summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු තුළ සිටින ළමුන් පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණයක් ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය.
'ඔස්ට්‍රේලියාවේ කඳවුරු ගත දේශපාලන රැකවරණ පතන්නන් අතර ළමුන් දහසක්' විශේෂයෙන්ම මෙම ළමුන්ගේ ශුභ සාධනය සහ සෞඛ්‍යය ඉලක්ක කර ගනිමින් පරීක්ෂණය පැවැත්වෙන බවයි කොමිසමේ සභාපතිනී මහචාරිනී ජිලියන් ට්‍රිග්ස් ප්‍රකාශ කළේ. දේශපාලන රැකවරණ පතා පැමිණ ඔස්ට්‍රේලියාවේ කඳවුරු තුල රඳවා සිටින්නන් අතර දහසකට වැඩි දරුවන් පිරිසක් ඉන්නා බවයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම පවසන්නේ. ඕස්ට්‍රේලියාව තුලත් ඉන් පිටත නාවුරු වැනි දුපත් වලත් ඒ දරුවන් සිර කොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මානව හිමිකම් ආයතන වලත් බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ. ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ය ABC ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියට කියා තිබුනේ සිරගත දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ව සොයා බැලීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බවයි. ශ්‍රී ලංකාවෙන් මේ දරුවන්ගේ ඔබ මොබ යාමේ අයිතිය ට අවහිර කොට ඇති බවයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ. දේශපාලන රැකවල් පතන අය අතරින් වැඩි දෙනකු එරටට එන්නේ ඇෆ්ගනිස්තානයෙන්, ලංකාවෙන්, ඉරානයෙන් සහ ඉරාකයෙන්. 2004 දී කොමිසම නිකුත් කළ පළමු වාර්තාවෙන් කියවුනේ දේශපාලන රැකවල් සොයා එන අයගේ දරුවන් රඳවා තැබීම මානව හිමිකම් සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ වගකීම පැහැර හැරීමක් බව. වර්තමාන තත්වය විමසා බැලීමට කොමිසම දරන උත්සාහයට බලධාරීන් නිසි සහයෝගයක් ලබා නොදෙන බවයි මහාචාරිනී ජිලියාන් ට්‍රිග්ස් පවසන්නේ. බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ළමුන්ට නවාතැන් සපයා ඇති නමුත් ළමා අයිතිවාසිකම් පිලිබඳ ලෝක ප්‍රඥප්තියට අනුකූලව ඒවා පවතීද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට අවශ්‍ය වී තිබේ. ජාත්‍යන්තර නීති “මට දැන ගන්නට අවශ්‍ය විස්තර හොයා ගන්න පහුගිය මාස කීහිපය තිස්සේ දරපු උත්සාහයට ලැබුණු සහාය ඉතාම අවමයි කියලා කියන්න වෙනවා,” යි මහාචාරිනී ට්‍රිග්ස් පැවසුවාය. අමාත්‍ය ස්කොට් මොරිසන් දරුවකුගේ අනන්‍යතාව සහ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කර ගන්න ට සුදුසු තරම් කල් දරුවන් රඳවා තබා ගැනීම ගැන කොමිසමේ විරෝධයක් නැති බව ද මහාචාර්ය ට්‍රිග්ස් ප්‍රකාශ කළාය. “ඒත් අපේ සැලකිල්ලට යොමු වෙලා තියෙන කාරණය තමයි, මාස තුන හතර ඉක්මවා මාස හය, දොළහ, පහළොව දක්වා කල් යන කොට ඒක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වීමේ ඉඩකඩ පැවතීම.” කෙසේ වෙතත්, සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ නිලධාරීන් පරීක්ෂණයට සහාය දෙනු ඇති බවයි. මහාචරිනී ට්‍රිග්ස්ගේ අපේක්ෂාව මේ වසර අවසන් වීමට පෙරාතුව පරීක්ෂණය හමාර කිරීමයි.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ රාත්‍රියේ දී ජයග්‍රහණය කළ පාර්ශවයට බලය නොදී තව දුරටත් බලයේ රැඳී සිටීම සඳහා සිදු වූ බව පැවසෙන කුමන්ත්‍රණය පිළිබඳව පරීක්ෂණ වාර්තාව සතියක් ඇතුළත ලබා ගැනීමට ජාතික විධායක සභාව සැරසෙයි.
මේ සඳහා ජාතික විධායක සභාවේ සියළු දෙනා එකඟ වී ඇති බවත් එම පරීක්ෂණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කළ යුතුය යන ස්ථාවරයටත් පැමිණි බව ජාතික විමුක්ති පෙරමුණේ නායක ප්‍රකාශ කළේය. ජාතික විධායක සභාව අද (20) රැස්වීමෙන් අනතුරුවයි එහි සාමාජික අනුර කුමාර දිසානායක මේ බව මාධ්‍යයට දැනුම් දුන්නේ. දූෂණ කොමිසම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳවද අද රැස් වූ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව එකඟතාවකට පැමිණි බව ඔහු තව දුරටත් පැවසීය. වංචා හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර එම තනතුරුට වෙනත් සුදුස්සෙකු පත් කර එම කොමිසමට නීතියේ රැකවරණ ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මෙහිදී එකඟ වූ බවයි අනුර කුමාර දිසානායක කියා සිටියේ. මන්ත්‍රීන්ට හොඳ නරක මීට අමතරව පසුගිය වකවානුව තුළ සිදු වූ බව පැවසෙන මුදල් වංචා, මනුෂ්‍ය ඝාතන, පහර දීම් සහ පැහැර ගෙන යාම් පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රමවේදයක් සකස් කිරීමටද ජාතික විධායක සභාව එකඟ වී තිබේ. යුද්ධයෙන් පසුව එම පලාත්වල තිබූ වාහන සහ රත්‍රන්වලට සිදු වූ දෙය සොයා බැලීමට විශේෂ ඒකකයක් පිහිටුවීමත් මැති ඇමතිවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් ඇතුළු වැදගත් කරුණු කිහිපයකටම ජාතික විධායක සභාව එකඟ වූ බව එහි සාමාජික අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට තමන් දැරූ ස්ථාවරයේ වෙනසක් සිදු වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, වරකාපොල නගර ශාලාවේ පැවති හිටපු අමාත්‍යවරයෙකු වන ධර්මසිරි සේනානායකගේ 16 වන ගුණ සමරු උත්සවයට එක් සහභාගී වෙමිනි. ආණ්ඩුව නියෝජනය කරන කිසිවකුට හෝ එරෙහිව දූෂණ චෝදනා සනාථ වන්නේ නම් ඔවුන්ට සමාව දීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවා දෙන බවට ඇතමුන් චෝදනා කළත් තමා කටයුතු කරන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ හිටපු අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ තිබූ විදේශ ප්‍රතිපත්ති මත බවත්, ඒ හැර ලෝකයේ කිසිදු රටක් සමග වෙනත් බාහිර බැදීමක් තමාට නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සියලු දෙනා එක්ව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතු බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳුන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින උදවියම බවද පැවසූ ජනාධිපතිවරයා, 1978 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරන විට ඊට විරෝධය පළ කරමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පළමුව පෙන්වා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ ප්‍රකාශන දෙකේමත්, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශන දෙකේමත් අඩංගු වූ නව ව්‍යවස්ථාවට දැන් විරුද්ධ වන්නේ මන් දැයි තමා නොදන්නා බවත් ප්‍රකාශ කළේය. තමා සැමවිටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් බවද පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද අවශ්‍ය වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සියලූ දෙනා එක්ව රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම බවද කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම මානවවාදී දේශපාලන නායකයෙකු වූ ධර්මසිරි සේනානායක චරිතය අද දවසේ දේශපාලනඥයින්ට ඉතා ආදර්ශවත් චරිතයක් බවවද පැවසූ ජනාධිපතිවරයා වංචාව, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කිසිවිටකත් එම චරිතය තුළ නොතිබූ බවද සිහිපත් කළේය.
ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ දහනව වන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කොට ඇති බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අදහස් හුවමාරු කර ගනිමින් නොවැම්බර් 09 සහ 10 යන දෙදින තුළ සමුළුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් තිබිණි. සාක් සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් ඒ සඳහා ඉන්දියාව සහභාගී නොවීම සමුළුව පැවැත්වීමට බාධාවක් වී ඇති බවයි පකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ. සමුළුව පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල් තබන බව පකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල නිවේදනයේ සඳහන් වේ. කෙසේ නමුත් සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් පාකිස්තානය එම චෝදනා බැහැර කරයි ඉන්දියානු පරිපාලනය සහිත කාශ්මීරයේ හමුදා කඳවුරකට පසුගියදා එල්ල කෙරුණු සන්නද්ධ ප්‍රහාරය මුල් කර ගනිමින් පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සාක් සමුළුවට සහභාගී නොවන බව ඉන්දියාව මීට ඉහතදී නිවේදනය කළේය. ඉන්දියාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ 'කලාපීය සහයෝගිතාවට සහ ත්‍රස්තවාදයට එක්ව ගමන් කළ නොහැකි' බවයි. සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් පාකිස්තානය එම චෝදනා බැහැර කරයි. පාකිස්තානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදකලා කරනු ලැබීමට දිල්ලි බලධාරීන් විසින් ගනු ලබන උත්සාහයේ අළුත්ම නිදසුන හැටියට ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම පෙන්නුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සමුළුවට සහභාගී නොවී සිටීමට ඉන්දියාව ගනු ලැබූ තීන්දුවත් සමග ඇෆ්ගනිස්ථානය, භූතානය සහ බංගලාදේශය යන රටවල්ද සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කොට තිබිණි. සාක් සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් කලාපය තුළ නො තිබීම පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව සිය කනගාටු පළ කර සිටියේය.
සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේ වෙසෙන හැත්තෑ පස් වියැති හේරත් මුදියන්සේලාගේ ධර්මසේන දරුවන් අට දෙනෙකුගේ පියෙක්.
වන අලියෙකුට හසු වී ඔහුගේ එක් පුතෙකු ජීවිතක්‍ෂයට පත් වුනේ මීට වසර කිහිපයකට පෙර. රෝගාතුර වූ බිරිඳ මෙලොවින් සමු ගත්තේ ධර්මසේන ගොවි මහතාගේ දෑතින් වපුල ගොයම කිරි වදින්නටත් කලින්. සිය ගෙවිලියගේ තුන් මාසේ දානය ගැන කතිකා කර ගැනීමට දරුවන් කැඳවූ මේ ගොවි පියා දොඩමළු වුනේ ඉතා සංයමයෙන්. තම දෑතින් අවසන් වරට කළ අස්වැද්දුම අලියන් වෙනුවෙන් දන් දී අක්කර භාගයක් වූ කුඹුරු යාය මින් ඉදිරියට අලින් ගේ භෝජනය සඳහා ම වෙන් කිරීමට තමා කැමති බව මේ ගොවි පියා පැවසුවේ දරුවන්ගේ කැමැත්ත අකමැත්ත දැන ගැනීමට. දරුවන් එක හඬින් තම පියාගේ ආශාව අනුමත කරද්දී මේ තාත්තාගේ දෑසට සතුටු කඳුළු ආ හැටි අපට සිහිපත් කළේ ඔහුගේ සිව් වැනි දරුවා වන හේරත් මුදියන්සේලාගේ උපතිස්ස. ඔහුත් දරු මල්ලන්ට බත සරි කරන්නේ ගොවිතැනින්. ‘අපි හැමෝම ජීවත් වන්නේ ගොවිතැන් කරලා. ඒත් මේක තාත්තගේ අන්තිම කැමැත්තනේ. තාත්තට ඊළඟ කන්නේ වගා කරන්න අමාරුයි. දැන් වයසයි. තාත්ත අතින් කරපු අන්තිම වගාව ගං අලියන්ට කන්න දීල ඉඩම සින්නක්කරවම අලියන්ගේ පරිභෝජනයට පන්සලට භාර දෙන එක තමයි තාත්තගේ ආසාව.’ උපතිස්සගේ බිරිඳත් අනෙක් දරුවන් හා කරට කර වෙහෙසුනේ මේ දානමය පින් කම, සාංඝික දානයකින් හමාර කර මාමණ්ඩිය සතුටු කිරීමට. මේ ගොවි තාත්තගේ ඉඩම දරුවන්ට අහිමි වීම ගැන ඔහුගේ ලේලිය රත්නා කුමාරිගේ පවා හිතේ කහටක් නැහැ. ‘අපි නියම බෞද්ධයෝ මහත්තයෝ. අපි මහා මිනිස්සු නොවුනට යහමින් නැති වුනාට නිතරම දනට පිනට එක හිතින්මයි. අපි හැමෝටම ඕන වුනේ තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න.’ (හඬ පටයට සවන් දෙන්න.) තම කිරි වදින ගොයම සින්නක්කරවම අලින්ට පුජා කරන මොහොත බලා ගැනීමට මුළු ගෙඩිගස්වලාන ගම්මානයම එක් වුණේ එක හිතින්. කුඹුරට බට අලියන් දෙදෙනා අස්වැන්න බුදින විට අවට රැස් වී සිටි ඇතැමුන් ගේ දෑස කඳුළින් තෙත් වී තිබුණු බව අපට කිව්වේ ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස. මේ ගැන කතා කිරීමට බීබීසීයේ සිට දුරකතනයෙන් උපතිස්ස සම්බන්ධ කර ගත් විට සිය පියාට දුරකථනය දෙන ලෙස මා ඉල්ලා සිටියේ මාධ්‍යයට ධර්මසේන ගොවි මහතාගේ හඬ ලබා දීමේ අරමුණින්. උපතිස්ස එය පැහැදිලි කරන ආකාරය මටත් කන් වැකුණු අතර ගොවි තාත්තාගෙන් පිට වුණේ මේ වදන්. ‘පුතේ ඒ මහත්තයට කියපන් මං බුදුන් වැඳලා ආවට පස්සේ විස්තරේ කියන්නම් කියල.’ මාධ්‍යයට ඉදිරියේ කතා කිරීමට වඩා ඔහුට වැදගත් වුණේ වෙලාවට බුදුන් වැඳීම. ජනප්‍රියත්වය උදෙසා පිංකම් කරන බෞද්ධයන් සපිරි රටක මෙවන් සැබෑ මිනිසෙකුගේ හඬ ඈත සිට හෝ කන් වැටෙන්නට තරම් මම පින් කර ඇත්තෙමි.
මතභේදයට තුඩු දී ඇති ඉස්ලාමීය 'තලාක්' දික්කසාද සම්ප්‍රදාය එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් ඇරඹිණි.
තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින් (Triple Talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළ හැක එම සම්ප්‍රදාය අනුව සිය බිරිඳ ඉදිරිපිට තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින් (Triple Talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළ හැක. 'තලාක්' වචනය තෙවරක් හඬ නගා මුස්ලිම් පුරුෂයෙකුට සිය විවාහක බිරිඳ මොහොතකින් දික්කසාද කිරීමේ පියවර අනුගමනය කරන ජන කොටසක් සිටින රටවල් අතලොස්ස අතරට ඉන්දියාව ද අයත්වේ. 'තලාක්' සම්ප්‍රදාය ඉස්ලාම් දහමේ මූලික හරයන්ට කෙතරම් එකඟද යන්න සොයා බලන බව අධිකරණය පවසයි. කෙසේ නමුත් 'තලාක්' සම්ප්‍රදාය "වෙනස් ලෙස සැළකීමක්" වශයෙන් හඳුවන්වන මුස්ලිම් කාන්තා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ ඊට විරෝධය පළකරති. 'තලාක්' සම්ප්‍රදාය "වෙනස් ලෙස සැළකීමක්" වශයෙන් හඳුවන්වන මුස්ලිම් කාන්තා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ ඊට විරෝධය පළකරති මේ අතර සිය ආගමික කරුණක් සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම පිළිබඳ බොහෝ මුස්ලිම් කණ්ඩායම් විරෝධය පළ කරති. 'තලාක්' සම්ප්‍රදාය අභියෝගයට ලක් කරමින් එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ද සහාය හිමි වේ. 'තලාක්' සම්ප්‍රදාය හා සම්බන්ධ සංවේදී කාරණය විභාග කරනු ලබන්නේ විවිධ ආගම්වලට අයත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. ඉන්දියාවේ සුළුතර ප්‍රජාවෙන් වැඩි කොටසක් ඉස්ලාම් භක්තිකයෝ වෙති. ඉන්දියාවේ කෝටි පහළොව හමාරක් වන මුස්ලිම් ප්‍රජාවගේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් තීන්දු කෙරෙන්නේ ෂරියා නීතිය හෝ ඉස්ලාමීය නීතිය මත පදනම්ව ඇති බව පෙනෙන්න තිබෙන මුස්ලිම් ප්‍රජාවට පමණක් බලපාන වෙනස් නීතියකට අනුවය.
2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය මේ වන විට යළි කරලියට පැමිණ තිබේ.
එම සංවාදය සමාජ ජාල තුළ යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුව විසින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවා මත අලුතින් බද්දක් පනවනු ලැබ ඇති බවට එල්ල වන චෝදනාවත් සමගය. ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා තිබුණු 30% වැට් බද්ද 15% දක්වා අඩු කර ඒ වෙනුවට, ඒ හා සමාන ප්‍රතිශතයකින් සෙස් බද්දක් පනවා ඇති බවය. එබැවින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ. කරුණු එසේ තිබියදී සනීපාරක්ෂක තුවා සඳහා සහන මිලක් හඳුන්වා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ඒ මත "විශාල බද්දක්" පනවා ඇති බව ඇතැම් ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති. "සනීපාරක්ෂක තුවා මත අදටත් 51% ක බද්දක් පැනවෙනවා. සනීපාරක්ෂක තුවා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තමන් කැමති සන්නාමයකින් සනීපාරක්ෂක තුවා තෝරාගන්න කාන්තාවකට අයිතිය තිබෙනවා. ලංකාවෙ නිශ්පාදිත මිල අඩු සන්නාමයන් තිබුණත්, ආනයනික සනීපාරක්ෂක තුවා වර්ග බොහොමයක් ඊට වඩා සැපපහසුයි. උරාගැනීම වැඩි නිසා වැඩි වේලාවක් අඳින්නට හැකියි. රටේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන දියුණු කිරීම, සනීපාරක්ෂක තුවා අඳින කාන්තාවන්ගේ වැඩක් නෙවෙයි. රටේ නිෂ්පාදන රැකීමට ගහනා බදුවලින් ඔවුන් පීඩාවට පත්විය යුතු නැහැ." යනුවෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් අමන්දා අබේසූරිය සඳහන් කර තිබිණි. කාන්තාවන්ට ඔසප් දිනයන්හි නිවාඩු හෝ සහන ලබා දීමට ලොව ඇතැම් රටවල් මේ වන විටත් පියවර ගනිමින් සිටිති. මේ අතර ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා භාවිතය සහ ඒවායේ මිල සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ එම නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමට ලොව බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමකදීය. උදාහරණයක් වශයෙන් ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලූම නිෂ්පාදන නොමිලේ ලබා දීම සඳහා වූ පනත් කෙටුම්පත අඟහරුවාදා (නොවැම්බර් 24) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව ලොව සනීපාරක්ෂක තුවා ඇතුළු ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලුම නිෂ්පාදන නොමිලේ ලබා දෙන පළමු රට ලෙස ස්කොට්ලන්තය ඉතිහාස ගත වෙයි. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය සම්බන්ධයෙන් කෙරුණු කෙටි විමසුමකි. ශ්‍රී ලංකාවේ පාසල් 88% කට ජලය ලබා දී ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017) 98% ක සනීපාරක්ෂක පහසුකම් ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017) වැසිකිලි එකකට දැරියන් (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2010)1:66 දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව: දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති. ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% ක් සිය දියණියන් පාසල් නොයවති. මිථ්‍යාව සහ තහනම් මාතෘකා ගුරුවරියන්ගෙන් 60% කවිශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය. 66%ක් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳ දැන සිට නැත. සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය. නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව මෙන්ම අසල්වැසි රටවල ද තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත. ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය. එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය. ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි. ඒ හා සබැඳි සම්මතයන් සහ මිථ්‍යා මෙන්ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත. ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය. "නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත" එහිදී සොයා ගත් මූලික කරුණු: පාසල් දැරියන් (දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010) කලාපයේ වෙනත් රටවල් ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක් නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ. පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති. බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති. ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි. එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය. ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 ක) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත. ඔසප් නිවාඩු ඔසප් කාලයේ මෙයෝනීස් සෑදීම සහ නෑම 'තහනම්' මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති. ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ. සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්ම සඳහා නවක වදය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙන බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පවසයි.
නවක වදයට එරෙහි ඉන්දීය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ කෙසේ නමුත් දඬුවම් පැමිණවීමෙන් පමණක් නවක වදය වැළැක්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් මහාචාර්ය එම්එම්එම් නජීම් බීබීසී සිංහල සේවයට පැවසීය. නවක වදයට විරුද්ධවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලය තුළ 'අලයන් හෝ අල කල්ලි' ලෙසින් හංවඩු ගසා කොන්කරනු ලබන බව පෙන්වාදෙන උපකුලපතිවරයා, නවක වදය දීමේ ප්‍රධානම පරමාර්ථය සිය කණ්ඩායම්වල සාමාජික සංඛ්‍යාව තරකර ගැනීම බවත් සඳහන් කළේය. "නවක වදය කියන එක ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ශිෂ්‍ය සංගම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා." එබැවින් ප්‍රසිද්ධියේ කවරක් සඳහන් කළත්, විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නායකත්වය අවංකව නවක වදයට විරුද්ධ නැති බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා අවධාරණය කරයි. මහාචාර්ය මොහමඩ් නජීම් ඒ බව කියා සිටියේ, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පේරාදෙණිය ආසන්නයේ ගම්මානයක කුලී නිවසක පවත්වාගෙන ගිය නවක වදය ලබාදෙන ස්ථානයක් පොලසිය විසින් වැටලීම පිළිබඳව බීබීසී ය ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේ. උපකුලපති මොහමඩ් නජීම් ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගනිමින් "දැන් ඔය ශිෂ්‍ය සංගම් පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කළත්, ඒගොල්ල විශ්වවිද්‍යාලය ඇතුලේ මේකට විරුද්ධව ක්‍රියාකරන්නේ නැහැ," ඔහු පැවසීය. සිය විශ්ව විද්‍යාලයේ බරපතල මට්ටමින් නවක වදය දක්නට නැතත් නවක සිසුන්ට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන් තිබෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. "උදාහරණයක් විදියට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ පළමු වසර ශිෂ්‍යයන්ට අනිවාර්ය කරලා තියෙනව උදේ හයට ගිහිල්ල බුදුන් වඳින්න කියල. ඒකත් යම් බලහත්කාරයක් හැබැයි ඒක නවත්තන්න බැහැ එතන බොහොම සංවේදී තත්වයක් තියෙන නිසා." නවක වදයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන මහාචාර්ය එම්එම්එම් නජීම්, නවක වදය මගින් සිසුන් 'නම්‍යකරණය' කරන බවට පවතින මතවාදයේ 'පුහු බව' ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවබෝධ කරදීම එය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගතහැකි සුදුසුම පියවර බවත් සඳහන් කළේය. "මේගොල්ල නම්‍යකරණය කියල කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තට බලෙන් හරවා ගැනීම නැත්නම් බයකරලා තබාගැනීම. කැම්පස් එකේ ඉන්න ළමුන්ගෙන් ඉදිරියට ඇවිල්ල මේකට විරුද්ධව ක්‍රියාකරන්න පුළුවන් කණ්ඩායමක් හැදුනොත් මම හිතන්නේ ragging කියන එක නැතිවෙලා යාවි," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ ‘කන්පුර්’ නගරයේ, ‘ඉන්දියන් ඕර්ඩ්නන්ස්’(IOF) අවි කම්හල කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව සහතික කිරීම සඳහා පාවිච්චි කළ හැකි ගිනි අවියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
එය කාන්තා රැකවරණය සඳහා නිපදවුන පළමු ඉන්දියානු ගිනි අවියයි. 2012 දෙසැම්බර් මාසයේ දිල්ලි සමූහ දූෂණ අපරාධයට වසරක් පිරීමත් සමඟ හඳුන්වා දෙනු ලැබුණ නව සැහැල්ලු රිවෝල්වරය, එම දුෂණයට ගොදුරු වූ ‘නිර්භයා’ ශිෂ්‍යාවට පිදෙන උපහාරයක් හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ ‘නිර්භීක්’යනුවෙන්. ‘ටයිටේනියම්’ ලෝහයෙන් නිපදවා ඇති ‘නිර්භීක්’බරින් ග්‍රෑම් 500 ක සැහැල්ලු රිවෝල්වරයකි. එය කාන්තාවකට සිය අත් බෑගයේ තබා ගත හැකි මට්ටමිනුයි සැලසුම් කරනු ලැබ තිබෙන්නේ. 'නිර්භයා' නාමයෙන් IOFසමාගමේ ප්‍රධාන කළමනාකරු වන අබ්දුල් හමීඩ් පවසන්නේ,’නිර්භීක්’ රිවෝල්වරය සඳහා ලද ඇණවුම් වලින් 80% ක් ම ගිනි අවි බලපත් හිමි කාන්තාවන්ගෙන් ලැබුණ බවයි. දිනපතා පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යන කාන්තාවන්ට මුහුණ දීමට සිදු වෙන අතවර වලින් බේරී සිටීමට අවශ්‍ය රැකවරණය රිවෝල්වරයකින් ලැබෙනු ඇතැයි බොහෝ ඉන්දියානු කාන්තාවන් විශ්වාස නො කරන බවයි පෙනී යන්නේ. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක් මෙන්ම ලේඛිකාවක් ද වන තිලගාවතී BBC යට අදහස් දක්වමින් කියා සිටියේ, රිවෝල්වරයක් මගින් කාන්තා රැකවරණය සහතික කළ නො හැකි බවයි. “ඇතැම් පුද්ගලයන් හිතන්න පුළුවන් මෙය කාන්තාවන්ට ආරක්ෂක උපකරණයක් වේවි කියල.මේක මුදල් ඉපයීමේ ව්‍යාපාරයක්” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනිය පවසන්නීය. එසේම ගිනි අවි බලපත් හිමියන්ට පමණක් මිළට ගත හැකි මෙවැනි රිවෝල්වරයක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බවත් තිලගාවතී පෙන්වා දෙන්නීය. බලපත් අවශ්‍යයි ඉන්දීය කාන්තා රැකවරණය වෙනුවෙන්. “මේ රිවෝල්වරය ලබා ගන්න නම් ගිනි අවි බලපතක් තියෙන්න ඕන. බලපත්‍රයක් ලබා ගැනීම පහසු නැහැ. බලපත් අවුරුදු පතා අලුත් කළ යුතුයි.” ‘‘නිර්භීක්’ රිවෝල්වරය වට හයක පතරොම් ගබඩා කළ හැකි ගිනි අවියකි. පසුගිය ජනවාරි හය වෙනිදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුණ ‘නිර්භීක්’ රිවෝල්වරයේ මිළ ඉන්දියානු රුපියල් 1,22,360 කි. එය පහසු මිළක් නොවන බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී පවසන්නේ. “මේ මිළ ගණන් අනුව එපමණ මුදලක් වැය කළ හැකි කාන්තාවන්ට දැනටමත් අවශ්‍ය රැකවරණය ලැබෙනවා. මෙය සල්ලිකාරියන්ට පමණක් මිළ දී ගත හැකි අවියක්” තිලගාවතී පෙන්වා දෙන්නීය. ‘නිර්භීක්’ රිවෝල්වරය නිපදවීම සහ විකිණීම තහනම් කළ යුතු බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී කියා සිටින්නේ. එසේ නැත්නම්, ගිනි අවි නීති ලිහිල් ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනත් රටවල පවතින අනතුරුවලට ඉන්දියාවත් ගොදුරු විය හැකි බවයි, ඇය කියා සිටින්නේ.
නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ඇතැම් සිදුවීම් වාර්තා වූවත්, පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම සාපේක්ෂව සාමකාමීව පැවති බව බලධාරීහු මෙන්ම මැතිවරණ නිරීක්ෂකයෝද පවසති.
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බව නිරීක්ෂකයෝ පවසති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩුහි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඡන්දපොළ නියෝජිතයාට පහර දී එලවා දමා තිබෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී පහර කෑමට ලක්වූ බව ද වාර්තා වේ. බීබීසී සංදේශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ (ටී එන් ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන්, නසිවන්තීවූ සහ වාලච්චේනේ ප්‍රදේශවල දී තම ඡන්දපොළ නියෝජිතයන්ට පහර දී එළවා දමා ඇති අතර පාලක සන්ධානයේ ආධාරකරුවන් ඡන්දදායකයන් බිය වැද්දූ බවත් පැවසීය. දෙමළ ජාතික සන්ධානය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ටයි, මෙම සියලු ප්‍රහාර පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ. අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉහල ඡන්දදායක සහභාගිත්වයක් වාර්තා වී තිබේ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණවලට තරඟ වදින ප්‍රථම වතාව මෙයයි. නැගෙනහිර පළාතේ මැතිවරණය කෙරෙහි මෙවර විශේෂ අවධානය පලවී ඇති අතර, දස ලක්ෂයකට ආසන්න ඡන්දදායකයෝ ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. කෙසේ වුවත් සිය ඡන්දය භාවිත කිරීමට බොහෝ ඡන්දායකයන් උනන්දුවක් නොදක්වූ බවයි උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් තුනෙන්ම ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ සියයට හැටකට අධික ඡන්දදායක සහභාගිත්වයක් දක්නට ලැබුන බවයි තේරීම් භාර නිලධාරියා ශාන්ති සෙල්වදුරේට කියා සිටියේ. මැතිවරණ දිනයේදී සිදුවීම් 121 ක් වාර්තා වී තිබෙන නමුත් ඒ අතරින් බරපතල ආකාරයේ සිදුවීම් ලෙසින් ගිනිය හැක්කේ සිදුවීම් 12 ක් පමණක් බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය මේ අතර පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය. 'උනන්දුවක් නෑ' උතුරු මැද පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 287 ක පැවති ඡන්ද විමසීම ඉතා සාමකාමී වූ බවයි, තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පොළොන්නරුවේ සිට වාර්තා කරන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ ඉතා අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසන අතර සියයට පණස් තුනක් ඡන්දදායකයන් සිය ඡන්දය භාවිතකොට තිබුන බවයි, ඡන්ද විමසීම අවසානයේ වාර්තා වූයේ. සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ පමණක් නොව නිලධාරීන්ගේ පවා උනන්දුවක් දක්නට නොතිබූ බව අජිත් ලාල් ශාන්ත උදය රත්නපුරයේ සිට වාර්තා කරයි. කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක දිගු පෝලිම් දක්නට නොලැබුන බවයි, ඔහු පවසන්නේ. මේ අතර අනුරාධපුරයේ සිට වාර්තා කරන අතුල බණ්ඩාර පවසන්නේ ඡන්දදායකයන්ගෙන් සියයට පනහකට වැඩි පිරිසක් දිනය අවසානයේ සිය ඡන්දය භාවිතකොට තිබූ බවයි. සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා අනුරාධපුරයෙන් වාර්තා වී නැති බවයි, පොලීසිය පවසන්නේ. රාජාංගනයේ පිහිටි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුගේ නිවසට සෙනසුරාදා උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙන අතර ඒ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ පාලක සන්ධානයේම ආධාරකරුවන්ටයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සංසදයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පළ කළ අදහස් යථාර්තයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන කටයුතු කළ යුතු බව විදේශීය සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.
බ්‍රිතාන්‍යයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය අනාස් අල්තික්රිති ඒ බව කියා සිටියේ සඳුදා ට්‍රාන්ස් හොටලයේදී පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සැසියේ ප්‍රථම දින සැසිවාරයට සහභාගි වීමෙන් අනනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. මාධ්‍ය නිදහස, සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව සංවර්ධනය වැනි දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය යොමු කොට ඇති බවත් ඉදිරි වර්ෂවල එම අංශවලින් වඩාත් ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වනු ඇති බවත් ජනතා සමුළුවේ සමාරම්භක දේශණය පවත්වමින් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා පළ කළ අදහස් වලට තම ප්‍රසාදය පිරිනමන බවයි ආචාර්ය අනාස් අල්තික්රිති සංදේශයට කියා සිටියේ. මාධ්‍යවේදීන්ට අවසර නෑ ශ්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් ජනතා සංසදයේදී අදහස් දැක්වූ ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරා සංදේශයට කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රශ්ණ පිළිබඳව තමන් සභාව දැනුවත් කළ බවයි. ජනතා සංසදයේ සැසිවාරය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු අතර, ජෙහාන් පෙරේරා සමුළුව අමතද්දී ඔහුට බාධා පැමිණුන බව සංදේශයට දැන ගැනීමට ලැබිණ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනය කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමුළුවට සහභාගි වීමේ අරමුණ කවරක් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ස්ටීවන් ක්‍රෝෂෝ, ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් මාර්ගයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල නිකුත් කරවීම සිය අරමුණ බව පැවසීය. කෙසේ නමුත් තමන් ශ්‍රී ලංකාවට එරෙහි සංවිධානයක් නොවන බව ඔහු අවධාරණය කළේය. සමුලුවට එක්ව සිටි බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ සංදේශයට කියා සිටියේ මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යලි ගොඩ නැගීමට හැකි වනු ඇති බවයි. එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන්ද සමුළුවට එක්ව සිටින නමුත් මාධ්‍යවලට අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
උතුරු කොරියාවේ දෙවන බලවතා හැටියට සැලකෙන හ්වාන් පියොන්ග් සෝ (Hwang Pyong-so) හදිසි සංචාරයක නිරත වෙමින් දකුණු කොරියාව සමඟ සාකච්ඡා කොට ඇත.
දෙරටේ ඉහළ මට්ටමේ නායකයන් උතුරු කොරියාව එවැනි පියවරක් ගැනීම පුදුමය එළවන සුළු පියවරකි. වසර පහක කාලයක් ඇතුළත කොරියානු රාජ්‍යයන් දෙක අතර සිදු වූ ඉහලම මට්ටමේ පළමු හමුව මෙයයි. ජනරාල් හ්වාන් පියොන්ග් සෝ, දකුණු කොරියාවේ ‘ඉන්චිඔන්’ (Incheon) නගරයට ගොස් තිබුණේ එහි පැවැත්වුන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් සංදර්ශනයට සහභාගී වීමට බවත් වාර්තා වෙයි. ක්‍රීඩා උළෙල අතරේ එහෙත් ඔහු ඒ අතරවාරයේ කොරියානු රාජ්‍යයන් දෙක එක්සත් කිරීම භාර දකුණු කොරියානු ඇමතිවරයා සමඟ සාකච්ඡාවක නිරත විය. උතුරු කොරියානු දූත මණ්ඩලයේ සාමාජික කිම් යන්ග් ගොන් (kim yang gon) ඉහත කී සංචාරය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය හදිසි සංචාරයක් වූ බවයි. ඉදිරි සති කීපය ඇතුළත තවත් ඉහල මට්ටමේ සාකච්ඡාවක් සඳහා දෙපාර්ශවය එකඟ වූ බවත් වාර්තා වෙයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong-un මාසයක පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව පසු වන්නේ යයි අනුමාන පළ වෙමින් පවතින අතරයි ඉහත කී ඉහළ මට්ටමේ හමුව සිදු වුණේ.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් පහසුවෙන් ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉරිදා (ඔක්තෝබර් 27) සමත් විය.
කසුන් රාජිත කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. එහිදී ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සිය පන්දුවාර 20 තුළදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළහ. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ කඩුලු නවයක් දැවී ලකුණු 99ක් පමණි. මෙම තරගයේදී නව වාර්තා කිහිපයක් බිහිවිණි. මේ එම වාර්තා පිළිබඳ පසුවිපරමකි. 1. කසුන් රාජිත ට අමතක නොවන දිනයක් පසුගිය පාකිස්තාන සංචාරයේදී කසුන් රාජිත පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය. ඔහුගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවෝ අසරණ වූහ. නමුත් අද දින (ඔක්තෝබර් 27) ඇඩිලේඩ් පිටියේදී දක්නට ලැබුණේ ඊට හාත්පස වෙනස් දෙයකි. ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ රාජිත ගේ පන්දු යැවීම හමුවේ රිසි සේ ලකුණු රැස් කළහ. ඔහුගේ පන්දු වාර හතර නිමාවන විට ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 75කි. එය විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නෙක් ලබා දී තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. රාජිතට අකමැත්තෙන් වුව ද හිමිකම් කීමට සිදුවූයේ තුර්කියේ ටුනහන් ටුරාන් නම් ක්‍රීඩකයා සතුව තිබූ වාර්තාවකි. ඔහු 2019 අගෝස්තු 30 වෙනිදා චෙක් රාජ්‍ය සමග පැවති තරගයකදී සිය පන්දුවාර හතරේදී ලකුණු 70ක් ලබා දුණි. මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය යි. ඔවුන් දෙදෙනාම පන්දුවාර හතරක දී ලබා දී තිබු ලකුණු සංඛ්‍යාව 64 කි. ඩේවිඩ් වෝර්නර් 2. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව සිය රටේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් (පන්දු 56 කදී නොදැවී ලකුණු 100), නායක ආරොන් ෆින්ච් (පන්දු 36 කදී ලකුණු 64) සහ ග්ලෙන් මැක්ස්වෙල් (පන්දු 28 කදී ලකුණු 62) වේගවත් ව ලකුණු රැස්කිරීම නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළේය. එය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව තුළදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය. මීට පෙර ඔවුන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව 2007 වසරේ දී කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු 221 ය. එම තරගය සිඩ්නි හි පැවැත්විණි. 3. වැඩිම ලකුණු පරතරයකින් ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ජය ලැබූ අවස්ථාව සත්කාරක ඔස්ට්‍රේලියානු ඉණිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 99 ක් පමණි. එහිදී කඩුලු නවයක් දැවිණි. ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 134 කින් මෙම තරගය ජය ලැබීය. එය, කණ්ඩායම් දෙකෙහි ලකුණු පරතරය සලකා බැලීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ විශාලම ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්විණි. එසේම මෙම පරාජය, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලැබූ විශාලම පරාජය ලෙස ද සටහන් වේ. මීට පෙර 2017 දෙසැම්බර් 20 වෙනිදා ඉන්දියාව හමුවේ ලකුණු 93කින් පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලද විශාලම පරාජය විය. මේ තොරතුරුත් කියවන්න:
පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන හිටපු ක්‍රිකට් නායකයෝ පවසති.
"කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු" කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, කාන්තාවට ලිංගික හිරිහැර කිරීම පිණිස නිදහසට හේතුවක් නොවන බව ඔවුහු අවධාරණය කරති. ඔවුන් දෙදෙනා ඒ අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතා කථා කරමිනි. කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කළේය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" එයට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර,: "පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න," යනුවෙන් සඳහන් කළේය. "හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි." කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාසල් ළමයින් 100කට වැඩි පිරිසක් දැනුවත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනා සහභාගි වී සිටියේ යුරෝපා සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ආරාධනයෙනි. එහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ඉහත ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ යම් කෙනෙකු අඳින ඇඳුමෙන් හෝ බාහිර ස්වරූපයෙන් ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවන බවය. මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව "ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්." ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව මහේල ජයවර්ධන පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පාසල් සංයුතියේ මිශ්‍ර පාසල් අඩු බව පෙන්වාදෙන මහේල ජයවර්ධන, සහෝදරියක් පවුලේ නොමැති වූ විට පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන මේ වසරේ පැවැත්වෙන තරඟාවලියට සහභාගිවීම පිණිස පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර්ට වීසා බලපත්‍ර නිකුත් කර තිබේ.
vasවසර පහක තරඟ තහනමකින් අනතුරුව මොහමඩ් අමීර් පසුගිය ජනවාරි මාසයේ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රීඩාවට අවතීර්ණ විය 2010 වසරේ එංගලන්තය සමඟ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනා මත 24 හැවිරිදි මොහමඩ් අමීර්ට වසර පහක තරඟ තහනමක් පැනවිණ. ඔහු එංගලන්තයේ මාස තුනක සිරදඬුවමක්ද ගත කළේය. බුකිකරුවන්ගෙන් මුදල් ලබාගැනීම පිණිස හිතාමතාම නිපන්දු යැවීමේ චෝදනාවට ඔහු වැරදිකරු බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කළේය. එවකට ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ සල්මන් බට් සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අසීෆ් ද එම තරඟයේ කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු බව 2011 පෙබරවාරි මාසයේ තීන්දු කෙරිණ. තහනම හමාරයේ එංගලන්තයට එරෙහි තරඟාවලිය සඳහා ඔහු තෝරා ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. ඉන් අනතුරුව පැවති අධිකරණ විභාගයකදී ඔවුන් තිදෙනාටම සිර දඬුවම් නියම කෙරිණ. පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ මොහමඩ් අමීර් තරඟ තහනමට ලක්වීමට පෙරාතුව එංගලන්ත සංචාරයේදී ලකුණු 18.36 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 219 ක් දවා ගෙන සංචාරය තුල පාකිස්තානයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබා සිටියේය. එංගලන්ත සංචාරය සඳහා වීසා බලපත්‍ර ලැබීමත් සමඟම එයින් වසර හයකට ආසන්න කාලයකට පසුව ඔහු ලබන ජුලි මාසයේ යළිත් පළමු වතාවට ලෝඩ්ස් පිටියේදී එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ඉඩ තිබේ.
මුස්ලිම් කාන්තාවන් බුර්කා ඇඟලීම නිසා ඔවුන් "තැපැල් පෙට්ටි වගේ පෙනෙනවා" යැයි පැවසීම හා "බැංකු සොරුන්"ට සම කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් සමාව ගත යුතු බව හා කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු නෙරපිය යුතු යැයි හඬ නැගෙමින් පවතී.
බොරිස් ජොන්සන්ගේ එම ප්‍රකාශය සමග එක්සත් රාජධානිය තුළ ඉස්ලාම් භීතියෙන් යුතු නොසන්සුන් බව නරක අතට හරවන බවට ඇතැමුන් විශ්වාස කරන අතර මුස්ලිම් කාන්තාවක ගේ දෑස් පමණක් නිරාවරණය කෙරෙන නිකාබ් නමින් හැඳින්වෙන සළුව මෙන් ම බුර්කාව සම්බන්ධයෙන් ඇති පටලැවිල්ල ද ඉස්මතු කර පෙන්වයි. කාන්තාවන් සඳහා වූ ඉස්ලාමීය ඇඳුමේ ඇති වෙනස්කම් මෙන් ම කුමක් හේතුවෙන් ඔවුන්ගේ රුචිය තීරණය වනවා ද? ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථය වූ කුරානයෙන් මුස්ලිම් පිරිමින් හා කාන්තාවන් හට පෙන්වා දෙන්නේ විනීත ලෙස හැඳපැළඳිය යුතු බවය. පිරිමින් විනීතව සිරුර ආවරණය කිරීම යන්නෙන් අර්ථ නිරූපනය කෙරෙන්නේ නාභියේ සිට දණහිස දක්වා ප්‍රදේශය ආවරණය කිරීම වේ. කාන්තාවන් සම්බන්ධයෙන් ඉන් කියවෙන්නේ තමන්ට ඥාති නොවන හෝ විවාපත් නොවූ පිරිමින් ඉදිරියේ සිය මුහුණ, දෑත් හා පාද හැරුනුකොට සාමාන්‍යයෙන් සියලු ප්‍රදේශය ම ආවරණය කිරීමකි. කෙසේවෙතත්, මෙය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ඉස්ලාමය තුළ ම විවාදයක් පවතී. මේ තත්ත්වය නිසා ඊට දෙන ගෞරවය හිජාබ් (අරාබි බසින් "ආවරණය කිරීම" යන තේරුම) සහ නිකාබ් ( "සම්පුර්ණ වේලය" යන තේරුම) අතර බෙදීයාමට මුල් වී තිබේ. හිජාබ් යනු හිසකේ සහ ගෙල ආවරණය කෙරෙන සළුවක් වන අතර නිකාබ් යනු මුහුණ ආවරණය කෙරෙන වේලයකි. නිකාබයේ දෑස් ප්‍රදේශය නිරාවරණය කෙරේ. එය හිස වැසෙන සළුවක් හෝ දිගු ලෝගුවක් වැනි වූ 'අබායා' සමග ඇඟලයි. ඇතැම්විට, දෑස් ආවරණය වන අමතර විනිවිද පෙනෙන වේලයක් සමග වේ. බුර්කා යනු වඩාත් ම ආවරණය වන - සම්පූර්ණ මුහුණ හා ශරීරය වැසෙන්නකි. දැලක් වැනි කොටසකින් පමණක් අවට දැකිය හැකිය. ආවරණය වන සේ ඇඳීම කාන්තාවගේ කැමැත්ත ද? වසර 20ක් පුරා බුර්කාව ඇඟලන, එක්සත් රාජධානියේ සිටින සත් දරු මවක වන තහිරා නූර් පවසන්නේ එය "100% ම මගේ කැමැත්ත" යනුවෙනි. බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශය "දැනුමක් නැති" බව පෙන්වාන්නේ යැයි ද ඇය පවසන්නීය. BBC Radio 5 Live සමග අදහස් දැක්වූ ඇය කියා සිටියේ "බුර්කාව ඇඟලන කාන්තාවන්ගෙන් බහුතරය" බ්‍රිතාන්‍යයේ උපත ලබා එහි හැදී වැඩුණෝ වන අතර "ඔවුන් මේ රටේ ඉගෙනගත්තා. උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාලවලට ගියා. තමන් මෙය කරන්නට අවශ්‍ය ඇයි හා කරන්නේ ඇයි යන කරුණ ගැන අවබෝධයක් තිබෙනවා," යනුවෙනි. "ඔවුන්ට පීඩනයක් නැහැ. ඔවුන් ඒක කරන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට හෝ පියාට අවශ්‍ය නිසා නෙවෙයි." නූර් ට දියණියන් සිවුදෙනෙක් සිටින අතර ඔවුන් කිසිවෙක් බුර්කා නොඅඳිති. "මම මගේ දුවලාට මේ ගැන බලකරලා නැහැ. එහෙම කරන්න මට අවශ්‍ය නැහැ" "ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒක බැඳීමකුත් නෙවෙයි. කොහොම නමුත්... (ඒක) දෙවියන්ට ළංවීමක්. අන් කිසිම දේකට වඩා ඒක අධ්‍යාත්මික දෙයක්," යැයි ඇය පැවසුවාය. මුහුණ ආවරණය කිරීම සඳහා ඇය "බැඳීමකට යටත් නැති" වුවත් එසේ කිරීමෙන් නබි තුමා "අනුකරණය" කෙරෙන බව ඇය පවසයි. ආරක්ෂක හේතු මත මුහුණු ආවාරණය ඉවත් කරන ලෙස දැන්වුවොත් ඇය ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? "මම මගේ වේලය සතුටින් ඉවත් කරනවා," යැයි ඇය කියා සිටියේ බැංකුවක එසේ කෙරෙන ඉල්ලීම උදාහරණයකට දක්වමිනි. "මම සංචාරය කරනකොට, සමහරවිට මම එය ඇඟලන්නේ නැහැ. ඒ ආරක්ෂක කාරණා නිසා නෙවෙයි, මම හිතන්නේ ඒක වඩා පහසුයි." "බුර්කාව අඳින අය බැංකු කොල්ලකරුවන් වගේ යැයි කීම මම හිතන්නේ සාධාරණ නැහැ." නිකාබ් පැළඳීම නිසා තමන් වාචික අවමානයට ලක්වූ බව සහාර් අල්-ෆයිෆි පවසන්නීය නිකාබ් පළඳින, කාඩිෆ් හි වෙසෙන සහාර් අල්-ෆයිෆි BBC News වෙත පැවසුවේ තමන්ගේ කැමැත්ත අනුව වේලයක් පැළඳීම නිසා ඇතැම්විට වාචික අවමනට ලක්වෙන බවය. "මීට සතියකට කළින් මම ඉන්න තැන කිට්ටුවක වාහනය නවත්තන අතරේදී 'ත්‍රස්තවාදියා' කියල කෙනෙක් මට අවමන් කළා" යැයි ඇය පැවසුවාය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි වෙසෙන බ්‍රිතාන්‍ය - අමෙරිකානු මුස්ලිම් වෛද්‍යවරියක වන කන්ටා අහමඩ් මුහුණු ආවරණයක් නොපළඳින අතර ඊට එරෙහි තහනමකට සහයෝගය පළකරන්නීය. බටහිර මෙවැනි දෑ පළඳින කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින්නේ යැයි කියන ඇය ගැහැණු ළමුන් වැඩිවිය පැමිණීමටත් පෙර එවැනි දෑ පැළඳීමට පටන්ගෙන ඇති බවත් ඉන් බොහොමයක් ඔවුන්ගේ කැමැත්ත නොවන බවත් කියා සිටින්නීය. ආගමික වශයෙන් කෙරෙන සාධාරණීකරණය කුමක් ද? බුර්කාව කාන්තාවගේ මුළු සිරුරම ආවරණය කරයි බුර්කා හෝ නිකාබ් ඇඟලීම අනිවාර්ය දෙයක් ද නැතහොත් එය හුදු රෙකමදාරුවක් ද යන්න ගැන මුස්ලිම් වියතුන් අතර දිගු කාලයක සිට මතභේදයක් පැවතිණි. කුරානයේ දක්වා ඇති ඇඳුම් පිළිබඳ විනීත බව කාන්තාවන් විසින් අනුගමනය කරනු ලබන තාක් කවර හෝ හිස් ආවරණයක් අවශ්‍ය නොවන බවට වඩා නිදහස් අර්ථනිරූපනයක් ද වේ. එම ශුද්ධ ග්‍රන්ථයෙන් අමතන "භක්තිවන්ත කාන්තාවන්" සිය පුද්ගලික අවයව ආවරණය කරගැනීම හා "පෙනෙන තත්ත්වය හැර" ඔවුන්ගේ අලංකාරය ප්‍රදර්ශනය නොකිරීම පෙන්වයි. මෙහි අග කොටස සම්බන්ධයෙන් වියතුන් අතර විසංවාදයක් පවතී. ඉන් කියවෙන්නේ කාන්තාවගේ සිරුරේ සියලු අංග ආවරණයවීමේ අවශ්‍යතාව සහිත ඇයගේ ඇඳුමේ බාහිර මතුපිට ගැන ද? නැතිනම් මුහුණ සහ දෑත් අවධානය යොමු කරමින් ද, ඛෝල්, මුදු, වළලු වැනි සම්ප්‍රදායික කාන්තා විසිතුරු භාණ්ඩ හා රූපලාවන්‍ය සැරහුම් සඳහා යම් නිදහසක් දෙනවාද ? හිජාබ් - හිස් සළුව- කෙරෙහි කැමැත්තක් දක්වන ඉස්ලාමීය ඉතිහාසයේ ඇතැම් ප්‍රමුඛ වියතුන් මේ අවසන් අර්ථනිරූපනය එක්කරගෙන තිබේ. මුහුණු ආවරණය සම්බන්ධයෙන් ඇතැම් රටවල ඇති නීති හා සම්ප්‍රදාය ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය දක්වන කාන්තාවන් පිරිසක් බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් මුහුණු ආවරණ (face veils) සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඇතැමුන් තුළ තැතිගැන්මක් ඇතිකිරීමට හේතුවක් වූ අතර, ඔහුට සහාය දක්වන්නන් පෙන්වාදෙන්නේ එවැනි ඇඳුම් තහනම් කිරීමට එරෙහි තර්කයක කොටසක් බවය. ඇතැම් රටවල් එවැනි පියවර ගෙන ඇත. පූර්ණ මුහුණු ආවරණ (full-face veils) තහනම් කළ පළමු යුරෝපීය රට ප්‍රංශය වේ. 2011 අප්‍රේල් මාසයේදී බුර්කා සහ නිකාබ් ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේ ප්‍රකටව පෙනෙන ආගමික සංකේත රාජ්‍ය පාසල් තුළ තහනම් කිරීමේ නීතිය හඳුන්වා දී වසර හතක් ගතවීමෙන් අනතුරුවය. ඉන් මාස කීපයකින් අනතුරුව බෙල්ජියම ද එම පියවරට එළැඹිණි. ආරක්ෂක හේතු මත අඩක් හෝ පූර්ණ මුහුණු ආවරණ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේය. එතැන් සිට පූර්ණ මුහුණු ආවරණ (full-face veils) පූර්ණ හෝ අර්ධ තහනම ඔස්ට්‍රියා, බල්ගේරියා මෙන්ම දකුනුදිග ජර්මානු ප්‍රාන්තයක් වන බැවේරියා හි පැනවුණු අතර අගෝස්තු 1 වෙනිදා සිට ඩෙන්මාර්කයේ ද ආරම්භ විය. ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය පැන නැගුනු අතර එම නීතියෙන් බුර්කා සහ නිකාබ් නාමිකව සඳහන් නොකෙරුණ ද "ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුමකින් මුහුණ ආවරණය කරන කවරකු හෝ වුව ද දඩයකින් දඬුවමකට යටත් කෙරෙනු ඇත" යැයි ඉන් කියැවේ. එය නැවත කරන්නෙකු ක්‍රෝනර් 10,000 (ඩොලර් 1,500) දඩයකට යටත් කෙරේ. මීට වෙනත් අතක යන ඉරානයේ, කාන්තාවන් විනීත "ඉස්ලාමීය" ඇඳුමින් සැරසීම අවශ්‍ය බව නීතියෙන් ම පෙන්වා දී තිබේ. ප්‍රායෝගිකව මින් කියවෙන්නේ කාන්තාවන් චදෝර් නම් වන මුළු සිරුරම වැසෙන ලෝගුවෙන් හෝ හිස් ආවරණයක් සහ සිය දෑත් වැසෙන කබායකින් සැරසිය යුතුය. එරට නගරවල ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්වලින් සිරුර ආවරණය නොකළ කාන්තාවන් ආවරණය නොකළ ලොලිපොප් හා සංසන්දනය කර තිබෙන්නේ අනවශ්‍ය ලෙස මැස්සන්ගේ අවධානය ගන්නා බව දක්වමිනි. මෙම නීතියට මෑතදී අභියෝග කළ ඉරාන කාන්තාවන් පිරිසක් ඊට විරෝධය පළකළේ ප්‍රසිද්ධියේ සිය හිස් ආවරණ ඉවත්කරමිනි. එවැනි එක් කාන්තාවක් පසුගිය මාර්තු මාසයේදී වසර දෙකකට සිරගත කෙරිණි.
ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.
USS කාල් වින්සන් ඇතුළු පරිවාර යුද නෞකා සමූහය උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ යුඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය. පසුගිය සතියේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද නෞකා සමූහය කොරියානු අර්ධද්වීපය වෙත යවනු ඇති බවය. එනමුත් සති අන්තයේදී නෞකා සමූහය ඊට ඈතින් පිහිටි ජාවා කලාපයේ ඉන්දුනීසියානු සහ සුමාත්‍රා දූපත් ඔස්සේ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගරය දෙසට යාත්‍රා කොට තිබේ. ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය ඊයේ (අප්‍රේල් 18) කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය සංචාරය අවලංගු කොට ඇති බවය. අප්‍රේල් 08 වෙනිදා සිංගප්පූරුවෙන් පිටත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග එරට වයඹ දිග වෙරළේ පැවැත්වීමට පෙර සැලසුම් කොට තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණ කොට ඇති බවත් ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය නිවේදනය කළේය. 'කිම් ජොන්ග් අන් බියට පත් කිරීමක්' USS කාල් වින්සන් නෞකාව ප්‍රහාරක යුද නෞකා කණ්ඩායම "නියෝග කළ පරිදි ශාන්තිකර සාගරයේ බටහිර කලාපයට ගමන් ආරම්භ කොට ඇත." කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපයට ළඟා වීමට අපොහොසත් වීම සිතාමතා සිදු කරන ලද්දක් ද යන්න පැහැදිලි නොමැත. එම ක්‍රියාමාර්ගය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්ද, සැලසුම වෙනස් කිරීමක් හෝ සරල සන්නිවේදන දෝෂයක් දැයි පැහැදිලි නැති බව කොරියානු කලාපයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් පැවසීය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් තම මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
යුක්රේනයට එරෙහිව යුද වැදීමට සැරසීම මගින් රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමට මුහුණ දී සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ 'සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමක' රුසියාවේ විදේශගත වත්කම් තහනම් කිරීමටද ඉඩ තිබෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය. මේ අතර කීව් අගනුවර බලා පිටත්ව යාමට ප්‍රථම ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් සෝචි නුවර පැවැත්වීමට යෝජිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් බ්‍රිතාන්‍යය ඉවත් වන බව කියා සිටියේය. චෙකොස්ලොවැකියාව ආක්‍රමණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ප්‍රංශයද කියා සිටියේය. ජනාධිපති ඔබාමා සහ ජනාධිපති පූතින් සෙනසුරාදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් සමස්ත යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි, නේටෝ මහ ලේකම් අන්ද්රෙස් ෆොග් රස්මුසෙන් (Anders Fogh Rasmussen) සඳහන් කළේ. යුක්රේන අර්බුදය සම්බන්ධ නේටෝ සංවිධානයේ හදිසි රැස්වීමකට පෙරාතුව ප්‍රකාශයක් කළ ඔහු, වහාම ප්‍රදේශයේ හමුදා උණුසුම අඩු කරන මෙන් රුසියාවෙන් ඉල්ලා සිටියේය. "රුසියාව දැන් කරමින් තිබෙන දේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්. එමගින් යුරෝපයේ සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වෙනවා. තමන්ගේ සියලුම මිලිටරි ක්‍රියාදාමයන් සහ තර්ජන රුසියාව වහාම නැවැත්විය යුතුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. 1968 දී රුසියාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුරෝපය මුහුණ දෙන භයානකම අර්බුදය ලෙසිනුයි එක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් යුක්රේනයේ වාතාවරණය විග්‍රහ කළේ. යුක්රේනයේ රුසියානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් තිබෙන බවයි, තමන්ට එල්ල වන විවේචනවලට ප්‍රතිචාරය දක්වන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසන්නේ.
ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායක අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, ජිනීවා යෝජනාවෙන් රට බේරා ගත හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරයි.
දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවධානය පළ නොවූ බව හිටපු ජනාධිපතිනිය පවසයි හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව පරාජය කිරීම පිණිස උපකාර කරන්නේදැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. "ලංකාව බේරගන්න උදව් කරන්න නම්, ලංකාවේ ආණ්ඩුව සහ ලංකාවේ ජනතාව හරියාකාරව ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායකයන් අනුව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට ලංකාව බේරෙයි," යනුවෙන් ඇය කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ. ජනපති හමුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එජාප නායකයාට පිරි නැමූ අවස්ථාව වාර්තා කිරීම පිණිස දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් පැමිණ සිටියහ. 'දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳවත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්වයත් අපි සාකච්ඡා කළා' "පසුගිය වසර කිහිපය තුල ලංකාවේ බෞද්ධ නොවන ආගමික ස්ථානවලට ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට යම් කිසි කණ්ඩායම් ප්‍රහාර එල්ල කළා. ඒ නිසා මේ සම්බන්ධව සංහිඳියාවක් ඇති කිරීමට සාකච්ඡා කරලා මේ ලියවිල්ල හැදුවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව නැති වීමෙන් ඇති විය හැකි භයානක තත්වය මෙන්ම සියලු ආගම් සහ ජාතීන් එක්ව සිටීමෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දියුණුව පිළිබඳව ඉදිරියේදී රජය මෙන්ම ජනතාවද දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය. "ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වුවා. මුලින්ම ජනාධිපතිවරයාගෙන් තමයි හම්බ වෙන්න වෙලාවක් ඉල්ලුවේ ඒත් තවමත් පිළිතුරක් ලැබුනේ නැහැ," බවද ඇය පවසන්නීය. පොදු වටිනාකම් ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව පිළිබඳ ගැටළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන යෝජනාවට ඇතුලත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ, කවුරු යෝජනා කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම ප්‍රශ්න යොමු කිරීම වැදගත් බවයි. හිටපු ජනාධිපතිනිය සමඟ පැවති හමුව පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විසි වැනි ශතවර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සියලුදෙනා එකඟව පොදුවේ පවත්වාගෙන ආ පොදු වටිනාකම් රාමුව දැන් බිඳ වැටී ඇති බව කියා සිටියේය. "පසුගිය කාලේ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳවත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්වයත් අපි සාකච්ඡා කළා," යනුවෙන් ඔහු කියා සිටියේය. රටේ බහුතරය වන බෞද්ධ සංඝරත්නය මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කරන මෙන් තමන් හිටපු ජනපතිනිය ඇතුළු කණ්ඩායමට යෝජනා කළ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. කිසිදු දේශපාලන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවධානය පළ නොවූ බව බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය කියා සිටියාය.
එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත්, තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවසයි.
නවසීලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට සමත්වූයේ එක් විකට්ටුවක් පමණි සෙනසුරාදා බ්‍රිස්ටල් නුවර නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9 ක අන්ත පරාජයක් අත්විය. ඉරිදා බ්‍රිස්ටල් නගරයේ සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර, එම පරාජයෙන් පසුබට නොවී ඉදිරි තරග ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව බව සඳහන් කළාය. "මම හිතන්නේ තවමත් අපිට අවස්ථාව තියෙනව මුල් කණ්ඩායම් හතරට එන්න. ඉතින් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරලා කෙසේ හෝ මුල් කණ්ඩායම් හතර අතරට ඒම තමයි අපේ බලාපොරොත්තුව," ඇය පවසන්නීය. නවසීලන්තයට එරෙහි තරගයේදී සිය ප්‍රතිවාදීන්ට ලකුණු 250 ක් හෝ 225 ක් වැනි ඉලක්කයක් ලබාදීම සිය කණ්ඩායමේ අපේක්ෂාව වුවත් මැද පෙළ පිතිකාරිනියන් අසාර්ථකවීම සහ ඉන් අනතුරුව පන්දු යැවීමේ අංශයෙන් ද කණ්ඩායම අසාර්ථකවීම සිය පරාජයට හේතු වූ බව නායිකාව පවසන්නීය. නවසීලන්තයට පරාජය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව "ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා හොඳ ආරම්භයක් ලබා දුන්න. ඒ වගේම චමරි පොල්ගම්පොල සහ චමරි අතපත්තු දෙවන පිතිකාරිනියන් දෙදෙනත් හොඳ සම්බන්ධතාවයක් පවතවාගෙන ගියා. නමුත් ඒ වගේ හොඳින් ක්‍රීඩාකරන අවස්තාවක කඩුල්ල ලබා නොදී ක්‍රීඩා කළ යුතුයි. මොකද පන්දුවාර 50ක තරගයක්." එමෙන්ම තමන්ට කාසියේ වාසිය අහිමිවීමත් පරාජයට තවත් හේතුවක් බව ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය. මේ අතර සෙනසුරාදා පැවති අනෙක් සමාරම්භක තරගයේදී එංගලන්ත කණ්ඩායම විශ්මය පත්කරමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කාන්තා පිල සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින අතර, ඉන් අනතුරුව ලබන ඉරිදා සත්කාරක එංගලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ? නවසීලන්තයට එරෙහි තරගයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් කණ්ඩායමේ අඩු පාඩු සකස් කරගෙන මීළඟ තරගවලට මුහුණදෙන බවත් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය. 1973 දී මුලින්ම එංගලන්තයේ පැවති කාන්තා ලෝක කුසලාන හයක් ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියාව වාර්තාවක් තබා සිටින අතර, එංගලන්තය කාන්තා ලෝක කුසලාන තුනක ජයග්‍රාහකයාය. නවසීලන්තය ද එක් කාන්තා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වසර පහ හය කටයුතු කර ඇති විදේශීය මාධ්‍යවේදීන්ට පවා වීසා නිකුත් කරන ආණ්ඩුව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ට වීසා සීමා පණවනු ලැබීම බටහිර රටවලට කෙනෙහිලි කම් කරමින් රට තුල ජනප්‍රිය වීමේ පටු පිළිවෙතේ කොටසක් ලෙස පෙනී යන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශීය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සමඟ. එසේම තමන්ට අවශ්‍ය කරන ආකාරයට පමණක් කටයුතු කරන අයට පමණ වීසා දෙන බවට විදේශීය මාධ්‍යවේදීන්ට පණිවුඩයක් දීමක් ද එමගින් ආණ්ඩුව කරන බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ. “ විදේශීය මාධ්‍යවේදියකුට වසර පහකට වැඩි කාලයක් වීසා නො දෙන බවට කිසිම නීතියක් නැහැ. බීබීසී මාධ්‍යවේදියාට අදාළ ප්‍රශ්නය පැන නගින තෙක් එවැනි නීතියක් ගැන කිසිදු ප්‍රකාශයක් කර තිබුනේ නැහැ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවේ ප්‍රකාශය අනාගතයේ නීතියක් ගෙන ඒමට අදහස් කරනවා නම් එය දෙස බලා ගෙන වර්තමානයේ මෙවැනි පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි, සුනිල් ජයසේකර පෙන්වා දෙන්නේ. බීබීසී මාධ්‍යවේදී චාර්ල්ස් හැවිලන්ඩ් ශ්‍රී ලංකාවේ සිට වාර්තාකරණයේ. එසේම වසර පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ කටයුතු කරන විදේශීය මාධ්‍යවේදීන් රාශියක් ඔවුන්ගේ වීසා බලපත් අලුත් කර ගෙන ඇති බව තම අවබෝධය බව කියා සිටි සුනිල් ජයසේකර නව සීමාව බීබීසී මාධ්‍යවේදියා ඉලක්ක කර ගත් පියවරක් ලෙස පෙනේ යන බවත් කියා සිටියේය. විදේශීය ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාව තුළ වාර්තාකරණයේ යෙදීම සඳහා ලැබෙන අවසරය වසර පහක උපරිමයකට යටත් වන බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ. මේ හේතුව නිසා වසර පහක් තිස්සේ කොළඹ සිටින බීබීසී වාර්තාකරුගේ වීසා බලපත්‍රය මාස තුනකට පමණක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අතර , ශ්‍රී ලංකාවේ විදේශීය වාර්තාකරුවන්ගේ සංගමය පවසන්නේ විදේශීය ජනමාධ්‍යවේදීන්ට එවැනි කාල නියමයක් පවතින බවක් ඔවුන් මින් පෙර දැන නො සිටි බවයි.
ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැවැන්තයෙකු වූ දිවියෙන් සමුගත් වසන්ත ඔබේසේකරයන් වෙනුවෙන් කලාකරුවන් ඇතුළු සිනමා ප්‍රවීණයෝ සිය ශෝකය පළ කරමින් සිටිති.
සිනමා අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකයෙකු, තිර රචකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත ඔබේසේකරයන් මිය යන විට අසූ වෙනි වියේ පසු විය. වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති, සලෙලුවරම, පලගැටියෝ, දඩයම සහ කැඩපතක ඡායා ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වෙයි. ඔහුගේ සිනමා මෙහෙවර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේ තමන් ඇතුළු සමකාලීන නිර්මාණකරුවන්ට වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව සහ ඔහුගේ අදහස් විශාල වශයෙන් බලපෑ බවය. 'දෙවන පරපුරේ පුරෝගාමීන්' වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙවන පරපුරේ පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලැබූ සිනමාවේදී ප්‍රසන්න විතානගේ "ඔහු නොසිටියා නම් මමත්, මගේ සමකාලීන සිනමාකරුවන් වන අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි සිනමාකරුවන් බිහි වෙයි කියලා මම හිතන්නේ නැහැ" යනුවෙන් පැවසීය. හැත්තෑව දශකයේ සිනමා ප්‍රකාශනය තුළ වසන්ත ඔබේසේකරයන් විසින් පෙන්නුම් කරන ලද "නිර්භීතභාවය" ඔහු වෙත ආකර්ෂණය වීම සඳහා හේතු වූ බවත් ප්‍රසන්න විතානගේ සඳහන් කළේය. "ලොකු හොරුන් නිදැල්ලේ සිටින විට පොඩි හොරුන් තමයි දැලට හසු වෙන්නේ කියලා, ඔහු ප්‍රහසනයක් වශයෙන් 1970 වසරේ වෙස්ගත්තෝ චිත්‍රපටය නිර්මාණය කළා" 71 කැරැල්ල "ශ්‍රී ලංකාවේ පළමු තරුණ කැරැල්ල 1971 අසාර්ථක වීමෙන් පසු එදා සමාජය විවරණය කළ නිර්භීත සිනමාකරුවන් දෙදෙනා" ලෙස වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් හැඳින්විය හැකි බවත් ඔහු පැවසීය. "ධර්මසේන පතිරාජ 1973 අහස් ගව්ව චිත්‍රපටය නිර්මාණය කරමින් මේ රටේ ඉච්ඡාභංගත්වයට පත් නාගරික තරුණයාගේ අසහනය නිරූපනය කළා. 1975 තිරගත වූ වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ චිත්‍රපටයෙන් එසේ ඉච්ඡාභංගත්වයට පත් ගැමි තරුණයාගේ අසහනය නිරූපනය කළා" වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් දැක්වූ සමාජ සවිංඥානකත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා සෙසු සිනමාකරුවන්ගෙන් බෙදා වෙන් කොට හැඳින්විය හැකි බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ වැඩිදුරටත් කියා සිටියේය. දිවියෙන් සමුගත් වසන්ත ඔබේසේකරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (අප්‍රේල් 09) සිදු කිරීමට නියමිතය.
ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර තමිල්නාඩුවේ දී ජනවාරි විසි වැනිදා සාකච්ඡා පැවැත්වීම ස්ථිර නැතැයි ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යවරයා පවසයි.
2010 අගෝස්තු පැවති ඉන්දු ලංකා ධීවර නියෝජිත සාකච්ඡා තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය විදේශ අමාත්‍ය වරයා මුණගැසීමෙන් අනතුරුව ඉකුත් මාසයේ ප්‍රකාශයට පත් කොට තිබුනේ ජනවාරි විසි වැනිදා චෙන්නායි නුවර දී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙ රටේ ධීවරයන් තමන් මුහුණ පා සිටින ගැටළු ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඉන්දීය ජාතික ධීවර සම්මේලනයේ සභාපති එම් ඉලංගෝ ඒ බව බීබීසී දෙමළ සේවයට තහවුරු කොට සිටියේය. ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් පහලොස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සාකච්ඡා සඳහා සහභාගි වීමට තෝරා ගෙන තිබෙන බවයි, ධීවර අමාත්‍යංශ උපදේශක සහ ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස් පී අන්තෝනිමුත්තු ඉකුත් සති අන්තයේ බීබීසී සංදේශයට පැවසුවේ. මහ ඇමතිනි ජයලලිතා විසින් සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ ප්‍රකාශයකින් කියා තිබුනේ තමිල්නාඩුවේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 179 දෙනකු නිදහස් කිරීමට තීරණය කොට ඇති බවයි. ජයලලිතා 'බාධාවක්' රඳවා ගෙන සිටින ඉන්දීය ධීවරයන් දහ තුන් වැනි සඳුදා සිට නිදහස් කරන බව ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජය මගින් දැනුම් දී ඇති හෙයින් 'හොඳ හිත පානු පිණිස' ලාංකික ධීවරයන් ද නිදහස් කරන බවයි මහ ඇමැති ජයලලිතා කියා තිබුනේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහ ඇමතිනිය හැඳින්වුයේ 'ධීවර ගැටළු විසඳා ගැනීමට බාධාවක්' ලෙසයි. බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාෂ් නල්ලුසාමි හට අමාත්‍ය සේනාරත්න ඉරිදා කියා සිටියේ තමිල්නාඩුවේ පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශයේත් ලාංකික ධීවරයන් සිරගත කොට සිටින බවයි. ඔවුන් සැම දෙන නිදහස් කරන තුරු ශ්‍රී ලාංකික අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් නිදහස් නොකැරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත්, ජනවාරි පහළොස් වැනිදා දිල්ලි නුවර දී තමන් ධීවර කටයුතු භාර ව කටයුතු කරන ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ෂාරද් පවාර් මුණ ගැසෙන බවත් එහි දී තමිල්නාඩු ධීවරයන් මුණ ගැසීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
හැරී පොටර් චරිතය සඳහා තවදුරටත් රංගනයෙන් දායක වීමට මේ මොහොතේ තමාට අභිප්‍රායක් නොමැති බව ' හැරී පොටර් ' වික්‍රමාන්විත ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ඩැනියල් රැඩ්ක්ලිෆ් පවසයි.
සිනමා නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් 'Harry Potter and the Cursed Child' සඳහා බ්‍රිතාන්‍ය ජාතික සිනමා නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් රංගනයෙන් දායක වනු ඇති බවට කටකතා පළ විය. බීබීසීයේ 'වික්ටෝරියා ඩර්බිශයර්' වැඩසටහනට එක් වෙමින් රංගන ශිල්පී රැඩ්ක්ලිෆ් කියා සිටියේ 'ඇතැම් විට තිස් වසරකට පසු මම ඒ පිළිබඳ වෙනස් ආකාරයකට හිතාවි. මට හැරී පෝටර්ගේ පියාගේ චරිතය රඟපාන්න හැකි වේවි'යනුවෙනි. විසි හත් හැවිරිදි ඩැනියල් රැඩ්ක්ලිෆ් පළමු 'හැරී පොටර්' සිනමා නිර්මාණයට දායක වූයේ 2001 වසරේදී. ඉංග්‍රීසි ජාතික ලේඛිකා ජේ. කේ රෝලිංග් විසින් රචිත ප්‍රබන්ධ නව කතා මාලාවක් පාදක කර ගනිමින් 'හැරී පොටර්' චිත්‍රපට මාලාව බිහි විය. 'හැරී පොටර්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතවලට පණ පොවන රූපට් ග්‍රින්ට්, එමා වොට්සන් සහ ඩැනියල් රැඩ්ක්ලිෆ් ලොව පුරා තිර ගත වූ හැරී පොටර් චිත්‍රපට මාලාව ඇමරිකානු ඩොලර් කොටි හත්සීයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ. 'හැරී පොටර්' සිනමා මාලාව සහ වෙනත් සිනමා නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
'එතකොට කොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා' ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගිය අවස්ථාවේ එහි නිලධාරීන් එවැනි අවදානමක් පවතින්නේ යැයි තමාට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ මාතර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමිනි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ නිල හැඳුනුම්පත අලුත් නොකිරීමේ සැලැස්මක් පවතින බවටත් තමාට විශ්වාසදායක ආරංචි ලැබී ඇති බවයි ඔහු පවසන්නේ. එවැනි සූදානමක් පවතින්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබී ඇති පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පවත්වා අවසාන බැවින් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. 'විමර්ශන අවසාන වීමට ආසන්න වෙන කොට විමර්ශන කරන ආයතනය ඉවර කරන්න හදනවා. එතකොට හොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සංදේශය රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බවයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අදාළ පරීක්ෂණ කිසිවක් නිමා වී නැති බැවින් අවශ්‍ය නම් එහි නිල කාලය තවත් දීර්ඝ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකපිට අත් අඩංගුවට ගෙන පසුව නිදහස් වූ රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පැනවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කනස්සල්ල පළ කරයි.
'අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කැරෙන නියෝගයක් පැනවිය හැක්කේ හදිසි නීති අවස්ථාවක දි පමණියි' "අදහස් ප්‍රකාශ කිරිමේ පුරවැසියන් සතු නිදහස මූලික මානව අයිතිවාසිකමක් වන අතර, එය සීමා කළ හැක්කේ විශේෂ අවස්ථාවන්හිදි පමණකි," බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ. පසුගිය 16වන දින කිලිනොච්චියේදී අත් අඩංගුවට ගැනුණු රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා දීර්ඝ ප්‍රශ්ණ කිරිම් වලින් අනතුරුව කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කෙරිණ. තමන් අත් අඩංගුවේ දී මුහුණ දුන් තත්ත්වය ද ඊට පාදක වූ කරුණු කාරණා ද මහජනයා හමුවේ ප්‍රකාශ කිරීමෙන් ඔවුන් දෙදෙනා වළක්වන පරිදි පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීම කනසල්ලට කරුණක් බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ. 'හදිසි තත්වයකදී පමණයි' ත්‍රස්තවාදි විමර්ෂණ කොට්ඨාශය සිදු කරමින් පවතින විමර්ශණවලට අදාල තොරතුරැ හෝ ප්‍රකාශ දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයන්ට ලබා දීමෙන් නඩුවේ ඉදිරි විමර්ශණවලට බාධා විය හැකි බැවින් එයින් වැළකී සිටින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ. මෙයට අමතරව ඔවුන් දෙදෙනොගේ විදේශ ගමන් බලපත්‍ර අත් අඩංඟුවට ගැනීමටත් පරිගණක සහ ජංගම දුරකථන සිම් කාඩ් අත්ඩංඟුවට ගැනීමටත් වෙනම අධිකරණ නියෝග දෙකක් පොලිසිය විසින් ලබා ගෙන තිබේ. ශ්‍රි ලංකා ව්‍යවස්ථාවෙහි මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ ද මූලික මානව හිමිකමක් ලෙස අර්ථ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කැරෙන නියෝගයක් පැනවිය හැක්කේ හදිසි නීති අවස්ථාවක් ප්‍රකාශ කර ඇති සුවිශේෂ තත්ත්වයක දි පමණක් වන අතර, වර්තමානයේ ශ්‍රි ලංකාවේ එවැනි තත්ත්වයක් නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. "මෙම නියෝගය පණවන ලද්දේ රුකී ප්‍රනාන්දු තමා අත් අඩංගුවට ගැනීම පිළිබඳව සීඑන්එන් රූපවාහිනී සහ බීබීසී සන්දේශය සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ජා වලින් පසුව," බව පවසන නිවේදනය රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා මත පණවා ඇති මෙම නියෝගය ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් 2016 වසර තුළ දී එක් වරක්වත් ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වේ.
එරට මානව හිමිකම් කොමිසමේ වාර්තාවකට අනුව 2015 හෝ 2016 යන වසරවල දී සරසවි සිසු සිසුවියන්ගෙන් 7% ලිංගික වශයෙන් පහරදීම්වලට ලක්ව ඇත. සරසවි සිසුන්ට වඩා සිසුවියන් එවැනි පහරදීම් හෝ හිංසනයන්ට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව ද කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි. විශ්ව විද්‍යාල හා සම්බන්ධ ලිංගික හිංසනය පිළිබඳ ඕස්ට්‍රේලියාව තුළ කෙරුණු විශාලතම සමීක්ෂණය මෙය බව පැවසේ. ලිංගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස සැළකීම පිළිබඳ සොයා බලන කොමිසමේ ප්‍රධානී කේට් ජෙන්කින්ස් කියා සිටියේ අදාළ වාර්තාව මගින් විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ කැළඹිලිකාරී චිත්‍රයක් ලබා දෙන බවය. "ලිංගික පහරදීම් සහ හිංසනයන්ට ලක් වීම සිසු සිසුවියන් සිය ශාස්ත්‍රීය, සමාජීය සහ නේවාසික ජීවිතයේ ලබන අත්දැකීම්වල සාමාන්‍ය කොටසක් බව දැන ගන්න ලැබීම කණස්සල්ලට කරුණක්" යනුවෙන් ඇය පැවසුවාය. "අවාසනාවකට, මෙවැනි අත්දැකීම් නිසා ඇතිවන බලපෑම ජීවිතය වෙනස් කරනසුළු. සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ අනාගත වෘත්තීය ජීවිතයට බලපාන භයානක තත්ත්වයක් විය හැකියි" විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වෙනස් මට්ටමින් ලිංගික පහරදීම් සහ හිංසන සිදුවන බව විශ්ව විද්‍යාල 39 ක් සහ සිසු සිසුවියන් 31,000 ක් යොදා ගනිමින් කළ අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. ලිංගික හිංසනය යනු ලිංගික පහරදීම අර්ථ දක්වා ඇත්තේ: "අකැමැත්තෙන් හෝ අවසරයකින් තොරව, කැමැත්ත ඉවත් කර ගත් අවස්ථාවක යමෙකු බලහත්කාරයෙන් හෝ රවටා, ලිංගික ක්‍රියාවකට එක් කර ගැනීම" යනුවෙනි. කාමුක ලෙස බලා ඉඟි කිරීම හෝ කාමුක අදහස් පළ කිරීම වැනි ලිංගිකත්වය හා සම්බන්ධ අනවශ්‍ය හැසිරීම් රටාවන් ලිංගික හිංසනය යටතට ගැනේ. "ලිංගික පහරදීම්වලට ලක් වූ පස් දෙනෙකුගෙන් එක් අයෙකු කියා සිටියේ විශ්ව විද්‍යාලය තුළ දී හෝ නේවාසික පොදු හමුවක දී තමන් එවැනි සිදුවීමකට මුහුණ දුන් බවයි" යනුවෙන් කේට් ජෙන්කින්ස් සඳහන් කළේය. "විශේෂයෙන් විශ්ව විද්‍යාල තුළ ඇති ස්වභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අපට පෙනී ගියා. එම වාතාවරණය තුළ විශේෂයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා හතර ගුණයක් ලිංගික පහරදීම්වලට ගොදුරු විය හැකියි" සමීක්ෂණය මගින් සොයා ගත් වෙනත් කරුණු:
පළාත් පාලන මැතිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.
විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී තිබේ. යම් ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවේ. එසේ බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධානී තනතුර හිමිවන්නේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටය. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් හම්බන්තොට නගර සභාවේ බලය කාටද? එහෙත් මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ බොහෝ පක්ෂවලට බහුතර මන්ත්‍රී බලයක් නොමැතිවීම හේතුවෙන් එම ආයතනයේ බලය ලබාගැනීම පිණිස අනිකුත් පක්ෂ සමග සන්ධාන ගතවීමට සිදු වී තිබේ. එසේ නොමැතිනම් තේරී පත්වුණු සෙසු පක්ෂවල හා ස්වාධින කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් එක්ව වැඩි මන්ත්‍රී සංඛ්‍යාව දිනාගත් පක්ෂය විපක්ෂයට දමමින් අදාළ ආයතනයේ බලය ලබාගැනීමට හැකියාව තිබේ. උදාහරණයක් හම්බන්තොට නගර සභාවේ ආසන 9ක් දිනාගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුවත්, එහි දෙවෙනි සහ තෙවෙනි ස්ථානවලට පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එහි බලය පිහිටුවන බව ප්‍රකාශ කර තිබේ. එය අදාළ පක්ෂවල ඉහළ මට්ටමින් ගනු ලැබූ තීරණයක් නොව නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් බව එම මන්ත්‍රීවරු ජනමාධ්‍ය වෙත පවසා තිබුණි. එහෙත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් නැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නගර සභාවේ ආසන 7ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 4ක් දිනාගෙන තිබේ. මෙලෙස පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ ආයතනවල බලය ලබාගැනීමට එහි සෙසු පක්ෂ උත්සාහ කරමින් සිටියි. කෝට්ටේ නගර සභාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි බහුතර බලයක් හිමි වී නොමැති බැවින් එහි බලය අත්පත් කරගැනීම පිණිස දෙවැනි ස්ථානයට පත් එක්සත් ජාතික පක්ෂය හා තුන්වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව කෝට්ටේ නගර සභාවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයගත් ආයතනවල බලය ලබාගැනීම පිණිස දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ලංකා කම්කරු කොන්ග්‍රසය එක්ව තිබේ. පක්ෂ නායකයන් කෙසේ පැවසුවත් පළාත් පාලන ආයතනවල නගරාධිපති/සභාපති තේරීමේ මෙම ජන්ද විමසීමේදී බොහෝ පැති මාරුකිරීම් දක්නට ලැබෙනු ඇති බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ පෙබරවාරි 15 දින කැඳවීමට තිබුණ පළාත් පාලන ආයතන සියල්ල සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වෙනි දින දක්වා කල් දමා ඇති බවය. ඒ අනුව එම ආයතනවල පළමු රැස්වීම පවත්වා සභාපති/නගරාධිපති පත්කර ගැනීම එදින සිදුකළ යුතුය. මෙලෙස ජයග්‍රහණය කළ පිරිස අත්හැර වෙනත් පිරිසක් බලය අත්පත් කරගැනීම විකෘති ජනමතයක් ඇතිකිරීමක් ලෙස ඇතැමුන් හඳුන්වන අතර තවත් සමහරුන් පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් බවය. මෙම නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් සභා පිහිටුවීමේදී ගැටලු රැසක් මතු වී තිබෙන බව නාමල් රාජපක්ෂ සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු බීබීසි සිංහල සේවයට පැවසූහ. එක්සත් ජාතික පක්ෂය ජයගත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තවත් පක්ෂයක් සමග සන්ධානගතවීමට සිදුව තිබෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පක්ෂය කිසිදු පක්ෂයකට බලය පිහිටුවීමට දායක නොවන බවය. මේ අතර පක්ෂවල අතිරේක ලැයිස්තුවලට මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ද දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. කාන්තා නියෝජනය තහවුරු කිරිම හා කොට්ඨාස පරාජය වූ ප්‍රබල අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට සිදුවී ඇති බැවින් ලැයිස්තු තෝරාගත යුතු පක්ෂවල ආසන සංවිධායකයෝ දැඩි පීඩනයකට මුහුණ දී සිටිති. "හැමෝටම ඉඩක් දෙන්න බැහැ. ලැයිස්තුවේ ඉන්න හැම කෙනෙක්ම අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම කොට්ඨාසය පැරදුනු අයත් ඉල්ලනවා. මේකන් 80%ක් මාත් එක්ක තරහ වෙනවා," ගාල්ල දිස්ත්‍රිකක්යේ ආසන සංවිධායකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
තෙල්දෙණියෙන් ආරම්භවී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
Theldeniya මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ. ප‍්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් සඳුදා (මාර්තු 05) දහවල් දිගන නගරයේ මුස්ලිම් වෙළෙඳසල් හා නිවාස කිහිපයකට ගිනිතබා විනාශ කර තිබුණි. මුස්ලිම් දේවස්ථානයකට ද පහර එල්ලවී ඇතැයි වාර්තා විය. ඔවුන් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ද වාර්තාකරුවෝ පවසති. අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර දිගන හරහා මහියංගණ මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇනහිට තිබිණි. තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය. එම සිද්ධියට විරෝධය දැක්වීමට ඉරිදා (මාර්තු 04) රාත්‍රියේ දේපළ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක මත පුද්ගලයින් 24 දෙනෙක් තෙල්දෙණිය පොලීසියේ අත්අඩංගුවට පත්වූහ. එසේම පොලිසිය පවසා තිබුණේ මේ සිදුවීම්වලට මුල්වූ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 4 දෙනෙකු ද බන්ධනාගාරගත කෙරුණු බවය. මතුවූ තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය. මේ අතර නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසාත්, පවතින තත්ත්වය ප්‍රජාවන් අතර අර්බුදයක් බවට පත්නොවීම සඳහාත් පොලිසිය සීරුවෙන් තබා ඇති බවය. තවත් කියවන්න:
මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
දැරියන් දාහත් දෙනකු අතුරින් වයස අවුරුදු 15 ත් 17 ත් අතර දැරියන් නව දෙනකු අතවරයට පත් වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවයි පොලිසිය කියා සිටියේ. මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කොට තිබේ. පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ. ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ. 'මානසිකත්වය වර්ධනය' නේවාසික පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබා දී ඇත්තේ මසකට එක් වරක් පමණි. 'දෙමව්පියන්ට දැනුම් නොදී දවස් දෙකක් රාත්‍රියේ මේ ළමයි එලියට එක්කන් ගිහි තියෙනවා. අකටයුතු කම් සඳහා, මගේ දරුවයි තවත් දරුවෙකුයි වාහනයක දා ගෙන ගිහින් තිබෙනවා.' අතවරයට ලක් වූ දැරියකගේ මවක් පැවසුවාය. සිය දරුවා බැලීමට පැමිණි අවස්ථාවල ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරුණු බවත් ඉහත කී මව වැඩිදුරටත් කියා සිටියාය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියෝ පවසති.
විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඔලිම්පික් ශූරතාවලියට ඇතුලත් කරන මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් ඉල්ලා සිටිති.
තෙන්ඩුල්කාර් සහ වෝන් එකසත් ජනපදයේ පැවැත්වෙන විස්සයි තරඟාවලියක ප්‍රතිවාදී නායකයන් දෙදෙනාය ක්‍රිකට් ක්‍රීඩාව 1900 සිට ඔලිම්පික් තරඟාවලියට ඇතුලත් නැති නමුත් ක්‍රිකට් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අයිසීසී ජගත් පාලක මණ්ඩලය ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. "ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩාවක් වෙනවා දකින්න මම කැමතියි," ෂේන් වෝන් පැවසීය. "කවුද දන්නේ ළඟදීම ඒක වෙන්නත් පුළුවන්." "මම හිතන්නේ ඒක බොහොම හොඳ අදහසක්," බීබීසී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සචින් තෙන්ඩුල්කාර් පැවසීය. "විස්සයි විස්ස ක්‍රිකට් ඒකට හොඳම ෆෝමැට් එක කියල මම හිතනවා." ක්‍රිකට් ඔලිම්පික් ශූරතාවලියට එක්කිරීම මගින් ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශූරතාවලට පවතින ඉල්ලුම අඩුවනු ඇතැයි විශ්වාස කරන අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය එයට ප්‍රබල උනන්දුවක් නොදක්වයි. ෂේන් වෝන් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ සහයෝගය පළවීමත් සමඟ ජගත් පාලක මණ්ඩලයට සිය ස්ථාවරය පිළිබඳව යළි සිතා බැලීමට සිදුවනු ඇති බවයි සැලකෙන්නේ. කෙසේ නමුත් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් දෙදෙනකු ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවන බව මේ මාසය මුලදී පැවැත්වුන විධායක සභා රැස්වීමෙන් අනතුරුව අයිසීසී යැ නිවේදනය කළේය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගයක් පරාජය පත් වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ද ඉතා කණගාටුදායක අවස්ථාවක් විය.
එම පරාජය ඉදිරියට යෑම සඳහා පාඩමක් කර ගන්නා බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත Champion's Trophy' තරගාවලියේ කුසාලනය ශ්‍රී ලංකාවේ දී එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ආබාධ තත්වයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ අතර රංගන හේරත්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කිරීමට සමත් විය. ප්‍රථම වරට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් පරාජය වීම ඇතැම් ක්‍රීඩා විචාරකයන්ගේ විවේචනයට ලක් විණි. බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අභාවයට ගිය බව සඳහන් කර අයිලන්ඩ් පුවත්පත මරණ දැන්වීමක් පවා පළ කර තිබිණි. ඒ පිළිබඳ නායක ඇන්ජලෝ මැතිව්ස් පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයෙන් ඈත් වී සිටීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ උත්සාහයක ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් ගණනාවක් යෙදී සිටිති.
ජනාධිපති බෂාර් අල් අසාද් (වම් පසින්) සහ ජනාධිපති ව්ලැද්මීර් පූතින් ට්‍රම්ප් පාලනය ඇතුළු බටහිර රටවල් එවැනි උත්සාහයක යෙදී සිටින්නේ ජනාධිපති අසාද්ට එරෙහි කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වීමත් සමගය. එම ප්‍රහාරයෙන් දරුවන්, කාන්තාවන් ඇතුළු අසූ දෙනෙක් මරුමුවට පත්වූහ. කෙසේ නමුත් අසාද් හිතවාදී හමුදා වෙත තවදුරටත් සහාය ලබා දෙන බව රුසියාව ඊයේ (අප්‍රේල් 12) යළි තහවුරු කළේය. වසර හයක් පුරා පවතින සිරියානු යුද්ධයට රුසියාව සම්බන්ධ වූයේ කෙසේද? රුසියාවට සිරියාව මෙතරම් වැදගත් වන්නේ ඇයි? සිරියානු ගැටුමේ ප්‍රධාන පාර්ශ්ව හෝම්ස් නගරයේ සිරියානු හමුදා භටයෙකු පසු කරමින් යන රුසියානු හමුදා පොලිසියේ (Military Police) භටයන් දෙදෙනෙක් අයිඑස් කැරලිකරුවන්ට එරෙහි සටනට සහාය ලබා දෙන බව රුසියාව පවසන නමුත් අසාද් පාලනයට එරෙහි බටහිර සහාය ලබන ඇතැම් කැරලි කණ්ඩායම් ද රුසියාවේ ඉලක්ක බවට පත්වන බවට චෝදනා එල්ල වේ. රුසියාවේ සහ සිරියාවේ දේශපාලනික සබඳතා සීතල යුද සමය (නිරවි යුද සමය) දක්වා දිවයයි. සිරියාවට බලපෑම් කිරීමේ හැකියාව එවක පැවති සෝවියට් සමුහාණ්ඩුව (සෝවියට් සංගමය) සතු විය. සෝවියට් රුසියාව සිරියාවට ආයුධ සහ ආධාර ලබා දුණි. සෝවියට් දේශයේ බිඳ වැටීම හැත්තෑව දශකයේ සෝවියට් රුසියාවේ නායකයා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් නමුත් අනූව දශකයේ දී සෝවියට් සමුහාණ්ඩුවේ බිඳ වැටීමත් සමග සිරියාව සම්බන්ධයෙන් වූ රුසියාවේ බලපෑම හීන විය. 2000 වසරේ දී ව්ලැද්මීර් පූතින් රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූ අතර බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් විණි. එවක නායකයන් දෙපළ අතර සමීප සබඳතාවක් නොපැවති නමුත් ජනාධිපති පූතින් රුසියාවේ හමුදා ශක්තිය පුළුල් කිරීම ආරම්භ කිරීමත් සමග රුසියාවේ සහ සිරියාවේ පැරණි මිත්‍රත්වය යළි ශක්තිමත් වීම ආරම්භ විය. අරාබි වසන්තය 2011 වසර දක්වා ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි 2011 වසරේ මැදපෙරදිග කලාපය පුරා පැතිරුණු අරාබි වසන්තයත් සමග සිරියාවට ලබා දෙන සහාය ඉහළ නැංවීමට රුසියාව කටයුතු කළේය. එම වසරේදී දීර්ඝ කලක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කෙරිණි. "රුසියාව ගඩාෆි සමග දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූවා. ඒ වගේම රුසියාව ලිබියාවට ඩොලර් බිලියන ගණනාවක ආයුද විකිණීමට නියමිතව තිබුණා" යනුවෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ විද්වත් මණ්ඩලයක් වන ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමේ තිරසර ආරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ රිචර්ඩ් රීව් පැවසීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැදපෙරදිග කලාපය තුළ වෙනත් මිත්‍ර පාර්ශ්ව සොයා යාමට ජනාධිපති පූතින් කටයුතු කළේය.
මගීන් දහසක් රැගත් දුම්රිය මැදිරි විසි දෙකක් ඉතා වේගයෙන් කිලෝමීටර් එකොළහක් පසුපසට ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
පසුපසට ගමන් කළ දුම්රිය ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම සිද්ධිය මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් හත් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. මෙම මැදිරි විසි දෙක දුම්රිය එන්ජිමෙන් හදිසියේ ගැලවී ගොස් මෙසේ පසුපසට ගමන් කර තිබේ. එන්ජිමක් රහිතව ඉතා වේගයෙන් පසුපසට ගමන් කළ දුම්රිය මැදිරි නැවැත්වීමට රේල් පාර මතට ගල් දැමීමට සේවකයන් කටයුතු කර ඇත. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ මෙම හදිසි තත්වයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත. ඉන්දියාව පුරා මිලියන විසිදෙකකට අධික පිරිසක් දිනපතා සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස දුම්රිය 9000 ක් පමණ භාවිත කරති. පසුපසට ගමන් කරන දුම්රිය දුටු පිරිස කලබලයට පත්ව කෑ ගසන ශබ්දය ජංගම දුරකථනයකින් පටිගත කර තිබෙන දර්ශනවලින් දැකගන්නට ලැබේ. මේ තොරතුරුද දැනගන්න: වැඩ තහනම් කළ සේවකයන් අදාළ නීති රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම මෙම සිද්ධියට මුල් වී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව දුම්රිය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, ජේපී මිශ්රා AFP පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත. එන්ජිමකින් දුම්රිය මැදිරියක් ගැලවී ගිය අවස්ථාවක දී සාමාන්‍යයෙන් යෙදිය යුතු තිරිංග පද්ධතිය මෙම සිද්ධිය වන අවස්ථාවේ වැරදියට භාවිත කර හෝ මඟ හැරී ඇතැයි විශ්වාස කෙරේ. "ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ සේවකයන් පිරිසක් නිසා විශාල අනතුරක් වැළකුණා," මිශ්රා පැවසුවේය. ඉන්දියාව පුරා මිලියන විසිදෙකකට අධික පිරිසක් දිනපතා සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස දුම්රිය 9000 ක් පමණ භාවිත කරති මිලියන විසි දෙකකට අධික පිරිසක් දිනපතා දුම්රියෙන් ගමන් කළත්, බොහෝ දුම්රිය උපකරණ භාවිතයට නොසුදුසු තත්වයේ පවතියි. මේ හේතුවෙන් විවිධ දුම්රිය අනතුරු ඉන්දියාවෙන් නිතර අසන්නට ලැබේ. පසුගිය නොවැම්බර් මස දුම්රියෙන් ගමන් කරමින් සිටි ඉන්දියාවේ ගොවීන් පිරිසක් නින්දෙන් අවදි වී බැලූ විට එම දුම්රිය පැයට කිලෝමීටර 160 ක වේගයකින් "වැරදි දිශාවට" ධාවනය වෙනු දක්නට ලැබුණි. 2017 අගෝස්තු මස, උත්තර් ප්‍රදේශ්හි දුම්රියක් පීලි පැන සිදු වූ අනතුරකින් විසිතුන් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් විය. තවත් තොරතුරු:
රතු මුහුදේ පිහිටි දූපත් සහ වෙනත් ස්ථාන පනහක් සුඛෝපභෝගී සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් සෞදි අරාබි රජය විසින් දියත් කරනු ලැබ ඇත.
'2030 දැක්ම' මූල්‍ය පදනමට අනුව සෞදි අරාබියේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර 200 සීමාවක් ආවරණය වන පරිදි ඉහත කී සංචාරක නිකේතන ඉදිකිරීමට නියමිතය ඉහත කී ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ තෙල් මිල පහළ යාමත් සමග සෞදි ආර්ථිකය වෙනත් ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි. එම සංචාරක නිකේතන ඉදි වන්නේ විදේශීය සහ දේශීය සංචාරකයන් ද ඉලක්ක කර ගනිමිනි. සංචාරක කලාපය තුළ දී සංචාරක වීසා බලපත්‍ර සම්බන්ධයෙන් පවතින සීමා ලිහිල් කිරීමට ද නියමිතය. කෙසේ නමුත් ගතානුගතික මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබියේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පවතින සීමා ඉහත කී සංචාරක කලාපය තුළ දී ලිහිල් වනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත. මත්පැන්, සිනමා ශාලා සහ නාට්‍ය ශාලා සෞදි අරාබිය තුළ තහනම්ය. සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය. සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ. එමෙන්ම අධ්‍යාපනය හැදෑරීමට හෝ විදෙස් ගත වීමේදී බොහෝ විට කාන්තාවන්ට පුරුෂ භාරකරුවෙකුගේ අනුමැතිය ලබා ගත යුතුය. සංචාරක කර්මාන්තය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'මදේන් සලේහ්' පෞරාණික නටඹුන් නැරඹීම සඳහා සංචාරකයන්ට අවස්ථාව හිමි වේ සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු අරම්භවීමට නියමිතව ඇත්තේ 2019 වසරේදීය. එහි පළමු පියවර වශයෙන් අලුත් ගුවන් තොටුපලක් මෙන්ම සුඛෝපභෝගී සංචාරක හෝටල් සහ නිවාස ඉදිකිරීමට නියමිත අතර ඒවායේ වැඩකටයුතු 2022 වසරේ සම්පූර්ණ කිරීමට නියමිතය. රැකියා සඳහා මෙන්ම මක්කම හජ්ජි වන්දනා සඳහා ද විදේශිකයන් දසලක්ෂ ගණනක් සෞදි අරාබිය වෙත පැමිණෙති. තෙල් මිල පහත වැටීමත් සමග සෞදි අරාබියේ නව ආර්ථික සහ සමාජීය දැක්මේ ප්‍රමුඛස්ථානයක් සංචාරක කර්මාන්තයට හිමිව තිබේ. සංචාරක කලාපය ඉදිවන්නේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙන '2030 දැක්ම' ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. '2030 දැක්ම' මූල්‍ය පදනමට අනුව සෞදි අරාබියේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර 200 සීමාවක් ආවරණය වන පරිදි ඉහත කී සංචාරක නිකේතන ඉදිකිරීමට නියමිතය. සංරක්ෂිත කොරල් පර, අක්‍රිය ගිනි කඳු සහ දුර්ලභ ගණයේ දිවියන් සහ උකුස්සන් වෙසෙන ස්වාභාවික වනජීවී කලාප සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා ස්ථාන අතර වේ. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'මදේන් සලේහ්' පෞරාණික නටඹුන් නැරඹීම සඳහා සංචාරකයන්ට අවස්ථාව හිමි වන අතර පැරෂුට් ගුවන් ගමන් සහ කඳු නැගීමේ ක්‍රීඩාවල නිරතවීමට ද ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇත.
මොසැම්බික් රාජ්‍යයේ වෙසෙන තට්ට හිස් සහිත පුද්ගලයන් ඇදහිලි මත පදනම් වූ ප්‍රහාරවලට ලක් විය හැකි බවට එරට පොලිසිය අනතුරු අඟවයි.
පොලිසිය විසින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවේ ශරීර කොටස් ලබා ගැනීම සඳහා මෑත කාලය තුළ වාර්තා වූ පුද්ගල ඝාතනවලින් අනතුරුවය. ඝාතන පහක් සිදු වූ මිලාන්ජ් දිස්ත්‍රික්කයේ දී ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. "තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට විශ්වාසයක් පවතිනවා" යනුවෙන් සැම්බෙසියා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන අෆෝන්සෝ ඩයස් කියා සිටියේය. යකැදුරන්ගේ උපක්‍රමයක් එසේම ඇල්බීනෝ පුද්ගලයන් ද එවැනි ඇදහිලි මත ඝාතනයට ලක්ව තිබේ. පසුගිය සති කිහිපය තුළ පමණක් එවැනි ඝාතන තුනක් වාර්තා විය. තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස තුළ රත්‍රන් අඩංගු බවට වන මතය තමන් වෙත පැමිණෙන සේවාදායකයන් ලවා මිනිස් හිස් ගෙන්වා ගැනීමට යකැදුරන් විසින් යොදා ගනු ලබන කූට උපක්‍රමයක් බව මපුටො අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.
ලංකා සම සමාජ පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙන්නේ කොන්දේසි මත යයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සභික අනිල් සොයිසා පවසයි.
තිස්ස විතාරණ සහ ලාල් විජේනායක අද(29) සිය පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ සම සමාජ ආසන සංවිධායකයන් විසින් එම තීන්දුව ගත් බවයි, අනිල් සොයිසා බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ. ‘2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඒ වගේම 2010 ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම යන ප්‍රතිපත්ති මාලා මගින් වෙච්ච පොරොන්දු ඉටු කළ යුතුව ඇති බව අපි කියල තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය කියන සම සමාජ පක්ෂයේ දීර්ඝ කාලීන මතය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනව’ සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා කියා සිටියි. ලංකා සම සමාජ පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු සමාජවාදී ජනතා පෙරමුණ ඉටු විය යුතු කාරනා ඇතුළත් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බවයි පවසන්නේ. පක්ෂය බෙදිලා ලංකා සම සමාජ පක්ෂය එවැනි තීන්දුවක් ගනු ලැබ ඇතත් නීතිඥ ලාල් විජේනායක ඇතුළු එම පක්ෂයේ පැරණිතම සහ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කරනවා නොවේදැයි ප්‍රශ්න කළ විට මධ්‍යම කාරක සභික අනිල් සොයිසා කියාසිටියේ එම කණ්ඩායම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වැඩි ඡන්දයෙන් ගත් තීරණයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. ‘අපේ පක්ෂයෙන් කිසිවකු අයින් වී නැහැ.මධ්‍යම කාරක සභාවේ බහුතරය තීන්දු කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බව. ඒත් මධ්‍යම කාරක සභිකයන් දහතුන් දෙනෙක් තීන්දු කළා පොදු අපේක්ෂකයාට සහයෝගය දිය යුතු බව.ඔවුන් පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරන බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා’අනිල් සොයිසා පවසයි. එම කණ්ඩායම සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ලබන බවද ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා කියා සිටියි.
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන අතින් මුල් තැන හිමි කර ගනු ලබන දිගාමඩුල්ලේ ජනතාව මේ කන්නයේ වී විකුණා ගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින බව අම්පාර බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පවසයි.
වී ගොවියෝ මහපාර හරස් කරමින් විරෝධයේ වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැති කමින් ගොවි ජනතාව බලවත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව තමා සිදු කළ සංචාරයේ දී එම ගොවි ජනතාව පෙන්වා දුන් බවයි අපේ ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ. ‘ගොයම් කපල දැන් දවස් දහයකටත් වැඩියි.අපේ ගොයම් කැපීමට යොදා ගත් ට්‍රැක්ටර් සහ මැෂින් කාරයන් කුලිය ඉල්ලනව.දරු පැටව පවා තියාගෙන අපි දවස් දාසයක්ම වී රැක්කා.ඒත් තාම අපට නිදහසක් නැහැ.මේ වී කිලෝ දෙදාහවත් ගන්න තවම වැඩ පිළිවෙළක් නැහැ’ දිගාමඩුල්ලේ ගොවිලියක් බීබීසියට ප්‍රකාශ කළාය. තවත් ගොවියෙක් කියා සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් මිළ දී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ පන්දහසේ සිට කිලෝ දෙදාස් පන්සීයට අඩු කරනු ලැබ ඇතත් එම ප්‍රමාණය වත් මිළට නොගත් බවයි.එම ප්‍රමාණය මැෂින් කුලිය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව කියා සිටි එම ගොවියා සහනයක් ඉල්ලා සිටින බවයි සඳහන් කළේ. කමත නොදන්නා පාලකයන් වත්මන් රජය වී කිලෝවක් රුපියල් හතළිස් පහකට පනහකට මිළ දී ගන්න බවට පොරොන්දු වෙමින් දේශපාලන බලය දිනා ගත්තත් ඔවුන් තමන් රවරන ලද බවට ඇතැම් ගොවීහු චෝදනා කළහ. තමන් එවැනි මිලක් ඉල්ලා නොසිටි අතර සම්මත මිළ වූ රුපියල් තිස් පහ ගෙවා වී මිලට ගත්තේ නම් මේ දුෂ්කරතාව පැන නොනගින බවයි ගවීන් පවසන්නේ. දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය දිගාමඩුල්ලේ පමණක් නොව සමස්ත රටේම ගොවි ජනයා මුහුණ දී සිටින තත්වයක් වන බවයි. ‘නියරක ඇවිදපු නැති උදැල්ල නොහඳුනන කමත් ගැන නොදන්නා පාලකයන්ගෙන් ගොවි ජන ප්‍රශ්න විසඳෙන්නේ නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. වී අලෙවි මණ්ඩලය මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ආර්.ඇම්.රත්නායක පවසන්නේ ‘කවුරු කෙසේ කීවත් වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්කයේ වී මිල දී ගෙන ඇති’ බවයි. ගොවි විරෝධය ඉදිරිපිට පොලිසිය ‘මෙය වැඩිම මුදලක් වියදම් කර වදිමවී ප්‍රමාණයක් මිලට ගත් කන්නයයි’ අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු පවසයි. මේ වන විට වී ටොන් තිස් දහසක් මිලට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ. මේ අතර වසන්ත චන්ද්‍රපාල පවසන්නේ නාමල්ඔය ජනතාවට තවමත් වී විකුණා ගැනීමට නොහැකි වී ඇති බවයි.
බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය නොමැතිකම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත් වී සිටින බවට බළන්ගොඩ තලංගම ජනතාව මැසිවිලි නගති.
බළන්ගොඩ නගරයට කිලෝ මීටර් තුනක පමණ දුරින් පිහිටි තලංගම ග්‍රාම සේවා වසමට අයත් රන්දොලවත්ත ඇතුළු ගම්ම්මාන රැසක පවුල් දෙසිය පනහක් පමණ ජල හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය අජිත්ලාල් ශාන්තඋදය වාර්තා කළේ. කඳුකර ප්‍රදේශයක පිහිටි ගම්මානයේ පවතින ජල හිඟය හේතුවෙන් දැඩි අපහසුතා මැද සිය දෛනික වැඩ කටයුතු කර ගෙන යාමට සිදු වී ඇති බවයි ගම්වැසියන් පවසන්නේ. ජල හිඟය හේතුවෙන් පාසල් යන සිය දරුවන්ද දැඩි පීඩාවකට පත් වී සිටින බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේවෙතත් පරම්පරා තුනක සිට පවතින ජල ගැට‍ළුවට විසඳුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් අසමත් වී ඇති බවත් ගම්වැසියෝ කියා සිටිති. රෙදි සේදීම, දිය නෑම ආදී කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට කිලෝ මිටර් තුනක් පමණ ගමන් කිරීමට සිදු වන බවත් ඔවුහු පැවසූහ. පොදු බස් රථය නොමැති අවස්ථාවලදී ඒ සඳහා ත්‍රි රෝද රථයකට රුපියල් සියයක් ගෙවීමට සිදු වන බවත් වතුර බවුසරයක් සඳහා රුපියල් දෙදහස් පන්සීයක් අය කරන බවත් ගම්වැසියෝ සඳහන් කළහ. ගම්මානයට යාබදව පිහිටි ළිඳෙන් ජලය ලබා ගැනීමට සීමා පනවා ඇති බවටත් ගම්වැසියෝ මැසිවිලි නගති. භාජනවලට ජලය රැස් කොට තබා ගත් වැසියන් කීප දෙනෙකුටම ඩෙංගු මර්දන සේවා විසින් දඩ මුදල් නියම කරනු ලැබූ බවත් ඔවුහු කියා සිටියහ.
කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජය පවසයි.
කොටි සංවිධානය 'අවසන් වුනු කණ්ඩායමක්' -අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අදහස පළ කළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ නොදීමෙන් කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ මණ්ඩලයට අදහස් දැන ගැනීමට නොහැකි වීම පිළිබඳ සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ පිළිබඳවද සොයා බලන බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව පවසන්නේ ඔවුන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බව පෙන්වීමට බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 'අවසන් වුනු කණ්ඩායමක්' 'අවසන් වුනු කණ්ඩායමක්' පිළිබඳ පරීක්ෂණ පවත්වා කිසිදු ප්‍රයෝජනයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය. පරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදුන්නත් ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවන්ට වෙනත් රටකට ගොස් හෝ තාක්ෂණික සහයෙන් නිදහසේ සාක්ෂි ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සංදේශය මෙහි දී අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය. 'ස්කයිප් හරහා හෝ වෙනත් තාක්ෂණික මෙවලම් හරහා මේ දේ කරන්න උත්සාහ කරනවා කියන කතාව තියෙනවා, සාක්ෂි දෙනවා කියලත් යම් අය කියනවා, ඊට පස්සේ තමයි බලන්න ඕන කොයි ආකාරයෙන්ද අපි මේකට මුහුණ දෙන්නේ කියලා' අමාත්‍යවරයා පැවසීය. නීතිමය පියවර මෙම පරීක්ෂණයට සාක්ෂි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පළ වන මත පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. දෙමළ ජාතික සංවිධානය ඉල්ලා සිටින පරිදි ජාතික ප්‍රශ්නය පිළිබඳ ඔවුන් සමග රාජ්‍ය සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඉන් පසු තේරීම් කාරක සභාවකට මෙම ප්‍රශ්නය යොමු කළ නොහැක්කේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසුවේය. දෙමළ ජාතික සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නොවන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂ ඇති නිසා ඔවුන් සමගද සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් 'යූ ටියුබ්' හරහා නැවත එළි දක්වා ඇත. මෙම වීඩියෝව මිලියන දහඅටකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තා වෙයි.
එම ගීතය ඇසුරෙන් කළ නව නිෂ්පාදනයේ අදාළ නර්තනය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නෑන්ඩස්ය. ජැක්ලින් ෆර්නෑන්ඩස් එහෙත් 'ඒක් දෝ තීන් (Ek Do Teen)' ගීතයේ නව වීඩියෝව බොහෝ දෙනකුගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී. මධුරි ඩික්සිත්ගේ අපූරු නර්තනයකින් හැඩ වූ 'ඒක් දෝ තීන්' ගීතය ප්‍රථමයෙන් එළිදැක්වූයේ 1988 වර්ෂයේදීය. එකළ එය ඉතා ජනප්‍රිය වූ අතර මධුරි ඩික්සිත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවීමට ඇයගේ රංගනය හේතු විය. මධුරි ඩික්සිත් ගීතයේ නව නිෂ්පාදනය මාර්තු 19 වෙනිදා යූ ටියුබ් හරහා ප්‍රචාරය වුණි. නමුත් මුල් ගීතය සහ නර්තනයට කැමැති රසිකයන් මෙම නව නිෂ්පාදනයට බොහෝ චෝදනා එල්ල කර ඇත. නව නිර්මාණයට අකමැත්ත පළ කිරීමට #ekdoteen නමින් 'හැෂ්ටැගයක්' ට්විටර් මාධ්‍ය ජාලය තුළ නිර්මාණය වී ඇත. මුල් ගීතයේ දැකිය හැකි "විශේෂත්වය" වෙනුවට නව වීඩියෝව තුළින් කාන්තාව 'භාණ්ඩයක්' බවට පත් කර ඇති බවට සමහර පුද්ගලයන් මත පළ කර තිබුණි. ඒක් දෝ තීන් යන හින්දි වචනවල තේරුම "එක, දෙක, තුන" වන අතර, මෙම ගීතයේ සඳහන් වන්නේ කාන්තාවක් ඇයගේ ආදරවන්තයා එන තුරු තත්පර ගනිමින් සිටින ආකාරයයි. මෙම ගීතය, එහි රිද්මය සහ නර්තනය ඉන්දියාවේ පමණක් නොවෙයි දකුණු ආසියානු කලාපය තුළ මහත් ජනප්‍රියත්වයට පත් විය. නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී ඇත. මධුරි ඩික්සිත් ගීත රූප රාමු දෙකෙහි ඉදිරිපත් කෙරෙන නර්තන, අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන මධුරි ඩික්සිත් සහ නවක නිළියක වන ජැක්ලින් ෆර්නෑන්ඩස් අතර තරඟයක් ලෙස සමහරු අර්ථ දක්වා ඇත. 1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව "ක්‍රියාත්මක" වන බවත් ඔහු දන්වා ඇත. මේ තොරතුරුද කියවන්න: සන්ජේ දත්; සල්ලි මල්ලක් ප්‍රතික්ෂේප කරයි පද්මාවතී එපා ; සිනමා විරෝධියෝ කල්කටා වනසති සාරිය අඳින්න බැරිකම ලජ්ජාවක්ද? දෙවියන් දිව්‍යාංගනාවන් කළුද? සුදුද? හොලිවුඩ් තරු සහ අප්‍රකට නිවුන්නු
HIV ඒඩ්ස් ආසාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් වස් ඩයනා කුමරිය කළ මෙහෙය පිළිබඳව ඇයගේ කනිටු පුත් හැරී කුමරු ප්‍රණාමය පුද කරයි.
ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන්නේ ද යන්න විමසන පරීක්ෂණවලට ඉදිරිපත් වන මෙන් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කරයි. බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවෙකු වන හැරී කුමරු එම ඉල්ලීම කළේ 'ඇටිටිටුඩ්' (Attitude) සඟරාව විසින් සිය මව වෙත ප්‍රදානය කරන ලද 'ලෙගසි' (Legacy) සම්මානය භාර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. සඟරාව ඩයනා කුමරියට එම සම්මානය පිරිනැමුවේ ඇයගේ මරණයෙන් විසි වසරක් ගෙවී යන අවස්ථාවේදීය. සිය මව ජීවතුන් අතර සිටියේ නම්, ඇය අදත් එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද හැරී කුමරු පැවසීය. එච්අයිවී/ ඒඩ්ස් ආසාදිතයන් උදෙසාම වෙන් වූ බ්‍රිතාන්‍යයේ පළමු රෝහල් වාට්ටුව 1987 අප්‍රේල් මාසයේ දී විවෘත කරනු ලැබුවේ ඩයනා කුමරිය විසිනි. ඒ අවස්ථාවේ ලෝක ජනමාධ්‍ය ඉදිරියේ ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් රෝහලේ (London Middlesex Hospital) දී ඇය HIV ආසාදිතයන්ට අතට අත දෙමින් ඉතා සුහදව කතාබස් කළාය. අත්වැසුම් සහිතව එසේ ඔවුන්ට අතට අත දෙමින්, රෝගියෙකු ස්පර්ශ කිරීම මගින් HIV/ඒඩ්ස් වැළඳෙන බවට සමාජය තුළ පවතින දුර්මතයට ඇය ප්‍රසිද්ධියේ අභියෝග කළාය. "එදා, රූපවාහිනී කැමරා ඉදිරියේ එච්අයිවී ආසාදිත 32 හැවිරිදි පුරුෂයෙකුගේ අතට අත දුන්න වෙලාවේ, තමන් කරන්නේ මොකක්ද කියල ඇය හොඳින්ම දැන සිටියා," සම්මාන උළෙල අමතමින් හැරී කුමරු පැවසීය. 1996 දී HIV ආසාදිතයන් සිටින මධ්‍යස්ථානයක දී රෝගීන් හමු වූ ඩයනා කුමරිය එවක් පටන් සිය මව එච්අයිවී ආසාදිතයන්ගේ හිමිකම් වෙනුවෙන් දියත් කළ ක්‍රියාදාමය මතකයට නැගූ හැරී කුමරු, "සමලිංගික භීතියත් සමග එකතුවෙලා, එදා සාපේක්ෂව අලුත් මේ රෝගය ගැන භයානක මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණු බව ඇය දැන සිටියා," යනුවෙන් ද සඳහන් කළේය. සිය මව ගේ ජයග්‍රහණ පිළිබඳව තමා මෙන්ම සිය සොයුරු විලියම් කුමරු ද "ඉතා ආඩම්බර වන" බව පවසන හැරී කුමරු වැඩිදුරටත් සඳහන් කළේ, එච්අයිවී පරීක්ෂණය සහ ප්‍රතිකාර ලොව පුරා සියලුම වැසියන්ට නොමිලේ ලබා දිය යුතු යැයි මේ මොහොතේ සිය මව ජීවතුන් අතර සිටියේ නම් "බල කරනු ඇති" බවය. HIV/ඒඩ්ස් ආසාදනය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ද තවමත් බොහෝ දුර්මත පැතිර යමින් පවතී. "කුණු ලෙඩ කාරයෝ, ජරා යක්කු" හේතුවෙන් සිය දරුවන්ටද අයහපතක් වෙතැයි පවසමින් ගම්වැසියන් නිවසේ හිමිකරුට පැමිණිලි කිරීම හේතුවෙන් පසුගිය වසරේ "අභිනන්දන වීරවරියක" ලෙසින් පිදුම් ලැබූ එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් කැප වූ ක්‍රියාකාරිනියක වන ප්‍රින්සි මංගලිකාට තමන් විසූ නිවසින් පවා ඉවත්වීමට සිදුවිය. 'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා' රෝගයක් වැළඳුනු පමණින් ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතු බව ඇය බීබීසී සිංහල සේවය සමග ඉතා හැඟුම්බරව අදහස් දක්වමින් කියා සිටියාය. එච්අයිවී ආසාදිතයෙකු බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලක් අධ්‍යාපනය අහිමිව මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශයක් මීට වසරකට පමණ ඉහතදී ප්‍රබල ආන්දෝලනයකට ලක්විය. ඉන් අනතුරුව සිය ප්‍රකාශය පිළිබඳව "සිත් රිදුනා නම් කණගාටු වෙන" බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, පසුව දරුවාට පාසලක් ලබාදීමට ද මැදිහත් විය. HIV ආසාදිතයන් කොන්කිරීම වැළකීමට නීති? මේ අතර එම දරුවා ඇතුළු එච්අයිවී ආසාදිතයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් පසුගියදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අගය කරමින් ප්‍රකාශයක් කළ UNAIDS එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන වැඩසටහන, එවැනි අධිකරණ තීන්දුවක් දුන් පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව ද සඳහන් කළේය. HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මේ වසර මුලදී බීබීසී සිංහල සේවයට පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට ඇෆ්ඝනිස්තානය ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඇෆ්ඝනිස්තානය මීට කලින් විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයට තරඟ වැදුණේය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා නුවරදී කෙන්යාවට එරෙහිව පැවැත්වුණු තරඟයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් අත් කර ගැනීමත් සමඟයි, 2015 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට ඇෆ්ඝනිස්තානය සුදුසුකම් ලැබුවේ. මේ සමඟම 2015 පෙබරවාරි 18 වැනි දින ඇෆ්ඝනිස්තානය බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ලෝක කුසලාන තරඟයට මුහුණ දීමට නියමිතයි. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය ඇෆ්ඝනිස්තානය සමඟ මූලික වටයේදී තරඟ වැදීමට නියමිත අනෙක් කණ්ඩායම්. ඇෆ්ඝනිස්තානය මීට කලින් කිහිප වතාවක්ම විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයට තරඟ වැදුණේය. පසුගිය වසරේ සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම හමුවේ ප්‍රබල පරාජයකට මුහුණ දීමත් සමඟම තරඟාවලියෙන් ඉවත්ව ගියේය.
සිකුරාදා වෙළඳපොළට නිකුත්වීමට නියමිතව තිබුණු 'ඇත්ත' පුවත්පත බෙදා හැරීමට ඉඩ නොදී, පුවත්පත් කාර්යාලයට සීල් තැබීමට කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් කටයුතු කොට තිබේ.
මේ ඉරිදා ඇත්ත පුවත්පතේ පළවීමට නියමිතව තිබුණු ලිපි දෙකක් පිළිබඳව කොමියුනිස්ට් පක්ෂ නායකයෝ කෝපයට පත්ව සිටින බව වාර්තා වේ එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතු යයි ලංකා සමසමාජ පක්ෂය විසින් තීන්දු කළ බවට පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ විසින් කරන ලද ප්‍රකාශයක් සහ එම ප්‍රකාශය දැඩිව විවේචනය කරමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු විසින් ලියන ලද ලිපියක් එකම පිටුවේ පළ කිරීම පුවත්පතට සීල් තැබීමට හේතුව බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සංදේශයට පැවසූහ. ඇත්ත පුවත්පතේ ක්‍රියාකලාපය පිළිබඳව කෝපයට පත් පක්ෂ නායකත්වය විසිනුයි, මුද්‍රණාලයට සීල් තබා ඉරිදා පුවත්පත වෙළඳපොළට නිකුත්වීම වලක්වනු ලැබ තිබෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය නොදිය යුතු බවට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් අවධාරණය කිරීම හමුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් මතු වී තිබෙන බවත් බීබීසී සංදේශයට වාර්තා වේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති නීතිඥ රාජා කොල්ලුරේ 'ඇත්ත' පුවත්පත බෙදා හරිනු ලැබීම නතර කර ඇති බව පිළිගත් නමුත් නිල ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා විමසන ලෙසයි. 'මුද්‍රණාලය කැඩිලා' බීබීසී සංදේශය,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඇමතිවරයාට ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ 'ඇත්ත' මුද්‍රණාලය කැඩී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා උස්වැටකෙය්යාව බීබීසිය සමඟ අදහස් දක්වමින්, විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් 'ඇත්ත'පුවත්පත සහ පක්ෂය අතර මත ගැටුම මුද්‍රණය කරන ලද පුවත්පත් බෙදා හරිනු ලැබීම වලක්වා ලීමට හේතු වී ඇති බවයි සඳහන් කළේ. ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කළ යුතු බව අමාත්‍ය ඩිව් ගුණසේකර සහ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ඇතුළු කණ්ඩායමක යෝජනාව වී තිබෙන බවයි,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සංදේශයට ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පක්ෂයේ නායකයන් අතර මතභේද හටගෙන තිබේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සන්ධානයේ සාමාජික පක්ෂ අතර මෙන්ම විරුද්ධ පක්ෂයේද මතභේද හට ගෙන තිබේ. ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට අමාත්‍ය තිස්ස විතාරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් තීන්දුවක් ගත් බව පවසන ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක්, තමන් එම තීන්දුවට එරෙහිව ක්‍රියාකරන බව පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්පවසද්දී, පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සංදේශයට කියා සිටියේ ජනාධිපති පදවියට සුදුසුම තැනැත්තා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතුද නොඑසේනම් වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දිය යුතුද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේද මතභේද හටගෙන තිබේ. කැඳවීමට යන ජනාධිපතිවරණය නීති විරෝධී බවයි, ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වී තිබෙන්නේ.
රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනු කමිටුවකි ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ කමිටු නියෝජිතයන් එසේ ප්‍රශ්න කළ බව කමිටුවේ කටයුතු නිරීක්ෂණය කළ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය. ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේද යන්න ආණ්ඩුවේ නියෝජිතයන්ට කමිටුව යොමු කළ තවත් ප්‍රශ්නයකි. කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු වද කඳවුරක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම පොලිසියේ වදහිංසා පැනවීම් තවමත් නතර වී නැතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී පිළිගත් බවත් සුනන්ද දේශප්‍රිය සඳහන් කළේය. "නමුත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අඩුයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන වැඩියි," ඔහු පැවසීය. ශ්‍රී ලංකාව තුල වදහිංසාවලට වැට බැඳීමට ආණ්ඩුව ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බව කමිටු නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ. 'වදහිංසා තවමත්' පසුගියදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කෙටි වේලාවකට රඳවා ගැනීම ඔහුගෙන් 'පලිගැනීමක් දැයි' යන්න කමිටුව ආණ්ඩුවට යොමු කළ තවත් ප්‍රශ්නයකි. "වද හිංසා පැනවීම සම්බන්ධ වාර්තාවල තියන පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් එවැනි නිශ්චිත ප්‍රශ්න ගණනාවක් කමිටු සාමාජිකයන් යොමු කළා." වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ ප්‍රතිචාරය හෙට බදාදා පළකිරීමට නියමිතයි. ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණුවලට සාධනීය ප්‍රතිචාරයක් පලකිරීමට එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වනු ඇති දැයි අවධානය පල වී තිබෙන බවත් සුනන්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය. කමිටු සැසිවාරය අවසානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ කමිටුවේ වාර්තාව ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. (පසු සටහන: මෙම ලිපිය මුල්වරට පළ කෙරුණු අවස්ථාවේ ඇතුළත් වූ ඡායාරූපය ලිපියට සෘජු සබඳතාවක් නොවූ බැවින් වෙනස් කෙරුණු බව කරුණාවෙන් සලකන්න.)
තමා ජනාධිපති වූ පසු LTTE ත්‍රස්තවාදයට, මැරකමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට රටේ කිසිදු කොණකින් හිස එසවිය නොහැකි බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.
කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ දී ‘‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්,’’ යන තේමාව යටතේ තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. අද දින එළිදැක්වුණු තවත් ප්‍රකාශනයක් මෛත්‍රී පාලනයේ දින සීයේ කෙටි වැඩපිළිවෙල. ඒ අනුව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධාන පොරොන්දුවක් වන ව්‍යවස්ථා සංශෝධනය, ජනවාරි 21 වෙනි බදාදා දින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනවාරි 10 වන දා තමා දිවුරුම් දී 11 වන දා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කර සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බවද එහි සඳහන්. දින 100 ක කාල සටහනක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ධුරයට පත් වී පළමු දින 100 තුළ ඉටු කිරීමට නියමිත සියලු කටයුතු දින වකවානු සහිතව දින සීයේ කෙටි වැඩපිළිවෙල මගින් ඉදිරිපත් කර ඇත. කෙටි කාලීන සහන වැඩසටහන් අතර රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබා දීමත්, ඉන්ධන වලින් රජය අය කරන තීරු බදු ඉවත් කිරීමත්, අත්‍යාවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීමත් ඇතුළු තවත් කරුණු ගණනාවක් වේ. ජනවාරි 30 වන දා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රාශියක ඍජු හා වක්‍ර බදු අඩුකිරීම මෙන්ම වැටුප් වැඩිකිරීම සිදුකරන බව යි එහි සඳහන් වන්නේ. දින සීයේ සැලසුමේ දැක්වෙන්නේ ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත් පෙබරවාරි 19 හා 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මේ අතර ලබන අප්‍රේල් මස 23 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරණ බව එහි දැක්වේ. ජාත්‍යන්තර සබඳතා ඉන්දියාව සහ බටහිර රටවල් සමග පවත්වන සබඳතා වර්ධනය කෙරෙන අතර සිවිල් යුද සමයේ සිදු විනැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දක්වන අවධානය කෙරෙහි නිසි ප්‍රතිචාර දක්වන බව ද තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි. ඔහු තව දුරටත් කියා සිටියේ රටේ රැකියා අවස්ථා සහ අපනයන වැඩි කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මීට වසර හතරකට පෙර අහිමි කරන ලද බදු සහන (ජීඑස්පී ප්ලස්) යළි ලබා ගැනීමට කටයුතු කරන බවයි. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ අභ්‍යන්තර අධිකරණයක් පිහිටුවන බව ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන නිකුත් කල පිටු 63 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙයි. තමා ධුරයට පත් වුවහොත් රාජ්‍ය පරිපාලනය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවීම සඳහා ස්වාධීන මණ්ඩල පිහිටු වන බවයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ. ශ්‍රී ලංකාවට යළි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන බව කියා සිටින පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන බෙදුම්වාදී කොටි සංවිධානයට යළි නැගී සිටීමට ඉඩ නොතබන බව ද කියා සිටියි.
2014 සෝචි හිම ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබා දීමේ වැඩසටහනක් රුසියානු ආණ්ඩුව රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කළ බව නව වාර්තාවක් පවසයි.
සෝචි උළෙලට පෙරාතුව රුසියාවේ ක්‍රීඩකයන ගණනාවක් තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනා පිළිබඳවයි, පරීක්ෂණය පැවැත්වුනේ රුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබා දුන් මුත්‍රා සාම්පලවල අන්තර්ගතය වෙනස් කිරීමේ ක්‍රියාදාමයක් රුසියාවේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද බවයි ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය හෙවත් WADA ආයතනය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබෙන්නේ. ඔලිම්පික් උලෙලට පෙර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකට තහනම් උත්තේජක ලබා දුන් බවට රුසියාවේ තහනම් උත්තේජක නිවාරණ විද්‍යාගාරයේ හිටපු ප්‍රධානියා විසින් කරන ලද ප්‍රකාශයකින් අනතුරුවයි එම පරීක්ෂණය දියත් කෙරුණේ. තමන්ට ඒ සඳහා රුසියාවේ රහස් ඔත්තු ආයතනයේ සහායද ලැබුණු බවත් ග්‍රිගෝරි රොද්ෂෙන්කෝ පවසා තිබුණි. 'කාර්යක්ෂම ක්‍රමවේදයක්' ක්‍රීඩකයන්ගේ මුත්‍රා සාම්පල රැගත් බෝතල් විවෘත කොට, වෙනත් මුත්‍රා ඇතුලත් කර යළි සීල් තැබීමේ ක්‍රමවේදයක් තමන් සොයා ගත් බවයි ග්‍රිගෝරි රොද්ෂෙන්කෝ පවසා තිබුණේ. ලබන අගෝස්තු පස් වැනි දින බ්‍රසීලයේදී ආරම්භ වන ඔලිම්පික් උළෙලට සහභාගි වීම ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මීලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනටමත් තහනම් කරනු ලැබ තිබේ. එහෙත් එම තීන්දුව එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනය බලාපොරොත්තු වෙයි. WADA ආයතනය නිකුත් කළ මේ වාර්තාවත් සමඟම රියෝ ඔලිම්පික් උළෙල රුසියාවට සම්පූර්ණයෙන්ම තහනම් කරන මෙන් කෙරෙන ඉල්ලීම් උත්සන්නවීමට ඉඩ තිබේ. අවසාන තීරණය කවරක් වුවත්, තහනම් උත්තේජක ආන්දෝලනයට සම්බන්ධයක් නොමැති බව සනාථ කළ හැකි රුසියාවේ ක්‍රීඩකයන් සුළු පිරිසකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා අවසර ලැබේ.
හිරු අවරට යාමත් සමග කුරුල්ලන් දහස් ගණනින් මතුගම නගරය වෙත ඇදී එන ආකාරය මේ දිනවල දී දැකගත හැක.
සවස හය පමණ වන විට, එකවරම වළාකුලක් සේ පැමිණෙන මේ කුරුල්ලන් නගරයේ පිහිටි ගොඩනැගිලි, විදුලි රැහැන් සහ දුරකතන රැහැන් මත වසන ආකාරය ඉතා සුන්දර දසුනකි. එලෙස මතුගම නගරය වෙත පැමිණෙන කුරුල්ලන් අටු වැහිළිහිණියන් ලෙස හඳුන්වන සංක්‍රමණික පක්ෂි විශේෂයකට අයත්වන බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර ඇති පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඔහු පවසන පරිදි වැහිළිහිණියන් අතරින් ලොව පුරා වැඩිම ව්‍යාප්තියක් පෙන්වන්නේ අටු වැහිළිහිණියන්ය. 'Barn Swallow' හෙවත් 'Common Swallow' ලෙස හඳුන්වන අටු වැහිළිහිණියන් සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුරෝපය, අප්‍රිකාව, ඇමරිකාව සහ ආසියානු කලාපයට අයත් රටවලය. "ශීත කාලය එළඹීමත් සමග මොවුන් තම අභිජනන ප්‍රදේශ (Breeding grounds) අතහැර ආහාර බහුල හිතකර පරිසරයක් ඇති සිසිරකාරක ප්‍රදේශ වෙත (Wintering grounds) ගමන් කරනවා. එලෙසින් මේ කුරුලූ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ ඊසාන දිග මෝසම ආරම්භ වීමත් සමගයි. ඒ කියන්නේ අගෝස්තු මාසයේදී" යනුවෙන් පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර කියා සිටියේය. රත්නපුරයෙන් මතුගමට මතුගම අටු වැහිලිහිණියෝ රත්නපුර නගරය ද කලක් අටු වැහිළිහිණියන්ගේ සුප්‍රක්‍රට නවාතැනක් බවට පත්ව තිබිණි. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගේ නිරීක්ෂණයන්ට අනුව මීට වසර පහළොවකට පමණ පෙර අටු වැහිළිහිණියන් විශාල වශයෙන් නුගේගොඩ, රත්මලානේ මැලිබන් හන්දිය, රත්මලානේ ඛෙලෙක්කඩේ හන්දිය, ඇඹිලිපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලදී දක්නට ලැබී තිබේ. එහෙත් මේ වනවිට එම ප්‍රදේශවල අටු වැහිළිහිණියන් විශාල වශයෙන් දක්නට නොමැත. පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර පවසන පරිදි මතුගම නගරය වෙත දිනකට පැමිණෙන අටු වැහිළිහිණියන් සංඛ්‍යාව හැත්තෑ දහසක් පමණ යයි ඇස්තමේන්තු කර තිබේ. "මේ කුරුල්ලෝ දිනපතා සවස හය පමණ වන විට මතුගම නගරයට පැමිණෙනවා. ඒත් මේ අය අඳුරු තැන්වල ලගින්නේ නැහැ. වැඩි කැමැත්තක් දක්වන්නේ හොඳින් ආලෝකය ඇති විදුලි පහන් ළඟ නවාතැන් ගන්නයි." උණුසුම සොයා අටු වැහිළිහිණියාගේ නළල සහ උගුර රතුවන් දුඹුරු පාටය. දිලෙන උඩුකය තද නිල් පාටින් යුක්ත අතර යටි කය කිලිටි සුදු පැහැතිය. යටි කයේ කළුවන් නිල් ලය පටියක් දක්නට ලැබේ. වලිගය ගැඹුරු ලෙස දෙබල්වී ඇත. උප විශේෂ කිහිපයක් දක්නට ලැඛෙන අතර මෙහි විස්තර කර තිඛෙන්නේ සුලභම උප විශේෂය වන 'Hirundo rustica guttralis' ගැනය. අටු වැහිළිහිණි සංචාරක කුරුල්ලන් මාස අටක පමණ කාලයක් ලංකාවේ නවාතැන් ගෙන අප්‍රේල් මාසයේදී පමණ යළි සිය නිජබිම් කර ගමන් කරන බව පරිසරවේදීහු පවසති. "යළි දිර්ඝ සංචාරයක් ආරම්භ කළ යුතු නිසා ලංකාවේ රැදී සිටින කාලය තුළදී මොවුන් හොඳින් ආහාර ගෙන, පෘෂ්ඨීමත්වී ශක්තිසම්පනව නිජබිම කර යාමට සූදානම් වනවා. යළි පිටව යන කාලය ළං වන විට ශරීරය හොඳින් දිලිසෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා," යනුවෙන් පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය. ලංකා කුරුලූ සංගමයේ (Ceylon Bird Club) වාර්තාවන්ට අනුව සංක්‍රමණික කුරුලූ විශේෂ 203ක් ලංකාවේ දැකිය හැකිය.
රටේ සාමය ආරක්ෂා කිරීම පිණිස ඇතැම් අවස්ථාවල හමුදාව කැඳවීමට පොලීසියට බලය තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
වැලිවේරියේ රතුපස්වල උද්ඝෝෂකයන්ට හමුදාව වෙඩි තැබීමෙන් අකිල දිනේෂ් ශිෂ්‍යයා ඇතුළු තිදෙනකු මරුමුවට පත් විය කෙසේ නමුත්, වැලිවේරියේ රතුපස්වලදී උද්ඝෝෂණයේ යෙදුන මහජනතාව විසුරුවා හැරීම සඳහා හමුදාව කැඳවූ අවස්ථාව හමුදාව සිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වීමට තීරණය කළ බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා පැවසීය. "ඇතැම් අවස්ථාවල දී පොලීසියට, හමුදාවේ රැකවරණය ලබා ගැනීමට නීත්‍යානුකූලව අයිතියක් තියෙනවා. එවැනි තත්වයක් තිබුනද නැද්ද කියන ඒක අපි නිරාකරණය කරන්නයි හදන්නේ," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට ගත ක්‍රියාමාර්ග සහ ඊට අදාළ පරීක්ෂණ වාර්තා සති දෙකක් ඇතුලත තමන්ට යොමු කරන මෙන් යුද හමුදාවට සහ පොලීසියට නියෝග කළ බව ද සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. කෙසේ නමුත් සිය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් නීතියෙන් බැඳී නොසිටින බව සභාපතිවරයා පිළිගත්තේය. රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හල මගින් ප්‍රදේශයේ පානීය ජලය දූෂණය වන්නේ දැයි සොයා බැලීමට ද කොමිසම තීන්දු කළ බව කොමිසමේ ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
පරම්පරා ගණනාවකට පසු එතැයි අපේක්ෂා කෙරෙන දරුණුම කුණාටුව හමුවේ නවසීලන්තයේ උතුරු දිවයිනට දැඩි වැසි ඇද හැලෙමින් පවතී.
අයහපත් කාලගුණ තත්වය පිළිබඳව කෙරුණු අනතුරු ඇඟවීම් හමුවේ උතුරු වෙරළ තීරයේ නගරවලින් ජනතාව ඉවත් වෙමින් සිටිති. නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 7 ට පමණ ප්ලෙන්ටි බොක්ක හරහා රට තුළට ප්‍රවේශ වේ යැයි සැළකුණු කුණාටුව සිකුරාදා (අප්‍රේල් 14) අලුයම දකුණු දිවයින් වෙත ඇදී යනු ඇතැයි විශ්වාස කෙරේ. නවසීලන්තය මේ තත්වයට මුහුණ දෙන්නේ රටේ ඇතැම් ප්‍රදේශ පසුගිය සතියේ ඇතිවූ 'ඩෙබී' සුළි සුළඟ හේතුවෙන් ජලගැලීම්වලට ලක්ව තිබියදීය. උතුරු දිවයිනේ ඇතැම් කොටස්වල මේ වනවිටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට ඇති අතර නායයාම් ද වාර්තාවී ඇති කොරෝමන්ඩෙල් හි පහත් බිම් ආශ්‍රිතව සිටින ජනතාවට වහාම ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත. හදිසි අවස්ථා සඳහා සීරුවෙන් ජලගැලීම්වලට මුහුණ දුන් ඕක්ලන්ඩ්වාසීන් හදිසි අවස්ථා සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය රැස් කරන අතරේදී උතුරු දිවයිනේ පාසල් මෙන්ම ව්‍යාපාර ආයතන ද කල්තියා වසා දැමුණි. නවසීලන්ත හමුදාව මෙන්ම හදිසි අවස්ථා සහන කණ්ඩායම් ද සීරුවෙන් තබා ඇත. රට පුරා ගුවන් ගමන්වල ප්‍රමාදකිරීම් හෝ අවලංගු කිරීම් සිදුවී ඇති අතර නවසීලන්ත ජාතික ගුවන් සේවයවන 'එයාර් නිව්සීලන්ඩ්' උතුරු දිවයිනේ ටෝරන්ගා ගුවන් තොටුපොළේ සිට මෙහෙයවන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත. අයහපත් කාලගුණය පිළිබඳ පුවත සැලවූ නවසීලන්තවාසියෙක් විසින් සකසන ලද 'සුළි සුළං විස්කෝතු' කනස්සල්ල පසුගිය ඉරිදා වනුවාටු දූපත් ආශ්‍රිතව ජනනය වූ සුළි සුළඟ නිව් කැලිඩෝනියා දෙසට ඇදී ගියේ එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං ද කැටිවය. විදුලිය හා ජල සැපයීම විසන්ධි වූ නිව් කැලිඩෝනියාහිදී එක පුද්ගලයකු මිය ගියේය. නවසීලන්ත කාලගුණ නිලධාරීන් පෙන්වාදෙන පරිදි 'කුක්' සුළි සුළඟ 1968න් පසු රටට බලපාන දරුණුම සුළි සුළඟ විය හැකි බවය. දැනටමත් දැඩි වර්ෂාපතනය හමුවේ පීඩාවට පත්ව සිටින ප්‍රදේශවලට කුක් සුළි සුළඟ කවර ආකාරයේ බලපෑමක් අත්කරනු ඇත්දැයි යන්න පිළිබඳව නවසීලන්ත බලධාරීහු කනස්සල්ල පළකරති.
උතුරු පළාත් සභාව සඳහා උතුරේ ජනතාව විසින් තෝරා ගත් කණ්ඩායම වැඩ කිරීමට නොහැකි පිරිසක් වීම හේතුවෙන් මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.
උතුරු පළාතේ සිය තුන් දින සංචාරය ආරම්භ කරමින් ඉරිදා දහවල් කිළිනොච්චියට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. කිළිනොච්චි නගරයට රැස්වූ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ උතුරු පළාත් සභාවට පත් වූ පිරිස තමාට වැඩ කිරීමට නොදී බාධා එල්ල කරන අතරතුර ඔවුන් රජයේ වෙන් කරන ලද මුදල් වලින් ජනතාවටද සේවයක් නොකරන බවයි. ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මේ දිනවල බොහෝ පිරිසක් විවිධ යෝජනා ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා රට බෙදීමේ ප්‍රතිපත්තියත් රට දෙකඩ කිරීමේ අභිලාෂයත් ඉවත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස් පෝරාවත් ඉල්ලා සිටින ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සූදානම් බවද කියා සිටියේය. ඊලාම් රාජ්‍යයක් ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කරන කිසිදු පාර්ශ්වයක් සමග කුමන හෝ ආකාරයේ සාකච්ඡාවකට තමා සූදානම් නැති බවත් ශ්‍රී ලංකාව තුළ ඊලමක් පිහිටුවීමට කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවසුවේය. දකුණට උතුරට පමණක් නොව මුලු රටටම ජනාධිපතිවරයා වන තමන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කිසි විටෙකත් මැළි නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ගතවූ වසර හතර ඇතුළත රුපියල් කෝටි ගණනක් වැය කොට උතුරු පළාත තුළ අධ්‍යාපන, නිවස, ඉඩම්, මහාමාර්ග හා ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කළේ ජනතාවගේ අවශ්‍යතාවය මත බව කී ජනාධිපතිවරයා එල්ටීටීඊ සාමජිකයින් 12000ක් සහ ළමා සෙබළුන් 560ක් පමණ පුනරුත්ථාපනය කොට පවුලේ සාමාජිකයන් වෙත භාර දුන් බවද පැවසීය. කිළිනොච්චියේ විවිධ උත්සව වලට සහභාගි වූ ජනාධිපතිවරයා එවක එල්ටීටීඊ සංවිධානය පවත්වා ගෙන ගිය ඊලාම් බැංකුවලට උතුරේ වැසියන් විසින් උකස් කරණ ලද රන්භාණ්ඩ තොගයක්ද අයිතිකරුවන් වෙත භාර දෙනු ලැබීය.
රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාව තුළ සංහිඳියා ක්‍රියාදාමයට බාධා කරන බවට තමන් කරන ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කරන්නේ යයි විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.
"ඔබ ඔය දැන් අහන ප්‍රශ්න ටික වුනත් එදා ඇහුව නම් සමහර වෙලාවට මේ රටේ හිටිය නම් ඔබටත් යන්න වෙන්නේ සුදු වෑන් එකේ" තමන් කරන ප්‍රකාශ හා සමාන ප්‍රකාශ ජනාධිපතිවරයා විසින් ද කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ ද ළඟදීම එය අනුමත කරනු ඇතැයි විශ්වාසය පළ කළේය. "ඒගොල්ලන්ගේ ආශීර්වාදය දෙයි ද, නැද්ද කියල මම දන්නේ නෑ. නමුත් මේ රටේ ස්වාධීනත්වය, සවෛරීභාවය, මේ රටේ ආරක්ෂාව පිළිබඳව මම දරන මතයේ තියෙන නිවැරදිභාවය ගරු ජනාධිපතිතුමා යම් අවස්ථාවල එතුමාගේ අදහස විදියට ප්‍රකාශ කරලා තියෙනව." සබැඳි යොමු: අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කරන තර්ජන සහ අපහාසාත්මක ප්‍රකාශ අනුමත නොකරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිල වශයෙන් සඳහන් කළ යුතු බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ගණනාවක් කරන ඉල්ලීමට ප්‍රතිචාරය පළකරමිනි. මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ද ඔවුහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටිති. අමාත්‍යවරයාගේ "තර්ජන" හේතුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් රට හැර ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි සිවිල් සමාජ සංවිධාන 25 ක් සහ ක්‍රියාකාරීන් 72 ක් එම ඉල්ලීම කරන්නේ මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා කළ තර්ජනාත්මක ප්‍රකාශය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි. 'අවමානයක්' 2015 න් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 160 ට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වී ඇතැයි නීතිඥ ලක්ෂාන් ඩයස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කළ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නීතිඥවරයා එම ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා නොසිටින්නේ නම් ඔහුගේ නීතිඥ පදවිය අහෝසි කිරීමට පියවර ගන්නා බව සඳහන් කර තිබුණි. එහිදී ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරයා රටේ සියලු මානව හිමිකම් සංවිධාන අවමානයට ලක් කළ බවට ද ඔවුහු චෝදනා කරති. එහෙත් තමන් කිසිවෙකුටත් කිසිදු තර්ජනයක් එල්ල නොකළ බව බීබීසී සිංහල සේවයට පැවසූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කරන්නේ, සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථානවලට ප්‍රහාර එල්ලවීම පිළිබඳව වාර්තා වී තිබෙන්නේ සුළු සිදුවීම් හතරක් පමණක් බවය. සබැඳි යොමු: නීතිඥ ලක්ෂාන් ඩයස් එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ ජාතික ඉවැන්ජලික සන්ධානය විසින් එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් උපුටා දක්වමිනි. එමෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි පොලිසිය භාර නොගන්නා බවට නීතිඥ ලක්ෂාන් ඩයස් කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා පවසන්නේ ඒ සියල්ල රටේ සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් කෙරෙන ප්‍රකාශ බවය. "ජනතාව ආණ්ඩුවකට දීපු බලය පැහැර ගන්න, බලපෑම් කරන්න ඉඩ කඩ ලබාදෙන්න අපි ලෑස්ති නෑ. එහෙම කළොත් අපි ජනතාවට ද්‍රෝහි වෙනවා. එන්ජීඕවලට (NGO) විදියට රට ගෙනියන්න බෑ." 'රාජපක්ෂ යුගය' පසුගිය දින කිහිපය මුළුල්ලේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරන ප්‍රකාශ, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව එල්ල වූ තර්ජන සිහිපත් කරවන භයානක පෙරනිමිත්තක් බව සිවිල් සමාජ සංවිධානවල නිවේදනයේ දැක්වේ. මේ තත්ත්වය හේතුවෙන් රට තුළ මානව හිමිකම් සම්බන්ධ හඬ සහ විරුද්ධ මත දැරීමේ අයිතිය යටපත්ව යමින් පවතින බවත් ක්‍රියාකාරීහු පවසති. එහෙත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ එදා පැවති තත්ත්වය හාත්පසින්ම වෙනස් බව ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය. "ඔබ ඔය දැන් අහන ප්‍රශ්න ටික වුනත් එදා ඇහුව නම් සමහර වෙලාවට මේ රටේ හිටිය නම් ඔබටත් යන්න වෙන්නේ සුදු වෑන් එකේ. එහෙම නැත්නම් දැලි පිහියෙන් තමයි කට කපාගන්න වෙන්නේ," යනුවෙන් සඳහන් කළ ඔහු, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිදහස භාවිත කරමින් බොහෝ දෙනා "වගකීම් විරහිත ප්‍රකාශ" කරමින් ජාතීන් සහ ආගම් අතර පවතින සංහිඳියාව විනාශ කිරීමට උත්සාහ දරන බවට යළිත් වරක් චෝදනා කළේය. ශ්‍රී ලංකාවේ ළමාරක්ෂක ක්‍රියාදාමයේ පවතින අඩු පාඩු සඳහන් කරමින් ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් වෙත ලබා දුන් ලිඛිත ප්‍රකාශයකින් අනතුරුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජීව සමරනායක පදවියෙන් පහකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ නියෝගය ද සිවිල් සමාජ සංවිධානවල විවේචනයට ලක් වී තිබේ.
රියෝ ද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේ පැවති අති උත්කර්ශවත් සමාප්ති උළෙලකින් අනතුරුව 2016 පැරාලිම්පික් උළෙල ඉරිදා රාත්‍රියේ නිමාවට පත්විය.
පාපැදි තරඟයක් අතරවාරයේ බහ්මාන් ගොල්බර්නෙසාඩ් හදිසි අනතුරකින් මරණයට පත්විය උළෙල අතරවාරයේ මරණයට පත් වූ ඉරාන ජාතික ක්‍රීඩක බහ්මාන් ගොල්බර්නෙසාඩ්ට උපහාරය පලකිරීමට ප්‍රථම ගායක ගායිකාවන් සහ නර්තන ශිල්පීන් ක්‍රීඩාලෝලීන් පිනවද්දී, මල් වෙඩි සංදර්ශනවලින් ක්‍රීඩාංගනය වර්ණවත් කෙරිණ. සමස්ත පැරාලිම්පික් ව්‍යාපාරයම 'ශෝකයෙන් එකමුතු වූ' බවයි, ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන් කියා සිටියේ. රියෝ උළෙලේ සාර්ථකත්වයද ඔහුගේ ප්‍රශංසාවට ලක්විය. රන් පදක්කම් 107 ක් ඇතුළු පදක්කම් 239 ක් දිනාගනිමින් උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට චීනය සමත් වූ අතර, රන් පදක්කම් 64ක් ඇතුළුව පදක්කම් 147 ක් දිනාගත් බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයට පත් විය. ඉරානයේ වොලිබෝල් කණ්ඩායම සිය රන් පදක්කම මියගිය සහෝදර ක්‍රීඩකයාට පුද කළහ ආබාධිත ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනි වතාවට පැරාලිම්පික් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවත් සමත්විය. ආබාධිත සෙබල දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමෙන් දිනාගත් ලෝකඩ පදක්කමයි, ඒ. රියෝ උළෙලේ සංවිධායකයන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩාලෝලීන්ටත් සිය ප්‍රණාමය පුද කළ ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන්, 2020 පැරාලිම්පික් උළෙල පැවැත්වෙන තෝකියෝ නගරයට පැරාලිම්පික් ධජය භාරදුන්නේය. ඔහු සමඟ එක් වේදිකාවක සිට බ්‍රසීලය සිය වගකීම සාර්ථකව නිමා කළ බව රියෝ උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධානී කාර්ලොස් නුස්මන් නිවේදනය කළේ මරකානා ක්‍රීඩාංගනයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ. "කළ නොහැකියි කී දේ අපි ඉටු කළා. බ්‍රසීලය කිසි දිනක උත්සාහය අත්හරින්නේ නැහැ," ඔහු පැවසීය. සංගීතඥ ජොනතා බස්තොස් සමාප්ති උළෙල වර්ණවත් කළේ සිය පාදයෙන් ගිටාරයක් වාදනය කරමින් ක්‍රීඩා 22 ක් 20202 තෝකියෝ උලෙලට ඇතුලත් වන අතර, ටයිකොන්ඩෝ ක්‍රීඩාව පළමුවරට පැරාලිම්පික් උළෙලට එක්වේ
තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.
'එතකොට මේ කොටි තහනම ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ කේපී ට. එතකොට අද කේපී කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ඔඩොක්කුවේ ඉන්න සුරතලෙක්' එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික සමරවීර මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, යුරෝපා සංගමය එල්ටීටීඊ ය තහනම් කළ ආකාරය දෝෂ සහගත බවට යුරෝපා අධිකරණය ලබා දී තිබෙන තීන්දුව පිළිබඳව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්. විශේෂයෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන් අනතුරුව එල්ටීටීඊ යේ නායකත්වයට පත් වූ කුමාරන් පද්මනාදන් එල්ටීටීඊ යේ වත්කම්වලට හිමිකම් කිව හැකි ජීවතුන් අතර සිටින එකම ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ නායකයා බවයි සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. "එතකොට මේ කොටි තහනම ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ කේපී ට. එතකොට අද කේපී කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ඔඩොක්කුවේ ඉන්න සුරතලෙක්," යනුවෙන්ද ඔහු කියා සිටියේය. 'ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්?' 2005 තමා විදේශ ඇමතිවරයා වශයෙන් පත්වන විට එල්ටීටීඊ සංවිධානයේ ශක්තිමත්ම මූල්‍යමය සහ ව්‍යාපාරික ජාලය පවත්වාගෙන ගියේ යුරෝපීය රටවල් කිහිපයක් තුළ බව පෙන්වා දෙන මංගල සමරවීර මන්ත්‍රීවරයා එය ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා විසින් එල්ටීටීඊ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යයේත් තහනමට ලක්කිරීමේ ප්‍රතිඵලයක් බවත් සඳහන් කරයි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 18 ක්ම තහනමට එකඟ වුවත්, අනෙක් රටවල් 7 එකඟ කරගැනීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගැනීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි. 2006 මැයි 29 වෙනි දින යුරෝපා සංගමය විසින් එල්ටීටීඊ ය තහනම් කිරීමත් සමඟම එල්ටීටීඊ සංවිධානය සතු සියලූම වත්කම්, ව්‍යාපාර සහ බැංකු ගිණුම් තහනම් කෙරුණු බවත් ඔහු පෙන්වා දෙයි. එසේ ලබාගත් තහනම තවදුරටත් පවත්වාගෙන යෑමට ආණ්ඩුවට නොහැකිවීම 'විශ්මයට කරුණක්' බව පවසන සමරවීර මන්ත්‍රීවරයා, තහනම ඉවත්කිරීමට එරෙහිව තානාපතිවරයා දිවුරුම් ප්‍රකාශයක්වත් ඉදිරිපත් නොකළේ 'සැලසුම්ගත කුමන්ත්‍රණයක්' නිසාදැයි ප්‍රශ්න කරයි. එබැවින් යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවත්කිරීමට කටයුතු කළ බවට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඉන්දියාවේ පීඩිත දලිත් වංශිකයන්ට තර්ජනය කිරීම්, පහර දීම් සහ ඝාතනය කිරීම් විශාල ප්‍රමාණයක් පසුගිය මාසය පුරා වාර්තා විය. මෙම සියලු අපරාධ සිදු වී ඇත්තේ ඉතා සුළු හේතු මුල්කොටගෙනය.
පසුගිය ඉරිදා (17) අශ්වයෙකු පිට නැග සිය විවාහ මංගල්‍ය උත්සවයට යමින් සිටි දලිත් වංශික මනමාලයාට තර්ජනය කළ පිරිසක්, එය ඉහළ යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන්ගේ වරප්‍රසාදයක් බව පවසා ඇත. දලිත් වංශිකයන්ට එරෙහිව පසුගිය මාසය ඇතුළත පමණක් සිදු වූ පහරදීම් සහ තර්ජනය කිරීම්වලට මුල් වූ සිදුවීම් පහක් මෙම ලිපියෙහි දක්වා තිබේ. සිය මංගල උත්සවයට අශ්වයෙකු පිට නැගී ගමන් කිරීම දලිත් කුලයට අයත් පුද්ගලයෙකු වන ප්‍රශාන්ත් සෝලංකි ජූනි 17 වන දින ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙක් මත නැගී ඔහුගේ මංගල උත්සවය සඳහා පිටත් විය. මෙය මංගල උත්සවවල දැකිය හැකි සාමාන්‍ය ඉන්දියානු චාරිත්‍රයකි. මේ අතර ඔහුගේ ගම්මානයේ ඉහළ යයි සම්මත කුලයට අයත් ලෙස සැලැකෙන පුද්ගලයන් කණ්ඩායමක් සැඟවී සිට ඔහුගේ ගමන් මාර්ගය අවහිර කරන ලදී. අශ්වයෙක් පිට ගමන් කිරීම ඉහළ කුලයට අයත් වරප්‍රසාදයක් ලෙස පැවසූ ඔවුන් ප්‍රශාන්ත් සහ ඔහුගේ පවුලේ අයට පහර දෙන බවට තර්ජනය කළහ. ජීවිත අවදානම ගැන බිය වූ ප්‍රශාන්ත් සිය මනාලියගේ නිවසට පැමිණියේ පොලිස් භටයින් සමගය. විවාහ මංගල්‍යය උත්සවයට ද ආරක්ෂාව යෙදීමට පොලීසිය කටයුතු කර තිබුණි. දලිත් ජාතිකයෙකු සිය මංගල උත්සවයකට අශ්වයෙකු පිට යෑම හේතුවෙන් තර්ජන එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 දී මධ්‍ය ප්‍රදේශ්හි අශ්වයෙකු පිට ගිය දලිත් මනමාලයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි. දෙපා පටලවා හිඳ ගැනීම තමිල්නාඩුවේ හින්දු කෝවිලක චාරිත්‍ර ඉටු කරන අවස්ථාවේ දී එය ඉදිරිපිට දලිත් පුද්ගලයන් දෙදෙනෙකු දෙපා පටලවා හිඳ ගෙන සිටි වරදට ඔවුන් මරා දමනු ලැබිණ. කුල ක්‍රමයට එරෙහිව නැගී සිටින ඉන්දියානු වැසියන් උසස් යයි සම්මත කුලයට අයත් පහළොස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් දලිත් පුද්ගලයන්ගේ නිවෙස් අසල සැඟවී සිට මෙම පහරදීම් සිදු කර ඇත්තේ ඔවුන් "නින්දිත සහ අපහාසාත්මක" ලෙස හැසිරුණ බව පවසමිනි. මෙහිදී පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර නිවාසවලටද හානි සිදුව ඇති බව පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් Indian Express පුවත්පතට පවසා සිටියේ "තුවාල ලැබූ පුරුෂයන්ගේ සිරුරුවල දෑකැතිවලින් සිදු කළ ගැඹුරු කැපුම් තුවාල දක්නට තිබුණා" යනුවෙනි. පිහිනීමේ වරදට ඇඳුම් ඉරා දමා පහර දීම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයක උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන්ගේ ළිඳක පිහිනීමේ වරදට දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය. මෙම ළිදෙහි පිහිනීමට හිය දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇත කොළ අතුවලින් සිරුර ආවරණය කරගෙන සිටින පිරිමි දරුවන් දෙදෙනෙකුට පුද්ගලයෙකු කෝටුවකින් සහ බඳ පටියකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළ කර තිබේ. එහි පසුබිමෙහි තවත් පුද්ගලයන් සිනාසෙන හඬ ඇසෙන්නට තිබේ. "ආයෙත් පහර දෙයි කියලා අපි බයෙන් ඉන්නේ," සිද්ධියට මුහුණ දුන් දරුවෙකුගේ මවක් බීබීසී මරාති සේවයට පැවසුවාය. ඇය මෙම සිද්ධිය කෙතරම් බරපතළ දැයි වටහාගෙන ඇත්තේ අන්තර්ජාලයේ පළ වූ වීඩියෝව නැරඹීමෙනි. ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ තොරතුරුද කියවන්න: 'රාජකීය' පාවහන් පැලඳීම නිසා පහර දීම උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන් පළඳින සම් වර්ගයකින් තැනූ පාවහන් යුගලයක් පැළඳ සිටියේ යැයි 13 හැවිරිදි වියේ පසුවන දලිත් කුලයට අයත් මහේෂ් රතෝඩ්, ගුජරාට ප්‍රාන්තයේ දී පහර කෑමට ලක්විය. "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ. "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ මහේෂ් වෙත පැමිණි පුද්ගලයන් පිරිසක් කුමන කුලයට අයත් දැයි ඔහුගෙන් විමසා ඇති අතර ඔහු දලිත් වංශිකයෙකු යැයි පිළිතුරු ලබා දී තිබේ. ඉන්පසු, "උසස් කුලයක කෙනෙකු විදියට ඉන්න ද මොජ්රිස් සෙරෙප්පු දමාගෙන රත්තරන් මාලයක් පැළඳගත්තේ" යැයි අසමින් ඔහුට පහර දුන් බව මාධ්‍ය වාර්තා කර සිටී. පුද්ගලයන් කීපදෙනෙකු මහේෂ්ට කෝටුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබුණි. මෙම සිද්ධියෙන් පසු මහේෂ්ට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තාවේ. තවත් තොරතුරු: ෆේස්බුක් නාමය නිසා හටගත් ප්‍රචණ්ඩත්වය 22 හැවිරිදි මොලික් ජාදව් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ නමට තවත් කොටසක් එකතු කිරීම හේතු කොටගෙන ගුජරාට් ප්‍රාන්තයේ දලිත් වංශිකයන් සහ උසස් කුලවලට අයත් පුද්ගලයන් අතර ගැටුම් ඇති වී තිබේ. මොලික් ඔහුගේ නමට 'Sinh' යන කොටස එකතු කර ඇති අතර, එය ප්‍රාන්තයේ උසස් යැයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් සිය නමට එකතු කරගන්නා කොටසකි. "මගේ Maulik (මොලික්) කියන නම 'Mauliksinh' කියල වෙනස් කළා. මම හිතුව අපිට කැමති නම තෝරා ගන්න නිදහස තිබෙනවා කියලා," ඔහු හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. මේ සමග ඔහුට ෆේස්බුක් සහ දුරකථනය ඔස්සේ විවිධ පුද්ගලයන් තර්ජනය කර ඇති අතර, "මගේ නමින් 'Sinh' යන කොටස ඉවත් කළේ නැත්නම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න" යැයි පවසා ඇත. පසු දින පුද්ගලයන් කණ්ඩායමක් මොලික්ගේ නිවසට පැමිණ පහර දීමත් සමග තර්ජන වෙනුවට ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය. එම පහරදීමෙන් පසු දලිත් වැසියන් පිරිසක් ඉහළ පෙළේ හින්දු පුද්ගලයෙකුගේ නිවසකට කඩා වැදී අලාභ හානි සිදු කර තිබිණ.
තම පක්‍ෂය තුළින් පවා කාන්තා නියෝජනයට නිසි ඉඩ කඩ ලබා දී නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නීය.
සෑම දේශපාලන පක්‍ෂයකින් ම නාම යෝජනා ලබා දීමේදී අඩු තරමින් සියයට තිහකවත් කාන්තා නියෝජනයක් අනිවාර්‍ය කිරීම සඳහා නීති සම්පාදනය විය යුතු බව ඇය පැවසුවාය. කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා එදා සිට තම පක්ෂය තුළ පවා නිරන්තර අරගලයක යෙදී සිටින බවත් එය අත් නොහරින බවත් ඇය අවධාරණය කළාය. ඇය මේ බව කියා සිටියේ ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට නැගෙන හඬ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී යි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය මෙහි අමුණා ඇත. මුදල් කන්දරාවක් අධික මුදල් කන්දරාවක් වැය කිරීමට සිදු වන හෙයින් පවතින මැතිවරණ ක්‍රමයද කාන්තාවට හිතකර නොවන බවයි හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කරන්නේ කාන්තාව බව බොහෝ දේශපාලනඥයන්ට අමතක වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය. පළමු ඩොලරය ‘අදටත් ලංකාවට පළවෙනි ඩොලරය එන්නේ මැදපෙරදිග කාන්තාවන්ගෙන්, දෙවැනි ඩොලරය එන්නේ ඇඟලුම් ක්‍ෂේත්‍රයෙන්, තුන්වැනි ඩොලරය තේ දළු වලින්. වැඩි පුරාම පීඩාවට පත් වන්නේත් කාන්තාවමයි.’ රෝසි සේනානායක හිටපු ඇමතිවරිය ප්‍රකාශ කළාය. දේශපාලනයට කාන්තාව එක් කර ගැනීමට පවතින ප්‍රධාන බාධකය වී ඇත්තේ රටේ පවතින ආකල්පමය ප්‍රශ්නය බවත් දැඩි බාධක මැද්දේ හෝ එසේ කිරීමට නිර්භීත වන කාන්තාවන් ගේ චරිත ඝාතනය කිරීමට සමාජයේ ඇතැමුන් සාහසික වන බවත් ඇය පවසන්නීය.
ජනාධිපති ප්‍රේමදාස කොටි සංවිධානයේ කණ්ඩායමකට ආයුධ ලබා දුන්නේ එල්ටීටීඊ නායකත්වය ට එරෙහිව කටයුතු කිරීම සඳහා බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.
ජනාධිපති ප්‍රේමදාස එල්ටීටීඊයට ආයුධ ලබා දුන්නේ "මහත්තයාගේ කණ්ඩායම ශක්තිමත් කිරීමට" ජනාධිපති ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට ආයුධ ලබා දීම මෙන්ම නැගෙනහිර පොලිස් නිලධාරීන් පිරිසක් එල්ටීටීය විසින් මරා දැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂ පාලකයන් විසින් කරන ලද පාවාදීමක් ලෙසින්. එහෙත් එම චෝදනා දෙකම තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා, සජිත්, බීබීසී සංදේශයට කියා සිටියේ ජනාධිපති ප්‍රේමදාස එල්ටීටීය කෙරේ තැබූ විශ්වාසය වැරදී යාමෙන් පොලිස් නිලධාරීන් මරුමුවට පත් වූ බවයි. "රජයත් කොටි ත්‍රස්තවාදීන් අතරත් යම්කිසි අවබෝධතාවයක් තිබුණු මොහොතක හීනෙකින්වත් නොහිතපු අවස්ථාවකයි මේ ඛේදවාචකය සිදුවුනේ," ඔහු පැවසීය. ඉන්දීය හමුදා උතුරේ රඳවා තැබීමට විරුද්ධව සිටි ආර් ප්‍රේමදාස ජනාධිපති වරයා එම හමුදා සමග සටන් වැද සිටි දමිළ විමුක්ති කොටි සංවිධානයට රහසේ ආයුධ සැපයූ බව මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ඝාතනය විමසූ ජනාධිපති කොමිසමේදී හෙළිවිය. 2002 දී කොටි සංවිධානය සමඟ අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම මගින් රට පාවා දීමට පියවර ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එජාපයට එල්ල කළ තවත් චෝදනාවක්. එයට ප්‍රතිචාරය දක්වන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසන්නේ, "කෙතරම් අඩු පාඩු තිබුනත්" නැගෙනහිර එල්ටීටීඊ නායකයන් සංවිධානයෙන් ඈත්වීමට "ප්‍රධානම සාධකය" වූයේ සටන් විරාම ගිවිසුම බවයි.
ඉන්දියාවේ නව අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ලබන සඳුදා පදවියේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වෙන ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් වෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය පිළිගත නොහැකි බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් පවසයි.
මහඇමති විග්නේශ්වරන් පදවියේ දිව්රුම් දෙමින් විදේශ ඇමති ජී.එල්.පීරිස් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ආරාධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන මහඇමතිවරයා, ඒ පිළිබඳව සිය කෘතඥතාවය පළ කරමිනුයි තමාට ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබෙන්නේ. විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් වෙත සිය තීරණය ලිපියකින් දැනුම් දෙන මහඇමතිවරයා එම කාරුණික ඉල්ලීම භාර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇත. යුද හමුදාව රැඳී සිටීම උතුරු පළාත් සභාවට පැවරෙන කටයුතු අසාර්ථක තත්වයක පවතින අතරවාරයේ යුද හමුදාව දිගින් දිගටම ප්‍රදේශයේ රැඳී සිටීම නිසා මහජනතාව බිය ජනක පරිසරයකට තල්ලු කර ඇති වාතාවරණයක් පවතිද්දී ඉහත කී ආරාධනය භාර ගනු ලැබීම මගින් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් ඇති බවක් පෙන්නුම් කෙරෙන බවයි මහඇමති විග්නේශ්වරන් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා නමට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වෙන්නේ. ඉහත කී වාතාවරණය යටතේ එවැනි ආරාධනයක් භාර ගනු ලැබීම මගින් වරදක් කරන ලද බවට තමා තුළ හැඟීමක් ඇති වනු ඇතැයි ද මහඇමතිවරයා සිය ලිපිය මගින් කියා සිටියි. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවේ නව අගමැතිවරයාට තම ශුභ පැතුම් දැනටමත් යොමු කරනු ලැබ ඇති බවත් මහඇමති විග්නේශ්වරන් පවසයි. ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපතිවරයා සමඟ යන දූත මණ්ඩලය සමඟ උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් සහභාගිවීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ.සිවඥානම් ප්‍රකාශ කළේ. රජය උතුරු පළාත් සභාවට ලබා දිය යුතු සහය ලබා නොදෙන බව පවසන ඔහු උතුරු පළාත් සභාවට මුදල් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම් වලට පිළිතුරු පවා ලැබී නැති බව තවදුරටත් ප්‍රකාශ කළේය. සංහිඳියාව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව අතර සංහිඳියාව ඇතිකර ගැනීම අතින් තවමත් කිසිඳු එකඟතාවක් නැතැයි යන පණිවුඩය අලුතින් පත්වන ඉන්දීය රජයට ලබා දීමේ ඉඟියක් හැටියට උතරු පළාත් මහා ඇමතිවරයාගේ තීරණය හැඳින්විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයකු වන ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පවසන්නේ. අලුතින් පත්වූ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව තුලින් තමන්ට යම්කිසි වැඩි වාසියක් අත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් බලාපොරොත්තුවක බව ඔහු සඳහන් කරන්නේය. ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම එහි අතුරුඵලයක් හැටියට දැකිය හැකි බවයි ඔහු කියා සිටින්නේ.
පසුගිය ඔක්තෝබර් 06 වෙනි දින අධිකරණ නියෝග නොතකා හම්බන්තොට දී විරෝධතාවක නිරතවීමේ චෝදනාව මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තංගල්ල නගරයේ නිහඬ උද්ඝෝෂණයක නිරතව සිටියහ.
අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන මෙන් සහ ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙස කළු පටි හිසේ සහ මුඛයේ බැඳගත් විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. විරෝධතාව අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආණ්ඩුවට එරෙහි වෙන සියලු දෙනා සිරගත කරමින් "කාලකන්නි සතුටක් ලබන" බවට ආණ්ඩුවට චෝදනා කළේය. "මේ රටම හොරා කාපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් දූෂිතයි. මේ ආණ්ඩුව තමන් කරන කටයුතුවලට විරුද්ධව වැඩ කරන ජනතාව හිරේට දාල කාලකන්නි සතුටක් ලබනවා," ඔහු පැවසීය. මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමේ ප්‍රයත්නයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස සදුඳා (ඔක්තෝබර් 16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඩීවී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කණ්ඩායමට ඇතුලත්වේ. නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළ වලට හානි සිදු කරනු ලැබීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාය. ඉරිදා තංගල්ලේ විරෝධතාව අතරවාරයේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම: "නාමල් රාජපක්ෂ, ඩී චානක ඇතුළු අපේ තරුණයින් සහ අහිංසක අම්මලා 40 දෙනෙක් අද වෙනකොට බන්ධනාගාර ගත කරලා ඉන්නවා. අපි මේ රජයට කියන්න කැමතියි ජනතාව තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා තමයි මැතිවරණයකට යන්න ආණ්ඩුව බය," යනුවෙන් ප්‍රකාශ කළේය. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ හමුවීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා (ඔක්තෝබර් 15) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරයට පැමිණියේය. ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද හිටපු ජනාධිපතිවරයා සමග බන්ධනාගාරයට පැමිණ සිටියේය. හම්බන්තොට උද්ඝෝෂණ: විරෝධතාකරුවන් අත්අඩංගුවට ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ සම්පත් විකිණීමට එරෙහි වෙන පුද්ගලයන් සිරගත කරන බවට ආණ්ඩුවට චෝදනා කළේය. "මේ විකුණන්න හදන්නේ වරාය ගුවන් තොටුපොළ. මේ රටේ මහජනයාට අයිතියක් තියෙනවා මේ වට විරුද්ධව නැගී සිටින්න. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීවත් මේවට විරුද්ධව සටන් කළා කියලා අත්අඩංගුවට ගත්තේ නෑ," ඔහු පැවසීය. වත්මන් ආණ්ඩුව "උඩු ගුවනත් විකුණන්නේ නම්" එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ද හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ මතධාරීන් තුල පවතින බිය තුරන් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයන් ක්‍රියා කළ යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
'ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත බව තහවුරු වී තිබේ' මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, සිය සංචාරයේදී තමන් හමුවූ පුද්ගලයන්ට ආරක්ෂක හමුදා මගින් තර්ජන එල්ලවී ඇති බවට නවී පිල්ලේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රබල අවධානය පළ කොට තිබේ. සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය ඇමතු මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව 'අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ'යි කියා සිටියාය. පොදු රද මණ්ඩල සමුළුව "විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත," බව මහ කොමසාරිච්ස්වරියගේ සංචාරයෙන්ද තවදුරටත් තහවුරු වී තිබෙන බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයේ සඳහන් කරන්නේ. "ඇය හමුවූ පුද්ගලයන්ට එරෙහිව තර්ජන එල්ල වීම නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට යහපත් ලෙසින් බල පානු නැති," බවයි, ආසියා ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පවසන්නේ. ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යලිත් වරක් පෙන්වා දෙන මාන හිමිකම් සංවිධානය, සිය සංචාරයෙන් අනතුරුව මහ කොමසාරිස්වරිය පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද සාධනීය අන්දමින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ඇතුළු චෝදනා මුල් කර ගනිමින් එහිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අලුත් කඩේ අංක 4 දරණ මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද උන්වහන්සේ එම දැනුම් දීම පැහැර හැර ඇති බවත් පොලිසිය පවසයි. මේ අතර අද (මැයි 25) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් බොදු බල සේනා සංවිධානය කියා සිටියේ ඥානසාර හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවය. පොලිසිය හෝ වෙනත් කණ්ඩායමක් මගින් ඥානසාර හාමුදුරුවන්ට අනතුරක් වෙයි කියන සැකය අපිට දැඩි ලෙස තිබෙනවා" යනුවෙන් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ සඳහන් කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ පවසයි.
"මම මගේ සැමියා වෙනුවෙන් යුක්තිය සොයමින් යන ගමනේදී මේ හිමිනම මට හිංසා කළා. මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්," යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ අදාළ තීන්දුව ලබා දීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කෙරුණ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා දෙකකට අදාළව මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. "අධිකරණය ඇතුලේ හෝ ස්ත්‍රියකට හිංසා කිරීම වරදක් කියන එක මේ රටේ සියලුම මිනිස්සු දැනගත යුතු වෙනවා. විශේෂයෙන් අනාගතයේදීත් ඕනෑ තරම් මිනිස්සු ඉන්න පුළුවන් වින්දිතයන්ට හිංසා කරන," ඇය කියා සිටියාය. සිය සැමියා වන මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ වනවිට අදාළ පරීක්ෂණය යුද හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර "දෝලනය වන" බවය. "හමුදාපතිවරයා විසින් ලබා දෙන්න කියන ලේඛන රාජ්‍ය ආරක්ෂාවට ප්‍රශ්නයක් කියමින් ඊට පහළ නිලධාරියෙකු විසින් ඒවා දීම වළක්වනවා." අතුරුදහන්ව සටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් වූ සහ ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බව 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ වත්වමන් දේශපාලන තත්ත්වය පිළිබඳ තමන්ට පමණක් නොව රටේ සියලුම ජනතාවට විශ්වාසයක් නොමැති බවය. "ජනාධිපතිවරයාට බොහෝ දේවල් අමතක වෙලා තිබෙනවා. ඇයි ඔහු මේ තැනට ආවේ කියලා අමතක වෙලා. එතුමාත් නොදන්නා දින සියයේ වැඩසටහන ඇතුලේ ප්‍රගීත්ගේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීම ගැන මම සතුටු වෙනවා." මේ තොරතුරුද කියවන්න: මේ අතර ඥානසාර හිමියන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව බොදුබල සේනා සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ. "ඥානසාර හාමුදුරුවෝ ආරම්භ කරපු ඒ සටන නතර කරන්නේ නැහැ. හෙට ඉඳන් අලුත් ක්‍රමයකට අපේ වැඩසටහන ඉදිරියට ගෙන යනවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා," හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවෙන පිටත දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මැයි 24 වෙනිදා තීන්දු කළේය.එදින දඬුවම් ලබා දීම ජුනි 14 දක්වා කල් තැබුණි. දඬුවම ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල මාකුඹුර අධිකරණය හමුවේ අදහස් දක්වමින් ඉල්ලා සිටියේ උන්වහන්සේ පෙර වැරදී කර නොමැති බැවින් ඒ පිළිබඳ සලකා තීන්දුවක් ලබා දෙන ලෙසය. එවැනි දෙයක් වෙත පෙළඹුනේ කුමන හේතුවක් මත දැයි යන්න පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බුද්ධි අංශ හමුදා සෙබළුන්ගේ දරුවන්ගේ දුක්ගැනවිලි අසා උන්වහන්සේ කණගාටුවට පත්ව සිටි බව සඳහන් කළේය. විනිසුරුවරයෙක් සිටියදීම අධිකරණ ශාලාවේ සිටි අයෙකුට තර්ජනය කිරීම බරපතල වරදක් සේ සලකා තීන්දුවක් ලබා දෙන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එසේම බුද්ධි අංශ නිලධාරීන්ගේ දරුවන් සිය පියවරු වෙනුවෙන් දුක්වනවා සේම ප්‍රගීත් එක්නැලිගොඩගේ දරුවන් දෙදෙනා ද සිය පියා නැති සොවින් පසුවන බව ඔහු එහිදී සඳහන් කළේය. "තෝ දැනගනින් තොගේ මිනිහා කොටියා. තෝ ගිහින් හිඟා කාපිය," යනුවෙන් අධිකරණය තුළ කළ තර්ජනය අනාගතයේදී තවත් අයෙකු විසින් යම්කිසිවකුට කරනු ලැබීමට ඉඩ ඇති බව කී නීතිඥ ජනක බණ්ඩාර දඬුවක් නියම කිරීමේ අර්ථය කුමක්දැයි යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පැවසීය. සමාජයේ ආරක්ෂාව, විත්තිකරු යළි එවැනි වරදක් කිරීමෙන් අධෛර්යට පත් කිරීම හෝ අනාගතයේ එවැනි වරදක් සිදු කරන අයෙකු ඉන් වැළකීම, දඬුවම් කිරීම, පුනරුත්තාපනය කිරීම යනු කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය. තවත් තොරතුරු: ජංගම දුරකතනයක් නාද වන පමණින් හෝ "උඩ බොත්තම ඇර" අධිකරණයට පිවිසෙන සාමාන්‍ය වැසියෙකුට අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් ලබා දෙන බැවින් අධිකරණ භූමියේදී යම් කිසිවෙකුට තර්ජනය කළ පුද්ගලයෙකුට එරෙහිව දිය හැකි උපරිම දඬුවම ලබා දිය යුතු බව ද නීතිඥ ජනක බණ්ඩාර වැඩිදුරටත් පැවසීය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. එක් වරදකට රු. 1500 බැගින් රු 3000.00 ක දඩයක් ගෙවීමට ද අධිකරණය නියෝග කළේය. අගතියට පත් සන්ධ්‍යා එක්නැලිගොඩට රු 50000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමට ද නියම කළේය. එම දඩය ද නොගෙවන්නේ නම්, මාස 3 ක ලිහිල් සිර දඬුවමකට යටත්වීමට සිදුවන බවද මහේස්ත‍්‍රාත්වරයා ප්‍රකාශ කළේය. අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග, විත්ති කූඩුවේ සිටි ඥානසාර හිමියන් තමන්ට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් අවශ්‍ය බව සඳහන් කරමින් "අධිකරණය විතර ද පැවතිය යුත්තේ" යනුවෙන් පැවසූහ. එවැනි ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදිය නොහැකි බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය නම් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බව ප්‍රකාශ කළේය. ඥානසාර හිමියන් බන්ධනාගාර බස් රථයට රැගෙනයන අවස්ථාවේ ඒ අසල බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් ඇතුළු භික්ෂූන් වහන්සේ රැස්ව සිටි අතර එහිදී තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සන්ධ්‍යා එක්නැලිගොඩ සමග පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට චෝදනාත්මක ස්වරයෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ 2010 වසරේ ජනවාරි 24 වෙනිදාය. ඔහුගේ අතුරුදහන්වීමට එවක පැවති ආණ්ඩුව වගකිව යුතු බවට බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් දැනට නඩු දෙකක් විභාග වෙමින් පවතී.
යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න පවසයි.
හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි බීබීසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඇමතිවරයා එම ප්‍රකාශය කළේ. හිටපු ජනාධිපතිවරයා,අණදෙන නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කවරකු හෝ වරදක් කර තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පියවර ගන්නා බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ. 'මගේ දැක්ම අනුව යුද්ධය අපරාධයක්. ඒ අනුව යුද අපරාධ සඳහා යම්කිසිවකු නියෝග කර තිබේනම් ඔවුන්ගෙන් විමසිය යුතු අතර අපේ ආණ්ඩුව එවැනි ක්‍රියාවන් වී ඇත්නම් ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නවා' ඇමතිවරයා ප්‍රකාශ කළේය. මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා විසින් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රතිචාරය පළ වෙමින් පවතින අතර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කොමිසමේ නිර්දේශ අනුව යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥාවක් දෙන ලද බව වාර්තා වෙයි. එහෙත් විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් කෙරුණ නිර්දේශය සම්බන්ධයෙන් සහයෝගය දීමක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුණේ නැත. අමාත්‍ය මංගල සමරවීර සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී කියා සිටියේ,ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමින් දේශීය යාන්ත්‍රණයක් අනුව අදාළ විභාගය සිදු කිරීම වන බවයි කියා සිටියේ. 'රටක් හැටියට අපි ජාත්‍යන්තර විභාගයක් සඳහා එකඟ වීමට සූදානම් නැහැ.ඒත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත දේශීය විභාගයකට අපි සූදානම්' සෞඛ්‍යය ඇමතිවරයා බීබීසියට කියා සිටියේය. ජාත්‍යන්තර විශේෂඥයන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකදී විදේශීය විශේෂඥයන්ට සහභාගී වීමට ඇති ඉඩකඩ සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප නොකරයි. 'පසුගිය ආණ්ඩුවත් ජාත්‍යන්තර නියෝජිතයන් සහභාගී කර ගත්තා.ඒ නිසා එය ප්‍රශ්නයක් නොවෙයි' ඇමතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම අදියරේ අවස්ථාවක්
අටවෙනි පාර්ලිමේන්තුවේ හතරවෙනි සැසිවාරය විවෘත කෙරුණු සිකුරාදා (ජනවාරි 03) පස්වරුවේ සිය නිවේදන ගෙන හැර දැක්වූ කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිළිගන්නා බව පැවසීය.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්, පිළිවෙලින් සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නම් කර ඇති බව ඔහු සඳහන් කළේය. එසේම එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද නම් කර ඇති බව කථානායකවරයා පැවසීය. පාර්ලිමේන්තු රැස්වීමේ විශේෂ සිදුවීමක් වූයේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ මන්ත්‍රීවරයෙකු සිය දිවුරුමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගැනීමය. එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරමින් එවැනි පියවරකට යොමු වූයේ රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පත් වූ වරුණ ප්‍රියන්ත ලියනගේ මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු පත් කෙරිණි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතා කරමින් පැවසුවේ සිකුරාදා සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කනගාටුව හා ශෝකය පළ කරන බවය. අදාළ ගුවන් යානය නැගෙනහිර භූමියේ සමීක්ෂණ කටයුතු සඳහා පහළ මට්ටමින් පියාසර කරමින් තිබියදී කඳු ගැටයක ගැටී අනතුර සිදුවී ඇති බවත් ඒ පිළිබඳ වැඩි තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කළේය. බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තු රැස්වීම අතරතුර මීළඟට දැඩි කතා බහක් ඇති වූ මාතෘකාව වූයේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවය. කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව භාරයේ ඇති අදාළ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. එසේ වූ විට අදාළ සිදුවීමට වගකිව යුතු පුද්ගලයින් කවුදැයි යන්න සම්බන්ධයෙන් ජනතාවට සැබෑ අවබෝධයක් ලැබිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීය. එහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කළ අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ අදාළ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පමණක් නොව වගකිවයුත්තන්ට දඬුවම් දීමට ද කටයුතු කරන බවය. පාර්ලිමේන්තුව යළි ලබන අඟහරුවාදා (ජනවාරි 07) රැස්වනු ඇත. මේ තොරතුරු ද දැනගන්න:
අවතැන් මුස්ලිම් ප්‍රජාව නැවත පදිංචි කිරීමේ සැලසුම් වලට එල්ල වෙමින් පවතින බාහිර බලපෑම් නතර කිරීමට මැදිහත් වෙන මෙන් මුස්ලිම් ජන නායකයෝ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටිති.
ඒ.එච්.එම් ෆවුසි, රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා, රිෂාද් බදියුදීන් , බෂීර් සේගුඩාවුඩ්, ඒ.එච්.එම් අස්වර්, ෆයිසර් මුස්තාෆා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ඇමතිවරුන් පිරිසක් විසින්, අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ බොදු බල සේනා ,සිහල රාවය හා රාවනා බලකාය යන සංවිධාන තුළ සිටින ඇතැම් බෞද්ධ අන්තවාදී කණ්ඩායම් නිරන්තරයෙන් ම මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කරන ද්වේශ සහගත බියවැද්දීමේ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු කරවමින් යවනු ලැබ ඇති ලිපියක් මගිනුයි එම ඉල්ලීම කරන්නේ. ඉහත කී කණ්ඩායම් විසින් මුස්ලිම් ආගමික ස්ථාන, හලාල් කෑම බීම, මුස්ලිම් සංස්කෘතියට අදාළ ඇඳුම් පැළඳුම් මෙන් ම, 1990 දශකයේ දී එල්.ටී.ටී. ය විසින් බලහත්කාරයෙන් නෙරපා දමන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලියට ද බලපෑම් එල්ල කරනු ලැබ ඇති බවයි, මුස්ලිම් නායකයන්ගේ ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ. පරණ අවතැන්වූවන් අවතැන් මුස්ලිම් ජනයාගේ විල්පත්තු ජීවිතය. ‘අවතැන් මුස්ලිම් ජනතාව "පරණ අවතැන් වූ වන්” ලෙස නම් කර ඇති අතර, රජය අන්තර්ජාතික සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHCR) විසින් ලබා දී තිබුණ මුදල් ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කර තිබුණ නැවත පදිංචි කරවීමේ වැඩසටහන් වලින් ද ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැති බවයි’,ඉහත කී ලිපිය මගින් මුස්ලිම් නායකයන් ජනාධිපතිවරයාට කියා සිටින්නේ. අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් මැදිහත් වීමක් නොමැති හෙයින්, මුස්ලිම් රටවලින් සහ පුද්ගලයින්ගෙන් ආධාර ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ආගමික ,දේශපාලනික සහ සිවිල් සංවිධානවල නායකත්වය පියවර ගෙන ඇති බවයි මුස්ලිම් නායකයන්ගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. එම කාර්යය සඳහා ඇතැම් පරිත්‍යාගශීලීන් විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කියා සිටිති. එල්.ටී.ටී.ය විසින් පලවා හරිනු ලැබුන අවතැන් මුස්ලිම් ප්‍රජාව. සිය වැඩ පිළිවෙලේ අනුග්‍රහයෙන් මේ වන විටත් නිවාස කීපයක් අවතැන් වූවන් වෙනුවෙන් ඉදි කර දී ඇති බවත් ලිපියේ දැක්වෙයි. විල්පත්තුවේ පදිංචිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ජනාධිපති විශේෂ කාර්ය බලකායේ අවසර ඇති ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලු ම ඉඩම් නිරවුල් කර ඇතත්, මුස්ලිම් ජනතාව විල්පත්තුව වනෝද්‍යානයෙහි බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවක් මාධ්‍ය මගින් ඉස්මතු කර ඇති බවයි, මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දෙන්නේ. නැවත පදිංචි කෙරුණ ජනතාවට එරෙහි බලපෑම් නතර කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බව සිය ලිපිය මගින් කියා සිටින මුස්ලිම් නායකයෝ, පසුගිය වසර විසිතුන මුළුල්ලේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ජිවත් වූ අවතැන් වූ මුස්ලිම් ප්‍රජාව අමතක ව ගිය ජන කොට්ඨාශයක තත්වයට පත් වී සිටින බවත් අවධාරණය කර ඇත. මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස මුස්ලිම් අමාත්‍යවරුන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවන තාඩන පීඩන සහ තර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව ආණ්ඩුවේම අමාත්‍යවරුන්ගේ මතය වී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා, එම ලිපියේ අඩංගු කරුණුවලට තමන් එකඟ වන බැවින් එයට අත්සන් තැබූ බව කියා සිටියේය. ආගමික ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආගමික කටයුතු පිළිබඳ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේ එහි කාර්යභාරය පිළිබඳව විපක්ෂය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කොට නොමැති බවයි.
"මගේ දුකට මම ජීවය දුන්නේ නැහැ. මම කවදාවත් අන් අයට දුක කියමින් ඇවිදින්න ගියේ නැහැ. එය මේ සමාජයේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිදු කරන වැරැද්දක්. නමුත් එය මගේ අතින් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට මම මගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පටන් ගත්තා."
"මගේම පවුලේ අය අත්හැරීමත් සමඟ, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා," - ආශ්චර්යා පීරිස් බොහෝ බාධක කම්කටොළු සමඟ ගෙවුණු සිය දිවි මඟ ගැන ආශ්චර්යා පීරිස් බීබීසී සිංහල සේවය සමඟ සිදු කළ කතා බහ එසේ ආරම්භ කළාය. බීබීසී සේවය මගින් 2019 වසර සඳහා තෝරා ගත් ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළු වූ ආශ්චර්යා පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම, අන් අය දිරිගැන්වීමේ දේශන පවත්වන තැනැත්තියකි. සියලු ශාරීරික දුර්වලතා, මානසික පසුබෑම් පසෙකලා ශක්තිමත් කාන්තාවක ලෙස නැගී සිටි ආකාරය ආශ්චර්යා බීබීසී සිංහල සේවයට විස්තර කළාය. 1977 වර්ෂයේ දී කොළඹ නගරයේ උපන් ආශ්චර්යාගේ පියා ගුවන් ඉංජිනේරුවරයෙකු වන අතර, මව දකුණු පළාතේ 'කෝමල' නම් ගම්මානයේ තැනැත්තියකි. "සාමාන්‍යයෙන් කියන විදිහට මගේ පියා උසස් යැයි සැලකෙන පවුලක කෙනෙක්. මව එවකට දුෂ්කර ගම්මානයක සිටි කෙනෙක්. මම පවුලේ වැඩිමහල් මෙන්ම එකම දියණිය. මට වඩා වසර දොළහක් බාල සහෝදරයෙක් සිටිනවා. " ආශ්චර්යා සිය සැමියා සමඟ "බෝම්බ ප්‍රහාරයෙන් දෑස් නොපෙනී ගිය පසු මගේම පවුලේ සියලු දෙනා මට වෙනස් කොට සලකන්න ගත්තා. ඔවුන් මාව සම්පූර්ණයෙන් අත්හැරියා. ඊට පසු මම ජීවිතයේ අනේක දුක් කම්කටොළු වින්දා," ආශ්චර්යා පැවසුවාය. රැකියාව අවසන් කර නිවසට යන අතරමග 2000 වර්ෂයේ දී රාජගිරියේදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස්ට පසුව සිය පෙනීම මෙන්ම ගන්ධය දැනීම ද අහිමි විය. එමෙන්ම වම් පාදයට බරපතල හානි සිදු වූ බැවින් බොහෝ කාලයක් රෝද පුටුවකට වී සිටීමට ආශ්චර්යාට සිදු විය. එම ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. "මගේම පවුලේ අය අත්හැරීමත් සමඟ, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා. මට තනිකම, කාංසිය, වෙනස් කොට සැලකීම සහ ලැජ්ජාව වැනි සියලු කාරණා දැඩි ලෙස අත්විඳීමට සිදු වුණා. මිල මුදල්, ආරක්ෂාව ඇතුළු හැම දෙයකින්ම මට ගැටලු මතු වුණා." "මේ ප්‍රශ්න එක්ක මට ඉතිරිව තිබුණේ තීරණ දෙකයි, එකක් ජීවිතය ඉදිරියට ගෙනියන්න, අනෙක ජීවිතය නැති කරගන්න. නමුත් මම තීරණය කළා ජීවත් වෙන්න. හැමෝම මාව ඉවතට දැමුවා. නමුත්, මේ ලෝකෙට මම මනුස්සයෙක් විදහට ආවා නම් එහි අගය තේරෙන්නේ මට විතරයි," ඇය පැවසීය. "මට ඉතිරිව තිබුණේ තීරණ දෙකයි, එකක් ජීවිතය ඉදිරියට ගෙනියන්න, අනෙක ජීවිතය නැති කර ගන්න." බාධක මධ්‍යයේ ජීවිතය ගලා යන අතර ආශ්චර්යාට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝස්‌තර නිර්මාණ තරගයක් ගැන දැනගන්නට ලැබිණි. ඒ සඳහා අයදුම් කළ ඇයට දෑස් පෙනෙන අනෙක් තරගකරුවන් හා කරට කර තරග වැදීමට සිදු විය. එහි සිටි දෑස් නොපෙනෙන එකම තරගකරුවා ආශ්චර්යා වූ අතර, ඇයට තරග නීති රීතිවල කිසිදු වෙනසක් සිදු නොවීය. "ඔවුන් මට කිසිදු විශේෂත්වයක් දැක්වූයේ නැහැ. නීති රීති මට වෙනස් වුණෙත් නැහැ. එයයි මෙහි තිබුණ අභියෝගය," ඇය පැවසුවාය. අත් යන්ත්‍රයකින් වියන ලද රෙදි වර්ගයක් සහ පොල්කටු භාවිතයෙන් සිය නිර්මාණය නිම කළ ආශ්චර්යා තරගයේ අවසාන වටයට තේරුණ අතර, 'නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනියට' හිමි සම්මානය දිනා ගත්තාය. මේ වන විට තමන්ගේම මෝස්‌තර නිර්මාණ ආයතනයක් පවත්වාගෙන යන ඇය එම කේෂ්ත්‍රය තුළ තවත් සම්මාන රැසකට හිමිකම් කීය. විවිධ ආයතන සහ පාසල්වල ඇය අන් අය දිරිගැන්වීමේ දේශන පවත්වන්නීය. "මම රෙදි වර්ග තෝරා ගන්නේ ස්පර්ශ කිරීමෙන්. ඇස් පෙනෙන කාලයේ පාටවල මතකයන් අනුව මගේ සිතේ ඇඳෙන මෝස්‌තර නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි මම ගෘහණියක්. ගෙදර සියලු වැඩ කෙරෙන්නේ මගේ අතින්. ඒ දේවල්වලට මගේ සැමියාගෙන් ලොකු සහයක් ලැබෙනවා," ඇය පැවසීය. උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට තේරුණත්, එහි අධ්‍යාපනය නොලැබීමට හේතුව ආශ්චර්යා මෙසේ විස්තර කළාය. "මට පොඩි කාලයේ ඉඳන් සියලු භෞතික සැප සම්පත් ලැබුණා. නමුත් අපේ ගෙදර ආදරය තිබුණේ නැහැ. එකිනෙකා ඒ අයගේ වැඩ ගැන විතරයි හිතුවේ. ඉතින් ආදරය සොයාගෙන යෑම නිසා මම විශ්වවිද්‍යාලයට යන එක නතර වුණා. එය ජීවිතයේ මම ගත්ත අනුවණ තීරණයක්." "මම හිතුවා ඒ කැපකිරීම හොඳ දෙයක් සහ එයට අගයක් ලැබෙයි කියලා. මට දැඩිව අවශ්‍ය වෙලා තිබුණ ආදරය මට ඒ වෙලාවේ ලොකු වුණා. නමුත් මගේ ජීවිතය නැවත නැගිට ගන්න බැරි තරමට වැටුණු වෙලාවේ ඒ ආදරය මාව දාලා යන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ." 'නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනිය' ලෙස සම්මාන ලබමින් "මම එදා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා නම් අද නීතිඥවරියක් නැත්නම් වෘත්තීයවේදිනියක්. නමුත් මම පසු තැවෙන්නේ නැහැ. මම මුහුණ දුන්න දුක් කම්කටොළු වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් විදිහට හිතනවා," යැයි ඇය පැවසුවාය. "කවදාවත් තමන්ගේ සිහින අන් අය වෙනුවෙන් අත් හරින්න එපා. මොකද ඔබ දැඩි ලෙස පීඩාවට පත් වුණ වෙලාවක ඒ අය සිහිනෙන්වත් අත දෙන්න එන්නේ නැහැ," යැයි තම ජීවන අත්දැකීම් ඔස්සේ ඇය උපදෙසක් ලබා දුන්නාය. මවක වන ආශ්චර්යාගේ එදිනෙදා වැඩකටයුතු සියල්ලට සහය දෙන්නේ ඇයගේ ආදරණීය සැමියාය. රාජකාරී ක්‍රියාවක නියැලෙන අතර හමු වූ ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇයට දැඩි ආදරයක්, සෙනෙහසක් දක්වනවා යැයි පවසන විට ඇයගේ මුහුණ සිනහවකින් එළිය විණි. "ජීවිතයේ යම් දේවල් නැති වුණත්, කවදාවත් ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැතුව ජීවිතයට ධෛර්යවන්තව මුහුණ දෙන කෙනෙක් විදිහට ඔහු මාව දැකීම නිසා තමයි අපි අතර බැඳීමක් ඇති වුණේ. " "ඔහු මට දක්වන්නේ අනුකම්පාවක් නෙමෙයි. අපි දෙන්නාගේ ගතිගුණ, කැමති අකමැති දේ සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් අපේ ආදරය ඇතුළේ තිබෙන්නේ එකිනෙකාට ගෞරව කිරීමක් සහ ඇහුන්කන් දීමක්." "මම සාමාන්‍යය නොවී අසාමාන්‍ය වැඩ කළ කෙනෙක්" "සමාජයෙන් අපිට ප්‍රශ්න එල්ල වෙනවා. සමහරු අහනවා මගේ සැමියාගෙන් ඔයා සම්පූර්ණ කෙනෙක් වෙලා මේ වගේ අඩුපාඩු තිබෙන කෙනෙක් සමඟ විවාහ වුණේ ඇයි කියලා. නමුත් මේ සියලු ප්‍රශ්න අපේ බැඳීම හමුවේ නැති වෙලා යනවා," ඇය පැවසුවාය. ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට තේරීම ගැන ද ආශ්චර්යා සිය අදහස් දැක්වූවාය. "මේ ගැන මට දැනෙන්නේ ඉතා නිහතමානී ආඩම්බරයක්. මෙයින් ඉහළට ගියේ මම ඉපදුණ මාව පෝෂණය කරපු මගේ රට. මෙය මගේ ජීවිතයේ තවත් අපූරු සන්ධිස්ථානයක්. මගේ කතාව නොදන්න සමහරු අහනවා ඔයාව කොහොම ද මෙයට තේරුණේ කියලා." "මම 2014 මෝස්‌තර නිර්මාණ තරගය දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ පළමුවන දෘශ්‍යාබාධිත මෝස්‌තර නිර්මාණ ශිල්පිනිය බවට පත් වුණා. ඒ වගේම ලෝකයේ දැනට ජීවත් වන සම්මානයට පාත්‍ර වූ තුන්වෙනි දෘශ්‍යාබාධිත මෝස්‌තර නිර්මාණ ශිල්පියාත් මම." "මම සාමාන්‍යය නොවී අසාමාන්‍ය වැඩ කළ කෙනෙක්," බාධක මැඩගෙන සිය දිවි ගමන ඉදිරියට ගෙන යන අතරම අන් අය සමඟ සිය අත්දැකීම් බෙදා ගනිමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ද ඇය සිදු කරන්නීය. තවත් තොරතුරු:
යාපනයේ චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇත්තේ කප්පම් ගැනීමේ සිද්ධියක් සමථයකට පත් කිරීමට යාමේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
තුවාල ලත් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කොට තිබේ කඩ සාප්පුවකින් කප්පම් ගැනීම සඳහා අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි මුහුණ ආවරණය කර ගත් පුද්ගලයන් හය දෙනකු සහ සාප්පු හිමිකරු අතර ගැටුමක් හට ගෙන ඇති බවත් ඒ අසල රාජකාරියේ යෙදී සිටි නිරායුධ පොලිස් නිලධාරීන් තිදෙනකු එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කොට ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එහිදී කප්පම්කරුවන් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පොලිස් වෙඩි තැබීමකින් මරුමුවට පත් වූ බව පැවසෙන යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයකුගේ නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රහාරය සිදු වී ඇති බව යාපනය පොලිසියේ නිලධාරියෙක් මීට ඉහතදී සංදේශයට පැවසීය.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය 2011 වසරේ දී ලිබියාව ආක්‍රමණය කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තාවක් මගින් ඉතා දරුණු ලෙස විවේචනයට ලක් කරයි.
ලිබියාවට එරෙහිව කටයුතු කිරීමේ දී බුද්ධිමත් සහ පිළිගතහැකි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට අසමත් වීම පිළිබඳවයි ඩේවිඩ් කැමරන්ට චෝදනා කෙරෙන්නේ. විදේශ කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පැවසුවේ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලාස් සර්කොසි බොහෝ දුරට කර්නල් ගඩාෆි ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට තමා තුල වූ පෞද්ගලික දේශපාලනමය කැමැත්ත මත ක්‍රියාකර ඇති බවයි. බෙන්ගාසි හි සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරගැනීම පිණිස මූලික ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගඩාෆි ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම දෙසට ඔහු යොමුවූ බවයි එම කමිටුව පවසන්නේ. ලිබියාවට එරෙහිව කටයුතු කිරීමේ දී බුද්ධිමත් සහ පිළිගතහැකි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට අසමත් වීම පිළිබඳව එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාව සිටි ඩේවිඩ් කැමරන්ටද එම පාර්ලිමේන්තු කමිටුව චෝදනා කරයි. දුර්වල ඔත්තුසේවා තොරතුරු මත පදනම්ව මෙන්ම ලිබියාව තුළ වූ විවිධ සන්නද්ධ කණ්ඩායම් වල ගැටුම්, සංක්‍රමණික ගැටලුව, වර්ධනයවෙමින් පැවති ආයුධ පරිහරණය සහ පැතිරෙමින් පැවති ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් පිළිබඳව නිසි අවබෝධයක් ඔහුට නොතිබූ බවද කමිටුව අවධාරණය කරයි. එහෙත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අරාබි ලීගය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියාව ආක්‍රමණය කිරීම අනුමත කළ බවයි.
"කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා."
මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන ඒ යුවතිය, දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි. මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ. (සංදේශයට සවන්දෙන්න) "හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා," ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්. "මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා." කුරුණෑගලදී තරුණියකට එල්ල වූ හිරිහැරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවාදයකට තුඩු දුන්නේය එදින ඇයට අත්විඳින්නට වූ හිරිහැරය එතැනින් නිමාවූයේ නැත. "කෝච්චියේ ඉඩ නෑ. ඒත් මම සෙනග අස්සෙන් රිංගලා පොඩ්ඩක් එහාට ගිහිල්ල අමාරුවෙන් වෙන තැනක හිටගත්තා. ඊට පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන." කලක් තමන් සමඟ එකට දුම්රියේ ගමන්ගත් මිතුරිය වෙනත් රැකියාවක් සොයාගැනීමෙන් අනතුරුව තමන්ට එල්ල වන හිරිහැර උග්‍ර වූ බව ඈ පැවසුවේ, "හැබැයි කෝච්චියේ යන්න බෑ කියල බස් එකේ ගියා කියල කිසිම වෙනසක් නෑ," යැයි ද පෙන්වා දෙමිනි. මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ එක් තරුණියක පමණක් මුහුණ දෙන හුදෙකලා අත්දැකීමක් නොවේ. ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සංදේශයට පැවසූ පරිදි පොලිසියේදීත්, විශ්ව විද්‍යාලයේදීත්, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික අතවරවලට මුහුණ දෙති. පොලිස් කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර පිළිබඳව බොහෝ පැමිණිලි ලැබෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි මග තොටේදී සහ වැඩපොලේදී සිදුවන හිරිහැර දැන් කෙතරම් සුලභ වීද යත්, එය ලාංකීය සමාජය තුළ 'සාමාන්‍ය දෙයක්' බවට පත් වෙමින් තිබේ. සිය දියණියන්ගේ ආරක්ෂාව පිණිස ළමා වියේ සිට හැකි සෑම පියවරක්ම ගන්නා දෙමාපියන්ට බොහෝ විට සිය දියණියන් සමාජයේ දී මුහුණ දෙන මේ හිරිහැර ගැන අවබෝධයක් නැත. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක හෙළි කළ අත්දැකීමක් මේ. "දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා," ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි. උපේක්ෂා ස්වර්ණමාලි "මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ 'උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා. නැත්නම් බලාගනින් උඹට කරන දේ' කියාගෙන." ඇතැම්විට සිය සමීපතමයින්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමට සිදුවන බවද ඒ ශිෂ්‍යාව සඳහන් කළේ, "යුනි එකේදී දවසක් මගේ යාලුවෙක් මට මූණටම කිවුව මම උඹ ගැන හිතල සෙල්ෆ් ෆන් එකක් ගන්නවා කියල,"යනුවෙනි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල කාන්තාවට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මෑතදී විශේෂ සමීක්ෂණයක් පැවැත්වුන ද ඉන් අනතුරුව ඒ පිළිබඳව ගැනුණු ක්‍රියාමාර්ග කවරක් දැයි මෙතෙක් හෙළි වී නැත. රටක නීති සම්පාදන ක්‍රියාවලිය භාරව සිටින පාර්ලිමේන්තුවේ පවා කාන්තාව මුහුණ දෙන අත්දැකීමේ වෙනසක් නැති බව උපේක්ෂා ස්වර්ණමාලී (පබා) හිටපු මන්ත්‍රීවරිය ද පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියාය. මේ තවත් කාන්තාවක මහමගදී මුහුණ දුන් අත්දැකීමකි. 'මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා' "දවසක් යාලුවෙක් එක්ක පාරේ යනකොට එකපාරටම මිනිහෙක් මගේ පස්ස මිරිකගෙන ගියා. හොඳටම පරක්කු වෙලා වැඩට දුවන කොට මිනිස්සු අනන්තවත් කුණුහරුප කියල අපහාස කරනවා." ගමේ දීත්, නගරයේදීත්, මහමගදීත්, දුම්රියේ හෝ බස් රියෙදීත් දිනපතාම ශ්‍රී ලංකාවේ කාන්තාවෝ විශාල පිරිසක් මෙසේ වචනයෙන් හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙති. "මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා," දුම්රියේදී නිරන්තරයෙන් අතවරවලට ගොදුරුවන තරුණිය පැවසුවේ දැඩි වේදනාබරිතවය. කෙසේ නමුත්, පුරුෂයන්ට ම වරද පටවනු වෙනුවට, අන් බොහෝ සමාජවලට වඩා ලාංකීය සමාජයේ ඇතැම් පුරුෂයන් මෙතරම් ලිංගික අසහනයකින් පෙළෙන්නේ ඇයි දැයි සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය යුතු බව ඇගේ අදහසය. "ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? තමන් දන්නේ නැති අඳුරන්නේ නැති කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්න පිරිමියෙක්ට සිද්ධ වෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?" තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව ද ඇය සඳහන් කළේ කනගාටුව සහ කණස්සල්ල මුසු ස්වරයකිනි. කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වුවද, ශ්‍රී ලංකාවේ ඇතැම් පුරුෂයන් ද කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවස්ථා තිබෙන බව ද ඇය අවසන් වරට සඳහන් කළාය. (බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ:ලොවින් අඩක් ඔබ අමතයි'-100 Women- වැඩසටහන වෙනුවෙන්)
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු නොතකා හරිමින් නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ හොත් එයට එරෙහිව අධිකරණයට යාමට රටවැසියන්ට අවස්ථාව හිමිවන බව නීතිවේදීහු පවසති.
අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි නීතිවේදී එකමුතුව වෙනුවෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නැතත්, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබෙන බවයි. එවැනි "ව්‍යවස්ථා විරෝධී" ක්‍රියාමාර්ගයකින් පත්වන නව අගවිනිසුරුට මුක්තියක් හිමි නොවන බවයි, ජ්‍යෙෂ්ට නීතිවේදියා අවධාරණය කළේ. "ඔහුට මුක්තියක් නෑ. ඔහු එම ධුරය දැරීමට කරන නීති විරෝධී උත්සාහය අභියෝගයට ලක් කළ හැකියි," යනුවෙන් ද ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේය. මේ තත්ත්වය යටතේ අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි. කිසියම් ලෙසකින් නව විනිසුරුවරයකු පත් කළහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද නීතිවේදීහු පවසති. නව අගවිනිසුරුවරයා සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන මෙන් තම සංවිධානය කළ ඉල්ලීමට විනිශ්චයකරුවන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නැතත්, ඉදිරියේදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවද නීතිවේදී එකමුතුව පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා සංගමයේ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය හිමි වූ බව බ්‍රසල්ස් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300-500 ත් අතර ප්‍රමාණයක පාඩුවක් සිදු වූ බව ව්‍යාපාරිකයෝ පවසති ඒ අනුව යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට මේ වනවිට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි වී තිබේ. වෙළෙඳ හා ආර්ථික කටයුතු පිළිබඳ යුරෝපා අමාත්‍ය කමිටුවේ තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත EU Journal නම් යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය. "ඒ ජර්නල් එකේ පළ කරපු මොහොතේ ඉඳල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ අපනයන සඳහා ඒ තීරු බදු සහනය ලැබෙනවා," තානාපති රොඩ්නි පෙරේරා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ GSP+ තීරු බදු සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය. යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි විය එම සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300-500 ත් අතර ප්‍රමාණයක පාඩුවක් සිදු වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් රොහාන් මාසකෝරාළ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ අතර, යළිත් එම සහනය ලැබීමත් සමග යුරෝපයට ඇඟලුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව ඉහල යනු ඇත. ජීඑස්පී ප්ලස් සහනය යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66% ක භාණ්ඩ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ. මේ සමගම රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි. විශේෂයෙන්ම, යන ප්‍රතිඥා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලබන පියවර පිළිබඳව ඉදිරියටත් නිරීක්ෂණය කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් පසුගිය බදාදා (මාර්තු 21) කතානායක කරු ජයසූරිය වෙත භාර දෙනු ලැබීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාජ්‍ය ඇමති ටී.බී ඒකනායක, නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබුණි. දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැති අතර එයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය නොමැතිව එම යෝජනාව ජයග්‍රහණය කිරීම අසීරු කරුණකි. තවත් කියවන්න: එසේ නම් එයට සහාය දීමට ඉඩ තිබෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කවුරුන්ද? "ඒක දැනට කිසිසේත්ම කියන්න බැහැ එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය මතු කළ ඒ පැනයට සිනහ සෙමින් ප්‍රතිචාරය පළ කළේය. "එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් ප්‍රසිද්ධ කළ ගමන්ම අද ඉඳල 4 වෙනිද දක්වා ඒ නම පස්සේ දුවන එක තමයි කරන්නේ." "එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි" කෙසේ වුවත් යෝජනාවට පක්ෂය සිය ඡන්දය භාවිත කරන්නේ දැයි මේ වනතෙක් අවසාන තීරණයකට එළඹ නැති බව සඳහන් කළ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් නොව "පක්ෂයේ සමස්ත ව්‍යුහයම" වෙනස් විය යුතුය යන්න සිය ස්ථාවරය බව අවධාරණය කළේය. එසේ නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තමන් ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම සූදානම්ව සිටින බව ඔහු සඳහන් කළේය. "මහජනයට ඇහුම්කන් දෙන, මහජන ප්‍රශ්න තේරෙන කණ්ඩායමක් මේ ස්ථානවලට පත්විය යුතුමයි." එසේ නම් පක්ෂ නායකත්වයට සුදුස්සා කවුරුන්ද? "මම විශේෂිත පුද්ගලයෙක්ව නම් කරන්නේ නැහැ. ඒ සඳහා අපි කණ්ඩායමක් විදියට එකමුතුව ගතයුතු තීන්දුවක්," අමාත්‍ය රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය. "සිංහල බෞද්ධයෙක් විය යුතුයි. මහජනතාවට ඇහුම්කන් දෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම අනෙකුත් ජාතීන් සමග, ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය රැකගත හැකි විශ්වසනීය පුද්ගලයෙක් විය යුතුයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් විය යුතුයි. එහෙම අය පක්ෂයේ ඉන්නවා." නව කැබිනට් සංශෝධනය: ආණ්ඩුවේ ප්‍රතිචාර කෙසේ වුවත් තමන් ඇතුලු කණ්ඩායමේ උත්සාහය "අවනීතික උදවියට යළිත් බලයට පත්වීම සඳහා අවස්ථාවක් උදා කර දීම" නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. "අපගේ කණ්ඩායම ඇතුළෙම බලය තබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තමයි මේ කටයුත්ත කළ යුතු වෙන්නේ." තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, "විශ්වාසභංගයට කළින් මේ පක්ෂ ප්‍රතිසංවිධානය සිදු කරන්නේ කෙසේද යන්න පක්ෂයේ යාවජීව නායකයාණන් වහන්සේ රටට, පක්ෂයට හෙළි කළ යුතුයි," යනුවෙන් ද කියා සිටියේය. එසේ නොවුවහොත් පසුගියදා අගමැතිවරයාට පක්ෂව ලේඛනයකට අත්සන් තැබූ පිරිසත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමේ හැකියාව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද පසුගියදා පක්ෂ නායකත්වය දැඩි විවේචනයට ලක් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දරන මතය දැනගැනීම පිණිස ඔහු ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. එහෙත් යෝජනාව භාරදීමට ප්‍රථම කළ විමසීමකදී ඔහු කියා සිටියේ යෝජනාවේ අන්තර්ගතය සලකා බලා ඒ පිළිබඳ තීන්දුවකට එළඹෙන බවය. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට අත්සන් නොතැබීම ගැන ද අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එයට සහාය පළ කර තිබෙන නමුත් පක්ෂය ඒ පිළිබඳ තීන්දුවකට එළඹ නැතැයි බීබීසී සිංහල සේවය සමග කියා සිටි පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා, තමන් පුද්ගලිකව එයට විරෝධය පළකරන බව ද සඳහන් කළේය. තවත් ලිපි:
ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කිරීමට 21 හැවිරිදි ක්‍රීඩක මොහිත් අහලවත් (Mohit Ahlawat) සමත්විය.
විස්සයි විස්ස තරගයේදී හයේ පහර 39 ක් එල්ල කළ මොහිත්, අවසාන ඕවරයේදී පමණක් හයේ පහර පහක් එල්ලකිරීමට සමත්විය. නියමිත ඕවර විස්ස අවසානයේදී ඔහු නියෝජනය කළ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 416 ක් රැස්කරගෙන තිබුණි. ප්‍රධාන පෙලේ විස්සයි විස්ස තරගයකදී මෙතෙක් ක්‍රීඩකයකු විසින් රැස්කරගෙන තිබෙන ඉහලම ලකුණු සංඛ්‍යාව ලකුණු 175 කි. 2013 දී IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයේදී එම වාර්තාව තබනු ලැබුවේ ක්‍රිස් ගේල් විසිනි. "මම අයිපීඑල් වෙන්දේසියට මගේ නමත් දැම්ම හැබැයි මේ වාර්තාවෙන් පස්සෙවත් මා ගැන සලකා බලාවිද කියල මම දන්නේ නෑ," සිය පිතිහරඹයෙන් පසුව මොහිත් අහලවත් ABP Live නාලිකාවට පැවසීය. ඉන්දීය ජාතික කණ්ඩායමේ ගෞතම් ගම්බීර් සහ ඉශාන්ත් ශර්මා සමග මොහිත් 2015 දී පළමු පෙළ ක්‍රිකට් තරග පහකට සහභාගි වූ නමුත් එම තරගවල ඉනිම පහකදී ලකුණු 1,4, 0, 0 සහ 0 වශයෙන් රැස්කරමින් අසාර්ථකවීමෙන් පසුව ඔහු පළමුපෙළ තරගවලින් ඉවත්කෙරිණ. එංගලන්තයේ සැඩ්ල්වර්ත් ලීගයට ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාවේ ධනුක පතිරණ 2007 සැප්තැම්බර් මාසයේදී පන්දු 72 කට ලකුණු 277 ක් රැස්කළ අතර, පාසල් ක්‍රීඩා තරගයකදී ලකුණු 1009 ක් රැස්කරමින් ඉන්දීය පාසල් ශිෂ්‍ය ප්‍රනාව් ධනවඩේ 2016 දී ලෝක වාර්තාවක් පිහිටුවිය.
ටියුනීසියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පසුගිය සෙනසුරාදා අනතුරට පත්වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 112ක් පමණ වන බව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසයි.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු බහාලූ පෙට්ටියක් වෙරළින් ඉවතට රැගෙන යන අයුරු ඉරිදා දින වන විට මෙම අනතුරෙන් පනස් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය. ටියුනීසියානු සහ තවත් ජාතිකයන් 68 දෙනෙකු වෙරළ ආරක්ෂක භටයන් විසින් බේරාගනු ලැබ තිබේ. පසුගිය වසරේ සිට සංක්‍රමණිකයෝ ටියුනීසියාව හරහා යුරෝපයට ඇතුළු වීමේ නව මාර්ගයක් භාවිත කරමින් සිටිති. මෙම තත්වය ආරම්භ වූයේ අසල්වැසි ලිබියාවේ සංක්‍රමණිකයන් වහල් සේවයේ යෙදවීම්, වධහිංසා පමුණුවීම්, ඝාතනය කිරීම් සහ මිනිස් ජාවාරමේ යෙදවීමවලට එරෙහි පියවා නිවේදනය කිරීමෙන් අනතුරුවය. මේ තොරතුරුද කියවන්න: බෝට්ටුවේ සිටි මගීන් 180 දෙනාගෙන් සිය දෙනෙක් ටියුනීසියානු ජාතිකයෝ වූහ. බෝට්ටුව ගිලෙමින් තිබෙන විට වෙරළාරක්ෂක භටයන්ගේ අත්අඩංගුවට පත්වනු ඇතැයි බියෙන් එහි නියමුවා බෝට්ටු අතහැර පලා ගිය බව අනතුරෙන් දිවි ගලවාගත් පුද්ගලයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. ධීවර බෝට්ටුවක් වූ එයට සෑම මගියෙක්ම ඩොලර් 700 - 1,170ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇති බව IOM සංවිධානයේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පැවසීය. තවත් තොරතුරු: රැකියා විරහිත ටියුනීසියානුන් හා අනෙකුත් අප්‍රිකානුවන් තාවකාලික බෝට්ටු මගින් ටියුනීසියාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියේ සිසිලි දූපතට සංක්‍රමණය වීමට බොහෝ අවස්ථාවල දී උත්සාහ දරා තිබේ. මේ වන විට 32,000 කට අධික පිරිසක් යුරෝපයට පැමිණ ඇති අතර, ඉන් 660 දෙනෙකු සංක්‍රමණය වීමට උත්සහ දැරීමේ දී විවිධ හේතූන් නිසා මියගොස් ඇති බව IOM සංවිධානය පවසයි.
බදු ඉහළ නංවනවාට වඩා වැඩි හානියක් සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි. 'ඒක ප්‍රධාන හේතුවක්. තමාගේ වියදම් සහ ආදායම් කළමනාකරණය කරන්න බැරි වීම. ඒ සමග අයවැය හිඟය ඉතාමත් සීග්‍ර වශයෙන් වැඩි වුනා' ඔහු සඳහන් කළේය. එසේ ජනතාවට සහන ලබා දීමෙන් අනතුරුව බදු හරහා රජයේ වියදම් සපයා ගත නොහැකි වූ බැවින් පසුගිය වසරේදී ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පෙන්වා දෙන්නේ. 'ගිය අවුරුද්දේ රාජ්‍ය වියදම් සීග්‍ර ලෙස වැඩි කළා. පඩි, විශ්‍රාම පඩි, සමෘද්ධිය වැඩි කළා. නමුත් ඒ සඳහා වියදම් කරන්න බදු මුදල් නැහැ. ඒ නිසා පසුගිය වසරේ මුදල් අච්චු ගැහුවා. ඒ නිසා රුපියල කඩා වැටුණා' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බද්ද 2% කින් වැඩි කිරීමට සිදු වූ බවට වත්මන් ආණ්ඩුව කළ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් තිබෙන බවත් ඔහු කියා සිටියේය. 'අර්ධ සත්‍යයක්' යම් කිසි රටක් විසින් ලබා ගනු ලැබූ ණයක් නැවත ශුද්ධ වශයෙන් ගෙවනු ලැබීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවත් බොහෝ විට සිදු වන්නේ එසේ ගනු ලැබූ වාණිජ ණය නැවත අලුත් කිරීමට උත්සාහ කිරීම බවත් මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පැවසුවේය. ''එසේ කිරීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය තිබෙන්න අවශ්‍යයි. පසුගිය වසරේ සහ මේ වසරේ අපිට තේරුම් ගිය දෙයක් තමයි අපට ණය දුන්න වාණිජ ආයෝජකයෝ බැඳුම්කර විකුණලා රටින් ගියා'' යැයි පැවසූ ඔහු බදු ඉහළ නැංවීමෙන් වැළකී ආණ්ඩුවේ ආදායම ඉහළ නැංවීම සඳහා ණය ලබා ගැනීම ඒ සඳහා විසඳුමක් හෝ කෙටි ක්‍රමයක් නොවන බවයි පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම හෝ ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ රුපියලේ අගය පහළ යෑම සහ රටේ මීළඟ පරපුරත් ණය බරට හසු වීම බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ. ''කෙටිකාලීනව කරන්න පුළුවන් ණය ගන්න එක. එතකොට ඊළඟ පරම්පරාවට ඒක ගෙවන්න ඕනි. ගිය අවුරුද්දේ අපි කරපු කෙටිකාලීන පියවර තමයි සල්ලි අච්චු ගැසීම. එතකොට රුපියල වැටෙනවා. රුපියල වැටුනහම සියයට පහකින් වැට් බදු වදිනවට වඩා විශාල ප්‍රමාණයකින් බදු මිල ඉහළ යනවා. අපේ පඩියේ වටිනාකම නැති වෙනවා.'' යනුවෙන් විස්තර කළ ඉකොනොමි නෙක්ස්ට් මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න 'ඇත්තටම කළ යුත්තේ රාජ්‍ය වියදම සීමා කිරීමයි' යනුවෙනුයි වැඩිදුරටත් කියා සිටියේ.
මැයි දිනය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" අද (මැයි 04) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 42 දෙනෙකු මැයි දිනයෙන් පසු ඉවත් කර ඇති බවය. "ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" යනුවෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. දේශපාලන නායකයන් හෝ ව්‍යාපාර වෙත ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා ආණ්ඩුව සතු බලය උපයෝගී කර ගනිමින් "බලපෑම් කිරීම යුක්තිසහගත නොවන" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රතිචාර පළ කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බව කියා සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ලබා දී ඇති බව සඳහන් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සැණකෙළිය අද බදාදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නගරයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම ක්‍රීඩා උළෙල නිමිත්තෙන් යෝධ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව පෙර සූදානම් කටයුතු පෙරට යමින් පවතින අතර පන්දහසකට ආසන්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ක්‍රීඩා උපදේශකයන් සහ රාජ්‍ය නිලධාරීන් දැනටමත් ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටිති. බ්‍රිතාන්‍යය එලිසබත් රැජිණ අද බදාදා සන්ධ්‍යාවේ ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් කීප දෙනකුත් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. ග්ලාස්ගෝ ක්‍රීඩා සැණකෙළියට සැරසෙමින්. මෙම සමාරම්භක අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය හවුලේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තහවුරු කරනු ලැබ ඇති අතර සභාපතිවරයා ඉන් වැළකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙක් සඳහන් කර කොට තිබෙන්නේ එවැනි සංචාරයක් සැලසුම් කරනු ලැබ නො තිබුණ බවයි. එසේම ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා හෝ 'ග්ලාස්ගෝ' නගරයේදී මුහුණ දීමට සිදු විය හැකි විරෝධතා ව්‍යාපාර ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි සංචාරයකින් වැලකීමට හේතු නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කොට ඇත. 2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පැවැත්වීමට නියමිතව තිබුණ දේශනයක් බ්‍රිතාන්‍ය දෙමල ප්‍රජා උද්ඝෝෂණ හමුවේ අවලංගු කිරීමට සිදු විය.
තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය.
රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට උද්ඝෝෂකයෝ උත්සාහ කළහ බලහත්කාරයෙන් රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට සිය ගණනක් වූ උද්ඝෝෂකයන් උත්සාහ කළ අවස්ථාවේයි, පොලිස් ප්‍රහාරයට ලක් වුනේ. අගමැතිනි යින්ලක් ශිනවත් ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමින්. උද්ඝෝෂකයන් අමතා කතා කළ උද්ඝෝෂණයේ නායක සුතේප් තෞග්සුබන් අවධාරණය කළේ ඔවුන් පොලිසියේ සතුරන් නොවන බවයි. "අපේ එකම සතුරා තක්ෂින් පාලනාධිකාරිය සහ ඔහුගේ පවුලේ අය විතරයි. රූපවාහිනී ආයතන, බය වෙන්න එපා. අපි කාටවත් හානි කරන්නේ නැහැ. අපි ආවේ ඔබ ආරක්ෂා කරන්න," යනුවෙන්ද ඔහු පැවසීය. හිටපු අගමැතිවරිය සහ කැබිනට් ඇමතිවරුන් පිරිස බලය යුතු ලෙසින් යොදා ගැනීමේ චෝදනාවට වැරදිකරුවන් බව ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කළේය.
රාජ්‍ය ආයතන කිහිපයක් විසින් පවත්වන ලද පරීක්ෂණවලින් බරපතල චෝදනා එල්ල වී තිබෙන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා තවදුරටත් රජයේ තනතුරු දැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අනුමත නොකරන බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.
නීතිඥ ශිරාල් ලක්තිලක ඒ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයා වශයෙන් තවමත් මහ බැංකුවට උපදෙස් දෙන බවට දූෂණ විරෝධී පෙරමුණ එල්ල කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය සමග දහස් දක්වමිනි. බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම අගය කරන බව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීම්වලට මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිරිතක් වශයෙන් සහභාගිවන බව ද සඳහන් කරයි. එම රැස්වීමේදී සිරිතක් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි වෙත උපදෙස් ලබා දී ඇති බවද දූෂණ විරෝධී පෙරමුණ පවසයි. දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ඒ පිළිබඳව තමන්ට ද තොරතුරු ලැබී තිබෙන බව පවසන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක, රාජ්‍ය නිලධාරියකුට කිසියම් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු සිය රාජකාරියෙන් තාවකාලිකව ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පෙන්වා දෙයි. "මේ පූර්වාදර්ශය අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටත් අදාළයි. මොකද ඔහු හිටපු රාජ්‍ය සේවකයෙක්," යයි ඔහු පැවසීය. එසේනම් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටින පරිදි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒ බලය පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ අගමැතිවරයා සතුව බවය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතූ විට මේ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් අමාත්‍යවරයා සංදේශයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සිය ඒකායන අපේක්ෂාව වන නමුත් තමා හමුවේ අභියෝග රැසක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පවසයි.
2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැය 2.20.41 කින් තරගය අවසන් කළ අනුරාධ කුරේ 55 වැනි ස්ථානයට පත්විය අනුරාධ කුරේ ඒ බව සඳහන් කළේ ඔලිම්පික් මැරතන් තරඟය ආරම්භ වීමට ප්‍රථම රියෝ නුවර සිට බීබීසී සංදේශය සමඟ සංවාදයක යෙදෙමින්. බ්‍රසීලයේ පවතින අධික උණුසුම හේතුවෙන් දුර ධාවන ලෝක ශූරයන් පවා මෙතෙක් දැක්වූ වේගය විනාඩි කිහිපයකින් අඩු වී ඇති බව සඳහන් කළ ඔහු, බ්‍රසීලයට සමාන කාලගුණයක් යටතේ දිගු කලක් පුහුණුවීමට තමන්ට අවස්තාවක් නොලැබුන බවත් සිහිපත් කළේය. බ්‍රිතාන්‍යයේ වාසය කරන ඔහුට දින කිහිපයක් කෙන්යාවේ පුහුණුවීමට අවස්තාව ලැබුන නමුත් ලොව දැවැන්තම ක්‍රීඩා උළෙල සඳහා එය ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ. තුන් වැනි වරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරිදා මැරතන් තරඟයට තරඟවදින 38 හැවිරිදි අනුරාධ සහභාගි වන අවසාන ඔලිම්පික් උළෙල මෙය බව විශ්වාස කෙරේ. කෙසේ නමුත් දැනට ක්‍රීඩාවෙන් සමුගැනීමේ බලාපොරෝත්තුවක් නැති බව පවසන මැරතන් ක්‍රීඩකයා, ලබන වසරේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක මැරතන් ශූරතාවලියටත් සහභාගි වීම සිය බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් සඳහන් කළේය. 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැය 2.20.41 කින් තරගය අවසන් කළ අනුරාධ කුරේ 55 වැනි ස්ථානයට පත්විය. ඉන් අනතුරුව 33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලිය පැය 2යි විනාඩි 17යි තත්පර 53 කින් නිමා කළ ඔහු 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගත්තේය.
සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.
2015 දී රයන්ගේ දෙමාපියන්ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇත ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ. රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ. ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත. බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි. රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි. 2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි. ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත. වැඩිම ආදායමක් ලබන යූටියුබ් තරු: යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ. "මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි." රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ. මේ තොරතුරුද දැනගන්න: වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි. සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය. රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති. "කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ. ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ. පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ. පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. තවත් තොරතුරු:
පොදු රාජ්‍ය නායක මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි.
සමුළු වර්ජනය 'ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා' කෙසේ නමුත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ට සමුළුව වර්ජනය කිරීමට බල කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බවද ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඒ බව කියා සිටියේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. නායක සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන මෙන් 1980 දීත් ඉල්ලීමක් කෙරුණු බව පවසන විපක්ෂනායකවරයා, ඒ සඳහා විශාල වියදමක් වැය වන බව පවසමින් ජනාධිපති ජේ ආර් ජයවර්ධන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය. වැය වන වියදම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම සලකා බලන විට ශ්‍රී ලංකාවේ සමුළුව පැවැත්වීම 'විශාල ප්‍රශ්ණයක් බවයි ඔහු පවසන්නේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය මූලික ප්‍රතිපත්තිය කොට ගත් සංවිධානයක සභාපති පදවිය හිමි වීමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ කරුණු මුලින්ම ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බලපෑම් කිරීම තම පක්ෂයේ සැලසුම බවද විපක්ෂනායකවරයා සංදේශයට පැවසීය.
මත් ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ලත් තිස් දෙනෙකුට වියට්නාමයේ අධිකරණය මරණ දණ්ඩනය නියම කරයි.
මරණ දණ්ඩනය හිමි වූ මෙම පිරිස අතර කාන්තාවන් නව දෙනෙක් හෙරොයින් ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වියට්නාමය හරහා චීනයට ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වීම නිසා මරණ දණ්ඩනය හිමි වූ මෙම පිරිස අතර කාන්තාවන් නව දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. වියට්නාමය තුළ මත් ද්‍රව්‍ය චෝදනා යටතේ ගොනු කළ විශාලතම නඩු විභාගය මෙය යි. චුදිතයන් විශාල පිරිසක් සිටීමත්, චෝදනාවේ ඇති බරපතල භාවයත් සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය පැවැත්වුණේ බන්ධනාගාරය තුළදීමයි. මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් පිරිසකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය ගායක බොබ් ඩිලන් මේ සතිය අගදී සිය සම්මානය පිළිගැනීමට නියමිත බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කළේය.
අමෙරිකානු ගායකයාට පසුගිය ඔක්තෝබර් මාසයේ එම සම්මානය පිරිනැමුණු නමුත් එය භාරගැනීම පිණිස මෙතෙක් ඔහු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට පැමිණියේ නැත. නොබෙල් සම්මානය සමග පිරිනැමෙන ඩොලර් නම ලක්ෂයක ත්‍යාග මුදල ලබාගැනීම පිණිස ඔහු විශේෂ දේශනයක් ද පැවැත්විය යුතුය. 75 හැවිරිදි බොබ් ඩිලන් ස්ටොක්හෝම් නුවරදී සංගීත ප්‍රසංග දෙකකට සහභාගිවීමට නියමිත අතර, ඒ අතරවාරයේ ඔහු පුද්ගලිකව මුණගැසෙන බව නොබෙල් ඇකඩමිය පවසයි. සිය බ්ලොග් අඩවියක සටහනක් තබන ස්වීඩන ඇකඩමියේ සභාපතිනි මහාචාර්ය සාරා ඩේරියස්: "බොබ් ඩිලන් සහ ස්වීඩන ඇකඩමිය මේ සති අන්තයේ මුණගැසීමට තීරණය කර තිබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු," යනුවෙන් පවසයි. මාධ්‍යවේදීන් හෝ වෙනත් අමුත්තන්ගෙන් තොරව පැවැත්වෙන පෞද්ගලික උත්සවයකදී ඔහුට නොබෙල් සහතිකය සහ පදක්කම පිරිනැමීමට නියමිත් බවත් ඇය පවසන්නීය. ත්‍යාගය පිළිගනිමින් ප්‍රසිද්ධ දේශනයක් පවත්වනු වෙනුවට ඔහු පටිගත කරන ලද දේශනයක් ත්‍යාග කමිටුව වෙත් එහිදී භාරදෙනු ඇතැයි අපේක්ෂිතයි. නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගීත රචකයා ඔහුවන අතර, 1993 දී නොබෙල් සම්මානය හිමි වූ ලේඛක ටෝනි මොරිසන් ගෙන් අනතුරුව එය හිමිවන පළමු ඇමෙරිකානුවා ද ඔහුයි.
අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.
ෂෙයිඛා ලතිෆා කුමරිය ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මසදී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව පැවසේ. ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසති. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැත. නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇත. වාර්තාවලින් කියවෙන්නේ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන යන ලද බවකි. සිකුරාදා (මැයි 4) විකාශනය කෙරුණු බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ විමර්ශනයකදී පැවසුණේ, හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවය. ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්ව තිබේ. "කුමරිය ඉන්නා තැන හෝ ඇයගේ තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වනවා නම් එය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් වීමට ඉඩ තිබෙනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දුණි. "තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි සිය මිතුරන්ට පවසා ඇති ෂෙයිඛා ලතිෆා මාස දෙකකින් පමණ දකින්නටවත් ඇයගෙන් කිසිවක් අසන්නටවත් නැහැ. ඇයගේ ආරක්ෂාව මෙන්ම හොඳින් සිටිනවා ද යන්න ගැන බරපතල කණස්සල්ලක් පැන නැගෙමින් පවතිනවා" ෂෙයිඛා ලතිෆා සිටි සුඛෝපභෝගී යාත්‍රාව එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Detained in Dubai' සංවිධානය පෙන්වා දෙන්නේ මාර්තු 4 වෙනිදා ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්වූ බවය. බීබීසී වෙත ප්‍රකාශයක් කළ ඩුබායි බලධාරීන්, කුමරිය අතුරුදහන් වී ඇතැයි පවසන්නන්ට අපරාධ සම්බන්ධ වාර්තා ඇති බව පැවසූහ.
සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකතනවල ජල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව සැම්සුන් සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම ක්‍රියා කර තිබේ.
නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වලදී ජංගම දුරකතනය භාවිත කළ හැකි බව පෙන්වමින් සැම්සුන් සමාගම 'ව්‍යාජ' තොරතුරු ප්‍රචාරණය සිදු කර ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම චෝදනා එල්ල කරයි. නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය. කෙසේනමුත්, සිය සමාගමේ වෙළෙඳ දැන්වීම්වල නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිට පැමිණිල්ලට වගඋත්තර ලබා දෙන බව සැම්සුන් සමාගම රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි. දැඩි විමසීම් මුහුදු ජලයට නිරාවරණය වීමෙන් සහ නාන තටාකවල භාවිත කිරීමෙන් සැම්සුන් ජංගම දුරකථනවල කල් පැවැත්මට බාධාවක් නොවේ යැයි ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වල ප්‍රචාරණය කෙරෙන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ. තාක්ෂණික උපාංගවල ජාත්‍යන්තර ආරක්ෂණ මිනුම්වලට අනුව සැම්සුන් දුරකතනවල ජලයෙන් සුරක්ෂිත IP68ක් (International Protection Marking) ලෙස සඳහන් කර ඇතත්, එම මිනුමට ලවණ මිශ්‍ර ජලය හෝ නාන තටාකවල ජලය අයත් නොවන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි. ගැලැක්සි S10 (Galaxy S10) යන ජංගම දුරකථනය මුහුදු වෙරළේ හෝ නාන තටාකවල භාවිත කළ නොහැකි බව සැම්සුන් සමාගමේ වෙබ් අඩවියේ ද දක්වා ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය. වෙළෙඳ දැන්වීමේ පෙන්වන මට්ටමට සැම්සුන් සමාගම සිය ජංගම දුරකථනවල කල් පැවැත්ම පරීක්ෂා කර නොමැති බව ද එම කොමිසම පවසයි. "පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින්, ජංගම දුරකථන භාවිත නොකළ යුතු තැන් වල ගැලැක්සි ජංගම දුරකතන පාවිච්චි කෙරෙන අවස්ථා වෙළෙඳ දැන්වීම්වල පෙන්වනවා," ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය. කෙසේවෙතත්, සැම්සුන් සමාගම පාරිභෝගිකයන් නොමග යවා ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනු ඇත. මේ තොරතුරුද කියවන්න:
දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හෙළා දකිමින් ලොව පුරා නායකයෝ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.
පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට බලපායිද? දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණයි. දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට හැකි අයුරින් කටයුතු කරන බවට එහිදී එකඟ විය. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් එකඟ වී සිටියහ. පැරිස් සම්මුතියෙන් ඉවත් වීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ගිවිසුම තුළින් ඇමරිකානු ජනතාවට අවාසිසහගත තත්ත්වයක් ඇති වන බවය. ලොව ප්‍රධාන කාර්මික රටක් වන ඇමරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑමක් එල්ල වේද? සංවර්ධනය වෙමින් පවතින රටවල් පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙනවා-ජනාධිපති ට්‍රම්ප් පැරිස් සම්මුතියට අනුව, දේශගුණික විපර්යාස නිසා ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා ආධාර කළ යුතු රටවල් අතර ඇමරිකාව ද සිටින බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග පවසයි. ශ්‍රී ලංකාවට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට ද මූල්‍යාධාර ලබා දිය යුතු රටක් එම වගකීමෙන් බැහැර වීමත් සමග දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලැබෙන ආධාර මුදල් අඩු විය හැකි බවට ඔහු අනතුරු අඟවයි. "විශේෂයෙන්ම හරිත අරමුදල සඳහා මුදල් ලබා දීමේ වගකීමට බැඳී සිටි රටක්. ඒ නිසා දේශගුණික හරිත අරමුදල සඳහා ඇමරිකා එක්සත් ජනපදය සැපයීමට එකඟ වී තිබූ මුදල් නොලැබීම සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණ විපර්යාස පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන මූල්‍යාධාර අඩු වීමට හේතු වෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. දේශගුණික විපර්යාස සම්මුතියට අනුව එහි අනුවර්තන අරමුදලින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 79 ක ආධාර මුදල් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම සම්මුතිය යටතේ මූල්‍යාධාර ලබා දිය යුතු රටවල් දේශගුණ හරිත අරමුදල සඳහා ද මුදල් ලබා දෙන බව කී ආචාර්ය සිරිනිමල් ජයතුංග ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 38.1 ක මුදලක් ලබා දීමට අනුමත වී ඇති බව පැවසීය. නියං සහ ගංවතුර දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ආන්තික කාලගුණික තත්ත්ව හඳුනා ගෙන ඇති බව කී ඔහු දීර්ඝ කාලයක් පවතින නියං තත්ත්ව සහ අධික වර්ෂාව හමුවේ ඇතිවන ක්ෂණික ගංවතුර තත්ත්ව දැකිය හැකි බවත් පෙන්වා දෙයි. "විශේෂයෙන් ගිය වසරේ මැයි මාසයේත් ලංකාව මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා. ලංකාවේ වියලි කලාපයේ දිගු කාලීන නියං තත්වයක් දැනට ඇති වෙමින් තිබෙනවා. කෙසේ නමුත් දේශගුණික විපර්යාසයක් කියන්නේ අවුරුදු තිහක වගේ කාලයක සාමාන්‍යයක්" යනුවෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
ආචාර්ය දයාන් ජයතිලක හමුදා ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය තැනක් සේ විමර්ශනයකින් තොර ව ස්ථානයක් නිශ්චිතව දැක්වීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ. ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය ස්ථානයක් සේ දැක්වීම සඳහා ‘alleged’ (කළැයි කියන) යන වචනය භාවිතා කළේ නම් පූර්ව නිගමන වලින් තොර ව තුලනාත්මක ව කරුණු දැක්වීමේ අවස්ථාවක් තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි. ඇමරිකාව යුධ අපරාධ පිළිබඳ ව ඉල්ලා සිටින ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණය කිසිසේත් ම ස්වාධීන එකක් වීමට ඉඩ නැති බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ. ‘ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව දැනටමත් ලියලා හමාරයි” යැයි ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරයි. මාර්තු මාසයේ දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමරිකානු ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වෙන යෝජනාව පරාජය වුව හොත් ඉතා භයානක ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුව හොත් එක් අතකින් ශ්‍රී ලංකාවේ ජනතාවට වැඩි බරක් පැටවෙන ආර්ථික තහංචි පැනවීමට ඉඩ තිබෙන අතර, අනෙක් අතින් නීතිමය තහංචි පැනවීම නිසා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල් වලදී තීන්දු ලබා දිය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක වැඩි දුරටත් කියා සිටියි.
බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු බවට කැබිනට් ඇමතිවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කරති.
ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගතවන බව පෙන්වා දෙයි. එවැනි නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදය මග හරවා ගැනීම සහ වංචා දූෂණ හේතුවෙන් රජයට අහිමි වූ මහජන මුදල් නැවත ලබා ගැනීමේ අරමුණින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස තමන් ඇතුළු කැබිනට් ඇමතිවරු දාහත් දෙනෙකුගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරයා කියා සිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ද එවැනි කොමිෂන් සභා පත් කොට ඇති බවත් ඔහු පෙන්වා දුණි. 'තීන්දු ලබා දීමේ බලය' අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම "නඩු ඇසීම සහ ඉක්මන් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ කොමිසමට තීන්දු ලබා දී දඬුවම් කරන්නත් පුළුවන්," කී ඇමතිවරයා එම යෝජනාවට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ සහාය හිමිවනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. පෙර පැවති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත මේවන විට අහෝසි වී ඇති බැවින් එය පූර්වාදර්ශයක් ලෙස ගෙන අලුතින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සහ ආගමික සංවිධානවල නායකයන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සඳුදා සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
පසුගියදා මුස්ලිම් ජනතාව මුහුණ දුන් ප්‍රහාර දෙස අවධානය යොමු කෙරුණ එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමේ එකඟතාවයකින් එය අවසන් කෙරුණ බවයි ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. එම සාකච්ඡාවට සහභාගී වූ සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මුස්ලිම් සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුව සුහද මුහුණුවරක් ගත් බවයි. වසර දහසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ ප්‍රජාව අතර සුහද සම්බන්ධතාවයක් පැවතුන අතර එම සබඳතාවය ඉදිරියටත් සුරකින්නේ කෙසේද යන්න ගැන තම සංවිධාන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවයි මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. අනාගත සහජීවනය “ප්‍රජා කණ්ඩායම් දෙක අතර එකමුතුභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි කාලයෙහි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ගැන අපි අවධානය යොමු කළා. මෙය පෙරට යන ගමනක්. අනිකුත් සියලු ජාතීන් සමඟ ප්‍රශ්නයක් නොවන ආකාරයට මුස්ලිම් ප්‍රජාව සහයෝගයෙන් ජීවත් විය යුතු ආකාරය සහ පැවැත්ම ගැනයි අද සාකච්ඡා කෙරුණේ” මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි. ආරක්ෂක ලේකම්වරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී අලුත්ගම සිදුවීම් ගැනත් අවධානය යොමු කෙරුනේදැයි සංදේශය විමසූ විට මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් කියාසිටියේ ඉහත සඳහන් කළ කරුණුවලට අතිරේකව වැඩිදුර යමක් කීමට තමාට නොහැකි බවයි. “ඉදිරි කාලයෙහි එක රටක් හැටියට, ලාංකිකයන් හැටියට,අපි එකමුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැනයි අපි සාකච්ඡා කළේ” ඔහු යළිත් ප්‍රකාශ කළේ. එසේම මුස්ලිම් ජනතාවට රැකවරණ සලසන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් සහතිකයක් ලද බවත් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි.
විනිසුරුවරුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අනුගමනය කරන ලද ක්‍රියාදාමය 'එලෙසම ක්‍රියාවේ යොදවන බව,' අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කරමින් අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් රජය ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමන හා රැළියට නීතීඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරන්නේ දැයි බීබීසී දමිළ සේවය, තමිලෝසයි හි ජෙයප්‍රකාශ් නල්ලුසාමි කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය වරයා කියා සිටියේ රජය 'ව්‍යවස්ථානුකුලව පියවර ගනු ඇති' බවයි. අධිකරණය විසින් දෙන තීන්දු පිළිගැනීම හෝ නොගැනීම රජය විසින් කරනු ලබන්නේ තමන්ගේ දේශපාලන ලාභය තකා යැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. "ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ," යයි එජාප මන්ත්‍රී රවී කරුණානායක බීබීසී සංදේශයට පැවසීය. විපක්ෂය නැගිට යයි "ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ" එජාප මන්ත්‍රී රවී කරුණානායක අභියාචනාධිකරණය විසින් දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කොට තිබියදී රජය අත්තනෝමතික ලෙසින් එය විවාදයට දින නියම කළ බව පැවසූ කරුණානායක මන්ත්‍රීවරයා ඊට විරෝධය පාමින් සමස්ත විපක්ෂයම සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ආ බව කියා සිටියේය. ආණ්ඩු පාක්ෂික සභිකයන් විසින් ලබාදුන් දෝෂාභියෝග වාර්තාව ජනවාරි දහය, එකොළහ දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනොත් ඊට සහභාගී වන්නේද යන්න පිළිබඳව තම පක්ෂය තවමත් තීන්දු කොට නැති බවත් එජාප මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. බදාදා කතානායක වරයා හමුවී 'මෙය දරදඬු පාලනයක අංග ලක්ෂණයක්' දැයි විමසා තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. මේ අතර දෝෂාභියෝග වාර්තාව විමර්ශනය කොට උපදෙස් දීමට ජනාධිපති වරයා සිව් පුද්ගල කමිටුවක් පත් කොට ඇතැයි රජය නිවේදනය කොට ඇත. පාර්ලිමේන්තු හා අධිකරණ කටයුතු පිලිබඳ ප්‍රවීණයකු, ජ්‍යෙෂ්ට නීතිඥයකු, මුල් පෙලේ බැංකු කරුවකු හා පුරවැසි සමාජයේ පිළිගැනීමට ලක්වූ අයකු ගෙන් සමන්විත කමිටුව අඟහරුවාදා වැඩ ඇල්ලූ බවයි රජයේ නිවේදනයේ සඳහන් වන්නේ. දෝෂාභියෝග වාර්තා විමර්ශනයේ අපක්ෂපාතී භාවය හා ස්වාධීනත්වය රකිනු වස් කමිටු සාමාජික නම් හෙළි නොකැරෙන බව රජය වැඩි දුරටත් ප්‍රකාශ කරයි. අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කිරීම සම්බන්ධ නඩු විභාගය අභියාචනාධිකරණයේ පැවැත්වෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය කොළඹදී පා ගමනක් හා රැළියක් සංවිධානය කොට තිබිණි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ නිවේදනය කළාය.
යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය. ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, එයින් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කළාය. "අකමැත්තෙන් වුවත්" රටේ අවශ්‍යතා උදෙසා එම තීන්දුවට එළැඹීමට සිදු වූ බවත් අගමැතිනිය පැවසීය. කොන්සර්වේටිව්-ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් බදාදා (අප්‍රේල් 18) පැවැත්වීමට නියමිතය. නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් කැඳවීමේ තීරණයට විපක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රසාදය පළ කර තිබේ. 2020 දී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වනතුරු මහ මැතිවරණයක් කැඳවීමේ අදහසක් නොමැති බව අගමැතිනිය මීට පෙර කිහිප වතාවක්ම අවධාරණය කර තිබේ.
ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී සිටින බව පවසන අන්තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් ලොව පුරා මුස්ලිම් ජනතාවට එරෙහිව විරෝධයක් මතු වී තිබෙන බව පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බව පෙන්වා දෙයි.
කොළඹ දී රාමසාන් උපවාසය නිමා කෙරුණු අවස්ථාවක් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාමසාන් උපවාසය අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට වාර්ෂික දිවා භෝජන සංග්‍රහය පැවැත්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි. "මේක මුස්ලිම්වරුන්ට ඉතාම අභියෝගමත් කාලයක්," යනුවෙන් සඳහන් කළ අමාත්‍ය කබීර් හෂීම්, "ලෝකය පුරාම ඉස්ලාම් ධර්මයට එරෙහිව විශාල ප්‍රචාරයක්" ගෙනයමින් පවතින බවත් පැවසීය. බෝ සෙවණේ රාමදාන් "විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළම ඉඳගෙන අන්තවාදී කොටස් මුස්ලිම් ප්‍රජාවට අපකීර්තිය ඇතිකරන කොට, ඉස්ලාම් ධර්මයටම වැරදි අර්ථකථනයක් ඇතිකරමින් ජාත්‍යන්තර වශයෙන් ලොකු කුමන්ත්‍රණයක් අපේ ආගමට විරුද්ධව ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනව ඇත්තටම ඉස්ලාම් ධර්මය කුමක්ද කියන එක ලෝකෙට පෙන්වා දෙන්න." ටීබී ජායා ගේ පුරෝගාමිත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය සිංහල මහා සභාව සහ ද්‍රවිඩ කොංග්‍රසය වැනි සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම පිණිස සටන් වැදුණු ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සිංහල රජවරුන් සමග එක්ව ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදුණු ආකාරයත් පෙන්වා දුන්නේය. "මේ වෙලාවෙ අපේ ආගමට ධර්මයට අභියෝග තියෙන කොට අපි හැමකෙනාටම වගකීමක් තියෙනව ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට මේ රට වෙනුවෙන් අපේ යුතුකම් හරියට ඉෂ්ඨ කරන්න," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. රාමසාන් උපවාසය අවසන් කරන මහර බන්ධනාගාරයේ සිරකරුවෝ රාමදාන් උපවාසය නිමාකිරීම සනිටුහන් කරමින් මහර බන්ධනාගාර රැඳවියන්ට දිවා භෝජනය ලබා දී ආගමික වතාවත් ඉටුකිරීම හැට වසරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය වාර්ෂිකව සිදු කරන පුණ්‍ය කර්මයකි. තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා බන්ධනාගාර නේවාසිකයන් පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී යම් ගැටළුකාරී තත්ත්වයන් පැන නැඟී තිබෙන බව ද පැහැදිළි කළේය. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කොට දීර්ඝ දඩුවම්වලට යටත් සිරකරුවන්ට නෛතිකව සමාව ලබා සමාජ ගතවීමට අවස්ථාව උදාකිරීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් පැවසීය. "විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළම ඉඳගෙන අන්තවාදී කොටස් මුස්ලිම් ප්‍රජාවට අපකීර්තිය ඇතිකරන කොට අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනව ඇත්තටම ඉස්ලාම් ධර්මය කුමක්ද කියන එක ලෝකෙට පෙන්වා දෙන්න"
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉරිදා (පෙබරවාරි 11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා තිබේ. ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති තනතුරට පත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම සාකච්ඡාවට එක්වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ සිදුකරනු ඇතැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සඳහන් කළහ. තවත් කියවන්න: "ජනාධිපතිතුමා ඔබතුමන්ලට කියන්න කිව්වා දැනෙන වෙනසක් කරනවා කියලා," යනුවෙන් අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් හා අගමැතිවරයා අතර හමුවක් ද ඊයේ සවස අරළිය ගහ මැදුරේ පැවැත්විණි. එහිදී අගමැතිවරයා ඉවත්වීම ගැන කිසිවක් සාකච්ඡා නොකෙරුන බව එයට එක් වූ අමාත්‍යවරයෙක් බීබීසියට පැවසීය. පරාජයට හේතු වූ කරුණු අතර ජනාධිපතිවරයා මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ වාග් ප්‍රහාර මූලික හේතුවක් වූ බව එහිදී සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීම ද පරාජයට එක් හේතුවක් බව අවධානයට ලක් වී තිබෙන අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව එහිදී ඉදිරිපත් වී තිබෙන එක් යෝජනාවකි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කරන ඉල්ලීම් අනුව අගමැති ධුරය හෝ එක්සත් ජාතික පක්ෂ ඇමතිකම් වෙනස් කිරීමට යෝජනා කළහොත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි යෝජනා කිරීමට එහිදී තීරණය කෙරුණු බව සාකච්ඡාවට සම්බන්ධ වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර මැතිවරණ ප්‍රතිඵලය සමග එක්සත් ජාතික පක්ෂය තුළ ද නැවත නායකත්වයේ අර්බුදයක් හට ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව එම පිරිසේ මතය වී තිබේ. සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් බීබීසියට තහවුරු කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී කතානායක කරු ජයසූරිය තාවකාලිකව පක්ෂ නායකයා ලෙසින් පත් කළ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබීර් හෂීම් යෝජනා කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. එම පුවත සත්‍යයක් දැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය කියා සිටියේ වෙබ් අඩවියේ එවැනි වාර්තාවක් පළ වී තිබෙන දුටු නමුත් කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීමක් තමන්ට පැවරී තිබෙන බැවින් පක්ෂයේ කටයුතු පිළිබඳ කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවූ බවය. මේ තත්වය යටතේ ඉරිදා (පෙබරවාරි 11) සවස ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා වූයේ කුමක් දැයි තවමත් වාර්තා වී නැත. රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඉරිදා බීබීසියට පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තමන් පැහැදිලි කර දුන් බවය. මෙම ඡන්දයේ ජාතික ආණ්ඩුවේ බලවේගවල ජන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ පාර්ශවයට වඩා වැඩි බව ඔහුගේ තර්කය වී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ජන්ද ලක්ෂ 50කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්විය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදියුද්දීන්ගේ පක්ෂය ලබාගත් ජන්ද සංඛ්‍යාවේ එකතුව එයට වඩා වැඩි බව ඇමතිවරයා පැවසීය. 2015 ජනවාරි 8 බලවේග වන දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද එකතුකළහොත් එම ප්‍රමාණය ජන්ද ලක්ෂ 10කට වැඩි නිසා ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට මෙවර ප්‍රතිඵලය බාධාවක් නොවන බව ඔහුගේ විග්‍රහය වී තිබේ. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තීරණාත්මක තීන්දුවලට එළඹීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණවලට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන්නේ නම් ඔවුන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 105ක් සිටින අතර අවශ්‍ය අවස්ථාවල දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මතය වී තිබේ. සබැඳි යොමු:
ලොව පුරා රෝමානු කතෝලික බැතිමත්හු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පදවියට තෝරා පත්කර ගනු ලැබීමේ පළමු සංවත්සරය අනුස්මරණය කරමින් සිටිති.
මෑත භාගයේ ජනප්‍රියතම පාප් වහන්සේ. ආර්ජන්ටිනා ජාතික බෙර්ගොග්ලිඕ කාදිනල්වරයා ලොව පුරා කතෝලික කාදිනල් හිමි වරුන්ගේ ඡන්දයෙන් මෙයින් වසරකට පෙර පාප් පදවිය සඳහා තෝරා පත් කර ගනු ලැබුණ අතර අනතුරුව උන්වහන්සේ ලොව හමුවේ පෙනී සිටියේ ෆ්‍රැන්සිස් යන නිල නාමයෙන්. ලතින් ඇමෙරිකානු රටකින් පාප් පදවියට පත් පළමු ආගමික නායකයා වන්නේ උන්වහන්සේයි. ටයිම් සඟරාව තෝරා ගත් වසරේ ජනප්‍රියම චරිතය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වරය උන්වහන්සේගේ පූර්වප්‍රාප්තික බෙනඩික් පාප් තුමන් සමඟ සසඳා බලන විට සැලකිය යුතු වෙනසක් ප්‍රදර්ශනය කරනු ලබන්නේය යන්න බොහෝ කිතුනුවන්ගේ තේරුම් ගැනීමයි. වසරේ ජනප්‍රියම චරිතය පදවියට පත් වීමේ පළමු සංවත්සරය නිමිත්තෙන් ‘ට්විටර්’පණිවුඩයක් මගින් එක්කෝටි විසි ලක්ෂයක් තම අනුගාමිකයන් අමතන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් යාඥා කරන මෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. මෑත භාගයේ පත් වූ අන් කිසිදු පාප් වරයකුට වඩා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනප්‍රියතාව අතින් ඉතා ඉහල මට්ටමක පසු වෙන බවයි, ඉතාලි මහජන මත විමසුමකින් පෙන්නුම් කෙරෙන්නේ. එහෙත් වතිකානයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ දරු උපත් පාලනය සහ පූජක බ්‍රහ්මචර්යාව පාලනය වැනි කරුණු අතින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ වසරක නිල කාලය තුලත් විකල්ප විසඳුමක් ඉදිරිපත් නොකෙරුණ අතර එය හරයාත්මක වෙනසකට වඩා ශෛලියෙහි වෙනසක් ප්‍රදර්ශනය කෙරුණ කාල පරිච්ඡේදයක් වන බවයි.
ඉස්ලාමාබාද් අගනුවර තුළ වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්තාන අධිකරණයක් තහනම් කළේය.
වැලන්ටයින් දිනය සැමරීමට එරෙහිව කරච්චි නුවර පැවති උද්ඝෝෂණයක් අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කළේ, වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඉස්ලාමාබාද් මහාධිකරණය ලබා දුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මකවන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක. වැලන්ටයින් දිනය වෙනුවෙන් ලාහෝර් නුවර අලෙවියට තබා ඇති මල් වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබා දී තිබේ. පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.
තනතුරෙන් පහ කළ තායිලන්ත අගමැතිනි යින්ලක් ෂිනවත් හට රටින් පිටව යාමට අවසර දී තිබේ.
මීට මාස දෙකකට පෙරදී දියත් කළ යුද හමුදා කුමන්ත්‍රණයට පෙර ඇය තනතුරෙන් ඉවත් කරන ලදී. තම නියෝගයන් උල්ලංඝනය කොට නැති නිසා යින්ලක් ෂිනවටත් හිටපු අගමැතිනියට පිට රට යාමට අවසර දුන් බවයි තායිලන්ත හමුදා පාලකයන් පැවසුවේ. තම සොහොයුරු තක්සින් ෂිනවටත්ගේ උපන්දින සාදයට සහභාගිවීමට ඇය පැරිස් නුවරට යාමට සූදානම් වන බවටයි පැවසෙන්නේ. තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වූ තක්සින් ෂිනවත් දැන් විදේශ ගතව ජීවත් වෙයි. යුද හමුදාව රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්,සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. තනතුරෙන් පහ කළ යින්ලක් ෂිනවත් ද ටික දිනක් අත්අඩංගුවේ පසු විය.
"ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැගී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93% ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි."
2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ක්‍රීඩිකාව ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයන් අදහස් දැක්වූයේ එලෙසිනි. තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් වී තිබුණි. "සෙන්ටිමීටර 208ක් උසැති ශ්‍රී ලාංකේය 'ෂූටර්' ලෝක කුසලානය සහ හොංකොං අතර බාධකයක් ලෙස නැගී සිටියා," යැයි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීම ගැන සවුත් චයිනා මොර්නින්ග් පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර තිබිණි. තරගාවලිය පුරා තර්ජිනී ශිවලිංගම් දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් විය තර්ජිනී ශිවලිංගම් ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකේ. උසට අමතරව සාර්ථකව ගෝල විදීමට ඇති හැකියාව ඇයගේ සාර්ථකත්වයට හේතුවී තිබේ. මෙවර තරගාවලියේ දී ඇය ගෝල විදීමේදී 93%ක සාර්ථකත්වයක් පෙන්නුම්කර තිබිණි. චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම් සහගතව ක්‍රීඩාකරනු දක්නට ලැබුණු අතර තර්ජිනී වෙත පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේ ද ඇගයීමට ලක්විය. ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට නොහැකි විය. සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය කෙසේ නමුත් ඉරිදා (සැප්තැම්බර් 9) පැවැත්වූ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් එම ශූරතාව දිනාගත්තේ සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කරමිනි. 2012, 2014, 2016 වසර වලදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියන්හිදී ශ්‍රී ලංකාවට හිමිවුයේ අනුශූරතාවය. විශේෂයෙන්ම 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දරුවෙ තර්ජිනී ශිවලිංගම් විසිනි. කෙසේවෙතත්, ඉන්පසු කාලපරිච්ඡේදය තුළ දැල් පන්දු පරිපාලනයේ ගැටලු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විවිධ බෙදීම්ද දක්නට ලැබිණි. 1983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමග හටගත් මතභේදයක් හේතුවෙන් තර්ජිනී ශිවලිංගම් ද 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්වී සිටි අතර මෑතකදී ඇය නැවත කණ්ඩායමට එක් වූවාය. 2017 වසරේ ඇයට වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර 'වෙස්ට් ෆෝල්කන්ස්'කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණ අතර, ඇය නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූයේ එහිදී ලැබු අත්දැකීම් සමගය. 1983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය 2009 වසරේ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකාවකි. "ශ්‍රී ලංකාවේ තිබුණු තරගාවලියේදී මගේ නායකත්වය යටතේ දිනා ගන්න බැරිවූ ශූරතාව, මේ අයගේ රටටම ඇවිල්ල ගන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා," යැයි අවසන් තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තර්ජිනී ශිවලිංගම් පැවසීය. තර්ජනී මෙන්ම කණ්ඩායම් නායිකා චතුරංගි ජයසූරිය ඇතුළු ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණය ගැන අදහස් පළ කරන අතරතුර සිය පුහුණුකාරිය වන තිලකා ජිනදාස ගැන විශේෂයෙන් සඳහන් කළහ. 2009 ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද තිලකා ජිනදාසය. ඉන්පසු ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ ඇතිවූ ගැටලු හේතුවෙන් විදේශගත වූ ඇය, බෘනායිහි දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස වසර හතක් සේවය කළාය. ඇය බෘනායි දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කළ වසර හත තුළ එම කණ්ඩායමේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි විය. 2017 වසර අවසානයේ දී විරෝධතා මධ්‍යයේ ඇය නැවත ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිය ලෙස සේවය ආරම්භ කළාය. ක්‍රීඩා අමාත්‍යංශයට ඇයගේ පත්වීම ගැන පැමිණිලි ද ලැබී තිබුණි. කෙසේනමුත්, 2017 දෙසැම්බර් මස අවසානයේ දී එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ මැදිහත්වීමෙන් තිලකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ස්ථිර කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය තිලකා ජිනදාස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තිලකා ජිනදාස ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට යළි පැමිණියේ බෘනායිහි ඇයට ලැබුණු විශාල වැටුප පවා කැපකිරීමෙන් බවය. "සමහර අය හිතනවා, අව්වේ හිටියම, බොහෝ කණ්ඩායම් පුහුණු කළාම ඒ අය පුහුණුකරුවෝ කියලා. ඒක නෙවෙයි වෙන්න ඕනේ දැනුම යාවත්කාලින කරගන්න ඕන සහ හරියට තේරුම් ගන්න ඕන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියලා. මම ස්තුතිවන්ත වෙනවා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට ඒ ගත්ත තීරණයට," ජයග්‍රහණයෙන් පසු තිලකා ජිනදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. තිලකා ජිනදාස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස පත්වීමෙන් පසු එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටි තර්ජිනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවෝ නැවත කණ්ඩායමට සම්බන්ධ වූහ. මෙම ජයග්‍රහණයත් සමග 2019 වසරේ ජුලි මස එක්සත් රාජධානියේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 16ට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ආසියානු දැල්පන්දු ශූරතා දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අඟහරුවාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා ඇන්ජලෝ මැතිව්ස් බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟයේදී වඩා හොඳ තණතිල්ලක් ලැබෙනු ඇතැයි ජයසූරිය බලාපොරොත්තු පළ කරයි නායකත්වයක් භාරගත් විට ටික කලක් යනතුරු ඕනෑම ක්‍රීඩකයකුට එහි පීඩනය දැනෙන බව පවසන ඔහු, මැතිව්ස් ඉතා ඉක්මනින්ම එම පීඩනය දරා ගැනීමට පුරුදු වනු ඇතැයි විශ්වාසය පළ කළේය. "මට වුනත් ඔය ප්‍රශ්නේ මාස 5-6 ක් යනකම් තිබුනා. මේක උඩට යන්න, යන්න මම හිතනවා ඒක හරි හුදෙකලා තැනක්. මම හිතන්නේ එයාටත් ඒක තියෙනව ඇති. ඒත් ඕක ටික දවසක් යනකොට එයාගෙන් යනවා," ඔහු පැවසීය. තේරීම් කමිටුව සභාපති සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. 'දේශපාලන බලපෑම්' ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසාන පූර්ව තරඟයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු තරඟයේදී ට වඩා හොඳ තණතිල්ලක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. විශේෂයෙන්ම දැනට දස්කම් අතර නොසිටින තිසර පෙරේරා යලිත් වරක් ඉන්දියාවට එරෙහි තරඟය පිණිස තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ, කණ්ඩායම පිලිබඳ අවසාන තීන්දුව ගනු ලබන්නේ කාඩිෆ් නුවරට ගොස් පුහුණුවීම්වල යෙදීමෙන් අනතුරුව බවයි. කෙසේ නමුත් තුන් ඉරියවුවෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටීම කණ්ඩායමට ආශීර්වාදයක් බව තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි. පිතිකරුවන් හත් දෙනකු සහ පන්දු යවන්නන් සිවු දෙනකු සාමාන්‍යයෙන් කණ්ඩායමේ සංයුතිය විය යුතු බව තම මතය බවද ඔහු සඳහන් කළේය. සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ කැලුම් ලොරෙන්සු යොමු කොට තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් සනත් ජයසූරිය කියා සිටියේ, තමා පදවිය භාරගත් දින සිට ගතව ගිය මාස පහක පමණ කාලය තුල තේරීම් කමිටුවට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවයි.
මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා අවුන් සාන් සුචී සමග පැවති හමුවෙන් පසු කලයක් තිස්සේ මියන්මාරයට එරෙහිව පැවති ඇමරිකානු සම්බාධක ජනාධිපති බරක් ඔබාමා විසින් ඉවත්කරනු ලැබ තිබේ.
සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඔබාමා සහ අවුන් සාන් සුචී අතර හමුව පැවැත්වුණි දෙදෙනා අතර පැවති හමුවෙන් සති කිහිපයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා විසින් විධායක නිවේදනයක් නිකුත් කරමින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අඩු සංවර්ධිත රටක් ලෙස මියන්මාරයට වෙළඳ වාසි ලබාගැනීමට තිබූ හැකියාව 1989 දී නවතා දමනු ලැබුවේ එරට රජය විසින් සිදුකරන ලදැයි කියැවුණු මානව හිමිකම් කඩකිරීම් හේතුවෙනි. එහෙත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් ඇඟවෙන්නේ එරට තවදුරටත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. මියන්මාරයේ හමුදා පාලනය පැවති සමයේදීය සම්බාධක පනවා තිබුණේ මේ අනුව අසාදු ලේඛන ගතවූ සමාගම් 100 ක් සහ පෙර පැවති හමුදා පාලනය සමග පෞද්ගලික සම්බන්ධතා පැවති පුද්ගලයන් බොහොමයකට එරෙහිව පැවති වෙළඳ සීමා ඉවත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව පවතින සම්බාධක ඉවත් නොකෙරෙනු ඇත. 1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරය පාලනය කළේ බලය අල්ලාගත් හමුදා පාලනයක් විසින්. එවකට විරුද්ධ පක්ෂ නායිකාව වූ අවුන් සාන් සුචී වසර 15 ක් සිරගත කොට තැබුණු අතර 2015 පැවති මැතිවරණයෙන් ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය ජයග්‍රහණය ලැබීය