text
stringlengths
0
1k
ite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ Grosse, A. V.; Kirschenbaum, A. D.; Streng, A. G.; Streng, L. V. (1963). "Krypton Tetrafluoride: Preparation and Some Properties". Science. 139 (3559): 1047–1048. Bibcode:1963Sci...139.1047G. doi:10.1126/science.139.3559.1047. PMID 17812982.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ Khriachtchev, Leonid; Pettersson, Mika; Runeberg, Nino; Lundell, Jan; Räsänen, Markku (2000). "A stable argon compound". Nature. 406 (6798): 874–876. doi:10.1038/35022551. PMID 10972285.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ Oganessian, Yu. Ts.; Utyonkov, V.; Lobanov, Yu.; Abdullin, F.; Polyakov, A.; Sagaidak, R.; Shirokovsky, I.; Tsyganov, Yu.; Voinov, A. (2006). "Synthesis of the isotopes of elements 118 and 116 in the 249Cf and 245Cm + 48Ca fusion reactions". Physical Review C. 74 (4): 44602. Bibcode:2006PhRvC..74d4602O. doi:10.1103/PhysRevC.74.044602.↑ 15.0 15.1 15.2 Greenwood 1997
, p. 891↑ Under pressure of 25 bar↑ Allen, Leland C. (1989). "Electronegativity is the average one-electron energy of the valence-shell electrons in ground-state free atoms". Journal of the American Chemical Society. 111: 9003. doi:10.1021/ja00207a003.↑ "Solid Helium". University of Alberta. සම්ප්‍රවේශය 2008-06-22.↑ Wheeler, John C. (1997). "Electron Affinities of the Alkaline Earth Metals and the Sign Convention for Electron Affinity". Journal of Chemical Education. 74: 123–127. Bibcode:1997JChEd..74..123W. doi:10.1021/ed074p123.; Kalcher, Josef; Sax, Alexander F. (1994). "Gas Phase Stabilities of Small Anions: Theory and Experiment in Cooperation". Chemical Reviews. 94: 2291–2318. doi:10.1021/cr00032a004.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)↑ Mott, N. F. (1955). "John Edward Lennard-Jones. 1894–1954". Biographical Memoirs of Fellows of the Royal Society. 1: 175–184. doi:10.1098/rsbm.1955.0013.↑ CliffsNotes 2007, p. 15↑ 22.0 22.1 Grochala, Woj
ciech (2007). "Atypical compounds of gases, which have been called noble". Chemical Society Reviews. 36 (10): 1632–1655. doi:10.1039/b702109g. PMID 17721587.↑ Pauling, Linus (1933). "The Formulas of Antimonic Acid and the Antimonates". Journal of the American Chemical Society. 55 (5): 1895–1900. doi:10.1021/ja01332a016.↑ Holloway 1968↑ Seppelt, Konrad (1979). "Recent developments in the Chemistry of Some Electronegative Elements". Accounts of Chemical Research. 12 (6): 211–216. doi:10.1021/ar50138a004.↑ Moody, G. J. (1974). "A Decade of Xenon Chemistry". Journal of Chemical Education. 51 (10): 628–630. Bibcode:1974JChEd..51..628M. doi:10.1021/ed051p628. සම්ප්‍රවේශය 2007-10-16.↑ Harding 2002, pp. 90–99↑ doi: 10.1086/375492 This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand↑ "The Atmosphere". National Weather Service. සම්ප්‍රවේශය 2008-06-01.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;ullmann නමැති ආශ්‍රේයන් සඳහා කි
සිදු පෙළක් සපයා නොතිබුණි↑ Hwang, Shuen-Chen; Lein, Robert D.; Morgan, Daniel A. (2005). "Noble Gases". Kirk Othmer Encyclopedia of Chemical Technology. Wiley. pp. 343–383. doi:10.1002/0471238961.0701190508230114.a01.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)යොමුව[සංස්කරණය]Bennett, Peter B. (1998). The Physiology and Medicine of Diving. SPCK Publishing. ISBN 0-7020-2410-4. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: ref duplicates default (link)Bobrow Test Preparation Services (2007-12-05). CliffsAP Chemistry. CliffsNotes. ISBN 0-470-13500-X.Greenwood, N. N. (1997). Chemistry of the Elements (2nd ed.). Oxford:Butterworth-Heinemann. ISBN 0-7506-3365-4. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: ref duplicates default (link)Harding, Charlie J. (2002). Elements of the P Block. Royal Society of Chemistry. ISBN 0-85404-690-9. {{cite book}}: Unknown parameter |coauthors=
ignored (|author= suggested) (help)CS1 maint: ref duplicates default (link)Holloway, John H. (1968). Noble-Gas Chemistry. London: Methuen Publishing. ISBN 0-412-21100-9.{{cite book}}: CS1 maint: ref duplicates default (link)Mendeleev, D. (1902–1903). Osnovy Khimii (The Principles of Chemistry) (Russian බසින්) (7th ed.).{{cite book}}: CS1 maint: unrecognized language (link)Ojima, Minoru (2002). Noble Gas Geochemistry. Cambridge University Press. ISBN 0-521-80366-7. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: ref duplicates default (link)Weinhold, F. (2005). Valency and bonding. Cambridge University Press. ISBN 0-521-83128-8. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: ref duplicates default (link)Scerri, Eric R. (2007). The Periodic Table, Its Story and Its Significance. Oxford University Press. ISBN 0-19-530573-6.{{cite book}}: CS1 maint: ref duplicates default (link)vteආවර්තිතා වගුව
(Periodic table)PeriodictableformsStandard18-column18-column, large cells32-column, large cellsAlternativeAlternativesChemical GalaxyJanet's left step tableExtendedExtension beyond the 7th periodFricke modellarge cellsPyykkö modelSets ofelementsByperiodictablestructureGroups1 (Alkali metals)2 (Alkaline earth metals)3456789101112131415 (Pnictogens)16 (Chalcogens)17 (Halogens)18 (Noble gases)Periods12345678+AufbauFrickePyykköBlockss-blockp-blockd-blockf-blockg-blockAufbau principleBymetallicityMetalsAlkali metalsAlkaline earth metalsLanthanidesActinidesSuperactinidesEka-superactinidesTransition metalsPost-transition metalsMetalloidsLists of metalloids by sourceDividing lineNonmetalsPolyatomic nonmetalsDiatomic nonmetalsNoble gasesOthersetsNutritional elementsPlatinum-group metals (PGM)Rare-earth elementsRefractory metalsPrecious metalsCoinage metalsNoble metalHeavy metalsNative metalsTransuranium elementsTransa
ctinide elementsMajor actinidesMinor actinidesElementsListsBy: Abundance (in humans)Atomic propertiesNuclear stabilityProductionSymbolPropertiesAtomic weightCrystal structureElectron affinityElectron configurationElectronegativityAllenPaulingGoldschmidt classificationMaximum valenceDatapagesAbundanceAtomic radiusBoiling pointCritical pointDensityElasticityElectrical resistivityElectron affinityElectron configurationElectronegativityHardnessHeat capacityHeat of fusionHeat of vaporizationIonization energyMelting pointOxidation stateSpeed of soundThermal conductivityThermal expansion coefficientVapor pressureHistoryElement discoveriesMendeleev's predictionsNamingEtymologycontroversiesplacesscientistsin East AsiaSee alsoIUPACnomenclaturesystematic element nameTrivial nameDmitri Mendeleev Book Category Chemistry Portalමෙම කොටුව: නරඹන්නසාකච්ඡාවසංස්කරණය ආවර්තිතා වගුවH HeLiBe BCNOFNeNaMg AlSi
PSClArKCa ScTiVCrMnFeCoNiCuZnGaGeAsSeBrKrRbSr YZrNbMoTcRuRhPdAgCdInSnSbTeIXeCsBaLaCePrNdPmSmEuGdTbDyHoErTmYbLuHfTaWReOsIrPtAuHgTlPbBiPoAtRnFrRaAcThPaUNpPuAmCmBkCfEsFmMdNoLrRfDbSgBhHsMtDsRgCnUutUuqUupUuhUusUuoක්‍ෂාර ලෝහක්ෂාරීය පාංශු ලෝහලැන්තයිඩඇක්ටිනයිඩආන්තරික ලෝහවෙනත් ලෝහලෝහාලෝහවෙනත් අලෝහහැලජනඋච්ච වායුLarge version සැකිල්ල:Noble gasesමෙම ලිපිය ශ්‍රී ලංකාවට අයත් ප්‍රධාන දූපතේ ගොඩබිමමේ සහ මිරිදියේ ශාක සහ සත්ත්‍ව සංහතිය පිලිබඳව වේ. ශ්‍රී ලංකාවට අයත් මූදු ශාක සහ සත්ත්‍වයන් මෙහි සඳහන් නොවේ.ශාක සංහතිය[සංස්කරණය]සපුෂ්ප ශාක[සංස්කරණය]කුල 214කට අයත් සපුෂ්ප ශාක විශේෂ 3500කට අධික ප්‍රමාණයක් ඇත. ඉන් 75% පමණ ස්වදේශීය වන අතර ඉතිරි 25% විදේශීය ලෙස සැලකේ.ස්වදේශීය සපුෂ්ප ශාක[සංස්කරණය]දූපතේ ස්වදේශීය සපුෂ්ප ශාක වලින් 27%ක් ඊට පමණක් ආවේණික වේ.ලං
කා දූපතට පමණක් ආවේණික සපුෂ්ප ශාක[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ලංකා දූපතට පමණක් ආවේණික සපුෂ්ප ශාක ලයිස්තුවමීවන[සංස්කරණය]විශේෂ 350ක් පමණ ඇතැයි අනුමාන කෙරේ.http://www.greenmedia.lk/sinhala/index.php?option=com_content&view=article&id=62:2009-04-06-15-03-07&catid=121:2009-04-06-15-29-34&Itemid=115[permanent dead link]වෙනත් ශාක[සංස්කරණය]සත්ත්‍ව සංහතිය[සංස්කරණය]ක්‍ෂීරපායීයෝ[සංස්කරණය]දුපතේ හඳුනාගෙන ඇති ක්‍ෂීරපායී විශේෂ 91න් 16ක් ඊට පමණක් ආවේනික (ඒකදේශික)වේ.කුරුල්ලෝ[සංස්කරණය]දුපතෙන් කුරුළු විශේෂ 433ක් වාර්තාවී ඇති අතර ඉන් 233ක් නේවාසික කුරුල්ලෝ ලෙස සැලකේ. නේවාසික කුරුල්ලන්ගෙන් විශේෂ 26ක් (සහ යෝජිත අලුත් විශේෂ 7ක්) දූපතට පමණක් ආවේණිකය.සමනල්ලු[සංස්කරණය]වාර්තාවී ඇති සමනල් විශේෂ 245න් 24ක් ඊට පමණක් ආවේණිකය.වෙනත් සත්තු[සංස්කරණය]උභය මැදවලමේජර් ජෙනරල් උභය මැදවල VSV, USP, pscසේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාවපදවියමේජර් ජෙනරල්රෙජිමේන්තුවශ්‍රී ලංකා ආමර්ඩ් හමුදාවඅණදීම්යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතසටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද
්ධයප්‍රදානඋත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානයමේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්‍රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා තනතුරු හොබවයි. [1]හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරු හොබවයි. හිටපු මිලිටරි ස්පෝක්ස්මන්.මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[2]ආශ්‍රිත[සංස්කරණය]↑ යුද හමුදාවේ දෙවැනි පුටුවට උභය මැදවල , ගුවන් හමුදාවේ දෙවැනි පුටුවට සුමංගල ඩයස්↑ මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා මේජර් ජෙනරල් උභය මඩවලයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවඋභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට සංරක්ෂණය කළ පිටපත 2017-03-27 at the Wayback Machineයුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සංරක්ෂණය කළ පිටපත 2016-10-31 at the Waybac
k Machineකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machineඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතමම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා‘Winning the war of minds’ is more important than ‘winning the war of arms’උඩුකුඹර පංසලමනරම් තේ යායකින් වටවූ සුන්දරපෙදෙසක උඩුකුඹුර පංසල පිහිටා ඇත.මුලින් බෝධීන් වහන්සේ පමණක් පැවති අතර මෙ වනවිට සංවර්ධන කටයුතු අරබා ඇත.මෙම විහාරස්ථානයට ගම් 6 ක් පමන දායකත්වය සපයයි.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "සොකරි නාටකය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම ස
ඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details.No reason has been cited for the Wikify tag on this article.Please replace HTML markup with wiki markup where appropriate.Add wikilinks. Where appropriate, make links to other articles by putting "[[" and "]]" on either side of relevant words (see WP:LINK for more information) and check that your links work as expected. Please do not link terms that most readers are familiar with, such as common occupations, well-known geographical terms, and everyday items.Format the lead. Create or improve the lead paragraph.Arrange section headers as described at Wikipedia:Guide to layout.Add an infobox if it is appropriate for the article.Remove this tag.මෙරට දැනට සමාඡයේ ව්‍යවහාරව පවතින ප්‍රධාන ගැමි නාට්‍ය ලෙස පිළිගැනෙන සොකරි , කෝලම් සහ නාඩගම් යන අංග වලින් පැරණිම ජන නාටක විශේෂය වශයෙන් සැළකිය හැක්කේ අනුරෑප මාධ්‍යයෙන් කථාවක්
ගෙනහැරපාන සොකරි නාටකයයි. ගැමි ජනයා අතර පැන නැගුන ස්වාධීන දේශීය කලාංගයක් මෙන්ම යාතුකර්මයක් වශයෙන් ද සොකරි නාටකය හැඳින්වීමට පුළුවන. ආනමඩුව, දඹුල්ල, මාතලේ, හිඟුරක්ගොඩ සහ බදුල්ල වැනි ප්‍රදේශවලදී දක්නට ලැබෙන සොකරි නම් වූ ගැමි නාටකය ගැමි ජනතාව අතර උඩරට නාට්‍යක් ලෙසින් වඩාත් ප්‍රචලිතය. ගොයම් කපා, පාගා, අස්වනු ගෙට ගැනීමෙන් පසුව එළඹෙන ගොවීන්ගේ විවේක කාලය තුළ දී සොකරි රඟ දැක්වීම කරනුලැබේ.මේ සඳහාසිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළබෙන වෙසක්, පොසොන්, ඇසළ මාස තෝරාගනු ලබන්නේත් අවුරුද්දකට එක් වතාවක් පමණක් සොකරි නාටකය රඟ දක්වනු ලබන්නේත් මේ හේතූන් මතය. නාටකය රඟ දැක්වීමට යෝග්‍ය වේදිකාව ලෙස ගැමියෝ අස්වනු ගෙට ගත් පසු හිස්වන කමත යොදා ගනිති. මේ සඳහා කමතට අමතරව පිට්ටනියක් ඉඩකඩ ඇති තැනිතලා බිමක් යොදා ගනි.සොකරිය යනු මෙ‍ම නාටකයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනරෑමත් යුවතියකි. ඇය හා විවාහ ගිවිසගන්නා ගුරුහාමි නම් වූ ආඬිගුරා මෙහි ප්‍රධාන චරිත වේ. ඊට අමතරව වෙදරාළ සහ වෙදරාළ‍ගේ බෑණනුවන් වන සොත්තා, පරයා හෙවත් පච්චමීරා, කාලි අම්මා, ගොවියා,‍ ගෙවිලිය, ආච්චි හා මුණුබුරා. රඡතුමා ආදී චරිත විවිධ ප්‍රදේශවල සොකරි නාටක තුළ දැකිය හැකි
ය. සොකරි සහ ගුරුහාමි ඔවුන්ගේ මෙහෙකුරුවාද සමඟ කසී රට සිට මෙරටට පැමිණෙති. පළමුව ඔවුහු සිරිපතුල වැඳ පැමිණ තඹරාවිට ග්‍රාමයෙහි පදිංචි වෙති. එහෙත් හෙළබස නොදත්කම නිසා මොවුන්ට සිදුවනඅතිමහත් වූ දුෂ්කරතා සමුදාය උපහාසාත්මක ලෙස නාට්‍ය මඟින් ඉදිරිපත් කෙ‍රේ. විටෙක රෝගාතුර වන ගුරුහාමි , සුවපත් කිරීමට පැමිණෙන තඹරාවිට වෙදරාළ සමඟ සොකරිය පැන යන අයුරුත් කතරගම දෙවියන්ගේමඟ පෙන්වීම මත ගුරුහාමි විසින් නැවත ඇය සොයා ගන්නා අයුරුත් සොකරියට දරුවෙකු ලැබී ඇය දරුවා නළවන අයුරුද මෙ‍මඟින් රංගනය වේ.පැවැත්වීමේ අරමුණු[සංස්කරණය]පත්තිනි දේවිය හා කතරගම දෙවියන් උදෙසා පුදපූඡා පැවැත්වීම. ‍වසංගත රෝගවලින් රැකවරණය ලබා ගැනීම ප්‍රධාන අරමුණු වේ.මෙහිදී ආගමික සම්බන්ධතාවලට මූලිකත්වය දෙමින් සශ්‍රීකත්වය, විනෝදාර්ථය හා සෞභාග්‍ය උදෙසා වූ වත්පිළිවෙත් ඇසුරෙන් යාතුකර්මයක් වශයෙන් ගැමි ඡනයා අතර පවත්වාගෙන යෑම මෙහි මූලික අරමුණ වශයෙන් හැදින්වීම‍ටපුළුවන.ප්‍රචලිත ප්‍රදේශ[සංස්කරණය]ලංකාවේ ඡනනාටක පළාත් අනුව වර්ග කිරීමේදී කන්ද උඩරටත් බදුල්ල පළාතෙත් ඇතිවී පැතිරගිය සොකරි නාට්‍ය දැන‍ට රැඳී පවතින හා මුල් වකවානු වල ප්‍රචලිත ප්‍රදේශ වශයෙන් හඟුරන්
කෙත, මාතලේ, කොටුවේගොඩ, පාඬිවිට, පාතහේවාහැට, උඩහේවාහැට, මීරුප්පේ, කපුලියද්ද, හේනවල, හපුගස්දෙනිය, ලග්ගල, ඉලුක්කුඹුර, තලාතුඔය, නිල්දණ්ඩාහීන්න, බූටෑවත්ත, කැවැන්දාව, මහවැලි නිම්නය,පාතදුම්බර, උඩුදුම්බර, යටිනුවර, උඩුනුවර, දැදුරු ඔය නිම්නය ආදී .ගම් නියම් ගම් හැඳින්වීමට පුලුවන්.සොකරි කථාව[සංස්කරණය]සොකරි කථාව හෙවත් ගුරු හටනයේ උපත් කථා වල ප්‍රදේශීය වශයෙන් සුළු වෙනස්කම් ඇතත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහල ගැමි නාටකය" නම් වූ ග්‍රන්ථයේ සඳහන් අන්දමට එහි කථාපුවත මෙසේය. කාසි රටෙහි ගුරුහාමි නමින් යුත් ආඬි ගුරෙක් වාසය කරයි. සොකරිය නම් වූ රෑමත් යුවතියක සරණ පාවා ගන්නා ඔහු පරයා නැමැත්තෙකු මෙහෙකාරකමට ගනී. ඡීවනෝපායක් සොයමින් රටින් ර‍ට ඇවිදින්නා වූ ඔවුන් හට කෙළවරදී සිංහල දේශයට යන්නට සිත් වේ. ඔවුහු සුභ නැකතින් පිටත්ව මුහුදු හතක් තරණය කොට ලක්දිවට පැමිණෙති. පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට ගොස් වැඳ පුදා ගන්නා වූ ඔවුහු අනතුරුව තඹරාවිට නම් ගමට පැමිණ එහි පැලක් සාදාගෙන පොළව ගොමගා පවිත්‍ර කරගෙන එහි වාසය කරන්නට සැරසෙති. ගුරුහාමි හාල් සොයන්නට නික්මයති. බස නොතේරෙන බැවින් නොයෙක් අතෝරයන්ට මුහුණපාන ඔහු කෙසේ හෝ හ
ාල් ටිකක් ගෙනවිත් බත් පිසින්නට කියා සොකරියට දෙයි. එහෙත් වතුර නැති බැවින් නැවත වරක් ගම‍ට යන්නට සිදුවෙයි.ඒ ගමන යන විට ගමේ වෙදරාළගේ බල්ලා ඔහුගේ කකුළ සපාකයි. අමාරුවෙන් ඔහු ගෙදරට සේන්දු වී පොළොවෙහි වැතිර සිටින විට ඔහු මිය‍ගොස් ඇතැයි සිතා පරයා අවස්ථාවෙන් ප්‍රයෝඡන ගෙන සොකරිය අනාචාරයට පොළඹවන්නට මාන බලයි. පරයා කෙරෙහි උරණ වූ සොකරිය වෙදරාළ කැටුව එන්නට යයි, ඔහුට අණ කරයි. පරයා ‍ගොස් වෙදරාළට තතු පවසන නමුත් සොකරිය පැමිණෙතොත් මිස තමා (වෙදරාළ) නොඑන බව ඔහු දන්වා එවයි. එකල සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි. වෙඳරාළ මැදියමතෙක් ගුරුහාමිට බෙහෙත් දී පිළියම් කොට අළුයම් වේලේ සොකරිය සමඟ පලා යයි. සොවින් පෙළන ගුරුහාමි කතරගම දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. ‍කෙළවර දී කතරගම දෙවියෝ ඔහුට සළකුණක් කියා පායි. මේ සළකුණේ අනුසාරයෙන් සොකරිය සොයා යන්නා වූ ගුරුහාමිට ඇය වෙදගෙ‍දරදී හමු වේ.ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලයි. එහෙත් ඇය තමා නිදොස් යැයි ගුරුහාමිගෙන් සමාව යදියි. මින් මතු ‍සොකරිය මැනවින් රැක ගතයුතු යැයි ගුරුහාමි පරයාට ඔවදන් දෙයි. සොකරි කථාවේ චරිත[සංස්කරණය]ගුරුහාමි - ආඬිගුරු/ගුරැස්වාමි/සිවනා
ථගුරු/ස්වාමි/ගුරුවාසොකරිය - පරට්ටීපරයා - පච්චමීරා/රාමාවෙදරාළ - වෙදා/වෙදමහත්තයාසොත්තානා - සොක්කා/සිට්ටහෙට්ටියා - සෙට්ටි‍ලේ/සෙට්ටියෝවඩුරාළකපුරාළනයිනටවන්නාකාලිඅම්මාපරයා, වෙදරාළ, සොත්තානා යන චරිත පමණක් එරමුදු, කොට්ට, වෙලන් ලී වලින් කොලපතකින් ‍සකස් කරගත් වෙස් මුහුණු පළඳිති. ඇඳුම් පැළඳුම්[සංස්කරණය]ගුරුහාමිගේ ඇඳුම[සංස්කරණය]සුදු දිග කලිසමක් ඇඳ ඊට උඩින් සුදු වේටිය, ඉණට පච්ච වඩම, හිසට මුණ්ඩාසනේ , පයට ගෙඡ්ඡි, ඡපමාලාවක්, සංඛයක්, නවගුණවැලකරේ දමාගෙන නිමිති පොතක් සහ සැරයටියක් අතතිව, අත ,ගෙල, නළල අළු තවරාගෙන ශාස්ත්‍ර කියන දෛවඥයෙක් හා විහිළුතහළුකරනමහල්ලෙක්ලෙසින් නිරෑපණයකරයි. ඇඳසුදුවත රැලි අල්ලා නෙරිය තියාලා බැඳ මුදුනඡට පච්චවඩන්කරටලා නද කර සක්ගෙඩිය ගෙන පිඹියිඋඩබලා ඉඳ තැන තැන කට දොඩවයි කන්සාබීලා සොකරියගේ ඇඳුම[සංස්කරණය]උඩරට සාරි රෙද්ද හා උඩුකයට හැට්ටය හැඳගත් පිරිමියෙක් සොකරි චරිතය මවා පායි. පාද වලට සිහින් ගෙඡ්ඡි වැල් ද අතට‍ ‍ලෙන්සුවක් හෝ මල්පොකුරක් ද අතැතිව, කොණ්ඩය තරමක් ලොකුවට බැඳ, කූරු ගසා මාල වළලු වලින් සැරසී මුහුණ පවුඩර් තවරා සැරසෙයි. කාලි අම්මා චරිතය ද පිරිමි කෙනෙක් නි
රෑපණය කරයි. ඔසරියකින් හෝ සාරියකින් සැරසෙයි. සොකරියගේ මෙහෙකාරියයි. පරයාගේ ඇඳුම[සංස්කරණය]තරමක් රළු දිග කළු කලිසමක් කළු කබායක් හැඳ මුහුණට පුවක්කොල වලින් සැකසූ වෙස් මුහුණක් පැළැඳ සමහර අවස්ථා වල දී රෙදි පොට්ටනියක් ද කර ලාගෙන සිටී. විටෙක ගෝනි වලින් සැකසූ ඇඳුම් අදී. වෙදරාළගේ ඇඳුම[සංස්කරණය]සරමක් සහ කෝට් කබායක් හැඳ සුදුපාට දිග රැවුලෙන් යුත් කොළපත් වෙස් මුහුණක් පැළඳ පිටට කොට්ටයක් බැඳ හැරමිටියක් අතට ගෙන දෙපැත්තට පැද්දෙමින් තාලයට අනුව පාද තබන කුදෙකුගේ ස්‍වරෑපයක් නිරෑපණය කරයි. ඔලගුව කරේ දමාගෙන සිටී.චරිත හඳුන්වන කවි[සංස්කරණය]චරිත පමණක් නොව මේ ගැමි නාටකයේ , සියළුම කථා පුවත ඉදිරිපත් කරනුයේ සිව්පද කවි ආශ්‍රයෙනි.මේ කවි අඩංගු අත්පිටපතක් සෑම කණ්ඩායමකම තිබේ. මේ කවි පොතේගුරු ඇතුළු අත්වැල් ගායක පිරිස කිසියම් විරිතකට අනුව ඉතා රසවත්ව ගායනා කරති. වෙදරාළ[සංස්කරණය]වෙදා නටන්නේ පළමුව සබේට එන්නේයොදා කියන්නේ තාලෙට ගත වේවලන්නේකුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේවිදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ සොත්තානා[සංස්කරණය]සොක්කා එන්නේ දෙවනුව නැටුම් නටන්නේදැක්කා උන්නේ සෙල්
ලම් යසයි කියන්නේ බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේසොක්කා දන්නේ නැටුමට බිම පෙරලෙන්නේ පරයා[සංස්කරණය]ඉතිං කියන්නේ තුන්වැනි වරට නටන්නේ පරයයි එන්නේ වටපිට නිතර බලන්නේකට දොඩවන්නේ ගියගිය තැන පෙරලෙන්නේකොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ සොකරිය[සංස්කරණය]සොකරී එන්නී සබයෙන් අවසර ගන්නීනැටුම් නටන්නී තාලෙට රාග කියන්නී පද අල්ලන්නී පියයුරු ලැම සොලවන්නීකැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී ගුරුවා[සංස්කරණය]ඈත සිටන් එන්නේ ගුරු කෑ මුර ගාගෙන බීත වෙලා ඉන්නේ දැකලා සමහර දෙන සීත සුළං වැඩිය කියා ගත වෙව්ලා ගෙන බූත යකෙක් සේම නටයි ගුරුවා ඇව්දින මේ චරිත සියල්ලම රඟ දැක්වීමට පිරිමි පාර්ශවය පමණක් සහභා කරවා ගැනීම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.රඟ මඬල හා රංග භාණ්ඩ[සංස්කරණය]රඟ මඬල වශයෙන් යොදා ගන්නේ කමත, විශාල ගෙමිදුලක්, පිට්ටනියක්, තැනිතලා බිමකි. රඟ මඬල මැද මුහුණින් අතට හැරවූ වංගෙඩියක් තබා ඒ මත ලන්තෑරුමක් දල්වා තැබීමෙන් රැය පහන්වන තුරාම මුළු රඟමඩලම ආලෝකමත් කරයි. රඟමඬල වටා ලණු ඇඳ ති‍බේ. පසෙකින් මල් පැලක් දෙවියන් හා බුදුන් වහන්සේ උදෙසා ඉදිකර තිබේ. රඟ මඬල ගොක්කොළ වලින් අලංකා
ර ඇත. එක් පැත්තකින් සොකරි අත්පිටපත අතින්ගත් ගුරුන්නාන්සේ ද , හොරණෑ වාදකයෙකු ද, තාලම්පට වාදකයෙකු ද,දවුල් හෝ ගැටබෙර වාදකයෙකු ද, උඩැක්කි වාදකයෝ ද, ගුරුන්නාන්සේ සමඟ පෙළ කියවීම සඳහා අත්වැල් ගායක පිරිසක් ද සිටිති. ඉහත සදහන් කළ පිරිස රඟදක්වන ප්‍රදේශවලට අනුව අඩු වැඩි වීමක් සිදුවිය හැකිය. ගුරුන්නාන්සේ විසින් සියළුම චරිත හඳුන්වා දීමේදී එක් එක් චරිත රඟමඬලට පැමිණ මැද තබා ඇති වංගෙඩිය වටේ නටති.භාෂාව හා සංවාද[සංස්කරණය]දෙබස් වල අඩංගු වචන වල දෙමළ හා සිංහල මිශ්‍රණයක් ඇතුළත් වී ඇත. පහත කවිය උදාහරණයකට ගත හැකිය. ඔන්ඩු රෙන්ඩු දොළහයි දැන ගන් නේ මුනු නාළු හතරයි දැන ගන් නේ අන්ඡි ආරු හල හයි දැන ගන් නේ යේළු යෙට්ටු අට ලඟයි කියන් නේ සංවාද වලදී දෙපිට කැපෙන වචන භාවිතා වේ. එවැනි උපහාසාත්මක හා හාස්‍ය වැඩිකරන පදමාලාවක්, පහතරට පම්මඩු වල අඹවිදමනෙන් ද, දහඅටසන්නියේ කෝල සන්නියේ ද, උඩරට කොහොඹයක් කංකාරියේ ගුරුගේ මාලාවෙහි ද අඩංගු වේ. මේ අවස්ථා තුනෙහිම නිරෑපිත සිද්ධිය හා ඒ සිද්ධිය යාතු කර්මයකට ගළපාගෙන නිරෑපණය කිරීමේදී භාවිතා වන විවිධ රංග උපක්‍රම ද , සො‍කරි නාටකයේ
පරයා කඩවත් තරණය කිරීම යන සිදුවීමට බොහෝ සමාන කමක් දක්වයි. වඩුවාට "බඩුව" කීම වෙදරාළගේ බඩ ලොකුවට ති‍යෙන්නේ ඒ තුළ කුකුළු පැටව්, හරක් හා දරුවෝ ඉන්න නිසා යැයි කීම , ලෑලි වලට "ලේලි" කියමින් නැව කැඩුණු අවස්ථාවේ ඒ ගොල්ල"ලේලි" බදාගෙන (ලෑලි බදා ගෙන) පීනා ආ බව කීම දෙමළ බසින් කථා හාස්‍යයට ලක් කිරීම ඒ අවස්ථා සියල්ලම පොදුය. සොකරි, කෝලම්, නාඩගම් වැනි ගැමි නාට්‍යවල ආභාශයෙන් නුතනයේ දී මනමේ , සිංහබාහු වැනි නාටක බිහිවිය. නමුත් සොකරි නාටකය නුතනයේ ගම්මාන වලින් වඳවී ගෙන යයි. අතීතයේ දී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අවධානයට යොමු වූ මෙම නාටකය පිළිබඳ අත්තනායක එම් හේරත්, මුදියන්සේ දිසානායක , තිස්ස කාරියවසම් යන විද්වතුන්ගේ පර්යේෂණ කෘතිසොකරි නා‍ටකය පිළිබඳව අධ්‍යයනයේ දී වැදගත් වේ. නමුත් මේ වටිනා ගැමිසංස්කෘතික කලාංගය මතු පරපුරට රැකදීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි.මූලාශ්‍ර[සංස්කරණය]එදිරිවීර සරච්චන්ද්‍ර , සිංහල ගැමි නාටකය, 1968.මුදියන්සේ දිසානායක, උඩරට ශාන්තිකර්ම හා ගැමි නාටක සම්ප්‍රදාය, 1990.කේ.ඡී අමරසේකර, සොකරි නාටක පුරාණ‍ය, 2001.vteFolklore genres and typesNarrativeAnimal taleFableFairyta
leLegendMythParablePersonal narrativeUrban legendOral traditionFolk etymologyFalseJokeNursery rhymeProverbRiddleSayingWord gameFolk beliefFolk religionFolk saintGhostloreLegend trippingMythologyOld wives' taleRitualWeather loreFolk artsFolk artFolk epicFolk danceFolk instrumentFolk musicFolk playFolk wrestlingFoodwaysSocietyFakeloreFolk devilFolk healerFolk heroSee alsoFolklore studiesMorphology (folkloristics)Aarne–Thompson–Uther IndexMotif-Index of Folk-LiteratureStorytellingTraditionඅධිකාරී පාලනය: ජාතික පුස්තකාල France (data)IsraelUnited StatesLatviaතන්තිරිමලේ දාගැබශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත භූමියක් ලෙස තන්තිරිමලේ රජ මහා විහාරය හදුන්වා දිය හැකිය. ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, දඹුල්ල, මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා වූ උරුමයකට උරුමකම් කියන මෙම විහාරය වර්තමාන මහවිලච්චිය ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසම තුල පිහිටා තිබේ. පිහිටීම සහ හෙතිහාසික පසුබිම[සංස්කරණය]පිහිටීමතන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ ඉපැරණි ජනාවාස වලින් එකක් පමණි.මහින්දාගමනයට පෙර සටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවති බවට තන්තිරිමලය ප්‍රදේශය ශාක්‍ෂි දරයි.මුල්භාගයේ සිට අනුරාධපුර යුගයේ අගභාගය දක්වාම විහිදෙන දීර්ග කාල පරිඡ්චේදයකට අයත්වන,කැටයම් සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණශිලා ලේඛණචිත්‍ර හා මූර්තිමිනිසුන් භාව්තාකල මෙවලම්ආගමික නිර්මාණමෙහිදී දැක බලාගත හැකිය.ජනප්‍රවාද සහ ඓකිහාසික මූලාශ්‍ර අනුව මෙහි සිට වයඹදිග මුහුදු වෙරළ දක්වා සක්‍රිය ජනාවාස පැවති බවට සාධක පවති. අනුරාධපුර නගරයේ සිට කි.මි. 36 පමන වයඹ දෙසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලය පුරාණ රජමහා විහාරය ඉපැරණි භෞද්ධ සිද්ධස්ථාන අතර කැපී පෙනේ.විජය කුමරු ශ්‍රී ලංකාවට ගෙඩබැස මල්වතු ඔය ඔස්සේ අනුරපුරයට පැමින එහි රාජ්‍ය පිහිටුවාගන්නා ලදි.ඔහු සමග පැමිණි සෙසු අමාත්‍ය වරු
න්ටද විවිධ දිශාවන්ට ගොස් රාජධානි පිහිටුවා ගැනීමට උපදෙස් ලබාදුන්නේය.ඒ අනුව උපතිස්ස අමාත්‍යවරයා විසින් මල්වතු ඹයට කනදරා ඹය හමුවන ස්ථානයේ උපතිස්ස ග්‍රාමය පිහිටුවාගන්නා ලදි.වර්තමානයේ දී තන්තිරිමලය යනුවෙන් හදුන්වනු ලබන්නේ එම ප්‍රදේශය යැයි විශ්වාස කරයි. ශ්‍රී බු.ව. 3 වන සියවසේ දි දෙවැනිපෑතිස් රජු දවස තිවන්ක බමුණුගම යනුවෙන් හැදින්වූයේ මෙම ප්‍රදේශයයි. එකල මෙම ප්‍රදේශය තිවන්ක නම් බමුණකු යටතේ පැවත ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුරයට වැඩම කරවන ගමනේදී මෙම ස්ථානයේ එම පෙරහැර එක් දිනක් නවාතැන්‍ ගෙන ඇත.සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහය නිසා ඔව්න් පිටුවහල් කල අවස්ථාවේ මෙම ප්‍රදේශයේ කලක් වාසය කළ බව කියැවේ. පසුව දුටුගැමුණු මහ රජතුම මේ දෙදෙනාට සමාව ලබාදුන් බවත් එම අවස්ථාවේ "තන්තිරිම" යන සමනල විශේෂයේ හැඩැති මාලයක් ත්‍යග වශයෙන් ලබාදුන් බවත් පසු කලෙක සාලිය කුමරු එම මාලය මෙම ප්‍රදේශවය් න්ධන් කල බවත් ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට තන්තිරිමලය යන නම ලැබුණු බවටත් මතයක් පවතී.මෙම ප්‍රදේශය තන්තිරිමලය නමින් හැදින්වීමට වෙනත් කරුනත් මුල් වු බවට තවත් විස්වාසයක් පවතී එනම්, "පූජණීය පිරිස නවාතැන් ගත් ස්ථානය" යන අරුත
දෙන දමිල වචනය වන "තන්ගෛතිරුමලේ" යන දමිල විවහාරය පසුව "තන්තිරිමලය" බවට පත් වූ බව අනිත් ජනප්‍රවාදයයි.සිංහලේ මහා වන්ශකතාව විජය කුමරුගේ ආගමනයත් සමග ඇරබිණැයි මහාවන්ශයේ සදහන් වුවත් ඊට පෙර සිටම ස්වදේශීය ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශ වල කල කැණීම් වලින් අනාවරනය වී ඇත. එසේ ඉපැරණි ජනාවාස පිළිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙස තන්තිරිමලය පුන්‍ය භූමිය හදුන්වාදිය හැතිය. ක්‍රි. ව. 1909 දි පමන ජෝන් ස්ටීල් මහතා විසින් මෙම ප්‍රදේහවය් කළ පර්යේශන මගින් ඉතා ඉපැරණි ගෘහ නිර්මාණ හිල්පයට අයත් ශේශ වු කොටස් විශාල ප්‍රමානයක් විශාල ගල් ලෙනක තිබී සොයාගන්නා ලඳි. එම අවශේශ පරික්‍ෂාකොට ඔහු විශේශ ප්‍රකාෂයක් කර ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ දි යම් මානව කෙටඨාශයකට අයත් ජනාවාස මෙහි පිහිටා තිබු බවත්, එම ආදි මානවයින් විසින් භාවිතා කළ සේශ වු වටකුරැ ගල්, පලිගු ගල් සහ තවත් මෙවලම් තමා විසින් සොයාගත් බවත් මෙකී වටකුරු ගල් හා පලිගු සෑදීමට යෙදාගෙන ඇති අමුද්‍රව්‍ය එම ප්‍රදේශයට පූර්ණ වශවයන් ආගන්තුක ඒවා බවත්, මෙම මෙවලම් එම ජනකොටස් ජීවත් වූ කාලයේ දී කලාතුරකින් හමුවන බවත්, එම මෙවලම් නිපදවූ කාල වකවානු නිර්නය කිරීමට තමා අපොහොසත් බවත්
ජෝන් ස්ටීල් මහතා මෙම ප්‍රකාශවය් දක්වා ඇත.ජෝන් ස්ටීල් මහතාගේ අනුමාන වලට අනුව මෙම මෙවලම් සහ ගල් පලිගු ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඒවා බවත් ඒවා අවම වශවයන් මෙම මෙවලම් වර්ශ 2000කටවත් පෙර බාවිත කළ ඒවා බවත් ඔහු ප්‍රකාශ කරයි. තන්තිරිමලය ප්‍රදේශයට උරුම පෞරාණික රහස් වසන් කල නොහැකි අනෙක් කාරනාව වන්නේ එම විහාර භූමියේ ඇති ඉපැරණි ලෙන් සිතුවම් ය. ජෝන් ස්ටීල් මහතාට අනුව මෙමෙ සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඔස්ත්‍රො නීග්‍රොයිඩ් මානවයා විසින් අඳින ලද ඒවා වේ. ලාන්කේය බෙදු ජනී ජනයාගේ බැතිබර හැගුම් උද්ධීපනය කරනු ලබන ආගමික වශයෙන් වැදගත් වන පූජණීය වස්තු කිහිපයක් ම මෙ‍ම පුන්‍ය භූමිය තුලදී අදටත්අපට දැක වැද පුදා ගත හැකිය. අව් වැසි දෙකට එකම සොමි ගුණ පාමින් අමාමෑණි බුදු පියානන්ගේ ලොව්තුරු සුවය බැතිබර සිත් තුල ජනිත කරවන එම සලකුණු අතර,සමාධි පළිම වහන්සේඅෂ්ඨ ඵළ බෝධි රුක්‍ෂයසැතපෙන පිළිම වහන්සේචෛත්‍ය රාජයානන් වහන්සේ දැක්විය හැකිය.සමාධි පිළිම වහන්සේ[සංස්කරණය]සමාධිපිළිමයබෝධීන් වහන්සේට දකුණුපසින් ඒ අසලම උස් කවාකාර හැඩයෙන් යුත් ගල් කුලෙහි අඩි 08 පමන උසට සමාධි පිළිම වහන්සේ නෙලා ඇත. කළු ගල්කුලකට ජීව ගුනය දී ‍ස
ෞම්‍ය වු ශාන්ති සුවයෙන් වැඩහිසින මෙම ලිළිම වහන්සේ දෙපස තවත් පිළිම නෙලීමට සූදානම් කළ ගල් පුවරු වල නෙලීම් මදක් සිදුකෙට ඇත.එසේම එම ස්ථානයට ලගාවීමට පියලැට පෙළක අඩක් නිමවා ඇත.පිළිම වහන්සේගේ පහළ කොටසේ වැඩ නිමවා නොමැති බව ද දක්නට ලැබේ.පිහිටි කළුගල හාරා මතුකොට නෙලා ඇති මෙම පිළිම වහන්සේ උන්නත නර්මාණයකි.පිළිම වහන්සේ දෙපසින් චාමරධාරී දෙවි වරුන් නිරූපනය වේ. පිළිමයේ සිරස් පතය ද නිර්මානය කොට ඇත. එමෙන්ම රැස් වලළු නිර්මානය කිරීමට සූදානම් කොට තිබූ බවක් දැකගත හැකිය. පිළිමයට පිටුපසින් මකර තොරණකි එහි බර උසුලනුයේ සින්හයන් දෙදෙනෙකු විසිනි. පිලිමයේ ආසන වාමන රූප වලින් අලන්කාර කොට ඇත. පිළිමය අව් වැසි වපින් ආරක්ශා කිරීමට පියස්සක් නිර්මාණය කොට තිබූ බවට පිළිමය ඉදිරිපස ඇති ගල් උළුවස්ස සහ ගල් කුළුණු සාක්‍ෂි දරයි.මෙම උළුවස්ස අලංකාර බොරදම් වලින් යුක්ත වේ.‍කරනලද කැණීම් වලින් මෙ‍ම පියස්සට උළු සෙවිලිකර තිබු බව අනාවරනය කරගෙන ඇත.එදා මෙදා තුල ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ලිදුම් ලබමින් වැජබෙන මෙම පිළිම වහන්සේට අව් වැසි වලින් සුළු හානි සිදුවී ඇති නමුත් එහි ශාන්ති ගුනයෙහි කිසිදු අඩුවක් වී නොමැත.අනුරාධපුර යුගයේ අග භාගයේදී නෙලී
ම ආරම්භ කර ඇති මෙම පිළිමයේ චීවරය සිරැරටම ඇලී ඇති ආකාරය නිරූනය කර ඇත.පොළොන්නරුව ගල් විහාරයේ සමාෂි පිළිම වහන්සේට බෙහෙවින් සමාන වේ.අනුරාදපුර යුගයේ අගභාගයේ දී එල්ල වූ සතුරු ආක්‍රමණ නිසා නිම කිරීමට නොහැකි වූ නිර්මාන පොළොන්නරැ යුගයේ දී තනා නිමකළා යැයි අනුමාන කල හැකිය.සැතපෙන පිළිම වහන්සේ[සංස්කරණය]සැතපෙන පිළිමයඅෂ්ඨඵල බෝධි රුක්‍ෂය රෝපිත ගල් තලාවේ උතුරු බෑවුමේ මෙම පිළිම වහන්සේ නෙලා ඇත.පිහිටි කළු ගල්තලාවෙන් මතුකොට නෙලා ඇති මෙම පිළිමයේ චීවරය සිරැරටම ඇලී ඇති ආකාරය නිරූපණය කර ඇත. අඩි 40 පමණ දිග මෙම පිළිම වහන්සේගේ හිස නැගෙනහිරට දිශානුගතතර ඇත. පිළිමය අව් වැසි වලින් ආරක්ශා කිරීමට පිළිමගරයක් නිර්මාණය කොට තිබූ බවට අවට නටබුන් පිරික්සීමේදී පෙනීයයි.අනුරාධපුර යුගයේ අගභාගයේ දී එල්ල වූ සතුරු ආක්‍රමන නිසා මෙම ප්‍රදේශය ජන ශූන්‍ය වීමෙන් පසු නිධන් හොරුන්ගේ ගොදුරු වී ඇත.1974 දී මෙම ප්‍රදේශයේ කැනීම් කර නැවත අනාවරනය කරගන්නා විට පිළිමයේ සිරස සහ ගැබ ප්‍රදේශය කඩා තිබී ඇති අතර නිධන් ගැනීමට ඒ අසල විශාල ගිනිමැලයක් දල්වා තිබූ බවට ඉතිරි වූ දරකොට සහ අගුරු වලින් අනාවරනය විය. එම අවස්ථාවේ දී ඒ අවට තිබී පිළිමයේ කෙස් වලළු,නා
සය තොල්,කන් පෙති කම්මුලේ කොටස් ආදි හමුවිය.1984 සි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මෙම කොටස් යොදාගෙන ප්‍රති නිර්මාණයක් කිරීමට උත්සාහයක් ගත් නමුත් අද වනතෙක් එය සිදුවී නැත.පොලොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේට බෙහෙවින් නෑකම් කියයි.අෂ්ඨඵල බෝධි රුක්‍ෂය[සංස්කරණය]බෝධීන් වහන්සේගේඅණුබුදු මිහිදු මාහිමියන් විසින් ශ්‍රී ලංකාවේ බුද්ධ ශසනය පිහිටුවීමත් සමග මෙහෙණි සස්නද පිහිටවීමේ අරමුණ ඇතිව සංගමිත්තා මහා තෙරණියෝ ලක්දිව වැඩි සේක.ඇයගේ ලංකාගමනයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාකාවද වැඩම කරවන ලදි.මෙම ඓතිහාසික පිරිවර යාපනය සහ මන්නාරම අතර දඹකොළ පටුන නම් ස්ථානයට ගොඩබටහ.ඒ අවස්ථාවේ දී දෙවැනිපෑතිස් රජු කරවටක් ජලයට බැස ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන්මුවා පාත්‍රයකට ඉමහත් හරසරින් පිළිගත්හ. එතැන් සිට අනුරපුරයට රාජකීය පෙරහරින් වැඩමකරවන ගමනේ දී එවකට තිවන්ක බමුණුගම නමින් හැදින් වූ මෙම ප්‍රදේශයේ පාලකා වූ තිවන්ක නම් බමුණු පාලකයා පිරිස සමග මල්වතු ඹය දක්වා පෙරගමන් කොට රජු ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගෙන තම ප්‍රදේශයේ වූ උසම ස්ථානය වූ මෙම ගල් තලාවෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු රාජකීය සහ පූජණීය පිරිසට පුද පූ
ඩා පවත්වා නවාතැන් පහසුකම් හා ආගන්තුක පුද සත්කාර දක්වා ඇත.එම පූජණීය පිරිසට මිහිදු මහරහතන් වහන්සේ,සංගමිත්තා මහා රහත් තෙරණියෝ ඇතුළු සෙසු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ද දේවනම්පියතිස්ස රජු ඇතුව රාජකීය සේනාවද වූහ.එදින රාත්‍රියේ දී බෝධීන් වහන්සේ අහසට නැගී බුදුරැස් විහාදුවමින් පෙළහර පෑ බවද කියැවේ.පසුදින උදෑසන අනුරපුරයට වැඩමවූ බෝධීන් ‍වහන්සේ ඉමහත් හරසරින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදි.මෙම අවස්ථාවේ සී තවත් බෝධී ැංකුර 08 පැණ නැගී ඇත.එම බෝධි අංකුර රෝපණය කිරීමේ උත්සවයට දිවයනේ සිව්දෙස නියෝජනය කරමින් සියළුම රාජ්‍ය නායකයින් සහබාගී විය.තිවන්ක බමුණු තෙමේ ද ඒ අතර ප්‍රමුක විය.බුදුරජානන් වහන්සේගේ ප්‍රාතිහාරයක් සහ මිහිදු මහ රහතන් වහන්සේගේ තීරණයක් අනුව එම බෝද අංකුර 08න් එකක් තිවන්ක බමුණු තුමාටද හිමිවිය. බමුනුතුමා එම අංකුරය භක්තියෙන් පිළිගෙන පෙරහරින් සියරට වැඩමවා පලමු දින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම‍කර තැබූ ගල්තලා මස්තකයේ කවාකාර මන්ඩපයක් තනවා එහි රෝපනය කළ සේක.මෙම ඓතිහාසික සිදුවීමත් සමග සියළුම ප්‍රදේශවාසී සියළුම දෙනා බෞද්ධාගම වැලඳගත්හ. තමන් ලත් අෂ්ඨඵල බෝධි රුක්‍ෂය තම ප්‍රාණය දෙවැනිකොට ආරක්‍ෂා කරමින් පුද
පූජා පැවැත්වූහ. එමෙන්ම පසු කාලයේදී බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට ශෛලමය බෝධිගරයක් ද කරවා ඇත. සිව් දෙසින් මල් ආසන ද කරවා තුබුනු බවට මෑතකදී කල කැණීම් වලින් අනාවරනය වී ඇත.බුදුපිළිම නෙලීමේ කලාව බිහිවීමට පෙර ගල් පුවරැ වල සිරිපතුල නෙලා එයට පුද පූජා පැවැත්වීමට පුරැසු වී සිටි බවත් එවැනි සලකුණු මේ අවට පවතින බව දැකබලා ගත හැකිය.චෛත්‍ය රාජයානන් වහන්සේ[සංස්කරණය]1960 වර්ශයේ විහාරස්ථානය නැවත සොයාගෙන දියුනු කිරීමේ දි එහි දාගැබක් නොමැති වීම විශාල අඩුපාඩුවක් විය.මෙම අඩුව තදින්ම දැනෙන්නට විය. විහාරයේ නායක ස්වාමින් වහන්සේ මේ පිළිබඳව කොළඹ කොටුව ප්‍රදේශයේ පදිංචි ජේ.පි. ප්‍රේමදාස මහතාට සහ එම මැතිණියට දැනුම් දීමෙන් අනතුරුව එම දෙපල විසින් මුලින්ම විහාරස්ථානයට ඝණ්ඨාර කුළුණක් ස පසුව 1976 වර්ශයේ දී විහාරස්ථානයට මහත් අඩු පාඩුවක් වූ දාගැබ කරවන ලදි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ භශ්මාවශේෂ,‍වෙනත් වටිනා වස්තූන්,මූර්ති,බුදුන් වහන්සේ දේශනා කල ධර්මය කෙටූ රන්පත් තඹපත් ආදිය නිධන් කරනුයේ බෞද්ධ සිත් තුල තම සාන්තුවරයානන් වහන්සේ පිළිබඳව සහ එම ධර්මය පිළිබඳව පවත්නා විස්වාසය නිසාය.ඓතිහාසික අනුරාධපුර යුගයේ ඉදි වූ සෙසු දාගැබ් සමග සැස
දීමේ දී මෙම දාගැබ එතරම් විශාල එකක් නොවේ. නමුත් තන්තිරිමලය පුරාන රජමහා විහාර භූමියේ ශෛලතලා මස්තකයේ රිදි බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇති මෙම දාගැබ් වහන්සේ ප්‍රමානයෙන් කුඩා වුවත් සුවිශේෂී අලංකාර බවකින් යුක්ත වේ.පින්තූර[සංස්කරණය]පුරාණ නටබුන්පුරාණ නටබුන්පුරාණ නටබුන්තන්තිරිමලය වැවආගමික සිද්ධස්ථානආරත්ෂාවතන්තිරිමලය සමාධි පිළිමයමේවාද බලන්න[සංස්කරණය]තන්තිරිමලේමූලාශ්‍ර[සංස්කරණය]The First Model eVillage of Sri Lanka - Mahavilachchiya සංරක්ෂණය කළ පිටපත 2008-04-05 at the Wayback Machineතන්තිරිමලේබාහිර සබැදි[සංස්කරණය]tantirimale.wordpress.comlankalibrary.com/heritage/tantirilankadeepa.lk/Section/tantirimale සංරක්ෂණය කළ පිටපත 2008-04-04 at the Wayback Machinetantirimale.netmahavilachchiya.net සංරක්ෂණය කළ පිටපත 2008-04-05 at the Wayback Machineඔක්තෝබර් 2 යනු ග්‍රෙගරි දින දසුන අනුව මෙය මෙම වසරේ 275 වන දිනය යි. වසර අවසන්වීමට තව දින 90ක් ඇත.ඉස්සන් වගාව යනු මිනිස් පරිභෝජනය සදහා මුහුදු ඉස්සන් සහ කුනිස්සන් වගා කරන ජලජීවී ව්යපාරයකි.වානිජමය වශයෙන් ඉස්සන් වගාව ප
ළමුවෙන්ම ආරම්භ කරනු ලැබුවේ 1972 වර්ෂයේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ බටහිර යුරෝපීය රටවල වෙළදපොල ඉල්ලුමට සරිලන විශේෂිත නිෂ්පාදනයක් ඉක්මනින් වර්ධනය කරගත හැකි විය. 2003 වර්ෂය වන විට වගා කරන ලද ඉස්සන්ගේ සම්පුර්ණ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 1.6 ඉක්මවූ අතර එහි වටිනාකම අසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක් විය. 75% ක් පමණ ඉස්සන් නිෂ්පාදනය කරනු ලබනුයේ ආසියානු කලාපයේ වන අතර චීනය සහ තායිලන්තය ප්‍රදාන තැනක් ලබා ගනියි.ඉතිරි 25% ප්‍රමාණය නිෂ්පාදනය කරනු ලබනුයේ ලතින් ඇමෙරිකානු රටවල් වන අතර, බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකෝවයි. මෙක්සිකෝව විශාලතම නිෂ්පාදකයන් වේ. විශාලතම අපනයනකරු වනුයේ තායිලන්තයයි.සම්ප්‍රදයික, කුඩා පරිමාණ වයාපාර ලෙස අග්නි දිග ආසියාවේ බිහිවූ ඉස්සන් වගාව ගෝලීය ව්යාපාරයක් දක්වා පරිවර්තනය විය.තාක්ෂණික දියුණුවත් සමගම කුනිස්සන් වර්ධනය විශාල ඝනත්වයකින් යුතුව සිදු කරන අතර ඇගිල්ලන් (අභිජනනය සිදු කල හැකි පැටවුන්) ලොව පුරා බෙදා හරිනු ලැබේ. සියලුම වගා කරන කුනිස්සන්ගෙන් 80% පමණ Penaeidae කුලයට අයත් වන අතර, Penaeus vannamei සහ Penaeus monodon යන විශේෂයන්ට අයත් වේ. මෙම ව්යාපාරික වශයෙන්
සිදු කරන තනි බෝග වගාව බොහෝ පහසුවෙන් රෝග වලට ග්‍රහණය වන අතර ,එම නිසා ප්‍රදෙශ පුරා පැතිර පවත්නා වගාවන්හි කුනිස්සන් ගහනය විනාශ කර දමනු ලබයි. 1990 හි පසු භාගයෙහි දී පමණ පාරිසරික ගැටළු, නැවත නැවතත් ඇති වන රෝග ව්යාවසන, රාජය නොවන සංවිධාන වලින් ඇති කරනු ලබන පිඩනයන් සහ විවේචන සහ පාරිභෝගික රටවල් යන කරුණුද රජයේ ප්‍රබල නීති රිතිද පදනම් කර ගනිමින් ව්යාපාරය තුල බොහෝ වෙනස්කම් ඇති විය. 1999 දී රජයේ සංවිධාන, ව්යාපාරික නියෝජිතයින් සහ පරිසර සංවිධාන ඇතුලත්ව සංවර්ධිත සහ තත්වයෙන් උසස්, වඩා ශක්තිමත් වගාවන් සදහා පුහුණු කිරීමේ අභිමතාර්ථයෙන් වැඩසටහන් දියත් කරන ලදී. ඉතිහාසය සහ භූගෝලීය පැවැත්ම[සංස්කරණය]ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දුනිසියනුවන් කුනිස්සන් වගා කල අතර ඔවුන් භාවිත කරන ලද්දේ සම්ප්‍රදායික විධික්‍රමයි. ඉන්දුනීසියානු කිවුල් දිය තටාක ටම්බක් ලෙස හැදින්වූ අතර 15 වන ශතවර්ෂය දක්වා ඉතිහාසයකට උරුමකම් දක්වයි. ඔවුන් විසින් කුඩා පරිමාණ තටාක මේ සදහා යොදා ගත් අතර තනි හෝ බහුවිධ බෝග වගාව වශයෙන් වෙනත් විශේෂ සමග වගා කරන ලදී . මිල්ක්ෆිෂ් ලෙස හදුන්වනු ලැබූ මසුන් විශේ
ෂය සමග හෝ වී වගාව සමග මාරුවෙන් මාරුවට වගාව සිදු කරන ලදී. වියලි කාලයේදී කුඹුරු වැඩ සිදු නොකර කාලයන් හිදී කුනිස්සන් වගාව සිදු කරනු ලබනුයේ වෙරළාශ්රි ත ප්‍රදේශ වල සහ ගං ඉවුරු අසබඩදිය. කලපු ආශ්‍රිත ප්‍රදේශ සදහා මහත් ඉල්ලුමක් පැවතියේ එම ප්‍රදේශ ස්වභාවිකව කුනිස්සන් ඇති බහුල ප්‍රදේශ බැවිනි. Wild juvenile නමැති කුනිස්සන් විශේෂය මෙම තටාක තුල සිර කරන අතර ඵලදාව නෙලා ගන්නා තුරු ස්වභාවිකව වැඩෙන ඓන්ද්‍රින් මගින් පෝෂණය කිරීම සිදු කරයි. ව්යාපාරික වශයෙන් කුනිස්සන් ඇති කිරීම 1930 ගණන් වල ඇති වූ අතර , පළමු වරට ජපන් ජාතිකයන් විසින් Kuruma නමැති කුනිස්සන් විශේෂයේ පැටවුන් බෝකර වගා කරන ලදී. වර්ෂ 1960 පමණ වනවිටදී කුඩා පරිමාණ ව්යාපාරයක් වශයෙන් මෙම වගාව දියුණු විය. 1960 පසු භාගයේදී හා 1970 මුල් කාලයේදී පමණ වන විට කුනිස්සන් කර්මාන්තය ඉතා සීග්‍රයෙන් වර්ධනය විය. තාක්ෂණික දියුණුවේ මුලිකත්වය හේතුවෙන් වගා කරන විධින් කඩිනම් වූ අතරම ලොව පුරා කුනිස්සන් වගාව සදහා වෙළෙද පොළ ඉල්ලුම වර්ධනය විම හේතුවෙන් නිවර්තන සහ උප නිවර්තන කලාපයන් හි කුනිස්සන් වගාව වඩාත් ප්‍රචලිත වුහ. 1980 දශකයේ මුල් අවදියේදී පාරිභෝගික ඉල්ලුම වර්ධ
නය වීමත් සමගම ව්යාජ නිෂ්පාදන ඇනහිටීමත් සහ සමෘධිමත් ව්යාවපාරයක් බිහි වීමත් යන කරුණු දෙකම එක වර ඇති විය.1980 දශකයේ පිළිගත් ප්‍රධාන නිෂ්පාදකයා වුයේ තායිවානයයි. නමුත් දුර්වල කළමනාකාරිත්වයත් , ලෙඩ රෝගත් හේතුවෙන් 1988 දී පමණ ඔවුන්ගේ වෙළදපොල කඩා වැටුණි.තායිලන්තයේ මහා පරිමාණ නිෂ්පාදන ඇති වුයේ 1985 වර්ෂයේදී පමණය . දකුණු ඇමෙරිකානු ඉස්සන් වගාවේ ප්‍රමුඛයා වූ ඉක්වදෝරයේ නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය වුයේ 1985 වර්ෂයේ දී සිටය . 1974 සිට බ්‍රසිලයද ඉස්සන් වගාව ආරම්භ කලද වඩා සීග්ර9 ලෙස වර්ධනය වුයේ 1990 දශකයේ සිටය.ඉතා කෙටි කලකදී ප්‍රධාන නිෂ්පාදක රට බවට ඔවුන් පත් විය.අද වන විට මුහුදු ඉස්සන් වගාව රටවල් 50 ට වඩා ව්යප්තව පවතී.වගා ක්‍රමයන්[සංස්කරණය]ඉස්සන් වගාව මතු වුයේ වනගත මත්ස්යය නිෂ්පාදන ධාරිතාව අභිවවා ගොස් පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සහාය. පැරණි යැපුම් කෘෂිකර්මත ක්‍රම නව පලදායි ක්‍රම මගින් ඉතා සීග්‍රයෙන් ප්‍රතිස්ථාපනය වුයේ ගෝලීය ඉල්ලුමට අනුගත වීම පිණිස වෙයි. කාර්මික වගාවද පළමුව අනුගමන කරන ලද්දේ සම්ප්‍රදායික ක්‍රමෝපායන් වන අතර "විස්තෘත" වගා ලෙස හදුන්වන ලදී.පහත් ගහන ගනත්වයකින් යුත් හෙක්ටයාර කීපයකට සීමා වූ
තටාක වෙනුවට හෙක්ටයාර 100 වඩා විශාල තටාක භාවිතය වැඩි වුයේ පහත් ගහන ගණත්වය හානි පුර්ණය කිරීම සහාය.සමහර ප්‍රදේශ වල දැවැන්ත කඩොලාන ප්‍රදේශ එළිපෙහෙළි කිරීමද සිදු විය.අධික ලෙස බිම් එලි පෙහෙළි කිරීම අඩු කිරීම සදහා දියුණු ක්‍රමෝපායන් භාවිත කර වපසරියකින් නෙලිය හැකි පලදාව වැඩි කිරීමට නව ක්‍රියා මාර්ග උපයෝගී කර ගන්නා ලදී.අර්ධ සුක්ෂම සහ සුක්ෂම වගා ඇති වූ අතර එම වගාවන් තුල ඉස්සන් කෘතිමව බෝ කිරීමද , තටාක ක්‍රියාකාරීව කළමනාකරණය කිරීමද සිදු විය. නව වගාවන් අර්ධ සුක්ෂම වර්ගයේ වූ අතරම බොහෝ විස්තෘත වගාවන්ද ඉතිරිව පැවතුනි.1980 මැද වන විට බොහෝ වගාවන්හි නොමේරු ඉස්සන් තොග වශයෙන් තබා ගත අතර ඔවුන් "පශ්චාත් කීටයන් " ලෙස හැදින් විය. බොහෝ රටවල "පශ්චාත් කීට " අවදියේ මත්සය කර්මාන්තය වැදගත් ආර්ථික අංශයක් විය. මත්ස්ය ප්‍රදේශ ක්ෂය වීම වැලක්වීමට සහ නොමේරු ඉස්සන් සැපයීම නොවෙනස්ව පවත්වාගෙන යාම සදහා අභිජනන මධ්යස්ථාන තුල පැටවුන් අභිජනනය කිරීම කර්මාන්ත තුල ඇති විය.ජීවන චක්‍රය[සංස්කරණය]ඉස්සන් මුහුකුරා යාම සහ අභිජනනය සිදු වන්නේ සමුද්‍රික තත්ත්ව යටතේදීය. ගැහැණු සතුන් වරකට බිත්තර 50,000 සිට බිලියනය දක්වා දමන අතර පැය 2
4 ක කාලයක් තුලදී කුඩා පිළවුන් ඇති වෙයි. ඔවුන්ගේ ශරීරය තුල වූ තුනී ප්‍රොටීන් පටලයක් මගින් පෝෂණය වන අතර කීටයන් බවට රුපන්තරණය වෙයි. දෙවෙනි කීට අවධියේදී ඔවුන් ඇල්ගේ මගින් පෝෂණය වෙයි. ඉන්පසු ඔවුන් කීටයන් බවට රුපන්තරණය වෙයි. මෙම කීට අවධිය ඉස්සන් ගේ ස්වරුපයට සමාන වන අතර ඇල්ගේ සහ සත්ව ප්ලවාංග මත යැපේ. තවත් දින 3 ට හෝ 4 කට පසු පශ්චාත් කීට අවස්ථාව දක්වා අවසාන රුපන්තරණය සිදු කරයි. ලපටි ඉස්සන්ට වැඩිහිටි සත්වයාගේ සංලක්ෂණ පවතී.අභිජනන ක්‍රියාවලිය සම්පුර්ණ වීමට දින 12 ක පමණ ගත වෙයි.පශ්චාත් කීටයන් ගඟ මෝය වලට සංක්‍රමණය වන්නේ අඩු ලවණ තත්ත්ව සොයාගෙනය .ඔවුන් මුහුකුර ගිය වැඩුනු සත්වයන් වූ පසු නැවත මුහුදට සංක්‍රමණය වෙයි. වැඩුණු වැඩිහිටි ඉස්සන් නිතලවාසි සත්වයන් වන අතර ප්‍රධාන වශයෙන් මුහුදු පතුලේ ජීවත් වෙයි.සැපයුම් දාමය[සංස්කරණය]ඉස්සන් වගාවේ ජීවන චක්‍රය පාලනය කරන ලද තත්ත්ව යටතේ සිදු කරයි.මෙයට ප්‍රධාන වශයෙන් හේතු වි ඇත්තේ, වඩාත් පුළුල්ව වගා කටයුතු සිදු කිරීමට හැකි වීමත් , එකම ප්‍රමානයෙන් යුත් ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි පරිදි ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමවිදි දියුණු වීමත් , වඩා හොදින් විලෝපිකයන් පාලනය කිරී
මට හැකි වීමත් යන කරුණු පදනම් කර ගනිමිනි. එමෙන්ම කාලගුණික තත්ත්ව පාලනය කිරීම මගින් (විශේෂයෙන්ම උෂ්ණ කලාපීය වග සදහා හරිතාගාර භාවිතා කිරීම ) වර්ධනය සහ මුහුකුර යාම වේගවත් කිරීමද හේතු වේ ඇත.සැපයුම් ක්‍රියාදාමය අවධි තුනකින් යුක්ත වේ.අභිජනන මධයස්ථාන- වෙනත් වගාවන් සඳහා විකිණීමට කූණිස්සන් බෝ කිරීම හා පිලව් හෝ පශ්චාත් කීටයන් නිපදවීම විශාල වශයෙන් සිදු කරයි. ගොවිපලවල් ඔවුන්ගේ ම අභිජනන මධයස්‌ථාන පවත්වාගෙන යන අතර එම ප්‍රදේශ වල ඇති කුඩා පරිමාණ ගොවිපලවල් සඳහා පිලව් සහ කීටයන් විකිණීම සිදු කරයි. තවාන්- පශ්චාත් කීටයන් වර්ධනය කිරීම සහ සමුදුරු තත්ව සඳහා ඔවුන් පුරුදු කිරීම සිදු කරයි.වර්ධක පොකුණු- වර්ධක පොකුණු තුල ඉස්සන් කුඩා අවධියේ සිට විකිණිය හැකි ,තත්වය දක්වා වර්ධන වීම සිදු කරයි.මේ සඳහා මාස 3 සිට 6 දක්වා කාලයක් ගතවේ. බොහෝවිට ගොවිපලවල් වසරකට අස්වැන්න වරක් හෝ දෙවරක් නෙලා ගනී. නිවර්තන දේශගුණයන් හි අස්වැන්න තෙවරක් පමණ වුවද නෙලා ගැනීමේ හැකියාවක් පවතී.කරදිය ජලය අතයවශය බැවින් මෙම ගොවිපළවල් වෙරළාසන්න සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට ආසන්නව ස්ථාපනය වී ඇත.සමහර ප්‍රදේශ වල රට තුල ඉස්සන් ගොවිපළවල් ස්ථාපනය කිරීමට
උත්සහ කලද ලුණු වතුර ප්‍රවාහන දුෂ්කරතා සහ කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් භාවිතය නිසා ඇති වූ තරගකාරිත්වය නිසා බොහෝ ගැටළු මතු විය.1999 වසරේ තායිලන්තය විසින් රට අභයන්තර ඉස්සන් වගාව තහනම් කරන ලදී.අභිජනන මධ්යස්ථාන[සංස්කරණය]අග්නි දිග ආසියාව පුරාම කුඩා පරිමාණයේ අභිජනන මධ්යස්ථාන පවතින අතර,බොහෝ දුරට පවුල් ව්යාපාර වශයෙන් පවත්වාගෙන යන අතර අඩු තාක්ෂණික දැනුම නිසාත් ,කුඩා පරිමාණ තටාක භාවිතය නිසාත් ගහන ගණත්වය බොහෝ දුරට අඩු මට්ටමක පවති.රෝගාබාධ සඳහා වැඩි නැබුරුවක් පැවතුනද ප්‍රමාණයෙන් කුඩා බැවින් විෂබීජනාශනයෙන් පසු නැවත නිෂ්පාදනය කඩිනමින් ඇරඹිය හැකිය.රෝගාබාධ ,කාලගුණය සහ මෙහෙයවන්නන් ගේ අත්දැකීම් මත යන විවිධ කරුණු මත නොනසිමෙ හැකියාව 0% සිට 99% දක්වා දෝලනය වේ.ග්‍රින්වොටර් අභිජනන මධයස්ථාන මධය්ම ප්‍රමාණයෙන් යුක්ත වන අතර විශාල තටාක තුල කුඩා ගහන ගණත්වයකින් යුක්ත වේ.ඉස්සන් කීටයන් පෝෂණය කිරීම සඳහා ප්ලවංග උඩුමන්ඩි තටාක තුලට ප්‍රෙරණය කරයි.නොනසිමේ හැකියාව 40% පමණ වේ .ග්ලෙව්ස්ටෝන් අභිජනන මධ්යයස්ථාන විශාල වශයෙන් සංවෘත්ත තත්ත්ව යටතේ සිදු කරයි.නොනසිමේ හැකියාව 0% සිට 80% දක්වා ප්‍රතිශතයක් පවතී.නමුත් සතයවශයෙන්ම පවතින්නේ
50% කි.අභිජනන මධ්ය්ස්ථාන තුල වර්ධනය වන ඉස්සන් ගේ ආහාර වේල සඳහා ප්ලවංග මෙන්ම පසු කාලීනව මුහුදු විල තුල වැඩෙනා ඉස්සන් ගේ පිලව් ද බොහෝ අවස්ථාවන්හිදී (විශේෂයෙන් ව්යාපාරික අභිජනන මධ්යස්ථාන තුල )කෘතීම ආහාර වේල් මගින් වර්ධනය කිරීමද සිදු කරයි.පසු කාලීන අවධි වලදී ආහාර වේල් සඳහා ක්‍රිල් නම් වූ නැවුම් හෝ වියලි ශිත කරන ලද සත්ව ප්‍රොටීන භාවිත කරනු ලබයි.පෝෂක පදාර්ථ සහ ඖෂධ (ප්‍රතිජිවක), ආහාර සඳහා ලබා දෙන මුහුදු විල් ඉස්සන් පිලව් මාර්ගයෙන් ඉස්සන් හට ලබා දෙයි.තවාන්[සංස්කරණය]බොහෝ ගොවිපළවල් හි තවාන් ඇති අතර ළපටි ඉස්සන් තත්වය දක්වා පශ්චාත් කීටයන් පත්විමට සති තුනක කාලයක් වෙන්කළ තටාක හෝ පොකුණු තුල ඇති කරනු ලබයි.මෙම තටාක සමචතුරස්රාිකාර ,දිග සහ නොගැඹුරු වන අතර නොනවත්වාම ජලය ගල යන අයුරින් සකස් කර ඇත.සාමාන්යුයෙන් තවානක වර්ගමිටර 150 සිට 200 දක්වා සතුන් ප්ර මාණයක් සිටිති.වර්ධක පොකුණු තුලට යැවීමට සති තුනක පමණ පෙර සිට ඉහල ප්රෝ ටින ප්රෙමාණයෙන් යුතු ආහාර වේලක් සපයනු ලැබේ.එම කාලය වන විට ඔවුන්ගේ බර ග්රෑරම් 1 ක් හෝ 2ක් අතර වේ.වර්ධක තටාක තුල වූ කිවුල් දියෙහි තත්වයට ගැලපෙන අයුරින් අනුක්ර මණයෙන් එම තටාකය තුල වූ ජල
යෙහි ලවණතාවය වෙනස් කරනු ලැබේ.පශ්චාත් කීටයන් PL ලෙස හදුන්වන අතර දින ගණන අනුව ඔවුන් නම් කරනු ලැබේ.(PL-1,PL-2) ඔවුන්ගේ කරමල් ශාඛා බෙදුණු පසු ඔවුන් වර්ධක තටාක තුලට මාරු කිරීමට සුදානම් කරනු ලැබේ.බොහෝ දුරට මෙය සිදු වන්නේ PL-13සිට PL-17 දක්වා (අභිජනනයෙන් දින 25 කට පමණ පසු )කාලයේදීය .තවාන් අත්යවශ්ය නොවන නමුත් බොහෝ ගොවීන් තවාන් සඳහා කැමැත්තක් දක්වයි.එය වඩා හොද අහාර ප්‍රයොජ්යතාවය සඳහා ඉවහල් වන අතර ඉස්සන් ඒකාකාර ප්‍රමාණයක් දක්වා වර්ධනයට ද ,යටිතල පහසුකම් වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීමට උපකාරී වීමද අස්වැන්න දැඩි පාලක පරිසර තත්ත්ව යටතේ සිදු කල හැකි වීමද යන කරුණු බෙහෙවින් ඉවහල් විය .මෙහි ප්‍රධානම අවාසිය නම් වර්ධක තටාක තුලට මාරු කිරීමේදී සමහර පශ්චත් කීටයන් මිය යාමයි.සමහර ගොවිපළවල් තවාන් භාවිතා නොකරයි .තොග වශයෙන් සිටිනා පශ්චාත් කිටයන් වර්ධක තටාක තුලට කෙලින්ම මාරු කර යවන්නේ අදාල ටැංකි තුල උෂ්ණත්වය සහ ලවන ප්‍රමාණය නියතවූ පසුවයි.දින කීපයකට පසුව මෙම ටැංකි වල ජලය වර්ධක ටැංකි වල තත්වයට සරිලන පරිදි ක්‍රමයෙන් වෙනස් කරයි.පශ්චාත් කීටයන් ඝනත්වය ලීටරයට 500 නොඉක්මවිය යුතු අතර වැඩුණු සත්වයන් 50/ ලීටරයට නොඉක්මව
ිය යුතුය .(PL-15 ලීටරයට)නොඉක්මවිය යුතුය.වර්ධක අවධිය[සංස්කරණය]වර්ධක අවධියේදී ඉස්සන් මුහුකුරා යාම සිදු වේ.පශ්චාත් කීටයන් තටාක තුලට මාරු කර යවා වෙළදපල ඉල්ලුම අනුව වර්ධනය වන තෙක් පෝෂණය කරයි.ඒ සදහා තව මස 3 ක සිට 6 ක පමණ කාලයක් ගත වේ.අස්වනු නෙලනු ලබන්නේ දැල් මගින් හෝ තටාකයේ ජලය හිස් කිරීමෙනි.මෙය තටාකයේ ප්‍රමාණය හා යටිතල පහසුකම් මත රඳා පවතී.විස්තෘත[සංස්කරණය]කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ හා වෙරල වෙරළාශ්‍රිත ප්‍රදේශ වල පවතින විස්තෘත ගොවිපොලවල භාවිත කරනුයේ සාම්ප්‍රදායික අඩු ගහන ඝනත්ව ක්‍රමයන්ය.මෙම ගොවිපලවල තටාක හෙක්ටයාර 100 හෝ ඊට වඩා වැඩි විය හැකිය.වර්ගමිටරයට ඉස්සන් 2 -3 සිටින අඩු ගණත්ව යක පවතී.ජලය මාරු කිරීම සඳහා වඩදිය බාදිය භාවිත කරන අතර ඉස්සන් යැපෙන්නේ ස්භාවික හට ගන්න ඓන්ද්‍රිය වලිනි.සමහරුන් ගොවියන් විසින් අනුමත කර නොමැති ඉස්සන් වගා කරනු ලබයි.මෙය වැඩිපුර පවතින්නේ දුප්පත් සංවර්ධනය නොවූ රටවලය.හේතුව වනුයේ,ඉඩම් මිල ගණන පහත් හා වාර්ෂික අස්වැන්න 50 සිට 500 කිලෝ./හෙක්ටයරයට (හිස සහිත බර ) හා මේ සදහා අඩු නිෂ්පාදන වියදමක් (ඇමෙරිකානු ඩොලර් 1-3/කිලෝ,ජීවි ඉස්සකු සඳහා ) වැයවේ.එමෙන්ම පහත් කම්කරු ක
ම්කරු ශ්රෂමයක් අවශ්යැ වන අතර විශේෂ තාක්ෂණික ක්රපම අවශ්යක නොවේ.අර්ධ -සුක්ෂම[සංස්කරණය]ගොවිපල වල ජලය මාරු කිරීම වඩදිය බාදිය මත රඳා නොපවතී.ඒ සඳහා සැලසුම්කරණ ලද පොම්ප හා තටාක භාවිත කරයි.එබැවින් ඔවුන්ට ඉතා විශාල උදම් රළ නිපදවිය හැකි අතර තටාක ප්‍රමාණය 2-30 (හෙක්ටයාර) දක්වා වෙනස් වේ.ගබඩා කර තබා ගත හැකි ඝනත්වය 10 සිට 30 (100000සිට 300000/හෙක්ටයරයට ) දක්වා වෙනස් වේ.එවැනි ගහන ගණත්වයක සතුන් පෝෂණය කිරීම සඳහා කෘතිමව සකස් කරන ලද ආහාර වේල් මෙන්ම ස්භාවිකව හට ගන්නා ඓන්ද්‍රිය ද්‍රවය වැඩිම සඳහා උත්තේජනයද කරනු ලබයි.වාර්ෂික අස්වැන්න 500 සිට 5000 කිලෝ/හෙක්ටයාර දක්වා වෙනස් වන අතර නිෂ්පාදන වියදම ඇ.ඩො 2-6/kg වේ.ගහන ගණත්වය වර්ගමිටරයට සතුන් 15 ට වඩා වැඩි බැවින් ඔක්සිජන් අඩු වීම වැලක්වීමට වාතනය කිරීම නිතරම සිදු කරයි.ඵලදායිතාව වතුරේ උෂ්ණත්වය මත රඳා පවතීන නමුත් සමහර ඍතු වලදී විශාල පරීමාණයේ ඉස්සන් ඇති වීම පොදු තත්වයකි.සුක්ෂම[සංස්කරණය]සුක්ෂම වගාවන් හි භාවිත කරනුයේ වඩාත් කුඩා පොකුණුය .(0.1-1.5 හෙක්ටයාරයට ) එමෙන්ම ගහන ගණත්වය වඩා වැඩිය .මෙම පොකුණු වල ක්‍රියාකාරිත්වය සඳහා විශාල වශයෙන් ජලය මාරු කිරීම සිදු කරනු ලබන
අතර එබැවින් අපද්‍රව්ය ඉවත්කිරීම හා ජලයේ ගුණාත්මක බව රැක ගත හැක .පොකුණු වාතනය කරනු ලබන අතර ඉස්සන් පෝෂණය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආහාර වේල් භාවිත කරන අතර වාර්ෂික අස්වැන්න 5,000 සිට 20000 kg/ha වේ .සුපිරි සුක්ෂම වගාවන් හි නිෂ්පාදනය 100,000 kg/ha වේ.මේ වගාව සඳහා දියුණු තාක්ෂණික යටිතල පහසු කම් ,ජලයේ ගුණාත්මකබව සහ තටාකයේ වෙනත් තත්වයන්, හොදින් පුහුණුව ලද වෘතිකයන් අත්යවශ්ය වේ.වියදම ඇ.ඩො 4-8 /kg පමණ වේ.තක්සේරු කරන ලද නිෂ්පාදන ගුණාංග ඉස්සන් වගාවෙන් වගාවට වෙනස් වේ.අධ්ය‍නයකින් හෙළි වී ඇති කරුණු මත ලොව පුරා ව්යාප්තව ඇති ඉස්සන් වගාවෙන් 55-60% අතර විස්තෘත වගාවන් වන අතර 25-30% අර්ධ සුක්ෂම වේ.ඉතිරිය සුක්ෂම වේ.ආහාර සැපයීම[සංස්කරණය]විස්තෘත වගාවන් ප්‍රධාන වශයෙන් යැපෙන්නේ තටාක තුල පවතින ස්භාවික නිෂ්පාදනයන් මතය .ප්‍රධාන වශයෙන්ම සූක්ෂම ලෙස සිදු කරන වගාවන් හි කෘතීම ආහාර වේල් භාවිත කරයි.පොකුණු තුල පවතිනා වූ හෝ එකතු කරන ලද ඓන්ද්‍රිය ද්‍රව්ය මත රඳා පවතී.හරිත ප්ලවාංග වර්ධනය වී ඉස්සන් වර්ධනය වීම වැඩි කිරීමට පොහොර සහ ඛණිජ ලවණ භාවිතා කරයි.කෘතීම ආහාර හා ඉස්සන් ගේ අපද්‍රව්ය නිසා පොකුණු සුපෝෂණය වේ.කෘතීම
ආහාර පැමිණෙනුයේ විශේෂ කැට වශයෙන් සකස් කල ගුලි වශයෙන් වන අතර ඉක්මනින් කැඩී බිඳී යයි.70% ක පමණ මෙම ආහාර වලින් අපතේ යනුයේ ඉස්සන් ආහාරයට ගැනීමට පෙර ඒවා කැඩී බිදී යන බැවිනි.දිනකට දෙව‍තාවක් සිට පස්වතාවක් දක්වා ආහාර සපයනු ලබන අතර ඉවුරේ සිට බෝට්ටු මගින් ආහාර ලබා දීම සිදු කරයි .නැතිනම් යාන්ත්‍රික ක්‍රම මගින් පොකුනු තුල ආහාර බෙදා හරිනු ලබයි.අහර පරිවර්තන සීග්‍රතාව (FCR) ; ඉස්සන් ඒකකයක් සදහා අවශ්ය ආහාර ප්‍රමාණය වෙයි. නවීන ගොවිපලක් සදහා තක්සේරු කර ඇති මෙම අගය 1.2- 2.0 ත් අතර වෙයි.නමුත් මෙම අගය ඉහලම අගය වන අතර ප්‍රායෝගිකව භාවිතා වීමක් නොමැත . ලාභ ඉපයීම සදහා FCR අගය 2.0ට වඩා අඩු අගයක පවත්වා ගැනීම වැදගත් වෙයි.පැරණි ක්‍රම මගින් සිදු කිරීමේදී මෙම අගය 4:1 ක අනුපාතයක් දක්වා ඉහල යයි.ඉහල ලාභ ලබා ගැනීම සදහා මෙම අගය අඩු මට්ටමක පවත්වා ගෙන යායුතුය.වගා කරන විශේෂයන්[සංස්කරණය]ඉස්සන් සහ කුනිස්සන් විශේෂ රාශියක් පැවතුනද වගා කරනු ලබන්නේ විශාලව වැඩෙන විශේෂ කීපයක් පමණි.ඔවුන් සියල්ලම Penaeus කුලයට අයත් වන අතර penaeidae ගණයට අයත් වෙයි.බොහෝ විශේෂ වගාවට සුදුසු නොවන්නේ පාරිභෝගික රුචිකත්වයට සරිලන විශාලත්වයක් නොමැති ව
ීම, රංචු වශයෙන් එකට සිටින විට වර්ධනය බාලවීම සහ රෝග සදහා නැබුරුව වැඩි වීම නිසාය. වෙළෙද පොළ අධිපතිත්වය දරන විශේෂ 2 වනුයේ;1)Pacific white shrimp (Liptopenaeus vannamei)බටහිර රටවල වගා කරන ප්‍රධාන විශේෂයි. පැසිෆික් වෙරල තීරයට උරුම කම් කියන අතර මෙක්සිකෝව සිට පේරු දක්වා වයා‍ප්තව ඇත. සෙන්ටිමීටර 23 ක් දක්වා වර්ධනය වෙයි.95% ක නිෂ්පාදනයක් ලතින් ඇමෙරිකාව ආශ්‍රිතව නිපදවෙයි. බෝ කිරීම පහසු වන අතර ටවුරා රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.2)Giant tiger prawn (Penaeus monodon)ඉන්දියානු සාගරයේද පැසිෆික් සාගරයේ ජපානයේ සිට ඕස්ට්රේලියාව දක්වා ව්යාප්තව ඇත.විශාලතම වගා කරන ඉස්සන් වන අතර සෙන්ටිමීටර් 32 ක් දක්වා වැඩෙයි .ආසියාවේ වගා කරනු ලබයි.2001 වර්ෂයේ සිට l.vannamei විශේෂය මේ වෙනුවට භාවිතා කරන්නේ මොවුන් පහසුවෙන් සුදු පුල්ලි රෝගයට නතුවන නිසාවෙනි.සම්පුර්ණ වගා කරන ඉස්සන් නිෂ්පාදනයෙන් 80% ක් පමණම මෙම විශේෂ 2 ට අයත් වෙයි.බෝ කරන වෙනත් විශේෂ ;1)western blue shrimp (P.stylirostris)බටහිර අර්ධ ගෝලය තුල වඩාත් ප්‍රචලිතව වගා කරන ඉස්සන් විශේෂය වූ අතර IHHN වයිරසය මගින් සම්පුර්ණ ගහනයම වාගේ 1980 වර්ෂයේදී විනාශ විය.සුරැකුණු ස
ුළු ප්‍රමාණය වෛරස් ප්‍රතිරෝධී විය. මොවුන්ගෙන් සමහරෙක් taura වෛරසයටද ප්‍රතිරෝධී බව හදුනාගත් පසු 1997 සිට නැවත වගා කිරීම අරඹන ලදී.2)Chinese white shrimp (P.chinensis)චීනය ජන්ම භුමිය වූ අතර චීන වෙරළාශ්‍රිත ප්‍රදේශ සහ කොරියාවේ බටහිර වෙරල තිරය තුල වගා කරන ලදී.සෙන්ටිමීටර 18 ක් පමණ ප්‍රමාණයට වර්ධනය වන අතර සෙල්සියස් අංශක 16 ක් පමණ ශීත ජලය අත්යවශ්ය වෙයි.වරක් ලෝක වෙළදපොලෙහි ප්‍රධාන අංගයක් වූ අතර අද වන විට චීන වෙළදපොලෙහි පමණක් දක්නට ලැබෙන්නේ 1993 දී පමණ ගහනයේ සියල්ලම පාහේ රෝගයකින් විනාශ වූ නිසාය.3)kuruma shrimp(P.japonicus)ජපානය, ඕස්ට්‍රේලියාව සහ තායිවානය තුල වගා කරයි.වෙළදපොල ඉල්ලුම පවතින්නේ ජපානය තුල පමණක් වන අතර ඇ.ඩො.220 ක් පමණ වෙයි.4)Indian white shrimp(P.indicus)ඉන්දියානු සාගරය ජන්ම භුමිය වන අතර විශාල වශයෙන් ඉන්දියාව, ඉරානය හා මැද පෙරදිග සහ අප්‍රිකානු වෙරල තීරය තුල බෝ කිරීම සිදු කරයි.5)banana shrimp(P.merguiensis)ඕමානයේ සිට ඉන්දුනීසියාව දක්වාද ඕස්ට්රේලියාවෙ ද වගා කරයි. ඉන්දියානු සාගර වෙරල ආශ්‍රිත ප්‍රදේශ වල වගා කරයි. විශාල ගහන ගනත්වයකින් යුතුව වගා කරයි.Peanaeus ගණයට අයත් වෙනත් අ
ල්ප ප්‍රමාණයක් වූ ඉස්සන් වගාවට යොදා ගන්නා අතර වෙනත් විශේෂද උදා; metapenaeus spp වගා කරනු ලැබෙයි.ඔවුන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනය වර්ෂයකට ටොන් 25,000 ක් වන අතර වගා කරන ප්‍රධාන Peanaeus විශේෂයන්ට සාපෙක්ෂව කුඩා අගයක් ගනියි.ලෙඩ රෝග[සංස්කරණය]ඉස්සන්ට බලපාන විවිධ මාරාන්තික වයිරස් රෝග පවතී. දැඩි ගහන ගණත්වයක් පවතින තනි බෝග වගාවන්හි වෛරස් අසාධන වේගයෙන් පැතිර ගිය අතර සියලුම ඉස්සන් ගහනය විනාශ වූ අවස්ථාද ඇත.වෛරස් හි ප්‍රධාන රෝග වාහකයා ජලය වෙයි .වෛරස් පැතිරීම නිදහස් වනගත ඉස්සන්ටද පැතිරීම ගහනයේ විනාශයට භයානක ලෙස බලපායි.1. Yellow head රෝගය - P.monodon විශේෂයට බලපෑ අතර අග්නිදිග ආසියාවේ පැතුරුනි.1990 දී තායිලන්තයෙන් පළමු වරට වාර්තා විය. ස්පර්ශයෙන් බෝ වන අතර දින 2 සිට 4 දක්වා කාලයකදී විශාල මරණ සංඛ්යාවක් වාර්තා විය. රෝගය බෝ වූ ඉස්සකුගේ ශීර්ෂෞරසය කහපාට වෙයි.අසාමාන්ය ලෙස ඉහල ක්‍රියාකාරීත්වයෙන් යුත් ආහාර රටාවක් අවසන් වීමෙන් පසු මෙසේ වීම සිදු වෙයි.මරණාසන්න ඉස්සන් පොකුණු ජලය මතුපිටට එක්රැස් වෙයි.2. සුදු පුල්ලි සින්ඩ්‍රොමය -එකිනෙකට නෑකම් පවතින වෛරස් සමුහයක් මගින් ඇති වෙයි.1993 දී ජපානයේ P.japonicus වග
ාවෙන් ව්යාප්ත වූ අතර ආසියාවේ හා අප්‍රිකාවේ ව්යාප්ත වුනි.පුළුල් පැතිර යාමේ හැකියාවක් ඇති වඩාත් මාරාන්තික රෝගයකි.ගහනයක සියලුම ජීවින් 100% ක් ම දිනක් තුලදී විනාශ කල හැකි විය.රෝග ලක්ෂණ ලෙස උඩු කබලේ සුදු පුල්ලි ඇති වෙයි.ජීරක ග්‍රන්ථි තුල රතු පුල්ලි ඇති වෙයි.අලස වීම මියයාමට ආසන්න ඉස්සන්ගේ ලක්ෂණයකි. 3. Taura සින්ඩ්‍රොමය ප්‍රථම වරට වාර්තා වුයේ 1992 ඉක්වදෝරයේ ටවුරා ගං ඉවුරු ආශ්‍රිත ඉස්සන් වගාවෙනි. P.vennamei විශේෂය මේ රෝගයට ගොදුරු වුනි.රෝගය සීග්‍රයෙන් පැතිරුනේ ආසාධිත සත්වයන් සහ ඇගිල්ලන් අපනයනය කිරීම හේතුවෙනි.ඇමෙරිකානු වගා තුල පළමුව ඇති වූ අතර ආසියානු කලාපයට ප්‍රචාරණය වුයේ මෙම විශේෂය එම රට වලටද හදුන්ව දීමෙනි. එක් එක් ප්‍රදේශ වල පවතින වගාවන් වලට මෙම රෝගය ව්යාප්ත වුයේ කුරුල්ලන් මාර්ගයෙන් බව විශ්වාසයක් පවතී.4. IHHN - විශාල මරණ සංඛ්යාවක් P.stylirostri විශේෂය තුල සිදු වූ අතර (90%ක පමණ විශාල ප්රුමාණයක්) L.vennamei විශේෂයේ විරුපීකරණයද සිදු විය.පැසිෆික් සාගරයේ ගොවිපලවල් සහ වනගත නිදහස් ඉස්සන් අතර පැතිර ගිය අතර ඇමෙරිකාවේ අත්ලාන්තික් සාගර ප්‍රදේශ ආශ්‍රිත වෙරල තීරයේ ජීවත් වූ නිදහස් වනගත ඉස්සන්ට රෝග
ය අසාදනය නොවුනි.එමෙන්ම බැක්ටීරියානු අසාධානද ඉස්සන් වගාව සදහා අහිතකර ලෙස බලපෑඅතර විශාල මරණ සංඛ්යාවක්ද සිදු විය.Vibrio විශේෂය මගින් ඇති කල වඩාත් පොදු රෝගය වුයේ vibriosis ය. ඉස්සන් දුර්වල වන අතරම දිශානතිහරණය සහ උච්චර්මයේ කළු තුවාල ඇති වීම රෝග ලක්ෂණ වෙයි.මරණ සංඛ්යාව 70% ඉක්ම විය හැක. NHP යනු තවත් එක් බැක්ටීරියානු රෝගයකි.රෝග ලක්ෂණ වනුයේ සැකිල්ල මෘදු වීමයි. පීඩාකාරී තත්වයන් බැක්ටීරියානු රෝගී තත්ත්ව හා බැදී පවතී. උදා; තටාක තුල අධික ගහනය , ඉහල උෂ්ණත්වය, දුර්වල තටාක තත්වයන් බැක්ටීරියාවන් වර්ධනය වීමට අනුබල දෙයි.ප්‍රතිජීවක ප්‍රතිකාර වශයෙන් ලබා දෙයි. ආනයනික රටවල් ඉස්සන් ආනයනය නවත්වුයේ ඔවුන් තුල ප්‍රතිජීවක අඩංගු බව තහවුරු කරගත් බැවිනි.එවැනිප්‍රතිජීවක වුයේ chloramphenicol ය. එය 1994 දී යුරෝපීය සංගමය විසින් තහනම් කරනු ලැබුවද එමගින් බොහෝ ප්‍රශ්න පැන නැගුණි.බොහෝ ලෙඩ රෝග වලට ඵලදායි ලෙස පිළියම් කල නොහැකි බැවින්, කර්මාන්තය තුල ප්‍රයත්න දැරුවේ රෝග වලක්වාලීම සදහාය. ජලයේ ගුණාත්මක භාවය ක්‍රියාකාරීව කළමනාකරණය කිරීම තුලින් තටාක තුල ලෙඩ රෝග පැතිරයාම වැළක්විය හැක. වනගත කීටයන් අල්ලා ගැනීම වෙනුවට එකල පරිසරයන් තු
ල රෝග බීජ රහිත ඇගිල්ලන් බෝ කිරීම සිදු කල අතර ඔවුන් රෝග බීජ රහිත බව තහවුරු කිරීමද අත්ය්වශ්ය විය.මෙම ක්‍රමය මගින් රෝග රහිත ගහනයන්ට රෝග පැතිර යාම වැළක්විය.අර්ධ සුක්ෂම වගාව වඩාත් පාලනය කරන ලද පාරිසරික තත්ත්ව යටතේ සිදු කිරීමද රෝග ව්යාප්තිය වැලක්වීමට ගත් පියවරකි. උදා ; පස සමග ගැටීම වැලක්වීමට ප්ලස්ටික් වලින් පොකුණු පතුල ආවරණය කිරීම, පොකුණු අතර ජලය මාරු කිරීම අවම කිරීම.ආර්ථිකය[සංස්කරණය]2005 වර්ෂයේදී ඉස්සන් ගේ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 2.5 ට ලගා විය .මෙය එම වසර තුල මුළු මත්ස්ය නිෂ්පාදනයෙන් 42%ක විය.ඉස්සන් සදහා විශාලතම වෙළදපොල පවතිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි .ඔවුන් 2003-2009 වර්ෂ තුලදී වාර්ෂිකව ටොන් මිලියන 500- 600,000 ත් ඉස්සන් ප්‍රමාණයක් ආනයනය කර ඇත.ජපානය විසින් වාර්ෂිකව ටොන් මිලියන 200,000 පමණ ආනයනය කරයි.යුරෝපිය සංගමය විසින් 2006 වර්ෂයේදී නිවර්තන කලාපීය ඉස්සන් ටෝන් 500,000 ක් ආනයනය කරනු ලැබූ අතර වැඩිම ආනයන ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ප්‍රන්ශය සහ ස්පාඤ්ඤයයි.එමෙන්ම ඔවුන් ශීත ජලයේ ජීවත් වන ඉස්සන් ආනයනය කිරීමේ ප්‍රධාන තැනක උසුලයි. සාමාන්ය ඉස්සන් සහ pandalidae විශේෂයන්ට අයත් ඉස්සන් ආනයනය
කරනු ලබයි. මෙම ආනයනය ටොන් 200,000 පමණ විය. ඉස්සන් ආනයනික මිල විශාල වශයෙන් උච්චාවචනය වෙයි.2003 වර්ෂයේ එක්සත් ජනපදයේ ඉස්සන් ආනයනික මිල වුයේ කිලෝග්රැයමයකට ඇ.ඩො. 8.80 ලෙස වූ අතර ජපානයේ ආනයනික මිල ස්වල්ප ලෙස අඩු අගයක් ගත් අතර එය කිලෝග්රැමයකට ඇ.ඩො. 8 ක් විය .යුරෝපිය සංගමයේ ආනයනික මිල වුයේ ඇ.ඩො 5 කි. මෙම පහත අගයන්ට ආනයනය කිරීමට හේතුවක් ලෙස සලකනුයේ යුරෝපිය සංගමය වැඩිපුර ආනයනය කරනු ලබන්නේ ශිත ජලයේ ජීවත් වන ඉස්සන් විම හේතුවෙනි. ඔවුන්ගේ මිල උෂ්ණ ජලයේ ජීවත් වන ඉස්සන්ගේ අගයන්ට වඩා පහත් අගයකි. මිට අමතරව මධ්යධරණි යුරෝපය ඉස්සන්ගේ හිස් සදහා වැඩි කැමැත්තක් දක්වන අතර එහි බර ප්‍රමාණය 30% පමණ වැඩි වුවද , අඩු මිල ගණන් යටතේ පවතී.ගෝලීය ඉස්සන් නිෂ්පාදනයේ 75% කම දායකත්වයක් දක්වනු ලබන්නේ ආසියානු රටවල් මගිනි. චීනය , සහ තායිවානය ප්‍රධාන තැනක් ගන්නා අතර වියට්නාමය , ඉන්දුනීසියාව සහ තායිවානය සහ ඉන්දියාව ද තරග බිමට බට රටවල් අතර ඇත. ඉතිරි 25% ප්‍රමාණය නිෂ්පාදනය කරනු ලබන්නේ බටහිර අර්ධගොලහිදිය.එහි ප්‍රධාන තැනක ඉසුලනුයේ බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකොවයි.තායිලන්තයට 30% ක වෙළෙදපොල කොටස් හිමිවන අතර චීනය , ඉන්දුනීසියාවට
සහ ඉන්දියාවට 10% ක කොටස් හිමිව ඇත.අනෙකුත් වෙළදපොල කොටස් හිමි ප්‍රධාන රටවල් වනුයේ වියට්නාමය , බංගලාදේශය සහ ඉක්වදොරයයි.තායිලන්තයේ නිෂ්පාදනය සියල්ලක්ම පහේ අපනයනය කරන අතරම චීනයේ සියලුම නිෂ්පාදනයන් එහි අභ්යන්තර වෙළෙද පොලට නිකුත් කරයි.නිෂ්පාදනයන් අපනයනය කරන ගමන්ම ශක්තිමත් අභ්යන්තර වෙලේද පොලක් පවතින එකම රට වනුයේ මෙක්සිකොවයි.රෝග හේතුවෙන් ඉස්සන් නිෂ්පාදනයට දැඩි ලෙස බලපෑම ඇති විය.1993 දී P.chinensis විනාශ විය.වෛරස් රෝග පැතිර යාම හේතුවෙන් බොහෝ රටවල නිෂ්පාදනය අඩු විය. උද ; 1997/1996 තායිලන්තයේ හා ඉක්වදෝරයේ නිෂ්පාදනය ද 1989 IHHN රෝගයෙන්ද ,1993 තවුරා රෝගයෙන්ද , 1993 දී සුදු පුල්ලි රෝගය මගින්ද ඉක්වදෝර නිෂ්පාදනය විනාශවිය.ආනයනික රටවල ආනයනික නීතිද බලපෑම් එල්ල විය. උදා; රසායනික ද්‍රව්ය අඩංගු නොවිය යුතුය. ප්‍රතිජීවක අඩංගු නොවිය යුතුය.1980 හා 1990 කාලයේදී නිෂ්පාදනය ලාභදායි වන බවට පුරවා නිමිති දැක්විය.විස්තෘත වගාවට අවශ්ය ආයෝජනයන් අඩු වීමද විශේෂ වාසියක් විය.විශේෂයෙන්ම ඉඩම් සහ වියදම් අඩු කලාපයන් මේ සදහා වඩාත් යෝග්ය විය.බොහෝ දුප්පත් ආර්ථිකයන් සහිත නිවර්තන කලාපීය රටවලට ඉස්සන් වගාව සිත අද ගන්න සුළු කර්මාන
්තයක් වුයේ එය රැකියා අවස්ථා උදා කිරීමත් සහ දුප්පත් මිනිස්සුන් හට අදායම් ලබා ගත හැකි ක්‍රමයක්ද වූ බැවිනි.එමෙන්ම ඉස්සන් සදහා වූ ඉහල වෙළෙදපොල ඉල්ලුම නිසා බොහෝ රටවලට විදෙශ විනිමය උපයාගත හැකි හොද ඉල්ලුමක් විය.බොහෝ ඉස්සන් වගා බිම සදහා ආධාර ලැබුණු අතර දේශීය රජයන් මගින් ප්‍රමාණවත් පරිදි උපකාර කරන ලදී.1990 පසු භාගයේදී ආර්ථික තත්වය වෙනස් විය.රාජ්ය නොවන සංවිධාන සහ පාරිභෝගික රටවල් මගින් ව්යාපාරික ක්‍රියාමාර්ග වලට එල්ලවූ විවේචන නිසා රජයන් සහ ගොවිපල හිමිකරුවන් වෙත ඇති වූ බලපෑම දැඩි විය. ජාත්යන්තර වෙළද නීති සමග ගැටුම ඇති විය.උදාහරණ ලෙස පාරිභෝගික රටවල් මගින් ප්‍රතිජීවක අඩංගු ඉස්සන් ආනයනය කිරීම තහනම් කිරීම දක්නට ලැබෙයි. 2004 දී අමෙරිකාව මගින් තායිලන්ත ඉස්සන් ආනයනය කිරීම වැළක්වුයේ තායිලන්ත ධීවරයන් කැස්බැවුන් ඉවත් කිරීමේ උපකරණ ඔවුන්ගේ දැල වලට යොදා නොගත් බැවිනි. 2003 වර්ෂයේදීද අමෙරිකාව ප්‍රතිනික්ෂේපන තත්ත්ව මුල් කර ගනිමින් ලොව පුර ඉස්සන් නිෂ්පාදකයන්ට විරුද්ධව නැගී සිටිනු ලැබිය. ලෙඩ රෝග බොහෝ ආර්ථික ප්‍රතිලාබ අහිමි කරන්නක් විය.ඉස්සන් අපනයනය ප්‍රදාන අංගයක් වූ ඉක්වදෝරයේ රෝග ව්යාප්තවීම හේතුවෙන් 1999 වසරේදී
130,000 ප්‍රමාණයකට රැකියා අහිමි විය.2000 වර්ෂයේදී ඉස්සන් මිල සීග්‍රයෙන් පහත වැටුණි.සමාජ ආර්ථික දර්ශනය[සංස්කරණය]නිසි ආකාරයෙන් කළමනාකරණය කරනු ලැබුවේ නම් ඉස්සන් වගාව යනු සිත අද ගන්නා සුළු රැකියා අවස්ථා ලබා දෙන දේශීය වෙරළාශ්‍රිත ජනතාවගේ දුප්පත්කම අඩුකරන්න උදවු ලබා දෙන මනරම් අවස්ථාවකි.මෙම මාතෘකාව පිලිබදව ප්‍රකාශිත පොත්පත් පෙන්වනුයේ බොහොමයක් දත්ත වල අපරික්ෂාකාරී නිරීක්ෂණ ස්වභාවයන් සහ විෂමතාවයන් ඇති බවයි.තක්සේරු කරන ලද කම්කරු ඝනත්වය 1 ට 3 අනුපාතයෙන් යුක්ත වන අතර, එකම ප්‍රදේශයේ වී වග කිරීම සදහා යොදා ගන්නා ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වැඩි ශ්‍රමයක් අවැසි බව පෙන්වදෙයි.සාමාන්යයෙන් සුක්ෂම වගාවට එක ඒකකයකට අවශ්ය ශ්‍රාමය අර්ධ සුක්ෂම වගාවට වඩා වැඩිය.විස්තෘත වගාව බොහෝ ලෙස බිම් ප්‍රමාන ප්‍රයෝජනයට ගන්නා නමුත් , ඒ සදහා කෘෂිකාර්මික බිම යොදා ගැනීමේ අවස්ථා විරලය.අහර නිෂ්පාදන, ගබඩා, වෙළද සමාගම් යනාදිය ඉස්සන් වගාව සදහා උපකාරක කර්මාන්ත ද නොසලකා හරිය නොහැක.අනෙකුත් රැකියා අවස්ථා සමග සංසන්දනය කිරීමේදී ඉස්සන් වග කිරීම මගින් ඉහල වැටුප් ප්‍රමාණයක් ලබා ගත හැක.එක් අධයනයකින් ලබා ගත දත්ත මත , ගෝලීය වශයෙන් ඇස්තමේන්
තු කිරීමේදී ඉස්සන් වග කිරීමේ කර්මාන්තයේ නියුතු පුද්ගලයෙකු වෙනත් රැකියාවකින් ලබා ගන්න අදායම මෙන් 1.5-3 ගුණයක් වන අතර මෙක්සිකෝ ඉතිහාසයේ ඉස්සන් වගා කිරීමේ කර්මානතයේ නියුතු පුද්ගලයෙකු ලැබූ අඩුම වැටුප් ප්‍රමාණය 1996 වාර්තාවී ඇති අතර එම අදායම ද වෙනත් රැකියාවක නියුතු පුද්ගලයෙකු ලබන අදායම මෙන් 1.22 ගුණයක් බව වාර්තා වී ඇත.රාජ්ය නොවන සංවිධාන පවසනුයේ මෙම ව්යාපාරයෙන් ලබන අදායමෙන් වැඩි ප්‍රමාණයක් හවුල්කරුවන් අතර බෙදි යන නමුත් බහුතර දේශීය ජනතාවට නොලැබෙන බවයි.මෙම තත්වය බොහෝ රටවලට සත්ය වන නමුත් ඉක්වදෝරය වැනි රටවල ඉස්සන් ව්යපාර බොහෝ විට සිදු කරනු ලබනුයේ විශාල සමාගම් මගිනි. තායිලන්තයේ බොහෝ වගාවන් සිදු කරන ලද්දේ කුඩා පරිමාණ ව්යවසයකයින් වුවද ආහාර නිෂ්පාදකයන්ගේ සිට ආහාර සකස්කරන්නන් සමගද වෙළෙද සමාගම් සමගද එකා බද්ධ වීම සිදු කරයි. වී ගොවිතැනේ සිට ඉස්සන් ගොවිතැන දක්වා වෙනස් වුව හොත් අදායම 10 ගුණයකින් වැඩි කරගත හැකි බව තායිලන්ත වාර්තාවකින් දක්වෙයි.මෙවැනිම වාර්තාවක් 2003 දී ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශයේ නිකුත් කරනු ලැබූ වාර්තාවකින් දැක්වේ.මෙමගින් ලාභ අත් වුවද එය රදා පවතින්නේ පුහුණු පුද්ගලයන්ගේ බහුලත්වය සහ වැඩෙහ
ි දීමේ හැකියාව මතය.විස්තෘත වගා මධ්යයේ රැකියා ලබා ගත හැක්කේ ඍතුමය වශයෙනි. අස්වනු නෙලීම සදහා පුහුණුවක් අවශ්ය නොවෙයි.ඉක්වදෝරයේ මෙවැනි අවස්ථා හිමිවන්නේ සංක්‍රමණිකයන් සදහාය.සුක්ෂම වගා සදහා වර්ෂය පුරා පවතින ශ්‍රමයක් අවශ්ය වෙයි.පාරිසරික බලපෑම[සංස්කරණය]විස්තෘත වගාවේ සිට සුපිරි සුක්ෂම වගාව දක්වා වූ සියලුම ඉස්සන් වගා මාධ්යයන් මගින් සිදු වන පාරිසරික බලපෑම බෙහෙවින් විනාශකාරී වුවකි. විස්තෘත වගාවන් සදහා කඩොලාන කපා එලි පෙහෙළි කිරීම නිසා ජෛව විවිධත්වය විනාශ වීම සිදු වේ. 1980 සහ 1990 අතරතුර කාලයේදී කඩොලාන වනාන්තර වලින් 35% පමණම අතුරුදහන් විය. කඩොලාන විනාශයට හේතු වූ ප්‍රධානම කරුණ වනුයේ ඉස්සන් වගාව වන අතර මිට බලපාන ප්‍රධාන කරුණු 3 ඇතුලත ඉස්සන් වගාවට ප්‍රමුඛස්ථානය ලැබී ඇත. කඩොලාන විනාශය සදහා බලපැ අනෙක් කරුණු වුයේ ජනගහනයේ බලපෑම, දර සදහා වූ අවශ්යයතාවය සහ වෙනත් ව්යාපාර මගින් සිදු කරන පරිසර දුෂණයන්ය. කඩොලාන මුල් මගින් වෙරළ ඉවුරු ඛාදනය වැලැක්වූ අතර ඉවුරු ග්‍රහණය කර තබාගන්නා ලදී. කඩොලාන ඉවත් කිරීම නිසා ගංගා ඉවුරු ඛාදනය ඉහල ගිය අතරම ගං වතුර තර්ජනය ද ඉහල යන ලදී . කඩොලාන ආශ්‍රිත ගංගා මෝය ප්‍රදේශ විශේෂයෙන්ම ඉතා
ඉහල පොහොසත් කමින් යුත් සහ පලදායිතාවයෙන් යුතු පරිසර පද්ධතීන් වේ. මෙම ප්‍රදේශ විශේෂයෙන්ම නොයෙකුත් විශේෂයන්ට අයත් මත්සයන් හට බිජු දැමීම සදහා යෝග්ය භුමි වන අතරම, ආර්ථික වශයෙන් වැදගත් වන විශේෂද ඒ අතර වෙයි. බොහෝ රටවල් මෙම භුමි ප්‍රදේශ එලි කිරීම තහනම් කරන ලද අතරම තව දුරටත් ඉස්සන් වගාවන් අලුතින් ඇති කිරීමද තහනම් කරන ලදී . එනමුත් මේ සදහා බලපවත්නා නීති රීතින් තවමත් මත බේදයට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල් වන බංගලාදේශය,මියන්මාරය සහ වියට්නාමය තුල පවත්නා නීති රීති තුල දැඩි ලෙස හිදැස් පවතින බව හෙළිවී පවතී. උදා; මියන්මාරයේ වෙරළාශ්‍රිත කඩොලාන දැක්විය හැක . සුක්ෂම වගාවන් මගින් කඩොලාන පරිසරයන්ට ඇති කරන බලපෑම අඩු කලද වෙනත් බලපෑම් ඉස්මතු වෙමින් පවතී. පෝෂණ කොටස් බහුල අපවහන ද්‍රව්ය පරිසරයට මුදාහැරිම , පාරිසරික තුලනයට බෙහෙවින් බලපා ඇත. මෙම අපවහන ජලය තුල, වෙසෙසින්ම රසායනික පොහොර, කෘමිනාශක, ප්‍රතිජීවක සහ දුෂක අඩංගුව පවතී. ප්‍රතිජීවක පරිසරයට මුදා හරිම මගින් ඒවා ආහාර දාමය ඔස්සේ ගලා යාම නිසා බැක්ටිරියානු ආසාදනයන් සදහා ප්‍රතිරෝධයන් දැක්විම සදහා අවනත නොවීමේ ඉහල අවදානමක් පවතී. කෙසේ නමුත් ජලජ
බැක්ටිරියාවන් අනෙකුත් භෞම බැක්ටාරියාවන් මෙන් මිනිසුන් හට බෝ නොවන රෝගාබාධයන් වෙයි. ඉතා කුඩා ප්‍රමාණයක් මෙසේ බෝවන රෝග හදුනා ගෙන ඇත. දීර්ඝ කාලිනව පොකුණු භාවිතය තුලින් පෝෂක සහ අපද්‍රව්ය තැන්පත් වීම නිසා පොකුණු පත්ල තුළ රොන් බොර තැන්පත් විම සිදුවේ. මෙම රොන් බොර යාන්ත්‍රිකව ඉවත් කල හැකියි හෝ වියලීමට ඉඩ හැර ජෛව හායනය මගින් ඉවත් කල හැක. පොකුණු සෝදා හැරීමෙන් රොන් බොර සම්පුර්ණයෙන් ඉවත් කල නොහැකි අතර , අවසානයේදී මෙම පොකුණු අත හරිම නිසා ලවණතාවය වැඩි ,ආම්ලික සහ විෂ රසායනිකයන් බහුල ප්‍රයෝජනයට ගත නොහැකි මුඩු බිම් බවට එම ප්‍රදේශ පත් වේ. සාමාන්යයෙන් විස්තෘත වගාවක් සදහා භාවිත කරන තටාකයක් ප්‍රයෝජනයට ගත හැක්කේ වසර කීපයක් පමණි. ඉන්දියාවේ සිදු කල සමික්ෂණයක් අනුව මෙවැනි බිමක් යථා තත්වයට පත් කිරිමට වසර තිහක් පමණ ගතවන බව ඇස්තමේන්තු ගත කර ඇත. 1999 දී ගොඩබිම තුල ඉස්සන් වගාව තායිලන්ත රජය විසින් තහනම් කරන ලද්දේ කෘෂිකාර්මික භුමි තුල ලවණතාවය වැඩිවි විනාශවීමේ හැකියාවක් පැවතුනු බැවිනි. 1989-1996 දී තායිලන්තය තුල අත් හරින ලද වගා බිම් පිළිබද සමීක්ෂණයකදී 60% ක පමණ ප්‍රමාණයක් අත් හැර ඇත්තේ එම කඩොලාන ප්‍රදේශ ඉතා ඉහල ප
්‍රමාණයකින් යුත් යපස් වලින් බහුල වීමත් සහ දුර්වල අපවහන පද්ධතියක් පැවතීමත් යන කරුණු මුල් කරගෙන බව හෙළි විය. ඉස්සන් වගාවේ ගෝලීය ස්වභාවය අනුව එය ලොව පිළිගත් විදේශීය විශේෂයන් හදුන්වා දුන්නා පමණක් නොව ලොව පුර ලෙඩ රෝග ව්යාප්ත වීම සදහා ද මං පෙත් ද සාදා දුනි. මෙහි ප්‍රතිපලයක් ලෙස ලොව පුර බෙදා හරින ඇගිල්ලන් සදහා විශේෂිත සෞඛ්යය සහතිකයක් අවශ්ය වූ අතරම ඔවුන් විශේෂිත රෝගබිජ රහිත බව සහතික කල යුතුව ඇත. බොහෝ සංවිධාන පරිභෝගිකයන්යට වගා කරන ලද ඉස්සන් මිලදී ගැනීමෙන් වලකින ලෙස උපදෙස් දි ඇත. වඩා ශක්තිමත්, ස්ථිර වගා ක්‍රම ඇති කිරීම පිලිබදව සමහර සංවිධාන වල අවධානය යොමුව ඇත.ඉස්සන් වගාව අධ්යනය සහ නව ක්‍රියාමාර්ග යෝජනා කිරීම සදහා ලෝක බැංකුව, NACA, WWF, FAO යන සංවිධාන වල එකතුවෙන් 1999අගෝස්තු මසදී වැඩසටහනක් ක්‍රියාත්මක කරන ල දි. සමහර වෙළදපොල රදාපවතින්නන් උත්සාහ දරනුයේ අපනයනය සදහාම ඉස්සන් වග කරන ගොවිපලවල් හි අස්වැන්න වෙළදපොල තුල 'පාරිසරික නිෂ්පාදන' ලෙස විකිනිමටය. මෙය බොහෝ රාජ්ය නොවන සංවිධාන මගින් විවේචනය කරන ලද්දේ වංචා සහගත ,නොවැදගත් වෙළද කවුළු භාණ්ඩ ප්‍රදර්ශනයක් ලෙසය.1999 සිට මේ වනතුරුත් මෙම කර්මාන්තය ඉතා සෙ
මින් වෙනස්වීම් වලට බදුන් වෙමින් පවතී. ලෝක බැංකු වැඩසටහන් මගින් සංවර්ධනය කරනලද ඵලාදයි කළමනාකරණ ප්‍රතිපත්ති පිළිගන්නා ලදී. එය ප්‍රවර්ධනය කිරීම සදහා අධයාපනික වැඩසටහන් ස්ථාපනය කරන ලදී. බොහෝ රටවල පනවන ලද කඩොලාන ආරක්ෂණ නීති හේතුවෙන් අලුතින් අරඔන ලද වගාවන් අර්ධ සුක්ෂම ඒවා වූ අතර, කඩොලාන ප්‍රදේශ වලට ඔබ්බෙන් ඉතා විශිෂ්ට ලෙස ගොඩනැගු ඒවා විය. එමෙන්ම ඉතා තදින් පාලනය කරන ලද පරිසරයන් නිර්මාණය කිරීමේ නැඹුරුවක්ද මෙම වගා තුල පවතිනුයේ ලෙඩ රෝග ඇති වීම වැළක්වීමේ අරමුණෙනි. අපවහන ජල පිරියම් කිරීම පිලිබදව වැඩි අවධානයක් යොමුව පවතී. නුතන ඉස්සන් වගා මාධ්‍යන් තුල අපවහන පිරියම් තටාක අත්යන්තයෙන්ම ඇත. එම තටාක තුලදී මඩ, පතුල මත තැන්පත් වීම සිදු කරන අතර අවශේෂයන් පෙරීම සිදු කරයි. එවැනි කටයුතු සදහා ඉහල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ලෝක බැංකු වැඩසටහන් මගින් , සමහර ප්‍රදේශ සදහා අඩු ගණත්ව බහු වගා ව්යාපාර යෝජනා කරන ලදී. කඩොල් පස අපජලය පෙරීම සදහා ප්‍රයෝජනවත් වන බවත් ,ඉතා ඉහල නයිට්රේට ප්‍රමාණයක් දරා සිටින බවත් සොයා ගැනීමෙන් පසුව ව්යාපාරිකයන් තුල කඩොලාන නැවත වගා කිරීමේ උනන්දුවක් ඇති වුවද ඒ සදහා ඔවුන්ගේ දායකත්වය තවමත් ඉතා
අල්ප වේ. මෙම දිගු කාලීන යෝජනා ක්‍රම සහ කර්මාන්ත නැඹුරුතාවයන්ගේ අගය මේ වනතුරුද නිශ්චිත වශයෙන් ගණනය කර නොමැත.සමාජයීය වෙනස්වීම්[සංස්කරණය]1980 සහ 1990, සමෘධිමත් කාල වකවානුව තුල මෙම කර්මාතය අවිධිමත් ලෙස සිදුකරන ලදී . මෙහි වේගවත් ව්යාප්තිය හේතුවෙන් වෙරළබඩ ජනතාවගේ සැලකිය යුතු වෙනස්කම් සිදු වූ අතර සමහර වෙනස්කම් විනාශකාරී ඒවා විය. ඔවුන් අතර මත ගැටුම් ඇති වූ අතර ඒ සදහා ප්‍රදාන වශයෙන් හේතු 2ක් බලපාන ලදී. ඒවා නම් ; ජලය සහ ගොඩබිම යන පොදු ස්වභාවික සම්පත් සදහා ඇති වූ තරගකාරිත්වය, ධනය විෂම ලෙස බෙදී යාම.බංගලාදේශය වැනි රටවල මත ගැටුම් ඇති වුයේ සුවිශේෂී හේතුවක් වූ භුමිය ප්‍රයෝජනයට ගැනීමේ අයිතිය පදනම් කරගනිමිනි. ඉස්සන් වගාව සමග නව ව්යාපාර වෙරලශ්‍රිතව ව්යප්තවූ අතර පෙර පොදු වූ ස්වභාවික සම්පත් මේ සදහා යොදා ගැනීම සිදු විය. වෙරළාශ්‍රිත ජනතාව ඉස්සන් වගාව සදහා වැඩි වශයෙන් යොමු වීමෙන් දේශීය ධිවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය.මෙම අර්බුද දුර්වල පාරිසරික ක්‍රියාමාර්ග නිසාද ඇති විය. පොදු සම්පත් හායනය මෙහි බලපෑමක් විය. (තටාක තුල ලවණතාවය පාලනය කිරීමට මිරිදිය ප්‍රමාණයට වඩා ප්‍රයෝජනයට ගැනීම නිසා water table දුර්වල
වීම සහ ලවන ජලය ඇතුලට ගැලීම නිසා භූ ජලයේ ලවණතාවය වැඩි විම සිදු විය.) අත්දැකීම් බහුල වීමත් සමගම රජයන් ශක්තිමත් රෙගුලාසි දීමෙන් මෙවැනි අර්බුද වැලක්වීමට පියවර ගන්නා ලදී. උදා; භුමි කලාපීය කිරීමේ රෙගුලාසි . මෙක්සිකෝව වැනි රටවල මෙවැනි ප්‍රශ්න ඇතිවිම වැලැක්විමට ප්‍රශ්න ඇතිවීමට පෙරම නීති රෙගුලාසි සකස් කරන ලදී.මෙක්සිකානු වෙළෙද පොළ රාජ්ය නීති මත පාලනය වන්නකි.1990 දී සිදු කරන ලද සංශෝධන වලින් අනතුරුව වුවද මෙම වගා පාලනය කරනු ලබනුයේ ස්වදේශිකයන් හෝ පොලිස් නිලධාරීන් මගිනි.ව්යාපාරය තුලදී ධනය බෙදී යාමේ විෂමතාවය හේතුවෙන් සමාජයීය බලපෑම් ඇති විය. ඉස්සන් වගාව සදහාම මෙම තත්වය විශේෂිත නොවුනද එමගින් ඇති වූ බලපෑම් විවිධාකාරී විය. සමාජය තුල බලය බෙදී යාමේ විෂමතාද මෙම බලපෑමට හේතු විය.බොහෝ අවස්ථා වලදී සාමාන්ය ජනතාව සහ ප්‍රභූ පිරිස අතර විශාල පරතරයක් ඇති වුයේ , ප්‍රභූන්ට ඉතා පහසුවෙන් ණය , සහනාධාර සහ බලපත්‍ර ලබා ගැනීමට හැකි වීමත් සහ ඉස්සන් ව්යාපාරයෙන් ලාභ ලබා ගැනීමට විශාල හැකියාවක්ද පැවතුනු නිසාය.බංග්ලාදේශයේ දේශීය ප්‍රභූන් මෙම වගාවට විරුද්ධ වුවද ඔවුන්ගේ නාගරික ප්‍රභූන් ඉස්සන් ව්යාපාරය පාලනය කරමින් පවතී.කුඩා පිරිසක් අ
තර භුමිය කේන්ද්‍ර ගත වීම සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න වර්ධනය වීම සදහා බලපාන බව හදුනා ගෙන ඇති අතර එය විශේෂයෙන්ම උග්‍ර වනුයේ ඉඩම් හිමියන් පිටරැටියන් වූ විටදීය. ගොවිපලවල් කුඩා ප්‍රභු පිරිසකට හෝ විශාල සමාගමකට අයිතිවිමට වඩා සාමාන්ය ජනතාවට අයිති වීම මගින් අති විශාල පිළිගැනීමක් ඇති වීමත් , ඉතා පහසුවෙන් හදුන්වා දීමට හැකි වීමත් සහ ලාභ ලබා ගැනීමටත් හැක.මක්නිසාදයත් එම වගා පාලකයන්ට පරිසරය සුරැකීමේ උනන්දුවද , අසල්වැසියන් සමග හොද හිත වර්ධනය කරගැනීමේ අවශ්යතාවයද පවතින බැවිනි. අමතර[සංස්කරණය]මිරිදිය ඉස්සන් වගාව මුහුදු ඉස්සන් වගාව හා සමාන ම බොහෝ ලක්ෂණ ඇති අතර ඒ හා බැදුණු ගැටළුද පවතී. 2003 දී ගෝලීය මිරිදිය ඉස්සන් නිෂ්පාදනය (පොකිරිස්සන් සහ කකුළුවන් හැර ) ටොන් 280,000 විය. එම නිෂ්පාදනයෙන් ටොන් 180,000 චීනය විසින් නිපදවන ලදී . ඉන්දියාව සහ තායිවානය ටොන් 35,000 දක්වා නිපදවයි.ඊට අමතරව චීනය විසින් Chinese mitten crab ටොන් 370,000ක් නිපදවන ලදී.•Shrimp fishery•Krill fisheryඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Daintree වැසි වනාන්තරයගොනුව:Rainforrest between Kuranda Cairns, North East Queensland.jpgඕස්ට්
‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි Cairns හි ආසන්නයේ ඇති Daintree වැසි වනාන්තරයවැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය. වැසි වනාන්තර පෘථිවිය මත ජීවත් වන ශාක හා සත්ත්ව විශේෂ 2/3 කටම වාසස්ථාන වේ. තක්සේරු කර ඇති අන්දමට මෙහි ජීවත් වන ශාක, කෘමි සහ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්ථන වැසි වනාන්තර පෘථිවිය මත ඇති ආභරණයක් ලෙස ද හැඳින්වෙන අතර එය ලොව විශාලතම ඖෂධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වාභාවික ඖෂධ ප්‍රමාණයක් හේතුවෙනි. වැසි වනාන්තරවල බිම් මට්ටමේ ශාකවල වර්ධනය සිමාවී ඇත්තේ ඒ වෙතට අඩුවෙන් ලැබෙන සුර්යයා ලෝකය හේතුවෙනි. මේ නිසා මෙම ‍වනාන්තර හරහා ඇවිද යාම පහසු වී ඇත. මෙලෙස ඇති අඩු වියන් ස්ථරය විනාහ වී හෝ තුනි වීමක් සිදු වුවහොත් පහළින් ඇති භූමි ප්‍රදේශය ඉතා ඉක්මනින් ඝන එකිනෙක පැටළුනු වැල්, පදුරු සහ කුඩා ශාකවලින් සමන්විත වන කුඩා වනානාතරයක් බවට පත් වේ. වැසි වනාන්තර වර්ග දෙකක් ඇත.වැසි වනාන්තර ස්ථර[සංස්කරණය]වැසි වන
ාන්තර ප්‍රධාන වෙනස් වූ කොටස් 4 ට බෙදා ඇති අතර ඒවාට අනුවර්ත වූ ශාක සහ සතුන්ගෙන් යුක්ත වේ.නෙරූ ස්ථරය - ඉතා විශාල ශාක කුඩා සංඛ්‍යාවකින් යුක්ත වන අතර ඒවා සාමාන්‍ය වියන අභිබවා මිටර 45 – 55 දක්වා උසකට වර්ධනය වන නමුදු කලාතුරකින් මී 70 – 80 තරම් උසට වර්ධනය වන විශේෂ කිහිපයක් ද තිබිය හැක. ඒවාට අධික උෂ්ණත්වය සහ දැඩි සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබීම ද අවශ්‍යයි. උකුස්සන්, සමනළයන්, වවුලන් සහ එක්තරා වඳුරු විශේෂ කිහිපයක් මෙම ස්ථරයේ දිවි ගෙවයි.වියන් ස්ථරය - වැඩි වශයෙන් විශාල ශාකවලින් යුක්ත වන අතර ඒවා මීටර 30 - 45 තරම් උසක් දක්වා වර්ධනය වේ. සමහර ඇස්තමේන්තු අනුව වියන් ස්ථර ශාක විශේෂවලින් 50% පමණ වාසස්ථාන වේ. එය පෘථිවියේ ජීවීන්ගේ සමහර විට භාගයක් පමණ විය හැකි බවට ද අදහස් පළ කෙරේ. සත්ව වර්ග නෙරූ ස්තරයේ මෙන්ම විය හැකි අතර ඊට වඩා විවිධත්වයක් පළ කෙරේ. කෘමි විශේෂවලින් ¼ පමණ මෙම වැසි වනාන්තරවල වියන් ස්ථරවල ජීවත් වන බවට විශ්වාස කළ හැක. විද්‍යාඥයන් බොහෝ කලක සිට සිතූ පරිදි වියන් ස්ථර ජීවීන්ගේ වාසස්ථානය ලෙස පොහොසත් බවක් ඇති නමුත් ඒවා සොයා ගැනීමට ඇත්තේ මෑතකදී දියුණු කරන ලද ප්‍රායෝගික ක්‍රම මඟිනි. 1917 දී පමණ ස්වභා
වවාදියකු වන විලියම් බීබේ ප්‍රකාශ කර සිටියේ “මෙහි තවත් ජීවීන් සිටින මහාද්වීපයක් සොයා ගැනීමට තිබෙන අතර එය පෘථිවිය මත නොපිහිටන අතර අඩි එකක සිට දෙසීය දක්වා ඉහළින් පිහිටා ඇති එය වර්ග සැතපුම් දහස් ගණනක් පුරා පැතිර ඇත. මෙහි ඇති ජීවීන් හා වාසස්ථාන පිළිබඳ සත්‍ය ගවේෂණයක් කිරීමට ළඟා වීමට ක්‍රම සොයා ගැනෙද්දී, දිගු, තඹ, දුනු භාවිතයෙන් ගස්වලට විදීම වැනි ඉතා ප්‍රාථමික ක්‍රම භාවිතා කරන ලදී. නමුත් සමහර ක්‍රම, එනම් බැලූන සහ ගුවන් නැව් ඉහළ අතුවලටත් මගවල් සෑදීම (වන බිමෙහි) වැනි ක්‍රමද සොයා ගැණින. මෙසේ නිවර්තන වියන් ස්තරය වෙත ප්‍රවේශ වීමට ගුවන් නැව් හෝ ගුවනේ ඉදිවුණු වේදිකා යනාදිය භාවිතා කිරීමේ විද්‍යාව වෘක්‍ෂ නාවික විද්‍යාව ලෙස හැදින්වේ.යටි මහල් ස්ථරය - වියන් ස්ථරය සහ වන බිම අතර ස්ථරයයි. මෙම යටිමහල් ස්ථරය‍ ඉතා විශාල සංඛ්‍යාවක් කුරුල්ලන් සර්පයන් සහ උරගයින්ට නිවාසය වී ඇත. තවද ගොදුරු අල්ලා කන දිවියන්, ජගුරවයන් සහ දාර පිඹුරන් ද මෙහි නේවාසිකයෝ වෙයි. මේ මට්ටමේදී පත්‍ර තරමක් විශාල වේ. කෘමි ජීවිත ද ඉතා විශාල ගහනයකි. මෙම යටිමහල් ස්ථරයේ සිට වියන් ස්තරය දක්වා වර්ධනය වන බීජාංකුර බොහෝය. වැසි වනාන්තරවලට ඉහළින් දිලිසෙන
හිරුඑළියෙන් 5% පමණ යටි මහල් ස්ථරය කරා ළගා වේ. මෙම ස්ථරය පඳුරු ස්ථරය ලෙසද හැඳින්විය හැක. නමුත් මෙම පඳුරු ස්ථරය වෙනම ස්ථරයක් ලෙසද හැඳින්විය හැකි අවස්ථා ද වේ.වන බිම් ස්ථරය - මෙම ස්ථරයට හිරු එළිය ලඟා වන්නේ 2% පමණි. මෙම කලාපයේ වර්ධනය විය හැක්කේ එම මන්දාලෝකයට අනුවර්ත වූ ශාඛාවට පමණි. ගංඉවුර, වගුරු සහ එළිමහන් ස්ථානවලින් එහා ගහන වූ යටි වගාවක් දැකිය හැක. වන බිම පැල වර්ධනයෙන් සාපේක්ෂව මැද බවක් පෙන්වන්නේ අඩු ඉර එළිය ප්‍රමාණයක් පෙරී වැටෙන නිසාය. එසේම වන බිම දිරාපත්ව ක්ෂය වී යන සත්ව සහ ශාක කොටස්වලින් යුක්ත වේ. මේවා උණුසුම තෙතමනය යන කරුණු නිසා ඉක්මණින් දිරාපත් වී යයි. නොයෙක් ආකාරවල දීලීර මෙම ශාක සත්ව කොටස් මත වර්ධනය වෙමින් ඒවා දිරාපත් වීමට උදව් වේගෝලීය දේශගුණය කෙරේ බලපෑම්[සංස්කරණය]ස්වාභාවික වැසි වනාන්තරයක් මගින් විශාල ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කරන සහ අවශෝෂණය ද කරනු ලබයි. ගෝලීය වශයෙන් ගත් කල මෙකී ක්‍රියාවලිය ආසන්න වශයෙන් සමතුලිත අවස්ථාවක පවතින අතර එබැවින් කිසිදු බලපෑමකට ලක් නොකල වැසි වනාන්තරයකට වායු ගෝලයෙහි කාබන් ඩයෝක්සයිඩ් වල ශුද්ධ බලපෑම කෙරෙහි ඉතා සුළු වෙනසක් පමණක් ඇති කල හැකිය
. අද කිසිඳු බලපෑමකට ලක් නොවු වැසි වනාන්තරයක් දක්න‍ට නෙමැත. මිනිසා මගින් සිදු කරනු ලබන වන විනාශය මගින් වැසි වනාන්තර මගින් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමේ තුල්‍යතාවය වෙනස් කරනු ලබයි. මෙලෙසම නියඟ වැනි ස්වාබාවික ක්‍රියාවලීන් මගින් ද වැසි වනාන්තර වල ශාක මරණයට පත්වේ. මෙම දුර්භික්ෂ්‍ය හෙවත් නියන් සමයන් වුවද ඇති වන්නේ මිනිසා මගින් ඇති කර ගන්නා දේශගුණික විපර්යාස හේතුවෙනි. ඇතැම් දේශගුණික ආදර්ශනයන් මගින් ප්‍රකාශයට පත් කරන ආකාරයට වසර 2050 වන විටදී නියන් කාලයක් හේතුවෙන් වැසි වනාන්තර විනාශයට පත් වි වඩාත් වැඩි ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ඇතැයි විශ්වාස කෙරේ. මිනිසාගේ භාවිතය[සංස්කරණය]නිවර්තන වැසි වනාන්තර දැව සේම සත්ව නිෂ්පාදන වන මස් සහ සම් සපයයි. වැසි වනාන්තර සංචාරකයන්ගේ ගමනාන්ත වනවා මෙන්ම පරිසර පද්ධති මගින් සිදුවන සේවාවන් ලබාදීමට ද ඉවහල් වේ. එසේම නිවර්තන වැසි වනාන්තරවලින් ලැබුණු බොහෝ ආහාර ද්‍රව්‍යය දැනට බෝග වැවිලි ලෙස ඇති කලාප පූර්ව ප්‍රාථමික වනාන්තර ලෙස පැවති ඒවා වේ. පෘථිවියෙන් 6% පමණ ආවරණය වන්නේ වැසි වනාන්තර වලිනි. කෙසේ වෙතත් සියලුම ඖෂධ වර්ග වලින් 25% පමණ උපදින්නේ වැසි වනාන්තරවල අංග උපාං
ගයන්ගෙනි. පිළිකා සුවකිරීමේ ශක්තියක් ඇතැයි සිතිය හැකි නිවර්තන ශාක වර්ග 1430 ට වඩා වැඩි ප්‍රමාණයක් වනාන්තරවල ඇත. මෙයින් ද 70% පමණ පැලෑටිවල පිළිකා මර්දන හැකියාව ඇති ඒවා ලෙස ඇමරිකානු ජාතික පිලිකා ආයතනය හඳුනාගෙන ඇත. මේවා අතර ඇස්පිරීන් වැනි වේදනා නාශක මෙන්ම සහ හෘත් රෝග සඳහා ගතහැකි ඖෂධ වෙනුවට ද සුදුසු ශාකමය ඖෂධ මේ වනාන්තරවල බහුල වේ. ඇත්ත වශයෙන්ම පැළවලින් නිපදවා ගන්නා ඖෂධ වර්ග බොහෝ විට භාවිතා වනුයේ උණ, දිලීර අසාදන, පිලිස්සුම් තුවාල අමාංශයේ සහ බඩවැල්වල අබාධ, වේදනා, ශ්වසන අබාධ සහ තුවාල සුවකර ගැනීම සඳහාය.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteවිසර්ඩ් ව්‍යාපෘතිය යනු අන්‍යයයන් පවසන මුසාවන් අනාවරණය කිරීමට මිනිසුන් විසින් පවතින හැකියාව විශ්ලේෂණය කරන පෝල් එක්මන් සහ මුරීන් ඔ' සුල්ලිවන් යන දෙදන මෙහෙයු ව්‍යාපෘතියකි.[1]References[සංස්කරණය]↑ [1]පරිගණක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමට පෙර එය පරිගණකයේ දෘඪ තැටියක/මතකයට හෝ සසම්භාවී ප්‍රවේශ මතකයට ප්‍රවේශනය කල යුතු වේ. එහිදී අදාළ උපදෙස් පද්ධති මෘදුකාංගය හරහා යෙදවුම් මෘදුකාංගයෙන් දෘඪ තැටියට ලබා දෙයි
. දෘඪ තැටියට ඒවා ලැබෙන්නේ යාන්ත්‍රික කේත ලෙසිනි. මෙම එක් එක් උපදෙස් පරිගණකයට මෙහෙයුම් පවත්වාගෙන යාමට ඉවහල් වේ. උදාහරණය ලෙස දත්ත හුවමාරුව කිරීම්, ගණනයන් සිදුකිරීම, උපදෙස් පාලන ගැලීම් (Control flow) වෙනස් කිරීම ආදිය දැක්විය හැකිය.සාමාන්‍යයෙන් දත්ත එහා මෙහා වීම මතකයෙ ස්ථාන 2 ක් අතර සිදුවේ. සමහර අවස්ථාවල දී මතකය හා රෙජිස්ටර (registers) අතරද එය සිදුවේ. මධ්‍යම සැකසුම් ඒකක(CPUයෙහි වේගවත් දත්ත ප්‍රවේශයට මඟ පාදයි. විශාල ප්‍රමාණයේ දත්ත එහා මෙහා කිරීම අසීරු කාර්යයකි, එබැවින් දත්ත වෙනුවට ඒවා නියෝජනය කරන දර්ශක ඒ සඳහා යොදා ගනී.ගණනය කිරීම් වලදී, විචල්‍ය දත්තවල (element) මුලාංගයක අගය වැඩි කිරීම වැනි සරල මෙහෙයුම් අන්තර්ගත වන අතර සංකීර්ණ ගණනය කිරීම් වල බොහෝ මෙහෙයුම් මෙන්ම බොහෝ මුලාංගයන්ද වේ.මෙම උපදෙස් ක්‍රියාකිරීම අනුක්‍රමිකවහෝ කොන්දේසි සහිතව හෝ පුනර්කාරීව සිදුවේ. අනුක්‍රමික ව සිදුවන උපදෙස් ක්‍රියාකරන්නේ එකකට පසු එකක් ය. කොන්දේසියකට යටත්ව ක්‍රියාකරන උපදෙස් සමහර දත්ත වල අගයන් මත රඳා පවතිමින් ක්‍රියාත්මක වේ. උදාහරණ ලෙස If" ප්‍රකාශය දැක්විය හැකිය. පුනර්කාරී උපදෙස් පුනරාවර්තීව ක්‍රියාත්මක වන අතර දත්
ත වල අගයන් මත ද රඳා පවතී. ලූපයක් ලෙස හඳුන්වන්නේ ද මෙයම ය. බොහෝ විට එක් උපදෙසක් වෙනත් ක්‍රම ලේඛයක (Program) හෝ මොඩියුලයක ඇති තවත් උපදෙස් වලට ඇමතීම සිදුවේ. පරිගණක සකසන (processor) එකකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන විටද මෙම උපදෙස් එකවිට සමගාමී වීමට ද හැකිය. මෘදුකාංගයක් ක්‍රියාකරන ආකාරය දැන ගැනීමට සරල උදාහරණයක් ලෙස,මෙනුවකින් (copy) ‘පිටපත් කරන්න’ යන තෝරා ගන්නා ලද සංසිද්ධිය සලකා බලමු. මෙවැනි අවස්ථාවක දී කොන්දේසි සහිත උපදෙසක් අදාළ පාඨය මතකයේ තැන්පත් කර ඇති ලේඛනයෙන් පිටපත් කරගනී. ‍සමහර විට පිටපත් කිරීම (clipboard) ක්ලිප් ‍බෝර්ඩය වැනි අතර මැදි ආයාචනයකට (storage) විය හැකිය. නැතහොත් (paste) ‘අලවන්න යන්න’ මෙනුවෙන් තෝරා ගන්නා ලදි නම්, උපදෙස් ක්‍රියාත්මක වන්නේ ක්ලිප් බෝර්ඩයට අදාළ පාඨය පිටපත් කර එය නැවත පාඨය උපුටා ගත් ලේඛනයේම හෝ වෙනත් ලේඛනයක නිශ්චිත ස්ථානයකට පිටපත් කිරීමයි. යොදාගන්නා යෙදුම අනුව ඉහත සඳහන් කළ උදාහරණය ද ආකූල විය හැකිය. පරිගණක ඉංජිනේරු ‍ක්ෂේත්‍රය උත්සාහ කරන්නේ මෙම මෘදුකාංග ක්‍රියාකාරිත්වයේ සංකීර්ණභාවය පාලනය කිරීමටයි. විශේෂයෙන්ම විශාල හා ප්‍රබල පරිගණක පද්ධතිවල ක්‍රියාත්මක මෘදුකා
ංග සඳහා මෙය වඩාත් සත්‍ය වේ.වර්තමානයේ පරිගණක මෘදුකාංග යොදා ගැනීම එහි මෝස්තර රචකයා/සම්පාදක හෝ ඒ පිළිබඳව ඇති කෞෂ්‍යලයට සීමා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයේ මෘදුකාංගයකින් නිරූපනය කළ නොහැකි යයි උපකල්පනය කළ චෙස් ඇඳීම වැනි ක්‍රීඩාද දැන් ක්‍රමලේඛිත (Programmed) කර ඇත. දැනට එසේ නිරූපනය කිරීමට නොහැකි වී ඇත්තේ සංගීතය හා සාහිත්‍යය වැනි කලාවට අදාළ විෂය පථයන් ය.මෙහෙයුම් අනුව මෘදුකාංග වර්ග, ක්‍රියාත්මක කළ හැකි පරිගණක වැඩ සටහන්, ප්‍රභව කේත හෝ පිටපත්, වින්‍යාසය ආදි වශයෙන් හැදින්වේ.සටහන්[සංස්කරණය]Computer software Executionවිස්තාර මූර්ඡනය (AM) (විමූ) යනු ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයෙහි භාවිතා වන ක්‍රමවේදයක් වන අතර බහුලව භාවිතා වන්නේ ගුවන් විදුලි වාහක තරංගයක් ඔස්සේ තොරතුරු විකාශය කිරීමටය. විමූ ක්‍රියාකරනුයේ සම්ප්‍රේෂනය කරනු ලබන සංඥාවෙහි ප්‍රබලතාවය යවනු ලබන තොරතුරු අනුව විචලනය කිරීමෙනි. නිදසුනක් වශයෙන්, ලවුඩ්ස්පීකරකයකින් නැවත උපදවීමට නියමිත ශබ්දයක් හෝ, රූපවාහිනී පික්සලයන්හී ආලෝක තීව්‍රතාවය හෝ නිරූපණය කිරීමට සංඥා ප්‍රබලතාවයෙහි මෙම විචලනය භාවිතා කළ හැක.තරංගයක සංඛ්‍යාතය (frequency) සහ වි
ස්තාරය (amplitude) යනුවෙන් ප්‍රධාන ගුණ දෙකක් ඇති අතරමූර්ජනය(modulation) යනු ඇතුලත්කෙරීමේ/වෙනස් කෙරීමේ ක්‍රමයකි.මෙහිදී අදාල දත්තයට අදාල තරංගය සංයාව(data signal) ලෙසත්,සංයාව ප්‍රවහනයටම පමණක් යොදාගන්න තරංගය වාහකය(carrier wave) ලෙසත් අර්ථදක්වනවා ඇත.සංයාවට අනුව වාහක තරඟයේ විස්තාරය වෙනස් කිරීම විස්තාර මුර්ජනය(amplitude modulation) ලෙසත් සංයාවට අනුව සංක්‍යාතය වෙනස් කිරීම සංක්‍යාත මුර්ජනය(frequency modulation) ලෙසත් සඳහන් කර හැක.සමනල සංධ්වනියButterfly Symphonyගොනුව:SamanalaSandwaniya.pngඅධ්‍යක්ෂණය කලේජයන්ත චන්ද්‍රසිරිනිෂ්පාදනය කලේපාලිත ගුණවර්ධනරුවන් ජයසිංහලියන ලද්දේජයන්ත චන්ද්‍රසිරිරඟ පාන්නේඋද්දික ප්‍රේමරත්නයශෝධා විමලධර්මපුබුදු චතුරංගවිල්සන් ගුණරත්නසංගීතය සැපයුවේදර්ශන රුවන්සංස්කරණය කලේරවින්ද්‍ර ගුරුගේRelease date2013 ඔක්තෝබර් 4Country ශ්‍රී ලංකාවLanguageසිංහලසමනල සංධ්වනිය චිත්‍රපටය 2013 වර්ෂයේ තිරගතවූ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි. උද්දික ප්‍රේමරත්න හා යශෝධා විමලධර්ම ප්‍රධාන රංගනයෙන් දායක වූ මෙය සංගීතමය දෘෂ්‍ය කාව්‍යක් ලෙසත් ප්‍රේම වෘත්තාන්තයක් ලෙසත් වර්ගීකරණය
කර ඇත. මෙම චිත්‍රපටය 2013 ඔක්තෝබර් මස 4 දින ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය ආරම්භ කරනලදී.කථාව[සංස්කරණය]වාදීෂ දේවමින්ද වික්‍රමනායක (උද්දික ප්‍රේමරත්න) නිර්මාණශීලී හා සංවේදී සංගීතවේදියෙකි. ඔහුගේ පාසල් දිවියේ පටන්ම සංගීත නිර්මාණ ඔහු අතින් නිමවේ. තැපැල්කරුවෙකු අතින් ගිලිහුණු ලිපියක් (පුණ්‍යා විසින් රේවත දිසානායක අය හට තම පෙම ප්‍රකාශ කොට යැවූ ලිපිය) වාදීෂ අතට පත්වීම හා එම ලිපිය නැවත පුණ්‍යා අතට පත් කිරීමට ඔහු සිදුකරන උත්සාහය චිත්‍රපටයෙහි දිගහැරෙයි. අවස්තා දෙකකදී නැවත එම ලිපිය පුණ්‍යා අතට ලබා දීමට ඔහු සිදුකරන උත්සාහය සහ පසුව වාදීශගේ සොහොයුරා අතට ලිපිය පත් වීමත් සමග නැවත ලිපිය දීමටත් පුන්‍යා මුණගැසීමෙන් වළකින ලෙස සොයුරාගෙන් ලබන දැඩි අවවාදයත් කථාව තුල මූලික ලෙස මතුකර දක්වා තිබේ. මෙම සිදුවීමෙන් අනතුරුව වාදිශගේ ළමා කළ ගෙවී ගොස් රටේ ප්‍රසිද්ධ කලාකරුවෙක් ලෙස වසර 21කට පසු ඔහුගේ ජීවිතයේ දෙවන අදියර ගොඩනැගෙන ආකාරය චිත්‍රපටයෙහි පිළිබිඹු කරයි.රංගනය[සංස්කරණය]වාදීෂ දේවමින්ද වික්‍රමනායක ලෙස උද්ධික ප්‍රේමරත්නවාදීෂ (පාසල් කාලය ) ලෙස සූර්යාලෝක දයාරුවන්පුන්‍යා හීන්දෙනිය ලෙස යශෝධා විමලධර්මවාදී
ෂ ගේ අයියා ලෙස පුබුදු චතුරංගඩැනී ලෙස විල්සන් ගුණරත්නවාදීෂ ගේ බිරිඳ ලෙස චතුරිකා පීරිස්චිත්‍රපටයේ ගීත[සංස්කරණය]#ගීතයගායනයපදරචනය1මගේ සිහින මැදුරේෂම්මිකා අමානිජයන්ත චන්ද්‍රසිරි2ඉකිගසා හඬනඅමරසිරි පීරිස්අමිල තේනුවර3ගගන සරන්නට කියාඉන්දික රුවන්ජයන්ත චන්ද්‍රසිරිඑමා වොට්සන්එමා වොට්සන්, 2013 කෑන් චිත්‍රපට උළලේදීඋපතඑමා චාලට් ඩුරේ වොට්සන්[1]15 අප්‍රේල් 1990 (1990-04-15) (වයස 33)පැරිසිය, ප්‍රංශයරැකියාවනිළිය , නිරූපණ ශිල්පයසක්‍රීය වසර2001–presentවෙබ් අඩවියemmawatson.com/ඉංග්‍රිසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියක් වන එමා චාලට් ඩුරේ වොට්සන් ( උපන් දිනය 1990 අ‍ප්‍රේල් 15) හැරිපොටර් චිත්‍රපට මාලාවේ (Harry Potter Film Series) හමායනි ග්‍රේන්ජර් (Hermione Granger) නම් චරිතයට පණපොවමින් ප්‍රසිද්ධියට පත් වූවාය. වයස අවුරුදු නවයේදී හමායනි චරිතයට පණපොවන වොට්සන් ඒ වන විටත් රගපා තිබුණේ පාසලේ නාට්‍යය වල පමණි. වසර 2001 සිට 2011 දක්වා ඇය හැරිපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපට අටකට නිරූපණ දායකත්වය සැපයූවේ ඩැනියල් රැඩ්ක්ලිෆ් (Daniel Radcliffe) සහ රුපර්ට් ග්රින්ට් (Rupert Grint) සමගය. හැ
රිපොටර් චිත්‍රපට මාලාව තුල වොට්සන් දැක්වූ කෞෂල්‍යය ඇයට සම්මාන කිහිපයක් මෙන්ම පවුම් මිලියන 10 කට වඩා මුදලක් උපයා ගැනීමටද සමත් විය. ඇය සිය නිරූපණ දිවියේ මංගල දැක්ම ඉදිරිපත් කලේ 2009 වසරේ පැවැති බ්බරිගේ (Burberry) සරත්/ ශීත ව්‍යාපාරයේදීය.වසර 2007 දි වොට්සන් තම දායකත්වය සැපයෙන නිශ්පාදන දෙකක් පිළිබද ප්‍රකාශයට පත්කළාය. ඒවා නම් බැලට් ෂූස් නවකථාව (Ballet Shoes(novel)) පදනම් කරගත් රූපවාහිනී නිර්මාණය හා ද ටේල් ඔෆ් ඩෙස්පරයස් නම් වු සජීවීකරණ චිත්‍රපටයයි. වසර 2007 දෙසැම්බර් මස 26 වන දින බැලට් ෂූස් චිත්‍රපටය (Ballet Shoes(film)) මිලියන 5.2 තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ විකාශනය කරණ ලදී. කේට් ඩිකැමිලෝ (Kate DiCamillo) ගේ නවකථාවක් (novel) ඇසුරෙන් නිර්මාණය වූ ද ටේල් ඔෆ් ඩෙස්පරයස් (The Tale of Despereaux) වසර 2008 දී නිකුත් කල අතර එය ලොවපුරා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් ඉක්මවාගිය විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරණ ලදී. මුල් අවදිය[සංස්කරණය]පැරිසියේ උපත ලැබූ එමා වොට්සන්ගේ දෙමව්පියන් වූයේ වෘත්ති‍යෙන් බ්‍රිතාන්‍යය ජාතික නීතිඥයන් වූ ජැකලින් ලුයිස්බයි සහ ක්‍රිස් වොට්සන්ය. වයස අවුරුදු පහක් ව
න තුරුම පැරීසියේ ජීවත්වූ වොට්සන් හට ප්‍රංශ ජාතික මිත්තණියක් සිටින්නීය. ඇයගේ දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසුව වොට්සන් සිය මව සහ බාල සොහොයුරා සමග ඔක්ස්ෆෝඩ්ෂියර් (Oxfordshire) හි පදිංචියට ගියාය.වයස අවුරුදු හයක් තරම් කුඩා කල සිටම වොට්සන් නිළියක් වී‍මේ දැඩි ආශාවකින් පසුවූවාය. ඇය වසර කිහිපයක් අර්ධ කාලීන රැගුම් පාසලක්වූ ස්ටේජ්කොච් රංග කලායතනයේ (Stagecoach Theatre Arts) ඔක්ස්ෆඩ් ශාඛාවේ ගායනය, නර්ථනය හා රංගනය හැදෑරුවාය. වයස අවුරුදු දහය වන විට ඇය ස්ටේජ්කොච් හි විවිධ නිශ්පාදන මෙන්ම පාසලේ නාට්‍ය වල රංගන කටයුතු සදහා දායකවී තිබුණාය. එම නිර්මාණ අතර ආතර්: ද යන්ග් ඉයර්ස් ඇන්ඩ් හැපී ප්‍රින්ස් (The Young Years and The Happy Prince) විය, නමුත් හැරිපෝටර් චිත්‍රපට මාලාවට පෙර ඇය වෘත්තිය මට්ටමේ රංගන කටයුත්තක් සදහා දායකවී නොතිබිණි. “ මට චිත්‍රපට මාලාවේ ප්‍රමාණය ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ, “ 2007 පැරේඩ් සගරාව (Parade) සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය පැවසුවාය. “ මම එය දැනසිටියානම් මම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීමටත් තිබුණා.“වෘත්තිය[සංස්කරණය]හැරිපෝටර්[සංස්කරණය]බ්‍රිතාන්‍යය ජාතික ලේඛිකාවක වු ජේ.ක
ේ.රෝල්වින්ගේ (J.K.Rowling) මහත් සේ අලෙවියට පත්වූ නවකථාවක් (novel) වූ හැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන් (Harry Potter and the Philosopher's Stone) හි චිත්‍රපට අනුවර්ථනය සදහා වසර 1999 දී නඵ වරණය ආරම්භ විය. ඔක්ස්ෆඩ් නාට්‍ය ශාලාවේ ගුරුවරුන් ඔස්සේ වොට්සන් පිළිබද නඵ වරණ ඒජන්තවරු මුල් වරට දැනගත් අතර නිශ්පාදකවරු ඇයගේ ආත්ම විශ්වාසය පිළිබද මහත් විශ්මයට පත්විය. යෝග්‍යයතා පරීක්ෂණ අටකට පසුව නිශ්පාදක ඩේවිඩ් හේමන් (David Heyman) පවසා සිටියේ වොට්සන් සහ සම අපේක්ෂකයන් වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් සහ රුපර්ට් ග්රින්ට් පිළිවෙලින් හමායනි ග්‍රේන්ජර්, හැරිපෝටර් (Harry Potter) සහ රොන් වීස්ලි (Ron Weasley) නම් පාසල් මිතුරන්ගේ චරිත නිරූපණයට යොමු කරන බවයි. වොට්සන්ගේ මංගල කඩතුරාව සදහා රෝල්වින්ගේ සහය ලැබිණි.2001 වසරේ නිකුත් කරණ ලද හැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන් (Harry Potter and the Philosopher's Stone), වොට්සන්ගේ මංගල රංගන දර්ශනය විය. එම චිත්‍රපටය ප්‍රථම දර්ශන දිනයේ හා ප්‍රථම දර්ශන සතියේ වැඩිම අලෙවියක් මෙන්ම 2011 වසරේ වැඩිම අලෙවියක් යන වාර්තා බිද දැමීමට සමත් විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වල රංග ප්‍රතිභාව පිළිබද චි
ත්‍රපට විචාරකයෝ මහත් සේ වර්ණනා කල අතර ඒ අතුරින් වොටිසන්ගේ රංගනය විශේෂ ගෞරවාදරයට පත්විය. ද ඩේලි ටෙලිග්‍රෆ් (The Daily Telegraph) ඇයගේ රංගනය ප්‍රශංසනීය ලෙස නම් කල අතර IGN වෙබ් කලාපය දක්වා තිබුණේ ඇය චිත්‍රපටය පුරා රසික සිත් පැහැරගත් බවය. ෆිලෝසොෆර්ස් ස්ටෝන් හි වොට්සන් දැක්වු රංගන කෞෂල්‍යය නිසා ඇය ගේ නම සම්මාන පහක් සදහා නිර්දේෂ වූ අතර ඇය නැගීඑන යෞවන නිළියට හිමි යන්ග් ආර්ටිස්ට් අවෝඩ් (Young Artist Award) දිනා ගන්නා ලදී.වසරක කාලයක ඇවෑමෙන් විත්‍රපට මාලාවේ දෙවන කොටස ලෙස එළිදැක්වූ හැරිපෝටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට් (Harry Potter and the Chamber of Secrets) හි හමායනි චරිතයට වොට්සන් පණ පොවන ලදී. එහි ප්‍රධාන චරිතය විචාරකයන්ගේ වර්ණනාවට ලක්විය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් ( Los Angeles Times ) පුවත්පත ප්‍රකාශයට පත්කර සිටියේ වොට්සන් හා ඇයගේ මිතුරන් චිත්‍රපට මාලාවේ පළමු කොටස සහ දෙවන කොටස අතර තුර පරිණත රංගන ශිල්පීන් බවට පත්ව ඇති බවයි. මේ අතර ටයිම්ස් (The Times) පුවත්පත චිත්‍රපටයේ අධ්‍යක්ෂක ක්‍රිස් කොලොම්බස් (Chris Columbus) විවේචනය කරමින් වාර්තා කර තිබුණේ ඔහු වොට්සන්ගේ මහත්වූ ජනප්‍රිය චරිතය වෙනුවෙන් සාදා
රණ වටිනාකමක් නොගෙවූ බවයි. වොට්සන් ඇයගේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ජර්මානු සගරාවක් වන බ්‍රාවෝ (Bravo) විසින් පිරිනැමු ඔට්ටො (Otto) නම් සම්මානයටද පාත්‍රවිය.වොට්සන් ගොබිලට් ඔෆ් ෆයර් චිත්‍රපටයේ මංගල දර්ශන දින - නොවැම්බර් 20052004 වසරේදි හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් (Harry Potter and the Prisoner of Azkaban) එළිදක්වන ලදී. හමායනි භූමිකාව පුරා වොට්සන් දැක්වූ ගර්විත රංගන කුසලතාවය කාගේත් ඇගයීමට ලක්වූ අතර එය චිත්‍රපටය පුරාවටම ප්‍රභාසම්පන්න මෙන්ම අරුම පුදුම චරිතයක් බවට පත්විය. චිත්‍රපටය තුල රැඩ්ක්ලිෆ්ගේ රංගනය අනම්‍ය හා කුසලතා නොපිරුණු එකක් බවට විවේචනය කල විචාරකයෝ වොට්සන්ගේ රංගනය මහත්සේ වර්ණනා කළෝය. නිව්යෝක් ටයිම්ස් (The New York Times) ඇයගේ රංගනය අගය කරමින් දක්වා සිටියේ “රැඩ්ක්ලිෆ් මහතාගේ මොළොක් භාවට වොට්සන් මෙනවියගේ ................................. හිලව් වූ බවය. හැරී තමන්ගේ මහත්වූ විජ්ජා හැකියාවන් ගෙනහැර දක්වන්නට ඇති... නමුත් හමායනි විජ්ජා බලයක් නොමැතිව ඩ්‍රැකෝ මැල්ෆෝයි (Draco Malfoy) ගේ නහයට ගැසූ මුෂ්ඨි පහර මහත් අත්පොළසන් නාදයට පාත්‍රවිය. ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් චිත්‍රපටය ලබා තිබ
ූ ආදායම 2009 වසරේ අප්‍රෙල් මස වන විට හැරීපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක් ලබා තිබූ අඩුම ආදායම වුවද වොට්සන්ගේ පෞද්ගලික රංගන කුසලතාව ඇයට ඔට්ටො සම්මාන දෙකක් හා ටොටල් ෆිල්ම් සගරාව (Total Film) මගින් පිරිනමන වසරේ ළමා රංගන කුසලතා සම්මානය දිනා දීමට සමත්විය.2005 වසරේ හැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර් (Harry Potter and the Goblet of Fire) තිරගත වීමත් සමග වොට්සන් සහ හැරීපෝටර් චිත්‍රපට මාලාව නව සංධිස්ථානයකට ලගාවිය. එය ඇමරිකා එක්සත් ජනපදයේ හැරිපොටර් චිත්‍රපටයක හොදම ආරම්භක සතිඅන්තය හා හොදම මැයි නොවන ආරම්භක සතිඅන්තය යන වාර්තා මෙන්ම එංගලන්තයේ හොදම ආරම්භක සතිඅන්තය යන වාර්තාවද පිහිට වීමට සමත් විය. විචාරකයෝ වොට්සන් සහ ඇගේ නවයොවුන්වියේ පසුවන සමකාලීන තරුවල වර්ධනය වෙමින් පවතින පරිණතභාවය ගැන වර්ණනා කළහ. නිව්යෝක් ටයිම්ස් සගරාව පවසා සිටියේ ඇයගේ රංගනය සිත තුලට කාවදින අව්‍යාජ රංගනයක් බවයි. වොට්සන්ට නම් චිත්‍රපටය තුල හාස්‍ය රසය බොහෝසෙයින් බිදවැටුනේ/ ජනිතවූයේ පරිණතභාවයට පත්වෙමින් සිටි ප්‍රධාන චරිත තුල තිබූ අවිනිශ්චිතභාවයයි. “ මම ඒ වාද විවාද වලට දැඩිලෙස ඇලුම් කලා... මං හිතන විදිහට ඔවුන් වාද කිරීමත් එමගින් ප්‍ර
ශ්න ඇතිවීමත් යථාර්තවාදියි“ යැයි වොට්සන් පවසා සිටියාය. ගොබ්ලට් ඔෆ් ෆයර් හි රංගනය වෙනුවෙන් සම්මාන තුනකට නිර්දේශවූ වොට්සන් ලොකඩ ඔට්ටො සම්මානය දිනාගත්තාය. එම වසර අවසාන භාගයේදී වොට්සන් ටීන් වෝග් (Teen Vogue) සගරාවේ මුල් පිටුවේ පෙනීසිටි ලාබාලම තැනැත්තිය බවට පත්වූ අතර 2009 අගෝස්තු මාසයේ නැවත වරක් එම වරම උදාකරගත්තාය. 2006 වසරේදී දෙවන එළිසබත් රැජින (Queen Elizabeth II) ගේ 80 වන ජන්ම දිනය සමරමින් හැරිපොටර් කතාමාලාවේ කුඩා සුවිශේෂ කථාංගයක් වූ ද ක්වීන්ස් හෑන්ඩ්බෑග් (The Queen's Handbag) හි හමායනි චරිතය වොට්සන් නිරූපණය කලාය.වොට්සන් හාෆ් බ්ලඩ් ප්‍රින්ස් චිතුපටයේ මංගල දර්ශන දින - ජූලි 2009හැරිපොටර් අධිකාරියේ පස්වන චිත්‍රපටය වන හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස් (Harry Potter and the Order of Phoenix) 2007 වසරේ නිකුත් කෙරිණි. ලොවපුරා ආරම්භක සතිඅන්තයේ වාර්තාගත ඇමරිකානු ඩොලර් මිලියන 332.7 ක ආදායමක් ලබමින් එම චිත්‍රපටය ඉතා විශාල මූල්‍ය වශයෙන් සාර්ථකත්වයකට පත්විය. වොට්සන් එහිදී ප්‍රථම වරට හොදම කාන්තා රංගනයට හිමි නැෂනල් මූවි එවෝඩ (National Movie Award) සම්මානයට පාත්‍රවිය. ඇයගේ ප්‍රසිද්ධිය මෙන්ම චිත්‍රප
ට මාලාව ඉදිරියට ඇදෙත්ම වොට්සන් සහ හැරිපොටර් චිත්‍රපට මාලාවේ ඇයගේ සහෘද සමකාලීන ප්‍රසිද්ධ නළුවන් වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් සහ රුපර්ට් ග්රින්ට් 2007 වසරේ ජූලි මාසයේ නව වන දින හොලිවුඩ් හි ග්‍රව්මන්ස් චයිනීස් තියටර් ( Grauman's Chinese Theater) ඉදිරියේ ...........................වසර 2007 ජූලි මස වන විට හැරිපොටර් චිත්‍රපට මාලාව තුලින් වොට්සන් උපයා තිබූ මුදල පවුම් මිලියන 10 ඉක්මවිය. මෙම මුදල ඇය පිළිගත්තේ තමාට කිසිදිනක නැවත මුදල් වෙනුවෙන් රංගනයේ යෙදීමට අවශ්‍යතාවක් නැති තරම් විශාල මුදලක් බවයි. වසර 2009 මාර්තු මාසයේ ෆෝබ්ස් (Forbes) ලැයිස්තුගත කිරීම අනුව ඉතා වටිනාම යෞවන තරු අතර 6 වන ස්ථානයට පැමිණීමට සමත්වූ වොට්සන් 2010 වසරේ පෙබරවාරි මාසයේදී හොලිවුඩයේ වැඩිම මුදලක් ගෙවන ලද කාන්තා තාරුකාව බවට නම් ලද්දේ 2009 වසරේ ආසන්න වශයෙන් පවුම් මිලියන 19 ක මුදලක් උපයමිනි.ඕඩර් ඔෆ් ෆීන්ක්ස් චිත්‍රපටය සාර්ථකවී තිබියදීත් ප්‍රධාන චරිත තුනට ජීවය ලබාදුන් රංගන ශිල්පීන් අවසාන කථාංග දෙක සමග සම්බන්ධවී කටයුතු කිරීමට දැක්වූ දෙගිඩියාත්මක තත්වය හැරිපොටර් අධිකාරියේ අනාගතය චකිතයකින් වෙලාගත්තේය. අවසානයේ රැඩ්ක්ලිෆ් අවසාන චිත්‍රපට සද
හා 2007 වසරේ මාර්තු 2වන දින ගිවිසුම් අත්සන් කල නමුත් වොට්සන් සැළකියයුතු ලෙස පසුබට විය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ චිත්‍රපටයේ තමාගේ චරිතය වෙනුවෙන් තවත් වසර හතරක් කැපකිරීම ඉතා සැළකිලිමත් ලෙස ගතයුතු තීරණයක් බවයි. නමුත් අවසානයේදී තම තීරණය කරමින් 2007 වසරේ මාර්තු මස 23 වන දින හමායනී චරිතය සදහා ගිසිසුම් අත්සන් කරමින් ඇය පවසා සිටියේ හමායනී චරිතය අතහැර බලාසිටිය නොහැකි බවයි. අවසාන චිත්‍රපට සදහා වොට්සන් සිදුකල කැපකිරීම වෙනුවෙන් ඇයට චිත්‍රපටයක් සදහා ගෙවන ලද මුදල පවුම් මිලියන 2ක් දක්වා දෙගුණ කරණ ලදී. වොට්සන් සමාප්ති වශයෙන් ප්‍රකාශකර සිටියේ අවසානයේ ධනාත්මක හේතූන් ඍණාත්මක හේතුන් අභිබවා ගිය බවයි. 2007 වසර අවසාන භාගයේදී 6 වන චිත්‍රපටයේ ප්‍රධාන රූගතකිරීම් (Principal Photography) ආරම්භ කල අතර වොට්සන්ගේ රූගතකිරීම් දෙසැම්බර් මස 18 සිට 2008 වසරේ මැයි 17 දක්වා සිදුකෙරිණි.වොට්සන් ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හා රූපට් ග්‍රින්ට් සමග ලන්ඩන් නුවර පැවති ඩෙත්ලි හැලෝස් චිතුපටයේ දෙවන කොටසේ මංගල දර්ශනය දින - 2011 ජූලිවසර 2008 නොවැම්බර් මස සිට පමාවෙමින් තිබූ හැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍ර
ින්ස් (Harry Potter and the Half-Blood Prince) චිත්‍රපටය 2009 වසරේ ජූලි මස 15 වන දින මුල්වරට තිරගත කෙරිණ. විසිවන වියට පාතබමින් සිටි ප්‍රධාන භූමිකාව රගපෑ නළුනිලියව, ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් සමග සම මට්ටමෙන් සැසදීමට රුචිකත්වයක් දැක්වූ විචාරකයෝ මෙසේ තම අදහස් දක්වා සිටියෝය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් විස්තර කර තිබුණේ මෙය වර්තමාන එංගලන්ත රංගන කලාවට සම්පූර්ණ මගපෙන්වීමක් බවයි. ද වොෂින්ටන් පොස්ට් (The Washington Post) පුවත්පත පවසා සිටියේ වොට්සන් ඇය එතෙක් ඉදිරිපත් සිත්ගන්නා සුළුම රංගනය ඉදිරිපත් කල බවයි. මේ අතර ද ඩෙයිලි ටෙලිග්‍රාෆ් පුවත්පත ප්‍රධාන නළුවන් ගැන අදහස් දක්වා සිටින්නේ මෙසේය. “නව නිදහසකින් හා ජවයකින් යුතු ඔවුහු චිත්‍රපට මාලාවේ අවසාන කොටස් වෙනුවෙන් තම උපරිමය ඉටුකිරීමට මහත් උනන්දු වූහ.“වොට්සන්ගේ හැරිපොටර් චිත්‍රපට මාලාවේ අවසාන නිරූපණය වන හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් 2009 වසරේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ වූ අතර එම කටයුතු 2010 වසරේ ජූනි 12 වන දා අවසන් විය. මූල්‍ය සම්පත් හා පිටපතේ හේතූන් මක මුල් කෘතිය චිත්‍රපට දෙකක් ලෙසින් අනුපිළිවෙලින් රූගතකරණ ලදී. හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් (Harry Potte
r and the Deathly Hallows part I ) හි පළමු කොටස 2010 වසරේ නොවැම්බර් මස නිකුත්කල අතර දෙවන කොටස 2011 වසරේ ජූලි මස නිතුත්කරණ ලදී.වෙනත් රංගන කටයුතු[සංස්කරණය]වොට්සන්ගේ හැරීපොටර් චිත්‍රපට මාලා‍වේ නොවන ප්‍රථම චරිතය වූයේ නොයෙල් ස්ට්රීවට්ෆීල්ඩ් (Noel StreatField) ගේ බැලට් ෂූස් (Ballet Shoes) නම් නවකතාව පදනම් කරගත් 2007 වසරේ තිරගතවූ BBC චිත්‍රපටයක් වන බැලට් ෂූස් (Ballet Shoes) ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සැන්ඩ්රා ‍ගෝල්ඩ්බේෂර් (Sandra Goldbacher) පවසා සිටියේ දිදුලන චරිතයක් වන පෞලින් ෆොසිල් (Pauline Fossil) ගේ භූමිකාව සදහා වොට්සන් කදිම ආදේශයක් බවයි. ඇය සතු තීක්ෂණ සුකුමාල ශරීර ප්‍රභාව ඇය කෙරේ නැවත නැවතත් ඇස ඇදබැද තබාගැනීමට සමත් විය. බැලට් ෂූස් 2007 වසරේ එංගලන්තයේදී බොක්සිං දින (Boxing Day) මිලියන 5.7 තරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් වෙනුවෙන් විකාශනය වූ අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු ගුණදොස් විචාර නම් එතරම් ප්‍රබල නොවීය. මැතිව් බ්‍රෝඩෙරික් (Matthew Broderick ) හා හැරිපොටර් චිත්‍රපට මාලාවේ සමකාලීන තරුවක්වූ රොබි කොල්ට්‍රේන් (Robbie Coltrane) රංගනයෙන් දායකවූ සජීවීකරණ ළමා විකට චිත්‍රපටයක්වූ ද ටේල් ඔෆ් ඩෙස්පරියක්ස්
(The Tale of Despereaux) පියේ කුමරියගේ චරිතය හඩකැවීම සදහා වොට්සන් දායක විය. 2008 වසරේ දෙසැම්බර් මස නිකුත් කල ද ටේල් ඔෆ් ඩෙස්පරියක්ස් චිත්‍රපටය ලොවපුරා ඇමරිකානු ඩොලර් මිලියන 87 ක දළ ආදායමක් වාර්තා කලේය. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී වොට්සන් පවසා සිටියේ තමන් හැරිපොටර් චිත්‍රපට මාලාව අවසන් වීමෙන් පසු විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.2010 වසරේ මැයි මාසයේ නිකුත්වූ වාර්තා වලට අනුව වොට්සන් ද පර්ක්ස් ඔෆ් බීං එ වෝල්ෆ්ලවර් (The Perks of being a Wallflower) නවකථාවේ චිත්‍රපට අනුරූපණයේ ප්‍රධාන චරිතය සදහා සාකච්ඡා කරමින් පැවතින. එහි නිරූපණ කටයුතු 2011 වසරේ ගිම්හාන ඍතුවේ ආරම්භ කෙරිණ. එම මාසයේදීම ඇය ප්‍රකාශ කර සිටියේ 2010 වසරේ ශිත/ගිම්හාන බබෙරි වෙළද ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන ගායකයෙකු වන ජෝජ් ක්‍රේග් ( George Craig) හමුවීමෙන් පසුව තමන් වන් නයිට් ඔන්ලි (One Night Only) ගීත රූප රචනාවේ පෙනී සිටීමට බලාපොරොත්තුවන බවය. ‘සේ යූ ඩෝන්ට් වෝන්ට් ඉට්‘ (Say You Don't Want It) රූප රචනාව 2010 වසරේ ජූනි මස 26 වන දින චැනල් 4 (Channel 4) හි අපවාරිත කල අතර අගෝස්තු 16 වන දින නිකුත් කරණ ලදී. හැරිපොට
ර් චිත්‍රපට මාලාවෙන් පසු වොට්සන්ගේ ප්‍රථම චිත්‍රපට නිරූපණය වූයේ 2011 වසරේ මයි වීක් වත් මෙරිලින් (My Week with Marilyn) හි ප්‍රධාන චරිතයවූ කොලින් ක්ලාක් ගේ සහයිකාව ලෙස ඉතා සුළු කාලයක් රගපෑ ලුසි නම් චරිතයයි. වොට්සන් තමන් සංගීතමය චිත්‍රපටයකට දායකවීමේ කැමැත්තක්ද ඇති බව ප්‍රකාශ කර සිටියාය.නිරූපණ ක්ෂේත්‍රය[සංස්කරණය]වොට්සන් නිව්යෝක් හි පැවති ඩෙත්ලි හැලෝස් චිතුපටයේ දෙවන කොටසේ මංගල දර්ශනය දින - 2011 ජූලි2008 වසරේදි බ්‍රිතාන්‍ය මාධ්‍ය චැනල් (Chanel) මෝස්තර නිරූපණ ශිල්පාගාරයේ ප්‍රධාන නිරූපිකාව වන කියරේ නයිට්ලේ (Keira Knightley) ගේ ස්ථානයට වොට්සන් ආදේශ වන බව වාර්තා කල නමුත් දෙපාර්ශවයම මෙම කරුණ ප්‍රතික්ෂේප කලහ. මාස කිහිපයක් පුරා පැතිරුණු කටකතාවලින් අනතුරුව 2009 වසරේ ජූලි මාසයේදී වොට්සන් ස්ථිර කරමින් පවසා සිටියේ තමන් බබෙරි (Burberry) හි නව ව්‍යාපාරයේ මුහුණුවර වශයෙන් හවුල්වන බවය. බබෙරිහි 2009 සරත්/ශීත සංග්‍රහයේ නිරූපණ කටයුතු සදහා වොට්සන්ට ඉලක්කම් හයක මුදලක් ගෙවූ බව වාර්තාවේ. පසුකාලීනව වොට්සන් බබෙරිහි 2010 සිසිර/ගිම්හාන ව්‍යාපාරයේ පෙනී සිටියේ ඇයගේ සොයුරු ඇලෙක්ස්, සංගීතඥ ජෝජ් ක්‍රේග් හා මැට් ගිල්මර
් සහ මැක්ස් හර්ඩ් සමගය. 2011 වසරේ මාර්තු මස ලැන්කෝම් (Lancome) වෙනුවෙන් නිරූපණායේ යෙදෙමින් වොට්සන් තවදුරටත් මොස්තර නිරූපණ වෙළද ප්‍රචාරණ කටයුතු සදහා තම දායකත්වය සැපයීය.2009 වසරේ සැප්තැම්බර් මාසයේ ෆෙයා ට්‍රේඩ් (Fair Trade) හි මොස්තර නාමයක් වන පීපල් ට්‍රී (People Tree) සමග ඇගේ දායකත්වය වොට්සන් ප්‍රසිද්ධියේ දන්වා සිටියේය. පීපල් ට්‍රී හි නිර්මාණ උපදේශිකාවක් ලෙස කටයුතු කල වොට්සන් වසන්ත කාලය සදහා ඇදුම් පැළදුම් මාලාවක් නිර්මාණය කල අතර එය 2010 වසරේ පෙබරවාරි මස නිකුත් කෙරිණි. එම මොස්තර නිර්මාණ පරාසය තුල දකුණු ප්‍රංශ හා ලන්ඩන් නගරයේ (City of London) රසයන් ගැබ්වී තිබිණි. මෙම එකතුව ද ටයිම්ස් (The Times) පුවත්පත විසින් විස්තර කර තිබුණේ ඉතා දක්ෂ නිර්මාණයක් ලෙසය. වොට්සන් පීපල් ට්‍රී සමග තිබූ සම්බන්ධය දිගින් දිගටම පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2010 සරත්/ශීත සංග්‍රහය එළිදැක්වීය.පෞද්ගලික ජීවිතය[සංස්කරණය]සිය මව හා සොහොයුරා සමග ඔක්ස්ෆෝඩ් වෙත පැමිණිමෙන් පසුව වසර 2003 ජූනි මාසයේදී ද ඩ්‍රැගන් ස්කූල් වෙත ගිය අතර ඉන් පසුව ඔක්ස්ෆෝඩ් හිම හෙඩිංටන් (Headington School) පාසලට මාරුවිය. ඔවුන් චිත්‍රපට වේදිකාවේ
සිටින විට වොට්සන් හා ඇගේ සමකාලීනයන් දිනකට පැය පහ බැගින් අධ්‍යාපනයේ නියලීමට කටයුතු කලේය. 2006 වසරේ ජූනි මාසයේ වොට්සන් විශයන් 10ක් සමග GCSE විභාගයට පෙනීසිටි අතර එහිදී A* ප්‍රතිථල 8ක් සමග A ප්‍රතිථල දෙකක් ලබා ගත්තාය. පාසල හැරයාමත් සමග 2009 වසරේ පෙබරවාරි මස ආරම්භයේ හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් චිත්‍රපටයේ වැඩකටයුතු වලට යොමුවු බැවින් වසරක කාලයක් මගහැරී ගියද වොට්සන් පවසා සිටියේ තමාට අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය බවයි. ප්‍රොවිඩන්ස් සගරාව (The Providence Journal) වාර්තාකල අන්දමට වොට්සන් රෝඩ් දිවයිනේ ප්‍රොවිඩන්ස් (Providence) හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයට (Brown University) යාමට තීරණය කල බව සනාථ කර තිබිණි. මාස 18 කාලයක් විශ්වවිද්‍යාලයේ කටයුතු සදහා යෙදවීමෙන් අනතුරුව 2011 වසරේ මාර්තු මාසයේදි වොට්සන් නිවේදනය කරමින් කියා සිටියේ ඇය සිය පාඨමාලාව අර්ධ වර්ශයකට හෝ දෙකකට පමා කරමින් ඩෙත්ලි හැලෝස් චිත්‍රපටය එළිදැක්වීම වෙනුවෙන් පැවැත්වෙන වෙළද ප්‍රචාරණ කටයුතු හා අනෙකුත් ව්‍යාපෘති සමග සම්බන්ධ වන බවයි.චිත්‍රපටකාර්ය[සංස්කරණය]වර්ෂයචිත්‍රපටයභූමිකාවසටහන්2001හැරිපෝටර් ඇන්ඩ් ද ෆිලෝසො
ෆර්ස් ස්ටෝන්හමායනි ග්‍රේන්ජර්මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ හැරිපෝටර් ඇන්ඩ් ද සෝසර් ස්ටෝන් ලෙස නිකුත් කෙරිණ2002හැරිපෝටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට්හමායනි ග්‍රේන්ජර්2004හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් හමායනි ග්‍රේන්ජර්2005හැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර්හමායනි ග්‍රේන්ජර්2007හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස්හමායනි ග්‍රේන්ජර්2007බැලට් ෂූස්පෞලින් ෆොසිල්රුපවාහිනී චිත්‍රපටයක් ලෙස BBC හි විකාශය කෙරිණි2008ද ටේල් ඔෆ් ඩෙස්පරයස්පියේ කුමරියහඩ කැවීම2009හැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස්හමායනි ග්‍රේන්ජර්2010හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසහමායනි ග්‍රේන්ජර්2011හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - දෙවන කොටසහමායනි ග්‍රේන්ජර්2011මයි වීක් වත් මෙරිලින්ලුසි2012ද පර්ක්ස් ඔෆ් බීං එ වෝල්ෆ්ලවර්සෑම්සම්මාන[සංස්කරණය]වර්ශයසංවිධානයසම්මානයචිත්‍රපටයප්‍රතිඵලය2002නව යොවුන්වියේ කලාකරු සම්මානවෘත්තාන්ත චිත්‍රපටයක හොදම රංගනය - ප්‍රධානම යෞවන නිළියහැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන්දිනා ගන්නා ලදී
2002ඇමරිකානු මූවිගොඒ සම්මාන විශිෂඨතම සහය නිළියහැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන්නිර්දේශ වන ලදී2003ඔට්ටෝ සම්මානහොදම චිත්‍රපට නිළිය (රිදී සම්මානය)හැරිපෝටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට්දිනා ගන්නා ලදී2004බ්‍රෝඩ්කාස්ට් ෆිල්ම් ක්‍රිට්ක්ස් සමාගමහොදම යෞවන නිළියහැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන්නිර්දේශ වන ලදී2005ඔට්ටෝ සම්මානහොදම චිත්‍රපට නිළිය (රන් සම්මානය)හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන්දිනා ගන්නා ලදී2005බ්‍රෝඩ්කාස්ට් ෆිල්ම් ක්‍රිට්ක්ස් සමාගමහොදම යෞවන නිළියහැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර්නිර්දේශ වන ලදී2006MTV චිත්‍රපට සම්මානකොටුවේ පෙළහැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර්නිර්දේශ වන ලදී2007ITV ජාතික චිත්‍රපට සම්මානහොදම කාන්තා රංගනයහැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස්දිනා ගන්නා ලදී2007එංගලන්ත නිකලෝඩියනු ළමා මනාප සම්මානයහොදම චිත්‍රපට නිළියහැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස්දිනා ගන්නා ලදී2008ඔට්ටෝ සම්මානහොදම චිත්‍රපට නිළිය (රන් සම්මානය)හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස්දිනා ගන්නා ලදී2009ස්ක්‍රීම් සම්මානහොදම සිහින නිළිය
හැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස්නිර්දේශ වන ලදී2010නව යොවුන් මනාප සම්මානසිහින නිළියහැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස්නිර්දේශ වන ලදී2011ජනතා මනාප සම්මාන25න් පහල ජනප්‍රිය චිත්‍රපට තරුවහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011ළමා මනාප සම්මානජනප්‍රිය චිත්‍රපට නිළියහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011ජාතික චිත්‍රපට සම්මානවසරේ හොදම රංගනයහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011MTV චිත්‍රපට සම්මානහොදම කාන්තා රංගනයහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011MTV චිත්‍රපට සම්මානහොදම සිපගැනීමහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011MTV චිත්‍රපට සම්මානහොදම සටනහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසනිර්දේශ වන ලදී2011නව යොවුන් මනාප සම්මානහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසදිනා ගන්නා ලදී2011නව යොවුන් මනාප සම්මානහැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටසදිනා ගන්නා ලදී2011නව යොවුන් මනාප සම්මානහැරිපොටර් ඇන්ඩ් ද
ඩෙත්ලි හැලෝස් - දෙවන කොටසදිනා ගන්නා ලදීයොමුව[සංස්කරණය]ඉංග්‍රිසි ලිපියබාහිර සබැදුම්[සංස්කරණය]නිල වෙබ් අඩවිය↑ "Emma Watson". The Late Show with David Letterman. CBS. 8 July 2009. No. 3145. මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.ග්‍රහකයන් සොයා ගැනීමේ ක්‍රමවේදයන් පසුගිය දශක දෙකක කාලය තුළ විස්මයජනක වර්ධනයක් දක්නට ලැබිණි. දහ අට වන සියවසේ අවසන් වර්ෂ කිහිපය තුළ බාරොන් ෆ්රාන්ස් ක්ෂේවර් වොන් සැ(ඤ)ච් විසි හතර දෙනෙකුගෙන් සමන්විත වන තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් සංවිධානය වී ආකාශ ගවේෂණයේ නියුතු වෙමින් ටයිටස් බෝඩ් නියමයට අනුව සූර්්‍යයාගෙන් බොහෝ ඈත පිහිටියේ යැයි ශී්‍රමත් විලියම් හර්ෂල් විසින් 1781 දී යුරේනස් ග්‍රහලොව සොයා ගැනීමේ ප්‍රතිඵලයක කොටසක් හැටියට කලින් ප්‍රකාශ කරන ලද නැති වූ ග්‍රහලොවක් සොයා ගැනීමේ මෙහෙයීමක් අරඹන ලදී. මෙම කර්තව්‍ය සඳහා රාශි චක්‍රයේ මන්දතා සීමාවන් ට එකඟව සැම තාරකාවක් පිලිබඳවම අතින් අඳින ලද සිතියම් අවශ්‍යය විය. පසුදින රාත්‍රියේ දී
නැවත ආකාශය සිතියම් කරන අතර චලනය වන වස්තූන් සොයා ගැනීමට අපේක්ෂා කරන ලදී. නැති වූ ග්‍රහලොවේ චලනය පැයකට අර්ක් තත්පර 30 ක් බව නිරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් පලමු ග්‍රහකය සිරිස් 1 සොයා ගන්නා ලද්දේ මෙම කණ්ඩායමේ සාමාජිකයකු නොව ගි්‍යුසෙපේ පියාසි(ඤ) විසින්1801 දීය. එම වස්තුව රාත්‍රි කිහිපයක් තුළ විස්තාපනය විමෙන් පසුව ඔහු වෘෂභ රාශියේ පවතින නව තාරකාවක් වැනි වස්තුවක් සොයා ගන්නා ලදී. ඔහුගේ ගෝලයකු වූ කාල් ෆෙඩ්රිච් ගෝස් එම නොදන්නා වස්තුව පෘථිවියේ සිට කොපමණ දුරකින් පිහිටියේ දැයි සොයා ගැනීමට මෙම නිරීක්ෂණයන් භාවිත කරන ලදී. ඔහුගේ ගණනයන් ට අනුව මෙම වස්තූන් පිහිටියේ අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර ය. පියාසි(ඤ) විසින් මෙය කෘෂිකර්මයට අධිපති රෝම දෙව්දුව සිරිස් නම්න් නම් කරන ලදී. තවත් ග්‍රහකයන් තුනක් (පලාස් 2, ජූනෝ 3, වෙස්ටා 4) ඊළඟ අවුරුදු කිහිපය තුළ දී සොයා ගන්නා ලදී. තවත් වර්ෂ කිහිපයකට පසුව තාරකා විද්‍යාඥයින් තවත් මෙවැනි ග්‍රහකයන් ඇත්දයි සොයා බැලීමට කරන ලද නිරීක්ෂණයන් ඵලදායි නෙවූයෙන් තවත් ග්‍රහකයන් නැතැයි යන උපකල්පනය මත තව දුරටත් නිරීක්ෂණය කිරතම අත් හැර දමන ලදී. කෙසේ වෙතත් කාල ලුඩ්වික්
හෙන්ක් 1830 දී ග්‍රහකයන් සෙවීමේ අධිෂ්ඨානයෙන් නිරීක්ෂණ කටයුතු වල නිරත විය. අවුරුදු 15 කට පසුව එනම් අවුරුදු 38 කට පසුව සොයා ගත් නව ග්‍රහකය ඇස්ට්‍රියා 5 ඔහු විසින් සොය ගන්න ලදී. තවත් වර්ෂ දෙකක් ගතවීමට ප්‍රථමයෙන් හේබ් 6 තවත් ග්‍රහකයක් සොයා ගන්නා ලදී. ඉන්පසුව වෙනත් තාරකා විද්‍යාඥයන් මෙම ගවේෂණ කටයුතු වලට එක්වී අවුරුද්දක් පාසාම නව ග්‍රහකයක් සොයා ගන්නා ලදී.1891 දී මැක්ස් වුල්ෆ් දිගු කල් නිරාවරණ ඡායාරූප තලයක් මත කෙටි රේඛා ලෙස දිස්වන තාරකා ඡායාරූප ශිල්පය භාවිතා කර ග්‍රහකයන් ගවේෂණය කිරීමේ පුරෝගාමියා විය. මෙම ක්‍රමය නිසා පෙර ක්‍රමයන්ගෙන් කරන ලද ගවේෂණ කටයුතු වඩා ශීඝ්‍රයෙන් ඉහල යන්නට විය. වුල්ෆ් පමණක් ග්‍රහකයන් 248 සොයා ගන්නා ලද අතර ඒ වන විට සොයා ගෙන තිබුනු මුළු ග්‍රහකයන්ගේ ගණන 300 ට මඳක් වැඩි ගණනකි. සියවසකට පසුව තවමත් හඳුනා ගෙන, අංකනය සහ නම් කරන ලද ග්‍රහකයන් ඇත්තේ දහස් ගණනකි. ගණන මීට වඩා වැඩි බව දන්නා මුත් බොහෝ තාරකා විද්‍යාඥයන් ඒවා ආකාශයේ පලිබෝධකයින් ලෙස හඳුන්වා ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වයි. 1900 ගණන් වල ක්‍රමයන් සහ වර්තමාන තොරතුරු වාර්තා කිරීම1998 වනතුරු ග්‍රහකයන් සොයා ගනු ලැබුයේ පියවර 4
ක ක්‍රියාදාමයකිනි. පළමුව පුළුල් ක්ෂේත්‍ර දුරදක්නයක් ආධාරයෙන් ආකාශයේ ප්‍රදේශයක් ඡායාරූපගත කරනු ලැබේ. ඡායාරූප යුගලක් පැයකට වරක් ගනු ලබයි. මෙලෙස යුගල් විශාල සංඛ්‍යාවක් දින කිහිපයක් තුල එකතු කර ගනු ලැබේ. දෙවනුව ත්‍රිමානේක්ෂ දූරේක්ෂයක් හරහා එකම ප්‍රදේශයේ පවතින සේයාරූප යුගලය නිරීක්ෂණය කරනු ලබයි. සූර්්‍යයා වටේ කක්ෂයේ පවතින ඕනෑම වස්තුවක් සේයාරූප යුගලය අතර සෙමින් ගමන් කරයි. වස්තුවේ ප්‍රතිබිම්බය ත්‍රිමානේක්ෂ දූරේක්ෂයේ තාරකා වල පසුබිමට මඳක් ඉහළින් පාවෙමින් පවතී. තුන්වෙනුව චලනය වන වස්තුව හඳුනාගෙන සංඛ්‍යංක අන්වීක්ෂයක් අධාරයෙන් එහි පිහිටීම නිවැරදිව සොයා ගනු ලබයි. පිහිටීම සොයා ගනු ලබන්නේ දන්නා තාරකා වල පිහිටීමට සාපේක්ෂවය. සොයා ගැනීමේ අවසාන අදියර වන්නේ පරිගණකය ආශ්‍රයෙන් සොයා ගත් වස්තුව කලින් සොයා ගත් වස්තූන් සමඟ තනි කක්ෂයක ගමන් පවතින බව දැන ගැනීමට ක්ෂුද්‍ර ග්‍රහ මධ්‍යස්ථානය වෙත පිහිටීම සහ නිරීක්ෂණ වේලාවන් යවනු ලැබේ. එසේ වූ විට වස්තුව සඳහා ඛාණ්ඩ අංකයක් ලබා දී පළමුව නිරීක්ෂණය කරන ලද පුද්ගලයා එය සොයා ගත් පුද්ගලයා ලෙස සලකනු ලබන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යාඥ සංගමයේ අනුමැතිය ට යටත්ව එම වස්තුව නම් කරන ලද පු
ද්ගලයා ලෙස ගෞරවය පුද කරනු ලබයි. පරිගනකමය ක්‍රමවේදයන් පෘථිවිය හරහා කක්ෂය වැටී ඇති පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති ග්‍රහකයන් පිලිබඳ වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. පෘථිවිය ට සමීප වැදගත් ග්‍රහකයන් වන්නේ ඇපලෝස්, ආමෝස් සහ ඇටන්ස් ය.පෘථිවිය ට ආසන්න 433 ඊරොස් ග්‍රහකය 1898 තරම් ඈත කාලයේ දි සොයාගත් අතර 1930 ගණන් වලදී එවැනි වස්තූන් ගණනාවක් හඳුනා ගන්නා ලදී. සොයා ගැනීමේ අනු පිලිවෙල අනුව 1221 ආමෝර්, 1862 ඇපලෝ, 2101 ඇඩෝනිස් සහ 69230 හර්මීස් පෘථිවිය ට ඉතා සමීපයෙන් 1937 දී ගමන් ගන්නා ලදී. එහිදී තාරකා විද්‍යාඥයන් හට පෘථිවිය හා මෙම ග්‍රහකයන් ගැටමේ සම්භාවිතාවක් ඇති බව දැනුණි. පසුගිය දශකයේ දී සිදුවූ සිද්ධීන් 2 ක් නිසා අනතුරුදායක තත්වයක් වැඩි වු ඇත. ඝට්ටනයක් නිසා ක්‍රිටේෂීය තෘතීය නෂ්ට වීම සිදු වූ බව ට විශ්වාස කෙරෙන වෝලාටර් ඇල්වරෙස් කල්පිතය 1994 දී නිරීක්ෂණය කරන ලද ෂූමාකර් ලෙවී 9 වල්ගා තරුව බ්‍රහස්පති ග්‍රහයා මතට කඩා වැටීම හේතුවෙන් වඩාත් පිලි ගැනීමට ලක් විය. එක්සත් ජනපද හමුදාව විසින් න්‍යෂ්ටික පිපිරීම් නිරීක්ෂණයට කක්ෂගත කළ චන්ද්‍රකා තොරතුරු වලට අනුව හෙලි කරගත් පරිදි ඉහළ වායුගෝලයේ මීටර 1 සිට 10 දක්වා ව