summary
stringlengths 5
1.45k
| text
stringlengths 173
24.8k
|
---|---|
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මුල් කර ගනිමින් මතු වී ඇති අර්බුදය නිරාකරණය කිරීමට භික්ෂූන් වහන්සේ ඉදිරිපත්ව සිටිති. | බෞද්ධ භික්ෂූන් වහන්සේ කොළඹ නගරයේ පෙළපාලියෙන් ගමන් ගන්නා අවස්ථාවක් ඒ සඳහා එක් පියවරක් වශයෙන් පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් නම් කරමින් එහි සභාපතිත්වයට කරු ජයසුරිය පත්කර ගන්නා මෙන් කරන ලද ඉල්ලීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාව පළ කළ බව එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටියි. එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති තත්වය පිළිබඳව නායක රනිල් වික්‍රමසිංහ සමඟ දීර්ඝ ලෙස සාකච්ජා කළ බවයි,එක්සත් භික්ෂු පෙරමුණේ , අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේනාධිපති පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ. නායකත්ව මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පිළිබඳව පක්ෂ නායකයාත්, කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් සමගත් වැඩිදුර සාකච්ඡා කරන බවත් උන්වහන්සේ සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී කියා සිටියහ. ශක්තිමත් පක්ෂයක් ඇතිකර ගත් එකඟතාවය අනුව ඔක්තෝබර් හතර වෙනිදා සවස පොල්වත්තේ ධර්මකීර්ත්‍යාරාමයේදී එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මුණ ගැසෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තමන්ගේ අරමුණ දේශපාලන පක්ෂ සැදීම නොවන බවත් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට සමත් දේශපාලන පක්ෂය ශක්තිමත් කිරීම එකම පරමාර්ථය වන බවත් පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සඳහන් කළහ. |
පසුගිය දිනවල පැවති ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවතැන් වූ පවුල් 11,203 ක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. | එම පවුල්වලට අයත් 39,092 දෙදෙනෙකු ආරක්ෂිත ස්ථාන 239 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින පවුල් සංඛ්‍යාව මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ. නිල වාර්තාවලට අනුව අතුරුදහන්ව සිටින පිරිස 91 කි. ගංවතුර, නාය යාම් සහ සුළං හේතුවෙන් පවුල් එක්ලක්ෂ අසූ පන්දහස් අටසිය පහකට (185,805) අයත් හත්ලක්ෂ හාරදහස් අටසිය පහළොස් දෙනෙකු (704,815) පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කාලගුණ වාර්තාව මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල (විශේෂයෙන් ඌව පළාතේ) සවස් කාලයේ තැනින් තැන වැසි සහිත ගිගිරුම් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා සාමාන්‍ය තද සුළං ඇති විය හැකි බවත් එහි සඳහන් වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. |
එළැඹෙන ජනාධිපතිවරණයකදී තමන්ට වාසිදායක තත්වයක් උදාකර ගැනීමේ අදහසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබෙන හැඩක් පෙනී යන්නේ යයි මහ ඇමති සිවී විග්නේශ්වරන් පවසයි. | පොරොන්දු කඩ කිරීම ජනාධිපතිවරයාගේ 'තනතුරට කැළලක්' උතුරු පළාතේ මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ, මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි යලිත් වරක් උතුරු පළාතේ ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. හමුදා කටයුතු වලට සම්බන්ධ නොමැති සිවිල් පුද්ගලයකු ආණ්ඩුකාර තනතුරට පත් කරන මෙන් තමන් ඉල්ලා සිටි අවස්ථාවේ, වැනි පුද්ගලයකු පත්කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි මහ ඇමති විග්නේශ්වරන් බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ. 'පදවියට අවමානයක්' එහෙත් නැවතත් හිටපු ආණ්ඩුකාරවරයාම එම තනතුරට පත් කිරීම ගැටලුවක් වී ඇති බවත් මහ ඇමති විග්නේශ්වරන් පැවසීය. වත්මන් රජය සෑම දෙයකින්ම දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් බව ඔහු පැවසීය. "පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදීත් ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ජයග්‍රහණය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණක්. ඉතින් ඉදිරි ජනාධිපතිවාරණයකදී වාසිදායක පරිසරයක් සලසා ගැනීමේ අටියෙන් මේ පත්වීම සිදු කර ඇති බවයි මම විශ්වාස කරන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය. උතුරු පලාතට ප්රජාතන්ත්රවාදය ලබාදීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බව පවසන මහ ඇමතිවරයා, පොරොන්දු කඩ කිරීම මගින් ජනාධිපතිවරයා සිය පදවියට අවමානයක් සිදු කොට ඇති බවද කියා සිටියේය. |
මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයට සහභාගි වීම පිණිස පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ. | එවැනි ලිපියක් ලැබුන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සනාථ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ආයතනයේ විධායක කමිටුව සඳුදා (ඔක්තෝබර් 16) රැස් වී ඒ සම්බන්ධ අවසාන තීරණයකට එළඹෙන බවත් කියා සිටියේය. කෙසේ නමුත් කණ්ඩායම පාකිස්තාන සංචාරයේ නිරත වන්නේ නම් ඒ සඳහා තරග විනිසුරන් හා තීරකයන් යොදවන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලය දැනටමත් දැනුම් දී තිබෙන බව ද ඔහු සඳහන් කළේය. "අයිසීසී ඒකෙන් සංවිධානය කරලා T20 තරග තුනක් ගැහුවා World II කණ්ඩායමත් එක්ක. ඒකෙදි ආරක්ෂක කටයුතු පිළිබඳව 100% ක් ඒගොල්ල සෑහීමකට පත්වෙනවා." ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව පැවසූ සභාපතිවරයා, ඒ අතරම ආරක්ෂාව ක්‍රීඩකයන් මතු කරන කරුණු ද සලකා බලා අවසාන තීරණයට එළඹෙන බවත් සඳහන් කළේය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ලහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී අවසාන විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය. 2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය. එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. ඒ අතර පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් World II කණ්ඩායම සමග පසුගිය සැප්තැම්බර් මාසයේ තරග සවිධානය කර තිබුණේ සිය රට තුළ යළිත් වරක් ජාත්‍යන්තර තරග ආරම්භ කිරීමේ උත්සාහයක් වශයෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද World II කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ලබන 29 වෙනි දින තරගය සඳහා සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවහොත්, එවිට "අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමක් සහභාගි කරවන" බව ද තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. "තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු සඳහන් කළේය. එබැවින් සංචාරයට එක්විය නොහැකි බව ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පවසන්නේ නම් ඔවුන්ට එම තීරණය ගැනීමට හැකියාව තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය. "මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද," තිලාන් සමරවීර පැවසීය. ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ. |
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අධිපතිවාදීන් විසින් සංවිධානය කරන ලද රැළියකදී හටගත් ප්රචණ්ඩ ක්‍රියා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට පළ කළ ප්‍රතිචාරය ප්‍රබල විවාදයකට තුඩු දී තිබේ. | උද්ඝෝෂකයන් දෙසට මෝටර් රථය කඩා වැදුණු අවස්ථාව යුද විරුවෙකුගේ ස්මාරකයක් ඉවත් කිරීමට එරෙහිව "දක්ෂිණාංෂිකයන් එක්සත් කිරීමේ" රැලිය වෙනුවෙන් සෙනසුරාදා (අගෝස්තු 12) සුදු අධිපතිවාදීන් සිය ගණනක් වර්ජීනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් (Charlottesville) ප්‍රදේශයට රැස් වී සිටියහ. අන්ත නට්සිවාදීන් සහ සුදු වර්ගවාදී කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan) සංවිධානයේ සාමාජිකයන් ද ඒ අතර සිටියහ. එම රැලියට එරෙහිව ඒ අසලම තවත් උද්ඝෝෂණයක් පැවැත්විණ. එහිදී දෙපාර්ශවය අතර හටගත් ප්රචණ්ඩ ගැටුම්වලදී දෙපාර්ශවයම එකිනෙකාට පහර දුන්හ. 'දේශීය ත්‍රස්තවාදය' රැලිය අවසානවීමත් සමගම අන්තවාදීන්ට එරෙහි උද්ඝෝෂකයන් දෙසට ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණි තරුණයෙක් කාන්තාවක මරා දමා තවත් 19 දෙනෙකුට තුවාල සිදු කළේය. කෙතරම් වේගයෙන් මෝටර් රථය පැමිණියේ ද යත් රථයේ හැපීමත් සමග බොහෝ දෙනා අහසට විසි වූහ. උද්ඝෝෂකයන් දෙසට මෝටර් රථය කඩ වැදුණු අවස්ථාවේ මියගිය හෙදර් හෙයර් (Heather Heyer) රථය පැදවූ බව සැලකෙන විසි හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් (James Fields) අත්අඩංගුවේ පසුවෙන අතර ප්‍රහාරය පිළිබඳව එෆ්බීඅයි (FBI) ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් "බොහෝ පාර්ශවවලින්" සිදු කෙරෙන ප්රචණ්ඩත්වය හෙළා දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ නමුත් ඔහු ඍජුවම සුදු අන්තවාදීන්ගේ වර්ගවාදය හෙළා දුටුවේ නැත. ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේම දැඩි විවේචනයට ලක් වී තිබේ. "ජනාධිපතිතුමනි, අපි යක්ෂයා ඒ නමින්ම හැඳින්විය යුතුයි," රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික කොරි ගාඩ්නර් (Cory Gardner) පැවසීය. "ඔවුන් සුදු අධිපතිවාදීන් සහ මේක දේශීය ත්‍රස්තවාදය," ඔහු වැඩිදුරටත් පැවසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අන්තවාදීන්ට නව ජවයක් ලැබී ඇති හැඩක් දක්නට ලැබෙන බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති. සුදු අන්තවාදීන්ට 'නව ජවයක්' "ට්‍රම්ප් ජනාධිපති පදවියට තේරී පත්වීම හේතුවෙන් ඇමෙරිකාව මූලික වශයෙන් සුදු ජාතීන්ගේ රටක් බව විශ්වාස කරන රැඩිකල් දක්ෂිණාංශයට නව පණක් ලැබිණ," යනුවෙන් සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන The Southern Poverty Law Center පවසයි. "වෛරය සහ බෙදීම් මේ මොහොතේම නිමා විය යුතු," බව පවසමින් "බොහෝ පාර්ශවවලින් සිදුවන ප්රචණ්ඩ ක්‍රියා දැඩිව හෙළා දකින" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය. සෙනෙට් සභික ඔරින් හැච් ගේ ට්විටර් පණිවුඩය එහෙත් ඔහුගේ එම හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ ඩිමොක්රටික් පක්ෂයේ මෙන්ම ඔහුගේම පක්ෂයේ ද නායකයන්ගේ මතය වී තිබේ. චාලට්ස්විල් හි සිදු වූයේ "සුදු අධිපතිවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්" බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කිරීම ඉතා වැදගත් බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික මාර්කෝ රූබියෝ (Marco Rubio) ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි. රිපබ්ලිකන් පාක්ෂික ටෙඩ් කෘස් (Ted Cruz) සහ ඔරින් හැච් (Orrin Hatch) සෙනෙට් සභිකයන් ද ඒ හා සමාන අදහස් පළ කර තිබුණි. ඇමෙරිකානු මන්ත්‍රණ සභාවේ ඩිමොක්රටික් පක්ෂ කණ්ඩායමේ නායිකා නැන්සි පෙලෝසි (Nancy Pelosi) සහ ජනපතිවරණයේ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් ද ජනපතිවරයාගේ හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව පවසමින් එය විවේචනයට ලක් කළහ. |
ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. | ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති ඉහත කී සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි. අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මීට ඉහතදී නඩු පවරා තිබිණි. සැප්තැම්බර් 30 වනදා උසාවියේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කරනු ලැබිණ. |
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේය. | එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල සඳහා ලකුණු 100 ක් රැස් කළහ ඩකා අගනුවර පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි. එංගලන්ත කණ්ඩායම ලකුණු සියය වාර්තා කරන විට එක් කඩුල්ලක් හෝ දැවී ගොස් නොතිබූ නමුත් ඉන් අනතුරුව ලකුණු 64 ක් තුළ කඩුලු දහයක් බිඳ වැටුණි. දහනව හැවිරිදි මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 06 ක් බිඳ හෙලූ අතර ෂකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 04 ක් බිඳ හෙලීමට සමත් විය. මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 06 ක් බිඳ හෙලූ අතර ෂකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 04 ක් බිඳ හෙලීමට සමත් විය බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා ලකුණු 296 ක් රැස් කොට තිබිණි. බංග්ලාදේශය මීට පෙර ටෙස්ට් තරග ජයග්‍රහණ කොට ඇත්තේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව පමණි. |
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අගමැති මන් මෝහන් සිං සහභාගි වන්නේද යන්න පිළිබඳව තවමත් තීරණය කොට නැතැයි ඉන්දීය විදේශ ඇමතිවරයා පවසයි. | දහ තුන් වැනි සංශෝධනය 'පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රතිඥා දුන්නා' ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් ඒ බව කියා සිටියේ, කොළඹදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. අද කොළඹට ලඟා වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, විදේශ ඇමති ජීඑල් පීරිස් කොළඹදී හමු වී සාකච්ඡා පැවැත්විය. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීයි, මාධ්‍යවේදීන් ඉන්දීය අමාත්‍යවරයාට එම ප්‍රශ්ණය යොමු කළේ. 'යහපත් අනාගතයක්' උතුරු පළාත් සභා මැතිවරණය සාර්ථකව නිමා වීම උතුරේ ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් අනාගතයක් උදා කර දීමට හේතුවනු ඇතැයි, සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍ය කුර්ශිඩ් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මැතිවරණවලින් අනතුරුව උතුරේ දැන් මතු වී තිබෙන වාතාවරණය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අව්‍යාජ සංහිඳියාවක් ඇති කිරීම උදෙසා යොදා ගත යුතු බවද අමාත්‍යවරයා පවසයි. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ඇතුළු බලතල බෙදා හැරෙන ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම තමන්ටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රතිඥා දී තිබෙන බව අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පෙන්වා දෙයි. සාම්පූර් බලාගාරය එම ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම් වස් දෙමළ ජාතික සන්ධානය සමඟ ඉතා ඉක්මනින් යලි සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇතැයි යන්න ඉන්දියාවේ බලාපොරොත්තුව බවයි, ඔහු සිය නිවේදනයේ සඳහන් කරන්නේ. සාම්පූර්හි තාප බලාගාරය ඉදි කිරීම සම්බන්ධ සම්මුතිවලට අද සවස් යාමයේ අත්සන් තබන බව පවසන නිවේදනය, 2016 වන විට බලාගාරය ඉදි කිරීමේ කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි. සාම්පූර් බලාගාරය ඉදි කිරීම ඉන්දියාවට පැවරීම පිළිබඳව හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල විරෝධය පළ කොට තිබේ. |
තල්මසුන් වඩාත් ප්‍රිය කරන්නේ ජනවාරි මස සීත සෘතුවෙ දී මුහුදේ පාවෙන අයිස් කුට්ටි යට පීනමින් ගීත ගැයීමටය. | බෝහෙඩ් තල්මසුන් ගයන ගීත ඉතා සංකීර්ණයි සින්දු කියන හම්ප්බැක් (Humpback) තල්මසුන් ගැන බොහෝ කලක පටන් අවධානය යොමු වී ඇතත්, නොර්වේ මුහුද ආශ්‍රිතව ජීවත් වන බලීන් කුලයට අයත් බෝහෙඩ් (bowhead) වර්ගයේ තල්මසුන් වඩාත් වෙනස් රටාවකින් ගී ගයන බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇත. පහත හඬ පටයෙන් බෝහෙඩ් තල්මසෙකුගේ හඬ ඇසිය හැකිය: Bowhead whales are mainly found in Arctic waters මෙම සුවිශේෂී ලක්ෂණය හේතුවෙන් අනෙක් තල්මසුන් වර්ග සහ ක්ෂීරපායී සතුන්ට වඩා ඔවුන් වෙනස් ලෙස හඳුනාගෙන ඇත. පටිගත කරන ලද තල්මසුන්ගේ ගීත ස්පිට්ස්බර්ජන් (Spitsbergen ) දුපත් ආසන්නයේ ජීවත් වන තල්මසුන් ගීත වර්ග 184 ක් ගායනා කරන බව වසර තුනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළි විය. දවසේ පැය විසිහතර පුරාවට වැඩි වශයෙන් ශීත සෘතුවේ දී මෙම නාද මාලා ඇසිය හැකිය. "තල්මසුන්ගේ හෝඩියට අකුරු දහස් ගණනක් ඇති බව අපිට කියන්න පුළුවන්" යැයි මහාචාර්ය කේට් ස්ටැෆර්ඩ් බීබීසී වෙත පැවසුවේය. "මම සිතන්නේ හම්ප්බැක් තල්මසුන් මේ ගයන්නේ සම්භාව්‍ය ගීත කියලා. ඒ ගීත ඉතා පිළිවෙලයි වගේම විනාඩි 20- 30 ත් අතර වේලාවක් පවතිනවා. එක් ගීතයක් පවතින්නේ තත්පර හතළිස් පහක් විනාඩි දෙකක් අතර කාලයක්, නමුත් ඔවුන් එය නැවත නැවතත් ගායනා කරනවා," වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය කේට් පැවසීය. හම්ප්බැක් තල්මසුන් එකම වර්ගයේ ගීත එක් සෘතුවක් පුරාවට ගායනා කරයි. නමුත් බෝහෙඩ් තල්මසුන්ගේ ගීත පැයෙන් පැයට සහ දිනෙන් දිනට වෙනස් වන බව නිරීක්ෂණය වී ඇත. මේ ගීත ඉතා වෙනස් සහ සංකීර්ණ වන අතර, අනෙකුත් ක්ෂීරපායී සතුන් බොහෝ විට නිකුත් කරන්නේ පැහැදිලි, එක සමාන ශබ්ද වේ. බෝහෙඩ් වර්ගයේ තල්මසුන්ගේ අභිජනන කාලයේදී බොහෝවිට පිරිමි සත්වයා මෙසේ ගීත ගායනා කරන බව පරීක්ෂකයෝ පවසති. මේ තොරතුරුද කියවන්න: බෝහෙඩ් තල්මසෙකුගේ ශරීරයේ වැඩෙන ඝන මේද තට්ටුව ලබා ගැනීමට 1600 වර්ෂවල මොවුන් විශාල වශයෙන් දඩයම් කර ඇත. තරමක් භායනක තල්මසුන් වර්ගයක් වන ස්පිට්ස්බර්ජන්හි ජීවත් වන බෝහෙඩ්ට ඝන අයිස් තට්ටුවක් මීටර් භාගයක් පමණ පසාරු කර යා හැකි අතර, මොවුන්ගේ ආයු කාලය වසර දෙසීයක් දක්වා දිගු විය හැකිය. බෝහෙඩ් තල්මසෙකුගේ ශරීරයේ වැඩෙන ඝන මේද තට්ටුව ලබා ගැනීමට 1600 වර්ෂවල මොවුන් විශාල වශයෙන් දඩයම් කර ඇත. ස්පිට්ස්බර්ජන්හි ඝන අයිස් තට්ටු යට ජීවත් වීම සහ මෙම වර්ගයේ තල්මසුන් ගණන අඩු වීම හේතුවෙන් මොවුන් පිළිබද වැඩිදුර අධ්‍යනයන් මෙතෙක් සිදු කර නැත. නමුත් උත්තරධ්රැවයේ බටහිර ප්‍රදේශයේ ජීවත් වන වෙනත් බෝහෙඩ් ගණයට අයත් තල්මසුන් වර්ග මේ වන විට හඳුනාගෙන ඇතත්, මොවුන් ගැන "අපි දන්නේ බොහොම අඩුවෙන්" යැයි මහාචාර්ය කේට් ස්ටැෆර්ඩ් පැවසීය. බීබීසී වාර්තාකාරිනී මේරි හැල්ටන්ගේ වාර්තාවක් ඇසුරින් සකසන ලද ලිපියකි. තවත් තොරතුරු: |
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට පත්කිරීමේදී ඔහුගේ බෑණනුවන් වන අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්විය යුතු බව තමන් අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම අර්ජුන අලෝසියස්ට දන්වා තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. | අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සඳුදා (නොවැ 20) ප්‍රකාශයක් ලබා දෙමිනි. අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්වුවත් එයට සම්බන්ධ සමාගමක් වූ පර්පෙචුවල් හෝල්ඩින්ග්ස් ආයතනයේ කටයුතු කළ බව දන්නේද යන්න විමසු විට අගමැතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැන සිටි බවය. කෙසේ වෙතත් තමන් සතු කොටස් හුවමාරු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි බව අගමැතිවරයා සඳහන් කළේය. නොවැම්බර් 20 වෙනි දින කොමිසම හමුවේ පෙනීසිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබූ අතර ඒ අනුව අගමැතිවරයා අද උදෑසන 9.50 ට පමණ කොමිසම හමුවට පැමිණියේය. කොමිසමේ කටයුතු පෙරවරු 10.00 ට ආරම්භවිය. කොමිසමේ මුලික කටයුතුවලින් අනතුරුව අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම ආරම්භවුයේ පෙරවරු 10.15ට පමණය. කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න විමසීමට පෙර සභාව අමතමින් පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කොමිසම මගින් කිසිදු ලෙසකින් බලකිරීමක් සිදු නොකළ බවය. පැයක පමණ කාලයක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණු අතර කොමිසමට සහාය දක්වන ලෙස කළ ඉල්ලීම අනුව පැමිණීම ගැන අගමැතිවරයාට විශේෂ ස්තුතිය ද කොමිසමේ විනිසුරුවරුන් විසින් පිරිනම ලදී. මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහන්වලට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට මින් පෙර දැනුම්දී තිබුණි. අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කටයුතු කළේ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියයි. සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රශ්න ඇසීම සිදුකළේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා විසිනි. ඔහුගේ "උද්වේගකාරී හැසිරීම" පිළිබඳ කොමිසමේ විනිසුරුවරුන් අවස්ථා ගණනාවකමදී ඔහුට අවවාද කර තිබුණි. කෙසේ වෙතත් ප්‍රශ්න මෙහෙයවීම සඳහා නීතිපතිවරයා කැඳවුයේ අගමැතිවරයාට හිමි නිල තත්ත්වය සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව ගත් තීරණයක් නිසා බව කොමිසමේ විනිසුරුවරු ප්‍රකාශ කළහ. අගමැතිවරයාට ඔක්තෝබර් මස 10 වෙනි දින කොමිසම විසින් යවන ලද ප්‍රශ්න 28 ට හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවන ලද ප්‍රශ්න 20 ට අදාළව අගමැතිවරයා ලබාදුන් පිළිතුරැ කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම මෙහිදී සිදුවිය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න 33 ක් අගමැතිවරයාට යොමු කරන ලෙස ඉල්ලා තිබුණ ද එයින් අවශ්‍ය ප්‍රශ්න 20 ක් පමණක් අගමැතිවරයාට යැවු බව කොමිසමේ විනිසුරුවරු පැවසූහ. අර්ජුන ඇලෝසියස් සහ හිටපු මහබැංකු අධිපති අතර තිබු ලැදියාවන් අතර ගැටලුව ගැන නීතිපතිවරයා ද මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ ලැදියාවන් අතර ගැටලුව ගැන මුලින්ම අවධානය යොමුකළේ තමන් බවය. හිටපු මහබැංකු අධිපතිවරයෙකුගේ නැගණිය ද මින් පෙර පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කර තිබුණු බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්ව තමන්ට හිමි මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයේ කටයුතු කරන බව අර්ජුන අලෝසියස් ද තමන් හමුවූ වරක ප්‍රකාශ කළ බව ඔහු පැවසුවේය. අර්ජුන ඇලෝසියස් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තමන් නොමග යැවු බවට තොරතුරු තමන්ට නොමැති බව නීතිපතිවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේය. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මෙන්ම බැඳුම්කර නිකුත්කර මුදල් රැස්කිරීම අවශ්‍යවූයේ ඇයිද යන කරුණුවලටද අගමැතිවරයා කොමිසම හමුවේ දීර්ඝව කරුණු සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව සමයේ ගෙවිය යුතු මුදල් ගැන නිසි ගණන්හිලව් නොතිබූ බව පැවසූ අගමැතිවරයා මෑතකදී ද සිංගප්පූර් සමාගමක් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් 2013 වසරේ කළ වැඩකට අදාළ බිල්පතක් ඒවා තිබු බවද සඳහන් කළේය. බැඳුම්කර සෘජු ස්ථානගත කිරීම් සිදු කරනු වෙනුවට ප්‍රසිද්ධ වෙන්දේසි කිරීම සිදු කළ යුතු බවට තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස්දුන් බව අගමැතිවරයා මෙහිදී පිළිගත්තේය. එම උපදේස් අනුව නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීම අර්ජුන් මහේන්ද්‍රන්ට බාර වූ බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොමිසම විසින් අගමැතිවරයාගෙන් විමසන ලද තවත් ප්‍රශ්නයක් වූයේ සෘජු ස්ථානගත කිරීම්වල සිට ප්‍රසිද්ධ වෙන්දේසි සඳහා යාමට ගත් තීරණය සම්බන්ධයෙනි. ඒ ගැන තමන් අර්ජුන මහේන්ද්‍රන් දැනුවත් කර තිබු බවට අගමැතිවරයා ලිඛිතව ඉදිරිපත්කර තිබු පිළිතුර ගැන විමසමින් ප්‍රශ්න කළේ එය මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් නොවේද යන්නයි. එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ හා රජයේ ප්‍රතිපත්ති ගැන විධාන දීමට හැකි බවය. මුල්‍ය බලය පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින් රවී කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවූ දිනයේ අර්ජුන මහේද්‍රන් අගමැතිවරයාට ලබාදී තිබු දුරකථන ඇමතුම් ගැන මෙහිදී විමසු අතර අගමැතිවරයා පැවසුවේ මුලින්ම ඔහු අදාල නිකුතුව සිදුවූ බවටත් පසුව එහි වැඩිවිස්තරත් ලබා දුන් බවය. අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා ඇමතු දුරකථන අංකය ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ එදින තමන් සම්බන්ධ කර ගත හැකිව තිබුණේ එම අංකයෙන් බවය. තමන් දුරකථනයට කෙලින්ම පිළිතුරැ නොදෙන බවත් තම සහායකයන් තමන්ට එය ගෙනවිත් දෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේය. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසූ තබන ලෙස කළ ඉල්ලීමක් ගැන ඉදිර්පත්වූ සාක්ෂි ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ තමන් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවය. නීතිපතිවරයා ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සදහනක් කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවක් නඩු පැවරීම සඳහා මේවනවිට නීතිපතිවරයා සතුව ඇති බව සිනහවෙමින් සඳහන් කළේය. අගමැතිවරයාගේ සාක්ෂි විමසීම නැරඹීමට එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් රැසක් කොමිසම හමුවට පැමිණ සිටි අතර කොමිසම නීතිවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරි තිබුණි. වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කළේ පසුගිය ජනවාරි මාසයේදීය. කොමිසමේ විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත එහි නිල කාලය තුන්වරක් දික්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව දෙසැම්බර් 08 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව කොමිසමේ විනිසුරුවරු අද ප්‍රකාශ කළහ. සබැඳි යොමු: |
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහයෝගය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. | ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගනු ලැබීම ආරම්භ වූ අවස්ථාවේ. තමාට ඡන්දය දුන් ලක්ෂ 62 ක ජනතාව මෙන්ම, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවත් විධායක ජනාධිපති බලතල ඉවත් කිරීමට ඒකමතිකව අනුමැතිය දී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ එකඟත්වය පළ වී ඇති බවයි පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, තම පක්ෂය 19 වන සංශෝධනය සඳහා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවයි. මාධ්‍ය නීතියේ වෙනසක් මේ අතර ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ වගන්තිය ඉවත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම වගන්තිය මගින් මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල විය හැකි බවට විවේචන එල්ල වීමෙන් අනතුරුවයි, එය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී පිටස්තර පුද්ගලයන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කර ගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විරෝධය පළ වීම අද (27) පාර්ලිමේන්තුවේ දී දක්නට ලැබුණ විශේෂ අවස්ථාවක් විය. ව්‍යවස්ථාදායක සභාව මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ කරුණු පමණක් 19 වැනි සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අදහස් දක්වමින් සංශෝධනයට සහාය ලබා දෙන්නේ විපක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන අනුමත කළොත් පමණක් බව කියා සිටියේය. 19 සම්මත කරන මෙන් ඉල්ලමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයේ දෙවන හා අවසන් දිනය විසිඅට වෙනි දිනට නියම කොට ඇත. එදින සවස 19 වැනි සංශෝධනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හෙවත් මන්ත්‍රීවරුන් 150 කගේ සහාය අවශ්‍යවේ. |
නවක වදය හේතුවෙන් ළමුන් විශ්ව විද්‍යාල හැර යනවා නම් එහි වගකීම විශ්ව විද්‍යාල පද්ධතිය භාර ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක ආචාර්ය අශෝක දංගොල්ල පවසයි. | මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ පළමු වසරට ඇතුල්වන සියලුම ළමුන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටීම අත්‍යවශ්‍ය බව පවසන ඔහු මේ වසරේ සිට එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අවධාරණය කළේ. “පලවෙනි අවුරුද්දට ඇතුල්වෙන හැම ළමයා ම ඉවර වෙලා යනකල්ම ‘මොනිටරින් සිස්ටම්’ එකක් තියෙන්නෙ ඕන දැනගන්න කොහෙද ගියේ කියල හැම දවසෙම. එහෙම ක්‍රමයක් නැති නිසා තමයි සමහර ළමයි සරසවි එන එක නැවතිලා සෑහෙන දවසක් යන කම් අපි දන්නෙ නැත්තෙ” යනුවෙනුයි ඔහු පැවසුවේ. සරසවියට පැමිණෙන ළමුන් වැඩිහිටියන් වශයෙන් සැලකුව ද පාසැල් අධ්‍යාපනය හමාර කරන ඔවුන්ට වැඩිහිටියන් වීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන ආචාර්යවරයා අළුත් පරිසරයකට පැමිණ අතරමං ව සිටින ඔවුන්ගේ මනසට ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ ක්‍රියාකලාපයන් ඔරොත්තු නොදෙන බවයි සඳහන් කළේ. සනාථ කිරීම මුලික පරීක්ෂණය ලෙස සාමාන්‍යයෙන් සිසුන් බලාපොරොත්තු වන්නේ එක් සිසුවාට චෝදනා පත්‍රයක් යවා ඔහු හෝ ඇය නවක වදය දීමට වරදිකරුවාද නිවරදිකරුවාද යන්න විමසා ගුරුවරුන් ගේ සාක්ෂි සහිතව ළමුන් ඉදිරිපිට දීම සනාථ කිරීම බවයි ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ. නමුත් මෙය විශ්වවිද්‍යාලයක් තුළ සිදු නොවිය යුත්තක් සේම එසේ කිරීමට සරසවි පාලන අධිකාරිය බැඳී නැති බවයි ඔහු පවසන්නේ. “ අනිවාර්යයෙන් ම ‘එන්ක්වයරි’ එකක් කරලා අනෙකුත් ළමයින්ට ඔප්පු කරල පෙන්වන්න, සාක්ෂි සහිතව, පීඨාධිපති වත් විනය පාලකවත් බැඳිලා නැහැ. මේ ‘එන්ක්වයරි ප්‍රොසෙස්’ ඒක හරියට මේ ළමයි දන්නෙ නැති හින්දයි මේක වෙලා තියෙන්නෙ. ඇත්තටම මේ රීති පිළිබඳව හැම කොලයක් ම ළමයින්ට දීල තියනව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන කොට. කියව ගන්නෙ නැතිව ඒ ගොල්ලො හිතනව පිරිස් බලෙන් ම නීතිය යටපත් කරන්න පුළුවන් කියල” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බවයි ඔහු පවසන්නේ බියගැන්වීම නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා පවසන්නේ ඔවුන් ඉතා දරුණු ලෙස බියගැන්වී සිටින හෙයින් මේ තත්වය ඇතිවන බවයි ඔහු පවසන්නේ. ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ බියගැන්වීම් වලට ඔරොත්තුදීමට හැකි ලමුන් එම බියගැන්වීම් නොතකා සරසවියට නොකඩවා පැමිණෙන නමුත් පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව එවැනි මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකි ළමුන් විශ්ව විද්‍යාල ජීවිතය අත්හරින බවයි ඔහුගේ අදහස වන්නේ. කායික වදහිංසා නොකළ ද ජ්‍යෙෂ්ඨ සිසුන් කතාකරන විලාශය දරා ගැනීමට ඇතැමුන්ට නොහැකි බව පවසන ආචාර්ය දංගොල්ල පවසන්නේ ‘සැරෙන්’ කතාකිරීම ද ‘නවක වදයට’ ඇතුලත්වන බවයි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් සිතන්නේ නවක වදයට ඇතුළත් වන්නේ කායික වදහිංසා දීම පමණක් බව අවධාරණය කරන ආචාර්යවරයා, කතා කරන වචන, ඒවායේ තීව්‍රතාවය, මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි සඳහන් කළේ. පැමිණිලි නැහැ මෙසේ පීඩාවට පත් වන ළමුන්ගේ දෙමව්පියන් හෝ මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඒ මගින් අදාළ තත්වයන් යහපත් අතට නොහැරෙන බව ඔවුන් දන්නා නිසා බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ. “තමුන්ට වෙච්ච පාඩුව විඳ ගෙන පාඩුවේ ඉන්නවා මිසක් තව කරදර වලට පැටලෙන්න ඒ ගොල්ලො කැමති නැහැ. විශේෂයෙන් ගැහැණු ළමුන්ගේ දෙමාපියන්” යනුවෙනුයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ. |
පස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කොට ඝාතනය කිරීමත් සමග එවැනි ස්ත්‍රී දූෂකයන්ට සහ ළමා අපයෝජකයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකාව තුළ ජන මතයක් නිර්මාණය වෙමින් පවතියි. | 'මරණීය දණ්ඩනයට ලක් කිරීම යනු ප්රචණ්ඩත්වයේ ලක්ෂණයකි. එය විසඳුමක් නොවේ' ඇතැම් දේශපාලඥයින් සහ සමාජයේ බහුතරයක් එය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන අතර ඇතැමෙක් එම අදහසට එරෙහි වෙති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාවට නගන බවයි. ලොව වටා රටවල් එකසිය හතළිහක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි. 'නොසලකා හැරීම' මරණ දඬුවම ක්‍රියාත්මක කළ පසු යළි වෙනස් නොකළ හැකි පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය, වරදකරුවකු නොවන පුද්ගලයකුට මරණ දණ්ඩනය ලබා දීමට ඇති ඉඩකඩ ශූන්‍ය නොවන බව අවධාරණය කරයි. බන්ධනාගාරගත කිරීම හා සැසඳීමේදී මරණ දඬුවම ලබා දීම හරහා සමාජයට බලපෑමක් සිදුවන බවට සාක්ෂි කිසිවක් නොමැති බවත් මානව හිමිකම් සංවිධානය කරුණු සහිතව පෙන්වා දෙයි. 'නීති පද්ධතියේ වූ නොසලකා හැරීම හේතුවෙන් දිළින්දෙකු හෝ යම්කිසි සුළු ජනකොටසකට හෝ ආගමකට අයත් නම් මරණ දණ්ඩනයට යටත් කිරීමට වැඩි ඉඩකඩක් තිබේ' "මරණීය දණ්ඩනයට ලක් කිරීම යනු ප්රචණ්ඩත්වයේ ලක්ෂණයකි. එය විසඳුමක් නොවේ." වැඩි වශයෙන් පුද්ගලයන් මරණ දණ්ඩනයට ලක් කරන ඇතැම් රටවල නීති පද්ධතිය දැඩි මතභේදයට තුඩු ඩී තිබේ. චීනය, ඉරානය සහ ඉරාකය වැඩි වශයෙන්ම එය ක්‍රියාත්මක කරන රටවල් බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි. "නීති පද්ධතියේ වූ නොසලකා හැරීම හේතුවෙන් දිළින්දෙකු හෝ යම්කිසි සුළු ජනකොටසකට හෝ ආගමකට අයත් නම් මරණ දණ්ඩනයට යටත් කිරීමට වැඩි ඉඩකඩක් තිබේ." තම මතයට විරුද්ධ මතයක් දරන දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කොට ඇති බවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි. මරණ දඬුවම ලබා දීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්: විදුලි පුටුව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්තාවලට අනුව 2014 වසර තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ රටවල් 22කි. ඇෆ්ගනිස්තානය, බෙලරුසියාව, චීනය, ඊජිප්තුව, ඉක්වටෝරියල් ගිනීයාව, ඉරානය, ඉරාකය, ජපානය, ජෝර්දානය, මැලේසියාව, උතුරු කොරියාව, පාකිස්තානය, පලස්තීනය, පලස්තීනය සහ ගාසා තීරයේ හමාස් අධිකාරිය, සෞදි අරාබිය, සිංගප්පුරුව, සෝමාලියාව, සුඩානය, තායිවානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, වියට්නාමය සහ යේමනය ඒ රටවල් 22 යි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල ආසියානු සහ අප්‍රිකානු රටවල් බොහොමයක් මුස්ලිම් රාජ්‍යයන්. |
සමලිංගික සේවනයේ යෙදීම වෙනුවෙන් පැනවිය හැකි උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරෙන, මතභේදයට තුඩු දුන් සමලිංගික සේවනයට එරෙහි පනතකට උගන්ඩා පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවිය. | ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ පැතූ උගන්ඩාවේ සමලිංගික ක්‍රියාකාරිකයෙක් ඉතාමත්ම දරුණු පනතක් ලෙසින් විවේචකයන් විග්රහ කරන අදාළ නීතියට අනුව, සමලිංගික යුවලක් සම්බන්ධ තොරතුරු දැන සිටියේ නම් එය වාර්තා නොකිරීමද දඬුවම් ලැබිය හැකි වරදක්. කාන්තාවන්ට කොට සාය සහ උඩුකය නිරාවරණය කෙරෙන ඇඳුම්වලින් සැරසීම තහනම් කෙරෙන පනතකටද උගන්ඩා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. "සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල" එම නීතියට අනුව දණහිස නොවැසෙන සේ සාය ඇඳීම කාන්තාවන්ට තහනම්. අගනුවර පවතින තත්වය පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ කම්පාලා අගනුවර වෙසෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් කියා සිටියේ, කොට ගවුමකින් හෝ සායකින් සැරසුන විට බොහෝ දෙනා තමන්ට අපහාස කරන බවයි. "සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල. එහෙම අහන්නේ ගණිකාවන්ගෙන්. යාලුවෝ එක්ක හැන්දෑවේ විනෝද වෙන්න යන කොට අපිට කලිසම් ඇඳ ගෙන යන්න බැහැනේ?," ඇය පවසන්නීය. 2009 දී සමලිංගික සේවනයට එරෙහි පනත මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේ ලෝක නායකයෝ එය දැඩිව හෙලා දුටුවහ. |
කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත. | මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත සෙනසුරාදා (ජන: 25) වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්රදේශයෙන්ය. එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ. එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරේ. චීනයේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සහ රැකියාවල ද නිරත වන අතර, මේ අතරින් කීපදෙනෙක් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළහ. වූහාන් නගරයේ තත්ත්වය වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය. උපුල් ගමගේ "වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා තිබෙනවා," ඔහු පැවසුවේය. තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පැවසීය. "අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා එකතුවෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා." කෙසේ නමුත්, වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිටවීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පැවසීය. "ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතුයි. තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ," ඔහු තවදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවට යාමට 'බලාපොරොත්තුවෙන්' සෙනසුරාදා පැවැත්වෙන චීන නව වසර සැමරුම වෙනුවෙන් එරට විශ්වවිද්‍යාල සිසුන් සිය ගම් බිම් බලා ගොස් ඇති නමුත්, විදෙස් සිසුන් බොහෝ පිරිසක් තවමත් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව ටිඇන්ජින් නගරයේ වෙසෙන නිමේෂා කසුනි සිසුවිය පැවසීය. ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇත. "ශ්‍රී ලංකාවේ සිසුන් ඔක්කොම 80ක් විතර ටිඇන්ජින් ප්‍රදේශයේ ඉන්නවා. මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ 50ක් විතර ඉන්නවා. එයින් බොහෝ දෙනෙක් ගිය දවස් ටිකේ නැවත ශ්‍රී ලංකාවට ගියා මේ වෛරසය පැතිරීමත් සමඟ ඇති වූ බියත් එක්ක," ඇය පැවසුවාය. "නමුත් තවත් 20 දෙනෙක් විතර ඉතිරි වෙලා ඉන්නවා. අපි ඔක්කොම එකට යන්න බලාගෙන ඉන්නේ." සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටතට නොයන ලෙසට පාලනාධිකාරිය උපදෙස් දී ඇති අතර, හදිසි අවශ්‍යතාවකට පිටතට යන පුද්ගලයෙකු ඉතා හොඳින් පිරිසිදු වී නැවත ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු යැයි නිමේෂා පැවසුවාය. "අපිට එළියට යන්න එපා, කාමරය ඇතුළටම වෙලා ඉන්න කියල විශ්වවිද්‍යාලයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්න එපා කියලා තියෙනවා. අපි හොඳින් ඉන්නවා ද කියලා ගුරුවරු නිතර සොයා බලනවා." ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇතැයි නිමේෂා තවදුරටත් පැවසීය. 'විශේෂ රෝහලක්' මේ අතර වූහාන් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු අසංකගේ අදහස එහි පවතින තත්ත්වය "දිනෙන් දින නරක අතට පත් වෙමින් පවතින" බවය. "මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා චීන රජය නව රෝහලක් ගොඩනගමින් සිටිනවා. එහි වැඩ දින හයක් ඇතුළත නිම කිරීමට නියමිතයි," ඔහු පැවසුවේය. කඩිනමින් ගොඩනැගෙන නව රෝහල "ඒ වනතෙක් වෛරසය ආසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමට රජය ක්‍රියා කරන තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය. වූහාන් නගරයේ දිවිගෙවන තිහකට අධික ශ්‍රී ලාංකික සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සිය නවාතැන්වලින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය. බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන බව ඔහු තවදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: ශ්‍රී ලංකාවෙන් ආරක්ෂක පියවර චීනයෙන් මතු වුණ කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑම වැළැක්වීමට යම් ආරක්ෂක පියවර කීපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ක්‍රියා කර ඇත. "බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරනවා" ඒ අනුව මෙම වෛරසය ආසාදනය වීම වැළකීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද, ගුවන් යානා සහ ගුවන් තොටුපල, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කොරෝනාවෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. "ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ" වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා සඳහා චීනයේ වූහාන් වෙත පිටත් ව ගොස් ඇති කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනාවෛරසය අසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් රුවන්ති දෙල්පිටිය කියා සිටී. වුහාන් ප්‍රදේශයේ 85 ත් 100 ත් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවි ගෙවන අතර, ඉන් බොහෝ පිරිසක් චීන අවුරුදු නිවාඩුව හේතුවෙන් දිවයිනට පැමිණීම නිසා දැනට එම ප්‍රදේශයේ සිටින්නේ 25 ත් 30 ත් අතර පිරිසක් පමණක් යැයි ලේකම්වරිය පැවසීය. කටුනායක ගුවන් තොටුපලේ සවි කර ඇති ශරීර උෂ්ණත්වය සටහන් වන උපකරණ නිරන්තරයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් එකී ශ්‍රී ලාංකිකයින් මෙරටට හැකි ඉක්මණින් ගෙන්වා ගැනීම සඳහා දැනටමත් කටයුතු සියල්ල සුදානම් කර අවසන් ඇති බව රුවන්ති දෙල්පිටිය තවදුරටත් පැවසුවාය. සංචාරක ස්ථාන වසා දමයි චීන මහා ප්රාකාරයේ ස්ථාන කීපයක් ජනවාරි 25 වෙනිදා සිට සංචාරකයින් සඳහා වසා තබන බව චීන බලධාරීහු පවසති. වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ. එමෙන්ම, ශැංහයි හි පිහිටි ඩිස්නිලන්තය ද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. තවත් තොරතුරු: |
රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයකුට බලය අහිමිකරමින් ඌව පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි. | පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති තියුණු මුහුණුවරක් ගත් ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ලැබීය. බදාදා උදෑසන ඌව ආණ්ඩුකාර සී නන්ද මැතිව් ඉදිරියේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේ සහය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමෙන් අනතුරුවයි. මෙලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර ඇති පිරිස අතර අනුර විදානගමගේ, හරීන් ධර්මදාස හා කිත්සිරි සෙනරත් යන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිති. ඌව පළාත් සභාවේ නව සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව (17) දාහතක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන (15)ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. දිවුරුම් දීම හදිසියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් හරීන් ප්‍රනාන්දුට සහය ලබා දෙන බවට ආණ්ඩුකාරයාට දන්වා සිටි අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් වරප්‍රසාද ලබා දෙමින් හෝ වෙනත් ආකාරයෙන් ඔවුන් රඳවා ගැනීමේ උත්සාහයක් ඇති බවට ආරංචි පැතිර ගොස් තිබුණ නිසා දිවුරුම් දීම හදිසියේම සිදු කොට ඇති බව වාර්තාකරුවෝ පවසති. එක්සත් ජාතික පක්ෂය පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ගත් ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා රුකුල් දුන් එක් තීරණාත්මක සාධකයක් බව විචාරකයෝ පවසති. |
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන කාන්තාවක සෑම තෙදිනකටම වරක් මරුමුවට පත්වීම පිළිබඳව ප්‍රංශය ලැජ්ජාවට පත්විය යුතු යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසයි. | කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළැඹි ඇතැයි සඳහන් කළේය. සිය පස් අවුරුදු ධුර කාලය ඇතුළත රට තුළ ලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ එක් මැතිවරණ ප්රතිඥාවකි. මැතිවරණය සමයේ ප්‍රංශ ජනතාවගේ ප්‍රධානම අවධානය පළ වී තිබුණු ප්රශ්නය එය බව ඔහු නායකත්වය දුන් En Marche ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ සමීක්ෂණයකදී හෙළි වී තිබුණි. කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ප්‍රංශය පුරාම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබිණ. "හිංසා කරන, අපහාස කරන, ස්පර්ශ කරන අපරාධකරුවන්ට කිසි විටෙක සමාව නොලැබීම සහ ඒ වෙනුවට ඔවුන් හඳුනාගෙන, ඔවුන් අපකීර්තියට පත්කොට, යුක්තිය පසිඳලා ඔවුන් හෙළා දැකීම අත්‍යවශ්‍ය කරුණක්," ජනාධිපතිවරයා කියා සිටියේය. "එමෙන්ම ප්‍රංශය තවදුරටත් කාන්තාවන් බියෙන් දිවි ගෙවන රටක් නොවිය යුතුය." සබැඳි යොමු: 2016 වසරේදී සිය සහකරු හෝ පැරණි සහකරු විසින් මරා දමන ලද කාන්තාවන් 123 දෙනා සමරමින් ඔහුගේ දේශනය අතරවාරයේ විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදි. ඒ වසර තුළ 225,000 කට ආසන්න කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් විසින් ලිංගික හෝ ශාරීරික හිංසනයට ලක් කරන ලද නමුත් ඒ පිළිබඳව පැමිණිලි කර තිබෙන්නේ එයින් පහෙන් එකකට ආසන්න පිරිසකි. ප්‍රචණ්ඩත්වයට, හිංසනයට හෝ නොසලකා හැරීමට ගොදුරුවන කාන්තාවන් වෙනුවෙන් 24 පැය පුරාම ක්‍රියාත්මක වන අන්තර්ජාල ආධාර සේවයක් ඇතුළු පියවර ගණනාවක්ම උත්සවය අතරවාරයේ ජනාධිපති මැක්රෝන් නිවේදනය කළේය. ලිංගික හිංසනය ප්‍රධාන තේමාව කරගනිමින් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ වැඩසටහන් ලොව පුරා බොහෝ රටවල දින 16 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වේ. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (09 ) කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුණි. | කථානායකවරයා කියා සිටියේ එහි සඳහන් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු යයි නිර්දේශ කරනු ලැබ ඇති වගන්ති ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. ඒ අනුව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් ඇමතිවරුන්ට භාර විෂයයන් වෙන් කිරීමට අගමැතිවරයාට බලය දීමට කළ යෝජනාව ඇතුළු තවත් යෝජනා අටක් ඉවත් කර ගැනීමට රජයට සිදු වන බවයි වාර්තා වන්නේ. අද පාර්ලිමේන්තුවේ දී 19 වන සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය ජි.එල් පීරිස් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි. ජනපති බලතල අඩු කිරීම විවිධ සංශෝධන ගෙන ඒමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යාකූල තත්වයකට පත් කොට ඇති බවට සහ ඒවා අධ්‍යයනය කිරීමට කල් වේලා නැති බවට එල්ල වෙන චෝදනා වලට අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසුවේ, තාක්ෂණික ගැටළු මතු කරමින් මෙම සංශෝධනයේ හරය යටපත් කිරීමට ක්‍රියා නොකළ යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ පවතින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට ජනවරමක් නොමැති බවයි. පසුගිය රජය දිනකින් සම්මත කළ 18 වන සංශෝධනයට වඩා වැඩි කාලයක් මෙම සංශෝධනය අධ්‍යයනය කිරීමට වර්තමාන රජය කල් ලබා දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය. |
ඌව පරණගම ප්‍රදේශයේ ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම තුනට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ කාර්යාලය පවසයි. | ප්‍රහාරයෙන් හානියට පත් ත්‍රීරෝද රථය ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට තිබුනේ ආර්.ඩී.ආරියදාසට අයත් එළවළු වෙළඳසැලක කොටසකය. එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා තිබෙන අතර ප්‍රහාරයෙන් වෙළදසැලට දැඩි අලාභ හානි සිදුවී ඇත. බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ඒ.එම්.බුද්ධදාසගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ජයන්ත කන්නංගර කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටියේ මින් පෙර එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමකින් පසු ජීප් රථයකින් පැමිණි පිරිසක් රැස්වීමට සහභාගී වුවන්ට තර්ජනය කිරීමක්ද කර තිබුන බවයි. මේ අතර ඌව පළාත් සභාවට මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රියන්ත කුමාරට අද බ්‍රහස්පතින්දා අළුයම දෙකට පමණ මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති අතර ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබේ. හාලිඇල ප්‍රදේශයෙන් ප්රචණ්ඩ ක්‍රියා දෙකකුත් මහියංගනයෙන් සහ ඌව පරණගමින් ප්රචණ්ඩ ක්‍රියා එක බැගිනුත් වාර්තා වී ඇති අතර පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන්වාර්තා වූ මුළු ප්රචණ්ඩ ක්‍රියා ගණන හතරකි. හැඳුනුම් පත් ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවන බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් තිස් දහසකට හැඳුනුම් පත් නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් මේ අතර ප්‍රකාශ කරයි. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා කිසිදු ආකාරයක හැඳුනුම් පතක් ඔවුන් සතුව නැති බවත් සැප්තැම්බර් 20 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීමට නම් ඔවුන් දෙපාර්තමේන්තුව පිළිගත් කිසියම් හෝ හැඳුනුම්පතක් ලබා ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. හැඳුනුම් පත් නොමැති පුද්ගලයන් අතර ඉතා දිළිඳු පුද්ගලයන් සහ ඉන්දීය සම්භවයක් ඇති වතු සේවකයන් සිටින බව පැවසූ ඔහු එම පිරිස් පස්සර, හපුතලේ, හාලි ඇළ සහ වැලිමඩ යන ප්‍රදේශවල ජීවත්වන බවද පැවසුවේය. ජංගම සායන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ කැෆේ සංවිධානය එක්ව එම පුද්ගලයන්ට හැඳුනුම් පත් ලබා දීමේ ජංගම සායන පැවැත්වීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් ප්‍රකාශ කළේය. |
ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව වැඩිවෙමින් ඇතත් රටතුළ අක්ෂි විශේෂඥයන්ගේ හිඟයක් ඇතැයි දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි. | බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව වැඩිවීමට එක හේතුවක් වී තිබෙන්නේ ඇතැමුන් සිය ඇස පිළිබඳව දක්වන නොසැලකිල්ල නිසා බවත් පෙන්වා දුන්නේය. 'ලංකාව තුළ දෘශ්‍යාබාධිත සහ පෙනීම දුර්වල විශාල ජන සංඛ්‍යාවක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජනගහන වාර්තා අනුව සියලු ආකාරයේ ආබාධිත ජනයා මුළු ජනගහනයෙන් 8.3% ක් පමණ වෙනවා. මෙය ජනගහනයෙන් ලක්ෂ දහඅටකට ආසන්න සංඛ්‍යාවක්. ඔවුන් අතරින් දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් අටදාහක් පමණ වෙනවා' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි. ක්‍රමයෙන් දෘෂ්ටි හීනතාවයට ලක්වෙමින් සිටින ජන සංඛ්‍යාව සමඟ බලන විට ඉහත කී සංඛ්‍යා ලේඛනවල තවත් වැඩිවීමක් සිදු වන බව ඔහු සඳහන් කරයි. එම තත්වය රටේ සියලු අංශවලට බලපාන බවත් දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පෙන්වා දෙයි. අක්ෂි රෝග හඳුනා නොගත් කණ්ඩායම් ඇසේ සුද මතුවීම පිළිබඳව සඳහන් කළ සුගත් වසන්ත ද සිල්වා එය ඉවත්කොට කාච බද්ධ කිරීමේ සායන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සියලු ප්‍රධාන රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල සිදු කෙරෙන බවත් සඳහන් කළේය. 'ඒත් ප්රශ්නය ශ්‍රී ලාංකික ප්‍රජාව ඇස් පරෙස්සම් කර ගැනීමට කොතරම් උනන්දුවක් දක්වනවාද කියන එකයි.අපේ ශ්‍රී ලංකික ප්‍රජාවගේ මනෝභාවය වන්නේ යමක් නැතිවුනාම පසුතැවිලි වීම' බව දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා සඳහන් කළේය. 'ඇහේ සුද වේදනාකාරී නැහැ. ඒත් ඇසේ සුද මතුවූ විට සමහරුන් හිතනවා ඒ ඔහුට පෙනෙන මට්ටමයි කියල. හැබැයි පස්සේ සුද ඉවත් කරල කාචයක් දැම්මට පස්සෙයි ඔවුන් තේරුම් ගන්නේ කලින් තමන්ට පෙනුනේ නැහැයි කියන කාරණේ' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පැහැදිලි කරයි. සායන පහසුකම් 'අක්ෂි විශේෂඥයන් සීයකටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඔවුන්ට ප්‍රතිකාර ලබාදිය හැකි සංඛ්‍යාව සීමිත එකක්.ඒ නිසා දැනට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තියෙනව.අක්ෂි විශේෂඥයන් පුහුණු කිරීමට රජය සම්පත් යෙදවිය යුතුයි' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා අවධාරණය කරයි. |
සමලිංගික පුරුෂයන් ලිංගිකව එක්වීම ගල් ගසා මරණයට පත් කළ හැකි 'වරදක්' බවට පත්කරමින් දැඩි ඉස්ලාමීය නීති හඳුන්වාදීමට බෘනායි රාජ්‍යය ක්‍රියා කර තිබේ. | බදාදා (මාර්තු 03) සිට නව නීතිය ක්‍රියාත්මක වන අතර, සොරකම් කිරීමේ වරදට දෑත් කපා දැමීම වැනි තවත් දැඩි දඬුවම් කීපයක් ද ඒ අතර වේ. මෙම දඬුවම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී. බෘනායි පාලනය හිමි සුල්තාන්වරයා ජාතිය අමතමින් පැවසුවේ, ඉස්ලාමීය ඉගැන්වීම් "දැඩි" ලෙස අනුගමනය කළ යුතු බවය. "මේ රට තුළ ඉස්ලාමීය ඉගැන්වීම් බලවත් වෙනවා දකින්න මට අවශ්‍යයි," හසනාල් බෝල්කිආ (Hassanal Bolkiah) සුල්තාන්වරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කර තිබිණ. මෙම "මධ්‍යතන යුගයේ දඬුවම්" හේතුවෙන් තමන් දැඩි තිගැස්මකට සහ බියට පත් වී සිටින බව බෘනායි හි දිවිගෙවන සමලිංගික ප්‍රජාව පවසති. "උදෑසන අවදි වෙනකොට තමන්ගේ අසල්වැසියන්, පවුලේ අය හෝ පාර අයිනේ ඉදන් ඉස්සෝ බැදුම් විකුණන අර ලස්සන වයසක නෝනා ඔයා මනුස්සයෙක් නෙමෙයි කියලා හිතලා, ඔයාට ගල් ගසා මරා දමන්න ඕනේ කියන එක අනුමත කරන එක දැනගැනීම ගැන සිතා බලන්න," යැයි සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ බෘනායිහි දිවිගෙවන සමලිංගික පුරුෂයෙකු බීබීසී වෙත පැවසීය. හසනාල් බෝල්කිආ (Hassanal Bolkiah) සුල්තාන්වරයා බෘනායි දණ්ඩ නීති සංග්‍රහයේ සිදු වූ නව සංශෝධන මොනවාද? කාන්තා දූෂණය, අනාචාරයේ හැසිරීම, සමලිංක සේවනය, සොරකම් සහ මුහම්මද් නබිතුමාණන්ට අපහාස කිරීම වැනි වරදවලට මරණ දණ්ඩනය පැනවිය හැකිය. කස පහර හතළිහක් හෝ වසර දහයක උපරිම සිර දඬුවමක් සමලිංගික සේවනයේ යෙදීම වෙනුවෙන් හඳුන්වා දී ඇති වෙනත් දඬුවම්ය. ගබ්සා කිරීම් සඳහා දඬුවම ප්‍රසිද්ධියේ කස හෝ වේවැල් පහර එල්ල කිරීමය. දෑත් කපා දැමීම සොරකම සඳහා හඳුන්වා දී ඇති දඬුවමය. "වයස 18ට අඩු දරුවන්ට ඉස්ලාම් ආගම හැර වෙනත් ආගම්වල ඉගැන්වීම් වැළඳ ගැනීමට අනුබල දීම, ඒ ගැන පැවසීම හෝ පෙළඹවීම," අපරාධකාරී ක්‍රියාවක් ලෙස නම් කර ඇත. මේ අතරින් බොහෝ නීති අදාළ වන්නේ මුස්ලිම්වරුන්ට පමණක් වුවද සමහර නීති වෙනත් ආගම් අදහන පුද්ගලයන්ට එරෙහිව ද ක්‍රියාත්මක වේ. එමෙන්ම, සමහර නීති ක්‍රියාත්මක වන්නේ අදාළ වරදට චෝදනා ලද පුද්ගලයන් පාපොච්චාරණ සිදු කළ විට හෝ සාක්ෂිකරුවන් සිටින විට පමණය. බෘනායි, තෙල් සහ ගෑස් අපනයනය මගින් දියුණු වූ රාජ්‍යයකි. මෙහි ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම්වරුන්ය හැත්තෑ දෙවෙනි වියේ පසුවන සුල්තාන්වරයා බෘනායිහි ආයෝජන ආයතනයේ ප්‍රධානියා වන අතර, ලෝකයේ ඉහළ පෙළේ හෝටල් කීපයක හිමිකාරිත්වය ඔවුන් සතුය. බෘනායි රාජකීය පවුලට අති විශාල පෞද්ගලික ධනයක් හිමි අතර, වැඩි වශයෙන් එහි වෙසෙන මැලේ ජන කොට්ඨාසයට අයත් වැසියන් රජයේ නොමසුරු දීමනා භුක්ති විදින අතර ඔවුන්ට බදු පැනවීමක් නොමැත. එහි ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම්වරුන්ය. සමලිංගික සේවනය මින් පෙර ද බෘනායිහි තහනම් වූ අතර, එය වසර දහයක උපරිම සිර දඬුවමක් ලැබිය හැකි වරදකි. 1957 වසරේ දී බෘනායිවලට මරණ දණ්ඩනය හඳුන්වා දී ඇති නමුත් මේ වනතෙක් එය ක්‍රියාත්මක කර නොමැත. මේ තොරතුරුද කියවන්න: මෙය බෘනායිහි ඉස්ලාම් නීතිය හඳුන්වා දුන් පළමු අවස්ථාව ද? දැඩි විවේචන හමුවේ වුව ද 2014 වසරේ දී බෘනායිවලට ෂරියා නීතිය හඳුන්වා දී තිබේ. මේ වනවිට එරට ෂරියා නීතිය සහ පොදු නීතිය ඇතුළත් ද්විත්ව නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. සමලිංගිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්වය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදටත් බලපැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සකස් කළ නීතියකි. දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති අනුව, කිසියම් පුරුෂයකු විසින් ස්වභාවධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් දස වසරක් දක්වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඩුවමක් ලබාදිය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා දඩයකටද යටත් කළ යුතුය. පසුකාලීනව 1995 දී කරන ලද නීතිමය සංශෝධන මගින් "පුරුෂයන් අතර සිදුවන සොබාදහමට එරෙහි ලිංගික හැසිරීම්" යන්නට කාන්තාවන් ද එක් කර ඇත. මෙම නීතිය සංශෝධනය කළ යුතු යැයි සමාජය තුළ දැඩි කතා බහක් ඇති වී තිබුණ ද, 2017 වසරේ දී සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව ඉවත දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ලදී. සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් නීති වෙනස් කළ ලෝකයේ වෙනත් රටවල් ලොව ඇතැම් රටවල් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට කටයුතු කර තිබෙන අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය 2018 සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බව තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේය. පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ ද සමලිංගික විවාහය නීතිගත කෙරිණි. තවත් තොරතුරු: |
සංශෝධන සහිතව හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාම තෘප්තිමත් බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි. | "මේ එක පියවරක්. තව පියවර දහසක් ඉදිරියට තැබීමට ඔහු බලාපොරොත්තු වෙනවා" 'ප්රජාතන්ත්රවාදී, ශීලාචාර සහ මානව අභිලාෂයන්ට ගරු කරන' සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ජනාධිපතිවරයා වටහාගෙන සිටින බවයි ශිරාල් ලක්තිලක බීබීසී සංදේශයට කියා සිටියේ. නව සංශෝධනය යටතේ පිහිටවෙන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් අපක්ෂය අවසාන මොහොතේ ඉදිරිපත් කළ සංශෝධනය හේතුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත නොවීමේ අවදානමක්ද මතු වී තිබුණි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් හත් දෙනකු මන්ත්‍රීවරුන් විය යුතු බවට අවසානයේ දෙපාර්ශවය එකඟත්වයකට පැමිණියහ. මැතිවරණ ක්‍රමය 'සම්මත නොවීමට තිබූ' සංශෝධනයක් සම්මත කරගැනීම පිණිස බොහෝ කැපකිරීමේ කිරීමට සිදු වූ බවයි, ශිරාල් ලක්තිලක අවධාරණය කරන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව තෘප්තිමත් නැතත්, සම්මුතියකට ඒමට සිදු වූ බව අගමැතිවරයාද පවසයි "මම හිතන්නේ ජනාධිපතිතුමා මේ පිළිබඳව ඉතාම පැහැදිලි තෘප්තිමත්භාවයකින් ඉන්නේ. මේ එක පියවරක්. තව පියවර දහසක් ඉදිරියට තැබීමට ඔහු බලාපොරොත්තු වෙනවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව තමන් තෘප්තිමත් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය. සමස්ත ක්‍රියාවලිය සිදු වූ ආකාරය පිළිබඳව තමන් ඇතුළු සියලු දෙනාම පාහේ තෘප්තිමත් නොමැති නමුත් සංශෝධනය දියත් කිරීමට සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සීමා මායිම් යටතේ බවයි ඔහු පෙන්වා දෙන්නේ. අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බැවින් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තිබෙන ජනතා වරම අහිමි වන බවට එක්සත් ජාතික පක්ෂය මතු කරන තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ ශිරාල් ලක්තිලක කියා සිටියේ වඩා හරයාත්මක වන්නේ ලබා දුන් පොරොන්දු ඉටුකිරීමද, නොඑසේනම් කාල වකවානු මත ක්‍රියා කිරීමද යන ප්රශ්නය එහිදී මතු වන බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ජනාධිපතිවරයාගේ අභිලාශය බවද ලේකම්වරයා පවසයි. 20 වැනි සංශෝධනයේ මූලික පිටපත් ජනාධිපතිවරයා විසින් බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් ඔහු සඳහන් කළේය. |
ඇමෙරිකාවේ හතළිස් පස්වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් පැය කිහිපයකින් වොෂින්ටන් නුවරදී දිවුරුම් දීමට නියමිතයි. | කෝටිපති දේපොළ ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප්, මතභේදයට තුඩු දුන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයකින් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබාගත්තේය. ට්‍රම්ප්ට සහාය දක්වමින් සහ විරෝධය පළකරමින් දහස් ගණන් ජනතාව පිරිසක් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන වොෂින්ටන් නගරය කරා රැස්වෙමින් සිටිති. එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහස් ගණන් පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, ආරක්ෂක මෙහෙයුමේ කොටසක් වශයෙන් කිලෝමීටර ගණනක් දිගට ජනතාව පාලනය කිරීමේ බාධක යොදවා තිබේ. සිය පදවි ප්‍රාප්තියට පෙර දින ප්‍රසංගයකදී ආධාරකරුවන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාව තුළ වෙනස්කම් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය 'සියලුම රටවැසියන් සඳහා' උතුම් රටක් බවට පත්කරන බවට ප්‍රතිඥා දුන්නේය. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්රාප්ති උත්සවයට සහභාගි වීමට නියමිතයි. |
මියන්මාර හමුදාව සිය හමුදා භටයන් විසින් ස්ත්‍රී දූෂණ සහ මනුෂ්‍ය ඝාතන සිදු කරනු ලැබ ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. | පසුගිය ඔක්තෝබර් මාසයේ පොලිස් මුරපොලකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මියන්මාර හමුදාව රඛීන් ප්‍රාන්තයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය පසුගිය වසරේ දී රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන "රකායින්" ප්‍රාන්තයේ කළ වැටලීමක දී මියන්මාර හමුදා භටයන් විසින් ඉහත කී අපරාධ සිදු කරනු ලැබ ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ මියන්මාර හමුදාව පවසන්නේ එම චෝදනා "අසත්‍ය සහ නිර්මාණය කරන ලද" ඒවා බවය. ගම්වාසීන් තුන්දහසක් සහ හමුදා සාමාජිකයන් එකසිය අසූ හතර දෙනෙකුගෙන් එහිදී ප්‍රකාශ ලබා ගත් බවත් මියන්මාර හමුදාව පවසයි. පොලිස් මුරපොලකට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව මියන්මාර යුද හමුදාව සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් හැට පන්දහසකට ආසන්න පිරිසක් බංග්ලාදේශය වෙත පළා ගියහ. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් එම පිරිස පසුගියදා ඉල්ලා සිටියහ. මියන්මාරය තුළ රෝහින්ග්‍යා ප්‍රජාව සලකනු ලබන්නේ බංග්ලාදේශයෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසය කෙසේවුවද, යතුරුපැදියක් සොරකම් කිරීම සහ ගින්නක් මැඩ පැවැත්වීමට අසමත් වීම හේතුවෙන් ගැමියන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හමුදා සාමාජිකයන්ට එරෙහිව තමන් විනය ක්‍රියාමාර්ග ගත් බව මේ අතර මියන්මාර පොලිසිය පවසයි. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බහුතරය වන බෞද්ධ ප්‍රජාව අතර වසර ගණනාවක තිස්සේ ගැටුම් වර්ධනය වෙමින් පවතී. මියන්මාරය තුළ රෝහින්ග්‍යා ප්‍රජාව සලකනු ලබන්නේ බංග්ලාදේශයෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසය. ඔවුහු එරට රජයේ ආයතන සහ පොදු ජනතාව අතරත් වෙනස්කම් කිරීමට ලක්වෙති. මියන්මාරයේ 2012 වසරේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දස දහස් ගණනක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙති. |
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවල වාර්තා වහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය. | 2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තාවල අඩංගු නිරීක්ෂණ සහ නිගමන පිළිබඳ දැන ගැනීමට රටේ ජනතාවට අවශ්‍යතාවක් ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය. "අපි ගහලා තියනවා පුවරුවක් සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති කියලා. එහෙම තිබුනට ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලේ අපිට මතකයි බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තියලා ඝාතනය කළා," මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ පැවති පාලන සමයේ පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවේ හරයක් නොතිබූ බවය. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අදාළ මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළ ඇමතිවරයා එම කමිටුව විසින් ලබා දුන් වාර්තා සැලකිල්ලට ගෙන ජනතාව වෙත හෙළිදරව් කළ හැකි කරුණු පමණක් ඇතුළත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ බව කියා සිටියේය. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අදාළ වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් මීට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. මේ අතර රැඳවියන් මරණයට පත් වී වසර හතරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති. එකී මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීමට හේතු විය හැකි යැයි ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට පසුගියදා කියා සිටියේය. එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පසුගියදා ජාතික මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කළේය. |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය පවසයි. | "ජනාධිපතිතුමා යහපාලනයට අකටයුත්තක් වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ" පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වූ ප්‍රබල පීඩනය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති පදවිය අත්හැර ගියා විනා එය ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් නොවන බවද එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු තුසිත හල්ලොලුව බීබීසී සංදේශයට පැවසීය. "පක්ෂෙ ඇතුලේ හිටපු සියලු දෙනාම එයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනව පක්ෂය නව ජනාධිපතිතුමාට භාර දීල එයාට අයින් වෙන්න කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය. නව ජනාධිපතිවරයාට සභාපති පදවිය පැවරෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට නව ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් දෙදෙනාම සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ. දේශපාලන පළි ගැනීම් සිය පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹි ඇති හැඩක් පෙනී යන බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. එහෙත් හිටපු ජනාධිපතිවරයා සමඟ බදාදා රාත්‍රියේ පැවැත්වුණු සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරයේ තුසිත හල්ලොලුව අවධාරණය කරයි. "යහපාලනයට යම්කිසි අකටයුත්තක් වෙනවා නම් කවදාවත් එතුමා එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ කියන එක මම හොඳටම දන්නවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය. නව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සහායයෙන් තොරවම ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිවන බැවින් මින් ඉදිරියට පාලක සන්ධානයේ ගමන් මාර්ගය කවරක් වනු ඇත්දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පාලක සන්ධානය මේ මොහොතේ දින සියයේ වැඩපිළිවෙල කෙරෙහි පූර්ණ අවධානය යොමු කොට සිටින බවයි. |
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විසි හත් දෙනාගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළ යුතු බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි. | 2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරණයට පත් වී වසර හතරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති. එකී මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීමට හේතු විය හැකි යැයි ප්රජාතන්ත්රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. "ජනතාවට යහපාලනය සම්බන්ධයෙන් පවතින විශ්වාසය පලුදු වෙන්න ඉඩ තිබෙනවා. පසුගිය ආණ්ඩු කාලයේ කොහොම වුනත් මෙවැනි සිදුවීම් පිළිබඳ හෙළිදරව් කරන බවට හා වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව සපත කරලා මේ ආණ්ඩුව බලයට පත් වුනේ," නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පැවසීය. "ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ජනතාවට සිද්ධ වෙනවා එළියට බැහැලා උද්ඝෝෂණ කරන්න," ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'යහපාලන පොරොන්දු' අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශාල ප්‍රමාදයක් දක්නට ඇති බව පවසන මානව හිමිකම් පිළිබඳ නීතිඥ චන්ද්‍රපාල කුමාර මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වරදකරුවන් හෙළි කිරීමට අකමැති පාර්ශව යහපාලන ආණ්ඩුවේ සිටිය හැකි බවත් විමර්ශන ක්‍රියාත්මක නොවීමට එය හේතුවක් විය හැකි බවත් සඳහන් කළේය. මේ අතර රැඳවියන් ලැයිස්තුගත කොට "ඝාතනය" කළ බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දී ඇති බව අදාළ මරණ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යොමුකරන ලද ලිපියකින් ඉල්ලීමක් කර තිබේ. "ඝාතනයට" පත් වූ රැඳවියන්ගේ දෙමව්පියන් සහ සිවිල් සංවිධාන 2015 වසරේ පෙබරවාරි 17 වැනිදා යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් සිදු කළ අතර එහිදී දින සියයේ ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුජීව සේනසිංහ විසින් ඒ පිළිබඳ සොයා බලන බවට පොරොන්දුවක් ලබා දුන් බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් පවසයි. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම ගෙන් විමසීමක් කළ අවස්ථාවේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසා බලා තවත් දින කිහිපයකින් සිය ප්‍රතිචාරය පළ කරන බව සඳහන් කළාය. වාර්තාව සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි විමසීම පිණිස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇමතීමට බීබීසීය දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
ඕස්ට්‍රේලියානු වෙරළ ආසන්නයේ ක්‍රිස්මස් දුපත අසලදී අනතුරට ලක්වූ බෝට්ටුවක පැමිණි පනහකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුහුදුබත්වී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි එරට බලධාරීන් සැක පහල කරන්නේ. | රැකවරණ ඉල්ලා ශ්‍රී ලංකාවෙන් පැමිණි අය අතරින් දහසකට අධික පිරිසක් යළි කොළඹට සතියකට පෙරදීද මේ ආකාරයෙන් සිදුවූ අනතුරකින් තවත් ශ්‍රී ලාංකිකයින් පනස් දෙනෙකුගේ ජීවිත අහිමි විය. අපේක්ෂා නොකළ අන්දමින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු දහස් ගණනක් විදේශිකයින් ඔස්ට්‍රේලියාව වෙත ගලා ඒම තුල එරට බලධාරීන් මේ අන්දමින් නීති විරෝධී ලෙස පැමිණෙන විදේශිකයින් පිළිබඳ දක්වන ප්‍රතිචාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම ඔස්ට්‍රේලියාවේ සංවිධාන ගණනාවක විවේචනයට ලක්වී ඇත. රැකවරණ සඳහා පැමිණෙන විදේශිකයන් අතරින් බහුතරයක් හැකි ඉක්මනින් පෙරලා යැවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව, පෙරලා ශ්‍රී ලංකාවට යැවුණු පිරිස එක්දහස් දෙසියයකට වැඩි බවයි ගණන් බලා තිබෙන්නේ. අසාධාරණ අධි පරීක්ෂා වැඩ පිළිවෙල මෙම යුහුසුළු පෙරලා යැවීමේ ක්‍රියා දාමය සඳහා යොදා ගැනෙන අධි පරීක්ෂා වැඩ පිළිවෙල අතිශයෙන් අසාධාරණ බව පවසන ඕස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියකු වන ඩේවිඩ් ලේක් පවසන්නේ මෙම අසාධාරණයට දායකවීමට නොහැකි හෙයින් තමා රැකියාවෙන් ඉල්ලා අස්වූ බවයි. බෝට්ටුවෙන් ගොඩ බැස සතියක් ඇතුළත මෙම ක්‍රියාදාමය අවසන් වන බව පවසන ඩේවිඩ් ලේක්, විදෙශිකයාගෙන් එක ප්‍රශ්නයක් පමණක් අසන බවත්, එයට දෙන පිළිතුර මත සියල්ල තීරණය වන බවත් කියා සිටියේය. බලධාරීන් අසන ප්රශ්නය, ඕස්ට්‍රේලියාවට පැමිණීමට හේතුව කුමක්ද යන්නයි. "මම දෙමල ජාතිකයෙක්, ඒ නිසා මට හිරිහැර කරදර වධ හිංසා ලැබෙනවා කියන පිළිතුර ලැබුනොත්, ඒ පුද්ගලයාට රැකවරණ සඳහා ඉල්ලීමේ ඉඩකඩ ලැබෙනවා. පිළිතුරක් නොලැබුනොත් ආපසු හරවා යැවීමයි සිදු වෙන්නේ. දින ගණනක මුහුදු ගමනකින් පසු, බෝට්ටුවෙන් බැහැපු ගමන් විඩාපත්ව සිටින අය මෙහෙම හරස් ප්‍රශ්න වලට ලක් කිරීම අසාධාරණයක්" බවයි ඔහු ප්‍රකාශ කරන්නේ සතියකට විදේශිකයින් දෙසියයක් අගමැතිනි ජුලියා ගිලාර්ඩ්, සතියකට විදේශිකයින් දෙසියයක් පමණ ආපසු යැවීමේ තීරණයකට එළඹ සිටින බවයි ඔහු කියා සිටින්නේ. පෙරලා යැවීමෙන් පසු තමන් වධ හිංසාවට ලක් වූ බවත්, ලිංගික අතවර වලට මෙම පිරිස් ගොදුරුවන බවත් රැකවරණ ලබා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන කියා සිටිති. ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගැනෙන සමහර දෙමළ ජාතිකයින් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් කාර් පවසන්නේ, පසුගිය තුන් වසර තුළ පෙරලා යැවූ ශ්‍රී ලාංකිකයනට එරෙහිව කිසිදු අනතුරක් හෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සාක්ෂි කිසිවක් ලැබී නැති බවයි. |
කොරෝනාවෛරසයේ නව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ෆයිසර් (Pfizer) සහ ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) යන එන්නත් දෙවර්ගය ඉතා ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. නමුත් ඒ සඳහා එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කර තිබිය යුතු බව අවධාරණය කෙරේ. | මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත් දෙවර්ගයේ මාත්‍රා දෙකම ලබා දුන් විට, කෙන්ට් ප්‍රභේදයට එරෙහිව සලසන ආරක්ෂාවට සමාන මට්ටමේ ආරක්ෂාවක් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ද සලසන බවය. කෙසේ නමුත් පළමු මාත්‍රාව ලබා දී සති තුනකට පසුව Pfizer සහ AstraZeneca එන්නත් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව දැක්වූ ඵලදායිතාව 33%ක් පමණි. පළමු මාත්‍රාවෙන් සති තුනකට පසුව කෙන්ට් ප්‍රභේදයට එරෙහිව ඵලදායිතාව 50%ක් බව සනාථ වී තිබුණි. මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන් පවසන්නේ කොවිඩ් 19ට එරෙහි එන්නත් මගින් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණයට පත්වීම අවම කිරීම සඳහා වඩාත් ඵලදායී වී ඇති බවය. Moderna එන්නත ද එක්සත් රාජධානියේ ජනතාවට ලබා දී ඇති නමුත් එය ලබා දී ඇති සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩුය. එබැවින් එම එන්නත මෙම අධ්‍යයනයට ඇතුළත් කර නොමැත. වෙනසට හේතුව? Pfizer එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී දෙසතියකට පසුව වෛරසයේ ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 88%ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇත. ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් දෙසතියකට පසුව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 60%ක සහ කෙන්ට් ප්‍රභේදයට එරෙහිව 66%ක ඵලදායීතාවක් තහවුරු කර තිබේ. ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව කලින් ලබා දීමට හැකිවීම මෙම එන්නත් දෙකෙහි ඵලදායීතාවේ වෙනසට හේතුවක් විය හැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් දත්තයන් ඔස්සේ පෙනී ගොස් ඇත්තේ AstraZeneca එන්නතේ පූර්ණ ඵලදායීතාව කරා ළඟාවීමට සාපේක්ෂව වැඩි කාලයක් ගතවන බවය. ලක්ෂ තුනක් මරුට මේ අතරතුර ඉන්දියාවෙන් වාර්තා වූයේ කොවිඩ් 19 වැළඳී ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇති බවය. නමුත් වසංගතයට ගොදුරු වී ඉන්දියාව පුරා මිය ගිය සියලු දෙනා ලේඛනගත වී නොමැති හෙයින් මෙම නිල සංඛ්‍යාවට අතිශයින් වැඩි පිරිසක් මියගොස් ඇතිබව විශේෂඥයෝ පවසති. ඉන්දියාවෙන් නිල වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ මුළු ප්‍රමාණය මිලියන 26කි. මෙය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. ඉන්දියාවෙන් වාර්තාවූ නිල මරණ සංඛ්‍යාව ද ලෝක ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ගනී. ඊට ඉහළින් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි. මාසයක් ඇතුළත මරණ ලක්ෂයක් මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 100,000 සිදු වී ඇත්තේ මසකටත් අඩු කාලසීමාවක් ඇතුළත ය. ඉන්දියාවේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවත් ඉහළ යා හැකි බවට ඇතැම් විශේෂඥයෝ මත පළ කරති. මෙම මරණ පිළිබඳව ලැබෙන නිල දත්ත වාර්තා පිළිබඳව වෙනස් මත පළවන්නේ බොහෝ මරණ නිවෙස් තුළ සිදු වීමත් ඒ සියල්ල - විශේෂයෙන් ම ඈත පිටිසර පලාත්වල සිදුවන මරණ - ලේඛනගත නොවීමත් හේතුවෙනි. මෝචරි තුළ මෝචරි තුළ පවතින මළ සිරුරු ගණනය කරමින් වඩාත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ අතර එවැනි වාර්තා පාදක කොට ගනිමින් සැකසුණු ඇතැම් ලේඛන පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම ඉන්දියාවේ සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියනයක් පමණ විය හැකි බවය. ඉන්දියාව පුරා සිදුවන එන්නත් වැඩසටහනේ ද එතරම් ප්‍රගතියක් දක්නට නොමැත. |
මියන්මාරයේ අවුං සාන් සූ චී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර එරට පාලනය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ඇය දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය. | බලයෙන් පහ කරනු ලැබූ නායිකාව වන අවුං සාන් සූ චී "යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්" පසුවන බව පෙනෙන්නට තිබුණි. පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඇයට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි. මේ අතරතුර, ඉරිදා (පෙබරවාරි 28) නැවතත් උද්ඝෝෂකයෝ වීදි බැස සිටියහ. හමුදා කුමන්ත්රණයෙන් පසුව පැවති දරුණුතම විරෝධතාව එය වූ අතර 18 දෙනෙක් මිය ගියහ. මෙම මරණ සිදුවූයේ හමුදාව සහ පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙනි. නමුත් එම ප්‍රතිචාරයෙන් පසුබට නොවූ උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබූ ආණ්ඩුව යළි පිහිටුවා අවුං සාන් සූ චී සහ ඇයගේ දේශපාලන පක්ෂයේ නායකයන් නිදහස් කළ යුතු බවය. පසුගිය නොවැම්බරයේ පැවති මහ මැතිවරණය වංචාකර ඇති බවට චෝදනා එල්ලවී ඇති බැවින් තමන් බලය අත්පත් කරගත් බව මියන්මාරයේ හමුදාව පවසයි. එම මැතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව අවුං සාන් සූ චී ගේ NLD පක්ෂය (ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගය) විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි. එකී චෝදනා සඳහා සාක්ෂි ඉදිරිපත් කර නොමැති නමුත් මැතිවරණ කොමිසම ප්‍රතිස්ථාපනය කෙරුණු අතර වසරකින් නව මැතිවරණයක් ලබාදෙන බවට හමුදාව ප්‍රතිඥා දී ඇත. අවුං සාන් සූ චී හිටියේ කොහේද? පෙබරවාරි පළමුවැනිදා හමුදා කුමන්ත්‍රණය සිදු වීමෙන් අනතුරුව අද දක්වා, 75 හැවිරිදි අවුං සාන් සූ චී ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඇය අද (මාර්තු 01) අගනුවර අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ ය. පසුගිය මාසය පුරා ඇය රඳවාගෙන සිටි ස්ථානය තවමත් පැහැදිලි නැත. නමුත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ අගනුවර පිහිටි ඇයගේ නිවස තුළ ඇය රඳවා සිටි අතර පසුව වෙනත් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය. මූලිකව ඇයට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබුණි. නීතිවිරෝධී ලෙස වෝකි ටෝකි යන්ත්‍ර (කුඩා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර) ආනයනය කිරීම සහ මියන්මාරයේ ස්වභාවික ආපදා නීතිය උල්ලංඝනය කිරීම එම චෝදනා ද්විත්වය වේ. අද, සඳුදා තවත් චෝදනා ඊට එක් විය. මැතිවරණ සමයේ දී කොවිඩ් 19 නීති උල්ලංඝනය කිරීමත්, "බිය සහ චකිතය" ඇති කිරීමත් එම නව චෝදනා අතර වේ. කලින් ඉදිරිපත් කර තිබූ මූලික චෝදනා සඳහා වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් පැනවිය හැකිය. අලුතින් ඉදිරිපත් කර ඇති චෝදනා සඳහා පැනවිය හැකි දඬුවම කුමක්දැයි තවමත් පැහැදිලි නැත. නමුත් එම චෝදනා සඳහා වරදකාරිය වුවහොත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරඟ කිරීම ඇයට තහනම් විය හැකිය. මෙම නඩු විභාගය මාර්තු 15 වැනිදාට කල් තැබුණි. බලයෙන් පහ කරනු ලැබ ඇති මියන්මාර ජනාධිපති වින් මයින්ට් ට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයට අනුව චෝදනා ගොනු කර ඇති බව Myanmar Now පුවත් සේවය වාර්තා කර තිබුණි. අවුං සාන් සූ චී ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන ඔහුට පවතින චෝදනාව නම්, ඉහත කී වැරදිවලට අනුබල දීමයි. අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අවුං සාන් සූ චී ගේ ජනප්‍රියත්වය මියන්මාරය තුළ එකවරම ඉහළ ගියේය. නමුත් ඇය කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් තිබූ ජනප්‍රියත්වය තවමත් දුර්වර්ණව පවතින්නේ, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත්වූ බවට පැවසෙන ජන සංහාරය නොදැක්කා සේ සිටි බවට එල්ල වන චෝදනා හේතුවෙනි. දැන් සිදුවන්නේ මොනවාද? රටේ නගර කීපයකම උද්ඝෝෂණ දියත්වී ඇත. AFP පුවත් සේවය වාර්තා කර තිබුණේ වෙඩි ප්‍රහාරයක් එල්ල වෙද්දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසක් පලා යන ආකාරය දුටු බවය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජීව උණ්ඩ යොදා ගනිමින් ද? නැතහොත් රබර් උණ්ඩ යොදා ගනිමින්ද? යන්න තවමත් පැහැදිලි නැත. එම පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබුණේ, යැන්ගොන් නගරයේ මාර්ග බාධක ඇතිකිරීම සඳහා උද්ඝෝෂකයන් විසින් උනබට, ගස් කඳන් වැනි දෑ යොදා ගනු ලැබ තිබූ බවය. වීදිබට ජනතාවට එරෙහිව කඳුළු ගෑස් එල්ලකරනු ලබන ආකාරය දැක්වෙන ඡායාරූප ද පළ කර තිබුණි. පසුගිය මාසයේ ඇරඹි විරෝධතා හේතුවෙන් මේ දක්වා අවම වශයෙන් 21 දෙනෙකුවත් මිය ගොස් ඇත. මෙහි සංදර්භය කුමක් ද? ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ් පෙබරවාරි පළමුවැනිදා මියන්මාරයේ පාලන බලය හමුදාව අත්පත් කර ගත්තේය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. රටේ සියලු බලතල ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ් ට පවරන ලදී. දින කීපයකට පසුව, ජනතා විරෝධයක් මතු වන්නට විය. හමුදා කුමන්ත්‍රණයට විරෝධය පෑමක් වශයෙන් රටේ වෘත්තිකයෝ සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කළහ. ජන රැල්ල කඩිනමින් ශක්තිමත් වන්නට පටන් ගත්තේය. දහස් ගණනින් ජනතාව වීදි බසින්නට වැඩි දවසක් ගත නොවීය. මෑතක දියත් වූ විරෝධතාවලදී පොලිසිය සහ ජනතාව අතර ගැටුම් උත්සන්න විය. සති අන්තයේ පැවති විරෝධතා වලදී යටත් පිරිසෙයින් 18 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වුහ. මියන්මාරය ලුහුඬින්: |
එක්සත් ජාතික පක්ෂය (එජාප) හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. | "ඒක බොරු කථාවක්" කෙසේ නමුත් ඉතා ඉක්මනින්ම තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවයි, අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරවාරයේ අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකදී කියා සිටියේ. සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නොපැකිලව පිළිතුරු දෙමින් සුහදව කටයුතු කරන එජාප මහ ලේකම්වරයා මෙසේ ඔවුන්ගේ ප්‍රශ්නවලින් මඟහැර යාම අසාමාන්‍ය තත්වයක් බව මාධ්‍යවේදීහු පවසති. අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එයට විරුද්ධව ඡන්දය දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අත්තනායක මන්ත්‍රීවරයා සහ තවත් එජාප මන්ත්‍රීවරියක ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට වාර්තා පළවෙමින් තිබිණ. |
අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි අධිකරණය රැකීමේ එකමුතුව ඉල්ලා සිටියි. | දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි දෝෂාභියෝගය එරෙහි නීතිවේදීහු ඉල්ලා සිටිති දෝෂාභියෝග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා තුරු "දුෂ්ට ක්‍රියාවලියට" එරෙහි සටන පෙරට ගෙන යා යුතු බවයි, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්ව සිටියවුන් අමතමින් කියා සිටියේ. දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීම සඳහා අග්‍ර විනිශ්චයකාරවරිය පිටත්ව ගිය අවස්ථාවේ උපරිමාධිකරණ සංකීරණයට රැස්ව සිටි සිය ගණනක් නීතිවේදීහු එයට එරෙහිව විරෝධාතාවයක යෙදී සිටියහ. අගවිනිසුරුවරියට "ජයවේවා," යි ප්‍රීති ඝෝෂා නැගූ ඔවුහු, "දෝෂාභියෝගය භංගවේවා," යි ද ඝෝෂා කළහ. 'දුෂ්ට ක්‍රියාවලියක්' 'පූර්ව නිගමනයකට එළඹිලා' "මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා" ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී අදහස් දැක්වූ ප්‍රජාතත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ දෝෂාභියෝගයේ එකම අරමුණ අධිකරණය විසින් රජයට එරෙහිව ලබා දෙන තීන්දුවලට "පාඩමක් ඉගැන්වීම" සඳහා බවයි. "මේක පලි ගැනීමේ දුෂ්ට ක්‍රියාවලියක්," ඔහු පැවසීය. දෝෂාභියෝග යෝජනාව විභාගයට නොගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නිර්දේශයද නොතකා හරිමින් පාර්ලිමේන්තු තේරීම් කමිටුව අග විනිසුරුවරිය පාර්ලිමේන්තුවට කැඳවීම ෆ්‍රී මාච් නීතිවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ගුණරත්න වන්නිනායක කියා සිටියේය. මේ අතර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමස්ත ක්‍රියාදාමය විග්රහ කළේ ආණ්ඩුව විසින් අග විනිසුරුවරිය සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹි, එය සාධාරණීකරණය කිරීම සඳහා ක්‍රියාවට නගන්නක් ලෙසින්. සිකුරාදා රැස්වූ තේරීම් කාරක සභාව අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් මූලික කරුණු විමසීමක් කොට ඉන් අනතුරුව විභාගය දෙසැම්බර් 04 වැනි දින දක්වා කල් තබා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය. "මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා," ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි බීබීසී අඩවි මෙය සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවියක් නොවිය හැකිය |
ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි. | නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි. ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදයෙකුගේ කඩවුණු පොරොන්දුව සමග යාපනයේ චිත්‍රපටි නිමවන ඔහු කේසවරාජන් නවරත්නම් ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් සිනමා සිත්තම සිය නිර්මාණයක් බවයි ඔහු පවසන්නේ. 'කොටි චිත්‍රපටයක්' ලෙසින් දකුණේ සමාජය එය බැහැර කළත් ඒ විසංවාදය නොතකා ඔහු තවමත් නිර්මාණකරණයේ යෙදී සිටියි. යුද්ධයෙන් පසු තරුණ වැන්දඹුවගේ ජීවන ඛේදවාචකය පනෛමරකාඩු (තල්වනය ) සමගින් කේසව මේ වන විට කාර්යබහුල වී සිටියි. ඒ බිඳී ගිය සිය එක් අතක්ද සමගිනි. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී නිර්මාණකරණයේ යෙදුනු කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරමින් සිටියි. මේ ඔහු අප සමග කළ සංවාදයකි. එල්ටීටීඊ යට හදපු චිත්‍රපටි දැන් හදන්නෙ කාටද? කේසව: මම චිත්‍රපටි හැදුවෙ මගේ මිනිස්සුන්ට. එල්ටීටීඊ ය එක්ක චිත්‍රපටි හදන්න ඉස්සර මම චිත්‍රපටි කළා. ලංකා දෙමළ සිනමාව කියලා තමයි ඉස්සර කීවෙ. 1986 හා 1987දී මම මගේ පළමු හා දෙවැනි චිත්‍රපටි කළා. ඊට පස්සෙ අපේ නිර්මාණ වෙනුවෙන් එල්ටීටීඊ ය උදව් කළා. මම ඒව කළේ අපේ මිනිසුන් වෙනුවෙන්. චිත්‍රපටියකින් මිනිසුන්ට කළ හැකි සේවය මොකක් කියලද කේසව හිතන්නෙ? කේසව: ගොඩක් දේවල් කරන්න පුළුවන්. චිත්‍රපටියකට පුළුවන් ගොඩක් දේ 'චේන්ජ්' කරන්න. හොඳ 'අයිඩියාස්' නිර්මාණය කරන්න. ප්‍රශ්න ගැන අලුතින් හිතා ඒවට උත්තර හොයන්න චිත්‍රපටියකින් පුළුවන්. Through that we can make a good society. And solve the problems. චිත්‍රපටියකට දේශපාලනයක් තියෙන්න පුළුවන්ද? කේසව: දරුවෙකු උරා කිරි බොන්න පටන් ගන්න තැනින් දේශපාලනය පටන් ගන්නෙ. You can understand what I say. අඬනකොට තියෙන්නෙ දේශපාලනය. මිනිසුන්ගෙ ප්‍රශ්න ඇතුළෙ තියෙන්නෙ දේශපාලනය. ඒ නිසා දේශපාලනය නොකර බැහැ. සිංහල හා දෙමළ ජාතිවාදය කියන දෙකටම මම විරුද්ධයි. මම කතා කරන්නේ පොඩි මිනිසුන් ගැන. ඒක ප්‍රභාකරනුත් පිළිගත්තා. එල්ටීටීඊ යේ යුගය දැන් ඉවරයි. චිත්‍රපටි කරන්න දැන් තිබෙන අර්බුදය එය නැති වීමද? කේසව: මම ඒක කියන්නම්. එල්ටීටීඊ එක තියෙද්දිත් මේ ප්‍රශ්න තිබුණා. නමුත් මම චිත්‍රපටි කළේ මිනිසුන් වෙනුවෙන්. මම හා මගේ මිනිසුන් මුහුණ දුන් ප්‍රශ්න ඉස්සර තිබුණට වඩා දැන් වැඩියි. පොඩ්ඩක් 'සයිලන්ස්' වගේ පේනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපට අයිතිය තිබෙනවා. චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු නැති ප්‍රශ්නයද ඔය කියන්නෙ? කේසව: චිත්‍රපටියට නිෂ්පාදකවරයෙක් ඉන්නවා. එයා කියන්නෙ චිත්‍රපටිය ඉවර කරන්න, මම දෙන්නම් සල්ලි ටික කියා. මේ යුද්ධෙන් මගේ යාලුවො හුඟක් නැති වුණා. දැන් මම හොයා ගත් අලුත් යාලුවො, ඔවුන් මම හිටි මේ සමාජයේම හොටපු අය. ඔවුන් හැම අතින්ම මට උදව් කරනවා නිෂ්පාදකවරයෙකුන් විය යුතු හැමදේම ගැන හිතමින්. ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී චිත්‍රපටි කළ කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරයි යුද්ධය ආදීනව මේ වෙද්දි ශ්‍රී ලංකාවේ හැදුණ චිත්‍රපටි ගැන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු හැටියට තියෙන අත්දැකීම? කේසව: හොඳ චිත්‍රපටි තිබෙනවා. අපිට වඩා හොඳට 'ෆිල්ම්ස්' කරපු අය අපි දකිනවා. ඒ වාගේම මම දැකලා තියෙනවා බොරු දේවල් කියනවා දෙමළ මිනිස්සු ගැන. උදාහරණ විදිහට 'මාතා' චිත්‍රපටිය. ඒකෙ වෙනවා වගේ දේවල් අනිත් පාර්ශවලින් අපිටත් වෙලා තිබෙනවා. ඒවා කරලා සාමය හදන්න බැහැ. ඒකෙන් සමහරු සතුටු වෙයි. ඒත් අපි මනුෂ්‍යකම ගැන කතා කරන්න ඕනෙ. ඇත්ත කතා කරන්න ඕනෙ. ඒක කරන්න කලින් ඒ ගැන දැනගෙන ඉන්න ඕන. අපි දින්නා, අපි වීරයො කියල හිතාගෙන දේවල් කරන්නෙපා. දෙමළ මිනිස්සු දන්නවා, සිංහල මිනිස්සු දන්නවා මොකක්ද වුනේ කියල. දෙමළ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නවලට සිංහල මිනිස්සුත් මුහුණ දෙනවා. සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන දෙමළ මිනිස්සු දන්නවා. දේශපාලන ඉතිහාසය ගැන බොරු කියලා මේ රට දෙකට කඩන්න එපා. තාම ලංකාව දෙකඩ වෙලා තියෙන්නෙ. එකට නෑ. යුද්ධය ඉවර වුණාට ලංකාව එකට නෑ. මැයි 19 වැනිදා යුද්ධෙ ඉවර වෙලා අපි අඬනවා. එහෙ හිනා වෙනවා. අපිට අඬන්නවත් ඉඩ දෙන්නෙ නෑ. දෙකඩ කරලා මේක. මාධ්‍යවේදීන්, දේශපලඥයින් මේ සියල්ල ගැන සිතිය යුතුයි. සිනමාවෙන් ඒ රට එකතු කරන්න කේසව ලෑස්තියි? කේසව: ඔව්. ඒක දේශපාලඥයින්ට කරන්න බෑ. ඒ අය කරන්නේ හම්බ කරන එක. කුඩු, එතනෝල් බිස්නස් කරලා තියෙනවා. බාර් ලයිසන් අරන් තියෙනවා. යුද්ධෙ නැතිව මිනිස්සු මරලා තියෙනවා. ඒ යුද්ධයක් නැතිව. එල්ටීටීඊ ය නැතිව චිත්‍රපටි කරන එක දැන් අමාරුද? කේසව: මම එල්ටීටීඊ ය එක්ක 'ෆ්‍රීලාන්සර්' විදිහට ගනුදෙනු කළේ. මම කළ හැමදේම කළේ මගේ හිතට එකඟව. මේ ආණ්ඩුවෙන් මට 'ස්පොන්සර්' කරනවා නම් දිගටම මම චිත්‍රපටි කරන්න ලෑස්තියි. ජනවාරි 08ට කලින් අපිට කැමරා අරගෙන පාරට බහින්න බැහැ. 'ඉන්කවයිර්යි' කෙරෙනවා. දැන් එව්වා නෑ. ඒක මේ රටේ හොඳ 'සයින්' එකක් විදිහට මම කල්පනා කරනවා. මේකයි වෙලාව රටේ සාමය හදන්න. මේ වගේ වෙලාවක් නැවත අපිට ලැබෙන්නෙ නෑ. අලුතෙන් හදන චිත්‍රපටිය යාපනයටද හදන්නෙ? ලංකාවටද? කේසව: ලංකාවට. මම කියන්නෙ අපි කරන්න ඕන දෙයක් තිබෙනවා අපේ මිනිසුන්ට. මම කියන්නේ මේකයි. නිකන් ආණ්ඩුවට ඇඟිලි දික් කරන්නෙපා. අපි අපේ මිනිසුන්ට කරන්න ඕන දේ ගොඩක් තියෙනවා. කරන්න ඕන වගේම කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා. ඒ ගැන කතා කරන්න මෙහෙ දේශපාලඥයින් කැමති නෑ. මෙහෙ තරුණ වැන්දඹුවන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අපිට තියෙන 'ඇජෙන්ඩා' මොනවද? අධ්‍යාපනය ගැන තියෙන වැඩපිළිවෙළ මොනවාද? යුද්ධය තියෙද්දි අපිට ඇඬුණා. හැමදාම අපේ අය මැරුණා. අපේ අය තුවාල වුණා. ඒත් 'ස්ට්‍රක්චර්' එකක් තිබුණා. බහුතරයක් ඉන්න වැන්දඹුවන්ට මොනාද වෙන්නෙ? එයාලගෙ ළමයින්ට මොකද වෙන්නෙ? කවුද උත්තර දෙන්නෙ? තීන්දුව කවුද දෙන්නෙ? තීන්දුව ගන්න ඕන අපිමයි. චිත්‍රපටි කර ඉන්නවට වඩා විදේශගත වෙන එක හොඳයි කියලා හිතුනෙ නැද්ද? කේසව: නෑ එහෙම හිතුණෙ නෑ. මොකද මම මේ ඇති වුණ යුද්ධෙට වග කිව යුත්තෙක් කියලා මගේ හැඟීමක් තිබුණා. මේකෙන් වුණ දුකට, හානියට මමත් කොටස්කාරයෙක් කියලා හැඟීමක් තිබුණා. දකුණේ තරුණ හමුදා සෙබළුන්ගේ අම්මලත් මෙහෙ අම්මලා වගේම අඬනවා. ඉහළ තනතුරු දරපු අයයි, දේශපාලඥයිනුයි දන්නවා මොකද වුණේ කියලා. අපි දන්නේ නැහැ. කවුරුත් කතා කරන්නේ නැහැ. ඉදිරි චිත්‍රපටිත් දේශපාලනය තේමා කර ගත් ඒවා වෙයිද? කේසව: නෑ. 'කරන්ට් අෆයාර්ස්' තෝරා ගන්නෙ. මෙහෙ හැමදේකටම හේතුව යුද්ධය. යාපනය දැන් දියුණුයි කියන්න හේතුවත් යුද්ධයයි. මට අවි ආයුධ ගැන විශ්වාසයක් නැහැ. මම වෙඩි තියලා නැහැ. කාටවත්. ලස්සන ලංකාවක් හදන්න උත්සාහ කරන වෙලාවෙ කලාකාරයො, දේශපාලඥයො, මාධ්‍යවේදීන් මේකට එකතු විය යුතුයි. මම ලංකාවෙ පළවැනි ඩිජිටල් සිනමාකරුවා කියන එක තවමත් සමහරු විශ්වාස නොකරන්නෙ සමහරවිට එවැන්නන් හිතන්න ඇති වවුනියාවෙන් එහා ලංකාවක් නැතුව ඇති කියා. |
සෙනසුරාදා රාත්‍රියේ සිය නිවසට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් චෝදනාවක් රහිතව තමන් අත්අඩංගුවට ගෙන නිවසේදී සහ පොලිස් රථයේදී දිගින් දිගටම පහර දුන් බව මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පවසයි. | "මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්." සිය නිවසේ තාවකාලිකව නැවතී සිටි මිතුරකුට වෙළෙඳසැලක් අසලදී පහර දී ඇති ඉහත කී පොලිස් නිලධාරීන් අනතුරුව ඔහු සමඟ තම නිවස වෙත පැමිණ මත් කුඩු තිබේදැයි ප්‍රශ්න කරමින් නිවස සෝදිසි කළ බවත් 'ලංකා නිවුස් වෙබ්' වෙබ් අඩවියේ මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල බීබීසී සංදේශයට පැවසීය. "ඒ වෙලාවෙත් ඔවුන් මගේ මිතුරාට පහර දෙමින් සිටියා." සිය මිතුරාට පහරදීමට පොලිසියට හැකියාවක් නොමැති බව පවසමින් තමන් එහිදී විරෝධය පළ කළ බවත් මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පැවසීය. "ඊට පස්සේ ඔවුන් කිව්වා අපි සියලු දෙනාම පොලිසියට අරන් යනවා කියලා. මම ඇහුවා එහෙම කොහොමද මිනිස්සුන්ව පොලිසියට අරන් යන්නේ කියලා." 'ගංජා, කුඩු' එවිට ගිනි අවියක් පිටතට ගත් එක් නිලධාරියකු බිත්තියට හේත්තු කොට තමාට පහර දුන් බව ඔහු පවසයි. ඉන් අනතුරුව පොලිස් රථය වෙත තමා රැගෙන ගිය බවත් තමා මාධ්‍යවේදියකු බව කියා සිටි අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැණ වැදී තමාට නැවතත් පහර දුන් බව ඔහු කියා සිටියේය. "මම ඇහුවා ඇයි මාව ගෙනියන්නේ කියලා. එතකොට කිව්වා උඹලා ගාව නැති වුනාට අපි ගාව ගංජා, කුඩු ඕන තරම් තියනවා. අතින් දාලා හරි හිරේ යවනවා කියලා තමයි ගෙනිච්චේ." අනතුරුව සිය නීතිඥවරයා පොලිසියට පැමිණි බවත් ඉන් අනතුරුව පහරදීම සම්බන්ධයෙන් නඩු මගට නොයා සමාදාන වීමට එකඟත්වය පළකරමින් පොලිසිය තමා නිදහස් කළ බවත් ලංකා නිවුස් වෙබ් අඩවියේ දේශපාලන කටයුතු සංස්කාරකවරයා සංදේශයට පැවසීය. පහර දීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කරන බවයි ඔහු පවසන්නේ. 'පොලිස් ප්‍රහාර' "මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්." "මට සිදු වූ දේ තනි සිද්ධියක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට හඬ නැගීමට නොහැකි වීම හෝ නීතිය නොදන්නා කම නිසා මෙවැනි දේවල් දිනපතා සිද්ධ වෙනවා." මේ පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇමතීමට සංදේශය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. |
විධායක ජනාධිපති පදවියේ බලතල කප්පාදු කරමින් අගමැති පදවියට වැඩි බලතල පැවරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. | විධායක ජනාධිපති සහ අගමැති පදවිවලට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් පාලක සන්ධානයේ මතභේද නව සංශෝධන අනුව වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වන අතර, විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කෙරුණු ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථාදායක සභාව යළි ස්ථාපිත කිරීමටද 19 වැනි සංශෝධනයෙන් යෝජනා කෙරේ. ව්‍යවස්ථාදායක සභාවට අමතරව විශේෂ රාජ්‍ය මණ්ඩලයක් (Council of State) පිහිටුවීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවත් පසුව එය සංශෝධිත කෙටුම්පතෙන් ඉවත්කොට ඇති බවත් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමාවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 කට සීමාවිය යුතු බවත් සංශෝධනයට ඇතුලත්. වීධායක ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා වන අතර, ආණ්ඩුවේ නායකත්වය හොබවන්නේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද යන්න සම්බන්ධයෙන් පාලක සන්ධානයේ දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන තිබේ. |
ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහල මට්ටමක් සහිත, දියුණු, ශිෂ්ඨාචාරවත් රටක් බවට පත්කිරීමට නම් කලාව හා සංස්කෘතිය වෙනුවෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රවීන කලාකරුවන් පිරිසක් පෙන්වා දෙති. | ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රටක දියුණුව සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ. සමාජය සහ ජීවිතය සම්බන්ධයෙන් කලාව ලබා දෙන දැනීම, වෙනත් කිසීම මාර්ගයකින් ලබාගත හැක්කක් නොවන බවත් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. "අපිව මනුස්සයෝ කරන එක ක්‍රමයක් තමයි කලාව. අපි කලාව රසවින්දන බවට කියන නමුත්, ඊට පිටිපස්සේ කලාව හා මනෝභාවයන්ට සම්බන්ධයක් තිබෙනවා," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) "ඊට අමතරව කලාව තුලින් අපිට විද්‍යාත්මක සමාජය ගැන දැනගන්න පුළුවන්. අපි දන්නා විශේෂ කලාවන් ගණනාවක් තිබෙනවා, ඒ කලාව හරහා ජීවිතය එක මිටට හසු කර ගෙන, සාකල්‍යවාදී දැනීමක් ලබාගන්න පුළුවන්. කලාවෙන් ගොඩනැඟුණ දැනීම අනාදේශීයයි. ඒක ආදේශ කරන්න බැහැ." 'කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක්' ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ කාර්යයේ නිරතව සිටිති. එම ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ අධ්‍යයන චාරිකාවක් සඳහායි ආචාර්ය විජේසිරිවර්ධන පසුගියදා බ්‍රිතාන්‍යයට පැමිණ සිටියේ. සිය සංචාරය අතරවාරයේ ඔහු සංදේශය මැදිරියට පැමිණි ඔහු 'පුරවැසි ක්‍රියාදාමයක්' ලෙසින් දියත්ව තිබෙන සිය ප්රයත්නය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය. "මා සමග කලාකරුවෝ, විද්වත් කලාකරුවෝ ඇතුළු එම අංශයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් වැඩ කරමින් සිටිනවා. මේ අපි කරන ක්‍රියාදාමය සපුරන්න අඩුම වශයෙන් තව වසර අවුරුදු දෙකක් වත් ඕන වෙනවා. මේ මගින් අපේ සමාජය හා කලාව අතර තිබෙන සම්බන්ධය පරික්ෂා කරනවා," ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. සමාජයකට කලාව අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව කලාකරුවන් සහ රසිකයන් අතර සංවාදයක් දියත් කිරීම කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය ඒකකයේ උත්සාහයයි. (සංදේශයට සවන්දෙන්න) 'සංස්කෘතික පුනරුදයක්' "මේකෙන් අපේ මුලික අරමුණු වන්නේ සංස්කෘතික පුනරුදයක් ගොඩනැගීම. ඒ ක්රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ප්‍රතිපත්ති නිර්දේශ මාලාවක් අවශ්‍ය වන්නේ. එහෙම ක්‍රියාදාමයක් ගොඩනැගුණොත් ඒක බල ගන්වන්න පුළුවන්. නැත්නම් ඒක කොලයකට විතරක් සීමාවේවි." වෘත්තීය තුළ සදාචාර පදනම් බිඳවැටීම ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණයක් වී ඇති බවත් ප්‍රවීන කලාකරුවා පවසයි. "1950 ගණන්වල ආසියානු කලාපයේ අනෙකුත් රටවල් එක්ක බැලුවා නම්, ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් දියුණු, සියලු සම්පත්වලින් පිරිච්ච රටක් විදිහට ඉතා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ජාත්‍යන්තරයට තිබුණා. දැන් බැලුවාම හැම ක්ෂේත්රයකම අපි ලොකු අර්බුදයක ඉන්නේ." මේ අර්බුදයෙන් ගොඩ එනු පිණිස අධ්‍යාපනය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා මෙන්ම කලාව වෙනුවෙන්ද 'කොලයකට සීමා නොවුණු' ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි. එම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන: "අපේ ගුරුවරු ඇත්තටම ගුරුවරු ද, අපේ වෛද්‍යවරු ඇත්තටම වෛද්‍යවරුද අපේ මාධ්‍ය කරුවන් ඇත්තටම මාධ්‍ය කරුවන් ද? එහෙම බැලුවාම පේනවා මේ වෘත්තීය තුළ සදාචාර පදනම් ගැලවිලා ගිහිල්ලා. ඔන්න ඒක තමයි ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණය." |
බූරුවෙකුගේ සිරුරේ කළු පැහැති ඉරි ඇඳීමෙන් එම සතා සීබ්රා කෙනෙකු ලෙස පෙන්වීමට උත්සාහ කළ බවට එල්ලවන චෝදනා ඊජිප්තුවේ සත්වෝද්‍යානයක් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම සතාගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ. | මේ පාට කළ බූරුවෙක් බව සත්වෝද්‍යාන බලධාරීන් පිළිගන්නේ නැත කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ කළ සංචාරයක් අතරවාරයේ මහ්මුද් සර්හාන් නම් ශිෂ්‍යයා මෙම සතා සමග ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇත. ප්‍රමාණයෙන් කුඩා මෙම සතාට උල් කන් යුවළක් හිමි අතර, මුහුණේ බොඳ වුණ කළු පැල්ලම් ද දැකිය හැකිය. මෙම ඡායාරූපය සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් බෙදා හැරීමත් සමග 'සීබ්‍රාවෙකු වූ බූරුවා' පිළිබඳ විශේෂඥයන්ගේ අවධානය යොමු විය. සීබ්‍රාවෙකුගේ සිරුරේ ඇති තීරු වඩාත් ස්ථාවර හා සමාන්තරව පිහිටා තිබිය යුතු බව පශුවෛද්‍යවරයෙකු උපුටා දක්වමින් එරට ප්රවෘත්ති සේවයක් වන එක්ස්ට්‍රා නිව්ස් ටීවී (Extranews.tv) පැවසුවේය. එම කූඩුව තුළ සිටි සතුන් දෙදෙනාම වර්ණ ගන්වා තිබූ බව මහ්මුද් සර්හාන් Extranews.tv වෙත පැවසීය. සීබ්‍රාවෙකුට කළු පැහැති හොම්බක් හිමි අතර, සිරුරේ සමාන්තරව පිහිටා ඇති තීරු දැකිය හැකිය එහෙත් එරට ගුවන් විදුලි නාලිකාවක් වන නෝගම් එෆ්එම් (Nogoum FM) කළ විමසුමකදී සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක මොහමඩ් සුල්තාන් පැවසුවේ මේ සතුන් වර්ණ ගන්වා නොමැති බවය. සත්වෝද්‍යාන සිය නරඹන්නන් රැවටීමට උත්සාහ කරන පළමු අවස්ථාව මෙය නොවන බවට ද චෝදනා එල්ල වෙමින් පවතී. 2009 දී ගාසාහි සත්වෝද්‍යානයක් බූරුවන් දෙදෙනෙකු සීබ්රා ලෙස පෙනෙන ලෙස වර්ණ ගන්වා තිබේ. තවත් ගාසාහි සත්වෝද්‍යානයක සතුන් හිඟ වීම හේතුවෙන් 2012 වර්ෂයේදී පුළුන් පුරවන ලද සතුන් ප්‍රදර්ශනය කරන ලදී. 2013 දී චීන සත්වෝද්‍යානයක් ටිබෙටියන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු අප්‍රිකානු සිංහයෙකු ලෙස පෙන්වීමට උත්සහ කර තිබෙන අතර, 2017 දී චීනයේ Guangxi පළාතේ පිහිටි සත්වෝද්‍යානයක වායු පිරවූ ප්ලාස්ටික් පෙන්ගුවින් ප්‍රදර්ශනය තිබේ. සති කිහිපයකට පසුව Guangxi පළාතේ තවත් සත්ත්වෝද්‍යානයක ප්ලාස්ටික් සමනළයන් ප්‍රදර්ශනය කිරීම නිසා බොහෝ විවේචන එල්ල වී ඇත. මේ තොරතුරුද කියවන්න: |
ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත. | මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි. "මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි. සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ. මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය. රත්රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ. මේ තොරතුරුද කියවන්න: සංගීතයෙන් සහ පැමිණ සිටි පිරිසෙන් නැගෙන ඝෝෂාවෙන් දරුවා ආරක්ෂා කිරීමට ඇයගේ කන් ආවරණය කර තිබෙනු දක්නට ලැබිණි. "වේදිකාවේ ඇවිදින අතරතුර දරුවාට කිරි දීම අම්මා කෙනෙක් විදියට මගේ කතාවයි," මාරා මාටින් පසුව සටහන් කර තිබුණි. ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩ යවා තිබෙනු දක්නට ඇත. "මෙය ඉතාමත් ප්‍රබෝධමත් ක්‍රියාවක්!!!!! මම ඉතා කැමතියි මෙයට!!!!," එක් පණිවිඩයක සඳහන් විය. "ඔව්!!!!! මේ වගේ එඩිතර වීම ගැන සහ මව් කිරි දීම සාමාන්‍යය දෙයක් බවට පත්කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා!! මෙයින් මා ඉතා සතුටට පත්වෙනවා" යැයි තවත් පණිවිඩයක සටහන් වී තිබුණි. නමුත් මෙයට සියලුදෙනාගේම කැමැත්ත හිමි වූයේ නැත. "ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? මම සිතන්නේ ඔබට අවධානය අවශ්‍ය වෙලා වගේ" යැයි එක් පුද්ගලයෙකු සටහන් කර තිබුණි. තවත් තොරතුරු: |
සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. | ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට එවැනි ස්ථාන හඳුනා ගැනීම පවා දුෂ්කර බවත් පෙන්වා දෙයි. "ඒ නිසා අපි ඇත්තටම තමන්ගේ මියගිය ඥාතීන්ට ගරු කිරීමේ ඥාතීන්ගේ අයිතිය උල්ලංඝනය කරමින් ඉන්නවා," යනුවෙන් ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමිය අසල ස්මාරකය අබියස පැවති සුනාමි අනුස්මරණ උත්සවය අතරතුර මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි. "මිහිදන් කළ සමහර ස්ථාන හඳුනා ගන්නත් බැරි තරම්" 2004 දෙසැම්බර් 26 වෙනි දින හටගත් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 40,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමිවිය. එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් 5000 කට අධික පිරිසක් මියගිය බව තක්සේරු කෙරේ. ඒ අතරින් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් සමූහ වශයෙන් මිහිදන් කරනු ලැබ තිබෙන්නේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමියේය. එම සුසාන භූමිය ආසන්නයේ ස්ථිර ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳව දේශපාලන සහ පරිපාලන අධිකාරියට ස්තුතිවන්ත වන බව පවසන සුනාමි ව්‍යසනය අවස්ථාවේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලට දායක වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එතනට මඳක් ඈතින් පිහිටි එම පිරිස මිහිදන් කළ ස්ථානය ආරක්ෂා කරන මෙන් සහ එම ස්ථානයේ ද විශේෂ ස්මාරකයක් ඉදිකරන මෙන් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. සුනාමියෙන් ගාල්ල නගරයට සහ දිස්ත්‍රික්කයට බරපතල හානි සිදු වූ අතර මුළු ගමක්ම විනාශ කරමින් එකම පරම්පරාවකින් පැවත එන 96 දෙනෙකු සුනාමියට හසුව මියයාමේ ඉතා සංවේදී පුවතක් ද ඒ අවස්ථාවේ වාර්තා විය. ගාල්ල කටුගොඩ සීජීආර් වත්ත ප්‍රදේශයේ දිවි ගෙවූ සියලු දෙනාම ඥාතීන් වූ අතර, සුනාමියෙන් දිවි බේරාගැනිමට හැකි වූයේ ගම්වාසීන් අතරින් ඉතා සුලු පිරිසකට පමණි. ධීවර ගමේ තිබූ නිවාස 120ම මුහුදු රළ පෙළ විසින් විනාශ කර දමන ලදි. මුහුද තමන්ට කෙතරම් රුදුරු වුවත් මොහමඩ් සලිත් අදත් මුහුද සමග පොර බදින්නේ එදා වේල සරි කර ගැනීමට එහිදී දිවි බේරාගත් 53 හැවිරිදි මොහමඩ් සලිත් ධීවරයාගේ පවුලේ 18 දෙනෙක් සුනාමියට බිලි විය. "මගේ බිරිඳ, දුව ඇතුළු බිරිඳගේ සහ මගේ පවුලේ 18 දෙනෙක් නැතිවුනා. ඒ වගේම ගමේ ජීවත්වුණ 96 දෙනෙක් තත්පර ගණනකදි ඇස් ඉදිරිපිටම මරු තුරුලට ගියා. මට ඒක මගේ ජිවිතයේ කවදාවත් අමතක කරන්න බැහැ." මුහුද තමන්ට එතරම් රුදුරු වුවත් අදටත් දෙවට මුහුදු තීරයේ තමන් ඇතුළු දිවි බේරාගත් ඥාතින්ට එදා වේල සරි කර ගැනීම පිණිස මා දැල් අදිමින් මුහුද සමග පොර බැදීමට සිදුව තිබෙන බවත් මොහමඩ් සලිත් පැවසීය. මේ අතර දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර ප්‍රධානත්වයෙන් හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වුන ගාල්ල දිස්ත්‍රික් සුනාමි සැමරුමට සර්ව ආගමික නායකයින්, ජාතික අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ඩීඑල්එස් සේනාධීර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් පිරිසක් එක්ව සිටියහ. මගීන් 1500 කට අධික පිරිසකට මරු කැඳවමින් දළ රළ පෙළට කොටු වූ පැරෑලිය තෙල්වත්ත දුම්රිය යළි ධාවනය කොට පෑරැලිය සුනාමි ස්මාරකය අසල දුම්රිය නවත්වා දුම්රියෙන් පැමිණි පිරිසක් ද එක්ව එහිදීත් මියගිය පිරිස් සිහිපත් කෙරුණි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ හටගත් දරුණු භු කම්පනයකින් අනතුරුව මතු වූ සුනාමි රළ පහරින් ලොව පුරා රටවල් ගණනාවක මිනිස් ජීවිත ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අහිමි කෙරිණ. තවත් යොමු: |
අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින අලින් සහ මිනිසුන් පිළිබඳව කලක් මුළුල්ලේම වාර්තා පළ විය. | ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව පශු වෛද්‍යවරු පවසති සිය වාසභූමියත්, ජීවිකාවත්, ආහාරත් රැක ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ වෙසෙන සතුන් සහ මිනිසුන් අතර හට ගෙන තිබෙන තවත් ගැටුමක් පිළිබඳව දැන් ප්‍රබල අවධානය පළ වී තිබේ. ඒ දිවි මිනිස් ගැටුමයි. නොඑසේනම් කොටි මිනිස් ගැටුම. මේ ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොටින් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි, වන සත්ව කටයුතු පිළිබඳ පශු වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. එම තර්ජනය කෙතරම් බරපතලද යත් ජාතික වනෝද්‍යානවල සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථවල වේගය සීමා කිරීම කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ද අවධානය පළ වී තිබේ. ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී මානව ක්‍රියාවන් සහ පාරිසරික හේතූන් නිසා දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි. අලි මිනිස් ගැටුම සහ නීතිවිරෝධී අලි පැටවුන් පිළිබඳව රාජපක්ෂ පරිපාලනය සමයේ ප්‍රබල අවධානය යොමු වී තිබුණි ඔහු ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයායි. තමා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පදවිය හෙබැවූ සමයේ යාල වනෝද්‍යානයේ සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථ සංඛ්‍යාව 80 කට සීමා කොට තිබූ බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට පැවසීය. "දැන් තියනවා 350 කටත් වඩා ජීප් යාල විතරක්," ඔහු පැවසීය. කොටියන්? ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ Leopard හෙවත් දිවියන් විනා කොටියන් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් දෙමළ කැරලිකරුවන් ව්‍යාඝ්‍රයකු සිය සංකේතය බවට පත් කර ගනිමින් 'කොටි සංවිධානය' යටතේ සටන් වැදීම එම විශ්වාසයට පදනම් වූ බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ. කොටි සංවිධානයේ සංකේතය නිසා කොටින් දිවියන් ලෙසින් විග්රහ කිරීමට ශ්‍රී ලංකාව පෙළඹුනාද? ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් පිළිබඳව නිසි සමීක්ෂණයක් පවත්වා නැතත් දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කරයි. කෙසේ නමුත් එය විද්‍යාත්මක නාමය සහ ව්‍යවහාරය අතර ප්‍රශ්නයක් විනා ශ්‍රී ලංකාවේ කොටින් නැති බවයි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ. "කොටියා කියන සතා මෙහෙ නෑ," ඔහු පැවසීය. සන්නිවේදන කුළුණක් පසුගියදා යාල ජාතික වනෝද්‍යානයේදී දිවියකු වාහනයක හැපී මිය යාමත් සමගයි ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන්ගේ ඉරණම ගැන යළිත් අවධානය යොමු වී තිබෙන්නේ. වනාන්තර හෙළි කිරීමත්, ගංවතුර සහ නියඟ වැනි ස්වභාවික ආපදා හේතුවෙනුත් කොටින්ගේ ස්වභාවික දිවි පෙවෙතට දිගින් දිගටම ප්‍රබල අභියෝග එල්ල වෙමින් පවතියි. "කොටි කියන සතාත් ලංකාව පුරාම විසිරිලා හිටිය. දැන් මේ වෙන කොට ගිහිල්ල, ගිහිල්ල ඔය මුළුවලට තමයි කොටු වෙලා ඉන්නේ," පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේය. "උදාහරණයකට ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි." 'හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි' මීට දශක පහකට පමණ ඉහතදී කොටින් හෙවත් දිවියන් වාසය කළ කැලෑබද පළාත් වර්තමානයේ ජනාවාශ බවට පත්ව තිබීම හේතුන් කොටින්ට සිය වාසස්ථානය සහ ආහාර අහ්මිවීම මේ තරජනයට ප්‍රධානම හේතුවක්. "දැන් මිනිස්සු ඉන්න පලාත්වල මුවෝ, ගොන්නු වගේ සත්තුත් නෑ. හිටියොත් ඉන්නේ වල ඌරෙක් විතරයි. ඉතින් මිනිස්සු ඉන්න පලාත්වල ඉන්න කොටි යැපෙන්නේ බල්ලෝ, හරක් වගේ ගෘහාශ්‍රිත සත්තු මත," පශු වෛද්‍ය විජිත පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් වනාන්තරබදව වෙසෙන ජනතාවගේ දිවි පෙවෙතට වඩා ලාංකීය බලධාරීන්ගේ ක්‍රියාකාරකම් දිවියන්ට තර්ජනයක් වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා පවසන්නේ. කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය සමයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් කොට යාල වනෝද්‍යානයේද ආරක්ෂක හමුදාව කඳවුරු බැඳගත් බව පවසන ආනන්ද විජේසූරිය, ඉන් අනතුරුව එහි ඩයලොග් සමාගමේ සන්නිවේදන කුළුණක් ඉදි කිරීමට හමුදාව කටයුතු කිරීම වන සතුන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව සඳහන් කළේය. "යුද්ධෙ ඉවර වුනා, ඒත් සන්නිවේදන කුලුන ගලවාගෙන ගියේ නෑ. දැන් ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ," ඔහු පැවසීය. වනෝද්‍යානය තුල ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබෙන නමුත්, අදාළ කුලුන උපයෝගී කරගමිනින් දිවියන් සිටින ස්ථාන වහාම දැනුම්දීමට හැකියාව තිබීම දිවියන්ගේ ස්වභාවික දිවි පෙවෙතට ප්‍රබල බාධාවක් පමණක් නොව, සතුන් මෙසේ අනතුරුවලට ලක්වීමටද හේතුවක් වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. (හම්බන්තොට සිට ඡායාරූප සහ වැඩි විස්තර ලබා දුන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ට ස්තුතිය) |
රැකියාවක නිරතව සිටින අතරවාරයේ රැකියාව වෙනස් කිරීම හෝ රටින් පිටවයාම සඳහා සිය හාම්පුතාගේ අවසරය අවශ්‍ය බව දැක්වෙන 'කෆාලා' කම්කරුවන්ට අනුග්‍රහය දැක්වීමේ ක්‍රමවේදය නිමා කරන බව කටාරය පවසයි. | 2022 දී පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු කුසලානයට සූදානම් වීම පිණිස ලක්ෂ සංඛ්‍යාත විදේශීය කම්කරුවන් කටාර් රාජ්‍යයට ගෙන්වාගෙන තිබේ විදේශීය කම්කරුවන් අදාළ විධිවිධාන දැනට වඩා නම්‍යශීලී ආකාරයෙන් සහ ඔවුන්ට වඩා ආරක්ෂාවක් සැලසෙන පරිදි පවත්නා ක්‍රමය වෙනස් කිරීම් මෙහි අරමුණ බව කටාර් බලධාරීහු පවසති. එහෙත් නව සංශෝධන මගින්ද පැවති ක්රමයේ ප්‍රබල වෙනසක් වී නැති බවට ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය චෝදනා කරයි. කටාරයේ පවත්නා කම්කරු විධිවිධාන 'නූතන යුගයේ වහල් මෙහෙයක්' බවත් එම සංවිධානය පවසයි. ශ්‍රී ලාංකික කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද කටාරය ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරති 2022 දී පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු කුසලානයට සූදානම් වීම පිණිස ලක්ෂ සංඛ්‍යාත විදේශීය කම්කරුවන් කටාර් රාජ්‍යයට ගෙන්වාගෙන තිබේ. එහෙත් කම්කරුවන්ට සේවයේ යෙදීම සඳහා කටාරයේ පවතින ඉතාමත් අයහපත් පහසුකම් හේතුවෙන් එයින් විශාල පිරිසක් මරුමුවට පත් වී ඇති බවත් මානව හිමිකම් සංවිධාන පවසති. 'කෆාලා' ක්‍රමය වෙනුවට හඳුන්වා දෙන නව නීතිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. කෙසේ නමුත් හාම්පුතාගේ 'අනුග්‍රහය' තවදුරටත් අවශ්‍ය නොවන නමුත් නව නීතිය යටතේත් යළි සිය රට යාම සඳහා සංක්‍රමණික කම්කරුවන් හාම්පුතාගේ අවසරය ලබාගත යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද කටාරය ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරති. |
තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් හිටපු අගවිනිසුරුවරිය යළිත් එම තනතුරෙහි පිහිටුවන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි. | ඔහු මේ බව සඳහන් කරන්නේ සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ යහපාලනයක් උදෙසා ඉදිරිපත් කර ඇති දින සියයේ වැඩසටහන් මාලාවේ යි. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දේශපාලන පලි ගැනීම්වලට ලක් වී ඇති බවත් එම නිසා ඔවුන් දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමට කටයුතු කරන බවයි එහි සඳහන් වෙන්නේ. මීට අමතරව කැසිනෝ ව්‍යාපාර සඳහා දැනට ලබා දී ඇති විශාල බදු සහන ඉවත් කිරීමට කටයුතු කරන බවද පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ. කැසිනෝ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ නමුත් 2010 දී කැසිනෝ ව්‍යාපාරය නීතිගත කරමින් සම්මත කර ගත් පනත පිළිබඳව යමක් පැහැදිලිව මෙහි සඳහන් කර නොමැති බවයි මෙම ප්‍රතිපත්ති මාලාව පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ කියා සිටියේ. ජනතාවට විශාල ආර්ථික සහන ලබා දීමට පොරොන්දු කිහිපයක් සඳහන් කර ඇති මුත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ක්‍රමයක් පිළිබඳව සාර්ථක පැහැදිලි කිරීමක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දක්නට නොමැති බවද ඔහු පැවසුවේය. ‘නමුත් මෙහි සඳහන් වෙනවා ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘතිවල දැවැන්ත දුෂණයක් පවතින නිසා එම සමාගම් සමඟ නැවත සාකච්ඡා කර මිල ගණන් යළි අඩු කර ගත හැකි බව. ඒ වගේම ලංකාව ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර පොලී වාරිකය අඩු කර ගත හැකි බවත් මෙහි සඳහන් කර තිබෙනවා.’ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ පැවසීය. |
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් ගැන සමාජයේ දැනට වැඩි අවධානයක් යොමු විය යුතු බව හදිසි අනතුරක් හේතුවෙන් ආබාධ තත්ත්වයට පත් වූ වෛද්‍යවරියක පවසයි. | ඇය වෛද්‍ය සමිතා සමන්මලීය. මීට වසර 11කට පමණ පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී සිදු වූ අනතුරක් නිසා ආබාධිතයෙකු බවට පත් වන විට ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. කොළඹ ජාතික රෝහලේ මාස පහක් පමණ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයින්ගේ සහ නෑදෑ හිත මිතුරන්ගේ සහයෝගය ඇතිව චීනය සහ සිංගප්පූරුව වැනි රටවලට ගොස් ප්‍රතිකාර ලබා ගත් ඇය අධ්‍යාපන කටයුතු නිමා කිරීමට සමත් වූවාය. නමුත් ඇයට බලාපොරොත්තු නොවූ ආකාරයට තම ජීවිතය "රෝද පුටුවකට" සීමා කිරීමට සිදු විය. "මම දැන් එම සිදු වීම ගැන කතා කරන්න අකමැතියි. මම දැන් මේ ජීවිතයට හුරු වෙලා ඉන්නේ," එසේ ඇය පැවසුවේ තමාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත අනතුර ගැන විමසූ විටය. බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇය පැවසුවේ, "කෙනෙක්ට යම් කරදරයක් සිදු වූ විට එය ගැන පසුතැවෙමින් කල් ගත කිරීමෙන් කිසිදු සාර්ථකත්වයක් ලබා ගන්න බැහැ," යනුවෙනි. "බොහෝ අය කරදරයක් වූ විට එය තමාගේ ඉරණම විදියටයි දකින්නේ. සමහරු ජීවිතය පිළිබඳ ආසාව අත්හැර දමනවා. නමුත් මම කියවලා තියෙනවා ඉරණම සමග සටන් වැද ජීවිතය ජය ගත් අය ගැන. ඒක නිසා මම තීරණය කළා මම මගේ ඉරණමට අභියෝග කළ යුතුයි කියලා." වෛද්‍ය සමන්මලී වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සේවය කරන්නීය. "ආබාධ සහිත පුද්ගලයින් සඳහා අප සමාජයේ තිබෙන්නේ නිශේධනීය (negative) ආකල්පයක්. බොහෝ දෙනෙක් ඒ අය දිහා බලන්නේ පුණ්‍යාධාර සහ අනුකම්පාව අවශ්‍ය අය විදියට." "මෙම තත්ත්වය වෙනස් විය යුතුයි. ඔවුන්ටත් සමාජයේ සාමාන්‍ය පුද්ගලයින් වගේ ජීවත් වීමට නිදහස තිබිය යුතුයි," වෛද්‍ය සමන්මලී පවසන්නීය. වෛද්‍ය සමිතා සමන්මලී ඇය 2017 වසරේදී ඔස්ට්‍රේලියා රජය ලබා දුන් ශිෂ්‍යත්වයක් මගින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ "ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද" පිළිබඳව වැඩිදුර හදාරා තිබේ. "මගේ අරමුණ මෙම ක්ෂේත්රය ගැන තව තවත් ඉගෙන ගන්න. එම නිසා තමයි මම ඔස්ට්‍රේලියාවට ගියේ." වෛද්‍ය සමන්මලී පවසන්නේ තමා ඔස්ට්‍රේලියාවේ සිටින කාලයේ ආබාධ සහිත පුද්ගලයින්ට එම සමාජයේ සලකන ආකාරය දුටු විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටුවක් ඇති වූ බවය. "විශේෂයෙන් ම අපේ සමහර නිලධාරීන් ආබාධ සහිත අය දිහා බලන්නේ ප්‍රශ්නයක් ආකාරයට. ඔවුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි." "සමහරු හිතන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි නේ. ඒ අය එක විසඳා ගනී," යන ආකාරයෙන් බව වෛද්‍ය සමන්මලී කීය. "ආබාධ සහිත අයෙකුට හෝ රෝද පුටුවක් භාවිත කරන අයෙකුට අපේ බොහෝ ආයතනවල ප්‍රවේශ (accessibility) පහසුකම් නැහැ. මේක හරි කනගාටුදායක දෙයක්." මෙම කරුණ ගැන වෙහෙසන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකු වන අජිත් සී පෙරේරා 2009 වසරේදී අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. ඒ අනුව විශේෂයෙන් ම අලුත් රජයේ ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් සැපයීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. නමුත් මෙම කාරණය ඒ ආකාරයට සිදු නොවන බව වෛද්‍ය සමන්මලී පැවසීය. "විශේෂයෙන් ම නව ගොඩනැගිලි හදන විට ඒවා හදන අය එම අධිකරණ තීරණය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. සැලසුම් අනුමත කර ගැනීම විවිධ ක්‍රම භාවිත කරලා කර ගන්නවා." "මම තීරණය කළා මගේ ඉරණමට අභියෝග කරන්න" - වෛද්‍ය සමිතා සමන්මලී ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැගිලි සාදා ඇත් ද යන්න සොයා බැලීමට නිසි නීතිමය බලය සහිත ආයතනයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමත් ගැටලුවක් බව ඇයගේ මතයයි. එසේ ම 2016 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (United Nations Convention on the Rights of Persons with Disabilities) ඇතුළත් විය. මෙය වඩාත් සාර්ථක වීමට මෙම සම්මුතියේ අඩංගු කරුණු අපේ නීති පද්ධතියට අනුගත කිරීම සිදුවිය යුතු බව වෛද්‍ය සමිතා සමන්මලී පවසන්නීය. "මගේ ඒකායන බලාපොරොත්තුව හැකි තරම් ස්වාධීනව ජීවත් වීමයි. එසේ ම උදව් අවශ්‍ය අනෙකුත් අයට හැකි තරම් උදව් කිරීම මගේ බලාපොරොත්තුවයි." "ආබාධ සහිත පුද්ගලයින්ටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට වගේ ම ගරුත්වයක් තිබෙනවා. එයට ගෞරව කිරීමට අපේ සමාජය හුරු වීම වැදගත්," ඇය අවසානයේ පැවසුවාය. කියවන්න: |
මනස ව්‍යාකූලත්වයට පත් වීම හේතුවෙන් විභාග අසමත් වූ දරුවන් සිය දිවි නසා ගැනීමට පෙලඹෙන බව විශේෂඥයෝ පේනවා දෙති. | විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග සිය දිවි නසා ගත් හෝ ගැනීමට තැත් කළ පාසල් දරුවන් පිළිබඳ ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව අසන්ට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ පැවසුවාය. ආචාර්යවරිය එසේ කියා සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් පුස්සැල්ලාව ප්‍රදේශයේ සිසුවියක් සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමත් තවත් හැටන් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවට පළ වූ වාර්තා පිළිබඳ අදහස් දක්වමින්. ‘සිය දිවි නසා ගැනීම් මෙන්ම අපයෝජන සංසිද්ධීන් වාර්තා වෙලා තියනවා. ඒ ලෙවල් විභාගය තුළ ඒ වගේම පුංචි සිඟිත්තෝ පහ වසරේ ශිෂ්‍යත්වය හා ගත්තහම විශේෂයෙන් වාර්තා වන සංසිද්ධියක් තියනවා විභාගයත් එක්ක දරුවන් අපයෝජනයට ලක් වෙනවා. එහෙම නැත්තම් දරුවකුට අපරාධයක් වෙනවා’ ආචාර්ය අනූෂා එදිරිසිංහ සඳහන් කළාය. අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ මෙම තත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රබල ගැටළුවක් වශයෙන් නිර්මාණය වෙමින් තිබෙන බවයි ඇය කියා සිටියේ. 'බලපෑම්' දරුවෙකුගේ මනස ව්‍යාකූලත්වයට පත් වීම සඳහා විවිධ හේතු බලපෑ හැකි බව පවසන ආචාර්ය අනූෂා එදිරිසිංහ ‘සමහරවිට දෙමව්පියන්ගේ බලපෑම වෙන්න පුළුවන්. සමාජයේ බලපෑම නිසා වෙන්න පුළුවන්. සමහර විට පාසල තුළින් එල්ල වන පීඩනයක් වෙන්න පුළුවන්. විවිධ සමාජ, ආර්ථික කාරණා තියෙන්නේ පුළුවන්’ යනුවෙන් සඳහන් කළාය. විශේෂයෙන් අධ්‍යාපන සංස්ථාව තුළ පවතින තරඟකාරී ස්වභාවයත් සමග දරුවන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත් වන බවයි ඇය කියා සිටියේ. ‘දරා ගන්න බැරි විදිහට දරුවට අධ්‍යාපන වැඩ ලැබෙනවා. ඒ වගේම විභාගවලින් දරුවන්ට ප්‍රතිඵල ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තියනවා. ඒ සඳහා දෙමව්පියන්ගේ බල කිරීම් බලපෑම් තියනවා සමහරවිට ’ ආචාර්ය අනූෂා එදිරිසිංහ පැවසුවාය. සිය දරුවා සමග අන්තර් ක්‍රියාකාරීත්වය පැවැත්වීම සඳහා දෙමව්පියන් විසින් දරුවාගේ මානසික ස්වභාවය තේරුම් ගැනීම වැදගත් බවයි ඇය සඳහන් කළේ. 'යාලුවෙක් වගේ' ‘ඉතා සමීප සම්බන්ධතාවයක් දරුවෙක් එක්ක ගෙනිච්චා නම් දරුවෙකුට යාලුවෙක් වගේ, බොහෝ වෙලාවට දරුවෝ ප්‍රශ්නවලට පිළිතුරු විදිහට ජීවිතය නැති කර ගන්නේ නැහැ’ ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියාය. තමා මුහුණ දී ඇති තත්වය පැහැදිලි කිරීමට දරුවන් උත්සාහ කරන නමුත් වර්තමානයේ දෙමව්පියන් හමුවේ ඇති කාර්යබහුලත්වය හේතුවෙන් දරුවන් සමග පවත්වන සම්බන්ධතාවේ දුර්වල බවක් පෙනෙන්න තිබෙන බවයි ඇය පවසා සිටියේ. එමෙන්ම ගුරුවරයා සහ දරුවා අතර පවතින ලෙන්ගතුභාවය සහ සමීප සම්බන්ධතාවයද ඉතා වැදගත් වන බවත් ඇය සඳහන් කළාය. ‘ගුරුවරයා දරුවන් එක්ක දුරස් නොවී ඉතා සමීප සම්බන්ධතාවයක් ගෙනියනවා නම් දරුවෝ අතිශය විශ්වාසවන්ත පුද්ගලයා බවට ගුරුවරයා පත් කර ගන්නවා. ඒක නිසා දරුවගේ තියන සියලු ප්‍රශ්න ගුරුවරයාට ප්‍රකාශ කරන්න පුළුවන්’ ආචාර්යවරිය පැවසුවාය. මානසික ව්‍යාකූලත්වයට පත් වූ දරුවන් තුළ බොහෝ විට හැසිරීමේ සහ කතාබහ කිරීමේ වෙනසක් දැක ගැනීමට හැකි බවත් ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය පමණට වඩා පොතපතේ සිටිනු දක්නට හැකි බවත් ඇය සඳහන් කළාය. මානසික ව්‍යාකූලත්වයට ගොදුරු වූ දරුවන් මානසික උපදේශන සඳහා යොමු කළ යුතු බවත් ඒ සඳහා පාසලේ පහසුකම් නොමැති සිසු සිසුවියන් හට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම මානසික උපදේශන සේවා ලබා ගත හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ කථිකාචාරිනී ආචාර්ය අනුෂා එදිරිසිංහ වැඩිදුරත් කියා සිටියාය. |
ළමා අපචාර මැඩලීමට පවතින නීති අසමත් වී ඇති බැවින් ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට පියවර ගත යුතු බව ඉන්දීය අධිකරණයක් ප්‍රකාශ කරයි. | ‘ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට කටයුතු කළොත් ඉන් ඓශ්වර්යමත් ප්‍රතිඵල ලැබෙනු ඇති බව අධිකරණයට විශ්වාසයෙන් කියන්න පුළුවන්’ මදුරාසි මහාධිකරණ විනිසුරු එන් කිරුබාකරන් ඒ බව ප්‍රකාශ කෙළේ පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකු ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින්. දූෂණයට ලක් වූ දැරියන් තිදෙනකු පිළිබඳ මේ මස ආරම්භයේ වාර්තා වූ අතර එම සිදුවීම් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය. දිල්ලි අගනුවර සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීති තර කිරීමට ඉන්දියාව පියවර ගත්තේ දෙවසරකට ඉහතදීයි. දූෂණයට ලක් වූ බවට ඉන්දීය පොලිසිය වෙත වාර්ෂිකව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව - ඉන්දීය ආණ්ඩුවේ මූලාශ්‍ර එනමුත් දරුවන් සහ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ලිංගික ප්රචණ්ඩ ක්‍රියා ඉන්දියාවේ නන්දෙසින් වාර්තා වේ. වර්තමානය වන විට සමූහ ළමා දූෂණ ඉන්දියාව පුරා අසන්නට ලැබෙන බව පැවසූ විනිසුරු එන් කිරුබාකරන් ‘එවැනි තර්ජනයන්ට විසඳුම් ලබා දීමට නීතිය අසමත් නම්, උසාවියට බෑ කර බාගෙන නිහඬව, නොසෙල්වී බලා ඉන්න’ යනුවෙන් කියා සිටියේය. ‘ළමා දූෂකයන්ගේ පුරුෂ ශක්තිය බෙලහීන කිරීමට කටයුතු කළොත් ඉන් ඓශ්වර්යමත් ප්‍රතිඵල ලැබෙනු ඇති බව අධිකරණයට විශ්වාසයෙන් කියන්න පුළුවන්’ විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවේය. |
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ගත් තීන්දුව බොහෝ ඉන්දීය මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වී තිබේ. | 'ප්‍රාදේශීය පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දීම වැරදියි' විශේෂයෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවලින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හමුවේ සමුළුව වර්ජනය කිරීමට අගමැතිවරයා තීන්දු කළ බවයි, අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරන තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රාජ්‍ය නායක සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 'දුර්වල ආණ්ඩුවක්' එහෙත් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සමුළුවේදී තමන් නියෝජනය කරන බව අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියකින් දැනුම් දුන්නේය. අගමැති මන්මෝහන් සිං ගත් එම තීන්දුව දැඩි විවේචනයට ලක් කරන ඩෙකාන් හෙරල්ඩ් පුවත්පත එය විග්රහ කරන්නේ "බරපතල රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක් ලෙසින්". ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය "ප්‍රාණ ඇපයට ගැනීමට" ඉඩ දීම සම්පූර්ණයෙන්ම වැරදි බව පුවත්පතේ මතයයි. මැතිවරණයක් අභිමුව තිබියදී දුර්වල ආණ්ඩුවක් විසින් ගන්නා ලද ජනප්‍රියවාදී තීන්දුවක් ලෙස පවසමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අගමැතිවරයාගේ තීන්දුව දැඩි විවේචනයට ලක් කරයි. ඉන්දීය ආණ්ඩුවේ තීන්දුව මගින් ශ්‍රී ලංකාව තවදුරටත් චීනය ඇතුළු අනෙක් කලාපීය බලවතුන් දෙසට තල්ලු කරනු ඇති බව මේ අතර තමිල්නාඩුවේ මූලස්ථානය පිහිටි ද හින්දු පුවත්පත පවසයි. |
කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් අතර පවතින අර්බුදකාරී තත්ත්වය ඛනිජ තෙල් මිල, ගමනාගමන සහ නෞකා ප්‍රවාහන ක්ෂේත්‍ර කෙරෙහි බලපා තිබේ. | ඩෝහා අගනුවර එමෙන්ම ඉහත කී රටවල් විසින් සිය දේශ සීමා වසා දමනු ලැබීමත් සමග කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට ද බිය පළ වී ඇත. කටාර් රාජ්‍ය සහ සෞදි ආරාබිය අතර මතුව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්සාහයක් කුවේට් එමීර්වරයාගේ නායකත්වයෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් අන්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් සඳුදා (ජුනි 05) පියවර ගත්හ. කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ අතර සෞදි අරාබියට සහාය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මීට ඉහත දී ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර එය සියලු පාර්ශ්වවලට පොදුවේ කළ ප්‍රකාශයක් බව පසුව ධවල මන්දිරය නිවේදනය කළේය. තමන් පසුගියදා සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගැනීමට ලැබෙමින් පවතින බව සඳහන් කළ ඇමරිකානු ජනාධිපතිවරයා කටාර් රාජ්‍ය හුදෙකලා කිරීමට අරාබි රටවල් ගත් තීන්දුව "ත්රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ ඇති බව පැවසීය. අරාබි රටවලට අවශ්‍යව ඇත්තේ කුමක්ද? ගල්ෆ් කලාපය තුළ හුදෙකලා වී නොසිටීමට අවශ්‍ය නම් අත්පත්කර ගත් ප්‍රදේශවල ක්‍රියාත්මක පලස්තීන හමාස් සංවිධානය සහ ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සමග පවතින සබඳතා අත්හරින ලෙස සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය. පලස්තීනයේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් අතර විශාලතම සංවිධානය වන හමාස් සංවිධානය වසර දහයකට ඉහත ගාසා තීරයේ පැවති ගැටුමින් අනතුරුව අරාබි ලෝකය තුළ මැතිවරණයකින් ජයගත් එවැනි පළමු ඉස්ලාමීය කණ්ඩායම බවට පත්විණි. ඊජිප්තුවේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමක් වන මුස්ලිම් සහෝදරත්වය එරට තුළ දේශපාලනික වශයෙන් සක්‍රිය වී තිබේ. හමාස් සහ මුස්ලිම් සහෝදරත්වය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඇතැම් රටවල් හඳුන්වති. කටාර්හි සිදු වෙමින් පවතින්නේ කුමක්ද? වොෂිංටනයේ සිටින බීබීසී වාර්තාකාරිනී බාබරා ප්ලෙට් ඌෂර් පවසන්නේ කටාර්, සෞදි අරාබිය සහ කුවේට් යන සියලු රටවල් සිරියාවේ අන්තවාදී කණ්ඩායම්වලට මූල්‍යාධාර ලබා දුන් බවය. ඇමරිකාවෙන් එල්ල වූ පීඩනය මත සෙසු රටවල් ඉන් පසුබා ගිය අතර මධ්‍යථ ක්‍රියාකාරිකයකු මෙන්ම සමථකරුවකු ලෙස තමන්වම දකින්නට කටාර් රාජ්‍යය කැමැත්තක් දැක්වුවද, එහි ක්‍රියාකාරීත්වය අන් රටවලට වඩා විවේචනයට ලක්වන නොපැහැදිලි තත්ත්වයක් පෙන්වන බව ඇය පවසන්නීය. මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි. ශ්‍රී ලංකාවට ඇති බලපෑම ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසිදහසක් පමණ කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. කලාපයේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එරට සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපා නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. අඟහරුවාදා (ජුනි 06) නිවේදනයක් නිකුත් කරමින් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් ඇති වුවහොත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට රජය සූදානම් බවය. මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ කියා සිටියේ අවශ්‍ය තරම් ආහාර සංචිත ඇති බවට එරට බලධාරීන් තානාපතිවරු දැනුවත් කළ බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාර් අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න Skype BBC Sinhala ඊමේල් : sinhala@bbc.co.uk |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර උද්ගතව පැවතුණ ප්‍රශ්න ඉවත ලා ඉදිරි කටයුතු කර ගෙන යාමට ඔවුන් දෙදෙනා එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. | සභාපති සහ ලේකම් ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක් මගින් පැවසෙන්නේ, 2015 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමේ ඉලක්කය ඇතිව ඉදිරි කාලයෙහි එකමුතුව ක්‍රියා කිරීමට සභාපතිවරයා සහ ලේකම්වරයා ක්‍රීඩා ඇමතිවරයා හමුවේ පොරොන්දු වූ බවයි. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේ දී නිර්මාණය වී තිබූ කළමනාකරණ හා පරිපාලන ගැටලු හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ලේකම් අතර ඇති වූ සන්නිවේදන බාධාවන් ඉවත් කර 2015 ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය ඉලක්ක කර ගෙන ජයග්‍රාහී වැඩ පිළිවෙලක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස හා එහි ලේකම් නිශාන්ත රණතුංග අද (15) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන බවයි” එම නිවේදනයේ දැක්වෙන්නේ. ඇමති විශ්වාසය ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේ දී සභාපති ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්රමයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම සාකච්ඡාවේ දී ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී ඇත. එම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වීමේ දී ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගෙන අතර එවැනි තත්වයක් යටතේ දෙපාර්ශ්වය අතර ගැටලු මතු නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්යක්ෂමව ඉදිරියට යනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කළ බවත් ඉහත කී නිවේදනයේ දැක්වෙයි. 2015 ලෝක ශූරතාවය 2015 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීමේ ඉලක්ක හැර වෙනත් යමක් ක්‍රිකට් ආයතනයේ මෙන් ම එහි ප්‍රධානීන්ගේ අරමුණ නොවන බැවින් එම ඉලක්ක ජයග්‍රහණය කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ වගකීම බව ඇමතිවරයා අවධාරණය කොට ඇත. දෙපාර්ශ්වය අතර ඇති වී තිබුණ ගැටලු පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උනන්දු වන බව පවසමින් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් කටයුතු කරන මෙන් ඔවුන්ට දැනුම් දුන් අතර ඔවුන් දෙදෙනා එම අදහසට එකඟ වූ බවයි, ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී.අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. |
'කොස් කොළ, ක්‍රෝටන් කොළ හා තණකොළ' මුල්කරගනිමින් අදහස් පළකිරීම හරහා අද (ජන. 24) දකුණු පළාත් සභාව උණුසුම් විය. | ඉදිරියේදී රටේ මතුවිය හැකි ආහාර හිඟයක් පිළිබඳ පසුගියදා අදහස් පළකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුභව කරන ලෙස ජනතාවට පැවසී යැයි සභාවට දන්වමින් එය විවේචනය කළ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල (එජනිස) 'කොස් කොළ, ක්‍රෝටන් කොළ' ප්‍රදර්ශනය කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන්ට රිසි නම් ඒවායින් ව්‍යංජන සකසා දෙන්නයි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. තවත් මන්ත්‍රීවරයකු ද කොස් 'කොළ මාලයක්' පැළඳ සිටිනු දැකිය හැකි විණි. මීට ප්‍රතිචාර දැක්වූ අශෝක ධනවංශ (එජාප) මන්ත්‍රීවරයා තණකොළ මිටියක් අදාළ මන්ත්‍රීවරුන් වෙත දිගුකළේ "මේ දෙන්නට සුදුසු ආහාරය මේකයි " යැයි පවසමිනි. මේ තත්වය මැද පළාත් සභා රැස්වීම ඝෝෂාකාරී බවක් ඉසිලීය. |
යාපනය පුංගුඩුතීවු පළාතේදී 17 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණය කොට මරාදැමූ සැකකරුවන්ට එරෙහිව පොලීසිය ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයා වට කරගත් පිරිසක් ඔහුට අද අඟහරුවාදා බාධා කළහ. | නමුත් පොලීසිය කියා සිටින්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි. ශිවයෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ බවට සැක කෙරෙන සැකකරුවන් අට දෙනෙක් අද මැයි19 දා යාපනයේ කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එම අවස්ථාවේදී අධිකරණ භූමියේ සිටි ජනතාව සැකකරුවන්ට පහරදීමට තැත් කිරීම නිසා අධිකරණ භූමිය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණි. ප්‍රදේශවාසීන් මෙම සැකකරුවන් අට දෙනාගෙන් තුන් දෙනෙකුගේ නිවාස වලට අලාභ හානි සිදු කළ බවට වාර්තාවී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එක් නිවසකට ගිණි තබා තිබුණු බවයි. දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාවගේ උපැස් යුවලක් සහ කරාබු ජෝඩුවක් එක් සැකකරුවකුගේ නිවසේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු නමුත් නිවස පරීක්ෂා කිරීමට යන විට එම නිවස ගිණිගෙන තිබුණු බවද ඔහු පැවසුවේය. මෙවැනි සිද්ධීන් නිසා සාක්කි සියල්ල විනාශ වී යන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉන් සිදුවන්නේ සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක් උදාවීම බවද කියා සිටියේය. පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් නවදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති බැවින් ජනතාව නීතිය අතට ගත යුතු නැතැයිද ඔහු පැවසුවේය. දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ශිෂ්‍යාව පදිංචි පළාතට පොලිස් මුරපොලක් ලබාදීම පිණිසත් ජනතාව සමග සාකච්ඡා කිරීමට අද අඟහරුවාදා දහවල් පුංගුඩුතීවු පළාතට ගිය යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වට කරගත් ජනතාව ඔහුට යාමට නොදී බලපෑම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පිළිගත් අතර ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් ඇතිවූයේ ජනතාව පොලිස් පරීක්ෂණ පිළිබදව දැණුවත්වීමක් නොමැති නිසා යැයිද පෙන්වා දුන්නේය. ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ යාපනය පළාතෙන් කොළඹට පළා ගිය සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ජනතාව උද්ඝෝෂණය කරණ විටත් එම සැකකරු කොළඹදී පොලිස් අත් අඩංගුවට පත්වී සිටි බවද පැවසුවේය. පොලිස් අත් අඩංගුවට පත්වන සියලුම සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට ඩී.එන්.ඒ.තාක්ෂණය ඔස්සේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළේය. මේ අතර පොලීසිය විසින් සිදු කරණ පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව කියමින් යාපනයේ සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල් වලින් එළියට පැමිණ අද 19 දා උදෑසන පාසල් ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ. මේ සම්බන්ධයෙන් බී.බී.සී.යට අදහස් දැක්වූ යාපනයේ ගුරුවරයෙකු කියා සිටියේ යාපනයේ සියලු වෙළද සල් මුලු දිනයේම වසා දමා මෙම සිද්ධියට විරෝධය පල කළ බවයි. |
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණය අවශ්‍ය බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය නිර්දේශ කරයි. | 'ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි දීමට සූදානම් බව පුද්ගලයන් ගණනාවක්ම දැනුම් දී ඇත' නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය ඒ බව කියා සිටියේ, පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැත්වුණු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී සම්මත වූ යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරමින්. පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයකද යෙදීමෙන් අනතුරුව සිය වාර්තාව ප්‍රකාශයට පත් කළ ඇය, උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහ උගත් පාඩම් කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු ඇතැම් සාධනීය කරුණු පිළිබඳව ප්‍රසාදය පළ කළාය. 'සාවද්‍ය කරුණු' "මානව හිමිකම් ක්රියාධරයන්ට එරෙහිව ශ්‍රී ලංකාව දිගින් දිගටම සිදු කරන තරජන සහ හිංසනයන් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා," යනුවෙන්ද ඇය කියා සිටියාය. 'මෙම වාර්තාව ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමකි' "වර්තමානයේ අලුත් සාක්ෂි හමු වන අතර, විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි දීමට සූදානම් බව පුද්ගලයන් ගණනාවක්ම දැනුම් දී ඇත." කෙසේ නමුත් කොමසාරිස්වරියගේ වාර්තාවට දැඩි විරෝධය පළ කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, පූර්ව නිගමන සහ අසාධාරණ න්‍යාය පත්‍රයක් මත පදනම් වී ක්‍රියා කරන බවට මහ කොමසාරිස්වරියට චෝදනා කරයි. මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සාවද්‍ය කරුණු ගණනාවක් සටහන්ව තිබූ බවද ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ නවී පිල්ලේගේ වාර්තාවට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේය. "මෙම වාර්තාව ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමකි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. දෙමළ ජාතික සන්ධානය එබැවින් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ මූලාශ්‍ර සහ එහි යටි අරමුණු පිළිබඳව ප්‍රශ්ණ කිරීමට ශ්‍රී ලංකා රජය පොළඹවන බවද ඔහු සඳහන් කළේය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ රටවල් පහක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධ විවාදය මානව හිමිකම් මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාලවේලාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය බ්‍රහස්පතින්දා දක්වා කල් දැමුණු බව ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි. යෝජනාව පහසුවෙන්ම සම්මත වනු ඇති හැඩක් පෙනී යන බවද ඔහු කියා සිටියේය. මහ කොමසාරිස්වරියගේ දේශනයෙන් අනතුරුව ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් ඇමතූ දෙමළ ජාතික සනධානය, සුළු විවේචන තිබුනත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සිය සහයෝගය පළ කරන බව සඳහන් කොට තිබේ. |
උතුරු ඉන්දියාවේ හිමාල කදුවැටිය පාමුළ පිහිටි 'ලදාක්' ඉතා දුෂ්කර නමුත් සුන්දර වටපිටාවකට උරුමකම් කියන පළාතකි. | එහි වෙසෙන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රදේශයේ ඇති බෞද්ධ ආරාම වෙත විදේශිකයෝ දහස් ගණනින් වසරක් පාසා පැමිණෙති. නමුත් 'ලදාක්' පළාත බෞද්ධ භික්ෂුනී ආරම විසි අටකට නිවහන වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. නයෙර්මා නමැති කුඩා ගම්මානයේ පිහිටි එවැනි භික්ෂූනී ආරාමයක් පිළිබද මේ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ඉන්දියානු ඡායාරූප ශිල්පිනියක් වන දීප්ති අස්තානා විසිනි. භික්ෂූනී ශාසනයේ ඇරඹුම ගෞතම බුදුන් වැඩසිටි සමය දක්වා දිව යයි. පැවිදිවීම සඳහා කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ පෙනී සිටි බව විශ්වාස කෙරේ. නමුත් සියවස් ගණනාවක සිට භික්ෂූනී ශාසනය පරිහානිය කරා ගමන් කරමින් පවතින අතර භික්ෂූන් වහන්සේලා ආරාම තුළ ජීවත් වුවත්, භික්ෂුනියන්ට දිවි ගෙවීමට හෝ ආගමික වතාවත් සිදු කිරීමට විශේෂයෙන් වෙන් වූ ස්ථාන නොමැත. 2012 වසරේ සිට චට්නයාලින් ආරාමය වයෝවෘද්ධ භික්ෂුනියන්ට නිවහන වී තිබේ. එම ආරාමය ඉදිකරනු ලැබ ඇත්තේ ලදාක් භික්ෂූනී සංගමය විසිනි. ඒ ගම්වාසීන්ගේ ද සහාය ඇතිවය. "මේ කාන්තාවන්ට ඉතා දැඩි ලෙස උදව් අවශ්‍ය කර තිබුණා. මේ අයට කෑමට ආහාර තිබුණේ නැහැ. කිහිප දෙනෙකු තමන්ගේ පවුලේ ගෙවල්වල වැඩට ගිහින් තිබුණා" යනුවෙන් භික්ෂුනී සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සෙරින්ග් පැවසුවාය. අසූපස් හැවිරිදි ලොබ්සාන්ග් ඩොල්මා චට්නයාලින් ආරාමයේ වැඩවසන වයෝවෘද්ධම භික්ෂුනියයි. ආරාමයේ වැඩවිසීමට පෙර ලොබ්සාන්ග් භික්ෂුනිය කම්කරුවෙකු ලෙස වගා බිම්වල සේවය කර ඇත. පාසල් අධ්‍යාපනය මෙන්ම බෞද්ධ දර්ශනය සහ වෛද්‍ය විද්‍යාව හදාරන තරුණ භික්ෂුනියන් පිරිසක් සමග වෛද්‍ය සෙරින්ග් පැල්මෝ භික්ෂුනි වහන්සේ (පළමු පෙළ, මැද) ඡායාරූපයකට පෙනී සිටියහ. කලකට ඉහත, ආගමික වතාවත් සිදු කිරීමට හෝ ඒ සඳහා සහභාගී වීමට ආරාධනා ලැබුවේ භික්ෂුන් වහන්සේලා පමණි. නමුත් මේ වනවිට බණ දේශනා කිරීම සඳහා තරුණ භික්ෂුනී වහන්සේලා වෙත ආරාධනා ලැබේ. ආගමික වතාවත් සඳහා සහභාගීවන භික්ෂුනීයන් වෙත මුදල් ආධාර ද පිරිනැමෙයි. ලිංගිකත්වය මත පදනම්ව සිදු කෙරෙන නොසලකා හැරීම් ආගමික සංස්ථා තුළ බහුලව දක්නට ලැබෙන බව තමන්වහන්සේට නිරීක්ෂණය වූ බව වෛද්‍ය පැල්මෝ භික්ෂුනිය පවසති. එවැනි සම්ප්‍රදායික ක්‍රමවේද අභියෝගයට ලක් කරනුවස් තරුණ භික්ෂුනියන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා නූතන අධ්‍යාපනය පිටුවහලක් වනු ඇති බවට වෛද්‍ය පැල්මෝ භික්ෂූනී වහන්සේ විශ්වාසය පළ කළහ. චට්නයාලින් ආරාමයේ වැඩවසන ලාබාලතම භික්ෂුනිය අට හැවිරිදි ස්කර්මා චුක්සිට්. 2008 වසරේ දී ස්කර්මා භික්ෂුනිය ආරාමය වෙත පැමිණෙන විට මන්දපෝෂණයෙන් සහ විටමින් 'ඩී' ඌනතාවයෙන් පෙළෙමින් සිටියහ. සිය සහෝදර සහෝදරියන් නිතර සිහි නොවුන ද පෙර ජීවත් වූ ලදාක්හි සැන්ස්කාර් මිටියාවත නිතර මතකයට නැගෙන බව ස්කර්මා භික්ෂුනිය කියා සිටියහ. චට්නයාලින් ආරාමයේ වැඩවසන චම්බා භික්ෂුනිය වෙත එහි පැමිණි අමුත්තෙකුගෙන් පාපැදියක් තෑගි ලැබී තිබේ. සෑම උදෑසනකම සහ සැන්දෑවකම පාපැදියේ නැග යන විට දැනෙන නිදහසට තමන්වහන්සේ දැඩි ඇල්මක් දක්වන බව චම්බා භික්ෂුනිය පැවසූහ. සෙරින්ග් කුන්සොම් භික්ෂුනිය පැවිදි වීමට තීරණය කළේ යන්තම් වසර 7 ක් සපිරුණ විටදීය. භික්ෂුනී ආරාමය විසින් ලදාක් පළාතේ ප්‍රත්‍යන්ත ගම්මාන තුළ නොමැති අධ්‍යාපන පහසුකම් සහ වෙනත් අවස්ථා පිරිනමනු ලබන බැවින් කුන්සොම් භික්ෂුනිය මෙන් තරුණ ගැහැණු ළමුන් පැවිදි ජීවිතයක් ගත කිරීමට යොමු වේ. මේ තොරතුරුද දැනගන්න: හිමාල අඩවියේ පොඩි හාමුදුරුවෝ හිමාල අඩවියේ ‘අයිස් ස්ථූප’ |
බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ. | සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ. දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය. ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්රදේශයකි. පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ. "ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය. "මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්," ඔහු තවදුරටත් පැවසුවේය. ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කර හැකිය. ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය. 2015 වර්ෂයේ දී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දිය යට තැන්පත් කර දින 90කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරෝත්තුවය. නමුත් ගොඩබිම දී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය. ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැය වී ඇති අතර එය බහුජාතික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය (EMEC) දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ (EMEC) විශේෂඥ නිර්දේශවලට අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශය තෝරා ගෙන ඇත. ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි. දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී. මේ තොරතුරුද දැනගන්න: නමුත් Tech UK බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා ෆ්‍රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය. "බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් ඇය සඳහන් කළාය. දත්ත ගබඩාවේ නව නිවහන - ඕක්නි කෙසේ වෙතත්, මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඇය පැවසුවාය. "මයික්‍රොසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයකට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්." දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා ෆ්‍රයර් තවදුරටත් පැවසීය. "ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය. තවත් තොරතුරු: නමුත් තවත් විශේෂඥයෙක් මෙම අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයෙකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දිය යට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය. "අවසානයේ දී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි," ඔහු පැවසීය. යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිහිටා තිබේ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය. මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ: "මෙය යථාර්ථයක් බවට පත්විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය. "මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුවන්න පුළුවන්. අනාගතයේ දී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය. ඉදිරි වසර පහ තුළ Project Natick කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥාවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය. |
මෝටර් රථයට ගිනි තබා "උමතුවෙන් මරා දැමුණු " කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. | හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන් තිදෙනා හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර බ්‍රිස්බේන් නුවරදී අදාළ මෝටර් රථයට ගිනි තැබූ බවට සඳහන් වාර්තා තහවුරු කර ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිටුපස ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් ඇතැයි ඔවුහු සනාථ කළහ. ඝාතනයට ලක් වූවන් වන්නේ 31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන්ය. මෙම සිද්ධියත් සමග ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් එරට විරෝධතා මතු වී තිබේ. "නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා" යැයි අගමැති මොරිසන් බ්‍රහස්පතින්දා දින (පෙබරවාරි 20) වාර්තාකරුවන්ට පැවසීය. "අනුකම්පා විරහිතව සහ උමතුවෙන් සිදු කළ දරුණු අපරාධයකින් හැනා සහ ඇගේ දරුවන් තිදෙනා ඝාතනය කර තිබෙනවා," ඔහු පැවසුවේය. දරුවන් සහ ඔවුන්ගේ මව ඝාතනය කර ඇති අතර, රෝවන් බැක්ස්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් නොමැති බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසීය. "වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා," පොලිස් නිලධාරී මාර්ක් තොම්සන් පැවසීය. බදාදා (පෙබරවාරි 19) කෑම්ප් හිල් ප්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධිය ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 8.30ටය. මෝටර් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබුණු බව පොලිසිය පවසයි ඔවුන්ගේ දරුවන් වන සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ මෝටර් රථය තුළ මියගොස් සිටි අතර, මව හැනා බැක්ස්ටර් ඒ අසල බිම ගින්නෙන් දැවෙමින් සිට ඇත. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කළ පසු මිය ගියාය. ඔවුන්ට පිහිට වීම සඳහා දිව ආ පුද්ගලයන්ට "ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න" යැයි ඇය කෑ ගැසූ බව සාක්ෂිකරුවන් ඔස්ට්‍රේලියානු මාධ්‍යයට පවසා ඇත. සහයට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර් මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බව ඔවුහු පැවසූහ. හදිසි සේවා අංශවලට ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය. සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසයි. වින්දිතයින් ගැන දන්නේ කුමක් ද? හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ඇති අතර, අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසීය. "ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්" හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පසුගිය වසරේදී පදිංචියට ගොස් තිබේ. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත. "ඇය ඔවුන්ට දැඩි ලෙස ආදරය කළා. ඔවුන් ආරක්ෂා කර ගැනීමට ඇය හැකි සෑම දෙයක් ම කරමින් සිටියා," ඇයගේ මිතුරිය වන කේයිට්ලින් ලැන්ග්ෆර්ඩ් ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට පැවසුවාය. "හැනාව මේ රාක්ෂයාගෙන් බේරා ගැනීමට උත්සාහ කරලා ම ඇයගේ දෙමාපියන් දැඩි වෙහෙසට පත් වෙලා," යැයි අවමංගල්‍ය වියදම් සඳහා අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කරන ඥාතියෙකු පැවසීය. "හැනාව හඳුනන අය හෝ එක් වරක් ඇය මුණගැසී ඇති සියල්ලන් ම දන්නවා ඇති ඇය කෙතරම් සුන්දර ආත්මයක් තිබෙන පුද්ගලයෙක් ද කියලා. ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්," යැයි හැනාගේ නෑනා වන ස්ටේසි රොබට්ස් පැවසුවාය. රෝවන් බැක්ස්ටර් මීට පෙර ඕක්ලන්ඩ්හි 'නවසීලන්ත වොරියර්ස්' රග්බි ලීග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෑතකදී ඔහු සිය බිරිඳ සමග බ්‍රිස්බේන් නගරයට නැගෙනහිරින් පිහිටි 'කපලාබා' ප්‍රදේශයේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබිණි. ව්‍යායාම් මධ්‍යස්ථාන වෙබ් අඩවියේ හැනා බැක්ස්ටර් හඳුන්වා ඇත්තේ, "උනන්දු, උද්යෝගිමත් තිදරු මවක්" සහ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් ප්‍රාන්ත ට්රැම්පොලින් ශූරියක ලෙසිනි. ප්‍රතිචාර මොනවා ද? වින්දිතයින් වෙනුවෙන් උපහාර බොහොමයක් සංවිධානය කර තිබුණු අතර, #HannahBaxter හෑෂ් ටැගය ඔස්ට්‍රේලියානු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ. කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ දැඩි කනස්සල්ල, කෝපය සහ බලාපොරොත්තු සුන්වීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ. සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් සතියකට එක් කාන්තාවක් සිය වත්මන් හෝ හිටපු පිරිමි සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලබයි. "#HannahBaxter සහ ඇයගේ කුඩා දරුවන් තිදෙනා අද ඉතාමත් ම නින්දිත ලෙස මිය ගියා. ඔවුන් ආරක්ෂිතව සිටිය යුතුව තිබුණා. අහිමි වූ ජීවිත ගැන දුක් වන අතර අපේ සිතුවිලි ඔවුන්ගේ පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමග බව දන්වා සිටිනවා," හිටපු ඔලිම්පික් පාපැදි ක්‍රීඩක ට්‍රේසි ගෝඩ්රි පැවසීය. "තවත් සතියකදී තවත් මිනිසෙක් සිය බිරිඳ සහ පවුල විනාශ කරලා. ඔස්ට්‍රේලියාව, අපි මේ ගැන කතා කළ යුතුයි," යැයි ඕස්ට්‍රේලියානු කවියෙකු වන රොබ් ස්කොට් පැවසුවේය. කාන්තාවන් සහ ළමුන් ගොදුරු වූ ඉහළ ගණයේ මිනීමැරුම් නඩු ගොන්නට මෙම නඩුව ද එකතු වී තිබේ. 2018දී තම බිරිඳ, දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය නිවස තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පර්ත්හි පදිංචිව සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට පසුගිය ජූලි මස අධිකරණය තීන්දු කළේය. මේ තොරතුරු ද කියවන්න: |
රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යුක්රේනයේ අගනුවර වන කිව් හිදී කියා සිටියේය. | ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් යුක්රේනයේ ආණ්ඩුව අර්බුදයට මුහුණ දෙන අකාරය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ ප්‍රශංසාවට ලක් විය. යුක්රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා තමන් යුක්රේන අර්බුදයට මැදිහත් වූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පල කළ ජෝන් කෙරී කියා සිටියේ මෙය ආක්රමණකාරී ක්‍රියා පිළිවෙතක නිරත වීම සඳහා හේතුවක් කර ගෙන ඇති බවයි. ව්‍යාජ හේතු සහ බලහත්කාරය භාවිතා කරමින් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු පරිපාලනයට චෝදනා කළේය. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් යුක්රේනයේ සිදුකළ මැදිහත්වීම මානුෂික හේතු මත සිදු කළ එකක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කියා සිටියේය. නීත්‍යනුකූල ආකාරයට පත් වූ ජනාධිපති වික්තර් යනුකොවිච් යුක්රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර පළ කරමින් තමන් මැදිහත් වූ බවයි මාධ්‍යවේදීන් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ප්‍රකාශ කළේ. වික්තර් යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව යුක්රේනයේ අන්තර් වාර පාලනයක් ඇතිවී තිබේ. රුසියානු භාෂාව කථා කරන වැඩි පිරිසක් වෙසෙන ක්රිමියාව ආයුධ සන්නද්ධ පිරිස් විසින් පාලනය කෙරෙන බවට පළ වෙන වාර්තා රුසියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. මේ පිරිස් සහ රුසියානු පරිපාලන අතර සම්බන්ධයක් නැති අතර ඔවුන් පළාත ආරක්ෂා කිරීමට කටයුතු කරන ප්‍රාදේශීය කණ්ඩායම් වන බවත් ව්ලැද්මීර් පුතීන් කියා සිටියේ ය. තමන් මේ ආරක්ෂකයින් පුහුණු නොකළ බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.ක්රිමියාව අත්පත් කර ගැනීමට හෝ යුක්රේනයේ යුද්ධයක් ඇති කිරීමට තමන් තුළ අදහසක් නැතැයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. |
මීට වසර විසිපහකට පෙර හමුදාව විසින් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනෙකු මඩකලපුවේ දී ඥාතීන් විසින් සිහිපත් කෙරුණි. | 1990 සැප්තැම්බර් පස් වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවති අනාථ කඳවුර වැටලූ යුද හමුදාව එහි රැකවරණ ලබා සිටි 45000 ක් පමණ පිරිස අතරින් 158 දෙනෙකු තෝරා, බස් රථවලින් රැගෙන ගිය බවයි එම සරණාගත කඳවුරේ කළමනාකරණ කටයුතු කළ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය පවසන්නේ. මෙසේ රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ අද වන තුරුත් කිසිම තොරතුරක් ලැබී නැති බව වන්දාරුමුලයි පිල්ලෙයාර් කෝවිලේ පැවති සමරු උළෙලට සහභාගී වූ ඥාතීහු කියා සිටිති. 1990 දී කොටි සංවිධානය සහ රජය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර එය බිඳ වැටීමෙන් පසු පැවති කලබලකාරී තත්ත්වය සහ හමුදා මෙහෙයුම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පොදු ස්ථාන වල රැකවරණ පතා තිබුණි. අතුරුදහන්වීම් දහසක් මේ වකවානුවේ දී යුද හමුදාව විසින් ප්‍රදේශයේ පුද්ගලයන් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර එසේ අත්අඩංගුවට ගනු ලැබූ දහසක් පමණ තවමත් අතුරුදහන් වී සිටින බවයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ. 1990 සැප්තැම්බර් පස් වැනිදා අළුයම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පිහිටා තිබූ කඳවුරට පැමිණි හමුදාව පිරිමි සහ ගැහැණු වෙන් කළ බව කියා සිටින වෙල්ලෙයිසාමි ගොවින්දරාජ් හමුදාව සමග පැමිණි මුහුණු ආවරණ පැළඳි පුද්ගලයන් විසින් තෝරනු ලැබූ 158 දෙනෙකු රැගෙන ගිය බවත් සංදේශයට කියා සිටියි. එම අවස්ථාවේ තම සහෝදරයා ද රැගෙන ගිය බව පවසන ඔහු අද වනතුරු සහෝදරයා ගැන කිසිම තොරතුරක් නැති බවයි පවසන්නේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තිබූ අනාථ කඳවුරෙන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 34 දෙනෙකු හමුදාව විසින් රැගෙන ගිය බව එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ A W ප්‍රනාන්දු පිළිගෙන තිබූ බවත් එම පිරිස පැය විසි හතරක් ඇතුළත මුදා හැරිය බව ඔහු පවසා තිබුණ බවත් වාර්තා වල සඳහන් වෙයි. කොමිසම් වාර්තා කෙසේ වෙතත් හමුදාව විසින් රැගෙන ගිය 158 දෙනාගෙන් කිසිවෙක් නිදහස් කර නැති බවයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අනාථ කඳවුරේ පාලක මණ්ඩලයේ සිටි ආචාර්ය පී ජයසිංහම් පවසන්නේ. 1995 වසරේ දී විශ්‍රාම ලද මහාධිකරණ විනිසුරු කේ බාලක්‍රිෂ්නන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කොමිසම හමුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දුන්නත් එම විස්තර ලේඛනගත කිරීමට වඩා වැඩි යමක් එම කොමිසමෙන් සිදු නොවූ බව ද ඔහු කියා සිටියි. එවකට යුද හමුදාවේ කටයුතු කල පුද්ගලයන් කඳවුරෙන් රැගෙන ගිය පිරිසට සිදු වූ දේ පිළිබඳ දන්නා බව පවසන ඔහු අතුරුදහන් වූ පුද්ගලයන්ට කුමක් සිදු වුයේ යැයි දැන ගැනීමට ඥාතීන් බලා සිටින බවයි සංදේශයට ප්‍රකාශ කලේ. |
පසුගිය අගෝස්තු මාසයේ නිමාව දුටු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටය පිලිබඳ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට යොමු කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටයක් ඩේලි මිරර් පත්‍රයට ලැබී තිබුණි "ඒ ගැන පරීක්ෂණය කරලා අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටත් අපි ඒ ගැන දන්වල තිබෙන," බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේ. එම පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශයට පත් කිරීම හෝ නොකිරීම අයිසීසීය සතු වගකීමක් බවද ඔහු පැවසීය. කෙසේ නමුත් මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ අදාළ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි. ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීම ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමන කරන අයිසීසීය, එවැනි චෝදනා පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන මෙන් තමන් සාමාජික රටවලට දැනුම් දී ඇති බවද ඔහු පැවසීය. ලොකු භාග්‍යයක් "ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු භාග්‍යයක් පලවෙනි වතාවට ශ්‍රී ලංකාවට සියයට සීයක් තරඟ පැවැත්වීමට ලංකාවට භාර දුන්නා" ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක සියලු තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජගත් පාලක මණ්ඩලය තීන්දු කිරීම ශ්‍රී ලංකාව ලැබූ භාග්‍යයක් බව පවසන සභාපති උපාලි ධර්මදාස, අයිසීසීය සමඟ එක්ව එම ශූරතාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවද සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත් ප්‍රවේශ පත්‍ර සඳහා 60,000 ක පමණ ඉල්ලුමක් තිබූ මොහොතක 35,000 ක් ආසන තිබූ ක්‍රීඩාංගනවල ඒ සියලු දෙනා සඳහා ආසන පැනවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ඔහු පැවසීය. එවැනි අවස්ථාවක ප්‍රවේශපත්‍ර වැඩි මිලට ලෙවි කරන්නේ නම් තමන්ට එය පාලනය කළ නොහැකි බව පවසන සභාපතිවරයා, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අලෙවි කිරීමට උත්සාහ කළ ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවද සඳහන් කළේය. "ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් එකම එක චෝදනාවයි ආවේ - ටෝනි ජයවර්ධන කියල ඛේත්තාරාමේ වැඩකරන පුද්ගලයෙක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකුණන්නට යෙදුන යම්කිසි ටිකට් තොගයක් විකුණල ඔහුට පොලීසියේ එන්ට්‍රියක් දාල, ඒ මගින් කටයුතු කිරීමටත් දැනට අපි ඔහුගේ වැඩ තහනම් කරලා තියෙනව විනය පරීක්ෂණය ඉවර වෙනකම්," සභාපතිවරයා පැවසීය. හම්බන්තොට ඇතුළු සියලුම පළාත්වල ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර විකිණීම සඳහා තමන් සියලු පියවර ගත් බවයි, ඔහු පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
බංගලාදේශයේ ප්‍රාදේශීය මට්ටමේ සුෆි මුස්ලිම් නායකයකු කපා කොටා මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි. | සංරක්ෂිත ඡායාරූපයක් ඉහත කී ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදු කොට ඇතැයි සැක කරන බව පොලිසිය කියා සිටියේය. ඔහුගේ මෘත ශරීරය උතුරු දිග බංගලාදේශයේ රාජ්ශාහි නගරයේ තිබී සොයා ගත් බවයිපොලිසිය සඳහන් කළේ. එම ප්‍රදේශයේදීම පසුගියදා මහාචාර්යවරයකු ඝාතනය කොට තිබූ අතර ඒ ආකාරයටම මෙම ඝාතනයද සිදු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුගිය වසර තුනක කාලය ඇතුළත බ්ලොග් ලේඛකයන්, විද්වතුන් සහ සුළුතර ආගම්වලට අයත් පුද්ගලයන් ඇතුළු විසි දෙනකුට අධික පිරිසක් බංගලාදේශය තුළ ඝාතනයට ලක් වී තිබේ. ඉස්ලාමීය අන්තවාදීන් විසින් එම ඝාතන සිදු කළ බවට චෝදනා එල්ල වේ. |
රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව බරපතල මානව හිමිකම් උල්ලංඝන සිදු කරන බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ලවෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කරන එක්සත් ජාතීහු, සිය නියෝජිතයන්ට කිසිදු බාධාවකින් තොරව මියන්මාරයේ සියලුම ප්‍රදේශවල සංචාරය කිරීමේ අවස්ථාව හිමිවිය යුතු බව අවධාරණය කරති. | සැප්තැම්බර් 07 වෙනි දින ගිනිබත් කෙරුණු රෝහින්ග්‍යා ගම්මානයක් - එදිනට පෙර ප්රචණ්ඩ ක්‍රියා නැවතුනු බව ඕන් සාන් සුචී පවසයි මියන්මාර හමුදා මෙහෙයුම්වලින් බේරීම පිණිස හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් සිටිති. ගැටුම් නැවැත්වීම සඳහා මැදිහත් නොවන බවට බරපතල ජාත්‍යන්තර විවේචනවලට මුහුණ දෙමින් සිටින මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී අඟහරුවාදා (සැප්තැම්බර් 19) සිය දීර්ඝ නිහැඬියාව බිඳිමින් ජාතිය අමතා අදහස් දැක්වීය. රෝහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට පළා යන්නේ මන්දැයි තමන් නොදන්නා බව එහිදී සඳහන් කළ ඇය, ගැටුම් පවතින රඛයින් ප්‍රාන්තයේ සංචාරය කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට බාධාවක් නොමැති බව ද කියා සිටියාය. වෛවර්ණ 'ෆනුෂ්' පහන් කූඩු ගුවනේ පාකරමින් වාර්ෂිකව පවත්වන 'ප්‍රබරණ පූර්ණිමා' උළෙල බංග්ලාදේශයේ දෙවැනි විශාලතම බෞද්ධ උත්සවයයි එයින් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය, මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස බාධාවකින් තොරව රඛයින් ප්‍රාන්තයේ සංචාරය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය. මේ අතරවාරයේ ප්‍රකාශයක් කරන බංග්ලාදේශයේ ප්‍රධානම බෞද්ධ සංවිධානයක්, මියන්මාරයේ රෝහින්ග්‍යා වැසියන් මුහුණ දී සිටින ඉරණම හේතුවෙන් සිය රටේ වෙසෙන බෞද්ධයන්ගේ දෙවැනි විශාලතම උත්සවය මේ වසරේ නොපැවැත්වීමට තීරණය කරන ලද බව නිවේදනය කළේය. වෛවර්ණ 'ෆනුෂ්' පහන් කූඩු ගුවනේ පාකරමින් වාර්ෂිකව පවත්වන 'ප්‍රබරණ පූර්ණිමා' උළෙල නොපවත්වා, ඒ සඳහා වැයවන මුදල් සහ බෞද්ධයන්ගෙන් තවත් ආධාර එකතු කොට එම මුදල් රෝහින්ග්‍යා අනාථයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තීරණය කරන ලද බව බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ සභාපති අශෝක් බරුවා බීබීසී සිංහල සේවයට පැවසීය. "මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට විරුද්ධව කෙරෙන පීඩාවන්ට විරෝධය පළ කිරීම සඳහා මේ අවුරුද්දේ ප්‍රබරණ පූර්නිමාව අවලංගු කරන්න අපි තීරණය කළා," ඔහු සඳහන් කළේය. මාධ්‍ය හමුවක් අමතන අශෝක් බරුවා ඇතුළු බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ නියෝජිතයන් මිලියන 162 ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ බහුතර ජනතාව ඉස්ලාම් භක්තිකයන් වන අතර මිලියන 2.5 ක් පමණ බෞද්ධයෝ ද එහි වාසය කරති. එය රටේ ජනගහනයෙන් 1.5% කට ආසන්න ප්රතිශතයකි. බංග්ලාදේශයේ බෞද්ධයන් නියෝජනය කරන බොහෝ සංවිධාන අතරින් ප්‍රධානම බෞද්ධ සංවිධාන තුන ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවත් අශෝක් බරුවා බීබීසී සිංහල සේවයට පැවසීය. "අපි බෞද්ධයෝනේ. අපිට මේ වගේ කෘර වැඩවලට සහාය දෙන්න බෑනේ. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් මේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් සොයා ගන්න කියල මියන්මාරයෙන් අපි ඉල්ලා සිටිනවා." මියන්මාරයේ පවතින තත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් ඇතුළු ක්‍රියාකාරීන් විරෝධතා දක්වන අතරවාරයේ, රෝහින්ග්‍යා සන්ද්ධ කණ්ඩායම් මියන්මාරයේ බෞද්ධ ජනතාවට එරෙහිව ප්‍රහාර දියත් කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධ කණ්ඩායම් ද විරෝධතා දක්වමින් සිටිති. මියන්මාරයේ බෞද්ධයන්ට සහාය දක්වමින් පෙළපාලි දක්වන ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධ සංවිධාන මියන්මාරයේ බෞද්ධ ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ලවන බව පැවසෙන වාර්තා තමන්ට ද දකින්නට ලැබුණු නමුත් මියන්මාරයේ ජනවර්ග අතර ගැටුමක් පවතින්නේ යයි තමන් විශ්වාස නොකරන බව බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ අශෝක් බරුවා බීබීසී සිංහල සේවයට පැවසීය. "මේක ජනවර්ග අතර ගැටුමක් හෝ ජන කණ්ඩායම් දෙකක් අතර ගැටලුවක් කියල අපි හිතන්නේ නෑ." පසුගියදා කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය වෙත ගොස් තානාපතිවරයා මුණගැසුණු ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් "මියන්මාරයේ බෞද්ධයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය" ලෙසින් ඔවුන් විග්රහ කළ තත්වය හෙළා දැක තිබුණි. රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධ ගැටලුව "ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්නා" මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ අතර මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම සිය රටේ ජීවත්වෙන සියලුම වාසීන් ගේ අයිතිවාසිකම් රැකගන්නා මෙන් මියන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය. රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සරණාගතභාවය පතා මියන්මාර රෝහින්ග්‍යා වැසියන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව ඇඟවෙන ආකාරයේ ඡායාරූප සහ එවැනි සූදානමක් පවතින බවට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයක් ගෙන යනු දක්නට ලැබේ. එවැනි ප්‍රචාර හේතුවෙන් මියන්මාර ජාතිකයන් වෙත සංචාරක වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ එය තරයේ ප්‍රතික්ෂේප කළේය. රෝහින්ග්‍යා ජනතාවට එරෙහි ප්‍රහාරවලට විරෝධය පාමින් මන්නාරමේ පැවති උද්ඝෝෂණයක් |
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් සඳුදා (දෙසැම්බර් 11) දිනය තුළ රාජකාරියට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. | පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ පවා එල්ලී ගමන් කරන මගීන් දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ආරම්භකළ මෙම වරජනයට මේ වන විට දින පහක් ගත වී තිබේ. ඉරිදා රාත්‍රියේ ද වර්ජකයන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එය ද අසාර්ථකවී තිබේ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව සේවයට වාර්තා කිරීම සඳහා වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන්ට සඳුදා දක්වා කාලය ලබාදී තිබුණි. "මොවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදීලා තියෙද්දී තමයි මේ වර්ජනය කරන්නේ. දැන් මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළාම නිවාඩු සියල්ලම අවලංගු වෙනවා. වැඩට ආවේ නැත්නම් ලිපි නිකුත් කරයි සේවය අතහැර ගියා කියල සලකල," ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවතින තත්වය ගැන එලෙස අදහස් දැක්වීය. සබැඳි යොමු: ඉරිදා රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ වර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති සඳහන් කළේ, දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වුවත් සිය ඉල්ලීම් ලබාදෙන තුරු සේවයට වාර්තා නොකරන බවය. "අපිව මර්දනය කරන්න මේ රජය ගන්න ක්‍රියාමාර්ගය අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේකට බයවෙලා අපි මේ වර්ජනය නවත්වන්නේ නැහැ. අපි අපේ සාමාජිකයන්ගෙන් ඉල්ලනවා මේ කිසිදේකට බය වෙන්න එපා, දිගටම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉන්න," යනුවෙන් දුම්රිය නියාමක සංගමයේ ලේකම් පීඑම්පී පීරිස් ප්‍රකාශ කළේය. මේ අතර ඉරිදා වර්ජකයන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් අඟහරුවාදා (දෙසැම්බර් 12) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවන අපහසුතා ගැන සළකා වර්ජනය අත්හරින මෙන් වර්ජකයන්ගෙන් ඉල්ලීමක් කළේය. කෙසේ වෙතත් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති නියෝජිතයෝ, සිය දරුවන් විභාග මධ්‍යස්ථාන කරා යොමුකිරීමට විකල්ප භාවිත කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියහ. මේ අතර පවතින තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිය සේවය ලබාදීමට කැමති විශ්‍රාමික ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන්ට යළි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ. වැඩ වර්ජනයේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් සඳුදා සේවයට වාර්තා කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. |
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් 'විශ්වසනීය' පරීක්ෂණයක් පැවැත්වීමේ නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සැලසුම්වලට පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රසාදය පළ කළේය. | නව අගවිනිසුරු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු 'සාධනීය පියවර' පිළිබඳව පොදු රද මඬුල්ලේ ප්‍රසාදය ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් හමාරයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා ඒ බව සඳහන් කරන්නේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්. එම දේශීය පරීක්ෂණය පැවැත්වීම සඳහා ආධාර කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද ඔහු පැවසීය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර පරීක්ෂණවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි විරෝධය පළ කළ අතර, දේශීය වශයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන මෙන් එල්ල වූ බලපෑම් ද ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු පත්කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සභාපතිත්වයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ කොළඹ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රාජ්යා නායකයන් කිහිප දෙනකුම වර්ජනය කළේ පසුගිය රජයේ එම ප්‍රතිපත්තියට විරෝධය පාමින්. ජනවාරි 08 වැනි දින පැවැත්වුණු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පදවියට පත් වන අතර, සිය නව පදවියේ වගකීම් පිළිබඳවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව කමලේෂ් ශර්මා සඳහන් කරයි. කනගසබාපති ශ්රීපවන් නව අගවිනිසුරු පදවියට පත්කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන 'සාධනීය පියවර' පිළිබඳව ද මහ ලේකම්වරයා ප්‍රසාදය පළ කොට තිබේ. |
සිංහරාජය හරහා යන ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් මතු වූ විරෝධය මෙන් තවත් විරෝධයක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතී. | ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය 'විල් අලින්ගේ' තෝතැන්නකි. ඒ, ශ්‍රී ලංකාවේ වියළි කළාපය තුළ පිහිටි එකම තෙත් බිම් ජාතික වනෝද්‍යානය වූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝ මීටර 13 ක් දිග මාර්ගයක් ජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීම හේතුවෙනි. මෙය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම පරිසර විනාශයට නව මාර්ගයක් විවෘත කිරීමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇතත් ඊට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.ජී වීරසේන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඉඳලා සෝමාවතිය දක්වා අලි යන කොරිඩෝ එක මේක. අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට සහ ත්‍රිකෝණ මඩු රක්ෂිතය දක්වා අලි ඇතුළු වන සතුන් හුවමාරු වෙන්නේ මේක හරහා. ඒ මැද්දෙන් පාරක් දාල ඇතිවෙන ප්‍රශ්න ගැන හිතන්නේ නැද්ද? මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් විදියට ඉදිරිපත් වුණාට වැලි නිධිය හා වෙනත් දේවල් ඉලක්ක කර ගත්ත යෝජනාවක් වෙන්නත් පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් පැවසුවේය. මහවැලි ගඟේ පිටාර තැන්නට අයත් මේ වනෝද්‍යානයේ විල්ලු පරිසර පද්ධතියක් දක්නට ලැබේ. 'විල් අලින්ගේ' තෝතැන්න මහවැලි ගඟේ පිටාර ජලයෙන් පෝෂණය ලබන විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් වන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ 'විල් අලි' ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කර කෙරුණි. 1984 වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර තිබේ. 'යක්කුරේ' ට යන පාර මනම්පිටිය පාලම අසළින් ආරම්භ වන, මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ සහ නුවරගල දෙසට ගමන් කරන පැරණි මාර්ගයක් විය.. එහෙත් 1984 දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දැමුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඊට විකල්පයක් ලෙස ජනතාවගේ ගමන් පහසුව සඳහා සිරිපුර හරහා වැටි ඇති පොළොන්නරුවේ සිට මහියංගනය දක්වා දිවෙන කාපට් ඇතිරූ මාර්ගය භාවිතයට ගන්නා ලදී. වසර 36ක් වල්බිහිවූ මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කර ජනතාවට විවෘත කිරීමේ උත්සාහයට රොෂාන් රණසිංහ සහ විමලවීර දිසානායක යන අමාත්‍යවරු මැදිහත්වී සිටිති. ඊට අදාළ සාකච්ඡාවක් නොවැම්බර් 15 දින ද පොළොන්නරුවේ දී පැවැත්විණි. 1984 දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ''ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක්'' ''මේ මාර්ගය 2005 දක්වා ජනතාව භාවිත කළ එකක්. බෝක්කු සේරම දාලා මේක මහවැලි ප්ලැන් එකේ තියෙන මාර්ගයක්. පරිසරයත් ආරක්ෂා වෙන පරිදි ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම අපේ යුතුකමක්. ජාතික වනෝද්‍යාන හරහා ලංකාවේ තියෙන එකම මාර්ගය නෙමෙයි මේක. කොළඹ ඉන්න NGO දන්නේ නෑ පොළොන්නරුවේ ඉන්න මිනුස්සුන්ගේ ප්‍රශ්න. මේකත් ලංකාගම ප්රශ්නය වගේම තමයි. '' යනුවෙන් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ඔහු මෙන්ම විමලවීර දිසානායක අමාත්‍යවරයා ද අවධාරණය කරන්නේ මෙය ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් බැවින් එය ඉටු කළ යුතු බවය. ''ඒක අලුත් පාරක් නෙමෙයි. යුද්දෙ කාලේ යන්නඑන්න බැරුව වහපු පාරක්. මහාමාර්ග ඇමතිතුමාගෙන් ජනතාව ඉල්ලලා තියෙනවා ඒ පාර ඇතුළු තව පාරවල් ගණනාවක් විවෘත කරන්න කියලා. මම සහ අපේ ඇමතිවරු ගණනාවක් ගිය වෙලාවේ නැවත ඕක ඉදිරිපත් වුණා. යක්කුරේ පීඩිත ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් අනුව තමයි මේ පාර දෙන්නේ.'' යනුවෙන් විමලවීර දිසානායක අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය. ''රෑට ඒ ගම්වල අලි ගහලා, සර්පයෝ කාලා විවිධ හේතු මත මිය ගිහිල්ලා තියෙනවා විශාල පිරිසක්. ඒ සියල්ල සලකලා පාර කාපට් කරන්නේ නැතුව, තාර දාන්නේ නැතුව ප්‍රතිසන්කරණය කරලා පාවිචිචියට ගන්න ඉඩ දෙනවා. ඒ පාර පාවිච්චි කරන්න පුළුවන් යක්කුරේ සහ අවට ගම්මානවල අයට විතරයි. හවස හයට පාර වහන එකත් අපේ කොන්දේසියක්.'' ''හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ?'' වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance), 2(1) වගන්තිය යටතේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත. එම පනත අනුව ජාතික වනෝද්‍යානය ස්ථාපනය කරන අවස්ථාවේදී පැරණි මාර්ගයේ අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණ ද අනුයාතව අවුරුදු දෙකක් එය භාවිත නොකළානම් ඒ අයිතිය අහෝසි වන බව පනතේ තුන්වන වගන්තියේ සඳහන්ව ඇතැයි ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය. ''එතකොට මේක ප්‍රකාශයට පත් කරලා අවුරුදු 36කට පස්සේ ඒ අයිතිය ආපහු නැවත ඉල්ලන්න නීතියට අනුව කිසිම කෙනෙකුට බෑ. අනිත් කාරණාව තමයි ජාතික වනෝද්‍යානයකට කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් පනතේ 05 වගන්තියේ තියෙන කාරණා වලට විතරයි. ඒ කියන්නේ විනෝදාස්වාදයට සතුන් නැරඹීමට හෝ අධ්‍යයන හෝ පරීක්ෂණ සඳහා පමණයි. ඒකට ඇතුළු වෙන්නත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ගන්න ඕනා. එතකොට හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ.'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. ''දේශපාලනඥයෝ කවුරුහරි කියනවනම් මෙහෙම තීන්දු ගන්න කියලා අපිට නිලධාරීන්ට කියන්න සිද්ධ වෙනවා ගිය සතියේ දීපු අපි විල්පත්තුව කියල හඳුන්වන නඩු තීන්දුව නැවත කියවන්න කියලා. දේශපාලනඥයන්ගේ ඉල්ලීම හෝ බලපෑම මත තමන් වැරදි තීරණයක් ගත්තොත් අන්තිමට අත්සන වැදෙන්නේ තමන්ගේ. ඒක නිසා කවදාහරි දවසක අධිකරණයක් ඉදිරියේ හෝ කොමිසමක් ඉදිරියේ වරදකරු වෙන්නේ තමන්.'' යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේය. වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රතිචාරය සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් ද බීබීසී සිංහල සේවය විමසීමක් කළේය. ''පාර විවෘත කරන්න කියලා පොළොන්නරුවේ තිබුණු රැස්වීමකදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ අපි කිවුවා මේක කරන්න නුසුදුසු දෙයක් කියලා. නමුත් අර ඇමතිතුමා ප්‍රතිපත්තිමය වශයෙන් කිවුවා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒ අනුව හොයලා බලනවා අපි.'' යනුවෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. | එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක් භාර ගැනීමට නියමිත බැවින් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරීමට හැකියාවක් නොමැති බව පෝල් ෆාර්බ්රෙස් තමන්ට දැනුම් දුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔහු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු තනතුර භාර ගැනීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. පුහුණුකරුගේ ඉල්ලා අස්වීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කියා සිටියේ, ඔහුට නියමිත වේලාවට සිය වේතනය පවා නොලැබුන බව තමන්ට දැන ගන්නට ලැබුණ බවයි. එමෙන්ම ජෙෆ් මාෂ් වැනි පුහුණුකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ ආකාරය පෝල් ෆාබ්‍රේස් දැන සිටි බැවින්, පුහුණුකරු සිය තීන්දුවට එළඹීමේදී අදාළ පසුබිමද බලපාන්නට ඇති බවත් එම ක්‍රීඩකයා සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකදී කියා සිටියේය. කෙසේ නමුත් පෝල් ෆාබ්‍රේස්ට නිසි ගෞරවය ලබා දෙමින් හැකි සෑම අවස්ථාවකම ඔහුගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසන්නේ. |
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. | මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? සබන් යොදා නිතර අත් සේදීම නිර්දේශ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය. අප මෙය පැතිරීම නවත්වන්නේ කෙසේද? කැස්ස හෝ කිවිසුම් ඇති වන විට ඔබේ මුව ආවරණය කර ගන්න. මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳීමෙන් වෛරසයෙන් ආරක්ෂා විය හැකිද? ඔබ සුපිරි වෙළෙඳසලින් මිල දී ගන්නා සරල මුහුණු ආවරණවලින් වෛරසය ආසාදනය වීම වැළකෙන්නේ නැත. එවැනි මුහුණු ආවරණවල ඇති ලිහිල්බව, දෑස් ආවරණය කර ගැනීමට නොහැකි වීම සහ දිගු කලක් පැළඳිය නොහැකි වීමය මෙයට හේතු වේ. කෙසේනමුත්, ආසාදිත පුද්ගලයින්ගේ බිඳිති අන් අය වෙත ළඟා වීම මෙම මුහුණු ආවරණවලින් වළක්වා ගත හැකිය. සාර්ස්-කොව්-2 (Sars-CoV-2) වෛරසය ඇති බොහෝ පුද්ගලයින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව ඔබේ මතකයේ ඇත. එබැවින් වෙනත් පුද්ගලයින් වටා සිටිය දී මුහුණු ආවරණ භාවිත කිරීම යෝග්‍යය වේ. ඔබේ දෙඅත් නිතර සබන් සහ ජලයෙන් සේදීමෙන්, අත්වැසුම් භාවිත කරනවාට වඩා කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මට කොවිඩ් -19 ආසාදනය වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද? වියළි කැස්ස එක් රෝග ලක්ෂණයකි. කොරෝනාවෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස වන අතර මේවා පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුය. උගුරේ අමාරුව, හිසරදය සහ පාචනය ද සමහර අවස්ථාවල වාර්තා වී ඇති අතර, සමහර පුද්ගලයන්ට රස සහ සුවඳ නොදැනීම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරන බවටද අනුමාන තොරතුරු වාර්තාවී තිබේ. මට එම රෝග ලක්ෂණ ඇත්නම් කුමක් කළ යුතුද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හිසරදය සහ නාසයෙන් හොටු දියර ගැලීම වැනි සුළු රෝග ලක්ෂණ සහිත අසනීප තත්ත්වයක් වුව හැඟෙන්නේ නම් ඔබ නිවසේ රැඳී සිටිය යුතුය. කොවිඩ් -19 ආසාදිතයන් 80% ක් පෙන්වා සිටින්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බව මතකයේ තබා ගත යුතුය. නමුත් ඔබ අන් අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ. කෙසේවෙතත්, උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත්, ඔබට ශ්වසන ආසාදනයක් හෝ වෙනත් බරපතල රෝගී තත්ත්වයක් තිබිය හැකි බැවින් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොවිඩ් -19 කොතරම් භයානකද? 'The Lancet Infectious Diseases' වෛද්‍ය සඟරාවේ පළ කර තිබුණු නව පර්යේෂණයක දත්ත අනුව, මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 0.66% ක් පමණ මිය යන බව ඇස්තමේන්තු කර තිබේ. සෘතු ආශ්‍රීත සාමාන්‍ය උණ රෝගයෙන් මිය යන පුද්ගලයින් 0.1% ට වඩා මෙය බෙහෙවින් වැඩි නමුත් පෙර ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩු ය. නමුත්, කොපමණ රෝගීන් ප්‍රමාණයක් ඇත්දැයි දැන ගන්නා තුරු කොවිඩ් -19 මරණ අනුපාතය නිශ්චිතව කිව නොහැක. වසංගතයක් තුළ සිදුවන මරණ අනුපාතය ගණනය කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. මන්ද යත්, යම් පුද්ගලයෙකුට රෝගය වැළදී එයින් මියයන කාලය අතර පරතරයක් ඇති බැවිනි. ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි වර්තමාන ඇස්තමේන්තුවට අනුව වයස 80 ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 10 ගුණයක් වැඩි අතර 40ට අඩු පුද්ගලයන් අතර බෙහෙවින් අවම අගයක් ගනී. චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින් අතර මරණ අවම වශයෙන් පස් ගුණයකින් වැඩි බවය. ප්‍රතිකාරයක් තිබේද? නව වෛරසය සඳහා නිශ්චිත ඖෂධයක් හෝ එන්නත් නොමැති අතර ප්‍රතිජීවක ඖෂධවලින් බලපෑමක් ඇති නොකරයි. (ප්‍රතිජීවක ඖෂධ සටන් කරන්නේ බැක්ටීරියාවලට එරෙහිව මිස වෛරස්වලට එරෙහිව නොවේ). ප්‍රතිකාරවලට විකල්ප පවතින නමුත්, බොහෝ පුද්ගලයන් ඔවුන් විසින්ම සුව අතට හරවනු ලබයි. ලොව පුරා විද්‍යාඥයින් එන්නතක් නිපදවීම සඳහා වෙහෙසෙන නමුත්, පළමුව එය අත්හදා බැලීමේ පරීක්ෂණ කළ යුතුය. එබැවින් එන්නතක් සූදානම් කිරීමට පෙර යම් කාලයක් ගතවනු ඇත. මෙම වසංගතය අතරතුර මගේ මානසික සෞඛ්‍යය රැකබලා ගන්නේ කෙසේද? අප ගෙවමින් සිටින්නේ අපහසු කාලපරිච්ඡේදයක් බවට සැක නැත. ඒ නිසා ඔබට බොහෝ විට කනස්සල්ල, ආතතිය, දුක, කම්මැලිකම, තනිකම සහ කලකිරීමක් දැනීමට ඉඩ ඇත. මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය. |
විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ 'ඓතිහාසික කාර්යයට' දායකවීම පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු දෙනාට තුති පුදන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. | 'ඓතිහාසික කාර්යයට සියලු දෙනා දායක වුනා' කාරක සභා විවාදයෙන් අනතුරුව සංශෝධනයේ තුන් වෙනි වර කියවීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. එයට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර, විරුද්ධව එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිත කළේය. යෝජානවා පිලිබඳ දෙවැනි වර ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 215 ක් ලැබී තිබුණි. මැතිවරණ ක්‍රමය සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර ඡන්දය දීමෙන් වැලකී සිටියේය. '20 වැනි සංශෝධනයත් සම්මත කළ යුතුයි' තුන්වෙනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු දස දෙනකු සභා ගර්භයේ සිටියේ නැත. එය සම්මත වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඒ ආකාරයෙන්ම සම්මත වනු දැකීම සිය අභිප්‍රාය බව සඳහන් කළේය. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය පළ වී තිබූ අතර, ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැරුණු විට අනෙක් සියලු සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බව ඔවුන්ගේ තර්කය වී තිබුණි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනකු ස්වාධීන පුද්ගලයන් විය යුතු බවත්, හත් දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටත් අවසානයේදී දෙපාර්ශවය එකඟත්වයකට පැමිණ තිබේ. එම එකඟත්වය පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නොමැති බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, සිය ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බැවින් සම්මුතියකට පැමිණීමට සිදු වූ බව සඳහන් කළේය. |
බොස්නියාවේ සහ සර්බියාවේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අන්තර්ජාතික මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ. | මැසිඩෝනියාවේ හා ස්ලෝවේනියාවේ ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා පැමිණෙයි යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත් වුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. සර්බියාවේ අගමැති අලෙක්සන්දර් වුසික් පවතින තත්වය විස්තර කරමින් කියා සිටියේ තවදුරටත් සහන සැලසීම් අවශ්‍ය බවත් ඒ අතර ආහාර, ඇඳුම් හා පානීය ජලය විශේෂයෙන් උවමනා කර තිබෙන බවයි. මැසිඩෝනියාවේ හා ස්ලෝවේනියාවේ වෙසෙන ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවලට පැමිණෙන බව බෙල්ග්‍රේඩ් හි බීබීසී වාර්තාකරු පැවසීය. මේ වන විට ගංවතුර තත්වය පහව යමින් තිබුනත් බලධාරීන් අනතුරු අඟවන්නේ සති අග වන විට තවදුරටත් වැසි වැටෙනු ඇති බවයි. ගංවතුර හේතුවෙන් මේ වන විට මිය ගිය පිරිස හතළිහකට අධික බවයි වාර්තා වන්නේ. |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රචලිත කිරීමට හැම විටම ක්‍රියා කරන ආණ්ඩුවක් වශයෙන් ෆේස්බුක් හෝ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ කිසිදු අදහසක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. | 'ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අවශ්‍යයි' සමාජ වෙබ් අඩවි සහ මාධ්‍ය ආරක්ෂා සහිත භාවිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු විනා ඒවා තහනම් කිරීම සිය රජයේ අරමුණ නොවන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයක සඳහන් කරයි. "සමාජ වෙබ් අඩවි/මාධ්‍යයේ ප්‍රබල වාසි මෙන්ම විශේෂයෙන් ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අපට අවශ්‍යයි," යනුවෙන්ද කොටස් හතරකින් යුක්තව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයේ දැක්වේ. 'අන්තරාය' ෆේස්බුක් ජාලයේ පළ කළ ඡායාරූපයක් පිළිබඳව විදුහල්පතිවරයා විසින් අවවාද කරනු ලැබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දැරියක් සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳව යලිත් වරක් රට පුරා සංවාදයක් මතු වී තිබේ. සමාජ ජාල දැනුවත්ව භාවිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාද කිහිප වතාවක්ම පෙන්වා දී ඇති අතර, ෆේස්බුක් ජාලය තහනම් කළ යුතු යයි ළමා කටයුතු ඇමතිවරයා පවසා තිබිණ. එහෙත් සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම භාෂණයේ නිදහසට වැට බැඳීමක් බව පවසමින් ජනමාධ්‍ය සංවිධාන සහ විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධය පළ කළහ. තරුණ පරපුර සිය දිවි නසා ගැනීම, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ පැවති තත්වයක් බව සමාජ විද්‍යාඥයෝ මේ අතර පෙන්වා දෙති. |
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පවතින ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලා යන රෝහින්ග්‍යා අනාථයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. | ගතවගිය පැය 24 ඇතුළත පමණක් තවත් රෝහින්ග්‍යා අනාථයන් 35,000 ක් බංග්ලාදේශයට ඇතුළු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ අනුව පසුගිය අගෝස්තු 25 වෙනි දින සිට 123,000 කට වැඩි පිරිසක් මියන්මාරයෙන් පලා ගොස් තිබේ. රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් විසින් රඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් අනතුරුව මියන්මාර ආරක්ෂක හමුදා ප්‍රදේශයේ අලුත් මෙහෙයුම් දියත් කළේය. ඒ සමගම ගැටුම්වලට කොටු වූ රෝහින්ග්‍යා ජනතාව සිය ගම් බිම් අත්හැර පලායාමට පටන් ගත්හ. "රෝහින්ග්‍යා" සහ "රෝහින්ජා" ගැන මේ කරුණු දැන සිටියාද? ආරක්ෂක හමුදා සහ ප්‍රදේශයේ බෞද්ධයන් සිය ගම්මානවලට කඩා වැදී සාමාන්‍ය වැසියන්ට පහර දෙමින්, ඔවුන් ඝාතනය කරමින් සිටින බව පලා එන අනාථයෝ පවසති. තමන් සිය ගම්මානවලින් පලවා හැරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ඔවුහු පවසති. එහෙත් ආරක්ෂක හමුදාව පවසන්නේ සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කරන රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම පිණිස මෙහෙයුමක් දියත්කර ඇති බවය. බීබීසී බෙංගාලි භාෂා සේවය සහ බුරුම භාෂා සේවය, සිය වාර්තාකරුවන්ගේ වාර්තා ද ඇසුරින් භූමියේ පවතින තත්වය පිළිබඳව දිනපතාම වාර්තා කරති. රෝහින්ග්‍යාවරුන් සම්බන්ධයෙන් දෙරට පවතින ආකල්ප සහ මතු වී තිබෙන අලුත්ම තත්වය පිළිබඳව බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා සහ බුරුම භාෂා සේවයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෝ වින් තාන් මෙසේ පැහැදිලි කළහ. "රෝහින්ග්‍යා සහ රෝහින්ජා" "බංග්ලාදේශයේ ජනතාව රෝහින්ග්‍යාවරු හඳුන්වන්නේ රඛයින් ප්‍රාන්තයෙන් ආපු බුරුම ජනතාව කියල," බීබීසී බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා පවසයි. "රඛයින් ප්‍රාන්තය කළින් හැඳින්වුනේ අරකාන් ප්‍රාන්තය කියල. අරකාන් ප්‍රාන්තය කාලයක් ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණ. තවත් කාලයක් බුරුම අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණ. ඒ යුගයේ සිට අරකාන් ප්‍රාන්තයට සංක්‍රමණය වුනු බෙංගාලි ජාතික ජනතාව ඒ ප්‍රදේශවල පදිංචි වෙලා රෝහින්ග්‍යා ජනතාව බවට පත්වුණා," සබීර් මුස්තාෆා විස්තර කරයි. "ඔවුන් තවදුරටත් බෙංගාලි ජාතිකයෝ නෙවෙයි. ඔවුන් රඛයින් ප්‍රාන්තයෙන් පැවත එන්නන් නොවන නිසා ඔවුන් රඛයින් වාසීනුත් නෙවෙයි. තමන් අරකාන්වාසීන් හැටියට දකින ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ රෝහින්ග්‍යාවරුන් කියල." කෙසේ නමුත් රෝහින්ග්‍යා ජනතාව පිළිබඳව බුරුමයේ පවතින්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයකි. මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ "රෝහින්ග්‍යා" ලෙස නොව "රෝහින්ජා" ජනතාව ලෙසිනි. "ඇත්තටම බුරුම භාෂාවෙන් ගත්තොත් රෝහින්ජා කියන එකේ කිසිම තේරුමක් නෑ," බීබීසී බුරුම භාෂා සේවයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෝ වින් තාන් පවසයි. "රෝහින්ජා කියන්නේ බංග්ලාදේශ දේශසීමාවේ ජීවත්වෙන ජන කණ්ඩායමක් අලුතෙන් හදාගත්ත නමක් කියන එක තමයි මියන්මාර ජනතාවගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය වෙලා තියෙන්නේ. ඔවුන්ට තමන්ගේම අනන්‍යතාවක් අවශ්‍ය වෙලා ඔවුන් මේ රෝහින්ජා කියන නම දාගෙන තියෙනවා," සෝ වින් තාන් විස්තර කළේය. "කොහොම වුනත් රෝහින්ජා කියන්නේ වෙනම ජන වර්ගයක් කියල බුරුමය පිළිගන්නේ නෑ. බුරුමයේ ඔවුන් හඳුන්වන්නේ බෙංගාලි ජනතාව කියල." රෝහින්ග්යාවරුන්ගේ භාෂාවේ බෙංගාලි භාෂාවේ ඌරුවක් තිබෙන බව පිළිගන්නා සබීර් මුස්තාෆා ඔවුන් සිය භාෂාවෙන් පළ කරන අදහස් ඇතැම් බෙංගාලි ජාතිකයන්ට වැටහෙන බවත් සඳහන් කළේය. "ඒ නිසා ඔවුන් බංග්ලාදේශ ජාතිකයන් කියල බංග්ලාදේශයේ ජනතාව පිළිගන්නේ නෑ. බංග්ලාදේශ ජාතිකයන්ට ඔවුන් මියන්මාර පුරවැසියන් වන රෝහින්ග්‍යා ජාතිකයන්." කෙසේ නමුත් මියන්මාර බලධාරීන් එය ප්‍රතික්ෂේප කරන බව බීබීසී බුරුම භාෂා සේවයේ සෝ වින් තාන් පෙන්වා දෙයි. "ජනවර්ගය ගැන තියෙන මතභේදය උඩ, මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණිකයන් කියල. ඒ නිසා මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ බෙංගාලි ජනතාව හැටියට. " ඔවුන් "රෝහින්ජාවරුන්" ලෙසින් පිළිගතහොත්, ඒ සමගම ඔවුන් සිය රටේ වෙසෙන ජනවර්ගයක් ලෙසින් පිළිගැනීමට සිදුවීම මියන්මාර බලධාරීන් මුහුණ දී සිටින ගැටලුව බව ද සෝ වින් තාන් පැහැදිලි කළේය. "ඒ නිසා ඔවුන්ට රෝහින්ජාවරු කියල හඳුන්වන්න එපා කියල ඕන් සාන් සුචී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනව." රෝහින්ග්‍යාවරුන් සිය රටේ පුරවැසියන් ලෙසින් පිළි නොගන්නා නමුත් සහෝදර මුස්ලිම් ජනතාවකට අත් වී තිබෙන ඉරණම පිළිබඳව බංග්ලාදේශ වැසියන් සානුකම්පිත ආකල්පයක් දරන බව ද බීබීසී බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා පෙන්වා දෙයි. බුරුමයේ ශ්‍රී ලාංකිකයෝ "ඒ වගේම අමතක කරන්න එපා බංග්ලාදේශ වැසියනුත් කාලයක් අනාථයන් වෙලා හිටපු බව. 1971 දී පාකිස්තානයත් එක්ක යුද්දෙ තිබුණ වෙලාවේ කෝටියකට වැඩිය බෙංගාලි ජාතිකයෝ අනාථයෝ විදියට ඉන්දියාවට පලා ගියා. බංග්ලාදේශ ජනතාවට ඒකත් අමතක වෙලා නැහැ." කෙසේ වෙතත් ඔවුන් යළි මියන්මාරය බලා ගොස් සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියන් ලෙසින් දිවි ගෙවනු දැකීම බංග්ලාදේශ ජනතාවගේ අභිලාශය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රඛයින් ප්‍රාන්තයේ මතු වී තිබෙන අර්බුදකාරී වාතාවරණයෙන් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසියම් බලපෑමක් සිදු වී තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එහි සිටින ශ්‍රී ලංකා තානාපති කේඩබ්එන්ඩී කරුණාරත්න කියා සිටියේ, කිසිම ශ්‍රී ලාංකිකයෙක් රඛයින් ප්‍රාන්තයේ වාසය නොකරන බවය. මියන්මාරයේ වාසය කරන්නේ ශ්‍රී ලාංකිකයන් 400 කට ආසන්න පිරිසක් පමණක් බව සඳහන් කළ තානාපතිවරයා, රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් ඒ කිසිවෙකුටත් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් සඳහන් කළේය. |
කොරෝනාවෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මහලු අඹුසැමි යුවලකට අවසන්වරට සමුගැනීමට අවස්ථාව සැලසීමක් පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා විය. | ගැරී සහ බාබරා සති දෙකකට පෙර කෝවිඩ් -19 වසංගතයට ගොදුරුවූයෙන් රෝහල්ගත කරනු ලැබුණි රෝහල් කාර්ය මණ්ඩලය විසින් එවැනි පියවරක් ගන්නා ලද්දේ වෛරසය ආසාදනය වී සිටි මහලු කාන්තාවගේ තත්ත්වය ඉතාම නරක අතට හැරීමත් සමඟය. එක්සත් රාජධානියේ 'බර්ක්ෂයර්' පළාතේ 'බ්රක්නල් ' නගරයේ වැසියන් වන 'ගැරී' සහ 'බාබරා' එම සමුගැනීම සිදුකරන ලද්දේ 'සරේ' පළාතේ 'ෆ්රිම්ලි පාර්ක්' රෝහලේ (Frimley Park Hospital) වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් සිටි අතරය. සිය දෙමව්පියන් අවසන් සමුගැනීම සඳහා මුණගැසුණු අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් 'ට්විටර්' පණිවුඩයක් ද සමඟ පළ කළ ඔවුන්ගේ දියණිය 'ක්ලෝඊ' (Chloe) ' සිය මව ජීවිතයේ අවසන් මොහොත කරා ලංව සිටින ආකාරයක් දක්නට ලැබුණු බව පවසා තිබුණි. රෝහල් කාර්ය මණ්ඩලය විසින් ගනු ලබන අදහාගත නොහැකි ප්රයත්නයට ස්තුතිවන්නට තම මව්පිය දෙපළට අතිරේක කාලයක් ඔවුනොවුන් සමඟ ගතකිරීමට අවස්ථාව ලද බවත් ඇය පවසන්නීය. ගැරී 79 වෙනි වියේ පසුවෙන අතර බාබරාගේ වයස අවුරුදු 76කි. ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට වසර පනහකි. මෙයින් සති දෙකකට පෙර සිය මව සහ පියා කෝවිඩ් -19 වසංගතයට ගොදුරුවූයෙන් රෝහල්ගත කළ බව දියණිය පවසයි. ''වෛරසය දරුණුතම අවස්ථාවකට පත්ව තිබෙන අතරවාරයේ රෝහල් කාර්ය මණ්ඩලය මගේ පියාට, ඇතැම්විට ඔවුන්ගේ අවසන් හමුව විය හැකි මුණගැසීම සඳහා අවස්ථාව ලබා දුන්නා'' පසුගිය සතියේ අඟහරුවාදා ක්ලෝඊ විසින් නිකුත්කරන ලද 'ට්විටර්' පණිවුඩයෙහි සඳහන් වෙයි. ඉන් අනතුරුව බාබරා ගේ තත්ත්වය තවත් දරුණු අතට හැරීමෙන් පසු ඔවුන් දෙදෙනාට තවත් හමුවක් සඳහා පියවර ගෙන තිබුණි. ''මගේ මව ඇයගේ ජීවිතයේ අවසන් මොහොත කරා පැමිණ සිටින බවක් ඒ මොහොතේ පෙනී ගියා'' ගැරීට සහ බාබරාට අවසන්වරට දැක ගැනීමට අවස්ථාව සැලසීම ''උපරිම සත්කාර සැලසීමක්'' වූ බව FPH රෝහල පවසයි ''මගේ පියා රෝද පුටුවකින් ආවේ කඳුළු සලමින්. ඇවිත් අම්මාගේ අත අල්ලගත්තා. එතකොටම අම්ම ඇස් ඇරලා බැලුවා. අම්මගේ ඇස් දීප්තිමත් වුණා. ඇයට කතාකරන්න පුළුවන් වුණා'' ක්ලෝඊ සිය දෙමව්පියන් ඔවුනොවුන් අවසන්වරට දැකගත් මොහොත ගැන සඳහන් කරයි. ''අම්මාගේ හුස්ම ගැනීම යළිත් නරක අතට හැරීමට පෙර අපට ඉතාම වටිනා අතිරේක පැයක හෝ දෙකක කාලයකුත් ලැබුණා. එය අපට කියාගන්න තිබුණු දේවල් කියාගැනීම සඳහා ලද කාලයක්'' ''එම හමුව සලසාදුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුදෙනාට ස්තුතියි! මේ වගේ දුෂ්කර කාලයක එවැනි අවස්ථාවක් ලැබීමත් සිතාගන්නත් අමාරු තරම්'' ''සංවේදීභාවයේ සීමා'' ගැරී සහ බාබරාගේ දියණිය ක්ලෝඊ කෙල්ජරෙට් ( Keljarrett) 'බ්රකන්හේල්' පාසලේ ගුරුවරියකි. තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන ලකුණු ඇතත්, පූර්ණ සුවය ලැබීම සඳහා ඔහුට තවත් කාලය ගතකිරීමට සිදුවිය හැකි බව ඇය සඳහන් කළාය. '''මගේ පියාට තවත් සෞඛ්‍ය ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා යලි සුවය ලැබීම අතින් පියාට දුෂ්කර කාලයක් ගෙවන්න සිදුවේවි. නමුත් මගේ පියා මේ භයානක වෛරසය පරාජය කරාවි කියන ශුභවාදී ආකල්පය තුළයි මම ඉන්නේ' ඇය වැඩිදුරටත් පවසයි. දැනට පවතින කාර්ය මණ්ඩල හිඟය නිසා අනපේක්ෂිත මට්ටමින් වැඩමුර දෙකක් කිරීමට සිදුවූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් තමාට මුණගැසුණු බවත් ක්ලෝඊ කෙල්ජරෙට් ( Keljarrett) සඳහන් කරයි. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ මෙවැනි අදහසකි. ''මෙම රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මුහුණදී සිටින සංවේදී සහ ශාරීරික වෙහෙසේ සීමාවන් අනුව ඔවුන් රෝගීන් සම්බන්ධයෙන් මෙතරම් සානුකම්පිත වන්නේ කෙසේද? යන්න මට සිතාගන්නත් අමාරුයි'' 'ක්ලෝඊ කෙජරෙට්' විසින් පළකරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයට ප්‍රතිචාරය දක්වන 'ෆ්රිම්ලි පාර්ක්' රෝහල (Frimley Park Hospital)මෙසේ සඳහන් කරයි. ''අපගේ හදවත් ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි යොමුවෙයි'' ''ඔබ සියලුදෙනා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේ ඔබට මඳ සහනයක් සැලසීමට හැකිවීම සම්බන්ධයෙන් අපගේ රෝහල් කාර්ය මණ්ඩලය සතුටට පත්වෙයි'' ''මෙය සැබැවින්ම අප රෝහල විසින් ලබාදෙන රැකවරණයේ එක්තරා අංශයකි'' කියවන්න ; |
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටා ඇති ජාත්‍යන්තර පුණ්‍යායතනයක කාර්යාලයට එල්ලවූ බෝම්බ සහ තුවක්කු ප්‍රහාරයකින් අවමවශයෙන් එක් පුද්ගලයෙකුවත් මියගොස් ඇති බව බලධාරීහු පවසති. | ප්‍රහාරය සිදුවූ ශාර් එ නාව් ප්‍රදේශයෙන් දුම් කන්දක ඉහළ නගින අයුරු දක්නට ලැබුණි මෝටර්රථ බෝම්බයක් පුපුරාහැරීමෙන් පසු ශාර් එ නාව් ප්‍රදේශයේ ඇති ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබේ. පැය විසි හතරක් ඇතුළත නගරය තුළ සිදුවූ පස්වැනි ප්‍රහාරය මෙය වන අතර කිසිවෙකු විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. ප්‍රහාරකයන් සියලු දෙනා මරාදමනු ලැබූ බවයි වාර්තාවන්නේ. කාබුල් නුවර ප්‍රහාරය සිදුවූ ස්ථානයේ ආරක්ෂක මෙහෙයුම් දියත්කොට ඇත. මෑතක සිට කාබුල් නගරය තුළ තාලිබාන් සන්නද්ධකරුවන් සිදුකරන ප්රහාරයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. සඳුදා පුද්ගලයන් 24 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් සියයකට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් සිදුවූ බෝම්බ පිපිරවීමේ වගකීම එම සංවිධානය විසින් භාරගනුලැබ තිබුණි. එම ප්‍රහාරයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදා ජෙනරාල්වරයෙකු මරණයට පත්වූ බවයි ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ. ගොඩනැගිල්ලට යාබදව පිහිටි ආපනශාලාවක වීදුරු ද පුපුරා කඩා වැටී තිබුණි. කාබුල් අගනුවර දියුණුම ව්‍යාපාර සහිත මෙන්ම ජනතාව පදිංචි නිවාස බොහෝ ඇති ප්‍රදේශයක සිදුවූ නවතම ප්‍රහාරය මෙයයි. රජයේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ බෝම්බකරුවන් සහ ආරක්ෂක අංශ අතර පැය ගණනක් පුරා පැවති වෙඩි හුවමාරුවෙන් සාමාන්‍ය වැසියන් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි. විදේශිකයන් දස දෙනෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනෙකු ගැටුම පවතිද්දී බේරාගනු ලැබුණි. |
උතුරේ සෑම ප්‍රදේශයකම ස්ථිර යුද හමුදා කඳවුරු පිහිටුවන බව පදවියෙන් ඉවත්ව යන යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය පවසයි. | උතුරේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කරයි උතුරේ මෑතදී පිහිටුවන ලද හමුදා බල ඇණි ස්ථිර කඳවුරු බවට පත් කෙරෙමින් තිබෙන බව ඔහු කියා සිටියේ කිලිනොච්චියේ යුද හමුදා සේනාංක හමුවූ අවස්ථාවේදී. හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ, උතුරේ රඳවා සිටින හමුදා සේනාංක අඩු කොට එහි සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්රජාවද ශ්‍රී ලංකා ආණ්ඩුවට අවධාරණය කරමින් සිටියදී. මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේ පළාත් සභා මැතිවරණයට බාධා වන අයුරින් හැසිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකදී විරුද්ධ පක්ෂ අවධාරණය කොට තිබේ. එමෙන්ම මැතිවරණය පැවැත්වෙන කාලය තුල හමුදාව බැරැක්කවල රඳවා තබන මෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටි බවයි, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් එවැනි බලයක් පවතින්නේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට පමණක් බව පවසමින් කොමසාරිස්වරයා "ප්‍රශ්නයෙන් ගැලවීමේ උත්සාහයක" යෙදුනු බව ද ඔහු පැවසීය. |
බ්‍රිතාන්‍ය සංචාරකයකු වන කුරාම් ෂයික් ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගයේදී, කුරාම් ෂයික් ගේ පෙම්වතියට දරුණු ලෙස පහර දුන් අයුරු සාක්ෂි කරුවෙකු විසින් අනාවරණය කරන ලදී. | ඝාතනයේ සැකකරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ වසර 2011 දී සිදු වූ මෙම ඝාතනයට පුද්ගලයෝ සය දෙනෙක් චෝදනා ලැබ සිටිති. ප්‍රහාරක කල්ලියේ අනෙකුත් සාමාජිකයන් බලා සිටිය දී කුරාම් ෂයික්ගේ පෙම්වතියට බිඳුණු බෝතලයකින් මුහුණට ගසන අයුරු තමා දුටු බව දේශීය සංචාරකයකු වන ප්‍රසන්න සමරසිංහ අධිකරණයේ දී පැවසුවේය. ‘මුර්ගයකු ලෙස’ රුසියානු ජාතික කාන්තාවක් වන වික්ටෝරියා කාචේවාට පසු පස එලවා පහර දුන් බව පැවසු සාක්ෂිකරු ඇය පිහිනුම් තටාකයට පනිනතෙක්ම පහර දුන් බවද කියා සිටියේය. රුසියානු ජාතික වික්ටෝරියා කාචේවා උසාවියට පැමිණෙමින් ප්‍රධාන ප්‍රහාරකයා හැසිරුණේ ‘තිරිසනෙක්’ විලසින් යැයිද ඔහු තව දුරටත් පැවසීය. කුරාම් ෂයික් සිහි සුන්ව වැටී සිටිනු දුටු ඇය විලාප දෙමින් හඬා වැටෙමින් ඔහු වත්තම් කරද්දී කල්ලියේ එක් අයෙකු ගිණි පෙලෙල්ලකින් ඇයට පහර දුන් බවත් සාක්ෂිකරු කියා සිටියේය. මෙම කණ්ඩායම පිඟන් පොළොවේ ගසමින් විදුලි බුබුළු සහ වාහන ජනේලවලට හානි කරමින් මේස සහ ත්‍රීරෝද රථ පෙරලා දැමු ආකාරය ඔහු දැක තිබේ. ‘සුද්දිව මෙහාට ගෙනෙන්’ පොලු මුගුරු අමෝරා පැමිණි මේ කණ්ඩායමේ කිහිප දෙනෙකුගෙන් ඔහු බේරී තිබෙන්නේ බැගෑපත් වීමෙන්. තුන් වන සැකකරු වන ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ‘සුද්දිව මෙහාට ගෙනෙන්’ යනුවෙන් මොර ගැසූ බවත් කල්ලියේ කිහිප දෙනෙකු වෑන් රථයක නැගී ගිය බවත් නමුත් ඔවුන් කවුද යන්න නිශ්චිතව ම පැවසිය නොහැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය. කුරාම් ෂයික් එක් පුද්ගලයකු ගිනි අවියක් අතැති ව හෝටලය තුළ සිටිනු තමා කලින් දුටු බවත් ප්‍රසන්න සමරසිංහ පැවසීය. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති. පහර කෑමෙන් තමා සිහිසුන් වූ අයුරු සහ අධික ලේ ගැලීමෙන් දරුණු වේදනාවකට ගොදුරු වී සිරුර ඉදිමී තිබු අයුරු මීට ඉහතදී කුරාම් ෂයික් ගේ පෙම්වතිය සාක්ෂි දෙමින් විස්තර කර තිබිණ. ගිනි අවියක් එල්ල කරමින් මරණීය තර්ජන එල්ල කළ අයුරු මෙම හෝටලේ කලමණාකාරනී තරංගා පීරිස් තම සාක්ෂි ඉදරිපත් කරමින් කියා සිටියාය. |
තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ සිටින සියලුම ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට දෙපාර්ශය අතර පැවති සාකච්ඡාවලදී එකඟ වූ බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. | අත් අඩංගුවේ සිටින ධීවරයන් නිරන්තර සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ඒ බව කියා සිටි අමාත්‍යවරයා, බ්‍රහස්පතින්දා පටන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට දෙපාර්ශවය ගිවිස ගත් බවද කියා සිටියේය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අත් අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයන්ද නිදහස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විට ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ශරඩ් පවර් ප්‍රතිඥා දුන් බවයි, ඔහු පවසන්නේ. බෙංගාල බොක්කේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලුම වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය වියදම් දරන බවට 'ඉතා මිත්රශීලීව හා සුහදව පැවැත්වුණු' සාකච්ඡාවේදී ඉන්දියාව ප්‍රතිඥා දී තිබේ. උතුරේ විරෝධතා 'ධීවර ගැටළු විසඳා ගැනීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවීමටද එකඟත්වයක්' විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සහ කෘෂිකර්ම අමාත්‍ය පවර් සමඟ අද වෙන වෙනම පැවැත් වූ සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්ට එළඹුණු බවයි, අමාත්‍ය රාජිත සේනාරත්න සංදේශයට කියා සිටියේ. මින් ඉදිරියට ධීවර ගැටළු උත්සන්න නොවී විසඳා ගැනීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවීමටද එකඟත්වයකට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර ධීවර ඇමතිවරයා දිල්ලි නුවර පවත්වන සාකච්ඡාවලට උතුරු පළාතේ ධීවර නියෝජනය නොලැබීම සම්බන්ධයෙන් උතුරේ විරෝධතා ව්‍යාපාරයක් දියත් විය. අත්දැකීම් සහිත ධීවර නායකයන් නොතකා හරිමින් ඇමතිවරයාගේ මනාපය පරිදි රැගෙන ගිය ධීවර නියෝජිතයන් සාකච්ඡා මගින් සැබෑ ප්‍රතිපලයක් ලැබේද යන්න සැක සහිත බව ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු, නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේය. |
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවෙන් , ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සහ ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ දෙමළ ජනතාවගේ අපේක්ෂා වන් මුදුන් පත්වන දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරයි. | දෙමළ ජාතික සන්ධානය හා පැවැත්වූ සාකච්ඡා වලින් පසුව නිවේදනයක් නිකුත් කරමිනුයි ඉන්දීය අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ. සාධනීය සංවාදයක් එම සන්දර්භය තුල පිහිටා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුගතව දේශපාලන විසඳුමක් සෙවීමට සහයෝගීත්වයෙන් සහ එකිනෙකාට එකඟවිය හැකි මට්ටමේ හැඟීමකින් සහ සාධනීය දායකත්වයකින් යුතුව ක්‍රියාකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටී. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහන සේවා , පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිගටම ඉන්දියාවේ සහය ලැබෙන බවට ඉන්දීය අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් දී තිබේ. නිවාස ඉදිකිරීම්, ජීවනෝපාය මාර්ග, අධ්‍යාපනය , රෝහල්, යටි තල පහසුකම් මෙන්ම හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයේ අඛණ්ඩ සහය ලැබෙන බවයි නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා තවදුරටත් තම නිවේදනයේ කියා සිටියේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් අගමැතිවරයා සමඟ සාකච්ඡාවට එක්වූහ. සාර්ථක සාකච්ඡා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සාර්ථකවූ බවයි. උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම ප්‍රශ්න, යුද හමුදා රඳවා සිටීම උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශය සහ සංස්කෘතික සහ භාෂා අනන්‍යතාවයට කෙරෙන බලපෑම මෙන්ම දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය ගැනත් ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ඔහු පැවසුවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණි අවස්ථාවේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ බව නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා තමන්ට පැවසූ බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය. එම කරුණු සම්බන්ධව ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන බවත් ඔහු සඳහන් කළේය. උතුරු පළාත් මහා ඇමතිවරයා මුණ ගැසීමට ඉන්දීය අගමැතිවරයා කැමැත්තක් දැක්වූ බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සැකසීමට පියවර ගන්නා බවත් පැවසුවේය. නොසතුට දෙමළ ජාතික සන්ධානයේ ඉන්දීය සංචාරයට නොසතුට පල කරන ජාතික භාෂා හා ජාතික ඒකාග්‍රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ඉන්දියාවට යාමට පෙර ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළේ නම් ඉතා වැදගත් බවයි. දෙමළ ජාතික සන්ධානය තම යෝජනා හෝ අදහස් රජයට ඉදිරිපත් කොට රජය ඊට එකඟවන්නේ නැත්නම් එකඟත්වයක් දක්වන ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඉන්දියාව සමඟ සාකච්ඡාවක් සුදානම් කර ගැනීමට හැකියාව තිබු බවයි ඔහු පෙන්වා දෙන්නේ. |
උතුරු පළාත් සභාවට තේරී පත් වූ නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ජාතීන් අතර සංහිඳියාව උදෙසා ගැනෙන උත්සාහයන් ශක්තිමත් කිරීමට මතුවී තිබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. | උතුරේ තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව ඇමෙරිකාව පවසයි සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එම මැතිවරණ සාර්ථකව පැවැත්වීම පිළිබඳව සියලු ශ්‍රී ලංකා වාසීන්ට සිය සුභ පැතුම් පිරිනමා තිබේ. උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය. 'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' විශේෂයෙන්ම උතුරු පළාතේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව සඳහන් කරන එක්සත් ජනපදය, උතුරු පළාතේ ජනතාව දැන් සිය අභිලාෂයන් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කොට තිබෙන බැවින් තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව සඳහන් කරයි. මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් ඉරිදා නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කොට තිබුණි. 'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවීම පිළිබඳව එක්සත් ජනපදය විශේෂ කනස්සල්ල පළ කොට තිබේ. ප්රජාතන්ත්රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන තානාපති කාර්යාලය, මැතිවරණ පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සාමයේ ප්රතිලාභ භුක්ති විඳීමේත්, ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වීමේත් අවකාශ සලසා දීමේ වැදගත්කමද පෙන්වා දී තිබේ. |
සංවර්ධනය වෙමින් පවතින ජාතීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් දියුණු රටවල් සංවේදී විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. | පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාර සතියේ තුන් වන දිනය වන අඟහරුවාදා වැඩි අවධානය යොමු වූයේ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවටයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ ප්‍රවර්ධනයට දියුණු රටවල් අවංකව ම ආධාර කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. තිරසාර හා ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට තමන්ගේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් කරන ඕනෑම විශ්ලේෂකයෙකුට මෙම ප්‍රායෝගික ප්රවේශයේ ලක්ෂණ පැහැදිලිව දැකිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේය. |
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබේ. | ප්රවෘත්ති සාකච්ඡාව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (පෙබ. 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. අද ප්රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න එක්වුණ ද, අනෙක් සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර සහභාගී නොවීය. එහිදී තත්ත්වය පැහැදිලි කළ අමාත්‍ය සේනාරත්න, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු පැවසුවේ තවමත් එකඟතාවකට පැමිණ නැති බවකි. ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව ඔහු කියා සිටියේය. "මිත්‍ර කණ්ඩායමට කුමක් වේ ද?" කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ, පී. දිගම්බරම්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව යා නොහැකි බවය. කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර සහභාගී නොවීය මේ අතර අද (පෙබ 15) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාව ගැන තොරතුරු පැවසූ කැබිනට් ප්‍රකාශක සේනාරත්න, සිය අමාත්‍ය පදවියෙන් ඉවත්ව යාමට, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක එකඟවූ බව දැන්වීය. එම අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් චෝදනා පවතින බැවින්, ඉන් ඉවත්ව වෙනත් කළ හැකි විෂයකට එක්වීමට ද ඔහු කැමැත්ත පළකළ බව සඳහන් කළේය. අගමැති රනිල් වටා ඇති 'මිත්‍ර කණ්ඩායම' සම්බන්ධයෙන් නිතර කතා බව වන බැවින්, ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න ඒ සියල්ල වෙනස්වී ඉදිරියට යන බව පැවසීය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගනිමින් එක්සත් ජාතික පක්ෂය සමග රාජ්‍ය පාලනයකට එම පක්ෂයට එකඟවිය නොහැකි බවකි. සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟ වූ දෙවසරක කාලය ඉකුත්ව ගොස් ඇති අතර, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයේ තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව දෙන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් බදාදා (පෙබ 14) බීබීසී සිංහල සේවයට කියා සිටියේ, එසේ පත්කරගන්නා ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදී ඊට විපක්ෂයේ සිට සහය දෙන බවය. ඊට අදාළ කරුණු එම පාර්ශ්වය වෙතම දන්වා ඇති බව ද ඔහු කියා සිටියේය. |
හිම කොටි සහ සාමාන්‍ය කොටි එකම කලාපයක විසීම පිළිබඳව පළමුවරට සාක්ෂි හමුවී ඇත. | කොටි වර්ග දෙකට අයත් සතුන් දෙදෙනෙකු චීනයේ කින්හායි ප්‍රාන්තයේ ස්ථානයක සැරිසරන ආකාරය වීඩියෝ දර්ශනවල පටිගත වී තිබේ. එහෙත් එම තත්වය හිම කොටින්ට සුබ ලකුණක් නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. එවැනි තත්වයක් යටතේ, වඳවී යෑමේ තර්ජනයට මුහුණදී සිටින හිම කොටි ආරක්ෂා කරගැනීම පිළිබඳ එම සත්ව විශේෂය වෙසෙන රටවල බලධාරීහු සාකච්ඡා පවත්වමින් සිටිති. මිහිතලයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබියදී සාමාන්‍ය කොටි හිම කොටි වෙසෙන ප්‍රදේශවලට සංක්‍රමණය වීම හිම කොටින්ගේ සුපුරුදු වාසස්ථාන අහිමිවීම පිළිබඳ අසුභ ලකුණක් බව බලධාරීහු පවසති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බීබීසී ලෝක සේවයේ පරිසර කටයුතු පිළිබඳ වාර්තාකරු නවීන් සිං කඩ්කා කියා සිටියේ සාමාන්‍ය කොටි පහත් බිම්වල දිවි ගෙවන අතර හිම කොටි සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 3000 කට ඉහළින් පිහිටි භූමි ප්‍රදේශවල වාසය කරන බවය. උස් බිම් චීනයේ කින්හායි ප්‍රාන්තයේ වනයක සැරිසරන සාමාන්‍ය කොටියෙක් "සාමාන්‍ය කොටි, හිම කොටි වෙසෙන ප්‍රදේශවල දකින්න ලැබෙනවයි කියන්නේ සාමාන්‍ය කොටි, හිම කොටින්ගේ වාසභූමි ආක්‍රමණය කරනවයි කියන එක. ඒ නිසා හිම කොටි වෙසෙන ප්‍රදේශ එන්න එන්නම කුඩා වෙනවා. හිම කොටි කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණදී ඉන්න සත්ව කොට්ඨාසයක් නිසා ඒක බොහොම බරපතල තත්වයක්" යනුවෙන් නවීන් සිං කඩ්කා සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන පරිදි එකම ප්‍රදේශයක ආහාර ලබාගැනීම සඳහා කොටි වර්ග දෙකක් අතර ඇතිවන ගැටුමේ අවසාන ප්‍රතිඵලයත් හිම කොටින්ට හිතකර නැහැ. දඩයම් සඳහා ඇතිවෙන තරගයෙන් සාමාන්‍ය කොටි ජයග්‍රහණය කරනු ඇතැයි විද්‍යාඥයන් බිය පළ කරන බව කී ඔහු "මොකද ඔවුන් වඩා ශක්තිමත්. ඒ වගේම හැඩගැසීමේ හැකියාවත් වැඩියි. මේක කොහෙත්ම හිම කොටින්ට හොඳ ලකුණක් නොවෙයි," යනුවෙන් ද සඳහන් කළේය. වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින හිම කොටි 3500 ත් 7000 ත් අතර ප්‍රමාණයක් මිහිමත වෙසෙන බව විශ්වාස කෙරේ. සමුළුවක් චීනයේ කින්හායි ප්‍රාන්තයේ වනයක සැරිසරන හිම කොටියෙක් "රටවල් 12 ක් තුළ හිම කොටි වෙසෙනවා. ඒ අතරින් පහක් මධ්‍යම ආසියාවේ රටවල්. සෙසු රටවල් හත හිමාල කලාපය ආශ්‍රිතව පිහිටි රටවල්. මොන්ගෝලියාව, නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ඇතැම් විට මියන්මාරයේ පවා ඔවුන් දැකිය හැකියි," බීබීසී වාර්තාකරු නවීන් සිංග් කඩ්කා පැවසීය. හිම කොටි වෙසෙන රටවල් 12 ක සහභාගීත්වයෙන් පසුගිය ජනවාරි 17 වැනිදා නේපාලයේදී සමුළුවක් පැවැත්විණි. එහිදී හිම කොටින්ගේ වාසභූමි අහිමිවීමේ ගැටලුව පිළිබඳවත් සාකච්ඡාවට ගැනුණු අතර එවැනිම තවත් සමුළුවක් මේ වසර අහභාගයේදී කිර්ගිස්තානයේ පැවැත්වීමට නියමිතය. |
සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ. | පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයකට පෙර හමුදාව සිවිල් දේශපාලනඥයින් රඳවා තබා ගත්තේය 2011 දී ප්රජාතන්ත්රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි පාලන තන්ත්රයන් යටතේ වසර 50 ට ආසන්න කාලයක් පාලනය විඳදරාගත් ජනතාවට නැවත කුමන්ත්‍රණයක් තුළින් රට පුරා භීතියේ කම්පනයක් ඇති කර තිබේ. අවුං සාන් සූ චී සහ අනෙකුත් දේශපාලනඥයන් අද (පෙබ. 01) අලුයම අත්අඩංගුවට ගැනීම, අමතක කර දැමීමට උත්සහ කළ අතීතය නැවතත් රටේ ජනයාට සිහි ගන්වා ඇත. සූ චී සහ වරක් තහනම් කරන ලද, ඇය නායකත්වය දරන ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂය 2015 දී තේරී පත්වීමෙන් පසු, වසර 25 ක් තුළ දුටු වඩා නිදහස් හා අපක්ෂපාති මැතිවරණයක් රට තුළ මෙහෙයවීය. සඳුදා උදෑසන එම පක්ෂය සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමට නියමිතව තිබිණි. එහෙත් බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරයේ ව්‍යවස්ථාවට ස්තුති වන්නටරාජ්‍ය බලය තම ග්‍රහණයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව ද හමුදාවට ලැබී ඇත. දැන් මතුවන ප්රශ්නය වන්නේ හමුදාව මේ අවස්ථාවේ බලය අල්ලාගත්තේ ඇයි යන්නයි - එමෙන්ම තවදුරටත් කෙරෙන විමසීමට අනුව ඊළඟට කුමක් ද? 'රැව්දෙන' වංචා චෝදනා බීබීසී අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පෙන්වා දෙන පරිදි නිශ්චිත වේලාව පහසුවෙන් පැහැදිලි කළ හැකිය: සඳුදා (පෙබ. 01) උදෑසන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණද දැන් එය සිදු නොවේ. රටේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාර පිළිබඳ චෝදනා මධ්‍යයේ වුවද විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් සූ චී ගේ එන්එල්ඩී පක්ෂය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් 80% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණි. හමුදා සහය හිමි විපක්ෂය ඡන්දයෙන් පසු වංචා පිළිබඳ චෝදනා කිරීමට වහාම පටන් ගත්තේය. අලුතින් පිහිටුවන ලද වැඩබලන ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයකින් මෙම චෝදනාව නැවත නැවතත් මතුකරන ලද අතර වසරක් පුරා හදිසි නීතිය පැනවීම ඉන් සාධාරණීකරණය කෙරිණි. "2020 නොවැම්බර් 8 වන දින පැවති බහු-පක්ෂ මහ මැතිවරණයේ ඡන්දදායක ලැයිස්තුවේ පැවති විශාල අක්‍රමිකතා විසඳීමට මැතිවරණ කොමිසම (යුඊසී) අපොහොසත් වුණා" යැයි එහි උප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජෙනරාල් මයින්ට් ස්වේ පැවසීය. යැන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක එහෙත් චෝදනාවන්ට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත. "නිසැකවම අවුං සාන් සූ චී අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තා" යැයි හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) හි ආසියාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෆිල් රොබට්සන් බීබීසී සමග පැවසීය. "මැතිවරණ වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. එය තරමක් උලප්පා පෙන්වීමක්. නමුත් මේවා සාක්ෂි නොමැතිව ඉදිරිපත් වී ඇති වංචා චෝදනා." එසේ වුවද රොබට්සන් පවසන්නේ බලය උදුරාගැනීම "විස්තර කළ නොහැකි" බවය. "[ඡන්දය] බලය අහිමි වීමක් අදහස් කළාද? පිළිතුර නැත." 'ජාතියේ පියා' අපහසුතාවට පත් කිරීම නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී හමුදා සහාය ලත් එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය (යූඑස්ඩීපී) සුළු ආසන සංඛ්‍යාවක් දිනා ගත් බවක් පෙනෙන්නට තිබුණද 2008 පැවති හමුදා ජුන්ටා පාලන සමයේදී නිර්මාණය වූ මතභේදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ස්තූතිවන්ත වන්නට, රජයට බලපෑම් කිරීමේ සැලකිය යුතු බලයක් තවමත් හමුදාව සතුව ඇත. එමගින් හමුදාවට පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් නිරායාසයෙන් ලබා දෙනවා පමණක් නොව ස්වදේශ කටයුතු, ආරක්ෂක සහ දේශසීමා කටයුතු යන ප්‍රධාන අමාත්‍යාංශ තුනෙහි පාලනය ද හිමි වෙයි. එබැවින්, ව්‍යවස්ථාව එලෙසම පවතින තාක් හමුදාවට යම් පාලනයක් හිමිවේ. එහෙත් බහුතරය ඇති එන්එල්ඩි පක්ෂයට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිද? ජොනතන් හෙඩ් පවසන පරිදි, එය කළ නොහැකි කාර්යයකි. එය කිරීමට පාර්ලිමේන්තුවෙන් 75% කගේ සහාය අවශ්‍ය වේ. හමුදාවට අවම වශයෙන් 25% ක පාලනක් ඇති විට එය කළ නොහැකි කාර්යයකි. ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත හිටපු මාධ්‍යවේදියෙකු හා තාක්ෂණික අධ්‍යාපනඥයෙකු වන අයේ මින් තන්ට් යෝජනා කරන්නේ සඳුදා සිදුවූ ක්‍රියාව සඳහා තවත් හේතුවක් තිබිය හැකි බවය: හමුදාව පාර්ශ්වයෙන් එය අපහසුතාවට ලක්වන කරුණකි. "ඔවුන් පරාජයක් අපේක්ෂා කළේ නැහැ," ඇය යැන්ගොන් (රංගූන්) හි සිට බීබීසී සමග පැවසීය. "හමුදාවේ පවුල්වල අය ඔවුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබෙනවා විය යුතුයි." ඇත්ත වශයෙන්ම, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි ය. "හමුදාව රට තුළ සිය තත්ත්වය දෙස බලන ආකාරය ඔබ තේරුම් ගත යුතුයි," අයේ මින් තන්ට් තවදුරටත් පැවසුවාය. "ජාත්‍යන්තර මාධ්‍යයන් අවුං සාන් සූ චී 'මව' ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. හමුදාව තමන් හඳුන්වාගන්නේ ජාතියේ පියා ලෙස ලෙසයි." එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාලනය සම්බන්ධයෙන් සැළකීමේදී එය "බැඳීමක් සහ හිමිකමක්" වැනි හැඟීමක් දැනේ. මෑත වසරවලදී, රට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වඩාත් විවෘත වී ඇති හෙයින්, එම සිදුවීම එතරම් ප්‍රියජනක සිදුවීමක් නොවේ. "ඔවුන් පිටස්තරයින් දෙස බලන්නේ අනතුරක් ලෙසයි." නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී රෝහින්ග්‍යා වැසියන්ට ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් මතුවූ ජාත්‍යන්තරයේ කනස්සල්ල මෙන්ම වසංගත තත්ත්වයද, මේ අවස්ථාවේදී මේ අයුරින් ක්‍රියාකිරීම සඳහා හමුදාවට ධෛර්යයක් දී තිබෙනවා විය හැකි යැයි අයේ මින් තන්ට් පැවසීය. ඒ සියල්ලම, තවමත් ඇයව පුදුමයට පත් කරයි. අනාගතය කෙබඳු වේද? ඇත්ත වශයෙන්ම, එතරම් වාසි සහගත නොවන මෙවන් අවස්ථාවක හමුදාව මෙසේ ක්‍රියා කළේ මන්දැයි විශේෂඥයින් හට ද නිශ්චිතව කිව නොහැකිය. "වර්තමාන ක්‍රමය හමුදාවට ඉමහත් වාසිදායක බව මතක තබා ගැනීම වටිනවා. හමුදාවට පුර්ණ අණසකක්, සිය වානිජමය අරමුණු වෙනුවෙන් අත්පත් කරගත හැකි ජාත්‍යන්තර ආයෝජනයක් මෙන්ම යුද අපරාධ සඳහා සිවිල් වැසියන්ගෙන් දේශපාලන ආවරණයක් ද ලැබී තිබෙනවා" යනුවෙන් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ, ආසියා පර්යේෂණ ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ජෙරාඩ් මැකාති බීබීසී සමග පැවසීය. "නිවේදනය කර ඇති පරිදි වසරක් සඳහා බලය අත්පත් කර ගැනීම තුළින් චීන නොවන ජාත්‍යන්තර හවුල්කරුවන් හුදෙකලා කරාවි. හමුදාවේ වාණිජමය අවශ්‍යතාවන්ට හානි කෙරෙන අතරම සූ චී සහ එන්එල්ඩී පක්ෂය තවත් ධුර කාලයක් සඳහා බලයට පත් කළ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රතිරෝධය තවත් උත්සන්න කරාවි." අනාගත මැතිවරණවලදී යූඑස්ඩීපීයේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා විය හැකි වුව ද එවැනි පියවරක අවදානම "සැලකිය යුතු" බව ඔහු ජෙරාඩ් මැකාති පවසයි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් පෙන්වා දෙන්නේ මෙම පියවර මියන්මාරය නැවත වරක් "පාරියා රාජ්‍යයක්" (ජාත්‍යන්තරයෙන් කොන්වූ රාජ්‍යක්) බවට පත්වීමේ අවදානමට ලක්ව ඇති අතර රට තුළ පුද්ගලයින් කෝපයට පත් කරනු ඇති බවය. "මියන්මාරයේ ජනතාව ඇස් පියාගෙන සිටිනු ඇතැයි මම සිතන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය. "ඔවුන්ට නැවත හමුදාව සමඟ අනාගතය කරා යාමට අවශ්‍ය නැහැ. ඔවුන් සූ චී දකින්නේ හමුදා බලය නැවත පැමිණීමට එරෙහි බලකොටුවක් ලෙස යි." සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා ගත හැකිය යන බලාපොරොත්තුව තවමත් පවතින නමුත් ඔහු පෙන්වා දෙන්නේ "විශාල විරෝධතා ආරම්භ වනු අපට පෙනෙන්නට පටන් ගන්නේ නම්, ඒ විශාල අර්බුදයක මුලයි." කියවන්න: |
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙත කරන ගෞරවයක් වශයෙන් මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලයි. | පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අවධාරණය කළේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට වැඩි බලතල දිය යුතු බවය. "නීතිය යුක්තිය මුදල් ඇති කෙනාට හා නැති කෙනාට දෙවිදිහක්. ප්‍රාථමික පොලිස් ක්‍රමය නවීන පොලිස් ක්‍රමයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. දූෂණ වංචා මැඩලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දුෂණ පිටුදැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි." යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පැවති ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය ආකාරයට අධිකරණ කටයුතු ක්‍රියාත්මකවන බවට චෝදනා කරන මහාචාර්යවරයා යහපාලනය ස්ථාපනය කරනුවස් අධිකරණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බලා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පෙන්වා දෙයි. 'වචන පමණක් ප්‍රමාණවත් නැහැ' පැවති ආණ්ඩුවේ සිටි ප්‍රධානීන්ට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත කණගාටුදායක මට්ටමක පවතින බවත් මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය. ගතානුගතික තත්වයෙන් බැහැර වී බහුතරයකට එකඟ විය හැකි පරිදි කටයුතු කරන අතරම රටේ සියලු ජාතීන් සමගි සම්පන්න කිරීමේ වගකීම ආණ්ඩුව සතු බව කියා සිටි මහාචාර්යවරයා "ජාතික හා ආගමික අන්තවාදය දෙපසට කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ සඳහා කැපවන ලෙස ප්‍රධාන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් කියා සිටියේය. "ආණ්ඩුව සමග ගැටුමක් නැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. වචන සංග්රය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනවාරි 8 පෙරළිය යහපත් දේශපාලන තත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම නොපෙන්වීම තුළින් අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වන ලෙස ප්‍රධාන දේශපාලනඥයින් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා." යනුවෙන් සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් කියා සිටියේය. ජනපති ප්‍රතිචාරය අනුස්මරණ සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කොට ඇති බවය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු සිවිල් ක්‍රියාධරයන් රැසක් සහභාගී වී සිටියහ. |
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඩොලර් මිලියන 1,080 ක මුදලකට චයිනා මර්චන්ට් සමාගමට 99 අවුරුදු බදු දීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුමකට එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. | එම ගිවිසුම ප්‍රකාර ව්‍යාපෘතියේ අයිතිය චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර 80% - 20% වශයෙන් බෙදී යන බවත් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. "මුල් අවුරුදු 15 දී මූලික ගෙවීම හැරුණු විට කිසිම ආදායමක් ලංකාවට නොලැබෙන අතර ඉන් පසුව ආණ්ඩුවට අයත් 20% සඳහා ලාභාංශ ප්‍රකාශ කළහොත් පමණක් ආදායමක් ලැබෙනු ඇත," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ. තමන්ට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට එළැඹි තිබෙන්නේ චයිනා හාබර් සමාගම 'මෙයට වඩා බෙහෙවින්ම වාසිදායක' ලංසුවක් ඉදිරිපත් කර තිබෙන අතරවාරයේ බවටත් හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් එල්ල කරයි. අදාළ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්යයටද බලපෑම් ඇතිවන බැවින් මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි. තවදුරටත් දීර්ඝ වශයෙන් අදහස් දක්වන හිටපු ජනාධිපතිවරයා, හම්බන්තොට වරාය පරිශ්‍රය පමණක් නොව ඉන් පිටත තවත් අක්කර 15,000 ක් ද විදේශීය සමාගමකට 99 අවුරුදු බද්දක් යටතේ ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබෙන බවත් සඳහන් කරයි. "මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවෙන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ්‍රෙයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනුත් සැලකිල්ලට ගත යුතු ගැටළු ඇත,"යනුවෙන්ද නිවේදනයේ සඳහන්වේ. කෙසේ නමුත් දකුණු පලාතෙන් අක්කර 15,000 ක් ලබාදීමේ කිසිදු ගිවිසුමකට මෙතෙක් අත්සන් තබා නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ මහනුවරදී රැස්වීමක් අමතමින් සඳහන් කළේය. විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය නමුත්, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. අදාළ ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් පවරාගනු ලබන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා රාත්‍රියේ හම්බන්තොටදී සංඝයා වහන්සේ අමතමින් සඳහන් කළේය. මේ අතර සඳුදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව සඳහන් කළේය. |
ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. | ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් දොළහක් යෝජනාවට එරෙහිව ද එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසි තුනක් යෝජනාවට පක්ෂව ද ඡන්දය දීමෙනුයි එය සම්මත කෙරුණේ. “සංහිඳියාවක් සඳහා දිගටම පියවර නො ගැනීම සහ ශ්‍රිලංකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ මට්ටමින් උල්ලංඝනය කරනු ලැබීම කනස්සල්ලට හේතුවක් වන” බවයි රටවල් කීපයක සහයෝගය ඇතිව යෝජනාව ඉදිරිපත් කරමින් ඇමෙරිකානු නියෝජිතවරිය කියා සිටියේ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආධාරකරුවෝ ජිනීවා නගරයේ. යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ කියා සිටියේ, ඉදිරිපත් කෙරුණ යෝජනාව අනුව පෙරට ගිය හොත් එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක ස්වාධීනත්වයට බරපතල මට්ටමින් හාණි සිදු වෙන අතර අනිත් අතින් වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් ද සිදු වෙන බවයි. ඉන්දියාව මධ්‍යස්ථයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන්දියාව ඇතුළු තවත් රටවල් දොළහක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අතර පකිස්තානය යෝජනාවට එරෙහිව කරුණු දක්වමින් කියා සිටියේ, එය ඉදිරිපත් කරන ලද රටවලට ඒ සඳහා පෙනී සිටීමේ සුදුසු කමක් නොමැති බවයි. පකිස්තාන් නියෝජිතයා යෝජනාව විග්රහ කළේ මානව හිමිකම් පිළිබඳ චේතනාවෙන් නොව දේශපාලන අරමුණු මත ගෙනෙන ලද්දක් හැටියටයි. “මෙම යෝජනාව ඉදිරිපත් කළ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඇඟිල්ල දිගු කළ හැකි තත්වයක නැහැ. ඒ රටවල් දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල්” පකිස්තාන් නියෝජිතයා පැවසීය. ආණ්ඩුවේ සහ විපක්ෂයේ අදහස් චෙන්නායි දෙමළ ජනයා ජිනීවා යෝජනාවට පක්ෂව කවර සම්බාධක පනවනු ලැබුනත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බවයි, මේ අතර ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියේ. පළාත් සභා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි. “මානවීය මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට අවසර ලැබෙන්නේ නැහැ. යෝජනා කොතරම් සම්මත කළත් අපි එකඟ නැත්නම් පරීක්ෂණ පවත්වන්න ඉඩක් ලැබෙන්නේ නැහැ” සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා සංදේශයට කියා සිටියේය. සම්බාධක පනවනු ලැබුනත් තමන් ඒවාට එතරම් කලබල නොවන බවයි ඇමතිවරයා පවසන්නේ. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින්, ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුනොත් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි කියා සිටියේ. |
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති. | සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්තාවක් නොවිය යුතු බව 'දැනටමත් පවසා තිබෙනවා' වතිකාන ගුවන් විදුලියේ සංස්කාරකවරයකු වන රොබින් ගෝමස් ඒ බව කියාසිටියේ, ලබන ජනවාරි මාසයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳව වතිකානයේ ප්‍රතිචාරය කවරක් වනු ඇත්දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. වතිකානය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කොට නැති බව සඳහන් කළ රොබින් ගෝමස්, කෙසේ නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනටමත් ප්‍රකාශ කොට තිබෙන බව පෙන්වා දුන්නේය. ලබන ජනවාරි 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය දැනටමත් නිවේදනය කොට තිබේ. ඒ සඳහා පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ වතිකානයේ සංචාරයක නිරත වී සිටියි. ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වල සාධාරණ ගැටලුවලට විසඳුම් ලැබෙනු දැකීම සිය අපේක්ෂාව බව පාප් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ සඳහන් කළ බවත් රොබින් ගෝමස් සංදේශයට පැවසීය. පාප් වහන්සේගේ සංචාරයට දින කිහිපයකට පෙරාතුව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇති බව ජනමාධ්‍ය මෙන්ම විරුද්ධ පක්ෂද පවසන අතර ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ කාර්යාලයක්ද පසුගියදා විවෘත කෙරුණු බවත් ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. |
සෙනසුරාදා හම්බන්තොට වරාය තුළ හටගත් උණුසුම් වාතාවරණය අතරවාරයේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. | හම්බන්තොට වරායේ විරෝධතාවයක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණේය. ඒ අවස්ථාවේ එහි පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ වැදෙන ආකාරය සහ මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් පොලිසියට දන්වා ඇති බවය. විරෝධතාවේ යෙදී සිටි සේවකයන් විසුරුවා හැරීමේදී නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා භට කණ්ඩායම කටයුතු කළ ආකාරය වැරදි නොවන බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිවරයාට ද දන්වා ඇති බව ද සඳහන් කළේය. "සිද්ධියක කෑල්ලක් පමණක් අල්ලගෙන කතාකිරීම තමයි මෙහි ඇති අඩුපාඩුව. ඒ සේවකයන් නීතිය කඩ කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනව. නැව් අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කළා. ඒ සියල්ල ගෙන සමස්තයක් වශයෙන් මේ දෙස බැලිය යුතුයි," ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "මාධ්‍යයටත් අපි කිව්වා මෙතැනින් පොඩ්ඩක් අයින් වෙන්න කියලා," ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි නමුත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හරිනු ලැබ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කරයි. |
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ප්රචාරක කටයුතු ,මුදල් ලබා දීම, සංග්‍රහ කිරීම් වැනි මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙන ක්‍රියාවන් වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට ප්‍රමාණවත් බලතල තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. | නීතිඥ උපුල් ජයසූරිය සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසුරිය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ‘කටවුට්’ ප්‍රදර්ශනය, ඡන්දදායකයින් කැඳවා සංග්‍රහ කිරීම, මුදල් ලබා දීම වැනි ක්‍රියා වැළැක්වීමට තමන්ට ප්‍රමාණවත් බලතල නොමැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති නමුත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් වන බවයි. ‘මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා, 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම නිසා තමන්ට එවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලයක් නොමැති බව. ඒත් නීතිවේදීන් වශයෙන් අපට ඒ අදහස පිළිගන්න බැහැ. මන්ද ජනාධිපතිවරණ පනත අනුව එවැනි ක්‍රියා නීති විරෝධී කටයුතු හැටියටත් ඒවාට එරෙහිව නඩු පැවරිය හැකි බවත් දක්වා තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය කියා සිටියි. මැතිවරණ අල්ලස් දැනට බලාත්මක 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේත් එවැනි කටයුතු වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා එවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද බලතල පවතින බවයි පෙන්වා දෙන්නේ. ‘අල්ලස් කොමිසමටත් මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලතල තිබෙනවා. අපි බලා සිටිනවා, එම කොමිසම ගන්නා ක්‍රියා මාර්ගය දෙස. එම කොමිසම ප්‍රමාණවත් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව පෞද්ගලික මට්ටමින් නඩු පැවරීමට ඉදිරියේ දී කටයුතු කරනවා’ නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයාට තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කල මතය අඩංගු පිටපතක් ලබා දෙන මෙන් තම සංගමය විසින් කරණ ලද ඉල්ලීමට එම අධිකරණයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්රේෂ්ෂ්ඨාධිකරණයේ මතය බව සඳහන් පිටපතක් මේ වන විට ඇතැම් ජන මාධ්‍යවල පළ කර ඇති බව සඳහන් කළ නීතිඥ උපුල් ජයසූරිය එය පිරික්සීමේ දී දැඩි සැකයක් මතු වන බවයි පවසන්නේ. ‘එම ලේඛනයේ අත්සන් වගයක් දකින්න තිබෙනවා. එහෙත් එම පිටපතේ අන්තර්ගත කරුණු පරික්ෂා කළ විට ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ අදහස් ද එසේත් නැත්නම් ඒවා දේශපාලකයකුගේ අදහස් ද යන සැකය අප තුළ මතු වී තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටී. මතු වී ඇති සැක දුරු කර ගැනීමට අදාළ තීන්දුවේ පිටපතක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දක්වා සිය ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඔහු පවසන්නේ. |
ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි භක්තිකයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කෙරෙන හිරිහැර මගින් ඔවුන් "සමූලඝාතනය" කෙරෙන තරම් අවදානම් සහගත තත්වයක් පවතින බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට්ගේ නියෝගයක් අනුව සැකසුණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි. | ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු වී සති දෙකකට අඩු කාලයක් තුළ මෙම වාර්තාව ගැන තොරතුරු ඉදිරිපත් වී තිබේ බ්‍රිතාන්‍යයේ 'ට්රුරෝ' ප්‍රදේශයේ රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන්ගේ නායකත්වයෙන් සිදු කෙරුණ අධීක්ෂණයක දී ඇස්තමේන්තු කර ඇත්තේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආගමික හිරිහැරවලට ලක්වන බවය. ඒ අතරින් වැඩිම හිරිහැරයට ලක්වන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් බව ද වාර්තාවේ දැක්වේ. "දේශපාලන නිරවද්‍යතාව" රඳවා ගැනීමට දරණ උත්සාහය හේතුවෙන් මෙතෙක් ඉහත කී තත්වය සම්බන්ධයෙන් අභියෝග එල්ල කර නොමැති බව විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා ඇත. "ක්‍රිස්තියානි භක්තිකයන් සමූලඝාතනය කිරීමේ ක්‍රියාවලියක" ප්‍රතිඵලයක් ලෙසින්, ඇතැම් මැද පෙරදිග රටවලින් ඔවුන් "මකා දැමීමක් " සිදුවෙමින් පවතින බව මේ අතර අතුරු වාර්තාවක දැක්වෙයි. මෙතෙක් ලැබී තිබෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය ලෝකයේ සමහර රටවලින් "සම්පූර්ණයෙන්ම නැති වී යාමේ" අවදානමක් පවතින බවය. පලස්තීනය තුළ ක්‍රිස්තියානි භක්තිකයන් සිටින්නේ එරට ජනගහනයෙන් 1.5% කට අඩුවෙනි. 2003 වර්ෂයේ ඉරාකයෙන් ක්‍රිස්තියානි භක්තිකයන් ලක්ෂ පහළොවක් වාර්තා වුවත් මේ වන විට එය 120,000 ක් තරම් පහළ වැටී තිබේ. කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු "භූගෝලීය වශයෙන් ක්‍රිස්තියානි ආගමට එල්ලවන පීඩනය පමණක් නොව එල්ල වෙමින් පවතින හිරිහැරවල දරුණුකම ගැනත් සාක්ෂි තිබෙනවා," යැයි රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන් සඳහන් කරයි. "සමූලඝාතනය යන්න එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නිර්වචනය කරනු ලැබ ඇති ආකාරයට ආසන්න මට්ටමක පීඩනයක් සමහර කලාපවල දැකගත හැකියි," යනුවෙන් කිතුනු ආගමික නායකයා වැඩිදුරටත් පවසයි. 2018 වසරේ පාකිස්තානයේ ක්‍රිස්තියානි කාන්තාවක් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ඇයට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ඉල්ලා සිටියි. පුද්ගලයන් 250කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් පන්සිය දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසුව ඉහත කී වාර්තාව සැකසීමට අදාළ අධීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත. ක්‍රිස්තියානි භක්තිකයන්ට සිදුවන හිරිහැර හමුවේ ලොව වටා රටවල ආණ්ඩු "නිද්‍රාශීලී" පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි තමන් සිතන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසයි. "නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර සහ මේ වාර්තාව මගින් හැමෝම දැඩි කම්පනයකට පත් කර අවදි කර තිබෙනවා," ඔහු පෙන්වා දෙයි. පාකිස්තානයේ දී මුස්ලිම් ආගමට අපහාස කළා යැයි ආසියා බීබීට මරණ තර්ජන එල්ල වීය "ඒ වගේම මම හිතනවා - යටත්විජිත සමයේ අපි යටත්විජිතවාදීන් ලෙස අල්ලා ගත් රටවල් ගැන කතා නොකර, ඒවාට රැගෙන ගිය ආගම ගැන කතා කිරීම නිසා යටත්විජිතවාදියකු ලෙස හැඳින්වීමේ වැරදි ආකල්පයක් තිබෙන බව," යැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 'දේශපාලන නිරවද්‍යතාව' "මේ ප්රශ්නය ගැන කතා කරන විට නිරන්තරයෙන් යම් නුහුරු බවක් ඉස්මතු වෙනවා. මිෂනාරි ක්‍රියාකාරකම් මතභේදාත්මකයි. සමහර පුද්ගලයන් මේ මාතෘකාව ගැන කතා කිරීම මග හැරීමට එය හේතුවක් බව, මම හිතනවා." ඔහු සඳහන් කරයි. "දේශපාලන නිරවද්‍යතාව පවත්වා ගැනීම තුළ අපට අමතක වී ගිය දෙයක් තමයි, වධහිංසාවලට මුහුණ දෙන මේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෝකයේ සිටින දුප්පත්ම ජන කොටසක් බව." ඉදිරි මාස කීපය තුළ සිදු කිරීමට නියමිත අවසාන අධීක්ෂණ කටයුතුවලින් පසු අදාළ සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න: |
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හෙට (මාර්තු 06) උදෑසන 6 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. | පහරදීමකට ලක්වූ පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව තෙල්දෙණියේ හටගත් සිදුවීම්වලින් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වල මතුවූ නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර පොලිසිය පවසා තිබුනේ පුද්ගලික ආරවුලක් මත හටගත් ගැටුමකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියකට ජාතිවාදී මුහුණුවරක් දීමේ උත්සාහයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති බවය. රථවාහන සම්බන්ධ ගැටලුවක් මුල්කොට ගනිමින් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සෙනසුරාදා (මාර්තු 03) මිය යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගතකර තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන් ඉරිදා (මාර්තු 04) දිනයේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙන බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම නොසන්සුතාව හේතුවෙන් වෙළෙඳසල් කිහිපයකට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබෙන අතර, ප්රදේශවාසියෙක් බීබීසියට පැවසුවේ එක් වෙළඳසලක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබෙන බවය. එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති. ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් වාර්තා වේ. තවත් කියවන්න: |
බ්‍රිතාන්‍යයේ ඉතාම ජ්‍යෙෂ්ට කතෝලික පූජකවරයා වන කාදිනල් කීත් ඔ බ්‍රයන් රදගුරු පදවියෙන් ඉල්ලා අස්විය. | පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබේ මෙයින් අවුරුදු තිහකට පමණ පෙර පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබිණ. ස්කොට්ලන්තයේ කතෝලික සභාවේ අගරදගුරු පදවියෙන් තම ඉල්ලා අස්වීම භාර ගැනීමට පාප් වහන්සේ එකඟ වූ බවත් එය වහාම ක්‍රියාත්මක වන බවත් කාදිනල් වරයා පවසයි. එසේම නව පාප් වරයකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට තමා සහභාගි නොවන බවත් කාදිනල් හිමියෝ තහවුරු කළහ. ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ප්‍රකාශයක් කළ කාදිනල්වරයා, තමාට එරෙහි චෝදනාවලට අභියෝග කරන බව කියා සිටියේය. පූජකවරුන් විසින් සිදුකරනු ලබන ලිංගික අපචාර විභාග කිරීමේදී, ගැටළුවලට මුහුණ දෙන සෙසු කාදිනල්වරුන් කෙරෙහි ස්කොට්ලන්ත අගරදගුරු හිමියන්ගේ ඉල්ලා අස්වීම මගින් දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. මේ අතර තීරණයක් ගත් බෙනඩික් පාප්වහන්සේ, අනුප්‍රාප්තික පාප්වරයකු තෝරා පත් කරගනු ලැබීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරෙන නව රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කළහ. පාප් පදවියෙහි පුරප්පාඩුවක් ඇතිවීමෙන් සති දෙක තුනකට පසුව කාදිනල්වරුන් එක්රැස්ව, අභිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීම මෙතෙක් අනුගමනය කෙරුණ චාරිත්‍රය වූ නමුත් නව රෙගුලාසි යටතේ ලොව පුරා සිටින කාදිනල්වරුන් රෝමයට රැස් වුන වහාම අභිනව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමට අවස්ථාව උදාවෙයි. සබැඳි තේමා |
යාපනය මුල් කර ගත් උතුරු පළාතේ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික කර්මාන්තයක්ව තිබු සිය කර්මාන්තය රජයේ නිසි සහයෝගයක් නැතිකමෙන් අඩාල වෙමින් පවතින බව රා කර්මාන්තකරුවෝ පවසති. | "දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා'' රා මදින්නන් හිඟකම හේතුවෙන් ඉල්ලුමට සරිලන රා සැපයුමක් පවත්වා ගැනීමට තමන්ට නොහැකි වී ඇති බවයි යාපනයේ සංචාරය කළ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දුට රා හල් හිමියන් පවසා ඇත්තේ. සමස්ත ශ්‍රී ලංකාවටම පොදු කර්මාන්තයක් වූ තල්, කිතුල් හා පොල් රා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාම්ප්‍රදායික උරුමයකි. "දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා. ඒ ගැන එයාලට එහෙම දොස් කියන්නත් බෑ. මොකද අපි ලියාපදිංචි රා නිෂ්පාදනය කරන්නන් වෙලා අපේ දරුවන් මේකට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒකත් මේ අභියෝගවලට තවත් හේතුවක්." ගුරු නගර් රා හලේ හිමිකරු පැවැසූ බවයි ශිවන්ති ප්‍රනාන්දු සංදේශයට වාර්තා කළේ. රා යනු එක් අතකින් මත්පැන් වර්ගයක් වශයෙන් හැඳින්වුවද දේශීය විදේශීය මත්පැන් හා රා අතර වෙනස හැදෙන්නේ මෙසේයි. රා යනු ස්වභාවිකවම නිපදවනු ලබන්නකි. රා-වල බොහෝ කොටස් විවිධාකාරයෙන් ඖෂධ වශයෙන්ද ආහාරමය වශයෙන්ද භාවිතයට ගැනේ. මත්භාවය සිහිබුද්ධිය සිඳෙන තරමට අවදානමක්ද නැත. 'අවදානමක් නැහැ' මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාවක් මත්පැන් භාවිතයට පෙළඹී සිටි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ රා හැඳින්වෙන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කෙරෙන මත්පන් වර්ගයක් වශයෙනි. යාපනය ඇතුළු උතුරුකරයේ අනන්‍යතාවක් වශයෙන් හැඳින්වෙන තල් ගස යනු එම ප්‍රදේශ පෝෂණය කරන කප් රුකක් බවයි එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ. යම් ආකාරයක 'කෝපි කඩ' සංස්කෘතියක් රා-හල්වල පවතින අතර දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ. මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාව මත්පැන් භාවිතයට පෙළඹී සිටින නමුත් ඒ රාවලින් තොරව වන අතර ආණ්ඩු මාරු වූවාට යාපනයේ මත්පැන් ප්‍රවර්ධනය කෙතරම් සාර්ථකව සිදු වන්නේද යන්න සනාථ කරන්නේ ඒ ආශ්රිත රාත්‍රී අවන්හල් සංස්කෘතිය වන බවයි ඇය පවසන්නේ. යාපනයේ තල් රා ප්‍රවර්ධනය හා ඒ ආශ්රිත නව නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට යාපනය තල් සංවර්ධන මණ්ඩල වගකිව යුත්තන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තරමට ඔවුහු කාර්යබහුල වී සිටින බවද පැවසූ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු තල් ප්‍රවර්ධනය පිළිබඳව බොහෝ සැකසුම් ජනතාව හමුවේ තැබුවද රා කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන් නිරුත්තර බව පැවසුවාය. බලධාරීන්ගේ අවධානය දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකිය මේ සඳහා නව වැඩසටහන් අරඹන බව කියූවත් එකී කාරණා ආරම්භ කිරීමට තවත් කොතෙක් කාලයක් ගත වේද යන්න අනුමාන කළ නොහැක්කේ මීට වසර 04කට පෙරදී යාපනය තල් සංවර්ධන මණ්ඩලය අප වෙත ලබා දුන් පිළිතිරු තවමත් අජීවී ඒවා වීම හේතුවෙන් බව ඇය පවසන්නීය. රටේ ආර්ථිකය ඉහළ දැමීම ගැන සාකච්ඡා කරන විට තල් වගාව යනු ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයක් කළ හැකි කර්මාන්තයක් වන අතර තල් අරක්කු සහ රා බෝතල් කිරීම ඉනුදු ප්රමුඛ කර්මාන්ත වනවා මෙන්ම පැසුණු තල් රා යනු තල් අරක්කු නිෂ්පාදනයට කදිම ලෙස ගැලපෙන්නක් බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු පවසන්නේ. යාපනය තුළ තල් අරක්කු ස්කාගාර තුනක් මේ වන විට වෙළඳපොළ පවත්වාගෙන යන හෙයින් යාපනය තල් අරක්කුවලට විදේශීය හා සංචාරක වෙළඳපොළක් නිර්මාණය කිරීම නිසැකවම කළ හැකි දෙයක්ය යන්න අවිවාදිත තත්ත්වයක් වන්නේ මේ වන විට යාපනයේ තරු හෝටල්වල ප්‍රවර්ධනයටද තල් රා අත්‍යාවශ්‍ය සාධකයක් වීම හේතුවෙන් බවයි ඇය අදහස් කරන්නෙ. |
කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් (Kite Surfing) ක්‍රීඩාව දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත. | මෙම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නිරත කල්පිටියේ ජනතාව සහ ක්‍රීඩා සංගම් පවසති. මීට වසර පහකට ඉහතදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව සඳහා විදේශීය සංචාරකයන් කල්පිටිය වෙරළට ඇදී එන නමුත් එහි අවශ්‍ය තරම් යටිතල පහසුකම් නොමැති බවයි සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ. කල්පිටිය වෙරළ තීරය තුළ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. සංචාරක මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පසුගියදා කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් තරඟයක් පැවැත්විණ. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද එක් වී සිටියහ. විදේශීය ක්‍රීඩකයන් පරාජය කොට තරඟ ඉසව් කීපයක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. |
මොහාන් පීරිස් අගවිනිසුරු පදවියේ වැඩ භාර ගැනීමේ උත්සවය වර්ජනය කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. | නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව නීතිඥ සංගමය පිළිගනියි සාධාරණ පරීක්ෂණයකින් තොරව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කෙරුණු බව පවසන ශ්‍රී ලංකා ප්‍රධානම නීතිවේදීන්ගේ සංවිධානය, එබැවින් බදාදා පැවැත්වෙන උත්සවයට තම සාමාජිකයන් සහභාගි නොවන බව ද සඳහන් කරයි. සංගමය විසින් පසුගිය මාසයේ සම්මත කරන ලද යෝජනාවට අනුකූලව මොහාන් පීරිස් අගවිනිසුරුවරයා ලෙසින් පිළිනොගන්නා බව සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ට පැවසීය. කෙසේ නමුත් නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව සභාපතිවරයා පිළිගත්තේය. 'දෙවියන්ගේ හාල් කැවිලා' "ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල" එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීතිවිරෝධී බව රටේ ප්‍රධානම අධිකරණ දෙක විසින්ම තීන්දු කොට තිබෙන අතර, තමා තවමත් නීත්‍යානුකූල අගවිනිසුරුවරිය බවයි, ශිරාණි බණ්ඩාරනායක පවසන්නේ. මේ අතර ප්‍රකාශයක් කරන රටේ ප්‍රධාන විපක්ෂය, නොවැම්බරය සඳහා සැලසුම් කොට ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීමේ අවදානම් සහගත තත්වයක් උදාවී ඇතැයි අනතුරු අඟවයි. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ රජය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගත නොහැකි අයුරින් කටයුතු කරන බව. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දෝෂාභියෝග ක්‍රියාදාමය සහ සමාජ ක්රියාධරයන්ට එල්ලවී ඇති ප්‍රහාර හා තර්ජන සම්බන්ධයෙන් ප්‍රබල අවධානය පළ කොට තිබෙන නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය විවේචනයට ලක් කොට තිබුණි. "ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල," යනුවෙන් ද සඳහන් කල එජාප මහ ලේකම්වරයා, ශ්‍රී ලංකා ආණ්ඩුවට දැන් "දෙවියන්ගේ හාල් කැවී" තිබෙන බව ද පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා |
පොදු ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. | 'ජනතාවගේ දුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා' මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15 % දක්වා ඉහළ දමන බවයි. ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමක් කිසි විටෙක සිදු නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ඉහත කී වැට් බදු ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් පළ කරමිනුයි. 'රටේ දුප්පත් පොදු මහජනතාවට බරක් වෙන ආකාරයේ බදු ඇති කිරීමට රජයේ කිසිදු ආර්ථික විශේෂඥයකුට මම ඉඩ දෙන්නේ නැහැ. මහජනතාවගේ දුක නොතේරෙන රජයේ ආර්ථික විශේෂඥයන් සමහර අංශ වල ඉන්නවා කියල මම දන්නවා. ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන්න මම දෙන්නේ නැහැ' ජනපතිවරයා ඒ බව කියා සිටියේ පොලොන්නරුවේ සඳුදා පැවති උත්සවයක් අමතමිනුයි. නැති බැරි ජනතාවට ආර්ථික වාසි ලබා දීම සහ ඔවුන්ට සහන සැලසීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි ජනපතිවරයා අවධාරණය කළේ. 'ආර්ථික විශේෂඥයන්ගේ දැනුම සෑම විටම පොදු මහජනතාවගේ සුබසාධනය ප්රමුඛ කර ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. මේක පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා දේශපාලනඥයන් වගේම නිලධාරීන් හා ආර්ථික විශේෂඥයනුත් ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්' ඔහු පැවසීය. පැවති ආණ්ඩුවේ ණය? ජනදුක නොදන්නා උපදේශකයන් ගෙදර යවනවා - ජනපති විදුලිය, ජලය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැට් බදු සංශෝධනය බල නොපැවැත්වෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ මීට ඉහතදී කියා සිටියේ. වත්මන් ආණ්ඩුව වැට් බද්ද 2% කින් වැඩි කිරීමට තීන්දු කළේ පසුගිය පාලන සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් යයි ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා පවසයි. බීබීසී සංදේශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ කුමන රජයක් විසින් ණය ගනු ලැබ ඇතත් බලයේ සිටින රජය විසින් ඒවා ගෙවීමට බැඳී සිටින බවයි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදු වූ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් පවතින බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න සංදේශයට පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ තවත් එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් මුදල් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකයට සිදු වන අයහපත් බලපෑම හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් බදු ඉහළ නැංවීම යහපත් ක්‍රියාමාර්ගයක් බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ. |
තමන් කෝපයට පත්ව සිටින බව පෙන්නුම් කිරීම සඳහා පොප් ගායිකා කේටි පෙරී විසින් කාලි මෑණියන්ගේ රූපයක් අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් සයිබර් අවකාශයේ සැරිසරන ඉන්දියානුවෝ කෝපයට පත්ව සිටිති. | පොප් ගායිකා කේටි පෙරී හින්දු දේව විශ්වාසයන්ට අනුව කාලි මෑණියන් සළකනු ලබන්නේ විනාශයට අධිපති දෙවඟන ලෙසය. දිනකට පෙර කේටි පෙරීගේ Instagram පිටුවේ පළ කරන ලද එම ඡායාරූපය සඳහා එකොළොස් දහසකට අධික පිරිසක් අදහස් (comments ) පළ කොට තිබේ. බොහෝ අදහස් පළ කොට ඇත්තේ නින්දා සහගත ලෙසිනි. අදාළ ඡායාරූපය ඉවත් කරන ලෙස ඇතැම් අය ඉල්ලා සිටි අතර පොප් ගායිකා කේටි පෙරී ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. පළමු අවස්ථාව නොවේ ඉන්දියානුවන්ට සංවේදීවන කරුණු අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක් වූ පළමු ජාත්‍යන්තර තාරකාව ඇය නොවේ. ටෙනිස් තරුවක්වන මරියා ෂරපෝවා හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචීන් ටෙන්ඩුල්කාර් කවුරුන්දැයි යන්න නොදැන සිටීම සම්බන්ධයෙන් මීට පෙර ඉන්දියානුවන්ගේ කෝපය පළ විය. එසේම හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් විසින් බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි සිප ගනු ලැබීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද ලැබිණි. ඉන්දීය ජාතික ධජයෙන් සරසන ලද පාපිසි අලෙවි කිරීම සම්බන්ධයෙන් මෑතකදී Amazon අන්තර්ජාල අලෙවි සමාගමට එරෙහිව කෝපය පළ විය. ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස එම සමාගමට බල කෙරිණි. |
මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ‘ලෝක් සභා’ ඡන්දයේ දී පාලක කොංග්රස් පක්ෂ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ නායකත්වය පැවරුණේ රාහුල් ගාන්ධිට. | දේශපාලන ප්‍රතිවාදීන්;නරේන්ද්‍ර මෝඩි සහ රාහුල් ගාන්ධි. ඔහු අගමැති ධූර අපේක්ෂකයා හැටියට ප්‍රකාශයට පත් නො කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නායකයා කළේ, කොංග්රස් පක්ෂයේ දේශපාලන උපායක් වශයෙන් ය යන්න ඇතැමුන්ගේ විග්රහයයි. ඉන්දියානු ජනමාධ්‍ය අදහස් කරන ආකාරයට කොංග්රස් පක්ෂය, රාහුල් ගාන්ධි කෙළින්ම අගමැති ධූර අපේක්ෂකයා හැටියට නම් නො කළේ දේශපාලන ආරක්ෂාව පිළිබඳ උපායක් වශයෙන්. නව දිල්ලියේ ශ්‍රී ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන් පවසන්නේ රාහුල ගාන්ධිටත්, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිටත් , අභියෝග කළ හැකි මට්ටමේ ප්‍රාන්ත දේශපාලන නායකයන් ද මතු වී සිටින බවයි. නව ප්‍රාදේශීය නායකයන් රාහුල්.විකට රූපනයක. මහජන මත විමසුම් අනුව දැනට පසුබෑමක් පෙන්නුම් කෙරුණත්, පවතින දේශපාලන පරිසරය තුළ කොංග්රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය අභිබවමින් යළි පෙරට ඒමේ ඉඩකඩක් පවතින බව කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්ගේ අදහසයි. එහෙත් තනි පක්ෂයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත නො හැකි මී ළඟ ඉන්දීය මහ මැතිවරණයත් සභාග ආණ්ඩුවක් බලයට පත් කෙරෙන දේශපාලන සටනක් විය හැකි බවයි පෙනී යන්නේ. මෙවර මහමැතිවරණය තවත් මැතිවරණයක් නොව එය ඉන්දියාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බව රාහුල් ගාන්ධි කියා සිටියි. |
දකුණු කොරියාව මෑත දශකයේ සිදු කළ විශාලතම සන්නද්ධ හමුදා සංදර්ශනය පැවැත්විය. | උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා නිපදවා ඇති නවතම මිසයිල මෙහි දී ප්‍රදර්ශනය කළේය. උතුරු කොරියාව තර්ජනයක් ව පවතින තුරු තම හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම දිගටම කර ගෙන යන බවයි දකුණු කොරියානු ජනාධිපතිනිය පාර්ක් ගුන් හෙයි කියා සිටියේ. ඇය තවදුරටත් කියා සිටියේ එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ ව ආරක්ෂිත පද්ධතියක් පිහිටුවන බවයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර ගුවන් හමුදා කඳවුරක පැවති මෙම සංදර්ශනය නැරඹීමට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් ද පැමිණ සිටියේය. |
ගොඩගැසෙමින් පවතින නඩු විභාගකිරීම පිණිස වැඩිපුර අධිකරණ විනිසුරන් බඳවා ගන්නා ලෙස ඉන්දියාවේ අග්රවිනිශ්චයකාරවරයා බැගෑපත් ඉල්ලීමක් කළේය. | ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට නඩු 2600 ක් පමණ විභාග කරන බව අගවිනිසුරුවරයා පෙන්වා දෙයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරියේ ප්‍රකාශයක් කළ අගවිනිසුරු ටීඑස් තකූර් (T.S. Thakur) කඳුළු පිරි දෙනෙතින් කියා සිටියේ, අධිකරණය ඉදිරියේ පවතින කෝටි සංඛ්‍යාත නඩු ප්‍රමාණය විභාග කිරීම විනිසුරන් විසි එක් දහසකට පමණක් කළ නොහැකි බවයි. අගවිනිසුරු තකූර් අගමැතිවරයාගෙන් අයැද සිටියේ විනිසුරුවරුන්ගේ සහ සිරකරුවන්ගේ නාමයෙන් සහ ඉන්දියාවේ සංවර්ධනයේ නාමයෙන් මෙම වෙනසට සහාය දෙන ලෙසයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට විභාග කරන්නේ නඩු 81 කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන් කළ ඔහු, එනමුත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වසරකට නඩු 2600 ක් පමණ විභාග කරන බව පැවසීය. එබැවින් රටේ විනිසුරුවන් ප්‍රමාණය 40,000 ක් දක්වා වැඩි කළ යුතු බව අගවිනිසුරු ටීඑස් තකූර් ගේ යෝජනාවයි. එයට පිළිතුරු වශයෙන් අගමැති මෝදි පැවසුවේ මෙය ඉතා ගැඹුරින් සලකා බලා විසඳීමට සිය රජය කටයුතු කරන බවයි. |
ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. | නායකත්වයෙන් ඉවත් වෙන බව ඇය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට දැනුම් දුන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ශෂිකලා සිරිවර්ධන කියා සිටියේ එය සිය පෞද්ගලික තීරණයක් වන බවයි. “කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩිකාවක හැටියට හිඳිමින් දක්ෂතා ප්‍රගුණ කර ගනිමින් ක්‍රීඩාවට සහ රටට මෙහෙයක් සිදුකිරීම” සිය අභිලාෂය වන බවයි, ශෂිකලා සංදේශයට ප්‍රකාශ කළේ. ඇය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තව දුරටත් ක්‍රීඩා කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයේ දැක්වෙයි. ලෝක කණ්ඩායමට කාන්තා ක්‍රිකට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව යන ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නම් කරනු ලැබ සිටින ක්‍රීඩිකාවන් අතර සිටින්නීය. ලබන මැයි 19 වෙනි දින ‘මාර්ලිබෝන්’ කාන්තා ක්‍රිකට් සමාජයට(MCC ) එරෙහිව ලන්ඩනයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරඟය සඳහා ඇය ලෝක කාන්තා ක්‍රිකට් පිළ නියෝජනය කරමින් තරඟ වදිනු ඇත. MCC කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කණ්ඩායමකට එරෙහිව මින් පෙර ‘ලෝඩ්ස්’ පිටියේ ක්‍රීඩා කර නැති අතර, ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිටියට අවතීර්ණ වෙන පළමු අවස්ථාවද මෙයයි. MCC ක්‍රිකට් ක්‍රීඩා සමාජය ශෂිකලා සිරිවර්ධන ලෝක කණ්ඩායම සඳහා තෝරා ගනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්රහයෙනි. |
ස්වීඩනයේ Right Livelihood සම්මාන පදනම විසින් පිරිනමන විකල්ප නොබෙල් සම්මානය ලෙස හැඳින්වෙන සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකිකයකුටත් හිමි වී තිබේ. | 'මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්රයේ පවත්නා විෂමතාවයන් නිසා' ආසියාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම් වස් කරන ලද මෙහෙය වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දුට එම සම්මානය පිරිනමන බව සංවිධායකයෝ පවසති. ඇමරිකානු ජාතික ආරක්ෂක ආයතනයේ රහස් ඔත්තු කටයුතු හෙලිකිරීම හේතුවෙන් රටින් පිටුවහල් වීමට සිදුවූ එඩ්වඩ් ස්නෝඩන්, පාකිස්තාන ජාතික මානව හිමිකම් ක්‍රියාධාරිනිය සහ නීතිවේදිනී අස්මා ජහන්ගිර්, ලන්ඩනයේ ගාඩියන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඇලන් රස්බ්‍රිජර් සහ ඇමෙරිකානු ජාතික පරිසරවේදියකු සහ ගත්කතුවරයකු වන බිල් මැකිබන් මේ වසරේ සම්මානයෙන් පිදුම් ලබන අනෙක් පිරිසයි. "මානව හිමිකම් ක්ෂේත්රයේ ඇති වැදගත්කම මේ සම්මානය හිමිවීම මගින් විදහා දක්වන," බවයි බැසිල් ප්‍රනාන්දු සම්මානය හිමිවීම පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ. "අපේ විශේෂත්වය වුනේ මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ රටේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්රයේ පවත්නා විෂමතාවයන් නිසා බව පෙන්වා දීමයි." 1980 දී ආරම්භ කරන ලද Right Livelihood වාර්ෂික සම්මානයේ අරමුණ 'වර්තමානයේ ලෝකය මුහුණ දෙමින් සිටින හදිසි අභියෝගයන්ට ප්‍රායෝගික පිළිතුරු ලබාදෙන පුද්ගලයන්' පිදීම බවයි, සම්මාන පදනම පවසන්නේ. මේ වසරේ සම්මාන ප්රදානෝත්සවය ලබන දෙසැම්බර් දෙවැනිදා ස්වීඩන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. |
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිමාල රාජ්‍යයක් වන භූතානයේ නිල සංචාරයක යෙදීමට නියමිතයි. | දෙරටේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම සංචාරයේ අරමුණයි මෙය නරේන්ද්‍ර මෝදි අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව කෙරෙන ප්‍රථම විදෙස් සංචාරයයි. සංචාරයට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ ඉන්දියාව හා භූතානය සතු ඔවුන්ට පමණක් ආවේණික වූ විශේෂිත සබැඳියාවක් පවතින බවයි. ඉන්දීය නායකයාගේ භූතාන සංචාරයේ ඉලක්කය කලාපයේ චීන බලපෑම් කෙසේ ද යන්න සොයා බැලීම බවයි වාර්තාකරුවන් පවසන්නේ. අගමැති මෝදි ඉන්දියාවට අවශ්‍ය පිරිසිදු බලශක්තිය සපයා ගැනීම සඳහා දෙරටේ සහයෝගය ඇතිව භූතානයේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම පිළිබඳව භූතාන අගමැති ශරින් ටෝබ්ගේ සමග සාකච්ඡා කිරීමට නියමිතයි. |
කින්නියා ප්‍රදේශයේ පාසල් වසා දැමීම ඩෙංගු රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා පිළියමක් නොවන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසයි. | ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු අධ්‍යනය කිරීම සඳහා අද (මාර්තු 19) කින්නියා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. ඩෙංගු උවදුර පැතිර යාමත් සමග කින්නියා ප්‍රදේශයේ පාසල් හැටහයක් වසා දැමීමට පසුගිය 15 වෙනිදා බලධාරීහු කටයුතු කළහ. "පාසල් වසා දැමීමට ගත් තීරණය එතරම් හොඳ තීරණයක් නෙවෙයි. වසංගතයක් පැතිර යනවා කියන විගස පාසල් වසා දැමීමට පෙර අපි මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබුණා." යනුවෙන් ඇමතිවරයා එහිදී පැවසීය. 'පාසල් ආරක්ෂිතයි' "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා" හෙට (මාර්තු 20) පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කී ඔහු " ළමයි පාසල් යෑම තුළ මේ වසංගතය අඩු කර ගැනීමට හැකිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාසල් ශුද්ධ පවිත්‍ර කරන එක ඉතා පහසුයි. ගෙවල්වල ඉන්නවට වඩා පාසල තුළ ළමයින්ට ආරක්ෂාව වැඩි කියන එක වෛද්‍ය නිලධාරීන්ගේ මතය වී තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය. පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පොලිස් සහ හමුදා සාමාජිකයන් වැඩි පිරිසකගේ සහයෝගය ලබා දීමට එම ආයතනවල ප්‍රධානීන් එකඟ වූ බව කී ඇමතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩෙංගු රෝග මර්දන අංශයේ වෛද්‍ය කණ්ඩායමක් කින්නියා ප්‍රදේශයට පැමිණ ඇති බවත් පැවසීය. වසංගත තත්වය මර්දනය කර ගැනීමට යම්තාක් දුරට හැකිව ඇතැයි වෛද්‍ය නිලධාරීන් පවසා සිටි බව කී අමාත්‍ය රෆුෆ් හකීම් "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය. |