summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ශ්‍රී ලංකාවේ ගර්භනී මවුවරුන් 480ට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 අසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
කොවිඩ් පළමු සහ දෙවෙනි රැල්ලේදී අසාදිත මවුවරුන් වාර්තා වුයේ 200ට අඩුවෙනි. එහෙත් ගතවූ සති දෙක තුළ රෝගීන් වාර්තා වීමේ කැපීපෙනෙන වැඩිවීමක් පෙන්වයි. ගර්භනී මවුවරු, කිරි දෙන මවුවරු සහ දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට කොවිඩ් 19 සඳහා දෙන එන්නත් ලබා ගැනීම ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිර්දේශ කරන බව බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියා සිටියේය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබීම මහත් කතාබහට ලක්විණි. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරමින් පැවසුණේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ බවකි. එහෙත් මෙතෙක් කිසිදු වතු කම්කරුවකුට රුපියල් 1000 ක දෛනික වැටුපක් හිමි නොවන බවට කම්කරුවන් මෙන්ම කම්කරු සංගම් ද චෝදනා කරති.
වතු කම්කරු නියෝජිත හා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ රුපියල් 1000ක අවම වැටුපක් ගෙවීමේ දේශපාලන යෝජනාව 2019 යේ සිට පැවතුනත් මෙතෙක් එය ඉටුවී නොමැති බවය. "අපි ඉල්ලුවේ නෑ මේ රුපියල් 1000 ක අවම මුලික වැටුප. ඒක දේපාලන පොරොන්දුවක්. ජනාධිපතිතුමා තමයි මැතිවරණයේදී කිව්වේ 2020 ජනවාරි ඉඳලා ඒක ක්‍රියාත්මක කරනවා කියල පස්සේ ඒක අප්‍රේල් වල අලුත් අවුරුද්දේදී ක්‍රියාත්මක කරනවා කිව්වා දැන් අගමැති තුමා අයවැයේදී කිව්වා 2021 ජනවාරි පළමු වෙනීදා ඉඳලා ක්‍රියාත්මක කරනවා කියල. අද ජනවාරි 7 ඒත් තවම ඒක ක්‍රියාත්මක නෑ." "අපිට මේ කර්මාන්තය ඕන. අපි මේ කර්මාන්තය කඩාවැටෙනවට කැමති නෑ. අපි ආර්.පී.සී (වතු සමාගම්) වලට බනින්නේ නෑ. රජය තමයි මේ පොරොන්දුව දුන්නේ. මේක දේපාලන පොරොන්දුවක්. එක නිසා රජය විසින් ඒ සමාගම් අපහසුතාවට පත් වෙන්නේ නැතිවිදිහට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ සමාගම් වලට බදු සහන දීල, පොහොර සහනාධාර දීල, අඩු පොලියට ණය දීල වගා නොකරපු ඉඩම් නැවත වගා කරන්න දිරිමත් කරල මේ රුපියල් 1000ක අවම මුලික වැටුප ලබාදෙන්න කටයුතු කරන්න ඕන," යනුවෙන් වඩිවේල් සුරේෂ් පැවසීය. රජයේ දේශපාලන පොරොන්දුවක් වූ අවම මුලික වැටුප 1000 දක්වා වැඩි කිරීම වෙනස් කරනු දැකීමට කම්කරුවන් දැන් එකඟ නැති බව ඔහු පෙන්වා දුන්නේය. "මේ තේ දලු කඩන බහුතරයක් කාන්තාවන්. ඒ අයට සෞඛ්‍ය ගැටලු තියෙනවා. ඒ නිසා ඒ අයට සමහර වෙලාවට හැමදාම වැඩට එන්න බැරිවෙන්න පුළුවන්. එතකොට ඒ අයට ඇටෙන්ඩන්ස් එලවන්ස් (පැමිණීමේ දීමනා) එක හම්බවෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි කිලෝ ගානට ගෙවන එකේදිත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒව මට මේ මාධ්‍ය හමුවේ කියන්න බෑ. ඒ නිසා දීමනා එකතු කරන එකට එකග වෙන්න බෑ. දීමනා දෙනව නම් ඒ සමාගම් කැමැත්තෙන් දෙන්න පුළුවන්. ඒත් ඒක 1000 ට පිටින් දෙන්න. එකට ඉන්සෙන්ටිව් (දිරි දීමනා) දෙන එක සමාගම් වල වැඩක්. ඒ අය කැමති නම් ඒ අනෙකුත් දීමනා එකතුකරන්න පුළුවන්. එත් මුලික අවම වැටුප 1000ක් කරන්න ඕන." සජිත් ප්‍රේමදාස සිය ජනපතිවරණ සටනේදී වතු කම්කරු දෛනික වැටුප රු. 1500 දක්වා වැඩිකරන බවට පොරොන්දු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය වසරේ පෙබරවාරි 14 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට තම ජන්ද සටනේදී පොරොන්දු වූ පරිදි වැටුප රුපියල් 1000ක් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර එය මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැති ගැනිණි. එහෙත් එතැන් සිට මාස 10ක් ගතවුවද එය තවමත් ක්‍රියාත්මක වී නැත. "වතු කම්කරු ජනතාවට රුපියල් 1000ක දවසක වැටුපක් ලබාදෙන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්ගේ මැතිවරණ කාලයේදී එතුමාම සෘජුව පොරොන්දුවක් ලබාදුන්නා. දැන් අවුරුද්දකට වැඩිය කාලයක් ගෙවිලා ඉවරයි. පසුගිය අයවැය අවස්ථාවේදී අගමැති තුමා අයවැය කතාවේදී ත් ඒ වගේම 1000 ක් ලබාදෙන්නම් කියල නැවත පොරොන්දුවක් ලබාදුන්නා. ඒ දෙන්නා එහෙම කියනකොට ඇමතිවරු මොකද කියන්නේ. අනේ කොම්පැනි කාරයෝ එකඟ වෙලා නෑ." සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍ය හමුවේ පැවසීය. "අපිට පොරොන්දු ලබාදුන්නේ කොම්පැනි කාරයෝ නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා. මම කියන්නේ නෑ මේ කර්මාන්තය මරාදමල කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල. අපි දේශප්‍රේමී කණ්ඩායමක්. මේ කර්මාන්තය දියුණුවෙන්න ඕන. කර්මාන්තයේ අඩුපාඩු හොයල බලල දියුණුවෙන්න ඕන වෙන බදු සහන දීලා ඒ හරහා කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල තමයි අපි කියන්නේ." ජනාධිපතිවරයා වසරක ඉටුකරන ලද කාර්යයන් අතරට රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්හට ලබාදීමට හැකි වූ බව ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශ කරනු ලබා තිබුණි. වතු කම්කරු වැටුප වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පසුගිය අයවැයෙන් අගමැතිවරයා යෝජනා කර තිබුණද මෙතෙක් එම නීති සංශෝධනය කර නොමැති බවට කම්කරු අමාත්‍යාංශය පැවසීය. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ සේවකයන්ගේ හා හාම්පුතුන්ගේ (සේවායෝජකයන්ගේ) එකඟත්වයෙන් සුහදව මෙම ප්‍රශ්නය විසදීම සඳහා සාමුහික ගිවිසුමකට එළැඹීමට දැනටමත් සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇති බවය. "කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම තමයි මගේ අභිප්‍රාය වෙන්නේ. ඉතින් ඒකට අපි හදිස්සි වෙන්න ඕන නෑ. අපි මෙච්චර කල් හිටිය, තව දවස් කිහිපයක් යනකොට අපිට පුළුවන් වෙයි." "කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නිෂ්පාදකයාත් ආරක්ෂා උනොත් පමණයි. අද ලෝකයේ වෙළෙඳපොළේ තියෙන තේ මිල අපට තියෙන තරඟකාරිත්වය, ඉන්දියාව සමඟ, කෙන්යාව සමඟ, මේ වගේ කරුණු රාශියක් හොයල බලන්ට ඕන. එක පාරට රුපියල් 2000ක් වැඩි කළා කියමු එතකොට නිෂ්පාදන වියදම වැඩි උනාම ඒ නිශ්පාදන වියදමට සරිලන මිලක් ලෝක වෙලඳපොලේ ලැබෙන්නේ නැතිනම් කොහොමද අපි මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ. කර්මාන්තය විනාශ කරගෙන අපිට පඩි ලබාදෙන්න පුළුවන් කමක් නෑ." යනුවෙන් අමාත්‍ය සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. "මේ සමතුලිතතාවය රුපියල් 1000 හේ පඩිය මත ලබාදිය හැකිය කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා රජය පෙනී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අපි ගන්නවා. නමුත් ඒ ක්‍රියාමාර්ගයන් ගත යුත්තේ ජාතික ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදිහට ජාතික ආර්ථිකයත් රැක ගනිමින්." යැයි අමාත්‍යවරයා කියා සිටියේය. හාම්පුතුන්ගේ සම්මේලනය (ලංකා සේව්‍ය සම්මේලනය) කම්කරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඦාවලදී සඳහන් කර තිබුණේ වැටුප් වැඩි කිරීමට නම් වතු කම්කරුවන් දෛනිකව අතිරේක දලු කිලෝ දෙකක ප්‍රමාණයක් ලබාදිය යුතු බවය. ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ තමන් රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීමට පොරොන්දු නොවූ අතර එසේ රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීම කර්මාන්තයට දරාගත නොහැකි බවය. "ඕනෑම කර්මාන්තයක්, තේ කර්මාන්ත විතරක් නෙමෙයි බිස්කට් කර්මාන්තය උනත් අදායමට වඩා වියදම් කරන්න බෑ නේ, අපේ කට්ටිය (දවසකට) කිලෝ 30-40 කට වඩා කඩනවා. අනිවාර්යයෙන්ම රුපියල් 1000 කට වඩා හම්බ කරනවා. අපි කියන්නේ රුපියල් 1000ක් දෙනවා, දිරි දීමනාවයි ඵලදායිතා දීමනාවයි එක්ක රුපියල් 1000ක් හැමෝටම (දැනටමත්) හම්බකරන්න පුළුවන්." "පැය හතරක් ගලක් උඩ වාඩිවෙලා ඉන්නවට රුපියල් 1000 ක් ගෙවන්න බෑ. අපේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න ඕන නේ. දැන් තේ මිල බලන්න 2020 අග වෙනකොට high grown tea price (උඩරට තේ මිල) එක රුපියල් 578 යි. 2018 වෙනකොට ඒක 620යි. ඒක 620 ඉඳලා 578 ට බැහැල තියෙනවා. එතකොට අපිට මිල පිළිබඳව කිසිම පාලනයක් නෑ. පඩි පිළිබඳව පාලනයක් නෑ, ඒක ආණ්ඩුවෙන් පාලනය කරනවා කියල කියනවා.," යනුවෙන් රාජදුරයි පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ තම කර්මාන්තයේ නිෂ්පාදන වියදමෙන් සියයට 70ක් පමණ කම්කරු වැටුප් බැවින් රුපියල් 1000 ක වැටුපක් ලබාදීමට නම් කම්කරුවන් කාර්යක්ෂම විය යුතු බවය. ඔහු පැවසුවේ වෙනත් රටවල කම්කරුවන් අවම කිලෝ 35ක තේ දළු ප්‍රමාණය දෛනිකව නෙලන අතර කෙන්යාවේ එම ප්‍රමාණයට මේ වන විට ගෙවන දෛනික වැටුප ලංකාවේ මුදලින් රුපියල් 450 ක් වන බවකි. ලෝකයේ වැඩිම වැටුප් ගෙවන තේ කර්මාන්තය ඇත්තේ ලංකාවේ වුවත් අඩුම කාර්යක්ෂමතාවයක් ඇති රට ද ශ්‍රී ලංකාව බව ද ඔහු සඳහන් කළේය. "අපේ තේ වලින් සියයට 95ක් ම විකුණන්නේ ලෝක වෙළෙඳපොළේ. අපි ලංකාවේ විකුණන්නේ නෑ නේ. අපිට අඩුම ගානේ නිෂ්පාදන වියදමවත් හොයාගන්න බැරිනම් කොහොමද අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ," යනුවෙන් රොෂාන් රාජදුරයි ප්‍රශ්න කළේය. ආණ්ඩුවෙන් පාලනය වන වතු ප්‍රමාණය 27කි. ඒවායේ රුපියල් බිලියන 3ක පමණ, සේවක අර්ථසාධක හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ගෙවිය යුතු හිඟයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ රුපියල් 1000ක වැටුප නොගෙවන වතු සමාගම් රජයට පවරා ගන්නා බවකි. ප්‍රතිචාර ලෙස වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි පවසන්නේ වතු හාම්පුතුන්ට වැයවූ මුදල් ගෙවා රජයට නැවත එම වතු සමාගම් පවරාගත හැකි බවය. "1992දි වතු පෞද්ගලිකරණය කරන්න ඉස්සල්ල ආණ්ඩුවෙන් මේ වතුවලට අවුරුද්දකට බිලියන පහක subsidy (සහනාධාරයක්) එකක් දුන්නා එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න. ඒ මදිවට රුපියල් බිලියන තුනක ණයක් තිබුණා. මේක අදට ගැලපුවහම රුපියල් බිලියන 40ක්. එතකොට අපි ආණ්ඩුවෙන් බිලියන 40ක බරක් අයින් කරලා තියෙනවා," යැයි ඔහු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "ඒ දවස්වල බිලියන පහක් කියන්නේ රටේ සම්පුර්ණ ආහාර ආනයන වියදම හා සමාන වියදමක් රටේ වතු කර්මාන්තය නඩත්තු කරන්න වියදම් කරන්න උනා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේක පෞද්ගලිකරණය කරන්න උනේ මේක දරාගත නොහැකි වියදමක් උන නිසා. එදා ඉඳලා අපි බිලියන 80ක් විතර ආයෝජනය කරලා තියෙනවා. මේ හැම කොම්පැනියක් ම සල්ලි දීල ගත්තේ. නිකන් ගත්තේ නෑ නේ. අඩුම ගානේ මිලියන 350ක් වත් ගෙවල තමයි අරගෙන තියෙන්නේ." "අපි බදු ගෙවනවා, ලීස් රෙන්ටල් එක ගෙවනවා. ආණ්ඩුවට බරක් නෑ. මිලියනක පුද්ගලයන් ප්‍රමාණයක් අපි නඩත්තු කරනවා. රස්සා දෙනවා. දැන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා, ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටුණා.එත් අපි වැඩ නැවැත්තුවෙත් නෑ කිසිම කෙනෙක් අයින් කලෙත් නෑ. ඉතින් ඕනෑම කර්මාන්තයකට දරාගන්න පුළුවන් පඩියක් තමයි අපිට එකඟ වෙන්න පුළුවන්." මේ ගැනත් දැනගන්න:
දෝෂාභියෝග චෝදනාවලට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීන්දු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.
තමන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වුණු බව පවසමින් අගවිනිසුරුවරිය පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණි තමන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වුණු බව පවසමින් දෝෂාභියෝග විමර්ශන වාර්තාව අහෝසි කරන ලෙස අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සිය පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුනේය. ඒ පිළිබඳව ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලේ නිගමනය වූයේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග රටේ සාමාන්‍ය නීතිය නොවන බවටත්, එබැවින් ඉහල අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි චෝදනා විභා කිරීමට ස්ථාවර නියෝග යටතේ පත්කරන ලද තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තීන්දු කොට තිබෙන බැවින් එම කමිටුවේ වාර්තාවද අවලංගු වන බවයි. ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න සහ කේ ඩබ්ලිවු සලාම් විනිශ්චයකරුවන් තිදෙනා ඉදිරියේ එම පෙත්සම විභාග කෙරිණ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
"ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ සිගරට් එක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් මම සිගරට් එකෙන් පටන් අරගෙන තමයි අරක්කු, ගංජා ගහලා හෙරොයින් දක්වා ගියේ. ඒ නිසා මුලින් ම නතර කරන්න ඕනා සිගරට් එක." මෙලෙස පවසන්නේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ තරුණ මවකි.
මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් "කොන් වූ" කාන්තාවක් විසි නව වන වියේ පසුවන ඇය බීබීසී සිංහල සේවයට හමුවූයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදීය. අනාගත පරපුර "මත් රකුසාගෙන් මුදවා ගැනීමේ අරමුණින්" ඇය තම "දුක්බර ජීවිත කතාව" අප හා හෙළි කිරීමට එකඟ වූවාය. නමුත් තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය අපගෙන් ඉල්ලා සිටියාය. එම නිසා අපි ඇය නිලන්ති නමින් හඳුන්වමු. "මුලින්ම බිව්වේ සිගරට්" නිලන්ති දුම් පානයට යොමුවී ඇත්තේ වයස අවුරුදු 14දීය. ඒ, තම පියාට සිගරට් මිල දී ගෙන එන අතරතුරය. "මම අවූරුදු 21දී තමයි හෙරොයින් කියන දේ අත්හදා බලන්නේ. දුම්වැටියට පුරුදු වුණේ අපේ ගෙදර පරිසරයෙන්. අපේ තාත්තා මත්පැන් සහ දුම්වැටි පාවිච්චි කරනවා. අපේ අම්මාලත් ඒ ආශ්‍රිතව ඉන්නවා. මාව තමයි කඩේ යවන්නේ තාත්තාට සිගරට් එක ගේන්න කියලා. පස්සේ මටත් අස හිතුණා ඒක බීලා බලන්න. සිගරට්වලින් පස්සේ බියර් මම පාවිච්චි කරලා තියෙනවා. අරක්කු පාවිච්චි කරලා තියෙනවා, ගංජා බීලා තියෙනවා. හෙරොයින් දක්වා මම ඇවිල්ලා තියෙනවා." ඇය පැවසීය. කඩවත ප්‍රදේශයේ උපන් ඇය, මෙම ගැටලු මැද වුව ද අ.පො.ස. උසස් පෙළ විභාගය තෙක් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වාසනාවන්ත වූ බව පැවසුවාය. නිලන්ති තව දුරටත් කියා සිටියේ, 2008 වසරේදී කලා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී එහිදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වූ බවය. පුනරුත්ථාපන මධ්‍යයස්ථානයක් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව තිබුණත් මත්ද්‍රව්‍ය සඳහා ඇති ඇබ්බැහිකමින් මිදීමට අසමත් වූ බැවින් තම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වූ බව ඇය පවසන්නීය. තමා සේවය කළ ස්ථානයේදී විවේකයක් ලද විට සිගරට් බීමට පුරුදුව සිටි බවත් ඉන් එක් අවස්ථාවකදී වෙනත් කාන්තාවක් තමාට පළමු වරට හෙරොයින් ලබා දුන් බවත් ඇය හෙළි කළාය. කොල්ලෙක් වගේ "පොඩි කාළේ ඉඳන් මම කොල්ලෙක් වගේ ගෙදර හැදුණ චරිතයක්. ඊට පස්සේ අවුරුදු 21දී හෙරොයින් කියන දේ මට දකින්න ලැබෙන්නේ. මුල් කාලේ මම මාස 6ක් 7ක් විතර බීලා මම නතර කළා. මම නැවතත් අවුරුදු 26, 27දී තමයි හෙරොයින්වලට ඇබ්බැහි වෙන්නේ." පාසල් සමය නිම වීමෙන් පසු විවාහ දිවියට එළඹි ඇයට දැන් අවුරුදු 4ක දියණියක් ද සිටී. නමුත් එම දැරිය දැන් සිටින්නේ නිලන්තිගේ මවගේ භාරයේය. දෙමව්පියන් ඇය ගැන පොලීසියට දැනුම් දීමෙන් පසු ඇයව උසාවියට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගත කර තිබිණි. "මට මගේ නිදහස කියන දේ සීමා වෙනවා මගේ දරුවා නිසා. මට අවශ්‍ය දේවල් කර ගන්න බැරි තත්වයක් එනවා. ඊට පස්සේ පොලිසිය කියනවා ඔයාගේ දරුවා පරිවාස දෙපාර්තමේන්තුව හරහා අම්මට භාර දෙමු කියලා. මම කැමති වෙනවා. ඊට පස්සේ උසාවි යන්න දිනයක් නියම කරගෙන ගොස් උසාවි කුඩුවට නැග්ගහම එක පාරට ඉදිරිපත් කරනවා හෙරොයින් ළඟ තබා ගැනීම කියලා. නමුත් මම ඒක ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා. මගේ ළඟ හෙරොයින් තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ මාව දවස් හතකට බන්ධනාගාරගත කරනවා." නිලන්ති පැවසුවාය. මේ තොරතුරුත් කියවන්න: මත්ද්‍රව්‍යවලට ඇති ලොල්බව නිසා තමන් සමාජයෙන් කොන් වූ බව පවසන මෙම තරුණිය, තමාගේ ජීවිතය නැවත යහපත් ලෙස ආරම්භ කිරීම තම අරමුණ බව පවසන්නීය. "එළියේ ඉන්න අය අපි මත්ද්‍රව්‍ය ගන්නවා කිව්වහම ගණන් ගන්නේ නැහැ. මේක තේරුමක් නැති දෙයක් තමයි, අපි ජීවිතේ කරලා තියෙන්නේ, හැගීම්වලට වහල් වෙලා. යාළුවෝ තමයි මෙතන ප්‍රශ්න වුණේ. යාළුවන්ගෙන් අයින් වෙලා මම ඉන්න පරිසරයෙන් ඉවත් වෙන්න තමයි මම තීරණය කරලා ඉන්නේ. දුම් වැටියක්වත් බොන්න එපා කියන එක තමයි මම කියන්නේ." කාන්තාව සහ මත්ද්‍රව්‍ය මේ අතර, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඉන් බහුතරය කොළඹ ජීවත් වන, අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ කාන්තාවන් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පැවසුවාය. අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි. කාන්තාවන්ගෙන් තවත් සියයට 16ක් සුළු වෙළඳාමෙන් ද තවත් සියයට 21ක් හෙරොයින් අලෙවි කිරීමෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව 'කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත රටාවන් සහ නූතන ප‍්‍රවණතා - 2017' වාර්තාවේ දැක්වේ. එම වාර්තාව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් සකසා ඇත. එම පර්යේෂණ වාර්තාවට අනුව හෙරොයින්වලට ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් බහුතරය දිනකට තුන් වරක් හෙරොයින් භාවිත කරන අතර, ඒ සඳහා එක් අයෙකු දිනකට වැය කරන මුදල රුපියල් 3000-6000ත් අතරය. කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා හේතු වන ප‍්‍රධාන කාරණා දෙකක් එම සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇත. ඒ, මිතුරු ඇසුර හා සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම්ය. කාන්තාවන් හෙරොයින් භාවිතයට යොමුවීම කෙරෙහි බලපාන සාධක හෙරොයින්, වෙළඳපොළ තුළ නොමැති වූ විට හෝ මිල අධික වූ විට හෝ කාන්තාවෝ ඒ සඳහා ආදේශක භාවිත කරති. ඒ, ප‍්‍රධාන වශයෙන් ගංජා, බියර් හෝ අරක්කුය. මීට අමතරව ඖෂධ සඳහා යොදා ගන්නා පෙති වර්ග භාවිතය ද ඉහළ ගොස් තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය සඳහා යොමු වීමේ වයස් සීමාව ගැන ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අවධානය යොමු කර ඇත. කාන්තාවන් බියර් භාවිතයට යොමු වන සාමාන්‍ය වයස අවුරුදු 17කි. ගංජා භාවිතය ආරම්භ කරන සාමාන්‍ය වයස අවුරුදු 19ක් වන අතර ප‍්‍රථම වරට හෙරොයින් භාවිතය ආරම්භ කළ සාමාන්‍ය වයස අවුරුදු 23කි. බහුතරයක් කාන්තාවන් මත් පෙති සඳහා යොමු වී ඇත්තේ වයස අවුරුදු 26නි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පෙන්වා දෙන්නේ, බොහෝ දෙනෙකු හෙරොයින් නොමැති වූ විට ඖෂධ පෙති කෙරෙහි යොමු වී ඇති බවය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන් හඳුනා ගැනීමට හා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩි අවධානයක් යොමු කර තිබේ. අඩු අධ්‍යාපනය "ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමට ප්‍රධාන සාධකයක් විදියට අඩු අධ්‍යාපනය කියන එක සලකන්න පුළුවන්. මේ කාන්තාවන් ගත්තොත් සියයට 50 ට වැඩි පිරිසක් සාමාන්‍යයෙන් එකේ ඉඳලා හය වසර දක්වා අධ්‍යාපනය ලබපු අය." භද්‍රානි සේනානායක මහත්මිය පැවසුවාය. වැඩි අධ්‍යාපනයක් සහ ජීවන තත්ත්වයක් හිමි පවුල්වල කාන්තාවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු නොවීමක් ඉන් අදහස් නොකරන බව ද ඇය කීය. තම පර්යේෂණ අංශය කාන්තාවන් 150 ක නියැදියක් භාවිත කර සිදු කළ සමීක්ෂණයක් මගින් අවුරුදු 15ත් 35ත් අතර කාන්තාවන් සියයට 39ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී තිබෙන බැව් හෙළි වී තිබේ. ඔවුන්ගෙන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී කාන්තාවන්ය. "සියයට 50 කට වැඩි පිරිසකගේ සාමාන්‍යයෙන් පවුල් ජීවිතය අඩාළ වෙලා ගිය කාරණා තියෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මේක බලපානවා දෙමව්පියන්ට දරුවන්ට ඒ වගේ ම ස්වාමියාට සහ තමන්ගේ පවුල් ජීවිතය වගේ ම සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් ලක් වෙලා තියෙනවා" ඇය පෙන්වා දුන්නාය. මව, බිරිඳ, ගෘහණිය හා දියණිකගේ භූමිකාව නියෝජනය කරමින් නිවස තුළ ජීවත් වූ කාන්තාව, සමාජයේ සිදු වූ පරිවර්තනයත් සමග වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වීම මෙන් ම විලාසිතාවන්ට කැමැත්තක් දැක්වීම යන කාරණා මත ද ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට එම සමීක්ෂණය මගින් හඳුනාගෙන තිබේ.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
සංචාරකයන්ට 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා නැග්රැක් දක්වා වාහන වලින් ගොස් එතැන් සිට පා ගමනින් ලෝකාන්තය දක්වා යෑමට මෙමගින් සැලසුම් කර ඇත. පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ දැනටමත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඉඩ සලසා තිබේ. එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය 'විනාශයේ දොරටුවක්' විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත. මේ ගැනත් කියවන්න:
"මගේ මේ උස නිසා සෑහෙන විහිළු තහළුවලට ලක් වුණා. පාසලේ වගේ ම ගෙදරින් පිටතට ගියා ම මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලන්න ගත්තා. මම සෑහෙන අපහසුතාවලට මුහුණ දුන්නා."
"ඒ දවස්වල මම ගමෙන් නගරයට යන්නවත් කැමති නැහැ. උස නිසා මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එක දේවල් කියනවා" එසේ පවසන්නී, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන තර්ජිනී සිවලිංගම්. ඇය මේ වන විට ලොව පුරා දැල්පන්දු ලෝලීන්ගේ දැඩි අවධානය දිනා ගත් ක්‍රීඩිකාවකි. ගෝල විදීමට දක්වන දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර ඇය ජනප්‍රිය වී තිබෙන්නේ 'ජෙනී' යන නමිනි. මාධ්‍ය වාර්තා බොහොමයක තර්ජිනී හඳුන්වා දී ඇත්තේ ලොව උස ම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසය. අඩි 6 අඟල් 11ක් උසැති ඇයට කුඩා කළ බොහෝ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බව බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය කීවාය. "මම ගොඩක් අයගේ විහිළුවට ලක් වුණත්, මේ උස නිසා ම තමයි මට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණේ. ඒ වගේ ම මම නෙට්බෝල් ක්‍රීඩාවෙන් ලෝකයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තියෙන්නෙත්," ඇය සඳහන් කළාය. පසුගිය දා නිමාව දුටු 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩි ම ගෝල ප්‍රමාණය රැස් කර ගත් ක්‍රීඩිකාව බවට පත් තර්ජිනී, 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර විණි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇය ලබා ගත් ගෝල ගණන 348කි. දෙවන තැනට ආ ජැමෙයිකාවේ ජනිඑල් ෆවුලර්හට රැස් කරගත හැකි වූයේ ගෝල 304ක් පමණි. 2011 ලෝක කුසලාන තරගාවලියේදී තර්ජිනී ගෝල 296ක් ලබා ගත් අතර එවර ගෝල දැමීමේ නිරවද්‍යතාව 98%ක් විය. පාසලේ අත්දැකීම් "මම ඉස්කෝලේ ගියේ යාපනයේ. අපි ගමක ජීවත් වුණේ" යාපනයේ පුන්නාලයිකඩ්ඩුවාන්හි ඉපිද හැදී වැඩුණු තර්ජිනී දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය ඉලක්ක කරා ගමන් කළ ආකාරය බීබීසී සිංහල සේවයට විස්තර කළාය. "මම ඉස්කෝලේ ගියේ යාපනයේ. අපි ගමක ජීවත් වුණේ. ඒ දවස්වල මම ගමෙන් නගරයට යන්නවත් කැමති නැහැ. උස නිසා මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එක දේවල් කියනවා." "ඒ වගේ ම මට වෙන ළමයි කරනවා වගේ කිසි දඟ වැඩක් කරලා හැංගිලා ඉන්න ලැබුණෙත් නැහැ. උස ළමයෙක් එතන හිටියා කියලා කව්රු හරි කිව්වොත්, හැමෝ ම දන්නවා ඒ මම කියලා." "ඉස්කෝලේ ළමයි මට කිව්වේ ඩයිනෝසර් කියලා. ඒ දවස්වල මම පොඩි නිසා මිනිස්සු කියන ඒවාට හිත රිදුණා. නමුත් අත්දැකීම් එක්ක ඒ හැම දෙයකින් ම මම තවත් ශක්තියක් වුණා," ඇය පැවසුවාය. සිවිල් යුද්ධය හා බැඳුණු ජීවිතය සිවිල් යුද්ධයේ අඳුරු සෙවණැලි සමග සිය කුඩා කළ ගෙවූ තර්ජිනී ඇතුළු පවුලේ සැමට කිහිප වරක් සිය වාසස්ථානය වෙනස් කිරීමට සිදු වී ඇත. "ඒක ඉතා දුෂ්කර කාලයක්" යුද කලාප මග හරිමින් සිය මවගේ උපන් ගම වන කිලිනොච්චිය වෙත ගිය ඔවුන් පසුව 2007 වර්ෂයේදී නැවතත් යාපනයට ගොස් තිබේ. "යුද්ධය ඇවිලෙනවාත් එක්ක, අපි තැනින් තැනට මාරු වෙන්න පටන් ගත්තා. අපි සෑහෙන දුක් වින්දා. අපේ ගෙදර යුද්ධයෙන් විනාශ වුණා. අපි සෑහෙන වතාවක් ගෙවල් මාරු කළා. ඒ තැන්වල වතුර, ලයිට් නැතුව ජීවත් වෙන්න පටන් ගත්තා." "ඒක ඉතා දුෂ්කර කාලයක්," ඇය පැවසුවාය. තර්ජිනීට වැඩිමල් සහෝදරයන් තිදෙනෙක්, වැඩිමහල් සහෝදරියක් සහ බාල සොහොයුරෙකි. තර්ජිනීගේ දෙමාපියන් සිය දරුවන් සිව්දෙනා පෝෂණය කළේ ගොවිතැනේ යෙදීමෙනි. දැල්පන්දු ක්‍රීඩාවට පිවිසීම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා (විශේෂ) උපාධිධාරිනියක වන තර්ජිනී, දැල් පන්දු ක්‍රීඩාවට ප්‍රථමයෙන් යොමු වූයේ 2004 වර්ෂයේදීය. "මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ වවුනියාවේ තිබුණා විවෘත නෙට්බෝල් තරගාවලියක්. ඒකට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මම සහභාගි වුණා. නෙට්බෝල් සංගමයේ නිලධාරීන්, පුහුණුකරු වගේ ම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවෝ ඒ තරග බලන්න ඇවිත් හිටියා. ඒ අය මගේ විශේෂ උස දැකලා මට කොළඹ එන්න කිව්වා නෙට්බෝල් පුහුණු වෙන්න." වර්තමාන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිය පුහුණුකාරිය තිලකා ජිනදාස සහ දැල්පන්දු සංගමයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර සමග "මම ඉස්කෝලේදී සෙල්ලම් කළත්, වැඩිය ක්‍රියාකාරකම්වලට සහභාගි වුණේ නැහැ. යුද්ධය නිසා අපිට නිදහසේ ක්‍රීඩා සහ ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන්න බැරි වුණා," ඇය පැවසුවාය. තර්ජිනී මේ වන විට සෙලාන් බැංකුවේ සහය නිලධාරිනියක ලෙස රැකියාවේ නිරත වේ. එක්සත් රාජධානියේ ලිවර්පූල් නගරයේ පැවති 2019 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්සත් රාජධානියට පැමිණි ගමන ගැන අපි ඇගෙන් විමසීමු. "එංගලන්තය ඇත්තට ම හොඳ රටක්. ඒ රටේදී නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේ ම අවුරුදු 25ට පස්සේ මට මගේ ඥාතීන් හමුවෙන්න පුළුවන් වුණා. ඒ අය යුද්ධය නිසා ශ්‍රී ලංකාව අත හැරලා එංගලන්තයට ගිය අය. ඒ අය දැකීමෙන් මට විශාල සතුටක් දැනුණා." කණ්ඩායමෙන් ඉවතට 2011දී ලොව හොඳ ම දැල්පන්දු ක්‍රීඩිකාවන් අතරට එක් වුණ ද 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට ඇය ඇතුළත් නොවිණි. 2019 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ සමග පැවති තරගය අතරතුර "පරිපාලනයේ ප්‍රශ්න" මෙයට හේතු වූ බව ඇය කෙටියෙන් පැවසුවාය. නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන පුහුණුකාරිය තිලකා ජිනදාස නැවතත් තර්ජිනී ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කර තිබිණි. 2018 දී ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු ශූරයන් බවට පත් වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස තර්ජිනී සම්මාන ලැබීය. ශ්‍රී ලංකාව මින් පෙර හතර වතාවක් ආසියානු ශූරතාව දිනා ගෙන තිබේ. 'උස' කරදරයක් ද? සිය ශරීරයේ විශේෂත්වය පෞද්ගලික ජීවිතයට බලපා ඇත්තේ කෙසේදැයි තර්ජිනීගෙන් විමසුවෙමු. "මට හරියන ඇඳුම් හොයන එක තමයි අමාරුම වැඩේ. නෙට්බෝල් ක්‍රීඩාවේ ඇඳුම් වගේම මම දිනපතා අඳින ඇඳුම් ඔක්කොම විශේෂයෙන් මහන්න ඕනේ. ඩෙනිම් පවා විශේෂයෙන් මහලා නැත්නම් වෙනස් කරලා අඳින්න ඕනේ." "මට හරියන ඇඳුම් හොයන එක තමයි අමාරුම වැඩේ" "මට සපත්තු හොයා ගන්නෙත් වෙන රටවලින්. මම කැමති දේවල් ගොඩක් තිබුණත්, මේ උස නිසා ඒ දේවල් අදටත් කරන්න බැහැ." "ඒ වගේම, ගුවන් යානයක ඉස්සරහ ආසනවල තමයි යන්නේ. නැත්නම් කකුල් දිග අරින්න බැහැ." "මේ උස මට හරි වදයක් වෙලා තිබුණේ. ඒ වගේම මම හැමවෙලාවෙම හැංගිලා ඉන්න උත්සහ කළා, ඒ වගේම මට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි කියලා හිතුණා. හැබැයි අද මම ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත් මේ උස නිසා" ඇය පැවසුවාය. "මුල් කාලයේ පිටරටක ගියත් මම දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. හැබැයි දැන් මාව අඳුරගෙන හොඳට කතා කරනවා" යැයි ඇය පැවසීය. කොළඹ ජීවිතය "මගේ තාත්තා සිවලිංගම්, අම්මා කාන්දිමදී, ඒ දෙන්නයි මගේ අයියලා තුන් දෙනයි යාපනයේ ඉන්නේ. අක්කයි, මල්ලියි ජර්මනියේ. ඒ අය හැමෝම නැතුව මම තනියම කොළඹට වෙලා ඉන්න එක ඇත්තටම දුකක්." 'ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ක්‍රීඩිකාවක්' "මම කුලී කාමරයක ජීවත් වෙන්නේ." ජාත්‍යන්තර මට්ටමේ කුසලාන පවා හිමිකරගත් ක්‍රීඩිකාවක් වන ඇයට රජයෙන් ලැබෙන සහන ගැන විමසුවෙමු. "රජයෙන් අපිට ජීවත් වෙන්න සල්ලි දෙන්නේ නැහැ. හැබැයි මුකුත් දෙන්නේ නැහැ කියන්නත් බැහැ. ආසියානු කුසලානය දිනුවාම අපිට අඟුලාන තට්ටු නිවාසවලින් හැමෝටම ගෙවල් දුන්නා." "තනියම එහෙ ජීවත් වෙන්න බැරි නිසා මම කුලියට ඉන්නේ. ඒ වගේම මේ පාර ලෝක කුසලාන තරගාවලියට යනකොට අපිට මුදලක් දුන්නා," යැයි ඇය පිළිතුරු දුන්නාය. මේ තොරතුරුද කියවන්න: ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් නියෝජනය කිරීම වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹි ප්‍රථම ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාව වන්නේ ද තර්ජිනීය. තෙවසරක කාලයක සිට ඇය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 'City West Falcons' (සිටි වෙස්ට් ෆැල්කන්ස්) දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන අතර, ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ සැණින් ඔස්ට්‍රේලියාව බලා පිටත් වූවාය. 'City West Falcons' දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සමග City West Falcons වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, තර්ජිනීගේ පුහුණුකාරිය වන්නේ නිකෝල් රිචඩ්සන් ය. සිය පුහුණුකාරියගේ නිවසේ සිට පුහුණුවීම් කටයුතුවලට සහභාගී වන බව ද තර්ජිනී පැවසුවාය. අනාගත බලාපොරොත්තු සහ නව ක්‍රීඩිකාවන්ට උපදෙස් "මම හරි කැමතියි අලුතෙන් එන නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට උදව් කරන්න. වර්තමානයේ වගේම මගේ අනාගත බලාපොරොත්තුවත් ඒකයි." එමෙන්ම, ඇය පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාවන්ට වැඩි වශයෙන් මුහුණ දීමට ලැබෙන්නේ මිත්‍රශීලී තරගවලට වන බැවින් එයින් ක්‍රීඩාවේ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථා මගහැරෙන බවකි. "තරගකාරී තරග වැඩියෙන් සෙල්ලම් කිරීමෙන් තමයි අපිට අත්දැකීම් වැඩියෙන් ලැබෙන්නේ. ඒ වගේම ක්‍රීඩාවට අවශ්‍ය නිර්භීතකම තවත් වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා." "හැමදේටම බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්වයේ නැහැ" "අලුතෙන් නෙට්බෝල් ක්‍රීඩාවට එන අයට මම දෙන උපදෙස තමයි ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් විදියට ශක්තිමත් වෙන්න කියන එක. මගේ ජීවිතයේ සෑහෙන දුක් වින්දා. හැබැයි අද මම මගේ ඉලක්කවලට ගිහින් තියෙනවා." "හැමදේටම බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්වයේ නැහැ." දිවි ගමනේ හතළිස් විය පසු කරමින් සිටින තමන්ගේ ඉදිරි බලාපොරොත්තුව සිය දෙමාපියන් සමග එකම ස්ථානයක කල් ගෙවීම බව අප සමග සාකච්ඡාව අවසන් කරමින් පැවසුවාය. තවත් තොරතුරු:
මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් අඟහරුවාදා පොලිසියට නියෝග කොට තිබේ.
සෙබළාගේ නම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අත්අඩංගුව ප්‍රමාද වෙලා -පොලිසිය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරණ ලද තොරතුරු සැලකිල්ලට ගෙන දිසා විනිසුරුවරිය එම තීරණය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ. අවුරුදු 14 හැවිරිදි දැරිය දූෂණයකට ලක් ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ ඇත. දැරිය දූෂණය කිරීමේ චෝදනාව දැරිය ජීවත් වූ ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළෙකු වෙත ඉදිරිපත් වී ඇති බව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එම සෙබළාගේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම ප්‍රමාද වී අති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය. දැරිය දූෂණය කරණ අන්දම තමන් දුටුවේ යැයි කියන පුද්ගලයෙකුගෙන් ද සාක්කි සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පැවසිය. සැකකරුවා අත් අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇතයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ය.
ශ්‍රී ලංකාවේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා ගව මස් ආහාර ලෙස ලබා ගන්නන්ට ඒවා පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස තමන් මුදල් හා වෙළද අමාත්‍යවරයාට දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පයාගලදී පැවති තයිපොන්ගල් සැමරුම් උත්සවයකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. "පහුගිය දවස්වල අපේ අයවැය හදන කොට මම මුදල් ඇමතිතුමාට පැහැදිලි කළා, ගවයන් මරන්නේ නැතුව ගවමස් අවශ්‍ය අයට ගව මස් පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස" " මම වෙළඳ ඇමතිවරයාට කියනවා මේ රටේ ගව සම්පත ආරක්ෂා වෙන්න ප්‍රධාන වශයෙන් ගව මස් පරිභෝජනයට පිටරටින් ගව මස් ගෙනත් දෙන්න කියලා" ජනාධිපතිවරයා පැවසීය. තමන් කිසිම ආකාරයේ සත්ව හිංසාවකට විරුද්ධ බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා මස් මාංශ කෑමෙන් වැලකි සිටින අයෙකු ලෙස තමන්ට ඒ ගැන ප්‍රකාශ කල හැකි බවයි සඳහන් කළේ . "මෙහෙ කලත් පිටරට කලත් මම කිසිසේත්ම සත්ව හිංසාව අනුමත කරන කෙනෙක් නෙවෙයි, මම මස් කන කෙනෙක් නෙවෙයි, ගව මස් විතරක් නෙවෙයි හැම මසක්ම, ඒ නිසා මට ඒ ගැන කතා කරන්න පුළුවන්" ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය. ගවයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇති නීති ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ සොයා බැලීම වැදගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන නිශා බිස්වාල්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැට‍ළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන දෙවන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයා ඇයයි. පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
තරුණියකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක තනිව ආරක්ෂාකාරීව ගමන් කළ හැකි බව ඔප්පු කිරීමේ අරමුණින් රටවටා පා ගමනක යෙදෙන බව දේවිකා කාසිචෙට්ටි පවසන්නීය.
පසුගිය ජනවාරි 10 වැනිදා කතරගම කිරිවෙහෙර අබියසින් තම සංචාරය ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාව වටා කිලෝමිටර් 1268 ක් තනිව පා ගමනේ යෙදීමට බලාපොරොත්තුවෙයි. කතරගම, ගාල්ල, කොළඹ, පුත්තලම, යාපනය, මඩකලපුව ඔස්සේ ඇගේ ගමන් මාර්ගය වැටී ඇත. දිනකට කිලෝමීටර් 20-25 අතර දුරක් ගමන් කරන ඇය කිලෝමීටර් 100 බැගින් වූ අදියර 13 කින් සිය පා ගමන නිම කිරීමට බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවයට කියා සිටියේය. සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ තමන් එයින් උපයා ගත් වැටුප යොදා ගනිමින් මෙලෙස පා ගමනේ යෙදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
කැපුම් තුවාල සහිතව සිහිසුන්ව වැටී සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන පානදුරේ බණ්ඩාරගම දී හමු වුන වටරැක විජිත හිමියන් තමන්ට තුවාල කර ගෙන ඇතැයි සැක කරන බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිබඳව විවිධ මත පල වෙමින් තිබේ.
විජිත හිමියන් වැටී සිටියදී හමු වූ ස්ථානය විජිත හිමියන් පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයන්ගේ වාර්තා සහ විජිත හිමියන්ගේ කට උත්තරය මෙන්ම එහිමියන්ගේ ඥාති සොහොයුරකු ලබා දුන් කට උත්තරයද මත එම සැකය පහල වන බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඉරිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. එහෙත් විජිත හිමියන් ගේ හිසේ සහ සිරුරේ සුළු කැපුම් තුවාල තමන් දුටු බව එහිමියන් බැලීමට රෝහලට ගිය නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය. 'සුන්නත් කරලා' ප්‍රහාරකයන් පිරිස තමන් සුන්නත් කළ බවත් විජිත හිමියන් නීතිවේදියාට පවසා තිබේ. තමන් එම තුවාල නොදුටු බවද නීතිඥ නාමල් රාජපක්ෂ සංදේශයට පැවසීය. කෙසේ නමුත් නිසි ආරක්ෂාවක් නොමැතිව දිවා රාත්‍රී සිය ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවීම සහ බොදු බල සේනා සංවිධානයෙන් නිරන්තරයෙන් එල්ල වන තර්ජන හමුවේ වටරැක විජිත හිමියන් දැඩි මානසික පීඩනයකින් පසු වන බව නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටි එහිමියන්ගේ දායකයකු සංදේශයට පැවසීය. එහිමියන්ගේ ඥාති සහෝදරයාද දින ගණනාවක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්ණ කොට තිබෙන බවද එම දායකයා පැවසීය. ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ එහිමියන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යද්දී ව්‍යාජ බෙහෙත් (Fake cure) සහ විද්‍යානුකූලව තහවුරු නොවූ ප්‍රතිකාර (Unproved treatments) රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ජනමාධ්‍ය සහ සමාජ ජාල ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙන බවට චෝදනා එල්ල වේ.
කෑගල්ල ප්‍රදේශයේ කපු මහතෙකු විසින් නිෂ්පාදනය කරන ලද පැණිය ඊට ආසන්නතම උදාහරණයයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ද එම පැණිය ලබා ගන්නා ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඔවුන් එවැනි පියවරකට යොමුව තිබුණේ අදාළ පැණියට කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු වී නොමැති පසුබිමකදීය. ඒ බව, අග්‍රාමාත්‍ය කාර්යාලය ඉරිදා (දෙසැම්බර් 13) නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් තහවුරු වේ. "කෝවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි" අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ දැක්විණි. කෙසේ වුවත් මේ වන විට එම පැණිය සිය ගණනකගේ අතට පත්ව ඇත. එහි අඩංගු ඇතැම් සංඝටක මගින් සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට අනතුරු අඟවා තිබේ. එය පානය කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකයන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඇතැම් වෙබ් අඩවි අඟහරුවාදා (දෙසැම්බර් 15) වාර්තා කර තිබිණි. 'කොරෝනා ප්‍රතිශක්ති ජීව පානය' ලබා දීමේ දන්සලට පැමිණි පිරිසෙන් අවදානම් තත්ත්වයක් මේ අතර කොරෝනා වෛරස් මර්දන එන්නතක් ආනයනය කිරීම හෝ එවැනි එන්නතක් දේශීයව නිෂ්පාදනය කිරීමට අදාළ කිසිදු විධිමත් සැලැස්මක් ආණ්ඩුව හෝ සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කරනු ලැබ නොමැත. එන්නතක් හෝ ඖෂධයක් සඳහා අනුමැතිය ලබා ගන්නේ කෙසේද? ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව එය ජනතාව අතට පත් කිරීම ලොව පිළිගත් ක්‍රමවේදයයි. පහත දැක්වෙන්නේ ආරක්‍ෂිත සහ ඵලදායි එන්නතක් සඳහා අනුමැතිය ලබා ගැනීමට පෙර ලොව රටවල සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන පියවරයි. පූර්ව සායනික පරීක්ෂණ මිනිසුන් යොදා ගැනීමට පෙර විද්‍යාගාර තුළ කෙරෙන මූලික පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනෙයි. කෝවිඩ්-19 පර්යේෂණ සඳහා විශාල වශයෙන් යොදා ගනු ලබන්නේ මුගටි විශේෂ (Ferret), මීයන් සහ වඳුරන්ය. ඔවුන්ගේ කායික සහ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් මිනිසාට සමාන වීම ඊට හේතුවයි. සායනික පරීක්ෂණ අදියර 1 සතුන් යොදා ගනිමින් කළ පර්යේෂණවල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමෙන් පසු, මිනිසුන් යොදා ගනිමින් සායනික පරීක්ෂණවල පළමු අදියර ආරම්භ වේ. ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කුඩා කණ්ඩායමක් යොදා ගැනෙයි. (සාමාන්‍යයෙන් 20-50 ත් අතර පිරිසක්). එහිදී ශරීරය ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කරනු ලබයි. අවශ්‍ය කෙරෙන මාත්‍රාව ද එහිදී නිර්ණය කෙරෙයි. සායනික පරීක්ෂණ අදියර 2 දෙවෙනි අදියරයේ පර්යේෂණ සඳහා සිය ගණනක පිරිසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි. එහිදී සියලුම වයස් කාණ්ඩයන්ට අයත් ස්ත්‍රීන් සහ පුරුෂයන් යොදා ගනු ලබන අතර ඒ සඳහා සියලූම ජනවර්ග යොදා ගැනීමට හැකිනම් එය වඩාත් උචිතය. සායනික පරීක්ෂණ අදියර 3 තෙවෙනි අදියරය, දෙවෙනි අදියරයේ පරීක්ෂණයට බෙහෙවින් සමාන අතර එහිදී පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිසුන් දෙතුන් දහසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි යන්න වඩාත් පුළුල්ව පරීක්ෂාවට ලක් කෙරෙයි. පරීක්ෂණ මීළඟ අදියරයට ගෙන යන්නේ දැයි යන්න ද නිර්ණය කෙරෙයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින බරපතල තත්ත්වය හමුවේ මෙම අදියරයන්හි සුළු වෙනස්කම් සිදුවිය හැක. නමුත් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පරීක්ෂාවන් සියල්ල සපුරාලිය යුතුය. නියාමන වාර්තා ලබා ගැනීම පරීක්ෂණවලට අදාළ ප්‍රමාණවත් දත්ත එක්රැස් කර ගැනීමෙන් පසු ඒවා ඒ රටවල්හි ඖෂධ නියාමන ආයතන වෙත ලබා දිය යුතුය. විද්‍යාත්මක සහ සායනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එම දත්ත විමර්ශනයට ලක් කරනු ලැබේ. අදාළ එන්නත කෙතරම් ඵලදායිදැයි යන්න, කෙතරම් ආරක්‍ෂිත සහ ස්ථායි මට්ටමක පවතී දැයි යන්න, ගුණාත්මකභාවය මෙන්ම ආරක්‍ෂිත ප්‍රමිතීන්ට සහ මහජන සෞඛ්‍ය නීතිවලට අනුකූලව එන්නත නිෂ්පාදනය කර තිබේදැයි සහ ඒවා ගබඩා කර ඇත්දැයි යන්න එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි. නිෂ්පාදනය අදාළ ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු එන්නත මහජනයා වෙත ලබා දෙයි. එසේ වුවත් තවදුරටත් අදාළ ආයතන විසින් සෞඛ්‍ය වාර්තා සහ දත්ත නිරීක්ෂණය කරනු ලැබේ. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් ජනතාව වෙත ලබා දීමට පෙර ඉහත කී ආකාරයට ඒවායේ නිර්මලභාවය සහ ගුණාත්මකභාවය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනු ලබයි. දේශීයත්වය හෝ අපේකම: "පරිණාමයේ ආපස්සට යාම නොවෙයි" බටහිර වෛද්‍ය විද්‍යාව හෝ දේශීය වෛද්‍ය ක්‍රම අනුව වැඩිදියුණු කළ ඖෂධයක් මහජනතාව වෙත ලබා දීමට පෙර ඊට අදාළ සෞඛ්‍ය නීති, අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රමවේද සහ මහජන ආරක්ෂාව යන කරුණු සපුරා ලිය යුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ "දේශීයකම හෝ අපේකම විකුණමින් සති දෙකකට වරක් කුමක් හෝ කට ගැස්මක් කරළියට එනවා. සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වගකිවයුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිර පුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු බවට පත්වෙනවා," යනුවෙනි. "වෛරස් ලෙඩවලට මොන වෛද්‍ය ක්‍රමයේවත් බෙහෙතක් නැහැ. ඒක සිංහල වෙද්දුත් දන්නා, බටහිර වෙද්දුත් දන්න, චීන වෙද්දුත් දන්නා ඇත්තක්. වෛරස් ලෙඩවලට බෙහෙත් අවශ්‍ය නැති බව වැදි යුගයේ හිටපු අපේ මුතුන් මිත්තන් පවා දැන සිටියා. ඔවුන් පවා ඊට පිළියම් කළේ ආශ්චර්යෙන් නෙමෙයි, ස්වභාව ධර්මයට ඉඩ දීලා, රෝගය පාලනය කිරීමෙන්." "දේශීයත්වය හෝ අපේකම" ආරක්ෂා කිරීම යනු පරිණාමයේ ආපස්සට යෑම නොවන බව පෙන්වා දෙන රවී කුමුදේශ් බටහිර වෛද්‍ය ක්‍රමය නිර්මාණය වී ඇත්තේ සෑම දේශීය ක්‍රමවේදයන්හි ඇතුළත් සිද්ධාන්ත විද්‍යාත්මකව පරිණාමය වීමෙන් බව සඳහන් කරයි. "අපි බොන පෙති බොහොමයක තිබෙන්නේ සාදික්කාවල, හල් පොතුවල, මී පැණිවල හෝ අපි දන්නා ගහකොල, සතා සිව්පාවාගෙන් වෙන් කරගත්තු රසායනික සංයෝග මිස වෙන යමක් නෙවේ," යනුවෙන් රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ද පැණිය ලබා ගන්නා ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය වැරදි තොරතුරු නිසා ජීවිත අහිමි විය හැක වසංගත තත්ත්වයක දී විශාල වශයෙන් තොරතුරු හුවමාරු වේ. ඉන් සමහරක් තොරතුරු නිවරද්‍ය වන නමුත් ඇතැම් ඒවා එසේ නොවේ. එමගින් ජනතාව ව්‍යාකූල වන අතර අවසානයේ ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරීන් ගන්නා වූ ක්‍රියාමාර්ග අවිශ්වාස කිරීම දක්වා එම තත්ත්වය දුරදිග යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරෝනා වෛරස් වසංගතය හමුවේ විද්‍යාත්මකව තහවුරු නොකරන ලද ඖෂධ අලෙවිය හෝ බෙදා හැරීම මෙන්ම 'අත්බෙහෙත්' භාවිතය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ. කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන්, කීට විශේෂයක් මර්දනය කිරීම සඳහා භාවිත කෙරෙන 'ඉවර්මෙක්ටින්' (Ivermectin) නැමති ඖෂධයක් දකුණු ඇමරිකානු කලාපයේ ප්‍රචලිත විය. ඒ කෙරෙහි ජනතාව යොමුව තිබුණේ ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවා නොතිබුණ පසුබිමකදීය. වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. "නිසි මාධ්‍ය ඔස්සේ, නිසි පණිවුඩකරු හරහා නිසි වේලාවට, නිසි පණිවුඩය ලබා දීමෙන් ජීවිත බේරා ගත හැක. නොමග යවන සුළු තොරතුරු හෝ නිශ්චිත නොවන තොරතුරු නිසා ජීවිත නැති විය හැක." විශේෂයෙන් අද වැනි ඩිජිටල් යුගයක නොමග යවන සුළු තොරතුරු නිසා පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් සම්පූර්ණයෙන් විනාශයට පත් විය හැක. ඉහත කී තත්ත්වය හුදු සන්නිවේදනයේ ගැටළුවක් පමණක් නොව වසංගත තත්ත්වයක් තුළ තොරතුරු ලබා දීමේදී සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් පිළිබඳ යළි සිතා බැලීමේ අවශ්‍යතාව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ ගැනත් කියවන්න:
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් පියවර ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
ප්‍රහාරයට ගොදුරු වූ මන්ත්‍රීවරුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇති අතර, තමාත් පෞද්ගලික මට්ටමින් වැඩබලන පොලිස්පතිවරයාට ඒ ගැන දැනුම් දී ඇතත් මේ දක්වා කිසිදු පියවරක් ගනු නොලැබීම කනගාටුවට කරුණකැයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක කරු ජයසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. ප්‍රහාරය අවස්ථාවේ තම අත තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බවයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසන්නේ. එම දැනුම් දීම කළ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට පොලිසිය සහතික වු බවත් එක්සත් ජාතික පක්‍ෂයේ වැඩ බලන නායකයා කියා සිටියි. පාර්ලිමේන්තුවට කළ අපහාසයක් “පිස්තෝල අතින් ගත් ප්‍රහාරකයන්ගේ ඡායාරූප පුවත්පත් වල පවා පළ වුනා. එවැනි සාක්ෂි තිබියදී තවමත් කිසිවකු අත්අඩංගුවට නොගැනීම කනගාටුවට කරුණක්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තොත් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා” වැඩබලන නායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය ‘පාර්ලිමේන්තුවට කළ අවනම්බුවක්ය’ යන්න ඔහුගේ විග්‍රහයයි.
වෙනත් කාන්තාවකගේ ගර්භාෂය භාවිතා කරමින් බිහි කළ දරුවන් රැගෙන රටින් පිටව යාමට තැත් කළ විදේශිකයන් හතර දෙනෙකුගේ ගමන් අත්හිටවීමට තායිලන්ත බලධාරීන් පියවර ගත් බව බැංකොක් නගරයෙන් වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියානු යුවල විසින් අත්හැර ගිය මානසික ආබාධයෙන් පෙළෙන බිලිඳා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකානු ජාතිකයන් වූ එම විදේශිකයන්ට දරුවන් රැගෙන යාමට අවශ්‍ය නම් භාරකාරත්වය සහතික කරමින් බලපත්‍ර ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කර ඇත. වෙනත් කාන්තාවන්ගේ ගර්භාෂ භාවිතා කරමින් වාණිජ මට්ටමෙන් දරුවන් බිහි කර විදේශිකයන්ට ලබා දීමේ ව්‍යාපාරය නැවැත්වීමට තායිලන්තයේ හමුදා ආණ්ඩුව මේ වන විට අවශ්‍ය නීති සකස් කරමින්ඇති බවත් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් තායිලන්ත බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වුයේ ඕස්ට්‍රේලියානු ජාතික යුවලක් තායිලන්ත කාන්තාවකගේ ගර්භාෂය භාවිතා කරමින් බිහි කර ගත් දරුවා මානසික සහ ශාරීරික ආබාධයකින් පෙළෙන බැවින් එම දරුවා අත්හැර යාමේ සිද්ධියෙන් පසුවයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලේ ප්‍ර ති කාර කෙරෙන අතරතුරදීම රිමාන්ඩ් භාරයට පත් කොට තබේ.
සිංගප්පූරුවේ සිට ශ්‍රීලංකාවට පැමිනි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැත්කම් කිහිපයකට ලක්වූ දුමින්ද සිල්වා දුවිලි සහිත ස්ථානයක රඳවා තැබීම නුසුදුසු හෙයින් නවලෝක රෝහලේ නතර වී සිටීමට ඔහුගේ නීති වේදීන් කළ ඉල්ලීමකට අධිකරණය ඉඩ ලබා දුන්නේය. ප්‍රේමචන්ද්‍ර මහතා ගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කියා සිටියේ දුමින්ද සිල්වා පැමිණෙන තුරු තමන් බලා සිටි බවයි "මෙතෙක් කාලයක් නඩුවට ආවේ අපේ පාර්ශවයෙන් විතරයි,දැන් තමයි සටන පටන් ගන්නේ" යැයි ඇය පැවසුවාය. මෙම නඩු විභාගය මාර්තු 13 වෙනිදා කැඳවීමට නියමිතය. සබැඳි තේමා
කච්චතිව් දූපත්වල පැවැත්වීමට නියමිත ආගමික උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවන බැවින් මැලේරියා රෝගය පැතිර යාමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කොට එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
යාපනය කච්චතිව් දූපත්වල ලබන සතියේ අරම්භවීමට නියමිත දේවස්ථාන මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් සහ අසල්වැසි ඉන්දියාවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එබැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය එච්.ඩී.බී හේරත්ට උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 'නව මදුරු විශේෂයක්' මේ අතර මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා වාහක නව මදුරු විශේෂය විනාශ කිරීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ මැලේරියා වාහක මදුරු විශේෂය ඉන්දියාවේ මුහුදුබඩ පළාත්වලින් වැඩිවශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ. මැලේරියා රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කොට ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය 2017 වසර තුළ රටේ විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් නව දෙනෙකු සොයා ගෙන ඇති බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා අරලිය ගහ මන්දිරයේ දී උතුරේ මහ ඇමැතිවරයා මුණ ගැසී තිබේ.
සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ජනාධිපති රාජපක්ෂ හමු වූ අවස්ථාව සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක බීබීසී සංදේශය ට කියා සිටියේය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ද සාකච්ඡාවට සහභාගී වුවන් අතර වෙති. ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දා දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ දී ආරාධනා කොට තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් බීබීසීයට කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි. ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර මුහුණට මුහුණ ලා සාකච්ඡා අවසන් වතාවට පැවැත්වුණේ මෙයින් දෙවසරකට ඉහතදී. අලුත්ම සාකච්ඡා පිලිබඳ තොරතුරු ලද සැනින් පළ කරන්නෙමු.
රෝග, ශාරීරික පීඩාවන් කොතෙක් තිබුණද සිය ජීවන ගමනට ඒ කිසිවක් බාධාවක් නොකර ගත් රෝසි උඩුමුල්ල පානදුර ප්‍රදේශයේ දිවි ගෙවන විසිපස් හැවිදිරි තරුණියකි. ශාරීරිකව 'අසම්පූර්ණ' දරුවෙකු ලෙස මොලොවට බිහි වුව ද මේ වන විට ස්ව ශක්තියෙන් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට ඇය සමත්ව ඇත.
රෝසි උඩුමුල්ල දෙවෙනි මනමාලියක් ලෙස සැරසී ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළ කතාවයි, මේ. ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින පවුලක බාල දියණිය වන රෝසි උපත ලැබුවේ කොළඹ සොයිසා රෝහලේදීය. උපතේ දී නිරීක්ෂණය වූ ශාරීරික අඩුපාඩුකම් සහ රෝගී තත්ත්වයන් රැසක් නිසා ඇය දින තුනකට වඩා ජීවත් නොවන බව වෛද්‍යවරු රෝසිගේ මවට දන්වා තිබිණි. "මගේ මුහුණේ ගොඩක් වෙනස්කම් තිබුණා. ඇස් වැහිලා, තොල් පැලිලා කට අරින්නවත් බැහැ. ඒ වගේම තව අසනීප ගොඩක් එක්ක තමයි මම ඉපදුණේ. දොස්තරලා මාව ජීවත් කරවන්න බැහැ කිව්ව නිසා, අම්මා මාව ගෙදර ගෙනත් තියෙනවා," ඇය සිය ජීවිත කතාව මා ඉදිරියේ දිග හරිමින් පැවසුවාය. ගෙදර ආපු ගමන් අම්මා මාව ගේ ඇතුළෙන් තියලා හයියෙන් දොර වහලා තියෙනවා. එතකොට මම එක සැරේම ගැස්සිලා තිබුණා. ඒකෙන් අම්මා දැනගෙන තියෙනවා මට කන් ඇහෙනවා කියලා. ඊට පස්සේ අම්මා අඬ මගේ ඇඟ මට උපරිම රිදෙන්න හයියෙන් කොනිත්තලා තියෙනවා. එතකොට මම අඬන්න උත්සහ කරලා තියෙනවා. ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා මගේ උගුරේ උඩ අතට තියෙන අසාමාන්‍ය පටලයක්. මට කතා කරන්න අපහසු වෙන්නේ ඒක නිසයි කියලා අම්මා නිගමනය කරලා තියෙනවා. ඊට පස්සේ දොස්තරට කතා කරලා මේ ගැන කියලා." රෝසි කුඩා කළ ඒ අනුව, අමරා වාද්දුවගේ සිය දියණිය රෝසිව පසුදින නැවතත් රෝහලට ගෙන ගොස් වෛද්‍යවරුන්ට පෙන්වා තිබිණි. "මෙච්චර දියුණු වෛද්‍ය විද්‍යාවෙන් අපිට සොයා ගන්න බැරි වුණ දේ අම්මා සොයා ගෙන තියෙනවා කියලා දොස්තර අම්මාට කියලා. එවෙලේම විශේෂඥ වෛද්‍යවරයෙකුට මාව පෙන්නන්න වෙලාවක් වෙන් කරලා දොස්තරම අපිව වාහනේ දාගෙන එක්කන් ගිහින් තියෙනවා. ඊට පස්සේ මට සැත්කම් ගණනාවක් සිදු කරලා තියෙනවා. මේ වන විට විස්සකට අධික සැත්කම් ප්‍රමාණයක් කරලා තියෙනවා. අවසානයේ අම්මා මට දෙවෙනි වතාවටත් ජීවිතය දුන්නා. ඒත් සමහරවිට මට ඇවිදින්න බැරි වෙයි කියලා දොස්තරලා කියලා තිබුණා. මගේ එක කකුලක ඇඟිලි දෙකයි, අනෙක් කකුලේ එක ඇඟිල්ලයි. ඒවත් සාමාන්‍ය විදිහට පිහිටලා නැහැ. මම කවදාවත් අම්මගෙන් කිරි උරලා බීලා නැහැ. පහන් තිරයකින් තමයි කිරි පොවලා තියෙන්නේ. මගේ අම්මා අපි කුඩා කාලයේ ඉඳන්ම රැකියාවකුත් කළා. ඒ වෙලාවට මාව බලාගත්තේ ලොකු අම්මා. දවසක් අම්මා වැඩට ගිහින් එනකොට මම වැටි වැටී ඇවිදින්න උත්සහ කරනවලු. ඒක හරිම සතුටුදායක අවස්ථාවක් වෙලා." ඉන් පසු ඇරඹුණේ රෝසිගේ පෙර පාසල් සමයයි. ශාරීරික වෙනස්කම් සහ කතා කිරීමේ අපහසුතා මත පෙර පාසලේ දී ඇයට ගුරුවරු හෝ සිසුන්ගෙන් වෙනස්කම් සිදු වූ බවක් නොදැනුන අතර, එහි පැවැත්වූ විවිධ ප්‍රසංගවල සෑම නර්තනයක් සඳහාම ඇය සහභාගී කරගත් බව ද පැවසීය. "එහෙම වෙනසක් වුණත් මට ඒවා තේරෙන වයසක් නෙමෙයි. හැබැයි ගුරුවරු මට ආදරෙන් හිටියා කියලා මතකයි. නමුත් මාව හැම නැටුමකටම ගන්නේ ඇයි කියලා ළමයි අහන්න ගත්තා. හැබැයි ඒ අයත් මම වගේම චූටියි එතකොට. කෙසේනමුත්, පාසල් ගමන ආරම්භයත් සමග රෝසිට බොහෝ දුක් ගැහැට, අපහාසවලට මුහුණ දීමට සිදු විය. "මගේ කොණ්ඩය වැවෙන්නේ නැහැ. ඉතින් ළමයි මට තට්ටයා කියලා විහිළු කරනවා. ඒ වගේම සෑහෙන්න වෙනස්කම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට හයියෙන් කෑ ගහනවා, පැන්සල් පෙට්ටිවලින් ගහනවා, පොත් ඉරනවා වගේ ගොඩක් දේවල් සිද්ධ වුණා. දරාගන්න බැරිම තැන දවසක් මම අම්මාගෙන් ඇහුවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මගේ යාළුවෝ කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන එනවා ඇයි මට නැත්තේ කියලා. එතකොට අම්මා මට විග් එකක් අරගෙන දුන්නා. නමුත් ළමයි විග් එක බලෙන් ගලවාගෙන ඒක උඩ දදා සෙල්ලම් කරන්න පටන් ගත්තා. නර්ථනය පුහුණු වන අතර තවත් ලිපි කියවමු: වතුර බෝතල්වලින් පවා සමහරු මට ගහලා තියෙනවා. නමුත් ගුරුවරුන්ගෙන් ලොකු වෙනස්කම් සිද්ධ වුණේ නැහැ. මාව ඉස්කෝලේ හැම විවිධ ප්‍රසංගයකම නැටුම් පුහුණුවීම්වලට සහභාගී කර ගත්තා. නමුත් ප්‍රසංගය දවසට ඇඳුම් ලෑස්ති කරගෙන ආවටත් පස්සේ මාව නැටුමට ගන්න බැහැ කියනවා. අනික් ළමයි එක්ක ඔයාව දැම්මාම කැතට පේනවා පුතේ කියලා මට නැටුමට සහභාගී වෙන්න එපා කියනවා. මම ඉතින් දවසම අඬලා මේ සිද්ධි අම්මට කියනවා. ඉවසන්න බැරිම තැන දවසක් අම්මා ඉස්කෝලයට ඇවිත් ගුරුවරුන්ටයි, ළමයින්ටයි මේ ආසාධාරණය ගැන කියලා තිබුණා." ක්‍රමයෙන් වැඩි වියට පත් වන විට හිරිහැර, පීඩා අවම වී ලෙන්ගතු මිතුරු මිතුරියන් හමු වූ බව රෝසි පැවසුවාය. කෙසේනමුත් තම මුහුණ, ශරීරයේ වෙනස්කම් නිසා සමාජයෙන් එල්ල වූ පීඩාවන්වල අඩුවක් නොවුණු නමුත්, වයසින් මුහුකුරා යන විට ඒ සියල්ල දරාගෙන තමන්ගේ ඉලක්ක වෙත ගමන් කළ බව ඇය පැවසීය. රෝසි සිය මව අමරා වාද්දුවගේ සමග "දවසක් මම බස් එකේ යද්දී මගේ එහා පැත්තේ හිටිය ගැහැණු කෙනෙක් මට කතා කරලා කිව්වා වෙන සීට් එකක ඉඳගන්න කියලා. මොකද මාව දැක්කාම එයාගේ බබා බය වෙනවා කියලා. මම එයාට කිව්වා මමත් මනුස්සයෙක්, ඔයාට ඕනෙනම් වෙන සීට් එකකට යන්න කියලා. හිරිහැර විඳගන්න බැරුව පොඩි කාලයේ අඬා වැටුනට, වයසින් ලොකු වෙන්න මම මේ දේවල්වලට නොසැලී ඉන්න පුරුදු වුණා. දැන්නම් මට කව්රුහරි මොනවහරි කිව්වත් හිනාවක් එක්ක තෑන්ක් යූ කියලා ඒවා සියල්ල අමතක කර දමනවා. " කුඩා කළ සිටම මවගේ සෙනෙහස නොඅඩුව ලැබුණ ද සිය පියාගෙන් "කිසි දිනක ආදරයක් නොලැබුණු" බව ඇය පැවසීය. මේ අතර, පාසලේ හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාලය වන විට සිය මව පිළිකා රෝගයෙන් පෙළෙන බව රෝසිට දැනගන්නට ලැබිණි. "මේ ඔක්කොම සිද්ධ වන අතර අපේ අම්මා රැකියාව කළ තැන ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණා. අම්මා වෘත්තීය සමිති නායිකාවක්. එතනදී පොලිසිය එක්ක ඇතිවුණ ගැටුමක දී කදුළු ගෑස් ගහලා, අපේ අම්මාව බිම දිගේ ඇදගෙන ගිහින් පාගාගෙන ඉන්නවා ඈතින් හිටිය පුංචි මම දැක්කා. එය මගේ ජීවිතයේ අමතක කරන්න බැරි මහා දුක්බර සිද්ධියක්." මේ සියල්ලත් සමග පියා ඔවුන් හැර දැමූ බව ද ඇය පැවසීය. "තාත්තා අපිව අත්හැරියට පස්සේ අපි ලොකු අම්මාලාගේ ගෙදර නැවතුනා. මේ අතර අම්මා පිළිකා රෝගයත් එක්ක සටන් කරලා, තවදුරටත් බෙහෙත් ගන්න බැහැ කියලා මාසයකින් විතර ආයෙත් නැගිට්ටා. රැකියාවක් නැති නිසා අම්මා අපේ ඥාතියෙක්ගේ ලොරියක රියදුරු ලෙස හයර් යන්න ගත්තා. ලොරියෙන් සිමෙන්ති, වැලි, පලංචි අදින්න ගත්තා. මේ අතර අක්කාට ධීවර සංස්ථාවේ රැකියාවක් ලැබුණා. අපි ටිකෙන් ටික ආයෙත් ඔලුව ඉස්සුවා. ඒ අතර හෙමීට ගෙයකුත් හැදුවා. මේ අතර මම උසස් පෙළ පළවෙනි වසරට ඇතුළු වුණා. හැබැයි අම්මයි අක්කයි වෙන මහන්සිය බලා ඉන්න බැරි නිසා මම එතනින් ඉස්කෝලේ ගමන නැවැත්තුවා. ඊට පස්සේ වෘත්තීය පුහුණු අධිකාරියේ පරිඝනක පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ මාස හයක් පුහුණු රැකියාවක් කළා. කොළඹ විශ්වවිද්‍යාලයෙත් අවුරුදු එකහමාරක් විතර වැඩ කළා. නමුත් මට නැවතත් සැත්කමක් කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් දොස්තරලා කිව්වා මාව සාමාන්‍ය කෙනෙක් තරමට හදන්න බැහැ කියලා. ඒ සැත්කමෙන් පස්සේ මම සාමාන්‍ය විදිහට කෑම බීම ගන්න බැරුව මාසයක් රෝහලේ හිටියා. මේ අතර මම හිතුවා මට ලැබුණු මේ පෙනුම මම බාරගෙන ජීවිතයේ ඉදිරියට යනවා කියලා." මංගල උත්සවයකට නිර්මාණය කළ කේක් එකක් මින් පසු ඇය ඥාතිවරියකගේ සහයෝගය මත තරුණ සේවා සභාවේ කේක් සෑදීමේ පාඨමාලාවක් හැදෑරීය. තවත් ගුරුවරු කීපයක් යටතේ වැඩිදුර හැදෑරීම් කළ ඇය, උත්සවවලට කේක් ඇණවුම් බාර ගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළාය. "මුලින්ම හිතවතුන්ගේ උපන්දිනවලට කේක් හැදුවා. නමුත් දැන් සමාජ මාධ්‍ය ජාල හරහා කේක් ව්‍යාපාරය ප්‍රසිද්ධ කරගෙන මට විශාල පාරිභෝගිකයන් පිරිසක් හැදිලා ඉන්නවා. මංගල උත්සවවලට පවා ඇණවුම් සෑහෙන ලැබෙනවා. අම්මා මෙතෙක් කල් අපි වෙනුවෙන් මහන්සි වුණා. නමුත් දැන් අම්මට, ගෙදරට ඕනේ දේවල් අරගෙන දෙනවා. මේ ව්‍යාපාරයේ හැම දෙයක්ම කරන්නේ මම. ඔන්ලයින් පළ කරන පෝස්ට් එකේ ඉඳන් හැම දෙයක්ම නිර්මාණය කරන්නේ මම. මට දැන් ලොකු නිදහසක් දැනෙනනවා. නමුත් සමාජයෙන් තවමත් නොයෙක් පීඩා එල්ල වෙනවා. ඒත් ඒ කිසිම දෙයක් ගණන් නොගෙන මම මගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා. මට සමාජයේ අනුකම්පාව අවශ්‍ය නැහැ. මගේ කතාව දැකලා තවත් එක පුද්ගලයෙක් හරි ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න තීරණය කළොත් ඒකයි මගේ ලොකුම සතුට," ඇය සිය කතාව අවසන් කරමින් පැවසුවාය. කියවමු:
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ යෂ්ටිය ලොව වටා යන ගමන ආරම්භ වී ඇත.
මෙම යෂ්ටිය ධාවකයකින් වෙත එලිසබෙත් රැජින විසින් භාර දුන් අතර මෙම යෂ්ටිය සැතපුම් එක් ලක්ෂ විසි පන්දහසක් දුර ගෙවා ලබන වසරේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ග්ලාස්ගෝ කරා ලඟා වීමට නියමිතයි. මෙම යෂ්ටිය මුලින් ඉන්දියාව කරා යැවෙන අතර පසුව එය සෙසු රටවල් ගණනාවක් කරා යැවෙනු ඇත වැඩි දුර විස්තර ලබා ගැනීමට රටේ නමට ක්ලික් කරන්න
දරුණු ලෙස දඩයම් වීමේ අවදානමට ලක් වී සිටින වන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තිහකට වැඩි රටවල නියෝජිතයෝ බොට්ස්වානා රාජ්‍යයට රැස් වූහ.
අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වූයේ දඩයමට ලක් වීම හේතුවෙන් වන අලි ඉතා ඉක්මනින් වඳ වී යා හැකි බවට පරිසරවේදීහු අනතුරු හැඟවීමත් සමගයි. කෙන්යානු ආණ්ඩුව විසින් රාජසන්තක කරනු ලැබූ ඇත් දළ තොගයක් පසු ගියදා විනාශ දැමුණු අයුරු විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ සියයට හැටකට වැඩි ප්‍රමාණයකින් දඩයමට ලක් වී ඇති මධ්‍යම අප්‍රිකාවේ අලි ඇතුන් ගහනය දරුණු ලෙස වඳ වී යෑමේ තර්ජනයට ගොදුරු වී ඇති බව ලෝක වනසත්ව පදනම (WWF) පැවසුවේය. නීති විරෝධී ලෙස ඇත් දළ වෙළදාමේ යෙදෙන ලොව පුරා සිටින ජාවාරම්කරුවන් විසින් අලි ඇතුන් දඩයම් කිරීම සංවිධානගතව සිදු කරන බව පරිසරවේදීහු පවසති. මරා දැමීමට ලක් වන ඇතුන්ගේ දළ වලින් බොහෝ ප්‍රමාණයක් චීනයේ නීති විරෝධී වෙළඳපළට සපයන බව පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටිති.
ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලය මෙම සතිය තුළ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මුණගැසීමට නියමිතව ඇත. එම හමුවේ අරමුණ ප්‍රංශයේ ඉමාම්වරුන් විසින් අත්සන් තබනු ලැබිය යුතුව ඇති ''නව ජනරජ ප්‍රඥප්තියට'' ඇතුළත් නිර්දේශ සහතික කිරීමය.
පැරිස් නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආගමික මෙහෙයක් ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලය (CFCM) විවිධ මුස්ලිම් සංවිධාන නවයක එකතුවකි. ඉස්ලාම් ධර්මය දේශපාලන ව්‍යාපාරයක් වීම බැහැරකරනු ලැබීම සහ විදේශීය බලපෑම් තහනමක් ඇතුළත් ප්‍රංශයේ නව ජනරජ මූලධර්මයන් ඇතුළත් කෙටුම්පත පිළිගන්නා ලෙස ඉමාම්වරුන් නියෝජනය කරන එම පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. ''මෙම මූලධර්ම ප්‍රඥප්තියට ඇතුළත් කෙරෙන සියල්ලටම අපි එකඟ නැහැ'' ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලයේ උප සභාපති, පැරිස් නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආගමික නායක චෙම්ස් -එඩිනේ හෆිෂ් පැවසීය. ''ප්‍රංශයේ ඉස්ලාම් අපි ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. මුස්ලිම් ප්‍රජාව වන අපි අපගේ වගකීම්වලට මුහුණ දී සිටිනවා'' මෙයින් අට අවුරුද්දකට පෙර තම සිතිවිලි මීට වඩා වෙනස් වූ බවත් මුස්ලිම් ජකවරයා පවසයි. පසුගියදා 'ටුලූස්'(Toulouse) ප්‍රංශ නගරයේ දී ප්‍රහාරයක් එල්ලකරන ලද්දේ මොහොමඩ් මෙරාහ් (Mohamed Merah) නම් ඉස්ලාම්වාදියකු විසිනි. ''උදේ පාන්දර පහට විතර මම නිදාගෙන සිටියදී හිටපු ජනාධිපති සර්කෝසි මට කතාකළා. මම සර්කෝසි ට කිව්වා - ඒ මිනිහගේ නම මොහොමඩ් වෙන්න පුළුවන්. නමුත් ඔහු අපරාධකාරයෙක් කියල '' ''මට මගේ ආගම සහ අපරාධ සම්බන්ධ කරන්න උවමනාවක් තිබුණේ නැහැ.. ජනාධිපති මැක්‍රෝන් පසුගිය ඔක්තෝබර් මාසයේ අදහස් දක්වමින් මුස්ලිම් බලාධිකාරීන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. එහෙත් රාජ්‍ය අනාගමිකභාවය රජයන සමාජයක එය දුෂ්කර ක්ෂේත්‍රයකි. ජනාධිපති මැක්‍රෝන්ගේ ප්‍රයත්නය වන්නේ දේශපාලන ඉස්ලාම්වාදය පැතිරයාම වළක්වාලීමය. එම ප්‍රයත්නය දරනු ලබන්නේ ඇදහීමේ ආගමික අයිතිය හෝ එක් සුවිශේෂී ආගමික දහමක් ගැන සඳහන් කරනු ලැබීමෙන් තොරවය. සියලු මුස්ලිම් කණ්ඩායම් ප්‍රංශ සමාජය තුළට අන්තර්ග්‍රහණය කරගනු ලැබීම මෑත වසරවල අභියෝගාත්මක දේශපාලන කරුණක් බවට පත්විය, ප්‍රංශයේ මුස්ලිම් ජනසංඛ්‍යාව ලක්‍ෂ පනහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එය යුරෝපයේ වැඩිම මුස්ලිම් සුළුතරය නියෝජනය කරයි. යෝජිත නව ප්‍රඥප්තිය මගින් ප්‍රශ්න දෙකක් මතුකරන බව ප්‍රංශයේ ඉස්ලාම් දහම පිළිබඳ විශේෂඥයකු වන ඔලිවර් රෝයි පවසයි. ඉන් පළමුවැන්න, එමගින් මුස්ලිම් දේශනා පමණක් ඉලක්ක කරගනු ලැබීමය. දෙවැන්න,ආගමික නිදහස සඳහා ඇති අයිතිය කෙරෙහි එමගින් කෙරෙන බලපෑමය. ''රාජ්‍ය නීතියට අනුගතවීමට කවුරුත් බැඳී සිටිනවා. නමුත් රාජ්‍ය විසින් නිර්දේශ කරනු ලබන වටිනාකම් භාරගැනීමට මිනිස්සු බැඳී නැහැ. උදාහරණයක් විධියට, අපට සමරිසි ජනයාට වෙනස්කම් කරන්න බැහැ. නමුත් කතෝලික පල්ලිය සමරිසි විවාහය අනුමත කරන්න බැඳිල නැහැ'' ඔලිවර් රෝයි පවසයි. ''මෙය කුපිත කිරීමක් නොවෙයි;අපේ ආගමික අයිතිය,අපේ හෘදයසාක්‍ෂියේ අයිතිය අපට දෙන්න'' මුස්ලිම් හිජාබය තහනම් කරනු ලැබීමට සහ ප්‍රංශයේ අලුත් නීතියට එරෙහි කාන්තා විරෝධතා ව්‍යාපාරයක් මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන ඉමාන් මෙස්ටවී (Iman Mestaoui) ඇයගේ වචනයෙන් විග්‍රහකරනු ලබන පරිදි ''වෛරකරන්නන්ගෙන්'' නිරන්තරයෙන්ම හිරිහැර එල්ලවෙයි. ඇය විසින් නිර්මාණය කරනු ලබන ගෙල සහ හිස වසන සළු මගින් කාන්තා කේශ කලාපය සහමුලින්ම ආවරණය නොවන බව ඉස්ලාමීය දැඩිමතධාරීන්ගේ චෝදනාව වී ඇත. එහෙත් මුස්ලිම්වරුන් පූර්ණ ප්‍රංශකරණයට ලක් නොවූ ජනකොටසක් ලෙස බොහෝදෙනෙකු විසින් දැනටමත් සලකනු ලබන මොහොතක ඉමාම්වරුන් ''ප්‍රංශ මූලධර්ම'' සඳහා අත්සන් තැබීමට යාමේ අදහස ප්‍රශ්නයක් බවත් ඉමාන් මෙස්ටවී (Iman Mestaoui) පවසන්නීය. ''එමගින් අපි අමුතු තැනකට ගෙන යනවා. ජනරජ මූලධර්ම හැටියට ජනතාවට විග්‍රහකරනු ලබන අවස්ථාවකට. පොදු ප්‍රංශවාසීන් කියන තැනකට. නමුත් මෙතැනදී එම වැඩ පිළිවෙලේ නිර්මාතෘවරු අපි ගැන හිතන්නේ නැහැ'' ඇය විස්තර කළාය. ''අපි කිසිම දෙයක් නොකරන ගණනයි. අපි බදු ගෙවනවා. රටට වැඩ කරනවා. ඒක ප්‍රමාණවත්. ඒ අතරෙම අපි ''සැබෑ ප්‍රංශවරුන් '' කියල ඔප්පු කරන්නත් වෙලා. අපට ඌරුමස් කන්න වෙලා. වයින් බොන්න වෙලා. හිජාබය අත්හරින්න වෙලා. මිනිගවුම් අඳින්න වෙලා. මේක විහිළුවක්!'' ''අන්තවාදී කාලබෝම්බ'' එහෙත් පැරිස් අගනුවරට යාබද 'ඩ්‍රන්සි '(Drancy) මුස්ලිම් පල්ලියේ ඉමාම් පදවියේ සිටින හසන් චල්ගුමි (Hassen Chalghoumi) පවසන්නේ වසර කීපයක් එකදිගට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ආණ්ඩුවට බල කෙරුණ බවය. ප්‍රතිසංස්කරණවාදී මධ්‍යස්ථ මතධාරියකු වන ඉමාම් හසන් චල්ගුමි එවැනි අදහස් පළකරනු ලැබීමෙන් පසු මරණ තර්ජන රැසකට ගොදුරු වූ අතර ඔහුට සැඟව සිටීමට සිදුව ඇත. ඉස්ලාම් ත්‍රස්තවාදියකු විසින් ගෙල සිඳ මරාදමන ලද ප්‍රංශ පාසල් ගුරුවරයා වෙනුවෙන් මුස්ලිම් උපහාර උළෙලක් පැවත්වූ ඉමාම් චල්ගුමි. ''අපි නීතියට ගරුකරන බව සහ අපි ප්‍රංශ සමාජයට හොඳින් අන්තර්ගතව ඇති බව ප්‍රදර්ශනය කිරීම සඳහා අපට තවත් කෙටි දුරක් යායුතුව තිබෙනවා.අන්තවාදීන් නිසා අපට ගෙවන්න සිද්ධවෙලා තියෙන මිල ඒකයි'' මධ්‍යස්ථ මතධාරී ඉමාම්වරයා පවසයි. 'චාර්කි ඩෙනායි' (Charki Dennai) පැරිස් නගරය අසල තවත් ප්‍රධාන මුස්ලිම් පල්ලියකි. ඉස්ලාම් බැතිමතුන් එම පල්ලියට පැමිණෙන අතරවාරයේ ඉමාම් හසන් හකුලාගත් සිය පත්කඩය සහ ශුද්ධ කුරානය සිය කිසිල්ලේ රඳවාගෙන සිටියි. ''මේ තරුණ අන්තවාදීන් කාල බෝම්බ වගෙයි'' ඉමාම් හසන් පවසයි. ''මම හිතනවා ඉමාම්වරු ඔවුන්ට ටිකක් හොඳ වැඩියි කියල. අපි ඉස්ලාම් ධර්මයට වගේම ප්‍රංශ නීතියටත් ගරුකරනවා. ඒ දෙකම කරන්න පුළුවන් දේවල්. මම ඉටුකරන්නේ එයයි'' එහෙත් ප්‍රශ්නය වන්නේ ඉමාම්වරුන්ට මුස්ලිම් තරුණයන් කෙරෙහි ඇතිකළ හැකි බලපෑම කොපමණද යන්නයි. විශේෂයෙන්ම,අන්තවාදී ප්‍රචණ්ඩත්වය කරා මෝරා ගිය පරිසරයක එය තවත් ගැටලුවකි. ''එය ඵල දරන්නේ නැහැ'' රෝයි ඔලිවර් පවසයි. ''ඉතාම සරළ කාරණයක් නිසා ත්‍රස්තවාදීන් සලෆි (Salafi) පල්ලිවලට එන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ ජීවිත කතා ඇහුවොත් ඔවුන් කිසිවෙකු 'සලෆි' පල්ලිවල දේශනාවලින් බිහිවූ නිර්මාණ නොවෙයි.'' සලෆිවාදය දැඩිමතධාරී දහමකි. අන්ත ගතානුගතිකවාදී සලෆිවාදය දේශපාලන ඉස්ලාම්වාදය සමඟ සැසඳෙයි. පරාරෝපනය වූ තාරුණ්‍යය පාලනය කරගැනීම ප්‍රංශ රජය විසින් හඳුන්වා දෙනු ලබන නව ප්‍රඥප්තිය විදේශීය බලපෑම් මැඩලීම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ත්‍රස්ත තර්ජන වැලැක්වීම සහ රාජ්‍යයේ නොසැලකිල්ලට ලක්වූ තරුණයන් කෙරෙහි යළි සමීපවීම අරමුණුකරගත් ප්‍රධාන මූලෝපායී වැඩ පිළිවෙලක එක කොටසකි. රජයේ පාසල්වල අරාබි භාෂාව ඉගැන්වීම පුළුල්කිරීම සහ නොදියුණු පළාත් සඳහා තවත් ආයෝජන සිදුකිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ජනාධිපති මැක්‍රෝන් යෝජනා කරයි. ඒ අතරම සමස්ත මුස්ලිම් ජනතාව නොව ප්‍රංශ නීතිය සහ සාරධර්ම ප්‍රතික්ෂේප කරන ඉස්ලාම්වාදීන්ට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. හකීම් එල්-කරෝයු (Hakim El-Karoui) මොන්ටේග්නි විද්‍යායතනයේ ( Institut Montaigne) ඉස්ලාම් සංවිධාන පිළිබඳ විශේෂඥයෙකි. එසේම ඔහු ප්‍රංශ ආණ්ඩුවේ බුද්ධි මණ්ඩල කාර්යයන් සඳහාත් දායක වෙයි. ''මම මූලෝපායී කාරණා කෙරෙහි දැඩිව ආශක්තවූවෙක්'' ඔහු පවසයි. ''මෙය විස්තීර්ණ දෙයක්. එය සංස්කෘතියක්. එසේම එය සංවිධාන සහ අරමුදල්වලට අදාළයි'' එහෙත් ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන් මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ඇතුළත් කරගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. ''මොකද? ඔවුන්ට ඉස්ලාම් ධර්මයේ ඉතා ප්‍රබුද්ධ විග්‍රහයක් සමාජ මාධ්‍යජාලය ඔස්සේ පතුරුවා හරින්න පුළුවන්. එය ආණ්ඩුවට සිදුකරන්න බැරි කාර්යයක්'' මේ අතර ඔලිවර් රෝයි පෙන්වාදෙන්නේ පහළ මට්ටමේ මුස්ලිමුන් දිනාගැනීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම දුෂ්කර කාර්යයක් වන බවය. ප්‍රංශයේ මුස්ලිම් ජනතාව මුස්ලිම් පාලක මණ්ඩලය( CFCM) නොතකා හරිමින්, ඔවුන්ගේ ඉමාම්වරයෙක් පත්කර ගැනීමට තීන්දුකලා කියල හිතමු. එවිට ආණ්ඩුවට කරන්න පුළුවන් කුමක්ද? ආණ්ඩුවට රටේ මුස්ලිම් ප්‍රජා කාණ්ඩ වෙනුවෙන් සහතිකලත් ඉමාම්වරුන් පත්කරන්න බැහැ'' 2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ දී තමා සහ පවුලේ සියලු සාමාජිකයන් ජනාධිපති මැක්‍රෝන් වෙනුවෙන් ඡන්දය දුන්බව ඉමාන් මෙස්තවී පවසයි. ඇය එම අදහස් පළකළේ සිය අලුත්ම ප්‍රචාරක 'කැටලොගයට'(catalogue) ඇතුළත් කෙරෙන පින්තූර ගනිමින් සිටින අතරය. එතැන් පටන්,ආරක්‍ෂාව සහ සංක්‍රමණයවීම වැනි ක්‍ෂේත්‍රයන්හි නිවැරදිකිරීම් අතින් ''විශාල වෙනසක්'' සිදුවූ බව ඇය දැක ඇත. ''මම මැක්‍රෝන්වාදියෙක්'' ඇය පවසන්නීය. ''අපේ ප්‍රජාවේ සැබෑ බලාපොරොත්තුවක් වුණේ මැක්‍රෝන්. නමුත් දැන් අපට දැනෙන්නේ අප අත්හැර දමන ලද බවක්'' මුස්ලිම් ප්‍රවණතා ගැන තවත් තොරතුරු;
කාන්තා ජගත් කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.
අද (පෙබ.13) කොළඹ එම්.සී.ඒ පිටියේ පැවති තරගයේ ඕවර පනහක් අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 122 ක් රැස් කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඕවර තිස් හතරක් සහ පන්දු හතරක් අවසානයේ කඩුලු තුනක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු දෙක බැගින් දවා ගත්හ. තායිලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි පොල්ගම්පොල ලකුණු 49 රැස් කළ අතර නිපුනි හංසිකා ලකුණු 38 රැස් කළේය.
මාතලේ සමුහ මිනීවල පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම තුළින් රජය එහි සත්‍ය තත්වය යටපත් කිරීමට උත්සාහ දරන බවට අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ චෝදනා කරති.
මෙතෙක් රජයක් විසින් කොමිසන් සභා පත් කර ඇත්තේ ප්‍රශ්න යටපත් කිරීම සඳහා පමණක් බවයි අතුරුදහන් වුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ. කොමිසන් සභා වලින් සාර්ථක ප්‍රතිඵලයක් අත් වී නැති බව පවසන නීතිඥ රාජපක්ෂ එම සභා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැතැයිද කියා සිටියේය. මාතලේ සමුහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත්වරිය මාරු කර යවා තිබීමත්, කොමිසන් සභාවක් පත් කිරීමත් සත්‍යය යටපත් කිරීමට රජය ගන්නා උත්සාහයක් හැටියටයි නීතිවේදී රාජපක්ෂ සංදේශයට පැවසුවේ. "රටේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් ගෑවී ඇති නිසාත්, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් ගණනාවකගේ උනන්දුවක් පවතින නිසාත් මේ මිනීවල පිළිබඳ පරීක්ෂණ යටගැසීමටයි කොමිසමක් පත් කරන්නේ" යයි ඔහු කියා සිටියේය. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට රජයට අවශ්‍යනම් කොමිසමක් පත් කිරීම වෙනුවට ස්වාධීන විමර්ශකයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කර පරීක්ෂණ පැවැත්විය හැකි බවයි අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පෙන්වා දෙන්නේ.
මේ මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු ලංකා රාජ්‍ය හා ධීවර නියෝජිත හමුවලින් දෙරටේ ධීවරයන්ගේ ගැටළුවලට විසඳීමක් ලැබෙනු ඇතැයි ධීවර අමාත්‍යාංශ උපදේශකයකු පවසන නමුත් පළපුරුදු ධීවර නියෝජිතයන්ගෙන් තොරව සාකච්ඡා සාර්ථක වන්නේ කෙසේ දැයි ධීවර නායකයෝ ප්‍රශ්න කරති.
ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනෙක් (පැරණි සාකච්ඡාවක්) දෙරටේ ධීවර නියෝජිතයන් අතර ජනවාරි 20 වැනිදා තමිල්නාඩු අග නුවරදී සාකච්ඡා ඇරඹෙන බව, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් ඉකුත් දා ප්‍රකාශ කොට තිබුණි. ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡා සඳහා සහභාගි වීමට තෝරා ගෙන තිබෙන බව, ධීවර අමාත්‍යංශ උපදේශක සහ ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස්පී අන්තෝනිමුත්තු බීබීසී සංදේශයට පැවසීය. ඔහු අදාළ සාකච්ඡාවල සංවිධායකයෙක්. ධීවරයන්ගේ ගැටළු සම්බන්ධයෙන් පසුගිය අවස්ථාවල සාකච්ඡා කරන ලද කණ්ඩායම සමඟ මෙවරත් සාකච්ඡාව පැවැත්වෙන බවද එස්පී අන්තෝනිමුත්තු සඳහන් කළේය. එහෙත් ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් සමඟ කටයුතු කොට පළ පුරුදු ධීවර නායකයන් ඉන්දියාවේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි වීම සඳහා රජය විසින් තෝරා ගෙන නැතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය චෝදනා කරයි. විශේෂයෙන්ම මහ මුහුදේදී ගැටුම් වලට මුහුණ දෙන උතුරේ ධීවර නියෝජිතයන් නොමැති සාකච්ඡාවකින් එළැඹෙන තීරණ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බවයි, ව්‍යාපාරයේ කැඳවුම් කරු හර්මන් කුමාර සංදේශයට කියා සිටියේ. "අපිට ආරාධනාවක් නෑ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. අදාළ සාකච්ඡාව සම්බන්ධයන් බොහෝ ධීවර සමිති, සංවිධාන දැනුවත් කොට නැති බවද හර්මන් කුමාර පවසයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් සිටි තමා ඇතුළු ආධාර කරුවන් පිරිසක් යුද හමුදා භටයින් විසින් දෙ පැයක කාලයක් රඳවා ගැනුණු බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කරයි.
උතුරේ මැතිවරණ කටයුතු වලට සහභාගී වී සිටින පිරිස් අතරේ නිල ඇඳුමෙන් සැරසුණු යුද හමුදා භටයන්ට අමතරව, සිවිල් ඇඳුමෙන් යුතු යුද භටයන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක එම්. කේ සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේය. නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සඳුදා රාත්‍රී පැවති රැස්වීමකින් පසු වේදිකා සහ ශබ්ද වාහිනී උපකරණ කඩා දැමීම පිළිබඳව ද ඔහු ආරක්ෂක හමුදාවනට චෝදනා කළේය. මෙම සිද්ධීන් වලට ආරක්ෂක අංශ සම්බන්ධයක් නොමැති බව පවසන හමුදා ප්‍රකාශක එවැනි සිද්ධීන් පිලිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියේය.
අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපස දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් 18 වෙනිදාය.
එවක් පටන් මේ වනවිට දින 365 ක් ගෙවී ගොසිනි. එය ඔහුගේ ධුර කාලයෙන් පහෙන් එකකි. ගතවගිය වසර ඇතුළත ඔහුගේ පාලනය ලැබූ ජයග්‍රහණ ගැන පොදුජන එක්සත් පෙරමුණ සහ වියත්මග ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ප්‍රශස්ති ගායනා කරද්දී, ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් අසාර්ථක පාලකයෙකු බව දැනටමත් සනාථ කොට ඇතැයි සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන විරුද්ධ පක්ෂ මෙන්ම බොහෝ මධ්‍යස්ථ මතධාරීහු ද චෝදනා කරති. කිසියම් අංශයක් ප්‍රගතියක් ලැබූ විට එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වන ජනාධිපතිවරයා, කිසියම් ක්ෂේත්‍රයක අසාර්ථකභාවයක් සම්බන්ධයෙන් නිලධාරීන්ට සහ ජනතාවට දොස් නගන බව ඔහුට එල්ලවන බරපතල චෝදනාවකි. ජනාධිපතිවරයා බලයට පත්කිරීම පිණිස දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළ මහා සංඝරත්නය පවා වසරකට පසු එවැනි විවේචන එල්ල කිරීම විශේෂත්වයකි. ජනපතිවරයා එවැනි හැසිරීමක් පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලනයට ආගන්තුකයෙක් නිසාද? නො එසේනම් ඔහු හොඳින්ම දන්නා එකම ක්‍රමය මිලිටරි පාලනය පමණක් නිසා ද? 'ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්' ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි මෙය "එකිනෙකට වෙළුණු ගැටලු රාමුවක ප්‍රතිඵලයක්," වන "ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි." "මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි" - මහාචාර්ය අර්ජුන පරාක්‍රම "මේක මේ රජයේ මූලාරම්භයේ ඉඳලම තිබුණ මතයක්, හමුදාකරණය තමයි අපට එකම ගැලවීම කියන එක," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු පැවසීය. "ජාතිවාදය, ආගම්වාදය පැතිරවීම තමා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ පහසුම ක්‍රියාදාමය මේ ආණ්ඩුව කරන අය දැනගෙන හිටියා. ඒ සඳහා ජනතාව ළදරුවෝ කරන්න ඕන. මේ සඳහා ජනතාවගේ තර්කන හැකියාව, විචක්ෂණය බැහැර කරන්න ඕන. ඒත් අවාසනාවකට, සමාජය මේක තේරුම් ගන්නේ නෑ." කෙසේ වුවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ "බැලූ බැල්මටම මිලිටරි වැඩියි කියල පේන්න තියන" නමුත් අවශ්‍ය අවස්ථාවල ඉක්මණින් හමුදාව යොදා ගැනීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රශ්න ඉක්මණින් විසඳුන බවය. "මටත් එහෙම අවධානයක් තිබුණ. හැබැයි ඔවුන්ගේ වැඩපිළිවෙල විශ්ලේෂණය කළාම හමුදාව නැත්නම් මොකද වෙන්නේ කියල මට හිතුණා. ගොඩක් ප්‍රශ්න විසඳුනා හමුදාව යෙදීම නිසා. අනික මිනිස්සුන්ගේ ප්‍රතිචාරය," අමාත්‍යවරයා පැවසීය. ඉහළ තනතුරු 28 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව දැනට සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් 24 දෙනෙකුවත් ඔහු විසින් සිවිල් පරිපාලනය ඇතුළු ආණ්ඩුවේ ඉහළ තනතුරු 28 කට පත්කරනු ලැබ තිබේ. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා, විශ්‍රාමික මේජර් ජනරාල් කේ බී එගොඩවෙල, කෝවිඩ්19 සෞඛ්‍ය සුබසාධන අරමුදලේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පදවිය හොබවන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවිය ද දරයි. මේ අතර හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත්කිරීම ප්‍රබල අවධානයට තුඩු දී ඇති තවත් පත්වීමකි. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින්, බ්‍රිතාන්‍යයේ කොරෝනාවෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ විෂයානුබද්ධ, තාර්කික දැනුමක් නොමැති පුද්ගලයන් කොරෝනා පාලනයට බාධාවක් බවය. ශ්‍රී ලංකාවේ නිරෝධායන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම හමුදා සෙබළුන් යෙදවීම රෝගය පාලනයට උපකාරයක් නොවන බව ඇය පෙන්වා දී තිබුණි. මහාචාර්ය අර්ජුන පරාක්‍රම ද ඒ අදහස අනුමත කරයි. "හමුදා නිලධාරියෙක් කියන්නේ වෛද්‍යවරයෙක් ද? ඔහු නිරෝධායන විශේෂඥයෙක් ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි. "මෙතන වෙලා තියෙන්නේ, අපි දැන් සුජාත කරලා තියෙන්නේ හමුදාව තමා අපේ ගැලවුම්කරුවෝ කියල." 'කෝවිඩ් බලකායේ ඉන්නේ හමුදාපති විතරක් නෙවෙයි' හමුදාපතිවරයා සම්බන්ධයෙන් මතුවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, හමුදාපතිවරයා කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය. ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ කොරෝනාවෛරස වසංගතය සම්බන්ධයෙන් රට පුරා බියක් පැතිර යමින්, ජනතාව නිරෝධායනයෙන් පලා යන්නට උත්සහ කළ අවස්ථාවක බව පවසන මොහාන් සමරනායක, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනෙක් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය දරන බවත් සඳහන් කළේය. "ටාස්ක් ෆෝස් එක හැමදාම ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡා කරනවා. එතන හැම දෙනාම ඉන්නවා. GMOA සභාපති පවා ඉන්නවා," ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසීය. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එය අනුමත කරයි. කෝවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ එවැනි වසංගතයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ පැවතියේ ඉතා අඩු පහසුකම් වුවත් හමුදාව මැදිහත්වීමෙන් ඉතා ඉක්මණින් නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය. "මුලින් බලහත්කාරෙන් මිනිස්සු ගෙනිච්චේ. හැබැයි ඒ මිනිස්සු යනකොට ගියේ අඬලා, හමුදාවට කවි ලියල." 'සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් නෑ' වරාය අධිකාරියේ සභාපති වශයෙන් හිටපු හමුදාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායකත්, විශ්‍රාමික මේජර් ජනරාල් ඩී එම් එස් දිසානායක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙසිනුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ. බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවිය හොබවන හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂක ක්‍රම තහවුරු කරන ජනාධිපති කාර්ය සාධක බලකායේ ද ප්‍රධානියාය. "මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි. මීට පස්සේ හමුදා සුදුසුකම සියලු දේටම අවශ්‍යයි," මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසයි. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක සහ කාටුන් ශිල්පිනියක වන ශානිකා සෝමතිලක ජනපතිවරයාගේ පාලනය පිළිබඳ සිය අදහස මෙසේ කාටුනයකින් දක්වා තිබුණාය. මේ අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවෙකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න, සජිත් ප්‍රේමදාස බලයට පත්වූයේ නම් ඉතා අසාර්ථක පාලකයෙකු බවට පත්වනු ඇති බව පැවසෙන ට්විටර් පණිවුඩයක් පළ කොට තිබුණි. එයට ප්‍රතිචාර වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය පිළිබඳව ශානිකා සෝමතිලක මෙවැනි කවි පෙළක් ද සටහන් කොට තිබිණ. 'ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබිල නෑ' ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුල් බැසගත් විශ්වාස 4 ක් තිබෙන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ අදහසය. "රණවිරුවන් වරදක් කරන්නේ නෑ කියන එක, එයින් එක විශ්වාසයක්," යනුවෙන් පවසන ඔහු,"නමුත් මේක සාක්ෂිවලට පටහැනි දෙයක්. උදාහරණයක් විදියට දැන් නාවික හමුදාවේ කොරෝනා පැතිරෙන එක වලක්වගන්න බැරි වුණා." පැවති යහපාලන ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලූ බව, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ බරපතල චෝදනාවකි. ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමන් ජනපති පදවියට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේ, "ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස" බව පවසමිනි. එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන්නේ, "මේ රටේ ඊයෙත් අදත්, හෙටත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ," යනුවෙනි. "අපිට දේශසීමා පිළිබඳ පිටරටින් එන ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ, අපි විසින්ම හදාගත්ත දේවල් ඇරෙන්න. නමුත් පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙනව." "ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන්නේ චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට විකුණන එකෙන්." මේ අතර ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන සමගි ජන බලවේගයේ මොරටුව නාගරික මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු පවසන්නේ, බලයට පත්වී වසරකට පසුවත් පාස්කු ප්‍රහාරකයන් සොයා ගැනීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවය. රියදුරු බලපත්‍ර මුද්‍රණයත් හමුදාවට විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ නෙලුම් කුළුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, බ්‍රිගේඩියර් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) ප්‍රධානියාය. විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ආයතනයේ ප්‍රධානී තනතුරට සහ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරට පත්කොට තිබේ. තවත් එවැනි පත්වීම් කිහිපයක් පහත වගුවල දැක්වේ. මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ද යුද හමුදාව විසින් සිදු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳුදා නිවේදනය කළේය. ට්විටර් ජාලය ඔස්සේ ඒ ගැන අදහස් දක්වමින් එඩින්බරා විශ්විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය විග්‍රහ කොට තිබුණේ, "ප්‍රජාතන්ත්‍රවාදී වරමක් මතින් මිලිටරි පාලනයකට නතුවීමක්" ලෙසිනි. ජනපති හිටපු ද්විත්ව පුරවැසියෙක් "දේශීය සහ විදේශීය සියලු සතුරන්ට එරෙහිව අවි අතට ගෙන" ඇමෙරිකා එක්සත් ජනපදය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී එහි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එය හදිසියේ අත්හල පමණින් ඒ ප්‍රතිඥාව එක්වරම අවලංගු වෙන්නේ දැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රශ්න කරයි. "මෙතන පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් (conflict of interst) තියෙනවා. ඒත් මම අහන්නේ ඒක නෙවෙයි. මම අහන්නේ අවුරුදු 10 ක් විතර එහෙම ප්‍රතිඥාවක් ගත්ත කෙනෙකුගේ ඒක එකපාරට අයින් කරන්න පුලුවන්ද කියල." නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පුරවැසියෙකු වීම සම්බන්ධ ප්‍රශ්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දුන්නේ ප්‍රතිප්‍රශ්නයක් නගමිනි. "ඔබතුමා අවංකව හිතනවද ... ශ්‍රී ලාංකිකයෙක් එවැනි ප්‍රතිඥාවක් දෙන්නේ අවංකවමද නැත්නම් ඒ රටේ හොඳ රස්සාවක් කරගෙන හොඳින් ජීවත්වෙන්න ඕන නිසාද? මම නම් හිතන්නේ නෑ කිසිම ශ්‍රී ලාංකිකයෙක් අවංකව එහෙම ප්‍රතිඥාවක් දේවි කියල," ඇමතිවරයා සිනහසෙමින් පැවසීය. ශ්‍රී ලංකාව මිලිටරීකරණය කරන බවට එල්ලවන චෝදනාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කියමනට ඒක කියනවා. ඒත් උදාහරණයකට බලන්න ජනරාල් මුණසිංහ. ඔහු ලංකාවේ ඉන්න අංක එකේ පැතලොජිස්ට්. හැම දෙනාටම හමුදාවේ ඉහළට යන්න බෑ. අනික හමුදාවෙන් එලියට ආවම ඔහු සිවිල් පුරවැසියෙක් වෙනවා. ඉතින් ඔහු වයස 40-45 දි විශ්‍රාම යනවා නම් ඔහුගෙන් සේවයක් ගැනීමේ වරදක් තියෙනවද?," යනුවෙන් ප්‍රශ්න කළේය. "යම් විදිහේ සාමාන්‍ය තත්ත්වෙට වැඩිය ඒ අයගේ භාවිතාව අපි දකිනවා. ඒ නිසා මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින්." 'ඒකාධිපතියෙක්' බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලිහිණි ප්‍රනාන්දු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය "තනිකර ඒකාධිපතියෙක් ගේන්න ගෙනාපු ව්‍යවස්ථාවක්," බවය. "ජනාධිපතිතුමා මිලිටරි පසුබිමකින් එන නායකයෙක්. එතුමා කවදාවත් පළාත් සභාවක තියා ප්‍රාදේශීය සභාවක වත් හිටපු කෙනෙක් නෙමේ. එතුමාට තියෙන්නේ හැමදේටම අණ දෙන මානසිකත්වයක්. ඒ වගේම එතුමා හැම දෙයක්ම බලන්නේ මිලිටරි කෝණයකින්," ඇය කියා සිටියාය. වසංගත රෝග පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්නොකොට "හැමදේම හමුදාවට භාර දී ඇති," බව පවසන නීතිවේදිනී ලිහිණි ප්‍රනාන්දු, "දැන් රට පුරාම බියක් ඇතිකරලා," යනුවෙන් ද ආණ්ඩුවට චෝදනා කරන්නීය. තවදුරටත් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂක මහාචාර්ය අර්ජුන පරාක්‍රම, හමුදාව යනු "ජනාධිපතිවරයා ඉතා පහසුවෙන් ගනුදෙනු කරන, ඔහු comfortable, එකම ආයතනය" වන අතර, "එයාව විවේචනය කරන්න බෑ, තරහ යනවා. එතකොට එයාට tantrum එකක් (ක්ෂණික කෝපයක්) එනවා. එයා දන්නේ හමුදා භාෂාව පමණයි," යනුවෙන් ද බීබීසී සිංහල සේවය සමග පැවසීය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා "ඉතිහාසයේ පළමු වතාවට මෙතන බයක් තියෙනවා," යනුවෙන් කියා සිටි ඔහු, "කැබිනට් ඇමතිලා පවා බයයි. දැන් කැබිනට් එකේ තීන්දුවක් ගත්ත කියනවා. සමහරු නෑ කියනවා," යැයි ද පෙන්වා දුන්නේය. "ඉතින් හමුදාකරණයේ ප්‍රතිඵලය තමා, විකල්ප මතවාද, විසම්මුතිය, සාමාන්‍ය සාකච්ඡාව පවා සම්පූර්ණයෙන් බැහැරවීම. උදාහරණයක් විදියට විසිවෙනි සංශෝධනය ගැන මහා ඝෝෂාවක් කළ විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ, වාසුදේව මේ හැමෝම එකපාරටම නිහඬ වුණා." "ඇත්තටම හමුදාකරණය කියන්නේ සොල්දාදුවන්ට තැන දීම නෙමේ. හමුදාකරණය කියන්නේ හමුදා නායකයන් පාලනයට එකතු වීම. නැතුව ආබාධිත සොල්දාදුවන්ගේ ප්‍රශ්න විසඳෙනව කියන එක නෙමේ. එතෙන්දි සියලු ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මිරිකෙනවා, අධිකරණය පවා යටපත් වෙනවා." කෙසේ වුවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, "අපි බයෙන් දේශපාලනය කරන්නේ නෑ. රටේ නායකයා හැටියට ගරුත්වයක් තියෙනව. ඒත් අපි එකඟ නොවෙන දෙයක් තිබුණොත් පැහැදිලිව කතා කරනවා," යනුවෙනි. 'පකිස්ලංකාව' එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම විග්‍රහ කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ හමුදාව විසින් සමස්ත රාජ්‍ය දේහය සහ පරිපාලනය පාලනය කරනු ලබන පාකිස්තානය පවතින තත්ත්වයටය. "පකිස්තානය තමා අපේ පරමාදර්ශය වෙලා තියෙන්නේ. රටේ සියලුම දේ පාලනය කරන්නේ හමුදාව. ඒ තත්ත්වෙට තමා මේ එමින් තියෙන්නේ. ජනාධිපතිවරයා පවා තරමක් දුරට ප්‍රශ්න කරන්න පුළුවන්, ඒත් හමුදාව ප්‍රශ්න කරන්න බෑ," ඔහු පවසයි. "හමුදාව සුජාත කිරීමේ ස්ථාවරය තමා හැම දේටම හමුදාව යොදා ගැනීම. හමුදාව නැතුවම බෑ කියල පෙන්නීම. මේ ජවනිකාව ඉතා සියුම් විදියට ජන මනසේ සකස් කරමින් ඉන්නේ. දැන් මෙයාල එක පැත්තකින් අරන්තලාව ගැන පරීක්ෂණ පවත්වනවා. ඒත් කවදාවත් අතුරුදහන් වූවන් ගැන පරීක්ෂණ කරන්නේ නෑ." උදාහරණයක් ලෙස දිනපතා උදෑසන කෝවිඩ් තත්ත්වය පිළිබඳ හමුදාපතිගෙන් තත්ත්ව වාර්තාව විමසන මාධ්‍ය ඒ කිසිවක් ප්‍රශ්න නොකරන්නේ යැයි පෙන්වා දෙන මහාචාර්යවරයා, පාකිස්තානය පවතින්නේ ද මෙවැනි තත්ත්වයක් බව සඳහන් කළේය. "මේක එක වචනෙකින් කීවොත්, අපේ රටේ අලුත් නම පකිස්ලංකාව." "අන්තිමට ගෝඨාභය ගේ උරුමය (legacy) වෙන්නේ මේකයි. ඔහු රට විනාශ කරනවා, අනික මේක පකිස්තානය වගේ හමුදා පාලිත රටක් කරනවා." එහෙත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය තරයේ ප්‍රතික්ෂේප කරයි. "ලංකාවේ කිසි දවසක ඒ දේ කරන්න බෑ. පාකිස්තානේ උත්පත්තියෙන්ම එහෙමයි. පාකිස්තානේ පාලනය කරන්න බෑ මිලිටරි නැත්නම්. ඒත් ලංකාවේ ජීවිතේට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදීයි, ඔවුන් ඉක්මණින් ප්‍රතිචාර දක්වනවා (react). ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ මොහොතේ එහෙම තර්ජනයක් නෑ, එහෙම වෙනවා නම් ඒකට සමාජයේ ඉඩකුත් නෑ," අමාත්‍යවරයා අවධාරණය කළේය.
දිනෙන් දින උණුසුම් වන මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ.
"ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ." ජනාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මැතිවරණ හතක් පවත්වා ඇත. ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප්‍රධාන පක්ෂ දෙකක් අතර අපේක්ෂකයන් දෙදෙනකුගේ සටනක් ලෙස පෙනෙන්නට තිබිණි. 1978 දී සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම 1982 දී සිදු විය. හිටපු ජනාධිපති ජුනියස්‌ රිචඩ් ජයවර්ධන (ජේ ආර් ජයවර්ධන) මූලික වී සකසන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යැයි කියැවිණි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. ඉන් වසර කිහිපයක් ඉකුත්ව ගිය තැන දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. එසේ 1978 වසරේ බිහිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ. ජනාධිපතිවරණ ගමන් මග 1982 - විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 81ට වැඩි පිරිසක් මෙහිදී ඡන්දය භාවිත කළ අතර, අපේක්ෂකයන් හය දෙනක් ඉදිරිපත් වූහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගත හැකි වූයේ 39.07%ක ඡන්ද ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%කි. "ඡන්ද ප්‍රතිශතය අඩු වුණත්, මේ රටේ ජනතාව අපි රටේ තුන්වෙනි බලවේගය හැටියට පිළි අරගෙන තිබෙනවා," ඡන්දයෙන් පසු පැවති දේශපාලන රැස්වීමක දී රෝහණ විජේවීර ප්‍රකාශ කළේය. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් 2.67%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අතර, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු කොල්වින් ආර්. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂය නියෝජනය කළ වාසුදේව නානායක්කාර ද සුළු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ. 1988 - දෙවෙනි ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ භීෂණය රජයමින් පැවති සමයකි. අවි ආයුධ අතට ගත් තරුණ සංවිධාන, පාතාල සාමාජිකයින් මෙන්ම ආරක්ෂක අංශ ද ඈඳුණු බොහෝ ඝාතන සහ අපරාධ සිදුවූ කාලවකවානුවක් විය. එම තත්ත්වය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක ජනපති අපේක්ෂකයන්ගේ පොරොන්දු වෙනුවට "මව්බිම නැත්නම් මරණය" වැනි වැකි සටහන් වූ පෝස්ටර් රටපුරා දක්නට ලැබිණි. දැඩි ලෙස පැතිරී තිබුණ මරණ බිය නිසා බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. මෙහිදී ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක ඉදිරිපත් වූ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රණසිංහ ප්‍රේමදාස තරග කළේය. ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔස්වින් අබේගුණසේකර ද මෙවර තරගයට ඉදිරිපත් විය. එක රැයක් තුළ රට පුරා ඇලවුණු "මේ කවුද මොනවද කරන්නේ?" යනුවෙන් සටහන් වූ ප්‍රචාරක පෝස්ටරයක් අතරින් ජනපති සටන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ලබාගෙන එවර මැතිවරණය ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 44.95% ඡන්ද ප්‍රතිශතයක් ද සහ ඔස්වින් අබේගුණසේකර 4.63%ක් ද ලබා ගත්හ. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. රට පුරා ඇවිළී ගිය භීෂණය මෙයට හේතු වූ අතර, අඩුම පිරිසක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ලෙස එය ඉතිහාසගත විය. දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයේ බලපෑම ද මෙම කාලය තුළ දැඩි ලෙස බලපැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ද ඡන්දය භාවිත කළේ අල්ප වශයෙනි. රණසිංහ ප්‍රේමදාස 1993 වසරේ මැයි දින පෙළපාලියකදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මියයාමත් සමඟ එවක අගමැතිව සිටි ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරයේ වැඩ භාර ගත්තේය. 1994 ජනපති සටන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ. මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත. එමෙන්ම ජනපති සටනට ප්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේ ද 1994 ජනාධිපතිවරණයේදී ය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමා දිසානායක ඡන්ද 27,15,283ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. මෙහි දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඩ්සන් සමරසිංහට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද්‍ර විජයතුංග ඡන්ද 0.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ස්වාධීන අපේක්ෂකයෙකු වන ඒ ජේ රණසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් ජී ඒ නිහාල් (නිහාල් ගලප්පත්ති) 0.30% බැගින් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ. එවර ප්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනෙකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබිණි. "එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන මත සහ පුද්ගලයන් වශයෙන් විවිධ චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි කරුණු මත බැලුවොත්, 1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. විශේෂයෙන්ම කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීම සහ ඉන් කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීම දුර්ලභ කාරණයක්," දේශපාලන විද්‍යා ගුරුවරියක වන කමණී පෙරේරා බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. "අවාසනාවට රටෙන් 52%ක් කාන්තාවන් වුණාට, ආපසු කාන්තාවක් ජනාධිපතිවරණයට තරග වදින්න එන්නේ මේ වසරේ. ඒ අවුරුදු 25කට පස්සේ. ප්‍රධාන පක්ෂවලින් නැතත්, මේ පුරුෂ සටනට මැදිහත් වෙන එකම ලොකු අභියෝගයක්," ඇය තවදුරටත් පැවසුවාය. 1999 ජනාධිපතිවරණය එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය බලය ලබා ගැනීමට යැයි පවසමින් සිය ධුර කාලය ඉකුත්වීමට වසරකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ක්‍රියා කළාය. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන් 13ක් තරග වැදුණු එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහය. එල්ටීටීඊ සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට ක්‍රියා කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දුව විය. කෙසේනමුත්, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට දින තුනකට පෙර කොළඹ නගර සභා පිටියේ පැවති අවසාන ප්‍රචාරක රැළියේ දී බෝම්බ ප්‍රහාරයකට හසු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දකුණු ඇසට බරපතල හානි සිදු විය. 1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. 1999 දෙසැම්බර් 22 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය දෙවෙනි ධූර කාලය සඳහා දිව්රුම් දෙන විට ද ඇයගේ දකුණු ඇස වෙළුම්පටිවලින් වසා තිබිණි. 2005 ජනාධිපතිවරණය නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධූර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත් පෙත්සම නිශ්ප්‍රභ කළ අධිකරණය මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුවක් ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ එවර ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ තරග වැදුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ෆෙඩරල් ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම සහ එල්ටීටීඊ සංවිධානය සමග නැවත සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමේ පොරොන්දු මත ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී මහින්ද රාජපක්ෂට සහය ලබා දුන්හ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය පළ කළහ. "මහින්ද චින්තන" ප්‍රතිපත්ති මාලාව එළිදක්වා 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටන ජය ගත්තේය. රනිල් වික්‍රමසිංහ 48.43%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවෙනි අපේක්ෂකයා වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියට ලබා ගත හැකි වූයේ 0.36ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එල්ටීටීඊ සංවිධානය යටතේ තිබුණු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස අණ කෙරී තිබූ අතර, ඡන්දය දීමට යන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන බව ද පවසා තිබිණි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වැසියන් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණහ. සමස්ත ඡන්ද ප්‍රතිඵලයට මෙය දැඩි ලෙස බලපාන්නට ඇති බව පසු කාලීන දේශපාලන විග්‍රහයන් තුළ බහුලව පෙනෙන්නට විය. මේ තොරතුරුද කියවන්න: 2010 ජනපති සටන 2009 වන තෙක් පැවති දරුණු සටන්වලින් පසු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට රටෙහි සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂට හැකි වීම නිසා, ඔහු අතිශය ජනප්‍රියත්වයට පත් වී සිටියේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ හේතුවෙන් නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයක් කැඳවීය. එවර විපක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද ලබමින් හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය. යුද ජයග්‍රහණ සඳහා උර දුන් ප්‍රධාන පුද්ගලයන් අතරින් දෙදෙනෙකු ඉදිරිපත්වීම නිසා මැතිවරණය පෙර සිතුවාට වඩා උණුසුම් විණි. කෙසේවෙතත්, 57.88% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. මෙතෙක් සිටි සෑම ජනපතිවරයෙකුටම සිය පළමු ධූර කාලයට වඩා දෙවැනි ධූර කාලවලදී ලබන ඡන්ද ප්‍රතිශතය අඩු වීමක් දක්නට ලැබුණ ද, මෙවර එහි වෙනසක් සිදු වීය. ජෙනරල් සරත් ෆොන්සේකා 40.15%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප්‍රතිශතයකි. 2010 ජනාධිපතිවරණයේදී රටේ සමස්ත ඡන්ද භාවිතයේ ප්‍රතිශතය 74% ක්‌ වුවත් යාපනය හා වන්නි දිස්‌ත්‍රික්‌කවල ඡන්ද භාවිතයේ ප්‍රතිශතය පිළිවෙළින් 25.66% ක්‌ 40.33% ක්‌ විය. එම ප්‍රදේශවල ජනතාව යුද්ධයේ ප්‍රතිඵලයක්‌ ලෙස අවතැන්ව සිටීම සහ හැඳුනුම්පත් නොමැතිකම ඊට හේතු විය. අපේක්ෂකයන් 22ක් ඉදිරිපත්වූ අතර, මෙතෙක් කල් වැඩිම පිරිසක් තරග වැදුණු ජනාධිපතිවරණය බවට එය සටහන්ව තිබිණි. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා හැර සෙසු අපේක්ෂකයන් සියලුදෙනාටම ලබාගත හැකි වූයේ ප්‍රතිශතයක්‌ වශයෙන් 1.97% ක් පමණි. ‌ මේ හේතුවෙන් එම අපේක්‌ෂකයන් 20 දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය. 2015 ජනාධිපතිවරණය නැවත වරක් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. මෛත්‍රීපාල සිරිසේන නමුත් මෙවර ද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය. ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. "යහ පාලන ආණ්ඩුවක්" ලබා දීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. මහින්ද රාජපක්ෂට හිමි වූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15% සීමාව පසු කිරීමට නොහැකි විය. ශ්‍රී ලාංකිකයන් නැවතත් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටිති. පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග්‍රහණය කළ පුද්ගලයා 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. එසේ නොවුවහොත් දෙවෙනි ස්ථානය දිනාගත් අපේක්‌ෂකයාගේ සහ සෙසු අපේක්‌ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කළ යුතුව තිබිණි. මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයක් ලෙස: ඡන්ද බලය 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි විය. "අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන.." මේ අනුව ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා, සංවර්ධන සභා සහ ගම් සභා යන පාලන ආයතනවලට සභිකයන් පත් කර ගැනීම සඳහා වසර 88ක් පුරා ශ්‍රී ලාංකිකයෝ සිය ඡන්ද බලය භාවිත කරති. ඒ අනුව සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ද සිය ඡන්ද බලය 'අවියක්' ලෙස ඔවුන් භාවිත කර ඇති අවස්ථා ඉතිහාසය පුරාවට දැකගත හැකිය. "ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ. අවුරුදු 88 ක් තිස්සේ මෙය සිදු කරළා අපේ රටේ මිනිස්සුන්ට මේ ගැන පුළුල් දැනුමක්‌ තියෙන්න ඕනේ," නීතීඥ තක්ෂිලා ජයසිංහ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. "නමුත් අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන. ඔවුන් දේශපාලඥයන් කියන දේකට ඡන්දය දෙනවා හැර බුද්ධියෙන් තීරණ ගන්න තරමට තම මනස, හැදියාව දියුණු කරගෙන නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. තවත් තොතුරු:
වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වූවා පමණක් නොව තමන්ට දකුණේ මිතුරන්ද අහිමි වූ බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් පවසයි.
උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් උතුරු පළාතෙන් බුදු පිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බව පවසමින් දකුණේ ඇතැම් මාධ්‍යවේදීන් විසින් වැරදි සහ විකෘති කරන ලද පුවත් පළ කරනු ලැබීම හේතුවෙන් ඇති වූ ජීවිත තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීමට ද සිදු වූ බව උතුරු පළාත් මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මාධ්‍යවේදියකුගේ වගකීම විය යුත්තේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු සැපයීම බවත් එය තම වගකීම බව මාධ්‍යවේදීන් සිහි තබා ගත යුතු බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය. ඉතා කල්පනාකාරී ලෙස වාර්තාකරණයේ නිරතවන ලෙස මහ ඇමතිවරයා උතුරේ මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය. ඔහු එම ඉල්ලීම කළේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද ''කාලෙයි කදිර්'' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයක් අමතමිනි.
කොරියානු යුද්ධය පැවති සමයේදී සතුරු ක්‍රියා කළ බවට චෝදනා ලැබ සිටි අසූ පස් වියැති ඇමරිකානු සංචාරකයෙක් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙමින් සිටියදී රඳවාගනු ලැබ සිට එරටින් පිටුවහල් කර තිබේ.
උතුරු කොරියාවේ සංචාරය කිරීම නිව්මන්ගේ සිහිනයක්ව පැවතුණි පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙසේ රැඳවුම් භාරයට පත් මෙරිල් නිව්මන් නිදහස් කොට යවා ඇත්තේ ඔහු සමාව අයැදී නිසා මෙන්ම ඔහුගේ වයස සැලකීමෙන් බව උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය පැවසීය. බේජිං හිදී මාධ්‍ය කරුවන් වෙත අදහස් දැක්වූ විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයෙක් වූ නිව්මන් කියා සිටියේ නිදහස් වී යාමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවයි. ඔහු රැඳවුම් භාරයට පත්වී ඇත්තේ සංචාරක ආයතනයක් මගින් සංවිධානය කෙරුණු උතුරු කොරියාවේ සංචාරයක නිමාවේදී වන අතර නිව්මන් ගේ පුතු පැවසූ පරිදි එය තම පියාගේ දිගු කාලීන සිහිනයක් සැබෑවීමක් බවයි. මේ අතර දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති ජෝ බිදෙන් නිව්මන් නිදහස් කිරීම පිලිබඳව තම සතුට පළ කළේය.
පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කැනඩාවට සිය ස්තුතිය පිරිනමන බව හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව ආසන සංවිධායකයින්ට පත්වීම් ලබා දීමේ උත්සයේදී බී සී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මුතීන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගෙන්නේ නැති හෙයින් ශ්‍රී ලංකාව තුල මෙම සමුළුව පැවැත්වීමට තමන් විරෝධය පල කරන බවයි. 'කැනඩාවට වරදක් කියන්න බෑ, අපි ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනේ,කැනඩාව වර්ජනයට පෙන්වල තියෙන හේතු සමග අපි සම්පුර්ණයෙන් එකඟ වෙනවා, කැනඩාවේ ආණ්ඩුවට කොන්ද පණ තිබුණා, මේ රටේ පාලකයා සහ මේ රජය ගෙනි යන දූෂිත ක්‍රියාමාර්ග විවේචනය කරන්න ශක්තිය තිබීම ගැන මම මගේ ප්‍රණාමය පුද කරනවා "යැයි සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් රටේ ජනතාවට කිසිම සෙතක් නොලැබෙන බවත් එය යහපත් චේතනාවෙන් නොව හුදෙක් ම පුද්ගලික අරමුණු සඳහා කෙරෙන්නක් වන බවයි සරත් ෆොන්සේකා වැඩි දුරටත් කියා සිටියේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හතරදෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පෙත්සම් ඉදිරිපත් කෙරුණේ, කිසිදු සාක්ෂියකින් තොරව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා නගමිනි. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම්කරුවන් මේවනවිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇති බවය. පෙත්සම්කරුවන් අපේක්ෂා කළ මූලික සහනය දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අපේක්ෂාවක් නැති බැවින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් අදාළ නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය පසුව එය ප්‍රතික්ෂේප කිරීමට ද තීන්දු කළේය.
පිටෙහි මගී ආසන සවිකරන ලද අලි ඇත්තු හිමාලය කඳු පාමුල වනගත අඩිපාරවල ඇවිද යති. එම ආසන මත හිඳ සිටින සංචාරකයන්ගෙන් වැඩිදෙනෙක් වනසතුන් නරඹන්නේ පළමු වරටය.
'චිත්වාන්' වනෝද්‍යානයේ 'රප්ති' ගංගාව අලියකු පිටින් තරණය කරන සංචාරක කාන්තාවකට අලියා වතුර විදින අවස්ථාවක් වනසත්වලෝලී සංචාරකයකුගේ ඇස ගැටෙන්නේ ඇතැම්විට කොටියකු හෝ ව්‍යාඝ්‍රයකු විය හැකිය. මෙය තනි අඟක් සහිත රයිනෝසරයන් සරන නේපාලයේ 'චිත්වාන්'(Chitwan) ජාතික වනෝද්‍යානයයි. එය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරන ලද වන බිමකි. 'චිත්වාන්' අලි සම්පත යොදාගනු ලබන 'සෆාරි' විනෝද චාරිකා සංචාරකයන් ආකර්ෂණය කරගනු ලබන වැඩ පිළිවෙලක් වූ අතර එය ප්‍රදේශවාසීන්ට ද ආදායම් මාර්ගයක් වී තිබුණි. එහෙත් ඒ අතරවාරයේ කොරෝනා වෛරසය විසින් නේපාලයේ සංචාරක කර්මාන්තයට විශාල අලාභයක් සිදුකරනු ලැබ ඇති අතර ඇතැම් සංවිධායකයන්ට ඔවුන් සතු අලි ඇතුන් විකුණා දැමීමට බලකෙරෙන තත්ත්වයක් පවා උද්ගත කළේය. අලි ඇතුන්ට පහසුවෙන් වනගැබ ඔස්සේ සැරිසැරිය හැක අපි ඔහු 'සුමන්' යනුවෙන් හඳුන්වමු. ඔහු සිය අනන්‍යතාව හඳුනා ගැනීම වළක්වනු පිණිස එනමින් පෙනී සිටියි. සුමන් 'චිත්වාන්' වනගැබ නැරඹීමට එන සංචාරකයන් සඳහා දශක කීපයක් තිස්සේ 'සෆාරි' චාරිකා සංවිධානය කරන අතළොස්සක් වූ හෝටල් හිමියන් අතර එක් ව්‍යාපාරිකයෙකි. 'සුමන්' 1980 දශකයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භකර තිබෙන්නේ නේපාල ජාතික ධනවතුන් සතු අලි ඇතුන් කුලියට ගැනීමෙනි. ඉතා ටික කලකින් තමාගේම අයිතිය මත අලි දෙදෙනෙක් ඉන්දියාවෙන් මිලට ගැනීමට තරම් සුමන් ආර්ථික අතින් පොහොසත් විය. ''අලි වනගත ප්‍රදේශවල 'සෆාරි' චාරිකා සඳහා හොඳින් ගැලපෙනවා'' සුමන් පවසයි. ''අලි ඇතුන් පිට ගමන් ගැනීමේ දී සංචාරකයන්ට ඔවුන්ගේ ගමන ඉතා සතුටින් ගතකරන්න පුළුවන් වගේම දුර්ලභ වනසතුන් ඇතුළත් හොඳම දර්ශන දැකගන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා'' අලි ඇතුන් නඩත්තු වියදම වැඩුණු අලියෙක් සුමන් වැනි තම හාම්පුතුන් වෙනුවෙන් එක මාසයකට ඇමෙරිකානු ඩොලර් 1250ක් වැනි ලාභයක් උපයාදෙයි. එය හිමාල අඩවියේ පිහිටි භූමියෙන් වටවූ නේපාලයට හොඳ ආදායමකි. එහෙත් කොරෝනා වසංගතය විසින් සිදුකරන ලද අලාභය කුමක්ද? සංචාරක කර්මාන්තය සඳහා තහංචි පනවනු ලැබුණි. ප්‍රතිඵලය වූයේ 'සෆාරි' සේවාවන් පවත්වා ගෙනගිය 'සුමන්' වැනි ව්‍යාපාරිකයන්ට තම අලිඇතුන් විකුණා දැමීමට සිදුවීමය. අලියකු පිට නැගුනවිට වඳවී යාමේ අනතුරට ලක්ව ඇති දුර්ලභ වනසතුන් ළඟටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ලැබෙයි ''අලි ඇතුන් නඩත්තු කිරීමේ දී ඔවුන්ට ආහාර සහ බේත්හේත් සම්පාදනය කිරීමට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවෙනවා'' සුමන් පවසයි. ''මේ වසංගතය දීර්ඝ කාලයක් බලපැවැත්වුණොත් එම වියදම් දැරීම දුෂ්කර කටයුත්තක් වෙනවා'' අලියකු නඩත්තු කිරීමේ දී ආහාර සඳහා පමණක් සුමන් මාසයකට ඩොලර් දහකට ආසන්න මුදලක් වියදම් කරයි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සිය ආදායම් පහත වැටීම නිසා තමා සතු එක අලියකු ඉන්දියානු ජාතිකයකුට විකුණා දැමීමට මෙම අලි අයිතිකරු තීරණය කළේය. එම අලියා විකිණීමෙන් විශාල ලාභයක් ලැබෙන නමුත් සෙසු වියදම් නිසා එම මුදල ඉතා ඉක්මනින් ක්ෂයවන බවද සුමන් පවසයි. ''දැන් 'බිස්නස්' නැහැ. අතේ තිබුණ සල්ලිටික ණය ගෙවන්න, සෆාරි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන්න සහ අලුත්වැඩියා සඳහා වියදම් කළා'' ''මගේ යාළුවා අලියා'' සුමන් පවසන පරිදි අලියකු යනු ''ව්‍යාපාරික වශයෙන් ආදායම් ඉපයීමේ ධන උල්පතකින් එහාගිය'' සම්පතකි. සංචාරකයන් පැමිණීම පහත වැටීමත් සමඟ එය 'සෆාරි' සංචාරවලට බලපෑ හෙයින් අලි ඇතුන් නඩත්තුව දුෂ්කර අරගලයක් බවට පත්ව ඇත ''මම මගේ අලියකුට පළතුරු හෝ 'කෝලිෆ්ලවර්' දෙනකොට ඔවුන්ගෙන් සංඥාවක් ලැබෙනවා''සුමන් පවසයි. ''මම අලියා ළඟට යනකොට මා ඇස ගැටීමත් සමඟ ශබ්ද කරනවා'' අලින් බලාගැනීම ඇත්ගොව්වන්ට භාර දී ඇතත් තමාට හැකි සෑම මොහොතකම අලින් සමඟ කාලය ගතකරන බවත් සුමන් සඳහන් කළේය. ''විශේෂ වූ අලින් ඉතා දැඩි අධිෂ්ඨානශීලී ජීවීන් වන අතර ඔවුන් කොටි, ව්‍යාඝ්‍රයන්ටවත් බියපත් නොවන'' බවත් සුමන් සිහිපත් කරයි. ''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා. අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු'' තමා විසින් විකුණා දමන ලද අලියා අවසානයේදී ඉන්දියාවේ ධනවතකුගේ සුරතලකු හෝ කෝවිලක පෙරහැරවලට යොදාගනු ඇතැයි සුමන් උපකල්පනය කරයි. එම අලියා විකුණා දැමීමෙන් පසු තමාගේ සෙසු අලිඇතුන් බලවත් විප්‍රයෝගයකින් පෙලෙන බවක් දක්නට ලැබුණු බවත් එම අලිඇතුන් සාමන්‍ය තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවූ බවත් ඔහු සඳහන් කළේ සංවේදී ස්වරූපයෙනි. නේපාල සෆාරි ව්‍යාපාරයේ අනාගතය කුමක්ද? තම ව්‍යාපාර පෙනෙන අනාගතයක යළි යථා තත්ත්වයට පත්වීමක් පිළිබඳ අපේක්ෂාවක් නේපාලයේ සෆාරි සංචාර සංවිධායකයන් තුළ නොමැත. සංචාරකයන් 'චිත්වාන්' වනෝද්‍යානයට ආකර්ෂණය කරගැනීමට අලිඇතුන් යොදාගත් සෆාරි සංචාර දශක කීපයක් ම වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබ ඇත නේපාල ආගමන-විගමන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 2019 වර්ෂයට සාපේක්‍ෂව 2020 දී රට තුළට සංචාරකයන්ගේ පැමිණීම 80%කින් පහත වැටුණි. එවැනි වාතාවරණයක් යටතේ අලින් විකුණා දැමීමට සිදු වූ එකම නේපාල ව්‍යාපාරිකයා සුමන් පමණක් නොවේ. එම ව්‍යාපාරයේ නිරත වෙනත් පුද්ගලයන්ට ද ඔවුන්ගේ අලි ඇතුන් විකුණා දැමීමට සිදුවිය. එය දුර්ලභ වනජීවීන් විකිණීම තහනම් කෙරෙන ආණ්ඩුවේ නීතිය උල්ලංඝනය කිරීමකි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවීන් සහ ශාක විකිණීම තහනම් කෙරුණු ජගත් සම්මුතියට ඉන්දියාව සහ නේපාලය අත්සන් තබා ඇත. ''වසංගතය ආරම්භවීමට පෙර පෞද්ගලික අයිතියට යටත් අලිඇතුන් 55ක් හිටියා. දැන් එම සංඛ්‍යාව 35කට පහත වැටිලා'' චිත්වාන් වනෝද්‍යානයේ අලි ඇතුන් පිළිබඳ සහයෝගීතා සංවිධානයේ සභාපති රිෂි තිවාරි (Rishi Tiwari) පවසයි. අලි ඇතුන් සඳහා විශේෂ තණබිම් ඇතිකිරීමට සහ දැනට මුහුණ දී සිටින දුෂ්කරතාවන් සැහැල්ලුකර ගැනීම සඳහා ණය සැපයීම වැනි පියවර රජය පාර්ශවයෙන් ගතයුතුව ඇති බවත් රිෂි තිවාරි සඳහන් කළේය. එහෙත් නේපාල ආණ්ඩුව කියා සිටින්නේ සංරක්‍ෂිත කලාපයන්හි තණ බුදීමේ වරම ව්‍යාපාරයන්හි යොදාගනු ලබන හීලෑ අලින්ට දිය නොහැකි බවය. ඒ අතරම අලින් දේශසීමා ඔස්සේ ගමන් කිරීම නතර කිරීමට නිලධාරීහු විපරමින් පසුවෙති. හීලෑ අලින් සංචාරකයන් පිනවීමට යොදාගනු ලබන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය වැනි බොහෝ රටවල අලි අයිතිකරුවන් මූල්‍ය වියදම් අතින් දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණදෙමින් සිටිති. තවත් අලි නැහැ මෑත අවුරුදුවල සෆාරි ව්‍යාපාරිකයන් මුහුණදුන් තවත් ගැටලුවක් වූයේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන කෙරෙන් එල්ල වූ බලපෑමය. අලි පිට විනෝද සංචාරයන්හි නිරත කරවනු ලැබීම සහමුලින්ම තහනම් කළ යුතුව ඇතැයි සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ඇතැමුන් අවධාරණය කරද්දී තවත් ක්‍රියාකාරිකයන් කියාසිටින්නේ 'සෆාරි' සඳහා යොදාගනු ලබන අලිඅතුන්ට හොඳින් සත්කාර කළ යුතු බවය. ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන්ට සංරක්‍ෂිත වන කලාපයන්හි තණ කෑමට අවසරදිය නොහැකි බව නේපාල ආණ්ඩුව පවසයි. ''ඇතැම් අලිකාරයන් තුළ මතයක් තිබුණා - පහරදීම මගින් අලින් පාලනය කරගන්න පුළුවන් කියල, නමුත් දැන් ඒ මතයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙලා තියෙනව'' සුමන් සඳහන් කළේය. සුමන් පවසන පරිදි ඔහු සිය අලින්ට හොඳින් සත්කාර කිරීමට සුදුසු මට්ටමින් ඇත්ගොව්වන්ට පුහුණුවක් ලබා දී ඇත. එහෙත් සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින උද්ඝෝෂකයන්ගේ සියලු ඉල්ලීම් සපුරාලීම සිදුකළ නොහැක යන්න ඔහුගේ අදහස වී ඇත. ''අලියා විලංගු දමා බැඳ ආවරණයක් යට රඳවා තැබුවේ නැත්නම්,ඔවුන් පැනල යනවා'' සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාධරයන්ගේ උද්ඝෝෂණ නිසා යම්කිසි බලපෑමක් දැනටමත් සිදුව ඇත. ඔහුගේ අලිපිට ගමන්ගන්නා සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින පහත වැටුණි. අලි පිට ගමන් ගැනීම වෙනුවට සතුන් පිටුපස පාගමනින් ගොස් නැරඹීමේ විකල්ප වැඩ පිළිවෙලක් 'චිත්වාන්' වනෝද්‍යානයේ නිවාඩු නිකේතනයක් මගින් දැනටමත් හඳුන්වා දී ඇත. ''මම තවත් අලි ඇතුන් මිලට ගන්නේ නැහැ'' එය සුමන්ගේ නිගමනයයි. ''ඉදිරි කාලය තුළ අපේ රටේ සංචාරක කර්මාන්තයේ විශාල වෙනසක් වේවි. එදාට අලි ඇතුන් සෆාරි සංචාරවලට යොදා නොගනීවි'' කියවන්න;
පසුගිය සතිය ඇතුළත අතුරුදහන් වූ අනාගමික ක්‍රියාධරයන් සිව් දෙනා පිළිබඳ සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මානව හිමිකම් සංවිධාන පාකිස්තානයේ ප්‍රධාන නගර තුළ උද්ඝෝෂණයේ යෙදෙති.
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම කියා සිටියේ අතුරුදහන් වී සිටින ක්‍රියාධරයන් සිව් දෙනාම අන්තවාදය සහ වෙනස් මත නොඉවසීමේ තත්වය විවේචනය කරමින් අදහස් පළකොට ඇති බවය. පාකිස්තාන හමුදාව එම ක්‍රියධරයන්ගේ වාචික විවේචනයට ලක්වී ඇති බව එක්සත් ජනපදය මූලස්ථානය කොටගත් හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සංවිධානය පැවසීය. පාර්ලිමේන්තුවේ අවධානය ඊයේ (ජන.09) පාකිස්තානයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අදාළ ක්‍රියධරයන්ගේ අතුරුදහන් වීම් සාකච්ඡාවට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස විපක්ෂ සෙනට් සභිකයෝ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අතුරුදහන් වූ ක්‍රියාධරයන් සිව් දෙනා අතර සිටින සල්මන් හයිදර්, බටහිර පාකිස්තානයේ පිහිටි බලොචිස්තාන් පළාතේ සිදු වූ අතුරුදහන් කරවීම් දහස් ගණනකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අයෙකි.
බ්‍රසීලයේ රියෝ අගනුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ආබාධිත මළල ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගෙන තිබේ.
ආබාධිත හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 58.2 ක් දුර හෙල්ල විසි කිරීමට සමත් විය ආබාධිත හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 58.2 ක් දුර හෙල්ල විසි කිරීමට සමත් විය. තරඟයේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය විසින් රිදී පදක්කම දිනා ගනු ලැබිණ. ශ්‍රී ලංකාව පැරාලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. 2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේ ටී46 මීටර 400 දුර දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ආබාධිත සොල්දාදුවකු වන යූඩීපී ප්‍රදීප් සංජය පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.
වත්මන් ආණ්ඩුව යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ නිතර කතා කළත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හම්බන්තොට විරෝධතාවේ යෙදුණු භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන්ට ගල් මුල්වලින් පහර දීම සඳහා කොළඹින් 'මැර කණ්ඩායම්' තුනක් පැමිණ ඇති බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද (08) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ආණ්ඩුවේ 'මර්දනකාරී ක්‍රියා පිළිවෙතට' එරෙහිව නැගී සිටිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර සමග ඉතා සුහදශීලී සාකච්ඡාවක් පැවති බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසයි.
බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර විශේෂයෙන්ම වෙළඳාම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බවත් බොරිස් ජොන්සන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (ජන.11) සවස් යාමයේ ලන්ඩනයේ චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුදේශ් පිරිස් සමත්විය.
සුදේශ් පීරිස් සිය රිදී පදක්කම සමඟ. මෙය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කමයි. සුදේශ් මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ආරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ඔහු විසිනි. සුදේශ් පීරිස් 2010 වසරේ දී නව දිල්ලි නුවර පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද කි. ග්‍රෑම්. 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ විවේචන එල්ල වන්නේ එය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව කෙරෙන සාකච්ඡාවත් සමඟය. එහෙත් පවතින ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවස්ථාව හිමිවී ඇති බවට විශ්ලේෂකයෝ පවසති.
බදුරලිය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් මහමග ජාලගත අධ්‍යාපනයේ යෙදෙමින් සිටින අයුරු සමාජ ජලයේ සංසරණය වූ පිංතුරයක් නව තාක්ෂණය යොදාගෙන නව ලොවට මුහුණ දීම සඳහා රටේ අනාගත පරපුර ගොඩනැගීමට මෙය උපයෝගී කරගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. පසුගියදා සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වූ පිංතුර වලින් පෙන්වූයේ රටේ තැන දරුවන් මහ මග හා කැලෑ රොදවල මෙන්ම ගස් නැග ජංගම දුරකථන සංඥා සොයමින් තම ජාලගත අධ්‍යාපනයට යොමුවන ආකාරය ය. මේ මගින් පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට තාක්ෂණය මතුකර ඇති බාධා වුවත් අධ්‍යාපන නව තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත යුතු බව අධ්‍යාපන විශේෂඥයෝ අවධාරණය කරති. බදුරලිය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් මහමග ජාලගත අධ්‍යාපනයේ යෙදෙමින් සිටින අයුරු සමාජ ජලයේ සංසරණය වූ පිංතුරයක් පෙළපොත් වෙනුවට ටැබ් එක දෙන්න. කොළඹ හා කැලණිය විශ්ව විද්‍යාලවල උපාධි හා පශ්චාත් උපාධිධරයෙකු මෙන්ම ප්‍රවීන සන්නිවේදන ආචාර්ය වරයෙකු වන කුරුණෑගල නිශ්ශංක මහ විද්‍යාලයේ පරිපාලන විදුහල්පති චන්දන බණ්ඩාර ඒකනායක බී සී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ ෆින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් මුද්‍රිත මාධ්‍ය පත පොත ඉවත් කර ඉලෙක්ට්‍රොනික සංකල්පයක් අනුගමනය කරන බවය. "අපිට තර්කානුකුලව හිතන්න වෙනවා එහෙමනම් මේ රටවල් වලට වැරදිලා තියෙනවද කියල. හොඳම උදාහරණය වියට්නාමය, 1980 වෙනකොට ඒ අයගේ අධ්‍යාපන දර්ශකය ආසියානු දර්ශකයට සාපේක්ෂව තිබුණේ සෘණ දර්ශකයක. ඒ අය අද එම දර්ශකයේ ඉහළටම ඇවිත් ඉන්නවා. ඒ අය කලේ ඈත පිටිසර ගම්මාන වලට පවා e-education සංකල්පය අරගෙන ගිය එක. මම යෝජනා කරනවා වහාම මේ ක්‍රමය රටට හඳුන්වා දෙන්න. අපි ප්‍රමාද වැඩියි. ඉන්දියාව ගත්තත් දැන් මෙම අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙලා බොහෝ කල්'," චන්දන බණ්ඩාර ඒකනායක පැවසීය. මේ පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ, අධ්‍යාපන ප්‍රවීණයින්ගේ හා, විෂය ප්‍රවීනයන්ගේ දැනුම සහ මාර්ගෝපදේශය ඇතිව සිසුන් අතට පාසල් පෙළපොත් ලබාදීම වෙනුවට ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය යුතු බව ඔහු කීය. 10, 11 වසරවල පාසල් දරුවෙකු පෙළපොත් 16 ක් පරිශීලනය කරන බවත් සියලුම පෙළ පොත් මුද්‍රණයේ සිට බෙදාහැරීම දක්වා රජය විශාල මුදලක් වාර්ෂිකව වියදම් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.''මේ පොත් කට්ටලය ළමයෙකු අතට පත්වනවිට රජය වැයකරන මුදලට සමාන මුදලකට ඇතැම්විට ඊටත් අඩුවට ටැබ් පරිඝනක යන්ත්‍රයක් ළමුන් අතට ලබාදිය හැකියි. මේක විනිවිද පෙනෙන ක්‍රමයකට කලොත් රජයේ වියදම පවා අඩුවෙයි. අනික් පැත්තෙන් නව ක්‍රමය මගින් මව්පියන්ට මුදල් වියදම් කරලා දරුවන්ට අභ්‍යාස පොත් අරං දෙන්න ඕනේ නැහැ. තවත් කාරණයක් පෙළ පොත් හැම අවුරුද්දකම මුද්‍රණය කරන්න ඕනේ. හැබැයි ටැබ් පරිඝණයක් හැම අවුරුද්දෙම ළමයෙකුට දෙන්නේ නැහැ. හොඳ තත්ත්වයේ ටැබ් එකක් හෝ ලැප්ටොප් පරිඝනකයක් වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්'' යනුවෙන් චන්දන බණ්ඩාර ඒකනායක වැඩිදුරත් පැවසීය. හොඳම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ ජාත්‍යන්තර දර්ශක අනුව 2017 වසරෙන් පසුව ලොව හොඳම අධ්‍යාපන දර්ශක ළඟා කරගත් රටක් ලෙස ෆින්ලන්තය සැළකේ. නව අධ්‍යාපන ක්‍රම ගැන පර්යේෂණ කිරීම හා ඒවා රටට හඳුන්වා දී කඩිනමින් ක්‍රියාත්මක කිරීම එරට අධ්‍යාපනය ඉදිරියට යෑමට බලපෑ සාධකය වේ. ෆින්ලන්ත අධ්‍යාපනයේ මුලික සංකල්පයක් වන ''අත්හදා බැලීම්වලට බිය විය යුතු නැත'' යන්න පසක් කරමින් මේ වසර වන විට එනම් වසර 2020 දී එරට පාසල් විෂය නිර්දේශවලින්, දැනට පවතින ගණිතය, භූගෝලය, විද්‍යාව වැනි විෂයන් තනි තනිව ඉගැන්වීම නතර කර ඒ වෙනුවට සිද්ධි පාදක කරගනිමින් ඊට අදාළව සියලු විෂයයන් ඉගැන්වීමේ අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවී තිබේ.මේ පිළිබඳව බී සී සිංහල සේවයට අදහස් දැක්වූ විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පැවසුවේ ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව වැනි දියුණු වන ආසියාතික රටවල විද්යුත් සහ ඩිජිටල් මාධ්‍ය හරහා දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව හදිසි පදනමකින් සොයා බැලිය යුතු බවය. එමෙන්ම මේ සම්බන්ධව දශක තුනකට වැඩි කාලයක් පුරා එකතු කර ගත් අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සතුව පවතින බැවින් එහි ප්‍රයෝජනයට ගත යුතු බව ද ඔහු කියා සිටියේය.. පාසල් පද්ධතියට ඩිජිටල් මාධ්‍යයෙන් විෂයන් එක් කිරීම අඩු වියදමක් සහිත හා පහසුවෙන් යාවත්කාලීන කළ හැකි ක්‍රමවේදයක් බවත් මුල් පිරිවැය පොත්වලට වඩා අධික වුවත් විද්‍යුත් ඉගෙනීමේ මෙවලම් හා අන්තර්ගතය ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද බහුවිධ ප්‍රතිලාභ ගෙන දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.''තාක්ෂණය නිසි ලෙස භාවිත කොට අධ්‍යාපනය බරක් නොව ප්‍රියජනක වුත්, විනෝදජනක වුත් ක්‍රියාවක් බවට පත්කළ හැකියි. වසංගතය හරහා මතු වූ මේ දැවැන්ත අභියෝගය ආශිර්වාදයක් කර ගෙන මෙය පනගන්වන්න පුළුවන්. අපේ පාසල් විෂයමාලා උගන්වන ක්‍රමවේද බොහොමයක් 20 වන සියවසේ යල්පැන ගිය ඒවායි. කෙළවරක් නැතුව තොරතුරු හිස් ගෙඩිවලට පුරවන සහ කටපාඩම් කොට විභාග සමත් කරවන විෂම අධ්‍යාපන ක්‍රමය අත්හැර දැමීමට මෙය අවස්ථාවක් කර ගමු." යැයි කී ඔහු මෙසේ ද සඳහන් කළේය. "සිසුන් කේන්ද්‍ර කරගත්, කුසලතා වර්ධනය ඉලක්ක කර ගත් ඉගෙනුමක් පාසල්වලට හඳුන්වාදෙන්නට විවෘත මනසකින් සහ සූක්ෂම ලෙසින් තාක්ෂණය යොදා ගන්නට පුළුවනි. ඒ සඳහා ශිල්ප සයුර පදනම (http://shilpasayura.org), හොරයිසන් ලංකා පදනම (www.horizonlanka.org) වැනි ලාභ නොලබන ආයතන කලෙක සිට දියුණු කර ඇති දේශීය ක්‍රමවේදයන් උපකාර කරගත හැකියි'' යනුවෙන් නාලක ගුණවර්ධන පැවසීය. රජයේ වගකීම ඩිජිටල් අධ්‍යාපනය ළමුන් අතරට ගෙන යාම සඳහා ඊ තක්සලාව නමින් අන්තර්ජාල ඉගෙනුම් අන්තර්ගත පද්ධතියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති. එය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ පරිශීලනය කළ හැකි අතර 1 ශ්‍රේණියේ සිට 13 දක්වා විෂයන්වලට හා පෙළ පොතට අදාළ සියලුම පාඩම් වල අන්තර්ගතය, ප්‍රශ්න පත්‍ර, රුපවාහිනී වැඩසටහන්, ඊ පුස්තකාල ආදී පහසුකම් පරිශීලනයට අවශ්‍ය පහසුකම් එහි සලසා දී ඇති බව බීබීසී සිංහල සේවය සමග ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජි.එම්. නීල් ගුණදාස පැවසීය. විෂය අන්තර්ගතයට අමතරව ඊට ඇතුළත් කර ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඕනෑම ගුරුවරයෙකුට ළමුන් ඊ තක්සලාවට සම්බන්ධ කර ගනිමින් තෝරාගත් වෙලාවක තමන්ට අවශ්‍ය පාඩම ඉගැන්වීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය. ''අපි හිතමු ඔබ හයේ පංතියට විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියල. ඔබ උගන්වන්න අපේක්ෂා කරන පාඩම උස්වේදනය නම් ඔබට පුළුවන් ඔබේ පංතියේ සිටින ළමුන් 40 දෙනාට ඊ මේල් පණිවිඩයක් දීල මේ පාඩමට අදාළ කරුණු ඊ තක්සලවේම තියෙන තැන් දැනුවත් කරලා එය පරිශීලනය කරලා අහවල් වෙලාවට පාඩමට සුදානම් වෙලා ඔන් ලයින් එන්න කියන්න. ඊට පස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කර සිසුන්ට පාඩම සදහා සජීවීව සහභාගී වෙන්න පුළුවන් ගුරුවරයා සමග," ජි.එම්. නීල් ගුණදාස පැවසීය. කෙසේ නමුත් සියලු සිසුන්ට පරිඝනක හා අන්තර්ජාල පහසුකම් නොමැති තත්ත්වයක් මත මේ ක්‍රමයේ දෝෂ මතුවන බව අතිරේක ලේකම්වරයා ද පිළිගනී. එයට විසදුම් සැලසීමට අවශ්‍ය බව කී ඔහු, විදුලි සන්දේශ නියාමන කොමිසමට සහ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වලට මේ වන විටත් එය දැනුම්දී ඇති බවත් ඉතා ඉක්මණින් පාසල් වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවත් ඔහු කියා සිටියේය. "නමුත් දැන් අලුත් තත්ත්වය මත පාසල් වලට මේ පහසුකම දීම ප්‍රමාණවත් නැහැ. රජයට වගකීමක් තියෙනවා ගෙදරටම මේ පහසුකම දෙන්න,'' යනුවෙන් ද ඔහු පැවසීය.මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමින් තිබෙන බවත් රජයේ රූපවාහිනී මාධ්‍ය හරහා සඳුදා සිට තුන්වැනි වාරයේ පාඩම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කියා සිටි ඔහු, රුපවාහිනී පහසුකම් නොමැති දරුවන් සඳහා සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන් විසුරුවාහැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. මෙම තොරතුර ද දැනගන්න:
බංග්ලාදේශයේ විපක්ෂ ක්‍රියාකාරිකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් මගින් අඩු තරමින් එක් පුද්ගලයකු වත් මර දැමුණ අතර, තවත් කීප දෙනකුට තුවාල සිදු වුන බව වාර්තාවෙයි.
විරෝධතා ව්‍යාපාරයක නිරත බංග්ලාදේශ් ජාතික පක්‍ෂයේ ආධාර කරුවන් ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන මහ මැතිවරණ සැලසුම්වලට විරෝධය පාමින්, ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්‍ෂය විසින් කැඳවනු ලැබ තිබුණ මාර්ග අවහිර කිරීමේ ව්‍යාපාරයක් අතරවාරයේ යි ගැටුම් සිදු වී තිබෙන්නේ. බංග්ලාදේශ් ජාතික පක්‍ෂය සහ එම පක්‍ෂය සමඟ සිටින දේශපාලන කණ්ඩායම් කියා සිටින්නේ, භාරකාර පාලනයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා මග සලසමින් අගමැතිනි ෂේක් හසීනා පාලන බලයෙන් ඉවත් යුතු බවයි. එහෙත් ආණ්ඩු පක්‍ෂය එම ඉල්ලීම බැහැර කරනු ලැබ ඇත. එම කාරණය මුල් කර ගෙන බංග්ලාදේශය තුල පැතිර යමින් පවතින ගැටුම් වලදී සඳුදා පටන් මේ වන විට විසි දෙනකු වත් මරා දමා ඇති අතර, විපක්ෂ නායකයන් කීප දෙනකු ම අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය.
තාක්ෂණික උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී එළි දැක්විණ වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES -Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ නියෝජනය කරමින් ආයතන 4000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවකයින් ද ඒ සඳහා සිය නව නිෂ්පාදන ඉදිරිපත් කරති. මෙවරත් මෙම ආයතන පාරිභෝගිකයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇත. පෙර වසර වලදී CES හි ප්‍රදර්ශනය කෙරුනේ එදිනෙදා මිනිස් අවශ්‍යතාවලට උදව් දෙන යන්ත්‍ර පමණක් වුවත්, රොබෝවරු, වාහන, ඖෂධ සහ කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ ද වර්තමානයේ දැකිය හැකිය. මයික්‍රෝ LED සැම්සන් රූපවාහිනී යන්ත්‍රය: The Wall (ද වෝල්) අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය මෙවර ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ සැම්සන් සමාගම විසින් නිෂ්පාදිත අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගනු ලැබීය. මෙය 'තාප්පය' අරුත් දෙන The Wallලෙස නම් කර තිබේ. 'මොඩියුලර්' (modular) තාක්ෂණය යොදාගෙන විවිධ හැඩයේ රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය කළ හැකි බව සැම්සන් ආයතනය පවසයි මෙම රූපවාහිනී යන්ත්‍රයෙන් කළු පැහැය ඇතුළු අනෙකුත් වර්ණ මයික්‍රෝ LED තිරය ඔස්සේ ඉතා දීප්තිමත්ව දිස් වෙන අතර මෙය සාමාන්‍ය LED රූපවාහිනී තිරය වෙනුවට භාවිත කළ හැකි අධි තාක්ෂණික යන්ත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත. නමුත් මෙහි නිෂ්පාදන මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එයට විසඳුමක් ලෙස පාරිභෝගිකයෙකුට අවශ්‍ය ප්‍රමාණයෙන් මෙම රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කළ හැකි බවට සැම්සන් සමාගම ප්‍රකාශ කර සිටී. SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ තවත් පෙරළිකාර යන්ත්‍රයක් ලෙස මිනිසුන් දෙදෙනෙක් රැගෙන යා හැකි SureFly ඩ්‍රෝනය හඳුන්වා දිය හැකිය. මෙය දිනෙන් දින වැඩිවන ගමනාගමන අවශ්‍යතාවලට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත. එකවර පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝනය වොලොකොප්ටර් ගුවන් ටැක්සියකට (Volocopter Air Taxi) සමාන බව පැවසේ. ඩීසල් සහ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ. මෙම යන්ත්‍රයට කිලෝග්‍රෑම් 181 ක බරක් දැරිය හැකි අතර, රඳවන හතරක ඇති අවර පෙති අටකින් ක්‍රියාත්මක වේ. මෙය අනාගතයේදී ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙනු ඇති බව විශ්වාස කෙරේ. විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ මෙම ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේදී පියාසර කර පෙන්වීමට අවසර ලබා දී තිබුණ ද නියමිත දිනයේ දී එය එළිදැක්වීමට නොහැකි විය. මෙම ඩ්‍රෝනය වැස්සට ඔරොත්තු දෙන ලෙස නිමවා නොමැති අතර, එදින ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් තිබීම එයට හේතු විය. මෙය මිනිස් අවශ්‍යතා මුල් කර ගෙන කළ අත්හදා බැලීමක් පමණක් වන බැවින් අනවශ්‍ය අවදානමක් ගෙන යන්ත්‍රය පියාසර කරවීමට නොහැකි වූ බවත්, ඉදිරියේ දී මෙම ඩ්‍රෝනය කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් පැමිණි මෙහි නිර්මාණකරුවෝ බීබීසී යට පැවසූහ. SureFly ඩ්‍රෝනයට සමාන වොලොකොප්ටර් ගුවන් ටැක්සි පසුගිය වසරේ සැප්තැම්බර් මස ඩුබායි නුවරදී සහ ජර්මනියේ දී අත්හදා බලා ඇති බව වාර්තා වේ. කෘතීම බුද්ධියෙන් පාලනය වන විදුලි බුබුලක් කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) කෘතීම බුද්ධියෙන් ක්‍රියා කරන යන්ත්‍රවලට මෙම ප්‍රදර්ශනයේ විශේෂ ස්ථානයක් හිමි වී ඇත. අන්තර්ජාලයේ ඇති කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) GE ආයතනය විසින් එළිදක්වනු ලැබීය. මෙම බල්බය ඇතුළත සවි කර ඇති මයික්‍රෆෝනයෙන් සහ ස්පීකරයෙන් ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant) ,ඇලෙක්සා (Alexa) යන කෘතීම බුද්ධි පාලනය කළ හැකිය. 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාව මේ අතර ඇන්ඩ්රෝයිඩ් තාක්ෂණයෙන් පාලනය වන 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාවක් එළිදැක්වීමට අලුතින් ආරම්භ කරන ලද ආයතනයක් සමත් වී තිබේ. මෙලෙස සෙල්ෆි කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපය වටේට කරකවමින් එහි ඇති සියලුම වස්තූන් හෝ මිනිසෙකුගේ සම්පුර්ණ රූපය නැරඹිය හැකිය. බයිටන් (Byton) ආයතනය එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car) බයිටන් (Byton) ආයතනය විසින් එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car) මෙම නව මෝටර් රථය නිපදවීමට දායක වී ඇත්තේ BMW සහ 'ඇපල්' සමාගමෙන් අස්වී ගිය සේවකයන්ගේ දායකත්වයෙන් වීම විශේෂ කාරණයකි. මෙම මෝටර් රථයේ ඉදිරිපස විශාල ස්පර්ශ සංවේදී තිරයක් දක්නට ලැබෙන අතර සුක්කානම මැද තවත් කුඩා tablet පරිගණකයක් සවි කර ඇත. මෙම තිරය දහවල් කාලයේ දී දීප්තිමත් ලෙස දිස් වුණත්, අඳුර වැටෙද්දී ක්‍රමයෙන් එලිය අඩු වන ආකාරයට නිමවා ඇත. ඉදිරිපස ආසන පිටුපස කොටසේ තවත් තිර දෙකක් සවි කර ඇති අතර මෙම මෝටර් රථයේ පරමාර්ථය වී ඇත්තේ වාහනයෙන් එළියේ ඇති අත්දැකීම වාහනය තුළ දීම ලැබෙන්නට සැලැස්වීමය. නවතම බයිටන් (Byton) විද්‍යුත් මෝටර් රථය බයිටන් ආයතනය සතු දත්තවලට අනුව මෙම රථය තත්පර පහක දී පැයට කිලෝමීටර 97 ක වේගයක් කරා ලඟා වේ. මෝටර් රථයේ ඉදිරිපස සවි කර ඇති තිරයේ නොයෙකුත් වීඩියෝ දර්ශන, දින දර්ශනය, මාර්ග සිතියම සහ පුද්ගල සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරනු ලැබේ. මෝටර් රථය ඇතුළත සවි කර ඇති කැමරා තුලින් එහි අසුන් ගන්නා පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ දත්ත විශාල තිරයේ පෙන්වා සිටින අතර, මෙහි රියදුරු අසුන එක් පුද්ගලයාට සරිලන ආකාරයට ස්වයංක්‍රීයව හැඩ ගැසෙනු ඇත. මෙම රථය 2019 දී නිෂ්පාදනයට නියමිත බවට ආයතනය පවසයි මෙම රථය ස්වයංක්‍රීය ධාවනයේ යෙදෙන අවස්ථාවේ හෝ නතර කර ඇති මොහොතක, මෙහි ඉදිරිපස අසුන් දෙක මුහුණට මුහුණ සිටින සේ හැරවිය හැකිය. එමගින් රථය තුළ සිටින සියලු දෙනාටම එකට එක් වී කතා බහක නියැලීමට ද හැකියාව ලැබේ. මෙම රථය විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන අතර මෙහි කෝෂ ආරෝපණය කිරීමට අවශ්‍ය බලය සහ එම මධ්‍යස්ථාන සොයා ගැනීම පිළිබඳව ගැටළු මතු වනු ඇතැයි අදහස් පළවී ඇත. මෙම රථය මාස කිහිපයකට පෙර එළිදැක්වූ 'ටෙස්ලා' විද්‍යුත් මෝටර් රථය හා සංසන්දනය කර අදහස් ප්‍රකාශ වී ඇති නමුත් බයිටන් ආයතනය පවසා සිටින්නේ මෙය ටෙස්ලා රථයට වඩා බොහෝ උපාංග වලින් සමන්විත සැබෑම 'ස්මාර්ට් මෝටර් රථයක්' (real smart car) බවය. මෝටර් රථයේ ඉදිරිපස ඇති විශාල ස්පර්ශ සංවේදී තිරය කෙසේ වුවත් මෙහි ඇති දීප්තිමත් ස්පර්ශ සංවේදී තිර හේතුවෙන් රථය ධාවනය කිරීමේදී රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීමෙන් අනතුරක් සිදු වීමේ ප්‍රවනතාවක් ඇති අතර මෙවැනි විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට වැයවන අති මහත් විදුලි බලය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයෝ පවසති. 'ස්මාර්ට්' නිවසක් (Smart Home)? ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින නිවසක ඇතුළත බොහෝ දේවල් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. ඒ අතුරෙන් නිවසේ භාවිතා කරන ජලය ප්‍රමාණය මැනිය හැකි උපකරණයක්, උෂ්ණත්වය පාලනය කරන උපකරණයක්, ගෙතුළ වාතයේ තෙතමනය මැනිය හැකි උපාංගයක්, අධි තාක්ෂණයෙන් ක්‍රියා කරන දොර අගුල් වර්ග සහ නිවස කෙතරම් අපවිත්‍ර වී ඇත්දැයි සොයා දෙන උපාංගය බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින. මෙය ගෙහිමියාගේ ජංගම දුරකතනයේ ඇති 'බ්ලුටූත්' හරහා හෝ ඔහුගේ 'ස්මාර්ට්' දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ක්‍රියාත්මක වේ. 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa) 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa) මිලිබු (Miliboo) ආයතනය හදුන්වා දුන් 'ස්මාර්ට්' සෝපාවෙන් වයර් කම්බි නොමැතිව තම ටැබ්ලට් පරිගණකය ආරෝපණය කර ගත හැකි අතර, පුද්ගලයෙකු අසුන් ගන්නා ඉරියව් හඳුනාගෙන ඔහු කොපමණ වේලාවක් රූපවාහිනිය ඉදිරියේ අසුන් ගෙන සිටියා දැයි සටහන් කර ගැනීමේ හැකියාවක් ඇත. ලැප් ටොප් සහ ටැබ්ලට් යන දෙවිදියටම භාවිතා කළ හැකි නවතම ලෙනොවෝ (Lenovo) පරිගණකය. මෙය එක් වරක් ආරෝපණය කළ පසු පැය විස්සක් පරිහරණය කළ හැකිය. එල්.ජී (LG), යමහා (Yamaha), නිසාන් (Nissan), ටොයෝටා (Toyota), හයිඋන්ඩායි (Hyundai) ඇතුළු තවත් ආයතන රැසක් විවිධ වර්ගයේ නව තාක්ෂණික උපාංග, දින හතරක් පුරා පැවැත්වුන මෙම ප්‍රදර්ශනයේදී වරින් වර එළිදැක්වූහ. ඒ අතර නැගී එන නව නිර්මාණකරුවන්ට තම හැකියාවන් එළිදැක්වීමට CES ප්‍රදර්ශනය කදිම තෝතැන්නක් වී තිබිණ.
මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.
මෙම උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ විවිධ සිවිල් සංවිධාන රැසක ආධාරකරුවෝ සහභාගී වුහ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බවයි උද්ඝෝෂකයන් කියා සිටින්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා අපොහොසත් වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති. එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක් වුහ.
මැඩගස්කරයේ වෙසෙන ඉතා දුර්ලභ උරගයන් සහ උභය ජීවීන් සිය ගණනක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපොළේ මැරී සිටි බව වාර්තා වේ.
දින පහකට අධික කාලයක් එම සතුන්ට ආහාර හෝ ජලය ලබා දී නැහැ කටුස්සන්, හූනන් සහ ගෙම්බන් ඇතුළු සතුන් එක් දහස් හය සියයක් හමු වී තිබෙන්නේ ඇමෙරිකාවේ සත්ව සාප්පුවලට යැවීම පිණිස සකස් කොට තිබුණු පෙට්ටි දෙකක් තුල රඳවා සිටියදී. උතුරු ඇමෙරිකාවේ පවතින අධික සීතල හේතුවෙන් එම සතුන් ප්‍රවාහනය කිරීම පමා වී ඇති අතර, ඒ අතරතුර දින පහකට අධික කාලයක් එම සතුන්ට ආහාර හෝ ජලය ලබා දී නැති බවයි, විශ්වාස කෙරෙන්නේ. එම සතුන් ප්‍රවාහනය කිරීම සඳහා අදාළ සමාගම සතුව බලපත්‍රයක් තිබෙන නමුත් සතුන්ට කුරිරු වීමේ චෝදනා යටතේ සමාගමට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සත්ව හිමිකම් සංවිධාන සලකා බලමින් සිටින බවද වාර්තා වේ.
කොළඹ පිහිටි නීතිවේදී ගුණරත්න වන්නිනායකගේ නිවසට ඇතුළු වීමට මඳ වේලාවකට පෙර ආයුධ සන්නද්ධ කණ්ඩායමක් දරූ උත්සාහයක් අසාර්ථක වූ බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
'ෆ‍්‍රී මාර්ච්' සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ ගුණරත්න වන්නිනායක සේවය නිමවා ‍මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී, ඒ පිටුපස පැමිණි පුද්ගලයින් 4 සිව්දෙනෙකු වාහනයේ වීදුරුව පහත් කරන ලෙස පවසා තර්ජනය කර පහරදීමට තැත් කළ බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පවසයි. ඔහුගේ බොරලැස්ගමුව පිරිවෙන පාරේ පිහිටි නිවස ඉදිරිපිටදීයි මෙම තර්ජනය සිදුව තිබෙන්නේ. ගුණරත්න වන්නිනායක, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝගයට එරෙහිව ප්‍රබල හඬක් නැගූ විපක්ෂ ක්‍රියාකාරිකයෙක්. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අවවාදයයි: මෙම ලිපි යේ ම ළ සිරුරු දැක්වෙන ඡායාරූප සහිතයි.
සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය "කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ දේහයට අත තියන්නවත්." සෝනි කුමාරි ඒ දුක්බර සිදුවීම සිහිපත් කළාය. "ඒ නිසා මගේම දෑතින් මම මිනීවල හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධ වුණා." සෝනි කුමාරි සිය අත්දැකීම බීබීසීයේ දිව්‍යා ආර්යා ට විස්තර කළේ වීඩියෝ දුරකථන ඇමතුමක් ඔස්සේය. තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය. ඇය තනිව සිටි ඒ මොහොත ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසු විය. එදා සිදුවූ සියල්ල මොහොතක් නෑර ඇයට තවමත් හොඳින් මතකය. කොවිඩ් වසංගතයට ගොදුරු වී සෝනිගේ පියා මියගිය වහාම මව ද රෝගාතුර වූවාය. මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෝනි වහා ක්‍රියාත්මක වූවාය. සෝනිට ගිලන් රථයක පිහිට ලැබිණ. සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය. නමුත් මවගේ ජීවිතය බේරා ගැනීමට ඇයට නොහැකි විය. සෝනි ආපසු නිවසට පැමිණියේ මවගේ දේහය ද රැගෙනය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක ජීවත්වන ඇයට අසල්වාසීන්ගෙන් කිසිදු උපකාරයක් නොලැබෙන බව ඇයට වැටහුණි. "අපේ ලෝකය කඩා වැටුණා. අපි තනි වුණා. මගේ අම්ම තාත්ත ගමේ අයට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියෙ නැහැ." සෝනි පැවසුවාය. කොවිඩ් වසංගතයට බිලි වූ ඉන්දියාවේ මිනිස් ජීවිත ගණන අති විශාලය. එම සංඛ්‍යාව දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සෝනි ගේ කතාවට සමාන වූ තවත් කතා බොහොමයක් ඉන්දියාව පුරා පවතී. කොවිඩ් වසංගතය විසින් තනි කරනු ලැබූ දරුවන්ට සිදුවන්නේ කුමක්ද? තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය සෝනි කුමාරි 18 හැවිරිදි ය. මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය සන්සුන්ව සිය අත්දැකීම විස්තර කළාය. නොසැලෙන හඬකින් සඟවන්නට උත්සාහ දරන ඇයගේ වේදනාව දෙනෙතින් දිස්විය. දොළොස් හැවිරිදි සොයුරා සහ 14 හැවිරිදි සොයුරිය, පසුබිමේ වූ දොර කවුළුවෙන් යාන්තමට එබී බලන අයුරු මම දුටිමි. "තනිවීම තමයි දරා ගන්නම බැරි. ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මගේ අතින් උයපු අන්තිම වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කීපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. ඇඟේ වෛරසය නැහැ කියල වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම." සෝනි පැවසුවාය. දෙමාපියන් අහිමි වූ දරුවන් මුහුණ දෙන අභියෝගය තවත් අසීරු කරවන්නේ තනිකම සහ මානසික පීඩාව ද ඊට එකතුවන හෙයිනි. එවැනි දරුවන් වෙනුවෙන් සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්දියාවේ ළමා හා කාන්තා කටයුතු භාර ඇමතිනි ස්ම්‍රීතී ඉරානී පවසන්නීය. ගම්වාසීන්ගෙන් වෙන්කොට ළමුන් තිදෙනා හුදෙකලා කොට තැබීම සඳහා සෝනිගේ නිවස ඉදිරිපිට ඉනිවැටක් ඉදිකර තිබුණි ඇමතිවරිය නිකුත්කළ ට්විටර් පණිවිඩයකින් තහවුරු කර ඇත්තේ මාස දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත පමණක්, මේ ආකාරයට දරුවන් තනිවූ සිදුවීම් 577ක් තමන්ට වාර්තා වී ඇති බවය. නමුත් මෙවැනි සිදුවීම් සෑම එකක්ම රජයට වාර්තා නොවන හෙයින් තවත් තනිවූ දරුවන් රාශියක් ඉන්දියාව පුරා සිටින බවට තක්සේරු කළ හැකිය. පෙර නොවූ විරූ තරමින් සමාජ මාධ්‍ය ඔස්සේ උදව් ඉල්ලා සිටින්නන් දැකිය හැකිය. ඇතැම් විට ළමුන්ට භාරකරුවන් සොයා ඉල්ලීම් කර තිබේ. වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ පළවන මෙම ඉල්ලීම්වල අදාළ ළමයාගේ නම සහ වයස ද සඳහන්ව තිබෙන අතර විමසීම් සඳහා දුරකථන අංකයක් පළකර තිබේ. ට්විටර් ඔස්සේ පළවූ දැන්වීමක මෙසේ ලියා තිබුණි. "අවරුදු 2ක් වයසැති කුඩා ගැහැණු ළමයෙක්, මාස දෙකක් වයසැති බිලිඳු දරුවෙක් - මව සහ පියා කොවිඩ් වැළඳී මිය ගොස් ඇත. මේ දරුවන්ට යහපත් මවක් සහ පියෙක් සොයා ගැනීමට මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න." මෙවැනි පණිවිඩයක් මේධා මීනාල් ගේ සහ ඇයගේ මිතුරාගේ (හරී ශංකර්) ඇස ගැටිණ. මේධා මීනාල් සහ ඇයගේ මිතුරා හරී ශංකර් "එක්තරා දැන්වීමක් දැකලා මාව තැති ගත්තා. එක දුවෙකුගේ අම්ම තාත්ත දෙන්නම කොවිඩ් හැදිලා මැරිලා. මේ දරුවටත් කොවිඩ් හැදිලා තනියෙම ගෙදර ඉන්නවා. අවට ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ මොනවද කරන්න ඕන කියල. වසංගතය පටන් ගත්ත දවසේ ඉඳල දරුවන් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ." මේධා පැවසුවාය. මෙම දරුවා සොයා ගොස් හදාවඩා ගැනීමට, දැන්වීම දුටු විගස මේධාට සිතුණි. නමුත් ඉන්දීය නීතිය අනුව ඊට ඉඩක් නොමැති බව ඇයගේ මිතුරා වන 'හරි' පෙන්වා දුන්නේය. දරුවෙකු අසරණ වී ඇත්නම් ඉන්දීය නීතියට අනුව මුලින්ම කළ යුත්තේ ඒ දරුවා පිළිබඳව 'Childline' නමැති ජාතික සේවාවට දැනුම් දීමය. අනතුරුව, එම සේවාව විසින් මෙම දරුවාගේ විස්තර ප්‍රාන්ත සමාජ සේවා බලධාරීන්ට ලබා දෙනු ලැබේ. ඔවුන් විසින් පළමුව කරනු ලබන්නේ එම තොරතුරු තහවුරු කර ගැනීමයි. දරුවා වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ එම දරුවා සිටින තත්ත්වය තක්සේරු කර බැලීමෙන් අනතුරුවය. ඊට පසුව සිදු විය යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ ළමා සුබසාධන කමිටුව විසිනි. නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද දරුවෙකු නීත්‍යානුකූලව භාරකාරත්වයට ගැනීමේ ක්‍රියාවලිය සාධාරණ කාලයක් ඇතුළත නිම කර ගැනීම ඉතා අසීරු කටයුත්තකි. භාරකරුවකු නොමැතිව අසරණ වූ දරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකිරීමට එරෙහිව අනතුරු අඟවමින් ඉන්දීය රජය පුවත්පත් දැන්වීම් පළ කළේය. දෙමාපියන් අහිමි වූ දරුවන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරන්නන්ට අනතුරු අඟවමින් ඉන්දීය රජය පළ කළ පුවත්පත් දැන්වීමක් මෙම දැන්වීම් මගින් ළමා ජාවාරම් වලට දරුවන් ගොදුරු විය හැකි බවට ළමා ආරක්ෂණ සංවිධාන විසින් ද අනතුරු අඟවනු ලැබ තිබුණි. ධනන්ජේ ටින්ගාල්, ළමා ආරක්ෂණය සඳහා වන Bachpan Bachao Andolan ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාය. එම ආයතනය මගින්, අනාථ වූ දරුවන් වෙනුවෙන් ළමා නිවාසයක් ද පවත්වාගෙන යනු ලබයි. "සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි දැන්වීම් නීති විරෝධීයි. ඒවා අර්ථකථනය කෙරෙන්නේ ළමා ජාවාරම් ලෙස. කිසිම කෙනෙකුට බැහැ දරුවෙකුට භාරකාරයෙක් සොයා ගැනීම සඳහා මෙවැනි දැන්වීමක් පළ කරන්න. මෙය අවසානයේ, ළමයෙක් අලෙවි කිරීමක් සහ මිලදී ගැනීමක් බවට පත්වෙන්නට පුළුවන්." ධනන්ජේ ටින්ගාල් පැවසීය. කොවිඩ් වසංගතය නොමැති කාලයක දී වුවද කම්කරු සේවයට, ලිංගික අපයෝජනයට හෝ බාලවයස්කාර විවාහ සඳහා සිදුවන ළමා ජාවාරම ඉන්දියාවට සංකීර්ණ ප්‍රශ්නයකි. ඉන්දියාවේ අපරාධ වාර්තා පිළිබඳ ජාතික කාර්යාංශය සඳහන් කරන පරිදි 2019 වසරේදී පමණක් ළමුන් 70,000ක් අතුරුදහන් වී තිබේ; එය වෙනත් ආකාරයකින් කිවහොත්, සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත. සමාජ සුබසාධන දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන සහ පොලිසිය සම්බන්ධීකරණය කරගනිමින් රජය මේවන විට ළමා ජාවාරම් නතරකිරීම සඳහා පියවර ගෙන තිබේ. ළමා ජාවාරමට එරෙහිව දැඩි නීති සම්මත කිරීම ද ඊට ඇතුළත්ය. එමගින් ඇතැම් ජාවාරම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකි වූ නමුත් බලය හා ධනය ඉදිරියේ එය සාර්ථක කර ගැනීමට අසීරුවී ඇත. බොහෝ ජාවාරම්කරුවෝ දඩ මුදල ගෙවා ගැලවී යති. සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත මෙසේ අසරණවන දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් ළමා අයිතීන් වෙනුවෙන් පවතින ආයතන හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම බව මේධා සහ හරී තීරණය කළහ. ඔවුහු මුදල් එක්රැස් කිරීමේ අන්තර්ජාල ව්‍යාපෘතියක් ආරම්භ කළහ. එය හැඳින්වෙන්නේ 'ඡායා ව්‍යාපෘතිය' නමිනි. එමගින් මේවන විට රැස්කර ඇති මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් මිලියන දෙකකි. (ඩොලර් 27,000කි.) "නන්නාඳුනන මිනිසුන් විශාල ප්‍රමාණයක් අපට කරුණාවන්ත වුණා." මේධා මෙසේ පැවසුවේ එවැනි කරුණාවන්ත කාන්තාවක් සිහිපත් කරමිනි. "එක අම්ම කෙනෙක් අපට විශාල මුදලක් පරිත්‍යාග කළා. ඒ අම්මයි තාත්තයි රෝහල්ගත වෙලා කොවිඩ් මාරයත් එක්ක සටන් කරමින් ඉන්නකොට එයාලගේ පුතා තනියෙම ගෙදර ඉඳල තියෙන්නේ." දෙමාපියන් අහිමි වූ දරුවන්ට ලැබෙන පළමු විකල්පය ආයතනික සුබසාධනය නොවේ. දිල්ලියේ ළමා සුබසාධන කමිටුවේ සභාපති වරුන් පතක් කියා සිටියේ මෙම ළමුන්ට ජීවත්වීම සඳහා පවුලක් සපයාදීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වී ඇති බවය. දෙමාපියන් අහිමි වූ ළමයෙකුගේ භාරකාරත්වය ඥාතීන්ට පැවරුවහොත් ඉන්පසුව ඒ පිළිබඳව සොයා බලන බවත්, උපදේශන සේවා සහ මූල්‍ය ආධාර සපයන බවත් ඔහු පැවසීය. කොවිඩ් වසංගතයෙන් දෙමාපියන් අහිමි වූ ළමුන් වෙනුවෙන් බොහෝ ප්‍රාන්ත ආණ්ඩු මේවනවිට විශේෂ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කොට තිබේ. "අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය තම බාල සොයුරා සහ සොයුරිය රැක බලා ගැනීම සඳහා සෝනි කුමාරිට ද මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුවෙන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් ආහාර සහ මූල්‍ය සහාය ලැබේ. ඔවුන්ගේ දිවි ගමනේ යායුතු දුර තව බොහෝය. නමුත් මේවන විට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. "අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. අම්මයි තාත්තයි ළඟින් ඉන්න ඉන්නකොට අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස්. අපි ගැන ඒ දෙන්න ගොඩක් සිහින මැව්වා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය. සෝනි ගේ මිත්තනිය දින කීපයක් ඔවුන් සමඟ වාසය කළාය. නමුත් තම බාල සොයුරා සහ සොයුරිය රැක බල ගැනීම තමන්ගේ ප්‍රමුඛ වගකීම බව සෝනි දනී. "අවසානයේ අපිට අපි විතරයි. අපි එකිනෙකා රැකබලා ගන්න වෙනවා." ඇය පැවසුවාය. තමන්ට ලැබෙන මූල්‍ය ආධාර පවුලේ සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් නුවණක්කාර ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවට සෝනි ශුභවාදීය. ගමේ වෛද්‍යවරයා වූයේ සෝනිගේ පියාය. තම සොයුරා හෝ සොයුරිය පියාගේ අඩිපාරේ යනු දැකීම සෝනිගේ අපේක්ෂාවයි.
දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම් බිම් හැර දමා බංගලාදේශය වෙත පළා ඒමට බල කෙරෙන මියන්මාර හමුදා ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය පළ කිරීම සඳහා බංගලාදේශ විදේශ අමාත්‍යංශය විසින් සිය අසල්වැසි මියන්මාරයේ තානාපතිවරයා කැඳවනු ලැබ ඇත.
දේශ සීමා ඔස්සේ නීති විරෝධී ලෙස බංග්ලාදේශයට ඇතුළු වී රැඳවුම් භාරයට පත් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් කණ්ඩායමක් මියන්මාර හමුදා මෙහෙයුම්, බංගලාදේශයට සහ සරණාගතයන්ට දරුණු විපාක ගෙන දීමට මුල් වී ඇති බව බංගලාදේශ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය. රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් විශාල සංඛ්‍යාවක් දේශ සීමා ඔස්සේ බංගලාදේශය වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි ඇතමුන් බලහත්කාරයෙන් නැවත පිටත් කරනු ලැබ තිබේ. දේශසීමාවට නුදුරු රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වෙසෙන කඳවුරක් සුළුතරයක් වන රෝහින්ග්‍යා වැසියන්ට අයත් ගම්මාන ගිනි බත් කරන බවට සහ නැවත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවට එල්ල වන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු බදු මුදලක් නොගෙවා මෝටර් රථයක් මිල දී ගැනීමේ හැකියාව ලබා දී ඇතත් එන්ජින් ධාරිතාවෙන් ඉතා අඩු මෝටර් රථයක් මිල දී ගන්නා 'පුංචි මිනිසකුගෙන්' ඒ සඳහා රුපියල් මිලියන දෙකක පමණ බදු මුදලක් අය කර ගැනීම කොතරම් සාධාරණ දැයි නීතිවේදියෙක් ප්‍රශ්න කරයි.
2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ගෙන්වන ලද මෝටර් රථ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් රේගුවට ගෙවනු ලබන්නේ දත්ත ඇතුළත් කිරීමේ ගාස්තුව වන රු1750 ක මුදලක් පමණක් බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දෙයි. 'මන්ත්‍රී බලපත්‍රයකට ලබා ගන්නා බද්ද බිංදුවයි. නමුත් පුංචි මනුස්සයෙක් ගෙනා සීසී 600, 800 කාර් එකකට මිලියන දෙකකට වඩා වැඩි බද්දක් අය කරනවා මේ ශ්‍රී ලංකාවේ,' 'එතකොට මොකක්ද මේ රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය?' නීතිවේදියා ප්‍රශ්න කරයි. මහජන සුබ සිද්ධිය උදෙසා යම් කිසි භාණ්ඩයක බදු අත්හැරීම යෝග්‍ය යැයි මුදල් අමාත්‍යවරයාට හැඟෙන්නේ නම් එවැනි භාණ්ඩයක් බද්දෙන් නිදහස් කෙරෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. 'කොන්දේසි නැහැ' එසේ නමුත් තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෝටර් රථ ගෙන්වීමේදී වත්මන් මුදල් අමාත්‍යවරයා විසින් ''චේතනාන්විතව'' අදාළ කොන්දේසි ඊට ඇතුළත් කොට නොමැති බවට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි. රාජ්‍ය සේවයේ උසස් තනතුරු දරන පුද්ගලයන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන්නේ මෝටර් රථයේ සම්පූර්ණ වටිනාකමින් 50% ක මුදලක් ගෙවීම සහ මෝටර් රථය අවුරුදු පහක් යන තෙක් වෙනත් අයකු වෙත බැහැර නොකිරීම ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව බවත් නීතිඥවරයා සඳහන් කළේය. තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ගෙන්වන ලද මෝටර් රථයක් වසර පහකට පෙර බැහැර කරනු ලබන්නේ නම් ඊට ප්‍රථම අදාළ සම්පූර්ණ බදු මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතුව ඇති බව අයබදු විශේෂ විධිවිධාන පනතේ පෙන්වා දී ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. 'බරපතළ වැරද්දක්' "දැන් මේ කියන කොන්දේසි කිසිවක් මේ ගෙනාපු වාහනවලට ඇතුළත් කොට නැහැ. මේ ගෙනත් තිබෙන වාහනවලින් බොහොමයක් ටොයෝටා ලෑන්ඩ්කෘසර්, එක් වාහනයක බද්ද මිලියන තිස් තුන හමාරක්," "පර්මිට් එක විකිණුවොත් මන්ත්‍රීවරයට මිලියන විසි පහක් ලැබෙනවා. පර්මිට් එක ගන්න පුද්ගලයට මිලියන අට හමාරක ලාභයක් ලැබෙනවා. බලන්න කොච්චර බරපතළ වැරද්දක්ද කියලා," ඔහු සඳහන් කළේය. තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී දැයි බීබීසී සිංහල සේවය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ සඳහා පැහැදිලි උත්තරයක් ලබා දීමට මේ අවස්ථාවේ නොහැකි නමුත් සිය බලපත්‍රය භාවිතා නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් තමා සමග මෑතකදී පැවැසූ බවය.
මුදල් වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි ඉන්දියාවේ ඉහළම ව්‍යාපාරිකයා වන සුබ්රාතා රෝයි සිරගත කර තිබේ.
ඔහු සතු සහරා සමාගම කුඩා පරිමාන ආයෝජකයන්ගෙන් නීති විරෝධී ලෙස ඩොලර් බිලියන ගණනක් එකතු කර ඇති බවට චෝදනා එල්ල විය. සුබ්රාතා රෝයි එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම නඩු විභාගය සඳහා පැමිණෙද්දී එක් පුද්ගලයෙක් සුබ්රාතා රෝයි ගේ සිරුරට තීන්ත විසි කළ බවයි දිල්ලියේ සිට නිතින් ශ්‍රිවාස්තාවා වාර්තා කළේ. දශ ලක්ෂයකට අධික පිරිසක් මොහු ගේ සමාගම්වල සේවය කරන අතර ඉන්දියාවේ බලවත් දේශපාලනඥයන්ගේ සමීප මිතුරෙකු ලෙස සැලකෙයි.
HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.
ඔහු මේ තොරතුරු හෙළිකළේ, ගනේමුල්ල ප්‍රදේශයේ මවකට HIV ආසාදනය වීම මත ඇගේ දියණියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීමේ තත්වය ගැන අදහස් දක්වමිනි. "HIV තියෙනවයි කියලා අනිත් ළමයි ඔක්කොම අස්කරගෙන ගියත් පාසල මේ ළමයත් එක්ක පවත්වාගෙන යායුතුයි"යනුවෙන් වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය. ව්‍යාප්තවීමට හේතුව HIV ආසාදනය වූවන් හා ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරිම මගින් එම ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ තත්වයක් ඇතිවන බව පෙන්වාදෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ එමගින් HIV තව තවත් ව්‍යාප්ත විය හැකි බව පෙන්වාදුණි. ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තවීමට 99% ක් හේතු වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය. "මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් බෝවෙන්නේ නැහැ, අතින් අල්ලුවයි කියල, සිප ගත්තයි කියල බෝවෙන්නේ නැහැ, එකට නෑවයි කියල, තුවා, වැසිකිලි භාවිතා කළයි කියල බෝවෙන්නේ නැහැ, ඒ නිසා මේ අනියත බියක් තමයි ඇතිකරගෙන තියෙන්නේ"
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තනිවම සංවර්ධනය කිරීමට ගත් තීරණය ඇතැම් විශේෂඥ මතයට අනුව "සියතින් හිස සිඳගැනීමකි".
කොළඹ වරායේ කොටසක් වෘත්තීය සමිති 23ක් පසුගිය දිනවල ගෙනගිය විරෝධය හමුවේ, නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දියානු සමාගමක් හා එක්ව සංවර්ධනය කිරීමේ සිය සැලසුම ශ්‍රී ලංකා රජය විසින් හකුලා ගනු ලැබිණි. ඉන්දියාව , ජපානය සහ ශ්‍රී ලංකාව හවුල් වූ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය විසින් මූලික අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන ලද අතර එම සැලසුම් ඔස්සේ ඉදිරියට යාමට පවතින රජය ද ක්‍රියා කළත් නැග ආ විරෝධය හමුවේ ගිවිසුම් අවලංගු කර නැගෙනහිර ජැටිය සංවර්ධනය සියයට සියයක් ම වරාය අධිකාරිය අතින් ඉටුකිරීමට තීරණය කෙරිණි. රජය දැන් පවසන්නේ බටහිර පර්යන්තය දියුණු කිරීම ඉන්දියානු සමාගමට ලබාදෙන බවය. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයක් සමග සංවර්ධනය කරන්නේ යැයි සඳහන් වන බැවින් එය පෞද්ගලික ආයෝජකයකු සමග සංවර්ධනය කිරීමේ පියවරට තමන්හට විරුද්ධ විය නොහැකි බවට වරාය වෘත්තීය සමිති ද පැවසූහ. කොළඹ වාරයේ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශමාල් සුමනරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 250ත් 350ත් අතර වියදමකින් නැගෙනහිර ජැටියේ මීටර 1350 ට අවශ්‍ය දොඹකර සවිකර අවශ්‍ය ගැඹුර ලබාගැනීම සඳහා කැණීම් කිරීමට වැයවන අතර එම අවශ්‍ය මුදල් ලංකාව තුළින් ම සොයා ගත හැකි බවය. නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිවන අතර රැකියා සැපයීමෙන් රටේ ආර්ථික වර්ධනයට බලපාන බව ද ඔහු කියා සිටියේය. එහෙත් කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවයට සඳහන් කළ පරිදි නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය තනිවම සංවර්ධය කිරීමට ගත් තීරණය ඥාන්විත ක්‍රියාවක් නොවේ. "බටහිර පර්යන්තය දෙන්න දැන් කතාකරනවානේ. නැගෙනහිර පර්යන්තයයි බටහිර පර්යන්තයයි දෙකම එක විට සංවර්ධනය වීමට පටන් ගත්තොත් නැගෙනහිර පර්යන්තයට ජාත්‍යන්තර සබඳතා නැති නිසාත් බටහිර ජැටිය සංවර්ධනය කරන සමාගම්වලට ජාත්‍යන්තර සබඳතා පැවතීම උඩ ඔවුන් ජාත්‍යන්තරව ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලට එළැඹීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව බටහිර ජැටිය හසුරුවන සමාගම්වලට වැඩි වාසි අත්විය හැකියි," යැයි කී රොහාන් මාසකෝරාළ, ඉන්දියාවේ අදානි සමාගම එම් එස් සී නමැති ලෝකයේ විශාලතම නැව් සමාගමක් සමඟ සන්ධානගතවී ඇති බැවින් එහි වාසිය ඔවුනට ලබාගත හැකි බව ද පෙන්වා දුන්නේය. මෙම පර්යන්ත දෙකම එකවර සංවර්ධනය කිරීම තුළින් කොළඹ වරායේ ඇති ධාරිතාවයේ වැඩිවීමක් දැකගත හැකි වුවත් ඒ හරහා තරගකාරීත්වය ඉහළ යාමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඊට මුහුණ දීමට අපහසු තත්ත්වයක් මතුවිය හැකි බව ද සඳහන් කළේය. "SLPA එක විශාල ණය ගෙවීමට බැදී සිටිනවා. රුපියල අවප්‍රමාණය වීමත් එක්ක මේක තවත් බරපතල තත්ත්වයකට වැටිලා තියෙනවා. 3000ක් ඉන්න ඕන තැන 10000ක් ඉන්නවා ඒක සභාපති තුමත් කියල තියෙනවා. ඒක අකාර්යක්ෂම තාවයනේ. සභාපති තුමා කියල තියෙනවා 3000කින් මුළු වරායම දුවන්න පුළුවන් කියලා. ඒත් දැන් 10000ක් ඉන්නවා. 10000ක් ඉන්නවා කියන්නේ සේවක අතිරික්තයක් ඉන්නවා කියන එකනේ. අවසාන වශයෙන් රටේ මහජතාව තමයි මේ අකාර්යක්ෂමතාවය නිසා දුක් විඳින්නේ." යැයි ද රොහාන් මාසකෝරාළ පැවසීය. චීනය විසින් මෙහෙයවනු ලබන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) බහාලු මෙහෙයුම් ධාරිතාව මිලියන 3.2 ක් වන අතර කොළඹ වරායේ සියලුම පර්යන්තවල බහාලු මෙහෙයුමේ එකතුව මිලියන 9.2 ක් බව ද ඔහු පෙන්වාදුන්නේය. "මේ වන විට තියෙන පුරෝකතනයන්ට අනුව, කලාපීය වර්ධනය සමග බලන කළ CICT ත් සමග තවත් පර්යන්ත දෙකක් පිරවීමට ව්‍යාපාර කටයුතු වෙයි කියල හිතන්න අමාරුයි. එහෙම බලනකොට මිල සම්බන්ධයෙන් විශාල සටනක් පවතියි. එහෙම උනහම රජය සතු පර්යන්තයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි," යනුවෙන් මාසකෝරාළ තවදුරත් පැවසීය. රොහාන් මාසකෝරාළ "තරඟකරිත්වයේදී අපි දන්නවා කොහොමද රජයේ සමාගම් කටයුතු කරන්නේ කියලා. මෙය තමයි ලෝක ස්වභාවය එකයි ලෝකයේ වරායවල් වල සියයට 80ක් ම පෞද්ගලික අංශය හසුරුවන්නේ. රජයවල් සියයට 20ක පමණයි ආයෝජනය කර තිබෙන්නේ. ඔවුන් බදුවලින් හා අනෙකුත් සේවාවන් සපයා තමයි මුදල් උපයන්නේ." "බටහිර පර්යන්තය ගොඩනැගීමට කල් ගතවුවහොත් මූලිකව නැගෙනහිර පර්යන්තයට ව්‍යාපාර කළ හැකිවුවත් ඔවුනට කෙසේ වෙතත් CICT එකත් සමඟ දැඩි තරගකාරිත්වයක් දිය යුතු වෙනවා." යැයි රොහාන් මාසකෝරාළ කියාසිටියේ CICT ලොව පුරා සම්බන්ධතා තිබෙන ආයතනයක් වීම හේතුවෙන් ඔවුනට වැඩි වාසි අත්වන බව ද පෙන්වා දෙමිනි. "මෙය සුළු පිරිසකගේ පෞද්ගලික වාසි සදහා තමා විසින් ම තම හිස සිඳගැනීමක් ලෙසයි මම දකින්නේ." 1995දි ලොව විශාල නැව් සමාගමක් වන මර්ස්ක් (Maersk) සමාගම ශ්‍රී ලංකාවේ පර්යන්තයක් සඳහා ආයෝජනයකට කැමැත්ත පළකළ විට එවක එය රටේ ප්‍රතිපත්තිය නොවූ හෙයින් ඊට රජය අකමැති වීම නිසා එම සමාගම වෙනත් රටවල ආයෝජන අවස්ථා සෙවීම තුළ එම අවස්ථාව ලංකාවට හිමිවී ගියා පමණක් නොව අනවශ්‍ය තරඟකාරිත්වයක් ගොඩනැගුනු බව ද රොහාන් මාසකෝරාළ කියා සිටියේය. "ඒ ආපු යෝජනාව තීරණය නොකර ඔලුවිල් වල ජාත්‍යන්තර වාරයක් හදන්න කතා කර කල් මරපු නිසා ඔවුන්ට ඕමානයෙන් ආරාධනා ආවා ඕමානයේ වාරයක් සංවර්ධනය කරන්න ඒ අනුව ඕමාන රජය මර්ස්ක් සමගම හා තවත් සමාගම් තුනක් එකතු වී සලාලා කියන වරාය හැදුවා." "එකෙන් පස්සේ ඉන්දියාවේ බටහිර කොටසේ ,පහළ කොටසේ බහලුම් අපිට එන එක අඩුවෙලා ඒවා අදටත් යන්නේ සලාලා වලට. දැන් ඇත්තටම අපිට ඒ ඉන්දියාවේ බටහිර බහාලුම් වලින් එන්නේ සියයට විස්සකටත් අඩු ප්‍රමාණයක් තමයි. අපි උපත දුන්නා සලාලා වලට. ඇත්තටම සිංගප්පුරුවටත් උපත දුන්නේ අපි තමයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රශ්නයත් එක්ක අපි තමයි සිංගප්පූරුවටත් උපත දුන්නේ." නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව හා ජපානය සමඟ එළැඹි ගිවිසුමෙන් ඉවත්වීම ආර්ථික මෙන්ම භූ දේශපාලනමය වශයෙන් ලංකාවට අවාසි සහගත බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඇතැම් විශ්ලේෂකයෝ පවසති. ඔවුන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ මානවහිමිකම් කඩවීම පිළිබඳව නැවතත් අලුතින් සාකච්ඡාවක් ආරම්භ වී ඇති අතරේ ආර්ථිකමය වශයෙන් මෙන්ම ගෝලීය කොරෝනා අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ඉතාමත් බැරෑරුම් මට්ටමක ඇති මෙවැනි අවස්ථාවක ඉන්දියාව වැනි මිතුරැ රටක් විරසක කරගැනීම භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට සෘණාත්මකව බලපෑ හැකි බවය. මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රතිචාරය වුයේ ශ්‍රී ලංකාව විසින්, පාර්ශවයන් තුන, එනම් ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුමට අනුව ක්‍රියා කරනු ලබනු ඇතැයි අපේක්ෂා කරන බවය. 2019 වසරේ අත්සන් තැබුණු එම සහයෝගිතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ 100% ක හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. පර්යන්තය තුළ ඇති සියලුම මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව හිමිකාරීත්වය දරන මෙහෙයුම් සමාගමක් පිහිටුවීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකාව එම සමාගමේ 51% ක කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය දැරීම හා ජපානය සහ ඉන්දියාවට 49% ක කොටස් ප්‍රමාණයක් හිමිවීම ද සැලසුම විය. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 500-800 අතර මුදලක් මෘදු ණයක් ලෙස ලබා දීමට නියමිතව තිබිණි. ඒ, 0.1% ක පොලී අනුපාතයක් හා වසර 10 ක සහන කාලයක් සමඟ වසර 40 කින් ගෙවීමේ එකඟතාවකට අනුවය. එහෙත් පවතින රජය එම ගිවිසුම අවලංගු කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මතුවී ඇති අලුත් තත්ත්වය ඇතැම් ඉන්දියානු ජනමාධ්‍යවේදීන් විසින් විග්‍රහ කරනු ලබන්නේ මෙලෙසිනි: "උපායමාර්ගිකව වැදගත් පර්යන්ත ව්‍යාපෘතියකින් ඉන්දියාව (සහ ජපානය) ශ්‍රී ලංකාව විසින් බැහැර කර ඇත. නමුත් ඉන්දියානු වෙරළට කිලෝමීටර 50 ක් ඇතින් ප්‍රධාන බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීන සමාගමකට අවසර දී ඇත. (පකිස්ථානයේ අගමැති) ඉම්රාන් ඛාන් මේ මස අගදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතනු ඇත." යනුවෙන් 'ද හින්දු' පුවත්පතේ විදේශ කතෘ ස්ටැන්ලි ජොනී සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීය. "ඉන්දියාව සහ ජපානය සමඟ ඇතිකරගත් නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ගනුදෙනුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව මෑතකදී ගත් තීරණය මේ වසරේදී ඉන්දියාවේ අරමුණුවලට එල්ලවූ එකම අභියෝගය නොවේ. 2019 දී ඇතිකරගත් කොළඹ වරාය පර්යන්ත ගිවිසුම ආපසු හැරවීමට සතියකට පෙර, ශ්‍රී ලංකාව, තමිල්නාඩු වෙරළට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපත් තුනක බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමට චීනයට අවසර දුන්නේය" යනුවෙන් 'ද හින්දු' පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී මීරා ශ්‍රී නිවාසන් වාර්තා කර තිබිණි. ඉන්දියාව මෙම බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳව මෙතෙක් අදහස් දක්වා නැතත් කොළඹ ආරංචි මාර්ග පැවසුවේ ව්‍යාපෘතියේ ස්ථානය ඉන්දියානු වෙරළ තීරයට ආසන්නවීම හේතුකොටගෙන ඔවුන්ගේ "ඒ පිළිබඳ ඇති දැඩි සැලකිල්ල" රජයට දැනුම්දී ඇති බව යැයි ද ඇය සඳහන් කර තිබිණි. මතුවූ තත්ත්වයෙන් අනතුරුව ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළැඹ ඇති ස්ථාවරයට එරෙහිව විධිමත්ව විරෝධතාවක් දක්වා තිබේ. එබැවින් මෙම සිදුවීම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවලට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවටත් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථිකමය වශෙන් සෘණාත්මක ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවටත් ඇඩ්වොකාටා ආයතනයේ විශ්ලේෂක කැකුල්තොටුවගේ දොන් විමංග බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "ආර්ථික වශයෙන් ගත් කළ, වරාය පිළිබඳ ගත් තීරණය ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිවිපාක ගෙන දිය හැකි අතර රට දැනට අත්විඳින ගෙවුම් ශේෂ ගැටලු කෙරෙහි බලපෑමක් ඇති කළ හැකියි. මෙය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු දෙයක්." ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑත කාලීනව ඇති වූ මුදල් හුවමාරුව වැදගත් වන්නේ එය කෙටි කාලින හා මධ්‍ය කාලීන ද්‍රවශීලතාවට උපකාරී වන ඇමරිකානු ඩොලර් අවශ්‍යතාවට පිළියමක් වූ බැවිණි. කැකුල්තොටුවගේ දොන් විමංග "භූදේශපාලනික වශයෙන් ගත් කළ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාව ද්විපාර්ශ්වික සබඳතා ඉක්මවා යන්නක්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ උපායමාර්ගික හා කලාපීය අභිලාෂයන් සඳහා අත්‍යවශ්‍ය හවුල්කරුවෙක්. ශ්‍රී ලංකාවට ද එය එසේම යි. එබැවින් ජාතීන් දෙක අතර සහජයෙන්ම අන්තර් රඳා පැවැත්මක් තිබෙනවා,"යනුවන් විමංග පැවසීය. ඔහු තවදුරත් පැවසුවේ රාජ්‍යතාන්ත්‍රිකව ඉන්දියාව එළිපිට දැඩි තීරණ ගනු ඇතැයි තමන් නොසිතන නමුත් ලංකාවට අවාසි සහගත වන තීරණ හා බලපෑම් එල්ලවීමේ හැකියාවක් ඇති බවය. "එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අව්‍යාජ සහයෝගීතාව සහ අවබෝධය සඳහා තවමත් ඉඩකඩ තිබෙනවා.කෙසේ වෙතත්, මෙම සිදුවීම් වලින් බලපෑමට පත්ව ඇති ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ කැපවීම හා ගරු කිරීම අත්‍යවශ්‍ය බව නොසලකා හැරිය නොහැකියි."
යාපනයේ සිට කිලෝ මීටර් දහසයක් ඈතින් පිහිටි මිරුසුවිල් ගම්මානයේ දී මෙයින් වසර පහළොවකට පෙර සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුණි.
දෙදාහ වසරේ දෙසැම්බර් 19 වෙනි දින පැහැර ගැනීමට ලක් වූ සාමාන්‍ය වැසියන් අට දෙනාගේ මළ සිරුරු පසුව සොයා ගනු ලැබ තිබුණේ වැසිකිළි වලක දමා තිබියදීය. එම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා භටයන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණ අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔවුන්ගෙන් හතර දෙනකුට එරෙහිව සැකයෙන් තොරව පිළිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකෙරුණ බව පවසමින් මහාධිකරණය විසින් එම චූදිතයන් හතර දෙනා මුදා හරිනු ලැබුණි. මේ අතර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සාර්ජන්ට් සුනිල් රත්නායක එම චෝදනාවට වරදකරු යයි තීන්දු කළ අධිකරණය ඔහු මරණීය දණ්ඩනයට යටත් කළේය. හතර දෙනකුට නිදහස විත්තිකරු තමාට එරෙහි චෝදනාවලට නිවැරදිකරු වන බව විවෘත අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කළත් මහාධිකරණ විනිසුරුවරුන් විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුණි. විත්තියේ නීතිවේදීන් පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව ඉදිරිපත් වන චෝදනා ස්වාධීනව විමර්ශනය කල හැකි දේශීය යාන්ත්‍රණයක් තිබෙන බව මෙම තීන්දුව තුලින් සනාථ වන්නේ යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කියා සිටියේය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කර ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා වත්මන් ආණ්ඩුව, ආරක්ෂක හමුදා මෙන්ම පසුගිය ආණ්ඩුවත් දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින අවස්ථාවක උතුරේ සමූහ මිනීවළක් පිළිබඳව කථාකරන කවරකු වුවත් 'දේශයේ සහ රණවිරුවන්ගේ සතුරකු' බවයි, අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යුද්ධයේ අවසාන භාගයේදී මරා දැමුණු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු වළලන ලද ස්ථානයක පිහිටා තිබුණු හමුදා කඳවුරක් ළඟදී ඉවත්කරන ලද බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්. වැඩි විස්තර සමූහ මිනීවලක් ගැන වීරවංශ: 'දේශද්‍රෝහී කථාවක්'
බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ බෝම්බයෙන් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව ගල්ඔලුව ශ්‍රී ජම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කරති.
බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ බෝම්බයෙන් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව “කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඉල්ලන්නේ බොන්න වතුර ටික,” වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට එල්ලවූ හමුදා පහර දීම හෙලා දකිමින් පැවසූහ. ‘මාධ්‍ය හරහා වැරදි ප්‍රවෘත්ති ලබා දුන්නත් ගෙන් ගෙට ගොස් සත්‍යය හෙළිදරව් කිරීමට තමා සුදානම් බවයි’ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සංදේශයට කියා සිටියේ. ඇත්ත ඇති සැටියෙන් ‘ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ලබා දෙන්න. කිසිදු දේශපාලන හස්තයක් අප පසු පස නැහැ.’ යම් විසඳුම් ලබා දුන් බව පුවත් පත්වල සඳහන් වන නමුත් ඒවා ක්‍රියාත්මක වී නැති බවයි තෙරිපැහැ සිරිධම්ම හිමියන් කියා සිටියේ. වතුර ටැංකි කිහිපයක් ලබා දී ඇති නමුත් පරිභෝජනය සඳහා සුදුසු ජලය එහි නොමැති නිසා පානය සඳහා වතුර බෝතල් මිලදී ගැනීමට ජනතාවට සිදුවී ඇති බවද තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.
‘රක්කා’ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින නගරයක්.
‘නූර්’ රක්කා නගරයේ ජීවත් වූ කාන්තාවක්. IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින රක්කා නගරයේ කාන්තාවකගේ තත්වය නූර් විසින් පැහැදිලි කරනු ලබන්නේ ඇයටම මුහුණ දීමට සිදු වූ ඛේදනීය අත්දැකීම් සමුදායක් ඇසුරෙන්. ‘මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් මුළු ජීවිත කාලයම ගත කළේ සිරියාවේ රක්කා නගරයේ. දිරිය කතුන්ට සෙවන දෙන නගරයක් විදිහටයි රක්කා ප්‍රසිද්ධියක් ලබා තිබුණේ’ නූර් සිය ජීවිත කතාව ආරම්භ කළේ එලෙසයි. ‘මීට ඉස්සර කාට හරි මේ නගරයේ දී යම්කිසි දෙයක් සිදු කර ගන්න අවශ්‍ය නම් ඔවුන් ඒ ගැන කතා කළ යුතුව තිබුණේ කාන්තාවක් එක්කයි’ ඒ නූර් ගේ එදා මිහිරි අත්දැකීම් සහිත අතීතයයි. නමුත් ඒ සියල්ලම කණපිට පෙරලුනේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය රක්කා නගරය ඔවුන්ගේ අතට ගැනීමත් සමඟ. කලිසමත් තහනම් ‘IS කැරලිකාරයෝ ඔවුන් අපට අපේ මුහුණු ආවරණය කරන්න බල කළා. කාන්තාවන් කලිසම් ඇඳීම තහනම් කළා. පිරිමියකු නැතිව කාන්තාවකට ගෙදරින් එලියට යන එක පවා තහනම් කළා’ නූර් පවසන්නේ රක්කා නගරයේ කාන්තා නිදහස කෙමෙන් වැළලී යාමේ කතාවයි. IS කාන්තා තහංචි එතැනින් නොනැවතුණි. විරාමයකින් අනතුරුව, නූර් අප රක්කා නගරයේ අද ඇති තත්වය කරා මෙසේ ගෙන යන්නීය. ‘මගේ යෙහෙළියන්ට සොල්දාදුවන් හා විවාහ වෙන ලෙස ඔවුන් බල කෙරුවා. එහෙමත් නැත්නම් සොල්දාදුවන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස බල කළා’ අභිමානවත් රක්කා කතුන් අද පත්ව සිටින තත්වය එයයි. නූර් පවසන හැටියට ඔවුන්ට අවශ්‍ය කාන්තාවන් අඹුවන් කර ගන්නා සොල්දාදුවන් ඔවුන් සමඟ පවුල් කන්නේ ටික කාලයකට පමණයි. කතුන් ගැබ් ගත විට සොල්දාදුවන් කරන්නේ ඔවුන් හැර දමා යාම. කාන්තා පොලිසියක් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ඔවුන් අතට පත් කලාප වල ඉස්ලාමීය කාන්තා පොලිස් බලකායක් පිහිටුවා ඇති බවත් නූර් පවසන්නීය. එම කාන්තා බලකාය රක්කා නගරයේ කාන්තාවන්ගේ කටයුතු සෝදිසි කරමින් සිටින අතර කාන්තා නිදහස ඉතා දරුණු ලෙස පාලනය කරමින් සිටින බවයි සිය ජීවිත අත්දැකීම් තව දුරටත් විස්තර කරණ නූර් පවසන්නේ. ‘ඉස්ලාම් සංවිධානයේ කාන්තා බලකායේ සෙබළියෝ අප ගැන ඔත්තු බලනවා,. අපට දරුණු ලෙස පහර දෙනවා. ඔවුන් කාන්තාවන් සෝදිසි කිරීම් වලට ලක් කරන්නේ විස්තර කරන්නත් බැරි පහත් ආකාරයට’ නූර් ගේ වචන තුළ තවමත් රැඳී පවතින්නේ ඇය පිළිකුල් කරන එම පරීක්ෂණ වැඩ පිළිවෙළේ අකාරුණික ස්වභාවයයි. ‘සමහර සෙබළියන් කතා කරන්නේ අරාබි භාෂාව නොවෙයි. වෙනත් විදෙස් භාෂා. මේ කාන්තා බලකාය වරක් මගේ වැඩිමල් සහෝදරිය අල්ලා ගෙන ගිහින් ‘හෙස්බා’ ආගමික පොලිසියට භාර දුන්නා’ නූර් පෞද්ගලික එහෙත් සමස්ත රක්කා කාන්තා සමාජය මුහුණ දී සිටින ව්‍යසනයෙන් තවත් පිටුවක් කියවන්නීය. ‘ආගමික පොලිසිය මගේ අක්කා වැරදිකාරිය කියලා තීරණය කළා. ඇයට කස පහර නියම වුනා. කස පහර කාපු අක්කගේ සිරුර ආයෙත් කවදාවත් කලින් තිබිච්ච විදිහට ගන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ’ රක්කා නගරයේ IS බලය නූර් ගේ වේදනාවයි එම වචන සමුදාය තුළ සැඟවී පවතින්නේ. හයිනා ගොදුරු IS සංවිධානය ඔවුන්ගේ දේශපාලන මත වලට විරුද්ධ වන කාන්තාවන්ට කරන දේවල් නූර් කලින් විස්තර කළ තත්වයටත් අන්තයි. ‘කැරලිකාරයෝ කාන්තාවන් අල්ලා ගෙන දරුණු වර්ගයේ ‘හයිනා’ සතුන් ගැවසෙන කැලෑ පෙදෙස් වලට අර ගෙන ගිහින් බැඳලා දාල එනවා. ඒ කාන්තාවන් හයිනා සතුන්ට ගොදුරු වෙන්නේ පණ පිටින්’ නූර් වැනි රක්කා කතුන් එවැනි ඉරණමකින් බේරී ඇත්තේ යාන්තමිනි. මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් IS සංවිධානයේ ග්‍රහණයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. සියලුම මුස්ලිම්වරුන් ඔවුන්ට අවනත විය යුතු බව IS ආඥාවයි. දේශ සීමා ප්‍රතික්‍ෂේප කරන IS ඉස්ලාමීය කැරලිකරුවෝ තම බල කලාපය ප්‍රසාරණය කර ගැනීම සඳහා ලොව පුරා වෙනත් රටවල් සහ ජාතීන්ට තර්ජන සහ දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිති. සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS ත්‍රස්ත සංවිධානයේ කැරලිකරුවෝ ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී ආගමික අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති ඕනෑම පුද්ගලයකුට මරණය කැඳවීමට පසුබට නොවෙති. ආගමික නීතිය ‘මගේ බාල සහෝදරියට අවුරුදු විස්සක් විතර වෙනවා. ඇය ගෙදරින් එලියට යන්න බයයි. ඇය මගේ අම්මත් එක්ක දවස පුරාම ගේ ඇතුලේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්නවා’ අපේ කතා නායිකාව, නූර් අප යළිත් ‘රක්කා’ නගරය කරා කැඳවා ගෙන යන්නීය. ‘මගේ අම්මා සහ සහෝදරියන් කවදාවත්ම රක්කා වලින් එලියට එන්නේ නැති වෙයි. ආගමික නීති කඩ කරනවා කියල අපේ අසල්වැසියෝ පොලිසියට ඔත්තු දේවිය කියන බය නිසා ඔවුන් රේඩියෝ එකටවත් ඇහුම් කන් දෙන්න බයයි’ ඒ නූර්ගේ පවුලේ අද තත්වයයි. නූර් රක්කා නගරයෙන් පැන ගත්තත් ඇයට සැනසුමක් නොමැති බවයි, ඇයගේ කතාව කියා පාන්නේ. මතු පරපුරත් ගොදුරක් ‘මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ පුතාට වයස අටයි. මම රක්කා වල ඉන්න කොට පුතා ගෙදරින් එලියට ගියාම එයා සෙල්ලම් කරන්න යනවා කියලයි මම හිතුවේ. නමුත් අන්තවාදී ආගමික කණ්ඩායම් මේ පොඩි දරුවාගේ ඔලුව වෛරයෙන් පිරෙව්වා. පොඩි දරුවන්ට වැරදි අදහස් ඔලුවට දාල ඔවුන් විනාශ කරනවා. ඊට පස්සේ මගේ අට හැවිරිදි පුතා මට පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා’ රක්කා නගරයේ පවතින අඳුරු සහ බිහිසුණු බව වචනයෙන් සිතුවම් කරන නූර් කියා සිටින්නේ එම නගරයේ කොටු වී සිටින සියලු කාන්තාවන්ගේ ඛේදජනක ඉරණමයි. ‘අපි හැමෝටම ඕන කරන්නේ මේ අපායෙන් මිදෙන්න. රක්කා දැන් නන්නාඳුනන දුර්ජනයන්ගෙන් පිරුණු නගරයක්, රක්කා නගරයේ ආත්මය කෙලෙසිලා’ නූර් ගැඹුරු සුසුමකින් සිය ආත්මය තුල කකියන වේදනාවයි ලෝකයට කියා පාන්නේ. නූර් සිය ජීවිතය බේරා ගෙන සිරියාවෙන් යුරෝපයට පැන යාමට සමත් වුනත් ඇයගේ මව සහ සහෝදරියන් දෙදෙනා තවමත් රක්කා නගරයේ සිර වී සිටිති. ඔවුන් හැර තවත් කොපමණ කතුන් මේ මොහොතේ එම අඳුරු බියකරු නගරයේ සිර වී සිටිනු ඇද්ද?
ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.
මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර පණහක් පිරීම නිමිත්තෙන් අද දහනව වෙනි දින (19) එහි පැවති මහජන රැස්වීමක් අමතමින්. විශාල ජනකායක් සහභාගි වූ එම රැස්වීම ඇමතූ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන්, ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකුගේ තත්වයට බවට පත් වී ඇති බවයි කියා සිටියේ. හමුදා පාලනය උතුරු පළාත් සභාව නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි ප්‍රධාන බාධක දෙකක් වී ඇති ආණඩුකාරයා සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය මාරු කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය ඉටු කරන බවට තමන්ට පොරොන්දු වූ ජනාධිපතිවරයා එම පොරොන්දුව ඉටු නොකළ බවයි මහ ඇමතිවරයා ජනතාවට පෙන්වා දුන්නේ. තමා ඉහත කී ඉල්ලීම සිදු කළ දිනට පසු දින පටන් ආණ්ඩුකාරවරයා යොදා ගනිමින් උතුරේ හමුදාමය පාලනයක් ගෙන යාමට උත්සාහ කරන අතරවාරයේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය යොදා ගනිමින් රජයට අවශ්‍ය දේ පමණක් උතුරු පළාත තුළ සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මහජන බලාපොරොත්තු සුන් කරමින් වන බවයි මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් අවධාරණයෙන් කියා සිටියේ.
ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි තේරී පත් වුවහොත් ඇතිවිය හැකි තත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඉන්දීය කලාකරුවන් සහ උගතුන් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය පුවත් පතකට ලිපියක් ලියා තිබේ.
හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි පිළිබඳව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් පතේ පළවූ ලිපියට අත්සන් තබා ඇති කලාකරුවන් අතර ලෝක ප්‍රකට ඉන්දීය ලේඛක සල්මන් රුෂ්ඩි සහ මුර්ති ශිල්පී අනිෂ් කපූර් ද වෙති. නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැතිවරයා වුවහොත් රටේ ජීවත් වන විවිධ වූ සියලු ප්‍රජාවන්ට ගරු කරන ඉන්දියාවේ අනාගතයට අනිටු විපාක ගෙන දෙන පෙරනිමිත්තක් විය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ. ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වශයෙන් හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝඩි තේරී පත් වනු ඇති බවට විශාල රාවයක් පැතිර යමින් පවතී.
තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව සකසා රට පාලනය කළ හැකි නිවර්තන කලාපීය දූපතක වෙසෙන ජනාධිපතිවරයකුගේ චරිතයක් සහිත පරිගණක ක්‍රීඩාවක් තායිලන්ත බලධාරීන් විසින් තහනම් කර තිබේ.
'දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට' ද ක්‍රීඩකයන්ට අවස්ථාව ජනාධිපතිවරයාගේ චරිතය ගෙන ඉතා රළු කුරිරු ඒකාධිපතියකු ලෙස දූපත පාලනය කරමින් මාධ්‍ය හැසිරවීමට ද පරිගණක ක්‍රීඩා මෘදුකාංගය ක්‍රීඩකයන්ට ඉඩ ලබා දෙයි. අදාළ පරිගණක ක්‍රීඩාව රටේ සාමය හා නීතිය කෙරෙහි බලපාන බව පවසමින් එය තායිලන්තය තුල තහනම් කිරීමට එරට චිත්‍රපට හා දෘශ්‍ය නියාමන කාර්යාලය කටයුතු කළ බව පරිගණක ක්‍රීඩාව නිෂ්පාදනය කළ ආයතනය පවසයි. පසුගිය මැයි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් පැවති ආණ්ඩුව ඉවත් කර තායිලන්තයේ බලය ලබා ගැනීමට එරට හමුදා ක්‍රියා කළහ.
අතුරුදහන් වූ තම පවුල්වල සාමාජිකයින්ගේ අස්ථි කොටස් මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක කරන බව පවසමින් ඥාතීන් ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සම් දහතුනක අඩංගු කරුණු පිළිබඳ වහා විමර්ශන අරඹන ලෙස මාතලේ මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
89-90 සමයේදී 480 කට අධික පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අතුරුදහන් වී තිබෙන බව නීතිඥ සුනිල් වටගල පවසයි මාතලේ පොලිස් ස්ථානයේ දී පෙත්සම්කරුවන්ගේ සාක්ෂි විමසීම මැයි මස දහ හතර වන දින අරඹන මෙන් ඇය නියෝග කළ බව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. එම සාක්ෂි විමසීම් පිලිබඳ වාර්තාව මැයි තිස් එක්වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද අපරාධ විමර්ශන අංශය වෙත නිකුත් කරන ලද නියෝගයේ සඳහන් වේ. මෙම තීන්දුව පදනම් කරගෙන ඥාතීන් ඉල්ලා සිටින පරිදි ඩීඑන්ඒ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරීක්ෂණය පුළුල් කිරීමට හැකිවනු ඇතැයි නීතිඥ වටගල විශ්වාසය පළ කළේය. මළ සිරුරු 156 ක අස්ථි කොටස් මේ වනවිට මාතලේ සමූහ මිනී වලෙන් හමුවී තිබෙන බව පවසන නීතිඥවරයා, 89-90 සමයේදී 480 කට අධික පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි කොමිෂන් වාර්තාවක සඳහන් වන බව සංදේශය කළ විමසීකදී සඳහන් කළේය. මෙම පෙත්සම් කරුවන් එකොලොස් දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බව මහේස්ත්‍රාත්වරිය පසුගිය නඩුවාරයේදී ප්‍රකාශ කළාය.
බංග්ලාදේශයේ ජනවාරි මස පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කෙරෙමින් පැවති විරෝධතාවකදී එක් අයෙක් මියගොස් ඇත.
බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වූ විපක්ෂයේ කණ්ඩායම් අත් බෝම්බ පුපුරුවා රේල් පීලි ගලවා මාර්ග බාධක පනවා තිබේ. ප්‍රධාන විපක්ෂය වූ බංග්ලාදේශයේ ජාතික පක්ෂය කියා සිටින්නේ අගමැතිනිය ඉල්ලා අස්වී ආණ්ඩු බලය භාරකාර ආණ්ඩුවකට පැවරිය යුතු බවයි. අගමැතිනි ෂේක් හසීනා විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත.
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් සදාචාර සම්පන්න යහපාලනයෙන් සහ නීතියේ ආධිපත්‍යයෙන් සුපෝෂිත දේශයක් බිහි කිරීම පිණිස සර්ව පාක්ෂික හෙවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දුන්නේ මහනුවර ඓතිහාසික පත්තිරිප්පුවේ සිට ජාතිය අමතා කතා කරමින්. කොළඹ සිට රථ පෙරහරකින් මහනුවර කරා ලඟා වූ නව ජනාධිපතිවරයා, ඒ අතරවාරයේ හොරගොල්ලේදී බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතුවේ මල්වතු, අස්ගිරි මහනායක හිමියන්ද බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. 'රජෙක් එපා' සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් දින සියයේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාවට නගන බවට යලිත් ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා, විධායක ජනාධිපති සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවටත්, කැබිනට් මණ්ඩලයටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් පවරණ බව යලිත් අවධාරණය කළේය. නව පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රතිඥා දුන් පරිදි යලිත් වරක් ජනාධිපතිවරණයකට තරඟ නොකරන බව අවධාරණය කළ ඔහු, මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබෙන්නේ සැබෑ ජනතා සේවකයකු බවද සඳහන් කළේය. "අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව, සැබෑ මිනිසෙක් බව මා සඳහන් කරමි," යනුවෙන් ඔහු කියා සිටියේය. විරුද්ධවාදීන්ට හිරිහැර නොකට සාමකාමීව, සන්සුන්ව කටයුතු කරන මෙන් සියලු ශ්‍රීලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, මනුෂ්‍යත්වයෙන් පිරි ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීමට කැප වන බවට ප්‍රතිඥා දුන්නේය.
සුප්‍රකට 'පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව සරසවිය' ඇතුළු රුසියාවේ විශ්විද්‍යාල තුනක් අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු විදේශීය වෛද්‍ය සිසු, සිසුවියන් ජෝර්ජියාවේ ත්බිලිසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පන්ති කාමරයක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එසේ ප්‍රතික්ෂේප කර තිබෙන්නේ, රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවිය (මීට පෙර ලුමුම්බා සරසවිය) පිරගොෆ් (Piragov) වෛද්‍ය සරසවිය සහ 'ත්වේර්' (Tver) රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධියයි. වෛද්‍ය සභාවේ තීන්දුව සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබීමත් සමග ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා දුර දිග යා හැකි බවට මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීය. ඒ පිළිබඳව සඳුදා (සැප්තැම්බර් 14) අමාත්‍යංශයේ බලධාරීන් සාකච්ඡා කළ බව බීබීසී සිංහල සේවයට අනාවරණය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, ඉතා ඉක්මනින්ම වෛද්‍ය සභාව කැඳවා සාකච්ඡා කොට විසඳුමකට එළඹීමට බලාපොරොත්තුවන බව ද කියා සිටියේය. රුසියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල තුනක් අනුමත ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසා තිබුණේ, එම විශ්වවිද්‍යාල සිය වෙබ් අඩවියේ අනුමත විශ්විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බවය. යළිත් වරක් වෛද්‍ය සභාවේ රැස්වීමක් කැඳවා අදාළ තීරණය සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීමට බලාපොරොත්තුවන බව ද මහාචාර්යවරයා සඳහන් කර තිබුණි. කෙසේ වුවත් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉතා පුළුල්ව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු නිසා ඉවත්කළ බවය. එමෙන්ම වෛද්‍ය සභාවේ එවැනි තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබිය යුතු නමුත්, වෛද්‍ය සභාව ඉහත කී තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමට පෙරාතුව බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. ඒ පිළිබඳ විමසීම පිණිස බීබීසී සිංහල සේවය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ දැරූ උත්සාහය සාර්ථක නොවීය. රෝහණ විජේවීර සෝවියට් පාලන සමයේ ආරම්භ කරන ලද හැට වසරකට අධික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනුව හැටේ දශකයේ මුල භාගයේ පටන් සෝවියට් දේශය දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය. ඒ අනුව එවක් පටන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව පමණක් නොව ඉංජිනේරු, කලා සහ සාහිත්‍ය විෂයයන් ද හැදෑරූහ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර එසේ මුල් යුගයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ එවැනි එක් ශිෂ්‍යත්ව ලාභියෙකි. මුල් යුගයේ දී එම ශිෂ්‍යත්ව බොහෝවිට පිරිනැමුණේ සෝවියට් මතවාදයට පක්ෂපාතී පවුල්වල දරුවන්ට පමණක් වුවද, අසූව දශකය පමණ වනවිට එවැනි භේදයකින් තොරව වසරකට සිසුන් 100-150 ක් පමණ සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය ලැබීමේ වරම් ලැබූ බවට තක්සේරු කෙරේ. ඒ සියලු දෙනාගේ අධ්‍යාපන පිරිවැය පමණක් නොව නිවාස සහ ආහාර, පාන වෙනුවෙන් ද සියලු වියහියදම් දරනු ලැබුවේ සෝවියට් ආණ්ඩුව විසිනි. ලුමුම්බා විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය ශීත සමයේ සහ ගිම්හානයේ නිවාඩු මාසවල සෝවියට් සමූහාණ්ඩුවල වියදමෙන් විනෝද චාරිකා යාමට හෝ නිවාඩු නිකේතනවල නිවාඩු ගතකිරීමට ද විදේශීය සිසුන්ට අවස්ථාව සැලසිණ. සිසුන්ගේ මුල් වසරේ ශීත කාලය සඳහා අවශ්‍ය හිම කබා ඇතුළු ශීත ඇඳුම් කට්ටල සඳහා ද සෝවියට් බලධාරීහු වෙනම මුදලක් ලබා දුන්හ. සෝවියට් දේශය බිඳ වැටී, නව රාජ්‍යයන් 15 ක් බිහිවීමෙන් අනතුරුව එසේ ශිෂ්‍යත්ව ලබාදීම නතර කෙරිණ. ඉන් අනතුරුව පැරණි සෝවියට් දේශයෙන් බෙදී වෙන්වුණු බොහෝ රටවල විශ්විද්‍යාල මුදල් අයකරමින් සිසුන් බඳවාගැනීම ඇරඹීය. ඒ බඳවා ගැනීම් කරනු ලබන්නේ අදාළ විශ්විද්‍යාල විසිනි. ඒ අතරම ඇතැම් විශ්වවිද්‍යාල වාර්ෂිකව සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ද ප්‍රදානය කරයි. 'ඔතන තියෙන්නේ කුහකකම' එවැනි වාතාවරණයක රුසියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව විසින් ගනු ලැබූ තීරණය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබිණ. මා සමඟ අදහස් දැක්වූ බොහෝ සෝවියට් උපාධිධාරීන්ගේ මතය වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධිය අවසාන කළ බොහෝ වෛද්‍යවරුන් සෝවියට් දේශය, කියුබාව සහ පෝලන්තය වැනි පැරණි සමාජවාදී කඳවුරේ රටවල උපාධිය හැදෑරූ වෛද්‍යවරුන් දෙස බලන්නේ "ඉතා පහත් ආකල්පයකින්" බවය. විශේෂයෙන්ම උසස් පෙළ විභාගය හොඳින් සමත් නොවූවන් පවා සෝවියට් දේශයේ දී වෛද්‍ය උපාධිය සඳහා තෝරා ගනු ලබන බව එවැනි විවේචකයන් එල්ලකරන එක් ප්‍රබල චෝදනාවකි. එහෙත් සෝවියට් ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරාගනු ලැබුවේ සහ ඔවුන්ගේ පාඨමාලා තීරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා අධ්‍යාපන බලධාරීන් විසිනි; සෝවියට් බලධාරීන් විසින් නොවේ. කෙසේ වුවත්, අවශ්‍ය නම් සෝවියට් දේශයේ දී සිසුන්ට සිය පාඨමාලාව වෙනස් කළ හැකිව තිබුණ බව ද සත්‍යයකි. 2010 පෙබරවාරි මස මොස්කව් නුවර සංචාරය කළ අවස්ථාවේ ලුමුම්බා සරසවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත සම්මාන උපාධියක් පිරිනැමීය එබැවින් ලෝ පතල ලුමුම්බා විශ්වවිද්‍යාලය ඇතුළු සරසවි කිහිපයක වෛද්‍ය උපාධි අනුමත නොකිරීමට ගෙන තිබෙන තීරණය ද ඉහත කී ආකාරයේ "කුහක ආකල්පයක්" මත පදනම් වූවක් විය හැකි බව පවසන ලොස් ඇන්ජලීස් නුවර හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ස්වර්ණා කාන්ති ගුණරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එම තීරණය දැඩිව හෙලා දකින බවය. ඇය, යුක්රේනයේ දනේත්ස්ක් නුවර විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා උපාධිධාරිනියකි. "මගේ යාලුවෝ හිටිය ලුමුම්බා එකේ, මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ. එහෙම උපාධිය ඉවර කරපු ගොඩක් මගේ යාලුවෝ දැන් ඕස්ට්‍රේලියාවේ, ලන්ඩන්වල, කැනඩාවේ වෛද්‍ය සේවයේ ඉන්නවා. සමහරු විශේෂඥ වෛද්‍යවරු," ඇය කියා සිටියාය. "ඒ හැම තැනම එයාල හොඳට කලර්ස් පෙන්නල තියෙනව. මේක මේ මෙඩිකල් කවුන්සිල් එකේ කුහක කම නිසා කරපු දෙයක්. ලංකාවේ ගොඩක් උපාධිධාරීන් ට්‍රයි කරන්නේ, රුසියාවේ ඉගෙනගත්ත අයට සුදුසු තැන නොදෙන්න." මහින්දටත් උපාධියක් ලුමුම්බා විශ්වවිද්‍යාලය අගමැති මහින්ද රාජපක්ෂට පවා ගෞරව උපාධියක් ප්‍රදානය කළ බව පෙන්වා දුන් ස්වර්ණා කාන්ති ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේ, "සෝවියට් දේශය අපේ රටට ලොකු සේවයක් කළා. ඒ වගේ සේවයක් කරපු රටක උපාධිය පිළිගන්නේ නැති එක කුහකකමක්," යනුවෙනි. "ලුමුම්බා කියන්නේ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම විශේෂඥයන් බිහි කරන සැබෑ විශ්වවිද්‍යාලයක්" අසූව දශකයේ අග භාගයේ සෝවියට් දේශයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් තනතුර හෙබැවූ අජිත් ධර්මකීර්ති පවසන්නේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වෛද්‍යවරුන්ගෙන් 2%ක් පමණ ලුමුම්බා සරසවිය ඇතුළු සෝවියට් විශ්විද්‍යාලවල උපාධිධාරීන් බවය. "ලංකාවේ ඉඳල විශේෂඥ වෛද්‍යවරු බ්‍රිතාන්‍යයට එනව අවුරුදු දෙකක සීමාවාසික පුහුණුවට NHS එකේ. ඒ සමහරු පුහුණු වෙන්නෙත් සෝවියට් දේශයේ උපාධිය ලබපු දොස්තරවරු යටතේ," දැනට ලන්ඩන් නුවර වාසය කරන අජිත් ධර්මකීර්ති මා සමඟ පැවසීය. "ලන්ඩන් ඇවිත් එයාල යටතේ පුහුණුවෙන්න හොඳයි හැබැයි රුසියාවේ උපාධිය ලංකාවට නරකයි." අම්පාර මහ රෝහල ශ්‍රී ලංකා රුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ උප සභාපති බුද්ධප්‍රිය රාමනායක පවසන පරිදි, රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ දහසකට වඩා වෛද්‍යවරු දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටිති. පසුගියදා අභාවප්‍රාප්ත වූ වෛද්‍ය ලංකාතිලක ජයසිංහ, අම්පාර මහ රෝහල ජගත් සම්මානලාභී රෝහලක් බවට පත්කිරීමට සමත්විය ඒ අතරින් හැට දෙනෙකු පමණ විශේෂඥ වෛද්‍යවරුන්ය. කොරෝනාවෛරස වසංගතය සමයේ එය පාලනය කිරීම සම්බන්ධ ප්‍රධානම බලධාරියා වූ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකා රුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10,000 සහ 12,000 වැනි ඉතා පහළ ස්ථානවල පසුවන නේපාලයේ සහ මැලේසියාවේ විශ්වවිද්‍යාලවලට පවා අනුමැතිය පළකරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව QR ලෝක ශ්‍රේණිගත කිරීම් (QR World University Rankings) අනුව 326 වෙනි ස්ථානයේ පසුවන පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය අනුමත නොකරන්නේ කෙසේ දැයි බුද්ධප්‍රිය රාමනායක විමතිය පළ කරයි. වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර, ත්බිලිසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හමාරකොට දැනට බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේ පුද්ගලික සායනයක් පවත්වාගෙන යන වෛද්‍යවරියකි. සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ බොහෝ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ තනතුරු දරන අතරම, රෝගීන් අතරද ප්‍රබල ජනප්‍රියත්වයක් උසුලන බව ඇය පෙන්වා දෙන්නීය. ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඇය පවසන පරිදි, කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ, ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ මනෝ විද්‍යාඥ ගිහාන් අබේවර්ධන සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාන්තා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික සිල්වා වැනි බොහෝ දෙනා සෝවියට් උපාධිධාරීන්ය. විශේෂඥ මනෝ විද්‍යාඥ ගිහාන් අබේවර්ධන ත්වේර් (මීට පෙර කලිනින්ග්‍රාද්) රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් ද සෝවියට් උපාධිධාරියෙකි. "දැන් බලන්න අර විනාශ වෙලා තිබුණ අම්පාරේ හොස්පිටල් එක 'ෆයිව් ස්ටාර් හෝටලයක්' වගේ රෝහලක් කරපු දොස්තර ලංකාතිලක ජයසිංහ. එයා උපාධිය කළෙත් ලුමුම්බා එකේ," වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ උපාධිය හැදෑරු බොහෝ වෛද්‍යවරුන් සෝවියට් උපාධිධාරී වෛද්‍යවරයෙක් උසස් තනතුරකට පත්වුවද ඔහුට/ඇයට නිසි ගෞරවය දීමට පැකිලෙන බව ඇයගේ අදහසය. "ඔතන තියෙන්නේ ඉරිසියාවයි, කුහක කමයි," යනුවෙන් පවසන වෛද්‍ය පුෂ්පා මනිමේන්ද්‍ර, "ලුමුම්බා කියන්නේ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම විශේෂඥයන් බිහි කරන සැබෑ විශ්වවිද්‍යාලයක්," යනුවෙන් වැඩිදුරටත් කියා සිටියාය. 'නිසි ප්‍රමිතියකට විභාගය තියන්න' අනිසි ක්‍රමවලින් උපාධිය ලබාගන්නා හෝ සිය ක්ෂේත්‍රයේ එතරම් සාමාර්ථයක් නොදක්වන ඉතා සුලු පිරිසක් ලොව ඕනෑම රටක විශ්වවිද්‍යාලවලින් බිහිවිය හැකිය යන්නත් අසත්‍යයක් නොවේ. එය ශ්‍රී ලංකාවට මෙන්ම පැරණි සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලවලට ද අදාළ සත්‍යයක් බව සෝවියට් උපාධිධාරී ශ්‍රී ලාංකිකයෝ ද පිළිගනිති. එබැවින් විතෙප්ස්ක් (Vitebsk) රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන වෛද්‍ය පූර්වි හේවාපතිරණගේ පවසන පරිදි, විය යුතුව තිබෙන්නේ සෝවියට් විශ්වවිද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත්කිරීම නොව ලොව ඕනෑම රටක වෛද්‍ය විද්‍යාව හදාරා පැමිණෙන සිසුන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වීමට පෙර පවත්වන විභාගයේ ප්‍රමිතිය වැඩි දියුණු කිරීමය. බ්‍රිතාන්‍යයේ සර්වාංගයක වෛද්‍යවරියක (GP) ලෙස සේවය කරන ඇය මා සමඟ අදහස් දක්වමින්, "හැම රටකම බැලුවොත් එහෙම විභාගයක් තියෙනව. උදාහරණයක් විදියට එංගලන්තේ PLAB කියල තියෙනව, ඇමෙරිකාවේ තියෙනව. ඕස්ට්‍රේලියාවේ තියෙනව. ඉතින් ලංකාවෙත් හොඳ ප්‍රමිතියෙන් යුත් විභාගයක් තියෙන්න ඕන," යනුවෙන් කියා සිටියාය. "මගේ අදහස නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් recognise කරලා තියෙනව නම් ඒව ලෝකේ හැම තැනම පිළිගන්න වෛද්‍ය විද්‍යාල, වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසු විශ්වවිද්‍යාල හැටියට." එබැවින් විය යුතුව තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ වෛද්‍ය විද්‍යාල ඉවත් කිරීම වෙනුවට, විදේශීය රටක හෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට ඉහළ ප්‍රමිතියෙන් යුත් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීම බව වෛද්‍ය පූර්වි හේවාපතිරණගේ අවධාරණය කරන්නීය. "විභාගය ඉතාමත් හොඳ ප්‍රමිතියකින් සකස් කරලා තියෙනව නම්, හරියට වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ නැති කෙනෙකුට මේ විභාගයෙන් පාස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම සමත් වෙන්න බැරි කෙනෙකුට වෛද්‍යවරයෙක් විදියට ලියාපදිංචි වෙන්න අවස්ථාව දෙන්න ඕනේ නැහැ." සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? කියවන්න:
වාර්තාගත මැතිවරණ ජයග්‍රහණයකින් ඉන්දියාවේ නව අගමැතිවරයා වීමේ වරම් ලද නරේන්ද්‍ර මෝඩි දිල්ලි නගරයේදී එම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඡන්ද දායකයන් හමුවී තම කෘතඥතාවය පළකළේය.
තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා බිලියනයකට අධික ජනතාවගේ නායකයා බවට පත් වූ මෝඩි තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් මෝඩි අති විශාල ජනකායක් ගමන් ගත් දිගු පෙරහැරකින් ගුවන් තොටුපලේ සිට භාරතීය ජනතා පක්ෂ මුලස්ථානය වෙත පැමිණියේය. දහස් ගණනක් ජනතාව ජයඝෝෂා පවත්වමින්, පක්ෂ ධජය ලෙළවමින් පෙරහැරේ ගමන් ගත්හ. බෙර වාදකයන් හා හොරණෑකරුවන්ගෙන් සමන්විත පෙරහැරට එක්ව සිටි ජනයා වීදි බැස ජයග්‍රහණය සමරද්දී දිල්ලි නගරය පුරා ආරක්ෂාව තර කොට තිබුණි.
රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය. වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන පොදු බහුවරණ විභාගයට මුහුණදීමට තම සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එම විභාගයෙන් පෙරමුණ ගනු ඇතැයි යන බිය නිසා ඊට අවස්ථාව ලබා නොදුන් බවත් සයිටම් ආයතනයේ මහාචාර්ය නෙවිල් පෙරේරා පැවසීය. පැවති ආණ්ඩු සමයේ සයිටම් ආයතනය ආරම්භ කෙරුණු නමුත් අද වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැරීම පිළිබඳ කළ විමසීමේදී එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ 'දේශපාලනඥයෝ අවස්ථාවාදීන්' බවය.
ශ්‍රී ලංකාවේ පහසුකම් අතින් අඩුවක් නොමැති ජනප්‍රිය නම් දරන පාසල්වල අධ්‍යාපන බාහිර ක්‍රියාකාරකම් සහ වෙනත් යටිතළ පහසුකම්වලින් අඩුවක් නැතත් නගරයෙන් ඔබ්බට වන්නට දුෂ්කර පළාත්වල පිහිටි බොහොමයක් පාසල්වල දරුවන්ට එවැනි පහසුකම් යටතේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් නොමැති බවයි ගුරු දෙගුරු සංවිධාන පෙන්වා දෙන්නේ.
තංගල්ල අධ්‍යාපන කොට්ඨාශයේ අඟුණකොලපැලැස්ස පහලගම කනිෂ්ඨ විද්‍යාලය එවැනි අඩු පහසුකම් සහිත එක පාසලක් පමණි. අඟුණකොලපැලැස්ස පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසු සිසුවියන්ට ඉගනුම සඳහා ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති බවයි එහි ගිය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ. ඔහු පවසන හැටියට එම පාසලේ සාමාන්‍ය පෙළ කඩයිමට සුදානම් වන දරුවන්ට ඉගනීමට සිදුව ඇත්තේ ටකරන් මඩුවකයි. විද්‍යා විෂය ඉගැන්වීම සඳහා නිසි පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක්ද පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ නොමැත. පාසලේ තූර්යවාදක කණ්ඩායමක් සිටියත් ඔවුන්ට වාද්‍ය භාණ්ඩ නොමැත. සිසු දරුවන් විසින් භාවිත කරනු ලබන්නේ ඉවත ලන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ඔවුන් විසින්ම සකසා ගනු ලැබූ තූර්ය වාදක භාණ්ඩයි. පහලගම පාසලේ ශිෂ්‍යයන් බෙර (ඩ්‍රම්ස්) වාදනය කරන්නේඋණ බම්බු වලින් තනා ගත් බෙර වලින්. තාලම් පට හඬ නගන්නේ ආප්ප තාච්චි පියන්වලින්. තූර්ය වාදනයේ දී අඳින පාසල් නිල ඇඳුමකින් සැරසී සැබෑ තූර්ය වාදක භාණ්ඩයක් අතැතිව පාසල නියෝජනය කිරීම මේ පුංචි දරුවන්ගේ එක් අහිංසක බලාපොරොත්තුවක්. පහලගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙන් සියයට සියයක් තරම් පහේ ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන බවයි පාසලේ විදුහල් පති එල් .ඒ ගාමිණි සේනාරත්න පවසන්නේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කහවත්ත, බිංගිරිය ශාන්ත දොඩන්ගොඩ රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි.
47 හැවිරිදි ඔහු දෙදරු පියෙකි. මිය යන තුරුම ශාන්ත දොඩන්ගොඩ රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. ඉකුත් 5 වැනිදා අලුයම දෙකට පමණ කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩන්ගොඩ සහ තවත් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු අතර එම දෙදෙනාත් තවමත් රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති. විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කෙරිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා විසින් නියෝග කෙරිණ. කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට සඳුදා අලුයම වෙඩි තබා තුවාල සිදු කළ බවට ලැබුණු පොලිස් පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇත් දැයි සරල ලේ පරීක්ෂණයක් මගින් පරීක්ෂා කිරීමට හැකි නව ක්‍රමයක් උපයෝගී කර ගැනීමට විද්‍යාඥයන් පියවර ගනිමින් ඇති බව ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම සරල ලේ පරීක්ෂණය අනුව ජාන බලපෑමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති කාන්තාවන් පවා පරීක්ෂාවට ලක් කළ හැකි බවයි පැවසෙන්නේ. පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන් ගෙන් 10 % ක් ජාන මගින් පියයුරු පිළිකා වලට ගොදුරු වන අතර 90% කගේ රෝග කාරකය අපැහැදිලි තත්වයක පවතී. ‘ලන්ඩන් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ ගවේෂකයින් විසින් පිළිකා අවදානමක් නොමැති කාන්තාවන්ගේ ලේ වල පවතින විශේෂ රටාවක් සොයා ගනු ලැබ ඇත. ජානමය වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති වුවත් හඳුනා ගත් රුධිර රටාව සහිත කාන්තාවන්ට පිළිකාව වැළඳෙන බව ඔවුහු පවසති. පිළිකා රෝග ලක්ෂණ මතු වීමට වසර දෙකකට පමණ පෙර රුධිර අනුවල වෙනස් කම් ඇති වීමට පටන් ගන්නා බව ද පැවසේ. මෙම පරීක්ෂණ මෙහෙයවන ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව් ලෑම් පවසන්නේ සිය පරීක්ෂණය පියයුරු පිළිකා හඳුනා ගැනීම අතින් නව බලාපොරොත්තුවක් එක් කරන බවයි.
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පිට තරග දෙකක දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු පිතිකරු යුගලය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වාර්තාවක් පිහිටවූහ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී අද සෙනසුරාදා (ජුලි 08) පැවති තරගයේ දී ඔවුන් විසින් පළමු කඩුල්ල සඳහා ලකුණු 203 ක් රැස් කරනු ලැබීය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 116 ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 ක් රැස් කිරීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා (ජුලි 06) පැවති තරගයේ දී පළමු කඩුල්ල සඳහා ලකුණු 218 ක් රැස් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූහ. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 116 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය. අද පැවැත්වෙන තරගයේ නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියටබට සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 14 ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 95 රැස් කරගෙන සිටී.
ශ්‍රී ලංකාව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ දිශාවකට ගමන් ගනිමින් සිටියි.
නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ නීතිගත කිරීමට යෝජිත සිවු වැනි ව්‍යවස්ථාව මෙයයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අත්හදා බලා ඇති අතර අලුතින් නව ව්‍යවස්ථාවක් නීතිගත කෙරුණ හොත් එය වසර හැට අටක් වැනි කෙටි කාල පරාසයක් ඇතුළත ක්‍රියාවට නැංවෙන සිව් වැන්න වීමෙන් එය රට තුළ පමණක් නොව අන්තර් රාජ්‍ය පද්ධතිය තුළ ද වාර්තාවක් තබනු ඇත. දේශපාලනමය වශයෙන් සංවිධානය වූ සමාජයක් වන යම්කිසි රාජ්‍යයක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරමින් නව ව්‍යවස්ථාවක් කරා ගමන් ගැනීමට පියවර ගනු ලබන්නේ නම් පවතින ව්‍යවස්ථාවේ අශක්නුතාවයන් හඳුනා ගැනීම කාලීන උවමනාවකි. ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' (1978) වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනු ලැබීමේ ක්‍රියාවලියක් කරා පාලකයන් යොමු කෙරුණ එවැනි ව්‍යවස්ථාමය අශක්නුතාවයන් සාකච්ඡාවට ගැනීමේ අරමුණින් බීබීසී සිංහල සේවය ඉදිරිපත් කරන විශ්ලේෂණ මාලාවක පළමුවැන්නයි, මේ. ප්‍රවේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? යන්න සම්බන්ධයෙන් විවිධ වචනවලින් ඉදිරිපත් කෙරුණ විශ්ලේෂණ රාශියක් ඇති අතර එම සියල්ල මගින් ගම්‍ය කෙරෙන පොදු තේරුමක් වන්නේ එය රාජ්‍යයක 'මූලික නීතිය' වන බවයි. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කෙරිණ බලය එකම ආයතනයක් වෙත සංකේන්ද්‍රගත වූ රාජාණ්ඩුවක හෝ ඒකාධිපති හෝ කතිපයාධිකාරී පාලනයක එවැනි මූලික නීතියක පැවැත්මක් අර්ථාන්විත නොවන අතර නූතන 'ජාතික රාජ්‍යයේ' ප්‍රභවය විසින් නිර්මාණය කෙරුණ ව්‍යවස්ථානුකූල පාලන සම්ප්‍රදායේ අවශ්‍යතාවය විසිනුයි නූතන වහරින් සහ මුහුණුවරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට මුල පුරනු ලබන්නේ. මෙවැනි ලුහුඬු විශ්ලේෂනයකදී එය අර්ථ ගැන්විය හැක්කේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යය සතු අසීමිත බලය පාලනය කරනු ලැබීමේ මූලික නීතිය' ලෙසින්. තෝමස් මොන්ටෙස්කිගේ බලතල වෙන් කිරීමේ සුප්‍රකට න්‍යාය මෙම වර්ධනයේ ඓතිහාසික සලකුණක් වන අතර ඉන් පෙර ක්‍රොම්වෙල්ගේ නැගී සිටීම සහ බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය හා බැඳුන ලිබරල් දේශපාලන දර්ශනය සමඟ මුසු වූ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ සංවර්ධනය මෙන්ම ප්‍රංශ මහා විප්ලවයෙන් අනතුරුව පැතිර ගිය නෛතික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය වත්මන් අර්ථයෙන් ගම්‍යමාන වෙන මූලික නීතියේ ප්‍රභවය හැටියට එක වැකියකින් සංගෘහිත කළ හැකි වෙයි. ශ්‍රී ලංකා අත්දැකීම රාජ්‍යයක මූලික නීතිය හැටියට දැනටමත් අප විසින් හඳුනා ගනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක චිරස්ථායී පැවැත්ම හෝ එය අඛණ්ඩව සංශෝධනය කිරීම කෙරෙහි එහි ප්‍රභවය තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ඉන්දියාවේ විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ උදාහරණයක් වශයෙන් ජෙෆර්සන් සහ මැඩිසන්ගේ ෆෙඩරල් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1787) සියවස් තුනකට ආසන්න ආයු කාලයක් වළඳමින් තවමත් මූලික වෙනසකින් තොරව විරාජමාන වන අතර එම දීර්ඝ කාලය එය සංශෝධනය කරනු අතුලත ලැබ ඇත්තේ විසිහය වතාවක් පමණි. අපගේ ගෞරවනීය අසල්වැසියා වන ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුණ සැණින් තමන්ගේම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත් අතර එය යෝධ භූමියක විසිර වාසය කරන විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික මට්ටමේ සංවාදයක් තුලින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ. ඉන්දියානු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සංශෝධන රාශියකට භාජනය කරනු ලැබුනත් එහි මූලික ව්‍යුහාත්මක ආකෘතිය තවත් ශක්තිමත් වෙමින් පවතිනවා මිස එහි ලිහී යාමක් පෙන්නුම් නොකරයි. තුලනාත්මකව බලන විට එම අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය උපතේ පටන්ම පෙන්නුම් කරන අමිහිරි විජාතික ප්‍රභවයද? නව ව්‍යවස්ථාව මගින් අනාගත පරපුරේ අයිතීන් සුරක්ෂිත කෙරේවිද? සමාජමය උවමනා ඉක්මවා යමින් හුදු 'බලය' පිළිබඳ ආකර්ෂණය මගින් ඕපපාතික මට්ටමින් ස්ථාපනය කරනු ලැබුණ නීති පද්ධතීන් සමුදායක් වූ බවක්ද? අඩු ආයුෂ ව්‍යවස්ථා දෙකක් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද 'පරිත්‍යාග කිරීමට' බ්‍රිතාන්‍ය පාලකයෝ නොමසුරු වූහ. එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අභිලාෂයක් කරා සමීප වීමට නිදහස් ලංකාවේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ 'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' නිර්මාණය කර ගැනීමත් සමගයි. 1972 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරිණ ආරම්භයේ දීම එය ශ්‍රී ලංකාවේ දකුණේ සිංහල ප්‍රධාන දේශපාලන බලවේගවල පවා අභියෝගයට ලක් වූ අතර විශේෂයෙන්ම එය දමිළ සුළු ජනයාගේ ආශීර්වාදය නොලද්දේ ඔවුන්ට රැකවරණයක් හැටියට සැලකුණ 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි සුප්‍රකට වගන්තිය, දෙවැනි මන්ත්‍රී මණ්ඩල ව්‍යවස්ථාදායක ආකෘතිය මෙන්ම නාමකරණයෙන් සීමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබුණ අවසරය අහෝසි කරනු ලැබීම හේතුවෙනි. සෝල්බරි ව්‍යවස්ථාවේ 29(ඉ) වගන්තිය සුළු ජාතික රැකවරණය සඳහා ප්‍රමාණවත් රැකවරණයක් නොවූ බව එහි නිර්මාතෘවරයා වන ශ්‍රීමත් අයිවර් ජෙනිංස් පවා පිළිගෙන තිබුන අතර 1972 දී සිදු වූයේ එම අල්ප රැකවරණයත් පැහැර ගනු ලැබීමයි. අනාගමිකවාදයට පිටුපෑම ඒ වෙනුවට 1972 අභිනව ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් වූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ට්‍රොට්ස්කිවාදී දේශපාලන බුද්ධිමතුන් සහ එම පාලනයේ පුරෝගාමීහු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට වූ අනාගමික මුහුණුවර මකා දමමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින්ද, බුදුදහම රාජ්‍ය ආගම කරමින්ද අලුත් සමාජමය විසංවාදයකට මග විවර කළහ. 1972 ව්‍යවස්ථාව මගින් බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කෙරිණ යාන්තමින් අවුරුදු හයක් ආයු විඳ බිලිඳු වියේදීම අභාවප්‍රාප්ත කෙරුණ එම ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තිකයා වන දැනට තිස් හත් වන වියේ පසුවෙන වත්මන් 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්' ඉන් පෙර ව්‍යවස්ථාවේ චරිත ලක්ෂණය වන අනාගමිකවාදයට පිටුපෑම එලෙසින්ම දායාද කරනු ලැබ ඇත. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්වය මගින් පුරවැසි අයිතිය සහතික කරනු ලැබීමක් හැටියට හුවා දක්වමින් 'මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක්' මූලික නීතියේ අංගයක් හැටියට නීතිගත කරනු ලැබුන නමුත් ඒවා අලංකාර සැරසිල්ලක මට්ටමින් එහාට නොගිය බවයි රාජ්‍යය තුල ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණ වෙනත් අණපනත් මගින් පෙන්නුම් කෙරුණේ. මේ අනුව අනාගමිකවාදයට පිටු පෑ වේගයෙන්ම ජාතික රාජ්‍ය සභාවේ බලය හරහා දේශපාලන විධායකය අසීමිත බලාධිකාරියක තත්වයකට ඔසවා තබනු ලැබීම මගින් 1972 ව්‍යවස්ථාවද, ජනාධිපති පදවියේ අසීමිත බලය පාර්ලිමේන්තුව සහ අධිකරණයට ඉහළින් ස්ථාපනය කරනු ලැබීම මගින් 1978 ව්‍යවස්ථාවද ප්‍රජාතාන්ත්‍රික රාමුවෙන් බොහෝ දුරට ඈත් වූ අතර එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය කදිම ලෙස නිරූපනය කෙරුණේ එම දෙපාර්ශවයම මහජන අනුමැතියෙන් තොරව ඔවුන්ට පැවරුන පාලන කාලය දීර්ඝ කර ගනු ලැබීමෙනි. බලය බෙදා හැරීම එම ව්‍යවස්ථා ද්වයම මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ ප්‍රාදේශීය මට්ටමින් බලය බෙදා හරිනු ලැබීමට දක්වන අකමැත්තයි. 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් සිය ව්‍යවස්ථා රාමුවට කිසිදු ලෙසකින් ඇතුලත් නොවූ තේරුමක් නොමැති දිසා දේශපාලන අධිකාරියක්ද 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ඉන් එහාට යමින් ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රමයක් ව්‍යවස්ථා ගත කරනු ලැබීමටද පියවර ගනු ලැබුනත් එයද අදත් පවතින්නේ කවර බලයක් ඒවාට පැවරිය යුතුද යන විවාදාත්මක මට්ටමෙහිය. සිය ප්‍රදේශවලට බලය විමධ්‍යගත කෙරෙන දේශපාලන විසඳුමක් උතුරේ දෙමළ ජනතාව ඉල්ලා සිටිති නිදහසින් පසුව ඉන්දියාව මේතා කොමිසන් සභාවන්හි නිර්දේශ අනුව 'පංචායත් ක්‍රමය' මගින් ග්‍රාමීය මට්ටම දක්වා බලය විමධ්‍යගත කිරීමට පියවර ගනු ලැබුනත් ශ්‍රී ලංකාවේ පාලනය තවමත් සිටිනුයේ ඉන් බොහෝ දුරකය. ඇතැම් ප්‍රතිවිපාක නරක නොවන්නේ දුක් පීඩා මැද හෝ අලුත් දිශාවකට එමගින් මිනිසා තල්ලු කරන හෙයිනි. එම අර්ථයෙන් ගත්විට අප ලුහුඬින් සාකච්ඡාවට ගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යුගලයත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින දේශපාලන සමාජයකට අවශ්‍ය සාධාරණය ඉටු නොකිරීමේ පලය තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් දෙසට සමාජය තල්ලු කිරීමයි. එහෙත් බොහෝ සාම්ප්‍රදායික සමාජයන්හි පොදු අත්දැකීම වන්නේ බලයේ සිටින පාලකයන් සිය දැක්ම ඇතුළත් එසේම සහ බලය පවත්වා ගැනීමට මග සලසන ව්‍යවස්ථා සම්පාදනයෙහි ශූරයන් වන බවයි. එසේ නැතිව පවතින ආගම්වාදී එසේම බලය අසීමිත මට්ටමින් කේන්ද්‍රගත වූ ව්‍යවස්ථා සන්දර්භය තුළම තවත් ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරුනොත් එම දරුවා සමස්ත සමාජයේම ආදරය ලබන්නකු වේද? අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සැරසෙන පාලකයන් මුහුණ දෙන බරපතළම ගැටලුව පවතින ව්‍යවස්ථාවේ අනාගමික විරෝධී වගන්ති වලින් බැහැර වීමයි.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මාධ්‍යවේදීන්ට අවසර පත් නිකුත් කිරීම බොහෝ දුරට හමාර වී තිබුණත්, බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් තවමත් මාධ්‍ය අවසරපතක් නිකුත් කොට තිබෙන්නේ කැමරා ශිල්පියෙකු වෙනුවෙන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි.
මෙතෙක් අවසරපත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි අවසරපත් නිකුත් කිරීම බොහෝ දුරට අවසන් බව සඳහන් මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ගේ ට්විටර් පණිවුඩයකට පිළිතුරු දෙන චැනල්4 නාලිකාවේ ජොනතන් මිලර් මාධ්‍යවේදියා මෙම ප්‍රමාදයට හේතුව කවරක් දැයි විමසීමක් කොට තිබිණ. තම ඉල්ලුම්පත් තවමත් ප්‍රතික්ෂේප වී නොතිබුණත්, දැනගන්නට ලැබී තිබෙන අන්දමට මෙතෙක් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී චැනල්4 නාලිකාවේ ප්‍රකාශිකාවක් සංදේශයට කියා සිටියේ. මේ පිළිබඳව ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයෙන් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඈත්තේ තමාට බව අමෙර්කානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
න්‍යෂ්ටික බොත්තම මේස මත ඇමරිකානු ජනපතිවරයා 'ට්විටර්' පණිවුඩයක් ඔස්සේ එම ප්‍රකාශය කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. "න්‍යෂ්ටික බොත්තම සැමවිටම තමන්ගේ මේසය මත"යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක් ඇමෙරිකාව සතුව ඇති බව, විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියානු රෙජීමය තුළ වෙසෙන කවරෙක් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි! ඔහුගේ බෝතතමට වඩා මගේ බොත්තම විශාලයි. ඒ වගේම වැඩ කරනවා !" ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ. න්‍යෂ්ටික අවි දරන දෙරටේ නායකයන් අතර වර්ධනය වන පුද්ගලිකත්වය ඉලක්ක කරගත් ගැටුමේ ආසන්නම සිදුවීම ට්‍රම්ප්ගේ මෙම ට්විටර් පණිවුඩය වෙයි. ට්‍රම්ප්ගේ මෙම අසම්මත ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයෙහි ඉතා වේගයෙන් සංසරණය විය. තමන් සතුව ඇති ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් කවර හෝ ඇමරිකානු ජනපතිවරයකු සතු තීරණ ගැනීමේ හැකියාව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි. ඇමරිකානු නායකයාගේ මෙම අසම්මත ප්‍රකාශ රාජ්‍යතාන්ත්‍රීක භාෂාව පිළිබඳ නැවත සාකච්ඡාවක් මතු වීමට හේතුවී ඇත. ඇමරිකානු නායකයාගේ අසම්මත රාජ්‍යතාන්ත්‍රීක භාෂාව තමන් සතුව ඇමරිකාවට පහරදීමට ශක්තිමත් න්‍යෂ්ටික බලයක් ඇතිබව උතුරු කොරියාව ප්‍රකාශ කරයි. එහෙත්, ඔවුන් සතුව ඊට අවශ්‍ය තාක්ෂණය ඇත්තේදැයි පැහැදිළි නොමැති බව විචාරකයෝ සැක පහළ කරති. න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට ලෝක නායකයන් සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ පිළිබඳව බොහෝ පිරිස් අන්තර්ජාලය තුළ අනතුරු අඟවා ඇත. දකුණු කොරියාව සමග සංවාදයට විවෘතයි 'සංවාදයට විවෘතයි' තර්ජනයෙන් ඔබ්බට ගොස්, තමා ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දකුණු කොරියාව හා "සංවාදයට විවෘත" බවට නව වසරේ පළමු දේශනයේදී කිම් ජොන් අන් කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ පිරිස් විමතිය පළ කර ඇත. 'සබදතා වර්ධණය කරගැනීමට' ඔළිම්පික් ක්‍රීඩා උළෙල මගින් සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු ජනපති මූන් පසුගියදා පැවසීය. සබැදි පුවත්:
මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධ රහසිගත තොරතුරු ඇමෙරිකානු ජනමාධ්‍යවලට අනාවරණය වීමෙන් අනතුරුව, ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණයේ තොරතුරු ඇමෙරිකානු බලධාරීන් සමග බෙදාගැනීම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්හිටවනු ලැබ තිබෙන බව බීබීසී යට අනාවරණය වේ.
මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශනයකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවීම පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීහු දැඩි කෝපය පළකරති. පරීක්ෂණවලට බාධා වනු ඇතැයි බියෙන් ප්‍රහාරකයාගේ නම එක්වරම හෙළිදරවු නොකිරීමට මැන්චෙස්ටර් පොලිසිය උත්සාහ කළ නමුත්, ප්‍රහාරයෙන් පැය 24 කට පසුව ඔහු සල්මන් අබෙඩි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. නේටෝ සංවිධානයේ නායකයන්ගේ හමුවක් අතරවාරයේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ඒ පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානයට ලක් කරනු ඇතැයි අපේක්ෂිතය. සංගීත ප්‍රසංගයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 22 දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තවත් 64 දෙනෙක් තුවාල ලැබූහ. සල්මන් අබෙඩි ගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇතැයි අනාවරණය වී තිබේ ඇමෙරිකාව සමග රහස් තොරතුරු බෙදාගැනීම ඉතා ඉක්මනින්ම යළිත් ආරම්භ කිරීමට මැන්චෙස්ටර් පොලිසිය බලාපොරොත්තුවන නමුත්, තොරතුරු මාධ්‍යවලට හෙළිවීම පිළිබඳව දැඩි කෝපයෙන් පසුවන බව බීබීසී යට දැනගැනීමට ලැබිණ. එවැන්නක් "යළිත් සිදු නොවිය යුතු" බවට ස්වදේශ කටයුතු ඇමතිනී ඇම්බර් රඩ් වොෂින්ටනයට අනතුරු අඟවා සිටියාය. බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ලිබියානු සම්භවයක් සහිත 22 හැවිරිදි සල්මන් අබෙඩි විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අට දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති. සලමන් අබෙඩි ගේ වැඩිමහල් සොහොයුරා, ඉස්මයිල්, ඇතුළු පුරුෂයන් හත්දෙනෙක් ඒ අතර සිටිති. සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක බ්‍රහස්පතින්දා (මැයි 25) නිදහස් කරනු ලැබ තිබේ. සැකකරුගේ වැඩිමහල් සොහොයුරු ඉස්මයිල් සහ පියා රාමදාන්. ඉස්මයිල් අබෙඩි බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනුණු අතර පියා ත්‍රිපොලි නුවර අත්අඩංගුවේ පසුවෙයි සැකකාර සලමන් අබෙඩි ගේ පියා, රාමදාන්, සහ බාල සොහොයුරා, හෂීම්, ලිබියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මේ අතර සල්මන් අබෙඩි උසස් අධ්‍යාපනය හැදෑරු සමයේ ඔහු සමග අධ්‍යාපනය හැදෑරු දෙදෙනෙක් ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇති බවත් අනාවරණය වී තිබේ.
ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස මානව හිමිකම් මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළේය.
'මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙනවා' "කිසිදු දඬුවමකින් තොරව නිදහසේ දිගටම අපරාධ කළ හැකි බවට මානව හිමිකම් උල්ලංඝනය කරන්නට හැඟී යාම මගින් සිදු විය හැකි දේ පිළිබඳව සිරියාවේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගැටුම් ඉතා කනගාටුදායක උදාහරණයන්," යනුවෙන් ඔහු කියා සිටියේය. ලොව පුරාම මානව හිමිකම් වාතාවරණය පිළිබඳව සමාලෝචනයක් කළ මහ කොමසාරිස් නවී පිල්ලේ, බොහෝ අපරාධකරුවන් දඬුවම් නොලබන අතර මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍යය මත වගවීම ක්‍රියාත්මක වීම තවමත් බොහෝ රටවල සිහිනයක් බවත් කියා සිටියාය. "සියලු අභියෝග හමුවේත් මානව හිමිකම් පිළිබඳ අවධානය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතිනවා. මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙන අතර ඔවුන්ට ඔවුන්ගේ බලය අහිමි වෙනවා," යනුවෙන්ද මහ කොමසාරිස්වරිය සිය දේශනයේදී සඳහන් කළාය. සුළු ජාතීන්ගේ ව්‍යාපාර ලොව පුරාම කාන්තාවන් මුහුණ දෙන ඛේදනීය අත් දැකීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය පසුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාව මහ ලේකම්වරයාගේ අවධානයට ලක් වී තිබිණ. "ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සම්බන්ධ මහ කොමසාරිස්වරියගේ වාර්තාව මම අගය කරනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මේ අතර සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය, සිය මානව හිමිකම් උල්ලංඝනය කෙරුණු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිණිස කටයුතු කරන මෙන් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. සිවිල් සමාජ ක්‍රියාධරයන්ට කෙරෙන අඩන්තේට්ටම් සහ පළිගැනීම් නවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන මෙන්ද ලන්ඩනය මූලස්ථාන කොට ගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි. අන්තර් ජාතික නීතිය යටතට ගැනෙන අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව අන්තරජාතික ප්‍රමිතීන්ට අනුව විභාග කරන මෙන් එම සංවිධානය සිය ලිඛිත ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. සුළු ජාතීන්ගේ ව්‍යාපාර සහ ආගම් නීතියේ ආධිපත්‍යය යටතේ ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කෙරෙන තවත් ඉල්ලීමක්.
ශ්‍රී ලංකා ජාතික ගීය නිසි තනුවට අනුකූලව දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිදු වරදක් නොදකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පවසති.
දෙමළ ජනතාව ජාතික ගීය දෙමළෙන් ගැයීම ඇතැමුන්ගේ ප්‍රබල විවේචනයට ලක් වී තිබුණි නායක හිමියන් ඒ බව කියා සිටියේ, නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාලව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද පහළොස් වැදෑරුම් ඉල්ලීම් මාලාව පිළිබඳව බීබීසී සංදේශය වෙත අදහස් දක්වමින්. "ජාතික ගීය කියන්නේ එකයිනේ? ඒක වෙනස් කරන්නේ නෑ. නමුත් ඒ තනුවම දෙමළ ජාතිකයන්ට තමන්ගේ භාෂාවෙන් කියන්න අවසර දුන්නයි කියල බරපතල ලෙස විරුද්ධ වෙන්න දෙයක් නෑ," එහිමියෝ සඳහන් කළහ. බුදු දහම ආරක්ෂා කිරීම බුදු දහම ආරක්ෂා කොට, පෝෂණය කරන බවට වත්මන් ව්‍යවස්ථාවේ නම වැනි වගන්තියෙන් ලබා දී තිබෙන ආරක්ෂාව නව ව්‍යවස්ථාව මගින්ද සහතික කිරීම බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති ලිපියේ ප්‍රධානම ඉල්ලීමයි. 'ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ' රාජ්‍ය බුදු දහම රැකගනිමින් පෝෂණය කළ යුතු බවට වගන්තියක් මුලින්ම ඇතුලත් කෙරුණේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් සම්පාදනය කරන ලද 1972 ජනරජ ව්‍යවස්ථාවටයි. එම වගන්තිය මගින් තමන් නොලකා හැර ඇතැයි රටේ වෙසෙන සුළු වාර්ගික, සුළු ආගමික ජනකොටස්වලට හැඟී යන්නට ඉඩ තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ මාහාචාර්ය විමලරත්න හිමියන් සඳහන් කළේ, කිසියම් රටක ප්‍රධානම ආගම රැකගැනීමට රාජ්‍යය බැදී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ පමණක් පවතින සම්ප්‍රදායයක් නොවන බවයි. "ඉතින් මේක තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව. ඒ ආගම්වල සියලු කටයුතුන් ඒ ආකාරයෙන් කෙරෙනවා කිසිම බාධාවක් නැහැ," එහිමියෝ පැවසූහ. හයිබ්‍රිඩ් අධිකරණය ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත්විය යුතුය යන්න 'එක්තරා විදියකින් අන්තවාදී ලෙස බලන අය' ඉදිරිපත් කරණ මතයක් බව පවසන එහිමියෝ ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍යයක් බිහිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරති. ශ්‍රී ලංකාව දිගටම ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ නායකයන් පිරිසකගේ අත්සනින් යුතුව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන ලිපියේ අඩංගු තවත් යෝජනාවක්. 'ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ' "ඒකීය රාජ්‍යයක්, මේ රට එකක් හැටියට තියෙන්න ඕන කියන එක අද විපක්ෂනායක සම්බන්ධන් මහත්මයත් ප්‍රකාශ කරනවා. ඒ තුල බලය බෙදාගන්න ක්‍රමවේදයක් හදාගන්න බාධාවක් නැහැ." ( මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න) ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමට විදේශීය රටවලට හෝ ආයතනවලට අවසර නොදිය යුතු බවටද බෞද්ධ නායකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමට විරුද්ධ බව එහි අදහස දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් මහාචාර්ය විමලරත්න නාහිමියන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ස්වාධීන දේශීය අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවයි. ද්විත්ව පුරවැසියෝ "ඒක බටහිර අයට ඕන හැටියට ලංකාවේ අධිකරණ හදන්න බැහැනේ? නමුත් ඔය රෝමන්, ලන්දේසි නීතිය නෞසාරයෙන් තමයි අද බොහෝ රටවල නීතිය හදල තියෙන්නේ," එහිමියෝ පැවසූහ. "ප්‍රශ්නේ තියෙන්නේ සමහර රජයන් තුල ඒ බලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමයි. ඒවා සිදු නොවෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නෑ." බුදු දහම ආරකෂා කිරීමේ වගන්තිය 'තිබුණයි කියල අනෙකුත් ආගම්වලට හානියක් සිද්දවෙලා නැහැ. ඒ ආගම්නුත් ආරක්ෂා කළ යුතුයි කියලා ඒ සමඟ ඊළඟ වගන්තිය තියෙනව' ජාතික ධජය වෙනස් නොකිරීම, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම, ජාතිය හෝ ආගම මත පදනම්ව පළාත් නොබෙදීම ඇතුළු ප්‍රධාන කරුණු 15 ක් බෞද්ධ නායකයන්ගේ එම ලිපියට ඇතුලත්. වෙනත් රටවල පුරවැසිභාවය හිමි කිසිවෙකුටත් ජනපති, මැති, ඇමති තනතුරු හෝ රාජ්‍යයේ ඉහල නිලතල දැරීමේ අවස්තාව ලබා නොදිය යුතු බවත් බෞද්ධ නායකයෝ අවධාරණය කරති. "ඒක ඇත්තනේ? රටවල් දෙකක කකුල් දෙක තියාගෙන වැඩකරන්න බෑනේ? නමුත් පහුගිය කාලේ එහෙම දේවල් කෙරුනා. එයාට ඕන වෙලාවක වරදක් කරලා මේ රටෙන් අනෙක් පුරවැසිභාවය ලබාගෙන ඉන්න රටට පැනල යන්න පුලුවන්." එබැවින් ද්විත්ව පුරවැසියන්ට ඉහල තනතුරු දැරීමේ අවස්තාව අහිමි කරන මෙන් ඉල්ලා සිටීම අසාධාරණ ඉල්ලීමක් නොවන බවයි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.
දශක දෙකක් තිස්සේ සුදාරක් ඔල්වේ ඉන්දියාවේ මුම්බායි නුවර සිටින කසල ශෝධකයන් ගේ ජීවිතය පිළිබඳව වාර්තා කරමින් සිටී.
මේ වෘත්තීය ඉතා දුක්බර මට්ටමක පවතී. එය පීඩිත කුලවලට පමණක් වෙන් වූ රැකියාවකි. ඔවුහූ සමාජයෙන් කොන් වී දිවි ගෙවති. ඉන්දියාව ආර්ථික, සමාජයීය, සහ තාක්ෂණය අතින් ඉදිරියට පැමිණ ඇති නමුත් මේ කසල ශෝධකයන් ගේ ජීවිත තවමත් වෙනස් වූ බවක් නම් පෙනෙන්නට නැත. 'වෝටර්ඒඩ්' (WaterAid) ආයතනය වෙනුවෙන් සුදාරක් ඔල්වේ ගේ කැමරාවට හසුවූ මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද, අගහරුවාදා ට (නොවැම්බර් 19) යෙදුණු ලෝක වැසිකිලි දිනය හා සමගාමීව ය. මෙහි දැක්වෙන්නේ වල්මිකි ප්‍රජාවට අයත් කසළ ශෝධකයන් පිරිසකි. ඉන්දියාවේ අමාන්ගන්ජ්, පන්නා සහ මධ්‍ය ප්‍රදේශ් හි පවතින 'වියළි වැසිකිළි' පිරිසිදු කිරීම ඔවුන්ට පැවරී ඇති රාජකාරිය යි. ඒ තුළ පවතින මළපහ මොවුන් විසින් ඉවත් කරනු ලබන්නේ දෑතිනි. "මේ පළාතේ තියෙන කිසිම හෝටලයකින් අපට තේ එකක්වත් බොන්න අවසර නැහැ." බේටිබායි වල්මිකි පැවසීය. "පොඩි තේ කඩේකට ගියත් අපිට තේ දෙන්නේ පාවිච්චි කරලා විසි කරන ප්ලාස්ටික් කෝප්පයක. අනිත් අය බොන කෝප්ප අපට දෙන්නේ නැහැ." මේ කාන්තාවන්ගෙන් බහුතරයක් මැලේරියාව සහ ඇදුම රෝගයෙන් පෙළෙති. නමුත් ඔවුනට සෞඛ්‍ය පහසුකම් නොමැත. රෝගී තත්වයක් මත රැකියාවට වාර්තා නොකළහොත් එදිනට වැටුප් නොලැබේ. මුකෙශ්දේවී හතළිස් දෙහැවිරිදි ය. ඇය මෙම ඡායාරූපයට පෙනී සිටින්නේ ඇයගේ ස්වාමිපුරුෂයා, නැන්දනිය සහ දරු මුණුබුරන් සමඟ ය. උත්තර් ප්‍රදේශ් හි දිවි ගෙවන ඇයගේ මාසික වැටුප ඉන්දීය රුපියල් 2,000ක් පමණි. "අපිට ඉතින් වෙන දෙයක් නැහැනේ" ඇය පැවසුවාය. "අපි කඩයක් දා ගත්තත් කවුරුවත් අපෙන් බඩු ගන්නේ නැහැ, අපි වල්මිකි ලා නිසා." සන්තෝෂ් දෙදරු පියෙක්. සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවි ගෙවන්නේ අමන්ගාන්ජ් නුවර ය. මුළු පවුලම කසල ශෝධකයෝ වෙති. 1992 දී ඛේදජනක අනතුරක් සිදු විය. මළපහ සහිත ටැංකියක් හිස් කිරීමට සන්තෝෂ්ට සහ තවත් අයෙකුට පැවිරිණි. ඔවුනට කලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා මෙම ටැංකිය ගැඹුරු විය. දෙදෙනා ම ඒ තුළ ගිලුණි. සන්තෝෂ් ගේ දිවි බේරා ගැනුණි. අනෙක් සේවකයා මරණයට පත් විය. සන්තෝෂ් ගේ දිවි බේරුනත් සිය දෙනෙතට හානි සිදු විය. නමුත් කිසිදු වන්දියක් නොලැබිණි. ඔහු හැඳ සිටින කබායේ පිටුපස "මනුෂ්‍යයෙකු ලෙසින්" යන අරුත දෙන වදන් ලියා තිබේ. රාජු, ගීතා සහ සශි දිනපතා ම උදෑසන 5.00 සිට දහවල් 1.00 දක්වා රාජකාරියේ යෙදෙති. තිදෙනාට ම මසකට ලැබෙන්නේ රුපියල් 7,000ක් පමණි. "හැමෝම අපිව පහත් කරලා සලකන්නේ." ගීතා පැවසුවාය. "මේක කිසිම අගය කිරීමක් නැති රස්සාවක්" මේ බිහාර් ප්‍රාන්තයේ පිටිසර ගමක දිවි ගෙවන ඩෝම් ප්‍රජාවට අයත් පිරිසකි. පසුගිය අප්‍රේල් මාසයේ හටගත් ගින්නකින් නිවාස 10ක් විනාශ විය. ඔවුන් සතුවූ ගවයන් මරණයට පත් විය. හැඳුනුම් පත් සහ සලාක පොත් ගින්නට හසු වූ බැවින් කිසිදු පිළිසරණක් නොලැබුණි. මීනාදේවි පනස් අට හැවිරිදි ය. ඇය පළමු වරට තම නැන්දනිය සමඟ රැකියාවට ගියේ මීට වසර 25කට පෙර ය. "මුලදී මට හරිම අප්පිරියාවක් දැනුණා. මේ රස්සාවට හුරු නැති නිසා මට ලැජ්ජාවක් දැනුනා. දැන් නම් මට මළපහ ගඳ හුරුයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නැහැ." මීනාදේවි පැවසුවාය. "මේ රස්සාව කරලා ම මගේ නැන්දම්මා මැරුණා. මළපහ ටින්වල පුරවලා ඇය අරගෙන යනවා. මමත් කළේ ඒක ම තමයි. දැන් අපි ටින් පාවිච්චි කරන්නේ නැහැ." "ඒත් ඉතින් අපේ ඉරණම වෙනස් වෙලා නැහැ." සියලු ඡායාරූප හිමිකම් Sudharak Olwe සහ WaterAid සතු වේ. කියවන්න:
කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් පැවසෙයි.
කොරෝනා වසංගතය ලක්ෂ සංඛ්‍යාත ළමුන් කෙරෙහි තර්ජනයක් වී ඇත එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් සමූහයයි. එම රටවල ජීවත්වෙන ජනගහනය කෝටි 180ක් පමණ වෙයි. එක්සත් ජාතීන්ගේ එම වාර්තාව අනුව දකුණු ආසියාතික රටවල එකී ව්‍යසනයට දරුණු මට්ටමින් ගොදුරුව ඇත්තේ කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්ය. මේවනවිට දකුණු ආසියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන දහතුනක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 186,000ක් පමණ වේ. ඉහත කී දකුණු ආසියානු රටවල් ද ඇතුළුව කොරෝනා වසංගත තර්ජනය එල්ල වූ බොහෝ රටවල් ඊට මුහුණදෙන ලද්දේ දැඩි අගුලු දැමීමේ ('ලොක්ඩවුන්') පිළිවෙතක් අනුගමනය කරමිනි. එහෙත් ඒ අතරවාරයේ රෝහල්, ඖෂධ වෙළෙඳසල් සහ සිල්ලර අලෙවිසල් විවෘතව පවත්වාගනු ලැබුණි. සෙසු සියලු අංශ සහමුලින්ම මෙන් වසාදමනු ලැබීමේ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුණි. 'කොවිඩ් -19 වසංගතයේ සෘජු සහ සෘජු නොවන බලපෑම් සහ දකුණු ආසියාවේ ප්‍රතිචාරය' යනුවෙන් නම්කරනු ලැබ ඇති එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් එම රටවල ආණ්ඩු විසින් සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන මූලෝපායී ක්‍රියාමාර්ගයන්, සමාජ සේවාවන් සහ පාසල් අධ්‍යාපනයත් ඇතුළුව ආර්ථික ක්ෂේත්‍රය ගැනත් විපරම් කිරීමක් සිදුකරයි. මුලින් සඳහන් කරන ලද දකුණු ආසියානු රටවල් පහේ වයස අවුරුදු පහට අඩු අතිරේක ළමා මරණ 228,000ක් සිදුව ඇති බවත් එම එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසයි. එම මරණවලට හේතුව ලෙස දැක්වෙන්නේ පෝෂණ ප්‍රතිලාභ සහ ප්‍රතිශක්තිකරණය වැනි ඉතාම වැදගත් සමාජ සේවා නතරවීමය . වාර්තාව පෙන්වාදෙන පරිදි නේපාලයේ සහ බංග්ලාදේශයේ මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර කරනු ලබන ළමුන්ගේ සංඛ්‍යාව 80%කින් පහත වැටුණි. ඒ අතරම ඉන්දියාවේ සහ පාකිස්තානයේ ළමුන් ප්‍රතිශක්තිකරණය පිළිවෙලින් 35% සහ 65% මට්ටමින් පහත වැටී ඇත. එක්සත් ජාතීන් සඳහන් කරන පරිදි 2020 වසර ඇතුළත දකුණු ආසියාවේ වැඩිම ළමා මරණ අනුපාතය වාර්තාවන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ළමා මරණ සංඛ්‍යාව 15.4%ක අනුපාතයකින් ඉහළ ගියේය. ඊළඟට සිටින බංග්ලාදේශයේ ළමා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නේ 13%ක අනුපාතයකිනි. මේ අතර මාතෘ මරණ වැඩිම සංඛ්‍යාව වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙනි.එම මාතෘ මරණ අනුපාතය 21.5%කින් ඉහළ ගිය අතර පාකිස්තානයේ මාතෘ මරණ අනුපාතය 21.3%කින් වැඩිවී තිබිණි. බංග්ලාදේශයේ ළමා මරණ අනුපාතය 13%කින් ඉහළයාමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි මෙහි තවත් ප්‍රවනතාවක් ද දක්නට ලැබෙයි. එනම් අපේක්ෂා නොකළ ගැබ්ගැනීම් ලක්ෂ තිස්පහක් (මිලියන3.5) පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබීමය. එම කාන්තාවන්ගෙන් හාරලක්ෂයක් (400,000) පමණ යොවුන්වියේ පසුවෙන තරුණියෝ වූහ. එම අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට හේතුව ලෙස දැක්වෙන්නේ දුප්පත්කම හෝ උපත්පාලන පහසුකම් නොවීමය. වසංගතයේ පූර්ණ බලපෑම සහ ලොක්ඩවුන් කරනු ලැබීම නිසා පසුව බලපැවැත්වෙන ප්‍රතිවිපාක එම රටවල මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් කෙරෙහි බලපෑම මේවනවිට පැහැදිලි වෙන්නට පටන්ගෙන ඇත. ඉදිරි මාස කීපය තුළ තොරතුරු ගලාඑන්නට පටන් ගැනීමත් සමඟ රටපුරාම මන්දපෝෂණ තත්ත්වයේ නරකම සංඛ්‍යා දත්ත අනාවරණය වෙනු ඇතැයි ඉන්දියානු විශේෂඥයන් විසින් දැනටමත් බිය පළකරනු ලැබ ඇත. ඉන්දියාව වැනි දකුණු ආසියාවේ ඇතැම් රටවල් තවමත් පසුවන්නේ වෛරසය පැතිරයාම පාලනය කරගැනීමේ අරගලයක නිරතවෙමිනි. ඉන්දියාවේ ජාතික මට්ටමේ අගුලු දැමීම පසුගිය ජූනි මාසයේ අවසන් කෙරුණි. එහෙත් වෛරසය පැතිරීම පාලනය කරගැනීම සඳහා ප්‍රාන්ත කීපයක සහ ඇතැම් දිස්ත්‍රික්කයන්හි අගුලු දැමීම් වරින්වර සිදුකෙරෙයි. සෞඛ්‍ය සේවාවන් අඩාලවීම කලාපයේ රටවල වෙනත් ව්‍යාධීන්ගෙන් පීඩා විඳින ජනතාවටත් බලපෑවේය. එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරන පරිදි, සෞඛ්‍ය සේවා අඩාලවීම් හේතුවෙන් ක්ෂයරෝගය, මැලේරියාව, උනසන්නිපාතය සහ එච්අයිවී/ඒඩ්ස් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5,943ක් මරණයට පත්වූ බව හඳුනාගනු ලැබුණි. ඉන්දියානු ප්‍රාන්ත කීපයක කොරෝනා වෛරස් අනතුර තවමත් බල පැවැත්වෙයි කියවන්න;
Gmail හරහා කෙරෙන පෞද්ගලික විද්‍යුත් තැපැල් (email) ගනුදෙනු උපකරණවලට පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී app (ඇප්) නිර්මාණය කරන තුන්වෙනි පාර්ශවීය පුද්ගලයින්ට ද කියවිය හැකි බව ගූගල් සමාගම තහවුරු කර සිටී.
සිය ගිණුම්වලට තෙවෙනි පාර්ශවයක් විසින් නිපදවන ලද app සම්බන්ධ කරගෙන ඇත්නම් එය ගිණුම්වල විද්‍යුත් පණිවිඩ කියවීමට තවත් පුද්ගලයෙකුට ලබා දෙන අවසරයක් වැනිය. මෙය "ප්‍රසිද්ධ" සහ "කුණු රහසක්" බව එක්තරා සමාගමක් වෝල් ස්ට්‍රීට් පුවත්පතට (Wall Street Journal) පවසා තිබේ. කෙසේවෙතත්, මෙම ක්‍රියාව සිය සමාගමේ ප්‍රතිපත්තිවලට එරෙහි නොවන බව ගූගල් සමාගම පවසයි. ගූගල් සමාගම මෙකී ක්‍රියාවට අවසර දීම "පුදුමයක්" බව ආරක්ෂක විශේෂඥයෙක් පැවසීය. බිලියන 1.4 ක පරිශීලකයින් පිරිසක් සිටින Gmail ලොව ජනප්‍රියතම විද්‍යුත් තැපැල් සේවාව වේ. පුද්ගලයෙකුගේ ගිණුමක් තෙවෙනි පාර්ශ්වයක විද්‍යුත් තැපැල් කළමනාකරණ මෙවලමකට සම්බන්ධ කර ගැනීමට හෝ සංචාර සැලසුම්කරණය හා මිල සැසඳුම් වැනි සේවාවන්ට සම්බන්ධ කර ගැනීමටද ගූගල් සමාගම ඉඩ සලසා තිබේ. විද්‍යුත් තැපැල් ගිණුමක් බාහිර සේවාවක් සමග සම්බන්ධ කරන අවස්ථාවේ දී එයට අවසරය දෙන ලෙස ගිණුම් හිමියාගෙන් ඉල්ලීමක් කරන අතර, බොහෝවිට එය "ඔබගේ ලිපි කියවීමට, යැවීමට, මකා දැමීමට සහ කළමනාකරණය කිරීමට" හැකියාව සැලසී ඇත. මෙම අවසරය ලබා දීම තුළින් සමහර අවස්ථාවලදී app නිර්මාණකරුවන්ගේ සේවකයන්ට පවා යම් ගිණුමක විද්‍යුත් තැපැල් කියවිය හැකි බව වෝල් ස්ට්‍රීට් පුවත්පතෙහි සඳහන් වී තිබුණි. 'අවසර ඉල්ලන්නේ නැහැ' සිය සේවකයින් විසින් විද්‍යුත් පණිවිඩ "දහස් ගණනක්" කියවනු ලැබ ඇති සමාගම් සමග වෝල් ස්ට්‍රීට් පුවත්පත සාකච්ඡා පවත්වා තිබිණි. එඩිසන් මෘදුකාංග සමාගම පුවත්පතට පැවසූ පරිදි ඔවුන් මෘදුකාංගයක නව විශේෂාංගයක් නිර්මාණය කිරීම සඳහා සිය ගණනක් පරිශීලකයින්ගේ විද්‍යුත් තැපැල් සමාලෝචනය කර ඇත. eDataSource Inc සමාගම පැවසුවේ ඇල්ගොරිතම වැඩිදියුණු කිරීමේ අරමුණින් සිය පරිගණක ඉංජිනේරුවන් පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට පිවිසුණ බවය. Gmail ගිණුම්වලට පිවිසීමට විශේෂ අවසරයක් අවශ්‍ය නොවන අතර, මෙම ක්‍රියාව ඔවුන්ගේ පරිශීලක ගිවිසුම්වලින් ආවරණය වන බව සමාගම් පවසති. "ඊමේල් ගිණුම්වල කොන්දේසි කියවන්න ඔබේ ජීවිතයෙන් සති කීපයක් ගත වෙන්න පුළුවන්" යැයි සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් පැවසීය. "කොන්දේසිවල මේ දේවල් සඳහන් කර තිබෙන්න පුළුවන්. නමුත්, තුන්වෙනි පාර්ශවයක් වන සමාගමකට අයත් පුද්ගලයෙක් ඔබේ ඊමේල් පණිවිඩ කියවන ක්‍රියාව සාධාරණ යැයි සිතන්න බැහැ," ඔහු තවදුරටත් පැවසුවේය. අදාළ පරිශීලකයන් සිය "ඊමේල් වෙත පිවිසීමට අවසර ලබා දී ඇත්නම් පමණක්" නිසි අවසර ලබාගත් සමාගම්වලට විද්‍යුත් පණිවිඩවලට ප්‍රවේශ විය හැකි බව ගූගල් සමාගම පවසයි. "ගූගල් පරිශීලකයින්ව විස්මයට පත්වන ක්‍රියා නොකළ යුතුයි : ඔබේ මෘදුකාංගයෙහි (app) වෙළෙඳපොළ අරමුණු සමග නොගැලපෙන සැඟවුණු විශේෂාංග, සේවා හෝ ක්‍රියා සිදුවේ නම් ගූගල් API වෙත පිවිසීමේ හැකියාව අත්හිටුවීමට ක්‍රියා කරනු ලැබේ." යනුවෙන් දැක්වෙන නිර්මාපකයින් පිළිබඳ සිය ප්‍රතිපත්තිය පිළිබඳ ගූගල් සමාගම බීබීසී වෙත පැහැදිලි කළේය. Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුමේ ආරක්ෂක පිටුව වෙත පිවිසීමෙන් ගිණුමට සම්බන්ධ app දැකගත හැකිය. ඉන්පසු, තවදුරටත් ඔබේ දත්ත බෙදා ගැනීමට අකමැති app වේනම් ඒවා ඔබේ ගිණුමෙන් ඉවත් කළ හැකිය. මේ තොරතුරුද කියවන්න:
සිංහයෙකු නිවෙසක ඇති දැඩි කිරීම අපට සාමාන්‍යයෙන් ඇසෙන පුවතක් නොවේ. කෙසේ නමුත්, 2014 වසරේදී නිවසක සති 3ක පමණ කාලයක් ඇති දැඩි වූ සිංහ පැටවෙකු පිළිබඳ පුවතක් මොරටුවෙන් වාර්තා විය.
"මේ පැටියා කිසි ම වේලාවක දිව්වේ නැහැ, හැබැයි ගෙදර සහ මිදුලේ හැම තැන ම ඇවිද්දා" 2014 වසරේදී මෙම සිදුවීම ගැන මාධ්‍යයෙන් යම් හෙළිදරව්වක් සිදුකළත්, මේ පිළිබඳ තොරතුරු රහසක්ව තබා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙන් ම, සිංහයා බලා කියා ගත් මොරටුව පදිංචි හේෂාන් මෙන්ඩිස් කටයුතු කර තිබිණි. සත්වයාට නිදහසේ හැදී වැඩීමට අවකාශය ලබාදීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 පසුගිය සතියේ සතුන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් හේෂාන් මෙන්ඩිස් ප්‍රථම වරට සිය නිවසේ ඇති කළ සිංහ පැටවා ගැන තොරතුරු හෙළි කළේ ය. සුනඛ මවක් සහ සිංහ පැටියෙකු අතර ඇති වූ එම අපූරු ගනුදෙනුව ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට බීබීසී සිංහල සේවය හේෂාන් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගත්තේ ය. "එදා රෑ 7ට විතර සිංහ පැටියව අපේ ගෙදරට ගෙනාවා. එතකොටත් එයා ගොඩක් දුර්වල තත්වයක හිටියේ" - හේෂාන් මෙන්ඩිස් "දෙහිවල සත්තු වත්තේ සිංහ අම්ම කෙනෙකුට පැටව් හතර දෙනෙකු හම්බ වුණා. නමුත් ප්‍රශ්නය වුණේ, සිංහ අම්මා පැටවුන්ට කිරි දෙන එක ප්‍රතික්ෂේප කිරීම යි. ඒ නිසා පැටව් තුන් දෙනෙක් ටික වෙලාවක් ඇතුළත මැරුණා." සිංහ පැටවාගේ මව "එක පැටියෙක් විතරක් බේරගන්න පුළුවන් වුණා. එයාට මැරෙන්න නොදී බේරා ගන්න ඕනෙ නිසා විකල්පයක් ලෙස කිරි දෙන්න පුළුවන් බල්ලෙක් හෙව්වා. එතකොට මගේ බල්ලා "ෂෙලී" පැටව් දාලා දවස් 6 යි. කොහොම හරි ඒගොල්ලෝ මාව සම්බන්ධ කර ගත්තා" යැයි හේෂාන් පැවසීය. මේ තොරතුරු ද කියවන්න: "පාන්දර 3 විතර වෙනකොට ෂෙලී සිංහ පැටියව එයාගෙම පැටියෙක් වගේ ලෙව කාලා හුරතල් කරන්න ගත්තා" සිංහ පැටියා බලු පැටව් සමග සිංහයෙකු නිවසක තබා ගැනීම නීතියෙන් තහනම් වූ ක්‍රියාවක් හේතුවෙන් මෙම ඉල්ලීමට මුලින් කැමැත්තක් නොදැක්වූවත්, එවැනි ගැටලුවක් ඇති නොවන බවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බලධාරීන් තහවුරු කළ පසු සිංහ පැටවා සිය භාරයට ගත් බව හේෂාන් පැවසුවේය. "එදා රෑ 7ට විතර සිංහ පැටියව අපේ ගෙදරට ගෙනාවා. එතකොටත් එයා ගොඩක් දුර්වල තත්ත්වයක හිටියේ. අනික සිංහ පැටියාට පොඩි කාලයේ තිබුණේ පූසෙකුගේ පෙනුමක්. ඒක නිසා, මගේ බල්ලා ෂෙලී මේ පැටියට අනතුරක් කරයි කියලා බය හිතුණා" සුනඛ මවට තුරුළු වී නිදන සිංහ පැටවා "සිංහ පැටියා ගොඩක් දුර්වල වෙලා හිටිය නිසා අපිට ඕන වුණේ කොහොමහරි මගේ බල්ලගෙන් කිරි ටිකක් දෙන්න" "විවිධ ක්‍රම අත්හදා බලලා අවසානයේ පාන්දර 2කට විතර ෂෙලී කිරි දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට තිබුණු බය තමයි ෂෙලී කොයි වෙලාවේ හරි මේ පැටියට අනතුරක් කරයි කියලා" "නමුත්, පාන්දර 3 විතර වෙනකොට ෂෙලී සිංහ පැටියව එයාගෙ ම පැටියෙක් වගේ ලෙව කාලා හුරතල් කරන්න ගත්තා," හේෂාන් විස්තර කළේ ය. එලෙස සුනඛ මවත් සමග මිතුරු වූ සිංහ පැටවා, සෙසු බලු පැටව් සමග එකට සුරතල් වෙමින්, කිරි බොමින්, කෙළිදෙළෙන් කාලය ගෙවන ආකාරය හේෂාන් මෙන්ඩිස් රූගත කළ වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. "බලු පැටව් සීතල හොයාගෙන යනකොට සිංහ පැටියා හොයාගෙන ගියේම උණුසුම් තැන්" "සිංහ පැටියෙක් කියලා වෙනසක් තිබුණේ නැහැ, සිංහ පැටියා බලු පැටව් එක්ක එකතු වෙලා හිටියා. පොඩි වෙනස්කම් තිබුණා. බලු පැටව් සීතල හොයාගෙන යනකොට සිංහ පැටියා හොයාගෙන ගියේ ම උණුසුම් තැන්." "මේ පැටියා කිසි ම වේලාවක දිව්වේ නැහැ, හැබැයි ගෙදර සහ මිදුලේ හැම තැන ම ඇවිද්දා." මෙම සිංහ පැටවා නිවසේ සිටින සියලු දෙනා සමග ම සුරතල් වෙමින් සිටින ආකාරය හේෂාන් අපට දුන් ඡායාරූපවල දක්නට හැකි ය. මෙලෙස සති තුනක් මොරටුව පිහිටි හේෂාන්ගේ නිවසේ ඇති දැඩි වූ සිංහ පැටවා, නැවතත් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාර දී ඇත. ඒ වන විට සිංහ පැටවාට අවශ්‍ය ආහාර ආනයනය කිරීමට දෙහිවල සත්වෝද්‍යානය කටයුතු කර තිබිණි. "පැටියා නැවත භාර දෙනකොට ඇත්තට ම ගොඩක් දුක හිතුණා. ෂෙලී දවස් දෙකක් කෑම කෑවේත් නැහැ. මීට කලින් අපි ෂෙලීගේ පැටව් එළියට දීලා තියෙනවා, එතකොටවත් ෂෙලී මෙහෙම හැසිරුණේ නැහැ. මේ බැඳීම හරි පුදුම දෙයක්." "පෞද්ගලිකව සිංහයා මගේ ආස ම සතා. නමුත් මම හීනෙකින් වත් හිතුවේ නැහැ මට සිංහයෙක් ඇති කරන්න ලැබෙයි කියලා. ඒ සති තුන තමයි මගේ ජීවිතයේ දුෂ්කර ම වගේ ම සතුටු ම සති තුන. පැය දෙකෙන් දෙකට කිරි දෙන්න සලස්වන්න ඕනේ නිසා දවසකට නිදා ගත්තේ පැය 2යි." හේෂාන් තවදුරටත් පැවසීය. දැන් ඒ සිංහ පැටියා සිටින්නේ කොහේද? 2014දී දෙහිවල සත්වෝද්‍යානයට නැවත භාර දුන් සිංහ පැටවා දැන් අවුරුදු හතරක හොඳින් වැඩුණු කේසර සිංහයෙකි. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මෙම සිංහයා වසර 2කට පෙර රිදියගම සෆාරි උද්‍යානයට මාරු කර යවා තිබේ. දෙහිවල සත්වෝද්‍යානයේ මෙන් කූඩුවක සිර නොවී තවත් සිංහයන් පිරිසක් සමග එළිමහනේ අක්කර කීපයක භූමියක නිදහසේ සැරිසැරීමට මෙම සිංහයාට දැන් හැකිවී තිබේ. වසරක් වයසැති සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේ සිටියදී "සිංහයා දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්න කොට මම ගිහින් බැලුවා. හැබැයි රිදියගම ගියා ම දුර වැඩි නිසා මට නිතර බලන්න යන්න බැරි වුණා. එයාට අවුරුදු දෙකක් පිරෙන කාලයේ රිදියගම ගිහින් බැලුවා ම මම දුටුවේ හොඳට වැඩුණු සිංහයෙක්." "මට එයාව ළඟට ගිහින් බලන්න ඕනේ වුණ නිසා, නිලධාරීන් එයාව කූඩුවකට ගෙනාව. මම හිතුවා එයා මාව අඳුර ගනීවි කියලා. මම බය නැතුව ළඟට ගිහිල්ලා අත ගානකොට එයා ආදරෙන් බලන් හිටිය. එයා හොඳට මාව අඳුර ගත්තා. මට තිබුණේ තවත් බල්ලෙක් අතගානවා වගේ හැඟීමක්" යැයි හේෂාන් පැවසුවේය. තමන් කිරි දුන් සිංහ පැටවා දැක බලා ගැනීමට සුනඛ මවට අවස්ථාවක් හිමි නොවූයේදැයි අප විමසූ විට හේෂාන් පැවසුවේ කරණා කීපයක් මත එය සිදු නොවූ බව ය. "මම බය නැතුව ළඟට ගිහිල්ලා අතගානකොට එයා ආදරෙන් බලන් හිටිය. එයා හොඳට මාව අඳුර ගත්තා" "ඇත්තට ම සත්තු ගොඩක් ඉන්න තැනකට ගියා ම ෂෙලීට සෞඛ්‍ය ගැටලු මතු වෙන්න පුළුවන්. අනික සත්තු වත්තට බල්ලෙක් අරන් යන එක ලේසි නැහැ. මේ හේතු උඩ ඒ දේ සිද්ධ වුණේ නැහැ." "හැබැයි මම හිතනවා එහෙම හමුවීමක් සිදුවුණොත් දෙන්නට දෙන්න අඳුර ගනීවි කියලා," මෙම අපූරු බැඳීම ගැන අදහස් දක්වමින් හේෂාන් තවදුරටත් පැවසීය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක පැවති නියං තත්වය හමුවේ රට තුළ ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීහු පසුගියදා අනතුරු ඇඟවූහ.
ආහාර හිඟයට 'ස්වයංජාත ඇල් සහල්'? රට තුළ ආහාර හිඟයක් ඇති වුනොත් කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටුකොළ හා කෝප්ප කොළ වැනි ශාක පත්‍ර ආහාරයට ගතහැකි බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් ඒ දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය. මේ අතර ඇතිවිය හැකි ආහාර හිඟයකට විකල්පයක් වශයෙන් වී ශාකයට බෙහෙවින් සමාන 'ස්වයංජාත ඇල් සහල්' නමින් හඳුන්වනු ලබන ධාන්‍ය විශේෂයක් වගාකරන බෞද්ධ හිමිනමක් පිළිබඳ නුවරඑළියෙන් වාර්තා වේ. නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' ගසෙන් ලබා ගන්නා ධාන්‍යය, හාල්වලට බෙහෙවින් සමානවන අතර වගාව සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතාමත් අඩුවෙනි. 'බෞද්ධ ඉතිහාසයේ' "මෙහි විශේෂත්වය තමයි වෙනත් වී ඇටවල වගේ පොත්තක් මේ වීවල නොවීම. වී පොත්ත නැතිවයි ඵලදාව ලැබෙන්නේ. වාර්ෂිකව එක පඳුරකින් කිලෝ දහයක් දොළහක් ගන්න පුළුවන්" යයි කුසලඥාණ හිමියෝ පවසති. මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' පිළිබඳව බෞද්ධ පොතපතේ ද දැක්වෙයි. "මේ වී වර්ගය පිළිබඳ අපට මුලින්ම ආරංචි වෙන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ. ස්වයංජාත ඇල් හාල් නමින් ධාන්‍ය වර්ගයක් බුදුහාමුදුරුවොත් සඳහන් කරලා තියෙනවා" යනුවෙන් එහිමියෝ කියා සිටියහ. මිනිස් පරිභෝජනයට? නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමි ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය. බොහෝ කාලයක පටන් වියලි කලාපයේ හේන්වල 'ස්වයංජාත ඇල් සහල්' වගා කර ඇති බව කී ඇය එම ධාන්‍ය වර්ගය මිනිස් පරිභෝජනය සඳහා යොදා ගැනීමේ බාධාවක් නොමැති බව සනාථ වී ඇති බවත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් භික්ෂූන් වහන්සේ පවසයි.
පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් පවසන ආකාරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ කලා විෂය ධාරාව සඳහා භික්ෂූන් වහන්සේ නමක් වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ප්‍රථම වතාවටය. "මීට කලින් 1960 ගණන්වල එක හාමුදුරු නමකට දෙවෙනි ස්ථානය ලැබිල තියෙනව කියල කියනවා. නමුත් දැන් තියන මතයට අනුව මම තමයි ප්‍රථම වතාවට ප්‍රථම ස්ථානයට ඇවිල්ල තියෙන්නේ," එහිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ. විශේෂයෙන්ම රත්නපුර සද්ධම්මාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ සහ ඇතැම් උපකාරක පන්තිවල ද මග පෙන්වීමෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව මහත් සතුටක් දැනෙන බව සඳහන් කළ උන් වහන්සේ, විශ්ව විද්‍යාලයට ඇතුළු වී ඉතිහාසය විෂය සඳහා උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන බව ද පැවසූහ. "අපේ ගුරුවරු හොඳයි. ඒත් අපිට ඉගෙන ගැනීමට තියෙන පහසුකම්, උදාහරණයක් විදියට තාක්ෂණය ගත්තොත් පහසුකම් මදි කියල තමයි කියන්න තියෙන්නේ පිරිවෙන්වල." පිරිවෙන්වලට ලබන පහසුකම් පිළිබඳව "බොහෝ දුරට රජයෙන් සොයා බැලීම් කරනවා අඩුයි," බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි පත්බේරියේ මුනින්දවංශ හිමියෝ, පිරිවෙන්වලට "පාසලට තරම්" පහසුකම් නොලැබෙන බව පෙන්වා දුන්හ. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස තමා ලබාගත් ජයග්‍රහණය උපයෝගී කරගැනීම එහිමියන්ගේ අපේක්ෂාවය. බොහෝ භික්ෂූන් වහන්සේට පිරිවෙන්වල හෝ අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවතින නමුත් එවැනි පහසුකමක් හෝ නොමැති භික්ෂුණී වහන්සේ පිළිබඳව විමසූ අවස්ථාවේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි විය යුතු බවය. තවත් යොමු: 90,000 කට සුදුසුකම් නෑ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල ප්‍රකාර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 253,483 ක් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබ තිබෙන්නේ 163,104 ක් පමණි. ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90,379ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නැත. විභාග ප්‍රතිඵල ලබාගැනීම පිණිස www.doenets.lk වෙබ් අඩවියට පිවිසෙන මෙන් විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙන විභාග දෙපාර්තමේන්තුව, ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිණිස අයදුම් කිරීමේ අවසාන දිනය ලබන වසරේ ජනවාරි 15 වෙනි දින බව ද නිවේදනය කර තිබේ. එක් විෂය ධාරාව සඳහා දිවයිනේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම්, ඔවුන් පෙනී සිටි පාසල ද සමග පහත දැක්වේ. ජෛවීය විද්‍යා විෂය ධාරාව භෞතික විද්‍යා විෂය ධාරාව වාණිජ විෂය ධාරාව කලා විෂය ධාරාව ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව පොදු / වෙනත් විෂය ධාරාව
ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අහිමි වූයේ වතුකරයේ දෙමළ ඡන්දාදයකයන් පාලක සන්ධානයට සහාය පළකිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
'වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා' ඔහු ඒ බව කියා සිටියේ කොළඹදී කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. තම ආගමනයත් ආණ්ඩුවට එරෙහිව තිබූ ජනතා විරෝධයත් නිසා එක්සත් ජාතික පක්ෂයේ ජන්ද ප්‍රතිශතය ඉහල දැමීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය. "වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. "ලංකා කම්කරු කොංග්‍රසය, දිගම්බරම්ගේ පක්ෂය සහ කඳුරට ජනතා පෙරමුණ වැනි දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකයන් ආණ්ඩුවෙන් ඉල්ලද්දී තමයි අපි තනි පක්ෂයක් විදිහට ඉල්ලුවේ. ඒ නිසා එතන අපිට අවාසියක් සිදුවුණා." පුද්ගල දේශපාලනය තමන්ට තිබූ ජනතා ආකර්ෂණය ඌව මැතිවරණයේදී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතු වූ ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයකදී ජන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජනතා ආකර්ෂණයක් තිබෙන්නේ දැයි බීබීසී සංදේශය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, පුද්ගලයා දෙස බලා ඡන්දය දීම වෙනුවට වැඩපිළිවෙලකට සහාය පළකරන තත්වයකට ජනතාව ගෙන යායුතු බවයි. "මට ලැබුනේ පෞද්ගලික ජන්දයක්. අපි ඒ නිසා එතනින් ලැබුණු ගැම්ම අපේ පක්ෂයට පෙරළා ගන්න පුළුවන් විදිහට මේ තත්වය නිර්මාණය කරන්න ඕනේ." මැතිවරණයෙන් අනතුරුව එජාප ආධාරකරුවන් '14 දෙනෙක් රෝහල්ගත කරලා' වර්තමානයේ ශ්‍රී ලංකාව විනාශ වී තිබෙන්නේ පුද්ගල දේශපාලනය නිසා බවද හරීන් ප්‍රනාන්දු පැවසීය. "මහින්ද රාජපක්ෂත් එක්ක ඡන්දය කරනවා නම් ඔහුගේ චරිතය බලල ඡන්දය දෙන පිරිසක් ඉන්නවා. දේශපාලනයේ වැඩි අවධානයක් නැති අය බලන්නේ පුද්ගලයෝ දිහා. නමුත් අපි විශ්වාස කරන්නේ පුද්ගලයා දිහා බලල ඡන්දය දෙන එක නෙවෙයි. වැඩපිළිවෙල බලල ඡන්දය දෙන තැනකට අපි ඉදිරි කාලයේදී වෙනස් කර ගත යුතුයි." ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ප්‍රබල චරිත කිහිපයක්ම ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයට එක්විය හැකි බවට ඉඟියක්ද පළකළ ඌව පළාත් සභා මන්ත්‍රීවරයා, ඔවුන් එක්කර ගතයුත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බවද පැවසීය. මැතිවරණය අවසන් වුනු පසු තම ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මේ වන විට 14 දෙනකු රෝහල් ගතකර ඇති බවත් එයින් හය දෙනකු බරපතල තුවාල ලබා ඇති බවද ඔහු කියා සිටියේය. "අපි දේශපාලනයේ ප්‍රතිපත්ති එක්ක ගහගත්තා මිසක් අතින් පයින් ගහගන්න ඕනේ නැහැ. ඒත් කාටහරි ගහගන්න ඕනෙනම් මන් කියන්නේ ඒ මන්ත්‍රීවරයාට මාත් එක්ක ගහගන්න, මගේ මිනිස්සුන්ට ගහන්න එපා. මේ හදන්නේ ඊළඟ ඡන්දෙට වැඩකරන්න එපා කියල බයකරන්න." එක්සත් ජාතික පක්ෂයේ තිබුණු අර්බුද අවසන් අතර, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උපනායක රවී කරුණානායක අතර තිබූ විරසකයද අවසන් බවත් මාධ්‍යවේදීන් අමතමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.
කාශ්මීරයේ ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමූ බව ඉන්දීය බලධාරීහු පවසති.
පකිස්ථානය සහ ඉන්දියාව අතර කාශ්මීර දේශ සීමාවේ උණුසුම් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ එම ප්‍රහාරකයන් තිදෙනා ඉන්දියානු හමුදා ඇඳුමින් සැරසී සිටි බවයි හමුදා ප්‍රකාශක කර්නල් රාජේෂ් කාලියා පැවසුවේ. කුප්වාරා දිස්ත්‍රික්කයේ හමුදා කඳවුර අසළ පැවති දරුණු වෙඩි හුවමාරුවකින් පසු සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය මාසයේ වෙනත් ඉන්දියානු හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දියානු හමුදාවෙ 18 දෙනෙකු මරා දැමුණු අතර ඒ පිළිබඳව චෝදනාව එල්ලවූයේ පකිස්තනයටයි. එහෙත් පකිස්ථානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි. කාශ්මීරයේ අයිතිය පිළිබඳව ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම උරුමකම් කීම හේතුවෙනුයි මතභේදයක් ඇතිවී තිබෙන්නේ. පොලිස් අධිකාරී ගුලාම් ජීලනි AFP පුවත්සේවයට පැවසුවේ හමුදා කඳවුර අසලදී ඉන්දියානු හමුදාව සහ ප්‍රහාරකයන් අතර වෙඩි හුවමාරුවක් පැවති බවයි. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම න්‍යෂ්ඨික අවි බලය සහිත වන අතර පසුගිය මාසයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු දේශ සීමාව අසල සටන් පැවතීම පිලිබඳ එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති. පසුගිය සතියේ ඉන්දියාව පැවසුවේ ආරක්ෂක පියවරක් ලෙස දේශ සීමාවේ දී සැකකටයුතු සන්නද්ධකරුවන් පිරිසකට ප්‍රහාරයක එල්ල කල බවයි. එහෙත් කිසිදු උසිගැන්වීමකින් තොරව සිදුකළ කාලතුවක්කු ප්‍රහාරයකින් හමුදා සෙබළුන් දෙදෙනෙකු මිය බවයි පකිස්ථානය පැවසුවේ.
පොළොන්නරුවේ වලේ කඩේ නමින් හැඳින්වෙන කුඩා කඩ වීදියේ ඇති සමූපකාර ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට අපූරු නාම පුවරු දෙකක් දකින්නට ලැබේ.
"සේවාමුක්ත භටයින්ගේ ගොවි ජනපද ව්‍යාපාරය පොළොන්නරුව ශ්‍රී. බු. ව. 2481 10 13," යනුවෙන් වම් පස ඇති පුවරුවෙන් දැක්වෙන අතර දකුණු පස පුවරුවෙහි එම අදහසම ඉංග්‍රීසියෙන් ලියා තිබේ. දිනය 20. 01.1947 ලෙස සඳහන්ව තිබේ. මෙය දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳී මිත්‍ර පාක්ෂික හමුදා සමග එක්ව සතුරු පාර්ශ්වයන්ට එරෙහිව සටන් කළ ශ්‍රී ලාංකික සොල්දාදුවන් වෙනුවෙන් ඉදි කළ එකම ගොවි ජනපදය බව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ. සේවාමුක්ත භටයන්ගේ ගොවි ජනපදයෙහි පදිංචි කරවා තිබෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වූ එකී භටයන්ය. සේවාගම, ලක්ෂඋයන, විජයබාහුපුර, සිංහපුර, වැවේ තැන්න සහ ට්‍රැක් නමයේ සිට ට්‍රැක් දාහතර දක්වා ඇති ගම්මාන එකොළහ සේවාමුක්ත භටයන්ගේ ජනපදයට අයත් බව සේවාගම පදිංචි රාජකීය යුද හමුදාවේ හිටපු සෙබලෙකු වන කෝට්ටේ කෝලිත බබුන් අප්පුහාමිලාගේ පේද්‍රික් අප්පුහාමි බීබීසී සිංහල සේවයට පැවසීය. සේවාමුක්ත භටයින්ගේ නිවෙස්වල ඇති සිහිවටන වයස අවුරුදු අනූඅටක් වුවත් තවමත් උපැස් යුවලක් නැතිව පොත පත බලන පාපැදියෙන් ගමන් බිමන් යන මේ වයෝවෘද්ධ යුද සෙබලාට අවුරුදු හැත්තෑ එකකට එපිට සිද්ධී දින වකවානු සහිතවම තවමත් හොඳින් මතක තිබේ. "ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ එක් දහස් නමසිය හතලිස් දෙකේ අප්‍රේල් මාසේ පස්වැනිදා උදේ. එදා ඉරිදා දවසක්. එතකොට මගේ වයස අවුරුදු විසි එකයි. රට පාලනය කළේ ඉංග්‍රීසි කාරයෝනේ. යුද්ධයක් වුනාම මිනිස්සුන්ට කොච්චර වැඩ තියෙනවද? ඉතින් අපටත් හමුදාවට බැඳෙන්න අවස්ථාව ලැබුනා," වයෝවෘද්ධ සොල්දාදුවා අතීතය ස්මරණය කරන්නේ සිනාසෙමිනි. "යකඩ තොප්පි, යකඩ සපත්තු, බයිනෙත්තු හයි කරපු රයිෆල්, කාකි පාට දික් කලිසම් වලින් ආයිත්තන් වුන සුදු යුද්ධ භටයෝ දැක්කම අපටත් ඒ විදියට ඉන්න ඇත්නම් කියලා හිතුනා. ඇත්තටම අපේ කොල්ලෝ ඒ කාලේ යුද්දෙට බැඳුනේ නිවාඩුවට දික්කලිසම් ඇඳගෙන ගමට එන්න තියෙන ආශාවටත් එක්ක. හේතුව කියන්න ඕන නෑනේ," දරුවන් පහළොස් දෙනෙකුගේ පියෙකු වන පේද්‍රික් අප්පුහාමි පැවසීය. "අපට දියතලාවේ කඳවුරේදි හොඳ පුහුණුවක් දුන්නා මහා බර මල්ලක් පිටේ බැඳගෛන. යකඩ උල් බෝතල් කටු පුරුවලා තියෙන අඩි දහයක් පළල වලකින් එහා පැත්තට පනින්න ඕනෑ. පිම්ම වැරදුනොත් ඉවරයි. බයටම පනිනවා. ඕන්න ඔහොමයි සුද්දෝ අපට පුහුණුව දුන්නේ. මම බරවාහන එළවන්නත් පුහුණු වුනා." පුහුණුවෙන් පසුව ඔහු ඇතුලු කණ්ඩායම බ්‍රිතාන්‍යයට රැගෙන යනු ලැබිණ. නිල ඇඳුමින් සැරසුන පේද්‍රික් අප්පුහාමි බිරිඳ සමග "ඉතාලියේ තිබුන සුද්දන්ගේ මහ කඳවුරට ගහන්න ඇවිත් තමයි ජපන්කාරයෝ සල්ලන් වුනේ. මම මේවා දෑහින්ම දැක්කා. මම බරවාහන රියදුරෙක් හැටියට තමයි රාජකීය හමුදාවට සේවය කළේ. මගේ මාසේ පඩිය රුපියල් හැටයි. මොකද මම රියදුරෙක්නේ. රුපියල් හතලිස්පහක් පඩි ගත්ත අයත් සිටියා. තවමත් අපට පැන්ෂන් එක ලැබෙනවා." විනාඩියක් පමණ නිහඬව සිටි විශ්‍රාමික සොල්දාදුවා නැවතත් මතකය අවදි කළේය. "එකදහස් නමසිය හතලිස්පහේ අගෝස්තු දහනමවැනිදා තමයි යුද්ධෙ අවසන්වුනේ. හතලිස් හයේ ජනවාරී මාසේ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වලා අපි ලංකාවට එව්වා." 'යුනිෆෝම් එක වේයෝ කෑවා' බොහෝ කාලයක් සිය හමුදා ඇඳුම් ආරක්ෂා කරගෙන සිටියත් පසුව ඒ සියල්ල විනාශ වූ බවද පේද්‍රික් අප්පුහාමි පැවසීය. "වැහි කාලෙට ගෙදර තෙමෙනවා. හැමතැනම වේයෝ. ඉතින් යුනිෆෝම් එකත් වේයෝ කෑවා. මගේ බිරිඳට ටිකක් සනීප මඳි. හමුදා ඇඳුම පරිස්සමට තියෙන කාලේ අපි දෙන්නා එකට ඉඳල ගත්තු පිංතූරෙ තමයි ඔය මේසෙ උඩ තියෙන්නේ." ශ්‍රී ලාංකික තරුණයන් දස දහස් ගණනක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ බවත් ඩීඑස් සේනානායක අගමැතිවරයා සේවාමුක්ත භටයන්ගේ ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කළේ සේවාමුක්ත භටයන්ගේ සුභසාධනය පිණිස එංගලන්ත ආණ්ඩුවෙන් ලබාදුන් අරමුදල්වලින් බවත් ඔහු පැවසීය. "ඩීඑස් සේනානායක අගමැතිතුමා දැනුම් දීමක් කළා අපට පොළොන්නරුවෙන් අක්කර දාහතක ඉඩමකුත් මධ්‍යම පාන්තික නිවසකුත් දෙනවා කියලා. සේවාමුක්ත භටයෝ දහ දාහකට වඩා පොළොන්නරුවට ආවා." එහෙත් එහි පැවති ඉතා දුෂ්කර තත්ත්වය හේතුවෙන් එහි නැවතුනේ අටසිය දෙනෙකු පමණි. "බොන්න වතුර ටිකක් නෑ. ඒ මදිවට මැලේරියා මදුරුවෝ. අද සේවාගම පාසල තියෙන තැන තමයි අපේ කඳවුර තිබුනේ. අපි අක්කර විසිදාහක විතර කැළෑවක් එළිපෙහෙලි කළා. ගෙවල් හැදුවා. ඒ කියන්නේ අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් අපිම සකස්කරගත්තා. ආණ්ඩුවෙන් උදව් කළා. හැබැයි පොරොන්දු වුන අක්කර දාහත වෙනුවට ලැබුනේ ගොඩින් අක්කර තුනයි මඩින් අක්කර පහයි. අර කියපු මධ්‍යම පාන්තික නිවසයි විතරයි. මේ පොළව සංවර්ධනය කරන්න අපි විඳපු දුක කියලා නිමකරන්න බෑ." ජනපතිගේ පියා පොළොන්නරුවේ සේවාමුක්ත භටයින්ගේ ජනපදයේ දැනට ජීවතුන් අතර සිටින්නේ සොල්දාදුවන් සත් දෙනෙකු පමණි. විජයබාහුපුර පදිංචිව සිටින අනූහය හැවිරිදි වෙලගෙදර සේකර ද එයින් එක් අයෙකි. සෙස්සෝ මිය ගොසිනි. "රාජකීය හමුදාවෙන් මුදාහැරියට පස්සේ මම අදහස් කළේ පොලීසියට බැඳෙන්න. නමුත් ගොවිතැනට ඇති ලැදිකම නිසා පොළොන්නරුවට ආවා. මගේ උපන්ගම මාතලේ මුවන්ගම. බිරිඳ තවමත් ජීවතුන් අතර සිටිනවා," වෙලගෙදර සේකර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය. "අපි එදා වැඩවර්ජන දෙකක් කළා. එකක් පොරොන්දු වුන ඉඩම් අක්කර දාහත වෙනුවට අක්කර අටක් ලබාදීමට විරෝධය පළකරමින්. එදා ඉඩම් ඇමතිව සිටි සීපී ද සිල්වා අපට කිව්වා උඹලා ඔක්කොම සමසමාජ කාරයොයි කොමිනිස් කාරයොයි නිසා ගොවිතැන් කරයිද නැද්ද කියලා විශ්වාසයක් නෑ. සමහර විට දාල යන්නත් පුළුවන් ඒ හන්දා අක්කර අට හොඳටම ඇති කියලා. දෙදාහක් විතර ආපු සෙනඟෙන් ඉතුරුවුනේ සුළු පිරිසක් නිසා කථාවත් ඇත්තනේ." එබැවින් පළමු වැඩ වර්ජනය අසාර්ථක විය. අනූහය හැවිරිදි වෙලගෙදර සේකර "අනෙක් වැඩ වර්ජනය කළේ අපේ ඉහළ නිලධාරීන් දාහතර දෙනෙක් සේවයෙන් පහකිරීමට විරුද්ධව. භාරදුන්න වැඩ කොටස හරියට කළේ නෑ කියල තමයි ඒ අයගේ වැඩ තහනම් කළේ. අපි උසස් නිළධාරීන්ට කරුණු කාරණා පෙන්වා දීලා වැඩතහනම ඉවත්කරගත්තා." රට රැක ගැනීමටත් සංවර්ධනය කිරීමටත් විශාල මෙහෙවරක් කළ තමන්ට එදා මෙන්ම අදත් නිසි සැළකිල්ලක් නැති බවට මෙම සේවා මුක්ත භටයෝ චෝදනා කරති. "මුල් කාලෙදි අපට රුපියල් පන්සීයක පැන්ෂන් පඩියක් ලැබුනා. අවුරුදු හත අටක ඉඳලා දෙදාහක් ලැබෙනවා. සුද්දෝ එහෙම වැඩපිළිවෙලක් සකස්කරලා දුන්නත් අපේ අය කරන්නේ බොරුව." විජබාහුපුර පදිංචි අසූහතර හැවිරිදි ජේමිස් නැන්දා රාජකීය හමුදාවේ සෙබළෙකුගේ බිරීඳකි. "මහත්තයා නම් දැන් ජීවතුන් අතර නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ තාත්තා තමයි ඇල්බට් සිරිසේන ආරච්චි මහත්තයා. අපේ මහත්තයාගේ හොඳම යාළුවා. උන්නැහෙත් සේවාමුක්ත භටයෙක්. ලක්ෂඋයන ගමේ තමයි පදිංචිවෙලා හිටියේ. මේ පැත්තේ ඇවිත් ගියොත් වතුර කෝප්පයක් හරි බොන්නේ අපේ ගෙදරින් විතරයි." බොහෝ සේවා මුක්ත භටයන්ගේ නිවෙස්වල දැන් පදිංචිව සිටින්නේ ඔවුන්ගේ දරු මුණපුරන්ය. බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවන් වූ තම ඥාතීන්ගේ සෙබල පළඳනා මහාර්ඝ වස්තූන් සේ ඔවුහු තවමත් ආරක්ෂා කරති. තවත් කියවන්න:
කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (දෙසැම්බර් 09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. පැහැරගෙන යාමට ලක්වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද දින නියම කරනු ලැබිණි. ඊයේ දිනයේදී අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය ඊයේ දින අවසන් කර ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. වෛද්‍යවරියක ඉදිරියේ එම පරීක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඇයට අද දින කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් නීතිඥ කුමාරප්පෙරුම එහිදී කියා සිටියේය. ඒ පිළිබඳව කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළේ සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් සිදුකරන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරු බවත්, එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය. මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙසේ වෙතත් මෙම කාන්තාව වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය. මෙහිදීඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්ත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවකි. එහිදී අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ මෙම අවස්ථාවේ තම සේවාදායිකාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බවය. අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් ප්‍රකාශ කරන හෙයින් එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. ඊට අමතරව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාවගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අද දිනයේද ඇයව කැඳවා ඇති බව සඳහන් කළේය. අදාළ කාන්තාවගෙන් ඊයේ සවස 5.30 සිට අද අලුයම 2.30 දක්වා පැය නවයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව වෙත විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හැකිතාක් ඉක්මනින් ඉවත් කරගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය ලබන 12 වනදා වාර්තා කරන ලෙස ද නියම කළාය. ඒ අනුව ඇයට පනවා තිබු තාවකාලික විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 12 දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ සිටින ස්විස් තානාපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත විය. පරීක්ෂණ ඉදිරියට ගෙනයාම සඳහා, පැහැරගැනීමට ලක්වූ බව පවසන නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ඇය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කළ ඉල්ලීමට ස්විට්සර්ලන්තය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික මත ගැටුමක් පවා ඇතිව තිබිණි. සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තත්ත්වයක ඇය නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මින් පෙර සඳහන් කර කළේය. ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පසුගිය 3 වැනිදා කරුණු වාර්තා කරමින් අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය. එහි සඳහන් වුයේ දෙසැම්බර් 9 වැනිදාට පෙර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසය. ඒ අනුව ඊයේ (දෙසැම්බර් 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාන්තාව ප්‍රකාශයක් දීමට කටයුතු කර තිබිණි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ දින සවස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටිනු එහි ගිය මාධ්‍යවේදීන්ට ද දක්නට ලැබිණි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය "මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය එමගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඉරිදා (දෙසැම්බර් 01) නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය.
කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද (දෙසැම්බර් 16) අත්අඩංගුවට ගන්නා ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ, අදාළ කාන්තාව දෙසැම්බර් 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (දෙසැම්බර් 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක පැවසුවේ, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවය. අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇයව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද රැගෙනවිත් තිබිණි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව දෙසැම්බර් 12 වෙනිදා මේ සම්බන්ධ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ ඉකුත් දිනක අධිකරණය විසින් දෙන ලද නියෝගය පරිදි පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවය. ඒ අනුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අදාළ කාන්තාව ලක් කෙරුණද ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇතැයි සඳහන් කළේය. ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කළාය. එසේම අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් අදාළ කාන්තාව වෙත පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින නියම කළාය. මේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී අදාළ කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඇය අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවෙසේ දී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඇගේ නීතිඥයින් කළ ඉල්ලීමට අධිකරණය එදින එකඟ නොවීය. පසුගිය 09 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක නොවැම්බර් මස 25 වෙනිදා හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමග ඒ සම්බන්ධ විමර්ශන ඇරඹුණු අතරම එය යම් තරමකට රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක ස්වරූපයක් දරන්නට විය. "මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක දැක්විණි. එයින් ස්විට්සර්ලන්තය වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඊට පසු දිනක නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක් අද උදෑසන හමු වූහ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මේ හමුවේදී, ජනාධිපතිවරයාගේ පත්වීම ගැන සුභ පැතුම් පළ කළ තානාපතිවරයා, සිය තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක සම්බන්ධයෙන් හටගත් සිදුවීමේදී ශ්‍රී ලංකාවට හානියක් කිරීමේ කිසිදු අපේක්ෂාවක් ස්විට්සර්ලන්තයට නොවූ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. "දෙරටේම යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. පවතින උණුසුම් තත්ත්වය ජයගැනීමට වගේම කිසියම් අනවබෝධයක් පවතීනම් එය ඉවත්කරගැනීමටත් අවශ්‍යයි" යැයි තානාපතිවරයා සඳහන් කළ බව අදාළ නිවේදනයේ දැක්වේ. මීට ප්‍රතිචාර ලෙස, ක්‍රියාත්මක වන විමර්ශනවල ප්‍රගතිය තානාපතිවරයාට පැහැදිලි කළ ජනාධිපතිවරයා, මේ සිදුවීමට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මුලින් දැක්වූ ප්‍රතිචාරයේ කිසිදු වැරද්දක් තමන් නොදකින බව ජනාධිපතිවරයා පවසා ඇත. සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ පෑ විට තානාපති කාර්යාලයට ඊට මැදිහත්වීමට සිදුවන අතර එය සාධාරණීකරණ කළ හැකි දෙයක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සමලිංගිකයන් අතර විවාහ සිදුකිරීම නීත්‍යානුකුල කිරීමේ අරමුණින් පැවැත්වීමට යන ඡන්ද විමසීමේ සැලැස්මට සහය නොදෙන බව ඕස්ට්‍රේලියාවේ විරුද්ධ පක්ෂකණ්ඩායම පවසයි.
සමලිංගික විවාහ නීතිගත කිරීමට සහය පළකරමිනුයි අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත්තේ ඔවුන් පවසන්නේ සමලිංගික විවාහ පිලිබඳ තීරණය පාර්ලිමේන්තුව විසින් ගත යුතු බවයි. නීතිය වෙනස් කළ යුතුද නැත්ද යන තීරණය ගැනීම සඳහා ලබන වසරේ දී ඡන්දයක් පැවැත්වීම සඳහායියි අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සැලසුම් කොට තිබුණේ. සමලිංගික විවාහ නීතිගත කිරීමට ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් කැමැත්ත පළ කරන බවයි සමීක්ෂණ මගින් හෙළි වන්නේ එම සැලසුමට විරුද්ධව අදහස් දක්වන පිරිස් පවසන්නේ ඡන්දයක් පැවැත්වීම මුදල් අපතේ යැවීමක් මෙන්ම සමලිංගිකයන් පිලිබඳ අනවශ්‍ය බියක් සමාජය තුළ ඇතිකිරීමක් බවයි. තීරණය පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගතයුතු බවයි කම්කරු පක්ෂය පවසන්නේ. විරුද්ධ පක්ෂ සහයෝගයෙන් තොරව ඡන්ද සැලසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නොහැකිවනු ඇත. එහෙත් පාර්ලිමේන්තු අනුමැතියකින් තීරණයක් ගන්නේද යන්න පිළිබඳව අගමැතිවරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. ඕස්ට්‍රේලියාවේ දැනට පවතින නීතිය අනුව විවාහය යන්න අර්ථ දැක්වෙන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර සිදුවන සම්බන්ධයක් ලෙසයි. සමාන ලිංගිකත්වයෙන් යුතු දෙදෙනෙකුට විවාහ වීමට හැකිවන පරිදි නීතිය වෙනස් විය යුතුද යන ප්‍රශ්ණය ලබන පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඇසීමේ සැළසුමකුයි අග්‍රාමාත්‍යවරයා සතුව ඇත්තේ. 2011 වසරේ ජන සංඛ්‍යාලේඛන අනුව සම ලිංගික ජෝඩු 33,700 ක් ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වේ. එය සියලුම විවාහක ජෝඩු සංඛ්‍යාවෙන් 1% කි. ඕස්ට්‍රේලියානුවන්ගෙන් 60% සහ 72% අතර සංඛ්‍යාවක් සමලිංගික විවාහ නීතිගත කළ යුතුය යන මතය දරණ බවයි සමීක්ෂණ වාර්තා අනුව හෙළිවන්නේ.
ආසියානු කුසලාන තරගාවලියේදී ලැබූ පරාජයෙන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත්කරන ලද ඇන්ජලෝ මැතිව්ස්, එළැඹෙන එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ද ඉවත්කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සම්පුර්ණයෙන්ම තමන් පිට පටවමින් නායකත්වයෙන් ඉවත් වන ලෙස සිදු කරන ඉල්ලීම් ගැන ඇන්ජලෝ මැතිව්ස් දැඩි කනස්සල්ලපළකර තිබුණි ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලත් පරාජය සම්පූර්ණයෙන්ම තමන් පිට පටවමින් නායකත්වයෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීම් ගැන දැඩි කනස්සල්ල පළ කරමින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ආන්දෝලනාත්මක ලිපියක් ද යොමුකර තිබිණි. පසුගිය අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් බව සිහි කරමින්, ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තවමත් සුදුසු තත්වයක සිටින බව ඔහු එම ලිපියෙහි සඳහන් කර තිබිණි. එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා තමන් සුදුසු නැති බව තේරීම් කමිටුව සහ පුහුණුකරු සිතන්නේ නම් කණ්ඩායමට බරක් නොවී එක්දින සහ විස්සයි විස්ස තරගවලින් සමුගැනීම ගැන සලකා බලන බවද හිටපු නායකයා යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් විය. බීබීසි සිංහල සේවයට වාර්තා වී ඇති පරිදි, ශාරීරික යෝග්‍යතාවය මුල් කරගනිමින් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමෙන් ඉවත්කරන බව සඳුදා (සැප්තැම්බර් 24) ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුට දැනුම්දී තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 23ක් ක්‍රීඩා කර ලකුණු 888ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කර තිබේ කෙසේ නමුත්, පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමෙන් ඉවත්කිරීම ගැන විරෝධය පළකරන ඇන්ජලෝ මැතිව්ස්, තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ලබා දෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු බීබීසියට පැවසීය. පසුගිය වසර දෙකක කාලය තුළ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 23ක් ක්‍රීඩා කර ලකුණු 888ක් රැස් කළේ ලකුණු 59ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මේ තොරතුරුද කියවන්න: ඔහු නායකත්වයෙන් ඉවත්කිරීම ගැන බහුතරයක් ක්‍රීඩා ලෝලීන්ගේ එතරම් විරෝධයක් දක්නට නොලැබුණත්, කණ්ඩායමෙන් ද ඉවත්කිරීම පිළිබඳ විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලවල දක්නට ලැබිණි. පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමෙන් ඉවත්කිරීම ගැන ඇන්ජලෝ මැතිව්ස් සිය විරෝධය පළ කරයි "මුලින්ම ලසිත් මාලිංග ඉවත් කළා, දැන් ඇන්ජලෝ මැතිව්ස්. ක්‍රිකට් ආයතනය විවේචනය කරන ක්‍රීඩකයන්ට මේ දේ වෙනවා," යැයි ගිහාන් ටෙර්න්සි සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි. කිර්ති පෙරේරා සඳහන් කර ඇත්තේ, "ඔහු නායකත්වයෙන් ඉවත් කළාට කමක් නැහැ, නමුත් ඔහු අපේ හොඳම පිතිකරු, මේක යවපු ලිපියට කළ පළිගැනීමක්," ලෙසය. ඇතැමුන් එම තීරණයට විරෝධය පළකර තිබුණත්, ඇන්ජලෝ මැතිව්ස්ට විවේකයක් ලබාදීම සුදුසු බව තවත් සමහරුන් පවසා තිබුණි. "මට හිතෙනවා ඔහු විවේකයක් ගත යුතුයි කියලා. මේ සියළු ප්‍රශ්න මැද අලුත් ක්‍රීඩකයකුට අවස්ථාව දෙන එක හොඳයි," යැයි සමීර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි. ගයාන් රත්නසිංහ සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ, "ඔහුව ඉවත්කිරීම සාධාරණයි, ඔහු කැපවීමකින් ක්‍රීඩා කරන්නේ නැහැ. තනි ලකුණු ලබාගැනීම කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමේ නිර්ණායකයක් නෙවෙයි" යනුවෙනි. මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීම ගැන බහුතරයක් ක්‍රීඩා ලෝලීන්ගේ එතරම් විරෝධයක් දක්නට නොලැබුණත්, ඔහු කණ්ඩායමෙන් ඉවත්කිරී පිළිබඳ විවේචනාත්මක අදහස් පලවෙමින් පවතී කණ්ඩායමේ අත්දැකීම් බහුල දක්ෂතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය බව ප්‍රවීණ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය. එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේවන විටත් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තෆා වෙත යොමු කර ඇති බව ක්‍රීඩා වෙබ් අඩවියක් වන 'ක්‍රික් ඉන්ෆෝ' වාර්තා කර තිබුණි. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩ්රිගෝ බීබීසි සිංහල සේවයට පැවසුවේ එංගලන්තය සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවය. තවත් තොරතුරු: මේ අතර හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග වර්තමාන ක්‍රිකට් අර්බුදය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට නායක ඇන්ජලෝ මැතිව්ස්ට පමණක් දොස් පැවරීම සාධාරණ නොවන බව පවසා තිබුණි. "මම මීට කලින් කිව්වා අපි බංගලාදේශයට පරදිනවා කියලා. ඒක සිද්ධ වුණා. මම මාස 6 - 8කට ඉස්සෙල්ලා කිවුවා ඇෆ්ගනිස්ථානයට පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා. ඒ තරමට අපේ ක්‍රිකට් විනාශ වෙලා," යැයි ඔහු පැවසුවේය. "නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්" "මේ පරාජයන්ට නායකයාට විතරක් දොස් කියලා බැහැ. තේරුම් කමිටුවත් එහි වගකීම ගන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕනේ. බලන්න ආසියානු තරගාවලියට යන්න ඉස්සල්ලා 20 යි 20 තරගාවලියක් පැවැත්වුණා. නමුත් අපි ගියේ පන්දුවාර පනහේ තරගාවලියකට. කෝ අපිට දැක්මක්." "නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා, මහේලලා, සංගක්කාරලා‍, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් හරි දාලා මේක දුවන්න. ඉන්න ඇමතිතුමාටත් ඒ ගැන වගකීම ගන්න වෙනවා. මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ලෝක කුසලාන තරගාවලිය අපිට ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ," අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.
දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ඕනෑම තැනැත්තෙකුට ශ්‍රී ලංකා හමුදාවට බැඳිය හැකි බවද ඔහු සඳහන් කළේය. "ද්‍රවිඩ ජාතිකයන්ට හමුදාවට බැඳීමට කිසිදු අවස්‌ථාවක බාධාවක් තිබුනේ නෑ හමුදාව පැත්තෙන් නමුත් පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම නිසා මේ ප්‍රදේශවල ජනතාව හමුදාවට බැඳීමට පොඩි චකිතයක් තිබුනා," බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ. දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි. සබැඳි තේමා
ජපානයේ ඔකිනාවා දූපතේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු විශේෂයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පවසති.
වසර තිස් දහසකට පෙර භාවිත කරන ලද බව සැලකෙන බිලී කොකු සොයාගන්නා ලද බිලී කොකු වසර විසි තුන් දහසක් පමණ පැරණි බව පවසන පුරාවිද්‍යාඥයෝ, වසර තිස් දහසකට පෙර පවා ඔකිනාවා දූපතේ මනුෂ්‍ය වාසයක් පැවති බව එමගින් හෙළි වන බවත් පවසති. නූතන මිනිසා වසර පනස් දහසකට පමණ පෙර මුහුදු වෙරළබඩ ප්‍රදේශවල වාසය ආරම්භ කළ බවයි, විශ්වාස කෙරෙන්නේ. ඈත අතීතයේ ජීවත් වූ මිනිසා ලෝකය පුරා විසිර යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ධීවර කර්මාන්තය. එහෙත් ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳ තවමත් වැඩි විස්තර හෙළි වී නොමැත. මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී සොයාගෙන තිබේ මසුන් මැරීම පිණිස භාවිත කරන ලද මෙවැනි පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී හමු වී තිබේ. එම බිලී කොකු වසර දහසය දහසක් පමණ පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ. පැපුවා නිව් ගිනියාවේදී හමු වූ බිලී කොකු වසර දස දහසක් පමණ පැරණි බවත් විශ්වාස කෙරේ. බිලී කොකු සොයාගත් ගල් ගුහාවේ තිබී පබළු සහ ආහාර කොටස් හමු වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
ශ්‍රි ලංකාවේ සමස්ත සිවිල් යුද සමයෙහි ඊට මැදිහත් සියලු පාර්ශවයන් විසින් සිදු කර ඇති සියලු කාර්යයන් සම්බන්ධයෙන් විශ්වසනීය එසේම ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ලැබීම රටේ යහපතට හේතු වෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
මිෂෙල් ජේ සිසෝන් සහ යුද අපරාධ භාර ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප් එම අදහස ප්‍රකාශයට පත් කෙරුණේ බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වුන විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දී. ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන් එම සමුළුවේදී අදහස් දක්වමින් ජිනීවා හිදී අනුමැතිය ලද පරීක්ෂණය 2002 පටන් 2009 වසර අතර කාල පරාසයට සීමා වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතු කර ඇති බවයි සඳහන් කළේ. ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කරනුයේ ඉහත කාල සීමාව කෙරෙහි පමණක් නොවන බව සඳහන් කළ තානාපතිවරිය, අර්බුදයට අදාළ සමස්ත කාල පරිච්ඡේදය ආවරණය කෙරෙන විභාගයක් ශ්‍රී ලංකාවට යහපත් වන බව පෙන්වා දුන්නාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර දිගු කාලීන මිත්‍රත්වය මෙන් ම පුළුල් පරිමාණයේ ක්‍රියාකාරකම් දහරාව සහ දෙරටේ ආවේණික සම්බන්ධතා කිසිදු අකාරයකින් වෙනස් වී නොමැති බවයි තානාපතිනිය කියා සිටියේ. දේශීය පරීක්ෂණයකට ඉඩකඩ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ලැබ සම්මත කර ගත් යෝජනාව ශ්‍රී ලංකා රජය අසීරු තත්වයකට පත් කරනු ලැබීමේ පියවරක් නොවන බව කියා සිටි තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන්, ජනතාව කෙරෙහි ඇති ස්වකීය බැඳීම සම්පූර්ණ කිරීමට සහ වග වීම සම්බන්ධයෙන් අර්ථවත් එසේම ශක්තිමත් පියවර ගැනීමට සිය රට ශ්‍රී ලංකා රජය උනන්දු කරවන බවයි සඳහන් කළේ. “ජිනීවා යෝජනාව නිසා ශ්‍රී ලංකාව දෙකඩ වෙන බවට අදහස් පැතිරෙමින් පවතින බවක් මට දැන ගන්නට ලැබුණා.එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත වීමට බොහෝ කාලයකට පෙර සිට එවැනි බෙදීමක් තිබීම කනගාටුවට කාරණයක්.ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවට ඇති කැපවීම නැවත තහවුරු වූ බව පෙන්වා දෙන්න පුළුවන්.ජිනීවා යෝජනාවෙන් ඉල්ලා ඇති ජාත්‍යන්තර පරීක්ෂණය මගින් අව්‍යාජ පිළිගත හැකි දේශීය පරීක්ෂණයකට ඇති ඉඩකඩ කෙරෙහි කිසිම ආකාරයකින් බාධා කෙරෙන්නේ නැහැ” මිෂෙල් ජේ.සිසෝන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය. මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණය මගින් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාවට ‘සහයෝගය දිය හැකි බව සහ දිය යුතු’ බවත් ඇය කියා සිටියාය. බලය බෙදීම ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන සියලු ජන කොටස්වලට පූර්ණ මානව හිමිකම් සහතික කරමින් සහ අඛණ්ඩ සංහිඳියාවකට මග හෙළි කරමින් දේශපාලන අධිකාරිය සතු බලය බෙදීමට පියවර ගැනීම ඇතුළු ප්‍රතිඥා ඉටු කරන මෙන් එක්සත් ජනපද යෝජනාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කෙරෙන බවයි තානාපතිවරිය සඳහන් කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්වලට එල්ල කෙරෙන පහර දීම් නතර කිරීමට පියවර ගත යුතුව ඇතැයි කියා සිටි ඇමෙරිකානු තානාපතිවරිය, ගැටුම් පැවති පලාත්වල කාන්තාවන්ට එරෙහි ලිංගික හිරිහැර වර්ධනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවත් අවධාරණය කළාය. තවදුරටත් කරුණු පැහැදිලි කළ මිෂෙල් ජේ.සිසෝන් ‘රටවැසියන් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට වගකීමක් නැතැයි’ කිසිවකු නොකියන බවයි සඳහන් කළේ. “ඉතාම ම්ලේච්ඡ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ මිනිස් ඝාතන ඇතුළුව එල්.ටී.ටී. ඊ සංවිධානයේ ත්‍රස්ත පාලනය නිම කිරීම සඳහා එක්සත් ජනපදය හැම අයුරකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ ජනතාවට උදව් දුන් බවත්" තානාපතිනි මිෂෙල් ජේ.සිසෝන් සිහිපත් කළාය.
ඉන්දියාවේ මහා බෝධි විහාරය, ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලය ඇතුළු ශ්‍රී ලාංකික ආයතන මෙන්ම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද ආරක්ෂාව සපයන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි.
ලංකා බැංකු කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ බුද්ධගයාව වන්දනා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට දිනකට කලින් තමිල්නාඩුවේ චෙන්නායි නුවර පිහිටි ලංකා බැංකු කාර්යාලයට පිරිසක් විසින් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සපයන මෙන් ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින මෙන් දිල්ලි අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ නිවේදනයක සඳහන් වේ. සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මුහුණු ආවරණ පැළදගෙන සිටි පිරිස, මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ. ජනපති සංචාරය පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා බැංකුවේ නිලධාරීන් දෙදෙනකුට ද සුළු තුවාල සිදු කොට ඇති බව අමාත්‍යාංශය පවසයි. ඔවුන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද එහි සඳහන්. චෙන්නායි නුවර ලංකා බැංකු කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ බුද්ධගයාව සහ වෙන්කදේෂ්වර කෝවිල වන්දනා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට දිනකට කලින්. එහිදී ජනාධිපතිවරයා විසින් මහා බෝධි සංගමයේ සංස්කෘතික මධ්‍යස්ථානයකට මුල් ගල් තබන අතර, විවිධ රටවල බෞද්ධ නාහිමියන් ද මුණ ගැසීමට නියමිත බවත් ජනාධිපතිවරයා ගේ නිළ වෙබ් අඩවියේ සඳහන්. ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධි ඇතුළු දෙමළ දේශපාලන නායකයෝ දිල්ලි අගනුවර සහ තමිල්නාඩුවේ උද්ඝෝෂණවල යෙදී සිටියහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
එච් අයි වී සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලනය සහ ඒ පිළිබඳ සමාජයේ ඇති ආකල්ප වෙනස් කිරීම සඳහා පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාදීම වැදගත් බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, "අධ්‍යාපන අමාත්‍යාංශය මේකට මූලිකත්වය දීල ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ලිංගිකත්වය කියන්නේ කුමක් ද? ඒ ළමයින්ට හැගීම් දැනේනේ කොයි වගේ ද?, හැඟීම් පාලනය කර ගන්නේ කොහොම ද? මේවා මුකුත් ළමයි ට කියා දෙන්නේ නැති එක තමයි මේ ලොකුම ප්‍රශ්නය. ඉස්කෝල වල හරියට අධ්‍යාපනය ලබා දෙන්නේ නෑනේ. ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕනේ," යනුවෙනි. එවිට ලිංගික ගැටලු ගැන ඉදිරියට ඇවිත් කතා නොකිරීම සහ ඒ පිළිබඳව ඇති සමාජ ගර්හාව අවම කර ගත හැකි බව ද වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය. "දැනුවත් වීම විතරක් නොවේ සමාජ මතය තවමත් වෙනස් වෙලා නෑ. මොකද ලිංගික රෝග කෙසේ වෙතත් ලිංගිකත්වය කියන එක ගැන කවුරුත් කතා කරන්න කැමති නෑනේ." ශ්‍රී ලංකාවේ එච් අයි වී තත්ත්වය: ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3192ක් හඳුනාගෙන සිටින බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළේය. එහි සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේදී එච් අයි වී ආසාදිතයන් 350ක් හඳුනා ගෙන ඇත. එය 2017 වසරට සාපේක්ෂව 23% වැඩිවීමකි. ඉන් 285 දෙනෙකු පුරුෂයන් බවත් ඉතිරිය කාන්තාවත් බවත් හඳුනා ගෙන තිබේ. එච් අයි වී ආසාදිත පුරුෂයන් හඳුනා ගැනීම 2017 වසරට සාපේක්ෂව 265කින් ඉහළ ගොස් ඇත. 2019 වසරේ දී මේ වන විට 200 කට ආසන්න එච් අයි වී ආසාදිතයින් හමුවී ඇති බව ද ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය. "ලංකාව එච් අයි වී තත්ත්වය ගොඩක් අඩු රටක් හැටියට තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ .01% විතර. දැන් එච්අයිවී හැදුනට ඒඩ්ස් කියන තත්ත්වයට යන්නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න පුළුවන් බෙහෙත් ගත්තොත්. එම තුන්දහස් ගණනින් එක්දහස් ගණනක් අපේ සායන වලින් බෙහෙත් ගන්නවා. ඒ ගොල්ලන්ට කිසි ලෙඩක් තිබෙනවා කියලා පෙනෙන්නේ නෑ. නමුත් ඉතිං ඇඟේ එච්අයිවී වෛරසය තිබෙනවා. සමහර අය අවුරුදු 20 - 30 තවම හොඳට ඉන්නවා. ඉතිං ප්‍රතිකාර ගැනීමයි වැදගත්." ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ වසරේ නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ බොහෝ එච් අයි වී ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය අසාදනය වී වසර 5ක් 10ක් ගෙවුණු පසුව බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට මවගෙන් දරුවාට එච් අයි වී වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. නමුත් 2018 වසරේදී මවගෙන් එච් අයි වී සම්ප්‍රේෂණය වූ දරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ. 2015 දී වාර්තා වූ එච් අයි වී ආසාදිතයන් අතුරින් 14%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර අය වූ අතර එම ප්‍රමාණය 2018 වන විට 10% දක්වා අඩු වීම රටේ ශ්‍රම බලකාය ගැන සලකා බලන විට හොඳ තත්ත්වයක් ලෙස සැලකේ. නවතම දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර එච් අයි වී ආසාදනය ඉහළ ගොස් ඇති බවය. 2018 දත්ත අනුව පිරිමි - පිරිමි අතර වූ ලිංගික සබදතා හේතුවෙන් එච් අයි වී අසාදනය වූ ප්‍රමාණය 46%ක් ලෙස වාර්තා වී තිබේ. එච් අයි වී අසාදන වළක්වමු යනුවෙන් කොළඹ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග * සිපිලිස් * ගොනෝරියා * ලිංගික ඉන්නන් * ලිංගික හර්පීස් * ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ මින් සිපිලිස් සහ ගොනෝරියා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අඩු වී තිබෙන බව වෛද්‍ය රසාංජලීහෙට්ටිආරච්චි හෙළිදරව් කළාය. "ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම තියෙන්නේ ලිංගික හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ඒවා. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝග වලින් 8% ක් පමණත් ගොනෝරියාත් 3%ක් විතර තිබෙනවා. ලිංගික ඉන්නන් කියන තත්ත්වය 25%ක් විතර. ලිංගික හර්පීස් සහිත රෝගීන් තුන්දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීනුත් දෙදහස් ගණනක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 27%ක් විතර." අධි අවදානම් කණ්ඩායම් ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි බවට හඳුනාගත් සමාජ කණ්ඩායම් අවදානම් අය ලෙස ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හඳුනා ගෙන තිබේ. ලිංගික ශ්‍රමිකයන් (Sex workers) සමලිංගික ඇසුරු පවත්වන පිරිමි වෙරළේ ගැවසෙන ළමයින් (Beach boys) සිරකරුවන් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන අය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි 40,000ක්, කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30,000ක් සහ වෙරළේ ගැවසෙන ළමයි 4500ක් සිටින බව හෙළිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක බීබීසී සිංහල සේවයට මීට පෙර පැවසුවාය. අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි. ප්‍රතිකාර සේවා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසන්නේ එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා රෝහල් 33ක සායන පැවැත්වෙන බවය. "ඒගොල්ලෝ ඉලක්ක කරලා දැනුවත් කිරීම් කරනවා. ටෙස්ට් කරනවා. ඒ වගේම ප්‍රතිකාරත් කරනවා. අපි මොබයිල් සායන දාලා ලිංගික ශ්‍රමිකයින් පරීක්ෂා කරනවා. සමාජයේ ආකල්පයක් තියෙනවනේ මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒවා සමාජයේ පිළිගැනීමක් නැති තත්ත්වයක් නේ තියෙන්නේ. රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර කළොත් අනිත් අයට බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්." කියවන්න:
මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම සමත්විය.
ඉරිදා රාත්‍රියේ පුනේ (Pune) කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. පළමුවට පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම ලකුණු 129කට සීමාවූ අතර පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පුනේ කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 128ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග එම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ලෝක පූජිත ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගගේ දායකත්වය අගය කළේය. "තරගයේ පළවෙනි භාගය අපිට එතරම් හොඳ තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා විවේකය වෙලාවේ අපි එකතු වෙලා කථා කළා. ඒ වෙලාවේ මහේලත් හොඳ ලස්සන කතාවක් කළා," සචින් තෙන්ඩුල්කාර් පැවසීය. ඒ කවරක්දැයි හෙළි කළ නොහැකි බව සඳහන් කළ තෙන්ඩුල්කාර්, ඉතාමත් දැඩි පීඩනයක් එල්ල වී තිබූ අවස්තාවක අති දක්ෂ ලෙසින් පන්දු යැවීමක සහ පන්දු රැකීමක යෙදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කළ බවත් සඳහන් කළේය. ලසිත් මාලිංග පිළිබඳව වීමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ : "එකපාරක් චැම්පියන් කෙනෙක් කියන්නේ හැමදාමත් චැම්පියන් කෙනෙක්," යනුවෙනි. "අවුරුදු දහයක් තිස්සේ මාලිංග අපිට අවශ්‍ය වෙලාවේ අපිට අවශ්‍ය දේ ලබාදුන්නා. මාලිංග කියන්නේ තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්," සචින් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් පැවසීය.
Brexit යනුවෙන් හැඳින්වෙන, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ වැඩපිළිවෙලට අදාළ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැංවීමට අගමැතිනි තෙරේසා මේ ගත් පියවර 'අඳුරේ කළ පිම්මක්' බව ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරියවන නිකොලා ස්ටර්ජන් පවසන්නීය.
Brexit යන්නෙන් සැබවින්ම අර්ථනිරුපනය කෙරෙන්නේ කුමක්ද යන ගැටලුවට අගමැතිනි තෙරේසා මේ සතුව පිළිතුරු නැති බව ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නීය වෙන්වීම නිල වශයෙන් සනිටුහන් කරමින් අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී යුරෝපා සංගමය වෙත භාර දෙනු ලැබිණි. එම සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත එම ලිපිය භාර දෙනු ලැබුවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටීම් බැරෝ විසිනි. අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය යුරෝපා සංගමයේ සභාපති වෙත භාර දීම කෙසේවෙතත්, ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජන් පෙන්වා දුන්නේ Brexit යන්නෙන් සැබවින්ම අර්ථ නිරූපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට මෙතෙක් පිළිතුරු සැපයීමට අගමැතිනි තෙරේසා මේ අපොහොසත්වී ඇති බවය. බෙදා හැරුණු බලය ඉහළ නැංවීමක් ලිපිය භාරදෙන අතරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඇමතු අගමැතිනි තෙරේසා මේ, ස්කොට්ලන්ත ආණ්ඩුව ද ඇතුළුව එක්සත් රාජධානිය තුළ බලය බෙදා හැරුණු පාලනාධිකාරීන්ගේ බලය "සැළකිය යුතු ලෙස ඉහළ යාමකට" Brexit මග විවර කරන බවය සඳහන් කළාය. අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේතුවේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමතමින් සාකච්ඡාවලදී යුරෝපා සංගමයට අයත් ජාතීන් ඇතුළුව "සමස්ත එක්සත් රාජධානියේ සෑම පුද්ගලයෙකුම නියෝජනය කිරීමට" ඇය පොරොන්දු වුවාය. යුරෝපා සංගමයේ සභාපතිවරයාට යැවුණු පිටු හයකින් යුතු ලිපියේ ස්කොට්ලන්තය පිළිබඳව ද සඳහනක් කර ඇති අගමැතිනිය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව, "බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව පවත්වාගන්නේ කුමන බලතල ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ස්කොට්ලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තයට බෙදා හැරෙන්නේ කවර බලතල ද යන්න සම්බන්ධයෙන් පුර්ණ සාකච්ඡාවකට" ආණ්ඩුව යොමුවන බව පෙන්වා දී ඇත. "මෙම වැඩ පිළිවෙලේ ප්‍රතිපලයක් ලෙස බලය බෙදා හැරුණු සෑම පාලනාධිකාරියකම තීරණ ගැනීමේ බලය සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි" යැයි ද ලිපියේ දැක්වේ. "අඳුරේ කළ පිම්ම" මේ අතර බීබීසී ස්කොට්ලන්ඩ් සමග අදහස් දැක්වූ ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන්, Brexit වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන නමුදු '50 වෙනි වගන්තිය' නිල වශයෙන් ක්‍රියාවට නැගීම 'බොහෝ පිරිස් තුළ ගැටලු රැසක්' මතු කළ හැකි බව සඳහන් කළාය. "අද සිදුවන දේ අඳුරේ කළ පිම්මක් වැනි තත්වයකට සමාන දෙයක් පෙන්නුම් කරන බවට සැකයක් නැහැ" යැයි පැවසූ ඇය, "ජනමත විචාරණයෙන් මාස නවයකට පසුව පවා ව්‍යාපාරවල, පොදුවේ ගත්විට ආර්ථිකයට මෙන්ම ඇප ජීවත් වෙන සමාජය කෙරෙහි Brexit තුළින් අර්ථ නිරුපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අගමැතිනියට හැකිවී නැහැ" යැයි සඳහන් කළාය. කෙසේවෙතත්, පසුගිය සඳුදා ග්ලාස්ගොව් හිදී සාකච්ඡාවක ද යෙදුනු ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනිය පෙන්වා දුන්නේ, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාළ බලය ස්කොට්ලන්තය වෙත පවරන්නේද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් මෙතෙක් පළවී නැති බවය. මාර්තු 13 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් කෙටුම්පතට සිය අනුමැතිය ලබා දුන්නේ, බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව නිදහස් රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්තය ස්ථාපනය කිරීම වෙනුවෙන් නැවතත් ජනමත විචාරණයකට යොමුවීම සඳහා ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන්වරම් ඉල්ලා තිබිය දීය. 2018 වසන්ත කාලය සහ 2019 ගිම්හාන කාලය අතර ස්කොට්ලන්තය ජනමත විචාරණයක් කරා ගෙන යාමට නිකොලා ස්ටර්ජන් ප්‍රථම අමාත්‍යවරියට අවශ්‍ය වුවත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තෙක් ඇයගේ එම ඉල්ලීමට අවස්ථාවක් නොදීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ක්‍රියා කරනු ඇති බවට අනාවැකි පළ වී තිබිණි.
යෝනි මාර්ගයේ මාංශපේශි දැඩි කර "තරුණ බවක්" ලබා ගැනීමේ අරමුණින් අනුගමනය කරන විවිධ ක්‍රම ගැන කාන්තාවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල පෞද්ගලික සායන ඔස්සේ කෙරෙන මෙම "චිකිත්සා" මගින් පිළිස්සුම් තුවාල, කැළල් පමණක් නොව කාලාන්තරයක් පවතින ශාරීරික වේදනා ද ඇති විය හැකි බව විශේෂඥයෝ පවසති. මෙම ක්‍රියාවලිය තුළදී සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුළට උපකරණයක් ඇතුළු කර යෝනියේ මාංශපේශි උණුසුම් කිරීමක් හෝ ලේසර් කිරීමක් සිදුවේ. ශල්‍යකර්මයක් නොවන මෙය ඉතා කුඩා කාලයක් ඇතුළත සම්පූර්ණ කළ හැකි ක්‍රියාවලියක් වුවත්, එය බොහෝ විට අනාරක්ෂිත බව නිලධාරීහු පවසති. ලේසර් කිරණ ඇතුළු බලශක්තිය යොදා ගනිමින් ක්‍රියාත්මක වන කුඩා උපකරණ යෝනි මාර්ගයේ ඇති පිළිකාකාරක සෛල සහ ලිංගාශ්‍රිත ඉන්නන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කර ඇතත්, තරුණ බවක් ලබා ගැනීම සඳහා කෙරෙන චිකිත්සා සඳහා එම උපකරණ අත්හදා බලා නොමැත. ශ්‍රී ලංකාව තුළ ද විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ යෝනියේ මාංශපේශීන් දැඩි කර ගැනීමේ උපකරණ සහ එහි පැහැය වෙනස් කර ගැනීමේ ආලේපන විකිණීමට තිබෙනු දක්නට ලැබේ. විවිධ රටවලින් ආනයනය කරන ලද බවට විස්තර කර ඇති මෙම භාණ්ඩ, කිසිදු වෛද්‍යවරයෙකු විසින් හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු ආයතනවලින් අනුමත කළ බවක් සඳහන් වී නොමැත. මේ තොරතුරුද දැනගන්න: බරපතළ හානි සිදු විය හැකියි "ප්‍රතිඵල අත් වෙන බව ඔප්පු වී නැති මෙම අනතුරුදායක ක්‍රියාවලිය" තව දුරටත් වෙළෙඳපොළේ ප්‍රචාරය කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන දෙපාර්තමේන්තුව (FDA) පවසයි. මෙම උපකරණ නිෂ්පාදකයන්ගේ ගණන ඉහළ යමින් පවතින අතර, ඔවුහු මෙම ක්‍රියාවලිය තුළින් ආර්තවහරණයේ ලක්ෂණ, මුත්‍රා පිටවීමේදී සහ ලිංගාශ්‍රිතව ඇතිවන සංකූලතාවලට ද ප්‍රතිකාර කරන බව පවසති. "මේ නිෂ්පාදන ඉතා අනතුරුදායකයි වගේම මෙකී ක්‍රියාවලියට ඒවා පාවිච්චි කිරීමට සුදුසු බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. කාන්තාවන්ට වෙන්න පුළුවන් හානිය ගැන අපි දැඩි අවධානයක් යොමු කර සිටිනවා," යැයි FDA නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ. "කාන්තා සෞඛ්‍ය ගැන සහ ලිංගික සෞඛ්‍ය ගැන ඉතා දැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්න තිබෙනවා. මේ ගැන තවත් උනන්දු විය යුතු අතර, ඉතා සංවේදී ආකාරයෙන් එම ප්‍රතිකාර ක්‍රම ගැන නිසි අවබෝධයක් ලබා දිය යුතුයි. මේ දේවල් රැවටිලිසහගත, අතිශයෝක්තියෙන් යුතු අලෙවි කිරීමේ ක්‍රමවලින් තොර විය යුතුයි," යැයි FDA නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යය ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික, ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය පෝල් බැන්වෙල් පැවසුවේය. ශ්‍රී ලංකාව තුළ ද විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ යෝනියේ මාංශපේශීන් දැඩි කර ගැනීමේ උපකරණ සහ එහි පැහැය වෙනස් කර ගැනීමේ ආලේපන විකිණීමට තිබෙනු දක්නට ලැබේ "ශල්‍ය උපකරණ නොවන උපකරණවලින් යෝනියේ මාංශපේශි දැඩි කරන හෝ නැවත සකසන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. කාන්තාවන් ඔවුන්ගේ යෝනි මාර්ගයේ හැඩය සහ සංවේදී බව ගැන සැලකිලිමත් වෙනවානම්, ඊට අදාළ සෞඛ්‍ය විශේෂඥයෙකු හමුවිය යුතුයි. නමුත් එක දෙයක් මතක තබා ගැනීම වැදගත්. ඒ තමයි, කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිහිටීම එකිනෙකාට වෙනස් යන්න," එක්සත් රාජධානිය නාරි සහ ප්‍රසව රාජකීය විද්‍යාලයේ වෛද්‍ය වැනේසා මැකේයි පැවසීය. "යෝනි මාර්ගයේ මාංශපේශි දැඩි කරගෙන, සංවේදී බව වැඩි කර ගන්න ශ්‍රෝණිය හා සම්බන්ධ යම් ව්‍යායාම තිබෙනවා," යැයි ඇය තව දුරටත් පැවසුවාය. යෝනි මාර්ගයේ ඇතිවන වියළි බව ජීවිතයේ යම් කාලයකදී බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. ආර්තවහරණය, මව්කිරි ලබා දීම, දරුවන් ලැබීම, ලිංගික එක්වීමකට ශරීරය සූදානම් නොකිරීම, සමහර ගැබ් ගැනීම වැළැක්වීමේ ක්‍රම ඇතුළු විවිධ දේ මෙම තත්වයට හේතු විය හැකිය. තවත් තොරතුරු:
ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමට අවස්ථාව සැලසෙන නීතියක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාල නීතිය ක්‍රියාවට නැගීම මගින් "පාලනයකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මකවන සත්ව වෙළෙඳාම වැළැක්වීම" සිය අභිලාෂය බව ආණ්ඩුව පවසයි. එය ක්‍රියාත්මක වූයේ නම් ඉන්දීය ඉතිහාසයේ පළමු වතාවට ගවයන් පමණක් නොව මී හරකුන් සහ ඔටුවන් ද මස් පිණිස විකිණීම තහනම් කරනු ලැබීමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් එමගින් රටේ මස් කර්මාන්තයට මෙන්ම හම් කර්මාන්තයට ද ප්‍රබල පහරක් එල්ල විය හැකිව තිබුණු බව අගවිනිසුරුවරයා පැවසීය. සබැඳි යොමු: මස් සහ හම් කර්මාන්තයෙන් යැපෙන ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට දැඩි විරෝධය පළකළහ. එම නීතිය හඳුන්වාදීමෙන් දින කිහිපයකට පසුව එය ක්‍රියාවට නැගීම අත්හිටුවන මෙන් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පහළ අධිකරණයක් පසුගිය මැයි 30 වෙනි දින නියෝග කළේය. මී ගව ඝාතනය තමිල්නාඩු අධිකරණයේ තීන්දුව ජුලි 08 වෙනි දින අහෝසි වූ නමුත්, එය මුළු රටටම බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය විය. මේ අනුව අගෝස්තු මාසය අවසාන වනවිට ආණ්ඩුව අදාළ නීතියට සංශෝධන සහිතව එය යළි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය. හින්දු භක්තිකයන්ගේ පූජනීය සත්වයෙකු වන ගවයන් ඝාතනය කිරීම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් කර තිබෙන නමුත්, මී හරකුන් ඝාතනය කිරීම තහනම් කිරීමට ඉඩ තිබුණු පළමු අවස්ථාව මෙයය. ඉන්දියාවේ ගව මස් ලෙසින් බොහෝ විට අලෙවි කෙරෙන්නේ මී ගව මස් වන අතර, ලොව ප්‍රධානතම ගව මස් අපනයනකරුවෙකු වන ඉන්දියාව එමගින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන හතරකි. නව නීතිය මගින් "ජනතාවගේ ජීවිකාවට බලපෑමක් නොවිය යුතුය" යන්න අගවිනිසුරු ජග්දිෂ් සිංග් ගේ නිගමණය විය. නව නීතිය මගින් තමන් ආහාරයට ගත යුත්තේ කවරක්ද යන්න තීරණය කිරීමේ අයිතියට බලපෑම් කරන බව පෙත්සම ඉදිරිපත් කළ තමිල්නාඩු වාසීන්ගේ තර්කය වී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව "ජයග්‍රහණයක්" බව මස් වෙළෙඳුන් වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කළ සමස්ත ඉන්දීය කුරේෂ් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී අබ්දුල් ෆහීම් කුරේෂි පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් පණවනු ලැබ තිබුණ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව මේ වසරේ නොවැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. 2017 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන් 28,685ක් බව ද අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. යුරෝපා සංගමයේ අනුමැතිය ලත් අපනයන පිරිසැකසුම් මධ්‍යස්ථාන (Processing Centers) 33ක් ඇතුළු සමස්ත පිරිසැකසුම් මධ්‍යස්ථාන 52ක් සහ ඇසුරුම් මධ්‍යස්ථාන (Packaging Units) 16ක දායකත්වයෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ මසුන් අපනයනය කිරීමේ ක්‍රියාදාමය "විනාශ කර නොගෙන ඉදිරියටත් කටයුතු කරන" ලෙස ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දුන් බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලාංකික ධීවරයන් ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ නිරත වන බවට චෝදනා කරමින් යුරෝපා සංගම් රටවල් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන තහනමක් පණවා තිබුණි. 2014 ඔක්තෝබර් මාසයේ රාජපක්ෂ පාලනය සමයේ පණවන ලද එම තහනම 2016 ජුනි මාසයේදී යුරෝපා සංගමය විසින් ඉවත් කරනු ලැබිණ. එම තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර බැඳීම අනුව තහනම් ධීවර කර්මාන්තවලට එරෙහිව ගෙන යන සටනට සහයෝගය දෙන බව සඳහන් කළේය. 'කෙලවලු පැටවුන් අල්ලන්න එපා' අදාළ තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන සීයකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය වසරේ බීබීසී සිංහල සේවයට පැවසීය. යුරෝපා මත්ස්‍ය තහනම පැවති කාලය තුළ චීනය, රුසියාව පමණක් නොව ඇමරිකාවට පවා ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනය ආනයනය කිරීමට උත්සාහ කළ නමුත් එම වැඩ පිළිවෙළ එතරම් සාර්ථක නොවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් (Tuna) පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇති බව සඳහන් කළේය. එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බැවින් කෙලවලු පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය වකවානුවේ දී ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත් වූයේ ලෝකයේ අපවාදයට සහ අපචාරයට ලක් වූ රටවල් බව දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසයි.
‘අපේ යාළුවො බවට පත් වුනේ ලෝකයේ එපාම කරපු රටවල්' ගාමිණී වියන්ගොඩ රුසියාව සහ චීනය උදාහරණ වශයෙන් ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවැනි රටවල මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින් ගාමිණී වියන්ගොඩ, බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ සංචාරයක යෙදී සිටියදී. 'එපාම කරපු රටවල්' ‘අපේ යාළුවො බවට පත් වුනේ ලෝකයේ එපාම කරපු රටවල්. මානව හිමිකම් අතින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් අතින්, ශිෂ්ඨ සම්පන්න පාලන ක්‍රම අතින් ලෝකයාගේ අපවාදයට අපචාරයට ලක් වුනු රටවල්. දැන් රුසියාව ගත්තොත් පුටින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාපිත සීමාවන් නිසා බලයෙන් එලියට ගොස් එය වෙනස් කර ගෙන නැවත බලයට පැමිණි කෙනෙක්. චීනය කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පරමාදර්ශී රටක් නෙමෙයි.’ ගාමිණී වියන්ගොඩ පවසයි. ඓතිහාසිකව ගත් කළ ශ්‍රී ලංකාව වැඩි සබඳතා පවත්වා ඇත්තේ අසල්වැසි ඉන්දියාව සමඟ බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම අදහස් පළ කරන්නේ ශ්‍රී ලංකාවේ කර ගෙන යන චීන ව්‍යාපෘති නැවත විමර්ශනයට ලක් කළ යුතු බව නව රජය නිවේදනය කර තිබියදී. විදේශ ඇමති මංගල සමරවීර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මේ අනුව චීන ව්‍යාපෘතියක් වන උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත් හිටු වන බව ප්‍රකාශයට පත් විය. කොළඹ වරාය ආශ්‍රිතව ඉදි වන ‘පොර්ට් සිටි’ නමින් හැඳින්වෙන චීන ව්‍යාපෘතිය ද යළි විමර්ශනය කරනු ඇති බවට ද පසුගිය දා වාර්තා පළ වී තිබුණි. චීන විශ්වාසය චීන සබඳතා පීඩාවට ලක් වන වාතාවරණයක් පවතින අතරතුර චීන විදේශ අමාත්‍යංශය කියා සිටියේ චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියටත් සුවදායක සහ ස්ථාවර වර්ධනයක් කරා යොමු වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතකට යා යුතු බවත් එක් පාර්ශවයකට ගැති නොවී එහි තුළනයක් තිබිය යුතු බවත් දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසයි. එවැනි ස්ථාවරයක් පවත්වා ගෙන යන තුරු කිසිදු රටක් ශ්‍රී ලංකාව සමඟ අමනාප නොවන බවයි ඔහු පවසන්නේ.
සිය අනු දැනුමෙන් තොරව තම ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයේ පළ කොට ඇති බවට දෙමව්පියන්ට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු තරුණියක් අධිකරණයට ගොස් තිබේ.
2009 වසරේ සිට මේ දක්වා සිය දෙමව්පියන් විසින් අවසරයකින් තොරව ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුළ තමන් අපහසුවට පත් කරවන සහ පෞද්ගලිකත්වයට හානි කරවන සුළු ඡායාරූප පන්සියයකට වැඩි ප්‍රමාණයක් පළ කොට ඇති බවට දහඅට හැවිරිදි වියේ පසු වන තරුණිය චෝදනා කරයි. මිතුරන් හත්සියයකට වැඩි පිරිසක් සිටින දෙමව්පියන්ගේ ෆේස්බුක් ගිණුමේ තම කුඩා කාලයේ ඡායාරූප පළ කිරීම තුළින් තමන්ගේ ජීවිතය අවාසනාවන්ත තත්වයට පත් කළ බවයි ඇය පවසන්නේ. කෙසේ නමුත් සිය දරුවාගේ ඡායාරූප ෆේස්බුක් තුළ පළ කරනු ලැබීම තරුණියගේ පියා සාධාරණීකරණය කරයි. සමාජ මාධ්‍ය තුළ ළමුන්ගේ ඡායාරූප පළ කිරීම තුළින් ඔවුන් විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන්ගෙන් අනතුරට ලක් වීමේ හැකියාව පවතින බව මාධ්‍යවේදිනියක් වන රෝසි වෙට්ස් පවසන්නීය. ඒ පිළිබඳ සැකසුණු වාර්තාවට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.
ක්‍ෂයරෝගය ‘මිනිසාගෙන් අලියාටත් අලියාගෙන් මිනිසාටත්’ බෝ විය හැකි දෙපාර්ශ්වයට ම අවදානමක් ඇති අසනීප තත්වයක් වන බව ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමය පෙන්වා දෙයි .
දෙහිවල අලි ඇතුන් ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා එම පෙන්වා දීම කළේ, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින්. අලි ඇතුන්ට වැළඳෙන ක්‍ෂයරෝගය මාධ්‍යයට මාතෘකාවක් වුණේ, දෙහිවල සත්වෝද්‍යානයේ අලින්ට එම රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව අලි නැටුම් නතර කිරීමට එහි පාලකයන් පියවර ගැනීමත් සමඟයි. ක්‍ෂයරෝග කාරක විෂ බීජය සතුන්ගේ ශරීරගතව ඇති බව සොයා ගනු ලැබුනොත් අනුගමනය කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ රෝගී සතුන් නිරෝගී සතුන්ගෙන් වෙන් කරනු ලැබීම යයි වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි. සේවක මතය “ මේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණේ අලි ඇතුන්ගේ නැටුම් නතර කළ යුතුය කියන තැනින් නොවෙයි. එහෙත් අප පිළිගන්නා විද්‍යාව අනුව සිදු කරන්නේ රෝගයට ගොදුරුව සිටින සතුන් සහ නිරෝගී සතුන් වෙන් කිරීම. මෙහි දී සිදු විය යුතු හොඳම දෙය සතුන්ගේ ශුභ සාධනය වැඩි දියුණු කරමින් රෝගී සතුන් නිරෝගී තත්වයට ගෙන ඒමයි” වෛද්‍ය විජිත පෙරේරා බීබීසියට ප්‍රකාශ කළේය. එහෙත් දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් පවසන්නේ, අලියාගෙන් මිනිසාට ක්‍ෂයරෝගය වැළඳීමේ අනතුරක් නොමැති බවයි. “සේවකයන් කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද? මින් පෙර දෙහිවල සත්තු වත්තේ ඇතින්නක් ක්‍ෂය රෝගයෙන් මැරුණා. ඒ අවස්ථාවේ එම රෝගය සේවකයන්ට බෝවීමේ ගැට‍ළුවක් මතු වෙලා නැහැ. ඒත් ඇමෙරිකානු සත්වෝද්‍යානවල සතුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝවී ඇති බව ඔප්පු වී තිබෙනවා. මෙතන තියෙන්නේ අවදානමක් ” ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා පවසයි. වෛද්‍යවරයාගේ වගකීම එවැනි අවදානමක් ගන්නා ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරයකුට නොහැකි බවයි, දොස්තර විජිත පෙරේරා කියා සිටින්නේ. දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් කියා සිටින තවත් කරුණක් වන්නේ පුහුණු කරනු ලැබ ඇති අලි ඇතුන්ගේ නැටුම් නතර කළොත් එම සතුන් යළි රංග භූමියට ගැනීම දුෂ්කර කරුණක් වන බවයි. දෙහිවල නැටුම් පුහුණු අලින් පස් දෙනකුගෙන් හතර දෙනකුම ක්‍ෂයරෝගයට ගොදුරු වී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇති හෙයින් රංග භූමියට ඉතිරි වන්නේ එක් අලියකු පමණි. එම පදනම මත සත්වෝද්‍යාන සේවකයන් පළ කරන අදහසෙහි සත්‍යයක් ඇති නමුත් රෝග නිවාරණ පියවරක් හැටියට අලින් සහ මිනිසුන් වෙන් කරනු ලැබීම මගින් අලි සංදර්ශන නතර වීමේ තත්වයක් උද්ගත විය හැකි බවයි, දොස්තර විජිත පෙරේරා පිළිගනියි.
කැළිකසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල කිරීමේ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හය දෙනකු අධිකරණයට කැඳවනු ලැබ තිබේ.
කරදියාන කසල අංගනය කොළඹ එක්රැස් වන කැළිකසල පිළියන්දල, කරදියාන කසල අංගනයට බැහැර කිරීමේ කටයුතුවලට පසුගිය 19 වෙනිදා විරෝධතාවක් දියත් කරමින් බාධා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට ලබන 24 වෙනිදා කැස්බෑව අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. බීබීසී සිංහල සේවය වෙත අදහස් පළ කරමින් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියාසිටියේ නියමිත ප්‍රමාණය ඉක්මවා කරදියාන කසල අංගනයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ උත්සාහයක් පැවති බවය. එසේ නියමිත ප්‍රමාණය ඉක්මවූ බැවින් විරෝධතාකරුවන් හා එක්ව සෙසු කුණු ලොරි හරවා යැවීමට තමන් කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති නියෝගය මීතොටමුල්ල වැසියෙකුගෙන් අගමැතිට ප්‍රශ්නයක් මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සම මතු වූ හදිසි ආපදා තත්වය සළකා බැලූ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 17 වෙනිදා සිට 28 වෙනිදා දක්වා කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට කොළඹ මහා නගර සභාවට අවසර ලබා දුණි. නමුත් එකී අධිකරණ නියෝගයට අනුව කරදියාන කසල අංගනයට දිනකට බැහැර කළ හැක්කේ කසල මෙට්‍රික් ටොන් 350 ක් පමණි. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය විසින් දෙනු ලැබූ එම සීමාවට තමන් ඇතුළු විරෝධතාකරුවන් එරෙහි නොවූ බවය. මේ අතර කසල බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (අප්‍රේල් 20) නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රය ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයට ලක් විය. එම ගැසට් පත්‍රයට අනුව කසල ගොඩ ගැසීමට විරෝධය පළ කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් කිරීමට හැකියාව ලබා දෙන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ කසල ගැටලුවට නිවැරදි විසඳුමක් දෙනවා වෙනුවට ඊට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජයට අයත් ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පවරා දීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කරමින් ඇති බව දැනගැනීමට ලැබී ඇතැයි සමාජවාදී කලා සංගමය පවසයි.
ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා එම් සංගමයේ සාමාජිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් පෞද්ගලීකරණ ක්‍රියා මාර්ගයකට යොමු වී ඇති බවය. පෞද්ගලික අංශයේ ප්‍රධාන අරමුණ ලාභ ලැබීම බව කී නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා, එවැනි පවරා දීමක් සිදු වුවහොත් තමන්ට දැරිය හැකි මිලකට රඟහල භාවිතයට ගැනීමේ අවස්ථාව අහිමිවනු ඇති බව සඳහන් කළාය. "දැන් නෙළුම් පොකුණට මොකද වෙලා තියෙන්නේ? ඒක නාට්‍යකරුවන් වෙනුවෙන් හැදුවේ නමුත් නාට්‍යකරුවෙකුට අත තියන්නවත් බැරි තරමේ ගණන් මිනුම් එතන තියෙන්නේ. ටවර් හෝල් රඟහලත් දැන් ඒ වගේ" යනුවෙන් ඇය පැවසුවාය. ඇමති වාහන "හරිම කණගාටුදායකයි. රජය සල්ලි නැහැ කියනවා. රජයට සල්ලි තියෙන්නේ ඇමතිවරුන්ගේ අමාරු කම්වලට අලුත් වාහන අරන් දෙන්න" යනුවෙන් කී ඇය පෞද්ගලික ආයතනයකින් සාධාරණ මිලකට රඟශාලා ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බව සඳහන් කළාය. රජයේ රඟහල් ප්‍රමාණය අඩුවන විට පෞද්ගලික අංශයේ රඟහල්වල මිල ගණන් ඉහළ යන බවත් ඇය පෙන්වා දෙයි. රටේ පවතින දුබල ආර්ථිකය හමුවේ ඉහළ මිලක් ගෙවා නාට්‍යයක් නැරඹීමට රසිකයන්ට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් සමාජවාදී කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා එවැනි තත්වයක් හමුවේ තමන්ට වැඩි මිලක් ගෙවා රඟහල් වෙන්කරවා ගැනීමේ ශක්තියක් නොමැති බව පැවසුවාය. රජයට අයත් ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පවරා දීමට යන බවට පළවන වාර්තා පිළිබඳ විමසීම සඳහා බීබීසී සිංහල සේවය සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය එස්.බී නාවින්න සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.