summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු තියුණු ආයුධයකින් කපා කොටා මරා දමනු ලැබ තිබේ.
මරා දමනු ලැබ ඇත්තේ ඉංග්‍රීසි අනාශයේ මහාචාර්ය සිද්දික් වනඅතර ඔහු නිවසේ සිට විශ්වවිද්‍යාලය වෙත යද්දී ප්‍රහාරය එල්ල වී ඇත මෙම ඝාතනය පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සර්වාගමික මතධාරී අන්තර්ජාල මාධ්‍යකරුවන් සහ අනාගමික ක්‍රියාධරයන් ගේ ඝාතන වලට සමාන බවයි පොලීසිය පවසන්නේ. බටහිර බංග්ලාදේශයේ රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ එෆ් එම් රෙසෞල් කරීම් සිද්දික් නමැති 58 හැවිරිදි මහාචාර්යවරයායි මෙසේ මරා දමනු ලැබ ඇත්තේ. මහාචාර්යවරයා තම නිවසේ සිට විශ්වවිද්‍යාලය බලා යද්දී හඳුනා නොගත් පිරිසක් විසින් ඔහුට තියුණු ලෙස කැපෙන මන්නා පිහියක් වැනි ආයුධ වලින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙයට සමාන ලෙස සර්වාගමික සහජීවනය පිලිබඳ උනන්දුවක් දැක්වූ නීති ශිෂ්‍යයෙකු මරා දැමුණේ අප්‍රේල් 7 වැනිදායි පසුගිය වසරේ දී සර්වාගමික මතධාරී නමගිය අන්තර්ජාල මාධ්‍යවේදීන් හතර දෙනෙකු මරා දමුනේද මෙලෙස තියුණු ආයුධ වලින් පහර දීමෙනි. සහකාර පොලිස් අධිකාරී නහිදුල් ඉස්ලාම් AFP පුවත් සේවයට පැවසුවේ මහාචාර්ය සිද්දික් සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර බග්මාරා ප්‍රදේශයේ පාසැලක් ද අරඹා තිබූ බවයි. බග්මාරා ප්‍රදේශය තහනමට ලක් වූ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් වන ජමෙතුල් මුජහිදීන් බංග්ලාදේශ් (JMB) නමැති සංවිධානය ක්‍රියාත්මක වන ප්‍රදේශයකි. පසුගිය වසරේ ඉතාලි ජාතික කතෝලික පුජකවරයෙකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් JMB කණ්ඩායමේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. අප්‍රේල් මස මුල දී සර්වාගමික මත අනතර්ජාලයේ පළ කළ බංග්ලාදේශ නීති ශිෂ්‍යයෙකු කපා කොටා මරා දැමුණේ ධකා අගනුවරදීය. පසුගිය වසරේ මරාදැමුනු අනාගමික මතධාරී අන්තර්ජාල මාධ්‍යකරුවන් හතරදෙනා 2013 වසරේ ඉස්ලාම් කණ්ඩායම් විසින් බෙදා හරින ලද 'අනාගමික මතධාරී බ්ලොග්කරුවන්' 84 දෙනෙකු ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටි බවයි වාර්තා වන්නේ. මේ අතර ෂියා, සුෆි, අහමදි මුස්ලිම්, ක්‍රිස්තුභක්තිකයන් සහ හින්දු භක්තිකයන් ඇතුළු සුළු ආගමික ප්‍රජාවන් වෙතද ප්‍රහාර එල්ල වෙමින් තිබේ. එසේම පසුගිය වසරේදී විදේශිකයන් දෙදෙනෙකු, ඉතාලි ජාතික ස්වෙච්චා සේවකයෙකු සහ ජපන් ජාතිකයෙකු ද වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම ප්‍රහාරයන් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රියාවන් බවට ප්‍රකාශ වී තිබුණද ස්වාධීනව සනාථ කිරීමක් සිදුවී නැත. බංග්ලාදේශය නිල වශයෙන් සර්වාගමික රටක් වුවද විවේචකයන් පවසන්නේ රජය මෙම ප්‍රහාරයන් පිළිබඳව නිසි ලෙස කටයුතු කිරීමට අසමත්ව ඇති බවයි.
පසුගිය සතියේ ලෝකයේ නන් දෙස සිදු වූ ජනප්‍රිය පුවත් නැවත සිහිගැන්වෙන, සිත ඇද ගනු ලබන ඡායාරූප පෙළක් ඔබ ඉදිරියේ මෙසේ පෙළ ගස්වමු.
උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන කලාපයේ දකුණු දිශාවට වන්නට පැවැත්වූ අයිස් සැණකෙළියේ දී මිරිදිය මත්ස්‍යයකු බා ගැනීම සමරන පිරිමි ළමයෙක් , මොන්ගෝලියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගී වූ ඔටුවෙකු සහ ගැහැණු ළමයෙක්... මෙම උත්සවයේදී ඔටු රේස් සහ රූප රාජිනී තරඟ පැවැත්වෙන අතර, එම අවස්ථාවට ඔටුවන් 200 ක් පමණ සහභාගී වන බව වාර්තා වේ. ඉන්දියාවේ දේශ සීමා ආරක්ෂා කිරීමේ බලකායේ (India's Border Security Force) කාන්තා මෝටර් බයිසිකල් කණ්ඩායමක් 'ජනරජ දිනය' නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයක සංදර්ශනයක් සදහා පෙර පුහුණු වීමක යෙදෙන අකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. නව දිල්ලි නුවර ශීත සෘතුවේ, දැඩි සීතල උදෑසනක මෙම දර්ශනය කැමරා කාචයක සටහන් වුණි. කෙන්සිංටන් මාළිගාවේ පඩි පෙළක වාඩි වී සිටින එංගලන්තයේ චාලට් කුමරිය. මෙය චාලට් කුමරිය පෙර පාසල් යන පළමු දිනයේ ඇයගේ මව වන කේට් ආදිපාවරිය විසින් ලබා ගත් ඡායාරූපයකි. සිරියාවේ හමවුරියා (Hamouria) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු, තම සොහොයුරිය ජීවත්ව සිටිනවා දැක ඇය වැළදගැනීමට සුන්බුන් අතරින් දිව යන කාන්තාවක්. මෙම ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මරා දැමුණි. ජර්මනියේ මින් මැදුරක ජීවත් වන මුහුදු ජීවියෙකුගේ දත්ත වාර්ෂික ලේඛනයකට ඇතුළත් කිරීමේ අරමුණින්, එම ජීවියාගේ මිනුම් ලබා ගන්නා අවස්ථාවක්. ඉතියෝපියාවේ ඔර්තඩොක්ස් (Orthodox) ක්‍රිස්තියානු බැතිමතුන් නත්තල සමරන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. පැරණි ජුලියන් දින දර්ශකය අනුගමනය කරන ඔර්තඩොක්ස් ක්‍රිස්තියානුවන්, නත්තල සමරන්නේ ජනවාරි හත් වනදාය. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ වසර දෙකකට පෙර මියගිය ඩේවිඩ් බෝවි (David Bowie) සිහි කර, උපන් ගමෙහි බිත්තියක ඇදි ඔහුගේ සිතුවමක් ඉදිරියේ රෝස මලක් තබන කාන්තාවකි. ඩේවිඩ් බෝවි බ්‍රිතාන්‍යයෙන් බිහි වුණ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්, ගීත රචකයෙක් මෙන්ම නළුවෙකි. අයර්ලන්තයේ ඝන මීදුම අතරින් පෙරට යන පාපැදියක් .... අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කෙරුණි. ලන්ඩන් නුවර පැවැත් වූ බෝට්ටු සංදර්ශනයකදී කොර්නිෂ් ක්‍රැබර් (Cornish Crabber) බෝට්ටුවක් ඔප දමන පුද්ගලයෙක් . වසර 40 කට පමණ ඉහත දී ආරම්භ කරන ලද Cornish Crabber යුරෝපයේ ඉතා ප්‍රසිද්ධ බෝට්ටු නිෂ්පාදන සමාගමකි. 'බිග් ලිට්ල් ලයිස්' (Big Little Lies) වැඩසටහන වෙනුවෙන් ලැබුණ ගෝල්ඩන් ග්ලෝබ්ස් (Golden Globes) සම්මානය සිප ගන්නා හොලිවුඩ් තරු ලෝරා ඩර්න්, නිකෝල් කිඩ්මන්, සෝ ක්‍රවිට්ස්, රීස් විදර්ස්පූන් සහ ෂයිලීන් වුඩ්ලි. හොලිවුඩ් සිනමාවේ අති ජනප්‍රිය තරු බහුතරයක් මෙම උළෙල සඳහා කළු පැහැය තෝරා ගෙන තිබුණේ සිය ක්‍ෂේත්‍රය තුළ වාර්තා වෙමින් ඇති පහර දීම් සහ ලිංගික අතවරවලට විරෝධය පළ කිරීමක් වශයෙනි. 2017 දී ලෝකයේ නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන් රැගත් ඡායාරූප පෙළක්: තෙවැනි ඇසින් දුටු 2017 ලෝකය මේ තොරතුරුද දැනගන්න: ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම
මව්පියෝ සිය දරුවන් සිප වැළඳ ගනිති. තුරුලට ගෙන ආදර කරුණාව දක්වති. එසේ නමුත් 'ඔටිසම්' (Autism) හෙවත් බාහිර ලෝකය සමග ගනුදෙනුකිරීමේ හෝ සන්නිවේදනය කිරීමේ හැකියාව හීනකරන, හුදකලාව ගැලී සිටීම ප්‍රිය කරන මානසික තත්ත්වය සහිත දරුවන්ට එසේ නොවේ.
ස්පර්ශ කිරීමට, සිප වැළඳ ගැනීමට නොහැකි සිය පුත්‍රයා ඔහුගේම කැමැත්තෙන් ටොනාඩෝ වෙත ගොස් ඔහු මත වැතිරෙන ආකාරය දුටු මවගේ සතුට නිම්හිම් නැතිවිය පස් හැවිරිදි කයිනෝවා නීහවුස් 'ඔටිසම්' මානසික තත්ත්වය සහිත දරුවෙකි. කිසිවකු විසින් ස්පර්ශකරනු ලැබීමට හෝ සිප වැළඳගනු ලැබීමට නොහැකි කයිනෝවා තම දිවියේ පළමුවතාවට ලද මෙම අත්දැකීම ඔහුගේ මව ද විස්මයට පත්කිරීමට සමත්විය. විශේෂයෙන් පුහුණු කරන ලද ටොනාඩෝ නමැති සුනඛයා සමග කයිනෝවා මිතුදමක් ගොඩනගාගනු ලැබුවේ දෙදෙනා මුණ ගැසුණු සැනිණි. ස්පර්ශ කිරීමට, සිප වැළඳ ගැනීමට නොහැකි සිය පුත්‍රයා ඔහුගේම කැමැත්තෙන් ටොනාඩෝ වෙත ගොස් ඔහු මත වැතිරෙන ආකාරය දුටු මවගේ සතුට නිම්හිම් නැතිවිය. ''මගේ දරුවා වෙනුවෙන් වියදම් කරන සෑම ඩොලරයක් ම, පුරවන සෑම ඉල්ලුම් පත්‍රයක් ම, සෑම ගුරු දෙගුරු හමුවක් ම, හෙලන සෑම කඳුලක් ම, ඉදිරියට තබන සෑම පියවරක් ම, පසුපසට ගන්න සෑම පියවරක් ම වටිනවා'' කෙළිදෙලෙන් පසුවන සම වයසේ දරුවන් හා මිතුදමක් හෝ කිසියම් සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වූ තම පුතු, සුනඛ මිතුරා හා බැඳෙනු දුටු අයුරු වචනයෙන් විස්තර කළ නොහැකි බව ඇය පවසන්නීය. ජපානයේ සිට එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි '4 Paws For Ability' මධ්‍යස්ථානය වෙත කයිනෝවා නීහවුස් පැමිණියේ, විශේෂයෙන් පුහුණුකරන ලද සුනඛයකු වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ වසර දෙකක් ගතකිරීමෙන් පසුවය. ආබාධිත දරුවන්, ආබාධිත හමුදා සෙබළුන් සහ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට පුහුණු සුනඛයන් සපයනු ලබන '4 Paws For Ability' මධ්‍යස්ථානය ලාභය අරමුණුකර නොගත් ජාත්‍යන්තර ආයතනයකි. ජේඩන් සිය පුහුණු සුනඛ සුරතලිය ක්ලේරා හමු වූ අවස්ථාව 'මගේ දරුවා වෙනුවෙන් වියදම් කරන සෑම ඩොලරයක් ම, පුරවන සෑම ඉල්ලුම් පත්‍රයක් ම, සෑම ගුරු දෙගුරු හමුවක් ම, හෙලන සෑම කඳුලක් ම, ඉදිරියට තබන සෑම පියවරක් ම, පසුපසට ගන්න සෑම පියවරක් ම වටිනවා' යැයි කයිනෝවාගේ මව සඳහන් කළාය. 'ටොනාඩෝ නිසා සියලු දේ හරියාවි කියලා මට හැඟෙනවා' යැයි විශ්වාසයෙන් යුතුව කී ඇය මෙසේ ද සඳහන් කළාය. 'මවක් වශයෙන්, මගේ පුතාට මුහුණ දීමට සිදු වූ අභියෝග සහ වේදනාකාරී අවස්ථා අනේක වාරයක් මා දැක තිබෙනවා, හැඬූ අවස්ථා අප්‍රමාණයි. ඊයේ මම ඇඬුවේ වෙනත් කාරණයකට, ඒක වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්'. 'ඔටිසම්' යනු ? ඩිවුස් නම් වූ පුහුණු සුනඛ සුරතලා හා නව පවුලේ සාමාජිකයන් 'ඕටිසම්' යනු සාමාජයීය සබඳතා, භාෂා හැකියාව සහ ශාරීරික හැසිරීම කෙරෙහි බලපාන මානසික තත්ත්වයකි. එමෙන්ම දෛනිකව ලැබෙන සංවේදී තොරතුරුවලට, 'ඕටිසම්' තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් වැඩි සංවේදීබවක් පළකිරීමට ද ඉඩ ඇත. 'ඔටිසම්' තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලෝකය දකිනුයේ පැහැදිලි සීමාවලින් තොර, පිළිවෙලක් හෝ අරමුණක් නොමැති ව්‍යාකූල ස්ථානයක් ලෙසිනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.
සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට අවශ්‍යයි - මෝදි ඒ අනුව වසර පහළොවකට පසු එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන පළමු ඉන්දීය අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි. එක්දහස් නවසීය අනූනවය වසරේ ඉන්දියාව හා පාකිස්ථානය අතර කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන් වලින් දහසකට වැඩි දෙනෙක් මරණයට පත් වුහ. සංවර්ධන මාවත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට නියමිතයි. සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට තමාට අවශ්‍ය බවයි ව්‍යාපෘති සමාරම්භක උළෙලෙන් පසු පැවති රැළිය ඇමතූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය පදවිය භාර ගැනීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිදු කළ දෙවන සංචාරය මෙයයි.
සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සිය රට සුදානම් බව කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා පවසයි.
සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගියදා කොන්දේසි 13 ක් ඉදිරිපත් කරනු ලැබීය. කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි යළි අවධාරණය කළේ සිය ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන කිසිවක් කටාර් රාජ්‍යය පිළිනොගන්නා බවය. ගල්ෆ් කලාපය තුළ මතුව ඇති අර්බුදය විසඳීමේ උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වේ. කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන රටවල් අතර මතුව ඇති අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් කටාර්හි එමීර්වරයා සහ බහරේනයේ රජු සමග දුරකතන ඔස්සේ සාකච්ඡා කර තිබේ. ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ. කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අල් ජසීරා සහ ඉල්ලීම් 13 ක් ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගිය ජුනි 23 වෙනිදා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් AP පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර: අදාළ කොන්දේසි කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් පසුගිය ජුනි 24 වෙනිදා ප්‍රතික්ෂේප කරනු ලැබීය. කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගියදා පැවසීය. ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk
ශ්‍රී ලංකාව යුධ අනාථයන් යළි පදිංචි කරවීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුකොට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ නිලධාරියා පවසයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ මානවීය සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කරන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ වරයෙකු වන ජෝන් ගින් කියා සිටියේ යළි පදිංචි කිරීමේ කටයුතු වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව දකින්නට තිබෙන බවයි. කෙසේ වෙතත් යළි පදිංචි කළ යුධ අනාථයන්ගේ ජීවන තත්වය ඉහල දැමීම සඳහා තවත් විශාල වැඩකොටසක් ඉදිරියට කිරීමට ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල යටි තල පහසුකම් දියුණු කර ඇතැයි කියා සිටින ඔහු පශ්චාත් යුධ කාලයකදී අනිකුත් රටවලට මෙවැනි සංවර්ධනයක් ළඟා කරගැනීම පහසු නොවූ බව ද බීබීසී දෙමල සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙය සුවිශේෂී තත්වයක් ලෙස හැදින්වූ ජෝන් ගින් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බවද සඳහන් කළේය. 'ආධාර ලැබී නෑ' උතුරු හා නැගෙනහිර සංචාරය කිරීමෙන් පසු මේ අදහස් පළකළ එක්සත් ජාතීන්ගේ නිලධාරියා යළි පදිංචි වූ ජනතාව එදිනෙදා මුහුණපාන පානිය ජලය ලබාගැනීම, සනීපාරක්ෂක පහසුකම්, නිවාස ඉදිකරගැනීම සහ රැකියා නොමැතිවීම වැනි ගැටළු සඳහා පිළියම් සෙවීම ශ්‍රී ලංකාව හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් බවයි පවසන්නේ. යළි පදිංචි වූ ජනතාවගේ ජීවිත ගොඩ නැංවීම සඳහා දිගටම ආධාර ලබා දිය යුතු යයි පවසන ජෝන් ගින් කඳවුරු වල දිවිගෙවන සහ යළි පදිංචි කළ ජනතාව දහස් ගණනක් ඉතා කටුක සහ දුක්ඛිත තත්වයන් යටතේ තවමත් දිවිගෙවන බව අමතක නොකළ යුතුයිද සඳහන් කළේය. තමන් යළි පදිංචි වූ යුධ අනාථයන් මුණගැසුණු බව කියා සිටි ඔහු යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැවැන්ත වැඩකොටසක් ඉටු කර තිබුනත් තවත් විශාල ප්‍රමාණයක් කළ යුතුව ඇති බවයි සඳහන් කළේ. යුධ අනාථයන් යළි පදිංචි කිරීමට සහ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ඇතුළුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් පිහිටුවා තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ නිලධාරියා එම වැඩසටහන සඳහා අනුමත මුදලින් සියයට අසුවක් තවමත් ලැබී නැතැයිද කියා සිටියේය. මේ නිසා යළි පදිංචි කළ ජනතාවට ආධාර සහ සහන සැපයීමේ කටයුතු වලට බාධා වී ඇතැයි ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකාවට ලැබිය යුතු ආධාර මුදල් කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය. ශ්‍රී ලංකාව ඉටු කර ඇති වැඩකොටස දෙස බලා ඉතා සාධනීය ප්‍රතිරූපයක් ගොඩ නගා ගත හැකි බව පවසන ඔහු මානවීය කටයුතු සඳහා ලබාදෙන මුදල දෙගුණ කරන ලෙස ආධාර දෙන රටවලින් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
ගැබිණි මවකට සිසේරියන් ශල්‍ය කර්මයක් සිදු කරමින් සිටින අතරවාරයේ උණුසුම් වාදයක පැටලුනු වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහලේ බලධාරීහු පවසති.
රෝහල් බලධාරීන් එම පියවර ගෙන තිබෙන්නේ රෝගී මව අසල සිට ඔවුන් දෙදෙනා එකිනෙකාට බැනගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය. රාජස්තාන් ප්‍රාන්තයේ උමයිඩ් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනාගේ එම හැසිරීම පිළිබඳව කෝපය පළකරමින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබුණි. සැත්කමට භාජනය කරන ලද මව සහ ඇය බිහි කළ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ නිලධාරිනියක් බීබීසීයට පැවසීය. 'බිළිඳා මිය ගියේ නෑ' එම වීඩියෝ පටය ප්‍රකාශයට පත්කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි නැතත්, එය සිය රෝහල තුළ සිදුවූවක් බව ද ඇය සනාථ කළාය. සැත්කමෙන් අනතුරුව බිළිඳා මියගිය බව, වීඩියෝ පටය අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව බොහෝ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් එම වාර්තා සත්‍යයෙන් තොර බව බීබීසී යට කියා සිටි රෝහල් අධිකාරී වෛද්‍ය රංජනා දේසායි, එදිනම එම ශල්‍යාගාරයේ සිදුකෙරුණු වෙනත් සැත්කමකින් අනතුරුව උපත ලැබූ බිළිඳෙකු මිය ගිය නමුත් එම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළාය. ශල්‍යාගාරයේදී වෛද්‍යවරුන් දෙදෙනා හින්දි භාෂාවෙන් එකිනෙකාට අපහාස කරගන්නා ආකාරයත්, ගැබිණි මව සැත්කමට පෙර ආහාර ගත්තේ ද යන්න පිළිබඳව උණුසුම් වාදයක පැටලුනු ආකාරයත් වීඩියෝ පටයේ සටහන්ව තිබේ. ඔවුන් දෙදෙනා වෛද්‍ය අශෝක් නනිවාල් සහ වෛද්‍ය මධුර ලාල් ටක් බව වෛද්‍ය රංජනා දේසායි සඳහන් කළාය. ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා නොමැති බව ද ඇය කියා සිටියාය. සිදුවීම පිළිබඳව රෝහලේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඒ අතරවාරයේ සිදුවීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රාජස්තාන් ප්‍රාන්ත මහාධිකරණය රෝහල් බලධාරීන්ට නියෝග කර තිබේ.
මාතර පාලටුව ප්‍රදේශයේ ඔරුවක් පෙරළි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔරු-පාරු සහ කුඩා බෝට්ටු භාවිතා කර ජලයෙන් යට වූ ප්‍රදේශ වෙත නොයන ලෙස නාවික හමුදාවෙන් අනතුරු ඇඟවීමක් ගංවතුර තත්වය යම් තරමකට අඩු වීමත් සමග මව, පියා සහ දාහතර හැවිරිදි පුතු මරණයට පත්ව ඇත්තේ ජලයෙන් යට වූ තම නිවෙස දෙසට ඔරුවකින් ගමන් කිරීමට උත්සාහ දරමින් සිටියදීය. ඔරු-පාරු සහ කුඩා බෝට්ටු භාවිතා කර ගංවතුරෙන් යට වූ ප්‍රදේශ වෙත නොයන ලෙස නාවික හමුදාව අද (ජුනි 01) උදෑසන ජනතාවට අනතුරු ඇඟවීමක් ද කර තිබිණි. මරණ ගණනාවක් ජලයෙන් යට වූ ප්‍රදේශ වෙත යාමට තැත් කිරීමේ දී ඔරු-පාරු සහ කුඩා බෝට්ටු පෙරලීමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බදාදා (මැයි 31) ප්‍රකාශ කළේය. ගිං ආසන්නයේ පාරුවක් පෙරළී ගසක එල්ලී සිටි පියකු සහ පුතෙකු බේරා ගැනීමට වෙනත් කටයුත්තක් සඳහා ඒ ආසන්නයෙන් යාත්‍රා කරමින් සිටි නාවික හමුදාවේ කණ්ඩායමක් බදාදා සමත් විය. මාතර ප්‍රදේශයේදී ද එවැනිම පිරිසක් බේරා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමග යාත්‍රා කරමින් සිටි නාවික හමුදා භට කණ්ඩායමක් කටයුතු කළහ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස් වෙනි එක් දින සීමිත ඕවර තරගයේ ද ජයග්‍රහණය අත්කරගනිමින් එක් දින ශූරතාවලිය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළදී එක් දින ශූරතාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී පැවති එක් දින තරග දෙකක් ජයග්‍රහණය කළ නමුත්, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු යුවල, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබියදී එම තරගය ද ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. සබැඳි යොමු: අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව අට වෙනි ස්ථානය දරන ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොලොස් වෙනි ස්ථානය දරන සිම්බාබ්වේ කණ්ඩායමට මේ ආකාරයෙන් පරාජය වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය පළවෙමින් පවතී. කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලැබීම අවධානයට බඳුන් වී තිබෙන එක් ප්‍රධාන කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතියේ බීබීසී සිංහල සේවයට පැවසීය. ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවය දිනා දුන් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව "විනාශ වෙමින් යාම" පිළිබඳ වගකීම සිය ආණ්ඩුව භාරගත යුතු බවය. සබැඳි යොමු: ඒ අතරම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සහ ක්‍රීඩක ලසිත් මාලිංග එයට ප්‍රතිචාරය පළ කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන් විය. මීට ඉහත දී තරග කිහිපයක් බංග්ලාදේශයට ද පරාජයවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව සංවාදයක් මතුවිය. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව සිදත් වෙත්තමුණි මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පෙන්වා දී තිබේ.
වසර තිස් තුනකට පෙර දෙමළ බෙදුම්වාදී කැරලිකරුවෝ උතුරේදී හමුදා සාමාජිකයන් දහතුන් දෙනකු ඝාතනය කළහ. ඒ සමග ගත වූ දින කීපය තුළ කලහකාරී සිංහල පිරිස් විසින් රට පුරා දෙමළ ජාතිකයන් හාරසීයත් තුන්දහසත් අතර සංඛ්‍යාවක් මරා දමනු ලැබිණ.
කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 53 දෙනකුද ඝාතනයට ලක් විය. 1983 ජූලි 23 වනදා ඇරඹි කළු ජූලිය සිදු වී මේ සතියට වසර තිස් තුනක් ගත වී තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ කළු ජූලියෙන් මරුමුවට පත් සිය ඥාතීන් සිහි කොට උතුරේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. වව්නියාවේ හින්දු කෝවිලක පැවති එවැනි ආගමික වැඩසටහනක් සඳහා එක් වී සිටි පිරිසෙන් එක් අයෙකි වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ්. කළු ජූලිය සමයේ අත්අඩංගුවට පත් වෛද්‍ය තුරෙයිරාජ් වැලිකඩ බන්ධනාගාරයේදී මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළේය. පහර කෑමට ලක් වූ පුද්ගලයන්ට ප්‍රථමාධාර ලබා දීම හේතුවෙන් තමා අත්අඩංගුවට පත් වූ බව ඔහු පවසයි. කුට්ටිමනී, ජගන් ඇතුළු දෙමළ රැඳවියන් මරා දමා ඇති බව ඔවුන් රඳවා සිටි සිර මැදිරිවලට මදක් ඔබ්බෙන් පිහිටි සිර මැදිරියක රඳවා සිටි තමා දැන ගත් ආකාරය ඔහු සිහි කරයි. 'පොලු මුගුරු අතින් ගත්' 'අපේ බ්ලොක් එකටත් එන්න උත්සාහ කරලා තිබෙනවා.නමුත් ඔවුන්ට එන්න බැරි වෙලා. නමුත් අනිද්දා ඒ වෙලාවටම අපේ බ්ලොක් එකට කට්ටිය ආවා. ' 'අපිට ගහන්න ආපු අය අතරේ විසි පස් දෙනෙක් විතර හිටියා. පොලු, යකඩ ඔවුන් අතේ තිබුණා. ඔවුන් දොර අඟුල් කඩා දැම්මා.' (හඬ පටයට සවන් දෙන්න) කළු ජූලියේ ප්‍රචණ්ඩත්වය වැලිකඩ බන්ධනාගාරය දක්වා පැතිරී ගියේ කෙසේද? 'ඩොක්ටර් රාජ සුන්දරම් ඒ මොහොතේ මා සමග සිටියා. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්.' 'ඇයි මල්ලි අපට ගහන්න එන්නේ. අපි කරපු වරද මොකක්ද? කියලා ඔහු ඇසුවා' ඒ මොහොතේ කලහකාරීන් අතර සිටි අයෙක් තම මිත්‍රයා පිටතට ඇද ගත් ආකාරය වෛද්‍ය තුරෙයිරාජ් සිහි කරයි. 'එතකොටම තව එක් කෙනෙක් ලොකු පොරවකින් රාජ සුන්දරම්ගේ ඔලුවට ගැහුවා. කරාමයක් ඇරියා වගේ ලේ වීසි වුනා. එයා එතනම මැරුණා' ඉන් අනතුරුව යකඩ පොල්ලකින් පහර කෑ තමා සිහිසන් වූ බව වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේය. 'ලේ විලක්' මිනිත්තු තිහකට හෝ විස්සකට පසු හමුදා සාමාජිකයන් පැමිණ තමා සිර මැදිරිවලින් පිටතට රැගෙන ගිය බවයි ඔහු පවසන්නේ. 'අපි පඩිපෙළ බැහැලා එනකොට දැක්කා මිනිස්සු මැරිලා හැමතැනම. ලේ විලක්. ඒ මළ සිරුරු උඩින් අපි එළියට බැස්සා' වැලිකඩ බන්ධනාගාරයට කලහකාරී පිරිස් කඩා වැදුණු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එහි නොසිටි බවත් වෛද්‍යවරයා සිහිපත් කරයි. 'නිලධාරීන්, බන්ධනාගාර ආරක්ෂකයන් කිසි කෙනෙක් එතන නැහැ. කුට්ටිමනී ඇතුළු පිරිස මරා දැම්මට පස්සේ මම කිව්වා එස්පී මහත්තයව හම්බ වෙන්නේ ඕනි කියලා.' 'සාමාන්‍යයෙන් උදේ පාන්දර ඇවිත් ගුඩ් මෝනින් ඩොක්ටර් කියන එතුමා ඒ දවසෙම ආවේ නැහැ' (සංදේශයට සවන්දෙන්න) 'අපි එළියට එන කොට දැක්කා ඔහු සහ පහළොස් දෙනෙක් විතර ඇවිද එනවා. එස්පී මාව අඳුරනවා හොඳට. ඔහු කිව්වා එන්න ඩොක්ටර් අපි බෙහෙත් දාමු කියලා.' 'මම කිව්වා, ඔයාගේ බෙහෙත් තියා ගන්නවා. මට බෙහෙතුත් ඕනි නැහැ. මුකුත් ඕනි නැහැ. එස්පී මහත්තයා හම්බ වෙන්න ඕනි කියලා මම ඊයේ ඉඳලා පණිවිඩ ඇරියා. ඒත් ඔයා අවේ නැහැ' 'වේදනාබර මතකය' අවදානම් තත්වය තවමත් පහව ගොස් නොමැති බව තමා පිටතට රැගෙන ආ හමුදා කණ්ඩායමේ නිලධාරීවරයා ඒ අවස්ථවේ තමාට පැවැසූ බවයි වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේ. 'ඩොක්ටර් තාම අවදානම ඉවර නැහැ. මම කියන දේ අහන්න කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ඒ නිලධාරීවරයා අපිව ට්‍රක් එකට ගෙන ගියා. එතනින් ගුවන් තොටුපලට ගිහින් මඩකලපුවට බන්ධනාගාරයට රැගෙන ආවා.' වසර තිස් තුනක් ගත වී ඇතත් එදා තමා මුහුණ දුන් ඒ වේදනාබර අමිහිරි සිදු වීම් තවමත් එලෙසම මතකයේ රැඳී තිබෙන බව වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ් වැඩිදුරටත් කියා සිටියේය. රට පුරා පිහිටි දෙමළ ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ලක් වූ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට කළු ජූලිය ප්‍රධාන හේතුවක් වූ බව විශ්ලේෂකයන්ගේ මතයයි. වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
මාධ්‍ය නිදහස තහවුරු කරනු වස් ආණ්ඩුවේ ඇති කැපවීම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට ඇති බවක් ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා පෙනෙන්නට නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනතාවට වගකියන මාධ්‍ය ක්ෂේත්‍රයක් උදෙසා ශ්‍රී ලංකා ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා වෘත්තීය නගා සිටවීමට නිර්දේශ 101 ඇතුළත් සැලැස්මක් අද අඟහරුවාදා මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාලය විසින් එළිදක්වනු ලැබිණ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව කොළඹදී පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ක්ෂේත්‍රය තුළ පවතින උවමනාව සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පවතින බවයි. 'දැන් වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහසට සටන් කරන්නේ අපි, මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍ය.' තමන්ගේ වෘත්තීය සගයකු වූ අතුරුදහන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී නොසිටින මාධ්‍යත් සමග එහි නිදහස සම්බන්ධයෙන් කතා කිරීමට ඇත්තේ කුමක්දැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. වසර 13 කට ඉහතදී තමන් විසින් ගෙන ඒමට උත්සහ කළ තොරතුරු දැන ගැනීමේ පනත යළි ගෙන ඒමට හැකි වීම පිළිබඳ සතුටු වන බවද අගමැතිවරයා පැවසීය. අඩුපාඩු ඇතත් මාධ්‍ය නිදහස උදෙසා වත්මන් ආණ්ඩුව තම කාර්යභාරය ඉටු කර ඇති බව කියා සිටි අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මූලික මාධ්‍ය නිදහස තව දුරටත් ශක්තිමත් වනු ඇති බවයි සඳහන් කළේ. උත්සවය ඇමතූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉලා සිටියේය.
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවැත්වෙන පෞද්ගලික ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ගොස් සිටි වයස පහළොවෙන් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක හේතුන් මත නැවත ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබේ.
දෙදහස් දොළහ වසරේ පැවති උද්ඝෝෂණයක් ක්‍රිකට් කණ්ඩායම් දොළහක් සහභාගී වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයෝ දාසය දෙනෙකු කොළඹ සිට චෙන්නායි නගරයට පැමිණ සිටියහ. නමුත් අද සඳුදා ආරම්භ වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව තරග සංවිධායකයෝ පවසා තිබේ. ආරක්ෂාව කණ්ඩායමේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව පවසා ඇති චෙන්නායි පොලිස් නිලධාරීන් නගරයෙන් පිට වන ලෙස කණ්ඩායමට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ මොහොත වන විට දකුණු ඉන්දියාවේ දැඩි ශ්‍රී ලංකා විරෝධයක් මතු වී ඇති අතර පසු ගියදා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපිය ඊට බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරති. පෙම් පත් මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී තිබුණේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස දෙන ඉංග්‍රීසි වැකියකි. ඉන්දීය මාධ්‍ය වල දැඩි අවධානයට හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එම ලිපිය වහාම ඉවත් කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරියෝ පියවර ගත්හ. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ එම ලිපිය සම්බන්ධයෙන් තමිල්නාඩුව තුල ක්‍රියාත්මක වන සියලු දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී ඇති අතර ඊට එරෙහිව තමිල්නාඩුවේ බොහෝ ස්ථානයන්හි උද්ඝෝෂණ පැවැත්වෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවෝ එරට බටහිර කලාපයේ පිහිටි හුදකලා නගරයක් වන රුට්බා ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරති.
මෝසුල් නගරයට ආසන්න සෙසු ප්‍රදේශවල ජනතාව ගම්බිම් හැර පළා ගොස් තිබේ වාර්තාකරුවන් විසින් එම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ මොසුල් නගරයේ බලය යළි ලබා ගැනීම සඳහා සටන් කරමින් සිටින ඉරාක හමුදාවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අයිඑස් කැරලිකරුවන් විසින් ගනු ලැබූ උත්සාහයක් ලෙසයි. සිය නගරය ඉලක්ක කොට අයිඑස් කැරලිකරුවන් පැති තුනකින් ප්‍රහාර එල්ල කළ බව අන්බර් පළාතට අයත් රුට්බා නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළේය. කැරලිකරුවන් හා නගරයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් අතර සටන් පැවති බවත් ඔහු කියා සිටියේය. මෝසුල් නගරය ආසන්නයේ පිහිටි අයිඑස් ඉලක්කයක් මේ අතර ඉරාකයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සැලකෙන මෝසුල් නුවර බලය යළි ලබා ගැනීම සඳහා ඉරාක හමුදා සහ කුර්දි සටන්කරුවෝ තවදුරටත් මෙහෙයුම්වල නිරත වී සිටිති. කුර්දි හමුදා විසින් මොසුල් නගරයේ උතුරු සහ නැගෙනහිර පිවිසුම් අහුරා තිබෙන අතර ආණ්ඩුවේ හමුදා දකුණු ප්‍රදේශය හරහා නගරය වෙත ඇදෙමින් සිටිති. අයිඑස් බලකොටුවක් ලෙසින් හැඳින්වෙන මෝසුල් නගරය කැරලිකරුවන් අතට පත් වූයේ 2014 වසරේදී.
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී ආරක්ෂක අංශ විසින් නීති විරෝධී අවි ප්‍රහාර සිදු කොට ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් වී තිබේ.
යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවට සාක්ෂි යුද්ධයේ අවසාන අදියරේ දී රසායනික අවි සහ පොකුරු බෝම්බ ප්‍රහාර වලට තමන් ලක් වූ වග වන්නි වැසියන් සඳුදා වව්නියාව මහ අධිකරණයේ දී ප්‍රකාශ කළැ’යි මානව හිමිකම් නීතීඥ කේ එස් රත්නවේල් ප්‍රකාශ කළේය. සාක්ෂි කරුවන් ප්‍රකාශ කොට ඇත්තේ යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට තමන් ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවයි. ඉන්දීය නෞකාවක් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට මුහුදින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පිරිසක් මිය ගිය බවටත් අධිකරණය හමුවේ සාක්ෂි ලැබුණු බව නීතීඥ රත්නවේල් කියා සිටියේය. යුද හමුදාවට භාර දීමෙන් පසු අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව මහ අධිකරණයේ පැවරූ නඩු දාහතරක් සම්බන්ධ සාක්ෂි විමසීමේ දීයි මේ තොරතුරු ප්‍රකාශයට පත් වී ඇත්තේ. ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ ය යුද්ධයෙන් පරදවා ලූ 2009 මැයි මාසයට ආසන්න කාල සීමාවේ දී යුද හමුදාවේ ඉල්ලීම පරිදි ආරක්ෂාව පතා භාර වූ පිරිස් අතර මේ ඥාතීන් ද වූ බවයි පැමිණිලි කරුවන් ප්‍රකාශ කරන්නේ. සාක්ෂිකරුත් අතුරුදහන් යුද හමුදාවට ඥාතීන් භාර දීමේදී සාක්ෂිකරු වශයෙන් යොදා ගනු ලැබූ යාපනේ ශාන්ත පැට්‍රික් විදුහල්පති ෆ්‍රැන්සිස් ජෝසප් කතෝලික පුජක වරයාද අතුරුදහන් වී ඇති බවට පැවරු නඩුවක්ද මේ අතර ඇත. ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ දී කිසිදු සාමාන්‍ය වැසියකු මරා නො දැමුණු බවයි.
කුණාටු සහිත අයහපත් කාලගුණයක් මැද ඇමරිකාවේ ෆ්ලොරීඩාහි ගුවන් තොටුපලකට ගොඩබට ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි ගංගාවක නතරව තිබේ.
පුද්ගලයන් විසිදෙනෙකු පමණ රෝහලට රැගෙන ගොස් තිබේ බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 දෙනාගෙන් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල හානි නැතැයි වාර්තා විය. මයාමි එයාර් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම යානය කියුබාවේ ගුවන්තනාමෝ බේ සිට ඇමරිකාවේ ජැක්සන්විල් හි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් තිබිණි. සිකුරාදා (අප්‍රේල් 03) රාත්‍රියේ ගුවන් යානය ගොඩබාන විට කුණාටු තත්වයක් පැවතුණු අතර එය ගුවන් පථයෙන් ඉවත ගොස් අසළ පිහිටි ශාන්ත ජෝන්ස් ගංගාවට ලිස්සා ගිය බව මගීහු පැවසූහ. පුද්ගලයන් විසිදෙනෙකුට පමණ සුළු තුවාලවලට ප්‍රතිකාර කර තිබේ. "එය ඉතා බිය ජනක අවස්ථාවක්" යැයි යානයේ සිටි මගියෙකු වන ෂෙරිල් බෝමන් CNN පුවත් සේවයට කියා සිටියාය. "ගුවන් යානය බිම වැදී උඩ පැන්නා. ඒ වෙනකොට එය ගුවන් නියමුවාට පාලනය කරගන්න පුළුවන් තත්වයක තිබුණේ නැහැ. එය නැවත වතාවක් උඩ විසි වුණා," ඇය පැවසීය. "අපි වතුරේ හිටියේ. අපිට හිතා ගන්න බැරි වුණා කොහේ ද ඉන්නේ කියලා, ඒක ගඟක් ද මුහුද ද කියලා හිතා ගන්න බැරි වුණා." ගුවන් යානා ඉන්ධන ගංගාවට ගලා යන විට එයින් නැගුණ ගන්ධය දැනුණ බව ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
සැකයට ලක් වී ඇති පන්දු යවන්නන් ගේ ඉරියව් වාර්තා කිරීමට සහ ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීම වෙනුවෙන් දැනට පවතින ක්‍රියාමාර්ග ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව අන්තර් ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අනු කමිටුව පවසයි.
විමර්ශන කමිටුවේ සභාපති අනිල් කුම්බ්ලේ ඒ අනුව තරඟ විනිශ්චයකරුවන්ට පන්දු යවන්නන්ගේ සැක සහිත ඉරියව් වඩා විශ්වාසනීය ලෙස හඳුනා ගැනීමට හැකි අයුරින් වෙනස් කම් හඳුන්වා දීමට, ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජෛවතාක්ෂණික ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට සහ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන පන්දු යවන්නන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටීමට පියවර ගත යුතු බව අනිල් කුම්බ්ලේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුව ජගත් පාලක මණ්ඩලයට නිර්දේශ කරයි. අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලයේ ක්‍රිකට් අනු කමිටුව මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබුණේ ඉන්දියාවේ බැංගලුරු නගරයේ පැවති දෙ දින සමුළුවේදියි. ක්‍රීඩකයන්ගේ නීති විරෝධී ඉරියව් පිළිබඳ විමසා බැලීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සමුළුව දැනුවත් කළ බව ද අනු කමිටුව කියා සිටියි. කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් වන කුමාර් සංගක්කාර සහ රංජන් මඩුගල්ලේ මෙම සමුළුවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ. සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව් ගැන පරීක්ෂණයක් එමෙන්ම නීති විරෝධී තරඟ ඉරියව් පිළිබඳ පරීක්ෂා කරන මධ්‍යස්ථානයක් ලෙස කාඩිෆ් මෙට්‍රොපොලිටන් සරසවිය පිළිගෙන ඇති අතර ඉදිරියේ දී මෙවැනි මධ්‍යස්ථාන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ද පිහිටුවන බවයි සමුළුව අවසානයේ නිකුත් කෙරුණ පුවත් පත් නිවේදනයෙන් පැවසෙන්නේ. පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නකු වන සචිත්‍ර සේනානායක ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැකයක් මතු වී ඇති බව ද අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය සෙනසුරාදා එංගලන්තය සමඟ පැවති එක් දින තරඟය විනිශ්චය කළ විනිසුරුවන් දෙදෙනා සහ තරඟ තීරක සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා විය
ඉන්දීය- ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබඳ ඇතැම් අන්තවාදී කොටස් වැරදි විග්‍රහයන් ලබා දෙන නමුත්, තම සම්බන්ධතා ශක්තිමත් කිරීමට දෙරටම අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයට එක් වූ අතර දෙරටේ නායකයෝ එකම මොහොතේදී ක්‍රීඩාංගණය විවෘත කළහ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දීය රජයේ ආධාර මත නවීකරණය කරන ලද උතුරේ යාපනය ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයට එක් වූ අතර දෙරටේ නායකයෝ එකම මොහොතේදී ක්‍රීඩාංගණය විවෘත කළහ. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමා ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා ක්‍රීඩාංගණය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස දකින බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව ඇතුළු අනිකුත් සංවර්ධනය සඳහා ඉන්දීය රජය දැක්වූ සහයෝගය ජනාධිපතිවරයා ප්‍රශංසාවට ලක් කළේය. උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාව සහ ඉන්දීය අතර පවතින සම්බන්ධතාවට සීමාවක් නොමැති බවයි කියා සිටියේ. ශ්‍රී ලංකාවේ දියුණුවට ඉන්දීය රජය තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් කියා සිටියේය. ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ද එහිදී පැවැත්වුණි.
මින් වසරකට ආසන්න කාලයකට පෙර කොරෝනාවෛරසය පැතිරී යාම ආරම්භ වීමත් සමග විවිධ රටවල් වූහන් හි සිටින සිය රටවැසියන් රැගෙන ඒමට ගුවන් යානා පිටත් කළහ. එලෙස වූහන් වෙත ගොඩබැස්සවූ හතරවෙනි ගුවන් යානය පැමිණියේ ශ්‍රී ලංකාවෙනි.
"අපිට ආපසු යන්න එපා කියලා විශ්ව විද්‍යාලයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා" එවිට චීනයෙන් මතුවූ නව වෛරසයක් ලෙස කොරෝනාවෛරසය හැඳින්වූ අතර, වූහන් ඇතුළු චීනයේ විවිධ ප්‍රදේශවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් ගැන බීබීසී සිංහල සේවයේ ලිපියක් ද පළ විය. වසරක් ගත වන තැන ඔවුන් නැවත සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. "ගිය අවුරුද්දේ පෙබරවාරි මුල සතියේ ආයෙත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා. අපි වූහන්වලින් ටිකක් ඈත නගරයක හිටිය නිසා ලංකාවට ගොඩබැස්ස ගමන් උණ විතරයි පරීක්ෂා කළේ," ටියංජින් නගරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන නිමේෂා විජේගුණවර්ධන පැවසුවාය. "අපිව නිරෝධායන මධ්‍යස්ථානවලට අරගෙන ගියේ නැහැ. ගෙදර ගිහින් පිටතට එන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් දුන්නා. නමුත් කිසි කෙනෙක් ඊට පස්සේ පරීක්ෂා කරන්න ආවේ නැහැ. තවමත් අපිට විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ." ඔවුන් මේ වන විට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර, චීනයේ නිර්මාණය කරන ලද 'ඇප්' එකක් හරහා කථිකාචාර්යවරුන් හා සම්බන්ධ වෙමින් සිය උපාධිය සම්පූර්ණ කිරීමේ දුෂ්කර ගමනක යෙදෙන බව ඇය පැවසුවාය. "එදා අපි හොඳටම බය වෙලා අත්වැසුම් දෙක ගානේ දාගෙන, මුළු ඇඟම වහගෙන තමයි ප්ලේන් එකේ ආවේ. ඒ එනකොට කෙනෙක් දිගටම කැස්සා. අපි තවත් බයේ හිටියේ. නමුත් අපි ඇවිත් ටික කාලයකින් ලංකාවත් ලොක්ඩවුන් කළා." "අපි සහ බංගලාදේශ අය තමයි මුලින්ම පිටත් වුණේ. නමුත් නයිජීරියන් අය චීනයේ නැවතුණා. පාකිස්තානයේ අය ඉල්ලීම් කළත් කාලයකට පස්සේ තමයි ඒ රටෙන් ගෙන්න ගත්තේ. මෙහෙ ලොක්ඩවුන් කරනකොට චීනය මිනිස්සුන්ට එළියට යන්න ඉඩ දීලා තිබුණේ. අපිට කලබලේ ආපු එක ගැන ඇත්තටම දුක හිතුණා." චීන සිසුන්ට හැර අන් අයට තවමත් විශ්ව විද්‍යාලයෙන් කැඳවීමක් සිදුකර නොමැති බව ඇය පැවසුවාය. "අපිට ආපසු යන්න එපා කියලා විශ්ව විද්‍යාලයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් බය නිසා අපි ආපසු ආවා. තවමත් තත්ත්වය ඒ තරම් හොඳ නැතත්, සියල්ල පාලනය කර තියෙනවා කියලා අපේ චීන යාළුවෝ කියනවා," නිමේෂා තවදුරටත් පැවසුවාය. වෛරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා කොරෝනාවෛරසය පැතිරීම පිළිබඳ පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද වෛරසයෙන් මියගොස් වසරක් ගතවීම සිහිපත් කරමින් චීනයේ සමාජ මාධ්‍ය ජාලවල උපහාර පිදුම් පළ කර තිබිණි. සාර්ස් වැනි තවත් මාරාන්තික කොරෝනාවෛරසය රෝගයක් පිළිබඳ සෙසු වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමට වෛද්‍ය ලී උත්සාහ කර තිබිණි 2020 පෙබරවාරි 7 වන දින ඔහුගේ පළමු මරණ සංවත්සරය යෙදී තිබුණු අතර, දහස් ගණනක් ලී වෙන්ලියැන්ග්ට උපහාර දැක්වූහ. ඔහු මිය ගියේ කොවිඩ් -19 රෝගයට ගොදුරු වීමෙනි. සාර්ස් වැනි තවත් මාරාන්තික කොරෝනාවෛරසය රෝගයක් පිළිබඳ සෙසු වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමට වෛද්‍ය ලී උත්සාහ කර තිබිණි. එහෙත් ඔහුට "අසත්‍ය අදහස් දැක්වීම නවත්වන්න" යැයි පොලිසිය පැවසූ අතර "කටකතා පතුරුවා හැරීම" සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්විණි. වෛද්‍ය ලී මධ්‍යම චීන නගරයක් වන වූහාන් හි රෝහලක අක්ෂි වෛද්‍යවරයෙක් ලෙස සේවය කළේය. පළමු කොරෝනාවෛරස රෝගීයා වාර්තා වූයේ 2019 වූහාන් නගරයෙනි. වෛද්‍ය ලීගේ මරණයත් සමග චීන රජය කොරෝනාවෛරසය පැතිරීම සම්බන්ධයෙන් ඒ වන විට සිදු කළ කටයුතු ගැන දැඩි මහජන කෝපයක් ඇති විය. ඒ වනවිටත් වූහාන්හි රෝහල් පිරී ගොස් තිබුණත්, වෛරසයේ බරපතලකම අවතක්සේරු කිරීම සහ එය පැතිරීමේ ප්‍රමාණය සඟවා තැබීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල විය. නමුත් චීන රජය වෛද්‍ය ලී නිදොස් කොට වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර කිරීමත් සමග මේ කෝපය වෙනත් අතකට යොමු වීම ආරම්භ විය. එතැන් සිට ලොව පුරා මිලියන 106 කට අධික ජනතාවක් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 2.33 ක් මියගොස් තිබේ. "හිතුවේ නැහැ" "එදා මම හීනෙන්වත් හිතුවේ නැහැ ලෝකයටම මේ වගේ දුක්බර තත්ත්වයක් උදා වෙයි කියලා. බීබීසීවලින් කතා කලාමත් මම කිව්වේ අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ වෛරස් එක ඉක්මණට ඉවරයක් වෙයි කියලා. නමුත් ලෝකයම කණපිට පෙරළුණා," චීනය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පැවසීය. ඔහු සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළේය. "අවුරුද්දකට කළින් නිකමටවත් හිතුණේ නැහැ මේ වෛරස් එක නිසා ව්‍යාපාර කඩා වැටිලා රටවල් අතර ගමනාගමනය පවා නතර වෙයි කියලා. වසංගත ගැන දැනගෙන හිටියා. නමුත් ඒක අත්විඳිනකොට තමයි භයානකකම තේරෙන්නේ." කෝවිඩ් 19 පැතිරීමත් සමග ඔහුගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා දිවියේ ද බොහෝ වෙනස්කම් සිදු වූ බව පැවසුවේය. "දැනට චීනය තත්ත්වය පාලනය කරගෙන තියෙන බව පෙනෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපදින්න ඕනේ. මොනවා වුණත් පරණ ජීවිතයට ආපහු ගිහින් සියල්ල ගොඩනගා ගන්න සෑහෙන කාලයක් යයි," ඔහු තවදුරටත් පැවසුවේය. වෛරසය පැමිණියේ කොහෙන්ද? කොවිඩ් -19 හි මූලාරම්භය ගැන විමර්ශනය කරන ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් වෛරසය පැමිණියේ රසායනාගාරයකින් යන න්‍යාය බැහැර කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් පැවසුවේ වූහාන්හි විද්‍යාගාරයකින් වෛරසය කාන්දු වීම "අතිශයින්ම අසීරු" සිද්ධියක් බවය. වෛරසයේ ආරම්භය හඳුනා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය ඒකාබද්ධ මෙහෙයුමේ නිගමනය ප්‍රකාශ කිරීමේ දී මෙම අදහස් පළ කෙරිණි. ආචාර්ය පීටර් බෙන් එම්බරෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම පරීක්ෂණයෙන් නව තොරතුරු අනාවරණය වී ඇති නමුත්, ප්‍රථමයෙන් වෛරසය පැතිර යාමේ දී හෙළි වුණ හේතුවලින් ඒ කිසිවක් සම්පූර්ණයෙන් වෙනස් නොවන බවය. වෛරසය ආරම්භ වූ බවට සැක කළ වූහාන් නගරයේ P4 විද්‍යාගාරය විශේෂඥයන් විශ්වාස කරන්නේ මිනිසුන්ට වෛරසය පැතිරීමට පෙර මෙම වෛරසය සතුන් තුළ ඇතිවී තිබෙන බවය. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට අදහසක් නොමැත. "දුක් වෙනවා" "මමත් එදා කලබල වෙලා ලංකාවට ආවා. නමුත් තවමත් විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. වෙන රටක ඉගෙන ගන්න තිබුණ අත්දැකීම සම්පූර්ණයෙන් නතර වුණා. ටිකක් ඉවසන් ඉන්න තිබුණා කියලා දැන් හිතෙනවා," විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන මාධවී පැවසුවාය. "අපි ලංකාවට ගොඩබැස්ස ගමන් නිරෝධායන මධ්‍යස්ථානයට අරගෙන ගියා. ඒ සති දෙක අපිට සෑහෙන සැලකුම් ලැබුණා. නාලා ඉවරවෙන වතුර ටික පවා නිසි විදිහට බැහැර කරන ක්‍රමවේදයක් තිබුණා. කෑම බීම සියල්ල උපරිමයෙන් ලැබුණා." 2020 පෙබරවාරි මස වූහන් බලා පිටත් වූ පළමු ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ කීපදෙනෙක් "හැබැයි මට ගමේ මිනිස්සු සෑහෙන බය වුණා. අපේ ගේ ළඟින් ඒ මිනිස්සු දුවන්න ගත්තේ හරියට අපරාධයක් සිද්ධ වෙලා වගෙයි." ඇය ද තාක්ෂණය හරහා සිය උපාධිය සම්පූර්ණ කරගැනීමට වෙහෙසෙන බව පැවසුවාය. නමුත් ප්‍රායෝගික අධ්‍යාපන අත්දැකීම් සියල්ලම පාහේ අහිමි වූ බව ඇය පැවසුවාය. "ඒ වෙනකොටත් විශාල වියදමක් දරලා තමයි ඉගෙන ගන්න ගියේ, නමුත් ඒ සියල්ල දැන් ස්ක්‍රීන් එකකට සීමා වෙලා. නොදන්නා වෛරසයක් නිසා ඒ දවස්වල බය වුණා. නමුත් දැන්නම් ආයෙත් චීනයට ගිහින් ඉගෙන ගන්න එක ගැන දෙපාරක් හිතන්නේ නැහැ," ඇය තවුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කොට බියවැද්දීමේ චෝදනා ලබා සිටින හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඒ අවස්ථාවේ භාවිත කළ පිස්තෝලය තවමත් හමු වී නැතැයි පොලිසිය පවසයි.
'තර්ජනය කිරීම අත්අඩංගුවට ගතහැකි වරදක් නොවේ' පිස්තෝලයක් ළඟ තබාගෙන සිටියේ නම් ඔහුට එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා තිබෙන බව පවසන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, එම උපදෙස් ප්‍රකාර කටයුතු කිරීමට පොලිසිය සූදානම් බවත් බීබීසී සංදේශයට පැවසීය. මීට මාස ගණනාවකට පෙර හම්බන්තොට දී මන්ත්‍රීවරුන්ට තර්ජන කිරීමේ චෝදනා ලබා සිටින හම්බන්තොට නගරාධිපතිවරයා තවමත් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි විමසූ විට ඔහු කියා සිටියේ, තර්ජනය කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක් නොවන බවයි. කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ඉරිදා පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගත් බව නීතිඥ අජිත් රෝහණ පැවසූ අවස්ථාවේ පොලිසිය අත්අඩංගුවට ගනු ලබන්නේ විපක්ෂ දේශපාලකයන් පමණක්ද යන්න සංදේශයේ සරෝජ් පතිරණ ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. 'පක්ෂග්‍රාහී නෑ' "නෑ ආණ්ඩු පක්ෂ දේශපාලකයනුත් අත්අඩංගුවට ගන්නවා," යන්න ඒ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි. ඌව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මහියංගනයේදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට පහරදුන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හල්දුම්මල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම එයට ආසන්නතම උදාහරණ බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය. බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරිට පොලිසිය තුලදීම පහර දුන් බවට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ෂණ ඒකකයට භාර කරන ලද බවද ඔහු පැවසීය. "පොලිසිය තුළ වෙච්ච සිදුවීමේදී ස්වාධීන සාක්ෂිකරුවන් නැහැ. දෙපැත්තට චෝදනා එල්ල කර ගන්නවා. පොලිසියත් එතන හිටියා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. එබැවින් විපක්ෂ දේශපාලන නායකයන් පමණක් අත්අඩංගුවට ගන්නා බවට පොලිසියට චෝදනා කිරීම සාධාරණ නොවන බවද නීතිඥ අජිත් රෝහණ පැවසීය.
වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
"2020 දී ජනාධිපතිවරණයක් නැහැ" කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (ජන.11 ) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බවය. ජනාධිපතිවරයාගේ අරමුණ ද එය ම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බව ද කියා සිටියේය. විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා පැවසීය.
සම ලිංගික සම්බන්ධතා පැවැත්වීම සාපරාධී වරදක් කෙරෙන නීතියක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි ස්ථාපනය කරනු ලැබ ඇත.
යටත් විජිත නීතියක් යටතේයි,ඉන්දියාවේ සම ලිංගික චර්යාවන්ට දඬුවම් කෙරෙන්නේ. එය කලින් උසාවියක් විසින් දී තිබුණ ඓතිහාසික තීන්දුවක් බැහැර කිරීමක්. සිය තීන්දුව ප්‍රකාශයක් පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, සමලිංගික චර්යාව උසාවිය මැදිහත් විය යුතු නැති කාරණයක් වන අතර,එය පාර්ලිමේන්තුවට අයත් කරුණක් වන බවයි. අවශ්‍ය කරන්නේ නම් ඊට අදාළ නීතිය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට හැකි බවයි, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ. යටත් විජිත නීතිය එම නව තීන්දුව ඉන්දියාවේ පුරුෂ සම ලිංගික සහ කාන්තා සම ලිංගික කණ්ඩායම් වලට එල්ල කෙරුණ දැවැන්ත අභියෝගයක් හැටියටයි සැලකෙන්නේ. සම ලිංගික සම්බන්ධතා පවත්වන්නන් අවුරුදු දහයක සිර දඬුවමකට යටත් කෙරෙන නීතියක් යටත් විජිත පාලන සමයේ පටන් ඉන්දියාවේ බල පැවැත්වුන අතර, දිල්ලි මහාධිකරණය 2009 වසරේ එම නීතිය වෙනස් කරමින් තීන්දුවක් දී තිබුණි. එම මහාධිකරණ තීන්දුව ඉන්දියානු සාම්ප්‍රදායික මතධාරීන් සහ ආගමික කණ්ඩායම් වල දැඩි විරෝධයට ලක් විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරතවීමට මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර තිබේ.
සංශෝධනය සම්මත කරන තුරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සත්‍යග්‍රහයක ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා සම්මත කරගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවයි. ජාතිය ඇමතීම එයට පක්ෂව ඡන්දය දෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය සතියේ තීන්දු කරන ලද නමුත්, සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කිසිදු සංශෝධනයක් සම්මත කිරීමට ඉඩ නොදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා තීරණය කර තිබෙන බව, විජිත හේරත් මන්ත්‍රීවරයා මේ අතර චෝදනා කරයි. මේ තත්වය යටතේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කරන තුරු සත්‍යග්‍රහයේ යෙදීමට සෝභිත හිමියන් තීරණය කර තිබේ. සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා ජාතිය අමතමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේය.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර්ගේ පුත් අර්ජුන් එරට 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තිබේ.
සචින්තෙන්ඩුල්කර් ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය සාරා වන අතර, බාල පුතු අර්ජුන් තෙන්ඩුල්කර් ය. ඒ අනුව, ජූලි මස පැවැත්වීමට නියමිත එක්දින තරග පහක් සහ සිව් දින තරග දෙකක් සඳහා එම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙතක් ඉන්දියාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයා වන සචින්, සිය පුතු ජාතික කණ්ඩායමකට තේරීම "ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්" බව පැවසීය. අර්ජුන් සම්බන්ධයෙන් ඉහළ යමින් පැවති මාධ්‍ය අවධානයක් පැවතුන ද ඔහු කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි විශේෂඥයෝ පවසූහ. අර්ජුන් තෙන්ඩුල්කර් කුඩා අවදියේදී පසුගිය ජනවාරි මස බීබීසී ක්‍රීඩා අංශය සමඟ පැවති සාකච්ඡාවකදී අර්ජුන් තෙන්ඩුල්කර් පැවසුවේ ඉන්දියානු ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කිරීම තම සිහිනය බවය. "ඔව්, මම හුඟක් මහන්සි වෙනවා. ඒක තමයි මගේ එකම සිහිනය" යැයි ඔහු පැවසීය. ලෝක ප්‍රකට වූ සිය පියාට වඩා සිහින්, උස සිරුරකින් හෙබි අර්ජුන්ට සිය පියාගේ නම හා ඇති බැඳීම ඉදිරියට ගෙන යාම පීඩාවක් වේ දැයි විමසූ විට "මම ඒ පීඩනය අදාළ කරගන්නේ නැහැ" යැයි පැවසුවේය. "මම පන්දු යවන සෑම අවස්ථාවකම සිතන්නේ සෑම පන්දුවක්ම හොඳින් යවන්න, මා පන්දුවට පහර දෙන විට මට ආවේණික වූ පහරවල් එල්ල කරනවා වගේම පන්දු යවන්නාගේ රටාව හඳුනාගෙන පහර එල්ල කරනවා" සචින් තෙන්ඩුල්කර් වමත් වේග පන්දු යවන්නකු වන අර්ජුන් තෙන්ඩුල්කර් සඳහන් කළේ තමන් සිතාමතාම පන්දු යවන්නෙක් බවට පත් නොවූ බවය. "මම උසින් වැඩී, තවත් ශක්තිමත් වුණා," ඔහු සඳහන් කළේය. "කුඩා කළ මම වේගයෙන් පන්දු යැවීමට ඉතා කැමතියි. ඉන්දියාවේ වේග පන්දු යවන්නන්බොහෝ දෙනෙක් නොමැති නිසා මම ඉන් කෙනෙකු වෙන්න සිතුවා." පියාගෙන් තීරණාත්මක බලපෑමක් වීදැයි විමසූ විට, "ඔහු මට ගොඩක් උදව් කළා, නමුත් ඔහු බල කළේ නැහැ" යනුවෙන් අර්ජුන් පිළිතුරු ලබා දුන්නේය. මේ තොරතුරුද කියවන්න:
පොලිස් අත් අඩංගුවේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනිය සහ ඇයගේ දියණිය පිළිබඳව විමසා බැලීමට කිලිනොච්චිය බලා ගිය මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු පොලිසිය විසින් රඳවා ගනු ලැබ ඇති බව ක්‍රියාධරයෝ පවසති.
ක්‍රියාධරයන් දෙදෙනා 'ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගෙන' තමන්ට ලැබුණු වාර්තා අනුව ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන ඇති බව පෙනී යන්නේ යයි මානව හිමිකම් නීතිවේදී එස් රත්නවේල් බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. හදිසි නිවේදනයක් නිකුත් කරන ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය, තමන් සහ ප්‍රවීන් පියතුමා කිලිනොච්චි පොලිසියේ රඳවා ගෙන සිටින බව රුකී ප්‍රනාන්දු සිය ජංගම දුරකතනයෙන් දැනුම් දුන් බව පවසයි. පුතා අතුරුදහන් ඒ පිළිබඳව වැඩ විස්තර දැන ගැනීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණිය පසුගිය සිකුරාදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි.
ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි. මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම: එයට අමතරව නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276කද සභික සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ. මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය. මෙම නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයටද තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ අනුව එක් සභාවකට ඉදිරිපත්වන පක්ෂයක්/කණ්ඩායමක් සිය නාම යෝජනා ලබාදීමේදී ආකෘති පත්‍ර වර්ග දෙකක් ඉදිරිපත් කළ යුතුය. ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය සබැඳි යොමු: කාන්තා හා තරුණ නියෝජනය කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව - එම නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ. ඒ අනුව 8000කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2000කට ආසන්න ප්‍රමාණයක්වත් කාන්තාවන් පත්වනු ඇති බවට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරති. මෙලෙස කාන්තා නියෝජනය වැඩිවුවත් මෙතෙක් තරුණ නියෝජනය අනිවාර්ය කරමින් තිබු නීතිය ඉවත් කර තිබෙන බැවින් තරුණ නියෝජනය අඩුවනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයෝ අවධානය පළ කරති. ජන්දය කවදාද ? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 25 වැනිදාත් 31 වැනිදාත් අතර දිනක දී පවත්වන බව මේ අතර මැතිවරණ කොමිසම පවසයි. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන පරිදි සඳුදා (නොවැම්බර් 13) සිට දින 80 ක්‌ ඇතුළත ඡන්ද විමසීම සිදු කළ යුතුය. පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවන දිනය, නාම යෝජනා කාල සීමාව සහ ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇති බව එහි ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. සභික සංඛ්‍යාව ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම පළාත් පාලන ආයතනවල ධුර කාලය 2018 වසරේ පෙබරවාරි මස 15 වෙනි දින සිට ආරම්භ විය යුතුය.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි නව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බවයි, බීබීසී සංදේශයට වාර්තා වෙන්නේ. සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි. ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සහ නිවැසියන් අතර හටගත් ගැටුමකින් අනතුරුව තරුණයකු මියයාම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ මතභේදයට ලක්වීමත් සමඟ ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීමෙන් වලකින මෙන් හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් ඔහුට නියෝග කර තිබුණි. මේ අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් පසුගිය මාර්තු මාසයේ අග සතියේ චාවකච්චේරිය ප්‍රදේශයේදී සොයා ගනු ලැබිණ. ඒ පිළිබඳව අවශ්‍යව සිටින සැකකරුවන් පිරිසක් ඉන්දියාවට පැන ගොස් ඇතැයි පොලිස් ප්‍රකාශකවරයා අයිලන්ඩ් පුවත්පතට කරන ලද ප්‍රකාශයක්, පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු අත්හිටුවීමට ආසන්නතම හේතුව බවයි, විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට සැලවෙන්නේ.
සිංහල ජාතිවාදය ගොඩනැගෙද්දී ඊට එරෙහිව තවත් ජාතිවාදයක් ගොඩ නැගීම වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
කොළඹ පැවති සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණේ සමාරම්භක සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ අතීතයේ සිටම දේශපාලනඥයින් තම පැවැත්ම සඳහා ජාතිවාදය උපයෝගී කරගත් බවයි . ජාතිවාදය ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවක් ජාතිවාදයට නැඹුරු කරන්නේ පාලකයන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට හතළිස් දෙකක දෛනික ආදායම ඩොලර් දෙකකටත් අඩු බවත් ඔහු පැවසීය. ‘’එබැවින් පාලකයින් දන්නවා බුර බුරා නැගෙන අසහනයේ තරම,’’ ඔහු කියා සිටියේය. 1980 ජේ.ආර්.ජයවර්ධන පාලනය මුහුණ දුන් අර්බුදයට වඩා අර්බුදයකට වර්තමාන පාලකයින් මුහුණ දී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. ‘’සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කවර හෝ ජාතිවාදයක් පෝෂණය කිරීමෙන් මේ රටට ඉදිරි අනාගතයක් නැහැ ‘’යනුවෙන්ද ඔහු කියා සිටියේය. එබැවින් ජාතික සමගිය ශක්තිමත් කිරීමේ වගකීම ජනතාව සතුවන බව දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය. ජාතික සමගිය උතුරේ මෙන්ම දකුණේ වර්ධනය වූ ජාතිවාදයට වන්දි ගෙවන්නට සිදුවුයේ පහල පංතියේ දරුවන් බව ප්‍රකාශ කරන ඔහු රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතිවාදය වර්ධනය වන බවට චෝදනා කළේය. වසර තිහක යුද්ධයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට විසි එක්වැනි සියවසේදී ජාතික සමගියට ඇති අභියෝග කවරේද යන්න සොයා බැලීමට සිදුවී ඇතැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි.
වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ සිටින උයිගර් මුස්ලිම් ප්‍රජාවට සළකන ආකාරය පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට සම්මාන දිනූ සඩ්වර්ත් චීනයෙන් පිටව ගියේ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව ය. බීබීසීය කියා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව ආඩම්බර වන අතර ඔහු තවදුරටත් චීනයේ වාර්තාකරු වශයෙන් කටයුතු කරනු ඇති බවය. ෂින්ජියෑන්ග් කලාපයේ උයිගර් ප්‍රජාව පිළිබඳව බීබීසීය සිදුකළ මාධ්‍ය අනාවරණය චීනය විසින් හෙලා දකිනු ලැබ තිබේ. 2020 වසර අග භාගයේ දී ජෝන් සඩ්වර්ත් සහ ඔහුගේ කණ්ඩායම ෂින්ජියෑන් කලාපයට යමින් සිටියදී පසුපසින් ආ පිරිසක් විසින් ඔහුගේ කැමරාවේ සටහන් වී තිබුණු රූප මකා දමන ලදී වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය. සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපල දක්වා ම ඔහු පසුපසින් පැමිණ තිබේ. සඩ්වර්ත් ගේ බිරිඳ වන ඉවෝන් මරේ ද මාධ්‍යවේදිනියකි. ඇය චීනය පිළිබඳව වාර්තා සපයන්නේ අයර්ලන්තයේ RTÉ ජාතික පුවත් සේවයට ය. රූගත කිරීම් සඳහා ගිය සෑම ස්ථානයකදී ම තමන් සහ තම කණ්ඩායම ආවේක්ෂණයට ලක්වී තිබුණු බවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජන, බාධා කිරීම් සහ බියගැන්වීම්වලට මුහුණ දීමට සිදුවූ බවත් සඩ්වර්ත් පැවසීය. රූගත කිරීම් සඳහා ගිය සෑම ස්ථානයකදී ම තමන් සහ තම කණ්ඩායම ආවේක්ෂණයට ලක්වී තිබුණු බව සඩ්වර්ත් පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ තමන්ගේ වාර්තාකරණයට හවුල් වන කාර්ය මණ්ඩලය තවමත් බීජිං නුවර රැඳී සිටින අතර ඉදිරියටත් තායිවානයේ සිට තම වාර්තාකරණය දිගටම කරගෙන යාමට අදහස් කරන බවය. චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පැවසුවේ චීන බලධාරීන්ට කල්තියා දැනුවත් කිරීමක් ලබා දී නොමැති බවය. "සඩ්වර්ත් ට ලබා දී තිබුණු මාධ්‍ය අවසර පත්‍රය දීර්ඝ කිරීම සඳහා මෑතකදී කටයුතු කරද්දී තමයි අපි දැනගත්තේ ඔහු අපට නොකියම පිටවෙලා ගිහින් කියල. ඔහු පිටව යාමෙන් පසුව කිසිම ආකාරයකින් අදාළ දෙපාර්තමේන්තුවලට ඊට හේතුවක් හෝ දැනුම් දීල නැහැ." බීජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චන්යින් පැවසුවාය. බීබීසීය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ "චීන බලධාරීන් ලොවට හෙළි කිරීමට අකමැති වූ සත්‍යය" ජෝන් ගේ වාර්තාකරණයෙන් හෙළිදරව් වුණු බවය. පිටුවහල් වූ වාර්තාකරුවන් චීනයේ සිට වාර්තාකරණයේ යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සංඛ්‍යාව අඩුවෙමින් පවතී. පසුගිය වසරේ වාර්තාකරුවන් පිරිසක් චීනයෙන් පිටුවහල් කළ අතර නිව්යෝර්ක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙනුවෙන් සිටි වාර්තාකරුවන් ද පිටුවහල් වූ පිරිස අතර විය. චීනයේ සිටි ඕස්ට්‍රේලියානු වාර්තාකරුවන් දෙදෙනෙක් ද 2020 සැප්තැම්බරයේ දී රටින් පිට වූහ. ඔවුන් ඔස්ට්‍රේලියාව බලා ගියේ දින පහක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මැදිවීමෙන් අනතුරුවය. චීනයේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය (FCC) ප්‍රකාශ කළේ විදේශ මාධ්‍යවේදීන් "තමන්ගේ පාලනයෙන් තොර වූ රාජ්‍යතාන්ත්‍රික ආරවුල්වලට කොටුවී" සිටි බවය ඔවුන් (FCC) නිකුත් කළ ට්විටර් පණිවිඩයක, "බීබීසීයේ සඩ්වර්ත් සහ ඔහුගේ සගයන් මුහුණ දුන් හිරිහැර යනු චීනයේ සිටින විදේශ වාර්තාකරුවන්ගේ කටයුතුවලට බාධා කරමින් පුළුල් රටාවකින් දියත්වන හිරිහැර සහ බියගැන්වීම්වල කොටසකි." යනුවෙන් සඳහන් වෙයි.
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස අධිකරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට නියෝග කළේය.
අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට චෝදනා අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ, වෛද්‍ය පාදෙණිය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. සයිටම් (SAITM) වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධි පිරිනැමීමට නීත්‍යානුකූල හිමිකමක් පවතින බවට අභියාචනාධිකරණය ඉකුත් ජනවාරි මස 31 වෙනි දින තීන්දුවක් ලබාදුන් බව පෙන්වාදෙන පෙත්සම්කාර පාර්ශවය, ඉන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එම තීන්දුව විවේචනය කරමින් අධිකරණයට අපහාසාත්මක වියහැකි ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇතැයි සිය පෙත්සමෙන් චෝදනා කරයි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අදාළ චෝදනාව සනාථ කිරීම පිණිස මාධ්‍ය වාර්තා කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. වැඩ වර්ජනය "පාදෙණිය වෛද්‍යවරයා පසුගිය කාල සීමාව තුළ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව විවේචනය කරමින් ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර තිබෙනවා," ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පැවසීය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පිළිබඳව මැයි මස 22 වෙනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි "ඒ තුලින් ඔහු අභියාචනාධිකරණයේ බලය මෙන්ම විනිසුරුවරුන්ද හෑල්ලුවට ලක්කර තිබෙනවා. මෙම ප්‍රකාශ නිසා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වියහැකියි," යනුවෙන් ප්‍රකාශ ඔහු එබැවින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණියට එරෙහිව විභාගයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු පිළිගත් අධිකරණය අදාළ චෝදනාව සම්බන්ධයෙන් මැයි මස 22 වෙනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත සිතාසි නිකුත් කළේය. මේ අතර සිකුරාදා (මැයි 05) සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පුද්ගලික චැනලින් සේවා සඳහා සම්බන්ධ වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබිණි. එහෙත් සිය සංගමයේ සභාපති වරයා කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් තව දුරටත් ස්ථාපිත කරන අතරතුර, දකුණේ වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් ජාතික පෙරමුණක් පිහිටු විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.
යාපනයේ වීරසිංහම් ශාලාවෙදී අද සවස (ජුලි විසි වෙනිදා) අවසන් වූ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ මහා සමුළුව අවසන් විය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ද, නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු තවත් දේශපාලනඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගි වී තිබේ. වෙනම රාජ්‍යයක් කිසිදු සිංහල වැසියෙකු සමග විරුද්ධත්වයක් නොමැති බව කියා සිටි දෙමළ ජාතීක සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාව හෝ දෙමළ දේශපාලනඥයින් කිසිවිටකත් වෙනම රාජ්‍යයක් ඉල්ලා නොසිටින බවයි පැවසුවේ. සියලු දෙනා ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ස්ථිර දේශපාලන විසඳුමක් පමණක් බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ. එහිදී අදහස් දැක්වූ ඊ.පී.ආර්.එල්.එෆ්.ස්ංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ශක්තිය ඉදිරි මැතිවරණ වලට පෙර ශක්තිමත් කළ යුතු බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට තනිවම හෝ ජාත්‍යන්තරයෙන් විසඳුම් සෙවීමට නොහැකි නිසා දකුණේ සියලු වාමාංශික පක්ෂවල සහ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් සැදුම්ලත් ජාතික පෙරමුණක් වහාම පිහිටුවා ඒ ඔස්සේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවයි ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ අදහස වූයේ. සමුළුව ඇමතූ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ දෙමළ සංවිධාන විසින් පිහිටුවීමට නියමිත ජාතික පෙරමුණට තම පූර්ණ සහාය ලබා දීමට එකඟත්වය පළ කරන බවයි.
රැඳවුම් භාරයේ පසුවන මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන බාලේන්ද්‍රන් ජයකුමාරි නමැති කාන්තාව මුදා හරින මෙන් රජයට බල කරමින් කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපස ඊයේ (06 වැනි සිකුරාදා) නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේ නඩු විභාගයක් නොමැතිව දින 352 ක් රඳවාගෙන සිටින ජයකුමාරි නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි. අතුරුදන් වුවන් පිලිබදව සොයා බැලීමේ කමිටුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය කර ඇති ප්‍රකාශය සතුටට කරුණක් වුව ද එය ප්‍රායෝගිකව ව ක්‍රියාත්මක නොවන බවයි. විදියේ විරෝධය සංවිධානයේ ගායක ජයතිලක බණ්ඩාර අදහස් දක්වමින් වත්මන් රජය දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබද ව මහත් උවමනාවෙන් බලා සිටින බව කියා සිටියේය. මේ අතර ජයකුමාරි රඳවා ගැනීම පිළිබද නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්ධන අංශය අධිකරණයට දැනුම් දී සිටියේ මෙම සැකකාරිය පිලිබදව ගන්නා ක්‍රියා මාර්ගය ගැන නීතිපතිවරයාගේ ලිඛිත උපදෙස් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. ඒ අනුව පැමිණිල්ල ලබන 10 වනදා දක්වා කල් තැබූ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් පොලිසියට නියම කළේය. කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සදහා මුල් වී ක්‍රියාකළ ගෝපි නමැති පුද්ගලයාට නවාතැන් පහසුකම් ලබා දුන් බවට චෝදනා කරමින් පසුගිය වසරේ බාලේන්ද්‍රන් ජයකුමාරි ත්‍රස්ත මර්ධන පනත යටතේ රජයේ ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි. එහෙත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඇය සිය නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ, කිසියම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වතාවක් ජනපතිවරණයකට තරග කළහොත් ඔහු "පරාජය කරන" බවට ද සපථ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය හෝසි කරන බව ජනාධිපතිවරයා කිහිප වතාවක්ම ප්‍රතිඥා දී තිබේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි. "විධායක ජනාධිපතිධුරය අහෝසි කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි 2015 ජනවරම ලැබුණේ. එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවෙත් වගකීමයි," මන්ත්‍රීවරයා සඳහන් කළේය. 1978 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම ව්‍යවස්ථාව දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය එම පක්ෂවල දැඩි විවේචනයට ලක් විය. "මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි. 2015 ජනවාරි ජනපතිවරණයේ දී එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ද එම ප්‍රතිඥාවම දුන් අතර, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනපති පදවියේ දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ප්‍රතිඥා දුන්නේය. කෙසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ. අදාළ අතුරු වාර්තාව නව ව්‍යවස්ථා කෙටුම්පත නොවන බව අවධාරණය කරන විජිත හේරත් මන්ත්‍රීවරයා එහි දැක්වෙන්නේ පරස්පර අදහස් බව ද පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්ෂ සහ මන්ත්‍රීවරුන් වෙන වෙනම ඉදිරිපත් කළ නිර්දේශ ද එම අතුරු වාර්තාවට ඇතුළත් වේ. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම ද විශේෂත්වයකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනාම බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි "විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා, නැවත ජනාධිපතිවරණයක් නැහැ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අවසන් කටයුතු වෙලාවේ ඒ බව නැවත සහතික කළා," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් ශී‍්‍රලනිපයේ මතය කවරක් වුවත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට "සදාචාර අයිතියක් නැති," බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයය. "ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා, පොරොන්දු කඩලා මෛතී‍්‍ර නැවත ජනාධිපතිවරණයකට ආවොත් රාජපක්‍ෂ පැරැද්දුවා වගේම මෛතී‍්‍රපාල සිරිසේනත් පරද්දන්න ජවිපෙ කටයුතු කරනවා." මේ අතර පසුගියදා ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට සහභාගි වූ ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ සිය පක්ෂයේ මතය කවරක් වුවත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම පිණිස පක්ෂය එකඟ කරගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. රට බෙදීමේ ප්‍රයත්නයක් දැරෙන මොහොතක රට එයින් ආරක්ෂා කරගැනීමට වර්තමානයේ විධායක ජනාධිපතිවරයාට බලයක් පැවරී නැති බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ අතුරු වාර්තාව මගින් "රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ" බවට එල්ලවන චෝදනා පිළිබඳව ද එහිදී ප්‍රතිචාරය පළ කළ මන්ත්‍රීවරයා, ඉන්දීය මැදිහත්වීම අවස්ථාවේ "ජීවිත 60,000 ක් පරිත්‍යාග කළ" ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීමේ කිසිදු ප්‍රයත්නයකට අනුබල නොදෙන බව අවධාරණය කළේය. "උතුරු නැගෙනහිර එක පළාතක් බවට ගැසට්කර තිබුණු අතර මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පස්සේ 2005 නොවැම්බර් 23 ඔහුගේ පළමු ගැසට් නිවේදනය වුණේ උතුරු නැගෙනහිර තවදුරටත් ඒකාබද්ධ කරමින් ගැසට් නිවේදනය දීර්ඝ කිරීමයි. අද මේ ගිරිය පුප්පගෙන කෑගහන අය ඒවා හිතාමතාම අමතක කරනවා," ඔහු පැවසීය. ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් උතුරු නැගෙනහිර වෙන් කළ යුතු බවට "ඓතිහාසික තීන්දුවක්" ලබා ගත්තේ සිය පක්ෂය බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. "එහෙම කරපු ජවිපෙ නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න දෙන්නේ නැහැ. නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප‍්‍රතිශතය සමානයි. එවැනි තත්ත්වයක් තුළ මුස්ලිම් ජනතාව තම පළාත උතුරට ඈඳන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා සමහරු කියන විදිහට උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන්නේ නැහැ." තනි පුද්ගලයෙකුට විධායක බලතල හිමිවන ආකාරයට ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව සිය පක්ෂය තරයේ විරුද්ධ අතර, අගමැතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙන් සිදුවිය යුතුය යන්න ජවිපෙ ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දීය වෙළඳපොළේ විකිණෙන තේ කොළ තොග බොහොමයක සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක ද්‍රව්‍ය අඩංගු බව ග්‍රීන්පීස් (greenpeace) පරිසර සංවිධානය පවසයි.
නිෂ්පාදන ක්‍රියාදාමයේදී කෘමිනාශක ඉවත් වෙනවා -තේ නිෂ්පාදකයෝ ඉන් සමහරක් කෘමිනාශක තේ වගාවට යොදා ගැනීම සඳහා අනුමත නොකරන ලද ඒවා බවයි ග්‍රීන්පීස් සංවිධානය පවසන්නේ. කෘමිනාශක අඩංගු තේ පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ග්‍රීන්පීස් සංවිධානයේ ඉන්දීය ශාඛාවේ නේහා සායිගල් කියා සිටියාය. '100% ආරක්ෂිතයි' තේ වගාව සඳහා අනුමත කෘමිනාශක පමණක් භාවිතා කරන බව පවසන දකුණු ඉන්දීය තේ නිෂ්පාදකයන්ගේ සංගමයේ රාධා ක්‍රිෂ්ණන් කියා සිටින්නේ නිෂ්පාදිත තේ සියයට සියයක්ම පානය සඳහා සුදුසු බවයි. ගසින් නෙළා ගත් තේ දලු පානයට ගැනීමට පෙර නිෂ්පාදන ක්‍රියාදාමයකට යටත් වන බැවින් ඒ වන විට බොහොමයක් කෘමිනාශක ඉවත් වන බව ද රාධා ක්‍රිෂ්ණන් පවසයි. තේ පාරිභෝගිකයන් බියට පත් කිරීම තම අරමුණ නොවන බව පවසන ග්‍රීන්පීස් සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක භාවිතයෙන් තේ ගොවියන් ඈත් කිරීමට කටයුතු කරන බවයි.
දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා ක්‍රියා කරන බවට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැතැයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.
තත්ත්වය පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව මන්ත්‍රීවරයා පවසයි එම පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නායක ආර් රාසමානික්කම් සැමරීම සඳහා මඩකලපුවේ කලවන්චිකුඩි හි පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. විශේෂයෙන්ම උතුරේ හමුදාකරණය නවත්වන බවටත්, උතුරේ රඳවා සිටින හමුදා භට පිරිස අවප්‍රමාණ කරන බවටත් පසුගිය වසරේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල ඉදිරියේ ප්‍රතිඥා දුන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කෙසේ නමුත් එම පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව ක්‍රියා කොට නැති බව ද සඳහන් කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් අවතැන් වූ ජනතාවට සිය මුල් පදිංචි ස්ථානවලම පදිංචිවීමට අවසර දිය යුතු බවත්, යුද්ධයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙන්ම සිරකරුවන් පිළිබඳව ද ඉක්මන් තීරණවලට එළඹීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානයේ නායකයා, මේ කිසිදු ගැටලුවක් විසඳීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැති බවයි සඳහන් කළේ. ඇමෙරිකානු දූත මණ්ඩලය පසුගිය වසරේ දුන් ප්‍රතිඥා ඉටු කිරීමට අපොහොසත්වීම පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය. ඔහු එම අදහස් පළ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් සතියකින් මුණ ගැසීමට නියමිතව තිබියදී. දකුණු ආසියානු කලාපය භාර මුල් පෙලේ ඇමෙරිකානු නිලධාරීන් තිදෙනකු ලබන සෙනසුරාදා පටන් සතියක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසීමද 26 දා ලංකාවට පැමිණෙන ජේම්ස් මුවර්, වික්‍රම් සිං හා ජේන් සිමර්මන් යන රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තු නියෝජ්‍ය ලේකම් වරුන් තිදෙනා ගේ මූලික කාරියක් බවයි තානාපති කාර්යාලය පවසන්නේ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි, ඉකුත් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රජයට කැරුණු එක් ප්‍රධාන නිර්දේශයක් වූයේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ සිදුවුණු බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කරයි.
මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් විසිනි. මෙම යෝජනාව සම්මත වීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් පැවසීය. යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියා සිටි නමුත් කිසිදු පූර්ව දැණුම් දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක කියා සිටියේය. 'නිශ්ඵල ක්‍රියාවක්' විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුම වරින් වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධ වීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයි ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය. කෙසේ වෙතත් සභාපති සී.වී.කේ. ශිවඥාණම් තවදුරටත් පැවසුවේ රටේ අධිකරණය මෙන්ම පත් කරණු ලබන කොමිසම් මගින් සාධාරණයක් ඉෂ්ට නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
සිය දරු ගැබ ගබ්සා කරගැනීමට අවසර දෙන්නැයි දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම පිළිබඳව ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සලකා බලමින් සිටිති.
සිය සුළු පියා අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ දැරිය තවත් මාස හතරකින් සිය දරුවා බිහිකිරීමට නියමිත බව උතුරු ඉන්දීය රෝතක් නගරයේ පොලිසිය බීබීසී යට පැවසීය. සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියි. ගැබිණි කාන්තාවගේ ජීවිතයට අනතුරක් පවතින බව වෛද්‍යවරුන් සනාථ නොකරන්නේ නම් සති විස්සකට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතියෙන් තහනම්ය. 'කියන්න එපා' ඉන්දීය සංස්කෘතිය තුළ පිරිමි දරුවන්ට වැඩි ඉල්ලුමක් පවතින බැවින් පසුගිය වසර කිහිපය තුළ ගැබිණි මවුවරුන් විසින් දස ලක්ෂ සංඛ්‍යාත දැරියන්ගේ කළල විනාශ කරනු ලැබ ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව එම නීතිය පනවනු ලැබ තිබේ. එහෙත් සති විස්සකට වඩා පිරුණු දරු ගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලමින් දූෂණයට ලක් වූ කාන්තාවන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙක් මෑත මාස කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළහ. ඒ සියලු පෙත්සම් අධිකරණය විසින් වෛද්‍ය විශේෂඥයන් වෙත යොමුකරනු ලැබ තිබේ. සති විස්සකට වැඩි දරු ගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලමින් කාන්තාවන් කිහිප දෙනෙක් මෑත මාස කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළහ හර්යානා ප්‍රාන්තයේ රෝතක් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම එවැනි එක් පෙත්සමකි. එම දැරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී තිබෙන්නේ ඒ පිළිබඳව සැක කළ දැරියගේ මව ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අවස්ථාවේදීය. ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරන මව සේවයට ගිය අවස්ථාවල බොහෝ විට දැරිය නිවසේ තනි වී ඇති අතර, ඒ අවස්ථාවල මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා තමන් දිගින් දිගටම දූෂණය කළ බව දැරිය සිය මවට පවසා තිබේ. ඒ පිළිබඳව කිසිවක් මවට නොකියන මෙන් සුළු පියා ඇයට තර්ජනය කර තිබේ. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මව විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණි කිරීමෙන් අනතුරුවය.
ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ රබර් කම්හල් දෙකක් මගින් ඉමදූව, දොරපේ සහ වැලිකොන්ද ගම්වාසීන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව කම්හල් බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.
පළාතේ දේශපාලන නායකයන්, සෞඛ්‍ය බලධාරීන් සහ පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන්හ එස්ආර්ආර්අයි සමාගමේ කම්හල් දෙකෙන් පිට වන විෂ වායුව පාලනය කිරීම පිණිස සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ පොරොන්දු වූ අතර, ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන බවයි, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට කියා සිටියේ. කම්හල්වලින් පිටවන විෂ වායුව නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් ක්ලාන්තය, හිසරදය වැනි රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බවට දොරපේ සහ වැලිකොන්ද ප්‍රදේශවාසීන් එල්ල කරන චෝදනා සාකච්ඡා කිරීම පිණිස පසුගිය බදාදා දොරපේ මහා විද්‍යාලයේදී පැවැත්වුණු රැස්වීමකදීයි, එම එකඟතාවයට එළැඹි තිබෙන්නේ. ඉතා ඉක්මනින්ම ප්‍රදේශවාසීන්ගේ ගැටළු විසඳීමට පියවර ගන්නා බවයි, කම්හල් දෙකේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ රැස්වීම අමතමින් කියා සිටියේ. 'පිළිකාව අධික පළාතක්' ඉමදූව සහ අක්මීමන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් සහ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටි අතර, ප්‍රාදේශීය දේශපාලන නායකයන්ද ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය. කම්හල්වලින් මුදා හැරෙන වායුව පාලනය කිරීමට පියවර ගන්නා බවට ඉංජිනේරුවරයා පොරොන්දු විය පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු මෙන්ම ගතව ගිය වසර දෙක ඇතුලත වැලිකොන්දවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී ඇති බව පවසන රැස්වීමට සහභාගිව සිටි මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම, වැලිකොන්ද පිළිකා රෝග බහුල පලාතක් ලෙසින් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබෙන බව ද පවසයි. මේ තත්වය යටතේ ප්‍රදේශයේ බෝවන රෝග සහ වසංගත රෝග පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට ද රැස්වීමේදී එකඟත්වයකට පැමිණියහ. රැස්වීමේදී එකඟ වූ පරිදි ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට එම ප්‍රශ්න කිරීම් හමුවේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ ප්‍රතිඥා දුන්නේය. එස්ආර්ආර්අයි සමාගමේ රබර් ප්‍රතිශක්තිකරණ කම්හල් හේතුවෙන් ප්‍රදේශයට විශාල සේවයක් සිදුවන බව පිළිගත් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර, කෙසේ නමුත් කම්හල් නිසා ප්‍රදේශයේ දරුවන්ගේ සෞඛ්‍යයට හානියක් වන්නේ නම්,ඒ කිසිවකින් ප්‍රතිඵලයක් අත් නොවන බව සඳහන් කළේය. ගිම්හාන නිවාඩුව හමාරයේ ලබන මාසයේ යළිත් වරක් පාසල් විවෘත වන විට කම්හල්වලින් පිටවන විශ් වායුව පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවුවහොත් කම්හල් දෙක වසා දමන බව සභාපතිවරයා අවධාරණය කළේය.
බලහත්කාර අතුරුදහන් කර වීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කර ගනිමින් ප්‍රදේශ ගණනාවක නිහඬ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්විණ.
ඒ හා සමගාමීව යෝජිත අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට සහාය පළ කරමින් කොළඹ දී නිහඬ පා ගමනක් සංවිධානය කොට තිබිණ. ඊට මානව හිමිකම් ක්‍රියාධරයන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ. මේ අතර යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන් සහ දරුවන් සොයා දෙන ලෙස රජයට බල කෙරෙන විරෝධතා ගණනාවක් වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලද පැවැත්විණ. අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේ අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කිරීමට රජය විසින් කාර්යාලයක් පිහිට වනු ලැබුවත් ඊට අදාළ පනත තුළ කාර්යාලය සතු බලතල හෝ වගකීම් විස්තර කර නොමැති බවයි. 'පනතේ බලතල' ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සැමරෙන අද(30) දින සිය සංවිධානයේ එකම අරමුණ මෙම ගැටළු සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීම බවයි ඔහු කියා සිටියේ. පුද්ගලයෙකු අතුරුදන් කළ අයකුගේ නම, ලිපිනය, රැකියා ආයතනය ඉතා පැහැදිලි ලෙස ඔප්පු කිරීමට සාධක ඇතත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කොට වරදකරුවන්ට දඬුවම් දීමට හැකි බලයක් එම පනතට ඇතුළත් විය යුතු බව සුන්දරම් මහේන්ද්‍රන් පෙන්වා දෙයි. එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසම වැනි ඵල රහිත තත්ත්වයකට නව රජය ඉදිරිපත් කළ පනතද පත් වන බව ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවමින් අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය පවසයි. අතුරුදන් වූවන්ගේ තොරතුරු හෙලි කරන ලෙස රජයට බල කරමින් ත්‍රිකුණාමල නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ විරෝධතාකරුවන් චෝදනා කළේ වත්මන් රජයේ සංහිඳියා යන්ත්‍රණය පරණගම කොමිසමටත් වඩා ප්‍රෝඩාකාරී එකක් බවටයි. 'හැට පන්දහසක් අතුරුදහන්' කිසිවිටකත් යුද්ධයට සම්බන්ධ නොවූ තම ඥාතීන් පැහැර ගෙන යාම බරපතළ අපරාධයක් බව පැවසූ ඔවුහු අතුරුදහන් වූවන් ගැන සෙවීම ජාත්‍යන්තර අධිකරණයකට භාර කරන ලෙස රජයට බල කර සිටියහ. යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. යුද්ධයේ අවසන් කාලය තුළ 16,000 සිට 22,000 දක්වා පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයකු වන හුවාන් මෙන්ඩිස් පවසයි. 1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000 ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළ ලෙසින් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය ආඩම්බර වන බව ද කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 27.5% ක්ම මිලදී ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ද පෙන්වා දෙයි. තානාපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 60% කම ගැණුම්කරුවන් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඉන්දියාව සහ ජපානයය. "අපනයන මගින් රැකියා සුරක්ෂිත කෙරෙන අතර, විදේශ විනිමය ලබාදෙමින් රටක ආර්ථික කාර්යක්ෂමතාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරයි," යනුවෙන් ද ට්විටර් පණිවුඩයේ දැක්වේ. ගෝලීය වෙළෙඳ ඇට්ලසයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා රටවල් අතරින් රුසියාවට හිමි වී තිබෙන්නේ 13 වෙනි ස්ථානයය. කෙසේ වුවත් රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවෙකි. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව රුසියාව ශ්‍රී ලංකා තේ අපනයනවලට පසුගියදා තාවකාලික තහනමක් පනවනු ලැබූ නමුත් පසුව එම තහනම ඉවත් කරගත්තේය. රුසියාව එම තහනම ඉවත් කරනු ලැබුවේ කොන්දේසි කිහිපයකට යටත්ව බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකා රජය එම කොන්දේසිවලට එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව ඇස්බැස්ටෝස් තහනමක් පැනවීම තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව තාවකාලික තහනමක් පැනවීමට එක් හේතුවක් බවට වාර්තා පළ විය. මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. සබැඳි යොමු:
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් විසි වෙනි විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට හිමිකම් කියන බව ෆෝබ්ස් සඟරාව පවසයි.
කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට පත්වීමේ මගට පියමනිමින් සිටින බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි. කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීය. 'කයිලි ජෙනර් (Kylie Jenner)' තමාගේම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය. කයිලිගේ සොයොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350 කි. ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 21 වෙනි වියට පා තබන්නීය. "තම සොයොයුරිය කිම් කාඩේෂියන් ඇයගේ පසුපෙදෙසට කළ දේ කයිලි සිය දෙතොල්වලට කර තිබෙනවා," යනුවෙන් ඇයගේ වඩාත් ප්‍රසිද්ධ දෙතොල් උල් කිරීමේ ඉරියව්ව පිළිබඳ විස්තර කරමින් ෆෝබ්ස් සඟරාව පවසයි. කෘතීම ක්‍රම භාවිත කරමින් පසුපෙදෙස කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කිම් කාඩේෂියන් ප්‍රසිද්ධියක් උසුලයි. එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා ලබා ගන්නා එන්නත් නවතා දමන බව පසුගියදා නිවේදනය කළාය. සිය ස්වාභාවික දෙතොල් තමන්ට "අනාරක්ෂිත බවක් ගෙන දෙන" නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනකදී පැවසුවාය. පසුව ඇය 'කයිලි' වෙළෙඳනාමය යටතේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළාය. ඒ අතර කාන්තාවන්ගේ දෙතොල් විශාල ලෙස පෙන්වීම සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන බොහොමයක් දක්නට ලැබේ. අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේය. ඇයගේ රූපලාවණ්‍ය ආලේපනවලට ලොව පුරා අති විශාල ඉල්ලුමක් ඇත. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළ කර මොහොතකින් සියල්ල අලෙවි වේ. කයිලිගේ රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි. සඟරාවට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඩොලර් මිලියන 320ක් වේ. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වන ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සඟරාව පවසයි. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23 වන විට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර, ඔහුට වඩා අඩු වයසකදී කයිලි අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ. 'ස්නැප්චැට්' නිර්මාතෘ එවන් ස්පීජෙල් ද අවුරුදු 20 පසු කරනවාත් සමගම බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගත් නමුත්, ඔහු ඉලක්කය කරා ළඟා වූයේ කිනම් වසරකදී දැයි පැහැදිලි නැත. "මගේ පිංතූරය ෆෝබ්ස් සඟරාවේ කවර පිටුවක පළ කරනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි," මිලියන 110ක අනුගාමිකයන් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ කයිලි එසේ සටහන් කර තිබූ අතර, ඇය ෆෝබ්ස් සඟරාවට සිය ස්තුතිය පිරිනමා තිබුණි. කෙසේනමුත්, කයිලි ජෙනර්ගේ දෙමාපියන් ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් වීම හේතුවෙන් ඇය 'ස්වෝත්සාහයෙන්' දියුණු වූ කාන්තාවක් ලෙස හැඳින්වීම පිළිබඳ ෆෝබ්ස් සඟරාවට සමාජ ජාල ඔස්සේ සමහර පුද්ගලයන් චෝදනා එල්ල කර තිබේ. කිම් සහ කයිලිගේ මව වන ක්‍රිස් ජෙනර් රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික කාන්තාවකි. කිම් කාඩේෂියන් ඇයගේ පළමු විවාහයේ දරුවන්ගෙන් එක් අයෙකු වන අතර කයිලි ඇයගේ දෙවන කසාදයේ දරුවෙකි. මේ තොරතුරුද කියවන්න:
යුක්රේනයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ කීව් අගනුවර බලශක්ති අමාත්‍යංශයට කඩා වැදී අමාත්‍යංශයේ පළමු මහල කෙටි වෙලාවකට අල්ලා ගත්හ.
යුක්රේනයේ දරුණු අතට හැරෙන විරෝධය යුක්රේන් නිලධාරීන් විසින් එය විග්‍රහ කරන ලද්දේ, ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියටයි යුක්රේනය පුරා නගරවල විරෝධතා ව්‍යාපාර ඇවිල යමින් තිබියදී අභ්‍යන්තර කටයුතු භාර ඇමති,විතලි ශක්රාචේන්කා කියා සිටියේ,අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවයි. විරෝධතාවාදීන් අවි ආයුධ එක්රැස් කරමින් සිටින බවට ඇමතිවරයා චෝදනා කළේය. රෝහල් ආරංචි මාර්ග වලට අනුව තුවාල ලද ‘කීව්’ උද්ඝෝෂකයකු මරණයට පත් ව ඇති අතර, ඒ අනුව මෙවර විරෝධතා ව්‍යාපාර වලදී මරණයට පත් සංඛ්‍යාව තුන් දෙනකු බවට පත් වෙයි. මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේන් විපක්ෂයේ නායකයකු මෙන්ම ලෝක බොක්ෂින් ශූරයකු වන විතලි ක්ලිට්ස්චිකෝ කියා සිටියේ පාලකයන් මානව හිමිකම් වලට ගරු කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයා ඉවත්ව ගිය හොත් පමණක් විරෝධතා ව්‍යාපාර නතර කරන බවයි, යුක්රේන් විපක්ෂය කියා සිටින්නේ.
ඉදිරි මානව හිමිකම් සමුළුවේ දී උපකාර ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා දිල්ලි නුවරට ගොස් සිටිය දී යුද අපරාධ චෝදනා පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දක්වන ලෙස මානව හිමිකම් සංවිධාන ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී.
ඇමැති ජී එල් පීරිස්, ඇමැති සල්මාන් කුර්ෂීද් සමග දිල්ලියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මාර්තු මාසයේ ගෙන ඒමට එක්සත් ජනපදය මුල් වී සැලසුම් කරද්දී යි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හමු වන්නේ. දිල්ලි නුවර සිටින බී සීයේ බෙංගාල අංශයේ වාර්තාකරු ෂුබෝජෝති ඝෝෂ් බීබීසී සංදේශයට කියා සිටියේ, ජී එල් පීරිස් අමාත්‍යවරයා ගේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යංශය අසාමාන්‍ය නිහැඬියාවකින් පසු වන බවයි. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීද් සහ අමාත්‍ය පීරිස් අතට අත දෙන ඡායාරූපයක් ඉන්දීය විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කිරීම හැරුණු කොට ඉන්දීය රජය මේ රැස්වීමේ සිදු වූ දේ ගැන හෝ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ගැන හෝ එකදු වචනයක් හෝ කියා නැති බවයි ෂුබෝජෝති ඝෝෂ් වැඩි දුරටත් ප්‍රකාශ කළේ. යුද අපරාධ චෝදනා මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය සංචාරයට පෙර ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත්තේ යුද අපරාධ චෝදනා පිලිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ තානාපති රවිනාථ ආර්යසිංහ ජිනීවා නුවර දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත මෙන් ම විපක්ෂ නායකත්වය වෙත ද තම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි, හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි බීබීසී සංදේශයට පැවසුවේ. ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති විවාදයක දී ද එම ඉල්ලීම ඉදිරිපත් වූ බව ඇය සිහිපත් කළාය. කෙසේ වෙතත්, ඉන්දීය රජය ගන්නා තීන්දුව රාජ්‍ය තාන්ත්‍රික තීන්දුවක් නොව දේශපාලන තීන්දුවක් වීමට තිබෙන ප්‍රවණතාව වැඩි යයි එරට විදේශ අමාත්‍යංශ නිලධාරීන් විශ්වාස කරන බවයි, ෂුබෝජෝති ඝෝෂ් ප්‍රකාශ කළේ. අනිටු පල විපාක ඉන්දීය සංචාරයට පෙර අමාත්‍ය පීරිස් අඟහරුවාදා එක්සත් ජනපද ප්‍රජා නායකයන් පිරිසක් කොළඹ දී මුණ ගැසී මානව හිමිකම් මණ්ඩලය හමුවට ගෙන ඒමට සැරසෙන යෝජනාව පිලිබඳ නොසතුට පළ කළ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නායක නුයෙන් ෆූ චො සමග ඩිව් ගුණසේකර අමාත්‍යවරයා හැනොයි අගනුවර දී ජිනීවාහි දී නැවත නැවතත් යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාව ට දැඩි බලපෑම් කිරීම අනිටු පල විපාක ගෙන දෙන බවයි විදේශ අමාත්‍ය වරයා එහිදී පවසා ඇත්තේ. වගකීම් භාරගැනීම, සංහිඳියාව, ඉඩම් පැහැර ගැනීම, ආගමික මෙහෙයවීමෙන් සිදු කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ නඩු නො විසඳීම ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති හෙයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි එක්සත් ජනපදය පවසන්නේ. ‘සාධාරණ හඬක්’ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාට අමතරව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකරත් ඉකුත් දින කීපය තුල දී විදේශීය නායකයන් හමු වී මානව හිමිකම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ. සංහිඳියා පිළිවෙත අරඹන ලද සේ රජය විසින් සලකනු ලබන 2012 සිට පස් වසරක කාලයක් එය පල දැරීම සඳහා අවශ්‍ය බවයි, ජනාධිපති ලේකම් වරයා ජිනීවා සංචාරයකින් අනතුරුව වොෂින්ටනයේ දී සඳුදා කියා තිබුනේ. හැනොයි අගනුවර දී වියට්නාම ජනාධිපති ටුවොං තංග් සෑං (Truong Tan Sang) සහ පාලක කොමියුනිස්ට් පක්ෂ නායක නුයෙන් ෆූ චො (Nguyen Phu Trong) හමු වූ ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ඉකුත් සතියේ ඉල්ලා තිබුනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කොමිසමේ දී ‘සාධාරණ හඬක්’ සපයන ලෙසයි.
වායු දූෂණය හේතුවෙන් වසරක් ඇතුළත ලොව පුරා වසරකට මිලියන හතක පිරිසක් මියයති. නමුත් මෙම තත්වයෙන් සම්පූර්ණයෙන් ගැලවීමට මගක් මේ දක්වා සොයාගෙන නොමැත.
කුඩා වෙනසක් සිදුකිරීමෙන් සිය නිවස සහ එහි සාමාජිකයන් ආරක්ෂා කරගත හැකිය ආශ්වාස කිරීම වැනි ඉතා සරල ක්‍රියාවක නියැලීමෙන් සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම රෝගී තත්වයන්ට ගොදුරු වේ. මේ අතර හුස්ම ගැනීමේ අපහසුතා, ස්නායු දුර්වලතා මෙන්ම පෙනහළු පිළිකා රෝගීන් ද දැකිය හැකිය. සෑම ස්ථානයකම පැතිරී ඇති ඇසට නොපෙනෙන දූෂිත වාතය දිගින් දිගටම අප රෝගීන් බවට පත් කරමින් සිටී. ආවරණය වූ ස්ථානයක සිටිය දී මෙම තත්වය වැඩි වශයෙන් බලපෑ හැකිය. නිවස හෝ යම් ගොඩනැගිල්ලක් තුළ වාතය පිටත වාතයට වඩා දෙගුණයත් පස්ගුණයක් අතර ප්‍රමාණයක් අපවිත්‍ර බව එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ සංවිධානයක් කළ ගවේෂණයකින් හෙළි වී තිබේ. "පිටත තිබෙන දූෂිත වායුවත් ඔබේ ගොඩනැගිල්ල තුළ සැරිසරනවා. ඒ වගේම ඔබේ ක්‍රියාකාරකම්වලින් එකතු වන අපවිත්‍ර වාතයත් ගොඩනැගිල්ල තුළ තිබෙනවා. ආහාර පිසීමෙන්, පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවලින් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තුළින් වාතය අපවිත්‍ර වෙන්න පුළුවන්," වායු පිරිසිදු කිරීමේ තාක්ෂණය සහිත උපකරණ ලෝකය පුරා බෙදා හරින 'එයාලැබ්ස් (Airlabs) ආයතනයේ ප්‍රධාන විද්‍යා නිලධාරි මැතිව් එස් ජොන්සන් පැහැදිලි කළේය. කෙසේනමුත්, සිය නිවසේ වාතය පිරිසිදුව තබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කීපයක් තිබේ. එවන් ක්‍රම පහක් පිළිබඳපහත විස්තර කෙරේ. නිවසේ ජනෙල් සහ දොරවල් දිනකට දෙවරක් හෝ තෙවරක් විවෘත කර තැබීම සුදුසු යැයි විශේෂඥයෝ පවසති 1. වාතාශ්‍රය වැඩි කිරීම නිවස තුළ වාතාශ්‍රය නොමැති වීමෙන් දූෂිත වායුව නිරන්තරයෙන් රැඳී තිබේ. "අධික උෂ්ණත්වයක් නැත්නම් හෝ ඔබ යම් අසාත්මිකතාවලින් පෙළෙන්නේ නැත්නම්, නිවසේ ජනෙල් සහ දොරවල් දිනකට දෙවරක් හෝ තෙවරක් ඇර දමා තබන්න. මෙයින් නිවසට නැවුම් වාතය ඇතුළු වෙනවා" යැයි ඉන්දියාවේ බලශක්ති සහ සම්පත් ආයතනයේ (TERI) ආර් සුරේෂ් පැවසීය. දොර ජනෙල් විවෘත කර තැබිය නොහැකිනම්, වාතය පිරිසිදු කරන තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍රයක් සවි කර ගැනීම සුදුසුය. ආවරණය වූ ස්ථානයක සිට ආහාර පිසින්නේනම් හෝ ස්නානය කරන්නේනම් වාතය සහ ජල වාෂ්ප ඉවතට ඇද දැමීමේ උපකරණ (extractor) සවි කර තිබීම මගින් අපවිත්‍ර වාතය සහ අනවශ්‍ය ජල වාෂ්ප නිවස තුළ රැඳීම අවම වේ. 2. ගෘහස්ථ පැළෑටිවලින් ඔබේ නිවස පුරවන්න අධික මිල වායු පිරිසිදු කිරීමේ යන්ත්‍ර මිල දී ගැනීමට අපහසුද? එසේනම්, නිවස හෝ ගොඩනැගිල්ල තුළ ගෘහස්ථ පැළෑටි තැබීම සිදුකළ හැකිය. සමහර පැළෑටි මගින් වාතයේ තිබෙන විෂ වායුව ඉවත් කරන අතර, මෙය "ගෘහස්ථ වායු දූෂණය අවම කිරීම සඳහා වාසිදායි ක්‍රමයක් ලෙස භාවිත කරන්න පුළුවන්" යැයි ආර් සුරේෂ් පැවසුවේය. මෙම ක්‍රමය පිළිබඳ සැබෑ ලෝකයේ පරීක්ෂණ සිදු කර නොමැති බව සමහරු පවසති. නමුත්, පැළෑටිවලින් වෙන කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණත් ඒවා දැකීමෙන් ඔබේ මානසික සුවය ඉහළ නංවනු ඇත. ඇරේකා පාම් (Areca Palm), සල්ලි ගස/ යකාගේ වැල (Devil's Ivy/Money plant), මකර ගස (Dragon Tree) සහ සර්ප පැළෑටිය (Snake plant) නිවසක් තුළ වැවීමට සුදුසු පැළෑටි කීපයක විස්තර පහත දැක්වේ: මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් (CO2) වාතය උරා ගැනීම. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: ගොඩනැගිල්ලේ සහ භාණ්ඩවල ආලේප කර තිබෙන කෘත්‍රිම සායම්වලින් සහ බුමුතුරුණුවලින් නිකුත් වෙන විෂ වායු (Volatile Organic Compounds (VOC)) ඉවත් කරයි. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: මෙමගින් විෂ වායු වර්ග බොහොමයක් ඉවත් කරනු ලැබේ. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගනී. නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ෆෝමැල්ඩිහයිඩ් නම් විෂ වායු ඉවත් කරයි. තමන් තෝරා ගන්නා පැළෑටිය කුමක් වුවත්, යම් පුද්ගලයෙකු මතක තබා ගත යුතු දෙයක් නම්, "ගෘහස්ථ පැළෑටිවලට වාතය පිරිසිදු කිරීමට නම් ඒවා ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. නැත්නම්, ඒවා නරක් වෙන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියේදී පිටවෙන විෂ මගින් තවත් වාතය අපිරිසිදු වෙනවා," යැයි ආර් සුරේෂ් පැවසීය. රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීම යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය මේ තොරතුරුද කියවන්න: 3. ගන්ධයක් නිකුත් වන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න ඔබ කෘත්‍රිම සුවඳ දියරයක් භාවිත කරන සෑම අවස්ථාවකමදීම අහිතකර විෂ වර්ග වාතයට මුදා හැරේ. මෙවැනි වර්ග කීපයක් එකතු වීමෙන් ඉතා භයානක විෂ වායු නිර්මාණය විය හැකිය. උදාහරණයක් ලෙස, ස්වාභාවික නොවන පිරිසිදු කිරීමේ දියරවලින් ෆෝමැල්ඩිහයිඩ් විෂ වායුව පිට කරන අතර, මෙය පිළිකා ඇතිවීමට හේතුවක් ලෙස දැක්වේ. ඔබ කළ යුත්තේ කුමක්ද? රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීමේ යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය. මුළුතැන්ගෙය පිරිසිදු කිරීමට කපාගත් දෙහි සහ බේකින් සෝඩා භාවිත කිරීමෙන් ස්වාභාවික සුවඳක් ලබා ගත හැකි බව ආර් සුරේෂ් පැවසුවේය. වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය 4. ගොඩනැගිලි තුළ දුම් පානය කිරීමෙන් වළකින්න දුම්පානය කිරීම සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර, ගොඩනැගිල්ලක් තුළ දුම්පානය කිරීම කිසිසේත්ම සිදු නොකර යුතුය. වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය. දුම්වැටියෙන් නිකුත් වන දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් ඔබ අවට සිටින පුද්ගලයන්ට ද ඉතා බරපතළ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. දුම් කොළවලින් නිකුත් වන දුම හේතුවෙන් නිවසක සිටින ළදරුවන් හදිසි මරණයට පත් වීමේ අවදානමක් ද පවතී. • සෝදාගත් රෙදි නිවෙසින් බැහැර හෝ ජනේලයක් අසල වේලීමට දමන්න 5. ආසාදන ඇතිකරන දූවිලි සහ අනවශ්‍ය ජලවාෂ්ප ඉවත් කරන්න ශ්වසන රෝග, උණ සහ යම් ආසාදනවලින් පීඩා විඳින පුද්ගලයන් සිටීනම් සිය නිවස තුළ දුවිලි හැකිතාක් දුරට ඉවත් කිරීම වැදගත් වේ. වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීමෙන් අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් පෙනහළු රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත. මෙම තත්වය මඟහැර ගැනීම සදහා පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකි බව විශේෂඥයෝ පවසති. තවත් තොරතුරු:
මේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරා නුවර පැවැත්වුන කලා උළෙලකට පැමිණි යෞවනියන් පිරිසකි.
මවුවරුන්ට සමාව දුන් රතු වීදියේ දියණියෝ 'රතු වීදියේ ශීඝ්‍රගාමී දුම්රිය' යන අරුත දෙන 'Laal Batti Express' නාට්‍යයේ ඔවුන් රඟ දක්වන්නේ ඔවුන්ගේම ජීවිත කථාව වීම මෙහි තිබෙන විශේෂත්වයය. මුම්බායි නුවර ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් වන මේ තරුණියන් 15 දෙනා 'රතු වීදියෙන්' බැහැර වීමෙන් අනතුරුව සිය දෙමාපියන්ට සමාව දී සිය ජීවිතය ජයගත් අන්දම පිළිබඳ කථා පුවත් එම නාට්‍යයට විෂයය වී තිබේ. "අපේ ගමේම අපි හැදුනු වැඩුණු විදිය හරි අපූරු අත්දැකීමක්. මොකද ගමේ ලිංගික සේවිකාවෝ අපේ අම්මලා වගේ නිසා," 21 හැවිරිදි සන්ධ්‍යා බීබීසී යට කියා සිටියාය. එහෙත් පාසල් යාම ආරම්භවීමත් සමග සියල්ල කණපිට හැරුණි. "අවුරුදු ගණනක් මට ලිංගික අතවර කළා. අවුරුදු දහයේදී මාව දූෂණය කළා. මගේ හමේ පාට නිසා මට වෙනස්කම් කළා," සන්ධ්‍යා පවසන්නීය. සබැඳි යොමු: 16 හැවිරිදි රානිට 11 වැනි වියේ දී සිය පියා අහිමිවිය. "තාත්ත නැතිවුන දවසෙම හැන්දෑවේ අම්ම අලුත් මනුස්සයෙක් එක්කගෙන ආව. ඇවිත් එයා මගේ අලුත් තාත්ත කියල කීව." දැන් ඔවුන් සියලු දෙනාම දෙමාපිය සෙවණෙන් ඉවත්ව නේවාසිකාගාරයක එකට වාසය කරති. සිය දෙමාපියන්ට සහ තමන් පෙලූ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බව ඔවුහු පවසති. "ලෝකේ ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග සමාව දීම කියල මම තේරුම් ගත්ත," රානි පවසන්නේ අහිංසක හසරැල්ලක් ද මුව රඳවා ගනිමිනි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය වර්ධනය වූයේ නූතන මානවයාගේ මොළයටත් වඩා අඩු වේගයකින් බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
උදාහරණයක් ලෙස නූතන දරුවන්ගේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වූ අවස්ථාව වන විටත් නියැන්ඩතාල් මානව දරුවන්ගේ මොළය තවදුරටත් වර්ධනය වෙමින් පැවති බව නියැන්ඩතාල් දරුවෙකුගේ ඇට සැකිල්ලක් විශ්ලේෂණය කළ විශේෂඥයන්ගේ නිගමනය වී තිබේ. එම නව සොයා ගැනීම නිවේදනය කෙරුණේ එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිට ප්‍රකාශයට පත් කෙරෙන 'සයන්ස්' (Science) සඟරාවේ පළ කෙරුණු ලිපියකිනි. ඒ අනුව මිහිතලයෙන් අතුරුදහන් වූ නියැන්ඩතාල් මානවයා, නූතන මිනිසාට වඩා සාහසික හෝ ප්‍රාථමික නොවූ බවට සිය පර්යේෂණය මගින් සනාථ කෙරෙන බව ද පර්යේෂකයෝ පවසති. මොළය ඉතා සෙමින් වර්ධනය වූ එකම මානව විශේෂය නූතන මිනිසා බව මෙතෙක් විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ. වෙනත් වානරයන් සහ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් මෙන් නොව, හෝමෝ සාපියන් මානවයාගේ ළමා කාලය වසර ගණනක් දක්වා දිගු විය. නූතන මානවයාගේ විශාල මොළය වර්ධනය වීම සඳහා දිගු කලක් සහ විශාල ශක්තියක් අවශ්‍ය වීම එයට හේතුවය. නියැන්ඩතාල් මානවයාගේ ඇට සැකිලි යොදාගෙන මීට ඉහතදී කරන ලද පර්යේෂණවල නිගමනය වී තිබුණේ නියැන්ඩතාල් මානවයා නූතන මානවයාට වඩා ඉක්මනින් වර්ධනය වූ බවය. නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළය තරම් සංකීර්ණ නොවූ බවක් එයින් ඉඟි කෙරිණ. එහෙත් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Museum of Natural Sciences) මහාචාර්ය අන්තෝනියෝ රෝසස් (Antonio Rosas) ගේ ප්‍රධානත්වයෙන් මේ අලුත්ම පර්යේෂණය පැවැත්වූ කණ්ඩායමේ නිගමනය වී තිබෙන්නේ නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළයටත් වඩා හෙමින් වර්ධනය වීමට ඉඩ තිබුණු බවය. "අපි ඇත්තටම පුදුම වුනා," මහාචාර්ය රෝසස් බීබීසී යට පැවසීය. "පර්යේෂණය ආරම්භ කරන කොට අපි බලාපොරොත්තු වුනේ පසුගිය පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට සමාන දෙයක්." නියැන්ඩතාල් මානව දරුවෙකුගේ වර්ධනයේ ඉතා වැදගත්ම අවධියක සම්පූර්ණ ඇට සැකිල්ලක් යොදාගෙන සිය පර්යේෂණය පැවැත්වූ බැවින් ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී කළ පර්යේෂණවලට වඩා සිය පර්යේෂණය නිවැරදි බව මහාචාර්ය රෝසස් ඇතුළු කණ්ඩායම විශ්වාස කරති. එය වයස අවුරුදු හයයි මාස හයකදී මියගිය පිරිමි දරුවෙකුගේ ඇට සැකිල්ලකි. වසර 49,000 ක් පැරණි ස්පාඤ්ඤයේ El Sidrón ගුහාවේ දී එම ඇට සැකිල්ල හමු වී තිබේ. විශ්වාස කළ නොහැකි තරම් හොඳින් ආරක්ෂා වී තිබුණු එම දරුවාගේ ඇට සැකිල්ලේ වැඩුණු සහ කිරි දත් ද තිබිණ. එබැවින් මිය ගිය දරුවාගේ වයස නිවැරදිව ගණනය කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබිණ. ඔහුගේ මොළය, වැඩුණු නියැන්ඩතාල් මානවයෙකුගේ සාමාන්‍ය මොළයේ ප්‍රමාණය මෙන් 87.5% ක් පමණ වන බව තක්සේරු කෙරිණ. එම වයසේ පසුවන නූතන මිනිස් දරුවෙකුගේ මොළය වැඩුණු මිනිසෙකුගේ මොළය මෙන් 95% ක් දක්වා වර්ධනය වී තිබිය හැකිය. සිය නව සොයාගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරන මහාචාර්ය රෝසස් පවසන්නේ, නියැන්ඩතාල් මානවයා සහ නූතන මානවයා අතර බරපතල වෙනසක් නැතැයි පවතින මතය එමගින් සනාථ කෙරෙන බවය. නූතන මිනිසා ඉතාමත්ම සෙමින් වර්ධනය වන සත්ව කොට්ඨාසය බව මෙම සොයා ගැනීමට පෙර විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා ක්‍රීඩාවේදී තුන් ඉරියව්වෙන් ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින සහ ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල් වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසයි.
"ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් බව ඇන්ජලෝ මැතිව්ස් පෙන්නුම් කළා" යයි හිටපු නායක කුමාර් සංගක්කාර කියා සිටියේය. "මේ තරගාවලියේ දී අපට වාසි හා අවාසි අවස්ථාවන්හි ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ" සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය. දෙවන ටෙස්ට් තරඟයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනසකට යොමු කෙරුණ මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඇන්ජලෝ මැතිව් තරගයේ වීරයා සම්මානයෙන් ද පුදනු ලැබුණි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එංගලන්තයේ පැවැත්වුන ටෙස්ට් තරඟාවලියකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි. තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ඊයේ අඟහරුවාදා නිම වූ දෙවැනි ටෙස්ට් ගැටුමේ අවසන් දිනයේ අවසාන පන්දුවාරයේදීයි. අත් නො හළ අධිෂ්ඨානය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, “එය විශිෂ්ට ජයග්‍රහණයක් " වන බවයි. "අපි අපේ උත්සාහය අවසන් මොහොත තෙක්ම අත්හැරියේ නැහැ, විශ්වාසය දිගටම තියා ගත්තා, අපේ පන්දු යවන්නන්ට එතරම් අත්දැකීම් නැහැ, නමුත් ඔවුන් හොඳ ස්ථානවලට පන්දු යැව්වා"කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. මෙම ජයග්‍රහණය ‘ඉතා විශේෂ එකක්’ බව පැවසූ මහේල ජයවර්ධන මෙම තරඟාවලිය බොහෝ දුරට ඔහුගේ අවසාන එංගලන්ත සංචාරය විය හැකි බවයි කියා සිටියේ. කාලගුණයේ අභියෝගයත් ජය ගනිමින් " ස්ලිප්හි පන්දු රකින කොට මම කුමාර්ට කිව්වා, තරඟය අන්තිම පන්දු වාරය දක්වා ක්‍රීඩා කිරීමට සිදු විය හැකි බව. එය එලෙස ම සිදු වුණා " මහේල ජයවර්ධන සඳහන් කළේය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මැයි සහ ජුනි මාසවල තම රටේ පැවැත්වෙන තරගාවලියක් දෙදාහේ වසරේ සිට මෙතෙක් පරාජය වී නො තිබුණ බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. එම මාසවල පවතින කාලගුණය හා පන්දුව දැඩි ලෙස දෝලනය වීම ආසියානු රටවල කණ්ඩායම් මුහුණ දෙන දැඩි අභියෝගයක් බවත් එම අභියෝගයට ද මුහුණ දෙමින් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ඉතා විශිෂ්ට එකක් බවත් ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිර යාමේ අධි අවධානම් කළාප ලෙස හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් එබැවින් මේ මොහොතේ ඩෙංගු උවදුරෙන් බේරීම ජාතික අවශ්‍යතාවයක් සේ සළකා සවොම් එක්ව කටයුතු කරන මෙන් ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා සඳහන් කරයි. වෛද්‍ය හසිත තිසේරා ඒ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සෙනසුරාදා ආරම්භ කළ අවස්ථාවේ අදහස් දක්වමිනි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් ද ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ කඩිනම් වැඩසටහනට යොමු කර තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම එයට ඇතුළත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පවසයි. ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කිරීමේ ජනාධිපති විශේෂ කාර්යය බලකායේ ඩෙංගු මර්දන විශේෂ ත්‍රෛමාසික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. ඩෙංගු රෝගය බෝවන ආකාර, රෝග ලක්ෂණ සහ එයින් වැළකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් ඒ අනුව ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුවක්/ පපුව රිදීමක්, සෙම ගතියක්, මුත්‍රා පහවීම අඩුවීමක්, සමෙහි රතු පලු හැට ගැනීමක්, ඇස් යට වේදනාවක් සහ බඩ රිදීමක් සමග බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි. එහෙත් පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් කිසිදු අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදයය. විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව පෙන්වාදෙන සෞඛ්‍ය බලධාරීහු, ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැලකී විවේක ගන්නා මෙන් සහ හැකිතරම් දියර වර්ග පානය කරන මෙන් ද රෝගීන්ගෙන් ඉල්ලා සිටිති.
මීරියබැද්ද නාය යෑමේදී ඊට ගොදුරු වෙන්නට ඇත්තේ පනහකට ආසන්න පිරිසක් පමණක් යයි තමා අදහස් කරන බව ලංකා වතු කොංග්‍රසයේ නායක,පශු සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.
තොන්ඩමන් ඇමතිවරයා (දකුණේ)ජනාධිපතිවරයා සමඟ මීරියබැද්දේ. ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී දෙමළ සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා (30) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මීරියබැද්ද නායයෑමෙන් පුද්ගලයන් එක සිය අනූ දෙදෙනකු අතුරුදහන් වී ඇති බවයි. ‘හතළිස් පහත් පනහත් අතර පිරිසක් නායයෑමට යට වෙන්නට ඇති කියල අපි හිතනවා , හමු වුන මළසිරුරු පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ, දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව නිසා අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු වලට අද බාධා එල්ල වුණා’ ඇමතිවරයා සඳහන් කළේය. ඇත්ත දන්නේ නැහැ අදාළ ප්‍රදේශයේ නායයෑමේ තර්ජනයක් ඇති බව කලින් හඳුනා ගෙන තිබුණා නම් එම ප්‍රදේශයේ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර නොගත්තේ කුමක් නිසාදැයි බීබීසිය ආරුමුගම් තොණ්ඩමන් ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා අද නියෝග කළ බවයි. ‘කලින් දැනුම් දුන්නා කියලා කියනවා, ඒ අතර තව පිරිසකට විකල්ප ඉඩම් දීල ඔවුන් ගියා කියනවා, මේකේ මොකක්ද ඇත්ත කියලා දන්නේ නැහැ, ජනාධිපතිතුමා අද ආපු වෙලාවේ කිව්වා, මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා’ ආරුමුගම් තොන්ඩමන් ඇමතිවරයා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතුකරයේ ජනතාවට නිවාස 50,000 ක් ඉදි කරන බව කියා සිටි අතර, පසුගිය දා 2015 වසරේ අයවැය ඉදිරිපත් කරන විටත් එම නිවාස ඉදි කර නොමැති බව පෙන්වා දෙමින් ඊට හේතු විමසූ විට තොන්ඩමන් ඇමතිවරයා ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ දී යෝජිත නිවාස ඉදිකිරීම ආරම්භ කරන බවයි.
ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැම්මා සේ තමාද හැකිතරම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මරාදැමීමට කැමැත්තෙන් සිටින බව තම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ජර්මනියේ 'හෝලොකොස්ට්' ඝාතන වලට සමාන කරමින් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පවසයි.
අනාගත පරපුර සඳහා පිලිපීනය ආරක්ෂා කර තැබීම තමන්ගේ යුතුකම බවයි ජනාධිපති දුටර්ටේ පවසන්නේ. 'හිට්ලර් තිස් ලක්ෂයක් යුදෙව්වන් මරාදම්මා...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නව. ඔවුන් මරාදමන්න මම කැමතියි' යනුවෙනුයි ජනාධිපතිවරයා පැවසුවේ. ජර්මනියේ නාසි හමුදා විසින් අවම වශයෙන් හැට ලක්ෂයක් යුදෙව්වන් සහ වෙනත් සුළු ජාතිකයින් මරා දමනු ලැබූ බවයි පැවසෙන්නේ. පසුගිය ජූනි මාසයේ පිලිපීන ජනාධිපති පදවියට පත් දුටර්ටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් දරුණු ලෙස විනාශකරමින් සිටී. නිල නොවන ඝාතක කණ්ඩායම් වල ඉලක්කයට ලක්වන්නේ බොහෝ විට අඩු මට්ටමේ වැරදිකරුවන් බවයි පැවසෙන්නේ නිල වාර්තා වලට අනුව මේ දක්වා තුන්දහසකට වැඩි පිරිසක් පොලීසිය සහ නීත්‍යානුකුල නොවන ඝාතන කණ්ඩායම් විසින් මරා දමනු ලැබ තිබේ. එසේ මරාදමනු ලැබූවන්ගේ සිරුරු ඔවුන් විසින් කරනු ලැබූ වැරදි ක්‍රියාවන්ගේ ලැයිස්තුවක් ද සමග ජනතාවට දැකගතහැකි වනසේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ. පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රවය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව 'හිට්ලර් ගේ ඥාති සහෝදරයෙකු' ලෙස හුවා දක්වන බවයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ සියලුම මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බවයි.
පොහොර සහනාධාරය කපා හැරීම තුළින් ලක්ෂ දහඅටකට ආසන්න වූ ගොවි ජනතාවක් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව ගොවි සංවිධාන නායකයෝ පවසති.
ඔවුන් මේ බව කියා සිටියේ ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සන්ධානය තංගල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී යි. මෙහිදී කතා කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල පැවසුවේ අලුත් ක්‍රමය යටතේ පොහොර ලබා දෙන්නේ කුමන මිලකටද යන්න රජය සඳහන් කර නොමැති බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල 'කුමන්ත්‍රණයක්' ''අපි යම්කිසි නිර්දේශිත ක්‍රමයකට කුඹුරකට පොහොර යොදන්න ඕනා. අපි මේ සඳහා පොහොර ගත්තේ කිලෝ එකක් රුපියල් හත බැගින් සහනාධාර යටතේ. දැන් අපි අලුත් ක්‍රමයකට යන කොට එදා අක්කරයකට රුපියල් 896 කට ගත්ත පොහොර ඒ මිලට ගන්න පුළුවන් කමක් නෑ. අපට දැන ගන්න තියෙන විදියට විවෘත වෙළඳ පොලේ රුපියල් 3900 ක් පමණ වෙනවා මේ පොහොර මිටියක්. අපිට රජය කියලා නෑ මේ පොහොර මිටියක් ලබා දෙන කොට අපට මොන මිලකටද ලබා දෙන්නේ කියලා. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ පොහොර සහනාධාරය කපා හැරීම තුල යම්කිසි කුමන්ත්‍රණයක් ඇති බව” ඔහු පැවසීය. ''අපට අක්කරයකට රුපියල් 12500 කට පමණ ලබා දෙන පොහොර පිළිබඳව එහි ප්‍රමිතීන් පිළිබඳව අපට සැකයක් තියෙනවා. කිලෝ 50 මිටියක් 3900ක් වෙන කොට කිලෝ වක් රුපියල් 78ක් වෙනවා. එතොකොට රුපියල් 71 ක් වැඩිපුර අපිට වැයකරන්න සිදුවෙනවා. අක්කරයක් හිමි ගොවියෙක් සාමාන්‍යයෙන් ගත්තහම රුපියල් 55313ක් පමණ අක්කරයක නිෂ්පාදන ක්‍රියාවලියට වියදම් වෙනවා. රුපියල් 30 කට කිලෝවක් විකුණුවත් වැඩ වියදම් කපා හරින කොට රුපියල් 19000ක් තමයි ගොවියෙකුට ලැබෙන්නේ මාස හයක් කන්න.'' ජාතික ගොවි සංවිධාන ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසුරිය අමුඩෙ “මුදල් ඇමතිතුමා කියලා තියෙනවා රුපියල් 35ට වෙනත් රටවලින් සහල් ගේන්න පුළුවන් කියලා. ඒ අඩුවට සහල් බෙදා හැරියම අපිට යන කල දවස මොකක්ද. අපි ගහගෙන ඉන්න අමුඩෙවත් ඉතිරි වෙන්නේ නෑ.” සභාපති ජේ .ආර් .ඩි. සිරිපාල තවදුරටත් කියා සිටියේය. ''අද සහල් මිල අඩු කරන්න කියලා වී මිල අඩු කරනවා. අපි අහන්නේ ඇයි සහල් මිල විතරක් අඩු කරන්නේ. මිනිස්සු බත් විතරද කන්නේ. අනෙක් ඒවත් අඩු කරන්න ඕනා. වී මිල විතරක් අඩු කරලා හැම පැත්තකින්ම අහිංසක ගොවියට ගහනවා.” මෙහිදී අදහස් දැක්වූ ජාතික ගොවි සංවිධාන ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසුරිය පැවසීය. ගොවි සංවිධාන සාමාජික ජයන්ත වන්නිආරච්චි කෘමිනාශක සම්බන්ධයෙන් රජයට නිසි ප්‍රතිපත්තියක් නැති බවයි ගොවි සංවිධාන සාමාජික ජයන්ත වන්නිආරච්චි කියා සිටියේ. “රජය තහනම් කරන නිෂ්පාදන ටික අනෙක් පැත්තෙන් නැවත රටට ගෙන්වන්න වැඩ පිළිවෙළක් හරිගස්සල තියෙනවා. නීතියෙන් තහනම් හැබැයි ඒ කෘෂි රසායනික වැඩි මිලට වෙළද පොලේ තියෙනවා. අද මේ තහනම හරහා ද ගොවියා සුරා කෑමේ වැඩ පිළිවෙළක් තියෙනවා. රජයට නිසි ප්‍රතිපත්තියක් නෑ මේ පොහොර කෘෂි රසායනික පසට හා ගොවියාට පරිසරයට හිතකර කෘමිනාශක පද්ධතියක් හදන්න.” ඔහු පැවසීය.
සිරියාවේ 'රකා' (Raqqa) නගරයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට එල්ල කරන ලද ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හේතුවෙන් "අති විශාල ජීවිත හානියක්" සිදුව ඇති බව යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් පවසයි.
'රකා' නගරයේ පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී තිබේ සිරියානු ආණ්ඩුවට එරෙහි 'කුර්දි' සටන්කාමීන් ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානයේ ප්‍රහාරක ගුවන් යානා සහාය ලැබෙයි. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් සිය ගණනක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ. ආණ්ඩු විරෝධී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (Syrian Democratic Forces) පසුගිය සතිය තුළ 'රකා 'නගරයේ බටහිර, නැගෙනහිර සහ උතුරු කලාප තුළ ඉදිරියට ඇදෙමින් ඔවුන්ගේ බලය තහවුරු කර ගෙන ඇත. ''රකා' නගරයේ සටන් නිසා සාමාන්‍ය වැසියන් එක් ලක්ෂ හැට දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවාස අතහැර පළා ගොස් ඇත. සාමාන්‍ය වැසියන් 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් පනස් දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් කොටු වී සිටින බව එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ එම නගරයේ බලය අහිමිවීම අයිඑස්(IS) කැරලිකරුවන්ට "තීරණාත්මක පහරක්" වනු ඇතැයි ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය පවසයි. විදේශිකයන් ද ඇතුළු හාරදහසක් පමණ කැරලිකරුවන් 'රකා' නගරය තුළ රැඳී සිටින බවට විශ්වාසයක් පවතී. නගරය තුළ සාමාන්‍ය වැසියන් කොපමණ සංඛ්‍යාවක් කොටු වී සිටීද යන්න තවම පැහැදිලි නැත. එහෙත් එහි සාමාන්‍ය වැසියන් පනස් දහසත් - ලක්ෂයත් අතර ප්‍රමාණයක් සිටින බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවයි.
රජයට නියෝග දීමට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියට කිසිදු අයිතියක් නොමැති බව රජය ප්‍රකාශ කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා එසේ පැවසුවේ, උතුරේ හමුදාව අත්පත් කරගත් ඉඩම් යලි ජනතාවට ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කළ ප්‍රකාශයක් පිළිබඳව සංදේශය රජයේ මතය විමසූ අවස්ථාවේ. "නවී පිල්ලේ මැතිනියට කරන්ඩ පුළුවන් භූමිකාවක් තියෙනවා. මෙහෙ පරීක්ෂණ තියන්ට, රජයට නියෝග දීමට කිසිම අයිතියක් එතුමියට නැහැ, එහෙම කෙනෙක් දෙන නියෝග රජය පිළිගන්නෙත් නැහැ," යනුවෙන් ද ඔහු කියා සිටියේය. නවනිදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් බව පවසන අමාත්‍යවරයා, මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව කෙරෙහි අභූත චෝදනා නැගීමට නොහැකි වනුඇතැයිද කියා සිටියේය. මන්දනාගේ නිවසට ප්‍රහාරය "ඕනේ නම් අපිට එන්ඩ කියල වීසා නොදී ඉන්න තිබුන අපි එහෙම කළේ නෑ. ජාත්‍යන්තර වශයෙන් නැගෙන ප්‍රශ්නවලට අපි රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු කරන්ඩ ඕනේ, අපිට හංගන්න දෙයක් නැනේ." මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපතිවරයා විදේශගත වීම සම්බන්ධයෙන් පලවූ අදහස් පිළිබඳව ප්‍රතිචාරය පළ කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ: "ගොඩක් පුවත්පත් හිතනවා ජනතිපතිවරයා විදේශ නායකයෙක් අවම කොහෙවත් යන්නේ නැතුව අරලියගහ මන්දිරයට වෙලා ඉඳ ඕනේ කියල, කොයි රටකවත් එහෙම වෙන්නේ නෑ,"යනුවෙන්. රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමින සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය රජයේ පාර්ශවකාර පක්ෂ විසින්ම විවේචනය කිරීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ප්‍රජාව ඉදිරියේ අපහසු තාවයකට ලක් වන්නේ නොවේදැයි නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, එය ප්‍රතික්ෂේප කළේ එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හුවා දක්වන්නක් ලෙස පවසමින්. මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රමගේ නිවසට කඩාවැදුණු පිරිස පැමිණියේ ඇය සතුව තිබූ රජයේ දුෂණ ඇතුලත් ලිපිගොනුවක් ලබා ගැනීමට යයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා වලිවෙරියදී චෝදනා කළේය. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
උතුරු පළාත් සභා මැතිවරණයේදී ආරක්ෂක හමුදා ක්‍රියා කළ ආකාරය පිළිබඳව සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයෝ බරපතල කණස්සල්ල පළ කරති.
විශේෂයෙන්ම ආනන්දි සසීහරන්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන සාක් නිරීක්ෂකයන්ගේ කණසල්ල විශේෂයෙන්ම මැතිවරණයට දිනකට පෙරාතුව හමුදා භටයන් බවට සැක කෙරෙන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි සසීහරන් ගේ නිවසට කඩා වැදී ඇයගේ ආධාරකරුවන්ට පහර දීම සිය ප්‍රබල අවධානය පළ වූ සිදුවීමක් බව නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි පැවසීය. එමෙන්ම ආරක්ෂක හමුදාව සහ ආණ්ඩුවේ සේවකයන් උතුරු පළාතේ ආණ්ඩු පක්ෂයේ මැතිවරණ පත්‍රිකා බෙදීම ඇතුළු ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද තම අවධානය පළ වූ බවත් ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වන ගෝපාලසාමි කියා සිටියේය. මේ සියලු තත්වයන් යටතේත් ඡන්දදායකයන් විශාල පිරිසක් සිය ඡන්දය භාවිතා කිරීම පිණිස ඡන්දපොළට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා උනන්දුව හීන වී නැති බවට සාක්ෂියක් බව ද ඔහු පැවසීය. 'කොමසාරිස්ගේ බලතල වැඩිකරන්න' සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනයෙන්. මැතිවරණය හා සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පවරා දී තිබුනේ නම් හමුදාව සහ රජයේ සේවකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම අවම කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවස්ථාව තිබුණු බව හිටපු ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයාගේ මතයයි. එබැවින් මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වැඩි කළ යුතු බව සාක් නිරීක්ෂණ කණ්ඩායමේ අදහස බවද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් එන් ගෝපාලසාමි පැවසීය. මැතිවරණ දිනයේදී උදයන් පුවත්පත හා සමාන පුවත්පතක් ප්‍රකාශයට පත්කරමින් ඡන්දායකයන් නොමඟ යැවීමේ උත්සාහයක් පිළිබඳවත් සිය බරපතල කනසල්ල පළ කරන සාක් කලාපීය නිරීක්ෂකයෝ, අදාළ ව්‍යාජ පුවත්පත පිළිබඳව රූපවාහිනී ආයතනයක් විශාල ප්‍රචාරයක් ලබා දුන් නමුත් එම ප්‍රචාරක ව්‍යාපාරය වැළැක්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගත බවක් තමන්ට වාර්තා වී නැති බවත් වැඩිදුරටත් කියා සිටියහ.
බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දිනවල සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ පිළිබඳව වාර්තා චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කළ කැලම් මැක්රේ කටුනායක ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙද්දී සියයකට අධික පිරිසක් ඔහුට විරෝධය පළ කළහ.
'එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව' කැලම් මැක්රේට රිසි සේ වාර්තා කිරීම සඳහා රජය වීසා ලබා දී ඇති බව කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, ඔහු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක් ලෙසින්. එමෙන්ම එල්ටීටීඊ හිතවාදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව වෙනුවෙන් 'කුලියට වැඩ කරන්නෙකු' ලෙසටද ඔහුට චෝදනා කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඒ චෝදනා ඉවත් කර ගැනීම පිණිස මෙය කදිම අවස්ථාවක් විය හැකි බවද සඳහන් කළේය. 'දෙපැත්තෙන්ම අපරාධ' 'ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක්' කොටි කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පැවති බවට එල්ල වන චෝදනා කැලම් මැක්රේ මාධ්‍යවේදියා දිගින් දිගටම තරයේ ප්‍රතික්ෂේප කරයි. ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතූ ඔහු යලිත් වරක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. "මේක හුඟක් දෙනෙක් අමතක කරන දෙයක්, එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව," යනුවෙන් ඔහු කියා සිටියේය. "දෙපැත්තෙන්ම අපරාධ කෙරුණා කියල අපි පැහැදිලිව කිවුව. නමුත් වැඩි පිරිසක් මිය ගියේ ආණ්ඩුවේ ෂෙල් ප්‍රහාරවලින් කියන එක සාක්ෂි අනුව ඉතාම පැහැදිලියි." කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් තිස් දෙනකු රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස පැමිණෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.
ලබන නොවැම්බර් මාසයට යෙදෙන ඇමෙරිකානු අතරමැදි මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාර ධුර සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන සඳහා අන් කවර කලෙකටත් වඩා වැඩි අපේක්ෂිකාවන් පිරිසක් තරග වදිනු ඇතැයි වාර්තා වේ.
වමේ සිට දකුණට: ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රේචන විට්මර්, රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සහ නිසැකව ම කොංග්‍රසයට පිවිසෙනු ඇතැයි සැලකෙන පළමු මුස්ලිම් කාන්තාව රෂිඩා ට්ලයිබ් ප්‍රාන්ත 4 ක් පුරා අඟහරුවාදා (අගෝ 7) පැවති ප්‍රාථමික ඡන්ද විමසීම්වලින් අනතුරුව ආණ්ඩුකාර ධුර සඳහා තරග වැදීමට අපේක්ෂිකාවන් 11 ක් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා තරග වැදීමට අවම වශයෙන් අපේක්ෂිකාවන් 173 ක් පමණ ද නාමයෝජනා ලබා සිටිති. මේ තොරතුරු ද දැනගන්න: මේ ප්‍රතිඵලය, දේශපාලනයේ කාන්තා නියෝජනය වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයින් නොකඩවා ලබන ප්‍රගතියක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත. කාන්තාවන්ගේ පිම්මක් අඟහරුවාදා ප්‍රාථමික ඡන්ද පැවති කැන්සාස්, මිචිගන්, මිසූරි හා වොෂිංටන් ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් කළ පසු, ඉතා පැහැදිලිව පෙනුනේ ආණ්ඩුකාර ධුර හා නියෝජිත මන්ත්‍රී මණ්ඩල නාමයෝජනා වෙනුවෙන් කාන්තාවන්ට වාර්තාගත අවස්ථාවක් ලැබී ඇති බවය. මිචිගන් ප්‍රාන්තයෙන් ග්‍රේචන් විට්මර් සහ කැන්සාස් ප්‍රාන්තයෙන් ලෝරා කෙලී ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික ඡන්ද ජයග්‍රහණය කිරීමත් සමග එළඹෙන නොවැම්බරයේදී ආණ්ඩුකාර ධුර සඳහා තරග කරන අපේක්ෂිකාවන් සංඛ්‍යාව 11 ක් බවට පත්විණි. එය 1994 දී වාර්තා වූ අගයට වඩා එක් අපේක්ෂිකාවකගේ වැඩිවීමකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කාන්තාවන් 173 දෙනෙකුවත් පක්ෂ නාම යෝජනා ලබා ඇති අතර එය 2016 වසරේ වාර්තාගත අපේක්ෂිකා සංඛ්‍යාව වූ 167 අභිබවා ගොස් ඇත. නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන සඳහා තරගවදින අපේක්ෂකයින් අතර සිටින එක් අපේක්ෂිකාවක් නිසැකයෙන් ම, කොංග්‍රසයට පිවිසෙන පළමු මුස්ලිම් කාන්තාව වනු ඇති බව කියැවේ. ඩිමොක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ලද රෂිඩා ට්ලයිබ් හට නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය එරෙහි නොවනු ඇතැයි ද කියැවේ. ඇය පළමු පලස්තීන - ඇමෙරිකානු කොංග්‍රස් සභිකාව ද වනු ඇත. මේ අතර කාන්තාවන් ම එකිනෙකාට එරෙහිව තරගවදින මැතිවරණ දෙකක් වොෂිංටන් ප්‍රාන්තයේ පැවැත්වෙනු ඇත. එහිදී නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ලීසා බ්‍රවුන්, කැතී මැක්මොරිස්ට මුහුණ දෙන අතර රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සෙනෙට් අසුන සඳහා මාරියා කැන්ට්වෙල් සමග තරග වදින්නීය. මෑතදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ, නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියන් ගණන ඔවුන්ගේ පිරිමි සගයින්ගේ ප්‍රමාණය අභිබවා යා හැකි බව ය.
යලිත් වතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
'අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ' හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ, ඇය නායකත්වය දරන ආසියාතික ප්‍රතිපත්ති සහ අධ්‍යයන කේන්ද්‍රයේ රැස්වීමක් අවසානයේ ඒ පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ. "අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ," බවයි, ඇය පවසන්නේ. මෙතෙක් එවැනි අදහසක් නැතත්, අනාගතයේ එම තීරණය වෙනස් වනු අත් දැයි මාධ්‍යවේදියා කළ විමසුමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, "හොඳ බෞද්ධයෙක් විදියට අහල තියෙනවනේ හැමදේම වෙනස් වෙනවා කියල මොහොතින් මොහොතට. ඉතින් ඒක කියන්න බෑ, දැනට එහෙම අදහසක් නැති," බවයි. දෙවරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව යලිත් වතාවක් ජනාධිපති පදවියට ඉදිරිපත් වීම වලක්වන විධිවිධාන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුණු අතර, එළැඹෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.
කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති.
ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී. එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් අතර කාලයකට පසුවය. ඖෂධ සොයා කළු කඩ දෙසට ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී 'Remdesivir' සහ 'Tocilizumab' යන ඖෂධ සොයා ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සමාජ ජාල ඔස්සේ බැගෑපත් වන අයුරු මේ දිනවල ඉන්දියාවේ දැකිය හැක. ඉහත කී ඖෂධද්වයේ ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායි ද යන්න ලොව පුරා විවාදයට තුඩු දී ඇතත් එම ඖෂධ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් අනුමැතිය ලබා දී තිබේ. 'Remdesivir' නමැති වෛරස් මර්දන ඖෂධය ඉන්දියාව පුරා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කර ඇතත් රට තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ඖෂධ නිෂ්පාදකයන්ට දුෂ්කර කටයුත්තක් වී තිබේ. පසුගිය සති තුන තුළ ඉන්දියාවෙන් දිනකට 150,000 ඉක්මවා කොරෝනා වෛරස් රෝගීන් වාර්තා විය. සැපයුමේ පවතින හිඟය, දිල්ලිය සහ තවත් නගර ගණනාවක අදාළ ඖෂධ කළු කඩ අලෙවියට මග පාදා ඇති බව බීබීසි විසින් සොයා ගනු ලැබීය. දිල්ලි නගරයේ කළු කඩ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකුවත් සම්බන්ධ කර ගැනීමට බීබීසියට හැකි වූ අතර 'Remdesivir' මිලිග්‍රෑම් 100 ක කුප්පියක් ඉන්දීය රුපියල් 24,000 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 62,000 පමණ) බැගින් අලෙවි කිරීමට ඔවුහු එකඟ වූහ. එය වෙළෙඳපොළේ සාමාන්‍ය මිල මෙන් පස් ගුණයකි. එක් රෝගියෙකුට මිලිග්‍රෑම් 100 මාත්‍රා 6 ක් ලබා දිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මාත්‍රා 8 ක් දක්වා ප්‍රමාණයක් දීමට සිදු වෙතැයි වෛද්‍යවරු පවසති. මධ්‍යම පාන්තික පවුලකට පවා එය විශාල මුදලකි. මුම්බායි නගරයේ දුම්රිය මගීන් අහඹු ලෙස පරීක්ෂාවට සාමාන්‍යයෙන් 'ආතරයිටීස්' (සන්ධි ඉදිමීම) සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කෙරෙන 'Tocilizumab' ජීවිත බේරා ගැනීමට යොදා ගත හැකි බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ඉන්දියාවේ වෙළෙඳපොළවලින් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ඇත. සමස්ත ඉන්දීය රසායන සහ ඖෂධ සංගමයේ මහා ලේකම් රජීව් සිංගල් කියා සිටියේ ඖෂධ සොයා දෙන්නැයි ඉල්ලා තමා වෙත දිවා රෑ දුරකථන ඇමතුම් ලැබෙන බවය. "තත්ත්වය ඉතාම නරකයි. මට, මගේම පවුලේ අයටවත් බෙහෙත් හොයා ගන්න බැහැ," "කළු කඩ ජාවාරම්කාරයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි උත්සාහ කරනවා. ඒත් මේ 'සිස්ටම්' එකේ සිදුරු ඇති බව මම පිළිගන්නවා," යනුවෙන් ඔහු පැවසීය. ඔක්සිජන්, එක්ස්-රේ සහ කෝවිඩ් පරීක්ෂණ පරීක්ෂා කරගැනීමට රජයේ රෝහලක් ඉදිරිපිට පෙළ ගැසී සිටින ජනයා ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ඔක්සිජන්වලට ඇති ඉල්ලුම ද ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම ඉහළ ගොස් තිබේ. සැපයුම් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්, ඒ වෙත පැමිණෙන රෝගීන් යළි හරවා යවනු ලබයි. කුඩා නගරවල තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. රෝහල් ඇඳක් සොයා ගත නොහැකි වූ විට තම නිවෙස් තුළදීම ඔක්සිජන් සිලින්ඩර් සපයා ගන්නා ලෙස වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් ලබා දෙති. කොරෝනා වෛරසය ආසාදනය වූ සිය පියාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ නමුත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට පැය අටක් ගත වූ බව උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පදිංචිකරුවෙකු බීබීසියට පැවසීය. ඒ සඳහා ඔහුට පැය හතරක ගමනක යෙදී වෙනත් නගරයකට යෑමට සිදු වූ බව ද ඔහු කියා සිටියේය. පුද්ගලික පරීක්ෂණාගාර විසින් පපුවේ එක්ස්-රේ සහ සීටී ස්කෑන් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීම කුඩා නගරවල වෙසෙන රෝගීන් මුහුණ පා සිටින තවත් ප්‍රධානතම ගැටලුවකි. රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් තිබේ දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරු බොහෝවිට මෙවැනි පරීක්ෂණ නිර්දේශ කරති. සිරුරු ආදාහනය දිවා රෑ කොරෝනා වෛරසයට ගොදුරු වී මරණයට පත් සැමියා වෙනුවෙන් හඬා වැලපෙන බිරිඳක් දරුවන් විසින් අස්වසාලනු ලබන අයුරු කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් නගරවල ආදාහනාගාර දිවා රෑ විවෘතව පවතී. ඇතැම් අවස්ථාවල මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ඥාතීන්ට පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වේ. නොනැවතී, දිවා රෑ සිරුරු පිළිස්සීම නිසා බටහිර ඉන්දියාවේ සුරාත් නගරයේ ආදාහනාගාරයක උඳුන අභ්‍යන්තරයේ ලෝහමය සැකිල්ල දියවීමට පටන් ගෙන තිබුණු බව මෑත වාර්තා විය. මැදියම් රැයේදී ලක්නව් නගරය තුළ චිතක දැල්වෙමින් තිබෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. ආදාහනාගාර සේවකයින් බොහෝ දෙනෙක් විවේකයක් නොලබා වැඩ කරති. මේ වන විට ඔවුන් ද විඩාවට පත්ව සිටිති. මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිව තිබුණා නේදැයි යන්න ඉන්දියාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. "පළමු රැල්ලෙන් අපි පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දෙවෙනි රැල්ලක් එමින් තිබෙන බව අපි දැන සිටියා. බෙහෙත්, ඇඳන් සහ ඔක්සිජන් හිඟය වගේ අවාසනාවන්ත දේවල් වළක්වා ගැනීමට අපි සැලසුම් කළේ නෑ. යනුවෙන් වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ලලිත් කාන්ට් පැවසීය. "ඒ තබා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීපු අනෙක් රටවලින්වත් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ," (බීබීසී නිවුස්හි විකාස් පාන්ඩේ දිල්ලි සිට ගෙන ආ වාර්තාවක් ඇසුරෙනි) මේ ගැනත් කියවන්න:
පසුගිය දින කීපය තුළ ලිබියාවේ වෙරලතීරයට නුදුරින් සිදුවූ මුහුදු යාතා අනතුරු මාලාවකින් 700 කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
බදාදා සිදුවූ අනතුරින් පසු සියයක පමණ පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බවයි වාර්තාවන්නේ සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සි ආයතනයේ කාර්ලොටා සාමි(Carlotta Sami) පැවසුවේ පසුගිය සතියේ බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඉතාලියට දකුණින් මුහුදේ දී බෝට්ටු ගිලී ගොස් ඇති බවයි. ඔවුන් මුහුදේ ගමන් කිරීමට නුසුදුසු මට්ටමේ යාත්‍රා වලින් යුරෝපයට ලඟා වීමට උත්සාහ කරද්දී මෙසේ අනතුරට පත්වී තිබේ. ඉතාලි නාවික හමුදාවේ කැමරාවකට හසුවූ පෙරැළුණු එක් යාත්‍රාවක් සිටි සංක්‍රමණිකයන් ගෙන් 135 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ අතර මළ සිරුරු 45 ක් හමුවී තිබේ. එම යාතාවේ නියමු ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ පැවසුවේ සන්සුන්වී සිටින ලෙස යාත්‍රාවේ මගීන් ගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් කලබල වීම හේතුවෙන් යාත්‍රාව පෙරලුනු බවයි. එහෙත් තවත් සියයක පමණ පුද්ගලයන් පිරිසක් සොයාගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සංක්‍රමණිකයන් පිලිබඳ කටයුතු කිරීමේ විශේෂ මුහුදු ආරක්ෂක කණ්ඩායම පවසන්නේ මියගිය සංඛ්‍යාව 900 දක්වා ඉහල යා හැකි බවයි. Italian Navy captain Francesco Iavazzo says he shouted to the migrants to sit down and stay still
රුසියාවේ යළි මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා විරුද්ධ පක්ෂයේ ආධාරකරුවෝ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වමින් සිටිති.
රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයෝ පවසති ව්ලදිමීර් පූතින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පසුගිය මැයි මාසයේ යළි පත්වීමෙන් පසු එරට විරුද්ධ පක්ෂය පවත්වන පළමු විරෝධතා රැලිය මෙයයි. මොස්කව් අගනුවර පැවැත්වෙන රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයන් කියා සිටියත් රුසියානු පොලිසියේ තක්සේරු වලින් පැවසුනේ ඊට වඩා අඩු පිරිසක් විරෝධතාවයට සහභාගී වී සිටින බවයි. සමාජ හා ආර්ථික කටයුතු වලට තර්ජනයක් වියහැකි ක්‍රියාකාරකම් මගින් රුසියාව දුර්වල කිරීමට හෝ බෙදා වෙන්කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි, ජනාධිපති ව්ලදිමීර් පූතින් රූපවාහිනියෙන් ජනතාව අමතමින් කියා සිටියේ. අන්තර් ජාල ප්‍රහාරයක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ආරම්භ වත්ම ස්වාධීන පුවත් පළ කරන සමහර රුසියානු වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී තිබේ. තමන් අන්තර් ජාලය හරහා එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි එක් රූපවාහිනී සේවයක් කියා සිටියේ. ආණ්ඩු විරෝධී රැළිය සුදානම් කෙරෙමින් තිබියදී, රුසියානු පොලිසිය ඊයේ (ජුනි 11 වැනි දින) විපක්ෂයේ ක්‍රියාධරයන් ගේ නිවාස වලට කඩා පැන ඒවා සෝදිසි කරන්නට පටන් ගත්තේය. රුසියාවේ රහස් පරීක්ෂකයන් කියා සිටින්නේ, ජනාධිපති පූතින්ගේ පාලනයට එරෙහිව පසුගිය මාසයේ දියත් කෙරුන වීදි උද්ඝෝෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් ඇති විභාගයක කොටසක් හැටියට එම කඩා පැනීම සිදු කළ බවයි. කෙසේ වුවද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි දැමීමේ උත්සාහයක නිරත වෙන බවට විපක්ෂය බලධාරීන්ට චෝදනා කළේය. රුසියාව තුළ දූෂණ වලට එරෙහිව හඬක් නගන, අලෙක්ෂි නවාල්නි ගේ නිවසත් පොලිසිය කඩා වැදුන නිවාස අතරට ඇතුළත් වේ.
මුහුදේ රඳවාගෙන සිටින දේශපාලන රැකවරණ පතා ආ 153 දෙනා ආපසු ශ්‍රී ලංකාවට යැවීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඕස්ට්‍රේලියානු මහාධිකරණයේ විභාග කෙරේ.
ඔස්ට්‍රේලියානු නාවික හමුදාව කළින් අවස්ථාවකදී බෝට්ටුවක් මුහුදේදී වටලන ආකාරය ඔවුන් ආපසු හරවා නොයවන ලෙසට තාවකාලික අතුරු නියෝගයක් ඊයේ, සඳුදා පනවන ලදී. දේශපාලන රැකවරණ පතා පැමිණි මේ පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ කිරීම කළින් ප්‍රතික්ෂේප කළද, රජය ඔවුන් රෙගු යාත්‍රාවල රඳවා සිටින බව අධිකරණ හමුවේ පිළිගෙන තිබේ. දින තුනක කාල සීමාවක් ලබා නොදී ඔවුන් ආපසු නොයවන බවටත් ඕස්ට්‍රේලියානු රජය පොරොන්දුවක් දී ඇත. සරණාගතයන් පිරිසක් වෙනුවෙන් නඩුව ගොනු කළ නීතිඥයන් පැවසුවේ ඔවුන් ආපසු හරවා යැවීම නීති විරෝධී බවයි. ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශ්‍රී ලංකාවට යැවීම සිදු නොකළ යුතු බවයි නීතිඥයන් පෙන්වා දෙන්නේ. සංක්‍රමණික නීතිය ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥයන් පැවසුවේ එම පිරිස රැගත් බෝට්ටුව ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට විශ්වාස කරන බවත් එය ඕස්ට්‍රේලියානු මුහුදු සීමාව පිටතදී නතර කළ බවයි. මේ නිසා ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය යටතේ ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉල්ලීම් බල රහිත බව ඕස්ට්‍රේලියානු නීතිපති ජස්ටින් ග්ලීසන් පැවසුවේය. දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රෙලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට බාර දී තිබේ.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. "මේ පිරිස ඉවත් කරලා, අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න දැන් සාකච්ඡා පැවැත්වෙනවා, ලබන සතියේ මුල එය සිදු වෙයි," අමාත්‍යවරයා පැවසුවේ. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රජයේ ඇමතිවරුන්ගෙන් බහුතරය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ. අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් සහ ඇමති තනතුරුවලින් ඉවත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග අනුව පමණක් බවය. අගමැතිවරයා පිළිබද අවිශ්වාසයක් තිබුණ ද කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිය හැකි බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පැවසීය. මෙම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නොවන අතර, අගමැතිවරයාට කැමති පරිදි ඇමතිවරුන් ඉවත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී දිසානායක තවදුරටත් සඳහන් කළේය. මේ තොරතුරුද දැනගන්න: විශ්වාසභංගය පරදියි විශ්වාසභංගය: ශ්‍රීලනිප බෙදීමක්? කෙසේ වෙතත්, විපක්ෂයේ අවශ්‍යතාවලට ආණ්ඩුව තුළ රැඳී සිටිමින් ආණ්ඩුවත් රටත් අස්ථාවර කිරීම මෙම පිරිසේ අරමුණ වුවත් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසි ලෙසකින් ඉඩ නොදෙන අතර, මින් පසු ජනතාවට ආණ්ඩුවෙන් ඇසෙන්නේ එක හඬක් පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරනවා" මේ අතරතුර ඊයේ (04) රාත්‍රියේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිස්අට දෙනකු අත්සන් කළ ලිපියක් අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා හා චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණි. "අපි මන්ත්‍රී කණ්ඩායමක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔවුන් ඉවත් කළේ නැත්නම්," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් එම ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර එම තනතුරු තමන්ට ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම උත්සාහය කරන බවය. විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබාගැනීම සදහා අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට තනතුරු ලබාදීමට පොරොන්දු වී ඇති බවට ඔහු චෝදනා කරයි. තවත් තොරතුරු: අගමැති ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි? අගමැතිට ළඟදීම යන්න වෙනවා - මහින්ද ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව තම මන්ත්‍රී කණ්ඩායම ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති කරන අතර, අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන බවය. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට ඉඩ දෙමින් පක්ෂයේ තනතුරු දරන්නන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම ආරම්භ වී ඇත. මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්න මේ වන විට සිය ඉල්ලා අස්වීම් ලිපි බාරදී තිබේ. මේ අතර අද උදෑසන ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළ සහ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ කණ්ඩායම් වෙන වෙනම හමු වී ඇති බව ද වාර්තා විය. විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන ලෙස නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පසුව එය මඟ හැර සිටි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. "පනස් හතරක් ලෙස තිබූ තම පිලෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්" කෙසේ වෙතත්, පනස් හතරක් ලෙස තිබූ තම පිළෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයේ සිය නම සටහන් කළ අමුතු ආකාරයේ පත්තර කාරයකු අද (03) සිය සහෘදයන්ගෙන් සමු ගත්තේය.
ඔහු චින්තන ජයසේන. 1960 දශකයේ අග භාගයේ පටන් පත්තර ලෝකයේ අමුතු වැඩ කළ චින්තන ජයසේන විකල්ප සහ තීරු පුවත්පත් කලාවේ දැවැන්තයකු වෙයි. වරෙක උපහාසයෙන් යුතු වාග් මාලාවකින් සිය ඉලක්කය කරා යොමු වූ චින්තන තවත් ලිපියකින් තමාට අවශ්‍ය පුද්ගලයන් කරා සමීප වූයේ නිර්දය සහ නිර්භීත රචනා ශෛලියකිනි. වෙළෙඳ ප්‍රචාරණ පාඨ නිර්මාණකරණයේ නිසග කුසලාතවයකින් යුක්තව සිටි චින්තන ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද ඇතැම් යෙදුම් වසර ගණනාවක් ගතවීත් තවමත් ජනතාව අතර රැඳී පවතින්නේ අමරණීය ආකාරයටයි. අලුත් කෝණයකින් චින්තන ජයසේන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ඉරුදින ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න සඳහන් කළේ චින්තන සාම්ප්‍රදායික මට්ටමින් මිදී අලුත් අදහස් මගින් කියවන්නා තැති ගැන්මකට ලක් කළ බවයි. බොහෝ පුවත්පත් තවත් තීරුවක් හැටියට 'කොලම්' පළ කළත් චින්තන සිය 'කොලම' නමැති පුවත්පත් තීරු ලිපිය මගින් නව මානයක් දිසාවට ගමන් ගත් බවයි සම්මානලාභී තීරුලිපි රචයකු වන විමලනාත් වීරරත්න පවසන්නේ. ඒ අතරම චින්තන ජයසේනයන් සිනමා නාට්‍ය සහ සංගීත ක්‍ෂේත්‍රයේ සිදු කළ අගැයුම් සහ විවේචන පාඨක ඇස් ඇරවීමක් වූ බවයි ඉරුදින කතුවරයාගේ විග්‍රහය වන්නේ.
නීති විරෝධී අයුරින් අලි පැටවුන් රඳවා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.
මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ තමන් හදා වඩා ගත්තේ නීති විරෝධී අලි පැටවකු නොව සිය විහාරස්ථානයේ දමා ගිය අලි පැටවකු බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. "පන්සල්වලට බල්ලන්, පූසන් ගිහින් දානවා කියා අපි අහලා තියෙනවා, හැබැයි අලියෙක් දාල ගියා කියලා මම ජිවිතේට අහලා නැහැ. මේක පුදුම රටක්. මෙහෙම පන්සල් මේ රටේ තියෙනවා කියලා දැන ගෙන හිටියේ නැහැ," මන්ත්‍රීවරයා පැවසීය. "බල්ලෝ, පූසෝ ඇවිල්ලා ඉන්න එක හරි. හැබැයි අලි පැටව් ඇවිල්ලා ඉන්නවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක්ද? මේක මහ පොළව නුහුලන බොරුවක්. හැබැයි කියන්නෙත් ධර්ම දේශනා කරන හාමුදුරුවෝ නමක්." බල්ලන් පූසන් මෙන් නොව අලින් ඇති කිරීමට බලපත්‍රයක් අවශ්‍ය යයි කුඩා ළමුන් පවා දන්නා බව පැවසූ විජිත හේරත් මන්ත්‍රීවරයා, බලපත්‍රයක් නොමැතිව අලියෙක් ළඟ තබා ගැනීම සිරගත කළ හැකි වරදක් බවයි සඳහන් කළේ. "උන් වහන්සේට කරන්න තිබ්බේ එහෙම කවුරු හරි ගෙනත් දැම්ම නම් පොලිසියට පැමිණිලි කරන්න. කෝටි ගණනක් වටිනවා අලියෙක්. අලින් වෙනුවෙන් මරා ගන්නවා. මේක මහ ජාවාරමක්. එහෙව් රටේ අනේ මන්දා කව්දෝ පින්වතෙක් අලි පැටියෙක් දාල ගිහිල්ලා." "මෙච්චර මේ රටේ පන්සල් තියෙනවා. හැබැයි අර කොළඹ පහේ පන්සලට ගෙනල්ල දාලා ගිහිල්ලා. පිළිගන්න පුළුවන් කතාවක්ද?" උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෙම ක්‍රියා කලාපයෙන් නීතිය මෙන්ම බුදු දහමද හෑල්ලුවට ලක් වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. බලපත්‍ර රහිතව අලි පැටවෙකු ළග තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාව වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීම සඳහා අඩුම ගණනේ රුපියල් 10 ක හෝ ආධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් උඩුවේ ධම්මාලෝක හිමියන් ඉරිදා පුවත්පත් කිහිපයකම දැන්වීම් පළ කර තිබුණි. තමන් කිසිදු වරදක් කර නොමැති බවයි, උඩුවේ ධම්මාලෝක හිමියන් එම දැන්වීම්වල අවධාරණය කර තිබෙන්නේ. එවැනි දැන්වීමක් පළකිරීම පිණිස ඉරිදා පුවත්පත් රුපියල් ලක්ෂ දෙකත්, හතරත් අතර මුදලක් අයකරයි. උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයත් නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේ සිටියදී වයස අවුරුදු දෙක හමාරක් වයසැති අලි පැටවෙකු 2015 වසරේ ජනවාරි 28 දින වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් පවත්වන අතර උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව වනජීවි ආඥා පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන තමාට සමාව දී නිදහස් කිරීමට ගත් තීන්දුව නව රජය පිළිබඳ දෙමළ ජනතාවට යම් සාධනීය විශ්වාසයක් තැබිය හැකි සුබ ලකුණක් බව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ එල්ටීටීඊ සැකකරුවකු වූ සිවරාජා ජෙනීවන් පවසයි.
නිදහස ලැබීමෙන් පසු සිය උපන් ගම වන යාපනයේ අච්චුවේලි වෙත පැමිණි සිවරාජා ජෙනීවන් තවදුරටත් කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙන මෙන් සමස්ත ලෝකයා තරයේ ඉල්ලා සිටින මොහොතක තමන්ට නිදහස ලබා දීමට ගත් තීන්දුව පිළිබඳ දෙමළ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි. එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි ජනපතිවරයා ඝාතනය කිරීමට ජෙනීවන් තුළ යම් සැලසුමක් හෝ උත්සාහයක් තිබුණේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී එම සිද්ධිය විස්තර කිරීමට යෑම හරහා ඊට සමාජයෙන් වැරදි අර්ථ කථනයක් ඉදිරිපත් විය හැකි බවයි. 'සාර්ථක අනාගතයක්' එසේ කිසිවකු වැරදි අර්ථකතනයක් ලබා දුනහොත් ජනාධිපතිවරයා විසින් ඉතා උසස් ලෙස සලකා තමන්ට ලබා දුන් සමාව අවඥාවට ලක් විය හැකි අතර එසේ සිදු වනු දැකීමට තමන් අකමැති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා සමාව දීමත් සමගම තමන් ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ. එකමුතුව වැඩ කළහොත් ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකි පරිසරයක් උදා වන බව දෙමළ ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඔහු පැවසීය. දෙමළ ජනතාව නියෝජනය කරන බහුතරයක් පක්ෂ නව ආණ්ඩුව බිහි කර ගැනීමට දායකත්වය ලබා දුන් බැවින් දෙමළ ජනතාවගේ ගැට‍ළු කෙරෙහි පෙරට වඩා ඉතා සාධාරණව විමසා බලන පරිසරයක් ගොඩ නැගී ඇතැයිද ඔහු පැවසීය. යාපනයට පැමිණි ජෙනීවන් පසුගිය නොවැම්බර් මස විසිහයවෙනිදා යාපනයේ කොකුවිල් පළාතේදී දුම්රියකට පැන සිය දිවි හානි කර ගත් රාජේස්වරන් සෙන්දූරන් නැමති පාසල් ශිෂ්‍යයාගේ නිවසටද ගොස් තිබුණි. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉහත කී ශිෂ්‍යයා සිය දිවි හානි කර ගත්තේ නම් ඔහු දෙමළ ජනතාව අතර අමරණීය පුද්ගලයෙකු විය යුතු බව පවසා ඇති සිවරාජා ජෙනීවන්, සමාජය සිරකරුවන් දෙස ඉතා මානුෂීය හැඟීමෙන් යුතුව බැලිය යුතු බව පවසා තිබේ.
කෝවිඩ්-19 පාලනය සඳහා මාර්ගෝපදේශ නිකුත් කළ ද ඒවා බලාත්මක කිරීමට ආණ්ඩුව නිසි නිලධාරියෙකු නම් නොකරන්නේ නම් එම මාර්ගෝපදේශ ලියවිල්ලකට පමණක් සීමා වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනාවෛරස් රෝගියා වූ චීන කත පසුගිය පෙබරවාරි මස සුවය ලබා රෝහලෙන් පිටව යන අවස්ථාවට එක් වූ සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඒ බව කියා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. "මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කළත් ඒ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහාත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ පියවර ගැනීම සඳහාත් යම් නිලධාරියෙකුට බලය දිය යුතු වෙනවා. එහෙම නිලධාරියෙක් නැතිව ලියවිල්ලක් නිකුත් කළ විට එය කඩදාසියකට පමණක් සීමා වෙනවා. මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළත් එකයි නැතත් එකයි, එය පරීක්ෂා කිරීමට හෝ ඊට එරෙහිව කටුතු කිරීමට වගකිවයුතු නිලධාරියෙක් නැහැ," "උදාහරණයක් විදිහට මෝටර් රථ ආඥා පනත ශක්තිමත් කර, මෝටර් රථ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් ගෙදර යවනවා වගේ වැඩක්. පනත කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ, නීතිය බලාත්මක නොකර." යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව පවසන පරිදී 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පත සඳහා බ්‍රහස්පතින්දා (ජුලි 16) නීතිපතිවරයාගේ ලිඛිත අවසරය හිමිව ඇත. "එම රෙගුලාසිවලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම්, එසේම ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර නීතිපතිවරයා විසින් ඒ සඳහා ලිඛිත අවසරය ඊයේ දින ලබා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ඒ බව දැනුම් දී ඇත." යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නිකුත් කල නිවේදනයක දැක්වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත් වුණේ ඇයි? "ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුනේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව." සිකුරාදා (ජුලි 17) පස්වරු 12:30 සිට තම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කළේය. කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් "මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොදෙන බවට සෞඛ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශයත් ඒ හමුවේ නීතිමය රැකවරණය රහිතව සිය රාජකාරී කිරීමට නොහැකි වීමත් පදනම් කරගෙන ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි. "කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවම සම්පත් සහ මානසික පීඩනයන්ට යටත්ව ජීවිත අවදානම දරා ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල කැප කිරීමක් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය දිගින් දිගටම කෝවිඩ්-19 පාලනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළේ නැහැ. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළ නීතිමය බලතල නිරවුල් කර දුන්නේ නැහැ. මේ නිසා අපිට දිගින් දිගටම මහජනතාව ඉදිරියේ නීතිමය නොවන තත්ත්වයන්ට නිරාවරණය වෙන්න සිද්ධ වුණා." "අද පෙරවරුවේ මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍ය සෞඛ්‍ය ඇමතිනිය උපුටා දක්වමින් වාර්තා කළා මැතිවරණයට අදාළ සියලු මාර්ගෝපදේශ ගැසට් කරන්න කටයුතු කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලය ලබා දීමක් සිදු කරන්නේ නැහැ කියලා. එහි විශේෂයෙන් උපුටා දක්වා තිබුණේ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දෙන්නේ නැහැ කියලා," "ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව." යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් කියා සිටියේය. මොකක්ද මේ "නීතිමය රැකවරණය"? නීතිපති දෙපාර්තමේන්තුව පවසන පරිදී 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පතට බ්‍රහස්පතින්දා (ජුලි 16) නීතිපතිවරයාගේ ලිඛිත අවසරය හිමිව ඇත කෝවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම තුළ රාජකාරි කිරීමේ දී සිය නිලධාරීන්ට නීතිමය රැකවරණයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. "දැනට බෝවන රෝග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන නීතිමය ලියවිල්ල 1897 අංක 03 දරන රෝග නිරෝධායනය සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනතයි. මේ පනත මූලික ලියවිල්ලක්. එක් රෝග ආපු කාලවල ඒවා පාලනය කළ යුත්තේ කෙසේද, රෝගීන් රෝහල් ගත කරන ආකාරය, රඳවා තැබිය යුතු ආකාරය පිළිබඳ ගැසට් පත්‍ර මගින් මේ පනතට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා නීති වශයෙන්." "උදාහරණයක් විදිහට මදුරුවන්ගෙන් බෝවෙන රෝග වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. ඒ වගේම කොකු පණු රෝගය, මහාමාරිය වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. දැන් කොවිඩ්-19 කියන අලුත් රෝගයට ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. දින කීයක් නිරෝධායනය කල හැකිද, කැමැත්තක් නැතුව රෝහල් ගත කල හැකිද, කැමැත්තක් නැතුව සාම්පල ගන්න පුලුවන්ද, කැමැත්තක් නැතුව යම් ස්ථානයක රඳවා තැබිය හැකිද, යන කාරණා ඊට ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිමය රැකවරණයක් තිබිය යුතුයි," යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. එසේ නොමැතිව ඉහත කී කරුණු ක්‍රියාත්මක කිරීමට යාමේ දී පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පමණක් නොව පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ද නීතිය ඉදිරියේ නිරාවරණය වන බව ඔහු පෙන්වා දෙයි. "ඒ නිසා ඒ නීතිමය රැකවරණය සැපයීමට බලධාරීන් කටයුතු කළ යුතුයි." කෝවිඩ්-19 පාලනයට නීතිමය බාධා තිබේද? ජුනි මස කොළඹ පැවති ඡන්ද පෙරහුරුවක් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා දැනට ගෙන යන ක්‍රියාමාර්ග මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් අදාළ පියවර ගැනීම සඳහා වන නීති කඩිනමින් සකස් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ට නිර්දේශ කර ඇති බව උපුල් රෝහණ සඳහන් කරයි. "එහෙම සකස් කිරීමක් සිදු වී නැහැ. පැහැදිලිවම අපි යම් පුද්ගලයෙකුගේ සංචරණය සීමා කරනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. අයුතු ලෙස යම් තැනක සිර කර තබනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. බලෙන් රෝහලක රඳවා ගෙන ඉන්නවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්." "ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් යම් දවසක මහජනතාව අතුරින් කවුරු හෝ කෙනෙක් නිලධාරීන්ට අභියෝග කළොත් ඒ නිලධාරීන්ට ඊට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැදිහත් වන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා," ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය. සෙනසුරාදා (ජුලි 18) ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීන්දු කිරීමට නියමිතය.
පෘථිවි ගර්භයේ සැකසුම තුළ සොයාගත නොහැකි වී යැයි සැළකුණු මූලද්‍රව්‍යය සොයාගැනීමට හැකි වූයේ යැයි විශ්වාස කරන බව ජපාන විද්‍යාඥයන් පිරිසක් පවසති.
දශක ගණනක් පුරා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ එම විද්‍යාඥයන්ගේ විශ්වාසයවන්නේ යකඩ සහ නිකල් යන මූලද්‍රව්‍යවලට පසුව, එම මූලද්‍රව්‍යය පෘථිවි ගර්භයේ සැකැස්මට සැළකිය යුතු දායකත්වයක් දී ඇති බවය. පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයේ පවතින ඉහළ උෂ්ණත්වය හා පීඩනය ප්‍රතිනිර්මාණය කළ ඔවුන් පවසන පරිදි අදාළ මූලද්‍රව්‍යය සිලිකන් විය හැකිය. පෘථිවිය සැකසී තිබෙන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීම සඳහා මෙම සොයාගැනීම ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ සම්බන්ධයෙන් බීබීසී වෙත අදහස් පළ කළ ප්‍රධාන පර්යේෂක, තොහොකු විශ්ව විද්‍යාලයේ එයිජි ඕතානි: "අප විශ්වාස කරන හැටියට සිලිකන් ප්‍රධානතම මූලද්‍රව්‍යයක්. පෘථිවි ගර්භයේ යකඩ හා නිකල් මිශ්‍ර ලෝහය තුළ 5% ක ප්‍රමාණයක් ද්‍රාවිතව පවතින්නේ සිලිකන් විය හැකියි," යැයි පැවසීය. පෘථිවි ගර්භයේ ඇතුලාන්තයේම පිහිටි කොටස කිලෝමීටර 1200 ක පමණ විශ්කම්භයකින් යුත් ඝන බෝලයක් බව විශ්වාස කෙරේ. එහි සංයුතිය සොයාගැනීම පිණිස කෙලින්ම පර්යේෂණ පැවැත්වීම ඉතා දුෂ්කර බැවින් එහි සංයුතිය පිළිබඳව දල අදහසක් ලබාගැනීම පිණිස විද්‍යාඥයෝ එම කලාපය හරහා භූ කම්පන තරංග ගමන් කරන ආකාරය පිළිබඳව පර්යේෂණ පැවැත්වූහ. එයින් අති බහුතරය, එනම් 85% ක්ම යකඩවලින් සමන්විතවන අතර, පෘථිවි ගර්භයෙන් 10% ක් පමණ නිකල්වලින් සැකසී තිබෙන බව එම පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් සොයාගෙන තිබේ. පෘථිවි ගර්භයේ ඉතිරි 5% සිලිකන් විය හැකි බව දැන් විශ්වාස කෙරෙන නමුත් එය සනාථ කිරීම සඳහා තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කරන විද්‍යාඥයෝ, එහි වෙනත් මූලද්‍රව්‍යයන්ද තිබිය හැකිය යන්න බැහැර කළ නොහැකි බවත් පෙන්වාදෙති.
බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී විපක්ෂ දේශපාලන පක්ෂයකින් තරග බිමට පිවිස සිටින කලාකරුවන්ට එල්ලවී ඇති බලපෑම් සහ තහංචි ඔවුන්ගේ ප්‍රකාශණ අයිතිය මර්දනය කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
'අප මෙය සලකන්නේ බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් ලෙසින්' කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජගත් බෙනරගම රඟපාමින් සිටි 'පබසරා' ටෙලිනාට්‍යයෙන් ඔහු ඉවත් කිරීම සඳහාම ඔහු රඟපෑ චරිතය මරා ඇලක දමා ඇතැයි වාර්තා වේ. 'පබසරා' විකාශනය වූයේ ආණ්ඩුවට අයත් අයිටීඑන් නාලිකාව ඔස්සේය. ඒ අතර කළුතර දිස්ත්‍රික්කයට තරග කරන රවීන්ද්‍ර යසස් රඟපාමින් සිටි, ස්වර්ණවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහනද කිසිදු හේතුවක් නොදන්වා හදිසියේම නතර කොට තිබේ. 'බියකරු ක්‍රියාවක්' 'විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ' කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන කිසිදු කලාකරැවකුට මෙවැනි තහංචි නොපැමිනෙන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගම කලාකරුවන්ට එල්ලවී ඇති තහංචි පිළිබඳව සිය බලවත් විරෝධතාවය පළකරයි. අදාළ තහංචි හුදු අහඹු සිදුවීම් නොවන බවයි, කලාකරුවන් දෙදෙනාම සංදේශයට කියා සිටියේ. "අප සංවිධානය මෙම සිදුවීම් සලකනු ලබන්නේ අන් මතවාදයන්ට ගරු නොකරන හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පවා නොපිළිගන්නා පාලනයන් සහිත රටක පමණක් සිදුවිය හැකි බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් ලෙසය," යනුවෙන්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අදාළ තහංචි ඉවත් කොට, ශ්‍රී ලංකාව යනු නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය පවතින රටක් බව සිය ක්‍රියාකාරීත්වය තුළින්ම ප්‍රදර්ශනය කරන ලෙස එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
වැට් බදු වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.
රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් බදු වංචා කළ බවටයි, හිටපු කොමසාරිස්වරයා චෝදනා ලැබ සිටියේ. වරද පිළිගත් චූදිතයාට දඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය, ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි 1197 ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම කළාය. වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි, ඥානසිරි සොයිසා නමැති විත්තිකරු ප්‍රකාශ කළේ. නීතිපතිවරයා චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා තිස් හතරක් ඉදිරිපත් කර තිබුණි. සිරගෙයි වසර තුනයි එක් චෝදනාවට වසර තුනක් වන බැගින් චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුනසිරි සොයිසා ජයතිලකට වසර එකසිය දෙකක බරපතළ සිර දඬුවමක් නියම කළ විනිසුරුවරිය එම සියලු දඬුවම් වසර තුනකින් ගෙවී යා යුතු බවත් ප්‍රකාශ කළාය. එම තීන්දුව අනුව ,විත්තිකරුට සිර දඬුවම් විඳීමට සිදු වන්නේ වසර තුනක පමණ කාලයක් පමණි. දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්ති පාර්ශවයේ නීතිවේදියා, සිය සේවා දායකයා වසර අටකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇති හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් පනවන මෙන් ඉල්ලා සිටියේය. එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේ,විත්තිකරු ව්‍යාජ සමාගම් විසි පහක් ලියා පදිංචි කොට ඒ හරහා වැට් බදු වංචාව සිදු කර ඇති බවයි. දඩ නොගෙව්වොත් නීති විරෝධී ලෙස ඔහු විසින් අත්සන් කරන ලද චෙක්පත් දෙසිය පනස් අටක් මාර්ගයෙන් ඉහත කී වංචාව ඔහු සිදු කර ඇති බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ. වැට් බදු වංචා සිදු කළ වසර දෙකක කාල සීමාව තුළ විත්තිකරු රුපියල් කෝටි පනහකට අධික දේපළ උපයා ගෙන ඇතැයි සදහන් කළ රජයේ නීතිඥවරයා, එම දේපළ උපයා ගන්නා ලද ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී ඇති බවත් පෙන්වා දුන්නේය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරිය, දඩ මුදල මාසයක් තුළ නොගෙවන්නේ නම් විත්තිකරු සතු සියලු දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළාය. වැට් බදු වංචාවට සම්බන්ධ තවත් කීප දෙනෙක් රට හැර ගොස් ඇති බවත් වාර්තා වෙයි.
ග්රෆීඒන් (Graphene) ඉතා විශ්මිත ගුණාංග වලින් සමන්විත ද්‍රව්‍යයක් සේ සැලකේ.
මෙම ද්‍රව්‍යය යොදා උපත් පාලන කොපු නිෂ්පාදනය කල හැකි දැයි පර්යේෂණ කිරීම සඳහා බිල් ගේට්ස් සහ බිලින්ඩා ගේට්ස් විසින් ඩොලර් ලක්ෂයක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටේර් හි පිහිටි ජාතික ග්රෆීඒන් පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ලබාදී තිබේ. ග්රෆීඒන් ඉතා ශක්තිමත් සහ සංවේදී ද්‍රව්‍යයක් සේ හඳුනාගෙන ඇත.මෙම ද්‍රව්‍යය සොයාගත් මැන්චෙස්ටේර් විශ්ව විද්‍යාලයේ ශ්‍රීමත් ආන්ද්රේ ගෙඉම් සහ ශ්‍රීමත් කොස්තයා නොවෙසොලොවේ වෙත 2010 වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය. මෙම ද්‍රව්‍යය සහ රබර් මිශ්‍ර කොට නිෂ්පාදනය කෙරෙන උපත් පලාන කොපු ලිංගික හැසිරීම වඩාත් ප්‍රිය ජනක කරන හෙයින් කෙරෙන ඒ තුලින් වඩාත් යහපත් ලිංගික සෞඛයයක් ඇති කර ගැනීමට පිටිවහලක් ලැබෙන බවයිඒ පිළිබඳව පර්යේෂණ පවත්වන ආචාර්ය අරවින්ද් විජයරාගවන් කියා සිටියේ. ‘ දැනට තිබෙන තත්වයන් යටතේ ග්රෆීඒන් මිල අධිකයි. ඒ නිසා පහසු මිලට කොන්ඩම් සහ නිෂ්පාදනය කරන්න අමාරුයි.එත් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා නම් මිල පහත වැටෙන්න පුළුවන්' යැයි ආචාර්ය අරවින්ද් විජයරාගවන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
විනිසුරුවරුන්ගේ සංගමය වර්ජනය කිරීම හේතුවෙන් හෙට දින පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.
තම සංගමයේ නිලවරණයේදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ ඒ අධිකරණවල විනිසුරුවරුන් බව, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය කියා සිටියේය. එහෙත් නීතිඥ රාමනාදන් කන්නන් යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්කිරීමට විරෝධය පළකිරීමක් ලෙස හෙට දින නිලවරණයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය දන්වා ඇතැයි ද නීතිවේදී අමල් රන්දෙනිය පැවසීය. රාමනාදන් කන්නන් නීතිවේදියා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් අනුව බව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. කෙසේ නමුත් තමන් දැනුවත්ව එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය පවසයි. "ඇත්තටම මා හෝ අපේ විධායක කමිටුව දැනගෙන හිටියේ නැහැ මෙවැනි ලිපියක් ගිය බවට. ඇත්තටම මේ ගැන අපි දැනගන්නෙත් අධිකරණ නිලධාරීන්ගේ සංගමය අපිව දැනුවත් කලාට පසුවයි," ඔහු පැවසීය. සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තම සංගමය අධ්‍යයනය කරමින් සිටින බවත් ලේකම්වරයා පැවසීය. "පසුව දැනගත්තා සංගමයේ මඩකලපුව ශාඛාවේ ඉල්ලීම මත සභාපතිවරයා මෙම නිර්දේශය කළ බව." සංගමයේ ලේකම්වරයා එල්ලකරන මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. රාමනාදන් කන්නන් විනිසුරුවරයාගේ පත්වීම අවලංගුකිරීම සඳහා නීතිඥ සංගමයට කිසිවක් කළ නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.
සිය යුද යාන්ත්‍රණය නවීකරණය කිරීමේ තවත් පියවරක් තැබූ චීනය සිය රටේදීම නිෂ්පාදනය කරන ලද නව මාදිලියේ යුද නෞකාවක් බදාදා ( ජුනි 28) දියත් කළ බව රාජ්‍ය මාධ්‍ය පැවසීය.
අලුත් යුද නැව "නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් මෙන්ම මිසයිල නාශක, නෞකා නාශක සහ සබ්මැරීන නාශක අවිවලින් සමන්විතයි" චීනය පසුගිය අප්‍රේල් මාසයේදී එරටදී තැනූ ප්‍රථම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද දියත් කළේය. දකුණු චීන මුහුද ආශ්‍රිතව මතුවී එන උණුසුම් තත්ත්වය මධ්‍යයේ එම ප්‍රදේශයේ චීනය හිමිකම්පාන කලාපය සම්බන්ධයෙන් බෙයිජිං පාලනය වඩා බලපෑම් සහගත ස්ථාවරයක් ගනිමින් සිටී. පරීක්ෂණ මාලාවකට ලක්කිරීමට නියමිත ටොන් 10,000ක් බරැති චීනයේ අලුත් යුද නැව "නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් මෙන්ම මිසයිල නාශක, නෞකා නාශක සහ සබ්මැරීන නාශක අවිවලින් සමන්විතයි" යැයි ෂින්හුවා පුවත් ඒජන්සිය පැවසීය. චීනය විසින් දකුණු චීන මුහුදු කලාපයේ ප්‍රදේශයක් අත්පත් කරගැනීම වළකන බවට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය සපථ කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශය සම්බන්ධයෙන් තමන්ට ඇති "නිසැක ස්වෛරීභාවය" චීනය විසින් යළිත්වරක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. චීනය විසින් දකුණු චීන මුහුදේ ඉදිකරන ලද කෘත්‍රිම දුපත ආසන්නයට ඇමෙරිකාව නොකඩවා යුද නැව් මෙන්ම ගුවන් යානා යැවූයේ ප්‍රදේශයේ ප්‍රධාන නාවික හා ගුවන් මාර්ගවලට ඇති ප්‍රවේශය සහතික කිරීම සඳහා වූ "යාත්‍රා කිරීමේ නිදහස" පිළිබඳ මෙහෙයුම් ලෙස එම පියවර හඳුන්වා දෙමිනි. කෙසේවෙතත්, දකුණු චීන මුහුද හමුදාකරණය කරන්නේයැයි දෙරට එකිනෙකාට චෝදනා එල්ලකරගනිති. සුවිශේෂ වැදගත්කමකින් යුතු දකුණු චීන මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් සියවස් ගණනක සිටම රටවල් කිහිපයක් පැටලී ඇතත්, මීට වසර කිහිපයක සිට එහි උණුසුම ඉහළ යාමට පටන්ගෙන ඇත. කලාපයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, පිලිපීනය, තායිවානය, මැලේසියාව සහ බෘනායි යන රටවල් තරග වැදී සිටිති එම කලාපයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, පිලිපීනය, තායිවානය, මැලේසියාව සහ බෘනායි යන රටවල් තරග වැදී සිටිති. දුපත් ගොඩනගමින් හා නාවික මුර සංචාර ඉහළ නංවමින් චීනය සිය හිමිකම තහවුරු කිරීමේ පියවරකට මේවනවිට එළැඹ සිටී. මේ අතරේදී, පසුගිය අප්‍රේල් මාසයේදී තමන් විසින් නිපදවන ලද ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කිරීමෙන් අනතුරුව චීනය තමන්ගේම වූ නව මාදිලියක යුද නෞකාවක් බදාදා දියත් කිරීම නව සන්ධිස්ථානයක් ලෙස සැළකේ. මාස දෙකකට පෙරදී චීනයට එක්වුණේ සිය දෙවෙනි ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවවන අතර ඊට පෙර පැවතියේ යුක්රේනයෙන් මිලදී ගන්නා ලද සෝවියට් සමයේ නිෂ්පාදිත නැවකි. ඉහළ නැංවූ යුද වියදම සිය ආර්ථිකය පුළුල්වන අතරේදී චීනය සිය හමුදා නවීකරණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. මේ වසර සඳහා සිය යුද අයවැය 7% න් ඉහළ නංවන බව චීනය පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය. කෙසේවෙතත්, චීනයේ හමුදා අයවැය තවමත් ඇමෙරිකාවට වඩා අඩු අගයක් ගනී. 2017 වසර සඳහාවූ අපේක්ෂිත ආර්ථික පිරිවැය තුළ ආරක්ෂක අංශය සඳහා චීනය 1.3% ක් වෙන් කරද්දී ඇමෙරිකාවේ වෙන්කිරීම 3%ක් පමණ වේ. ඇමෙරිකාවේ යුද අයවැය තවත් 10%න් ඉහළ නැංවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇත.
මේ මාසය ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවේ අගමැති පදවියට පත් ටෝනි ඇබට් සිය පළමු විදේශ නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවට ලඟා වී සිටියි.
සරණාගතයන් සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන පිළිවෙත මුල් කර ගෙන දෙරට අතර දැඩි මතභේද පවතින මෙහොතකයි, සංචාරය ආරම්භ කෙරුණේ. ඉන්දුනීසියාවත් සමඟ පුළුල් ආර්ථික සම්බන්ධතා ගොඩ නගා ගැනීම ඕස්ට්‍රේලියානු නව අගමැතිවරයාගේ උවමනාවයි. බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට එමින් සිටින සරණාගතයන් ආපසු ඉන්දුනීසියානු මුහුදු තීරයට හරවා යවනු ලැබීමේ ටෝනි ඇබට් පිළිවෙත ජකර්තා පාලනයේ කෝපයට හේතු වී ඇති අතර, එය තම පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වන බවයි ඔවුන් කියා සිටින්නේ. මිනිසුන් පැටවීමේ ජාවාරම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමඟ සාකච්ඡා වලින් පසු ප්‍රකාශයක් කළ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම් බැන්ග් යුධයනෝ, බෝට්ටු මගින් එන සරණාගතයන් සහ මිනිසුන් රටින් රටට පටවන ජාවාරම ගැන තමන් අවධානය යොමුකළ බවයි කියා සිටියේ. අගමැති ටෝනි ඇබට් අදහස් දක්වමින්,ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාවේ පරමාධිපත්‍යයට සහ ඒකාග්‍රතවයට ගරු කරන බවයි සඳහන් කළේ. ඔරොත්තු නො දෙන තරම් සංඛ්‍යාවක් සරණාගතයන් රැගෙන ඕස්ට්‍රේලියාව කරා යාත්‍රා කරමින් තිබුණ බෝට්ටු කීපයක් ම පසුගිය මාස කීපය ඇතුළත මුහුදුබත් වීමෙන් ජීවිත රැසක් විනාශ වූ බව වාර්තා විය. පසුගිය සතියේත් සරණාගතයන් පිරුණ බෝට්ටුවක් ඉන්දුනීසියානු මුහුදු තීරයේ දී මුහුදුබත් වීමෙන් තිස්එක් දෙනකු දියේ ගිලී මරණයට පත් වූ අතර, තමන් බේරා ගැනීමට නො පැමිණි බවට දිවි බේරුණ සරණාගතයන් ඕස්ට්‍රේලියාවට චෝදනා කරන නමුත්, ඔස්ට්‍රේලියාව කියා සිටින්නේ ඔවුන්ට ආධාර වීමෙහි ලා සුදුසු සියලු පියවර ගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි හට ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසට මාස දහ අටක තහනමක් පනවා තිබේ.
මෙම තහනම පනවා ඇත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ කණ්ඩායම් විසින් තමන් හමු වීමට උත්සාහ කළ බව බලධාරීන්ට දැනුම් නොදීමේ වරදටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චිට මේ තහනම පනවන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පත් කරන ලද විනිශ්චය සභාවක් මගින්. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම විනිශ්චය සභාව පත් කරන ලදී. එම චෝදනාව යටතේම විනිශ්චය සභාව මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු ලූ වින්සන්ටද වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා ඇත.
යුක්රේන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසින් පත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.
අඟහරුවාදා වන විට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් වැඩ බලන ජනාධිපති මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි මහජන උද්ඝෝෂණ හමුවේ ජනාධිපති වික්තර් යනුකෝවිච් පදවියෙන් පහ කිරීමට තීරණය කිරීමෙන් දිනකට පසුවයි, පාර්ලිමේන්තුව එම තීරණයට එළැඹුණේ. ලබන අඟහරුවාදා වන විට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්චිනොෆ් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. තිමොශේන්කෝගේ ආධාරකරුවෙක් "ගරු මහජන නියෝජිතවරුනි, මන්ත්‍රීවරුන්ගේ බහුතර කණ්ඩායමක් අලුතෙන් පිහිටුවා ගෙන මහජන විශ්වාසය දිනු ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් සියලුම පාර්ශවවල නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට මම උපදෙස් දෙනවා. එය අපේ ප්‍රමුඛත්වය ලැබෙන කාර්යභාරයයි," යනුවෙන්ද ඔහු පැවසීය. නව වැඩ බලන ජනාධිපතිවරයා, සෙනසුරාදා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු යුක්රේනයේ හිටපු අගමැතිනි යූලියා තිමොශේන්කෝ ගේ සමීප ආධාරකරුවෙක්. අසූවකට වැඩි පිරිසක් මරා දමමින් කියෙෆ් අගනුවර මෑතදී හටගත් ගැටුම්වලට බලයෙන් පහ කෙරුණු ජනාධිපති වික්තර් යනුකෝවිච් සහ ඔහුගේ සමීප ආධාරකරුවන් වගකිවයුතු බවට ඔහුගේම පක්ෂය මේ අතර චෝදනා කොට තිබේ. ජනාධිපතිවරයා අගනුවරින් පලා ගොස් සිටින අතර, අගනුවර ඝාතන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ බලධාරීන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරිණ.
සිරියාවේ නැගෙනහිර ගුටා හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් නගරය වන ඩුමා වෙත එල්ල කෙරුණු රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 70 පමණ මියගොස් ඇති බව ගලවාගැනීමේ හා වෛද්‍ය කණ්ඩායම් පවසති.
සිරියානු ආණ්ඩුවට හිතැති හමුදා ඩුමා නගරයෙන් කැරලිකරුවන් පලවා හැරීමේ යෙදී සිටිති ගොඩනැගිලි භූගත මහල්වල වූ මළසිරුරු කීපයක ඡායාරූප වයිට් හෙල්මට්ස් ( White Helmets) නම්වූ ස්වේච්ඡා ගලවාගැනීමේ කණ්ඩායම විසින් සිය ට්විටර් ගිණුමේ පළකර තිබිණි. ඔවුන් පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය. මේ වාර්තා ගැන ස්වාධින තහවුරුවක් සිදුවී නැත. රසායනික ප්‍රහාරයක් පිළිබඳ චෝදනා "ගොතන ලද්දක්" බව සිරියානු ආණ්ඩුව පැවසීය. වාර්තාවල දැක්වෙන පරිදි ආවරණ සලසාගෙන සිටි පවුල් ද ඇතුළුව "විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි" බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සිරියානු ආණ්ඩුවට "ඍජු සහයක්" දෙන රුසියාව, සිදුවී ඇතැයි කියන ප්‍රහාරයේ "වගකීම දරන" බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව කීය. තවත් තොරතුරු: ප්‍රහාරය ගැන තොරතුරු වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් වෙතින් රසායනික ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුව ද, සංඛ්‍යාදත්ත හා තොරතුරු වෙනස් ස්වභාවයක් දරන අතර තවමත් තොරතුරු ලැබෙමින් පවතී. වයිට් හෙල්මට්ස් කණ්ඩායමේ ප්‍රධානී රයිඩ් අල් - සලේහ් පැවසුවේ "හුස්ම හිරවීමෙන් හැත්තෑ දෙනෙක් මියගොස් තිබෙනවා ඒ වගේම තවත් සිය ගණනකට තවම හුස්මගැනීමේ අපහසුව තිබෙනවා" යැයි පැවසීය. මීට මේර පළවූ එහෙත් දැන් ඉවත් කර ඇති ට්විටර් පණිවිඩයකට අනුව මියගිය ගණන 150 ට වැඩි බව දැක්විණි. විරුද්ධ පක්ෂයට හිතැති ගුටා හි මාධ්‍ය මධ්‍යස්ථානය සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හැත්තෑපහකට වැඩි පිරිසක් "හුස්ම හිරවීමෙන් මියගිය" අතර එල්ලවී යැයි කියන ප්‍රහාරයේ බලපෑමෙන් තවත් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බවය. එය චෝදනා එල්ලකරමින් පැවසුවේ මාරාන්තික විෂ රසායනිකයක් වන සරින් අඩංගුවී යැයි පැවසෙන බැරල් බෝම්බයක් හෙලිකොප්ටරයකින් හෙලා ඇති බවකි. සිරියානු රෝහල් සමග ක්‍රියාත්මක වන ඇමෙරිකාව මූලික කරගත් පුණ්‍යායතනයක් වන වෛද්‍ය සහන සංවිධාන සංගමය (The Union of Medical Relief Organizations) බීබීසී සමග පැවසූ පරිදි මරණ 70ක් බව දමස්කස් ග්‍රාමීය ක්ෂේත්‍ර රෝහල තහවුරු කර තිබේ. භූමියෙන් ලැබෙන වාර්තාවලට අනුව 180ක් තරම් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වුවත් විපතට පත්වූවන් වෙත ළඟාවීම අසීරුවී ඇතැයි ප්‍රකාශිකාවක පැවසුවාය. රාත්‍රිය පුරා එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා ඉරිදා දිනයේ විපතට පත්වූවන් වෙත ළඟාවීම දුෂ්කර වී ඇත. ප්‍රහාරය පිළිබඳ චෝදනා නැගෙද්දී සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සනා පැවසුවේ ඩුමා නගරයේ පාලනය තවදුරටත් පවත්වාගෙන යන ජායිෂ් අල්-ඉස්ලාම් කැරලිකරුවන් විසින් මෙම වාර්තා සකසා ඇති බවය. "ජායිෂ් අල්-ඉස්ලාම් ත්‍රස්තවාදීන් බිඳවැටීමට ආසන්නව සිටිද්දී ඔවුන්ගේ මාධ්‍ය අංශය මේ රසායනික ප්‍රහාරයක් පිළිබඳ ගොතා හෙළිදරව් කරමින් සිරියානු අරාබි හමුදාවේ ඉදිරියට ඇදීම වැළකීමේ අසාර්ථක උත්සාහයක යෙදිලා" යැයි සනා පුවත් ඒජන්සිය පැවසීය. සිරියානු ආණ්ඩුව මීට පෙර රසායනික අවි භාවිත කළා ද? 2013 වසරේදී නැගෙනහිර ගුටා හි කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ වෙත සරින් විෂ රසායන සහිත රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිය ගණනක් මිය ගියහ. සරින් භාවිතය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූත පිරිසක් විසින් සනාථ කරනු ලැබුවද ඊට කව්රුන් වගකිව යුතුද යන්න ප්‍රකාශ නොවීය. බටහිර බලවතුන් පැවසුවේ එම ප්‍රහාරය සිරියානු ආණ්ඩුවේ හමුදා එල්ල කරන්නට ඇති බවය. 2017 අප්‍රේල් මාසයේදී ද විපක්ෂය ඇත පැවති නගරයක් වන ඛාන් ශෙයිඛුන් වෙත සරින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අසූවකට වැඩි පිරිසක් මියගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම රසායන අවි තහනම පිළිබඳ සංවිධානය එකාබද්ධව කළ විමර්ශනයකදී සිරියානු ආණ්ඩුව වෙත වගකීම පවරනු ලැබිණි. ඛාන් ශෙයිඛුන් වෙත එල්ලවූ ප්‍රහාරයෙන් 80 දෙනෙකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලැබුහ ඛාන් ශෙයිඛුන් ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවට එරෙහි කෘස් මිසයිල ප්‍රහාරයකට අණදුන් අතර එය, සිරියානු ජනාධිපතිවරයාගේ අණදීම යටතේ ඇති හමුදාවලට එරෙහිව එල්ලවූ පළමු ඍජු ඇමෙරිකානු හමුදා ප්‍රහාරය විය. 2018 මුල් කාලයේදී කරලිකරුවත් අත වූ නගර වෙත සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් විෂ සහිත ක්ලෝරීන් වායුව අඩංගු බෝම්බ හෙලන ලද බව ක්‍රියාකාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ඇමෙරිකාව පැවසුහ. ඩුමා හි සිදුවන්නේ කුමක්ද? සිරියාවේ නැගෙනහිර ගුටා කලාපය තුළ කැරලිකරුවන් අත ඇති අවසන් නගරය වන ඩුමා, රුසියාවේ සහය ලබන සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලනු ලබා තිබේ. මොස්කව් පාලනය හා කැරලිකරුවන් අතර සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුව සිකුරාදා දැඩි ගුවන් හා භුමි ප්‍රහාර දියත් කෙරිණි. සාකච්ඡා බිඳවැටීමට පෙර, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායමේ උත්සාහය වුයේ සිය සාමාජිකයින්ට ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ඩුමා හි රැදී සිටීමේ අවකාශ සලසා ගැනීමේ ගනුදෙනුවකට යාමය. ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරවලින් සිකුරාදා දිනයේදී සිවිල් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය අතර සෙනසුරාදා තවත් 30 දෙනෙකු මියගිය බව එක්සත් රාජධානිය මූලික කරගත් මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පැවසීය. ජයිෂ් අල්-ඉස්ලාම් සමග සාකච්ඡා ඇරඹීමට සුදානම් බව සිරියානු ආණ්ඩුව පවසද්දීත් ඉරිදා එල්ලවූ ෂෙල් ප්‍රහාරවලින් තවත් බොහෝ පිරිසක් මියයන්නට ඇතැයි සැළකේ. දමස්කස් අගනුවරට එල්ල වූ කැරලිකරුවන්ගේ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් හය දෙනෙකු මියගියේ යැයි කී රාජ්‍ය මාධ්‍ය 38 දෙනෙකුට තුවාල වී යැයි සඳහන් කළේය. එහෙත්, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායම එහි වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් දමස්කස් අවට සිවිල් වැසියන් තුවාල ලබා ඇති බව සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසති සිරියානු ජනාධිපති බශාර් අල්-අසාද් ට පක්ෂපාතී හමුදා පෙබරවාරි මාසයේදී ආරම්භ කරන ලද දරුණු ප්‍රහාර ඔස්සේ සමස්ත ගුටා කලාපයම පාහේ යළි අත්පත් කරගැනීමට සමත්වූහ. එහිදී 1600 ට වැඩි පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබුහ.
ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව වටා විද්‍යාඥයින් විමර්ශනයක යෙදී ඇති නමුත් එය කෙතරම්දුරට ව්‍යාප්ත වී තිබේද යන්න හෝ ඉන්දියාව තුළ මාරාන්තික දෙවෙනි රැල්ලට එය හේතුවී තිබේද යන්න මෙතෙක් නොදනී.
ජම්මු, කාශ්මීරය තුළ කොවිඩ් පරීක්ෂණය සඳහා පෙළගැසී සිටින ජනතාව මොකක්ද මේ ඉන්දීය ප්‍රභේදය? සැමවිට ම විකෘතියට පත්වන වෛරස, ඒවායෙහි විවිධ අනුවාද හෝ ප්‍රභේද නිර්මාණය කරයි. මෙයින් බොහෝ විකෘති එතරම් සැලකිය යුතු තරම් නොවන අතර ඇතැම් විකෘති ඒවා වෛරසය හානියෙන් අඩු කරයි. එහෙත් ඇතැම් ඒවා වඩා බෝවන සුලු මෙන්ම එන්නතකින් මර්දනය කිරීම ද අසීරු වේ. පසුගිය ඔක්තෝබරයේ දී ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගන්නා ලද මෙම ප්‍රභේදය නිල වශයෙන් හඳුන්වනුයේ B1617 ලෙසිනි. කොතරම්දුරට පැතිරිලා ද? මෙම වෛරස ප්‍රභේදය කෙතරම්දුරකට හෝ වේගයකින් පැතිරී තිබේද යන්න නිර්ණය කිරීමට තරම් ප්‍රමාණවත් නියැදි පරීක්ෂාවක් ඉන්දියාව පුරා ව්‍යාප්තව ක්‍රියාත්මක නොවේ. පසුගිය ජනවාරියේ සිට මාර්තු දක්වා කාලය තුළ බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ එක්රැස් කරන ලද නියැදි 361ක් අතරින් 220 ක මෙම ප්‍රභේදය නිරීක්ෂණය කෙරිණි. මේ අතර GISAID ගෝලීය දත්ත පදනමට අනුව, අවම තරමින් රටවල් 21ක් තුළ එය සොයාගනු ලැබ ඇත. එක්සත් රාජධානිය තුළට එය පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් හරහා බව පෙනෙන්නට තිබේ. පෙබරවාරි 22 දා සිට එසේ හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 103 කි. ඉන්දියාවෙන් පිටත්වන බොහෝ සංචාරකයින් එක්සත් රාජධානියට ඇතුලුවිම මේ වනවිට තහනම් කර තිබේ. මෙය "විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේද" කිහිපය අතරින් එකක් ලෙස එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය විසින් ලැයිස්තුගත කරනු ලැබුව ද "සැලකිල්ලට බඳුන්වන ප්‍රභේදයක්" ලෙස වර්ගීකරණයට තරම් බරපතල තත්ත්වයෙහි ලා මෙතෙක් නොසලකා ඇත. ජම්මු, කාශ්මීරය තුළ කොවිඩ් පරීක්ෂණය සඳහා පෙළගැසී සිටින ජනතාව එය වඩා බෝවන සුලු හෝ අනතුරුදායක ද? මෙම ප්‍රභේදය වඩා බෝවන සුලු හෝ එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන්නේදැයි යන්න විද්‍යාඥයෝ තවමත් නොදනිති. ලුයිසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වෛරසවේදී මහාචාර්ය ජෙරමි කාමිල් පවසන පරිදි මෙහි එක් විකෘතියක්, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලයෙන් හඳුනාගන්නා ලද ප්‍රභේදවලට සමාන වේ. කළින් ඇතිවූ ආසාදනයක අත්දැකීම හෝ එන්නතක් පදනම්ව කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හටගන්නා ප්‍රතිදේහ මගහැර යාම සඳහා මෙම ව්කෘතිය වෛරසයට උදව් දෙනවා විය හැකිය. එහෙත් පෙනෙන්නට ඇති පරිදි මේ වනවිට වඩාත් පිඩාකාරී තත්ත්වයක් පළවන්නේ එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති ප්‍රභේදයක් සම්බන්ධයෙනි. බ්‍රිතාන්‍යය තුළ මූලිකව පවතින එය රටවල් 50 ට අධික ප්‍රමාණයක පැතිර ගොස් තිබේ. "එක්සත් රාජධානියේ ප්‍රභේදයට වඩා ඉන්දීය ප්‍රභේදය බෝවනවාදයි යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. අප කලබල නොවිය යුතුයි" මහාචාර්ය කාමිල් පැවසීය. මේ ගැන එතරම් අවබෝධයක් නැත්තේ ඇයි? විද්‍යාඥයින් පවසන පරිදි ඉන්දීය ප්‍රභේදය පිළිබඳ ඇති දත්ත බොහොමයක් අසම්පූර්ණය. ඒ පිළිබඳ හුවමාරු වී ඇත්තේ නියැදි ස්වල්ප ප්‍රමාණයකි. ඉන්දියාවෙන් 298 ක් සහ ලොවපුරා 656 ක් වන පරිදි එම නියැදි හුවමාරු වෙද්දී එක්සත් රාජධානි ප්‍රභේදයේ අනුක්‍රම 384,000 ට වැඩි ප්‍රමාණයක් හුවමාරු වී තිබේ. ඉන්දියාවෙන් පළමු රෝගියා වාර්තාවීමෙන් පසු ලොව පුරා එම රෝගීන් වාර්තා වී තිබෙන්නේ 400 ට අඩු ප්‍රමාණයක් බව වෛද්‍ය කාමිල් පැවසීය. ඉන්දියාවේ දෙවෙනි රැල්ලට හේතු වුණා ද? පසුගිය වසරේ උපරිම තත්ත්වයේ තිබියදී වාර්තා වූ 93,000 ක දෛනික රෝගීන් ප්‍රාමාණය අභිබවා යමින් අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාව තුළ දිනකට රෝගීන් 200,000 ක් පමණ වාර්තා වේ. මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. "ඉන්දියාවේ ඉහළ ජනගහනය වගේම ජන ඝනත්වය, මෙම වෛරසයට විකෘති අත්හදාබැලිය හැකි සර්ව සම්පූර්ණ පරිසරයක්" යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සායනික ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රවී ගුප්තා පැවසීය. කෙසේවෙතත් විශාල ඒකරාශීවීම් මෙන්ම මුව ආවරණ නොපැළඳීම හෝ සමාජ දුරස්ථභාවය රඳවා නොගැනීම වැනි වළක්වාගැනීමේ පියවර අනුගමනය නොකිරීම ඉන්දියාවේ රෝගීන් රැල්ලට හේතු වී තිබිය හැක. Wellcome Sanger Institute හි ආචාර්ය ජෙෆ්රි බැරට් පවසන පරිදි අලුත් ප්‍රභේදය ආශ්‍රිත හේතු ඵල සම්බන්ධයක් තිබිය හැකි වුව ද තවමත් ඊට සාක්ෂි නොමැත. පසුගිය වසරේ අවසාන භාගයේ පමණ සිට ඉන්දීය ප්‍රභේදය පවතින බව පෙන්වා දෙන ඔහු, "ඉන්දියාවේ පවතින රැල්ලට මෙය හේතුවක් වී තිබෙනවා නම් මේ තත්ත්වයට ඒමට ඊට මාස ගණනාවක් ගතවෙලා තිබෙනවා. එයින් කියවෙන්නේ එය කෙන්ට් B117 ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණයෙන් අඩු බවයි." යැයි පැවසීය. එන්නත් විසඳුමක් වේ ද? බරපතල රෝග වැළක්වීමේදී, දැනට පවතින එන්නත් මගින් ප්‍රභේදය පාලනය කිරීමට සහයක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළකරති. මහාචාර්ය ගුප්තා සහ ඔහුගේ අනෙකුත් පර්යේෂකයින් විසින් 'නේචර්' සඟරාවේ පළකරන ලද පත්‍රිකාවකින් කියැවුණේ ඇතැම් ප්‍රභේද දැනට පවතින එන්නත් මගහරිනු ඇති බවකි. එහි ප්‍රතිඵලය වනුයේ, එන්නත් වඩා කාර්යක්ෂම කිරීම සඳහා ඒවා වෙනස්කිරීමට සිදුවීම ය. කෙසේවෙතත්, දැනට පවතින ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල හරහා රෝගය පැතිරීම මන්දගාමී කරනු ඇතැයි පෙනෙන්නට තිබේ. "රෝගය වැළඳීමෙන් තොර වීම සහ මිය යාමේ අවදානම සහිතව රෝහල්ගතවීම යන දෙක අතර වෙනස ගැන අවබෝධය එන්නත මගින් බොහෝ දෙනාට ලැබේවි." යැයි මහාචාර්ය කාමිල් කියා සිටියේය. "කරුණාකර ඔබට ලැබෙන පළමු එන්නත ලබාගන්න. දෙපැත්තට වැනෙමින් හා සර්ව සම්පූර්ණ එන්නතක් බලාපොරොත්තුවෙන් හිඳීමේ අත්වැරැද්ද කරන්න එපා." (ඉන්දියාව පිළිබඳ වාර්තාකරු සෝතික් බිස්වාස් සකස් කළ ලිපියක් ඇසුරිණි)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා නොදීමට තමා ගත් තීන්දුව අත්හිටවූ විනිසුරුවරයා විවේචනයට ලක් කළේය.
අදාළ විනිසුරුවරයා වෙත වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ , එම තීන්දුව නිසා 'යමක් සිදු වුනොත්' ඇමරිකානු ජනතාව ඒ සම්බන්ධයෙන් අධිකරණයට දොස් පැවරිය යුතු බවය. ඇමරිකාවට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධයෙන් "ඉතාමත් සුපරීක්ෂාකාරීවන" ලෙස තමන් දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි. අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් ජනාධිපති ට්‍රම්ප් ගේ විධායක නියෝගයට විරෝධය පළ කරන උද්ඝෝෂකයන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකමින් ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද විධායක නියෝගය සියැටල් ප්‍රාන්ත විනිසුරුවරයා විසින් පසුගිය සිකුරාදා අත්හිටුවනු ලැබීය. ජනාධිපති ට්‍රම්ප් ගේ විධායක නියෝගය අත්හිටවන ලද එම අධිකරණය නියෝගය තවදුරටත් බල පැවැත්වෙන අතර, අදාළ නඩුව සම්පූර්ණයෙන් විභාග කොට අවසන් වෙනතෙක් ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ඇමෙරිකානු වීසා බලපත්‍ර හිමියන්ට එරටට ඇතුළුවීමට අවසර ලැබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි.
කියුබාවේ හිටපු ජනාධිපති සහ එරට කොමියුනිස්ට් විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ දිවියෙන් සමුගෙන තිබේ.
පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය මිය යන විට කැස්ත්‍රෝ 90 වෙනි වියේ පසුවිය. ලොව දීර්ඝතම කාලයක් බලය හෙබවූ සහ ලොව බිහි වූ සුවිශේෂී නායකයකු වන කැස්ත්‍රෝ දිවියෙන් සමුගත් බව ඔහුගේ බාල සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වන කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය. කොම්යුනිස්ට් විප්ලවය හඳුන්වා දෙමින් කැස්ත්‍රෝ 1959 වසරේදී කියුබාවේ එවක පැවති ආණ්ඩුව පෙරලා දැමුවේය. පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය. කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සිය සහෝදරයාගේ අභාවය දැනුම් දෙමින් කැස්ත්‍රෝගේ ආධාරකරුවන් විසින් ඔහු හඳුන්වනු ලබන්නේ කියුබානු ජනතාව වෙත බලය ලබා දුන් නායකයා ලෙසය. ෆිදෙල් කැස්ත්‍රෝගේ ආදාහන උත්සවය සෙනසුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රාවුල් කැස්ත්‍රෝ වැඩිදුරටත් පැවසීය.
එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසන පරිදි අහස "අසාමාන්‍ය" ලෙස රතු ගැන්වී ඇති අතර හිරු ද රතු පැහැයෙන් දිස් වී තිබේ.
ලන්ඩනයේ මධ්‍යම ප්‍රදේශයට හිරු දිස් වූ අයුරු එංගලන්තයේ නිරිත දිග, මිඩ්ලන්ඩ් සහ වයඹ දිග ප්‍රදේශවලට ඉහත කී සංසිද්ධිය දර්ශනය වී ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයේ කාලගුණ වාර්තා නිවේදක සයිමන් කිං කියා සිටියේ, 'ඕෆීලියා' හරිකේන් කුණාටුව සමග ඇදී ආ උෂ්ණ වායු සහ සහරා කාන්තාරයේ දූවිලි අංශු හේතුවෙන් එම සංසිද්ධිය සිදුව ඇති බවය. පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනි මගින් හටගත් අළු මිශ්‍ර දුවිලි ද ඊට බලපා ඇතැයි ඔහු කියා සිටියේය. බ්‍රිස්ටල් නගර මධ්‍යයේ සිට ගත් ඡායාරූපයක් බ්‍රැන්ස්ෆඩ් ප්‍රදේශයට හිරු දිස් වූයේ තැඹිලි පැහැයෙනි බ්‍රොම්ස්ගෘව් ප්‍රදේශයට හිරු දිස් වූයේ මෙලෙසයි ලඩ්ලෝ ප්‍රදේශයේ සිට ගත් ඡායාරූපයක් නොටින්හැම්ෂයර් ප්‍රදේශයට හිරු දර්ශනය වූ අයුරු මේ අතර බ්‍රිතාන්‍යය දූපත්වලට බලපෑ 'ඕෆීලියා' හරිකේන් කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ. මේ වන විට අයර්ලන්ත ජනරජයේ නිවාස 120,000 සහ වේල්ස්හි නිවාස 4000 විදුලි බලය නොමැත. පෘතුගාලයේ මධ්‍යම සහ උතුරු කලාපයේ හටගත් ලැව්ගිනිවලට හසුව අවම වශයෙන් පුද්ගලයන් තිස් එක් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති. 'ඕෆීලියා' හරිකේන් කුණාටුව යුරෝපයේ බටහිර වෙරළ තීරය වෙත ළඟා වීමත් සමග ඇති වූ තද සුළං හේතුවෙන් ගින්න පැතිරීම වර්ධනය වී ඇත. ස්පාඤ්ඤයේ ලැව්ගින්නට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.
එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව ඩර්බි හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16 ක පරාජයක් අත්විය.
තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළාය. ඉන් අනතුරුව නියමිත පන්දු ඕවර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා යාමට ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 216 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිලානි මනෝදර පන්දු 75 කින් ලකුණු 61 ක් සහ ඉන්දීය පිලේ දීප්ති ශර්මා ලකුණු 78 ක් රැස් කිරීම කැපී පෙනිණ. මේ ප්‍රතිඵලයත් සමගම ජගත් කුසලානයේ මෙතෙක් පැවති තරග හතරෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළ දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව තරග වැදීමට නියමිතය. ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා ලෝක ශූරතාවලියේදී මෙතෙක් දැක්වූ ඉහලම දස්කමවන අතර, ලෝක කුසලානය තුළ මේ වන තුරු වැඩිම ලකුණු සංඛ්‍යාව (257) රැස් කරගෙන සිටින්නේ ද ඇයය. මේ අතර සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේදී ලකුණු 68 කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට එංගලන්තය සමත් වූ පාකිස්තානයට එරෙහිව ලෙස්ටර් හිදී පැවති තරගයේදී ලකුණු 159 කින් තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය. මේ අනුව ඉන්දියාව සහ ලෝක ශූර ඕස්ට්‍රේලියාව මෙතෙක් මුහුණ දුන් තරග හතරම ජයගෙන තරගාවලියේ ඉදිරියෙන්ම සිටී.
කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සවුදි අරාබියේ සල්මන් රජතුමා නියෝග කළ බව රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
සවුදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන්නේ ප්‍රථම වතාවටය. කාන්තාවන්ට රිය පැදවීම මෙතෙක් තහනම් වී තිබූ ලොව එකම රට සවුදි අරාබියය. කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන මෙන් මානව හිමිකම් සංවිධාන කලක් මුළුල්ලේ උද්ඝෝෂණය කළ අතර, පවතින නීතිය නොතකා රිය පැද වූ ඇතැම් සවුදි කාන්තාවන්ට සිර දඬුවම් පවා විඳීමට සිදුවිය. කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි දින 30 ඇතුළත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළ යුතු අතර, 2018 ජුනි මාසය වන විට රජතුමාගේ නියෝගය ප්‍රකාර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙනු ඇති බවත් සවුදි ප්‍රෙස් ඒජන්සි (Saudi Press Agency) පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කළේය.
ඒ අනුව අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ. ඒ කෙතරම් කාලයක් සඳහා ද යන්න සහ කවර කොන්දේසි යටතේ ද යන්න ඇතුළු කරුණු සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය. ඊට පෙරාතුව පාර්ලිමේන්තුව ඇමතූ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ද වන අගමැති රනිල් වික්‍රමසිංහ, අම්පාර, තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය. ''දේශපාලන බල තණ්හාවෙන් සිටින ඇතැම් කොටස්" රටේ ජනජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බව පැවසූ අගමැතිවරයා, "ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීම," බවට ද චෝදනා කළේය. "එක කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුළ මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදුවන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා," යනුවෙන් ද අගමැතිවරයා පැවසීය. තවත් කියවන්න: හදිසි අවස්ථාව යනු කුමක්ද? රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. එසේ මහජන ආරක්ෂක පනත ක්‍රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්‍රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්‍රහ කෙරේ. එලෙස හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක වනවිට සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය. එසේ විශේෂයෙන් සීමාකරනු ලබන අයිතීන් කවරේ දැයි ආණ්ඩුව මෙතෙක් නිවේදනය කර නැති අතර, රටේ පවතින තත්වය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. හදිසි නීතිය යටතේ සීමාවන අයිතීන් මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා පෙන්වාදෙන පරිදි, ඉතාමත් හදිසි අවස්ථාවක් පැන නැගුනු අවස්ථාවක පණවනු ලබන හදිසි නීතිය මගින් සිදුකරනු ලබන්නේ "ඒ තත්වය මැඩපැවැත්වීම සඳහා නීතිය සහ හමුදාව යොදාගැනීම පිණිස බලය ලබාගැනීමය." "ඒ කියන්නේ කොටින්ම හමුදාවට වෙඩි තියන්න බලය දෙනවා කියන එක," ඔහු පැවසීය. "අනික ඒ වෙලාවට නීතිය අර්ථ නිරූපනය කරන්නේ හමුදාව සහ පොලිසිය," ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසීය. එබැවින් ඔහු පවසන පරිදි හදිසි නීතිය යටතේ පොලිසිය සහ ආරක්ෂක අංශ මගින් සිදු කරනු ලබන වැරදි "සැඟවී යන" බව බොහෝ විට දක්නට ලැබෙන තත්වයකි. ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී යට කියා සිටියේ, රටක පැවැත්ම අතින් ප්‍රබල තර්ජනයක් මතු වී තිබෙන මොහොතක සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම ICCPR යටතේ සහතික කරනු ලැබ තිබෙන අයිතිවාසිකම් අහෝසි කිරීමට එමගින් විධායකයට බලය පැවරෙන බවය. ඒ අනුව වධ බන්ධන පැණවීම ඇතුළු කරුණු කිහිපයක් හැරුණු විට ICCPR ගිවිසුම යටතේ සහතික කරනු ලැබ තිබෙන සියලු හිමිකම් හදිසි නීතිය යටතේ සීමා කෙරෙන බව ඔහු පෙන්වා දෙයි. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසන පරිදි, ඒ අතර විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔබ දැන සිටිය යුතු කරුණු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ ජනකොටස් අතර ගැටුම් පැතිරයාම වැළැක්වීමේ අදහසින් බැවින් එය "හොඳ දෙයක්" බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවාගේ අදහස් වී තිබේ. කෙසේ වුවත් "රංචු ගැසී කෝලාහල ඇතිකිරීම" කලබල ඇතිකෙරෙන ආකාරයේ "කට කතා පැතිරවීම" සහ "අවි ආයුධ භාවිත කිරීම" වැනි කරුණු හැරුණු විට රටේ සාමාන්‍ය ජන ජීවිතයට එමගින් ප්‍රබල බලපෑමක් එල්ල නොවන බව ද ඔහු පෙන්වා දෙයි. "සාමාන්‍ය ජන ජීවිතයට කිසිම බාධාවක් නෑ. වෛරය පැතිරවීම හැරුනම, භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ." Theldeniya විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ පැනවෙන කොන්දේසි කවරේ දැයි යන්න ජනපතිවරයා විසින් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියා සඳහන් කළේය. වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ හෝ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය මගින් කිසිදු ආකාරයකින් අහෝසි නොකෙරෙන බවය. බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර ද කියා සිටියේ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ අවශ්‍ය වන්නේ නම් "තවත් පියවර ගැනීමට" පවා ආණ්ඩුව පසුබට නොවන බවය. තවත් කියවන්න:
කැළි කසල අඩංගු බහාලුම් නැවත ගෙන්වා ගන්නා ලෙස දන්වමින් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් ශ්‍රී ලංකා බලධාරීන් වෙතින් තමන්ට ලැබී නැති බව එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය පැවසීය.
අපද්‍රව්‍ය බහාලුම් පරීක්ෂා කිරීම තත්ත්වය සම්බන්ධයෙන් බදාදා (ජූලි 24) බීබීසී කළ විමසීමකට පිළිතුරු ලෙස ඒ බව පැවසූ පරිසර ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ, සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තම ආයතනය විමර්ශනයක යෙදී ඇති බවකි. භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර, ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව බීබීසී සිංහල සේවය ඊයේ (ජූලි 23) කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුව පැවසීය. අදාළ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබිණි. "ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ." යැයි රේගු අධිකාරී ලාල් වීරකෝන් බීබීසී සිංහල සේවය සමග පැවසීය. මෙසේ බ්‍රිතාන්‍ය සිට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතර සිරින්ජර්, මෙන්ම මෘතශරීරාගාරවලින් ඉවත් කෙරුණු මිනිස් සිරුරු කොටස් යැයි සැකකෙරෙන දේ ද ඇති බවට චෝදනා එල්ලවන බව ඇතැම් වාර්තාවල දැක්වේ. "ඔබේ කසල අංගනය නොවේ" බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාව අදාළ කසළ තොගය අඩංගු බහාලුම් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇතිවන්නට විය. ඒ සමග මතුවෙමින් ඇති කෝපය අතරේ, භික්ෂුන් වහන්සේ මෙන්ම පරිසරවේදීන්ගෙන් ද සැදුම්ලත් පිරිසක් අද (ජූලි 24) කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවක යෙදුණහ. ඔවුන් අත වූ එක් විරෝධතා පුවරුවක "ශ්‍රී ලංකාව ඔබේ කසළ අංගනය නොවේ" යන්න සඳහන් විණි. කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලය තුළට යාමට අවසර ලැබිණි. කෙසේවෙතත්, බහාලුම් යළි බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කෙරුණු ලිපියක් භාර දීම සඳහා විරෝධතාකරුවන් අතරින් කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීමට ඉඩ ලැබිණි. "මා මෙහි ආවේ මගේ රටේ සහ මගේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපේම කසළ බැහැර කිරීමේ දුෂ්කරතාවටත් අප මුහුණදී තිබෙනවා" යැයි, විරෝධතාවට එක්වීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග පැමිණ සිටි මංජුශ්‍රී සුමිත්‍රාරච්චි සඳහන් කළාය. "අපි තුන්වෙනි ලෝකයේ රටක්, ගැටලු රැසක් සමග අප අරගලයක යෙදිලා ඉන්න අතරේ වෙන කාගේවත් කුණුවලට අප වගකියන්නේ කොහොමද" යැයි ඇය ප්‍රශ්න කළාය. මේ පිරිස අතර සිටි දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකයකු වන අවිශ්ක සෙන්දනායක, "මේ අපද්‍රව්‍යවල රසායනික ඇති බව දැනගන්නට ලැබුණා. මේ අපද්‍රව්‍ය කාන්දු වෙන අයුරුත් වීඩියෝවලින් දැක්කා." යැයි සඳහන් කළේය. "මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව වගකීම දරන්නට ඕනෑ වගේම මේවා යළි හරවා යවන්නට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගන්න ඕනෑ" යැයි ද ඔහු කියා සිටියේය. කෙසේවෙතත්, එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය කියා සිටියේ එම අපද්‍රව්‍ය යළි ගෙන්වාගත හැක්කේ ඒවා නීතිවිරෝධීව හා සෘජුවම එංගලන්තයෙන් අපනයනය කළේ යැයි ඔප්පු කළ හැකිනම් පමණක් බවය. නීතිවිරෝධී අපනයනවලට වගකිවයුත්තන්ට සම්බාධකවලට ද මුහුණදීමට සිදුවන බව ඒජන්සිය පැවසීය. 'ප්‍රතිචක්‍රීකරණයට යැයි හැඟවීම' මේ සිදුවීම, බටහිර රටවල් විසින් ප්‍රතිචක්‍රීකරණයට යැයි හඟවමින් අපද්‍රව්‍ය බැහැර කරනු ලැබීමෙන් ආසියානු රටක් කෝප ගැන්වූ ආසන්නම අවස්ථාව වේ. තවදුරටත් විදේශීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගැනීමට 2018 දී චීනය විසින් ගන්නා ලද තීරණයෙන් ලෝක ප්ලාස්ටික් කර්මාන්තය උඩු යටිකුරු වූ අතර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අපනයනය කිරීම වේගවත් විණි. පසුගිය මැයි මාසයේදී පිලිපීනය විසින් අපද්‍රව්‍ය බහාලුම් 69 ක් කැනඩාව වෙත හරවා යැවිණි. එහිදී කියවුණේ ප්‍රතිචක්‍රීකරණය සඳහා වූ ප්ලාස්ටික් යනුවෙන් වැරදි ලෙස ලේබල් කෙරී තිබු බවකි. මේ මස මුලදී කාම්බෝජය කියා සිටියේ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 83ක් ඇමෙරිකාවට හා කැනඩාවට යවන බවකි. "කාම්බෝජය කුණු බක්කියක් නොවේ" යැයි එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි. බීබීසී සමග සිය ප්‍රතිචාර දැක්වූ එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය "නීතිවිරෝධීව කෙරෙන අපද්‍රව්‍ය අපනයනයට වැට බැඳීමට කැපවී සිටිනවා" යැයි පැවසීය. "නිවැරදි ලෙස ප්‍රකාශ නොකර අපද්‍රව්‍ය අපනයනයේ යෙදෙන්නෙකුට වසර දෙකක සිර දඬුවමක් හෝ සීමාරහිත දඩයකට මුහුණ දීමට සිදුවනවා" යැයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළාය.
"මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල."
"මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි," සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට කරන්නට නොදී ඊට එරෙහි අභියෝගයක් වෙමින් නැගී සිටි ඇය සිය දිරිය වඩවාගත් ආකාරය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින්, "ඒ අභියෝගයට මුහුණ දෙන්න මට උපකාරි වුණේ ස්වභාව ධර්මයා විසින් ලොව ලස්සන කරන්නට දායාද කර ඇති මල් විශේෂයක්, ඒ ඕකීඩ්." යැයි සඳහන් කළාය. "අද මම ඕකීඩි මල් නිසා විශාල සතුටක් විඳින අතර, තවත් තරුණ තරුණියන් ඇතුළු මල් වවන්න ප්‍රිය කරන විශාල පිරිසකට අත දෙන්නත් පුළුවන් වුණා" යැයි කෑගල්ල රඹුක්කන පදිංචි තක්ෂිලා ගුණතිලක බීබීසී සිංහල සේවයට පැවසුවාය. 1997 වසරේදී සමෘධි සංවර්ධන නිලධාරිනියක ලෙස රැකියාව අරඹා පසුව ව්‍යාපෘති සහකාර තනතුර දක්වා උසස් වීම් ලද ඇයට, 2005 වසරේදි සිය ගමන් මග වෙනස් කිරීමට සිදු වූයේ වසා පද්ධතියේ වැළඳුණ පිළිකාවක් හේතුවෙනි. රෝගී තත්වය නිසා ඇයට බොහෝ දේ අහිමි වන්නට විය. කෙසේවෙතත්, සිය දරු දෙදෙනා රැක බලා ගනිමින් තම ජීවිතය ඉදිරියට ගොඩනැගීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නට තරයේ සිතා ගත් තක්ෂිලා, මහරගම පිළිකා රෝහලේ සායන සඳහා සහභාගී වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය. ඉනුදු නොනැවතී 2007 වසර තුළ දෙවරක් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගිය ඇයගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්නට විය. ඉන්පසු, තක්ෂිලා ඇය සහ සිය පුතුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳ සැලසුම් කිරීම ආරම්භ කළාය. "මගේ පිළිකා රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතින බව මට වෛද්‍යවරුන් දැන්වුවා. ඒ ගැන සතුටක් ඇති වුණත්, ඊළඟ ප්‍රශ්නය වුණේ මගේ ඉදිරි ජීවිතය දරු දෙදෙනා සමග ගෙවන්නේ කොහොමද කියල. ඒ අවස්ථාව වන විට මගේ මහත්තයාත් මා ළඟ නැහැ. නමුත් මම මගේ ජීවිතය ගොඩනගා ගන්නව කියල තරයේ අධිෂ්ඨානයක් ඇති කර ගත්ත. රැකියාව තිබුණත් මගේ රෝගය සදහා අධික ලෙස වියදම් කිරීමට සිදුවූ නිසා මගේ දේපළ පවා මට අහිමි වුණා" යැයි තක්ෂිලා පැවසුවාය. "ඔය අතරතුර මම මුලින්ම අලියෙකුගේ මූර්තියක් නිර්මාණය කළා. එය මගේ ජීවිතයට එක්තරා පුද්ගලයෙකු සිදු කළ අභියෝගයක්. ඒ දේ මම සාර්ථකව නිම කළා. ඒ අතරම මම ඕකිඩ් මල් වගාවක් ද සුළුවෙන් ආරම්භ කළා. මට හිතුන මෙය දියුණු කරගන්න පුළුවන් වෙයි කියල." පිළිකා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සිය ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර දැමීම වැළැක්වීම ඇයගේ අපේක්ෂාව විය. ඒ සඳහා සිය ජීවිතය ආදර්ශමත් ලෙස ගොඩනගා ගැනීමට ඇය ක්‍රියා කළාය. "මගේ මල් වගාවත්, මූර්ති කලාවත් දිනෙන් දින වර්ධනය කර ගත්තා. මගේ රෝගි තත්වය ගැන හිත හිටියනම් අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ" යැයි ඇය පැවසුවාය. "2017 වන විට මම කාන්තාවන් 500 ට අධික පිරිසකට ඕකීඩ් වගාව ගැන පුහුණු පාඨමාලා තියල මල් වගාවට සම්බන්ධ කර ගත්ත. දැන් ඒ අයත් තමන්ගෙ ජීවිත ඉතා සාර්ථක කරගෙන තියෙනව." මල් වගාව දියුණු කිරීම සඳහා සිය රැකියාවෙන් සමුගැනීමට ද ඇය තීරණය කළාය. මේ වන විට දේශිය සහ විදේශිය ඕකීඩ් වර්ග විශාල ප්‍රමාණයක් ඇය සතුය. මේ අතර, සිය මූර්ති නිර්මාණ ප්‍රදර්ශණයක් පැවැත්වීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ඇය පැවසුවාය. සමුගෙන අප එන්නට හැරෙන විට "අසනීප වුණ අවස්ථාවෙ මමත් මේ පිළිකා රෝගය ගැන හිතල මගේ ජීවිතය අඩාල කර ගත්තනම් අද මට මේ තත්වයට එන්න බැහැ" යැයි කී තක්ෂිලාගේ දෑසෙහි ඈ සතු දිරිය පැහැදිලිව ම සටහන්ව තිබිණි. මේ තොරතුරුද කියවන්න:
ක්‍රිමියාව ඈඳා ගැනීම සහ යුක්‍රේන අර්බුදයේදී රුසියාව ක්‍රියා කළ අන්දම සාධාරණීකරණය කරමින් රුසියානු ජනාධිපතිවරයා බටහිර ජාතීන් දැඩි විවේචනයට ලක් කරයි.
ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතන ජනාධිපති පුතින් තම රටට එරෙහිව පවතින සම්බාධක හමුවේ රුසියානුවන් ස්වශක්තියෙන් නැගී සිටිය යුතු බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් කියා සිටියේ. ක්‍රිමියාව සහ යුක්‍රේනය දඩ මීමා කර ගනිමින් රුසියාව තනි කිරීමට ‘රුසියාවේ සතුරන්’ කටයුතු කරමින් සිටින බව ජනාධිපති පුතින් ප්‍රකාශ කළේය. පොදු සමාවක් ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතා ජනාධිපති පුතින් තවදුරටත් කියා සිටියේ විදේශයන් හි රඳවා තිබෙන මුදල් යළි තම රටට ගෙන එන රුසියානුවන්ට පොදු සමාවක් ලබා දෙන බවයි. අනූව දශකයේදී බොහෝ රුසියානු ව්‍යාපාරිකයන් තම ධන සම්භාරය සයිප්‍රස් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කළ නමුත් සයිප්‍රසයේ ආර්ථිකය කඩා වැටීම නිසා ඔවුන්ට විශාල පාඩු සිදු විය. බටහිර ජාතීන් පනවා ඇති සම්බාධක නිසා ලබන වසරේදී රුසියානු ආර්ථිකය දැඩි අවපාතයකට ලක් විය හැකි බවට රුසියානු රජය අනතුරු අඟවා තිබේ.
උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනකුට පැමිණිලි කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
උතුරේ මානව හිමිකම් කැදවීමට විරුද්ධ උද්ඝෝෂණයක් පොදු රද මඩුලු සමුළුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය වරුන් බ්‍රහස්පතින්දා කොළඹ දී තම පක්ෂයේ නියෝජිතයන් මුණ ගැසුණු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදයම් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසීයට ප්‍රකාශ කළේ. උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් ඒ විදේශ අමාත්‍යවරුනට පැමිණිලි කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසී තමිලොසයි ප්‍රධානී තිරුමලෙයි මනිවන්නන් හට කියා සිටියේ. 'පිරිමැසිය නොහැකි විනාශයක්' “ඉඩම් සම්බන්ධ බොහෝ කාරනා, හමුදා කරණය, කාන්තාවන්ට විශේෂයෙන්ම මුහුණ පාන්නට සිදුවී තිබෙන අනාරක්ෂිත තත්වය, අතුරුදහන් වූ පිරිස් පිලිබඳ කටයුතු හමාර කර නොතිබීම, නඩු පැවරීමකින් හෝ නිදහස් කිරීමකින් තොරව විශාල පිරිසක් රැඳවුම් භාරයේ තිබීම සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් කරා එළඹීමට රජය කිසිදු පලදායී උත්සාහයක් දරා නොතිබීම,” ගැන තමන් කතා කළ බව දෙජාස නායකයා පැවසීය. එමෙන්ම මේ තත්වය දිගටම පවතිතොත් උතුරු නැගෙනහිර පිරිමැසිය නොහැකි විනාශයක් දෙමළ ජනතාවට සිදුවන බවත් විදේශ අමාත්‍ය වරුන් ට දැනුම් දී සිටි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
ලබන 13 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කර ගැනිම සඳහා ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් තිබිය යුතු බවට ප්‍රාර්ථනා කරන ලෙස කතෝලික සභාව විශේෂයෙන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ සුදානම පිළිබඳව කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් එම අදහස් පළ කළේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර වශයෙන්ම සිදු වන බව කතෝලික සභාව අද නිවේදනය කළේය. සැක සංකා ජනාධිපතිවරණය හේතුවෙන් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සැක සංකා පළ කරමින් ඇතැම් මාධ්‍ය ආයතන පළ කල පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළේ. " සංචාරය කල් දමන්න හෝ අවලංගු කරන්න කිසීම විදිහක සැලසුමක් හෝ සිතුවිල්ලක් අපිට නැහැ, ඒ නිසා මේ ගමන අනිවාර්යයෙන්ම සිදුවෙනවා" ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති කරන බවට පොරොන්දුවී ඇති බවද සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළහ. සාමකාමී වාතාවරණයක් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කර ගැනිම සඳහා ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් තිබීම වැදගත් බවද සිරිල් ගාමිණී පියතුමා පැවසුහ. "දෙවියන් වහන්සේගේ උදව් අපිට ලැබෙයි මේ පරිසරය සාමකාමිව තියාගන්න, හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම කතෝලික ජනතාවගෙන් යාඥා කරන්න සාමකාමී වාතාවරණයක් ඇති වෙන්න කියලා" සමකාමී වාතාවරණයක් තුළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීමට හැකි වන වටපිටාවක් නිර්මාණය කරන ලෙසද සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියහ. මෙහිදී අදහස් දැක්වූ කතෝලික සභාවේ ජේ.ඩි ඇන්තනි පියතුමා ප්‍රකාශ කලේ පාප් වහන්සේගේ සංචාරයේ සියළු සංවිධාන කටයුතු ඉතා සාර්ථකව සිදු වන බවයි. ලබන 13 වන දා පෙරවරු 9 ට ශ්‍රී ලංකාවට පැමිණෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අග රදගුරු මැදුරේදී පාප් වහන්සේ රදගුරුතුමන්ලා ඇමතීමට නියමිතයි. පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයේ ප‍්‍රධාන දේව මෙහෙය ජනවාරි 14 වන දා උදෑසන 8.30ට ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන අතර එදින පස්වරුවේ පාප් වහන්සේ මඩු දේවස්ථානයට යාමට නියමිතයි.
පැනමා ලේඛනවලින් හෙළි වූ කරුණු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ.
'මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි' වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් පවසන්නේ. ධනවත් පුද්ගලයන්ට තම රටවල ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට හැකි වන අයුරින් පැනමා රාජ්‍යයේ පිහිටි මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගම ලොවපුරා සමාගම ආරම්භ කොට ඇති බව දැක්වෙන රහස්‍ය ලිපි ගොනු අතර සුපිරි නළු අමිතාබ් බච්චන් ගේ නමත් තිබෙන බවයි 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොට තිබුණේ. අමිතාබ් බච්චන් අධ්‍යක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබූ නාවුක සමාගම් හතරක්වත් 1993 වසරේදී බහමා සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල ලියාපදිංචි කොට ඇති බවත් 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් පත වාර්තා කළේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රකාශකයෙක්, අගමැතිවරයා, ඔහුගේ බිරිඳ හෝ දරුවන් ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම්වලින් දැනට හෝ අනාගතයේදී කිසිදු වාසියක් නොලබන බව සඳහන් කරයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අභාවප්‍රාප්ත පියා, ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි වී තිබේ. අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම්ද පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් වාර්තා කොට තිබිණි. අයිශ්වර්යා රායිගේ මාධ්‍ය උපදේශකවරයා විසින් පැනමා ලිපිගොනුවල සත්‍ය අසත්‍යතාව ප්‍රශ්න කරනු ලැබ ඇති අතර, අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් කියා සිටියේ තමා හා ඉහත සඳහන් සමාගම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. "මම ඔය කියන ආකාරයේ කිසිම සමාගමක අධ්‍යක්ෂක ධුරය දරා නැහැ. ඒ සඳහා මගේ නම අවභාවිතා කළා විය හැකියි," සුපිරි නළු අමිතාබ් බච්චන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි. හැකරුන් විසින් සිය සමාගමේ පරිගණකවලට අනවසරයෙන් ඇතුලු වී එම දත්ත සොරා ගෙන ඇති බව පවසමින් අපරාධ නඩුවක් පවරන ලද බව මොසැක් ෆොන්සේකා සමාගමේ සම නිර්මාතෘ රැමෝන් ෆොන්සේකා මේ අතර පවසයි.
ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරු අඟවන වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත.
රටේ මූල්‍ය හිඟය පියවා ගැනීමට සහ උද්ධමනය අඩු කර ගැනීම පිණිස දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කරමිනුයි එම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබ තිබෙන්නේ. ආහාර සඳහා කරන වියදම් මෙන්ම ඉන්ධන සහ පොහොර සහනාධාර කපා හැරිය යුතු බවටත් ඉන්දීය මුදල් අමාත්‍යාංශය යෝජනා කරයි. අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුක්ත ඉන්දීය නව ආණ්ඩුවේ පළමු අය වැය හෙට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි. මෙම මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය ආර්ථිකය 5.4% සිට 5.9 % ක් දක්වා වර්ධනය විය හැකි බවට ඉන්දීය වාර්ෂික ආර්ථික සමීක්ෂණය අනාවැකි පළ කරනු ලැබ ඇතත්, ඉන්දීය ආණ්ඩුවේ මූල්‍ය තත්වය බාහිර වශයෙන් දක්නට ලැබෙන තත්වයට වඩා නරක තත්වයක පවතින බවට ද අනතුරු ඇඟවීම සිදු කෙරෙයි. වෙනත් විසඳුම් එහෙත් මූල්‍ය හිඟය පියවා ගැනීමට ආණ්ඩුවට වෙනත් ක්‍රියාමාර්ග පවතින බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකාරිය ශිල්පා කන්නන් ප්‍රකාශ කළාය. කලින් කී ක්‍රියා මාර්ගවලට අතිරේකව දැනටමත් අය විය යුතුව තියෙන බදු අය කර ගැනීමට කටයුතු කළ හැකි බවයි බීබීසී වාර්තා කාරිය පවසන්නේ. “බදු නොගෙවීම ඉන්දියාවේ ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉන්දියාවේ ආදායම් බදු වෙන්නේ සියයට තුනක පමණ ප්‍රතිශතයක් බවත් බීබීසී වාර්තා කාරිය පවසයි. රාජ්‍යයට අයත් තෙල් සහ ලෝහ සමාගම්වල කොටස් විකිණීම තවත් කෙටි කාලීන විසඳුමක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ. අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නායකත්වය දෙනු ලබන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මෙවර බලයට පත් වුණේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවට ප්‍රතිඥා දෙමිනි.
"අපේම රටේ හරියට අපිට සලකන්නේ දෙවෙනි පන්තියේ පුරවැසියන්ට වගේ," ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වමින් තුර්කි වැසියෙක් පවසා තිබිණ.
රට පුරා ලොක්ඩවුන් නීති පනවා තිබුණ ද තුර්කිය සංචාරකයන්ට රට තුළට ඒමට අවසර දුන්නේය කෝවිඩ් රෝගයෙන් මිදුනු සුරක්ෂිත දේශයක් බව පවසමින් සංචාරක අමාත්‍යාංශය විසින් වීඩියෝ පටයක් නිකුත්කිරීමෙන් අනතුරුව දහස් ගණන් තුර්කි වැසියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එසේ කෝපය පළ කළහ. තුර්කියේ සංචාරය කරන මෙන් එම වීඩියෝ පටය මගින් විදේශිකයන්ට ආරාධනා කර තිබිණ. සංචාරක කර්මාන්තයේ නිරත තුර්කි ජාතිකයන් "මම එන්නත ගත්තා, ඔබ විනෝද වෙන්න," යනුවෙන් සඳහන් මුව ආවරණ පැළඳ සේවයේ නිරතව සිටින ආකාරය වීඩියෝවේ දැක්විණ. ජනතා කෝපය හමුවේ ඉක්මනින්ම එම වීඩියෝ පටය ඉවත්කරගනු ලැබ තිබේ. ජනතා කෝපය හමුවේ තුර්කි බලධාරීහු ඉක්මණින් ම එම වීඩියෝ පටය ඉවත්කරගත්හ තුර්කි ජනගහනයෙන් තවමත් එන්නත ලැබී තිබෙන්නේ 14% කට ආසන්න පිරිසකට පමණි. එහෙත් ගිම්හාන සංචාරක සමය එළැඹීමට ප්‍රථම සංචාරක කර්මාන්තයේ නිරත සියලු දෙනාට එන්නත් ලබාදීමේ වැඩසටහනක් තුර්කි ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ තිබේ. සංචාරක කර්මාන්තය, තුර්කියේ ආර්ථිකයට තීරණාත්මක අංශයකි. තුර්කියට ඇතුළුවීම පිණිස බොහෝ රටවල සංචාරකයන්ට පීසීආර් පරීක්ෂණ (PCR test) පවා අවශ්‍ය නොවේ. එමතු නොව, රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර තිබියදී පවා සංචාරකයන්ට රට පුරා ඇවිදීමට අවසර තිබිණ. "ලැජ්ජයි," එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණු ගවයෙකුගේ පින්තූරයක් සහිතව කාන්තාවක් පළ කළ පෝස්ටුවක දැක්විණ. එම ගවයාගේ ඡායාරූපය ඉක්මණින්ම අන්තර්ජාල 'මීම්' එකක් බවට පත්විය. එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණ ගවයෙකුගේ පින්තූරයක් යළිත් වරක් කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මැයි මාසය තුළත් තුර්කිය සති දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමිණ. සියලු දෙනා සඳහාම එන්නත ඉක්මණින් ලබාදෙනු දැකීම ජනතාවගේ අභිප්‍රාය වී තිබේ. "ඩොලර් එකක් කියන්නේ ලීරා 8.50යි," ට්විටර් පණිවුඩයක සඳහන් විය. "එක සංචාරකයෙක් කියන්නේ එන්නත ගනිපු සංචාරක සේවකයෝ දහස් ගණනක් කියන එක." තීරු ලිපි රචක Izzet Capa පවසා තිබුණේ, "තුර්කි ජාතිකයෙක් විදියට මට කවදාවත් මේතරම් පහත් හැඟීමක් දැනිල නෑ," යනුවෙනි. විදේශිකයන් පමණක් නොව තුර්කි ජනතාව ද සංචාරකයන් අතර සිටින බව පවසමින් විදේශ ලේකම් Mevlut Cavusoglu ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අනුමත කළේය. කොරෝනාවෛරස වසංගතය රට වෙලාගැනීමට ප්‍රථම, 2019 දී, විදේශික සංචාරකයන් විසින් ඩොලර් බිලියන 30ක් තුර්කියේ ආර්ථිකයට බැරකොට තිබිණ. මේ වසරේ ගිම්හානයේ මුහුදු වෙරළ සියල්ල සංචාරකයන්ගෙන් පිරී යනු දැකීම තුර්කි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ මේ වසරේ එම සංචාරකයන් යළි ගෙන්වා ගැනීම තුර්කි ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබේ. ආණ්ඩුවේ උත්සාහය අගය කරන එක් පුද්ගලයෙක්, විදේශ විනිමය රැගෙන එන සංචාරකයන් රටේ විරැකියාව අඩුකිරීමට දායකවන බව ට්විටර් ඔස්සේ පෙන්වා දී තිබිණ. ශ්‍රී ලංකා 'සංචාරක බුබුල' ශ්‍රී ලංකාවේ ද ඒ හා සමාන විවාදයක් යළිත් වරක් ඇවිල යමින් පවතී. 2019 දී සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයකට (ඩොලර් බිලියන 8කට වැඩි) දායක විය. එබැවින් දරුණු වසංගතය සමයේ ද රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට බලධාරීහු සැලසුම් කරමින් සිටිති. තවමත් එන්නත ලැබී තිබෙන්නේ ජනගහනයෙන් 10%කටත් අඩු පිරිසකට පමණක් වන අතර, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල්වලට ඔක්සිජන් යන්ත්‍ර වහාම අවශ්‍යව තිබෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශ 'සංචාරක කලාප' බවට පත්කොට රුසියානු සංචාරකයන් කැඳවීමට ශ්‍රී ලංකා බලධාරීහු සැලසුම් කරති එවන් වාතාවරණයක රටවැසියන් බොහෝ සීමාවන්ට යටත්කොට තිබෙන අතරවාරයේ විදේශික සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමට අවසර දීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්විය. යුක්රේන සංචාරකයන් පැමිණි සමයේ ආචාර්ය අරුණ අබේගුණවර්ධන ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට දැඩි නීති යටතේ සති දෙකක් හෝටලයක නිරෝධායනය වීමට සිදුවිය. "මට යන්න අවසර තිබුණේ කාමරේ දොර ගාවට විතරයි," ඔහු බීබීසී සමඟ පැවසීය. "මාව කාමරේක හිර කරලා. හැබැයි යුක්රේන සංචාරකයෝ බීච් එකේ ඉන්නවා මම ටීවී එකේ දැක්ක." ආණ්ඩුව විසින් 'අත්හදා බැලීමක්' ලෙසින් කැඳවනු ලැබූ යුක්රේන සංචාරකයන්ට ආරක්ෂාව සැලසීම පිණිස ආයුද සන්නද්ධ ආරක්ෂකයන් ද වෙරළ තීරයේ යොදවා තිබිණ. වසංගතය අතරවාරයේ යුක්රේන සංචාරකයන් කැඳවීම ද විවේචනයට ලක්විය දින හතක නිරෝධායනයකින් අනතුරුව "සංචාරක බුබුල" යටතේ රට පුරා තෝරාගත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඔවුන්ට අවසර ලැබුණේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රට තුළට පැමිණීමට මෙන්ම රට වැසියන්ට දැඩි සීමා පනවනු ලැබ තිබියදීය. "ඒක හරියට අපේම රටේ අපි දෙවෙනි පෙළ පුරවැසියෝ කළා වගේ," ආචාර්ය අරුණ අබේගුණවර්ධන පැවසීය. "තමන්ගේ අම්ම, තාත්තගේ අවමගුලටවත් යන්න බැරිවුන මිනිස්සු ගැන මම දන්නවා. හැබැයි ටුවරිට්ස්ලට රට වටේ ඇවිදින්න පුළුවන්." යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකුවන උදයංග වීරතුංග විසිනි. නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් දහස් ගණන් රටවැසියන් අත්අඩංගුවට ගනු ලබන අතරවාරයේ, සංචාරකයන් රටේ සාමාන්‍ය නීති පවා කඩකරමින් හැසිරෙන බවට ද චෝදනා එල්ලවිය. කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් මේ වනවිට 1200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, දිනපතාම 3000 කට ආසන්න නව ආසාදිතයන් වාර්තා වේ මේ සියල්ල හමුවේ යළිත් වරක් රුසියානු සංචාරකයන් කැඳවීමේ උත්සහය දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහගේ දැඩි විවේචනයට ලක්විය. "පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් PCR කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා," ඔහු පැවසීය. "දැන් මේ වෙලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්නද කියන්නේ?" සංචාරකයන් ගෙන්වීමට එරෙහිව එල්ලවූ විරෝධය ගැන උදයංග වීරතුංග ෆේස්බුක් සටහනකින් ප්‍රතිචාරය පළකොට තිබිණ. "මේ වගේ කාලෙක සංචාරකයෝ රටට ගෙන්වන එක කොයිතරම් අමාරු ද කියල ඒ මිනිස්සු දන්නේ නෑ," ඔහුගේ සටහනේ දැක්විණ. (එම්රේ අසීස්ලේර්ලි (Emre Azizlerli) සහ සරෝජ් පතිරණ සම්පාදනය කළ ලිපියකි.) කියවන්න:
භික්ෂූන් වහන්සේ නමකට කළ පහර දීමකට ප්‍රතිචාර වශයෙන් අලුත්ගම ගැටුම ඇතිවූ බව මාධ්‍ය තුලින් පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් එය එසේ නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
අලුත්ගම සිද්ධීන් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් මුහුණ දුන් ගැට‍ළු සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවිධාන 11ක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේ. ‘මාධ්‍යයට කිව්වේ දර්ගා නගරයේ සිද්දියට කව්ද ආවේ කියලා කියන්න එපා කියලා, අලුත්ගම රැස්වීම කලෙත්, දර්ගා නගරයට ගියෙත් ප්‍රදේශයේ අය නෙවෙයි, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා නෙවෙයි, බොදු බලසේනාව ආණ්ඩුවේ සහයෝගය ඇතුව එතනට යැව්වා’ රනිල් වික්‍රමසිංහ පවසයි. අලුත්ගම සිදුවීම වර්තා කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට වාරණ පැන වුයේ මෙම ප්‍රහාරයට සම්බන්ධ බොදු බල සේනා සංවිධානය හා ආණ්ඩුවේ කොටස් ආරක්ෂා කිරීම සඳහා බවයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ. අලුත්ගම සිදුවීමේ දී මධ්‍ය වරණයක් රජය පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජාතික හෙළ උරුමයද ආණ්ඩුව විවේචනය කළ නමුත් රජය කිසිදු මාධ්‍ය වාරණයක් අලුත්ගම සිද්ධියට නොපැනවූ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ට්විට්ටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. ‘නිල නොලත් මාධ්‍ය වාරණය නිසා ඇත්ත හෙළි වුණේ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා, ඇත්ත හෙළි නොකරපු නිසා මේක කළේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් කියලා කිව්වා, ඒ ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසම මට කිව්වේ මේක පිටින් ආපු අය කළ දෙයක් කියලා’ රනිල් වික්‍රමසිංහ පැවසීය. ‘රැස්වීමට ගිහින් කතා කලේ බුද්ධාගම ගැන නෙවෙයි, කුණු හරප ගැන, එතනින් තමයි මේක පත්තුවුනේ’ විපක්ෂනායකවරයා තවදුරටත් කියා සිටියේය.
අඟහරුවාදා (මැයි 04) දිනත් ඇතුළත්ව නොනවත්වා 07 වෙනි දිනටත් 1,000 ඉක්මවා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබේ.
හුදකලා කරන ලද ප්‍රදේශයක යොදවා සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 113,676 කි. පහත දැක්වෙන්නේ පසුගිය දින 10 තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රස්ථාර පහකි. දෛනික රෝගීන් පසුගිය අප්‍රේල් 19 වෙනිදාන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය. එම තත්ත්වය හමුවේ අලුතෙන් කොරෝනා මර්දන මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු සෙනසුරාදා (මැයි 01) කටයුතු කළහ. මරණ පසුගිය දින 10 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මැයි 04 වෙනිදාය. කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණයට පත් මුළු සංඛ්‍යාව 709 කි. PCR පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අයුරින් PCR පරීක්ෂණ සිදු නොකරන බවට සෞඛ්‍ය සේවයේ ඇතැම් පාර්ශව චෝදනා කරති. පසුගිය දින 10 තුළ වැඩි වශයෙන්ම PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ අප්‍රේල් 30 වෙනිදාය. ඉන් අනතුරුව යළි එම පරීක්ෂණවල යම් කිසි පහළ යාමක් දක්නට ලැබේ. වයස් කාණ්ඩ අනුව මරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත අනුව කොවිඩ්19 හේතුවෙන් වැඩි වශයෙන්ම මරණයට පත්ව ඇත්තේ වයස් අවුරුදු 61-75 අතර වයසේ පුද්ගලයන්ය. එය ප්‍රතිශතයක් වශයෙන් 41.47% කි. සුවය ලැබූවෝ ශ්‍රී ලංකාව තුළ යළි කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් උපරිමයකට ළඟා වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති. කෙසේ නමුත් අප්‍රේල් 19 වෙනිදා සිට රෝගීන්ගේ වර්ධනයක් ඇතත් ඔවුන් සුවය ලැබීමට සති දෙකක පමණ කාලයක් ගත වන බැවින් මැයි මස මුල් සතියේ ඔවුන් වැඩි දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සෙනසුරාදා පැවසීය. කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි මේ ගැනත් කියවන්න:
මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ ප්‍රචාරක පුවරුවක් (‘කටවුට්’) තම ඉඩමේ සවි කිරීමට අවසර නො දුන් පුද්ගලයකුගේ ඥාතීන්ට පහර දී ඔහුගේ දේපොළ ආදියට හානි කිරීමේ සිද්ධියක් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය වාර්තා කරයි.
එම හිංසනයට ගොදුරු වී සිටින්නේ දිවුලපිටියේ කුඩගම්මන වැසියකු වන තුසිත වීරසිංහ නමැත්තෙකි. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආධාර දෙන කණ්ඩායමක් පසුගිය නොවැම්බර් 29 වෙනි දින තුසිත වීරසිංහගේ ගෙවත්තේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ විශාල රුවක් සහිත ප්‍රචාරක පුවරුවක් ඇටවීමට උත්සාහ කර ඇති අතර ඊට නිවසේ අයිතිකරුවන්ගෙන් ඉඩ නො ලැබීම මුල් කර ගෙනයි ප්‍රහාරය සිදු ව තිබෙන්නේ. සිය ගෙවත්තේ ප්‍රචාරක පුවරුව සවි කිරීමට අවසර නොදීමෙන් අනතුරුව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි තවත් සභිකයන් දෙදෙනෙක් ඇතුළු පහළොස් දෙනකු පමණ කණ්ඩායමක් එහි පැමිණ ඉඩමට ඇතුල් වී තම ඥාති සහෝදරයන් දෙදෙනකුට පහර දුන් බවයි තුසිත වීරසිංහ කියා සිටින්නේ. ‘මගේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ ‘කටවුට්’එකක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එහි ඇටවීමට උත්සාහ කළා. මම ඒකට දැඩි විරෝධය පළ කළා. ඒත් ඒ කණ්ඩායම විදුලි පහන් කණුවක ප්‍රචාරක පුවරුව සවි කරලා ගියා’ තුසිත වීරසිංහ පවසයි. වැඩි දුරටත් සිද්ධිය විස්තර කරමින් ඔහු කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් අනතුරුව තම නිවසට ලඟා වූ බවයි. ‘ආණ්ඩුව අපේ’ ‘සභාපතිවරයා මගේ ඉඩමට ඇවිත් ඔවුන්ගේ කාර්යයේ නිම නොවූ ඉතිරි වැඩ සම්පූර්ණ කර ගැනීම සඳහා මට නිවසින් එලියට පැමිණෙන මෙන් දැනුම් දී තිබෙනවා. තමන්ගේ ආණ්ඩුවක් බලයේ පවතින නිසා ඔවුන්ට ඕනෑම තැනක ‘කටවුට්’ සවි කරන්න පුළුවන් බව එම කණ්ඩායම කිව්වා. ඔවුන් දරුණු වචන පාවිච්චි කරමින් සිටි නිසා මම බියට පත් වුනා’ තුසිත වීරසිංහ පවසයි. එම අවස්ථාවේ බියට පත් තමා නිවස ඇතුළේ ම රැඳී සිටි අතර ගෙයින් පිටතට පැමිණි සිය ඥාති සහෝදරයන් දෙදෙනකුට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පහර දුන් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. පහර දීමට ගොදුරුවූවන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර අනතුරුව ඔවුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි CaFFE සංවිධානය පවසන්නේ. මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබීම් නවයක් මේ වන විට වාර්තා වී ඇති බවත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය සඳහන් කරයි.
උතුරේ ක්‍රියාත්මක 'ආවා' කණ්ඩායමට හිටපු හමුදා සාමාජිකයකු සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඊට හමුදාවේ සම්බන්ධයක් නොමැති බව ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 'ආවා' කණ්ඩායමට හමුදාවේ ඇතැම් කොටස් සමග සම්බන්ධයක් ඇතැයි සඳහන් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ විමසීමකදී. ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අවධාරණය කළේ 'ආවා ගෲප්' යනු හුදෙක් යතුරුපැදි කල්ලියක් පමණක් බවය. මේ අතර එහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, 'ආවා' කණ්ඩායම සහ ත්‍රස්තවාදය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුණි. එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවට හඳුනා ගනු ලැබ සිටින 'ආවා' නමැති පුද්ගලයකු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. පුද්ගලයන් හැට දෙදෙනෙකු 'ආවා' කණ්ඩායමට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන් කළ ඇමතිවරයා ඉන් තිස් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය. ඊට සම්බන්ධ තරුණයන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු දහඅටත් විසි පහත් අතර පසු වන්නන් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරන බව ආණ්ඩුව පවසයි.
'කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා' බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ අදාළ පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන් කවුරුන්දැයි යන්න දැන ගැනීමට හැකි වනු ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් කරන ලද පහර දීමකින් අනතුරුව ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රතික්ෂේප කළේය. 'බොරු චෝදනා එල්ල කරලා, ප්‍රශ්න ඇති කරලා දැන් එක් අයට චෝදනා කරලා වැඩක් නැහැ. කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා' අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතීතයේ ක්‍රියා කළ ආකාරය සිහිපත් කිරීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට දිගින් දිගටම බාධා කළ බවයි. 'සරත් ෆොන්සේකා මහත්මයාට කතා කරන්න දෙන්නෙම නැහැ, ඊයෙත් වුනේ ඒකයි, ඒක තමයි ඒ අයගේ සංස්කෘතිය. කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ගහනවා, මරනවා ඒක තමයි ඒ අයගේ ක්‍රමය' නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලින් වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පක්ෂ කටයුතු කළ යුතු බවයි.
සංගීත ලෝලීන් අතර ජනප්‍රිය 'හොටෙල් කැලිෆෝනියා' ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ සිය ජීවන වේදිකාවෙන් සමුගත්තේය.
සංගීතඥයකු, ගායකයකු, පද රචකයකු සහ ගීත නිෂ්පාදකවරයකු වන ග්ලෙන් ෆ්‍රේ ලෝ වටා ජනප්‍රියත්වයට පත් වූයේ 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසයි. හැටහත් වන වියේ පසු වූ ඔහු මිය ගියේ නිව්යෝක් නුවරදීයි. සිය සගයාගේ නික්ම යෑම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් හා ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටියේ සිය ශෝකය වචනයට නැගිය නොහැකි බවයි. "ෆ්‍රේ, අප වෙත ලබා දුන් සියලු දේ වෙනුවෙන් අප අපේ ආදරයත් ගෞරවයත් පුද කරන්නෙමු," එම නිවේදනයේ සඳහන්. ග්ලෙන් ෆ්‍රේ, ඩොන් හෙන්ලි, බර්නි ලීඩන් සහ රෑන්ඩි මේයිස්නර් එක්ව 'ඊගල්ස්' සංගීත කණ්ඩායම බිහි කළේ 1971 වසරේදීයි. 70 දශකය ඊගල්ස් සාමාජිකයන් සමග දකුණේ සිට දෙවැන්නාට සිටින ෆ්‍රේ 70 දශකයේ ඉහළ ප්‍රතිචාර ලද ගීත කීපයක් රචනා කොට තිබේ 'ඊගල්ස්' සංගීත කණ්ඩායම, 70 දශකය තුළ සාර්ථකත්වයේ හිනි පෙත්තට ළඟා වූ සංගීත කණ්ඩායම් අතුරින් එකක්. ඔවුන් විසින් ගයන ලද හොටෙල් කැලිෆෝනියා, නිව් කිඩ් ඉන් ටවුන්, ලයින් අයිස්, ටෙක් ඉට් ඊසි වැනි ගීත, දර්ශක තුළ පළමු ස්ථානයට පත්විය. එම ගීත සඳහා ග්ලෙන් ෆ්‍රේ සිය දායකත්වය ලබා දුන්නේ ලීඩ් ගිටාරයෙන් සහ ගායනයෙන්. එදා මෙදාතුර සංගීත ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත් 'හොටෙල් කැලිෆෝනියා' ගීතයේ පද රචනය සඳහා ග්ලෙන් ෆ්‍රේ සම දායකත්වය ලබා දී ඇත. එසේම 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත අතරට එක් වන 'හාට්ඒක් ටුනයිට්' සහ 'ලයින් අයිස්' වැනි ගීතවල තනු නිර්මාණය කොට ඇත්තේ ග්ලෙන් ෆ්‍රේ විසින්. පැරණි සගයන් ඔවුන් විසින් ගයනා කොට පටිගත කරන ලද ගීත ඇල්බම් මිලියන එකසිය පනහකට අධික සංඛ්‍යාවක් ලොව පුරා විකිණී තිබේ. 1980 වසරේදී 'ඊගල්ස්' සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වෙන් වී යාමත් සමග ග්ලෙන් ෆ්‍රේ සිය ඒක පුද්ගල සංගීත දිවිය ආරම්භ කළේය. 1984 වසරේ නිෂ්පාදනය වූ 'බෙවලි හිල්ස් කොප්' චිත්‍රපටය සඳහා රචිත 'හීට් ඊස් ඕන්' ගීතය ඔහුගේ ඒක පුද්ගල සංගීත දිවියේ කැපී පෙනුණ නිර්මාණයක්. 1994 වසරේදී පැරණි සගයන් යළි එක් වූ අතර ඔවුන්ගේ විදෙස් ප්‍රසංග ඉතා ජනප්‍රියත්වයට පත් විය. 'ඊගල්ස්' සාමාජිකයකු වශයෙන් ග්ලෙන් ෆ්‍රේ ග්‍රැමී සම්මාන හයක් දිනා ගෙන තිබේ.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නැගෙනහිර පළාත සඳහා වූ සිය පළමු අදියරේ විමර්ශන කටයුතු අද සෙනසුරාදා අවසන් කරන ලදී.
චෙන්කලඩි,කිරාන්,සහ මඩකලපුව නගර ප්‍රදේශවල බ්‍රහස්පතින්දා සිට දින තුනක් තුළ සිදු කළ විමර්ශන කටයුතු සඳහා එක සිය හැට එක් දෙනෙකු කැඳවා ඇතත් වාචික ප්‍රකාශන ලබා දී ඇත්තේ එකසිය තිස් දෙදනකු බවයි වාර්තා වන්නේ. කොමිසමේ ලේකම් එස්.ඩබ්ලිව්.ගුණසේන පැවසුවේ පසුගිය දින තුනේ දී එක සිය විසි නව දෙනෙකු ප්‍රකාශන ලබා දී ඇති බවයි. තුන් දෙනෙකු රහසි ගතව ප්‍රකාශන ලබා දී ඇති බවත් ඔහු පැවසුවේය. අලුත් පැමිණිලි එක් දහස් දෙසිය අසූ හතක් ලැබුණු බව ද ඔහු සඳහන් කළේය. එක් දහස් නවසිය අනූවේ හය වැනි මාසේ විසි හතර වැනි දින විශේෂ කාර්ය බලකාය විසින් තම පිරිමි දරුවන් තිදෙනෙකු එකම දිනයේ රැගෙන ගිය බව සාක්ෂි දීමට පැමිණ සිටි ඔවුන්ගේ මව මහේස්වරි රාජනාදන් පැවසුවාය. නව දරු මවකු වන ඇය පැවසුවේ දරුවන් තිදෙනා අතරින් දෙදෙනෙකු දහතුන් වියේ සහ දහ නව වන වියේ පසු වු පාසල් සිසුන් බවයි. තමන් පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ අනාථ කඳවුරේ රැදී සිටි කාලයේ මෙම සිද්ධිය සිදු වූ බව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ සිට පැමිණ සිටි ඇය පැවසුවාය. තිරුපෙරුන්තුරයි පදිංචි ජේසුදාසන් එලිසබෙත් වසර විසි හතරකට කට පෙර අතුරුදහන් වූ පුතා පිළිබඳව තොරතුරු සොයමින් අද සාක්ෂි දීමට පැමිණ සිටියාය. එක් දහස් නවසිය අනූවේ ඔක්තෝබර් මාසයේ විසි පස් වෙනිදා දහසය හැවිරිදි පාසල් සිසුවෙකු වූ තම පුතා හමුදාව සමග ආ ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් විසින් ට්‍රැක්ටරයකින් රැගෙන ගිය බවයි කොමිසමට සාක්ෂි දෙමින් ඇය කියා සිටියේ. එක් දහස් නවසිය අනූවේ දී කුරුකල්මඩම් ප්‍රදේශයේ අතුරුදහන් වූ එක සිය පනහකට අධික මුස්ලිම් ගම්වාසීන් පිලිබඳව පැමිණිලි ඉදරිපත් කිරීමට දෙදෙනෙක් පැමිණ සිටියහ. විමර්ශන කටයුතු අවසන් වූ පසු අතුරුදහන් වූ මුස්ලිම් ගම්වාසීන්ගේ මිනීවලවල් ඇති බව සැක කෙරෙන ප්‍රදේශයකට කොමිසමේ සාමාජිකයන් ගොස් නිරීක්ෂණය කල බව නැගෙනහිර පළාත් සභා මංත්‍රී සිෆ්ලි මොහමඩ් ඵරූක් සඳහන් කළේය. අධිකරණ නියෝගයක් ලබාගෙන එම ප්‍රදේශය හෑරීමට කටයුතු කරන බව කොමිසමේ සාමාජිකයන් තමන්ට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
එල්ටීටීඊ යේ රූපවාහිනී නිවේදිකාවක වූ ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද බවට එල්ල වන චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ආණ්ඩුවේ පාර්ශ්වකාර ඊපීඩීපී සංවිධානය පවසයි.
ඉසයිප්‍රියාට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසයි හමුදා භට පිරිසක් ඇය ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 නාලිකාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසන නමුත්, ඒ සියලු චෝදනා අසත්‍ය බව හමුදාව පවසයි. 'කම්පනයට පත් වෙලා' චැනල්4 වීඩියෝ පටයේ ඇතුලත් දර්ශන මගින් ලොව පුරාම දෙමළ ජනතාව කම්පනයට පත් වී සිටින බවයි, ඊපීඩීපී සංවිධානයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නිවේදනයක දැක්වෙන්නේ. ඉසයිප්‍රියා ඝාතනය පිළිබඳව පමණක් නොව යුද සමයේ සිදු වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු යයි තමන් මීට ඉහතදීත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව සංවිධානයේ නායක කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. අදාළ වීඩිය පටය තමන් දුටු බවත්, එය සත්‍ය වාර්තාවක් යයි විශ්වාස කරන බවත් මේ අතර සෙනසුරාදා වාර්තාකරුවන් ඇමතූ ඉන්දීය මුදල් අමාත්‍ය පී චිදම්බරම් කියා සිටියේය. ශ්‍රී ලංකා රජය ඒ ගැන සොයා බලා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතු බවද ඉන්දීය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉසයිප්‍රියා අත් අඩංගුවට ගැනීමේ සිදුවීම ඇතුළු බරපතල යුද අපරාධ චෝදනා රැගත් නෝ ෆයර් සෝන් (No Fire Zone) චිත්‍රපටය අද රාත්‍රියේ චැනල්4 නාලිකාව මගින් විකාශණය කිරීමට නියමිතයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය දක්වන බව ඇමරිකාව ප්‍රකාශ කරයි.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අද, බදාදා මාධ්‍ය හමුවක් අමතමින් එසේ ප්‍රකාශ කළාය. සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ දී ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව ගැනත් සාකච්ඡා කෙරෙන බව පැවසූ ඇය ජිනීවා සාකච්ජාවලදී දේශීය යන්ත්‍රණයක් සඳහා ඇති ඉඩ කඩ සාකච්ඡා කෙරෙන බව කියා සිටියාය. ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව එහෙත් දෙමළ ජාතික සන්ධානය ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව ගැන රජය සමඟ සාකච්ඡා කරන ලෙසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් ඇතුළු දෙමළ ජාතිකයන් මුහුණ දෙන ගැටළු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමඟ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම.සුමන්දිරන් පැවසුවේය.
පසුගිය දිනවල මාධ්‍යවේදීන් දෙදෙනකුට එල්ල වූ ප්‍රහාරවලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැතත් එම ප්‍රහාරවලට ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධ බව පෙනෙන්නට ඇතැයි ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.
මීගමුව නගර සභාව ඉදිරියේ දී මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේට පහර දෙනු ලැබීමට එරෙහිව පැවති උද්ඝෝෂණයක් ''ඒක ප්‍රශ්නයක්. අපි මේවා බරපතළ සිදුවීම් ලෙස භාර ගෙන ඊට මැදිහත් වෙනවා'' නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියි. ඔහු එම ප්‍රකාශය කළේ සත්හඬ පුවත්පතේ විශේෂාංග කර්තෘ දයා නෙත්තසිංහට සහ මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී. මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි. 'නීතිමය ක්‍රියාමාර්ග' ''කරන ලද හිංසනය විමර්ශනය කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි විශ්වාස කරනවා'' ඔහු කියා සිටියේය. මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර දැඩි විවේචනයට ලක් කළ වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් මාධ්‍ය නිදහස සුරකින බවට බොහෝ අවස්ථාවල ප්‍රතිඥා දී තිබේ. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන එවැනි තත්වයක් යටතේ නැවතත් මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත්දැයි සංදේශය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පරාජයට පත් ඇතැම් බලවේගවල ක්‍රියාකාරිත්වය තවමත් අඩු වී නැති බවයි. 'භයංකර යුගයක්' ''රජය අපහසුතාවට පත් කරන්නත් පිරිස් ඉන්නවනේ. ඒ නිසා තමයි ඒ සිද්ධිය සිදු වූ වහාම පොලිසිය ක්‍රියාත්මක කෙරෙව්වේ. එක පාරටම යහපත් තත්වයන් උදා වෙන්නේ නැහැ. බොහොම භයංකාර යුගයක් අපි පසු කරන ආවේ'' ඔහු සඳහන් කළේය. මේ අතර කුරුණෑගලදී ප්‍රාදේශීය බලධාරීන් තමන්ට තර්ජනය කළ බවට මාධ්‍යවේදී දිනෙත් කුමාර පොලිසියට පැමිණිලි කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයේදී සත්හඬ පුවප්ත්පතේ විශේෂාංග කර්තෘ දයා නෙත්තසිංහට පහරදීම දැඩිව හෙලා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, යලිත් වරක් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට මේ ආකාරයෙන් තර්ජන එල්ල වීම ඉතා බරපතල තත්ත්වයක් බව ප්‍රකාශ කරයි. දයා නෙත්තසිංහට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති නමුත්, මෙය යහපත් ප්‍රවණතාවක් නොවන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සී .දොඩාවත්ත සංදේශයට කියා සිටියේ.