text
stringlengths
0
1k
න් ඩයොක්සයිඩ් සුළු වශයෙන්බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවි‍යේ චුම්බක ක්ෂේත්‍රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය
උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්‍රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ. බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය. 1. කබල—100–300 km ඝන 2. පිට කබාය—600 km ඝන 3. මැද—1,800 km අර්ධවිෂ්කම්භයඋදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.බුධ ග්‍රහයාට උප ග්‍රහයන් නැත.මතුපිට ගිනි කඳු පිපිරීමෙන් නිර්මාණය වූ ආවාට (craters)වලින් යුක්තය.වායු ගෝලයක් නොමැති බැවින් ග්‍රහක සහ උල්කාපාත කඩා වැටීමේ අවදානම වැඩිය.බුධ ග්‍රහයා අභ්‍යන්තර ග්‍රහලෝකයක් ලෙස හැදින්⁣වේ.අභ්‍යන්තර ව්‍යුහය[සංස්කරණය]පෘථිවිය වැනි පාෂාණමය දේහයක් සහිත බුධ ග්‍රහයා
භෞමික ග්‍රහයින් හතරෙන් එකකි. කුඩාම භෞමික ග්‍රහයා මෙය වන අතර එහි සමකය හරහා විෂ්කම්භය 4879 km වේ. බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ස්වභාවික චන්ද්‍රිකා වන ගැනීමීඩ් සහ ටයිටන් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. බුධ ග්‍රහයා 70% ක් ලෝහ වලින් සහ 30% ක් සිලිකාමය ද්‍රව්‍ය වලින් සමන්විත ‍වේ. මෙම ග්‍රහයාගේ ඝනත්වය (5.43 g/cm3), සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගෙන් දෙවැනියට වැඩිම ඝනත්වය වේ. එය පෘථිවියේ ඝනත්වයට වඩා අඩු වන්නේ ස්වල්ප වශයෙනි. ගුරුත්වාකර්ෂණ සංකෝචන බලපෑම ඉවත් කළහොත් බුධ ග්‍රහයා සෑදි ඇති ද්‍රව්‍ය තවත් ඝනත්වයෙන් වැඩි වන අතර සංකෝචනය නොවු ඝනත්වය 5.3g/cm3 වන අතර එවිට පෘථිවියේ ඝනත්වය 4.4g/cm3 වේ.1.ක‍බොල්ල 100 – 200 km ඝනකමින් යුක්තය2.ප්‍රාවරණය 600 km ඝනකමින් යුක්තය3.හරය 1800 km අරයක් සහිතයබුධ ග්‍රහයාගේ ඝනත්වය මඟින් එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ නිගමන ලබා ගත හැකිය. පෘථිවියේ වැඩි ඝනත්වයට හේතුව ගුරුත්වාකර්ෂණ සංකෝචනය වන අතර බුධ ග්‍රහයා ඊට වඩා ඉතා කුඩා වන අතර ඇතුලු ප්‍ර‍දේශ එතරම් තදින් සංකෝචනය වී නැත. ‍එබැවින් එයට මෙතරම් ඉහළ ඝනත්වයක් හිමිවන්නට නම් එහි හරය විශාලවීම සහ යකඩ වලින් පිරී තිබිය යුතුය. භූ වි
ද්‍යාඥයින් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට බුධ ග්‍රහයාගේ හරය එහි පරිමාවෙන් 42% ක් වන අතර පෘථිවිය සදහා මෙම ප්‍රතිශතය 17% කි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වන්නේ බුධ ග්‍රහයා සතුව ද්‍රව වූ හරයක් ඇති බවයි.හරය වටා කි.මී. 600 ක ප්‍රාවරණය ඇති අතර ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග විශාල දේහයක් ගැටීමෙන් එහි මුල් මැන්ටල ද්‍රව්‍ය බොහොමයක් ඉන් ඉවත් වී විශාල හරයට සාපේක්ෂව තුනී ප්‍රාවරණයක් ඉතිරි වන්නට ඇතැයි විශ්වාස කෙරේ. බුධ ග්‍රහයාගේ ක‍‍‍බොල්ල කි.මී. 100-200 දක්වා ඝනකමකින් යුක්තය. බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කිලෝමීටර ගණනාවක් දුරට විහිදෙන හෙල්වැටි දක්නට ලැබීමය. බුධ ග්‍රහයාගේ කබොල්ල ඝන තත්වයේ පවතින අවස්ථා‍වේදී එහි හරය සහ ප්‍රාවරණය සීතලවී සංකෝචනය වීම නිසා මෙම හෙල්වැටි සෑදෙන්නට ඇති බව විශ්වාස කෙරේ. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ප්‍රධාන ග්‍රහයන් සැමට වඩා වැඩි යකඩ සංයුතියක් බුධ ග්‍රහයා සතුය. මෙය පැහැදිලි කිරීමට මත බොහොමයක් ඉදීරිපත් වී ඇත. බොහෝ දෙනා විසින් පිලිගත් මතය වන්නේ මුල් කාලයේ දී බුධ ග්‍රහයාගේ ලෝහ - සිලිකා අනුපාතය සාමාන්‍ය කොන්ඩ්‍රයිට් ධූම කේතු වලට සමාන වන්නට ඇති බවය. මෙම
අනුපාතය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සාමාන්‍ය පාෂාණ ද්‍රව්‍ය වල ලක්ෂණයක් බවට විශ්වාස කෙ‍රේ. කෙසේ නමුදු සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග ඇති වූ ගට්ටනයකින් එහි මුල් ප්‍රාවරණය සහ කබොල්ලෙන් වැඩි ප්‍රමාණයක් ගැලවී ගොස් හරය වැඩි වශයෙන් ඉතිරිවන්නට ඇත. පෘථිවි චන්ද්‍රයා සෑදුනු අයුරු පැහැදිලි කිරීමටත් මෙවැනිම ක්‍රියාවලියක් යෝජනා වී ඇත.පෘථිවි ප්‍රමාණය සමග සැසඳිම (වම සිට දකුණට): බුද, සිකුරු, පෘථිවිය, සහ අඟහරුපෘෂ්ඨයේ භූ විද්‍යාව[සංස්කරණය]Messenger මඟින් සම්ප්‍රේෂණය කරනු ලැබු බුධ ග්‍රහයාගේ ප්‍රථම අධි විභේදන දර්ශනයබුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකව නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබඳ අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මත තීරණය ‍වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරුම් ගෙන ඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger අභ්‍යවකාශ යානයෙන් ලැබෙන දත්ත මඟින් මේ පිළිබඳව දැනුම වැඩි දියුණු වනු ඇත. උදාහරණ ලෙස මකුලුවෙක් (Spi
der) ලෙස හඳුන්වන විහිදී යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. වසර බිලියන 4.6 කට පෙර බුධ ග්‍රහයාගේ බිහිවීමෙන් ඉතා කෙටි කලක් තුල වල්ගාතරු හා ග්‍රහකවලින් බරපතල ප්‍රහාර එයට එල්ල වී තිබේ. ඉන්පසුව ද වරින් වර බරපතල ප්‍රහාරවලට එය ලක් වී තිබේ.එම කාලයේදී ඉතා දරුණු ලෙස ග්‍රහ පෘෂ්ඨය මත ආවාට සෑදී ඇති අතර එය වෙත පැමිණෙන වස්තූන්ගේ වේගය අඩු කිරීමට හැකි වායුගෝලයක් බුධ ග්‍රහයා සතු නොවීම නිසා එහි මුළු පෘෂ්ඨයෙහිම පාහේ ආවාට සෑදී ඇත. මේ කාලයේ දී එහි ගිනි කඳු ක්‍රියාකාරී වූ අතර '‍ක‍රෝලිස් බේසම' වැනි ආවාට සම්පූර්ණයෙන් ම ‍ලෝ දිය (මැග්මා) වලින් පිරී ගොස් සද තලා බිම් බවට පත් වී ඇත.වායුගෝලය[සංස්කරණය]දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු වායු ගෝලයක් රදවා ගැනීමට බුධ ග්‍රහයාගේ ගුරුත්වය ප්‍රමාණවත් නොවෙයි. හයිඩ්‍රජඩන්, හීලියම්, ඔක්සිජන්, සෝඩියම්, කැල්සියම් හා පොටෑසියම් අඩංගු විරල වායුගෝලයක් බුධ සතුය. එහි වායු ගෝලය අස්ථායීය. පරමාණු අඛණ්ඩව ක්ෂය වන අතර විවිධාකාර ප්‍රභව මගින් යලි පිරවේ. හයිඩ්‍රජන් හා හීලියම් පරමාණු ඇතැම් විට පැමිණෙන්නේ අභ්‍යවකාශයට ඇදී යාමට පෙර සුර්යය සුළං බුධගේ චුම්භක ගෝලය තු
ළට විසරණය වීමෙනි. හීලියම්, සෝඩියම් හා පොටෑසියම් සදහා තවත් ප්‍රභවයක් වන්නේ බුධගේ කබෝල්ල තුළ ඇති මූලද්‍රව්‍යයන්ගේ විකිරණශීලි ක්ෂය වීමයි. බුධ මතුපිට උල්කාශ්ම ගැටීම නිසා පැමිණි ජල වාෂ්පද ඇතැම් විට දැක ගත හැක.චුම්භක ක්ෂේත්‍රය හා චුම්භක ගෝලය දින 59 ක සෙමින් සිදු වන භ්‍රමණයක් පවතී. බුධට සැලකිය යුතු දළ වශයෙන් ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් ඇත. මැරීනර් 10 මගින් ලබාගත් මිනුම් අනුව එය පෘථිවිය මෙන් 1.1% වාරයක් ප්‍රබල වේ. බුධගේ චුම්භක ක්ෂේත්‍රය ද්වීද්‍රවීය වන අතර ග්‍රහලෝකයේ භ්‍රමණ අක්ෂය සමග ඒක රේඛීය වේ. මෙම ක්ෂේත්‍රයද පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මෙන්ම උත්පාදනය වී ඇති බව පෙනේ. ද්‍රව හර අමුද්‍රව්‍යයන් හෝ අඩ වශයෙන් ඝන හරයක් වටකරගත් ජනකයකින් එය උත්පාදනය වී ඇත. එහි ද්‍රව්‍ය පවත්වා ගැනීමට සැකසී ඇති යාන්ත්‍රණයක් නම් ඉහළ කාක්ෂික විකේන්ද්‍රතාවක් පවතින කාලවලදී ප්‍රබල උදම් ආචරණයන් ඇතිවීමය.බුධගේ චුම්භක ක්ෂේත්‍රය ග්‍රහලෝකය වටා පවතින සුර්යය සුළං පරාවර්තනයට ප්‍රමාණවත්ය. එමගින් චුම්භක ගෝලය ඇති වේ. එයද චුම්භක ගෝලය තුළදී සුර්යය සුළං ප්ලස්මාවන් රදවා ගැනීමට සමත් වන අතර එය ග්‍රහලෝකයේ කාලගුණ වෙනස්වීම්වලට දායකවේ.නිරීක්ෂණය කිරි
ම[සංස්කරණය]MESSENGER යානයෙන් ලබා ගත් බුධ ග්‍රහයාගේ ඡායාරූපයකිබුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තියට මුවා වීමෙන් එය නිරීක්ෂණය කිරීමට අපහසු වේ. එය නිරික්ෂණය කල හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස් කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය කිසිලෙසකින්වත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වළක්වන ආරක්ෂක උපක්‍රමයක් ඇති බැවිනි. චන්ද්‍රයා මෙන් බුධ ග්‍රහයාද පෘථිවියේ සිට බලන කල විවිධ අවධි පෙන්නුම් කරයි. අධර හමුවීමේ දී එය අලුත් වන අතර උත්තර හමුවීමේ දී එය සම්පූර්ණ වේ. මෙම අවස්ථා දෙකේදීම එය නොපෙනී යයි. බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම දින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. බුධ ග්‍රහයා පෘථිවියට ආසන්නවම පැමිණෙන විට පෘථිවිය හා එය අතර දුර 82 Gm වේ. පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලයට වඩා හොඳින් උත්තර අර්ධගෝලයේ සිට බුධ ග්‍රහයා දැකගත හැකිය. වෙනත් ග්‍රහලෝක බොහොමයක් මෙන්ම බුධ ග්‍රහයාද පූර්ණ සූර්ය ග්‍රහණයක දී දැක ග
ැනීමට පුළුවනි. බුධ ග්‍රහයා පෘථිවියේ සිට බලන කල වැඩි ම දීප්තියකින් දිස්වන්නේ එහි හතරෙන් පංගුවක අවධියේ සිට සම්පූර්ණ වන අවධිය අතරතුරේ දීය. මේ අවධියේ දී පෘථිවියේ සිට බුධ ග්‍රහයාට ඇති දුර වැඩි නමුත් ග්‍රහ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් ආලෝකමත් වන බැවින් මේ අවධියේ දී වැඩිම දීප්තියකින් දිස් වේ. නමුත් සිකුරු ග්‍රහයා සැලකු විට නම් වැඩිම දීප්තියක් දක්නට ලැබෙන්නේ පෘථිවියේ සිට අවම දුරකින් පිහිටන අඩ සඳ හැඩැති අවධියේ දීය.කාක්ෂික හා භ්‍රමණය[සංස්කරණය]ග්‍රහලෝක අතර වඩාත් විකේන්ද්‍රික වන්නේ බුධගේ කාක්ෂිකයයි. සුර්යයාගේ සිට දුර කිලෝමීටර් මිලියන 46 සිට 70 දක්වා විචලනය වන එහි විකේන්ද්‍රිකතාව 0.21 කි. කාක්ෂිකය සම්පුර්ණ කිරීමට දින 88 ක් ගත වේ. ජ්‍යාමිතික වාන්තාකාර කාක්ෂිකය එකම උප ප්‍රධාන අක්ෂ දරයි. උප හේලිකය ආසන්නයේදී ග්‍රහලෝකයේ ඉහළ ප්‍රවේගය සෑම දින 5 ක කාලපරාසයකටම එය ආවරණය කරන විශාල දුරින් පැහැදිලි වේ. ගෝල වල ප්‍රමාණයන් ඒවායේ හිරුගේ සිට ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වේ. සුර්යය කේන්ද්‍රික විචලනය වන දුර ප්‍රමාණයන් නිරූපණයට එය යොදා ගනී. භ්‍රමණ කාක්ෂික අනුනාදය 3:2 වන ග්‍රහලෝකයේ අක්ෂය වටා භ්‍රමණය සුර්යයා ගේ සිට විචල
නය වන දුර සමග සංයෝජනය වී ඇති අතර මතුපිට උෂ්ණත්වයේ සංකිර්ණ විචලතාවයන් ඇති කරයි. බුධගේ කාක්ෂිකය පෘතුවි කාක්ෂික තලයට අංශක 7 ක් ආනත වන අතර එය රූපයේ වම්පස දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුර්යයාගේ මුහුණත හරහා බුධගේ සම්ප්‍රේෂණයන් ඇති වන්නෙ‍් ග්‍රහලෝකය සුර්යයා හා පෘතුවිය අතර පවතින එහි තලය හරහා යන විට පමණි. මෙය දළ වශයෙන් අවුරුදු 7 කට වරක් ඇති වෙයි. බුධගේ අක්ෂයේ ආනතිය 0.01 අංශක පමණක් වේ. මෙය බ්‍රහස්පතිට වඩා 300 වාරයක් කුඩා වේ. එය දෙවන කුඩාතම අක්ෂයේ ආනතිය දරණ ග්‍රහලෝකය වන අතර ආනතිය අංශක 3.1 කි. මෙහි අර්ථය වන්නේ ප්‍රදේශීය මධ්‍යන්‍යයේදී බුධගේ සමකයේ සිටින නිරීක්ෂකයෙකුට ශිකරයෙන් උතුරට හෝ දකුණට අංශක 0.01 කට වඩා කිසිදා හිරු දැක ගත නොහැක. විලෝමය වශයෙන් ධ්‍රැවයන් අසලදී සුර්යයා අංශක 0.01 කට වඩා කිසිදා ශිතිජයෙන් ඉහළ නොනගී. බුධගේ මතුපිට ඇතැම් තැන්වල නිරීක්ෂකයෙකුට හිරු අඩක් නගිනු දැක ගත හැකිය. ඒ අතරම යලිත් හිරු නැගීමට පෙර එය ආපසු බැසීම දැක ගත හැකිය. මේ සියල්ල බුධගේ එක් දිනයක් තුළ දැක ගත හැක. මීට හේතු වන්නේ උපහේලිකයට දින 4 ක‍ට පෙර බුධගේ කෝණික කාක්ෂික ප්‍රවේගය එහි කෝණික භ්‍රමණ ප්‍රවේගයට සර්වසම වන බැවින්
උප හේලිකයේදී සුර්යයාගේ දෘෂ්‍ය චලනයක් දැක ගත නොහැකි බැවිනි. බුදගේ කෝණික කාක්ෂික ප්‍රවේගය ඉන් අනතුරුව කෝනික භ්‍රමණ ප්‍රවේගය ඉක්මවා යයි. එබැවින් හිරු දිස් වන්නේ ප්‍රතිගාමි දිශාවලක ගමන් කරන ලෙසය. මෙම ලක්ෂ්‍ය වලදී උපහේලිකයෙන් දින 4 කට පසුව සුර්යයාගේ සාමාන්‍ය දෘෂ්‍ය චලනය යලි ලගා කර ගැනේ.බාහිර සබැදි[සංස්කරණය]Atlas of Mercury—NASAGazeteer of Planetary Nomenclature - Mercury (USGS)SolarViews.com—MercuryAstronomy Cast: MercuryGeody Mercury World’s search engine that supports NASA World Wind, Celestia, and other applications.A Day On Mercury flash animationMercury articles in Planetary Science Research Discoveries‘BepiColombo’, ESA’s Mercury Mission‘Messenger’, NASA’s Mercury Missionආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 "Mercury Fact Sheet". NASA Goddard Space Flight Center. November 30, 2007. සම්ප්‍රවේශය 2008-05-28.↑ "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 2009-04-03. 2009-04-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලද
ී. සම්ප්‍රවේශය 2009-04-03. (produced with Solex 10 written by Aldo Vitagliano; see also Invariable plane)↑ Yeomans, Donald K. (April 7, 2008). "HORIZONS System". NASA JPL. සම්ප්‍රවේශය 2008-04-07.↑ 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 Munsell, Kirk (May 28, 2009). "Mercury: Facts & Figures". Solar System Exploration. NASA. සම්ප්‍රවේශය 2008-04-07. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)↑ 5.0 5.1 Seidelmann, P. Kenneth (2007). "Report of the IAU/IAGWorking Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mechanics and Dynamical Astronomy. 90: 155–180. doi:10.1007/s10569-007-9072-y. සම්ප්‍රවේශය 2007-08-28. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)↑ Margot, L.J. (2007). "Large Longitude Libration of Mercury Reveals a Molten Core". Science. 316 (5825): 710–714. Bibcode:2007Sci...316..710M. doi:10.1126/science.1140514. PMID 17478713. {{cite journal}}: Unknown parameter |coauthors= i
gnored (|author= suggested) (help)↑ Espenak, Fred (July 25, 1996). "Twelve Year Planetary Ephemeris: 1995–2006". NASA Reference Publication 1349. NASA. සම්ප්‍රවේශය 2008-05-23.vteසෞරග්‍රහ මණ්ඩලයසූර්යයාබුධසිකුරුපෘථිවියඅඟහරුසෙරස්බ්‍රහස්පතිසෙනසුරුයු‍රේනස්නෙප්චූන්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්ග්‍රහලෝකභූමිෂ්ඨ ග්‍රහලෝකබුධසිකුරුපෘථිවියඅඟහරුයෝධ ග්‍රහලෝකබ්‍රහස්පතිසෙනසුරුයු‍රේනස්නෙප්චූන්වාමන ග්‍රහලෝකසෙරස්ප්ලූටෝහවුමේයාමාකේමාකේඑරිස්වළලුබ්‍රහස්පතිසෙනසුරු (රියා)චරික්ලෝකයිරන්යුරේනස්නෙප්චූන්හවුමේයානුචන්ද්‍රයෝභූමිෂ්ඨචන්ද්‍රයාවෙනත් පෘථිවි ආසන්න වස්තූන්අඟහරුගේෆෝබෝස්ඩෙයිමෝස්බ්‍රහස්පතිගේගැනිමේඩ්කැලිස්ටෝඅයෝයුරෝපාසියල්ල 79සෙනසුරුගේටයිටන්රියාඅයැපුටුස්ඩියෝන්ටෙතිස්එන්සිලේඩස්මීමාස්හයිපීරියන්ෆීබීසියල්ල 62යුරේනස්ගේටයිටේනියාඔබෙරන්අම්බ්‍රියල්ඒරියල්මිරන්ඩාසියල්ල 27නෙප්චූන්ගේට්‍රයිටන්ප්‍රෝටියස්නේරෙයිඩ්සියල්ල 14ප්ලුටෝගේකෙරන් නික්ස්හයිඩ්‍රාකර්බරෝස්ස්ටික්ස්හවුමේයා ගේහීයාකානමාකාමාකේමාකේ ගේS/2015 (136472) 1එරිස් ගේඩිස්නොමියාExploration
(outline)සොයාගැනීම්තාරකා විද්‍යාවකාලරේඛාවඅභ්‍යවකාශ ඒෂණියන්ලැයිස්තුවකාලරේඛාවමිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්අභ්‍යවකාශ මධ්‍යස්තානයන්ලැයිස්තුවජනාවාසකරණයබුධසිකුරුචන්ද්‍රයාඅඟහරුසෙරස්ග්‍රහකකැනීම්ධූමකේතුබ්‍රහස්පතිසෙනසුරුයුරේනස්නෙප්චූන්ප්ලූටෝගැඹුරු අභ්‍යවකාශයSmall SolarSystem bodiesPlanetesimalMeteoroidsMinor planetsmoonsCometsDamocloidsMercury-crossersVenus-crossersVenus trojansNear-Earth objectsEarth-crossersEarth trojansMars-crossersMars trojansAsteroid beltග්‍රහකසෙරස්PallasJunoVestafirst 1000familiesexceptionalKirkwood gapMain-belt cometsJupiter trojansJupiter-crossersCentaursSaturn-crossersUranus trojansUranus-crossersNeptune trojansCis-Neptunian objectsTrans-Neptunian objectsNeptune-crossersPlutoidsKuiper beltPlutinosCubewanosScattered discDetached objectsSednoidsHills cloudOort cloudHypotheticalobjectsVulcanVulcanoidsTheiaPhaetonPlanet VFifth giantPlanet XPlanet NineTycheNemesisSubsatellitesලැයිස්තුSolar
System modelsSolar System objectsby sizeby discovery dateMinor planetsnamesGravitationally rounded objectsPossible dwarf planetsNatural satellitesCometsOutline of the Solar System ද්වාරසෞරග්‍රහ මණ්ඩලයතාරකා විද්‍යාවEarth sciencesMarsJupiterUranusCosmologyසෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වයEach arrow (→) may be read as "within" or "part of".පුරාතන මිසරදේශීය සංඛ්‍යාංක පද්ධතිය, ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම සහස්‍රවර්ෂයෙ මුල් කාලය දක්වා පුරාතන මිසරයෙ භාවිත විය. එය බොහෝ විට ඉහළ බලයකට වටයූ, හයිරෝරේඛණයන් තුළට ලේඛනගත දශමය පද්ධතියයි.සංඛ්‍යාංක සහ ක්‍රමාංක[සංස්කරණය]මතු සඳහන් වන හයිරෝරේඛණය භාවිතා වන්නේ දහයේ බලයන් දැක්විමටයි  :අගය1101001,00010,000100,000මිලියනය, හෝඅනන්තයරූපාක්ෂර හෝ විස්තරයතනි strokeඇල අස්ථියදඟරය වරපට මානෙල්ඇඟිල්ලම
ැඩියාදෙ අත් එසවු මිනිසාමේ අගයන්ge ගුණාකාර ප්‍රකාශ කරනු ලබන්නෙ අවශ්‍ය විට අවශ්‍ය තරමක් සංකේත නැවත භාවිතයෙනි. උදාහරණයකට, ඛර්නාක්හි ශෛලමය කැටයම අංක 4622 පහත ලෙස පෙන්වයි. මිසරදේශීය හයිරෝරේඛණය දෙ දිසාවkata ( සිරස් අතට පවා) ලේඛනගත කිරීමට පුළුවන් වුණා. මේ උදාහරණය වමෙ සිට දකුණට සහ ඉහළ සිට පහළට ලියන ලදී; මුල් ශෛලමය කැටයමෙහි මතුපිට, එය දකුණ සිට වමට, සහ ලකුණු එසේ ප්‍රතිලෝම විය.භාග[සංස්කරණය]මූලික ලිපිය: මිසරදේශීය භාගපරිමේය සංඛ්‍යා ප්‍රකාශිත වූයෙ, ඒකක භාගයන්හි ඓක්‍යයක් ලෙස පමණයි , උදා: ධන පූර්ණ සංඛ්‍යාවන්හි පරස්පරවල ඓක්‍යය, 2/3 සහ 3/4 හැර. මුඛයක් වගේ ඇති,භාග සංඛ්‍යා අදහස් කරන ලද රූපාක්ෂර දැක්වීම : භාග සංඛ්‍යා ලියන ලdde භාගික බෙදුම් ඉර භාවිත යෙනි ,උදා: , ලවය1, ධන හරය පහත වෙ. මෙලෙස, 1/3 ලියන ලද්දේ: =13{\displaystyle ={\frac {1}{3}}}1/2 සහ දෙක ඒකක භාග නොවන සඳහා විශේෂ සංකේත විය , 2/3 (නිතර භාවිත විය) සහ 3/4 ( අඩුවෙන් භාවිත විය ): =12{\displaystyle ={\frac {1}{2}}}  =23{\displaystyl
e ={\frac {2}{3}}}  =34{\displaystyle ={\frac {3}{4}}}හරය අතිශය විශාල වූ විට, මුඛය හරියටම "හරය" ආරම්භye තබයි : =1331{\displaystyle ={\frac {1}{331}}}එකතු කිරීම සහ අඩු කිරීම[සංස්කරණය]එකතු කිරීම සහ අඩු කිරීම ලකුණු සඳහා හයිරෝරේඛණය සහ භාවිත විය: ලේඛනය කරන දිශාවට පාද උල් වූයෙ නම් , එය අඟවන්නෙ එකතු කිරීමයි, නැතහොත් අඩු කිරීමයි.ලිඛිත සංඛ්‍යා[සංස්කරණය]බොහොමයක් නූතන-දවස භාෂා මෙන් ,පුරාතන මිසරදේශීය භාෂාද සංඛ්‍යා වලින් රචනා කරන ලදී. " හරියට සින්හලෙන් "තිහ","30" ලෙස ලිවීම වගෙ ! "උදාහරණයකට 30 සංඛ්‍යා 30 පහත ලෙස වන අතරතුර කෙසේ වුවත් මෙය බොහොමයක් සංඛ්‍යා සදහා පොදු නොවේ. ඊට අමතරව බොහො විට, 1 සහ 2 සහ ලකුණු භාවිතා විය.ගෝතමී විහාරයේ දාගැබකොළඹ බොරැල්ලේ ගෝතමී පාරේ පිහිටා ඇති ගෝතමී විහාරය වර්ෂ 1900 හි වෙසක් පුර පසලොස්වක දින අරඹන ලද්දකි. ගෝතමී විහාරය, එහි ඇති පුරාණ බිතු සිතුවම් නිසා මහත් ප්‍රසිද්ධියට පත් වූ විහාරයකි. ප්‍රාචීන භාෂාවන්ගෙන් මෙන් ම බුරුම හා තායි භාෂාවන්ගෙන් ද ලියැවුණු දුර්ලභ ග්‍රන්ථ රාශියක් ඇතුළත් පුස
්තකාලයක් ද දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධියක් ද මෙහි ඇත. මෙම විහාරයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා අතර ප්‍රාචීන භාෂෘ ශාස්ත්‍ර පිළිබඳ විශිෂ්ට පඬිරුවන් වූ තෙල්වත්තේ අමරවංශ, තෙල්වත්තේ ශ්‍රී ආරියවංශ යන හිමිවරු වෙත්. ගෝතමී විහාරයේ ඇති බෝ රුකආරම්භය[සංස්කරණය]මෙම විහාරයේ මූලික දායකත්වය දරන ලද්දේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් ගේ මෑණියන් වූ ඇපලෝනියා ද සොයිසා පීරිස් විසිනි. විහාරය කරවා පූජා කෙ‍රුණේ දොඩන්දූවේ ‍ශෛලබිම්භාරාමාධිපති ව වැඩ විසූ බෞද්ධ අධ්‍යාපනඥ පූජ්‍යපාද දොඩන්දූවේ ශ්‍රී පියරතන මාහිමියන් වෙත ය. චිත්‍ර[සංස්කරණය]ගෝතමී විහාර බිතු සිතුවම්:සිද්ධාර්ථ කුමරු වප්මඟුල් දා භාවනා කිරීමගෝතමී විහාර බිතු සිතුවම්:රාහුල කුමරු ඉපදීමමෙම විහාරය අතිශය ප්‍රසිද්ධියට පත් වීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ජෝර්ජ් කීට් (1901-1993) විසින් අඳින ලද අගනා බිතු සිතුවම් සමූහය මෙහි පිහිටා තිබීමයි. කීට් විසින් 1939 මුල් භාගයේ දී අරඹන ලද මෙහි චිත්‍රකරණය 1940 දී නිම කරන ලදී. මෙහි දී ඔහුට අනුග්‍රහය දක්වන ලද්දේ ඇපලෝනියා පීරිස් ගේ මුණුබුරකු වූ හැරල්ඩ් පීරිස් විසිනි. කීට් ගේ චිත්‍රකරණය සඳහා අවශ්
‍ය පරිදි ප්‍රතිමා ගෘහයේ බිත්ති සකස් කරන ලද්දේ ගෘහනිර්මාණ ශිල්පී ඇන්ඩෲ බොයිඩ් විසිනි. මුලින් තද දුඹුරු පැහැති රේඛා චිත්‍ර ලෙස නිමවන ලද බිතු සිතුවම් පසුව තෙල්වත්තේ ශ්‍රී අමරවංශ නාහිමියන් ගේ ඉල්ලීම පරිදි කීට් විසින් වණර්‍වත් කරන ලද බව පැවසේ. [1] චිත්‍රකරණය සඳහා කිසිඳු අය කිරීමක් නොකළ කීට් සායම් සඳහා වැය වූ මුදලින් සෑහීමකට පත් විය. කීට් විසින් අඳින ලද එක ම බිතු සිතුවම් සමූහය මෙය වීම විශේෂ කරුණකි. බුද්ධ ප්‍රතිමාව ඇති ගර්භය වටා පිහිටා තිබෙන ප්‍රදක්ෂිණා පථයෙහි පිට බිත්තියේ ඇතුළු පැත්තෙහි දේවාරාධනාව, මහමායා සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ධනු ශිල්ප දැක්වීම, සරණ මංගල්‍යය, නළඟන රැඟුම්, ගිහිගෙයි කල කිරීම, සතර පෙර නිමිති දැකීම, රාහුල පුතුන් දැකීම, මහාභිනිෂ්ක්‍රමණය, අනෝමා නදියෙන් එතෙර වීම, කේෂඡේදනය, පිඬු සිඟා වැඩීම, ආලාර කාලාම තවුසා මුණ ගැසීම, මාර යුද්ධය යන බුදු සිරිතෙහි වැදගත් සිදුවීම් කීපයක් සිතුවමට නගා තිබේ. මෙම චිත්‍ර නිර්මාණයේ දී පෙරදිග පැරණි චිත්‍ර කලා සම්ප්‍රදාය අනුව එක් සිද්ධියක් අනෙක් සිද්ධිය හා බද්ධ වන පරිදි අඛණ්ඩ කථන න්‍යාය අනුගමනය කර තිබේ. ප්‍රදක්ෂිණා පථයෙහි ඇතුළු බිත්තියෙහි පිට පැත
්තේ මූණත් තුනක, බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩීම, ප්‍රථම ධර්මදේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණය වෙන් වෙන් ව සිතුවම් කර තිබේ. සිංහල චිත්‍රවල එන මිනිස් රූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ව සිතුවම් කොට ඇත. සිත්තරා පැරණි සම්ප්‍රදායෙන් පිටතට අවස්ථා ලෙස පැරණි විහාරවල සාමාන්‍යයෙන් ඇතුළු ගර්භයේ ඇස් මට්ටමෙන් ඉහළ සිතුවම් කෙ‍රෙන බුදු සිරිතේ සිද්ධි මෙහි ප්‍රදක්ෂිණා පථයේ ඇස් මට්ටමින් පහළ සිතුවම් කිරීම දැක්විය හැකි ය. ප්‍රධාන බිතු සිතුවම්වලට පහළින් ඇති අලංකරණ මෝස්තර නිමවා ඇත්තේ මේ යුගයේ විසූ ප්‍රකට සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියකු වූ මංජුශ්‍රී විසිනි. විශේෂයෙන් මෙම චිත්‍රවල වටිනාකම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් 1989 වර්ෂයේ දී ගෝතමී විහාරය සංරක්ෂණය කළ යුතු ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.මූලාශ්‍ර[සංස්කරණය]↑ The beautiful murals of Gothami Vihara, http://www.sundayobserver.lk/2008/07/27/jun03.asp, ප්‍රතිෂ්ඨාපනය 2011-02-08 මෙම ලිපිය හෝ ලිපි කොටස උඩරට ගිවිසුම වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)1815 දී ඇති වූ යුද්ධයට කෙළින්ම තුඩු දුන් සිදුවීම් පෙළ ආරම්භ වූයේ ඇහැළේපොලට සිදු වූ නින්දා
ව සමගිණි. ඇහැළේපොල පිළිමතලාවේගේ බෑනා මෙන්ම පළමු අගමැති ලෙස පත් වූ තැනැත්තාය. 1810 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය ප්‍රාප්තියට පත් වූ දා පටන් ඇහැළේපොළ ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කීපයක් කළේය. ඒ වන විට රජතුමා බොහෝ සෙයින් ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටියේය. 1814 දී ඇහැළේපොළගේ ක්‍රියාකාරකම් හෙළි වූ අතර ඔහු බ්‍රිතාන්‍යයන් වෙතට පලා ගියේය. කෝපයෙන් වියරු වූ රජතුමා ඇහැළේපොළ පවුලේ සාමාජිකයින් විවිධ දරුණු ක්‍රම යොදා මරණයට පත් කළ්ය. මෙම ඝාතණ නිසා මහනුවර ජනතාව අතිශයින් කම්පාවට පත් වී රජුට එරෙහිව කැරළි ගැසූහ. රජු මාළිගය අතහැර හඟුරන්කෙත බල‍කොටුවට පලා ගියේය. මේ අතර ජෝන් ඩොයිලි ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ට උපදෙස් දෙමින් සිටියේය. ඔහු කියා සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට බ්‍රිතාන්‍යයන් කිසියම් උත්සාහයක් ගන්නේ නම් උඩරට රදළවරුන් උදව් කිරීමට සූදානමින් සිටින බවයි. උඩරට හමුදාව ඇහැළේපොල අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් උඩරට - බ්‍රිතාන්‍ය දේශ සීමාව තරණය කොට ගොස් සීතාවක බ්‍රිතාන්‍ය මුර පොළට පහර දුන්හ. මෙම සිද්ධිය බ්‍රවුන්රිග්ට උඩරටට ඔහුගේ හමුදාවක් යැවීමට සෑහෙන කුපිත කිරීමක් වූයේය. තත්වය වඩාත් නරක අතට හැරුණේ ශ
්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් උඩරටට පැමිණි බ්‍රිතාන්‍ය වෙළඳ පිරිසකගේ අත් පා සිඳිනු ලැබීම හේතුවෙනි. මෙය සිදු වූයේ හඟුරන්කෙතදී ය. බ්‍රිතාන්‍ය හමුදා සුළු විරෝධතා කීපයකට මුහුණ දෙමින් 1815 පෙබරවාරි 10 වෙනි දින සෙංකඩගලට ඇතුළු වූහ. ජෝන් ඩොයිලි ද මීට එක් වී සිටියේය. "ප්‍රධානීන්ගේ ආරාධනාවෙන් සහ ජනතාව විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබ රාජකීය හමුදාව මහනුවරට ඇතුළු වූහ. දෙවියන් ඔවුන්ගේ උත්සාහයට ආශීර්වාද කර ඇත්තේ සම්පූර්ණ ජයග්‍රහණය ලබාදීමෙනි. අභ්‍යන්තර පළාත්වල පාලකයා ඔවුන් අතට පත් වී ඇත. රජය බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයින්ට මනාපයක් කර ගැනීමට ඉඩ දී ඇත." යනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා නාවුක හමුදා පාලක මණ්ඩලයට දන්වා සිටියේය. ටික දිනකට පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවී සිටි ස්ථානය හෙළිදරව් විය. බලයෙන් පහ කෙරුණු රජු ඔහුගේ අන්ත:පුර ස්ත්‍රීන් සමග ඉන්දියාවේ වෙල්ලෝර් වෙත පිටුවහල් කරනු ලැබීය. අවුරුදු 17 කට පසු එහිදී ඔහු මළේය. ඔහුගේ පුතා, ඊළඟ රාජ්‍ය උරුමය ලැබිය යුතු පුද්ගලයා, දරුවෙකු නොමැතිව 1842 දී මරණයට පත් විය.බ්‍රිතාන්‍යයන් සෙංකඩගලට පැමිණීමෙන් පසු සිදු වූ වැදගත් සිද්ධිය නම් උඩරට ගිවිසුම අත්සන් කිරීමයි. එ
ය 1815 මාර්තු මාසයේදී ජෝන් ඩොයිලි සහ උඩරට රදළවරු අතර සාකච්ඡාවලින් පසු එකඟ වූ ඉඳූරාම උඩරට යා කර ගැනීමේ ගිවිසුම විය.එම ගිවිසුමේ අඩංගු ප්‍රධාන කරුණු වූයේ. 1. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් මලබාර් රජුට උඩරට සිහසුනට තිබෙන සියලු අයිතිවාසිකම් අහිමි වීම. 2. රජු යුද්ධයෙන් පරාජය වී සිහසුනෙන් පහ කර ඇති බැවින් ඔහුගේ රජ පෙළපතට උරුමය අවලංගු කොට ශූන්‍ය කරන ලදී. 3. ඔහුගේ සියලුම පිරිමි නෑදැයින් රටින් පිටුවහල් කළ යුතුය. 4. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස පාලනය යටත් විජිත ආණ්ඩුකාරවරුන් විසින් ගෙන යා යුතුය. මෙහිදී අධිකාරම්වරු, දිසාවේ, මොහොට්ටාල, කෝරළේ, විදානේ සහ අනෙකුත් පහළ නිලධාරීන්ගේ බලතල හා ප්‍රසාද ඔවුනට එසේම තිබිය යුතුය. 5. බුද්ධාගම නොකෙළෙසිය යුතුය. එහි අයිතිය පවත්වාගත යුතු මෙන්ම ආරක්ෂා කළ යුතුය. 6. ශාරීරිකවද බන්ධන පැනවීම සහ අංග ඡේදන නොකළ යුතුය. 7. මරණ දඬුවම පැමිණ වීම නියම කළ හැක්කේ ආණ්ඩුකාරයාට පමණි. අනෙකුත් ප්‍රධාන දඬුවම් රජයේ නියෝජිතයෙකු ඉදිරිපිටදී පමණක් විය යුතුය. 8. සියලු සිවිල් සහ අපරාධ නඩු විමසීම උඩරැටියන් සම්බන්ධයෙන් දැනට පවත්නා නියමයන් යටතේ සිදු විය යුතුය. අවශ්‍යතැ
න්වලදී අවශ්‍ය විටෙක ඊට මැදිහත් වීමේ බලය ආණ්ඩුව වෙත තිබිය යුතුය. 9. උඩරට නොවන අනෙකුත් අය සඳහා බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්විය යුතුය. 10. තුන් කෝරළයේ සහ හතර කෝරළයේ සහ සබරගමුව යාකර ගැනීමේ ප්‍රකාශය අවලංගු වේ. 11. එංගලන්තයේ රජු සහ දිවයිනේ අභ්‍යන්තර ආයතනවල පැවැත්ම සඳහා බදු සහ ආදායම් එකතු කළ යුතුය. 12. වෙළඳාම් සහ වාණිජ කටයුතුවලට පහසුකම් සැපයීම කළ හැක්කේ රජයට පමණි. ගිවිසුම අත්සන් තබන ලද අය නම් ආණ්ඩුකාර බ්‍රවුන්රිග්, ඇහැළේපොල සහ දිසාවේවරු වන මොල්ලිගොඩ, වැඩිමහල් පිළිමතලාවේ, බාල පිළිමතලාවේ, මොණරවිල, බාල මොල්ලිගොඩ, දුල්ලෑව, රත්වත්තේ, මිල්ලෑව, ගල්ගම සහ ගලේගොඩ යන අයයි. අත්සන් සඳහා සාක්ෂීන් වූයේ ඩොයිලි, සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් යන දෙදෙනාය. ජෝන් ඩොයිලි පසුව ප්‍රදේශයේ නේවාසික ආණ්ඩුකාරයා විය.ගිවිසුම කීප ආකාරයකින් වැදගත් විය. ස්වේච්ඡාවෙන් පාලන බලය බ්‍රිතාන්‍යයට පවරා දුන් ආකාරයක් පෙන්ණුම් කළේය. පසු කලෙක සිදු වූ සිදුවීම්වලින් ඒත්තු ගියේ තමන් එක නරක පාලකයෙක් ඉවත් කර තවත් නරක පාලකයෙක් පත් කර ගත්තා නොවේද යනුවෙනි. ඇහැළේපොල සිතා සිටියේ නව නායකයා විය යුත්තේ බ්‍රිතාන්‍යයන් නොව තමා බවයි.
රදළවරු සහ ආගමික නායකයන් බුද්ධා‍ගමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගිවිසුමේ 5 වැනි වගන්තිය සම්බන්ධයෙන් දැඩි අදහසක් දැරූහ. 1815 වසරේ අග භාගයේ මල්වතු අස්ගිරි මහ නා හිමිවරු ආණ්ඩුකාර බ්‍රවුන්රිග් හමු වී බුද්ධාගම සහ පැවැත්ම සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා ගත්හ. අන්‍යාගමට හැරවීම සහ මිෂනාරී පාසැල් ඒ නිසා තහනම් කෙරිණි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Kandian_Wars#The_Second_Kandyan_War_.26_the_Kandyan_Convention.2C_1815මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. විශ්වකෝෂ උරුවට නැවත ලිවීම මගින්, ලිපිය වැඩිදියුණු කිරීමට සහාය වන්න. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය ලියා ඇති ස්වාස්ථ්‍යය හෝ ශෛලිය විකිපීඩියාවට උචිත නොවිය හැක. ඉඟි සඳහා විකිපීඩියාවෙහි හොඳ ලිපි ලිවීමට පෙර වදනක් ආශ්‍රය කරන්න. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)අධ්‍යාපන අමාත්‍යංශය විසින් පහසුකමි පාදක කරගෙන සමස්ථ පාසල් පද්ධතියම වසර 2005.01.18 දිනැති චක්‍රලේකය මගින් අති දුෂ්කර, දුෂ්කර, අපහසු නොවන, පහසු හා ඉතා පහසු යනුවෙන් වර්ග කර තිබේ. ඒ අන
ුව අති දුෂ්කර පාසල් 1391ක්ද දුෂ්කර පාසල් 1963ක්ද පවතී.‍ මේවා බොහොමනයක්ම ඈත පිටිසර පළාත්වල පිහිටා ඇති අතර ගමනාගමන, විදුලිය, සන්නිවේදනය නවාතැන් ආදී පහසුකම් අවම හෝ කොහෙත්ම නැති ඒවා වීම ඒවාට ඇති දුෂ්කරතාවන්ය. මේ තත්වය උතුරු හා නැගෙනහිර පළාත් වල වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර බස්නාහිර පළාතේද මෙම දුෂ්කරතා සහිත පාසල් නැත්තේද නොවේ.ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් වල ගුරු හිඟය[සංස්කරණය]ශ්‍රී ලංකාවේ සමස්ථ ගුරු පිරිස දෙලක්‍ෂ දසදහසකට ආසන්නය.ඔවුන් ප්‍රභේද හෙවත් විෂයන් 20කට අයත් වෙති. ඉංග්‍රීසි, ගණිතය, නැටුම්, සංගීත ආදී වශයෙනි. සිංහල හා අන් කලා විෂයන් සඳහා 6000ක් පමණ ගුරු අතිරික්තයක් ඇති බවද, සැබැවින්ම ගුරු හිඟය පවතින්නේ අනෙකුත් විෂයන් සඳහා වේ.වාර්තාවලට අනුව සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 33ක් සඳහා විද්‍යා,ගණිත ගුරුවරුන් 19 ක්ද, ඉංග්‍රීසි ගුරුවරුන් 50ක්ද උපාධි ගුරුවරුන් 18ක්ද සෞන්දර්යය ගුරුවරුන් 08ක්ද 2007 ජනවාරි වන විට ගුරුවරුන් 150කට ආසන්න හිඟයක් පැවතී ඇත. මෙවැනි ඈත ප්‍රදේශවල පමණක් නොව අගනුවරට ආසන්න සමහර පාසල් වල ගුරු හිඟයක් පවතින බව ළමයින් සහ දෙමාපියන් එක්ව කරනු ලැබූ උද්ඝෝෂණ වලින් පෙනී යයි. මෙය
ට උදාහරණයක් ලෙස හොරණ අධ්‍යාපන කලාපයේ ගල්පාත, පාතකඩ කණිටු විදුහලේ දෙවන හා තුන්වන ශ්‍රේණි සඳහා 2003 වසරේ සිට ගුරුවරු නැති බව වාර්තා වී ඇත.ගුරු හිඟය යන්න සංකීර්ණ ගැටළුවකි.අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වාදෙන පරිදි ගුරු හිඟය යනු පාසලක ගුරු සංඛ්‍යාව නියමිත යෝග්‍ය සහ අනුමත වශයෙන් තුන් ආකාර බවය. ඔවුන් පෙන්වා දෙන්නේ යම් පාසලක අනුමත ගුරු සංඛ්‍යාව හා දැනට සිටින සංඛ්‍යාව අතර වෙනස ගුරු හිඟය බවයි.එසේම නියමිත ගුරු සංඛ්‍යාව සිටියද යම් යම් විෂයයන් සඳහා ගුරුවරු නැතිනම් එතැනද ගුරු හිඟයක් පවතින බව පෙන්වා දෙයි. එසේම ගුරුවරු උපයෝජනයේ දුර්වලතාද පවතී.එසේම ඇතැම් ගුරුවරුන්ට සතියකට ලැබෙන්නේ කාලපරිච්ජේද 10 ට අඩු ප්‍රමාණයකි. එසේම එක් විෂයක් සඳහා එක් ගුරුවරයෙකු ලබාදීම කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙනු ලබයි. එනම් එකම ගුරුවරයාට විෂයන් 02 ක් හෝ 03 ක් ඉගැන්වීමට වන පාසල්ද තිබේ. එසේම පන්තිවල ළමයින් අඩුකම නිසා අනුමත ගුරු සංඛ්‍යාව නොමැති පාසල් වල එකම ගුරුවරයාට පන්ති ගණනාවක කටයුතු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. දිවයිනේ සමස්ථ ගුරුසංඛ්‍යාව හා පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව සලකන කල 1:22 ක මට්ටමකි. දියුණු රටවල පවා එය 1:26කි. සංඛ්‍
යාත්මක වශයෙන් සලකන කළ ශ්‍රී ලංකාවේ පවතින්නේ ගුරු හිඟයක් නොව විෂමතාවයකි. දුෂ්කර පාසල්වල ගුරු හිඟය මඟහැරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර[සංස්කරණය]2005 වර්ෂයේදී විද්‍යාපීඨ 17 තුළින් පුහුණූව ලත් ගුරුවරු 3076 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරය අනුයුක්ත කෙරුනේ ගුරු හිඟය පැවති පාසල් වලටය. නමුත් ඔවුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් ඒවායේ රැදීසිටිනවාද යන්න ගැටළුවකි. දේශපාලන හිතවත්කම් මත හෝ වෙනත් බලපෑම් මඟින් ඔවුන් මාරුවීම් සාදා ගන්නා බව කවුරුත් දන්නා රහසකි. පුහුණුව සඳහා ඔවුන් ජාතික මට්ටමින් බඳවා ගන්නා නිසා දුෂ්කර පාසල් අනිවාර්ය සේවාව සඳහා අනුයුක්ත කිරීමද ගැටළුවක් බව කියැවේ.මෙයට විසදුමක් ලෙස අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමේදී 60%ක් පමණක් දිස්ත්‍රික්ක 15න්ද ඉතිරි 40% ජාතික මට්ටමින්ද බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.දුෂ්කර ප්‍රදේශවල අයදුම්කරුවනට මෙහිදී ප්‍රමුඛත්වයක් ලැබෙන අතර පුහුණුයවන් පසු ඔවුන් ඒ ප්‍රදේශ වල පාසල් වලට පත් කළ හැකිවේ. එසේම වසර 2005 වසරේදී උපාධිධාරීන් ගුරුපත්වීම් සඳහා 17000ක් බඳවා ගැනීමද දක්නට ලැබුණි. නමුත් කළමණාකරණ දුර්වලතා නිසා එම අරමුණ ඉටු නොවීය. ද
ුෂ්කර පාසල් වල ගුරු හිඟයට ස්වේච්ඡා ගුරු සේවාව අරඹනු ලැබීම දැකිය හැකිය. එසේම වසර 05 ක් ඇතුළත විද්‍යාපීඨ ඩිප්ලෝමාව හෝ උපාධිය සම්පූර්ණ කිරීමෙන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය වීමට හැකිය. එසේම ඔවුන්ට රු.3000ක දීමනාවක් මෙන්ම දුෂ්කර පාසල් වල සේවය සඳහා දිරිගැන්වීමක් ලෙස ඒ පාසල් වල ගුරු භවතුනට වැටුපෙන් 10% ක් 15% ක් ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය. එසේම පළාත් ගුරු සේවාව ආරම්භ කිරීමද අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර අතර වේ. ගුරු හිඟය මඟහැරීමට ගත් පියවර අසාර්ථක වීමට හේතු[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ගුරු භවතුන්ගෙන් 65% ක්ම කාන්තා පක්ෂයේ වීම දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීමට ගත් පියවර අසාර්ථක වීමට හේතු විය. ගමනාලමන හා නවාතැන් පහසුකම් නැතිවීම හේතුවෙන් මෙන්ම ගුරු සේවයට භාහිරින් සේවයේ යෙදී සිටින අය සමඟ විවාහ වී සිටීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා ස්ථානයට ආසන්නයේ පාසල්වල සේවයට යොමුවීම දක්නට ලැබේ.එසේම දුෂ්කර පාසල් වල ගුරු හිඟයට මෙන්ම ඒවායේ අධ්‍යාපනය සිදුනොවීමට ගුරුවරුන් දුෂ්කර පාසල් සඳහා මාරුකර යැවීමද හේතුවක් බව පිළිගත යුතුය. කැපවීමෙන් සේවය කිරීමේ හැඟීමක් දඬුවම් ලැබ යන ගුරුවරයාගෙන් බලාපොරොත්තුවිය නොහැකිවා මෙන
්ම ඔහු හෝ ඇය නිතරම බලාපොරොත්තු වන්නේ එතැනින් මාරු වී යාමටය. ගුරු මාරු ක්‍රමයේ පවතින අඩුපාඩු හා දුර්වලතාද මෙම පියවර අසාර්ථක වීමට හේතු වී ඇත. මෙවැනි දුෂ්කරතා හා දුර්වලතා නිසා අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර අසාර්ථක වී ඇත.අධ්‍යාපන අමාත්‍යංශය මෑතකදී ගත් පියවරක් ලෙස, ගුරු පුරප්පාඩු ඇති පාසල් වලට තම නම නියමකර පත්වීම් ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උපාධිධාරීන් වෙතින් අයදුම්පත් කැඳවා තරඟ විභාගයෙන් තේරී අදාල විද්‍යාලයට පත්වීම් ලබන ඔවුන් අනිවාර්යෙන්ම වසර 08 ක් එහි සේවය කළ යුතුවේ.දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීම හා ඒවායේ පවතින ගුරු පුරප්පාඩු පියවීමට මෑතකදී ගත් පියවරකි එම පියවර.දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීම සඳහා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ගුරුවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දීමත්,අදාළ පාසල් දුෂ්කර හා අති දුෂ්කර බවට පත්වීමට හේතු වූ කරුණු අමාත්‍යංශ මට්ටමින් ඉවත් කිරීමට කටයුතු කිරීමත්ය. (උපුටා ගැනීම: දෙසතිය:2007 පෙබරවාරි කලාපය)ගොනුව:ABC.JPEG.jpgසබැඳි ලිපි[සංස්කරණය]අධ්‍යාපනයThis name uses Eastern Slavic naming customs; the patronymic is Mikhaylovich and the family
name is Brin.සර්ජි බ්‍රින්සර්ජි බ්‍රින් TED 2010 සමුළුවේදී.උපතසර්ජි මිකලොවිච් බ්‍රින්Серге́й Миха́йлович Бринඅගෝස්තු 21, 1973 (1973-08-21) (වයස 50)මොස්කව්, රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවනිවහනලොස් අල්ටස්, කැලිෆෝනියාව, ඇමරිකාව.ජාතිකත්වය United States (ඇමරිකානු)උගත් ශාස්ත්‍රාලයමේරිලන්ඩ් විශ්වවිද්‍යාලය (විද්‍යාවේදී 1993)ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය (ආචාර්යය 1995)රැකියාවපරිගණක විද්‍යාඥ, අන්තර්ජාල ව්‍යවසාධකසංගණ්‍ය වන්නේගූගල් (Google) ආයතනයේ සම-නිර්මාතෘවේතනය$1ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 20.3 (2012වනවිට)කලත්‍රයා(යන්)ඈන් වොජ්සිකිදරුවන්2වෙබ් අඩවියGoogle.com – සර්ජි බ්‍රින්අත්සනආගමයුදෙව් ආගමඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු මෙන්ම අන්තර්ජාල ව්‍යවසායකයෙකුද වන සර්ජි මිකලොවිච් බ්‍රින්, 1973 අගෝස්තු මස 21 වන දින රුසියාවේ දී උපත ලැබුවෙකි. ලොව ප්‍රමුඛතම හා වඩාත්ම ලාභ ලබන අන්තර්ජාල ආයතනය වන ගූගල් ආයතනය මොහු සහ ලැරී පේජ් විසින් ස්ථාපිත කරන ලද්දකි. 2012 වර්ෂය වන විට මොහුගේ ඇස්තමේන්තුගත පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20.3කි. මේ අතර මොහු සහ ලැරී පේජ් ගූගල් ආයතනයේ 16%ක කොටස් ප
්‍රමාණයකට වර්තමානයේ හිමිකම් කියනු ලබයි.වයස අවුරුදු 6ක් වන විට සර්ජි බ්‍රින් සෝවියට් සංගමයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය දෙමාපියන් සමඟ ස්ථීර පදිංචිය සඳහා පැමිණ එහිදී වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලැබීය. සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ගණිතය හා පරිගණක විද්‍යාව මැනවින් ප්‍රගුණ කල සර්ජි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගන්නා ලදී. මූලික උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු සිය ආචාර්යය උපාධිය හදාරනු වස් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය වෙත පිවිසෙන ලදී. එහිදී ඔහුට පළමුවරට ලැරී පේජ් මුනගැසෙන අතර පසුව මොවුන් මිතුරන් බවට පත්වේ. මොවුන් දෙදෙනා සිය නිදන කාමරය තුල සිය පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා මිල අඩු පරිගණක පද්ධතියක් ස්ථාපනය කරගත් අතර එයට සර්ජි බ්‍රින්ගේ තොරතුරු කැණීම් පද්ධතිය වඩා උසස් වෙබ් සෙවුම් යන්ත්‍රයක් ලබාගනු පිණිස එක්කරනු ලැබීය. මෙම වැඩසටහන ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය වූ අතර මොවුන් සිය ආචාර්යය උපාධිය සඳහා වූ අධ්‍යනය නවතා දමා කුලියට කාමරයක් ගෙන එහි ගූගල් ආයතනය පිහිටුවන ලදී.'ද ඉකොනොමිස්ට්' සඟරාව විසින් සර්ජි බ්‍රින් ද්වීප්තිමත් පුද්ගලයෙක් ලෙස හඳුන්වා දෙනු ලැබී
ය. මේ අතර මෙතෙක් කල් පැවති "දැනුම සියල්ලටම වඩා ඉදිරියෙන් " යන මතයට නව අර්ථකතනයක් ලබා දෙමින් ගූගල් ආයතනය සිය ආදර්ශ පාඨය වන "ලොව තුල පවතින සියළු දැනුම ලෝකයටම පිවිසිය හැකි වන පරිදි සහ වැඩදායක ලෙස ලබාගත හැකි පරිදි සංවිධානය කිරීම " යන්න එළිදක්වන ලදී.මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය]රුසියාවේ මොස්කව් නුවරදී උපන් සර්ජි බ්‍රින්ගේ දෙමව්පියන් වන්නේ මොස්කව් ජනපද විශ්වවිද්‍යාලයේ (Moscow State University) උපාධිදාරීන් වන යුදෙව් ජාතික (Russian Jewish) මයිකල් බ්‍රින් සහ යුගිනියා බ්‍රින් ය. සර්ජිගේ පියා මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Maryland) ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් වන අතර මව නාසා (NASA) ආයතනයේ ගොඩර්ඩ් අභ්‍යවකාශ ගගන මධ්‍යස්ථානයේ (Goddard Space Flight Center) පර්යේෂකයෙක් ලෙස සේවය කරන ලදී.සෝවියට් දේශයේ ළමා කාලය[සංස්කරණය]සර්ජි බ්‍රින් ට වයස අවුරුදු 6ක් වන විට සිය දෙමව්පියන් සමඟ එක්සත් රාජධානියට පදිංචිය සඳහා යාමට ඔහුට සිදුවිය. ගූගල් ස්ටෝරි (Google) ග්‍රන්ථයේ සමකර්තෘ වරයෙක් වන මාර්ක් මල්සීඩ් (Mark Malseed) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සර්ජිගේ පියා තමන්ගේ අතීතය පිළිබඳව සිය මතකය අවධිකරමින
් තමා තාරකා විද්‍යාඥයෙක් (astronomer) වීමට කුඩා කල සිට පැවති සිහිනය විශ්වවිද්‍යාල සමයේදීම අත්හැර දැමීමට සිදුවීමට බලපෑ කාරනය පිළිබඳව කරුණු දක්වන ලදී. සෝවියට් සමූහාණ්ඩුව විසින් සැමිටික් විරෝධී (Anti-Semitism) ප්‍රතිපත්තියක් නිළ වශයෙන් අනුගමනය නොකලද සර්ජිගේ පියා පවසා සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ (Communist Party) නිළධාරීන් විසින් යුදෙව් ජාතිකයන්ට ඉහළ වෘත්තීමය තනතුරුවලට යාමට තිබූ මංපෙත් සියල්ල වසාදමා තිබූ බවත් එම තනතුරුවලට අදාල විශ්වවිද්‍යාල පාඨමාලා පවා තොරාගැනීම යුදෙව් ජාතිකයන්ට තහනම් වූ බවත්ය. මේනිසා තමන්ටද භෞතික විද්‍යා (Physics) අංශයට ඇතුලත් වීමට නොහැකි වූ බැවින් තමන්ට ගණිතය හැදෑරීමට සිදු වූ බව පවසන ලදී. තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ඔහු පවසා සිටියේ කිසිඳු උපාධි පාසැලක් (Graduate school) තමන්ව සිය උපාධි පාසැලට ඇතුලත් කරගැනීමට උනන්දු නොවූයේ තමන් යුදෙව් ජාතිකයෙක් වූ නිසා බවත්ය. මොස්කව් ජනපද විශ්වවිද්‍යාලයේ (Moscow State University) පවත්වන විශ්වවිද්‍යාලයට සිසුන් අතුලත් කරගැනීමට පවත්වන පරීක්ෂණයද පවත්වනු ලබන්නේ යුදෙව් ජාතිකයින්ට වෙනස්ම ආකාරයකට බවත් එහිදී යුදෙව් ජාතිකයන්ව වෙනම ශාලාවකට දමා අන්
සිසුන්ගෙන් වෙන්කොට පරීක්ෂණය සිදු කරන බවත් පැවසීය. යුදෙව් ජාතික අයඳුම්කරුවන්ගේ උත්තර පත්‍රද ඉතා දැඩිව පරීක්ෂා කල බවත් යුදෙව් ජාතිකයන් යනු ඉතා අප්‍රසන්න ජනකොට්ඨාශයක් (Gas chamber) ලෙසට හංවඩු ගසා තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසන ලදී. මොස්කව් හි පිහිටි සර්ජි වාසය කල කාමර 3ක් සහිත නිවසේ බ්‍රින් පවුල සමඟ සර්ජිගේ මිත්තණියද වාසය කර ඇති අතර සර්ජි විසින් මල්සීඩ්ට පවසා ඇති අන්දමට ඔහු දීර්ඝ කාලයක් යනතුරු සිය පියාට ඔහු කැමති වෘත්තිය තෝරා ගැනීමට නොලැබුන බවක් දැන නොසිටි බවත් එය පිළිබඳව තමා දැනගත්තේ තමන් එක්සත් රාජධානියේ පදිංචි වීමෙනුත් වසර ගණනාවකට පසු බවත් ප්‍රකාශ කර ඇත. නමුත් 1977 වසරේ දිනක් සිය පියා පෝලන්තයේ වර්සව් (Warsaw) හි පැවති ගණිත සමුළුවකට සහභාගී වී නිවසට පැමිනි අවස්ථාවක සිය මවට සහ බිරිඳට දැන් තමන්ට මෙහෙන් යාමට කාලය උදාවී අති බව පැවසූ බවත් තවදුරටත් සෝවියට් දේශයෙහි සිටිය නොහැකි බව පවසා සිටිය බවත් සඳහන් කර ඇත. අදාල සමුළුවේදී සර්ජි ගේ පියාට සිය ක්ෂේත්‍රයේ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය වැනි රටවල සඟයන් මුණගැසී ඇති අතර ඔවුන් සිය රටවල පවතින නිදහස පිලිබඳව සිදු කරන ලද ප්‍රකාශ සර්ජි ගේ ප
ියාට සිය රට හැරයාම පිළිබඳව අදහසක් ජනිත වීමට හේතුකාරනා වූවා විය හැකියැයි තවදුරටත් සඳහන් කර ඇත. තවද සර්ජිගේ පියා විසින්ම පවසා ඇති අන්දමට සිය රට හැර දමා යාමට ඔහුට තිබූ තරම් අවශ්‍යතාවයක් සිය පවුලේ වෙන කිසිඳු සාමාජිකයෙකුට පැවතී නැත.සර්ජිගේ මව උපන්දා සිට තමන් හැදී වැඩුන මොස්කව් පිහිටි සිය නිවස දමා යාමට වැඩි කැමැත්තක් නොදැක්වූ අතර, මෙම තීරණය සිය සැමියා විසින් ඔහුගේ මෙන්ම සර්ජිගේ අනාගතය ගැනද සිතාබලා ගත් තීරණයක් බැවින් අවසානයේ ඇයද මෙම තීරණයට කැමැත්ත පළකරනු ලැබුවාය. 1978 වසරේ සැප්තැම්බර් මාසයේදී සර්ජිගේ පියා විසින් හැරයාමේ වීසා (Visa) ලබා ගැනීම සඳහා අයඳුම් කල අතර මේ හේතුවෙන් ඔහුට මෙම තීරණය ගැනීමට බලපෑ හේතු දැක්වීමද සිදු කළ යුතු වූ අතර සිය රැකියාව පවා අහිමි විය. එපමණක් නොව සර්ජිගේ මවටද සිය රැකියාව හැරදායාමට සිදුවිය. ඒ හේතුවෙන් මෙතැන් පටන් පුරා අටමසක කාලයක් මොවුන්ට ගතකිරීමට සිදුවූයේ කිසිඳු ස්ථීර ආදායමක් නොමැතිව තාවකාලික රැකියා මගින් උපයාගත් මුදල් වලිනි. මේ අතර මොවුන් අයඳුම්කල වීසා ප්‍රතික්ෂේප වේ යැයි දෙගිඩියාවෙන් යුතුව කල්ගත කර ඇති අතර මේ කාලය තුලදී සර්ජිගේ පියා සර්ජිට පරිගණක වැඩසටහන් සම්පාදනය (C
omputer programming) පිළිබඳව තමන් සතු දැනුම ලබා දෙන ලදී. මේ අතර 1979හි මැයි මාසයේදී මොවුනට නිළ වශයෙන් හැරයාමේ වීසා පිරිනැමුනු අතර මේ අනුව ඔවුනට සිය රට හැරදා යාමට නීතියෙන් අවසර ලැබුණි. 2000 වසරේ පැවති සම්මුඛ සාකච්ජාවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ සර්ජි පවසා ඇත්තේ ඔහු සිය දෙමාපියන් අත්විඳි දුෂ්කරතා දන්නා බවත් ඔවුන් එක්සත් ජනපදයට සංක්‍රමණය වීම පිළිබඳව සිය ස්තූතිය ඔවුනට හිමිවන බවත්ය.1990 වසරේ ගිම්හාන සෘතුවේ සිය 17වන උපන්දිනයට සති කිහිපයක් තිබියදී සර්ජි ට නැවතත් සෝවියට් දේශයට යාමට අවස්ථාවක් උදාවූයේ එවකට ක්‍රියාත්මක වූ දෙසතියක හුවමාරු වැඩසටහනක් (Student exchange program) යටතේය. මෙහිදී මොහු පාසැලේ ගණිත සිසුන්ගෙන් අදාල වැඩසටහනට තෝරාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර එම කණ්ඩායම මෙහෙයවන ලද්දේ ඔහුගේ පියා වීමද විශේෂත්වයකි. සර්ජි පැවසූ පරිදි මෙම සංචාරය ඔහුගේ රුසියානු අධිකාරීත්වය පිළිබඳ වූ ළමා කාලයේ බිය අවදි කල බවත් ඔහුට තවදුරටත් ආවර්ජනය වූයේ සෝවියට් මර්ධනකාරීත්වයට එරෙහි ඔහුගේ ප්‍රථම ආවේගශීලී ක්‍රියාව වූ පොලිස් රථයකට ගල් කැට වලින් ගැසීමත් යන්න බවත් මල්සීඩ් ගේ සඳහනෙහි දැක්වේ. සිය සංචාරයේ දෙවන දිනයේදී ශිෂ්‍
ය කණ්ඩායම මොස්කව් නගරය ආශ්‍රිතව තිබූ ගම්බඳ ස්වස්ථාලයක් (Sanatorium) නැරඹීමට ගිය විටදී සර්ජි විසින් සිය පියාණන්ගේ අත ගෙන ඔහුගේ දෑස් දෙස බලා "අපි සියළුදෙනාවම රුසියාවෙන් පිටතට රැගෙන ගිය එකට බොහෝම ස්තූතියි" යන්න පැවසූ බවත් සඳහන් වේ.එක්සත් ජනපදයේදී ලබාගත් අධ්‍යාපනය[සංස්කරණය]සර්ජි සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම සඳහා රුසියාවේ මේරිලන්ඩ් (Maryland) හි පිහිටි පේන්ට් බ්‍රාන්ච් මොන්ටිසෝරි (Montessori) පාසැලට ඇතුලත් කරනු ලැබීය. ඒ අතරම ඔහු සිය පියාගෙන් වැඩිදුර අධ්‍යාපනය නිවසේදී ලබාගත් අතර එවකට සිය පියා මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Maryland) ගණිත පීඨයේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිටියේය. එබැවින් ඔහු සර්ජි හට ගණිතය ඉගෙනගැනීම සඳහා මනා රුකුලක් ලබා දුන් අතර සිය පවුල් පසුබිම නිසා ඔහුට රුසියානු භාෂා ප්‍රවිණත්වයද ලබා ගැනීමට හැකිවිය. 1990 වසරේ සැප්තැම්බර් මස සර්ජිට මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකි වූ අතර එහිදී ඔහු පරිගණක විද්‍යාව සහ ගණිතය පිළිබඳව විද්‍යාවේදී උපාධියක් (Bachelor of Science) හදාරනු ලැබීය. 1993 වසරේ මැයි මාසයේදී ඔහු සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන ලදී.අනතුරුව
සර්ජි පරිගණක විද්‍යා අංශයෙන් සිය පශ්චාත් උපාධිය සඳහා වැඩිදුර අධ්‍යාපනය ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරන ලදී. ඒ සඳහා ඔහුට ජාතික විද්‍යා පදනමින් (National Science Foundation) පිරිනැමුනු අධිශිෂ්‍යත්වය (graduate fellowship ) උපකාරී විය. 1993දී ඔහු මැතමැටිකා (Mathematica) පරිගණක වැඩසටහන නිපදවන වොල්ෆ්‍රාම් පර්යේෂණ කණ්ඩායම (Wolfram Research) සමඟ වැඩකිරීම තුලින් අත්දැකීම් රාශියක් ලබාගන්නා ලදී. අවසානයේදී 2008 වසරේදී සිය ආචාර්යය උපධිය ( Ph.D) සඳහා වන අධ්‍යනයෙන් පවා ඉවත්වන ලදී.වෙබ් සෙවීම් යන්ත්‍ර සංවර්ධනය[සංස්කරණය]ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ නවක සිසුන් සඳහා වූ පූර්ව අධ්‍යන වැඩසටහනේදී සර්ජි හට ලැරී පේජ් මුණගැසී ඇති අතර "ද ඉකොනොමිස්ට්" සඟරාව විසින් මෑතකදී පවත්වන ලද සම්මුඛ සාකච්ජාවකට සහභාගී වූ සර්ජි විහිළුවෙන් පවසා ඇත්තේ ඔහුට මුල් කාලයේදී ලැරීව පේන්න බැරි තරමට අප්‍රියජනක පුද්ගලයෙක් බවය. බොහෝ කාරණා සම්බන්ධව ඔවුන් දෙදෙනා තුල එකිනෙකට වෙනස් අදහස් පැවති අතර කාලය ගතවීමත් සමඟ ඔවුන් දෙදෙනා ආත්මීය බැඳීමකින් යුත් බුද්ධිමත් හා ඉතා සමීප මිතුරන් බවට පත් වී ඇත. සර්ජි සිය අවධානය මූලික වශයෙන් තොරතුරු කැ
ණීම් පද්ධති සංවර්ධනය වෙත යොමු කල අතර පේජ් විසින් පර්යේෂණ පත්‍රයක ඇති වැදගත්කම පිළිබඳව තිබූ සංකල්පය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සිය අධ්‍යනය සිදු කරනු ලැබීය. අනතුරුව මේ දෙදෙනා එක්ව මහා පරිමාණ "අධිවේගී වෙබ් සෙවීම් යන්ත්‍රයක ව්‍යුහ විද්‍යාව" නමින් පර්යේෂණ පත්‍රයක්ද එළිදක්වන ලදී.දෙදෙනාගේම අදහස් සම්මිශ්‍රණය කරමින් මොවුන් සිය නිදන කාමරය තුල අඩු මිලැති පරිගණක පද්ධතියක් ස්ථාපිත කර ව්‍යාපෘතියක් ආරම්භ කල අතර එය භාවිතයෙන් මොවුන් සිය නව වෙබ් සෙවීම් යන්ත්‍ර සහ ඒවායේ සැලසුම් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘථිය ඉතා වේගයෙන් වර්ධනය වූ අතර මෙම වෙබ් සෙව්ම් යන්ත්‍ර ව්‍යාපෘතිය​ සඳහා වැඩි කාලයක් යොමු කිරීමට මොවුන් දෙදෙනා සිය ආචාර්යය උපාධිය සඳහා වූ විශ්ව ව්ද්‍යාලයේ ලබාගත් අධ්‍යාපනය අතරමඟ නවතා දැමීමට තීරණය කරන ලදී.මාර්ක් මල්සීඩ් දක්වා ඇති පරිදි සිය විශ්වවිද්‍යාල මිතුරන්ගෙන් සහ පවුලේ මිතුරන්ගෙන් ඉල්ලාගත් සුළු මුදලකින් සර්ජි සහ ලැරී විසින් සර්වර් ( Server) පරිගණක මිලට ගත් අතර අනතුරුව ඒවා මෙන්ලෝ පාර්ක් ( Menlo Park) හි පිහිටි ප්‍රසිද්ධ ස්ථානයකට බදු දෙන ලදී. මීට ටික කාලයකට පසුව සන්
මයික්‍රොසිස්ටම්ස් ( Sun Microsystems) හි සම නිර්මතෘවරයෙක් වන ඇන්ඩි බෙක්ටොල්ෂෙයිම් ( Andy Bechtolsheim) විසින් ගූගල් ආයතනය නමට ඇමරිකන් ඩොලර් 100,000 ක් වටිනා චෙක්පතක් ප්‍රදානය කරන ලදී. නමුත් ඒ වනවිටත් ගූගල් නමින් ආයතනයක් නිළවශයෙන් නොතිබීම හේතුවෙන් සහ එයට අදාල ගිණුමක් නොතිබූ බැවින් මෙම චෙක්පත තැන්පත් කිරීම පිළිබඳ මොවුන් දෙදෙනාට ගැටළු මතුවිය."ද ඉකොනොමිස්ට්" සඟරාව විස්තර කරන පරිද්දෙන් සර්ජි ගේ මෙන්ම පේජ් ගේ ජීවිතය පිළිබඳව වූ දැක්ම ගූගල් ආයතනයේ ආදර්ශ පාඨය තුලින් නිරාවරණය වන අතර එමඟින් දැක්වෙනුයේ ලොව පවතින සම්පූර්ණ දැනුම ලෝකයේ සියළු දෙනාටම පරිහරණය කලහැකි විය යුතු බවයි. නූතන මුඳ්‍රණකරණයේ නිර්මතෘ වශයෙන් සැලකෙන ජොහාන්ස් ගුටෙන්බර්ග් ( Johannes Gutenberg) ද මෙවන්ම වූ දැක්මක් සහිතව තම වැඩකටයුතු සිදු කළ අයෙක් බව සඳහන් වේ.1440 දී ජොහාන්ස් ගුටෙන්බර්ග් විසින් යුරෝපයේ ප්‍රථම යාන්ත්‍රික මුද්‍රණාලය ආරම්භ කල අතර එහිදී ප්‍රධානවශයෙන් මහා පරිමාණ මුද්‍රණ කටයුතු සිදුකෙරිණ. මෙමඟින් විශාල දැනුම් සම්භාරයක් බෙදාහැරීමට මඟ විවර වූ අතර මෙය යුරෝපීය පුනරුදය ( Renaissance) ඇතිවීමට ඉවහල් වූ ප්‍රධානතම හේතුවක් විය. ග
ූගල් ආයතනයද වර්තමානයේ සිදු කරනුයේ මීට සමාන කාර්යයභාරයක් වන අතර එහිදී ඔවුන් තාක්ෂණය මූලික වශයෙන් යොදාගෙන මෙම ක්‍රියාවලිය වඩා වේගවත් ලෙස කරගෙන යනු ලබයි.ගූගල් ස්ටෝරි ග්‍රන්ථයේ කතෘවරුන් විසින් ඉහත සංසන්දනය සිදු කළ අතර ජොහාන්ස් ගුටෙන්බර්ග් ගෙන් පසුව සිදු කරන ලද කිසිඳු අළුත් සොයාගැනීමක් පුද්ගලයන්ගේ හැකියාවන් දියුණු කිරීමට සහ තොරතුරු ලබාගැනීමේ හැකියාව වෙනස් කිරීමට ගූගල් තරම් දක්ෂ වී නොමැත. මොවුන් දෙදෙනා විසින් තම නවතම සෙව්ම් යන්ත්‍රය හඳුන්වාදී වැඩි කලක් යාමට පෙරම අන්තර්ජලයෙන් ඔබ්බට ගිය තොරතුරු පිළිබඳව සිය අවධානය යොමුකරන ලදී. කෘතීන් ඉලෙක්ට්‍රොණික ගතකිරීම සහ සෞඛ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීම මේවාට සාක්ෂි වේ.පෞද්ගලික ජීවිතය[සංස්කරණය]සර්ජි බ්‍රින් 2005 වසරේදීසර්ජි 2007 වසරේ මැයි මස බහමාස් ( The Bahamas) හි පදිංචි ඈන් වොජ්ක්සිකි ( Anne Wojcicki) සමඟ විවාහ වූ අතර ඇය යේල් විශ්වවිද්‍යාලයේ ( Yale University) උපාධිධාරියණිකි. 1996 වසරේදී ජීව විද්‍යාව ( Biology) පිළිබඳ විද්‍යාවේදී ( Bachelor of Science) විශේෂ උපාධියක් ලබාගත් ඇය මේ වන විට ජීව තාක්ෂණය ( Biotechnology) පිළිබඳ විශ්ලේෂකවරියක්
ලෙස කටයුතු කරනු ලබයි. සෞඛ්‍යය තොරතුරු විද්‍යාව ( Health informatics) පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ඇය සර්ජි හා එක්ව එම තොරතුරු භාවිතය වැඩිදියුනු කිරීම පිළිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොවුන්ට මෙම ක්ෂ්‍රේත්‍රයේ සිටින හොඳම පර්යේෂකයන් සමඟ මානව ජීනෝම ව්‍යාපෘතිය ( Human Genome Project ) පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවිය. එමඟින් ඒ තුල හසල දැනුමක් ලබාගැනීමට මොවුන් දෙදෙනාට හැකිවුන අතර සර්ජි විසින් තවදුරටත් ආවේණිගතව පැමිණෙන ජාන ( Genetics) වල වූ තොරතුරු ලබාගෙන ඒවා පරිගණක ගැටළු විසඳීමට ඉවහල් කරගැනීම පිළිබඳව කරුණු අධ්‍යනය කරන ලදී. ඔහුගේ බිරිඳ මේ සඳහා ඔහුට ඇගේ පූර්ණ සහයෝගය ලබා දුන් අතර ඒ සඳහා ඇය විසින් '23 ඇන්ඩ් මී' ( 23andMe) නමින් ආයතනයක්ද ආරම්භ කල අතර එමඟින් ප්‍රජාවගේ ජාන සැකසීම (වර්ණදේහ ( Chromosomes) යුගල් 23 )පිළිබඳව විශ්ලේෂණයක් සහ සංසන්දනය කිරීම සිදු කරනු ලබයි. මේ අතර 2008 වසරේදී සර්ජිට හා වොජ්ක්සිකි ට දාව බෙන්ජි නමින් පුතෙක් උපදින අතර 2011 වසරේ අගභාගයේදී දියණියක්ද ඉපදීම සිදුවේ.සර්ජිගේ මව, යුගිනියා මේ කාලයේදී පාර්කින්සන් රෝගයෙන් ( Parkinson'
s disease) පීඩා විඳිමින් සිටි අතර සර්ජි විසින් 2008 වසරේදී සිය මව ප්‍රතිකාර ලබමින් සිටින මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෙද්‍යය පීඨයට ( University of Maryland School of Medicine) පරිත්‍යාගයක් පවා සිදුකර ඇත. 23 ඇන්ඩ් මී ( 23andMe) ආයතනය හරහා සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ඔහු සොයාගනු ලැබුවේ පාර්කින්සන් රෝගය ආවේණිගත ( Hereditary) නොවන රෝගයක් වුවද LRRK2 නම් ජානය (G2019S) ( LRRK2) හා මෙම රෝගය අතර කිසියම් සම්බන්දතාවයක් ඇතිබවයි. එසේම තමගේ හා තම මවගේ මෙම ජානය කිසියම් වූ විකෘති තත්වයකට ( Mutation ) ලක්වී ඇති බවත් ඒ හේතුකොටගෙන තමාටද පසුකලෙකදී පාර්කින්සන් රෝගය වැළඳීමේ 20% සිට 80% ක් දක්වා ප්‍රවණතාවක් අතිබවත් ඔහු අනාවරණය කරගන්නා ලදී. සර්ජි පවසන අන්දමට මෙවන් තත්වයක් පිළිබඳව නොදැන සිටීම එතරම් සුභදායක කරුණක් නොවන අතර මෙය දැනගැනීම හේතුවෙන් තමාට මෙම තත්වය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳව හා මෙම තත්වය පාලනය කිරීමට ක්‍රමවේදයක් පවතීදැයි සෙවීමට පෙළඹීමක් ඇති වූ බව ප්‍රකාශ කර ඇත.මෙම කාරණය පිළිබඳව දිනක් 'ද ඉකොනොමිස්ට්' සඟරාවේ කතුවැකියකින් කියවූයේ සර්ජි ගේ ජානය විකෘති වූ නිසා ඔහුගේ ජාන කේතයෙහි ඇති වූ දෝෂය සහ දිනපතා ගූග
ල් ආයතනයෙහි පරිගණක ඉංජිනේරුවන් විසින් නිවැරදි කරනු ලබන පරිගණක කේතයන්හි පවතින දෝෂ අතර එතරම් වෙනසක් නොමැති බවයි. තවද මේ අවස්ථාවේදී මෙම රෝගයට පිළියමක් සොයාගැනීමට ඔහුට උපකාර කිරීම සියල්ලන්ටම ප්‍රයෝජනයක් ගෙනදිය හැකි කාරණයක් වනු ඇති බවත් එය වැඩි දුරටත් සඳහන් කරණු ලබයි. සර්ජි විසින් සෑම විටම තමන් වාසනාවන්ත යැයි සිතා කටයුතු කරගෙන ගියද මේ ඇතිවී ඇති තත්වය අනුව ඔහු විශාල ප්‍රශ්ණයක සිර වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව සඳහන් කරමින් එය ප්‍රශ්ණ කරනු ලබන්නේ සෑම විටම සෑම තොරතුරක්ම දැනගැනීම උචිත වන්නේද යන්නයි.මේ අතර සර්ජි හා ඔහුගේ බිරිඳ විසින් 'ද බ්‍රින් වොජ්ක්සිකි පදනම' නමින් පදනමක් පිහිටුවා ඇත.චීනයේ ගූගල් වාරනය[සංස්කරණය]සිය ජීවිතයේ තමන් විසින් අත්විඳින ලද අමිහිරිතම මතකයක් වන සෝවියට් දේශය හැරදමා පැමිනීම පිළිබඳ මතකයටත් වඩා ගූගල් ආයතනය විසින් චීන කොමියුනිස්ට් ජනරජය ( China ) වෙත ගූගල් හි සංවේදී සෙව්ම් යන්ත්‍ර ප්‍රතිඵල ලබාදීමට ගත් තීරණය ඉතා අමිහිරි එකක් බව සර්ජි විසින් වරක් ප්‍රකාශ කර සිටි අතර ඔහු තවදුරටත් පවසා සිටියේ චීන ජනතාවට ගූගල් නොමැතිව වුවද තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි බවකි.2010 ජනවාරි මස
12 වන දින ගූගල් ආයතනය සොයාගන්නා ලද්දේ සිය ආයතනයේ පරිගණක සහ අනෙකුත් සම්පත් වෙත දරුණු සයිබර් ප්‍රහාරයක් ( Operation Aurora ) මසක පමණ කාලයක සිට එල්ල වී ඇති බවයි. එය ජීමේල් ගිණුම් දෙකක් හරහා සිදුකර ඇති අතර ආයතනයේ වූ බුද්ධිමය දේපල එමඟින් සොරාගෙන ඇතිබව එමඟින් තහවුරු විය. මෙම සයිබර් ප්‍රහාරය චීනයේ සිට මෙහෙයවන ලද්දක් බව සොයාගැනීමෙන් අනතුරුව ගූගල් ආයතනය විසින් සිය සංවේදී සෙව්ම් යන්ත්‍ර ප්‍රතිඵල තවදුරටත් චීනයට ලබාදීමට එකඟ නොවූ අතර එය මුළු චීනයටම බලපාන පරිදි විය. ඩේවිඩ් ඩෘමන්ඩ් ( David Drummond ), ගූගල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයා පවසන අන්දමට මෙම ප්‍රහාරයේ මූලික පරමාර්ථය වී අත්තේ චීන මානව හිමිකම් ක්‍රියාකාරකම් පිළිබඳව අඩංගු ජීමේල් ගිණුම් වලට පිවිස ඒවායින් දත්ත සොරකම් කිරීමයි. එපමණක් නොව මෙම ප්‍රහාරයට තවත් ආයතන විස්සක් ගොදුරු වූ අතර එම ආයතන මූල්‍යමය, තාක්ෂණ, ජනසන්නිවේදන සහ රසායන යනාදී වශයෙන් විවිධ වූ ක්ෂේත්‍ර වල පවතින ඒවා විය. මෑතකදී සිදු කරන ලද අනාවරණ වලින් තහවුරු වූයේ මෙම ප්‍රහාරය ගූගල් ආයතනයේ වටිනාම සම්පත වන එහි ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ පරිශීලකයන්ගේ ගිණුම් ප්‍රවේශ තොරතුරු අඩංගු මුරපද ප
ාලන පද්ධතියද ඉලක්ක කරගනිමින් එල්ල වූවක් බවය.2010 වසරේ අගභාගයේදී නිළ වශයෙන් චීනය මූලික කරගත් සංවේදී සෙව්ම් යන්ත්‍රය ක්‍රියා විරහිත කල නමුත් එහි හොන්ග් කොන්ග් ( Hong Kong ) වෙබ් අඩවියට එයින් බාධාවක් සිදු නොවීය. ගූගල් ආයතනය වෙනුවෙන් දේශනයකට සහභාගී වූ සර්ජි දිනක් පවසා සිටියේ චීනය පිළිබඳව ගත් මෙම තීරණය ගැන තමා සතුටු වන බවත් එමඟින් අනෙකුත් රටවලට තමන්ගේම ෆයර්වෝලයක් භාවිතයෙන් ආරක්ෂාව සලසාගැනීමට වූ අවශ්‍යතාවය නැතිවී ගිය බවත් සඳහන් කරන ලදී. මේ අතර ස්පීගෙල් සමඟ පැවති තවත් සම්මුඛ සාකච්ඡාවකදී සර්ජි පවසා ඇත්තේ අද වනවිට මාතෘකාවට බදුන් වී අති අන්තර්ජාලයේ විවෘත භාවය ආරක්ෂා කිරීමට හැකි උපරිම ලෙස සටන් කල යුතු බවත් ගූගල් ආයතනය විශ්වාස කරන අන්දමට උක්ත තීරණය මඟින් ඔවුන් සිදුකලේ අන්තර්ජාලය තුල පවතින විවෘත හා නිදහස් භාවය හා ඒවාට අදාල මූලධර්ම සුරැකීමට ඔවුනට කලහැකි වඩාත්ම උචිත ක්‍රියාමාර්ගය බවත්ය.සෙනට් සභික බ්‍රොන් ඩෝගන් ( Byron Dorgan ) ප්‍රකාශ කරන්නේ ගූගල් සමාගම විසින් ගත් මෙම තීරණය තොරතුරු ප්‍රකාශ කිරීමට හා භාවිතයට ඇති නිදහස ආරක්ෂා කිරීමට ලබාගත් ඉතා වැදගත් එකක් වන බවයි.තවද කොන්ග්‍රස් සභිකයෙකු වන බොබ් ගුඩ්ල
ට් ( Bob Goodlatte ) ද පවසා සිටියේ ගූගල් ආයතනය ලබාගත් මෙම නිර්භීත පියවර වන ගූගල් හි චීනය සඳහා වූ සංවේදී සෙව්ම් ප්‍රතිඵල අත්හිටුවීම පිළිබඳව තමන් බොහෝ සේ සතුටු වන බවයි. ගූගල් ආයතනය විසින් මෙම තීරණය ගැනීමෙන් පුද්ගල නිදහසට සීමා පවතින චීනයට ලබාදුන් පිළිතුර ඉතා කැපී පෙනෙන එකක් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. ව්‍යාපාර දෘෂ්ඨිකෝණයෙන් සලකා බැලූවිට මෙම තීරණය ගූගල් ආයතනයේ ලාභය වැඩිවීමට බලවත් ලෙස හේතු වී ඇති අතර 'ද නිව් රිපබ්ලික්' සඟරාව පවසන්නේ ගූගල් ආයතනය මේ වන විට සිය ක්‍රියාදාමයන් තුලින් විද්‍යාව හා ස්වාධීනත්වය අතර සංදිස්තානයකට පැමිණ ඇති බව හා එය ඇන්ඩ්‍රෙ සාකෝව් ( Andrei Sakharov ) පවසන ආකාරයට බල පරාක්‍රමයක් බවත්ය.සම්මාන සහ පිළිගැනීම්[සංස්කරණය]2002 වර්ෂයේදී සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් වයස අවුරුදු 35න් පහල ලෝකයේ වූ හොඳම නවෝත්පාදකයන් 100 අතරට එක්වන බව ‘එම් අයි ටී ( Massachusetts Institute of Technology ) ටෙක්නොලොජි රිවීව් ( Technology Review ) TR100 ( TR100 )’ මඟින් නම් කරන ලදී.2003 වසරේදී සර්ජි සහ පේජ් යන දෙදෙනාටම 'අයි ඊ බිස්නස් ස්කූල් ( IE Business School )' ආයතනය විසින් ව්‍යාපාර පර
ිපාලන ආචාර්යය ( Master of Business Administration ) ගෞරවාන්විත ( Honorary degree ) උපාධියක් පිරිනමන අතර මෙය ඔවුනට හිමිවුයේ නව ව්‍යාපාර ආරම්භ කිරීම හා නව ව්‍යාවසායකත්වය වෙනුවෙන් දක්වන ලද දායකත්වය අගය කිරීම උදෙසා වේ. 2004 වසරේදී මොවුන් උසස් ඉංජිනේරු කාර්යයන් සඳහා වූ 'මාකොනි පදනම' ( Marconi Foundation ) පිරිනමන ලද ත්‍යාගයකට උරුමකම් කී අතර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ( Columbia University ) 'මාකෝනි' පදනම විසින් මොවුන් දෙදෙනා තම හවුල්කරුවන් ( Fellows ) ලෙස නම් කිරීමද වැදගත් සිදුවීමකි. මේ පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමේදී 'මාකෝනි' පදනමේ සභාපති වන ජේ සෙලින් පවසා සිටියේ සර්ජි සහ පේජ් විසින් සිය සොයාගැනීම් තුලින් වර්තමාන තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය නව මඟකට ගෙන ඇති බවයි.2004 වර්ෂයේදී සර්ජි පේජ් සමඟ චිකාගෝ හීදී පැවැත්වූ උත්සවයකදී 'ඇකඩමි ඔෆ් ඇචීව්මන්ට්ස් ගෝල්ඩන් ප්ලේට් ' ( Academy of Achievement's Golden Plate Award ) සම්මානය ලබාගන්නා ලදී.2009 වසරේදී 'ෆෝබ්ස්' සඟරාව ( Forbes magazine ) මඟින් සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් ලෝකයේ සිටිනා බලවත්ම පුද්ගලයින් අතරින් පස්වන ස්ථානයේ සිටිනා බව පළකරන ලදී. එම වසරේම ම
ුල්භාගයේදී, එනම් පෙබරවාරි මාසයේදී බ්‍රින් ව 'නැෂනල් ඇකඩමි ඔෆ් ඉන්ජිනියරින්' ( National Academy of Engineering ) වෙත ඇතුලත් කරන අතර මෙය ඉංජිනේරුවරයෙකුට ලඟාවිය හැකි උසස්ථම වෘත්තීමය ස්ථානයන්ගෙන් එකකි. එහිදී ඔහුට විශිෂ්ඨ ඉංජිනේරු පර්යේෂණයක් සිදුකිරීම සහ එහි ක්‍රමවේදය සඳහා ගෞරවාදර්ශයට පාත්‍රවිය. විශේෂයෙන් මේ සඳහා ඔහුව තෝරාගන්නා ලද්දේ ලෝක විසිරි වියමනහි වූ තොරතුරු මනා ලෙස සුචිගත කොට සමුද්ධරණය ක්‍රමවත් කිරීමට ඉවහල් වූ ක්‍රියාවලියක් ඇතිකිරීම වෙනුවෙන්ය.ගූගල් ආයතනයේ හවුල්කරුවන්ගේ පැතිකඩයන් සලකා බැලීමේදී මොවුන්ට හිමිවූ තවත් සම්මාන පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැක. විශේෂයෙන් ජාතික විද්‍යා පදනම( National Science Foundation ) හි පැතිකඩ හි පහත තොරතුරු අඩංගු වේ .ලෝක ආර්ථික සැසිය ( World Economic Forum ) විසින් පවත්වන ලද තාක්ෂණය,රසාස්වාදය සහ සැලසුම් පිළිබඳ සමුළුවේ ආරාධිත කථිකයෙක් වශයෙන් ඇමතීමට සර්ජිට අවස්ථාව ලැබීම, 'පී සී මැගසින්' ( PC Magazine ) සඟරාව මගින් 1998 වසරේදී ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි සහ වෙබ් සෙව්ම් යන්ත්‍ර 10 අතරට ගූගල් වෙබ් සෙව්ම් යන්ත්‍රය නම් කරන ලද අතර 1999 වසරේදී නව වෙබ් වැඩසටහන් නිපදවී
ම සඳහා වූ තාක්ෂණික විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබීම, 2000 වසරේදී තාක්ෂණික සාධනය සඳහා වූ ජනතා සම්මානයක් වන 'වෙබී' සම්මානයෙන් ( Webby Award ) පිදුම් ලැබීම, 2001 වසරේදී "සර්ච් එන්ජින් වොට්ච් අවෝඩ්ස්" මඟින් වසරේ හොඳම වෙබ් සෙව්ම් සේවාව සඳහා වූ සම්මානය, හොඳම වෙබ් රෑපරාමු සෙවීම් යන්ත්‍රය සඳහා වූ සම්මානය, හොඳම වෙබ් සැලසුමට හිමි සම්මානය, හොඳම පරිශීලකමිත්‍ර වෙබ් සෙව්ම් උපකරණයට අදාල සම්මානය සහ හොඳම ගුණාංගික වෙබ් සෙව්ම් උපකරණයට හිමි සම්මානය යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද ඒ අතර වේ.'ෆෝබ්ස්' ව්‍යාපාර සඟරාවට ( Forbes magazine ) අනුව සර්ජි 2012 වසරේ මාර්තු මාසය වන විට ඇමරිකන් ඩොලර් බිලියන 18.7ක වත්කමකට හිමිකම් කියමින් ලොව 24වන ධනවත්ම පුද්ගලයා ලෙසට නම් කොට ඇත.අනෙකුත් යොමුවීම්[සංස්කරණය]සර්ජි ගූගල් ව්‍යාපෘතියට අමතරව වෙනත් ව්‍යාපෘති වලද මීට සමගාමීව නිරතවී සිටියි. උදාහරණයක් වශයෙන් ඔහු සහ පේජ් විසින් ලොව කතාබහට බඳුන් වී ඇති තවත් මාතෘකාවක් වන බලශක්තිය හා කාළගුණය පිළිබඳව වූ ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා 'පිලන්ත්‍රොපික්( philanthropic ) ආර්ම් ගූගල්.( Google.org )'නම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙමගින් විකල
්ප බලශක්තීන් ( Alternative energy ), බලශක්ති ප්‍රතිනිර්මාණය ( Renewable energy ) සහ බලශක්ති නව්‍යකරණය යටතේ විමර්ශනය සිදු කරන අතර ඒ සඳහා මූල්‍යමය ආයෝජනයන් සිදු කරනු ලබයි.එනම් තාක්ෂණය භාවිතා කර මෙම ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම මෙම ආයතනයෙහි මූලික අරමුණ වේ. උදාහරණයක් ලෙස 2010 වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය මගින් අභ්‍යන්තර සුළං බලශක්ති සංවර්ධිත වැඩසටහනකට ආයෝජනය සිදු කළ අතර මෙය නැගෙනහිර වෙරල බලශක්ති සංචිතයට බලශක්තිය සැපයීම අරමුණු කරගෙන ඇතිකිරීමට බලාපොරොත්තු වන්නකි. මෙම යෝජිත ව්‍යාපෘතිය මහාපරිමාණ සුළං අභ්‍යන්තර බලශක්ති ව්‍යාපෘතියක් ලෙස හැදින්වේ. මෙම ව්‍යාපෘතිය හදුන්වා දීමට සතියකට පමණ පෙර මොවුන් නව මෝටර් රථයක් හඳුන්වා දුන් අතර එය කෘතිම බුද්ධියක් යටතේ වීඩියෝ කැමරා සහ රේඩාර් සංවේදක මඟින් පාලනය වන්නකි. අනාගතයේදී මෙවන් සංවේදක සහිත මෝටර් රථ වල රියදුරන් හට මාර්ග අනතුරු පිළිබඳ අවදානම ඉතා අවම මට්ටමකින් දැනෙනු ඇතැයි සදහන් වේ. එලෙසම මෙම ආරක්ෂිත වාහන ඉතාමත් සැහැල්ලු ආකාරයට නිපදවිය හැකි බවත් එමඟින් ඒවායේ ඉන්ධන පරිභෝජනයද ඉතා අවම මට්ටමක පවතින බවත් සඳහන්ය.මේ අතර මෙම ව්‍යාපෘතිය සදහා විවිධ ආයතන සමග අත්
වැල් බැඳගෙන ලෝක බලශක්ති සැපයුම වැඩිකිරීම සඳහා තවදුරටත් සිදු කළ හැකි විසඳුම් පිළිබඳව අධ්‍යනය කිරීම සිදුවෙමින් පවතියි. තවද මොහු විසින් 'ටෙස්ලා මෝටර්ස්' ( Tesla Motors ) නැමති මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ආයෝජනය කර ඇති අතර මොවුන් විසින් 'ටෙස්ලා රෝඩ්ස්ටර්' ( Tesla Roadster ) නැමති සැතපුම් 244 (කිලෝමීටර 393) බැටරි පරාසයකින් යුත් යාන්ත්‍රික මෝටර් රථයක් ( Battery electric vehicle ) නිපදවා ඇත.2004 වර්ෂයේදී සර්ජි සහ ලැරී පේජ් සතියේ ජනප්‍රියතම පුද්ගලයන් ලෙස 'ඒ බී සී වර්ල්ඩ් නිව්ස් ටුනයිට්'( ABC World News Tonight ) වැඩසටහන මගින් නම් කරන ලදී. 2005 වසරේ ජනවාරි මාසයේදී ඔහු ලෝක ආර්ථික සැසියේ ( World Economic Forum ) තරුණ ලෝක නායකයෙක් ලෙස සිය නාම යෝජනා බාරදීම සිදු කරන ලදී.මේ අතර සර්ජි සහ පේජ් විසින් 'බ්‍රෝකන් ඇරෝව්ස්' ( Broken Arrows ) නම් 2007 වසරේදී තිරගත වූ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කොට ඇත. 2008 වසරේ ජූනි මාසයේදී සර්ජි ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' ( Space Adventures ) නැමති වර්ජිනියා ( Virginia ) ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අභ්‍යාවකාශ සංචාරක ආයතනයට ( Space tourism ) ආයෝ
ජනය කරන ලදී. මෙම ආයෝජනය 2011 වසරේ 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' ( Space Adventures ) ආයතනය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන අභ්‍යවකාශ ගමන් සඳහා වෙන් කරන ලදී. මේ අතර 'ස්පේස් ඇඩ්වෙන්චර්ස්' යනු සංචාරකයන් අභ්‍යවකාශයට ගෙනයන එකම ආයතනය වන අතර දැනට පුද්ගලයන් 5 දෙනෙකු මේ හරහා අභ්‍යාවකාශ සංචාරය පිණිස එක් කොට ඇත.සර්ජි සහ පේජ් විසින් හවුලේ 'බෝයිං 767-200' ( Boeing 767–200 ) සහ 'ඩෝනියර් ඇල්ෆාජෙට්' ( Dornier Alpha Jet ) යන යානා වලට හිමිකම් කියන අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් එහි නඩත්තුකිරීම් කටයුතු සඳහා වෙන් කරනු ලැබේ. තවද ගූගල් ආයතනය තවත් 'ගල්ෆ්ස්ට්‍රිම් V' ( Gulfstream V ) වර්ගයේ ජෙට් යානා 2කටද හිමිකම්කියන අතර ඒවා දැනට කැලිෆෝනියාවේ 'මොෆෙට්' ෆෙඩරල් ගුවන් තොටුපලේ ( Moffett Federal Airfield ) තබා ඇත. මෙම අභ්‍යවකාශ යානා සතුව 'නාසා' ( NASA ) ආයතනය මඟින් නිපදවා සවිකරන ලද විද්‍යාත්මක උපකරණ පවතින අතර එමඟින් අභ්‍යවකාශ තරණය සිදු කරන අතරවාරයේදී අවශ්‍යය පර්යේෂණාත්මක දත්ත සටහන් කරගැනීම සිදු කරනු ලබයි.2012 වසරේදී සර්ජි 'ප්‍රොජෙක්ට් ග්ලාස්' ( Project Glass ) නැමති වැඩසටහනක නිරත වූ අතර එය ගූගල් ( G
oogle ) ආයතනය මගින් මෙහෙය වූ 'ඔග්මන්ටඩ් රියලිටි ( Augmented reality ) හෙඩ්-මඋන්ටඩ් ඩිස්ප්ලේ ( Head-mounted display )' නැමති පර්යේෂණ වැඩසටහනට අයත් වූවකි.මෙම 'ප්‍රොජෙක්ට් ග්ලාස්'වැඩසටහන මගින් අපේක්ෂිත ප්‍රතිඵලය වනුයේ අන්තර්ජාලය හරහා තමන්ගේ මව් භාෂා තුලින් ශ්‍රව්‍යමය මාධ්‍යයෙන් ගණුදෙනු කිරීම සහ එමගින් අදාල සේවා ලබාගැනීමයි.මීට සමගාමීව සර්ජි විසින් 'ගූගල් ඩ්‍රයිවර්ලස් කාර්' ( Google driverless car ) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර 2012 මස අත්සන් කරන ලද 'කැලිෆෝනියා ඩ්‍රයිවර්ලස් වෙහිකල් බිල්' ගිවිසුම මගින් සර්ජි බලාපොරොත්තු වන්නේ වසර 5ක් ඇතුලත රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මකවන මෝටර් රථ සාමාන්‍ය මහජන භාවිතයට නිකුත් කිරීමටය.යොමුව[සංස්කරණය]ඉංග්‍රිසි ලිපියශුක්‍රාණු ප්‍රදානය යනු පුරුෂයෙකු (‘ශුක්‍රාණු දායකයා’ ලෙසින් හැඳින්වේ) විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීම සඳහා භාවිතා කරනු වස් ඔහුගේ ශුක්‍රාණු සැපැයුම (හෝ ‘දන්දීම’) වෙයි.සබැඳි වෛද්‍ය සදාචාර, නීති සහ රීති[සංස්කරණය]තම ශුක්‍රාණු දායකත්වය නිසාවෙන් බිහිවන සැම දරුවෙකුගේම ස්වභාවික හෝ ජීවවිද්‍යාත්මක පියා වන්නේ ශුක්‍රාණු දා
යකයා වුවත්, සාමාන්‍ය වශයෙන් ඔහු නීතිමය හෝ නීති ප්‍රකාර හෝ පියා ලෙස සැලකීමට බලාපොරොත්තු නොවේ. පසුකලෙක පිතෘක හිමිකම් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබීමට හෝ පිතෘක බැඳීම් සඳහා වගකීම දැරිමට නියම කරනු ලැබීමට හෝ ඔහු හට විය හෝ නොවිය හෝ හැක්කේ අධිකරණ බලය හා එහි නීති බලපැවැත්වෙන ප්‍රකාරයටය.බොහෝවිට ශුක්‍රාණු බැංකුවක් හෝ සායනයක් හෝ අනුසාරයෙන් ශුක්‍රාණු දන්දෙනු ලබන අතර, දායක නිර්නාමිකත්වය හා දාරකයන් ගණන පිළිබඳ සීමාකිරීම් ඇතුළු විවිධවූ ප්‍රාන්තමය රෙගුලාසි වලට මෙම ආයතන යටත් වෙති. මවක වීමට අදහස් කරන තැනැත්තියට පෞද්ගලිකව හා සෘජු ලෙසින් ශුක්‍රාණු සැපයීමෙන්, නීතිමය සීමාකිරීම් මගහැරීමට දායකයන් හා ප්‍රතිග්‍රාහකයන් විසින් සමත්වූවද ප්‍රතිග්‍රාහකයාගේ නීතිමය රැකවරණද දායකයාගේ අයිතිවාසිකම් සහ වගකීම්ද ලබාගන්නට බැරිවෙයි.දායක ශුක්‍රාණුවල ප්‍රාථමික ප්‍රතිග්‍රාහකයන් වන්නේ පුරුෂ අසාරතාවයෙන් පීඩා විඳින අසමලිංගික යුගලයන්, සමලිංගික සේවන ස්ත්‍රී යුගලයන්, සහ යුගල නොවී තනිව ජීවත්වන කාන්තාවන් වෙති.[1] ශුක්‍රාණු බැංකුවක සේවය ලබා ගැනුමේදී, බාහිර පෙනුම, පෞරුෂත්වය, ශාස්ත්‍රීය හැකියාව, ජාතිය, සහ වෙනත් බොහෝ කරුණු මත පදනම් වෙමින්
ඔවුන්ගේ දායකයා තෝරාගැනුමෙහි හැකියාව ප්‍රතිග්‍රාහකයන් සතු වෙයි. ස්වයං-වාරණය හෝ නියාමනය හෝ නිසාවෙන්, සමහරක් ශුක්‍රාණු බැංකු විසින්, භව්‍ය ප්‍රතිග්‍රාහකයන් වෙත ලබා දෙන තොරතුරු ප්‍රමාණය වෙත සීමා පනවති; කලින් දන්නා දායකයෙක් සහ/හෝ පෞද්ගලික දායකයක් වෙත ප්‍රතිග්‍රාහකයන් විසින් නැඹුරුවීමට එක් හේතුවක් වන්නේ වැඩි වැඩියෙන් තොරතුරු ලබා ගැනීමට ඇති රිසියයි.ආශ්‍රිත[සංස්කරණය]↑ Single Mothers by Choice.comබාහිර සබැඳි[සංස්කරණය]ස්පර්ම් ඩොනේෂන් ඉන් ද යූකේ (එක්සත් රාජධානියෙහි නියාමන ආයතනය - ශුක්‍රාණු ප්‍රදානයට පහසුකම් සපයන සියළුම එරා සායන ලැයිස්තුගත කරයි)ස්පර්ම් ඩෝනර්ස්Sperm Donation at the Open Directory Projectvteප්‍රජනන සහායක තාක්‍ෂණමදසරුබවස්ත්‍රීපුරුෂමදසරු සායනමදසරු දේශාටනයසාඵල්‍යතා ප්‍රතිකාරGnRH සාරක එස්ට්‍රොජන් විරෝධකක්ලොමිෆීන්අරෝමටෙස් නිශේධකයගොනැඩොට්‍රොපින්මෙනොට්‍රොපින්hCGFSHඉන් විට්‍රෝ සංසේචනය (IVF) and expansionsඩිම්බකෝෂ අධීඋත්තේජනයපාරයෝනි ඩිම්බ සමුද්වරණයකළල මාරුවඋපකෘත සොනා කඩමාරුවඅභ්‍යන්තරසෛලප්ලාස්මික ශුක්‍රාණු නික්ෂේපණයඔටෝලොජස් එන්ඩෝමේට්‍රියල් සහරෝපණයයුක්තාණු ඉන්ට
්‍රාෆැලොපියල් හුවමාරුවසෛල ප්ලැස්ම හුවමාරුවඩිම්බ ප්‍රදානයගැබ වාහකයාපුර්ව අධිරෝපණ ජානමය රෝග විනිශ්චයඉන් විට්‍රෝ මේරීමඔසයිට් වරණයඅනෙකුත් ක්‍රමජන්මාණු ඉන්ට්‍රාෆැලෝපියල් හුවමාරුවලිංගිකත්වය තේරීමකෘත්‍රිම සිංචනයශුක්‍රාණු ප්‍රදානයඅන්වාදේෂකත්වයප්‍රජනක සැත්කමප්‍රති වාසෙක්තමිශුක්‍රාණු රැස් කිරීමක්‍රයෝසංරක්ෂණයoocytesemenovarian tissueකළලයපරිත්‍යාග කිරීමශුක්‍රාණුඩිම්බකළලශුක්‍රාණු බැංකුදායකයන් ලියාපදිංචි කිරීමදායක උරෝජාතින් ලියාපදිංචියආචාර ධර්මART වෙත ආගමික ප්‍රතිචාරඅහඹු ව්‍යභිචාරයත්‍රි-මවුපිය දරුවන්In fictionSee subsections in e.g. surrogacy and sperm donationw:en:reproduction and pregnancy in speculative fictionසැකිල්ල:Female reproductive system navsසැකිල්ල:Obstetric navsබස්නාහිර පළාතWestern Provinceපළාතශ්‍රී ලංකාව තුල පිහිටුමඛණ්ඩාංක: 06°50′N 80°05′E / 6.833°N 80.083°E / 6.833; 80.083ඛණ්ඩාංක: 06°50′N 80°05′E / 6.833°N 80.083°E / 6.833; 80.083රටශ්‍රී ලංකාවසංස්ථාපනය1833පිළිගැනීම14 නොවැම්බර් 1987අග නගරයකොළඹවිශාලතම නගරයකොළඹරජය • ආණ්ඩුකාරමාශල් ඔෆ් ද එයා රොශා
න් ගුණතිලක  • ප්‍රධාන අමාත්‍යප්‍රසන්න රණතුංගසරිය • මුළු3,709 කිමී2 (1,432 සතරැස් සැත)භුමිප්‍රමාණ අනුස්ථිතිය9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% )ජනගහණය(2001) • මුළු5,361,200 • අනුස්ථිතිය1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) • ඝණත්වයBad rounding here1,400/කිමී2 (Bad rounding here3,700/වර්ග සැත) පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇතදළ දේශීය නිෂ්පාදිතය (2010)[1] • සම්පූර්ණරු 2,178 බිලියන • අනුස්ථිතිය1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% )වේලා කලාපකොළඔ (UTC+05:30)නිල භාෂාසිංහල, දෙමළවෙබ් අඩවියwpc.gov.lk/බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්) (දෙමළ: மேற்கு மாகாணம்) යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත. බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 square කිලෝmetres (3.97640×1010 sq ft) ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය
ලෙස ඇ.එ.ඩො. 3,808 ක් වාර්තා කර ඇත.ඉතිහාසය15 වන සියවසේදී වත්මන් බස්නාහිර පළාතෙන් කොටසක් කෝට්ටේ රාජධානියට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ මූලස්ථානයද විය. ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාව පහතරට සිංහල, උඩරට (නුවර) සිංහල, දෙමළ යනුවෙන් ජන නිකායන් 3කට වෙන්විය. බස්නාහිර පළාත් දිසාව පහතරට සිංහල ප්‍රජාවේ කේන්ද්‍රස්ථානය විය. පසුව ක්‍රි.ව. 1833 දී කෝල්බෲක් - කැමරන් ආණ්ඩුක්‍රම කාලයේදී ශ්‍රී ලංකාව භුගෝලීය වශයෙන් පළාත් පහකට වෙන්කරනු ලැබිය. ඉන් එකක් වන බස්නාහිර පළාත කොළඹකළුතරපුත්තලමහලාවතසතර කෝරලයසත්කෝරලය (වර්තමාන කුරුණෑගල)තුන්කෝරලයපහත බුලත්ගම (වර්තමාන කෑගල්ල)යන දිස්ත්‍රික්ක වලට වෙන්කර තිබුණි. ඉන් ක්‍රි.ව.1845 දී සත් කෝරලය, පුත්තලම හා හලාවත වයඹ පළාතටත්, 1889 දී සතර කෝරලය,තුන් කෝරලය හා පහත බුලත්ගම යන ප්‍රදේශ සබරගමුව පළාතට වෙන් කරනු ලැබිය. 2030 දී බස්නාහිර පළාත බස්නාහිර මෙගාපොලිස් (Western Region Megapolis) යන ව්‍යාපෘතියක් යටතේ සියලූම අංශවල දියුණු වැඩපිළිවෙළක් ඇරඹිමට සූදානම් ය. මෙහිදී වත්මන් දිස්
ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කලාපීකරණය කරනු ලැබේ.භූගෝලීය පිහිටීම හා දේශගුණයවිශාලත්වයෙන් වර්ග කිලෝමීටර 3684ක් වන මෙම පළාත ලක්ෂද්වීප් මුහුදට නැගෙනහිරින්ද, සබරගමුව පළාතට බටහිරින්ද, වයඹ පළාතට දකුණින්ද, දකුණු පළාතට උතුරින්ද පිහිටා ඇත. නාගරීකරණය වී ඇති බැවින් මෙම පළාතේ සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්ව වලින් ඉතා හානියට පත්වේ. දිස්ත්‍රික්කබස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත:කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය 642 වර්ග කිලෝ මීටර (6.91×109 sq ft)ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය 1,386.6 වර්ග කිලෝ මීටර (1.4925×1010 sq ft)[2]කළුතර පරිපාලන දිස්ත්‍රික්කය 1,606 වර්ග කිලෝ මීටර (1.729×1010 sq ft)එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස 2505ක් ඇත.දිස්ත්‍රික්කයඅගනුවරදිස්ත්‍රික් ලේකම්ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනග්‍රාම නිලධාරි වසම් ගණන[3][4][5]විශාලත්වය(km2)[6]භූමි ප්‍රමාණය(km2)[6]ජනගහනය (2012 ඇස්තමේන්තුගත)[7]ජනගහන ඝනත්වය(/km2)සිංහලශ්‍රී ලංකා යෝනකශ්‍රී ලංකා දෙමළඉන්දිය දෙමළවෙනත් (මුස්ලිම්/බර්ගර්)මුළුකොළඹකොළඹSunil K
annangara135666996761,771,319242,728231,31827,33637,1082,309,8093,304ගම්පහගම්පහJ. J. Rathnasiri131,1771,3871,3412,079,11595,50180,07110,87929,0752,294,6411,654කළුතරකළුතරU. D. C. Jayalal147621,5981,5761,054,991112,27624,36223,6112,0201,217,260762Total402,5053,6843,5934,905,425450,505335,75161,82668,2035,821,7101,580පළාත් පාලන සීමාමහ නගර සභා සීමාකොළඹමීගමුවගම්පහදෙහිවල ගල්කිස්සකඩුවෙලශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේමොරටුවනගර සභා සීමාකළුතරමිනුවන්ගොඩමහරගමකැස්බෑවකොලොන්නාවවත්තලජාඇලකටුනායක - සීදුවපාදුක්කපිළියන්දලපෑලියගොඩප්‍රාදේශීය සභා සීමාකොටිකාවත්ත - මුල්ලේරියාවවත්තලජා-ඇලකිරිබත්ගොඩකැලණියසීතාවකපුර (අවිස්සාවේල්ල)ඉංගිරියබණ්ඩාරගමහෝමාගමමූලාශ්‍ර↑ :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයස්ට් ජීඩීපී ග්‍රෝත් රේට්↑ ඩිස්ට්‍රික්ට්ස් සෙක්‍රටේරියන්ට්ස්, http://www.ds.gov.lk/dist_gampaha/english/admin3.php, ප්‍රතිෂ්ඨාපනය 2013-02-28 ↑ "Grama Niladhari Divisions". Colombo Dis
trict Secretariat.↑ "Grama Niladhari Divisions". Gampaha District Secretariat.↑ "Grama Niladhari Divisions". Kalutara District Secretariat.↑ 6.0 6.1 "Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2011. Department of Census & Statistics, Sri Lanka.↑ "A2 : Population by ethnic group according to districts, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.vteබස්නාහිර පළාත, ශ්‍රී ලංකාව සඳහා යාබද ස්ථාන වයඹ පළාතලක්ෂද්වීප මුහුද බස්නාහිර පළාත සබරගමුව පළාත දකුණු පළාත, ශ්‍රී ලංකාව‎vteශ්‍රී ලංකාවේ පළාත්මධ්‍යමනැගෙනහිරඋතුරු මැදඋතුරවයඹසබරගමුවදකුණඌවබස්නාහිරකැප්ටන් කුළුණපිහිටීමකඩුගන්නාව, ශ්‍රී ලංකාවඋසඅඩි 200කැප කරන ලද්දේකැප්ටන් ඩෝසන් සිහිකරනු වස්කපිතාන් ඩෝසන් සිහිකරනු වස් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට බ්‍රිතාන්‍ය ලංකාව වූ ශ්‍රී ලංකාවේ කොළඹ-මහනුවර මාර්ගයේ කඩුගන්නාව පිහිටි කපොල්ල ආසන්නයෙන් ඉදිකොට තිබෙන ධවල ස්මාරක කණුව ඩෝසන් කුළුණ ලෙස හඳුන්වයි.[1]අතීතය[සංස්කරණය]බ
්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදිකල මුල්ම මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මාර්ගයේ වැඩ කටයුතු 1820 වර්ෂයේදී අරඹන ලදී. එම මාර්ගයේ වරකාපොල සිට අඹන්පිටිය දක්වා වූ සැතපුම් 11 ක් පමණ දුර ප්‍රමාණයක ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ (Thomas Skinner) අධීක්ෂණය යටතේද, මාර්ගයේ ඉතිරි සම්පූර්ණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේද සිදුකිරීමට නියමිතව තිබුණි.මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියත් අවාසනාවකට මෙන් එය සම්පූර්ණ කිරීමට පෙර, කැප්ටන් ඩෝසන් හදිසියේ අසනීප වීම නිසා ඔහුට ප්‍රතිකාර කරනු පිණිස කොළඹට රැගෙන යන ලදී. කෙසේ වූවත් 1829 මාර්තු 28 වැනි දින කොළඹදී කැප්ටන් ඩෝසන් අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2]ස්මාරකයක් ගොඩනැංවීම[සංස්කරණය]මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කල යුතු යැයි සිතූ ඔහුගේ මිතුරෝ පිරිසක්, ඊට අදාල යෝජනාවක් එවක ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විට නික්ම ගොස් සිටියත්, ඉන
් පසුව පැමිණි සර් රොබට් හොර්ටන් (Sir Robert Horton) ආණ්ඩුකාරවරයා, කැප්ටන් ඩෝසන් විසින් සිදු කරන ලද වටිනා සේවය දැකහඳුනාගනිමින්, ඉදිරිපත් කරන ලද එම යෝජනාවට සිය අනුමැතිය ලබා දෙන ලදී.මේ අනූව වැඩකටයුතු සිද්ධවෙමින්, කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ඉදිකරනා ස්මාරකය, කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව පිහිටුවීමට සැලසුම් කල අතර ඊට මුල් ගල තැබීම, එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කරනු වස් ලන්ඩනයේ හයිඩ් පාක්හී තැනූ කුළුණට මුල් ගල තැබූ දිනයේම සිදු කරන ලදී. ඉදිකර නිමකරනු ලැබූ ඩෝසන් කුළුණෙහි උස, ලන්ඩන් වෙලින්ටන් කුළුණේ උසට (අඩි 200) සමානවම තනා ඇති බැව් සඳහන් වෙයි.[2]මූලාශ්‍ර[සංස්කරණය]↑ පියර්, එල්. එච්. (2018). ට්‍රාන්ස්ග්‍රෙසිව් රොමෑන්ටිස්ම් (ඉංග්‍රීසි බසින්). කේම්බ්‍රිජ් ස්කෝලර්ස් පබ්ලිෂිං. p. 66.↑ 2.0 2.1 "කළම්බු-කැන්ඩි රෝඩ් ඇන්ඩ් ද ඩෝසන් ටවර්". සුමනා සපරමාදු. සන්ඩේ ඔබ්සවර්. 2011. සම්ප්‍රවේශය 28 මැයි 2014.මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැ
ඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමෙන් කලින් කලට අර්ථකථනයන් දෙන්නට යෑමෙන් දහම් අරුත් වරදවා තේරුම් ගත හැකි නිසා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමට වඩා වාචිකව හෙවත් මුඛ පරම්පරාවෙන් ගෙන එමටයි. ඒ, දහම් පදවල අරුත් මතු කරන පද නිරුක්ති නොදන්නාකම නිසාය. ඇතැම් විට මෙහි භාෂාමය අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ දෝෂ ආදිය තිබිය හැකි වුවත් එවා කිසිසේත්ම ධර්මාවබෝධයට බධාවක් නොවන්නේ භාෂා රීතිය කුමක් වුවත් අවශ්‍ය වන්නේ අදහස තේරුම් ගැනීම පමණක් වන බැවිනි.ආශ්‍රමය වෙත ළඟා විය හැකි ගමන් මාර්ග[සංස්කරණය]අවිස්සාවෙල්ල - රුවන්වැල්ල - නිට්ටඹුව මාර්ගයේ ගෝණගල්දෙනිය හංදියනිට්ටඹ
ුව සිට රුවන්වැල්ල මර්ගයේ ඌරාපොල හරහා ගෝණගල්දෙනිය හංදියකඩුවෙල - වැලිවේරිය - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදියහොරන - පාදුක්ක - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදියහෝමාගම - ගොඩගම - හංවැල්ල - පූගොඩ - කිරිඳිවැල - ඌරපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදියනුවර - කොළඹ පාරේ පස්යාල හරහා - අත්තනගල්ල - ඌරාපොල - රුවන්වැල්ල මර්ගයේ ගෝණගල්දෙනිය හංදිය - ගෝණගල්දෙනිය හංදියේ සිට බස්නාගොඩ පාරේ මීටර් 100 ක් පමණ ඉදිරියෙන් දකුණුපස අරිය චින්තාශ්‍රමය පිහිටා ඇත.බාහිර සබැඳි[සංස්කරණය]වහරක අරිය චින්තාශ්‍රමයසැගවුණු බුදු දහම![permanent dead link]සැඟවුණු බොදුමග යළි පුබුදන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් සංරක්ෂණය කළ පිටපත 2010-06-23 at the Wayback MachineBuddhism for Nirvana - නිවන් මග එලි කරන ආර්ය ධර්මය!සැගවුණු බොදු මග කල එලි දකී!පීලික්ස් ආර් ද සොයිසාඋපතබලපිටිය ලංකාවනිවහනජපානයජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපතිආගමබෞද්ධපීලික්ස
් ආර් ද සොයිසා (ඉංග්‍රීසි: Felix R de Zoysa) යනු ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි.ජීවන සටහන්[සංස්කරණය]පීලික්ස් ආර් ද සොයිසා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය]පීලික්ස් ආර් ද සොයිසාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්ගුප්තශාස්ත්‍ර ද්වාරයගුප්තශාස්ත්‍ර (Occult Knowledge, ලතින් බසින් occultus; සැඟවුන, රහස්‍ය) යනු සාමාන්‍ය පුද්ගලයන්ගේ පංචේන්දියට ගෝචර වන සීමාවෙන් එපිට පවතින සැඟවුන යථා ස්වභාවයන් ගැන කරන හැදෑරීමයි.[1]මෙය හේතුවාදයට සහ භෞතික විද්‍යාවට එපිටින් යන ගැඹුරු දාර්ශනික සහ අධ්‍යාත්මික අධ්‍යනයකි.[2]මූලාශ්‍ර[සංස්කරණය]↑ Crabb, G. (1927). English synonyms explained, in alphabetical order, with copious illustrations and examples drawn from the best writers. New York: Thomas Y. Crowell Co.↑ Blavatsky, H. P. (1897). Occultism of the secret doctrine. [Whitefish, Mont.]: Kessinger Pub., LLC.තවද බලන්න[සංස්කරණය]විකාෆුල්හාදූ
දූපත ගැන සාරාංශයඅයිතිව ඇත්තේබා අතොළුවජනගහණය300දිග1,920 m (6,300 අඩි)පළල250 m (820 අඩි)මාලේ සිට දුර101.70 කිමී (54.91 නාවික සැතපුම්)ෆුල්හාදූ (දිවෙලි: ފުޅަދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි. එහි වර්ගප්‍රමාණය 31.5 හෙක් (0.315 වර්ග කිලෝ මීටර, 78 අක්කර) වෙයි.හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)[සංස්කරණය]මෙම දූපත ෆෙහෙන්දූ සහ ගොයිදූ සමගින් සහ ජනශුන්‍ය කුඩා කොදෙව් සතරක්ද [1] සමග වන වෙනමම කුඩා අතොළුවක මෙම දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාවුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ 6 නාවික සැතපුම් (11 කිමී) පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග 16 කිමී (10 සැත) කි. අතොළුවේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය (කලපුව හා පැතලි පරයද ඇතුළුව) වන්නේ 105 වර්ග කිලෝ මීටර (26,000 අක්කර) ක් වන අතර [2], එයින් 1.7 වර්ග කිලෝ මීටර (420 අක්කර) පමණක් වියලි භූමිය වෙයි. ඇතුළු කලපුව 17 වෙත[convert: unknown unit]; එහි
පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාගමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය.ආශ්‍රිත[සංස්කරණය]Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.මෙයද බලන්න[සංස්කරණය]ජේම්ස් හෝර්ස්බර්ග්vteමාලදිවයින්හී ජනාවාසී දූපත්හා අලිෆ් අතොළුවබාරා · බෙරින්මදූ[decimal 1]  · ධිද්දූ · Filladhoo · Hathifushi[decimal 1]  · Hoarafushi · Ihavandhoo · Kelaa · Maarandhoo · Mulhadhoo · Muraidhoo · Thakandhoo · Thuraakunu · Uligam
u  · Utheemu  · VashafaruHaa Dhaalu AtollFaridhoo[decimal 1] · Finey · Hanimaadhoo · Hirimaradhoo · Kunburudhoo[decimal 1] · Kulhudhuffushi · Kumundhoo  · Kurinbi · Maavaidhoo[decimal 1] · Makunudhoo · Naivaadhoo · Nellaidhoo · Neykurendhoo · Nolhivaram · Nolhivaranfaru · VaikaradhooShaviyani AtollBileffahi  · Feevah · Feydhoo · Firinbaidhoo[decimal 1]  · Foakaidhoo · Funadhoo · Goidhoo · Kanditheemu · Komandoo · Lhaimagu · Maakandoodhoo[decimal 1] · Maaungoodhoo · Maroshi · Milandhoo · Narudhoo · NoomaraaNoonu AtollFoddhoo · Henbandhoo · Holhudhoo · Kendhikolhudhoo · Kudafaree · Landhoo · Lhohi · Maafaru · Maalhendhoo · Magoodhoo · Manadhoo · Miladhoo · VelidhooRaa AtollAlifushi · Angolhitheemu · Dhuvaafaru  · Fainu · Hulhudhuffaaru · Inguraidhoo · Innamaadhoo · Kandholhudhoo[decimal 1] · Kinolhas · Maakurathu · Maduvvaree · Meedhoo · Rashgetheemu · Rasmaadhoo · Ungoofaaru Vaadhooබා අතොළුවධාරාවන්දූ · ධොන්ෆානු · Eydhafushi · ෆෙහෙන්දූ · ෆුල්හාදූ ගොයිදූ · හිතාදූ  · කමාදූ · කෙන්දූ  · කිහා
දූ · Kudarikilu  · මාල්හොස් · ThulhaadhooLhaviyani AtollFelivaru[decimal 2]  · Hinnavaru · Kurendhoo · Maafilaafushi[decimal 2] · Naifaru · OlhuvelifushiKaafu AtollDhiffushi · Gaafaru · Gulhi Guraidhoo · Himmafushi · Huraa · Kaashidhoo · Maafushi · ThulusdhooAlif Alif AtollBodufulhadhoo · Feridhoo · Himandhoo · Maalhos · Mathiveri · Rasdhoo · Thoddoo · UkulhasAlif Dhaal AtollDhangethi · Dhiddhoo · Dhigurah · Fenfushi · Haggnaameedhoo · Kunburudhoo · Maamingili · Mahibadhoo · Mandhoo OmadhooVaavu AtollFelidhoo · Fulidhoo · Keyodhoo · Rakeedhoo · ThinadhooMeemu AtollDhiggaru · Kolhufushi  · Maduvvaree · Mulah  · Muli · Naalaafushi · Raimmandhoo · VeyvahFaafu AtollBileddhoo · Dharanboodhoo · Feeali · Magoodhoo · NilandhooDhaalu AtollBandidhoo · Gemendhoo[decimal 1] · Hulhudheli · Kudahuvadhoo · Maaenboodhoo · Meedhoo · Rinbudhoo VaaneeThaa AtollBurunee · Dhiyamingili · Gaadhiffushi · Guraidhoo · Hirilandhoo · Kandoodhoo · Kinbidhoo · Madifushi · Omadhoo · Thimarafushi · Vandhoo · Veymando
o · VilufushiLaamu AtollDhanbidhoo · Fonadhoo · Gaadhoo · Gan · Hithadhoo · Isdhoo[decimal 3] · Kalaidhoo [decimal 3] Kunahandhoo · Maabaidhoo · Maamendhoo · Maavah · MundooGaafu Alif AtollDhaandhoo · Dhevvadhoo · Dhiyadhoo[decimal 1] · Gemanafushi · Kanduhulhudhoo · Kolamaafushi · Kondey · Maamendhoo · Nilandhoo · VilingiliGaafu Dhaalu AtollFares-Maathodaa · Fiyoaree · Gaddhoo · Hoandeddhoo · Madaveli · Nadellaa · Rathafandhoo · Thinadhoo · VaadhooGnaviyani AtollFuvammulahSeenu AtollFeydhoo  · Hithadhoo · Hulhudhoo  · Hulhudhoo-Meedhoo  · Maradhoo · Maradhoo-Feydhoo  · Meedhoo↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 1.9 Underwent population relocation. Currently uninhabited.↑ 2.0 2.1 Although inhabited, no residents registered to the island. (No local government elected.)↑ 3.0 3.1 Administratively known as Isdhoo-Kalaidhoo.The capitals of each atoll are in bold.This list excludes the capital, Malé along with Hulhumalé and Vilimalé.ඛණ්ඩාංක: 04°53′07″N 72°56′00″E / 4.88528°N
72.93333°E / 4.88528; 72.93333මාලදිවයින පරිස්ථානය මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteඋච්ච වායු යනු සම්මත තත්ත්ව යටතේ අඩු රසායනික ප්‍රතික්‍රියාශීලතාවක් දක්වන අවර්ණ, ගන්ධයක් නොමැති, ඒක පරමාණුක අණුවලින් යුක්ත වූ සමාන ගුණ ඇති රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වේ. ස්වභාවයේ පවතින ස්වභාවයේ පවතින උච්ච වායු සය වනුයේ හීලියම්(He), නියෝන්(Ne), ආගන්(Ar), ක්‍රිප්ටෝන්(Kr), සෙනෝන්(Xe) සහ විකිරණශීල රෙඩෝන්(Rn) වේ.ආවර්තිතා වගුවේ පළමු ආවර්ත සය සඳහා උච්ච වායු යනු නිශ්චිතවම 18 වන කාණ්ඩයේ සාමාජිකයන්ය. සාපේකෂීය බලපෑම් හේතුවෙන් 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන යුනුනෝක්ටියම් වෙනුවට 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන ෆ්ලෝරෝවියම් උච්ච වායු වලට අදාළ ගුණ පෙන්වයි.පරමාණුක ව්‍යුහය තුළ නවතම සිද්ධාන්ත වලට අනුව උච්ච වායු ගුණ ඉතා හොඳින් විස්තර කළ හැකි වේ. ඒවායේ සංයුජතා ඉලෙක්ට්‍රොණ සහිත බාහිර කවච "සම්පූර්ණ" වී පවතින බව සැළකෙයි. මේ නිසා රසායනික ප්‍රතික්‍රියා සඳහා අඩු ප්‍රවණතාවක් දක්වන අතර පිළියෙල කළ හැකි උච්ච වායු සංඛ්‍යාව සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් වේ. උච්ච වායූන්හි ද්‍රව
ාංක හා තාපාංක එකිනෙකට සමීප වන අතර 10 °C (18 °F)කට වඩා අඩු ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් වේ. එනම් ඒව කුඩා උෂ්ණත්ව පරාසයකින් ඉහළ දැමූ වීට ද්‍රව බවට පත් වේහීලියම් සාමාන්‍යයෙන් ස්වභාවික වායූන් ට අයත් නොවන අතර රෙඩෝන් සාමාන්‍යයෙන්, ද්‍රාවිත රේඩියම් සංයෝගවල විකිරණශීල ක්ෂය වීම හේතුවෙන් වෙන්ව පවතියි. උච්ච වායු යොදා ගන්නා කාර්මික යෙදීම් වශයෙන් ආලෝකකරණ කටයුතු, පෑස්සීම් කටයුතු සහ අභ්‍යවකාශ ගවේෂණ හැඳින්විය හැක. මීටර 55ට(අඩි 180) වඩා වැඩි මුහුදේදී කිමිදුම් කරුවන් විසින් ශ්වසනය සදහා හීලියම් සහ ඔක්සිජන් අඩංගු වායුවක් සුලබ ලෙස යොදා ගනු ලබයි. එමගින් කිමිදුම්කරුවන් ඔක්සිජන් ධූලකරක්තිය මගින් මුදවා ගැනීම, අධි පීඩන ඔක්සිජන්වල මාරාන්තික බලපෑමෙන් ආරක්ෂා කර ගැනීම, නයිට්ට්‍රජන් මාදකත්වය සහ මෙම ආංශික පීඩන පර්යන්තයෙන් එපිට පවතින වාතයේ ඇති නයිට්ට්‍රජන්වල උමතු කරවනසුළු මාදක බලපෑමෙන් රැක ගැනීම ආදිය අපේක්ෂා කෙරේ. හයිඩ්‍රජන්වල ගිනිගන්නාසුළු බව පැහැදිලි වීමෙන් පසුව බැලූන සහ කුඩා අහස් නැව් තැනීමේදී හයිඩ්‍රජන් වෙනුවට හීලියම් යොදා ගැනිණ.ඉතිහාසය[සංස්කරණය]උච්ච වායු සඳහා ඉංග්‍රීසි නාමය වන නෝබල් ගෑස් යන පදය ග්‍රීක භාෂා‍‍‍
ව තුළනාම පදයක් වන අතර ඊඩ්ල්ගාස් යන්නෙන් පරිවර්තනය වූ එකක් වේ. එය ප්‍රථම වරට 1898 දී හ්‍යුගෝ අර්ඩ්මාන්[1] විසින් මෙම වායු ගෝල වල පවතින අතිශය පහත් මට්ටමේ ප්‍රතික්‍රියාශීලතාව හැඟවීම සඳහා භාවිතා කරන ලදී. මෙම නම අඩු ප්‍රතික්‍රියාශීලතාවයකින් යුතු "උච්ච් ලෝහ" යන අර්ථයට සමාකාර වේ. උච්ච වායු නිෂ්ක්‍රීය වායු ලෙසද හඳුන්වන නමුත් පසුව හඳුනාගත් බොහෝමයක් උච්ච වායු සංයෝග එම අදහසට විරුද්ධ ලෙස ක්‍රියා කරයි. විරල වායු යනු ඊට භාවිතා වන තවත් පදයකි. නමුත් පෘථීවි වායුගෝලය[2] තුළ සැලකිය යුතු තරම් කොටසක (පරිමාව අනුව 0.94%, ස්කන්ධය අනුව 1.3%) අඩංගු වන නිසා එම යෙදුම ද නිවැරදි නොවේ.හීලියම් එහි ලක්ෂණ නිසා ප්‍රථමයෙන් සොයාගැනුනේ සුර්යාගේ වර්ණාවලි රේඛා මගිනි.පියරේ ජැන්සෙන් සහ ජෝසප් නෝමන් ලෝක්යර් විසින් 1868 අගෝස්තු 18 වන දින නව මූලද්‍රව්‍යයක් සොයා ගන්නා ලදී. සූර්යාගේ වර්ණගෝලය නිරීක්ෂණය කරමින් සිටියදී සොයා ගැනුණු මෙම මූලද්‍රව්‍යයට ග්‍රීක භාෂා‍‍‍වෙන් සූර්යයා හදුන්වන ලබන ඉලියස් හෝ හීලියස් [3] යන්න අනුව එය 'හීලියම්' ලෙස නම් කරන ලදී. එකල්හි හීලියම් සඳහා කිසිදු පර්යේෂණයක් කිරීමට අපොහොසත් වූ අතර පසුකාලීනව එය උච්ච ව
ායුවක් ලෙස හඳුනා ගැනිණ. ඔව්න්ට පෙර 1784 වර්ෂයේදී ඉංග්‍රීසි ජාතික රසායනඥ සහ භෞතික විද්‍යාඥ හෙන්‍රි කැවෙන්ඩිෂ් විසින් වායුගෝලය තුළ එහි නයිට්ට්‍රජන් [4] වලට වඩා අඩු ප්‍රතික්‍රියාශීලතාවකින් යුතු ද්‍රව්‍යයක් කුඩා ප්‍රමනයකින් අන්තර්ගත වන බව සොයා ගැනිණ. ඉන් සියවසකට පසු ලෝඩ් රේලීග් විසින් එම වායුගෝලීය නයිට්ට්‍රජන් සාම්පලයේ ඝනත්වය, රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්ට්‍රජන් ලබා දෙන ප්‍රතිඵලවලට වඩා වෙනස් බව සොයා ගන්නා ලදී. ලන්ඩන් විශ්වවිද්‍යාලය ස්කොට් ජාතික විද්‍යාඥ විලියම් රැම්සේගේ සොයාගැනීම්වලට අනුව, වායුගෝලීය නයිට්ට්‍රජන් වෙනත් වායුවක් සමඟ මිශ්‍රව පවතින බව ලෝඩ් රේලීග් විසින් අනුමාන කරන ලදී. මේ ඔස්සේ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස "ආගන්" නමැති නව මූලද්‍රව්‍යය සොයා ගන්නා ලදී. මේ අතරතුර ක්ලීවයිට් ඛණිජය රත්කිරීමේදී ප්‍රථම වරට හීලියම් වෙන්කරගැනීමට රැම්සේ සමත් විය. 1902 වර්ෂයේදී හීලියම් සහ ආගන් සඳහා වූ සාක්ෂි පිළිගැනීමෙන් පසුව දිමිත්‍රි මෙන්ඩලීෆ් විසින් එම උච්ච වායු ඔහුගේ මූලද්‍රව්‍ය පෙළගැස්මෙහි 0 කාණ්ඩයට එක් කරන ලදී. මෙය පසුකාලීනව අවර්තිතා වගුව නම් විණි.[5]රැම්සේ ද්‍රව වාතය සංඝටකවලට වෙන් කිරීමස
ඳහා භාගික ආසවනය ක්‍රමය යොදා ගනිමින් මෙම වායු පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීය. 1898 දී ක්‍රිප්ටෝන්, සෙනෝන් සහ නියෝන් යන මූලද්‍රව්‍ය සොයා ගත් ඔහු පිළිවෙලින් (ක්‍රිප්ටෝස්, "සැඟවුණු"), (නියෝන්, "නව"), සහ (සෙනෝස්, "අමුත්තා") යන ග්‍රීක පද අනුව නම්කළේය. පිඩ්‍රිච් අර්න්ස්ට් ඩෝන්,[6] විසින් 1898 දී පළමු වරට සොයගැනුණු "රෙඩෝන් නිස්‍රාවය" ලෙස නම් කෙරුණු නමුත් 1904 දී එය සතු උච්ච වායු ලක්ෂණ හඳුනා ගන්නා තුරු එය උච්ච වායුවක් ලෙස නොසැලකිණි. 1904 වර්ෂයේදී රේලීග් සහ රැම්සේ වෙත උච්ච් වායු සොයා ගැනීම සම්බන්ධයෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී ; [7]එවකට රාජකීය ස්වීඩ්න් ජාතික විද්‍යා ශාස්ත්‍රාලය සභාපති ජේ. ඊ සෙඩෙර්බ්ලොම් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී," එකදු ගුණයක්වත් නිෂ්චිත ලෙස හන්දුනා ගැනීමට අපොහොසත් වූ මෙම නවතම මූලද්‍රව්‍ය කාණ්ඩයේ සොයාගැනීම, නිසගයෙන්ම විද්‍යාවේ ප්‍රගමනයට හේතුවන රසායන විද්‍යාවේ අද්විතීය සොයාගැනීමක් වේ.";[8]උච්ච වායූන්ගේ සොයාගැනීම, පරමාණුක ව්‍යුහය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගැනීම සඳහා උපකාරී විය. 1895 වර්ෂයේ රසායන විද්‍යාඥ හෙන්‍රි මොයිසන් වඩාත්ම විද්‍යුත්-ඍණ මූලද්‍රව්‍ය
යක් වන ෆ්ලුවොරීන් සහ ආගන් ප්‍රතික්‍රියා කරවීමට උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. 20වන සියවසේ අග භාගය වන තුරු ආගන් සංයෝග සෑදීම සඳහා විද්‍යාඥයෝ අසමත් වූහ. නමුත් එම ප්‍රයත්න රසායන විද්‍යාවේ නව සිද්ධාන්ත ගොඩනැගීම සඳහා උපකාරී විණි. මෙම පර්යේෂණ අධ්‍යයනය කිරීම මගින් ඩෙන්මාර්ක් ජාතික භෞතික විද්‍යාඥ නීල්ස් ‍බෝර් , පරමාණුවක ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා යන කවච වල පිළියෙල වී තිබෙන බවත් හීලියම් හැර අනිකුත් සියලුම උච්ච වායුවල බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන අටක් පවතින බවත් 1913 වර්ෂයේ ප්‍රකාශයට පත් කළේය.1916 දී ගිල්බර්ට් එන්. ලුවිස් අෂ්ඨක නියමය හඳුන්වා දුන්නේය. මෙම නියමයට අනුව බාහිරතම කවචය ඉලෙක්ට්‍රෝන අටකින් පිරී ඇති අවස්ථාව පරමාණුවක වඩාත්ම ස්ථායී අවස්ථාව වන අතර බාහිරතම කවචය සම්පූර්ණ කරගැනීම සඳහා තවදුරත් ඉලෙක්ට්‍රෝන අවශ්‍ය නොවනු ඇත. උච්ච වායුවල පවතින මෙම ගුණය හේතුවෙන් ඒවා අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීමට කැමැත්තක් නොදක්වයි.[9]1962 වසරේ නීල්ස් බාර්ට්ලට් විසින් සෙනෝන් හෙක්සෆ්ලුවොරොප්ලැටිනේට්.[10] නමැති ප්‍රථම උච්ච වායු සංයෝගය සාදන ලදී. ඊට කෙටි කාලයකට පසු අනෙකුත් උච්ච වායූන්ගේ අනිකුත් සන්යෝග ද සොයා ගැන
ිණි. 1962 දී රෙඩෝන්හි, රෙඩෝන්ඩයිෆ්ලුවොරයිඩ[11] ද 1963 දී ක්‍රිප්ටෝන්හි, ක්‍රිප්ටෝන්ඩයිෆ්ලුවොරයිඩ[12] ද සොයා ගැනිණ. 40K (−233.2 °C; −387.7 °F) උෂ්ණත්වයේදී ආගන් ෆ්ලුවොරො හයිඩ්‍රයිඩ පිළියෙල කිරීමේදී ප්‍රථම වරට ස්ථායී සංයෝගයක් වාර්ථා ව්ය. [13]1998 දෙසැම්බරයේ රුසියාවේ, බඩ්නාහි ඒකාබද්ධ ආයතනයේ විද්‍යාඥයෝ පරමාණුක අංකය114ක් වන ෆ්ලරෝවියම් නමැති මූලද්‍රව්‍යය නිපදවීමට ප්ලූටොනියම්(Pu), කැල්සියම්(Ca) සමඟ විවර්ෂණය කළහ. ආවර්තිතා වගුවෙ 114වන කාණ්ඩයේ සාමාජිකයෙක් වුව අසාමාන්‍ය ලෙස උච්ච වායු ලක්ෂණ පෙන්වන ප්‍රථම මූලද්‍රව්‍ය මෙය වන බව ප්‍රාරම්භක රසායන විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි. 2006 ඔක්තෝබරයේ න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ පර්යේෂණ පිළිබඳ ඒකාබද්ධ ආයතනය සහ ලෝරන්ස් ලිව්මෝර් ජාතික පර්යේෂණාගාරය විද්‍යාඥයෝ කැලිෆෝනියම් සහ කැල්සියම් විවර්ෂණය කිරීමෙන් සංශ්ලේෂක වශයෙන් යුනුනෝක්ටියම් නිපදවීමට සමත් වූහ.[14]භෞතික සහ පරමාණුක ගුණ[සංස්කරණය]ලක්ෂණය[7][15]හීලියම්නියෝන්ආගන්ක්‍රිප්ටෝන්සෙනෝන්රෙඩෝන්ඝනත්වය (g/dm³)0.17860.90021.78183.7085.8519.97තාපාංකය (K)4.427.387.4121.5166.6211.5ද්‍රවාංකය (K)0.95
[16]24.783.6115.8161.7202.2වාෂ්පීකරණ එන්තැල්පිය (kJ/mol)0.081.746.529.0512.6518.1ද්‍රාව්‍යතාව ඡලයේ 20 °C (cm3/kg)8.6110.533.659.4108.1230පරමාණුක ක්‍රමාංකනය 21018365486පරමාණුක අරය (ගණනයෙන්) (pm)31387188108120අයණීකරණ ශක්තිය (kJ/mol)237220801520135111701037ඇලන් විද්‍යුත්-ඍණතාව[17]4.164.793.242.972.582.60For more data, see Noble gas (data page).උච්ච පරමාණුවලට ඇත්තේ දුබල අන්තර් පරමාණුක බල වේ. මේ හේතුවෙන් ඒවාට ඉතා පහළ ද්‍රවාංක සහ තාපාංක පවතියි. ඒවා සියල්ල සම්මත තත්ත්ව යටතේ ඒක පරමාණුක වායු වේ. මෙම කාණ්ඩයට අදාළ ඉහළ [[පරමාණුක ස්කන්ධයක් ඇති මූලද්‍රව්‍ය පවා ඝන තත්ත්වයේ නොව වායු තත්ත්වයේ පවතියි.[7] අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ සසඳන කල්හි හීලියම් සඳහා ආවේණික වූ ගුණ කිහිපයක්ම වේ. ද්‍රවාංක හා තාපාංක අනෙකුත් උච්ච වායූන්ට වඩා පහළ මට්ටමක වවතී. දුස්‍රාවීතාව ශූන්‍යවන එකම මූලද්‍රව්‍යය මෙය වේ. සම්මත තත්ත්ව යටතේ සිසිල් කිරීමෙන් ඝන බවට පත්කළ නොහැකි එකම මූලද්‍රව්‍යය ද මෙය වේ. එය ඝන බවට පත් කිරීමට 0.95K (සෙන්ටිග්‍රේඩ් අංශක සහ -272.200ක්, ෆැරන්හයිට් අංශ
ක -457.960ක්) යන උෂ්ණත්වය යටතේ සම්මත වායුගෝල පීඩන 25ක පීඩනයක් සැපයිය යුතු වේ.[18] සෙනෝන් දක්වා උච්ච වායුවලට බහු ස්ථායී සමස්ථානික පවතියි. රෙඩෝන් සඳහා ස්ථායී සමස්ථානික නොමැත. එහි දීර්ඝතම ආයු කාලයක් ඇති සමස්ථානිකය වන 222Rnවලට දින 3.8ක අර්ධ-ජීව කාලයක් පවතින අතර එය අවසානයේ ලෙඩ් බවට ක්ෂය වේ.[7]මෙම ප්‍රස්ථාරයෙන් අයණීකරණ ශක්තිය ඉදිරියේ පරමාණුක ක්‍රමාංකනය. උච්ච වායු ආවර්තයන්හි උපරීම අයණීකරණ ශක්තින් පෙන්වයි .උච්ච වායු මූලද්‍රව්‍යවල ගුණ අනෙකුත් මූලද්‍රව්‍ය කාණ්ඩවල පරිදිම එක් ආවර්තයක සිට ක්‍රමානුකූලව වැඩි වේ. මෙහිදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැගීම මීට හේතුවයි. පරමාණුක විශාලත්වය හේතු කිහිපයක් හා සබැඳිව පවතී. උදාහරණයක් ලෙස විශාල ප්‍රමාණයේ උච්ච වායුවල සංයුජතා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට වඩා ඈත්ව පිහිටීම න්‍යෂ්ටියෙන් වඩා වෙත තදින් ආකර්ෂණය කොට තබා ගැනීමේ හැකියාව අඩු හේතුවන්, පරමාණුක අරය වැඩි වීමත් සමඟම ඒවායේ අයණීකරණ විභවය අඩු වේ. ඕනෑම ආවර්තයක මූලද්‍රව්‍ය අතර ඉහළම අයණීකරණ විභවය පවතින්නේ උච්ච් වායූන්ටය. මෙමගින් ඒවායේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන්හි ස්ථායීතාව පිළිබිඹු කරන අතර එය උච්ච් වායුවල පහළ රසාය
නික ප්‍රතික්‍රියාශීලතාව සමඟ සම්බන්ධකම් දක්වයි. ඇතැම් විශාල උච්ච් වායුවල අයණීකරණ විභව අනික් මූලද්‍රව්‍ය සමඟ සැසඳිය හැකි වන තරම් කුඩා වේ.ඒ අනුව සෙනෝන්හි අයනීකරණ විභවය ඔක්සිජන් අණුව අයනීකරණ විභවයට සමාන වේ. මෙම කරුණ උපයෝගී කරගනිමින් බාර්ට්ලට් විසින් ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට තරම් සමත් ඔක්සිකාරකයක් වන ප්ලැටිනම් හෙක්සෆ්ලුවොරයිඩයොදාගනිමින් සෙනෝන් ඔක්සිකරණය කරන ලදී. උච්ච වායුවලට ඍණ විද්‍යුත් බන්ධුතාවක් පවතින බැවින් ඒවාට ස්ථායී ඇනායන සෑදීමේ හැකියාවක් නොමැත.[19]උච්ච වායූන්ගේ මහේක්ෂ්‍ය භෞතික ගුණ ඒවායේ දුබල වැන්ඩවාල්ස් බල මගින් ලබා දේ. පරමාණුවල විශාලත්වය වැඩි වත්ම ධ්‍රැවණශීලතාව ඉහළ යාමේ සහ අයනීකරණ විභවය පහළ යාමේ ප්‍රතිඵල ලෙස ක්‍රමානුකූල සමූහ නැඹුරුතාවන් දක්නට ලැබෙයි. 18 වන කාණ්ඩයේ පහළට යන විට පරමාණුක අරයද ඒසමඟම අන්තර්-පරමාණුක බල ද වැඩි වන අතර ඒ හේතුවෙන් ඒවායේ ද්‍රවාංක, තාපාංක, වාෂ්පීකරණ එන්තැල්පිය සහ ද්‍රාව්‍යතා ඉහළ නගිනු ඇත. ඒවායී ඝනත්වයේ ඉහළයාමට හේතුව පරමාණුක ස්ක්න්ධයේ වැඩි වීම වේ.[15]උච්ච වායු සම්මත තත්ත්ව යටතේ බොහෝ දුරට පරිපූර්ණ වායු වේ. නමුත් පරිපූර්ණ වායු නියමවලින් ඒවා දක්වන අප
ගමන, අන්තර් අණුක අන්තර්ක්‍රියා අධ්‍යයනයට වැදගත් සාධක සපයයි. ලෙනාඩ්-ජෝන්ස් විභවය අන්තර් අණුක අන්තර්ක්‍රියා ආදර්ශනය කිරීමට බෙහෙවින් යොදා ගැනෙයි. අන්තර්-අණුක බල ප්‍රමූලධර්ම මගින් විස්තර කිරීමට යොදා ගන්නා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා හන්ඳුන්වා දීමට සිදුකරන ලද ආගන් පිළිබඳ වූ දත්ත උපයෝගී කර ගනිමින් 1924 වර්ෂයේදී ජෝන් ලෙනාඩ්- ජෝන්ස් විසින් ලෙනාඩ් නෝන්ස් විභවය අපෝහනය කරන ලදී. උච්ච් වායු ගෝලාකාර, ඒක පරමාණුක ආකාරයෙන් පවතින අතර මේ හේතුවන් ඒවායේ පරමාණු අතර අන්තර්ක්‍රියා දිශාවකින් ස්වායක්ත වූ හෝ සමාවර්තනික වේ.රසායනික ගුණ[සංස්කරණය]නියෝන් , අනෙකුත් උච්ච වායු මෙන් සංයුඡතා කවචය.ඉලෙක්ට්‍රෝන 8ක් පවති , නමුත් හීලියම් වල එහි ඇත්තේ 2 කි .සම්මත තත්ත්ව යටතේ උච්ච වායු අවර්ණ, ගන්ධයක් නොමැති, ගිණි නොගන්නාසුළු ගුණ පෙන්වයි. ඒවා වරක් ආවර්තිතා වගුවේ 0 කාණ්ඩයේ මූලද්‍රව්‍ය ලෙස නම් වී තිබිණ. ඊට හේතුව වූයේ එවකට තිබූ විශ්වාසය අනුව ඒවා අනෙකුත් පරමාණු සමඟ සංයෝග සැදීමට අපොහොසත් සංයුජතාවය 0 වන මූලද්‍රව්‍ය ලෙස සැලකීමයි. කෙසේවෙතත් පසුකාලීනව ඇතැම් උච්ච වායු පිළිබඳ කරුණු හෙළි වීමත් සමඟ එම මතය බැහැර කෙරිණ.[20]අනෙකුත් කාණ්ඩ
මෙන්ම උච්ච වායුද එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය රටා පෙන්වයි.Zමූලද්‍රව්‍යයඉලෙක්ට්‍රෝන සංඛාව/කවචය2හීලියම්210නියෝන්2, 818ආගන්2, 8, 836ක්‍රිප්ටෝන්2, 8, 18, 854සෙනෝන්2, 8, 18, 18, 886රෙඩෝන්2, 8, 18, 32, 18, 8මෙහිදී රසායනික හැසිරීම්වල නැඹුරුතාවන්හිදී බාහිරතම කවච විශේෂ වේ. උච්ච වායුවල සංයුජතා ඉලෙක්ට්‍රෝන කවච සම්පූර්ණ වී පවතියි. සංයුජතා ඉලෙක්ට්‍රෝන යනු පරමාණුවක බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන වන ඉලෙක්ට්‍රෝන වන අතර සාමාන්‍යයෙන් රසායනික බන්ධන සෑදීමේදී සහභාගී වන එකම ඉලෙක්ට්‍රෝන වෙයි. සංයුජතා ඉලෙක්ට්‍රෝන කවච සම්පූර්ණ වූ පරමාණු අතිශය ස්ථායී තත්ත්වයේ පවතින අතර එම හේතුවෙන් ඒවා රසායනික බන්ධන සෑදීමට නැඹුරු නොවන අතර ඉලෙක්ට්‍රෝන පිටකිරීමට හෝ ලබා ගැනීමට කුඩා ප්‍රවණතාවයක් දක්වයි. කෙසේවෙතත් රෙඩෝන් වැනි විශාල උච්ච වායු හීලියම් වැනි සැහැල්ලු උච්ච වායු වලට වඩා ලිහිල් විද්‍යුත් චුම්භක බල මඟින් බැඳී පවතියි. මේ අනුව විශාල උච්ච වායුවල බාහිර ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම වඩා පහසු වේ.උච්ච වායු අංකනය[සංස්කරණය]සම්පූර්ණව පවතින කවච හේතුවන් උච්ච වායු අංකනය සැකසීමේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාස අංකනය ද
සම්බන්ධ කර ගත හැක. මේ සඳහා දී ඇති ගැටලුව තුළ හඳුනාගත හැකි ආසන්නතම උච්ච වායුව පළමුවෙන් සටහන් කරන අතර ඉන්පසුව එතැන් පටන් වන ඉලෙක්ට්‍රෝන වින්‍යාස සටහන් කෙරෙයි. උදාහරණයක් ලෙස කාබන්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s22s22p2 වන අතර එහි උච්ච වායු අංකනය [He]2s22p2 වේ. මෙම අංකනය මූලද්‍රව්‍ය හඳුනාගැනීම පහසු කරවන අතර පරමාණුක කාක්ෂිකයන්හි සම්පූරණ අංකනයට වඩා කෙටි ආකාරයක් වේ.[21]සංයෝග[සංස්කරණය]ප්‍රධාන ලිපිය: Noble gas compoundප්‍රථමයෙන්ම සොයා ගැනුණු උච්ච වායු සංයෝගයක් වන XeF4හි ව්‍යුහයඋච්ච වායු පෙන්වනුයේ අතිශය පහළ රසායනික ප්‍රතික්‍රියාශීලතාවයකි. මේ හේතුවෙන් සාපේක්ෂ්ව කුඩා ප්‍රමණයක උච්ච වායු සංයෝග ප්‍රමාණයක් පමණක් පවතියි. හීලියම් සහ නියොන් රසායනික බන්ධන සෑදීමෙහි යෙදී සිටින උදාසීන සංයෝග නිර්මාණය නොවන (ඒ නමුත් සිද්ධාන්තමය වශයෙන් හීලියම් සදන සංයෝග කිහිපයක් පිළිබඳ සාක්ෂි පවතී) සෙනෝන්, ක්‍රිප්ටෝන් සහ ආගන් සුළු ප්‍රතික්‍රියාශීලතා දක්වයි.[22] මේවායේ ප්‍රතික්‍රියාශීලතා Ne < He < Ar < Kr < Xe < Rn ආකාර ගනියි. විශාල උච්ච වායුවලට ෆ්ලුවොරීන් සහ ඔක්සිජන් සමඟ සංයෝග සෑදීමේ හැකියාව ඇති බව 1933 වර්ෂයේදී ලිනස් පෝලිං අ
නාවැකි පළ කළේය. ක්‍රිප්ටෝන් හෙක්සෆ්ලුවොරයිඩ සහ සෙනෝන් හෙක්සෆ්ලුවොරයිඩ වල පැවැත්ම අනුමාන කළ ඔහු KrF6 අස්ථායී සංයෝගයක් ලෙස පැවතිය හැකි බව පෙන්වා දුන් අතර සෙනික් අම්ලය මගින් පර්සීනේට් ලවණ සෑදිය හැකි බව යෝජනා කළේය.[23][24] [25] මෙම අනාවැකි සාමාන්‍යයෙන් නිවැරදි බව දක්නට ලැබුණ ද XeF6 තාපගතිකමය සහ චාලක වශයෙන් අස්ථායී බැව් වර්තමානයේ සලකනු ලැබේ.උච්ච වායු සාදන සංයෝග අතරින් සෙනෝන් සංයෝග වඩාත් ම විවිධාකාර වේ.[26] ඒවා බොහෝමයක් සෙනෝන්වල ඔක්සිකරණ අංක +2, +4,+6 හෝ +8 වන අතර ෆ්ලුවොරීන්, ඔක්සිජන් වැනි ඉහළ විද්‍යුත්- ඍණ පරමාණු හා බැඳී පවතී. ඊට උදාහරණ ලෙස සෙනෝන් ඩයිෆ්ලුවොරයිඩ XeF2, සෙනෝන් ටෙට්‍රාෆ්ලුවොරයිඩ් XeF4, සෙනෝන් හෙක්සලුවොරයිඩ් XeF6 සහ සෝඩියම් පර්සීනේට් Na4XeO6 දැක්විය හැක. මේ අතර වන සමහර සංයෝග රසායනික සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක ලෙස යොදා ගැනෙයි. XeF2 විශේෂයෙන්ම වානිජමය වටිනාකමකින් යුතු වන අතර ෆ්ලුවොරිනීකරණ ද්‍රව්‍යයක් ලෙස යොඩා ගත හැකිය. 2007 වර්ෂයේ සිට අනෙකුත් මූලද්‍රව්‍ය හා බැඳී පවතින සෙනෝන් සංයෝග පන්සියයක් පමණ් හඳුනාගෙන ඇත.[22][27] මේ අතරට ඕගනෝසෙනෝන් සංයෝග (කාබන් හා බැඳුනු සෙනෝන් අඩංගු වූ) සෙනෝන
් හා බැදුනු නයිට්‍රජන්, ක්ලෝරීන්, රත්‍රන් මර්කරි මෙන්ම සෙනෝන් හා බැඳුනු සෙනෝන් සංයෝග ද අඩංගු වේ.ක්‍රිප්ටෝන් සෙනෝන්වලට වඩා ප්‍රතික්‍රියාශීලතාව අඩු නමුත් ඔක්සිකරණ අංකය +2 වූ ක්‍රිප්ටෝන් සංයෝග කිහිපයක්ම වාර්තා වේ. ඒ අතුරින් වඩාත්ම පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ ක්‍රිප්ටෝන් ඩයිෆ්ලුවොරයිඩ් ය. නයිට්‍රජන් සහ ඔක්සිජන් සමඟ ඒක බන්ධන සාදන ක්‍රිප්ටෝන් සංයෝග ද හ්ඳුනාගත හැක. ඒවා පිළිවෙලින් -60 °C (-76 °F) සහ -90 °C (130 °F) උෂ්ණත්ව යටතේ ස්ථායීව පවතියි.ක්‍රිප්ටෝන් පරමාණු අනෙකුත් අලෝහ(හයිඩ්‍රජන්, ක්ලෝරීන්, කාබන්) සමඟ මෙන්ම ඇතැම් අන්තරික ලෝහ(කොපර්, සිල්වර්, රත්‍රන්) සමඟ ද බැඳී පවතින බව සොයාගෙන ඇත. නමුත් ඒවා දක්නට ලැබෙන්නේ පහත උෂ්ණත්ව මට්ටම් යටතේ උච්ච වායු මැට්ට්‍රිස් තුළ හෝ අති ධ්වනි උච්ච වාඅයු ජෙට් යානවල පමණි. මේ හා සමාන තත්ත්ව යටතේ ආගන්හි ප්‍රථම සංයෝග කිහිපය 2000 වර්ෂයේදී සොයා ගැනිණි. ඒවා අතර ආගන් ෆ්ලුවොරොහයිඩ්‍රයිඩ් සහ කොපෙර්,සිල්වර්, රත්‍රන් වඇනි අන්තරික ලෝහ සමඟ සාදන සංයෝග කිහිපයක්ද වේ. 2007 සිට හීලියම් හෝ නියෝන් සහසංයුජ බන්ධන අඩංගු කිසිදු උදාසීන අණුවක් හඳුනාගෙන නොමැත. හීලියම්ද ඇතුළත්ව සියලුම උච්
ච වායුවලට වාෂ්ප අවස්ථාවේ ස්ථායී අණුක අයන සෑදිය හැක. 1925දී උච්ච වායු අතර සරලම අණුක අයනය වන හීලියම් හයිඩ්‍රයිඩ් අණුක අයනය සොයා ගැනිණ. හයිඩ්‍රජන් සහ හීලියම් යන විශ්වයේ පවතින බහුලම මූලද්‍රව්‍ය දෙකෙන් මෙය තැනී ඇති නිසා, එය අන්තස්තාරීය මාධ්‍යය තුළ ස්වභාවිකවම හටගත හැකි බව විශ්වාස කෙරේ. කෙසේ නමුත් එවැන්නක් මෙතෙක් අණාවරණය වී නොමැත.මෙම අයනවලට අමතරව උච්ච වායු වලින් සෑදුනු උදාසීන අස්ථායී සංයෝග රැසක් වේ. ඒවා අතර සැකැඹුණු අවස්ථාවේ පමණක් ස්ථායීව පවතින ArF, KrF වැනි සංයෝග පවතී. මේවා සමහරක් එක්සයිමර් ලේසර් තුළ යෙදීම්හිදී හමු වේ.උච්ච වායු සහසංයුජ බන්ධන මෙන්ම සහසංයුජ නොවන බන්ධන ද කාබනික සහ අකාබනික ද්‍රව්‍යයන්ගේ ස්ඵටික දැලිස් කුහරවල සිරවුණු උච්ච වායු පරමාණුවලින් සමන්විත වූ විවරවත් ප්‍රථ්ම වරට විස්තර කරනු ලැබුවේ 1949 වසරේදීය. ඒවා පිළියෙළ කිරීමෙහි වූ වැදගත්ම සාධකය නම් උච්ච වායු පරමාණුවේ ප්‍රමාණය ඔක්සිකාරක ස්ඵටික දැලිසේ ප්‍රමාණයට ගැළපීමයි. උදාහරණයක් ලෙස හයිඩ්‍රොක්වීනෝන් සමඟ ආගන්, ක්‍රිප්ටෝන් සහ සෙනෝන් විවරවත් සෑදීම පෙන්වාදිය හැක. හීලියම් සහ නියෝන් ඒවායේ ඉතා කුඩාඅ පරමාණුක ප්‍රමාණ හේතුවන් හෝ ධ්‍රවණශීලතාවේ ම
ඳ බව හේතුවෙන් එසේ නොපවතියි. නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන් සහ සෙනෝන් අයිස් තුළ සිරකරන ලද ක්ලැත්ත්‍රේට්(විවරවත්) හයිඩ්ඩ්‍රේට සාදයි.උච්ච වායු පරමාණුවක් සහිත එන්ඩොහීඩ්‍රල් ෆුලරන්ස් සංයෝගයක්එන්ඩොහීඩ්‍රල් ෆුලරන්ස් සංයෝග තුළ සැකසීමේ හැක්යාව උච්ච වායූන්ට පවතියි. මෙහිදී උච්ච වායු පරමාණුවක් ෆුලරන්ස් අණුවක් තුළ සිර කොට ඇත. කාබන් අණු 60කින් යුක්ත He ගෝලාකාර අණුව ඉහළ පීඩනයක් යටතේ He@C60වැනි (@ ලකුණින් ක්යැවෙන්නේ C60 තුළ He අඩංගු වුවද සහසංයුජ ලෙස බැඳී නොපවතින බවයි)සංයෝග සාදන බව 1933දී සොයා ගැනිණි. 2008 සිට හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන්, සහ සෙනෝන් සාදන එන්ඩොහීඩ්‍රල් සන්කීර්ණ සොයාගෙන තිබේ. මෙවා උච්ච වායු පරමාණු තුළ න්‍යෂ්ටික චුම්භක සම්ප්‍රයුක්තතා අධ්‍යයනය කිරීම සඳා යොදා ගැනේ.XeF2වල 3-කේන්ද්‍රික-4-ඉලෙක්ට්‍රොන බන්ධන අකාරයේ බන්ධයක්සෙනෝන් ඩයිෆ්ලුවොරයිඩ් වැනි උච්ච වායු සංයෝග අෂ්ටක නියමයට පටහැනි ලෙස පවතී. ඒවා තුළ ඇති බන්ධන 3-කේන්ද්‍රික-4-ඉලෙක්ට්‍රොන බන්ධන අකාරය ( 3-center-4-electron bond model)ලෙස හඳුන්වයි. ඒක රේඛීය පරමාණු තුනක් බන්ධනය වීම පිළිබඳව සලකන මෙම ආකෘතිය පලමු වරට 1951දී යෝජනා විණි. උදාහරණයක්
ලෙස එක් එක් පරමාණුවේ p-කාක්ෂික වලින් සාදා ගත් අණුක කාක්ෂික 3කින් සැදුනු XeF2දැක්විය හැක.මෙය තුල Xeහි සම්පූර්ණ වූ p-කාක්ෂිකයක්ද, සෑම F පරමාණුවකම අර්ධ ලෙස පිරුනු p-කාක්ෂිකයක්කුත්, බන්ධන සෑදීමට සහභාගී නොවන සම්පූර්ණ වූ කාක්ෂිකයකුත්, එක් හිස් ප්‍රතිබන්ධනීය කාක්ෂිකයකුත් අඩංගු වේ. වඩාත්ම නියුතු පරමාණු කාක්ෂික පවතින්නේ අග්‍රස්ථ පරමාණු දෙකෙහිය. මෙය වඩාත්ම විද්‍යුත්-ඍණ ෆ්ලෝරීන්හි ආරෝපණ ස්ථානගතවීම පෙන්වයි.වඩා විශාල උච්ච වායු වන ක්‍රිප්ටෝන් සහ සෙනෝන්හි රසායනය හොඳින් අනාවරණය වී ඇති අතර සැහැල්ලු උච්ච වායු වන හීලියම් සහ ආගන් පිලිබඳ සොයාගෙන ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි.හටගැනීම සහ නිෂ්පාදනය[සංස්කරණය]විශ්වය තුළ උච්ච වායූන්ගේ සුලබත්වය, ඒවායේ පරමාණුක ක්‍රමාංකය ඉහළයත්ම අඩු වේ. හීලියම් යනු විශ්වයේ වඩාත්ම සුලභ මූලද්‍රව්‍යය වන අතර එහි ස්කන්ද අනුපාතය 24% වේ. විශ්වයේ පවතින හීලියම් වලින් බොහෝ ප්‍රමාණයක් විශ්වයේ මහා පිපුරුමේදී() හට ගත් ඒවා වේ. නමුත් තාරකා නියුක්ලියක විශ්ලේෂණයේඩී හීලියම් සංයෝජනය වීමත් (සහ විශාල පරමාණුවල ඇල්ෆා ක්ෂය වීමත්)හේතුවෙන් හීලියම් සංයුතිය ඍජු ලෙස වැඩි වෙමින් පවතී. පෘථිවියේ සුලබතා සඳ
හා විවිධාකාර නැඹුරු වීම් පවතී. උදාහරණයක් ලෙස හීලියම් යනු වායුගෝලයේ වඩාත් සුලබ තෙවන උච්ච වායුව පමණක් වේ.මෙයට හේතුව නම් කුඩා පරමාණුක ස්කන්ධය නිසා පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ නොපැවතීම හේතුවෙන් කිසිදු ප්‍රාරම්භක හීලියම් පරමාණුවක් නොපැවතීමය. පෘථිවි පෘෂ්ඨයේ පවතින යුරේනියම් සහ තෝරියම් වැනි මූලද්‍රව්‍යවල ඇල්ෆා ක්ෂය වීමෙන් පෘථිවියේ හීලියම් හටගන්නා අතර ස්වභාවික වායු නිධි තුළ රැස් වීමට නැඹුරුතාවක් දක්වයි. ආගන්හි සුලබතාව පොටෑසියම්-40 බීටා ක්ෂය වීමේදී හේතුවෙන් ඉහළ යයි. මෙහිඩී සෑදෙනුයේ ආගන්-40 වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විරල වනු වනුවට ආගන්හි සුලබතම සමස්ථානිකය වේ.මෙම ක්‍රියාවලිය පොටෑසියම්-ආගන් කාලනිර්ණ ක්‍රමය නම් වේ. සෙනෝන් සඳහා අනපේක්ෂිත පහළ මට්ටමේ සුලබතාවක් පවතියි. මෙය "සෙනෝන් හිඟ වීමේ ගැටලුව"(missing xenon problem) නම් වේ. එක් සිද්ධාන්තයකට අනුව හිඟ වූ සෙනෝන් පෘථිවි පෘෂ්ටය තුලවන ඛනිජ තුළ සිර වී පවතින බව කියැවේ. සෙනෝන් ඩයොක්සයිඩ සොයා ගැනීමෙන් පසු කරන ලද සමීක්ෂණයකින් ක්වාට්ස් තුළ වන Si සඳහා Ar ආදේශ කර ගත හැකිබව පෙන්වයි. රේඩියම්හි ඇල්ෆා ක්ෂය වීමෙන් ශිලාගෝලය තුළ පවතින රෙඩෝන් සෑදෙයි. ඒවාට තම සංස්ථ
ාපනයේ සිට පැළුම් හරහා ඇතුළට කාන්දු විය හැකි අතර හොඳින් වාතාශ්‍රය නොවූ තැන්හි රැඳෙනු ඇත. රෙඩෝහි ඉහළ විකිරණශීලතාව හේතුවෙන් එය විශේෂයෙන්ම සෞඛ්‍යයට අහිතකර වේ. මේ හේතුවෙන් ඇමරිකාවේ පමණක් වසරකට 21,000 පෙනහලු පිළිකා වාර්තා වේ. සුලභතාවහීලියම්[නියෝන්ආගන්ක්‍රිප්ටෝන්සෙනෝන්රෙඩෝන්සෞරග්‍රහ මණ්ඩලය (සෑම සිලිකන් පරමාණුවක් සඳහාම)[28]23432.1480.10255.515 × 10−55.391 × 10−6–පෘථීවි වායුගෝලය (පරිමා අනුපාතය ppmවලින්)[29]5.2018.209340.001.100.09(0.06–18) × 10−19[30]ආග්නේය පාෂාණ (ස්කන්ධ අනුපාතය ppm වලින්)[15]3 × 10−37 × 10−54 × 10−2––1.7 × 10−10වායුව2004 වටිනාකම (USD/m3)[31]හීලියම් (කාර්මික මටිටමේදි )4.20–4.90හීලියම් (පර්යේෂණාගාර මටිටමේදි)22.30–44.90ආගන්2.70–8.50නියෝන්60–120ක්‍රිප්ටෝන්400–500සෙනෝන්4000–5000නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන් සහ සෙනෝන් වායු ද්‍රවීකරණ ක්‍රම මගින් ලබා ගන්නේ. මෙහිදී එම මූලද්‍රව්‍ය ද්‍රව අවස්ථාවට පරිවර්ථනය කර භාගික ආසවනය මගින් ද්‍රව මිශ්‍රනය කොටස් වලට වෙන් කර ගනු ලැබේ.උච්ච වායු පිළිබඳ නොබෙල් ත්‍යාග ඒවායේ ස්වභාවික සුලභත
ාවය, එනම් ආගන් වඩාත්ම ලාබදායී සහ සෙනෝන් වඩාත්ම මිල අධික යන්න විශේෂයෙන් සලකනු ලබයි. උදාහරණයක් ලෙස දකුණු පස වන එක්සත් ජනපදයේ එක් එක් වායුවේ පර්යේෂණාගාර ප්‍රමාණයට වූ ත්‍යාග ලැයිස්තුගත කරයි.යෙදීම්[සංස්කරණය]උච්ච වායුවලට ඉතා පහල ද්‍රවාංක සහ තාපාංක පවතියි. එමනිසා ඒවා ශීතජනක ශීතකාරක සඳහා බාවිතා කෙරේ. විශෙෂයෙන්ම නටන උෂ්ණත්වය 4.2 K (−268.95 °C; −452.11 °F) වූ ද්‍රව හීලියම්, න්‍යෂ්ටික චුම්භක අනුධ්වනි මුර්තන සහ න්‍යෂ්ටික චුම්භක අනුධ්වනි සඳහා යොදා ගන්නා අධිසන්නායක චුම්භක සෑදීමට යොදා ගනු ලැබේ. ඩ්‍රව හීලියම් තරම් පහළ උෂ්ණත්වවල නොපැවතුන ද ද්‍රව නියෝන් ද ශීතජනක සඳහා යොදා ගනියි. මෙයට හේතුව නම්, එයට ද්‍රව හීලියම්වලට වඩා 40 ගුණයක සහ ද්‍රව හයිඩ්‍රජන්වලට වඩා තුන්ගුණයක ශීතජනක ධාරිතාවක් පැවතීම ය.හීලියම්, ද්‍රව තුළ අඩු මට්ටමේ ද්‍රාව්‍යතාවයක් දැක්වීම හේතුවෙන්(විශේෂයෙන්ම ලිපිඩ තුළා හීලියම් ශ්වසන වායු සඳහා යොදා ගන්නා සංඝටකයක් වේ) ස්කුබා උපකරණ යොදා ගනිමින් කිමිදීමේදී වැනි(scuba diving) පීඩන සහිත තත්ත්ව තුළ රුධිරය සහ සිරුරේ පටක මගින් වායු අවශෝෂණය සිදු වේ. මෙම තත්ත්වය නයිට්‍රජන් නාකෝසිස්(nitrogen narcosis)
නමැති නිර්වින්දන බලපෑම ඇති කිරීමට සමත් වේ. එහි පහත හෙලන ලද ද්‍රාව්‍යතාව හේතුවෙන් සෛල පටල තුළට අඩු හීලියම් ප්‍රමාණයක් ලබා ගනියි. හීලියම්, එහි පහත හෙලන ලද ද්‍රාව්‍යතාව හේතුවෙන් සෛල පටල තුළට අඩු හීලියම් ප්‍රමාණයක් ලබා ගනියි. හීලියම් ශ්වසන මිශ්‍රනවල කොටස් ට්‍රයිමික්ස් හෝ හිලියොක්ස් වැනි ප්‍රතිස්ථාපනය කිරීම්වලදී, ගැඹුරු ස්ථානවල වායුවේ නාකෝටික් බලපෑමේ පහත වැටීමක් අධ්‍යයනය කෙරෙයි. හීලියම්හි පහත ද්‍රාව්‍යතාව විසම්පීඩනය, කුදය වැනි රෝගී තත්ත්ව ප්‍රතිකාර කිරීමේදී උපකාරී වේ. ශරීරයේ පහත වැටුණු ද්‍රාවිත වායු ප්‍රමාණයෙන් හැඟවෙන්නේ පීඩන උද්දමනය පහත වැටීමේදී අඩු වායු බුබුලු ප්‍රමාණයක් හටගන්නා බවයි. තවත් උච්ච වායුවක් වන ආගන්, ස්කුබා කිමිදුම්වලට යොදා ගන්නා කිමිදුම් ඇඳුම් සඳහා සුළං පිරවීමේ වායුවක් ලෙස යොදා ගැනේ. හීලියම්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියකවලට යොදා ගන්නා න්‍යෂ්ටික ඉන්ධනවල පිරවුම් වායුවක් ලෙසද යොදා ගැනෙයි.1937දී සිදු වූ හින්ඩන්බර්ග් විනාශයේ සිට කුඩා අහස් නැව් සහ බැලූන සඳහා හයිඩ්‍රජන් වෙනුවට හීලියම් එසැවුම් වායුවක් ලෙස යොදා ගැනුණි.බොහෝ යෙදීම්හි, උච්ච වායු නිෂ්ක්‍රීය වාතාවරණයක් පෙන්වයි. නයිට්‍රජන් සඳහ
ා සංවේදී, වායු-සංවේදී සංයෝග(air-sensitive compounds) සංයෝග සඳහා ආගන් යොදා ගනේ. අස්ථායී සංයෝග නිෂ්ක්‍රීය මැට්‍රිසයක් තුළ සිර කරගනිමින් අධ්‍යයනය සඳහා ඝන ආගන් යොදා ගැනෙයි.වායු වර්ණලේඛ ශිල්පයේ මාධ්‍යයක් ලෙස හීලියම් යොදා ගැනෙයි. තවද එය උෂ්ණත්වමානවල පිරවුම් වායුවක් ලෙස සහ ගයිගර් ගණක සහ බුබුලු කුටි ආදී විකිරණ මැනීමේ උපකරණවල යොදා ගැනෙයි. හීලියම් සහ ආගන් දෙකම පොදුවේ වෑල්ඩින් කටයුතු වලදී ආරක්ෂාව සඳහා සහ වෙනත් ලෝහ විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා යොදා ගන්න අතර අර්ධසන්නායක කර්මාන්තයේදී සිලිකන් නිපදවීමටද භාවිතා කරයි.අඩු ප්‍රතික්‍රියාශීලතාව හේතුවෙන් උච්ච වායු සාමාන්‍යයෙන් ආලෝකකරණ කටයුතු සඳහා යොදා ගනියි. නයිට්‍රජන් සමඟ මිශ්‍රිත ආගන්, තාපදීප්ත ආලෝක බල්බ සඳහා යොදා ගැනෙයි. ඉහළ වර්ණ උෂ්ණත්ව සහිත ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු සහ ඉහළ ක්ෂමතාවකින් යුතු විදුලි බුබුලුවලට ක්‍රිප්ටෝන් යොදා ගැනෙයි. මෙයට හේතුව නම්, එය සූත්‍රිකාවේ වාෂ්පීකරණ අනුපාතය ආගන්වලට වඩා පහත හෙලීමය. විශෙෂ්යෙන්ම, කුඩා ප්‍රමාණවලින් අයඩීන් සහ බ්‍රෝමීන් සමඟ මිශ්‍රිත ක්‍රිප්ටෝන් අඩංගු හැලජන් ලාම්පු මේවා භාවිතා කරයි. "නියෝන් ආලෝකය" වැනි වායු විසර්ජන ලාම
්පු තුළ උච්ච වායු විශිෂ්ට වර්ණ ගෙන දෙමින් දිදුළයි. මෙම ආලෝක නියෝන් පෙරටු කොටගෙන නම්වන නමුත් බොහෝවිට රතු-තැඹිළි වැනි පැහැයන් එකතු කරන අනෙකුත් වායු සහ ප්‍රකාශදවලින් සමන්විත වෙයි. සෙනෝන් පොදුවේ සෙනෝන් සෙනෝන් චාප ලාම්පු තුළ භාවිතා කෙරෙන අතර එයට හේතුව නම්, ඒවායේ දිවා එළියට සමාන සන්තත වර්ණාවලියයි. එහි යෙදීම් චිත්‍රපට සඳහා යොදා ගන්නා ප්‍රොජෙක්ටර සහ මෝටර් රථවල ප්‍රධාන පහන් තුළ දැකිය හැකි වේ.උච්ච වායු එක්සයිමර් ලේසර් කිරණ(Excimer lasers) සඳහා යොදා ගැනේ. ඒවා අඩු ආයු කාලයක් සහිත එක්සයිමර් නමැති ඉලෙක්ට්‍රොනික වශයෙන් සැකැඹුණු අණු මත පදනම් වේ. මෙම එක්සයිමර් ලේසර් කිරණ Ar2, Kr2 හෝ Xe2වැනි ද්වි-පරමාණුක අණු හෝ බොහෝවිට උච්ච වායු සමඟ බැඳුනු හැලජනවන ArF, KrF, XeF හෝ XeCl ආදියෙන් නිර්මාණය වී ඇත. එක්සයිමර් ලේසර් කිරණ කාර්මික, වෛද්‍ය, විද්‍යාත්මක යෙදීම් ආදියට බොහෝ සෙයින් යොදා ගැනෙයි. ඇතැම් උච්ච වායු වෛද්‍ය විද්‍යාවේදී ඍජු ලෙස යොදා ගැනෙයි. හීලියම් ඇතම් අවස්ථාවලදී ශ්වසන රෝගීන්ගේ ශ්වසනය පහසු කරවීම සඳහා යොදා ගැනෙයි. සෙනෝන් නිර්වින්දකයක් ලෙස භාවිතයට ගැනෙයි. එය ලිපිඩ තුළ වන ඉහළ ද්‍රාව්‍යතාව(නයිට්‍රස් ඔක්සයිඩ
්වලට වඩා ප්‍රබල ලෙසා සහ පහසුවෙන් ශරීරයෙන් බැහැරවෙමින් ඉක්මන් සුවයක් ලබා දීම ඊට හේතු වේ. සෙනෝන් හයිපර්පෝලරයිස්ඩ් MRI( hyperpolarized MRI) මගින් පෙනාළුවල වෛද්‍ය මුර්තන ලබා ගැනීමේදී භාවිතයට ගැනේ. ඉහළ විකිරණශීලතාවකින් යුතු ඉතා කුඩා ප්‍රමාණයකින් පවතින රෙඩෝන් විකිරණ චිකිත්සාවේදී භාවිතයට ගැනෙයි.විසර්ජිත වර්ණ[සංස්කරණය]උච්ච වායුවල විද්‍යුත් විසර්ජන වර්ණ සහ වර්ණාවලිය(පහළ පේළියේ): දෙවන පෙළ පමණක් සංශුද්ධ වායු පෙන්වයි.හීලියම්නියෝන්ආගන් ("ආගන්" අනුරූපයේ යම් Hg ප්‍රමාණයක් අඩංගු වේ.)ක්‍රිප්ටෝන්සෙනෝන්විසර්ජිත ආලෝකයේ වර්ණය කරුණු කිහිපයක් මත් පදනම් වේ.විසර්ජිත පරාමිතීන්( පවතින ඝනත්වය සහ විද්‍යුත් ක්ෂේත්‍රය, උෂ්ණත්වය ආදී)- විසර්ජිත් වර්ණ වෙනස්වීම් ඉහළ පෙළෙහි දැකෙවෙන බව සලකන්න;වායු සංශුද්ධතාව(නිශ්චිත වායුවල කුඩා කොටසකට පමණක් වර්ණය සඳහා බලපෑම් කිරීමේ හැකියාව පවතියි.);විසර්ජන නළය ආවරණයට ගන්නා ලෝහ-– පහත පෙළ නළ පාරජම්බූල කිරණ ආදියෙන් ආවරණය සඳහා ගනකම් ගෘහස්ථ වීදුරුවලින් නිමවා ඇත.මේවාත් බලන්න[සංස්කරණය]උච්ච වායු(දත්ත පිටුව), භෞතික ගුණ සම්බන්ධ
විස්තෘත වගු සඳහා.උච්ච ලෝහ, විඛාදනයට හෝ ඔක්සිකරණයට ප්‍රතිරෝධී ලෝහ සඳහා.නිෂ්ක්‍රීය වායු, සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රතික්‍රියකශීලී නොවන ඕනෑම වායුවක් සඳහා.කාර්මික වායුනියුට්‍රෝනියම්ද්වාරය: Chemistryඋච්ච වායු පිළිබඳව විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘති තුළ:වික්ෂණරිය වෙතින් අර්ථ දැක්වීම්කොමන්ස් වෙතින් මාධ්‍යයවිකිපොත් වෙතින් පෙළ පොත්විකිසරසවිය වෙතින් සම්පත්සටහන්[සංස්කරණය]↑ Renouf, Edward (1901). "Noble gases". Science. 13 (320): 268–270. Bibcode:1901Sci....13..268R. doi:10.1126/science.13.320.268.↑ "argon". Encyclopædia Britannica. 2008. http://www.britannica.com/eb/article-9009382/argon. ↑ Oxford English Dictionary (1989), s.v. "helium". Retrieved December 16, 2006, from Oxford English Dictionary Online. Also, from quotation there: Thomson, W. (1872). Rep. Brit. Assoc. xcix: "Frankland and Lockyer find the yellow prominences to give a very decided bright line not far from D, but hitherto not identified with any terrestrial flame. It seems to indicate a new substance, which they propose
to call Helium."↑ Ojima 2002, p. 1↑ Mendeleev 1903, p. 497↑ Partington, J. R. (1957). "Discovery of Radon". Nature. 179 (4566): 912. Bibcode:1957Natur.179..912P. doi:10.1038/179912a0.↑ 7.0 7.1 7.2 7.3 "Noble Gas". Encyclopædia Britannica. 2008. http://www.britannica.com/eb/article-9110613/noble-gas. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;nobelchem නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ Gillespie, R. J.; Robinson, E. A. (2007). "Gilbert N. Lewis and the chemical bond: the electron pair and the octet rule from 1916 to the present day". J Comput Chem. 28 (1): 87–97. doi:10.1002/jcc.20545. PMID 17109437.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ Bartlett, N. (1962). "Xenon hexafluoroplatinate Xe+[PtF6]–". Proceedings of the Chemical Society (6): 218. doi:10.1039/PS9620000197.↑ Fields, Paul R.; Stein, Lawrence; Zirin, Moshe H. (1962). "Radon Fluoride". Journal of the American Chemical Society. 84 (21): 4164–4165. doi:10.1021/ja00880a048.{{c