text
stringlengths
0
1k
ිශ්කම්බයෙන් යුතු වස්තූන් අතර ඝට්ටන සිය ගණනක් සිදුවන බව නිරීක්ෂණය කරන ලදී. මෙම සියලුම දේවල් සැලකිල්ලට ගෙන දුරේක්ෂයන් හා කෙලින්ම සම්බන්ධ කරන ලද ඡඡඪ කැමරා සහ පරිගනක වලින් සමන්විත වන ඉතා කාර්්‍යක්ෂම ස්වයංක්‍රීය පද්ධතීන් සවි කරන ලදී. 1998 සිට ස්වයංකී්‍රය පද්ධතීන් විසින් ග්‍රහකයන් විශාල සංඛ්‍යාවක් සොයා ගන්නා ලදී. ලින්කන් පෘථිවියට සමීප ග්‍රහක පර්යේෂණ කණ්ඩායම විසින් පමණක් 2007 අගෝස්තු වන විට ග්‍රහකයන් 84764 සොයා ගන්නා ලදී. මෙම සියලුම ස්වයංක්‍රීය පද්ධතීන් මඟින් පෘථිවියට සමීප ග්‍රහක 4711 ක් සොයා ගන්නා ලද අතර ඒවායින් 600 කට වඩා වැඩි ගණනක් විශ්කම්බය කිලෝ මීටරයකට වඩා වැඩිය.අශෝකගේ ධර්ම ප්‍රචාරණය(ක්‍රිපූයු 261 පමණ)[සංස්කරණය]වැඩිදුර තොරතුරු: මහා අශෝක සහ මෞර්ය අධිරාජ්‍යයමෙයද බලන්න: අශෝකගේ ආඥා සහ අශෝකවධාන3වන බෞද්ධ සංගායනාව (ක්‍රිපූයු 250 පමණ)[සංස්කරණය]මූලික ලිපිය: තෙවන බෞද්ධ සංගායනාවහෙලනිසිතික ලෝකය[සංස්කරණය]ශ්‍රී ලංකාව හා බුරුමය වෙත ප්‍රචාරණය[සංස්කරණය]වැඩිදුර තොරතුරු: ශ්‍රී ලංකාවේ බුද්ධාගම සහ බුරුමයේ බුද්ධාගමදෙවන ‍සියවසේ ලංකාවට වැඩම කළ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ හා
සහයකයන් 6 දෙනා විසින් ශ්‍රී ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කරන ලදී. ඔවුන් දෙවානම්පියතිස්ස රජතුමා හා රාජකීය අමාත්‍යවරු බොහෝ දෙනෙක් බෞද්ධගාමිකයන් බවට පත් කළහ. මෙම සමයේදී සිංහල බෞද්ධන්ගේ කෙන්ද්‍රස්ථානයක් වන මහා විහාරය තැනීය. වලගම්බා රජ සමයේදී (ක්‍රි.පු.29 -17) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ අතර තේරවාදි බුදුදහම සමෘද්ධියට පත් විය. බුද්ධඝෝෂ (4-5 සියවස) හා ධම්මපාල (5-6 සියවස) වැනි අර්ථකථාචාර්යවරු අටුවා සකස් ‍ක‍ළෝය. මහායාන බුදුදහමේ ආභාෂය තරමක් දුරට ලැබුන නමුත් තේරවාදය බුදුදහම පැතිර පැවිතුනි. එම නිසා තේරවාද බුදුදහමේ අවසන් ශක්තියමත් කෙන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව පැවතුන අතර ඉන්පසුව 11 වන සියවසෙන් පසු නැවතකත් එය ආසියාව පුරා ව්‍යාප්ත විය.ඉන්දියානු අර්ධවීපයේ නැගෙනහිර ප්‍රදේශයට (වර්ථමාන බුරුමය තායිලන්තය) ඉන්දියානු සංස්කෘතික ආභාෂය තදින්ම බලපෑවේය. එහි වැඩියෙන් 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයාගේ සමයේදි විශාල වශයෙන් බුදුදහම වැළදගත්හ. ඒ බුදුදහම මහායාන හා හීනයාන ලෙස කොටස් කිහිපයකට බෙදීම පෙරය.කුරුණෑගල මහ නගර සභාව වටා ඇති අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ පාලනය කරන්නාවූ පළාත් පාලන ආයතනය වේ.කුරුණෑගල ප්‍රාදේශීය සභා බල
ප්‍රදේශයට අයත් කො‍ට්ඨාස01. මින්හෙට්ටිය02. තල්විට03. වැල්ලව04. වරද්දන05. කුඩාගල්ගමුව06. මාස්පොත07. සියඹලංගමුව08. යන්තම්පලාව09. බමුණුගෙදර10. මරළුවාව11. තෝරයාය12. කෝවාන13. කවුඩාවත්ත14. මල්කඩුවාව15. බමුණාවල16. බෝයගනේ17. වඳුරාගල18. විල්බාව19. මල්ලවපිටිය20. මැහිඇල්ල21. මිල්ලව22. දොරටියාව23. වත්තේගෙදර24. මතව25. කටුපිටියලෝක උපත් අනුපාතිකය 2008යුරෝපීය දළ උපත් අනුපාතිකය 2007දළ උපත් අනුපාතික ස්‍රැතිය එසේත් නැත්නම් ළදරු උපත් සංඛ්‍යාව මිනිසුන් දහස් දෙනෙකුට වසරකදී සිදු වන ප්‍රමාණය ලෙසින් සැලකේ. සාපල්‍යතා සීඝ්‍රතාවය හා ආර්ථික භූ විද්‍යා ශබ්ද කෝෂය වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ යන පරිශීලනයන් වැඩි විස්තර සඳහා බලන්න.එය දක්වන්නේ CDR = N/P x 1000 යන්නෙනි. මෙහි N එම වර්ෂයේ සිදුවුණු ළමා උපත් සංඛ්‍යාව පෙන්ණූම් කරයි. P පවතින ජනගහනය දක්වයි. මෙම ලක්ෂණය දළ මරණ අනුපාතිකය සමග සුසංයෝජනය කොට ස්වාභාවික ජනගහන වර්ධන සීඝ්‍රතාවය සෙවීමට යොදා ගනී. මෙහි ස්වභාවික යන්නෙන් අදහස් කෙරෙන්නේ දළ විගමනය සැලකිල්ලට නොගත් බවයි. 2007 දී පරිදි ලෝකය සඳහා සමස්ත මධ්‍යන්‍ය උපත් අනුපාතිකය 20.3 ක් දහස් දෙනෙකුගේ ස
මස්ත ජනගහනයක් සඳහා ලෙසින් විය .එනම් බිලියන 6.6 ක් වූ ලෝක ජනගහනයට වසරක් පාසා ළදරුවන් මිලියන 134 ක් එකතු වේ. සාපල්‍යතාවයේ තවත් දර්ශකයක් ලෙසින් භාවිතයට ගැනෙන්නේ මුළු සපල්‍යතා සීඝ්‍රතාවයයි. එනම් ගැහැණියකගේ ජීවිතය තුළ ඇයට උපදින මධ්‍යන්‍ය දරුවන් සංඛ්‍යාවයි. සමස්තයක් වශයෙන් මුළු සාපල්‍යතා සීඝ්‍රතාවය වඩා හොඳ දර්ශකයක් වන්නේ දළ උපත් අනුපාතිකය මෙන් නොව එය ජන ගහනයේ වයස් ව්‍යාප්තියෙන් බලපෑම් ඇති නොවූවක් බැවිණි.ආර්ථිකව අඩු සංවර්ධනයක් සහිත රටවල්වල සාපල්‍යතා සීඝ්‍රතාවයන් ඉහළ නැඹුරුවක් දක්වයි. වඩාත් ආර්ථිකව සංවර්ධනය වූ රටවල්වල එය පහළ අගයක් ගනී. World historical and predicted crude birth rates (1950–2050) UN, medium variant, 2008 rev.[1]YearsCBRYearsCBR1950–195537.22000–200521.21955–196035.32005–201020.31960–196534.92010–201519.41965–197033.42015–202018.21970–197530.82020–202516.91975–198028.42025–203015.81980–198527.92030–203515.01985–199027.32035–204014.51990–199524.72040–204514.01995–200022.52045–205013.4මුළු උපත් සංඛ්‍යාව - ප
ොදු සාපල්‍යතා සීඝ්‍රතාව GFR මෙය වයස අවුරුදු 15 සිට 44 හෝ 15 සිට 49 දක්වා ගැහැණුන් දහසකට ඇති උපත් සංඛ්‍යාව මැනීමට යොදා ගනී.සම්මත උපත් සීඝ්‍රතාව - SBR මෙය උපකල්පිත සම්මත ජනගහනයක් සඳහා වයස් ව්‍යුහ ලිංග ව්‍යුහයන් සංසන්දනය කරනු ලබයි.මුළු සාපල්‍යතා සීඝ්‍රතාව - ගැහැණියකගේ දරුවන් ලැබිය හැකි වයස තුළ ඇය අපේක්ෂා කරන දරුවන්ගේ මධ්‍යන්‍ය මෙහි අදහසයි. මෙය ජනගහනයේ වයස් ලිංග ව්‍යුහයෙන් ස්වායත්ත වේ.උපත් සීඝ්‍රතාවයට බලපාන කරුණු[සංස්කරණය]රජයේ පූර්ව උත්පත්ති ප්‍රතිපත්ති සහ ප්‍රතිඋත්පත්ති ප්‍රතිපත්තීන් මෙන්ම ගබ්සා වීමේ සීඝ්‍රතාවය, පවතින වයස් ලිංග ව්‍යුහය, සාමාජීය හා ආගමික විශ්වාස, ගැබ් ගැනීම සම්බන්ධය වැදගත්වේ . කාන්තා සාක්ෂරතා මට්ටම.ආර්ථික සෞභාග්‍යතා (න්‍යායිකව ආර්ථිකය හොඳින් පවතින විට පවුලක් වැඩි ළමයින් සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ප්‍රායෝගිකව ඉහළ ආර්ථික සෞභාග්‍යක් ඇති විට උපත් සීඝ්‍රතාව අඩුවේ). දරිද්‍රතා මට්ටම් අනුව සංවර්ධනය වන රටවල්වල ළමුන් ආර්ථික සම්පතක් වශයෙන් යොදා ගනු දැකිය හැකි වන්නේ ඔවුන්ට මුදල් උපයා ගත හැකි නිසාය. රටක ළදරු මරණ අනුපාතිකය ඉහළ නම් පවුලක සිටින ළමයින් සංඛ්‍යාව ඉහළ වන්නේ ඔවුන් අතරින් ක
ිසියම් පිරිසක් මියයන බැවිනි. නාගරීකරණය, විවාහය සඳහා යෝජිත වයස, විශ්‍රාම වැටුප් පැවතීම, අර්බුදකාරී තත්ත්වයන් ඊට බලපායි.මූලාශ්‍ර[සංස්කරණය]↑ UNdata: Crude birth rate (per 1,000 population)උෂ්ණත්වය අඩුවත්ම, කෘෂ්ණ-වස්තු විකිරණ වක්‍රයන්හී මුදුන්, අඩු තීව්‍රතාවයන් හෝ විශාල තරංග ආයාමයන් වෙත ගමන් කරයි. කෘෂ්ණ-වස්තු විකිරණ ප්‍රස්තාරයක් රේලෙ සහ ජීන්ස් සම්භාව්‍ය ආකෘතීන් හා සමග සසඳනු ලැබේ.කෘෂ්ණ වස්තුවක් යනු එය මත පතිත සියළු විද්‍යුත්චුම්බක විකිරණ, ඒවායේ සංඛ්‍යාතය හෝ පතන කෝණය නොසලකමින්, අවශෝෂණය කරන පරිපූර්ණ භෞතික වස්තුවකි. තාජන සමතුලිතතාවයක (එනම්, නියත උෂ්ණත්වයක පැවතීම) පවතින කෘෂ්ණ වස්තූන්, කෘෂ්ණ වස්තු විකිරණ නම්වූ විද්‍යුත්චුම්බක විකිරණ විමෝචනය කරයි. මෙම විකිරණ විමෝචනය සිදුවන්නේ ප්ලෑන්ක්ගේ නියමය අනුව වන අතර, එයින් ගම්‍ය වන්නේ, වස්තුවෙහි හැඩය හෝ සංයුතිය අනුව නොව, එහි උෂ්ණත්වය අනුව පමණක් තීරණය වන වර්ණාවලියක් සහිතව (දකුණෙහි ඇති රූපය බලන්න) බවයි.තාපජ සමතුලිතතාවයෙහි පවතින කෘෂ්ණ වස්තුවක් සතුව සංගණ්‍ය ගුණාංග දෙකක් ඇත:[1]එය පරිපූර්ණ විමෝචකයකි: එම උෂ්ණත්වයෙහිම පවතින වෙනත් කිසියම් වස්තුවක
ට වඩා, සෑම සංඛ්‍යාතයකදීම, වඩාත් ප්‍රමාණයක ශක්තිය එය විසින් විමෝචනය කරයි.එය විසිරි විමෝචකයකි: ශක්ති විකිරණය සිදු වන්නේ සමාවර්තනිකව වන අතර, දිශාවෙන් ස්වායත්තව වෙයි.ආශ්‍රිත[සංස්කරණය]උපන්‍යාස[සංස්කරණය]↑ මහමුඩ් මසූඩ් (2005). "§2.1 බ්ලැක්ඩොඩි රේඩියේෂන්". ඉන්ජිනියරිං තර්මොෆ්ලුයිඩ්ස්: තර්මොඩයිනමික්ස්, ෆ්ලුයිඩ් මිකැනික්ස්, ඇන්ඩ් හීට් ට්‍රාන්ස්ෆර්. ස්ප්‍රින්ගර්. පිටුව. 568. ISBN 3-540-22292-8. http://books.google.com/books?id=9KIp_fmC9A0C&pg=PA568. ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, නවසීලන්තයෙහි ජාතික තත්ත්වය ප්‍රදානය කිරීම සමරන දිනයක් වන අතර, 1949 වසර වන තුරු නිව්ෆවුන්ඩ්ලන්තයෙහි සහ 1982 වසර වන තුරු කැනඩාවෙහි එම සිද්ධිය අරභයා එය සමරන ලදි.කැනඩාව[සංස්කරණය]මෙයද බලන්න: කැනඩා දිනය පාර්ලිමන්ට් හිල් වෙත රැස්වූ ජනතාව, 1927 වසරෙහිදී ඩොමීනියන් රාජ්‍යය දිනය, එනම් සහසන්ධියනයෙහි 60 වන ජයන්ති උත්සවය සමරන අයුරුඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1867 ජූලි 1 වන දිනදී ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් කැනඩාව සංස්ථාපනය කිරීම සිහිකිරීම වෙනුවෙන් පැවැති නිවාඩුදිනයට භාවිතා කල නම වෙයි. 1982 ඔක්තොම්බර් 27 වන දින නීතිගත
වූ පාර්ලිමේන්තු පණත තුලින්, මෙම නිවාඩුදිනය කැනඩා දිනය බවට වෙනස් කෙරිණි.නිව්ෆවුන්ඩ්ලන්තය[සංස්කරණය]මෙයද බලන්න: කැනඩා දිනය ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1907 සැප්තැම්බර් 26 දිනදී ( නවසීලන්තය සඳහාවූ දිනයෙහිදීම) ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් නිව්ෆවුන්ඩ්ලන්තය ස්ථාපනය කිරීම සැමරීම සඳහා පැවති නිවාඩු දිනයක් වන අතර, 1949 වසරෙහිදී කැනඩාව හා සහසන්ධීයනයක් ලෙසින් එය එක් වීම වන තුරු සමරන ලදි.නවසීලන්තය[සංස්කරණය]මෙයද බලන්න: නවසීලන්තයේ නිදහස සහ නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය ඩොමිනියන් රාජ්‍යය දිනය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල, ඩොමීනියන් රාජ්‍ය තත්ත්වය, 1907දී නවසීලන්තය වෙත පිරිනැමීමෙහි සංවත්සරය වන, සැප්තැම්බර් 26 සඳහා දී ඇති නමයි. [1] එය තවදුරටත් ව්‍යවස්ථාපිත (බැංකු) නිවාඩු දිනයක් නොවන අතර, මෙම දිනය තුල වර්තමානයේ සිදුකෙරෙන එකම නිල සැමරුම වන්නේ, දකුණු කැන්ටබරියේ පළාත්මය සංවත්සර දිනයක් වන අතර, එය සැප්තැම්බරයේ සතරවන සඳුදා දිනයේ පැවැත්වෙයි.[2] නවසීලන්තයේ වර්තමාන ජාතික දිනය වන වයිටන්ගි දිනය යළි-නම්කිරීම වෙනුවට, විකල්ප නවසීලන්ත දිනයක් ලෙසින්,මෙම දිනය පැවැත්වීම පිළිබඳව සහයෝගයක්, කිසියම් කොටස් වෙතින්
පිරිනැමෙයි.ආශ්‍රිත[සංස්කරණය]↑ ඩොමීනියන් ස්ටේටස් | NZHistory.net.nz, නිව් සීලන්ඩ් හිස්ට්‍රි ඔන්ලයින්. NZHistory.net.nz.↑ NZ පබ්ලික් හොලිඩේ ඩේට්ස් 2006-2009 : එම්ප්ලෝයිමන්ට් රිලේෂන්ස් සර්විස්., http://www.ers.dol.govt.nz/holidays_act_2003/dates/2006_9.html, ප්‍රතිෂ්ඨාපනය 2013-09-25 සටහන්[සංස්කරණය]රොෂෙල් කොරෙයාRochelle Correaඋපතරොෂෙල් කොරෙයා1984 (වයස 39–40)කොළඹතනතුර2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජිනරොෂෙල් ඇඩ්‍රියානා කොරෙයා යනු 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. සිය අධ්‍යාපන කටයුතු උසස් පෙළ දක්වා හැදෑරූ ඇය ගුවන්සේවා විධායක නිළදාරිනියක ලෙස සේවය කරයි.[1][2]ආශ්‍රිත[සංස්කරණය]↑ "රොෂෙල් කොරෙයා -ශ්‍රී ලංකන් මොඩෙල්". සම්ප්‍රවේශය ජුලි 8, 2010.↑ Rochelle Adriana Correa සංරක්ෂණය කළ පිටපත 2011-03-03 at the Wayback Machine panasianbiz.comPersondataNAMEකොරෙයා, රොෂෙල්ALTERNATIVE NAMESSHORT DESCRIPTIONDATE OF BIRTH1984PLACE OF BIRTHකොළඹDATE OF
DEATHPLACE OF DEATH             කොඩිය              සිතියම අගනුවර සහ විශාලම නගරය බැන්ඩාර් සෙරි බෙගාවන් උතුරු අක්ෂාංශ 40°53.4171′ නැගෙනහිර දේෂාංශ 114°56.5331′ රාජ්‍ය භාෂාව මැලේ (බහාසා මෙලෙයු) රාජ්‍ය ලේඛන මැලේ හෝඩිය රාජ්‍යය ඉස්ලාමීය මූලික වූ මොනාච්          වර්ග ප්‍රමාණය එකතුව 5,765 වර්ග කිලෝමීටර, 2,226 වර්ග සැතපුම් ජලය (%) 8.6             ජනගහනය 2009 තක්සේරුව 388,190 2001 ජන සංඛ්‍යාකය 332,844 ඝනත්වය 67.3 වර්ග කිලෝමීටර, 174.4 වර්ග සැතපුම් දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව එකතුව 19.716 ඩොලර් බිලියන සාමාන්‍ය ඩොලර් 50,198 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව 14.553 ඩොලර් බිලියන සාමාන්‍ය ඩොලර් 37,053 මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.920(4) (ඉතා ඉහළ) මුදල් බෲනයි ඩොලරය (BND) මං තීරුව වම අන්තර්ජාල TLD .bn දුරකථන සංකේත +673 බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආ
සියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.මෙම ලිපිය ගණිතමය නියතයන් පිලිබඳ වේ. මෙනමින් ඇති ග්‍රීක අක්ෂරය සඳහා සඳහා, පයි (අක්ෂරය) බලන්න. අනෙකුත් යෙදුම් සඳහා සඳහා, පයි (වක්‍රෝක්තිහරණය) බලන්න.Part of a series of articles on theπ ගණිතමය නියතයභාවිතArea of diskCircumferenceUse in other formulaePropertiesIrrationalityTranscendenceඅගයLess than 22/7ApproximationsMemorizationසබැඳි පුද්ගලයෝArchimedesLiu HuiZu ChongzhiMadhava of SangamagramaWilliam JonesJohn MachinJohn WrenchLudolph van CeulenAryabhataඅතීතයChronologyBookIn cultureLegislationHolidayආශ්‍රිත
මාතෘකාSquaring the circleBasel problemFeynman pointOther topics related to πvteවෘත්තයක විශ්කම්භය 1 ක් වූ විට එහි පරිධිය π වේ.සංඛ්‍යා ලැයිස්තුව -අපරිමේය සංඛ්‍යාζ(3) – √2 – √3 – √5 – φ – α – e – π – δද්වීමය 11.00100100001111110110…දශමය 3.14159265358979323846…හෙක්සා බෙසිමල් 3.243F6A8885A308D31319…සන්තත භාගයසන්තත භාගය ආවර්තනය නොවන බව නිරීක්ෂණය කරන්න.පයි හෙවත් π ඉතා වැදගත් ගණිතමය නියමයන් අතරින් එකකි. එහි දළ අගය ආසන්න වශයෙන් 3.14159 කි. එය යුක්ලීඩියානු ජ්‍යාමිතියේ දී ඕනෑම වෘත්තයක පරිධිය එහි විෂ්කම්භයට දක්වන අනුපාතයට සමාන වන අතර තවද එය වෘත්තයක ක්ෂේත්‍රඵලය එහි අරයෙහි වර්ගයට දක්වන අනුපාතයට ද සමාන වේ. ගණිතය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ඇති බොහෝ සමීකරණවල π අඩංගු වේ. π අපරිමේය සංඛ්‍යාවකි. එනම් m හා n නිඛිල වූ විට m/n ආකාරයේ භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව එය දශමය ආකාරයට ලියා අවසන් කළ නොහැකි අතර සමාවර්තනය ද නොවේ. අපරිමේය වීම හැරුණු විට π අත්‍යුත්තර සංඛ්‍යාවක් ද වේ. එනම් නිඛිල මත සිදු කරන වීජ ගණිත කර්ම (බල, වර්ගමූල, ඓක්‍යය ආදී) පරිමිත සංඛ්‍යාවක් ඇසුරින් එය ලබා ගත
නොහැකිය. ගණිතයේ ඉතිහාසය පුරාම π හි අගය වඩාත් නිවැරදිව නිර්ණය කිරීමටත් එහි ගුණාංග අවබෝධ කිරීමටත් විවිධ උත්සාහයක් ගෙන තිබේ. මෙසේ π සිත්ගන්නා සුළු ගුණ දැක්වීම හේතුවෙන් එය පොදුවේ සංස්කෘතියේ කොටසක් බවට ද පත්ව ඇත. පයි ලෙස ලියැවෙන π නම් ග්‍රීක අක්ෂරය පරාමිතිය යන අරුත දෙන "περίμετρος", ග්‍රීක වචනය ඇසුරින් 1706 දී විලියම් ජෝන්ස් විසින් උපුටා ගන්නා ලද බව සැලකිය හැකිය. පසුකාලීනව මෙම යෙදුම ලියනැබ් ඉයුලර් විසින් ප්‍රචලිත කරන ලදී. මෙම නියතය ඇතැම්විට වෘත්ත නියතය, ආකිමිඩීස් නියතය (ආකිමිඩීස් සංඛ්‍යා සමඟ පටලවා නොගත යුතුය) හෝ ලුඩෙල්ෆ් සංඛ්‍යාව ලෙස ද හැඳින්වේ.මෙම රාජවංශය මිං රාජවංශයෙන් පසු බිහිවිය. 1944 ලී ෂැං ගොවි අරගලය හේතුවෙන් අවසන් මිට ජෙන සොන් සෙන් සියදිවි නසාගත්හ. මන්චු ජනයා විංහි වු සැංගුයි සමග එකතු වු අතර බේජිං යටත් කර ගත්හ. තායිකැරැල්ල හේතුවෙන් චීනයේ කොටස් 03 ක් හොං ෂිකවරැන් යටත පත්විය. වසර 14 කට පසු 1864 නැන්කින් අරගලයෙන් තාටිපිං හමුදාව විනාශ වු අතර අවු 15 කාල සිමාව තුල මියගිය සංඛ්‍යාව මිලියන 20 ක් විය. අනෙකුත් අරගලයන් වන පුන්ටි හාකා වාර්ගික යුද්ධය නියෝන් අරගලය, මුස්ලිම් අරගලය පැන්න් අරග
ලය සහ බොක්ස අරගලයෙන් මිනිස් ජීවිත හා ආර්ථිකයට හානි විය. ස්වැගර් සිකිසි අධිරාජනිය1860 කුයින් කැරැල්ල මර්ධනය කරන ලදී. මේ හේතුවෙන් කුයින් පාලනයේ යුධ අධිපතන්‍ය චීනය තුල පැතිරිණි කුයන් රාජවංශය ස්ව ‍ශක්තිකරණ පදනමෙන් ප්‍රශ්ණ නිරාකරණය කළ අතර 1898 හා 1908 ඩීවැංල සික්සි විනිස් මානසික අබාධකයැයි කියා ග්වැංෂු සිරකරණ ලදී. 20 වන ශතවයර්ෂය ආරම්භයේ බොක්ෂර් කැරිලිකැවන් උතුරැ චීනයට තර්ජනයක් විය. ඩිවැගර් රැජිනිය අගේ බලය තහවුරැ කර ගැනීමට ‍ෙබාක්ෂර් සමග එකතු විය. පිළිතුරැ වශයෙන් රාජ්‍ය අංනක සන්ධානයකින් යුත් පරිසක් ‍විදේශීය සංවිධානය බේරා ගැනීමට චීනය ආක්‍රමණය කළේය. මෙම කණ්ඩායම වුයේ බ්‍රිතාන්‍ය, ජපන්, රැසියානු, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඔස්ට්‍රියන් භටයන්ය.අන්තර්ජාලය ද්වාරයලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක්ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ ක
ුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන[සංස්කරණය]මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමනඅන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.අන්තර්ජාලයෙන් බහුලව ලබාගන්නා සේවාවන්[සංස්කරණය]විද්‍යුත් තැපෑල[සංස්කරණය]මූලික ලිපිය: විද්‍යුත් තැපෑලපුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර වද්‍යුත‍‍් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල ව
ේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලො‌වව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි.විශ්ව ව්‍යාප්ත වියමන(විශ්ව විසිරි වියමන)[සංස්කරණය]මූලික ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමනවිශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.සමාජයීය බලපෑම්[සංස්කරණය]අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.“ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනය
න්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය[සංස්කරණය] ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැව
ීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (w
ww) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.අන්තර්ජාලයේ ඉතිහාසය[සංස්කරණය]This NeXT Computer was used by Tim Berners-Lee at CERN and became the world's first Web server.අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂකයින් සහය ලබා දී ඇත.මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැක
ට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය.1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම
හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.පරිගණනයේ ඉතිහාසය1960 ට ප්‍රථම දෘඪාංගදෘඪාංග 1960 ගණන් වල සිය වර්තමානයටසෝවියට් කාණ්ඩ‍ රටවල් වල පරිගණක දෘඪාංගකෘත්‍රිම බුද්ධියපරිගණක විද්‍යාවක්‍රියාකාරි පද්ධතීන්ක්‍රමලේඛන භාෂාවන්මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවචිත්‍රක පරිහීලක අතුරු මුහුණතඅන්තර්ජාලයපෞද්ගලික පරිගණකලැප්ටොප්වීඩියෝ ක්‍රීඩාවිශ්ව විසිරි වියමනපරිගණනයේ කාල රේඛාව2400 ක්‍රිපූ–19491950–19791980–19891990–19992000–2009තවත් කාලරේඛාවන්...තවත්...මේවාත් බලන්න[සංස්කරණය]අන්තර්ජාල ප්‍රොටෝකෝලයවිද්‍යුත් තැපෑල
බාහිර සබැඳුම්[සංස්කරණය]මූලික[සංස්කරණය]Read Congressional Research Service (CRS) Reports regarding the Internet සංරක්ෂණය කළ පිටපත 2006-06-13 at the Wayback MachineGlossary of Computer and Internet TermsInternet Health Report from KeynoteInternet World Statsලිපි[සංස්කරණය]"EU and U.S. clash over control of the Net" - International Herald Tribune article by Tom Wright"10 Years that changed the world" - WiReD looks back at the evolution of the Internet over last 10 yearsInternet Explained සංරක්ෂණය කළ පිටපත 2011-06-25 at the Wayback Machine Seven part article explaining the origins to the present and a summary for future of the Internet.John Walker: The Digital ImprimaturHow Stuff Works explanation of the Infrastructure of the InternetHow the Internet actually works An article summarising the core Internet technologies, written for non-expertsඉතිහාසය[සංස්කරණය]The Dream Machine: J.C.R. Licklider and the Revolution That Made Computing Personal M. Mitchell WaldropThe Internet Soc
iety History PageHow the Internet Came to Be සංරක්ෂණය කළ පිටපත 2006-07-01 at the Wayback MachineHobbes' Internet Timeline v8.1Futures and Non-futures for Scholarly Internet. History of the Internet linksRFC 801, planning the TCP/IP switchoverVideo of a report on the Internet - before the WebVinton Cerf's short history of the InternetArchive - A searchable database of old cached versions of Web sites dating back to 1996A comprehensive history with people, concepts and many interesting quotations CBC Digital Archives – Inventing the Internet AgeA list of lectures, some of which relate to the Internet, from the Massachusetts Institute of Technology is available here. Of particular interest is lecture #3 The Next Big Thing: Video Internet which is delivered in Real Player format. The lecture gives a brief history of networking; discusses convergence between the Internet/telephone/television networks; the expansion of broadband access; makes predictions about the future of delive
ry of video over the Internet.Huawei Technologies Co. Ltd.වර්ගයපෞද්ගලිකස්ථාපිතය1988ප්‍රාරම්භකRen Zhengfeiමූලස්ථානයLonggang District, Shenzhen, Guangdong, Chinaසේවා සරියWorldwideකර්මාන්තයTelecommunicationsනිෂ්පාදිතයන්Mobile and fixed broadband networks, consultancy and managed services, multimedia technology, smartphones, tablet computersආදායම CNY 185.176 billion (2010)ලාභය CNY 28.458 billion (2010)හිමිකරු(වන්)Employee-owned corporationසේවකයන්140,000 (2012)වෙබ්අඩවියhuawei.comහුවාවේ පුද්ගලික සමාගම චීනයේ ඇති ලොකුම සන්නිවේදන හා උපකරණ නිර්මාපකයන් වන අතර ලොව දෙවන ලොකුම දුරකථන උපාංග නිපදවන්නා සහ සන්නිවේදන සමාගමයි. 1987 දී රෙන් සෙන්ග්ෆෙයි විසින් ආරම්භ කළ හුවාවේ සමාගම සතුව මේ වන විට සේවකයන් 110,000කට වඩා ඇත. 2010දී හුවාවේ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 28ක ආදායමක් වාර්ථා කර ඇත. මෙහි සන්නිවේදන සේවා හා උපකරණ චීනය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 140කටත් අධික ප්‍රමාණයකට, ලොව ලොකුම ටෙලිකොම් සමාගම් 50න් 45කටම තම දායකත්වය සප
යයි.ඉතිහාසය[සංස්කරණය]අන්තර්ජාතික ව්‍යාප්තිය[සංස්කරණය]1997දී හුවාවේ සමාගම තම ප්‍රථම විදේශ ගණුදෙනුව වන හොංකොං හි හට්චිසන් සමාගමේ වයර් සහිත දුරකථන සම්බන්ධතා ලබාදීමට සම්බන්ධ වුනි. එම වසරේම අවසානය වන විට වයර් රහිත ජී.එස්.එම් මඟින් CDMA සහ UMTS ද ලබාදීමට කටයුතු කලේය. 1999දී සමාගම විසින් පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයක්(R&D) බැංගලෝර් හිදී ඇරඹීය. 1998 සිට 2003 දක්වා කාලයේදී IBM සමාගම හා එක්ව කටයුතු කලේය. 200 වසරෙන් පසු හුවාවේ සමාගමේ ශීඝ්‍ර දියුණුවක් පෙනෙන්නට වුණි. 2000 වසරේදී පමණක් ඇ.ඩො.මි.100 ඉක්මවූ අන්තර්ජාතික ආදායමක් ලබාගැනීමෙන් හා ඒ නිසා ස්වීඩනය තුළද තවත් පර්යේෂන හා සංවර්ධනය පිළිබඳ තවත් මධ්‍යස්ථානයක් ආරම්භ කෙරිනි. තවත් එවැනිම R&D මධ්‍යස්ථාන 4ක් ඇමරිකාව තුළද ස්ථාපනය කර, අන්තර්ජාතික සන්නිවේදන එකමුතුවේද(International Telecommunications Union) සාමාජිකත්වය හිමිවුණි. 2002 වසරේදී පමණක් අන්තර්ජාතික වෙළඳාම මඟින් ලාභය ඇ.ඩො.මි.552ක් දක්වා වර්ධනය වුණි."looking glass" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, Looking Glass (disambiguation) බලන්න.මෙම ලිපිය wave reflectors (mainly, specu
lar reflection of visible light) පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, දර්පණ (බහුරුත්හරණය) බලන්න.ගුරුලේත්තුවක ප්‍රතිබිම්බයක් දක්වන දර්පණයක්.ඉතිහාසය[සංස්කරණය]Seated woman holding a mirror. Ancient Greek Attic red-figure lekythos, ca. 470-460 BC, National Archaeological Museum, Athens.දර්පණයක් දෙස බලා සිටින කාන්තාවකගේ කැටයමක්, ඉන්දියාවමිනිසා විසින් කැඩපත් ලෙස මුලින්ම භාවිතා කරන්නට ඇත්තේ අඳුරු වූ ජලය ඇති දියකඩිතිවල , නිසල ජලය හෝ කිසියම් සරල ආකාර බඳුනක රැස්කරගත් ජලය විය යුතුය. මුල්වරට නිපදවන ලද දර්පණ වන්නේ .ගිනිකඳු ආශ්‍රීතව ඇති ඕබ්සිඩියන් වැනි වීදුරු වැනි පාෂාණ වර්ග ඔප දැමීමෙන්ය. ක්‍රි.පූ 6000 පමණ අතීතයේ භාවිතා කළ ඕබ්සියන් පාෂාණ ඇනටෝලියාවෙන් (වර්තමානයේ තුර්කිය) සොයාගෙන තිබෙන අතර ක්‍රි.පූ 2000 සිට ඉන් ඉදිරි කාලයේ භාවිතා කළ ඔප දැමූ පාෂාණ දර්පණ (කැටපත්) මධ්‍යම හා දකුණු ඇමරිකාවෙන් හමුවේ.ක්‍රි.පූ. 4000 දී පමණ සිට මෙසපොතේමියානුවන් ද ක්‍රි.පූ. 3000 සිට ඉදිරියට පැරණි ඊජිප්තු ජාතිකයන් ද ඔප දැමූ තඹ දර්පණ නිපදවා තිබේ. තඹ, ටින්, ලෝකඩ, රිදී, හා රත්‍රං ද පසුව වානේ හා පිව්ටර් වලින්ද නිපද වූ ඔප දැමූ
ලෝහ දර්පණ භාවිතය පුරාණ ග්‍රීක හා රෝමානු ශිෂ්ටාචාරවල සිට මධ්‍යතන යුගය සිට පැවත ගෙන එන ලදී. ක්‍රි.පූ. 2000 වකවානුවේදී චීන ජාතිකයන් විසින් ලෝකඩ දර්පණ නිපදවන ලදී. ලෝහ ආලේපිත වීදුරු දර්පණ ක්‍රි.ව. පළමු ශතවර්ෂයේ සිඩෝනයේ දී (වර්තමානයේ ලෙබනනය) මුල්වරට නිර්මාණය කළ බව සඳහන්වන අතර පිටුපස රත්‍රං පත්‍ර සවිකළ වීදුරු දර්පණ පිළිබඳ රෝමාණු ලේඛක Pliny විසින් ක්‍රි.ව. 77 දී ලියන ලද ඔහුගේ “Natural History” නැමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත.උණු කළ ඊයම්වලින් ආලේපිත වීදුරුවලින් රළු ආකාරයට දර්පණ නිපදවීමේ තාක්ෂණ ක්‍රමයක් රෝමාණුවන් විසින් වර්ධනය කරන ලදී. පුනරුදයේ මුල් භාගයේ දී යුරෝපානු නිෂ්පාදකයින් විසින් ටින් රසදිය සංරසයකින් වීදුරු ආලේපනයට විශිෂ්ට ක්‍රමයක් සොයාගන්නා ලදී. 16 වැනි ශතවර්ෂයේදී වීදුරු සෑදීමෙහි ප්‍රවීණත්වයට පත්වූ ප්‍රසිද්ධ නගරයක් වන වැනීසිය, මෙම නව තාක්ෂණයෙන් දර්පණ නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්විය. නමුත් මෙම තාක්ෂණය මුල්වරට හඳුන්වා දුන් දිනය හා ස්ථානය අවිනිශ්චිත වේ. මෙම අවධියේ දී වීදුරු දර්පණ අතිශයින් මිළ අධික සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වී තිබිණි. ප්‍රංශයේ රාජකීය අභිලාෂයක් මත ගොඩනැඟූ Saint-Go
bain කර්මාන්තශාලාව ප්‍රධාන දර්පණ නිෂ්පාදකයන් බවට පත් වූ අතර බොහෝ විට වඩා ලාභදායී බොහීමියානු හා ජර්මානු දර්පණවලට වැදගත් තැනක් හිමි විය.1835 දී රිදී ආලේපිත වීදුරු දර්පණ නිර්මාණය කිරීමේ කීර්තිය ජර්මානු රසායනඥ ජස්ටස් වොන් ලීබිග් ට අත් විය. ඔහුගේ ක්‍රියාවලියේ දී සිදු වූයේ සිල්වර් නයිට්‍රේටවල රසායනික ඔක්සිහරණය මඟින් සිහින් රිදී ලෝහ ස්තරයක් වීදුරුවෙහි තැන්පත් කිරීමයි. මෙම රිදී ආලේපන ක්‍රියාවලිය මහා පරිමාණ නිෂ්පාදනය සඳහා යොදා ගැනීමත් සමඟ දර්පණ වඩාත් ලාභදායී තත්වයට පත්විය. අද කාලයේ බොහෝ විට දර්පණ නිපදවනුයේ වීදුරු උපස්තරය මතට රිත්තයකදී ඇලුමිනියම් ස්ථරයක් ඍජුව ආලේපනය කිරීමෙනි.නිෂ්පාදනය[සංස්කරණය]බොහෝමයක් දර්පණ සාදන්නේ සුදුසු උපස්තරයකට පරාවර්තක ආලේපනයක් යෙදීමෙනි. පහසු සකස් කළ හැකි වීම, දෘඪතාව හා මෘදු නිමාවක් ලබා ගැනීමේ හැකියාව යන කරුණු මත වීදුරු වඩාත් බහුලව භාවිතා වන උපස්තාරය බවට පත්ව තිබේ. පරාවර්තක ආලේපය සාමාන්‍යයෙන් වීදුරුවේ පිටුපස ‍මුහුණතෙහි ආලේප කරයි. එයට හේතුව එවිට එය විඛාදනයෙන් හා අහඹු හානිවලින් ආරක්ෂා වීමයි. ( වීදුරු බොහෝ පරාවර්තක ආලේපවලට වඩා සීරුම්වලට ප්‍රතිරෝධී වේ.) උපස්තරය අවශ්‍යතා
වයට සකසා ඔප දමා පිරිසිදු කර ඉන්පසුව පරාවර්තක ආලේපන සිදු කරයි. වීදුරු දර්පණ තැනීම සඳහා බොහෝ විට රිදී හෝ ඇලුමිනියම් ආලේප කරයි. එහිදී ආලේපන පෙළක් ඔස්සේ එය සිදු කරයි. එම ආලේපන පෙළ පහත වේ.ටින්රිදීරසායනික සක්‍රීයකතඹ + okhtakසායම්රිදී වීදුරු සමග නොඇලෙන නිසා ටින් ආලේප කරයි. සක්‍රීයකය ටින් / රිදී දෘඪ වීමට හේතුවේ. තඹ යොදා ඇත්තේ කල්පැවැත්ම වැඩි කිරීමටයි. දර්පණයේ පිටුපස පැත්තේ ඇති ආලේපනය සිරීම් හා වෙනත් අහුඹු හානිවලින් ආරක්ෂා වීම සායම් මගින් සිදුවේ.සමහර ‍යෙදීම්වල දී සාමාන්‍යයෙන් වියදම මත රඳා පවතින හෝ වඩා වැඩි කල්පැවැත්මක් අවශ්‍ය වන විට ඔප දැමූ ලෝහ වැනි තනි ද්‍රව්‍යයකින් සාදන දර්පණ මෙවැනි වීදුරු දර්පණ වෙනුවට යොදාගනී.ලේසර් දර්පණ නිපදවීම වැනි තාක්ෂණික යෙදීම් සඳහා පරාවර්තක ආලේපය යොදනු ලබන්නේ රික්තක අවසාධනය මගින් උපස්තරයේ ඉදිරි පෘෂ්ඨය මත යොදනු ලැබේ. මෙය ද්විත්ව පරාවර්තනය නැති කරන අතර දර්පණය තුළ දී ආලෝකයේ අවශෝෂණය ද ඉවත් කරයි. මිළ අඩු තාක්ෂණික දර්පණ සඳහා රිදී, ඇලුමිනියම් හෝ රත්‍රං ආලේපනයක් (බොහෝ විට රත්‍රන් ‍අධෝරක්ත දර්පණ සඳහා භාවිතා වේ.) භාවිතා කරන අතර අලුත් විට පරාවර්තන ප්‍රතිශතය 90 - 95% ක් අ
තර වේ. පරාවර්තක ස්තරයේ ඔක්සිකරණය වැළැක්වීම සඳහා ආරක්ෂක වැස්මක් ද යෙදිය හැක. ඉහල පරාවර්තනයක් හෝ වැඩි කල්පැවැත්මක් අවශ්‍ය යෙදීම් වලදී පාරවිද්‍යුත් ආලේපනය සිදුකරයි. එහි දී තරංග ආයාමයේ පටු පරාසයක් සඳහා එතෙරව පරාවර්තනය ප්‍රතිශතය 99.999% වැනි ඉහල අගයක් බවට පත් කරගත හැක.වීදුරු දර්පණ වර්ග[සංස්කරණය]18th century vermeil mirror in the Musée des Arts décoratifs, StrasbourgEffects[සංස්කරණය]මේවාත් බලන්න: Mirror image සහ Specular reflectionApplications[සංස්කරණය]Reflections in a spherical convex mirror. The photographer is seen at top rightනිරීක්ෂණ පහසු කිරීමට සහ ආරක්ෂක උපක්‍රමයක් ලෙස[සංස්කරණය]රියදුරන්ට සිය රථයට පසුපසින් පැමිණෙන අනෙකුත් රථ වාහන දැක ගැනීමට ඉඩ සැලසීම සඳහා බොහෝ විට රථ වාහනවල (මෝටර් රථ හා යතුරු පැදි වැනි) පසු බැලුම් දර්පණ භාවිතා වේ. ඇතැම් යතුරුපැදි හිස් වැසුම් MROS (බහු ප්‍රකාශ - පරාවර්තක පද්ධතියකි) නම් පද්ධතිය දරයි. මෙහි දී හිස් වැසුම තුළ අඩංගු පරාවර්තක පෘෂ්ඨ කිහිපයක් එක්ව පසු බැලුම් දර්පණයක ක්‍රියාකාරීත්වය ලබා දේ. පසු බැලුම් අව් කණ්ණාඩි වර්ග ද පවතින අතර ඒවායේ දෙපස අග්‍රයත් ද
ර්පණ ක්‍රියාකාරීත්වයක් දක්වන පරිදි සකසා ඇත.තල දර්පණයකින් ලද හැකි දර්ශන පථයට වඩා විශාල දර්ශන පථයක් ලබා ගැනීම සඳහා උත්තල දර්පණ භාවිතා කළ හැක. මේවා රථ වාහන නැවතුම් පොළවල් සහ මංසන්ධි ආදියේ දී භාවිතා වන අතර වංගු සහිත ස්ථානවල දී රථ වාහන හා වෙළඳ බඩු කරත්ත ආදිය එකිනෙක ගැටීම වලකයි. තවද ඇතැම් විට මේවා ආරක්ෂක පද්ධතීන්හි දී තනි කැමරාවක් යොදා ගෙන එකවර කෝණ කිහිපයක් දර්ශණ ලබා ගැනීම සඳහා ද භාවිතා වේ.මුඛය තුළට ආලෝකය යොමු කිරීමට සහ මුඛය තුළ නිරීක්ෂණ කටයුතු සඳහා දන්ත වෛද්‍යවරු දන්ත වෛද්‍ය දර්පණ භාවිතා කරති. මේවා තල දර්පණ හෝ වක්‍ර දර්පණ විය හැකි. විවිධ උපකරණ තුළ ඇහිරුණු අවකාශ සහ බාධක වටා සිදු කළ යුතු නිරීක්ෂණ කටයුතුවල දී ඉංජිනේරුවන් ද මෙවැනි දර්පණ උපාංග භාවිතා කරති.දර්පණවල භාවිතයන්[සංස්කරණය]නිරීක්ෂණ පහසු කිරීමට සහ ආරක්ෂක උපක්‍රමයක් ලෙසරියදුරන්ට සිය රථයට පසුපසින් පැමිණෙන අනෙකුත් රථ වාහන දැක ගැනීමට ඉඩ සැලසීම සඳහා බොහෝ විට රථ වාහනවල (මෝටර් රථ හා යතුරු පැදි වැනි) පසු බැලුම් දර්පණ භාවිතා වේ. ඇතැම් යතුරුපැදි හිස් වැසුම් MROS (බහු ප්‍රකාශ - පරාවර්තක පද්ධතියකි) නම් පද්ධතිය දරයි. මෙහි දී හිස් වැසුම තුළ අඩංගු
පරාවර්තක පෘෂ්ඨ කිහිපයක් එක්ව පසු බැලුම් දර්පණයක ක්‍රියාකාරීත්වය ලබා දේ. පසු බැලුම් අව් කණ්ණාඩි වර්ග ද පවතින අතර ඒවායේ දෙපස අග්‍රයත් දර්පණ ක්‍රියාකාරීත්වයක් දක්වන පරිදි සකසා ඇත.තල දර්පණයකින් ලද හැකි දර්ශන පථයට වඩා විශාල දර්ශන පථයක් ලබා ගැනීම සඳහා උත්තල දර්පණ භාවිතා කළ හැක. මේවා රථ වාහන නැවතුම් පොළවල් සහ මංසන්ධි ආදියේ දී භාවිතා වන අතර වංගු සහිත ස්ථානවල දී රථ වාහන හා වෙළඳ බඩු කරත්ත ආදිය එකිනෙක ගැටීම වලකයි. තවද ඇතැම් විට මේවා ආරක්ෂක පද්ධතීන්හි දී තනි කැමරාවක් යොදා ගෙන එකවර කෝණ කිහිපයක් දර්ශණ ලබා ගැනීම සඳහා ද භාවිතා වේ.මුඛය තුළට ආලෝකය යොමු කිරීමට සහ මුඛය තුළ නිරීක්ෂණ කටයුතු සඳහා දන්ත වෛද්‍යවරු දන්ත වෛද්‍ය දර්පණ භාවිතා කරති. මේවා තල දර්පණ හෝ වක්‍ර දර්පණ විය හැකි. විවිධ උපකරණ තුළ ඇහිරුණු අවකාශ සහ බාධක වටා සිදු කළ යුතු නිරීක්ෂණ කටයුතුවල දී ඉංජිනේරුවන් ද මෙවැනි දර්පණ උපාංග භාවිතා කරති.ද්වි මං දර්පණතනි මං දර්පණ හෝ තනි මං වීදුරු ලෙස ද ඇතැම් විට හැඳින්වෙන ද්වි මං දර්පණ ඒවා මත පතිත වන ආලෝකයෙන් යම් ප්‍රතිශතයක් පරාවර්තනය කරන අතර ඉතිරිය එය හරහා ගමන් කරයි. වීදුරු තහඩුවක් මත පරමාණු දුසිම් කිහිපයක ඝ
නකමින් යුත් ලෝහ ආලේපනයක් යෙදීමෙන් නිර්මාණය කර ඇති මේවායේ පෘෂ්ඨය හරහා ආලෝකයෙන් කොටසක් සම්ප්‍රේශණය වේ. (මෙය දෙදිශාවටම ක්‍රියා කරයි) මේවා භාවිතා වන්නේ හොඳින් ආලෝකමත් කළ කාමරයක් සහ අඩ අඳුරේ ඇති කාමරයක් අතරයි. එවිට හොඳින් ආලෝකමත් කළ කාමරය තුළ සිටින අයෙකුට මෙය සාමාන්‍ය දර්පණයක් හෝ දිස්වන අතර ඉන් සිය ප්‍රතිබිම්භය දැක ගත හැකි වේ. එහෙත් අඩ අඳුරු කාමරය තුළ සිටින පුද්ගලයන්ට මෙය ආලෝකවත් කාමරය දැකගත හැකි පාරදෘශ්‍ය ජනෙල් වීදුරුවක් සේ ක්‍රියා කරයි. සැකකරුවන් හෝ පාරිභෝගිකයින් නිරික්ෂණය සඳහා මෙවන් දර්පණ භාවිතා වේ. ප්‍රකාශ උපාංග තුළ භාවිතා වන මෙවන් දර්පණ අඩ ආලේපිත දර්පණ හෙවත් කදම්භ විබෙදුම් ලෙස හැඳින්වේ. මේවා මඟින් ඒවා මතට එල්ල කෙරෙන ආලෝක කදම්භ විභේදනය කරනු ලැබේ. එහි දී ආලෝක කදම්භයෙන් අර්ධයක් දර්පණය හරහා ගමන් කරන අතර ඉතිරි අර්ධය පරාවර්තනය වේ. මෙම උපක්‍රමය නිරෝධනමාන ක්‍රියාවලීන් සඳහා වැදගත් වේ. “Big Brother” නම් යථාර්තවාදී රූපවාහිනී වැඩ සටහන පටිගත කිරීමේ දී ද මෙවන් දර්පණ බහුලව භාවිතා වේ. එහිදී විශේෂයෙන් සකස් කළ අඩ අඳුරු ප්‍රදේශයන් තුළ සිටින කැමරා ශිල්පීන් ඉහත ආකාර දර්පණ හරහා වැඩ සටහනට සහභාගී වන තරඟකරුවන්
ගේ දර්ශන ලබා ගනිති. මේ ක්‍රමයේ දී කැමරා ශිල්පීන් නිසා තරඟකරුවන්ට බලපෑම් සිදු වීම වලකී.සමාන ලෙස ආලෝකකරණය කළ කාමර අතර එක් දිශාවකට පමණක් ක්‍රියා කරන අක්‍රිය තනි මං දර්පණ නොපවතී. අක්‍රිය (බාහිර ශක්තිය අනවශ්‍ය වන) තනි මං ජනේල හෝ තනි - මං දර්පණවල පැවැත්ම භෞතික විද්‍යාත්මක නියමවලට පටහැනි වේ. මක් නිසාද යත් එවැන්නක් පවතී නම් එය උණුසුම් වස්තුවක් හා සිසිල් වස්තුවක් අතර නියමාකාරයට පිහිටවීම මඟින් සිසිල් වස්තුවේ සිට උණුසුම් වස්තුවම ශක්තිය ගලා යෑමට සැලැස්විය හැකි වනු ඇති බැවිනි. එය තාප ගති විද්‍යාවේ දෙවැනි නියමයට පටහැනි වේ. කෙසේ නමුත් ධ්‍රැවිත ආලෝකය ඇසුරින් ක්‍රියා කරන, දෙවැනි නියමයට පටහැනි නොවන තනි මං ජනේල නිර්මාණය කළ හැක. ලේසර් සමඟ බහුලව භාවිතා වන ප්‍රකාශ ඒකලනද තනි මං උපාංග වේ.සංඥා ගැටුම් කටයුතුසූර්යයා ආලෝක ප්‍රබවය ලෙස භාවිතා කරමින් දර්පණයක විවිධ පිහිටුම් ආකාර ඇසුරින් සංඥා යැවීම සිදු කළ හැක. මෙවන් සංඥා දිගු දුර ප්‍රමාණයක් දක්වා වුව සම්ප්‍රේශණය කළ හැකි අතර සාමාන්‍යයෙන් පැහැදිලි දිනක මෙය කිලෝමීටර 60ක් දක්වා වුව විය හැක. එකිනෙකට දුරස්ථව පිහිටි මුර පොළ අතර තොරතුරු හුවමාරුව සඳහා මෙම ක්‍රමය භාවිතා කළ
පාර්ශවයන් අතරට ස්වදේශීය ඇමරිකානු ගෝත්‍රිකයින් මෙන්ම විවිධ රටවලට අයත් හමුදාවන්ද අයත්ය.අනතුරට ලක්වුවන් සිටින ස්ථාන සොයතොත් ඔවුන් බේරාගැනීමේදී දර්පණ භාවිතා කළ හැක. එහිදි අනතුරට භාවිතය වූවන්ට දර්පණයක් භාවිතයෙන් සහන සේවා කණ්ඩායම් ගමන් කරන හෙලිකොප්ටර් වල අවාධානය ලබාගත හැක. මේ සඳහා විශේෂයෙන් සකස්කල සංඥා දර්පණ නිෂ්පාදනය කර ඇති අතර මේ බොහෝ විට හමුද‍ා ජීවිතාධාරක කට්ටල වල අඩංගුවේ.තාක්ෂණයරූපවාහිණී යන්ත්‍ර සහ ප්‍රක්ෂේපකඅන්වීක්ෂීය දර්පනයන් බොහෝ අක්‍ය විශදන රූපවාහිණි යන්ත්‍ර සහ වීඩියෝ ප්‍රක්ෂේපක වල වැදගත් උපාංග වේ. මේ සඳහා උදාහරණයක් ලෙස බහුලව භාවිතා වන Texas Intraments’ ආයතනය නිර්මාණය වන ‘DLP’ තාක්ෂණය පෙන්වා දිය හැක. DLP විශයක් යනු මතුපිට අන්වීක්ෂීය දර්පණය මිලියන ගණනකින් යුතු තැපැල් මුද්දරයක ප්‍රමාණයේ ක්ෂුද්‍ර විශයකි. රූපයක් නිර්මාණය වීමේදී විෂය මතුපිට ඇති එක් එක් දර්පණ නිර්මාණය කල යුතු රූපයට අදාලව ප්‍රක්ෂේපක පෘෂ්ඨය දෙසට (ක්‍රියාකාරී පිස්කලයකි) හෝ ආලෝක අවශෝෂක පෘෂ්ඨයක් දෙසට (අක්‍රීය පිස්කලයකි) දිශාතක ‍වේ.දර්පණ භාවිතා වන අනෙකුත් ප්‍රක්ෂේපක තාක්ෂණයෙන් අතරට LCOS තාක්ෂණයද අයත් වේ. LCOS ක්‍රමයේදී භ
ාවිතා වන විෂය DLP විෂයට ප්‍රමාණයෙන් සමාන වේ. එහෙත් එහිදී කුඩා දර්පණ මිලියන ගණනක් වෙනුවට තිනි දර්පණයක් භාවිතා කෙරෙන අතර එය සක්‍රියව ද්‍රාව ස්ඵටික න්‍යායන් මගින් අණාවරණය වී තිබේ. මෙම න්‍යසය පික්සල මිලියන ගණනකින් යුතු විය හැක. රූප නිර්මාණයේදී ප්‍රක්ෂේපක මතුපිට වෙත ආලෝකය පරාවර්තනය (සක්‍රිය පිස්කලය) හෝ සක්‍රිය LCD පිස්කලය මගින් ආලෝකය අවශෝෂණය (අක්‍රිය පිස්කලය) සිදුවේ. LCOS තාක්ෂණය භාවිතා වන රූපවාහිණි යන්ත්‍ර ප්‍රක්ෂේපක වල බොහෝ විට එක් ප්‍රාථමික වර්ණයකට එක බැගින් චීප 3 ක් භාවිතා වේ. පසු ප්‍රක්ෂේපක රූපවාහිනී යන්ත්‍රවල විශාල දර්පණ භාවිතා වේ. රූපවාහිනී යන්ත්‍රයේ ප්‍රමාණය කුඩා කර ගැනීම සඳහා දර්පණ එකක් හෝ කිහිපයක් භාවිතයෙන් ආලෝකය (උදා - DLP චිපයක් ලැබෙන) හසුරවනු ලැබේ.උපාංගදුරේක්ෂ සහ අනෙකුත් යථාතථ්‍ය උපාංගවලදී භාවිතා වනුයේ ඉදිරි පෘෂ්ඨ‍ය ආලේපිත ඉදිරි පෘෂ්ඨ දර්පණ මේවායේ දී පරාවර්තන පෘෂ්ඨය වීදුරුවේ ඉදිරි මුහුණතේ පිහිටයි. (මේ ඔස්සේ සාමාන්‍ය පසු පෘෂ්ඨ දර්පණවල ඉදිරි වීදුරු පෘෂ්ඨයෙන් සිදුවන පරාවර්තනය වලකී) මෙහිදී ඇතැම්විට රිදී ආලේප කෙරෙන නමුත් බහුලව භාවිතා වනුයේ කෙටි තරංග ආයාමයලදී රිදීවලට සාපේක්ෂව වඩා
ත් පරාවර්තක වන ඇලුමිනියම් වේ. මෙම ආලේපනයන්ට පහසුවෙන් හානි සිදුවිය හැකි නිසා ඉදිරි පෘෂ්ඨ දර්පණ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙවැනි දර්පණ ආරම්භක තත්වයේ දී ඒවා මත පතනය වන ආලෝකයෙන් 90%ත් 95%ත් අතර ප්‍රමාණයක් පරාවර්තනය කරයි. මේවායේ ආලේපනයෙන් සිදු කිරීම සඳහා භාවිතා වනුයේ රික්ත අවසාදන ක්‍රමය වන අතර සාමාන්‍යයෙන් ආලේපනයක් අවසාන දර්පණය රික්තයෙන් පිටතට ගැනීමට පෙර ලෝහ ආලේපය මතින් ආරක්ෂක ස්ථරයක් ආලේප කෙරේ. මක්නිසාදයත් වාතයේ අඩංගු ජල වාෂ්ප සහ ඔක්සිජන් හා ගැටෙත්ම මෙම ආලේපන විඛාදනය වීම ඇරඹෙන බැවිනි. ඉදිරි පෘෂ්ඨ දර්පණවල ගුණාතමකභාවය පවත්වා ගැනීම සඳහා කලින් කළට ඒවා නැවත ආලේපනය කළ යුතුය.දර්පණ ආලේපයක පරාවර්තක බව පරාවර්තකමානයක් ඇසුරින් මැනිය හැක. දෙන ලද ලෝහයක් සඳහා මෙම අගය ආලෝකය තරංග ආයාමයට අනුව වෙනස් වේ. මෙම ගුණාංගය යොදා ගෙන ඇතැම් ප්‍රකාශ ක්‍රියාවලීන්හිදී උණුසුම් හා සිසිල් දර්පණ නිර්මාණය කෙරේ. සිසිල් දර්පණ නිර්මාණය කිරීමේ දී පාරදෘශ්‍ය උපස්ථරයක් මත දෘශ්‍ය ආලෝකය සඳහා වඩාත් පරාවර්තී වන, එමෙන්ම අධෝරක්ත කිරණ සඳහා වඩාත් පාරගම්‍ය වන ආලේපනයක් යොදනු ලැබේ. මෙලෙසම උණුසුම් දර්පණයක් නිර්
මාණයේදී වැඩි වශයෙන් අ‍ධෝරක්ත කිරණ පරාවර්තනය කරන ආලේපනයක් යොදා ගැනේ. හායන වේගය අඩු කිරීමටත් භාවිතා වන වර්ණාවලි ප්‍රදේශයට අදාලව පරාවර්තීභාවය ඉහල නැංවීමටත් ඇතැම්විට දර්පණ පෘෂ්ඨ මත සිහින් පටලමය ආලේපනයක් යොදනු ලැබේ. ඇලුමිනියම් දර්පණ මත බොහෝ ‍විට සිලිකන් ඩයොක්සයිඩ් හෝ මැග්නීසියම් ෆ්ලුවොරයිඩ් ආලේපනය මීට නිදසුනකි. පරාවර්තී බව තරංග ආයාමයේ ශ්‍රිතයක් සේ සලකන කළ එය ඉහත ආලේපයෙන් යොදන ආකාරය සහ ඒවායේ ඝනකම මත රඳා පවතී.විද්‍යාත්මක ප්‍රකාශ ක්‍රියාවලීන් සඳහා බොහෝ විට පාර විද්‍යුත් දර්පණ භාවිතා කෙරේ. මේවා නිර්මාණය කර ඇත්තේ වීදුරු (හෝ ඇතැම්විට වෙනත්) උපස්ථරයක් මත ප්‍රකාශ ආලේපයක් ලැබෙන පරිදි පාර විද්‍යුත් ද්‍රව්‍ය ස්ථර එකක් හෝ කීපයක් යෙදීමෙනි. මෙහිදී ආලේප කරනු ලබන පාර විද්‍යුත් ද්‍රව්‍යයේ වර්ගය සහ ඝනකම සූක්ෂමව තෝරා ගැනීම මඟින් දර්පණය මඟින් පරාවර්තනය කෙරෙන තරංග ආයාම පරාසය සහ පරාවර්තනය වන ආලෝක ප්‍රතිශතය ඉතාම ඉහල තත්වයේ දර්පණවලට ඒවා මත පතනය වන ආලෝකයෙන් 99.999% ට වැඩි ප්‍රමාණයක් (කුඩා තරංග ආයාම පරාසයක් සඳහා වේ) පරාවර්තනය කළ හැක. මෙවන් දර්පණ ‍බොහෝ විට ලේසර් උපාංග තුළ භාවිතා වේ.තාරකා විද්‍යාවට අයත් වන අනුහුරු ප
්‍රකාශ විද්‍යාවේ දී විචල්‍ය ප්‍රතිබිම්භ කුරූපණ මිනුම් කොට ඊට අනුරූපව මිලි තත්පර පරිමාණයේ කාල පරාසයක් තුළ විරූපණය (හැඩය වෙනස් කළ හැකි) කළ හැකි දර්පණයක් ආධාරයෙන් එම කුරූපණ මඟ හරවා ගැනේ.දර්පණ බොහෝ විට නිර්මාණය කෙරෙනුයේ දෘශ්‍ය ආලෝකය පරාවර්තනය සඳහා වන නමුත් අනෙකුත් විද්‍යුත් චුම්භක විකිරණ පරාවර්තනය කළ හැකි පෘෂ්ඨ ද දර්පණ ලෙස හැඳින්වේ. මෙසේ වර්ණාවලියේ අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග පරාස සඳහා නිර්මාණය කළ දර්පණ තාරකා විද්‍යාව හා ප්‍රකාශ විද්‍යා යන ක්ෂේත්‍රවල භාවිතා වේ. රේඩියෝ තරංග සඳහා වන දර්පණ රේඩියෝ දුරේක්ෂවල වැදගත් උපාංග වේ. මැන්ජින් දර්පණ ලෙස හැඳින්වෙන අවතල දර්පණයක හා කාචයක එකතුවෙන් සැදි උපාංග ප්‍රකාශ උපකරණවල බහුලව භාවිතා ‍වන අතර ඇතැම් විට කැමරාවල පවා අඩංගු වේ.එකිනෙකට මුහුණලා සිටින සේ සැකසූ දර්පණඇතැම් උපාංග තුළ එකිනෙකට මුහුණලා සිටින සේ සකස් කළ දර්පණ 2ක් හෝ වැඩි ගණනක් භාවිතා වන අතර එමඟින් පරාවර්තන සමූහයක් ජනනය කර ගැනේ.· ෆැබ්රි - පෙරට් නිරෝධනමානය· ලේසර් උපාංග (මේවායේ ප්‍රකාශ කුහරයක් අඩංගුය)· ඇතැම් දර්පණ විද්‍යාත්මක cistula· ගම්‍යතාමය වශයෙන් වැඩි දියුණු කළ සූර්ය රුවල්මෙම දර්පණ අතර පරාව
ර්තනයෙන් නිර්මාණය වන ප්‍රතිබිම්භ අපරිමිත ප්‍රතීපායනයක් සේ දිස් වේ.හමුදාමය භාවිත‍යන්වරක් ආකිමිඩීස් විශාල දර්පණ සමූහයක් භාවිතයෙන් සිරකියුස්වලට පහර දීම පැමිණි රෝමානු නැව්වලට ගිනි තැබූ බවට සඳහනක් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාව මේ වන තෙක් කිසිවෙක් තහවුරු කර නොමැති නමුත් එය පරීක්ෂාවට ලක් කළ අවස්ථා බොහෝය. මෑත කාලීනව වරක් “Discovery” චැනලයේ ප්‍රසිද්ධ , “MythBusters” වැඩ සටහන ඔස්සේ MIT ට අයත් කණ්ඩායමක් සුප්‍රසිද්ධ”ආක‍ිමිඩීස් මරණයේ ආලෝක දහරාව” ප්‍රති නිර්මාණය කිරිමට තැත් කළහ. එහිදී අඩි 5ක් දුරින් වූ නැවකට ගිනි දැල්වීමට ඔවුහු සමත් වූහ. කෙසේ නමුත් ආකිමිඩීස් යුගයේ පැවති ලෝකඩ දර්පණ යොදා ගෙන ඔවුන් කළ උත්සාහයන් අසාර්ථක විය. තවද දර්පණ යොදාගෙන නැවම ගිනි දැල්වීම සඳහා ගතවූ කාලය නිසා එය ප්‍රායෝගිකව භාවිත කිරීම අපහසු බව ද පරීක්ෂණ කණ්ඩායම නිගමනය කළ අතර ඒ අනුව ආකිමිඩීස් නැව්වලට ගිනි දැල්වූයේ යැයි පැවසීම මිථ්‍යාවක් බව ඔවුන්ගේ නිගමනය විය. (මෙම ක්‍රමයේ වර්තමාන භාවිතයන් සඳහා “සූර්ය ජව කුළුණු” බලන්න)සෘතුමය ආලෝකකරණයඉතාලියේ විගනෙල්ලා නඟරය දළ බෑවුම්මය පැති සහිත මිටියාවතක පිහිටා ඇති හෙයින් එයට ශීත සෘතුවේ සති හතක කාලය
ක් සෘජුව සුර්යාලෝකය ලැබීම සිදු නොවේ. මෙයට පිළියමක් ලෙස 2006 වසරරේ දී €100,000 ක වියදමින් නඟර චතුරස්‍රය වෙත ආලෝකය පරාවර්තනය කළ හැකි පරිගණක ඇසුරින් පාලනය වන මීටර් 8×5 ප්‍රමාණයේ දර්පණයක් සවි කරන ලදී. ස්විස්ර්ලන්තයේ බොන්ඩෝහි පිහිටා ඇති තවත් මෙවැනි නගරයක් සඳහා මෙවන් පිළියමක් යෙදීම 2007 වසර මුල් භාගයේ දී සැලකීමට භාජනය වෙමින් පැවතිණි.විනෝදාෂ්වාද කටයුතුසැරසිලි කටයුතුකාමරයක විශාලත්වය වැඩි කොට පෙන්වා ඉඩ කඩ සහිත භාවය පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා අභ්‍යන්තර සැරසිලිකරණයේ දී විශාල රාමු නොකළ දර්පණ භාවිතා වේ. ස්වභාවධර්මය හා එකඟ වන පරිදි අවකාශයක් සකස් කිරීම පිළිබඳ වන පුරාණ චීන ක්‍රමවේදයක් වන ෆෙන්ග් ෂුයි හි ඇතැම් සම්ප්‍රදායන් ගැන ඒ සඳහා දර්පණ ද භාවිතා ‍කරති.පැරණි දර්පණවල ඇති මෘදු බව ප්‍රති නිර්මාණය කර ඒවා අභ්‍යන්තර අලංකරණය සඳහා භාවිතා කිරීමට ඇතැම් නිර්මාණකරුවන් පෙළඹී ඇත. මෙවන් දර්පණ කලා නිර්මාණ සේ සැලකිය හැකි අතර සිසිල් දැඩි පරාවර්තක පෘෂ්ඨයක් වර්ණ හා රටා අඩංගු නිර්මාණ බවට පරිවර්තනය කරයි. මෙම කලාත්මක නිර්මණ ක්‍රියාවලිය අනුගමනය කිරීමට උත්සාහ කරන්නන් බොහෝ වන නමුත් එම ක්‍රියාවලියේ දක්ෂයින් සිටිනුයේ අතලො
ස්සකි.නත්තල් සැරසිලි සඳහා යොදා ගන්නා (බෝබල්) bauble නම් නිර්මාණය ඌනිත පුළුල් කෝණ දර්පණයක් සේ ක්‍රියා කරන ලෝහාලේපිත සිහින් වීදුරු ගෝලයකි.විනෝදාත්මක කටයුතුවිනෝද උයන් තුළ දැකිය හැකි දර්පණ ශාලාවකට ඇතුල්වන්නන්හට විරූපිත දර්පණ ගණනාවක් තුළින් තම සිරුරේ අසාමාන්‍ය ප්‍රතිබිම්භ දැකගත හැකි වේ. දර්පණ සහ වීදුරු තහඩු ගණනාවක් ඇසුරින් නිර්මිත දර්පණ වංකගිරි මෙවන් විනෝද උයන් තුළ හමුවන තවත් නිර්මාණයකි. එයට ඇතුල්ව බිත්තිවල නොගෑවී අනෙක් පස දක්වා ගමන් කිරීම අභියෝගය වේ. ඇස රැවටීම සඳහා බොහෝ විට මැජික් සංදර්ශනවලදී දර්පණ භාවිතා වේ. මෙසේ ලබා ගන්නා එක් ආචරණයක් “පෙපර්ගේ අවතාරය” ලෙස හැඳින්වේ. නර්තන කටයුතුවලදී දිලෙන සුළු චලනය වන ආලෝක ලප ලබා ගැනීම සඳහා කුඩා දර්පණවලින් ආවරණය වූ භ්‍රමණ වන ඩිස්කෝ ගෝලය නම් විශාල ගෝලයක් භාවිතා වේ. ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රෙව්ස්ටර් විසින් නිර්මාණය කළ කැලිඩස්කෝප් නම් විනෝදජනක උපකරණයේ දී ද දර්පණ භාවිතා වේ.කලාත්මක කටයුතුෆිලිෆෝ බෘ‍නෙලෙයි දර්පණය ඇසුරින් රේඛීය දර්ශන තලය සොයා ගන්නා ලදී. ලියනාඩෝ ඩා වින්සි දර්පණය චිත්‍ර නිර්මාපකයන්ගේ අති දක්ෂයා ලෙස හැඳින්වීය. යමෙකුට තමන් විසින් ඇදි
ස්වාභාවික වස්තුවක චිත්‍රය සත්‍ය වස්තුවට අනුරූප වේ දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් තම නිර්මාණය සත්‍ය වස්තුවේ දර්පණ ප්‍රතබිම්භයක් හා සසඳා බැලිය යුතු යැයි ඩා වින්සි පැවසීය. ඉතා ප්‍රසිද්ධ යුරෝපීය චිත්‍ර නිර්මාණ ගණනාවකටම දර්පණ කේන්ද්‍රීය විය. ඒවා අතරට පෑන් වෑන් එයික්ගේ “Arnolfini” ආලේඛ්‍ය චිත්‍රය, ඩිසාගෝ වෙලාස්කිව්ගේ “Las Meninas” සහ එඩ්වර්ඩ් මැනට්ගේ “A Bar at the Folies-Bergère” යන ඒවා අයත් වේ. දර්පණ, නොමැති වී නම් ඩූරර්, රෙම්බ්‍රන්ඩ්ට්, වෑන් හොෆ් සහ ‍ෆ්‍රිඩා කාලෝ අදීන්ට සිය සුප්‍රසිද්ධ ස්වයං ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කළ නොහැකි වනු ඇත. පියවි ඇසින් වටපිටාව පෙනෙන ආකාරයට වඩා පූර්ණ ඒ දෙස බැලීම සඳහා එම්.සී. ඊචර් විශේෂ හැඩැති දර්පණ භාවිතා කළේය. (පරාවර්තන ගෝලය සහ අත) ඉස්ට්වන් ඔරෝස්ගේ ඇනමෝර්ෆික් නිර්මාණ නිශ්චිත හැඩයකින් යුත් දර්පණය නිවැරදිව පිහිටවූ විට ලැබෙන ප්‍රතිබිම්භය නිරීක්ෂණය කළ විට පමණක් පැහැදිලිව දැකගත හැකි සේ විරූපණය කර ඇඳි රූප සටහනක් වේ. තවද ඇතැම් නූතන කලාකරුවන් සිය කලා මාධ්‍යය ලෙස දර්පණ භාවිතා කරති. දර්පණ යොදා පිලිරූ නිර්මාණය සහ දර්පණ මතුපිට සිතුවම් කිරීම මේ සඳහා උදාහරණ වේ. ඇතැම් කලාකරුවන
් විශේෂිත දර්පණ සැකසුම් නිර්මාණය කරති. ජෙපී හේන්ගේ නියෝන් දර්පණ ඝණක මේ සඳහා උදාහරණයකි.දර්පණයක් ඉදිරියේ සිටින පුද්ගලයෙකු සිතුවම් කරන විට දර්පණයෙන් පෙනෙන ඔහුගේ ප්‍රතිබිම්භය ද සිතුවමට අඩංගු කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් බොහෝමයක් අවස්ථාවලදී ප්‍රායෝගික වශයෙන් දෘෂ්ටි කෝණයට අනුව පුද්ලයාගේ ප්‍රතිබිම්භය සිතුවම් නිර්මාපයාට නොපෙනෙන අතර එබැවින් මෙය අමූර්තයකි. එසේම බොහෝ චිත්‍රපටි සහ නිසල ඡායාරූප තුළ දී නළුවා හෝ නිළිය දර්පණයකින් සිය ප්‍රතිබිම්භය නිරීක්ෂණය කරන ආකාරය නිරූපණයේ දී දර්පණ ප්‍රතිබිම්භය කැමරාව හා එක එල්ලේ පිහිටන බව නිරූපණය කෙරේ. නමුත් මෙහිදී සත්‍ය වශයෙන් සිදු කරනනේ නළුවා හෝ නිළියට තම ප්‍රතිබිම්භය වෙනුවට කැමරාව සහ එහි ක්‍රියාකරු දර්පණ ඔස්සේ දිස්වීමයි.ද්වි මං දර්පණ[සංස්කරණය]මූලික ලිපිය: ද්වි මං දර්පණතනි මං දර්පණ හෝ තනි මං වීදුරු ලෙස ද ඇතැම් විට හැඳින්වෙන ද්වි මං දර්පණ ඒවා මත පතිත වන ආලෝකයෙන් යම් ප්‍රතිශතයක් පරාවර්තනය කරන අතර ඉතිරිය එය හරහා ගමන් කරයි. වීදුරු තහඩුවක් මත පරමාණු දුසිම් කිහිපයක ඝනකමින් යුත් ලෝහ ආලේපනයක් යෙදීමෙන් නිර්මාණය කර ඇති මේවායේ පෘෂ්ඨය හරහා ආලෝකයෙන් කොටසක් සම්ප්‍රේශණය ව
ේ. (මෙය දෙදිශාවටම ක්‍රියා කරයි) මේවා භාවිතා වන්නේ හොඳින් ආලෝකමත් කළ කාමරයක් සහ අඩ අඳුරේ ඇති කාමරයක් අතරයි. එවිට හොඳින් ආලෝකමත් කළ කාමරය තුළ සිටින අයෙකුට මෙය සාමාන්‍ය දර්පණයක් හෝ දිස්වන අතර ඉන් සිය ප්‍රතිබිම්භය දැක ගත හැකි වේ. එහෙත් අඩ අඳුරු කාමරය තුළ සිටින පුද්ගලයන්ට මෙය ආලෝකවත් කාමරය දැකගත හැකි පාරදෘශ්‍ය ජනෙල් වීදුරුවක් සේ ක්‍රියා කරයි. සැකකරුවන් හෝ පාරිභෝගිකයින් නිරික්ෂණය සඳහා මෙවන් දර්පණ භාවිතා වේ. ප්‍රකාශ උපාංග තුළ භාවිතා වන මෙවන් දර්පණ අඩ ආලේපිත දර්පණ හෙවත් කදම්භ විබෙදුම් ලෙස හැඳින්වේ. මේවා මඟින් ඒවා මතට එල්ල කෙරෙන ආලෝක කදම්භ විභේදනය කරනු ලැබේ. එහි දී ආලෝක කදම්භයෙන් අර්ධයක් දර්පණය හරහා ගමන් කරන අතර ඉතිරි අර්ධය පරාවර්තනය වේ. මෙම උපක්‍රමය නිරෝධනමාන ක්‍රියාවලීන් සඳහා වැදගත් වේ. “Big Brother” නම් යථාර්තවාදී රූපවාහිනී වැඩ සටහන පටිගත කිරීමේ දී ද මෙවන් දර්පණ බහුලව භාවිතා වේ. එහිදී විශේෂයෙන් සකස් කළ අඩ අඳුරු ප්‍රදේශයන් තුළ සිටින කැමරා ශිල්පීන් ඉහත ආකාර දර්පණ හරහා වැඩ සටහනට සහභාගී වන තරඟකරුවන්ගේ දර්ශන ලබා ගනිති. මේ ක්‍රමයේ දී කැමරා ශිල්පීන් නිසා තරඟකරුවන්ට බලපෑම් සිදු වීම වලකී.සමාන ලෙස ආල
ෝකකරණය කළ කාමර අතර එක් දිශාවකට පමණක් ක්‍රියා කරන අක්‍රිය තනි මං දර්පණ නොපවතී. අක්‍රිය (බාහිර ශක්තිය අනවශ්‍ය වන) තනි මං ජනේල හෝ තනි - මං දර්පණවල පැවැත්ම භෞතික විද්‍යාත්මක නියමවලට පටහැනි වේ. මක් නිසාද යත් එවැන්නක් පවතී නම් එය උණුසුම් වස්තුවක් හා සිසිල් වස්තුවක් අතර නියමාකාරයට පිහිටවීම මඟින් සිසිල් වස්තුවේ සිට උණුසුම් වස්තුවම ශක්තිය ගලා යෑමට සැලැස්විය හැකි වනු ඇති බැවිනි. එය තාප ගති විද්‍යාවේ දෙවැනි නියමයට පටහැනි වේ. කෙසේ නමුත් ධ්‍රැවිත ආලෝකය ඇසුරින් ක්‍රියා කරන, දෙවැනි නියමයට පටහැනි නොවන තනි මං ජනේල නිර්මාණය කළ හැක. ලේසර් සමඟ බහුලව භාවිතා වන ප්‍රකාශ ඒකලනද තනි මං උපාංග වේ.සංඥා ගැටුම් කටයුතු[සංස්කරණය]මූලික ලිපිය: Heliographසූර්යයා ආලෝක ප්‍රබවය ලෙස භාවිතා කරමින් දර්පණයක විවිධ පිහිටුම් ආකාර ඇසුරින් සංඥා යැවීම සිදු කළ හැක. මෙවන් සංඥා දිගු දුර ප්‍රමාණයක් දක්වා වුව සම්ප්‍රේශණය කළ හැකි අතර සාමාන්‍යයෙන් පැහැදිලි දිනක මෙය කිලෝමීටර 60ක් දක්වා වුව විය හැක. එකිනෙකට දුරස්ථව පිහිටි මුර පොළ අතර තොරතුරු හුවමාරුව සඳහා මෙම ක්‍රමය භාවිතා කළ පාර්ශවයන් අතරට ස්වදේශීය ඇමරිකානු ගෝත්‍රිකයින් මෙන්ම විවිධ රටවලට
අයත් හමුදාවන්ද අයත්ය.අනතුරට ලක්වුවන් සිටින ස්ථාන සොයතොත් ඔවුන් බේරාගැනීමේදී දර්පණ භාවිතා කළ හැක. එහිදි අනතුරට භාවිතය වූවන්ට දර්පණයක් භාවිතයෙන් සහන සේවා කණ්ඩායම් ගමන් කරන හෙලිකොප්ටර් වල අවාධානය ලබාගත හැක. මේ සඳහා විශේෂයෙන් සකස්කල සංඥා දර්පණ නිෂ්පාදනය කර ඇති අතර මේ බොහෝ විට හමුද‍ා ජීවිතාධාරක කට්ටල වල අඩංගුවේ.තාක්ෂණය[සංස්කරණය]රූපවාහිණී යන්ත්‍ර සහ ප්‍රක්ෂේපක[සංස්කරණය]අන්වීක්ෂීය දර්පනයන් බොහෝ අක්‍ය විශදන රූපවාහිණි යන්ත්‍ර සහ වීඩියෝ ප්‍රක්ෂේපක වල වැදගත් උපාංග වේ. මේ සඳහා උදාහරණයක් ලෙස බහුලව භාවිතා වන Texas Intraments’ ආයතනය නිර්මාණය වන ‘DLP’ තාක්ෂණය පෙන්වා දිය හැක. DLP විශයක් යනු මතුපිට අන්වීක්ෂීය දර්පණය මිලියන ගණනකින් යුතු තැපැල් මුද්දරයක ප්‍රමාණයේ ක්ෂුද්‍ර විශයකි. රූපයක් නිර්මාණය වීමේදී විෂය මතුපිට ඇති එක් එක් දර්පණ නිර්මාණය කල යුතු රූපයට අදාලව ප්‍රක්ෂේපක පෘෂ්ඨය දෙසට (ක්‍රියාකාරී පිස්කලයකි) හෝ ආලෝක අවශෝෂක පෘෂ්ඨයක් දෙසට (අක්‍රීය පිස්කලයකි) දිශාතක ‍වේ.දර්පණ භාවිතා වන අනෙකුත් ප්‍රක්ෂේපක තාක්ෂණයෙන් අතරට LCOS තාක්ෂණයද අයත් වේ. LCOS ක්‍රමයේදී භාවිතා වන විෂය DLP විෂයට ප්‍රමාණයෙන් සමාන ව
ේ. එහෙත් එහිදී කුඩා දර්පණ මිලියන ගණනක් වෙනුවට තිනි දර්පණයක් භාවිතා කෙරෙන අතර එය සක්‍රියව ද්‍රාව ස්ඵටික න්‍යායන් මගින් අණාවරණය වී තිබේ. මෙම න්‍යසය පික්සල මිලියන ගණනකින් යුතු විය හැක. රූප නිර්මාණයේදී ප්‍රක්ෂේපක මතුපිට වෙත ආලෝකය පරාවර්තනය (සක්‍රිය පිස්කලය) හෝ සක්‍රිය LCD පිස්කලය මගින් ආලෝකය අවශෝෂණය (අක්‍රිය පිස්කලය) සිදුවේ. LCOS තාක්ෂණය භාවිතා වන රූපවාහිණි යන්ත්‍ර ප්‍රක්ෂේපක වල බොහෝ විට එක් ප්‍රාථමික වර්ණයකට එක බැගින් චීප 3 ක් භාවිතා වේ. පසු ප්‍රක්ෂේපක රූපවාහිනී යන්ත්‍රවල විශාල දර්පණ භාවිතා වේ. රූපවාහිනී යන්ත්‍රයේ ප්‍රමාණය කුඩා කර ගැනීම සඳහා දර්පණ එකක් හෝ කිහිපයක් භාවිතයෙන් ආලෝකය (උදා - DLP චිපයක් ලැබෙන) හසුරවනු ලැබේ.උපාංග[සංස්කරණය]මේවාත් බලන්න: Mirror support cellදුරේක්ෂ සහ අනෙකුත් යථාතථ්‍ය උපාංගවලදී භාවිතා වනුයේ ඉදිරි පෘෂ්ඨ‍ය ආලේපිත ඉදිරි පෘෂ්ඨ දර්පණ මේවායේ දී පරාවර්තන පෘෂ්ඨය වීදුරුවේ ඉදිරි මුහුණතේ පිහිටයි. (මේ ඔස්සේ සාමාන්‍ය පසු පෘෂ්ඨ දර්පණවල ඉදිරි වීදුරු පෘෂ්ඨයෙන් සිදුවන පරාවර්තනය වලකී) මෙහිදී ඇතැම්විට රිදී ආලේප කෙරෙන නමුත් බහුලව භාවිතා වනුයේ කෙටි තරංග ආයාමයලදී රිදීවලට සාපේක්ෂව
වඩාත් පරාවර්තක වන ඇලුමිනියම් වේ. මෙම ආලේපනයන්ට පහසුවෙන් හානි සිදුවිය හැකි නිසා ඉදිරි පෘෂ්ඨ දර්පණ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙවැනි දර්පණ ආරම්භක තත්වයේ දී ඒවා මත පතනය වන ආලෝකයෙන් 90%ත් 95%ත් අතර ප්‍රමාණයක් පරාවර්තනය කරයි. මේවායේ ආලේපනයෙන් සිදු කිරීම සඳහා භාවිතා වනුයේ රික්ත අවසාදන ක්‍රමය වන අතර සාමාන්‍යයෙන් ආලේපනයක් අවසාන දර්පණය රික්තයෙන් පිටතට ගැනීමට පෙර ලෝහ ආලේපය මතින් ආරක්ෂක ස්ථරයක් ආලේප කෙරේ. මක්නිසාදයත් වාතයේ අඩංගු ජල වාෂ්ප සහ ඔක්සිජන් හා ගැටෙත්ම මෙම ආලේපන විඛාදනය වීම ඇරඹෙන බැවිනි. ඉදිරි පෘෂ්ඨ දර්පණවල ගුණාතමකභාවය පවත්වා ගැනීම සඳහා කලින් කළට ඒවා නැවත ආලේපනය කළ යුතුය.දර්පණ ආලේපයක පරාවර්තක බව පරාවර්තකමානයක් ඇසුරින් මැනිය හැක. දෙන ලද ලෝහයක් සඳහා මෙම අගය ආලෝකය තරංග ආයාමයට අනුව වෙනස් වේ. මෙම ගුණාංගය යොදා ගෙන ඇතැම් ප්‍රකාශ ක්‍රියාවලීන්හිදී උණුසුම් හා සිසිල් දර්පණ නිර්මාණය කෙරේ. සිසිල් දර්පණ නිර්මාණය කිරීමේ දී පාරදෘශ්‍ය උපස්ථරයක් මත දෘශ්‍ය ආලෝකය සඳහා වඩාත් පරාවර්තී වන, එමෙන්ම අධෝරක්ත කිරණ සඳහා වඩාත් පාරගම්‍ය වන ආලේපනයක් යොදනු ලැබේ. මෙලෙසම උණුසුම් දර්පණයක් න
ිර්මාණයේදී වැඩි වශයෙන් අ‍ධෝරක්ත කිරණ පරාවර්තනය කරන ආලේපනයක් යොදා ගැනේ. හායන වේගය අඩු කිරීමටත් භාවිතා වන වර්ණාවලි ප්‍රදේශයට අදාලව පරාවර්තීභාවය ඉහල නැංවීමටත් ඇතැම්විට දර්පණ පෘෂ්ඨ මත සිහින් පටලමය ආලේපනයක් යොදනු ලැබේ. ඇලුමිනියම් දර්පණ මත බොහෝ ‍විට සිලිකන් ඩයොක්සයිඩ් හෝ මැග්නීසියම් ෆ්ලුවොරයිඩ් ආලේපනය මීට නිදසුනකි. පරාවර්තී බව තරංග ආයාමයේ ශ්‍රිතයක් සේ සලකන කළ එය ඉහත ආලේපයෙන් යොදන ආකාරය සහ ඒවායේ ඝනකම මත රඳා පවතී.විද්‍යාත්මක ප්‍රකාශ ක්‍රියාවලීන් සඳහා බොහෝ විට පාර විද්‍යුත් දර්පණ භාවිතා කෙරේ. මේවා නිර්මාණය කර ඇත්තේ වීදුරු (හෝ ඇතැම්විට වෙනත්) උපස්ථරයක් මත ප්‍රකාශ ආලේපයක් ලැබෙන පරිදි පාර විද්‍යුත් ද්‍රව්‍ය ස්ථර එකක් හෝ කීපයක් යෙදීමෙනි. මෙහිදී ආලේප කරනු ලබන පාර විද්‍යුත් ද්‍රව්‍යයේ වර්ගය සහ ඝනකම සූක්ෂමව තෝරා ගැනීම මඟින් දර්පණය මඟින් පරාවර්තනය කෙරෙන තරංග ආයාම පරාසය සහ පරාවර්තනය වන ආලෝක ප්‍රතිශතය ඉතාම ඉහල තත්වයේ දර්පණවලට ඒවා මත පතනය වන ආලෝකයෙන් 99.999% ට වැඩි ප්‍රමාණයක් (කුඩා තරංග ආයාම පරාසයක් සඳහා වේ) පරාවර්තනය කළ හැක. මෙවන් දර්පණ ‍බොහෝ විට ලේසර් උපාංග තුළ භාවිතා වේ.තාරකා විද්‍යාවට අයත් වන අනුහුර
ු ප්‍රකාශ විද්‍යාවේ දී විචල්‍ය ප්‍රතිබිම්භ කුරූපණ මිනුම් කොට ඊට අනුරූපව මිලි තත්පර පරිමාණයේ කාල පරාසයක් තුළ විරූපණය (හැඩය වෙනස් කළ හැකි) කළ හැකි දර්පණයක් ආධාරයෙන් එම කුරූපණ මඟ හරවා ගැනේ.දර්පණ බොහෝ විට නිර්මාණය කෙරෙනුයේ දෘශ්‍ය ආලෝකය පරාවර්තනය සඳහා වන නමුත් අනෙකුත් විද්‍යුත් චුම්භක විකිරණ පරාවර්තනය කළ හැකි පෘෂ්ඨ ද දර්පණ ලෙස හැඳින්වේ. මෙසේ වර්ණාවලියේ අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග පරාස සඳහා නිර්මාණය කළ දර්පණ තාරකා විද්‍යාව හා ප්‍රකාශ විද්‍යා යන ක්ෂේත්‍රවල භාවිතා වේ. රේඩියෝ තරංග සඳහා වන දර්පණ රේඩියෝ දුරේක්ෂවල වැදගත් උපාංග වේ. මැන්ජින් දර්පණ ලෙස හැඳින්වෙන අවතල දර්පණයක හා කාචයක එකතුවෙන් සැදි උපාංග ප්‍රකාශ උපකරණවල බහුලව භාවිතා ‍වන අතර ඇතැම් විට කැමරාවල පවා අඩංගු වේ.එකිනෙකට මුහුණලා සිටින සේ සැකසූ දර්පණඇතැම් උපාංග තුළ එකිනෙකට මුහුණලා සිටින සේ සකස් කළ දර්පණ 2ක් හෝ වැඩි ගණනක් භාවිතා වන අතර එමඟින් පරාවර්තන සමූහයක් ජනනය කර ගැනේ.• ෆැබ්රි - පෙරට් නිරෝධනමානය• ලේසර් උපාංග (මේවායේ ප්‍රකාශ කුහරයක් අඩංගුය)• ඇතැම් දර්පණ විද්‍යාත්මක cistula• ගම්‍යතාමය වශයෙන් වැඩි දියුණු කළ සූර්ය රුවල්මෙම දර්පණ අතර ප
රාවර්තනයෙන් නිර්මාණය වන ප්‍රතිබිම්භ අපරිමිත ප්‍රතීපායනයක් සේ දිස් වේ.හමුදාමය භාවිත‍යන්වරක් ආකිමිඩීස් විශාල දර්පණ සමූහයක් භාවිතයෙන් සිරකියුස්වලට පහර දීම පැමිණි රෝමානු නැව්වලට ගිනි තැබූ බවට සඳහනක් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාව මේ වන තෙක් කිසිවෙක් තහවුරු කර නොමැති නමුත් එය පරීක්ෂාවට ලක් කළ අවස්ථා බොහෝය. මෑත කාලීනව වරක් “Discovery” චැනලයේ ප්‍රසිද්ධ , “MythBusters” වැඩ සටහන ඔස්සේ MIT ට අයත් කණ්ඩායමක් සුප්‍රසිද්ධ”ආක‍ිමිඩීස් මරණයේ ආලෝක දහරාව” ප්‍රති නිර්මාණය කිරිමට තැත් කළහ. එහිදී අඩි 5ක් දුරින් වූ නැවකට ගිනි දැල්වීමට ඔවුහු සමත් වූහ. කෙසේ නමුත් ආකිමිඩීස් යුගයේ පැවති ලෝකඩ දර්පණ යොදා ගෙන ඔවුන් කළ උත්සාහයන් අසාර්ථක විය. තවද දර්පණ යොදාගෙන නැවම ගිනි දැල්වීම සඳහා ගතවූ කාලය නිසා එය ප්‍රායෝගිකව භාවිත කිරීම අපහසු බව ද පරීක්ෂණ කණ්ඩායම නිගමනය කළ අතර ඒ අනුව ආකිමිඩීස් නැව්වලට ගිනි දැල්වූයේ යැයි පැවසීම මිථ්‍යාවක් බව ඔවුන්ගේ නිගමනය විය. (මෙම ක්‍රමයේ වර්තමාන භාවිතයන් සඳහා “සූර්ය ජව කුළුණු” බලන්න)සෘතුමය ආලෝකකරණයඉතාලියේ විගනෙල්ලා නඟරය දළ බෑවුම්මය පැති සහිත මිටියාවතක පිහිටා ඇති හෙයින් එයට ශීත සෘතුවේ සති හතක ක
ාලයක් සෘජුව සුර්යාලෝකය ලැබීම සිදු නොවේ. මෙයට පිළියමක් ලෙස 2006 වසරරේ දී €100,000 ක වියදමින් නඟර චතුරස්‍රය වෙත ආලෝකය පරාවර්තනය කළ හැකි පරිගණක ඇසුරින් පාලනය වන මීටර් 8×5 ප්‍රමාණයේ දර්පණයක් සවි කරන ලදී. ස්විස්ර්ලන්තයේ බොන්ඩෝහි පිහිටා ඇති තවත් මෙවැනි නගරයක් සඳහා මෙවන් පිළියමක් යෙදීම 2007 වසර මුල් භාගයේ දී සැලකීමට භාජනය වෙමින් පැවතිණි.විනෝදාෂ්වාද කටයුතුසැරසිලි කටයුතුකාමරයක විශාලත්වය වැඩි කොට පෙන්වා ඉඩ කඩ සහිත භාවය පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා අභ්‍යන්තර සැරසිලිකරණයේ දී විශාල රාමු නොකළ දර්පණ භාවිතා වේ. ස්වභාවධර්මය හා එකඟ වන පරිදි අවකාශයක් සකස් කිරීම පිළිබඳ වන පුරාණ චීන ක්‍රමවේදයක් වන ෆෙන්ග් ෂුයි හි ඇතැම් සම්ප්‍රදායන් ගැන ඒ සඳහා දර්පණ ද භාවිතා ‍කරති.පැරණි දර්පණවල ඇති මෘදු බව ප්‍රති නිර්මාණය කර ඒවා අභ්‍යන්තර අලංකරණය සඳහා භාවිතා කිරීමට ඇතැම් නිර්මාණකරුවන් පෙළඹී ඇත. මෙවන් දර්පණ කලා නිර්මාණ සේ සැලකිය හැකි අතර සිසිල් දැඩි පරාවර්තක පෘෂ්ඨයක් වර්ණ හා රටා අඩංගු නිර්මාණ බවට පරිවර්තනය කරයි. මෙම කලාත්මක නිර්මණ ක්‍රියාවලිය අනුගමනය කිරීමට උත්සාහ කරන්නන් බොහෝ වන නමුත් එම ක්‍රියාවලියේ දක්ෂයින් සිටිනුයේ අ
තලොස්සකි.නත්තල් සැරසිලි සඳහා යොදා ගන්නා (බෝබල්) bauble නම් නිර්මාණය ඌනිත පුළුල් කෝණ දර්පණයක් සේ ක්‍රියා කරන ලෝහාලේපිත සිහින් වීදුරු ගෝලයකි.විනෝදාත්මක කටයුතුවිනෝද උයන් තුළ දැකිය හැකි දර්පණ ශාලාවකට ඇතුල්වන්නන්හට විරූපිත දර්පණ ගණනාවක් තුළින් තම සිරුරේ අසාමාන්‍ය ප්‍රතිබිම්භ දැකගත හැකි වේ. දර්පණ සහ වීදුරු තහඩු ගණනාවක් ඇසුරින් නිර්මිත දර්පණ වංකගිරි මෙවන් විනෝද උයන් තුළ හමුවන තවත් නිර්මාණයකි. එයට ඇතුල්ව බිත්තිවල නොගෑවී අනෙක් පස දක්වා ගමන් කිරීම අභියෝගය වේ. ඇස රැවටීම සඳහා බොහෝ විට මැජික් සංදර්ශනවලදී දර්පණ භාවිතා වේ. මෙසේ ලබා ගන්නා එක් ආචරණයක් “පෙපර්ගේ අවතාරය” ලෙස හැඳින්වේ. නර්තන කටයුතුවලදී දිලෙන සුළු චලනය වන ආලෝක ලප ලබා ගැනීම සඳහා කුඩා දර්පණවලින් ආවරණය වූ භ්‍රමණ වන ඩිස්කෝ ගෝලය නම් විශාල ගෝලයක් භාවිතා වේ. ස්කොට්ලන්ත ජාතික ශ්‍රීමත් ඩේවිඩ් බ්‍රෙව්ස්ටර් විසින් නිර්මාණය කළ කැලිඩස්කෝප් නම් විනෝදජනක උපකරණයේ දී ද දර්පණ භාවිතා වේ.කලාත්මක කටයුතුෆිලිෆෝ බෘ‍නෙලෙයි දර්පණය ඇසුරින් රේඛීය දර්ශන තලය සොයා ගන්නා ලදී. ලියනාඩෝ ඩා වින්සි දර්පණය චිත්‍ර නිර්මාපකයන්ගේ අති දක්ෂයා ලෙස හැඳින්වීය. යමෙකුට තමන් විසින්
ඇදි ස්වාභාවික වස්තුවක චිත්‍රය සත්‍ය වස්තුවට අනුරූප වේ දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් තම නිර්මාණය සත්‍ය වස්තුවේ දර්පණ ප්‍රතබිම්භයක් හා සසඳා බැලිය යුතු යැයි ඩා වින්සි පැවසීය. ඉතා ප්‍රසිද්ධ යුරෝපීය චිත්‍ර නිර්මාණ ගණනාවකටම දර්පණ කේන්ද්‍රීය විය. ඒවා අතරට පෑන් වෑන් එයික්ගේ “Arnolfini” ආලේඛ්‍ය චිත්‍රය, ඩිසාගෝ වෙලාස්කිව්ගේ “Las Meninas” සහ එඩ්වර්ඩ් මැනට්ගේ “A Bar at the Folies-Bergère” යන ඒවා අයත් වේ. දර්පණ, නොමැති වී නම් ඩූරර්, රෙම්බ්‍රන්ඩ්ට්, වෑන් හොෆ් සහ ‍ෆ්‍රිඩා කාලෝ අදීන්ට සිය සුප්‍රසිද්ධ ස්වයං ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කළ නොහැකි වනු ඇත. පියවි ඇසින් වටපිටාව පෙනෙන ආකාරයට වඩා පූර්ණ ඒ දෙස බැලීම සඳහා එම්.සී. ඊචර් විශේෂ හැඩැති දර්පණ භාවිතා කළේය. (පරාවර්තන ගෝලය සහ අත) ඉස්ට්වන් ඔරෝස්ගේ ඇනමෝර්ෆික් නිර්මාණ නිශ්චිත හැඩයකින් යුත් දර්පණය නිවැරදිව පිහිටවූ විට ලැබෙන ප්‍රතිබිම්භය නිරීක්ෂණය කළ විට පමණක් පැහැදිලිව දැකගත හැකි සේ විරූපණය කර ඇඳි රූප සටහනක් වේ. තවද ඇතැම් නූතන කලාකරුවන් සිය කලා මාධ්‍යය ලෙස දර්පණ භාවිතා කරති. දර්පණ යොදා පිලිරූ නිර්මාණය සහ දර්පණ මතුපිට සිතුවම් කිරීම මේ සඳහා උදාහරණ වේ. ඇතැම් කලාකර
ුවන් විශේෂිත දර්පණ සැකසුම් නිර්මාණය කරති. ජෙපී හේන්ගේ නියෝන් දර්පණ ඝණක මේ සඳහා උදාහරණයකි.දර්පණයක් ඉදිරියේ සිටින පුද්ගලයෙකු සිතුවම් කරන විට දර්පණයෙන් පෙනෙන ඔහුගේ ප්‍රතිබිම්භය ද සිතුවමට අඩංගු කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් බොහෝමයක් අවස්ථාවලදී ප්‍රායෝගික වශයෙන් දෘෂ්ටි කෝණයට අනුව පුද්ලයාගේ ප්‍රතිබිම්භය සිතුවම් නිර්මාපයාට නොපෙනෙන අතර එබැවින් මෙය අමූර්තයකි. එසේම බොහෝ චිත්‍රපටි සහ නිසල ඡායාරූප තුළ දී නළුවා හෝ නිළිය දර්පණයකින් සිය ප්‍රතිබිම්භය නිරීක්ෂණය කරන ආකාරය නිරූපණයේ දී දර්පණ ප්‍රතිබිම්භය කැමරාව හා එක එල්ලේ පිහිටන බව නිරූපණය කෙරේ. නමුත් මෙහිදී සත්‍ය වශයෙන් සිදු කරනනේ නළුවා හෝ නිළියට තම ප්‍රතිබිම්භය වෙනුවට කැමරාව සහ එහි ක්‍රියාකරු දර්පණ ඔස්සේ දිස්වීමයි.Face-to-face mirrors[සංස්කරණය]ගොනුව:Laserr mirror from a dye laser for use with rhodamine.JPGA dielectric mirror used in lasers.Military applications[සංස්කරණය]Seasonal lighting[සංස්කරණය]A multi-facet mirror in the Kibble Palace conservatory, Glasgow, Scotland.Leisure[සංස්කරණය]Decoration[සංස්කරණය]Entertainment[සංස්කරණය]Art[
සංස්කරණය]Literature[සංස්කරණය]Mirrors and superstition[සංස්කරණය]Mirrors and animals[සංස්කරණය]The Asian elephant can recognise its own reflection in a mirrorUnusual types of mirror[සංස්කරණය]See also[සංස්කරණය]Mirror , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.AnamorphosisAranmula kannadiBronze mirrorCold mirror and Hot mirrorChirality (mathematics)Curved mirrorDeformable mirrorDielectric mirrorDigital micromirror deviceHome decorHoneycomb mirrorMirror armour (an oriental partial plate armour from polished metal mirrors)Mirror Mirror: a history of the human love affair with reflection (book)Mirror writingList of telescope parts and constructionPerfect mirrorPeriscopeRear-view mirrorReflectivitySilveringTLV mirror — An ancient type of Chinese mirror from the Han Dynasty.Two-way mirror (Also known as one-way mirror)Venus effectNotes[සංස්කරණය]References[සංස්කරණය]Mirror Manufacturing and Composition, Mirrorlink සංරක්ෂණය කළ පිටපත 2015-02-14 at the
Wayback MachineStannous Chloride: Silvering Mirrors, American Chemical Association සංරක්ෂණය කළ පිටපත 2009-07-03 at the Wayback MachineBibliography[සංස්කරණය]Mirror, Mirror: A History of the Human Love Affair with Reflection, Mark Pendergrast. Basic Books (2003). ISBN 0-465-05471-4 .On reflection, Jonathan Miller, National Gallery Publications Limited (1998). ISBN 0-300-07713-0 .The Mirror: A History, Sabine Melchior-Bonnet, Routledge, 2001, ISBN 0415924480External links[සංස්කරණය]දර්පණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Video of Mirror MakingThe Mirror: A History by Sabine Melchior-Bonnet at Google BooksThe Narcissus Syndrome Revisited by Yves DoréHow Mirrors Are Made (video) සංරක්ෂණය කළ පිටපත 2007-11-30 at the Wayback Machine, Glass Association of North America (GANA)Knol/Google Mirror page සංරක්ෂණය කළ පිටපත 2008-12-20 at the Wayback MachineHow Antique Mirrors can be reproduced සංරක්ෂණය කළ පිටපත 2012-04-25 at the Wayback Machineව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්
ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝඅක්‍ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත.දේශපාලනික ක්‍රමපුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මෙය ගෝත්‍රික හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි යන සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන
තිබුණි. මීට සම කල හැකි අවස්ථාවක් ෆිනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැක. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැක. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්වයක් ගොඩ නැගී තිබුණි. පුරාණ ග්‍රීකයන්ට ඔවුන් ඒකකයකට අයත්ව තිබූ බවට සැකයක් නොතිබුණි. ඔවුන්ට වූයේ එකම එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේ නිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත. අනිවාර්ය‍ලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නග
ර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු වගර ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.ආණ්ඩුව සහ නීතිය.මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද , නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් තිබුණි. (බැසිලියස්) , උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ‍ඓතිහාසික විඥානය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ අයුරු ඇත්තෙන්ම අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් ප
දවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන වි‍ට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය. දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරලීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක විය. පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.6වන ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදළයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ පුරවැසියෙකුගේ රැස්වීම් පැවැත්විණි.(එකල්සියා) ; සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වන ශතවර්ෂය මුලදී ) සියළුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දර්ද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා
කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්තුවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියළුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත‍. ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුනි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Ancient_Greece#Politics_.26_Societyප්‍රධාන ලිපිය: සීගිරියයුනෙස්කෝ ලෝක උරුම අඩවියසැකිල්ල:SHORTDESC:යුනෙස්කෝ ලෝක උරුම අඩවියසීගිරියයුනෙස්කෝ ලෝක උරුම අඩවියනිර්ණායකයසංස්කෘතිකමය: ii, iii, ivමූලාශ්‍ර202අභිලේඛනය1982 (6th සැසිය)සීගිරි පර්වතය ආශ්‍රිතව ඈත අතීතයේ ඉදිකර ඇති බලකොටුව, සීගිරි බලකොටුව වේ.සීගිරි බල
කොටුවේ නාගර සැළසුම්කරණය[සංස්කරණය]සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි.පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික
පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.බිම් සැලසුම[සංස්කරණය]නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංගනගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිමදොරටු නිර්මාණයපාරිසරික සම්බන්ධතාවයලෙන් නිර්මාණයගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම[සංස්කරණය]සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාව‍ශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා ති‍‍බෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය
අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා ති‍බේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර ති‍බේ.සිගීරි පර්වත‍යේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැ‍බෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.දොරටු නිර්මාණය[සංස්කරණය]සීගිරි සංකීර්ණයේ ස
ැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.ගොනුව:Sigi 0012.jpgපාරිසරික සම්බන්ධතාවය[සංස්කරණය]සීගිරියේ
නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය ව‍ටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇතඋද්‍යාන සැලසුම්කරණය[සංස්කරණය]සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතු
ව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ. සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.ජල උද්‍යානයශිලා උද්‍යානයමාලක උද්‍යානයමෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.සීගීරියේ වාස්තු විද්‍යාව[සංස්කරණය]සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ..ලෙන් නිර්මාණය[සංස්කරණය]සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කො‍ටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට
ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලද ඒවා බව නොපෙනේ.ගල් භාවිතා කිරිමේ ස්වරුපය[සංස්කරණය]ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැ‍බෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැ‍බෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ. පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා
බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පි‍ටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය. දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැ
දිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.ගොඩනැගිලි සැලසුම්කරණය[සංස්කරණය]නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.සීගිරි බලකොටුවේ ලලිත කලා[සංස්කරණය]සීගිරි බිතු සිතුවම්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සීගිරි බිතු සිතුවම්සීගිරි කුරුටු ගී[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සීගිරි ගීමේවාද බලන්න[සංස්කරණය]සීගිරිය
සීගිරි බිතු සිතුවම්සීගිරි ගීසීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණමුලාශ්‍ර[සංස්කරණය]බාහිර සබැදි[සංස්කරණය]Sigiriya and its Significance Review by Dr. Nissanka WijeyeratneSigiriya - The Lion Mountain සංරක්ෂණය කළ පිටපත 2007-06-11 at the Wayback Machineමෙම ලිපිය හෝ ලිපි කොටස කළමනාකරණය වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)සහශ්රයට කළමකරණය හදුන්වාදීමේ දී ගත්කතුවරුන් කිහිපදෙනෙකු විසින්ම නූතන කළමනාකරණයේ සිද්ධාන්තවලට උදව් වන කාර්ය පසුබිම නිර්මාණය කර තිබුණි.සුන් ට්සු ගේ ‘The Art of War’ (යුධ කලාව)හමුදා ජෙනරාල්වරයකු වන චීන ජාතික Sun Tzu’s විසින් 6වන ශත වර්ෂයේ දී රචිත ‘The Art of War’ ග්රන්ථය යුධ හමුදාවේ දී ගන්නා උපාය මාර්ග සම්බන්ධයෙන් රචනා කරන ලද්දකි. කළමණාකරුවන්ගේ සංවිධානයේ සහ විරුද්ධවාදීන්ගේ ශක්තීන් සහ දුර්වලතා සදහා ගැනීමට සුදුසු කළමනාකරණ යෝජනා මෙහි ඇතුළත් වේ.නිකලෝ මැකියාවෙලි ගේ The Prince (කුමාරයා)පුද්ගලයන් ස්වාර්ථය මගින් අභිප්රේරණය වේ යැයි විශ්වාස කරමින් 1513 දී Niccolo Machiavell විසින් The Prince නැමැති ග්රන්ථය Florence චක්රය භාවිත කරමින් උපදේශකයක් ලෙසින් රචනා කරන ලදී. බලය ආරක්ෂා කරගැනීම ස
දහා නායකයින් බිය කිරීම සිදු කළ ද වෛර කිරීම නොකළ යුතු බව මැකියාවෙලි වඩාත් සුදුසු යැයි යෝජනා කරන ලදී.ඇඩම් ස්මිත් ගේ “ජාතීන්ගේ ධනය” (The Wealth of Nations)ස්කොට්ලන්ත සම්භවයකින් යුත් දාර්ශනිකයකු වූ ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය නැමති ග්‍රන්ථය. 1776 දී රචනා කරන ලද්දේ ශ්‍රම ව්යාප්තිය තුළින් සංවිධානයේ කාර්යක්ෂමතාව අරමුණු කරගනිමිනි. ස්මිත් විසින් විග්රහ කරනු ලැබූ ඵලදායීතාව වර්ධනය කරගැනීමට නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් විය යුතු ආකාරය මෙසේය. එක් පුද්ගලයකුට එක් දිනක දී අල්පෙනෙති 200ක් නිෂ්පාදනය කළ හැකි නම් විශේෂකරණයට පත් වුණ පුද්ගලයින් 10 දෙනෙකු එක් දිනකදී එම නිෂ්පාදනයට සම්බන්ධ වුවහොත් දිනකදී අල්පෙනෙති 48000ක් නිපදවිය හැකි බව ඇඩම් ස්මිත් විසින් විශ්ලේෂණය කර පෙන්වීය.19 වන ශත වර්ෂය19 වන ශත වර්ෂයේ පැවති ආර්ථිකයේ රිකිල්ලක් ලෙස දැනට පවතින කළමනාකරණ විනය ආරම්භ වූ බවට තර්කයන් පවතී. ඇඩම් ස්මිත් (1723 – 1790) සහ ජෝන් ස්ටුවර්ට් මිල් (1808 – 1873) වැනි සදාකාලීන ආර්ථික විද්යාඥයන් විසින් සම්පත් උපයෝජනය , නිෂ්පාදනය සහ මූල්‍යමය ගැටළු ආදියට සිද්ධාන්තමය වටපිටාවක් සපයන ලදී. මෙම කාලවකවානුවේදීම එලී විට්නි (1736 – 1819)
සහ මැතීව් බෝල්ටන් (1728 – 1809) වැනි ගවේෂකයන් ප්රමිතිකරණය , තත්ව පාලනය , නිෂ්පාදකයාගේ පිරිවැය පාලනය කිරීම අන්තර් භාණ්ඩ හුවමාරුව සහ කාර්ය සැලසුම් කිරීම වැනි තාක්ෂණික නිෂ්පාදනයේ මූලිකාංග සංවර්ධනය කරනු ලැබීය.1861 පෙර පාලනයට නතුව තිබූ ඇමරිකානු ආර්ථික අංශය , මෙම බොහෝ කළමනාකරණ අංගයන් විද්යාමාන විය. එම පරිසරය පෙන්නුම් කරන මිලියන 4ක ජනතාව මෙය නූතන භාවිතයට ගෙන ඇත. එනම් ලාභ සහගතව සමස්ත නිෂ්පාදනය කළමනාකරණය කිරීමයි.19 වන ශතවර්ෂයෙන් පසු අන්තවාදී ආර්ථික විද්යාඥයින් වන ඇල්ෆ්‍රඩ් මාර්ෂල්(1842 1924) සහ ලියෝන් වෝල්රස් (183 – 1910) සහ අනෙකුත් විද්‍යාඥයන් විසින් කළමනාකරණයේ සිද්ධාන්තමය යටි හුවමාරු සදහා මොවුන් සංකීර්ණ ස්ථරයක් හදුන්වාදෙනු ලැබීය.1881 ජෝසප් ව්හාර්ට්න් කළමනාකරණ තුන්වන මට්ටමේ පාඨමාලාවක් සදහා පළමුවන වටයට පිදුම් ලැබීය.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Management#Early_writingබර්තොලමිව් අපෝස්තුළුතුමාලාක්ෂනික ගුණාංගඔහුගේ නම සෑම විටම ශුභාරංචියේ සඳහන් වන්නේ ඔහුත් සමග වන අතර බර්තොලමිව් ජේසුස් වහන්සේ හමුවට ගෙන ආවේ පිලිප් විසිනිඅනුග්‍රාහකත්වයආර්මේනියාව පොත් බඳින්නෝ, මස් කරු
වෝ, සපතේරුවෝ, ෆ්ලොරන්ටයින් චීස් වෙලෙන්දෝ, ෆ්ලොරන්ටයින් ලූණු වෙලෙන්දෝ, ඉතාලිය, සම් පදම් කරුවෝ, ස්නායු ආබාධබර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති. ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර සභාව අගෝසතු 24 ත් පෙරදිග සභාව ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික සභාව ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග‍්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප‍්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්‍යය මේ අනුසාරයෙන් තැනුන කි.භෛරවී රාගයථාට්භෛරවීආරෝහනස රි ග ම ප ධ නි ස'අවරෝහනස' නි ධ ප ම ග රි සපකාඩ්නි ස ග ම ධ ප ම ග ම රි සවාදිමසංවාදිසප්‍රහාර් (කාලය)උදෑසන (ප්‍රථම් පභෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.
ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතයසංකල්පස්‍රැතිස්වරරාගඅලංකාරතාලඝරණසංගීත භාණ්ඩප්‍රභේදධ්‍රැපද්ධමාර්ඛ්‍යාල්තරාණාඨුම්රිධද්‍රාකව්වාලිඝසල්ථාටබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභෛරවීතෝඩිපූර්විකළ්‍යාණමාර්වාතාලදාදරාත්‍රිතාල්කෙහෙර්වාඣප්දීප්චන්‍දිලාවණීඒක්රාගබිලාවල්ඛමාජ්කාෆිආශාවරීභෛරවභීම්පලාශ්‍රීයමන්භෛරවීතෝඩිපූර්විමාර්වාභූපාලිvteරාග විවරණ[සංස්කරණය]භෛරවී රාගයරාග විවරණථාටය (මේලය)භෛරවීආරෝහණස, රි, ග, ම, ප, ධ, නි, සඅවරෝහණස, නි, ධ, ප, ම, ග, රි, සවාදී ස්වරයමසංවාදී ස්වරයසමුඛ්‍යාංගයමග සරිස ධනිසගායන සමයදිවා ප්‍රථම ප්‍රහරයරසභක්තිසර්ගම් ගීතය.[සංස්කරණය]භෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )තාලය- ත්‍රිතාලයස්ථායි/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -//ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /
අන්තරා/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-//ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/මධ්‍ය ලය ගීතය[සංස්කරණය]භෛරවී රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස---පධපම / -ග-රි / ස-ධ^නි^ / ස--- ---- / සපපප / පපපප /පධනිස*ධනිධප/ සපපප / පපපප /පධනිස*ධනිධප/ සධපධ /මපමග / ම---සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස---ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධපධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධපසධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---vteහින්දුස්ථානී සංගීතයසංකල්පස්වර · තාල · ලය · රාග · ශ්‍රැතිය · Bandish · අලංකාර · Riyazසංගීත භාණ්ඩතාම්පුරාව · තබ්ලාව · බන්සුරි · සිතාරය · සරෝදය · සාරංගිය · සර්පිනාව · සන්තූරය · ෂෙහ්නායිප්‍රභේදධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල්අර්ධ පෞරාණික ප්‍රභේදථුම්රි · දධ්‍රා · ටප්පා · ඛජ්රි · චෛටි · භජන් · අභංග් · නාට්‍ය ගීත · කව්වාලි · ඝසල්ථාටබිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා 
· කළ්‍යාණි|}වැස්ස යනු වායුගෝලීය ජල වාෂ්ප වෙතින් ඝනීභවනය වීමෙන් පසු ජනිත වන සහ ඉන්පසු බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇද වැටෙන බිඳිති ආකාරයක ද්‍රව ජලය වෙයි. වැස්ස යනු ජල චක‍්‍රයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර පෘථිවිය මත මිරිදිය තැන්පත් වීම සඳහා හේතු කාරක වෙයි. බොහෝ ආකාරයේ පරිසර පද්ධතීන් පැවැත්ම සඳහා සුදුසු තත්ත්වයන් එය විසින් සපයන අතරම, ජල විදුලිමය බලාගාර සඳහා සහ බෝග සඳහා ජල සම්පාදනයට අවශ්‍ය ජලයද සපයයි.අනෙකුත් ග්‍රහලෝක තුලද වැස්ස පවතින බව දන්නේ හෝ වැස්ස ඇති බවක් අනුමාන කරන්නේ හෝ වන අතර, ජලය වෙනුවට ඒවා සමන්විත වන්නේ යයි සිතනුයේ මීතේන්, නියෝන්, සල්ෆියුරික් අම්ලය, හෝ යකඩ පවා වෙතින් වෙයි.ඉහළ අහසේ සිට පොළොවට ජලය පතිත වන ආකාර කිහිපයකි. එනම් අයිස්, හිම, තුෂාර හෝ ද්‍රවමය ලෙසට වේ. මින් ද්‍රවමයවැස්ස — බ්‍රසීලය. ආකාරයට ජලය පතිත වීම පොදුවේ වැස්ස ලෙස හදුන්වයි.වැස්ස ඇතිවනුයේ පොළොව මත වූ වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැදී සිටීමට නොහැකි තරම් ඝනීභවනය වූ විට දීය.වැස්ස හෙවත් වර්ෂාව යනු ලො‍්‍ර්‍ර්‍කයේ බොහෝ ප්‍රදේශ වල පිරිසිදු ජල මූලාශ්‍රයක් ලෙස භාවිතයට ගැනෙන්නකි. එය විවිධ වූ පරිසර පද්
ධතීන් සදහා අවශ්‍යම සධකයකි. එසේම වැස්ස; ජල විදුලි බලාගාර වලට හා කෘෂිකර්මන්තයන්ට මහඟු දායකත්වයක් ලබා දෙයි.කෙසේ නමුත් සියලුම වැහි බිංදු පොළොවට නො එන අතර ඒවා මගදී නැවත වාෂ්ප (virga) වී යයි. පහළ වායුගෝලයේ ඇති පීඩනය හා උෂ්ණත්වය මෙයට බලපායි. කාන්තර ප්‍රදේශ වල මෙය බහුලව දැකිය හැක.වැස්ස නිර්මාණය වන අයුරු[සංස්කරණය]ජල චක්‍රයේ ප්‍රධාන අංගයක ලෙස වැස්ස දැක්විය හැක. විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වැස්ස මගින් ද්‍රව ජලය බවට ජල චක්‍රයහරවයි. එම ජලය පොළොවට පැමිණි විට ඇළ ,දොළ, ගංඟා මගින් මුහුදු හා සාගර කරා රැගෙන එයි. මුහුදු හා සාගර මත ඇති ජලය තාපය හා අනෙකුත් සාධක නිසා නැවත වාෂ්ප බවට හැරී ඉහළ වායුගෝලය කරා ඇදී යයි (වායුගෝලයට නිරාවරණය වූ ජලය ඇති ඕනෑම තැනක මෙය සිඩුවන අතර සාගර මතදී එය විශාල වශයෙන් සිදු වෙයි.Bergeron process විද්‍යාත්මක ක්‍රමය මගින් වැස්සේ ඇති වීම හා කඩා හැලීම මැනවින් පෙන්වයි.මානව ක්‍රියාකාරීත්වයේ බලපෑම[සංස්කරණය]අධ්ක කාර්මීකරණය නිසා වායුගෝලයට එකතුවන විවිධ විෂ වායූන් (SO2, CO, CO2) හා සියුම් අංශුමය කොටස් නිසා අපවිත්‍ර වූ වළාකුළු සෑදෙන අතර, වර්ෂාව ඇතිවන රටාවන්ද වෙනස් කරයි.උදාහරණයක් ලෙස ඇමෙරි
කාවේ මුහුදු බඩ ප්‍රාන්ත වල සෙනසුරාදා වැස්ස ඇති වීමේ හැකියාව සඳුදාට වඩා 22% කින් වැඩිය.එයට හේතුව වන්නේ වායු දූෂණය සතියේ සෙනසුරාදා දවස වන විට උපරිම වීමයි.වර්ෂාව ප්‍රමාණය අනුව බෙදිය හැකි ආකාර[සංස්කරණය]ජපානයේ ඇස්තමේන්තුගත වර්ෂාපතනයඉතා අඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි .025 ට වඩා අඩුඅඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 0.25-1.0 ත් අතරමධ්‍යම වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 1.0-4.0 ත් අතරඅධික වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 4.0-16.0 ත් අතරඉතා අධික වර්ෂාපතන -වර්ෂාපතන පැයට මි.මි 16.0-50.0 ත් අතරඉතාමත් අධික(අතී)වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 50.0 ට වඩා වැඩිවර්ෂාව මනිනු ලබන්නේ වර්ෂා මාන වලිනි.වැස්සේ ගුණ[සංස්කරණය]වැහි බිඳු වල හැඩය A-කඳුළු බිඳුවකට සමාන නොවේ B-මි.මි. 2 ට අඩු - ගෝලාකාරය C-මි.මි. 2 ට වැඩි - හැම්බගර් බනිසයකට සමානය D-මි.මි. 5 ට අඩු - පැරෂුටයකට සමානය E-මි.මි. 5 ට වැඩි - කුඩා කොටස් වලට බිදී යයි සාමාන්‍යයෙන් වැහි බිංදුවක් කඳුළු බිදුවක හැඩයට සමාන යැයි සැලකුවත් එය එසේ නොවන බව විද්‍යාත්මකව පැහැදිලි කල හැක. ජල බිඳුවක් එහි මූලාශ්‍රයේ සිට ගිලිහෙන මොහොතේ පමණක් කඳුළු බිඳුවක හැඩයට සමානවේ.
කුඩා වැහි බිඳු ආසන්න වශයෙන් වටකුරු හැඩයක් ගනී. විශාල වැහි බිඳු වල පහළ කොටස ආසන්න වශයෙන් පැතලි වේ. හරියට හැම්බගර් බනිස් ගෙඩියක හැඩයට සමාන වේ. ඉතා විශාල ඒවා පැරෂුටයක හැඩයට සමාන වේ.වැහි බිඳු වල හැඩය සම්බන්ධව 1988 දී පිලිප් ලෙනාඩ් Philipp Lenard විසින්අධ්‍යනය කරන ලදී.ඔහුගේ නිරීක්ෂණ අතරටකුඩා වැහි බිඳු (විශ්කම්භය මි.මි 2 ට අඩු ) හරියටම ගෝලාකාර හැඩයට සමන බවවිශ්කම්භය මි.මි 5ක් පමන වන ඒවා ඩෝනට් හැඩයට සමාන බවවිශ්කම්භය මි.මි. 5 ට වඩා වැඩි ඒවා අස්තායී වන අතර ඒවා කුඩා බිඳු වලට බෙදෙන බවඇතුලත් වේ. මධ්‍යස්තව වැහි බිංදු මි.මි. 1-2 ත් අතර විශ්කම්භයෙන් යුක්තය.ලොව විශලතම වැහි බිංදු ගැන බ්‍රසීලයෙන් හා මාශල් දූපත් වලින් වර්තා වේ. එනම් 2004 වර්ශයේදී එම රටවලට ඇද හැලුනු වැහි බිංදු වල තරම මි.මි.10 ද ඉක්මවූ බව කියවේ. ඒවා එතරම්ම විශාල වී ඇතේ අධික ඝනීභවනය හා විශාල වශයෙන් වැහි බිඳු එකට ගැටී තිබීම නිසාවෙනි.වැහි බිඳුවක ගැටෙන මොහොතේ ප්‍රවේගය එහි ස්කන්ධය මත රදා පවතී (අනිකුත් භාහිර සාධක බල නොපාන විට ). සුළඟ නැති විට මි.මි.5 ක වැහි බිඳුවක් තත්පරයට මීටර් 2 ක පමණ වේගයකින් පොළොවට පතිත වේ. විශ්කම්භය මි.මි 5 හෝ ඊට ව
ඩා වැඩි වන විට එහි වේගය තත්පරයට මීටර් 9 කට වඩා වැඩිවේ. වැහි බිඳුවක් පෘෂ්ඨයක ගැටෙන විට නිකුත් වන්නේ වායු බුබුලු බිදී යන හඩට සමාන හඩකි.වැසි ජලයේ සාමාන්‍යයෙන් pH අගය අඩු අගයක් ගනී. අකුණු ගැසීම් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අම්ල වැසි ඇති වීමද බරපතල කාරණයකි. ආසෘත ජලයේ කාබන්ඩයොක්සයිඩ් අඩංගු නොවන අතර pH අගය 7ක් වේ. පිරිසිදු වැහි ජලය ආම්ලික ස්භාවයක් ගන්නා අතර pH අගය 5.2 ක් පමණ වේ. හේතුව වන්නේ එහි; වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් දියවි තිබිමයි. එම දියවීම නිසා වැස්ස පො‍ළවට පතිත වන්නේ දුර්වල කාබනික අම්ලයක් ලෙසිනි. එසේම දූෂණය නොවූ වැසි ජලයේ නයිට්‍රස් ඔක්සයිඩ් ද අඩංගු වේ. වැස්ස අතර සිදුවන අකුණු ගැසීම් මෙයට බලපායි. මෙහිදී නයිට්‍රජන් අණු බිදී ඔක්සිජන් සමග සම්බන්ධව නයිට්‍රස් ඔක්සයිඩ් සාධන අතර ඒවා වැසි ජලයේ සමග එක්වී අම්ල වැසි ඇතිකරවයි. මෙම අම්ල වැසි පොළොවේ ඇති කැල්සයිට් (හුණු ගල්) සමග ප්‍රතික්‍රියා කර අහිතකර තත්වයන් ඇති කරවයි. එසේම විවිධ පරිසර පද්ධති වල තුලනයන්ට හානි පමුණුවයි. ගස්කොළන් හා කෘෂිකාර්මික බෝග වල පටක විනාශටද හේතුවන මේ අම්ල වැසි ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් ජලජ ජීවීන් විනාශ වීමද සිදුවේ.ක
ෘෂිකර්මාන්තයට වැස්සේ දායකත්වය[සංස්කරණය]කෘෂිකර්මාන්තයේදී වැස්සසට විශේෂ තැනක් හිමිවේ.සියලුම ශාක සදහා ජලය යනු අත්‍යාවශ්‍යම සාධකයකි. ක්‍රමානුකූලව ලැබෙන වර්ෂාපතනය ශාක වල නිරෝගී වර්ධනයට හේතුවක් වන අතර අක්‍රමවත් හෝ අධික වර්ෂාව ශාක වලට අහිතකර වේ. වැස්ස නිසා වායුගෝලයේ තෙත් ගතිය වැඩි වන අතර ; එය අධිකව වැඩිවීම හානිකර දිලීර පැතිර යාම්ටද හේතු වේ.බොහෝ රටවල කෘෂිකර්මාන්තවල එක් කොටසක් හෝ එක් කාලයක් අනිවාර්යයෙන්ම වැස්ස හා සම්බ්න්ධව පවති. උදහරණයක් ලෙස ශ්‍රී ලන්කාවේ කන්න ක්‍රමයට වගා කිරීම පෙන්වා දිය හැක. නියඟයන් නිසා බෝග වලට සිදුවූ හානි ද අපට ඕනෑ තරම් දැකිය හැක.වැස්ස හා සම්බන්ධ සංස්කෘතීන්[සංස්කරණය]විවිධ සංස්කෘතීන්ගේ වැස්ස හා සම්බන්ධ ආකල්පද විවිද වේ.සාම්ප්‍රදායික යුරෝපීයයන් ගේ විශ්වාශයන්ට අනුව වැස්ස දුකට හා අවාසනාවන්ත දේ සදහා හේතු වේ. උදාහරණයක් ලෙස ඉංග්‍රීසි ජන කවියක්වන " Rain Rain go away...." දැක්විය හැක. එලෙසම ඉර සතුට හා වාසනාව උදාකරන බව ඔවුන්ගේ විස්වාසයයි. සාම්ප්‍රදායික බටහිර ලෝකයේ ද වැස්ස ගැන ඇත්තේ නොපහන් හැගීමකි.වැස්ස; සතුට,සාමය,සෞභාග්‍යට හා ප්‍රීතිමත් බව සංකේතවත් කරන බව වියළි දේශගුණයක් ඇතිරටවල
්(අප්‍රිකාව,ඕ‍ස්‍ට්‍රේලියාච,ඉන්දියාව ආදී රටවල් ) වල ජනතාවගේ විශ්වාශයයි. ඔවුහු වැස්ස වෙනුවෙන් යාග හෝම හා පුද පූජා පවා පවත්වති.ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශ වල හා මධ්‍යම ආසියාතික (අරාබි කරයේ) ප්‍රදේශ වල ජනතාවද වැස්ස උත්සවශ්‍රීයෙන් පිළිගනිති. බොට්ස්වානා රාජ්‍යයේ මුදල් හැදින්වීම සදහා වැස්ස යන අරුත ඇති 'pula' යන වචනය භාවිත කරයි. කාන්තාරීකරණයට ලක්වූ රටවලට වැස්සේ ඇති වැදගත් කම එයින් අවබෝධ කර ගත හැක. බොහෝ සංස්කෘතීන් වල වැස්ස සමග ගනු දෙනු කිරීම සදහා විවිධ උපකරණ තනා ඇත. වැහි කබා හා කුඩ ඒවාට උදාහරණ ලෙස පෙන්වා දිය හැක. එසේම වැහි වතුර බැස යාම සදහා පීළි, කාණු ආදිය තැනීමද අතීතයේ සිටම පැවත එන්නකි.ව්යළි දේශගුණයක් ඇති රටවල මිනිස්සු වැස්ස ඇති වන අවස්ථා වල වැඩිපුර එළියට නොබසිති. එයට හේතුව වන්නේ එම රටවල වැස්සත් සමග අධිකව අකුණුද හට ගැනීමයි. මේවා වැඩියෙන්ම මෝසම් හා සංවහන වැසිත් සමග ඇතිවේ.ජලය හිඟ බොහෝ රටවල ජනතාව වැසි ජලය එක් රැස් කොට ගෘහස්ථ පරිභෝජනයට යොද ගනිති. වියළි කාල වලදී පොළොවේ පස් ඉතා තද වන නිසා ඊට පසු ඇතිවන වැසි වලදී ගංවතුර පවා ඇතිවිය හැක. එසේ වන්නේ වැසි ජලය පොළොවට උරා ගැනීමට නොහැකි වන නිසාවෙන
ි.වැස්සකට පසුව ඇතිවන සුවඳ ආග්‍රහණය කිරීමට බොහෝ අය කැමත්තක් දක්වයි.එම සුවඳට හේතුව ; පස්, ගල් ආදියට උරා ගන්න ලද ශාක තෙල් ආදිය; වැස්සත් සමඟ වාතයට මුසු වීමයි.සමහර අවස්ථා වල වැස්ස ආදරණීය බවක්ද ගෙන දෙයි.වර්ෂා ලැබීමේ ප්‍රවනතාවයන්[සංස්කරණය]යුරෝපයට[සංස්කරණය]තැඹ්ලි පාටින් ගල්ෆ් ප්‍රවාහය පෙන්වයිඑක්සත් රාජධානියට වැඩිපුරම වැසි ලැබෙන්නේ නිරිත දිසාවෙන් හමා එන ගල්ෆ් සුළං ප්‍රවාහය හේතුවෙනි. එහි බටහිර මුහුදු තීරයට මි.මි.1000 ක් පමනද,කඳු කරයට මි.මි.2500ක් පමනද වාර්ශිකව වැස්ස ලැබේ.එසේම ; යුරෝපයේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය වන මි.මි 2250; නෝර්වේ හි ඇති Bergen නගරයට ලැබේ.උතුරු ඇමෙරිකාවට[සංස්කරණය]ශීත සෘතුවේදී මෙම කලාපයට වැස්ස අනිවාර්යෙන්ම ලැබෙන අතර, අහස නිතරම වළාකුළු වලින් බරවී පවතී.වොෂින්ටන් වල ඇති Seattle නගරයට වාර්ෂිකව මි.මි.942 ක පමන වැස්සක් ලැබේ.නිව්යෝක් නගරයට එම අගය මි.මි. 1173 පමන වේ.නමුත් Seattle හි අවුරුද්දට දින 201 ක් වළාකුළු වලින් බරවී තිබෙන අතර නිව්යෝක් සදහා එම අගය 152ක් පමන වේ. PortlandහාOregon නගර වලට මි.මි. 1143ක වර්ෂාපතනයක් ලැබේ.Seattle නගරයේ අඩු වැස්සට හේතුව ඔලිම්පික්_කඳු_පංතියේ වැසි
මුවාවේ එය පිහිටා තිබීමයි.නමුත් සුළං මුහුණතේ පිහිටා ඇති කඳු කරයේ වර්ෂාපතනය මි.මි. 3300ක් ද ඇමෙරිකාවේ ආර්ද්‍රතාවය වැඩිම නගරය වන ඇලබාමා වල වර්ෂාපතනය මි.මි. 1702 ක් පමන ද වේ.නැගෙනහිර ඇලස්කාවේ සෞම්යය වැසි වනාන්තර වල එම අගය මි.මි.4064 වන අතර එය මි.මි. 5000 දක්වා වැඩිවූ අවස්ථාද නැතිවා නොවේ.ආසියාවට[සංස්කරණය]ලෝකයේ ඇති ආද්‍රතාවය (තෙත් බව ) වැඩිම ස්ථානය වන නැගෙනහිර හිමාලයේ දකුණු බෑවුමේ ඇති Cherrapunji නගරයට වාර්ෂික වර්ෂාපතනය මි.මි.11,430 ක් පමන ලැබේ. එහි වැඩිම අගය වූ මි.මි. 22,987 ක අගය 1861 දී වාර්ථා විය. ඉන්දියාවේ ඇති Mawsynram, Meghalaya යන නගර වලට පසුගිය අවුරුදු 38 ක සාමාන්‍ය වර්ෂාපතනය ලෙස මි.මි.11873 ක ප්‍රමාණයක් ලැබී ඇත. Joseph Dalton Hooker නම් වූ ස්භාව විද්‍යාඥයා 1850 දී පමන ඉහත සදහන් කල ,ලෝකයේ තෙත්ම ස්ථානයේ(Cherrapunji) සිදු කල පරීක්ෂණයේදී; ඔහුගේ එක් නිරීක්ෂණයක් වූයේ Cherrapunji නගරයේ වැස්ස ඒකාකාරී නොවන බවයි.එක් ස්ථානයක වර්ෂාපතනය වඩා ඊට මීටර් 100ක් පමන එපිටින් ඇති ස්ථානයක වර්ෂාපතනයට වඩා අඩකින් පමන අඩු වන (සමසේ පැතිරී ගිය වර්ෂාපතනයක් නොලැබෙන )බවයි. පහත වගුවෙන් එහි වාර්ෂික වර්ෂාපතනයන්
ගැන අදහසක් ලබා දෙයි.YearCherrapuni වර්ෂාපතනය මි.මි.Mawsynam වර්ෂාපතනය මි.මි.200212,26211,30020019,07110,765200011,22113,561199912,50313,444199814,53616,090ගොනුව:Panoramapic.jpgවැසි වළාකුළුදකුණු ඇමෙරිකාවට[සංස්කරණය]කොලොම්බියාවේ ඇති Lloró නගරයට ලොව වැඩිම වර්ෂාපතනය වන මි.මි. 13300 ක ප්‍රමාණයක් වාර්ෂිකව ලැබේ. එහිම ඇති තවත් කුඩාම නගරයක් වන Tutunendo ට 1974 දී මි.මි. 26,303 ක අති දැවැන්ත වර්ෂාවක් ලැබී ඇත. මෙයට ඉහත සදහන්කල Cherrapunji නගරය මෙන් නොව සමසේ පැතිරී ගිය වර්ෂාවක් අවුරුද්ද පුරාවටම ලැබේ. එයට අවුරුද්දේ දින 280 ක් ම වැස්ස ලැබෙන අතර එයින් 68% ක් රාත්‍රී කාලයෙදී ලැබේ. ලොව ජනගනය 100,000 ට වඩා වැඩි නගර අතරින් වැඩිම වර්ෂාපනයලැබෙන්නේ‍ Quibdó නගරයටයි. එය Chocó රටේ අගනගරයද වන අතර වර්ෂාපතනය මි.මි.500 ය ඉක්මවයි.ඕ‍ස්‍ට්‍රේලියාචට[සංස්කරණය]ලොව විශාලතම වියළි මහාද්වීපය වන්නේ ඕ‍ස්‍ට්‍රේලියාචයි. එහි ඊසාන කොටසට වාර්ෂිකව මි.මි.8000 ක පමන වර්ෂාවක් ලැබේ. එහි වැඩිම අගය ලෙස 2000 වසරේදී මි.මි. 12,000ක් වාර්ථා විය.සිඩ්නි හා මෙල්බර්න් නගර වලට පිළිවලින් මි.මි.
1213 ක් හා මි.මි. 648 ක් බැගින් වූ වැසි ලැබේ.Hawaiian දූපතේ ඇතිMount Waialeale ප්‍රදේශයට වාර්ෂිකව මි.මි.11680 ක වර්ෂාවක් ලැබෙන අතර ලොව වැඩිම වැසි ලැබෙන ස්ථානයක් ලෙසටද සැලකේ.සංචාරකයන් ඇදී යන ලොව තෙත්ම ස්ථානයද මෙය වේ.අමතර කියවීමට[සංස්කරණය]අම්ල වැසිවළාකුළුදේදුන්නජල චක්‍රයජල සම්පතකාලගුණයරූපමය දර්ශන[සංස්කරණය]වැස්සේ නාදය හා ගෙරවීමමහ වැසිබාහිර සබැඳි[සංස්කරණය]What are clouds, and why does it rain?BBC article on the weekend rain effectBBC article on rain-makingDo we have enough fresh water? Johan Rockstrom says we do, if we use it correctly. සංරක්ෂණය කළ පිටපත 2008-10-05 at the Wayback Machine Earth & Sky interview, discusses capturing rainfall and reducing runoff, partly through conservation tillage.ශ්‍රී දළදා මාළිගාවශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාවවිස්තරDenominationථේරවාදසංස්ථාපනය1595පිහිටුවීමනිර්මාතෘපළමුවන විමලධර්මසූරියභික්‍ෂූන් වහන්සේ(ලා)අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේපිහිටුම් තොරතුරුරටශ්‍රී ලංකාවඛණ්ඩාංක7°17′
38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861ඛණ්ඩාංක: 7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861වෙබ් අඩවියwww.sridaladamaligawa.lk ද්වාරය:බුද්ධාගමශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) ද
ිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.වෙනත් නම්දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.දළදා වහන්සේප්‍රධාන ලිපිය: දළදා වහන්සේමහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුමඅතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.දළදා මාළිගාවේ පිහිටීමසෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම
් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.දළදා මාළිගයේ ඉතිහාසයමුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 14
69-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක්, සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු, ජයවීර(ක්‍රි.ව 1511-1552), කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582) පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604) සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815) දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර, මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.දළදා මාළිගයේ ගොඩනැගිලිවැඩසිටින මාළිගයඅලුත් මාළිගයපත්තිරිප්පුව - ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.දි
යවඩන නිළමේ තනතුරප්‍රධාන ලිපිය: දියවඩන නිලමේවත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලපුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි.ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර ය
ුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ."කොට්ටෙ කළාලේ කිසිල්ලේදත මැද ගෙන යන්න රාළේ"ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්
ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ
වෙත පැවරුනාට පසුවය.ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට
නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශ
යක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.සිව් මහා දේවාලප්‍රධාන ලිපිය: සතර මහා දේවාලදළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්
වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.නාථ දේවාලයවිෂ්ණු දේවාලයකතරගම දේවාලයපත්තිනි දේවාලදළදා මාලාගවේ සතර මංගල්‍යයන්ප්‍රධාන ලිපිය: දළදා මාලිගාවේ මංගල්‍යයන්සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.1. අලුත් සහල් මංගල්ලය2. අලුත් අවුරුදු මංගල්ලය3. ඇසල මංගල්ලය4. කාර්තික මංගල්ලයදළඳා මාළිගාවේ ඇත් පන්තියසිංහ රාජාඒකදන්තයාඉන්දි රාජාසුමනවිජය රාජාජය රාජාකදිරානාලකමියන් රාජාබුරුම රාජාමිගාරකාවේරිනවම් රාජාකණ්ඩුලකෞතුකාගාරයදළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.සමාධි පිළිමයපැරණි ධාතු කරඩුවසිරි පතුලරිදී කලයකැටයම් කරන ලද ඇත්දත් දෙකමාළිගා සංකීර්ණයේ බිම් සැකස්මකීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳු