summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වීමෙන් මගීන්ට ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ. | මින් මාස කීපයකට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ. "අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්," යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය. පසුගිය වසරේ නොවැම්බර් මස දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සකට පෙර පිටත් වූ නිසා අදාළ සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය. මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ. දුම්රිය නොටොගාවා දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ උදෑසන 7.11 ට බව හසුරවන්නා සිතා සිටියත්, එය 7.12 ට පිටත්වීමට නියමිතව තිබිණි. දුම්රියේ දොරවල් මිනිත්තුවකට පෙර වසා දැමුණු අතර, එසැණින් ඔහුට සිය වැරැද්ද වැටහුණි. ඒ අවස්ථාවේදී වුවද ඔහුට වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඉතිරිව තිබුණි. එහෙත් දුම්රිය වේදිකාවේ බලා සිටි මගීන් නොදුටු ඔහු තත්පර විසිපහකට පෙර දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත. දුම්රිය පිටත් වීමට සුළු වේලාවකට පෙර වේදිකාව මතට පැමිණි මගීන්ට එය ඉවතට ඇදෙනු බලා සිටීමට සිදු වූ බැවින් ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ට පැමිණිලි කිරීමට මගීන් කටයුතු කර ඇත. ඉන් සුළු මොහොතකට පසු දුම්රිය සමාගම ඔවුන්ගෙන් සමාව අයැද තිබේ. ජපාන දුම්රිය සේවා නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. තවත් තොරතුරු: |
ජපානයේ කුමමොතෝ නගරයේ බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් නමදෙනකු මියයාමෙන් අනතුරුව, සිකුරාදා රාත්‍රියේ තවත් බලගතු භූමිකම්පාවක් හටගත්තේය. | අනතුරු ඇඟවීමකින් පසුව ආරක්ෂිත ස්ථානයක් සැඟවෙන්නේ කෙසේද යන්න ජපානවාසීන්ට දැන් සුපුරුදු අත්දැකීමකි ජපානයේ වේලාවෙන් සෙනසුරාදා අලුයම 01:25 ට (ග්‍රිනිච් වේලාවෙන් 16:25 ට) රික්ටර් මාපකයෙන් 7.1 ක භූමිකම්පාවක් හටගත් අතර, ඉන්පසුව පසු කම්පන කිහිපයක්ද ඇතිවිය. ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු නමුත් පසුව එය ඉවත් කෙරිණ. ජපානයේ නිරන්තරයෙන් භූමිකම්පා හටගන්නා නමුත් ගොඩනැගිලි ඉදිකිරීමේදී අනුගමනය කරන දැඩි ආරක්ෂිත ක්‍රියාදාමය හේතුවෙන් එම භූමිකම්පාවලින් බොහෝවිට කිසිවෙකුටත් අනතුරක් සිදු නොවේ. බ්‍රහස්පතින්දා හටගත් රික්ටර් මාපකයෙන් 6.2 ක් සටහන් වූ භූමිකම්පාව මගින් ඇතැම් ප්‍රදේශවල 2011 දී හටගත් බරපතල භූමිකම්පාව තරම් කම්පනයක් ඇති වූ බවයි, බලධාරීන් පවසන්නේ. 2011 භූමිකම්පාවෙන් අනතුරුව සුනාමියක් හටගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයද අනතුරට ලක්විය. බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් දහසකට අධික පිරිසකට තුවාල සිදුවිය. එමෙන්ම 40,000 කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර පලා ගිය අතර, භූමිකම්පාවේ මධ්‍ය ලක්ෂ්‍යය ආසන්නයේ වෙසෙන බොහෝ දෙනා සිය නිවෙස්වලින් බැහැරව රාත්‍රිය ගතකළහ. |
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉලක්ක කොට සිදු කරනු ලබන පදනම් විරහිත විවේචන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බුද්ධිමත් ඇසින් බලන පිරිස් පිළිකුල් කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි. | "ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි.'' හිටපු ක්‍රිකට් නායකයා ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවයේ ෆේස්බුක් සජීවී වැඩසටහනේදී ක්‍රීඩා ලෝලියකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි. "ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි. ඇතැම් විවේචන දකින විට මට හිතුණා ඒවා ටිකක් පුද්ගලික විවේචන කියලා. එවැනි විවේචන සිදු කිරීම අසාධාරණයි." "ඒ විවේචන කොහෙන්ද එන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ ආගම. ඔහු ආවේ කොහොමද?, ඒවා ගැන ආපු විවේචන. මම ලංකාව වෙනුවෙන් අවුරුදු පහළොවකට වඩා ක්‍රීඩා කළා. ක්‍රීඩකයා කෙහෙන්ද එන්නේ මොන ආගමේද, ජාතියේද කියලා අපිට ප්‍රශ්නයක් වුනේ නැහැ, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ," ඔහු පැවසීය. සාධාරණ විවේචනයක් එල්ල කිරීම පිළිබඳ තමාගේ විරුද්ධත්වයක් නොමැති බව කියා හිටපු නායක මහේල ජයවර්ධන පදනම් විරහිතව විවේචන සිදු කිරීම පිළිබඳව එකඟවිය නොහැකි බවත් සඳහන් කළේය. 'අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ' ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ සෑහීමකට පත් විය හැකි දැයි ක්‍රීඩාලෝලියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ක්‍රිකට් නායකයා පැවසුවේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තේරීම් කමිටු සාමාජිකයන් මිලියනයක් පමණ බිහි වී ඇති බවයි. "ඒ හැමෝම සනසන්න ගියොත් මම හිතන්නේ නැහැ ලංකාවේ ක්‍රිකට්වලට හරි දෙයක් වෙයි කියලා. මොකද හැමෝටම තමා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා,'' තේරීම් කමිටුව යම් කිසි සැලැස්මක් ඇතිව කටයුතු කරනු ඇති බව කියා සිටි හිටපු නායක මහේල ජයවර්ධන ඇතැම් විට අතපසුවීම් සිදු වුවත් ඒවා සිතාමතා සිදු කරන ඒවා නොවන බවත් සඳහන් කළේය. "අත්හදා බැලීම් තුලින් තමයි අපි වැරදි හදා ගන්න ඕනේ. නොනවත්වා එකම වැරැද්ද සිදු කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒ සඳහා යම් කිසි කාලපරිච්ඡේදයක් දිය යුතුයි, විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට," 'මහේලගේ ක්‍රිකට් සැලැස්ම' "හැමෝටම ලේසියි ගෙදර පුටුවේ වාඩි වෙලා අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බ කියල කියන්න. මේ සෑම දෙයක්ම බුද්ධිමත්ව බලල තීරණ ගන්න ඕනේ. " පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් නොමැති බව සඳහන් කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් කෙටි කාලීනව තම උපදෙස් බලාපොරොත්තු වන්නේ නම් ඊට දායකත්වය ලබා දීමට සුදානම් බවයි කියා සිටියේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ගමන් මග පිළිබඳ තමන් ඉදිරිපත් කළ සැලසුමට සිදු වූයේ කුමක් දැයි නොදන්නා බවත් හිටපු ක්‍රිකට් නායකයා එහිදී පැවසීය. සිදත් වෙත්තමුණිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ, ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙස සිටියදී අතුරු කමිටුව විසින් සිදු කළ ඉල්ලීමක් ප්‍රකාර සැලසුමක් ඉදිරිපත් කළ නමුත් ඉන් අනතුරුව නිලවරණයෙන් තේරී පත් වූ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය එය ක්‍රියාවට නැගීම අත්හැර දමා ඇති බවත් ඔහු පිළිගනියි. තමන්ට එය ගැටලුවක් නොවන බවත් වත්මන් ක්‍රිකට් පරිපාලනයට වෙනස් සැලසුම් තිබිය හැකි බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය. |
පුවත් පළ කිරීම සඳහා මුදල් ලබා ගන්නා මාධ්‍යවේදීන් පිළිබඳ තමන් වෙත පැමිණිලි ලැබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසයි. | අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් කිසි මාධ්‍යවේදියකු අල්ලස් ලබා ගන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නව අධ්යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න සමග සාකච්ඡා කළ බවය. "ප්රජාතන්ත්රවාදය තුළ තිබෙන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සුද්ද කරන්නේ නම්, හතර වෙනි ආණ්ඩුව වන මාධ්‍යත් සුද්ද කරන්න අවශ්‍යයි" ආචාර්ය රංග කලංසූරිය වැඩිදුරටත් සඳහන් කළේය. පුවත්පත් ආයතනය යටතේ පවතින පුවත්පත් පැමිණිලි කොමිසමට නීතිමය රාමුවක් නොමැති බැවින් වැරදි නිවැරදි කිරීමේ යාන්ත්රණයට ශක්තියක් ලබා දීමට එම ආයතනයට හැකියාවක් නොමැති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය එහිදී පැවසීය. විකාශන මාධ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බවත් ඔහු පෙන්වා දුණි. මමත් පත්තරකාරයෙක් - ජනාධිපති රට තුළ ක්‍රියාත්මක වෙබ් මාධ්‍ය යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත් විය යුතු බව කියා සිටි ඔහු 'ඒ ආචාරධර්ම පද්ධතිය හදන්නේ ආණ්ඩුව නොවෙයි. එය සැකසිය යුත්තේ ස්වාධීන මණ්ඩලයක් විසින්" යනුවෙන් සඳහන් කළේය. මාධ්‍යවේදියන්ගේ වෘත්තීය ඉල්ලීම් සහිත සංදේශයක් ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් එම අවස්ථාවට පැමිණ සිටි ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් උපරිම සහන ලබා දීම සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කරන බව එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය. එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ මාධ්‍ය සංගම්වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව කී ජනාධිපතිවරයා මාස දෙකකට වරක් එහි ප්‍රගතිය තමා වෙත වාර්තා කිරීමට උපදෙස් ලබාදෙන බව ද පැවසීය. මාධ්‍යවේදීන් ස්ථීර වැටුප් තලයක පිහිටුවීම සඳහා කමිටුවේ අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. |
සිය වෘත්තිය සමිති වල මෙහෙයවීමෙන් වතු කම්කරුවන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු වෙමින් පවතී. | ඔවුන්ගේ ඉල්ලීම වන්නේ දෛනික වැටුප ඉහළ නැංවීම වන අතර සෙනසුරාදා වන විට දිනකට නෙළන ලද කිලෝ 30 ට ආසන්න දලු ප්‍රමාණය වෙනුවට නෙළන්නේ කිලෝවක් හෝ දෙකක ප්‍රමාණය පමණි. එයද විධිමත් ලෙස කම්හල් වලට භාර දිම වෙනුවට ඒ ආසන්නයේ තබා පැමිණීම පමණක් සිදුවේ. මේ කේතුවෙන් අමු තේ දලු නොලැබී යාම නිසා කම්හල් රාශියක් නිෂ්පාදන අත් හිටුවීම ජාතික ආර්ථිකයට බලපාමින් තිබේ. මේ වන විට වතු කම්කරුවන් දිනක වැටුප ලෙස ලබන්නේ රුපියල් 620 ට ආසන්න මුදලක් වුවත් එයද ලැබීමට දින 22 ක් වැඩ කළ යුතු අතර වරුවක් හෝ සේවයට නොපැමිණීම සිදු වුවහොත් වැටුප රුපියල් 450 ගණනේ සකස් වේ. කම්කරුවන් පෙන්වා දෙන අන්දමට, මෙය රටේ ජනතාව අතර අවම වැටුප් මට්ටම වන අතර වෘත්තීය සමිති වලට කෝවිලට, ණය හා සුබසාධන අරමුදල් වලට කොටසක් කැපී යාම නිසා වැටුප තවත් අවම වේ. ඒ අතර, තවත් කම්කරුවන් පිරිසක් ප්‍රකාශ කරනුයේ වතු සමාගම් හා සිය වෘත්තීය සමිති අතර වැටුප් ගිවිසුම මාර්තු මාසයේ අවසන් ව තිබියදීත් මාස කිහිපයකට පසු මැතිවරණය ආසන්නයේ අරගලයක් ආරම්භ කර ඇත්තේ දේශපාලන වාසි තකා බවයි. සිය දේශපාලන නියෝජිතයන්ට තමන් වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාවක් නැති අතර තම සාමාජික මුදල් අවභාවිතා කරමින් සමාගම් වලින්ද ඔවුන් වාසි ලබන බව හෙළිදරව් වීමට අකැමති එම කම්කරුවන්ගේ අදහසයි. වැසි රහිත මාස වල තේ දලු ප්‍රමාණය මෙන්ම කම්කරුවන්ගේ ආදායම ද තව දුරටත් පහළ යාම සිදුවේ. මේ පසුබිමේ ඔවුන් ඉල්ලා සිටින අවම වැටුප දිනකට රුපියල් දහසක් වන අතර සාකච්ඡා වලින් රුපියල් අටසියයක් හෝ තීන්දු වුවද ජයග්‍රහණයක් බව පෙන්වා දෙන ඔවුහු සිය නියෝජිතයන් වෙත සැබෑ ජනහිතකාමී බවක් තිබිය යුතු බව අවධාරණය කරති. |
ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂත්වය ලබා ගැනීම සඳහා තරඟ වැදී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය පළ කරන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් ඇතුළු අසාමාන්‍ය රසික රසිකාවියන් පිරිසක් ඉන්දියාවේ ද සිටින බව වාර්තා වෙයි. | දිල්ලියේ දී ට්‍රම්ප්ට ජය පතා පූජා පවත්වන 'හින්දු සේනා' සාමාජිකයන් පිරිසක් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජය පතා දිල්ලි නුවර 'හින්දු සේනා' කණ්ඩායම විසින් පුද පුජා පැවැත්වූහ. එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලන එම සංවිධානය පවසන්නේ 'මනුෂ්‍යත්වයට එරෙහිව දියත් වී ඇති ඉස්ලාම් ත්රස්තවාදයට එරෙහිව ඇති එකම බලාපොරොත්තුව' ඔහු බවයි ට්‍රම්ප්ට ජය පතා ගිනි දල්වා පූජා පවත්වන හින්දු සේනා සාමාජිකයෙක් මුස්ලිම් පිරිස් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කළ යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් පසුගිය කාලය පුරා ඇමරිකාවේ මෙන්ම ඉන් පිටතත් දැඩි විවේචනයට ලක් වී තිබේ. බදාදා හින්දු සේනා සංවිධානයට අයත් පිරිසක් දිල්ලියේ උද්‍යානයකට රැස්ව ට්‍රම්ප්ට සහය පළ කරන බව සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ගිනි දල්වා පුද පූජා පැවැත්වූහ. සරල හින්දු දේව පූජාවක දී හින්දු දේව ප්‍රතිමා වටකොට තබා ධාන්‍ය, කිරි සහ විවිධ ශාක පත්‍ර ගින්නට දමමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජය පතා ස්තෝත්ර ගයනා කළ බවයි වාර්තා වන්නේ. ට්‍රම්ප් ගේ ඡායාරූපයක නළලේ රතුපැහැති තිලකයක් තබා හින්දු සේනා සාමාජිකයෝ ඔහුට ආශීර්වාද කළහ හින්දු සේනා සංවිධානයේ ආරම්භක නායකයා වන විෂ්ණු ගුප්ත මාධ්‍යය වෙත පැවසුවේ 'මනුෂ්‍යවර්ගයා බේරා ගත හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට පමණක්' බවයි ඔහු වැඩි දුරටත් 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට පවසා තිබුණේ තම හෘදයංගම සහයෝගය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පළ කිරීම සඳහා උත්සාන කිහිපයක් සංවිධානය කර ඇති බවයි. ජාතික වාදී හින්දු සේනා කණ්ඩායම මින් පෙර දේශපාලන පක්ෂ කාර්යාලයකට පහර දීම සහ ගවමස් අනුභවය තහනම් කිරීමට එරෙහිවූ නීතිඥවරුන්ට හිරිහැර කිරීම වැනි දේට චෝදනා ලැබූ බවයි වාර්තා වන්නේ. |
අගමැතිනි තෙරේසා මේ විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර කැඳවන ලද මහ මැතිවරණයේ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (ජුනි 08) පැවැත්වේ. | අලුත්ම ජනමත සමීක්ෂණ අනුව පාලක කොන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින නමුත් මැතිවරණය කැඳ වූ අවස්ථාවට වඩා ලේබර් පක්ෂය බොහෝ ඉදිරියට පැමිණ ඇති බව ජනමත සමීක්ෂණවලින් අනාවරණය වේ. ජනමත සමීක්ෂණ එකිනෙකට වෙනස් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන නමුත් සර්වේෂන් ආයතනයේ (Survation) සමීක්ෂණයට අනුව පාලක කොන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය අතර මේ වනවිට පවතින්නේ 1.1% ක පමණ ඉතා කුඩා පරතරයකි. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද? වයස අවුරුදු 18 සපුරා, ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින ඕනෑම බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමි වේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ වාසය කරන අයර්ලන්ත ජනරජයේ පුරවැසියන්ට මෙන්ම සුදුසුකම් ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන්ටද -වයස අවුරුදු 18 ට වැඩි නම් සහ ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින්නේ නම් - ඡන්ද බලය හිමිය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය තිබීම හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර තිබීම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල එමෙන්ම ගතවගිය 15 වසර ඇතුළත මැතිවරණ ලැයිස්තුවේ ලියාපංචි වී සිටින්නේ නම් දැනට විදේශගතව සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ටද සිය ඡන්දය භාවිත කළ හැකිය. කිසිවකු තාවකාලිකව විදේශගත වී සිටින්නේ නම් ඔහුට හෝ අයට තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර, අවශ්‍ය නම් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් පුද්ගලයකු නම් කළ හැකිය. එසේ නම් කරනු ලබන පුද්ගලයාටද ඡන්ද අයිතිය තිබීම අනිවාර්ය වේ. ස්ථාන දෙකක ලියාපදිංචි වීම සිය නිවසේ ලිපිනයේ මෙන්ම අධ්‍යාපනය හදාරන විශ්ව විද්‍යාලය පිහිටි ලිපිනයේද ඡන්ද ලයිස්තුවේ ලියාපදිංචි වීමට උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිතිය හිමි වේ. එසේ ස්ථාන දෙකක ලියාපදිංචි වීම සඳහා අවසර දෙන්නේද යන්න පිළිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ ඡන්ද ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසිනි. ගතවගිය ශතවර්ෂය තුළ බ්‍රිතාන්‍යයේ අගමැතිවරු මහ මැතිවරණයේදී එක් ඡන්දයකට වඩා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ජනමත සමීක්ෂණ 2015 පැවති මහ මැතිවරණයේ දී ජනමත සමීක්ෂණවල අනාවැකි සහ මහ මැතිවරණයේ ප්‍රතිඵලය අතර ප්‍රබල වෙනසක් පැවතීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම එම දුර්වලතා මගහරවා ගැනීමට තමවත් ජනමත සමීක්ෂණ පවත්වන ආයතන අපොහොසත්ව සිටියි. එබැවින් ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමේ හැකියාවක් නොමැත. මෙවරද බොහෝ ආයතන ජනමත සමීක්ෂණ පවත්වති. ඔවුන්ගේ ක්‍රමවේද එකිනෙකට වෙනස්වන නමුත් ඔවුහු අඩුම වශයෙන් රට පුරා වෙසෙන දහස් (1000) දෙනෙකුගේවත් මතය විමසති. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය කවරක්ද? ආසන 650 කින් සමන්විත වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 330 ක් පාලක කොන්සර්වේටිව් පක්ෂයට හිමිවන අතර, ප්‍රධාන විපක්ෂයවන ලේබර් පක්ෂය ආසන 229 ක් හිමිකරගෙන සිටී. 2015 මහ මැතිවරණයේදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 54 ක් දිනාගත් අතර, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට ආසන 9 ක්ද, ප්ලයිඩ් කම්රු (Plaid Cymru) පක්ෂයට ආසන තුනක් ද හිමි වී තිබේ. හරිත පක්ෂය පසුගිය මැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ (UKIP) එකම මන්ත්‍රීවරයා පසුව පක්ෂයෙන් ඉල්ලා අස් වී ස්වාධීන මන්ත්‍රීවරයකු බවට පත්විය. මේ අතර උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 22 දෙදෙනෙකු තේරී පත් වී සිටිති. ඒ අතරින් ෂින් ෆේන් පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ අසුන් නොගනිති. |
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ව්‍යවාසය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි. | ජාත්‍යන්තර අත්දැකීම් අනුව අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍යවලින් 90% ක් පමණ ඉතා සූක්ෂම අයුරින් නැවතත් වෙළඳපොළට පැමිණෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. "ජාත්‍යන්තර අත්දැකීමෙන් අපි දන්නවා, සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලින් 90%ක්ම නැවත වෙළඳ පොළට යනවා කියන එක. ඉතින් අපි බොහොම ප්‍රවේසමෙන් ඉන්න ඕන. විමසිල්ලෙන් ඉන්න ඕන," ඔහු පැවසීය. මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්? නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය පමණක් රඳවාගෙන ඉතිරිය ප්‍රසිද්ධියේ ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් විනාශ කළ යුතුය යන්න සිය මතය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි කොළඹ වරාය අසල යාත්‍රා කරමින් තිබුණු නැවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් අල්ලා ගන්නා ලද බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය සතියේ නිවේදනය කළේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගන්නා ලද විශාලතම කොකේන් තොගය එයවන අතර, එහි වටිනාකම රුපියල් කෝටි 800 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. පසුගිය මාස කිහිපය ඇතුළත කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1200 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව අවධාරණය කළේය. |
තායිලන්ත ආණ්ඩුවට හිතවත් ‘රතු කමිස’ ව්‍යාපාරයේ නායකයකුට වෙඩි තබනු ලැබ ඇතැයි බැංකොක් නගරයෙන් වාර්තා වෙයි. | තායි රතු කමිස හමුදාව වීදි බැස. ක්වන්චායි ප්රයිපනා (Kwanchai Praipana) නම් රතු කමිස නායකයාට ඔහුගේ නිවස ඉදිරිපිට දීයි වෙඩි තබනු ලැබ තිබෙන්නේ. උදන් තානි (Udon Thani) නගරයේ සිය නිවස ඉදිරිපිට දී ප්‍රහාරයට ගොදුරු වූ ක්වන්චායි පරිපනා තුවාල ලැබ සිටින බව තායිලන්ත වාර්තා මගින් පැවසෙයි. රතු කමිස නායකයාට වෙඩි තබන ලද්දේ,තායිලන්තයේ ඇතැම් පළාත් වලට පමණක් බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති දින හැටක හදිසි නීතියක් ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමඟ. හදිසි නීතිය තායි ආණ්ඩුවට එරෙහි පෙළපාලියක්. ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති හදිසි නීතිය මගින් රංචු ගැසීම් පාලනයට සහ මාධ්‍ය වාරණයට තායිලන්ත ආණ්ඩුවට බලය ලැබෙතත් එය ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න අපැහැදිලියි. බැංකොක් අගනුවර ඇතැම් කලාප මාස දෙකක කාලයක් තම අතට ගනිමින්, අගමැතිනි යින්ග්ලුක් ෂිනවත් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින විරෝධතා වාදීන් ආණ්ඩුවේ හදිසි නීති විධි විධාන නො තකා හරිමින් කියා සිටින්නේ ඔවුන්ගේ උද්ඝෝෂණය දිගටම පෙරට ගෙන යන බවයි. |
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කොට තිබේ. | ජනාධිපති මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ආර්ථික සංවර්ධන ඇමති අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් එම මධ්‍යස්ථානය විවෘත කළ අතර මෙය ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමේ පෙරනිමිත්තක් බවයි දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ. ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී වුවත් ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ. ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසය ආරම්භයේදී පැවැත්වෙනු ඇති බවට දේශපාලන නිරීක්ෂකයෝ අනුමාන කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ඉදිරි ඡන්ද කටයුතු මෙහෙයවීම සඳහා මෙම මැතිවරණ මෙහයුම් මධ්‍යස්ථානය විවෘත කළ බව අමාත්‍ය ඒ.එච්.එම්. පවුසි ප්‍රකාශ කළ බව සංදේශය හා විමසුමකට එක්වූ ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ ප්‍රකාශ කළේය. 2015 මුල් භාගයේදී ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රටේ බොහෝ දෙනකු විශ්වාශ කරන බව පැවසූ ඇමතිවරයා ඉදිරියේ ඇති එම මැතිවරණ සඳහා මේ කාර්යාලය විවෘත කළ බව කියා සිටි බවයි ඔහු පැවසුවේ. පාප් වහන්සේගේ සංචාරය ජනවාරි මාසයේ 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයක යෙදීමට නියමිතව තිබේ. මැතිවරණයක් පැවැත්වෙන කාලය තුල හෝ මැතිවරණයකින් පසු එළඹෙන ආසන්න කාලය තුළ පාප් වහන්සේ එම රටේ සංචාරය නොකරන බව කතෝලික සභාවේ පිළිගැනීම බවයි ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පැවසුවේ. ජනප්‍රියතාව ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු අදහස් පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට ඇමතිවරුන් අදහස් දක්වමින් තවමත් ජාතික මැතිවරණයක් ජය ගැනීමට තමන්ට හැකියාව ඇති බව පවසා ඇතැයි පෙන්වා දෙන ඔහු එම ජනප්‍රියතාව රැක ගැනීම රජයේ අරමුණ විය හැකි බව ප්‍රකාශ කළේය. එසේම විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ඇති කර ගැනීමේ එකඟතාවක් නොමැති අවස්ථාවක හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමෙන් රජයට වාසියක් අත් කරගැනීමේ හැකියාව පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බවක් විශ්වාශ කළ හැකි බවත් ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ සඳහන් කළේය. |
‘දින සියයේ වැඩසටහන’ සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය වන බව නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. | එහිදී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව, අනෙකුත් පක්ෂද එක්ව පොදු ගමනක් යාමට එකඟ වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රාජ්‍ය සංකල්පයට අනුකූලව ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවසුවේය. ජාතික ප්රශ්නය සඳහා වන විසඳුම් දහතුන් වන සංශෝධනයට අනුව සිදු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කළේය. අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයෙන් පසු මුල් වරට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ඊට අමතරව දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන දහනව වන සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත, ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත දින සියය තුළ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ජනවාරි විසිනව වනදා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය යෝජනාව මගින් සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ නව රජයේ දින සියයේ වැඩ පිළිවලට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි. |
වූහාන් නගරය පුරා කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් අවධියේ ලියා තැබූ දිනසටහන් හේතුවෙන් ඇය චීන ජාතිකවාදීන්ගේ උදහසට ලක්වී සිටින්නීය. | මෙම දින සටහන් වලින් විස්තර කෙරෙන්නේ වූහාන් වාසීන්ගේ ජීවිත ගැනය. කෙසේ නමුත් තමන් නිහඬ නොවන බව ෆැන්ග් (Fang Fang) නමැති චීන ලේඛිකාව පවසන්නීය. "මෙවැනි විපතකට මුහුණ දෙන විට තමන්ගේ මතය පල කිරීම හා උපදෙස් ලබා දීම ඉතා වැදගත් වෙනවා." බීබීසී චීන අංශය සමඟ විද්‍යුත් තැපෑල ඔස්සේ කළ සාකච්ඡාවක දී ෆැන්ග් පැවසුවාය. ජාත්‍යන්තර මාධ්‍යයකට මෙවැනි සාකච්ඡාවක් චීනයෙන් ලැබෙන්නේ කලාතුරකිනි. පසුගිය ජනවාරියේ අගභාගය වන විට කොරෝනාවෛරසය හමුවේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත්කෙරුණු ලොව පළමු නගරය බවට වූහාන් වාර්තාගත විය. ෆැන්ග් ගේ දිනසටහන් අන්තර්ජාලයට එක් වන්නට පටන් ගත්තේ එතැන් පටන් ය. වූහාන් නගරයේ ජීවත් වන මිලියන 11ක් වූ ජනයාගෙන් බහුතරයකට මෙම දින සටහන් අස්වැසිල්ලක් විය. ඔවුන් ද යම් දේ හෙළිදරව් කරමින් මෙම අන්තර්ජාල සටහනට එක් විය. 65 හැවිරිදි මෙම ලේඛිකාව තම දින සටහන් අන්තර්ජාලයේ ලියා තැබුවේ Weibo ගිණුම හරහා ය. එය ට්විටර් වැනි චීන සමාජ මාධ්‍ය ජාලයකි. 65 හැවිරිදි ෆැන්ග් තම බලු සුරතලා සමඟ ගත කළ හුදෙකලා ජීවිතය පිළිබඳව මෙන්ම චීන බලධාරීන් මෙම වකවානුව තුළ ක්‍රියා කළ ආකාරයේ අඳුරු පැතිකඩ ද මෙම සටහන් හරහා වාර්තා වී තිබිණ. මුලදී යහපත් ප්‍රතිචාර ලැබුන ද පසුව තත්වය වෙනස් විය. මෙය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස දුටු පිරිස ඊට දැඩි විවේචන එල්ල කරන්නට විය. තම ක්‍රියාව හෙලා දැකීමට ලක්වූ නමුත් හඬක් නැගීම පිළිබඳව තමන් පසුතැවිලි නොවන්නේ මන්දැයි බීබීසී සියක් කාන්තාවෝ ලිපි පෙළ වෙනුවෙන් ෆෙන්ග් පැහැදිලි කළාය. ලෝකයෙන් හුදෙකලා වූ වූහාන් මුළු ලෝකයෙන් ම වෙන් වී හුදෙකලා වීම තමන්ට දැනෙන්නේ කෙසේදැයි ඇය ලියා තැබුවාය. මරණයට පත් වන මිනිසුන් දැකීමෙන් තමන්ට ඇතිවන දුක සහ වේදනාව සටහන් කළාය. එමෙන්ම මෙම අර්බුදය හමුවේ නිසියාකාරව කටයුතු නොකරන බලධාරීන් පිළිබඳව සිය කෝපය ඇය කුරුටු ගෑවාය. මෙය විවිධ මාධ්‍ය ඔස්සේ අගය කිරීමට ලක් විය. ප්‍රශංසා හිමි විය. නමුත් මෙම සටහන් ජාත්‍යන්තර අවධානයට ලක් වීමත් සමඟ එම ප්‍රතිචාර වෙනතකට යොමු විය. මෙම දින සටහන් එක්සත් ජනපදයේ ප්‍රකාශකයෙකු විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙමින් පවතින බවට ප්රවෘත්ති පළවීමෙන් එය තවත් උත්සන්න විය. ෆැන්ග් ෆැන්ග්: සම්මාන ලාභී ලේඛිකාව "වසංගත කාලේ තැබූ දින සටහන් 60ක් නිසා බලධාරීන් මාව දකින්නේ සතුරෙකු විදියට." ඇය පැවසුවාය. ඇයගේ දින සටහන් පල නොකරන ලෙසට චීන මාධ්‍යවලට බලධාරීන් දැනුම් දී ඇතැයි ෆෙන්ග් පවසන්නීය. සිය ග්රන්ථ මුද්‍රණය කොට බෙදා හැරීමෙන් චීන ප්‍රකාශන සමාගම් ඉවත් වී ඇත. "එය ලේඛකයෙකුට කරන සැහැසි කමක්." ඇය බීබීසීයට පැවසුවාය. "එහෙම වෙන්න ඇත්තේ මම රජය වර්ණනා කරනවාට වඩා සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි අනුකම්පාවක් දැක්වීම නිසා වෙන්න ඇති. මම ආණ්ඩුව අගය කරමින් ලිව්වේ නැහැ. ඒ නිසා මම වැරදිකාරියක්." මෙම චෝදනා කෙතරම් විසකුරු දැයි තමන් විශ්මයට සහ වික්ෂිප්තභාවයට පත් වී සිටින බව ෆෙන්ග් පවසන්නීය ෆැන්ග් යනු ආරූඩ නාමයකි. ඇයගේ සැබෑ නාමය වැන්ග් ෆැන්ග් ය. ඇය පවසන පරිදි තමන්ට එරෙහි වී ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ. ඇයට පරිභව කොට එවා ඇති පණිවිඩ දහස් ගණනකි; ඒ අතර මරණ තර්ජන ද පවතී. සමාජ මාධ්‍ය මත ඇය ලේබල් කොට ඇත්තේ ද්‍රෝහියෙකු වශයෙනි. චීනයට පහර දීම සඳහා බටහිර රටවල් සමඟ කුමන්ත්‍රණය කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. මෙම දින සටහන් ලිවීම සඳහා ඇමරිකානු ඔත්තු සේවය වන CIA සංවිධානයෙන් ඇයට මුදල් ගෙවා ඇති බවට ද ඇතැමුන් චෝදනා කර තිබුණි. මෙම චෝදනා කෙතරම් විසකුරු දැයි තමන් විශ්මයට සහ වික්ෂිප්තභාවයට පත් වී සිටින බව ෆෙන්ග් පවසන්නීය. "ඔවුන් මා කෙරෙහි දක්වන වෛරය මට තේරුම් ගන්න අපහසුයි. මගේ වාර්තා විෂය මූලිකයි; මෘදුයි." ඇය පැවසුවාය. තමන් වෙත එල්ල වී ඇති ප්රහාරයන්, චීනයේ සංස්කෘතික විප්ලවය සිදු වූ 1966-1976 කාල වකවානුව සිහිපත් කරවන බව ෆෙන්ග් පවසන්නීය. එම කාලය ඇතුළත උගතුන්ට සහ බටහිර සමඟ සබඳතා ඇති පිරිසට එරෙහිව ප්‍රචණ්ඩකාරී පාලනයක් තිබුණු බව ඇය ප්‍රකාශ කළාය. චීනයේ සංස්කෘතික විප්ලවය "විශේෂයෙන්ම සංස්කෘතික විප්ලවය සිදු වූ කාලයේ භාවිතයට ආ 'පන්ති අරගලය' සහ 'නිර්ධන පන්තියේ ආඥාදායකත්වය' වගේ වචන දැන් ආයෙත් මතුවෙලා. එහි තේරුම, චීන ප්‍රතිසංස්කරණයන් දැන් විනාශය සහ පිරිහීම කරා ගමන් කරමින් සිටිනවා." ලොව සෑම අස්සක් මුල්ලක් කරා ම කොරෝනාවෛරසය ව්‍යාප්ත වූ ආකාරය බලන කල වූහාන් දින 76කට හුදෙකලා කර තැබීමට ගත් තීරණය නිවැරදි බව ෆෙන්ග් පවසන්නීය. "වෛරසයේ තර්ජනය නොමැතිව අද අප ගෙවන ජීවිතය සඳහා අප ගෙවූ විශාල වන්දිය තමයි එදා ලොක්ඩවුන් වීම." අප්‍රේල් මාසයේ පටන් මේ දක්වා වූහාන් නගරය තුළින් කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා වී නොමැත. "දැඩි ක්‍රියාමාර්ග නොගත්ත නම් වූහාන් නගරයේ තත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට එන්න තිබුනා. ඒ නිසා මම රෝග පාලන ක්‍රියාමාර්ග සියල්ලටම මගේ සහයෝගය පල කළා." ෆෙන්ග් පැවසීය. වෛරසය පාලනය කරගැනීම අතින් චීනය සාර්ථක වූ නමුත්... ඇය තව දුරටත් කියා සිටියේ චීනය දෙස බලා අනෙකුත් රටවල්වලට ද පාඩම් ඉගෙන ගත හැකි බවය. "වෛරසය ව්‍යාප්ත වූ කාලය ඇතුළත සියලු ජන ඒකරාශී වීම් තහනම් කෙරුනා. සියලු දෙනා මුව ආවරණ පැළඳිය යුතු වුනා. නිවාස සංකීර්ණවලට ඇතුළු වීම සඳහා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දුන් QR කේත අවශ්‍ය වුනා. මම හිතන්නේ මේ වගේ ඉතා හොඳ පියවර ගැනීම නිසා තමයි චීනයට මේ වෛරසය පාලනය කරන්න හැකි වුණේ." උගත් පාඩම් වෛරසය පාලනය කරගැනීම අතින් චීනය සාර්ථක වූ නමුත් මුලදී බලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කළ යුතුව පවතින බව ෆෙන්ග් ගේ මතයයි. "මෙය පාලනය කර ගැනීම සඳහා එතරම් කාලයක් ගත වූයේ ඇයිදැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වුණේ නැහැ." ෆෙන්ග් ප්‍රකාශ කළාය. (Ai Fen) අයි ෆෙන්: වූහාන් පලාතෙන් මතු වූ වෛරසය ගැන මුලින් ම අනතුරු ඇඟවූ වෛද්‍යවරියක් මෙම වෛරසය "වැළක්විය හැකි සහ පාලනය කළ හැකි" බව මුලදී ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ ඇයිදැයි ෆෙන්ග් ප්‍රශ්න කරන්නීය. කෙසේ නමුත් මෙම වසංගතයෙන් චීනය පමණක් නොව ලෝකයම පාඩම් ඉගෙන ගත යුතු බව ඇය පැවසුවාය. "මානව අහංකාරකම සහ නොසැලකිල්ල නිසා තමයි වෛරසයට මේ තරම් පුළුල් ලෙස දිගු කාලයක් තිස්සේ ව්‍යාප්ත වෙන්න පුළුවන් වුනේ." ෆෙන්ග් ගේ දිනසටහන් මහාචාර්ය මයිකල් බේරී විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදි. "ඇය රාජ්‍ය විරෝධී කාන්තාවක් නොවෙයි. ආණ්ඩුව පෙරළිය යුතු බව ඇය පවසන්නේ නැහැ. වූහාන් ලොක්ඩවුන් කළ සමයේ තමන් දැකපු දේ, තමන්ට හිතුණු දේ සහ තමන් අත්දුටු දේ වාර්තා කළ එක් පුද්ගලයෙක් පමණයි." මහාචාර්යවරයා පැවසීය. ලොක්ඩවුන් සමය පුරා ෆෙන්ග් ගේ තනියට සිටියේ සිය බලු සුරතලා පමණි කෙසේ නමුත් එමගින් විශාල ප්‍රශ්න කීපයක් විමසිල්ලට ලක් කෙරෙන බව ඔහු පවසයි. "වසංගතය හැසිරවූ ආකාරය පමණක් නොවෙයි; චීන වැසියන්ට අවශ්‍යව පවතින්නේ කොයි ආකාරයේ සමාජයක් ද යන්නත් ඉන් ප්‍රශ්න කෙරෙනවා." ලොක්ඩවුන් සමය පුරා ෆෙන්ග් ගේ තනියට සිටියේ සිය බලු සුරතලා පමණි. 16 හැවිරිදි එම බලු සුරතලා පසුගිය අප්‍රේල් මාසයේ දී මිය යාම ඇගේ ජීවිතයට දැඩි කම්පනයක් ගෙන ආවේය. නමුත් ඇය එය විඳ දරා ගත්තාය. කවදා හෝ තමන්ගේ ම රට තුළ තම ග්රන්ථ යළි ප්රකාශනයට පත් වේය යන අපේක්ෂාවෙන් ෆෙන්ග් තවමත් ලියමින් සිටින්නීය. ඒ සටහන් ලිවීම ගැන කිසිදු පශ්චාත්තාපයක් නොමැති බව ද ඇය පවසන්නීය. "මම කවදාවත් නිහඬ වීමට එකඟ වෙන්නේ නැහැ." (වැඩි විස්තර ලාරා ඔවන් ගෙනි) BBC 100 Women names 100 influential and inspirational women around the world every year, and tells their stories. Follow us on Instagram and Facebook and join the conversation, using#BBC100Women. BBC 100 Women 2020: Who is on the list? |
බස් රථයක යට භාණ්ඩ ප්‍රවාහනයට සකස්කළ රඳවනයේ සැඟවී කිලෝමීටර් 80ක් ගමන් කළ චීන ළමුන් දෙදෙනෙකුගේ ඡායාරූප "අමතකකර දමනලද" ළමුන්ගේ සුබසාධනය පිළිබඳ සමාජජාලා මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබේ. | අමතක කරදමන ලද ළමුන් දකුණුදිග ගුවාංෂී (Guangxi) ප්‍රදේශයේ දුගී ග්‍රාමයක වාසය කරන, මාධ්‍ය මගින් නම් හෙළි නොකළ අදාළ ළමුන් දෙදෙනා යාබද ගුවාංඩොං (Guangdong) ප්‍රාන්තයේ සේවය කරන තම දෙමාපියන් වෙත මෙසේ ගමන්කර ඇත. එම දරුවන් අතුරුදහන්ව ඇති බව ඔවුන්ගේ ගුරුවරයා නොවැම්බර් 23 වෙනිදා පැමිණිළි කර ඇති අතර, එදිනම බස්නැවතුම් පොළක බසයක යට ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා රඳවනයක සිටියදී සොයාගන්නා ලදී. ළමුන් දෙදෙනා මඩ වලින් නැහැවී බස් රථයේ එල්ලී සිටින අයුරු ඡායාරූප හා වීඩියෝ මගින් පැහැදිලිව දර්ශනයවේ. 'දෙමාපියන් සොයාගන්න ඕන' Southern Morning Post (Nanguo Zaobao) පුවත්පතට අනුව ළමුන් දෙදෙනා අවුරුදු 8 - 9 වයසේ පසුවෙති. ආරක්ෂක අංශයට ඔවුන් හමුවූයේ බසය අතරමග නැවතුමක නවතා තිබියදීය. සැතපුම් තුනක පමණ "රළු බෑවුම්" සහිත මාර්ගයක ද ළමුන් දෙදෙනා ගමන් කර තිබුන අතර, ඔවුනට කරදරයක් නොවීම ගැන සේවකයෝ "පුදුමය" පළකළහ. "ඔවුන් ඉතා සිහින් සිරුරෙන් යුත් ළමයි. ඒ නිසා බස් රථයෙ යට ඔවුන්ට හොඳින් සැඟවී සිටින්නට පුළුවන්" එක් සේවකයෙක් පුවත්පතට පැවසීය. ප්‍රශ්න කිරීමේදී ළමුන් පිළිතුරු දීමට අකමැතිවූ බව සේවකයෝ පවසති. නමුත් එක් සේවකයෙක් පුවත්පතට පැවසුවේ; " අන්තිමට අපට තේරුනා මේ ළමයි දෙන්නට අම්ම තාත්ත නැතිව පාළුවෙන් සිටි බව. ඔවුන් මේ ගමන ආවෙ දෙමාපියන් නොදැක සිටින්නට නොහැකි නිසා" වාර්තාවන අන්දමට, ළමුන් දෙදෙනා එදින ම සවස ඥාතීන්ට බාරදී ඇත. 'ඉතා ඛේදජනකයි' අන්තර්ජාලයේ පළවූ මෙම පුවතින් බොහෝ දෙනා කම්පනය අන්තර්ජාලය පරිශීලනය කරන චීන ජනයා මෙම පුවතින් මහත් කම්පනයට පත්වීමෙන් එය සමාජ කතිකාවක් දක්වා වර්ධනයවී ඇත. ඡායාරූප පුළුල් ලෙස හුවමාරුවී ඇති අතර, බොහෝ අය 'ඉතා ඛේදජනකයි' යනුවෙන් එය විස්තරකර ඇත. " චීනයේ බොහෝ ළමුන් ඉතා කුඩා අවදියේ ම දෙමාපියන්ගෙන් ඈත්වී තිබෙනවා. ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන්නෙ කවුරුන්ද? ඔවුන්ගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ කවුරුන්ද?" යනුවෙන් එක් අයෙක් විමසා තිබිණි. මේ දරුවන් දුෂ්කර ගම්මානවලින් රැකියා සොයා නගරයට සංක්‍රමණය වන මිලියන ගණන් වන චීන දෙමාපියන්ගේය. ඔවුන්ගෙන් බොහොමයක් තම මුත්තණු මිත්තනියන් සමග ජීවත්වන අතර, තනිව ජීවත්වන අවස්ථාද ඇත. මෙම සිදුවීමට සම්බන්ධ ළමුන් දෙදෙනා පාසල් නේවාසිකාගරයක සිටි දෙදෙනෙකි. 'චීන සිහිනය අමිහිරි තැනකට' චීන සිහිනය මෙම සිදුවීම නිසා 2013දී කොමියුනිස්ට් පක්ෂයේ අදහසක් අනුව ජනාධිපති ෂී ජින්පින් ප්‍රචලිත කරන 'චීනයේ සිහින' නම් සංකල්පය, අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ අවමානයට ලක්ව ඇත. 2020දී දිළිඳුකම දුරලීම එහි එක් යෝජනාවක් විය. එක් පුද්ගලයෙක් සඳහන් කරන්නේ: "චීනයේ නැග්ම රඳාපවතින්නේ සංක්‍රමණික සේවකයන්ගේ ශ්‍රමය සූරෑකෑම මතය" යනුවෙනි. ඒ අදහසට සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් බොහෝ දෙනෙකුගේ එකඟතාව පළවී තිබේ. මේ "මෝඩ දරුවන්" දෙදෙනාට "චීනයේ සිහිනය අමිහිරි" වී ඇතැයි කියාසිටින තවත් අයෙක් "චීනයේ සිහිනය මෙවැනි දරුවන් සඳහාම වියයුතු නේද?" යි ප්‍රශ්න කරයි. වෙනත් තොරතුරු: |
වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි. | මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම බීබීසී සංදේශයට පැවසීය. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින 'උත්ප්රාසය' බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. (සාකච්ඡාවට සවන්දෙන්න) "අද දවසේ තියන ජාත්‍යන්තර ප්රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව," ඇය සඳහන් කළාය. නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් 'ප්රගතිශීලී' පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය. සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. |
ලොව වටා දිවි ගෙවන පුද්ගලයන් අතර කෝපය, මානසික ආතතිය මෙන්ම කනස්සල්ල දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව නවතම ගෝලීය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. | සෑම පුද්ගලයන් පස් දෙනෙකු අතරින් කෙනෙකු තමන් ඉතා ඉක්මනින් ශෝකයට සහ කෝපයට පත්වන බව පවසා තිබේ මේ සඳහා රටවල් 140ක දිවි ගෙවන පුද්ගලයන් 150,000ක් සමග සාකච්ඡා පවත්වා තිබෙන අතර, ඉන් තුනෙන් එකක් පැවසුවේ තමන් මානසික ආතතියෙන් පෙළෙන බවය. ඒ අතර, සෑම පුද්ගලයන් පස් දෙනෙකු අතරින් කෙනෙකු තමන් ඉතා ඉක්මනින් ශෝකයට සහ කෝපයට පත්වන බව පවසා තිබේ. වසරකට වතාවක් එළිදක්වන Gallup Global Emotions නම් වාර්තාවේ මිනිස් හැඟීම් ගැන මෙන්ම ඔවුන්ගේ ධනාත්මක සහ සෘණාත්මක අත්දැකීම් ගැන සිදු කළ සමීක්ෂණයක තොරතුරු ඇතුළත් විය. මධ්‍යම අප්‍රිකානු රටක් වන චැඩ් සෘණාත්මක හැඟීම් වැඩිම රටය. එමෙන්ම, පැරගුවේ ධනාත්මක හැඟීම් වැඩිම රට ලෙස වාර්තාවේ සඳහන් වේ. ධනාත්මක හැඟීම් අතරින් ඇමරිකාව 39වෙනි ස්ථානයේ පසුවන අතර එක්සත් රාජධානියට හිමිව ඇත්තේ 46වෙනි ස්ථානයයි. ඉන්දියාව 93වෙනි ස්ථානයේ පසු වේ. මෙයට සහභාගී වූ සෑම පුද්ගලයෙකුගෙන්ම අසා සිටියේ සමීක්ෂණය සිදු කිරීමට පෙර දින ඔවුන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳය. "ඔබ ඊයේ දින බොහෝ වෙලාවක් සිනාසුනා ද?", "ඔබට ඊයේ දින ගෞරවාන්විත සැලකුම් ලැබුණා ද?" වැනි ප්‍රශ්න සමීක්ෂකයන් අදාළ පුද්ගලයන් යොමු කර තිබේ. තමන් පෙර දින යම් සතුටක් ලැබූ බව 71% පුද්ගලයන් පැවසූහ. මානසික ආතතියෙන් පෙලෙන්නන් මෙන්ම ශෝකය සහ දොම්නසට පත්ව ඇති පිරිස ද වැඩි වී ඇති බව සමීක්ෂකයෝ පවසති. සමීක්ෂණයට සහභාගී කරගත් පුද්ගලයන් අතරින් 39%ක් පෙර දිනය කනස්සල්ලෙන් ගෙවා ඇති අතර, 35%ක් මානසික ආතතියෙන් පීඩා විඳ තිබේ. මේ තොරතුරුද කියවන්න: ධනාත්මක අත්දැකීම් වැඩිම රටවල් පහ සෘණාත්මක අත්දැකීම් වැඩිම රටවල් පහ පැරගුවේ, පැනමා සහ ගුවාතමාලා වැනි ලතින් ඇමරිකානු රටවල් කීපයක් ධනාත්මක අත්දැකීම් විඳින රටවල් අතර ඉහළින් සිටී. එම රටවලින් සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් වැඩි පිරිසක් පවසා ඇත්තේ "සෑම දිනකම ධනාත්මක හැඟීම් දැනෙන" බවය. "ජීවිතය දෙස ධනාත්මක ලෙස බලන්න" යැයි ලතින් ඇමරිකානු රටවල්වල දක්නට ඇති සංස්කෘතික ප්‍රවණතාව සමීක්ෂණයෙන් පිළිබිඹු වන බව ඉන් පෙන්වා දී තිබේ. සෘණාත්මක අත්දැකීම් වැඩිම රට වන චැඩ් හි දිවි ගෙවන පුද්ගලයන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් පැවසුවේ පසුගිය වසර තුළ කිසියම් හෝ අවස්ථාවක දී අත්‍යවශ්‍ය ආහාරපාන මිල දී ගැනීමට පවා ඔවුන්ට වෙහෙසීමට සිදු වූ බවය. එරටින් සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 61% පැවසුවේ ඔවුන් ශාරීරික වේදනාවලට ද මුහුණ දී ඇති බවය. දිගු කාලයක පටන් ගැටුම් පවතින චැඩ් හි යටිතල පහසුකම් අවම මට්ටමක පවතී. අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේ දී සමාජ සහ සෞඛ්‍ය සේවා ද ඇත්තේ අසතුටුදායක මට්ටමකය. කෙසේනමුත්, මානසික ආතතියෙන් පෙළෙන වැඩිම පිරිසක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ග්‍රීසියේය. ග්‍රීසියේ 59%ක් මානසික ආතතියෙන් පීඩා විඳින බව පවසා ඇති අතර, වැඩිහිටි ඇමරිකානුවන් අතරින් 55%ක ද මෙම තත්වය දැකගත හැකි බව වාර්තාවේ සඳහන් වේ. තවත් තොරතුරු: |
දස වසක් සම්පුර්ණ වූ ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. | දළ ගණන් බැලීම් වලට අනුව මේ වන විට මිලියන දෙකක් තරම් වූ ශ්‍රී ලාංකිකයින් ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන බවයි, ග්‍රවුන්ඩ් විව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව බීබීසී සංදේශයට කියා සිටියේ. රජයේ ඇස්තමේන්තු වලට අනුවශ්‍රී ලංකාවේ ජනගනයෙන් සියයට දොළහත් -දහසයත් අතර පිරිසක් අන්තර් ජාලය භාවිතා කරති. එම සංඛ්‍යාවට සාපේක්ෂව ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන් ගේ සංඛ්‍යාව තරමක් අඩු වුවද ෆේස් බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව නිතිපතා වැඩි වෙමින් තිබෙන බව සංජන හත්තොටුව පෙන්වා දෙයි. ෆේස් බුක් සමාජ මාධ්‍යට ජංගම දුරකථනය ඔස්සේ පිවීසෙන සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතරේ කාටුන් මාධ්‍ය ඔස්සේ සංක්ෂිප්තව අදහස් ප්‍රකාශ කිරීම ප්‍රචලිත වෙමින් තිබෙන බවත් සංජන හත්තොටුව කියා සිටියේය. අළුත් දේශපාලන කතිකාවතක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සක්‍රීය වී ඇති බවත් තමන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලබා ගන්නා තරුණ පරම්පරාව දිනා ගැනීම සඳහා දේශපාලනඥයින් මේ සමාජ මාධ්‍ය භාවිත කිරීමට නැඹුරු වීම පුදුමයට කරුණක් නොවන බවත් සංජන හත්තොටුව වැඩි දුරටත් කියා සිටියේය. |
ඕස්ට්‍රේලියාවේ රග්බි පාලක මණ්ඩලය සිය ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සිය ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කර ගෙන තිබේ. | නව ප්‍රධාන විධායකවරිය වන රේලීන් කාස්ල් (Raelene Castle) ඉතා කැපී පෙනෙන වාර්තාවක් සහිත ආකර්ෂණීය චරිතයක් බව ඇයගේ පත්වීම නිවේදනය කරන රග්බි ඕස්ට්‍රේලියා (Rugby Australia) ආයතනය පවසයි. ඒ අනුව කාන්තාවක ලෝකයේ ජාතික රග්බි පාලක මණ්ඩලයක නායකත්වයට පත් වූ පළමු වතාව එය වේ. එම තනතුර සඳහා 200 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් අත්දැකීම්වලින් පිරිපුන් රේලීන් කාස්ල් සමග තරග වැදී සිටි බව විශ්වාස කෙරේ. කාන්තාවක ලොව රග්බි පාලක මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශේෂ අවධානයක් යොමුකිරීම සතුටට කරුණක් බව සිය පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියාය. එහෙත් විශේෂයෙන්ම ක්‍රීඩාවේ පහළම තලයේ දී පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද විශේෂ කාර්යභාරයක් ඉටුකරමින් සිටින බව පෙන්වා දුන් ඇය, එබැවින් කාන්තාවක ප්‍රධාන විධායක තනතුරට පත්වීම "විශාල ඉදිරි පියවරක්" යයි තමන් විශ්වාස නොකරන බව ද සඳහන් කළාය. "ලැබුණු අවස්ථාව ගැන මම සතුටු වෙනවා." ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ නවසීලන්ත ජාතික කාන්තාවක වන රේලීන් කාස්ල්, මීට ඉහතදී නවසීලන්ත ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් ද ඇය කටයුතු කළාය. ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය |
මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව පුරා මේ දිනවල ව්‍යාප්තවෙමින් පවතී. | මළ දියණියගේ 'නොමළ හද' ළඟ කම්පිතව බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකාවේ විස්කොන්සින් හි සිට සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට ලුයිසියානා ප්‍රාන්තය වෙත සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි. සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි. ලූමන්ත් ජැක් නම් වූ පුද්ගලයාගේ පපුවට ස්ටේතස්කෝපය තබා සිය දියණියගේ හදවතේ ගැස්ම ඇසූ මොහොතේ බිල් කොනර්ට සිය කඳුළු සඟවාගත නොහැකි විය. ඇබී කොනර් නම්වූ තරුණිය මිය යාමෙන් අනතුරුව ඇයගේ හදවත ලූමන්ත් ජැක් සතුවුයේ ඇය අවයව පරිත්‍යාගශීලියකු වූ බැවිනි. හෘදයාබාධයකින් පෙළුණු ජැක්ට සිය ජීවිතයේ ඉතිරිව තිබුනේ තවත් දින කිහිපයක් පමණක් වුවත් ඇබීගේ පරිත්‍යාගශීලීත්වය ඔහුට ජීවිතය පිළිබඳ තවත් බලාපොරොත්තු එක් කළේය. "මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි." බිල් කොනර් සීබීඑස් පුවත්වලට පැවසීය. "මට ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් සතුටුයි. ඒ වගේම, මගේ දුව සමග එක්වන්නට ආයෙමත් මට අවස්ථාවක් ලැබුනා." යැයි ද ඔහු කීය. අවුරුදු 16 දී අවයව පරිත්‍යාග කරයි පසුගිය ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ කැන්කුන් සංචාරක නිකේතනයේ නිවාඩුවක් ගතකරමින් සිටි ඇබී සහ ඔහුගේ සොයුරා සිහිසුන් තත්ත්වයෙන් පිහිනුම් තටාකයක සිටියදී සොයා ගනු ලැබූහ. ඇබී, මෙක්සිකෝවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මියගියාය. පසුව ෆ්ලොරිඩා වෙත ගෙනෙන ලද ඇයව ජීව ආධාරක මත රඳවා තැබුණේ වෛද්‍යවරුන්ට ඇයගේ අවයව වෙනත් ඇයට බද්ධකිරීම සඳහා හැකියාව ලැබෙන තෙක්ය. එම සිද්ධියේදී ඇබීගේ සොයුරාගේ ජීවිතය ගැලවුණි. බිල් කොනර් පවසන පරිදි ඇබී සිය අවයව පරිත්‍යාග කිරීමේ තීරණයට එළඹෙනවිට ඇයගේ වයස අවුරුදු 16කි. ඔහු පෙන්වා දුන්නේ ඇය කවදත් මිතුරන් ඇතුළු උපකාර අවශ්‍ය ඕනෑම අයෙකු වෙනුවෙන් ඉදිරිපත්වූ බවය. බිල් කොනර් (වමේ), ඇබී (මැද) සහ දිවිගලවාගත් සොයුරු ඔස්ටින් (දකුණේ) අවයව පරිත්‍යාගකිරීමේ වැදගත්කම පන්වාදීම සඳහා පාපැදි ධාවනයක් ඇරඹීමට තීරණය කළ ඇබීගේ පියාවන බිල් කොනර්ගේ අරමුණ වුයේ කිලෝමීටර 4,000ක ( සැතපුම් 2,600) මග ගෙවා දමමින්, සිය දියණියගේ සිරුර තබා තිබු ෆ්ලොරිඩා හි බ්රෝවෝර්ඩ් සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමය. පියවරුන්ගේ දිනයේදී බිල් සහ ජැක් හමුවූහ එහෙත් ගමනෙන් කිලෝමීටර 2,250ක් (සැතපුම් 1,400) පමණට ළඟාවද්දී ඔහුට දැනගැනීමට ලැබූනේ සිය දියණියගේ හදවත සමගින් ජීවත්වන ජැක්, පියවරුන්ගේ දිනයේදී හමුවීමේ අවස්ථාවක් ඇති බවකි. ඇබීගේ අවයව ලැබූ සිව්දෙනෙකුට ලිපි යවා තිබූ ඇයගේ සිරුර භාරයේ තබා සිටි සායනය ඔවුන්ගෙන් ඉල්ලා තිබුනේ බිල් කොනර් හමුවෙන ලෙසය. ඇබීගේ හදවත ලැබීමට පෙර ඉතා වේගයෙන් සිය හදවතේ පැවැත්ම පිරිහීමට ලක්ව සිටි ජැක් ද ඔවුන් සිව් දෙනාට අයත්විණි. "ඇය මට ජීවිතය දුන්නා. ඕන වුණත්, මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ" යැයි කියා සිටි ජැක්, "කරන්නට පුළුවන් එකම දේ තමයි, ඇයගේ පවුලට මගේ ආදරය පිරිනැමීම" බව සඳහන් කළේය. බීබීසී වෙත අදහස් දැක්වූ ලුයිසියානාහි අවයව ලබාගැනීමේ ආයතනයේ ප්‍රකාශිකා මේරි ක්ලෙමෙනොක් පැවසුවේ ඇබීගේ පියා සහ ජැක් හමුවූ අවස්ථාව අතිශයින්ම හැඟුම්බර වූ බවය. "බිල්ට තමන්ගේ දුවගේ හදවතේ ගැස්ම අහන්නට ලැබුණා. ඔහු ඒ හඬ පටිගත කරගත් නිසා ඔහුගේ ජීවිත කාලය පුරාම එය ඔහු ළඟ තබාගන්නට හැකි වේවි. එය සැබවින්ම අපූරුයි" ඇය පැවසුවාය. |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා පත් කළ කමිටුවෙන් සනත් ජයසූරිය ඉල්ලා අස් වී තිබේ. | ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මගින් ජාතික කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා ඉහත කී කමිටුවක් පත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියට අමතරව නිශාන්ත රණතුංග, ජයනන්ද වර්ණවීර, ඩුෂාන් සොසා, හිරන්ත පෙරේරා, රංජිත් ප්‍රනාන්දු හා ශම්මි ද සිල්වා යන සෙසු සාමාජිකයෝ එම කමිටුවට ඇතුළත් වූහ. ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති සනත් ජයසූරිය ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාසට විද්‍යුත් තැපෑල මගින් දන්වා ඇති බවයි ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ. මාවන් ? ජාතික පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා වූ කමිටුව රැස් වූ අවස්ථාවේ සනත් ජයසූරිය සහ ශම්මි ද සිල්වා එහි නොසිටි බව චන්නක ද සිල්වා වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර මීට පෙර තෝරා ගත් අයදුම්කරුවන් නව දෙනෙකු අතරින් මාවන් අතපත්තු සහ තවත් අයදුම්කරුවෙකු අවසන් වටය සඳහා තෝරා ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. පුහුණුකරුවෙකු තෝරා ගැනීමේ කමිටුව තුළ තම වෘත්තීය කර ගෙන යෑමේදී එල්ල වූ බාහිර පීඩන හේතු කොට ගෙන සනත් ජයසූරිය ඉල්ලා අස්වීමට තීරණය කළ බවට විශ්වාස කෙරේ. සනත් ජයසූරියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය විසින් භාර ගෙන තිබේද යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැත. |
නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප නියම කිරීමේදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට ක්‍රියාධරයෝ චෝදනා කරති. | 'වන අලි පොදු දේපළකි, විනිසුරන්ටත් නීතිය පොදුයි' දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් එම චෝදනාව එල්ල කළේ, නීතිය සෑම අයකුටම එක සමාන ලෙසින් ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් කොළඹ පැවති නිහඬ විරෝධතාවය අවස්ථාවේ අදහස් දක්වමින්. පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරී විසිනුයි අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට එම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණේ. කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් අදහස් දක්වමින් එය කිසිසේත්ම අධිකරණයේ ස්වාධිනත්වයට කරන බලපෑමක් නොවන බව අවධාරණය කළේය. විරෝධය හමුවේ විරෝධය 'අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීම' හෙලා දකිමින් තවත් විරෝධතාවයක් එම විරෝධතාවයට සමගාමීව අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන බවට චෝදනා කරමින් තවත් විරෝධතාවයක්ද ඒ අසලම පැවැත්විණ. එහිදී අදහස් පළ කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිවේදී ගුණරත්න වන්නිනායක, අධිකරණයේ ස්වාධිනත්වයට එල්ල කෙරෙන බලපෑම් තරයේ හෙලා දකින බව පැවසීය. යම් විනිසුරුවරයෙකුගේ තීන්දුවක් ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඊට එරෙහිව ඉහල අධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබියදී මේ ආකාරයෙන් කටයුතු කිරීම හෙලා දකින බවත් ඔහු පැවසීය. විරෝධතාවයන් පැවැත්වෙන අතරවාරයේ අධිකරණ සේවා කොමිසම ඉදිරිපස පොලිස් ආරක්ෂාව තර කර තිබුණ බවත් කේඑස් උදයකුමාර් සංදේශයට වාර්තා කළේය. |
හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. | සිය පාරම්පරික ඉඩම් පවරාගැනීමට උත්සාහ දරන බව පවසමින් හම්බන්තොට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණවල එබැවින් 'ඉතා රහසිගත ආකාරයෙන් සිදුකිරීමට සැරසෙන' මෙම ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය අවලංගු කරන්නැයි ඉල්ලා සිටිමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ ගනුදෙනුව තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් සහ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබාදෙන තුරු ඉඩම් පැවරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පණවන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ඉඩම් පැවරීමට අදාළ ගීවිසුම රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව පවසන පෙත්සම්කරු, ගිවිසුමේ කොන්දේසි පිළිබඳව මහජනයා දැනුවත් කර නොමැති බවටත් චෝදනා කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමති මණ්ඩලයේ සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම්කර තිබේ. සිය පාරම්පරික ඉඩම් චීන සමාගම්වලට පවරාදීමට උත්සාහ දරන බව පවසමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවල නිරතව සිටියහ. එහෙත් හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බවටත්, ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබා දෙනු ලබන්නේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම බවත් ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන් ප්‍රතිඥා දී තිබේ. |
ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරයක් ගෙනයාම ඇතුළු පංචවිධ වැඩ පිළිවෙලකට සංවිධාන ගණනාවක් එක්වී තීරණය කොට තිබේ. | සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව මනෝ ගනේෂන් පවසයි මෙතෙක් කල් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන වලට අමතරව තවත් පක්ෂ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග කොළඹදී පැවැති සාකච්ඡාවකදීයි මේ තීරණයට එළැඹී තිබෙන්නේ. ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ හිටපු හමුදාපතිවරයාත් එක් කොට ගෙන දියත් කිරීමට අපේක්ෂා කැරෙන මෙම ව්‍යාපාරයේදී සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව, දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම් කාර මාණ්ඩලික ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේය. පොදු සමාවක් දිය නොහැකිනම් ඔවුන් වහාම බන්ධනාගාරයෙන් නිදහස් කොට පුනරුත්ථාපන කඳවුරු වලට මාරු කොට සමාජගත කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බවද හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. "මේ දේශපාලන සිරකරුවන් අතර තුන් පිරිසක් ඉන්නව. එකක් තීන්දුවක් ලබාගත්ත අය, දෙවැනි කොටස තවමත් නඩු යන අය, තුන්වෙනි කොටස තමයි නඩුවකුත් නෑ තවමත් පොලිස් පරීක්ෂණ අවසන් වෙලත් නැති අය" ඔහු පැවසීය. "අපේ ඉල්ලීම මේ ඔක්කොටම සමාවක් දෙන්න කියන එකයි," මනෝ ගනේෂන් සඳහන් කළේය. |
ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර බදාදා (සැප් 09) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 10 දෙනෙක්වත් මරුමුවට පත්වූහ. | තුවාල ලැබූ 15 දෙනෙක් පමණ රෝහල්ගත කෙරිණි පළමු උප ජනාධිපති අම්රුල්ලාහ් සලේහ් ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කර තිබේ. ඇෆ්ඝනිස්තාන බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන සලේහ්, සුළු පිළිස්සුම් තුවාල ලැබුවත් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත. පිපිරීම වූ ස්ථානයෙන් විශාල කළු දුමාරයක් නැගෙන අයුරු, සිද්ධියෙන් සුළු වෙලාවකට පසු පටිගත කරන ලද වීඩියෝ දර්ශනවල දැකගත හැකිය. මෙම පිපිරීම වූයේ ඇෆ්ඝන් නිලධාරීන් හා තලිබාන් සංවිධානය සිය පළමු නිල සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදීය. උප ජනාධිපති සලේහ් තාලිබාන් සංවිධානයට විරුද්ධ මත දරන්නෙකු ලෙස හැඳින්වේ. ඔහු මීට පෙර ඝාතන ප්රයත්න කිහිපයකදීම දිවි ගලවාගත් අතර, පසුගිය වසරේදී ඔහුගේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයේදී පුද්ගලයන් විසිදෙනෙක් මියගියහ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තාලිබාන් ප්‍රකාශක සබිහුල්ලාහ් මුජාහිඩ් පැවසුවේ ප්‍රහාරයට සිය සන්නද්ධ කණ්ඩායමේ සම්බන්ධයක් නැති බවකි. සිය සේවාස්ථානයට යමින් සිටි උප ජනාධිපති සලේහ් ගේ මෝටර් රිය පෙළ ප්රහාරකයන්ගේ ඉලක්කය වී ඇති බව ඇෆ්ඝනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පිපිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ උප ජනාධිපති සලේහ්, සිය දේශපාලන ක්‍රියාකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යන බවට සපථ කළේය. වහාම ඔහු මුණ ගැසුණු ඇෆ්ඝනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි, ප්‍රහාරය හෙළා දුටුවේය. "ත්රස්තවාදීන්ටත් ඔවුන්ගේ විදේශීය සහයකයින්ටත්, සාමය පිළිබඳ ජනතාවගේ ඇති බලවත් විශ්වාසය මෙන්ම ප්රජාතන්ත්රවාදය හා අප රටේ දීප්තිමත් අනාගතය බිඳ දැමිය නොහැකියි." යයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ඝානි පැවසීය. ඇෆ්ඝනිස්ථානයේ සිටින යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ද ප්‍රහාරය හෙළා දිටීය. දිගු කලක් පමාවෙමින් තිබූ, තාලිබාන් සංවිධානය සමග සාකච්ඡා කටාර් හිදී ඇරඹීම සඳහා ඇෆ්ඝන් නිලධාරීන් සුදානම් වෙමින් සිටියේ වසර ගණනක ලේ වැගිරීමකින් අනතුරුව දේශපාලන සංහිඳියාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිවය. |
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරනුවස් හමුදාවට විශාල මෙහෙයක් කළ හැකි බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පවසයි. | ‘ජාතික සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කර ඇති මෙහෙවර සහ කළ හැකි මෙහෙවර තව බොහොමයක් තිබෙනවා. ඒ වගේම එම මෙහෙවර කිරීමට අපි සෑම වෙලාවකම අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන බව කියන්න කැමතියි ’ හමුදාපතිවරයා කියා සිටියේය. හමුදාපතිවරයා ඒ බව පවසා සිටියේ යුද්ධය නිමා වී වසර හයක් ගත වන හෙට දිනයේ මාතර දී පැවැත් වීමට නියමිත 'ජාතික රණවිරු උපහාර සැමරුම' පිළිබඳ අදහස් දැක්වීම සඳහා කොළඹ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කැප වී සිටින බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳහන් කළේය. දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා යුද හමුදාව සාමය වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ. මේ අතර ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ තවත් ජන කොටසක් යුද්ධයෙන් මියයාම යුද ජයග්‍රහණයක් ලෙස සැමරීමට සුදානම් නොවන බවයි. 'බෙදුම්වාදයෙන්' රට ගලවා ගැනීම සඳහා දිවි පිදූ එමෙන්ම ආබාධිත තත්වයට පත් ආරක්ෂක අංශවල සාමාජිකයන් එදින සමරන බවයි ආණ්ඩුව පවසන්නේ. |
එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. | ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එඩින්බරා විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ උත්සවයේදී වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ පවසති. සියවසකට පෙර ලබාගත් මෙම අස්ථි විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ කොටසක් ලෙස තැන්පත් කර තිබිණි. විශ්වවිද්‍යාලයේ 'ප්ලේෆෙයා' පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයක දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල ප්රදානය කර ඇත. "වැදි සමාජය තුළ මරණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. අපෙන් වෙන්ව ගිය අයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා," ආදිවාසී නායකයා පැවසීය. "ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා" "මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණත්, ඔවුන්ගේ ආත්මය අපි සමඟ ශ්‍රී ලංකාවේ රැඳී සිටියා." "ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. මෙය මගේ මිනිසුන්ට අති විශේෂ අවස්ථාවක්," ඔහු තවදුරටත් පැවසුවේය. විවිධ ද්‍රව්‍යය 12,000ක් පමණ තැන්පත් කර ඇති විශ්වවිද්‍යාලයේ අදාළ අංශයට මෙම හිස්කබල ලැබුණ ආකාරය අපැහැදිලිය. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වැදි ජනයා කරන ප්‍රකාශය නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ ජර්මනියේ සහ එඩින්බරා පරීක්ෂකයෝ පවසති. වැදි ජනයා සිය මුල් යුගයේ දී වැසි වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ කොටසක් බව ද ඔවුන් පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාලය මෙම හිස්කබල වැදි ජනයාට නැවත භාර දීමට සිදු කළ යෝජනාව ඔවුහු පිළිගත්හ. වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායක දඩයම්කරුවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදිවාසීන් සැලසුම් කර තිබේ. ඉඩම් අහිමිවීම සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ජීවන රටාව තවත් පරම්පරා දෙකක් ඇතුළත අභාවයට යනු ඇතැයි පරීක්ෂකයෝ පවසති. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් එඩින්බරා විශ්වවිද්‍යාලයට පැමිණීම ගැන තමන් දැඩි ලෙස සතුටු වන බව ව්‍යූහ විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය ටොම් ගිලින්වෝටර් පැවසීය. "අපේ අංශයේ තිබෙන විවිධ ද්‍රව්‍යය පරීක්ෂණ සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ද නිතර භාවිත කරනවා," මහාචාර්යවරයා පැවසීය. මේ තොරතුරුද කියවන්න: "සංස්කෘතික වටිනාකමක් මෙන්ම වැදි ජනයාගේ ඉතිහාසය ගැන ඉදිරි පරම්පරාවලට දැනගත හැකි මේ වගේ දේවල් නැවත ලබා දෙන්නට හැකි වීම ගැන අපි සතුටු වෙනවා," ඔහු පැවසුවේය. |
වංචනික ලෙස ඉන්දීය පොලිස් සේවයට බැඳීමට උත්සාහ කළ දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසයි. | ශාරීරික යෝග්‍යතාව මැන බලන අනිවාර්ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් වී නොමැති සැබෑ අයදුම්කරුවන් ඒ සඳහා කුලියට ගත් වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති බව බලධාරීහු කියා සිටිති. අලුතින් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන ලද පරීක්ෂණයට ඉදිරිපත් වූ අයදුම්කරුවන් විසින් ව්‍යාජ ලිපිලේඛන සකස් කර ඇති බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය. ප්‍රශ්න පත්‍ර වංචාවකට සම්බන්ධ තුන්සිය දෙනකු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මීට සති කිහිපයකට පෙරද බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය. වාර පරීක්ෂනයක් අතරතුර පාසල් සිසුන්ට උත්තර පත්‍ර ලබා දී වංචා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ බොහෝ දෙනෙක් සිසුන්ගේ දෙමව්පියෝ වූහ. |
දෝෂාභියෝග විමර්ශනයෙන් අනතුරුව අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්නක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි අවධානය පළ වී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා පවසයි. | අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ආණ්ඩුව ගත් පියවර පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා සහ කැනඩාවේ අගමැතිවරයා ද දැඩි අවධානය පළ කොට තිබේ තත්ත්වය පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන මහ ලේකම් කමලේෂ් ශර්මා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, තමා ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට ද බලාපොරොත්තු වන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්, ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව මීළඟට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ දී සාකච්ඡාවට ගන්නා බව පවසයි. එමෙන්ම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කරන බව ද නිවේදනයේ සඳහන්. 'දේශපාලන අරමුණක්' අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර "දේශපාලන අරමුණකින්" යුතු වූ අතර, එහි කිසිදු විනිවිද පෙනෙන සුළු භාවයක් නොවූ බවත් අගමැතිවරයා ප්‍රකාශ කරයි. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) මේ අතර පවසන්නේ පවතින වාතාවරණයට එරෙහිව ගත හැකි එකම ක්‍රියාමාර්ගය ජනතා උද්ඝෝෂණයක් පමණක් බවයි. ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයක් පවතින බවට පැවති "දේශපාලන මිථ්‍යාව" බිඳ දැමීම පිලිබඳව පාලකයන්ට සිය ස්තුතිය පිරිනමන බවද සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් දෝෂාභියෝගය පිළිබඳව මහා සංඝයා වහන්සේගෙන් පළවුණේ එකිනෙකට පරස්පර අදහස්. එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් බවයි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් සංදේශයට කියා සිටියේ. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට "දේශීය සහ විදේශීය කුමන්ත්රණකරුවන්" දැරූ උත්සාහය අසාර්ථක වූ බව ද එහිමියෝ පැවසූහ. 'දේශීය සහ විදේශීය කුමන්ත්රණකරුවන්' කෝට්ටේ නාග විහාරස්ථානයේ විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පවසන්නේ මෙය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පිලිබඳ ගැටලුවක් නොව රටේ නීතියේ ආධිපත්‍යය පිලිබඳ ගැටලුවක් බවයි. ආණ්ඩුව මෙම තීන්දුවට එළඹුණේ රටේ මහානායක හිමිවරුන් සියලු දෙනාගේම ඉල්ලීම් පවා නොතකා හරිමින් බව ද සෝභිත හිමියෝ සංදේශයට කියා සිටියහ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මතය පැහැදිලි කරන අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි සංදේශයට කියා සිටියේ, විශේෂයෙන්ම සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලියේදී ජනමාධ්‍ය මඟින්ද අධිකරණයේ ගෞරවය කෙලෙසීම පිලිබඳ තම අවධානය පල වී තිබෙන බවයි. රටේ අනාගත පරපුරේ අනාගතය සුරක්ෂිත වන පරිදි ගැටලුව විසඳා ගන්න මෙන් අන්ද්‍රාදි රදගුරු හිමියෝ අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිති. මුස්ලිම් ප්‍රජා නායකයෝ ද දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරති. සාධාරණය හා සාමය සඳහා වන පෙරමුණේ සභාපති නජා මොහමඩ් සංදේශයට කියා සිටියේ 1978 ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලබා දෙන ලද අසීමිත බලය මේ ගැටලුවට ප්‍රධානම හේතුව බවයි. රටේ සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් සුරකින ව්‍යවස්ථාවක් අද ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබෙන බවයි, ඔහු පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
මීරියබැද්ද නායයෑම් වලින් අවතැන්ව කඳවුරු වල ජීවත් වෙන ජනතාව ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මැසිවිලි පළ කරති. | නායයෑමේ දී දිවි බේරුණ දරුවන් කඳවුරක ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මීරියබැද්ද ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ, වතු හිමියන් විසින් ඉක්මනින් කඩිනම් පියවර ගනු නො ලැබීම සම්බන්ධයෙන් අවතැන් ජනතාව වතු බලධාරීන් සමඟ බහින්බස් වීම් පවා දක්නට ලැබුණ බවයි. වතු බලධාරීන් ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකරන බවට සහ කම්කරු ජීවිත ගැන ඔවුන් සැලකිල්ලක් නොදක්වන බවට අවතැන් ජනය චෝදනා කරන බවයි, මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පවසන්නේ. තමන්ට අලුතින් දීමට යන්නේත් කලින් මෙන් අනාරක්ෂිත ස්ථාන බව වතු කම්කරුවන් පෙන්වා දෙන බවයි මාධ්‍යවේදියා සඳහන් කළේ. මේ අතර තවත් වතු කීපයක සිදු විය හැකි නායයෑම් ගැන අදහස් පළ වීමෙන් කම්කරුවන් නොසංසුන් වී සිටින අතර නිලධාරීන් එම ජනතාව සංසුන් කිරීමේ ප්රයත්නයක නිරත වී සිටි බවත් ලසන්ත ද සිල්වා වාර්තා කරයි. ළමුන්ගේ ඉරණම බීබීසී දෙමළ සේවයේ වාර්තාකරු පොන්නයියා මානික්කවාසගම් සෙනසුරාදා (01) අවතැන් කඳවුරුගත ළමුන්ගේ තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම සංචාරයෙන් අනතුරුව බීබීසී මාධ්‍යවේදියා සංදේශයට ප්‍රකාශ කළේ, ළමුන් සමඟ සාකච්ඡා කිරීමට තමාට නිලධාරීන් ඉඩ නොදුන් බවයි. ‘පාසල්වල පවත්වා ගෙන යන කඳවුරුවල ළමයි විශාල සංඛ්‍යාවක් සිටියා. නායයෑමේ දී දෙමව්පියන් අහිමි වූ ළමයි අනිකුත් ළමයින් සමඟයි සිටියේ. මම එහි සිටින විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙහෙයුමෙන් එම ළමුන් සඳහා මානසික සහ සමාජ ක්‍රියාකාරිත්ව වැඩ සටහනක් ආරම්භ කරන්නට කටයුතු කෙරෙමින් තිබුණා’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් පවසයි. දුක තැවරුණ මුහුණින් අවතැන් ජනයාට අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ලැබුනත් එම ජනතාව බලවත් සංවේගයෙන් පසු වෙනු දක්නට ලැබුණ බවයි මාධ්‍යවේදියා පවසන්නේ. ‘එම ජනයාට සන්තෝෂ වෙන්න බැහැ. දුකිනුයි කාලය ගෙවන්නේ. තමන්ගේ අනාගතය කුමක් ද? ඊ ලඟට වෙන්නේ කුමක් ද? මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරමිනුයි ඔවුන් ඉන්නේ’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් කඳවුරු ගත ජනයාගේ තත්වය විස්තර කරයි. |
පාස්කු ප්‍රහාරය මෙන්ම "ත්රස්තවාදයේ තවත් ස්වරූප" පවතින බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. | "ඒ තමයි විස ආහාර කැවීමේ ත්‍රස්තවාදය. අවාසනාව SLS ලාංජනයත් විශ්වාස කළ නොහැකි තත්ත්වයට රටවැසියා අසරණ වෙලා තිබෙනවා. අනෙක් ත්‍රස්තවාදය දුරාචාරයේ ත්‍රස්තවාදය. දුරාචාරයේ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුවෙනුත් නැගෙනවා. මේ සියලු ත්රස්තවාදයන් ත්රස්තවාදමයි. ජනතාව විනාශ කරන, රටේ ප්‍රගතිය විනාශ කරන සාමය විනාශ කරන මේ සියලු ත්රස්තවාදයන් නැති කරලීමේ මහා වගකීම රජය සතුයි," යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් "සමිදුන් වෙතගිය මිනිසුන්" මැයෙන් බදාදා (අප්‍රේල් 21) පැවති අනුස්මරණ අවස්ථාවට සහභාගී වෙමිනි. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ විදෙස් තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ. එහිදී අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බවය. "මේ මොහොත වන තෙක් අප විමසමින් සිටියා එවන් මහා ධනස්කන්ධයක ආධාරයෙන් අපේ විපතට පත් පවුල් නැගී සිටියාද යන්න. එහෙත් ඒ සඳහා නිසි තොරතුරක් නැති නිසා අපි අද රහස් පොලිස් මූලස්ථානයට පවරනවා වගකීම මේ බිලියනයක මුදලට කුමක්ද වුනේ? මේ අනතුරට පත් වුනු ජනතාව වෙනුවෙන් මේ මුදල් වියදම් කළාද? අදත් අසරණ වුනු මිනිස්සු, තමාගේ පවුලේ වගකිවයුත්තා මිය ගිය නිසා අසරණ වුනු පවුල් වෙනුවෙන් මේ මුදල් වැය කළාද කියන ප්රශ්නය අපි රජයට, රහස් පොලිසියට භාර කරනවා ඒ පිළිබඳ තොරතුරු හොයන්න." පසුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (සීඅයිඩිය) වෙත පැමිණි උන්වහන්සේ අදාළ ආධාර මුදලට කුමක් සිදුවීදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මේ ගැනත් කියවන්න: |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර වන එහි සභාපති ධුරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි. | කලකට පෙර ගත් මෙම ඡායාරූපය තවමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිවසේ බිත්තියක එල්ලා තිබෙන අයුරු බීබීසී කැමරාවට හසු විය. ඊයේ (14) රාත්‍රියේ දී කොළඹදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ හමුවක දී හිටපු ජනාධිපතිවරයා මෙම එකඟතාවය පල කළ බවයි බිබිසියට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරියෙකු පැවසුවේ. දේශපාලනයෙන් සමු ගැනීමට? ඊයේ පැවති සාකච්ඡාවේදී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කරන බවට හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයාට පවසා ඇති බවද ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් බිබිසියට පැවසුවේ. බොහෝ දුරට හෙට පැවැත්වෙන එම රැස්වීමට හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා සහභාගී විය හැකි බවයි ඔහු පැවසුවේ. මේ අතර අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් සමග නව ජනාධිපතිවරයා පැවැත්වීමට යොදා ගෙන තිබූ රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ගනු දෙනුවක්? දින කිහිපයකට පෙර නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා හදිසියේ එම තනතුර අත්හැරීමට තීරණය කර ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් විය හැකි බවයි මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙකු කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නව ජනාධිපතිවරයා හා එක්වීමට සුදානමින් සිටීමද මෙම තීරණයට බලපෑ එක් කරුණක් විය හැකි බවයි ඔහු පැවසුවේ. විරවංශ හා ගම්මන්පිල මේ අතර ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවට හිටපු අමාත්‍ය විමල් විරවංශ සහ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි. මේ නව තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුටම මෙම නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා දීමේ සුදානමක් ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් වංචා දූෂණ චෝදනා ඇති හිටපු අමාත්‍යවරුන්ට ඉදිරි මැතිවරණයේ දී නාම යෝජනා ලබා නොදෙන බව නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇති බවද වාර්තා වේ. |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් රජයේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. | නව අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන් අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද එක් වී සිටියේය. කැබිනට් අමාත්‍යවරුන් ලෙස අමාත්‍යවරුන් එකොළොස් දෙනෙකු දිවුරුම් දී තිබේ. කැබිනට් අමාත්‍යවරු කැබිනට් අමාත්‍ය ධුරවලට අමතරව නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරු පස් දෙනකු දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරු මීට අමතරව දයා ශ්‍රි තිසේරා, තිස්ස කරලියද්ද, රංජිත් සියඹලාපිටිය , ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලලිත් දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ශාන්ත බණ්ඩාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ. |
ආණ්ඩුවේ ඇමතිවරයකු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට පල වන වාර්තා පිළිබඳව සිය අවධානය යොමු වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී. | රටේ දේශපාලන පරිසරය පෙළ ගැසෙන ආකාරය අනුව තම පක්ෂය තීරණයකට එළඹෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස කුමන ආකාරයෙන් ඉදිරිපත්වුවත් සිය පක්ෂයේ සහාය හිමි නොවන බවයි ඔහු පැවසුවේ. විශ්වාසය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසය රටේ ජනතාව තුළ නැති බවත් ඔහු පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම රජයට බල කරන්නේ නීති විරෝධී ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පරිබාහිරව නීති විරෝධී ලෙස ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඊට එරෙහිව ඔහු පැරදවීම සඳහා උපරිම ලෙස මැදිහත් වීමක් කරන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් කවර අවස්ථාවකදීවත් ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය. බරපතළ තත්වයක් රටේ නීතියට පිටින් වැඩ කරන ජනාධිපතිවරයෙකු යළිත් රටේ නායකයා වීම අනාගතයේ දී බරපතළ තත්වයක් ඇතිවීමට පාර කැපීමක් නිසා ඔහු පැරදවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය. |
ජපානයේ ප්‍රකෝටිපති යුසාකු මෙෂාවා (Yusaku Maezawa) සඳවට චාරිකාවක් සඳහා මහජනයාට ආරාධනා කරයි. ඒ සඳහා ඉඩ ඇත්තේ අටදෙනකුට පමණි. | යුසාකු මෙෂාවා(Yusaku Maezawa) යුසාකු මෙම සඳවට චාරිකාවේ නිරතවන්නේ ඊලොන් මස්ක් ගේ 'SpaceX' අභ්‍යවකාශ යානයකිනි. ඊලෝන් මස්ක් (Elon Musk) යනු 'SpaceX' අභ්‍යවකාශ තාක්ෂණික ව්‍යාපෘතියේ ප්‍රධාන කලමණාකරුය. 'SpaceX' ආයතනයේ ප්‍රධාන සැලසුම්කරු වන ඔහු රොකට් වැඩිදියුණු කරනු ලැබීම සහ අභ්‍යවකාශ චාරිකා මෙන්ම වෙනත් ග්‍රහලෝක කරා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ චාරිකා අධීක්ෂණය කරයි. ''සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා'' ට්විටර් පණිවුඩයක් මගින් යුසාකු මහජනයාට දැනුම් දෙයි. ඒ සඳහා අයැදුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පළකරනු ලැබ ඇත. මෙය සහමුළින්ම නොමිලේ ලැබෙන චන්ද්‍ර චාරිකාවකි. සියලු බරපැන දරනු ලබන්නේ යුසාකු විසිනි. මෙම චන්ද්‍ර චාරිකාව ''ආදරණීය සඳ'' යන තේරුම දෙන 'dearMoon' ලෙස නම්කරනු ලැබ ඇත. චාරිකාව ක්‍රියාත්මක කෙරෙන්නේ 2023 වසරේදීය. යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව සිදුකෙරෙන පළමු චන්ද්‍රිකා චාරිකාව වනු ඇත. මෙම සඳවට චාරිකාව සඳහා හවුල්වීමට අපේක්ෂාකරන අභ්‍යවකාශ මගීන් විසින් සපුරාලිය යුතු නිර්නායක දෙකකි. ඉන් පළමුවැන්න; 'SpaceX' මගීන් සිය සෙසු ගමන් සගයන්ට ඕනෑම මට්ටමක උපකාරයක් සිදුකිරීමට ඉදිරිපත්විය යුතුය. දෙවැන්න; සමාන අපේක්ෂා හුවමාරුකර ගනු ලබන යානයේ කාර්යමණ්ඩලයට සහයෝගය දීමට කැමැතිවිය යුතුය. ''මම සියලුම ආසන මුදල්ගෙවා වෙන්කර ගත්තා. මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්'' යුසාකු පවසයි. සඳවට සවාරිය සඳහා ආරාධනා කරන යුසාකු මෝස්තර ව්‍යාපාරයක් හිමි ධන කුවේරයෙකි. එපමණක් නොව, ඔහු කලා කෘතීන් එක්රැස් කරන්නකු ද වෙයි. ඔහුගේ පළමු සැලසුම වී තිබුණේ ''කලාකරුවන්''පිරිසකට 'Starship' අභ්‍යවකාශ රොකට් චාරිකාව සඳහා ආරාධනා කිරීමය.එහෙත් පසුව එම සැලසුම වෙනස්කර තිබෙන්නේ ලෝකය පුරා මිනිසුන්ට ඊට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමේ අදහසිනි. ටෙක්සාස්හි 'SpaceX' ආයතනයේ දර්ශනයක්(දෙසැම්බර් 2020) ''ඔබ ඔබ තුළ කලාකරුවෙක් යයි හඟින්නේ නම්, ඔබ කලාකරුවෙක්'' යුසාකු මෙෂාවා (Yusaku Maezawa)පැවසීය. යුසාකු පසුගිය වසරේ අභ්‍යවකාශ චාරිකාවක් සඳහා අලුත් මිතුරියක් සොයාගැනීමේ අටියෙන් තොරතුරු වාර්තාවක් පළකර තිබුණි. එහෙත් 'මිශ්‍ර හැඟීම්' හේතුවෙන් එම සංචාරය පසුව අවලංගු කරනු ලැබුණි. 2018 වසරේ දී ඊලෝන් මස්ක්ගේ අයිතිය සහිත සමාගම 'SpaceX' සඳවට සවාරියේ පළමු මගියා ලෙස යුසාකු නම්කරනු ලැබ තිබුණි. එහෙත් ඔහු එම චාරිකාව වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල අනාවරණය කොට නැත. කෙසේවුවද, එය විශාල මුදලක් බව දැනගන්නට ලැබෙයි. යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව කෙරෙන පළමු චන්ද්‍ර චාරිකාව වනු ඇත. 'SpaceX' සැලසුම්කරු ඊලෝන් මස්ක්(Elon Musk) කියවන්න; |
දකුණු ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ දහතුන් දෙනකුට ආසන්න පාසල් ළමුන් දුම්රිය අනතුරකින් මරණයට පත් වූ බවක් වාර්තා වෙයි. | අනතුර සිදුවූ ස්ථානයට පැමිණි මියගිය දරුවන්ගේ දෙමාපියන් පාසල් බස් රථයක් මාර්ග සඥා නොමැති දුම්රිය මාර්ගයක් හරහා ධාවනය කිරීමේ දී දුම්රියක ගැටීමෙනි අනතුර සිදුවී ඇත්තේ. පොලිසිය පවසන්නේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර සියයක් පමණ දුරකින් දුම්රිය හරස් පාරකදී මෙම අනතුර සිදු වී ඇති බවයි. බස් රථය පැදවූ රියදුරා ද අනතුරින් මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් නියෝග කර ඇත. බස් රථයේ ගමන් ගත් තවත් ළමුන් දහ නමයකට පමණ තුවාල සිදුවී ඇති නමුත් දුම්රිය මගීන්ට හානි සිදු වී නැති බවයි පොලිසිය පවසන්නේ. පසුගිය මස ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෙවැනිම අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් දස දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර මැයි මස උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ද පුද්ගලයන් විසි දෙනෙකු මිය ගොස් තිබේ. වාර්තා වලට අනුව ඉන්දියාවේ මාර්ග සඥා නොමැති පහළොස් දහසක් පමණ වූ දුම්රිය හරස් පාරවල් වල සිදුවන අනතුරු හේතුවෙන් වසරකට සියයකට අධික පිරිසක් මරණයට පත් වෙති. ඉන්දියාවේ මගී දුම්රිය නම දහසක් පමණ ධාවනයේ යෙදෙන අතර දිනකට මගීන් තුන් කෝටි තිස් ලක්ෂයක් දුම්රිය සේවය තම ගමනාගමනයට යොදා ගන්නා නමුත් දුම්රිය සේවයේ ආරක්ෂා සහගත බව ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. |
චීන සමාගමක් විසින් ඉදි කොට 2011 මාර්තු මාසයේ ආරම්භ කළ නොරොච්චෝලේ විදුලි බලාගාරය පසුගිය පස් වැනිදා විසි හය වැනි වරටත් අක්‍රිය වූ අතර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ එක් කොටසක්ද පසුගිය බ්‍රහස්පතින්දා අක්‍රිය විය. | 'කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා' එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 355 ක විදුලි ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බව වෘත්තීය සමිති පවසති. විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් බලාපොරොත්තු වූ පරිදි මේ වසරේ විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ප්‍රකාශ කරයි. "නොරොච්චෝලේ විදුලි බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම නිසා රු 9.50 ට විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අහිමි වී පෞද්ගලික තාප බලාගාරවලින් සහ විදුලි බිල මණ්ඩලේ තාප බලාගාර වලින් රුපියල් 28 කට වගේ විදුලිය ජනනය කිරීමට සිදුවී තිබෙනවා," යනුවෙන් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර බීබීසී සංදේශයට කියා සිටියේය. බලාගාර වල බිඳ වැටීම් හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් යොදා විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවද ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පෙන්වා දෙයි. 'ගලවා ඉවත් කළ බලාගාරයක්' "විදුලි බල මණ්ඩලයේ බලධාරීන් උත්සාහ දරමින් තිබුනා විදුලි බිල අඩු කරලා විශේෂයෙන් විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව සම්පුර්ණයෙන්ම අයින් කරන්න. නමුත් තාප විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම තුල මේ සිහිනය අද බිඳ වැටී තිබෙනවා," යනුවෙන්ද බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේය. ජල විදුලිය නිෂ්පාදනයද මේවන විට පහත වැටී ඇති හෙයින්, වර්ෂාව නොලබුනහොත් ඉදිරියේදී රාත්‍රී කාලයේදීත් විදුලිය කප්පාදු කිරිමක්ද සිදුවිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි. "නොරොච්චෝලේ අඩු ප්‍රමිතියකින් යුතු බලාගාරයක්. එහි පරිපාලනය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. චීන සමාගම නිසි පරිදි ඒ තාක්ෂණය ඉංජිනේරුවන්ට ලබා දීලා නැහැ." නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමේදී සිදුවූ වංචා සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවට ලංකා විදුලි සේවක සංගමය මේ අතර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මෙම බලාගාරයේ රාජකාරිය සදහා චීනයේ පුහුනුවිමවල යෙදුනු තම සංවිධානයේ සාමාජිකයන් පවසන පරිදි, චීනයේ ස්ථාපිත තිස් පස් වසරක් පමණ පැරණි බලාගාර ඔවුන් එහි රැඳී සිටි මාස හය තුල එක්වරක් වත් අක්‍රිය නොවීමත්, ශ්‍රී ලංකාවේ ස්ථාපිත බලාගාරය වසර තුනක් තුල 26 වතාවක් අක්‍රිය වීමත් අනුව, එහි දූෂණයක් සිදුව ඇති බව පෙනී යන්නේ යයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. "නොරොච්චෝලේ ඇයි මෙහෙම වෙන්නේ? ඉතාමත් පැහැදිලියි කල් ඉකුත් වෙච්ච්, ගලවා ඉවත් කළ බලාගාරයක් සරසා අටෝප කරල ගෙනල්ල හයිකරලා තියෙනවා," යනුවෙන්ද රන්ජන් ජයලාල් කියා සිටියේය. 'විදුලි කප්පාදුවක් නෑ' එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක වෘත්තීය සමිති නගන චෝදනා ප්‍රතික්ෂේප කරයි. නොරෝච්චාලේ බලාගාරයේ අදියර දෙක වෙනුවෙන්ම යොදා ගෙන ඇත්තේ නව යන්ත්‍ර බවයි, ඔහු සංදේශයට කියා සිටියේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය දිගින් දිගටම බිඳ වැටීමට හේතුව එහි යල් පැනගිය පැරණි යන්ත්‍ර සවිකිරීම දැයි සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. "එහෙම කියන්න බැහැ. සමහරවිට චීනයේ භාණ්ඩවල තත්වය පිළිබඳව යම් ප්‍රශ්න තිබෙනවා, ජර්මනියේ හදපු කාර් එකක් වගේ නෙවෙයිනේ චීනයේ හදපු එක?" යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ ප්රතිචාරයයි. විදුලි බලාගාර අක්‍රිය වුවත් රටට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කිරීමට හැකියාව තිබෙන බැවින් විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි. |
ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ. | "මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි" එක්සත් ජනපදයේ යුටා ප්‍රාන්තයේ ගිනිකොන දෙසින් පිහිටි දුර බැහැර ප්‍රදේශයක ගුවනේ පියාසර කරමින් බැටළුවන් ගණන් කිරීමේ යෙදුණු වනජීවී නිලධාරීන් මෙම "අසාමාන්‍ය" වස්තුව දැක තිබේ. ඔවුන් කියා සිටියේ මෙම වස්තුව රතු පාෂාණ අතර පිහිටි භූමියේ සිටුවා ඇති බවය. අඩි 10 සිට 12 දක්වා පමණ වූ උසින් යුත් මෙම කණුව එම ස්ථානයේ සිටවූයේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත. මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත දේශීය පුවත් නාලිකාවක් වන KSLTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙලිකොප්ටර් නියමුවා බ්‍රෙට් හචින්ස් පැවසුවේ "මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි," යනුවෙනි. හෙලිකොප්ටරයේ සිට විශාල අං සහිත බැටළුවන් ගණන් කරමින් සිටි ජීව විද්‍යාඥයෙකු පළමුවෙන්ම මෙම වස්තුව දුටු බව බ්‍රෙට් හචින්ස් පැවසුවේය. විශාල අං සහිත බැටළුවන් "ආ, ආ, හැරෙන්න, හැරෙන්න! කියා ඔහු කෑ ගැසීමත් සමග, මම 'ඇයි?' කියා ඇසුවා. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ යම් දෙයක් එතන තියෙනවා අපි ඒක බලන්න යන්න ඕන කියලා," බ්‍රෙට් හචින්ස් පැවසීය. බ්‍රෙට් හචින්ස් අනුමාන කරන්නේ මෙම කණුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ "කිසියම් නව කලාකරුවන්ගේ රැල්ලකට" අනුව හෝ ස්ටැන්ලි කුබ්රික් 1968 දී අධ්‍යක්ෂණය කළ 2001: අ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ රසිකයෙකු විසින් බවය. ආතර් සී ක්ලාක්ගේ නවකතා රචනයේ එන පරිදි, නොපෙනෙන පිටසක්වල ජීවියෙකු විසින් නිර්මාණය කරන ලද කළු කණු පිළිබඳ එම චිත්‍රපටය තුළ දැක ගත හැකිය. මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත. පිළිතුරු සොයමින් සිටින යුටා හි අධිවේගී මුර සංචාර අංශය මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල සටහනක් පළ කර තිබිණි. "විමසීම් සිදු කරන මනස් දැන ගැනීමට කැමතියි, මේ කුමක්ද කියලා? කවුරුන් හෝ දන්නවා ද?," ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබිණි. බොහෝ නිරීක්ෂකයින් උපකල්පනය කර ඇත්තේ එය මූර්ති ශිල්පියෙකු ඉතිරි කරන ලද කණුවක් ලෙසිනි. සමහරු එය කලාකරුවෙකු වන මියගිය ජෝන් මැක්රැකන්ගේ කෘතියට සමාන බව පවසති. මෙම තොරතුරු ද දැනගන්න: |
ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් වැටුප් නොමැතිව සහ වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් එක සිය හතළිස් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. | මැදපෙරදිග අසරණව සිටින පිරිස් නැවත ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු අතර විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකාවට නැවත පැමිණි පිරිස් පෙන්වා දෙන්නේ. එලෙස මැදපෙරදිග සේවයට ගොස් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මුළු පිරිස දෙසීය දාහතක්. විදේශ රැකියා නියෝජිත ආයතන මැදපෙරදිග බලා යන ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට එල්ල වන තාඩන පීඩන පිළිබඳ සොයා නොබලන බවත් සඳුදා දිවයිනට පැමිණි කාන්තාවක් සඳහන් කළාය. ''අපේ පඩි සල්ලි දෙන්නේ නැහැ. ඒ සල්ලි ඒජන්සි තියා ගන්නවා. ගණිකා සේවයට යොදා ගන්නවා වගේ උදේ හවස එන්න කියලා ඒජන්සි කාමරයක් ඉස්සරහා තියා ගන්නවා. මිනිස්සු එනවා, මෙයා හොදයි කියලා වැඩට එක්ක යනවා.'' අඟහරුවාදා පැමිණි පිරිසෙන් එකසිය තිස් හතර දෙනෙකු කුවේට් රාජ්‍යයේ සේවයට ගොස් සිටි අය වන අතර සෙසු පිරිස සෞදි අරාබියේ සහ ජෝර්දානයේ රැකියා සඳහා ගොස් සිටි අය වෙති. තමන් වැනි අසරණ තත්වයට පත් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග සිර වී සිටින බව එම පිරිස් පවසති. ඒ අතර වද හිංසාවලට ලක් වී ආබාධිත තත්වයේ පසු වන ශ්‍රී ලාංකිකයන්ද සිටින බවයි ඔවුන් කියා සිටියේ. |
විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් තිබෙන බවට චෝදනා කරමින් සියයකට ආසන්න ඉන්දීය ලේඛක ලේඛිකාවෝ දිල්ලි අගනුවර නිහඬ පාගමනක නිරතවූහ. | පසුගිය අගෝස්තු මාසයේදී ආචාර්ය මල්ලෙශප්පා කල්බුර්ගි වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඉන්දියාව පුරා පෙර නොවූ විරූ ආකාරයේ විරෝධතා රැල්ලක් විරෝධතාවයෙන් අනතුරුව සාහිත්‍ය කටයුතු සම්බන්ධ ඉන්දියාවේ ප්‍රධානම ආයතනය වන සාහිත්‍ය ඇකඩමියට පෙත්සමක් භාරදුන්නේ භාෂණයේ නිදහස සුරැකීම පිණිස මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමින්. භාෂණයේ නිදහසට එල්ල වන තර්ජන සහ විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වයට විරෝධය පාමින් ඉන්දියාවේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් තිස් පස් දෙනකු ගතව ගිය සති කිහිපය ඇතුලත තමන්ට මෙතෙක් ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දී තිබේ. සාහිත්‍යධරයන්ට එල්ලවන තරජනවලට විරෝධය පාමින් සිය සාහිත්‍ය සම්මාන ආපසු භාරදුන් ඉන්දීය ලේඛක ලේඛිකාවෝ සාහිත්‍යධරයන්ට එරෙහිව එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ඔවුහු අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා සිටිති. පසුගිය අගෝස්තු 30 වැනි දින 77 හැවිරිදි ආචාර්ය මල්ලෙශප්පා කල්බුර්ගි වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවයි, ඉන්දීය ලේඛකයන් මේ පෙර නොවූ විරූ ආකාරයේ විරෝධය දියත්කොට තිබෙන්නේ. දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ විසූ ප්‍රධාන පෙලේ ලිබරල් චින්තකයකු වූ මල්ලෙශප්පා කල්බුර්ගි, ප්‍රාන්තයේ ප්‍රබල ආධිඅප්ත්යයක් උසුලන ලිංගායත් හින්දු නිකාය දැඩි විවේචනයට ලක්කළ ලේඛකයෙක්. ඉන්දියාවේ ඉහලම සාහිත්‍ය සම්මානයක් වන සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ ඒ සමඟ පිදුණු මුදල් ත්‍යාගයද ආපසු යවන බව ප්‍රධාන පෙලේ හින්දි ලේඛකයකු වන උදායි ප්‍රකාශ් සැප්තැම්බර් 12 වැනි දා නිවේදනය කළේය. භාෂණයේ නිදහසට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් සාහිත්‍යධරයෝ අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා සිටිති ගතව ගිය වසර ඇතුලත විරුද්ධ මතවාද මඩ පැවැත්වීමේ සහ ප්‍රචණ්ඩක්‍රියා ඉහළයාම් සිය විරෝධයට හේතුව බවයි ඔහු සඳහන් කළේ. කර්ණාටක ප්‍රාන්තයේ තරුණ ලේඛක ලේඛිකාවන් හය දෙනකුත් සිය රාජ්‍ය සම්මාන ආපසු ලබා දෙන බව සැප්තැම්බරයේදීම නිවේදනය කළහ. ඉන් අනතුරුව 88 හැවිරිදි නයන්තරා සාගල් සහ 90 හැවිරිදි ක්‍රිෂ්ණා සොබ්ති යන ඉන්දියාවේ ප්රවීණතම ලේඛිකාවන් දෙදෙනක්ද ඔක්තෝබර් මුලදී ඒ උද්ඝෝෂණයට එක්වූහ. ඉන් අනතුරුව තවත් කලාකරුවන් තිදෙනෙක් සාහිත්‍ය ඇකඩමියේ පලාක මණ්ඩලයෙන් ඉල්ලා අස්වූහ. ඉන්දියාවේ සිවු වැනි ඉහලම ගෞරව පදක්කම වන පද්ම ශ්‍රී පදකම ආපසු ලබාදෙමින් පන්ජාබයේ ලේඛිකාවක වන දලිප් කවුර් ටිවානා මේ විරෝධතාවයට අලුතින්ම එක්වූ කලාකාරියයි. |
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (18) අලුයම 2.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ඇරඹීය. | තරිඳු සහ දුලානි මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 එය දින එක හමාරකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිත අතර, චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, එය සිකුරාදා පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බවය. රාවණා 1 චන්ද්‍රිකාව ලබන ජූනි මාසයේ මැද භාගයේදී කක්ෂගත කිරීමට මූලිකව සැලසුම් කර ඇතැයි ද තරිඳු දයාරත්න පැවසීය. "පොඩි කාලේ ඉඳලා අභ්‍යවකාශය ගැන ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තත්, මම කවදාවත් හිතුවේ නෑ අපි ම හදපු චන්ද්‍රිකාවක් යවන්න පුළුවන් වෙයි කියලා. මුලින් ටිකක් චකිතයකින් හිටියේ රොකට් එක යනකම්. ඒත් ඒක සාර්ථකව පිටත් වුණා ම ලොකු සතුටක් ඇති වුණා," තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "මේක ගැන මුළු ශ්‍රී ලංකාව ම සුබ පතනවා. විශේෂයෙන් ම කෑගල්ලේ තියෙන අපේ ගෙදරට ගමේ ම අය එකතු වෙලා ගොඩක් ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා කියලා අම්මලා කිව්වා. මට ලොකු සතුටක් දැනෙනවා මේ ගැන." මේ අතර, මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, රොකට්ටුව සාර්ථකව පිටත් වන තුරු තමන් දැඩි චකිතයකින් පසුවූ බවය. "රොකට් එක සාර්ථකව ගියාට පස්සේ ලොකු සතුටක් දැනුණා. මේක මගේ සිහිනයක් සැබෑ වීමක්. මගේ එක ම අරමුණ අභ්‍යවකාශය ගැන තවදුරටත් ඉගෙන ගෙන ඒ සම්බන්ධ කටයුතුවලට දායක වෙන එකයි," දුලානි චාමිකා විතානගේ ප්‍රකාශ කළාය. රජයේ අවධානය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු වීම වැදගත් බව තරිඳු දයාරත්න සඳහන් කළේය. "බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු සෑම රටක ම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සමරන්න ලබන ජූනි මාසයේදී විතර ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ උත්සවයක් තියෙනවා. ඒකට අදාළ රටේ ඉහළ නිලධාරියෙක් සහභාගි වෙන්න ඕන. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කරනවා නම් ඒක ඉදිරි ව්‍යාපෘතිවලටත් හොඳයි." මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ද සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවය. "මේ ව්‍යාපෘතියට ප්‍රතිපාදන ලබා දුන්නේ අපේ අමත්‍යාංශයෙන්. අපේ අමාත්‍යාංශය මේ ව්‍යාපෘතිය ගැන අවධානයෙන් ඉන්නේ. මාධ්‍යවලින් ඒ ගැන කතා කරන්නේ නැහැ," එම අතිරේක ලේකම්වරයා සඳහන් කළේය. තවත් කියවන්න. |
ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත තවත් රුපියල් මිලියන තිස් හයක් ලබා දීමට නියමිත බව ඇමරිකාව පවසයි. | 'හදිසි අපදා සහන සැලසීමේ ක්‍රියා මාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත දීර්ඝ කාලීන සහාය ලබා දෙනවා' මේ වෙන විට හදිසි සහ කෙටි කාලීන ආධාර වශයෙන් ශ්‍රී ලංකාව වෙත සිය රජයෙන් රුපියල් මිලියන එකසිය අසූ හතක මුදලක් ලබා දී ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් සහ ජපානයෙන් ශ්‍රී ලංකාව වෙත ආධාර ලැබී ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මීට ඉහතදී කියා සිටියේය. අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ඉන්දීය ගුවන් යානයක් සහ නැව් දෙකක් ශ්‍රී ලංකාව වෙත සෙනසුරාදා ළඟා විය. ජපානය විසින් එවන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයට අමතරව ව්‍යසනය පිළිබඳ ඉක්මන් තක්සේරුවක් සිදු කිරීම සඳහා තාක්ෂණික ඇගයීමේ කණ්ඩායමක් එවීමට එරට ආණ්ඩුව සුදානම් බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියේය. හදිසි අපදා සහන සැලසීමේ ක්‍රියා මාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත දීර්ඝ කාලීන සහාය ලබා දෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. |
විනිසකරුවෙක් අධිකරණය තුළ ක්‍රියාත්මක වෙන අතරවාරයේ තමන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් වරදක් හැටියට පිළිගැනීම ඉතා බරපතළ කාරණයක් වන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු පවසයි. | බැසිල් ප්‍රනාන්දු ඔහු එම අදහස පළ කළේ බීබීසී සන්දේශය සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී. සරත් නන්ද සිල්වා අගවිනිසුරු පදවියේ සිටිය දී ‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ දී පමණක් නොව ඔහුගේ නිල කාලය පුරාම වැරදි තීන්දු දුන් බව සමස්ත ශ්‍රී ලංකාවම දන්නා කරුණක් වන බවයි නීතිඥ බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පමණක් නොව ඉන් පසුව එම පදවියට පත් කෙරුණ පුද්ගලයන් ද දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය පාවිච්චි කරනු ලැබීම අද වන විට ගැඹුරු ප්‍රශ්නයක් වී ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්යක්ෂවරයා කියා සිටින්නේ. අධිකරණයේ ගරුත්වය සරත් නන්ද සිල්වා උද්ගතව පවතින මෙම වාතාවරණය නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම මෙන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අතින් ද අභියෝගයක් වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්යක්ෂ බැසිල් ප්‍රනාන්දු ගේ අදහසයි. ‘ඇති කරන ලද ප්‍රශ්න වල මට්ටම ගත් විට හිටපු අගවිනිසුරුවරයා සමාව ඉල්ලා සිටීම පමණක් මදි. ඔහු ඒ සම්බන්ධයෙන් මහජනතාවට ඊට එහා ගිය පැමිණිලි කිරීමකුත්, ඇත්ත වශයෙන්ම එවැනි කනගාටු වීමක් පවතිනවාද යන්නත් වඩාත් හොඳින් පැහැදිලි කළ යුතුයි’ නීතිඥ බැසිල් ප්‍රනාන්දු කියා සිටියි. ජනාධිපතිවරයා බලයේ සිටින්නේ තමා නිසා බවට කරන ප්‍රකාශයේ හරයක් නැතැයි පවසන නීතිඥ බැසිල් ප්‍රනාන්දු,අග විනිසුරුවරයකු පදවියේ සිටිය දී සිදු කළ පැහැර හැරීම් ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි තත්වයකට රට ඇද වැටී ඇති බවත් පවසයි. වගකිව යුත්තෝ අතීතයේ මහජනතාව තුළ දේශපාලනය කෙරේ කෙසේ වුවත්, අධිකරණය කෙරෙහි විශ්වාසයක් සහ ගෞරවයක් තිබුණ බව සිහිපත් කරන ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, දේශපාලනඥයන්ගේ සහ ඇතැම් විනිසකරුවන්ගේ ක්‍රියාවන් නිසා අද වන විට එම තත්වය විනාශ වී ඇති බවපෙන්වා දෙයි. පාලකයන් විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක පදවියෙන් දොට්ට දැම්මේ ‘කම්කරුවකු රැකියාවෙන් ඉවත් කරනවාටත් වඩා පහළ මට්ටමකින්’ බවත් ඔහු පෙන්වා දෙයි. |
සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. | "අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා." ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය. 'Air Force One' ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට අදාළ විධායක නියෝගය ප්‍රකාශයට පත්වනු ඇති බවය. ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පළමු විධායක නියෝගය ඇමෙරිකානු අධිකරණය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකාලමින් පැනවූ ජනාධිපති විධායක නියෝගයට විරෝධය පළකොට දහස් ගණන් ඇමරිකානුවෝ උද්ඝෝෂණ කළහ ජනාධිපති විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය. අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. "මේ සටන අපි දිනයි" යනුවෙන් මාධ්‍යවේදීන්ට කියාසිටි ජනාධිපතිවරයා "අවාසනාවකට ඒ සඳහා කාලයක් ගත වෙනවා. අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය. |
මිනී කන ව්‍යාඝ්‍රයෙකු අල්ලා ගැනීම සඳහා තමිල් නාඩු බලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ. | ඉන්දියාවේ වනාන්තරවල ව්‍යාඝ්‍රයන් තුන්දහස් දෙසීයක් පසුගිය සතියේ දී මෙම ව්‍යාඝ්‍රයා විසින් මිනිසුන් දෙදෙනෙකු මරා දමනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මෙම මහා පරිමාණ මෙහෙයුම සඳහා අලියන් ද යොදා ගෙන ඇති අතර කැලෑ පැන ඇති ව්‍යාඝ්‍රයා කොටු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් ම විශේෂිත කූඩු තනා තිබේ. මෙම සත්වයා යළි මිනිස් වාසයට පැමිණිය හැකි බවට බිය පළ කරන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ කොටියා මරා දැමිය යුතු බවයි. ඉන්දියාවේ වනාන්තරවල ව්‍යාඝ්‍රයන් තුන්දහස් දෙසීයක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර එය ලෝක ව්යාඝ්ර ගහනයෙන් අඩකටත් වැඩියි. කොටි වාසස්ථාන වගා කටයුතු සඳහා යොදා ගැනීම නිසා ඉන්දියාවේ කොටි මිනිස් ගැටුම් නිරන්තරයෙන් වාර්තා වන්නට පටන් ගෙන තිබේ. |
සමලිංගික විවාහය නීතිගත කිරීමේ කෙටුම්පතකට ජර්මානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය. | සමරිසි විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට චාන්සලර් අන්ගෙලා මර්කල් මීට ඉහතදී විරෝධය පළ කළ අතර, ඡන්ද විමසීම පැවැත්වුණේ චාන්සලර්වරිය එම විරෝධය ඉවත්කරගැනීමෙන් දින කිහිපයකට පසුවය. නව නීතිය අනුව දරුවන් හදා වඩා ගැනීම ඇතුළු විවාහක යුවලකට හිමි සියලු වරප්‍රසාද සමලිංගිකයන්ටත් හිමි වේ. අන්ගෙලා මර්කල් ගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ දෙනා සමලිංගික විවාහය නීතිගත කිරීමට පක්ෂ වූ නමුත් චාන්සලර්වරිය එයට එරෙහිව සිය ඡන්දය භාවිත කළාය. ඒ අනුව නව නීතියට පක්ෂව මන්ත්‍රීවරු 393 දෙනෙකු ඡන්දය දුන් අතර, 226 දෙනෙක් එරෙහිව ඡන්දය දුන්හ. ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වූ චාන්සලර්වරිය කියා සිටියේ විවාහය යනු කාන්තාවක සහ පුරුෂයෙකු අතර සිදුවන්නක්ය යන්න තමන් විශ්වාස කරන බවය. දරුවන්ගේ සුබසාධනය උදෙසා සමලිංගික විවාහයට එරෙහි විය යුතු බව 2013 මහ මැතිවරණය අවස්ථාවේ ඇගේ ස්ථාවරය විය. එහෙත් අනෙක් දේශපාලන පක්ෂ සිය ස්ථාවරයට එරෙහි බැවින් අනාගතයේදී ඒ සම්බන්ධයෙන් නිදහස් ඡන්ද විමසීමකට ඉඩ සලසන බව ඇය පසුගිය 26 වැනි දා සඳහන් කළේ ජර්මනියේ බොහෝ මාධ්‍ය විමතියට පත්කරමිනි. නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය (ෆරෝ දූපත් හැරුණු විට), ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය, ලක්සෙම්බර්ග්, ප්‍රංශය, අයර්ලන්ත ජනරජය සහ බ්‍රිතාන්‍යය යන යුරෝපා රටවල් මේ වනවිටත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගෙන තිබේ. |
රටේ සමස්ත ව්‍යවස්ථාවම මුලුමනින්ම වෙනස් කිරීම පිලිබඳ සිතා බැලීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය පවසයි. | ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති මැල්කම් රංජිත් කාදිනල් වරයාගේත් මහලේකම් වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමන්ගේත් අත්සනින් නිකුත් කැරුණු නිවේදනයකින්, ව්‍යවස්ථා විවිධ සංශෝධන හා විධි විධාන ගෙන ඒම සඳහා ගන්නා වෑයම් හඳුන්වා තිබුනේ 'වරින් වර අමුණා ලීමක්' ලෙසින්. එසේ හෙයින් කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා තිබුනේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි යළිත් සංශෝධනය කිරීමේ ව්‍යායාමය අත්හැර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුල්කොටගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අරමුණ 'සියලු පාර්ශව සමගින්' සාකච්ඡා කරන ලෙසයි. නව ව්‍යවස්ථාව 'සියලු ජාතීන්ගේ සංකලනයෙන් හා සමාජ බලවේග වල සහයෙන් විවිධත්වය ගරු කරමින් එකට රොද බැඳෙන ජනතාවක් සේ සියලු දෙන හට සමානත්වයෙන්,' සලකන්නක් විය යුතු බවයි එහි සඳහන් කොට තිබුනේ. 'උතුරේ ප්රශ්නය ජාතික ප්‍රශ්නයක්' බලය බෙදා හැරීම නිසා සිදුවූ ගැටුම් පිලිබඳ උදාහරණ 'ඉතා සීමිත' බව පවසන කතෝලික සභා නායකත්වය පවසා ඇත්තේ එම ක්‍රමය 'රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බහුතර ජන සහභාගිත්වයක්' ඇති කිරීමට ඉවහල් වී තිබෙන බවයි. එසේ හෙයින් යෝජිත පරිද්දෙන් උතුරේ පළාත් සභා මැතිවරණය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පවත්වා පසුව නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන ලෙස කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. 'උතුරේ ප්රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා දේශයේ සිංහල හා ද්‍රවිඩ දේශපාලන නායකයන් එයට අවංක පිළිතුරක් සපයා ගනු සඳහා ඒකරාශී වීම,' අවශ්‍යයෙන්ම විය යුත්තක් ලෙස කතෝලික රදගුරු මණ්ඩලය අවධාරණය කොට තිබේ. |
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව දියත් කොට තිබෙන 'දඩයම' පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි. | දෝෂාභියෝගය විමර්ශනය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මාට ලිපියක් යවන එජාපයේ මාධ්‍ය අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා, වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිලිබඳ හරාරේ ප්‍රතිපත්ති අනුගමණය කරන්නේ දැයි සොයා බලා වාර්තා කරන මෙන් අමාත්‍ය කමිටුවට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි. විපක්ෂ මන්ත්‍රීවරුන් ඉවත්ව ගොස් තිබියදීත් දෝෂාභියෝගය විමර්ශනය කළ තේරීම් කාරක සභාවේ කටයුතු දිගටම පවත්වාගෙන යාම පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ. "අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත්කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා," සිය ලිපිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසීය. තරුණ නීතිඥ සංගමය 'ආදර්ශයක් විය යුතු මොහොතක්' "අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පනස් ගාණක එහි මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත් කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා" මංගල සමරවීර මන්ත්‍රීවරයා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා අතරින් තුනකට ඇය වරදකාරිය වී ඇති බව විමර්ශනය සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සෙනසුරාදා ප්‍රකාශ කළේය. සමස්ථ චෝදනාවලින් චෝදනා පහක් විභාගයට ගත් බවත් ඉන් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය වන අතර චෝදනා දෙකකින් ඇය නිදහස් වන බව තේරීම් කමිටුවේ තීරණය යයි එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය. කෙසේ නමුත්, අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවලට වැරදිකාරිය වී නැති බව පැවසූ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස්, තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් හත්දෙනකුගේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ද බීබීසී සංදේශයට පැවසීය. සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බව කියා සිටි නීතිඥ සාලිය පීරිස් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා සාක්ෂිකරුවන් ගෙන එන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පැමිණිලි පාර්ශ්වය පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් තුළ උත්තර බඳින ලෙස ලේඛණ අනූවක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් කළේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන තරුණ නීතිඥ සංගමය, "දෝෂසහගත" සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය හෙලා දකින මෙන් ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලීමක් කරයි. තේරීම් කාරක සභාවේ තීන්දුවට පෙරාතුවම එහි ආණ්ඩු පක්ෂ සාමාජිකයන් සිවු දෙනකු අගවිනිසුරුවරිය වැරදිකාරිය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බව පවසන තරුණ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම "නීති විරෝධී" ක්‍රියාදාමය සම්බන්ධයෙන් ලොව පුරාම රටවල නීතිවේදී සංවිධාන දැනුවත් කරන මෙන්ද ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලා සිටියි. පළාත් සභාවල බොහෝ බලතල බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ විෂය පථයට පැවරෙන 'දිවි නැගුම' පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුවක් වූ බවද නීතිවේදී නුවන් බෝපගේ ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනය වැඩිදුරටත් පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
කොරෝනාවෛරසය ආසාදිතව රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුව, තමාට හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator) නන්නාඳුනන තරුණයෙකුට පරිත්‍යාග කරමින් මරණය වැළඳගත් මහලු පූජකවරයෙකු පිළිබඳව ඉතාලියෙන් වාර්තා විය. | තමාට ලැබුණ හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator ) තරුණවියේ පසුවෙනා රෝගියාට පරිත්‍යාග කළ ජුසෙපේ බෙරදෙලි නම් පූජකවරයා මරණය වැළඳගන්නා විට 72 වන වියේ පසුවිය. එම සිද්ධිය වාර්තාවන්නේ කොරෝනාවෛරසය දරුණු තත්ත්වයක් පවතින 'ලෝවෙරේ' (Lovere) නම් ඉතාලි නගරයෙනි. කොරෝනාවෛරසයට ගොදුරුව මේ වන විට අඩුතරමින් ඉතාලි පූජකවරුන් පනස්දෙනෙකුවත් මරණයට පත්ව ඇත. ඉතාලිය ලෝකයේ කොරෝනාවෛරසය හේතුවෙන් දරුණුතම තත්ත්වයක දැනට පවතින රට වේ. රටවල් 160ට අධික සංඛ්‍යාවකට තර්ජනයක් වී ඇති Covid -19 වෛරසයට ගොදුරුව මේවනවිට මරණයට පත් ජන සංඛ්‍යාව 16,000ට අධික ය. රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි, කස්නිගෝ (Casnigo) නම් නගරයේ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයාව සිටි ජුසෙපේ බෙරදෙලි, තමා වෙනුවෙන් සිය දේවස්ථානයේ බැතිමතුන් විසින් මිලට ගෙන සපයන ලද හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කරමින්,එය තමාට නොව තරුණ වියේ රෝගියකු සඳහා උපයෝගී කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. පූජකවරයාගේ මෘතදේහය මිහිදන් කිරීම සඳහා ගෙනයමින් තිබූ අවස්ථාවේ නගරයේ ජනතාව ඔවුන්ගේ නිවෙස්හි සඳලුතලයේ සිට අත්පොලසන් දෙමින් මරණයට පත් සිය ආගමික නායකයා වෙනුවෙන් ගෞරවය පළ කළ බව වාර්තා විණි. ජුසෙපේ බෙරදෙලි පූජකවරයාගේ මරණය සම්බන්ධයන් ජේම්ස් මාටින් විසින් සමාජ මාධ්‍යජාලයේ පළ කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක් සම්බන්ධයෙන් දහස් ගණනක් ජනතාව ප්‍රතිචාරය පළ කර ඇත. ''ලෝකය කොයිතරම් කුඩා තැනක් ද? මගේ සමස්ත (විස්තෘත) පවුලට ම 'ෆාදර්' එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණා. මගේ ඥාති සහෝදරයන්ට ඔවුන්ගේ පියා නැතිවුනාට පස්සේ ඔවුන්ට 'තාත්තා' කෙනෙක් වුනේ 'ෆාදර්'. ඔහු ඉතාම හොඳ මනුෂ්‍යයෙක්......අහිංසක ආදරණීය චරිතයක් '' යැයි එම පණිවිඩයෙන් කියැවිණි. කොරෝනා වෛරසයට ගොදුරුව මරණයට පත් වෛද්‍යවරුන් සහ පූජකවරුන් වෙනුවෙන් අඟහරුවාදා (මාර්තු 24) පැවැත්වූ දේව මෙහෙය මෙහෙයවන ලද්දේ ෆ්රාන්සිස් පාප්වහන්සේ විසිනි. ස්පාඤ්ඤයේ මහලු ජනයාගේ ඉරණම මේ අතර විශ්‍රාමික මහලු ජනතාව වාසය කරන, මේදිනවල අමතකව ගිය මහලු නිවාස කිහිපයක් කොරෝනාවෛරසය මැඩලීමට හවුල්වෙමින් සිටින සොල්දාදුවන් විසින් සොයාගනු ලැබ ඇති අතර, ඇතැම් ස්ථානවලදී ඇඳන් මත මියගොස් සිටි පුද්ගලයන්ගේ මළසිරුරු හමු වී ඇති බව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යාංශය පැවසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කර ඇති බව ස්පාඤ්ඤ නීති නිලධාරීහු පවසති. ස්පාඤ්ඤය කොරෝනාවෛරසය ඉතාම දරුණු තත්ත්වයක පවතින යුරෝපා රාජ්‍ය කිහිපයෙන් එකකි. ස්පාඤ්ඤ යුද හමුදාව එරට කොරෝනාවෛරසය වාර්තා නොවන මහලු නිවාසවලට උපකාර වෙමින් ඇත. ඉතාලියට පසු යුරෝපයේ දරුණු ම තත්ත්වයක් පවතින ඊළඟ රට ස්පාඤ්ඤය ය. මේ අතර කොරෝනාවෛරසයෙන් මරණයට පත්වූවන්ගේ සිරුරු තැබීම සඳහා හිම ක්‍රීඩා සඳහා පිළියෙල කර තිබූ ස්ථානයක් (ice rink) තාවකාලික මෘත ශරීරාගාරයක් බවට පත් කිරීමට ස්පාඤ්ඤ බලධාරීහු ක්‍රියා කරමින් සිටිති. ''විශ්‍රාමිකයන් සඳහා වන නිවාසවල ජීවත්වෙන මහලු ජනතාවට සලකනු ලබන ආකාරය සහ ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැඩි ලෙස අධීක්ෂණය කරනවා" යැයි ස්පාඤ්ඤ ආරක්ෂක ඇමතිනී මාගරිටා රොබ්ලෙස් එරට පෞද්ගලික රූපවාහිනී චැනලයකට අදහස් දක්වමින් සඳහන් කළාය. ''ඇතැම් මහලු ජනයා සහමුලින් ම අත්හැර දමනු ලැබ සිටින ආකාරය යුද හමුදාව ඔවුන්ගේ සංචාරයන්හි දී දැක තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇඳන් මතම මරණයට පත්ව තිබුණ අවස්ථා ද දැක තියෙනවා '' ඇමතිවරිය පැවසුවාය. ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි කොරෝනාවෛරසය පැතිරීමත් සමඟ ඇතැම් මහලු නිවාසවල සාත්තු සේවකයන් එම ජනයා අත්හැර දමාගොස්' ඇත. අවසන් කටයුතු සඳහා අවමංගල සේවාවන් විසින් මළ සිරුරු ගෙන යනු ලබන තෙක් ශීතාගාරවල තබන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එහෙත් කොරෝනා ආසාදනය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි සැකකෙරෙන්නන්ගේ සිරුරු, විධිමත්ව විශේෂ උපකරණ සහිතව සූදානම් කොට ඇති අවමංගල කාර්ය මණ්ඩල විසින් රැගෙන යනතෙක්,ඒවා තිබූ සයන මතම තිබෙන්නට ඉඩ හැරෙනු ඇත. ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති සැල්වදෝර් ඉල්ලා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්,'' විශ්‍රාමිකයන් වාසය කරන නිවාසවලට නිශ්චිත ප්‍රමුඛතාවක්"දෙන බව කියා සිටියේය. '' අපි එවැනි මධ්‍යස්ථාන ඉතාම දැඩිව අධීක්ෂණය කරනවා '' ඇමතිවරයා පැවසීය. මේ තොරතුරු ද දැනගන්න: |
ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ මාධ්‍යයට ප්‍රවෘත්තියක් නොවීම කනගාටුවට කරුණක් බව ප්‍රවීණ සිනමා අධ්යක්ෂ අශෝක හඳගම පවසයි. | 'උතුරා යන තරමට සෙනඟ ඉන්නවා' -අශෝක හඳගම කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වෙන මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘පළමු වැනි අංග සම්පුර්ණ ජාත්‍යන්තර සිනමා උළෙල’ බවයි අශෝක හඳගම කියා සිටියේ. ‘අපේ සිනමාවේ ඓතිහාසික වැදගත්කමක් තියෙන විශේෂ මොහොතක් මේක. අපි හිතුවටත් වඩා සාර්ථකව කොළඹ නගරයේ පැවැත්වෙනවා. සිනමා ශාලා පහක පැවැත්වෙන දර්ශනවලට උතුරා යන තරමට සෙනඟ ඉන්නවා. ඒක මම හිතන්නේ අපේ සිනමාවේ වැදගත් ප්‍රවෘත්තියක් කියල. ඒක ලංකාවේ සිනමා පිටුවලට වැදගත් ප්‍රවෘත්තියක් නොවීම කනගාටු දායක තත්වයක්.’ සම්මානලාභි සිනමාකරු අශෝක හඳගම පැවසීය. ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ කළ සාකච්ඡාවක දී. ලාංකික සිනමා ලෝලීන්ට මෙම සිනමා උළෙල පිළිබඳ පණිවිඩය ගෙන යාමට බොහෝ දුරට උපකාරී වූයේ අන්තර්ජාලය බව අශෝක හඳගම ප්‍රකාශ කළේය. කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අවසන් දිනය වන අද (07) ජාත්‍යන්තර ඇගයීමට පත් සිංහල සිනමා නිර්මාණ කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ. විසාකේස චන්ද්රසේරම්ගේ අධ්‍යක්ෂනයක් වන 'ෆ්රැන්ගි පානි' හෙවත් සියපෙති කුසුම, උදාර අබේසුන්දරගේ සෙවණැලි සහ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 'ශ්‍රී 28' එම චිත්‍රපට අතර වෙයි. |
අවතැන් කඳවුරු වලින් සහන සැලසෙන නිසා විවිධ හේතු කියමින් වැල නොකැඩී පැමිණෙන පුද්ගලයන් නිසා කොස්ලන්ද නාය යාමෙන් අනාථ වූවන්ට පුද්ගලයන්ට සහන සැලසීමේ දී විශාල ගැටලු මතු වී ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ බදුල්ල සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසයි. | මේ වන විට කොස්ලන්ද ශ්‍රී ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 164කට අයත් ළමුන් සහ කාන්තාවන් ඇතුළු 574 දෙනකු ද, පූනාගල මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 94කට අයත් 315 දෙනකු ද රඳවා ඇති බව කොස්ලන්ද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල ප්‍රකාශ කරයි. වෛද්‍ය එරංග අසේල පැවසුවේ පස් වලට යට වූවන් සෙවීමේ කටයුතු අද බ්‍රහස්පතින්දා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහයෙන් සිදු වූවත් තවත් මළසිරුරු හමු නොවූ බවයි. නාය යෑමට පෙර එම නිවාස වලින් පාසල් යෑමට පිටත් වූ දරුවන්ට අමතරව අද බ්‍රහස්පතින්දා දහවල් එකොළහ පමණ වන විට කොස්ලන්ද ශ්‍රී ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ පමණක් මව්වරුන් සමග සිටි අතදරුවන්ගේ සංඛ්‍යාව හතළිස් පහක් බවයි සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසන්නේ. අධික කම්පන තත්ත්වය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල කියා සිටියේ නිවාස, මව්පියන් සහ ඥාතීන් අහිමි දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් අධික කම්පනයකින් පසු වන බවයි. පාන්දරින් පාසල් පැමිණි සමහර ළමයින්ගේ මව්පියන් අවතැන් වූවන් රඳවා සිටින කඳවුරක සිටින බවට තොරතුරු ඇති හෙයින් ඒ අය සොයා දීමේ වැඩපිළිවෙළක් සකසන බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල පැවසීය. සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර සඳහන් කළේ නාය යාම බැලීමට පැමිණෙන පිරිස් නිසා අවතැන් වූවන්ට සහන සැලසීමේ දී බාධා මතුව ඇති බවයි. සමහර පුද්ගලයන් විසින් නාය ගිය ගම අවට පිහිටි ගම්වල බියෙන් සහ කම්පනයෙන් පසු වන වැසියන් බිය ගැන්වීමේ සිද්ධීන්ද වාර්තා වන බවයි සහකාර අධ්යක්ෂවරයාපවසන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොස්ලන්දට පැමිණ විපතට පත් වූවන්ට කඩිනමින් සියලු සහන සලසන ලෙස නිලධාරීන්ට උපදෙස් දි තිබුණ අතර අයහපත් කාලගුණය ඇතුළු බාධක රැසක් මැද විපතට පත් වූවන්ට සහන සැලසීමට නිලධාරීහු යුහුසුලුව ක්‍රියා කරමින් සිටිති. |
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගිනි හමුවේ මේ වන විට පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ. | කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැද හාවෙකු බේරාගන්නා මිනිසෙක් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 500ක පමණ පිරිසක් දැඩි පරිශ්රමයක යෙදෙති. ඉවත් කෙරෙන ප්‍රදේශවාසීන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යාමට වූයේ සැන් දියාගෝ හි උතුරු ප්‍රදේශයේ හටගත් පස්වෙනි ගින්නත් සමගිනි. කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මේ වනවිට එක් මරණයක් වාර්තාවී ඇති අතර එසේ මියගිය කාන්තාවකගේ සිරුර සොයා ගනු ලැබුවේ වෙන්චුරා හි ගින්නෙන් පිළිස්සී ගිය ප්රදේශයකදීය. එහෙත් වෙන්චුරා කවුන්ටි ස්ටාර් පුවත්පතට ප්‍රකාශයක් කළ නිලධාරියකු පවසා තිබුනේ එම මරණය ඔජායි නම් වූ නගරයේ රිය අනතුරක් හේතුවෙන් වූ දෙයක් විය හැකි අතර ගින්න ඊට හේතු විණි දැයි පැහැදිලි නැති බවය. බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) සවස් වනවිට කැලිෆෝර්නියා ගිනි නිවීම් සේවය පැවසුවේ ගිනි ගැනීම් හේතුවෙන් ප්‍රදේශවාසීන් 189,000ක් ඉවත් කිරීමට සිදුවූ බවකි. අලුතින් මතුවූ -ලයිලැක් ෆයර්- නමින් හැඳින්වෙන ගින්න අක්කර 2,500ක් (හෙක්ටයාර 1,000) පුරා පැතිර ගොස් ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාන්ත ගිනි නිවීම් සේවා බලධාරීහු පැවසූහ. ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් පියවර ගත්තේය. වේගයෙන් පැතිරී යන ලැව් ගිනි කැලිෆෝනියා බලධාරීන් සමග සබඳතාව පවත්වා ගැනෙන අතර අවශ්‍ය ඕනෑම සහයක් සැලසීමට සුදානම් බව ධවල මන්දිරය පැවසීය. මේ අතර බලධාරීන් විසින් දම් පැහැ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතර ඉන් කියවෙන්නේ - ඉහළම අනතුරු ඇඟවීම- බවය. කාන්තාර උෂ්ණත්වයෙන් රත්වී ඇදී එන ප්‍රබල සුළං ගින්න ප තුරුවා හරී. ලොස් ඇන්ජලිස් හි කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සියල්ල බ්‍රහස්පතින්දා අවලංගු කෙරිණි. නගරයේ බටහිර කොටසේ පිහිටි ඉවත්කරගනීම් කලාපයෙන් පිටත එහි මණ්ඩපය පිහිටා තිබුනද, "අවිනිශ්චිතතා සළකා" මෙම පියව ගත බව එම විශ්ව විද්‍යාලය පැවසීය. ඩොලර් මිලියන ගණනක් වටිනා බෙල් එයාර් හි සුඛෝපභෝගී නිවාස ලොස් ඇන්ජලිස්හි ධනවත් පුද්ගලයින් වෙසෙන ප්‍රදේශයක් වන බෙල් එයාර් හි සුඛෝපභෝගී නිවෙස්වලින් කලා කෘති ඉවත් කිරීමෙහි ගිනි නිවන භටයින් යෙදී සිටියේ බදාදා දිනයේ ස්කර්බිල් නමින් හැඳින්වුණු ගින්න පැතිරෙද්දීය. එම ප්‍රදේශය තුළ ප්‍රකට ගායිකා බියොන්සේ මෙන්ම ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක් නිලධාරී එලන් මස්ක් වැනි ප්‍රකට පුද්ගලයින්ගේ නිවාස පිහිටා තිබේ. මිනිසුන් පමණක් නොව ඔවුන්ගේ වටිනා භාණ්ඩ ද ගින්නෙන් බේරා ගන්නා ගිනි නිවන භටයන් බදාදා සවස ලස් වේගස් හි පැවැත්වීමට නියමිතව තිබු සිය ප්‍රසංගය අවලංගු කළ ගායක ලයනල් රිචී කියා සිටියේ "ආරක්ෂිත ස්ථානයකට යාම සඳහා පවුලට උදව් වෙනවා" යනුවෙනි. ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපර්ට් මර්ඩොක් ට අයත් වතු යායකට හා වයින් නිපැයුම් ස්ථානයකට ද ගින්නෙන් හානි සිදුවී තිබේ. වසර හතරකට පෙර එම දෙපළ සඳහා ඩොලර් මිලියන 30ක් මර්ඩොක් විසින් ගෙවන ලද බව ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත පවසා තිබිණි. අවදානම් තත්ත්වයක ඇති ගෙටී කෞතුකාගාරය බ්‍රහස්පතින්දා වසා තැබෙන බව පැවසිනි. කලා කෘති ඉවත් කර නැති බව කී එම කෞතුකාගාරය පැවසුවේ එහි ඇති වායු පෙරහන් පද්ධතිය මගින් එම කලා කෘති දුමෙන් ආරක්ෂාව කෙරෙන බවය. ලියනාඩෝ ඩා වින්චි, වැන් ගෝ හා ටර්නර් වෙනි ප්‍රකට කලාකරුවන්ගේ නිර්මාණ එම කෘතිවලට ඇතුළත් වේ. වෙන්චුරා ප්‍රදේශයේ හටගත් -තෝමස්- නමින් හැඳින්වෙන් ගින්න තවමත් විශාලතම ගින්න ලෙස පවතී. එය පැසිෆික් වෙරළ දක්වා පැතිර ගොස් තිබේ. ලොස් ඇන්ජලිස් හි සිට උතුරු දෙසට වන්නට මතුවූ ක්‍රීක් ෆයර් නමින් හැඳින්වුණු ගින්න අක්කර 12,605ක් පුරා පැතිර තිබිණි. ගින්න පැතිරී ඇති ප්‍රදේශය -------------------------------------- කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ අත්දැකීම් ඔබ සතුනම් ඒ පිළිබඳ දන්වන්න දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) පිවිසෙන්න: https://www.facebook.com/BBCSinhala ඊමේල් : sinhala@bbc.co.uk මේ තොරතුරුද දැනගන්න: කැලිෆෝනියාවේ මහා ගින්නක් උතුරු ඉන්දියාවේ ලැව් ගිනි වන ගිනි වගකීම භාර ගනිමින් පෘතුගාල ඇමතිවරිය ඉල්ලා අස් වෙයි |
ජනාධිපතිවරණයට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවක් නැති බව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රැගෙන මුලින්ම මුණ ගැසුණ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් දැරුවේ එම ස්ථාවරය ද කියා විමසු විට උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට සංයුක්ත අදහස් නො තිබුණු බවයි. ඉහලම බලපෑමක් ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒවිද යන්න සැක සහිත බව පවසන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් ඉහලම බලපෑමක් යොදවා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරවා ගැනීමට තමන් උත්සාහ දරන බවයි තවදුරටත් ප්‍රකාශ කළේ. සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගැනීම හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී වෙනත් කිසිවක් සිදු නොවූ බවයි අතුරලියේ රතන හිමියන් පැවසුවේ. ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගෙන් පළවුණේ සාධනීය ප්‍රතිචාරයක් දැයි අසු ප්‍රශ්න පිළිතුරු දුන් උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට කිසිදු අදහසක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණු බවයි. නමුත් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතුයි යන නම්‍යශීලී ස්ථාවරයක ඔවුන් සිටින බව උන්වහන්සේ පැවසුවේය. විකල්ප බලවේගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල බලපෑමක් ඇති වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කළ හැකිය යන විශ්වාසය පල කළ උන්වහන්සේ තවදුරටත් තෙරපීමක් ඇති කළ යුතු බවයි පවසන්නේ. අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් විපක්ෂය සමඟ විකල්ප දේශපාලන බලවේගයක් සකස් කර ගැනීම සිය අරමුණ බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති |
දුර විහිදුම් "අන්තර් මහද්වීපික" (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය. | උතුරු කොරියාව සිදු කළ නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳ ජපාන මාධ්‍යවල ඉහළ අවධානයකට ල්;අක විය ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි. ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී ඇමරිකාව එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය. කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇත. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වෙත වූ ඉලක්කයට ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බව නිවේදනයේ සඳහන් විය. එක්සත් ජනපද ශාන්තිකර විධානය මීට ඉහත දී කියා සිටියේ එය අන්තර් දුර විහිදුම් මිසයිලයක් බවය. උතුරු කොරියාව සතු මිසයිල මොනවාද? මිසයිල අත්හදා බැලීම අතින් උතුරු කොරියාව යම් කිසි සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇති නමුත් අන්තර් මහද්වීපික මිසයිලයක් යොදා ගනිමින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතුව නොමැති බව විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ. එමෙන්ම එවැනි මිසයිලයකට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් (Nuclear warhead) ලඝු කිරීමේ හැකියාව ද උතුරු කොරියාව සතුව නොමැති බවටත් විශේෂඥයෝ විශ්වාසය පළ කරති. දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් කියා සිටියේ අලුතින් අත්හදා බලන ලද මිසයිලයට ළඟා විය හැකි දුර සම්බන්ධයෙන් විවිධ මත පළ වන බවය. ඇමරිකාව සහ චීනය මිසයිල අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බව උතුරු කොරියාව පවසයි. උත්සන්න වෙමින් පවතින කලාපීය උණුසුම හමුවේ ඇමරිකාව පසුගියදා කොරියානු අර්ධද්වීපය වෙත 'කාල්වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව යැවූ අතර දකුණු කොරියාව තුළ 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය. අලුතින් සිදු කළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය මෙතෙක් පූර්ණ ප්‍රතිචාරයක් පළ කර නොමැත. |
ශ්‍රී ලංකා පොලිසියට නිලධාරිනියන් අවශ්‍ය දැයි යන්න පිළිබඳ අත්හදා බැලීමක් ලෙසින් කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දී. | අත්හදා බැලීමක් ලෙසින් ශ්‍රී ලංකා කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දී ඒ අනුව කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනකු බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර බීබීසී සංදේශයට පැවසීය. "ඊට පස්සේ තව අවුරුද්දක්, හමාරක් යනකොට පොලිසියේ උසස් නිලධාරීන්ට හැඟී ගියා කාන්තාවන් පොලිසියට අනුයුක්ත කරගැනීම යෝග්‍යයි කියල," ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාන්තාවක් හෙබැවූ ඉහලම පදවිය එයයි. "ඊට පස්සේ දැන් වගේ නෙවෙයි, බොහෝම සුළු වශයෙන් තමයි බඳවා ගැනීම කළේ. එක අවුරුද්දට හතර දෙනයි, පස් දෙනයි." එලෙස බඳවා ගන්නා ලද පස් වැනි කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් 1958 දී ප්‍රමිලා දිවාකර කොස්තාප්ලවරිය පොලිස් සේවයට සම්බන්ධ වන විට ඇය සමඟ තවත් කාන්තාවන් දහ තුන් දෙනකුද බඳවාගෙන තිබේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉහලම ධුරය හෙබැවූ කාන්තාවයි 40 කට ආසන්න කාන්තාවන් පිරිසක් ඒ වනවිට පොලිස් සේවයට බඳවා ගෙන සිටි අතර, ඒ අතර සිටි කාන්තා පොලිස් සැරයන්වරු දෙදෙනා ඉහලම නිලය හෙබැවූ කාන්තාවෝ වූහ. හැටේ දශකයේ මැද භාගය පමණ වන තුරු එසේ සුළු කණ්ඩායම් වශයෙන් බඳවා ගන්නා ලද පොලිස් කාන්තාවන් සියලු දෙනාම කොළඹ නගරය තුල රාජකාරිවල යොදවා තිබුණි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර පවසන පරිදි පොලිස් කාන්තාවන් විවිධ දිස්ත්‍රික්කවල මූලස්ථාන පොලිසිවල රාජකාරි සඳහා අනුයුක්ත කිරීම ආරම්භ කෙරුනේ හැටේ දශකයේ අග භාගයේදී හෝ හැත්තෑව දශකයේ මුලදීය. "ඒගොල්ලන්ගේ සේවාව ඒ කාලේ නම් ඔය පිළිගැනීමේ නිලධාරි, උප සේවය, දුරකතන ක්‍රියාකරවන්නියන්, ඊට අමතරව පාසල් දරුවන්ට පාර මාරුවෙන්න, ජනාකීර්ණ ප්‍රදේශවල පදිකයන් හසුරුවන්න වගේ දේවලට තමා ඒ අයව යෙදෙවුවේ." ප්‍රමාණවත් පොලිස් නිලධාරිනියන් පිරිසක් නොසිටීම හේතුවෙන් කොස්තාපල් ධුරයේ සිට සැරයන් ධුරය දක්වා උසස්වීමක් ලැබීම සඳහා වසර දහ තුනක් බලා සිටීමට ප්‍රමිලා දිවාකරටද සිදුවිය. 'පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්' ඉන් අනතුරුව සුදුසුකම් සපිරූ පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය හැත්තෑවේ දශකයේදී පොලිස් සුබසාධක සංගමය මාර්ගයෙන් එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායකට පෙන්වාදීමෙන් අනතුරුව ඇයට පොලිස් උප පරීක්ෂක ධුරය දක්වා උසස්වීමක් ලැබී තිබේ. ඒ 1977 දී. "මමත් තව හේමා ගුණවර්ධනත්, චන්ද්‍රලතා හේරත් කියල අපි තුන් දෙනා තමයි සුදුසුකම් ලබපු නිලධාරිනියන් හිටියේ." සැරයන් සහ උප පොලිස් පරීක්ෂක තනතුරුවලට ළඟාවීමට මුලදී ඉතා දුෂ්කර වුවත්, ඉන් අනතුරුව තමන්ට සියලු උසස්වීම් නිසි පරිදි ලැබුණු බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර සඳහන් කළාය. ශ්‍රී ලංකා කාන්තා පොලිස් සේවයේ අනුමත කාර්ය මණ්ඩලය (approved cadre) ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වනතුරුම කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති පදවිය දක්වා උසස්වීම් ලැබීමේ හැකියාවක් නැත. ඒ අතර තමන්ට හිමි උසස්වීම් නොලැබුණු බව පවසමින් සහකාර පොලිස් අධිකාරිනියන් පිරිසක් අධිකරණයේ පිහිට පතා තිබේ. 85,000 ක් පමණවන ශ්‍රී ලංකා පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාවෙන් 13,000 ක් පමණ කාන්තාවන් සුදුසුකම් සහ දක්ෂතා සපුරා සිටින පොලිස් කාන්තාවන්ට නිසි උසස්වීම් ලැබීමට හැකි වන පරිදි කාන්තා සහ පුරුෂ පොලිස් සේවාවන් ඒකාබද්ධ කිරීමට හිටපු පොලිස්පතිවරුන් කිහිප දෙනකුම උත්සාහ දැරුවත් පොලිස් සේවය තුලින්ම එයට විරෝධය පළ වී ඇති බවත් පොලිස් කාන්තාවෝ පවසති. ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණවන අතර, ඒ අතරින් 13,000 ක් පොලිස් කාන්තාවන් වන නමුත් මේ වනවිට පොලිස් කාන්තාවන් 3,000 කට ආසන්න පිරිසක් සඳහා පුරප්පාඩු පවතින බව ජාතික පොලිස් කොමිසම පවසයි. (බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ:ලොවින් අඩක් ඔබ අමතයි'-100 Women- වැඩසටහන වෙනුවෙන්) |
පැනමා ලේඛන තුළ නම් සඳහන් විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරන බව ආණ්ඩුව පවසයි. | පැනමා ලේඛන: 'ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට කමිටුවක්' තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ ආයතනයක් සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇති බව දැක්වෙන රහසිගත ලිපිගොණු සම්බන්ධයෙන් පසුගියදා ලෝක අවධානය යොමු විය. එකී ලිපිගොණු සියල්ල මැයි මස 09 වනදා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව එහි නම් සඳහන් විය හැකි සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරිදා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ. පැනමා ලිපිගොණු සම්බන්ධයෙන් කරුණු හෙළි කළ ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) 2013 වසරේදීද මේ හා සමානම හෙළිදරව්වක් සිදු කළේය. එහි සඳහන් වූ ශ්‍රී ලාංකිකයන් හතළිස් හය දෙනකු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට එවකට පැවති ආණ්ඩුව අසමත් වූ බවටත් එහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවති රජයට චෝදනා කළේය. |
දකුණු දිග ගුවාංග්ඩොන්ග් පළාතේ පිහිටි ලුෆෙන්ග් නගරයේ අපරාධ සම්බන්ධ නඩු තීන්දු ප්‍රසිද්ධියට පත්කිරීම ඉහළ ගොස් තිබෙන අතර එය කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස එම නගරයට ලැබී ඇති තත්ත්වය ඉවත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලක් ලෙස පෙනෙන්නට ඇත. | චීනයේ ප්‍රසිද්ධ මරණ දඬුවම ගැන දැඩි අවධානයක් මරණ දඬුවම දෙන ආකාරය දැක බලාගැනීම සඳහා පැමිණෙන්න වරදකරුවන් 12 දෙනෙකුට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකදී මරණ දඬුවම දෙන ආකාරය දැක බලාගැනීම සඳහා පැමිණෙන්නැයි නගරයේ අධිකරණයක් මේ සතියේදී මහජනතාවට ආරාධනා කරනු ලැබූ අතර ඒ සඳහා ජනතාව පැමිණියේ දහස් ගණනිනි. නඩු තීන්දුවෙන් පසුව අධිකරණයේ අවසරය ඇතිව, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත් කරන ලද 10 දෙනෙකු "මරණ දඬුවම ක්‍රියාත්මක කරන ස්ථානයට වහාම කැඳවාගෙන ගොස් මරා දැමුවා" යැයි පේපර් (Paper) නම්වූ ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය පැවසීය. නූතන චීනය තුළ ප්‍රසිද්ධියේ දඬුවම් පැමිණවීම දුර්ලභ වුවත්, දකුණු ගුවාංග්ඩොන්ග් පළාතේ එම තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. පසුගිය ජුනි මාසයේදී ලුෆෙන්ග් නගරය ජාත්‍යන්තරයට පුවත් සිරස්තල සැපයූවේ පුද්ගලයින් 18 දෙනෙකුට එම පළාතේ අධිකරණ දෙකක් විසින් මරණ දඬුවම ප්‍රකාශයට පත්කිරීමත් සමගය. අදාළ පුද්ගලයින්ගෙන් අට දෙනෙක් නඩු විභාගය අවසන් වූ වහාම මරා දැමිණි. විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් සමග අනවශ්‍ය ලෙස ක්‍රියා නොකළ යුතු බවට ගුවාංග්ඩොන්ග් පළාත් ආණ්ඩුව දරන ස්ථාවරයට අන්තර්ජාලය ඔස්සේ වැඩි අවධානයක් දීමට එම ආණ්ඩුව යොමුවී ඇති බවක් පසුගිය මාස කිහිපයේදී පෙනෙන්නට විය. පසුගිය නොවැම්බර් මාසයේදී ගුවාංශු ඩේලි වෙබ් අඩවිය, ආසන්නයේ ඇති ජියැන්ග් නගරයේ ප්‍රසිද්ධ මරණ දඬුවමක ඡායාරූප පළකළ අතර එම අවස්ථාවට දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව එහි කියවිණි. ආසන්නයේම පැවති දෙසැම්බර් 16 වෙනිදා නඩු විභාගය WeChat නම් ප්‍රකට ජංගම දුරකත මැසෙන්ජර් හුවමාරුව හරහා වැඩිදුරට ප්‍රචාරය කළේය. තීන්දුව පිළිබඳ වීඩියෝ දර්ශන Sina , Weibo යන ප්‍රකට සමාජ මාධ්‍ය ජාල මෙන්ම යූටියුබ් වැනි වූ Miaopai වීඩියෝ අඩවිය හරහාද පතුරුවා හැරිණි. ද බෙයිජිං නිව්ස් ඔස්සේ පසුගිය සෙනසුරාදා නඩු විභාගයේ දර්ශන පළකකළ තැන සිට මිලියන තුනක පිරිසක් එය නැරඹුහ. දඬුවම පැනවීමෙන් පසු, ඇතැමෙකු ඍජුව කැඳවාගෙන යනු ලැබුවේ වෙඩි භුමිය වෙතය. එහි දැක්වුණේ වරදකරුවන් වටකොටගත් සන්නද්ධ රැකවලුන්, එම දඬුවම පැනවීම වෙන වෙනම ලබා ගැනීම සඳහා උස් වේදිකා මතට ගෙන යන ආකාරය ය. එය නැරඹීම සඳහා දහස් ගණනක පිරිසක් පසුබිමේ සිටින අයුරු ද එහි දැක්විණි. දඬුවම පැනවීමෙන් පසු, පොලිස් රථයක පසුපස වූ තවත් වේදිකාවක් මතට එම පිරිස නංවනු ලැබූ අතර සන්නද්ධ රැකවලුන් මැද එය පිටව ගියේය. ඔවුන්ගෙන් ඇතැමෙකු ඍජුව කැඳවාගෙන යනු ලැබුවේ වෙඩි භුමිය වෙතය. මිනීමැරුම්, මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එහිදී කියවුණ ද, පුවත්පත මතු කළ ආකාරයට "වහාම" මරණ දඬුවමට ලක් කරන ලද්දේ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පුද්ගලයින් ය. කෙසේවෙතත්, එම වීඩියෝ දසුන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම අන්තර්ජාල පරිශීලකයින් ගේ ද විවේචනයට ලක් විය. ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ විලියම් නී (William Nee) ට්විටර් පණිවිඩයකින් කියා තිබුනේ "මිනිස් ජීවිතයට හා ගෞරවාන්විත බවට පැහැදිලිව ම නිගාකරන බව චීන බලධාරීන් විසින් යළිත් වරක් පෙන්වා දී තිබෙනවා" යනුවෙනි. Sina Weibo හි මෙය දුටු බොහෝ දෙනා පැවසුවේ ගෙවී ගිය ඈත කාලය යළි උදා වී ඇතැයි තමන්ට සිතුනු බවය. ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමේ ක්‍රමය නිසා "සංස්කෘතික විප්ලවය යළි පැමිණිලා" යැයි සිතීමට එය තමන්ව පෙළඹු බව ඔවුහු පැවසූහ. අහිංසක පුද්ගලයින්ගෙන් බලහත්කාරය යොදවා පාපොච්චාරණ ගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට ලක්කිරීමේ අපකීර්තිමත් සිදුවීම් ද වාර්තාවී තිබිණි. ලොව වෙනත් ඕනෑම රටකට වඩා වැඩි මරණ දඬුවම් ප්‍රමාණයක් චීනය තුළ ක්‍රියාවට නැගේ. එවැනි දඬුවම් කෙතරම් ප්‍රමාණයක් දී ඇත්දැයි යන්න පිළිබඳව නිල සංඛ්‍යාලේඛන නොවුව ද, එය දහස් ගණනක් විය හැකි බවට විශ්වාස කෙරේ. මෙම ක්‍රමය අප්‍රසන්න වුවත්, නගරයේ කීර්තිය රඳවාගැනීම සඳහා එය අවශ්‍ය බවට ඇතැම් අන්තර්ජාල නරඹන්නෝ තර්ක කරති. කෙටමින් හා ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන්ට ඇති තත්ත්වය ඉවත් කරගැනීමට ලුෆෙන්ග් නගරය උනන්දුවක් දක්වයි. එම මත්ද්‍රව්‍යවලින් බොහෝ ඒවා නැගෙනහිර ආසියාවෙන් හා ආසියා ශාන්තිකර කලාපයෙන් එම ප්‍රදේශයට හොර රහසේ ගෙනෙනු ලබයි. මිනිස් ජීවිතයට හා ගෞරවාන්විත බවට පැහැදිලිව ම නිගාකරන බව චීන බලධාරීන් විසින් යළිත් වරක් පෙන්වා දී තිබෙනවා කලාපය තුළ මහ පරිමාණ වශයෙන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හේතුකොටගෙන 2014 වසරේ සිට ලුෆෙන්ග් නගරය හැඳින්වූයේ "අයිස් නගරය" (the city of ice) නමිනි. චීනයේ නිල ෂින්හුවා (Xinhua) නිල පුවත් ඒජන්සිය නොවැම්බර් මාසයේදී පැවසුවේ එම කලාපය "පුළුල්ව පැතිර ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා ප්‍රවාහනයෙන් පිරී ඉතිරී ගොස්" ඇති බවය. "චීනයේ මෙතම්ෆෙටමින් පරිභෝජනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ බෝශේ ගම්මානයෙන් හා ඒ ආසන්න ගම්මානවලින්" යැයි එහි දැක්විණි. එසේම එය වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රදේශවල "පවුල් පහකින් එකක් ඍජුවම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සමබන්ධ" බවය. 13,000 ට අධික මත්ද්‍රව්‍ය සිදුවීම් ප්‍රමාණයක් පොලිසිය විසින් විසඳනු ලැබූ බව කී පුවත් ඒජන්සිය මේ වසරේ ජනවාරි සහ ඔක්තෝබර් මාස අතරදී අදාළ කලාපයෙන් පමණක් මත්ද්‍රව්‍ය ටොන් 10ක් අත්පත් කරගත් බව සඳහන් කළේය. බීබීසී මොනිටරිං හි කෙරී ඇලන් සකස් කළ වාර්තාවක් ඇසුරිනි වෙනත් තොරතුරු: |
ශ්‍රී ලංකාවේ වර්තමාන රජයත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. | ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නවතම වාර්ෂික වාර්තාව මගිනුයි ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකය පුරා රටවල් බොහොමයක් මානව අයිතීන් රැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කොට ඇත්තේ. පොරොන්දු ශ්‍රී ලංකාවේ නව රජය මගින් ව්‍යවස්ථා සංශෝධන සහ මානව හිමිකම් සුරැකීම සඳහා දුන් පොරොන්දු මගින් නව බලාපොරොත්තු ඇති කළ ද තවමත් මානව හිමිකම් සුරැකීම පිලිබඳ ප්‍රගතිය ප්‍රමාණවත් අයුරින් දැක ගත නොහැකි බවටයි ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවෙන් මතුකොට දක්වන්නේ. විධිමත් නොවන ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධ හිංසා වලට ලක් කිරීම් සහ නුසුදුසු ආකාරයේ සැලකීම් මෙන්ම අතුරුදහන්වීම් සහ රැඳවුම් භාරයේ සිටිය දී මියයාම් වැනි දෑ තවමත් සිදු වන බවද වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එසේම කලක සිට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන, වැරදි කරුවන් දඬුවම්වලින් මිදී යාමේ ප්‍රවණතාව වෙනස් වී නැති බවද මෙවර වාර්තාව මගින් අවධාරණය කොට ඇත. සේයා ඝාතනයේ සැක කරුවන් පොලිස් වදහිංසා වලට ලක්වීම පිළිබඳව ද වාර්තාවේ සඳහන් වී තිබේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව උතුරේ පැවති යුද්ධයේ අවසන් වසර හතක කාලය තුළ සහ යුද්ධය අවසාන වීමත් සමග සිදු වූ වා යැයි මතු කොට දක්වා තිබූ නීති විරෝධී ඝාතනය කිරීම්, වධහිංසාවලට ලක් කිරීම්, ලිංගික අතවර සහ සාමාන්‍ය ජනතාව වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම් වැනි දෑ පිලිබඳ පසුබිම සිහිගන්වමින් අරඹා ඇති මේ වසරේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කරුණු පිලිබඳ ශ්‍රී ලංකා රජය එකඟවූ අතර එමගින් නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට ද රජය එකඟ වූ බවයි. එසේවුවද, අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිලිබඳ තත්වයේ සාධනීය වෙනසක් වී නැති බව සනාථ කෙරෙන කොටදෙනියාවේ පස් අවුරුදු දැරියගේ ඝාතනයට සැක පිට අත් අඩංගුවට පත්වූ 17 හැවිරිදි පාසැල් සිසුවා සහ අනෙක් සැකකරුවාට පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ වධ හිංසා පිළිබඳව ද මෙවර ඇමනෙස්ටි වාර්තාවේ සඳහන් වී තිබේ. වැලිවේරිය ඝාතකයන් ට දඬුවම් පනවා නොතිබීමද වාර්තාවේ සඳහන් කොට තිබේ දඬුවම් නැහැ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ වරදකරුවන් දඬුවම් නොලබා නීතියෙන් ගැලවී යාම ද ශ්‍රී ලංකාව තුළ නොකඩවා සිදුවෙමින් පවතින බව සඳහන් කරන ජාත්‍යන්තර ක්ෂමා ආයතන වාර්තාව ඒ සඳහා එක් උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ වැලිවේරිය ජල ප්‍රශ්නයට අදාළ ඝාතනයට වග කිව යුත්තන්ට මේ වන තුරුත් දඬුවමක් ලබා නොදීමයි. එසේම උතුරේ යුද්ධය පැවති සමයේ සාමාන්‍ය වැසියන් ඝාතනය කළවුන් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත විකරමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, දේශපාලන ක්‍රියාධරයන් වූ ලලිත් වීරරාජ් කුගන් මුරුගානන්දන් ආදී ඝාතනයන් පිලිබඳ පරීක්ෂණ අවසන් නොවීමද වාර්තාවේ අවධානයට ලක්වී තිබේ. නිදහස් අදහස් ප්රකාශනයට තවමත් ශ්‍රී ලංකාව තුළ බාධා සිදු වන බව පෙන්වා දෙන අතර සුළු ආගමික ප්‍රජාවට කෙරෙන නොසලකා හැරීම් සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදුවන ලිංගික හා අනෙකුත් වදහිංසා පිළිබඳව සාක්ෂි සහිතව උපුටා දැක්වූ වර්තාවකුයි මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කොට ඇත්තේ. යුරෝපයට පැමිණෙන සරණාගතයන් ගෙන් කොටසක් බාර ගැනීමේ වගකීමක් බ්‍රිතාන්‍යය ට ද ඇති බවයි වාර්තාව පවසන්නේ අනෙකුත් රටවල් මෙවර වාර්තාව මගින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වී ඇති අනෙකුත් රටවල් අතරට බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, චීනය සහ ඉන්දියාව වැනි රටවල්ද අයත්වේ. යුරෝපයට පැමිණෙන සරණාගතයන් රටවල් අතර බෙදාගැනීමේ වගකීමෙන් බ්‍රිතාන්‍යය තවමත් මගහරිමින් සිටින බවටයි ඇම්නෙස්ටි වාර්තාව මගින් චෝදනා කරනු ලැබ ඇත්තේ. යේමනයේ සිදු කෙරෙන මෙහෙයුම් හේතුවෙන් දහස් ගණනක් සාමාන්‍ය ජනතාව මිය යන බව පෙන්වා දෙන වාර්තාව එසේවුවද බ්‍රිතාන්‍ය තවමත් බිලියන ගණන් බ්‍රිතාන්‍ය පවුම් ලබා දෙමින් අවි ආයුධ සහ ප්‍රහාරක යානා සැපයීමට කරන දායකත්වය විවේචනය කොට තිබේ. ගැටුම් පැවති සමයේ උතුරු අයර්ලන්තයේ සිදුවූ ඝාතන පිලිබඳ සොයා බැලීම මෙන්ම අවාහ විවාහ කටයුතු වල දී සමානාත්මතාවය රැක ගැනීම සහ ගබ්සාව වැනි කරුණු පිලිබඳ නීතිමය ප්රතිසංවිධානයක් නොමැති වීමද උතුරු අයර්ලන්තය දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් වී තිබේ. කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි වාර්තාව පවසන්නේ. මේ අතර ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ආකාරයටම වදහිංසා පැමිණවීම සහ නීතිය සැමට සාධාරණ නොවීමේ ප්‍රවණතාවක් ඇති බව පෙන්වා දෙන වාර්තාව විශේෂයෙන් මතු කොට දක්වා ඇත්තේ ළමා අයිතිවාසිකම් හා කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි. ජාතික ආරක්ෂාව නමැති සංකල්පයට මුවා වී මානව හිමිකම් ක්‍රියාධරයන් සහ නීතිඥයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව චීනය දෝෂ දර්ශනයට ලක්වී ඇති අතර ඒ ආකාරයටම රජය විවේචනය කළ සාමකාමී පුද්ගලයන් ඇතුළුව දහස් ගණනක් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ඊජිප්තුව ද, සරණාගතයන් ට බාධා වන ලෙස දේශ සීමා වසා දැමීම පිළිබඳව හංගේරියාව ද මෙම වාර්තා ව මගින් විවේචනයට ලක් කොට තිබේ. සිරියාව, පකිස්තානය, ඊශ්‍රායලය, ගැම්බියාව, කෙන්යාව, රුසියාව සහ සෞදි අරාබිය ද මෙලෙස විවිධ හේතූන් මත ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් වූ රටවල් අතර වෙයි. |
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා සහ ඉන්සමාම් උල් හක් යන හිටපු ක්‍රිකට් නායකයන් තිදෙනාම 1988 පැවති සමාරම්භක යොවුන් ජගත් කුසලානයට ක්‍රීඩා කළ බව ඔබ දැන සිටියාද? | සිය ක්‍රීඩා දිවිය තුළ සියලුම අංශවලින් ලකුණු 10,000 කට වඩා රැස් කිරීමට සමත් වූ ඔවුන් තිදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ සිය නම රැන්දුවේ දක්ෂ නායකයන්ට වඩා අති දක්ෂ ක්‍රීඩකයන් ලෙසිනි. තිලිණ කණ්ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ලහිරු තිරිමාන්න 19 න් පහළ ජගත් කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් අනතුරුව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අනෙක් ක්‍රීඩකයෝය. යොවුන් ජගත් ශූරතාවලියේ දස්කම් පා ක්‍රීඩකයන් පසුගියදා ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය ද ඇතුළුව ටෙස්ට් රටවල් 11 ක නායකත්වයට පත් වී සිටිති. කෙසේ වුවත් ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්රයට අවතීර්ණ වූයේ මෑත දී බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයන් මේ අතරට ඇතුළත් නොවේ. 2008 දී යොවුන් ජගත් කුසලානය දිනාගත් විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන වසරේ ජනවාරි 13 වෙනි දින නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය. අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වන පරිදි යොවුන් කුසලානයේ දක්ෂතා දක්වා සිය රටේ නායකත්වයට පත් වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට ප්‍රබල අවධානය යොමු වී තිබෙන්නේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් කෙරෙහිය. ඔවුන් තිදෙනාම 2008 යොවුන් ජගත් ශූරතාවලියේ පෙළහර පෑවෝ වෙති. 2010 යොවුන් ජගත් ශූරතාවලියේ ක්‍රීඩා කළ එංගලන්ත පිලේ ජෝ රූට් මෙන්ම පකිස්තානයේ සෆ්රාස් අහ්මඩ්, දිනේෂ් චන්දිමාල්, බටහිර ඉන්දීය කොදෙවු පිලේ ජේසන් හෝල්ඩර් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ග්‍රේම් ක්‍රෙමර් තවමත් සිය කණ්ඩායම්වල නායකත්වය හොබවන ක්‍රීඩකයෝය. තිසර පෙරේරා ද පසුගියදා ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් කෙරිණ. ජනවාරි මාසයේ පැවැත්වෙන වයස 19 න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ද ඇතුළත් ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතය. තවත් යොමු: |
වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරේ රඳවාගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන මෙන් තමන් කළ ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විශ්ව විද්‍යාල බලධාරීහු පවසති. | පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ශිෂ්‍යයන් පිරිස ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි උප කුලපතිනි වසන්ති අර්සරත්නම්ගේ ප්‍රධානත්වයෙන් යුත් යාපන විශ්ව විද්‍යාල දූත පිරිසක් පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ. අත් අඩංගුවට ගෙන සිටින ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන තුරු අනෙක් ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවනු ඇති බව එහිදී තමන් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වා දුන් බවයි, දූත පිරිසේ සාමාජිකයකු වූ මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි ප්‍රකාශ කළේ. කෙසේ නමුත්, ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපනය සඳහා යොමු කොට ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා, පුනරුත්ථාපනයෙන් අනතුරුව ඔවුන් නිදහස් කෙරෙනු ඇති බවත් ඊට පෙරාතුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් දුන් බවත් මහාචාර්ය කන්දසාමි බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් ට පැවසීය. 'ආණ්ඩුව පුනරුත්ථාපනය කිරීම' ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයාට විශ්ව විද්‍යාල ආචාර්ය පිරිසට පවසා තිබේ. "යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්රජාතන්ත්රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය" විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මේ පිළිබඳව අදහස් දක්වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සංදේශයට කියා සිටියේ, ශිෂ්‍යයන් නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවී තිබෙන බවයි. "යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්රජාතන්ත්රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය," ඔහු පැවසීය. ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ ශිෂ්‍ය නායකයන් ද මුණ ගැසීමට තමන් සූදානම් බව ද ආරක්ෂක ලේකම්වරයා දූත පිරිසට දැනුම් දී තිබේ. කෙසේ නමුත් දැන් ශිෂ්‍යයන්ගෙන් සියයට 99 ක්ම විශ්ව විද්‍යාලයෙන් බැහැරව ගොස් ඇති බව පවසන ඔහු, ඔවුන් ආපසු පැමිණෙන තුරු අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවද පෙන්වා දෙයි. පවතින වාතාවරණය යටතේ ඔවුන් යලි පැමිණෙනු ඇති දැයි තමන් නොදන්නා නමුත්, තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කළ හැකිදැයි ලබන සතියේ සොයා බලන බවද මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. තවමත් යාපනයේ පවතින්නේ 'මිලිටරි පාලනයක්' බවත්, එම පාලනය යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට පාලකයන් ඉඩ නොදෙන බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි තේමා |
"අවශ්‍යම වේ නම්" උතුරු කොරියාව සම්බන්ධයෙන් "සැළකිය යුතු මට්ටමින්" හමුදා බලය භාවිත කරනු ඇති බව ඇමරිකාව පවසයි. | එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඒ බව කියා සිටියේ අඟහරුවාදා (ජුලි 04) උතුරු කොරියාව විසින් සිදු කරන ලද නවතම දුර විහිදුම් මිසයිල අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමිනි. එමෙන්ම ප්යොංයැං පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඇය අවධාරණය කරන්නීය. උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ඇය විසින් විග්රහ කරනු ලැබුවේ යුදමය ක්‍රියාකාරකම් ත්රිව්ර කිරීමක් ලෙසය. වසර ගණනාවක් පුරා ප්යොංයැං පාලනය වෙත පනවන ලද ආර්ථික සම්බාධක ප්‍රමාණවත් නොවන බවත් තානාපතිනිය කියා සිටියාය. ඇය අදහස් පළ කර පැය කිහිපයක් ගත වෙත්ම ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා එක්ව මිසයිල අභ්‍යාසයක යෙදුනහ. චීනය සහ රුසියාව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇමරිකාව, උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන "සතුරු පිළිවෙත" නිම නොකරන්නේ නම් තමන් සාකච්ඡා මේසයට නොපැමිණෙන බව ප්යොංයැං පාලනය අවධාරණය කරයි. උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යොදා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව ද සිය විරෝධය පළ කර සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනම නොතකා උතුරු කොරියාව පසුගිය කාලය තුළ මිසයිල අත්හදා බැලීම් ගණනාවක් සිදු කළේය. ජපානයේ ආරක්ෂාව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමොමි ඉනාදා විසින් උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම හඳුන්වනු ලැබුවේ "අනුමත කළ නොහැකි කුපිතකාරී ක්‍රියාවක්" ලෙසය. අලුතින් අත්හදා බලන ලද හ්වාසොං 14 වර්ගයේ අන්තර් මහද්වීපික මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝමීටර 933 ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ වූ ඉලක්කයකට පතිත වූ බව උතුරු කොරියාව අඟහරුවාදා පැවසීය. ඇමරිකාව ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව ආරක්ෂක ලේකම් ජිම් මැටිස් අවධාරණය කළේය. එකඟතාවකට Tනෞකා නාශක මිසයිල දියත් කරන දකුණු කරියානු යුද නැවක් මේ අතර එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් පවසා තිබුණේ උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යෙදෙවීම විකල්පයක් නොවන බවය. දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදු කිරීම අත්හිටුවීමත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමත් මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව ඉල්ලා සිටිති. |
මීතොටමුල්ල කුණු කන්දේ සිදු වූ නාය යෑමට හසු වී මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. | ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති. යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණ කරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය. "අද සවස තවත් මළ සිරුරු තුනක් සොයා ගත්තා" යයි සඳහන් කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න අතුරුදහන් වී ඇති සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිසි වාර්තාවක් ලැබී නොමැති බවත් කියා සිටියේය. තවත් පුද්ගලයන් විසි දෙනෙකුවත් සුන්බුන් අතර සිර වී සිටිය හැකි බව හදිසි ආපදා බලධාරීහු බීබීසීයට පැවසූහ. නාය යෑමට පැය කීපයකට පෙර කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති නමුත් ඒ අවට පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් නොවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩකඩ ඇතිබව හදිසි ආපදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා තිබේ. උස අඩි 300 ක් අඩි තුන්සීයක් උස මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව අවම වශයෙන් හතළිහකි. කුණු කන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්‍රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. වාර්තාවලට අනුව මීතොටමුල්ලට දිනකට බැහැර කරනු ලබන කසල ප්‍රමාණය ටොන් අටසීයකි. මේ අතර මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් ඒ සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ 'බ්ලූමැන්ඩල්' කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය. 'බ්ලූමැන්ඩල්' සහ මීතොටමුල්ල මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’ මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ සමාජීය ගැටලු පිළිබඳ දීර්ඝ කාලයක සිට වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සිංහල සේවයට කියා සිටියේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බවය. "ගම්වාසීන්ට අනුව 1989 වසර වනතෙක් පොතුවිල් කුඹුර ලෙස හඳුන්වපු කුඹුරු යායක් මෙතෙන තිබිලා තියෙන්නේ. නමුත් එම වසරේ කොළඹ නගරයට ආපු විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ වී තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය. "ඒ කාලේදී තමයි මුල්ලේරියාව නගර සභාව විසින් මේ කුඹුර ගොඩ කරලා කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශීය සභා තුනට අදාළ කසල බැහැර කිරීම ආරම්භ වෙන්නේ" එවකට එම බල ප්‍රදේශවලට අයත් කැළිකසල පමණක් මීතොටමුල්ලට බැහැර කළ බව කී මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල කුණු තට්ටු මත පස් තට්ටු අතුරමින් එවකට කසල ගොඩ කිරීම් සිදු වූ බව කියා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසන ආකාරයට ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේශයක පැතිර තිබේ. ග්‍රාම සේවා වසම් අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන බවත් ඔහු කියා සිටියේය. මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් දුන් නමුත් එවකට සිටි බලධාරීන් එම අධිකරණ නියෝගය නොතකා දිගටම කුණු බැහැර කළ බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් කියා සිටියේය. |
ඉන්දියාව කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 130 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. | තරඟයේ වීරයා වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විස්සයි විස්ස පිටියෙන් සමු ගනිති අවසාන මහා තරඟයේදී නොදැවී ලකුණු 52ක් රැස් කළ කුමාර් සංගක්කාර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ. විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්රයට කළ මෙහෙය වෙනුවෙන් එම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවයි, කණ්ඩායමේ වැඩ බලන නායක ලසිත් මාලිංග කියා සිටියේ. හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සඳහා වසර 18 ක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට එම ජයග්‍රහණය පුද කරන බවයි. ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන් පස් වතාවක්ම අවසාන මහා තරඟයට තේරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් අවශ්‍යව තිබුණු බව පැවසූ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්, ජයග්‍රහණයේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකි බව කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශික ක්‍රීඩාලෝලීන්ගේත් සහයෝගය ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණ. බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරඟයට වැස්සෙන් බාධා පැමිණීමෙන් අනතුරුව තරඟය ආරම්භ වූයේ ප්‍රමාද වී. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම ඉන්දීය කණ්ඩායමට භාර කළේය. විශේෂයෙන්ම වැසිබර කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මත තරඟය තීරණය වීමට ඉඩ තිබීම පන්දුවට පහර දීම ඉන්දියාවට භාරදීමට හේතුව බවයි, ඇන්ජලෝ මැතිවුස් ඉන්දීය ඉනිමෙන් අනතුරුව කියා සිටියේ. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 130 ක් රැස් කර ගත්තේය. සීක්කුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි. |
තේරී පත්ව සිටින ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ධනාත්මක විසඳුමක් සෙවීමට උත්සාහ දරනු ඇතැයි දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බව දෙමළ ජාතික සන්ධානය පවසයි. | දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට පැවසුවේ දෙමළ ජනතාව නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණයට සුබ පතන බවයි. භාරතීය ජනතා පක්ෂය නියත බහුතරයක් ලබා ජයග්‍රහණය කර ඇති බවත් එසේම තමිල්නාඩුවේ ජයලලිතා ජයරාම් ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් විශිෂ්ට ජයක අත් කර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජයලලිතාගේ පක්ෂය යෝජනා කිහිපයක්ම ගෙනවිත් ඇති බවයි ඔහු පැවසුවේ. ධනාත්මක විසදුම් මෝඩි රජය තමිල්නාඩුවේ ජයලලිතා ආණ්ඩුව සමඟ මිත්රශීලීව කටයුතු කොට දෙපාර්ශවයම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රශ්නවලට ධනාත්මක විසදුම් ගෙන ඒමට පියවර ගනු ඇතැයි ඔහු විස්වාශය පළ කළේය. ඉන්දීය මධ්‍යම රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ දරනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේ. “මේක තමයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේත් අපේක්ෂාව. දෙමළ ජනතාවයි දෙමළ ජාතික සන්ධානයයි ඔහුට සුබ පතනවා .” පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් ප්‍රකාශ කළේය. |
යුරෝපය සමඟ දැනට වඩා සම්බන්ධතා තර කළ යුතු බවට ආණ්ඩුවට බල කරමින් ලක්ෂයකට ආසන්න යුක්රේන වැසියෝ කියෙෆ් අගනුවර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරතව සිටිති. | රැලියට දස ලක්ෂයක ජනකායක් එක් වන මෙන් විරුද්ධ පක්ෂය ඉල්ලීමක් කොට තිබේ නගරය මධ්‍යයේ පිහිටි නිදහස් චතුරශ්‍රය උද්ඝෝෂකයන්ගේ කූඩාරම් වලින් පිරී ගොස් තිබෙන අතර, තූර්ය වාදක කණ්ඩායමක් උද්ඝෝෂකයන් සංගීතයෙන් පිනවමින් සිටියි. ජනාධිපති වික්තර් යනුකෝවිච්ට දැඩි බලපෑමක් එල්ල කිරීම පිණිස රැලියට දස ලක්ෂයක ජනකායක් එක් වන මෙන් විරුද්ධ පක්ෂය ඉල්ලීමක් කොට තිබෙන බැවින් අද විපක්ෂයට තීරණාත්මක දිනයක් බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ. යුරෝපය වෙනුවට රුසියාව ජනාධිපති යනුකොවිච් පසුගිය සිකුරාදා රුසියාවේ ජනාධිපති පූතින් මුණ ගැසුණේය යුරෝපය සමඟ වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීම මීට සති තුනකට ඉහතදී ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි, යුක්රේනයේ මහජන උද්ඝෝෂණ පැන නැගුණේ. ඒ වෙනුවට රුසියාව සමඟ සම්බන්ධතා තර කිරීම සම්බන්ධයෙන් අවධානය පළ කිරීමට ඔහු තීරණය කළේය. රුසියාවේ කළු මුහුදු බඩ සෝචි නිවාඩු නිකේතනයේදී ජනාධිපති යනුකොවිච් පසුගිය සිකුරාදා රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් මුණ ගැසුණ අතර, එම හමුවීම උද්ඝෝෂකයන්ගේ කෝපය තීව්ර කිරීමට හේතු විය. අනාගත මූලෝපායික සම්බන්ධතාවයක් පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බව, යුක්රේන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. දැනට සිරගතව සිටින හිටපු අගමැතිනි යූලියා තිමොෂේන්කෝ සිය උපවාසය අත් හරින ලද බව මේ අතර ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. |
මීට වසර තුනකට ඉහතදී සවුදි අරාබියේ ගෘහ සේවයට ගිය සිය අම්මා සොයා දෙන මෙන් අම්පාරේ පෙරියනීලාවනෙයි හි වෙසෙන හය හැවිරිදි දරුවකු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. | 'පිට රට ගිය අම්මත් නෑ. තාත්තා වෙඩි කාල මැරුණා. මට දැන් අම්මත් නෑ, තාත්තත් නෑ' 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දමාම් නගරයේ නිවසක සේවයට ගිය අම්මා එවක් පටන් වසර දෙකක කාලයක් තමන්ට දුරකතනයෙන් අමතමින් සිටි නමුත්, ඉන් අනතුරුව හදිසියේම එම ඇමතුම් නතර වූ බවයි අනූ ලක්ෂාන් දරුවා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යවා තිබෙන ලිපියක සඳහන් වෙන්නේ. මේ පිළිබඳව රැකියා ඒජන්සියේ නියෝජිතයාගෙන් විමසීමක් කළ විට සිය අම්මා, කනපති සුගන්දිනී, 29, යලි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඔහු දැනුම් දුන් බවද එම ලිපියේ සඳහන්. "පිට රට ගිය අම්මත් නෑ. තාත්තා වෙඩි කාල මැරුණා. මට දැන් අම්මත් නෑ, තාත්තත් නෑ," බවයි, ලක්ෂාන් දරුවා සංදේශයට කියා සිටියේ. ඔහු දැන් ජීවත්වන්නේ ආත්තම්මා සමඟයි. සුගන්දිනී ලක්ෂාන් දරුවා ලැබීමට නියමිතව සිටියදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරුණා පාර්ශවයේ සාමාජිකයන් විසින් ඔහුගේ පියා රැගෙන ගිය බවත් ඉන් අනතුරුව කවුරුන් විසින් හෝ පියාට වෙඩි තබා මරා දමා තිබුණු බවත් ඥාතීහු පවසති. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මාවන් අතපත්තු පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. | නව පුහුණුකරු තෝරා ගැනීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව අනුමත කළ බවයි, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ අනුව 1999 දී රෝයි ඩයස් පුහුණුකරු තනතුර හෙබවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු තනතුරට පත්කෙරුණු පළමු වතාව මෙයයි. 1996 දී ඩේව් වට්මෝර් පුහුනුකරු පදවිය දැරීමට පෙර දුලිප් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරීය. 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ට්‍රෙවර් බේලිස් ඉල්ලා අස්වූ අවස්ථාවේ රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරු වශයෙන් පත් කෙරිණ. |
ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද බදාදා (දෙසැම්බර් 31)පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමට එක් විය. | එක්සත් ලක් වනිතා සම්මේලනයේ සමුළුවක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙද්දී එම වේදිකාවට ගොඩ වූ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තම සහයෝගය පොදු අපේක්ෂකයාට ලැබෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ කාන්තා අංශය වන එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට පැමිණි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා පිළිගන්නා ලද්දේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසිනි. ෆයිසර් මුස්තාපා මෙවර ජනාධිපතිවරණයේ දී සහයෝගය දෙනු ලබන්නේ කවර අපේක්ෂකයාටද යන්න පසුගිය දිනවල ජනමාධ්‍යවල සාකච්ඡාවට ලක් වෙමින් තිබුණ මාතෘකාවකි. එම මාතෘකාව දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක් වෙමින් තිබිය දී නියෝජ්‍ය ඇමතිවරයා විදේශගත වූ අතර ආපසු සියරට ලඟා වීමෙන් අනතුරුවයි ඔහු විපක්ෂයට එකතු වුණේ. බොදු බල සේනා අද ඔහු එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට ලඟා වන අවස්ථාවේ සමුළුව අමතමින් සිටියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි. ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භයේ දී ෆයිසර් මුස්තාපා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පළ කරමින් මාධ්‍ය හමුවකට ද සහභාගී විය. එක් මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් වුනොත් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙන බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සහ දෙමළ ජාතික සන්ධානය පසුගිය දා පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන බව නිවේදනය කිරීමත් සමඟ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා බලයට පත් කරන මෙන් ඉල්ලා සිටිමින් ජනහමු කැඳවීම ආරම්භ කර ඇත. |
මේ වසරේ ශ්‍රී ලංකාවට බලපෑ නියඟය හා ගංවතුර හේතුවෙන් රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ 1.2% ක් දක්වා පහත වැටී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. | අගමැතිවරයා ඒ බව සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රටේ ආර්ථිකයට සහ කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව 2017 වසරේ බලාපොරොත්තුවූ ආර්ථික වර්ධන වේගයට ළඟාවීම නොහැකි වූ බවත් අගමැතිවරයා සඳහන් කළේය. "මේ වසරේ අපි 5.5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2 ක් බවට පත්වී තිබෙනවා." රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයටත් විශේෂයෙන්ම ගෘහස්ත ආර්ථිකයටත් දේශගුණික වෙනස්කම් ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බව පෙන්වාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව පසුගිය සමයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ විට දක්නට ලැබෙන බවත් සඳහන් කළේය. "දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවීන්ට තම වගා කටයුතු වල නිරතවීමට හැකියාවක් ලැබුනේ නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා," අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. "විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස පහත වැටුනා. සහල් නිෂ්පාදනය ද විශාල වශයෙන් අඩු වුනා. මෙම කාලය තුල එළවලු වගාවද 30% කින් පමණ අඩු වී තිබෙනවා." ගොවීන් උඩරට හෙක්ටයාර් 14,798 කුත් පහතරට හෙක්ටයාර් 32,216 කුත් එළවලු වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු පළකර තිබුණත් සැබවින්ම වගා කර තිබුනේ උඩරට හෙක්ටයාර් 10,712 ක් සහ පහතරට හෙක්ටයාර් 19,673 ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. "පොල් හිඟයට ප්‍රධාන හේතුව නියඟය" "කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස්වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස් වීමට භාජනය වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්රාග්ධනය ගොවීන්ට තිබුනේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙළඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36% කිනුත්, පහත රට එළවළු වගා බිම් ප්‍රමාණය 30% කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා." මෙය "නිදහසට කරුණු දැක්වීමක්" නොවන අතර වගකීම භාරගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් යතාර්ථය පැහැදිලි කිරීමක් පමණක් බව ද අගමැතිවරයා අවධාරණය කළේය. මේ තත්වය යටතේ සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන අතර ලබන මහ කන්නය වනවිට සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය. ලබන වසරේ රටේ පොල් හිඟයක් ඇති බිය හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය. සහල් මිල ගැන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් "මසකට පොල් ගෙඩි මිලියන හතලිහක් පමණ වන හිඟය පියවා ගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීමට පොල් ආශ්රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබා දීමටත් තීරණය කළා." ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ මෙම දේශගුණික වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මෙම තත්වයට මුහුණ දීම සඳහා අළුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදුවන බවයි කියා සිටියේ. තවත් විස්තර: |
රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ "හමුදාව විසින් අත්පත් කරගනිමින්" සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ. | රෝහින්ග්‍යා සරණාගතයින් තාවකාලික කුඩාරම්වල සිටින අතර, මියන්මාර හමුදා සෙබළෙක් දේශ සීමා ආරක්ෂාවේ යෙදෙන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. නව ඉදිකිරීම් සඳහා රඛයින් ප්‍රාන්තයේ ගම් බිම් ඩෝසර් මගින් සමතලා කරන බව සැටලයිට් ඡායාරූපවලින් මෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවත් මානව හිමිකම් සංවිධානය පවසයි. මේ හමුදාකරණය මගින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කෙරුණ අපරාධ සම්බන්ධ සාක්ෂි ඉවත් කෙරෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. මියන්මාර රජය මේ වන තෙක් මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වා නොමැත. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් "සමූලඝාතනය" කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනා සම්බන්ධයෙන් "පැහැදිලි සාක්ෂි" ඉදිරිපත් කරන ලෙස මින් පෙර මියන්මාර රජය ඉල්ලා සිටියේය. "මෙමගින් සිය දහස් ගණනක් වූ රෝහින්ග්‍යා ජනතාවගේ අනාගතය ගැන ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු තත්වයක් උද්ගත වී තිබෙන," බව ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර සිටියි. රෝහින්ග්‍යා වැසියන්ට සිය ගම් බිම් හැර දමා පළා යාමට සිදු වූයේ එම ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. එම ප්‍රහාර මැඩ පැවැත්වීමට බව පවසමින් පසුගිය අගෝස්තු මස මියන්මාර හමුදාව ප්‍රදේශය තුළ මෙහෙයුම් දියත් කරන ලදි. එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම්, මිනී මැරීම් සහ ගම්මාන ගිණි තැබීම් සිදු වූ බව වාර්තා විය. සබැඳි තොරතුරු: මෙම ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජන සමූහයට අයත් වැසියන් ලක්ෂ හතකට ආසන්න ගණනකට බංග්ලාදේශයට පළා යාමට සිදු විය. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යළි මියන්මාරය වෙත ගෙන යාම සඳහා වන කාලරාමුවකට එකඟ වූ බව බංග්ලාදේශය පවසයි. බංග්ලාදේශය වැඩිදුරටත් සඳහන් කළේ වසර දෙකක් ඇතුළත සියලුම රෝහින්ග්‍යා සරණාගතයන් මියන්මාරය වෙත පිටත් කර හැරීම සිය ඉලක්කය බවය. නමුත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගත ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. නැවත මියන්මාරයට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනුවෙන් නව ඉදිකිරීම් සිදු කළත්, මෙම ප්‍රදේශය "සැලකිය යුතු ආකාරයකට හමුදාකරණය වී ඇති" බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ගිනිබත් කෙරුණු රෝහින්ග්‍යා ගම්මාන "රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව අපරාධ සිදු කළ හමුදාවම ඔවුන් වෙනුවෙන් ගෙවල් සාදමින් සිටිනවා," යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ අධ්යක්ෂවරියක් වන ටිරානා හසන් පැවසුවාය. පෙර රෝහින්ග්‍යා ගම්මාන පිහිටා තිබුණු ස්ථානවල හමුදාවට පහසුකම් ලබා දෙනා ස්ථාන සහ මාර්ග ගොඩනඟා ඇති අතර, එහි අරමුණ එම ප්‍රදේශය තුළ තවදුරටත් හමුදා රැඳවීම බව එක් කණ්ඩායමක් පැවසූහ. "මුළු ප්‍රදේශයම ඩෝසර් කර එහි තිබුණ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධවල සාක්ෂි මකා දැමීම නිසා ඒවාට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේ දී නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා අපහසු වෙනවා," යැයි ටිරානා හසන් පැවසුවාය. ඇය තවදුරටත් පැවසුවේ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය ඉතා දිළිඳු ප්‍රදේශයක් වන බැවින් ඉතා කඩිනමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු අතර, ජාති භේදවලින් තොරව ප්‍රදේශයේ සියලු දෙනාටම එක ලෙස සංවර්ධනය භුක්ති විඳීමට සැලැස්විය යුතු බවය. පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මස රඛයින් ප්‍රාන්තයේ සැටලයිට් ඡායාරූපයක් වන අතර දෙවන ඡායාරූපය ලබා ගෙන ඇත්තේ 2018 පෙබරවාරි 28 වන දිනය. රඛයින් ප්‍රාන්තය තුළ සිදුවන බොහෝ දේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සහ මාධ්‍ය ආයතනවලින් වසන් කිරීමට පියවර ගෙන ඇති බැවින් එහි තත්වය පිළිබද ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇත. මියන්මාර රජය ඔවුන් හඳුන්වනු ලබන්නේ බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණිකයන් ලෙසය. මේ හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරට පුරවැසිභාවය ප්රදානය කිරීම සහ සමාන අයිතිවාසිකම් ලබා දීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ තොරතුරු ද දැනගන්න: |
ජාත්‍යන්තර බැඳීම්වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවෙන් ඉල්ලා සිටී. | දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින තානාපති සබඳතාවලට වසර හතළිහක් පිරීම නිමිති කර ගනිමින් අද (මාර්තු 15) කොළඹදී උත්සවයක් පැවැත්විණි. එම උත්සවයට පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙනි. බෙදී පවතින කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින කලාපීය දේශපාලන උණුසුම පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පැවසූහ. උතුරු කොරියාව පසුගියදා අලුතින් මිසයිල දියත් කළ අතර පසුගිය වසරේ දී න්‍යෂ්ටික අත්හදා බැලීමක් ද සිදු කළේය. මිසයිල අත්හදාබැලීම් "කොරියානු අර්ධද්වීපයේ දැනට පවතින වාතාවරණය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳත් අපි සාකච්ඡා කළා. කොරියානු කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා ඉවහල් වන පරිසරයක් සහතික කිරීම සඳහා ඔවුන් ගිවිස ගත් ජාත්‍යන්තර බැඳීම් අනුව කටයුතු කරන මෙන් කොරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයෙන් ඉල්ලා සිටින්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා" යනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර උත්සවය අමතා පැවසීය. එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබීමට ගත් පියවර සමග ශ්‍රී ලංකාව එක්ව සිටීම තම ආණ්ඩුව අගය කරන බව කී දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග් - සෙ කේෂ්ත්‍ර ගණනාවක් තුළ ශ්‍රී ලංකාව හා තවත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළේය. දකුණු කොරියාවේ විදේශ අමාත්‍යවරයෙකු වසර තිස් එකකට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ. |
වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය. | ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ. කොංග්රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය. කාන්තාවක් මිය යයි මේ අතර ප්රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය. විදේශ නායකයෝ හෙලා දකිති මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්රස් ගොඩනැගිල්ලේ හටගත් ප්රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය. ප්රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව "දැඩි කම්පනයට පත් වූ" බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය "ප්රජාතන්ත්රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවය. ජෝ බයිඩන් ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් "පසුපසට ගොස් ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු," බව පැවසීය. ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, "මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්" බවය. රූපවාහිනිය හමුවට ගොස් "මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න" යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය. "ඔබ දැන් ගෙදර යා යුතුයි" ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, "මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා," යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය "සොරකම් කරලා" යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි. "හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි." යනුවෙන් කී ට්‍රම්ප් "මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි" ද කියා සිටියේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය. ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි. ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි. කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි. "අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ. කොංග්රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන කරා දිව යමින් ප්රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය. විරෝධතාකරුවෙක් සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ "පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න" යනුවෙනි. "ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි," යැයි ලියූ ට්‍රම්ප් "සාමකාමී වන්න" යැයි කියා සිටියේය. ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය "කොල්ල කෑ" බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ. ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් "ප්රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින" බවය. කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි. |
උතුරේ යුද අනාථයන් විසින් මැතිවරණයට ලියාපදිංචි වීම සඳහා ලබා දුන් අයදුම්පත් අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවකට ඡන්ද අයිතිය අහිමි වී ඇතැයි මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් කියා සිටී. | අයැදුම් පත් 10243 අතුරින් 'ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණයි' ඉකුත් වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා අයදුම් කළ යුද අනාථයන් දස දහසකට අධික පිරිස අතුරින් පන්දහසකට වැඩි සංඛ්‍යාවකගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වී තිබීම ගැන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (කැෆේ) විමතිය පළ කොට තිබේ. යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිව උතුරෙන් පිටවී සිටින ඡන්ද දායකයන් ඉදිරි මැතිවරණ සඳහා ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කොට තිබු කාලය නිම වූයේ ඉකුත් සතියේ. ඒ කාලය තුල ලැබුණු අයැදුම් පත් 10243 අතුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ. මේ පිළිබඳව සංදේශය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් කරනු ලබන ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් බැඳී නැති බවයි. උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා ජූලි විසි පස් වැනි දා සිට අගෝස්තු පළමු වැනි දා භාර ගන්නා බව මැතිවරණ කොමසාරිස් වරයා මේ වන විට දැනුම් දී තිබේ. |
සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී යුද හමුදාව වන්නියට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් උතුරේ රදගුරු හිමිවරුන් විසින් කර තිබූ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අදහස් නොවන බව කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක පියතුමා පවසයි. | යාපනය රදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් සහ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප් සමඟ පළ කොට ඇති අදහස් ‘පෞද්ගලික මත දැක්වීම්’ බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා කියා සිටියේ. යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි මෙන් ම පොකුරු බෝම්බ වලින් ද පහර දුන් බවට යාපනය සහ මන්නාරම රද ගුරු දෙ පළ කර තිබුණ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මාධ්‍යයට කියා තිබුණේත් රදගුරු හිමිවරුන් දෙ පල කරන චෝදනා ශ්‍රී ලංකා කතෝලික සභාවට අනුමත කළ නො හැකි බවයි. පොකුරු බෝම්බ ප්‍රහාර ඇමෙරිකානු නියෝජිතයෝ වන්නි සංචාරයේ. යාපනයේ සහ මන්නාරම රදගුරු හිමි වරුන්ගේ මතභේදාත්මක ප්‍රකාශන උන්වහන්සේලාගේ පෞද්ගලික මත අනුව සිදු කෙරුණ ඒවා වන බවයි, කාදිනල් මැල්කම් රංජිත් අවධාරණයෙන් කියා සිටින්නේ. බීබීසී ය සමඟ වැඩිදුරටත් අදහස් දැක් වූ කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා, යුද්ධයක දී ඊට මැදිහත් දෙපාර්ශ්වය විසින් යොදා ගනු ලබන උපක්‍රම සහ ක්‍රම වේදයන් එක්තරා දුරකට පිළි ගැනීමට සිදු වෙන බවත්, එම යුද්ධයේ දී මහජනතාවට හානි සිදු වූ බවට හුදු ප්‍රකාශන පමණක් නො කොට ප්‍රමාණවත් සාක්ෂි සහිත ව ඒවා සනාථ කළ යුතු බවයි සඳහන් කළේ. “රදගුරු දෙපළ ගේ ප්‍රකාශන මගින් එම කාරණය ඉටු වන්නේද යන්න සොයා බැලිය යුතුව තියෙනවා”යයි බෙනඩික් ජෝෂප් පියතුමා පවසයි. පෞද්ගලික මතාන්තර යුද විනාශයෙන්. යාපනය සහ මන්නාරම රදගුරු හිමිවරුන්ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ගනු ලබන ක්‍රියා මාර්ගය පිළිබඳව විමසූ විට බෙනඩික් ජෝෂප් පියතුමා සඳහන් කළේ, ගනු ලබන පියවර කෙබඳු එකක් ද යන්න සම්බන්ධයෙන් දැනට ස්ථාවරයක් නොමැති බවයි. රදගුරු වරයකුට පෞද්ගලික මට්ටමින් තම මතයද ,අනිත් අතින් කතෝලික සභාවේ මතය ද ප්‍රකාශ කළ හැකි අතර, ඇමෙරිකානු නියෝජිතයන් සමඟ යාපනය සහ මන්නාරම රදගුරු දෙපළ විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ උන්වහන්සේලාගේ පෞද්ගලික මත පළ කිරීමක් වන බවයි, කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝෂප් පියතුමා වැඩි දුරටත් සඳහන් කළේ. |
කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර මතුව පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් එලෙසෙම පවතී. | සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් යන රටවල විදේශ අමාත්‍යවරු කටාර් රාජ්‍ය විසින් අසල්වැසි මැදපෙරදිග රටවල යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ඒ වෙත පනවා තිබූ සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව සෞදි අරාබිය පැවසීය. ඩෝහා පාලනය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කයිරෝ අගනුවරට රැස් වූ අරාබි රටවල් හතරක විදේශ අමාත්‍යවරුන් කියා සිටියේ ඒ පිළිබඳ කටාර් රාජ්‍යයෙන් පළ වූ නිෂේධනීය ප්‍රතිචාරය පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවය. කටාර් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජුනි මස ආරම්භයේ දී කටයුතු කළහ. ත්රස්තවාදයට සහාය ලබා දෙන බවට ඉහත කී රටවල් කටාර් වෙත චෝදනා කරන අතර එරට ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූලික වෙනස්කම් සිදු කරන ලෙස ඉල්ලා සිටිති. මතුව ඇති අර්බුදකාරී වාතාවරණයේ "බරපතළභාවය" කටාර් රාජ්‍ය තේරුම් ගෙන නොමැති බව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ පවසති. 'තවදුරටත් ක්‍රියාමාර්ග' සෞදි අරාබියේ විදේශ ඇමතිවරයා කියා සිටියේ නිසි වෙලාවේ දී කටාර් රාජ්‍යයට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගනු ඇති බවය. අන්තර්ජාතික නීති අනුව එම පියවර ගනු ඇති බවත් ඔහු පැවසීය. "අප මේ දේ කරන්නේ කටාර් රාජ්‍යයට රිදවන්න නොවෙයි. කටාර් වෙත උදව් කරන්නයි අප මේ දේ කරන්නේ" යනුවෙන් සෞදි අරාබියේ විදේශ ඇමති අදෙල් බින් අහමඩ් අල්-ජුබෙයිර් කියා සිටියේය. අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඉටු කිරීම සඳහා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍ය වෙත ඉරිදා (ජුලි 02) වන තෙක් කල් ලබා දී තිබිණි. ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට එම රටවල් පසුගිය සඳුදා (ජුලි 03) පියවර ගත්හ. ඉහත කී කාල සීමාව තුළ සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් කටාර් රාජ්‍යය වෙත තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බවට ඔවුහු අනතුරු ඇඟවූහ. කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 කි. භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය. කටාර් රාජ්‍යය හා සම්බන්ධ වන එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි. ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk |
තමන්ටම වෙන් වූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා වැඩ ආරම්භ කළ බව රුසියානු අභ්‍යවකාශ කාර්යාංශය නිවේදනය කළේය. මෙම නිවේදනය නිකුත් වූයේ රුසියාව සහ බටහිර රටවල් කීපයක් අතර දේශපාලනික මතභේද කැකෑරෙමින් තිබියදී ය. | දැනට පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දියත් කෙරුණේ 1998දී ය. රුසියාව සහ එක්සත් ජනපදය මුලික වී එය ස්ථාපනය කළේ තවත් රටවල් කීපයක සහයෝගය ඇතිව ය. එය ජාත්‍යන්තර සහයෝගීතාව ඉස්මතු කෙරෙන සන්ධිස්ථානයක් ලෙස කාගේත් පැසසුමට ලක් විය. නමුත් 2025 දී තමන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වන බවට රුසියාව ඇඟවීමක් කර තිබුණි. එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල දැන් පැරණි ය. රුසියාවේ රොස්කොස්මෝස් අභ්‍යවකාශ කාර්යාංශය (Roscosmos) කියා සිටියේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම 2024 වසරේදී නිමාවට පත්වන බවය. දැනට පවත්වාගෙන යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය තීරණය කෙරෙන්නේ එහි පවතින තාක්ෂණික මොඩියුලයන් ගේ තත්ත්වය සහ රුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීම සඳහා දියත් කරන සැලසුම් මතය. "සාධාරණ දැනුම් දීමක්" "ගගනගාමීන්ගේ ජීවිත අවදානමේ හෙළන්න අපට බැහැ. අද මේ ගත් තීරණයට හේතුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල සහ එහි ලෝහ පැරණි වෙමින් පැවතීම. එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාකවල පටන් මහා විපත්තියක් දක්වා විය හැකි සිදුවීමකට හේතු විය හැකියි. එවැන්නක් සිදුවීමට අප ඉඩ නොහැරිය යුතුයි." රුසියාවේ උප අගමැති යූරි බොරිසොෆ් පැවසූ බව එරට රාජ්‍ය රුපවාහිනිය වාර්තා කළේය. "ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත්ව යාම පිළිබඳව සාධාරණ කාලසීමාවක් ඇතුළත" තම ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත රුසියාව විසින් දැනුම් දෙනු ලබනු ඇති බව ද ඔහු පැවසීය. රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මූලික මොඩියුලයේ වැඩ ආරම්භ කර ඇති බව පවසමින්, Roscosmos කාර්යාංශයේ ප්‍රධානියා වන දිමිත්‍රි රෝගොසින් වීඩියෝ පටයක් ටෙලිග්‍රෑම් සමාජ පණිවිඩ ජාලයට එක්කර තිබුණි. රුසියාව තම තීරණය නිවේදනය කිරීමටත් පෙර සිටම එහි වැඩ අරඹා ඇති බවක් එමගින් පෙනෙන්නට තිබේ. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට ඉතිහාසගත වූයේ රුසියානු ජාතික ගගනගාමී යූරි ගගාරින් ය. එහි 60වන සංවත්සරයට සමගාමීව රුසියාව පසුගිය දා, අජටාකාශය තරණය කිරීමේ සිය ප්‍රෞඩ ඉතිහාසය හරසරින් සැමරුවේය. අභ්‍යවකාශයට ගගනගාමීන් රැගෙන යාමේ ඒකාධිකාරිය වසර ගණනාවක් තිස්සේ පැවතුනේ රුසියාව සතුව ය. නමුත් පසුගිය වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් රැගෙන යාම සඳහා නාසා ආයතනය භාවිත කළේ ඊලෝන් මස්ක් ගේ (Elon Musk) SpaceX නමැති අභ්‍යවකාශ කැප්සියුලය යි. මතභේද එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කීපයක් රුසියාව සමඟ මෑතකදී යළිත් මතභේද ඇතිකරගෙන තිබුණි. රුසියාවේ සිටින එක්සත් ජනපද තානාපති ජෝන් සලිවන් උපදෙස් ලබාගැනීම සඳහා මේ සතියේ දී ඇමරිකාව බලා යාමට නියමිතය. ඔහු තාවකාලිකව රුසියාවෙන් පිටවීම සුදුසු බවට මොස්කව් පරිපාලනය "නිර්දේශ කර" තිබුණි. ඩොලර් බිලියන 5ක් රුසියාව සහ යුක්රේනය අතර නැගෙනහිර දේශසීමාව අසල රුසියානු හමුදා බල ඇණි ස්ථානගත කිරීමට රුසියාව පසුගියදා කටයුතු කළේය. එමෙන්ම ජනාධිපති පූටින් ගේ ප්‍රධාන විරුද්ධවාදියා වන ඇලෙක්සි නවාල්නි ට රුසියානු පාලනය සලකන ආකාරය හේතුවෙන් ද රාජ්‍යතාන්ත්‍රික මතභේද උණුසුම් වී තිබේ. ඉහත කී රුසියානු අභ්‍යවකාශ මොඩියුලය එකලස් කරනු ලබන්නේ Energia සමාගම විසිනි. ඒ සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 5ක් වැයවනු ඇති බව Interfax පුවත් සේවය වාර්තා කර තිබේ. රුසියාවේ උප අගමැති යූරි බොරිසොෆ් රාජ්‍ය රුපවාහිනියට පවසා ඇත්තේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වඩා ඉහළ මානයකින් කක්ෂගත කෙරෙන හෙයින් උත්තර සහ දක්ෂිණ ධ්‍රැවීය කලාපයන් හොඳින් නිරීක්ෂණය කළ හැකි වනු ඇති බවය. උත්තරධ්රැවයේ අයිස් කඳු දියවෙමින් පවතින හෙයින් ඒ සඳහා උතුරු සාගර පථය සංවර්ධනය කිරීමට රුසියාව අපේක්ෂා කරයි. අලුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය රුසියාව විසින් තනිවම ඉදිකරනු ලබනු ඇති බව උප අගමැතිවරයා පැවසීය. නමුත් හවුල්කරුවන් ලෙස වෙනත් රටවලට සහභාගිවීමේ හැකියාවක් පවතින බව ඔහු ඇඟවීය. "අපි අනිවාර්යයෙන් ම හවුල්කරුවන් සම්බන්ධ කර ගන්නවා. නමුත් එහි කළමනාකරණය සිදු කරනු ලබන්නේ අප විසින්මයි." උප අගමැතිවරයා Rossiya 1 TV ඔස්සේ පැවසීය. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ ද රුසියාව ගිවිසුමක් අත්සන් කළ බව ඔහු පසුගිය මාසයේ දී පැවසීය. ඒ, සඳ පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහාය. එය සඳ මතුපිට හෝ අභ්‍යවකාශයේ හෝ එම ස්ථාන දෙකෙහිම ස්ථාපනය කිරීමට නියමිතය. |
දරුවෙකුට නිරෝගී ලෙස හැදී වැඩීමේ අවස්ථාව සහ ඔවුන්ගේ අනාගතයට සුදුසු පරිසරයක් ලබා දීමට කිසිදු රටක් සමත් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. | දේශගුණික විපර්යාස, හානිකර වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කරන ක්ෂණික ආහාර පරිභෝජනය සහ අඩු වයසින් මත්පැන් පානය කිරීම හේතුවෙන් දරුවන් අවදානමට පත්ව ඇතැයි විශේෂඥයෝ පවසති. කෙසේනමුත්, දරුවන්ගේ යහපැවැත්ම සහ කාබන් විමෝචනය අවම කිරීමට මේ වන විට ක්‍රියාත්මක වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද නම් කර ඇත. අධ්‍යාපනය, පෝෂණය සහ ළමා මරණ සංඛ්‍යාව වැනි කාරණා සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වාගෙන දරුවෙකුට "සමෘද්ධිමත්" දිවි පෙවතක් ගත කිරීමේ හැකියාව අනුව රටවල් 180 ශ්‍රේණිගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සහ ලැන්සෙට් කොමිසම එක්ව ක්‍රියා කර තිබේ. රටවල කාබන් විමෝචන මට්ටම් අනුව ද ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ. ලොව පුරා රටවල ආණ්ඩු විසින් විප්ලවීය වෙනස්කම් සිදු නොකරන්නේ නම්, පසුගිය දශක දෙක තුළ අත් කරගත් ප්‍රගතිය "ආපසු හැරෙනු" ඇතැයි ළමා සෞඛ්‍ය විශේෂඥයන් හතළිස් දෙනෙකු පමණ අනතුරු අඟවා ඇත. "ලොව පුරා සිටින සෑම දරුවෙකුටම මේ වන විට දේශගුණික විපර්යාස සහ වාණිජමය තර්ජනවල බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා" යැයි මෙම කොමිසමේ සම සභාපතිත්වය දරණ නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් පැවසුවාය.. "අනාගතයේ දී ඔවුන්ට උරුම වන ලෝකය ආරක්ෂා කිරීම සඳහා රටවල් ළමා සහ නව යෞවනයන්ගේ සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාමාර්ග නැවත සකස් කළ යුතුයි." වර්තමාන ප්‍රක්ෂේපනවලට අනුකූලව 2100 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකින් ඉහළ යා හැකි අතර, එයින් අනාගත පරපුරට "විනාශකාරී සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට" මුහුණ දීමට සිදු වෙනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති. සාගර මට්ටම ඉහළ යාම, තාප තරංග, දැඩි මන්දපෝෂණය සහ මැලේරියාව වැනි බෝවන රෝග ඉහළ යෑම ඉදිරියේ දී සිදු විය හැකිය. "බිලියන දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන්නේ මානුෂීය අර්බුද,ගැටුම්, ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සංවර්ධනයට බාධා ඇති වී තිබෙන රටවලයි," කොමිසමේ සම සභාපතිත්වය දරන සෙනෙගාල්හි අමාත්‍ය ආවා කොල්-සෙක් පැවසීය. ලෝකයේ අඩු ආදායම්ලාභී රටවල හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පැවතියද දේශගුණික විපර්යාසවල සෘණාත්මක බලපෑම්වලට එම රටවල් ලක්වන බව පෙනෙන්නට තිබේ. "දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම සඳහා ජාතික වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම්, ගෝලීය වශයෙන් අන් දරුවන්ගේ අනාගතය බිඳ දැමීම හරහා කළ යුතු නැහැ" යනුවෙන් කොල්-සෙක් පැවසුවේය. සාගින්න, දුප්පත්කම සහ දේශගුණික ක්‍රියාමාර්ග ඇතුළු තිරසර සංවර්ධන ඉලක්ක 17ක් සඳහා 2015 දී ලෝකයේ රටවල් එකඟ වූ නමුත්, වසර පහක් ගත වී ඇතත් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැත. එක්සත් රාජධානියේ නීතිය අනුව 2050 වන විට කාබන් විමෝචනය මුළුමනින්ම පාහේ නතර කෙරෙනු ඇති අතර, යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එය ශාක රෝපණය වැනි ක්‍රියාකාරකම් මගින් වළක්වා ගැනීමට අපේක්ෂා කෙරේ. කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්ක කරා ළඟා වීම සඳහා නව පෙට්‍රල්, ඩීසල් හෝ දෙමුහුන් මෝටර් රථ අලෙවිය සැලසුම් සහගත ලෙස තහනම් කිරීමේ දින වකවානු 2040 සිට 2035 දක්වා ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව ගත් පියවර මේ මස මුලදී එම කර්මාන්ත ක්ෂේත්රය තුළ කැළඹීමක් ඇති කිරීමට ද හේතුවිය. කෙසේ වෙතත්, දරුවන්ගේ යහපැවැත්ම සහ සෞඛ්‍ය යන කාරණාවල දී ලෝකයේ හොඳම රටවල් දහය අතර සිටියත්, අනාගත පරපුර සඳහා දේශගුණික වශයෙන් යෝග්‍ය පරිසරයක් සැපයීමේ රටවල් අතර එක්සත් රාජධානියට හිමි වී ඇත්තේ 133 වෙනි ස්ථානයයි. එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ද දරුණුතම කාබන් විමෝචකයන් අතර සිටිති. 'කොල්ලකාරී අලෙවිකරණය' හානිකර අලෙවිකරණයෙන් දරුවන්ට ඇති වී තිබෙන තර්ජනය ගැන ද වාර්තාවේ අවධාරණය කර ඇත. මත්පැන්, පිටි සහිත ක්ෂණික ආහාර සහ අධික සීනි සහිත සිසිල් බීම ඇතුළු වසරකට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 30,000කට පමණ මේ දරුවෝ නිරාවරණය වෙති. ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස ඉහළ යෑම හේතුවෙන් "කොල්ලකාරී අලෙවිකරණය" වෙන කවරදාටත් වඩා අනතුරක් බවට පත් වී ඇතැයි කොමිෂන් සභාවේ සාමාජික ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ගෝලීය සෞඛ්‍ය හා තිරසරභාවය පිළිබඳ මහාචාර්ය ඇන්තනි කොස්ටෙලෝ අනතුරු ඇඟවීය. "අපගේ දරුවන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීම් ගැන අපට කරුණු හා සංඛ්‍යා දත්ත ලැබී තිබෙනවා" යැයි ඔහු පැවසුවේය. 2019 දී එළිදැක්වූ වාර්තාවක ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ ළමුන් සහ වැඩිහිටියන් බිලියන 2.3 කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත වන අතර, ළමුන් මිලියන 150 කට වැඩි ප්රමාණයකගේ වර්ධනය අඩාල වී තිබේ. ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සාධාරණ ලෙස ක්‍රියා කරමින්, 2030 වන විට කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්ක කරා ළඟාවීමේ මාවතේ යන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඇල්බේනියාව, ආර්මේනියාව, ග්‍රෙනාඩා, ජෝර්දානය, මෝල්ඩෝවා,ටියුනීසියාව, උරුගුවේ සහ වියට්නාමයයි. දරුවන් වෙනුවෙන් පෙනී සිටින ගෝලීය ව්‍යාපාරයක් සඳහා ඉල්ලීමක් කරමින් ඒ සඳහා නිර්දේශ කීපයක් වාර්තාවේ එළිදක්වා තිබේ. "මෙය දරුවන් සහ නව යෞවනයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බිහි වුණ නව යුගයක උපත ලෙස හඳුන්වනවා. එය අපේ පරම්පරාව සිදු කරන උත්තරීතරම පරීක්ෂණයයි," ලැන්සෙට්හි ප්‍රධාන කර්තෘ ආචාර්ය රිචඩ් හෝර්ටන් පැවසීය. මේ තොරතුරුද කියවන්න: |
අභ්‍යවකාශ යුද ක්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ආරම්භ කළේය. එය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ හමුදාව (Space Force) නමිනි. | අවුරුදු 70 ට පසු ආරම්භ කරන ලද පළමු හමුදා සේවය වන මෙය එක්සත් ජනපද ගුවන් හමුදාව යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත. වොෂිංටන් අගනුවරට ආසන්න ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරක දී කතාවක් කරමින් ජනාධිපති ට්‍රම්ප් අභ්‍යවකාශය හැඳින්වූයේ "ලෝකයේ යුද ගැටුම් සඳහා වන අලුත්ම අවකාශය" ලෙසිනි. "අපගේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති බරපතල තර්ජන හමුවේ, අභ්‍යවකාශය තුළ ඇමෙරිකානු ආධිපත්‍යය පවත්වාගැනීම ඉතා තීරණාත්මකයි" යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය. "අපි ඉදිරියෙන් ඉන්නවා. නමුත් එක ප්‍රමාණවත් නැහැ. බොහොම කෙටි කාලයකදී අපි බොහෝ ඉදිරියෙන් හිඳීවි" යැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. නව හමුදාව සඳහා මුදල් වෙන්කිරීම තහවුරු වුයේ ඩොලර් බිලියන 738ක් වූ වාර්ෂික එක්සත් ජනපද හමුදා අයවැයට ජනාධිපතිවරයා සිකුරාදා (දෙසැම්බර් 20) අත්සන් තැබීමත් සමගය. අභ්‍යවකාශ හමුදාව දියත් කෙරෙනුයේ පළමු වසර සඳහා ඩොලර් මිලියන 40ක අරමුදල් සම්පාදනයක් සමගිනි. අභ්‍යවකාශ හමුදාව ඇත්තෙන්ම කරන්නේ කුමක්ද? පෘථිවි කක්ෂය වටා හමුදාව ස්ථානගත කිරීමක් අපේක්ෂා නොකෙරුණත්, සන්නිවේදන හා නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කෙරෙන සියගණනක් වූ චන්ද්‍රිකාවල ආරක්ෂාව මේ හමුදාවට පැවරෙනු ඇත. චීනය හා රුසියාව සිය හමුදා බලමුළුවල ඉදිරිපෙළ ක්‍රියාත්මක කරන වැඩිදියුණු කිරීම් කෙරෙහි එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් යොමු කළ අවධානයත් සමග මේ හමුදාවේ ආගමනය සිදුවිය. ඉහත කී රටවල් සතුව උඩුගුවනට යොමු වූ ලේසර් හා චන්ද්‍රිකා නාශක මිසයිල ඇති බවත්, ඇමෙරිකාව ඊට ප්‍රති ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. "අභ්‍යවකාශයේ තත්ත්වය පසුගිය පරම්පරාව තුළ මූලිකවම වෙනසකට ලක්වෙලා" යැයි කී ඔහු, "කලක් සාමකාමී හා තරගකාරීත්වයකින් තොර වූ එය දැන් තදබදයකින්. හෙබි එදිරිවාදී තැනක් බවට පත්වෙලා" යනුවෙන් කියා සිටියේය. අභ්‍යවකාශ හමුදාව ගොඩ නැගෙනුයේ, ඇමෙරිකානු හමුදා අභ්‍යවකාශ මෙහෙයුම් හැසිරවීම සඳහා පසුගිය අගෝස්තුවේදී ඇරඹුණු එක්සත් ජනපද අභ්‍යවකාශ විධානය සම්බන්ධ වැඩකටයුතු පදනම් කරගනිමිනි. ගුවන් හමුදා ලේකම් බාබරා බැරට් සඳහන් කළ පරිදි ගුවන් හමුදා සහ සිවිල් පුද්ගලයින් 16,000 කින් අභ්‍යවකාශ හමුදාව සමන්විත වනු ඇත. ඊට නායකත්වය දෙනු ලබන්නේ, වර්තමානයේ අභ්‍යවකාශ විධානයද මෙහෙයවන ගුවන් හමුදා ජෙනරල් ජේ රේමන්ඩ් විසිනි. අභ්‍යවකාශය තුළ එක්සත් ජනපද හමුදා ව්‍යාප්තිය රුසියාවට තර්ජනයක් එල්ල කරන බව මේ මස මුලදී පැවසු රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්, ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව කියා සිටියේය. "අභ්‍යවකාශය හමුදාමය අවකාශයක් ලෙස විවෘතව සලකන ඇමෙරිකානු හමුදා - දේශපාලනික නායකත්වය එහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනවා" යැයි ද ජනාධිපති පූතින් සඳහන් කළේය. මේ තොරතුරු ද දැනගන්න: |
පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී. | මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහන සිදු වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙනි. "අපි ගොඩක් වෙලාවට දැකලා නැහැ එවැනි අවස්ථාවල කාන්තාවන් අනෙක් අතට කතා කරනවා. මොකද ඔවුන් බයයි තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා," යනුවෙන් ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය. "හැබැයි කාන්තාවන්ට ගරු කරන පුරවැසියන් විදියට පුරුෂයන්ට කෙලින්ම මේකට මැදිහත් වෙන්න පුළුවන්." "තමන්ගේ ශරීරය අයිති තමන්ට" බව පවසන මන්ත්‍රීවරිය කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය. ඒ අතරවාරයේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් රටේ පවත්නා නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන්නීය. |
"මම පැවිදි වෙලා වසර 50ක් වෙනවා. ඒ කාලය ඇතුළත ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යන්න ලැබී තිබෙන්නේ දෙවරක් පමණයි. නමුත් දැන් යන්න දෙන්නේ නැහැ," | ශිරන්ති, චන්ද්‍රිකා සහ එලිසබෙත් රැජින ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ ඒ බව පැවසූවේ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට අකැපද යන්න පිළිබඳ සමාජ ජාල තුළ මේ දිනවල මතුව ඇති සංවාදය පිළිබඳ විමසීමේදීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව පූජනීයත්වයෙන් වන්දනාමාන කරන ශ්‍රී මහා බෝධිය ලොව පැරණිතම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැලකේ. බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවන දුන් බව පැවසෙන ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටා ඇති මහ බෝධියේ දක්ෂිණ ශාඛාවක් වන ශ්‍රී මහා බෝධිය ක්‍රි.පූ 288 දී පමණ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් යැයි බෞද්ධ සාහිතයේ දැක්වේ. ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳ බොහෝ දෙනෙකු දැනුවත් නමුත්, ඒ හා බැඳුණු පිළිවෙත්, චාරිත්‍ර සහ සීමා කිරීම් ගැන සමාජය තුළ විවිධ මතවාද සහ සංවාද වරින්වර මතු වෙයි. 'ශිරන්ති රාජපක්ෂ උඩමළුවට පිවිසීම' කාන්තාවන්ට ශ්‍රී මහා බෝධියේ උඩ මළුව 'තහනම්' කලාපයක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලවල අදහස් පළ කර තිබේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීමෙන් දෙදිනකට පසු මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු පිරිසක් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඒ අතර, ශිරන්ති රාජපක්ෂ ද ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට පිවිසීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතා බහක් ඇති වී තිබේ. ශ්‍රී මහා බෝධියේ උඩ මළුව කාන්තාවන්ට "තහනම් කලාපයක්" ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ජාල තුළ ඡායාරූප සහ අදහස් පළ වෙයි. එමෙන්ම, සාමාන්‍ය කාන්තාවන්ට උඩ මළුව තහනම් වුවත්, මුදල් සහ බලය ඇති කාන්තාවන්ට එය විවෘත වන බව සඳහන් කරමින් ද අදහස් පළ වී තිබිණි. එවැනි තහංචියක් නොමැති බවට කාන්තාවන් ද ඇතුළුව තවත් පිරිසක් තර්ක කරති. ඒ අතර සිටින කාන්තාවන් බොහෝ දෙනෙකු ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යෑම සම්බන්ධයෙන් සිය පෞද්ගලික අත්දැකීම් ද හෙළි කර තිබිණි. "මගේ එකම දරුවා පිළිකාවක් නිසා මරණාසන්න වෙලා හිටිය මොහොතේ වෛද්‍ය ප්‍රතිකාර තවදුරටත් ලබා දීම වැඩක් වුණේ නැහැ. අපි ආගමෙන් යම් සහනයක් ලබා ගන්න ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න ගියා. " "ඒ වෙලාවේ මටයි මගේ මහත්තයටයි උඩ මළුවට යන්න දුන්නා. හැබැයි ඒ පන්සලට තිබුණ දැන හැඳුනුම්කමක් හරහා," කෝට්ටේ පදිංචිකාරියක වන දිස්නා කොඩිකාර ආරච්චි පැවසීය. භික්ෂුණී වහන්සේට තහනම් ද? හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන සමග ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට පිවිසි දෙවෙනි එලිසබෙත් රැජින ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමත් සමග ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදු වී ඇති බව ඉතිහාසයේ දැක්වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවීමේ පරමාර්ථය වී ඇත්තේ කාන්තාවන්ට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා අවස්ථාවක් සැලසීමට යැයි ද කියැවේ. සංඝමිත්තා මහ රහත් තෙරණිය වැඩමවීමෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග යුව රජුගේ බිසව වන අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනේ පැවිදි වූ බව පැවසේ. කාන්තාවක් සිය දෝතේ තබාගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ ශ්‍රී මහා බෝධිය නිදහසේ වන්දනාමාන කිරීමට සාමාන්‍යය කාන්තාවන්ට වර්තමානයේ ඉඩ නොදෙන බව සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේගේ අදහසය. "බොහෝ මහන්සි වෙලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන එන්න කාන්තාවක්, භික්ෂුණියක් වගේම රහත් තෙරණියක් හැටියට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට පුළුවන් වුණා. කාන්තාවකට රැගෙන එන්න පුළුවන්, හැබැයි කාන්තාවන්ට ජය ශ්‍රී මහා බෝධියට යන්න දෙන්නේ නැහැ." "මාසික ශුද්ධිය කාලයේ දී මේ ස්ථානයට යෑමෙන් කිලි අහුවෙනවා කියනවානේ. ඉතින් මේ බෝධීන් වහන්සේ වැඩම කරපු කාන්තාවටත්, අනෙක් කාන්තාවන්ට වගේම එය හැදෙන්න ඇති. නමුත් ඒ දවස්වල මේ වගේ වෙනස්කම් පැවතුණේ නැහැ." "ජය ශ්‍රී මහා බෝධියට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැහැ. භික්ෂුණියක් වන මට යන්න දෙන්නෙත් නැහැ. නමුත් සමාජයේ ලොකු යැයි පිළිගත්ත අයට යන්න පුළුවන්. විශේෂයෙන්ම සල්ලි තියෙන, සල්ලි දෙන, රජ සහ සිටු පෙළපතේ කාන්තාවන්ට යන්න දෙනවා. මෙය ඉතා කණගාටුදායක සිද්ධියක්," යැයි භික්ෂුණීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. "කාන්තාවන්ට තහංචියක් නැහැ" මියන්මාරයේ හිටපු හමුදා නායකයෙකු ශ්‍රී මහා බෝධිය උඩ මළුවට ගිය අවස්ථාවක් කිසිදු දිනක ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන් ඇතුළු වීම සම්බන්ධයෙන් තහංචි නොපැවතුණු බව බීබීසී සිංහල සිදු කළ විමසීමක දී ජය ශ්‍රී මහා බෝධිය විහාරස්ථානයයේ හිමිනමක් පැවසූහ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා විහාරස්ථානයේ පරිපාලනය සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවක් උත්සහ කළ ද එය සාර්ථක නොවුනි. වර්තමානයේ රන් වැටකින් ආරක්ෂා කර ඇති ශ්‍රී මහා බෝධිය වටා පරිවාර බෝධීන් කීපයක් පිහිටා තිබේ. විහාරස්ථානයට යන සාමාන්‍යය පුද්ගලයෙකුට ශ්‍රී මහා බෝධිය පිටතින් දැක ගැනීම ඉතා අපහසුය. "ශ්‍රී මහා බෝධිය සියැසින් දැක ගන්න අපි හරි කැමතියි. නමුත් හරි බෝධීන් වහන්සේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බැහැ. එතන පරිවාර බෝධීන් වහන්සේලා තමයි පිටට පෙන්නේ. දුර ගෙවාගෙන ආවත් අඩුම ගානේ බෝධිය හරියට දකින්නේවත් නැතුව යන්න වෙන එක අවාසනාවන්ත කාරණයක්," වසරක් පාසා සිය පවුලේ සාමාජිකයන් සමග කොළඹ සිට ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට යන කාන්තාවක් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර අනුරාධපුරයේ පදිංචි ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කළේය. "අපි බෞද්ධයන්ට අතිශය වැදගත් දළදා වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්, ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්. එතැනින්ම කාන්තාවන්ට මේ ගැන ලොකු අයිතිවාසිකමක් ලැබෙනවා," ඔහු පැවසීය. "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයෙන් තමයි මේ බෝධීන් වහන්සේ බලා ගන්නේ. අදාළ අංශවලින් කැමති නැහැ මෙය විශාල ජනකායකට නිරාවරණය කරන්න. එයින් ශාකයට හානි සිදුවන්න පුළුවන්. මෙය හොඳින් රැකගත යුතු ලෝක උරුමයක්." "මේ හේතු නිසා ප්‍රභූවරුන්ට මෙය සීමා වෙලා තිබෙනවා. නමුත් මම දන්නා ආකාරයට කාන්තාවන්ට පමණක් උඩ මළුවට යන්න දෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කාන්තා, පිරිමි අපි කාටත් උඩ මළුවට යෑමේ යම් සීමා තිබෙනවා." "නමුත්, මගේ යෝජනාවක් තිබෙනවා මෙහි එන ඕනෑම පුද්ගලයෙකුට ඈතින් සිට හෝ ශ්‍රී මහා බෝධිය දැක ගන්න පුළුවන් ආකාරයේ ටිකක් උස වේදිකාවක් නිර්මාණය කළා නම්, මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, විශේෂයෙන්ම ඉතා දුර බැහැර සිට පැමිණෙන පිරිස මෙයින් සතුටට පත් වෙනවා," ඔහු තවදුරටත් පැවසුවේය. සමාජ මාධ්‍ය ජාල අදහස් කීපයක් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් තවත් තොරතුරු: |
දඩයමට ලක් වන දිවියන් සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි. | දින 21 ඇතුළත දිවියන් මිය යෑමේ සිදුවීම් 07ක් පසුගිය සති තුන ඇතුළත නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිවියන් හත් දෙනෙක් මරුමුවට පත් වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කෙටිකාලයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දිවි මරණ සංඛ්‍යාව එය බවයි වනජීවී නියාමකවරුන්ගේ සංගමයේ වාර්තාවල දැක්වෙන්නේ. හැටන්, නොර්වුඩ් සහ ආගරපතන ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන්, දඩයක්කරුවන්ගේ උගුල්වලට හසු වීමෙන් සහ වස මිශ්‍ර කළ මස් වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වී ඇති බවත් සංගමය පවසයි. දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සංදේශයට මීට ඉහතදී පැවසීය කැළෑ ගිනි තැබීම, නියඟය සහ සංවර්ධන කටයුතු සඳහා කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිය වාස භූමි අහිමි වීම සහ ආහාර හිඟ වීමත් සමග දිවියන් ගම් වදින බවයි පරිසරවේදී පුබුදු වීරරත්න කියා සිටියේ. වාසස්ථාන සහ ස්වාභාවික දඩයම් බිම් අහිමි වීම හේතුවෙන් එළුවන්, සුනඛයන්, ගවයන් වැනි ගෘහ ආශ්රිත සතුන් දඩයම් කිරීමට දිවියන් යොමු වන තත්වයක් දක්නට හැකි බවත් ඔහු පැවසීය. වනාන්තර ප්‍රදේශ විනාශ කරමින් තේ වගාව ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර ආගරපතන ඇල්බියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි කම්කරු කාන්තාවන් තිදෙනෙකු වෙත හඳුන් දිවියෙක් කඩා පැන ඇති බවත්, පසුව වතු කම්කරුවන් විසින් එම හඳුන් දිවියා සොයා තේ වතුයාය පරික්ෂා කරමින් සිටියදි මියගිය හඳුන් දිවියෙකුගේ මළසිරුරක් තේ ගස් අතර තිබී සොයා ගෙන ඇති බවත් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට වාර්තා කරයි. දිග අඩි 3 ½ හා උස අඩි 2 ½ පමණ වන ඉහත කී හඳුන් දිවියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික දිවි විශේෂයකට අයත් බවයි වනජීවි නිලධාරින් පවසන්නේ. යාල වන උද්‍යානය තුළ මෝටර් රථයකට ගැටී මිය ගිය දිවියෙක් රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති ආරක්ෂිත සතකු ලෙස ඉහත කී දිවි විශේෂය සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නම් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ මැදිහත්වීමක් සිදු කොට මෙම සිදුවීම්වලට වගකිවයුතු පුද්ගලයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය අවධාරණය කරයි. ආගරපතන ප්‍රදේශයේ මියගිය දිවියාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් පිළබඳ අධිකරණය වෙත පිළිගත හැකි ආකාරයේ තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කොට ඇති බවත් සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් සඳහන් වේ. |
දිල්ලි නුවර දී බස් රථයක් තුළ කාන්තාවක දූෂණය කර මරා දැමූ බවට චෝදනා ලත් හතර දෙනකු ඉන්දීය අධිකරණය විසින් වරද කරුවන් කරනු ලැබිණි. | වරදකරුවන්ට දඬුවම් නියම කිරීම හෙට (බදාදා) සිදු කිරීමට නියමිත නමුත් විත්තියේ නීතිඥයන් කියා සිටියේ ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවයි. මෙම දූෂණයට සම්බන්ධ වූ බාල වයස්කාර පිරිමි ළමයෙකු ද සිටි අතර ඔහු පිළිබඳ ව වෙනම නඩු විභාගයක් පවත්වා වසර තුනකට පුනරුත්ථාපන ආයතනයක රැඳවීමට නියම විය. අත්අඩංගුවට ගත් තවත් සැක කරුවකු නඩු විභාගයට පෙර රැඳවුම් භාරයේ සිටිය දී මිය ගිය බව වාර්තා විය. පසුගිය දෙසැම්බරයේ දී සිදු වූ මෙම සමූහ දූෂණය නිසා ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ රැසක් පැතිරී ගියේ ය. මෙම සමූහ දූෂණයට ලක් වූයේ විසි තුන් හැවිරිදි ශිෂ්‍යාවක්. එම සිද්ධියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ පිළිබඳ ඉන්දීය නීතිය සංශෝධනය කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේ ය. |
ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ. | සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත. සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ දක්වා එහි දිනක වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ ද එම කාලය තුළ ය. ඉරිදා දිනයේ එසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 24, 462 කි. අප්‍රේල් මස ආරම්භයේ සිට ඇරඹුණු දෙවෙනි රැල්ලෙන් ඉන්දියාව මේ වනවිට පීඩා විඳිමින් සිටී. "අගුලු ලෑමට මා හැමවිට ම විරුද්ධ වුණා. ඒත් මෙවර පියවරින් රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අපට සහයක් ලැබේවි" යැයි සඳුදා (අප්‍රේල් 19) ප්රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පැවසීය. නගරයෙන් බැහැර නොයන ලෙස, එහි සිටින සංක්‍රමණික සේවකයින්ගෙන් මහ ආම්තිවරයා ඉල්ලා සිටියේය. පසුගිය වසරේ රටපුරා බලපැවැත්වූ අගුලු ලෑම හමුවේ සිය රැකියා අහිමිවන බව මෙන්ම අතමිට හිඟවන බව වටහාගත් මිලියන ගණනක සංක්‍රමණික සේවකයින් සිය ගම්බිම් කරා ඇදෙන ආකාරය දක්නට ලැබුණි. "මේක අසීරු තීරණයක් වුණත් අපට වෙන විකල්පයක් නැහැ" යැයි කේජ්රිවාල් පැවසීය. "අගුලු ලෑම් නිවේදනය කළ විට, දෛනික ආදායම් උපයන සේවකයින් පීඩාවට පත්වන අතරේ ඔවුන් රැකියා අහිමිවීමටත් මුහුණ දෙනවා. නමුත් දිල්ලිය හැර නොයන ලෙස මම ඔවුන්ට ආයාචනය කරනවා. මෙය කෙටි අගුලු ලෑමක්. ඒ වගේම අප ඔබ ගැන බලාගන්නවා." යැයි ද ඔහු සඳහන් කළේය. ලොක්ඩවුන් නීති: අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම දිනකට රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය වසරේ ඉහළම අගය බෙහෙවින් ම ඉක්මවා යාමකි. එවක රෝගීන් වාර්තාවීමේ දෛනික සාමාන්‍ය අගය දිනකට රෝගීන් 93,000ක් පමණ විණි. මරණ සංඛ්‍යාව ද ඉහළ නගිමින් පවතී. ඉරිදා (අප්‍රේල් 18) ඉන්දියාවේ තහවුරු වූ මරණ ගණන 1,620 ක් විය. පවතින තත්ත්වය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය සැලසුම්ගත ඉන්දීය සංචාරය අවලංගු කිරීමට සඳුදා පියවර ගත්තේය. ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය අගනුවර කරගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කෝවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස ම බැට කන ප්‍රාන්තය ලෙස තවමත් රැදී සිටී. මිලියන 1.9 ට වැඩි ඉන්දියාවේ සක්‍රීය රෝගීන්ගෙන් තුනෙන් එකක් ම වාර්තා වන්නේ එම ප්‍රාන්තයෙනි. මෑත දිනවලදී මුම්බායි නගරය ඉක්මවා යමින් දෛනික වැඩි රෝගීන් ප්‍රමාණය වාර්තාවීම අතින් දිල්ලි අගනුවර වඩාත්ම බලපෑමට ලක්වූ නගරය බවට පත්ව තිබේ. දිල්ලි නගරය මෙන්ම මුම්බායි, ලක්නව් සහ අහ්මෙදාබාද් වැනි නගරවල කෝවිඩ් රෝගීන්ට සත්කාර කිරීම සඳහා රෝහල් බලවත් අරගලයක යෙදී සිටී. ඇතැම් ප්‍රාන්තවල රෝහල්වල කෝවිඩ් වාට්ටු හා දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයෙන් නිරන්තරයෙන්ම පීඩා විදී. ඉහළ ගොස් ඇති ඉල්ලුම හේතුවෙන් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීම ද පමා වී ඇති අතර රෝගීන් හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම නිසි වේලාවට ඉටු නොවීමට එය හේතුවී ඇති බව වෛද්‍යවරු පවසති. කෝවිඩ් දෙවෙනි රැල්ලක් ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීම ඉන්දීය ආණ්ඩුව විසින් නොසළකා හරින ලද අතර එය වැළක්වීමට හෝ පාලනය කිරීමට කිසිවක් නොකළ තරම් යැයි විශේෂඥයෝ පවසති. මුව ආවරණ නොපලන් ජනකායක් සහභාගී වූ ක්‍රිකට් තරග, මූලික කෝවිඩ් ආරක්ෂිත නීති අවඥාවට ලක් කරන තරම් වූ විශාල මැතිවරණ රැළි මෙන්ම මේ මස මුලදී ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා එහි ඉවුරු වෙත මිලියන ගණනක ජනයා කැඳවූ විශාල හින්දු උත්සවය වැනි අවස්ථා දෙස ඔවුහු අවධානය යොමු කළහ. රෝගීන් සංඛ්‍යාවේ පහළ යාමත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ඇරඹීමත් හේතුවෙන් ඉන්දියාව තුළ දක්නට ලැබුණේ මෙම වසර සාමාන්‍ය තත්ත්වයෙහි ලා අරඹන සෙයකි. නමුත් එය වෙනස් කරමින් නරක අතට හැරෙන්නට වූයේ සිය නිවෙස්වලින් ජනතාව නිතර බැහැර වීම, මුව ආවරණ නොපැළඳීම හා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වීමට පටන්ගත් තැන සිට ය. සති කිහිපයක් තුළදී ඉන්දියාව ලෝක කෝවිඩ් සටහනේ ඉහළට ම නැගුණේ අන් කවර රටකට වඩා දෛනික වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා කරමිනි. කෝවිඩ් දෙවෙනි රැල්ල වඩා මාරාන්තික වනු ඇති බවට විශේෂඥයින් කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය සේවකයෝ කණස්සල්ල පළකරති |
ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් සහ දරුවන් අත් විඳින පීඩාව විදේශීය දුත මණ්ඩල සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හමුවේ විස්තර කළ බව පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සසිදරන් ප්‍රකාශ කළාය. | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ මාර්තු සැසි වාරය ට කලින් උතුරු පළාත් සභාව නියෝජනය කරමින් ජිනීවා බලා ගිය ඇය පෙරලා පැමිණියේ ඉරිදායි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හෝ අතුරුදහන් වීම් පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හෝ කෙරේ තමන්ගේ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හට ප්‍රකාශ කළ බවයි සසිදරන් මන්ත්‍රීවරිය බීබීසීයට පැවසුවේ. දෙමළ ජාතික ජනතා පෙරමුණේ සම්මේලනයෙන් අතුරුදහන් වීම් පිළිබඳව දහසකට වැඩි පිරිසක් නඩු පැවරූ අවස්ථාවේ ඊට එරෙහිව අධිකරණයේ කටයුතු කළ පුද්ගලයන් කොමිසමට පත් කොට ඇති බවයි ඇගේ චෝදනාව. 'වර්ග සංහාරයක්' උතුරේ පවත්නා තත්වය පිළිබඳව තමන් විසින් ලබා දුන් තොරතුරු මින් පෙර දැන නො සිටියේ යයි විදේශීය දුත මණ්ඩල නියෝජිතයන් පැවසූ බව ආනන්දී සසිදරන් වැඩි දුරටත් පැවසුවාය. මේ අතර දෙමළ ජාතියට එරෙහිව වර්ග සංහාරයක් දියත් වී ඇතැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි. ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමේ දී බ්‍රිතානීන් ශ්‍රී ලංකාවේ පාලනය හැර ගිය 1948 සිට කාලය සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට බල කර සිටීමට පක්ෂ සම්මේලනය තීරණය කළ බවයි එහි නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් වවුනියාවේ දී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ. |
යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී තමන් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පැහැදිලිවම අධිකරණයට කෙරුණු තර්ජනයක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන් අවධාරණය කරයි. | මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන් ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් "ඉතා බරපතල" මේ තත්වය පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රහාරයෙන් අනතුරුව යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය. සෙනසුරාදා (ජුලි 22) සවස 5:10 ට පමණ සිය පොලිස් ආරක්ෂකයන් ද සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විනිශ්චයකාරවරයාට වෙඩි තැබීමට කිසියම් පුද්ගලයෙක් උත්සාහ දරා තිබේ. සබැඳි යොමු: "යතුරු පැදියකින් පැමිණි මගේ පොලිස් ආරක්ෂක නිලධාරියා, නල්ලූර් කෝවිල අසල හන්දියේදී වාහන නතර කරලා මගේ වාහනයට ඉඩ සලසා දුන්නා. ඒ වෙලාවේ සාමාන්‍ය වැසියෙක් පොලිස් නිලධාරියා ලඟට ඇවිත් ඔහුගේ ඉනේ තිබුන පිස්තොලේ ගන්නවත් එක්කම ඔවුන් දෙදෙනා විනාඩි දෙක තුනක් පොර බැදුව," විනිශ්චයකාරවරයා පැවසීය. "ඒ වෙලාවේ මම හිටියේ එතැනට අඩි අටක් විතර ලඟින්. මම වහාම වාහනයෙන් බැහැල කිසියම් තැනකට දුවනවත් එක්කම අර පුද්ගලයා මගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තිබ්බ." විද්‍යා දැරිය ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටින සැකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ (වමේ සිට පළමුවැන්නා) රිමාන්ඩ් බන්ධානාගාරගතව සිටී "ඊට පස්සේ ඔහු මට වෙඩි තියන්න හදනකොටම මගේ තවත් ආරක්ෂක නිලධාරියෙක් මාව කාර් එකට තල්ලු කළා." ප්‍රහාරයෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවුවත්, වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා යාපනය රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ කොස්තාපල්වරයා ද රෝහල්ගත කරන ලද බව විනිසුරු එම් ඉලන්චේරියන් සඳහන් කළේය. 'විද්‍යා දැරිය' "මේක අධිකරණය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් බවට මට විශ්වාසයි. මම හැමදාම ගමන් කරන්නේ නල්ලූර් කෝවිල පාරේ. ඒ නිසා කවුරු හරි මගේ වාහනේ පස්සෙන් ඇවිල්ල තියෙනව." පසුගිය මාස අටක පමණ කාලය තුළ තමන් යාපනයේ "භයානකම සිදුවීම්" කිහිපයක්ම විභාග කළ අතර, මේ වනවිටත් "භයානක" නඩුවක් විභාග කරමින් සිටින බව විනිසුරුවරයා සඳහන් කළේය. විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව යාපනයේ උද්ඝෝෂණ දියත්විය එබැවින් මෙය තමන්ට සහ අධිකරණයට එල්ල වූ තර්ජනයක් බවට තමන්ට කිසිදු සැකයක් නැතැයි අවධාරණය කරන විනිසුරු එම් ඉලන්චේරියන්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 2015 මැයි මාසයේ දී යාපනයේ පුන්ගුඩුතීවු පළාතේ විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කොට මරාදැමීම සම්බන්ධ නඩුව ද විනිසුරු එම් ඉලන්චේරියන් ඉදිරියේ මේ දිනවල විභාග වෙමින් පවතී. දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටී. ඉන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පළ වී ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. |
වසර 1991 සිට මෝටර් රථ නිෂ්පාදන වල දහන දත්ත ව්‍යාජ ලෙස වෙනස් කළ බව මිට්සුබිෂි මෝටර්ස් සමාගම පිළිගෙන තිබේ. | මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට පසුගිය සතියේ හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ එම සමාගම නිෂ්පාදනය කළ මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ. එම වාහන ජපානය තුළ අලෙවිකළ ඒවා බවයි ඔවුන් පවසන්නේ. පසුගිය සතියේ සිදුවූ හෙළිදරව්ව පිලිබඳ කෙරෙන පරීක්ෂණ පිලිබඳ කරුණු ඉදිරිපත් කළ එම සමාගමේ සභාපති තෙත්සුරෝ අයිකාවා පැවසුවේ පරීක්ෂණ ඉදිරියට පැවැත්වෙන අතර තවත් මෙවැනි සිදුවීම් සොයා ගත හැකි වනු ඇති බවයි. අප නොදන්නා තව බොහෝ දේවල් තිබියහැකි බවයි ඔහු පැවසුවේ. "අපි දන්නෙ නැහැ 'සමස්ථ චිත්‍රය' කොහොමද කියල. ඒක සොයාගන්න තමයි අපි මේ කටයුතු කරන්නෙ" යනුවෙන් තෙත්සුරෝ අයිකාවා පැවසුවේ අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී. තමාට මේ පිළිබඳව විශාල වගකීමක් තිබෙන බවත් කොපමණ මෝටර් රථ සංඛ්‍යාවක් සඳහා මෙසේ ව්‍යාජ දහන දත්ත ඇතුළත් කලේද යන්න නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මේ නවතම හෙළිදරව්වත් සමග අඟහරුවාදා සමාගමේ කොටස් 10 % කින් පහළ වැටී තිබෙන අතර ඒ අනුව පසුගිය සතියේ සිට සමස්තය 50% කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ. මිට්සුබිෂි සමාගමේ 'ඊ කේ වැගන්' මෙම දහන දත්ත වංචාව ට ලක්වූ ප්‍රධාන නිෂ්පාදනයක් බවයි පැවසෙන්නේ. ධාවනය වූ දුර සම්බන්ධ අසත්‍ය දත්ත 'ඊ කේ වැගන් සහ ස්පේස්' (eK wagon and eK Space) මාදිලියේ මෝටර් රථ එක්ලක්ෂ පනස් හත් දහසක ද, නිසාන් සමගම සඳහා නිපද වූ ඩේස් සහ ඩේස් (Dayz and Dayz Roox vehicles) හාරලක්ෂ හැට අට දහසක ද ඇතුලත්කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මිට්සුබිෂි සමගම විසින් පත්කර ඇති බාහිර නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුව විසින් මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දීමට නියමිත ව තිබේ. ඉහත කී වාහන මාදිලි වල නිෂ්පාදන සහ විකිණීම් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ. |
කාන්තාවක් ඇඟලිය යුතු සහ එසේ ඇඟලිය නොයුතු ඇඳුම් ඇතුළත් පොතක් එළිදැක්වීමට තජිකිස්ථාන ආණ්ඩුව පියවර ගෙන ඇත. | සම්ප්‍රදායික තජික් කාන්තා ඇඳුම නිර්දේශ කරන අතර, බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම් සහ මුස්ලිම් ඇඳුම් නොසුදුසු බව සඳහන් කර ඇත. අදාළ "නිර්දේශ ඇතුළත් පොත" එළිදක්වා ඇත්තේ එරට සංස්කෘතික අමාත්‍යංශයෙනි. "අවුරුදු හතේ සිට හැත්තෑව දක්වා කාන්තාවන්ට" සුදුසු යැයි හැඟෙන ඇඳුම්වලින් සැරසුන නිරූපිකාවන්ගේ ඡායාරූප මෙයට ඇතුළත් කර ඇති බව ඒෂියා-ප්ලස් වෙබ් අඩවිය වාර්තා කරයි. කාන්තාවක් රැකියාවට ඇඳිය යුතු ඇඳුම්, ජාතික සහ රාජ්‍ය නිවාඩු දිනවලට සුදුසු ඇඳුම් සහ මංගල උත්සවයකට මෙන්ම සති අන්තයට සුදුසු ඇඳුම් පවා මෙම පොතෙහි විවිධ පරිච්ඡේදවලින් නිර්දේශ කර ඇත. එම පොතෙහි අවසාන පරිච්ඡේදයක තජික් කාන්තාවන්ට ඇඳීමට නොසුදුසු ඇඳුම් පිළිබඳ සඳහන් කර ඇත. සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම්වලට එරෙහිව තජිකිස්ථානයේ ගෙනයන ව්‍යාපාරය සැලකිල්ලට ගෙන කළු පැහැති ඇඳුම්, හිස් ආවරණ සහ හිජාබය නොසුදුසු ඇඳුම් ලෙස වර්ග කර ඇත. ජනාධිපති එමොමාලි රාමොන්ගේ හෙළාදැකීම හමුවේ වුව ද සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් තවමත් රට තුළ ජනප්‍රියය. බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම්, කෙටි සාය, පපුව නිරාවරණය වන ඇඳුම් සහ පිට පෙනෙන ගවුම් ඇඳීම මෙම පොතට අනුව නුසුදුසුය. "සෙරෙප්පු පැළඳගෙන හෝ ඇඟට තද වන කලිසම් හෝ සෞඛ්‍යයට අහිතකර යැයි පිළිගැනෙන කෘත්‍රිම රෙදිපිළි ඇඳගෙන පොදු ස්ථානවලට යෑම නිර්දේශ කරන්නේ නැහැ," ලෙස වෙබ් අඩවියේ පළ කර තිබුණි. පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටක් වන තජිකිස්ථානයේ ජනගහනයෙන් වැඩි කොටසක් මුස්ලිම් ජාතිකයන්ය. එහෙත්, වඩාත් අනාගමික වූ එහෙත් සම්ප්‍රදායික සංස්කෘතියක් බිහි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. මේ තොරතුරුද දැනගන්න: රැකියාවක නිරත කාන්තාවන් ඇඟලිය යුතු ඇඳුම් 'මිල දී ගැනීමේ හැකියාවක් ඇත්නම්, ඒ ඇඳුම් ඉතා ලස්සනයි' අදාළ පොත පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ අදහස් පළ වී තිබුණි. පොතෙහි දක්වා ඇති ඇඳුම් "ලස්සනයි" ලෙස මතයක් පළ වී තිබුනත්, එම ඇඳුම් මිලෙන් අධික බව බොහෝ දෙනා සඳහන් කර ඇත. "මේ ඇඳුම් අපට මිලට ගෙන දෙන්න වෙන්නේ සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන්ට," යැයි මත පළ වී තිබුණි. "මේ වගේ පල් හෑලි සොයනවාට වැඩිය, සංස්කෘතික අමාත්‍යංශය පවතින වෙනත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි" ලෙස සටහන් කළ එක් සමාජ ජාල පරිශීලකයෙකු, තජිකිස්ථානය තවත් උතුරු කොරියාවක් කිරීමට උත්සහ දරන බවට අමාත්‍යංශ නිලධාරීන්ට චෝදනා කර තිබිණි. "තද වුණ කලිසම් ඇඳීමෙන් ශරීරයේ කොටස් අනවශ්‍ය ආකාරයට උලුප්පා දැක්වෙනවා" යන්නට පිළිතුරු දෙමින් එක් පුද්ගලයෙකු අසා සිටියේ "ශරීරයේ මොන කොටස ද? ඔවුන්ගේ මොළයේ තිබෙන ගෙඩියත් මෙයට අයත් ද?" යනුවෙනි. පොතට අනුව, සමහර බටහිර මෝස්තර නිවාඩු දිනවලදී ඇඳීම සුදුසුය |
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමේ අරමුණෙන් දැනටමත් සාකච්ජා ආරම්භ කොට තිබෙන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි. | අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ පිළිබඳව ළඟදීම සාකච්ඡාවක් පවත්වන බවද අමාත්‍ය දිගම්බරම් බීබීසී සංදේශයට පැවසීය. දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට බදාදා හෝ බ්‍රහස්පතින්දා අත්තිකාරම් දීමනාවක් ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ට සිය ශ්රමයට සරිලන වැටුපක් ලබාදීම සිය උත්සාහය බවත් සඳහන් කළේය. කෙසේ නමුත් කම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ලබා දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක පොරොන්දු නොවූ බව අවධාරණය කරන ඔහු, කම්කරුවන්ට එවැනි බලාපොරොත්තුවක් ඇති කරමින් වැටුප් වැඩිකිරීම සම්බන්ධ සාකච්ඡා අඩපණ කළ බවට ප්‍රතිවාදී කම්කරු නායක ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට චෝදනා කරයි. දැනට තේ මිල කඩා වැටී තේ සමාගම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණ නොවන බවයි අමාත්‍ය පලනි දිගම්බරම් පවසන්නේ. "අපේ මතය තියෙන්නේ කම්පැනිත් පාඩු වෙන්න හොඳ නෑ, කම්කරුවොත් පාඩු වෙන්න හොඳ නෑ," ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. |
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ එවකට සිටි ප්රධානියකුට මුදල් ලබා දී විදෙස් ගත වූ දෙසීයකට අධික එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් අතුරුදහන් වූවන් ලෙස ලැයිස්තු ගත කොට ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පවසයි. | "තමන්ගේ අතුරුදහන් වූ දරුවා, ස්වාමි පුරුෂයා, සහෝදරයා ඉන්නවද නැද්ද, නැත්නම් මොකක්ද වුනේ, මැරුණද එහෙම නැත්නම් පිටරට ගිහිල්ල හැංගිලා ඉන්නවද කියන කාරණය මේ හරහා හොයල බලන්න පුළුවන්" 2009 වසරේ යුද්ධයේ අවසන් සතියේ එලෙස විදෙස් ගත වූ පිරිස අතර එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයන් ද සිටින බව කියා සිටි විදේශ අමාත්‍යවරයා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත හැකි වනු ඇති බවයි සඳහන් කළේ. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම සහ සංහිඳියාව ගොඩ නැගීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී. "තමන්ගේ අතුරුදහන් වූ දරුවා, ස්වාමි පුරුෂයා, සහෝදරයා ඉන්නවද නැද්ද, නැත්නම් මොකක්ද වුනේ, මැරුණද එහෙම නැත්නම් පිටරට ගිහිල්ල හැංගිලා ඉන්නවද කියන කාරණය මේ හරහා හොයල බලන්න පුළුවන්" "මොකද මම දන්නවා එල්ටීටීඊ සංවිධානයේ දෙසීයකට වැඩි පිරිසක් යුද්ධයේ අවසන් සතියේ විශාල වශයෙන් මුදල් අතමාරු කර ගෙන පිටරටවලට යැව්වා. එල්ටීටීඊයේ ප්‍රධානීන් පවා එතන සිටියා.'' 'හමුදාව පාවා දෙන බවට චෝදනාවක්' අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ විපක්ෂයේ ඇතමුන් වැරදි මත ජනගත කරන බව පැවසූ විදේශ අමාත්‍ය මංගල සමරවීර අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් හමුදා සාමාජිකයන් පවා දෙන බවට නගන චෝදනා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. ''එල්ටීටීඊ සංවිධානයේ දෙසීයකට වැඩි පිරිසක් යුද්ධයේ අවසන් සතියේ විශාල වශයෙන් මුදල් අතමාරු කර ගෙන පිටරටවලට යැව්වා.'' "හමුදාව පාවා දෙනවලු. ඒ කියමන තමයි හමුදාව පවා දෙන ලොකුම සටන් පාඨය. මොකද අතුරුදහන් වූවන් ගැන සෙවීමෙන් හමුදාව පාවා දෙනවා කියලා කියනව නම්, ඒ කියන්නේ මේ අය ලෝකෙටම කියනවා අතුරුදහන් කිරීම් පිටුපස ඉන්නේ හමුදාව කියලා. නමුත් අපි දන්නේ නැහැ අතුරුදහන් වීම් පිටුපස කවුද ඉන්නේ කියලා" ඉහත කී වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස සත්‍ය සෙවීමේ ආයතනයක් මේ වසර අවසානයට පෙර පිහිටුවීමට උත්සාහ කරන බවද විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. 'විදෙස් විනිසුරන්' "ඒ ගැන ජනතා අදහස් දැන ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ අදහස් එකතු කරලා ඔක්තෝබර් මාසයේ අළුත් පනතක් හැටියට එය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අයවැය විවාදයට පෙර ගෙන ඒමට නොහැකි වුනොත් ජනවාරි මාසේ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා" වැරදි සිදු වී ඇති බවට හෙලි වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දේශීය අධිකරණ යන්ත්‍රණයක් පිහිටු වන බව කියා සිටි විදේශ අමාත්‍යවරයා ඒ සඳහා කිසිසේත්ම විදේශ විනිසුරන් සම්බන්ධ නොවන බව අවධාරණය කළේය. "දේශීය අධිකරණ යන්ත්‍රණයක්, නමුත් එක කොහොමද කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියල හිතන්න තාමත් වේලාසන වැඩියි." ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ගෙන යන රජයේ වැඩපිළිවෙළ සඳහා මාධ්‍ය ආයතනවලද සහාය අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාව නොමග යවන අන්තවාදී අදහස්වලට විශාල ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙසද මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. |
සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් අරාබි රාජ්‍ය සන්ධානයේ යුද ගුවන් යානා යේමනයේ ජනාධිපති අබ්ද් රාබුහ් මන්සූර් හාඩි (Abd Rabbuh Mansour Hadi) පදවියෙන් නෙරපා හැරීමට මුල් වූ ෂියා ඉස්ලාමීය ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ගේ බල කඳවුරුවලට පහර දුන්හ. | සිය ප්‍රහාරක යානා මගින් කැරලිකරුවන් ‘සනා’(Sanaa) අගනුවර පිහිටුවා ගෙන තිබුන මිසයිල ප්‍රහාරක පහසුකම් සහ යුද ගුවන් යානා විනාශ කර දැමූ බවයි සෞදි අරාබිය පවසන්නේ. මේ අතර ප්‍රකාශයක් කරන යේමන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රහාරයේ දී සාමාන්‍ය ජනයාට තුවාල සිදුව ඇති බවයි කියා සිටියේ. 'හූති'කැරලිකරුවෝ ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට ආධාර කරන බවට සෞදි අරාබිය සහ සෙසු ගල්ෆ් රාජ්‍ය හවුල ඉරානයට චෝදනා කරති. එම රටවල් පවසන්නේ කැරලිකරුවන් සමස්ත යේමනයේ බලය අල්ලා ගතහොත් එමගින් ඔවුන්ගේ ආරක්ෂාවට ඍජු තර්ජනයක් එල්ල වෙන බවයි. සෞදි අරාබිය විසින් ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය ඉරානයේ දෝෂ දර්ශනයට ලක් වී ඇත. සංවාදයක් දෙසට 'හූති'කැරලිකරුවන් අත පවතින නගරයකට ප්‍රහාරයක් එම ප්‍රහාරය මගින් ලේ වැගිරීමක් මිස ඉන් වෙනත් පලයක් නොලැබෙන බවයි ඉරාන් විදේශ ඇමති මොහමඩ් ජාවඩ් ෂරිෆ් (Mohammad Javad Zarif) පවසන්නේ. යේමන් කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරය වහාම නතර කරන මෙන් ඉල්ලා සිටි ඉරාන් විදේශ ඇමතිවරයා විසඳුමක් සඳහා සංවාදයක් අවශ්‍ය කරන බවයි පෙන්වා දෙන්නේ. ‘හූති’ (Houthi) කැරලිකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මොහම්මඩ් අල් බුකායිති(Mohammed al-Bukhaiti) ප්‍රකාශයක් කරමින්, සෞදි අරාබිය විසින් ගනු ලැබුණ යුදමය ක්‍රියා මාර්ගය නිසා යුද්ධය තවත් ව්‍යාප්ත වෙන බවයි කියා සිටියේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන තුර්කිය සෞදි අරාබි යුද ක්‍රියා මාර්ගයට සහාය පළ කරන අතරවාරයේ කලාපයේ සාමයට තර්ජනයක් වී ඇති ක්‍රියාමාර්ග අත්හැර දමන මෙන් කැරලිකරුවන්ගෙන් සහ ඔවුන්ගේ විදේශීය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. |
ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය බලවත් කනස්සල්ල පළ කරයි. | බෝට්ටු දෙකකින් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ලඟා වී සිටින දෙසීයකට අධික ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ට රටට පිවිසීමට අවසර නොලැබුන අතර ඔවුන් සම්බන්ධයෙන් තවමත් කිසිදු පියවරක් ගෙන නැති බවයි මාධ්‍යය මගින් පසුගිය දිනවල වාර්තා කෙරුණේ. ඇතැම් වාර්තාවලට අනුව එම සරණාගතයන්ගෙන් කොටසක ගේ රැකවරණ අයැදුම් පත් දැනටමත් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දෙනු ලැබ ඇත. මානව හිමිකම් නො තැකීම එම ජනතාව වෙනුවෙන් පෙනේ සිටින ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙම ප්රශ්නයේ දී මූලික මානව හිමිකම් පවා නො තකා හරිනු ලැබ ඇති බවයි. ඉහත කී ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් අදහසක් පළ කරනු ලැබීම පවා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් බැහැර කරනු ලැබ ඇත. ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පසුගිය වසරේ බලයට පත් වුණේ බෝට්ටු මගින් රටට පිවිසීමට යත්න දරන අනාථයන් නතර කරන බවට ප්‍රතිඥාවක් දෙමිනි. |
නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ. | මුදල්, විදේශ, ජනමාධ්‍ය, වරාය, ඉඩම් සහ ඛනිජ තෙල් අමාත්‍යාංශවල වෙනසක්; තිලක් මාරපනට අලුත් අමාත්‍යාංශයක් සහ අලුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් බලාපොරොත්තු වූ පරිදි මුදල්, විදේශ හා වරාය යන ප්‍රධාන අමාත්‍යාංශවල වෙනස්කම් සිදු වූ අතර තවත් අමාත්‍යවරුන් පිරිසකට දැනට ලබා දී තිබෙන විෂයයන්ට අමතරව තවත් විෂයයන් එක් කර තිබේ. නව අමාත්‍යවරයෙක් ලෙස කැබිනට් මණ්ඩලයට එක්වන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන පමණි. මින් පෙර නීතිය හා සාමය අමාත්‍ය පදවිය දැරූ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වූයේ ඇවන්ගාඩ් සමාගමට සහාය පළකර පාර්ලිමේන්තුවේ අදහස් දැක් වූ බවට චෝදනා එල්ලවීමත් සමගය. අලුත් අමාත්‍යාංශයක් නීතිඥ තිලක් මාරපන යළිත් කැබිනට් මණ්ඩලයට එක්වීමත් සමග සම්පූර්ණ කැබිනට් මණ්ඩලය 47 දක්වා ඉහළ යන අතර ඔහුට හිමිව තිබෙන්නේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය නම් නව අමාත්‍යංශයකි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කිරීමේදී ජනාධිපතිවරයා හා අගමැති ඇතුළුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය 48 දෙනෙකුට නොවැඩි විය යුතුය. වෙනස් වූ අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍ය ධූර ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනය මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ තිලක් මාරපන මන්ත්‍රීවරයාට නව අමාත්‍ය ධුරයක් නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බව අමාත්‍ය මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වූ අනෙක් අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ප්‍රධාන අමාත්‍ය ධූරයන් වෙනස් වූ මංගල සමරවීර, රවී කරුණානායක සහ අර්ජුන රණතුංග අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් නොදක්වාම ජනාධිපති කාර්යාලයෙන් පිටව ගියහ. |
දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි නගරයට නුදුරු ප්‍රදේශයකදී විසි එක් හැවිරිදි කාන්තාවක් සමූහ දුෂණයට ලක් වීම සම්බන්ධයෙන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරයි. | නත්තල් උදාවේ පොන්ඩිචෙරි හි කරයිකල් ප්‍රදේශයේදී සිය මිතුරියන් හමුවීමට ගිය අවස්ථාවේ පුරුෂයන් තිදෙනකු විසින් ඇය පැහැර ගෙන තිබෙන බව පොන්ඩිචෙරි ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොනිකා භාරද්වාජ් බීබීසී දෙමළ සේවයට කියා සිටියාය. “ඒ තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඇයට ලිංගික අතවර කරලා තියෙනව,” යනුවෙන්ද ඇය සඳහන් කළාය. දූෂණයට ලක් වූ තරුණිය සිය මිතුරියන් අමතා තමන්ට සිදු වූ අතවරය දැනුම් දුන් පසුව එහි පැමිණි මිතුරියන් සමඟ ආපසු යමින් සිටියදී එහි පැමිණි තවත් පුරුෂයන් පිරිසක් එම තරුණියම යලිත් වරක් සමූහ වශයෙන් දූෂණය කොට ඇති බව පොලිසිය පවසයි. මෙය ඉතාමත්ම අහඹු, කෘර සිදුවීම් ජාලයක් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොනිකා භාරද්වාජ් කියා සිටියේ. දූෂණයට ලක් වූ තරුණිය ඒ පිළිබඳව පැමිණිලි කිරීමට උත්සාහ කළ අවස්තාවේදී පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා ගේද වැඩ තහනම් කොට තිබේ. දිල්ලි නුවරදී බස් රථයක් තුළ ශිෂ්‍යාවක සමූහ දුෂණයට ලක් වී මිය යාමේ සිද්ධියෙන් වසරක් ගත වෙද්දීයි, මේ සමූහ දූෂණය වාර්තා වෙන්නේ. එම ශිෂ්‍යාවගේ මරණයෙන් අනතුරුව ඉන්දියාව පුරා හට ගත් මහජන උද්ඝෝෂණ හමුවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමටද බලධාරීහු පියවර ගත්හ. |
කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. | ඔබේ අත්ලේ වෙදැඟිල්ල සහ දබරැඟිල්ලේ දිග මැන බැලුවා ද? බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි. එම පර්යේෂණය සඳහා විද්‍යාඥයෝ ඔවුන්ගේ ඇඟිලිවල දිග මැන බැලූහ. පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය. පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති. එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත. පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද "පුරුෂ" හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද "පුරුෂ" හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය. කාන්තා ගර්භාෂය තුළ මෙම පුරුෂ හෝමෝනය අඩු වැඩි වශයෙන් තැන්පත් වී තිබෙන බව විද්‍යාඥයෝ පවසති. "බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්" යැයි එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය. ඔහු මෙම පර්යේෂණයේ ලේඛකයාය. කාන්තාවන්ගේ ලිංගික කැමැත්තට ඔවුන්ගේ ගර්භාෂයේ තැන්පත් වී තිබෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය බලපාන අතර, එයට එක් පුද්ගලයන්ගේ ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වේ. වැඩි ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් බොහෝ විට සමලිංගික හෝ ද්විලිංගික වීමේ ප්‍රවණතාවක් තිබේ. "ඇඟිලිවල දිග සහ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය අතර ඇති සම්බන්ධතාව නිසා, යම් කෙනෙකුගේ අත් දිහා බලලා ඇයගේ ලිංගිකත්වය ගැන ඉඟියක් ලබා ගන්න පුළුවන්." Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබේ. මේ තොරතුරුද කියවන්න: |
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු ප්‍රථම වරට යුද බිමෙන් සමූහ මිනී වලක් හමු වූ බව පොලිසිය පවසයි. | මේ වසර මුලදී මාතලේ දී සොයා ගත් සමූහ මිනී වල මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුත්තක නියැලෙමින් සිටි කම්කරුවන් පිරිසකට යටත් පිරිසෙයින් දස දෙනකුගේ වත් ඇටසැකිලි හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ. කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් මියගිය ආකාරය සහ කාලය පිළිබඳ ව තවමත් කිසිම හෝඩුවාවක් ලැබී නැත. යුද්ධයේ දී සිවිල් වැසියන් ඝාතනය කල බවට ශ්‍රී ලංකා හමුදාවටත් එල්ටීටීඊ සංවිධානයටත් චෝදනා එල්ල වී තිබේ. මේ වසර මුලදී මතලේදී ද මෙවන් සමූහ මිනී වලක් හමුවුණු අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ එය 1987-90 කාලයේ දී සිදු වූ බවයි. |
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු වලට හමුදාවෙන් බාධා සිදු කෙරුණ බවට කිසිදු පැමිණිල්ලක් පොලිසිය වෙත හෝ තමන් වෙත ලැබී නොමැති බව යාපනයේ හමුදා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ප්‍රකාශ කරයි. | 'සාක්ෂි ඉදිරි පත් වන්නේ නම් පරීක්ෂණ ඇරඹීමට සුදානම්' බී සී සංදේශය සමග යාපනයේ දී කතා කළ හමුදා ආඥාපතිවරයා තවදුරටත් කියා සිටියේ, හමුදා බලපෑම් සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරි පත් වන්නේ නම් වහා පරීක්ෂණ ඇරඹීමට තමන් සුදානම් බවයි. පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර් සම්බන්දන්, මැතිවරණ කටයුතු වලට යුද හමුදාවෙන් සිදු වන බාධා කිරීම් නවතා සියලු හමුදා භටයින් බැරැක්ක වලට සීමා කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. රනිල් උතුරේ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ව පසුගිය දා පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යොදා ගනිමින් යාපනයේ සිදු කෙරෙන ප්රචණ්ඩ ක්‍රියාවන්ට හමුදා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ඍජුව ම වගකිවයුතු බවයි කියා සිටියේ. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු වල දී සිදු කෙරෙන ප්‍රකාශ, පවත්නා සාමකාමී වාතාවරණයට බාධාවක් බවත් යුද හමුදා ආඥාපතිවරයා ප්‍රකාශ කරයි. ස්වයං පාලනයක් පිහිටුවීම පිළිබඳ කෙරෙන ප්‍රකාශ මගින් උතුරේ හමුදා භට සංඛ්‍යාව අඩු කිරීම වෙනුවට අනාගතයේ දී හමුදා භට සංඛ්‍යාව වැඩි කිරීමට තුඩු දෙන අන්දමේ තත්වයක් පැන නැගීමට ඉඩ ඇති බවට මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ අනතුරු ඇඟවීමක් ද කරයි. |
සිය පූර්වගාමියා වූ බරක් ඔබාමා විසින් ගනු ලැබූ බොහෝ පියවර වහාම අහෝසි කිරීමට ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටියි. | ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා වශයෙන් විධායක නියෝගයකට අත්සන් තබමින් හිටපු ජනාධිපති බැරක් ඔබාමා ආරම්භ කළ 'Obamacare' නමින් හඳුන්වනු ලබන සෞඛ්‍ය ආරක්ෂණ පනත සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අවම කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීම, ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා වශයෙන් ගනු ලැබූ ප්‍රථම පියවර අතරින් එකකි. 'Obamacare' සෞඛ්‍ය ආරක්ෂණ පනත අහෝසි කරන බවට ජනපති ට්‍රම්ප් ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රතිඥා දුන්නේය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඔබාමා පාලනයේ මූලෝපායන් ඉවත් කරන බවට ට්‍රම්ප් දුන් මැතිවරණ පොරොන්දු මේ වනවිට ධවල මන්දිර වෙබ් අඩවියේද සඳහන් කොට තිබේ. එසේම පැවති පාලනය විසින් සමරිසි අයිතීන්, ආබාධිත පුද්ගලයන් සහ සිවිල් අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු වෙනුවෙන් වෙන් කරන ලද වෙබ් පිටු ද ධවල මන්දිරය විසින් ඉවත් කරනු ලැබ ඇත. |
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මූලික කටයුතු 2017 වසරේ මාර්තු මස වන විට ආරම්භ වෙනු ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි. | බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස ප්‍රථමවරට කොන්සර්වටිව් පක්ෂ සම්මේලනය අමතන අවස්ථාවේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ පැවතීම පිණිස සැකසූ නීතිමය ප්‍රතිපාදන ඉවත දැමීම සඳහා වන සැලසුම් තෙරේසා මේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පක්ෂ සම්මේලනයට පෙර අදහස් දක්වමින් ඇය පැවසුවේ නව නීති මගින් බ්‍රිතාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ආයතන වලට බලය සහ අධිකාරිත්වය හිමිවනු ඇති බවයි. යුරෝපා සංගමය සමග එක්ව සිටීම පිණිස පැවති නීති සම්පාදන ඉවත දැමීම මගින් බ්‍රිතාන්‍යය නැවතත් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රථම අදියර නිරූපණය කෙරෙන බවයි අගමැතිවරිය කියා සිටියේ. කෙසේවුවද බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වන තෙක් නව නීති බලාත්මක නොවන බවයි පැවසෙන්නේ. |
තම කණ්ඩායම පන්දු යැවීම ආරම්භ කිරීමට මොහොතකට පෙර කණ්ඩායම වෙත පැමිණි හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ලබාදුන් උපදෙස් බටහිර ඉන්දීය කොදෙවු පිල පරාජය කිරීම සඳහා තමන්ට ශක්තියක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පවසන්නීය. | සරෝජ් පතිරණ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට සිකුරාදා දහවල් කොදෙවුවන්ට එරෙහිව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කරනවිට ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 10 යි පන්දු තුනකදී කදුළු තුනක් දැවී ලකුණු 50 ක් රැස්කරගෙන සිටියේය. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙවුවන් තරඟයෙන් ජයග්‍රහණය කිරීමට නම් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ඕවර අටකදී ලකුණු 48 ක් රැස් කළ යුතුව තිබූ නමුත්, ඔවුන්ගේ ඉනිම ලකුණු 42 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ. "අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා" නායිකා ශෂිකලා සිරිවර්ධන ප්‍රකාශ කළාය. "අපි පන්දු යැවීම ආරම්භ කරන්න මොහොතකට කලින් අර්ජුන රණතුංග අපි ඉන්න තැනට ආව. ඒ වෙලාවේ එයා කරපු දිරිමත් කිරීම අපිට ලොකු ශක්තියක් වුනා" නායිකා ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගාල්ලේදී ලැබූ ජයග්‍රහණය කාන්තා ජගත් ශූරතාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරලියක් සේ සැලකේ. දිනුවත් පැරදුනත් අපි එක්ක ඉන්න මේ අතර එම තරඟයට දින කිහිපයකට පෙරාතුව බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ බදාදාවේ ආරම්භ වූ කාන්තා ශූරතාවලියේදී සහ සමස්තයක් වශයෙන් සියලු කාන්තා තරඟවලදී සිය කණ්ඩායමේ ජය පරාජය නොතකා තමන්ට ආධාර කරන්නැයි ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කළහ. ක්‍රීඩිකාවන් පිරිස එම ඉල්ලීම කළේ කණ්ඩායම හමුවීම සඳහා පසුගියදා මා ඔවුන් නවාතැන් ගෙන සිටින කොග්ගල බීච් හෝටලයට ගිය අවස්ථාවේදී. ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම කණ්ඩායම දිනුවත් පැරදුනත් තමන් ඔවුන්ට සහාය දෙන බව පවසන කණ්ඩායමේ හිටපු නායිකා ඩිලානි මනෝදර, සිය කණ්ඩායමටද එවැනි සහයක් පල කරන මෙන් ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගෙන් අයැද සිටින්නීය. "හැමෝම ඕගොල්ලෝ දිනන්නේ නෑනේ කියනවා. එක පැත්තකින් දුකයි අපි දිනන තරඟවත් මාධ්‍යවලින් කතා කරන්නේ නැති එක. අනික අපි පැරදෙන හැම වෙලාවකම ගොඩක් දෙනෙක් බලා ඉන්නවා අපිව බිමට දාන්න," ඇය බීබීසී සංදේශයට කියා සිටියාය. "කාන්තා ක්‍රිකට් ඉස්සරහට යන්න නම් ඒක රැඳිල තියෙන්නේ ක්‍රීඩිකාවන් විතරක් නෙවෙයි, ක්‍රීඩා ලෝලීන්, මාධ්‍ය වගේ අපි සේරගේම අතේ," බවද ඩිලානි මනෝදර කියා සිටියාය. කෙසේ වුව, කණ්ඩායමේ උප නායිකා සඳමාලි දොලවත්ත පවසන්නේ එහිදී ප්‍රධානම වගකීම පැවරෙන්නේ තමන් ඇතුළු ක්‍රීඩිකාවන්ටම බවයි. "මොකද අපි ලෝක කුසලානය දිනපු නිසා තමයි මම හිතන්නේ හැමෝම ක්‍රිකට්වලට ආදරේ කළේ. අපේ බලාපොරොත්තුව අවසාන පූර්ව වටය දක්වා යන එක. ඉතින් එහෙම ආවොත් අපි ඛේත්තාරාමේ සෙල්ලම් කරන්නේ. පුරුෂ කණ්ඩායමත් අපිට පස්සේ එදාම සෙල්ලම් කරන නිසා ගොඩක් සෙනඟ එනවා. එහෙම වුනොත් ඒක එච්චර සෙනග ගොඩක් ඉස්සරහ අපි සෙල්ලම් කරන පලවෙනි වතාව වෙයි," යන්න සඳමාලි දොලවත්තගේ අදහසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, "ඒ තැනට අපි ගියොත් අපේ මැච් බලන්නත් සෙනග එයි. ඉතින් මැච් දිනන්න ඕන අපි මිනිස්සු ගෙන්න ගන්න," බව ද සඳහන් කළාය. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් අටක් කාන්තා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටියි. ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වාසියෙන්ද උපරිම ඵල නෙලාගෙන කෙසේ හෝ අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි. එහෙත් එම ඉලක්කය හඹා යාමේදී ලාංකීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන ජාත්‍යන්තර තරඟ ප්‍රමාණවත් නොවීම ප්‍රබල කඩුල්ලක් බවයි ක්‍රීඩිකාවෝ මෙන්ම පුහුණුකරු ලංකා ද සිල්වාත් සංදේශයට පැවසුවේ. "ඇත්තටම අපේ කණ්ඩායමට මේ වෙනකොට ලැබිල තියෙන්නේ තරඟ 21 ක්. එත් අනිත් කණ්ඩායම් තරඟ 60-80 මේ වෙනකොට සෙල්ලම් කරලා තියෙනවා. එහෙම බැලුවම අපිට තවත් ඉදිරියට යන්න වගේම මිනිස්සු අපි ගැන කතා කරන්නත් හොඳ අවස්ථාවක් තවත් තරඟ ලැබෙනවා නම්, " නායිකා ශෂිකලා සිරිවර්ධන සංදේශයට පැවසුවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 14 දෙනාම ආරක්ෂක හමුදාවල සේවයේ යෙදී සිටීම සුවිශේෂී තත්ත්වයක්. කෙසේ වුව, එය තම ක්‍රීඩා ජීවිතයට රුකුලක් විනා බාධාවක් නොවන බවයි, නායිකාව පවසන්නේ. ජාත්‍යන්තර තරඟ මෙන්ම කණ්ඩායමට මීට වඩා දේශීය තරඟත් ලබා දීමේ අවශ්‍යතාවය පුහුණුකරු ලංකා ද සිල්වා මේ අතර පෙන්වා දෙයි. "අපේ දේශීය ක්ලබ් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන් නම් තවත් සල්ලි ටිකක් වියදම් කරලා ඒ ගහන ක්ලබ් වැඩි කරන්න එතකොට කණ්ඩායමේ වෘත්තීය තත්ත්වය වැඩිකරගන්න පුළුවන්," ඔහු පැවසීය. ප්‍රේක්ෂක සහ මාධ්‍ය අවධානය ප්‍රමාණවත් නොවීම මෙන්ම තම ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමට ව්‍යාපාරිකයන් ඉදිරිපත් නොවීමත් කනස්සල්ලට හේතුවක් බව ක්‍රීඩිකාවෝ පිරිස බීබීසී සංදේශයට පැවසූහ. සබැඳි තේමා |
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ජීවිත විනාශය හමුවේ කැළිකසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතුව තිබේ. | කැළිකසල බැහැර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ වගකීම බලධාරීන් සතු වන බව ඇතැමෙකු පවසන අතර බැහැර කරනු ලබන කසල ප්‍රමාණය අවම කර ගැනීම පුරවැසියන් සතු යුතුකමක් බව තවත් සමහරෙකුගේ අදහසය. නිවෙස්වලින් බැහැර කරනු ලබන කැළිකසල ප්‍රමාණය අවම කර ගන්නේ කෙසේද ? කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද? බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි. එපමණක් නොව ඇය සිය අසල්වැසියන්ගේ කැළිකසල ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වේ. කුණු ප්‍රශ්නයට විසදුමක් රටම සොයන මේ අවස්ථාවේ ඇය සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ඉල්ලා සිටින්නේ හැකි පමණ නිවස තුළම කුණු ප්‍රතිචක්‍රීකරණය කර නගර සභාවට දෙන කුණු ප්‍රමාණය අඩුකරන ලෙසය. ඇය ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේද ගැන බීබීසී වෙත කළ පැහැදිලි කිරීම ඉහත විඩියෝවෙන් නරඹන්න |
කුඩා කාලයේ කිරි දත් හැලුණු විට එම දත කිසිවෙකුටත් නොපෑගෙන තැනකට විසි කරමින් ලේනන්ගෙන් අලුත් දත් ඉල්ලූ සම්ප්රදායක් ද අතීත දරු පරපුරට තිබිණි. | "කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරු තුළ විශාල වැරදි විශ්වාසයක් තිබෙනවා" එහෙත් අද බොහෝ දරුවන්ට එම සුන්දර අත්දැකීම නැත. ඒ, කිරි දත් වැටෙන්නට පෙර ඒවා ගලවා දැමීමට සිදුව තිබෙන බැවිනි. ශ්‍රී ලංකාවේ අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ කිරි දත් වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත් වල තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බව දන්ත වෛද්‍යවරු පෙන්වා දීමය. කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරුන් තුළ විශාල වැරදි විශ්වාසයක් ඇතැයි පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්‍රියංකා බිබිසී සිංහල සේවයට පැවසුවාය. දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්‍රියංකා ''කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕනා. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. දත් දිරායාමට ප්‍රධාන සාධක දෙක ලෙස වැරදි ආහාර පුරුදු සහ දත් මැදීමේ වැරදි පුරුදු වන බව දන්ත වෛද්‍යවරු පවසති. මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වන අතර අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වේ. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20කි. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙයි. ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදා විස්තර කෙරේ. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ දරුවන් නළවන අයගේ දත් පිරිසිදු වීම වැදගත්: නිතර දරුවන් සමග කාලය ගත කරන අයගේ මුඛයේ පිරිසිදු බවද දරුවන්ගේ දත් නිසි ලෙස පවත්වාගෙන යාමට වඩාත් වැදගත් වන බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවා ය. ''මවගේ පමණක් නොව දරුවා ළඟින් සිටින පියා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී කාලයේ සිට මවගේ මුඛ සෞඛ්‍ය ඉතා ප්රශස්ත මට්ටමක තියෙන්න ඕනා. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.'' යනුවෙන් ඇය පෙන්වා දුන්නාය. බොහෝ විට මවුවරු දරුවන්ගේ දත් මැදීම ආරම්භ කරන්නේ කටේ දත් කිහිපයක් පැමිණි පසුවය. එහෙත් දරුවාගේ මුඛයේ පළමු දත ඇති කාලයේදීම දත් මැදීම ආරම්භ කළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දෙන අතර එහිදී දරුවන් සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් යුත් බුරුසුවක ගෑවෙන-නොගෑවෙන තරමට පටලයක් සේ ෆ්ලෝරයිඩ් සහිත දන්තලේපයක් යොදා ගත යුතු බවද වෛද්‍ය නිදේශය වී තිබේ. මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කර, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම ඉතා යෝග්‍ය බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්රියන්කා පැවසුවේ දත් දිරායාම වළක්වාලීමට ෆ්ලෝරයිඩ් මගින් ඉටුවන වැදගත් ලක්ෂණ තුනක් ගැන සඳහන් කරමිනි. ''දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.'' දරුවන්ගේ දත් දිරායාම නිසා දරුවන් මෙන්ම මවුවරු ද බොහෝ පීඩාවන් විදිති. නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන වසන්තා දයානි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇගේ දරුවන් තිදෙනාගේම දත් දිරා ගොස් කුහර සෑදී ඇති බවය. ''මගේ ලොකු දුවගේ වයස අවුරුදු 13යි. එයාගේ දැනටමත් දත් දෙකක් ගලවලා. දෙවැනි දුවට අවුරුදු 11යි. එයාගේ එක දතක් ගලවලා. අවුරුදු අටක් වන පුතාගේ දත් දෙකක් ගලවන්න වුණා. තවත් කෝම්බ තියෙනවා'' යනුවෙන් ඇය පැවසුවාය. ඇය පවසන ආකාරයට වැඩිමහල් දියණියගේ දත් නරක වීම ආරම්භ වී ඇත්තේ වයස අවුරුදු අටේදී පමණය. එහෙත් බාල දරුවාගේ දත් අවුරුදු පහ වන විට ගලවන්නට සිදුවී ඇත. කොතරම් දත් පණුවෝ කෑවත් දරුවන් අධික ලෙස පැණිරස ආහාරයට ගැනීමට පුරුදුවී සිටින බවද වසන්තා දයානි පැවසුවාය. ඇගේ කුඩා දරුවාගේ මුඛයේ මේ වන විට තවත් දතක විශාල කුහරයක් දක්නට ලැබේ. එය මහත් වේදනාකාරී බව එම දරුවා පැවසුවේ ඇතැම් විට අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගෙන යාමට නොහැකි තත්ත්වයකට එය වේදනාකාරී වන බවය. "දත් හැලෙන කතාව මිත්‍යාවක්" ලංකාවේ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වසර 10කට වරක් සිදු කෙරේ. එහි නවතම වාර්තාවට අනුව අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටියන්ගෙන් දත් 20 කට වඩා ඇත්තේ 37% කගේ පමණි. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියට අනුව පුද්ගලයෙකු මරණයට පත්වන අවස්ථාව වන විට මුඛයේ දත් 20ක්වත් හොඳ තත්වයෙන් පැවතිය යුතුය. එහෙත් ලංකාවේ අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ සිටින අයගෙන් 11%කගේ මුඛයේ එක දතක්වත් නැති බව සමීක්ෂණ වාර්තාව හෙළි කරයි. දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවේ වයසට යන විට දත් හැලෙනවා යන්න මිත්‍යාවක් බවය. වැඩුණු පුද්ගලයෙකුගේ මුඛයේ ඇති දත් ගණන 32කි. එහෙත් තුන්වන චාර්වක දත් බොහෝ දෙනෙකුගේ නොපිහිටන නිසා සාමාන්‍යයෙන් දත් 28ක් පිහිටයි. දත් ආශ්රිත රෝග: 01. දත් දිරා යෑම 02. විදුරුමස් ආශ්රිත රෝග 03. දත්වල පැහැය වෙනස් වීම 04. මුඛ පිළිකා 05. දත්වල විකෘති 06. අනතුරු නිසා දත් වලට හානි සිදුවීම දත් දිරායාම ''කෝම්බ'' හැදෙන්න කලින් හඳුනා ගැනීමට සරළ ක්‍රමයක්: දත් දිරයාමේ ආරම්භක අවස්ථාව දත්වල සුදු ලප හට ගැනීමයි. එම අවස්ථාව හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යෑම ම අත්‍යාවශ්‍ය නොවේ. හොඳින් ආලෝකය ඇති තැනක සිට දත්වල, දතත් විදුරුමසත් අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි පැහැති පැල්ලම් තිබේදැයි නිරීක්ෂණය කිරීමෙන් දත් දිරායමේ මුල් අවස්ථාව හඳුනාගත හැකි බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවාය. එලෙස පැල්ලම් දක්නට ලැබේනම් ප්‍රතිකාර ගැනීමෙන් තවදුරත් දත් දිරායාම වළක්වා ගත හැකිය යන්න වෛද්‍ය මතය වේ. එහෙත් බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ දත්වල කුහර හටගත් පසුවය. වෛද්‍යවරු පෙන්වාදෙන ආකාරයට මුඛ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් දිවියකට ඉතා වැදහත් වේ. දත් නිරෝගී තත්වයෙන් පැවතීම මානසික සුවයට, පෞරුෂ වර්ධනයට, දරුවන්ගේ මොළයේ වර්ධනයට, ශාරීරික වර්ධනයට මෙන්ම ශක්තිය වැඩිවීමට ද හේතු වන බව වෛද්‍යවරු පවසති. එබැවින් දරුවන් කුඩා කාලයේ පටන් සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට හා නිවැරදි ලෙස දිනකට දෙවරක් දත් මැදීම සඳහා පුරුදු කිරීම ඉතා යෝග්‍ය බව වෛද්‍ය මතයයි. තවත් තොරතුරු: |
සෙනසුරාදා මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම දැඩිව හෙලා දකින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය යළිත් වරක් අවධාරණය කරයි. | මාගම්පුර වරාය සේවකයන් සහ නාවික හමුදාව අතර ගැටුම වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා කෙසේ නමුත් පහරකෑමට ලක් වූ මාධ්‍යවේදියා අතින් එවැනි අවස්ථා වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම කිහිපයක් කඩ වී තිබෙන බව ඒ පිළිබඳව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයේ මූලික නිගමණ අනුව හෙළි වී තිබුණු බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය. උද්ඝෝෂණයේ යෙදී සිටි මාගම්පුර වරායේ සේවකයන්ගෙන් නෞකා දෙකක් බේරාගැනීම පිණිස නාවික හමුදාව පැමිණි අවස්ථාවේ, එය වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. එම පහරදීමට එරෙහිව රටපුරා විවිධ ප්‍රදේශවල මාධ්‍යවේදීන් කළු පටි පැළඳ උද්ඝෝෂණවල නිරතව සිටි අතර, එහිදී මාධ්‍යවේදියා ආචාරධර්ම කඩ කළ බව පවසමින් ආචාර්ය රංග කලංසූරිය ඉරිදා නිකුත් කළ නිවේදනය බොහෝ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්විය. 'මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා' ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා එසේ කඩ කළ ආචාර්ධර්මය කවරක් දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආරක්ෂක හමුදා සම්බන්ධ ඉතා සංවේදී සහ ගැටුම්කාරී තත්වයක් පවතින අවස්ථාවක මාධ්‍යවේදීන් පිළිපැදිය යුතු විශේෂ ආචාරධර්ම පවතින බවයි. විශේෂයෙන්ම කිසියම් ස්ථානයකින් ඔබ්බට නොයන මෙන් ආරක්ෂක හමුදා උපදෙස් දුන් අවස්තාවක ඒ උපදෙස් නොපිලිපැදීම සහ ඔහුගේම ආරක්ෂාව පිණිස සිය මාධ්‍ය සගයන් සමඟ එක් ස්ථානයක සිටීමට අපොහොසත්වීම මාධ්‍යවේදියා විසින් කඩ කරන ලද ප්‍රධාන ආචාරධර්ම කිහිපයක් බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ මතයයි. "මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා." ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සේවය ලබාගන්නා ආයතන ඔවුන්ට නිසි වේතනයක් පවා නොගෙවමින් ඔවුන්ගේ සේවය සූරා කෑම ඔවුන් මේ ආකාරයෙන් 'තරගයක' යෙදී සිටීමට ප්‍රධානම හේතුව බවත් ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. "මාස දෙක තුනකට පඩි ගෙවල නැති ආයතන තියෙනව. ඒ අයට රැකියා සුරක්ෂිතභාවයක් නෑ." එබැවින් තමන් ආරාක්ෂා වී රැකියාවේ නිරතවන්නේ කෙසේ දැයි ඔවුන්ට පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි. |