපිසෝ" ගාථාව සද්ද නගා කියන ගමන් .ඒ වගේම නුගේ දිහෑ යන්තම්වත් නොබලා ඉවත බලන් .
සත්තු සෑහෙන ගාණනකට නිවහන වෙලා තිබුණු මේ විසල් නුඟේ පෙන්වන්න අපි පුංචි සන්දියේදී ඉස්කෝලෙනුත් එක්කරගෙන ගියා මතකයි . ඒ දවස් වල එක වසර අච්චු පොතේ තිවුණු අප හා පරිසරය පාඩම ගැන කියාදෙද්දී මේ මහ නුගේ ගැන නිතර කියන්නත් අපේ චීචර් අමතක කළේ නැහැ.
සත්තුන්ට සරපයින්ට අයිති වෙච්චි ඔය මහ නුඟේට අරක්ගෙන මනුෂ්යයෙක් නොවන තවකෙක් උන්නා !
ඒ උත්තමයගේ නම රතු අප්පු !
රතු අප්පු. දෙවියෙක්ද , යක්ෂයෙක්ද කියලා මම නම් හරියට දන්නෑ . සමහරු කියන විදිහට රතු අප්පු කරදර දෙන යක්ෂයෙක් . ගමේ සමහරුන්ට නම් ගමට සෙත ගේන දෙයියෙක් !
මහ නුඟේ යට සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි දේවලයක හැඩ හුරුකම් කියපු කුටිය ඇතුළේ . සමහර දින වල බිං කරුවල වැටුණහම පොල්තෙල් පහනක් දැල්වෙනවා . තවත් දින වල සුවඳ දුම් ගලා යනවා. එහෙමත් දිනක කෙසෙල් කොළේක තියාපු, නුගේට පුදකරාපු කැවිලි පෙවීලි ගහේ ජීවත් වුණු දඬුලේනුන්ගේ, මයිනන්ගේ, පලා ගිරවුන්ගේ, බෝදිලිං කටුස්සන්ගේ බඩගෝස්තර පිරෙවුවා! පොල්තෙලින් පෙඟිච්චි නිච්චි පහන් තිර බෙදාගන්න කපුටු හැතිකරේ පොර කෑවා !
කෙම්මුර දාට මහ නුඟේ දිහාවින් අලෝක ගුලි විසි වෙන හැටි ගැන ගමේ හිටපු සීයලා කතා කළේ හරිම ගෞරවයෙන් . කවදාකවත් ඒ ආලෝක ගුලි මම දැකලා නොතිබුණත් මම මගේ ඒ වැඩිහිටියන්ගේ කතා ඉස් මුදුණෙන්ම විශ්වාස කළා .
ඒ "දේවතා එළි"
හිටි ගමන් අහසට නගින දේවතා එළි දකින්න මම සෑහෙන්න ආස කළා . ඒත් ඒව දකින්නත් පින තියෙන්න ඕන කියලයි මගේ සීයා නම් නිතර කීවේ . ජනේලයෙන් එපිට ඈත මහ නුගේ දිහා බලාගෙන පැයගණන් ගත කළත් මම කිසිම දවසක දේවතා එළියක් නම් දැකලා නැහැ .
මට යාන්තමට මතකයි .මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා. ඒ නුග ගෙඩි අතරේ කපු රෙදි කෑලි වලින් ගැටගහපු පඬුරු ගොන්නකුත් ඒ නැමුණු නුග අතුවල එල්ලිලා තිවුණ හැටි මට තාම මතකයි . හරිහමං මතකයක් නැත්තේ තාත්තගේ අතේ එල්ලිලා මහ නුගේ ගාවින් යනකොට මම ඒ දිහා නොබලා ඇස් තදකරලා පියාගන්න නිසාමයි .
එක වැහි දවසක පාන්දර ජාමේ ගම දෙවනත් කරගෙන මහා "හූ" හඬක් ඇහුණා !
අසල්වැසි ගෙවල් වල උදවිය ඇඳන් හිටි ඇඳුම් පිටින්ම ඒ දිහාට දීවේ ගමේ කෙනෙකුට කරදරයක් වුණාම නෑහුණා වගේ ඇස් කන් පියාන ඉඳලා පුරුද්දක් නැති නිසාමයි . ග්රාම සේවක වෙච්ච මගේ තාත්තත් කඩිමුඩියේ ඒ පැත්තට දිවුවා .
අම්මත් මමත් තාත්තා එනතුරු බලාන් හිටියේ පුදුම කුතුහලයකින් .ගම් වැදුණු අලියෙක් කාව හරි පාගලා මරා දාලා වත්ද ?, වැස්ට කාගේ හරි ගෙදරක් කඩාන වැටිලා වත්ද ? , රණ්ඩුවක් වත්ද ? හිතින් හිත හිතා මමත් ජනේලෙන් එපිට හීනිවට වැටෙන වැහි බින්දු දිහා බලාන හිටියා . තාත්තා එනතුරු !
"සුසිරිපාලට රතු අප්පු වැහිලාලු ! අන්න බෙරිහන් දෙනවා. පිස්සු යක්කු !”
තාත්තා එහම කියාගෙන ඔළුවට වැටිච්ච වතුර අතින් පිහදන ගමන් ගෙට ගොඩ වුණා . මගේ තාත්තා කවදාවත් ඔය අමනුෂ්ය කතා විස්වාස කළේ නෑ
"දැන් මොකද කරන්නේ ?” එහෙම ඇහුවේ මගේ අම්මා !
"පේදුරු සීයට එන්න කියනවාය කීවේ ! පුතා එක්ක මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඕන"
මගෙ හිතට දැනුණේ පුදුම සතුටක් !
"පුතා එක්කරගෙන යන්න එපා මේ මහ වැස්සේ ! “
"ඔය පොඩ්ඩ තෙමුණට කාරි නෑ කොල්ලත් ඕව දැකගන්න ඕන"
"පේදුරු" මගේ සීයගේ තාත්තා . මගේ මුත්තා. හරිම ආඩම්බරෙන් මම අදටත් සිහිපත් කරන මගේ ගමේ හිටි මගේම නෑදෑයෙක් . වයසට ගිහින්ම කොන්ද ටිකක් නැමිලා කුදු බවක් පෙනුණත් .කිසිම දවසක කෙනෙකුට නැමිච්ච කෙනෙක් නම් නෙවේ පේදුරු මුත්තා. මනුෂ්යයෙකුටවත් අමනුඅෂ්යයෙකුටවත් . පේදුරු මුත්තා නෙවේ බය වුණේ. දිෂ්ටියක් වැහුණාම , බැල්මක් වැටුණාම , නූල්බඳින්න වුණාම පේදුරු මුත්තා ඇරුණහම වෙන සමතෙක් ඒ වැඩේට හිටියේ නැහැ .
නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ පොත් ගණනාවක් පේදුරු මුත්තා ගාව තියනවාය . උන්දෑ බය නැතුව යක්ෂයින් සමඟ ගනු දෙනු කරන්නේ ඒකය කියලා .මගේ තාත්තත් සීයත් නිතර කතා කරනවා මම අහලා දැකලා තිවුණා .
අපි සුසිරිපාල ලෑ ගෙදරට යනකොට උදේ දහයත් පහු වෙලා . වටේම තිබුණු වැහි අඳුර නිසා කැලේට වට වෙච්ච ගමේ තිබුණේ මහම මහා මූසල මුස්පේන්තු ගතියක් .වෙනදා වගේ ක්රියාශීලී බවක් නොපෙන්වාපු ගමේ උදවියත් . තැම්බුම් හොඳි බීලා ආපු එවුන් වගේ කම්මුල් වල අත ගහගෙන තැන් තැන් වල ඇන තියාන උන්නා .
ගේ ඇතුළෙන් එකපාරටම ඇහෙන මහ හූ හඬ සහ ගෙරවීම් හඬ එන්න එන්නම වැඩි වුණා ! . සුසිරිපාල අයියා මර හඬ දෙනවා ඒත් ඒ ඇහුණ හඬ එයාගේ නෙවේ ! . අහස ගොරවන හඬට සමාන වූ දරුණු හඬක් එදා මෙදා තුර කිසිම දවසක මම මිනිහෙකුගේ උගුරකින් ඒ වගේ හඬක් පිට වෙනවා නම් අහලා නෑ ! . යන්තම් සුසිරිපාලයියාගේ කාමරේට මම එබිලා බැලුවේ තාත්තගේ අත අත නොහැරම තදින් අල්ලං ඉන්න අතරේදී. සුසිරිපාලව ඇඳට තියලා ගැටහලා තිබුණු හැටි මම යාන්තමට දැක්කා
එකපාරටම ගං හබරල කොළයක් ඉහලාගෙන අමුත්තෝ දෙන්නෙක් වත්තට ඇතුළු වුණා ! එක්කෙනෙක් පේදුරු මුත්තා . ආනිකා මුතූ මුදලාලි
කඩුල්ල පැනලා වත්තට ආපු පේදුරු මුත්තා වත්තේ තිබුණු කෙහෙල් ගහක මුදුනට කොටලා ඒ ගහ දෙපළු කළා . ගෙට ඇතුළු වෙද්දිම උළුවස්සට ඇණයකුත් ගැහුවා ගහලා මොන මොනාදෝ මැතිරුවා !. ඒ ඇයි කියලා කියන්න මම තවම දන්නෑ . ඒත් මම ඒ දේවල් දිහා බලාන උන්නේ පුදුම කැමැත්තකින් , ගෞරවයකින් .
"පේදුරු එනකොට අමනුෂ්යයෝ දුවනවා !!“
ගේ ඇතුළේ හිටි උදවිය එහෙම කතා කරද්දී මටත් ඕන වුණේ පේදුරු මුත්තා වගේ වීරයෙක් වෙන්න . මගේ තාත්තා නම් ඒ ඇහුණු හැම වචනයකටම ඔලොක්කුවට හිනා වෙච්ච හැටි මට තාම මතකයි .
කුප්පි ලාම්පුවකුත් අරගෙන සුසිරිපාල හිටි කාමරේට පේදුරු මුත්තා ඇතුළු වෙනකොට ගේ ඇතුළේ හිටි හැමෝම පොද වැස්ස නොසලකා එළියට බැස්සා . කුඩෙ ඉහළගත්ත තාත්තත් මමත් ඒ අය පිටිපස්සෙන් එළියටම ඇවිදින් බලාන හිටියා .
ගේ ඇතුළෙන් මට ඇහුණේ විලාපයකුත් ඒ විලාප හඩට වඩා උස් හඬින් මන්තර මතුරන හඬකුත් විතරමයි . පළාතම හීතල කරගෙන මහා හුළඟක් ආවා වැහි පොදත් කැටි කරගෙන ආ ඒ හුළඟේ හීතල ගතිය මට මේ දැනුත් දැනෙනවා වාගේ ! . විලාපයයි හීතලයි පොඩි එකෙක් වෙච්ච මාව හිරි වැට්ටුවා !
"ඕං නමෝ .”. කියමින් පේදුරු මුත්තා මතුරන හඬ ටික ටික වැඩි වෙනවා . මොහොතකින් හැම දේම ආයෙත් සාමාන්ය අතට හැරුණා .කුප්පියක් අත්ල මැද හිර කරගෙන රටක් රාජ්ජයක් දිනුවා වගේ ආඩම්බරෙන් ගෙදරින් එළියට බැස්සේ පේදුරු මුත්තා !
වත්ත පිටියේ හිටි හැමෝම මුමුණන්න වුණා .
උළුවස්සේ ඇනපු යකඩ ඇනේ ගලවාගත්තු පේදුරු මුත්තා . අත්ලේ සඟ්වාගෙන හිටපු පුංචි කුප්පියක් අතට අරගෙන ඒ යකඩ ඇනේ බෝතල කටේ ගැට ගැහුවා .වත්ත පිටියේ හිටි අපි හැමෝම ඒ කුප්පිය බලන්න එක් වුණේ සීනි බෝතලේට වහන කූඹි වගේ !
ඔන්න ඔය විදිහට රතු අප්පු කියන අමනුෂ්යයා මගේ ගමෙන් පිටුවහල් වුණා
බෝතලේ ඇතුළේ හිරවෙච්ච රතු අප්පු යක්ෂයාව දැකගන්න මමත් බෝතලේ ගාවට එබුණා ඒත් හිස් බෝතලේ ඇතුළේ හිරවුණු ගැට දාපු නූල් කෑල්ලක් විතරමයි මම දැක්කේ .
"ගැට දොලකින් මම රතු අප්පුවාව ඇල්ලුවා ! හෙහ් හෙහ්..! මෙන්න මේ කුප්පිය ගැඹුරක වළලනවා හොඳයි ! ඕක බිඳගෙන හෙම ආයේ මට කරදර කරනවා නෙවෙයි ! “
! ආයේ මම කිසිම දවසක ඒ උත්තමයා ගැන අහුවේ නෑ
.මාස කීපයකට පස්සේ මහ නුඟ ගහත් කොල හැලිලා හැලිලා ගිහින් මැරිලා ගියා
! පුදුම හිතෙන විදිහට
!
ඒකාලේ පේදුරු මුත්තා නිසා මගේ පවුලට ලැබිලා තිබුණු පිළිගැනීම නම් උපරිමයි
.! "අපේ මුත්තා තමයි පේදුරු
" මම එක වසර පන්තියේදී නිතරම එහෙම කියනවා මට මතකයි
. පන්තියේ හැමෝම එතකොට මගෙ දිහා බලන්නේ බයකින් වගේ
පේදුරු මුත්තාට
. මගේ තාත්තා වුණත් සීයේ කියලා කට ඇරලා ගෞරවයෙන් කතා බහ කළා
, යනකොටත් කකුල් දෙක අල්ලලා පේදුරු මුත්තට වැඳ වැටුණා
. ඒත් එයාගේ මන්තර ගැන තාත්තා කතා කළේ හරිම විහිළුවෙන්
. තාත්තා ඒවා තඹ දොහිතුවකට වත් මායිං නොකරන බව දන්න පේදුරු මුත්තත් අපේ ගෙදර ආපු වෙලාවට වැඩිය කතා බහ කළේ නෑ
"මේ ගෙදර භූමි දෝෂයක් තියනවා ! ගෘහ මූලිකයට තමා ඒකෙන් බලපෑම . බලපල්ලා මේ ගෙදර ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් මිදුල පේනවා මෙහෙම උළුවහු තියන්නේ කොයි රටේද ?
” සිය පාරකට වැඩිය පේදුරු මුත්තා එහම කියන්න ඇති
අපි එතකොට උන්නේ තාත්තට රජයෙන් දීපු කෝටස් එකේ අපිට උවමනා විදිහට ඒ ගෙවල් දොරවල් හදන්න බැරි බව අම්මත් දන්න වචන පාවිච්චි කරලා මුත්තට පැහැදිලි කළා
.
"මට මල ගෙදරක එන්න උඹලා ඉඩ ඉඩ තියන්න විතරක් එපා !
” පේදුරු මුත්තා දබරඟිල්ල උරුක් කරලා අන්තිමට කීවේ එච්චරයි
!
ඔය කතාව කියලා ටික කලකට පස්සේ තාත්තා නොඑන ගමන් ගියා
. ගල් හිතක් තිබුණු පේදුරු මුත්තත් එදා නම් පොඩි එකෙක් වගේ තාත්තගේ මිනී පෙට්ටිය ගාව වැටිලා ඇඬුවා
. ඒක දැකලා ගමම ඇඬුවා
.
තාත්තගේ හත් දවසේ දානේ ඉවර වෙච්ච දවසෙම පේදුරු මුත්තත් නිදි පැදුරේම අවසන් ගමන් ගිහින් තිබුණා
. මරන පරීක්ෂණයට කියැවුණේ හර්ධයේ ලේ කැටියක් හිරවීම කියලයි
!
අද මට නිකමට හිතෙනවා පේදුරු මුත්තගේ ශාස්තරේ හරි කියලා . එයා කියපු දෙයක් වැරදිලා නැහැයි කියලා ! එයා කියාපු දේ එදා පිළිගත්තානම් කියලා ! පොඩ්ඩකට හරි හිත හදාගන්න මට පුළුවන් එතකොටයි .පේදුරු මුත්තගේ පුතා වෙච්ච මගේ සීයා අදටත් අපි ගාව ඉන්නවා .එයාට අවුරුදු 88ක් පේදුරු මුත්තා ගාව තිබුණු පෙත්පත් සේරම මගේ සීයට හිමිවුණා . ඒත් සීයා කවදවත් ඒවයින් වැඩක් කළේ නෑ .
"මොකෝ සියේ අර පේදුරු මුත්තගේ මන්තර පොත්, වෙද පොත් අල්ලන්නෙවත් නැත්තේ ! ඇයි ඒවා ට්රන්ක පෙට්ටියේ දාලා තියෙන්නේ ?” මම දවසක් එහෙම අහද්දී
"අවි ගත්තෝ අවියෙන්ම නසිති" කියලයි සීයා මට කීවේ
පේදුරු මුත්තා ගැන මුල් මතක සටහන මගේ හිතට වැදුණු පළමු දවස වගේම අද දවසත් වැහි බරයි ! . වියළි කාල ගුණයක් හිමි අපේ පළාතම සීතල බවින් පිරිලා ගිහින් . සීයාගේ ට්රන්කා පෙට්ටිය ඇතුළේ තිබුණු බොහෝම පැරණි පොත්පත් කීපයක් හා පණ වාගේ ආරක්ෂා කරපු පුංචි පිළිමයක් වැඩට නොගිහින් ගෙදර හිටි අද දවසේ මගේ අතට පත් වුණා . අද මම මේ හැම දේකම උරුමක්කාරයා වුණා . !
"අද ඉඳන් උඹ මෙවුවා තියාගනිං උඹට දවසක මෙවුවා දෙන්න කෙනෙක් ලැබුනොත් දීපං නැත්තං ලිපේ දාපං !" පොත් ටික මගෙ අතට දීලා එහෙම කියද්දී සීයගේ කටහඬ වෙවුලුවා !
"මොකද සීයේ මේ හදිස්සියේ මෙවුවා මට දුන්නේ ?”
"මට තව වැඩි කාලයක් නෑ .” වෙවුලන හඬින් මගෙ සීයා එහෙම කියද්දී එදා තාත්තගේ මරණය දවසේ පවා නොදැනුණ අමුතු වේදනාවක් මට දැනුණා . ඒ දුන්න පොත් වල එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා .
අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි. හරියට ගම් හතකට පේන්න නැගී හිටි මහ නුගේ අද තිබුණු තැනක්වත් හොයාගන්න බැරිවා වාගේ නැත්තටම නැති වෙලා යාවි .!. කොච්චර ලොකු සද්දන්තයෙක් වුණත් හැමදාටම ඉන්නේ නෑ .!
මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ? | hplt_2 |
“අළුත් දෙයක් නැහැ,” පණිවුඩකරුවා පිළිතුරු දුන්නේ ය.
“මාධ්ය කාර්යාලයේ ඉන්න කොල්ලො ටික පරණ පුරුදු විහිළු පටන් ගෙන. එච්චරයි.” ඔහු හිස වනා පිට වී ගියේය. චෙට් ලියුම්කවරය අතට ගති. එහි පැරණි ලාංඡනයක සීල් වැදී තිබිණ. එහි විශේෂිත බවක් ඇතැයි ඔහුට සිතිණ. ඒත් එය විවෘත කළ පසු ඔහු සිනහා වූයේය.
පිටුවේ උඩ, එක හොටකින් “ඔව්” හා අනිත් හොටෙන් “නැහැ” කියනා ඔළු දෙකකින් යුතු උකුස්සෙකුගේ ලාංඡනයකි. ඊට යටින් පරණ ඉංග්රීසි අකුරු වලින්, “ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව” යැයි ලියා තිබුණි. පණිවුඩය ලියා තිබුනේ දැකුම්කළු වැල් අකුරු වලිනි.
ජනාධිපති, කොංග්රසය, සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව වෙතටයි- සුබ පැතුම්.
මෙසේ දන්වමු, ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව, ක්රි. ව. 1370 දී එහි ආරම්භයත් සමඟ ස්වාධීන හා පරමාධිපත්ය බලයෙන් යුතු වන්නකි,
මෙසේ දන්වමු, ශිෂ්ඨ සමාජ විසින් ශතක පහකට වඩා කාලයක් පුරා එහි ස්වාධීනත්වයට හා පරමාධිපත්යට ගරු කරන ලද අතර එයට ඔවුන් හා සම ස්ථානයක් ලැබී ඇත්තකි,
මෙසේ දන්වමු, මේ කාලය පුරා ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ ප්රධාන ජීවනෝපාය වූයේ සුවිශේෂී වූ අනගි වූ ලෝකය පුරා පිනෝ ග්රෑන්ඩ් ෆෙන්වික් නමින් සුපතල වූ වයින් නිෂ්පාදනයයි. මේ වයින් නිෂ්පාදනය වෙන්නේ ආදිපාද දනව්වේ උතුරු කඳුවැටියේ දකුණු මිටියාවතේ පැරණි මිදි වතු වල හැදෙන මිදිගෙඩි යුෂ වලිනි.
මෙසේ දන්වමු, අධම ලෙසින් මේ සුපිරි වයින් වල කොපියක්, පිනෝ ග්රෑන්ඩ් ෆෙන්වික් නමින්, ඇමෙරිකාවේ දේශපාලන භූමියේ වන කැලිෆෝර්නියාවේ සැන් රෆායෙල් නගරයේ සමහර වයින් නිෂ්පාදකයන් විසින් මිල පස් ගුණයකින් අඩු කරමින් විකුණන්නට පටන් ගෙන ඇත.
මෙසේ දන්වමු, මේ පහත් නිෂ්පාදනයේ අලෙවිය ස්වාධීන වූ ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ ජීවනෝපායට තර්ජනයකි.
මෙසේ දන්වමු, මෙයින් වන අයුක්ති සහගත තත්වය වළක්වන්නට වහාම පියවර ගන්නා ලෙස යළි යළිත් ඇමෙරිකන් ආණ්ඩුවේ අමාත්යාංශ වෙත දැන්වූව ද ඔවුන් එය ගණනකට නොගෙන සිටිති.
මෙසේ තීරණය කරන ලදි, මෙසේ අයුක්ති සහගත ලෙසින් වයින් වෙළඳාම තව දුරටත් කරගෙන යෑම ආදිපාද දනව්ව වෙත දක්වන ප්රචණ්ඩත්වයක් සේ ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව දකිනා බව මෙසේ කියමු.
මෙසේ තීරණය කරන ලදි, මෙම සිද්ධිය සාමකාමීව සමථයකට පත් කරන්නට ගත් සියළු වෑයම් අසාර්ථක වූ නිසා දැන් මෙහි දී ග්රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව ඇමෙරිකාවට එරෙහිව යුද්ධ ප්රකාශ කර සිටිමු.
අත්සන් තැබුවේ:
දොලොස්වැනි ග්ලෝරියානා
ග්රෑන්ඩ් ෆෙන්වික් හි ආදිපාදවරිය
ඩී. බෙන්ටර්
නායකයා, දියාරුවාදීන්ගේ පක්ෂය
මවුන්ට්ජෝයි
නායකයා, දියාරුවිරෝධීන්ගේ පක්ෂය
චෙට් ලියුම දෙවරක් කියැවූයේය. වරින් වර හිනා වූයේය. “මේ වාර්තාකරුවෝ සෑහෙන්න මහන්සි වෙනවා පොඩි විනෝදයක් ලබන්න,” යැයි කීවේය. “මාර චරිත ටිකක්.” ඔහු තම කබායේ සාක්කුවට ඒ ලියුම දමාගෙන කළින් යොදාගත් ඔරු පැදීම සඳහා පිටත් විය. ඔහු කාලයකින් ඔරු පැද නොතිබි නිසා ඔරුව පෙරලී ගියේය. ලියුම මුළුමනින් ම තෙත් විය. ඔහු ගෙදර ගිය පසු, ඒ ලියුම ඔහු තම කාමරය උණුසුම් කරන රේඩියේටරය පිටුපසින් තබා ඒ ගැන සම්පූර්ණයෙන් අමතක කරන ලදි. | hplt_2 |
අවුරුද්දක් ගෙවිලා අලුත් එකක් පටන් ගන්න යද්දි, හුඟක් අය හුඟක් දේවල් කියනවා. ටීවී වලත්, රේඩියෝ වලත්, මුනුපොතෙත්, බ්ලොග් වලත්, එස්එම්එස් වලිනුත්. ඒ හින්දා මමත් කියන්න යන්නෙ. හැබැයි ටිකක් කොටයි. දන්නවනේ......!
මතකද මේ සිතුවම. එදා ලියමන
කියෝලා සිත්තර තරගෙ
ට පැතුම් හර්ෂණ
ඇඳලා එව්වෙ. එයා මේක ඇඳලා තියෙන්නෙ හරියට බලාගෙන හිටියා වගේ. මේ සිතුවමෙන් පැතුම් හර්ෂණ
පෙන්නලා තියෙන්නෙ මමයි සද්ධාතිස්ස පොඩි හාමුදුරුවොයි, කටු ඉඹුල ගැන බර කතාවකට වැටිලා ඉන්න වෙලාව වෙන්ඩ ඕනැ.
ඉතිං, මේ සිද්දිය උනාට පස්සෙ, ඊයේ උදා උනා වගේ අලුත් අවුරුදු ගොඩාක් ගෙවිලා ගිහිල්ලා තිබුනා. එහෙම ගෙවිලා මේ වෙද්දි සද්ධාතිස්ස පොඩි හාමුදුරුවො, සද්ධාතිස්ස ලොකු හාමුදුරුවො වෙලා. මේ තියෙන්නෙ එදා සද්ධාතිස්ස පොඩි හාමුදුරුවන්ගෙයි, කෙහෙල්කොටුවේ චූටි මහත්තයගෙයි අද තත්වේ.
අවුරුදු ගානකට පස්සෙ, හරියටම කියනවනම් චුටි මහත්තයා ගමෙන් ආවට පස්සෙ සද්ධාතිස්ස හාමුදුරුවන්ව මේ හමුවුනේ දෙවෙනි වතාවට. මුල් වතාවේ කතන්දර ආච්චිගෙ අවමඟුල දා. එදා හරියකට කතා කරන්න ලැබුනෙත් නෑ.
චුටිම කාලේ ගමෙන් වෙන් වෙලා ගිය, පාවිච්චි කරපු දහම් පාසල් පොත් දුන්නා කියලා කේන්තියට ආවාස ගේ ළඟට ගිහිල්ලා කෝලහාල කරපු පොඩි කොලු රෑනෙන් එක්කෙනෙක්, ආයෙත් සද්ධාතිස්ස හාමුදුරුවො බලන්ඩ ගමට ඇවිල්ලා.
යටගිය අතීතයෙ චිත්රපටියක් වගේ ඇඳිලා තිබුනු තැන්, තැනින් තැන මතු කරලා, මම සද්ධාතිස්ස අපේ පොඩි හාමුදුරුවන්ට අතීතය මතක් කරද්දි, උන්නාන්සෙ මන්ද ස්මිතයක් මුහුණෙ රඳවගෙන ඈත බලාගෙන හිටියා වචනයක් වත් කතා නොකර. සමහර වෙලාවට “නේද අපේ හාමුදුරුවනේ?“, හරි “මතකද අපේ හාමුදුරුවනේ...?“ හරි කියලා අහද්දි විතරක් “එහෙනං, එහෙනං!“ කියලා අපි දිහා බැලුවා.
වර්තමානයේ අපි ගෙවමින් ඉන්න කාර්යබහුල ජීවිතය සම්පූර්ණයෙන් අමතක කරලා ඒ ගත කරපු පැයකට අඩු කාලය මට ඉතිරිකලේ මකන්න බැරි මතකයක්.
සද්ධාතිස්ස හාමුදුරුවන්ගෙ ආගිය තොරතුරුත් දැනගෙන, අපේ වර්තමාන තොරතුරුත් කතා කරන ගමන් කල්පනාවකට වැටෙමින් නිසොල්මනෙත්, ආයෙත් නොනවත්වා කතා කරමිනුත් මම ගත කල ඒ මොහොත හරිම වෙනස් එකක්.
ඒ හැගීම් ඔබට විස්තර කරමින් සහ ඒ කාලයත් අද දවසත් ගැන ඔබට කියමින් මමත් උන්නාන්සෙ වගේම සතුටක් ලබනවා මේ බ්ලොග් එක නිසා.
මගේ අතීත සැමරුම් දැනගන්න පැමිණෙන ඔබ සියලු දෙනා නිසා වසර දෙකකට ආසන්න කාලයක් මටත් වෙනස් විදිහෙ අද්දැකීමක් ලැබුනා.
ඒ නිසා, මගේ මුල් ලිපියේ ඉඳලා අද දක්වා සිටින ඔබටත්, අතර මඟදී සයිබර් යායට ගොඩවූ සියලු දෙනාටම ස්තුති කරන්නත්, සුබ පතන්නත් මේක හොඳ වෙලාවක්.
ඉතිං, එදා හමුවීමේ දී සද්ධාතිස්ස අපේ පොඩි හාමුදුරුවන්ගෙන් දුටු මන්ද ස්මිතය, මගේ සියලු සයිබර් හිතමිතුරන්ටත් හිමිවේවා කියලා මම ප්රාර්ථනා කරනවා. එහෙම වෙන්න නම් සියල්ල මැදහත් සිතින් ඉවසන්න අපිට සිදු වේවී. සමහර විට ඒකට පුරුදු වෙන්ඩත් වේවි.
ඇතිවීම හා නැතීවීම කියන විශ්වයෙ සරළ නීතිය අතරතුර, පැවතීම නම් නිමේෂය අපි අවුරුදු කියලා වෙන්කරගෙන. දැං අලුත් කඩයිමක් 2012 කියලා. ඉතිං 2012 අවසානය තෙක් පැමිණෙන සියලු අද්දැකීම්, මැදහත් සිතින් ගෙවා දැමීමට ශක්තිය මගේ සියලු සයිබර් මිතුරන්ට ලැබේවා !!!
....................
-මීට යුරො දෙකේ වීරයා.
ප/ලි -
ඉදිරි දවසක දී සයිබර් යායෙන් "ආවාස ගේ අසල කෝලාහලය"ත් සිතුවම් එක්කලාම දැකගන්ට පුලුවන් වෙයි. | hplt_2 |
චිත්රක නිර්මාණකරු
චිත්රක නිර්මාණ කරුවෙකු යනු රූප එකිනෙක සම්බන්ධ කිරීම් සිදු කරන, මුද්රණාක්ෂර විද්යාව හෝ චලන චිත්රක යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන චිත්රක නිර්මාණකරණය සහ චිත්ර කලාව තුළ සිටින වෘත්තිකයෙකි. චිත්රක නිර්මාපකයෙකු ප්රාථමිකව ප්රකාශයන්ට, මුද්රණයට හෝ විද්යූත් මාධ්ය වෙත චිත්රක නිර්මාණ කරන අතර විශේෂ කුඩා පොත් සහ වෙළඳ ප්රචාරණය නිර්මාණයෙහි විශේෂිතය. අකුරු සැකසීම, සන්නිදර්ශනය සහ වෙබ් නිර්මාණය වැනි කටයුතුවල ද විශාල වගකීමක් සතු වෘත්තිකයෙකු ලෙස චිත්රක නිර්මාණකරු හඳුන්වයි. එහෙත් මෙම විශේෂඥයන් විවිධාකාරයෙන් චිත්රක නිර්මාණය සම්බන්ධ වෘත්තීන්හි නිරත වේ. නිර්මාණකරුවෙකුගේ ප්රධාන වගකීම වන්නේ සෞන්දර්යාත්මක සහ ප්රවේශාත්මක ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමයි. | hplt_2 |
පසුගිය නොවැම්බර් 23 දින පස්වරු 1.00 ට කොරියාවේ බටහිට වෙරළේ පිහිටි යෝන්පියෝන්ග් දූපත දෙසින් දකුණු කොරියාවට උදව්දෙන පුද්ගලයන් විසින් උතුරු කොරියාව පාලනය යටතේ ඇති භූමියට එල්ල කළ බියගුළු ප්රහාරය නොඉවසන තැන තමන්ට ප්රතිප්රහාර එල්ල කිරීමට සිදු වී යැයි කොරියානු ජනතා හමුදාවේ අණදෙන නිලධාරියා විසින් දකුණු කොරියාවට එල්ල කළ ප්රහාරය ගැන අති විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.
නොවැම්බර් 23 නිකුත් කර ඇති නිවේදනයේ “උතුරු කොරියාවේ විප්ලවීය හමුදාවට අප භූමියට අයත් මුහුදු සීමාවද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී අති අතර විවිධ රූකඩ කණ්ඩායම් විසින් එල්ල කරන ප්රහාරවලට ක්ෂණිකව ප්රති ප්රහාර එල්ල කිරීමට අපි බැඳී සිටින්නෙමු.” යනුවෙන් සඳහන්ව ඇත. දකුණු කොරියාවේ ආරක්ෂක බලධාරීන් ධීවර කටයුතු මුවාවෙන් තම පාලන ප්රදේශයට ඇතුළු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර නොවැම්බර් 24 දින එරට විදේශ අමාත්යාංශය විසින් නිකුත් කොට ඇති නිවේදනයේ උතුරු කොරියාව එල්ල කළේ ප්රහාර නොව ප්රතිප්රහාර බව දැඩිව අවධාරණය කොට ඇත.
“අපේ හමුදාව අවස්ථා රැසකදී දැඩිව අවධාරණය කරනු ලැබු නමුත් ඒ කිසිවක් නොසලකා රූකඩ කණ්ඩායම් අපේ භූමියට ප්රහාර එල්ල කරනු ලැබුවා. එය ඉවසා සිටීමේ සීමාව ඉක්ම වූ කළ අපට ප්රතිප්රහාර දීමට සිදු වුණා.” යැයිද එහි සඳහන්ව ඇත.
“1953 අගෝස්තු 23 වැනි දින එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ ගිවිසුම් ප්රකාරව පිහිටුවා ගත් උතුරේ මුහුදු සීමාව නීති විරෝධිව ආක්රමණය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.” යැයි එහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.
ඇමෙරිකාවත් ඔවුන්ගේ අනුගාමිකයෝත් ජාත්යන්තරයේ සිටින ඇතැම් ලොක්කෝ යැයි කියාගන්නා අයත් සැබෑවටම සිදුවුණු දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් වැදගත් බවද කිසිම ප්රතිපත්තියක් නොමැති දකුණු කොරියාවට ඔවුන් උදව් කරන්නේ නම් සිදුවන්නේ ඇවිලෙන ගින්නට තෙල් දැමීමක් පමණක් යැයිද අදාල නිවේදනය මඟින් තවදුරටත් අවධාරණය කොට ඇත. | hplt_2 |
සූරියෑවේ හන්දිය…
ඔහෙත් එනවැයි යන්න
වුල්ප් උන්නැහේ ගෙ උදවිය
ආයෙමත් ඇවිදින්
නඩු අහන සියඹලා ගහ යට
පිට්ටැන්නකුත් හදාගෙන
පන්දු කෙළියට
කුරක්කන් ගානට
ඉලක්කන් දාන පෝරුව යට
ආරච්චිගේ නෑ කට්ටිය
ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව
ඒ කාලේ වාගේ නෙවෙයි
කාට නං මතකක් ඇද්ද මීගහජඳුර
ඕං දැං සූරියෑවේ හන්දිය
සෙයිලම වාගේ ලොකුවට
රෑ මද්දහන වෙනකං
ලැයිට් පන්දං පත්තු කරගෙන
සිළිඳුට වැහුනු යක් දෝසය
ගිරිස් ඇඟ පුරා ලාගෙන
පිළිකණු ගානේ යනවලු
ගෑණු බය කර කර
2011-08-26
හෂිත අබේවර්ධන
හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"!
ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්යාපෘතියේ ව්යාපෘති අධ්යක්ෂ.
"ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර...
ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්ය සේවකයෙක් ඊට පස්සේ අපට කවදාවත් මුණ ගැසුනෙ නෑ. වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ එතුමා ප්රසිද්ධ වෙලා හිටියෙ සත පහක් වංචා නොකරපු එකම නිලධාරියා හැටියට ඒ කාලෙත්...මේ සේරම "මීගහජඳුර" - "සූරියවැව" - "කිරිඉබ්බන් ආර" යන වචන ඔස්සේ හිතේ ඇවිලෙන මැවෙන දේවල්...
හෂිතගෙ මේ කවිය අතීත "ග්රීස් යකෙක්" වර්තමාන ග්රීස් යකෙක් දක්වා රැගෙන එනවා වගෙයි මට දැනෙන්නේ. සමාජය හරහා රගර් ක්රීඩයෙකු සේ මිනිසුන් පෙරලා ගෙන පැන දුවන මේ "ග්රීස් යක්කු" අපට බිය වන්නට යමක් සපයනවා විය හැකියි.
මංජුල වෙඩිවර්ධනගේ කවියකුත් ලැබුණා. ඒ කවියෙත් ඉන්නවා "යක්ෂයෙක්"...හැබැයි වෙනත් ආකාරෙක යක්ෂයෙක් ...ආදරය කරන්න හිතෙන ජාතියේ යක්ෂයෙක්.
සුසා
උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් - තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා--------
ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ “එරන්වන් පතෙක“ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඩ කවියක හඩක
කක්ෂපුට ජීවීතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් ඛෙදුව
“යක්ෂයා“ උඹ ය දෙවියන් පවා ගරු කෙරුව
ඈත ඇමතුම් ලැඛෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා
මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැඛෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙනෙ අඩනතුරු
වේදනා උහුලගමු සුසා.................
පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා
මංජුල වෙඩිවර්ධන
අගෝස්තු 24, 2011
පොළව පලා ගෙන මතුවෙන යක්ෂයො
පින්තූරය ගත්තෙ මෙතැනින්
. | hplt_2 |
ජීවයට සුදුසු ග්රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන ඇසෙද්දීම සිතෙන්නේ එය කිසියම් අද්භූත බලවේගයක් නිසා සිදුවන බවයි. අද්භූත බලවේග විශ්වාස නොකරන මම, මාගේ ශබ්ධකෝශයෙන් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන කටුගා දමා ඒ වෙනුවට අහම්බය යන තනි වචනය භාවිත කරමි.
ඇය මා හමුවීමද අහම්බයකි.
එතරම් සෙනඟ නොමැති බස් රථයේ පිටුපසට වන්නට තනි ආසනයක මා වාඩිවී සිටිමි. ඇය ඉදිරිපස දොරටුවෙන් බසයට ගොඩ වූවාය. එක එල්ලේම මදෙස බැලූ ඇය, ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය නඟයි. ඇඟේ පැහැපත් මුහුණේ පැහැදිලි හැඟීමක් කියවීමට මා අපොහොසත් වූ අතර ඇය මට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තාය. බස් නැවතුම් කීපයක් පසු විය. අසුනෙන් නැඟී සිටි ඈ කුඩා කොල කැබැල්ලක් මා අත තබා ඊළඟ නැවතුමෙන් බැස ගියාය. එහි ඇත්තේ ඇගේ දුරකතන අංකයයි.
කෙටි පණිවිඩ කිහිපයක් පමණක් වැයකොට පසු දින මුණ ගැසී විනාඩි කීපයක කතාවකින් අනතුරුව කුලියට ගත් කාමරයක පැයක් ගතකොට පටන්ගත් අපේ සම්බන්ධයට නමක් නොතිබිණි. අපේ සම්බන්ධයට ආදරය යන නම යොදා අපවම රවටා ගැන්මට ඇයටත් මටත් උවමනාවක් නැත. ඇයට මගේ නමද මට ඇගේ නමද හැරුණු කොට අන්කිසිවක් දැනගැන්මටද උවමනාවක් නැත.
පාළු මං මාවත් වල, බොහෝ කලබල මුහුදු වෙරළ වල, චිත්රපට ශාලා වල, පැයකට වෙන් කරගත් කාමර වල දින සති ගෙවී යයි.
පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු. සිවිලිමේ එල්ලා ඇති හෙමින් කැරකෙන විදුලි පංකාවේ 'කරස්' 'කරස්' ශබ්ධය ඇසෙන තැන සෙවීමට මගේ දෑස් වෙහෙසෙන අතරතු....
"ඔයාට කෙල්ලෙක් ඉන්නවද?" ඇය අසයි
"නෑ"
"වෙන්න බෑ..."
"ඇයි?"
"ඔයාගේ තොල් ලස්සනයි"
"එහෙනං ඔයාට කොල්ලෙක් ඉන්නවද?"
"නෑ... මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑනේ.."
"ඒ උනාට ඔයාගේ ෆිගර් එක ලස්සනයි"
"මං කිව්වේ මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑ කියලා"
"ඒ උනාට..........." වාක්යය නිමා කිරීමට ඇගෙ තොල් මගේ තොල් වලට අවසර නොදෙයි.
***********************
ආදරය යනු හිස් වචනය පමණක් බවට ඈ කරන තර්ක බිඳ දැමීමට මට නොහැකිය.
"ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්"
"එතකොට අර පොඩි ළමයගේ අම්මාගෙයි තාත්තාගෙයි අතර තියෙන බැඳීම මොකක්ද?" තම සිඟිති දියණිය සමඟ මුහුදු වෙරළේ සෙල්ලම් කරනා තරුණ දෙමාපියන් දෙසට ඇඟිල්ල දික් කරමි.
"ඒ ආසාව සහ බලාපොරොත්තුව"
"විකාර!"
"ඔව් එක විදිහක විකාරයක් තමා.... ඔයයි මමයි කාමරේකට යන්න තියෙන ආසාවම එයාලා ළඟත් ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලගේ බලාපොරොත්තුව තියෙන්නේ අර හයක් හතරක් නොතේරෙන පොඩි ළමයා ගාව."
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ ඒ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා තමන්ට තනියම යමක් කරන්න බැරි කාලෙට ඒ ළමයා ඒ අයව බලා ගනී කියලා"
"ආත්මාර්ථකාමී නේ!"
"ඉතිං හැමෝම එහෙම තමයි. ඔයයි මමයි උනත්"
මම නිශ්ශබ්ධ වීමි.
***********************
රෑ එළිවෙන තුරු කරන දුරකතන සංවාද අප අතර නැත. යළිත් මුණ ගැසෙන තැනක වෙලාවක් ස්ථිර කරගැනීමට දින කිහිපයකට වරක් කෙරෙන මිනිත්තු තුන හතරක සංවාදයක්, කෙටි පණිවිඩ දෙක තුනක් පමණි. නමුත් ඇය මා මුණ ගැසුන විට අපි ගැන අඩුවෙන්මද තව බොහෝ දෑ ගැන ද සාකච්ඡා කරමු.
"දන්නවද වැඩක්?" මම අසමි.
"නෑ"
"අද මගේ උපන්දිනේ"
"මොන අවුරුද්දෙද?"
"අසූ නමයේ"
"අපෝ පොඩි එකෙක්නේ!"
"ඇයි ඔයා කීයෙද?"
"අසූ හයේ"
"නාකි ගෑණියෙක්!"
***********************
අපේ නිර්ණාමික බැඳීමේ පුද්ගලික තොරතුරු හුවමාරුව අල්ප වීම මත අප අතර විඳවීම් ඇත්තේම නැත. ඇත්තේ විඳීම් පමණි. නමුත් මහා ලේඛකයන් කියන පරිදි ආදරය යන බැඳීම ශක්තිමත් වන්නේ ප්රශ්න ගැටළු ඇති විටය. ප්රශ්න ගැටළු නැති අපේ නිර්ණාමික බැඳීම ශක්තිමද්ද නැද්ද යන්න අපි නොදනිමු. එය දැනගැන්මට අපට උවමනාවක්ද නැත. ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.
කාමරයක ගතකළ පැයක් අවසානයේ අප නිවෙස් බලා යන මොහොත පැමිණ ඇත.
"අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා"
"ඔයා කැමතිද?"
"ඔව්! ඒ හින්දා මට ආයේ එන්න වෙන්නේ නෑ. මම නොම්මරෙත් මාරු කරන්න හිතාගෙන ඉන්නේ"
"නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"
"ඒ ඔයානේ..."
කිසිඳු හැඟීමකින් තොරව ඈ යන්නට යයි.
"මේ දන්නවද?" පියවර කීපයක් ගිය ඈ ආපසු හැරී කතා කරයි.
"නෑ"
"එයාගෙත් තොල් ලස්සනයි!"
සියුම් සිනහවක් ඇගේ මුවේ ඇඳිනි. නැවත ගමන පටන්ගත් ඈ යන්නටම ගියාය.
ඇය මා හමුවීම මට යහපතක් හෝ අයහපතක් නොවූ තැන, ඒ හමුවීම නිකම්ම නිකම් අහම්බයක් පමණකි. නමුත් අපූරු අහම්බයකි! | hplt_2 |
රාජස්තාන් රෝයල්ස් ක්රීඩකයන් තිදෙනෙකු විසින් අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් මේ වන විට මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් මතුවී තිබෙන අතර, මුදල් වලට අමතරව බුකීකරුවන් විසින් මෙම ක්රීඩකයන් ට ගැහැණුන් ද සපයා ඇතැයි ඉන්දීය මාධ්ය වාර්තා සඳහන් කරයි.
මෙම ක්රීඩකයන් හා බුකීකරුවන් අතර පැවැති දුරකථන සංවාද වලින් මේ පිළිබඳව හෙළිවී තිබෙන බවත්, පොලිසිය විසින් එම සංවාද පටිගත කර ඇති බවත් එම මාධ්ය වාර්තා වල දැක්වේ.
මානන් හා චාන්ද් නැමැති බුකීකරුවන් දෙදෙනා විසින් මෙලෙස ශ්රීශාන්ත් හා අජිත් චන්ඩිලා වෙත තෙවරකට වඩා ගැහැණුන් සපයා ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.
මීට අමතරව, මෙම තරග පාවාදීමට සම්බන්ධ නොවන තවත් ක්රීඩකයෙකුට මෙම බුකීකරුවන් විසින් ගැහැණුන් සපයා ඇතැයි එම මාධ්ය වාර්තා වල දැක්වේ.
ඊයේ (16) ශ්රීශාන්ත් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ ද ගැහැණියෙකු සමග මුම්බායි හෝටල් කාමරයක සිටින විටදීය.
සුප්රකට බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි හිමිකාරීත්වය දරන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ශ්රීශාන්ත්, අන්කීට් චවාන් සහ අජිත් චන්ඩිලා යන පන්දුයවන්නන් තිදෙනා අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඊයේ අළුයම කාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.
තරගයේ අවස්ථා මුදලට පාවාදීම වෙනුවෙන් එක් ක්රීඩකයෙකුට ඉන්දියානු රුපියල් ලක්ෂ 60ක් පවා ගෙවීමට බුකිකරුවන් එකඟතාවය පළ කර ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ක්රීඩකයන් සමග බුකිකරුවන් 11දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉක්මනින්ම මොවුන්ගෙන් ප්රශ්ණ කිරීම ආරම්භ කරන බව ඉන්දීය පොලිසිය එරට මාධ්ය වලට පවසා තිබේ.
මේ වන විට ද ඉහත ක්රීඩකයින්ට තාවකාලික තරග තහනමක් පැනවිමට සහ අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමටද ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඔවුන්ට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත් මෙම ක්රිඩකයින් තිදෙනාට ජිවිතාන්තය තෙක් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිබෙන බව ඉන්දීය මාධ්ය වල වැඩිදුරටත් දැක්වේ. | hplt_2 |
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
චිත්ර කාමරය
පොඩ්ඩන්ගේ සියුම් ඇඟිලි තුඩු වලද අහිංසක ඇස් වලද නොඉඳුල් රත් පැහැ කම්මුල් වලද සැබෑ සිත්තම සැඟව තිබිණ. අවශ්යව තිබුණේ ඒ සිත්තම පරිස්සමින් සුදු ඩ්රෝවිං කොළයක් මතට ගැනීමයි. වර්ණ ද නිරාමිස හීන ද තැවරෙමින් ඩ්රෝවිං කොළ විසි හතරක් ඒවායේ පීඩාකාරී සුදු පැහැය අහිමි කර ගනිමින් සිටියහ. චිත්ර පන්තියේ අන්තිම පේළියේ අන්තිම මුල්ලේ විසි පස් වෙනි ඩ්රෝවිං කොළය තබා තිබිණ. ඒ මත සදාකාලික වේදනාවේ සුදු පැහැය සතුටේ වර්ණවත් බව අයදිමින් සිටියේය. පැස්ටල් කූරු බලාපොරොත්තු සිඳ ගනිමින් තොල් හප හපා අවුල් වූ කෙස් සුළඟට මුසු කර හරිමින් ඈ අසල වැතිරී සිටියෝය.
මම වර්ණ තැවරුණු හිත් මැදින් ඇවිද ගොස් හිස් ඩ්රෝවිං කොළය ළඟ නැවතුණෙමි. පොඩ්ඩී හිස ඔසවා මා දෙස බැලුවාය. ඒ ඇස් වලට නමක් අවශ්යව ඇතැයි මට සිතිණ.
මම චිත්ර පොත ද පැස්ටල් පෙට්ටිය ද වඩාගෙන පොඩ්ඩීගේ අතින් ගෙන හිරු එළිය තවරා ඇඳ තිබූ කොරිඩෝව මතින් ගුරු කාමරය දෙසට ඇවිද ගියෙමි. පොඩ්ඩී කිසිවක් නොදෙඩුවාය.
ඈ කවුරුන්ද? එළිය නිදියන මුහුදු පත්ලේ හෝ මීදුමෙන් වැසුනු බොහෝ දුර බැහැර මිටියාවතක ඇගේ නම සඟවා තිබෙන්නට ඇත. ඇගේ මුදු අතෙහි ස්පර්ශය දිගේ නමක් සොයනා ආත්මය මා තුළට පෙරී ආවේය. සුරංගනාවන් හැඬූ කඳුලක හෝ කුරුමිට්ටන් ගැයූ තුටු ගීයක ඇගේ නම සඟවා තිබෙන්නට ඇත. වහු පැටවෙක්ගේ නිලන ඇස් වල හෝ පැණි කුරුල්ලෙකුගේ වසත් ගීයක හෝ ඇගේ නම සඟවා තිබෙන්නට ඇත.
මම ගුරු කාමරය තුළ ඈ හිඳුවා පැස්ටල් ද ඩ්රෝවිං කොළය ද ළඟින් තැබුවෙමි. අවුල්ව අහසට පනින කොණ්ඩය පීරා තනි කරලක් වෙන්නට පිට දිගේ වැටෙන්නට හැරියෙමි. ඈ සෙමින් ඇස් පියා ගත්තාය. මම රතු රිබනයෙන් ඇගේ කොණ්ඩා අගිස්ස සිර කළෙමි. ඇගේ ඇස් කෙවණි සෙමෙන් තෙත් වන්නට පටන් ගෙන තිබිණ. අවසන, ප්රසූතිය පහසු කරන්නට මම ඇගේ සිඟිති මුව සිපගත්තෙමි.
ඉදින් එය සිදු විය.
බොහෝ කලක් සිරගතව සිටි කුඩා කඳුළු සිරකරුවන් දෙදෙනෙක් ඇගේ දෑසින් පලා ගොස් කම්මුල් දිගට බේරී පොළවේ වැටී මියැදුණහ. ඉකිය විසල් හැඬුමක් විය. යාබද සංගීත කාමරයේ තුබූ වයලීන දහයක් අහසට පැන පොඩ්ඩී වෙනුවෙන් සදාතනික අග්නියේ සංධ්වනිය වයන්නට විය. ලෝකය පුරා අහස් ගත කර තිබූ සරුංගල් පවනට බඳු වේගයෙන් පාසැල් අහස මතට පියඹා ආහ. පිට්ටනිය ළඟ මල් වැරූ වයසක අරලියා ගහ තිරිහන්ව මලින් නැහැවෙමින් තිබිණ.
එක්වනම, ඈ විලි රුදාවෙන් කෑ ගැසුවාය.
එකොළොස් වියැති පොඩ්ඩී සුදු ඩ්රෝවිං කොළය උඩට මළ දරුවා ප්රසූත කළාය. රතු පැස්ටල් ධමනි දිග ගැලූ රුහිරෙන් ඩ්රෝවිං පොත ද ඒ අසල බිමද තෙත්ව තිබිණ. පොඩ්ඩී එක කඳුළකදු නොනගා කරදාසිය මත වූ මළ දරුවා සහ තමන් අතර වූ වේදනාවේ පෙකණිවැල සියතින්ම සින්ඳාය.
නැතිව තිබූ නම ඉක්මනින් ඈ සොයා එනු ඇත.
සීනුව කෑ ගැසුවේය.
පොඩ්ඩීව පන්තියට ඇරලූයෙමි.
පසු දා උදේ- ගුරු කාමරය
පොඩ්ඩී ඈත නියර දිගේ සුදු පුළුන් රොදක් සේ පාව එන්නීය. මම ගුරු කාමරයේ සී මැඳුරු කවුළුවෙන් ඈ එනු බලා හිඳිමි.
ඈ නියරත් අහසත් අතර වූ අවකාශයම අත් කරගෙන සිටින්නීය. දොළ අයිනේ කදුරු මල් වලටද, දියබුං ගසනා දණ්ඩි පැටවුන්ටද, අළුත උපන් කෙහෙල් මොරෙයියන්ටද දැන් ඉතින් නරඹන්නට කිසිවක් ලැබී තිබේ. ඈ නැවතී අළුත උපන් වහු පැටවෙකු පාරේ එළවන්නට වූවාය. නියරේ මඩට පය ලිස්සා ඈ වෙලට වැටෙනු ඇතැයි මම බිය වූයෙමි. මම ඒ දෙසට ගියෙමි.
මා මගට එනු දැක ඈ හිනැහෙමින් දිව ආවාය. ඇගේ ඇස් තුළ අහස විය. පොළව විය. ගංගාවන් විය. වහු පැටවුන් ද සුරංගනාවන් ද විය. කුරුමිට්ටන් ද පැණි කුරුල්ලන් ද විය.
මම නියර මත දණින් නැමී හඬමින් ඈ තුරුළු කර ගත්තෙමි.
ඉදින් ජීවිතය ගෙන ඈ පැමිණ තිබේ.
හදිසියේම අමතකව තිබූ ඇගේ නම කෝෂය පලා මතු වන සමනල්- බිළිඳෙකු මෙන් මා ඉදිරියේ ප්රාදුර්භූත විය.
"ලස්සන වසිලිස්සා"
-2007
කූඹියා
කතන්දර බූන්දි | ලස්සන වසිලිස්සා - [කූඹියා]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook | hplt_2 |
මයික්රොසොෆ්ට්
ඛණ්ඩාංක: 47°38′22.55″N 122°7′42.42″W / 47.6395972°N 122.12845°W
මයික්රොසොෆ්ට් සමාගම ඇමරිකානු බහුජාතික පරිගණක තාක්ෂණය පිළිබඳ සමාගමකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන මයික්රොසොෆ්ට් වින්ඩෝස් සහ මයික්රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භාවිතා වන පරිගණක මෘදුකාංග වනුයේ මේවාය.
1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල් ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප්රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් ක්රියාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත්රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.
අදවන විට මයික්රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත්රයන්හිදි ද ක්රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළෙඳපලට නිකුත් කරනු ලබන ප්රධාන ආයතනයයි.
අදවන විට මයික්රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනප්රිය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්රිය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.
මයික්රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශුද්ධ ආදායම 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය. | hplt_2 |
මැදිවියේ කතුන්ට පෙම් බඳින තරුණ දේශපාලඥයා ?
Posted by Paparasi News Friday, July 8, 2011
‘පහේ සර්’ ලෙස හැඳින්වෙන මෙම දේශපාලනඥයා සංචාරක කටයුතු කරන කාලයේ සාමලී නමැති කාන්තාවක් සමග ප්රසිද්ධ පේ්රමයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එය ඔහුගේ පවුල් ජීවිතය පවා දෙදරා යෑමට හේතු වී තිබිණ.
කෙසේ වුවද, එම සම්බන්ධතාවය හරහා එකී කාන්තාවගේ ‘සිල්වර් ලයින්’ වැඩවලට විශාල සහයක් දේශපාලනඥයාගෙන් ලැබී ඇත. එකී දේශපාලඥයා දෙස් විදෙස් හි සංචාරය කරන බොහෝ අවස්ථාවල දී තමාගේ නැන්දනියක යැයි සඳහන් කරමින් මෙම කාන්තාව රැගෙන ගොස් තිබේ.
මේ වන විට මෙම දේශපාලනඥයා මැදවියේ කාන්තාවන් කිහිප දෙනෙකු සමග විටන් විට පර්යේෂන හා තාක්ෂණ කටයුතු සිදුකරමින් සිටී.
Subscribe to: Post Comments (Atom) | hplt_2 |
නංගි පෙන්වා අක්කා දීමේ කලාවට එරෙහිව...
ඉන් පසු බලවේගය ඉදිරියේ පහන තබා, තෙල් තිරය දමා, ඔබ දන්නා ආකාරයට වඳින්න. හිතෙන ආකාරයකට පතන්න, පුළුවන් විදියට භාරවෙන්න. දන්න, හිතෙන ඕනෑම දෙයක් කර ඉදිරියේ පවතින පහන දල්වන්න යැයි ඉල්ලීමක් කරන්න. එය සිදු නොවන බව වටහා ගන්න. මෙය තේරුම් ගන්න.
නමුත් ගිනි පෙට්ටිය සාක්කුවෙන් ගෙන සරල උත්සහායකින් පහන දැල්විය හැකිය. මෙහිදී ප්රභල ඔබද, දෙවියෝද යන්න සිතන්න.
මෝඩයන්ට සිතෙනුයේ තමා ප්රභල බවයි.
මතක තබා ගන්න, ගිනිපෙට්ටියක් තිබුනේ නම් දෙවියන්ද පහන දල්වනු ඇත. එනම් මෙයින් ප්රභල වන්නේ හේතූන්ගෙන් ඵල හටගන්නා ධර්මතාවයයි. නැවතත් දෑස් පියාගන්න. ගිනිපෙට්ටියක් නොමැතිව තමන්ටද දැල්ල ඇති කල නොහැකි බව සිතන්න.
දැන් ඉහත බලවේගයට පුළුවන් නම් දැල්ල නිවන්න යැයි අභියෝග කරන්න. එසේ නිවෙන ස්ථානයක් ලොවේ නැත. නමුත් ඔබට සරල උපක්රමයක් මඟින් මෙය සිදු කල හැකිය. මෙහිදීද මෝඩයා සිතන්නේ තමා ප්රභල බවයි. නමුත් හේතූන් ඉවත් කල විට ඵල අතුරුදන් වන ධර්මතාවය මෙහිදීද ප්රභල වේ.
මෙසේ සදාතනික සත්ය මෙසේ පැවතුනත් මිනිසුන් මෙසේ නොසිතන්නේ ඇයි? එයද හේතූන් නිසා හටගත් ඵලයක් වේ.
(දෙවන කොටස බලාපොරොත්තු වන්න...) | hplt_2 |
සුපිරි ඉන්දීය කි්රකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් අද (04) එරට පාර්ලිමේන්තුවේ දී මන්ත්රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා. තෙන්ඩුල්කාර් එරට රාජ් සභාවේ සභාපති සමීඞ් අන්සාරි ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා. පසුගිය දා ඉන්දියානු ජනාධිපතිනී ප්රතිභා පටෙල් විසින් සුපිරි කි්රකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් හා බොලිවුඞ් චිත්රපට නිළි රේඛා එරට පාර්ලිමේන්තුවේ රාජ් සභාව සඳහා නම් කළා. පසුගිය මැයි මාසයේ දි ජනප්රිය බොලිවුඞ් නිළි රේඛා සිය මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුව ද සචින් තෙන්ඩුල්කාර්ගේ දිවුරුම් දීම අද (04) දක්වා කල් ගියේ ඉන්දීය පි්රමියර් ලීග් කි්රකට් තරගාවලිය හේතුවෙන්. ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පාලක කොංග්රස් පක්ෂය ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා මෙවැනි කි්රයාමාර්ග අනුගමනය කරමින් සිටින බව ඉන්දීය මාධ්ය වාර්තා සදහන් කළා. | hplt_2 |
මේ කවි පන්තිය මගෙ අතට ඇවිත් දැන් අවුරුදු දහයක් විතර ඇති. ඒක මං ගාවට ආවෙ මගෙ අම්මා හන්දා. අම්මා පත්තරේක තිබිල (මතක හැටියට ලක්බිම ඉරිදා සංග්රහයෙ) කියවල මේක කපල මට දුන්නෙ කියවන්න. ඒත් අම්ම ඒ කවි පෙළ කපල තියෙන්නෙ ලියපු කෙනාගෙ නමත් එක්ක නෙමෙයි. ඒ හන්ද මේකෙ කතෘ කවුද කියල කියන්න වෙන්නෙ නෑ. කවුරු වුනත් ඒ ලියල තියෙන්නෙ තාත්ත කෙනෙක් හුරතල් පුතු වෙනුවෙන් ලියවුන මම දැකපු රසවිදපු හොදම සහ කවි පංතිය. කාලයක් තිස්සෙ මේ කවි පන්තිය මගේ මේසෙ ඉස්සරහ බිත්තියෙ ගහල තිබ්බා. මේ පැදි පෙළට වහ වැටුනු කිහිප දෙනෙක් මේ කපපු කොළය අරන් ගියා. මම ඒ අරන් ගිය හැම වෙලාවෙම ඒකෙ ආසාව අතහැරගත්තත් මට ඒක නැවත හම්බ වුනා. මේ පද ටික අරන් ගිය අය අතරේ මගෙ ගුරුවරු කිහිපදෙනෙක් වගේම අළුත් තාත්තල වගේම සීයල කිහිප දෙනෙකුත් ඉන්නවා.
මම තාම තාත්ත කෙනෙක් නෙමෙයි. එත් මං පොඩිකාලෙදි මගෙ තාත්ත කොයි විදිහට ඒ දේ විදගන්න ඇත්දැයි හිතනකොට මගේ ඇහැට නම් කදුළක් නැගෙනවා නම් ලියපු කෙනා කොච්චර සංවේදි ඇත්ද? මේ වගේ නිර්මාණයක් කලාය ඔබට පිං. සියුම් සංවේදී හදවත් ඇති ඔබ වෙනුවෙන්...
වස්සාන කාලයේ හිරුමලක් ලෙස පිපුණ
අමාවක පිරුණු රැයේ සද මලක් ලෙස නැගුන
හීත හිරිගඩු පිපුන රැයේ උණුසුම රැගෙන
පුතු වැඩිය රාත්රිය සිහිකරමි මම තවම....
සද මලට තරුවලට දෑත දිගුකර යදින
කිරි සිනා මුව අගින් හීනියට ගී ගයන
වැලි දූලි පෙරාගෙන සාලයෙහි දණ ගාන
ජීවිතය නුඹයි පුත.... මගෙ ලොවේ සද පහණ
රැයේ නිදි යහන මත හීනෙනුත් හිනා වෙන
දෙපා පොඩි මුව තබා කිරි උරා බී නිදන
හීන් නෙතු දුටුවහම දිවියෙ වෙහෙසම නිවෙන
කෙලෙස කවි කරමි මම ම’සිත සිතුවිලි කොහොම...?
දෑත ගුලිකර නිතර ඔසවමින් දග කරන
හිනාමල් වත කමල පුරාවට නිති රදන
අම්මගේ උණුසුමට ළංව මට හිනාවෙන
පුතේ නුඹමයි මගේ ජීවිතයේ මිණිපහණ
පැතුම් මල් විකසිතව අප දිනූ දිවියෙ ඉම
නුඹයි සළකුණු කළේ... ඉතින් සතුටුයි බොහොම
අම්මගේ සෙනෙහෙ ලග නුඹ රජෙකු වූවාම
මට ඉඩක් නැතිවුනත්... සතුටු වෙමි මම තාම | hplt_2 |
තම තමන්ට නියමිත ආසනවල අසුන්ගත්තාට පස්සෙ තමයි උන්නාන්සෙලා දැක්කෙ ඇතුලෙ විසිතුරු. විසාල තිරය පුරා දිස්වෙන මුහුදෙ එහෙට මෙහෙට පීනන මාළුවො පුංචි ඈයන්ව හරි අපූරු ලෝකෙකට ගෙන ගියා. තිෂාන්ගෙත් ඒ ලඟටම වෙලා හිටපු පොඩි හාමුදුරුවොන්ගෙත් සංවාදයෙන් මට ඇහුන කොටස තමයි මේ..
“මහත්තයා..මේ මාලු ඇත්ත එවුන්ද?..”
“නෑ හාමුදුරුවනේ.. ඕක කම්පියුටර් එකෙන් හදපු එකක්..”
“හැබෑට..? මම හිතුවෙම ඇත්ත මාලු කියල..මුහුද ඇතුලෙ හරි ලස්සනයි නේද මහත්තයා..? මහත්තයා ඇත්තට දැකල තියෙනවද මුහුද යට?”
“මමත් ටෙලිවිශන් එකෙන් තමයි දැකල තියෙන්නෙ…”
නිහඬතාවය…
“මහත්තයා”
“ඔව් පොඩි සාදු..?”
“මම මේ ඉස්සරවෙලාම තමයි චිත්රපටියක් බලන්ඩ ආවේ..අපි කවුරුවත් මීට කලිං ඇවිත් නෑ..”
“එහෙමද?”
මේ අතරෙ ශාලාව පුරාම laser light ගහන්න පටන් ගත්තා. පුංචි රතු පාට තිත් වහලෙත් බිත්ති පුරාත් නටද්දි කන පැලෙන්න දාලා තිබුනු සංගීතය කාටවත් බාධාවක් උනේ නෑ.
“මහත්තයා..මේ ලයිට් ගහන්නෙ කොහෙ ඉඳලද?”
“පිටිපස්සෙ උඩ ජනේලෙන් එන ලයිට් එළිය පේනව නේද? එතන තමයි ෆිල්ම් එක පෙන්නන මැෂීම තියෙන්නෙ..එතන ඉඳලා තමයි ඔය ලයිට් ගහන්නෙ..”
“මම දැන්නෙ ඒක දැක්කෙ..ෆෑනුත් දාලා නෙද මහත්තයා? දැන්ම පෙන්නන්ඩ පටන් ගනීද?”
තවත් මොන මොනවදෝ මහ ගොඩක් ප්රශ්න..
තුන් වෙනි සීනුව නාද උනා. මෙතෙක් වේලා කටවුට්, පෝස්ටර්,ට්රේලර් සහ විචාරකයන්ගේ නිර්දය විවේචනයන්ගෙන් දැකපු “සිද්ධාර්ත ගෞතම” තිරය මත දිගඇරුනා.
The Little Buddha ඉංග්රීසි චිත්රපටය නරඹලා තිබුනු හැම කෙනෙක්ම වගේ බලාපොරොත්තු උනේ ඒ සමාන හෝ ඊටත් එහාට ගිය කලා කෘතියක්. ආරම්භයේ සිටම ඕලාරික ලෙස ගලා ගිය ච්ත්රපටයේ සෝමාරි සිද්ධාර්ථ සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ අසාර්ථක රංගනයත් දියාරු තිර පිටපත සහ දුර්වල අධ්යක්ෂනයත් දෙවරක්ම මා සුවබර නින්දකට ගෙන ගියා. සියළු ලෝක සත්වයා කෙරෙහි අපරිමිත දයා කරුණා ගුණය පැතුරුවා වූද, යුධ ශිල්පයෙහි, කලාවෙහි සහ අර්ථ ශාස්ත්රයෙහි කෙල පැමිණියාවූද සිද්ධාර්ථ නාමය ලද ලොව ප්රථම නිරායුධ සොඳුරු විප්ලවවාදියා චිත්රපටියේ කොතැනකවත් නොසිටි බවනම් නිදිමරගාතේ සිටියත් මට ඉඳුරා කීව හැකියි.
කලා කරුවා වූ කලි උපකල්පණ ශක්තියෙන් යුතු වූද, සත්ය හෝ ප්රබන්ධයට තමන්ගේම අර්ථකතනයක් දිය හැකි වූවෙක් යන්න අවිවාදිතයි. ඒ නිසාවෙන්ම ගිහිගෙය හැර යන අවස්ථාව අප දන්නා පරිදි නොවී වෙනත් විදිහකට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක.
විවේක කාලයේදී ටිපිටිප්,විස්කෝතු සමග චොකොලට් කිරිවල රහ බැලූ අපේ පුංචි උන්නාන්සේලාව ආපසු පරිස්සමින් ලොකු හාමුදුරුවන්ට ගිහින් බාර දෙද්දි පුංචි ඇස්වල තිබුනු සතුට අපි හැමෝටම දැනුනා. නච්ච ගීත වාදිතයන්ගෙන් විනිර්මුක්ත විය යුතු වුවද වර්තමානයේ චීවරයට මුවාවී කරන නොපනත්කම් හමුවේ අපේ පුංචි හාමුදුරුවරුන්ගේ චිත්රපටි ගමන ශාසනයට ඇවැතක් නම් නොවේමය. | hplt_2 |
මා සමාන්යයයෙන් පිටු වැඩි පොත් මිලට ගන්නේ කලාතුරකිනි. පිටු දෙසීයේ තුන්සීයේ පොත් වැඩිපුර කියවා පුරුදු විට පිටු පන්සියයක පමණ පොතක් පැන නොහැකි කඩුල්ලක් මෙන් දිස් වේ. චිංගීස් අයිත්මාතෙව් විසින් රචිත “සියවසක් පවත්නා දවස” පොත දුටු විටද මා හට එවන් හැඟීමක් පහල විය. රුසියානු සාහිත්යය කෙරේ කුඩා කල සිට තිබූ බැඳීම නිසාදෝ “සියවසක් පවත්නා දවස” මිලදී ගතිමි. මා මීට කලින් චිංගීස් ...
මා උසස් පෙල හදාරන අවධියේ කැසට් පට මිලදී ගැනීමට මහනුවර ටොරිංටන් වෙළද සංකීර්ණයේ පිහිටි එක්තරා වෙළඳ සලකට යාමට හුරු වී සිටි අතර එහි හිමිකරුවන් සමග මිතුරු වූයේ නිරායාසයෙනි. කිසියම් අවස්ථාවක නගරයේ කාලය ගෙවා දමන්නට සිදු වූ කළ එම වෙළඳ සැලේ රැඳී සිටීම මාගේ පුරුද්ද විය. මේ කාලය වන විට අප ක්රිකට් ලෝක කුසලානය දිනා වසරක් පමණ ගත වී තිබිණි. සංචාරක ...
මිනිසුන් අතර ගෙවෙන කාලය සැබැවින්ම අරුමයකි. එය කුතුහලය දනවන චිත්රපටයක් හා සමානය. බොහොවිට සිදු වන්නේ නොසිතූ දෙයමය. පසුගිය දින කිහිපයන්හි අත් විදින ලදු සුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙසේ ලියන්නට සිතුණි. මීට සති කිහිපයකට පෙර මා හට කුළුපඟයැයි සිතූ කෙනෙකුගෙන් සුළු උදව්වක් අපේක්ෂා කළත් එයට ලැබුනේ අනපේක්ශිත එමෙන්ම එම ඉල්ලීම නොසලකන සුළු පිළිතුරකි. අද අන්තර්ජාලයේ දුටු කියමනක් මෙයට මැනවින් ගැලපෙන්නේයැයි සිතමි. ...
අද බොහෝ දෙනා ලෝකය වෙනස් කරන්නට කතා කරති. අධ්යාපන ක්රමය වැරදියි, ඡන්ද ක්රමය වැරදියි, සමාජ ක්රමය වැරදියි…අරක මෙහෙම කරනාම් හොඳයි…ඕක මම කරානම් කරන්නේ මෙහෙමයි, එතකොට ඊට වඩා ප්රතිඵල ගන්න පුළුවන්. මෙවන් කතා ජන මාධ්යයන්හි මෙන්ම එදිනෙදා සමාජයේ ද බහුලව ඇසෙන දේවල්ය. විවේචනය කරන්නෝ බොහෝමය…නමුත් සමාජය උදෙසා යමක් කරන්නට තැත් කරන්නෝ ඉතාමත් අල්පය. අගනා දේ නම් යමක් කරන්නට උත්සාහ දරන්නෝ මැසිවිලි ...
කොළඹ අන්තර්ජාතික පොත් ප්රදර්ශණයට සහභාගී වීම සැමවිටම ඉතාමත් සතුට ගෙන දෙන කටුයුත්තකි. එකම හිස් ගොඩක් වන බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දස දහස් සංඛ්යාත පොත් අතර අතරමං වන්නට සැම විටම ප්රියකරමි. කිය වීමෙන් ඈත් වී සිටින්නේ නම් නැවති කියවන්නට පොත් ප්රදර්ශණයෙන් ලැබෙන පොඩි තල්ලුවත් අගනේය. පසුගිය වසරේ පොත් බොහොමයක් මිලදී ගත්තත් කිය වන්නට ලැබුණේ ඉන් කිහිපයකි. “සොෆීගේ ලෝකය” යනුවෙන් නම් කර ...
පසු ගිය සති අන්තයේ “The Artist” චිත්රපටය නැරඹුවෙමි. චිත්රපටය ගැන ඉතා හොඳ ප්රතිචාර අසා තිබුණත් කළු සුදු නිසා නීරස චිත්රපටයක් වේදෝ කියා සිතේ යම් දෙගිඩියාවක් නොතිබුනේද නැත. චිත්රපටයක් මිලදී ගන්නා සෑම විටම උප සිරැසි (subtitles) නිසි පරිදි ඇත්දැයි බැලීම මාගේ පුරුද්දය. “ඕකෙ subtitles හරියට තියෙනවද?” කියා වෙළඳ සැලේ තරුණයාගෙන් විමසූ කළ මා දෙස පුදුමයෙන් බලා… “මේකෙ dialogs නෑනේ..මොකටද subtitles?” කියු ...
අවුරුද්දකටත් වඩා පැත්තකට දාලා තිබ්බ බ්ලොග් අඩවියේ වැඩ ආයෙත් පටන් ගන්න හිතුවා. ඕනෑම දෙයක් පටන් ගන්න හරි ලේසියි ඒත් පවත්වාගෙන යන එක අමාරුයි. කෙසේ වුවත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් හිතේ ගොඩ ගැසුණු සිතිවිලි ද නැතුවා නොවේ. මේ අඩවියේ පළමු ප්රතිචාරය දැක්වූයේ අපේ ආගිය කතා ලියන හසිත මල්ලී….ඔනෑම කෙනෙකුගේ අලුත් අඩවියට ලැබෙන පළමු ප්රතිචාරය වටිනාකම බොහාමයි. ගිය දෙසැම්බරයේ හසිත මල්ලී මා ...
ජයලත් මනෝරත්නයන්ගේ නවතම නාට්යය නිර්මාණය වන බූරුවා මහත්තයා නැරඹුවේ හද පිරි සතුටිනි. රූපවාහිනී නාලිකා තුලින් වැල නොකැඩී විකාශනය වන දීර්ඝ ටෙලි නාට්යය වලින් හෙම්බත්ව සිටින මා වැනි පුද්ගලයනට මෙවන් අවස්ථාවන් සැබවින්ම අගනේය. උර්දු ලේඛක ක්රිශන් චන්දාර්ගේ මිස්ටර් ඩොන්කීස් ඔටෝබයෝග්රැෆි (Mr. Donkey’s Autobiography, Krishan Chander) යන නවකතාවේ සිංහල පරිවර්ථනය වන ගුණතිලක මැටියගනේ මහතාගේ සද්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය කෘතිය පාදක ...
මවිසින් නිර්මාණය කරන ලද 2011 සිංහල දින දර්ශනය පහත සඳහන් සබැඳුම් භාවිතයෙන් ඔබට බාගත කරගැනීමට හැක. එය ඔබේ මිතුරන් සමග බෙදා ගන්නා මෙන්ම දින දර්ශනය ගැන ඔබේ අදහස් ද දක්වන ලෙස ඉල්ලා සිටිමි. PDF Version (2,533kb) Compressed (.zip – 2,164kb) ...
මෙම සිදුවීම සිදු වී වසර ගණනක් ගත වී ඇතත් තාමත් අද වූවාක් මෙන් හැඟීමක් සිතට ගෙන දෙන්නකි. අප පවුලේ සමීපතයෙකු පොළොන්නරුවට ආසන්න ප්රදේශයක රාජකාරී කටයුත්ක නිරත සිටි බැවින් ඹහු සමග නිතර පොළොන්නරු යෑමේ වාසනාව අපට හිමිවිනි. මේ නිසාම පොළොන්නරුවේ ඓතිහාසික ස්ථානවල රිසි සේ සැරිසරන්නට අපට හැකිවිය. ගල් විහාරය, පරාක්රම සමුද්රය, තිවංක පිළිම ගෙය, රන්කොත් වෙහෙර, කිරි වෙහෙර, වට දා ගෙය ...
නයි මුගටි හටනකි බලා සිටියේ බමුණෙකි නම සෙංකණ්ඩ විනි අරුමයකි සිදුවුනි කළ නොහැකි කල සටන් නාගයා හා සමගින් මුගටියා පසුබසිමින් පලා යන්නට විය සැනින් බලා සිටි බමුණා විකුම්බා රජු කරා කඩිනමින් පිය නගා කාරණය මෙයැයි සැල කරා රජු පුදුමයට පත්විය ජයබිමකි මෙය නිසැකය නව නගරයට සුදුසුය සොම්නස් සිතින් පැවසිය රජ මාළිගය ඉදිවුනි නගරයද එය හා විනි බමුණා ගැනම සිහිවිනි සෙංකඩගලපුරයි ...
මීට වසර කිහිපයකට පෙර මගේ පියා මහනුවර දිස්ත්රික්කයේ කුඩා තේ වතු වල යටිතල පහසුකම් නැංවීමේ ව්යාපෘතියකට දායක වූයේය. යම් ව්යාපෘතියක් අවසන් වූ පසු ඔහුගේ සිත් ගත් ස්ථාන නැරඹීමට අප රැගෙන යාම ඔහුගේ සිරිතකි. අප නොදුටු, බොහෝ දෙනා නොයන, අප්රසිද්ධ නමුත් සුන්දර පෙදෙස් ඔහු අපට පෙන්වන්නේ ඉමහත් ආශාවෙන් මෙන්ම ආඩම්බරයෙනි. ඉහත කී ව්යාපෘතියෙන් පසු ඔහු අපව ගෝමරය නම් වතු යාය නැරඹීමට ...
හිතන්න, ඔබ ඉමහත් සේ ප්රිය කරන ගීතයක් නරඹමින් සිටිනවා. එක් වරම ඔබේ රූපවාහිනී තිරය මත දිස්වනනේ විශාල ඔර්ලොසුවක් (ඔර්ලෝසුවේ පසුබිම ඇත්තේ කුමක් හෝ භාණඩයක්), ඒ සමග නිකුත් වන ටීක්..ටීක්.. ටී……ක් යන ශබ්දය රස විඳිමින් සිටි ගීතයෙන් ඔබව ඉවතට රැගෙන යනවා. මෙය සෑම අඩ හෝරාවක් පාසාම බොහෝ රූපවාහිනී නාලිකා (මම දන්නා පරිදි සෑම එකක්ම පාහේ) හරහා අපි අත්වඳින දෙයක්. ඔබ මහත් ...
සුපිරි වෙළඳ සැල තුල කොනක ඇත මත්පැන් සල දැන්වීමකි සවි කළ “වසා ඇත අද දින තුල” තරුණයා ආ කඩිනමින් බලාසිට පුදුමයෙන් මෙන් ඇසවේය ප්රශ්න මෙලෙසින් සිටි වෙළඳ සහයකගෙන් ඇයි අද වහලා? කීයටද වැහුවේ? කලින්ද වැහුවේ? එක පිට එක නැගූ පැන අසා සිට සහයක තැන සිතමින් මැනවින පිළිතුරු දුන්නේය යහමින ඇයි දන්නේ නැද්ද??? අද අමද්යප දිනේනේ… ... | hplt_2 |
අබෞද්ධයෙකුට කියූ බුදු දහම, තෘශ්ණාව, දුක්ඛ සමුදයර්ය සත්ය
දුක්ඛ සමුදය ආර්ය සත්ය (තෘශ්ණාව) ii කොටස (34 කොටස)
ඔබ මෙහිදී විස්තර කරනනට යෙදුන ධර්ම කාරණාවන්හි ගැඹුරු බැවි හැඟී යන නමුත් මාගේ නිගමනය වන්නේ මෙම ධර්ම කරුණුවල ද පටිචිච සමුප්පාදය හා සමිබන්ධතාවයක් ඇති බවයි.
ඔබට මුල් අවස්ථාවේ චතුරාර්ය සත්ය පිළිබඳව ප්රකාශ නොකොට පටිචිච සමුප්පාදය ප්රකාශ කර සිටියේ ඔබට මෙම කරුණු පහසුවෙන් අවභෝධ වීම පිණිසයි. ඒ අනුව සත්ය වශයෙන්ම මේ ප්රකාශ කරන ලද දුඃඛ සමුදයාර්ය සත්ය පිළිබඳව ඔබට දැනටමත් ප්රමාණවත් දැනුමක් පවතිනව බැවි පැවසුවහොත් ඔබ විමතියට පත්විය හැක. පඤ්චස්කන්ධය පිළිබඳව කලින් ඇතිකරගත් දැනුම යලි ආවර්ජනය කරගනිමින්ම එසේ වන්නේ කෙසේදැයි බලමු. එසේම මෙම කරුණු ප්රකාශ කිරීමේ දී එවා වඩාත් හොදින් අවබෝධ විමට නමි එහි සත්ය අසත්යතාවය ඔබේ සිතින්ම විමසා සිටින්නට අවශ්ය වනවා.
දැනටමත් ඔබ දන්නා පරිදි සත්ත්වයින් බාහිර ලොකයේ ඇති අරමුණු පිළිබඳව සංවේදනයන් ලබාගන්නේ ඇස, කණ, නාසය, දිව, සහ ශරිරය යන පංච ඉන්ද්රියන් මාර්ගයෙන්. මිනිසුන් ඒවා කෙරෙහි ඇලෙන්නේ, තෘෂ්ණාව ඇතිකර ගන්නේ, මෙහි කලින් සඳහන් කල ප්රිය භාවය හා මධුර භාවය යන්න ලෝකයේ ධර්මයන් කෙරේ ක්රියාත්මක විම නිසයි. ඒ අනුව මේ ප්රිය භාවය හා මධුර භාවය යන්න කෙරෙහි මිනිසුන් ඇලෙන්නේය යන්න ප්රථමයෙන් ප්රකාශ කල කරුනේ අර්ථයයි. ඉන්පසු සොයා බැලිය යුත්තේ, මෙම ප්රිය භාවය, මධුර භාවය පවතින්නේ කුමක් කෙරෙහිද යන කාරුණයි. ඒ අනුව ඇස ආදි පංච ඉන්ද්රියන් කෙරේත් මනස කෙරෙහිත් මේ ප්රිය භාවය හා මධුර භාවය පවතින බැවින් ඒවා කෙරේ තෘෂ්ණාව නැතහොත් ඇලීමක් උපදින බව දෙවනුව ප්රකාශ කිරීමට යෙදුනා.
තෙවනුව මේ ඇස, කණ ආදි පංච ඉන්ද්රියන්ටත් මනසටත් ඒවාට අරමුණු වන රූප, ශබිද, ඝන්ධ, රස, ස්පර්ශ, ධමිම යන බාහිර අරමුණු කෙරෙහිත් තෘෂ්ණාව උපදින බැවින් ඒවාට සත්ත්වයෝ ඇලෙනව බව දැනගනු ලැබුවා. ඒ අනුව මෙසේ සඳහන් කල තමගේ ශරිරයේ ඇති ඇස කණ නාසය, ආදී පංචඉන්ද්රියත්, බාහිර තිබෙන රූප, ශබිද, ඝන්ධ ආදියත් මින් පෙර පඤ්චස්කන්ධය පිළිබඳව සාකචිඡා කිරිමේ දී වර්ගිකරණයකට ලක් කල අයුරු ඔබේ මතකයේ තිබිය යුතුය.
රූප, ශබිද, ඝන්ධ ආදී වශයෙන් වන බාහිර අරමුණුත්, ඒ අරමුණු ලබාගන්නා ශරිරයේ ඇති ඇස, කණ, නාසය ආදී අධ්යාත්මික රූපත් පංචස්කන්ධයේ රූපස්කන්ධය යන්න විස්තර කිරිමෙදී, රූපස්කන්ධය වශයෙන් මා වටහාගනු ලැබුවා. ඒ අනුව මනසත් එයට හේතුවන සිතුවිලි යන ධමිමත් යන්න අයත් වන්නේ නාමස්කන්ධයට යන්න මාගේ වැටහීමයි.
ඔබ නිවැරදියි. ඒවා අයත් වන්නේ නාමස්කන්ධයටයි. මේ ආකාරයෙන් අධ්යාත්මිකවූත් බාහිර වූත් ප්රිය හා මධුර භාවය ඇති කරන්නා වූ රූපයන් කෙරේ නාමස්කන්ධයෙන් ඇතිකර ගන්නා වූ ඇලීම නිසා තෘශ්ණාව ඇතිවනු ලබනවා. මෙලෙසින් රූපස්කන්ධයේ ඇති ප්රිය භාවය මධුර භාවය පිළිබඳ තෘෂ්ණාව ඇතිවිම නිසා එම රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධයක් බවට පත්වනවා.
ඉන්පසු ප්රකාශකලේ චක්ඛු විඥානය, සෝත විඥානය ආදිය කෙරෙහිත් තෘෂ්ණාව ජනිතවන බවයි. චක්ඛු විඥානය, සෝත විඥානය ආදිය පිළිබඳ කලින් ඔබ ඇතිකර ගත් දැනුමක් මේ වන විට ඔබ සතුව පවතිනවා. ඒ අනුව මෙහි දී අදහස් වන්නේ ඇස, කණ, නාසය ආදියෙන් යුත් ෂඩායතනය රූප, ශබිද ආදී අරමුණු වල ගැටිමෙන් ඇතිවන දැනිම හෙවත් විඥානයයි. මෙය පංචසකන්ධය පිළිබඳව සාකවිඡාවේදි පහදා ගනු ලැබුවේ විඥාන ස්කන්ධය වශයෙන්. එෙස්ම මේ ඇසත් රූපත් ඇතිවිට සිදුවන ගැටිම පටිචිච සමුප්පාද සාකවිඡාවේ දී ඵස්සය නැතහොත් ස්පර්ශය වශයෙන් හදුනා ගනු ලැබුවා. මෙම විඥාන ස්කන්ධය ඇතිවිමට හේතුවූ රූප කෙරෙහි තෘෂ්ණාව උපදින බව කලින් සාකවිඡා කරනු ලැබුවා. එමෙන්ම ඒ රූපයන් හා නාමයන් ගැටිමෙහිත් යමි ප්රිය බවක් හා මධුර බවක් පවතිනවා. එයටත් සත්ත්වයින් ඇලීම සිදුවනවා. ඒ ගැටිම තුලන් උපන් විඥානයටත් සත්ත්වයින් ඇලීම-බැදීම සිදුවනවා. මෙසේ මෙම ස්පර්ශයටත් ඒ තුලින් උපන් විඥාන ස්කන්ධයටත් සත්ත්වයෝ ඇලීම නිසා, විඥාන ස්කන්ධය විඥාන උපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා.
ඉන්පසු ප්රකාශ කරනු ලැබුවේ මෙම ගැටිම තුලින් උපන් වේදනාව කෙරෙහිත් සත්ත්වයින්ගේ ඇලීමක් සිදුවන බවයි. මේය පඤ්චස්කන්ධය පිළිබඳ සාකචිඡාවේ දී ඇස ගැටිමෙන් ඇතිවන වේදනව, කණ ගැටිමෙන් ඇතිවන වේදනාව ආදී වශයෙන් හදුනා ගත් අයුරු ඔබට මතක ඇති. මෙසේ ෂඩායතනය අරමුණු හා ගැටිම නිසා ඇතිවන වේදනා ස්කන්ධය කෙරෙහිත් තෘෂ්ණාව ඉපදීම සිදුවීමෙන් මේ ආකාරයෙන්ම වේදනා ස්කන්ධය වේදනා උපාදානාස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා.
ඉන්පසු සඳහන් කරන්නට යෙදුනේ චක්ඛු සංඥාව ආදී සංඥා කෙරෙත් තෘෂ්ණාව ඇතිවීම සිදුවන්නේය යන කරුණයි. මෙම සංඥාව යන්න පඤ්චස්කන්ධය පිළිබඳව සාකචිඡාවේ දී චක්ඛායතනය ආදි ෂඩායතන නිසා ඇතිවන හඳුනාගැනිමි වශයෙන් හදුනාගනු ලැබුවා. ඒ අනුව මෙම සංඥා කෙරෙහිත් සත්ත්වයින්ට තෘෂ්ණාව ඇතිවීම සිදුවනවා. මෙසේ දංඥාව කෙරේ තෂණාව උපන් පසු එම සංඥා ස්කන්ධයත් සංඥා උපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා.
මෙසේම චක්ඛු සංචේතනාව ආදි චේතනාව කෙරෙහිත් සත්ත්වයින්ගේ ඇලෙන බවක් පවතිනවා. චේතනාවම කර්මය වන බවත්, මෙම කර්ම යන්න ක්රියා නැතහොත් කය, සිත, වදන මෙහෙයවිමෙන් කරනා සංඛාර ස්කන්ධයේ පැවැත්ම යන කරුණත් ඔබ පඤ්චස්කන්ධය පිළිබඳව සාකචිඡාවේ දීත් පටිචිච සමුප්පාදයෙ දීත් දැනුවත් වූවා. ඒ අනුව සත්ත්වයින්ට මේ සංස්කාර කෙරෙහිත් තෘෂ්ණාව උපදිනවා. මෙසේ සංඛාර ස්කන්ධයත් සංස්කාර උපාදානස්කන්ධයක් බවට පත් වනවා.
මේ ආකාරයෙන්ම පවතින්නාවු පඤ්චස්කන්ධය කෙරෙහිම තෘෂ්ණාව ඇතිවිම නිසා, ඒ පඤ්චස්කන්ධය පංචඋපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා. ඒ අනුව මේ පංච උපාදානස්කන්ධය පවතින්නේ ද උපදින්නේ ද පඤ්චස්කන්ධය තුලමය.
ඊලඟ කරුණ වශයෙන් සඳහන් කරන්නට යෙදුනේ මෙසේ උපන් උපාදානයන් පිළිබඳ නැවතත් තෘෂ්ණාව උපදින බවයි. එනමි රූප තණ්හාව කෙරෙහිත් ධමිම තණ්හාව කෙරෙහිත් තෘෂ්ණාව උපදින බවට ප්රකාශ කරනු ලබුයේ එයයි.
එසේම රූප හා ධමිම විචාරය කෙරෙහිත්, රූප හා ධමිම විතර්කය කෙරෙහිත් තෘෂ්ණාව උපදිනවා. මේයින් අදහස් වන්නේ මෙම පංච උපාදානස්කන්ධය මඟින් මෙහෙයවනු ලබන්නාට රූපයන් හා ධමිමයන් සෙවිම කෙරෙහිත්, ඒ පිළිබඳව සිතිම කෙරෙහිත් තෘෂ්ණාව ඇති වනවා යන කරුණයි.
ඒ අනුව මෙම පඤ්චස්කන්ධය පුරාම ප්රිය උපදවන්නා වූ මධුර බව පවතින නමුත් මේ ප්රිය බවත් මධුර බවත් නිසා දුකක් ඇතිවන බව ඔබ මේ සාකචිඡාවේ මුල් අවස්ථාවේ තෙරුමි ගනු ලැබුවා. මෙසේ පංචඋපාදානස්කන්ධයක් බවට පත්වුයේ ද මේ ප්රිය බවත් මධුර බවත් ඇති පඤ්චස්කන්ධයමයි. මේ පංචඋපාදානස්කන්ධය තුලත් ප්රිය බව හා මධුර බව ඇති නිසා ඒ තුලින් ඇතිවන්නෙ ද දුකක්මය. දුක්ඛාර්යසත්ය සාකවිඡාවේදි මේ පංච උපාදානස්කන්ධයම කෙටියෙන් දුකක් වශයෙන් ප්රකාශ කලේ කවර කරුණක් නිසාද යන්න ඔබට දැන් අවභෝධ වීමට අවශ්ය වනවා.
සාදු සාදු! ඉතාමත් තර්කානුකූලයි. මේ සාකචිඡාව තුල දී මතුවූ මට අපැහැදිලි වූ වෙනත් කරුණු 03ක් පිළිබඳව දැන ගැනීමට මා කැමැත්තෙන් පසු වනවා. ඒනමි, කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව යනු මොනවාද යන කාරණාවයි.
මාගේ නාම කාය පෝෂණය කල අතිඋත්තම දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම ථේරිකා තෙරණින්වහන්සේටත්,
මාගේ රූප කාය පෝෂණය කල රංජනි ජයසුන්දර අපගේ මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර අපගේ පියාණන්ටත්,මේ ගත පුජාවක් වේවd! ඔවුන් නිදුක් නීරෝගී වේවා!! චිර ජීවනය වේවා!!
සියළුම හිමිකමි අවිරිණි
නීතිඥ තනූජ කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත ශ්රී ලංකාවේ තත්කාලීන ක්රියාත්මක නීතිය යටතේ වගකීමට යටත් වනු ලැබේ.
නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.
Posted by Thanuja Jayasundara at Sunday, October 21, 2012
Subscribe to: Post Comments (Atom)
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො
අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!! | hplt_2 |
සමහර Assignments කරන්න ගියාම එන වචන වල තේරුම් හොයන්න ගියාම තියෙන සනීපෙ මතක ඇතිනේ. මේ තියෙන්නේ ඒකට විසඳුමක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉඟිය දාගන්න Firefox එකට. 3 වෙනි වෙලුමෙන් පස්සෙ වැඩ නැතිව ගියා. දැන් 13න් පස්සෙ ආයෙ වැඩ කරනවා. දැන් ඉතිං 20 වන වෙළුම නේ. ඉතිං මාත් ආයෙම දාගත්ත. ඕන වෙලාවට උදව්වක් ගන්න ලේසි නොවැමෙන්න ලිංකුව http://subasa.lk/ingiya-download.phpමේකෙ අයිතිය ගැන කියනවනම්..අයිතියසුබස ඉඟිය ...
Android ෆෝන් එකක් දැකපු නැති කෙනෙක් නෑනේද? ඉතිං ඕකේ GPS කියල Function එකකුත් තියෙනව. GPS වැඩ කරන හැටි දන්නැත්නම් මෙන්න කාලිංග අයිය ලියපු එකක් තියෙනවා.ඒත් GPS එක්ක වැඩ කරන්න ගියාම තියෙන එක අවුලක් තමයි ඔය position එක ගන්න ටිකක් වෙලා යන එක. බොරුනම් බලන්න Android එකක Google Maps Open කරල කොච්චර වෙලාවක් ගන්නවද කියල ඉන්න තැන පෙන්නන්න. Google Maps වල ...
php වල තියෙනව mail() කියල function එකක් ඒකෙන් පුලුවනි කාට හරි මේල් එකක් යවන්න.ඔය බොහොමයක් සයිට් වල රෙජිස්ටර් උනාම අපේ inbox එකට මේල් එන්නේ මෙන්න මේ mail function එක පාවිච්චි කරල. හැබයි මේකට server එකක් තියෙන්න ඕන. localhost එකේ කරනවනම් gmail එකකට හරි config කරගන්න වෙනවා. smtp settings තිබ්බනම් ඇති.මෙන්න මෙහෙමයි mail function එක භාවිත වෙන්නේ mail(to,subject,message,headers,parameters)to - ඔයාගෙ මේල් ...
හ්ම්.. ගොඩා....ක් කාලෙකින්. ආයෙම බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. පරණ ලේඛකයෝ අතර අමනාප ගති ටිකක් දැක්ක. පහුගිය ටිකේ මං දන්නෙ නැති ගොඩක් දේවල් වෙලා තියෙනව කියල තේරෙනවා.මේ පෝස්ට් එකේ ටෙක්නිකල් දේවල් නැහැ. ඒක නිසා ටෙක්නිකල් ලිපි හොයන අය නොකියව ඉන්න තරමට හොදා. මේ තියෙන්නේ මගේ ලිවීමේ වේගය2009 (104)2010 (48)2011 (20) 2012 (10)ඒක දැක්ක ගමන්ම පේනවනේ වේගය දෙගුණ වෙමින් මං ලියාගෙන යන ...
ඔන්න අද තමයි නෙරංජිගෙ උපන්දිනේ.. ඉතිං මේ විශේෂ පෝස්ටුව ඇය වෙනුවෙන්මයි.මේ තියෙන්නේ ගූගල් එකෙන් එයාට අද සුභ පතල තියෙන විදිය.ඒ වගේම තමයි මේ තියෙන්නේ මේ අවුරුද්දෙ එයාට මගෙනුයි යාලුවන්ගෙනුයි හම්බුනු තෑගි ටික. මෙන්න මගේ ප්රාර්ථනාවනෙරංජිට සුභ උපන්දිනයක් වේවා!ඇයගේ සෑම සිහිනයක් ම සැබෑවේවා!ප.ලි. ඔන්න ඩයලොග් එකෙනුත් සුබපැතුමක් ඇවිත්.මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව ...
කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්නමේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්ර ...
Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් ...
ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම.මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ ...
Google Search එකේ Navigation එකට ලඟදි අලුතින් Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.සාමාන්යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි.මේක බලාගන්න නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් ...
සමහර වෙලාවට php code කරද්දි අවශ්ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන් තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානයසාමාන්යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ.echo "var is ...
මතක ඇතිනේ විභාගයක් ලියලා NVQ 6 අරන් interview ගිහින් NVQ 7 සඳහා සිහිනයක් සැබෑ උනා වගේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලයට ඇතුලු උන හැටි. ඒ අතර ඕව හීන විතරයි කියල කොමෙන්ටුත් නොවැටුනා නොවේ. ඉතිං එහෙම ඇතුලුවෙලා දැන් අවුරුද්දකුත් ගෙවිල ගිහින්. ඉතිං ගතවුණු කාලය ගැන කියනවනම් දැනටම පලමු වසර (Semesters 2ක්) ඉවරයි.Year 1 - Semester I එකේදිDatabase Analysis and DesignComputer NetworksSoftware Development ...
දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක මොකෙක්වත් බලන්නෙත් නෑ. මම ඇයි අද මේ ලියන්නෙ කියලා ඔයාලා හිතනවා ඇති. අද මම බ්ලොග් කලාවේ රචකයෙක් විදිට සිව්වන වසරට පා තබනවා.2009 අවුරුද්දෙ වැලන්ටයින් දවසෙ පටන් ගත්ත මගේ බ්ලොග් කලාව බොහෝමයක් වෙන් වුණේ තාක්ෂණික ලිපි වලට.ඒ වගේම ඒකාලෙ මට හැමෝම වගේ කීවෙ ...
while the code in java sometimes i wanted to use signed integer type. but like C++ coudn't find a way to use signed int. so thought about a way to convert negative integers to positive.int integerVariable; integerVariable =-20;//now convert negative values to positiveif(integerVariable<0) integerVariable=0-integerVariable;now just use integerVariable as your wish. it will only contain positive values.මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන ...
This is the simplest way i found on my experiments in type casting int to String in Java//initialize a integer type variableint integerVariable = 4;//initialize a String type variableString stringVariable;//Type Cast int to StringstringVariable=integerVariable="";is there a simple way than that your comments are really appreciate.මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව ...
අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්රමය හඳුන්වාදුන්නේ අපේ ධනික සහෝදරයා. ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ.ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි ...
කළුවර අහසට ආලෝකය දෙන්නතරු රැසක් මළානිකආලෝකයක් දෙද්දිආවාට පිරුණුවටකුරු දෙයක්ඒ එළියට වඩා හැමෝම ආස කරන වැඩි මෘදු එළියක් පතුරුවලා ඒ අඳුර මකා දමන්න හැදුවත්,ඒ හඳට මෘදු එළිය පතුරවන්නඋදව් වෙන්නේවෙන කෙනෙක්.හැමදෙනාමබැන්නට, ගණන් ගත්තෙ නැති උනාට,ඉර ඒ හැම දෙයමඋපේක්ෂාවෙන් විදගෙන ඉවසාදරාලෝකයේ හැමදෙනාටමජාති බේද නොසලකාඑක සමානවආලෝකය මෙන්ම උණුසුම බෙදා දෙනවා.ඒත් මිනිස්සු කතා කරන්නේ හඳ තරු ගැන විතරයි./\ /\/ \ / \/ /\ \/ /\ ...
terminal එක විවෘත කර root ලෙස ප්රවේශ වෙන්න.දැන් xrandr විධානය මගින් පවතින resolution බලාගන්න.Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192LVDS1 connected 1024x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm 1024x768 60.0 800x600 60.3 56.2 640x480 59.9 VGA1 disconnected (normal left inverted right x axis y axis)එහි දැක්වෙන resolution වලට ...
හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක. මේ සඳහා Fedora 15 මත 4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි.මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය.1.පියවරLiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න2.පියවරදැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා ...
අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..තවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව බලන්න. ...
ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්රයක් ගැටීම නිසා කාර්ය්යාලය අවට ප්රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා..මාස ගණනාවකින් ක්රියාත්මක කිරීම නිසා ක්රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි ... | hplt_2 |
මැරත්න් තියා මොක උනත් ඉතින් පටන් ගන්න ඕනේ කැමතිම මාතෘකාවෙන්නේ ඔන්න ඉතින් පටන් ගත්තා
මිල රුපියල් 2700.00 ඇල්කොහොල් 40% මිලි ලීටර් 700යි මේ තමයි මෙන්ඩිස් අවුරුදු 18ක් පරන අරක්කු එක.
මගේ මචං කාරයා ආයිත් පොඩි නිවාඩුවකට පහුගිය දොහේ ලංකාවට සැපත් උනා. ඉතින් එයාගේ නිවාඩුවෙන් උපරිම ඵල ප්රයෝජන ගන්න නම් හම්බ උනේ නැහැ මට නිවාඩු නැති නිසා. ඒත් හිටපු සති අන්ත දෙකම මුන ගැහෙන්න අපි අතපසු කලේ නම නැහැ.
වෙනද වගේම ඒකා මෙරටට සැපත් වෙනකොට තීරු බදු රහිතව රැගෙන ආපු, මන් මීට කලින් බීල තිබ්බේ නැති Absolut Tropics සහ Absolut Pears බෝතල් දෙකම ඉක්මනින් අවසන් උනේ අපිට තව බොන්න දවසක්ම ඉතුරු වෙලා තියෙද්දි.
ඉතින් මක් කරන්නද හැමදාම බොන ජාති පැත්තක දාල අපි දෙන්න හිතුවා අළුත් යමක් බොන්න ඕනේ කියලා. ඉතින් අපි දෙහිවල ආර්පිකෝ එකට ගිහින් ඇහුවා මෙන්ඩිස් ගැන. එහෙම අහලා දැනට විකුනන්න තියෙන ගනන්ම අරක්කු බෝතලෙන් ඉතුරුවෙලා තිබ්බ එකම බෝතලේ උස්සන් ගෙදර ආවා. ඇවිත් හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා ඒත් මන් ගහපු ෆොටෝ වලින් දෙකක් ඇරෙන්න අනික් සේරම ෆොටෝ ගහලා තියෙන්නේ බෝතලේ පිටිපස්සේ ලේබල් එකක්.(බෝතලේ දැකලම වෙරි). අපි දෙන්න බෝතලේ ෆොටො ගහනවා, වීඩියෝ කරනවා දැකලා අපේ අක්කා අහපි ඔය දෙන්නට පිස්සු හැදීගෙන එනවද කියලා. (පිස්සු නොහැදී තියෙයියෑ මේක දැක්කම). ඉතින් ඕක කඩලා අමුවෙන්ම ටිකක් බීලා බැලුවා. ෂා..... අමෘතේ වගේ (ඔය ඒ කාලේ අමෘතේ කියන්න ඇත්තේ පරන මත්පැන් ජාතියකට තමා ) ටිකක් සැරයි ඒත් මාර රසයි. අමෘතේ උනත් බොනකොට පහසුවෙන් බොන්න ඕනේ නිසා අයිස් සහ ජින්ජ ඒල් දාගෙන තමා බිව්වේ ඊට පස්සේ. නියම බීම. ඕන් දවල් බාගයක් ඉවර කලා ඊට පස්සේ රෑ අනික් බාගෙත් ගහලා බෝතලේ (බෝතලේ කිව්වට අනික් බෝතල් වලට වඩා මිලි ලීටර 50ක් අඩුයි ඒත් සැර වැඩියි . අනික් අරක්කු ඇල්කොහොල් 33%-35% වගේ මේක 40% )ඉවර කලා අපි දෙන්නා එක්ක.
ඔන්න ඉතින් බීලා නිදා ගෙන පහුවදා නැගිට්ට කියමුකෝ මාර වැඩක්. කලින්දා බිව්වද කියලවත් නැහැ. මීට කලිනුත් අපි දෙන්නා ඔය වගේ එක එක ජාති දිවා රෑ පානය කරලා තියෙනවා ඒත් ඒ හැමදාම පහුවදා 10 විතර වෙනකම් කලින් දවසේ බීපුවා වැඩ කරනවා ඒත් මේක කොච්චර හොඳද කියන්වනම් බීපු වගක් වත් නැහැ.
මන් නම් හිතන්නේ මේක තමා ලංකාවේ තියෙන අපේ බීම ජාති වලින් හොඳම එක. ඉතින් කවද හරි රස බලන්න. | hplt_2 |
වර්තමානයේදී බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන්ගේ විවාහ මංගලෝත්සවය ඉතාම ඉහළින් සැමරීමටය.
මුදල් ඇති නැති සෑම දෙනාම මේ තත්ත්වයට මුහුණ දෙති.
තමන්ගේ විවාහ මංගලෝස්තවය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන ඔවුන් විවාහයෙන් පසු වසරක් දෙකක් යනතුරුත් විවාහ උත්සවය වෙනුවෙන් ගනු ලැබූ ණය ගෙවා දමන්නේ පොළියත් සමඟිනි.
පවුල් ජීවිතය තුළ ආර්ථීකය කළමණානරනයේදී කාන්තාව නැතිනම් බිරිඳට වැඩි වගකීමක් ලැබේ.
ස්වාමිපුරුෂයා උපයන ධනය නිසි ආකාරයෙන් කළමණාකරණය කිරීමේ වගකීම ඇයට පැවරේ.
එහිදී නිවසේ අඩුපාඩු, දරැවන්ගේ වගකීම්,ස්වාමිපුර්ෂයාගේ, දෙමාපියන්ගේ වගකීම් වැනි සියලු දේ ඉටු කරමින් කිසියම් මුදලක් ඉතිරි කරන්නට ද ඇයට සිදු වේ.
එසේ හෙයින් බිරිද කාන්තාව මේ පිළිබදව වැඩි අවබෝධයක් ලබා තිබීම වැදගත්ය.
බොහෝ කාන්තාවන් මේ ආර්ථික කළමණාකරණය පිළිබද කිසිදු අවබෝධයකින් තොරව යුගදිවියට එළඹෙයි.
ඒ තුළින් සිදු වන්නේ අවශ්ය දේට මෙන්ම අනවශ්ය දේටත් මුදල් වියදම් කරමින් අවසානයේදී කිසිවක් ඉතිරි නොකර ජීවිතයේ අවධානමකට මුහුණ දීමටය.
එවන් කාන්තාවන් විවිධ විනෝද චාරිකා, ප්රියසම්භාෂණ, චිත්රපට් වැනි විනෝදය උදෙසා ස්වාමිපුරුෂයාගේ මුදල් වියදම් කරමින් සතුටෙන් කාලය ගත කලත් පසු කාලයක ඒ සතුට දුකක් වන බව අවබෝධ කර නොගනිති.
ස්වාමිපුරුෂයා උපයන ආදායමෙන් බිරිඳ , දරුවන්,දෙමාපියන් පෝෂණය කළ යුතුය.
ඔවුන්ගේ අවශ්යතා සොයා බැලිය යුතුය.
ආර්ථිකය පාලනය කිරීමට වගකීම් ඉටු නොකර සිටීමද පරිහානියට හේතුවකි.
පවුලක සාමය, සමගිය, සතුට, ආදරය උදෙසා ඔවුනොවුන් අතර අන්යනෝන්ය අවබෝධය මෙන්ම ආර්ථිකය ද වැදගත් වන්නේ ඉහත දැක් වූ හේතු නිසාය.
සෑම විටම තමන්ට ගැළපෙන සරල, අල්පේජ්ය ජීවිතයක් ගත කරන්නට විවාහ වන මොහොතේදී දෙදෙනාම සිතෙහි තබා ගත යුතුය. | hplt_2 |
මහනුවර නායක්කාරවරු
මහනුවර නායක්කාරවරු යනු 1707 සිට 1815 දක්වා මහනුවර අගනුවර කරගෙන උඩරට රාජධානිය පාලනය කළ රාජ වංශයක් වෙයි. එසේම එම රාජ පරම්පරාව ලංකාව පාලනය කළ අවසාන රාජ පරම්පරාවද වූහ. කපු බලිජා ගෝත්රයේ තෙළිඟු සම්භවයක් ඇති විජය නගර මදුරෙයි නායකවරුන්ගේ රාජකීය පවුල්වලින් පැවතෙන්නෝය. මෙම රජ පරපුරේ 4 දෙනෙක් සිටියහ. අන්තිම රජතුමා බ්රිතාන්යයන් විසින් ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවට පිටුවහල් කරන ලදී. ඔවුන් කන්ද උඩරට රජවරු ලෙස බලයට පැමිණියේ විවාහ සබඳතා නිසා එවකට පැවති මරුමක්කදයම් නීතිය අනුවයි. මොවුහු හින්දු භක්තිකයන් වූ අතර පසුව බුද්ධාගම වැළඳ ගත්හ. එමෙන්ම බුද්ධාගමේ පුණර්ජීවනය සඳහා කටයුතු කිරීමේ වගකීම දැරුහ.
සම්භවය [සංස්කරණය]
මහනුවර නායක්කර් රජ පෙළපතට කලින් වූ මහනුවර රජ පරම්පරාව සෑම විටම වාගේ මදුරෙයි නායක් හෝ තන්ජෝර් නායක් වැනි රජ පවුල්වලින් බිරියන් සරණ පාවා ගත්හ. දකුණු ඉන්දියාවේ නායක්වරු ආරම්භ වන්නේ විජය නගර පෙළපතෙහි ආණ්ඩුකාරවරු වශයෙනි. ඒ 14 වෙනි සහ 15 වෙනි ශත වර්ෂ වලදීය. ඔවුහු තමිල්නාඩුවේ කොටසක්ද පාලනය කළහ. 16 වෙනි සියවසේ විජය නගර ආධිපත්යය බිඳ වැටුණු පසු මෙම ආණ්ඩුකාරවරු තම තමන් පාලනය කළ ප්රදේශවල ස්වාධීනත්වය ප්රකාශ කළහ. ඉන් පසු ඔවුන්ගේ රාජ්යයන් ගින්ගි, තන්ජෝර්, මදුරෙයි සහ චන්ද්රගිරි ප්රදේශවල පිහිටුවා ගත්හ. ඔවුහු තෙළිඟු සම්භවයක් ඇත්තෝ වූහ. තමිල්නාඩුවේ බටහිර පෙදෙස් වැඩි තෙළිඟු ජනගහනයක් සිටීමේ එක් හේතුවක්ද එයයි.
මහනුවර රජ පෙළපතේ අන්තිම රජු උරුමක්කාරයෙකු නොමැතිව මිය ගිය අවස්ථාවේ ඔහුගේ බිසවගේ සහෝදරයා සිහසුනට තෝරා ගත්තේ "මරුමක්කදයන්" නීතිය අනුව යමිණි. ඉන් පසු රජකමට පත් වූ සියලු රජවරු මදුරෙයි පරම්පරාවට අයත් අය වූහ.
යාපනයේ කරෙයියර් හමුදා ප්රධානීන් 1620 වසරේ තන්ජෝර් නායක්වරුන්ගෙන්, පෘතුග්රීසීන් පලවා හැරීම සඳහා උදව් ඉල්ලා සිටීම නිසා දකුණු ඉන්දීය නායක්වරු සමග හමුදාමය සම්බන්ධතාද තිබුණු බව පැහැදිලි වේ.
මදුරෙයි නායක්වරුන්ගේ මෙම ශාඛාවන්හි ප්රධානියා බංගරු තිරුමලෙයි නැමති යයි වාර්තා වේ. ඔහුගේ පුතා දරුකමට හදා ගන්නා ලද්දේ අන්නිම නායක් රජ බිසව වූ මීනක්ෂි විසිනි. බංගරුතිරුමලෙයි කෙළින්ම තිරුමලෙයි නායක්ගේ බාල සොහොයුරාගෙන් පැවත එන අයෙකි. එමෙන්ම ඔහු තිරුනෙල්වෙලි සහ මදුරෙයි පළාත්වල හමුදා පාලකයාද විය.
පූර්වප්රාප්තික රාජවංශය [සංස්කරණය]
මහනුවර රජ පරපුරේ අන්තිම නුවර රජු වූයේ 1707 සිට 1739 දක්වා උඩරට පාලනය කළ ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජුය. 1707 දී මෙම රජු සිහසුනට පත් වූ අතර ඔහු උගත් මෙන්ම ශ්රද්ධාවන්ත අයෙකු ලෙස සළකනු ලැබුවේය. 1708 දී ඔහු මදුරෙයි නගරයේ රාජකීය පවුලේ කුමාරිකාවක් වූ පිට්ටි නායක්කර්ගේ දුව සරණ පාවා ගත්තේය. නැවතත් 1710 දී තවත් කුමරියක් මදුරෙයි නගරයෙන්ම විවාහ කර ගත්තේය. මෙම දෙදෙනාගෙන්ම රජුට දරුවෙකු ලැබුණේ නැත. ඔහුට මාතලේ උසස් පවුලක තවත් බිරිඳක් ද සිටියාය. ඇය ඔහුට දාව දරුවෙකු වැදුවාය. රජුට උසස් කුලයක තවත් අනියම් බිරිඳක් වූවාය. ඇයද පුතෙකු බිහි කළාය. ඔහුගේ නම උනම්බුවේ විය. ඔහු ජීවත්ව හුන් නමුත් ඔහුට රජකමට පත්වීමට බාධාවක් වූයේ මවට රාජකීයත්වයක් උරුම නොවීමයි.
එම නිසා රජු ඔහුගේ අනුප්රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය. එම සහෝදරයා, ඔහුගේ සහෝදරිය රජු විසින් විවාහ කර ගන්නා ලද දිනයේ පටන් රජ මාළිගයෙහිම විසූ කෙනෙකි. ශ්රී ලංකාවේ පැවතුණු අනුප්රාප්තික නීතිය අනුව සිහසුන සෑම විටම අයිති වූයේ පියාගෙන් (අගබිසවගේ) පුතාට නැතහොත් සහෝදරයාගෙන් සහෝදරයාට ආදී වශයෙනි. | hplt_2 |
ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරිස්සුම ඉහලට....
පලවන නවතම වාර්ථාවලට අනූව ඔක්තෝබර මාසය වනවිට ගූගල් ක්රෝම් යනු ලොව වැඩිම භාවිතාවක් ඇති බ්රවුසරය ලෙසට සටහන් වනවා. එය ප්රථිශතයක් ලෙසට 34.77% ලෙසට පැවසෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 32.08% ලෙසට ගැනෙනවා.22.32% භාවිතයක් ලබමින් ෆයර්ෆොක්ස් තෙවන තැන පවතින බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
තවත් ගනනයකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 ලොව වැඩිම භාවිතාවක් ලබන බ්රවුසරය වන අතර එය 24.50% ලෙසට ගැනෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 20.11ක භාවිතාවක් ලබන බවට සටහන් වනවා. ක්රෝම් තෙවන තැනට පැමිනෙන්නේ 15.02ක භාවිතාවක් ලබමින් වන අතර ෆයර් ෆොක්ස් 15 හතරවන තැනට පත්වන්නේ 7.82% ලබමින් බවටයි සටහන් වන්නේ.
ඔක්තෝබර මාසය වනවිට ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරික්සුම 10%කින් වැඩිවීමක් පෙන්වන බවට සටහන් වන අතර ඉදිරියේ ස්මාර්ට් මට්ටමේ දුරකථන හා ටැබ්ලට් දුරක වැනි උපාංග ඔස්සේ වෙබ් පිරික්සුම ලොව සමස්ථ භාවිතාව තුල තවත් ඉහල යනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. | hplt_2 |
ටික දවසකට පස්සේ මගෙන් වෙනස් නිර්මානයක් ඔයාලට තිලින කරන්න හිතුවා..මෙ නිර්මානයට හේතුව උනෙ මෙ දවස්වල ගනිකාවන් ගෑන කතා වෙනවනෙ..එ උනත් එයාලට බෑන්නට සමහරක් එය මෙක කරන්නෙ කෑමත්තකින් නෙවි..මට උවමනා උනා මෙකෙ ටිකක් සෑබෑ ජිවිතයට යන්න..මම හිතනව මම සාර්තකයි කියල..එත් මම හිතුවට වෑඩ්ක් නෑනෙ ඔයාලම එක තීරනය කරන්න...
දුප්පත් කෙල්ලෙක් වයසින් වෑඩි කෙනෙක් එක්ක එකතුවෙලා ..ජිවිතය අදුරු කරගන්න කතාවක් තමයි මෙකෙන් කියවෙන්නෙ...ඈය ජිවිතෙන් පෑරඩුනත් ආදරයෙන් පරද්දන්න ලෙසි වෙන එකක් නෑහෑ කියලයි මට හිහෙන්නෙ.අනික ගනිකාවකට උනත් ආශාවන්,බලපොරොත්තු තියනව කියල දෑනුම් දෙන්නත් මම උත්සහ කර...මම හරිද ? මෙ නිර්මානයට මම සාදරනයක් කරාද කියලා ඔයාලම මට කියන්න...වෑඩ කරන ගම්න් හදිසියෙ මෙ වෑඩෙ කරෙ,,අඩුපාඩු තියනවනම් සමාවෙන්න...ජය බුදු සරනයි.... | hplt_2 |
freehitlanka.com
(2012 ඔක්තෝබර්
මස 26 වැනිදා) හිටපු වේග පන්දු යවන ක්රීඩක චමින්ද වාස්ට නවසීලන්ත සහය පන්දු
යැවීමේ පුහුණුකරුධූරය ලබාදී තිබෙනවා. ඒ ශ්රී ලංකාව සමග ලබන මස 21 වැනිදා සිට ආරම්භවන ටෙස්ට් තරගාවලිය සදහායි.
නවසීලන්තය වාස්ට මෙම පුහුණුකරු ධූරය ලබා දී ඇත්තේ ශ්රී ලංකාවේ දේශගුණය සහ තත්වයන්
පිලිබදව මනා අවබෝදයක් තිබීම හේතුවෙනුයි. එමෙන්ම වාස් ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්
හා එක්දින වැඩිම කඩුළු ලබා ගත් දෙවන ක්රීඩකයා වනවා. මේ හේතුවෙන් ඔහුගේ අත්දැකීම්ද
නවක නවසීලන්ත ක්රීඩකයින්ට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවීම තරගාවලියේදී විශේෂ
වාසියක් වනු ඇති බවයි එරට ක්රිකට් ආයතනය පවසන්නේ. එමෙන්ම නවසීලන්ත පන්දු යැවීමේ
පුහුණුකරු ශේන් බොන්ඩ්ටද වාස්ගේ සහය ලබා ගැනීම අනගි අවස්ථාවක් වනු ඇති බවයි ඔවුන්
විශ්වාසය පළ කරන්නේ. මෙම පුහුණුකරු සුසංයෝගය හරහා නවසීලන්තයට තරගාවලි ජයග්රහණය
කිරීමට හැකියාවක් ඇති බවද නවසීලන්ත ක්රිකට් ආයතනය පවසනවා. සත්කාරක ශ්රී ලංකාව සහ
නවසීලන්තය අතර පළමු පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන
30 වැනිදා පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩා පිටියේදීයි.
Posted in: | hplt_2 |
(2009 ඔස්තෝබර් 31 - W3Lanka) අජිත් පැරකුම් ජයසිංහගේ ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය පිළිබඳ අදහසක් දක්වන හිතවත් බ්ලොග්කරුවකු වන ටැබූ සබ්ජෙක්ට්ස් මෙසේ පවසයි.
ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්යතාවයක් නැත.
අප සිතන පරිදි මෙම කරුණ පිළිබඳ සංවාදයක් මතු කර ගැනීමට හැකි නම් ඉතා හොඳ ය. ඇත්තෙන් ම අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරි වී තිබේ ද? නියම ධනවාදය යනු බටහිර රටවල තිබෙන ස්වරූපයේ එකකැයි ටැබූ සිතන බව පෙනේ. එතකොට ලංකාවේ රජය හරහා රජය කරවන ධනවාදීන්, සුළු ධනේශ්වර කොටස් හා සෙසු ධනේශ්වර ව්යාපාරිකයන් කරන මේ නිර්දය සූරාකෑම ධනවාදය නොවේද? නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී මහජන මුදලින් පඩි කන රැකවලුන් හා බැලයන් පිරිවරාගෙන ගැහැනුන් සමග යහන් ගත වී ඉතිරි වේලාවේ දේශපාලනය යයි කියා දෙයක් කරමින් සුරසැප විඳීම ධනවාදය නොවේද?
පහක සඳහන් වන්නේ අප ටැබූගේ සටහනට තැබූ පිළිතුරකි.
බටහිර රටවල ධනවාදයේ ප්රජාතාන්ත්රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.
ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය කියවා ඔබේ අදහස් දක්වන්න. | hplt_2 |
පූජ්ය මාතර ශ්රී ඥානාරාම හිමි
බුදුදහම තුළ උගන්වනු ලබන ප්රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප්රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප්රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප්රඥාව තෙවැදෑරුම් වේ.
උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප්රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.
විදර්ශනා ප්රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප්රත්යයන්ගෙන් හටගත් බවත් හේතු ප්රත්යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප්රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.
. | hplt_2 |
30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙපමණ හෝ තරමින් ගැට ගසා ගැනීමට හැකි වීම ගැන අප සතුටු විය යුතුය. මේ පිලිබද පසුවට තබා අද බූඩිගේ ලිපිය වෙන්වෙන්නේ තිලිණි ජයසිංහ වෙනුවෙනි.
2008 බීජිං ඔලිම්පික් උලෙල ප්රථම වතාවට නියෝජනය කල තිලිණි මෙවරත් ඔලිම්පික් උලෙල නියෝජනය සදහා අවසාන මොහොතේ වරම් ලබා ගත්තේ දෝෂාරෝපණයන්ට භාජනය වෙමින්. ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ?
ජාතික කුසලතාවයන් කේවල කාන්තා අංශයෙන් මුලින් සලකා බැලුවහොත් තිලිණි 2004 ජාතික ශූරතාවය දිනාගෙන තිබෙනවා. මෑත ඉතිහාසය සලකා බැලුවහොත් 2009, 2010, 2011 යන වසර වල ජාතික ශූරතාව පිට පිටම 3 (තුන්) වතාවක් ලබා ගෙන තිබෙන්නේ අචිනි රත්නසිරි ක්රීඩිකාවයි. ඊට අමතරව චන්ද්රිකා ද සිල්වා ක්රීඩිකාව 2008, 2007, 2006, 2005 හා 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 ලෙස 11 වතාවක් ජාතික ශූරිය වී තිබෙනවා. එනයින් ගත් කල මෙවර ඔලිම්පික් නියෝජනය හිමිවිය යුත්තේ අචිනි රත්නසිරිට බව පැහැදිලියි. මක් නිසාද යත් ලංකාව තුල ජාතික ශූරිය ඇය වන නිසා, එමගින් හැගී යන්නේ ඇයගේ දක්ෂතාව අනෙකුත් ක්රීඩිකාවන්ට වඩා ඉහල බවය.
ඉහත සදහන් කල දක්ෂතා අයිති වන්නේ ජාතික මට්ටමටය, නමුත් අන්තර්ජාතික තරගද ඇත. මෙම ජාතික මට්ටමේ තරග අන්තර්ජාතිකව අදාල වන්නේ නැත. මේවන තෙක්ම අන්තර්ජාතික තරග සදහා ක්රීඩිකාවන් හෝ ක්රීඩකයන් සහභාගිවන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින් මිස ඔවුන් සදහා වන වියදම් රජය හෝ ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් නොදරයි.
ඔලිම්පික් සදහා සලකා බලන්නේ ජාතික මට්ටමේ කුසලාතා නොව අන්තර්ජාතික මට්ටමේ කුසලතාවයන්ය. අන්තර්ජාතික ශ්රේණිගත කිරීම්ය. අන්තර්ජාතික ශ්රේණිගත කිරීම් සදහා පාදක වන්නේ අන්තර්ජාතික තරගය. එනිසා වැඩි වශයෙන් අන්තර්ජාතික තරග සදහා සහාභාගී වුවහොත් ජාතික මට්ටමේ ශූරතාව කුමක් උවත් ඔහුගේ හෝ ඇයගේ අන්තර්ජාතික ශ්රේණිගත කිරීම් ඉහල යන නිසාවෙන් ඉහල අන්තර්ජාතික ශ්රේණිගත කිරීමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
අන්තර්ජාතික ශ්රේණිගත කිරීම් අනුව තිලිණි මේවන විට පසු වෙන්නේ 118 ස්ථානයෙයි. ඇය අන්තර්ජාතික තරගාවලි 13 ක් නියෝජනය කර තිබෙනවා. අන්තර්ජාතික තරගාවලි 10 කට වඩා ක්රීඩා කොට ඇති එකම වත්මන් ලාංකික ක්රීඩිකාව වන්නේ ඇයයි.
තිලිණි මුලසිටම මෙවර ඔලිම්පික් සදහා තේරි නොතිබුනත් අවසාන මොහොතේ අවස්තාව ලැබුනේ ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබූ එක් ක්රීඩිකාවක් තරගයට සහභාගී නොවන බව දැන්වීමත් සමගයි. එනිසා ශ්රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටි ලාංකික ක්රිඩිකාව වන තිලිණි ජයසිංහ හට එම අවස්ථාව උදා උනා. එනිසා මෙය නීතියට පිටින් නොව 100% ක් නිති ප්රකාරව ලබා ගත් අවස්තාවක්. තම උත්සහයෙන් අන්තර්ජාතික තරග සදහා සහභාගී වී මෙම අවස්ථාව ලබා ගැනීම ඇත්තෙන්ම තිලිණිගේ දක්ෂතාව හා කැපවීමයි. යම් හෙයකින් තිලිණි මෙම අවස්ථාව භාර නොගත්තේ නම් එය හිමි වන්නේ වෙනත් රටක ක්රීඩිකාවකට මිස ලාංකිකයෙකුට නොවේ. අන්තර්ජාතික ශ්රේණිගත කිරීම පමණක් සලකන නිසා.
නමුත් චන්ද්රිකා ද සිල්වා මධ්යයය මගින් කියා සිටියේ තිලිණිට වඩා සුදුසුකම් ඇති ක්රීඩිකාවන් සිටින බවත් ඇය සහභාගී කරවිම සිදුසු තීරණයක් නොවන බවත්ව. 11 වතාවක් ශුරිය වූ ඇයට එකදු ඔලිම්පික් උලෙලක් හෝ නියෝජනය කිරීමට නොහැකි වීම කනගාටුවකි. නමුත් ඒ සදහා ප්රධාන හේතුව ඇය අන්තර්ජාතික තරග අඩු ප්රමාණයකට තරග කොට අන්තර්ජාතික ශ්රේණිගත කිරීම් වල තිලිණිට වඩා අඩු ශ්රේණිගත කිරීමක් ලබා ගැනීමයි. ඔලිම්පික් තෝරා ගැනීම් අනුව තිලිණිගේ කැපවීම නොවන්නට මෙවර ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට වන්නේ 6 දෙනෙකුටය. ඒ නිසා අප සැමගේ ප්රණාමය ඇයට හිමිවිය යුතුය. කුහක කතා පැතිරවීම පසෙක ලා දැන්වන් දක්ෂ ක්රීඩිකාවන් හට වැඩි වශයෙන් අන්තර්ජාතික තරග ලබා දිය හැකි වට පිටාවක් තැනීමට වෙහෙසීම ඉතාමත් වැදගත්.
ලොකුම ප්රශ්නය මෙය නොවේ. පැහැදිලිවම ඔලිම්පික් සදහා තිලිණි සුදුසුම ක්රීඩිකාව නොවේ. ඊට වඩා 2011 ශූරතාව දුනූ අචලා සුදුසු බව බූඩිගේ හැගීමයි. නමුත් තෝරා ගන්නා ක්රමවේදයට අනුව තිලිණි ඉදිරියෙන් සිටියා. 2011 ශූරතාව දිනූ අචලා 2012 වන විට ඔලිම්පික් සදහා සූදානම් කිරීම හැකු නොවූයේ ඇයි? ඇය 2009, 2010, 2011 යන වසර වල ජාතික ශූරතාව පිට පිටම 3 (තුන්) වතාවක් ලබා ගෙන තිබෙද්දීත් 2012 ඔලිම්පික් සදහා ඇය සූදානම් නොකලේ මන්ද? මෙය තිලිණිගේ හෝ අචලාගේ වරදක් නොවන බව පැහැදිලියි, එසේ නම් වැරදුනේ කාටද? කොහේදිද? | hplt_2 |
හදිසියේම කලමණාකරුගේ කෙටි දැනුම් දීමකින් අපේ ආයතනයේ තෙල් ලිං තියන දූපතට යන්න සිද්ද උනා... කිලෝ මීටර් සියයක් විතර ගමනක්... දූපතේ කැමරා තියන මොකක්වත් පාවිච්චිය තහනම්... ඉතින් ලැප් එක හලලා අනෙක් කලමනා අරන් හෙලිකොට්ට උරේට නැග්ගා... ඉතින් රෑට මගේ ප්රියාදරිය එක්ක නෙට් එකෙන් සම්බන්ද වෙන්නෙ නෑ... හිත බරයි... ගුවන් යානයක් තරම් උඩට ගන්නේ නැති නිසා පහල හොඳට පේනවා... නමුත් ඊයේ හොඳටම මීදුම... ඇරඹුම ප්රමාදයි....කොහොමහරි උඩට අරන් කාන්තාරය දිගේ මූද දක්වා යනවා.. එකම පාට රිදී වැල්ලෙන් වැසුනු කවදාවත් වසන්තයක් නො එන කාන්තාරය... ඊලඟට අනන්තයක් නොපෙනෙන ඒකාකාරව පෙණරැළි නැගෙන මුහුද... ඔක්කොටම හපන් හිතේ බර... මට වික්ටර්ව මතක් උනා................ හිත හදා ගත්තා....
කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්...
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත... මට කුමටද වෙන සිතක් කයක්...
දුහුවිලි සුලි සුලි නැගෙයි බිඳෙයි... දිය ඇලි දිය රැලි ඇදෙයි රැඳෙයි...
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ... ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි...
සඳ රැස පිණිදිය රැලෙහි ඔතා... පලඳමි ගෙලවට මලක් ගොතා...
ඔබ නැති මිහිමත මගෙ පණනල නැත... දෙදෙනෙකු මුත් අප එකයි එකයි...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න
... | hplt_2 |
කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්රීඩාවක් වන "පංචි
" ක්රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ. :)
මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්රමේ.
අවශ්ය දෑ
* හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ)
* බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ)
* ක්රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක්
* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)
* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා.
* ක්රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)
* පංචි පෙත
පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න.
පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ.
හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා.
මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට.
තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා.
ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.
මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න.
දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා:). ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්.
දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි.
මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි.
ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන.
දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි), මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින් 6 ක් සහ 4 ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න.
ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ.
නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)
ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්.
දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.
* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්.
* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .
* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ :). මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.
* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු 14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන.
* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න.
* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.
* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන.
ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන.
කොහොමත් අපි අවුරුදු ක්රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා.
ඉතින් ඔයාලත් කැමතිනම් කරලා බලන්නකෝ. සෙල්ලම කරද්දී ප්රශ්න ආවොත් කමෙන්ට් එකකින්වත් අහන්ඩ. ඒවාට උත්තර දෙන්න මම බැඳී සිටිමි :)) | hplt_2 |
රාජ් කපූර්
හින්දි සිනමාවේ නළුවෙක්, අධ්යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන රන්බිරාජ් කපූර්, "ෂෝ-මෑන්" (Show-man) යන අනවර්ථ නාමයෙන් හැඳින්විණි. රාජ් කපූර් ෆිල්ම්ෆෙයාර් සම්මාන 9 කට හිමිකම් කියයි. වසර 1951 දී තිරගත වූ "ආවාරා" සහ 1954 දී තිරගත වූ "බූට් පොලිෂ්" යන චිත්රපට "කාන්" සිනමා උළෙලේ "පල්ම් ඩි'ඔර්" වෙනුවෙන් නිර්දේශ විය.
මූලික අවධිය
ප්රවීන නළු ප්රිතිවිරාජ් හා රම්සාම් කපූර්ට දාව ඉන්දියාවේ පෙෂ්වර් හිදී උපත ලැබීය. ඔහු සය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. ප්රසිද්ධ "කපූර්" පරම්පරාවෙන් පැවත එන රාජ්, ඩෙවන් බෂීශ්වර්නාත් කපූර් ගේ මුණුබුරා ද ඩෙවන් කෙෂාව්මල් කපූර් ගේ මීමුණුබුරා ද වෙයි. ෂශී කපූර් සහ ෂම්මි කපූර් මොහුගේ බාල සොහොයුරන් වෙයි. ඔහුගේ සොහොයුරිය උර්මිලා සියාල් නම් විය. මොහුට ළදරු අවදියේදී මියගිය සොහොයුරන් දෙදෙනෙක්ද සිටිති. | hplt_2 |
Facebook Timeline දැන් සැමට
Filed under: facebook, පුවත්
Facebook Timeline සංස්කරණය මේ වන විට සැමටම ලබා ගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබෙනවා. Facebook Timeline සංස්කරණය දෙසැම්බර් මස 23 වන දා සිට ක්රියාත්මක වීමට නියමිත අතර ඊට පෙර Facebook Timeline ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.
Facebook Timeline ලබා ගැනීම සදහා
- පළමුව ඔබගේ Facebook ගිණුම වෙත පිවිසිය යුතුයි.
- About Timeline page නැමති වෙබ් පිටුව වෙත පිවිසෙන්න.
- “Get Timeline.” යන්න මත Click කරන්න.
- ඉන් පසු ලැබෙන වෙබ් පිටුවෙහි “Publish Now” මත Click කරන්න.
Windows 8 Developer Preview සංස්කරණය නිකුත් වෙයි.
Filed under: Windows 8, පුවත්, මෙහෙයුම් පද්ධති
Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි අත්හදා බැලීමේ සංස්කරණය Windows 8 Developer Preview නමින් නොම්ලේ බාගත කිරීම සදහා නිකුත් කර තිබේ. 32-bit හා 64-bit යන සංස්කරණ දෙකකින් යුතුව අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය ISO ගොනුවක් ලෙස බාගත හැකිය.
අපේ රටින් උපදින කැළිකසළ වෙබ් අඩවි.
Filed under: Articles
වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සංඛ්යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි වෙත පිවිසීමේදී අපතේ යන Bandwidth ප්රමාණය විශාලය. වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ පින්තූර බැවින් එම පින්තූර වල ධාරිතාව වැඩිය. මෙවැනි වෙබ් අඩවියක් Load විම සදහා වැය වන කාලයද වැඩිය. Read more
ඩොමේන් නාම වැඩි කිරීම සදහා ICANN අනුමැතිය
Filed under: පුවත්
ICANN පාලනය කරනු ලබන ICANN ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers ) දැනට භාවිතා කරනු ලබන ප්රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන Read more
මොකක්ද මේ IPv6 කියන්නේ
Filed under: Articles
IPv6 හෙවත් Internet Protocol version 6 (IPv6) යනු Internet Protocol හි නවතම සංස්කරණයයි. දැනට භාවිතා කරන Internet Protocol version 4 (IPv4) තාක්ෂණයේ දැනට පවතින අඩුපාඩු මගහැරීමට මෙම IPv6 තාක්ෂණය සමත්වී සිටින අතර විශාල ආයතන සංඛ්යවක් මෙම IPv6 තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරම්න් සිටියී. දැනට භාවිතා කරන IPv4 මගින් ලබාදෙන IP ලිපින මේවන විට ප්රමාණවත් නොවීම මෙම IPv6 තාක්ෂණය බිහිවීට ප්රධාන හේතුව විය. IPv4 IP ලිපින නිර්මාණය වී තිබුණෙ 32 bits වලිනි. . IPv4 භාවිතා කර දළ වශයෙන් Read more
Blogger හි තාවකාලික අක්රීය වීමක්.
Filed under: පුවත්
ගූගල් විසින් ලබාදෙන Blogger සේවාව නඩත්තු කටයුත්තක් සදහා තාවකාලිකව අක්රීය කිරීමකට ලක් කර ඇත. Blogger පවතින සියළුම බ්ලෝග් අඩවි නැරඹීමට පමණක් අවස්ථාව සළසා ඇති අතර අද දින පළ කරන ලද සියළුම ලිපි තාවකාලිකව ඉවත් කර ඇත. වැඩිදුර තොරතුරු
Yahoo වෙතින් Yahoo Search Direct
Filed under: පුවත්
යාහූ විසින් සිය සෙවුම් යන්ත්රය සදහා නව විශේෂාංගයක් හදුන්වාදුන් අතර මෙය Search Direct නමින් හදුන්වයි. මෙම Search Direct තාක්ෂණය ගූගල් විසින් හදුන්වාදුන් Instant Search තාක්ෂණයට සමානකමක් දක්වන අතර ගූගල් සමාගම මෙය හදුන්වාදුන්නේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි.
මෙම Search Direct තාක්ෂණය මගින් යාහූ සෙවුම් යන්ත්රය මගින් යමක් සෙවීමේදී search box එකෙන් පහළ drops down box එකක් භාවිතා කරමින් search box එක තුළ ඇතුළත් කරන වචන වලට අදාළ වඩාත් ජනප්රිය සෙවුම් මාතෘකා පෙන්නනු ලබන අතර මෙයට ගූගල් Instant Search වලට වඩා විශේෂාංග එක්කර තිබේ. තවමත් මෙය beta මටිටමේ පවතින අතර මෙය අත්හදා බැලීමට නමි search.yahoo.com වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි. Read more
බ්ලෝගර් (Blogger) බ්ලෝග් අඩවියක් නිර්මාණය කරන හැටි.
බ්ලෝග් අඩවි නිර්මාණයට පහසුකම් සපයන ජනප්රිය සේවාවක් ලෙස බ්ලෝගර් (Blogger) වෙබ් අඩවිය හැදින්විය හැකි අතර මෙය ගූගල් ආයතනය විසින් නොමිලේ සපයන සේවාවකි.
බ්ලෝගර් බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීම සදහා පළමුව blogger.com වෙබ් අඩවියට පිවිසෙන්න. මෙහිදී ඔබට ගූගල් ගිණුමක් නොමැතිනම් Get started යන්න මත ක්ලික් කර නව ගූගල් ගිණුමක් නිර්මාණය කරගන්න. ඔබ ගූගල් ගිණුමක් හිමි අයෙකු නම් ඊමේල් ලිපිනය හා මුරපදය භාවිතා කර Sign in වෙන්න.
මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?
Filed under: Blogging
බ්ලෝග්කරනය වර්තමානයේ අන්තර්ජාලයේ පවතින ඉතාමත් ජනප්රිය අංගයක්. වර්තමානයේ ශ්රී ලංකාවේද ජනප්රිය වෙමින් පවතින දෙයක් ලෙස හැදින්විය හැකියි.
මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?
බ්ලෝග් අඩවියක් යනු එහි අන්තර්ගත නවතම ලිපි ඉදිරියෙනුත් පැරණි ලිපි පසු පසිනුත් සිටින ලෙස නිර්මාණය වන වෙබ් අඩවි වර්ගයක් හෝ වෙබ් අඩවියක කොටසක් වන අතර ලෙස හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක් තනි පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යා හැකි අතර බ්ලෝග් අඩවියක පින්තූර , වීඩියෝ ආදිය සාමාන්ය වෙබ් අඩවියකට වඩා වැඩි වේ.
බ්ලෝග් අඩවියක විවිධාකාරයේ මාතෘකා වලින් සමන්විත ලිපි හෝ පුවත් තිබිය හැකි අතර බ්ලෝග් අඩවියක් ඔන්ලයින් දිනපොතක් ලෙසද හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක අන්තර්ගතය අනුව art blog, photo blog, video blog, MP3 blog, podcasting, Micro blog ලෙස ද වර්ග කර දැක්විය හැකියි. Read more
Twitter දැන් කොරියන් භාෂාවෙනුත්.
Twitter වෙබ් අඩවිය කොරියන් භාෂාවෙන් සැකසුණු නව සංස්කරණයක් හදුන්වා දී ඇති අතර මේ වන විට Twitter වෙබ් අඩවිය භාවිතා කළ හැකි භාෂා ගණන 7 කි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වසර තුළ කොරියානු Twitter පරිශීලකයන් විශාල වශයෙන් වැඩි වීමයි. මෙහිදී Twitter වෙබ් අඩවිය පමණක් නොව ඔවුන්ගේ Android හා iPhone apps ද කොරියන් භාෂාවට පරිවර්තනය කර ඇත. Read more | hplt_2 |
උදේට බත් පංගුව කාලම දත කට මැදගන්නවා කියල හිතාගෙන මෙසේ කොනක බෙදල තිබුණු බත් පංගුව අතට අරන් කන්න ගන්නකොටම මිදුල පැත්තෙන් සති පොළ පටන් අරන් වගේ කාලගෝට්ටියක් ඇහුණා. නිකමට ජනේලෙන් හොම්බ දාල බැලුවම ආච්චි ඉදලෙන් එකෙක්ට දාගෙන තඩි බානවා.
"අනේ ආච්චි සුදු ආච්චි ගහන්න එපා"
"ගහන්න නෙමේ, උඹව හමගහනවා මම අද, වත්තක පැලක, ගහක ගෙඩියක් තියන්නේ නෑ"
අහල පුරුදු වොයිස් කට් එකක් එක්ක ආච්චිගේ ස්වීට් වොයිස් එක මිදුල පැත්තෙන් ශ්රවනය වේගෙන එද්දී බිම පෙරලීගෙන ආච්චිට වැඳගෙන ඉන්නේ "රම්බා" කියල මගේ කවි මොලේට තේරුනා. රම්බා මගේ බොක්කේ යාළුවා උනාට ඕකා මට කරපුවට රිටන් දෙන්නත් බැරි වෙච්ච එකේ ඕකාට හොඳම වැඩේ තව ටිකක් කාපුදෙන් කියල මම බත් පංගුවටම හිමින් සීරුවේ වග කියල දත් බුරුසුවට අළු ටිකක් ලිපෙන් අරගෙන ආච්චිගෙයි රම්බගෙයි සංග්රාමය පැත්තට අඩිය ඉක්මන් කළා දත මැද මැදම.
"අනේ....අනේ "රයිටර්" දෙයියෝ.... මාව බේරගනින්, උඹලගේ සුදු ආච්චි මට තඩිබානවා, මං කරපු ඉලව් හොරකමක් නෑ කියපන් අනේ බං පින්සිද්ධවෙයි, ප්ලීස් කරුණාකරලා කියපන්"
අපේ ආච්චිගේ එක කකුලක් රම්බාගේ පිට මැද, රම්බා බිම බඩගාගෙන ආච්චිට හතරගාතෙන් වැඳගෙන ඉන්නවා. කහ පාට වෙච්චි කෙහෙල් ලෙලි හතර පහකුත් උගේ වගේ බිම වැටිලා. එක අතක රැඳිලා තිබුන ඉදල බිමට තියාගෙන හිටපු ආච්චි මට සිහි කලේ අතීතයේ හෙළ රජ දවස රාජ විරෝධී කුමන්ත්රනකාරයෙක් කුදලාගෙන ආ සෙන්පතියෙක් රජ්ජුරුවෝ ඉදිරියේ තමාගේ නිර්භීතකම විදහා දක්වන ආකාරය. මගේ හිතේ එවලේ ආපු වචන ටික මම ඒ විදිහටම හිතේ ලියාගත්තා. මොකද මං ෆේමස් රයිටර් කෙනෙක් හින්ද මේවගේ ත්රාසය ජවය ශක්තිය යෞවනත්වය පිරුණු අවස්ථාවල හිතට නැගෙන සිතුවිලි වලින් ශ්රේෂ්ට නිර්මාණ බිහි කරන්න පුළුවන් බව දැනගෙන උන්නු හින්දා.
හරිය, ඒකත් මගේ ටිකිරි කවි මොලේට වැටහුණා. මු මොකක් හරි රාජකාරි වැඩකට රයිටර්ව හොයාගෙන මගේ භවනට එද්දී ආච්චි වවපු බට් කෙහෙල් පැලේ ඉදුණු කෙහෙල් ඇවරිය දැකල මුගේ බඩජාරිකම හින්ද මු ගහේ කැන තියෙද්දීම ගෙඩි හතරක් පහක් ගිලල. රම්බා රඹ කැන් නොහොත් කෙහෙල් වලට පණ වුනත් අරින බව අපි දන්නා නිසාම උගේ නමට වරහන් යටින් රම්බා නම පට බැඳුනු හැටිත් මට විචිත්රවත් විදිහට හිතේ දිගෑරෙද්දී මම මගේ සුකුමල වොයිස් එක වාතලයට මුදා හැරියා.
"ආච්චි හා හා නවත්තන්න ආච්චි, මේකා මගේ යාළුවා ඇයි ආච්චිට මතක නැද්ද ගිය සතියේ ආච්චිගේ පරණ පෙට්ටගමේ තිබුණු පුරාණ ඇන්ටික් ටික විකුණලා දෙන්ඩ සෙට් කලේ,"
මං එහෙම කියනකොටම ආච්චිගේ ඇස් තෙත්වෙනවා මම යාන්තමට දැක්කා, ආච්චි ඉකිගගහ අඩන්න ගත්ත.එකපාරටම බිම බඩගාගෙන උන්නු රම්බගේ පිට උඩින්ම ඉඳගෙන රම්බාව බදාගෙන අඬනවා. රම්බගේ මුණ පුරා ආච්චිගේ හොටු, රම්බත් ඇස් දෙක පියාගෙන නහයයි කටයි උගේ නෙමෙයි වගේ උල් කරගෙන මුනට අමුතුම ලීලාවක් ආරුඨ කරගෙන ඉන්න හැටි මම දැක්කා. මගේ කවි හිත ඒකත් සටහන් කරගත්තා.
මම හිමින් ආච්චිවත් වත්තන් කරගෙන නැගිට්ටලා රම්බාවත් කෙලින් කටින් අරගෙන උගේ දිහා මුණ හරවලා අනුකම්පා ප්රොෆයිල් මුණ දැම්මා. අපේ ආච්චිගේ මතකෙට උපමා කරන්න උපමේයක් තවම මගේ කවි හිත හොයනවා. සමහර දේවල් ඕනෙවටත් වඩා මතක තියන ආච්චිට සමහර දේවල් සුටුස් ගල අමතක වෙන එකට සමාන වස්තුවක් මම තවමත් හොයනවා. මම ඕව රම්බාට කියන්න ගියේ නෑ.
රම්බ්ගේ කරට අතක් දාගෙන මම ඌව ගෙනත් මගේ ඇඳෙන් ඉන්දුවා. ඉදල් පාරවල් කාල ඉරටු පශ්චාත්භාගය පුරාම ඇනිලා හින්ද ඉඳගන්නකොටම මු ඉඳගත්ත වේගෙන්ම නැගිට්ටා වේදනාව දරා ගන්න බැරුව මගේ හිතේ.
මම හිමීට ඉරටු එක දෙක ඇස් දෙක පියාගෙන ගලවල මු ආපු කාරණේ අහන්න ගත්තා. වේදනාව හින්ද තවමත් මුට ඉඳගන්න බෑ. ඇඳේ මුනින් අතට දිගාවෙලා ඉන්න රම්බගේ මුණ හුළං ගහන බැලුම පිම්බෙනවා වගේ පිම්බීගෙන ආව.
"හරි ඉතින් රම්බා කියපන්කො උඹ මොකෝ මේ සීත මීදුම් උදෑසනේ මාව හොයාගෙන ආවේ කියල"
මුගේ මුනේ මැවිච්ච සුකුමාර හිනාව වැක්කෙරෙනවා. අඬන ළමයි බය කරන්න කියාපු භාණ්ඩේ මගේ කවි හිතට එහෙමත් හිතුනා. මු ඇඹරි ඇඹරි මට කියාගන්න බැරුව මං දිහා හොරෙන් බලනවා, මාපට ඇඟිල්ල කටේ දාගෙන ඇඹරෙනවා. ඌ උගේ මුණේ බොලඳම බොළඳ ප්රොෆයිල් එකක් දාගෙන මෙහෙම කියනවා තටම තටම, | hplt_2 |
මේ ගමන සාහිත්යය මාසෙ හොදම කෘතිය විදිහට තේරුණේ සුනේත්රා රාජකරුණානායක මහත්මිය ලියපු පොදු පුරුෂයා කියන පොත. මේ පොත සරසවි ප්රකාශනයක්. ( මේ පොත ගන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මගේ දිනපොතේ සටහන් කරල ඇති) තිබ්බ ආසාව හින්දම මේ ගමන ගත්ත පොත් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ මේ පොත.
ඇත්තටම ඒ පොත හරිම ලස්සනයි. ඒක හන්දම මම දෙපාරක්ම පොත කියෙව්වා. පොත ඇතුලෙ ප්රබල කතාවක් වගේම ප්රබල ගලායාමකුත් තියනවා. මුළු කතාවම පෙළ ගැහෙන්නෙ අතිප්රබල චරිත තුනක් වෙන ෂාෂා, මනෝරම්යා සහ වර්ණාසි එක්කයි. ඊට අමතරව අත්තම්මා නැමති ප්රබල චරිතය නිශ්ශබ්දව කතාව තුල ගලායාමක් සිදුකෙරෙනවා.
කතාවෙ මූලික කොටස් තුනක් තියනවා. මට දැනිච්ච විදිහට කතාවෙ පළවෙනි කොටසෙදි සුදු කළු අතර මිශ්ර වෙච්ච චරිතයක් වෙන ෂාෂා දෙවනි කොටසෙදි මධ්යම විදිහට ඉදල තුන්වෙනි කොටසෙදි මරල දානවා. පළවෙනි කොටසෙදි කුඩම්මගේ සැළකිලි ලබපු මනෝරම්යා අවසානයේදී වීරවරියක් වෙනවා. නමුත් අනිත් ප්රධාන චරිතය වෙන වර්නාසි හැල හැප්පීම් ගොඩක් මැද්දෙ තමන්ගෙ චරිතය ගෙනිනවා.
කතාවෙ හැම තැනදිම ගැහැණියකගේ චිත්ත ධෛර්යය, ඉවසීම, ප්රශ්න වලට මුහුණ දීම ආදිය වගේම ශ්රී ලාංකේය කාන්තාගේ පවුල් පරිසරය මේ කතාවෙන් විග්රහ වෙනවා. තවමත් මම ස්වර්ණ පුස්තක වලට නිර්දේශිත පොත් කියවල ඉවර නෑ. ඒක හන්ද මේ හොදම පොතද කියන්න තරම් ඉක්මන් වෙන්න හොද නෑ. | hplt_2 |
2012-10-27
ජාතික රග්බි සංගමය ගිනස් වාර්තාවක් තැබීමේ උත්සාහයක
11:02 AM freehitlanka No comments
freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 27 වැනිදා) ගිනස් වාර්ථාවක් තැබීම සදහා ජාතික රග්බි සංගමය අද සවස කනිෂ්ඨ රග්බි තරගාවලියක් පවත්වනවා. එහි විශේෂත්වය වන්නේ එක් දිනක් තුල වැඩිම තරග සංඛ්යාවක් වැඩිම ක්රීඩක ක්රීඩිකාවන් ප්රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමයි. වයස් කාණ්ඩ 04 ක් යටතේ පැවැත්වීමට නියමිත තරගාවලියට සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්රීඩක ක්රීඩිකාවන් සහභාගීවනවා. ජාතික රග්බි සංගමයේ භාන්ඩාගාරික කිරාන් අතපත්තු මහතා වී ක්රීඩා අංශයට කියා සිටියේ මෙම තරගාවලිය සංවිධානය කිරීම තුලින් පාසල් තුල රග්බි ක්රීඩාවට ඇති උනන්දුව වැඩි කිරීමටද අපේක්ෂාවක් වී ඇති බවයි. තරගාවලිය සදහා මේ වන විට ක්රීඩක ක්රීඩිකාවන් 4000 ක් ලියාපදිංචි වී තිබෙනවා. එකවර තරග 15 ක් දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා පිටියේදී පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ. මීට පෙර එක් තරගාවලියක වැඩිම ක්රීඩක ක්රීඩිකාවන් ප්රමාණයකගේ සහභාගීත්වයෙන් රග්බි තරගාවලියක් පවත්වා ඇත්තේ හොංකොං හිදීයි. 2011 වසරේ පැවති එම තරගාවලිය සදහා ක්රීඩක ක්රීඩිකාවන් 2610 ක් සහභාගී වී තිබෙනවා. | hplt_2 |
සමස්ථිතිය
සමස්ථිතිය (ග්රීක: ὅuoιoς, hómoios, "සමාන"[1], සහ σtάσις, stásis, "නොවෙනස්ව පවතින"[2] වෙතින්) යනු පද්ධතියක අභ්යන්තර පරිසරය නියාමනය කරමින් උෂ්ණත්වය හෝ pH අගය වැනි ගුණාංගයන්හී ස්ථායි, නියත තත්ත්වයක් නඩත්තු කෙරෙන පද්ධති ගුණාංගයකි. විවෘත හෝ සංවෘත පද්ධතියක් විෂයයෙහි මෙම ගුණාංගය පැවතිය හැක.
අනෙකුත් ක්ෂේත්රයන්[සංස්කරණය]
මෙම පදය අනෙකුත් ක්ෂේත්රයන්හීද භාවිතා කිරීම ඇරඹි ඇති අතර, නිදසුන් වශයෙන්:
අවදානම[සංස්කරණය]
ආයු ගණකයක් විසින් අවදානම් සමස්ථිතිය වෙත සඳහනක් සිදු කල හැකි අතර, මෙහිදී (නිදසුනක් වශයෙන්) අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා කරනුවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ වාර්තාව අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා නොකරනුවුන්ගේ එම වාර්තාවට වඩා හොඳ නොවන්නේ, මුලින් සඳහන් කල අයවලුන් සුරක්ෂිත වාහන භාවිතා කිරීම නිසාවෙන් අවිඥානිකව සුරක්ෂිතභාවය මද රිද පැදවීම් පරිචයන්හී නියැලෙන බැවිනි. | hplt_2 |
චන්ද්ර මාස ක්රමය අනුව වසරකට පුර පසළොස්වක් පොහෝ දින 12 ක් හෝ 13 ක් එළඹේ. ඒ හැම පොහොයක්ම අපට වැදගත් වෙන කරුණු ඇත. වෙසක් පොහොය පවා බුදුරදුන් පිළිබඳ උපත බුදුවීම හා පිරිනිවීම යන කරුණුවලට අමතරව අපේ රටට වැදගත් වෙන කරුණු කිහිපයක්ම ඇත. ඒ අනුව උඳුවප් පොහොය අපට වැදගත් වන්නේ ප්රධාන කරුණු දෙකක් නිසයි. පළමු වැන්න නම් ශ්රී පාද සමය ඇරඹීමයි. ශ්රී පාදස්ථානය පූජනීය තැනක් වන්නේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි බුදුරදුන් කැලණියට වැඩම කළ අවස්ථාවේ සමනළ කඳු මුදුනෙහි උන්වහන්සේගේ ශ්රී පාද ලාංඡනය පිහිටුවීම නිසයි. ඈත අතීතයේ පටන් උඳුවප්පුර පසළොස්වකින් ඇරඹෙන ශ්රී පාද වන්දනා සමය ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා පවතී. මෙම වන්දනාව නිසාම තුන් සරණය වැනි ජන හදවත් තුළ නිතර රැව් දෙන ග්රන්ථ පවා සම්පාදනය වී ඇත. ශ්රී පාද වන්දනාවත් සමඟ මිනිසුන් තුළ බුදු බැතිය වැඩීමත් තෘෂ්ණාව වෛරය වැනි කෙළෙස් අඩුවීමත් සිදුවෙයි. එබැවින් එම වන්දනා සමය ඇරඹෙන උඳුවප් පොහොය ආගමික මෙන්ම ජාතික හා සංස්කෘතික වශයෙන් ද අපට වැදගත් වෙයි.
සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ බුද්ධගයාවේ ජය සිරිමා බෝ සමිඳුන්ගේ ශාකාවක් වැඩමවා ගෙන අප රටට පැමිණියේ මීට වසර 2318 කට පෙර උඳුවප් පුර පෑළවිය දින බව වංශ කතාවලට අනුව පැහැදිලි වේ. යාපා පටුනේ දඹකොළ පටුන වරායට පැමිණි එතුමිය ඇතුළු පිරිස පිළිගත්තේ එදා අප රටේ නායකයා වූ දෙවනපෑතිස් මහ රජතුමන්ය. එතුමා එහිදී මුළු රටම ජය ශ්රී මහා බෝධීන් වහන්සේට පූජා කළේය. එහි සිට මග තොට පුද පූජා පවත්වමින් අනුරාධපුරයට වැඩමවා ගෙන ආ ශ්රී මහා බෝධි ශාකාව අනුරාධපුර උඩමළුවෙහි රෝපණය කරනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක් පොහෝදාය. එදා පටන් අප රටෙහි ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් සලකා අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ආශිර්වාද ලබා ගැනීමට යාම මහත් බැතියෙන් කරන දෙයකි. බෝධීන් වහන්සේ නිසා අප රට තුළ බෝධි සාහිත්යයක් ද බිහිවුණි. සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන සිරිත් විරිත් ද ඇති විය. එබැවින් ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි රෝපණය කළ උඳුවප් පොහෝ දිනය අපට ජාතික ආගමික හා සංස්කෘතිකමය වශයෙන් ද අතිශයින්ම වැදගත් දිනයකි. උඳුවප් පොහොයේ මෙම වැදගත් බව වටහා ගෙන කටයුතු කිරීම අත්යවශ්ය දෙයක් බව මෙහිලා සිහිපත් කරමි.
පූජ්ය බෙංගමුවේ නාලක හිමි
Divaina 10-12-2011 | hplt_2 |
චාල්ස් ඩාවින් පරිණාමවාදය පිළිබද සිය සංකල්පය සනාථ කිරීම සඳහා යොදා ගත් ගලපාගොස් දිවයින්හි යෝධ ඉබ්බන්ට අයත් සුවිශේෂී ඉබ්බෙකු ඊයේ (25) මිය ගියා. ගලපාගොස් දිවයින් පෙළේ ලා - පින්ටා දිවයිනට අයත් අවසාන යෝධ ඉබ්බා වන ලෝන්සම් ජෝර්ජ් මිය යන විට වසර 100ක් පමණ වන්නට ඇතැයි සැලකෙනවා. පරිසර සංරක්ෂණයේ සංකේතයක් බවට පත්වූ මෙම යෝධ ඉබ්බා නැරඹීම සඳහා වසරක් පාසා එක්ලක්ෂ 80,000ක් පමණ ජනයා පැමිණි බව සඳහන්. මෙම සත්ත්වයාගේ සිරුර සංරක්ෂණය කොට ගලපාගොස් ජාතික උද්යානයේ තැබීමට ද සැලසුම් කර තිබෙනවා. වසර 200ක් පමණ ජීවත් විය හැකි මෙම යෝධ ඉබ්බා වසර 100කින් මිය යාමට හේතුව විද්යාඥයින් දැන් සොයා බලනවා. | hplt_2 |
පරම්පරාවේ නම ගෙනියන්න කොලු පැටියෙක් ලැබුණාය කියලා මම උපන්න දවසේ මගේ නෑදෑ පරපුරම සෑහෙන්න සතුටු වුනාලු . එදා සතුටු වුණු මගෙ නෑදෑ සහනුරේ කවමදාකවත් නොහිතන්න ඇති මම පොලීසියේ හිර මැදිරියක තත්පරයක් වත් ගතකරාවි කියලා . උන් මේ ගැන දන්නවා නම් හරි වැරදි ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මාව පවුලෙන් නෙරපලා දමාවි . ඒ ගැන හිතෙනකොට මේ යකඩ දොරේ කම්බි කූරු අඹරවලා දාලා මෙතනින් පැනලා යන්න තරමේ ආවේගයක් මගේ හිතට දැනුණා .
වෙලාව රෑ 9 විතර ඇති . ඇඟට දැනෙන්නේ පුදුම කෙඩෙත්තු ගතියක් .ගෙදර මතක් වෙලා හිත ඇතුළේ ඇවිලෙන ගින්දර කඳ නිසා වෙන්නැති මගෙ මහන්සිය දෙගුණ තෙගුණ වෙලා දැනෙන්නේ . කැලතෙන හිත සන්සුන් කරගන්න හිතලා මම හිර කූඩුව වටේටම ඇහැ යැවුවා . ඒක සාමාන්ය හිර කූඩුවක් . හිර කූඩුවේ වම් පසට වෙන්න සිමෙන්තියෙන් හදාපු කණ්ඩියක් තියනවා. මගෝඩි වැඩක් කරහම පොලීසියට ගෙන එන මදාවියෙකුට ඉඳගෙන ඉන්න හරි වැතිරිලා නිදාගෙන ඉන්න හරි එතන පාවිච්චි කරතහැකි . මමත් දැන් මදාවියෙක් , නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් දැන් ඉතින් මමත් එතන ඉඳගත්තට වරදක් නෑ . සිමෙන්ති කණ්ඩිය උඩ ඉඳගත්තු මම මට වෙච්ච සිදුවීම ටිකෙන් ටික ආයෙමත් ආවජනය කරන්න පටන්ගත්තා .
මේ අලුත් අවුරුද්දේදී නම් කිසිම කඩප්පුලි වැඩකට සම්මාදම් වෙලා වරිගේ නහගන්නේ නැතෙයි කියලා හිතාගෙන බීමත් කමටයි දුම් වැටියටයි දෙකටම ආයුබෝවං කියාපු මට දෛවය දුන්නේ මහ අරුම පුදුම දඬුවමක් . මේ සේරම සිද්ධ වුණේ හරියටම 2012 ජනවාරි 1වැනිදා ඉර බැහැගෙන යන හැන්දෑ වරුවකදී.
ඉඳලා හිටලා යාළු මිත්රයෙක් එක්ක පොඩ්ඩක් වීදි සංචාරයක නිරත වෙන එක පොඩි එකා සන්දියේ ඉඳලාම මගේ ගාව තිබුණු පුරුද්දක් . පොඩි එකා කාලේදී නම් ගෙදරින් මගේ මේ වීදී සංචාරයට තදබල විරෝධතා මතුවුණත් ටිකෙන් ටික මගේ කර දඬු උස් මහත් වෙනවත් එක්ක්ම ඒ විරෝධයන් නිකම්ම දියවෙලා ගියා .
ගෙදරින් එල්ලවෙච්ච විරෝධයන් වියැකී යන අතරේ අපි ගාල කඩාගත්ත හරක් වගේ ගම පුරාම අයිලේ යන්න පටන්ගත්තා . ජීවිතේ ඔන්න ඔය අයුරින් කාලකණ්ණි විදිහට ගෙවෙමින් යන අතරේ මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මට රැකියාවක් ලැබුණා .රැකියාව ලැබිච්චි මම අයාලේ ගිය ජීවිතයට පොඩ්ඩක් නැවතීමේ තිත තියලා කාර්ය බහුල ජීවිතයකට මුල පිරුවා. ඒත් මගේ පරණ මිතුරු සේනාව නම් රැකියාවක් ගැන ඒතරම් නොහිතා ගමේ පාරවල් අයිනේ බඩවැටි ගානේ , වැවු බැමි උඩ ආදී තැන් වල ජීවිතේ වටිනා කාලේ දියකරලා දමමින් හිටියා .
දවසේ වැඩ නිමා කරලා "පාං" කියාගන්නවත් බැරිව ගෙදරට ගාටන මට උන් ගෙවන නිදහස් ජීවිතේ ගැන මොහොතකට ඉරිසියයි !. ඒත් මට පහු පහු වෙද්දී ටිකෙන් ටික තේරුම් ගියා මුං මේ ගෙවන්නේ නිදහස් ජීවිතයක් නෙවෙයි දුකින්, අග හිඟ කමින් පිරුණු ජීවිතයක් බව .
"උඹ ජොබක් කරන එක හොඳයි සඳරුවා නැත්නම් උඹත් අපි වගේ කාලකණ්ණි වෙනවා'
නිවාඩු දවසක මගේ අතිජාත මිතුරු කැල හමුවෙන්න ගිය මොහොතක මෙන්න මේ වදන් පෙළ නම් අනිවා එක මිතුරෙකුගේ කටකින් එළියට ගාටනවා.
"සඳරුවා අද අපි ටිකක් එකමුතු වෙන්නයි හදන්නේ උඹත් එනවද ? “
"මට බෑ බං මට අදත් කප්පරක් වැඩ !”
"අරි ඒනම් අවුලක් නෑ මචා උඹගේ කොටහා අපි උඹලෑ ගේ පිටිපස්සේ කෙහෙල් පඳුර අස්සේ හංඟලා යන්නම් .. “
"එලම කිරි බං"
"බොක්ක තමා"
හැමදාකම මේ විදියට යාළුවෝ කාණ්ඩෙ මාව අමතනකොට මාව මැදි කරගෙන උන්නු දාහක් වැඩ රාජකාරි මට යන්න නොදී මාව බදලා අල්ලා ගෙන උන්නා . ඒත් එක දවසක මට ලැබුණු ආරාධනාවක් ප්රතික්ෂේප කරන්න නම් මගේ හිත කොහොමටවත් මට ඉඩ දුන්නේ නෑ .
"මචං හෙට අපේ කට්ටිය අලුත් අවුරුද්දට පොඩ්ඩක් එක්සේසත් වෙනවා උඹත් පොඩ්ඩක් ඒ පැත්තේ පද්දලා යන්න වරෙංකෝ !”
ඒ වෙනකොටත් මම මල්පැණි බීම සදහටම අවසන් කරලා දාන්න හිත හදාගෙන ඉවරයි . ඉඳලා හිටලා බීපු බීර ටින් එකක් ඇරෙන්න ඇත්තටම මම ඒ වෙනකොටත් මතින් දුමින් ඈත් වෙලා ඉවරයි .
"මම දැන් අඩිය දාන එක නම් නතර කළා බං ..”
"හා හා කමක් නෑ නිකං අපි එක්ක සැටිස්පයි වෙලාවත් යන්න වරෙන්කෝ !!”
"මම එන්නම් ..”
තම්පලාවත්තේ මලිත් කියන්නේ මගේ හොඳ මිත්රයෙක් . අම්මා අප්පා වුණත් කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නැති ඒකා අමු හිතුවක්කාරයෙක් . හැබැයි ඉතින් අපිට නම් ඌ සොමි බර මිත්රයෙක්. . ඉතින් ජනවාරි පළමුවැනිදා හවස තුනට විතර මගේ ආදරණීය බොස්ට ගල් පැළෙන බොරුවක් ඇදබාලා ඔෆිස් එකෙන් පැනලා මම කෙළින්ම ගියේ මලිත්ලෑ දිහාට .
මලිත් මාව දැක්ක හැටියෙම බුලත් විටක් එහෙම සප්පායම් වෙන්න දීලා ඇල පාරේ උණ ගස් ලන්ද අසල පැවැත් වීමට නියමිත වෙලා තිබුණු අපේ ගමේ මිත්රයින්ගේ සාදය සඳහා යන්න සූදානමින් බාටා සෙරෙප්පු ජෝඩුවකුත් ඇඳගෙන ලක ලැහැත්ති වුණා . මම බුලත් විටේ සෑහෙන දුරට හපනකල්ම ඌ ලැහැත්ති වෙන්න වෙලා අරගත්තේ හරියට නිකම් කෙල්ලෙක් බලන්ඩ යන්න වගේ .
හවස පහයි දහයට විතර අපි දෙන්නා කකුල් දෙකේ තිබුණු බාටා සෙරෙප්පු දෙක වැලි පාරේ අතුල්ල අතුල්ල උණ ගස් ලන්ද පැත්තට හෙමිහිට කිට්ටු වුණා . ඔහොම ටික දුරක් ගාටනකොට ඇනිකට් එක ගාවදී දැක්ක පුංචිම පුංචි සිදුවීමක් තමයි මේ හැම දෙයකටම මුල් වුණේ..
!ඇලේ ඇනිකට් එක ගාව වතුර පාර තරමක් සැරයි ! ඒත් කෙනෙක් ගහගෙන යන්න තරමට නම් සැර නෑ . වෙනදා හැන්දෑවට සෙනග පිරිලා ඉන්න ඇනිකට් එකේ ඒ මොහොතේ නම් උන්නේ උස හීන්දෑරි කෙල්ලෝ දෙන්නෙක් විතරයි . ඇල තියෙන්නේ පාරට තරමක් පාතින් නිසා පාරේ යන කෙනෙක් යාන්තමට ඔළුව හැරෙවුවානම් ඇලේ නාන සොඳුරු යුවතියන් දෙතුන් දෙනෙක් බලා කියාගන්න එක කොහෙත්ම අපහසු නෑ .
"අඩේ අර බලහංකෝ බං .. “
මලිත් එකවරම මට යමක් පෙන්වන්න උත්සහ කල නිසා ලොකු කල්පනාවක හිටි මම මොහොතකට ඒ කල්පනාවෙන් මිදුණා .
"කෝ ? මොකද්ද ?, කොහෙද ? , කිඹුලෙක්ද බං ?”
"කිඹුලෙක් නෙවෙයි බං අර බලහංකෝ අර නාන කෙල්ල දිහා . අපෙ අප්පේ ඉතින් ....... !!!! “
මලිත් උගේ අතේ දබරැඟිල්ල ඒ කෙල්ලෝ දෙන්න දිහාට දිගු කරලා මට පෙන්වන්න උත්සහ කළා ..
"ඇඟිල්ල දික් කරන්න එපා යකෝ !”
හපෝ කෙල්ලෝ නම් ඕනෙම නෑ
"මොනාද තමුසේ බලන්නේ ?”
ඇලේ දිය නාමින් හිටි එක කෙල්ලෙක් එකවරම අපේ දිහා බලලා කෝපයෙන් පිපිරෙමින් අහද්දී තමයි මම දැනගත්තේ මලිත් තවමත් කෙල්ලෝ දිහාවේ බලාගෙන අනිමිස ලෝචනයේ යෙදිමින් ඉන්නවාය කියලා .
"වරෙං බං යන්ඩ "
මම මලින්ත්ගේ අතින් ඇදගෙන එතනින් යන්න උත්සහ කළා .මලිත් මගේ අණට කීකරු වුණා නම් හැම දේම හොඳින් අවසන් වෙන්න තිබුණා . ඒත් ඌ වීසි කල එක කට කැටිච්ච පිළිතුරක් නිසා හැම දෙයක්ම වෙනස් වුණා .
"අක්කේ ඕම නැවෙන්ඩ එපා අප්පා අපේ හැඟීම් ඇවිශ්ශෙනවා “.
ඔන්න ඔය අතරේ තමයි වේගයෙන් ආපු තුන් සක් රියක් අපිව පහු කරලා නැවැත්තුවේ . ඒ තුන් සක් රිය නතර කරනකොටම මම ඉදිරියට වෙන්න යන දේ හිතෙන් මවා ගත්තා . ඒ තුන් සක් රියේ ඉඳලා එළියට බැස්සේ හොඳට කාපු තරබාරු මිනිස්සු හතර දෙනෙක් . මම නම් මීට කලින් උන් හතර දෙනාව උපන්තේකට කවදාකවත් දැකලා නෑ .
"තොපි දෙන්නගේ හෙණට හැඟීම් ඇවිස්සෙනවා නේද ?”
"ඔයාලා කොහේද ? ඔයාල දන්නවද මේ ඉන්නේ කොහේද කියලා . ? නිකම් ප්රශ්න දාගන්න ඔන්නෑ නේ අයියා. පිට ගමකට ඇවිදිල්ලා කේස් දාගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න “
"ඇඩෝව් ! මට එක හූවකින් කොල්ලෝ සීයක් මෙතනට ගෙන්නන්න පුළුවන් .. !”
මලිත් උජාරුවෙන් එහෙම කීවේ අර තරබාරු මිනිස්සු හතර දෙනා බයේ පහුබැහැලා යාවි කියලා හිතලා වෙන්නැති .
මලිත් කීවේ බොරු ! මෙතන අපි ගිරිය කඩාගෙන හූ කිවුවත් එකෙක්වත් එන්නේ නෑ . අපි මෙතන හූ කීවොතින් අපේ ගමේ එවුන් නරි ඇවිදිල්ලාය කියලා හිතලා ගල් කැබලි මේ පැත්තට එවන්නත් බැරි නෑ .
"ආ එහෙමද.? එහෙන් උඹ හූ කියපං .!”
තරබාරු පුද්ගලයෙක් මලිත්ගේ බෙල්ලෙං අල්ලලා මුහුණට වේගවත් පාරක් එල්ල කළා . මම එතනට වේගයෙන් පැන්නේ මලිත්ව බේරගන්නයි . ඔන්න එතකොටම ලොකු ගුටි කෙළියක් ආරම්ඹ වුණා .
තරබාරු පුද්ගලයින් හතර දෙනෙකු විසින් අපිට තඩිබාපු පුවත මොහොතකින් ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් පැතිරිලා ගිහින් තිබුණා . සිරිපාල අයියලා , රොමියෙල් මාමලා , ලැම්බට් අයියලා ආදී ගමේ ගණංකාරයෝ හැම දෙනෙක්ම හතර වටින්ම වැටිලා තිබුණු බිං කලුවරත් නොතකා අතට අහුවුණු අවි ආවුදත් අරගෙන කාණ්ඩ හතරකට බෙදිලා ගමේ හැම ගහක් ගලක් ගානෙම පීරමින් තරබාරු මිනිසුන් හතර දෙනා සොයමින් හිටියා .
"උං පිට ගං කාරයෝ වගයක් උන්ට එහෙම මේ ගමේ වැඩ දාන්න දෙන්න බෑ"
මට නාදුනන පිරිසක් පහරදුන් වග මගේ ප්රියාවියට ආරංචි වෙලා තිබුණේ ඔන්න අතරෙයි . එයා නොනවත්වාම හඬා වැටෙන අතරේ මගේ මාමණ්ඩි දුම්මල වරම අතින් ගත් කට්ටඬියෙක් වාගේ පරල වෙලා යකඩ ඉන්නකුත් අරගෙන මට පහරදුන් උදවිය සොයමින් ගේ ඇතුළේ සිට ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරලා තිබුණා .
පැයක් පමණ දිගු දුර මෙයෙයුමකින් පස්සේ . උඩහ පාරේ කුමාරි නැන්දලාගේ ගෙදර වත්තේ ඉඳපු එක තරබාරු පුද්ගලයෙක්ව අපි දැක්කා . කාණ්ඩ හතරම එකවරම වත්තට කඩා වැදුණේ සතුරු බලකොටුවක් ආක්රමණය කරන්න සති ගාණක් බලාන උන්නු බල සේනාවක් වගේ .
"අනේ මයෙ ලොකු නැන්දගේ පුතාට ගහන්න එපෝ ..!”
පවු.! උන් මේ තරබාරු පුද්ගලයන්ගේ බිරින්දෑවරු වෙන්නැති . කුමාරි නැන්දගේ මූණ බලාගෙන දැන් ඉතින් මුන්ට ගහන්න බෑ .අලුත් අවුරුද්දේ මේ හැම දේම අමතක කරලා දාන එකයි නුවනට හුරු . මම එහෙම කියලා අපේ කට්ටියව ආපහු යන්න හරව ගත්තා . ඉතින් ඒ විදිහට අපි ආපහු හැරිලා ගියා නම් මේ මොහොත වෙනවිට බොහොමයක් දේ සාමාන්ය විදියට සිද්ධ වෙන්න තිබුණා . ඒත් මලිත් ආයෙත් උගේ හැකර කටේ හිරි ඇරගත්තා ..
"මෙච්චර දුර ඇවිල්ලත් අපි නිකං ගියොත් මුං හිතාවි අපි පොන්** කියලා . අඩෝව් අපි මුන්ට නෙලමූ !!”
මලිත් එහෙම කෑගැහුවාට පස්සේ කීප දෙනෙක් ආයෙමත් ආවේශ වුණා . එතන තත්වය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා .
එතනින් එහාට වෙච්ච දේ තමයි කථාවේ මුල් කොටසේ සඳහන් වෙලා තියෙන්නේ .
ඔවු අපි පොලීසියේ කූඩුවේ හිරවුණා !.
මම ආයෙමත් සිමෙන්ති බංකුවේ ඉඳගෙන කල්පනාවට වැටුණා . ගුටි කාපු එකා කූඩුවේ !, ගහපු එවුන් සතුටින් නිදැල්ලේ .
වෙලාව රෑ දහයයි හතළිස් පහට විතර ඇති . මම හිතන්නේ මට නින්ද යන්න ඇති . මොහොතකින් කූඩුවේ යකඩ කූරු වලට කෙනෙක් තට්ටු කරනවා දැනිලා මම උඩ ගිහින් ඇහැරුණා .
"සඳරු මල්ලී මේ මොකෝ මේ..? හද් දෙයියනේ . ! සිරිලෝ..!! සාජන් අතුල..!! කොල්ලනේ ඇරපියවු මේ කූඩුව. යකෝ මේ අපේ කොම්පීතර ඉන්ස්ට්රක්ටර් මලයා .. !!"
"මේ කූඩුව තියෙන්නේ බලු වැඩ කරන එවුන්ට මල්ලී. උඹ මොකටද මේක අස්සේ රිංගන වැඩ වලට සම්මාදම් වෙන්න ගියේ .? “
අයි පී ගුණතිලක මහත්තයා මගෙන් එහෙම අහද්දී මට දෙන්න උත්තරයක් ඒ මොහොතේ කල්පනාවට ආවේ නෑ ! . ඒත් මට හොඳටම වැටහුණා එතුමා මට හිමිහිට හින්ට් එකක් පාස් කල විත්තිය .
ජීවිතේ හැටි ඔහොමයි කියලා හිතාගෙන මම හිත හදාගත්තා. !
මෙම සිදුවීම විදෙස් සිත්තරා දුටු ආකාරය දැක බලා ගැනීමට මෙතනින් සයිබර් යායට හැරෙන්න ! | hplt_2 |
Who’s Afraid of Online Journalists? This was the provocative title of my presentation to a national media conference on media self-regulation in Colombo in September 2011, organised by Sri Lanka Press Institute. Speaking in the session devoted to online media, I argued that SLPI was ill-equipped to tackle online news content when it lacked even full representation of the mainstream print media in Sri Lanka, and had no representation whatsoever from the radio and TV broadcasters whose outreach far outstrips that of print.
My PowerPoint presentation to SLPI Conference is here
I return to the topic of whether or how web news coverage in Sri Lanka might be self-regulated in my weekly Ravaya column published on 27 Nov 2011.
නෙත් අද වූ පස් දෙනකු ජීවිතයේ මුල් වතාවට සද්දන්ත ඇතකු මුණගැසීමේ කථාව අප අසා තිඛෙනවා. ඇතාගේ ස්වරූපය නෙතින් නොදැක, ඇසෙන හ`ඩින් හා ස්පර්ශයෙන් පමණක් මේ සත්තවයා ගැන මනෝ චිත්රයක් මවා ගන්නට ඔවුන් තැත් කරනවා. එහෙත් තමන්ට ශෝචර වූ නිරීකෂණ මත පමණක් පදනම් වී මේ පස් දෙනා එළැඹෙන නිගමන එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.
ඉන්ටර්නෙට් මාධ්යය ගැන අපේ ඇතැම් දෙනා දක්වන අදහස් දෙස බලන විට මට මේ කථාව සිහි වනවා. ඉන්ටර්නෙට් ලෙහෙසියෙන් ග්රහණය කර ගත හැකි, අවබෝධ කර ගත හැකි සංසිද්ධියක් නොවෙයි. එය භෞතික ලෝකයේ නොව පරිගණක හා සන්නිවේදන ජාල තුළ පමණක් පවතින, තනිකර ම විද්යුත් මාධ්යයක් නිසා අපේ පංච ඉන්ද්රියන්ට ගෝචර වන්නේ ද සීමිත ලෙසින්. ඉන්ටර්නෙට් ගැන අප එකිනෙකා ඇති කර ගන්නා මනෝ චිත්ර වෙනස්. එයට හේතුව එහි විශාලත්වය හා විවිධත්වයයි. මුළු ඉන්ටර්නෙට් මාධ්ය පුරා සැරිසරන්නට කිසිවකුට බැහැ. එසේ කිරීමේ තේරුමක් ද නැහැ. අපට අවශ්ය තොරතුරු සොයා ගන්නට හා සන්නිවේදනයන්ගේ යෙදෙන්නට උවමනා පරිද්දෙන් අප එහි පැතිකඩ කිහිපයකට පමණක් බද්ධ වනවා.
මුද්රිත මාධ්ය ෙකෂත්රයේ බොහෝ අත්දැකීම් ඇති ජ්යෙෂ්ඨ මාධ්යවේදීන් මෙන්ම එම ෙකෂත්රය ගැන කලක් තිස්සේ පර්යේෂණ කරන විද්වතුන්ද නොදැනුවත්වම කරන වරදක් තිඛෙනවා. එනම් ඉන්ටර්නෙට් යනු තවත් එක් මාධ්ය අංගයක් ලෙස සැළකීමයි. මීට පෙර (2011 නොවැ 6) මා එය සම කළේ මුද්රණ ශිල්පය සමග මිස රේඩියෝ, ටෙලිවිෂන් හෝ සිනමාව සමග නොවේ.
මුද්රණයේ සංකල්පය ක්රි ව 220දී පුරාණ චීනයේත්, ක්රි.ව. හතරවන සියවසේදී පුරාණ ඊජිප්තුවේත් දැන සිටියත් එය මහා පිම්මක් පැන්නේ 15 වන සියවසේදී ජර්මනියේ යොහාන් ගුටන්බර්ග් අකුරු ඇමිනීමේ සංකල්පය සොයා ගැනීමත් සමගයි. ගුටන්බර්ග්ට පෙරත් පැපිරස් තීරු, පුස්කොළ හා වෙනත් මාධ්යයන්ගේ ලියා සන්නිවේදනය කිරීම පැවතුනා. ඒ කිසිවක් මුද්රිත පොතපතට සම කළ නොහැකි වූවාක් මෙන් පවතින අනෙකුත් ජනමාධ්ය ඉන්ටර්නෙට් සමග ඍජුව සැස`දීමට ද නොහැකියි.
කලක් භාවිත වූ හා බොහෝ දෙනකු හුරුපුරුදු වූ ක්රමයකින් අළුත් ක්රමයකට පිවිසීමේ දී හුදෙක් තාකෂණය අතින් පමණක් නොවෙයි මානසිකවත් හැඩ ගැසීමට සිදු වනවා. ඉන්ටර්නෙට් හරහා පැමිණි නව අවස්ථා හා අභියෝගයන්ට මුහුණ දීමට රාජ්යයන්, මාධ්යවේදීන් ඇතුළු ජන සමාජය තවමත් උත්සාහ කරනවා.
පත්තර හා සගරා පමණක් පැවති ලෝකයට 19 වන සියවසේදී ඡායාරූප ශිල්පය හා සිනමාවත්, 20 වන සියවසේදී රේඩියෝව, ටෙලිවිෂන් හා වීඩියෝ බ`දු මාධ්යත් එකතු වුණා. එසේ අළුතෙන් ආ හැම මාධ්යයකට ම ආවේණික ලකෂණ තිබුණත් ඒවා පවතින ප්රධාන ප්රවාහයේ මූලික නීතිරීති හා සම්ප්රදායන්ට කෙටි කලෙකින් නතු වුණා. මේ ඓතිහාසික ප්රවණතා දෙස බලා ඉන්ටර්නෙට් මාධ්යකරණයටත් සීමා පැන විය යුතු යයි ඔවුන් තර්ක කරනවා.
තර්කයක් හැටියට මා ඔවුන් සමග එකගයි. තොරතුරු, විශේෂයෙන් ප්රවෘත්ති එකතු කිරීමේ හා ඛෙදා හැරීමේදී මූලික සාදාචාරමය රාමුවක් තුළ එය කිරීම අවශ්යයි. එහෙත් මගේ එකගතාවය නතර වන්නේ පුවත් විග්රහයන් හා මත දැක්වීම ගැන කථා කරන විටයි.
තමන්ට අහිතකර වූ හෝ විරුද්ධ වූ හෝ මත දැක්වීම වාරණය කිරීමට විවිධාකාර බලපෑම් ප්රධාන ප්රවාහයේ මාධ්යයන්ට එල්ල කිරීමට රජයන්, ලොකු සමාගම් හා වෙනත් බලාධිකාරයන් ක්රියා කිරීම බොහෝ රටවල දැකිය හැකියි. මේ යථාර්ථය හමුවේ ර්ඇග බේරා ගෙන” වැඩ කිරීමේ ස්වයං-වාරණ පුවත්පත් කලාවක් (self-censored journalism) බිහිව තිඛෙනවා. එබදු වාතාවරණයක නිදහසේ මත දැක්වීමට ඉඩ ඇති තැනක් ලෙස තවම ඉතිරිව ඇත්තේ ඉන්ටර්නෙට් මාධ්යයයි.
එමෙන්ම ප්රධාන ප්රවාහයේ මුද්රිත හා විද්යුත් මාධ්යවල දැඩි සේ බල පවත්වන අධිපතිවාදයක් තිඛෙනවා. මාධ්ය හිමිකරුවා හා ආයතන ප්රධානියා නොකැමති කිසිදු තොරතුරක් හෝ මතවාදයක් හෝ පළ කිරීමේ නිදහස සීමා කැරෙනවා. මෙය දොරටුපාල සංකල්පයයි (media gate-keeping). මේ අධිපතිවාදීකම අපේ රටේ සිංහල මාධ්යවල ඉතා ප්රබලව තිඛෙනවා. (මීට විසි වසරකට පෙර සිංහල පුවත්පත් ලෝකයේ මා ක්රියාත්මක වූ අවධියේ මා ද එයින් පීඩා විද තිඛෙනවා!)
ඉන්ටර්නෙට් මාධ්යයේ දොරටුපාලයන් නැහැ. ඉන්ටර්නෙට් සබදතාවයක් හා සාකෂරතාවය තිඛෙන ඕනෑ ම කෙනකුට තම තොරතුරු, අදහස් හා මතවාදයන් ප්රකාශයට පත් කිරීමේ අවකාශය තිඛෙනවා. මෙය බ්ලොග් අඩවියකින්, නැතිනම් Twitter වැනි වෙබ් මාධ්ය (social media) හරහා කළ හැකියි. එය වචනවලට සීමා වන්නේ ද නැහැ. ඡායාරූප, හඩ, වීඩියෝ ආදී ඕනෑ ම ක්රමයකින් ලොවට ම සන්නිවේදනය කිරීමේ හැකියාව තිඛෙනවා.
මේ හැකියාව ඉන්ටර්නෙට් පරිශීලනය කරන බොහෝ දෙනකු භාවිත කරන්නේ නැහැ. බහුතරයකගේ භාවිතය විද්යුත් තැපෑල, තොරතුරු කියැවීම හා Facebook වැනි සංවෘත පද්ධතිවල ටික දෙනකු සමග පෞද්ගලික කථාබහ (chat) කිරීමට සීමා වනවා. එයින් ඔබ්බට යන ඉන්ටර්නෙට් භාවිතාකරුවන් පුරවැසි මාධ්යවේදීන් (citizen journalists) බවට පත්ව සිටිනවා. මේ ගැන වෙන ම කථා බහ කළ යුතුයි.
ඉන්ටර්නෙට් මාධ්යය සෙසු සියළු මාධ්යයන්ගෙන් වෙනස් බවට උපමිතියක් (analog) ගැන මා කල්පනා කළා. සරලව කිවහොත් මුද්රිත මාධ්ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්ය සාගරයටත් සම කළ හැකියි. ගොඩබිම කළ හැකි හැම දෙයක් ම සාගරය මතු පිට හෝ පතුලේ කළ නොහැකි වූවත් ඒ හැම තැනට ම ගුරුත්වය බල පානවා. මේ උපමිතිය තුළ ඉන්ටර්නෙට් සම වන්නේ අභ්යවකාශයටයි.
1961 දී මිනිසකු මුල්වරට අභ්යවකාශයට ගිය දා පටන් අද වනතුරු අභ්යවකාශයට යාමේ අත්දැකීම ලබා ඇත්තේ 600කට අඩු සංඛ්යාවක්. ගුරුත්වය අඩු හෝ නැති, වායුගෝලයකින් තොර අභ්යවකාශයේ හැසිරීමට හා ජීවත්වීමට විශේෂිත පුහුණුවක් අවශ්ය වනවා. උපන්දා සිට ගුරුත්වය සහිත මහපොළව මත විසීමෙන් ලද සහජ බුද්ධිය මදෙකට පසෙක ලා, වෙනස් විධියට සිතීමට සිදුවනවා. සයිබර් අවකාශයට පිවිසි අප සැමටත් මෙසේ අපට සහජයෙන් හෝ වෘත්තියෙන් ලද තත්ත්වාරෝපණය (conditioning) වෙනුවට අළුත් පරිසරයක නව යථාර්ථයකට හැඩ ගැසීමට සිදු වනවා.
අජටාකාශගාමීන් දිගු කාලීන පුහුණුවක් ලබනවා. එහෙත් පැය දෙක තුනකවත් පුහුණුවකින් තොරව සයිබර් අවකාශයට පිවිසිය හැකියි. එසේ පිවිසෙන අපේ ඇතැම් දෙනා භෞතික ලෝකයේ පුරුදු එතැනටත් ආරෝපණය කරන විට යම් නොගැලපීම් ඇති වනවා.
මේ පරස්පරයන් හා අභියෝග මැද්දෙන් ප්රශස්ත ඉන්ටර්නෙට් සාකෂරතාවයක් කාටත් ලබා දීම තොරතුරු සමාජයක අප කාගේත් ඉලක්කය විය යුතුයි. මෙය පරිගණකවේදීන්ට හා ඉංජිනේරුවන්ට පමණක් පැවරිය හැකි වගකීමක් නොවෙයි. මනා ඉන්ටර්නෙට් සංස්කෘතියක් බිහි කිරීමට තාකෂණවේදයෙන් ඔබ්බට යන බහුවිධ සහභාගිත්වයක් උවමනායි.
ඉන්ටර්නෙට් හරහා පමණක් පුවත් ආවරණයේ හා විග්රහයේ යෙදෙන වෙබ් අඩවිවලට ස්වයං නියාමනයක් (self-regulation) කළ හැකිද? 2011 සැප්තැම්බරයේ ලංකා පුවත්පත් ආයතනය (SLPI) සංවිධානය කළ තෙදින සම්මන්ත්රණයක එක් සැසිවාරයක් මේ තේමාවට වෙන් කළා. එයට දුරකථනයෙන් සම්බන්ධ වූ බ්රිතාන්ය මාධ්යවේදියකු කීවේ බ්රිතාන්යයේ එබදු උත්සාහයක් කි්රයාත්මක වන බවයි. එහෙත් එය එරට සාම්ප්රදායික පුවත්පත් පැමිණිලි කොමිසම (PCC-UK) හරහා නොව වෙබ් මාධ්යවේදීන් විසින් ම පිහිටුවා ගත් එකමුතුවක් හරහායි. වෙබ් අඩවියක් හරහා පළ කැරෙන වාර්තාවකින් යම් පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ අපහාසයක් වේ නම් ඒ ගැන ප්රතිචාර දැක්වීමේ හා පැමිණිලි කිරීමේ අවස්ථාව ඒ හරහා සැළසෙනවා.
SLPI තර්කය නම් සියලූ මාධ්ය තමන්ගේ හැසිරීම සදාචාරමය රාමුවක් තුළ ස්වයං නියාමනය නොකළහොත් එය රජය හෝ අධිකරණය හෝ මැදිහත්වීමෙන් සිදු වනු ඇති බවයි. එය පිළි ගත හැකි තර්කයක්. නමුත් මාධ්ය නියාමනය (media regulation) හා මාධ්ය පාලනය (media control) යනු පැහැදිලිව එකිනෙකින් වෙනස් සංකල්ප දෙකක්. නියාමනය අවශ්ය බව කවුරුත් පිළිගන්නවා. එහෙත් මාධ්ය පාලනය හා එහි උච්ච අවස්ථාව වන මාධ්ය වාරණය (censorship) ගැන එබදු එකගතාවක් නැහැ. බලයේ සිටින විට මාධ්ය පාලනය කළ යුතු යයි කියන අය ම ප්රතිපකෂයේ සිටින විට එයට එරෙහි වනවා.
එදා සමුළුවේදී මා කියා සිටියේ මෙරට ජන සමාජයට දැනටමත් සමීප වී ඇති රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්යවල සදාචාරාත්මක ස්වයං නියාමනයකට මුල් වටයේ යොමු වන ලෙසයි. ජනගහනයෙන් සියයට 10-15ක් බද්ධ වන ඉන්ටර්නෙට් මාධ්යයට වඩා විශාල ග්රාහක පිරිසක් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවලට සිටිනවා. නමුත් එකී නාලිකාවකින් අපහාසයට හෝ අගතියට හෝ පත් කිසිවකුට පිළිතුරුදීමේ අයිතිය සහතික කෙරී නැහැ. රටේ නීතිය හරහා අපහාස නඩුවක් ගොනු කිරීම හැරුණු කොට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කොට යම් සමතයක් (mediation) කළ හැකි විද්යුත් මාධය එකමුතුවක් ද මෙරට නැහැ. එපමණක් තබා මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා නියාමනයට රාජ්යයෙන් පවා පැහැදිලි රාමුවක් නැහැ. මේ මහා හිදැස් පුරවා නොගෙන එක්වර ම වෙබ් ප්රවෘත්ති නියාමනයට යොමුවීමට SLPI ආයතනයට හෝ මෙරට ප්රධාන ප්රවාහයේ මාධ්ය ආයතනවලට හැකියාවක්, පළපුරුද්දක් හෝ ශිල්ප ඥානයක් නැති බව පිළි ගත යුතුයි.
ලංකාවේ සියළුම මුද්රිත මාධ්යවල පවා පූර්ණ නියෝජනයක් නැති SLPI ආයතනයට, විද්යුත් මාධ්ය ගැන නිසි අවබෝධයක් නැහැ. සමස්ත මාධ්ය වෙනුවෙන් කථා කිරීමේ වරමක් ද නැහැ. බ්රිතාන්යයේ පවා සෙසු මාධ්යවලට වෙනස් සංවිධාන ව්යුහයක් හරහා වෙබ් ප්රවෘත්ති ස්වයං නියාමනය කැරෙද්දී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම මෙරට එයට අත තැබීමට කල් වැඩි බව මා සමුළුවේදී කියා සිටියා.
ලංකාවේ සැබෑ තත්ත්වය දත් අපට, පොදු උන්නතිය සදහා වෙබ් ප්රවෘත්ති ද නියාමනය කළ යුතු යයි මතු කරන තර්කය ගෙඩි පිටින් පිළි ගත නොහැකියි. “ලබ්බට තැබූ අතමයි පුහුලටත් තබන්නේ” යන කියමන සිහිපත් කරමින් කිව යුත්තේ පොදු උන්නතිය ඉක්මවා යන බොහෝ දේත් ඒ සමග ම නියාමනයට හා පාලනයට උත්සාහ කැරෙන බවයි. එයට මෑත ඉතිහාසයේ සාකෂි හා අත්දැකීම් බහුලයි.
ඉන්ටර්නෙට් ප්රවෘත්ති නියාමනය ගැන නිරවුල් හා මැදහත් සංවාදයක් අවශ්යයි. ගොඩබිම සිට පිහිනීම ගැන හා කිමිදීම ගැන කථා කිරීම ප්රායෝගික නොවන්නා සේ ම මිහිමත සිටගෙන අභ්යවකාශයේ හැසිරීම නියාමනය කරන්නට තැත් කිරීමත් සීරුවෙන් කළ යුත්තක්! | hplt_2 |
හැඳින්වීම
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්රියාකාරී වැඩසටහන සකස් කිරීම, අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීම සහ දෙපාර්තමේන්තුවේ සැලසුම් හා ක්රියාකාරකම් පිළිබඳව අමාත්යාංශය / දෙපාර්තමේන්තුව / අනෙකුත් බාහිර ආයතන හා මහජනතාව දැනුවත් කිරීම.
කාර්යභාරය
- ව්යාපෘති යෝජනා ලබා ගෙන වාර්ෂික ක්රියාකාරී සැලැස්ම සකස් කිරීම.
- ව්යාපෘති යෝජනා අනුමත කිරීම / වැය සටහන් කිරීම සහ ව්යාපෘති ක්රියාත්මක කරන අංශ ප්රධානීන් / පළාත් ප්රධානින් වෙත ලබා දිම.
- ව්යාපෘති පසු විපරම් කිරීම හා ව්යාපෘතිවල අන්තර්කාලීන ප්රගති වාර්තා ලබා ගැනීම.
- ව්යාපෘති නිම වීමෙන් පසු ව්යෘපාති මූලික වාර්තා Preliminary Report අදාළ පලාත් ප්රධානීන්ගෙන් සහ අංශ ප්රධානීන්ගෙන් ලබා ගැනීම.
- අවසාන ව්යෘපති වාර්තා (ශාස්ත්රීය වාර්තා Aili Report පළාත් ප්රධානීන්ගෙන් සහ අංශ ප්රධානීන්ගෙන් ලබාගැනීම.
- දෙපාර්තමේන්තු ව්යාපෘති පිළිබඳ ව ඉල්ලනු ලබන තොරතුරු අමාත්යාංශ / බාහිර ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදීම.
- පුරාවිද්යා උපදේශ මණ්ඩලයේ රැස්වීම් / මාණ්ඩලික නිලධාරී රැස්වීම් / ප්රධාන කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී රැස්වීම් සහ අනෙකුත් සියලු ම ආකාරයේ ප්රගති සමාලෝචන රැස්වීම් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
- නිලධාරී ගණයේ සියලූ ම අයගෙන් මාසික ප්රගති වාර්තා පළාත් සහ අංශ ප්රධානීන් විසින් රැස්කල පසුව සියලු ම ප්රගති වාර්තා නිසි පරිදි ලබාදුන් අයගේ විස්තර සැලසුම් අංශයට ලබා ගැනීම (අදාල ආකෘතියට අනුව)
ඉටු කරනු ලබන සේවාව
දෙපාර්තමේන්තුවේ එක් එක් අංශවලින් සිදුකරනු ලබන සේවාවන් හා එහි ප්රගතිය සම්බන්ධ යාවත්කාලීන තොරතුරු මාසිකව / ත්රෛමාසිකව / වාර්ෂිකව දෙපාර්තමේන්තුවට හා අමාත්යාංශයට වාර්තා කිරීම.
අමාත්යාංශය / දෙපාර්තමේන්තු අංශ / ප්රාදේශීය කාර්යාල හා අවශ්ය අවස්ථාවන්හි දී බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම. | hplt_2 |
Wednesday, September 26, 2012
දොස්තර දෙවිවරු...
ඉස්කෝලේ නිවාඩු නිසා ගෙදර ඉක්කොමලා ට්රිප් එකක් යන්න හිතාගෙන හිටියේ.
සෙල්ලං ගෙවල් දාන්න..බීච් යන්න වැඩ ගොඩක් තියෙනවනේ පොඩි උන් එක්ක කරන්න.
අපේ රාජ් ටත් කෝල් කරා ලංකාවට ගියපු ගමන් එන්නං පොත් ටිකකුත් අරගෙන කියලා.
සති තුනයි නිවාඩුව තිබුනේ.
අන්තිම සතියේ ඔක්කොම වැඩ ටික දාගෙන මුල් සති දෙකේ පොඩි උන් දෙන්නා එක්ක සෙල්ලං කර කර හිටියා..
ඉස්කෝලෙත් පටන් ගන්න ලඟ නිසා ලඟ පාත කොහේ හරි ට්රිප් එකක් ගිහිල්ලා එන්න හිතං ඉන්නකොට යාළුවෝ වගයක් සෙට් වෙලා පොඩි උන් එක්ක කැළනියේ වෝට වල්ඩ් එක බලන්න යන්න.
උන් එක්කම ගියා දවසම ඇවිදලා ගෙදර ආවා..
ඊලඟ දවසේ තව යාළුවෙක්ගේ ගෙදර පොඩි පාටියක්.
නිවුන් දරු දෙන්නෙක් හම්බෙලා හිතවත්ම යාළුවෙක්ට.
ඒ දෙන්නගේ උපන්දින පාටිය.නොගිහිල්ලම බැරි නිසා කට්ටියම ගියා රෑ කෑමට...
ඔක්කොම පොඩි හිටියෝ නිසා පොඩි අයගේ කෑම තමයි තිබුනේ..
වැඩිහිටියොත් සැර බීම මොකුත් නෑ බත් එහෙම කාලා රෑ 10-11 වෙනකොට කට්ටියම විසිරුනා...
ඊලඟ දවසේ උදේ පොඩිම දුවට බඩේ අමාරුවක් වගේ..ඇඟට හරි නෑ කිව්වා..
වයස අවුරුදු 3,
ලොකු එක්කෙනාට අවුරුදු 9.
උදෙන්ම ගිහිල්ලා දෙන්නටම බේත් ගෙනාවා...
හවස් වෙනකොටත් අඩු නෑ...
ආයිත් ගියා ඩොක්ටර් ලඟට...
බයවෙන්න එපා කියලා බේත් දීලා එව්වා..
රෑට කාලා නිදාගත්තට දෙන්නටම උණ නිසා අපි සෙවිල්ලෙන් හිටියේ....
11ට වගේ පොඩි එක්කෙනා වමනේ දාන්න ගත්තා ආයිමත්.
ටික වෙලාවක් යනකොට ඇඟ ඔක්කොම කහ පාට වෙලා තොල් එහෙම වේලිලා..
අපිට තේරුනා අමාරුයි වගේ...
එහා ගෙදර නැන්දට කාථා කරාම කිව්වා ඉක්මනට යමු ඉස්පිරිතාලෙට කියලා..
විනාඩි 10ට මම පොඩි එක්කෙනා අරගෙන පානදුරේ ඉස්පිරිතාලෙට ගියා.
ගියපු ගමන් ළමා වාට්ටුවට ඇඩ්මිට් කරා...
දෙයියෙක් වගේ හිටපු දොස්තර මහත්තා මුලින්ම බැන්නා ඇයි මෙච්චර වෙලා තියාගෙන හිටියේ තව පැයක් පරක්කු උනානං වැඩක් නෑ කියලා...
ඒ වෙනකොටත් කෑම විස වෙච්ච විෂබීජය නිසා වමනේ , බඩ එළිය එක්ක ඇඟේ ශක්තිය ඔක්කොම ගිහිල්ලා වේලිලා කිව්වා..
සේලයින් ගහන්න නහරයක්වත් පේන්නේ නෑ...
බොහොම අමාරුවෙන් කරුනාවන්ත නර්ස් නෝනලා දෙන්නෙකුත් එකතුවෙලා සේලයින් එකක් ගහලා බේත් ටික දුන්නා වෙලාවට...
ලොකු එක්කෙනත් වමනේ දානවා කියලා වයිෆ්ගේ අම්මා කෝල් කරා ඒ අතරෙම...
මම දුවලා ගිහිල්ලා එයාවත් අරගෙන ඇවිල්ලා ඒ වාට්ටුවෙම නතර කරා..
සතියක් තිස්සේ සේලයින්, ජීවනී එක්ක තව තව බේත් දීලා දෙන්නව හොඳ කරගත්තා...
ආපු දවසේ ඉඳලා ඒ වාට්ටුව බාරව හිටපු දොස්තර නෝනයි මහත්තයයි ළමා වාට්ටුවෙ හැම තැනම ඇවිද ඇවිද ළමයින්ගේ දුක සැප බල බල බෙහෙත් කරේ රෑ දවාලක් නැතුව...
බ්රහස්පතින්දා මට යන්න ටිකට් එක එවලා තිබ්බා කොම්පැනියෙන්...
මැනේජරයට මේල් ගහලා යන්තන් ඉරිදා වෙනකන් නිවාඩුව දික් කර ගත්තා...
සෙනසුරාදා පොඩි දෙන්නවම ටිකට් කපලා ගෙදර ගෙනාවා...
අපි එන වෙලාවෙත් දොස්තර මහත්තයා කිව්වේ ආපු හැටියට මෙහෙම යන්නේ පුදුම වෙලාවක් කියලා..
ගොඩක්ම ෆ්රයිඩ් රයිස් රෑ වෙනකං තිබුනම ඒවට දාන සෝස්,ඔයිල් එක්ක හැදෙනවලු විෂබීජයක්.
ඒකලු ගොඩක් පොඩි ළමයින්ට හැදෙන්නේ..
ඒක දරුනුම විදියට තමයි අපේ දෙන්නට හැදිලා තියෙන්නේ...
බෙහෙත් වලින් දොස්තර මහත්තුරුන්ගේ නර්ස් නෝනලගේ කරුනාවෙන් ඉක්මනටම අපි සනීප කරගත්තා...
රාජ් උඹ තරහා නෑ නේද එන්න බැරි උනාට..
මම ඉරිදා රෑ ආවා මචං...
නිවාඩුව හීනෙකින්වත් හිතපු නැති විදියට උවර උනා...
තාමත් හරියට නින්දක් නෑ සැරින් සැරේ ඇහැරෙනවා එදා ඉස්පිරිතාලෙට ගියපු හැටි මතක් වෙලා...
මේ ලිපිය පානදුර මූලික රෝහලේ 5, ළමා වාට්ටුවේ සැම දෙනාටම උපාහරයක් වේවා....
53 comments:
ඔව්... වර්ජනය කරනකොට ජනතාව දොස්තර මහත්තුරුන්ට නෝනලට හෙද හෙදියන්ට බැන්නට එයාලා කරන සේවයට මුදල් ගෙවලා මදි... වැඩ කරන්න වෙලාවක් කලාවක් නෑ නේ... මුලු ජීවිතේම අනුන්ගේ ජීවිත බේරන්නනේ කැප කරන්නේ...ReplyDeleteReplies
ඒ කරන කැපකිරීම පඩිය නිසා කරන දෙයක් නෙමෙයි තමන්ගෙම ලමයින්ට සලකනවා වගේ සලකන්නේ...පුදුම හිතුනා...Delete
මේවගේ දොස්තරලා අදහන්න වටිනවා. ලෙඩ්ඩුන්ට තමන්ගේම අය වගේ සලකාගෙන බෙහෙත් කරන අය ඉස්පිරිතාල වල අද හරි අඩුයි. දැන් ඉන්නේ ඇඟේ හැප්පුනත් ස්ට්රයික් කරන, ළමයින්ගේ ඇඟිලි කපන, වැරදි බෙහෙත් දෙන ඩොක්ටර්ලා නර්ස්ලා.ReplyDeleteReplies
මෙහෙම අයත් ඉන්නවා කියන්න මේ ලිව්වේ...නම ගන නං අහගන්න බැරි උනා, ලබන නිවාඩුවට ගිහිල්ලා විස්තර දැනගන්න ඕනේ...Delete
උඹ එක සැරයක් නිවාඩු ගිහින් මේ ලඟදි නේද ආවෙ ? ආයෙත් ගියාද ?ReplyDelete
සමහර දොස්තරල නම් දෙවිවරුම තමා.. ඒත් සමහරු.. සල්ලි නොදැක්කොත් මැරුනත් හැරිලා බලන්නෑ..Replies
අගෝස්තු ගියේ මචං. ඊට ඉස්සෙල්ලා අප්රේල් ගිහිල්ලා ආවා..Delete
සමහර දොස්තරලා එහෙම උනාට මේ කට්ටියනං දෙවිවරු වගේ පිහිට උනා මචං...
දෙවිවරු වගේ දොස්තරලාත් ඉන්නවා. ඒ අතර හොරුත් නැතුවම නෙමේ. :)ReplyDeleteReplies
දොස්තරලා දෙවිවරු නෙවෙයි.100න් 95ක් හොඳ කරොත් 5ක් හොඳ කරන්න බැරිවෙනවා මොකක් හරි හේතුවකට.හැබැයි මිනිස්සු මතක් කරන්නේ ඉතුරු 5 ගැන විතරයි.මං දැක්කා ලඟදි 'මක බෑවිලා යන්න ඕන' 'හෙන ගහන්න ඕන' කිය කිය මිනිස්සු බැනලා තිබ්බා කොහේ හරි.සමහරවිට ලක්ෂ ගානක් ඒ මනුස්සයා හොඳ කරන්න ඇති.ඔය මිනිහගේ අතින් වෙච්ච පලවෙනි වැරැද්ද වෙන්න ඇති.හැබැයි මිනිස්සුන්ට අර දාස් ගානම අමතකයි.අර එක මතකයි.වෛද්යවරු දෙවිවරු නෙවෙයි.සාමාන්ය මිනිස්සු! කවමදාවත් මොන සල්ලි වලට කෑදරකම් තිබ්බත් මිනිහෙක්ට මැරෙන්න දීලා බලන් ඉන්නේ නෑ!ReplyDeleteReplies
අපි දෙයියෙක් කියන්නේ අර පංසලේ බුදු මැදුරේ බුදු හාමුදුරුවෝ වටේ ඉන්න දිව්ය සලු පිලි ඇඳ ගත්ත අහසින් යන අයට විතරක්ම නෙමෙයි, සාමාන්ය බාසාවෙන් උතුම් ගුණ ධර්ම තියෙන මනුස්සයෙක් කියන අදහසයි මෙතන මම කිව්වේ...Delete
නැහැ මං මෙතනදි දෙවිවරු නෙවී කියන්න උත්සහ කලේ දොස්තරවරුන්ට උනත් 100%ක් මිනිසුන්ව ගොඩගන්න බැහැ කියන අර්ථය සලකලා.(100%ක් ගොඩගන්න පුලුවන් නම් ඔහු දෙවියෙක් විය යුතුයි කියන මතයේ ඉඳන්) අපේ මිනිස්සු හිතන් ඉන්නෙ දොස්තරලා දෙවිවරු කියලා ( යන හැමෝවම හොඳ කරලා එවන්න ඕන කියලා)Delete
දොස්තර වරු වගේම අනිත් සේවාවන් වලටත් අපි බැන්නාට ඒවත් මේ වගේම තමා.ReplyDelete
කනගාටුයි වෙච්ච දේට . පොඩි දෙන්න සනීපෙන් නම් එච්චරයි .සැහෙන්න බය වෙන්න ඇති . අඩු පාඩු තිබුනත් දොස්තරලා නැත්නම් ඉතින් කා ගාවට යන්නද . පොඩි අයට ලෙඩක් හැදුනම ඉතින් අපි කොයිතරම් බය වෙනවද .ReplyDeleteReplies
ඔව් අප්පා බය උනා නොසෑහෙන්න..දැං නං හොඳයි..තාම කෑමෙන් පරිස්සං කරනවා.....නොහිතපු විදියට නිවාඩුව ගෙවිලා ගියා.....ආයිමත් අප්රේල් අවුරුද්දට තමයි යන්න වෙන්නේ....Delete
ලෙඩෙක් ගියාම තමන්ගේ කෙනෙක් කියලා සලකන ගොඩක් දොස්තර මහත්තුරු ඉන්නවා. ඒ අතර තවත් කට්ටියක් ඉන්නවා. ඒ අය හිතන්නෙ තවත් එක ලෙඩෙක් (කස්ටමර් කෙනෙක්) විතරයි කියලා. අන්න උන් හින්දා අර 95%ක්ම හොඳ අය කරන සේවය යට යනවා.ReplyDelete
ස්ට්රයික් ගත්තත් එහෙමයි. මිනිස්සු පීඩාවට පත් කරන්න ගොඩක් අය අකමැති උනත්, පාට කන්නාඩි දාගත්තු අනිකට හෙන ගැහුවත් තමන්ට හරියනවනම් කියලා හිතාගත්තු කීප දෙනෙක්ගේ උවමනා වලට දෙවි වරුන්ගේ සේවය යට ගිහින්.
දැන් පොඩ්ඩෝ දෙන්නා ආයෙත් සද්දෙ දාගෙන ගේ දෙවනත් කරනවද?Replies
ඔව් ඔව් දැං ආයිත් පුරුදු සද්දේ පටං අරං ලු.....Delete
පැටව් දෙන්නට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතනවා ...!ReplyDelete
දෝස්තරලා, දොස්තර නෝනලා වැඩි දෙනෙක් දෙවිවරුම තමයි, මලේ. ඒ අතරේ බෙහෙත් ගන්න එන කෙල්ලො දූෂණය කරලා හතරවෙනි තට්ටුවෙන් එලියට විසි කරන්න පුලුවන් යක්කු එකෙක් දෙන්නෙකුටත් දොස්තර සහතිකේ ලැබිලා තියෙන්න පුලුවන්.Replies
ඒ වගේ එකෙක් දෙන්නෙක් නිසා හැමෝම ගැන බලන්නේ වපර ඇහින්..දැං නං දෙන්නටම සනීපයි.....Delete
සත්තු වගේ මිනිස්සු අතරේ හිත හොඳ දෙවිවරුත් ඉන්නවා...ReplyDeleteReplies
බොහෝම අඩුයි දැං මනුස්සකම් තියෙන අය දකින්න....Delete
දරුවෙකුට අසනීපයක් උනාම අනිත් හැම දේටම වඩා වැදගත් වෙන්නේ දරුවාව සුව කර ගැනීමනෙ. කොහොම හරි පරක්කු නොකර ඉස්පිරිතාලයේ අරන් ගිය එක හොඳයි. අර රාජ් කියන යාළුවා තරහා වෙන එකක් නෑ නාවට. දරුවගෙ අසනීපය නිසා.ReplyDelete
ඉඳලා ඉඳලා දරුමල්ලෝ ලඟට ගියාම ආපහු එන්න හිතෙනවද අප්පා ??Replies
නෑ නෑ රාජ් තරහා නෑ...ගෙදර ගියාම නිවාඩු ඉවර වෙලා එනකොට තමයි දුක වැඩි...මාස 6න් 6ට යන එන නිසා තරමක් දුක අඩුයි....Delete
දොස්තරලා සහ නර්ස්ලා බහුතරයක් මේ වගේ හොඳ අය.. අතරින් පතර ඉන්න නරක අය නිසා හොඳ අයගේ හොඳ වත් ඇගයීමක් කරන්නෙ නෑ..ReplyDeleteReplies
ඇත්ත....මුලින්ම ගිය ගමන්ම මටත් හිතුනේ එහෙමයි..පස්සේ ඒ අය කරපු සේවය දැකලා පැහැදුනා...Delete
උබ කරපු ලොකුම වරද...ReplyDelete
//පොඩි උන් එක්ක කැළනියේ වෝට වල්ඩ් එක බලන්න යන්න.//
ඇයි බං මට නොකීවේ.. කෑම බීම අපෙ ගෙදරින් සෙට් කරනවනේ..Replies
උඹව මතක් උනා..කරදර කරන්න හිතුවේ නෑ මචං....20 විතර ආවා කස්ටිය...Delete
දොස්තර මහත්වරු ගොඩාක් හොදයි,ඇත්තටම දෙයියෝ වගේ අය ගොඩාක් ඉන්නවා.ඒ අතරේ යක්කු වගේ අයත් ඉන්නවා.දොස්තර නෝනලා ගැන නම් මගේ එච්චර හොද පැහැදීමක් නෑ,හැබැයි හොද අය නෑ කියලා කියන්නෙත් නෑ :)ReplyDeleteReplies
මෙතනනං හැමෝම එක වගේ....හරියට මහන්සි වෙනවා පොඩි ළමයි වෙනුවෙන්....Delete
අම්මෝ ඒක තමයි මෙයා පේන්න නොහිටියේ මේ දවස්වල. දොස්තරලගේ උදව්වෙන් පොඩි අය සනීප උන එකනම් ලොකු දෙයක්. ඔහොම හොඳ දොස්තරලත් ඉන්නවා තමා.ReplyDeleteReplies
ගිය අප්රේල් වලත් නිවාඩු නිසා මේ පාර හම්බුනේ සති3 , මාර ඉක්මනටම ගෙවිලා ගියා..මේ කරදරත් එක්ක දුකෙන් ආයි ආවේ...ලබන අප්රේල් වෙනකං ඉන්න වෙනවා....Delete
ලෝකයේ අනිත් රටවල් වල වගේ නෙමෙයි අපේ රටේ දොස්තරලා කියන්නේ දෙවිවරු වගේ තමයි!ඒ තියෙන ගෞරවයත් ලෙඩකට බෙහෙත් කිරීමේදී ගොඩක් වැදගත්!ReplyDelete
හැමදේම හොඳින් විසඳුන ඒක ගැන ගොඩක් සතුටුයි!ඒක තමයි පහුගීය කාලේ පේන්නේ හිටියේ නැත්තේ!Replies
ඔව් අප්පා පහුගිය සති 3 - 4 ම මේ වැඩ එක්ක පේන්න නැතුව හිටියේ....Delete
හුට්ටපරේ අදයි බං බ්ලොග් එක දැක්කේ සමාවෙයන් කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට පිස්සු කෙලින්න එපා බං මං මොකටද තරහා වෙන්නේ යකෝ ඔක්කොටම වැඩිය ලොකුයි දරුවෝ...අනිත් මොනදේ කරන්නත් කලින් දරුවෝ ගැන බලන්න ඔනි දෙයියන්නේ පිහිටෙන් දැන් දෙන්නම සුවෙන්නේ නේද ජයReplyDeleteReplies
වෙලා තියෙන දේවල් ගැන කනගාටුයි, පැටව් දෙන්න දැන් හොදින් ඉන්නවා නේද?ReplyDeleteReplies
දැං දෙයියනේ කියලා හොඳයි.....ස්තූතියි මේ පැත්තේ ආවට...Delete
රජයේ රෝහල් ගැන මටත් හොද අත්දැකීමක් තියෙනව.ReplyDelete
ඇත්තටම ඔවුන් දෙවිවරු තමයි.අනිත් නිවාඩුවේදී තලබලයක් වෙන්නැතුව සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියල ප්රාර්ථනා කරනව.Replies
ඒකතමයි අනික් නිවාඩුවේ කලබලයක් නැතුව ඉන්න කියලා මමත් ප්රාර්ථනා කරන්නේ..ලෙඩ දුක් කියලා එන්නේ නෑ නේ...ඉතින් සංතෝසයි මේ පැත්තේ ආවට...Delete
දොස්තරවරු කියන්නේ අපේ ජීවිත වලට ආලෝකය ගේන දෙවිවරු..ඉපදුන මොහොතේ ඉදන් මිය යන තුරාවට ඔවුන්ගෙන් ලැබෙන සේවාව මිල මුදල් වලින් නිමකරන්න බෑ..මගේ හාර්ට් එකේ ඇතිවුන ව්යාකුල තත්වයක් හින්දා මාත් මීට අවුරුදු කිපයකට කලින් මානසිකව සෑහෙන්න වැටිලා හිටියා..දොස්තරවරු නොවන්නට මම ඒ ගැන හිතලම ලෙඩ වෙලා...පොඩි අය ඉක්මනින් සුවපත් උන එක ගැන සතුටුයි..ReplyDeleteReplies
ටික දෙනෙක් කරන නරක වැඩ නිසා මේ හැමෝ ගැනම හිතෙන්නේ වැරදියට...Delete
ඔය කොහොම කිව්වත් පොඩ්ඩක් ඇත්නම් දොස්තර සංහතියටම සාප කරලනේ නතර වෙන්නේ සමහර අය. අපේ අයියා වැඩ කරන ඉස්පිරිතාලේ ගෑනු කෙනෙක්ට බබෙක් හම්බ වෙන්න ඉදලා. කොහොමහරි හෙන ගේමක් දීල ලමයව බේරගන්න බැරිවෙලා. කොහොමහරි ගෑනු එක්කෙනාව බෙර අරගෙන. අන්තිමට එයා කිව්වේ මොකක්ද? හවස කිව්වලු ලේ යනවා කියලා දොස්තර බැලුවේ නැතිලු. තව පොඩ්ඩෙන් අයියට හිරේ යන්නත් වෙනවා. වෙලාවට නර්ස් නෝනලා දෙන්නෙක් හවස බලල තිබුනා.අයියත් බලල. ඒ වෙලාවේ අව්ලක් තිබිල නෑ. නර්ස් නෝනලා දෙන්නගේ කට උත්තරේ හින්ද යන්තම් බේරුනේ. ඔන්න ඔහොම තමයි සමහරු. :(ReplyDeleteReplies
දෙයියෝ හරි හොඳ දෙයක් කරනකං විතරයි නේ අපේ මිනිසුන්ට..පොඩ්ඩ වැරදිච්ච ගමන් දෙයිය යකා වෙනවා.....Delete
නරක මිනිසුන් අතර හොඳ මිනිසුන්ද කොහේ හෝ සිටී..ReplyDelete
හිපොක්රටිස්ට දැකලා සතුටු වෙන්න පුලුවන් මට්ටමේ දොස්තරලා නැත්තේද නොවේReplyDeleteReplies
ඉන්නවා තාම ටික දෙනෙක්....Delete
දැන් දෙන්නම සනීපෙන් නේද අයියා... ළමයෙක්ට අසනීපයක් හැදුනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කොච්චර වද වෙනවද කියන එක , අපේ අම්ම මට හෙම්බිරිස්සාවක් හැදුනම කරන සාත්තු සප්පායම් වලින් මම තාමත් අත් විඳිනවා....ReplyDeleteReplies
දැන් නං ඉන්නවලු පුරුදු විදියට...ගෙදර ගෙනැල්ලා ඊලඟ දවසෙම මම ආවනේ....Delete
පොස්ට් එක කියවද්දී ගොඩාක් පරක්කු වෙලා. දැන් දෙන්න වෙනද වගේම දඟල දඟල ඉස්කෝලේ යනවා ඇති නේ..ReplyDelete | hplt_2 |
මයික්රොසොෆ්ට් එක්සෙල්
MS Excel හෝ MicroSoft Excel හෝ MicroSoft Office Excel යනුවෙන් හැඳින්වෙන්නේ MicroSoft ආයතනය විසින් Windows හා Mac OS X යන Operating System සඳහා නිපද වූ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයයි. මෙය MicroSoft Office යන මෘදුකාංග කට්ටලයට අයත් සාමාජිකයෙකි.
[සංස්කරණය] ඉතිහාසය
MicroSoft ආයතනය විසින් 1982 දී Multiplan නමින් පැතුරුම්පතක් හඳුන්වා දුන් අතර එය CP/M නම් Operating System එක මත වැඩ කරන පැතුරුම්පත් අතර ඉහළම තැනක් හිමි කර ගති. එහෙත් DOS මත දී Lotus 1-2-3 වලට මුල් තැන දී පසු බසින්නට සිදු විය. MicroSoft ආයතනය 1985 දී Mac පරිගණකය සඳහා ඔවුන්ගේ පළමු MicroSoft Excel Version එක ඉදිරිපත් කළ අතර 1987 නොවැම්බරයේදී MicroSoft Excel 2.05 නමින් Windows සඳහා Version එකක් ඉදිරිපත් කළහ.
1988 වන විට Lotus 1-2-3 පරදා ඉදිරියට ආ MicroSoft Excel , මේ නිසාම MicroSoft ආයතනයට වෙළඳපොළෙහි ඉහළම තැන හිමි කර දීමට හැකි විය. සෑම වසර දෙකකට පමණ වරක් අළුත් Version එකක් ඉදිරිපත් කිරීමට හැකි වූ නිසාත් Lotus 1-2-3 වලට Windows සඳහා Version එකක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයක් ගත වූ නිසාත් වෙළපොළෙහි කිරුළු පැළැඳීමට මේ නිසා MicroSoft ආයතනයට හැකි විය.
[සංස්කරණය] සැලැස්ම හා ප්රමාණය
VisiCalc මෙන්ම, MicroSoft Excel තීරු හා පේළි රාශියකින් සැදි කොටුරූල් කොළයක් වූ අතර එබඳු කොළ රාශියක් ද පැවතීම අපූරු අත්දැකීමක් විය. එසේම මේ ඕනෑම කොටුවකට (Cell) අගයක් (Value) , පෙළක් (Text) සමීකරණය ක් (Equation) හෝ Excel වල දී ඇති ශ්රිතයක් (Function) ඇතුළු කළ හැකි විය.
එසේම සමීකරණයක් හෝ ශ්රිතයක් == ලකුණින් ඇරඹිය යුතු විය. අගයක් හඳුනා ගනු ලැබුවේ එය පිළි ගත හැකි අගයක් නිරූපනය කරන්නේ නම් වූ අතර එසේ නොවන ඕනෑම දෙයක් පෙළක් ලෙස හැඳුනා ගනු ලැබීය. පෙළක් ඇරඹීම සඳහා විශේෂ ලකුණක් නොමැති වීම ද විශේෂ ලක්ෂණයක් විය.
MS Excel 2003 වල තීරු 256ක් හා පේළි 65536ක් ඇති අතර MS Excel 2007 හි තීරු 16384ක් හා පේළි 1,048576 ක්ද ඇත. තීරුවල අංකනය A සිට Z දක්වා ද ඉන්පසු AA සිට ZZ දක්වා ද ඉන්පසු AAA සිට ZZZ දක්වා ද වශයෙන් යෙදි. ඒ අනුව MS Excel 2003 වල IV දක්වා ද MS Excel 2007 වල XFD දක්වා ද තීරු ඇත. එසේම පේළි අංකනය 1 සිට අනු පිළිවෙලින් වැඩි වන සේ යෙදේ. කොටු අංකනය එම කොටුවේ තීරුවේ හා පේළියේ අංක සම්බන්ධ වීමෙන් සෑදේ. උදාහරණ වශයෙන් C තීරුවේ 5 වන පේළියේ ඇති කොටුව C5 වශයෙන් හැඳින්වේ.
[සංස්කරණය] පහසුකම්
මෙහි මෙනුවේ නොයෙකුත් අවශ්යතා සඳහා නියෝග ගණනාවක් තිබෙන අතර එයින් දත්ත විශාල ගණනාවක් විශ්ලේෂණය කිරීම, යම් පැතුරුම්පතකට කළ සංශෝධන මතක තබා ගැනීම හා වෙනත් මෘදුකාංගයකින් දත්ත ලබා ගැනීම යනාදිය ද වේ. දත්ත විශ්ලේෂණය කිරීම සඳහා Auto Filter, Advanced Filter, Sub Totals, Data Tables හා Pivot Tables යන පහසුකම් ඇති අතර එයින් Pivot Tables යන්න MicroSoft Excel වලටම ආවේණික වූ සුවිශේෂ දත්ත විශ්ලේෂණ ක්රමයකි.
එසේම ගණිතමය හා සංඛ්යාන ක්ෂේත්රයන් හි මෙන්ම ඉංජිනේරු හා වයාපර පරිපාලනයේ ද දත්ත ගොනු සඳහා මෙන්ම පෙළ සඳහා ද නොයෙක් නිශ්චිත ගණනය කිරීම් සඳහා ශ්රිත ගණනාවක් දී ඇත. MicroSoft Excel 2007 නම් එකෙහි දී මෙම ශ්රිත සංඛ්යාව 300 ඉක්මවා ඇත.
1993 සිට Visual Basic for Applications (VBA) නම් පරිගණක භාෂාව මඟින් යම් යම් වැඩ සටහාන් ආකරයේ දෑ නිර්මාණය කිරීමේ පහසුකම ද අන්තර්ගත කර ඇත. එමඟින් බොහෝ ගැටළු සඳහා ඉතා පහසුවෙන් විසඳුම් ලබා දීම ද කළ හැකි වීම මෙය ජනප්රිය වීමට තවත් හේතුවක් විය.
[සංස්කරණය] වෙළුම
[සංස්කරණය] Microsoft Windows
- 1987 Excel 2.0 Windows සඳහා
- 1990 Excel 3.0
- 1992 Excel 4.0
- 1993 Excel 5.0 (Office 4.2 හා 4.3)
- 1995 Excel Windows 95 සඳහා (version 7.0) - Office 95 වල ඇතුළත් ව ඇත.
- 1997 Excel 97 - Office 97 වල ඇතුළත් ව ඇත.
- 1999 Excel 2000 (version 9.0) - Office 2000 වල ඇතුළත් ව ඇත.
- 2001 Excel 2002 (version 10) - Office XP වල ඇතුළත් ව ඇත.
- 2003 Excel 2003 (version 11) - Office 2003 වල ඇතුළත් ව ඇත.
- 2007 Excel 2007 (version 12) - Office 2007 වල ඇතුළත් ව ඇත.
[සංස්කරණය] Apple Macintosh
- 1985 Excel 1.0
- 1988 Excel 1.5
- 1989 Excel 2.2
- 1990 Excel 3.0
- 1992 Excel 4.0
- 1993 Excel 5.0 (Office 4.X—Motorola 68000 version හා ප්රථම PowerPC version)
- 1998 Excel 8.0 (Office '98)
- 2000 Excel 9.0 (Office 2001)
- 2001 Excel 10.0 (Office v. X)
- 2004 Excel 11.0 (Mac සඳහා වූ Office 2004 හි කොටසකි.)
- 2008 Excel 12.0 (Mac සඳහා වූ Office 2008 හි කොටසකි.)
[සංස්කරණය] OS/2
- 1989 Excel 2.2
- 1990 Excel 2.3
- 1991 Excel 3.0 | hplt_2 |
Family Homalopsidae
පසුගිය දවස්
වල සර්පයෝ අයිතිවෙන කුළ ගැන කතා කරමින් හිටියා ඔයගොල්ලන්ට මතක ඇතිනේ, ඉතින් ගොඩක්
දවසකට පස්සේ අද තවත් සර්ප කුළයක් ගැන කතා කරන්න හිතුවා. ලෝකය පුරා කුළ 19කට (David & Ineich,1999) අයිති සර්පයෝ
හිටියත් ලංකාවේ සර්පයෝ
අයිතිවෙනනේ කුළ 11කට විතරයි. අද අපි කතා කරන්නේ
මේ කුළ අතරින් Homalopsidae කියන සර්ප
කුළය ගැන.
මෙම කුලයට
අයත් සර්ප විෂේශ 3 ක් වගේ සුලු සංඛ්යාවක් විතරයි ලංකාව තුළදී හමුවෙන්නේ. කොහොම වුනත් මේ මෑත කාලයක් වෙනකන් මේ සර්ප විෂේශ
තුනත් දාලා තිබුනේ Colubridae කියන සර්ප කුළයට. නමුත් පස්සේ
කාලෙකදී මෙයාලගේ දකින්න පුලුවන් වෙනස්කම් සැලකිල්ලට ගත්ත විද්යාඥයෝ මෙයාලව වෙනත්
කුළයකට දාන්න තීරණය කලා.
මෙම කුළයට අයත් සර්ප විෂේශ මධ්යම ප්රමාණයේ
ශරීර දරනවා. ඒ වගේම මෙයාලා සියලුම දෙනා ජලජ වාසීන්. මිරිදියේ ජීවත් වෙනවා. කුනුදිය
කලුවා( Cerberus rynchops ) Dog-faced Water Snake
දේදුනු දිය
බරියා (Enhydris enhydris) Rainbow Mud Snake
ප්රොවොස්ටිගේ
දිය බරියා (Gerarda prevostiana ) Glossy Marsh Snake
මෙම කුලයට
අයත් සර්ප විෂේශ තුන විදිහට හදුන්වන්න පුලුවන්. මේ සර්ප විෂේශ තුනම විෂ රහිත
සර්පයෝ විදිහටයි සලකන්නේ. කොහොම වුනත් මේ සර්පයෝ වාර්තා වෙලා තියෙන්නේ බොහොම
කලාතුරකින්. ඒ කියන්නේ මෙයාලගේ සංඛ්යාව බොහොම පොඩ්ඩයි. මේ හින්දා මෙයාලා වද වීමේ
තර්ජනයටත් මුහුනපාලා ඉන්නවා. ඉතින් මෙයාලා වද වීමට නොදී ආරක්ෂා කර ගැනීම අපේ
යුතුකමක්.
(ජායාරූපය
ඇනස්ලම්ද සිල්වා මහතාගේ “Snakes
of Sri Lanka” ග්රන්ථයෙන්) | hplt_2 |
උතුරු මැද මහ ඇමතිවරයා තඹුත්තේගම විදුහලේ සිසුන්ගේ දෙමාපියන් රැස් කර නීති විරෝධී රැස්වීමක් පවත්වා ඇතැයි ගුරුවරු සහ දෙමාපියෝ චෝදනා කරති. පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් පවත්වන බවට විදුහල්පතිවරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව දෙමාපියන් පැමිණ ඇති අතර එය මහ ඇමතිවරයාගේ රැස්වීමක් බව ගුරුවරුන් හෝ දැන නොසිටි බව ඔවුහු පවසති.
දෙමාපියන් පැමිණීමෙන් අනතුරුව ගේට්ටුව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර පිටව යන සියලු දෙනාගේ නම් සහ පිටව යාමට හේතුව සටහන් කර ගන්නා ලෙස විදුහල්පතිවරයා ගේට්ටුව මුරකරුට නියෝග කර ඇත. මෙය අනිසි ලෙස සිදු කරන ලද බලපෑමක් බව දෙමාපියෝ පවසති. මහ ඇමතිවරයාගේ රැස්වීම අවසන් වන තුරුම ගේට්ටුව වසා දමා තිබී ඇත. | hplt_2 |
කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්රෙෂර් I
අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..
1.ප්රාථමික අධික රුධිර පීඩනය : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.
- ජානමය(පරම්පරාවෙන් පැවත එන)
- තරබාරු බව
- අධික ලුනු භාවිතය
- අධික මත්පැන් භාවිතය
- හෝමෝන ශ්රාවය වීමේ ආකූලතා
- වයස්ගතවීම
- මානසික තත්ත්වයන
මේ ආකරයේ රුධිර පීඩනයක් ඇතිවෙන්න ප්රධාන හේතු ලෙස ශරීරයේ ප්රධාන අවයව වල තිබෙන ව්යාකූලත්වයන් දක්වන්න පුලුවන්.
- බොහෝ විට වකුගඩු ආශ්රිත තත්ත්වයන්
- අන්තරාසර්ග ග්රන්ථි ( හෝමෝන) ආශ්රිත ආකූලතා
- හෘදය හා සනාල( ධමනි හා ශිරා) පද්ධතියේ ඇති ව්යාකූලතා තමයි හේතු ලෙස දක්වන්නෙ..
- සමහර බෙහෙත් මගිනුත් මේ ආකරයේ රුධිර පීඩනයක් ඇති වෙන්න පුලුවන්. උදා: උපත් පාලන පෙති,හෝමෝනමය පෙති
මේ විදිහට ප්රධානව මේ මේ පද්ධතියේ අවුල් නිසා කියලා මං ලිව්වට මේ යටතේ තව අනු හේතු සිය ගනනක් තියනවා.
ප්රාථමික අධි රුධිර පීඩනය වැලඳිමට පෙර සහ වැලඳුනාට පස්සේ මුල් අවදියේ දි life style change එකක් තුලින් බොහෝ වෙලාවට ලෙඩේ පාලනය කරගන්න පුලුවන් බෙහෙත් වලින් තොරව හෝ බෙහෙත් පුලුවන් තරම් අඩුවෙන් බීලා.
- ලුනු හා තෙල් අධික ආහාර පරීභෝජනය සීමා කිරීම(නොකර ඉන්න එක නෙවෙයි),
- මත්පැන් හා සිගරට් සහ * (මල් :) ) භාවිතයෙන් ඈත් වීම,
- ව්යායාම් කිරීම වගේ දේවල් කලානම් ලෙඩේ හැදෙන අවදානම ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන් වගේම හැදිලා ඉවරයි නම් පාලනය කරගන්නත් පුලුවන්.
හැබැයි ප්රාථමික අවස්ථාවෙන් (initial stage)ඔබ්බට ගිහින් නම් බෙහෙත් මත යැපෙන්න වෙනවා.
ද්විතියික ආකාරයේ අධික රුධිර පීඩනයක් වැලඳුනාම නම් බෙහෙත් හැර වෙනත් විකල්පයක් නැතිම තරම්.
දියවැඩියාව සහිත කෙනෙක්ට අධික රුධිර පීඩනය තියනවා කියන්නේ වැඩේ ටිකක් බරපතලයි!ඒ නිසා ඒ අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන..වෙලාවට බෙහෙත් බොන්න ඕන!
ප්රේෂර් කියලා දැනගන්නේ කොහොමද?
කොහොමත් දොස්තර කෙනෙක් ගාවට ගියාම ප්රෙෂ්ර් එක කොහොමත් චෙක් වෙන නිසා ලෙඩේ මග ඇරෙන එක ගොඩක් වෙලාවට අඩුයි..ඒත්
- තද ඔලුවේ කැක්කුම
- කරකැවිල්ල
- වමනි යන ගතිය
- ඇස් පෙනීමේ දුර්වලතා වගේ ලක්ෂන මතුවෙනවා නම් ගොඩක් වෙලාවට ඒ අධික රුධිර පීඩනය නිසා වෙන්න පුලුවන්.
නිසිප්රතිකාර නොගත්තොත්??
- හාට් ඇටෑක්
- පරිවෘත්තීය ව්යාකූලතා(දියවැඩියාව,කොලෙස්ටරෝල්...)
- හෘදය ඇන හිටීම
- වකුගඩු නරක් වීම
- අඝාතය(stroke/ අංශ භාගය)
- අන්ධ බව
- මතකය හා තේරුම් ගැනිමේ දුර්වලතා වගේ එකී මෙකී නොකී හිතා ගන්නත් බැරි ලෙඩ ඇතිවෙන්න පුලුවන්.
ජිවිතයක් බේරගන්න,තව දවසක් මේ ලෝකය දකින්න කෙනෙක්ට උදව් කරන්න සම්මාදම් වෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්! එහෙව් පිනකට අත ගහන්න අවස්ථාවක් ඔබටත් උදා වෙලා තියනවා!මොන ආගම ඇදහුවත් අන්තිමට අපි විශ්වාස කරන පොදු දෙයක් වේ නම් ඒ මේ ලෝකේ කරන දේවල් අපි යන තැනකට අරං යනවා කියන එක..පුලු පුලුවන් අය පුලු පුලුවන් විදිහට මොනවා හරි කරන්න.වැඩි විස්තර මෙතනින්... | hplt_2 |
සෝමාවතිය අරබයා ලියවුන පද්යයක්…
අමනිවන පෑදූ
බුදුරැස් කැරලි වීදු
කෙලෙස්මල් සේදු
වඳිමු සෝමාවතිය සාදු
සැමට ලඟා කර දෙන මොක් මග අතර
අපි යමු වඳින්නට සෝමාවතී වෙහෙර
වන පෙත් මැදින් පායා එන සුපුන් සඳේ
සම්බුදු ගුණ සුවඳ ඒ රැස් තුලින් පිදේ
සැමටම ලඟා…..
බුදු රදුනගේ දකුණු දළදා වැඩ සෑදු
සෝමාවතිය දොහොතින් නමදිමු සාදු
සැමටම ලඟා…..
ගණනින් වසර දෙදහස් සියයකට උඩ
මහරජ ගිරි අබා ගොඩ නැගු ඇතුව හැඩ
සැමටම ලඟා…..
අලි කොටි වලස් ගැවසෙන රජ දහන මැද
මහා වන තලාවෙහි වෙහෙරක් දිලෙයි අද
සැමටම ලඟා…..
පද්යාවලිය: සේසිරි විජේසේකර විසිනි.
සෝමාවතී චෛත්යරාජයා අවට ඇති සෙල්ලිපි…
සෝමාවතී චෛත්යරාජයා මුල් කාලයේදී පාචින නාගාරාමය (නැගෙනහිර පැත්තෙන් පිහිටි ශ්රේෂ්ඨ ආරාමය) “මණි අගිය” (අග්රගන්ය මාණික්යය) යන නම් වලින් හැඳින් වූ බව සෙල්ලිපි වලින් අනාවරණය වේ.
දැනට සෙල්ලිපි අටක් සෝමාවතී චෛත්යරාජයාණන් වහන්සේ අබියස පවතී. එයින් සෙල්ලිපි දෙකක් චෛත්යරාජයා අසල හා අනිත් සෙල්ලිපි හය සෝමාවතී දාගැබට නුදුරින් චෛත්යරාජයා වෙත යන මාර්ගය සමීපයෙහි මීන්විල විශාල ගල්පර්වතයක් වූ එරික් ස්වෝන් නමැති සුප්රකට ජායාරුප ශිල්පිය වල අලියෙකු ගෙන් මරණයට පත් දිග් ගලෙහි තිබෙනු දැක බලාගත හැක.
මේ ලිපි අතර චෛත්යරාජයා සමීපයෙහි පිහිටි පේලි දහයකින් යුත් විශාල පුවරු ලිපිය ඉතා වේදගත්වේ.
එම ලිපියෙන් කනිට්ඨතිස්ස රජු (ක්රි.ව. 164-192) ගෙන් මණි අගිය නම් මේ සෝමාවතී විහාරයට කරන ලද පුජාවක් කියවේ. එම ලිපියේ අදහස
01) යහපතක් වේවා, නාග නමැති මහරජුගේ පුත්රයා වූ ද, භාතියතිස්ස නමැති මහරජුගේ මනිටු සොහොයුරු වුද, තිස්ස නමැති මහරජ අලිවිටියෙහි භව්ටක වැව සමීපයහි වූ මණි අගිය නමැති රාජමහා විහාරයෙහි සංඝාරාමය නැවත පිහිටුවා යථෝක්ත විහාරය වෙනුවෙන් ප්රකාශයට පත් කරන ලද ප්රකාශනය (කල් යාමේදී) ක්රියාවේ නොයෙදීම හේතු කොටගෙන මේ ස්ථානයට (ලැබීමට නියමිත) ආදායම නොලැබෙන අවස්ථාවේදී මෙබඳු නියෝගයක් පනවන ලදී.මේ ආඥාවට අනුව මේ මුදල සැයේත් පෝයගේත් ප්රතිසංස්කරණය කිරීමටද නව කර්මාන්ත වැඩ සඳහා ද යෙදිය යුතු වන්නේය.
ප්රතිසංස්කරණ වැඩ කිරීමට ද නව කර්මාන්තයටද උවමනා නොවන්නේ නම් මේ ආදායම සංඝයා වෙත දානය සැපයීම සඳහා දිය යුතුය.
මේ විහාරය සඳහා පනවා ඇති ආඥාව පිලි නොපැදීමේ වරදට දඬුවම කහවනු පන්සියයකි.
මේ විහාරයේ උපෝසථාගාරයේ පහන් දැල්වීම සඳහා තෙල් සැපයීමටද කටුකොහොල් අරීමටද ප්රතිසංස්කරණය කිරීමටද මේ තොටුපළවල් තුන එනම් අතර ගගහි කෙහිගම තොටුපල ද, සුමනතගම තොටුපලද තොටගමකහි තොටුපලද දෙන ලදී.
මණි අගියේ උපෝසථාගාරයේත් රාජමහා විහාරයේත් ආරක්ෂාව සැලසීම නිශ්චය කළයුතුව තිබෙන හෙයින් මේ විහාරයට හිමි සඟ සතු ඉඩම්වල පදිංචි පවුල් වල ය මහා වැකන්දියේ වැඩවලින් මුදවා විහාරය රැකීමේ කාර්යයෙහි යෙදිය යුතුය.
02) ක්රි. පු. 9 – ක්රි. ව. 21 නාග නමැති මහරජ තම පුත් නකල නමැති කුමාරයා විසින් පිහිටුවන ලද, පාචීන නාගාරාම විහාරයට රජඅඩපිටි නමැති ගම ප්රදානය කළේය.
03) ක්රි. පු. 41 – ක්රි. පු. 19 කුටකන්න තිස්ස රජතුමා විසින් පිහිටුවන ලද ලිපිය අනුව දෙගම නමැති දිය ඇලක් සාදවා කුඹුරුවලට ජලය ලබාදුන් අයුරු පැහැදිලි වේ.
04) ක්රි. ව. 9 - ක්රි. ව. 21 මහානාග රජ තම පුත් නාග කුමාරයා පිහිටවූ පාචීන නාගාරාමය නම් විහාරයෙහි නඩත්තුව සඳහා විහාරය සමීපයෙහි වූ රජලි නමැති කුඹුරෙහි සත් කරිසක් සඟසතු කොට පුජා කරන ලදී.
05) ක්රි. ව. 112 - ක්රි. ව. 134 සංග්රාමයේ විජයග්රාහක වූ ගාමිණි අභය මහරජු විසින් රජ ඇළෙහි පිහිටි ගමේ ආදායම මණිඅගිය විහාරයට දෙන ලදී.
06) ක්රි. ව. 22 - ක්රි. ව. 31 අතර සිටි ආමන්ඩ ගාමිණී අභය රජුගේ ලිපියක පේලි දෙකක් පමණක් ඉතිරි වී ඇති අතර ඒ සමීපයෙහි තවත් ලිපියක් (එරික් ස්වෝන් ගලෙහි) විනාශයට පත්ව ඇත.
මෙවන් අති පෞරාණික සිද්ධස්ථානය වර්තමානයෙහි විහාර කැලය නමින් හැඳින්වෙන සෝමාවතී අභය භුමිය මධ්යයෙහි පවතී. එදා මාගම්පුර වෙල්යායේ කොටසකැයි සිතිය හැකි මේ සමතලා බිම් ප්රදේශයේ ස්වභාව ධර්මයාගේ බලපෑමත්, මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වී පිටාර ගැලීමත්, රාජධානි වෙනස් වනවාත් සමගම ජනශුන්ය විල්ලු සහිත මහා වනයක් බවට පත්ව නිතර ජාල රකුසාට මුළු ප්රදේශයම ගොදුරු වෙමින් වසර 1000 කට අධික කාලයක් ගතවිය.
අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී වල්බිහිව නටබුන්ව ගිය සෝමාවතිය ජනතාවගේ මතකයෙන් ක්රමයෙන් ඇත්වන්නට විය.එහෙත් ජනතාවගේ හදවතින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින බුදු රැස් විහිදෙන සෝමාවතිය යන නාමය ඈත් නොවී පරම්පරාගතව පැවතුනි.
සොමවතියේ එදා සහ වත්මන් තත්වය පිලිබඳ ලිපියකින් නැවත ඔබ හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
උපුටාගැනීම්: පහමුණේ ශ්රී සුමංගල නාහිමි විසින් රචිත “සෝමාවතී චෛත්යරාජයා” ග්රන්ථයෙනි.
නිරෝගී සුවයට සක්මන් භාවනාව…
“සක්මන් භාවනාව” යනු සිහි නුවනින් යුතුව ඇවිදීමකි. ලෝක නාථ වූ බුදුරජාණන් වහන්සේද තුන්වෙනි සතියේදී සක්මන් කල සේක. ජීවක වෛද්ය තුමාගේ ඉල්ලීමක් අනුව “අනුජානාමි භික්කවේ චන්කමනං” යනුවෙන් භික්ෂුන් වහන්සේලාට නිරෝගී සුවය සඳහා සක්මන අනුදැන වදාළහ. මෙලොව වශයෙන් කායික සුවයත්, සතිය දියුණු වී කෙලෙස් රෝග ද සුව වීමෙන් සදාකාලික නිරෝගී සුවය වූ නිවන් සුවයද ලැබේ.
ඉඳගෙන පැයක් පමණ භාවනා කරන භාවනා යෝගියකු පැය භාගයක් සක්මන් කිරීමෙන් නිරෝගී සුවය සඳහා අත්යවශ්ය වන ව්යායාමයද සම්පුර්ණ වේ.
භික්ෂුන්වහන්සේලාට සහ (භාවනා) යෝගීන්ට ඉතා සුදුසු ව්යායාම දෙකක් තිබේ. එනම් සක්මන් කිරීම සහ විහාර මළු, බෝ මළු, සක්මන් මළු ආදිය ඇමදීමත්ය. මෙම ව්යායාම දෙකෙහි යෙදෙන භික්ෂුන්වහන්සේලගේ සහ යෝගීන්ගේ නිරෝගී සුවය ආරක්ෂා වේ. දියවැඩියාව ආදී රෝග රැසකින් ආරක්ෂා වී සිටීමට පුළුවන.
අතීතයේ වැඩ විසු අපේ පැරණි භික්ෂුන්වහන්සේලා සහ වයෝවෘද්ධ ඇත්තෝ වඩාත් නිරෝගී සුවයෙන් ජීවත් වීමට සමත් වුයේත්, අද මෙන් ලෙඩ රෝග බහුල නොවීමට එක ප්රධාන හේතුවක් වුයේත්, ඒ ඇත්තන් දිනකට සැතපුම් කීපයක් පයින් ගමන් කිරීමත්, සක්මන් භාවනාවේ යෙදීමත්, දිනකට පැයක් හෝ මිදුල ඇමදීමත්, ආගමික වත් පිළිවෙත් වල යෙදීමත් නිසාය.
සක්මන් භාවනාවේ යෙදෙන අයට බුදු ගුණයක් ගැන සිත සිතා හෝ මෛත්රී භාවනාවේ යෙදෙමින් හෝ තම මෙනෙහි කරන භාවනාවට අදාලව මෙනෙහි කරමින් භාවනා කල හැක.
වැඩිපුර වෙහෙසෙන්න එපායයි වෛද්ය උපදෙස් ලබා සිටින අයෙක් වුවත් ඉතා සුළු වෙලාවක් සක්මන් භාවනාවේ යෙදීම නිරෝගී වීමට හේතු වේ. වෙහෙස දැනෙන තුරු සක්මන් නොකර සුළු වෙලාවක් සක්මන් කරන්න. නැවත නැවතත් වරින්වර ටිකෙන් ටික සක්මන් කරන්න. සක්මන නිසා ශරීරයට අවශ්ය ව්යායාමයද නොඅඩුව ලැබෙන අතර වැඩි වෙලාවක් ඉඳගෙන භාවනා කිරීමේ හැකියාවද දියුණු වේ. සතිය දියුණු වී සමාධිය ලැබේ. මෙලොව වශයෙන් නිරෝගී සුවය ලැබේ.
වයස්ගත වීම නිසා හෝ රෝගාතුර වීම නිසා අබල දුබල වී සිටින එහෙත් දිනකට විනාඩි 5ක් තරම් සුළු වෙලාවක් හෝ ඇවිදීමට හෝ ඇමදීමට හැකි අයෙක්නම් – සක්මන් කිරීම හෙවත් ඇවිදීම – ඇමදීම හෙවත් ගෙමිදුල් අතුගෑම (සහ මල් වැවීම ද) නිරෝගී සුවය ලැබෙන අගනා භාවනා ක්රම කීපයකි. ශරීරයට අපහසුවක් නොදැනෙන පරිදි මෙම කාර්යයන්හි යෙදෙන්න. සාර්ථක ප්රතිපල ලැබේ.
ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා” ග්රන්ථය ඇසුරිනි.
රෝග සුව වීමට (සමථ) භාවනාවක්…
මේ ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතයි. අපගේ ජීවිතය පවත්වා ගැනීමට අපට අත්වශ්යම දෙය වාතයයි. අහාර නැතිව සතියක් හෝ ඊටත් වැඩි දින ගණනක් – වතුර නැතිව පැය ගණනක් ජීවත් වන්නට පුළුවනි. එහෙත් පිරිසිඳු වාතය නැතුව (හුස්ම නොගෙන) පැයක්වත් ජීවත් විය හැකිද? පැයක් තියා පැයකාලක්වත් ජීවත් වීමට නුපුළුවන. ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතය බව ඉන් අපට මනාව පැහැදිලි වේ.
මෙලොව බිහිවූ කව්රුත් පළමුව කලේ පිරිසිඳු වාතය උරා ගැනීමයි. කුමන වැඩක යෙදී සිටියත් අප ජීවත්වන තුරුම මේ හුස්ම ගැනීමේ ක්රියාවලිය නොකඩවා සිදුකරමු. එය කඩ කළ දිනට අපගේ මරණය සිදුවේ.
බුදු රජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව ලැබුවේද මෙම ජීව වායුව ශරීරයට ඇතුළුවීම සහ පිටවීම දෙස නුවනින් බල සිට ඒ අනුව ත්රිලක්ෂණ ධර්මය මෙනෙහි කිරීමෙනි. ආනා පානා සති භාවනාව යනු එයයි.
අපට නොපෙනෙන බොහෝ දේව රූප, භූත රූප, රුපවාහිනී රූප මේ වායුවේ පවතී. ඒවා අපට නොපෙනෙන්නේ එම රූප දැකීමට තරම් සියුම් ඇසක් අපට නැති නිසා මිස රූප නැති නිසා නොවේ.
එමෙන්ම අපට නොඇසෙන බොහෝ ශබ්ද තරන්ගත් මේ සුලගේම ගමන් කරයි. විද්යාත්මක යන්ත්ර සුත්ර මගින් විසුරුවා හරිනු ලබන විවිධ ශබ්ද, විවිධ භාෂා වලින් අපට ගුවන් විදුලි යන්ත්රයක ආධාරයෙන් ඇසීමට පුළුවන. එම ශබ්ද පමණක් නොව අප කතා කරන දේවල්ද මේ සුළගට එකතු වේ. පිරිත්හඬ, බනහඬ වැනි හොඳ යහපත් ශබ්ද මෙන්ම ඵරුස වචන, කුණුහරුප, සම්පප්රලපාදී (ආශාව තරහව වැඩිවන කතා) බොහෝ අහිතකර ශබ්දද මේ සුළගේ පවතී.
එමෙන්ම යහපත් මෛත්රී භාවනාදී හොඳ සිතුවිලි මෙන්ම නපුරු අයගේ අයහපත් නරක සිතුවිලිද මෙම සුළගේ පවතී.
නපුරු මිනුසුන්ගේ මුවින් පිටවෙන (නපුරු වචන) අහිතකර ශබ්ද තරංග සහිත වූ වැකි ඇතුලත් නපුරු සිතුවිලි, අහිතකර චිත්ත තරංග සහිත වාතය ශරීරයට වැඩිපුර උරාගත් විට ඒ අහිතකර වූ වාතය ආශ්වාස කල පුද්ගලයන්ගේ ද සිතුවිලි වඩ වඩාත් නොමගට යෙදේ. ඔවුන්ගේ සිත් තුල රාග, දෝස, මෝහ, වැඩි වැඩියෙන් දියුණු වේ.
යහපත් සිතුවිලි (භාවනා) යහපත් ශබ්ද බනහඩ, පිරිත්හඬ සහ වෙනත් යහපත් වචන සහ ශබ්ද තරංග සහිත වූ පිරිසිඳු වාතය ලබා ගන්න වූ අයගේ සිතුවිලි වඩ වඩාත් හොඳ වේ.රාග, දෝස, මෝහ තුනී වේ. යහපත උදා වේ.
නිතර තෙරුවන් වඳින පුදන ගෙදරක සාමය දියුණුව ඇතිවන්නේ එම බෞද්ධ නිවසේ වඩ වඩාත් හොඳ සිතුවිලි සහ යහපත් තරංග වැඩි වැඩියෙන් ඇති නිසාය. බෝ මළුවක් අසලදී – ශාන්ත පුද බිමක වැඩි වෙලාවක් ගත කරන විට යහපතක් උදාවන්නේ එබඳු පුජනීය භූමිවල මෙම යහපත් ශබ්ද තරංග සහ චිත්ත තරංග වැඩිපුර ඇති නිසාය.
යහපත් ගුණවත් සත්පුරුෂයන්ගේ මුවින් පිටවූ යහපත් ශබ්ද තරංග සහ (භාවනා) චිත්ත තරංග මිශ්ර වූ පිරිසිඳු අම්ලකර වාතය වැඩි ප්රමාණයක් ඔබගේ ශරීරයට ලබාගත හැකි නම් ඔබගේ යහපත් සත්පුරුෂකම වැඩි දියුණු කර ගැනීමට පුළුවන. මේ භාවනා ක්රමය අත්හදා බලන්න.
රේඩියෝවේ මීටරය කරකවන ඔබ, ඔබට උවමන ගුවන් විදුලි සේවයේ හඬ තෝරා බේරා ලබාගන්නක් මෙන් – සියලු දේටම වඩා මහා බලයක් ඇති ඔබේ සිත තුලින් හොඳ අධිෂ්ටානයක් ඇතිව බලවත් චිත්ත අධිෂ්ටානයෙන් යුතුව පිරිසිඳු වාතාශ්රය ලැබෙන තැනක ඉඳගෙන මෙසේ සිතන්න.
භාවනා ක්රමය:
“මේ විශ්වයේ පවතින භාවනා සිතුවිලි ආදී යහපත් චිත්ත තරංග සහිත වූ ද, බනහඬ, පිරිත්හඬ වැනි යහපත් ශබ්ද තරංග සහිතකර වුද පිරිසිඳු වාතය මගේ ශරීරයට ඇතුළු වේවා!!!” යි සිතා හොඳින් හුස්ම ගන්න. තත්පර කීපයක් එම පිරිසිඳු වාතය පෙනහළු තුල රඳවාගෙන “මම නිරෝගී වේවා!!!” යි දෙතුන් වරක් සිතන්න. “මාගේ සිරුරේ පවතින සියලු අහිතකර ශක්ති පිටවෙවා!!!” යි සිතා හෙමින් හුස්ම පිට කරන්න. මෙසේ වාර කීපයක්ම හොඳ පිරිසිඳු වාතය ලබාගන්න.
දිනකට විනාඩි 5ක් හෝ වැඩිම උනොත් විනාඩි 10ක් හෝ අඩුම ගනනේ වාර තුන හතරක් මේ භාවනා ක්රමය අනුව පිරිසිඳු වාතය ශරීරයට ලබාගන්නා ඔබගේ ලේ ධාතුව වඩාත් පිරිසිඳු වී ඔබ නිරෝගී කෙනෙක් වෙනවාට කිසිදු සැකයක් නැත. ලේ ධාතුව පිරිසිඳු වී හතිය, මහන්සිය, අඩුම ආදී බොහෝ රෝග සුව වේ.
තෙරුවන් සරණයි…!!!
පතපොත ඇසුරිනි: පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා”
බුදුරැස් විහිදෙන සෝමාවතිය…
පාලිධාතුවංශය, සිංහල ධාතුවංශය , ජිනකාලමාලිනිය ආදී ඓතිහාසික ග්රන්ථ වලින්ද පුරාවිද්යාත්මක ගවේශනයන්ගෙන් සොයාගත් නටබුන් හා සෙල්ලිපි වලින් සෝමාවතී චෛත්යරාජයා පිළිබඳව කරුණු රැසක් අනාවරණය වේ.
ඓතිහාසික ග්රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.
වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වන අතරම සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ.
වංශකථාවල සඳහන් පරිදි සෝමාවතී දාගැබ පිහිට ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දිරින් උතුරු මැද ප්රදේශයට සම්බන්දව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුර විද්යාත්මක සාධක අනුව හෙළිවන අතරම චෛත්යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගාලු මහවැලි ගඟ දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.
එදා සෝමාවතිය රුහුණු ප්රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස් වූ නිසා අද රජරට ප්රදේශයේ තමන්කඩුව පළාතේ පොලොන්නරුව දිස්ත්රික්කයට අයත්ව පවතී.
සෝමාවතී චෛත්යයෙන් හමුවූ සෙල්ලිපි වල අක්ෂර ස්වරූපය භාෂා ලක්ෂණ ව්යාකරණ රීති ආදියත් චෛත්යරාජයා ගොඩ නංවා ඇති ගඩොල් ඒවාට යොදා ඇති බදාම, ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්රාකාර බැමි, තිරුවන ගල් වලට සමාන ගල් වලින් නෙලූ සඳකඩපහන්, හස්ති රුප, සිරිපා සටහන්, ගල් කුළුණු හා පෝය සීමා ආදිය දෙස බැලීමෙන් මෙම සෝමාවතී චෛත්යරාජයා වසර 2100 කට වඩා ඉපැරණි බව හෙළිවේ.
සිද්ධාර්ථ කුමරුගේ සැබෑම අභිනික්මන…
මේ අසහාය මනුෂ්ය රත්නය උපත ලැබුවේ හිම කඳු අසල පිහිටි සුන්දර කපිල වස්තු නගරයේ ශාක්ය වංශයට අයත් රාජකීය පවුලකය. මේ රාජකීය පවුලේ ඔටුන්න හිමි කුමාරයා වූ මෙතුමන් ගේ ගිහි නම සිද්ධාර්ථ ය. “යහපත උදා කරන තැනැත්තා” යනු ඒ නමෙහි තේරුමයි. රජ පවුලේ සිරිතට අනුව නව යොවුන් වියේදී සුරූපී යසෝදරා කුමරිය හා සිද්ධාර්ථ කුමරු විවාහ විය. වයස විසි නවය වන විට සිද්දාර්ථයන් ගේ සියලු සිතුම් පැතුම් මුළුමනින් ම වෙනස් වී ගියේය. ජීවිතයේ යථාර්ථය කුමක් දැ යි කුතුහලයෙන් ඒ සිත වෙලී ගියේය.
සැබෑම වූ මානසික විමුක්තියක් මේ ජීවිතයේදී උදාකර ගත හැකි බව එතුමා තරයේම සිතාගෙන සිටියේය. උන්වහන්සේ ගේ සිහිනය වුයේ සියල්ලෙන් වෙන් වී හුදකලා අසපුවක භාවනා කිරීමය. මේ ගුණවත් යොවුන් කුමාර ගේ චින්තනයට වැට කඩොලු බැඳ තිබුනේ රජ මාලිගයෙන්මය. එහෙත් ඒ කිසිම රාජකීය බන්දනයකට කුමරුන්ව සිරගත කල නොහැකි විය. නිදහස සොයා යන කුරුල්ලෙක් කැදැල්ල අතහැර පියඹා යන්න සේ සිද්ධාර්ථයන් ද රජමැදුර හැරදා මහා රෑ පිටත්ව ගියේය. තමන්ට දාව බිලිඳු රාහුලයන් උපන් ඒ දිනය සාමාන්යයෙන් පිය කෙනෙකුට බලවත් බන්දනයක් ම ය. එහෙත් ඒ හැගීමට ඉඩ නොදී එදිනම අභිනික්මන් කිරීමට එතුමා තුල මොන තරම් මානසික ශක්තියක් තිබෙන්නට ඇත් ද?
බුදුවසින් විසි හයවන සියවසේ කාම පිපාසාවෙන් මෝහනයට පත් වී සිටින ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිත්වලට නො ඉවසිය හැකි වරදක් මෙය පෙනෙන්නට ඉඩ තිබේ. සමහර අන්යාගමික සොහොයුරන්ට එසේ පෙනෙන වග පසුගිය දිනෙක ලංකාවේ ප්රධාන පෙලේ ෆෝරමයක දුටු නිසා මා හට මේ කියවූ ලිපිය මෙහි පල කරන්ට සිතුනි.
එහෙත් රුපියල් සත උදෙසා තම කිරිදරුවන් පවා අතහැර පිටරටවල දුප්පත් රැකියාවන් සොයා යන මව් වරුන් කොතෙක් ද? අඹු දරුවන් අතහැර දුර රටවල අනන්ත දුක් විඳිමින් රැකියාවල් කරන පියවරු මොන තරම් සිටිත් ද? ඒ ගැන කතා කරන්න කනස්සලු වෙන්නට කිසිවෙක් නැත. එකම එක පවුලක් උදෙසා ඔවුහු අනන්ත දුක් අනුභව කරමින් සිටිති. හරි හම්බකරගත් දෙයින් සමහර කෙනෙකුට ප්රයෝජන ලබාගන්නට ද වාසනාවක් නැත.
එහෙත් සිද්ධාර්ථ කුමරු ගේ දොර හැර ගියේ පිට රටක රැකියාවක් කරන්නට නොවේ. වනාන්තරයේ මැණික් තිබෙන තැන් හෝ නිධන් තිබෙන තැන් සොයන්නට නොවේ. එසේත් නොමැතිනම් වනාන්තරයේ තිබෙන සුවිසල් රුක් ගොමු, දිය ඇලි, වනසතුන් බල බලා සතුටු වන්නට නොවේ. ඊනියා උගතුන් සොයා බලන විශ්ව ශක්තීන් සොයන්නටත් නොවේ.
එසේ නම් කුමකටද? ප්රථමයෙන් තමා මේ සසරින් එතෙරව දෙවනුව අපවද මේ දුක් කතරින් එතෙර කරවීම සඳහායි.
සිතා බලන්න…
ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
මෙම ලිපිය පුජ්ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත “විස්මිත අවබෝධය” යන ග්රන්ථයෙහි තවත් බොහෝ කරුණු කාරණා සහිතව අඩංගුව ඇත. | hplt_2 |
View Full Version : අක්කෙක් එනවා ඔන්න නංගි ගෙට ගනින්
priyal_hdp
06-05-2012, 01:36 PM
මේක මට ආපු ඊ මේල් පණිවිඩයකින් ගත්තේ
අක්කෙක් එනවා ඔන්න නංගි ගෙට ගනින්
https://mail.google.com/mail/?ui=2&ik=112175bfd2&view=att&th=137bb266472e0ad5&attid=0.1&disp=emb&zw&atsh=1කොළඹ ජනප්රිය බාලිකා විද්යාලයක ප්රාථමික ශ්රේණියේ ඉගෙනුම ලබන ශිෂ්යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.
මේ පිළිබඳව ශිෂ්යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවය. එනිසා ප්රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක් දුන් බවය.
මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.
ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්යවශ්යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.
මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක් දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්වැනි ශ්රෝණියේ ශිෂ්යත්වය සමත්වීම, සාමාන්ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක් බවය.
ළමයි කවුද ආශ්රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්ය බලනවා. ඒවායේ ගොඩාක් තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්ය මොකක්ද? ඊයේ එම ටෙලි නාට්යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්වල සාරාශංය එයයි.
මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක් මගහැර නොසිටිය යුතුය.
වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස් ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්නට ලැබේ. එහි ප්රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්යයෙන් දැරියක් වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්ථා බහුලව වාර්තා වේ.
වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්ත්රී හෝමෝන ක්රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.
මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක් ඵලක් නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්ය වර්ග මිශ්ර ආහාර වැඩිපුර ආහාරයට එක් කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්රජනන හෝමෝන ක්රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.
අධ්යාපනයට පමණක් නොව ක්රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.
බොහෝ දෙමාපියන් තම දියණියන් ක්රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක් මතු නොවේ. පළමු එක්වීමේදී මෙය හානියට ලක්වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්වූවාට එය හානියට ලක් නොවේ.
ක්රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්රියාකාරිත්වය කාර්යක්ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.
පොතට පතට පමණක් දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක් ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.
මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක් නොව ක්රීඩාවට ද වැඩි අවධානයක් යොමු කරති. එය පුරුෂ ගති ලක්ෂණය.
කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්රජනන සෞඛ්ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.
ලියලා තිබ්බෙ උපාලි සෙරම් කියල කෙනෙක්
වැදගත් නිසා හැමෝටම share කළා
Red Soda
06-05-2012, 01:53 PM
bump
priyal_hdp
06-05-2012, 01:58 PM
රටකට ගිය කල දසාවක්....
සම්බුද්ධත්ව ජයන්තිය පිලිවෙතින් පෙළ ගැසී සමරපු වසර ඉතිහසයේ වැඩිම අපරාධ සිදු උන වසර ලෙස ඉතිහාසයට එක්වෙනවා. අපි යන්නේ කුමන දිශානතියකටද? සිතන්න කාළය පැමින තිබේ. දැන්ම යමක් නොකලොත් අනාගතයේ ඔබේ දරුව ගැනත් ඔබට පසු තැවෙන්න වෙවී :shocked::shocked::shocked::shocked::shocked::shoc ked::shocked::shocked:
:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
මේක මට ආපු ඊ මේල් පණිවිඩයකින් ගත්තේ
අක්කෙක් එනවා ඔන්න නංගි ගෙට ගනින්
https://mail.google.com/mail/?ui=2&ik=112175bfd2&view=att&th=137bb266472e0ad5&attid=0.1&disp=emb&zw&atsh=1කොළඹ ජනප්රිය බාලිකා විද්යාලයක ප්රාථමික ශ්රේණියේ ඉගෙනුම ලබන ශිෂ්යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.
මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල දැනට අපි කියන දේ අහන්න කෝ... යෑයි කියාය.
මේ පිළිබඳව ශිෂ්යාවන් කිහිපදෙනකු පාසල් ඇරී ගෙදර පැමිණ දෙමාපියන්ට පවසා ඇත. ඒ අනුව දෙමාපියන් කිහිප දෙනකු පංතිභාර ගුරුතුමිය හමුවී මේ සම්බන්ධව විමසා තිබේ. අපට මෙම තොරතුරු ලබා දුන්නේ ද එසේ විමසනු ලැබූ මවක විසිනි. මම අපේ දුවගේ පංතිභාර ටීචර් හමුවෙලා මේ ගැන අහලා බැලුවා. එතකොට ටීචර් කිව්වේ ඉහළ පංතිවල ශිෂ්යාවන් කිහිප දෙනකු පාසලේ අහුමුළුවල අසභ්ය ආකාරයෙන් හැසිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවය. එනිසා ප්රාථමික පංතිවල දැරියන් ඔවුනගෙන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි අවවාදයක් දුන් බවය.
මෙම තොරතුරු ලද පසු අපි කොළඹ නගරයේ මෙන්ම තවත් නගර කිහිපයක බාලිකා විද්යාල කිහිපයක තොරතුරු විමසා බැලුවෙමු. එවැනි පාසල් කිහිපයක ද මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. නමුත් ඒවා ප්රසිද්ධවීමට නොදී තබා ගැනීමට විදුහල්පතිවරියෝ උත්සාහයක නිරත වී සිටිති.
ඇත්තටම ඒවා සඟවා තබා ගැනීමට වඩා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම අත්යවශ්යය. එසේ නොවුණහොත් සිදුවන්නේ යළි නිවැරැදි කළ නොහැකි වරදකට ඔබේ දියණිය යොමුවීමය.
මේ පිළිබඳව අප සමග කතාබහ කළ ඇතැම් විදුහල්පතිවරියන්, ගුරුවරියන් පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ප්රධානම හේතුව දෙමාපියන් තම දියණියන් ගැන සොයා නොබැලීම බවය. අද ගොඩාක් දෙමාපියන් තමුන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ පස්වැනි ශ්රෝණියේ ශිෂ්යත්වය සමත්වීම, සාමාන්ය පෙළ විභාගය ඉහළින් සමත්වීම සහ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීම පමණක් බවය.
ළමයි කවුද ආශ්රය කරන්නේ? මොනවද එයාලා කරන්නේ? කියල හොයලා බලන්නේ නැහැ. අම්මලා දුවලා එකට ඉඳගෙන රූපවාහිනී චැනලවල යන මෙගා ටෙලි නාට්ය බලනවා. ඒවායේ ගොඩාක් තියෙන්නේ අනියම් සම්බන්ධතා ගැන... ඉස්සර දෙමාපියෝ වැඩිහිටියෝ එකට ඉඳගෙන ඔවැනි දේවල් බලනවා තබා කථා කළේවත් නැහැ. ඒත් දැන් අම්මලා දුවලගෙන් අහනවා අද තියෙන ටෙලි නාට්ය මොකක්ද? ඊයේ එම ටෙලි නාට්යවල මොනවද වුණේ කියලා. හැබැයි පාසලේදී මොනවද කළේ. පංතිභාර ගුරුතුමිය පාසලට ආවද? ඉගැන්නුවේ මොනවද? කියල අහන්නේ නැහැ. ඇතැම් දෙමාපියන් ඊට දෙන සරලම උත්තරය තමයි... අනේ ටීටර් අපිට එයාල ඉගෙන ගන්න දේවල් තේරෙන්නේ නැහැ. දැන් තියෙන විෂයයන් අපි ඉගෙන ගෙන නැහැ කියල කියනවා. අප සමග කතාබහ කළ විදුහල්පතිවරියන් සහ ගුරුවරියන් පැවසූ අදහස්වල සාරාශංය එයයි.
මේ පිළිබඳව තරුණ දියණියන් සිටින දෙමාපියන් අවධානය යොමු කළ යුතුය. අනේ අපේ පාසලේ ඔයවගේ දේවල් වෙන්නේ නැතැයි පවසමින් මතුවෙමින් පවතින අනතුරක් මගහැර නොසිටිය යුතුය.
වර්තමානයේ තරුණ දියණියන් තුළ හැඟීම් උත්තේජනය වීම ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඊට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන් ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ක්ෂණික ආහාර පාන, හෝමෝන ලබාදී ඉතා ඉක්මනින් වර්ධනය කළ කුකුලන්ගේ මස් ආහාරයට ගැනීම වර්තමානයේ තරුණ දියණියන් අතර බහුලව දක්නට ලැබේ. එහි ප්රතිඵලය වී ඇත්තේ වයස අවුරුදු 8 - 9 වන විට ඔවුන් වැඩිවියට පත්වීමය. සාමාන්යයෙන් දැරියක් වැඩිවියට පත්වීම සිදුවන්නේ වයස අවුරුදු 10 - 12 අතර වියේදීය. ඉතා කලාතුරකින් වයස අවුරුදු 8 - 9 වන විට වැඩිවියට පත්වූ අවස්ථා තිබේ. නමුත් වර්තමානයේ ගනු ලබන ආහාර අනුව වයස අවුරුදු 8 - 9 වන විට දැරියන් වැඩිවියට පත් වූ අවස්ථා බහුලව වාර්තා වේ.
වැඩිවියට පත්වීම යනු ඔවුන්ගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීමය. ඩිම්බ පිටවීම ආරම්භවීමත් සමගම ඔවුනගේ ස්ත්රී හෝමෝන ක්රියාකාරීත්වය ද ආරම්භ වේ. එවිට ඔවුනගේ සිතුම් පැතුම් ද වෙනස්වීමට පටන්ගනී. ලිංගික හැඟීම් දැනෙන්නට පටන් ගනු ලබයි. එහිදී ඔවුනට බාහිරින් දකින්නට අසන්නට ලැබෙන සිද්ධීන් අනුව එම ලිංගික හැඟීම් මතුවීම තව තවත් ඉහළ යයි.
මේ සඳහා ඔවුනට වරද පැටවීමෙන් පමණක් ඵලක් නෑ. දියණියන් සිටින දෙමාපියන් ඔවුනට කුඩා කල සිට මුංඇට, කවුපි, රටකජු වැනි ධාන්ය වර්ග මිශ්ර ආහාර වැඩිපුර ආහාරයට එක් කළ යුතුය. ඉන් නිසි කලට ඔවුනගේ ප්රජනන හෝමෝන ක්රියාකාරිත්වය ආරම්භ වේ. අඩු වයසින් වැඩිවියට පත්වී හැඟීම් මතුවීමේ අවදානම ඉන් මගහරවා ගත හැකිය.
අධ්යාපනයට පමණක් නොව ක්රීඩා කටයුතු සඳහා ද දියණියන් යොමු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය. එවිට ඔවුනගේ සිතුවිලි ක්රීඩා කටයුතු සඳහා යොමුවීමෙන් අනවශ්ය දේවල් පිළිබඳ සිත යොමු කිරීම මගහරවා ගත හැකිය.
බොහෝ දෙමාපියන් තම දියණියන් ක්රීඩා කටයුතුවලට යොමු නොකරන්නේ වැරැදි මත සිත්හි තබාගෙනය. ක්රීඩා කටයුතු=වල යෙදෙන විට ඔවුනගේ කන්යාපටලයට හානි සිදුවේ යෑයි සිතති. කන්යාපටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගය ඇතුළතය. එසේම එය අසම්පූර්ණ පටලයකි. එය පිහිටිය ද නොපිහිටිය ද කිසිදු ගැටලුවක් මතු නොවේ. පළමු එක්වීමේදී මෙය හානියට ලක්වේ යෑයි සිතීමද මුලාවකි. ඇතැම් තරුණියන්ගේ කන්යාපටලය පිහිටා ඇති ආකාරය අනුව ලිංගික එක්වූවාට එය හානියට ලක් නොවේ.
ක්රීඩාවකට දියණියන් යොමුවීමෙන් ඔවුන්ගේ හෝමෝන ක්රියාකාරිත්වය කාර්යක්ෂම වේ. එවිට ඔවුනගේ සිරුර හොඳින් වර්ධනය වේ. සිරුරේ හැඩය හොඳින් මතුවේ.
පොතට පතට පමණක් දියණියන් යොමු කිරීමෙන් ඔවුනට ඉන් ඒකාකාරී බවක් ඇති වේ. එවිට මනස තෘප්තිමත් කරන කටයුතු කෙරෙහි සිත වැඩිපුර යොමු කරයි. එහි ප්රතිඵලය අප මුලින් සඳහන් කළ ආකාරයේ සිද්ධීන් වෙත ඔවුන් යොමුවීමය.
මෙහිදී යම් කෙනෙකු මෙසේ විමසිය හැකිය. ඇයි දියණියන් පමණක්? තරුණ පුතුන් තුළ මෙවැනි සිද්ධීන් මතු නොවේද? ඊට පිළිතුරු ලෙස පැවසිය හැක්කේ එවැනි සිද්ධීන් ඔවුන් තුළ දක්නට ලැබීම අඩු බවය. මන්දයත් තරුණ පුතුන් වැඩිවියට පත්වන්නේ වයස අවුරදු 12 - 14 අතර වියේදීය. එසේම පිරිමි දරුවන් දියණියන් මෙන් නොව පොත පතට පමණක් නොව ක්රීඩාවට ද වැඩි අවධානයක් යොමු කරති. එය පුරුෂ ගති ලක්ෂණය.
කෙසේ වෙතත් වර්තමානයේ මතුවෙමින් පවතින මෙම අනතුරින් තරුණ දියණියන් සහ පුතුන් බේරා ගැනීම සඳහා ඔවුනට ප්රජනන සෞඛ්ය පිළිබඳ දැනුමද නිසි ලෙස ලබාදිය යුතුය. බොහෝ විට මෙවැනි කටයුතු සඳහා ඔවුන් යොමුවන්නේ කුතුහලය නිසාය.
ලියලා තිබ්බෙ උපාලි සෙරම් කියල කෙනෙක්
වැදගත් නිසා හැමෝටම share කළා
westpra
06-05-2012, 01:58 PM
worthy info... rep6+...
urajdrlk
06-05-2012, 02:08 PM
REPOST..... But, නොදැක්ක අය වෙනුවෙන් බමප් :)
dwpsg
06-05-2012, 02:15 PM
bump
akilar25
06-05-2012, 02:21 PM
........
Nu1Dnk
06-05-2012, 02:25 PM
Oops...
kellsupun
06-05-2012, 02:35 PM
bump
priyal_hdp
06-05-2012, 03:43 PM
Thanks.... Sorry for re-posting it....
REPOST..... But, නොදැක්ක අය වෙනුවෙන් බමප් :)
Xcluzive89
06-05-2012, 03:49 PM
මියුසියස් එකේ ඔහොම සීන් වෙනවා
LKS007
06-05-2012, 03:53 PM
gbn pi
priyal_hdp
06-05-2012, 05:24 PM
:shocked:
මියුසියස් එකේ ඔහොම සීන් වෙනවා
Fox C2
06-05-2012, 06:02 PM
bum
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd. | hplt_2 |
Lotus 1-2-3
නැඳින්වීම [සංස්කරණය]
Lotus 1-2-3 යනු දැන් IBM ආයතනයට සම්බන්ධ වී ඇති Lotus Software නම් ආයතනය විසින් 1983 දී නිර්මාණය කළ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයකි. එය IBM PC නම් පරිගණකය ඉඅතාමත්ම ජනප්රිය කිරීමට මුල් වූ අතර එහි නොයෙක් ලක්ෂණ හේතු කොට ගෙන අනෙක් සියළු පැතුරුම්පත් අභිබවා ඉදිරියෙන් සිටීමට ද හැකි විය.
ආරම්භය [සංස්කරණය]
VisiCalc නම් පැතුරුම්පතෙහි නිර්මාතෘවරයාගේ මිතුරකු වන Mitchell Kapor , Lotus Development Corporation ආයතනයේ ආරාම්භකයා විය. Lotus 1-2-3 මුලින්ම නිර්මාණය කරන ලද්දේ ඊට පෙර තවත් පැතුරුම්පත් දෙකක් නිර්මාණය කළ Jonathan Sachs විසිනි. මෙය මුලින්ම නිකුත් කරන ලද්දේ 1983 ජනවාරි 26 වන දාය
VisiCalc වල ජනප්රියත්වය Lotus 1-2-3 වලට මාරු වූ අතර Multiplan වල R1C1 ආකාරයේ කොටු හැඳින්වීම වෙනුවට VisiCalc වල A1 ආකාරයේ කොටු හැඳින්වීමකට යාම ත් "/" යතුරෙන් මෙනුව ක්රියාත්මක කිරීමත් මෙහි විශේෂත්වයන් විය. මෙහි ජනප්රියත්වය වසර ගණනාවක් ම පැවතීමට එක් හේතුවක් විය හැක්කේ එහි මෘදුකාංග දෝෂ විරහිත වීම යි.
5 ¼ ඩිස්ක් ඩ්රයිව් පමණක් තිබූ පරිගණක සඳහා 5 ¼ ඩිස්ක් 5 කින් Lotus 1-2-3 පැමිණි අතර ඒවා Install, 123, PrintGraph, Translate හා View වශයෙන් නම් විය. මෙහි PrintGraph නම් ඩිස්ක් එක ප්රස්ථාර මුද්රණය කිරීම සඳහා භාවිතා කළ අතර Translate නම් ඩිස්ක් එක Lotus 1-2-3 වල දත්ත dBase වැනි වෙනත් මෘදුකාංගයකට මාරු කිරීමත් එම මෘදුකාංග වල ඇති දත්ත Lotus 1-2-3 වලට මාරු කිරීමටත් භාවිතා විය.
ලක්ෂණ [සංස්කරණය]
x86 assembly language මත සම්පූර්ණයෙන්ම නිර්මාණය වූ නිසා Lotus 1-2-3 ඉතාමත්ම වේගවත් විය.
Lotus 1-2-3 යන නම භාවිතා කරන ලද්දේ එයට විශේෂ ක්ෂේත්ර 3ක ලක්ෂණ තිබි බැවිනි. ඒවා නම් පැතුරුම්පත් (Spreadsheet), දත්ත ගොනු (Database) හා ප්රස්ථාර (Graph) යි.
සමීකරණ = ලකුණෙන් ඇරඹුණු අතර වලට ආවේණික ශ්රිත (Functions) @ ලකුණෙන් ආරම්භ විය. අගය න් +,- හෝ . ලකුණුවලින් ඇරඹුණු අතර පෙළ ක් (Text) නම් ', " හෝ ^ ලකුණුවලින් ඇරඹිණි. මෙම ලකුණුවලින් පෙළ කොටුව තුළ කෙසේ පිහිටිය යුතු ද යන්න තීරණය විය.
දත්ත අනු-පිළිවෙලට සැකසීම කළ හැකි වූ අතර ගණිතමය මෙන්ම ව්යාපාර අරිපාලනයේ ත් සංඛ්යානයේත් ගණනය කිරීම් ගණනාවකට ම සම්බන්ධ ශ්රිත බොහෝ ගණනක් ම තිබිණ. විශේෂයෙන් Matrix Algebra නම් වීජ ගණිතයේ එන න්යායන් මඟින් සමගාමී සමීකරණ විසඳීම පවා කළ හැකි වූ අතර දත්ත විශාල ප්රමාණයක් සාරාංශ කළ හැකි Data Table නම් වූ විශේෂ පහසුකමක් ද Lotus 1-2-3 වල තිබූ ලක්ෂණවලින් කිහිපයකි.
Versions [සංස්කරණය]
Version 1.0 හි Macro නමින් පහසුකමක් තිබූ අතර එ මඟින් හි යතුරු ක්රියා කරවීමේ අනු පිළිවෙලක් වැඩ සටහනකට කැවීම මඟින් බොහෝ දේ කළ හැකි විය. යම්කිසි Macro එකක් මඟින් අතුරු මෙනුවක් නිර්මාණය කිරීම ද එහි එක් එක් අයිතමයක් සඳහා අවශ්ය දෑ එකක් හෝ වැඩි ගණනක් ඇතුළු කිරීම ද කළ හැකි විය. Version 2.0 හි බාහිර පහසුකම් Add-ins මඟින් එක් කළ හැකි විය.
MicroSoft ආයතනය විසින් නිර්මාණය කරන ලද MicroSoft Excel නම් පැතුරුම්පත සමඟ තරඟ කිරීම ට DOS මත වැඩ කළ Lotus 1-2-3 වලට නොහැකි වුව ද පසුව Windows මත වැඩ කරන Lotus Smartsuite නම් මෘදුකාංග කට්ටලයේ Lotus 1-2-3 නම් ඒ හා කරට කර සිටීමට හැකි විය. | hplt_2 |
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මේ දකුණු කොරියාවේ ජිඔන්යූ අන්තර්ජාතික සිනමා උළෙලේ දී (JIFF - JEONJU INTERNATIONAL FILM FESTIVAL) ශ්රී ලාංකික සිනමාවේදී අශෝක හඳගම සමඟ පුවත්පත් කලාවේදියෙකු කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය යි.
මේ චිත්රපටය හදන්න ඔබව පෙළඹවූ හේතුව කුමක්ද?
JIFF ප්රේක්ෂකයින්ට මතක නම්, මම මුලින් ම ඔවුන්ට ඉදිරිපත් කරපු චිත්රපටය ‘මේ මගේ සඳයි’. ඒ 2000 වසරෙදි. එය එම වසරේ හොඳම චිත්රපටයට හිමි Wusuk සම්මානය දිනා ගත්තා. එහි තේමාව වුණේ අපේ රට තුළ එවකට පැවති, බැලු බැල්මට අවසානයක් දකින්නට හැකි වෙතැයි කිසිවෙකු නොසිතූ යුද්ධය නිසා, ඉතා දුෂ්කර මායිම් ගමක විසූ සිංහල ප්රජාවක සාමාජිකයින් සතු වටිනාකම් සහ සම්බන්ධතාවල ස්වභාවය වෙනස් වූ ආකාරය යි. ඒ ‘කිසිදාක අවසාන නොවෙතැයි පෙනුණු යුද්ධය’ 2009 මැයි මාසෙ දි එල්ටීටීඊ යුධ යාන්ත්රණය රජය හමුදාමය යුධ බලය විසින් විනාශ කර දැමීමත් සමඟ අවසන් වුණා.
ඉතා දීර්ඝ වූ වසර තිහක් තිස්සේ ඇදී ගිය යුද්ධය නොසිතූ අවසානයකට ළඟා වුවත් එයින් මේ රටේ සාමාජයීය ජීවිතයට වුණු බලපෑම එතරම් ඉක්මණින් නැති වෙලා නෑ. යුද්ධයෙන් විනාශ කරන ලද උතුරේ ගම් සහ නගරවල යලිත් ජීවිතය හුස්ම ගන්නට පටන් ගැනීමත් සමඟ පීඩාවට පත් ප්රජාවන් දැන් මුහුණ දෙන්නේ වසර ගණනක් තිස්සේ ඔවුන් දිනා ගන්නට යුධ වැදුණු ‘වාර්ගික නිදහස‘ටත් එහා ගිය නවතම ගැටළු රාශියකට යි.
ජීවත්වීම සඳහා කෙරෙන අරගලය යුද්ධයටත් වඩා අමිහිරි, අවදානමින් පිරි, අසීරු එකක්... ශීඝ්රයෙන් වෙනස්වෙන තාවකාලික මහා පරිමාණ සංවර්ධන වාතාවරණය තුළ ‘ජීවිතේ කුඩා අංශුවක්’ වෙනුවෙන් සටන් වදින, දුක් විඳින මිනිසුන් මා දුටුවා. ‘යුද්ධය’ හෝ ‘යුද්ධයේ අවසානය’ යන ද්වයම ‘යුද්ධයට විසඳුම‘ නොවන බව රජය සහ ජනතාව යන දෙපාර්ශවය ම වටහා ගත යුතු බව මට හැඟුණා.
ඔබේ චිත්රපටයේ ප්රධාන තේමාව මොකක්ද?
කෙටියෙන් ම කිව්වොත් ‘ජීවිතය සියල්ලට ඉහළින්’...!
සංග්රාම භූමිය මත සිය ජීවිත පූජාකළ නිර්භීත වීරයින් අප කොතෙකුත් දැක තිබෙනවා. එබඳු මරණ යුද්ධය තුළ දෙපාර්ශවයෙන් ම උත්කර්ෂයට නැංවුණා. නමුත් ජීවිතයේ ඇත්ත වටිනාකම තියෙන්නේ වෙන තැනක. ‘ඉනියවන්’ කියන්නේ සියලු සමාජ- දේශපාලනික යථාර්ථයන් විසින් වඩ වඩාත් බියකරු සහ මරණීය බවට පත් කරන ලද ‘ජීවිතය’ සඳහා වන සටන ගෙන යාමට අධිෂ්ඨානයෙන් අරගල කරන්නාවූ සියල්ලන්ට පිදෙන උපහාරයක්.
JIFF හි කොටස් කරුවෙකු වීම ගැන හැඟෙන්නෙ කොහොමද?
JIFF කියන්නේ මම හැමදාමත් ආසාවෙන් මගේ නිර්මාණ ඉදිරිපත් කරන තැනක්. මම JIFF වලට සම්බන්ධවෙන්නෙ එය පටන් අරගෙන දෙවන වසරෙ ඉඳන්. එහි දී මුල ඉඳලම චිත්රපට නිර්මාණකරණය සැලකුණේ කිසියම් කලාත්මක ප්රකාශනයක් ඉදිරිපත් කරන බැරෑරුම් විධික්රමයක් ලෙස සහ කෙනෙකුට නිර්මාණ විශ්වාසයක් ඇතිව අනාවරණය කළ හැකි තැනක් ලෙස. මට හරිම සතුටුයි එබඳු වැදගත් උළෙලක සමීපතමයෙක් වෙන්න ලැබීම ගැන. මම හරිම කැමැත්තෙන් තමයි මෙහි රැඳෙන්නෙ.
සිනමාව කියන එක ඔබ අරුත් ගන්වගන්නෙ කොහොමද?
මට සිනමාව කියන්නෙ හුදු රසවින්දනයකට එහා ගිය දෙයක්. හරියට ම කිව්වොත් එය ‘සමාජාවබෝධයට පත්වීමේ’ මාවතක්. ඒ නිසා මම මගේ නිර්මාණ සලකන්නේ භාරදූර කාර්යයන් විදිහටයි. චිත්රපයක් හදන්න පටන් ගිනිද්දි මම සූදානම් වෙනවා දුක් විඳින්න සහ කැපකිරීම් කරන්න. මම මේ තාක් කරල තියෙන්නෙත් එහෙමයි. ඉදිරියටත් ඒක එහෙම ම වේවි.
වාණිජ යථාර්ථයන් තුළ හුඟ දෙනෙක් විශ්වාස නොකරන දෙයක් තමයි සිනමාවට මිනිස්සු වෙනස් කරන්න පුලුවන් කියන එක. මේ තාක් සාර්ථක වෙන්න බැරි වුණත් මම තදින් ම විශ්වාස කරනවා එය කළ හැකියි කියලා.
ඔබට ප්රේක්ෂකයින් සමඟ බෙදා ගන්නට පණිවුඩයක් තියෙනවද?
මේ චිත්රපටය තමයි මම දෙන පණිවුඩය; කිසියම් නිශ්චිත පණිවුඩයක් චිත්රපටය තුලදී නිවේදනය නොවුනත්.
මට නිරන්තරයෙන් ම මගේ ප්රේක්ෂකයා සමඟ බෙදා ගන්නට අවශ්ය දේ තමයි අපි මේ ජීවත් වෙන සමාජය පවතින්නේ, තියෙන්න ඕනෙ හොඳම විදිහට නෙවෙයි කියන එක. අපි එකට එක්ව එය වඩා යහපත් තැනක් බවට පත් කළ යුතුයි. සිනමාව කියන්නේ අපේ අවි ගබඩාවේ තිබෙන ඉතාම සංකීර්ණ ප්රබල අවියක්. ඒ ගැන ඇති විශ්වාසය කිසිවිටෙක බිඳ ගන්න එපා!
උපුටා ගැනීම- JIFF වෙබ් අඩවියෙන්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්රෝස්
රහ කතා-බස් | මට සිනමාව කියන්නේ සමාජාවබෝධයට පත්වීමේ මාවතක්....| අශෝක හඳගම සමග
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ඔත්තු කරන්ට්ස් | අන්තෝනියෝ ග්රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්රේල් 25| 3:00 ට
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Praxis සාමූහිකය විසින් සංස්කරණය කරන Praxis සඟරාවේ ප්රථම කලාපය එළි දැක්වීම සහ අන්තෝනියෝ ග්රාම්ස්චි ගේ 75 වන සැමරුම වෙනුවෙන් පවත්වන සම්මන්ත්රණය 2012 අප්රේල් 25 වන බදාදා ප. ව. 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ දී පැවැත්වේ.
මෙදිනට කෙටි චිත්රපට ප්රදර්ශනයක් සහ සංගීත වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අදහස් බූන්දි | පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රවේශය| අදට අවශ්ය තවත් පක්ෂයක්ද? නැතිනම් සමාජ ව්යාපාරයක්ද? - [ජනරඟ විජඉඳු දේවසුරේන්ද්ර]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අපේ රටට අවශ්ය ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂද? නැතිනම් සමාජ ව්යාපාරද? පොදු පිළිගැනීම අනුව වර්තමානයේ හතු පිපෙන්නාක්සේ බිහිවෙන පක්ෂ විනා සෘජු හා ජනමූල සමාජ ව්යාපාර බිහිවීම විරල සිදුවීමක් වී ඇත. එබැවින්ම සමාජ ව්යාපාරයක අවශ්යතාව දැඩිව දැනෙන අවධියක සමාජ ව්යාපාරයක් වෙනුවට තවත් එක් පක්ෂයක් බිහිවීම එක්තරා සිදුවීමක් පමණක් තත්වයට ඇද වැටීම වැලැක්විය නොහැක්කකි. එසේනම් "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" යුගයේ අවශ්යතාව හඳුනා නොගත් විකල්පයක් බව කිව යුතුය. මෙහිදී ශ්රී ලංකාව වැනි බහු වාර්ගික, බහු ආගමික හා බහු පාක්ෂික නාමික සමාජවාදී රාජ්යයකට වඩාත් උචිත වන්නේ ධනේෂ්වර ක්රමය උද්දීපනය කරමින් ක්රියාත්මක වන පක්ෂ ක්රමයක්ද? නැතහොත් සමාජයීය ප්රතිසංශෝධනයකට පාර කියන සමාජ ව්යාපාරයක්ද යන සමාජ යථාර්ථය වටහා ගැනීම වඩාත් වැදගත් වේ.
උදාහරණ ලෙස ඉන්දියානු ජාතික ව්යාපාරය ගෙන බලන කල්හි බහු වාර්ගික බමුණ කුල පවා දැඩි ලෙස භාරතීය සමගිය බිඳදැමූ මොහොතක ජාතික ව්යාපාරයක් ලෙස ක්රියාත්මක වී වැටෙන්නට ගිය ජාතික සෛවරිත්වය නැවත ඔසවා තැබුවේ එයයි. ලංකා ජාතික සංගමයට එය කල හැකි නොවූයේ එය ජාතික ව්යාපාරයකට වඩා සර්ව පාක්ෂික පක්ෂයක ලක්ෂණ පෙන්වීම හේතුවෙනි. කෙසේ වෙතත් පක්ෂයකින් කල හැකි දෙයට වඩා පුළුල් මෙන්ම ස්ථිරසාර වෙනසක් සිදු කිරීමට ජාතික ව්යාපාරයකට හැකියාව ඇත. ජාතික ව්යාපාරයක් ලෙසින් පැටි අවදියෙන් ක්රියාත්මක වෙමින් තිබූ බොහෝ ව්යාපාර පක්ෂ බවට පත්වීමත් සමග මහජන විශ්වාසය බිඳවැටී ඔවුන් ධනේෂ්වර හෝ ලිබරල්වාදී මූල දේශපාලන පක්ෂ බවට ජනමතය ගොඩ නැගී කඩා වැටුනු අවස්ථා අනන්තය.
එසේනම් ජනතා විමුක්ති පෙරමුණ නැමති ශ්රී ලාංකේය දේශපාලන ඉතිහාස කතාවේ වාමවාදීව වෙනස්ම මගකට පොදුජන විඥානය ගෙන ගිය පක්ෂයක ඇදවැටීමත් සමග එහි විකල්ප මතධාරීව බිහිවුණ "ජන අරගල ව්යාපාරය" පක්ෂයක් බවට පත්වීමත් සමග එය පොදු කුලකයට වැටීම වැලැක්විය නොහැක. නමුත් ආකල්පමය සංශෝධනයකින් තොරව පාර්ලිමෙන්තුවේ අසුනක් දෙකක් ගෙන වාද හරඹ කරමින් මේ රටේ විකල්ප මතයක් ගොඩ නැගිය හැකියයි කිසිවෙක් තර්ක කරන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට දශක තුනක් තිස්සේ කලහැකි නොවූ දෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනාතරම් ඉක්මණින් කරන්නේ කෙසේද යන්න සැබෑ ව්යාකූල සැලැස්මකි.
මේ රටේ ජනතාවගේ මතය වී තිබෙන පක්ෂ පාට සංකල්පය අතුගෑවී යන වටපිටාවක් නැති හෙයින් ජන අරගල කණ්ඩායම ඒ මතයටම අනුවර්තනය වූවා යන්න සැබෑ කෝණයකින් බැලූ කල්හි පෙනෙන සත්යය වේ. නමුත් රටට ජාතික ව්යාපාරයක් අවශ්ය මොහොතක අතීතයේ ඉන්දීය ව්යාප්තවාදහ හා බටහිර අධිරාජ්යවාදයට එරෙහිව ජවිපෙ නැගිට්ටාක් මෙන් පියවරෙන් පියවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නැගිටින්නට තිබුණි. එහෙත් දැන් පක්ෂය අරඹා අවසන්ය. එසේනම් කල යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණු තැන හඳුනාගෙන රටට වැරදුනු තැනත් හඳුනා ගැනීමයි. නොඑසේනම් පෙරටුගාමී සමාජවාදී පෙරමුණත් තවත් එක් බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්වනු ඇත.
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්ර
කවි බූන්දි | ආදරයේ ඔබ ඔබමයි** - [තුෂාරි ප්රියංගිකා]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ගැඹුරු නිහඬ බව බිඳිමින්
ගලා බසී රයින්* ගඟ දිය
අඳුරු හෙවණැළි පසු කර
නැෙඟන රළ ගෙඩි බිඳ බිඳ
පයට පෑ පොඩි වැලි කැට මඟ හැර
ගාන්ධර්ව සිහිනය අතෑරී
ආතුර වුණු මාලගිරවුන් අතර
හිස ලා ගත් වැසුම විසි කොට
රයින් නිම්නය කෙළවරම
ඔපෙරාවක කැඩුණු තනු වැයූ
ගාම්භීර තත් කෙඳි
හිඳින්නේ ඇයි - බැස යන වෙසක් සඳට ළං වී
කඳුළු කැට දෙකක් මිදෙන තුරු
ඉර හඳ තරම් සුවිසල්
දෑස් මත..
වැහි ලිහිණි පෙම්බස් අසන්නට
විලෝ තුරු පෙළ නැමී දිය මත
සැනසුම් සුසුම් හිනැහෙයි
නඟා අත් තල
නා ගසක් මවා ඇස් මත්තට
නා දළු නටයි සුළඟට
රයින් ගංතෙර මකා ඉඳහිට
ඕවිටක නිල් දම්පඳුරු යට මතකෙට..
කුරුළු පැටවුන් දඟලන තරමට
ගී ගයන්නට පුරුදු කර කර
හුස්ම පිම්ඹේ සරිගමපදනිස
කෝකිලාවන් විදා අත්තටු
තබා නළලත වඳී - පිරිනිවන් මංගල්ලෙට
අම්මාවරු හද දුකම පිරෙන කොට..
"හඳුනා ගත්තොත් ඔබ මා"**
සංසාරය පණ ගැහෙන බව නිසැකයි
ලිස්සා හැලුණු ජීවිතය අද්දරට
පිනි බිංදුවක් වැටෙන බව සත්තයි
"ගිනිගෙන රත් වුණු දවසක්
සැනසුණු එක හැන්දෑවෙක - උදුම්බරා හිනැහෙනවා"**
පා පතුල ගැටෙන පියගැටපෙළ උඩ
මිහිරි ගීයක දෝංකාරය තවරා
අලුත් ඉසව්වකින් - ඉරට ඇහැරෙන්නට කියයි
"ඔබ මා නොව"න වග එහි ලියයි
රයින් ගඟදිය ඔහෙ ගලයි
පේ්රමයක් නම් වෙතැයි කිසිවිට
සිතන්නේ නැති සිත් යට
සිරිමත් පබළු අමුණන
හුයක් ඇති බව සිතෙන විට
පුදන්නට කිරිඉද්ද අහුරක්
සොයන්නට පුළුවනිද!
රයින් නදියේ විලාපය අස අස
හුදෙකලාවට අත් ඇල්ලූ කෙනෙකු
සිටියේ ම නැති දවසක
හීන් සැරේ සමු ගෙන ගිය
රිද්මයෙන් තෙමෙයි කව
පාට සිත්තම මකා දා
අලුත් කැන්වසය දිගු කළ
යන්න ගිය එකම එක මිනිසා
රයින් ගඟ අසබඩ
හීන සිත්තමෙන් හිනැහෙයි
කුමුදු මල් පෙති මත - මහා මියැසි රුව පා වෙයි!
*රයින් ගඟ- ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියෙන් පටන් ගෙන ඔස්ටි්රයාව, ප්රංශය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් කිහිපයක් පසුකර, උතුරු මුහුදට වැටෙන ගංගාවකි.
**කේමදාසයන් තනු තැනූ ගීයකින් උපුටා ගත් පද.
තුෂාරි ප්රියංගිකා
හයිකු | හයිකු- 8
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන
-බෂෝ
පරිවර්තනය - මාලතී
කවි බූන්දි | ශුක්ර පැටවාගේ චාරිකාව - [සයිමන් නවගත්තේගම]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මා ඇස් අරින විට සිටියේ
ඝන තරලයකින් පිරි
සුවිසල් අඳුරු නළයක් තුළ
වේගයෙන් ඉදිරියට වීසිවෙමෙනි.
කිසිවක් වටාහා ගත නොහී
බියෙන් භ්රාන්තව වී සිටි මා
වට පිට බැලූ කල්හි
මා හා සමාන හැඩරුවෙන් හෙබි
සුවිසාල පිරිසක්
මේ නළය තුළ
එකිනෙකා පරයමින්
ඉදිරියට ඇදෙන අයුරු
පෙනෙන්නට විය.
උන් පවසන පරිදි
ස්වර්ගය පවතින්නේ
මේ සුවිසල් අඳුරු නළය කෙළවරේය
ස්වර්ගය!
....බොහෝ කලක්
මේ සුවිසල් අඳුරු නළය තුළ
ඉදිරියට ඇදෙමින් වුන් අපිට
තවමත් ස්වර්ගය හමු නොවීය.
සමහර උන්
දැනටමත් මේ ගමන
නවතා දමා හමාරය.
දුර්වල උන්
අතරමගදි හැලුණි.
මෙහි අවසානයක් ඇත්ද?
ස්වර්ගයට තව දුරයිද?
තව කොපමණ කල් අප මෙලෙස ගමනේ යෙදෙමුද?
මේවා සියල්ලන්ගේම සිත් තුළ
නලියන ගැටළු විය.
එකෙණෙහිම වාගේ එය
අප ඉදිරියේ දිස් වන්නට විය...
ස්වර්ගය...පුදුමාකාරයි!
මෙලෙක් පෘෂ්ඨයකින් හෙබි
සුවිසාල ගෝලාකාර
ආකර්ෂණීය වස්තුවක්.
මට විස්තර කරගත නොහැකි තරමේ
අලංකාරයක්.
අනෙක් සියල්ලන්ටම ප්රථමව
මම මෙයට ළඟා විය යුතුය.
මම ඉටා ගතිමි.
....කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි.
පෙර සිදු වූ ව්යසනය
සිහි ගන්වන වාරයක් වාරයක් පාසාම
ඇඟ කිළිපොලා යයි.
මා පරයා ස්වර්ගය කරා
ළඟා වූවන්ගේ දැන් ශේෂ වී ඇත්තේ
මතකයන් සහ ශරීර කැබැලි පමණෙකි.
විලාපයන් දුක් දොම්නස් දසතින්.
සමහරෙක් නලයේ කිසියම් ද්වාරයක් සොයා
ඔබ මොබ සැරිසරයි.
තවත් සමහරෙක් හුස් ලූ ලූ අත දුව පැන
කෙළිකවට කමේ යෙදෙමින්
මහත් වින්දනයක් ආශ්වාදයක් ලබයි.
කුමක්ද මේ සියල්ලේ අර්ථය..?
මා මෙහි කුමක් කරන්නේද..?
මා නොදනී.
අප ස්වර්ගයැයි පවසන
ඉතාමත් දෘඩ පෘෂ්ඨයක් සතු
ගෝලාකාර වස්තුව
මහත් ගුප්තය.
මට කුතුහලයක් ගෙනදෙයි.
මෙතුල කුමක් වෙයිද..?
හුදු රික්තකයක්මද...?
නැතිනම් නව නැවුම් ලොවකට පිවිසුම් දොරටුවක්ද...?
දුටුවන් පවසන් පරිදි
අපෙන් එකෙක් ස්වර්ගයට
ඇතුලු වීමට සමත්ව ඇත.
අප අතරින් සමහරෙක්
ඔහුට වන්දනාමාන කිරීමටත්
"දෙවියන්වහන්සේ" යැයි
නමකින් ආමන්ත්රණය කිරීමටත්
අරඹයා ඇත.
දෙවියන්වහන්සේ අපිට
ස්වර්ගයේ දොරටු විවෘත කරන තෙක්
අපි සැවොම මේ අඳුරු නලය තුළ
දෑස් දල්වා බලා සිටිමු.
සයිමන් නවගත්තේගම
අදහස් බූන්දි | පරිණාමවාදයට අභියෝගයක්!!! මිනිසාගේ මීළග පරිණාමය වඳුරා ද? - [විචක්ෂණ අධිකාරි]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
වෙළඳපළට නිකුත් වන පොත්පත් අතර පාඨ ග්රන්ථ හැරුණු විට වැඩි ම අලෙවියක් ඇත්තේ පරිවර්තන කෘතිවලට බව නොරහසකි. එහෙත් මේ ලිපිය ලියැවෙන්නේ ඊට හේතු සාධක සොයන්නට නොව වෙනත් වැදගත් කාරණයක් ඉස්මතු කරන්නට බව පළමු කොට සඳහන් කිරීමට කැමැත්තෙමි.
ඉල්ලුමට සැපයුම න්යායට අනුව බහුල වශයෙන් පරිවර්තන කෘති පළවුවත් ඒවායේ තත්ව පාලනය කිරීමේ ක්රියාදාමයක් ක්රියාත්මක නොවන බැවින් වෙළඳපළට නිකුත් වන පරිවර්තන ලෙස හඳුන්වන පොත් බොහොමයක් තත්වයෙන් ඉතා පහළ මට්ටමක පවතින බව නොකියා සිටිනු නොහැක්කේය. සිංහල පමණක් දන්නා පාඨකයන් මෙමගින් දරුණු සූරා කෑමකට ලක්වනවා පමණක් නොවේ. මුල් කෘතියේ කර්තෘවරයාට ද බලවත් අනර්ථයක් සිදු වේ. එහෙත් එවැනි බාල කෘති රාජ්ය සම්මානවලින් පිදුම් ලබන්නේ නම්.... කාට කියමු ද ඒ අමාරුව?
එක් භාෂාවකින් ලියැවුණු කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී එම භාෂා දෙකෙහි ප්රවීණත්වයක් ලබා සිටීම පමණක්ම සාර්ථක පරිවර්තනයක් කිරීම සඳහා ප්රමාණවත් නොවේ. මුල් කෘතියට පාදක වූ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පිළිබඳව ද පරිවර්තකයා අවබෝධයක් ලබා තිබීම අවශ්ය වේ, මුල් කෘතිය ලියැවුණ භාෂා ප්රයෝග පිළිබඳව ද පරිවර්තක දැනුවත්ව සිටිය යුතු වේ, විෂයානුබද්ධ කෘතියක් පරිවර්තනය කිරිමේදී අදාළ විෂයය පිළිබඳ ප්රාමාණික දැනුමක් ලබා තිබීම ද අත්යවශ්ය වෙයි. එසේ නැතහොත් පරිවර්තකගෙන් වැරදි කරුණු ඉදිරිපත් විය හැකිය.
ප්රවේශයක් වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට සිදු වූයේ 2011 වර්ෂයේ විවිධ කෘති සඳහා වූ රාජ්ය සම්මානය හිමි වූ සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය නම් සිංහල පරිවර්තනය මිලට ගත් බැවිනි. සුභාවි ප්රකාශනයක් ලෙස 2010 ප්රකාශයට පත් කරන ලද එම කෘතියේ පරිවර්තකයා වූයේ පසන් කොඩිකාර මහතායි. පිටු 532කින් සමන්විත දැවැන්ත කෘතියක් වූ මෙය රුපියල් 650.00ක් ගෙවා මිල දී ගත්තේ රාජ්ය සාහිත්ය සම්මානය ද එයට හිමිව තිබූ බැවිනි. මීට වසර කිහිපයකට පෙර පරිවර්තන නවකතාව සඳහා වූ රාජ්ය සම්මානය ද ඒ මහතාට හිමි වූ බව මම දැන සිටියෙමි.
අඳෝමැයි! සිංහල පරිවර්තනය කියැවීමට උත්සාහ දරන විට මට වැටහී ගියේ මිනිසා පැවත එන්නේ වඳුරන්ගෙන් යැයි චාල්ස් ඩාවින් කර ඇති ප්රකාශය කනපිට පෙරළී මිනිසාගෙන් අනාගතයේ දී වඳුරන් පරිණාමය වීමට ඉඩ ඇති බවයි. ඩාවින්ගේ පොතේ සිංහල පරිවර්තනය මිලට ගැනීමෙන් මා රැවටී ඇති බව වැටහෙන විට ප්රමාද වැඩිය.
සිංහල පරිවර්තනය කියැවීමේ අසීරුව නිසාම Darwin– The Origin of Species කෘතිය සොයා ගෙන සිංහල පරිවර්තනය සමග සසඳන්නට පටන් ගත්තේ නිවැරදි ඩාවින් ද නැතහොත් සිංහලට පරිවර්තනය කළ පඬිවරයා ද යන්න නිසැකව දැනගැනීමටයි.
සිංහල පරිවර්තනයේ හැඳින්වීමේ (15 පිටු ) පළමුවන වාක්යය මෙසේය:
"ස්වභාවවාදියකු ලෙස එච්.එම්.එස්. බීගල් සමග එකට කටයුතු කළ කාලයේ දී දකුණු ඇමෙරිකානු වාසීන්ගේ ව්යාප්තිය සහ එම මහාද්වීපයේ වර්තමාන වාසීන් අතීත වාසීන් කෙරෙහි සම්බන්ධය පිළිබඳ නිශ්චිත සාධක මගේ සිතට තදින් කා වැදිණ."
එම වාක්යය ඉංග්රිසි කෘතියේ තිබූ ආකාරය පහත දැක්වේ:
“When on board HMS Beagle, as naturalist, I was much struck with certain facts in the distribution of the inhabitants of South America, and in the geological relations of the present to the past inhabitants of that continent.”
එච්.එම්.එස්. බීගල් යනු රාජකීය නාවික හමුදාවේ නැවක් බවත් තරුණ ස්වභාවවේදියකු වූ ඩාවින් අධ්යයන කටයුතුවල නිරත වීම සඳහා එහි දෙවන චාරිකාවේ දී ඊට එක් වූ බවත් අද සාමාන්ය දැනීම බවට පත් ව හමාර ය. එච්.එම්.එස්. බීගල් නාමය ප්රසිද්ධ වූයේ ඩාවින්ගේ නමත් සමඟිනි. පරිවර්තකයාට නැත්තේ මේ සාමාන්ය දැනීම පමණක් නොවේ. on board යන ඉංග්රිසි යෙදුම පවා ඔහුට ආගන්තුක වූවක් බව පෙනේ. නොපෙනේ ද පරිවර්තකගේ භාෂා ඥානයේ මහිමය?
පළමු වන වාක්යයේ තත්වය මෙය නම් ඉදිරි වාක්ය ගැන අමුතුවෙන් කීමට අවශ්ය නොවේ. එහෙත් මුල් පරිච්ඡේද දෙකක අහඹු ලෙස තෝරාගත් වාක්ය කිහිපයක සිංහල පරිවර්තනය සහ එහි ඉංග්රීසි වාක්ය ද ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
පළමුවන පරිච්ඡේදයෙන්- "වගා කරන ලද හෝ ඇති කරන ලද සහ ඉතා විවිධ දේශගුණික තත්වයන් හා සැළකිලි යටතේ මුළු කාලය තුළ වෙනස් වී ඇති ශාකවල සහ සතුන්ගේ අති විශාල විවිධත්වය ගැන අප යොමුවන විට මෙම විශාල විචල්යතාවයට හේතුව හුදෙක් අපගේ ගෘහාශ්රිත උත්පාදනයන් ඒවායේ ජනක - විශේෂය (Parent – Species) ස්වාභාවික තත්වය යටතේ ඔරොත්තු දී සිටි ආකාරයෙන් තරමක් වෙනස් සහ එයට එතරම් සමාන නොවන ජීවිත කොන්දේසි යටතේ ඇති දැඩි වී තිබීම බව මට සිතේ.” [පිටුව 23]
මෙම සිංහල වාක්යයේ තේරුම අවබෝධ කර ගත නොහැකි බැවින් එහි ඉංග්රිසි වාක්යය සොයායාමට සිදු විය. ඒ මෙසේය:
“When we reflect on the vast diversity of the plants and animals which have been cultivated , and which have varied during all ages under the most different climates and treatment, I think we are driven to conclude that this grater variability is simply due to our domestic productions having been raised under conditions of life not so uniform us, and somewhat different from, those to which the parent-species have been exposed under nature.”
සිංහල පරිවර්තනයේ දෙවන පරිච්ඡේදයෙන් අහඹු ලෙස තෝරාගත් තවත් වාක්යයක් මෙසේය:"එමෙන්ම එකම විශේෂයකින් පැවත එන තනුජයන් තුළ බෙහෙවින් නිතර ඇතිවන බවට ප්රකට හෝ එකම සීමාවූ වටාපිටාවක වාසය කරන එකම විශේෂයක සාමාජිකයන් තුළ බෙහෙවින් නිතර නිරීක්ෂණය කළ හැකි ආකාරයේ ප්රත්යෙක වෙනස්කම් යනුවෙන් හැඳින්විය හැකි සුළු වෙනස්කම් රාශියක් තිබේ." [පිටුව 63]
ඉංග්රිසි භාෂාවෙන් ලියැවුණ මුල් කෘතියේ දෙවන පරිච්ඡේදයේ එම වාක්යය සඳහන් වන්නේ මෙසේය.
“Again, we have many slight differences which may be called individual differences, such as are known frequently to appear in the offspring from the same parents, or which may be presumed to have this arisen, from being frequently observed in the individuals of the same species inhabiting the same confined locality.”
ඉංග්රිසි වාක්යය අපහසුවෙන් හෝ වටහාගත හැකිවුවත් සිංහල වාක්යය වටහා ගැනීමට හැකි කෙනෙක් සිටිත් නම් ඉදිරිපත් වෙත්වා!
තවදුරටත් ඉංග්රිසි සහ සිංහල වාක්ය සංසන්දනය කරමින් කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට සිංහල පරිවර්තනයේ පරිච්ඡේද කිහිපයක ඇති එක් සිංහල වාක්යයයක් පමණක් ගෙන හැර දැක්වීමට අපේක්ෂා කරන්නේ එමගින් සිංහල පමණක් දන්නා අසරණ පාඨකයන් අමාරුවේ වැටී ඇති තරම පෙන්වා දීමටයි.
3 වන පරිච්ඡේදයෙන් උපුටා ගත් තවත් සිංහල වාක්යයක් පහත දැක්වේ.
"තවදුරටත්ල මුල් අවස්ථාවෙහි තිබෙන විශේෂයන් ලෙස මා විසින් හඟන්වන ලද උපවර්ගයන් අවසාන වශයෙන් බොහෝ අවස්ථාවල පැහැදිලි ලෙසම එකම විශේෂයක උපවර්ගයන්ට වඩා බොහෝ සෙයින් එකිනෙකින් වෙනස්වන මනා සහ නිශ්චිත විශේෂයන් බවට සංවර්තනය වන්නේ කෙසේද? නිශ්චිත ගණයන් ලෙස හඳුන්වන දෙය සමන්විත වන සහ එකම ගණයක විශේෂයන්ට වඩා බොහෝ සෙයින් එකිනෙකට වෙනස්වන කාණ්ඩයන් පැන නගින්නේ කෙසේද යනුවෙන් ප්රශ්න කළ හැකිය." [පිටුව 82]
මෙම වාක්යය නැවතත් ඉංග්රීසියට පරිවර්තනය කර (එසේ කළ නොහැකිවීම වෙනම කාරණයකි!) මුල් කර්තෘට දුන්නානම් ඔහු කරකවා ඇතඇරියා වැනි තත්වයකට පත්වෙන බවට නම් කිසිදු සැකයක් නැත.
4 වන පරිච්ඡේදයෙන් උපුටාගත් තවත් සිංහල වාක්යයකි මේ:
"ස්වාභාවික වරණයට ක්රියාත්මක විය හැක්කේ සෑම පැවැත්මකම යහපත මගින් සහ යහපත සඳහා පමණක් වුව ද ඉතා සුළු වැදගත් කමක් සහිත ඒවා ලෙස සිතීමට අප තුළ නැඹුරුවක් ඇති ලක්ෂණ සහ නිර්මිතයන් මත ද එයට ක්රියා කළ හැකිය.” [පිටුව 107]
මෙවැනි වාක්ය ලියා ඇත්තේ පුළුවන් නම් තේරුම් ගනිල්ලා යන න්යායෙන් වත්ද?
5 වන පරිච්ඡේදයේ තවත් සිංහල වාක්යයක් මෙන්න:
"අපගේ ගෘහාශ්රිත සත්වයන් ශිෂ්ඨාචාර ගත නොවූ මිනිසා විසින් මුලින්ම තෝරාගෙන ඇත්තේ ඔවුන් ප්රයෝජනවත් සහ සීමා වූ තත්වයන් යටතේ පහසුවෙන් වර්ගයා බෝකළ නිසාවෙන් විනා ඉතා ඈත දුර ප්රදේශයන්ට ගෙන යා හැකි බව පසුව සොයා ගැනීම නිසා නොවන බව මා විශ්වාස කරන බැවින් ඉතා විවිධ දේශගුණයන්ට ඔරොත්තු දීමට පමණක් නොව එම දේශගුණික තත්වයන් යටතේ සම්පූර්ණයෙන් සඵලවීමට (ඉතා උග්ර පරීක්ෂාවකි) අපගේ ගෘහාශ්රිත සත්ත්වයන් තුළ ඇති පොදු සහ අසාමාන්ය හැකියාව දැන් ස්වාභාවික තත්ත්වයක් යටතේ සිටින අනෙක් සත්ත්වයන් විශාල අනුපාතිකයකට පුළුල් ලෙස විවිධ දේශගුණික තත්වයන් පහසුවෙන් දරාගත හැකිවනු ඇති බවට තර්කයක් ලෙස යොදාගත හැකිය." [පිටුව 167]
සිංහල පරිවර්තනයේ ඇති වාක්යවලින් සියයට අනූවක්ම මෙවැනි අපභ්රංශය. එබැවින් තවතවත් නිදසුන් දක්වමින් පාඨකයන් වෙහෙසට පත් කිරීමට අදහස් නොකරමි. එහෙත් මෙවැනි පරිවර්තනවලට රාජ්ය සාහිත්ය සම්මාන දීම නිසා මතුවන ගැටලු කිහිපයක් ගැන යමක් සඳහන් කිරීම මැනැවැයි අදහස් කරමි. සාහිත්ය සම්මාන සඳහා කෘති තේරිම වට කිහිපයක් යටතේ සිදු කරන බවට පාරම්බානු අසන්නට ලැබී ඇත. ඒ හැම වටයකින්ම මෙවැනි පොත් තේරී ඉදිරියට එන්නේ කවර නම් ආශ්චර්යයකින්ද?
සිංහල පරිවර්තනය ඉංග්රිසි කෘතිය සමග සැසැඳීම පසෙක තිබියේවා! යටත් පිරිසෙයින් සිංහල කෘතියවත් සාහිත්ය මණ්ඩලයෙන් පත් කළ සමීක්ෂකයන් කියවා නැති බවට කවර නම් සැකයක් ද? සම්මාන පිරිනැමීමේදී සලකා බලන්නේ පොතේ පිටු ගණන සහ ඝනකම පමණක් ද?
මේ සාහිත්ය සම්මාන ව්යාපාරය පිටුපස ඥාති සංග්රහ, අතයට ගනුදෙනු සිදු වෙන බවට සැක මතු වීම පුදුමයක් ද? සාහිත්ය සම්මාන පිරිනමන්නේ කර්තෘවරයාගේ නම බලා නොවන බවට එක්තරා බලධාරියෙකු ප්රකාශ කළේ තමන් සලකා බලන්නේ නම නොව වාසගම බව හොඳින්ම දන්නා නිසා විය හැකිය.
මීට වසර කිහිපයකට පෙර මෙහි චෝදනාවට ලක්වන පරිවර්තකයාට හොඳම පරිවර්තන නවකතාවට පිදෙන සම්මානය හිමි විය. එම පරිවර්තන කෘතියත් වැරදිවලින් ගහන පාඨකයන්ට කියවා තේරුම් ගත නොහැකි අපභ්රංශයක් බවට චෝදනා නැගුණු බව මෙහිදී සිහිපත් වේ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව දැනගන්නට නැත. ඒ වෙනුවට සිදු කර ඇත්තේ තවත් රාජ්ය සම්මානයකින් පිදීමයි.
රාජ්ය සාහිත්ය සම්මාන දීම යනු මහජන බදු මුදල් ජාවාරම්කාරයන් අතට පත් කරන කූඨ ව්යාපාරයක කොටසක් ද? නොඑසේ නම් මේ කසිකබල් පොත්වලට සම්මාන දෙන්නේ මහින්ද චින්තනය අනුව යමින් ද?
රාජ්ය සාහිත්ය සම්මාන දීමේදී නිස්සන් කොන්කොට පුස්සන් ඔසවා තැබීම අලුත්ම ප්රතිපත්තිය ද?
චාල්ස් ඩාවින් දෙවන වරටත් මරා දැමූ අයට එරෙහිව බලධාරීන් කුමන පියවරක් ගනී දැයි කට බලියාගෙන බලා සිටිනවා හැරෙන්නට අපට කරන්නට දෙයක් නැත.
විචක්ෂණ අධිකාරි
රහ ඔත්තු | "දොළහක්" රට වටා!
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අතුල පතිරණ අධ්යක්ෂණය කළ "දොළහක්" වේදිකා නාට්යයයේ ඉදිරි දර්ශන-
අප්රේල් 20- හෝටල් පාසල් ශාලාව - මාතලේ
අප්රේල් 21- ධර්මරාජ විද්යාලයීය ශාලාව - මහනුවර
මැයි 18- හොරණ ශ්රී පාලී ශාලාව
මැයි 21- පේරාදෙණිය විශ්ව විද්යාලය
ජූනි 15- ගාල්ල
ජූලි 15- ලයනල් වෙන්ඩ්ට්
ගොළුමඩම හන්දිය | ගොළුමඩම හන්දිය-1| මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි...! ජයන්තගෙ චන්ද්රසිරිගේ මහරජ ගැමුණු ප්රොජෙක්ට් එක - [චන්දරේ]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
කොච්චර වුණත් කතා කරන්න හිතුණම කතා කරන්නම වෙනව. ඩාන්ස්කෝ එකේ අඩඅඳුරු මුල්ලක වාඩිවෙලා ගල් කාලක් ඕඩර් කළා. රාජා හැරෙන තැපෑලෙන් බඩු ගෙනාව, සෝඩා එකකුත් එක්ක. ආයෙ කියන්න දෙයක් නෑ, ඌ බයිට් එක දාන්න කියල ඇති. අපි දන්න කාලෙ ඉඳන් රාජ ඩාන්ස්කෝ එකේ වැඩ. මට ඌව පේන්නෙම එළාර රජ්ජුරුවො වාගේ. මට ඒ ඇයි කියන්න තේරෙන්නෑ. ජීවිතේ එහෙම දේවල් සිද්ධ වෙනවා. දේවල් හිතෙනවා, දේවල් දැනෙනවා, ඒත් ඇයි කියන්න තේරෙන්නෑ. නදීක ගුරුගේගෙ රත්නවල්ලිය බලලා එල්ෆීන්ස්ටන් එකෙන් එළියට බැහැපු වෙලේ දැනුන අන්ධභූත තත්වය සමනය වෙන්න පටන් ගත්තේ රත්මලානට ඇවිල්ලා පොඩි අඩියක් ගහන්න පටන්ගත්තට පස්සේ. එනකොට අම්බානක රෑ වෙලා. ඩාන්ස්කෝ එක වහලා. පස්සෙ දොරෙන් බෝතලෙත් අරන් මතු උනේ රාජා. ඌ මට එළාර රජ්ජුරුවො වගේ මුලින් ම පේන්න ගත්තෙ ඒ වෙලාවෙ. රත්නවල්ලි ලියල තිබුණෙ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒක දැවැන්ත රිසර්ච් එකක් ඇතුළෙ ලියවිච්ච පිටපතක්. එහෙව් දේශපාලන කියවීමක හිටිය නදීක අන්තිමට අබාටත් කරගහල අන්තිමට නතර වුණේ ගාමණීටත් කර ගහලා.
ආයෙත් රත්නවල්ලි මතක් උණේ දවාලෙ පිටු පෙරල පෙරල හිටපු සිළුමිණ පත්තරේ තිබුණු සංවාදයක් දැකලා. සංවාදයේ මාතෘකාව "මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි." එහෙම කියන්නේ ජයන්ත චන්ද්රසිරි.
ජයන්තගෙ ගැමුණු ප්රොජෙක්ට් එක
සංවාදය මෙහෙයවලා තිබ්බේ නුවන් නයනජිත් කුමාර. ඒ.ඩී. රංජිත් කුමාරගෙයි, දමයන්ති ජයසූරියගෙයි පුතා. ඉස්සර කොල්ල හිටියෙ මේ අල්ලපු වැටේ. දහම් මාවතේ මුල්ම ගෙදර.
මේක ඇත්තටම සංවාදයක් නෙවෙයි. කවුරුත් නැති පිට්ටනියක දෙන්න එක්ක ගහන ක්රිකට් මැච් එකක් වගෙයි. නුවන් බෝලෙ දානවා. ජයන්ත හයේ ඒවා ගහනවා. පන්දු යවන්නයි පිතිකරුවයි එකම කණ්ඩායමට ක්රීඩාකරන ක්රිකට් මැච් එකක් බලලා තියෙනව ද? ඔන්න එහෙනම් සිළුමිණ කියවන්න. සංවාදයෙ මුල් ප්රශ්න ටික යන්නෙ මහරජ ගැමුණු ව්යාපෘතියට පසුබිම හදන්න. මුළු සංවාදයෙ ප්රශ්න නොහොත් නුවන් නයනජිත් දාන ඇඩ් 13ක් තියෙනවා. 6 වැනි ප්රශ්නෙ ඉඳන් පටන් ගන්නෙ දෙන්න කලින් කතාකරගත්ත විදිහට ඇරඹෙන ගැමුණු ව්යාපෘතිය. නුවන් නයනජිත් බබා මෙහෙම අහනවා.
ඓතිහාසික චිත්රපට තැනීමේ ප්රවණතාවක් තිබෙන අවස්ථාවක ඔබගේ "මහරජ ගැමුණු" චිත්රපටය තැනීමේ කටයුතු හිටි හැටියේ නතර වුණේ ඇයි?
නමුත් හැමෝම දන්නවා ජයන්තත් එක්ක එක පතේ කලා එකට බේසමේ අත හෝද ගත්ත අනුගාමිකයෙක් ජයන්තගෙ ගැමුණුව පාවා දුන්නා කියලා. නමුත් නුවන් බබා ඒක දන්නෑ. ඔන්න බලන්න දෙවැනි ප්රශ්නෙදි බබා මාට්ටු.
ඔබ මින් පෙරත් ඉතිහාසය විකෘති නොකළ නිර්මාණකරුවකු ලෙස නම් දරා සිටිද්දිත් මෙය ඔබට ම වුණේ ඇයි?
මේ ජයන්තත් එක්ක කම්පෙයාර් කරන්නෙ කාවද ? ජැකාව, ජැක්සන් ඇන්තනිව. ජැක්සන් අබා තුළින් ඉතිහාසය විකෘති කර ඇති නමුත් ඔහුට මනමේ කතාව ත් විකෘති කිරීමට රුපියල්කෝටි ගණන් හම්බවෙද්දි, ඉතිහාසය විකෘති නොකරන ජයන්තට ගැමුණු කරන්න ලැබෙන්න තිබුණ කෝටි ගාණට ජැකා කෙළවපු හැටි තමයි මේ ප්රශ්න කිරිල්ල ඇතුළෙ සැඟවිලා තියෙන්නෙ. ඔබටම වුණෙ ඇයි කියල අහනකොට අරූට නොවී කියන කෑල්ලත් හිමීට ඇහෙන්නෙ ගන්නවා. සිළුමිණ පත්තරේ මහා කලා සංවාදකරු ඊළඟට අහන ප්රශ්නය සහ උත්තරේ දැන් අපි ඩෝප් සීන් එකේම පොඩ්ඩක් කියවමු.
ගැමුණු රජුගේ චරිතය මින් පෙර කිසිවකු නිවැරදිව කියවූයේ නැහැ. අනෙක වරින්වර මේ ශ්රේෂ්ඨ, ධාර්මික නරපතියාගේ චරිතය විකෘති කිරීම්වලට ලක් වුණා.
"පැහැදිලිවම. අපේ ඓතිහාසික මිනිසා ගැමුණු චරිතයේ සිටිනවා. ඔහු තරම් විකෘති කිරීම්වලට ලක්වූ රජෙක් ලංකාවේ නැහැ. ඔහු උග්ර ජාතිවාදියෙක් හා යුද්ධවාදියෙක් ලෙස හැඳින්වීම පළමු විකෘතියයි. මේවා පට්ටපල් බොරු බව මා මේ චිත්රපටයෙන් ඔප්පු කරනවා. මට මේ සඳහා ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ඒ සමඟ මගේ උපකල්පනත් තිබෙනවා.
නමුත් ඒවා අසත්ය, ව්යාජය නොවේ. ලෝකයේ බිහි වූ සෑම ශිෂ්ටාචාරයක්ම පසුපස සංස්කෘතික මිනිසෙක් හිටියා. ඒ මිනිසා විවිධ රටවල නොයෙක් ආකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්. අපේ ශිෂ්ටාචාරයේ මිනිසා හඳුනා ගත හැකි රූපය තමයි ගැමුණු. බෝසතාණන් වහන්සේ සුමේධ තාපස අවධියේ සසරෙන් එතෙර වෙන්න හැකියාව තිබියදී බුදු බව පතලා සසර දිගු කර ගත්තේ ලෝක සත්වයාට තිබූ අසීමිත කරුණාව නිසා."
ඔන්න එතකොට නුවන් දාන ෆුල්ටොස් පන්දුව.
ආනන්ද හාමුදුරුවොත් ධර්මය සුරක්ෂිත කරන තෙක් තමාගේ විමුක්තිය පමා කළා?
දැන් තේරෙනවා නේද මේ දෙන්න එකතු වෙලා ගහන ගැමුණු මැච් එක. නුවන් නයනජිත් කුමාර කියන කලාත්මක පසුබිමක් කියෙන පත්තරකාරයා, තමන් මෙතෙක් උපයාගෙන තියෙන, සීරියස් වගේ එළියට පේන ප්රතිරූපය හෙවත් සමාජ ප්රාග්ධනය බුද්ධ දර්ශනයත් එක්කම ඉතාම දැනුවත්ව ජයන්තගෙ ප්රොජෙක්ට් එකට ආයෝජනය කරන්නෙ මෙන්න මෙහෙමයි. ඇත්ත ඉතිහාසය නම් ජයන්තට සල්ලි ලැබෙන්න අනුමත වෙලයි තිබුණෙ. ඒ කියන්නෙ ජයන්ත හිටියෙ විමුක්තිය ලැබෙන්න ඔන්න මෙන්න වගේ. ජුදාස් මිත්රය තමයි විමුක්තිය පමා කළේ.
ඔහොම යන ප්රශ්නාවලිය අවසන් කරන්න කලින් නුවන් මෙහෙම කියනවා.
"ගුජරාටි ප්රාන්තයේ ගොවියන්ගෙන් මුදල් එකතු කරලා ඉන්දියාවේ ශ්යාම් බෙනගාල් එදා Manthan චිත්රපටය තැනුවා. "ගැමුණු" තිරයට ගෙනෙන්න මහජන ව්යාපෘතියක් දියත් කළොත් ඔබට මේ රටේ බුද්ධිමත් ජනතාව උපකාර කරාවි."
දැන් ඔන්න වැඩේ අවශ්ය කූඨප්රාප්තික අදියරට ඇවිත් තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ගැමුණු පෙන්නලා ගේම දෙන්න තමයි මේ සැට් වෙන්නෙ. එදා චන්ද්රිකා බලයෙ ඉන්නකොට එයාගෙ ගරා වැටෙන ප්රතිරූපෙට මුක්කු ගහන ප්රොජෙක්ට් එක, තරුණයන්ට වෙන්වෙලා තිබුණු මුදලින් රුපියල් කෝටියකුත් පන්නල එස්. බී. දිසානයකයි, සුනිල් ජයන්ත නවරත්නයි එකතුවෙලා බාරදුන්නෙ මේ ජයන්තටම තමයි. ජයන්ත රැජන කියල ටෙලියක් වගේ එකක් පෙන්නුවෙ ඒ ප්රොජෙක්ට් එක තමයි. රැජන නමින් මහජන තාවගෙ ඹුදල් වක්රාකාරව පික් පොකට් ගහපු ජයන්ත තව පාරක් එහෙම කරගන්න ගත්තු උත්සාහයට ජුදාස් කෙළපු හින්දා ඒ පාර එන්න හදන්නෙ අහිංසක මිනිස්සුන්ට කෙළින්ම පික් පොකට් ගහන්න. මේ බලන්න සංවාදය අවසන් කරමින් ජයන්ත කියන කතාව.
"ඔව්. මුලින්ම මා මෙය ලීවේ චිත්රපටය සඳහා තිර පිටපතක් වශයෙන්. නමුත් චිත්රපටය තැනීම මඳක් පමා වූ නිසා ඒ ඇසුරෙන් නවකතාවක් ලියා එළිදැක්වූවා. මා 'සමනල සංධ්වනි' කරන්නේ ගැමුණු චිත්රපටය නොකෙරෙන නිසා නොවෙයි. එය මහජන ව්යාපෘතියකින් ඉදිරියේ අනිවාර්යයෙන්ම තිරයට එනවා. මොන බාධක පැමිණියත් සැබෑ දුටුගැමුණු හෝ මගේ නිර්මාණය යටපත් කරන්න බැහැ."
ඉතිං අපිට බොන්න හිතෙන එක අහන්නත් දෙයක්ද?
වටමඬලේ නිරෝධ
අශෝක හඳගම හෙවත් අපේ හඳයගෙ අලුත්ම සමාජ කියවීම වන ඉනියවන් බලපු වෙලේ ඉඳන් මොකද්ද මන්ද පපුවෙ හිරවෙලා වගේ. බස් එකෙන් බහින්නත් අමතක වුණා. ඔලුව උස්සලා බලද්දි සොයිසාරාමෙ බුදු පිළිමෙ පහුඋණා. ගොළුමඩමෙන් බහින්න හිටපු මං බැහැල ගත්තෙ අඟුළාන හන්දියෙන්. සී. වී. ගුණරත්න ඝාතනය වෙච්ච රණවිරු සැමරුම් බෝමබය පිපිරිච්ච වෙලාවෙ හොඳටම බය වෙච්ච හින්දම අම්බානෙක ගුටිකාපු අඟුලාන හන්දියෙ සයිවර් කඩේ තේ දාපු දෙමළ කොල්ලව කොටියෙක් කරලා දිවයින පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුණ හැටි මතකෙට ආවෙ පාර මාරු වෙනකොට. ඇත්තටම ඊට පස්සෙ ඌට මොකක් වෙන්න ඇද්ද? ඉනියවන් සහ තේ දාපු කොල්ලා අ තර සම්බන්දයක් නෑ. ඒක මට නිකමට වගේ මතක් උණ දෙයක්.
ඉනියවන් ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද කියල හිත හිත ඉන්නකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයට 93ක් ලැබුවා. ආවඩා ආයිබෝ වේවා. දිවයින පත්තරේ වටමඬල සාහිත්ය අතිරේකෙට නිරෝධ කියල ලියන මනුස්සයත් ඉනියවන් බලලා තිබුණ විතරක් නෙමෙයි ලෙස්ටර්ගෙ උපන්දිනේට ඔහුට ලැබුණ හොඳම තෑග්ග ඉනියවන් කියල ලියන්නත් නිර්භය වෙලා තිබුණ. බොහෝ විට මේ දිවයින පත්තරේ සාහිත්ය ගැන ලියන නිරෝධ ජන අරගල කණ්ඩායමට ඥාතීත්වයක් කියෙනවා කියල අනුමාන කරන්න පුළුවන්. ඒ නම උණත් පෙනුමට හරි බරයි වගේ. මං එහෙම කියන්නෙ කරුණු කිහිපයක්ම හින්දා. ඔහුගේ අභිනව ඉනියවන් ලියවිල්ල තුළ ඔහු මේ පෙරටුගාමී ලක්ෂණ පෙන්නලා අන්තිම පසුගාමී විදිහට ඒ ලියවිල්ල ඉවර කරලා තියෙනවා. නිරෝධ මෙන්න මෙහෙම ලියනවා.
"1962 දී හෙන්රි චනද්රවංශගේ 'සමුදයම්' දෙමළ චිත්රපටය නිෂ්පාදනය කර වසර 50 ක් පිරෙන තැන හඳගමගේ 'ඉනියවන්' දෙමළ චිත්රපටය නිෂ්පාදනය වීම ද සිංහල සිනමා ඉතිහාසයේ කඩඉමක් බවට පත්වෙයි. සුවිශේෂී ම කාරණය නම් ඉනියවන්, සිංහල උප සිරැසි සහිතව නරඹන්නට සිදු වුව ද රූපයේ ප්රබල බව විසින් ප්රේක්ෂකාගාරය ට භාෂාව අමතක කරවීම බව ය නිරෝධට හැඟෙන්නේ. පශ්චාත් යුද සමය තුළ නිමැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස 'ඉනියවන්' හැඳින්වීම ට නිරෝධ ලෝභ වන්නේ නැත. පූර්ව යුද සමයේදී ප්රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉරමැදියම' චිත්රපටයෙන් අනතුරුව මෙරට ජාතික ප්රශ්නය තේමා කොටගත් ප්රශස්ත ම කෘතියක් ලෙස ද 'ඉනියවන්' නොබිය ව නම් කළ හැක. දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය සංක්රාන්ති සමය ට මුහුණ දෙන අයුරු චිත්රපටයේ සමස්ථාර්ථය බවට පත්වෙයි. අකුරකුදු අහක දැමිය නොහැකි සීමිත දෙබස් පෙළකින් පශ්චාත් යුද සමයේ ශ්රී ලාංකික දෙමළ ජන ජීවිතයේ යථාර්ථය මානවීය ගුණයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් කිරීම ට හඳගම දරන උත්සාහය ප්රශස්ත ය. දෙමළ ජනතාවට අවශ්ය ව ඇත්තේ '13 ප්ලස්' ද 'ජීවිතය ප්ලස්' ද යන්න සිතා බලන්නට දකුණේ දේශපාලනයට රතුඑළි දල්වන චිත්රපටයක් ලෙස නිරෝධ 'ඉනියවන්' දකී."
සවිඥානවකව නම් නොව ඔහුගේ අවිඥානය තුළින් මතුවන මෙරට ජාතික ප්රශ්නය, දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය ආදී දේශපාලන කියවීම් කිසිසේත්ම දිවයින පත්තරේ ලියන්නකුට තරම් වන්නේ නෑ. ඇත්තෙන්ම ආනන්දජනකයි. එහෙව් පෙරටුගාමී සමාජවාදී කලා විග්රහයකට අවතීර්ණ වෙන නිරෝධට හිටි ගමන් උදුල් ප්රේමරත්න වැහෙනවා. ඔන්න බලන්න.
"ඉනියවන් ඒ සමාජ කතිකාව ගොඩනඟන්නට අවශ්ය වේදිකාව තනා දෙයි. එහෙයින් මෙය සමාජගත වියයුතු චිත්රපටයකි. ආරක්ෂා කරගත යුතු චිත්රපටයකි. දශක තුනක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයෙනුත්, අධිපති දේශපාලන තකතීරුකම්වලිනුත් පීඩා විඳි මේ රටේ සමස්ත ශ්රී ලාංකික ජනතාව මේ චිත්රපටය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය, යුද්ධය අවසන් වුවත් දේශපාලන අධිකාරියට මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබේ. උතුර - නැඟෙනහිර ප්රදේශවල යළි ත්රස්තවාදී නැගිටීම්ල ඇති වන බවට තොරතුරු වාර්තා වීමෙන් ඒ බව සුපැහැදිලි වෙයි. එහෙයින් පශ්චාත් යුද සමය තුළ සිදු වූ අඩුපාඩුකම්ල අතපසුවීම්වලට විසඳුම් ලබා දෙන සමාජ කතිකාවතක් මේ රටට අවශ්ය ය. දේශපාලන සමාජය විසින් රටට ලබා නොදෙන ඒ කතිකාවට කලාකරුවන් හෝ මැදිහත් විය යුතු ය."
හඳගමව දේශපාලනිකව කියවීමට පෙර, කියවීමට තව පොත් ඇති බව මං ඔහුට මතක් කරන එක වරදක්ද?
මනුස්සකමට දෙමළ සම්මානයක්.
ලොතරැයි සයිකල් කරුවාට ගාලුපාරේ කිසිම හෝන් හඬක් ඇහෙන්නෑ. පොර ඒ ඔක්කොම සද්ද වලට සෙකන්ඩ් නොවෙන්න එෆ්.එම්. කටක් ඇරගෙන. මං හිටියෙ ප්රේමයියගෙ උාටා එකේ වාඩිවෙලා දිවයින පත්තරේ බල බල. ලොතරැයි මෑන්ස් ගොළු මඬම හන්දිය පහුකරනකොට ගොනා කෝවිලට ඇහෙනවා. ඉඳහිට, වාසනාව උරගා බලන කෙනෙක් අත දැම්මොත් මිසක් මිනිහා තමන්ගෙ රිද්මය කඩා ගන්නෑ. ඔන්න ප්රවෘත්ති ඉවර වුණා. ආයිත් සින්දු.
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට.....
ඒ ප්රදීපා ධර්මදාසගෙ කටහඬ. තමන්ගෙ ස්වාමියා ගැන උණත් බය නැතුව ඇත්ත කියන්න පුළුවන් ජාතියෙ ගායිකාවක් තමයි ප්රදීපා කියන්නෙ. නමුත් මේ සින්දුව සැමියා ගැන එහෙම නෙවෙයි. ඩලස් අලහප්පෙරුම කියන්නෙ එදා ජනතා සාහිත්ය උළෙලෙදි විහාරමහ දේවි එළිමහන් රංගපීඨෙ දණ ගහල පොළොව ඉඹල මනුෂ්යත්වයේ දේශයක් ගොඩනලන්න ශපථ කරපු උත්තම මනුෂ්යයෙක්. ප්රදීපා වගේ ඇත්ත රැඩිකල් ලස්සන කෙල්ලක් ඩලස් එක්ක ඇත්ත ජීවිතේ කුසපබා රඟපාන්න ගත්තෙ ඒ ඇත්ත චේතනාවෙන්. ඔවුන් මේ කැත දේශපාලනේ එපා වෙලා ඇමරිකාවට යන්න ගියේ යුක්ති ගරුක දේශපානයක් නැති හින්දා වෙන්න ඕනෙ. නමුත් ආයෙත් ආවෙ? තාමත් මනුස්සකම තියනවයි කියල පෙන්නන්න හදන ඩලස් කියන්නෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. ඒ වගේම ශ්රී ලංකා නිදහස් පක්ෂෙ භාණ්ඩාගාරික. මෙන්න මේ අතරෙ ප්රදීපට දෙමළ සම්මානයක් ලැබෙනවා. කොළොන්දු කියන දෙමළ සඟරාව තමයි මේ සම්මානය ඇයට දෙන්නෙ. මෙන්න ඒක පත්තරේ දාලා තියෙන හැටි.
"වැල්ලවත්ත දමිළ සංගම් ශාලාවේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ශ්රී ලාංකික කාන්තාවන් 09 දෙනකු වෙනුවෙන් සම්මාන ප්රදානය කළ අතර ප්රදීපා ධර්මදාස මහත්මිය මෙම සම්මානයට පාත්ර වූ එකම සිංහල කාන්තාව වූවාය."
මේ නිව්ස් එකත් එක්ක පින්තූරයක් දාලා තියෙනවා ප්රදීපා සම්මාන ගන්න පින්තූරයක්. කවුද දන්නවද ඒ සම්මානෙ දෙන්නෙ. කිළිනොච්චි දිස්ත්රික් ශ්රීලනිප සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන්.
ප්රදීපා අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෙ?
චන්දරේ
වෙසෙස් බූන්දි | සුදු වෑන් භීෂණයේ කුමාර්-දිමුතු පරිච්ඡේදයට පසු වදනක් - [සුමුදු තිවංක ගමගේ]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
"සුදු වෑන් රථ" පැහැරගැනීමක් සිදුකොට ඒ වෙත එල්ලවූ බාහිර පීඩනයන් හේතුවෙන් සිය ජීවිත බේරාගැනීමට වරම හිමි වූ පළමු අවස්ථාව ලෙස කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල සිද්ධිය වාර්තා ගත වේ. අනෙකුත් බලපෑම් යම් යම් ආකාරයෙන් බලපෑවත් සැබෑ ලෙසම මේ සදහා ඉවහල් වූයේ ඔස්ට්රේලියානු රජය විසින් සිදුකළ මැදිහත්වීම බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දොරමඩලාවේදී සිදුකළ ප්රකාශයෙන් ද පැහැදිලි වේ. ලංකාව තුළ මෙතෙක් සාමාන්යකරණය වී තිබූ පැහැරගැනීමේ සංස්කෘතියට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම ජාත්යන්තර වශයෙන්ද ආන්දෝලනයට ලක්වූ මෙම සිදුවීම මෑතකාලීන දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මේ වන විට පැහැර ගැනීමට ලක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරිපෙළ ක්රියාකාරිකයින් වූ ප්රේමකුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් පැහැරගැනීම තුළ තමන් මුහුණදුන් අත්දැකීම් මාධ්ය හමුවේ අනාවරණය කර ඇත. රජයේ මාධ්ය මගින් ප්රචාරය ලබාදෙන, රජයේ මාධ්ය ප්රකාශක සහ පොලිස් හා යුධ හමුදා මාධ්ය ප්රකාශකවරුන් ඉදිරිපත් කරන ප්රකාශය හා පරස්පර වන සැබෑ අත්දැකීම ගැන අදාළ වින්දිතයින් විසින් ඉදිරිපත් කරන ලද විස්තර මේ වන විට මාධ්ය හරහා ඔබ විසින් කියවන්නට අසන්නට දකින්නට ඇත. (බලන්න- දිමුතු ආටිගලගේ විශේෂ හෙළිදරව්ව, කුමාර් ගුණරත්නම්ගේ මාධ්ය හමුව)
මුලින්ම පැහැරගැනීමට ලක්වන්නේ දිමුතු ආටිගල මෙනෙවියයි. ගොඩගම ඇයගේ නිවස ආසන්නයේදී පැහැරගැනීමට ලක්වන ඇය ඇස් සහ පාද බැඳ තබන අතර පැහැරගැනීමට ලක්වන මුල් අවස්ථාවේ පහර දිමක් සිදුකරයි. නිල්පාට නිල ඇඳුම් ඇඳගත් දෙදෙනෙකු හා සිවිල් ඇදුමින් සිටි කිහිදෙනෙකු ඇය පැහැරගැනීමට එකතු වී ඇත. පක්ෂ ක්රියාකාරීත්වය, අරමුදල්, එල්.ටී.ටී.ඊ. සම්බන්ධතා, ඉදිරි අරමුණු පිළිබද ප්රශ්ණ කරනු ලබයි. ආරම්භයේ දක්වන ලද දෘඩබව හැරුණු කොට වෙනයම් හෝ පහරදීම් හෝ අඩන්තේට්ටම් සිදුනොකරයි.
ප්රේම්කුමාර් ගුණරත්නම් පැහැරගැනීමට ලක්වන්නේ ඔහු විසින් කිරිබත්ගොඩ පිහිටි සිය හිතවතෙකුගේ නිවසෙහි නිදාසිටින විටය. ඔහුට අනුව ඒ වන විට උදෑසන 4ත් 5ත් අතර කාලයයි. ආයුධ සන්නද්ධව සිටි පිරිසක් විසින් සිය නිවස වටකළ බවත් නිවසේ දොර කඩාගෙන ඔවුන් ඇතුලට පැමිණ තමන්ගේ ඇඳුම් වලින්ම දෑස් බැඳ තබා බලහත්කාරයෙන් වාහනයකට නංවාගනී. පැහැර ගැණුනු අවස්ථාවේදී මෙන්ම පැහැරගත් මුල් දිනය පුරාවට ඔහුට කායිකව හා මානසිකව හිංසනයන්ට පත්කරයි. විශේෂයෙන් ලිංගික හිංසනයන් ද සිදුකරයි. නමුත් දෙවන දිනය වන විට තත්ත්වය වෙනස් වන අතර ඔහුට සිදුකරන සැලකීම් වඩා යහපත් අතට හැරේ. අවසානයේ දෙමටගොඩ අපරාධ කොට්ඨාශය අසලට වාහනයකින් රැගෙනවිත් පොලිසීය තුළට යන ලෙස ආයුධ එල්ලකොට තර්ජනය කරයි. පොලිස් ස්ථානයේ දී ප්රශ්ණ කිරීම් සිදුකොට ඔහුගේ වීසා බලපත්ර කල් ඉකුත්ව ඇතැයි චෝදනාකොට ඔස්ට්රේලියාවට පිටුවහල් කරයි. ඊට අවශ්ය සියළු නීති ක්රියාමාර්ග පැය කිහිපයක් තුළ සිදුකිරීමට නිලධාරීන් ක්රියාකරන අතර ඔස්ට්රේලියානු මහකොමසාරිස් ද කැටුව කටුනායක ගුවන්තොටුපලට ගොස් උදෑසන ඔස්ට්රේලියාවට පිටුවහල් කරනු ලබයි. [Might be JVP, who knows? Govt.]
රජයේ හා ඊට හිතවත් මාධ්යයන්ට අනුව මෙම පැහැරගැනීම සැලසුම් සහගත ක්රියාවකි. දිමුතු ආටිගල මෙනෙවියගේ පැහැරගෙන යාම ගැන කිසිවක් ප්රකාශ නොකරන රජයේ මාධ්ය ප්රකාශක ආමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කුමාර් ගුණරත්නම්ගේ පැහැරගෙන යාම පිළිබදව සඳහන් කරනවා වෙනුවට සහ ඔහු විසින් සිදුකළා යැයි කියන නිති විරෝධී දෑ පිළිබදව චෝදනා එල්ල කරයි. අතුරුදන්වීම යනු හුදු රගපෑමක් පමණක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. මෙම ඇමතිවරයාට අනුව කුමාර් ගුණරත්නම් විසින් පොලීසියට පැමිණ තමන්ගේ වෙන නමකින් පෙනී සිටින බවත් තමන්ට ඕස්ට්රේලියාවට යාමට අවශ්ය බවත් පවසා ඇත. පොලීසිය හා සියළු රාජ්ය ආයතන එකාවන්ව කටයුතු කර ඔහුගේ අවශ්යතාව ඉටුකර දී ඇත. කුමාර් ගුණරත්නම් වෙත එල්ල කර සිටින චෝදනා විභාග කිරීමට කටයුතු නොකළේ මන්ද යන ප්රශ්ණයට ඔහු පිළිතුරු දෙන්නේ නැත.
අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ්
මෙකී සිදුවීම සමගින් දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇත. ඒවායින් කිහිපයක් අප විමසා බලමු.
මෙකී අතුරුදන් වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දැනගනු ලබන්නේ අප්රේල් මස 07 වැනිදා උදෑසනින්ය. එකී සිදුවීම ආරම්භයේ සිටම ඔවුන් විසින් චෝදනා එල්ලකොට සිටියේ රජයේ ආරක්ෂක අංශ වෙතය. මෙනිසාම රජයේ නීතියට වඩා ඔවුන් විශ්වාස කොට තිබුණේ මහජනතාව, ජාත්යන්තරයේ සිටින තමන්ට ලැදි පිරිස්, දේශීය හා ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන, විදේශ තානාපති කාර්යාල, සහ විශේෂයෙන් කුමාර් ගුණරත්නම් පුරවැසිභාවය උසුලන ඔස්ට්රේලියානු රජයයි. මේ නිසාම කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ල ඉදිරිපත්කරන විට සවස 3 පමණ වූ බවට ප්රකාශ වන අතර ඒ වන විට ලෝකය පුරාවට මෙම පණිවුඩය ව්යාප්ත කර රජයට ඒ වෙනුවෙන් බලපෑම් කිරීමට අවශ්ය කටයුතු ඔවුන් විසින් සම්පාදනය කොට තිබුණි. ලාංකික රාජ්යය යනු එහි වෙසෙන සියළු ජනතාවගේ නියෝජිත ආයතනය නම්, මෙකී සිදුවීම එහි අසමත් බව පෙන්නුම් කෙරෙන අතිශය තීරණාත්මක කාරණයකි.
ජාතික හා ජාත්යන්තර මාධ්ය ආයතන විසින් මෙම පුවත් වාර්තාකරණය සිදුකිරීම මගින් මේ වෙනුවෙන් වූ සමාජ කැළඹුම වැඩිකරලීමට සමත්විය. විශේෂයෙන් කුමාර් ගුණරත්නම් යන චරිතය මේ වන විටත් සමාජයේ ගුප්ත චරිතයක් බවට පත්ව තිබීමත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මෙම පැහැරගැනීම සිදුවීමත් මේ සදහා වඩාත් ඉවහල් විය. වඩාත්ම තීරණාත්මක කාරණය වී තිබුණේ මේ ආකාරයට පැහැරගැනීමට ලක්වූ සියල්ලෝ සදාකාලිකව අතුරුදන් වූ පුද්ගල ගණයට අයත්වීමත්, ප්රාණය නිරුද්ධ සිරුරක් වත් සොයාගන්නට හැකියාව නොලැබීමත්ය. මේ හේතුව නිසාවෙන් බොහෝ පිරිස් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන පුද්ගලයින් පොදු අතුරුදන්ව ගිය පුද්ගලයින් අතරට එකතු කිරීමට පසුබට නොවූහ.
තත්ත්වය මෙසේ වන විට රජයට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය දක්වන පිරිස් හැරුණුකොට, අන් සියළු දේශපාලන කණ්ඩායම් නිල හා නිල නොවන ආකාරයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය සහයෝගය පළ කර සිටියේය. විශේෂයෙන් විකල්ප දේශපාලන කණ්ඩායම්, වාමවාදී දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ බුද්ධිමතුන් මේ අතර ප්රමුඛව කටයුතු කළේය. රජයේ සියළු ක්රියාවන් ඇදහීමට පුරුදුව සිටි කොටස් වල ශක්තිය හීනවී සමාජය තුළ ඊට ප්රතිවිරුද්ධ පාර්ශවයේ ශක්තිය වඩ වඩාත් ඉස්මතුවන ආකාරය දක්නට ලැබුණි. මෙතෙක් කලක් ජනඅරගල ව්යාපාරයට විවේචන ඉදිරිපත් කළ පිරිස් ද එකී බාධක සිය පොදු අභියෝගය හමුවේ බාධයක් කොට ගත්තේ නැත. ලංකාව පිළිබද ප්රවෘත්ති සපයන දේශීය හා විදේශීය වශයෙන් ප්රවෘත්ති සපයන සියළු වෙබ් අඩවි සිය ක්ෂණික පුවත් වාර්තා අතර ප්රමුඛව වාර්තා කරන ලද්දේ මෙකී අතුරුදන් වීමේ සිදුවීමයි. ප්රවෘත්තිවල විශ්වාසවන්තභාවය සියයට සීයයක් තහවුරුව නැතත් සමහර පුවත් වෙබ් අඩවි විසින් කුමාර්, දිමුතු අත්අඩංගුවට පත්ව රඳවා තබා ඇති ස්ථාන හා පුද්ගයින් පිළිබඳව ද අනාවරණය කරන ලදී.
මෙම සිදුවීමෙන් හටගත් කම්පනය නිසාවෙන් නොයෙකුත් දේශපාලන සංවිධාන හා විද්වත් පිරිස් විසින් විවෘතව රජයට මෙකී සිදුවීම් පිළිබද චෝදනා එල්ල කරන ලද අතර, රාජ්යයක වගකීම් හා ක්රියාකාරීත්ව පිළිබද නැවත නැවත කරණු ඉස්මතු කරන ලදි. මෙතෙක් වෙන් වෙන්ව කටයුතු කරන ලද ලාංකික සමාජයේ හෘද සාක්ෂිය නියෝජනය කළ පිරිස් විසින් මෙකී සිදුවීම සුවිශේෂී අවස්ථාවක් කොට ගෙන පොදු සමාජය වඩාත් යහපත් කිරීමට යොදාගත හැකි තීරණාත්මක අවස්ථාවක් බවට පත්කර ගැනීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබුණි. සැබැවින්ම ඒ වෙනුවෙන් වන මහජන එළැඹුමකට අවශ්ය වටපිටාවද ක්රම ක්රමයෙන් නිර්මාණය වෙමින් තිබුණි.
මෙතෙක් ජනඅරගල ව්යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබද සිය කොන්දේසි විරහිත විවේචන ඉදිරිපත් කළ ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂයට හිතවත් ත්රිමාණ වෙබ් අඩවිය වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වන දේශපාලන සංහිඳියාවක් වෙනුවෙන් ඉදිරිපත් වීමේ මෙකී සිදුවීම තුළ කවර පාර්ශවයකින් වුවද දක්නට ලැබුණු දේශපාලනිකව වඩාත් ඉදිරිගාමී ක්රියාව බව සදහන් කළ යුතුය.
"මේ නිසා ඉදිරියේ සිදුවන ඕනෑම ආණ්ඩු විරෝධී පෙරමුණු ගැසීමක් සදහා අවම මූලධර්ම ගණනාවක් ගැන පොදු එකඟතාවය තීරණාත්මක සාධකයක් විය යුතු බව අපේ පසින් ප්රකාශ කරන්නට කැමැත්තෙමු. සෙනඟේ සහ මාධ්යයේ වශී කරන සුලු බලපෑමටත්, දේශපාලන තක්කඩින්ගේ ප්රතිපත්ති විරහිත ගොනු වීම් වලටත් එරෙහිව අප සටන් කළ යුත්තේ එමගින් ප්රතිපත්ති සහගත විප්ලවවාදී දේශපාලනය දියාරු කරවන බැවිණි."
-ත්රිමාණ 09.04.2012
තත්ත්වය මෙසේ වන විට කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාම පිළිබදව වඩාත් අලස ක්රියාපිළිවෙල සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් බව දක්නට ලැබුණි. කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්යකාරක සභා සාමාජකයෙකි. දිමුතු ආටිගල යනු ඔවුන්ගේ කාන්තා සංවිධානයේ නායකාවකි. තත්ත්වයන් එසේ තිබියදී වුවද ඔවුන් විසින් දිගින් දිගටම කුමාර් ගුණරත්නම්ගේ අනන්යතාව ප්රතික්ෂේප කිරීම එම අවස්ථාව තුළදී රජය විසින් තම වාසියට හරවාගෙන තිබුණි. ජවිපෙට හිතවත් LankaTruth වෙබ් අඩවිය විසින් මෙකී සිදුවීමට ලබාදී තිබුණේ අවම වටිනාකමකි. ජවිපෙ විසින් පසුව නිකුත් කළ මාධ්ය නිවේදනය තුළද සමස්ත අතුරුදන් කිරීමේ ක්රියාවලිය පිළිබද අවධාරණය කර තිබුණා මිසෙක මෙකී සිදුවීමේ දේශපාලනික සුවිශේෂීත්වය නොසළකා හැර තිබුණි.
"ජනඅරගල ව්යාපාරයේ සාමාජිකයෙක් හා සාමාජිකාවක් ආරක්ෂක අංශ විසින් පැහැර ගෙන ගොස් ඇතැයි එම ව්යාපාරය විසින් මාධ්ය හමුවකදී පවසා තිබේ. එය ඉතා බරපතල කරුණකි. ප්රජාතන්ත්රවාදය බරපතල අනතුරකට ලක්වීමකි. අපේ රටේ ප්රජාතන්ත්රවාදය දිනෙන් දිනම අනතුරට පත්වෙමින් තිබේ. මාධ්යවේදීන්ට පහර දීම්, මරා දැමීම් හා මාධ්ය ආයතන ගිණි තැබීම්, පුද්ගලයන් පැහැරගෙන යාම්, බිය වැද්දීම්, සාමකාමී විරෝධතාවලට පහර දීම්, සාමාකාමී උද්ඝෝෂණවලට වෙඩි තබා නිරායුද පුරවැසියන් ඝාතනය කිරීම් දිගින් දිගටම සිදුවෙමින් තිබේ. මෙය වහාම පරාජය කළ යුතු බරපතල තත්වයක් ලෙස අපි දකිමු.
රටේත් ජනතාවගේත් ප්රශ්න වලට විසඳුම් නැති දුර්වල පාලකයින් පෙළඹී ඇත්තේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් විනාශ කිරීමට බව පැහැදිළිය. එබැවින් ගොඩනැගෙමින් තිබෙන මෙම ප්රජාතන්ත්ර විරෝධී හා මර්දනකාරී තත්වය වහාම පරාජයට පත් කිරීම සඳහාත් ප්රජාතන්ත්රවාදී අයිතීන් රැකගැනීම සඳහාත් පෙරට එන ලෙස අපි ප්රජාතන්ත්රවාදය අගයන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිමු."
-LankaTruth 08.04.2012
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් ජවිපෙ සම්බන්ධයක් ඇත්දැයි කුමාර් ගුණරත්නම්ගෙන් ඇසූ විට ඔහු කිසිදු දේශපාලන කුහකත්වයකින් තොරව ප්රකාශ කොට සිටියේ ඊට ජවිපෙ කිසියම්ම හෝ ආකාරයක සම්බන්ධයක් ඇතැයි ඔහු නොසිතන බවයි. මෙය සාම්ප්රදායික ජවිපෙ හැසිරීමට එහා ගිය තත්ත්වයකි. කුමාර් ගුණරත්නම් පැහැදිලිවම කියා සිටියේ ජවිපෙ සම්බන්ධයෙන් වන දේශපාලන විවේචනය පිළිබදව විනා ඔහු අවස්ථාවාදී ප්රකාශයක් කිරීමට පෙළඹුණේ නැත. පැහැරගැනීමේ කම්පනය පහවීමටත් පෙර මාධ්ය සාකච්ඡාවකට සහභාගී වූ දිමුතු ආටිගල මෙනෙවිය විසින් පරිණත නොවන ආකාරයෙන් ජවිපෙ ඈදාගැනීම, මේ අනුව නිශේධ වූ බව මගේ විශ්වාසයයි.
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යනු ජවිපෙ දෙවන මර්ධනයෙන් පසු එම පක්ෂය ප්රජාතන්ත්රවාදි ප්රවාහයේ තීරණාත්මක පක්ෂයක් බවට පත්කරලීමේ ක්රියාවලියේ ප්රමුඛතම කාර්යභාරයක් ඉටුකළ පුද්ගයින් දෙදෙනෙකි. කුමාර් ගුණරත්නම් යනු 1994 මහ මැතිවරණයේදී ජවිපෙ විසින් දිනාගත් එකම මන්ත්රී අසුන නියෝජනය කිරීමට පක්ෂය විසින් නම් කළ පුද්ගලයා බවද කියැවේ. ප්රසිද්ධ දේශපාලන වේදිකාව තුළ දක්නට නොලැබුන ද ජවිපෙ ප්රධාන පෙළ නියෝජනය කළ පුද්ගලයෙකු වන කුමාර් ගුණරත්නම් ගේ අනන්යතාව ජවිපෙ විසින් දිගින් දිගටම ප්රතිකේෂප කිරීම යනු වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් පුද්ගල අතුරුදන් වීම් පිළිබදව සිය සම්බන්ධයක් නොමැති බවට සිදුකරන ප්රකාශයෙහිම සංකල්පමය දිගුවකි. අප විසින් ප්රතික්ෂේප කළ යුතු දේශපාලන සම්ප්රදාය එයයි.
ලංකාවේ දේශපාලඥයින් විසින් සිදුකරන ජනතාවිරෝධී ක්රියාවලීන් හෙළිදරව් කරමින්, විකල්ප පුවත් සැපයීමේ කර්තව්යයේ ප්රමුඛ කාර්යභාරයක් සිදුකිරීම නිසාම රජයේ මර්ධනයට හසුවූ ප්රධානතම මාධ්ය ආයතනය වූයේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියයි. එකී වෙබ් අඩවියේ මාධ්යවේදියෙකු වූ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කොට ඇති අතර මෙම වෙබ් අඩවිය ද ලංකාව තුළ වාරණයට ලක්කොට ඇත. තත්ත්වය මෙසේ වුවද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිදුවීම් වාර්තාකරණය සිදුවූයේ ඔවුන් දෙදෙනා මෙන්ම ජනඅරගල ක්රියාකාරීන් පිළිබද වෛරී ආකාරයකින් බව එම වෙබ් අඩවියේ ඕනෑම පාඨකයෙක් හට තේරුම් යන දෙයකි.
"ජවිපෙන් කැඩී ගිය කචල්කාර කණ්ඩායමේ නායකයා යැයි කියාගන්නා කුමාර මහත්තයා නමැත්තා සහ එම කණ්ඩායමේ සාමාජිකාවක් වන දිමුතු ආටිගල නමැත්තිය කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ඇතැයි එම කණ්ඩායමේ පුබුදු ජයගොඩ පවසයි. ඔහු කියන අන්දමට ඊයේ (06) රාත්රී 8 ට පමණ ගොඩගමදී දිමුතු ආටිගල පැහැර ගෙන ඇති අතර අද(07) උදෑසන කුමාර මහත්තයා නමැත්තා පැහැර ගෙන තිබේ. පැහැර ගත් ආකාරය ගැන වැඩි විස්තර නොකියන ඔව්හු මේ පිලිබඳ අද මධ්ය හමුවක් කැඳවමින් තොරතුරු කියන බව පවසයි. මාධ්ය මගින් මේ පිළිබඳ විස්තර ඇසූ විට පුබුදු ජයගොඩ පවසා ඇත්තේ මෙය පළ කරන විට ඔවුන්ගේ නව පක්ෂයේ නම යොදා පළ කරන ලෙසයි."
-ලංකාඊනිව්ස් 07.04.2012
ජනඅරගල ක්රියාකාරීත්ව පිළිබදව දේශපාලනික විවේචන පැවතීම සාධාරණය. එහෙත් අතුරුදන් වීමක් යනු කවර තත්ත්වයක් යටතේ වුවද පිළිගත නොහැකි තත්ත්වයකි. දේශපාලන පක්ෂ නායකයින් පමණක් නොව පාතාල ක්රියා හෝ මත්ද්රව්ය වෙළදාමට සම්බන්ධයැයි චෝදනා ලද්දවුන්ට මෙන්ම එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් පැවැත්වූවා යැයි සැකකෙරෙන පුද්ගලයින්ට පවා අතුරුදන් වීමට නොව නීතියේ ක්රියාවලිය හරහා යුක්තිය පසිඳලීමේ ක්රියාදාමයට ඇතුලත් වීමට ඉඩකඩ ලැබිය යුතුය. මානව ශිෂ්ඨත්වය යනු එයයි.
උතුරු නැගෙනහිර ප්රදේශවලත්, කොළඹත් දමිළ ජනයා කේන්ද්රකොටගෙන සිදුවූ පුද්ගල අතුරුදන් කිරීම දකුණේ සමාජය විසින් කොන්දේසි විරහිතව අනුමත කරන ලදී. එකල්හි විශේෂත්වය වූයේ දමිළ ජනයා අරඹයා පමණයක් එය ක්රියාත්මක වීමත්, ත්රස්තවාදය යන ලේබලය ඒ සෑමතැන්හිම සනිටුහන්ව තිබීමත්ය. එල්.ටී.ටී.ඊ.යට විරුද්ධ දැවැන්ත සමාජ මතයක් ගොඩනැංවීමටත්, එය ජාතිකවාදී තලයට ඔසවා තැබීමටත් වඩාත් ප්රමුඛතම කාර්යභාරයක් සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණයි. දැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරගනිමින් ඉන් වෙන්ව සිටින පිරිස් ද මේ සදහා අනුබල දී ඇති බව ඔවුන් විසින් පිළිගත යුතුමය. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළේ එල්.ටී.ටී.ඊ.ය පෙන්වමින් දමිළ සමාජය මර්ධනය කිරීමට යොදාගත් උපායන් යුද්ධය නිමාවීමෙන් අනතුරුව දකුණේ සිංහල සමාජය වෙනුවෙන් ආදේශ කිරීම පමණි.
යුද්ධය හැරුණු කොට ගෙන ප්රදර්ශනවාදී මාධ්ය හරඹ හා සංවර්ධනය පිළිබද විකෘති කරන ලද සංඛ්යා දත්ත ඉදිරිපත් කරමින් සිටිනවා විනා රාජපක්ෂ රෙජීමය විසින් රාජ්යයේ අනෙකුත් කිසිම කර්තව්යයක් සාර්ථකව ඉටුකළා යැයි කිව නොහැක. සියළු තැන්හි ඇත්තේ වඩ වඩාත් ගරා වැටුණු තත්ත්වයකි. සිය පවුල කේන්ද්රකොට ගෙන කටයුතු සංවිධානය කිරීමත්, බලයට ඇති දැඩි කෑදරකමත්, තමන්ට අවශ්ය අරමුණු ඉටුකරගැනීමට උදව් ලබාගන්නා දූෂිත නිලධාරී පන්තියක් (ආරක්ෂක අංශ ද ඇතුළුව) නඩත්තු කිරීමත් වැනි කාරණා නිසා ජනප්රියවාදයකින් එහා ගොස් සැබෑ සාර්ථකත්වය ළගා කරගැනීමට අසමත්ව ඇත.
ආර්ථික ප්රශ්ණ ගැටළු මුලික කරගත් පරිහානිය නිසා සමාජ කැළඹුම තීව්ර වී ඇත. ආණ්ඩුව පෙරළීම සදහා තව දුරටත් අවශ්යව ඇත්තේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් පමණි. තත්ත්වය එසේ වුවද රාජපක්ෂ රෙජීමය මේ වන විට ගමන්කොට ඇත්තේ පරාජයක් ඉවසාගන්නා තත්ත්වයක නොවේ. ඔවුන් විසින් සිය බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින් සිදුකර ඇති දූෂිත හා වෛරී ක්රියා නිසා රාජ්ය බලය නොමැති රාජපක්ෂ පවුලක් ගැන සිහිනෙන් වත් සිතිය නොහැක. මෙතෙක් ලංකාවේ බලය ලබාගැනීම හා පරාජයට පත්වීම සාමාන්ය දෙයක් වුවත් රාජපක්ෂ අරභයා එය එසේ වේ දැයි යන්න ප්රශ්ණයකි. මෙනිසාම ජනබලය කේන්ද්ර වන යම් තැනක් වේද, ඒවා රාජපක්ෂ රෙජීමයට දැනෙන්නේ අන්වීක්ෂයකින් ඒදෙස බලනවා වැනි හැඩයකිනි. තමන්ව හෙලා දකින තැනක ජන බලය එක්තැන් කිරීම ඔවුන්ව නිසැකවම භීතියට පත්කරනු ලැබ ඇත. කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදන් වන්නේ මෙවැනි වටපිටාවකය. මීට පෙර එම ව්යාපාරයේම ලලිත් හා කුගන් නැමැති ක්රියාකාරිකයින් දෙපලක් ද පැහැරගෙන ගොස් ඇත.
මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ. කොතරම් ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් හඩනැගුවද ඒවා පලක් වේ දැයි කිවනොහැක. එසේ වුවද ආරම්භයක් ලෙසවත් කිසියම් ආකාරයේ ප්රජාතන්ත්ර විරෝධී වැඩකටයුතු වෙනුවෙන් සමාජයක් ලෙස කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. කෙතරම් පාතාල ක්රියාකාරකම් වල චෝදනා එල්ල වුවත්, මත්ද්රව්ය චෝදනා එල්ල වුවත් නීතිමය ක්රියාමාර්ග ගන්නවා විනා රාජ්ය ත්රස්තවාදය යොදා ඒවා මැඩලීමට ඉඩනොදිය යුතුය. සැබෑ කොටම ගත් කළ ලංකාවේ ප්රබලතම පාතාලයත්, ලොකුම මත්ද්රව්ය වෙළන්දනුත් සිටිනුයේ රජයේ ඇමතිමණ්ලයේ බවට තව දුරටත් සාක්ෂි අවශ්ය නැත. මිනිසුන් ලෙස අපගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් වත් සුරක්ෂිත කළ යුතුය. තවදුරටත් කිසිම පුරවැසියෙකු කැලෑ නීතියේ හෝ අවනීතියේ ගොදුරු බවට පත්විය යුතු නැත. ඒ සදහා සැවොම පෙරමුණ ගත යුතුය. ඔස්ට්රේලියාවේ සිට කුමාර් ගුණරත්නම් මෙන්ම මෙරට විද්වත් පිරිස් ද අවධාරණය කළේ එයයි.
Man returns after Sri Lanka kidnap ordeal -NewsOnABC
අතුරුදන්වීමේදී එක්ව ක්රියාකළ පිරිස්, අතුරුදන්වීමේ මූලබීජයන් විනාශකරලීම සදහාද එකමුතු විය යුතුය. ඒ සදහා තීරණාත්මක මුල්පියවර ගත හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. තමන්ගේ ක්රියාකාරිකයින් වෙනුවෙන් ඉදිරියට පැමිණි සමාජය සමස්ත සමාජය සුදුවෑන් භීතිකාවෙන් ගලවා ගැනීමට මෙහෙයවිය යුතුය. ඒ වෙනුවෙන් පටු දේශපාලනික වාසි පසෙකලා විවෘතව කටයුතු කළ යුතුය. ඉතිහාසය විසින් වෙනස්වීමට, වෙනස් කිරීමට ලබා දුන් තවත් අවස්ථාවක් ලාංකික සමාජය කෙසේ කළමණාකරණය කරගනීවිද යන්න දැන් අප මුහුණ දෙන තීරණාත්මක ප්රශ්ණයයි.
සුමුදු තිවංක ගමගේ
අදහස් බූන්දි | ජාතික අතුරුදහන් කිරීමේ අමාත්යාංශයක් වහා පිහිටුවව්! - [ආලෝක රණසිංහ]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අතුරුදන් කිරීම යනු එදිනෙදා ලාංකේය ජීවිතය තුළ ‘බඩගින්න’, ‘විරැකියාව’ සහ ‘උද්ධමනය’ යන වචන තරමට ම සමීප වෙමින් සුලභ වෙමින් ඇත්තා වූ වචනයකි. අලුත්ම ගොදුර බවට පත් වූ ජන අරගල ව්යාපාරයේ/ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනා යළි පැමිණිය හ. (එලොව ගිහින් මෙලොව ආහ!) හරි නම් දැන් ගෙවී යා යුත්තේ, සාමාන්යයෙන් සිදු නොවෙන අන්දමට ඔවුන් දෙදෙනා තවමත් පණ පිටින් සිටීමේ පුදුමය විග්රහ කර ගැනීමේ කාලයයි. එහෙත්, 'නොපැමිණි' සුනාමිය සහ පැමිණි අලුත් අවුරුදු සොමියට යට ව "අතුරුදහන් වීම්" පිළිබඳ සංවාදය ද පුවත් සිතියම් වලින් 'අතුරුදහන්' වෙමින් යාමට නියමිතය. නො එසේ නම්, ආණ්ඩුවේ ඇමතියෙකු විසින් කීමට නියමිත ඉල ඇදෙන ත්රාසජනක බලු-විහිලු කතාවක් මගින් සියලු සංවාද ජෝක් කොට ජනතාවගේ හිනා බඩවැල කුප්පනු ලැබ අදේශපාලනික මෝඩ කාටූන සහ ෆෝවඩිං මේල් වලින් සැප ගැනීමේ කාලය එළඹෙනු ඇත.
ඇම්නෙස්ටි ජාත්යන්තරය පවසන පරිදි පසුගිය මාස හය තුළ අතුරුදන් කරන ලද සමාජ දේශපාලන ක්රියාකාරිකයින් සහ මාධ්යවේදීන් ගණන තිස් දෙකකට (32) අධික වන අතර 2005 න් පසු මරා දමනු ලැබූ මාධ්යවේදීන් ගණන දහයකට (10) අධික ය. එක්නැළිගොඩ, ලසන්ත වික්රමතුංග සහ ලලිත්, කූගන් සිද්ධීන් කිසිදු විළිලැජ්ජාවකින් තොරව නොතකා හරිමින් රජය අඟවමින් සිටින්නේ ඒවා කිසියම් පිටසක්වල අධිකාරියක් මගින් මෙහෙයවන ලද පැහැරගැනීම් හෝ ඝාතන විය හැකි නමුත්, ඔවුන් සතු මහත්මා ගුණයක් නිසා ඒවා ගැන අවසානයක් නොදන්නා කාලාන්තයක් දක්වා පොලිස් පරීක්ෂණ කෙරි කෙරී කෙරි කෙරී යන බවය. මේ අපූරු 'ප්රජාචංචවාදී' ආණ්ඩුව දුවමින් සිටින්නේ කොහේද? පුහුල් හොරා (හොරුන්), ටී.වී. තිර ඇතුළේ සිට තම තමන්ගේ කරවල් පිහිමින් ජනතාවගේ සාලයට මිනී අළු වගුරවමින් සිටිති!
සුදු වෑන් අතේ මාට්ටු වී අවසානය. ඒවා එන්නේ කොහේ සිටද කාගේ අණින් ද යන්න තව දුරටත් නොතේරෙන කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය එක්කෝ මේ අපරාධකරුවන්ගේ වලව් වල ඉඳුල් ලොවින ප්රවේණි දාසයෝ විය යුතු ය. නො එසේනම් නෙළුම් පොකුණේ ෆ්රී ඔෆ් චාර්ජ් නාට්ටියක් පෙන්නීමට හීන බලන නාට්ටිකාරයෙකු විය යුතුය. සිල් රෙදි, ටයි කෝට් අස්සෙන් එන මිනී පුළුටු ගඳ හඳුනා ගැනීමට අවශ්ය වන්නේ නැහැයක් නොව ඔලුවකි!
කුමාර් ගුණරත්නම්ගේ මාධ්ය හමුව [-lankaviews.com]
ආණ්ඩුවට නොඑසේනම් රාජපක්ෂ රෙජීමය ට බලය යනු හුදෙක් තව වසර කිහිපයක් භුක්ති විඳ දමා යා හැකි අනියත දෙයක් නොවේ. මේ නිධානය තවත් පරම්පරා කිහිපයක් දක්වා පරිභෝජනය කිරීම ඔහුගේ අරමුණ යි. ඒ සඳහා ඒ සුධීමතුනට ඇති බාධා මොනවාද? බලය රැක ගැනීම සඳහා කිසියම් පාලනාධිකාරයකට අතවශ්ය සාධක වලින් එකක් වන ආර්ථිකය ලංකාවේ නම් දැන් ඇත්තේ අඳුරු අගාධයක ය. එහෙත් සිය සුවිසල් යයි පෙන්වන සංවර්ධන වැඩ පිළිවෙලවල් (පාරවල්, වරාය සහ පාලම් තැනීම පමණක් මීට අයත් වන බව කරුණාවෙන් සලකන්න!) ජනතාවට පෙන්වමින් අනෙක් අතට සිය අන්තර්ජාතික දහං ගැටවලින් ජනතාව ණය කරමින් මහා පරිමාණයෙන් ණය ලබා ගනිමින් තිබෙන තත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක් මවා පෑමට සහ රට සංවර්ධිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව සමත් ව තිබේ.
ඒ අනුව ජිනීවා ගැටළුව සහ චීනය වැනි රටවල වැඩි පොළී ණය ආදියේ පිහිටෙන් තව කලක් අල්ලා සිටිය හැකිය. එවැනිම වැදගත් කරුණක් වන්නේ දේශපාලනික බලාධිකාරය වෙනස් කල හැකි සාධකය වන මැතිවරණය යි. වියැකෙමින් ගිය ද තවමත් පපුවේ රස්නය යන්තමට රැඳී ඇති යුද ජයග්රහණයේ මළමිනිය ද මවා පෙන්වන අන්තර්ජාතික කුමන්ත්රණ නම් ව්යසනය ද ඉහත කී ඊනියා සමෘද්ධිමත් සංවර්ධන වැඩපිළිවෙලවල් ද ඔවුන් ව ඒ කඩුල්ලෙන් ද එතෙර කරවනු ඇත. ඒ නිසාම ප්රධාන විපක්ෂය හෝ ජවිපෙ හෝ වෙන කිසිදු ප්රධාන දේශපාලන පක්ෂයක් ඔවුන්ට තව දුරටත් තර්ජනයක් නොවේ. ඒ සියලු පක්ෂ මැතිවරණ ක්රමය විශ්වාස කරන අතර ඒ නිසාම මේ විෂම යාන්ත්රණය තවදුරටත් පවත්වා ගෙන යාමට විටෙක දැනුවත්ව ද තව විටෙක මුග්ධකම නිසා නො දැනුවත්ව ද දායක වෙති. ඒ නිසාම රාජපක්ෂ රෙජීමය සතු බලය බිඳ හෙළීමට කිසිසේත් අසමත් වෙති. ඒ අනුව දෙමළ අරගලය හෝ ඩයස්පෝරාව හෝ කොඳු කඩන ලද විපක්ෂ හෝ කඩා වැටෙන ආර්ථිකය හෝ ඔවුන්ට මේ නිශ්චිත මොහොත තුළ බාධකයක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් සහ (සුරා) බදු වෑන් ගැන
දොරමඬලාවේදී[-gossiplk]
ඔවුන ට බාධාවක් විය හැක්කේ එක් දෙයක් පමණි. ඒ ජනතා නැගිටීමකි. අවසාන ප්රතිඵලය කෙබඳු වුවද මැද පෙරදිග හරහා හමා යමින් ඇති ජනතා නැගිටීම් යනු පාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් නම් කිසිසේත් සුභ ලකුණක් නොවේ. තමන් ජනතාව ඒකරාශී කරමින් කරන්නාවූ අරගල හරහා මේ ක්රමය වෙනස් කිරීමට උත්සහ දරණ බව ජන අරගල කණ්ඩායම ප්රසිද්ධියේ ප්රකාශ කර ඇත. බොහෝ තරුණ පිරිසක් ද ජවිපෙ වටා සිටි බිම් මට්ටමේ ක්රියාධරයින්ගෙන් බහුතරයක් ද තමන් සමඟ බව ඔවුහු විශ්වාස කරති. කෙසේ වුවද ජනතාව ඇහැරවීම භයානක ය. ජන අරගල කණ්ඩායම හෝ කවරක් හෝ වේවා යමෙකු සැරසෙන්නේ බලයට අභියෝග කිරීමට නම් අඩු ගණනේ වචනවලින් හෝ එසේ කිරීමට සැරසේ නම් එය ලත් තැනම ලොප් කිරීම හැර වෙනත් විකල්පයක් ද රෙජීමයට නැත. මේ තරම් උපක්රම භාවිත කොට ඝාතන සිදු කොට භේද භින්න කොට රැක ගත් බලය නිකම් ම පුස්සක් වීමේ අවදානම ගන්නේ ඇයි?
මේ අදහස් දැක්වීමට ඇති අයිතිය ද දේශපාලනික වීමේ අයිතිය ද ප්රජාතන්ත්රවාදය ද අමු අමුවේ මර්ධනය කරන්නා වූ ක්රියාවලියක තවත් දිගුවකි. ජන අරගල කණ්ඩායම ම උදාහරණයට ගතහොත් පසුගිය මාස කිහිපය තුළ ඔවුනට කිහිප වරක් ම පහර දුන් බැව් අසන්නට ලැබිණි. ජවිපෙ විසින් කළා යයි කියන මේ පහර දීම්වලට එරෙහි කිසිදු පියවරක් නීතියෙන් ක්රියාත්මක නොවුණි. ඒ ආණ්ඩුව ‘සතුරාගේ සතුරා මිතුරා ය. ’ යන ආප්තයෙහි එල්බ ගෙන සිටි නිසා වන්නට ඇත. දැන් මර්ධනය තිරස්ව නොව සිරස්ව ඉහට උඩින් එල්ල වෙයි. ජවිපෙ කණගාටුව ප්රකාශ කරයි! මේ එතරම් ම උත්ප්රාසවත් මොහොතකි. ඊයේ පෙරේදා වන තුරුම එක පතේ කා 'එක සරමේ' බැහැගෙන සිටි සහෝදරවරුන් හොය හොයා රිඹ යන්නට පහර දෙන ජවිපෙ, හදිසියේ ම ඇහැරී මානව හිමිකම් ගැන දොඩවන විට අහා... ප්රේක්ෂක අපට කිචි කැවෙන තරම! අද ගොදුරු බවට පත්ව ඇති මේ ඇතැමුන් විසින් ම දිවා රෑ කඹුර කඹුරා උගුරුත් පුකත් හමයන තුරු කෑ ගහමින් ඇති දැඩි කොට අභිෂේක කොට මුදා හළ බල්ලා, අංශක තුන්සිය හැටේ කක්ෂීය චලනය නිමවා, අවසාන වශයෙන් දැන් ඔවුන් ම සොයා පැමිණ ඇත. අප ඒ බව සිහි කරන්නේ නරුම විනෝදයක් ප්රතිනිෂ්පාදනය කිරීමට නොව, එදා බල්ලා බෑ කියද්දී නාන්න ඇදගෙන ගිය "බඩියන්" අද ගොදුරු බවට පත්ව ඇත්තේ යම් සේ ද එපරිද්දෙන් ම, අද බල්ලන් සමග එක්ව දඩයමේ යන "බඩියන්"ගේ ද ප්රයෝජ්ය වටිනාකම් ඈවර වෙන දිනයක ඔවුනට ද අත් වන්නේ මේ ඉරණම ම බව සිහි ගැන්වීමටයි.
දිමුතු ආටිගලගේ මාධ්ය හමුව [-lankaviews.com]
එක්නැළිගොඩ, ලලිත්, කූගන්, පාතාලයන් ලෙස ලේබල් කරන ලද විරුද්ධවාදීන්, කිසිවිටෙක අධිකරණයක් ඉදිරියට නොපමුණුවන ලද හුදු සැකකරුවන් සහ මතක හිටින්නට තරම් නෝටබල් නම් නැති එකී නොකී මෙකී මිනිසුන් සියගණනක් ද අතුරුදහන් ය. ඔවුහු කිසිවෙකු හෝ කුමාර් හෝ දිමුතු මෙන් ආපසු පැමිණේ දැයි දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණකි. [ආහ් වරදුණා... සමාව! පුටුව උඩ ඉන්න දෙවියෝ පමණකි!]
පුදගලයන් මතු නොව අතුරුදහන් වූවන් සැමරීමට ඉදි වූ ස්මාරක පවා හිටි වන ම අතුරුදහන් වෙයි. ඊටත් වඩා පුදුමය නම් එකී ස්මාරක සමගම ඒවා නිර්මාණය කළ ජනතාවාදී යැයි කිවූ කලාකාර මහතුන් ද අතුරුදහන් වීමයි. එබඳු එක් සිත්තරනයිදේ කෙනෙකු මේ නොබෝ දා තමන්ම ඉදි කළ ස්මාරකය අතුරුදහන් කළ ආණ්ඩුවේ, කලාව සහ සංස්කෘතිය භාර බෙල්ලක් නැති මාමයිට් ඩප්පියකට තමන්ගේ සහ සෙසු ශිල්පීන්ගේ නිර්මාණ පෙන්වමින් පසු ගමන් ගියේලු! අහා... අහිංසකයනි, තොප මේ අලුත් ලංකා පොළොවට බරකි. ඉඳින් මේ උන් හිටි 'හිලු'ත් අතුරුදන් වන යුගයයි!
පාඩම් ඉගෙන ගන්නට කොමිසම් දැමූ ආණ්ඩුව ජීනීවා සමුළුවේ දී රහසින්වත් නොකී රස රහසක් දැන් ඉතින් අපට නම් ලීක් වී අවසානය. ඒ වෙන මොනවා නැතත්,මේ පින් බිමෙහි සියළු සත්ත්වයන්ගේ අතුරුදහන් වීමේ අයිතිය නම් සියයට සියයක් ම සුරක්ෂිත බවය...! දැන් මේ රටට අඩු, ඒ සුරක්ෂිතභාවය යාව ජීව කොට නඩත්තු කිරීම පිණිස බලවත් ඇමතිවරයෙකු මගින් නිල වශයෙන් පාලනය වන ජාතික අතුරුදහන් කිරීමේ අමාත්යාංශයකි...!
ආලෝක රණසිංහ
කවි බූන්දි | නිවාඩුවට ගෙදර එන අවුරුද්ද! - [සමිත බී. අටුවබැන්දෑල]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සොරබොර වැවේ දැන් සොඳ සොඳ ඕලු නැතී
නගරෙට ගොහින් ෆැක්ටරියේ වැඩට යතී
යථාර්ථයේ කරවිල උන් උයා කතී
කවුළුදොරින් වල්ගා තරු දෙස බලතී
ඔබත් මොබත් බල ෆැක්ටරි වැවාණෝ
කඳුලින් ඩහදියෙන් උතුරන වැවාණෝ
දිය නොසිඳෙන වීරිය පිරි වැවාණෝ
නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ!
අවුරුද්දට එරබදුවල පඩි පිපිතේ
බෝනස්වලින් මුල් ඇදලා හිනා වෙතේ
ලංගමයේ තුන් කුදු වී ගමට යතේ
බෑග් එකෙන් වෙහෙස වසා සිනාසෙතේ
මුළුතැන්ගෙයි එක පහනක් දිලෙන්නේ
දුම් අතරින් අම්මගෙ රුව මැවෙන්නේ
සංසාරේ හැම පවක් ම ගෙවෙන්නේ
අම්මට තමයි මුළු පඩියම ගෙනෙන්නේ
අඳ කුඹුරේ අප්පච්චී සිටින්නේ
ගිනි දලුමයි මතු වී එහි තියෙන්නේ
පොලිය නිසා කුරුසයකයි ගැහෙන්නේ
ණය ගෙවන්ට පිං අරගෙනමයි එන්නේ
වතුර නොමැති නංගිගෙ රුව පෙනෙන්නේ
පර්ස් එකේ දාගෙන වැහි ගෙනෙන්නේ
කවදාවත් මල් නැතුවා පෙනෙන්නේ
ඕටීවලින් මල් අරගෙන වඩින්නේ
ඉරේ රුව බලන් නැකතට වඩින කොට
සඳේ රුව බලන් ගමරට වඩින කොට
මලේ රුව බලන් ගේ ළඟ පිපෙන කොට
වැවේ රුව බලන් සෙනෙහෙන් පිරෙන කොට
පඩියෙන් පඩිය වයසට යන සඳාණෝ
ජුකී මැසිම පාගන රන් කඳාණෝ
බැංකු පොතේ පිටු පෙරලා බලානෝ
ඉතිරි කරපු ඩහදිය මුතු නැතානෝ
සමිත බී. අටුවබැන්දෑල
කවි බූන්දි | වැරදුණු සෝදුපත - [චිරන්ත ජයසේන]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අතපසුව ග්රැෆික් සිත්තරෙකු හට
කොරල් ඩ්රෝ සිත්තම් පුවරුවකින්
ගිලිහි ගිය
රත්තරන් පාට තරු කැටයකට
හිලව් වුණා පුතේ
උඹේ අවුරුදු හිනාව
"දිග...නිවාඩුවකට
තාත්තා එනවාද
මගේ අවුරුදු චෝයියයි
නිලා කූරුයි
බඹර චක්කරයි
අහස් කූරුයි අරගෙන
තාත්තා එනවාද
දිග... නිවාඩුවකට"
දුර ඇමතුමක ඇමුනුණු
නුඹේ හුරතල්ම තෙපුලකට
තෙත් වූ නෙත තුටු කඳුලකට
මුවා වී මඟ හැරුණු හිස් තැනක්
රතු පෑනත් නොදුටු
පුංචි තරුවක් වැටුණු හිස් තැනක්
හිස් කළා නුඹේ අවුරුදු සතුට
ප්රසාද දීමනා
අවුරුදු අත්තිකාරම්
දඬුවම් කාසි බවට පත් වී
ෆැක්ටරි මැනේජරගේ
රතුපාට අත්සනක්
සෝදුපත මත පෑවා
වියරුම හිනාවක්...
යුරෝපාකරය පැහැපත් කරන
මහාසාර ඇඟලුම් සමාගමක
ප්රාණ සම එක් වෙළඳ සලකුණක
තරු වැලක එකම එක තරුවකට
හිලව් වුණා පුතේ
අපේ අවුරුදු සතුට...
චිරන්ත ජයසේන
කවි බූන්දි | ලොව පරම සුව - [ඉසුරු අබේසේකර]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සැඟව යන
හෙමි හෙමින් යළි මතුව එන
කෘෂව ගිය
වෙව්ලන සඳ එළිය
වෙහෙසෙයි
හාත්පස අඳුරු පටලය බිඳින්නට..
ඒ එළිය - අඳුරහි ගිලී
ඔබත් මමත්
ලොව පරම සුව විඳින්නෙමු
වරෙක
ගිලෙමින්, නැහැවෙමින්
පිහිනා රිසිව - ඒ මේ අත යමින්
උනුන්
වෙළී එකිනෙකා
බුර බුරා නැගෙත් ගිනිසිළු
පහන් එළියත් වසා
ඝනාන්ධකාරය නසා...
හිරු සතක් නිවාලන
පිනි බිඳුව - දිය බිඳුව
සියලූ ගිනි නිවාලන’යුරු
වික්ෂිප්ත නොවෙම් මම්!
කෙළවරක දිගු වාට්ටුව
කෙළවරම සයනයේ
වැතිර
හැරී එක් ඇලයකට
මා සමගඟින් රිසිව
පිහිනා ගිය තුටුව
හංස පොවුවන්
සුදුම සුදු - පවිත්ර වූ
කිරෙන් බර වී
නිවත් කුසගිනි
පෝෂණය කරත්
ඔය
අතෙකින් වසන් කරගත්
අපේ උරුමය
අපේ අරුමය
අපේ අනාගතය
අපේ නාමය
කොටින්ම කිවහොත් - ‘අප’
මම දකිමි ‘අප’
පුතු වතින්
එදා අප ලද සුවය
සදා මා ළඟය අද පටන්
දයාබරිය,
නුඹට බෝ පින්
අත්කර දුන්නාට මට
ලොව පරම සුව!
ඉසුරු අබේසේකර
Cine බූන්දි | ආර් ද කිඩ්ස් ඕල් රයිට්...? - [හර්ෂ අරවින්ද]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
[ජොනී-
ඇත්තම කිව්වොතින් මගෙ මල්ලි තමයි මට බල කලේ ඔයාට කෝල් කරන්න කියල…මොකද මට වයස දහ අටයි එයාට පහළොවයි, ඒ කියන්නෙ එයා තාම ලාබාල වැඩියි ඔයාට කෝල් කරන්න...එයා ආසයිලු ඔයාව මුණගැහෙන්න...ඒත් ඔයා කැමතිනම් විතරක්...
පෝල්-
(මවිතයට පත්වී)
ඔයාගෙ මල්ලි...?
ජොනී-
ඔව්..ඒ කියන්නෙ මගෙ අනිත් අම්මගෙ මල්ලි... අපේ අම්මල දෙන්නම ළමයි දෙන්නෙක් හැදුව…ඔයාගෙ ශුක්රාණු වලින්....]
ද කිඩ්ස් ආර් ඕල් රයිට් යනු 2010 වසරේ තිරගත වූ චිත්රපටයකි. අතිශය නවීන තේමාවක් කැටි කොට ගත් මෙම කෘතිය බටහිර වත්මන් පවුල් ඒකකයේ සමාජීය හා මානසික දියුණුව ඒසේත් නැතිනම් විකෘතිය නිරූපණය කරන්නකි. හාස්ය උත්පාදක කෘතියක් ලෙස මෙය වර්ගීකරණය [Comedy] කෙරුනත් ඔබ මෙය නරඹන විට මෙය හාස්යයෙන් ඔබ්බට ගිය සංකීර්ණ කෘතියක් වග වටහා ගනු නිසැකය.
මෙහි එන කතා තේමාවට අනුව, ලේසර් හා ජොනී යනු සමලිංගික මව්වරුන් දෙදෙනෙකු දාව උපන් දරුවන් දෙදෙනෙකි. මව්වරුන් දෙදෙනාම එකම ශුක්රදායකයකු ආධාරයෙන් මව් පදවියට ලැබූ අතර එතැන් පටන් ඔවුන් සතුටින් හා සාමීචියෙන් වැජඹෙති. ඒත් ඒ ඔහු එනතුරු පමණෙකි...ඔහු...දරුවන්ගෙ ජීව විද්යාත්මක පියා.
මෙහි නිරූපිත පවුල් සංස්ථාවට අනුකූලව, මව්වරුන් දෙදෙනාගෙන් නික් නැමත්තිය නිවසේ ගෘහ මූලිකයා වන අතර මානසිකත්වය අතින් පුරුෂ ස්වභාවයක් පෙන්වයි. ඇය සාර්ථක රැකියාවක නිරතවන අතර අතිශය ලෙස වයින් පානයට ඇබ්බැහි වූ අයෙකි. ඇය නිවසේ නීති සම්පාදකද වේ. මේ හේතුවන් නිරන්තර ගැටුම් මේ දෙමව්වරුන් හා දරුවන් අතර හටගන්නේ මෙය වචනයේ පරිසමාප්ත අරුතෙන්ම සාමාන්යය පවුලක් බව පසක් කරමිනි. ජූල්ස්, අනෙක් මව බොහෝ සෙයින් ගෘහනියක ආර හොබොවයි. ඇය තමන් කවුරුන්දැයි වටහා ගැනුමට නිරන්තර අරගලයක තමා සමඟම පැටලෙන අතර ඇයට අවැසි දෑ ඇයම නොදනී.
කෙසේ නමුත් මෙවන් දරුවන් සතු අයිතියකි. එනම් වයස දහ අට පැමිණි විට තම ජීව විද්යාත්මක පියා කවුරුන්දැයි දැනගැනුමට ඇති අයිතියයි. පවුලේ පිරිමි දරුවාවන වයස පහළවක් පමණැති ලේසර්ගේ අධික බල කිරීම හේතුවෙන් ජොනී මෙම දුරකථන ඇමතුමට පෙළඹේ. එමගින් ඔවුන් තම ජීව විද්යාත්මක පියා සමඟින් හාද වේ. එනම් පෝල් ය.
පෝල් වූකළි තරුණ ජවයෙන් ආඪ්ය වූ ඉතා සාර්ථක ව්යාපාරිකයෙකි. පහසුවෙන් කාන්තාවන්ගේ සිත් දිනාගැනීමේ සහජ දක්ෂයෙකුවන ඔහුගේ ආක්රමණයෙන් මෙම පවුල් සංස්ථාව දෙදරා යයි. දරුවන් පමණක් නොව ජූල්ස් ද ඔහු කෙරේ ඇදීයන්නේ නිරායාසයෙනි.
මේ නිසාම ස්වභාවිකවම නික් සහ පෝල් අතර ගැටුමක් හටගන්නා අතර නික් විසින් ගොඩනඟන ලද දුර්වල පීතෘත්වය බොඳ වී යයි. මෙලෙස පෝල් මේ කතාන්තරයේ දුෂ්ටයා බවට පෙරළේ.
මෙහි ගොඩනැගෙන ගැටලුව නම්, සමලිංගික පවුලක් දාව උපන් දරුවන්ගේ වර්ධනය කෙබඳුද යන්නයි. මෙම චිත්රපටයේ නිර්මාණකරුවනට අනුකූලවනම්...එය අතිශය සාමන්යය යි.
හර්ෂ අරවින්ද
වෙසෙස් බූන්දි | Hotel California: What the Song is About - [රුවන් එම්. ජයතුංග]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
The rock band Eagles released their super hit Hotel California in 1976 and up-to-date this song remains one of the popular songs that is adored by millions of fans around the world. The hit song Hotel California is well written both lyrically and musically. This song contains a deep connotation and was written by Don Felder, Don Henley and Glen Frey. The song was an instant success. Many believe that Hotel California is not a place; it is a metaphor. As the true interpretation of Hotel California, Don Henley told Rolling Stone magazine once that Hotel California was about "facing some of the harsh realities of fame and life in Hollywood." On the contrary there are several interpretations of Hotel California.
Materialism and Hyper Consumerism
Hotel California reflects the materialism and hyper consumerism in the Western World. Consumerism is an economic policy that states that the market is shaped by the choice of the consumers. Under the Consumerism systematic creation and fostering of a desire to purchase goods and services in ever greater amounts take place. The Economists who advocate consumerism believe that the key to economic prosperity is the organized creation of dissatisfaction. People are encouraged to buy and consume various products despite the necessity. The consumerism increased in the West rapidly after the WW2.
Consumerism has negative repercussions on people and the society. Ecological imbalances, environment pollution and economic recessions have become the unavoidable realities under the hyper consumerism. The extravagant lifestyle in LA which is a mixture of materialism and hyper consumerism has caused nostalgia and emptiness. The Eagles echoes the California lifestyle and the culture in the ’70s with their all-time greatest hit. For the Eagles Hotel California was their interpretation of the high materialistic life in Los Angeles.
Hotel California is a metaphor for cocaine addiction
As the music critics view this song is an allegory about hedonism and self-destruction. Hotel California is a first person narrator who is driving in the dessert. Then he sees a sparkling light and decides to go there and have a night rest.
On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night
The Eagles on stage, Rotterdam, 1977.Photo: Redferns
The narrator is on an exotic experimental mind journey. The "Dark Desert Highway" refers to a craving drug trip that has a disastrous aftermath. The warm smell of Colitas (the Spanish term for tumble weeds) makes his head heavy and sight dim. While high on cocaine, he has delusional feelings of grandiosity. He feels more energetic and sociable. While on his wild drug trip the narrator experiences euphoria and hallucinations. His mind goes through a mystic fathomless fantasy.
There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
’this could be heaven or this could be hell’
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say....
Welcome to the hotel California
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel California
Any time of year, you can find it here
It is a well-known factor that prolonged use of cocaine leads to paranoia and delusion. Cocaine has correspondingly intense effects on the body – and on the mind. Cocaine has powerful psychological addictive properties. Therefore the users find it difficult to refrain from indulging in it.
Relax,’ said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
But you can never leave!
Cocaine addiction is something similar to the journey that has no return. The narrator was told "you can check out any time you like, but you can never leave"
Hotel California is a metaphorical music of the Vietnam War
The Vietnam conflict has been called "America’s first rock-and-roll war" because of the predominance of rock music that permeated the American experience there. As draft quotas were raised and deferment and exemption loopholes closed, an overwhelming number of military personnel belonged to one generation: the average age of combat soldiers was 19 and, according to some figures, 90 percent were under 23 years of age. Many of these conscripts did not want to be in Vietnam, and no one wanted to be alienated from his own generation back home. Therefore, many GIs imported their tastes in music into the war zone. Rock music was the most popular genre, and beads and peace symbols were worn with and on many uniforms. (Fasanaro. C)
Hotel California resonates with the combat experience in Vietnam. The Old French Fort in Tay Ninh that was about sixty miles North West of Saigon was nicknamed Hotel California. During the Tet offensive the Old French Fort became a place of safety to many combatants. Often the soldiers were greeted at the Old French Fort saying "Welcome to the Hotel California" The Vietnam War changed the American social landscape. The nation was divided. Some openly protested the war. Young naïve boys were drafted and sent to Nam. Most of them were 19 years old and 12,000 miles away from home. During the war the innocence was lost. Atrocities like My Lai Massacre shocked the American public. Over 50,000 US solders never returned home alive.
The Eagles, 1976. From left to right: Glenn Frey, Don Henley, Joe Walsh,
Don Felder and Randy Meisner. Photo: Michael Ochs Archives
The United States also paid a high political cost for the Vietnam War. It weakened public faith in government, and in the honesty and competence of its leaders. Indeed, skepticism, if not cynicism, and a high degree of suspicion of and distrust toward authority of all kind characterized the views of an increasing number of Americans in the wake of the war. The military, especially, was discredited for years. It would gradually rebound to become once again one of the most highly esteemed organizations in the United States. In the main, however, as never before, Americans after the Vietnam War neither respected nor trusted public institutions.
(The Postwar Impact of Vietnam by Harvard Sitikoff)
In his autobiography Heaven and Hell: My Life in the Eagles (1974-2001), Don Felder wrote that my views on the Vietnam War were unpatriotic. Don Felder was A rebel during his teenage years frequently at odds with his parents and ran away from home. In later years he closely worked with the anti- Vietnam war protestors. His anti-war attitude resonates in Hotel California.
Deep sarcasm is associated with the line that states "Welcome to the Hotel California, such a lovely place, such a lovely face" The war is welcoming young soldiers. In every war propaganda is maintained to hide the ugly realities that have horrendous nature. War front is a lovely place and it has a lovely face until the solder becomes a casualty. To depict the harsh realities of the war Don Felder and his co-writers use euphemism to arouse wistful feelings in the listeners.
Hotel California is a mental hospital
Some believe that Hotel California is a mental hospital (probably the Camarillo State Mental Hospital that became functional in 1932) In 1960s many psychiatric hospitals had many allegations such as abusing the mental patients, giving high doses of sedations to them, excessively using ECT and performing unethical prefrontal lobotomy etc. In this song the narrator describes his firsthand experience at the mental hospital. His delusional thought process is described as follows.
Her mind is tiffany-twisted, she got the Mercedes Benz
She got a lot of pretty, pretty boys, that she calls friends
How they dance in the courtyard, sweet summer sweat.
Some dance to remember, some dance to forget
Tiffany-Twisted – this may be a term used to describe a mental health nurse like the Nurse Mildred Ratched (One Flew over the Cuckoo’s Nest) who had absolute authority over the mental patients.
So I called up the captain,
please bring me my wine’
He said, ’we haven’t had that spirit here since nineteen sixty nine’
Until 1969 many Mental Hospitals used to give wine as a sedative or a sleep starter for the patients. When asked for a glass of wine his request was turned down and he was told ’we haven’t had that spirit here since nineteen sixty nine’
The narrator was hearing auditory hallucinations (voices in his mind) calling from a faraway distance.
And still those voices are calling from far away
When he wakes up he experiences thought echo or another set of auditory hallucinations.
Wake you up in the middle of the night
Just to hear them say...
Welcome to the hotel California
Such a lovely place
Such a lovely face
They livin’ it up at the hotel California
What a nice surprise, bring your alibis
Hotel California is about Spiritualism and Occultism in 1960s
With the rise of Beatle mania and hippie subculture in the West a deep void of spiritualism was to be seen. Many youth became the followers of Guru Maharaj Ji, Osho Rajneesh, Maharishi Mahesh Yogi etc. The materialism, hyper consumption, war in Vietnam, wide spreading drug abuse had wreaked the Western Civilization. The traditional Christian Church had no answers for the youth who were desperately seeking universal truth about existence. To fill this spiritual vacuum many embraced the Eastern spiritualism. In the same period there was another inclination towards the Occultism. Satanic worshipers were emerging. During this time period Charles Manson forms his family and commits multiple murders. These events profoundly affect the Eagles.
Mirrors on the ceiling,
The pink champagne on ice
And she said ’we are all just prisoners here, of our own device’
And in the master’s chambers,
They gathered for the feast
The stab it with their steely knives,
But they just can’t kill the beast
There was a human sacrifice and the narrator had witnessed it. He was terrified and wanted to flee. But now he is a prisoner and he cannot escape. He has to face his destiny.
Hotel California: Full lyrics-
On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night
There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
’this could be heaven or this could be hell’
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say…
Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel california
Any time of year, you can find it here
Her mind is tiffany-twisted, she got the mercedes bends
She got a lot of pretty, pretty boys, that she calls friends
How they dance in the courtyard, sweet summer sweat.
Some dance to remember, some dance to forget
So I called up the captain,
’please bring me my wine’
He said, ’we haven’t had that spirit here since nineteen sixty nine’
And still those voices are calling from far away,
Wake you up in the middle of the night
Just to hear them say…
Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
They livin’ it up at the hotel california
What a nice surprise, bring your alibis
Mirrors on the ceiling,
The pink champagne on ice
And she said ’we are all just prisoners here, of our own device’
And in the master’s chambers,
They gathered for the feast
The stab it with their steely knives,
But they just can’t kill the beast
Last thing I remember, I was
Running for the door
I had to find the passage back
To the place I was before
’relax,’ said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
But you can never leave!
රුවන් එම්. ජයතුංග
කවි බූන්දි | මගේ ඔඩිසිය - [දේවින් ප්රේමසිරි]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
1
පොහොට්ටුවකි,
දිනෙක සුවඳ විහිදා වැඩෙන මලෙක;
දිය බිඳකි,
මහා රළ බිඳි සයුර වෙත යන;
ඇරඹුමකි,
ශීත ඍතුවෙහි පියා සලා
දකුණ බලා යන විහඟෙකුගේ ගමනක;
හීනයකි,
නිපැයුමකි,
කඳුලකි,
පරම්පරා ගණනක මුතුන් මිත්තන්ගේ;
සිනහවකි,
කඳුළකි,
බලාපොරොත්තුවකි,
තරුණ මාපිය යුවලක,
විදුලි පන්දම් එලියෙන් මෙලොව සොයනා...
2
ඇවිද යයි,
මෙලොව ඇති සියලුම කාලය
තමනට ඇතැයි සිතා;
සිනහසෙයි,
දහසක් දෙනා හඬනා නිමේශයක;
හඬයි,
ලොවම සිනහව මවන මොහොතක;
සඳ තරු වලාකුළු අල්ලන්න,
පාට පාට හීන ලෝක වල සැතපෙන්න
චොකලට් මාලිගා, සීනි කඳු
සෙල්ලම් බඩු කරත්ත...
අද නැති නිදහසක් එදා
මුළු ගතම වෙලාගෙන...
ඇහි පිය ගහන හැම මොහොතකම
හිත තුළ මැවෙන සුන්දර හීන
ඒ ලෙසම හැමදාම
රැඳුනි නම් මා සමඟ....
ලෝකයම දෙදෙනෙක්ම විය;
ඉන් එපිට හිස් අවකාශයක් විය.
3
තාර දැමූ මඟක
වේගයෙන් පැදි බයිසිකලය...
උපන් දිනයට ලැබුනු බයිසිකලය...
තවමත් දිර දිරා පිළිකන්නෙහි ලගින
බයිසිකලය....
තවම මතකයි බයිසිකලයට
ගියපු හැටි පිට්ටනි වලට, එකට,
බැට්, බෝල, පොල් පිති අරං..
එක එකා එකතු කර කර
ටවුම වටේ ගියපු හැටි...
සෙරෙප්පු කෑලි,
හිස් දෙපතුල්,
පැඩල් එක කොච්චර නම්
රත් කරාද ඒ දවස් වල...
නපුරු නෑ කාලය... නෑ...
බයිසිකලයට අමතක නෑ
ඒ සුන්දර යුගය,
හිනා වුනු හැටි,
කෑ ගහපු හැටි,
බැනුම් අහපු හැටි,
එක හීනයක් හැබෑ කරගන්න...
හැමදාම බයිසිකලෙන්
ටවුම වටේ රවුමක් යන්න.
4
හීන?
ඒ මොනවද.....
හීන?
ඒ කවුද.....
ඇහි පිල්ලමක් අග රැඳුණු
දුහුවිලි බිංදුවක්...
තව විනාඩියකින් ඇහැ තුළට යන
ගිය විගස එහි ගිනි දවන...
සිතන්නට තිබුනා ද
වැලි වල සෙල්ලම් කරන්නට පෙර.....
ලඟට ලං වෙනකම් සොඳුරු වූ
ලඟට ආ විට විසි කරන්නට අපහසු...
එක් අතක ඇපල් ගෙඩියක්
අනෙකෙහි දොඩම්
ඉන් එකක් ගැන තීරණයක්...
අනාගතයම තීරණය කරනා....
හීනයක තේරුම නොදත් කාලෙක
කෙසේ තීරණ ගනිම්ද?
දවස අහවරයි...
හීන, තීරණ කුණු බාල්දියට....
අවැසි එක දෙයකි,
ඊලඟ දිනයට පෙර කුඩා නින්දක්.
5
ඇඟිලි තුඩු එක එක
වරින් වර සිඹ සිඹ
වැයෙනා අලංකෘත
සොඳුරු වූ ස්වර
මා ප්රේමයෙන් වෙලයි
සොඳුරු වූ ගිටාරය සමඟ..
සැමදා මා ලඟින් ඉනු ඇත
කිසිදිනෙක මා හැර නොයා...
උයන්, කොටු පවුර,
මුහුදු වෙරළ, මහ වීදිය,
හැම තැනම,
හිඳිනු ඇත අප එකට
මියෙන තුරු සදා
අතැර යනු නොමැත මා කිසිදින....
6
බසයකි
මුළු දිනම නො නවතින,
අත දැමූ විට
වේගය බාල කරතත්
කිසිවිටෙක නොනවතින...
නැග ගතිමි වෙර යොදා;
යන්නෙමි ඉදිරියට
බසය තුළ හිඳ...
නැවතුමට බෝ දුරය
තවම මා හිටගෙනය
නැවතුමෙහි නැවැත්තුවහොත් හොඳය....
7
වයන්නෙමි තත්, තවම..
නඟයි හඬ, ඒ ගිටාරය..
පිවිතුරු නොමැත පෙර ලෙස...
හැකිය මට එය වයන්නට හොඳට
එය ගත් කලට වඩා..
අවැසිය අලුත් ගිටාරයක්
තිබෙනා ගිටාරයට වඩා හොඳ..
මිලදී ගත යුතුය මා;
නමුදු අත්හල යුතුය
පැරණි ගිටාරය පළමුව;
මෙතුවක් කල් ලඟම හිඳි
එය අත්හරිනු කෙසේද?
බියකරු වුවත් තීරණය ගත යුතුය
ඉතින් ආයුබෝවන්
මා සොඳුර
8
උපැස් යුවලකි
මා ප්රාණවත් දෙනෙත් ඉදිරිපිට
පෙර කිසි දිනෙක නො තිබුනු...
දුහුවිලි බැඳේ ඒ මත
සෑම දින,
දුම් රිය ගමනෙහි දි
රැකියාවට යනෙන...
දුහුවිලි වැකුණු
දහඩිය සමඟ ගුලි වුනු
උණුහුම් කඳුලක්
කොපුල් මත ඇවිද ගොස්
සිඹී දෙතොල්...
ලුණු රසයි ජීවිතය...
නෑ
ජීවිතය තිත්තයි....
සීනි බෝතලය හා
පැණි බෝතලය මිය ගොසින්.....
9
පරණයි අලුත් ගිටාරය
මුත් තවම එය මා අසල
හෙමින් සැරේ පෙමින් බැඳී
ටිකෙන් ටික ලං වෙයි
මා හට වයන්නට එය
සෙමින්....
වයන්නෙමි මම
වාරු තිබුනිනම් දෑතෙහි
හඬන්නට කඳුළු නො ගලයි
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්
හිරු පරණයි, සඳුත් පරණයි
දහවල පරණයි, දුකයි
රැයත් පරණයි..
පැරදෙන්නට ජීවිතෙන්
ජීවිතය තරඟයක් වුනානම්...
10
දිනෙක පොහොට්ටුවක් විය
දිනෙක සිනාසුනෙමි නිදහසේ
දිනෙක සැරි සැරීමි ලෝකයම
බයිසිකලයෙන්
දිනෙක සැතපුනෙමි
සිහින අමතක කොට
දිනෙක වාදනය කළෙමි
මා පලමු ගිටාරය
දිනෙක බසයක නැඟ ගියෙමි
නැවතුම එන තෙක්
දිනෙක මිලදී ගතිමි
නවමු, හොඳ ගිටාරයක්
දිනෙක පැළඳුවෙමි මා
උපැස් යුවලක්
තව දිනෙක තේරුම් ගතිමි
හඬන්නට කඳුළු නැති බව
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්....
මා වැතිර සිටින්නෙමි සයනයෙහි දැන්
සිනාසෙමින් තනිවම
පියවෙයි කෙමෙන් මා දෙනෙත්
සැමදේ සිතෙහි මව මවා
දේවින් ප්රේමසිරි
කතන්දර බූන්දි | වාසනාවේ රන් දොරටුව - [කාංචනා අමිලානි]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සැප් ආවේ මීගමුවේ සිට ය. ත්රීවීලරයක ය. මහා රාත්රියක ය. පොඩි අයියා සමග ය. බලාපොරොත්තුවෙන් පිරි නිල් ඇස් සමග පිරිසිදු විශාල කන් යුගලයක් ද ඔහු සතු විය. මුලු ගේ පුරා ම ගෙම්බෙකු මෙන් පනිමින් හේ පළමුව අපේ නිවස පරික්ෂා කළේ තමාට එය පදිංචියට සුදුසු දැයි කියා විය යුතු ය. පළමුව විසාල පුටුවක් තම රාත්රී යහන ලෙස තෝරා ගත් ඔහුව නිශේධ බලය යොදා අම්මා විසින් බිමට තල්ලු කළේ ය. ඊළඟට තරමක් උසට පෙනෙන ඇඳක් තෝරා ගත්තත් එයින් ද ඔහුව බිමට තල්ලු කරන ලදී. අවසන ඇඳට ආසන්නයේ බිමක නිදන්නට හේ තීරණය කළේ ය.
ඔහු ගේ ශරීරය ම සුදු වූත්, කෙටි වූත් ලොමින් වැසී තිබුණු අතර තැනින් තැන කළු කුඩා රවුම් මතු වී තිබුණේ කදිම මෝස්තරයකට ය. කළු පැල්ලම් හැරුණු විට ඔහු මුලුමනින් ම සුදු පැහැති ය. එහෙයින් ම ආඩම්බරකාර වූත් ජේත්තුකාර වූත් පිළිවෙළක් ඔහු තුළින් කැපී පෙනුණි. තමා සමඟ තවත් සහෝදර, සහෝදරියන් දස දෙනෙක් සිටි බැවින් සැප් සිටියේ තරමක් හිත් කරදරයෙනි. වැඩිමහල් සහෝදරයන් වන බෙනී සහ බක්ලි සියලු දෙනා පෙරලා ගෙන කිරි බොන හෙයින් ඔහු සිටියේ අඩක් හාමතේ ය. සහෝදරියක මිල දී ගැනීමට කවුදෝ තරුණයෙකු හා තඩි මිනිසෙකු ආවේ මේ අතර ය.
'ගෑනු බල්ලෙක් ගන්න ආවෙ..
කෝ කොහේ ද එයාල ඉන්නෙ?'
තරුණයා කරුණාවන්ත පෙනුමැති ය. ඒත් තඩි මිනිහා ගැන නම් විස්වාසයක් තැබිය හැකි පාටක් නැත. ඔහු තුළ වූයේ දාමරික පෙනුමකි. ගොජ ගොජ ගාමින් කතා කරන විටත් බය හිතෙයි.
'ආ.. ඔය ගොල්ලො ම ගිහින් බලන්න.
කැමති කෙනෙක් තෝර ගන්න..'
විසාල කාමරයේ දොර විවර විය. දැන් තමා ගේ වාරය බැව් ඔහු දැන උන්නේ ය. හෙතෙම තමා සතු උපරිම වේගයෙන් කාමරය පුරා දිව යන්නට විය. ගෙම්බෙකු මෙන් පැන පෙන්වී ය. ළාමක කටහඬින් බුරා පෙන්වී ය. අයියලා, අක්කලා පෙරලාගෙන අම්මා ළඟටත්, කරුණාවන්ත තරුණයා ළඟටත් දුව යන්නට විය.
බලු මායම හරි ගියාක් මෙනි. ඔහු තරුණයා ගේ ඔඩොක්කුවට පැන මුහුණ සිපගෙන තරමක් ඈතට ගොස් බෙල්ල ඇල කර නිරූපිකාවක මෙන් බලා සිටින්නට විය.
'මෙයාට මක් වෙලාද මන්දා..
කවදාවත් මෙහෙම හැසිරිලා නෑ..'
තරුණයා සාක්කුවට අත දමා රුපියලේ කාසියක් ගෙන බිම හෙළී ය. සැනින් බල්ලා ඒ දෙස බැලී ය.
'අපි මෙයාව ගන්නවා.'
'හැබැයි මහත්තයා ඔය බල්ලෙක්, බැල්ලියෙක් නෙවෙයි.'
'කමක් නෑ. මෙයාව තමයි මට ඕනෙ..'
ගෙදර ආ පසුව සැප් යන නමින් අපි ඔහුව බෞතීස්ම කළෙන් ස යන්නෙන් පටන් ගන්නා සියලු වචනවලට ඔහු සංවේදී විය.
පළමුව ඔහු මල් කෑවේ ය. කවුරුත් මුලින් සිතුවේ මල් ඉඹිනවා කියා ය. එහෙත් ඇත්තට ම ඔහු කවුරුත් අහළ- පහළ නැති සෑම විටක ම මල් කෑවේ ය.
බාබන්ඩේසියා, සේපාලිකා, ඉන්දියන් පිච්ච ආදිය කා බලා අවසන තම ප්රියත ම මල් වර්ගය ලෙස ඔහු තෝරා ගනු ලැබුවේ බාබන්ඩේසියා ය. දිනපතා මල් හත අටක් කෑ ඔහු ඉන් පසුව වෙරළු කන්නට පුරුදු විය. වෙරළු ගෙඩියේ ඇටය හක්කේ තබා ගෙන චුයින්ගම් කන්නාක් මෙන් විකමින් සිටි ඔහු ගේ පුරා ඇවිදින එක් දිනෙක මේසය මත් සිටි මොණරෙකු දිටීය. වඩාත් කපටි ලෙස තම දිගු ගෙළ භාවිත කර මොණරාව එක කටට ඩැහැ ගත් සැප් ඒ දවස මුලුල්ලේ ම ගත කළේ මහත් භීතියකින් හා සැකයකිනි.
'කෝ මගේ රුපියල් දාහ?'
ලොකු අයියා ගෝරණාඩු කරන්නට විය. සැප් මහත් බයාදුව ගේ පුරා ඇවිදිමින් තමන් ගේ නිර්දෝෂීභාවය පෙන්වන්නට විය. මුලු ගෙය ම අනෙක් පැත්ත හැරෙව්වත් හමු වූ මොණරෙක් නම් නොවී ය. සැකයේ බීජය සැප් වෙත යොමු වූයේ ඉන් පසුව ය. ලොකු අයියා සැප් මහතා ගේ විශාල වූත්, කෙළ සපිරි වූත් මුඛය විවර කර බැලුවේ දත් දොස්තර කෙනෙකු නරක් වූ දතක් සොයන විලාසයෙනි. නමුත් එතරම් කරුණාවකින් නම් නොවේ. දාහේ නෝට්ටුවේ ශේෂ ඔහු ගේ හක්කේ තිබී සොයා ගනු ලැබූයෙන් ඔහු වැරදිකරු විය. බැණුම් වරුසාවක් කඩා හැළෙන්නට විය. බූරුවෙකු මෙන් හිස බිමට නමාගෙන බැණුම් ඇසූ සැප් මහතාට අවසානයේ කදිම පා පහරක් ද හිමි විය.
ඉන් පසුව සීයේ කොළ, දහයේ කොළ, පනහේ කොළ ආදිය සැප් ගේ හක්කේ නෑ ගමන් ගොස් තිබී ලොකු අයියාට හමු විය. බැණුම් සමඟ සුපුරුදු පා පහර සැප්ට හිමි වුවත් එහි අවසානයක් දක්නට නොලැබුණි.
සැප් යළිත් තම සුපුරුදු මල් කෑම පටන් ගත්තේ අවමානය ඉවසා සිටිය නොහැකි තත්ත්වයට ළඟා වූ විට ය.
*********
පොඩි අයියාටත්, අම්මටත් තිබුණේ පුදුමාකාර ස්වීප් ටිකට් පිස්සුවකි. තාත්තාට අනුව එය සුළු පිස්සුවකි. ලොකු අයියාට අනුව නොම්මර එකේ සූදුවකි. නංගීට අනුව 'මළ සමයමකි'. සැප් මහතාටත්, අම්මාටත්, පොඩි අයියාටත් අනුව නම් 'ෂෝක් වෑඩකි'.
පොඩි අයියාත්, අම්මාත් රූපවාහිනිය ඉදිරියේ පත බෑවී සිටින්නේ තරමක තල්මසුන් දෙදෙනෙකු මෙනි. ලොකු පෙට්ටියකින් බටයක් දිගේ නොම්මර ගැසූ කුඩා බෝල ගලා යන මොහොත උදා විය. මේ අරුම ක්රීඩාව සැප් දුටුවේ ඉතාම අහඹු ලෙස ය. ඔහු හිස වනමින් පොඩි අයියා ළඟින් ම බිමින් අසුන් ගත්තේ ය. සුවිශාල පෙට්ටියක් ඇතුළත කදිමැති බෝල සමූහයක් පිස්සු හැදුණාක් මෙන් කරකැවෙනු පෙනෙයි. හදිසියේ නතර වෙයි. පසුව දිගු බටයක් මතින් තවත් තැනකට ඇදී යයි. සැප් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නේ මෙන්න මේ මොහොතේ ය.
'.. හා.. හා.. තාම නෑ. තාම නෑ..'
පොඩි අයියා සැර වෙයි. සැප් කුරු කුරු ගාමින් තම විසාල පස්ස බිම තියමින් ඉද ගනියි. මද වෙලාවකින් සියලු බෝලවල ඉලක්කම් තම මුහුණු පෙන්වමින් එක් තැනක ඉඳ ගනියි.
'ෂික්... එක ඉලක්කමක්වත් නෑනෙ... වැඩක් නෑ..'
එසේ කියමින් පොඩි අයියා සැප්ට ස්වීප් ටිකට් ලබා දෙයි. හෙතෙම තම සුවිශාල පශ්චාත්භාගය ඔසවමින් රන් පදක්කමක් ලබා ගන්නා ක්රීඩකයෙකු මෙන් මහත් වගකීමෙන් ටිකට්ටුව ලබා ගනී. එහා හක්කෙන් මෙහා හක්කට මාරු කරමින් ඔහු ටිකට්ටුව අනුභව කරයි. අම්මා සතු අනෙක් ස්වීප් ටිකට්ටු ද රස කරමින් කා දමන ඔහු දෙදෙනාට ම හිස නවා ආචාර කරමින් සාලයෙන් පිටව යයි.
අන් සියලු කෙටි කෑම අතහැර දැන් ඔහු ස්වීප් ටිකට් කයි. දිනපතා රාත්රී ආහාරයෙන් පසුව මේ ස්වීප් අනුභවය සාමාන්ය සිදුවීමක් තරමට ම ව්යාප්ත විය. පොඩි අයියා කියන ආකාරයට සැප් බල්ලාට දැන් ඉලක්කම් ගැන පවා ස්වල්ප අවබෝධයක් ඇත.
'... බුහ්.. බුහ්... බුහ්හ්හ්...'
සැප් එය අනුමත කරමින් බුරා පෙන්වයි.
සතියක් පමණ ගත වූ පසුව සැප් අලස ලෙස කල් ගත කරන්නට විය. මල් කෑමත්, ටිකට් කෑමත් අත්හැර දැමූ ඔහු බත් කෑම ද ප්රතික්ෂේප කරන්නට විය. පොඩි අයියා කීවේ සැප් බල්ලා පැස්බරෙකු බවට පරිවර්තනය වීමට යන බවයි.
නමුත් ඔහු මළල ක්රීඩකයෙකු මෙන් දිනපතා කෙටි දුර ධාවනයෙහි දිගට ම නිරත විය.
'.. පොඩි පුතේ ඔයාට පිස්සු විකාර
බල්ලෙක් කොහොමද පැස්බරෙක් වෙන්නෙ?'
තාත්තා පොඩි අයියාගේ වචන තඹේකට ගණන් නොගත් මුත් පොඩි අයියා කියන දේවල් ගැන අචල විස්වාසයකින් උන් අම්මාට එහි යම්කිසි සත්යයක් තිබිය හැකි බවට හැඟී ගියෙන් සැප් ට කරුණාවෙන් සලකන්නට විය. දැනට කිරි බීමෙන් පමණක් ජීවිතය ගැට ගසා ගන්නා සැප් මහතා අලියෙකු බවට වුව පරිවර්තනය විය හැකි බවට පොඩි අයියා ඊළඟ සතියේ ප්රකාශ කළෙන් අම්මා මහත් කැළඹිල්ලට පත් විය.
‘අනේ පොඩි පුතේ.. අලියෙකුට කොහේද අපේ ගෙදර ඉඩ?'
*********
එදින අහවර වීමට තිබුණේ පැය කීපයකි. අම්මාගේත්, අයියාගේත් මහා ස්වීප් සූදුව පටන් ගෙන තිබිණි. ලොකු පෙට්ටිය ඇතුළේ වර්ණවත් බෝල කරකැවෙමින්, නතර වෙමින් එහා මෙහා ගමන් කරයි. ඉන්පසුව දිගු බටය තුළට බසියි. තවත් තැනක තම මුහුණු පෙන්වමින් අසුන් ගනියි. ඉලක්කම් දෙකක් තම මුහුණු පෙන්වූවා පමණි.
'.. හා... ඉලක්කම් දෙකක් තියෙනවා..
මෙන්න ඊළඟ එකත් හරි..
හතරයි... හතරායි.. හරි... හරී.
ඔක්කෝම තියෙනවා... මම දිනුවෝ.. මම දිනුවෝ...'
පොඩි අයියා උගුර යටින් කෑ ගසමින් ගේ පුරාම දුවයි. සැප් පසුපසින් දිවත් එළියට දමාගෙන දුවයි. අම්මාත්, නංගීත් ඊට පිටුපසින් පොඩි අයියා අල්ලා ගන්න දුවයි. පොඩි අයියා නටමින් දුවයි. මොන මොනවාදෝ කියමින් සිනාසෙයි.
මොහොතකට පසු පොඩි අයියා සන්සුන් විය. එහෙත් විසාල ඇස් උලුප්පාගත් ගමන් ය. තමා ස්වීප් ටිකට්ටුව ගත් තැන, එය ගන්නා යන විට තමාට අමුත්තක් දැනුණු බව ආදී බොරු රාශියක් අම්මාටත්, නංගීටත් කියන ඔහු විටින් විට කෑ ගසමින් උඩ පනියි.
සූදුව, සූදුව කිව්වාට දැන් තාත්තාටත් සතුටු ය. ලොකු අයියා, පොඩි අයියා ගේ කර වටා අතක් දමා ගනිමින් ටිකට්ටුවේ අංක නරඹයි. අම්මා නො නවත්වා ම කියවයි. පොඩි අයියා දැන් ලිමොසිනයක් ද ගෙන අහවර ය. අම්මා තට්ටු දෙකේ ගෙයක් ගැනීමට සුදුසු තැනක් ගැන කියයි. නංගීට පියානෝවක් හිමි වී ඇති අතර එය තැබීමට සුදුසු තැනක් සොයමින් ඈ ඇවිදියි. ලොකු අයියාට ඇපල් අයි පෑඩයක් සහ තාත්තාට තණකොළ කපන යන්ත්රයක් අසුරු සැනින් හිමි වීය.
පොඩි අයියා අල්මාරිය අවුස්සන්නට වූයේ දිණුමට අයිති චෙක්පත ගැනීමට යන විට ඇගලිය යුතු ඇදුමක් තෝරා ගැනීමට ය. අම්මා චාන්දනී නැන්දලා ගේ මඟුල් ගෙදරට ඇන්ද සාරිය ම ඇදගෙන පොඩි පුතා සමඟ යාමට එක පයින් කැමැත්තෙනි.
'.. හ්ම්.. නිදිමතයි දැන්නම්...'
කියමින් තාත්තා යන්න ගියෙන් නංගීද අකමැත්තෙන් නිදන්නට ගියා ය. පිළිවෙළින් ලොකු අයියාත්, අම්මාත් නිදන්නට ගිය අතර පොඩි අයියා ද තනිවම කියවමින් කාමරයට ගියේ ස්වල්ප නින්දක් ලබා ගැනීමට ය. එහෙත් පොඩි අයියා කරා නින්ද එන පෙනුමක් නම් නැත. ඔහු සිටියේ තනිව ම දොඩවමින් කාමරයෙන් සාලයටත්, සාලයෙන් කෑම කාමරයත්, එයින් නාන කාමරයත්, අවසන යළිත් තමන්ගේ කාමරයත් ගමන් කරමිනි. මඳ අඳුරේ නොයෙකුත් බඩු මුට්ටුවල හැපෙමින්, ඒවාට ශාප කරමින් ඔහු ගෑනු හඬකින් ගී ගයයි. පොඩි අයියාට කීයට නින්ද ගියා කවුරුත් නො දනී.
උදෑසන හිරු එබුණේ කෝටිපතියෙකු ජිවත් වන නිවසකට ය. පොඩි අයියා තවම නින්දේ ය. අම්මා උදෑසන ම අවදි වී පොඩි අයියා ලැබූ හදිසි වාසනාව ගැන නෑදෑ පරපුර දැනුවත් කරයි. නංගීත් තම යෙහෙළියන් දැනුවත් කළ අතර තාත්තාත්, ලොකු අයියාත් ඊට හැකි පමණ දායක විය.
අම්මා යුහුසුළුව උදෑසන ආහාරය ළඟපාත තරු හතරේ හෝටලයකින් ඇනවුම් කළේ කෝටිපතියෙකු සිටින පවුලක් පාන් සහ පරිප්පු කෑම නොහොඹිනා හෙයිනි. ලයිට් බිල ගෙවීමට තිබූ 2500 තාත්තා ඊට ලබා දුන්නේ නොමසුරුව ය.
දැන් පොඩි අයියා විලියම් කුමාරයා වැනි ය. කවුරු කවුරුත් ඔහුට ගෞරව සම්ප්රයුක්තව අමතති. නමුත් තවම විලියම් කුමාරයා සිරියහනේ ය.
'පොඩි පුතේ නැඟිටින්නකො..
තව ටිකකින් නුගේගොඩ මාමලත් එනවා කිව්වා.
සඳුනි නංගිත් එනවලු..'
සඳුනි ගේ නම ඇසුනෙන් විලියම් කුමාරයා සැනින් සිරියහනෙන් බිමට පැන්නේ ය. මුහුණ කට සෝදා ගත් ඔහු හනි හනික ඇඳුම් මදින්නට වූයේ ජාතික ලොතරැයි මණ්ඩලයට යාමටය. තාත්තා කීවේ මෙවැන්නකි.
'ඔය සල්ලි ආවට ගියාට දෙන එකක් නෑ පොඩි පුතේ'
අම්මා නම් කීවේ මෙවැන්නකි.
'අපි යමු පොඩි පුතේ..
අයිඩෙන්ටි කාඩ් එක තිබුණම ඇති..'
පොඩි අයියා මඟුල් ගෙවල්වලට පමණක් අදින නිල් කමිසයත්, ක්රීම් පැහැති කලිසමත් ඇඟලාගෙන මුදුන උල් සපත්තු යුගල පැළද ගති. ලොකු අයියාගේ ඔරලෝසුව ණයට ඉල්ලාගත් ඔහු තමා ගේ කබල් ජංගම දුරකතනය සාක්කුවේ ලාගති. ජෙල් ටිකක් ද හිසේ අතුල්ලාගෙන හිස් මුදුණේ කොතක් ආකාරයට කොණ්ඩය සකසා ගති.
'අම්මේ... හරිද?
හරි පුතේ.. මේ එනවා... මේ එනවා..'
පොඩි අයියා තමා ගේ මේසය අවුස්සන්නට වූයේ පිස්සෙකු මෙනි. පත්තර, පොත් ආදිය පියාඹා යන්නට විය.
'කෝ ටිකට් එක... කෝ මගේ ටිකට් එක.. ?'
'කෝ යකෝ මගේ ස්වීප් ටිකට් එක? ඊයෙ රෑ මං මේසෙ උඩ තියලා තිබ්බ ටිකට් එක.. ?'
සැප් මහතා මේසය යටින් හිස පෙන්වමින් මතු වී පොඩි අයියා දෙස බයාදු බැල්මක් හෙළාගෙන ම බලා සිටින්නට විය.
'දඩෝං... !'
පොඩි අයියා ක්ලාන්ත වී මේස, පුටු පෙරලාගෙන ම බිම පතිත විය.
කාංචනා අමිලානි | hplt_2 |
5 වසර ගණිතය අසමත් Mobitel Billing System
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා… ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting…. කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා.
පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting…. විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක.
ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, “ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ”, මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. “සර්ගේ credit limit පැනලා, සර්ගේ ලිමිට් එක රු.2500, ඒත් බිල රු.3266.77″ මම ඇහුවා, ආ ඉතින් හරිනේ, package එක, රු.2490 ++ TAX උනහම හරිනේ, ඉතින් ඒක මගෙ වරදක්ද?, මම over usage එකක වත්, due කීයක් වත් නෑ නේ, ඕක normal HSDPA Zoom2490 එකේ මාසෙක ගානනේ, අනික ඒක සදහා ගන්න ඩිපොසිට් එක රු.2500යි. due දවස කවදද ? “22 සර්.” එහනම් අද 10 නේ ඇයි disconnect කරේ, මේක මගෙ වරදක්ද, මගේ කිසිම due එකක් නෑ, ගිය මාසේ බිල වෙලාවට ගෙවලා තියනවා, මේක ඔයාට තේරෙන්නේ නැද්ද හැම මාසෙම 5වෙනිදා බිල හැදෙනකොට 6 වෙනිදා තියන ගාණ තමයි රු.3266.77 (රු.2490 + MSL + EFF + ECL + MBT = රු.3266.77) කියන්නේ, ඔයා ඔය කියන්නේ හැම මාසෙම 6 වෙනිදා මගේ ලයින් එක කපනවා කියලද. “සර්, usage පැනලා ඇති, මට මෙහෙන් සර්ගේ usage බලන්න බෑ” අනේ අම්මපා මුට ගන්න බැරිද මම අහන්නේ, අනික ඌට usage බලන්න බැරිනම් මටද පුලුවන්.
ගැටලුව තේරුනාද ?
Mobitel M3 Zoom 2490 පැකේජයේ මාසෙක ගෙවිය යුතු මුදල රු.3266.77, සියලුම බදු සහිතව, නමුත් ඔවුන්ගේ Deposit (credit limit) එක රු.2500. දැන් මොවුන් කියන විට සෑම මසකම බිල හැදෙන්නේ 5වෙනිදා. එතකොට පසුගිය මස සියලුම බිල් ගෙවල තිබුණත්, 5වනදා වෙනකොට ඔබගේ credit limit එක පැන ඇත.
පස්සෙ මේ මෝඩයා, හලෝ හලෝ කියලා ලයින් එක cut කරා, මම පොඩ්ඩක් යාලුවො දෙන්නෙක්ට කතාකරල පොඩ්ඩක් කේන්තිය අඩුකරගෙන ආයේ කතා කළා, ආයේ ඉස්සර වගේම ලොකු යුද්දයක් දීලා තමයි Mobitel hotline එකට කතාකරන්න ඕනේ, ඔන්න විනාඩි 15-20 ඉඳලා තව කෙනෙකුට කතාකළා, මොහුටද මම පැහැදිලි කළා වුණ දේ. අම්මා, මේ යකා 5වසර සමත් කොල්ලෙක්, වැරැද්ද ටක් ගාල තේරුම් අරගෙන විනාඩියක් ඉන්න කියලා මාව හෝල්ඩ් එකේ දැම්ම, විනාඩි 1-2 ආපහු කතාකරල කිව්වා “සර්, මේකේ වරදක් තියනවා, මම complain එකක් open කරා, දැන් අපි සර්ගේ ලයින් එක connect කරන්නම්” කියලා, ඇත්තටම සතුටුයි, මේ මැට්ටො ගොඩක් අතරේ අර වගේ customer කියන දේට ඇහුම් කන් දෙන අය ඉන්න එක ගැන.
ඉතින් මට මේ වගේ මොබිටෙල් එකේ තවත් හොඳට සලකපු තැනක් තමයි, WTC එකේ SLT Telshop එකේ තියන බොබිටෙල් එකේ ඉන්න කොල්ලා, හරිම හොඳට customer care දන්නවා. මොකද මම මේ ලයින් එක ගන්න ගියේ 26, දෙසැම්බර්, එදා කට්ටිය වැඩ නෑ head office. නමුත් මොහු ගොඩක් මහන්සි වෙලා මගේ පරන ලයින් එකම ඇක්ටිව් කරලා දුන්න, පස්සෙ පැකේජ් එක මාරු කරමු කියලා. මේ වගේ හොඳ අයද අතලොස්සක් ඉන්නවා. ඒ වගේම Mobitel HSDPA engineering teem එක, මගේ ලොකු ගැටලුවක් ආපූ වෙලාවේ, ඒක ගොඩක් මහන්සිවෙලා නිරාකරණය කළා.
මට හිතාගන්න බෑ මේ billing system හදන උන් 5 වසරවත් සමත්ද කියලා…. මේ මනුස්සය නොහිටින්න මම පහුවදාම මේක disconnect කරනවා, මොකද මේ අය ඉස්සර නම් හිතුවේ අපි විතරයි ඉන්නේ කියලා, දැන් එහෙම නෑ, Dialog නැත්නම් Mobitel, නැත්නම් Airetel, ඉතින් දැන්නම් මේකේ ලොක්කෝ ටිකක් customer service ගැන හිතන්න වෙයි, නැත්නම් ළඟදිම කඩේ වහන්න තමයි වෙන්නේ. මොකද බඩුගන්න තවත් කඩ තියෙන නිසා, තව ඒවා ළඟදිම එනවා, මිනිස්සුන්ට දැන් selection එකක් තියනවා. මේ customer care ඉන්න මෝඩයන්ගේ ගෑස් බලන්න ඕනේ නෑ…. අපේ මිලියන 4 ක් ඉන්නවා, මිලියන 2 ක් ඉන්නවා, හරි ඔය කියන්නේ කාඩ් එක දාල මාසයක් කෝල් එකක් ගන්නේ නැති උන් මිස, වෙලාවට බිල් ගෙවලා හොඳට පාවිච්චි කරන අය නොවෙයි. ඒ අය නිසා තමයි ඔය කොම්පැනි රඳා පවතින්නේ, මොඩ් එකට ෆෝන් එක අතේ තියාගෙන කෝල් එකක් ගන්නේ නැති උන් නිසා නොවෙයි. ඔය බක පණ්ඩිත customer service උන් පඩි ගන්නේ අපි නිසා.
මොබිටෙල් එකට මම එක්කෙනෙක් වෙන්න පුලුවන්. ඒත මම වගේ තව කීදෙනෙක් කට වහගෙන මාරු වෙනවද ? පිට රට මිනිස්සු “Customer is the KING” කියන්නේ කට කහනවට නොවෙයි. | hplt_2 |
ආලෝක පරාවර්තනය
දර්පණ ගුණ කිරණ හා ඒවායේ පරාවර්තනය [සංස්කරණය]
ආලෝකයේ දර්පණ ගුණ පරාවර්තනය හෝ විසරණය (ප්රතිබිම්භයක් නොසාදයි. ශක්ති පමණක් රඳවා ගනී) විය හැකි අතර එය අන්තර් මුහුණෙහිම ස්වභාවය මත රදා පවතී. තවදුරටත් අන්තර් මුහුණත පාර විද්යුත් - සන්නායක හෝ පාරවිද්යුත් - පාරවිද්යුත් මාධ්යයක් නම් පරාවර්තිත කිරණයේ කලාව පිළිවෙලින් යටිකුරු හෝ යටිකුරු නොවේ.
ප්රධාන ලිපිය - දර්පණ ගුණ පරාවර්තනය [සංස්කරණය]
දර්පණයක් දර්පණ ගුණ ආලෝක පරාවර්තනය සදහා වඩාත් පොදු ආකෘතියක් සපයන අතර පරාවර්තනය සැබවින්ම සිදුවන ලෝහ ආලේපණය ඉදිරිපස වීදුරු තහඩුවකින් සමන්විත වේ. ලෝහ තුළ කුඩා ගැඹුරකින් ඔබ්බට තරංග ප්රචාරණය වීම වැළැක්වීමෙන් පරිවර්තනය වැඩි කරයි. ජලය හෝ වීදුරු වැනි විනිවිද පෙෙනන මාධ්යවල මතුපිටින්ද පරාවර්තනය සිදු විය හැක.
සටහනේ PO ආලෝක කිරණය O ලක්ෂ්යයේ දී සිරස් දර්පණය හමුවන අතර OQ යනු පරාවර්තිත කිරණයයි. O ලක්ෂ්යය තුළින් දර්පණයට අභිලම්බකව ප්රක්ෂේපණය කරන මනඃකල්පිත රේඛාව අභිලම්බය පතන කෝණය ӨI හා පරාවර්තිත කෝණය θr ලෙස අපට මැනිය හැක පරාවර්තන නීතියේ සදහන් පරිදි QI = ӨR වේ. වෙනත් වචනයකින්, පතිත කෝණය පරාවර්තිත කෝණයට සමාන වේ.
ජල පෘෂ්ඨයේ දී කළු ට්රිගර්ෆිෂ් පරාවර්තනය වී පෙනීම සත්ය වශයෙන්ම මෙය පුර්ණ අභ්යන්තර පරාවර්තනය නිසා සිදුවේ.
සත්ය වශයෙන්ම දී ඇති වර්තනාංකයක් සහිත මාධ්යයක සිට වෙනස් වාර්තනාංකයක් ඇති මාධ්යයකට ආලෝකය ගමන් කිරීමේ දී ආලෝකයේ පරාවර්තනය සිදුවිය හැක. බොහෝ අවස්තා වල දී ආලෝකයේ එක්තරා ප්රමාණයක් අන්තර් මුහුණතින් පරාවර්තනය වන අතර ඉතිරිය වර්තනය වේ. මායිමක් හමුවන ආලෝක කිරණයක් සදහා මැක්ස්වෙල්ගේ සමීකරණයෙන් ලබා ගන්නා ෆෙරස්තෙල් හෝ සමීකරණය විසදීමේ දී එය දී ඇති අවස්ථාවක දී කෙතරම් පරාවර්තනය වන්නේ ද යන්න සොයා ගැනීමට භාවිතා කල හැක පතිත කෝණය එහි අවධි කෝණය වන විට ගහන මාධ්යයක දී ආලෝකයේ පුර්ණ අභ්යන්තර පරාවර්තනය සිදුවේ.
බහුලවම භාවිතාවන ක්රම වේදයන් ගෙන් පරාවර්තනය විය නොහැකි තරංග නාභිගත කිරීමේ අදහසක් ලෙස පුර්ණ අභ්යන්තර පරාවර්තනය භාවිතා කරයි. X කිරණ අණ්වීක්ෂ්යය, තරංග සදහා අභිසරණ උමගක් නිර්මාණය කිරීමෙන් ගොඩනගා ඇත. මෙම උමං නලයේ පෘෂ්ඨය සමග කුඩා කෝණ වලින් තරංග අන්යෝන්ය වශයෙන් බලපවත්වන නිසා ඒවා නාභි ලක්ෂ්ය දෙසට පරාවර්තනය වේ. (හෝ උමං නල මුහුණත සමග නැවතත් බලපවත්වා, අවසානයේ දී නාභියේ වූ පරීක්ෂක වස්තුවක් වෙතට එල්ලවේ.) X කිරණ මෙහිදී අදහස් කරන පරාවර්තකය තුළින් පහසුවෙන් ගමන් කරන නිසා සම්මත පරාවර්තක ප්රයෝජනවත් නොවේ.
බාහිර මාධ්යයකට වඩා ගහන ද්රව්යයක (ඉහළ වර්තනාංකයේ ඇති) ආලෝකය පරාවර්තනය වන විට එය 1800 ක කලට වෙනසක් සිදු වේ. සංසන්දනයේ දී, අඩු ගහන පහළ වර්තන අංකයක් ද්රව්යයක් කලාව වෙනස් නොකොට ආලෝකය පරාවර්තනය කරයි. මෙය සිහින් පටල ප්රකාශ විද්යා ක්ෂේත්රයේ දී වැදගත් මුල් පරාලයක් වේ.
වක්ර මුහුණතක දී දර්පණ ගුණ පරාවර්තනය මගින් විශාලිත හෝ කුඩා ප්රතිබිම්භයතක් සාදන අතර මෙම වක්ර දර්පණවලට ප්රකාශ බලයක් ඇත. මෙවැනි දර්පණවලට ගෝලීය හෝ පරාවලීය මුහුණක් තිබේ. | hplt_2 |
ශ්රී දළදා මාළිගාව
සෙංකඩගල ශ්රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා ඇත්තේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය.ශ්රී්ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්රී්ර දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයන් විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්රී වීරපරාක්රම නරේන්ද්රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්රවිඩ රජවරු පවා ශ්රී්ර දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
දළදා වහන්සේ [සංස්කරණය]
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්යකාලීන යුගයයෙන් පසු පාත්රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්රිතය.
දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය [සංස්කරණය]
මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්රදේශ වේ.
දළදා මාළිගයේ ඉතිහාසය [සංස්කරණය]
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්රමබාහු (ක්රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්රමබාහු රජසමයේ (ක්රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්රමබාහු (ක්රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්ර ධාතුව තැම්පත්කර චෛත්යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්රි වික්රම රාජසිංහ (ක්රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.
දියවඩන නිළමේ තනතුර [සංස්කරණය]
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්රිතාන්ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්රමය වෙනස් කොට ඇති කරන ලද ක්රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්රිසින් අතට පත්වන විට ක්රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්රිසි පාලකයන් විසින් තම රාජ්ය වගකීමෙන් මිදී ක්රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්ය බල මහිමයෙන් ලැබෙන භාග්යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්රදායික චාරිත්ර වාරිත්ර හා ක්රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්යාධාර ප්රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්ය අමුත්තන් ද මෙරට රාජ්ය පාලකයන් හා අන්ය ප්රභූවරු ද මහනුවර ශ්රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.
සිව් මහා දේවාල [සංස්කරණය]
දළඳා මාළිගාවට තවත් ප්රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්රි විෂ්ණු , ශ්රි කතරගම, ශ්රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්රි දළඳා මාළිගාවේ සතර මංගල්යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
නාථ දේවාල [සංස්කරණය]
දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.
ශ්රි විෂ්ණු දේවාල [සංස්කරණය]
පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.
ශ්රි කතරගම දේවාල [සංස්කරණය]
14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්රසිද්ධව ඇත.
ශ්රි පත්තිනි දේවාල [සංස්කරණය]
දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.
දළදා මාලාගවේ සතර මංගල්යයන් [සංස්කරණය]
සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය
දළඳා මාළිගාවේ ඇත් පන්තිය [සංස්කරණය]
- සිංහ රාජා
- ඒකදන්තයා
- ඉන්දි රාජා
- සුමන
- විජය රාජා
- ජය රාජා
- කදිරා
- නාලක
- මියන් රාජා
- බුරුම රාජා
- මිගාර
- කාවේරි
- නවම් රාජා
- කණ්ඩුල
කෞතුකාගාරය [සංස්කරණය]
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
- සමාධි පිළිමය
- පැරණි ධාතු කරඩුව
- සිරි පතුල
- රිදී කලය
- කැටයම් කරන ලද ඇත්දත් දෙක
- මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
- කීර්ති ශ්රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
- ලේන්සු
- හේමකඳ
ශ්රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත. | hplt_2 |
Techකතා ගැන…
techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.
Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න.
පරිගණක ආශ්රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්යතාව ප්රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙසිනි.
කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති.
කාලිංග ඇතුළත්මුදලි (Twitter) – ජාලකරණය පිළිබඳ වසර 12ක ප්රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, Techකතා හි ද ප්රධානත්වය ගෙන ක්රියා කරයි.
බුද්ධික ජයසිංහ (Twitter) – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
තිළිණ ගුණසේකර (Twitter) - වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
හර්ෂදේව ආරියසිංහ (Twitter) - වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අධ්යාපන ක්ෂේත්රයන්හි වසර 5 ක පලපුරුද්දක් සහිත වන අතර Web Technologies සහ Computer Music Production පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. පරිගණක ක්රීඩා කණ්ඩායමක සාමාජිකයෙකුද වේ.
මේ සුසංයෝගයෙන් බිහි වූ Techකතා එහි ආරම්භයේ පටන්ම අධ්යාපනික කේෂ්ත්රවල විද්යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
Techකතාවල විශේෂත්වය වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්රශ්න යොමු කිරීමේදී Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්රය පිරවීම මගින්, දුරකථනය මගින් ask හිස්තැනක් ඔබේ පැනය යොදා (උදා. ask how computers work) 0714712774 SMS කරන්න, විද්යුත් තැපෑලෙන් (info [at] techkatha.com) ද නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්රීසියෙන් හෝ සිංග්රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය යොමු කර සිටී.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.
ඔබේ වෙමබ් අඩවියේ / බ්ලොග් සටහනේ , Techකතා වෙත සබැදියක් එකතු කිරීමට Techකතා Badges වෙත යන්න. | hplt_2 |
වෙබ්-අඩවිය
[[image =
වෙබ්-අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, වෙබ් පිටු, රූප, විදෘශ්ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. අන්තර්ජාලය හෝ පෞද්ගලික පෙදෙසි ජාලය ඔස්සේ ප්රවේශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
වෙබ් පිටුවක් යනු, අදිපෙළ සලකුණු බස (HTML, XHTML) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන, ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු සලකුණු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
වෙබ් පිටු වෙත ප්රවේශ වීම සහ ඒවා ප්රවාහනය කිරීම සිදුකෙරෙනුයේ අදිපෙළ මාරු මූලලේඛය (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය (HTTP සුරැකි, HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට වෙබ් බ්රවුසරයක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.
පොදුවේ ප්රවේශ්ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරි වියමන සදයි.
මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන, සරල ඒකාකාර සම්පත් නිවේශනයක් (URL) විසින්, සාමාන්ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැඳිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්යුහය ක් ප්රත්යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාලනය කිරීමට ඉඩ සලසන නමුදු, සත්යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්රමිකව සකස් වේ.
සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්රවේශනය සඳහා දායකත්වයන් අවශ්ය වෙයි. දායකත්වය අවශ්ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්යාපාරික අඩවි බොහෝ ප්රවෘත්ති අඩවියන් හි කොටස්, ශාස්ත්රීය ජර්නල අඩවියන්, ක්රීඩා අඩවියන්, පණිවුඩ පුවරු, වෙබ්-පදනමැති විද්යුත්-තැපෑල, සේවාවන්, සමාජ ජාලකරණ වෙබ් අඩවියන්, සහ තථ්ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන් වෙති.
වෙබ්-අඩවි ඉතිහාසය[සංස්කරණය]
වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණ (semantic) වෙබ ව්යාපෘතියේ ඒවා විය.
මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්රමානුකූල යෝජනා පත්රයක් ප්රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්රවුන් විශ්ව විද්යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්යා ප්රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.
ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.
1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.
Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්රව්න් විශ්ව විද්යාලයේ hypertext Editing system ආදී පැරණි ව්යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.
බර්නස්-ලීගේ සුවිශේෂිත වු සොයා ගැනීම වන්නේ අධිපෙළ අන්තර්ජාලය සමඟ සමීපව සම්බන්ධ කරවීමයි. ‘Weaving the Web’ නම් වු ඔහුගේ ග්රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ ඔහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සඳහන් තාක්ෂණ ක්රමවේද 2 අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීමේ හැකියාව ඉතා පහසුවෙන් පවත්නේ ඒවායේ තාක්ෂණික ප්රජාවට බවය. නමුත් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනීමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරීමට ඔහුටම සිදුවිය. මේ අතරවාරයේදී වෙබයේ පවත්නා ඕනෑම සම්පතක් අනන්ය ලෙස හඳුනා ගැනීම සඳහා ක්රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform Resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hypertext ක්රමවේදයන්ට හාත්පසින්ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්යතාවයක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැඳි වෙනුවට ඒකදිශ සබැඳි පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් වීමකින් තොරවම සබැඳීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්රවුසර ක්රියාත්මක කිරීමේ තදබල අපහසුතාව මඟහැරවීමට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයීය. (ඉන් පෙර පැවති ක්රමවේදයන් හා සසඳන කල්හි). එසේ වුවද මෙම ක්රමය කල් පවත්නා ගැටලුවක් වු සබැඳි කල් ඉකුත්වීම (link rot) සඳහා මඟ පෑදීය. මින් පෙර පැවති Hypercard මෙන් නොව වෙබ් අඩවිය ඕනෑම පරිශීලකයකුට වෙළඳ හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කළ හැකි විය. මෙය මින් පෙර නොවු විරූ පෙරලියක් ඇති කළේ අනුග්රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාධීන අයුරින් නිමවා ගත හැකි වීමෙන් මෙන්ම, වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි වීමෙන්ය.
1993 අප්රේල් 30 වැනිදා CERN ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය ඕනෑම අයකුට කවර ආකාරයකට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවය. දෙමසකට පසු එළිදැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ Gopher ප්රොටෝකෝලය තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශීලකයන් තුල Gopher හි සිට වෙබය කරා ශීග්ර සංක්රමණයක් ඇති කරවීමට සමත් විය. ViolaWWW නමැති පැරණි එමෙන්ම ජනප්රිය වෙබ් බ්රවුසරය ද, Hypercard ක්රමවේදය මුලික කරගනිමින් සකසා තිබිණි.
කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරයේ හඳුන්වාදීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකඟත්වයට පැමිණි කරුණකි. Mosaic වෙබ් බ්රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්ව විද්යාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) මෙයා ඇන්ඩ්රීස්සන්ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රූප මාධ්ය වෙබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයේ ඉහළ ක්රියාකාරී පරිගණක (High-performance computing) සහ සන්නිවේදන මුල් පිරීම (Communications Initiative) නමැති වැඩසටහන මඟිනි. මෙම වැඩසටහනට මුල පිරුණේ ඇමෙරිකානු සෙනෙට් සභික ඇල් ග්රොර් විසින් 1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි. තවද මෙය ග්රොර් බිල් (Gore Bill) නමින් ද ප්රචලිතය. (වැඩිදුර විස්තර සඳහා Al Gore's contributions to the Internet and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත්රක මිශ්ර කර ඉදිරිපත් කර නොලැබිණි. තවද එහි ජනප්රියතාවය අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්රොටෝකෝලයක් වන Gopher හා Wide Area Information Servers (WAIS) ට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත්රක අතුරු මුහුණත, වෙබයට අන්තර්ජාලයේ ජනප්රියතම ප්රොටෝකෝලය බවට පත් වීම සඳහා බොහෝ දුරට ඉවහල් විය.
1994 ඔක්තෝබරයේ දී ටිම් බර්නස්-ලී CERN ආතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය W3C ආයතනය ප්රතිස්ථාපන කිරීමට යෙදවිණි. එය ප්රතිස්ථාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපීය කොමිසම (European commission)ට පුරෝගාමී වු Defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts Institute of Technology – Laboratory for computer science (MIT/LCS) ආයතනයේදිය. | hplt_2 |
වන සංවර්ධන විද්යාව
වන සංවර්ධන විද්යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්යයන හා කළමණාකරන කලාව, විද්යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්රිත විද්යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්යාව සාමාන්යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්රව්යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි.
ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්රයක් ලෙස ඉස්මතු වී ඇත.
ක්රියාකාරකම්[සංස්කරණය]
අතින් ගස් පැළ කිරීම වනාන්තර රෝපණයේ දී බහුලව යොදා ගන්නා ක්රමයකි. වරෙක විලෝගස් ඇලවී තිබූ භූමියක ඊට ආවේනික යුක්ලිටස් නැවත වගා කිරීම.ඕස්ට්රේලියාවේ ටොම්බෝ ගඟෙහි ඉවුරු මත වනාන්තර පවත්වා ගෙන යාම බොහෝ විට කර්මාන්ත, රජයේ ආයතන, සංරක්ෂණ කණ්ඩායම්, නාගරික උද්යාන මණ්ඩල, රට වැසියන්ගේ සංවිධාන හා පෞද්ගලික ඉඩම් හිමියන් මඟින් පාලනය කෙරේ. මේ අතුරින් කාර්මික වනාන්තර මූලික වශයෙන්ම භාවිතා වනුයේ දැව ලබා ගැනීමට හා වනාන්තර පුනුරුත්ථාපනය (ප්රතිජනනය ) සඳහා වේ. අනෙකුත් වනාන්තර වෙනත් විවිධ වූ අවශ්යතාවයන් හා ප්රයෝජන සඳහා භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස නාගරික වනාන්තර නගර සීමාවන් තුළ පාලනය කෙරෙන අතර මුලික අරමුණ වනුයේ නගර සීමාව තුල ශාක ප්රමාණය වැඩි කර ගැනීම හා වෙනත් විශේෂ ප්රයෝජන වේ. තවත් සමහර වනාන්තර ක්රියාත්මක වනුයේ ශාක පැළ ලබා ගැනීමේ අරමුණු කිරීමේ ව්යාපෘති සඳහා භාවිතා කෙරේ. තවත් වනාන්තර ශාක ජාන බැංකු ලෙස පවත්වා ගෙන යන අතර එය නව ශාක හා වර්ධන තත්වයන් ඇති කිරීමට ජාන ඉංජිනේරුවන්ට උපකාරී වේ. ඉහත කී විවිධ ක්රමෝපායන් හේතුවෙන් උසස් පාසල්වලින් පිටවන උපාධිධාරීන්ගේ සිට සුවිශේෂ වු විෂය පථයන්ගේ නිපුණ ආචාර්යවරුන් දක්වා හැකියා විවිධත්වයක් මෙම ක්ෂේත්රය තුළින් බිහි වී ඇත. සාම්ප්රදායිකව කාර්මික වනාන්තර පාලනය කෙරෙනුයේ වනාන්තර කළමනාකරණ සැලසුම් මඟිනි. මෙම සැලසුම් බොහෝ විට මුලික කර ගනුයේ ශාක, ලේඛණගත වාර්තා, වනාන්තරය අයත් ප්රදේශයේ භූ විෂමතාවය, ශාක ව්යාප්තිය (විශේෂ අනුව) සහ වෙනත් පැලෑටි වර්ගවල විස්තර ඇතුළින් ලේඛන මඟිනි. මීට අමතරව මේවායෙහි අදාල ප්රදේශයේ මාර්ග, බෝග වගාවන්, මිනිස් ජනාවාසවලට ඇති දුර හා එහි බලපෑම, ජල වහන පද්ධතිවල විස්තර යන පාරිසරිකව අති සංවේද ප්රදේශව පාංශු තත්වයන්ගේ විස්තර යනාදිය වේ. අවසාන වශයෙන් මෙම වනාන්තර කළමනාකරණ සැලසුම්වල භූමිය උපරිම ලෙස ප්රයෝජනයට ගැනීමේ ආකාරය හා එය සිදු කරන කාල රාමුව ද ඇතුළත් වේ. නමුත් ගස් කපා ගැනීමේ හෝ අදාල ප්රදේශයේ සිදු කරන වෙනත් ක්රියාකාරකම් බොහෝ විට භූමිය අයිතිකරුගේ හෝ බදු ඔප්පු හිමියාගේ (මීට වනාන්තරයෙන් දැව ලබා ගැනීම සඳහා අවසර සහිත දැව සමාගම්වලට හෝ රජයේ වනාන්තර නම් රජය) අරමුණුවල බලපෑමට යටත් වේ. මීට අමතරව වෙනත් පාර්ශවකරුවන්ගේ (උදාහරණ ලෙස වනාන්තරය ආසන්න ප්රජාව හෝ ප්රජාවන්, අසල්වාසීන් හෝ වනාන්තර තුළ හෝ එහි මායිමේ වෙසෙන ග්රාමීය ජනතාවගේ) අවශ්යතා ද සලකා බැලීම නව ප්රවණතාවක් ලෙසින් ඇති වී තිබේ. මෙහිදී හැමවිටම දැව ලබා ගැනීමේ වනාන්තරවලට අදාල නීති රීති හා කරුණු සලකමින් සැලසුම් සැකසීම සිදු කරයි. මේ සියලු සැලසුම් අවසන් දැව ලබා ගැනීම සඳහා උපදෙස් මෙන්ම අලුතෙන් මාර්ග තැනීමට හෝ වෙනත් ඉංජිනේරුමය වෙනස්කම් අවශ්ය වේ නම් ඒවාද ඇතුළත් වන ලෙස සකස් කෙරේ. සාම්ප්රදායික වනාන්තර කළමණාකරණ ව්යාපෘති වලදී ප්රධාන වශයෙන්ම අරමුණු කරනු ලබන්නේ ලී, ඔප දැමූ ලී, තුනී ලෑලි, කඩදාසි, දැව දර හා වෙනත් කර්මාන්තවලට අවශ්ය වන අමුද්රව්යයක් ලෙස ලී කොට සැපයීමයි. නිෂ්පාදනය කරනු බන දැවවල තත්වය, ප්රමාණය, රැකියා උත්පාදනය හා ලාභය මුලික වශයෙන් සැලකුව ද එය හැමවිටම වැදගත් ලෙස නොසලකනු ලැබේ. වනාන්තර වගාකරුවෝ බොහෝ විට පසු අස්වනු ක්ෂේත්ර සැලසුම් ඉදිරිපත් කරයි. මේවා බොහෝ විට නැවත වන වගාව (විශේෂ වශයෙන් වගා), වල් පැලෑටි පාලනය, පොහොර දැමීම හෝ ළපටි පැළ අතර දුර වැඩි කිරීම (බොහෝ විට ගස් එකිනෙක ආසන්නව තදබෑම වර්ධනය වීම අඩු කොට ලිහිල් වනාන්තර ඇති කිරීමට) යනාදී අරමුණු කර පවතී. මීට අමතරව වනාන්තර වගාකරුවන්ගේ වෙනත් වගකීම් ලෙස කෘමි උවදුරු පාලනය කිරීම හා වැළැක්වීම, විවිධ රෝග පාලනය, වනාන්තරවල හා තෘණ භූමිවල ලැව් ගිනි පාලනය යනාදිය වේ. බොහෝ විට වනාන්තර හේතුවෙන් ඇතිවිය හැකි රෝගී වසංගත තත්වයන්ගේ පිටත හා දේපල හානි අවදානම බලාපොරොත්තු මෙන් වුවද ඉහත සඳහන් වගකීම් ඉටු කරමින් ස්වභාවික ලෙස මෙම ජෛව පද්ධතිවට ක්රියාත්මක වීමට ඉඩ සැලසීම නව ප්රවනතාවක් ලෙසින් ක්රියාත්මක වෙමින් පවතී. වන වගාකරුවෝ බොහෝ විට වනාන්තර වර්ධන වීමේ ආදර්ශනය කිරීමේ හා මැනීමේ විශේෂඥයෝ වෙති. (වනාන්තර මිනුම්කරණය) මීට අමතරව මෙම වන වගාකරුවෝ වන ජීවී සංරක්ෂණ ව්යාපෘති හා ජලාධාර සංරක්ෂණ ව්යාපෘති වලට ද සහභාගී වෙති.
ඉතිහාසය[සංස්කරණය]
වන සම්පත් බාවිතය හා කළමණාකරණය පිලිබදව චීනයට දිගු ඉතිහාසයක් තිබේ. කාල වකවානුව හන් රාජවංශය සිට රදළ කාලය දක්වා ගනන් ගැනේ. පසු කාලීනව මිං රාජවංශයේ චීන ශිෂ්ය Xu Guangqi (1562 – 1633) විසින් ද මේ බව සදහන් කර ඇත. බටහිර ලෝකයේ විධිමත් වන සංවර්ධන ක්රියාවලි වර්ධනය වුයේ මධ්යකාලීන යුගයේදී ය. ඒ වන විට භූමිය රජවරුන්ගේ හා වංශාදිපතින්ගේ පාලනය යටතේ පැවතුණි. භුමිය පාලනය සම්බන්දයෙන් දඩයම් කරුවන් අතර පැවති නීති අයත් විය. ගොවීන් විසින් බොහෝමයක් ප්රදේශ ඉන්ධන සදහා දැව ලබා ගැනීම, ඉදිකිරීම් සදහා අවශ්ය දැව ලබා ගැනීම සහ සතුන් ඇති කිරීම යන කාර්යයන් සදහා යොදා ගෙන තිබුණ ද දඩයම් නීති ඉතිරිව පැවතියේ රදල සමාජිකයන් නිසාය. 16 වන ශත වර්ෂයේදී පමණ ජර්මන් රාජ්ය සහ ජපානය අඛණ්ඩව දැව අස්වැන්නක් ලබා ගැනීම උදෙසා ක්රමානුකූල වන කළමණාකරණ ආරම්භ කර තිබුණි. සම්මතයක් ලෙස වනාන්තර විශේසිත කොටස් වලට බෙදා සිතියම් ගත කර ඇත්තේ දැව ලබාගැනීම වනාන්තර උත්පාදනය කර ගැනීමේ අරමුණත් සමගය.
වන වගා ඇති කිරීම ප්රයෝගිකව ස්ථාපිත කිරීම ආරම්භ කරන ලද්දේ John Evelyn විසිනි. ඒවන විටත් බ්රිතාන්ය දූපත් වාසීන් අතර ඊට යම් ජනප්රියත්වයක් ලැබී තිබුණි. වන ජීව අධ්යයන ආයතන ස්ථාපිත වුයේ 1825 න් පසුවය. මෙවායින් බොහෝමයක් ජර්මනියේ සහ ප්රංහයේ පිහිටා තිබුණි. 19 වන සහ 20 වන ශත වර්ෂය මුල් භාගය යන ශත වර්ෂ වලදී වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩ සටහන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, බ්රිතාන්යය සහ ඉන්දියාව යන රටවල ස්ථාපිත විය. බොහෝමයක් වන ජීව නිළධාරීන් යුරෝපා මහද්වීපයේ (Sir Dretrich Branclis) හෝ එහි අධ්යාපනය ලැබුවෝය.(Gifford Pinchot) දැව ලබා ගැනීම වන සංවර්ධන විද්යාවේ ප්රධාන අංගයකි.
20 වන ශතවර්ෂයේ දී බටහිර ජාතීන් අතර වගා කිරීමේ සංරක්ෂණ ක්රියාදාම වල තාක්ෂණික ධාරිතාවය ඉහළ යාමේ ප්රතිඵලයක් ලෙස වන සංවර්ධන නීති සහ ඊට සම්බන්ධ නියමයන් පැනවීම සහ ඒවා විනාශයට පත්වීම සිදු විය.
උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්යාව ඝර්ම කලාපීය වනාන්තර සම්බන්ධ වන සංවර්ධන විද්යාවේ කොටසක් ලෙස වෙන් කළ හැකි බව තේක්ක හා මහෝගනී දැව අස්වැන්න සලකා බැලීමෙන් කිව හැක. Sir Dietrich Brandis මෙම උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්යාව පිළිබදව කරුණු තව දුරටත් සොයා බලයි.
අධ්යනය[සංස්කරණය]
මධ්යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්රථම වන සංරක්ෂණ විද්යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තවත් මෙවැනිම 1896 දී Cornell හි ආරම්භ කරන ලද විද්යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය.
දකුණු ඇමෙරිකාවේ ප්රථම වන සංරක්ෂණ විද්යාලය බ්රසිලයේ ආරම්භ විය. විශේෂයෙන්ම Vicosa Minas Gerais සහ Curitiba parana යන ස්ථාන මෙහිදී වැදගත් විය.
වර්තමානයේ වන සංරක්ෂණකරුවෙකු විසින් ජීව විද්යාව, උද්භිද විද්යාව, ජාන තාක්ෂණය, පාංශු විද්යාව, දේශගුණික විද්යාව, ජල විද්යාව, ආර්ථික විද්යාව සහ වන කළමණාකරණය යන විෂයන් ඉගෙන ගත යුතුය. සමාජ විද්යාව සහ දේශපාලන විද්යාව හදාරා තිබීම අමතර වාසියකි. ජ්යාත්නතර දේශපාලන විද්යාව පිළිබද උනන්දු වන්නට සිත්ගන්නා සුලු විෂය පථයක් හදුන්වා දී ඇත. වනාන්තර දේශපාලනය සහ දැනුම් කරුණු හුවමාරු කිරීමට මාර්ගය සලසා ඇත.
ඉන්දියාවේ වනාන්තර කළමණාකරණය පිළිබද අධ්යාපනය කෘෂිකර්ම විහ්ව විද්යාල සහ වනාන්තර ගවේෂණ ආයතන (Decmed University) මගින් ලබාදේ. උද්යාන විද්යාව සහ වන කළමණාකරණය පිලිබදව Solan හි පිහිටි විශ්ව විද්යාලය Forestry education ලබාදීමට ආසියාවේ ඇති එකම විශ්ව විද්යාලයයි. මෙම විශ්ව විද්යාලයන්හි උපාධි අපේක්ෂකයන් සදහා සිව් අවුරුදු පාඨමාලා පවත්වා ගෙන යයි. මෘට අමතරව පශ්චාත් උපාදි සහ ආචාර්යය උපාධි පාඨමාලා සදහා පහසුකම් සපයා ඇත.
තිරසාර වන කළමණාකරණය පිළිබද උනන්දු වන්නට, ශිෂ්යයන්ට, වැසි වනාන්තර (නිවර්තන) සුරකින්නට ආදර්ශ ව්යාපෘතියක් ලෙස Puetto Rico හි වනාන්තර කළමණාකරණ වැඩසටහනේ අමතර ව්යාපෘතියක් ලෙස Tropic Ventures Rainforest Enrichment and Sustainable Forestry ව්යාපෘතිය අරඹා ඇත. | hplt_2 |
"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.
සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.
දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.
"තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.
"මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.
මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.
"මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.
මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"
"අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.
"හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.
"ඔවු...මට ගොඩක් රිදෙනවා"
"පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"
"ඔව්"
"එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.
එදා පටන් මගේ සියලුම ප්රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.
"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"
"ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"
"අපිට පියාඹන්න බැරි ඇයි?"
"මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.
දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.
"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.
මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති.
"පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
"ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"මගේ අධ්යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.
වසරින් වසර ගෙවී ගියා මගේ අධ්යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.
අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.
"තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,
"මගේ ඇගිල්ල තුවාල උනා..."ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,
"ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"මම මහ හඩින් සිනා සුනා.
"ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"
"මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.
අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.
"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.
සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි.
"තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.
"මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.
"ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.
"ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.
"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා
"මහත්මයා ඔබේ නම පෝල්ද?"
"ඔව්" මම සෙමින් පැවසුවා.
"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.
දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා
"පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද?
මේ වගෙ බැඳීම් ඇතිවීම ස්වාභාවිකයි කියල මට හිතෙනව. නමුත් ඒ බැඳීම බිඳී ගියාම නම් දරාගන්න අමාරුයි. | hplt_2 |
කවුරුත් කියන්නේ ජිනීවා නාඩගම පෙන්නා බූමිතෙල් ප්රශ්ණය හා අනෙකුත් ප්රශ්ණ අමතක කරගත් බවය. ඒ ආණ්ඩුවේ සුපුරුදු ක්රියාන්විත ස්වභාවයයි. ප්රශ්ණයකින් ගොඩ ඒමට, නැති ප්රශ්ණයක් මවයි. ඒත් ඇත්ත කුමක්ද?
ඇත්ත කතාව නම් ප්රශ්ණ එලෙස යට නොයන බවයි. එහෙම බොරු නාඩගම් නටා ප්රශ්ණ යට ගසා අමතක කරවිය හැකිනම් කිසිම රටක ආණ්ඩු පෙරලෙන්නේ නැත. හැම රටකම හැම ආණ්ඩුවක්ම අඩු වැඩිය ඔය සෙල්ලම කරයි. ඇමරිකාවේ පවා ජෝර්ජ් බුශ් දෙවනි වර ජයගත්තේ සැත්තැම්බර් 11 ප්රහාරය හා ඉරාකයේ ඇෆ්ඝනිස්ථානයේ බොරු යුද්ධ විකුණමිනි. ඔබාමා ඉතිහාසයේ නොවූවිරූ ජයක් ලැබීමට එයද හේතුවකි
රජපස රංචුව සංදර්ශණ හා බොරු දේශප්රේමී නාඩගම් නටමින් කරන්නේ අවසානය පමාකරගැනීමක් මිස අවසානය නසා සදාකාලය ලබාගැනීමක් නම් නොවේ.
අවසානය පමා කරන්නට දගලන්නට දඟලන්නට එය බිහිසුණුවෙයි. ගඩාෆිලාට, සදාම්ලාට වුනේත් එයමය. ඔවුන් දශක ගණන් සිය අවසානය පමාකර ගත්හ, ඒත් අවසන ලැබුණේ කුමක්ද? බිහිසුණු අපවාදාත්මක මරණ පමණකි. මළපහ කරන්නටත් රත්තරනින් වැසිකිලි තනාගෙන හිටි උන් මැරනකොට මැරුණේ කිලිටි රෙදි හෝ හිරකරුවන්ගේ ජම්පර ඇඳගෙනය. හිට්ලර් වෙඩිතියාගත්තේය, මුසෝලිනි මරා කකුල් කෙටිවලින් එල්ලා ප්රදර්ශණය කරන ලදී. ප්රභාකරන්ට කළපුවේ මඩකාගෙන මැරෙනකොට තිබුනේ හැඳ සිටි සරම පමණකි.
මිනීමරු පොල් පොට් සිය දකුණු අත මෙන් සිටිමින් පොල්පොට් ගේ ජන සමූලඝාතන වලට ඉත සිතින් උදවු කල සොන් සෙන් හා පවුලම මරාදම්මේ සැකය නිසාය. මරණදඬුවම නියමවු පොල්පොට් නිවාස අඩස්සියේදී මියගියේය. ඔහුව වසදී මරාදැමුනු බවට සැකයක් ඇත්තේ මරන පරීක්ශණයකින් තොරව හදිසියේ ආදාහනය කොට දැමූ නිසාය.
ලොව හොඳ නරක කියා දෙයක් පවතිනතාක් මොන රාජාටවත් මිනී මරාහෝ, බිල්ලන් පෙන්වා හෝ සංදර්ශණ පවත්වා හෝ අවසානය සදාකල් පමාකරගත නොහැකිය. රබර් බෝලය යට යවන්නට යවන්නට එය වේගයෙන් උඩට එයි.
රාජපක්ශ අද බලිතොවිල් ශාන්තිකර්ම වල වහලෙකු වී ජීවත්වෙයි. ඔහු භාරහාර වෙන්නේ ලක්ශ ගණන් මිනිස්සුන් ගේ වැදුම් පිදුම් වලට ලක්වෙන දෙවිවරුන් හටය. ඔහු වෙනුවෙන් මේ දෙවිවරුන් හට භාර වෙන්නට යන්නේත් ඒවා ඔප්පු කරන්නට යන්නේත් මර්වින් සිල්වා නැමති අධම, ගණිකාවන් පමණක් නොව පිරිමින් ද ඇසුරු කරන, ලොව මිනිසෙකුට කල හැකි සියලු පාප කර්ම කරමින් සිටින වසලයෙකි. මේ පාපතරයා තවත් එවැනිම වසලයෙකු වෙනුවෙන් කරන කන්නලව් අසාගෙන ඒවා ඉශ්ඨ සිද්ධ කරන්නට දෙවියෙකු නොව මළ පෙරේතයෙකු හෝ ඉදිරිපත් වේදැයි සිතන්නට පුලුවන්ද?
එපමණක්ද නොව රන්මැලි සෑය වටා බඩගායි. ඒ බඩගාන්නේද තමන් විසින්ම රහස්පොලීසියට අල්වාගනන්ට වැඩසිද්ධකරන ලද හොරෙකුගේ උපදෙස් අනුවය. වෛරයෙන් පිරි හොරා සෙතක් ශාන්තියක් වෙන උපදෙසක් දෙයිද? නැත. මැරවිනගේ කන්නලව්ද එසේය ගැහැණුන් හා පිරිමින් සමග බුදියමින්, රහමෙර බොමින්, මිනිමරන්නට කොන්තරත් දෙමින්, දහඩිය මහන්සියෙන් හම්බ කරනා මිනිසුන්ගේ සල්ලි කප්පම් ගණිමින් පමනක් නොව තවත් දේවාලයක් වසර සියගණන් පැරණි පූජාවන් පවා කඩා කප්පල් කරනා මුගේ කන්නලව් අසන්නට තරම් නිවට දෙවිවරු කොහි සිටිත්ද?
මෙවැනි අශුද්ධ මිනිසෙකු ලවා දෙවියන්ට කන්නලව් කරවා ගන්නට මහින්ද රාජපක්ශ සිතින් කොතරම් අසරණ, පරාජිත මිනිහෙක් වනවා ඇත්ද?
වෙනත් මිනිසුන්ගේ නම් අඩුම ගණනේ මෙවැනි කටයුතු වලට යන්නේ තමුන්ගේ කසාද ගැහැනියය. එක්කෝ ගැහැණිය විශ්වාස නැත. නැතහොත් වලත්තකම් හෙලිවීම නිසා ඒ ගෑණීට දැන් මූට මොනවා වුනත් කමක් නැතුව ඇතිවා වන්නට පුලුවන. ගැහැනිය කතෝලික වීම ප්රශ්ණයක්ලු, එහෙත් අනන්ත කතෝලික ගැහැණුන් දේවාලවලට ගොස් දෙවියන් හට කන්නලව් කරයි. දේවාලය ඇතුලට යන්නට තහනම් නම් පිට හිඳගෙන හෝ තමන්ගේ දුක කියා පිහිටක් ඉල්ලයි. පිහිට ලැබෙන්නට දේවාලේ ඇතුලේම ඉන්නට අවශ්යනැත. අවශ්යවන්නේ යහපත් කල්ක්රියාවෙන් පසුවන තැනැත්තෙක් පිරිසිදු සිතින් අවංකව පිහිට යැදීම පමණකි. මෙය බෞද්ධ විශ්වාසයයි.
වටේ සිටිනා තක්කඩින් බයට හෝ වාසියට කරන්නට කියනා ඕනෑම සංදර්ශණයක්, පෙලපාලියක් උද්ගෝෂණයක් කරයි. එයට වියදම් ලෙස ලැබෙන මිල මුදල් කුට්ටි පිටින් යටිමඩි ගසා ගනියි.
ලෝකයේ බලසම්පන්නම අසරණයා තව කොතෙක් කල් මේ නාට්ටිය ගෙනියන්නද? | hplt_2 |
හරි... මම අද ඔයාලට දෙනවා තවත් පස්ට දෙයක්. මීට පස්සෙ තැන තැන රස්තියාදු වෙන්න ඕන නෑ. තැන තැන අතර මං වෙන්න ඕන නෑ. කෙලින්ම ගියා... බා ගත්තා... දා ගත්තා...:P වැඩි කතා ඕන නෑ පහල වීඩියෝ එකේ සේරම සුද්ද සිංහලෙන් තියෙනවා. ඒක බලලම ඉන්න කෝ. බලන්න බෑ වගේ නම් මම HD වීඩියෝ එක පහලින් දාන්නම්. ඒක බාගෙන බලන්න. HD වීඩියෝ එකක් උනාට 11 MB තියෙන්නෙ.
Download HD Video | 11 MB
ඔන්න මගේ යූ ටියුබ් චැනල් එකේ ලින්ක් එකත් දැම්මා. කස්ටිය නිකං ඉන්න වෙලාවට චැනල් එක පැත්තෙ ගිහිල්ලා Subscribe පාරක් දාලා කමෙන්ට් එකක් එහෙම දාලා එන්න ඈ...
හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමති නම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා... | hplt_2 |
උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ. ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා උදයන්තිට.
ප්රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.
උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප්රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප්රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.
ප්රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත්ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ?
උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප්රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප්රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.
ප්රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි්රයාමාර්ග අරන් තියෙනවාද?
උදයන්ති - නීතියෙන් කි්රයාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි්රයාමාර්ග ගන්න බෑ කියලා. මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.
ප්රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?
උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.
ප්රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?
උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.
ප්රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?
උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත් නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි්රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි්රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.
ප්රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?
උදයන්ති - මගේ Fansලාට කියන්න ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප්රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප්රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.
ඒ වගේ ම විශේෂයෙන් හිරුට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ඇත්ත කියන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන. මොකද අපිට ඇත්ත කියන්න Media නෑ. Media වල ඔක්කොම යන්නේ බොරු කතා. ඒත් හිරු FM අපිට ඇත්ත කියන්න අවස්ථාව ලබාදුන්නා. හිරු FM එකට සුබ පතනවා.
උදයන්ති සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න. මෙම කථාවේ II කොටස බලාපොරොත්තුවන්න.. | hplt_2 |
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්රී ලංකාවේ ව්යවස්ථාවට එක් කරන ලද 18වන සංසෝධනයේ විපාක දැන් පැවැත්වෙන පළාත් සභා මැතිවරණ ව්යාපාරය තුළ අපි සියළු දෙනා අත් දකිමින් සිටිමු.
17වන සංසෝධනයෙන් නව වසරක් ද 18වන සංසෝධනයෙන් දෙවසරක් ද ගතවීත් මැතිවරණ කොමිසමක් පත් කර නැත. පොලිස් කොමිසම පුස්සකි. මානව හිමිකම් කොමිසම දවල්ටත් නිදි ය. ඒ එජාපය 1978 දී ඇතිකළ විධායක ජනාධිපතිධුරයේ බලපරාක්රමය නිසා ය. සියළු කොමාසන් සභා විධායකයට යටත් ය. එජාප ජනාධිපති ෙජ්.ආර්. ජයවර්ධන කියා සිටි පරදි ඔහුගේ ව්යවස්ථාව යටතේ ගැහැණියක පිරිමියකු කිරීම හැර වෙනත් ඕනෑම වෙනසක් රටෙහි ඇති කිරීමට බලය ලැබුණි. ජනාධිපති රාජපක්ෂ ඒ බලපරාක්රමය උච්චස්ථානකට ගෙන යමින් 18වන සංසෝධනය යටතේ සදාකාලික ජනාධිපතිවීමට අවශ්ය පූර්ව නිතිමය කොන්දේසි සම්පූර්ණ කර ගත්තේ ය.
මානව හිමිකම් නීතිඥ ෙජ්.සී. වැලිඅමුණ මෑතදී පළ කළ ලිපියක් මගින් කියා සිටියේ ඔහුගේ අදහස අනුව ප්රජාතන්ත්රවාදී ක්රම මගින් ශ්රී ලංකාවේ රාජ්ය පාලනය වෙනස් කිරීමට ඇති අවකාශ සියල්ළ දැන් අහෝසි වී යමින් ඇති බවයි. ඔහු මෙසේ කීවේය:
''17වන සංසෝධනය යටතේ කවර හෝ ජන්ද අපේක්ෂකයකුට වාසියක් හෝ පාඩුවක් වන ලෙස රාජ්ය සම්පත් යොදා ගැනීම යම්දුරකට ප්රායෝගික ලෙස වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට අධිකාරයක් තිබුණි. එනමුත් මෙම ප්රතිපාදනය 18වන සංසෝධනය මගින් දියකර දමන ලදී. ශ්රී ලංකාවේ ව්යවස්ථාදායක ඉතිහාසය පෙන්වන්නේ 18වන සංසෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ බලය සිඳළීමෙහි අරමුණ වූයේ කොමසාරිස්වරයාගෙන් කිසිදු බාධාවකින් තොරව පාලක පක්ෂයේ වාසිය පිණිස රාජ්ය සම්පත් සමස්තයක්ම වශයෙන් යොදා ගැනීමේ අවශ්යතාවය යි. මගේ අදහස අනුව නම් මෙතැන් සිට විපක්ෂයට කිසිදු සැළකිය යුතු සාමකාමී මැතිවරණ ජයග්රහණයක් ලබා ගැනීමට ඉතා දුෂ්කර ය''
ජනාධිපති රාජපක්ෂ 18වන සංසෝධනය සම්මත කර ගත්තේ පරාජය කරන ලද එල්ටීටීඊ යේ දේශපාලන සංවිධානාත්මක ව්යුහය ආවේශ කර ගැනීමෙනැයි මෙම තීරුවෙහි මම ඒ අවස්ථාවෙහි ලියුවෙමි. දැන් එක්සත් ජාතික පක්ෂය ගැන කියන්නට ඇත්තේ එය සිය 18වන සංසෝධනය සම්මත කර ගෙන ඇත්තේ ජනාධිපති රජපක්ෂගේ අර්ධ ඒකාධිපති දේශපාලනය ආදේශ කරගැනීමෙන් බවයි.
ශ්රී ලංකා පුරවැසි සමාජය සිය අයිතීන් උදෙසා අනවරත අරගලයන්හි (සරසවි ආචාර්්යවරුන්ගේ වැඩ වර්ජනය, උසස් පෙළ සිසුන්ගේ උද්ඝෝෂණ, සිය අයිතීන් උදෙසා දෙමළ ජනතාව යෙදී සිටින උද්ඝෝෂන, මැර දේශපාලනයට එරෙහිව නීති සහ අධිකරන ක්ෂේත්රයේ නැගිටීම් යනාදී වශයෙන්) විවිධාකාර යෙදී සිටින මෙම ඉතිහාසීය මොහොතෙහි එක්සත් ජාතික පක්ෂය සිය වැදගත්ම කාරිය ලෙස සළකා ඇත්තේ පක්ෂයේ ඉතිරිව තිබූ ප්රජාතන්ත්රවාදයත් පිටමං කිරීම යි. එමගින් පක්ෂය තවත් පටුකර ගැනීම යි.
ශ්රි ලංකාවෙහි නැගී එමින් තිබූ සමාජ සාධාරණ දේශපාලනයට එනම් මුල් කාලීන වාමංශික පක්ෂයන්ට එරෙහිව ධනපති විකල්පය ලෙස 1946 දී බිහිවූ එජාපය ආරම්භයේ දී සිය ව්යුහය සකස් කර ගත්තේ බටහිර ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂ විශේෂයෙන්ම බි්රතාන්ය දේශපාලන පක්ෂ අනුකරනය කිරීමෙනි. ඒ අනුව වාර්ශික පක්ෂ සම්මේලනය ප්රාදේශීය නියෝජිතයින්ගෙන් සැඳුම් ලද අතර පක්ෂ නායකයා තෝරා ගන්නා ලද්දේ නියෝජිත ජන්දයෙනි. එසේ නමුත් 1946 වසරේදී පක්ෂයේ භාණ්ඩාගාරික වූ ෙජ්. ආර්. ජයවර්ධන 1977 මහා මැතිවරණයට පෙර එහි නායකයා ලෙස එජාපය තමාගේ අධිකාරයට යටත් පක්ෂයක් බවට පත් කැරෙන සංසෝධන ඇතුළු කළේ ය. එමගින් නායකයා පත් කිරීමේ පක්ෂ සාමාජිකයින්ගේ අයිතිය අහෝසි වූ අතර පක්ෂයේ ක්රියාකාරී කමිටුව පත් කිරීම ද නායකයාගේ අධිකාරය බවට පත් විය. ශ්රී ලංකාව අද මුහුණදී සිටින බොහෝ ප්රශ්ණ උග්ර කරන ලද්දේ එළෙෂ පක්ෂ තුළ ඒකාධිපති බලයක් ලබාගත් ෙජ්.ආර්. ජයවර්ධන ඒ අන්වම යමින් රටෙහි ඇති කළ 1978 ව්යවස්ථාදායක ඒකාධිපතිත්වය විසිනි.
2012 දී දිගින් දිගටම ලද මැතිවරණ පරාජයන් ගණනාවක විපාකයක් වශයෙන් සිය නායකත්වය විවේචනයට හ අභියෝගයට ලක්ව ඇති රනිල් වික්රමසිංහ එජාපය දැන් තව දුරටත් නායකයාගේ පුද්ගලික අධිකාරයට යටත් කර තිබේ. ඔහුගේ නායකත්වය යටතේ සම්මත කර ගන්නා ලද පක්ෂ ව්යවස්ථා සංසෝධනයන්ට අනුව පක්ෂ නායකයා තෝරා පත් කර ගැනෙන්නේ වසර හයකට වරක් පමණි. එනම් එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් පත් කර ගැනීමට අවස්ථාව ලැඛෙන්නේ 2018 වසරේදී පමණ යæ මේ නම් ලොව කවර ඒකාධිපති පාලකයකු වුව ඊර්ෂාවට පත්වන තරමේ පුදුමාකාර පක්ෂ සංවිධාන පිළිවෙතකිි.
එපමණක් නොවේ. පක්ෂයේ උප සභාපති, මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත් කැරෙන්නේ කවර හෝ ජන්දයකින් නොව නායකයා වන රනිල් වික්රමසිංහගේ කැමැත්ත අනුව ය. පක්ෂයේ නායකයා පත් කැරෙන ක්රියාකාරී කමුටුවේ සාමාජිකයින් පත් කැරෙන්නේ ද නායකයා ම විසිනි. !!
මේ වනාහී එක්සත් ජාතික පක්ෂයේ 18වන සංසෝධනය නොවේ නම් කුමක් ද? මෙම සංසෝධනය විසින් පෙන්නුම් කරන්නේ එජාපයේ ශක්තිය නොව එය මුහුණ දී සිටින අවසානයක් නැති අර්බූදය සහ එම අර්බූදය හමුවෙහි රනිල් වික්රමසිංහ පත්ව ඇති කණගාටුදායක තත්ත්වය යි. ප්රජාතන්ත්රවාදී ආයතනික ව්යුහයේ මූලික කොන්දේසියක් වන බල විභේදනය මෙම සංසෝධනය විසින් කණු බක්කියට යවයි. බල විභේදනයෙන් අදහස් කරන්නේ ප්රධාන බල ආයතන එකිනෙකින් ස්වාධීන කිරීමත් එමගින් පාලනයේ පාරදෘශ්යබව සහ අධිපතිවාදී ප්රවණතාවයන් පාලනය කිරීමත් ය.
ශ්රී ලංකාව අද මුහුණ දී සිටින අර්බූදයේ එක් පැතිකඩක් වන්නේ යහ පාලනය සහ නීතියේ පාලනය නැති කමයි. එවැනි රටක බලයට ඒමට කල්පනා කරන පක්ෂයක් තමන්ගේ පැවැත්ම මගින් පෙන්නුම් කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය සහ විවිධ අදහස් සහ ප්රවණතාවයන් සඳහා අවකාශ සැළසීමට ඇති සූදානම නොවේ ද? නමුත් එජාපය අද පෙන්වන්නේ එය බලයට පැමිණිය හොත් දැනට තිඛෙනවාටත් වඩා ඒකාධිකාරී පාලනයකට ඇති කැමැත්තය.
''රනිල් පිරිසිදු දේශපාලනඥයෙක්. ඔහු බලයට ආවහම නියම විදිහට ප්රජාතන්ත්රවාදය ඇති කරාවි'' යැයි කල්පනා කරන පිරිස් ද සිටින්නට පුළුවන. ඔවුන් ඒ සඳහා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ දෙස ය. විපක්ෂයේ සිටිය දී මානව හිමිකම් සහ කම්කරු ප්රඥාප්ති සිය දේශපාලනය කර ගත් ඔහුට අද ඒ කිසිවක් මතක නැත. අප විශ්වාසය තැබිය යුත්තේ පුද්ගලයින් මත නොව පද්දතීන් මත ය.
නායකයාට පක්ෂය පාලනය කිරීමට සියළුම බලතල සංකේන්ද්රණය කර ගැනීම අවශ්ය යැයි කල්පනා කරන පක්ෂයක් රට පාලනය කිරීම පිණිස ද එවැනිම ව්යුහයක් අවශ්ය යැයි නොසිතනු ඇතැයි කල්පනා කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම නම් නායකයා ඒකාධිපතියකු බවට පත් කැරෙන මෙම සංසෝධනය සම්මත කිරීම මගින් එක්සත් ජාතික පක්ෂය අපට පෙන්නුම් කරන්නේ පෙනෙන තෙක් මානයක සිදූ නොවනු ඇති නමුත් එය කවදාක හෝ බලයට පැමිණිය හොත් එම පක්ෂය විසින් රට පාලනය කරනු ඇති අන්දම යි.
සිය ව්යුහය තුළ ප්රජාතන්ත්රවාදය අහෝසි කරන දේශපාලන පක්ෂයක් රට පාලනය කරන ව්යුහය තුළ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කරනු ඇතැයි සිතීම රෑ වැටුනු වළේ මහ දවල් වැටීමක් වනු ඇත. මෙම වර්ධනය විසින් යළිත් වතාවක් අපට පෙන්වා දෙන්නේ පාලනයේ වෙනසක් නොව ක්රමයේ වෙනසක් සඳහා කටයුතු කිරීමේ අවශ්යතාවය යි.
ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ බලය තමන් අතැතිව පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ජනාධිපති සහ පළාත් සභා බලය තමන් අතැතිව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම, පළාත් සභා සහ පාර්ලිමේන්තු බලය තමන් අතැතිව ජනාධිපතිවරණය පැවැත්වීම සහ ඒ සෑම අවස්ථාවකදීම රජයේ සම්පත් උපරිම වශයෙන් අනිසි පරිහරණය යනාදී වශයෙන් සකස් වීී ඇති ශ්රී ලංකාවේ දූෂිත මැතිවරණ ක්රමය සමඟ දැන් එජාපයේ නායකත්වය පත් කර ගැනීමේ ක්රමය ද ජාඩියට මූඩිය මෙන් ගැලපේ.
මහින්ද රාජපක්ෂ පාලනය 18වන සංසෝධනය මගින් ශ්රී ලංකාවේ යහ පාලනය වළපල්ලට යැවූ කළ ඊට එරෙහිව කොතෙක් උද්ඝෝෂණ, රුස්වීම්, පැවැත්වුනි ද? කොතෙක් ලිපි, පත්රිකා, කතුවැකි යනාදිය ලියැවුණි ද? දැන් විකලප ආණ්ඩුව ලෙස සැළකෙන ප්රධාන විපක්ෂයේ මෙම ඒකාධිපතිවාදී ප්රවණතාවය සම්බන්ධයෙන් අඩුම වශයෙන් ඉන් සියට එකක හෝ උනන්දුවක් විරෝධයක් නොමැතිවීම කොතරම් අභාග්යක් ද?
01.08.12
පුරවැසි නිදහස පිළිබඳ ආරක්ෂ ලේකම්ගේ වාර්තාව - සුනන්ද දේශප්රිය | hplt_2 |
හැම අවුරුද්දකම වගේ අපේ පීඨයෙන් දුෂ්කර පලාත්වල සාමාන්ය පෙල කරන නංගිලා මල්ලිලාට අරුණැල්ල කියලා සාමාන්ය පෙල සම්මන්ත්රණ මාලාවක් කරනවා. එක අවුරුද්දක අපේ අරුණල්ල වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනය තිබ්බේ කන්තලේ පැත්තේ තියෙන බොහොම දුෂ්කර පාසලක !
අපිත් උදේ රැයින් ඇහැරිලා පීඨයේ බස් එකෙන් කන්තලේ ආවා.උදෙම්ම පිටත් උනාට කන්තලේට එනකොට 11 විතර වෙලා. ඊට පස්සේ අපිව පිලිගන්න පොඩිවට පෙරහැරකුත් සූදානම් කරලා තිබුනා. අපිත් ඔය පෙරහර දිගේ ගිහින් උත්සව ශාලාවට ආවා.
ඒ අයට පුලුවන් උපරිමයෙන් ලස්සන උත්සවයක් ලැහැස්ති කරලා තිබුනා. එක මල්ලි කෙනෙක් (පුතෙක් කියලා කිව්වොත් තමා හරි) 'ලස්සනට පැන මඩ කඩිති' ගීතයත් ගායනා කලා.
උත්සවය ඉවර වෙලා දවල් කෑමත් ගමේ කට්ටිය එකතු වෙලා ලැහැස්ති කරලා තිබ්බා. අපි ඒ සංග්රහයත් බුක්ති වින්ඳා. ගම්බද මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන ආයේ කතා කරන්න දෙයක් තියේ යෑ. ඒවා උපරිමයි !
"මෙච්චර දුරක් ආපු එකේ ත්රිකුණාමලේටත් ගිහින්ම එමු !" අපිත් එක්ක ආපු ජනක විජේකුලසූරිය සර් කිව්වා.
සර් එහෙම කිව්වම අපි කොහොමද අකමැති වෙන්නේ. අපිත් එක පයින්ම වැඩේට කැමති උනා. ආයේ ඉතින් අතින් පයින් යන එකක් යෑ. ඇරත් කිලෝමීටර් 20යිනේ යන්න තියෙන්නේ.
මුලින්ම ගියේ නිලාවැලි මුහුදු වෙරල බලන්න.ඇත්තටම ලංකාවේ තියෙන ලස්සනම මූදු වෙරලවල් වලින් එකක් තමයි නිලාවැලිය කියන්නේ. මූද එච්චර ගැඹුරුත් නැති නිසා සෑහෙන දුරක් මූද පැත්තට ගියෑකි. අනිත් එක තමයි සැරට රැල්ල ගහන නිසා දිය මත ලිස්සන වැඩේට නම් මරු.
වතුර ටික දැක්ක හැටියෙම අපේ යුනියන් එකේ සභාපති අයියා ඇඳන් හිටපු ඇඳුම් ටික විසික් කරලා දාලා වතුරට පැන්නා. අපි නාගන්න ඇඳුම් ගෙනාවේ නැති නිසා රැලි පාග පාග හිටියා.
දන්නවනේ මූදක් ලස්සන ඉර බහිනකොට කියලා. මාත් ඉර, ඈත ක්ෂිතිජයෙන් බැහැලා යනකම් බලන් හිටියා.
මොන !!! ක්ෂිතිජයෙන් බැහැපු ඉරක් නෑ. !!!! එක පාරට කළුවර උනා.
පස්සේ තමා මතක් උනේ මම් ඉන්නේ නැගෙනහිර වෙරලෙයි කියලා !!! :)
ඊට පස්සේ කෝනෙශ්වරම් කෝවිලත් බලාගෙන ආයෙමත් නුවර ආවා.
22 January 2012
නිලාවැලි ගමන
හැම අවුරුද්දකම වගේ අපේ පීඨයෙන් දුෂ්කර පලාත්වල සාමාන්ය පෙල කරන නංගිලා මල්ලිලාට අරුණැල්ල කියලා සාමාන්ය පෙල සම්මන්ත්රණ මාලාවක් කරනවා. එක අවුරුද්දක අපේ අරුණල්ල වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනය තිබ්බේ කන්තලේ පැත්තේ තියෙන බොහොම දුෂ්කර පාසලක !
39 දෙනෙක් අදහස් පලකලා .:
- සයුරි said...
-
ඇත්ත නේන්නම්...මාත් කවදාවත් නැගෙනහිර වෙරළේ ඉඳං ඉර බහින හැටි බලලා නැහැ...ඔයාට ඉර නගින හැටි බලලයි එන්න තිබුනේ...ඒක ලස්සනට පේනවා ඇති..
- January 22, 2012 at 12:02 PM
- ලහිරු said...
-
අපිත් එක සැරයක් ඔය සම්මන්ත්රණ මාලාවක් කළා මහියංගනේ, ගිරාඳුරුකෝට්ටේ පැත්තේ! ෂැහ්... තව පැය 10ක් 12ක් හිටියා නම් බලන්න තිබ්බා ඉර නඟින එක වත්! හැබැයි දැන් නම් නිලාවැලි වෙරළත් ගන්න දෙයක් නෑ කියලයි ආරංචිය!
- January 22, 2012 at 12:37 PM
- අකීකරු හිත said...
-
අයියට තිබුනේ ඉර නගිනකන් ඉදලා බලලා එන්න
- January 22, 2012 at 2:38 PM
- න දී said...
-
පින්තූර ටිකකුත් දාන්නනේ තිබ්බෙ. මම් ගිහින් නෑ :/
- January 22, 2012 at 3:23 PM
- දයානන්ද රත්නායක said...
-
" නිලාවැලිය" ලංකාවෙ ලස්සනම මුහුදු තල වලින් එකක්.දවසක් ඉර බහින වෙලාවක මමත් නිලාවැලියේ හිටියා.ඉර බහින වෙලාවෙ තමයි මටත් තේරුනේ මගේ "උතුර - දකුණ" මාරුවී තියන බව. හැබැයි ඉතින් ඉර බහින වෙලාවක ත්රී/මලයේ "රෙඩ් රොක්ස්" බලන්න පුලුවන්නම් මරු. රතු කඳුවැටි වලට බහින ඉර එළිය දැටටුනාම.ඒතරම් ලස්සන දර්ශනයක් ලංකාවෙ වෙන කොහෙදිවත් දකින්න ලැබෙන්නෙ නැහැ.
- January 22, 2012 at 3:25 PM
- මහි said...
-
නිලාවැලිය ලස්සන මුහුදු තීරයක් කියලා මාත් අහලා තියෙනවා. ඒත් ගිහින් නම් නෑ.....
ඇත්තටම අපි මේ ලංකාවේ හිටියත්, නොගියපු තැන් කොච්චර තියෙනව ද කියලා හිතුණා මට මේ පෝස්ට් එක කියෙව්ව ට පස්සේ....
- January 22, 2012 at 6:10 PM
- වින්චැට්කිරිල්ලි. said...
-
මේ පාර ලංකාවට ගියාම බලන්න යන්න ඉන්න තැන් ලිස්ට් එකට ඔන්න නිලාවැලියත් දාගත්ත....ස්තූතියි අයිය....!
- January 22, 2012 at 8:01 PM
- Dinesh said...
-
නැගෙනහිර වෙරළේ ඉදන් හිරු උදාව බලන එක ලස්සනයිලු.. මමනම් දන්නේ නෑ.. අහලා තියෙනවා විතරයි.. දැකලත් නෑ..
- January 22, 2012 at 8:19 PM
- රූ.... said...
-
පින්තූරු ටිකකුත් තිබ්බනම් කියලා වැඩක් නෑ මලේ..
- January 22, 2012 at 8:52 PM
- ChammA said...
-
නිලාවැලි පැත්තේ නම කොහොම හරි කරක්ගහන්න යන්න ඕන අප්පා..
- January 22, 2012 at 9:36 PM
- බීටා said...
-
ඒ පැත්තේ නම් ඇවිදලා බලන්න වටිනවා තමා...... කිවුවා වගේ පොටෝ ටිකක් දැම්මනම් හොඳා
- January 22, 2012 at 10:31 PM
- දිල් said...
-
නිලාවේලී තරම් ලස්සන වෙරළක් ලෝකෙ කොහේවත් නැතුව ඇති... ලඟදි යන්න බැරි උනා...මේ පෝස්ටුව කියවද්දී හිතුනා ආයෙම යන්න ඇත්නම් කියලා....
- January 22, 2012 at 10:42 PM
- ක්සැන්ඩර් | Xander said...
-
ලංකාවට අවාම යන්න හිතන් ඉන්න තැනක් ඔයා අද කිව්වේ. ඇත්තටම කොළඹ ඉන්න කාලේ ගෝල්ෆේස් එකෙන් ඉර බහිනවා බලන් හිටිය මතකෙට ඔතනත් ගිහින් හිටියනම් පස්ට ආතල් එකක් ගන්න පුළුවන්.. හික්..
- January 22, 2012 at 11:37 PM
- sAm (සෑම්) said...
-
සිරාවට පින්තූර තමා කස්ටිය ඉල්ලන්නේ.. ;)
- January 23, 2012 at 12:30 AM
- sumedha Obeysekera said...
-
කලකට පෙර ඉර නිගින හැටි ඔය වෙරල ළඟ ඉදල මම Photo ගත්ත.. බලන්නකෝ..
http://www.sumedha7.blogspot.com/2010/08/beginning.html
- January 23, 2012 at 10:14 AM
- nawammawatha said...
-
චෙහ් ! මධුරංග මලයට තිබුනෙ පින්තූර දෙක තුනක්වත් අමුනන්න. ඉරක් නැතුව දවසක් අහවර වෙනව දැකලම නෑ. ඒ වගේම කියනකං එහෙම දෙයක් ගැන කල්පනාවට ආවෙත් නෑනෙ. :D
- January 23, 2012 at 11:42 AM
- Music girl said...
-
මමත් නිලාවේලි ගිහින් තියෙනවා සුනාමියට කලින්. අපි මුහුදෙ නෑවත් එක්ක. හරිම ලස්සන තැනක්. දැන් නම් වෙනස් ඇති...
- January 23, 2012 at 11:45 AM
- Ruka said...
-
පස්ස රත්වෙන්න ඉර වැටිච්චාම නැගිටින උඹල කොහොමද ඉර පායන පැත්ත දන්නේ නේ බන්
- January 23, 2012 at 2:29 PM
- Ice (අයේෂා කුලතුංග) said...
-
නිලාවැලිය......... මාත් ගියා දෙපාරක්ම. ඒ ලස්සන ගැන නම් කතා කරලා වැඩක් නෑ... නිලාවැලිය ලංකාවට ආභරණයක්.. :D
- January 23, 2012 at 3:01 PM
- Shani said...
-
මාත් ගියා නිලාවැලි 2004 දී... ආයෙත් යන්න ඇත්නම් ආසයි.. හවස් වෙද්දි ලස්සනයි, තාම එහෙමද දන්නෙ නෑ :(
- January 23, 2012 at 3:35 PM
- sithuwam said...
-
ගිහින් නෑ නොවැ...
- January 23, 2012 at 10:32 PM
- වර්ණා said...
-
නිලාවැලි මාත් ගිහින් තියෙනවා. ලංකාවේ ලස්සනම මුහුදු වෙරල කියුවොතින් හරි
- January 24, 2012 at 1:35 PM
- ප්රාර්ථනා said...
-
හම්මියෝ... කාලෙකින් ලොකු අයියව බලන්න ආවේ,. මාත් තිරිකුණාමලේ ගිහින් තියෙනවා අයියේ,. නිලාවැලිය තරම් ලස්සන මුහුදු වෙරළක් නම් තවත් නෑ,. පළල වැලි තීරෙත් එක්ක නිල් පාට මුහුද,.. පුදුම ලස්සනක්,.
- January 24, 2012 at 8:10 PM
- රහස් පරික්ෂකයා said...
-
මන් නම් එක පාරක් ගියා අයියේ .... පට්ට ප්ලෙස් එක. අයියේ බ්ලොග් සෙට් එකක් සෙට් කරන් යමුද?
- January 24, 2012 at 8:30 PM
-
-
මම ත් නිලාවැලි ගිහින් තියෙනවා..බෝට්ටුවක ගිහින් මාරක අත්දැකීමකුත් තියෙනවා...:D හරිම ලස්සන වෙරළ තීරයක් තමා නිලාවැලි කියන්නෙ...
- January 24, 2012 at 9:35 PM
- ~~තරූගේ ලෝකය~~; said...
-
ෂහ්: තාම යන්න බැරිවුනානෙ ඔය පැත්තෙ....
යන්න ඕනි ඉක්මනටම...
- January 24, 2012 at 10:14 PM
- අසරණයා said...
-
අලිමංකඩ ට පේනවලු ඉර නගින එකයි බහින එකයි.ලෝකේ වෙන කොහේටවත් පෙන්නේ නැහැ ඒ දෙකම එකම සැරේ..
- January 25, 2012 at 12:43 AM
- සරත් ලංකාප්රිය said...
-
මම කාලයක් ත්රිකුණාමලේ වැඩ කළා.. හරිම සුන්දර මතකයන් තියෙන්නේ..
- January 25, 2012 at 8:20 AM
- දිනුක ජයකොඩි said...
-
අම්මෝ සෑහෙන කාලෙකින් අන්තර්ජාලෙට ආවෙ.නිලාවැලි ලස්සනයි.රස්නෙ තමයි ඉවසන්න බැරි.මට ආසයි දවසක අලිමංකඩ ඉඳං ඉර නගින හැටියි බහින හැටියි දෙකම බලන්න පුළුවන්ද කියලා බලන්න.
- January 27, 2012 at 7:24 PM
- මධුරංග said...
-
@සයුරි :
නැගෙනහිර වෙරලේ ඉර බහින්නේ නෑ කියලා මට පස්සේ තමා මීටර් උනේ. අපි ඉතින් මූදු වෙරලක හැන්දෑවේ ඉන්නකොට බලන්නෙම ඉර බහින දර්ශනේ නේ.
@ලහිරු :
ඔවු. මිනිස්සු ගියාට පස්සේ විනාශ කරලා දාලා එන්නේ. ඒ නිස ගන්න දෙයක් නම් නැතුවැති !!
@අකීකරු හිත :
උබ ඉදහන් කියලා මාව මූද අයිනෙන්ම දාලා යයි !!
- February 6, 2012 at 6:15 PM
- මධුරංග said...
-
@න දී :
පින්තූර ගන්න කැමරාවක් තිබ්බේ නෑ අක්කා. දෑහින් රසවිඳලා ආවා !!
@දයානන්ද රත්නායක :
අනික් වතාවක ත්රිකුණාමලේ ගියාපුවාම රෙඩ් රොක්ස් බලන්න ඕනා. මම නම් ගිහින්ම නෑ.
@මහි :
ඒක හරි. මේ පුංචි රටේ අපි නොගියපු තැන් කොච්චරක්නම් ඇත්ද ? මැරෙන්න ඉස්සරින් ඒ තැන්වලට යන්න තියෙනවා නම්...
- February 6, 2012 at 6:18 PM
- මධුරංග said...
-
@වින්චැට්කිරිල්ලි. :
ගිහින් ඇවිත් අපට කියවන්නත් එක්ක පෝස්ට් එකක් දාන්න පුලුවන් නම් වටිනවා !!!
@Dinesh :
මල්ලි ලංකාවට ආපු දවසක සෙට් වෙලා යන් !! මාත් උදේක නැගෙනහිර පැත්තේ ඉදලම නෑ.
@රූ.... :
පින්තූරු ගන්න කැමරාවක් තිබ්බේ නෑ අක්කා.
- February 6, 2012 at 6:21 PM
- මධුරංග said...
-
@ChammA :
අනිවාර්යෙන්ම !!! ගිහින් එන්න.
@බීටා :
දැන් නම් පින්තූර කෑල්ලක් නැති එක ලොකු අඩුවක් කියලා හිතෙනවා. ආයෙත් වතාවක ගියොත් පින්තූර කෑල්ලක් දාන්නම් !!!
@දිල් :
ආයේ ආයේ යන්න තියෙනවනම් කියලා මටත් හිතුනා. දැන් නම් රස්සාවකට කොටු වෙලා නිදහස සීමා වෙලා !
මගේ බ්ලොග් එකේ දිල් අක්කෑ අන්තිම කමෙන්ටුව !!!
- February 6, 2012 at 6:24 PM
- මධුරංග said...
-
@ක්සැන්ඩර් | Xander :
ලංකාවට ආපු දාක ගිහින් එන්න.
ගිහින් ඇවිත් අපටත් කියවන්න එක්ක පෝස්ට් එකක් දාන්න.
@sAm (සෑම්) :
උබත් ඉල්ලන්නේ ඒකමද ?
@sumedha Obeysekera :
බොහොම ස්තුතියි !!
- February 6, 2012 at 6:26 PM
- මධුරංග said...
-
@nawammawatha :
හැමෝම ඉල්ලන්නේ නැති දේවල්මයි !!
අනිත් වතාවේ ගියහම අනිවාර්යෙන්ම පෝස්ට් එකට පින්තූර ටිකක් අමුනන්නම්.
@Music girl :
නිලාවෙලියේ නාන එක නම් මාරම අත්දැකීමක් තමා.
@Ruka :
ඔය කිව්වේ !!! :)
ඒ කතාවත් හරිනේ බොලේ ! මේ රස්සාව නැත්නම් නිදිම තමා.
- February 6, 2012 at 6:29 PM
- මධුරංග said...
-
@Ice (අයේෂා කුලතුංග) :
හැබැයි ඉතින් ඒ ආභරණේ විනාස කරන්නෙත් අපේම මිනිස්සු තමා !
@Shani :
තාම එහෙම වෙන්ටෑ. මනුස්සයෝ වෙනස්වෙන ඉක්මනට ස්වභාවධර්මයා වෙනස් වෙන්නේ නෑ. :)
@sithuwam :
වෙලාවක යමුද ?
- February 6, 2012 at 6:31 PM
- මධුරංග said...
-
@වර්ණා :
හරියට හරි !!!
@ප්රාර්ථනා :
සෑහෙන කාලෙකින් නංගිව දැක්කේ !
නිල්පාට මූදක් බලන්න ඕන නම් නිලාවැලි තමා යන්න තියෙන්නේ.
@රහස් පරික්ෂකයා :
බ්ලොග් සෙට් එකක් ඕන නෑ. අපි සෙට් එක වෙලාවක යන් !!
- February 6, 2012 at 6:33 PM
- මධුරංග said...
-
@හිතුවක්කාරී :
එහෙනම් වෙලාවක ඒ අත්දැකීමත් අපිට කියන්න. හික්ස් :)
@~~තරූගේ ලෝකය~~; :
කට්ටියක් සෙට් කරගෙන ගිහින් ආවා නම් හරි !!
@අසරණයා :
ලංකාවේ පටුම ගොඩබිම් තීරුව නිසා ඔය කතාව ඇත්ත වෙන්ටෑ. මම නම් අලිමංකඩ ගිහින් නෑ.
- February 6, 2012 at 6:35 PM
- මධුරංග said...
-
@සරත් ලංකාප්රිය :
නිවාඩු තියෙන වෙලාවක ඒ මතකයත් බ්ලොග් එකෙන් අවුස්සලා ගත්තා නම්....
@දිනුක ජයකොඩි :
මාත් ඒකට නම් ආසයි. ඒත් කාත්තෙක්කද යන්නේ. කට්ටියක් සෙට් උනා නම් ගිහින් එතෑකි !!!
- February 6, 2012 at 6:36 PM | hplt_2 |
මාර්ග අනතුරු වලින් 170දෙනෙක් සහ ඩෙංගුවලින්විශාල පිරිසක් ජනවාරිමාසයේදී මියයති
පසුගිය ජනාවාරී 28වැනිදා පමණක් මාර්ගඅනතුරු වලින් 17 දෙනෙකුමරුමුවට පත් වූහ. ඒගැනපොලිසිය නිකුත්
කළනිවේදනයට අනුව එය එක්දිනක් ඇතුළතදී සිදු වූවිශාලතම අනතුරුසංඛ්යාව ලෙස
සැලකේ.පොලිසියද අදාළ නිවේදනනිකුත් කිරීමට පමණක්සීමා වී ඇති බව අවිනීතසහ පාලනය
කරගැනීමටශක්තියක් නොමැතිරියදුරන්ට
එරෙහිවක්රියාමාර්ගයක්නොගන්නා බව පසුගියදාඑක්තරා
නියෝජයඇමතිවරයෙකුගේබෑණනුවන් කෙනෙකුවිසින් යතුරු පැදිතුනක් හප්පා පුදගලයින්දෙදෙනෙකු
මරා දමා සහතවත් විශාල පිරිසටතුවාල සිදු කිරීමෙන්පසු ප්රදේශය භාරජෙයිෂ්ඨ
පොලිස්අධිකාරීවරයා විසින්ඔහු නිදහස් කරනුලැබීමෙන් සනාථ වේ .
ජනවාරී මාසයේ
ගෙවීගියදින 29 ඇතුළතදී පමණක්සිදු
වූ ප්රභල මාර්ගඅනතුරු සංඛ්යාව 156
ක්වන අතර ඉන් 170 දෙනෙකු මියගියහ.
එම කාල පරිචේදයතුළදී ඩෙංගු ආසාධිතරෝගීන් සංඛ්යාව 2449දෙනෙකු වූ අතර ඒහේතුවෙන් මිය යනසංඛ්යාව වර්ධනයවෙමින් තිබේ. මේඅතරසෞඛ්ය
අමාත්යංශයවිසින් ඩෙංගු නිවාරණසතියක් ප්රකාශයට පත්කළේය. ඩෙංගු වැළඳීමෙන්මිය ගිය
අසාධිතයින් අතර27 හැවිරිදිවෛද්යවරයෙකුද
වේ.වසංගත ඝාතකයෙකුටඑරෙහිව කටයුතු කිරීමසඳහා ඇති ආණ්ඩුවේනොහැකියාව වසා ගැනීමසඳහා
ඩෙංගු සතියක්ප්රකාශ කිරීමෙන්සිදු වී ඇත්තේ
ජනතාවඅතර මෝදුවෙමින් පවතින්ඉච්ඡාභංගතත්වයටපැලැස්තර විසඳුමක්දැමීමය.
තවද ඩෙංගු උණ
වැළඳීමෙන්මිය යන සංඛ්යාව සහ මාර්ග අනතුරුවලින් මියයන සංඛ්යාව වර්ගදෙකකට ඛෙදා වෙන් කළහැකි නමුත් ඉන්පිළිබිඹු වන්නේ රටමුහුණ දෙන ගැටලු
විසඳීමසඳහා ආණ්ඩුවට ඇතිනොහැකියාවයි.නොහැකියාව ව්යුහගතවී තිබේ. ප්රචාරණකටයුතු
වලට වඩා එහා ගියඅදාළ ගැටලු සඳහා සාධනීයඍජු මැදිහත්වීමක් සහිතයාන්ත්රණයක්ආණ්ඩුවෙන්
පිළිබිඹුනොවේ. එනම් ආණ්ඩුවේසාධනීය හැකියාව අඩුපාඩුවලින් පිරීතිබේ. මේ නිසා
භූමිමට්ටමේ ගැටලු සඳහා යොමුවිය හැකි කිසිඳු සාධනීයයාන්ත්රනයක් බලගැන්වීම සඳහා
සියලුමබලාධිකාරිය තමන් යටතටනතු කොට ගෙන සිටිනවිධායක ජනාධිපතිවරයාටප්රතිපත්තිමයතීරණයක්
නැත.
අනවරත
දේශපාලනමැදිහත්වීම හේතුවෙන්ජාතියේ ප්රතිපත්තිමයක්රමය හාස්යජනකතත්වයට පත් වී
තිබේ.වගකීමක් සහිත වූක්රමවේදයක් කිසිඳුප්රඥාගෝචරවිලාසයකින් තව දුරටත්සිදු නොවන
බව සනාත වීතිබේ. එසේමඇමතිවරයෙකුගේ බෑණකු වූපලියට, මාර්ග අනතුරුවලටවග කිව යුතු බීමත්රියදුරෙකු ගැන ස්වාධීනතීරණ ගැනීමට
පොලිසයටනොහැකිය. ස්වාධීනවකටයුතු කිරීමටපොලිසියට හැකියාවක්නොමැති බව
මෑතකදීජනාධිපතිවරයාගේසහෝදරයා මෙන්ම ආරක්ෂකලේඛම්වරයා තමන්ගේදීර්ඝ කතාවකදී
අවධාරනයකරනු ලැබීය. ඉහලින්සිදුකෙරෙන දේශපාලනමර්ධනය හේතුවෙන් එවැනිපරම සත්යන්
නොසලකාහැරීම නිසා ක්රමවේදය මියැදී ඇත.මේ නිසා පොලිසිය කෙරෙහිඇති විශ්වාසය බිඳවැටීම හේතුවෙන්ආණ්ඩුවට පවා
විශේෂකාර්ය බලකාය මත යැපීමටසිදු වී තිබේ.
පොලිස්යේ කඩාවැටීම
හාසාමන අකාරයෙන් සෞඛ්යක්රමයද බිඳ වැටී තිබේ.ඒ වෙනුවට රූපවාහිනීඇතුළු මුලික මාධ්යවිසින්
අඛණ්ඩප්රචාරණක්රමවේදයක් සිදුකරමින් සිටියි. කෙසේවෙතත් ඝාතක රෝගයක් බවටපත් වී ඇති
ඩෙංගුවසංගතය තුරන් කිරීමසඳහා වග කිවයුතුකිසිවෙක් නැත.
සෑම තැනම දුෂණයව්යාප්ත
වී පැවතීමආණ්ඩුවේ අසමර්ථතාවයේපිළිබිඹුවට හේතු වන මුලික කාරණය වේ. නමුත්දුෂණය
නැවත්වීම සඳහාකිසිඳු වැඩපිළිවෙලකටතල්ලු වෙනහෝඩුවාවක්වත් ආණ්ඩුවෙන් දක්නටනොලැබේ.
එනම් නියෝග කිරීමට අනුව කටයුතුකිරීම සඳහා
ආණ්ඩුවටක්රමවේදයක් නැති වූතැන
දුෂණය වැනිකාරණයක් සමඟ කටයුතුකිරීමටද නොහැකි වීමනිශ්චිත කාරණයකි.
මේ කාරණා හමුවේ
රටේජනතාව මුහුණ දෙන මුලිකගැටලුව වන්නේ මාර්ගඅනතුරුවලින්, ඩෙංගුව්යාප්තියෙන් මෙන්මඅනෙකුත් සමාජගැටලුවලින් තමන් බේරාගැනීමට හැක්කේ
කාටදයන්නයි. එවැනිඋත්සහයක් ගන්නා
කිසිමඅධිකාරියක් කිසිවෙකුටහඳුනා ගැනීමට නොහැකිය.
රටේ සෑම අස්සක්
මුල්ලක්නෑරම මෙවැනි අවලාදයන්මතු වෙමින් තිබේ.මෑතකදී සිදු වූ මාර්ගඅනතුරු වලින් මිය
ගියඅයගේ ඥාතීන් සහප්රදේශවාසින් විසින්පවත්වනු ලැබූ විරෝධතාවලදී ඔවුහු පොලිසිය
සමඟකේන්තියෙන් වචනභාවිතාකරන ආකාරය දක්නටලැබුණි. මෙවැනි මරණසඳහා ශෝකය ප්රකශකරමින්
හඬනගා හඬනුවෙනුවට පොලිසිය සමඟඅඬදබර කරගැනීම දේශපාලනඅධිකාරියේ කිසිඳුප්රතිචාරයක්
සඳහාපිටිවහලක් නොවේ. එසේමඩෙංගු හේතුවෙන් මියයනසංඛ්යාව දිනෙන් දිනමඉහළ යෑම
අතිශයසංවේදීජනකබලාපොරොත්තු රහිතවිලාපයකට හේතුවෙමින්තිබේ.
විපක්ෂ දේශපාලන
පක්ෂකිසිවකටද මෙවැනි ගැටලූසඳහා කිසිම පිළිතුරක්නොමැත. ඔවුන්ගේ කාලයෙන්වැඩි කොටසක්
මිඩංගුකරනු ලබන්නේ ඔවුන්ගේමක්රෝධයන්
පිරිමසාගැනීමටය.
මේ සියල්ල විසින්ශ්රී
ලංකාවේ භයානකදේශපාලන රික්තයක්නිර්මාණය කොට තිබේ.
ආසියානු මානවහිමිකම් කොමිසමේනිවේදනයකි
Posted by janasansadaya
on 11:13 AM.
Filed under
AHRC
,
HumanRights
.
You can follow any responses to this entry through the RSS 2.0 | hplt_2 |
පරිගණක අයිකන
පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.
ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්රචලිත වීම සිදුවිය.
සාමාන්යයෙන් පරිගණක අයිකනයක ප්රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර මෙහෙයුම් පද්ධති වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්රම ප්රතිදාන උපාංග වල ප්රමාණය කුඩා වන විට අයිකන වල ප්රමාණයද කුඩා වේ. මේ නිසා දෘශ්ය-ආබාධිත පරිශීලකයන් හට ස්ව-කැමැත්තෙන් අයිකන ප්රමාණයන් තෝරාගැනීමට ඉඩ දීම වඩාත් යෝග්ය වේ. එසේම ආලෝකය මදි කම, ඇස් අධික ලෙස විඩාපත් වීම, විද්යාත්මක ලෙස තහවුරු කරන ලද යම් යම් ආබාධ, දීප්තිමත් පසුබිම් හෝ වර්ණාන්ධතාවය ආදිය නිසාද මෙවැනි විකල්ප ක්රම තිබීම වඩාත් වැදගත් වේ.
පරිගණක පරිශීලක අන්තර් ක්රියාවේදී අයිකන වල ක්රියාකලාපය [සංස්කරණය]
පරිගණක මෙහෙයුම් පද්ධතියක ඇති ගොනු, ෆෝල්ඩර, යෙදුම් හා උපාංග ආදිය නියෝජනය කිරීමට පරිගණක අයිකන යොදා ගත හැකි වේ. අද කාලයේදී මෙම අයිකන භාවිතා වන ආකාරය දෙස බැලූ විට අපට හොඳින් පෙනී යන එක් කාරණයක් නම් නියෝග එකලස් විධාන (macro commands), ප්රකාශන ස්වරූප හැඟවීම ආදී පරිශීලක කැමති පරිදි ඕනෑම දර්ශකයක් නියෝජනය කිරීම සඳහා අයිකන යොදාගත හැකි බවයි.
වැඩතලය මත, මෙවලම් තීරය මත වාගේම මයික්රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word) වැනි පරිගණක මෘදුකාංග වල ඇති මෙනු තීර වල මෙවැනි පරිගණක අයිකන හොඳින් දැකගත හැකි වේ. මෙම අයිකන බැලූ පමණින්ම එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට නම් ඒවා එකිනෙකට වෙනස් ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙසේ පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති අයිකන වඩාත් එලදායි සහ පරිශීලක-හිතෛෂී අයිකන ලෙස පිලිගැනේ. එමෙන්ම දෝෂ රහිත ක්රියාකාරීත්වය, දුටු පමණින් අයිකනයේ අර්ථය හඳුනා ගැනීමට පහසු වීම, ඕනෑම සැලැස්මක් හෝ තත්ත්වයක් යටතේ පහසුවෙන් බලා ගැනීමට හැකි වීම වැනි ලක්ෂණත් පරිශීලක-හිතෛෂී අයිකන වල අඩංගු වේ. නමුත් අයිකන කට්ටල වෙන වෙනම ගත් කල අපට පෙනී යන්නේ එම එක් එක් කට්ටල වලට ආවේනික වූ විවිධ ලක්ෂණ ඇති බවයි. මෙවැනි ලක්ෂණ අයිකන වලට එක් කිරීම මඟින් ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධතාව මනාව විදහා දක්වයි. ඉහත සඳහන් කරන ලද ලක්ෂන කිහිපයක් පහත දක්වා ඇත:
- ප්රමාණයන් ප්රභේදනය කිරීම
- පිහිටීම හා සංයුතිය
- රටා ප්රභේදනය(තිරස්-ඉරි වැටුණු, සිරස්-ඉරි වැටුණු, බෑවුම්-සහිත-ඉරි වැටුණු, වෘත්ත, දීර්ඝ චතුරශ්ර, ...)
- අඳුරු පසුබිම මත දීප්තිමත් රූප හෝ දීප්තිමත් පසුබිම මත අඳුරු රූප යෙදීම
- රාමු කිරීම/ඡායාවන් එක් කිරීම
- වර්ණ ප්රභේදනය
- සජීවනය
සැබැවින්ම ගත් කළ සෑම ප්රධාන නව මාදිලියේ පරිගණක මෙහෙයුම් පද්ධතියකටම පාහේ පරිශීලකයන් හට තොරතුරු ප්රදර්ශනය කිරීම සඳහා අයිකන මූලික කොට ගත් චිත්රක පරිශීලක අතුරුමුහුණත් (GUI) භාවිතා කිරීමේ හැකියාව ඇත. කවුළු, අයිකන, මෙනු, දර්ශක සඳහා ඇති WIMP ශෛලියෙහි 'අයිකනය' යන පදය යොදාගෙන ඇති අන්දමෙන් මෙය මනා ලෙස විදහා දක්වනු ලබයි.
ක්රියාදාම (Function) හෝ ක්රමලේඛ අයිකන [සංස්කරණය]
චිත්රක පරිශීලක අතුරුමුහුණත් වල දක්නට ලබෙන බොහෝ පරිගණක ක්රියාදාමයන් ක්රියාදාම අයිකන මගින් නියෝජනය කල හැකි වේ. එසේම දැන් දක්නට ලැබෙන සියළුම පාහේ චිත්රක පරිශීලක අතුරුමුහුණත් වල මෙම අයිකන දැකිය හැක. කර්සරය අයිකනය මතට ගෙන මූසික බොත්තම ක්ලික් කිරීමෙන් ක්රමලේඛය හෝ ක්රියාදාමය ඇරඹීමට හැකි වේ.
අයිකනයක් විශේෂිත ,ප්රකෘතිමත් හා කුඩා විය යුතුය. එය විවිධ විභේධන වල ඇති වෙනස් මොනිටර වල භාවිතා කිරීමේ හැකියාව තිබිය යුතුය. වෙනස් මෙහයුම් පද්ධති වල ඇති පරිගණක වැඩසටහන් වල වෙනස් වූ දර්ෂණ සඳහා වෙනස් ආකාරයේ අයිකන නිර්මාණය කළ යුතු නිසා මෙම ක්රියාවලිය තව දුරටත් ස්ංකීර්ණ වේ. උදාහරණයක් ලෙස එක් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් එහි ඕනෑම වැඩසටහනක් සඳහා පික්සල 16,32 හා 64 වල අයිකන නිර්මාණය සඳහා නියම කර සිටින අතර තවත් මෙහයුම් පද්ධතියක GUI මාර්ගසූචක මගින් පික්සල 16,24, 48 හා 96 වල අයිකන නිර්මාණය කිරීම සඳහා නියම කළ හැකිය.
අයිකන මෘදුකාංග [සංස්කරණය]
අයිකන මෘදුකාංග යන්න පරිගණක අයිකන තැනීම සහ සංස්කරණය කිරීම සඳහා යොදා ගනු ලබන මෘදුකාංග වේ. අයිකන සංස්කාරක මෘදුකාංග මීට කදිම උදාහරණයකි.
මෙම අයිකන මෘදුකාංග සාමාන්යයෙන් ඇපල් මැකින්ටොෂ් හා මයික්රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇති පරිඝනක වල දක්නට ලබෙන මුත් යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සහිත පරිඝනක වල සාමාන්යයෙන් දක්නට නොලැබේ. මීට හේතුව වන්නේ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සාමන්යයෙන් PNG format භාවිතා කරන නිසාවෙන් අයිකන මෘදුකාංග වෙනුවට අයිකන තැනීම සඳහා ජිම්ප්(Gimp) හෝ ඉන්ක්-ස්කේප්(Inkscape) වැනි මෘදුකාංග භාවිතා කිරීමයි.
අයිකන සංස්කාරක මෘදුකාංග සැලකූ විට සාමාන්යයෙන් එහි ප්රාථමික රූප සංස්කාරකයක් අඩංගු වන අතර එහි ඇති සරල සිත්තම් මෙවලම් භාවිතයෙන් හෝ සරල සිත්තම් පෙරහන් යෙදීම මගින් අයිකන රූපයේ පික්සලයෙන් පික්සලය වෙනස් කළ හැක. නමුත් වෘත්තීය අයිකන නිර්මාණකරුවන් මෙවැනි අයිකන සංස්කාරක මෘදුකාංග භාවිතයෙන් අයිකන සැකසනු ලබන්නේ ඉතාමත් කලාතුරකිනි. අයිකන සංස්කාරක මෘදුකාංග වෙනුවට ඔවුන් බොහෝ අවස්ථා වලදී ත්රිමාණ නිරූපකරණ මෘදුකාංග යොදා ගනු ලබයි.
අයිකන සංස්කාරක මෘදුකාංගයක් මගින් කෙරෙන ප්රධානතම කාර්යය වන්නේ රූප යොදා ගනිමින් අයිකන සැකසීමයි.
අඩවියෙන් බැහැර පිටු [සංස්කරණය]
- Icons at the Open Directory Project
- Guidebooks Components - timeline of icons of various graphical user interfaces
- Microsoft's Let's Make a Theme: Customize windows XP - article containing Microsoft's definition of 'icon'.
- Microsoft Developer Network Creating Windows XP Icons
- Microsoft Developer Network Creating Windows Vista Icons
- Apple Developer Connection Introduction to Apple Human Interface Guidelines - contains guidelines for creating Mac OS X icons
- KDE's Icon Style Guide
- GNOME Human Interface Guidelines 2.0 | hplt_2 |
එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි. ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කොටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ කහ පැහැ සිව් පෙති මලක් ඉහලට නැඟී තිබිණි. එක යායට වැවී තිබුණු ඒ ...
"කොටගල.. කොටගල.. කොටගල......" "මහත්තයා, යනව නං නගින්න. අයේ පැය එක හමාරකට බස් එකක් නෑ..." මා ඔහු ගනන් නොගෙන සිටි නිසාවෙන් මගින් හතර පස් දෙනෙක් පමණක් ජනේල අයිනට බර වී සිටි බසය කන්ද දිගේ පහලට ඇදෙන්නට විය. කෙමෙන් කෙමෙන් වැහි කළුවර ද මෝදු වන්නට විය. කඳුකරේට වහිනවිට දර්ශණය මනරම්ය. එතරම්ම ගුප්තය. එතුල ගැබ්වුනා වූ භයානක කමක්ද දිස්වෙයි. හුදෙකලාව අනෙක් කරුණයි. හුදෙකලාව උපරිමයෙන් අත්විඳින්නට කඳුකරයේ වැස්සකට ...
හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුවට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ. "මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? " නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ නැත්තේ. මටත් වඩා අපි කරපු කියපු දේවල් දන්නේ ...
නොසංදාලයෙක්, ඩෙනිම අඳින,කවිකතා ලියන,ඔහේ ඇවිදින, කොන්ඩේ වවාගත්ත,කාගේ කවුද දන්නේ නැති,නොසංදාලයෙක්. නොසංදාලයෙක්,මනුස්ස ඟඳක් නැති තප්පරේට,මොනිටරේට මූණ ඔබන,නොසංදාල හිතිවිලි ලියන,නොසංදාලයට පණ පොවන, නොසංදාලයෙක්. නොසංදාලයෙක්,නොසංදාලකමට නොසංදාලකං නොකරන,නොදන්න නොසංදාලකං අකුරුවලට පෙරළන,අකුරුලියන උඹලත් එකක් පෑහෙන්න එන,නොසන්දාලකමට නොසංදාලයෙක් වෙච්ච,නොසංදාලයෙක්. එන්න. ඉඳගන්න. ... | hplt_2 |
එක්ස්මෝබේබි ඇඳුම තුළ සංවේදක තැන්පත් කර තියෙනව, මාපියන්ට බබාගේ තත්වය ගැන කිව හැකි.
දරුවා අඬන හේතුව ‘ටක්’ ගාලා කියා දෙන ‘ස්මාට්’ සූට්! අම්මලා තාත්තලාට සුබ ආරංචියක්!
දරුවාගේ තත්වය ඔබට කියා දෙන ‘ජෛව සංවේදක’ ඇඳුමක් දැන් නිපදවලා තියෙනවා. ඒක නම් කර තියෙන්නේ ‘එක්ස්මෝබේබි’ ඇඳුම කියලයි. ඒ ඇඳුමට, උණකටුවක්, හදගැස්ම (හෘද ස්පන්දනය) දක්වන උපකරණයක්, චලන සංවේදක උපකරණයක් ඇතුළත්. මේ උපකරණවලින් දරුවාගේ තත්වය, මොහොතින් මොහොත දන්වන්න පුළුවන්. බබා නිදියනවා වෙනුවට එහාට මෙහාට පෙරළෙනවාද යන්න පවා දෙමාපියන්ට දන්වනවා, ඊමේල් මගින් හෝ කෙටි පණිවිඩ මගින්.
ශ්රී ලාංකීය ක්රිකට් ලෝලීන්ගේ අමරණීය රැය
ශ්රී ලාංකීය ක්රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ 1996 මාර්තු 17 දින (අවුරුදු 16කට පෙර) පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගනයේදී ක්රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්රී ලංකාව ක්රිකට් පිටියේ යෝධයන්වු ඕස්ට්රේලියානු කණ්ඩායම පරාජය කරමින් 6 වැනි ලෝක කුසලානය (විල්ස් ලෝක කුසලානය නමින් ද හැදින්විය) තමන් සතු කර ගත් අර්ජුන රණතුංග ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායම ශ්රී ලංකා නාමය ලෝක ක්රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලිව්වේය.
නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!
මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි.
පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.
අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප්රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.
ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.
පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.
අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප්රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.
ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.
පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.
ලෝක සිනමා ලෝලයන්ගේ ඇස් ආසියාවට ඇද ගත් සිනමාකරුවන් තිදෙනා : ආසියානු සිනමාව 1
ලෝක සිනමාව බිහිවී වසර 50කට පසුව එළඹි 1950 දශකය ආසියාවේ ජයග්රාහී දශකය වුණා. ලෝක සිනමාවට පිවිසෙන්නට ආසියානු චිත්රපටවලට වරම් ලැබුණේ ඒ දශකය තුළයි. ආසියාවට එම කීර්තිය මුල් වරට අත් කර දෙන්නට ආසියානු චිත්රපට අධ්යක්ෂවරුන් තිදෙනෙකු සමත් වුණා.
ඒ අවස්ථාව මුලින්ම උදා කර ගත්තේ ජපානයේ අකිර කුරෝසව (Akira Kurosawa) යි. ඒ ඔහුගේ ‘රශෝමොන්’(Rashomon -1951) චිත්රපටයෙන්. දෙවැන්නා ඉන්දියාවේ සත්යජිත් රායි. ඒ ඔහුගේ ‘පාතේර් පංචාලි’ (Pather Panchali - 1955) චිත්රපටයෙන්. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ.
ඒ අවස්ථාව මුලින්ම උදා කර ගත්තේ ජපානයේ අකිර කුරෝසව (Akira Kurosawa) යි. ඒ ඔහුගේ ‘රශෝමොන්’(Rashomon -1951) චිත්රපටයෙන්. දෙවැන්නා ඉන්දියාවේ සත්යජිත් රායි. ඒ ඔහුගේ ‘පාතේර් පංචාලි’ (Pather Panchali - 1955) චිත්රපටයෙන්. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ.
සක්වළ ඇති අලූත් ග්රහයන් ගණන 2,321ක්! පොළොවට සමාන ඒවාත් තියෙනවා! කෙප්ලර් අභ්යවකාශ දුරේක්ෂයෙන්!
අපේ සෞර ග්රහ මණ්ඩලයෙන් පිටත අලූත් ග්රහයන් සේ සැලකිය හැකි තවත් ග්රහ වස්තූන් දහසකට වඩා අලූතින් සොයා ගෙන ඇතැයි නාසා ආයතනයේ කෙප්ලර් අභ්යවකාශ දුරේක්ෂයෙන් ලැබුණු දත්ත ඇසුරෙන් කළ නව අධ්යයනයකින් හෙළි වී තියෙනවා.
මේ අධ්යයනයට පාදක වී ඇත්තේ 2009 මැයි මාසයේ සිට 2010 සැප්තැම්බර් දක්වා කාලය තුළ කෙප්ලර් අභ්යවකාශ දුරේක්ෂය මගින් රැස් කරන ලද දත්තයන්.
ඒ තොරතුරු අනුව ග්රහයන් විය හැකි වස්තූන් 1,091ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. පසුගිය පෙබරවාරියේ ප්රකාශයට පත් ග්රහයන් විය හැකි වස්තූන් ගණන 1,235ක්. ඒ අනුව දැන් සම්පූර්ණ ගණන 2,321ක් වෙනවා. ”අපට ස්ථිර සාධක තියෙනවා, ඒවායින් සියයට අනූවක්වත් සැබැවින් ග්රහ ලෝක විය හැකි බවට.” මෙසේ කියන්නේ, කෙප්ලර් ගවේෂණ අධ්යයන කණ්ඩායමේ සාමාජික රෝනල්ඞ් ගිලිලන්ඞ් නම් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්යාලයේ තාරකා විද්යාඥයායි.
මේ අධ්යයනයට පාදක වී ඇත්තේ 2009 මැයි මාසයේ සිට 2010 සැප්තැම්බර් දක්වා කාලය තුළ කෙප්ලර් අභ්යවකාශ දුරේක්ෂය මගින් රැස් කරන ලද දත්තයන්.
ඒ තොරතුරු අනුව ග්රහයන් විය හැකි වස්තූන් 1,091ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. පසුගිය පෙබරවාරියේ ප්රකාශයට පත් ග්රහයන් විය හැකි වස්තූන් ගණන 1,235ක්. ඒ අනුව දැන් සම්පූර්ණ ගණන 2,321ක් වෙනවා. ”අපට ස්ථිර සාධක තියෙනවා, ඒවායින් සියයට අනූවක්වත් සැබැවින් ග්රහ ලෝක විය හැකි බවට.” මෙසේ කියන්නේ, කෙප්ලර් ගවේෂණ අධ්යයන කණ්ඩායමේ සාමාජික රෝනල්ඞ් ගිලිලන්ඞ් නම් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්යාලයේ තාරකා විද්යාඥයායි.
විකූනා උපදින තෙක් බලා හිඳින සංරක්ෂකයන් පිරිසක්
විකූනා vicuña කියන්නේ ඔටු පවුලට අයත් සතෙක්. ලාමා විකූනා යන සත්ව විද්යාත්මකව හැඳින්වෙන මේ සතා දක්නට ලැබෙන්නේ ඇන්ඞීස් සානුවේයි. ඌට පැයට කිලෝමීටර 50ක තරම් වේගයකින් දුවන්න පුළුවන්. ඇස් පෙනීම තියුණු වුනත් කන් ඇසීම එතරම්ම හොඳ නැහැ. ඉව දැනීමත් ඉතා දුර්වලයි. මස් හා ලොම් ලබා ගැනීමට දඩයම් කිරීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා. ආරක්ෂිත සතකු ලෙස නම් කොට ඇති මේ සතුන් මුළු ආජෙන්ටිනාවේම ඇත්තේ තුන් දහසක් පමණක් බවත් හෙළි වී තියෙනවා. ඔවුන් සඳහා සංරක්ෂණ වැඩ පිළිවෙළ රැසක් දැන් දියත් කර තියෙනවා. ලාමා, ඇල්පකා, ගුවානෝකෝ යන සතුන් විකූනාගේ ළඟ නෑයන්.
මකුළුවකු ගොදුරක් වෙත එල්ලයකට නිවැරදිව පනින්නේ කොහොමද? විශේෂ හැකියාවක්!
අපි දන්නවා, කෘමීන්ට විශේෂ හැකියාවක් තියෙනවා, ඇස්වල යම්යම් වෙනස්කම් කරල බලන්න. තමන් රොන් ගන්න මලක් හඳුනා ගන්න, එහෙමත් නැත්නම් ගොදුරක් හඳුනාගන්න ඇස්වල නාභිය වෙනස් කිරීමෙන් ඔවුන්ට පුළුවන්. අනෙක් සමහර සතුන්ටත් හිස එහා මෙහා හැරවීමෙන් හෝ සිටි තැන වෙනස් කිරීමෙන් හෝ අවශ්ය දේ කෙරෙහි ඇස යොමු කර ගන්න පුළුවන්. මෙය හැඳින්වෙන්නේ චලන අසම්පාතය (motion parallex) කියලයි. මිනිසාටත් මේ හැකියාව තියෙනවා. මෙයට වඩා වෙනස් හැකියාවක් පනින මකුළුවාට තියෙන බව ජපන් පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා.
හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක් !
මේ සමනලයෙක් (butterfly) නෙවෙයි, රෑ සමනලයෙක්. හරියටම කියනවා නම් ශලබයෙක් (moth). කොහොමද මේ වගේ එකෙක් ඔබේ ඇඳුම් අල්මාරියෙ ඉන්නව දැක්කොත්. ඔබ යටිගිරියෙන් කෑගසාවි.
මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.
මේ තමයි, ලෝකයේ ඉන්නා ලොකු ම ශලබයා. ඇට්ටාකුස් (Attacus) හෙවත් ඇට්ලස් ශලබයා. ඊසාන දිග ඉන්දියාවෙ මහපාරක් අද්දරදි හමුවුණේ.
වේග සීමා නෑ! IBM විද්යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!
මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්යාඥයන් දැන් සූදානම්.
ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.
ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි.
ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.
ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි.
මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය - මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.
මානව පරිණාම කතාව, පැරණිම අම්මා හා ශී්ර ලංකාවේ ආදී මානවයා : පරිණාමයේ කතාව 4
ක්ෂීරපායීන්ගේ පරිණාමය
ක්ෂීරපායීන් හෙවත් කිරී බී වැඩෙන සතුන් අයත් ගණය හැඳින්වෙන්නේ මමාලියා (Mamalia) කියාය. මමාලියාවන් අයත් වන්නේ සිරුරේ උෂ්ණත්වය ස්ථිර ව පවත්වා ගෙන යා හැකි, එනම් අචලතාපී (warm-blooded) ගණයටය. මොවුන් හැඳින්වෙන්නේ ‘පණ පිටින් ඉපදෙන’ සතුන් ලෙස ය. ඒ බිත්තර වශයෙන් මෙලොවට බිහි වී ‘පසුව උපදින’ සතුන්ගෙන් වෙනස් වන නිසාය. මවු කුසෙහි හැදී වැඞී පසුව පණ ඇති බිහි වන මේ සතුන් වැඩෙන්නේ මව්කිරි බී මෙනි. පාද හතරක් ඇති, රෝමවලින් යුත් මේ සතුන් බල්ලන්, සිංහයන්, අශ්වයන්, ගවයන්, සාවුන්, අලිඇතුන්, මීයන් ආදී වශයෙන් විශාල සංඛ්යාවක් නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. මිනිසා ද අයත් වන්නේ මේ ගණයටය.
උතුරු අහසේ විස්මය දනවන දසුන්! දීප්තිමත් ආලෝකධාරා වලට හේතුව කුමක්ද?
පසුගිය පෙබරවාරි 14 වැනිදා නෝර්වේජියානු කඳුවළල්ලට ඉහළින් අහසේ දීප්තිමත් ආලෝකධාරා විහිදීමක් දර්ශනය වුණා. එය අහස්කුස නරඹන්නන් විමතියට පත් විස්මයටත් පත් කළ රමණීය දසුනක් වුණත් ඒවා සූර්යයා ඇති කරන සුපුරුදු උත්තරාලෝක දසුන් නොවේ.
තවත් ග්රහකයක් පොළොවට ආසන්නයට එනවා! ඒත් අපට අනතුරක් නෑ!
තවත් ග්රහකයක් (asteroid) පෘථිවියට දෙසට පැමිණෙමින් තිබෙන බව තාරකා විද්යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. දැනට පෘථිවිය වටා කක්ෂයකට පිවිස සිටින මේ ග්රහකය හඳුන්වා ඇත්තේ 2012DA14 කියායි. අඩි 150ක් (මීටර් 50ක්) පමණ දිග මෙම අප විසින් මෙතෙක් උඩුගුවනට යවන ලද චන්ද්රිකාවලට වඩා පහළින් ගමන් කරනු ඇති.
ඇමරිකානු නාසා ආයතනය නිකුත් කළ ගැටීම් අවදානම් වාර්තාවට අනුව මෙය පෘථිවියෙහි හැපෙන්නට ඇති අවදානම බොහෝ සේ අඩුය. ලබන අවුරුද්දේ පෙබරවාරි 15 වැනිදා අපේ පොළොවට සැතැපුම් 17,000ක් ආසන්නව, අපේ පෘථිවි කක්ෂගත චන්ද්රිකා පවතින කක්ෂයට පහළින් ගමන් කරනු ඇති.
ඇමරිකානු නාසා ආයතනය නිකුත් කළ ගැටීම් අවදානම් වාර්තාවට අනුව මෙය පෘථිවියෙහි හැපෙන්නට ඇති අවදානම බොහෝ සේ අඩුය. ලබන අවුරුද්දේ පෙබරවාරි 15 වැනිදා අපේ පොළොවට සැතැපුම් 17,000ක් ආසන්නව, අපේ පෘථිවි කක්ෂගත චන්ද්රිකා පවතින කක්ෂයට පහළින් ගමන් කරනු ඇති.
අනතුරක් නෑ: ඇමරිකානු තාරකා විද්යාඥ ෆිල් ප්ලේට් කියන්නේ බිය වීමට දෙයක් නැති බවයි.
ළමා කලම මාපියන් මියගියත් මහ පඬුවකු වනතුරු ඉගෙනීම අත්හළේ නෑ : රැපියෙල් තෙන්නකෝන් ගැන තවත් විස්තර...
රැ. තෙන්නකෝන්ගේ ‘හැවිල්ල’ නම් පැදි ගතෙන් උපුටා පළ කළ ‘කුකුළු හැවිල්ල’ රස විඳි අපේ රසවතුන් ඔහු ගැන තවත් විස්තර අපෙන් විපරම් කළා. ඒ නිසා ඔහුගේ වතගොත සටහන් කර තබන්නට අප කල්පනා කළා. අදට එය කාලෝචිත වන්නේ ඔහු මියගොස් හරියටම වසර 47ක් සපිරෙන නිසාය.
සිංහලයේ වැඩි ම පැදි ගණනක් පබැදූ කිවිඳුන් කවුරුන්දැයි විමසුවොත් ඊට පිළිතුර රැ. තෙන්නකෝන් ය. ඔහුගේ පැදි නදිය ඇරඹුණේ ‘වවුලූව’ ගතෙනි. එම පළමු නිබැඳුමෙන් ම ඔහු මහ කිවිඳකු බව පළ විය. සංවාද ස්වරූපයෙන් රචනා කර ඇති වවුලූවෙන් කියැවුණේ කැවිඩියක හා වවුලකු අතර කතාවකි. උපහාස රසයෙන් අනූන ඒ කාව්යය සමාජයේ දුබල තැන්වලට පහර එල්ල කළ කෘතියකි. ‘සක්පුබුදුව’, ‘පඬු ඇඹුල’, ‘දෑ විනය’, ‘මුළුතැන අන්දරය’, ‘රුප්පෙ අන්දරය’, ‘බැතිමත’ හා කුමරතුඟුවන්ගේ දරුවන්ට පිදි ‘පඬුර’ ඇතුළු තවත් පැදි ගත් කිහිපයක් වෙයි. ඔහු ‘සිංහල වංශය’ නමින් අපේ ඉතිහාසය කවි 2500කින් ලියා සම්මානයක් ද දිනා ගත්තේ ය. ‘ගමායනය’ නම් පැදි ගතෙහි පැදි 5302 කි.
සිංහලයේ වැඩි ම පැදි ගණනක් පබැදූ කිවිඳුන් කවුරුන්දැයි විමසුවොත් ඊට පිළිතුර රැ. තෙන්නකෝන් ය. ඔහුගේ පැදි නදිය ඇරඹුණේ ‘වවුලූව’ ගතෙනි. එම පළමු නිබැඳුමෙන් ම ඔහු මහ කිවිඳකු බව පළ විය. සංවාද ස්වරූපයෙන් රචනා කර ඇති වවුලූවෙන් කියැවුණේ කැවිඩියක හා වවුලකු අතර කතාවකි. උපහාස රසයෙන් අනූන ඒ කාව්යය සමාජයේ දුබල තැන්වලට පහර එල්ල කළ කෘතියකි. ‘සක්පුබුදුව’, ‘පඬු ඇඹුල’, ‘දෑ විනය’, ‘මුළුතැන අන්දරය’, ‘රුප්පෙ අන්දරය’, ‘බැතිමත’ හා කුමරතුඟුවන්ගේ දරුවන්ට පිදි ‘පඬුර’ ඇතුළු තවත් පැදි ගත් කිහිපයක් වෙයි. ඔහු ‘සිංහල වංශය’ නමින් අපේ ඉතිහාසය කවි 2500කින් ලියා සම්මානයක් ද දිනා ගත්තේ ය. ‘ගමායනය’ නම් පැදි ගතෙහි පැදි 5302 කි.
මිනිසා ප්රථම ජනාවාසය තනන ග්රහයා දැන් හොඳින් පෙනෙන මානකය! රාති්ර අහසේ රතු පැහැයෙන් දිස්වේ!
තාරකාලෝලීන්ටත්, තරකා විද්යාඥයන්ටත් ඇස පිනවන දසුනක් මේ දවස්වල රාති්ර අහසේ දිස් වෙනවා. ඒ තමා අඟහරු ග්රහයා පැහැදිලිව හා දීප්තිමත්ව දැක ගන්නට හැකි වීම. වසර 2කට පසු රතු ග්රහයා අපට වඩාත් සමීප වූයේ පසුගිය ඉරිදායි. එහි රතු පැහැය පියවි ඇසෙනුත් දැක බලා ගත හැකියි.
සූර්යයාත් පොළොවත් අඟහරුත් එක එල්ලයක පිහිටන අයුරු සිත්තරකුගේ ඇසින් (නියම අනුපාතයට නොවේ)
හෙළ බසින් දස්කම් විස්කම් පෑ රැපියෙල් තෙන්නකෝන්
මුනිදාස කුමාරතුංග සූරීන් සමග සිටි තවත් යුග පුරුෂයෙක් ගැන කියන්නයි, මේ සටහන ලියන්නේ. කුමරතුඟු ඇසුරේ සිටි අය අතුරින් හෙළ බස නිර්මාණශීලී අයුරින් හැසිරවූ සුවිශේෂම ලේඛකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඔහු තමා රැපියෙල් තෙන්නකෝන් කිවිසුරාණන්.
එතුමා පැදියට පමණක් නොව ගැදියටත් එක සේ දක්ෂයකු විය. ‘සක් පුබුදුව’, ‘වවුලූව’, ‘පඬුර’ එතුමාගේ පැදි පබඳ අතරින් කැපී පෙනෙයි. ‘බස් පාර’, ‘හෙළ බස් හුරුව’ ඔහුගේ ගී්රක, ලතින්, පාලි, සංස්කෘත, ජර්මන් ආදී බසෙහි සුරුවකු වූ ‘මහා වංශය’ පැදියෙන් ලියා සම්මානයක් ද දිනුවේය. 1890 දී උපන් මෙතුමා 1965 මාර්තු 8 වැනිදා මිය ගියේ ගම්පහ පැරකුම් දෙණියේ දී මිය ගියේය.
එතුමා පැදියට පමණක් නොව ගැදියටත් එක සේ දක්ෂයකු විය. ‘සක් පුබුදුව’, ‘වවුලූව’, ‘පඬුර’ එතුමාගේ පැදි පබඳ අතරින් කැපී පෙනෙයි. ‘බස් පාර’, ‘හෙළ බස් හුරුව’ ඔහුගේ ගී්රක, ලතින්, පාලි, සංස්කෘත, ජර්මන් ආදී බසෙහි සුරුවකු වූ ‘මහා වංශය’ පැදියෙන් ලියා සම්මානයක් ද දිනුවේය. 1890 දී උපන් මෙතුමා 1965 මාර්තු 8 වැනිදා මිය ගියේ ගම්පහ පැරකුම් දෙණියේ දී මිය ගියේය.
වේලි බිඳිමින් නැවත උපන් ගංගාව : කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු!
2011 ඔක්තෝබර් මස අගදී වසර 100ක් පමණ පැරණි කොන්ඩිට් වේල්ල (Condit Dam) ඉවත් කරමින් අමෙරිකානු ප්රාන්ත රාජ්යයක් වන වොෂින්ටනය විසින් ධවල සැමන් ගංගාව (White Salmon River) නැවත ගලායාමට සලස්සුවා.
වඳ වී ගිය විශාලතම කෘමියා මුහුද මැද සීගිරියටත් වඩා උස පර්වතයක් මුදුනෙන් හමුවෙයි!
කොහොමද ඒ සතා එතැනට ගියේ ? මුහුද මැද කුලූනක් සේ උස්ව සිටින සේ පර්වත ශිඛරය අපේ සීගිරියටත් වඩා ගොඩක් උසයි. අපේ සීගිරියේ උස අඩි 1,214යි. මේ ශිඛරය අඩි 1,844ක් උසයි. අපේ සීගිරිය මුදුනේ මාලිගාවක් හදල තිබුණට මේ වගේ උලක් බඳු මුදුනක් තියෙන තැනක වාසයට සුදුසු නිවහනක් කර ගන්න බැහැ.
ඒ වුනාට ඒක බාධාවක් නෙවෙයි, මීට වසර 80කට විතර ඉස්සර වඳවී ගියේ යැයි සිතන සතෙකුට. ඒ සතාගේ අවසාන ජනපදය අඩි 1,844ක් උස බෝල්ගේ පිරමීඩය මුදුනෙ තිබුණ බව විතරයි කවුරුත් දැන ගෙන හිටියෙ.
විද්යාඥයන් ළඟදී සොයා ගත්තා, දකුණු පැසිපික් සාගරයේ මුහුදෙන් උඩට මතුවුණු මේ උස පර්වත ශිඛරය මුදුනේ පිහිටි ගහක ජීවත්වුණු සතුන් 24 දෙනෙක්.
ඒ වුනාට ඒක බාධාවක් නෙවෙයි, මීට වසර 80කට විතර ඉස්සර වඳවී ගියේ යැයි සිතන සතෙකුට. ඒ සතාගේ අවසාන ජනපදය අඩි 1,844ක් උස බෝල්ගේ පිරමීඩය මුදුනෙ තිබුණ බව විතරයි කවුරුත් දැන ගෙන හිටියෙ.
විද්යාඥයන් ළඟදී සොයා ගත්තා, දකුණු පැසිපික් සාගරයේ මුහුදෙන් උඩට මතුවුණු මේ උස පර්වත ශිඛරය මුදුනේ පිහිටි ගහක ජීවත්වුණු සතුන් 24 දෙනෙක්.
ලෝඞ් හෝවේ දූව අසල පිහිටි බෝල්ගේ පිරමීඩය: ගස් පොකිරිස්සන් ඔවුන්ට හමු වුණේ මෙහි මුදුනේ ගලකට ඇලී සිටියදියි.
නික් කාලයිල් මේ සිටින්නේ බෝල්ස් පිරමීඩය මුදුනේ සිට හමුවූ ‘ගස් පොකිරිස්සන්’ දෙදෙනකු සමඟයි.
බි්රතාන්ය විද්යාඥයන්ගෙන් අමරණීය වෙන්න ක්රමයක්! පැතලි පණුවන් එක්ක පර්යේෂණ!
නොමැරී සදාකල් ජීවත්වෙන්න ක්රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි.
බි්රතාන්ය විද්යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප්රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා.
බි්රතාන්ය විද්යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප්රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා.
අහසේ නම ලියා ලෝ පතල වුණු කවුරුද ? මේ කවුරු ඉකෙයා (Kaoru Ikeya)
මාසයකට ඩොලර් 35ක පඩියකට ඔහු පියානෝ තනන සමාගමක රැකියාවට ගියේය. එහි වූ ඔහුගේ පෞද්ගලික වාර්තා පතෙහි සඳහන් වූයේ ඔහු ‘දැඩි අරමුණු නැති, ඉහළට යාමේ ආශාවන් ගෙන් ප්රහීණ’ අයකු ලෙසය. ඒත් කවුරු ඉකෙයාට දවසේ රැකියාව නිම වීමෙන් පසු ඉහළට යාමේ ආශාවන්ගෙන් පිරුණු දැඩි අරමුණක් තිබුණේය. මේ අරමුණ ඔහු කෙතරම් හොඳින් සඵල කර ගත්තේ ද යත් එතෙක් සිය පවුල ලබා තිබූ අවමානයෙන් ගලවා ගෙන සස ජාතකයෙහි එන පරිදි සක් දෙවිඳු සා රුව සඳෙහි ඇන්දාක් සේ සිය පවුලේ නාමය අහසේ ලියන්නට සමත් විය. මේ දිරිය වඩන කතාව දිරිය බිඳින සාධක මැද්දෙන් සාර්ථක ගමනක් ගිය ජපන් හපන් පුතකු ගැනයි.
රළ පදින්නෙකු විසින් පැදවූ විශාලම රැල්ල! ලෝක වර්තාවක්!
ලෝක වර්තාවක් බිද හෙළමින් රළ පදින්නෙකු විසින් පැදවූ ලොව මෙතෙක් වර්තා ගත වී ඇති විශාලම රැල්ල මෙය වේ.
ඩයිනසෝරයන්ගේ පිහාටු වර්ණය නිශ්චය කෙරේ!
විද්යාඥයන් පිරිසක් විසින් සිදු කල පර්යෙෂණයක් මගින් පොසිලිකරණය වු "Archaeopteryx" ඩයිනසෝර විශේෂයේ පිහාටුවේ වර්ණය නිශ්චය කෙරුනා.
අද ශී්ර ලංකාවේ සිංහල භාෂා දිනයයි. භාෂා ලෝකයේ යුග පුරුෂයෙක් සිහි කරමු.
අද මාර්තු 2 වැනිදා ශී්ර ලංකාවට සුවිශේෂ වූ දිනයක්. 1815 දී ශී්ර ලංකාව බි්රතාන්යයේ යටත් විජිතයක් බවට පත් වූ උඩරට ගිවිසුම අත්සන් කළේ අද වැනි දවසකයි.
ඒ වගේම ශී්ර ලංකාවේ සිංහල භාෂා දිනයත් යෙදෙන්නේ අදටයි. ඒ නිසාම අපේ භාෂාව වාර්තමානයේ පවතින තත්වයට ගේන්නට මඟ පෑදූ යුග පුරුෂයෙක් ගැන කතා කරන්න හිතුනා. ඔහු තමා මීට අවුරුදු 68කට පෙර 1944 අද වැනි දිනක අපෙන් වියෝ වූ මුනිදාස කුමාරතුංග මහතා. ඔහුගේ නිර්මාණ ගැන කලින් අප කතා කළා මතක ඇති. ළමයින්ට කතා කවි ලියන්නට ඔහු දැක්වූ දක්ෂතාව අදත් අගය කළ යුතු මට්ටමක තියෙනවා. ඒ හා සම කරන්නට තරම් නිර්මාණ අදත් හමුවෙන්නේ නෑ. හාවාගේ වග එවැනි එක් නිර්මාණයක්. (හා හා හරි හාවා - හාවාගේ වග බලන්න.)
ඒ වගේම ශී්ර ලංකාවේ සිංහල භාෂා දිනයත් යෙදෙන්නේ අදටයි. ඒ නිසාම අපේ භාෂාව වාර්තමානයේ පවතින තත්වයට ගේන්නට මඟ පෑදූ යුග පුරුෂයෙක් ගැන කතා කරන්න හිතුනා. ඔහු තමා මීට අවුරුදු 68කට පෙර 1944 අද වැනි දිනක අපෙන් වියෝ වූ මුනිදාස කුමාරතුංග මහතා. ඔහුගේ නිර්මාණ ගැන කලින් අප කතා කළා මතක ඇති. ළමයින්ට කතා කවි ලියන්නට ඔහු දැක්වූ දක්ෂතාව අදත් අගය කළ යුතු මට්ටමක තියෙනවා. ඒ හා සම කරන්නට තරම් නිර්මාණ අදත් හමුවෙන්නේ නෑ. හාවාගේ වග එවැනි එක් නිර්මාණයක්. (හා හා හරි හාවා - හාවාගේ වග බලන්න.)
ඇදහිය නොහැකි තරම් ශක්තිමත්! අවු.7ක් සහ 5ක් වයසැති රුමේනියානු සහොදරයින්!
මේ පුංචි යෝධයන් දෙදෙනා ඉන්නේ රුමේනියාවේ. ගියුලියානෝ (Giuliano Stroe) ස්ට්රෝ හත් හැවිරිදියි. ක්ලෝඩි ස්ට්රෝට (Claudi Stroe) තාම අවුරුදු 5යි.
අභ්යවකාශයෙන් ආ බැක්ටීරියාවක් බි්රතාන්යයේ ගංගාවකින් හමු වෙයි! අනාගතයේ බලශක්ති ප්රභවයක් ලෙස යොදා ගත හැකියි!
සාමාන්යයෙන් පෘථිවියේ ඉහළ කක්ෂයක හමුවන්නේ යැයි සැලකෙන බැසිලස් ස්ට්රැටොස්ෆෙරිකස් නම් අලූත් බැක්ටීරියාවක් විද්යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. විද්යාඥයන් කියන්නේ මෙමගින් වෙනත් ඒවාට වඩා දෙගුණයක් විදුලි බලය නිපදවිය හැකි බවයි.
ඊසානදිග එංගලන්තයේ පිහිටි සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මෝය කටේ තිබී හමු වී ඇති මෙම අබිරහස් ජීවියාට අණුජීවී ඉන්ධන ෙසෙල නම් විශේෂ බැටරියක් යොදා ගෙන විදුලි බලය නිපදවිය හැකියි.
බැසිලස් ස්ට්රැටොස්ෆරිකස් නම් මේ ක්ෂුද්රජීවියා හමුවන්නේ පෘථිවි තලයෙන් සැතැපුම් 20ක් පමණ ඉහළ අහසෙදියි.
ඊසානදිග එංගලන්තයේ පිහිටි සුන්ඩර්ලන්තයේ වෙයා ගංගාවේ මෝය කටේ තිබී හමු වී ඇති මෙම අබිරහස් ජීවියාට අණුජීවී ඉන්ධන ෙසෙල නම් විශේෂ බැටරියක් යොදා ගෙන විදුලි බලය නිපදවිය හැකියි.
බැසිලස් ස්ට්රැටොස්ෆරිකස් නම් මේ ක්ෂුද්රජීවියා හමුවන්නේ පෘථිවි තලයෙන් සැතැපුම් 20ක් පමණ ඉහළ අහසෙදියි.
සාමාන්ය බැක්ටීරියාවල වඩා දෙගුණයක් විදුලිය නිපදවන්නට මේ බැසිලස් ස්ට්රැටොස්ෆරිකස් අණුජීවියාට පුළුවන්
අපේ කැලැන්ඩරයට අධික අවුරුද්ද ආ හැටි
අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක්රමය එම ඉලක්කම් දෙක 4න් බෙදීමය. එසේ බෙදූවිට ඉතිරි නොවී බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. නිදසුනක් හැටියට 2012 වසර අධික අවුරුද්දකි.
අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි්ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර කි්ර.ව. 2300 වසර ද අධික අවුරුද්දක් නොවනු ඇත.
අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි්ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර කි්ර.ව. 2300 වසර ද අධික අවුරුද්දක් නොවනු ඇත.
වසර හතරකට එන වාසනාවන්ත දවසක්! ලොව පුරා අද වගේ දවසක උපන් අයට අපේ සුබපැතුම්!
අද පෙබරවාරි 29 වැනිදා සුවිශේෂ දවසක්. මේ වගේ දවසක් එන්නේ අවුරුදු හතරකට වතාවක් විතරයි. ඒ වගේම අවුරුදු 100කට සැරයක් එන්නේ නෑ. අද දිනය හඳුන්වන්නේ අධික දිනය leap day කියලයි.
අප අද භාවිත කරන ග්රෙගෝරියානු කැලැන්ඩරයට අනුව සාමාන්ය අවුරුද්දක පෙබරවාරි මාසයට තියෙන්නේ දින 28යි. ඊළඟ දිනය එන්නේ මාර්තු 1 වැනිදායි.
අප අද භාවිත කරන ග්රෙගෝරියානු කැලැන්ඩරයට අනුව සාමාන්ය අවුරුද්දක පෙබරවාරි මාසයට තියෙන්නේ දින 28යි. ඊළඟ දිනය එන්නේ මාර්තු 1 වැනිදායි.
ගොඩබිමට පා තැබූ ප්රථමයා හා උරගයින්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 3
උභය ජීවීන්ගේ පරිණාමය
ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප්රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.
ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප්රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.
ව්යාඝ්රයන්ට ඉරි හා දිවියන්ට තිත් ලැබුණේ කොහොමද? අවුරුදු 60 වසරක් පැරණි නියමය තහවුරු කරයි!
පළමු වතාවට විද්යාත්මක පරීක්ෂණ මගින් ශ්රේෂ්ඨ බි්රතාන්ය ජාතික විද්යාඥයකු වූ ඇලන් ටියුරින් ඉදිරිපත් කළ න්යායක් තහවුරු කිරීමට බි්රතාන්ය විද්යාඥ පිරිසක් සමත් වී තියෙනවා. මේ න්යාය ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්යාඝ්රයන්ට ඉරි හා දිවියන්ට පුල්ලි ආදී ජීව රටාවන් ලැබුණු ආකාරය පිළිබඳවයි.
ටියුරින්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී ඇති මේ වසරේ දී ම ඔහුගේ න්යාය තහවුරු කිරීම විශේෂ දෙයක් ලෙස සැලකිය හැකියි. සතුන්ගේ සිරුරවල ඇති වන හඳුනා ගැනීමේ ලක්ෂණ ලෙස විශේෂ රටා ඇති කෙරෙන්නේ ප්රබෝධකයක් (activator) හා අවශේධකයක් (inhibitor) ලෙස එක විට කි්රයා කරන රූප ජනක ජාන හෙවත් මෝෆොජන්ස් (morphogens) යුගලක් නිසා යයි ඔහු ඒ න්යාය තුළින් ලොවට කීවා.
ටියුරින්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී ඇති මේ වසරේ දී ම ඔහුගේ න්යාය තහවුරු කිරීම විශේෂ දෙයක් ලෙස සැලකිය හැකියි. සතුන්ගේ සිරුරවල ඇති වන හඳුනා ගැනීමේ ලක්ෂණ ලෙස විශේෂ රටා ඇති කෙරෙන්නේ ප්රබෝධකයක් (activator) හා අවශේධකයක් (inhibitor) ලෙස එක විට කි්රයා කරන රූප ජනක ජාන හෙවත් මෝෆොජන්ස් (morphogens) යුගලක් නිසා යයි ඔහු ඒ න්යාය තුළින් ලොවට කීවා.
වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්!
පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි.
මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.
මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.
කොළ පැහැති නිසා පරිසරය හා මුසුව සැඟවී සිටින්න ඌට පහසුයි
අනාගතයේ දී බීම බොනවා විතරක් නෙවෙයි, ඒ බීම දැමූ බෝතලෙත් කන්න පුළුවන්!
අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්රව්ය අඩු කිරීමට විද්යාඥයන්ගෙන් ලැබෙන සහායක්. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවේවි.
ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි.
පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්.
ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි.
පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්.
එවැනි බඳුනක් හරියටම බිත්තරයක කටුවක් වැනි සවිමත් එකක්. ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි.
අපෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 2
අපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.
විෂ විදීමෙන් හා විදුලි සැර පිටකිරීමෙන් පණ බේරාගන්න සත්තු : සත්ත්ව ලෝකයේ උපක්රම
ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි. විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත. ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ගෙන ඇත්තේ ද ස්වාභාවික වර්ණ අනුව යමිනි. රතු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අවදානමක් එසේත් නැතිනම් අනතුරකි. කහ වර්ණය ඇති විටදී ද අනතුරක ස්වභාවය පෙන්නුම් කළත් අවදානම අඩුය. කොළ පාටින් පෙන්නුම් කරන්නේ අනතුරක් නොමැත යන්නයි. සත්ත්ව ලෝකයේ නොයෙක් නොයෙක් සත්තු විවිධ උපක්රම භාවිතා කරති. සමහරු විෂ යොදා ගනිති. තවත් සමහරු විදුලිය යොදා ගනිති.
හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙයි!
රුසියාවේ පර්යේෂණාගාරයක මුල්ල තබා ඇති විද්යාඥයන්ගේ සිත් ඇදගත් මල් පැළයක් තියෙනවා. එහි නම දක්වා ඇත්තේ සිලේන් ස්ටෙනොෆිලා (Silene stenophylla) කියලයි. මෙවැනි සපුෂ්ප ශාක බොහෝ විට මල් පෝච්චිවල වවන්නේ මල් ප්රදර්ශන තරගවලට ඉදිරිපත් කරන්නයි. මේ වවන්නේ එහෙම එකකට නෙමෙයි. ඒත් එහෙම තරගයකට ඉදිරිපත් කළත් මේක සම්මාන වැඩි ගණනක් දිනන එකක් නැහැ. කොහොම වුනත් එක් සම්මානයක් නම් දිනනව සිකුරුයි. ඒ තමා ‘පෘථිවියෙහි ඇති ඉතාමත් පැරණි, රෝපණය කළ හැකි, බහු-පටක සහිත සජීවී ශාකය’ යන සම්මානය.
සිලේන් ස්ටෙනොෆිලා නම් පැළෑටියට ‘යළි උපත’ දුන්නේ මීට වසර 30,000කත් පෙරාතුව රුසියාවේ සයිබීරියානු නිත්ය තුහින ප්රදේශයේ විසූ ලේනුන් විසින් වළලන ලද බීජ (ඇට) වර්ගයක් සොයා ගැනීමෙන් පසුවයි. මේ බීජ අධික ශීත තත්වයක් යටතේ නොනැසී තිබුණු ‘මිදුණු ජාන සංචිතයක්’ ලෙස විද්යාඥයන් අතට පත් වුණා.
සිලේන් ස්ටෙනොෆිලා නම් පැළෑටියට ‘යළි උපත’ දුන්නේ මීට වසර 30,000කත් පෙරාතුව රුසියාවේ සයිබීරියානු නිත්ය තුහින ප්රදේශයේ විසූ ලේනුන් විසින් වළලන ලද බීජ (ඇට) වර්ගයක් සොයා ගැනීමෙන් පසුවයි. මේ බීජ අධික ශීත තත්වයක් යටතේ නොනැසී තිබුණු ‘මිදුණු ජාන සංචිතයක්’ ලෙස විද්යාඥයන් අතට පත් වුණා.
තවමත් හොඳින් වැඩෙනවා: වසර 30,500කට පෙර නිත්ය මිදුණු බිමක යටවී තිබී හමු වූ සිලේන් ස්ටෙනොෆිලා දැන් ‘යළි ඉපිද’ මල් පල දරන අයුරු.
කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්! වෙනත් ග්රහ ලොවකින් ආ අය වගෙයි!
ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.
මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.
මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග්රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.
මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.
මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග්රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.
මේ පත්තෑ පණුවන් අපේ ග්රහයා තුළ ඇති ඉතාම දරුණු පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ආකරයටයි හැඩ ගැසී ඇත්තේ.
ඈත විශ්වය දෙසට යොමු වූ ඇස්වලින් හෙළි කර ගන්නා ගැලැක්සිවල අබිරහස්
ලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනවා. එය චිලි රාජ්යයේ ඇන්ඞීස් කඳු වළල්ලේ උස් සානුවක සවි කර තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් වැය කොට තනා ඇති එයට පැවරී ඇති අලූත් ම රාජකාරිය අපේ පෘථිවිය වැනි ග්රහ ලෝක හැදුණු හැටි අධ්යයනය කිරීමයි.
මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග්රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.
ඇල්මාහී විද්යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.
මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග්රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.
ඇල්මාහී විද්යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.
ඇල්මා හා වීඑල්ඒ දුරේක්ෂ මගින් මුල් අවධියේ දූවිලි තැටියකින් හා නවක තරු වටා ඇති වායුවලින් ඒ වස්තූන් ඝනීභවනය වීමෙන් ග්රහයන් නිර්මාණය වන අයුරු හසු කර ගත හැකියි.
සිය ප්රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා - අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි!
ලෝකයට විද්යා ප්රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප්රංශ ජාතික විද්යා ප්රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.
ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප්රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප්රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.
ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප්රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප්රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.
ලොව සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන අත් කකුල් නැති නික් ගේ කතාව
1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.
"දෙවියනේ. . මේ මොකද ?"
"දෙවියනේ. . මේ මොකද ?"
හිරු මත හමා යන ට්විස්ටරයක් (ටෝනේඩෝවක්) දැක ගන්න! එය අපේ පොළොව තරම් විශාලයි!
පසුගියදා සූර්යයා මත ප්රචණ්ඩකාරී සුළිසුළඟක් හෙවත් ටෝනේඩෝවක් හමා ගියා. එය හමා ගිය ආකාරය දැක ගන්න දැන් ඔබටත් පුළුවන්. අපේ මහ පොළොව තරම් විශාල මේ සුළිසුළඟ හමා යන්නේ පැය සැතැපුම් ලක්ෂ ගණනක වේගයෙන්. එය සුර්යයා මතුපිට සිට සැතැපුම් සිය ගණනක් ඈතට විහිද යන්නක්. මෙය වර්ධනය වී යන ආකාරය අනුව පැයට සැතැපුම් 300,000 වේගයකට ළඟා වේවි කියලයි කියන්නෙ.
ට්විස්ටරය හෙවත් මේ ටෝනේඩෝව අපේ පොළොව තරම් විශාලයි. පැ.සැ. 300,000 වේගයකින් හඹා යනවා.
කෘමි ලොවේ නුදුටු පැති - කෘමීන් තනන විස්මිත පාලම්
මේ රූප පෙළෙන් ඔබ දකින්නේ පුංචි කුහුඹුවන් රංචුවක් දිය කඩිත්තක් හරහා යන ගමනකදී දුෂ්කරතා ජය ගන්නා හැටියි. මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා නොගෙන කැමරාවේ කාචය අනික් පැත්ත හරවා ගත් අපූරු රූප පෙළක් තුළින් කෘමි නුදුටු මුහුණු දුට හැටි ඔබට මතක ඇති. ඒත් පින්තූර කැමරාවට නගා ඇත්තේ මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා ගෙනයි.
දිය කඩිත්තෙහි ඇති බාධක ගල්පරවලින් මාරු වීමේ දී කුහුඹුවන් ගන්නා උත්සාහයේ දී ඔවුන්ගේ සිරුරු ජලය මත පරාවර්තනය වී දැක්වෙන අයුරු සිත්ගන්නාසුලූයි.
මේ පින්තූර කැමරාවට ගත්තේ ඉන්දුනීසියාවේ කෙපුලෟව්වාන් රි ඕවල වෙසෙන වින්සන්ටියස් ෆර්ඩිනන්ඞ් කියන කැමරා ශිල්පියායි. ”මගේ නිවස අසල තැනකයි, මං මේ පින්තූර ගත්තේ.” ඔහු කියනවා.
කොයිතරම් ප්රමාණයක් නින්ද අවශ්ය ද? නවතම අධ්යයනයක්!
තරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිතරම සිදු වන්නක්. ඒත් ඒක සුදුසු ද?
ඒත් පමණට වඩා නිදා ගැනීම තරුණ ළමුන් පාසල් කටයුතුවල දී පසුගාමී විය හැකි බව පර්යේෂණයේ පෙන්වා දීල තියෙනවා.
අධ්යයනයෙන් සොයා ගෙන ඇත්තේ ඇඳේ වැතිර සිටීම අඩු කොට හොඳින් නිදා ගැනීමට පුරුදු වීමෙන් ඉගෙනීමේ දී වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි බවයි.
ඒත් පමණට වඩා නිදා ගැනීම තරුණ ළමුන් පාසල් කටයුතුවල දී පසුගාමී විය හැකි බව පර්යේෂණයේ පෙන්වා දීල තියෙනවා.
අධ්යයනයෙන් සොයා ගෙන ඇත්තේ ඇඳේ වැතිර සිටීම අඩු කොට හොඳින් නිදා ගැනීමට පුරුදු වීමෙන් ඉගෙනීමේ දී වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි බවයි.
පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ 16 හැවිරිදි අයට අනුමත කර ඇති පරිදි දිනකට පැය 9ක් නිදා ගන්නා අයට වඩා 7ක් නිදා ගත් අය විභාගවලින් වැඩි දක්ෂතා පෙන්නුම් කරන බවයි.
මිහිමඬලේ ජීවය ගොඩ බිමින්, මුහුදින් නෙමෙයි. චාල්ස් ඩාවින් කී හරි! අලූත් ම අධ්යයනයකින්!
මිහිමත ජීවය ආරම්භ වූයේ ගොඩබිම උණුසුම් කුඩා විලකින් මිස සාගරයෙන් නොවෙයි - මීට වසර 140කට පෙර චාල්ස් ඩාවින් පළ කළ මේ අදහස දැන් නවතම පෙරළිකාර අධ්යයනයකින් ද සනාථ වී තියෙනවා. එම සොයා ගැනීම් ගැන ජාතික විද්යා ඇකඩමිය විසින් පළ කරන ලද වාර්තාවකට ඇතුළත් වෙනවා. මෙය එක්තරා ආකාරයකින් දැන ප්රචලිතව පවත්නා ජීවය ඇති වූයේ මහ මුහුදෙන් යන්නට විශාල අභියෝගයක් වනු නිසැකයි.
ජීවය හට ගත්තේ ගොඩබිමින් මුහුදෙන් නොවෙයි කී චාල්ස් ඩාවින්.
මුල්ම ප්රාථමික සෛල ඇති වූයේ ‘කුඩා උණුසුම් පොකුණකින් - හරියටම හරියන රසායනික සංයුතියක් හා පරාජම්බුල කිරණ උදවු වුණා
ධවල මන්දිරය සත්තු වත්තක්? : ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිටි සුරතල් සතුන්
ඇමෙරිකාව, හරියටම කියනව නම් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයෙ බලවත්වම රටවල් අතර ඉහළින්ම ඉන්නෙ. ඒ හින්දයි එහි ජනාධිපතිවරයා ‘ලෝකෙට ලොක්කා’ හැටියට සැලකෙන්නෙ. අද ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා තමයි එරට පළමුවැනි පුරවැසියා ලෙසින් ගෞරව ලබන්නෙ. එතුමාගේ බිරිඳත් එරට ‘පළමුවැනි කාන්තාව’ එනම් ‘ෆස්ට් ලේඩි’ ලෙසින් ගෞරවයට පාත්ර වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට බිරිඳට පමණක් නොවෙයි දූ දරුවන්ටත් එයාලගේ සුරතල් සතුන්ටත් ඒ විදියට ම ගරු කරනවා. ඔබාමාගේ දියණියන් දෙදෙනා හඳුන්වන්නේ ‘ෆර්ස්ට් ඩෝටර්ස්’ නැතිනම් ‘පළමු දූවරු’ කියලයි. ඒ වගේමයි ඇමෙරිකා ජනපති මැඳුරට යන බලූ සුරතලා හැඳින්වෙන්නෙත්. ‘ෆර්ස්ට් ඩෝග්’ නැතිනම් ‘පළමු සුනඛයා’ කියලයි. ඒ විදියට ලෝකයේ ජීවත් වන සියලූම බලූ යාළුවන්ගේ ‘ලොක්කා’ තමයි ඇමෙරිකානු ජනාධිපතිගේ බලූ සුරතලා.
Subscribe to: Posts (Atom) | hplt_2 |
ආර්ට් සෙක්ෂන් එකේ අභ්යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් නොමැති වූ නිසාමය..
මුන්ට පිස්සුද දන්නෙ නෑ.. ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. විභාග වලට තව මාස කීයද..? තුෂාරිට ආවේශ වූ ආවේගයත් සමගම එම වචන ටික නිරායාසයෙන්ම පිටවුණි..
කියලා වැඩක් නෑ බං.. ඇත්තටම අපේ අධ්යාපනය මහ පිස්සුවක්.. දර්ශනී තුෂාරිගේ කියමන සනාථ කළේ තමන් ලබන අද්යාපනය පිළිබද කලකිරීමෙනි..
ඔව් දර්ශනී.. ඔයා කිව්වා හරි.. අපේ අධ්යාපනය පිස්සුවක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. ඔය ලොකු ලොක්කො හින්දයි..
තමන්ට මුහුණ දීමට සිදුවන ඛේදවාවක වලට සනිරු දොස් පැවරුවේ බලධාරීන්ටය..
අපිටත් තියෙන්නෙ පාරට බැහැලා මේවට විරුද්ධ වෙලා කෑ ගහන්ටයි.. නැතුව මේවා නතර වෙන්නෙ නෑ.. එතකොට හරි තේරෙයිනෙ.. රැඩිකල් වදනින් ප්රදීප් මුව විවර කළේය..
පිස්සුද ප්රදීප්..? අපිටම තමයි තවත් වල කැපෙන්නෙ.. දැක්කනේ ගිය පාර වුණ දේ..? දර්ශනීට අතීතයේ සිදු වූ සිදුවීම් පෙළක් මතකයට නැගුණි..
එහෙම නම් ඉතිං.. අපිට බලාගෙන ඉන්න තමා වෙන්නෙ.. ප්රදීප් කලකිරීමෙන් මෙන් පැවසුවේය..
ඔව්, ඉතිං වෙන මොනවා කරන්නද.? දර්ශනී පැවසීය..
හරි.. හරි.. දැන් ඕක නවත්තපල්ලා.. දැන් කොහොමත් ඉතින් නිවාඩුනේ.. අපි මොනවා කරන්නද..? ආතල් එකේ ඉමු.. නැද්ද ප්රදීප්..? නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ඕනෑම දෙයක් ගැන සිතන චතුර පැවසුවේය..
ඔව් බං.. චතුරගෙ කතාව ඇත්ත.. මේකෙ අපේ වැරැද්දක් නෑනෙ..
ආං.. මායා එහෙමත් එනවා.. එයාලට මේක එච්චර ප්රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඉතිං එයාලගෙ පළමු අවුරුද්දනෙ.. මායා සහ වසන්තිකා පැමිණෙන දෙස බලමින් තුෂාරි පැවසීය..
මොකද ප්රශ්නයක් නැත්තෙ..? මායට තමයි ලොකුම ප්රශ්නෙ තියෙන්නෙ.. චතුර සනිරු දෙස බලා සිනාසෙමින් පැවසුවේ සනිරුට මායා මුණගැසීමට මෙය බාධාවක් වන බව ඉගි කරමිනි..
තම යහළුවන් පැවසූ දේවල් සත්යයක් බවට සනිරුට වැටහුණත් එය එතරම්ම ඔහුට ප්රශ්නයක් නොවුණේ දෙදෙනා තුළ ඇති අප්රමාණ වූ ගැඹුරු බැදීම නිසා සෑම මොහොතකම එකිනෙකා තුළ එකිනෙකා ජීවමානව ජීවත් වන බව ඔහුත් ඇයත් හොදාකාරවම ද්නනා බව දත් නිසාය.. සෑම මොහොතකම සජීවීව දෙනෙතට එකිනෙකා නොගැටුණත් ඒ හැම තත්පරයකම හෙළන හුස්ම පොදෙන් ගැහෙන හදවතේ රාවයෙන් ඔහුත් ඇයත් එකට ළංව සිටියහ.. එකට බැදී සිටියහ..
එන්න.. එන්න.. මායා.. අපි මේ ඔයා ගැන තමයි කතා කර කර හිටියෙ.. මාර අප්සට් එක නේද..? නිවාඩුනේ.. තුෂාරි මායාගේ මැළවුණු මුහුණ දෙස බලමින් පැවසීය..
හ්ම්.. මොනවා කරන්නද..? මායා සනිරුගේ මුහුණ දෙස බලා නැවත තුෂාරිදසෙ බලමින් පැවසීය..
අම්මෝ.. සනිරු.. නිවාඩුයි කියලා කිව්ව වෙලාවෙ ඉදලා මායා හිටියෙ පිස්සුවෙන් වගේ.. වසන්තිකා තුෂාරි ළඝට යමින් මායාට කොනිත්තා පැවසුවාය..
නැතුව.. නැතුව.. පිස්සු හැදෙන්නෙ නැති වෙයිද..? අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි.. නැද්ද මචං..? ප්රදීප් චතුරට පැවසුවේය..
මේ.. මේ.. මට හොද අදහසක් ආවා.. අපි දවස් දෙකකට විතර දර්ශනීලගෙ ගෙදර යමු.. නිතරම විනෝදයට බරව කටයුතු කරන චතුර යෝජනාවක් කළේය..
ඒ කියන්නෙ.. නුවරඑළියෙ නේද..? අනේ..! නියමයි චතුර.. ඔයාගෙ අයිඩියා එක.. දර්ශනීගේ පිටුපසින් සිටි වසන්තිකා ඇයව වැළද ගනිමින් පැවසුවේ ඉමහත් ප්රීතියකිනි..
මාත් කැමතියි ඒකට.. තුෂාරිද එයට කැමැත්ත පළ කළාය..
මාත්.. කියමින් ප්රදීප් තම කැමැත්ත පළ කළාය..
චතුරගේ යෝජනාවට සියලුම දෙනා කැමැත්ත ප්රකාශ කළත් මායාගේ මුහුණින් ඊට අකමැත්තක් පිළිඹිබු වූවේ තම දෙමාපියන්ගෙන් ඊට කැමැත්ත ගැනීම අපහසුවක් බව දැනුණු හෙයිනි.. ජයවර්ධනගේ පීතෘ ආධිපතීත්වය හමුවේ මායාට තම ජීවිතය පිළිබදව කිසිත් තීරණයක් ගැනීමට නොහැකි විය..
ඇයි මායා යන්න කැමති නැද්ද..? මොකක්ද ඔයාට තියෙන ප්රශ්නෙ..? මායාගේ මුහුණින් විද්යමාන වූ කනස්සල්ල දුටු සනිරු ඇයගෙන් ඇසුවේය..
සනිරු.. මගේ නම් කිසිම අකමැත්තක් නෑ.. මොකද ඔයත් මගෙත් එක්ක යනවනෙ.. ඒත්.. අපේ ගෙදරින් මම කොහේවත් යනවට කැමති නෑ.. අනික අපි ගැන හැම දෙයක්ම ගෙදරිනුත් දන්නවනෙ.. මායාගේ කනස්සල්ලට හේතු වූ කාරණය සනිරුට පැවසුවේ එවැනි දෙයකටවත් තමාට නිදහසක් නැති බව ප්රකාශ කරමිනි..
මායා ඔයා බයවෙන්න එපා.. මම අංකල්ට මේ ගැන කියන්නම්.. අනික.. එතද් මම කියපු නිසානෙ ඔයාට ආපහු කැම්පස් එන්න ලැබුණෙ.. නැත්නම් තවම ඔයා ගෙදරනෙ.. තුෂාරිට ජයවර්ධනගේ කැමැත්ත ලබා ගත හැකි බවට ප්රත්යක්ෂ විය..
ඒ එදානෙ තුෂාරි අක්කෙ.. තාත්තා අනිවාර්යෙකන්ම දැන් දන්නවා සනිරුත් යනවා කියලා.. ඒක නිසා මට නම් ෂුවර් එකක් නෑ..
මොකද ෂුවර් නැත්තෙ..? මට නම් ෂුවර්ම ෂුවර්..
අනේ මංදා.. හුස්මක් හෙළමින් මායා මිමිණිය..
එදින සවසම තුෂාරි මායාගේ නිවසට ගිගේ මේ පිළිබදව ජයවර්ධනත් සමග කතිකා කර ගැනිමටය.. ඉන්ද්රාණි නිසැකයෙන්ම මීට කැමති වන බව මායාත් තුෂාරිත් දැන සිටියත් ජයවර්ධන ඊට කැමති වීම පිළිබදව ඔවුන් තුළ සැකයක් පැවතියේ ඔහුගේ දැඩි වූ තිරණ නිසාය.. කෙසේ වෙතත් ඔවුන්ගේ එක සැකය නැති කර දමමින් ජයවර්ධනගේ කැමැත්ත ඊට ලැබුණේ මායාගේ භාරකාරත්වය තුෂාරිට පැවරූ බව හගවමිනි..
හොදයි.. තුෂාරි දුවත් යන නිසා මම මායාට යන්න දෙන්නම්.. හැබැයි එකක් තියෙනවා දුවේ.. ජයවර්ධන මායා දෙස බලමින් පැවසුවේය..
ඒ මොකක්ද අංකල්..?
මේකයි.. දුව, අපේ මායා දුව ගැන විපරමෙන් ඉන්න ඕනෙ.. අනික අර සනිරු කියන හාදයා එහෙම ගියොත් දන්නවනේ..
නෑ.. නෑ.. අංකල් එයා යන්නෙ නෑ.. තුෂාරි ඉක්මන් වචනයෙන් පැවසුවේ සනිරුද ඔවුන් සමග යන බව සගවාගෙනය..
ජයවර්ධනගේ කැමැත්ත ලබා ගැනීම ගලකින් පට්ටයක් ලබා ගන්නා තරම් අසීරු කාර්යයක් බැව් තුෂාරිට මුල දී හැගුණත් එය එතරම් අසීරු නොවුණේ සනිරු නොයන බවට පැවසූ බොරුව නිසා බය ඇයටත් මායාටත් ඉනික්බිතිව වැටහෙන්නට විය..
පසුදා මහනුවරට රැස් වූ සියලු දෙනාම නුවරඑළියේ යාම සදහා ඉන්ටර්සිටි බස් එථයකට ගොඩවූවේ ගම්න පහසුව නිසාත් ගමන ඉක්මන්වීම නිසාත්ය.. සනිරු සහ මායා බස් රථයේ පිටුපස ආසනයට ඉදිරියෙන් වූ දකුණුපස ආසනයෙහි වාඩිවූහ.. සෙසු අය පිටුපස ආසනයේ වාඩිවූවේ සියල්ලන්ටම එකට යාමට අවශ්ය වූ නිසාය..
කීයටද මචං මේ බස් එක යන්නෙ..? ප්රදීප් චතුරගෙන් විමසුවේය..
තව විනාඩි දහයකින් විතර යයි බං..
චතුර පැවසු විනාඩි ගණනින් අනතුරව බස් රථය ගමනාන්තයේ යෙදීමට එන්ජිම පණගන්වන්නට විය.. පැයක පමණ කාලයෙන් පසුව බස් රතය ගම්පොළ නගරය පසු කරමින් නුවරඑළිය මහ මාර්ගයට ප්රවිශ්ට වන්නට විය.. ගිරි දුර්ග ගෙවා දමමින් තේ වතු මධ්යෙය් සිට තේ දළු නෙළන කතුන්ගේ දර්ශනය නෙත ගැටෙමින්ද කදු මුදුන් සිසාරා තැවරුණු ශ්වේත මීදුම් දහරින් වැසී ගිය පර්වත පෙළද ගමනාන්තයේ යෙදුණු සියල්ලන්ගේ සිත ගත ආනන්දජනක හැගුමින් පුරවාලන්නට තරම් චමත්කාරයක් විය.. බස් රථය තලවාකැළේට ළගා වෙත්ම අධික සීතලක් දැඩිව මායාට දැනෙන්නට විය.. ඇතැම් විට මෙම සීතල බාහිර පරිසරයේ දේශගුණය නිසාත් බස් රථයේ යාම නිසාත් සෙනෙහසේ උණුසුම උත්සන්නව සනිරුට මායා හට කැප කිරීඹට නොහැකිව අසරණව ළතැවෙන නිසාත් ඇයට මෙලෙස සීතලක් ගතට මෙන්ට සිතටද දැනෙන්නට ඇත.. ඇය හැද සිටි කර කැපූ බ්ලවුසය හේතුවේන තව තවත් ඇයට දැඩිව සීතල දැනෙන්නට විය..
අනේ සනිරු..! මට සී..තලයි.. මායා අදිමින් මිමිණිය..
ඉතින්.. මගේ ළගට එන්නකො.. තම පපුවට තුරුළු කර ගනිමින් සනිරු පැවසුවේය..
දැන් හරිද..?
නෑ..
දැන්..?
තවම නෑ..
දැන්..?
කිසිත් නොකියූ මායා සනිරු දෙස බලා ඔහුගේ ලය මත මුව හොවා ගත්තාය..
සනිරුගේ පපුවට තුරුළු වූ මායාගේ දකුණු උරහිස සනිරු තම දකුණතින් පිරිමදිමින් ඇයගේ ගත උණුසුම් කරන්නට විය.. ඇයගේ දෑගිලිද සනිරු විසින් පිරිමදිනු ලැබුවේ වඩ වඩාත් ඇයගේ ගත උණුසුම් කිරීමටය.. ඇයගේ පිරිපුන් ළමැදට ඔහුගේ ළයෙහි උණුසුම දැනෙන්නට ඉඩ හැරියේය.. මායාද සනිරුගේ උණුසුමේ දැවටී තව වෙවුලන ගත සිත සෙනෙහසේ උණුහුමින් සනසා ගත්තාය..
බස් රථය නුවරඑළිය බස් නැවතුම්පළට ළගාවන විට උදෑසන එකොළහට පමණ විය.. ඒ වන තුරුත් මීධුම යන්තමින් යන්තමින් වගේ පෙනෙන්නට තිබිණි.. නුවරඑළියේ සිටි දර්ශනීගේ නිවස පිහිටා තිබූ ස්ථානයට යාමට කිලෝමීටර් හයක පමණ දුරක් විය.. එම මාර්ගයේ බස් ධාවනය අඩුවෙන් සිදුවන නිසා ඔවුන් කුලී රථයකින් ඇයගේ නිවසට යන්නට වූහ..
අපි වෑන් එකක යමුද තුෂාරි..? මේ වෙලාවට අපේ පාරෙ බස් නෑ.. දර්ශනී පැවසීය..
ඒකට කමක් නෑ.. එහෙම කරමු..
කුලී රථයකින් දර්ශනීගේ නිවසට පැමිණෙන විට දහවල් දොළහට පමණ විය.. වෑන් රථය දර්ශනීගේ නිවස සමීපයට ළගා වෙත්ම ඇයගේ කටහඩ අවදි විය..
ඔන්න යාළුවනේ.. අපි අපේ පුංචි බංගලෝ එකට ආවා.. ලස්සනයිද..? දර්ශනී තම නිවස පෙන්වමින් පැවසීය..
අනේ..! හරිම ලස්සනයි දර්ශනී අක්කෙ.. මට නම් හිතා ගන්නවත් බෑ නුවරඑළිය මේ තරම් ලස්සනයිද කියලත්.. අවට පරිසරයේ තිබෙන අනේකවිද මල් වල පාට, ගස් කොළන් වල හැඩහුරුව, බටිත්තන්ගෙන් නොකඩවා ඇසෙන කිචි බිචි නාදය, මීදුම අතරින් ඉගිල්ලී යන කුරුළු පැටවුන්ගේ දසුන් සේම මුළු මහත් පරිසරයේ තිබෙන චමත්කාරය තම දෙනෙතට එකිනෙක පෙනෙන්නට පටන් ගත්තාම මායා තුළ නැවුම් ප්රබෝධයක් ඇති කරන්නට විය..
සනිරු, බලන්න.. මායා මොන තරම් සතුටින්ද ඉන්නෙ කියලා.. මම නම් මීඨ කලින් මායා මෙහෙම ඉන්නවා දැකලා නෑ.. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ හැම දෙයක්ම ඔයා නිසය් එයාට ලැබුණෙ කියලා.. තුෂාරි මායා විදින සතුට බලමින් සනිරුට පැවසීය..
ඔව් තුෂාරි.. ඔයා හරි.. මායා සතුටින් ඉන්නෙ මං නිසා වගේම මමත් සතුටින් ඉන්නෙ මායා නිසයි.. ඉතිං.. මම ප්රාර්ථනා කරනවා මේ සතුට හැමදාමත් අපේ ළග තියෙන්න කියලා..
බයවෙන්න එපා සනිරු.. ඔය දෙන්නගේ මේ සතුට කාටවත් උදුර ගන්න බෑ.. එහෙම කරන්න හැදුවත් ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ.. මොකද.. ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිනෙ..
සනිරු තුෂාරි පැවසූ දේවල් පිළිබදව සිතමින් මායා සමීපයට ගොස්, මායා.. මායා.. දැන් ඔය බැලුවා ඇති.. අපි ප්සසෙ ඇවිදින්න යමු කියමින් මායාද සමග නිවස තුළට යාමට සැරසුණහ..
මේ.. ඔයාලට බඩගිනි නැද්ද..? එන්න කෑම කන්න.. අපි පස්සෙ ඇවිදින්න යනවනේ.. නිවසෙහි දොර ළග සිටි දර්ශනී තම යහළුවන්ට කතා කළේ දිවා ආහාරය ගැනීමට පරක්කු වූ බව හගවමිනි..
එනවා එනවා.. අපිත් හිටියෙ කතා කරනකම්.. ඉන්න බෑ බඩගිනියි.. චතුර සිනාසෙමින් පැවසීය..
නිවසෙහි කෑම කාමරය තුළට පැමිණ එහි මේසය වටා හිද ගත් සියලු දෙනාම තම අම්මාට හා තාත්තාට හදුන්වා දීමට දර්ශනීට සිදුවූවේ තම දෙමාපියන් ඒ පිළිබදව විමසූ නිසාය..
පුතේ..! මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො කියලා නම් අපි දන්නවා.. ඒත් කවුද කියලා කිව්වෙ නෑනෙ.. තම මව අසල සිටගෙන සිටි දර්ශනීගෙන් තාත්තා ඇසුවේය..
ඒක තමයි.. දර්ශනීගේ මවද තාත්තා පැවසූ දෙය වචන දෙකකින් අනුමත කළේ දර්ශනීගේ මුහුණ දෙසට තම හිස ඔසවා බලමිනි..
ම්.. මේ ඉන්නෙ ප්රදීප්.. දර්ශනී ප්රදීප් දෙස බලමින් තම දෙමාපියන්ට හදුන්වා දුන්නාය.. මේ චතුර හරිම පිස්සෙක්.. දර්ශනී සිනාසෙමින් පැවසීය.. මේ තුෂාරි.. මේ වසන්තිකා.. ෆස්ට් ඉයර් එකේ නංගි කෙනෙක්..
එතකොට පුතේ මේ දෙන්නා.. කියමින් දර්ශනීගේ පියා තම මුහුණෙහි යමක් සගවාගෙන මෙන් විමසුවේය..
මේ දෙන්නා නේද තාත්තේ.. දර්ශනී සනිරු සහ මායා සමීපයට ගොස් මේ ඉන්නෙ සනිරු මේ මායා.. මේ දෙන්නා.. බදින්නයි ඉන්නෙ තාත්තේ කියමින් තම තාත්තා ළගට දිව ආවාය..
අනේ අංකල්..! දර්ශනි අක්කා ඔය කියන්නෙ.. කියමින් මායා දර්ශනී පැවසූ දෙය බොරුවක් බව පැවසීමට ගොස් එකවරම හදවත නතර වූයේ කෙදිනක හෝ එය සත්යක් වන බව හැගුණු නිසාත් එය බොරුවක් යයි පැවසූවොත් සනිරුට ඉන් වේදනාවක් ඇති වේයැයි සිතුණු නිසාත්ය..
ඉතින් මොනවද කියන්නෙ මායා..? ඇත්තනේ.. ලැජ්ජ වෙන්න එපා.. අපේ තාත්තා මොකුත් හිතන්නෙ නෑ.. දර්ශනී තම පියා අසල තිබූ පුටුවෙහි වාඩි වෙමින් පැවසීය..
ඔව් පුතේ..! ආදරය කරනවා නම් ඒ දෙ කියන්න පැකිළෙන්න එපා.. බයවෙන්න එපා.. අනික ඔය දෙන්නා බිම බලාගෙන ඉන්නකොට මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. දර්ශනීගේ පියා සනිරු සහ මායා දෙස බලමින් ප්රකාශ කළේය..
හරි.. හරි.. දැන් ඔය කතාව නවත්තන්න.. පස්සෙ කතා කරන්න බැරියෑ.. දැන් මේ ළමයින්ට හොදටම බඩගිනි ඇති.. අනේ පුතේ..! ඔයාලා කන්න යැයි කියමින් දර්ශනීගේ මව සහ පියා ආලින්දයට ගියහ..
දිවා ආහාරය ගත් සියලු දෙනා පැය භාගයකට පසුව පමණ ගමන් විඩාව මග හරවා ගැනීම සදහාත් අවට සුන්දර පරිසරයේ චමත්කාරය ආශ්වාදනය කර ගැනීම සදහාත් දර්ශනීගේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ නෙළුම් මලින් පිරී තිබුණු වැවක් සමීපයට ගියේ සීතලෙන් වැළකීම සදහා අවශ්ය වූ කබායන් ද හිස් වැසුම් ද රැගෙනය..
සනිරු.. අර බලන්න, අර නෙළුම් මල් දිහා.. හරිම ලස්සනයි නේද..? මායා තම දකුණත සනිරුගේ ඉණ වටා දමාගෙන වැවෙහි එකම උසට සුපිපුණු නෙළුම් මල් දෙසට තම වමත දිගුකර පෙන්වමින් පැවසීය..
ඔව් මායා.. ඇත්තටම ලස්සනයි ගොඩක්..
මායාගේ දෙනෙත් ප්රබෝධමත් කර දෑසට සිසිලසක් ලබා දුන් ඒ නෙළුම් මල් දෙස බැලූ සනිරුට හැගුණේ ටිකෙන් ටික හිරු රැස් නෙළුම් පත් මත පතිත වී එක එක පෙත්ත ගානේ හෙමීට හෙමීට දිග හැරී සහසක් පතින් පිරිපුන්ව විකසිත වී මෙලෙස දහසක් දෙනාගේ හදවත් වලට ආශ්වාදයක් ලබා දෙන්නාක් මෙන් තමාගේත් මායාගේත් උත්තුංග ආදරයට සැනසුම, සතුට පුංචි දිය පාරක් මෙන් ගලාගෙන විත් මහා සාගරය තරම් විසල්ව ප්රේමයේ කූඨ ප්රාප්තිජනක අසිරිය කෙදිනක හෝ උදාවන්නේ නම් මොන තරම් භාග්යක්ද යන්න පිළිබදවයි..
මොනවද සනිරු කල්පනා කරන්නෙ..? වැවෙහි නෙළුම් මල් දෙස බලමින් සිටි සනිරුගෙන් මායා ඇසීය..
මොකුත් නෑ මායා.. ඔයා කිව්ව අර ලස්සන නෙළුම් මල් දිහයි බලාන හිටියෙ.. මායා ඇසූ දෙයට පිළීතුරු දුන්නේ නැවත වැව දෙස බලමිනි..
ඇත්තමයි සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකොට මට හිතෙන්නෙ මේ ලෝකයේ තියෙන හැම සතුටක්ම හැම සැපතක්ම මට ලැබුණා කියලා.. මට බයයි, ඒ සතුට කවුරු හරි මගෙන් උදුර ගනියි කියලා සනිරු.. අසල කොටයක් මත වාඩි වී සිටි සනිරු සමීපයෙන් වාඩි වූ මායා ඔහුගේ කකුල් දෙක මත තම හිස තබා ගනිමින් ප්රකාශ කළේය.
ඇයි මායා ඔයා ඔහොම හිතන්නෙ..? අපි අතර ආදරය, විශ්වාසය හැමදාටම තියෙනකන් කාටවත් අපිව වෙන් කරන්න බෑ.. අපේ සතුට උදුරගන්න බෑ.. සනිරු මායාගේ හිසෙහි පැළද තිබූ හිස් වැසුම ගලවා ඇයගේ සිනිදු කෙස් කෙල් කළඹ පිරිමදිමින් පැවසුවේය..
ඇත්තමයි සනිරු.. දැනුයි මට ජීවිතය දැනෙන්නෙ.. ජීවිතය විදිනවා කියලා දැනුයි තේරෙන්නෙ.. එහෙම ජීවිතය විදින්න සතුට දුන්නෙ ඔයයි.. ඒ සතුට හැමදාමත් හැම මොහොතේම මට දෙන්න සනිරු.. මගේම ළගට වෙලා ඉදලා..
මම හැම මොහොතකම ඉන්නෙ ඔයා ළගයි මායා.. ඔයාගෙ හදවත ළගයි.. ඔයාගෙ ඇස් දෙක ළගයි... ඔයාට ඒක දැනෙනවද..? පේනවද..?
මට දැනෙනවා සනිරු.. පේනවා.. ඔයා මගේ ළගම ඉන්නවා කියලා.. මගේ හදවතට විතරක් නෙමෙයි.. ඇස් දෙකට විතරක් නෙමෙයි මගේ මුළු ඇගටම දැනෙනවා..
ඔය ඇත්තමද මායා..?
ඇයි ඔයාට අවිශ්වාසද..?
නෑ.. නෑ.. මායා මට මගේ ජීවිතයටත් වැඩියෙන් ඔයාව විශ්වාසයි.. ඇත්තමයි..
අනේ සනිරු..! එහෙම කියන්න එපා.. මම ඔයාගෙ ජීවිතයට ගොඩක් ආදරයි.. ඒ ආදරේ ඇති වුණේ මට ඔයාව විශ්වාස නිසයි.. ඉතින් මට ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනවා..
මායා.. මගේ ජීවිතය ඔයාට වටිනවා වගේම මටත් ඔයාගෙ ජීවිතය වචනයකින් කියලා නිම කරන්නන බැරි තරම් වටිනවා.. ඉතින්.. ඒ ජීවිතයට අබ මල් රේණුවකින්වත් දුකක්, වේදනාවක් දැනෙනවට මම කැමති නෑ.. මොකද මගේ හුස්ම පොද රැදිලා තියෙන්නෙ එතනයි..
සනිරු.. මායා මිමිණිය..
මායා..
අපි දැන් යමුද සනිරු..? සනිරුගේ දෙපය මත හිස තබා ගනිමින් සිටි මායා සැණින් තම හිස එසවූවේ දර්ශනීගේ කටහඩ ඇසෙත්මය..
ඔවුන් නිවසට යන විට හවස පහට පමණ විය.. ක්රමයෙන් අදුර වැටී අහසෙහි තරු කැට එක දෙක පායන්නට විය.. උදෑසන සිට සවස් වනතුරුම එහේ මෙහේ පියාසර කරමින් සෙල්ලම් කරමින් මල් මුදුන්හී මල් පැණි බොමින් සිටි සමනලයින්, බට්ටිත්තන් තම තම කැදලි කරා ඇදෙමින් සිටිතී.. මොහොතකින් මුළු අහසම තරු වලින් කළ සැරසිල්ලක් ලෙසට ඒකාලෝක කරන්නට පටන් ගත්තම සොමි කැලුම් දහරද තුරු ලතාවන් සිසාර පතිත වෙමින් සුන්දර රාත්රියක් උදාවන්නට විය..
සදරැස් තණ පත් මුදුන් හී ඇති පිනි බිදු හා පතිත වී බැබළෙන්නට පටන් ගත්තාම තව තවත් චමත්කාරජනක දසුන් පෙළක් එදින රාත්රියට එකතු විය.. සද රැසින් නැහැවුණු පරිසරයෙන් නැගුණු ආලෝකයෙන් කොතැනකවත් අදුර විදක්වත් නොපෙන්නෙන්නට වූවේ පුන්සද මඩල පායන්නට වූ හෙයිනි.. චන්ද්රයා වටා විහිදී පැවතියා වූ දීප්තිමත් ආලෝක ධාරාව ක්රම ක්රමයෙන් විශාල වී වැඩිවන්නට පටන් ගැනුණේ මුළු රාත්රිය පුරාවටම එයම ආකාස තලයේ තැන්පත්ව තිබෙන බවට ඉගි කරමිනි..
රාත්රී ආහාර ගැනීමෙන් පසුව දර්ශනී තම යහළුවන් රැගෙන ගියේ නිවස තුළ තිබූ ගිනි මැළය වෙතටය.. සීතල නිවා ගැනීම සදහා සාදා තිබූ එම ගිනි මැළයට වෙවුලමින් සිටි ඔවුන්ගේ ශරීරය සීතලෙන් නිවාලන්නට හැකි විය.. පිරමීඩාකාරයට තනා තිබූ එම ගිනි මැළය වටා හිද ගත් සියලු දෙනා තම දෑත් ඒ වෙතට දිගු කොට ගනිමින් ගත උණුසුම් කර ගත්හ..
කොහොමද.. තවත් සීතල දැනෙනවද..? පිළිතුරක් බලාපොරොත්තුවෙන් දර්ශනී විමසීය..
අපෝ.. දැන් නම් එච්චර නෑ.. වසන්තිකා ඊට පිළිතුරු දුන්නීය..
දර්ශනී මේ විදියට හැම ගෙදරකම ගිනි මැළයක් තියෙනවද..? වැඩි යමක් දැනගැනීම සදහා තුෂාරි විමසීය..
හැම ගෙදරකම නෑ.. ඒත් බොහොමයක් ගෙවල්වල තියෙනවා..
මොකද අර දෙන්නා කතා නැත්තෙ..? සීතලට ගල් වෙලාද..? නිහඩව සිටි සනිරු සහ මායා දෙස බලමින් චතුර පැවසුවේය..
ඒක තමයි.. මාත් බලාගෙන හිටියෙ වචනයක්වත් එළියට දාන්නෙ නෑනෙ.. ප්රදිප් ද චතුර පැවසූ දෙයට එකගව තවත් යමක් කීවේය..
නෑ.. නෑ.. මොනවා කියන්නද ඉතිං.. මායා චතුර සහ ප්රදීප් පැවසූ දෙයට කෙටි පිළිතුරක් ලබා දුන්නාය..
එහනෙම් තුෂාරි, අපි දැන් නිදා ගන්න යමුද..? අම්මයි තාත්තයි හොදට නිදි.. ඕන්.. ඇහෙනවා නේද ගොරවන සද්දෙ..?
ඔව්නේ.. හෙට ඇවිදින්න යන්නත් තියෙනවනෙ.. වසන්තිකා පැවසීය..
මෙයාට නම් ඇවිදින්නමයි ඕන.. කකුල් දෙකේ මීටරයක් බැන්දා නම් කොච්චර දුර ඇවිද්දද කියලා දැන ගන්න තිබ්බා.. තුෂාරි මද සිනාවකින් යුතුව කීය..
නැතුව තුෂාරි අක්කෙ.. මේ පැත්තෙ කොච්චර දේවල් බලන්න තියෙනවද..?
මායාගේ මුහුණ දෙස බැලූ සනිරු, අපි දේන්නා තව ටිකකින් නිදා ගන්නම් යැයි පැවසුවේය..
ඒකට කමක් නෑ.. හැබැයි ඉක්මනට නිදාගන්න.. නැත්නම් හෙට උදේට ඔය දෙන්නට වතුර ගහන්න වෙයි..
එහනෙම් අපි යනවා.. ගුඩ් නයිට් සනිරු.. ගුඩ් නයිට් මායා..
ගුඩ් නයිට් ෆ්රෙන්ඩ්ස්.. සනිරු සහ මායා ඔවුන්ටද සමු දුන්හ..
තම යහළුවන් යන විට ගිනි මැළය දෙපස සිටි සනිරු සහ මායා පසුව එක් පැත්තකට වී මද වේලාවක් යන තුරු නිහඩව සිටියහ.. ගිනි මැළය සමීපයේ සිටියත් මායාට දැඩිව සීතල දැනුණේ ඇය හැද සිටි නිරාවරණ සහිත රාත්රී ඇදුම නිසාය.. ඇයගේ දණහිස ළගට පමණ කඩා හැළෙන සුදුපාට ලේස් දෙකකින් පමණක් උරහිස් මතින් රැදී තිබුණු එම ඇදුමින් ඇයගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වී නොතිබුණත් සනිරු සමීපයේ ආගන්තුකයෙකු ලෙස නොසිටියේ දෙදෙනා තුළ වූ සමීපතම බැදීම නිසාය.. එම මොහොතේ ඔහුගේ මුවින් නැගුණු නිහඩ බවින් පැතිරුණු හුදෙකලා බව මායාගේ සිත අභ්යන්තරයේ සොදුරු හැගුම් සමුදායක් ඇතිවෙන්නට මුල පිරීය.. මායා සනිරුගේ දෙනෙත් දෙස බලා හිදිමින් තම සිත තුළ පිබිදෙන සිතුවිලි නිරායාසයකින් යුතුව ඉපදෙන්නට හඩ හැරීය..
"නොකියා රහසේ තියන් ඉන්නෙපා
ආදරේ
විදින්න දෙන්න මට කියා දෙන්නම්
ආදරේ
හුදෙකලා කුමරාණ
තනි රකින්නම් ඔයාට මං ආදරේ දැනෙන තුරා
ළගින් ඉන්න ඈතට නොයා මොහොතක්
දැනේවි ප්රේමයේ අබිදම් කුමරෝ
වස්සනායේ මල් පිපිලා පොද වැස්ස වැටී
හිම වැටෙනා මේ සෞම්ය රාත්රියේ
දැනෙනවා ද ඔයාට දැන්
නැතිවම බැරි ආදරේ රත්තරන්
බිදින්න තනිකම ඔයාගෙ, මම
සෙනෙහස පාන්නේ ආදරේ හින්දයි
දැන් ඉතින් පාන්න සෙනෙහස මට
හුදෙකලා නොකර තවත් මගෙ ජීවිතේ
රත්තරන්"
මොනවද හිතන්නෙ මායා..? නිසල ඉරියව්වෙන් සිටි මායාගෙන් සනිරු ඇසුවේය..
අනේ! සනිරු මාව ඔයාගෙ තුරුළට ගන්නකො.. මට සීතලයි.. දෙදෙනා අතර වූ නිහඩ බව බිදින්නට මායා සමත්විය..
ඉතින් ඕක හිත හිතා ඉන්න දෙයක්ද..? කෝ ඉතින් එන්න.. සනිරු තම දෑතින් මායා තුරුළට ගත්තේය..
සනිරු ඔයා ළග රස්නෙයි.. මායා සනිරුගේ පපු පෙදෙස පිරිමදිමින් පැවසීය..
ඉනික්බිතව සනිරු තම දෑතින් මායා ඔසවාගෙන අසල තිබූ දිගු පුටුවක් මත තබා ඇය කිට්ටුවටම වී හිද ගත්තේය.. සනිරුගේ දෙනෙත් දෙස බලා සිටි මායා ඔහුගේ මුහුණ තමා වෙතට පහත් කොට ඔහුගේ දෙතොල් සිපගන්නට වූවාය.. විනාඩි දෙකක් පමණ ඇයගේ තොල් පෙති අතරෙහි ඔහුගේ දෙතොල් සිරකර තබා ගැනුණේ සනිරුගේ ගතේ දැවෙන උණුසුම මායා වෙත ලබා ගැනීම සදහාය..
සනිරුගේ හදවතේ විඡ්ජූලතාවන් වාගේ පුපුරුම් දෙන ප්රේමයේ උත්කර්ශ හැගුම් සමුදාය මායාගේ හරීරය අභ්යන්තරයේ මුදාහරින්නට යැයි ඇයගේ මුවින් ඇවටිලි කළත් ඇය විසින් ආයචනා කරන එම ක්ෂනික සංහිදියාව පසුවට ඇයට විපතක් වනවාට අකමැති වූ සනිරු ඇයගේ එම අවිහිංසක ඉල්ලීම් සියල්ල ඇයට නොදැනෙන්නටම පාලනය කළේ අඹුසැමි කඩඉම තවම ඔවුන් පසුකොට නොමැති නිසාත් දෙදෙනාම තවම ඉගෙන ගන්නා නිසාත්ය..
සනිරු.. මට කවමදාකවත් දැනුණෙ නැති අමුතුම සතුටක් අද දැනෙනවා.. ප්ලීස් සනිරු, මාව තව තුරුළු කරගන්න.. මට ඔයා ළගම ඉන්න ඉඩ දෙන්න..
ඔයා ඉන්නෙ මගේ ළගම තමයි මායා.. මේ බලන්න.. අපි දේනනා කොච්චර ළං වෙලාද ඉන්නෙ..
ඔව් ඒක ඇත්ත සනිරු.. මට ඕනි මීටත් වැඩියෙන් ළංව ඉන්නයි.. මට ඔයාගෙන් වෙන්ව ඉන්න බැරි තරමටම..
මායා..
පුටුවෙහි වාඩි වී සිටි සනිරුගේ තුරුලෙහි වූ මායා ඉන් ඉවතට විත් පුටුවෙහි වාඩි වූ විට ඔහු ඇයගේ නිතඹ පෙදෙස තම දෑතින් අල්ලාගෙන ඔසවා ගත්තේය.. මායාගේ දෙළැම සනිරුගේ පපුවට ස්පර්ශ වෙත්ම ආයේමත් ආයේමත් සනිරුද මායාගේ තොල් පෙත් සිප ගත්තේය.. ඔහුගේන ඇයට ලැබෙන පහස නිසාමදෝ ඇයගේ දෙකකුල සනිරු වටා දමා තදකර ගත්තාය..
මුළු රාත්රියම නිහඩය.. නිසලය.. එදා රාත්රියේ සනිරුට මායාගෙනුත් මායාට සනිරුගෙනුත් වෙන්ව හිදීමට අපහසුවක් වූවත් දර්ශනීගේ දෙපාපියන් තුළ තමන් කෙරෙහි අපැහැදීමක් ඇති නොකරන්නට අවැසි වූ නිසා දෙදෙනාම යහළුවන් සමග වෙන වෙනම නිදා ගන්නට ගියහ..
ගුට් නයිට් මායා..
ගුට් නයිට් සනිරු..
රාත්රී එකට පමණ ඉමහත් වේදනාවකින් කෙදිරිගාමින් මායා කෑ ගසන්නට විය.. ඇයගේ කෑ ගැසීම නිසා සනිරුත් අනෙකුත් යහළුවනුත් දර්ශනීගේ දෙමාපියනුත් අවදි වූවේ ඇයගේ වේදනාත්මක අදෝනාව හේතුවෙනි..
ඇයි මායා ඔයාට මොකද..? මොකක්ද අමාරුව..? අපිට කියන්න.. දර්ශනි මායාගෙන් එලෙස ඇසුවේ ඇය කෑ ගැසීමට හේතුව නොදත් නිසාය..
ඇයි තුෂාරි මායාට මොකද..? සනිරුද බියට පත්වෙමින් ඇසුවේය..
ඒක තමයි සනිරු.. අපිත් මේ මායාගෙන් අහන්නෙ.. අනේ මන්දා.. එකපාරටම..
ඇයි..? ඇයි..? දුව.. මොකද මේ හදිසියෙ මායා දුවට වුණේ..? හවස හොදට හිටියනේ.. දර්ශනීගේ පියා වික්ෂේපයට පත්ව විමසුවේය..
තුෂාරි අක්කේ.. මගේ බඩ.. බඩ.. කියමින් තව තවත් මායා වේදනාවෙන් තම උදරය අල්ලාගෙන හඩන්නට වූවාය..
ඔයාට මොකද වුණේ මායා..? මට කියන්න.. මායා වැතිර සිටි ඇදෙහි හිද ගත් සනිරු ඇයගේ අත්දෙක අල්ලා ගනිමින් ඇසුවේය..
සනිරු.. සනිරු.. සනිරු.. කිසිත් පැවසීමට ශක්තියක් නොවූ මායා තෙවරක්ම සනිරුගේ නම කීවාය..
පුතේ..! මේක බල බලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මෙයාව ඉක්මණට අපි හොස්පිට්ල් එකට අරගෙන යමු.. ඉක්මණට මෙයාව වාහනයට අරන් යන්න.. දර්ශනීගේ පියා හැද සිටි කමීසයේ බොත්තම් දමමින් පැවසුවේය..
හරි.. තාත්තේ..
විනාඩි විස්සකින් පමණ නුවරඑළිය මහ රෝහලට මායා රෑ ගෙන ගිය අතර එසැණින්ම වෛද්යවරුන් විසින් ඇයව පරික්ෂා කරන්නට පටන් ගත්හ.. මායාගේ කෑ ගැසීම මධ්යයේ වෛද්යවරුන් ඇයව පරික්ෂා කළද ඇයගේ රෝගී තත්වය නිසියාකාරයෙන් සොයා ගැනීමට තරම් ප්රමාණවත් වෛද්ය පහසුකම් රෝහලේ නොමැති වූවේ සියලු යන්ත්රෝපකරණ අඩපණ වී තිබූ නිසාවෙනි..
ඇයි ඩොක්ටර්.. මෙයාට මොකක්ද තියෙන අමාරුව..? දර්ශනීගේ පියා සංයමයකින් යුක්තව ඇසුවේය..
මේකයි.. පේෂන්ට නම් ගොඩක් අමාරුයි.. ඒත් අපි ළග කිසිම පහසුකමක් නෑ.. මෙයාට වෙලා තියෙන තත්වය දැන ගන්න.. ඒක නිසා අපි දැනට මේ බෙහෙත විදින්නම්.. ඔයාලා හොස්පිටල් ඇම්බියුලන්ස් එකෙන් පුලුවන් ඉක්මණට මෙයාව නුවර හොස්පිට්ල් එකට ගෙනියන්න.. කිසිවක් කිරීමට නොහැකි වූ වෛද්යවරුන් ඉතාමත්ම අසරණතාවයකට පත්ව ප්රකාශ කළේය..
අපි නර්ස්ලා දෙන්නෙකුත් එවනවා.. යන්න පුළුවන් අය ඉන්නවා නම් අම්බියුලන්ස් එකේම යන්න..
හා.. හොදයි ඩොක්ටර්..
පුතේ දැන් යන්නෙ කවුද..?
අංකල්.. අපි සනිරුත් එක්ක යන්නම්.. දර්ශනි, ඔයා හෙට එන්න.. ගිලන් රථයට ගොඩ වූ ප්රදීප් එලෙස පැවසුවේ මායාත් සමග සනිරු තනිවම යැවීම නොකළ යුතු දෙයක් බවට හැගුණු නිසාය..
ඔව් දර්ශනී.. ඔයා හෙට එන්න.. අපි දැන් යන්නම්.. තුෂාරි පැවසීය..
මායාගේ ශරීරයට ලබා දුන් ඉන්ජෙක්ෂන් එක හේතුවෙන් තාවකාලිකව ඇයගේ වේදනාව යටපත් වුවවත් යන අතර මග ඉදහිට යළිත් යළිත් කෑ ගසන්නට වූවාය..
මායා චුට්ටක් ඉන්නකො.. තුෂාරි බැගෑපත් ලෙසින් පැවසීය..
අනේ මට ඉවසන්න බෑ තුෂාරි අක්කෙ.. රිදෙනවා.. ඉන්න බෑ.. ඇය නොනවතින හැඩුමකට අවතීරණ විය..
නර්ස් පොඩ්ඩක් බලන්නකො.. සනිරු හෙදියකට ආයාචනා කළේය..
දැන් ඉන්ජෙක්ෂන් එකක් දීලනේ තියෙන්නෙ.. හෙදියක පැවසීය..
මායාගේ වේදනාවේ දුක්මුසු රාවය පිරුණු ගිලන් රථය මහනුවරට පැමිණෙන විට පාන්දර හතර පමණ විය.. | hplt_2 |
රැඩිකල් ප්රතිපත්ති මාලාවක් ගේන්න රනිල් ලෑස්තියි
September 22, 2012
මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්තී්ර කණ්ඩායම පසුගියදා රැස්වුණා. ඒ රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
මේ රැස්වීමේදී කාගේත් අවධානයට ලක් වුණේ රංජිත් මද්දුම බණ්ඩාර කළ දීර්ඝ කතාවයි.
"මම මේ කතාකරන්නේ කාගේවත් වුවමනාවකට නෙමෙයි. කාටවත් වරද පටවන්නත් නෙමෙයි. පාක්ෂිකයින්ට තියෙන ආදරේ නිසා. අපි පරණ දේවල් අමතක කරලා දාමු. විනය පරීක්ෂණ තියන එක නතර කරමු. පාර්ලිමේන්තු මන්තී්රවරුන්ට අහිමි වූ සංවිධායකකම් නැවත දෙමු. එහෙම නැතුව අපිට ඊළඟ මැතිවරණ දිනන්න අමාරුයි.
ආණ්ඩුව ගැන ජනතාවට ලොකු කලකිරීමත් තියෙනවා. නමුත් අපි ගැන තාමත් ප්රසාදයක් ඇති වෙලා නෑ. ඒක මේ මැතිවරණ ප්රතිඵලයෙන් පේනවා. ඒ නිසා අපි අලූත් විදිහකට හිතමු."
රංජිත්ගේ කතාව අවසානයේ නියෝජ්ය නායක සජිත් පේ්රමදාසත් කතා කළේ පක්ෂය සමගි කිරීම සඳහායි.
"තවත් මැතිවරණ කිහිපයක් එන්න තියෙනවා. ඒකට අපි දැන්ම ලෑස්ති වෙන්න ඕනේ. ඒක කරන්න නම් මේ පක්ෂය ඇතුළේ පළිගැනීම් නවත්වන්න ඕනේ. පළවැනි එක සියලූම පාර්ලිමේන්තු මන්තී්රවරුන් කෘත්යාධිකාරී මණ්ඩලයට ගමු."
රංජිත් මද්දුම බණ්ඩාරගෙත්, සජිත්ගෙත් කතාවට සවන්දුන්න රනිල් ඔහුගේ ස්ථාවරය ප්රකාශ කළා.
"අපි ඔය ගැන කෘත්යාධිකාරී මණ්ඩලයේදී කතා කරමු. ඔය කියන දේවල් කරන්න වෙන්නේ පවතින ව්යවස්ථාවට අනුවයි. 2014 ජාතික මැතිවරණයක් සඳහා රැඩිකල් ප්රතිපත්ති මාලාවක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා." වික්රමසිංහ මහතාගේ පැහැදිලි කිරීම වුණා. | hplt_2 |
OSI ආකෘතිය
විවෘත පද්ධති අන්තර් සබැඳුම් (Open System Interconnection) ලෙස අරුත් ගැන්විය හැකි මෙය අන්තර්ජාතික ප්රමිතිකරන ආයතනය(International Orgernization for Standerization(ISO)) විසින් 1984 දී, එක් ජාලක සංරචකයක (Networking component) සිට තවත් සංරචකයකට තොරතුරු හුවමාරු වන ආකාරය දැක්වීමට ඉදිරිපත් කරන ලද ආකෘතියකි. ජාලගත මෘදුකාංගයක තොරතුරක් ඇතුලු කරන අවස්ථාවේ සිට එය විද්යුත් සංඥාවක් බවට පරිවර්ථනය වීම දක්වා ක්රියාවලිය ස්ථර (Layer) 7ක් මගින් මෙහි විස්ථර කර ඇති නමුත් TCP/IP, IPX වැනි ජාලක ප්රොටොකෝල්ස් (Network Protocol) වලට හොඳින් අනුගත නොවීම නිසා දැනට මෙය බහුලව භාවිතා කරනුයේ ඉගැන්වීම් කටයුතු වලට සහ ජාල වල ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාය. මෙලෙස ජාලයක (Network) සිදු වන සංනිවේදන ක්රියාවලිය සරල කොටස් 7 කට බෙදා වෙන් කිරීම මගින් ISO ආයතනය බලාපොරොත්තු වූයේ ජාලකරණ ක්රියාවලියට සම්බන්ධ පුද්ගලයන්ට ජාලයේ උපාංග අතර දත්ත හුවමාරු වීම සහ පාලනය වීම පිලිබඳව හොඳ අවබෝධයක් ලබාදීම සහ නව ජාලකරණ තාක්ෂණ සහ සම්මුතීන් ඇති වීමට මග හසර පෑදීමයි. | hplt_2 |
මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5
මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වතාවට, එකම දිනකදී, පාඨකයන් වැඩිම දෙනෙකු විසින් කියවනලද ලිපිය මෙන්ම, කෙටි කාලයක් තුළ වැඩිම පාඨක සංඛ්යාවක් කියවනු ලැබූ ලිපිය.
(පළමුවැනි දිනය තුළ පමණක්, කියවන ලද පාඨක සංඛ්යාව 703 යි. මුල්ම දින හතර තුළ කියවන ලද පාඨක සංඛ්යාව 1799 යි)
ලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා.
-
අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා.
-
විවිධ අලුත් ගිනි අවි මෝස්තර, අපි නොසිතන තරම් වේගයෙන්, නිරතුරුව බිහිවෙනවා. මේ නිසා වාර්ෂිකව අළුත් ගිනි අවි පිළිබඳ ජර්නල්, (තාක්ෂණික විස්තර පොත්) නිකුත් වෙනවා.
-
සමහර ගිනි අවි වර්ග දැක තිබුනත්, ඒවා ගැන තාක්ෂණික තොරතුරු රහසිගත නිසා, ලබාගන්නට බැහැ.
-
ප්රධාන මෝස්තරය එක වුනත්, ලෝකයේ සමහර රටවලදී, හැඩය විවිධ වෙනස්කම් වලට භාජනය කල අවි තිබෙනවා.
සාමාන්යයෙන් මම ඔබ සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ, ඔබ අපේ රටේ පාරතොටේ යනවිට, අපේ ආරක්ෂක හමුදා අතේ තිබෙනු දකින්නට ලැබෙන අවි ගැනයි. ඒ අවි ගැන ඔබට තිබෙන කුතුහලය එයින් තරමක් දුරට සංසිඳේ යයි මා සිතනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මම වක්රව අවි පුහුණුවක් දෙනවා කියලා. නමුත් හොඳින් මතක තබාගන්න. බයිසිකලයක් අතින්වත් අල්ලලා නැති කෙනෙකුට පුළුවන්ද, බයිසිකල් පැදීම ගැන දීර්ඝ විස්තරයක් කියවා, එක වරම බයිසිකල් පදින්න. බයිසිකලය දැකලා තියන නිසාත්, මිනිස්සු බයිසිකල් පදිනවා දැකලා තියන නිසාවත් සමහරවිට සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් ගිනි අවි එහෙම නෙවෙයි. ඔබ දන්නවා ක්රියාදාම සහ යුද්ධ චිත්රපටිවල තුවක්කු හරඹ පෙන්වන හැටි. නමුත් ඒ දර්ශන වල ඉතා කලාතුරකින් තමයි පෙන්වන්නේ,
-
වෙඩි තැබීම සඳහා මුලින්ම තුවක්කුව සූදානම් කරන ආකාරය,
-
පතරොම් හිස්වූ විට පුරවන ආකාරය,
-
වෙඩිතැබීමකදී තුවක්කුව හිර වුනොත් එය නිවැරදි කරගන්නා ආකාරය,
-
තුවක්කුවේ සියලු කොටස්වල ක්රියාකාරිත්වය, ආදිය.
මා ඔබට කියාදෙන කරුණු වලදීත්, මා ඉතා ගැඹුරට නොයන්නේ, මගේ පරමාර්ථය ඔබට සරල අවබෝධයක් ලබාදීම විනා, අවි පුහුණු පන්තියක් පැවැත්වීම නොවන නිසයි. කවුරුන් හෝ මෙවැනි සටහනක් මගින් එසේ අවි පුහුණුවක් දෙන්නට උත්සාහ කරනවානම්, එය හරියට තැපෑලෙන් පිහිනීම උගන්න උත්සාහ කිරීමක් වගේ. කවදාවත්,
-
1. අවිය,
-
2. පුහුණුවන්නා,
-
3. පුහුණු උපදේශක,
එකතැන නොසිට අවි පුහුණුවක් ලබාදිය නොහැකියි. වීඩියෝවක් මගින් පෙන්නුවත්, අවිය අතට ගත්තමයි රඟේ තේරෙන්නේ. “තේරුනේ……දැන් තමයි” හොඳයි ,එහෙමනම් අද මා රැගෙනවිත් තිබෙන අවි එළියට ගන්නම්. අපි මුලින්ම මේ දෙකෙන් ලොකු අවිය ගැන ඉගෙනගනිමු.
G3A3 ප්රහාරක රයිෆලය – G3A3 Assault Rifle
මේ අවියේ උපත 1959 වර්ෂය තරම් ඈතට දිවයනවා. විශේෂත්වය වන්නේ මෙය අදටත් ලෝකයේ සමහර රටවල පාවිච්චි කරන අවියක් වීමයි. මේ අවිය අපේ යුද හමුදාවට 1980 දශකයේ දී ලැබී තිබුනා. තෝරාගත් සමහර රෙජිමේන්තු වලට පමණක් නිකුත්කළ බවයි මගේ මතකය. නමුත් එය හමුදාව තුළ ‘ජනප්රිය’ අවියක් වුනේ නැහැ. එයට හේතු කීපයක් තිබුණා.
- මේ අවිය සෑහෙන්න බරයි.
- අපිට ලැබුණු මෝස්තරය අර T 56 අවිය වගේ මිට (බට් එක) නවන්න හෝ හකුලන්න බැහැ) ඒ නිසා එහෙ මෙහෙ ගෙනයාමේදී ටිකක් කරදරයි.
- හරියට ගැස්සෙනවා. ඒ වගේම හෙණ ගහනවා වගේ ලොකු හඬක් දෙන්නේ වෙඩි තියනකොට.
- අපිට ලැබුන මෝස්තරය අර්ධ ස්වයංක්රීයව වෙඩි තැබීමේ හැකියාව පමණක් තිබුන මෝස්තරයක්. එය යුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. (ඒ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය T 56 අවිය පාවිච්චි කරන්න පටන් අරං තිබුණේ)
- ඒ දිනවලම T 56 අවිය අපටත් ඇවිල්ලා තිබුණේ. ඉතිං එයාගේ ‘වැඩ කිඩ’ දැක්කම මෙයා එපාවෙන එක අහන්නත් දෙයක්ද?
- විවිධ තුවක්කු වර්ග රාශියක් නඩත්තු කිරීම අපිවගේ දුප්පත් හමුදාවකට නොගැලපෙන නිසා G3A3 අවිය භාවිතයෙන් ඉවත් කළා.
හැබැයි මේ තුවක්කුව ස්නයිපර් තුවක්කුවක් ලෙස ඉතා හොඳ අවියක්. නමුත් ඒ කාලේදී ඒ අදහස ක්රියාත්මක කෙරුනේ නැහැ. මේ තුවක්කුවේ බටයේ (බැරල්) දිග සහ තුවක්කුවේ ශක්තිමත් නිමාව අනුව නම්, මෙය ඉතා හොඳ ස්නයිපර් අවියක් බව කියන්න පුළුවන්. අපිට ලැබී තිබුන අර්ධ ස්වයංක්රීය මෝස්තරය පාකිස්ථානයේ නිෂ්පාදිත එකක්. නමුත් ඇත්තටම අපට අවශ්යව තිබුණේ පූර්ණස්වයංක්රීයව වෙඩි තැබීමේ පහසුකමත් තිබෙන තුවක්කුවක්. මේ තුවක්කුවේ මුල්ම නිෂ්පාදනය කර තිබෙන්නේ ජර්මනියේ ‘හෙක්ලර් ඇන්ඩ් කොච් – Heckler & Koch’ සමාගම විසින්. ඒ සමාගම මෙය නිපදවා තිබෙන්නේ පූර්ණ ස්වයංක්රීය අවියක් ලෙසයි.
තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙන්න
(මේ කියන්නේ අපේ හමුදාවේ පාවිච්චි කල මෝස්තරය ගැනයි)
- තුවක්කුවේ කැලිබරය…………………………………..මිලිමීටර් 7.62 x 51
- තුවක්කුවේ දිග……………………………………………මිලිමීටර් 1025 යි
- තුවක්කු බටයේ දිග ……………………………………..මිලිමීටර් 450 යි
- තුවක්කුවේ බර (මැගසිනය රහිතව)…………………..කිලෝග්රෑම් 4.40 යි
- පතරොමක බර……………………………………………ග්රෑම් 24 යි
- වෙඩි තැබීමේ දුර සකසනයේ පාඨාන්ක………………මීටර් 200,300,400,
- විනාඩියකට වෙඩි තැබිය හැකි පතරොම් ගණන (අර්ධ ස්වයංක්රීය) 100 – 150
- වෙඩිල්ලක සාපේක්ෂ ප්රවේගය …………තත්පරයකට අඩි 2458 – 2624 අතර
- සඵල වෙඩි දුර…………………………………………….මීටර් 500 යි
තුවක්කුවේ කොටස් සහ වෙඩි තැබීමට සුදානම් කිරීම
මේ තුවක්කුවේ මැගසිනයට පතරොම් 20 ක් දමන්න පුළුවන්. මීට කලින් ඔබ තුවක්කුවක මැගසිනය ගලවන සවි කරන හැටි ඉගෙනගෙන තියනවා. ‘මැගසින් කැච්’ එකක් තියෙන්නේ, මැගසිනය තුවක්කුවෙන් ගලවා ඉවත් කර ගැනීමට බව ඔබ දන්නවා. මා හිතනවා මේ තුවක්කුව හඳුනාගැනීම සඳහා මේ විස්තරය ප්රමාණවත් වේයැයි කියා. ප්රශ්න තිබෙනවානම් විමසන්න. අපි දැන් යමු ඊළඟ අවිය වෙත. එය නම් බොහොම ජනප්රිය අවියක්. G3 A3 අවියෙන් වෙඩිතබන අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.
මේ වීඩියෝවෙන් පෙන්නන්නේ අර්ධ ස්වයංක්රීය G3 A3 තුවක්කුවෙන් වෙඩි තියන ආකාරයයි. බලන්න සෑම වෙඩිල්ලක් සඳහාම ට්රිගරය නැවත නැවත මිරිකිය යුතුයි.
මීළඟට බලමු සම්පූර්ණ ස්වයංක්රීය G3 A3 අවියෙන් වෙඩි තියන හැටි. බලන්න මේ ශක්තිමත් පුද්ගලයා කොච්චර ගැස්සෙනවද කියා. මේ තුවක්කුව හරියට ගැස්සෙන බව මා ඉහත කිව්වා මතකද?
HK MP 5 ස්වයංක්රීය තුවක්කුව
මේ තුවක්කුව තරම් ජනප්රිය, මේ තුවක්කුව තරම් විවිධ මෝස්තර සහිත, මේ තුවක්කුව තරම් බහුලව භාවිත කරන, තවත් තුවක්කුවක් නැති තරම් කියලා කීමේ වරදක් නැහැ. එමෙන්ම මේ තුවක්කුව තවමත් විවිධ වෙනස්කම්, නවීකරණය කිරීම් වලට භාජනය වන තුවක්කුවක්. මේ ලිපිය ලිවීම සඳහා කරුණු සොයා බැලීමේදී මට පෙනීගියා HK MP මෝස්තර 30 ක් පමණ තිබෙන බව. එයින්ම පෙනෙනවා නේද මේ අවිය කොයිතරම් වැදගත් ද කියන එක. අපේ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව මේ තුවක්කුවේ මෝස්තර කීපයක් පාවිච්චි කරනවා. කෙසේ වෙතත් මා මෙහිදී මුල්තැන දෙන්නේ HK MP 5 මෝස්තරයට පමණයි. ඔබ දැන් දන්නවනේ HK කියන්නේ Heckler & Koch නමැති, ගිනි අවි හදන සමාගමේ නම කියලා. එතකොට MP කියන්නේ මොකක්ද? හාපෝ……අපිටනම් මේ MP කියන වචනය දැන් එපාවෙලා නේද තියෙන්නේ අපේ MP ලාගේ වැඩ නිසා. හැබැයි මෙතන කියන්නේ ජර්මන් භාෂාවේ වචනයක්. ඒ වචනය තමයි Maschinenpistole මෙය ජර්මන් භාෂාවේදී උච්ඡාරණය කරන්නේ ‘මෂීන්පිස්තෝල’ යනුවෙන්. ඒ කියන්නේ ඉංග්රීසි භාෂාවෙන් Machine Gun කියන එකයි. (තුවක්කු නිසා භාෂාවත් ඉගෙනගන්න වෙනවා) මේ තුවක්කුවේ උපත සිදුවී තිබෙන්නේ 1964 තරම් අතීතයේදී. 1966 දී තමයි වෙළඳපොළට ඇවිත් තියෙන්නේ. මේ තුවක්කුවේ මුල් නිෂ්පාදන සැලසුම් කීප වතාවක්ම ‘හෙක්ලර් ඇන්ඩ් කොච්’ සමාගමෙන් හොරකම් කර තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මෙපමණ මෝස්තර අද තිබෙන්නේ.
මුලින්ම තුවක්කුවේ තාක්ෂණික තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගනිමු. පහත දැක්වෙන්නේ ඒ තාක්ෂණික තොරතුරුයි.
-
කැලිබරය …9 x 19 මිලිමීටර්
- තුවක්කුවේ දිග (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…සෙ.මී. 68 යි (අඟල් 26.77 යි)
- හැකිලිය හැකි බට් එක සහිත මෝස්තරයේ දිග…සෙ.මී.66 යි (අඟල් 25.98 යි)
- අවියේ බර (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…කිලෝග්රෑම් 2.54 යි (රාත්තල් 5.59යි)
- මැගසිනය රහිතව අවියේ උස …සෙ.මී.62 යි (අඟල් 10.2 යි)
- විනාඩියකදී වෙඩි තැබිය හැකි පතරොම් ගණන …800 යි (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
- උණ්ඩ පිටවීමේ සාපේක්ෂ ප්රවේගය …තත්පරයකට මීටර් 400 යි (අඩි 1312 යි) (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
- ප්රතිඵලදායි වෙඩි තැබීමේ දුර …මීටර් 200 යි (අඩි 656 යි)
- මැගසින් වර්ග …පතරොම් 15, 20, 30, 32, සාමාන්ය මැගසින් හෝ පතරොම් 100 රවුම් මැගසිනය
තුවක්කුවේ කොටස් මේ රූපයෙන් බලන්න.(සරල හැඳින්වීමක් පමණි)
HK MP වර්ගයේ ප්රධාන මෝස්තර දෙක තමයි මේ.
අපේ හමුදාවේ පාවිච්චි කරන වෙනත් HK MP මෝස්තර
මේ මෝස්තරයේ විශේෂත්වයක් තිබෙනවා. රතු ඊතල වලින් පෙන්වන්නේ එයයි. බලන්න සේෆ්ටි ලිවරය Single කියන තැනට දැම්මොත් ට්රිගරය මිරිකන එක වරකට එක උණ්ඩයක් පමණයි පිටවෙන්නේ. හරියට අර්ධ ස්වයංක්රීය තුවක්කුවක් වගේ. ඊළඟට Three Burst කියන තැනට සේෆ්ටි ලිවරය දැම්මොත් ට්රිගරය මිරිකන වාරයක් පාසා උණ්ඩ තුන බැගින් පිටවෙනවා. අන්තිමට තියෙන්නේ Full Auto Mode එක. එතනට සේෆ්ටි ලිවරය දැම්මම මැගසිනයේ පතරොම් අවසන් වනතුරු සම්පූර්ණ ස්වයංක්රීය ක්රමයට වෙඩි තියන්න පුළුවන්. පහළින්ම තියන සුදුපාට තැනට සේෆ්ටි ලිවරය දැම්මම, තුවක්කුව ලොක් වෙනවා.
දැන්නම් විස්තර කතාකරා ඇති නේද. මේ අවියේ එක එක මෝස්තර ගැන කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඔබට එපාවෙයි එකම අවිය ගැන එච්චර විස්තර ලිව්වම. ඉතුරු දේවල් වීඩියෝ වලින් බලමු.
තුවක්කු පිස්තෝල වලට සයිලන්සර් සවි කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත HK MP 5 W මෝස්තරයේ තුවක්කුවකින් වෙඩි තියන හැටි.
තුවක්කුව ගලවන්න හයිකරන්න ඉගෙනගත්තොත් නරකද? එහෙනම් මේ වීඩියෝව බලන්න.
මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එළිමහනේ කෙරෙන වෙඩි තැබීමක්
තුවක්කුව දෙස පමණක් බලනු
කොහොමද ‘තුවක්කුව’ ? +++ නේද? ඉතිං අදට මා ඔබෙන් සමුගන්නවා. ප්රශ්න තියනවනම් අහන්න. ඉදිරි කාලයේදී තවත් මෙවැනි තුවක්කු ගැන කතා කරමු.
මේ ලිපියේ සමහර පින්තුර අනතර්ජාලය වෙතින්ද, තවත් සමහර පින්තුර මගේ පුස්තකාලයෙන්ද ලබාගත් ඒවාය. | hplt_2 |
සත්තු මරන එක පව්ය. සත්තුන්ට උපරිම ආයු කාලයම ජීවත් වෙන්න තියනවා නම් ඒක හොඳය. ඒ වගේම එක සතෙක් තව සතෙකු සිය කුසගින්න නිවා ගන්නට යොදා නොගන්නවා නම් තවත් හොඳය. එතකොට මේ ලෝකය ලේ හැලීම් නැති සුන්දර තැනක් වෙන බවත් ඇත්තකි.
ගල ගහන්නා වගේ , වෙඩි තියන්නා වාගේ මෙහෙම ලියමනක් අරඹන එක කොච්චර කැතද? ආඩාතාඩේ පටන් ගෙන , එහෙන මෙහෙන් ඉඟියක් දෙකක් ලියා, ලතාවට හැඩ රවුම් කොට ලියමනක් පටන් ගන්නේ නැතුව , අමු අමුවේ සමහර දේවල් ලියාගෙන ලියාගෙන යන එක, සාහිත්ය රීතියකට එකඟ නැති වෙන්ඩ පුලුවනිය. ඒත්.... ඒත්.... සමහර දේවල් අපේ ඇස් ඉස්සරහා දකින ඇහෙන තාලය මීටත් වඩා අමුය ..කැතය... අද ලියන්නේ අන්න ඒ දේ ගැනය...
ඔහේ නිස්කාරනේ රස්සාව කරගෙන පඩියක් අරගෙන , අනික් ගෑනු ලමයි වගේ ඉන්න බැරි එක මට තියන ලෙඩකි. මොකක් හරි සමාජයේ කොනක් අවුස්සගන්නට හිතෙන එක , අමුතු දේකි. මටත් නිකම් ඉන්න බැරි හැටි... !
අවුරුදු දෙකහමාරක් තිස්සේ මම 'සංසාරේ අපි' ඇතුලේ දුක , කෝපය . නොසතුට, විඳවීම් ලියා ඇත්තෙමි. ඒත් ඒවා ලියා තිබෙන්නේ කරකවා රවුම් කොට වයංගයෙන් මිස , වෛරය , හිංසනය නොතැවරෙන්නටය. ආසන්න තෙවසරක මෙම නිර්ණායකය පොඩ්ඩකට එහෙ මෙහෙ කරන්නට අද දහවල් සිදුවූ සංවාදයක් බල කර සිටී...
සමාජ ජාල අතර සීග්රයෙන් , කලින් කලට වැලඳෙන ආසාත්මිකතාවන් තිබේ.... මේ දවස් වල ඉහලින්ම පැතිරෙන්නේ ෆොටෝ මේනියාවය. ලංකාවේ තිබෙන ඇතැම් අන්තගාමී මතවාද , දර්ශන ෆෙස්බුක් තුලද සීග්රයෙන් ඉඩ ලබා වෑපිරෙමින් ගෙන සිටියි. ජුගුප්සා ජනක දර්ශන, හද කකියවන දර්ශන, ලේ රත්වන දර්ශන , ලේ පිපාසිත දර්ශන ඔස්සේ වැපිරෙන්නේ දයානුකම්පාව , සෝකය , ජාත්යාලය, අගමාලය සහ තම දර්ශනය යයි සිතන්නෝ එක මවුස් බට්න් (Mouse Button) පහරින් මේ දර්ශන share කරගෙන කරගෙන යන්නෝය.
දකින්නෝ මොන මානසිකත්වයෙන් සිටියත් ශෙයා කරන්නාට ඇති පල කිම? එකම අරමුණ ලෝකය හොඳ තැනක් කිරීම හෙයිනි. තම ආගම අන් ආගමින් කොයිතරම් හොඳ තැනක වැජඹෙන්නේදැයි තහවුරු කරගැනීම පමණි. දකින්නා කුඩා දරුවෙක් වුවත්, සංවේදී මනසක් ඇතියෙකු වුවත්. රෝගියෙකු වුවත් , ලේ පිපාසිත මිනීමරුවෙකු වුවත් ශෙයා කරන්නාට කම් නැත.
සමාවන්න... මෙහි ලියන්නේ මගේ මතයකි... ඔබේ මතයට මෙහි ඉඩ තිබේ....
මගේ මතය 1
විලෝපීයතාවය !
මේ ගැන කතා කිරීමත් භයානකය. සතුන් මරන එක ඒ කියන්නේ හරිද? ඔබ එක සැණෙන් අහනු ඇත...
මම කියන්නේ මේකය. හරි වැරැද්ද තිබෙන්නේ කුමන සාපේක්ෂ රාමුවේද? කොටියෙක් සාවෙකු මස් කොට කන විට එය සොබා දහම් රීතිය යයි දැකීම, මේ සොබාදහම් දාමයේ විලෝපීයතාවය යයි දැකීම අමනුස්ස කමක්ද? හූනෙක් සමනලකු අල්ලාගෙන කන විට අප සමනලයා වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමුද?
බෝ කොට , ජාන විකෘත කොට මිනිසුන් කරන මස් වෙලඳාම හරිද ?
එය ඔබේ දෙවන පැනය වනු ඇත ....
මිනිස් සතා සොබා දහම විකෘත කරමින් විලෝපීයතාව එක්කත් ඕනෑ නැථි අත් හදා බැලීම් කර තිබෙන එක ඇත්තය . සහ ඒක සහමුලින්ම ගොන් කමකි.
බෝ කිරීම සොබා දහමේ සමතුලිතතාව බිඳිනවාද නොබිඳිනවාද යන්න සලකා බැලීම වටී... සුලඟ වරාමල් ගෙන ගොස් වරා ගස් ජනපද නිර්මාණය කරයි. සමනලයකු පරාග වාහකයකු වෙයි. බ්රොයිලර් සහ ගව ඝාතන පමණක් සාහසික මරණ වන කල්හි? සා මුවන්? ගෝණුන්? මාලුන්? හාල්මැස්සන්? කරෝල වන මාලුවන්? කූනිස්සන්??
සත්ව කරුණාව පතුරනු වස් හරකුන්ගේ ගෙල සිඳින හද කීරිගැසෙන දර්ශන දැක , ආගමාලයෙන් ජාති ආලයෙන් ඔද වැඩී ශෙයා බට්න් ඔබන ඔබට පුලුල් දැක්මක් තිබෙනවාද? නැතහොත් ඔබ එය වපුරාගෙන වපුරාගෙන යන්නේ , පිස්සුවෙන් කොමෙන්ටු ලියනේ ආවේගයන් නිසාද? සැබෑ අවබෝධයෙන්ද?
මා සතුන් මැරීම අනුමත නොකරමි. එහෙත් බාගෙට ගෙල කැපෙන හරකුන් වෙනුවෙන් පමණක් නොව ඒ අනුමත නොකරන මැරීම් බොහෝ පරාසයකට විහිද යයි... එකම දෙය නම් විලෝපීයතාව සහ මිනීමැරුම් මා පටලාගෙන නැත. අනියම් සැමියා සමග එක් වී සිය සැමියාගෙ අතපය වෙන වෙනම කපා සිලි මලු වල බහා පස් යට නිදන් කරන බිරියත් මැරීමේ පාපයට යටත් වෙයි...
මැරීමේ විපාක මරන්නා මෙන්ම, මැරූ මස් කන්නාත් , එදෙස බලා හද අවුලවා ගන්නාද , ඒවා පතුරන ශෙයා කරන්නාද දැරිය යුතු වෙයි... ඒ මගේ මතයය. ඔබේ මතයට ඉඩ තිබේ...
මගේ මතය 2
හරකුන් එලුවන් බෙලි කැපෙන දර්ශන, හිටු කියා ශෙයා කරන ඔබෙන් වෙන සමාජ සේවය මා දකින්නේ ලේ දර්ශන , ලේ වැගිරීම් , සාහසිකත්වය , විනාශය , මරණ දර්ශන , විනාශකාරීතවය වපුරන වාහක වීමේ තත්වය මිස අනෙකක් නොවේ...
එයින් මස් කන්නා මස් නොකන්නට පෙලඹෙන්නේ නැද්ද? ඔබ අසනු ඇත...
ඇතැම් විට පෙලඹෙනු ඇත ... එහෙත් සාහසිකත්වය නුහුරු මනසකට , ඔබ සාහසිකත්වය සාමාන්යකරණය (Generalizing) කරනවාද විය හැකිය...කුඩා දරුවකු ගන්න... ඔහු හය හතර දන්නේ නැතැයි සිතමු. රූපය පමණක් නෙත ගැටේ යයි සිතමු... මෙවන් රූප දකින මනසකට එය සාමාන්ය දෙයක් වීමේ හැකියාවක් නැත්ද? එසේ නැතහොත් ලේ සහ හිංසාකාරී දර්ශන කෙරෙහි අසීමිත මානසික බියකින් පෙලෙන තත්වයක් දක්වා වර්ධනය වන්නට තරම්, කුඩා යටි සිත ඇතැම් විට දුර දිග නොයාවිද? ඔබට එසේ නොවේ යයි කීමට ඇති සහතිකය කුමක්ද?
මගේ මතය 3
කසුරි (දිනමිනෙහි වටරවුම ලියූ ලේඛකයා) කියු දේ මම භාවනාවක් සේ අදහමි.. ලෝකය සුන්දර තැනක් වන්නේ අයහපතෙහි ආදීනව , කෲරත්වය , සාහසිකත්වය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමෙන්ද? මම එය පිලි නොගනිමි. මම නිතරම විස්වාස කරනුයේ සාහසිකත්වය නිතර දකින්නට දකින්නට , මුලින් ඇස් වසා කන් වසා ගන්නා පුද්ගලයා , දෙවනුව එය තනි ඇහෙන් නරබන්නටත් , තෙවනුව ඇස් දෙකම හැර එය නරඹන්නටත් , සිවු වනුව එය දැස් දල්වා කුතුහලයෙන් නරඹන්නටත් ඉදිරිපත් විය හැකිය.
දුර්ලභ අවාසනාවත් අවස්තාවකදී සාමානය වූ කෲරත්වය, පිපාසයක් දක්වා වර්ධනය වන්නටත් මේ සාහසික දසුන්ම හේතු භූත වීමේ හැකියාවක් තිබිය හැකිය! මන්ද , ඔබේ ස්ටේටස් අප්ඩේට් කියවන දහස් ගණනක් අතරේ මේ හැම වර්ගයෙහිම අය සිටිය හැකි නිසාවෙනි...
මගේ මතය 4
මා අදහන තව දෙයකි... මිනිසෙකුගේ හදවත හෝ ලෝකය සුන්දර තැනක් විය හැක්කේ දුර්ගුනයෙහි ආදීනව නිතර ඇසගැසීමෙන් නම් , කියවීමෙන් නම්, සතියේ පුවත් පත් වල කැපුම් කෙටුම් ඇනුම් මැරුම් , නඩු කියවන හැම දෙනෙක්ම, කුනු කරෝළ වාගේ 'දෙයියෝ සාක්කි' කියවන හැම රටවැසියෙක්ම , ලෝකය බොහෝ යථා අයුරෙන් දුටු ඉතා යහපත් අය විය යුතුය.
ෆෙස් බුක් එකේ ජාතිමාමක රූප රාමු දකින ඔබ නිර්මාංශී , සත්ව කරුණාවෙන් ඉපිල ගිය උදවිය විය යුතුය. මගෙ පව්කාරකමටද මන්දා , ඔය බාගෙට බෙලි කැපෙන භයානක දර්ශන අහම්බෙන් හෝ ඇස ගැසී තිගැස්සෙන මම අංග සම්පූර්ණ, සත්ව කාරුණික මහත්මියක් කිරීමට ෆෙස් බුක් එකට සහ ජාති මාමක ඔබට තවම බැරි වී තිබේ... !!!!!!
වැපිරිය යුත්තේ යහ ගුණයය. ඇස් හුරු විය යුත්තේ යහපතටය... යහපතට ඇබ්බැහි වන්නගේ හදවත තුල අයහපත ඉබේම වැලලී යයි... එනිසා මා හිතන විදියට අනුව නම් ශෙයා විය යුත්තේ, හදවත නිවන සනසන , හදවත සුභවාදී හැඟීම් වලින් සලිත කරවා වෙනස් කරවන සුලු දෑ බවය.
සත්ව හිංසාව නොව, මා අදහන අයුරෙන් පැතිරිය යුත්තේ සත්ව කරුණාවය. සත්ව ඝාතනය නොව සතුන් කෙරෙහි ආදරයය. එවන් දේ දකින මනසක කුකුලෙකුගේ රුව පිටුපස චිකන් කැල්ලක් පෙනීමේ ඉඩ අඩුය. වැපිරිය යුත්තේ හොඳ මිස නොහොඳ නොවන බව මම අදහමි.යලි යලිත් කියමි... එහෙත් මෙය සංවාදයට විවෘතය.
මට යලිත් කසුරිගේ වටරවුම සිහිවේ. එහි ඇත්තේ නපුර අයහපත නොව , මහපොලව මත සිදුවූ සොඳුරු මිනිස්කම තැවරුනු යහපත් සිදුවීම්ය. මා සිතන්නේ එය කියවන මනසක පැල වන්නේ තමා කළ යුතු දැ මිස නොකල යුතු දෑ නොවේ... ලෝකය ප්රශංසා කරන හොඳ දේ කියවන්නට කියවන්නට 'හොඳ ' යන්න මිනිසෙකුගේ හදවත තුල සාමාන්ය දෙයක් බවට පත්වේ... සාමාන්යකරණය පොදු දහමකැයි මම අදහන බැවිනි.සෙල්ලම් තුවක්කට හුරු වූ සිඟිත්තා , ලොකු ලමයකු වෙද්දී තුවක්කුවෙන් වෙඩි තියන රූප රාමුවක් දකී නම් , තුවක්කුව අතපත් තැනදී මනස තුල රූප රාමුව ක්රියාකාරකමක් දක්වා දුර යා හැකිය. මේ මට හිතෙන හැටිය...
සමාප්ති සටහන
මෙය ආවේගයෙන් ලියූ සටහනක් නොවේ... දහවල් හද දවන රූප රාමුවක් ඔස්සේ , ආගමාලය වපුරන නොමේරූ උත්සහයක් පෙන්වා දෙන්නට ගොස්, ආගම්වාදියා කියා ඒබලයකුත් ගසාගෙන , උණුසුම් සංවාදයකින් ඇතිවූ ආවේගය නිවූ පසු, හෙමීට යලිත් සිතා බලා ලියන සටහනකි.
බාගෙට බෙලි කැපෙන ඝාතනය පමණක් සත්ව හිංසාව යනුවෙන් දකින සමාජයකට මා එරෙහි වෙද්දී , මා අබෞද්ධයෙකැයි කෙනෙකු ඇඟිල්ල දික් කරයි නම් , මා නිරාගමිකයෙකැයි කියයි නම් , ඔහුගේ තර්කය අනුව මා සාර්ථක අබෞද්ධයෙක් වෙමි. අන්තගාමී වෙනවාට වඩා මට ඒක හොඳය. කිසිදු ආගමකට වෛරී සිතින් යම් දෙයක් අප කරයි නම් , එය අපේ නොහොබිනා කම විනා අන් දෙයක් නොවේ....
බාගෙට බෙලි කපන්නන්, උණු වතුර බාල්දි වල එබෙන හාවුන් පව් කියා වැලපෙන්නන් හට ලෝකය යථා ඇසින් දකින්නට මම ඇරයුම් කරන්නෙමි.
එක - ලෝකයෙහි ආහර දාමයන් තිබේ... හතර වසර ආරම්භක විද්යාව පාඩම් යලිත් කියවන්න.
දෙක - ලෝක ධර්මය අනුව විලෝපීයතාව කියා දෙයක් තිබේ.... Predation විකිපීඩියාවෙන් සොයාගෙන කියවන්න.
තුන - මේවා වෙනස් කල හැකි , විකෘත කළ හැකි දේවල් නොවේ..
හතර - මරණීය වේදනාව කාටත් පොදුය... අහිංසක ඇස් ඇති ගවයාට විතරක් නොවේ...
පහ - සත්ව කරුණාව පතුරන්නට හිංසාව පැතිරවීමෙන් මට අනුව නම් , වැඩක් නැත. එයින් ලෝකය යහපත් තැනක් නොවේ... ඒ වෙනුවට හිංසාව සහ අකරුණාව වැපිරීමට ඔබට දායක විය හැක.
හය - ශෙයා බට්න් ඔබ ඔබා සත්ව කරුණාව , ආගම් සංසන්දන , සහ ජාතයාලය වපුරන ඔබ ගේ හදවත කොච්චර සෙන්ටිමීටර ගාණක් පළල් දැයි සොයා බලන්න.
හත - ඝාතනයට එරෙහි වන්න. ඊට වෙනත් ලේබල් ගාවා නොගන්න. හිංසනයට එරෙහි වන්න.
අඳුරට සාප නොකොට , අඳුර ශෙයා කරනු වෙනුවට , පහනේ ආලෝකය තැන තැන ගෙනයන ගිනිකූරු හිසක් වන්න.
දවල් ඇති වූ දුර්දම නිශ්පල විවාදයකට මගේ සමාප්ති සටහන ලියමින් ඔබේ මතයෙහි සමාරම්භය සටහන් කරමි..
ස්තූතියි
වැඩක් වෙන අයුරෙන් , Productive විදියට එරෙහි වෙන්න.
14 දෙනෙක් කියූ අදහස්..:
- පූසා said... [Reply to comment]
-
ෆේස්බුක් තුලට එක් එක් ආගම් වලට අපහාස කරමින් පොටෝ දමන්නෝ, ශෙයාර් කරන්නෝ රට රකිනා දේශප්රේමීන්ය. සතුන් මරනා පොටෝ දමන්නෝ, ශෙයාර් කරන්නෝ දෑ හිතකාමි නිර්මාංශිකයෝය. උන්ගේ අනුන්ට බලෙන් පටවන්න හදනා උන්ගේ ආගමික 'ඇදහීම්' ගැන ප්රශ්නකරන්නෝ සියල්ලෝම ආගම් වාදියෝය, ජාති වාදියෝය!
- August 5, 2012 at 9:51 PM
- Pasan said... [Reply to comment]
-
මේව්වා නන් අනේ මන්දා.. කාටහරි ඇනුම් පදයක් කියන්නැතුව පාඩුවෙ පොතක් පතක් බලාගෙන මෙයාට ඉන්න බැරි හැටියක්..:-D
(මොනවා උනත් කියලා තියන කතාව නන් සහතික ඇත්ත. මං නන් ඔය පොටෝ ෂෙයාර් කරන උන්ට මුකුත් කියන්නෑ.. උන් හොදයි අපි නරකයිනේ.... )
- August 5, 2012 at 9:51 PM
- Sabith said... [Reply to comment]
-
ආ..ඔයත් NGO වලින් සල්ලි අරං දේශද්රෝහී කුමන්ත්රන කරන්න පටන් අරං නේ :D
- August 5, 2012 at 11:56 PM
- රුචා said... [Reply to comment]
-
සමහර මිනිසුන්, සතුන් මැරීම ගැන බණ දෙසති, සත්ව ඝාතන සහිත ෆොටෝ ශෙයා කරමින් ඒ ගැන දේශනා ද පවත්වති. පිරිස ඉදිරිපිට මස් කෑමෙන් වැළකී සිටී. නමුත් සැබෑ ජිවිතේ දී කුකුල් මස් හා මාළු පමණක් ආහාරයට ගනී.
තවත් සමහරෙක්, සතුන් නොමරති නමුත් සතුන් මැරීම ගැන බණ නොකියති.සත්ව ඝාතන සහිත ෆොටෝ ශෙයා නොකරති හා ඒ ගැන දේශනා ද නොපවත්වයි. මස් මාළු අනුභව කරති
මා ඉහත කී දෙවැනි කණ්ඩායම නියෝජනය කරන එක මිනිසෙකි. හෝ සතෙකි.
එතකොට මෙය කියවන ඔබ...!!!
- August 6, 2012 at 3:06 AM
- Dayal Bathee said... [Reply to comment]
-
කියෙව්වා, නැවත ඇවිත් කියවන්නම්
- August 6, 2012 at 4:40 AM
- මධුරංග said... [Reply to comment]
-
අපොයි.. ඔවු. දැන් ෆේස්බුක් එකේ ශෙයාර් කිරීම් වැහි වැහැලා.
- August 6, 2012 at 8:08 AM
- Fathima Reeza said... [Reply to comment]
-
පව් ද පිං ද හරි ද වැරදි ද හිංසාව ද අහිංසාව ද මේ වැනි තර්කය පැත්තකින් තියලා, පුළුල් හදවතින්, මිනිස් ලොව වඩාත් සුන්දරවත් කරන්නට, දයාව කරුණාව අත් විඳින්නට.. මෛත්රීය , කරුණාව ,එකමුතුව , උපේක්ෂාව වැනි ආකල්පය හදවතින් ම ශෙයා කරමින්, පරාර්ථය කාවැද්දීමට සමත්වෙමු!
- August 6, 2012 at 8:16 AM
- හරී said... [Reply to comment]
-
මගේ මතයත් මෙයට ඉතා ආසන්නය.. එහෙයින් එකතු කිරීමට දෙයක් නැත..
- August 6, 2012 at 8:21 AM
- Nadun Herath said... [Reply to comment]
-
හොද විශ්ලේෂණයක් :)
- August 6, 2012 at 8:44 AM
- ධමිමික සදරැවන් said... [Reply to comment]
-
ඉහත මත වලට වලට නම් සම්පූර්ණයෙන්ම එකග විය හැකිය.දේශය අස්ථාවර කිරීමේ තිරිසන් චේතනාවෙන් ජාත්යාලයෙන් උදම් වූ ජාතියක් බවට පත් කිරීමට සමාජ ජාල වෙබ් අඩවි මගින් ගන්නා ප්රයත්නය අපට ඕනෑවට වඩා පැහැදිලි වේ.තවත් ජාතියක් විසින් සතුන් කෘර ලෙස මරා දැමීම දැක්වෙන ජායාරූප ඕනෑ තරම් අපට සොයා ගත හැක.එලෙස ෆොටෝ ෆේෂ්බුක් වැනි සමාජ ජාල අඩවි වලට ඇතුලත් කරන්නේ සිංහල ජාතියේ සිත් තුල අදාල ජාතිය කෙරෙහි වෛරයක් ඇති කිරීම සදහා පමණය.ඒ හැර සත්ත්ව ඝාතනයෙන් තොර ලොව සුන්දර ලොවක් බිහි කිරීමට නොවේ.
ජාත්යාලයෙන් උදම් වන අපේ උදවිය ලිපියේ සදහන් කල පරිදි දිගට හරහට ෂෙයා කරයි.
සමාජයේ සිදුවන වැරදි මාධ්යය මගින් නිරන්තර අනාවරනය කිරීම මගින් තව තවත් දූෂිත බව සමාජය තුල වැඩිවේ.
කෙසේ වෙතත් මට සතුටක් දැනෙන්නේ මෙවැනි ලිපියක් පල කර ඔබේ මතය හෙලි කරීමට ගත් උත්සහාය නිසයි.ඔබේ මතය තුලින් ඇත්ත නිරූපණය වේ.මගේ පෞද්ගලික මතයට අනූව ඔබ 100% ක්ම නිවැරදිය.
බ්ලොග් අවකාශය තුල හැසිරිය යුත්තේ මෙවැනි ලිපිය.එසේත් නැතිනම් කොහේටවත් නැති කවියක් හෝ කුණහරප කතාවක් නොවිය යුතුය.
- August 6, 2012 at 8:49 AM
- Wasana Sewwandi said... [Reply to comment]
-
පළමුකොට, පන්සලක් පල්ලියක් දක්කිද්දි හුනස්නෙන් නැගිටිමින් බොරු භක්තියක් මූණ පුරා අලවාගෙන අමුතුම බාලක් නටනා සමාජයක මෙවන් මාතෘකාවක් පිළිබදව එලිපිට කතා කිරීම පිළිබඳව "ජීවිතේ මල්" ඔබට තිබුනු ධෛර්ය අගය කරමි.
ඔබ ලියා තිබූ සියල්ලක් සමග එකගවෙමි... වෙනසක් කරන්නට හෝ ප්රශ්නයක් අසන්නට ඉඩක් නැති තරමට ලිපිය පරිපූරණය. කුකුළා මැරුවාට පව් නැත, නමුත් උකුණා මැරීම පව්ය සහ හරකා මැරීම ඊටත් වඩා පවුය ලෙස පවු වර්ගීකරනය කරමින්, මස් කන එක පවුය..ඒත් මස් හොදි කෑවට කමක් නැත කියා ලොකුවෙන් කියන සමාජයක, බුදුන්ටත් නොතේරෙන බණ දෙසන්නෝ සිටිනා කලියුගයක ... හරකාට උනුවන සිත බස් රථයක් තුල අපයෝජනයට ලක්වෙන පුංචි ළදැරියක් වෙනුවෙන් උණු නොවන සඳ එහෙව් සමාජයක් පිළිබඳව සිතා ලේ කෝප කර ගැනීම ඇත්තෙන්ම තේරුමක් නැත ...
එක් දෙයක් පමනක් කියමි, මෙ මාගේ මිතුරෙකු නැගූ පැනයකි... මාංශ භක්ෂනය ආහර දාමයේ එක් අංගයක් නම්.. කුකුලන් සීයක් මරනවාට වඩා එක අලියෙකු මැරීම සුදුසු නොවන්නේද ... පුලුවන් නම් ඩයිනසෝරයෙකු ආහර දාමයට එකතු කර කුකුළන් සීයකගේ පණ බේරිම වටින්නේ නැත්ද... එක මොහොතකට මම නිරුත්තර කිරීමට ඒ පැනය සමත් විය ...
තවතවත් මෙවැනි දෑ ලියන්නට .. උඩුගං බලා පිහිනන්නට "ජීවිතේ මල්".. ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා .. !!
- August 6, 2012 at 9:08 AM
- RanDil said... [Reply to comment]
-
සහතික ඇත්ත. ඔය වගේ දේවල් දකින්න බැරි කමට මං නං දෙයක් කලා. ඒක බොහොම දුරට සාර්ථකයි.
මං දන්න යාලුවන්ටත් කියලා තියෙන්නේ මට ඇක්සිඩන්ට් වෙච්චි එව්වා, මරණ පරීක්ෂණ, තව ඔයා කියලා තියෙන වගේ එව්වා නං මේල් එවන්න එපා. ඔයාලාත් බලන්න එපා කියලා. සාමාන්යකරණය වෙනවා වෙනුවට මං කිව්වේ, හිත්වල තියෙන සංවේදිකම නැති වෙනවා කියලා. ඔය ඇඟ හිරිවට්ටන දේවල් බය නැතුව බලන්න පුළුවන් කම විරකමක් නං මගේ බයගුලු සංවේදිකම මට හොඳා කියලා තමයි මට හිතෙන්නේ. හොඳ ලිපියක් දිල්
- August 7, 2012 at 11:56 AM
- sAm (සෑම්) said... [Reply to comment]
-
කලකිරෙනවා අෆ්පා !
- August 7, 2012 at 1:28 PM
- Gimhani said... [Reply to comment]
-
හොද විග්රහයක් . එකගයි කරුණු සමග . අඟනා ලිපියක් .
- August 9, 2012 at 8:21 AM | hplt_2 |
මෙන්න අද මම පොඩි News එකක් ගෙනාවා අභ්යවකාශය ගැන. මේ ගැන සමහර කට්ටියනම් දන්නවත් ඇති. ඕන් විද්යාඥයින් කට්ටියක් දියමන්ති ලෝකයක් හොයාගෙනලු.
මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් වැඩි ඈතක නෙවෙයි. ආලෝක වර්ෂ 40ක් ඈත:p විද්යාඥයින් කියන විදිහට මේක දියමන්තියක් වගේම බබළනවලු. ඒ නිසා මේකෙ මතුපිට පුරාම දියමන්ති විසිරී තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ....
මේ ග්රහලෝකය Cancri 55 e කියල තමයි නම් කරලා තියෙන්නේ. මේකෙ විශාලත්වය පෘථිවිය වගේ දෙගුණයක් වගේම ස්කන්ධය අට ගුණයක්.
පෘථිවියේ නම් මතුපිට තියෙන්නේ ජලයයි පාෂානයි උනත් මේ ග්රහලෝකයේ මතුපිට තියෙන්නේ දියමන්ති මිනිරනුයි කියලයි විද්යාඥයින් නම් කියන්නේ. කරල තියන අලුත්ම පර්යේෂනයකින් හෙලි වෙලා තියෙන්නේ මේ ග්රහලෝකයේ තුනෙන් එකක්වත් දියමන්ති වලින් වැහිල තියන බවයි. ඒ ප්රමාණය පෘථිවියේ බරින් තුන් ගුණයක්.
මේ වගේ ග්රහලෝකයක් හොයාගත් ප්රථම අවස්ථාව මෙය බව මෙහි ප්රධාන පර්යේෂක වන Nikku Madhusudhan කියනවා. " මතුපිට වතුර හා පස් වෙනුවට මිනිරන් හා දියමන්ති තමයි තියෙන්නේ, මේක තමයි ප්රථිවියට වඩා වෙනස්ම තත්ත්වක් ඇති ශෛලමය ලෝකයක් හොයාගත්තු පළමු අවස්ථාව! "
මේ Cancri 55 e කියන දියමන්ති ග්රහලෝකය සීඝ්රයෙන් පරිභ්රමනය වෙන බවයි විද්යාඥයින් කියන්නේ. මේකෙ එක වසරක් යන්න ගතවන්නේ පෘථිවි පැය 18 යි. ඒ වගේම මේකෙ මතුපිට උෂ්නත්වය ෆැරන්හයිට් 3900 ක් විතර වෙනවලු. ඒ හින්ඳා මේ ග්රහලොවෙ ජීවයක් තියනව කියල විශ්වාස කරන්න නම් බෑ.
මෙය ප්රථිවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබුණත් පියවි ඇසින් දැකිය හැකි ග්රහලෝකයක්. ඉතින් ඔබ තාරකා විද්යාව ගැන උනන්දු කෙනෙක්නම් පැහැදිළි අහසක් ඇති රාත්රියක ඔබේ දුරේක්ෂයත් අරන් එළියට බැහැලා මේ දියමන්ති ලෝකය අහසේ හොයාගන්න උත්සහ කරන්නකෝ.
සැ.යු. : තද නිල්පැහැති රේකාවකින් යාකර ඇත්තේ කටක ( Cancer ) තාරකා රාශියයි, ඊට ස්වල්පයක් වමට වන්නට මෙම ග්රහලෝකය පිහිටා ඇත.
මේකට කොහොම හරි යා ගත්තොත් ගොඩ නේ? ඒත් මේ කපේදි නම් මේ ලෝකෙ එකෙකුට යන්න වෙන්නේ නෑ Sure.
එහෙනම් ලිපිය කොහොමද කියලා අදහසක් එහෙම ලියල යාළුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරකුත් දීල, ෆලෝ පාරකුත් දීගෙනම යන්න. | hplt_2 |
මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.
ප්රෙෂර්....
අපි එදිනෙදා ප්රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.
මොකක්ද මේ රුධිර පීඩනය?
රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!
මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.
කොහොමද මේ පීඩනය ඇතිවෙන්නේ!
සරලයි.අපි පොඩි වතුර පාරකට පොඩි බටයක් දාන්නෙත් ලොකු වතුර පාරක් ගෙනියන්න ඕන නම් පත සයිස් බටයක් දාන්නෙත් ඇයි? ඒ ගලායන වතුර පාරකට පීඩනයක් තියන නිසා හා ඒ පීඩනය වැඩි උනොත් බටය පුපුරන්න පුලුවන් නිසා.
ඒ වගේ තමා ගලා යන රුධිරයටත් පීඩනය තියනවා.මේ පීඩනය වැඩිවුනාම රුධිර නාලිකාව මතට ඇතිවෙන තෙරපුම වැඩියි..
මේ තෙරපුම පහලම අගයක් ගන්නේ හදවත(හෘදය) රුධිරයෙන් පිරුනාම.මේකට Diastolic pressure කියලයි කියන්නේ.මේක ඉහලම අගයක් ගන්නේ අර පිරුනු ලේ ටික පොම්ප කරන වෙලාවෙදි.මේකට කියන්නේ systolic pressure කියලා.අපි රුධිර පීඩනය ප්රකාශ කරන්නේ මේ දෙකෙ අනුපාතයක් විදිහට.ඉහලම අගය/පහලම අගය. උදා:- 120/80
කොහොමද මනින්නේ?
මනින හැටි නම් ඉතින් අපි කවුරුත් දැකලා තියනවනේ.නවීන තාක්ෂනයත් එක්ක විවිධ ක්රම පාවිච්චි වෙනවා දැන්.මං අපි කවුරුත් දන්න ක්රමය විස්තර කරන්නම්.මේ ක්රමය තමයි තාමත් ගොඩ දෙනෙක් අනුමත කරන්නේ!(Gold standard/ඉහලින්ම සම්මත)
මේ මැෂින් එක ඉතින් දන්නවා නේ..මේකෙ රසදිය කුලුනක් තියනවා..තව අත වටේ ඔතන්න රබර් cuff එකක්, ඒක පුම්බන්න හුලං ගහන්න රබර් බෝලයක් වගේ දේවල් තියනවා.
අපේ අතේ වැලමිට හරියෙන් ලේ ගෙනියනවා ධමනියක් Brachial කියලා.
අපි අර Cuff එක අත වටේ යවලා හුලං ගහලා කරන්නේ අර ධමනිය තද කරලා බ්ලොක් කරන එක.
ඒ කියන්නේ දැන් වැලමිටෙන් පහලට ලේ ගමනා ගමනයක් නෑ ! :o
පස්සෙ අපි වෙද නලාව ඒ හරියෙන් තියලා පොඩ්ඩ පොඩ්ඩ අරකේ හුලං අරිනවා..එතකොට පොඩ්ඩ පොඩ්ඩ ධමනියත් බුරුල් වෙනවා..ඉතින් ටික ටික ලේ ගලන්න පටන් ගන්නවා..එතකොට සද්දයක් එහෙම ඇහෙනවා..පස්සෙ ධමනිය අර කලින් සයිස් එකට ආවම අර සද්දෙ ඇහෙන එක නවතිනවා.ඉතින් ඔය සද්දෙ ඇහෙන්න පටන් ගන්න වෙලාවෙ අර රසදිය කඳ තියෙන තැනේ උසයි ඇහිලා ඉවර උන තැනේ උසයි තමයි අපි ප්රෙෂර් එක විදිහට මැන ගන්නේ!
සද්දෙ ඇහෙන්න පටන් ගන්නේ වැඩිම(systolic) පීඩනයෙදි.ඇහිලා ඉවර වෙන්නේ අවම පීඩනයෙදි(Diastolic).ඔහොම බලලා අපි පීඩනය කියනවා රසදියේ උසට ගලපලා!
උදා :- 120/80 mm Hg (රසදිය මිලිමීටර)
පස්සේ පහල වගුවෙන් හොයාගන්න පුලුවන් රුධිර පීඩනයේ තත්ත්වය කොහොමද කියලා...
(අපිට නම් ඕවා කටපාඩම් :P )
මෙතනින් පේනවා 120/80 mm Hg ඒ කියන්නේ ඉහලම අගය 120 සහ පහලම අගය 80 එහෙමත් නැත්නම් හෘදය පිරුනාම 80ක් හා පොම්ප කරද්දි 120ක් තිබුනාම තමයි සාමාන්ය කියලා..හැබැයි ඕක අපි;
පහලම අගය 60 සහ 90 අතර
ඉහලම අගය 100සහ140 අතර තිබුනාම සාමන්යයි කියලා සලකනවා.
ජිවිතයේ දන්න ප්රායෝගික දේක නොදන්න පැත්තක් දැන ගන්න එක නොදන්න දෙයක් අලුතෙන් දැන ගන්නවට වඩා ආතල්!මොකද එතකොට නොදන්න කෙනෙක්ට උනත් ලොක්කා වගේ කියන්න පුලුවන්නේ, මෙතනදි වෙන්නෙ මේකයි කියලා!
සැර පුලුවන් තරමට බාල කරලයි ලිව්වේ!තේරෙන්න ඇති කියලා හිතෙනවා!
රුධිර පීඩනය වැඩිවෙන්නේ ඇයි,එහෙම වෙන්න හේතු මොනවද කියලා දැනගන්න ආස කට්ටිය ඉන්නවනම් වෙලා තියන වෙලාවක තව ලිපියකින් විස්තර කරන්න බලන්නම්! | hplt_2 |
කවක් ඇත හදවත කොණක පිට වනු නොහැකිවහදවතේ ගැඹුරුම තැනකතිබුණු එළියෙන් මග සොයාපිටවන්නට හැදුවනිවී ගොස් ඒ එළියගණඳුරුයි හදවතමඅතරමං වෙලා ඇතඒ කවිය හද කොණකමග සොයනු වෙර දරයිමහ වැරින් තඩි බායි උරෝස්ථියෙන් කපාලයට උඩ පනිමින්ඉතින් සොඳුර,ගෙන සැතක් විගහින්එළියට ගනින් ඒ කවියමා සමග මිය යන්ට පළමුවදැඩි වේවි ඒ කවියනුඹ ළඟම හැමදාමහදවතේ සිරව ගියකවට මව් නුඹ බැවින ...
හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්යවරු ...
ස්වාමීනි,තනිව ආවෙමිතනිව සිටියෙමිවිය සිදුරෙන් දකිනකණ කැස්බෑ අහසඅතැර යන්නෙමිමහ සයුර වෙත පැමිණි විලසම . . .පිදූ මුත් පෙම පරම පිවිතුරුසඳ එළිය සේ පසන් හැඟුමෙනරුවා පස තුළ එයින් බිජුවටසැදී මහ ගසක්මල් පල ද දරා ගෙනසිඳ දමා එහි සිරසඅඹරවා තෙදැති කඳඋදුරුවා මුදුන් මුලබිම දැමී වනස්පතිය . . .ගණඳුර කෑලි කපනඉතින් මේ අවසන් හෝරාවයිදොරටුව අබියස පැමිණ ඉන්නෙමිමළ හෙයින් ආත්මයෙන්බියක් නොදැනේ කිසි විටඅවසරයි ස්වාමීනිමහෞෂධ වන් ...
ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . . වැහැපන් වැස්සේ වැහැපන්සඳු හිරු තරු නිල් අහසත්මේ කුළු තිමිරෙන් සඟවාවියෝ දුකින් කම්පිත වූහදක් දරපු ඇස් දෙකකින්ගලා ගිහිපු කඳුළු ලෙසින්ඇළ දොළ ගං පිරී යන්නවැහැපන් වැස්සේ වැහැපන්ආදරයේ ඉඩෝරයටඉරිතලාපු හද මඬලටඅකලට ඇවිදින් හොරෙන්මනව දළු මල් පුබුදන්නටවැහැපන් ...
කොර වූවෙක් වන්නෙමිදෑත දෙපයින් නොව සිතින්වක්කොලූ නොන්ඩි මිනිහෙක්සිතින් කොහොමද කොර වෙන්නෙ?ඔබ අසාවි . . .එක සොඳුරු දවාලක දුටුවා මා ඔබසොඳුරු කීවාට ගිනි ගහන මද්දහනසිසිල් වුනා ඔබ දුටු විටපිබිදුනා දහසක් සිතිවිලිනිදා සිටි යෝධයකු ලෙසහැරදමා ඉඳුරු දොරටු ගැලූවා සිතිවිලි ගංගාවක්සැදුනා හැඟුමන් දිය ඇල්ලක්බොහෝ කාලෙකට පසුව . . .නොදැන සිටියෙමි නමුත් ඒ සත්යයනොදැන සිටියා නොවේනොවැටහුනා කීවොත් වඩාත් හරියඑක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම ...
මලක් පිපී ඇත යස රුවටපෙති විදා අවදි වීබිඟුන් මන් මත් ද වීබලන්න ඒ මල දෙසකැකුළකින් අවදි වීබලන්න නැවතත් ඒ මල මනෙළා ගෙන ඇත එයආඩම්බරයෙන් දිලෙයිසාලය මැද පෝච්චියේදුටුවන් කරමින් කුල්මත්බලන්න නැවතත් ඒ මල මපෙති හැලී දුඹුරු වීකුඩු හැලෙයි පැතලි වීදෙස් දෙවොල් තබයිනෙළා ගත්තහුට ඒ මලබලන්න නැවතත්මල දෙස නොවෙයි මේ වරනෙළා ගත් දෑත දෙසකටු ඇනී සිදුරු වීරතු රුහිරෙන් වැසීදවයි චේදනාවෙන්මල් නෙලූ ඒ ...
පැරණි මල් මුකුලිතයිඅලුත් මල් මන බඳියිපැරණි මල් වල සුවඳඑහෙත් අමතක වේද?
තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහිසිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදිතනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලාජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලාමරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹායනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනාතුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලාඑක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසාඑක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේපැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේතුන් බියම ...
ඔබ ලඟින් ඉඳිමි මමසිරුරෙන් නොව පාඨක නමින්නොදනිමි අප අපවකළුද සුදු යයි කියාලංව අත හදවතින්රසවින්ද පද වැල් නිසායතුරු ලා පරිගණකපිවිසෙමි මම සැබෑ ලොවටබලා හිඳී ඈ මා එනතුරුඋණුසුම් හැඟුමන් සිත දරාසිතේ තෙරපෙන හැඟුම්නොනැගීම පද වැලටමුව කමල මත ඇඳෙයිඅනේ කොතරම් අපූරුදලියමි මම ලිපියක්හදවතේ හැඟුමින්ඈ දෑස බලානොරටක වෙසෙන කිවිඳියවනැවත හමුවේ පසු දිනකවයර් දිග ආදරයකෙලෙස එවමිද ඉතිනවයර් තුල ඉපිද එන,වයර් තුල සැරිසරනවයර් තුල මිය ඇදෙනලොවක් ...
මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය. කෙත් වතු අතරින් මීදුම නැගිලා තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින් රුවක් පෙනෙයි ...
හඳට බුරන බල්ලෝහොරුන්ටත් බුරනවා
“පලයන් යන්න . . උඹ අදත් ආව ද?”ජ්යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් ...
සඳ මඬලබලා සිටිනුඹ මා එක්ව සවුදිය පිරූපතුරලා ගී නදවපුරලා සිනා කැල්මන් සඳ මඬලබලා සිටිඇගේ අත ගෙන සිප ගත්ඔලිඳ ගස් හෙවණේපෙමින් බැඳි සඳ මඩලබලා සිටිවෙන්ව යනු අපි සැමජීවිතේ දොරටුවිවර කර ගෙන සඳ මඩලනැත නුඹ අදතනිව සිටිනාමේ යාමයේමගේ තනියට ...
සුහදිනියනි නැතිදෝ දන්නේවසන්තය ඇවිදින් ගියාමල් යාය බමර ගුමුවෙන් වසාවසන්තය ඇවිදින් ගියාලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසාකොවුල් කැල යනු නොදිටිමුපිපුණු මල් වල නටු පමණි අදවසන්තය ඇවිදින් ගියාශිල්ප පිරුවට ගතෙහි දවටාකාසි පොදි ලුහුබැඳි සමේසොඳුරු තෝතැනි වියළිලා ඇතවසන්තය ඇවිදින් ගියානුරාවේ මල් පරවෙලා ඇතසෙනෙහසේ අඩුවක් නැතත්කාලයේ වැලි තලා මතුයෙහිවසන්තය ඇවිදින් ගියා ...
සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරනමැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළසිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එනරෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේසිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේකුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමටසැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විටහෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයිසිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්නපෙණ දමන මධුවිතක ගල්වලා සිතට එනමතකයන් සමුදාය වියළිලා ගියත් අදදිගු ...
රතු රෝස දියවී බිම වැටීහිරු සඳු ද සැඟවී අඳුරු වීකළු මේඝ තිරයෙන් නුබ වැසීවැසි ඒවි වේගෙන් ඇදීඇස ගාව පිපිලා රත් කුසුම්හද ගාව රැඳිලා සුවඳකින්සිටි කාලෙ කිමදෝ නිම වුණේමල් නටුව පඳුරෙන් මිදේමතු ඈත දවසක අප යළිත්හමු වේවි නැවතත් අහඹුවෙන්පරවූ අපේ ඒ පෙම් කුසුම්සැනසේවි නටඹුන් බලා ...
මෙන්න කඳුළු බින්දුවක් . . .මොන ඇහැකින් වැටුන ද?සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?හිත පාරා රිදුම් දෙද්දිහඬනා ඇසකින් වැටුන ද මන්දා . . .පැතූ පැතුම් සඵල වෙලාසිනා වෙද්දි සිත පුරවන්සතුටට වැටුණ ද මන්දා . . .යුද්දෙට ගිය සිය සැමියාසීල් කරපු පෙට්ටියකින්ගෙදරට ගේනා වෙලාවෙඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .සල්ලි ගරන උපායකටඅනුන්ගෙ දුක උකස් කරනඩොලර් කාක්කෙකුගෙ ඇසින්කිඹුල් කඳුළු බිඳු ...
එල්ලිලා අතු අගෙකපාද ඇත උඩ අතටහිස බිමට වූ බැවිනමොළය ඇත හිස තුළම . . . !රැහැන් අතරෙහි වැදීමියෙන මුත් සැර වැදීනොදනිමු ය අප වරදපය ගසනු තැන් නොහී . . .උඩු වියන් පාවඩයකොන්ක්රීට් මුතු කුඩයඅතර පියඹා යමු දසොයා අර සඳ මඬල . . .දිවා කල ගස් සෙවණරෑ කලෙහි සඳ එළියදුටුවෙමු අඳුරෙහි එළියනොදැක එළියෙහි අඳුර . . ! ...
නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරාකොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරාඑමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරාඅමිල තිලිණයක සොඳුරිය සඳයි සරා සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවසපඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවසඅඳුරු සෙවණැලිත් පලවා හැර සවසකඳුරු දිය සොයමු නිවනට පෙම් පවසලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැටපවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙටසවන් පුරා දොඩනා බස් ගැටෙන විටගුවන් ගැබට පියඹන්නට හිතයි මට ...
පන්සියක් වසර වූතෙදවත්ව නැඟී සිටිවිහිදනා අතුපතරසෙවණ දෙන බොහො දෙනටබලනු මැන බුරුත ගසපනස් වසර වූතෙදවත්ව නැඟී සිටිකඳ මහත බඩ මහතබඩේ රැළි බෙල්ලටබලනු මැන සුනබ තෙමපැමිණ සැප රිය අරාබුරුත ගස සමීපෙටදෙකකුලින් යන සුනබයා කීය, ”හ්ම් . . .“චේන් කියතේ මහ හඬනැගෙන පොරෝ හඬමුසු වෙච්ච විලාපයසියොත් කැළ, වඳුරු මුළපැන දුවයි තුරු හිසටඅවසන . . .ඇද වැටිණි මහ හඬ නඟාතුරු රජුන්යුගයක අවසානයසුනබ තෙම හිනැහිණිය“හහ්, ... | hplt_2 |
දරුවකු තරම් වටිනා සම්පතක් මේ ලෝකේ තවත් නැහැලුනේ. ඒත් සිඟිති මුවක සුරතල් දකින වරම, වාසනාව උරුම නැහැ හැමෝටම. ඒකටත් පෙර කළ පින් තියෙන්නම ඕනෑ.අපේ ගායන ලොවේ සොඳුරු රුවැත්තියකට ඔන්න දැන් ඒ පින පල දෙන්න යනවලු. කවුද ඒ වාසනාවන්තිය? ඇය නදිනි ප්රේමදාස. මීට තෙවසරකට පමණ පෙරාතුව යුග දිවියට පා තැබූ නදිනි දැන් ඉන්නේ ඒ උතුම් මවු පදවිය අබියස.මේ පුවත සැලවුණාම අපි ...
අග්රාමාත්යවරයා මෙන්ම බුද්ධ ශාසන අමාත්ය හා ආගමික කටයුතු අමාත්ය දි.මු. ජයරත්න වහාම අත්අඩංගුවට ගත යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්රකාශය ගැන ඊයේ (10) පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා.ඒ විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්රීවරයා ඒ පිළිබදව අදහස් පළ කිරීමත් සමගයි. පසුගිය දා රේගු අත්අඩංගුවට පත්වූ මත්කුඩු කන්ටේනරයක් මුදා හරින ලෙසට අග්රාමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යවා ...
සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රිඩාංගනයේ නඩත්තුව වෙනුවෙන් වසරකට රුපියල් එක්කෝටි අනුඅට ලක්ෂ හැත්තෑ තුන්දහසක මුදලක් වැය වන බව ක්රිඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි අඟහරුවාදා (10) ප්රකාශ කළේය.එසේ වුවද එම ක්රිඩාංගනයෙන් අපේක්ෂිත මාසික ආදායමක් නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය. දැනට මෙම ජාත්යන්තර ක්රිකට් ක්රිඩාංගනයේ පවත්වන්නේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්රහකත්වය දක්වන ක්රිකට් තරඟ සහ ප්රදේශයේ සිමිත පාසැල් තරඟ කිහිපයක් පමණක් බවද ඇමතිවරයා ...
ප්රාදේශීය හා පළාත් බල මණ්ඩල ලෙස වනිතා සමිති වඩාත් ශක්තිමත් කර පළාතේ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම අවම වශයෙන් තෝරාගත් වනිතාවන් 100කට ඵලදායී ස්වයං රැකියා පුහුණුවක් ලබා දී ඔවුන්ගේ පවුලේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි ස්වයං රැකියා අවස්ථා තම ප්රදේශය තුලම ඇති කරවන බව වයඹ පළාත් ප්රධාන අමාත්ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කරයි.තවද අමාත්යවරයා ප්රකාශ කර සිටියේ ජනාධිපතිතුමන්ගේ ...
අර්ථ සාධක අරමුදල් රජය විසින් කෙසේ ආයෝජනය කරනවාද යන්න පිළිබඳව මහජනතාවට දැන ගැනීමේ අයිතිය ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.මේ වන විට අර්ථ සාධක අරමුදලේ ත්රිලියන එකයි කාලක එනම් රුපියල් කෝටි එක් ලක්ෂ විසි තුන් දහසක මුදලක් ඇති බව අද (10) කොළඹ පැවති මාධ්ය හමුවකදී ඔහු සඳහන් කළේය.එසේම එම මුදල් බංකොලොත් ආයතන සඳහා ආයෝජනය කිරීමෙන් වළකින ...
තමන් ඊයේ දිනයේද මන්ත්රීනී අපේක්ෂා ස්වර්ණමාලී සමඟ ඩාන්ස් එක්ක දැමූ බව ඒජාප පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පවසයි.පාර්ලිමේන්තුවේදී ඊයේ දින පැවති විදේශ රැකියා හා ප්රවර්ධන අමාත්යංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ඒ මහතා සඳහන් කලේ රටවිරු රියල් ස්ටාර් වැඩසටහන සමඟ මන්ත්රීනීයන් වන උපේක්ෂා ස්වර්ණමාලී සහ මාලනී ෆොන්සේකා රටවල් පුරා සංචාරය කරද්දී විශාල ලෙස මුදල් ගෙවා ඇති බවයි.ඊට පිළිතුරු දෙමින් මන්ත්රීනී ...
මහින්ද රාජපක්ෂ මහතා ජනපති පත්වීමෙන් පසු එම පවුලේ අය ත්රිලියනපතියන් බවට පත්ව ඇති බවත්, අය වැයෙන් ඔහුට කෝටි 856ක් වෙන්කර ගෙන ඇති බවත්, දළ වශයෙන් ජනපතිගේ දිනක වියදම කෝටි 2ක් බවත් එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්ය තිනියාවල පාලිත හිමියෝ පවසති.පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හා පුවත්පතක් සමග එක්වී සජිත් ප්රේමදාස එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ යැයිද ශිරාණි බණ්ඩාරනායක හා සරත් එන්. ...
මැඩම්ගේ බූරු පොළ කථාවේ ‘හුලා’ මොකාදැයි සොයන්නට රටේ ජනතාව මෙන්ම මැති සබයද වෙහෙසෙන අතරේ ඉකුත් සතියේ පළ කෙරුණු සලාකා නෙත්තිකුමාරගේ ඇත්ත කථාවෙන් සැගවුණු ‘හුලා’ ගේ නිරුවත රටට ප්රදර්ශනය වූයේ කෙනෙකු වසලයෙකු වන්නේ උපතින් නොව කි්රයාවෙන් යන සත්ය බුදු වදන අපට සිහිපත් කරමිනි.‘හුලා’ එසේ හෙළි වෙද්දී එම බූරු පොළේ සිද්ධිය හමුවේ කියැවුණු කථා හේතුවෙන් ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බරපතල ප්රහාරයක්ද වැදෙන්නට ...
අභාවප්රාප්ත නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු අප්රිකාව බලා හෙට පිටත්ව යන බව ජනපති ප්රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපතිවරයා සහභාගි වන බව තහවුරු නොකළ ආරංචි මාර්ග මීට පෙර අනාවරණය කරන ලදී.කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීමට යන බව ජනපති ප්රකාශකවරයා කීවේය.මැන්ඩෙලා මහතාගේ ජීවිතය හා ඔහුගේ දර්ශනය ...
මාතලේ දිස්ත්රික්කය තුළ ඒඩ්ස් පැතිර යාමේ අවදානමක් කලාප දෙකක් හදුනා ගෙන තිබේ . දඹුල්ල සහ උකුවෙල කොට්ඨාශ ඒඩ්ස් පැතිර යාමේ අවදානම් කලාප ලෙස හදුනා ගෙන ඇති බව සෞඛ්ය අංශ කියයි.මාතලේ දිස්ත්රික් ලිංගාශ්රිත රෝග පිළිබද ඒකකය කළ සමීක්ෂනයක් අනුව මෙම අවදානම පනවා තිබේ . 2012 වසරේදී දිවයින තුළින් රෝගින් 808 දෙනෙකු හමුවූ අතර දඹුල්ල සහ උකුවෙල කොට්ඨාශ වලින් පමණක් රෝගින් 07 ...
ගල්කිරියාගම වෙහෙරගල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ පුරාවිද්යා වටිනාකමක් ඇති බවට සැලකෙන බුදුපිළිමයක් පැහැරගෙන ගොස් කුළුගෙඩිවලින් ගසා කඩා බි`ද විනාශ කර දැමීමේ චෝදනාවකට සැකපිට එම විහාරයේ විහාරාධිපති හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ගල්කිරියාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඉකුත් 30වැනිදා රාති්රයේ සැකකරුවන් විසින් මෙම පිළිමය හොර රහසේ තිබූ ස්ථානයෙන් සිට මීටර් 100ක් පමණ දුර පෙරළාගෙන ගොස් කැළයක දමා ...
ඉන්දියාවේ කේරළයේ වෙළෙඳසැලක් අසල නිදාසිටි පුද්ගලයෙක් යෝධ පිඹුරකු විසින් ගිල දමා ඇත.මෙම පිඹුරා එම පුද්ගලය ගිල දැමීමෙන් පසු එකී වෙළෙඳසල අසල සිටියදී ප්රදේශවාසීන්ට හමු වී තිබේ.පසුව පිඹුරා මරා සිරුර ඉවතට ගෙන ඇත.bkaÈhdfõ flar<fha fjf<|ie,la wi, ksodisá mqoa.,fhla fhdaO msUqrl= úiska .s, oud we;'fuu msUqrd tu mqoa.,h .s, oeófuka miq tlS fjf<|i, wi, isáh§ m%foaYjdiSkag yuq ù ;sfí'miqj msUqrd urd isrer ...
ජගත් කීර්තිධර සංගීතඥ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ 86 වන ජන්ම දිනය අද (05) යෙදී තිබේ.දශක ගණනාවක් මුලුල්ලේ සංගීත ක්ෂේත්රය අරභයා ප්රශස්ත මෙහෙවරක යෙදෙන සම්භාවනීය ඝාන්ධර්වයෙක් ලෙස අමරදේවයෝ ගෞරවාදරයට පත්ව සිටී.ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්යා පීඨයෙන් අධ්යාපනය හැදැරූ අමරදේවයන් පසුව ලංකාවට පැමිණ ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.වයලින් වාදකයෙකු ලෙස සංගීත දිවිය ඇරඹූ අමරදේවයන් මෙරට සංගීත ...
කොළඹ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය එන්ජිමක් හදිසියේ පණගැන්වී ධාවනය වී තිබේ.දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා සඳහන් කළේ අද අලුයම (05) 01.45 ට පමණ මෙම දුම්රිය එන්ජිම පණ ගැන්වී ඇති බවයි.ධාවනය වු දුම්රිය එන්ජිම ගල්කිස්ස ප්රදේශයේ දුම්රිය මාර්ගයේ දී කොළඹ සිට ගිය දුම්රිය නිලධාරීන් විසින් නතර කරගෙන තිබේ.කෙසේ වුවද මෙම සිද්ධියෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රිය එන්ජිමට හානියක් සිදුව නොමැති ...
පසුගිය පළාත් සභා මැතිවරණයේදී මාතලේ දිස්ත්රික්කයෙන් පළමු තැනට පැමිණ මධ්යම පළාත් සභවේ විපක්ෂ නායක ධුරයට පත් රංජිත් අලූවිහාරේ මහතා විසින් තමන්ට උදව් කල මන්ත්රීවරුන් ඇතුළු හිතවතුන් වෙනුවෙන් පසුගිය සති අන්තයේ භෝජන සංග්රහයක් පැවැත්වීය. ඒ කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේය.මන්ත්රී සජිත් පේ්රමදාස සමඟ වසන්ත අළුවිහාරේ, ඉමිටියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාල, චන්ද්රාණි බණ්ඩාර ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.‘අලූත් තනතුරත් එක්ක ...
දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 10 දක්වාමුදල් ලාභ, වෘත්තීය වරප්රසාද හිමි කරන බුධ සිකුරු මාරුවමෙම මස පළමු වැනිදා බුධ ග්රහයා වෘශ්චික රාශියට පැමිණියේය. සිකුරු ග්රහයා දෙසැම්බර් 5 වැනිදා දහවල් 2.15ට මකර රාශියට පැමිණේ. මෙම ගුහ මාරු දෙකේ බලපෑම හේතුවෙන් මේෂ, සිංහ, කන්යා, තුලා, වෘශ්චික, ධනු සහ මකර ලග්න හිමියන්ට විශිෂ්ට ප්රතිපල උදා කරමින් බලාපොරොත්තු මල්පල ගැන්වෙන කාලයක් උදා වේ.ජ්යොතිෂයට අනුව මෙම ...
සුළු අපනයන භෝග ප්රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දියණියක වන මුදිතා සංජීවනී කුරේ මහත්මිය හදිසියේ අභාවප්රාප්ත වූවාය.ඇය කොළඹ විශ්වවිද්යාලයේ කථිකා චාර්යවරියකි. කැලණිය විශ්වවිද්යාලයේ දර්ශනපති උපාධියට සූදානම් වෙමින් සිටි සංජීවනී මහත්මිය දර්ශනපති උපාධිය සඳහා පසුගිය සිකුරාදා (30 වැනිදා) සිය දේශනය ඉදිරිපත් කරමින් සිටියදී පරික්ෂණ මණ්ඩලය ඉදිරියේම සිහිසුන්ව බිම ඇද වැටී තිබේ. එම සිද්ධියෙන් පසුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු ඇය අනතුරුව රාගම ...
වත්මන් රජයේ ඇමැතිවරු 9 දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා 111ක් පමණ ලැබි ඇතැයි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්රමලත් ෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජී. ද බාලපටබැඳි මහතා පවසයි.ඇමැතිවරුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඔවුන්ගේ නම් හෙළි කළ නොහැකි බවද සභාපතිවරයා කීය.ඒ මහතා එසේ ප්රකාශ කළේ ලබන 9දාට යෙදෙන ජාත්යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම නිමිත්තෙන් කොළඹ අල්ලස් කොමිෂන් සභා මූලස්ථානයේ ඊයේ ...
අධික ලෙස බීමතින් පැමිණ නිවසක් ගිනි තබා විනාශ කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය පවසයි.ඊයේ දින(02) රාත්රීයේ 11.00 ට පමණ දංකොටුව - තාමරකුලියේදී මෙම ගිනි තැබීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.තමන්ට අයත් ගඩොල් කර්මාන්ත ශාලාවේ සේවය කරන සැකකාර කාන්තාව එම කර්මාන්ත ශාලාවට ආසන්නයෙන් ඉදිකර ඇති කම්කරු නිවසක පදිංචිව සිටින බවත්,සිද්ධිය වු අවස්ථාවේදී අධික ලෙස ...
තම බිරිඳගේ පළමු කසාදයේ දියණිය වන වයස අවුරුදු 17 ක තරුණියක වරින් වර දුෂණය කළ බව කියන සුළු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.මාදම්පේ - මැල්ලවාගාර පදිංචිව සිටි තරුණියක මෙම අතවරයට මුහුණ දී ඇත.අතවරයට පත්ව ඇති තරුණිය වයස අවුරුදු 02 ක පමණ කාලයේදී ඇයගේ පියා මිය ගොස් ඇති අතර පසුව මව වෙනත් විවාහයක් කරගෙන ... | hplt_2 |
වනාන්තර පිළිබඳ දත්ත එක්රැස් කිරීම
වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීම යනු වනාන්තර පිළිබඳ විශ්ලේෂණය සහ තක්සේරුව සඳහා සමස්ථ දත්ත එකතු කිරීම සහ අදාල සියලු තොරතුරු ලබාගැනීමයි.මෙය දැව ලබා ගැනීමේ විභවතාව ලෙසද හඳුන්වයි. වනාන්තර හිමිකරුවන්ට ලබාගතහැකි දැව පරිමාවේ විභවතාවය දැන සිටීම දැව ප්රමාණය තක්සේරු කිරීමට සහ දැව වල ප්රයෝජන පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත්ය. වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේදී ශාක විශේෂය පපුවට සමාන උසකින් ගසෙහි විෂ්කම්භය ගසෙහි උස ,වනාන්තර බිමෙහි තත්වය, ගසෙහි වයස සහ වනාන්තරයේ දුර්වලතා සැලකිල්ලට ගනී. මෙම දත්ත මගින් අක්කරයක ඇති ශාක සංඛ්යාව , ශාක වල පාදස්ථයේ වර්ග ප්රමාණය, වනාන්තරයේ ශාක පරිමාව සහ දැව පරිමාව ගණනය කළ හැක. මෙම ගණනය කිරීම් වලට අමතරව වෙනත් හේතු සඳහාද ලේඛනගත කිරීම වැදගත්ය. මෙහිදී වනාන්තර වල ඇතිවන ගිනි වල අහිතකර තත්ව සහ ගිනි සඳහා හේතු සහ අවදානම පිළිබඳ දත්ත ලබා ගැනීමට මෙම දත්ත යොදා ගනී. මෙම ප්රතිඵල මගින් ගිනි වැලැක්වීම හෝ ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබේ. වන ජීවීන් පිළිබඳ දත්ත රුස්කිරීම මගින් වනය තුළ වනජීවී වර්ග සහ සංඛ්යාව පිළිබඳ තොරතුරු ලබාගත හැක. ඉතිහාසය වනාන්තර පිළිබඳව සමීක්ෂණ කිරීම හා ලේඛනගත කිරීම 18 වන සියවසේදී යුරෝපයේ දී ආරම්භ විය. මෙයට හේතු වූයේ ඉන්ධන සඳහා පරිභෝනය කරන දැව ප්රමාණය අඩුවීගෙන යාමයි. පළමුව දැව පරිභෝජනය පිළිබඳ දත්ත සිතියම්ගත කරන ලදී. 19 වන සියවසේ මුල් භාගයේ දී වගාකරුවන් දැව පරිමාව සහ කුඩා පරිමාණයේ වනාන්තර ප්රමාණය පිළිබඳ දත්ත සියැසින් දැක විශ්ලේෂණය කරන ලදී. ප්රමාණයෙන් විශාල වනාන්තරද මේ ආකාරයට විශ්ලේෂණය කිරීමට කුඩා කොටස් වලට බෙදා වෙන් කරන ලදී. මෙම කුඩා කොටස් වල දත්ත ඇස්තමේන්තු කර සම්පූර්ණ වනාන්තරය පිළිබඳ අදහසක් ලබා ගන්නා ලදී. ශාකයක කඳෙහි විෂ්කම්භය උස හා පරිමාව අතර නව සම්බන්ධතා සොයාගන්නා ලදී.මෙම සොයාගැනීම් විශාල වනාන්තර වල දත්ත විශ්ලේෂණය පහසු කරයි. 1891 සිට විශ්ලේෂණය සඳහා සාම්පල් නියැදි පදනම් කරගත් ක්රම සහ සංඛ්යානමය විශ්ලේෂණ ක්රම යොදාගන්නා ලදී. 20වන සියවසේදී සංඛ්යානමය ක්රම හොඳින් ස්ථාපනය වූ අතර බහුලව භාවිතා කිරීම ආරම්භ විය. තවද අසමාන සම්භාවිතා සාම්පල ක්රමය ආරම්භවිය. 20 වන සියවසේ නව තාක්ෂණික ක්රමයක් ලෙස පර්ගණකය හා පරිගණක දත්ත පදනම් කරගත් සාම්පල විශ්ලේෂණය වඩා කාර්යක්ෂමව වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමට යොදාගන්නා ලදී. සම්මත පරීක්ෂණ ක්රම වර්තමානයේ බහුලව භාවිතා කරන වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේ ක්රමය වනුයේ වනාන්තරයේ ශාකවල වයස , ශාක විශේෂ සැකැස්ම සහ පිහිටීම පදනම් කරගෙන සමාන ලක්ෂණ සහිත වනාන්තර එකට වර්ගකර සිදුකරන අහඹු සාම්පල් කිරීමේ ක්රමයයි. මෙහි මීලඟ පියවර වනුයේ අහඹු ස්ථානයක් තෝරාගෙන වක්රකාර බිමි කැබලි සමාන දුරකින් වෙන්කර ගැනීමයි.දත්ත ලේඛනගත කිරීමේදී කුමන බිම් කොටසෙහි (plot) දත්ත ගන්නවාද යන්න තීරණය කළ යුතුය. මෙහිදී විවිධ බිම් කොටස් පවතී. එනම් ස්ථිර අරය සහිත (fixed radius) සහ වෙනස්වන අරය සහිත (variable radius) හෙවත් ප්රිස්මාකාර අරය සහිත (prism radius) බිම් කොටස් ලෙසයි. ස්ථිර අරය සහිත බිම් වල මිනුම් ගන්නා ස්ථානයේ සිට සමාන දුරකින් ශාක පිහිටයි. Variable radius බිම් කොටස් වනාන්තරයේ ශාක පරිමාව ලබා ගැනීමට යොදා ගනී. මෙහිදී කොණයක් තිබිය යුතුය. මෙහිදී (plot) හි ක්ෂේත්රයේ සිට කෝණය ගෙන එයට වඩා විශාල ශාක මනී. | hplt_2 |
ත්රීකුණාමලයට සිංහල ඇමතිවරයෙක් ඕනෑ
September 23, 2012 10:29 pm
නැගෙනහිර ජනතා එකමුතුව විසින් අද (23) පෙරවරුවේ ත්රීකුණාමලයේදී පවත්වන ලද මාධ්ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පවසන ලදී.
එහිදී දෙහිඕවිට පියතිස්ස හිමියන් මෙසේ ද පැවසූහ.
“දැන් මේ වෙන කොට ප්රධාන අමාත්යධුරය පිරිනමලා අවසන්. අමාත්යධුර දෙකකුත් පිරිනමලා අවසාන බව ආරංචි ලැබිලා තියෙනවා. තවත් අමාත්යධූර දෙකක් ලබා දීමට තිබෙනවා. එම නිසා අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය මේ වෙලාවේ කල්පනා කල යුතුයි, ත්රීකුණාමලයට සිංහල නියෝජනයක් සහිත අමාත්යධුරයක් ලබා දිය යුතුය කියලා. එහෙම වුණොත් ඒක සාධාරණයක් ඉෂ්ඨ වුණා කියලා හිතන්න පුළුවන්. එම සාධාරණය ඉෂ්ඨ කරන්න නම් වැඩිම මනාප ගත්ත අත්දැකීම් බහුල ත්රීකුණාමලය දිස්ත්රීක්කය නියෝජනය කරන කෙනෙකුට අමාත්යධුරයක් ලැබෙන්න ඕනේ.”
“අපි දන්නවා පසුගිය පළාත් සභාවේදිත් අමාත්යධුර හිමිවුණේ අම්පාරට හා මඩකළපුවට. එම තත්ත්වය මෙවරත් ඇති වෙමින් පවතින බවක් තමයි පෙනෙන්නේ. මේ වන විට ප්රධාන අමාත්ය තනතුර ලබාදීලා තියෙන්නේ ත්රීකුණාමලය දිස්ත්රීක්කයේ මනාප ලැයිස්තුවේ තුන්වැනියට. ඒ ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසයි. හැබැයි ත්රීකුණාමලය දිස්ත්රීක්කයේ වැඩිම මනාප ගත්ත ආරියවතී ගලප්පත්ති මහත්මියට කිසිම තනතුරක් ලබාදෙන බවක් කිය වෙන්නේ නැහැ. ඒ එතුමිය සිංහල නිසාද? අපි දන්නවා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අප සමාජයේ පුළුල් කතිකාවක් තිබෙනවා. ඒ අනුව බැලුවමත් එතුමියට තනතුරක් ලබාදීම ඉතාමත් සුදුසුයි.”
ත්රීකුණාමලය දිස්ත්රීක් හිටපු එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායිකා රංජනී සේනසිංහ මහත්මිය දැක්වු අදහස්.
“මේ දිස්ත්රීක්කයේ ජනතාව නිහඬව දීලා තිබෙන මෙම පණිවිඩය සුළු කොට තැකිය නොහැකියි. මේ පණිවිඩය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. මොකද අපි ජනතාවගේ පණිවිඩ නොසලකා හැරීම තමයි විවිධ ප්රශ්නවලට අරගලවලට හේතුව වන්නේ. එහෙම නම් ඇයි, ත්රීකුණාමලය දිස්ත්රීක් ජනතාව මේ වතාවේ මේ පණිවිඩය අපිට ලබා දුන්නේ. ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමා ජනමතයට හිස නමලා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරයි කියලා.”
ත්රීකුණාමලය දිස්ත්රීක් හිටපු ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායක දයානන්ද ජයවීර මහතා දැක්වු අදහස්.
“2008 පිහිටවපු පළාත් සභාවේ සම්පුර්ණ බලතල ලැබුණේ, අම්පාරට හා මඩකළපුවට. ත්රීකුණාමලයට ලැබුණේ සභාපතිකම පමණයි. ඒ වෙනුවෙන් අපි මෙවර වන්දි ඉල්නවා. ඒ අමනාපයෙන් හෝ වෙනත් අදහසකින් නෙවෙයි. ජනතාවගේ සිතුම් පැතුම් ජයග්රහණය කරවීමේ අරමුණින්. බොහෝ අවස්ථාවලදී ත්රීකුණාමලයට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි බව අමුතුවෙන් කිවයුතු නැහැ. බොහෝ විට මේ තනතුරු බෙදී යන්නේ, ජාතිකත්වය පදනම් කරගෙන බව ඉතාමත් පැහැදිලියි. එහිදී අසාධාරණය සිද්ධ වෙන්නේ වැඩිම මනාප ගත්ත අත්දැකීම් තිබෙන කෙනෙකුට නම් ඒක ඔහුට නෙවෙයි ජනතාවට කරන අසාධාරණයක් බව අප මතක් කල යුතුයි” යනුවෙන් කියා සිටියේය. | hplt_2 |
කෙල්ලො ටික බයේ ගැහෙති.
නොසෙල්වී ඉන්නට උත්සාහ ගන්නා අම්මාගේ අත වෙව්ලයි. වීදුරුව පිරෙන්නට පුරවා තිබූ බීම ඉහිරෙන්නට ඔන්න මෙන්න.
තාත්තා තවමත් ඔවුන් වෙතින් ඇස් ඉවත් කර නැත. එය අසනීපයෙන් පසු ඔහු වෙතින් දැකි එවැනි දෙවන උත්සාහයයි.
“ආයෙත් කියන්න,” පැතිර තිබු නිහඬතාවය මැද ලීලා රහසින් කීවාය. කෙල්ල හිස සොලවන්නේ ලීලාගේ දෙමාපියන් ඉදිරිපිට දී තහනම් පොතක නමක් හඬගාන්නට ඇති බලවත් අකමැත්ත නිසයි.
“ප්ලීස් … ඒක පොතක නමක් විතරයිනෙ,” ලීලා පින්සෙණ්ඩු වෙයි.
ඔඩොක්කුවට වැටී සිටි යෙහෙළියව තල්ලු කරමින් කටකාරියක් වූ කෙල්ල “ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා,” යැයි තාත්තා දිහා බලාගෙන එක එල්ලෙම නොපැකිළව කියුවාය.
තාත්තාගේ මුවේ යාන්තමින් සිනාවක් ඇඳී ගියේය. කෙල්ලන් තුල වූ බිය ද මඳක් තුරන් විය. එහෙත් ඉස්තෝප්පුවේ සිටි කිසිම අයෙක් ඒ විජයග්රහණය කුමක් දැයි ලීලා තරමින් දැන සිටියේ නැත.
ලීලා පුටුවෙන් නැඟිට උළුවස්ස අසල තවමත් සිටගෙන ඉන්නා අම්මාගෙන් වීදුරුව ගන්නට අත පෑවත් ඇය හිස සලා තාත්තා වෙත ඇවිද ගියේ සිද්ධ වූ හාස්කම කුමක් කියා පහදා ගත නොහැකිව.
බීම වීදුරුව පොවද්දී තාත්තා අම්මා දිහා බැලුවේ දන්නා කෙනෙක්ගේ නමක් මතක් කරගන්නට දරනා වැනි උත්සාහයකිනි. වෙනදා කිසිත් අවධානයක් නොදෙන තාත්තා ගත් මේ උත්සාහයෙන් අම්මාගේ දෑස් කඳුලින් තෙත් වී ඇත. තත්වයේ බැරෑරැම්කම නොදන්නා කෙල්ලො ටික නැවතත් සතුටු සාමීචිය පටන් ගත්හ. තහනම් පොතක නමක් කියා වැඩිහිටියන් දෙදෙනෙකු වෙතින් බැනුම් අහන්නට සිද්ධ නොවීම ඔවුන් පුදුමයට පත් කළත් එයම ඔවුන්ගේ සැනසුම විය. වරදකින් ගැලවුනා යැයි සිති ඔවුන් ගැලවුනේ කෙසේදැයි හාරා බලන්නට ගියේ නැත.
“පොත කාගේ ද?” ඔවුන්ගේ හිස් බස් අතරට එකතු වෙමින් ලීලා අසයි.
“අපොයි ඒක කියන්න බෑ,” ඔවුන් කල්ලිය අතරට පොත හඳුන්වා දුන් තැනැත්තිය කියයි.
“කා ළඟ ද දැන් තියෙන්නෙ?” ලීලා ඔවුන්ගේ මුහුණු පිරික්සයි.
“මෙයා කියෝලා ඉවර වුනාම මගේ වාරය,” රතු වූ මුහුණ උරහිසක සඟවන්නට තැත් ගත් දැරිවියක් ළඟ අසුනේ සිටියෙක්ව අතින් පෙන්වයි.
“ඊ ළඟට පොත මට දෙන්න?” ලීලා ඉල්ලයි.
සියල්ලන් ම බැලුවේ තාත්තාට තවමත් බීම වීදුරුව පොවන අම්මා දිහා ය. ලීලාට පොත දී ඔවුන් අමාරුවේ වැටෙන්නට කැමති නැත. ලීලාගේ දෙමාපියන් වෙතින් තම දෙමාපියන් වෙතට කතාව ඇදී යනවාට ඔවුන් කිසිවෙක් කිසිසේත්ම කැමති නැත.
අම්මා ඔවුන් කියූ කිසිවකට සවන් දී ඉන්නා පාටක් නොපෙනෙයි.
“අම්මේ, මම මේ “ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා” පොත කියෙව්වට කමක් නෑනේ?” ලීලා මහ හඬින් ඇසුවාය.
තාත්තාගේ මුවේ නැවතත් යාන්තමින් සිනාවක් පැතිරිණ. ඔහු තම මුවට තැබූ වීදුරුව අල්ලා ගත් අත ඉතා සුමුදු ලෙසින් අල්ලා බැලුවේ ය.
“කමක් නෑ ලීලා, මං හිතන්නෙ තාත්තත් ඒ පොත කියවලා තියෙනවා ද කොහෙද?” අම්මා මුහුණ දිගේ බේරේන කඳුළු පිසමින් කියන්නීය.
“ආන්ටි කියවලා නැද්ද?” කටකාරිය සෙමෙන් අසයි.
“මං ඔය නවකතා කියවන කෙනෙක් නෙමෙයි දුවේ, තාත්තා තමයි ඒවට හපනා” අම්මා ඔහුගේ මුහුණෙන් දෑස් ඉවත් නොකරම කෙල්ලෝ දිහා නොබලාම කියන්නේ ඉතා ප්රීතියෙන්.
කෙල්ලො ටික එකිනෙකාගේ මුහුණු බලාගත්හ. ලීලා ඔළුව දෙපැත්තට වැනුවේ පොත තහනම් පොතක් බව එතැන හෙළිකරන්නට එපාය කියාය. | hplt_2 |
රටට තට්ටු කර ‘ටච්වුඩ්' පැන යයි
ජනපති නියෝගයෙන් ෆීලික්ස් රාජිතට පහර දෙයි!
නාමල්ට පිටුපෑ අධිකරණ සේවා ලේකම් නෙරපීමට යයි!
නිළ ඇඳුම් බෙදාදීමට මහ උත්සව තිබුණත් පාසල් ළමුන්ට නිළ ඇඳුම් ලැබී නෑ
තාත්තා ඉගැන් වූ හොඳම පාඩම සමාව දීම - මැන්ඩෙලා දියණිය
බැසිල් දිගටම විදෙස් ගත වෙයිද?
රජය සහ ප්රජාතන්ත්රවාදය
මැන්ඩෙලා මදීබා! - ලයනල් බෝපගේ
හමුදාව සඳහා ආහාර සැපයුම්කරුවන්ට පොල්ලක්
බැසිල්ට පොත මාරුවෙයි
ලලිත් -කූගන් පැහැරගෙන අදට වසර දෙකයි
ජනපති හුළුගල්ලට දෙහි කපලා
අති විශේෂ
එල්ටීටීඊ යක් යලි ගොඩ නැගීමට ගෝඨාගෙන් අවි සහ මුදල්!
මේ වන විට දේශීය වශයෙන් අක්රීයව පවතින එල්ටීටීඊ සංවිධානය සහ...
විදේශ කටයුතු අමාත්යංශයේ ලේකම්ධූරය ක්ෂෙනුකාටද?
අප කලින් වාර්තා කළ අන්දම රාජපක්ෂ ආණ්ඩුව විසින් විදේශ අමාත්යංශයේ කටයුතු...
සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්!
ජනාධිපතිගේ රහස්ය මූල්ය උපදේශක විදේශ අමාත්යංශයේ අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා...
නවතම පුවත්
මාතර මහේස්ත්රාත් හොරු සමග හෙළුවෙන්!
මාතර අතිරේක මහේස්ත්රාත් මංජුල කරුණාරත්න අද (11) තමා විසින් කලින් නඩු දිනයේ ලබාදුන් නියෝගයක් එය අත්වැරදීමකින් සිදු වූයේ යැයි පවසා ඔහු විසින්ම අවලංගු කිරීමේ හාස්ය ජනක පුවතක් මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් වාර්තා වේ.
පිරිවෙන් ගුරුවරුන්ට ලබාදෙන සහන ආධාර ලබන පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට ද ලබාදිය යුතුයි
මෙවර අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට රජයේ සේවකයින් බුක්තිවිදින ආපදා ණය, දේපළ ණය, අග්රහාර රක්ෂණය හා දුම්රිය වාර ප්රවේශපත්ර ලබාදීමට යෝජනා තිබූ යෝජනාව හරහා ප්රතිලාභ ලබන...
සුනිලා අබේසේකර, සපිරුනු දිවියකට නොපිරුනු පෙරවදනක් - නිදහස් මාධ්ය ව්යාපාරය
සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි....
ලලිත්-කුගන් නිදහස් කරනු! - පැහැර ගැනීම්, අතුදහන් කිරීම්වලට එරෙහි වෙමු!
ආණ්ඩුවේ හමුදාව විසින් පැහැර ගෙන යන ලද ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා ඇතුළු සියලු දෙනා නිදහස් කරන ලෙසත් පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් වහාම නතර කරන...
ත්රිකුණාමලයේ විරෝධතාවයට මැර ප්රහාරයක්
ජාත්යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (10) ‘සමගි’ බලවේගය විසින් ත්රිකුණාමලය නගරයේ පැවති සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස්...
විසදුමක් දුන් නැතොත් ආණමඩුවෙ ඡන්ද දායකයන් සමග පාරට බහිනව - අමාත්ය ප්රියංකර ජයරත්න
අලි මිනිස් ගැටුම මසක් තුල ආණ්ඩුව විසදා දුන්නේ නැත්නම් ආණමඩුව ඡන්ද දායකයන් සමග පාරට බසින බව සිවිල් ගුවන්සේවා අමාත්ය ප්රියංකර ජයරත්න මහතා පවසයි.
දෙවැනි වර අය වැය සැකසීම ජ්යෙෂ්ඨයකුගේ අධීක්ෂණයෙන්
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පළමුවර පරාජයට පත්වුවහොත් ඉන්පසු එය දෙවැනි වර සකස් කර ඉදිරිපත් කිරීම සන්ධානයේ ජ්යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත සිදු කිරීමට තීරණය කළ බව...
දැන් ආණ්ඩුවට ඉතිරිවෙලා තියෙන්නෙ වැසිකිලියට බද්දක් දාන්න විතරයි - රනිල්
‘මේ සැරේ හාල්මැස්සාගේ ඉඳලා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා වෙනකල්ම බදු වැඩිකරලා තියෙනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඊළඟට වැසිකිලියට එකක් දාන්න විතරයි. හැම අංශයේම එක අතකින් බදු වැඩිවෙනවා.' යැයි විපක්ෂ නායක හා එක්සත්...
ජනපති නියෝගයෙන් ෆීලික්ස් රාජිතට පහර දෙයි!
ධීවර අමාත්ය රාජිත සේනාරත්න මහතාගේ අමාත්යංශයේ කටයුතු හා ඒ සඳහා ඔහුගේ පවුලේ මැදිහත්වීම් අනාවරණය කරමින් සමාජ සේවා අමාත්ය ෆීලික්ස් පෙරේරා මහතා පසුගිය ‘ඉරිදා ලංකාදීප' පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත්තේ...
නාමල්ට පිටුපෑ අධිකරණ සේවා ලේකම් නෙරපීමට යයි!
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා එවන ලද මහේස්ත්රාත්වරුන් සහ දිසාවිනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ලේඛණය ප්රතික්ෂේප කරනු ලැබූ අධිකරණසේවා කොමිසමේ ලේකම් සිසිර රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කොට එකී ධූරයට නාමල්ගේ සමීපතම ආධාරකාරියක් වන ඛේමා...
විශේෂාංග
නිදහස වැජඹේවා: සැබෑ ශ්රේෂ්ඨ මිනිසෙකුගේ මරණය - කිෂාලි පින්තු ජයවර්ධන
මේ සතියේ අනූපස් වියැතිව සිටියදී මියගිය නෙල්සන් මැන්ඬේලාව රොබෙන් දූපතේ සිරගත කොට තැබූ සිරකුටියේ...
මැන්ඩෙලා අරටුව - තිසරණී ගුණසේකර
‘‘ෆැසිස්ට්වාදය, ජාතිවාදය, ඒකාධිපතිත්වය සහ යුද්ධය හරහා අපකීර්තියට පත්වූවන්ට ප්රතිපක්ෂව, විසිවැනි සියවස යම් මානව ප්රගතියක් සහිත...
මහජන පෙත්සම් - පාර්ලිමේන්තුව තුල අතහැරදැමුණු මෙවලමක් - අසෝක ඔබේසේකර
පාර්ලිමේන්තු මහජන පෙත්සම් යනු බ්රිතාන්ය පාර්ලිමේන්තු සම්ප්රදාය තුළින් ශ්රී ලංකාවට දායාද කරන ලද වැදගත්...
ශ්රී ලංකාව: ණයගැතිබව, හමුදාකරණය, සහ සකල මානව හිමිකම්වලට එරෙහි තර්ජනය - AHRC
අන්තර්ජාතික මානව හිමිකම් දිනය මානව අභිමානය සමරන දිනයකි. එහිදී, ශ්රී ලංකාවේ මානව හිමිකම් ප්රවර්ධනය...
අවනීතිය රජ වීම
හිංසනය දිගින් දිගට වර්ධනය වෙද්දී ඇති විය හැකි තත්වය ගැන බර්ටෝල්ට් බ්රෙෂ්ට් වරක් ලීවේය. මුලදී...
පොලිසිය කුමට?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා පැවැත්වූ මාධ්ය හමුවකදී හෙළිදරව් කළේ ලංකාවේ...
අසාධාරණ දෝෂාභියෝගය – ‘පැය හයකින්’ - යුක්තිය සඳහා වන නීතිඥයෝ
විපක්ෂ සාමාජිකයන් හතර දෙනා නොමැති, ‘පක්ෂග්රාහී කමිටුවක’ සොයා ගැනීම් මත පදනම්ව, නිදහසට කරුණු දැක්වීමට...
හෙටක් නොදන්නා පුරවැසියෝ - කුසල් පෙරේරා
වැසියෙකු යනු කොහේ හෝ රටක ජීවත් වන්නෙකි. එවැන්නකු රට වැසියෙකි. ලංකාවේ වෙසෙන්නේ නම් ලක් වැසියෙකි....
සාමාන්ය මිනිසාට (සහ සාමාන්ය බල්ලාට) රටක් නැත) - තිසරණී ගුණසේකර
හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින්...
මැරිල්ල, පොලීසිය සහ ආණ්ඩුව - සුනන්ද දේශප්රිය
නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය. කඹුරුපිටිය...
මානව හිමිකම්
ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට
තාලිබාන් වරුන්ගෙන් ගැලවී ආ ආකාරය පිලිබඳව ජනප්රිය පොතක් ලියූ ඉන්දීය...
උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්ෂි සහිතයි)
හොර හරක් ප්රවාහනය නිති විරෝධී ක්රියාවකි. හෙරොයින් ප්රවාහනයද නිති විරෝධී...
ව්යාපාරික
මාසයක් තුල අනුමැතිය නැත්නම් කැසිනෝ ව්යාපෘතිය වෙන රටකට ගෙනියනවා - ජේම්ස් පැකර්
කොළඹ පිහිටුවීමට යන කැසිනෝ ව්යපෘතිය සම්බන්ධයෙන් අදාළ අනුමැතිය හා බදු...
විදෙස්
තාත්තා ඉගැන් වූ හොඳම පාඩම සමාව දීම - මැන්ඩෙලා දියණිය
අභාවප්රාප්ත නෙල්සන් මැන්ඩෙලා ට අවසාන ගෞරවය දැක්වීම පිණිස දකුණු අප්රිකාවේ...
දිල්ලි මැතිවරණයෙන් ඉන්දීය ආණ්ඩුව පරාදයි
දිල්ලි අගනුවර ප්රාන්ත සභාවට සභිකයන් තෝරා ගැනීම පිණිස පැවැත්වුණු මැතිවරණයේදී...
තායිලන්ත අර්බුදය උග්ර අතට හැරෙන ළකුණු
විරෝධතා ව්යාපාරයක් ගෙනයමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර...
එදා කී කතා
රැවන්ගේ "මීළඟ මීවිත" සව්දිය පුරන්න එන්න
රුවන් බන්දුජීවගේ පළමු කාව්ය සංග්රහය "මීළඟ මීවිත" එළි දැක්වීමේ උළෙල,...
ජීවිතය අන්තැනකය ; පෝල් වෝකර්්ට යටවූ ලෝක ඒඩ්ස් දිනය
අද දෙසැම්බර් 9 වැනිදා නමුත් , දෙසැම්බර් 1 පළමු...
යුගයට තව බොහෝ "මදීබලා" අවශ්ය කර තිබේ
"මදීබා" ගොස් තිබේ. ඔහු නික්ම යන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන්...
අභිමන් ගමනක නොමියන මතකය සුනිලා – සමරු උත්සවය
මානව අයිතීන් ප්රවර්ධනයෙහි ලා ප්රභල ක්රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින්...
ධනේශ්වරයේ නිරුවත හෙළි කරන ‘‘මුහුදු සුසානයේ සැතපෙනු පිණිස’’
හිරු නොබසින අධිරාජ්යයට යටත්ව තිබු බොහොමයක් රටවල්වල විසූ ජනයාගේ සංස්කෘතිය,...
සයිබර් පවුර
නෙළුම් යාය සහෘද සමුහය
‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා!
“ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?'' දැනට වසර පහකට පෙර... | hplt_2 |
ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....Go to SimilarSiteSearch.com ...
YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% WorkingDulara ගේ බ්ලොග් සටහන
කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක ...
Virus Guard ක්රැක් කරන්න කැමති නැද්ද?එහෙනම් මෙන්න Bitdefender IS and AV Plus 2013 With Genuine Serial NumbersDulara ගේ බ්ලොග් සටහන
කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල Hack Tools වගේ දේවල් තියෙන්න පුලුවන්...අපි පරිගනකයේ ආරක්ෂාවට කියා දමන වයිරස් ගාඩ් එකත් බොහෝ ...
ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....Requirements: Compatible with ...
මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික...Best YouTube downloaderBest YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition.All-in-one online web video downloaderDownload video from popular video sites like Facebook, Google Videos, Metacafe, eHow, Vimeo, MTV, BBC, Dailymotion, etc.Download HD YouTube videosDownload High Definition videos in resolution of 720p or 1080p, brings you ...
කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් ...
කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත ...
Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු}Dulara ගේ බ්ලොග් සටහන
කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්රසිද්ධ ප්රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they ...
කොහොම ද කස්ටිය එහෙම.....ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ...ඒකට සොරි වෙන්න ඕන.....මම ආපු නැති දවස් වල මේ බ්ලොග් එක ගොඩක් අය Follow කරල තිබුණ...ඒ වගේම Like කරලත් තිබුණ...ඒ අයට සහ දැනට අපිත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනව...හරි...ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.මම අද ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩක් ආස කරන සොෆ්ට්වෙයා කෑල්ලක්....ඒ ...
කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත ...
කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට පොඩි උදව්වක් කරන්න යන්නෙ....ඔයාලටත් තියෙනව ඇතිනෙ වෙබ් හෝ බ්ලොග් අඩවියක්...එම අඩවියට අමුත්තන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට ඔබට මෙය ගොඩක් ප්රයෝජනවත් වේවි...ඉතින් ඔයාලටත් මෙම අඩවියේ දැන්වීමක් ඵල කිරීමට අවශ්ය නම් පහත පියවර අනුගමනය කළ යුතු වේ.පළමුව අපගේ Email Newsletter එකට Subscribe වෙන්න...ඒ සඳහා පහත ෆෝමය භාවිතා කරන්න.Subscribe වූ පසු ඔබ ඇතුළත් කළ Email ලිපිනයට Confirmation ...
කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design ...
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි...SAVES50 – $50 off723190547651 – $100 off ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account ...
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ...
කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්රියා කරයි...BloggerWordPressTypePadLiveJournalSelf-Hosted WordPress.orgMovableTypeDrupalNucleusඉතින් ...
කොහොම ද යාළුවනේ...ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු දෙයක් අරගෙන ආව....ඔයාල දන්නවනෙ Web Hosting ගැන...ඉතින් අන්තර්ජාලයේ මෙවැනි Web Hosting අඩවි විශාල ප්රමාණයක් ඇත...ඒවායින් මම දැකපු හොඳම Web Hosting අඩවිය තමයි මේ Bluehost කියන අඩවිය....ඉතින් සාමාන්යයෙන් මෙම අඩවියේ Web Hosting ගත් විට අපට මාසයකට $6.95 ක් ගෙවන්න වෙනව..ඒ කියන්නෙ අවුරුද්දකට $83.4 ක් ගෙවන්න වෙනව...මම අද ඔයාලට ලබාදෙන ලින්ක් එකෙන් ...
කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්රී ලංකාවේත් ඕනෑම ප්රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට, සුළඟේ වේගයවායු පීඩනයඋෂ්ණත්වය ආර්ද්රතාවයවර්ෂණය වලාකුළු වල ස්වභාවයආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට ...
කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්රීසියෙන් දාන්නම්...Fast scanning, efficient malware detectionEase of use, simplified user interfaceReverse action ... | hplt_2 |
කාලෙකින් Post එකක් දාන්නත් බැරි වුනා, ඒකට හේතුව උනේ ඩොන්ගල් එක මාරාන්තික අසනීප තත්වයකට බදුන් වීමයැයි කෙටියෙන් කියන්න පුලුවන්. පස්සෙ ඉතින් එක එක බෙහෙත් අත්හදා බලල යන්තම ඩොන්ගල් එක ගොඩ දාගත්ත. දැන් මාතෘකාවට බහිමු, ඊට කලින් කියන්න දෙයකුත් තියෙනව නේ. මම දැනට "The නාමල් Dictionary" ලෙස වර්ශන් දෙකකින්ම රිලීස් කරල තියෙන ඩික්ශනරි මෘදුකාංගය 2013 Version එකත් සමග "The NDictionary" ලෙස නම් කරන්න තීරනය කරල තියෙනව. ඉතින් ඒ සමග ඩික්ශනරියේ කරන්න යන්න ඉන්න විශාලම වෙනස තමා ඩික්ශනරිය English Learning Tool එකක් ලෙස දියුනු කරන්න ඉන්න බලාපොරොත්තුව. 2013 Version එකට එකතු කරන්න ඉන්න ඒ අලුත් දේවල් ටික පිළිබඳ පොඩි අදහසක් තමා මේ ලිපියෙන් දෙන්න හදන්නෙ.
1) විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කරන්න බලාපොරොත්තු වීම. සමහර ගුරුවරු කියනව ඉංග්රීසි ඉගෙන ගන්නවිට English-සිංහල Dictionary Use කරන්න එපා කියල. ඒ නිසා Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න. ඒ වගේම යම් වචනය සිංහල තෙරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.
2) English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබීම.
3) Top 10 Sentences, මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.
4) Top 10 Words Game මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.
5) Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්යනය කරන්න.
6) Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.
7) Real Time Search ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.
8) Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව, දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කරන්න පුලුවන්.
9) Theme එකේ වෙනස් කමක් විදියට විවිද Theme කීපයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනව. එක එක්කෙනා කැමති ආකාර වෙනස් කියන එක මට මගේම යාළුවන්ගෙන් තේරුනා. Default Theme එක ලෙස ලාපාට Theme එකක් දාන්න තමා ඉන්නෙ. | hplt_2 |
පදාර්ථය
විවිධ ශක්තීන් හා බල ක්ෂේත්ර නොසලකා හැරි විට (මේවා ඇතැම්විට වස්තූන්ගේ ස්කන්ධයට ද යම් දායකත්වයක් දක්වන නමුත්) භෞතික වස්තූන් නිර්මාණය වී ඇති ද්රව්ය විද්යාවේ දී පදාර්ථය ලෙස හැඳින්වේ. විශ්වයේ අපට පෙනෙන බහුතරය පදාර්ථය වේ. එනමුත් ආලෝකය සාමාන්යයෙන් පදාර්ථය ලෙස නොසැලකේ. පදාර්ථයේ අර්ථ දැක්වීම එතරම් නිශ්චිත නොවෙන අතර විද්යාත්මක මෙය අවාසිදායක වේ. සාමාන්යයෙන් ස්කන්ධයක් සහිත වූත් අවකාශයේ ඉඩක් ගන්නා වූත් ඕනෑම දෙයක් පදාර්ථය ලෙස අර්ථ දැක්වේ.
පදාර්ථය එකිනෙකට වෙනස් අවස්ථාවන්ට අයත් විය හැක. අතර ඒ අතරින් ඝන, ද්රව සහ වායු යන අවස්ථා වඩාත් බහුල අතර අනෙක් අවස්ථාව ප්ලාස්මා අවස්ථාව වේ.
පටුන
අර්ථ දැක්වීම[සංස්කරණය]
අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ඕනෑම දෙයක් පදාර්ථය ලෙස හැඳින්වේ. භෞතික විද්යාවේ දී පදාර්ථය පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් පිළබඳ පුළුල් එකඟතාවක් නොමැත. බොහෝ විට වඩාත් නිශ්චිත අර්ථ දැක්වූ රාශි භාවිතය අවශ්ය වන විට භෞතික විද්යාඥයන් පදාර්ථය යන යෙදුම භාවිතා කිරීමට මැලි වන අතර ඒ වෙනුවට වඩාත් නිශ්චිතව අර්ථ දක්වා ඇති ස්කන්ධය ශක්තිය හා අංශු වැනි සංකල්ප භාවිතයට කැමැත්තක් දක්වති.
අඩුම කරමින් සමහරක් භෞතික විද්යාඥයින් හෝ භාවිතා කරන “පදාර්ථය යනු මූලික ෆර්මියෝනවලින් නිර්මාණය වී ඇති සියලු දේ වේ” යන්න පදාර්ථය සඳහා යෙදිය හැකි එක් අර්ථ දැක්වීමකි. මෙහි දැක්වෙන මූලික ෆර්මියෝනවලට ඉලෙක්ට්රෝනය ඇතුලු ලෙප්ටෝන සහ ප්රෝටෝන සහ නියුට්රෝන නිර්මාණම යෙදෙන “ඉහල” සහ “පහළ” ක්වාක් ඇතුලු ක්වාක් වර්ග ද අයත් වේ. ප්රෝටෝන නියුට්රෝනය හා ඉලෙක්ට්රෝන එක්ව පරමාණු ද, ඒවා එකතු වීමෙන් අණු සහ තවදුරටත් එකතු වීමෙන් මහේක්ෂ ව්යුහ ද නිර්මාණය වන බැවින් ඉහත අර්ථ දැක්වීම අනුව ඒවා සියල්ල පදාර්ථය වේ. මේ හැරුණු විට පදාර්ථයට විවිධ බැරියෝන සහ මීසෝන ද අයත් වේ. පදාර්ථය අයත් නොවන දෑ වනුයේ ආලෝකය (එනම් ෆෝටෝන) සහ අනෙක් ගේජ් බෝසෝන වේ. කෙසේ නමුත් වඩාත් හොඳින් විශ්ලේෂණය කළ විට මෙම අර්ථ දැක්වීම හැම අතින්ම එකඟ විය හැකක් නොවන බව ද පෙනේ. විශේෂයෙන්ම මෙම අර්ථ දැක්වීමට අනුව පදාර්ථ නොවන ද්රව්යවලට ද ස්ක්න්ධයක් පැවතිය හැකි වේ.
W හා Z බොසෝන මූලික ෆර්මියෝන අතරට අයත් නොවන නමුත් ඒවාට ස්කන්ධයක් පවතී. එකිනෙකට සමාන්තර ලෙස චලනය නොවන ඕනෑම පෝටෝන දෙකක් පද්ධතියක් ලෙස ගත් විට අවිචල්ය ස්කන්ධයක් දරයි. “Glueballs” වල ඇති බන්ධන ශක්තිය හේතුවෙන් ඒවාට ස්කන්ධයේ ඇති මුත් ඒවා තුළ ස්කන්ධයක් සහිත අංශු හෝ මූලික ෆර්මිසෝන අන්තර්ගත නොවේ. ඒ අනුව මේවා ස්කන්ධයක් රහිත පදාර්ථය ලෙස සැලකීමේ හැකියාවක් පවතී.
ප්රෝටෝනවල සහ නියුට්රෝනවල ස්කන්ධයෙන් වැඩි ප්රමාණයකට ක්වාක් අතර ඇති බන්ධන ශක්තිය හේතු වන අතර ක්වාක්වල ස්කන්ධය සාපේක්ෂව අනු අගයකි. තවද නියුට්රිනෝ වර්ග 3න් 1ක් ස්කන්ධයක් රහිත විය හැක.
පදාර්ථයේ ගුණ[සංස්කරණය]
ක්වාක් එක්වී පැඩ්රෝන සෑදේ. ප්රබල අන්තර්තිය (strong interaction) සඳහා යෙදෙන වර්ණ සීමා කරණ මූලධර්මය හේතුවෙන් ක්වාක් අනෙකුත් ක්වාක් හා බැඳී නොමැති තත්වයේ නොපවතී. ප්රොටෝන සහ නියුට්රෝන ද හැඩ්රෝන වර්ග වේ. සාමාන්යයෙන් පරමාණුක න්යෂ්ටිය ඉලෙක්ට්රෝන වළාවකින් වටවී පවතී. ඒ ආකාරයට න්යෂ්ටියේ ඇති ප්රෝටෝන සංඛ්යාවට සමාන ඉලෙක්ට්රෝන සංඛ්යාවක් ඉලෙක්ට්රෝන වළාවේ පවතී නම් එම ව්යුහය විද්යුත් වශයෙන් උදාසීන වන අතර එය පරමාණුවක් නම් වේ. එසේ නොවන විට ලැබෙන ව්යුහය අයනයක් නම් වේ.
ලෙප්ටෝන ප්රබල බලවල ක්රියාකාරීත්වයට යටත් නොවන බැවින් තනි තනිව ස්වභාවයේ පැවතිය හැක. පෘථිවියේ දී බොහෝ විට ඉලෙක්ට්රෝන පරමාණු කළ අඩංගු වන නමුත් ඒවා පහසුවෙන් නිදහස් කරගත හැකි අතර මෙය කැතෝඩ කිරණ නලයේ දී භාවිතා වේ. මුවෝන තාවකාලිකව බන්ධිත තත්වයන්ට පත්විය හැකි අතර එවිට ඒවා මුවෝනියානු පරමාණු ලෙස හැඳින්වේ. නියුට්රිනෝ ප්රබල බල හෝ විද්යුත් චුම්භක අන්තර් ක්රියාවල බලපෑමට යටත් නොවේ. ඒවා කිසි විටෙක වෙනත් අංශු හා බැඳුණු තත්වයේ නොපවතී.
සමජාතීය පදාර්ථයේ අන්තර්ගතය හා ගුණ නිශ්චිත වන අතර එහි ඕනෑම ප්රමාණයක් එකම අන්තර්ගතයකින් සහ ගුණවලින් යුක්ත වේ. මෙවැන්නක් සඳහා පිත්තල වැනි මිශ්රණයක් හෝ ශුද්ධ යකඩ වැනි මූලද්රව්යමය පදාර්ථයක් උදාහරණ ලෙස ගත හැක. ග්රැනයිට් පාෂාණ වැනි විෂමජාතීය පදාර්ථයෙහි අන්තර්ගතය නිශ්චිත නොවේ. සමජාතීය පදාර්ථයේ අන්තර්ගතය නිශ්චිත වේ.
පදාර්ථයේ අවස්ථා[සංස්කරණය]
කලාප[සංස්කරණය]
සමූහ වශයෙන් ඇති විට පදාර්ථය පීඩන හා උෂ්ණත්වයට අනුව එකිනෙකට වෙනස් කලාප කිහිපයක පැවතිය හැක. කලාපයක් යනු අන්වීක්ෂීය භෞතික පද්ධතියක සාපේක්ෂව ඒකාකාර රසායනික අන්තර්ගතයක් සහ භෞතික ගුණ ඇති තත්වයකි. (මෙවන් ගුණ අතරට ඝනත්වය, ස්ඵටික ව්යුහය, වර්තනාංකය ආදිය අයත් වේ.) මෙවන් කලාපයන් අතරට අප හොඳින් හඳුනන ඝන, ද්රව සහ වායු කලාප මෙන්ම ප්ලාස්මා, සුපිරි ද්රව, සුපිරි සන, බෝස් අයින්ස්ටයින් සංඝණික , ෆර්මිසෝනික සංඝණික, ද්රව ස්ථිටික, අසාමාන්ය පදාර්ථය සහ ක්වාක් - ග්ලුවෝන් ප්ලාස්මාව යන කලාප ද අයත් වේ. එසේම චුම්භක ද්රව්ය සඳහා අයෂ්චුම්භක සහ අනු චුම්භක කලාප ද පවතී. තත්වයන් වෙනස් වන විට පදාර්ථය එක් කලාපයක සිට තවත් කලාපයකට පරිවර්තනය විය හැක. මෙම සංසිද්ධි කලාප සංක්රමණ ලෙස හැඳින්වෙන අතර ඒවායේ ශක්ති ගුණ තාප ගති විද්යාව යටතේ අධ්යයනය කෙරේ.
පදාර්ථය ඉතා කුඩා ප්රමාණවලින් ගත්කළ, සමූහ වශයෙන් ඇති විට දක්වන ගුණයනට සම්පූර්ණයෙන් වෙනස් වූ ගුණ දක්වන අතර ඒවා එකදු කලාපයකටවත් හොඳින් අනුරූප නොවේ.
කලාප ඇතැම් විට පදාර්ථයේ අවස්ථා ලෙස ද හැඳින්වේ. නමුත් මෙය යෙදුම තාප ගති විද්යාවේ අවස්ථා සමඟ පැටලිය හැක. උදාහරණයක් ලෙස එකිනෙකට වෙනස් පීඩනයන් යටතේ පවත්වා ගෙන ඇති වායූන් දෙකක් පවතින්නේ එකිනෙකට වෙනස් තාප ගතික අවස්ථා යටතේ වේ. නමුත් ඒවා පදාර්ථයේ එකම අවස්ථාවට අයත් වේ.
විද්යුත් ස්වභාවය[සංස්කරණය]
පදාර්ථයේ විද්යුත් ස්වභාවය පහත දෑ මගින් සනාථ වේ.
ඝර්ෂණය[සංස්කරණය]
ඝන පදාර්ථයන් හොඳින් පිරිමැදිවිට ධන හා ඍණ ආරෝපණ බෙදී ආරෝපිත තත්වයට එළැඹේ. උදා: සින්ක් රෙදි කැබැල්ලක් මත පිරිමැදි වීදුරුකූරු දෙකක් එකිනෙක විකර්ෂණය වීම.
විද්යුත්විච්ඡේදනය[සංස්කරණය]
ඉලෙක්ට්රෝනය[සංස්කරණය]
ජෝන් ඩෝල්ටන්ගේ පරමාණක වාදයෙන් වසර ගණනාවකට පසු සෑම පරමාණුවක ම අභ්යන්තරයේ තවත් උප පරමාණුක අංශු වර්ග කීපයක් ඇතිබවත් සොයාගැණිනි. ස්ටෝනි විසින් පදාර්ථය උදාසීන තත්වයේ පවත්වාගන්නේ ඉලෙක්ට්රෝනය යැයි ද කීය. | hplt_2 |
ඡායාරූපී සැකසුම
අභිමත ආකාරයට නෙගටිව් හෝ පොසිටිව් (පාර්ශ්වික අපවර්තනය සහිත හෝ රහිත) ඡායාරූප ලබා ගැනීම සඳහා සාමාන්ය ඡායාරූප පටල අනාවරණයෙන් අනතුරුව සිදු කෙරෙන කාර්මික ක්රියාවලිය සේයාපට විකසනය නම් වේ. මෙහි දී කාර්යයන් ත්රිත්වයක් ඉටු වේ. එනම් අපට දැක ගත නොහැකි ලෙස ගබඩා වී ඇති රූපය දෘශ්ය රූපයක් බවට පරිවර්තනය කෙරේ. තවද මෙම දෘශ්ය රූපය ස්ථිර එකක් බවට පත් කෙරෙන අතර ඊට සමගාමීව සේයාපටය ආලෝක සංවේදී නොවන තත්ත්වයට පත් කෙරේ.
භාවිතා කරන සේයාපට වර්ගය හෝ කඩදාසි වර්ගය අනුව සාමාන්ය ක්රියාවලිය වෙනස් නොවේ. පොදුවේ සාම්ප්රදායික ලෙස නොසැලකෙන පෝලරොයිඩ් සහ තාප වර්ධිත සේයාපට වැනි ක්ෂණික සේයාපටලයන් මෙම පැහැදිලි කිරීමට එකඟ නොවේ.
Kodachrome සේයාපට Kodak රසායනාගාරවල හැර අනෙකුත් රසායනාගාරවලදී විකසනය කළ නොහැකිය. තවද සාමාන්යයෙන් බහුලව භාවිතා නොවන වර්ණක බිඳ වැටුම් තාක්ෂණ (උදා - Cibachrome තාක්ෂණය) ක්රම සුළු සංඛ්යාවක් ද භාවිතයේ පවතී.
පටුන
සේයාපට මුද්රණයේ පියවර[සංස්කරණය]
ආධුනික හෝ වාණිජ මට්ටමේ යන ඕනෑම සැකසීමක දී පටලය රසායනික ගිල්වුම් තුළ බහාලනු ලැබේ. මෙම එක් එක් ගිල්වුම් සමීපව නිරීක්ෂණය කරන අතර විශේෂිත උෂ්ණත්ව හා බහාලුම් කාල පවත්වා ගනු ලැබේ. දියුණු කිරීම් ගිල්වුම් සම්මත සැකසුම් තත්ත්වවලින් වූ වෙනස් වීම්වලට වඩා සංවේදී වන අතර (උදා- කාලය හා උෂ්ණත්වය) අනෙකුත් බහාලුම් අඩු සංවේදීතාවක් දක්වයි.
- නොපෙනෙන රූපය ලෝහක රිදී බවට හරවන විකාශකය.
- සාමාන්යයෙන් ඇසිටික් අම්ලයේ තනුක කරන ලද ද්රවණයක් මඟින් විකාශකයේ ක්රියාව නවතන නැවතුම් ගිල්වුම. නූතන ස්වයංක්රීය සැකසුම් යන්ත්රවලදි මෙම පියවර යාන්ත්රික පෘෂ්ටයකින් දියර ඉවත් කිරීමේ හා මිරිකීමේ රෝලර මඟින් ප්රතිස්ථාපනය වී ඇත. කුඩා පරිමාණ අඳුරු කාමර තුළ දී නැවතුම් ගිල්වුම් ලෙස බොහෝ විට යොදා ගන්නේ සිට්රික් අම්ලය හෝ වෙනත් කාබනික අම්ලයක් හෝ නැතහොත් ජලයයි. මෙයින් කුමක් හෝ පිළියමක් මඟින් භාෂ්මික විකාශකය ඉවත් කරන අතර අම්ලය භාවිතා කිරීමේ දී භාෂ්මිකතාවය උදාසීනකරණය කර විකාශකය සැකසුම් ගිල්වුම සමඟ මිශ්ර වීම අවම කරයි.
- තිර කූරුව (fixer) ඉතිරි රිදී හේලයිඩ දිය කිරීම තුළින් ඡායාරූපය ස්ථිර ආලෝක සංවේදී බවට පත් කරයි. තිර කූරුව සමහරක් විට හයිපො ලෙස හඳුන්වනු ලැබේ. මෙය ආදි රසායන විද්යාඥයෙකුගේ නම වූ හයිපො යන නමින් නම් කර ඇත. තවද මෙය හයිපො සල්ෆයිඩ්හි කෙටි කළ ආකාරයකි. හයිපොසල්ෆයිඩ්, හා හයිපො යන එකක් වත් නූතන රසායන විද්යාවේ තයෝ සල්ෆේට් හැඳින්වීමට යොදා ගනු නොලැබේ.
- ඉතිරි වී ඇති තිර කූරු ඉවත් කිරීම සඳහා පිරිසිදු ජලයෙන් සේදීම. මෙලෙස සිදු කරනු ලබන්නේ ඉතිරි වී ඇති තිර කූරු රිදී රූපය දිරාපත් කර එහි අව පැහැ ගැන්වීම් හා බොඳ වීම් ඇති කළ හැකි නිසාය. තිර කූරුවෙන් පසු සේදුම් සහායකයක් (හයිපො පිරිසිදු කාරකයක් හෝ HCA ලෙස ද හඳුන්වනු ලැබේ.)භාවිතයෙන් සේදුම් කාලය අඩු කළ හැකි අතර තිර කූරුව වඩාත් සම්පූර්ණයෙන් ඉවත් කර ගත හැකිය.
- පටල සකසනයක් තුළ දී අතිරේක අවසාන මතුවීම. මෙය අයනික නොවන ජලයෙහි තෙතමන කාරකයක් වන අතර එය වියළීම දෘඩ ජලයෙන් වියළුම් ලකුණු ඉවත් කිරීමට උදව් වේ.
- ඊට පසු පටලය දුවිලිවලින් තොර පරිසරයක දී වේලනු ලබන අතර අවසානයේ දී කපා (රෝල් පටලයක් නම්) ආරක්ෂාකාරී පොකට්ටු තුළට බහාලනු ලැබේ.
සේයාපට මුද්රණය සිදුකෙරෙන අයුරු[සංස්කරණය]
සැකසීමට පෙර පටලය ආලෝකයෙන් තොර කාමරයක් හෝ බහාලුමක් තුළ දී කැමරාවෙන් හා එහි කැසට්ටුවෙන්, ඔතනයෙන් හෝ දාරකයෙන් ඉවත් කර ගත යුතුය.
කුඩා පරිමාණ සැකසීම[සංස්කරණය]
ආධුනික සැකසීමේ දී පටලය කැමරාවෙන් ඉවත් කර ගන්නා අතර සම්පූර්ණ අඳුරේදී (සාමාන්යයෙන් අඳුරු කුටියක් තුළ (ආරක්ෂක විදුලි පහන ක්රියා විරහිත කර) හෝ අත් සිදුරු ඇති පාරාන්ධ බෑගයක් තුළ) සේයා පටයට ඔතනු ලැබේ. සේයා පටය දඟර හැඩයකින් යුත් අතර එක් එක් පුඩු අතර හිඩැස් ද ඇත. මේ නිසා පටල මතුපිට හරහා රසායන ද්රව්ය නිදහසේ ගලා යා හැකිය. ඉන්පසු දළ සේයා පටය විශේෂයෙන් නිර්මාණය කරන ලද පාරාන්ධ ටැංකියක් තුළ (දවල් ආලෝක සැකසුම් ටැංකි ලෙස හඳුන්වන) බහාලන අතර අවසාන සේදුම සම්පූර්ණ වන තුරු එය එහි පවතී.
තහඩු පටලවලදි ඒවා ට්රේ, එල්වුම් (ගැඹුරු ටැංකි තුළ දී භාවිතා වන හෝ චක්රීය සැකසුම්) සිංගාරා තුළ දී සැකසිය හැකිය.
වානිජමය සැකසීම[සංස්කරණය]
වානිජමය සැකසීමේ දී පටලය ස්වයංක්රීයව හෝ ක්රියාකරවන්නෙකු විසින් ඉවත් කරන අතර පාරාන්ධ බෑගයක් තුළ එය බහාලනු ලැබේ. සැකසුම් යන්ත්රය තුළට ඇතුළු කරන්නේ එයයි. සැකසුම් යාන්ත්රණය, අඛණ්ඩ රේඛාවක පටල එකට පුරුද්දා ක්රියාත්මක වන අඛණ්ඩ පදනමක් මත ධාවනය වේ. සියලු සැකසුම් පියවර තනි සැකසුම් යන්ත්රයක් තුළදී ස්වයංක්රීයව පාලනය කරන ලද කාල, උෂ්ණත්ව හා ප්රතිකාරක නැවත පිරවුම් ශීඝ්රතාවයක්ද සමඟ සිදු කෙරේ. පටලය හෝ මුද්රණය එළියට මතු වන්නේ සේදීමෙන් අනතුරුව වියළීමටද ලක්වීමෙන් පසුව වන අතර අතින් කැපීමට හැකි අයුරිනි. වත්මන ඇතැම් පටල හා මුද්රණ ස්වයංක්රීයව කැපීම සිදුවේ. නමුත් ඉන් සමහරක දී රාමුවේ මධ්යයෙන් දළ සේයා පටල කැපී යයි. මෙය හේතුව ලෙස දැක්විය හැක්කේ පටල අතර හිඩැස ඉතා පටු වීම හෝ ඡායාරූපය අඩු ආලෝකයේ දී ගැනීම හේතුවෙන් පටල කෙළවර තියුණු නොවීමයි. | hplt_2 |
Saturday, March 16, 2013
මේඩ් ඉන් ශ්රී ලඞකා... ( ශ්රී ලංකා ඉස්පෙෂැල්)
ඒ ගිය ගමනෙදි ඔය කිතුල් මල ගැන ගොඩාක් දේවල් අසා දැන ගන්ට ලැබුණා.. ගොඩක් පරම්පරාවෙන් පරම්පරාවට වගේ ආපු මේ කර්මාන්තෙට දැන් කණ කොකා හඬළලා කියලා තමා අපිටත් ආරංචි උනේ.. ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා. එකක් තමයි අද ඉන්න අලුත් පරම්පරාව මේකට දක්වන අකමැත්ත.. ඔය ගොඩක් පාරම්පරික කර්මාන්ත අභාවයට යන්න ලොකු හේතුවක් තමා මේක.. මොනවා කොරන්නදෑ ඉතිං, දැං කාලෙ ඉස්ටැයිල් එක්ක ඕවා ගැලපෙන්නෙ නැති කොට... මේක මේ අයගෙ ජීවන වෘත්තිය උනා කාලයක්. ඒත් ඒ නිෂ්පාදන වලට හරි මිලක් ලැබුනෙ නෑ.. ඉතිං ඔය පොඩි සොච්චම් මුදලකට ඔය කිතුල් ගස් බඩ ගාන්ට දැන් ඉන්න උන් කැමති වෙයිද මං අහන්නේ.. දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල මුදල් වලින් මනින සමාජයක් නොවැ..
කොහොමින් කොහොම හරි මාත් ඔන්න කිතුල් මල් කපලා කිතුල් පැණි හා අනෙකුත් නිෂ්පාදන සාදා ගන්නා ආකාරය දැන ගත්තා.. ගෙදර ආපු ගමන් බැලුවේ කොහේද හොඳ මලක් වැටිච්ච කිතුල් ගහක් තියෙන්නෙ කියලා. කිතුල් මල විතරක් නෙවෙයි, පොල් මලත් ඕකට කියාපු භාන්ඩේ.. විශේෂයෙන්ම මේ පැති වල නම් ගොඩක් ප්රසිද්ධ වෙලා තියෙන්නේ කිතුල් මල් තමා.. ගොඩක් වියලි කලාපේ පැත්තේ සහ වෙරළබඩ ප්රදේශ වල ගොඩාක් ප්රසිද්ධ පොල් මල... ඔය විනාකිරි ( ඇසිටික් අම්ලය ) හදන්නත් වැඩියෙන්ම යොදා ගන්නවාය කියන්නෙ පොල් මලනේ...
හරි හරි... වැඩි කතා ඔනෑ නෑ... අපි දැන් සූදානම් වන්නේ නිවසේ සිටම රා පොල් කට්ටක් සාදා ගැනීමට ය.... මං කිව්වේ පොල් කට්ටක් හොඳේ!
පලමු පියවර තමා හොඳ මලක් වැටිච්ච ගහක් හොයා ගැනීම. ඔබට කිතුල් ගසක් සොයා ගැනීම අපහසු නම් පොල් ගසක් වුවද කම් නැත. එහෙත් මෙහි ලා විස්තර කෙරෙනුයේ කිතුල් මල සම්භන්ධවය. සෑම කිතුල් මලකින්ම පැණි ලබා ගත නොහැක. මේ පිලිබඳ විෂය ප්රවීණයා නිවැරදි මල තෝරා ගැනීමට දනී. කිතුල් මල තෝරාගෙන සිදු කරන රාජකාරියට අපේ ඇත්තෝ කියන්නේ කිතුල් මල පදම් කරනවා කියාය. ඔය කිතුල් ගහක මලක් පිපෙනවා කියන්නේ අවුරුදු දහයකට විතර සැරයක් නේ.. ඔය වැඩේට තෝර ගන්නේ නොමේරූ ළපටි මලක්. ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..
ඉතා සියුම් ලෙස කැපෙන හොඳ මුවහතක් තිබෙන පිහියක් මල කැපීමට යොදා ගනී. මේ වැඩේට කව්රුත් කියන්නේ මල මැදීම කියලා. කිතුල් මලේ කෙළවර මේ පිහියෙන් කපා එතෙන්ට මුට්ටියක් එල්ලනවා. ඔය මුට්ටියට තමා තෙලිජ්ජ ( තෙලි දිය ) ටික එකතු වෙන්නේ. ඔය තෙලිජ්ජ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. කිතුල් ගහේ ප්ලෝයම පටකයේ ගමන් කරන පලෝයම තරලය. ඒ කියන්නේ ශාකයට අවශ්ය ආහාර. ඔය තෙලිජ්ජ වල වැඩි ප්රමාණයක්ම තියෙන්නේ සුක්රෝස්... ඒකයි ඔච්චරටම පැණි රස...! මෙන්න මේ තෙලිජ්ජ ටික දවසක් දෙකක් ඔහොම තියෙන කොට ඉබේටම රා බවට පත් වෙනවා. ඔය වැඩේ අපිට නොමිලේම කරලා දෙන්නේ වායුගෝලයේ ඉන්න ක්ෂුද්ර ජීවීන් තමා. විශේෂයෙන්ම යීස්ට්... මෙයාලා මේ තෙලිජ්ජ වල තියෙන සුක්රෝස් එතිල් මධ්යසාර බවට පත් කරනවා.. ඒවට තමා අපි මේ රා කියන්නේ.. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ මුට්ටිය ගහේ තියෙද්දී ම.. ඉතිං අපේ උන්දැලා ගහේ ඉඳන්ම රා ටික බීලා තමා බිමට බහින්නේ... දැං ඉතිං මේක කියවන උන්දැලා කිතුල් ගස් බඩ ගානවා එහෙම නෙවෙයි ඕං...
දැං බලමු කොහොමෙයි කියලා කිතුල් පැණි හදා ගන්නේ.. මම කලියෙං කිව්වනෙ තෙලිජ්ජ ටික ගහේදිම රා වෙනවාය කියල.. ඉතිං එතකොට කොහොමද පැණි හදා ගන්නේ නේද... ඒකට අපේ අය නියම වැඩක් කරනවා.. ඒ තමයි අර මුට්ටිය ගහේ ගැට ගහන්න කලින් ඒක ඇතුලේ හුණු ටිකක් ගාන එක.. එතකොට රා හැදෙන්නෙ නෑ කියලයි එයාලා විශ්වාස කරන්නේ.. ඒකේ විද්යාත්මක කතන්දරේ මේකයි.. ඔය හුණු කියල කියන්නේ භාෂ්මික ද්රව්යයක්නේ.. ඉතිං ඕක මුට්ටිය ඇතුලෙ ගෑවාම ඕක ඇතුලේ යීස්ට් වගේ ක්ෂුද්ර ජීවීන් වර්ධනය වෙන්නේ නෑ.. මොකද ඒ ක්ෂුද්ර ජීවීන්ට භාෂ්මික පරිසර වල ජීවත් වෙන්න බෑ. ඉතිං ක්ෂුද්ර ජීවීන් නැතුව රා නිෂ්පාදනයකුත් වෙන්නේ නෑ... ඒ වගේම මලේ එල්ලපු මුටිටිය පරණ වෙන්න දෙන්නේ නැතුව ඉක්මණට තෙලිජ්ජ ටික අර ගන්නවා.. ඊට පස්සේ ඒවා හොඳට උණු කරනවා.. නියම පදමට උණු කළාම නියම පැණි හදා ගන්ට පුලුවන්..
ඔය හදා ගත්ත පැණි වලින් කරන තවත් දෙයක් තමා කිතුල් හකුරු හදා ගන්න එක.. අර හදා ගත්තු පැණි ටික පොල් කටු වලට දාලා දවසක් විතර තියෙන්න හරිනවා.. එහෙම තමා හකුරු හදා ගන්නේ.. ඔය වැඩේට ගන්න පොල් කට්ටත් හොඳට පොලිෂ් කරලා එහෙම තමා ගන්නේ..
රා වලින්ම තමා විනාකිරි නිෂ්පාදනය කරන්නෙත්.. ඒකටනම් ගොඩාක් යොදා ගන්නේ පොල් රා තමා.. ඔය රා තවත් ටික දවසක් තියෙන්න ඇරියාම ඒවා විනාකිරි බවට පත් වෙනවා. විනාකිරි කියන්නේ අම්ලයක්. රා වල තියෙන එතිල් මධ්යසාර වායුගෝලීය බැක්ටීරියා මගින් ඇසිටික් අම්ලය බවට පත් කරනවා. විනාකිරි කියන්නේ මෙව්වාට තමා...
ඔන්න ඔහොම තමා කිතුල් කරුමාන්තේ අපේ උන්දැලා කරන්නේ.. හරිම අලංකාර කර්මාන්තයක් තමා.. අපේ පැත්තෙත් කිතුල් ගස් සැලකිය යුතු ප්රමාණයක් තියෙනවා.. ඉස්සරනම් ඔය ගහක පිපිලා තියෙන මලක මුට්ටියක් වරදින්නේ නෑ.. ඒත් දැන්නම් ඒ ගස් පාලුවට ගිහිල්ලා.. මහා ජාතික අපරාධයක් කියලයි මටනම් හිතෙන්නේ.
61 comments:
ඔබගේ කතාව අසද්දි කාබනික රසායනය (Organic) මතක් වෙනවා. මම යහළුවෙකුගේ මඟුල් ගෙදරක දවසක් මොනරාගල ප්රදේශයට ගියා. ඒ පලාතේ ද කිතුල් මල් කපනවා. නමුත්, ගමෙන් පැණි බෝතලයක්නම් සොයා ගන්න බැරි වූවා. හේතුව, මධ්යසාර සඳහා මේ රා ගෙනයන බැවින් පැණී සදන්නේ අඩුවෙන් වීමයි. නමුත් town එකෙන් පැණි සොයා ගන්න පුළුවන් වූවා.ReplyDeleteReplies
:D පැණි ඉතුරු වෙයියෑ, දැං කවුරුත් මල් කපන්නේ රා බොන්ටනේ.. ඒත් ඉතිං ටවුන් එකෙන් නම් ඔරිජිනල් කිතුල් පැණි හොයා ගන්න අමාරුයි..Delete
වෙලාවට මෙහේ කිතුල් හරි පොල් හරි ගස් නෑත්තෙ..තිබ්බනම් අනිව මදිනවම තමයි උබ කිව්ව විදිහට..ස්තුතියි මචන් ලිපියට..ReplyDeleteReplies
ඒක හොඳා... බොහොම ස්තූතියි මේ පැත්තෙත් ආවාට.... නරකද කිතුල් පැළයක් දෙකක් හිටව ගත්තනං...Delete
මට 6829 වැනියා වෙන්න හිතෙනවා :)ReplyDelete
මල පට්ට වලින් වෙලනවා විතර ද ? වටේට මොකවත් තියල නෙවෙයි ද වෙලන්නේ. මෙහෙත් ඉස්සර සමහරු මල් හැදුවා. මට මතකයි කොච්චි මිරිස්, පොල් පිති අළු, ඇඹුල් දොඩම් වගේ ඒවා අඹරල ඒවත් තියල වෙලනව වගේ. මල මෝරපු සයිස් එක බලන්නේ රෑන මැදින් කඩලා. එහෙම කැඩුවාම ඒ කෑලි දෙක වැටෙන්නේ නැතුව කෙන්දක් වගේ එකකින් එල්ලිලා තියනවා.
එහෙම කරනවා මං දැකල තියනවා.Replies
මම හිතන්නෙ අයගම, කලවාන පැත්තෙ වැඩී එහෙම නේද චන්දන? ඒකෙනුත් අපිට එක හම්බවෙලා නේ?Delete
@ Chandana හ්ම්ම්... ඔව් ඔව්.. ඉක්මනට තැම්බෙන්න එක එක ඒවා තියලා බඳිනවා.. සමහර පැති වල මොනාද මන්දා බෙහෙත් වගයකුත් දානවලු.. ඒකට කිතුල් මලේ තුන හතර පුරුක් වල පොඩි සිදුරක් විදිනවා.. චන්දන අයියගේ කල්පනාව බිස්නස් එක පටං ගන්නද.. හොඳා හොඳා...Delete
@ Nadini සබරගමුව රා කරුමානතෙන් හරි එකට ඉන්නවානේ අක්කේ.... ඒ ගැන ඉතිං ආඩම්බරයි... හී හී.. බලන්ටකෝ ඒත් සබරගමුවේ කිතුල් මදින උදවිය ගණන ටිකක් අඩුයි.. ඒකත් ඉහළ නැංවූවානම් නියමයි...Delete
@නදිනි..Delete
ඒ පැති වල වැඩියෙන් තියනවා. චින්තක කිව්වා වගේ දැන් දැන් ඒ කර්මාන්තය කරන අය අඩු වේගෙන යන්නේ. අර බොන්සායි වගේ ගස් වර්ගයක් හඳුන්වලා දුන්නා මෑත කාලෙකදී. ඒක උනත් එච්චරම දකින්න නම් නෑ තවම. පුටුවක් උඩ නැගල මල් කපන්න පුළුවන්. සිංහරාජේ පැත්තේ නම් වැඩිපුර තියන්නේ අහස උසට ගිය ගස් .
@චින්තක
කොහොම ද වැඩේ.. නැගල යයි නේ. ? සබරගමුවේ සා.. ඇම්බැසඩර් පරාදයි. :)
මචංලා අනිවා මලට බෙහෙත් මඳින්න ඕනා. මේ ලඟක වෙනකං අපේ ගෙදර තිබුන ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්. ඒ බෙහෙත් බැදල තමයි වෙලන්නෙ. පුදුම කහටක් ඒ බෙහෙත්වල තියෙන්නෙ.බෙහෙත් නොබැන්දත් ශ්රාවය වෙනව තමා ඒත් ටිකයි.Delete
තෙලිජ්ජ තම්යි ශ්රාවය වෙන්නෙ.පැහිල රාවෙන්න මංඩි දානව.ඒ කියන්නෙ රා මංඩි. ඒ ව තමා ඕය ක්ෂුද්ර ජීවීන් කියන්නෙ.
හ්ම්ම්... කතන්දරේ ඇත්ත... ඔය බෙහෙත් වල මොකක් හරි හොඳ රසායනින ද්රව්යයක් ඇති.. උත්තේජකයක් වගේ... ඒක කෘත්රීමව හදා ගන්න පුලුවන් නම් ගොඩ..Delete
//ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්.// "කැලණිය" කියන ගස් වර්ගයක දණ්ඩ ගන්නවා නේද බං. ඒක එනසල් ගහ වගේ එකක්.Delete
http://saragelokaya.blogspot.com/2012/10/blog-post_23.html ඔන්න
ඔන්න තව විස්තරයක් හොයා ගත්තා
මල්ලි රා බිව්වද? හික්ස්.. මෙන්න මේක බලන්නකො.ReplyDelete
http://nadiniabenayaka.blogspot.ae/2013/03/2.htmlReplies
හපෝයි නෑ... මම අමද්යපයි නේ.... ස්තූතියි මේ පැත්තෙත් ආවාට.. සාස්තර කියන වැඩෙත් නරකම නෑ.. බලං ඉඳලා වගේ කියලා නොවැ.. එල එල.. බොහෝම ස්තූතියි....!!Delete
නොදන්නම විස්තරයක් ...ගොඩක් වැදගත් ඈ ..:PReplyDeleteReplies
එල එල... තැන්කූ වේවා....Delete
එක පාරක් සරා අයියගෙ පෝස්ටුවකත් මේ වගේම කිතුල් පැණි හා රා ගැන විස්තරයක් කියෙව්වා. ස්තුතියි චින්තකReplyDeleteReplies
තැන්කූ වේවා.... දේශීය අපේ දේ අගය කොරන්න එපැයි නේ....Delete
අඩේ රත්නපුරේ 206124 ක් තිබිල 3614 යි නෙ මදින්නෙ. ඉතුරු ටිකටත් වැඩේ දුන්නනං මේ පැත්ත රා වලිං ස්වයං පෝෂිත කරන්න තිබ්බ.ReplyDelete
බලාගෙන ගහේ ඉඳල රා බොන්නෙ. බඩු වැඩි උනොත් එමෙහ බස්සන්න තව එහෙකුට ගහට නගින්න වෙනව.Replies
අන්න කතාව... අපරාදේ ගස් ටික... අපේ පැත්තෙත් ගස් ගොඩාක් නිකං නිකරුනේ අතෑරලා දාලා තියෙනවා.. මං බැලුවේ කිහිප දෙනෙක් එකතු කර ගෙන පොඩි ස්වයං රැකියාවක් කරන්ට.... :පීDelete
විද්යාත්මකව මේ කරුණු පැහැදිලි කරපු එක ගොඩක් හොඳයි. කිතුල් පැණි එක්ක පාන් කන්න මං ආසයි. ඒ උනත් දැන් හොඳ කිතුල් පැණි හොයාගන්න අමාරුයි..මේ කියල තියෙන විදිහට හදාගත්තොත් මිසක් ;)ReplyDeleteReplies
ඇයි කිතුල් පැණිත් එක්ක පොල්.. මරු.. පුලුවන් නම් හදලා බලන්ට..Delete
//ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..//ReplyDelete
ඒ ටික විතරක් කලාම මලෙන් තෙලිදිය වෑහෙනව කියලා ෂුවර්ද..? :DReplies
බොහෝම ස්තූතියි කොමෙන්ටුවට... ඔය ටික විතරක් කලාමත් තෙලිදිය එනවා.. ඒත් වැඩිය නෑ.. බෙහෙත් දාන්ටත් ඕන.. ඒ ටික ලියන්ට මට මග හැරිලා.. ඒකට වැඩි විස්තරයක් උඩ කොමෙන්ටු වල චන්දන අයියයි, වී පොකුරේ වීයායි ලියලා තියෙනවා.. ඒක නිසා මම ඒ ටික අප්ඩේට් කරන්න ගියේ නෑ.. බොහෝම සතූතිය් ඔබට, අඩුපාඩුවක් පෙන්නලා දුන්නාට..Delete
කාලයකින් වෙනස් ලිපියක්.ඊටත් වඩා වැදගත් වන්නේ නොදන්න යමක් විමය.ReplyDelete
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)Replies
බොහෝම ස්තූති වෙන්ට ඕන මේ පැත්තේ ආවාට.... කොමෙන්ටුවටත් තැන්කූ...!Delete
මට නම් ඕන කරන්නේ මල්ලී ඊයේ ෆේස්බුක් එකේදි කිව්වා වගේ කාලෙකින් පිරිසිදු කිතුල් පැනි ටිකක්, කිතුල් හකුරු කෑල්ලක් ලැබිච්ච නැති නිසා ඔයා ගත්තු කෙනාටම කියලා ඒ ටිකක් හොයා ගන්න විතරයි.ReplyDelete
ඔයා පැනි ගේන්න ගිය ගමන් ඔක්කෝම විස්තර ටික හොයාගෙන ඇවිත් වගේ. :DReplies
ඕං ඊයක් එව්වා අයියේ...Delete
අදයි වගේ ආවේ... ස්තුතියි ලින්කටුවට.. කිතුල් ගැන රහක් නැති වෙලා තියෙන කාලයක් මේ.. බලපත්ර අහෝසි කරලත් ඒ කර්මාන්තය වලපල්ලට යන එක වලක්වන්න බැරි වෙලා තියෙනවා.. කිතුල් ආශ්රිත කර්මාන්ත ගැන අවශ්ය දැනුම බෙදා හැරීම හා ස්ථාන යොදා ගැනීම ගැන රජය මීට වඩා සැලකිල්ලක් දක්වන්න ඕන... හැබැයි දැනට ඉන්න සීමිත පිරිසට තියෙන කරදර අඩුපාඩු ගැන වත් හොයා බලනවන් තමා හොද. මේක හොද කතාවක් රා කට්ට අපි හදාගමු...ReplyDeleteReplies
අද නේන්නං ආවේ.. ඔන්න තැන්කූ කිව්වලු,,Delete
ඒකනේ දැං පොලෝසියෙං දැක්කම මුට්ටි විසික් කරලා දුවන්න වෙන්නේ නෑනේ... හරිම නිදහසේ තමංගේ වැඩේ කර ගන්ට තියෙන්නේ.. ඒත් ලොකු ප්රගතියක් වෙලා නෑ වගේ.. ඕං මම දවසක් පත්තරේ දැක්කා කාන්තාවෝත් ගස් වල නැගලා හරි හරියට පිරිමි වගේම කිතුලේ මදිනවාය කියලා...
ඔය මල් කැපීල්ල ගැන දැක්කම මට තෙලිජ්ජ බොන්න ගිහින් මැරුම් නොකා බේරුණ සිද්දියක් මතක් උනා. වෙලාවක ලියන්නම්කෝ..ReplyDeleteReplies
ඒක නෙමේ ඔයා මොකටද මේ කිතුල් පැණි ගැන මෙච්චර හොයන්නෙ?ReplyDeleteReplies
ස්තූතියි ඔන්න මේ පැත්තෙත් ආවාට...Delete
දේශීය දේවල් අගය කරන්න එපැයි... ඒකයි මෙච්චර මෙව්වා ගැන උනන්දු...
ඒ බඳින බෙහෙත ලේසියෙන් කෙනෙකුට කියන්නෑ ..අපේ මාම කෙනෙක් තාමත් හිනිදුම කන්දෙ කිතුල් කපනව..ආයිත් ගියාම කෝම හරි දැනගන්න ඕන.ReplyDelete
අපේ අම්මලට ඉස්සර පණුබෙහෙත් වෙනුවට සීය දීල තියෙන්නෙ කිතුල් රා පොල් කට්ටක් මාසයකට සැරයක්.Replies
බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිල්ලා ගියාට...Delete
"පණු බේත් වෙනුවට රා" මාරයිනේ.... එහෙනම් මාත් බොනවා... ඇත්තටම ඕක ඇත්ත කතාවක්නේ?????
අප්පා කටට කෙලත් උනනවා මේක කියෙව්වම.ReplyDelete
වටිනා කියන වෙනස් මාතෘකාවක්Replies
අහා...ReplyDelete
පට්ට රහ බීමක් මේක ...Replies
හා හා රස හඳුනන්නෙක් වගේ... එල එලDelete
අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;)ReplyDeleteReplies
ඒ මොකෝ අතෑරියේ ඈ... අපි අපේ පුලුවං උපරිමයෙන් රා මදින්ට ඕන.. දේශීය අපේ දේ නොවැ... :ඩීDelete
අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;)ReplyDelete
බොලා හොයාගන්න ඒවා..ReplyDeleteReplies
ඒකනේ.... අපේ දේ අගය කරන්න ඕන... d-)Delete
තෙලිජ්ජ නම් මම ඉස්සර බීලා තියෙනවා වෙන්නප්පුවේ ලොකු නැන්දලා ඉන්නා කාලෙ හා යටියන්තොට ගිය වෙලාවක. පැණි සාදා ගන්නා හැටිත් දැක තියෙනවා. වටිනා තොරතුරු රැසට ස්තූතියි!ReplyDeleteReplies
බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිත් ගියාට.. තෙලිජ්ජ ටිකක් රා ටිකක් බිව්වැයි කියල එහෙම ශරීරයට කිසිම හානියක් වෙන්නෙ නැහැ නොවැ.. ඕං එහෙම කිව්වැයි කියල මම එහෙම බොනව කියල හිතන්න එපා.. මම අමද්යපයි.... :-hDelete
චින්තක කිතුල් මල් කැපීම සහ රා ගැන විස්තර කිව්වෙ අත්දැකීමෙන්ද අහල දැන ගැනීමෙන්දReplyDeleteReplies
අපෝ නෑ ඒ ගැන විස්තර අහල දැන ගෙන තමා... මල් කපනවා බලාගෙන ඉඳලනම් තියෙනවා.. විද්යාත්මක කරුණු ඩිංග නම් මම දන්න දේ ටිකක් අතින් දාලා...Delete
බොහෝම ස්තූතියි හැලපයියේ මේ පැත්තෙත් ආවාට... :)
මේ පැත්තෙ ආවෙ අදමද කොහේද! මාතලන් පාර කිව්වෙ.ReplyDelete
පිලිවෙලට ලියල තියනව. අඩුටික මම කියන්න. ;-)
කිතුල් මල පදම් කරන ක්රමයක් තියනව. කිතුල් මල් නැට්ට නියපොත්තෙන් කඩන්න පුළුවන් වයසෙදි වැඩේ පටන් ගන්නෙ. ඔයා කිව්ව විදියට මල බැඳල නැට්ට ලඟ සිදුරක් හාරන්න ඕන. ඊට පස්සෙ ඒකට දාන බෙහෙත හදාගන්න ඕන. ඒක නං මතක නෑ. කොහොම උනත් වැඩේ ටිකක් අමාරුයි කියල කියන්නම ඕන. දැන් තියනව විදාතා මධ්යස්ථානවල රසායනික දියරයක්. ඒක දැම්ම නං වැඩේ ලේසියි.
සාමාන්යයෙන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් තියනව. කිතුල් ගහට සමාන්තරව කියපු දිග කනු තුනකින් කිතුල් ගහ බඳින්න ඕන. මේක කරන්නෙ හුලඟට ලහ පැද්දීම වලක්වන්න. මොකද හුලඟක් අල්ලල ගහ හෙල්ලුනොත් වාහින එක නවතිනව. අපේ තාත්තට ඔය වැඩේ උනා.ඒක මූලික පියවර. ඒ වගේම මේ බැඳපු බැමි දිගේ ගහට නඟින්නත් ලේසියි.
පැනි වලට ගන්නකොට මුට්ටියෙ හුනු ගානව වගේම හකුරු හදනව නං මුට්ටියට දාන්න පොතු ජාති තියනව. අපේ පැත්තෙ නං කෝන් පොතු. නැත්තං පැනි උණුකරද්දි පිච්චිලා කරවෙනව මිසක් ඝන බවට පත්වෙලා හකුරු හැදෙන්නෙ නෑ.
සීතල කඳුකර පලාත් වල වෑස්සෙන ප්රමාණය වැඩියි. අපේ පැතිවල අඩුයි.
සාමාන්යයෙන් පොල් ගහෙන් ගන්න තෙලිජ්ජ හෙවත් මී රා වල ඝනත්වය වැඩියි. කිතුල් වල අඩුයි. කිතුල් මී රා බෝතල් 6ක් 7ක් ඕන පැණි බෝතලයක් හදන්න. පොල් නං බෝතල 4-5ක් ඇති.Replies
බොහෝම ස්තූතියි වැඩි යමක් එකතු කළාට.. මමනම් ඔය වැඩේ ගැන මහා ලොකුවට දැනගෙන හිටියේ නෑ.. ඔය අහුල ගත්තු තොරතුරු ටිකක් තමා එකතු කරලා දැම්මේ... කොහොම හරි ඉතිං ඔය ගැනත් හොඳට දන්න කියන උදවිය මේ බ්ලොග් ලෝකෙ ඉන්න එකත් කොච්චර දෙයක්ද... :)Delete
කොමන්ටුවක් දිගේ අදමයි ආවෙ..ReplyDelete
කලින් පෝස්ටුවයි මේකයි දෙකම කියෙව්වා..හකුරු,පැණි කෑවට අදනෙ හදන හැටි දැනගත්තෙ බලං යද්දී ඒකත් ලේසිම නෑ නේ..වැඩේ තියෙන්නෙ දැන් කාලෙ හොද හකුරු කෑල්ලක් පැණි බෝතලයක් හොයාගන්න නේ අමාරු..(රා ගැන නම් දන්නෙ නැතෝ පිරිමි උදවියනම් පැනි මුට්ටියට වැටිච්ච ඇඹලයා වගේලු රා මුට්ටියක් දැක්කම නේ..)Replies
:D සාදරයෙන් පිලිගන්නවා ඔන්න.... රා නම් ඉස්තරම්!!!Delete
මේ කෙමිකල් භාෂාව නම් මට ටිකක් අමාරුයි වගේ.... මොක වුණත් කමක් නෑ මෙව්වා ටිකක් හොයා ගන්න ඕනා...:DReplyDeleteReplies
හුඟ කාලෙකින් නොවැ... ඔනෑනම් දෙන්ට පුලුවනි.. මේඩ් ඉන් ශ්රී ලංකා... ගන්න අපේ දේ.. d-)Delete | hplt_2 |
මෙවර පැවැත්වෙන නැඟෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ පැමිණිලි බාර ගැනීමට ප්රාදේශීය කාර්යාල පිහිටුවීමට පියවර ගන්නා බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.Continue reading …
ජාත්යන්තර ප්රමිතීන්ගෙන් යුත් ආයතනයක සහය ලබාගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතන දෙකෙහි රසායන විද්යාගාර නවීකරණය කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යංශය තීරණය ඇතැයි අද නිවේදනය කර තිබේ.Continue reading …
ඩීසල් භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝෂයන්ට ලක්ව ඇතැයි සිද්ධි වාර්තා වූ ආයතන වෙත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් අලුත් තෙල් තොග නිකුත්කොට අදාළ ගැටලුව යථා තත්ත්වයට පත්කොට ඇතැයි අද (01) නිවේදනය කර තිබේ.Continue reading …
ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC) මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණ අසත්යයක් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යංශය පවසයි.Continue reading …
ඉන්ධනහල්වලින් ලබාගත් ඩීසල් භාවිතකිරීම නිසා වාහනවල කාර්මික දෝෂ ඇති වීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ ඒවාට යෙදූ ඩීසල්වල ප්රමිතිය පිළිබඳ ව සැකසංකා පහළවන්නට පටන්ගෙන තිබේ.Continue reading …
එක් වීදි ලාම්පුවක් වෙනුවෙන් එක් රාත්රියකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රු.150.00 ඉක්මවන බවත් වසරකට වීදි ලාම්පු වෙනුවෙන් රු. මිලියන 1200ක්, 1400ක් අතර වියදමක් දරන බවත් වාර්තා වේ.Continue reading …
මෙවර උසස් පෙළ විභාගය කල් දැමීමට කටයුතු කරන්නේ නැතැයි උසස් අධ්යාපන අමාත්ය එස්.බී. දිසානායක අද (ජූලි 26) කොළඹ පැවති මාධ්ය හමුවකදී පැවසුවේය.Continue reading …
නව Z – score ප්රතිඵල නිකුත් කළේ අධිකරණ තීන්දුවකට අනුව බවත් එය ක්රියාත්මක කිරීමට අප බැඳී සිටින බවත් උසස් අධ්යාපන අමාත්ය එස්.බී. දිසානායක අද (ජූලි 26) පැවසුවේය.Continue reading …
පිළිකා රෝගය නිට්ටාවට ම සුව කළ හැකි ඖෂධයක් තමන් නිපදවා ඇතැයි වෛද්ය මහානාම ඒ. හපුගොඩගේ මහතා ඊයේ (24) කොළඹ දී පැවති මාධ්ය හමුවක දී අනාවරණය කළේ ය.Continue reading …
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ නිකුත් කරන ලද ප්රතිඵලවලට අනුව මතභේදයට ලක් ව ඇති Z-score අගයට අදාළ ගණනය කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් වාර්තාවක් වහා ම ලබාදෙන ලෙස උසස් අධ්යාපන අමාත්ය එස්.බී. දිසානායක වෙත ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්ය අංශය පවසයි.Continue reading … | hplt_2 |
අභ්යවකාශ තරගය
සෝවියට් සංගමය මගින් නිෂ්පාදනය කල Lunokhod 1 චන්ද්රා රෝවරය. එය වෙනත් ලෝකයක් මත ගොඩබාන ලද ප්රථම දුරස්ථ පාලක රොබෝ යන්ත්රය වේ. අභ්යවකාශ තරගය යනු අභ්යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සොවියට් සංගමය අතර පැවති තරඟයයි. මෙය දළ වශයෙන් 1957 වර්ෂයේ පටන් 1975 වසර දක්වා ක්රියාත්මක විය. ප්රථම චන්ද්රිකා මගින් අභ්යවකාශය ගවේෂණය, අභ්යවකාශය වෙත මිනිසුන් යැවීම සහ සඳ මතට මිනිසුන් යැවීම සදහා වු උත්සාහයන් මෙයට අන්තර්ගත විය.
සෝවියට් සංගමය 1957 වසරේ ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් (Sputnik) 1 යානය අභ්යවකාශගත කිරීමත් සමග අභ්යවකාශ තරගය ඇරඹුණු බව සැලකිය හැක. අභ්යවකාශ කරගය යන යෙදුම අවිආයුධ තරගය යන යෙදුම ඇසුරෙන් ඊට ප්රතිසම නිර්මාණය කරගන්නා ලද්දකි. අභ්යවකාශ තරගය සීතල යුධ සමය තුළ එක්සත් ජනපදය සහ සෝවයට් සංගමය අතර පැවති සංස්කෘතික, තාක්ෂණික සහ අදහස් මය ප්රතිවිරුද්ධ බවෙහි වැදගත් කොටසක් බවට පත්විය. මෙම ක්ෂේත්රය තුළ අභ්යවකාශ තාක්ෂණය අතිශය වැදගත් වීමට එහි හමුදාමය යෙදුම් සදහා පැවති විභවයත් සමාජීය වශයෙන් අභිමානය ඉහළ නැංවීමේ හැකියාවත් හේතු විය.
පටුන
කෘතිම චන්ද්රිකා[සංස්කරණය]
ස්පුට්නික්[සංස්කරණය]
ස්පුට්නික් 1 යානය බීච් බෝලයක ප්රiමාණයේ එකක් වූ අතර බරින් කිලෝග්රෑවම් 80 ඉක්මවු එය මාස 2කකට වැඩි කාලයක් පෘථිවිය වටා කක්ෂගතව පැවතීමට සමත් විය.
1957 වසරේ ඔක්තෝබර් 4 වැනි දින අභ්යාටවකාශ තරඟය ආරම්භ කරමින් සෝවියට් සංගමය විසින් ස්පුට්නික් 1 යානය සාර්ථකව ගුවන් ගත කළ අතර එය පෘථිවිය වටා කක්ෂ ගත වූ ප්රටථම චන්ද්රිසකාව බවට පත් විය. මෙම යානයත් සමඟ ඇති වූ යුදමය සහ ආර්ථිකමය වාතාවරණය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ බියක් හටගත් අතර දේශපාලනික මත ගැටුම් ද ආරම්භ විය. මේ හේතුවෙන් එවකට පාලනයේ යෙදුණු අයිසන් හවර් පාලන යාන්ත්ර ණයට නාසා ආයතනය ආරම්භ කිරීම ඇතුළු පියවර කිහිපයක් ක්රි යාවේ යෙදවීමට සිදු විය. ඒත් සමඟම සිය විද්යාආත්මක සහ ඉංජිනේරුමය හැකියාවන්ගේ සලකුණක් ලෙස සෝවියට් සංගමය විසින් ස්පුට්නික් යානයේ ගුවන්ගත කිරීම සලකන ලදී.
එවකට යුද්ධය නිසා දැඩි හානිවලට ලක්ව සිටි සෝවියට් සංගමය ස්පුට්නික් යානය ගුවන්ගත කිරීම සහ එතැන් සිට ආරම්භ කළ අභ්යාවවකාශ ගවේෂණ වැඩසටහන හේතුවෙන් එහි ජනතාව ප්රමෝදයට පත් විය. තවද මෙම වැඩ සටහන නව යුගයක තාක්ෂණික හැකියාවන් සෝවියට් සංගමයේ රටවැසියන්ට ඔප්පු කෙරෙන සාධකයක් වූ අතර එය ඉතා වැදගත් මෙන්ම ධෛර්ය නංවන ක්රිවයාවලියක් ද විය.
ස්පුට්නික් 1 යානය ගුවන්ගත කිරීමට පළමුව සාමාන්ය ඇමරිකානුවන්ගේ අදහස වූයේ සියළු තාක්ෂණික ක්ෂේත්ර1 තුළ එක්සත් ජනපදය ඉදිරියෙන්ම සිටින බවයි. ස්පුට්නික් වැඩසටහනට ප්රතිචාරයක් ලෙස පාසල් විෂය නිර්දේශය පවා වෙනස් කරමින් තාක්ෂණයෙහි පෙර ගමන්කරුවා වීමේ දැවැන්ත වැඩ සටහනක් එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදී. මින් වසරක් ගතවීමට ද ප්ප්රථම එක්සත් ජනපද කොංග්ර ස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක අධ්යානපන පනත නීතිගත කළ අතර එය එක්සත් ජනපද ඉතිහාසය තුළ ඉදිරිපත් වූ ෆෙඩරල් අනුග්ර්හය සහිත වඩාත් විශාලතම අධ්යා පනික වැඩසටහන විය. මෙම පනත මඟින් විශාල පරාසයක ක්රියාවලීන් සමූහයක් සඳහා ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් වෙන් කරන ලදී. මේ අතරට නව පාසල් ඉදි කිරීම, දක්ෂ සිසුන්ට උසස් අධ්යාමපනය ලැබීම සඳහා ණය ආධාර ලබා දීම සහ අධි ශිෂ්යකත්ව සැපයීම, ආරක්ෂක කර්මාන්ත තුළ පැවති මිනිස් බල හිඟය පියවීම සඳහා නව වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් විශාල සංඛ්යානවක් අයත් විය. මෙම ප්රතිචාරය වර්තමානයේ දී ස්පුට්නික් අර්බුදය ලෙස හැඳින්වේ.
සෝවියට් සංගමයේ වැසියන් මෙන්ම එක්සත් ජනපදවාසීන් ද ගුවන් ගත කිරීම් සමූහය පිළිබඳ අවධානයෙන් සිටි අතර රොකට්වල අනුරූ තැනීම ප්රචලිත විනෝදාංශයක් බවට පත් විය.
නාසා ආයතනයේ පුවත් පත් සාකච්ඡාවක දී ඉදිරිපත් කෙරුණු Explorer 1 යානයේ ආකෘතියක්
ස්පුට්නික් 1 යානය ගුවන් ගත කිරීමෙන් මාස 4ක් ගෙවීමට ආසන්න වත්ම එක්සත් ජනපදය විසින් සිය ප්රථම චන්ද්රිවකාව වූ Explorer 1 යානය ගුවන්ගත කරන ලදී. කෙසේ නමුත් මේ අතරතුර කේප් කැනවරල් හි දී ලැජ්ජා සහගත අසාර්ථක ගුවන් ගත කිරීමේ උත්සාහයන් කිහිපයක් ද සිදු විය.
ආරම්භක චන්ද්රිුකා පවා විද්යාගත්මක අරමුණු සඳහා භාවිතා විය. ස්පුට්නික් යානය ඉහල වායු ගෝලයේ ඝනත්වය නිර්ණය කර ගැනීම සඳහා ආධාර විය. එසේම Explorer 1 යානයේ ගුවන්ගත කිරීම් දත්ත ජේම්ස් වෑන් ඇලන්හට වෑන් ඇලන් විකිරණශීලී පටිය සොයා ගැනීමට ආධාර විය.
චන්ද්රිකා සන්නිවේදනය[සංස්කරණය]
පළමු ඇමරිකානු සන්නිවේදන චන්ද්රි්කාව වූ Project SCORE යානය 1958 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගුවන්ගත කරන ලදී. එමඟින් ජනාධිපති ඩිවයිට් D අයිස්න් හවර්ගේ නත්තල් පණිවුඩයක් ලොව පුරා විකාශය කරන ලදී. චන්ද්රිජකා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ අභ්යාඩවකාශ තරඟය හේතුවෙන් හටගත්, නැතහොත් ඒ කාලය තුළ ළඟා කර ගන්නා ලද අනෙකුත් විශේෂිත ඉලක්කයන් පහත දැක්වේ.
1962 – Telstar - ප්රථම සක්ක්රිය සන්නිවේදන චන්ද්රිදකාව වේ. (පර්යේෂණ මට්ටමේ සාගර හරහා සන්නිවේදක චන්ද්රිeකාවක් ද විය.)
1972 – Anik 1 - ප්රථම දේශීය සන්නිවේදන චන්ද්රිදකාව (කැනඩාව)
1974 – Westar - ප්රථම ඇමරිකා එක්සත් ජනපද දේශීය සන්නිවේදන චන්ද්රිකකාව
1976 – Marisat - ප්රථම ජංගම සන්නිවේදන චන්ද්රිීකාව
එක්සත් ජනපදය විසින් ලොව ප්රථම භූ සමමුහුර්ත චන්ද්රිේකාව වූ Syncom 2 යානය 1963 වසරේ ජුලි 26 වන දින අභ්යාවකාශ ගත කරන ලදී. මෙම චන්ද්රි්කාවෙහි සාර්ථකත්වය හේතුවෙන් තවදුරටත් චන්ද්රි කා ප්ප්රතිග්රාගහක තැටි චන්ද්රිෙකාවක ගමන්මගට අනුරූපව චලනය වීමේ අවශ්යටතාවක් නොවීය. ඊට හේතුව වූයේ මෙම චන්ද්රිදකා භූ ස්ථායී කක්ෂයක පිහිටීමයි. මෙතැන් පටන් සාමාන්යය ජනතාවට එක්වරක් සකස් කිරීමකින් අනතුරුව මෙම තාක්ෂණය ඔස්සේ රූපවාහිනී සඳහා චන්ද්රිටකාවලින් විකාශය කෙරෙන සන්නිවේදන තොරතුරු භාවිතා කිරීමේ හැකියාව හිමි විය.
අනෙක් ග්රාහ ලෝකවලට වූ මෙහෙයුම්.[සංස්කරණය]
1962 දෙසැම්බර් 14 වන දින අභ්භ්යාවකාශ යානයක් සිකුරු ග්ර හයා පසුකරමින් ගමන් ගත්තේය. මෙලෙස අභ්යාවකාශ යානයක් ග්රෝහ ලෝකයක් පසු කරමින් ගමන් ගත් ප්ර ථම අවස්ථාව මෙය විය.
1960 දී සෝවියට් එකමුතුව මඟින් පළමුව අඟහරු හා සිකුරු කරා ග්ර්හලෝක ප්රබ යවන ලදී. සිකුරු ආසන්නයෙන් සාර්ථකව ගමන් ගත් ප්ප්රථම අභ්භ්යාවකාශ යානය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි මැරිනර් 2 අභ්යා වකාශ යානයයි. එය සිකුරුහි අති විශාල මතුපිට උෂ්ණත්වය හා වායු ඝනත්වය පිළිබඳ පුදුම සහගත දත්ත පෘථිවිය කරා එවන ලදී. එය කැමරා රැගෙන නොගිය නිසා එහි සොයා ගැනීම් අභ්යාහවකාශ ප්රබවලින් ලබා දුන්, තාරකා විද්යාඥයන්ගේ පෘථිවියෙහි පිහිටුවා ඇති දුරදක්නවල ධාරිතාව අතිශයින් ඉක්මවූ පින්තූර තරම් මහජන අවධානයට ලක් නොවිණි.
1971 දී නිකුත් කරන ලද සෝවියට් එකමුතුවෙහි විනේරා 7 අභ්යා වකාශ යානය සිකුරු මත ගොඩ බෑ ප්ප්රම යානය බවට පත් විය. විනේරා 9 වෙනත් ග්ර හලෝක මතුපිටෙහි ඡායාරූප පෘථිවියට එවූ ප්ප්රම අභ්යාවවකාශ යානය බවට පත් විය. මෙමඟින් නිරූපණය වන්නේ දිගු විනේරා ශ්රේමණියේ යානා 2ක් පමණි. වෙනත් විනේරා අභ්යාවකාශ යානා කිහිපයක් සිකුරු අසලින් ගමන් කිරීමේ මෙහෙයුම් සිදු කළ අතර සමහරක් ගොඩ බෑමට තැත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. තවත් විනේරා ලෑන්ඩර 7ක් මින් පසුව ක්රිමයාත්මක විය.
1974 දී ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ මැරිනර් 10 අභ්භ්යාවකාශ යානය බුධ කරා වූ එහි ගමන අතරතුර සිකුරු අසලින් පියාසර කරන ලදී. එය ඊළඟ වසර 34 පුරාම බුධ අසලින් පියාසර කළ ප්ප්රම හා එකම අභ්යාවකාශ යානය බවට පත් විය.
එක්සත් ජනපදය මඟින් 1965 දී නිකුත් කරන ලද මැරිනර් 4 අභ්භ්යාවකාශ යානය අඟහරු අසලින් පියාඹා ගිය ප්ප්රම ප්ප්රබය බවට පත් විය. එමඟින් සම්පූර්ණයෙන්ම අපේක්ෂා නොකළ ආකාරයේ ඡායාරූප සම්ප්ප්රශණය කරන ලදී. අඟහරු මත පතිත වීම සඳහා වු ප්රථම අභ්යාවකාශ යානය, මාස් 3, USSR මඟින් 1971 දී නිකුත් කරන ලද අතර එමගින් පෘථිවිය කරා ඡායාරූප නොඑවන ලදී. ප්ප්රමවරට එවැනි ඡායාරූප සම්ප්ප්රශණය කරන ලද්දේ 1976 US වයිකිං ලෑන්ඩර්ස් මඟිනි.
නිකුත් කිරීම් හා තටාකනය කිරීම් (Docking)
1965 දෙසැම්බර් 15 වනදා ඇමරිකානු ජෙමිනි 7 හා ජෙමිනි 6 අභ්භ්යාවකාශ ගමන මිනිසුන් සහිත අභ්යාවකාශ යානා 2ක් අතර ප්ප්රම අභ්යාවකාශ සංකේතස්ථාන (Rendezvous) මෙහෙයුම සම්පූර්ණ කරන ලදී. අභ්භ්යාවකාශ යානා මීටරයක් පමණ ආසන්නය දක්වා පැමිණි අතර කක්ෂ කිහිපයක් යන තෙක් එකිනෙක සමඟ ස්ථාවරව තිබිණි.
US අභ්යාවකාශ යානාවක් වන ජෙමිනි 8 1966 මාර්තු 16 ප්ප්රම කක්ෂීය අභ්භ්යාවකාශ තටාකනය කිරීම සිදු කරන ලදී. ප්ප්රම ස්වයංක්රීම අභ්යා වකාශ තටාකනය කිරීම 1967 ඔක්තෝබර් 30 වනදා සෝවියට් එකමුතුවෙහි කොස්මෝස් - 186 හා කොස්මෝස් - 188 (මිනිසුන් රහිත සෝයුස් අභ්යාටවකාශ යානා 2ක්) යානා එකිනෙක සම්බන්ධ කරන ලදී.
1967 අප්ප්රල් 26 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ක්වුට් B, ප්ප්රම වතාවට මුහුදෙහි සිට වූ නිකුත් කළ යානය බව පත් විය. ප්ප්රම අභ්යාවකාශ මධ්යකස්ථානය (සෝවියට් එකමුතුවෙහි සැල්යුට් 1) එහි ක්රියාවලි 1971 ජුනි 7 ආරම්භ කරන ලදී.
අභ්භ්යාවකාශයේ සජීවී ජීවීන්[සංස්කරණය]
අභ්යා/වකාශයේ සතුන්[සංස්කරණය]
1946 දී ඇමරිකානුවන් විසින් අත්පත් කර ගත් ජර්මානු V-2 රොකට්ටු මඟින් පලතුරු මැස්සන් මුදා හැරීම, විද්ද්යාත්මක අධ්යcයනයන් සඳහා වාර්තා ගත සතුන් අභ්යාටවකාශයට මුදා හැරීමේ ප්ප්රම අවස්ථාව විය.
කක්ෂයකට යවන ලද ප්ප්රම සත්වයා වූයේ ලයිකා බැල්ලියයි. 1957 මේ සිදුවීම යොදා ගන්නා ලද්දේ සඳහා උපකාරී වූයේ ස්පුට්නික් 2 අභ්යායවකාශ යානයයි. එම බැල්ලිය නැවතත් පෘථිවිය කරා ගෙන ඒමට කිසිදු අදහසක් හෝ ක්රුමයක් නොතිබූ අතර එමනිසා අභ්යාශවකාශයට ළඟා වීමෙන් පසු දින කිහිපයක දී ආතතියෙන්, අධික තාපයෙන් හා විජලනය නිසා ඇය මරණයට පත් විය. 1960 දී සෝවියට් අභ්යාඅවකාශ සුනඛයන් වන බෙල්කා හා ස්ට්රෙිල්කා පෘථිවිය වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා පැමිණෙන ලදී.
ඇමරිකානු අභ්යා වකාශ වැඩසටහන අප්ප්රකාවෙන් චිම්පන්සීන් ගෙනවිත් ප්ප්රම මිනිසා කක්ෂගත කිරීමට ප්ප්රම අවම තරමින් චිම්පන්සීන් දෙදෙනෙක් වත් අභ්යාපවකාශයට යවා අත්හදා බලා ඇත. 1968 දී සොන්ඩ් 5 යානය මඟින් සෝවියට් එකමුතුව ඉබ්බන් අභ්යාවකාශයට යවන ලදී. සඳ වටා පියාසර කිරීමට වරම් ලත් ප්ප්රම සතුන් වූයේ ඔවුන්ය.
අභ්භ්යාවකාශයේ මිනිසුන්[සංස්කරණය]
අභ්යාවකාශයට ගිය ප්රථම මිනිසා යූරි ගගාරින් වේ.
සෝවියට් අජටාකාශගාමී යූරි ගගාරින් අභ්භ්යාවකාශයට ගිය ප්ප්රම මිනිසා බවට පත් වූයේ 1961 අප්ප්රල් 12 වන දා වොස්ටොක් 1 යානය මඟින් කක්ෂයට ඇතුළත් වීමත් සමඟය. මෙම දිනය වර්තමානයේ දී රුසියාව හා වෙනත් බොහොමයක් රටවල්වල නිවාඩු දිනයක් ලෙස සැලකේ. ඔහු මිනිත්තු 108ක් පුරාවට පෘථිවිය වටා කක්ෂගත වී සිටියේය.
දවස් 23කට පසු ෆ්රීපඩම් 7 ලෙස හැඳින්වූ උප කක්ෂීය මෙහෙයුමක දී ඇමරිකාව වෙනුවෙන් ඇලන් ෂෙපාඩ් අභ්යාටවකාශයට ඇතුළ් විය. 1962 පෙබරවාරි 20 වනදා කක්ෂ 3ක් සම්පූර්ණ කරමින් පෘථිවිය වටා කක්ෂගත වූ ප්ප්රම ඇමරිකානුවා වීමට ජෝන් ග්ලේන් සමත් විය. මේ සඳහා උපකාරී වූයේ ෆ්රෙ න්ෂිප් 7 යානයයි.
පළමුවරට මිනිසුන් දෙදෙනෙකුගෙන් යුත් ගුවන් ගමන් ද මුලින්ම ඇරඹුණේ සෝවියට් එකමුතුවෙනි. ඒ 1962 අගොස්තු 11 - අගෝස්තු 15 අතරතුරය. සෝවියට් හි වැලන්ටිනා ටෙරෙස්කෝවා 1963 ජූනි 16 වනදා වොස්ටොක් 6 යානය මඟින් අභ්යාමවකාශයේ සංචාරය කරමින් අභ්යා1වකාශයට යන ලද ප්ප්රම කාන්තාව බවට පත් විය. කොරලව් විසින් වැඩි කාලාන්තරයකින් යුත් තවත් වොස්ටොක් මෙහෙයුම් සැලසුම් කර තිබුණ ද ඇපලෝ වැඩ සටහන ප්ප්රශයට පත් වීමෙන් පසුව අගමැති කෘෂෙව්ට තවත් ප්රප්ර ස්ථාන අවශ්යි විය. දෙදෙනෙකුට වඩා වැඩි කාර්ය මණ්ඩලයකින් යුත් ප්රෘප්ර ගුවන් ගමන වූයේ සෝවියට් එකමුතුවෙහි වොස්ක්හොඩ් 1යි. වොස්ටොක් යානාවල නවීකරණය කරන ලද අංගයක් වූ මෙය 1964 ඔක්තෝබර් 12 වනදා ෆියොක්ටිස්ටොව්, කොමරව් හා යෙගොරොව් රැගෙන අභ්යාවකාශගත විය. මෙය කාර්ය මණ්ඩලය අභ්භ්යාවකාශ ඇඳුම් නොඇඳ සිටි ප්ප්රම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.
සෝවියට් එකමුතුව මඟින් 1965 මාර්තු 18 නිකුත් කරන ලද වෝස්හොඩ් 2හි ඇලෙක්සි ලෙනෝව් ප්ප්රම අභ්යාවකාශ ඇවිදීම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේ අවසානය ව්යලසනයක් වීමට ඉතා වැඩි ඉඩ ප්ප්රථාවක් පැවතුණි. දුර්වල රෙට්රො රොකට් දහනයක් නිසා යානය ඉලක්කයෙන් 1600km එපිටින් පතිත වූ අතර ලෙනොව්හට කැප්සුලයට පැමිණීමට හැකි වූයේ යන්තමිනි. මෙම අවස්ථාව වන විට කෘෂෙව් තම තනතුරක් අස්වී තිබූ අතර නව සෝවියට් නායකත්වය දුර්වලතා සහිත චන්ද්රව ගොඩබෑම් උත්සාහයකට කැමැත්තක් දැක්වූයේ නැත. | hplt_2 |
එස් පහ යනු ජපානයේ උපන් ක්රමවේදයකි. මෙම ක්රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය . seiri, සෙයිරි seiton, සෙයිතොන් seiso, සෙයිසො seiketsu, සෙයිකෙත්සු shitsuke ෂිත්සුකේ seiri, සෙයිරි Sortingඅවශ්ය හා අනවශ්ය දේ හදුනාගෙන අනවශ්ය දේ බැහැර කිරීම seiton, සෙයිතොන්අවශ්ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම seiso, ...
එස් පහ යනු ජපානයේ උපන් ක්රමවේදයකි. මෙම ක්රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය . seiri, සෙයිරි seiton, සෙයිතොන් seiso, සෙයිසො seiketsu, සෙයිකෙත්සු shitsuke ෂිත්සුකේ seiri, සෙයිරි Sortingඅවශ්ය හා අනවශ්ය දේ හදුනාගෙන අනවශ්ය දේ බැහැර කිරීම seiton, සෙයිතොන්අවශ්ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම seiso, ...
body mass index (BMI) ඔබේ උසට ගැලපෙන බරක් තිබේ දැයි බලන්න... සැ. යු . වෛද්ය උපදේසයකින් තොරව කැම පාලනය (කෑම අඩු වැඩි ) නොකළ යුතුයි
body mass index (BMI) ඔබේ උසට ගැලපෙන බරක් තිබේ දැයි බලන්න... සැ. යු . වෛද්ය උපදේසයකින් තොරව කැම පාලනය (කෑම අඩු වැඩි ) නොකළ යුතුයි
මේ ඔයා ෆේස්බුක් ඉන්නවා ද? ට්වීටර්, ඉන්ස්ටාග්රෑම් ඉන්නවාද.. අද කාලේ ලමයින්ගේ ප්රියතම ප්රශ්ණ තමා ඕවා... ඇත්තටම අපිට සෝෂල් නෙට්වර්ක් නැතිව ඉන් න බැරිද? සමහර අය නම් ඉතින් උදේ නැගිටින්නේ සෝෂල් නෙට්වර්ක් එකක නෝටිෆිකේෂන් එකක සද්දෙන්... එච්චරට ඒකට ඇබ්බැහි වෙලා... නැගිට්ට ගමන්ම මුලින්ම ගියා ෆේස්බුක් බැලුවා නෝටිෆිකේෂන්ස් .. ගියා ට්වීටර් බැලුවා මොනවාද ට්රෙන්ඩ් වෙන්නෙ කියලා... අද ඉස්කෝලේ යන්න ...
මේ ඔයා ෆේස්බුක් ඉන්නවා ද? ට්වීටර්, ඉන්ස්ටාග්රෑම් ඉන්නවාද.. අද කාලේ ලමයින්ගේ ප්රියතම ප්රශ්ණ තමා ඕවා... ඇත්තටම අපිට සෝෂල් නෙට්වර්ක් නැතිව ඉන් න බැරිද? සමහර අය නම් ඉතින් උදේ නැගිටින්නේ සෝෂල් නෙට්වර්ක් එකක නෝටිෆිකේෂන් එකක සද්දෙන්... එච්චරට ඒකට ඇබ්බැහි වෙලා... නැගිට්ට ගමන්ම මුලින්ම ගියා ෆේස්බුක් බැලුවා නෝටිෆිකේෂන්ස් .. ගියා ට්වීටර් බැලුවා මොනවාද ට්රෙන්ඩ් වෙන්නෙ කියලා... අද ඉස්කෝලේ යන්න ...
මූණු පොතෙන් ඇරඹුණු ජාති විරෝධය පිලිබද වැදගත් ලිපියක්
Image Courtesy : Awantha Artigala හොද නරක තෙරුම් ගැනීම ඔබට බාරයි???
කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්රම සම්පාදකයෙකි... මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය.. 2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය.. එම වෙබ් අඩවිය ලොව ජනප්රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි... 150 ක ...
කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්රම සම්පාදකයෙකි... මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය.. 2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය.. එම වෙබ් අඩවිය ලොව ජනප්රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි... 150 ක ...
මූනු පොතේ facebook සෑරි සරද්දි මම දුටු ඇතැම් කන්ඩායම් groups දැක්කම මට දුකක් සමග මලක් ආවා.. එකේ තිබ්බේ ක්රිස්තියානි මුස්ලිම් අන්තවාදය සහ බුදුදහම කියාලා මොකක්ද කියලා හරියට මතක නෑ.... එක දකිද්දි තමා මට හිතුනේ .. මොන පයියක් ද ඩෝ මේ මෙව හදන එවුන්ට පිස්සු ද බන්... මානසික රෝගීන්නේ,,,, ආගම කට ජාතියට විරුද්ධ වෙලා මොනවා කරන්න ද?? අපි මොනව කරන්න ද??? අපේ ...
කට්ටියම මේ සින්දුව කොහොමද කියලා කියන්න බලන්න.... මොකද?? මම මේ ලින්ක් එක බෑන්ඩ් එකේ සාමජිකයන්ට පෙන්නනවා
ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්රේනින් එකට. ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි... තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... මෙන්න සරල රූටින් එක, 5ට නැගිට්ටා 6ට PT 8ට විතර සරඹත් කරා ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ball, TT, badminton, ...
ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්රේනින් එකට. ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි... තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... මෙන්න සරල රූටින් එක, 5ට නැගිට්ටා 6ට PT 8ට විතර සරඹත් කරා ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ...
විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ... අර කලින් සම සෞඛ්ය ප්රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා නේ... ඔන්න ...
විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ... අර කලින් සම සෞඛ්ය ප්රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා ...
එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න.... දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්රීඩා කරලා තියන පලේ මොකක්ද??? අනිත් එක ඔය වලි ...
එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න.... දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්රීඩා කරලා තියන පලේ මොකක්ද??? අනිත් එක ...
11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව ...
11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් ... | hplt_2 |
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා හැර මාස 15 කින් අනතුරුව එරට පැවැත්වෙන ප්රථම නිදහස් ජනාධිපතිවරණය 23 වැනි දා පැවැත් වේ.
ඊජිප්තු වැසියන් මිලියන 50 ක් මෙවර ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඇතැම් ඡන්ද මධ්යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්ය පවසයි.
සාධාරණ මැතිවරණයක් සහ සිවිල් පාලනයක් සඳහා පොරොන්දු වෙමින් 2011 පෙබරවාරි මාසයේ එරට හමුදාව විසින් ඊජිප්තුවේ ජනාධිපති බලය අත්පත් කර ගන්නා ලදී.
වෙනසක් අපේක්ෂිත ඊජිප්තු වැසියන්ට මෙය සැබවින් ම ශ්රේෂ්ඨ මොහොතක් බව එරට ජනතාව පවසති. | hplt_2 |
ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් අමුතු සැලැස්මක් සකස් කරල තියෙනව ‘බිග් ෆුට්’ නම් යෝධ සත්වයා කැමරාවට හසු කර ගන්න. කැලිෆේනියාවේ කඳුකර වානාන්තරවල වෙසෙතැයි සැලකෙන මේ යෝධ සත්වයා යම්තම් හෙලිකොප්ටරයක හෝ ඈතින් එන ගුවන් යානා හඬක් ඇසුණොත් සැඟවී යනවා. ඒ නිසා උගේ පරිසරයට යම්තම්වත් නොදැනෙන උපක්රමයක් යොදන්නයි, ඔවුන් හදන්නෙ.
අතීතයේ දී වරින්වර මේ සතාගේ පින්තූරයක් දෙකක් පුවත් පත්වල පළ වුනත් හරියට ඌව දැකපු කෙනෙක් නැහැ. හැබැයි උගේ ලොකු අඩි නම් හමුවෙලා තියෙනවා. ඒ අද්භූත සත්වයාට බිග්ෆුට් කියන්න පටන් ගත්තේ මේ යෝධ පා සටහන් අනුව යමිනුයි.
මේ වතාවෙ ඔවුන් ඌව කොටුකර ගන්න හදන්නේ දුරස්ථ පාලයකින් කි්රයා කරන ‘බැලූන’ යානයක් (airship) යොදා ගෙනයි. හීලියම් පිරවූ මේ යානය කිසිම හඬ නොනඟා සෙමින් කැනඩාවේ කඳුකරයේ අහසේ එහා මෙහා යවමින් එහි සවි කළ, ගුවන්විදුලි තරංග මගින් කි්රයා කරවන, විශේෂ අධෝරක්ත කැමරා හා අධිරූපණ කැමරා යොදා ගෙන මේ ‘ගුප්ත’ සත්වයා කැමරාවට නැඟීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.
ඔවුන් මේ ව්යාපෘතිය හඳුන්වා ඇත්තේ ‘ෆෝල්කන්’ කියායි. අහසින් ගිහින් මේ බිග්ෆුට් අබිරහස සොයා ගන්නට තැත් කරන පළමුවන වතාව මෙයයි.
මේ නව බැලූන යානය හඳුන්වා ඇත්තේ ‘ඔරෝරා මාක් ටූ’ කියලයි. සාමාන්යයෙන් හෙලිකොප්ටරයකට හෝ ගුවන්යානයකට වඩා වාසි ගණනාවක්ම එහි තියෙනවා. ලොකුම වාසිය තමා නිහඬව අහසේ යාමට ඇති හැකියාව. ඒ වගේම එය හසුරුවන්නත් ලේසියි.
දෙපයින් යන යෝධ ගෝරිල්ලකු බඳු මේ මානවරූපී සත්වයා ඇමරිකාවේ හා කැනඩාවේ වනාන්තර ගතව වෙසෙන බව විශ්වාසයයි. යෝධ දෙපා ඇති මේ සතාට ‘බිග්ෆුට්’ නැත්නම් ‘සස්ක්වොච්’ කියලත් කියනවා. දැනට උගේ පින්තූර යැයි කියා හැඳින්වෙන ඒවා එතරම් පැහැදිලි නැහැ. උගේ කුලෑටි ගති නිසා අමුත්තක් යම්තම් හෝ දැනුනු විට පැන දුවන බැවින් නිසි ලෙස කැමරාවට නඟන්න බැරි බවයි, බිග්ෆුට්ගේ පින්තූර ගන්න උත්සාහ කළ අය කියන්නෙ.
උතුරු ඇමරිකාවේ වෙසෙන විශාල වානර විශේෂයක් පිළිබඳව සිද්ධි වාර්තා, පා සලකුණු, කෙස් ආදිය නිසා තවමත් හඳුනා නොගත් පි්රමාටා සත්ව විශේෂයක් ඇතැයි සිතන්නට මේ රටවල මිනිසුනට කොතෙකුත් හේතු තියෙනවා. සමහරු සිතන්නේ ලොව පුරා ම පවතින ප්රවාද අනුව යෙටීට හෙවත් හිම මිනිසාට සමාන සත්ව විශේෂයක් මිනිසා මඟ හරිමින් වනාන්තරවල වෙසෙනවාය කියායි.
මේ ෆෝල්කන් ව්යාපෘතිය අරඹා ඇති විලියම් බාන්ස් කලින් රන් ආකාර හිමියෙක්. ඔහු 1997 දී වරක් මේ අපූරු සත්වයා අහම්බෙන් මෙන් දැක තියෙන අයෙක්. ඔහු විශ්වාස කරනවා මේ වතාවේ ඔවුන්ට බිග්ෆුට් ස්ථිරවම දකින්නට ලැබේවි කියලා.
බිග්ෆුට් හෙවත් ‘සස්ක්වොච්’ ඉන්නා බවට දැනට ඇති එකම සාක්ෂිය රොජර් පැටර්සන් විසින් 1967 දී සිනමා කැමරාවට නඟන ලද දර්ශන පෙළක් විතරයි. බිග්ෆුට් පිළිබඳ මේ කතාව ගොතන ලද්දක් යැයි සිනමාපටයත් ව්යාජ එකක් යැයි යම්යම් අය තර්ක කළත් 1972 මිය යනතුරුම පැටර්සන් එහි සත්යවාදී බව ගැන තරයේම සහතික කළා.
දැන් ෆෝල්කන් ව්යාපෘති කණ්ඩායම බලාපොරොත්තු වෙනවා, නව වීඩියෝ සාක්ෂි සොයා ගන්න. යම්හෙයකින් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුනොත් ඔවුන්ට ‘නිධානයක්’ හම්බවුනා වාගෙ වේවි.
ඔවුන් කියන්නේ, ”අපට වෙනත් කිසිම කෙනකු නොකරන තාලේ තාක්ෂණයක් පාවිච්චි කරන නිසා එහෙම සතකු ඇත්නම් අනිවාර්යයෙන්ම අපට උගේ පින්තූර ගන්න හැකි වෙනවා නොඅනුමානයි.
ඇමරිකාවේ ඉඩහෝ විශ්ව විද්යාලයේ කායික හා මානව විද්යා මහාචාර්ය ජෙෆ් මෙල්ඞ්රම් තමයි පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙමින් එය මෙහෙයවන්නේ. ඔහු වසර 17ක් තිස්සේ මේ ගැන කරුණු සොයමින් සිටිනවා. වොෂින්ටන් ප්රාන්ත වනාන්තරයකින් හමු වූ අඟල් 15ක් පමණ දිග පා සලකුණ ලැබුණු දා සිට ඔහු මේ උනන්දුවෙනවා.
මහාපාදයා හෙවත් බිග්ෆුට් මොන වගේද?
බිග්ෆුට්ගේ පැහැදිලිව ගත් පින්තූර කිසිවක් නැහැ. දැකපු අයත් ඌව දැකල තියෙන්නේ ඇසිල්ලක කාලයක් විතරයි. ඒ නිසා විස්තර නිවැරදිවම කියන්න ඔවුන් දන්නෙ නැහැ. දැනට දැකපු අය කී දේ ඇසුරෙන් තමයි පහත සඳහන් කරුණු ගොනු කරලා තියෙන්නෙ.
අඩි 6-10ත් අතර සිරුර ලෝමවලින් පිරුණු ගෝරිල්ලකු වගේ සතෙක්. මිනිසකු මෙන් දෙපයින් ඇවිදිනවා. බර රාත්තල් 500ක් විතර ඇති. ඇෙඟ් ලෝම තද දුඹුරු හෝ රතු පැහැතියි. ඇස් ලොකුයි.
මහාපාදයා හෙවත් බිග්ෆුට් කියන්නේ උගේ පාද අති දැවැන්ත හින්දයි. අඟල් 24ක් විතර දිගයි. අඟල් 8ක් විතර පළලයි. පා සටහන් අනුව බිග්ෆුට්ලා දෙදෙනෙක් හෝ හය දෙනෙක් විතර රැළක ඉන්නවා. මේවා කියන්නේ දැනට හමුවී ඇති පා සලකුණු දිහා බලලයි.
වඩාත් හැසිරෙන්නේ රාති්ර කාලයටයි. ඌ සර්වභක්ෂකයෙක් කියලයි විශ්වාස කරන්නෙ.
තවත් කියවන්න...
- ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්
- ඇමෙරිකාවේ ඔහියෝ ප්රාන්තයෙන් ‘බිග්ෆුට්’ හමුවුණාද? බිග්ෆුට් ගැන අලූත් තොරතුරු...
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න. | hplt_2 |
මා විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංගය ‘ස්වයං රැකියා අත්වැලයි’. මෙය ඔබට නිවසේ සිටම සැලකියයුතු ආදායමක් ලබාගැනීමට අවස්ථාව සලසනු වස් නොමිලයේ සපයන සේවාවකි. මුදල් එපා. තුටු පඬුරු එපා. ‘කියවීමෙන් පසු’ කැමතිනම් හිට් එකක් පමණක් ලබාදෙන්න. (අකමැති නම් ඒකත් එපා)
අද හඳුන්වා දෙන්නේ ලංකාව තුල කවදත් ජනප්රිය ‘ගුප්ත විද්යා’ ක්ෂේත්රයට සම්බන්ධ ‘පුනර්භව පර්යේෂකයෙක්’ වන ආකාරයයි.
අවශ්ය ද්රව්ය
· විකාර කියවන පොඩිඑවුන් 1 යි.
· උගෙ අම්මා නමැති එලදෙන සහ තාත්තා නමැති එලගොනා (1 බැගින් සෑහේ)
· හූමිටි තැබීමට ලංකාවේ සමකාලීන බුද්ධාගම ගැන ප්රමාණික දැනුමක් සහිත වයසක උපාසක මහතුන් හතර පස් දෙනෙක්.
· බාහිර අලංකරණය සහ ප්රචාරක කටයුතු සඳහා හතර පෝයට සිල් ගන්න උපාසිකා මාතාවන් හත් අට දෙනෙක්
(මෙම උපාසක උපාසිකාවන් සොයාගැනීමට වෙහෙසිය යුතු නැත. ඉහත සංඛ්යාවන් ලෙස දක්වා ඇත්තේ ආරංචිය ලැබී පැමිණෙන තුන්හාරසීයෙන් ඔබ තෝරාගත යුතු සංඛ්යාවයි.)
· තරමක් වයෝවෘද්ධ හාමුදුරුනමක් හෝ දෙනමක් (මාධ්ය ප්රකාශක කටයුතු සඳහා)
· ලංකාදීප/දිවයින හෝ රන්දිව යන පුවත්පත් වලින් එකකට ලියන (හෝ මලවන) මාධ්යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)
· රුපියල් දහපාලොස්දහක මුදලක් සහ ඩොල්පින් වෑන් එකක්. (මරුටියක් වුව මේ සඳහා සුදුසුය - සුදු පැහැති වාහන භාවිතා කිරීමෙන් වලකින්න)
පර්යේෂණය කරන ක්රමය
ඔබ මුලින්ම කලයුත්තේ විකාර කියවන පොඩි දරුවා නිවැරදිව තෝරාගැනීමයි. මෙ සඳහා සමාජයේ සාමාන්ය ආරංචිමාර්ග භාවිතා කල හැකිය. මෙම දරුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් වීම ඉතා සුදුසුය. එකේ පන්තියේ සිටම දහම්පාසල් යැවූ දරුවෙකු තෝරා ගැනීමෙන් ඉතා යහපත් ප්රතිඵල ලැබේ.
ඔබ මුලින්ම සොයා ගත යුත්තේ මේ දරුවා කුඩා කලදී කියා ඇති මඥ්ඤං කතාවකි.
සාමාන්යයෙන් ඕනෑම දරුවෙකු වයස අවුරුදු පහ හය ඉක්මවීමට පෙර මෙවන් කතා දෙක තුනක්වත් කියන අතර එයින් වඩාත් ගැලපෙන කතාව තෝරා ගැනීම ඔබේ දක්ෂතාවයයි. උදාහරණයක් ලෙස.....
“තාත්තියි මායි කාර්එකේ යද්දි ජෝ එකකට වැටුනා”
“ඉස්සර මං උඩී.....න් ඉගිල්ලුනා”
“අපේ ගේ තිබුනෙ කන්දක් උඩ...”
“මං පන්සලක නයෙක් වෙලා හිටියා...”
දැන් මෙයින් ඔබ තෝරා ගත යුත්තේ සිව්වැන්නයි. මන්ද යත් ජෝ වලට කාර් වැටුනු සිද්දි ඉතා අල්පය. උඩින් ඉගිල්ලුන උං ගැන සෙවීමට නම් ඉගිල්ලෙන්නම සිද්දවේ. කඳු උඩ ගෙවල් කාටවත් ඉන්ටරස්ටින් නැත. අන්න ඒකට හතරවෙනි එක. බලන්න.... “පන්සලක...” “සුදු නයෙක්...” කෙතරම් සිත් අලවන සුළුද?
දැන් ඔබ මුලින්ම සමීප විය යුත්තේ අර එළදෙනටය. එළ ගොනා වරින්වර ඔබට රැවීමට ඉඩ ඇති බැවින් මදක් ප්රවේශම් වීමට වගබලාගන්න.
ඔබ මුලින්ම කල යුත්තේ දරුවා ගැන මෛත්රී බෝධිසත්ව වර්ණනාව පරදන වර්ණනාවක් දීමයි. ඒ සඳහා මූණේ පිං පාට, කොණ්ඩයේ සුළිය, ඇස්වල හැඩය, බෙල්ලේ රැලි, දත්වල හැඩය වැනි විශේෂතා භාවිතා කල හැකිය. ඉන් අනතුරුව විමසිය යුත්තේ අවුරුද්ද හමාරේදී දරුවා නැගූ ශබ්ද සහ කල ක්රියාකාරකම් ගැනයි. සාමාන්යයෙන් ඕනෑම දරුවෙකු මේ වයසේදී “ෂූ...ෂූ...” “බෲස්...බෘස්...” “ජියා...ජියා...” වැනි ශබ්ද නගන අතර ඉන් ගැලපෙන ශබ්දය තෝරා එහි ආත්මීය සම්බන්ධය අර එලදෙනට කියා දිය යුතුය. මෙම කියාදීම අර උපාසක උපාසිකාවන්ද සිටින තැනදීම කල යුතු බව සලකන්න. නැතිනම් අර එලගොනා වැඩේට නම්මා ගැනීම මේ කපේදී කල නොහැකි වනු ඇත.
දැන් පලමු පියවර අවසන්ය. ඔබට සති තුනක නිවාඩුවක් ගත හැකිය. ඒ නිවාඩුව අතරතුර අර එලදෙන සහ උපාසක පිංවතුන් දරුපැටියා වටකරගෙන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟය කරනු ඇත.
“ඔයා ගිය ආත්මෙ පන්සලක සුදු නයෙක් වෙලා හිටියද පුතේ.....?”
“ඔව්”
“පන්සලක මොන පාට නයෙක් වෙලාද හිටියෙ...?”
“සුදුපාට...!”
“හා.. කොහෙද හිටියෙ..?”
“පන්සලක...!”
“මොකෙක් වෙලාද හිටියෙ..?”
“නයෙක් වෙලා...!”
“කවද්ද හිටියෙ.....?”
“ගිය ආත්මෙ....!”
.............................
“අනේ.. බලන්ඩ මේ දරුපැටිය පෙර ආත්මෙ කියන අපූරුව.....? සංසාරේ... සංසාරේ.....!!”
සති තුනකින් ඔබ නැවත එන විට වැඩේ පත්තුවී ඇති බව දැකගත හැකිවනු ඇත. ඉන් අනතුරුව ඇත්තේ ඔබේ කඩඉම් ප්රශ්න වටයයි.
“කොහෙ පන්සලේද පුතේ.....?”
සාමාන්යයෙන් දරුවා මෙයට කිසිවක් නොකියයි.
“පුතා කියන්ඩකො.. කොහෙද ගම?.... ගම....?? අනුරාදපුරේද... පොලොන්නරුවෙද.... සෝමාවතියෙද... රැස්වෙහෙරෙද....???”
“අනුරාදපුරේ.....”
“අනුරාදපුරේ කියන්නෙ ලොකූ පලාතක්නෙ පුතේ.... අනුරාදපුරේ කොහෙද?”
“......................”
“පුතාට මතක නැද්ද.... කල්පනා කරන්ඩකො..... මුල් අකුරුවත් මතක නැද්ද? කොහොමද පටන්ගන්නෙ.... ‘මැදි’ කියලද? ‘උස්’ කියලද..? මොකද්ද?”
මෙහිදී අර එලදෙන ඉදිරිපත්වනු ඇත.
“මෙයා චූටි කාලෙ නිතරම ‘ගැට’.... ‘ගැට’ කියලනං කියනවා......”
“ගැට......? ගැටහැත්ත? ගැටඋලාව?... ගැටගත්තාව...??.... ම්.... ගැටමාන්නද?”
“ඔව්....!!”
ඔබ දිනුම් කියා හිතාගන්න. දැන් ඉතින් අර පොඩිඑකා විසින් සත්තුවත්තේදී දැක ඇති කළු නයා සහ, දහම් පාසල් පොතේ ඉන්න කරුණාබර සුදු නයා එකට පටලා මාර නයෙක් නිර්මාණය කරනු ඇත. ඔබට ඇත්තේ එම නයාට තියරි සපයා අර ගොනාගේ පණ්ඩිත මිතුරන්ට පිළිතුරු දීමයි.
“මේ පුතා කියන්නෙ එයා ඒකාලෙ පලතුරු විතරයි කෑවෙ කියලා....?” (පොඩි එවුන්ට කොහොමත් කුරුමිණියන්/ගෙම්බන් අපුලය)
“වෙන්න පුළුවන් නේද?... ඕකට සංසාරෙ පුරුද්දනෙ බලපාන්නෙ... කොහොමත් ඊළඟ ආත්මෙ මනුස්සයෙක් වෙන්න තරම් මෙයා පින් පුරලනෙ ඉන්නෙ....”
“නයින්ට කන් ඇහෙන්නෙ නෑ නේද...? අනික භාෂාවක්...” (පොඩි එකා ඕව දන්නවයැ)
“අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද?”
---------------------------------
ඒ අවසන් වූයේ දෙවන පියවරයි.
දැන් අර ඩොල්පින් රථය අවශ්යවන වේලාවයි. ඔබ කලයුත්තේ දිනයක් යොදාගෙන අර ගොන්බානද, දරුපැටියාද, උපාසක නඩයේ හය දෙනෙක්ද, මාධ්ය ප්රකාශක හාමුදුරුනමක්ද කැටුව හරියටම පාන්දර පහට පිටත්වී ගැටමාන්න නගරයට ආසන්නයේ ඇති පන්සලකට යාමයි. හාමුදුරුවන් වහන්සේ මිදුල අමදින වේලාවට එතැනට යාම ප්රමාණවත්ය.
ඉන් අනතුරුව ඔබ කලයුත්තේ අර මාධ්ය ප්රකාශක හාමුදුරුවන් ලව්වා උන්වහන්සේගෙන් ‘සුදු නයෙක් මැරිච්ච පන්සලක්’ ගැන විමසීමයි. (මෙහිදී කතාබහ මැදින් “පුනර්භව පර්යේෂණ” යන වචනය යෙදීමට ඔබ වගබලාගන්න.) පැය බාගයක් තුල එම පන්සලේ දායක සභාවෙන් සීයට තිස්පහක් පන්සලට රැස්වෙනු ඇත. ඉන් අනතුරුව ඔබ ආපසු හැරී ආවත් කමක් නැත. වෑන් එකේ ගිය කට්ටිය ඉතිරි හරිය තනිවම කරගනු ඇත.
එදින සවසම ඔබ කල යුත්තේ අර මාධ්යවේදියා සොයා ගැනීමයි. මෙය ඉතා සරළය. පෙර සඳහන්කල තුනෙන් කැමති පත්තර කන්තෝරුවක මොබයිල් නොම්මරයක් හොයාගෙන පහත එස්.එම්.එස්. එක යවන්න.
“giya aathme sudu nayek wela hitapu lamayek innawa. Wisthara one nam amathanna”
ඔබට සාමාන්යයෙන් ප්රති ඇමතුමක් නොලැබෙන අතර පසුදා පාන්දර හතරටවත් අවදිවී මූණ කට සෝදා පිලිවෙලකට ඇඳ පැළඳගෙන සිටිය යුතු වනු ඇත. හරියටම හයයි තිහ වන විට වාහන දෙකකින් පැමිණෙන දොලොස් දෙනෙකු කිසිදු කතාවක් නැතිව ඔබ ඔසවාගෙන දුවගොස් වාහනයකට දමාගන්නා අතර වහාම ප්රධාන පාරට හැරෙන තැනට ගොස් නවත්වා මෙසේ අසනු ඇත.
“රයිට්.... කොයි පැත්තටද යන්ඩ ඕනෙ....?”
------------------------------
අත්දුටුවයි..! ප්රත්යක්ෂයි...!!
තවත් දින කිහිපයක් තුල ඔබ නමගිය “පුනර්භව පර්යේෂකයෙක්” වනු ඇත. ඉන් අනතුරුව ඒ මුලට “ආධ්යාත්මවේදී” “වෛකල්පිත සංසාර ගවේශක” වැනි තනතුරු ඕනෑම ප්රමාණයක් එක්කර ගැනීමට ඔබට හැකි අතර, ඉන් පසු ඔබේ දක්ෂතාවය මත අවශ්ය තරම් ඉහලට යාමට ඔබට හැකිවනු ඇත. එහෙම උනු දාක මේ චාමිව අමතක වෙන එකක් නැති බවද සිතමි.
ඔබගේ වැඩිදුර අධ්යයනය සඳහා මේ ආකාරයේ ප්රකට පුනර්භව පර්යේෂණ පත්රිකාවක ලින්කුවක් පහලින් යොදා ඇත. එහි බොහොමයක් කමෙන්ට් ශාස්ත්රීය භාවයෙන් පහත් බැවින් ඒවා කියවීමෙන් වලකින ලෙසද ඉල්ලමි. | hplt_2 |
Subsets and Splits